NethranjaliSE's picture
add evaluation
63cf3a9 verified
Raw
History Blame Contribute Delete
302 kB
pali,sinhala
අසත්තං සුගතං බුද්ධං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං,අල්ලීම නැති සුගත බුද්ධ ඔහු බ්‍රාහ්මණයයි කියමි
සච්චං භණෙ,සත්‍යයම කියන්න
අදුක්ඛමසුඛං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති.,දුක් සැප දෙකම නැති උපේක්ෂා සහගත හතරවන ධ්‍යානයට පැමිණෙයි.
"තං කිං මඤ්ඤථ සාළ්හා, අත්ථි ලොභොති?","සාළ්හයෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? ලෝභය පවතීද?"
පුබ්බෙව මෙ භික්ඛවෙ සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි.,"මහණෙනි, බුදුවීමට පෙර නොබුදු වූ බෝධිසත්වව සිටි මට මෙසේ අදහස් විය."
යදා පුඤ්ඤක්ඛයො හොති,පින් අවසන් වූ විට
.ජාතිධම්මෙ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති,".ඉපදෙන දේවල් වල ඇති දෝෂය (ආදීනවය) දැකලා, ඉපදීමක් නැති, උත්තරීතර වූ, යෝගයන්ගෙන් මිදුණු නිවන සොයනවා."
පුරෙ ච පච්ඡා ච නත්ථි කිඤ්චනං,අතීත අනාගත ඇලීම නැත
සුඤ්ඤාගාරං පවිට්ඨස්ස සන්තචිත්තස්ස භික්ඛුනො,ශුන්‍ය තැනකට ඇතුල්ව නිවුණු සිත් ඇති භික්ඛුවාට
තිට්ඨෙය්ය සො තත්ථ,ඔහු එහිම සිටිය හැක
පුච්ඡ මං,මගෙන් අසන්න
අප්පවජ්ජො හොති.,වරද අඩු තැනැත්තා වෙයි.
කතමාස්ස පඤ්ච චෙතොඛිලා පහීනා හොන්ති,ඔහු විසින් කවර නම් චේතෝඛිල පසක් පහ කරන ලද්දාහු ද
අන්ධකාරෙන ඔනද්ධා තණ්හාදාසා සනෙත්තිකා.,"අඳුරෙන් වැසුණු, තෘෂ්ණාවට දාස වූ ඔවුහු පුනර්භවය පතති."
අත්තනා ච ඵරුසවාචො හොති.,තෙමේ ද රළු වචන කියන්නෙක් වෙයි.
එතෙන සච්චෙන සුවත්ථි හොතු,මේ සත්‍ය බලයෙන් සෙත් වේවා
ඉති කායසුචරිතං ඉති තස්ස විපාකො.,සුචරිතය හා එහි විපාක මෙසේ යැයි දැක්වීම මෘදු ක්‍රමයයි.
විඤ්ඤාතෙ විඤ්ඤාතවාදී.,දත් දෙය දන්නෙමි යි පවසයි.
ආගතවිසො න ඝොරවිසො.,"වහා වැදෙන විෂ ඇත, දරුණු විෂ නැත."
පසංසා ආගච්ඡති,පැසසීම ලැබේ
බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙසි,බුදු ඇසින් ලොව නිරීක්ෂණය කළසේක
ඉමං ධම්මපරියායං සුත්වා,මේ ධර්ම දේශනාව (ධර්ම ක්‍රමය) අසා
චත්තාරිමානි භික්ඛවෙ චක්කානි.,"මහණෙනි, මේ දියුණුවේ චක්‍ර සතරකි."
තීණිමානි භික්ඛවෙ කුසලමූලානි.,"මහණෙනි, මේ කුසල මූලයෝ තිදෙනෙකි."
එකාගාරිකො එකාලොපිකො,එකම ගෙයකින් සිඟා එකම බත් පිඩකින් යැපෙන්නෙක් වීමි
යො හවෙ දහරො භික්ඛු යුඤ්ජති බුද්ධසාසනෙ,යම් තරුණ භික්ඛුවෙක් බුදු සස්නෙහි යෙදේද
එතෙ ඛො සඞ්ගහා ලොකෙ රථස්සාණීව යායතො.,මෙම සංග්‍රහයන් ලෝකයේ ගමන් කරන රථයේ කඩ ඇණය මෙනි.
ගති තෙසං දුරන්නයා,ඔවුන්ගේ ගමන දැනගත නොහැක
මාර්ගබ්‍රහ්මචර්යයෙහි හැසිරෙන්නෝ සැක දුරු කරති,මාර්ගබ්‍රහ්මචර්යයෙහි හැසිරෙන්නෝ සැක දුරු කරති
ජීවිතින්ද්‍රියස්සුපච්ඡෙදො,(ජීවිතේන්ද්‍රිය සිඳීමක් වේද)
යං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං තමහං ජානාමි.,දකින අසන විඳින දන්නා සියල්ල මම දනිමි.
අස්සාජානීයො ච.,ආජානීය අශ්වයා ද වේ.
අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො ආහාරනිරොධගාමිනී පටිපදා,මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ආහාර නැතිකිරීමට පමුණුවන ප්‍රතිපදාවයි
දැන් ප්‍රහීන ක්ලෙශ නැවත නොපවතී,දැන් නසන ලද ක්ලෙශ නැවත ඇති නොවේ
යුත්තප්පටිභානො නො මුත්තප්පටිභානො.,"සුදුසු දේ වැටහෙයි, නමුත් වහා වැටහෙන්නේ නැත."
ගිම්හානං පච්ඡිමෙ මාසෙ සබ්බසස්සෙසු ගාමන්තසම්භතෙසු,ග්‍රීෂ්ම කාලයේ අන්තිම මාසයේ සියලු අස්වැන්න නෙළා ගමට ගෙන ගිය කල්හි
සංයොජනියෙසු ධම්මෙසු නිබ්බිදානුපස්සිතා.,එම ධර්මයන් කෙරෙහි කලකිරීම් සහගතව බැලීම අනෙක් කරුණයි.
මා කාමරතිසන්ථවං,කාම රති සම්බන්ධයට නොයෙදෙන්න
හිත්වා යාති සුමෙධසො,නුවණැත්තෙක් ඉදිරියට යයි
පුත්තඤ්ච දාරං පිතරඤ්ච මාතරං,දරුවන් බිරිඳ පියා මව
"එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං ආතිථෙය්‍යානං යදිදං ධම්මාතිථෙය්‍යන්ති.",මේ ආගන්තුක සත්කාර දෙකෙන් ධර්ම ආගන්තුක සත්කාරය අග්‍ර වෙයි.
චරණෙන අන්තකරො හොති?,චරණයෙන් දුක කෙළවර කරයි ද?
ලොභො දොසො ච මොහො ච,ලෝභය ද්වේෂය මෝහය යන තුනම
අප්පමාදරතො භික්ඛු පමාදෙ භයදස්සී.,"අප්‍රමාදයෙහි ඇලුණු, ප්‍රමාදයට බිය වූ භික්ෂුව (නොපිරිහෙයි)."
සස්සතො ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති,ලෝකය සදාකාලිකය මේම සත්‍යය අනිත්වාද බොරුය කියති
එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො.,"සියලු සංස්කාරයන්ගේ සංසිඳීම යම් තැනක ද, මෙය ශාන්තය, මෙය ප්‍රණීතය."
සල්ලවිද්ධොව රුප්පති,හුලකින් විදුන අය මෙන් දුක් වේ
නෙව කාමුපාදානං,කාම උපාදාන වශයෙන් නොවේම
ජලිතමිව සුවණ්ණං,දිලිසෙන රන් මෙන්ය
තස්ස තිට්ඨන්තෙව පඤ්චින්ද්‍රියානි,ඔහුගේ ඉන්ද්රිය පහ තවම ක්රියා කරයි
භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ.,භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වෙසෙති.
වණ්ණවන්තං සුගන්ධකං,වර්ණ සහ සුවඳ ඇති මලක් මෙන්
කතමා ජාතිනිරොධගාමිනී පටිපදා,(ජාතිය නැති කිරීමට යන ප්‍රතිපදාව කවරේද)
කිං මයා න සක්කා කාතුං,මට කළ නොහැකි දෙයක් කුමක්ද
සාවත්ථිං පවෙසෙත්වා,සැවැත් නුවරට ඇතුල් කර
"තීණිමානි, භික්ඛවෙ, ආධිපතෙය්‍යානි.","මහණෙනි, මේ අධිපතිභාවයෝ තුනකි."
කම්මසමාදානානං,කර්මයන් සමාදන් වීම පිළිබඳ
අනවජ්ජසුඛං පටිසංවෙදෙති.,නිවැරදි වූ (නිර්දෝෂී) සැපය විඳියි.
සරසි ත්වං මාරිස?,"නිදුකාණෙනි, ඔබට සිහිපත් වේද?"
ධොරය්හසීලං වතවන්තමරියං,ශීලයෙන් හා ව්‍රතයෙන් ස්ථිර ආර්යයෙක්
මජ්ඣෙ යථා සමුද්දස්ස,සමුද්‍රයේ මැද පරිදි
එකං මාසං . අඩ්ඪමාසං,එක මාසයක් . පසළොස් දිනක් (අඩ මසක්)
"වුද්ධා භවන්තො, වුද්ධභූමියං ඨිතා.",පින්වතුන් වහන්සේලා වයසින් තරුණ වුවත් ගුණයෙන් වෘද්ධ භූමියෙහි සිටිති.
දිට්ඨීහි අවිරුජ්ඣමානා,දෘෂ්ටි සමඟ නොගැටෙති
පවිවිත්තස්මිං හොති.,මෙය විවේක පැවැත්මකි.
දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති.,දිට්ඨධම්ම සුඛ විහරණය පිණිස පවතී.
අන්ධීකතෙ සම්මත්තකජාතෙ,අන්ධ වී මත් වූ ලෙස සිටින බව
තං භගවන්තං අතිසිත්වා අම්හෙ එතමත්ථං පටිපුච්ඡිතබ්බං මඤ්ඤථ,ඒ භාග්‍යවතුන් වහන්සේ ඉක්මවා අපගෙන් (මේ කාරණය) ඇසිය යුතු යැයි සිතව් ද
යුවා ච දහරො,තරුණ බාල වයස
උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ.,උපන්නා වූ ලාමක අකුසල ධර්මයන් (දුරු කරයි).
මහානදියො පරිපූරා සමුද්දං පරිපූරෙන්ති.,මහා ගංගාවන් පිරී සමුද්‍රය පුරවයි.
අනොමනාමං නිපුණත්ථදස්සිං,උතුම් නම් ඇති සියුම් අර්ථ දක්නා
චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති,සිව්වන ධ්‍යානයට පැමිණ වාසය කරයි
ස වෙ යොගාතිගො මුනී,ඔහු යෝග ඉක්මවූ මුනි වේ
අසිනාපි සීසං ඡින්දන්තෙ.,කඩුවෙන් හිස ද ගසා දමති.
අනාගතම්පි සත්තා සංසන්දිස්සන්ති,අනාගතයේද සත්වයෝ එක්වෙති
මුඛරෙ විකිණ්ṇවාචෙ,ඔවුන් වැඩි කථාකරති වචන විසිරී යයි
යාවජීවම්පි චෙ බාලො,බාලයා දිවි පමණිනුදු
අඤ්ඤෙන සො සුජ්ඣති සොපධීකො,වෙනත් මගකින් පිරිසිදු වෙයි
ඨිතො වා,සිටියෝ හෝ
ඉන්ද්‍රියෙසු අගුත්තද්වාරතා ච,ඉන්ද්‍රියයන්හි නොරැකූ දොරවල් ඇති බව ද
දිට්ඨෙ සුතෙ සීලවතෙ මුතෙ වා,දුටු ඇසු සිල් වත් ආදිය ඇසුරු කරගෙන
සො ආයුදායී වණ්ණදායී සුඛං බලං දදො නරො.,"ඒ ආයු, වර්ණ, සැප, බල ලබා දෙන මනුෂ්‍යයාය."
ගොපී මම අස්සවා අලොලා දීඝරත්තං සංවාසියා මනාපා,මාගේ භාර්යාව කීකරුය ලොල් නැත දිගු කලක් සමඟ වසන්නීය
යොජනසතෙ විහරෙය්‍ය,දුරින් වාසය කළත්
පඤ්ඤාබලං භාවෙති.,"ප්‍රඥාබලය වඩාද,"
පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති.,ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී පුද්ගලයා වෙයි.
මහාභොගතරො වා මහාකොසතරො වා,කවරෙක් වැඩි භෝග හා සම්පත් ඇතිද
සකවණ්ණං පටිසංහරිත්වා,තම ස්වරූපය ආපසු සඟවා
කතකරණීයො,කළ යුතු කටයුතු නිම කළ අය වේ
ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති.,"ධර්මවිචය සම්බොජ්ඣංගය වඩාද,"
පඤ්ඤාචක්ඛු,නුවණ ඇසයි
තීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො වියත්තො සප්පුරිසො.,"මහණෙනි, කරුණු තුනකින් යුක්ත වූ පණ්ඩිත ව්‍යක්ත සත්පුරුෂයා."
ඉති සඞ්ඛාරානං සමුදයො,මේ සංස්කාරයන්ගේ පහළවීමේ හේතුවය
නෙක්ඛම්මවිතක්කො අබ්‍යාපාදවිතක්කො අවිහිංසාවිතක්කො,"නෙක්ඛම්ම විතර්කය, අව්‍යාපාද විතර්කය හා අවිහිංසා විතර්කය"
තෙසං තෙ ධම්මා සුග්ගහිතා දීඝරත්තං හිතාය සුඛාය,මනාව ග්‍රහණය කරගත් (සුග්ගහිත) ඒ ධර්මය ඔවුන්ට දීර්ඝ කාලයක් හිත පිණිස හා සැප පිණිස පවතියි
අට්ඨිකානි සෙතානි සඞ්ඛවණ්ණපටිභාගානි,සක්ගෙඩියක පාටට සමාන සුදුවූ ඇට කැබලි
අතිමානෙ න තිට්ඨෙය්‍ය,අතිමානයේ නොසිටී
තථාගතස්ස,තථාගතයන් වහන්සේගේ
ධම්මෙසු චක්ඛුමා,ධර්මයෙහි දත්තෘය
"තදහු, භික්ඛවෙ, උපොසථෙ පන්නරසෙ චත්තාරො මහාරාජානො සාමඤ්ව ඉමං ලොකං අනුවිචරන්ති.","මහණෙනි, පසළොස්වක පොහෝ දින සතර වරම් මහරජවරුම මේ ලෝකයෙහි සැරිසරති."
චත්තාරිමානි භික්ඛවෙ සම්මප්පධානානි.,"මහණෙනි, මේ සම්‍යක් ප්‍රධානයෝ හතරකි."
එථ පස්සථිමං ලොකං,මෙම ලෝකය බලන්න
අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි.,ඉක්බිති අනාථපිණ්ඩික ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණියේය.
සුසරතා,මනා කටහඬ
උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි,ගොස් මාගේ වචනයෙන් භග්‍යවතුන් වහන්සේගේ පාද වඳින්න
දුක්ඛනිරොධඤ්ච පජානාති,දුක නැති කිරීම දනීද
අවිජ්ජානිරොධගාමිනිං පටිපදඤ්ච පජානාති,අවිද්‍යාව නැති කිරිමේ ප්‍රතිපදාවත් දනීද
යෙ තෙ පුග්ගලා අස්සද්ධා ජීවිකත්ථා න සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතා,යම් පුද්ගලයෝ ශ්‍රද්ධාවක් නැතිව හුදෙක් ජීවිකාව පිණිස ගිහිගෙන් නික්ම මහණ වූවාහුද
"නායං ධම්මො නිබ්බිදාය. න නිබ්බානාය සංවත්තති, යාවදෙව නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපපත්තියා'ති.","නමුත් මට සිතුණා: ""මේ ධර්මය කෙලෙස් කලකිරීමට, නොඇලීමට, නිරෝධයට හෝ නිවනට හේතු නොවේ. එයින් ලැබෙන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන බඹලොව ඉපදීම පමණි."""
නිරොධධාතු,නිරෝධ ධාතුව
අරියසාවකො සඞ්ගාමෙති,ආර්ය ශ්‍රාවකය මරුවා සමග යුද කරයි
කිං පටිච්ච පමොදිතා,කුමක් නිසා සතුටු ද
"ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො සීලවා හොති කල්‍යාණධම්මො.","මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සිල්වත් වූ යහපත් ධර්ම ඇත්තෙක් වෙයි."
භාවනාරාමො හොති පහානාරාමො හොති.,භාවනාවෙහි හා කෙලෙස් පසෙක ලෑමෙහි ඇලුණේ වෙයි.
අත්තනො සුඛමිච්ඡති,තමන්ට සුව කැමති වුණොත්
යෙ චරන්ති සදා සතා,යමෙක් නිතර සිහි ඇතිව හැසිරෙද්ද
මා භික්ඛවෙ පුඤ්ඤානං භායිත්ථ,මහණෙනි පින් ගැන බිය නොවන්න
ලොහිතෙ සුස්සමානම්හි,ලෙය වේලෙන විට
භගවා ආහ,භග්‍යවතුන් වහන්සේ වදාළසේක
පඨමං රථවිනීතං අභිරුහිත්වා පඨමෙන රථවිනීතෙන දුතියං රථවිනීතං පාපුණෙය්‍ය.,රජ්ජුරුවො මුලින්ම පළවෙනි රථයට නැගලා ඒකෙන් දෙවෙනි රථය තියෙන තැනට යනවා.
නෙවසඤ්ඤානාසඤ්ඤායතනං අභිනන්දති,නෙවසංඥානාසංඥායතන වැසි දෙවියන්ට සතුටු වෙයි
අජ්ඣත්තඤ්ච න ජානාති බහිද්ධා ච න පස්සති.,අභ්‍යන්තර ගුණය ද බාහිර ප්‍රතිපත්තිය ද ඔහු නොදකියි.
න භස්සාරාමො භික්ඛු අපරිහානාය සංවත්තති,කථාවට නොඇලුනු භික්ෂුව නොපිරිහෙයි
තත්‍ර චෙ ආනන්දො ධම්මං භාසති.,එහි දී ආනන්ද තෙරුන් ධර්මය දේශනා කරයි.
කම්මසමාරම්භට්ඨායී.,කර්ම ආරම්භයෙහි (රැස් කිරීමෙහි) පිහිටා සිටින්නේය.
අනුසොතගාමී පටිසොතගාමී ඨිතත්තො තිණ්ණො පාරඞ්ගතො.,"සැඩපහරට අනුව යන, උඩු අතට යන, නැවතී සිටින සහ එතෙර වූ පුද්ගලයායි."
තෙසං තං හොති දීඝරත්තං හිතාය සුඛාය.,ඔහු ඇසුරු කරන්නන්ට එය බොහෝ කලක් හිත පිණිස සැප පිණිස පවතියි.
සබ්බපරිඤ්ඤා,සියල්ල පිරිසිඳ දැනීම
තං කොධං සම්මදඤ්ඤාය,ඒ ක්‍රෝධය මනා ලෙස දැනගෙන
ඉදං නිස්සිතං තථාගතස්ස විඤ්ඤාණන්ති.,"""තථාගතයන්ගේ විඤ්ඤාණය මෙහි පිහිටා ඇතැයි"" කිව නොහැක."
එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ,එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වෙළුවන කලන්දකනිවාපෙහි වැඩ වසන සේක
යෙ කෙචි භූතා භවිස්සන්ති යෙ වාපි,ඇතිවූද අනාගතව ඇතිවන්නාවූද සත්වයෝ කවරෙකුත්
යො ච සතිමා නිපකො ඣායී ආතාපී ඔත්තාපී ච අප්පමත්තො,සිහි ඇති නුවණ ඇති භාවනා කරන වීර්ය ඇති පාපයට භය ඇති අප්‍රමාදී අය
න ච දුක්ඛානුපතිතො සියා,දුක්ඛය අනුව යන කෙනෙක් නොවන්න
"ඉමා ඛො, භික්ඛවෙ, ද්වෙ පරියෙසනා.","මහණෙනි, මේ පරියෙසනා දෙකයි."
සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තී,සුගතියක් වන දෙව්ලොවට උපදියි
දිස්වාන එකො යක්ඛො දුතියං යක්ඛං එතදවොච පටිභාති මං සම්ම ඉමස්ස සමණස්ස සීසෙ පහාරං දාතු,එක යක්ඛයෙක් දෙවෙනි යක්ඛයාට මෙසේ කීවේය යහළුව මේ ශ්‍රමණයාගේ හිසට පහරක් දාන්න මට සිතෙනවා
යථා ච අනුප්පන්නාය විචිකිච්ඡාය උප්පාදො හොති,නූපන් විචිකිච්ඡාවගේ ඉපදීම යම් කරුණකින් වන්නේද
ආතුරං ගතයොබ්බනං,රෝගී වූ තරුණ බව නැති වූ
පස්ස සත්තස්ස සුද්ධතං,සත්වයාගේ පිරිසිදුකම බලව
මානසං භාවයෙ අපරිමාණං,අප්‍රමාණ මෛත්‍රී සිත වඩිය යුතුය
තත්‍ර තුම්හෙහි න ආඝාතො න අප්පච්චයො න චෙතසො අනභිරද්ධි කරණීයා,ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය අමනාප නොඉපදවිය යුත්තේය සිත් අසතුටු නොකට යුත්තේය
වීතදොසං වා චිත්තං,ද්වේෂය පහවූ සිත (වීතදොස සිත)
මනසා චෙ පදුට්ඨෙන,දූෂිත සිතින් යුක්තව
බහිනගරෙ අපරපුරෙ,නගරයෙන් පිටත බටහිර පැත්තේ
ධම්මෙසු ධම්මානුපස්සී විහරති.,"ධර්මයන් කෙරෙහි ඒ ධර්මය අනුව බලමින් වාසය කෙරේද,"
තිණ්ණාහං භන්තෙ ධම්මානං අතිත්තො අප්පටිවානො කාලඞ්කතො.,"ස්වාමීනි, මම ධර්ම තුනක තෘප්තියක් නොවී කළුරිය කෙළෙමි."
අයං වුච්චතාවුසො ජාති,ඇවැත්නි මේ ජාතියයි කියනු ලැබේ
මහාවිජිතතරො වා මහාවාහනතරො වා,කවරෙක් වැඩි විජිත හා වාහන ඇතිද
අමක්ඛෙන ච අපළාසෙන ච.,ගුණමකු නොවීමෙන් හා අනුන් යටපත් නොකිරීමෙන්.
දූරතො සොත්ථිමාගතං,දුරින් සුවසේ ආවම
ඉධෙව සිනාහි බ්‍රාහ්මණ සබ්බභූතෙසු කරොහි ඛෙමතං,බ්‍රාහ්මණය මේ ශාසනයෙහිම ස්නානය කරව සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී කරව
යස්ස විතක්කා විධූපිතා අජ්ඣත්තං සුවිකප්පිතා අසෙසා,යම් කෙනෙකුගේ සිතේ සියලු විතර්ක දවා නිමවා ඇත
තෙන ඛො පන සමයෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස කොට්ඨාගාරෙ යාවදත්ථං පාතුං දීයති නො නීහරිතුං,එම කාලයේ පසේනදි කොසොල් රජුගේ ගබඩාවේ තෙල් අවශ්‍ය තරමට බොන්න දෙනු ලැබේ ගෙන යන්න නොදෙනු ලැබේ
අසතං පබ්‍රූති,අසත් වචන කියයි
සඤ්ඤසත්තො උච්චාවචං ගච්ඡති,සංඥාවට ඇලී උස් පහත් යයි
එසනාපසුතො මුනී,(ශුද්ධිය) සෙවීමෙහි යෙදුණු මුනිවරයා
අඵලා හොති අකුබ්බතො,අනුගමනය නොකරන අයට ඵල නැත
න වතිමානි මනුස්සභූතස්ස පදානි භවිස්සන්ති.,මේවා මිනිසෙකුගේ පා සටහන් නොවන බව ඔහුට සිතුණි.
මනුස්සෙසු න විජ්ජති,මිනිසුන්ට එවැනි නැත
එකච්චෙ එවමාහංසු ලෙඛාසිප්පං සිප්පානං අග්ග,ඇතැමෙක් කීහ ශිල්පයන්ගෙන් ලිවීමේ ශාස්ත්‍රය උතුම්ය
කායදුච්චරිතස්ස පාපකො විපාකො.,කයින් කරන වැරදිවල විපාකය ලාමක ය.
රඤ්ඤො අඞ්ගන්තෙව සඞ්ඛං ගච්ඡති.,රජුගේ අංගයක් (සම්පතක්) යන නමට පත් වෙයි.
සබ්බප්පහායිනං,සියලු කෙලෙස් පහකළ පුද්ගලයා
අකතං දුක්කටං සෙය්‍යො,පව් නොකිරීම වඩා හොඳය
අහං ඛ්වජ්ජ ඉදඤ්චිදඤ්ච ඛාදනීයං ඛාදිං.,මම අද මේ මේ කෑ යුතු දේ කෑවෙමි.
වීතමොහං වා චිත්තං,මෝහය පහවූ සිත (වීතමොහ සිත)
නමුචී කරුණං වාචං භාසමානො උපාගමි,මාරයා කරුණාවූ වචන කියා පැමිණියේය
උද්ධතස්ස පුරිසපුග්ගලස්ස අනුද්ධච්චං හොති පරිනිබ්බානාය,නොසන්සුන් පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස සන්සුන් බව ඇත්තේය
යෙන පාණානි හිංසති,සත්වයන්ට හිංසා කරන නිසා
තථාත්තානං නිවෙසෙය්‍ය,තමා එසේ පිහිටුවාගන්න
තස්මිං ඛො පන සාරිපුත්ත සුද්ධිමග්ගෙ,ශාරීපුත්‍රය ඒ වැරදි ශුද්ධි මාර්ගයන්හි
මක්ඛලිවාදො තෙසං පටිකිට්ඨො අක්ඛායති.,මක්ඛලී වාදය (බොහෝ වාද අතරින්) ඉතා පහත් යැයි කියනු ලැබේ.
රත්තෙ කාමෙසු,කාමයන්ට ඇලුණු අය
පස්සාමි සුද්ධං පරමං අරොගං,මම පිරිසිදු උතුම් නිරෝගී තත්ත්වයක් දකිමි
ආනන්දො අඤ්ඤතරං භික්ඛුං එතදවොච,ආනන්ද එක් භික්ෂුවකට මෙසේ කීය
අට්ඨිකානි අපගතසම්බන්ධානි,සම්බන්ධයෙන් (සන්ධිවලින්) වෙන් වූ ඇට
"සන්තුට්ඨිතා, භික්ඛවෙ, මහතො අත්ථාය සංවත්තතීති.","මහණෙනි, මේ ලදදෙයින් සතුටුවීම මහත්වූ අර්ථය පිණිස පවතී."
පමත්තබන්ධු පාපිම,ප්‍රමාදවූවන්ට නෑකම් ඇති පවිටුයා
ජාතමුච්ඡිජ්ජ න රොපයෙය්‍ය,උපන්න කෙලෙස් සිඳ නැවත නොරෝපයි
ස වෙ සන්තො සතො භික්ඛු පස්සද්ධො අපරාජිතො.,"ඒ භික්ෂුව සැබවින් ම ශාන්තය, සිහි ඇත්තේය, අපරාජිතය."
"අත්ථො ච වුත්තො, අත්තා ච අනුපනීතො.","අර්ථය පවසන ලදී, තමා ගැන විශේෂ කොට හඳුන්වා නොගන්නා ලදී."
කිං නිස්සරණං?,ඉන් නික්මීම කුමක්ද?
සන්තචිත්තස්ස භික්ඛුනො,සන්සුන් සිත ඇති භික්ඛුවෙකුට
"සචෙ පන, භික්ඛවෙ, බහූ හොන්ති මනුස්සා. පුඤ්ඤානි කරොන්ති.","මහණෙනි, ඉදින් යහපත් දේ කරන මිනිසුන් බොහෝ වෙත් නම්."
"යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා අකුසලා ධම්මා භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති යථයිදං, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි.","මහණෙනි, යම් මිථ්‍යා දෘෂ්ටියක් (වැරදි දැකීමක්) කරණකොටගෙන නූපන්නාවූ අකුශල ධර්මයෝත් උපදිද්ද. උපන්නාවූ අකුශල ධර්මයන්ගේත් වැඩීම හා විශාලවීම ඇතිවේද,"
භගවතො පුරතො ඨස්සාමීති ඔසීදතිමෙව සංසීදතිමෙව.,"භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ සිටීමට උත්සාහ කළත් ගිලී යයි, පිහිටා සිටිය නොහැක."
දස්සනසම්පන්නො,සම්පූර්ණ දර්ශනය ඇතිව
න ඡන්දං ජනෙස්සති න වායමිස්සති න වීරියං ආරභිස්සති තස්සඞ්ගණස්ස පහානාය,ඔහු කෙලෙස් නැතිකිරීම පිණිස කැමැත්තක් ඇතිකර නොගනියි වෑයම් නොකරයි වීර්ය නොකරයි
අසිනාපි සීසං ඡින්දන්ති,කඩුවෙන් හිස සිඳිනු ලබත්
අධිසීලං අධිචිත්තං අධිපඤ්ඤඤ්ච වීරියවා.,වීර්යවන්තයා අධි ශීලයෙහි ද අධි චිත්තයෙහි ද අධි ප්‍රඥාවෙහි ද හික්මෙයි.
පබ්බතොව සො ඨිතො අනෙජො,ඔහු පර්වතයක් මෙන් ස්ථිරව කම්පා නොවී සිටියි
"කතමො ච, භික්ඛවෙ, පුග්ගලො සෙවිතබ්බො.","මහණෙනි, සේවනය කළ යුතු පුද්ගලයා කවරේද?"
"පස්සන්ති දෙවා ච තථාගතා ච, ලොකස්මිං බාලං විසමං චරන්තං.",ලෝකයෙහි වැරදි ලෙස හැසිරෙන අඥානයා දෙවියෝ ද තථාගතයෝ ද දකිති.
තිත්තො ච තප්පෙතා ච.,"තෘප්තවූ පුද්ගලයාද, අනුන් තෘප්තකරවන්නාවූ පුද්ගලයාද වෙත්."
අහං පන මල්ලිකං දෙවිං එතදවොචං මය්හම්පි ඛො මල්ලිකෙ නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරොති,මමද මටත් මට වඩා ප්‍රිය කෙනෙක් නැතැයි කීවෙමි
ගොපියො ගොහි සොචති,ගවයන් නිසාද ශෝක වෙයි
අබ්‍යාපාදවිතක්කඤ්චෙ. අවිහිංසාවිතක්කඤ්චෙ. තස්ස තං චිත්තං නමති,මෛත්‍රී සහගත හෝ හිංසා නොකිරීමේ කල්පනා බහුල කළේ නම් සිත ඒ දෙසටම නැඹුරු වෙයි
චන්දාලොකො සූරියාලොකො.,චන්ද්‍රාලෝකය සහ සූර්යාලෝකය.
දිට්ඨිවිසුද්ධි යාවදෙව කංඛාවිතරණවිසුද්ධත්ථා.,දෘෂ්ටි විශුද්ධිය තියෙන්නේ සැකය දුරු කරගැනීම සඳහායි.
ඛන්ධානං භෙදො,පංචස්කන්ධයන්ගේ බිඳීමක් වේද
ආපං මෙති මඤ්ඤති,ආපොධාතුව මගේයයි හඟියි
චත්තාරොමෙ භික්ඛවෙ වාදී.,"මහණෙනි, මේ වාදීහු සතර දෙනෙකි."
අප්පසන්නානං පසාදාය.,නොපහන් වූවන්ගේ ප්‍රසාදයට ය.
උභතොදණ්ඩකෙන කකචෙන චොරා අඞ්ගමඞ්ගානි ඔකන්තෙය්‍යුං,දෙපස දඬු ඇති කියතකින් (උභතොදණ්ඩක) සොරුන් විසින් අවයව කපා දමනු ලැබුවත්
වසිතා නො ගාධං කත්තා.,වාසය කරන නමුත් ගුල හාරන්නේ නැත.
චිත්තං හිස්ස භික්ඛවෙ පසන්නං,මහණෙනි ඔහුගේ සිත පැහැදුන නිසාය
යතො ච අරියසච්චානි සම්මප්පඤ්ඤාය පස්සති,යම් කලෙක ආර්ය සත්යයන් සම්ම ප්රඥාවෙන් දකින්නේද
ආභස්සරතො මඤ්ඤති,ආභස්සර දෙවියන්ගෙන් පිටත ඔවුන් ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි
සාවජ්ජෙන කායකම්මෙන සමන්නාගතො.,වරද සහිත වූ කාය කර්මයෙන් යුක්ත ය.
"ද්වෙමා, භික්ඛවෙ, පරිසා - අනරියා ච අරියා ච.","මහණෙනි, පිරිස් දෙවර්ගයකි; එනම් අනාර්ය පිරිස සහ ආර්ය පිරිසයි."
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා ඉමං උදානං උදානෙසි,ඉක්බිති බුදුන් වහන්සේ මේ අර්ථය දැන මෙය ප්‍රකාශ කළ සේක
තස්මාතිහ ත්වං භික්ඛු තීසු සික්ඛාසු සික්ඛස්සු.,"මහණ, එසේ නම් ඔබ එම ශික්ෂාවන් තුනෙහි හික්මෙන්න."
උපරිපාසාදවරගතො හොති,මහා ප්‍රාසාදය මත්තෙහි සිටියේය
ආකාසානඤ්චායතනං මෙති මඤ්ඤති,ආකාසානඤ්චායතන වැසි දෙවියන් මාගේ යයි හඟියි
"තං කිස්ස හෙතු? ඉමස්ස, ආවුසො, පුග්ගලස්ස පඤ්ඤින්ද්‍රියං අධිමත්තන්ති.","එයට හේතුව කුමක්ද? ඇවැත්නි, මේ පුද්ගලයාගේ ප්‍රඥෙන්ද්‍රිය අධික බැවිනි."
අථ ඛො භගවා සුප්පවාසං එතදවොච,ඉක්බිති භග්‍යවතුන් වහන්සේ සුප්පවාසාට මෙසේ වදාළ සේක
සික්ඛානිසංසානං භික්ඛවෙ විහරතං,මහණෙනි ශික්ෂා අනුසස් ඇතිව වසන අයට
නාඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි,මේ වගේ උපකාරක තවත් එක කරුණක් මම නොදකිමි
මක්ඛෙන සත්තා දුග්ගතිං යන්ති,මක්ඛයෙන් සත්ත්වයෝ දුගතියට යති
විමුත්තස්මිං විමුත්තමිති ඤාණං අහොසි,(සිත) මිදුණු කල්හි මිදුණේය යන ඥානය (දැනීම) පහළ විය
පමාදස්ස චාගාය.,ප්‍රමාදය අත්හැරීම පිණිසයි.
භූරිපඤ්ඤතාය සංවත්තති.,පොළොව වැනි පුළුල් ප්‍රඥාව පිණිස පවතී.
එවං පුට්ඨා … න සම්පායිස්සන්ති,මෙසේ අසන විට සම්පූර්ණ පිළිතුරු දිය නොහැකි වෙති.
යානං භන්තං ව තං ලොකෙ,කැරකෙන රථයක් මෙන් වෙයි
එකමන්තං නිසින්නො ඛො කොලියපුත්තො භගවන්තං එතදවොච,එකත්පසෙක හිඳ ගත් කොලිය පුත්‍රයා භග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය
සත්ත මාසානි . ඡ මාසානි,සත් මසක් . හය මසක්
යො නිධි අනුගාමිකො,අනුව යන නිධානයක් වන බැවින්
වෙහප්ඵලෙ නාභිනන්දති තං කිස්ස හෙතු ඛයා මොහස්ස වීතමොහත්තා,වෙහප්ඵල දෙවියන්ට සතුටු නොවෙයි ඊට හේතු කවරේද මෝහය මුළාව නැති කිරීමෙන් වීතමොහවූ බැවිනි
මානෝ බන්ධනස්ස හෙතු,මානය බැඳීමේ හේතුවකි
අත්ථි පඤ්හෙන ආගමං,ප්‍රශ්නයක් අසනු කැමැත්තෙන් පැමිණියෙමි
යඤ්ච චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං උපසම්පජ්ජ විහරතො. අහඞ්කාරමමඞ්කාරමානානුසයා න හොන්ති.,යම් චේතෝවිමුක්තියක හා ප්‍රඥාවිමුක්තියක වසන්නහුට 'මම-මගේ' යන හැඟීම් හා මාන අනුශයයන් ඇති නොවේ ද.
ඵස්සං පරිඤ්ඤාය,ස්පර්ශය මනා දැන
ගරුකතා මානිතා පූජිතා අපචිතා,ගෞරව බුහුමන් පූජා සහ සැලකිලි ලබති
අප්පස්ස කම්මස්ස ඵලං මමෙදං,මෙය ස්වල්ප කුශල විපාකය
අභබ්බො දුක්ඛක්ඛයාය,දුක්ඛ නැති කිරීම සඳහා සමර්ථ නොවේ
උට්ඨානඵලූපජීවී චෙව කම්මඵලූපජීවී ච.,උත්සාහයෙන් හා කර්ම බලයෙන් යන දෙකෙන් ම ජීවත් වන.
වුත්තඤ්හෙතං භගවතා වුත්තමරහතාති මෙ සුතං,මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක මෙසේ මට ඇසුණි
කටුවියකතො භික්ඛු ආමගන්ධෙ අවස්සුතො.,"ඉඳුල් අහරක් බඳු වූ, පිලී ගඳින් යුතුව කෙලෙසුන්ගෙන් තෙත් වූ භික්ෂුව."
අස්සාදානුපස්සී විහරන්තො රාගං න පජහති.,ආශ්වාදය සොයමින් වාසය කරන්නා රාගය බැහැර නොකරයි.
බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති.,බෝධිසත්වයන් වහන්සේ මව්කුසින් බිහි වීම.
"නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යො එවං සද්ධම්මස්ස සම්මොසාය අන්තරධානාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, පමාදො.","මහණෙනි, යම්සේ ප්‍රමාදය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද, ඒ බඳු අනික් එක කාරණයකුදු මහණෙනි, මම නොම දකිමි."
අථ පාපානි කම්මානි,පව් කම් කරන විට
කතමානි ද්වෙ? ගිහිසුඛඤ්ච පබ්බජිතසුඛඤ්ච.,ඒ කවර දෙකක්ද? ගිහි සැපය සහ පැවිදි සැපයයි.
ලාභකම්‍යා ජනං න ලපයෙය්‍ය,ලාභ සඳහා මිනිසුන්ට නොකියන්න
එතදඤ්ඤාය යෙ සතා,මෙය දැන සිහි ඇතිව
උට්ඨායාසනා පක්කාමී.,අස්නෙන් නැගිට පිටත්ව ගියේය.
මාරපරිසා බ්‍රහ්මපරිසා,මාර පිරිසය බ්‍රහ්ම පිරිසය
සුභරතාය වීරියාරම්භාය සංවත්තිස්සති,පහසුවෙන් පොෂ්‍යකළහැකි බව පිණිසද වීර්ය පටන්ගැන්ම පිණිසද පවත්නේය
එකත්තං එකත්තතො සඤ්ඤත්වා එකත්තං මඤ්ඤති,සමාන ස්වභාවවූ අරූපස්කන්ධය සමාන ස්වභාවවූ අරූපස්කන්ධය වශයෙන් හැඳින සමාන ස්වභාවවූ අරූපස්කන්ධය ආත්මය වශයෙන් හඟියි
අඤ්ඤං නිමිත්තං මනසිකරොතො උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා,(වෙනත්) කුසල් අරමුණක් මෙනෙහි කරන විටත් ලාමක අකුසල කල්පනාවෝ උපදිත් නම්
යස්මා ච ඛො බාලො දුච්චින්තිතචින්තී ච හොති දුබ්භාසිතභාසී ච දුක්කටකම්මකාරී ච තස්මා නං පණ්ඩිතා ජානන්ති - ‘බාලො අයං භවං අසප්පුරිසො’ති.,"යම් හෙයකින් බාලයා නපුරු දේ සිතන්නේද, පවසන්නේද, කරන්නේද, එහෙයින් 'මේ පින්වතා බාලයෙකි, අසත්පුරුෂයෙකි' කියා පණ්ඩිතයෝ දැනගනිති."
සඤ්ඤාය නිබ්බින්දති.,සංඥාව කෙරෙහි කලකිරෙයි.
සුරාමෙරයමජ්ජපමාදට්ඨායී.,රහමෙර බීමෙහි ප්‍රමාද වී සිටින්නා.
"අජ්ඣත්තිකං, භික්ඛවෙ, අඞ්ගන්ති කරිත්වා නාඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි යං එවං මහතො අත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, අප්පමාදො.","මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට, මහණෙනි, යම්සේ අප්‍රමාදය මහත් අර්ථයට හේතුවේද, ඒ අප්‍රමාදය බඳුවූ අන් එක කරුණකුදු මම නොම දකිමි."
භජමානස්ස විවිත්තමාසනං,වෙන්වූ අසුන සෙවීම
කුරරඝරෙ පවත්තෙ පබ්බතෙ,කුරරඝර නුවර ප්‍රපාත නම් පර්වතයේ වැඩ වසති
වෙරං තෙසූපසම්මති,ඔවුන්ගේ වෛරය සන්සිඳෙයි
දන්ධං ආසවානං ඛයාය පාපුණාති.,පමා වී ආශ්‍රවයන් ක්ෂය කිරීමට පැමිණෙයි.
කාමෙසු සත්තා කාමසඞ්ගසත්තා,කාමයන්හි ඇලුණු අය කාම බැඳීම් වලට බැඳුණු අය
අජ්ඣත්තං සුවිකප්පිතා,සිත සම්පූර්ණයෙන් පිරිසිදු
පුරිසො ආගච්ඡෙය්‍ය ආදිත්තං තිණුක්කං ආදාය,පුරුෂයෙක් ඇවිලෙන්නා වූ (ගිනි ගත්) තණ හුලක් ගෙන එන්නේය
සො ඛො අහං තං අනුස්සරමානො අනභිරතො,ඒ වචන මතක්වී මම අසතුටින් සිටිමි
රජොජල්ලං උක්කුටිකප්පධානං,දූලි දැලි දරා වකගැසී සිටීමෙන්වත්
උජු,ඍජු
යථොධි ඛො පන මෙ චත්තං වන්තං මුත්තං පහීනං පටිනිස්සට්ඨන්ති,මා විසින් කෙලෙස් දුරුකරන ලදැයි වමාරණ ලදැයි නැතිකරන ලදැයි
එකෙන අංසෙන මාතරං පිතරං පරිහරෙය්‍ය.,එක් උරහිසකින් මවද අනෙක් උරහිසින් පියාද වසර සියයක් උසුලාගෙන රැකබලා ගත්තද.
යො පනායං. පබ්බජිතො එකමත්තානං දමෙති. එකසාරීරිකං පුඤ්ඤප්පටිපදං පටිපන්නො හොති.,"යමෙක් පැවිදි වී තමාම දමනය කරගනියි ද, ඔහු එක් අයෙකුට පමණක් පින් ලැබෙන පිළිවෙතකට පිළිපන්නෙක් වෙයි."
න මෙ තෙසු භික්ඛූසු අනුසාසනී කරණීයා අහොසි,ඒ භික්ෂූන්ට මා විසින් අනුශාසනා කළ යුතු නොවීය
පටිපුච්ඡාවිනීතා පරිසා නොඔක්කාචිතවිනීතා.,විමසා බැලීමෙන් සහ අර්ථය අවබෝධ කරගැනීමෙන් හික්මුණු පිරිසයි.
සරිතානි සිනෙහිතානි ච සොමනස්සානි භවන්ති ජන්තුනො,අරමුණු දිගේ යන තෘෂ්ණා ස්නේහයෙන් සත්වයාට සෝමනස් උදවේ
කාලෙන සක්කච්ච දදාති භොජනං.,සුදුසු කාලයෙහි සකස් කොට භෝජනය පූජා කරයි ද.
බන්ධනානි ලුනානි,බැමි සිඳින
සුලද්ධං වත මෙ,මට මනා ලැබීමක්මය
තීහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්‍රො අස්සාජානීයො.,"මහණෙනි, අංග තුනකින් සමන්විත වූ රජුගේ යහපත් ආජානීය අශ්වයා."
ඤායප්පටිපන්නො භගවතො සාවකසඞ්ඝො,න්‍යායයට (නිර්වාණයට) අනුව පිළිපන්නේය
පජානාති ඉදං දුක්ඛන්ති.,දුක පිළිබඳ සැබෑ අවබෝධය ඇත (අභ්‍යන්තරය පිරී ඇත).
පාතිමොක්ඛෙ ච සංවරො,ප්‍රාතිමෝක්ෂ ශික්‍ෂා පදයන්හි සංවරවීම
ඝරාවාසො සම්බාධො,ගිහි වාසය කරදරය
ආපතො මා මඤ්ඤි,ආපොධාතුවෙන් පිටත්හි තමා ඇතැයි හඟී
ලභති කාලෙන කාලං මනාපිකෙ ජිව්හාය රසෙ සායිතුං,කලින් කල මනාප රස දිවෙන් විඳින්නට ලැබේ
සද්ධාබලං භාවෙති.,"ශ්‍රද්ධා බලය වඩාද,"
මා තක්කහෙතු.,තර්කය නිසාම පිළිනොගන්න.
"අනිස්සුකී ච හොති, ඉස්සාමලඤ්චස්ස පහීනං හොති.","ඊර්ෂ්‍යා නොකරන්නෙක් වෙයි, ඊර්ෂ්‍යා මලය දුරු කළේ වෙයි."
ආමිසයාගො ච ධම්මයාගො ච.,ආමිස යාගය සහ ධර්ම යාගයයි.
සඞ්ඝො අග්ගමක්ඛායති,සංඝය ශ්‍රේෂ්ඨය ලෙස කියයි
මානං මායං පහාය,මානය මායාව දුරු කර
පොක්ඛරණී අච්ඡොදකා,පිරිසිදු දිය ඇති පොකුණ
තෙජොකසිණං භාවෙති.,"තෙජොකසිණය වඩාද,"
භික්ඛු සෙඛො හොති අප්පත්තමානසො.,භික්ෂුව අර්හත් නොවූ ශෛක්ෂයෙකු වෙයි.
චිත්තක්ලෙසෙහි පණ්ඩිතො,සිතේ කිලිටි දුරු කරමින්
විදිතධම්මො පරියොගාළ්හධම්මො,දහම හඳුනා ගැඹුරින් දැනගත්තා
අථ ඛො හත්ථකො ආළවකො අද්දස භගවන්තං ගොමග්ගෙ සිංසපාවනෙ පණ්ණසන්ථරෙ නිසින්නං.,ඉක්බිති හත්ථක ආලවක තෙමේ ගව මාවතේ ඇට්ටේරියා වනයේ කොළ ඇතිරියෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුවේය.
අයං වුච්චති භික්ඛවෙ පුග්ගලො අප්පමෙය්‍යො.,"මහණෙනි, මොහු මැනිය නොහැකි පුද්ගලයා යැයි කියනු ලැබේ."
පථවිසමො නො විරුජ්ඣති,පොළොව මෙන් සමා වී විරුද්ධ නොවේ
තස්මා බුද්ධොස්මි,එහෙයින් මම බුද්ධයෙමි
රුක්ඛමූලස්මිං ඣායෙථ,ගසක් මුල ධ්‍යානය කරන්න
අජ්ඣත්තං අථවාපි බහිද්ධා,අභ්‍යන්තර හෝ බාහිර හෝ
"තං කිස්ස හෙතු? ඉමස්ස, ආවුසො, පුග්ගලස්ස සමාධින්ද්‍රියං අධිමත්තන්ති.","එයට හේතුව කුමක්ද? ඇවැත්නි, මේ පුද්ගලයාගේ සමාධින්ද්‍රිය අධික බැවිනි."
එකාහමතං වා ද්වීහමතං වා තීහමතං වා,මැරී එක දවසක් හෝ දෙදවසක් හෝ තුන්දවසක් ගියාවූ
සඞ්ඝට්ටමානානි දුවෙ භුජස්මිං,දෙකක් එකට ගැටෙන බව දැන
යා සීලෙසු පරිපූරකාරිතා සා සම්මග්ගතා අක්ඛායති,ශීලයන්හි යම් හොඳින් සම්පූර්ණ කිරීමක් වේද එය මනාව පිහිටියේයයි කියනු ලැබේ
බහිද්ධා විඤ්ඤාණෙ අවික්ඛිත්තෙ,බාහිරට සිත නොවිසිරේ
පුත්තො බුද්ධං සරණං ගතො,පුත්‍රයා බුදුන් සරණ ගියේය
ඵන්දන්තෙවිධ පාණිනො,වෙවුලති ප්‍රාණීහු
අදින්නාදානා පටිවිරතො හොති.,නුදුන් දේ ගැනීමෙන් වෙන් වූයේ වෙයිද.
"ස්වාක්ඛාතෙ, භික්ඛවෙ, ධම්මවිනයෙ පටිග්ගාහකෙන මත්තා ජානිතබ්බා, නො දායකෙන.","මහණෙනි, මනාකොට ප්‍රකාශකරණලද ධර්මවිනයඇති ශාසනයෙහි ප්‍රතිග්‍රාහකයා විසින් පමණ දතයුතුයි දායකයා විසින් දතයුතු නොවෙයි."
අභික්කන්තා භන්තෙ රත්ති,ස්වාමිනී රාත්‍රිය ගත විය
තඤ්ච දාරකං භගවන්තං වන්දාපෙසි,ඒ දරුවා ලවා භග්‍යවතුන් වහන්සේ වන්දවීය
තුවං සත්ථා,ඔබ ශාස්තෘය
අරියං සීලං අනුබුද්ධං පටිවිද්ධං.,"ආර්ය ශීලය අවබෝධ කරන ලදී, ප්‍රතිවේධ කරන ලදී."
"ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො ආසවානං ඛයා. සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.","මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ආශ්‍රවයන් ක්ෂය කොට සාක්ෂාත් කර වාසය කරයි."
අරියානං උපවාදකා,ආර්යයන්ට නින්දා කරන සත්වයෝ
තං හොති චක්කං අප්පටිවත්තියං කෙනචි මනුස්සභූතෙන පච්චත්ථිකෙන පාණිනා.,ඒ අණසක (චක්‍රය) සතුරු වූ කිසිදු මනුෂ්‍යයෙකු විසින් ආපසු හැරවිය නොහැකිය.
ඛෙමප්පත්තො අභයප්පත්තො වෙසාරජ්ජප්පත්තො විහරාමි.,"ක්ෂේමයට, අභයට හා විශාරද බවට පත්ව වාසය කරමි."
ධම්මාරාමො ධම්මරතො,ධර්මයෙහි සතුටු වන
එවණ්හි තෙ. තතියාපි සමණබ්‍රාහ්මණා න පරිමුච්චිංසු මාරස්ස ඉද්ධානුභාවා,මේ වැරදි දෘෂ්ටි නිසා තෙවන මහණ බමුණන් කණ්ඩායමද මාරයාගේ ග්‍රහණයෙන් නිදහස් වූයේ නැත.
සත්තමං,සත්වන වර්ගය
එවමෙව සුප්පබුද්ධස්ස කුට්ඨිස්ස තස්මිංයෙව ආසනෙ,එසේම සුප්පබුද්ධ කුෂ්ට රෝගියාට එම ආසනයේදීම
චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා,ඇසින් (චක්ඛු විඤ්ඤාණයෙන්) දතයුතු රූප
සම්මාවිමුත්තානං සන්තානං,සම්පූර්ණයෙන් මිදුන සන්සුන්
අථ ඛො තෙ භික්ඛූ යෙනායස්මා මහාකච්චානො තෙනුපසඞ්කමිංසු,ඉන්පසු ඒ භික්ෂූහු ආයුෂ්මත් මහා කච්චාන ස්ථවිරයන් වහන්සේ යම් තැනක ද එතැනට පැමිණියාහුය
යථා යෙමෙ අන්තරායිකා ධම්මා වුත්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන්තරායායාති,"(එනම්) ""බුදුහිමි වදාළ අන්තරායකර ධර්මයෝ සේවනය කරන්නාට අන්තරාය පිණිස නොපවතියි"" කියා ද?"
සත්තා සංසාරං ගච්ඡන්ති,සත්වයෝ සසර යති
යුද්ධාය පච්චුග්ගච්ඡාමි,යුද්ධයට ඉදිරියට යමි
මුට්ඨස්සතී අසම්පජානා අසමාහිතා.,"ඔවුහු සිහිය නැති, ප්‍රඥාව නැති සහ එකඟ සිත් නැත්තෝ වෙති."
ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං,ආශ්‍රවයන් (කෙලෙස්) නැති කිරීමෙන් ආශ්‍රව රහිත වූ චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත්
පටිසඞ්ඛා යොනිසො සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති,නුවණින් සලකා සමාධිසම්බොද්‍ධ්‍යංගය වඩයි
කාමයමානස්ස ජන්තුනො,කාමය කැමති සත්වයා
දිට්ඨං දිට්ඨතො සඤ්ජානාති,දිට්ඨය (රූපායතනය) දිට්ඨය වශයෙන් හඟියි
ඉමානි අච්ඡරාසතානි අභිරූපතරානි,මේ අප්සරාවෝ වඩා රූමත්ය
චිත්තෙ රක්ඛිතෙ කායකම්මම්පි රක්ඛිතං හොති.,සිත රැකි කල්හි කාය කර්මය ද රැකුණේ වෙයි.
තස්මා හි වීතදොසෙසු දින්නං හොති මහප්ඵලං,ද්වේෂ නැති අයට දුන් දානය මහත් ඵල දේ
දිට්ඨිට්ඨානා සමූහතා,දෘෂ්ටි මුල් සම්පූර්ණයෙන් නසා ඇත
කො පනාවුසො කාමානං අස්සාදො?,"ඇවැත්නි, කාමයන්ගේ රසය (සැපය) කුමක්ද?"
අන්තං අන්තගුණං උදරියං කරීසං,බඩවැලය අතුණුබහණය නොදිරූ ආහාරය මලය
ගම්භීරෙ ඔදකන්තිකෙ,ගැඹුරු දිය සමීප තැනක
උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි,පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳ ගත්තේය
යංනූන මයං යත්ථ අගති නෙවාපිකස්ස ච නෙවාපිකපරිසාය ච තත්‍රාසයං කප්පෙය්‍යාම,අපි වැද්දාට හෝ ඔහුගේ පිරිසට යා නොහැකි තැනක අපගේ වාසස්ථානය (ලැගුම් පොළ) සාදා ගනිමු.
භිය්‍යො තණ්හා පවඩ්ඪති එස ඛො දළ්හං කරොති බන්ධනං,තණ්හා තවත් වැඩෙයි එයින් බැඳීම තවත් දැඩි වේ
අධම්මචරියාවිසමචරියාහෙතු ඛො බ්‍රාහ්මණ.,"බ්‍රාහ්මණය, අධර්මයේ හැසිරීම සහ විෂම ලෙස ක්‍රියා කිරීම ඊට හේතුවයි."
කෙ ලොකෙ සුකතාති?,ලෝකයෙහි යහපත් මඟට ගියෝ කවුරුන් ද?
පඤ්චමො චෙතොඛිලො පහීනො හොති,පස්වන චේතෝඛිලය පහ කරන ලද්දේ වෙයි
වාසෙ ඨානෙ ගමනෙ චාරිකාය,නැවතුම යාම ගමන හැමතැන
ඉමෙ ද්වෙ පුග්ගලා බහුනො ජනස්ස අත්ථාය උප්පජ්ජන්ති.,මේ පුද්ගලයන් දෙදෙනා බොහෝ ලෝකයාගේ යහපත පිණිසම පහළ වෙති.
විනොදමෙව බ්‍යන්තමෙව නං අකාසිං,"ඒවා බැහැර කෙළෙමි, ඒවා අවසන් කෙළෙමි (ඉතිරි නොකෙළෙමි)"
චාගං සමාදියි,දානය හා ත්‍යාගය පුරුදු කළේය
සයානො වා,ශයනය කරන්නේ හෝ
හිත්වා කාමෙ අකිඤ්චනො,කාම අත්හැර කිසිවක් නොඅල්ලා
පරෙ මක්ඛී භවිස්සන්ති මයමෙත්ථ අමක්ඛී භවිස්සාමාති,අන්‍යයෝ ගුණමකුකම ඇත්තෝ වන්නාහුය අපි ගුණමකුකම නැත්තෝ වන්නෙමුයි
"මනො තෙසං ධම්මානං පඨමං උප්පජ්ජති, අන්වදෙව කුසලා ධම්මාති.","සිත ඒ ධර්මයන්ට පළමු කොට උපදී, කුශලධර්මයෝ ඒ අනුවම උපදිත්."
භොජනම්හි අමත්තඤ්ඤූ ඉන්ද්‍රියෙසු අසංවුතො,ආහාරයේ පමණ නොදන්නා සහ ඉන්ද්රිය සංවර නැති අය
චරණඤ්ච පුච්ඡ,චරණය අසන්න
සාසපොරිව ආරග්ගා තමහං බ්‍රූමි බ්‍රාහ්මණං,ඉදිකටු අගින් අබ ඇට ගිලිහෙනවා වගේ ඔහු බ්‍රාහ්මණයයි කියමි
එකච්චෙ එවමාහංසු ගණනාසිප්පං සිප්පානං අග්ග,ඇතැමෙක් කීහ ශිල්පයන්ගෙන් ගණිත ශාස්ත්‍රය උතුම්ය
ඵාසුළියො ඔලුග්ගවිලුග්ගා.,ඉළඇට කැඩී නැමුණු වැනි විය.
තතො ත්වං බාහිය න තෙන,එවිට බාහිය ඔබ ඒකෙන් නොවෙයි
යතො ඛො ආවුසො අරියසාවකො දුක්ඛඤ්ච පජානාති,ඇවැත්නි යම් තැනක පටන් ආර්ය ශ්‍රාවකතෙම දුක දනීද
තණ්හක්ඛයං පත්ථයමප්පමත්තො,තණ්හාවේ ක්ෂයය පතන අප්‍රමාදී
තත්ථෙතං ඉති වුච්චති,එහි මෙය මෙසේ කියනු ලැබේ
"ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො සභග්ගතො වා. අභිනීතො සක්ඛිපුට්ඨො.","මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සභාවකට හෝ පිරිසක් මැදට ගොස් සාක්ෂි විමසන ලද්දේ."
තත්‍රාවුසො කොධො ච පාපකො උපනාහො ච පාපකො,ඇවැත්නි ක්‍රෝධය ලාමකය බද්ධවෛරයද ලාමකය
දිට්ඨාපි සුතාපි තෙ ජනා,දැකූද අසූද ඒ ජනයා
ඣායථ චුන්ද,චුන්දය ධ්‍යාන වඩව්
අවජාතං න ඉච්ඡන්ති,අවජාත පුත්‍රයා කැමති නොවෙති
ගරුකං වාපි ආබාධං,බලවත් රෝගයකට
"කිං පනාවුසො, කඞ්ඛාවිතරණවිසුද්ධත්ථං?","එසේනම්, සැක දුරු කිරීමේ පිරිසිදු බව සඳහාද?"
එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං.,මෙය මෙලෙස ඇති සැටියෙන් නිවැරදි නුවණින් දත යුතුයි.
අහම්පි තෙ ඔඝතිණ්ණාති,මමද ඔඝය තරණය කළෙමි
ධම්මතො නං පසංසති,ඔහු ධර්මයෙන් ප්‍රශංසනීයය
කිස්ස නු ඛො මෙ ඉදං කම්මස්ස ඵලං,මෙය කුමන කර්මයක ඵලද
ධම්මපදෙ සුදෙසිතෙ,යහපත් ලෙස දේශිත මාර්ගයෙහි
විපස්සනා භාවිතා පඤ්ඤා භාවීයති.,විපස්සනාව වැඩීමෙන් ප්‍රඥාව මැනවින් වර්ධනය වේ.
අප්පස්සාදො දුක්ඛමෙත්ථ භිය්‍යො,සතුට අඩුය දුක වැඩිය
දුප්පඤ්ඤො අසමාහිතො,ප්‍රඥා නැතිව සිත එකඟ නැති නම්
සච්චං කිර ත්වං භද්දිය අභික්ඛණං උදානං උදානෙසි අහො සුඛං අහො සුඛං,භද්දිය නිතර ඉතා සුවයි ඉතා සුවයි කියනවාද
පරෙ මුට්ඨස්සතී භවිස්සන්ති මයමෙත්ථ උපට්ඨිතස්සතී භවිස්සාමාති,අන්‍යයෝ මුළා සිහි ඇත්තෝ වන්නාහුය අපි එළඹ සිටි සිහි ඇත්තෝ වන්නෙමුයි
මාරසෙනප්පමද්දනො,මාර සෙනා පරදවන
තත්‍රාපි යො මනො පදූසෙය්‍ය න මෙ සො තෙන සාසනකරො,"එහිදී යමෙක් (ඒ සොරුන් කෙරෙහි) සිත දූෂ්‍ය කරගනී ද (තරහ ගනී ද), ඔහු මාගේ ශාසනය අනුගමනය කරන්නෙකු නොවේ"
පුබ්බණ්හසමයං,පෙරවරු කාලයේ
න මාරො සහ බ්‍රහ්මුනා,බ්‍රහ්මා සමග මාරයාද
යතො කිර අයං අත්තා කායස්ස භෙදා පරං මරණා උච්ඡිජ්ජති,ඔවුන් කියන්නේ මරණයෙන් පසු ආත්මය සම්පූර්ණයෙන්ම කපා හෙලෙයි කියලාය
ඡයිමානි ආවුසො ආයතනානි,ඇවැත්නි මේ ආයතන සයක් වෙත්
අත්තනො උපසමං පච්චවෙක්ඛමානං,තමාගේ සන්සිඳීම මෙනෙහි කරන
"අත්ථෙසං, දෙව, නානාකරණං. පස්සතු දෙවො නානාකරණන්ති.","දේවයන් වහන්ස, මේවායේ වෙනසක් ඇත, ඒ වෙනස බලනු මැනව."
මිතභාණිම්පි නින්දන්ති,මඳ කතා කරන අයටත් නින්දා කරති
එස දෙවමනුස්සානං,දෙවිමිනිසුන්ට මෙය
නාගොති ඛො භික්ඛු ඛීණාසවස්සෙතං භික්ඛුනො අධිවචනං.,"මහණ, නාගයා යනු සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේට නමකි."
තීණි නාම කිං,තුන නම් කිම
අත්ථි පනාවුසො මග්ගො පහානාය?,"ඇවැත්නි, ප්‍රහීණ කිරීමට මාර්ගයක් ඇත්තේද?"
උපාසකං මං අය්‍යො ආනන්දො ධාරෙතු.,ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මා උපාසකයෙකු ලෙස දරන සේක්වා.
අමක්ඛී හොති අපළාසී,ගුණමකු නොවන හා ගුණවතුන් හා කරට කර නොයන
"අදින්නම්පි ආදියති, පරදාරම්පි ගච්ඡති, මුසාapi භණති.","නුදුන් දේ ගනියි, පරදාර සේවනය කරයි, බොරු කියයි."
අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසන්ති පරිභාසන්ති රොසෙන්ති විහෙසෙන්ති,අසභ්‍ය නපුරු වචනවලින් බණිත් දොස් කියත් කෝපවෙත් වෙහෙසත්
එවං පුග්ගලො ඔණතොණතො හොති.,මෙසේ පුද්ගලයා පහත් බවින් තවදුරටත් පහත් වෙයි.
අට්ඨ වා දස වා ද්වාදස වා,අටක් හෝ දහයක් හෝ දොළසක් හෝ වෙත් ද
අථ ඛො භගවා ආයස්මන්තං නන්දං බාහායං ගහෙත්වා,ඉක්බිති භග්‍යවතුන් වහන්සේ නන්දගේ අත අල්ලාගෙන
අගහො චරාමි,ගෙයක් නොබැඳ හැසිරෙමි
ඵරුසෙන නෙ න පටිවජ්ජා,පරොස්වචනයෙන් ආපසු නොදෙන්න
අඤ්ඤෙන සීසකටාහං,වෙනම විසුරුණු හිස් කබල
අවධි මං,මට ගැසීය
සම්භවෙසීනං වා අනුග්ගහාය,සත්ත්වයන්ට අනුග්‍රහ පිණිසද
මක්ඛං සම්මදඤ්ඤාය පජහන්ති,මක්ඛය මනා ලෙස දැන අත්හරිති
නිබ්බානං මෙති න මඤ්ඤති,පරමදෘෂ්ටධර්ම නිර්වාණය මගේ යයි නොහඟියි
නිබ්බානපදමච්චුතං,එය නොචුත නිර්වාණ පදය
යාවිච්ඡන්ති මුඛායාමං,කට දිගහරිමින් කැමති පරිදි කතා කරති
අස්සුතවා පුථුජ්ජනො මනසිකරණීයෙ ධම්මෙ නප්පජානාති,ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජන පුද්ගල තෙමේ මෙනෙහි කළයුතු කරුණු නොදනියි
කොධසාමන්තා වාචං නිච්ඡාරෙතා,ක්‍රෝධයෙන් යුක්ත වචන (නපුරු වචන) පිට කරන්නෙක් වේ නම්
වීතතණ්හො අනාදානො සතො භික්ඛු පරිබ්බජෙති.,තෘෂ්ණාව පහ කළ දැඩිව නොගන්නා සිහි ඇති භික්ෂුව වාසය කරයි.
ඵුසාමි නෙක්ඛම්මසුඛං,මම නිස්සරණ සුවය ලබනවා කියලා
න පාපිච්ඡො හොති,ලාමක අදහස් (පාපී ඉච්ඡාවන්) ඇත්තෙක් නොවේ නම්
"චිත්තං, භික්ඛවෙ, අගුත්තං මහතො අනත්ථාය සංවත්තතීති.","මහණෙනි, සිත ගොපනය නොකරණ ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී."
"තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - පඤ්ඤාවුද්ධියා වද්ධිස්සාමාති.","මහණෙනි, එහෙයින් මෙහිලා තොප විසින් මෙසේ හික්මිය යුතුයි, එනම් 'ප්‍රඥාව වැඩීමෙන් වැඩෙන්නෙමු' කියායි."
"ඉධ, භික්ඛවෙ, භික්ඛු ‘ඉදං දුක්ඛ’න්ති යථාභූතං පජානාති.","මහණෙනි, මෙහි භික්ෂුව 'මේ දුකයි' ආදී වශයෙන් චතුරාර්ය සත්‍යය තත් වූ පරිද්දෙන් දැනගනී."
කතරං සිප්පං සිප්පානං අග්ග,ශිල්පයන්ගෙන් කවර ශිල්පය උතුම්ද
මාසෙ මාසෙ කුසග්ගෙන,මසෙන් මස තණ අගින්
ආභස්සරෙ නාභිනන්දති තං කිස්ස හෙතු ඛයා දොසස්ස වීතදොසත්තා,ආභස්සරදෙවියන්ට සතුටු නොවෙයි ඊට හේතු කවරේද ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි
තමාහු සෙඛං පටිපදං අථො සංසුද්ධචාරියං.,ඔහුට ශෛක්ෂ ප්‍රතිපදාවෙහි යෙදුණු පිරිසිදු හැසිරීම් ඇත්තෙක් යැයි පවසති.
"මා අනුස්සවෙන, මා පරම්පරාය, මා ඉතිකිරාය.","ඇසූ පමණින් නොව, පරම්පරාගත වූ පමණින් නොව, කටකතාවෙන් නොව."
යංනූනාහම්පි ධම්මං සුණෙය්‍ය,මමත් දම් අසන්නෙමි කියා සිතුවේය
නිද්දායිතා සම්පරිවත්තසායී,නිදගෙන පෙරළි පෙරළි වැතිරෙයි
මා මං අපාදකො හිංසි මා මං හිංසි ද්විපාදකො.,පා නැති සතා හෝ දෙපා සතා මට හිංසා නොකෙරේවා.
මනොජවං ගච්ඡති යෙනකාමං,සිතූ තැනට ඉක්මනින් යයි
චන්දංව විමලං,චන්ද්රය වගේ නිර්මලයි
පරෙසං නිග්ඝොසං සුත්වා,අන් අයගේ කතා අසා
ඉති ඛො භික්ඛවෙ පදෙසං පදෙසකාරී ආරාධෙති.,"මහණෙනි, මෙසේ කොටසක් පුරන්නා වූ තැනැත්තා එම කොටස ලබයි."
චත්තාරොමෙ භික්ඛවෙ කාලා.,"මහණෙනි, මේ කාල සතරකි."
ධම්මඤ්ඤෙව භාසති,ධර්මයම කතා කරයි
දුල්ලභා දස්සනායපි ලොකස්මිං.,ලෝකයෙහි දැකීමට පවා දුර්ලභ වූ.
"ද්වෙමෙ, භික්ඛවෙ, ධම්මා. කතමෙ ද්වෙ?","මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,"
අප්පමත්තකොපි පුබ්බො දුග්ගන්ධො හොති.,"මහණෙනි, යම්සේ ස්වල්පමාත්‍ර සැරව වුවද දුගඳ වේද."
යො පටිච්ඡන්නකම්මන්තො,සඟවා කරන ක්‍රියා ඇති
යදා කප්පො විවට්ටො තිට්ඨති.,යම් කලෙක කල්පය හටගෙන පවතීද.
කෝධසා ච පනස්ස,ඔහුගේ ක්‍රෝධය නිසාම
උද්ධතෙ උන්නළෙ චපලෙ,ඔවුන් නොසන්සුන්ය මාන වැඩිය චපලය
නාසක්ඛිංසු අරිට්ඨං භික්ඛුං එතස්මා පාපකා දිට්ඨිගතා විවෙචෙතුං,අරිට්ඨ භික්ෂුව එම ලාමක වැරදි මතයෙන් මුදවා ගැනීමට ඒ භික්ෂූහු අසමර්ථ වූහ
තත්‍රාපි වො භික්ඛවෙ එවං සික්ඛිතබ්බං,එහිදී (එවැනි අවස්ථාවලදී) මහණෙනි තොප මෙසේ හික්මිය යුතුයි
නයිදං සත්තා ලොකෙ නිබ්බින්දෙය්‍යුං.,සත්ත්වයන් ලෝකයෙහි නොකලකිරෙන්නාහුය.
න සමණො වා බ්‍රාහ්මණො වා පටිචොදෙති.,කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් චෝදනා නොකරයි.
කම්මවිපාකො භික්ඛවෙ අචින්තෙය්‍යො.,කර්ම විපාකයන්ගේ ස්වභාවය සිතා නිම කළ නොහැක.
ඉමං ධම්මපරියායං,මේ ධර්ම ක්‍රමය
අථ ඛො ආයස්මා භද්දියො යෙන භගවා තෙනුපසඞ්කමි,ඉක්බිති භද්දිය බුදුන් වහන්සේ වෙත පැමිණියේය
"නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං කම්මනියං හොති යථයිදං, භික්ඛවෙ, චිත්තං.","මහණෙනි, යම්සේ වඩනලද සිත කර්මයට යොග්‍ය වේද, එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි."
සබ්බෙ තසන්ති දණ්ඩස්ස,සියලු සත්වයෝ දඬුවමට තැතිගනිති
සණ්හා වාචා මන්තවාචා.,මෘදු (සිනිඳු) වචනය සහ ප්‍රඥා සහගත වචනය.
අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා,කැලයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ
න පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි,දුකෙන් නිදහස් නොවෙති මම පවසමි
සුද්ධස්ස වෙ සදා ඵග්ගු සුද්ධස්සුපොසථො සදා,පිරිසිදු වුවහුට හැමදාම නෑමට සුදුසු උතුරුපල් නැකත වෙයි පිරිසිදු වුවහුට හැමදාම පෝය දිනය වෙයි
එවං සන්තං භික්ඛවෙ බ්‍රහ්මචරියවාසො න හොති.,"මහණෙනි, එසේ වන්නේ නම් බ්‍රහ්මචර්යාවෙහි හැසිරීමක් නොවෙයි."
සබ්බෙව තෙ නින්දමන්වානයන්ති,ඔවුන් සියල්ලෝම නින්දාවට පත් වෙති
කුම්භීලභයං ඔදරිකත්තස්ස අධිවචනං.,කිඹුල් බිය යනු කෑදරකමට නමකි (ආහාර පාලනයට අකමැති වීම).
කතමඤ්ච තං භික්ඛවෙ අප්පමත්තකං ඔරමත්තකං සීලමත්තකං යෙන පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය,එසේ ස්වල්ප මාත්‍රවූ ලාමක මාත්‍රවූ ශීල මාත්‍රවූ ගුණ කියන පෘථග්ජනයෙක් යම් කරුණකින් තථාගතයන්ගේ ගුණ කියා නම් කුමක් කියාද
අථ ඛො රාජා පසෙනදි කොසලො පාසාදා ඔරොහිත්වා,ඉක්බිති රජතුමා ප්‍රාසාදයෙන් බැස
සබ්බං ඉස්සරියං සුඛං,තමාගේ අධිපතිභාවය සියල්ල සුවයකි
යංනූන මයං ඉමං නිවාපං නිවුත්තං මහතීහි දණ්ඩවාකරාහි සමන්තා සප්පදෙසං අනුපරිවාරෙය්‍යාම,"""අපි මේ තණ බිම වටා විශාල දැල් (දණ්ඩවාගුරා) දමා මුළු ප්‍රදේශයම වට කරමු."""
සා හොති අමතප්ඵලා,එහි ඵලය අමරණීයයි
එවං ගොපෙථ අත්තානං,එසේම තමන්ව රැකගන්න
අප්පමාදෙන මඝවා,ශක්‍රයා නොපමාබවෙන්
මග්ගදෙසිං,මාර්ග දේශකයා යයි කියති
සත්පුරුෂො පරස්ස වණ්ණං අපුට්ඨොපි පාතු කරොති.,සත්පුරුෂයා අනුන්ගේ ගුණ නොවිමසා ම පවසයි.
සන්තිකෙ මරණං තව,මරණය ඔබ සමීපය
ඉන්ද්‍රියෙසු අසංවුතං,ඉන්ද්‍රියයන් කෙරෙහි සංවර නැත්තාවූ
යස්ස පාපං කතං කම්මං,යමෙකු කළ පව් කර්මය
සබ්බධම්මාන පාරගුං,සියලු ධර්ම ඉක්මවා ගිය
"ය්වායං පුග්ගලො සද්ධාවිමුත්තො, අයං මෙ පුග්ගලො ඛමති. අභික්කන්තතරො ච පණීතතරො ච.","යම් මේ සද්ධාවිමුත්ත පුද්ගලයෙක් වේ ද, මේ පුද්ගලයා මට. වඩාත් රුචි ය, වඩාත් උතුම් ය, වඩාත් ප්‍රණීත ය."
යා තෙන භික්ඛුනා අසමාපන්නපුබ්බා,ඔහු විසින් නොලැබූ සමවත්ක් නැත
යොපි සො භික්ඛවෙ භික්ඛු අරහං ඛීණාසවො,මහණෙනි කෙලෙසුන් කෙරෙන් දුරුවූ ක්ලෙශයන් ක්ෂය කලාවූ රහත් භික්ෂුකෙනෙක් වෙද්ද
යාවතාවිනීතා පරිසා.,අදහස් දැන හික්මවන ලද පිරිසය.
උපසඞ්කමිත්වා මයා සද්ධිං සම්මොදි,පැමිණ මා සමග සතුටු විය
චත්තාරොමෙ භික්ඛවෙ චන්දිමසූරියානං උපක්කිලෙසා.,"මහණෙනි, හිරු සඳුගේ ආලෝකය වසන උපක්ලේශ හතරකි."
තිණ්ණො පාරගතො,එතෙර ගියෙමි
"ඉමෙ ඛො, භික්ඛවෙ, තයො අත්ථවසෙ සම්පස්සමානෙන අලමෙව පරෙසං ධම්මං දෙසෙතුන්ති.","මහණෙනි, මේ කරුණු තුන දකිමින් අනුන්ට ධර්මය දේශනා කිරීමට සුදුසුමය."
අථ ඛො භගවා ආයස්මතා ආනන්දෙන සද්ධිං යෙන පුබ්බකොට්ඨකො තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං.,ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හිමියන් සමඟ ස්නානය පිණිස නැගෙනහිර නාන තොටුපළට වැඩියහ.
ඨානසො හේතුසො,ස්ථාන වශයෙන් හා හේතු වශයෙන්
යස්මිං අධිකරණෙ ආපන්නො ච චොදකො ච න පච්චවෙක්ඛති.,යම් ආරවුලකදී වැරදිකරු සහ චෝදනා කරන්නා තමන්ව විමසා නොබලන්නේ නම් එය ගැටලුවකි.
වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො,වැස නිමවනලද බ්‍රහ්මචර්යාව ඇති කටයුතු අවසන් කළාවූ කෙලෙස් බර බහා තබන ලද්දාවූ අර්හත්ඵලයට පැමිණියාවූ
දුක්ඛං භන්තෙ.,"ස්වාමීනි, එය දුකකි."
යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ,ඒ ඒ සත්ත්ව වර්ගයෙහි ඒ ඒ සත්ත්වයන්ගේ
මාවමඤ්ඤෙථ පාපස්ස,පාපය සුලුකොට නොසිතන්න
ඉමං ලොකං කුදාචන,මේ ලෝකයට කිසි කලෙක නැවත නොපැමිණෙති
යො පාණමතිපාතෙති,යමෙක් සත්ත්වයන් මරනවා නම්
එතමත්ථවසං ඤත්වා,මේ අර්ථය දැනගෙන
ද්වෙමා භික්ඛවෙ නිබ්බානධාතුයො,මහණෙනි නිවන ධාතු දෙකක් ඇත
බාලො පූරති පාපස්ස,බාලයා පාපයෙන් පිරෙයි
ඛීණා ජාති වුසිතං බ්‍රහ්මචරියං,උත්පත්තිය කෙළවර විය මාර්ග බ්‍රහ්මචර්යාව වැස නිමවනලදී
ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා,මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචරියාවෙන් හෝ
සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා.,සතුටු විය යුතු සිහි කටයුතු කථා පවත්වා.
සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි.,සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක වාඩි වූහ.
මෙත්තාසහගතං සමාධින්ද්‍රියං භාවෙති.,"මෛත්‍රිය සමග පැවැත්තාවූ සමාධින්ද්‍රිය වඩාද,"
කොධො ච උපනාහො ච.,ක්‍රෝධය සහ බද්ධ වෛරය යි.
පටිභානපටිසම්භිදා සච්ඡිකතා.,ප්‍රතිභාන ප්‍රතිසම්භිදාව ප්‍රත්‍යක්ෂ කරන ලදී.
අනවඤ්ඤත්තිපටිසංයුත්තො විතක්කො,අවමන් නොවන්න සිතන සිතුවිල්ල
යම්පායං සුඛා ඉමිනා පණීතා.,පිළිපැදීම සැපවත් වීම නිසා ප්‍රණීත වේ.
යො සාසනං අරහතං,රහතුන්ගේ සාසනය
කිං නු තුම්හෙ භික්ඛවෙ උච්චාසද්දා මහාසද්දා,මහණෙනි ඔබලා උස් හඬ මහ හඬ ඇත්තෝ ඇයි
"සෙය්‍යථාපි, භික්ඛවෙ, කුම්භො උක්කුජ්ජො තත්‍ර උදකං ආසිත්තං සණ්ඨාති නො විවට්ටති.","මහණෙනි, උඩුකුරු කළ කළයක වත් කළ ජලය රැඳෙයි, ඉවත නොවැටෙයි යන්නා සේය."
වනමූලඵලාහාරො යාපෙමි.,වනමුල් හා ඵල ආහාර කරමින් යැපෙමි.
පරදාරඤ්ච ගච්ඡති,අනුන්ගේ බිරිඳන් වෙත යනවා නම්
සවිඝාතං දුඛුද්‍රයං අකුසලං කම්මං.,පීඩා ගෙන දෙන දුක් සහිත වූ අකුසල් කර්මය (ඔවුහු රැස් කරති).
සමො විසෙසී න හොති,සමාන හෝ විශේෂ නොවේ
"අවූපසන්තචිත්තස්ස, භික්ඛවෙ, අනුප්පන්නඤ්චෙව උද්ධච්චකුක්කුච්චං උප්පජ්ජති උප්පන්නඤ්ච උද්ධච්චකුක්කුච්චං භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තතීති.","නොසන්සුන් සිත් ඇත්තා තුළ නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී, උපන් උද්ධච්චකුක්කුච්චයත් බහුලභාවයට හා විපුලභාවයට පැමිණේ."
මිච්ඡාසඞ්කප්පස්ස පුරිසපුග්ගලස්ස සම්මාසඞ්කප්පො හොති පරිනිබ්බානාය,වැරදි කල්පනා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි කල්පනාව ඇත්තේය
"ලොභො අකුසලමූලං, දොසො අකුසලමූලං, මොහො අකුසලමූලං.","ලෝභය, ද්වේෂය සහ මෝහය අකුසල් මුල් වේ."
රාගස්ස චාගාය.,රාගය අත්හැරීම පිණිසයි.
න තෙ පුන සංසරන්ති හෙතු තෙසං න විජ්ජති,ඔවුන් නැවත සසර නොසැරිසරති ඔවුන්ට හේතුවක් නැත
සොකපරිදෙවානං සමතික්කමාය,සෝක කිරීමය වැළපීමය යනාදීන්ගේ ඉක්මවීම පිණිසද
සචෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා,ඉදින් එහි දූවිල්ලක් හෝ කිලුටක් දකී නම්
සත්තා පූතිකුණපෙ වා ජායන්ති.,සත්ත්වයෝ කුණු ශරීරවල උපදිති.
ඵස්සා ධම්මා ච,ස්පර්ශ ධම්මද
ඉස්සුකිස්ස පුරිසපුග්ගලස්ස අනිස්සුකිතා හොති පරිනිබ්බානාය,ඊර්ෂ්‍යා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ඊර්ෂ්‍යා රහිත බව ඇත්තේය
විභජ්ජබ්‍යාකරණීයං පඤ්හං විභජ්ජ බ්‍යාකරොති.,බෙදා වෙන් කර විසඳිය යුතු ප්‍රශ්නය බෙදා වෙන් කර විසඳයි.
නාගච්ඡන්ති පුනබ්භව,නැවත උපත නොලැබෙයි
මමෙව කත මඤ්ඤන්තු,මා විසින්ම කළායයි අන් අය සිතත්වා
තීණිමානි භික්ඛවෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා පවිවෙකානි පඤ්ඤාපෙන්ති.,"මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ විවේක තුනක් පනවති."
පුණ්ණො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො.,පුණ්ණ හිමියන් භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මයෙන් කරුණු දක්වා සමාදන් කරවන ලදී.
එසෙවන්තො දණ්ඩාදාන-සත්ථාදාන-කලහ-විග්ගහ-විවාද-තුවංතුවං-පෙසුඤ්ඤ-මුසාවාදානං,"එයම දඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, කෝලාහල කිරීම, විරුද්ධව කතා කිරීම, තා තෝ කියා බැණීම, කේලාම් කීම හා බොරු කීම යන (අකුසලයන්ගේ) කෙළවර වන්නේය"
ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා,නාසයෙන් දතයුතු ගඳ සුවඳ (ගන්ධය)
ගිහීනං සම්මුඛා අඤ්ඤමඤ්ඤස්ස වණ්ණං න භාසන්ති.,ලාභ සත්කාර බලාපොරොත්තුවෙන් ගිහියන් ඉදිරියේ එකිනෙකාගේ ගුණ වර්ණනා නොකරති.
සුරාමෙරයමජ්ජපමාදට්ඨානා.,මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් (වැළකුණු).
ගොපාලකො සායන්හසමයෙ සාමිකානං ගාවො නිය්‍යාතෙත්වා.,ගොපල්ලා සවස් කාලයෙහි හිමිකරුවන්ට ගවයන් භාර දෙයි.
භද්දයානෙන නිය්‍යාසි,යහපත් යානයෙන් ගියේය
න සො අදින්නං ආදියති,ඔහු නොදුන් දේ නොගනියි
කතමං පනාවුසො විඤ්ඤාණං,ඇවැත්නි විඤ්ඤාණය කවරේද
යං යදෙවාභිපත්ථෙන්ති,යමක් පතත්ද
බ්‍රහ්මං බ්‍රහ්මතො සඤ්ජානාති,බ්‍රහ්මයා බ්‍රහ්මයා වශයෙන් හඟියි
පන්ථස්මිං වජන්තං ජනං,මාර්ගයේ යන අයෙකු
අකුසලධම්මප්පහානාය.,අකුසල ධර්මයන් අත්හැරීම පිණිස.
කිං නු ඛොම්හි චොදිතො චොදකෙන අපදානෙ න සම්පායාමීති,කිමෙක්ද මම තමාගේ හැසිරීම් ගැන කරුණු නොදක්වන්නෙක් වෙම්ද කියා
තාවතා පපඤ්චස්ස ගති.,ප්‍රපංචයන්ගේ පැවැත්ම ද ඒ තාක් ම ය.
අථ ඛො ආයස්මා මහාකොට්ඨිකො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච.,ඉක්බිති ආයුෂ්මත් මහා කොට්ඨිත තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මෙය පැවසීය.
රූපස්මිං නිබ්බින්දති.,රූපය කෙරෙහි කලකිරෙයි.
කතමා සඞ්ඛාරනිරොධගාමිනී පටිපදා,සංස්කාරන් නැතිකිරීමේ ප්‍රතිපදාව කවරේද
පරියොදපෙය්‍ය අත්තානං,තමන් පිරිසිදු කරගත යුතුය
අත්තනා ච මිච්ඡාදිට්ඨිකො හොති.,තෙමේ ද මිත්‍යා දෘෂ්ටි ඇත්තෙක් වෙයි.
අත්ථාභිසමයා ධීරො පණ්ඩිතොති පවුච්චතීති.,අර්ථය අවබෝධ කළ ධෛර්යවන්තයා පණ්ඩිතයෙකි.
සාපි තෙ පටිපදා නත්ථි,එයට ගෙනයන පිළිවෙතත් ඔබට නැත
ගාරවො ච නිවාතො ච,ගරුබුහුමන් කිරීමට සුදුස්සන්ට ගරුබුහුමන් කිරීමද
වෙරොචනම්හි උග්ගතෙ හතප්පභො හොති,හිරු උදා වූ විට එහි එළිය නැසී යයි
"යතො ඛො අයං, බ්‍රාහ්මණ, අනවසෙසං රාගක්ඛයං පටිසංවෙදෙති.","බ්‍රාහ්මණය, යම් කලෙක මොහු ඉතිරි නැතිව රාගය ක්ෂය වීමේ රසය විඳියි ද."
විතිණ්ṇපරලොකස්ස,තරණය නොකළ පරලෝ ඇතිව
සඞ්කප්පස්ස වසීකතා,සිත පාලනය කරයිද
චිත්තෙ ගහපති බ්‍යාපන්නෙ කායකම්මම්පි බ්‍යාපන්නං හොති.,"ගෘහපතිය, සිත දූෂ්‍ය වූ කල්හි කාය කර්මය ද දූෂ්‍ය වූයේ වෙයි."
විභවතණ්හා,විභව තෘෂ්ණාව
කළෙවරස්ස නික්ඛෙපො,ශරීරය බැහැර දැමීමක් වේද
එවමෙවං ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්‍යො හොති.,"මහණෙනි, එපරිද්දෙන්ම ධර්ම තුනකින් සමන්විත වූ භික්ෂුව ආහුනෙය්‍ය වෙයි."
කො ච මහානාම කාමානං අස්සාදො,මහානාමය කාමයන්ගේ සැපය (ආශ්වාදය) කවරේද
මූලඝච්චං සමූහතං,මුලින්ම උදුරා දමා ඇති කෙනාට
සඤ්ඤා සමුදෙති අත්ථං ගච්ඡති යත්ථ ච.,සංඥාව උපදින හා නිරුද්ධ වන ආකාරය (දැන).
කාමානං ආදීනවං ඔකාරං සඞ්කිලෙසං,කාම සුවයේ දෝෂය පහත් බව කිලටුවීම පෙන්වූසේක
නිරයං උපපජ්ජෙය්‍ය,ඔහු නිරයට උපදියි
"ඉති කිර තුම්හෙ, භික්ඛවෙ, දිබ්බෙන ආයුනා අට්ටීයථ හරායථ ජිගුච්ඡථ.","මහණෙනි, මෙසේ ඔබ දිව්‍ය ආයුෂය කෙරෙහි පීඩාවට, ලැජ්ජාවට හා පිළිකුලට පත්වන්නාහුය."
න දොසාගතිං න මොහාගතිං න භයාගතිං ගච්ඡන්ති.,"ඔවුහු ද්වේෂය, මෝහය හෝ බිය නිසා අගතියට නොයති."
සම්මදඤ්ඤා විමුත්තො,මනා ලෙස දැන මුදන ලද අය වේ
සෙය්‍යථිදං සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි,එනම් නිවැරදි දැකීම නිවැරදි කල්පනාව නිවරැදි වචනය නිවරැදි කර්මාන්තය නිවැරැදි ක්‍රියාව (දිවිපැවැත්ම) නිවැරැදි ව්‍යායාමය නිවැරැදි සිහිය නිවැරැදි සමාධිය යන මේයි
අපස්සං ධම්මමුත්තමං,උතුම් ධර්මය නොදක්නේ නම්
තක්කපරියාහතං සමණො ගොතමො ධම්මං දෙසෙති.,ශ්‍රමණ ගෞතමයන් තර්කයෙන් සිතා ධර්මය දේශනා කරයි කියයි.
යො ච වස්සසතං ජන්තු,යමෙක් අවුරුදු සියයක්
අනිස්සිතො ච විහරති න ච කිඤ්චි ලොකෙ උපාදියති,තණ්හා දෘෂ්ටි දෙකින් දුරුව වසන්නේද වේ ලෝකයෙහි කිසිවක් නොගන්නේය
උන්නළානං පමත්තානං,මානය වැඩි පමාවුණු අයට
නීලකසිණං භාවෙති.,"නීලකසිණය වඩාද,"
සො වත චුන්ද,චුන්දය පුද්ගලතෙමේ ඒකාන්තයෙන්
උසභොපි ගවම්පතීධ නත්ථි අථ චෙ පත්ථයසී පවස්ස දෙව,ගවයන්ගේ නායකයෙක්ද නැත වැසින්න කැමති නම් වසී දෙවියනි
අනත්ථපදසංහිතා,අර්ථ නොමැති ගාථා නම්
යාවදෙව අනත්ථාය,අවැඩ පිණිසම
"ඨානඤ්හෙතං, සාරිපුත්ත, විජ්ජති ය්වායං පුග්ගලො දිට්ඨිප්පත්තො ස්වාස්ස අරහත්තාය පටිපන්නො.","සැරියුත්ත, යම් මේ දිට්ඨිප්පත්ත පුද්ගලයෙක් වේ ද ඔහු අරහත්වය පිණිස පිළිපන්නේ වීමට කරුණක් ඇත."
"තයො, භික්ඛවෙ, අත්ථවසෙ සම්පස්සමානෙන අලමෙව පරෙසං ධම්මං දෙසෙතුං.","මහණෙනි, කරුණු තුනක් සලකන්නා වූ තැනැත්තා අනුන්ට ධර්මය දේශනා කිරීමට සුදුසුමය."
අවීචිනිරයං පත්තො,අවීචි නිරයට වැටුණි
"එතදග්ගං, භික්ඛවෙ, ඉමාසං ද්වින්නං පරියෙසනානං යදිදං ධම්මපරියෙසනාති.",මේ පරියෙසනා දෙකෙන් ධර්ම පරියෙසනාව අග්‍ර වෙයි.
අත්ථං අතිවිජ්ඣ පස්සති.,අර්ථය විනිවිද දකියි.
විරාගසඤ්ඤං භාවෙති.,"චිරාග සංඥාව වඩාද,"
කබළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා,ඝනවූද සියුම් වූද කබලිංකාර ආහාරය (කන බොන ආහාරය) ද
නත්ථි උපමා ක්වචි,සමාන කිසිවක් නැත
සබ්බදුක්ඛප්පනූදනං,සියලු දුක දුරු කරයි
අප්පවජ්ජො අනවජ්ජො.,වරද අඩු වූ සහ නිවැරදි වූ.
සඞ්ඛාරනිරොධඤ්ච පජානාති,සංස්කාරයන්ගේ නැතිකිරීම දනීද
විවෙකං සික්ඛෙථ,විවේකයෙහි හික්මෙන්න
ඔකමොකතඋබ්භතො,ජල වාසස්ථානයෙන් ඉවත් කර ගොඩ දැමූවෙකු මෙන්
යොධ පුඤ්ඤඤ්ච පාපඤ්ච උභො සඞ්ගමුපච්චගා,කුසලය අකුසලය දෙකම සහ ඇලීමත් ඉක්මවූ කෙනා
නයිධ ජාතස්ස භූතස්ස කතස්ස සඞ්ඛතස්ස නිස්සරණං පඤ්ඤායෙථ,උපන් වූ සකස් වූ දෑවලින් මිදීම මෙහි පෙනෙන්නට නොහැකි විය
සහාපි දුක්ඛෙන පරිපුණ්ණං බ්‍රහ්මචරියං චරති.,දුකක් දොම්නසක් වුව ද පරිපූර්ණ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙයි.
යත්ථට්ඨිතො මුච්චෙය්‍ය පාපකම්මා,එහි සිට පාප විපාකයෙන් මිදෙන්න
මුතං නාභිනන්දති,මුතයට සතුටු නොවන්නාහ
ද්වෙමෙ භික්ඛවෙ සුක්කා ධම්මා ලොකං පාලෙන්ති,මහණෙනි සුදු ධර්ම දෙක ලෝකය රකිති
නිද්ධන්තමලො අනඞ්ගණො,කෙලෙස් මල දුරු කරලා දෝෂ රහිත වෙන්න
අයං වුච්චති භික්ඛවෙ අධිසීලසික්ඛා.,"මහණෙනි, මෙය අධි ශීල ශික්ෂාව යැයි කියනු ලැබේ."
පුරිසො අනත්ථකාමො - මාරස්සෙතං පාපිමතො,අවැඩ කැමති පුරුෂයා යනු පවිටු මාරයාට නමකි
තථාරූපම්පිස්ස චක්ඛු න හොති යථාරූපෙන චක්ඛුනා කුසලාකුසලෙ ධම්මෙ ජානෙය්‍ය.,"යම් ඇසකින් කුසල් අකුසල් දහම් දන්නේද, එවැනි ඇසක්ද ඔහුට නැත."
"ද්වෙ ඛො, ගහපති, ලොකෙ දක්ඛිණෙය්‍යා - සෙඛො ච අසෙඛො ච.","ගෘහපතිය, ලොව දක්ෂිණාවට සුදුස්සෝ දෙදෙනෙකි, එනම් ශෛක්ෂයා සහ අශෛක්ෂයාය."
එසා තුලා එතං පමාණං.,"මෙය තරාදියකි, මෙය ප්‍රමාණයකි."
"අප්පිච්ඡස්ස, භික්ඛවෙ, අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තීති.","මහණෙනි, අලෝභිවූ තැනැත්තා තුළ නූපන් කුශලධර්මයෝත් උපදිත්, උපන්නාවූ අකුශලධර්මයෝත් පිරිහෙත්."
පථවියා මඤ්ඤති,නිත්‍ය ආත්මය පඨවිධාතුවෙහි පිහිටියේයයි හඟියි
පරෙ මුසාවාදී භවිස්සන්ති මයමෙත්ථ මුසාවාදා පටිවිරතා භවිස්සාමාති,අන්‍යයෝ බොරු කියන්නෝ වන්නාහුය අපි බොරු කීමෙන් වැළකුණෝ වන්නෙමුයි
කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා.,කෙලෙස් තවන වීර්යයෙන් හා මනා සිහියෙන් යුතුව කයෙහි කය අනුව බලමින් වාසය කිරීමයි.
යං පුග්ගලං ආගම්ම පුග්ගලො ‘ඉදං දුක්ඛන්ති’ යථාභූතං පජානාති.,යම් පුද්ගලයෙකු නිසා තවත් පුද්ගලයෙක් 'මේ දුකයි' කියා තත්වූ පරිද්දෙන් දැනගනී ද.
කතමො ඵස්සනිරොධො,ස්පර්ශයේ නැතිකිරීම කවරේද
සාදානෙසු අනාදානං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං,ගන්නා අය අතරේ නොගන්නා ඔහු බ්‍රාහ්මණයයි කියමි
නවානං කම්මානං අකරණා සෙතුඝාතං.,අලුත් කර්ම නොකිරීමෙන් කර්ම නමැති සේතුව බිඳ දැමීම පනවයි.
අටවිසඞ්කොපො හොති.,මංකොල්ලකරුවන්ගේ බිය ඇති වෙයි.
අථ දුතියස්ස භික්ඛුනො එවමස්ස,නැවත දෙවන මහණට මෙබඳු සිතක් වන්නේය
මිච්ඡාදිට්ඨිකො හොති.,වැරදි දැකීම් (මතවාද) ඇත්තෙකු වෙයි.
යස්ස රාගො පහීනො,රාගය පහකළ පුද්ගලයා
නාමරූපස්මිමසජ්ජමානං,නාම–රූපයට ඇලී නොසිටින කෙනාට
එතමහං බ්‍රාහ්මණ සමාධිසම්පදං අත්තනි සම්පස්සමානො,බ්‍රාහ්මණය මේ එකඟවූ සිත් ඇති බව තමා කෙරෙහි දක්නාවූ මම
ධම්මා පඤ්ඤාය සච්ඡිකරණීයා.,ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු ධර්ම.
අථ ඛො භගවා යෙන වෙසාලී තෙන චාරිකං පක්කාමි,ඉක්බිති භග්‍යවතුන් වහන්සේ වෙසාලිය දෙසට ගමනට පිටත් වූසේක
ඉදං වුච්චති භික්ඛවෙ කායසොචෙය්‍යං.,"මහණෙනි, මෙය කයේ පිරිසිදු බව යැයි කියනු ලැබේ."
පරඤ්ච සමාදපෙති.,අනුන් ද (එහි) සමාදන් කරවයි (යොදවයි).
ඉදං පඨමං රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස යාවජීවං සාරණීයං හොති.,මෙය අභිෂේක ලත් ක්ෂත්‍රිය රජු විසින් ජීවිතාන්තය දක්වා සිහිපත් කළ යුතු පළමු කරුණයි.
අනෙකධාතුනානාධාතුලොකං,නොයෙක් ධාතු ඇති නානා ධාතු ලෝකය
කො ආදීනවො කිං නිස්සරණං,දෝෂය (ආදීනවය) කවරේද නික්මීම (නිස්සරණය) කවරේද
"අධිසීලසික්ඛාසමාදානං, අධිචිත්තසික්ඛාසමාදානං, අධිපඤ්ඤාසික්ඛාසමාදානං.","අධි ශීල, අධි චිත්ත සහ අධි ප්‍රඥා ශික්ෂා සමාදානයයි."
අභිභුස්මිං න මඤ්ඤති,අභිභූබ්‍රහ්මයා ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟින්නාහ
පවාරණා පඤ්ඤත්තා.,පවාරණය පනවන ලදී.
තත්ථ මනුස්සා තීහි ඨානෙහි බහුං පුඤ්ඤං පසවන්ති.,එහි මනුෂ්‍යයෝ කරුණු තුනකින් බොහෝ පින් රැස් කරති.
සෙඛො භික්ඛවෙ ආනන්දො.,"මහණෙනි, ආනන්ද තෙමේ හික්මෙන ශ්‍රාවකයෙකි (සෙඛයෙකි)."
අථ චෙ පත්ථයසී,කැමති නම්
ආයස්මාපි ඛො සාරිපුත්තො අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.,ශාරීපුත්‍ර හිමියන් ද එක්තරා රුක් මුලක දහවල් කාලය ගත කිරීමට වාඩි වූහ.
යො මානමුදබ්බධී අසෙසං නළසෙතුංව සුදුබ්බලං මහොඝො,මහ වතුර දුර්වල නළපාලම බිඳ දමන්නාක් මෙන් මානය මුළුමනින්ම බිඳ දමයි
අරියසච්චාන දස්සනං,ආර්ය සත්‍යයන් අවබෝධයද
"පරතො ච ඝොසො, යොනිසො ච මනසිකාරො.",අන්‍යයන් වෙතින් සද්ධර්‍මශ්‍රවණය හා නුවණින් මෙනෙහි කිරීමය.
තථාගතස්ස පාතුභාවා චත්තාරො අච්ඡරියා ධම්මා.,බුදුන්ගේ පහළ වීමෙන් ආශ්චර්ය කරුණු සතරක් සිදුවේ.
සුනික්ඛිත්තඤ්ච පදබ්‍යඤ්ජනං අත්ථො ච සුනීතො.,නිවැරදි පාලි පද සහ නිවැරදි අර්ථ ගැලපීම ධර්මය සුරකියි.
"කතමො ච, භික්ඛවෙ, උච්ඡඞ්ගපඤ්ඤො පුග්ගලො?","මහණෙනි, ඔඩොක්කුවට බඳු නුවණැති පුද්ගලයා කවරේද?"
එවං සබ්බත්ථාභිවස්සී හොති,මෙලෙස හැමතැනම වස්නා වලාකුළ වැනි වේ
කතමා ච භික්ඛවෙ අධිසීලසික්ඛා?,"මහණෙනි, අධි ශීල ශික්ෂාව කවරේ ද?"
වෙහප්ඵලෙ වෙහප්ඵලතො සඤ්ඤත්වා වෙහප්ඵලෙ මඤ්ඤති,වෙහප්ඵල දෙවියන් වෙහප්ඵලදෙවියන් වශයෙන් හැඳින වෙහප්ඵල දෙවියන් නිත්‍ය ආත්මයයි හඟියි
ලොභො චිත්තප්පකොපනො,ලෝභය සිත කලඹයි
අථ ඛො භගවතො රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි,භාග්‍යවතුන් වහන්සේ රහසිගතව නිහඩව සිටින විට මෙබඳු සිතුවිල්ලක් ඇති විය
"සබ්බං රූපං - නෙතං මම, නෙසොහමස්මි, න මෙසො අත්තාති පස්සති.","සියලු රූපයන් - මෙය මගේ නොවේ, මම මෙය නොවෙමි, මෙය මගේ ආත්මය නොවේ යැයි දකියි."
"සචෙ තෙ අපරිපූරං භවිස්සති, අහං පරිපූරෙස්සාමි.",ඉදින් ඔබේ දැනුමේ යම් අඩුවක් ඇත්නම් මම එය සම්පූර්ණ කරන්නෙමි.
යො හොති වියත්තො ච විසාරදො ච සඞ්ඝසොභනො.,යමෙක් ව්‍යක්ත හා විශාරද වේ ද ඔහු සංඝ සෝභන පුද්ගලයෙකි.
ජෙත්වා මාරං සවාහිනි,සේනා සමග මාරයා ජය ගනී
සොතානං කිං නිවාරණං,එම ජලපහර වළක්වන්නේ කුමක්ද
අථ ඛො සො භික්ඛු යෙනායස්මා නන්දො තෙනුපසඞ්කමි,ඒ භික්ෂුව ආයස්මන් නන්ද වෙත ගියේය
අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා,ආර්යයන්ට දොස් නොකීවාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය
අඤ්ඤං වාපි වනිබ්බකං,හෝ යාචකයෙකු
නන්දති පුත්තෙහි පුත්තිමා,දරුවන් ඇති පියා සතුටු වෙයි
ඡකණකායපි ඔසිඤ්චන්ති,ලෝදිය ද ඉසිති (සිරුර මත)
මිච්ඡාවාචස්ස පුරිසපුග්ගලස්ස සම්මාවාචා හොති පරිනිබ්බානාය,වැරදි වචන ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි වචනය ඇත්තේය
තිණකට්ඨසාඛාපලාසං සංකඩ්ඪිත්වා කුල්ලං බන්ධිත්වා,"තෘණ, ලී දඬු සහ අතු කොළ රැස් කොට පහුරක් බැඳගෙන"
යථා අරියසාවකො සම්මාදිට්ඨි හොති,යම් ක්‍රමයකින් ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයිද
තථාගතභාසිතා ගම්භීරා සුඤ්ඤතාපටිසංයුත්තා.,තථාගතයන් වහන්සේ වදාළ ශුන්‍යතාවය පිළිබඳ ගැඹුරු ලෝකෝත්තර දේශනායි.
අනුපාදාය අපරිතස්සතො,ඇලීමෙන් තොරව නොකම්පා
භූතෙ මෙති මඤ්ඤති,භූතයන් මාගේ යයි හඟියි
නිමිත්තමෙතං න සමනුපස්සාමි.,එබඳු හේතුවක් මම නොදකිමි.
තථාගතො ආසභං ඨානං පටිජානාති.,තථාගතයන් ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරති.
"භූතපුබ්බං, භික්ඛවෙ, රාජා අහොසි සචෙතනො නාම.","මහණෙනි, පෙර පචේතන නම් රජෙක් විය."
නත්ථි ඣානං अपඤ්ඤස්ස පඤ්ඤා නත්ථි අඣායතො,ප්‍රඥාව නැතිව ධ්‍යානය නැත භාවනා නැතිව ප්‍රඥාව නැත
යදිදං පඤ්ඤාලොකො.,එනම් ප්‍රඥා ආලෝකයයි.
වචීපකොපං රක්ඛෙය්‍ය,වචනයෙන් ඇතිවන අකුසල වළක්වන්න
යොගක්ඛෙමස්ස පත්තියා,නිවන් සුරක්ෂිතයට පැමිණීමට
ලාභකම්‍යා න සික්ඛති,ලාභ කැමැත්තෙන් නොහික්මෙයි
"කතමෙ තයො? අන්ධො, එකචක්ඛු, ද්විචක්ඛු.","ඒ කවර තිදෙනෙක්ද? අන්ධයා, එක් ඇසක් ඇත්තා සහ ඇස් දෙකම ඇත්තා ය."
අවිජ්ජා පරමං මලං,ඒක අවිද්‍යාව තමයි
කම්මං අකණ්හඅසුක්කං.,කළු ද නොවූ සුදු ද නොවූ කර්මය.
යො හන්ති පරිරුන්ධති,යමෙක් මරයි හා වටලයි
අත්තං පහාය අනුපාදියානො,මමත්වය අත්හැර අල්ලා නොගනී
එකාහිකම්පි ආහාරං ආහාරෙමි,දිනකට වරක් ආහාර ගනිමි
අතාරි සො ජාතිජරන්ති බ්‍රූමීති.,ඔහු ජාති හා ජරා මරණවලින් එතෙර වූවෙකැයි මම කියමි.
නිගණ්ඨො නාටපුත්තො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී.,නිගණ්ඨ නාටපුත්ත සියල්ල දන්නා සියල්ල දක්නා අයෙකි.
කුසලං භාවිතං හිතාය සුඛාය සංවත්තති.,වඩන ලද කුසලය සැපය සහ අභිවෘද්ධිය පිණිස පවතියි.
භාසිතා ච හොති කත්තා ච.,"පුද්ගලයා පවසයි, එමෙන්ම කරයි ද වේ."
චක්ඛුභූතො ඤාණභූතො ධම්මභූතො බ්‍රහ්මභූතො,ඇස් ඇති බවට පැමිණියෝය ඥානය බවට පැමිණියෝය ධර්මය බවට පැමිණියෝය බ්‍රහ්ම (උසස්) බවට පැමිණියෝය
වෙහප්ඵලෙ මෙති න මඤ්ඤති,වෙහප්ඵල දෙවියන් මාගේයයි නොහඟින්නාහ
මුසාවාදී හොති ඉමෙහි චතූහි ධම්මෙහි.,"බොරු කියන, මෙම කරුණු හතරින් යුක්ත වූයේ (නිරයට යයි)."
වෙදනාසු වෙදනානුපස්සී විහරති,විඳීම් රාශියෙහි විඳීම් අනුව දක්නා ස්වභාව ඇතිව වාසයකෙරේද
ඵරුසාය වාචාය පටිවිරතො හොති සම්ඵප්පලාපා පටිවිරතො හොති.,රළු වචනයෙන් සහ හිස් වචනයෙන් වැළකුණේ වෙයි.
පමාදස්ස විරාගාය.,ප්‍රමාදය නොඇල්ම පිණිසයි.
ආකිඤ්චඤ්ඤායතනං නාභිනන්දති තං කිස්ස හෙතු ඛයා මොහස්ස වීතමොහත්තා,ආකිඤ්චඤ්ඤායතන දෙවියන්ට සතුටු නොවෙයි ඊට හේතු කවරේද මෝහය මුළාව නැති කිරීමෙන් වීතමොහවූ බැවිනි
භික්ඛු සෙඛො හොති අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානො.,භික්ෂුව ශෛක්ෂව සිටිමින් උතුම් නිවන පතමින් වෙසෙයි.
සන්තං වා අජ්ඣත්තං කාමච්ඡන්දං අත්ථි මෙ අජ්ඣත්තං කාමච්ඡන්දොති පජානාති.,තමා තුළ ඇති කාමච්ඡන්දය 'මා තුළ කාමච්ඡන්දය ඇතැයි' දැනගනියි.
තික්ඛපඤ්ඤතාය සංවත්තති.,තියුණු ප්‍රඥාව ඇතිවීම පිණිස පවතී.
සප්පච්චයා උප්පජ්ජන්ති පාපකා අකුසලා ධම්මා.,පාපී අකුසල් දහම් ප්‍රත්‍යයන් සහිතවම හටගනී.
අනත්ථමනුසාසති,නරක දෙය කියා දෙයි
මොහං පහන්ත්වා න මුය්හති,මෝහය හැර මුළා නොවෙයි
කතමෙ ච පන බ්‍රාහ්මණකරණා ධම්මා,බ්‍රාහ්මණයෙක් කරවන ධම්ම කවරද
පාණං විහිංසති,සතුන්ට හිංසා කරයි
සබ්බා දුග්ගතියො ජහෙ,සියලු දුගතීන් අත්හරියි
කාමනිදානං කාමාධිකරණං,කාමය මුල් කරුණ කොට කාමය කරණකොට ගෙන
"කාමවිතක්කං, බ්‍යාපාදවිතක්කං, විහිංසාවිතක්කං - බහුලමකංසු.","කාම විතර්කය, ව්‍යාපාද විතර්කය හා විහිංසා විතර්කය බහුල කළහ."
කතං වො තං මයා,මා විසින් එය තොපට කරනලදී
වනමූලඵලාහාරො යාපෙමි,වනමුල් හා පලතුරු ආහාර කොට ගෙන යැපුණෙමි
තත්‍රාවුසො ථෙරා භික්ඛූ තීහි ඨානෙහි ගාරය්හා භවන්ති,ඇවැත්නි ඒ භික්ෂූන් අතුරෙහි වැඩිසිටි භික්ෂුහු කරුණු තුනකින් ගැරහිය යුතු වෙත්
සුතස්මිං න මඤ්ඤති,සුතය ආශ්‍රයකොට තමා පිහිටියේයයි නොහඟින්නාහ
අයං දුක්ඛනිරොධොති නප්පජානාති.,මේ දුක්ඛ නිරෝධය යැයි නිවැරදිව නොදනියි.
"එවමෙවං ඛො, භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ අරියෙන පඤ්ඤාචක්ඛුනා සමන්නාගතා.","මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වකෙනෙක් ආර්‍ය්‍යයන්ට ඇති ප්‍රඥා චක්ෂුසින් යුක්ත වූවාහු වෙත්ද, ඒ සත්වයෝ ස්වල්ප වෙත්."
අථ එතං පිසාචඤ්ච පක්කුලඤ්චාතිවත්තති,එකල්හි පිසාචයද පක්කුල හඬද ඉක්මවයි
වජ්ජඤ්ච වජ්ජතො ඤත්වා,වැරැද්ද වැරැද්ද ලෙස දැන
යදා නුදති පණ්ඩිතො,නුවණැත්තෙක් දුරු කරන විට
එවං වුත්තෙ සො යක්ඛො තං යක්ඛං එතදවොච අලං සම්ම මා සමණං ආසාදෙසි උළාරො සො සම්ම සමණො මහිද්ධිකො මහානුභාවො,එවිට අනෙකා මෙසේ කීවේය යහළුව එපා මේ ශ්‍රමණයාට හිරිහැර නොකරන්න එයා උතුම්ය මහත් සෘද්ධි සහ මහත් ආනුභාව ඇත්තෙකි
ආසවානං ඛයා අනාසවං,කෙලෙස් නැති කිරීමෙන් කෙලෙස් රහිත වූ
රාගො සමතිවිජ්ඣති,රාගය විනිවිද පවතී
රාජානො ගහෙත්වා,රජවරුන් විසින් (ඒ සොරුන්) අල්වාගෙන
න ඛො පන සො සාරිපුත්ත සංසාරො සුලභරූපො,ශාරීපුත්‍රය ඒ සංසාරය (සසර) සුලභ නොවේ
"'කිත්තාවතා නො, ආවුසො, රාමො ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා. පවෙදෙසී'ති?","""ඇවැත්නි, රාම තවුසා කොපමණ දුරට මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කර ප්‍රකාශ කළේද?"" යැයි මම ඇසුවෙමි."
හිත්වා මානුසකං යොගං,මනුෂ්ය යෝග අත්හැර
දානසංවිභාගස්ස විපාකං යථාහං ජානාමි,දානය බෙදා දීමේ විපාකය මම දන්නා ලෙස
අඤ්ඤො තාදී උත්තරිතරො වා පණීතතරො වා නත්ථි.,තථාගතයන්ට වඩා උතුම් වෙනත් තාදී පුද්ගලයෙක් නැත.
පරතො ච ඝොසො අයොනිසො ච මනසිකාරො.,අන්‍යයන් වෙතින් අසද්ධර්‍මශ්‍රවණය හා නුනුවණින් මෙනෙහි කිරීමය.
උපට්ඨිතස්සති පරඤ්ඤච.,එළඹ සිටි සිහිය ඇතිව අනුන් ද එහි යොදවයි.
එවාභිජානං පරමන්ති ඤත්වා,එය උතුම් යැයි දැනගනිති
කාමෙසු ගිද්ධා පසුතා,කාමයට ගිජු ඇලුන අය
මක්ඛො චිත්තස්ස උපක්කිලෙසො,මක්ඛය (අනුන්ගේ ගුණමැකීම) හිත කෙලෙසන්නකි
ගහකූටං විසඞ්ඛතං,ගෙයි මුදුන කඩා විසුරුවා ඇත
සො ඤාතිධම්මො ච අයං නිදස්සිතො,ඒ මේ ඥාති ධර්මය ජීවතුන් විසින් පෙන්වා දෙන ලදී
පරාභවන්තං පුරිසං,පිරිහෙන පුද්ගලයා
මච්ඡකෙ බාධෙන්ති,මසුන්ට හිංසා කරති
න කාමෙ පරිභුඤ්ජෙය්‍යාසි,කාමයන් පරිභෝජනය (සීවනය) නොකරන්නෙහිය
එවමෙතං භික්ඛවෙ සම්මා සීහනාදං නදථ,මහණෙනි මෙසේ මේ සිංහ නාදය මනාකොට නාද කරව්
තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා.,"ඒවා තල් කඳක් මෙන් වී, මත්තෙහි නූපදින ස්වභාවයට පත්ව ඇත."
මනොපුබ්බඞ්ගමා ධම්මා,ධර්මයෝ සිත පෙරටුකොට ඇත්තාහ
ලූඛස්මිං හොති.,මෙය රළු පැවැත්මකි.
එතෙ විවාදා ජාතා,මේ විවාද උපදිති
අථ ඛೊ සො ගොපාලකො බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං අප්පොදකපායසෙන නවෙන ච සප්පිනා සහත්ථා සන්තප්පෙසි,ගොපල්ලා බුදුන් ප්‍රධාන භික්ඛු සංඝයා දිය නුමසු කිරිබතින්ද අලුත් ගිතෙලින්ද තමන් අතින් සතප්පවූයේය
ධම්මදෙසනාය වා අනුසාසනියා වා,ධර්ම දේශනාවෙහි හෝ අනුශාසනාවෙහි
අචිරපක්කන්තෙ දෙවදත්තෙ භික්ඛූ ආමන්තෙසි.,දේවදත්තයා ගොස් නොබෝ කලකින් භික්ෂූන්ට වදාළ සේක.
එතදග්ගං ඉමෙසං ආලොකානං.,මෙම ආලෝකයන් අතුරෙන් මෙය අග්‍ර වේ.
ඛමනීයං භගවා යාපනීයං භගවා,ස්වාමීනි ඉවසිය හැකිය ජීවත් විය හැකිය
තස්ස රාගො පහීයි දොසො පහීයි මොහො පහීයි.,"ඔහුගේ රාගය පහවිය, ද්වේෂය පහවිය, මෝහය පහවිය."
භගවතො දස්සනස්ස අතිත්තො.,භාග්‍යවතුන් වහන්සේ දැකීමෙහි තෘප්තියක් නොවීය.
පොරී බහුජනකන්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා හොති.,"ශිෂ්ට වූ, බොහෝ දෙනා කැමති, බොහෝ දෙනා ප්‍රිය කරන එවැනි වචන පවසන්නෙක් වෙයි."
ආයුඤ්ච වණ්ණඤ්ච සුඛං බලඤ්ච.,"ආයුෂ ද, වර්ණය ද, සැපය ද, බලය ද යන සතරයි."
භාසිතං භාසිතන්ති දීපෙති.,වදාළ දේ වදාළ ලෙසම ප්‍රකාශ කරන්නා තථාගතයන් වහන්සේට චෝදනා නොකරයි.
සත්තමෙන රථවිනීතෙන සාකෙතං අනුපාපුණෙය්‍ය අන්තෙපුරද්වාරං.,අන්තිමේදි හත්වෙනි රථයෙන් තමයි සාකේත නුවර රජ වාසල දොරටුව ළඟටම යන්නේ.
තතො නං සුඛමන්වෙති,ඒ හේතුවෙන් සුඛය ඔහු අනුව යයි
එත්තාවතාපි ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති,ඇවැත්නි මෙපමණකින්ද ආර්ය ශ්‍රාවකතෙම සම්‍යක් දෘෂ්ටි ඇත්තේද වෙයි
විරත්තං රජනීයෙසු කොපනෙය්යෙ න කුප්පති,ඇලිය යුතු දේවල්වලට නොඇලේද කෝප විය යුතු දේවල්වලට කෝප නොවේද
තත්‍ර තත්‍රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සතිආයතනෙ.,සුදුසු හේතු ඇති කල්හි ඒ ඒ දෙයෙහි ප්‍රත්‍යක්ෂ කිරීමට සමර්ථ බවට පැමිණෙයි.
"ඉමානි ඛො, භික්ඛවෙ, ද්වෙ ආතිථෙය්‍යානි.","මහණෙනි, මේ ආගන්තුක සත්කාර දෙකයි."
අථ වාස්ස අගාරානි,නැතහොත් ඔහුගේ ගෙවල්
මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති,මුදිතා සහගතවූ සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි
එකං සමයං භගවා පාවායං විහරති අජකලාපකෙ චෙතියෙ,එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර අජකලාපක චෛත්‍යස්ථානයෙහි වැඩ වසන සේක
ඉධ භික්ඛු පඨමං ඣානං උපසම්පජ්ජ විහරති.,මහණතෙම විවේකයෙන් හටගත් ප්‍රීතිය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි.
ආතාපී භික්ඛු නිපකො ඣානලාභී,වීරිය ඇති නුවණ ඇති ධ්යානය ලබන භික්ෂුව
යතො ච ඛ්වාහං භික්ඛවෙ ලොකස්ස අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං අබ්භඤ්ඤාසිං.,"යම් කලෙක මම ආශ්වාදය, ආදීනවය සහ නිස්සරණය තතු පරිදි අවබෝධ කළෙම්ද."
දිට්ඨෙව ධම්මෙ පරිනිබ්බායති.,මෙලොවදීම කෙලෙස් පිරිනිවෙයි.
යථා නො භගවා බ්‍යාකරිස්සති තථා නං ධාරෙස්සාමාති.,"භාග්‍යවතුන් වහන්සේ අපට යම් සේ ප්‍රකාශ කරන සේක් ද, එසේ එය දරමු."
නිහීයති පුරිසො නිහීනසෙවී.,හීනයන් සේවනය කරන පුරුෂයා පිරිහෙයි.
භික්ඛුනිපරිසා ආනන්දං දස්සනාය.,භික්ෂුණී පිරිස ද ආනන්ද තෙරුන් දැකීමට (පැමිණෙයි).
කතමා තිස්සො?,ඒ කවර තුනක් ද?
මච්චුපාසප්පමොචනං,මරණ බැඳීමෙන් මිදීම
පටිබද්ධමනොව තාව සො,ඒ තාක් ඔහුගේ සිත බැඳී ඉන්නවා
ආකිඤ්චඤ්ඤං නිස්සිතො,ආකිඤ්චඤ්ඤායතනය ඇසුරු කළ
බුද්ධෙ ධම්මෙ සඞ්ඝෙ මග්ගෙ පටිපදාය.,බුදු දහම් සඟ හා මඟ පිළිවෙත ගැන (විමසන්න).
නින්දාපසංසාසු අවෙධමානං,නින්දා ප්‍රශංසා වල නොසැලෙයි
දොසො සහතෙ නරං,ද්වේෂය මිනිසා මඩයි
අද්දස චඞ්ගවාරං (භදන්තෙ චඞ්ගවාරොති).,(සාරන විට) අළු පෙරහනක් (පෙරනයක්) දුටුවේය.
සෙනාසනහෙතු වා ඉතිභවාභවහෙතු වා තණ්හා උප්පජ්ජති.,සේනාසන හේතුවෙන් හෝ භවාභව හේතුවෙන් හෝ තෘෂ්ණාව උපදියි.
න තථා ආවාසො උපසර්පිතපුබ්බො යථා මයා,මා වාසය කළ ආකාරයට අන් කිසිවකු වාසය කර නැත
ය්වායං පුග්ගලො කායසක්ඛී ස්වාස්ස සකදාගාමී වා අනාගාමී වා.,යම් මේ කායසක්ඛී පුද්ගලයෙක් වේ ද ඔහු සකෘදාගාමී හෝ අනාගාමී වීමට ද කරුණක් ඇත.
සුතං නාභිනන්දති තං කිස්ස හෙතු ඛයා මොහස්ස වීතමොහත්තා,සුතයට සතුටු නොවෙයි ඊට හේතු කවරේද මෝහය මුළාව නැති කිරීමෙන් වීතමොහවූ බැවිනි
ඉස්සාය ච පහානාය මච්ඡෙරස්ස ච පහානාය අත්ථි මජ්ඣිමා පටිපදා,ඊර්ෂ්‍යාව නැතිකිරීම පිණිසද මසුරු බව නැතිකිරීම පිණිසද මධ්‍යම ප්‍රතිපදාව ඇත
එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං මොළියඵග්ගුනං භගවා එතදවොච,එකත්පසක උන්නා වූ ආයුෂ්මත් මොළියඵග්ගුණ භික්ෂුවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ
සුභනිමිත්තඤ්ච අයොනිසො ච මනසිකාරො.,"සුභ නිමිත්තයද, නුනුවණින් මෙනෙහි කිරීමද වෙත්."
අත්තනො සුඛමෙසානො පෙච්ච සො න ලභතෙ සුඛං,තමා සුව සොයමින් පරලොව සුව නොලබයි
විඤ්ඤාණඤ්චායතනතො මඤ්ඤති,විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් කෙරෙන් පිටත ඔවුන් ඇසුරු කොට නිත්‍ය ආත්මය ඇතැයි හඟියි
යෙ ච තං නුපනය්හන්ති,යමෙක් ඒ බව සිත්හි නොබඳින්නේද
සාමිසං වා සුඛං වෙදනං වෙදයමානො,කාමාසාවන් පිළිබඳවූ (ආමිස සහිත) සැප වේදනාවක් විඳින්නේ
වෙරං තෙසං න සම්මති,ඔවුන්ගේ වෛරය නොසන්සිඳෙයි
"පාපමිත්තතා, භික්ඛවෙ, මහතො අනත්ථාය සංවත්තතීති.","මහණෙනි, පාපමිතුරන් ඇති බව මහත් අනර්ථය පිණිස පවතී."
ධම්මවිතක්කං විතක්කෙති,ධර්ම සිතුවිලි සිතයි
යො දණ්ඩෙන අදණ්ඩෙසු,දඬුවම් නොකළ යුතු අයට
අහම්පි ඛො. එත්තාවතා ඉමං ධම්මං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමී'ති.,"නොබෝ කලකින්ම මමත් ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගෙන, ""මමත් මෙපමණ දුරට මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කොට වාසය කරමි"" යි පැවසුවෙමි."
යෙසං සම්බොධියඞ්ගෙසු,යම් අයගේ බෝධියංගයන්හි
කිං බ්‍රාහ්මණ බාහුකාය නදියා කිං බාහුකා නදී කරිස්සතීති,බ්‍රාහ්මණය බාහුකා නම් ගංගාවෙන් කවර ප්‍රයෝජනද බාහුකා නදිය කුමක් කරයිද
නිකට්ඨකායො ච නිකට්ඨචිත්තො ච.,"කයත් වනයට ගොස් ඇත, සිතත් කෙලෙස්වලින් තොර ය."
එවං ඛො භික්ඛවෙ චක්ඛුමන්තො පස්සන්ති,මහණෙනි මෙසේ නුවණ ඇස් ඇත්තෝ දකිති
අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ.,ආනන්ද තෙරුන් කෙරෙහි ඇති ආශ්චර්ය ගුණාංගයි.
කිං නු ඛොම්හි ඉස්සුකී මච්ඡරීති,කිමෙක්ද මම ඊර්ෂ්‍යාවෙන් හා මසුරුකමෙන් යුක්ත වෙම්ද කියා
වචීදුච්චරිතෙන සමන්නාගතා,වචනයෙන් වැරදි හැසිරීම ඇති සත්වයෝ
මාතාපිතරො බුද්ධං සරණං ගතා,මව්පියෝ බුදුන් සරණ ගියහ
අනුපුබ්බං,පිළිවෙළින්
උට්ඨානවතො සතීමතො,උත්සාහය සහ සිහිය ඇතිව
එවං පුට්ඨා භික්ඛවෙ,මහණෙනි මෙසේ විචාරණ ලද්දාවූ
චිත්තං න පක්ඛන්දති නප්පසීදති.,"සිත (එහි) නොපිහිටයි, ප්‍රසන්න නොවේ."
මක්ඛං පහාය න පුනායන්ති,මක්ඛය අත්හැර නැවත නොඑති
විඤ්ඤාතං නාභිනන්දති තං කිස්ස හෙතු ඛයා මොහස්ස වීතමොහත්තා,විඤ්ඤාතයට සතුටු නොවෙයි ඊට හේතු කවරේද මෝහය මුළාව නැති කිරීමෙන් වීතමොහවූ බැවිනි
"තත්ථ ධුවසීලො ච හොති ඨිතසීලො ච, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු.","එහි ස්ථාවර වූ නිත්‍ය වූ ශීල ඇත්තේ වෙයි, ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මෙයි."
හත්ථෙහි ච පාදෙහි ච වායමමානො සොත්ථිනා පාරං උත්තරෙය්‍ය,අත්වලින් හා පාවලින් වෙහෙස වෙමින් (පදිමින්) සුවසේ එතෙරට යන්නේය
ඉදමවොචායස්මා සාරිපුත්තො,ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ ධර්මය වදාළහ
බ්‍රහ්මප්පත්තා විහරන්ති.,බ්‍රහ්මත්වයට (සතර බ්‍රහ්ම විහරණවලට) පැමිණ වාසය කරති.
එකචරියං දළ්හං කයිරා,තනිව විසීම දැඩි කරගත යුතුය
සමාහිතං ඣානරතං සතීමං,එකඟ ධ්‍යානයෙහි ඇලුනු සිහි ඇති
අවිහිංසාවිතක්කෙන සම්මාදිට්ඨියා.,අවිහිංසා විතර්කය හා සම්‍යක් දෘෂ්ටිය (ඇති කරගනියි).
අථ ඛො අචිරපක්කන්තස්ස භගවතො ගාවී තරුණවච්ඡා බාහියං ජීවිතා වොරොපෙසි,ඉක්බිති වැඩි ටික වේලාවකින් තරුණ පැටවෙක් ඇති ගවයක් බාහියගේ ජීවිතය නැති කළා
ධම්මානුධම්මප්පටිපන්නො හොති.,නිවනට අදාළ නිවැරදි ප්‍රතිපදාවෙහි යෙදෙයි.
තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස.,තථාගත අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේය.
මහාවිකටභොජනස්මිං,විශේෂ මහත් (විකෘති) භෝජනය
මාතාපිතරො පුත්තානං ආපාදකා පොසකා.,"මව්පියෝ දරුවන් ඇතිදැඩි කරන, පෝෂණය කරන සහ මේ ලෝකය පෙන්වන්නෝ වෙති."
තථාගතො දිට්ඨසුතමුතවිඤ්ඤාතබ්බෙසු ධම්මෙසු තාදී.,දකින අසන විඳින දන්නා දේ කෙරෙහි තථාගතයන් තාදී (සමාන) ම සේක.
භවාසවො පරික්ඛීණො,භව ආශ්‍රවය සම්පූර්ණයෙන් ක්ෂයවී ඇත
අසතිඅමනසිකාරං ආපජ්ජතො උප්පජ්ජන්තෙව පාපකා අකුසලා විතක්කා,ඒ කල්පනා මෙනෙහි නොකරන (අමතක කරන) විටත් ලාමක අකුසල කල්පනාවෝ උපදිත් ද
තෙ ලොකෙ පරිනිබ්බුතා,ඔවුන් ලොවෙහි පිරිනිවී ඇත
කොනාමො අයං භන්තෙ ධම්මපරියායොති,ස්වාමීනි මේ ධර්ම ක්‍රමය කවර නාමයක් ඇත්තේද
විසෙනිකත්වා චරන්ති,කෙලෙස් නසා ජීවිතය ගෙනයති
සබ්බදුක්ඛමුපච්චගා,ඔහු සියලු දුක ඉක්මවා ගියේය
චාතුමහාරාජිකපරිසා එකා.,චාතුර්මහාරාජික පිරිසක් ඇත.
විඤ්ඤාණං විරාගධම්මං,විඥානය නසන ස්වභාවය ඇත්තේය
ධම්මදායාදා සත්ථුසාවකා විහරන්ති නො ආමිසදායාදාති,ශාස්තෘ ශ්‍රාවකයෝ ධර්මය දායාදකොට වාසය කරති ආමිසය ගරුකොට වාසය නොකරතියි
ගොපොව ගාවො ගණයං පරෙසං,අනුන්ගේ ගවයන් ගණනය කරන ගොපාලයෙකු මෙන්
න ඉච්ඡෙය්‍ය අධම්මෙන සමිද්ධිමත්තනො,අධර්මයෙන් තම සාර්ථකත්වය නොකැමති වෙයි
කිඤ්චාපි සො හොති ආරඤ්ඤිකො පන්තසෙනාසනො පිණ්ඩපාතිකො,ඔහු ආරණ්‍යයක සිටියත් වනයෙහි දුර සෙනසුන්හි විසූවත් පිඬුසිඟා වඩින්නෙකුවුවත්
අරියසාවකො ධම්මං අනුස්සරති.,ආර්ය ශ්‍රාවකයා ධර්මය සිහි කරයි.
භූතෙ භූතතො සඤ්ඤත්වා භූතෙ මඤ්ඤති,භූතයන් භූතයන් වශයෙන් ඇඳින භූතයන් නිත්‍ය ආත්මයයි හඟියි
හත්ථී සෙය්‍යථාපි මුසලොති,ඇතා මොහොලක් වැනියැයි සමහරු කීහ
නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්මිං මඤ්ඤති,නෙවසංඥානාසංඥායතන වැසි දෙවියන් කෙරෙහි නිත්‍ය ආත්මය ඇතැයි හඟියි
යත්ථ චෙතා නිරුජ්ඣන්ති,යම් තැන ආශ්‍රව නිරුද්ධ වේ
සුසුඛං වත තං නිබ්බානං යත්ථිදං එවරූපං දුක්ඛං න සංවිජ්ජතී,මෙබඳු දුක නොමැති නිර්වාණය ඉතා සැපයක්යයි ඇය සිතාණාය
තම්පි එසො මෙ අත්තාති සමනුපස්සති.,එය ද තමාගේ ආත්මය ලෙස දකියි.
දෙවා පිහයන්ති තාදිනො,දෙවියෝ එවන් තාදී පුද්ගලයාට කැමති වෙති
එතමහං බ්‍රාහ්මණ පඤ්ඤාසම්පදං අත්තනි සම්පස්සමානො,බ්‍රාහ්මණය මේ නුවණින් යුක්ත බව තමා කෙරෙහි දක්නාවූ මම
යථාබාලං යථාමූළ්හං යථාඅකුසලං.,"බාලයෙකු, මුළාවූවෙකු හා අකුසල් කරන්නෙකු මෙන්."
විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො,විඥානය නැතිකිරීමෙන් නාමරූපයන්ගේ නැතිකිරීම වේ
න ච ලාභී අධිපඤ්ඤාධම්මවිපස්සනාය.,විදර්ශනා ප්‍රඥාව ලබන්නෙකු ද නොවේ.
අබ්භා මහිකා ධූමො රජො රාහු අසුරින්දො.,"වළාකුළු, මීදුම, දුම හා දූවිලි, රාහු අසුරේන්ද්‍රයා ය."
කිංවාදී පන භන්තෙ භගවා,ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස කිනම් වාදයක් (දර්ශනයක්) ඇත්තා වූ භාග්‍යවතුන් වහන්සේ
ඛීණාසවා ජුතිමන්තො,කෙලෙස් ක්ෂය කළ දිලිසෙන අය
අම්හාකම්පි ඛො ආවුසො අත්ථි සත්ථරි පසාදො,ඇවැත්නි අපගේ ශාස්තෲන් කෙරෙහි අපගේද පැහැදීම ඇත
ආමිසාතිථෙය්‍යඤ්ච ධම්මාතිථෙය්‍යඤ්ච.,ආමිස ආගන්තුක සත්කාරය සහ ධර්ම ආගන්තුක සත්කාරයයි.
පාපධම්මා අසඤ්ඤතා,පව්කාර ධර්ම සංවර නොවීමෙන් එනවා
තීණිමානි භික්ඛවෙ දුච්චරිතානි,මහණෙනි මේ දුශ්චරිත තුනකි
කුම්භූපමං කායමිමං විදිත්වා,මේ ශරීරය මැටි බඳුනක් මෙන් දැන
ධාරෙති අන්තිමං දෙහං ජෙත්වා මාරං සවාහිනිං.,සේනා සහිත මාරයා පරදා අවසන් ශරීරය දරයි.
යඤ්ඤමෙතං පසංසන්ති බුද්ධා යඤ්ඤස්ස කොවිදා.,දානය ගැන දන්නා බුදුවරු මේ යාගය පසසති.
අනුමොදිත්වා උට්ඨායාසනා,අනුමෝදන්ව අස්නෙන් නැගී
නත්ථි ජාගරතො භයං,නින්ද දුරු කරන අයට භය නැත
වාතො තූලංව ධංසයෙ,සුළඟ පුළුන් නසනවා වගේ
ඡවට්ඨිකානි උපධාය.,මිනී ඇට කොට්ට ලෙස තබා.
"තීහි, භික්ඛවෙ, ඨානෙහි සද්ධො පසන්නො වෙදිතබ්බො.","මහණෙනි, කරුණු තුනකින් ශ්‍රද්ධාවන්ත පැහැදුණු පුද්ගලයා හඳුනාගත යුතුය."
සො යතො යතො සායෙය්‍ය ලභෙථෙව සාදුරසං අසෙචනකං,ඔහු එය යම් යම් පැත්තකින් රස බලයි ද ඒ ඒ සෑම තැනකින්ම නොමිශ්‍ර වූ මිහිරි රසයම ලබයි
ධම්මංයෙව නිස්සාය ධම්මං සක්කරොන්තො ධම්මං ගරුං කරොන්තො ධම්මං අපචායමානො ධම්මද්ධජො ධම්මකෙතු ධම්මාධිපතෙය්‍යො.,"ධර්මයම ඇසුරු කොට, ධර්මයට සත්කාර කරමින්, ගරු කරමින්, පුදමින්, ධර්මය ධජය, කොඩිය හා අධිපතියා කොට (වසති)."
සත්ථා තං ආවුසො නන්ද ආමන්තෙතීති,ශාස්තෘන් වහන්සේ ඔබට කථා කරති යයි කියන්න
ඵස්සපඤ්ඤත්තිං පඤ්ඤාපෙස්සතීති ඨානමෙතං විජ්ජති,ස්පර්ශය යන පැනවීම කළ හැකිය යන්න සිදු විය හැකි කරුණකි
විඤ්ඤාණඤ්චායතනස්මිං න මඤ්ඤති,විඤ්ඤාණඤ්චායතන දෙවියන් ආශ්‍රය කොට තමා පිහිටියේයයි නොහඟින්නාහ
"සීලසම්පදා, චිත්තසම්පදා, දිට්ඨිසම්පදා.","සීල සම්පදාව, චිත්ත සම්පදාව සහ දිට්ඨි සම්පදාවයි."
ගධිතා,බැඳී සිටිති
සො අරාගො අදොසො අමොහො අනඞ්ගණො අසංකිලිට්ඨචිත්තො කාලං කරිස්සති,හෙතෙම රාග ද්වේෂ මෝහ රහිතව කෙලෙස් රහිතව නොකිලිටි සිත් ඇත්තේ කාලක්‍රියා කරයි
ඉධ භික්ඛවෙ එකච්චො සම්මාදිට්ඨිකො හොති අවිපරීතදස්සනො.,"මහණෙනි, මෙහි ඇතැමෙක් සම්‍යක් දෘෂ්ටික වූ විපරීත නොවන දැක්ම ඇත්තෙක් වෙයි."
භූතස්ස ජරාමරණන්ති,උපන් සත්වයාහට ජරාව සහ මරණය වේයයිද
දුක්ඛස්සන්තං කරිස්සන්ති සත්ථුසාසනකාරිනොති.,ශාස්තෘ අනුශාසනය කරන්නෝ දුක් කෙළවර කරන්නාහුය.
තං කිස්ස හෙතු?,ඊට හේතුව කුමක්ද?
එකාහං ජීවිතං සෙය්‍යො,ප්‍රඥාවත් භාවනාවේ යෙදෙන අයෙකුගේ එක දවස උතුම්ය
පාණාතිපාතිස්ස පුරිසපුග්ගලස්ස පාණාතිපාතා වෙරමණී හොති පරික්කමනාය,ප්‍රාණඝාත කරන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස ප්‍රාණඝාතයෙන් වෙන්වීම ඇත්තේය
"ගාමාපි අගාමා හොන්ති, නිගමාපි අනිගමා හොන්ති.","ගම් පවා ගම් නොවන තත්ත්වයට ද, නියම්ගම් පවා නියම්ගම් නොවන තත්ත්වයට ද පත් වෙයි."
"ද්වීසු, භික්ඛවෙ, මිච්ඡාපටිපජ්ජමානො බාලො අබ්‍යත්තො අසප්පුරිසො","මහණෙනි, දෙදෙනෙකු කෙරෙහි වරදවා පිළිපදින අඥාන අව්‍යක්ත අසත්පුරුෂ තෙමේ"
ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති.,මෙය දුක යැයි ඇති සැටියෙන් දනියි.
ආකිඤ්චඤ්ඤායතනං නාභිනන්දති තං කිස්ස හෙතු ඛයා දොසස්ස වීතදොසත්තා,ආකිඤ්චඤ්ඤායතන දෙවියන්ට සතුටු නොවෙයි ඊට හේතු කවරේද ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි
න අදිට්ඨං අසුතං අමුතං,නොදැකී නොඇසූ දෙයක් නැත
එතං ඤත්වා යථාභූතං,මේවා තත්වයෙන් දැනගෙන
අභිඤ්ඤායාහං භික්ඛවෙ ධම්මං දෙසෙමි නො අනභිඤ්ඤාය.,"මහණෙනි, මම ප්‍රත්‍යක්ෂ කොට ධර්මය දේශනා කරමි, ප්‍රත්‍යක්ෂ නොකොට නොවේ."
ඉධ තප්පති,මෙලොව තැවෙයි
රාගෙ පහීනෙ අත්තත්ථම්පි යථාභූතං පජානාති.,"රාගය ප්‍රහීණ වූ විට තමාගේ අර්ථය ද, පරාර්ථය ද නිවැරදිව දැනගනියි."
මනුස්සා දීඝායුකා වණ්ණවන්තො අප්පාබාධා.,"මිනිස්සු දීර්ඝායුෂ ලබන, වර්ණවත් හා නීරෝගී අය වෙති."
"චිත්තං, භික්ඛවෙ, භාවිතං මහතො අත්ථාය සංවත්තතීති.","මහණෙනි, සිත වඩනලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී."
න නිසෙවෙථ මෙථුනං,මෙවුන්දම් නොසෙවිය යුතුය
න ජටාජල්ලං,ජටා දරා ශුද්ධ නොවේ
විනස්සති න හොති පරං මරණා,ඔවුන් කියන්නේ මරණයෙන් පසු වැනසෙයි මරණයෙන් පසු නැත කියලාය
මනුස්සලොකගාමි මග්ගං පජානාමි.,මිනිස් ලෝකයට යන මාර්ගය දනිමි.
සෙය්‍යථාපි භික්ඛවෙ බලවා පුරිසො දුබ්බලතරං පුරිසං,මහණෙනි යම් සේ බලවත් පුරුෂයෙක් දුර්වල පුරුෂයෙකු
අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා අන්ධා අචක්ඛුකා,අන්‍ය තීර්ථක පිරිවැජියෝ අන්ධයෝ නුවණැස නැත්තෝය
බහුස්සුතො සුතෙන අනුපපන්නො.,බොහෝ දේ අසා ඇසූ දෙයින් ප්‍රයෝජනයක් නොගත් පුද්ගලයා.
අනොමවණ්ණං,අති උතුම් වර්ණය ඇත
දුක්ඛදොමනස්සුපායාසා න උප්පජ්ජෙය්‍යුං.,"දුක, දොම්නස, වෙහෙස ඇති නොවේ නම්."
තස්ස සො අලගද්දො පටිපරිවත්තිත්වා. ඩංසෙය්‍ය,එවිට ඒ සර්පයා ආපසු හැරී ඔහුගේ අත හෝ ශරීරයේ අවයවයක් දෂ්ට කරන්නේය
"සෙඛොපි සමාධි වුත්තො, අසෙඛොපි සමාධි වුත්තො.",සේඛ සමාධිය සහ අසේඛ සමාධිය වදාරන ලදී.
අතිමානො චිත්තස්ස උපක්කිලෙසො,අභිමානය (අධික මානය) හිත කෙලෙසන්නකි
"ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො දුස්සීලො හොති පාපධම්මො අසුචි.","මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වූ, ලාමක ධර්ම ඇති, අපිරිසිදු අයෙක් වෙයි."
ඛන්ධානං පාතුභාවො,ස්කන්ධයන්ගේ පහළවීමක් වේද
සම්මාදිට්ඨිසමාදානා සබ්බං දුක්ඛං උපච්චගුන්ති.,සම්මා දිට්ඨිය ඇති කරගෙන සියලු දුකෙන් එතෙර වෙති.
ආධිපච්චපරිවාරො,අධිපති බව හා පිරිවර
අථ ඛො සා පරිබ්බාජිකා තං පරිබ්බාජකං එතදවොච,ඉක්බිති ඒ පරිබ්බාජිකාව පරිබ්‍රාජකයාට මෙසේ කීවාය
පස්ස චිත්තකතං බිම්බං,සිතෙන් සැකසූ මේ රූපය බලන්න
විඤ්ඤුප්පසත්ථා භන්තෙ.,"ස්වාමීනි, නුවණැත්තන් විසින් පසසන ලද්දේය."
යතො ත්වං බාහිය න තත්ථ,ඔබ ඒක තුළ නොසිටින්නේය
"විජ්ජං උප්පාදයං භික්ඛු, සබ්බා දුග්ගතියො ජහෙති.",විද්‍යාව උපදවා ගන්නා භික්ෂුව සියලු දුගතිය අත්හරියි.
මනසා සුසංවුතො,මනසෙන් හොඳින් සංවර වූ
සමථෙ පතිට්ඨාය විපස්සනාය යොගො කරණීයො.,සමථයෙහි පිහිටා විපස්සනාව වැඩිය යුතුය.
දෙවෙ මෙති මා මඤ්ඤි,දෙවියන් මාගේයයි හඟියි
හතාවකාසො වන්තාසො,පිළිසිඳීම් ඉඩ නැති ආශා වමනය කළ
කිං නු ඛො තුය්හං බාලස්ස අබ්‍යත්තස්ස භණිතෙන?,අඥාන වූ අදක්ෂ වූ ඔබගේ කීමෙන් ඇති පලය කුමක් ද?
පටිසඞ්ඛානබලඤ්ච භාවනාබලඤ්ච.,විමසා බැලීමේ ශක්තිය සහ භාවනා කිරීමේ ශක්තිය බලයන් දෙකකි.
න මන්තං ආගමිස්සති,එය නොඑයි කියා නොසිතන්න
අනුගාමිකො,අනුව යන්නාවූ
යථාභූතං යථාභූතස්ස මෙ තං භයභෙරවං ආගච්ඡති තථාභූතං තථාභූතොව තං පටිවිනෙය්‍යං,යම් යම් ඉරියව්වකින් සිටියදී ඒ භයානක අරමුණ ඒ ද ඒ ඒ ඉරියව්වෙන්ම එය දුරුකරන්නෙමි
මරණමත්තම්පි දුක්ඛං,මරණය හා සමාන දුකට ද පැමිණෙත්
අඤ්ඤෙන හත්ථට්ඨිකං අඤ්ඤෙන පාදට්ඨිකං,වෙන දිශාවක විසුරුණු අතේ ඇටද වෙන දිශාවක පා ඇටද
මිච්ඡාආජීවො මිච්ඡාවායාමො.,වැරදි දිවි පැවැත්ම සහ වැරදි ව්‍යායාමය.
යෙ තෙ භික්ඛූ අරහන්තො ඛීණාසවා.,යම් ඒ කෙලෙස් නැති කළ රහත් උතුමෝ වෙත්ද.
ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො,පා රුජා දුරු කර ගැනීම සඳහා සක්මන් කිරීම වශයෙන් ඇවිදින්නේ
අඤ්ඤතරං වනපත්ථං උපනිස්සාය විහරති,එක්තරා වන සෙනසුනක් (කැලෑවක්) ඇසුරු කොට වාසය කරයි ද
අච්ඡරියං භන්තෙ අබ්භුතං භන්තෙ,ස්වාමීනි ඉතා ආශ්චර්යයකි ඉතා පුදුමයකි
අවිජ්ජාය අසෙසවිරාගනිරොධා.,අවිද්‍යාව ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන්.
චිරං ජීවන්තු නො ඤාතී,අපේ නෑයෝ බොහෝ කල් ජීවත්වෙත්වා
ඉති සඤ්ඤාය සමුදයො,මේ සංඥාව පහළවීමේ හේතුවය
යථා ච අනුප්පන්නස්ස බ්‍යාපාදස්ස උප්පාදො හොති,නූපන්නාවූ ක්‍රෝධයේ ඉපදීම යම් කරුණකින් වේද
ස වෙ සන්තොති වුච්චති,ඔහු ශාන්තයැයි කියනු ලැබේ
සම්මොදනීයං කථං වීතිසාරෙත්වා.,සතුටු විය යුතු කථා පවත්වා.
පෙමා දොසො ජායති.,ඇල්මෙන් ද්වේෂය හටගනී.
අලසො,අලස
අනභිජ්ඣාලු කාමෙසු,කාම ලෝභය නැත
තෙ සාතසිතා සුඛෙසිනො තෙ වෙ ජාතිජරූපගා නරා,සුව සොයන ඔවුන් ජාතියටත් ජරාවටත් පත්වෙති
"ආදිත්තස්මිං අගාරස්මිං, යං නීහරති භාජනං.",ගිනිගත් ගෙයකින් යම් භාණ්ඩයක් පිටතට ගන්නේ ද.
අභික්ඛණන්ති ඛො භික්ඛු වීරියාරම්භස්සෙතං අධිවචනං.,"මහණ, සෑරීම යනු (කුසල් දහම්හි) වීර්යය ආරම්භ කිරීමට නමකි."
බ්‍යාකරොහි මෙ,මට පැහැදිලි කරන්න
යො මයා අසංසරිතපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා,මා විසින් මේ දීර්ඝ කාලයෙහි සැරිසරන ලද
කෙසා ලොමා නඛා දන්තා තචො,හිසකෙස්ය ලොම්ය නියපොතුය දෙතිස් දත්ය හමය
කූටාගාරෙ දුච්ඡන්නෙ කූටම්පි බ්‍යාපන්නං හොති.,නිවස මනාව සෙවිලි නොකළ කල්හි එහි මුදුන ද දූෂ්‍ය වෙයි.
බ්‍රහ්මං මෙති මඤ්ඤති,බ්‍රහ්මයා මාගේ යයි හඟියි
භජන්ති සෙවන්ති ච කාරණත්ථා,අද අය බොහෝවිට වාසියටම ඇසුරු කරති
"යොනිසො, භික්ඛවෙ, මනසි කරොතො අනුප්පන්නා චෙව විචිකිච්ඡා නුප්පජ්ජති උප්පන්නා ච විචිකිච්ඡා පහීයතීති.","මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම ඇත්තා තුළ නූපන් සැකයත් නූපදී, උපන් සැකයත් විනාසයට යයි."
සම්ඵප්පලාපිස්ස පුරිසපුග්ගලස්ස සම්ඵප්පලාපා වෙරමණී හොති පරික්කමනාය,හිස් වචන කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස හිස් වචන කීමෙන් වෙන්වීම ඇත්තේය
උපාසකො ච යො සද්ධො යා ච සද්ධා උපාසිකා.,ශ්‍රද්ධාවන්ත උපාසකයා හා ශ්‍රද්ධාවන්ත උපාසිකාවයි.
කිලන්තස්ස පිපාසිතස්ස උදකං දදාති,පිපාසිතයාට ජල දෙයි
න වෙස්සායනො නොම්හි,මම වෛශ්‍යයෙකුත් නොවෙමි
අප්පං වත ජීවිතං ඉදං,මෙම ජීවිතය ඇත්තෙන්ම කෙටි ය
උදබින්දු යථාපි පොක්ඛරෙ,දිය බිඳක් නෙළුම් පතක මෙන්
සො සොචති කිලමති පරිදෙවති.,හෙතෙම (ආත්මය නැති වේ යැයි බියෙන්) ශෝක කරයි.
අයං වුච්චතානන්ද ද්විසහස්සී මජ්ඣිමිකා ලොකධාතු.,"ආනන්දය, මෙය දස ලක්ෂයක් සක්වලින් යුත් මධ්‍යම ලෝක ධාතුව යැයි කියනු ලැබේ."
පරත්ථම්පි යථාභූතං නප්පජානාති.,පරාර්ථය ද නිවැරදිව නොදනියි.
ද්වෙමා භික්ඛවෙ දිට්ඨියො,මහණෙනි මේ දෘෂ්ටි දෙකකි
"අච්ඡරාසඞ්ඝාතමත්තම්පි චෙ, භික්ඛවෙ, භික්ඛු පඨමං ඣානං භාවෙති.","මහණෙනි, ඉදින් මහණතෙම අසුර ගසන කලක් පමණවත් ප්‍රථමධ්‍යානය වඩාද?"
යෙනත්ථං සාහසා නයෙ,ඕනෑම කාරණයක් හදිසියේ තීරණය කරලා
කඞ්ඛනීයෙව ච පන වො ඨානෙ විචිකිච්ඡා උප්පන්නා.,තොපට සැක උපදින්නට සුදුසු තැනකම සැකය උපන්නේය.
සන්ති ජාතරූපස්ස මජ්ඣිමසහගතා උපක්කිලෙසා.,රත්‍රන්වල මධ්‍යම ප්‍රමාණයේ උපක්ලේශයෝ ඇත්තාහ.
අසක්කාරෙන චූභයං,අසත්කාරයත් දෙකම පැමිණි විට
සන්තිමග්ගමෙව බ්‍රූහය,සන්ති මාර්ගයම වඩන්න
මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො.,"දීම පිණිස අත්හැරිය අත් ඇතිව, පරිත්‍යාගයෙහි හා දන් බෙදා දීමෙහි ඇලුනු අයෙක් වෙයි."
නාහං පුනුපෙස්සං ගබ්භසෙය්‍යං අථ චෙ පත්ථයසී පවස්ස දෙව,නැවත ගැබට නොපැමිණෙමි වැසින්න කැමති නම් වසී දෙවියනි
හිත්වා අචරිංසු ඛෙමදස්සිනො,හැර දමා නිවන සෙවූහ
යෙභුය්‍යෙන කාමෙසු සත්තා,බොහෝ දෙනා කාමයන්හි ඇලී සිටිති
දූරතොව ආගච්ඡන්තං,දුරින් එමින් සිටින බව
මෙථුනසමාපත්තියා ච.,මෛථුන සේවනයෙහි (තෘප්තියක් නැත).
තෙන ඛො පන සමයෙන ආයස්මා භද්දියො කාළීගොධාය පුත්තො අරඤ්ඤගතොපි රුක්ඛමූලගතොපි සුඤ්ඤාගාරගතොපි අභික්ඛණං උදානං උදානෙසි,එම කාලයේ කාළීගෝධාවගේ පුත් ආයුෂ්මත් භද්දිය වනයට ගියත් ගසක් මුල ගියත් හිස් ගෙයක ගියත් නිතර උදාන කියයි
පුරාණානි අනුත්ථුනං,පැරණි දේ ගැන ශෝක කරමින් සිටිති
මත්ථලුඞ්ගං,හිස්මොලය
යෙ හි වො අරියා තිණ්ණවිචිකිච්ඡා,යම් ආර්ය කෙනෙක් සැක නැත්තාහු
තසා වා ථාවරා,සැලෙන හෝ නොසැලෙන සියලු සත්හු
නවානං කම්මානං අකරණා,අලුත් කර්ම සිදු නොකිරීමෙන්
චත්තාරිමානි භික්ඛවෙ තථාගතස්ස වෙසාරජ්ජානි.,"මහණෙනි, තථාගතයන් වහන්සේගේ මේ විශාරද භාවයන් සතරකි."
ආදිච්චා නාම ගොත්තෙන,සූර්ය ගොත්‍රයෙන්
කා ච පන වො අන්තරාකථා විප්පකතා,ඔබලාගේ ඉතිරිවූ අතුරු කථාව කුමක්ද
අනන්තවා ලොකො ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති,ලෝකයට කෙළවර නැත මේම සත්‍යය අනිත්වාද බොරුය කියති
එවමෙවං ඛො භික්ඛවෙ තීහි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්‍යො හොති.,"මහණෙනි, එලෙසම අංග තුනකින් යුක්ත වූ භික්ෂුව ආහුනෙය්‍ය වෙයි."
න තෙන සෙට්ඨො මඤ්ඤෙථ,එයින් තමන් උතුම් යයි නොසිතන්න
උත්තරි මනුස්සධම්මා,මනුෂ්‍ය ධර්මයට වැඩිවූ
"තීණි ඛො ඉමානි, බ්‍රාහ්මණ, පාටිහාරියානි.","බ්‍රාහ්මණය, ප්‍රාතිහාර්යයෝ තුනක් වෙති."
අථ ඛො බාහියස්ස භගවතො ඉමාය සංඛිත්තාය ධම්මදෙසනාය,ඉක්බිති මේ ලුහුඬු ධර්ම දේශනාවෙන්
අරූපෙහි නිරොධො සන්තතරො,අරූප ධර්මයන්ට වඩා නිරෝධය ශාන්ත වේ
න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්‍රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.,ඒ ආයුෂ්මත්හු ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ භාවයේ අර්ථය මෙලොවදීම තමාම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට වාසය නොකරති.
අබ්‍යාපජ්ජං සුඛං ලොකෙ,ලෝකයේ නොකිපෙන නිවුණු සිත සැපයි
භගවන්තං එතදවොච අධිවාසෙතු මෙ භන්තෙ භගවා ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා,හෙට දානයට භික්ඛු සංඝයා සමග ඉවසන ලෙස භාග්‍යවතුන් වහන්සේට කීවේය
අත්තනා ච සීලසම්පන්නො සීලසම්පදාකථඤ්ච කත්තා.,තෙමේත් ශීලයෙන් යුක්ත වී අන් අයට ද ශීලය ගැන කතා කරන්නා වූ.
මනුස්සඵස්සානං චතුප්පදානං,මිනිස් ස්පර්ශ හා සිවුපාවුන්ගෙන්
ඛමා භවිස්සාම සීතස්ස උණ්හස්ස.,සීතල සහ උණුසුම ඉවසන්නෝ වන්නෙමු.
"රාගො, දොසො, මොහො.","රාගය, ද්වේෂය, මෝහය."
යොතිවාක්‍යං තිතික්ඛති,පරොස් තෙපුල් ඉවසාගන්නා කෙනා
අනානුපුට්ඨොව පරෙස පාව,අසන නොලැබත් අන් අයට කියයි
දිට්ඨස්මිං න මඤ්ඤති,දිට්ඨය ආශ්‍රය කොට තමා පිහිටියේයයි නොහඟින්නාහ
නෙව දෙවො න ගන්ධබ්බො,දෙවියෙක්වත් ගන්ධබ්බයෙක්වත්
මුග්ගෙහි යාපෙම.,අපි මුං ඇටවලින් යැපෙමු.
කාකසූරෙන ධංසිනා,කවුඩෙකු වගේ අනුන්ට නින්දා කරන කෙනෙකුට
විසමෙන කායකම්මෙන විසමෙන වචීකම්මෙන විසමෙන මනොකම්මෙන.,විෂම වූ කාය කර්මය වාක් කර්මය හා මනෝ කර්මයයි.
සච්චං කිර ත්වං ඵග්ගුන භික්ඛුනීහි සද්ධිං අතිවෙලං සංසට්ඨො විහරසි?,"ඵග්ගුණය, තෝ වේලා ඉක්මවා භික්ෂුණීන් හා එක්ව (මිශ්‍රව) වාසය කරන්නෙහිය යනු සැබෑ ද?"
සාවජ්ජාය දිට්ඨියා.,වරද සහිත (මිථ්‍යා) දෘෂ්ටියෙන්.
නිච්ඡාතා පරිනිබ්බුතා,තෘෂ්ණා නැතිව නිවුනා
කතමා ච භික්ඛවෙ ආජීවසම්පදා?,"මහණෙනි, ආජීව සම්පත්තිය කවරේ ද?"
අතික්කම්මෙව දෙවානං දෙවානුභාවං.,දෙවියන්ගේ දේවානුභාවය ද ඉක්මවා (ආලෝකය පැතිරෙයි).
තිට්ඨන්තු භික්ඛවෙ සත්ත වස්සානි,මහණෙනි සත් වර්ෂයක් කල් තිබේවා
විගතච්ඡන්දො විගතපෙමො,පහවූ කැමැත්ත (ඡන්දය) හා පහවූ ප්‍රේමය ඇත්තෙක් වේද
මමායිතෙ පස්සථ ඵන්දමානෙ,මගේයැයි සිතා සැලෙන අය බලන්න
දාසිදාසපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො,ශ්‍රමණ ගෞතමයෝ දාසයින් හෝ දාසීන් පිළිගැන්මෙන් වැළකුණෝය
අථොපි සක්කච්ච සුණන්තු භාසිතං,මාගේ වචනය සකසා අසත්වා
ද්විපදුත්තමං සාරථීනං පවරං,දෙපා ඇති සත්වයන් අතර උතුම් සාරථිය
චිත්තපාරිසුද්ධිපධානියඞ්ගං.,චිත්ත පාරිශුද්ධිය පිණිස වූ වීර්යය.
ජරාමරණනිරොධඤ්ච පජානාති,ජරා මරණයන්ගේ නැති කිරීම දනීද
අන්තරායිකා ධම්මා වුත්තා.,අන්තරායකාරී ධර්ම කියා ඇත.
වචසා පරිචිතානං.,වචනයෙන් පුරුදු කරන ලද (කටපාඩම් කළ).
සියා පනාවුසො අඤ්ඤොපි පරියායො,ඇවැත්නි එබඳුවූ වෙනත් ක්‍රමයකුත් ඇත්තේද
එකන්තදුක්ඛං වෙදනං.,ඒකාන්තයෙන්ම දුක් සහිත වේදනාව.
භොතො ච පන ගොතමස්ස සා ජනතා දිට්ඨානුගතිං ආපජ්ජතීති,ඒ ජන සමූහතෙම භවත් ගෞතමයින්ගේ දෘෂ්ටානුගතියට පැමිණේයයි කියායි
අත්තදණ්ඩා භයං ජාතං,තමාගේ දුශ්චරිතයෙන් බිය උපදේ
අස්මිමානස්ස යො විනයො,මම යන්න වූ මානය දුරු කිරීම
න යථාකාමකරණීයො පාපිමතො,මාරයාට කැමති ලෙස කළ නොහැකි පුද්ගලයා
ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො,සෙනෙහයෙන් උපදන අගුණ දකිමින් තනිව හැසිරෙයි
අග්ගං සුඛං ලභති,ශ්‍රේෂ්ඨ සුව ලැබෙයි
පුරාණඤ්ච කම්මං බ්‍යන්තීකරොති.,පැරණි කර්ම ක්ෂය කර අවසන් කරයි.
තථාගතො කම්මානං හෙතුං ච විපාකං ච පජානාති.,තථාගතයන් කර්මයන්ගේ හේතුව හා විපාකය දනිති.
තිබ්බො නො ඡන්දො භවිස්සති අධිචිත්තසික්ඛාසමාදානෙ.,අධි චිත්ත ශික්ෂා සමාදානයෙහි අපගේ දැඩි කැමැත්ත වන්නේය.
සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති,ප්‍රත්‍යක්ෂ කරගෙන වාසය කරයි
අත්ථි බාහිය උත්තරෙසු ජනපදෙසු සාවත්ථි නාම නගරං,බාහිය උතුරු ජනපදවල සැවැත් නම් නුවරක් ඇත
මාලා-ගන්ධ-විලෙපන-ධාරණ-මණ්ඩන-විභූසනට්ඨානා වෙරමණී-සික්ඛාපදං සමාදියාමි,මල්ගඳ විලවුන් දැරීම ශරීරයෙහි අඩුතැන් පිරවීම සැරසීම යන මෙයට හේතුවූ කරුණින් වැළැක්මවූ සිල්පදය මැනවින් ගනිමි
දුබ්භික්ඛෙ ආපදාසු වා,දුර්භික්ෂ විපත් කාලයන්හි
සීලවා පතිමොක්ඛසංවරසංවුතො.,සිල්වත් වූ ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වූ.
නාහං තස්ස කිඤ්චි පාපකම්මං අකරණීයන්ති වදාමි,ඔහු විසින් නොකළ හැකි පාප කර්මයක් නැතැයි මම කියමි
පණ්ඩිතො තං සෙවෙය්‍ය,නුවණැති අය ඔවුන් සේවයි
වණිජ්ජා තාදිසී නත්ථි,රන් රිදීයෙන් ගනුදෙනුවෙක් නැත
යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා,එය මට දිගු කලක් හිත සුව පිණිස වේවා
අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී,ඇය රෝග අඩුද කටයුතු පහසුද බලය දැනෙයිද සුවසේ වෙසෙදැයි විමසන්නීය
යථාරූපෙ යඤ්ඤෙ ගාවො අජෙළකා හඤ්ඤන්ති.,යම් යාගයක ගවයන් හා එළු බැටළුවන් මරනු ලැබෙත් ද.
අතිවාක්‍යං තිතික්ඛිස්සං,පරුෂ තෙපුල් ඉවසන්නෙමි
නාතිමඤ්ඤෙථ කත්ථචි න කඤ්චි,කිසි තැනක කිසිවකු හෙළා නොදකීවා
"කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු භොජනෙ මත්තඤ්ඤූ හොති?","මහණෙනි, භික්ෂුව භෝජනයෙහි පමණ දන්නෙක් වන්නේ කෙසේද?"
භගවා ආයස්මන්තං නන්දං එතදවොච,භග්‍යවතුන් වහන්සේ ආයස්මන් නන්දට මෙසේ වදාළසේක
පමාදමනුයුඤ්ජන්ති,මෝඩයෝ පමාදයෙහි යෙදෙති
නිච්චං මුනී රක්ඛති පාණිනෙ යතො,මුනි නිතර සතුන් රකී
සො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතොම්හීති,හෙතෙම බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවෙමියි
උපෙක්ඛකො විහරති,සමාබාවයෙන් ජීවත් වෙයි
අත්තනා සංකිලෙසධම්මො සමානො සංකිලෙසධම්මෙ ආදීනවං විදිත්වා අසංකිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසමානො.,"කෙලෙස් සහිත බව ස්වභාවකොට ඇත්තෙක් වුවද, කෙලෙස් සහිත දේවල් වල ඇති දෝෂය දැක, කෙලෙස් නැති, අනුත්තර වූ, යෝගයන්ගෙන් මිදුණු නිවන සොයමින්."
පියරූපසාතගධිතං,ප්‍රිය රූපයට ඇලුණු
සො ඉධ සිබ්බිනිමච්චගා,ඔහු මෙහි මැසීම ඉක්මවීය
යො වෙ උප්පතිතං කොධං,උපන් ක්‍රෝධය
අයං ඉමෙසං ද්වින්නං පුග්ගලානං සාඞ්ගණානංයෙව සතං හීනපුරිසො අක්ඛායති,ඔහු කෙලෙස් සහිත පුද්ගලයන් දෙදෙනා අතුරෙන් පහත් පුරුෂයා යයි කියනු ලැබේ
අනභාවං ගමෙති.,නැවත නූපදනා ලෙස අභාවයට පත් කරයි.
කෙවලො හි භන්තෙ පරිපූරො බාලධම්මො.,"ස්වාමීනි, එය ඒකාන්තයෙන්ම සම්පූර්ණ මෝඩකමකි."
අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං.,අද පටන් මා දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු ලෙස සලකන්න.
පරිපක්කො වයො තස්ස,ඔහුගේ වයස පමණක් පරණ වෙලා
ඵස්සො නු ලොකස්මි කුතොනිදානො,ස්පර්ශය කොහින් උපදිනද
නගරූපමං චිත්තමිදං ඨපෙත්වා,මේ සිත නුවරක් මෙන් තබා
අත්තනො සුඛමෙසානො,තම සැප බලාපොරොත්තු වුනොත්
එවං ඵස්සසමුදයං පජානාති,මෙසේ ස්පර්ශය හටගැන්ම දනීද
යඤ්චෙ භුඤ්ජෙය්‍ය දුස්සීලො,සිල් නැති කෙනා කෑම ගන්නවා නම්
පරෙ මිච්ඡාආජීවා භවිස්සන්ති මයමෙත්ථ සම්මාආජීවා භවිස්සාමාති,අන්‍යයෝ වැරදි දිවිපෙවෙත ඇත්තෝ වන්නාහුය අපි හරි දිවිපෙවෙත ඇත්තෝ වන්නෙමුයි
දුතියො චෙතොඛිලො පහීනො හොති,දෙවන චේතෝඛිලය පහ කරන ලද්දේ වෙයි
සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති.,විතර්ක විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙයි.
දන්තෙභිදන්තමාධාය ජිව්හාය තාලුං ආහච්ච,"දත්වලින් දත් තද කොට, දිවෙන් තලු තද කොටගෙන"
සච්චං වෙ අමතා වාචා,සත්‍ය වචනය අමෘතය
ථම්භො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා ථම්භං චිත්තස්ස උපක්කිලෙසං පජහති,හිතේ තදගතිය (ථම්භය) හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන සිතෙහි තදගතිය දුරුකරයි
තස්මා අස්සුතවතො පුථුජ්ජනස්ස චිත්තභාවනා නත්ථීති වදාමීති,එහෙයින් ධර්මය අසා පුරුදු නැති පෘථග්ජනයාහට සිතෙහි වැඩීමක් නැතැයි කියමි.
කොධෙන සත්තා කුද්ධා හොන්ති,ක්‍රෝධයෙන් සත්ත්වයෝ කිපෙති
පෙච්ච තප්පති,පරලොවද තැවෙයි
ඉධෙකච්චො කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.,"මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශරීරය බිඳීමෙන් මරණින් මතු අපාය, දුගතිය, විනිපාතය, නරකයෙහි උපදියි."
භායථ වො තුම්හෙ කුමාරකා දුක්ඛස්ස,ළමයිනි දුකට බියද
ස වෙ ලොකෙ න ජීයති,ලෝකයේ පිරිහීමට නොයයි
පුථුපඤ්ඤතාය සංවත්තති.,පෘථු (පැතිරුණු) ප්‍රඥාව පිණිස පවතී.
භොගෙ අදින්නංයෙව පරිභුඤ්ජති.,නුදුන් පරිභෝග වස්තූන්ම අනුභව කරයි.
ජහස්සු රූපං අපුනබ්භවාය,නැවත නූපදීමට රූපය දුරුකර
විඤ්ඤාණං භික්ඛවෙ න තුම්හාකං තං පජහථ.,මහණෙනි විඤ්ඤාණය තොපගේ නොවේ එය අත්හරින්න.
දෙවො ච එකමෙකං ඵුසායති,වැසි පොද එක දෙක වැටෙයි
ආරද්ධවීරියො,පටන්ගත් වීර්ය ඇති
ඛෙත්තානි විචෙය්‍ය,ක්ෂෙත්‍ර විමසා
ලොකන්තගූ සබ්බභවාතිවත්තො,ලෝක කෙළවරට ගිය භව ඉක්මවූ
සති තෙසං නිවාරණං,සිහිය ඒවා වළක්වන බැම්මයි
අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙමි සන්නිසාදෙමි,"(එවිට) මම සිත ඇතුළතම මනාව තැන්පත් කරමි, හිඳුවමි"
සම්භාවිතො ච විඤ්ඤූනං සබ්‍රහ්මචාරීනං,නුවණ ඇත්තා වූ සමාන බ්‍රහ්මචාරීන් විසින් ගරු කරන ලද්දේය
මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො සමණො ගොතමො,ශ්‍රමණ ගෞතමයෝ බොරුකීමෙන් වැළකුණෝය
සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සාමීති,මම ශික්ෂාව අත්හැර ගිහි ජීවිතයට ආපසු යන්නෙමි
මක්ඛො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා මක්ඛො චිත්තස්ස උපක්කිලෙසො පහීනො හොති,මහණෙනි යම් කලෙක පටන් භික්ෂුව විසින් මකු බව හිත කෙලෙසන්නකැයි දැන හිත කෙලෙසන මකු බව නැති කරන ලද්දේ වෙයිද
රතිං සො නාධිගච්ඡති,ඇල්මට නොපැමිණෙයි
ආළිප්පභෙදො පාටිකඞ්ඛො.,ඉවුරු බිඳී යාම අපේක්ෂා කළ හැකිය.
සන්දිට්ඨිකං,දැනගත හැකි
අත්තා සීලතො න උපවදෙය්‍ය.,තමා තමාගේ සීලය ගැන දොස් නොකියන්නේ ද?
"වචීසුචරිතං කතං හොති, අකතං හොති වචීදුච්චරිතං.",වචනයෙන් යහපත සිදු කිරීම සහ වාග් දුශ්චරිතයෙන් වැළකී සිටීමයි.
චත්තාරොමෙ භික්ඛවෙ රුක්ඛා.,"මහණෙනි, වෘක්ෂ වර්ග සතරකි."
චත්තාරිමානි ආවුසො උපාදානානි,ඇවැත්නි මේ උපාදාන සතරක් වෙත්
අඤ්ඤතරං දෙවනිකායං උපපජ්ජති.,එක්තරා දිව්‍ය නිකායක උපදියි.
ඉමානි චත්තාරි වචීසුචරිතානි.,මේවා වාග් සුචරිත සතර වෙති.
යඤ්ඤදෙව භික්ඛු බහුලමනුවිතක්කෙති. තථා තථා නති හොති චෙතසො,"මහණතෙම යම් යම් කල්පනාවක් බහුලව කල්පනා කරයි ද, ඒ ඒ ආකාරයෙන් සිතේ නැමීම වෙයි"
අත්ථඤ්ඤං කිඤ්චී?,අන් කිසිවක් පවතී ද?
එකාලොපිකො හොමි.,එකම පිඩකින් යැපෙමි.
"සෙඛම්පි සීලං වුත්තං භගවතා, අසෙඛම්පි සීලං වුත්තං භගවතා.",භාග්‍යවතුන් වහන්සේ සේඛ ශීලය සහ අසේඛ ශීලය වදාරන ලදී.
චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්‍යඤ්ජනග්ගාහී.,"ඇසින් රූපයක් දැක එහි නිමිති නොගනියි, අනුව්‍යඤ්ජන නොගනියි."
සා වො පහීනා දීඝරත්තං හිතාය සුඛාය භවිස්සති.,එය නැති කිරීම තොපට දීර්ඝ කාලයක් සැප පිණිස පවතියි.
අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චති.,සිත දැඩිව නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙයි.
ආපං මෙති මා මඤ්ඤි,මේ ආපොධාතුව මාගේ යයි හඟියි
"ඉති ඛො. ආළාරො කාලාමො ආචරියො මෙ සමානො අන්තෙවාසිං මං සමානං අත්තනා සමසමං ඨපෙසි, උළාරාය ච මං පූජාය පූජෙසි.","මෙසේ මාගේ ආචාර්ය වූ ආළාරකාලාමයන්, තම ගෝලයා වූ මා ඔහුට සම තත්ත්වයේ ලා සැලකුවා, උසස් ලෙස පිදුවා."
අඩ්ඪා මහද්ධනා මහෙසක්ඛා.,"පොහොසත් වූ, මහත් ධන ඇති, මහා පිරිවර ඇති."
"කායදුච්චරිතං කතං හොති, අකතං හොති කායසුචරිතං.",කයින් අකුසල් කිරීම සහ කයින් යහපත් දේ නොකිරීම නිරයට යාමට හේතුවකි.
පාණෙසු අසඤ්ඁතා,සතුන් කෙරෙහි අසංයම
"ජරාභයං, බ්‍යාධිභයං, මරණභයන්ති.","සැබෑ බිය තුන නම් ජරාව, ව්‍යාධිය සහ මරණයයි."
තෙ තත්ථ අනුපඛජ්ජ මුච්ඡිතා භොජනානි භුඤ්ජිංසු,"එහිදී ඔවුන් නැවතත් මුසපත් වී, කෑදරකමින් යුතුව පංචකාම සැප අනුභව කළහ."
තඤ්ච කම්මං කතං සාධු,එවන් කර්මය කිරීම මැනවිය
මනුස්සභූතො සද්ධම්මෙ සද්ධං ලභති,මිනිසෙකු සද්ධර්මයේ ශ්‍රද්ධාව ලබයි
අත්ථතො ච බ්‍යඤ්ජනතො ච.,අර්ථය සහ ව්‍යඤ්ජන යන දෙකෙන් ම (කෙළවර වෙයි).
ඣායිං විරජමාසීනං කතකිච්චමනාසවං,ධ්‍යානය කරන රජස් රහිත කෘත්‍ය නිම කළ ආසව නැති කෙනා
කො දිස්වා නප්පසීදෙය්‍ය,කවුද දැක නොපහදෙන්නේ
නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය පටිච්ඡන්නං වා විවරෙය්‍ය.,යටිකුරු කළ දෙයක් උඩුකුරු කරන්නාක් මෙන් (ධර්මය පෙන්වීය).
කථඤ්ච පාපභික්ඛු විසමනිස්සිතො හොති? විසමෙන කායකම්මෙන. වචීකම්මෙන. මනොකම්මෙන.,"පවිටු භික්ෂුව කෙසේ විෂම ද? විෂම වූ කාය, වාග් සහ මනෝ කර්මයන්ගෙන් යුක්ත වීමෙනි."
"හත්ථම්පි ඡින්දන්තෙ, පාදම්පි ඡින්දන්තෙ.","අත් ද කපති, පාද ද කපති."
ඉධ භන්තෙ අම්හාකං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං,ස්වාමීනි අපි භෝජනයෙන් පසු මෙහි රැස්ව සිටියදී
උපපත්තිපටිලාභියානි සංයොජනානි.,උත්පත්තිය ලැබීමට හේතු වන සංයෝජනයෝ ය.
සො නවඤ්ච කම්මං න කරොති.,ඔහු අලුත් කර්ම නොකරයි.
මානාතිමානො,මානය හා අතිමානය
ක්වායං කුට්ඨී කුට්ඨිචීවරෙන විචරතී,මෙය කුෂ්ට රෝගියෙක් වැනි වචන සිතේ උපන්නා
සම්පස්සං විපුලං සුඛං,මහත් සුවය දකිමින්
තෙසං න සුණාමි කිඤ්චි පාපං අථ චෙ පත්ථයසී පවස්ස දෙව,ඔවුන්ගේ කිසි පාපයක් නොඅසමි වැසින්න කැමති නම් වසී දෙවියනි
තෙන ඛො පන සමයෙන සම්බහුලා මාණවකා,ඒ සමයේ බොහෝ මාණවකයෝ
කාපොතකානි අට්ඨීනි,කොබෝවන් පැහැති ඇට
අනුත්තරො,නිරුත්තර
සබ්‍යාබජ්ඣෙන කායකම්මෙන.,පීඩා සහිත කාය කර්මයෙනි.
අනිච්චා වත කිර භො මයං සමානා නිච්චම්හාති අමඤ්ඤිම්හ.,අනිත්‍ය වූ අපි නිත්‍යයැයි සිතා සිටියෙමු.
අහං ඉමං. සරසරං කරිස්සාමි භරභරං කරිස්සාමීති,"""මම මේ මෘදු මල්ලෙන් සර සර හෝ බර බර හඬක් ඇති කරමි""යි (පහර දෙන්නේය)"
කොධං පහාය න පුනායන්ති,ක්‍රෝධය අත්හැර නැවත නොඑති
යෙන සංයොජනෙන සංයුත්තා සත්තා දීඝරත්තං සන්ධාවන්ති සංසරන්ති,යම් බැඳීමකින් බැඳුණු සත්වයෝ දිගු කලක් සසර දුවති සසර සැරිසරති
"යෙසං කායගතාසති අභිඤ්ඤාතා, අමතං තෙසං අභිඤ්ඤාතං.","යමෙකු කායගතාසතිය විශේෂයෙන් දැනගත්තේ නම්, ඔහු නිර්වාණයද දැනගත්තේය."
ලිඞ්ගං ජාතිමයං තෙසං,ඔවුන්ට ජාති ලකුණ ඇත
තමාහු එකං මුනිනං චරන්තං,එබඳු තනිව හැසිරෙනු මුනි යැයි කියති
.සංකිලෙසධම්මෙ ආදීනවං විදිත්වා අසංකිලිට්ඨං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසති,".කෙලෙස් සහිත දේවල් වල ඇති දෝෂය දැකලා, කෙලෙස් නැති, උත්තරීතර වූ, යෝගයන්ගෙන් මිදුණු නිවන සොයනවා."
අයං වුච්චති භික්ඛවෙ භික්ඛු වසී විතක්කපරියායපථෙසු,මහණෙනි මේ භික්ෂු තෙම කල්පනා විෂයෙහි (විතර්ක මාර්ගයන්හි) වසීභාවය (පාලනය) ඇත්තේ යැයි කියනු ලැබේ
සෙය්‍යො න තෙන මඤ්ඤෙය්‍ය,ශ්‍රේෂ්ඨයැයි නොහඟින්න
කතමෙ පනාවුසො සඞ්ඛාරා,ඇවැත්නි සංස්කාර කවරේද
වීරියින්ද්‍රියං භාවෙති.,"වීය්‍යෙර්‍න්ද්‍රිය වඩාද,"
රූපෙ විභූතෙ න ඵුසන්ති ඵස්සා,රූපය ඉක්ම ගිය විට ස්පර්ශ නොවේ
තෙ යත්ථ අගති මාරස්ස ච මාරපරිසාය ච තත්‍රාසයං කප්පයිංසු,ඔවුහු මාරයාට සහ පිරිසට යා නොහැකි (ධ්‍යාන සමාධි වැනි) ආරක්ෂිත ස්ථානයක වාසය කළහ.
එවං වුත්තෙ සො උපාසකො භගවන්තං එතදවොච,මෙසේ කී විට ඒ උපාසකයා භග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය
අනොකසාරී අමමො නිරාසො,නිවාසයකට බැඳී නොයන මමය මාගේය නොදකින ආශා රහිත
කයෙන වාචාය මනසා සංවුතා,කයින් වචනයෙන් හා සිතින් සංවර වූවාහු
අසංහාරියා හොති,එය කිසිවෙකුට කඩාගත නොහැක
භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා.,දේශනාව සතුටින් පිළිගෙන අනුමෝදන් වී.
කිත්තාවතා නු ඛො භන්තෙ බ්‍රාහ්මණො හොති,ස්වාමීනි කරුණු කීයකින් බ්‍රාහ්මණයෙක් වේද
යතොනිදානං භික්ඛු පුරිසං පපඤ්චසඤ්ඤාසඞ්ඛා සමුදාචරන්ති,මහණ යම් කරුණක් (ආයතන 12) නිදාන කොටගෙන පුරුෂයා කෙරෙහි ප්‍රපඤ්ච සංඥා සංඛ්‍යා (තෘෂ්ණා දිට්ඨි මාන සිතුවිලි) හටගනී ද
සම්බහුලා භික්ඛූ යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු.,බොහෝ භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් ආනන්ද හිමියන් හමුවීමට වැඩියහ.
භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.,භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හිඳගත්තේය.
සද්ධම්මගරු හොති න මක්ඛගරු.,සද්ධර්මය ගරු කරන අතර ගුණමකු බව ගරු නොකරයි.
න අත්තවාදුපාදානස්ස පරිඤ්ඤං පඤ්ඤපෙන්ති,ආත්මවාද උපාදානයාගේ නැති කිරීම නොපණවත්
උට්ඨහතො ඝටතො වායමතො,"උත්සාහ කරමින්, වීර්යයෙන් කටයුතු කරමින්"
ඡන්දූපසංහිතාපි දොසූපසංහිතාපි මොහූපසංහිතාපි,(එනම්) ලෝභ සහගත වූ ද ද්වේෂ සහගත වූ ද මෝහ සහගත වූ ද (සිතුවිලි වේ)
අනූපයං කෙන කථං වදෙය්‍ය,බැඳීම නැති අය කෙසේ වාද කරයිද
පඤ්ච චෙතොඛිලා අප්පහීනා,යම් භික්ෂුවක් විසින් චේතෝඛිල (සිතේ දරදඬුකම්/සිරවීම්) පහක් පහ නොකරන ලද්දේද
ධම්මං දෙසෙන්තො නිසින්නො හොති,දම් දෙසමින් වැඩ හිඳින සේක
අඤ්ඤමඤ්ඤං භණ්ඩනානි චෙව හොන්ති,එකිනෙකා අතර විවාද සහ ගැටලු ඇති වේ
භොගානඤ්ච ජීවිතස්ස ච සද්ධාය ච,ධනයටද ජීවිතයටද ශ්‍රද්ධාවටද ඇප වන්නේ නම්
අප්පමාදං පසංසන්ති පුඤ්ඤකිරියාසු පණ්ඩිතා,පණ්ඩිතයෝ පින් කටයුතු අතර අප්රමාදය ප්රශංසා කරති
ඉධ භික්ඛවෙ භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති.,ආශ්‍රවයන් ක්ෂය කොට කෙලෙස් රහිත සිතේ මිදීම හා ප්‍රඥාවෙන් මිදීම ප්‍රත්‍යක්ෂ කොට වෙසෙයි.
පඤ්ඤාපභෙදාය සංවත්තති.,ප්‍රඥාප්‍රභෙදය (ප්‍රඥා විශේෂයන් දැනගැනීම) පිණිස පවතී.
"ද්වින්නං, භික්ඛවෙ, ආසවා වඩ්ඪන්ති. කතමෙසං ද්වින්නං?","මහණෙනි, දෙදෙනෙකුන්හට ක්ලේශයෝ වැඩෙත්. කවර දෙදෙනෙකුන්ටද යත්:"
මහාවරාහොව නිවාපපුට්ඨො,පෝෂණය කළ මහ ඌරෙක් වගේ
ඔදාතකසිණං භාවෙති.,"ඔදාත (සුදුපැහැති) කසිණය වඩාද,"
සබ්බාවන්තං ලොකං පථවිසමෙන චෙතසා ඵරිත්වා විහරිස්සාමාති,මුළු ලෝකයම පෘථිවිය බඳු (සමාන) වූ සිතින් (මෛත්‍රියෙන්) පතුරුවා වාසය කරන්නෙමු
සා වෙ වාචා සුභාසිතා,එම වචනය සුභාෂිතය
"ඉධ, භික්ඛවෙ, එකච්චො පුග්ගලො කොධනො හොති උපායාසබහුලො.","මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ක්‍රෝධ කරන්නේ වෙයි, දැඩි තැවුල් බහුල කොට ඇත්තේ වෙයි."
කුසලානං ධම්මානං භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති.,කුසල ධර්මයන් වර්ධනය හා සම්පූර්ණ කිරීම පිණිස කැමැත්ත උපදවයි.
සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා,සැප දුක නැති කිරීමෙන් හා සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්
පිසුණා වාචා අකුසලං,කේලාම් කීම් අකුසල්ය
කා රත්තිං ධූමායනා?,රාත්‍රියෙහි දුම් දැමීම යනු කුමක්ද?
ආකිඤ්චඤ්ඤායතනං ආකිඤ්චඤ්ඤායතනතො සඤ්ජානාති,ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් ආකිඤ්චඤ්ඤායතන වැසි දෙවියන් වශයෙන් හඟියි
අහම්පි තං අත්තවාදුපාදානං න සමනුපස්සාමි.,මම ද එබඳු වූ (දුක නොදෙන) ආත්ම දෘෂ්ටියක් නොදකිමි.
ආවට්ටනී මායා.,අනුන් තම මතයට හරවා ගන්නා වූ මායාව.
අකඞ්ඛී අවිචිකිච්ඡී සද්ධම්මෙ.,දහම කෙරෙහි සැක නැති තැනැත්තෙකි.
සබ්බතො න මඤ්ඤති,සියල්ලෙන් පිටත සියල්ල ඇසුරු කොට තමා ඇතැයි නොහඟින්නාහ
යස්සින්ද්‍රියානි සමථඞ්ගතානි,ඉන්ද්‍රියයන් සමථයෙන් සන්සුන් වූ අයට
"‘දෙවලොකූපපත්තියා, ආවුසො, සමණෙ ගොතමෙ බ්‍රහ්මචරියං වුස්සථා’ති?","ඇවැත්නි, දෙව්ලොව ඉපදීම පිණිස ද ශ්‍රමණ ගෞතමයන් යටතේ බඹසර රකින්නේ? කියායි."
භෙදාසඞ්කී රන්ධමෙවානුපස්සී,බිඳීම සොයා සිදුරු බලයි
සො ඛො නං පරිජානාති,මේ කය හරිහැටි දනී
තත්‍ර ඛො ආයස්මා සාරිපුත්තො අචිරපක්කන්තස්ස භගවතො භික්ඛූ ආමන්තෙසි,එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් භික්ෂූන්ට කථාකළහ
චුතො සීලවතතො හොති,ශීලයෙන් වෙන්වූ විට
පවිවෙකාරාමො භික්ඛවෙ තථාගතො පවිවෙකරතො,මහණෙනි තථාගතයන් වහන්සේ විවේකයේ රස ලබන විවේක කැමති සේක
"සක්කා, භික්ඛවෙ, අකුසලං පජහිතුං.","මහණෙනි, අකුසලය දුරු කිරීමට සැබවින්ම හැකියාව පවතී."
අථ ඛො රථකාරො යං තං චක්කං ඡහි දිවසෙහි නිට්ඨිතං තං පවත්තෙසි.,ඉක්බිති රියකරු දින හයකින් නිම කළ රෝදය කරකවා හැරියේය.
තෙ දිට්ඨෙව ධම්මෙ දුක්ඛං විහරන්ති සවිඝාතං සඋපායාසං සපරිළාහං,ඔවුන් මේ ජීවිතයේම පීඩා සහිතව ආයාස සහිතව දැවිලි සහිතව දුකසේ වසති
ආසවසමුදයා අවිජ්ජාසමුදයො,ආශ්‍රවයන් හේතුකොටගෙන අවිද්‍යාවගේ හටගැන්ම වේ
අථ ඛො සො හත්ථිනාගො යූථා අපක්කම්ම යෙන භගවා තෙනුපසඞ්කමි,ඒ ඇත් නාගයා රැළෙන් ඉවත්ව භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියේය
චණ්ඩී වෙදෙහිකා අනිවාතා අනුපසන්තාති,"(අවසානයේ) ""වෙදේහිකා චණ්ඩිය, දරුණුය, අශාන්තය"" කියා ඇය ගැන අපකීර්තියක් පැතිරුණි"
අමොඝා පබ්බජ්ජා,හිස් නොවන පැවිද්ද
අහං සහස්සං ලොකං වොලොකෙමීති ඉදං තෙ මානස්මිං.,ලෝක දහසක් බලමි යන සිතුවිල්ල ඔබගේ මානයයි.
පහොති චායස්මා මහාකච්චානො,ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේ සමර්ථ වන්නේය
යෙ ආසවා පරිවජ්ජනා පහාතබ්බා තෙ පරිවජ්ජනා පහීනා හොන්ති,දුරු කිරීමෙන් නැති කළ යුතු කෙලෙස් දුරුකිරීමෙන් නැතිවූවාහු වෙත්ද
අත්තට්ඨපඤ්ඤා අසුචී මනුස්සා,තම වාසිය බලන අය අපිරිසිදුය
සො ඉදං දුක්ඛන්ති යොනිසො මනසි කරොති,හෙතෙම මේ දුකයයි නුවණින් කල්පනා කරයි
න මුණ්ඩියං,මුඩු කිරීමෙන් ශුද්ධ නොවේ
පාතිමොක්ඛුද්දෙසො පඤ්ඤත්තො.,පාතිමොක්ඛ උදෙසීම පනවන ලදී.
ඉමානි ඛො භික්ඛවෙ තීණි දුච්චරිතානි,මේ වනාහි දුශ්චරිත තුන වේ
අවිජ්ජාපච්චයාව.,අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ම ය.
එවමෙවං ඛො භික්ඛවෙ යතො අරියසාවකස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උප්පජ්ජති.,"මහණෙනි, එපරිද්දෙන්ම යම් කලෙක ආර්ය ශ්‍රාවකයාට රජස් හා මල රහිත ධර්ම චක්ෂුස උපදියි ද."
විඤ්ඤාතං විඤ්ඤාතතො සඤ්ජානාති,විඤ්ඤාතය (ධර්මායතනය) විඤ්ඤාතය වශයෙන් හඟියි
අත්ථි මෙ අජ්ඣත්තං විචිකිච්ඡාති පජානාති,මා තුළ විචිකිච්ඡාව ඇතැයි දැනගනී
පරතො පලොකතො සුඤ්ඤතො අනත්තතො.,"පර, පලුදු වන, හිස් හා අනාත්ම වශයෙන් දකියි."
කතමො එකධම්මො? කායගතා සති.,කවර නම් එකම ධර්මයෙක්ද? කායගතානුස්මෘතියයි.
අත්ථි නු ඛො තෙ මල්ලිකෙ කොචඤ්ඤො අත්තනා පියතරො,මල්ලිකාවෙනි තොපට තමන්ට වඩා ප්‍රිය කෙනෙක් ඇද්ද
ලාභා ආයස්මතො පුණ්ණස්ස මන්තාණිපුත්තස්ස.,මන්තාණිපුත්ත පුණ්ණ හිමියන්ට එය මහත් ලාභයකි.
යඤ්හිස්ස භික්ඛවෙ අප්පටිසෙවතො උප්පජ්ජෙය්‍යුං ආසවා විඝාතපරිළාහා,මහණෙනි නුවණින් සලකා සිව්පසය සේවනය නො කිරීම නිසා පහළවන වෙහෙස දැවිල්ල සහිත කෙලෙස් වෙත් නම්
න මච්ඡං න මංසං,දියමස් හෝ ගොඩමස් අනුභව නොකරමි
සබ්බවොසිතවොසානං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං,සියලු කෘත්‍ය නිම කර ඇති ඔහු බ්‍රාහ්මණයයි කියමි
මායා චිත්තස්ස උපක්කිලෙසො,මායාව (රැවටිල්ල) හිත කෙලෙසන්නකි
අප්පජහං,අත් නොහරින
මරණස්සතිං භාවෙති.,"මරණය අරමුණු කොට උපන් සිහිය වඩාද,"
සස්සතො ලොකොති වා අන්තවා ලොකොති වා.,ලෝකය නිත්‍යයැයි හෝ අන්තයක් ඇතැයි යන දෘෂ්ටි (ප්‍රහීණ කළේය).
උප්පන්නුප්පන්නං කාමවිතක්කං පජහමෙව,උපන් උපන් ඒ කාම විතර්කයන් දුරු කෙළෙමි
පඨමො චෙතොඛිලො අප්පහීනො හොති,මෙය පහ නොකරන ලද පළමුවන චේතෝඛිලය (සිතේ දරදඬු බව) වෙයි
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං,මේ කරුණින් බුදු රජ උත්තම රත්නයයි
සග්ගඤ්ච කමතිට්ඨානං කම්මං කත්වාන භද්දකං.,යහපත් ක්‍රියාවන් කොට ස්වර්ගය නමැති ස්ථානයට යති.
චත්තාරිමානි භික්ඛවෙ අප්පානි සුලභානි අනවජ්ජානි.,"මහණෙනි, සුළු වූ සුලභ වූ නිවැරදි වූ මේ කරුණු සතරකි."
පමත්තස්ස පුරිසපුග්ගලස්ස අප්පමාදො හොති පරික්කමනාය,ප්‍රමාදවූ පුද්ගලයාට එය දුරලීමට අප්‍රමාදය ඇත්තේය
රූපෙසු ඡන්දරාගවිනයො,රූපයන්හි ආශාව (ඡන්දරාගය) මැඩපැවැත්වීම
න හන්ති න ඝාතෙති,නොමරයි නොමරවයි
අසන්තුට්ඨිතා කුසලෙසු ධම්මෙසු.,කුසල ධර්මයන් වැඩීමෙහි කිසිවිටෙකත් සෑහීමකට පත් නොවීම එක් කරුණකි.
මාවමඤ්ඤෙථ පුඤ්ඤස්ස,පින සුලුකොට නොසිතන්න
නවඤ්ච සප්පිං භගවතො කාලං ආරොචෙසි,අලුත් ගිතෙල්ද සකස් කරවා කල් සරිය දන්වාය
වචීදුච්චරිතං පජහථ වචීසුචරිතං භාවෙථ.,වචී දුසිරිත අත්හැර සුසිරිත වඩන්න.
තථා තථා නං පජානාති,ඒ ඒ ආකාරයෙන් දන්නේය
කතමානි ද්වෙ? කාමසුඛඤ්ච නෙක්ඛම්මසුඛඤ්ච.,ඒ කවර දෙකක්ද? කාම සැපය සහ නෛෂ්ක්‍රම්‍ය (ගිහිගෙයින් නික්මීමේ) සැපයයි.
ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො,ධර්මයෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ
කම්මාරො රජතස්සෙව නිද්ධමෙ මලමත්තනො,රිදීයේ මල කම්මාරයා ඉවත් කරන වගේ තමන්ගෙ මල දුර කරනවා
නෙව හොති න න හොති තථාගතො පරං මරණා,තථාගතයා මරණින් පසු ඇතත් නොවේ නැත්තත් නොවේ යයි කියති
ආයස්මතා මහාකච්චානෙන ඉමෙහි ආකාරෙහි අත්ථො විභත්තො,ආයුෂ්මත් මහා කච්චාන ස්ථවිරයන් වහන්සේ විසින් මේ ආකාරයෙන් අර්ථ විස්තර කරන ලද්දේය
"කො ච, භික්ඛවෙ, කාමානං අස්සාදො?","මහණෙනි, කාමයන්ගේ අස්සාදය (රසය/සැපය) කුමක්ද?"
ධොනො න හි තෙන මඤ්ඤති,ක්ෂීණාශ්‍රවයා එයින් නොසිතයි
ගාරය්හො හොති උපවජ්ජො.,ගැරහිය යුතු සහ වරදට පත් වූවෙක් වෙයි.
අජ්ඣත්තමෙව චිත්තං සන්තිට්ඨති සන්නිසීදති එකොදි හොති,"සිත ඇතුළතම පිහිටයි, සංසිඳෙයි, එකඟ වෙයි"
ඉදමවොච භගවා ඉදං වත්වාන සුගතො උට්ඨායාසනා විහාරං පාවිසි,භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැගිට විහාරයට වැඩියහ
දුබ්බචස්ස පුරිසපුග්ගලස්ස සොවචස්සතා හොති පරිනිබ්බානාය,අකීකරු පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස කීකරු බව ඇත්තේය
කිං පරාභවතො මුඛං,පිරිහීමට හේතුව කුමක්ද
පඤ්ඤවා සුසමාහිතො,නුවණ ඇති හොඳ සමාධි ඇති
කතමස්මිං එකධම්මෙ? කායගතාය සතියා.,කවර නම් එකම ධර්මයක්ද? ඒ කායගතානුස්මෘතියයි.
කාකෙහි වා ඛජ්ජමානං,කවුඩන් විසින් කඩාකනු ලබන්නාවූ
"ඨානඤ්ච ඛො එතං, භික්ඛවෙ, විජ්ජති යං පුථුජ්ජනො පිතරං ජීවිතා වොරොපෙය්‍ය.","මහණෙනි, මෙවැනි දෙයක් නම් දක්නට ලැබේ. (එනම්) යම් හේතුවක් නිසා පෘථග්ජනයෙක් ස්වකීය පියා ජීවිතයෙන් තොර කරන්නේය,"
අහං ඛො ආවුසො නිගණ්ඨා පහොමි,ඇවැත්නි නිගණ්ඨයෙනි මම (එසේ කිරීමට) සමත් වෙමි
තතියම්පි ඛො පුරාණදුතියිකා එතදවොච,තුන්වන වරද ඇය එයම කීවාය
කාමවිතක්කං නාධිවාසෙති.,උපන් කාම විතර්කය රඳවා නොගනියි.
පමාදො රක්ඛතො මලං,රකින දෙයට ප්‍රමාදවීමම මලක් වගේ
මක්ඛගරුතා න සද්ධම්මගරුතා.,ගුණමකුකම ගරු කිරීම හා සද්ධර්මය ගරු නොකිරීමයි.
සස්සමණබ්‍රාහ්මණියා පජාය සදෙවමනුස්සාය,ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ සත්ත්වයන් හා දෙව් මිනිසුන් සහිත වූ ලෝකයෙහි
"සො තතො චුතො ආගාමී හොති, ආගන්තා ඉත්ථත්තං.",ඔහු එතැනින් චුතව නැවත මෙලොවට පැමිණෙන ස්වභාවයෙන් යුක්ත වේ.
කතඤ්ඤූ කතවෙදී පුග්ගලො දුල්ලභො ලොකස්මිං.,කළගුණ දන්නා වූ හා එය සලකන්නා වූ පුද්ගලයා ලෝකයෙහි දුර්ලභය.
දුක්ඛෙන සංයුතං,නොයෙක් දුකින් යුක්තයි
යත්ථ බාලා විසීදන්ති,අඥානයින් ගැලෙන තැන
දිට්ඨධම්මිකඤ්ච වජ්ජං සම්පරායිකඤ්ච වජ්ජං.,මෙලොව විපාක දෙන දෝෂය සහ පරලොව විපාක දෙන දෝෂයයි.
අචෙලකො මුත්තාචාරො.,නිර්වස්ත්‍ර වූ සහ සම්මතයන්ගෙන් බැහැර වූ.
වාචාය කුසලං බහුං,වචනයෙන් බොහෝ කුසල් කර
කාමයොගෙන සංයුත්තා,කාම රාගයෙන් බැඳුණු
"එවමෙවං ඛො, භික්ඛවෙ, තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු නචිරස්සෙව මහත්තං වෙපුල්ලත්තං පාපුණාති කුසලෙසු ධම්මෙසු.","මහණෙනි, එලෙසම කරුණු තුනකින් යුක්ත භික්ෂුව නොබෝ කලකින්ම කුසල් දහම්හි මහත් බවට හා විපුල බවට පැමිණෙයි."
චන්දප්පභා සූරියප්පභා.,චන්ද්‍ර ප්‍රභාව සහ සූර්ය ප්‍රභාව.
සබ්බසත්තා භවන්තු සුඛිතත්තා,සියලු සත්හු සුවපත් සිතැති වෙත්වා
අසඨො හොති අමායාවී,කෛරාටික හෝ රැවටිලි සහගත ගති නැති
පුග්ගලො පක්කො හොති ආමොභාසො.,"පුද්ගලයා පැසී ඇත (අවබෝධය ඇත), නමුත් බාහිරින් අමු පෙනුමක් ඇත."
තෙ වෙ සුපරිසංවුතා,ඒ අය සම්පූර්ණයෙන්ම හොඳින් සංවර වූවෝ
ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ ධම්මා තපනීයා,මහණෙනි මෙවැනි ධර්ම දෙක තැවීමට හේතු වේ
"චිත්තං, භික්ඛවෙ, අදන්තං මහතො අනත්ථාය සංවත්තතීති.","මහණෙනි, සිත දමනය නොකරණ ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී."
සතිබලං සමාධිබලං.,සති බලය සහ සමාධි බලය.
ඉධ සොචති,මෙලොව ශෝක කරයි
යදපි ලොභො තදපි අකුසලං.,යම් ලෝභයක් වේද එය ද අකුසලයකි.
භවෙසු ආසත්තිමකුබ්බමානො,භවයන්හි ඇල්ම නොකරමින්
ධම්මපටිසම්භිදා සච්ඡිකතා.,ධර්ම ප්‍රතිසම්භිදාව ප්‍රත්‍යක්ෂ කරන ලදී.
සමෙති චිත්තං චිත්තෙන යදෙකො රමතී මනො,තනිව වසන්න කැමති විට එකාගේ සිත අනෙකාගේ සිත සමග එකඟ වේ
භික්ඛු අබ්බූළ්හෙසිකො.,ඉන්ද්‍රඛීලය (කණු) උදුරා දැමූ භික්ෂුව.
සහස්සං ජම්බුදීපානං.,දඹදිව දහසකි.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි,ඉක්බිති භග්‍යවතුන් වහන්සේ මේ අර්ථය දැන එම වේලාවේ මෙය ප්‍රකාශ කළ සේක
පාණාතිපාතිනො,ප්‍රාණඝාත කරන අය
දුරක්ඛාතෙ ධම්මවිනයෙ දුප්පවෙදිතෙ,වරදවා ප්‍රකාශ කරන ලද්දා වූ වරදවා දන්නා ලද්දා වූ (ධර්ම විනයෙහි)
පස්සතො උදයබ්බයං,උදය ව්‍යය දක්නා අයට
හිරී ච ඔත්තප්පඤ්ච.,ඒවා නම් පවට ඇති ලැජ්ජාව සහ බියයි.
අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා,නුදුරේ පල්ලංකය බැඳ වැඩ හිඳින බව
තෙ ජනා මච්චුහායිනො,ඔවුන් මරණය ඉක්මවති
කෙනස්සු නප්පකාසති,කවර නිසා නොපෙනේද
"කතමො ච, භික්ඛවෙ, පුග්ගලො ගූථභාණී?","මහණෙනි, අසූචි බඳු වචන ඇති පුද්ගලයා කවරේද?"
ඉට්ඨො කන්තො මනාපො.,"ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ."
පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා.,පහළ මට්ටමේ සංයෝජන පහ ම ක්ෂය කිරීමෙන්.
අත්තදත්ථමභිඤ්ඤාය,ආත්මාර්ථය හොඳින් දැනගෙන
කිත්තාවතා නු ඛො ආවුසො අරියසාවකො සම්මාදිට්ඨි හොති,ඇවැත්නි ආර්යශ්‍රාවකතෙම කොපමණකින් සම්‍යක්දෘෂ්ටි ඇත්තේවේද
ද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පුග්ගලො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ,මහණෙනි ධර්ම දෙකකින් යුත් පුද්ගලයා ගෙන ආ දෙයක් බිම තැබූ ලෙස ස්වර්ගයට යයි
පුග්ගලො අභිණ්හං කුජ්ඣති.,පුද්ගලයා නිතර (වහා) කිපෙයි.
සම්මාසමාධි දූරෙපාතී.,සම්මා සමාධිය ඈතට විදීම වැනි ය.
න පිතා නාපි බන්ධවා,පියාත් නෑයෝත් රැකවරණයක් වෙන්නේ නැහැ
අනනුවිච්ච අපරියොගාහෙත්වා අවණ්ණාරහස්ස වණ්ණං භාසති.,විමසා බලා පරීක්ෂා නොකොට ගුණ කිව නොයුත්තාගේ ගුණ පවසයි.
අවිජ්ජාසවො,අවිද්‍යා ආශ්‍රවය
වෙමජ්ඣෙ නුපසඞ්ඛෙය්‍යො,වර්තමානයේ චෝදනා කළ නොහැක
දුවෙ විවාදස්ස ඵලානි,විවාදයට ප්‍රතිඵල දෙකක් ඇත
පුග්ගලො ගජ්ජිතා ච හොති වස්සිතා ච.,ධර්මය ඉගෙන ගෙන සත්‍යය ද අවබෝධ කර ඇත.
යස්මා ච ඛො භික්ඛවෙ අත්ථි ලොකෙ නිස්සරණං තස්මා සත්තා ලොකම්හා නිස්සරන්ති.,"මහණෙනි, යම් හෙයකින් ලෝකයෙහි නිස්සරණයක් ඇත්තේද, එහෙයින් සත්ත්වයෝ ලෝකයෙන් බැහැර වෙති."
තණ්හානං ඛයමජ්ඣගා,තණ්හාවේ ක්ෂයයට පැමිණියේය
"වචීදුච්චරිතං කතං හොති, අකතං හොති වචීසුචරිතං.",වචනයෙන් අකුසල් කර තිබීම සහ කුසල් නොකර සිටීමයි.
අථ තථාගතො ඝොසං කරෙය්‍ය සද්දමනුස්සාවෙය්‍ය.,ඉක්බිති තථාගතයන් වහන්සේ හඬ නගා ශබ්දය පතුරුවන්නේය.
එවමෙවං ඛො ආනන්දෙ.,එලෙස ම ආනන්ද තෙරුන් කෙරෙහි ද සිදු වෙයි.
පරෙ පාපමිත්තා භවිස්සන්ති මයමෙත්ථ කල්‍යාණමිත්තා භවිස්සාමාති,අන්‍යයෝ පවිටු මිතුරන් ඇත්තෝ වන්නාහුය අපි යහපත් මිතුරන් ඇත්තෝ වන්නෙමුයි
දීඝං සන්තස්ස යොජනං,විඩා වූවහුට යොදුන දිගය
දෙසෙති සම්මාසම්බුද්ධො,සම්මාසම්බුද්ධයා දහම දේශනා කරයි
ජාතිජරාමරණදුක්ඛ,උපත ජරාව මරණ දුක
භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති.,මහණතෙම නිවන අරමුණු කරගනිමින් සති සම්බොජ්ඣංගය වඩනු ලබයි.
"තීණිමානි, භික්ඛවෙ, පණ්ඩිතස්ස පණ්ඩිතලක්ඛණානි පණ්ඩිතනිමිත්තානි පණ්ඩිතාපදානානි.","මහණෙනි, පණ්ඩිතයාගේ පණ්ඩිත ලක්ෂණ, පණ්ඩිත නිමිති, පණ්ඩිත චරිත තුනකි."
අථ ඛො ආයස්මා මහාකස්සපො තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨාසි,ඉක්බිති සත් දින ගතවූ පසු මහාකාශ්‍යප තෙරුන් එම සමාධියෙන් නැගී සිටියේය
වාචානුරක්ඛී,වචනය රැකගන්නා
එකච්චො අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මංයෙව පරියෙසති.,"මේ ලෝකයේ සමහර අය, තමන් ඉපදෙන ස්වභාවයේ ඉඳගෙන, ඉපදෙන දේවල්ම හොයනවා."
අථ ඛො බාහියො තාය දෙවතාය සංවෙජිතො,ඉක්බිති බාහිය ඒ දෙවතාවාගේ වදනින් සංවේගයට පැමිණියේය
සම්මුඛා මෙතං භගවතො සුතං.,මෙය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දී අසන ලදී.
පථවීකසිණං භාවෙති.,"පෘථිවී කසිණය වඩාද,"
උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා,කය කෙළින් තබා මුහුණ ඉදිරියේ සිහිය පිහිටුවාගෙන
නින්නං පූරෙති,වළ පුරවයි
නිච්චං කායගතා සති,කායගතා සති නිතර තියෙන අයට
අහිංසා සබ්බපාණානං,සියලු සත්වයන්ට හිංසා නොකිරීම
ආරාමචෙතියානි වනචෙතියානි රුක්ඛචෙතියානි භිංසනකානි සලොමහංසානි,බිහිසුණු වූ රොමොද්ගමනය කරන්නාවූ පිදිය යුතු ආරාම වනයෝ සහ වෘක්ෂයෝ වෙත්ද
රූපං භික්ඛවෙ න තුම්හාකං තං පජහථ.,මහණෙනි රූපය තොපගේ නොවේ එය අත්හරින්න.
පක්කොදනො දුද්ධඛීරොහමස්මි,මට පැසුණු බත් හා කිරි ඇත
මංසෙසු ඛීයමානෙසු,මස ක්ෂය වනවිට
ආචික්ඛාමි දෙසෙමි පඤ්ඤාපෙමි.,"ප්‍රකාශ කරමි, දේශනා කරමි, පනවමි."
භකුටිං විනයිත්වාන,භකුටි දුරුව කර
චන්දපජ්ජොතො සූරියපජ්ජොතො.,චන්ද්‍ර ප්‍රද්‍යෝතය සහ සූර්ය ප්‍රද්‍යෝතය.
අත්තනො අහිතානි ච,තමන්ට අනර්ථ වන දේද
තස්ස ඉධෙව භික්ඛවෙ සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීති භවිස්සන්ති,මෙහිම ඔහුගේ සියලු වේදනා ඇල්ම නොකර සිහිල් වෙයි
එවමෙතං ආනන්ද,ආනන්දය මෙය එසේමය
පුබ්බණ්හසමයං … සාවත්ථිං පිණ්ඩාය පාවිසිම්හ,පෙරවරු කාලයේ සැවැත්නුවර පිණ්ඩපාතයට ගියෙමු.
යංනූනාහං කොට්ඨාගාරං ගන්ත්වා තෙලස්ස යාවදත්ථං පිවිත්වා ඝරං ආගන්ත්වා උච්ඡද්දිත්වාන දදෙය්‍යං,මම ගබඩාවට ගොස් තෙල් බොහෝ දුරට බී ගෙට ආවාම වමාරා එය දී ගන්නට සලස්වන්නෙම්
එකමන්තං නිසින්නං ඛො තං උපාසකං භගවා එතදවොච,එකත් පසෙක හිඳින උපාසකයාට භග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක
ද්විපදානඤ්ච චක්ඛුමා,දෙපා ඇති සත්වයන් අතර බුදුන් උතුම්ය
එකම්පි ජාතිං. ජාතිසතම්පි ජාතිසහස්සම්පි,"එක් ජාතියක්, ජාති සියයක්, ජාති දහසක් ආදී වශයෙන්"
අභිජ්ඣාලු බ්‍යාපන්නචිත්තො.,දැඩි ලෝභය සහ ද්වේෂ සහගත සිත ඇති.
ආසවානං ඛයාය සංවත්තති.,ආශ්‍රවයන් ක්ෂය කිරීම (රහත් වීම) පිණිස පවතියි.
අතිමානිස්ස පුරිසපුග්ගලස්ස අනතිමානො හොති පරික්කමනාය,අධිකමාන ඇති පුද්ගලයාට එය දුරලීමට අධික මාන නැති බව ඇත්තේය
අනිච්චෙ නිච්චන්ති දුක්ඛෙ සුඛන්ති.,අනිත්‍යයෙහි නිත්‍ය බව හා දුකෙහි සැප බව සෙවීමයි.
යෙමෙ භො ගොතම කුලපුත්තා භවන්තං ගොතමං උද්දිස්ස සද්ධා පබ්බජිතා,භවත් ගෞතමයන් වහන්ස යම් කුලපුත්‍රයෝ ඔබ වහන්සේ උදෙසා ශ්‍රද්ධාවෙන් පැවිදි වූවාහුද
පුග්ගලො සීලවා හොති කල්‍යාණධම්මො.,පුද්ගලයා සිල්වත් වූ යහපත් ධර්ම ඇත්තෙකි.
අච්චයො මං අච්චගමා.,වරදක් මා අතින් සිදු විය.
සප්පඤ්ඤො,නුවණ ඇති පුද්ගලයා
ජොති තමපරායණො ජොති ජොතිපරායණො.,එළියෙන් අඳුරට යන්නා සහ එළියෙන් එළියට යන්නා.
සචෙ සංහාරකො අස්ස සම්භතඤ්ච න විනස්සෙය්යා,රැස් කරන ලද්ද විනාශ නොවන්නේ නම් එසේ වන්නේය
සො මනසිකරණීයෙ ධම්මෙ අප්පජානන්තො,මෙනෙහි කටයුතුවූ කරුණු නොදන්නාවූ හෙතෙමේ
තානි ධඤ්ඤානි උතුපරිණාමීනි ජායන්තිපි ගබ්භීනිපි හොන්ති පච්චන්තිපි.,"ඒ ධාන්‍ය ඍතු පරිණාමයෙන් පැළ වෙයි, ගැබ් ගනියි, පැසෙයි."
කිං නු ඛො අහොසිං අතීතමද්ධානං,අතීත කාලයෙහි මම ක්‍ෂත්‍රියාදීන් අතුරෙන් කවරෙක් වූයෙම්ද
අබ්‍යාබජ්ඣෙන මනොකම්මෙන.,පීඩා රහිත මනෝ කර්මයෙනි.
එවම්පි සබ්බභූතෙසු,එසේම සියලු සතුන් කෙරෙහි
න උච්චාවචං ගච්ඡති භූරිපඤ්ඤො,මහා නුවණැත්තා එසේ නොයයි
සො භික්ඛු භගවන්තං එතදවොච,ඒ භික්ෂුව භග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසීය
අසම්මාසම්බුද්ධප්පවෙදිතෙ,බුදු නොවූවෙකු විසින් කියන ලද්දා වූ (ප්‍රකාශ කරන ලද්දා වූ)
"නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යො එවං මහතො අත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවෙ, සම්පජඤ්ඤං.","මහණෙනි, යම්සේ සම්‍යක්ප්‍රඥා ඇති බව මහත් අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි."
බාහිත්වා පාපකෙ ධම්මෙ,ලාමක අකුශල ධර්ම දුරු කරමින්
න සන්ති පුත්තා තාණාය,රැකවරණයට පුතුන් නැහැ
අජ්ඣොසිතං නත්ථි තථාගතානන්ති.,තථාගතයන් වහන්සේලාට අරමුණු කෙරෙහි තෘෂ්ණා දෘෂ්ටි ඇලීමක් නැත.
පිණ්ඩපාතපටික්කන්තො,පිණ්ඩපාතයෙන් වැළකුනේ
මහබ්බලතරො වා මහිද්ධිකතරො වා මහානුභාවතරො වා,කවරෙක් වැඩි බල සෘද්ධි සහ අනුභාව ඇතිද
සො දිට්ඨෙව ධම්මෙ නිච්ඡාතො නිබ්බුතො සීතිභූතො.,හෙනෙම මෙලොවදීම ක්ෂය කළ තෘෂ්ණා ඇත්තේ නිවුණේ සිසිල් වූයේ වෙයි.
චතූහි ධම්මෙහි සමන්නාගතො එවං නිරයෙ.,කරුණු හතරකින් යුක්තව නිරයට යයි.
ධම්මදායාදා මෙ භික්ඛවෙ භවථ,මහණෙනි මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ වව්
සයානො යාවතාස්ස විතමිද්ධො,නිදි මැලවීම නොඑන තාක් වැතිර සිටියත්
පණ්ඩිතො භික්ඛවෙ මහාකච්චානො,මහණෙනි මහා කච්චාන පණ්ඩිතයෙකි
අරියං චට්ඨඞ්ගිකං මග්ගං,ආර්ය අෂ්ටාංගික මාර්ගයත්
තෙන ඛො පන සමයෙන ආයස්මා සඞ්ගාමජි අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසින්නො හොති,එම වේලාවේ ආයස්මා සංගාමජි එක් ගසක් යට දවල් විහාරයට හිඳගෙන සිටියේය
යෙ ධම්මා මනසිකරණීයා තෙ ධම්මෙ මනසි කරොති,මෙනෙහි කළයුතු ධර්ම මෙනෙහි කරයි
අරියසාවකො සඞ්ඝං අනුස්සරති.,ආර්ය ශ්‍රාවකයා සංඝයා සිහි කරයි.
චත්තාරොමෙ භික්ඛවෙ යොගා.,"මහණෙනි, මේ යෝගයෝ සතර දෙනෙකි."
පාණභූතෙසු සංයමො,සත්වයන්ට හිංසා නොකර සංයමයෙන් සිටීම සැපයි
ඣායිස්ස භික්ඛවෙ ඣානවිසයො අචින්තෙය්‍යො.,ධ්‍යානලාභීන්ගේ ධ්‍යාන බලය සිතා නිම කළ නොහැක.
අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති බහුඤ්ච පුඤ්ඤං පසවති.,"ගුණ නොනැසූ තමා දරා සිටියි, බොහෝ පින් රැස් කරයි."
කථඤ්ච භික්ඛවෙ භික්ඛු ජවසම්පන්නො හොති?,"මහණෙනි, භික්ෂුව ජව සම්පන්න වන්නේ කෙසේ ද?"
ආතාපී නිපකො භික්ඛු පඤ්ඤාය සමවෙක්ඛිය,වීර්ය ඇති නුවණ ඇති භික්ෂුව ප්රඥාවෙන් මනාව විමසයි
අනිච්චසඤ්ඤං භාවෙති.,"අනිත්‍යය යන සංඥාව වඩාද,"
"තං කිස්ස හෙතු? සො හි, භික්ඛවෙ, භික්ඛු පරිමුත්තො ජාතියා ජරාය මරණෙන.","එයට හේතුව කුමක්ද? මහණෙනි, ඒ භික්ෂුව ජාති, ජරා, මරණයෙන් මිදුණු බැවිනි."
නෙවසඤ්ඤානාසඤ්ඤායතනං මෙති න මඤ්ඤති,නෙවසඤ්ඤානාසඤ්ඤායතන දෙවියන් මාගේයයි නොහඟින්නාහ
භවො භවොති භන්තෙ වුච්චති.,"ස්වාමීනි, භවය භවය යැයි කියනු ලැබේ."
පංසුකූලානි ධාරෙමි.,පංසුකුල වස්ත්‍ර දරමි.
මුඛරා විකිණ්ණවාචා,ඔවුහු බොහෝ කථාකරති වචන විසිරී යයි
අත්ථි ඛො වො නිගණ්ඨා පුබ්බෙ පාපකම්මං,නිගණ්ඨයෙනි තොප විසින් පෙර කරන ලද පව් ඇත්තේය
ආමිසසංවිභාගො ච ධම්මසංවිභාගො ච.,ආමිස සංවිභාගය සහ ධර්ම සංවිභාගයයි.
පජාපතිං අභිනන්දති,මාර ආත්මයට ආශාවෙන් සතුටු වෙයි
සොපි පථවිං පථවිතො අභිජානාති,ඒ පුද්ගලතෙමේ පෘථිවිධාතුව පෘථිවිධාතුව වශයෙන් විශේෂ නුවණින් දනියි
ආකාසෙපි පල්ලඞ්කෙන කමති,අහසෙහි පර්යංකයෙන් (හිඳගෙනම) යන්නාහ
සම්පරායිකානං වෙරානං පටිඝාතාය.,පරලොව වෛර වැළැක්වීමට ය.
"‘අහඤ්චෙව ඛො පන ධම්මං දෙසෙය්‍යං, පරෙ ච මෙ න ආජානෙය්‍යුං, සො මමස්ස කිලමථො, සා මමස්ස විහෙසා’ති.","""එබැවින් මම ධර්මය දේශනා කළත්, අන් අය එය අවබෝධ කර නොගන්නේ නම්, එය මට ක්ලාන්ත බවක් හා වෙහෙසක් පමණක්ම වන්නේය."""
.තස්ස ධම්මස්ස සච්ඡිකිරියාය පදහෙය්‍ය'න්ති.,""".එම නිසා ඔහු ප්‍රත්‍යක්ෂ කළ ධර්මය මාත් ප්‍රත්‍යක්ෂ කිරීමට උත්සාහ කළ යුතුයි."""
ඉමෙ ඛො චත්තාරො අම්බූපමා පුග්ගලා.,"මහණෙනි, මේ අඹ බඳු පුද්ගලයන් සතර දෙනාය."
යස්මිං සමයෙ පාපභික්ඛූ බලවන්තො හොන්ති.,යම් දිනෙක පවිටු භික්ෂූන් බලවත් බවට පත්වන්නේද.
සුඛබහුලා වෙදනා,බොහෝ සැප සහිත වේදනා
"අයොනිසො, භික්ඛවෙ, මනසි කරොතො අනුප්පන්නා චෙව බොජ්ඣඞ්ගා නුප්පජ්ජන්ති උප්පන්නා ච බොජ්ඣඞ්ගා න භාවනාපාරිපූරිං ගච්ඡන්තීති.","මහණෙනි, අනුවණින් මෙනෙහි කරන්නා තුළ නූපන් බොජ්ඣංග ධර්මයෝත් නූපදිත්, උපන්නාවූ බොජ්ඣංග ධර්මයෝත් වැඩීමට සම්පූර්ණ බවට නොයෙත්."
ඤත්වාන උදයබ්බයං,උදය වය දැනගෙන
සන්තුට්ඨො හොති ඉතරීතරෙන චීවරෙන.,ලැබුණු ඕනෑම සිවුරකින් සතුටු වෙයි.
අනුතීරෙ මහියා වාසො,නදිය අසල වසමි
චත්තාරි එතානි යුගානි හොන්ති,ඔව්හු යුග සතරෙකි
තිණ්ණා ලොකෙ විසත්තික,ලෝකයේ තෘෂ්ණාව එතර කළාහු
ආකාසකසිණං භාවෙති.,"ආකාස කසිණය වඩාද,"
අරහං වොරොපිතො.,රහතන් වහන්සේ නමක මැරූ.
කොධනො උපනාහී ච,කෝපය හා වෛරය ඇතිව
ඛීණාසවස්ස ආසවා නත්ථි.,ක්ෂීණාශ්‍රවයාට ආසව නැත.
ඉච්ඡාලොභසමාපන්නො,ඇල්ලීම් සහ ලෝභයෙන් පිරුණු කෙනා
සෙය්යථාපි භික්ඛවෙ රත්තියා පච්චූසසමයං ඔසධිතාරකා,මහණෙනි රාත්‍රියේ අලුයම් වේලාවේ උදාවන දීප්තිමත් තරුව
අක්ඛිම්හා අක්ඛිගූථකො,ඇස් වලින් කබද වැගිරේ
නන්දීභවපරික්ඛීණං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං,භවයට ඇලීම ක්ෂය කළ ඔහු බ්‍රාහ්මණයයි කියමි
අයං කාමානං අස්සාදො,මෙය කාමයන්ගේ සැපය (ආශ්වාදය) වේ
තෙන හි ආවුසො සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති,ඇවැත්නි එසේවී නම් අසව් හොඳින් හිතේ තබාගනිව් කියන්නෙමි
සඞ්ඝෙ පසන්නා,සංඝය කෙරෙහි පැහැදෙයි
සඞ්ඝකම්මානි ච කරිස්සාමි,සංඝකර්මද කරන්නේමි
පාමුජ්ජකරණං ඨානං,සතුට උපදවන කරුණ
සමාධිගරු හොති සමාධාධිපතෙය්‍යො.,"සමාධිය ගරු කරයි, එය අධිපති කොට සලකයි."
සම්භෙදං ලොකො අගමිස්ස,ලෝකය සංකරයට ගමන් කරයි
කායස්ස භෙදා පරං මරණා සුගති පාටිකඞ්ඛා,ශරීරය බිඳී මරණින් පසු සුගතියක් බලාපොරොත්තු විය යුතුය
න කොධහෙතු උපනාහී,ක්‍රෝධය නිසා බද්ධ වෛර (වෛර බැඳීම්) නැති නම්
භාසතෙ ච තපතෙ ච විරොචති ච,බැබළෙයි උණුසුම් කරයි දීප්තිමත් වේ
කො හි නාථො පරො සියා,අන්‍ය කවුරු පිහිට වන්නේද
ඉධ භන්තෙ සාවත්ථියා මනුස්සා,ස්වාමීනි මෙහි සැවැත්හි මනුෂ්‍යයෝ
පජාපතිං මෙති න මඤ්ඤති,මාරයා මාගේ යයි නොහඟින්නාහ
"අයං වුච්චති, භික්ඛවෙ, භික්ඛු ආතාපී නිපකො සතො සම්මා දුක්ඛස්ස අන්තකිරියාය.","මහණෙනි, මේ භික්ෂුව දුක් කෙළවර කිරීම පිණිස කෙලෙස් තවන වීර්යය ඇති, නුවණැති, සිහි ඇති අයෙකැයි කියනු ලැබේ."
තමෙව සල්ලමබ්බුය්හ,ඒ හුලම උපුටා දමා
පරෙ තථාගතං අක්කොසන්ති පරිභාසන්ති.,"අන්‍යයෝ තථාගතයන්ට නින්දා කරති, පරිභව කරති."
අත්තනා ච විමුත්තිසම්පන්නො විමුත්තිසම්පදාකථඤ්ච කත්තා.,තෙමේත් විමුක්තියෙන් යුක්ත වී අන් අයට ද විමුක්තිය ගැන කතා කරන්නා වූ.
මග්ගජිනං වදන්ති බුද්ධා,ඔහු මාර්ග ජයගත් බව බුදුහු කියති
අප්පෙව නාම මයම්පි කදාචි ආයස්මතා පුණ්ණෙන සද්ධිං සමාගච්ඡෙය්‍යාම.,අපිත් කවදා හෝ දිනක පුණ්ණ හිමියන් සමඟ මුණගැසෙමු නම් (හොඳය).
සම්මාවිමුත්ති මහතො පදාලෙතා.,සම්මා විමුක්තිය මහත් අවිද්‍යා කඳ බිඳලීම වැනි ය.
න ච හායෙථ කදාචි තුල්‍යසෙවී.,සමානයන් සේවනය කරන්නා කිසිවිටෙකත් පිරිහෙන්නේ නැත.
මා පමාදමනුයුඤ්ජෙථ,පමාදයට නොයෙදෙන්න
අලං වො ධම්මප්පමොදිතානං සතං සිතං සිතමත්තායාති.,දහමෙහි සතුටු වන්නා වූ තොපට මඳ සිනහවක් පමණක් වීම සෑහෙයි.
ඔහිතසොතො ධම්මං සුණාති.,යොමු කළ කන් ඇත්තේ අවධානයෙන් බණ අසයි.
අජ්ඣත්තං චෙතොසමථමනුයුත්තො,තමා තුළ සිතේ සංසිඳීම (සමාධිය) ඇති කරගැනීමට යෙදිය යුතුය
එසනා පටිනිස්සට්ඨා,සෙවීම් අත්හැර දමා ඇත
නිග්ගය්හවාදිං මෙධාවිං,නිග්‍රහකොට කියන නුවණැත්තෙක් නම්
සො බහුජනං අසද්ධම්මා වුට්ඨාපෙත්වා සද්ධම්මෙ පතිට්ඨාපෙති.,"හෙතෙම මහාජනයා දශ අකුශලකර්මපථ නම් අසද්ධර්මයෙන් උදුරා, දශකුශලකර්මපථ නම් සද්ධර්මයෙහි පිහිටුවයි."
විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං,විවේකය හා විරාගය හා නිරෝධය ඇසුරු කළාවූ නිවණට පමුණුවන්නාවූ
දුප්පඤ්ඤස්ස පුරිසපුග්ගලස්ස පඤ්ඤාසම්පදා හොති පරිනිබ්බානාය,ප්‍රඥා නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ප්‍රඥා සම්පත්තිය ඇත්තේය
මහාවීරො,මහා වීර
"භූතපුබ්බං, භික්ඛවෙ, සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ අනුනයමානො තායං වෙලායං ඉමං ගාථං අභාසි.","මහණෙනි, පෙර සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් සතුටු කරවමින් ඒ වේලාවෙහි මෙම ගාථාව පැවසීය."
පරෙ ඉස්සුකී භවිස්සන්ති මයමෙත්ථ අනිස්සුකී භවිස්සාමාති,අන්‍යයෝ ඊර්ෂ්‍යා ඇත්තෝ වන්නාහුය අපි ඊර්ෂ්‍යා නැත්තෝ වන්නෙමුයි
එවං විසෙසතො ඤත්වා,මෙය විශේෂයෙන් දැනගෙන
සබ්බං විඤ්ඤාණං නෙතං මම.,සියලු විඤ්ඤාණය මගේ නොවේ.
යඤ්චෙ වස්සසතං හුතං,අවුරුදු සියයක් ගිනි පූජාවට වඩා
කතමො ච භික්ඛවෙ පුග්ගලො අප්පමෙය්‍යො?,"මහණෙනි, මැනිය නොහැකි පුද්ගලයා කවරේ ද?"
අප්පෙව නාම ලභෙය්‍යාථ භගවතො සම්මුඛා ධම්මිං කථං සවනායාති.,"""එහිදී ඔබට භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අසා දැනගැනීමට නිසැකවම අවස්ථාව ලැබෙනු ඇත."""
න භජෙ පාපකෙ මිත්තෙ,පාප මිත්‍රයන් ඇසුරු නොකරන්න
න ඛො පනාහං අපරිසුද්ධාජීවො,මම වනාහි අපිරිසිදු ජීවිකා ඇතිව වන සේනාසන සේවනය නොකරමි
"ථෙරොපි මං න වදෙය්‍ය, නවොපි මං න වදෙය්‍ය.",වැඩිමහලු හෝ නවක කිසිදු භික්ෂුවක් මට අවවාද නොකෙරේවා.
විඤ්ඤාණඤ්චායතනස්මිං මඤ්ඤති,විඤ්ඤාණඤ්චායතන වැසි දෙවියන් කෙරෙහි නිත්‍ය ආත්මය ඇතැයි හඟියි
එවරූපං භාසිතබ්බං.,එබඳු දෙය ප්‍රකාශ කළ යුතුය.
ජරාමච්චුපරික්ඛයං,ජරා මරණ ක්ෂය කරයි
ඉමිනාව ජිඝච්ඡාදුබ්බල්‍යෙන එවං ඉමං රත්තින්දිවං වීතිනාමෙය්‍යන්ති,මේ බඩගිනි දුබලකමින් යුක්තව මෙසේ මේ රෑ දාවල ඉක්මවන්නෙම් නම් ඉතා යෙහෙකැයි කියායි
යස්සින්ද්‍රියානි භාවිතානි,ඉඳුරන් පුරුදු කරලා
පඤ්හෙ පුච්ඡිතුං,ප්‍රශ්න අසන්න
භික්ඛු මහිච්ඡො හොති විඝාතවා අසන්තුට්ඨො.,මහණ තෙමේ අධික ආශාවෙන් හා නොසතුටින් පෙළෙයි.
චත්තාරිමානි භික්ඛවෙ ඉන්ද්‍රියානි.,"මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ සතරකි."
යා පන තා සාලලට්ඨියො උජුකා සුජාතා තා සම්මා පරිහරෙය්‍ය,සෘජුව මනාව හටගත් සල් පැළ හොඳින් රැකබලා ගන්නේ ද
තෙන භික්ඛවෙ භික්ඛුනා තෙසං විතක්කානං ආදීනවො උපපරික්ඛිතබ්බං,මහණෙනි ඒ භික්ෂුව විසින් එම කල්පනාවන්ගේ ආදීනව (දෝෂ) විමසා බැලිය යුතුයි
පුග්ගලො දුස්සීලො හොති පාපධම්මො.,පුද්ගලයා දුශ්ශීල වූ පාපී ධර්ම ඇත්තෙකි.
ආකාසානඤ්චායතනතො න මඤ්ඤති,ආකාසානඤ්චායතන දෙවියන්ගෙන් පිටත තමා ඇතැයි නොහඟින්නාහ
තිස්සො වෙදනා,තුන් වේදනාවෝය
විපස්සිනො කොධං පජහන්ති,නුවණැත්තෝ ක්‍රෝධය අත්හරිති
අසෙවනා ච බාලානං,බාලයන් ඇසුරු නොකිරීම
"ඉත්ථිසද්දො, භික්ඛවෙ, පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨතීති.","මහණෙනි, ස්ත්‍රියගේ ශබ්දය පුරුෂයාගේ සිත හාත්පසින් අල්වාගෙණ සිටී."
මෙථුනං නිසෙවති,මෙවුන්දම සෙවයි
සද්ධො හිරිමා ඔත්තප්පී.,"ශ්‍රද්ධාව, ලජ්ජාව සහ (පවට) බිය ඇති."
අද්දසා ඛො භගවා බුද්ධචක්ඛුනා වොලොකෙන්තො සත්තෙ අනෙකෙහි සන්තාපෙහි සන්තප්පමානෙ,බුදු ඇසින් බැලූ විට නොයෙක් තැවීම්වලින් තැවෙන සත්වයන් දුටුසේක
සවිඝාතං සඋපායාසං සපරිළාහං,පීඩා සහ ආයාස සහ දාහ ඇතිව
කාමානං පරිඤ්ඤං පඤ්ඤපෙති,කාමයන්ගේ පිරිසිඳ අවබෝධය (නැති කිරීම) පණවයි
ධම්මපීති සුඛං සෙති,ධර්ම පීතියෙන් සුවසේ වසයි
වායං නාභිනන්දති,වායොධාතුවට සතුටු නොවන්නාහ
"ද්වෙමෙ, භික්ඛවෙ, ධම්මා අනවජ්ජා.","මහණෙනි, මේ නිවැරදි ධර්ම දෙකකි."
යථාපච්චයං වා කරෙය්‍ය.,හෝ ඒ දේවල්වලට කැමති දෙයක් කළත්.
මච්චුනා ච ජරාය ච,මරණය හා ජරාවෙන් පෙළෙයි
ජොතිරසං විමානං උපජ්ජති,රශ්මි ඇති විමානයක උපදිති
එතං සරණමාගම්ම,මේ සරණයට පැමිණ
යස්මිං පදෙසෙ රාජා ඛත්තියො මුද්ධාවසිත්තො හොති.,යම් ප්‍රදේශයක ක්ෂත්‍රිය රජු අභිෂේක ලද්දේ වේද.
නෙතං ඨානං විජ්ජති.,මේ කාරණය විද්‍යමාන නොවේ.
නන්දති පුත්තෙහි පුත්තිමා ගොමා ගොහි තථෙව නන්දති,දරුවන් ඇති පියා දරුවන් සමඟ සතුටු වෙයි ගවයන් ඇති තැනැත්තත් එසේ සතුටු වෙයි
යෙන මානෙන මත්තාසෙ,යම් මානයකින් සත්ත්වයෝ මත්වෙත්ද
මාසෙ මාසෙ සහස්සෙන,මාසෙන් මාසයට දහසක් වියදම් කර
අවිඤ්ඤාතෙ විඤ්ඤාතවාදී.,නොදත් දෙය දන්නෙමි යි පවසයි.
තණ්හං ජාලිනිං සරිතං.,දැලක් මෙන් වෙලන සහ ගලා යන තෘෂ්ණාව.
තං කිස්ස හෙතු අපරිසුද්ධත්තා භික්ඛවෙ වත්ථස්ස,ඊට හේතු කවරේද මහණෙනි වස්ත්‍රය අපිරිසිදුවූ බැවිනි
න ජහන්ති ගිද්ධා මමායිතෙ,ගිජු අය ඒවා අත් නොහරිති
සො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අසඞ්ඛාරපරිනිබ්බායී හොති.,ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය වීමෙන් අසංස්කාර පරිනිබ්බායී පුද්ගලයා වෙයි.
තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං,ඒ උතුම් බ්‍රහ්මචර්යයේ අවසානය
තීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු,මහණෙනි ධර්ම තුනකින් යුත් මහණතෙම
තඤ්ච පනම්හාකං රුච්චති චෙව ඛමති ච,එය අපට රුචි වෙයි මෙන්ම (අපි එය) ඉවසමු
"සාහුනෙය්‍යානි, භික්ඛවෙ, තානි කුලානි යෙසං පුත්තානං මාතාපිතරො අජ්ඣාගාරෙ පූජිතා හොන්ති.","මහණෙනි, යම් නිවසක දරුවන් විසින් මවුපියන් පුදනු ලබයි ද, ඒ කුලයෝ ආහුනෙය්‍යයන් සහිත වන්නාහ."
රූපෙසු සද්දෙසු අථො රසෙසු,රූප ශබ්ද රස වලදී
"යෙ කායගතාසතිං පරිභුඤ්ජන්ති, අමතං තෙ පරිභුඤ්ජන්ති.","යමෙක් කායගතාසතිය පරිභෝග කෙරෙත්ද, ඔහු නිර්වාණය වළඳති."
සන්තං වා අජ්ඣත්තං,තමා තුළ ඇත්තාවූ (ආධ්‍යාත්මිකව පවතින)
කතමානි ද්වෙ? සාසවසුඛඤ්ච අනාසවසුඛඤ්ච.,ඒ කවර දෙකක්ද? ආශ්‍රව සහිත සැපය සහ ආශ්‍රව රහිත සැපයයි.
දිස්වා සුවණ්ණස්ස පභස්සරානි,බැබළෙන රන් වළලු දැක
කායෙ අවීතරාගො හොති.,ශරීරය කෙරෙහි පහ නොවූ රාගය ඇත්තෙකි.
සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති.,ශීලවත් වී ප්‍රාතිමොක්ෂ සංවරයෙන් යුතුව වාසය කරයි.
සො එවං අයොනිසො මනසි කරොති,ඒ අන්ධබාල පෘථග්ජනතෙම මෙසේද නුනුවණින් මෙනෙහි කරයි
යො න හන්ති න ඝාතෙති න ජිනාති න ජාපයෙ,යම් කෙනෙකු නොමරයි නොමරවයි නොජයගනී නොජයගන්න කරවයි
පරිසාසු සීහනාදං නදති.,පිරිස් අතර සිංහනාද කරති.
යංනූන මයං යත්ථ අගති මාරස්ස ච මාරපරිසාය ච තත්‍රාසයං කප්පෙයාම,අපි මාරයාට හෝ මාර පිරිසට ළඟා විය නොහැකි තැනක අපගේ වාසස්ථානය සාදා ගනිමු.
වීරියං පරක්කම්මදළ්හං කරෙය්‍ය,වීර්යය දැඩි කර ගනී
උට්ඨානෙන اپ්පමාදෙන,උත්සාහයෙන් සහ නොපමාබවෙන්
නෙතං ඛො සරණං ඛෙමං,එය සුරක්ෂිත සරණක් නොවේ
එවං භන්තෙ,එසේය ස්වාමීනි
නාඤ්ඤස්ස සුත්වා වදාමි,අනුන්ගෙන් අසා මම මෙය නොකියමි
රාජානො ද්වෙ ච සොත්ථියෙ,බ්‍රාහ්මණ රජුන් දෙදෙනාද නසා කියන්නේ
ඉමං මනසිකරොථ තං වො භවිස්සති දීඝරත්තං හිතාය සුඛායාති,මෙය මෙනෙහි කිරීම තොපට බොහෝ කාලයක් වැඩ පිණිසත් සැප පිණිසත් වන්නේය
මක්ඛිකානුපතිස්සන්ති සඞ්කප්පා රාගනිස්සිතා.,රාගය ඇසුරු කළ සිතුවිලි නමැති මැස්සෝ ඔහු ලුහුබඳිති.
යථාරූපෙ පාපකෙ මිත්තෙ භජන්තං,ලාමකවූ මිත්‍රප්‍රතිරූපක අමිත්‍රයන් සේවනය කරන්නාවූද
"ඉමා ඛො, භික්ඛවෙ, ද්වෙ එසනා.","මහණෙනි, මේ සෙවීම් දෙකයි."
අසිචම්මං ගහෙත්වා,කඩුව හා පලිහ ගෙන
කො ද්විධාපථො කිං චඞ්ගවාරං?,දෙමංසන්ධිය කුමක්ද? අළු පෙරහන කුමක්ද?
න උද්දිස්සකතං සාදියාමි.,මට වෙන්කර දුන් ආහාර නොපිළිගනිමි.
අයොනිසො භික්ඛවෙ මනසිකරොතො අනුප්පන්නා චෙව ආසවා උප්පජ්ජන්ති,මහණෙනි නුනුවණින් සිතන්නාවූ පුද්ගලයාට නූපන්නාවූ ආශ්‍රවයෝද උපදිත්
සබ්බත්ථ න සජ්ජති,කිසි තැනක නොඇලේ
වායං නාභිනන්දති තං කිස්ස හෙතු ඛයා දොසස්ස වීතදොසත්තා,වායොධාතුවට සතුටු නොවෙයි ඊට හේතු කවරේද ද්වේෂය නැතිකිරීමෙන් වීතදොසවූ බැවිනි
කිං නු ඛොම්හි කොධනො කොධහෙතු අභිසඞ්ගීති,කිමෙක්ද මම ක්‍රෝධයෙන් (නපුරු ක්‍රියාවලට) ඇලෙන්නෙක් වෙම්ද කියා
"පබ්බජ්ජා, භික්ඛවෙ, පණ්ඩිතපඤ්ඤත්තා සප්පුරිසපඤ්ඤත්තා.","මහණෙනි, පැවිද්ද පණ්ඩිතයන් හා සත්පුරුෂයන් විසින් පනවන ලද්දකි."
අසතා ච න සොචති,නැති දේ නිසා ශෝක නොකරයි
නාපරං ඉත්ථත්තායාති පජානාති,මේ ආත්මයෙහි තවත් කළයුතු දෙයක් නැතැයි දැනගනියි
ඉදං තතියං රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස යාවජීවං සාරණීයං හොති.,මෙය අභිෂේක ලත් ක්ෂත්‍රිය රජු විසින් ජීවිතාන්තය දක්වා සිහිපත් කළ යුතු තුන්වන කරුණයි.
තිබ්බානං ඛරානං කටුකානං වේදනානං.,තියුණු වූ රළු වූ කටුක වූ වේදනාවන් (ඉවසන්නෝ වමු).
ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු.,"මහණෙනි, මේ ධර්ම තුනෙන් සමන්විත වූ භික්ෂුව (පින් කෙතක් වෙයි)."
එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති අනපෙක්ඛිනො කාමසුඛං පහාය,ඒකත් කපලා කාම සුව අත්හැර ආසාව නැතිව පැවිදි වෙති
දුද්දසිකං,දැකුම් අපහසු
අබ්‍යාපන්නො සදා සතො අජ්ඣත්තං සුසමාහිතො.,නිතර ම තරහ නැතිව සිහියෙන් හා මනා සමාධියෙන් යුක්ත වන්න.
යදිදං අභිවාදනපච්චුට්ඨානඅඤ්ජලිකම්මසාමීචිකම්ම.,"ඒ වැඳීම, නැගිටීම, ඇඳිලි බැඳීම, ගරු බුහුමන් කිරීම."
එකච්චෙ එවමාහංසු ඛත්තවිජ්ජාසිප්පං සිප්පානං අග්ග,ඇතැමෙක් කීහ ශිල්පයන්ගෙන් ක්ෂත්‍ර විද්‍යා ශිල්පය උතුම්ය
තිස්සො ඉමා භික්ඛවෙ පටිපදා.,"මහණෙනි, මේ ප්‍රතිපදා තුනකි."
සො ඛො අහං සාරිපුත්ත,ඒ මම වනාහි ශාරීපුත්‍රය
"සාධු, භන්තෙ, භගවා යෙන රම්මකස්ස බ්‍රාහ්මණස්ස අස්සමො තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති.","""ස්වාමීනි, අනුකම්පා කර රම්මක බමුණාගේ ඒ ආශ්‍රමයට වැඩම කරන්නේ නම් මැනවි."""
කිං නු ඛො අහං අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මංයෙව පරියෙසාමි.,"""කුමක් හෙයින් මම ජාතිය ස්වභාවකොට ඇත්තෙක්ව ජාතිය ස්වභාව කොට ඇත්තක්ම සොයන්නෙම්ද?."" (ආදී වශයෙන් සියල්ලම)"
පළාසො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා පළාසං චිත්තස්ස උපක්කිලෙසං පජහති,පලාසය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන පලාසය දුරු කරයි
මක්ඛඤ්ච ඛො භික්ඛවෙ අභිජානං පරිජානං,මහණෙනි මක්ඛය හරිහැටි දැන පිරිසිඳ දැන
පටික්කමන්තු භූතානි නමො සත්තන්නං සම්මාසම්බුද්ධානං.,"භූතයෝ ඉවත් වෙත්වා, සත් බුදුවරුන්ට නමස්කාර වේවා."
යො ඉමෙසං පඤ්හානං වෙය්‍යාකරණෙන,යමෙක් මේ ප්‍රශ්නය විසඳීමෙන් (විග්‍රහ කිරීමෙන්)
උභයෙනෙව කත්තබ්බං මඤ්ඤති.,දෙපසින් ම (මනාප නිසා හා අර්ථවත් නිසා) කටයුතු යැයි සිතයි.
බහුඤ්ච භාසති අසහිතඤ්ච.,"බොහෝ දේ පවසයි, අර්ථ රහිත ය."
ජාලසඤ්ඡන්නා,දැලකින් වැසුණු අය
"තස්ස මය්හං, භික්ඛවෙ, තයො පාසාදා අහෙසුං - එකො හෙමන්තිකො, එකො ගිම්හිකො, එකො වස්සිකො.","මහණෙනි, මට ප්‍රාසාද තුනක් විය - එකක් හේමන්තයට ද, එකක් ගිම්හානයට ද, එකක් වර්ෂා කාලයට ද වේ."
යො ධම්මපදෙ සුදෙසිතෙ,හොඳින් දේශනා කළ මාර්ගයේ
"එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං ද්වින්නං පරිච්චාගානං යදිදං ධම්මපරිච්චාගොති.",මේ පරිත්‍යාග දෙකෙන් ධර්ම පරිත්‍යාගය අග්‍ර වෙයි.
"සීලවිපත්ති, චිත්තවිපත්ති, දිට්ඨිවිපත්ති.","සීල විපත්තිය, චිත්ත විපත්තිය සහ දිට්ඨි විපත්තියයි."
භික්ඛු නිරග්ගළො.,අගුළු රහිත වූ භික්ෂුව.
අත්ථො භතියා න විජ්ජති අථ චෙ පත්ථයසී පවස්ස දෙව,සේවකභාවයෙන් ප්‍රයෝජනයක් නැත වැසින්න කැමති නම් වසී දෙවියනි
කොධනා උපායාසබහුලා.,"කෝප වන, දැඩි අසහනය (අමනාපය) බහුල වූ."
"යෙ ච පන ලොකෙ සුඛං සෙන්ති, අහං තෙසං අඤ්ඤතරොති.","ලෝකයෙහි යම් කෙනෙක් සැපසේ සැතපෙත් ද, මම ඔවුන්ගෙන් එක් අයෙක් වෙමි."
සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා,සතුටු විය යුතු වූ ද සිහි කටයුතු වූ ද කතාව කොට නිමවා
සම්මා වාචං භාසිය,හරි වචන කියලා
"යො ච ඛො සො, භික්ඛවෙ, භික්ඛු අරහං ඛීණාසවො. තස්ස ඛො එතං කල්ලං වචනාය.","මහණෙනි, යම් අර්හත් වූ ක්ෂීණාශ්‍රව භික්ෂුවක් වෙත් ද, එවැනි භික්ෂුවකට පමණක් එම ගාථාව කීමට සුදුසුකම ඇත."
සගවචණ්ඩො ච පරගවචණ්ඩො ච.,සිය පිරිසටත් පිට පිරිසටත් යන දෙකට ම සැර ය.
යස්ස අස්සුමුඛො රොදං,කඳුලෙන් තෙත් මුහුණින් හඬමින්
කායදුක්ඛං චෙතොදුක්ඛං දුක්ඛං සො අධිගච්ඡති,කයික දුක සහ මානසික දුක ඔහු ලබයි
නප්පජානාති ඉදං දුක්ඛන්ති.,දුක පිළිබඳ සැබෑ අවබෝධය නැත (අභ්‍යන්තරය හිස් ය).
සබ්බං තමං විනොදෙත්වා,සියලු අඳුර දුරුකර
පඤ්හෙ පුට්ඨො යථාතථං,ප්‍රශ්න වලට සත්‍ය ලෙස
පහාතබ්බං,දුරුකළ යුතු දෙය
අථ ඛො භගවා සුන්දරිකභාරද්වාජං බ්‍රාහ්මණං ගාථාහි අජ්ඣභාසි,එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාහට මේ ගාථා වදාළහ
යං නිස්සිතො පස්සති හීනමඤ්ඤං,ඇසුරු කර අන්‍යයන් පහත් දකින නිසා
අප්පභොගො මහාතණ්හො,අල්ප දේ ඇතිව මහ තෘෂ්ණා
උපනාහො චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්වා උපනාහං චිත්තස්ස උපක්කිලෙසං පජහති,උපනාහය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන උපනාහය දුරුකරයි
උපනාහිස්ස පුරිසපුග්ගලස්ස අනුපනාහො හොති පරික්කමනාය,බද්ධවෛර ඇති පුද්ගලයාට එය දුරලීමට බද්ධවෛර රහිත බව ඇත්තේය
හීනො න මඤ්ඤෙථ විසෙසි වාපි,හීන හෝ උතුම් යැයි නොසිතයි
මධුවා මඤ්ඤති බාලො,බාලයා පාපය මිහිරි ලෙස සිතයි
තීණිමානි භන්තෙ ගන්ධජාතානි.,"ස්වාමීනි, මේ සුවඳ වර්ග තුනකි."
ආහාරානං නිරොධෙන,ආහාර නිරෝධයෙන්