SerendibLLM-PoemSong-Dataset / poems_clean.jsonl
Chamaka8's picture
Upload poems_clean.jsonl with huggingface_hub
f307d0e verified
{"source": "srilankapoems.com", "type": "poem", "title": "", "content": "අන්ධ ළමයා\nමල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා\nපෙනෙනවා දකිනවා කියනා ඒවා\nමොනවද අම්මෙ මම අහගන්නට ආවා\nතෝරා දෙන්න මම දන්නේ නෑ මේවා\nමල්වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද\nඒවා මොළොක් බව තේරෙනවා මටද\nඑළියක් කියා මොකවත් හෙම තියෙනවද\nමට තේරුම් ගන්ට අම්මේ බැරි මොකද\nඋණුසුම දැනේ දහවල මට රැයට වඩා\nවෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩා\nමට නොදැනෙන්නෙ මා කණ කොලුවෙකිලු කුඩා\nලොකු වෙන කොට දැනේවිද මම අසමි හඬා\nඇඟිලි තුඩට මල් පෙති වල ඇති මෙළෙක\nමට දැනෙනවා එය අල්ලන හැම විටෙක\nපාට කියා ඇත්නම් ගතියක් මලෙක\nඅම්මේ අත නොගෑවෙන එක තමයි දුක\nලස්සන කියන දේ නැහැයට වත් කනට\nමගේ දිවට හරි මගෙ අත පය වලට\nනොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට\nඉවසා ගෙන ඉන්න අම්මේ බැරිය මට\nඇයි අම්මේ අඬන්නේ මේ කඳුලු සලා\nමට දැනෙනවා යයි මගෙ අත් දිගට ගලා\nනාඬන් අම්මෙ නාඬන් මම විහිළු කළා\nඑන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තලා"}