document_id
int64
2
1.69k
filename
stringlengths
23
165
type
stringclasses
2 values
year
stringdate
1981-01-01 00:00:00
2014-01-01 00:00:00
total_pages
int64
2
93
chunks_processed
int64
1
7
overall_document_confidence
float64
0.75
1
text
stringlengths
674
146k
2
acts_1981-01-29_Institute_of_Supply_Materials_Management_Sri_Lanka_si
act
1981
6
1
0.991242
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 3 දරන ශ්‍රී ලංකා සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය පනත සහතිකය සටහන් කළේ 1981 ජනවාරි මස 29 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 ජනවාරි මස 30 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 3 දරන ශ්‍රී ලංකා සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය පනත [සහතිකය සටහන් කළේ 1981 ජනවාරි මස 29 වන දින1 ශ්‍රී ලංකා සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි. සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය " යනුවෙන් හඳුන් පුර්විකාම. වනු ලබන හා සඳහන් කරනු ලබන ආයතනයක්, සැපයුම් හා ද්‍රව්‍ය කළමනා කරණය පිළිබඳ එකී ආයතනයට සම්බන්ධ සියලු කරුණු, මූලධර්ම, පිළිවෙත් සහ ශිල්පීයකුම වැඩි දියුණු කිරීම සඳහාත්, එකී ආයතනයේ සාමාජිකයන් එකඟ වූ අතුරු ව්‍යවස්ථා අනුව, ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ සහ කරගෙන යාමේ කාර්යය සඳහාත් එක් දහස් නවසිය හැත්තෑ දෙවන වර්ෂයේ දී පිහිටුවනු ලැබූ හෙයින් ද: එකී ආයතනය පිහිටුවනු ලැබුවේ යම් පරමාර්ථ හා කරුණු සඳහා ද ඒ පරමාර්ථ හා කරුණු කීපය එකී ආයතනය විසින් මේ දක්වා සාර්ථක ලෙස ක්‍රියාත්මක කර හා ඉටු කර ඇති හෙයින් සහ ඒ ආයතනය සංස්ථාගත කරනු ලැබීමට ඉල්ලුම් කර ඇති හෙයින් ද එකි ඉල්ලීම ඉෂ්ට කිරීම මහජන යහපතට ඉවහල් වන හෙයින් ද: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 3 දරන ශ්‍රී ලංකා සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු " ආයතනය '' යනුවෙන් සඳහන් කරනු ලබන) සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනයේ සංස්ථාගත සාමාජිකයන්ව සිටින තැනැත්තන් හෝ මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාවට මින් මතු සංසථාගත සාමාජිකයන් වශයෙන් බඳවා ගනු ලබන තැනැත්තන් (ඔවුන් සංස්ථාගත සාමාජිකයන් ලෙස සිටින තාක් කල්) මේ පනත ආරම්භ වීමේ දින සිට හා ඉන් පසු, (මෙහි මින් මතු “ සංස්ථාව ” යනුවෙන් සඳහන් කරනු ලබන) · ශ්‍රි ලංකා සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ ආයතනය යන නාමය සහ අභිධානය යටතේ අවිච්ඡින් න පැවැත්මක් ඇති සංස්ථාවක් බවට පත වී, එසේ පැවතිය යුතුය. එකී නාමයෙන් සියලු අධිකරණයන්හි එය විසින් නඩු පවරනු ලැබීම හා එයට විරුද්ධව නඩු පවරනු ලැබීම කළ හැකි ය. තව ද, පොදු මුද්‍රාවක් තබා ගැනීමේ, පාවිච්චි කිරීමේ සහ සංස්ථාවේ අභිමතය හා කැමැත්ත පරිදි එය වෙනස් කිරීමේ පූර්ණ බලය හා අධිකාරය එයට ඇත්තේය. 3. සංස්ථාව සංස්ථාපනය කරනු ලබන්නේ මෙහි පහත ප්‍රකාශිත පොදු පරමාර්ථ පිණිස වේ :- (අ) සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ මූලධර්ම, ශිල්පීය ක්‍රම, පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම හා වැඩි දියුණු කිරීම; (ආ) සැපයුම් හා ද්‍රව්‍ය කළමනා කරණය පිළිබඳ පත්‍රිකා කියවීම සඳහා සහ ඒ හා සම්බන්ධ කරුණු සාකච්ඡා කිරීම සඳහා නිතිපතා රැස්වීම් පැවැත්වීම; (ඇ) සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ කී ක්ෂේත්‍රයෙහි වැඩ කටයුතු වලට බලපාන සැපයුම් කටයුතු පිළිබඳ ක්‍රියාකාරිත්වය ගැන පර්යේෂණ භාර ගැනිම සහ ශිල්පීය ක්‍රම වැඩි දියුණු කිරීම හා යම් සංවර්ධනයක් පිළිබඳව පරීක්ෂා කර වාර්තා කිරීම; (ඈ) සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණයෙහි නියුක්ත තැනැත තන්ගේ දැනුම පෘථුල කිරීමේ අදහසින් ශ්‍රී ලංකාවෙහි හෝ ඉන් පිටත, සම්මේලන, සම්මන්ත්‍රණ, ප්‍රසිද්ධ දේශන සහ සමූහ අධ්‍යයනය ආරම්භ කිරීම, ඒවා සංවිධානය කිරීම සහ පැවැත්වීම; (ඉ) සංස්ථාවේ සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලැබීමේ පාඨමාලා සහ විභාග පැවැත්වීම සහ සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ යෙහි නියුක්ත තැනැත්තන්ගේ ප්‍රවීණතාව පරීක්ෂා කර බැලීම සහ ප්‍රවීණතා සහතික ප්‍රදානය කිරීම; (ඊ) විවිධ සාමාජික ශ්‍රේණි වලට ඇතුළත් කර ගැනීම සඳහා අපේක්ෂකයන්ගේ සුදුසුකම තක්සේරු කිරීම; (උ) සංස්ථාවේ සාමාජිකයන්ගේ සහ ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත මහජනයාගේ හෝ ඉන් යම් කොටසක යහපත පිණිස සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ අධ්‍යයන කටයුතු සඳහා විද්‍යාල, ආයතන, ශාස්ත්‍රාල, පුස්තකාල හෝ පර්යේෂණ මධ්‍යස්ථාන පිහිටු වීම, නඩත්තු කිරීම හෝ ඊට ආධාර දීම හෝ පවත්වා ගෙන යාම; (ඌ) සංස්ථාවට විශේෂ වැදගත්කමක් ඇති විෂයයන් පිළිබඳ අධ්‍යයන කටයුතු කිරීමට සංස් ථාවේ සාමාජිකයන්ට අවස්ථා සලසා දීම සහ හැකි අවස්ථා වල දී ඒ අධ්‍යයන කටයුතු පළ කිරීම සඳහා සංවිධානය කිරීම; (එ) සැපයුම් හා ද්‍රව්‍ය කළමනා කරණයෙහි නියුක්ත සියලු තැනැතතත් අතර වෘත්තීය පැවැත්ම පිළිබඳ උසස් චර්යාධර්ම පද්ධතියක් ඇති කොට ක්‍රියාත්මක කිරීම; (ඒ) නවින කර්මාන්ත ක්ෂේත්‍රයෙහි කාර්යක්ෂම ලෙස මිල දී ගැනීම්, සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ වැදගත් කම ගැන පුළුල් පිළිගැනීමක් ලබා ගැනීම සහ ඒ පිළිබඳව වෘත්තීය තත්ත්වය වැඩි දියුණු කිරීම සහ රජයේ ව්‍යාපාර, කාර්මික ව්‍යාපාර ආයතන හෝ සමාගම් සඳහා මිල දී ගැනීම් වල සහ සැපයුම් වල නියුක්ත තැනැත්තන් අතර ආශ්‍රය සහ මිත්‍ර සම්බන්ධතා ඇති කිරීම; (ඔ) ශ්‍රී ලංකාවේ සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ වැදගත්කම ගැන මහජන උනන්දුව ඇති කිරීම සහ ඒ වැදගත්කම ගැන මහජන අවබෝධය ප්‍රගුණ කිරීම; (ඕ) ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල්වල සමාන හෝ සමාන්තර සම්බන්ධතා ඇති සංගම් සමඟ සම්බන්ධකම් ඇති කර ගැනිම, ප්‍රගුණ කිරීම සහ පවත්වා ගෙන යාම; සහ (ක) ඉහත කී පරමාර්ථ හෝ ඉන් යම් පරමාර්ථයක් මුදුන් පමුණුවා ගැනීමට ආනුශික හෝ ඉවහල් වන වෙනත් සියලුම ක්‍රියා සහ දේවල් කිරීම. 4. සංස්ථාවේ පරමාර්ථ ඉටු කිරීම සඳහා අවශ්‍ය බැංකු ගිණුම් විවෘත කිරීමේ, පවත්වා ගෙන යාමේ සහ වැසිමේ ද ඇප ඇතිව හෝ නැතිව මුදල් ණයට ගැනීමේ හෝ ලබා ගැනීමේ ද ප්‍රදානයන් සහ පරිත්‍යාග භාර ගැනීමේ සහ එකතු කිරීමෙ ද සංස්ථාවේ අරමුදල් ආයෝජනය කිරීමේද සේව පිරිස් නියුක්ත කර ගැනීමේ, සේවයෙහි නියුක්ත කිරීමේ සහ පහ කිරීමේ ද බලය ඇතුළුව, සංස්ථාවේ පරමාර්ථ හෝ ඒ පරමාර්ථ අතුරින් යම් පරමාර්ථයක් ප්‍රවර්ධනය කිරීම හෝ නංවාලීම සඳහා අවශ්‍ය හෝ යෝග්‍ය කවර ආකාරයක හෝ සියලු ක්‍රියා කිරීමේ ද කරුණු ඉටු කිරීමේ ද දේවල් ක්‍රියාවේ යෙදීමේ ද බලය සංස්ථාවට තිබිය යුතුය. 5. (1) සභාපතිගෙන් ද, උපසභාපතිවරු තිදෙනාගෙන් ද, ලේකම් ගෙන් ද, භාණ්ඩාගාරිකගෙන් ද, සංස්ථාවේ තත් කාලයේ බල පවත්නා අතුරු ව්‍යවස් ථාවලින් විධිවිධාන සලස්වා ඇති පරිදි වූ සහ ඒ අතුරු ව්‍යවස්ථා අනුව තෝරා පත් කර ගනු ලබන වෙනත් තැනැත්තන්ගෙන් ද සමන්විත සභාවක් මගින් සංස්ථාවේ කටයුතු, එකී අතුරු ව්‍යවස්ථා වලට යටත්ව, පරිපාලනය කළ යුතු ය. (2) මේ පනත ක්‍රියාත්මක වන දිනයේ දී ධුර දරන ආයතනයේ සභාව සංස්ථාවේ ප්‍රථම සභාව විය යුතුය. 6. (1) සංස්ථාවේ යම් මහා සභා රැස්වීමක දී, ඡන්දය දෙන සාමාජිකයන්ගේ අවශ්‍ය වැඩි ඡන්දයෙන් සංසථාව විසින්, සංසථා වේ කටයුතු කළමනාකරණය කිරීම සඳහා සහ එහි පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා, මේ පනතේ විධිවිධාන වලට අනනුකූල නොවන අතුරු ව්‍යවස්ථා කලින් කල සදනු ලැබීම නීත්‍යනුකූල වන්නේ ය. එවැනි අතුරු ව්‍යවස් ථා සාදන ලද විට, එවැනිම සභා රැස් වීමක දී ඒ ආකාරයෙන් ම ඒවා වෙනස් කිරීම ද ඒවාට යමක් එකතු කිරීම ද ඒ ව. සංශෝධනය කිරිම ද පරිච්ඡින්න කිරීම ද කරනු ලැබිය හැකිය. ( 2 ) මේ පනත ක්‍රියාත්මක වන දිනයෙහි බල පවත්නා ආයතන යේ අතුරු ව්‍යවස් ථා මේ වගන්තිය යටතේ සාදන ලද සංස්ථාවේ අතුරු ව්‍යවස්ථා ලෙස සලකනු ලැබිය යුතු අතර ඒවා මේ පනත යටතේ සාදනු ලබන අතුරු ව්‍යවස්ථා මගින් වෙනස් කිරීම, ඒවාට යමක් එකතු කිරීම, ඒවා සංශෝධනය කිරීම, පරිච්ඡින කිරීම හෝ ප්‍රතියෝජනය කිරීම කළ හැකිය. (3) සංස්ථාවේ සාමාජිකයන් සංස්ථාවේ අතුරු ව්‍යවස්ථාවලට 7. යම් මිලට ගැනීමක්, ප්‍රදානයක්, තෑගි කිරීමක්, අන්තිම කැමති පත්‍රයකින් දේ පළ බැහැර කිරීමක් කරණ කොටගෙන වෙනත් ආකාරයකින් හෝ සංස්ථාව සතු වන්නා වූ යම් චංචල නිශ්චල දේ පළක් භාර ගෙන සතුව තබා ගැනීමට නීතියෙහි ලා සංස්ථාවට හැකියාව හා ශක්නුතාව ඇත්තේ ය. තව ද ඒ සියලු දේ පළ, ඒවා විකිණීමට, උකස් කිරීමට, බදු දීමට, හුවමාරු කිරීමට හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීමට සම්පුර්ණ බලය ඇතිව, සංස්ථා වේ තත් කාලයේ බල පවත්නා අතුරු ව්‍යවස්ථා වලට යටත්ව, මේ පනතේ කාර්ය සඳහා සංස්ථාව විසින් සංස්ථාව සතුව තබාගත යුතුය. 8. සංස්ථාව - (අ) සංස්ථාව විසින් පවත්වනු ලබන යම් විභගයකට හෝ අධ්‍යයන පාඨමාලාවකට ඇතුළත් කර සඳහා සාධාරණ යයි සංස්ථාව සලකන ගාස්තු; (ආ) සංස්ථාවේ යම් සාමාජික ශ්‍රේණියකට තැනැත්තන් තෝරා ගැනීම සඳහා ගාස්තු; සහ (ඇ) සංස්ථාව විසින් සලසනු ලබන සේවාවන් සම්බන්ධයෙන් සාධාරණ යයි සංස්ථාව සලකන ග්‍රාහක මුදල් හා ගාස්තු සංස්ථාවේ සාමාජිකයන්ගෙන් අය කර ගැනීමට නීතියෙහි ලා හැකියාව හා ශක්නුතාව ඇත්තේය. 9. ශ්‍රී ලංකාවේ මිල දී ගැනීම්, සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරුවන් ලෙස වෘත්තියේ යෙදී සිටින හෝ ක්‍රියා කරන තැනැත්තන් අතර විනය පාලනය කිරීම සඳහා විනය පාලන කාරක සභා පත් කිරීමට සහ කලින් කල අවශ්‍ය යයි පෙනී යන වෙනත් පියවර ගැනීමට සංස්ථාවට බලය ඇත්තේය. 10. මෙි පනතේ කාර්ය සඳහා, මේ පනත ක්‍රියාත්මක වන අවස්ථාවේ දී පවතින ආයතනයේ සියලුම ණය හා බැරකම් මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාව විසින් ගෙවිය යුතු අතර, ආයතනයට අය විය යුතු සියලු ණය සහ ආයතනයට ලැබිය යුතු ග්‍රාහක මුදල්, දායක මුදල් සහ ගාස්තු සංස්ථාවට ගෙවනු ලැබිය යුතුය. 11. සභාවේ බලය ඇතිව සහ සභාවේ සාමාජිකයන් දෙදෙනකු සහ තත් කාර්යය සඳහා සභාව විසින් පත් කරනු ලබන පරිදි වූ තැනැත්තන් සංඛ්‍යාවක් ඉදිරිපිට දී හැර කිසිම සංධන පත්‍රයකට සංස්ථාවේ මුද්‍රාව නොතැබිය යුතු අතර, ඔවුන් පැමිණ සිටිය බවට සළකුණක් වශයෙන් ඔවුන් විසින් සාධන පත්‍රයෙහි තම නම් අත්සන් කළ යුතු ය. තවද, එසේ අත්සන් කිරීම යම් තැනැත්තකු සාක්ෂිකරුවකු වශයෙන් කරන අත්සන් කිරීමට බාහිරව විය යුතුය. 12. මේ පනතෙහි සඳහන් තැනැත්තන්ගේ හා ඔවුන් මගින් ඔවුන්ගෙන් හෝ ඔවුන් යටතේ හිමිකම් පාන්නවුන්ගේ අයිති වාසිකම්වලට හැර, ශ්‍රී ලංකා ජනරජයේ හෝ යම්, රාජ්‍ය මණ්ඩලයක හෝ සංස්ථාවක හෝ වෙනත් යම් තැනැත්තන්ගේ හෝ අයිති වාසිකම්වලට මේ පනතෙහි ඇතුළත් කිසිවකින් හානියක් හෝ බලපෑමක් හෝ නොවන්නේ ය.
3
acts_1981-01-29_Presidential_Elections_Special_Provisions_si
act
1981
10
1
0.992651
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ( සහතිකය සටහන් කළේ 1981 ජනවාරි මස 29 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී 1981 ජනවාරි මස 30 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ආණ්ඩුක්‍රම ව්‍යවස් ථාවේ 40 වන ව්‍යවස් ථාවට අනුකූලව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිණිස වූ ඡන්ද විමසීමේ කාර්ය පටිපාටිය සඳහා විධිවිධාන සැලැවීම පිණිස ද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස් වීම පිණිස ද වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතානත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 2 දරන ජනාධිපතිවරයා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යනුවෙන් හඳුන් වනු ලැබේ. 2. ආණණ්ඩුක්‍රම ව්‍යවස් ථාවේ 38 වන ව්‍යවස් ථාවෙහි (1) වන අනු ව්‍යවස්ථාව ප්‍රකාර ජනාධිපතිවරයාගේ ධුරය හිස් වූ අවස් ථාවක දී, මේ පනතේ විධිවිධාන අදාළ විය යුතු ය. 3. (1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වේ 38 වන ව්‍යවස් ථාවෙහි ( 1 ) වන අනුව්‍යවස්ථාවේ (ඊ) අනුඡේදය හැරුණු විට එම (1) වන අනුව්‍යවස්ථාව ප්‍රකාර ජනාධිපතිවරයාගේ ධුරය හිස් වූ අවස් ථාවකදී, ජනාධිපති ධුරයට තෝරා පත් කර ගැනීමට සුදුසුකම් ඇත්තා වූ මන්ත්‍රීවරයන් අතුරින් යම් ම චීවරය කු, ධුරය හිස් කළ ජනාධි පතිවරයාගේ ධුර කාලයෙන් නොගෙවී ඉතිරිව ඇති ධුර කාලය තුළ ධූරය දැරීම සඳහා, ජනාධිපතිවරයා වශයෙන් පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගත යුතු ය. (2) ඒ තෝරා පත් කර ගැනීම, පුරප්පාඩුව සිදු වූ දිනට පසුව, හැකි ඉක්මණින් ද එදින සිට කිසිදු අවස්ථාවක දී මාස එකක් නොඉක් මවවා ද පවත්වනු ලැබිය යුතු ය: එසේ වුව ද, ඒ පුරජ පාඩුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු සිදු වුව හොත්, නව පාර්ලිමේන්තුව විසින් එහි ප්‍රථම රැස්වීමෙන් මාස එකක් ඇතුළත දී ජනාධිපතිවරයා තෝරා පත්කර ගත යුතුය. 4. පාර්ලිමේන්තුව විසුරුවා හැර නොමැති අවස් ථාවක, ජනාධිපති ධුරයේ පුරප් පාඩුවක් ඇති වූ විට, ඒ පුරප්පාඩුව, එය ඇති වී දින තුනක් ඇතුළත රැස්වීම් සඳහා පාර්ලිමේන්තුව කැඳවීමක් ක්‍රියාත් මක විය යුතු ය. ඒ රැස්වීම සඳහා නියමිත දිනය සහ වේලාව (මෙහි මින් මතු මහ ලේ කම්වරයා " යනුවෙන් සඳහන් කරනු ලබන) පාර්ලිමේන්තුවේ මහ ලේ කම්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් හට දැනුම් දිය යුතු ය. 5. 4 වන වගන්තියට අනුකූලව පාර්ලිමේන්තුව රැස් වූ විට දී ජනාධිපති ධුරයෙහි පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව මහ ලේකම් චරයා විසින් පාර්ලිමේන්තුවට දන්වා සිටිය යුතු ය. ඒ රැස්වීමේ දියෙහි සිට පැය හතලිස් අටකට කලින් නොවන්නා වූ සහ දින හතකට පසු නොවන්නා වූ දිනයක තමා විසින් නාම යෝජනා භාර ගනු ලබන දිනයක් සහ වේලාවක් නියම කළ යුතුය. 6. (1) නාම යෝජනා භාර ගැනීම සඳහා නියම කරනු ලැබූ දිනයේ දී, පාර්ලිමේන්තුව රැස් විය යුතු අතර, මහ ලේකම්වරයා, තෙ රීම් භාර නිලධරයයා වශයෙන් ක්‍රියා කළ යුතුය. ( 2 ) ජනාධිපති ධුරය සඳහා තෝරා පත් කර ගනු ලැබීමට මන්ත්‍රී වරයකු යෝජනා කිරීමට අදහස් කරන්නා වූ සෑම මන්ත්‍රීවරයකු ම, තමා විසින් එසේ යෝජනා කරනු ලබන මන්ත්‍රීවරයා තෝරා පත් කර ගනු ලැබුවහොත්, ඒ ධුරයෙහි සේවය කිරීමට ඔහු කැමති බවට වූ ලිඛිත එකඟත්ත්වය කලින් ලබා ගත යුතුය. (3) මන්ත්‍රීවරයකු තමා විසින් ම මහ ලේ කවරයා අමතමින් පාර්ලිමේන්තුවට පැමිණ සිටින වෙනත් යම් ම චීවරයකු ජනාධි පති ධුරය සඳහා යෝජනා කළ යුතුය. වෙනත් මන්ත්‍රීවරයකු විසින් ඒ යෝජනාව ස්ථිර කරනු ලැබිය යුතු නමුත්, විවාදයක් පැවැත් වීමට ඉඩ නොදිය යුතුය ( 4 ) ජනාධිපති ධුරය සඳහා එක් මන් න්ත්‍රීවරයකු පමණක් එසේ යෝජනා කරනු ලැබ ස්ථිර කරනු ලැබී නම්, මහ ලේකම්වරයා විසින්, ඔහු ඒ ධූරය සඳහා තෝරා පත් කර ගනු ලැබූ ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතුය. එක් මන්ත්‍රීවරයකුට වඩා වැඩි දෙනකු එසේ යෝජනා කරනු ලැබ, ස්ථිර කරනු ලැබුවේ නම්, 3 වන වගන් තියේ (2) වන උපවගන්තියට යටත්ව ඡන්දය විමසීම සඳහා දිනයක් සහ වේලාවක් පාර්ලිමේන්තුව විසින් නියම කළ යුතුය. එම දිනය නාම යෝජනා පත්‍ර භාරගැනීමේ වේලාවෙන් පැය හතළිස් අටකට පසුව වු දිනයක් නොවිය යුතු ය. 7. (1) ඡන්දය විමසීම සඳහා නියම කරනු ලැබූ දිනයේ දී, මහ ලේ කම්වරයා, තේරීම් භාර නිලධරයා වශයෙන් ක්‍රියා කළ යුතු අතර, ඡන්ද විමසීම පවත් වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු කරුණු පහත සඳහන් විධි විධාන වලට යටත්ව කරනු ලැබිය යුතු ය. ( 2 ) ඡන්දය දීම අරම්භ කිරීමට පෙර, තේරීම් භාර නිලධරයා විසින් හින් ඡන්ද පෙට්ටිය හෝ පෙට්ටි මන්ත්‍රීවරුන්ට පෙන්වා ඉන්පසු ඔවුන් ඉදිරියේ දී අවස් ථාවෝචිත පරිදි, එයට හෝ ඒ වාට මුද්‍රා තැබිය යුතුය. ( 3 ) ඡන්දය දීම ආරම්භ කළ විට, තේ රීම් භාර නිලධරයා විසින් කථානායකවරයා ඇතුලුව එක් එක් මන් න්ත්‍රීවරයාගේ නම අඬ ගසනු ලැබිය යුතු අතර, ඒ එක් එක් මන්ත්‍රීවරයා තේරීම් භාර නිලධරයා ගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබා ගත යුතු ය. ඒ මන් න්ත්‍රීවරයා ඉදිරියේ දී තේරීම් භාර නිලධරයා විසින් ඡන්ද පත්‍රිකාවේ පසු පැත්තෙහි ස්වකීය නමේ මුලකුරු සහිතව කෙටි අත්සන තැබිය යුතු ය. (4) ඡන්ද පත්‍රිකාවක් ලබා ගත් මන්ත්‍රීවරයා, ඉන් පසු ගර්භයෙහි තබා ඇති කුටිය වෙත ගොස් තමාමාගේ ඡන්ද පත්‍රිකාව ලකුණු කළ යුතුය. (5) සෑම ඡන්ද පත්‍රිකාවක් ම මෙහි උප ලේඛනයෙහි දක්වා ඇති ආකෘතියට සාරානුකූල විය යුතු අතර, සියලුම ඡන්ද අපේක්ෂක යන්ගේ නම් එහි ඇතුළත් විය යුතු ය. (6) මන්ත්‍රීවරයකු ඡන්ද පත්‍රිකාවක් ලැබූ විට දී, මෙහි මින් මතු විධිවිධාන සලස්ස්වා ඇති ආකාරයට, තමා ඡන්දය දීමට කැමැත්තේ කා හට ද යන්න එහි පෙන්නුම් කළ යුතුය. ඊටපසු මන්ත්‍රීවරයා විසින්, ඡන්ද පත්‍රිකාවෙහි ඇති තේරීම් භාර නිලධරයාගේ කෙටි අත්සන පෙනෙන පරිදි එ ඡන්ද පත්‍රිකාව නවා, කෙටි අත්සන තේරීම් භාර නිලධරයාට පෙනෙන ආකාරයට ඡන්ද පත්‍රිකාව තබා ගෙන, තේරීම් භාර නිලධරයාගේ මේසය මත තබා ඇති ඡන්ද පෙට්ටියට හෝ ඡන්ද පෙට්ටි එකකට වඩා ඇත්නම්, ඒ ඡන්ද පෙට්ටි වලින් එකකට හෝ ඡන්ද පත්‍රිකාව දැමීය යුතුය. (7) මන්ත්‍රීවරයකු විසින් අනවධානයෙන් ඡන්ද පත්‍රිකාවක් නරක් කරන ලද්දේ නම්, එය තේරීම් භාර නිලධරයාට ආපසු දිය හැකි අතර, ඒ අනවධානය පිළිබඳව තේරීම් භාර නිලධරයා සෑහීමට පත් වන්නේ නම්, වෙනත් ඡන්ද පත්‍රිකාවක් ඔහුට දිය යුතු ය. තවද, නරක් වූ ඡන්ද පත්‍රිකාව ඒ තේරීම් භාර නිලධරයා විසින් නොපමා වම අවලංගු කළ යුතුය. ( 8 ) ඡන්දය දීම අවසන් විය යුතු වේලාවට පෙර, තෙරීම් භාර නිලධරයා විසින්, (3) වන උපවගන්තිය යටතේ නම අඬ ගැසූ විට ඡන්දය නුදුන් යම් මන්ත්‍රීවරයකුගේ නම දෙවන වරටත් අඬ ගැසිය යුතු ය. දෙවන වරටත් තමාගේ නම අඬ ගසනු ලැබූ පසු ඒ මන්ත්‍රීවරයා ඡන්දය නොදෙන්නේ නම් ඔහු ඡන්දය දීමෙන් වැළකී සිටිය ලෙස සලකනු ලැබිය යුතු ය. 8. එක් මන්ත්‍රීවරයකුට එක් ඡන්දයක් පමණක් තිබිය යුතුය. කිසිම ඡන්දයක් ප්‍රතියක් තිකයකු මගින් නොදිය යුතුය. මන්ත්‍රී වරයකු, තමාගේ ඡන්දය දීමේදී (අ) තමා ඡන්දය දෙන්නේ යම් අපේක් ෂකයකුට ද, තම ඡන්ද පත්‍රිකාවෙහි ඒ අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් වූ කොටු වෙහි 4 යන ඉලක් කම යෙදිය යුතුය; තව ද (ආ) මීට අමතරව, ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියෙන් කොටුවල, 2 යන ඉලක්කම හෝ 2 සහ 3 යන ඉලක්කම් හෝ 2, 3 සහ 4 යන ඉලක්කම් ආදී වශයෙන් හෝ තම මනාපයන්හි අනුපිළිවෙල අනුව ඡන්ද පත්‍රිකාවෙහි යෙදිය හැකිය. 9. (අ) මන්ත්‍රීවරයා හඳුනා ගත හැකි යම්කිසි දෙයක් ලියා ඇති හෝ සළකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවක්; හෝ (ආ) තේරීම් භාර නිලධරයාගේ කෙටි අත්සන නොදරන ඡන්ද පත්‍රිකාවක්; හෝ (ඇ) 1 යන ඉලක්කම සළකුණු කරනු නොලැබූ ඡන්ද පත්‍රිකාවක්; හෝ (ඈ) එක් ඡන්ද අපේක් ෂකයකුගේ නමට වඩා වැඩි ගණන කගේ නම් ඉදිරියෙන් 1 යන ඉලක්කම ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකාවක් ; හෝ (ඉ) සළකුණු නොකරන ලද හෝ අවිනිශ්චිතතාවය නිසා බල රහිත වන්නා වූ ඡන්ද පත්‍රිකාවක් අවලංගු විය යුතුය. 10. (1) තේරීම් භාර නිලධරයා විසින් ඡන්ද පත්‍රිකා පරික්ෂා ගණන් කිරීම. කළ යුතු අතර, අවලංගු වූ යම් ඡන්ද පත්‍රිකා ප්‍රතික් ෂේප කිරීමෙන් පසු ඉතිරි ඡන්ද පත්‍රිකා එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් සටහන් කරනු ලැබූ පළමුවන මනාපයන් අනුව, වෙන් කළ යුතුය. ඊට පසු ඔහු එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් සටහන් කරනු ලැබූ මනාපයන් සංඛ්‍යාව ගණන් කළ යුතුය. (2) ඡන්ද ගණන් කිරීමේ දී පැමිණ සිටීමට යම් ඡන්ද අපේක්ෂකයෙක් කැමැත්තෙහි නම්, ඔහුට එසේ කළ හැකි ය. නැතහොත් ගණන් කිරීමේ දී තමා නියෝජනය කිරීමට වෙනත් මන් න්ත්‍රීවරයකු පත් කිරීමට ඔහු කැමැත්තෙහි නම්, ඒ මන් න්ත්‍රීවරයාගේ කැමැත්ත ලබා ගැනීමෙන් පසු ඔහු විසින් ඒ බව තේරීම් භාර නිලධරයාට දැන්විය හැකිය 11. දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේකෂකයකු ලබා ගත්තේ නම්, ඒ අපේක්ෂකයා ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව තේරීම් භාර නිලධරයා විසින් නොපමාව ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතුය 12.(1) දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක් ෂකයකුට ලැබී නොමැති අවස් ථාවක දී, අඩුතම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අපේක් ෂකයා තේරීම් භාර නිලධරයා විසින් තරගයෙන් ඉවත් කරනු ලැබිය යුතුය. තව ද එසේ තරගයෙන් ඉවත් කරන ලද අපේක්ෂකයාට ඡන්දය දුන් එක් එක් මන්ත්‍රීවරයා තම දෙවන මනාපය සටහන් කර ඇත්තේ යම් අපේක් ෂකයකු සඳහා ද ඒ අපේක්ෂකයාට ලැබුණු ඡන්දයක් ලෙස ඒ දෙවන මනාපය ගණන් කරනු ලැබිය යුතු අතර ඒ අපේක්ෂකයාගේ වාසියට එවකටත් ගණන් කර ඇති ඡන්ද සංඛ්‍යාවට යට කී පරිදි ගණන් කරනු ලැබූ දෙවන මනාපය එකතු කරනු ලැබිය යුතුය. (2) (1) වන උපවගන්තියේ සඳහන් පරිදි තරගයෙන් ඉවත් කර ගණන් කිරීමෙන් පසු දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක් ෂකයකුට ලැබී නොමැති නම්, එක් එක් ගණන් කිරීමේ දී අඩුතම ඡන්ද සංඛ්‍යාව ලබා ගත් අපේක් ෂකයා තරගයෙන් ඉවත් කරමින් සහ- (අ) තරගයෙන් ඉවත් කරනු ලැබූ අපේක්ෂකයකු සඳහා ඡන්දය දුන් මන්ත්‍රීවරයකුගේ දෙවන මනාපය; හෝ (ආ) එකී දෙවන මනාපය දෙනු ලැබ ඇති අපේක්ෂකයා ද තරග යෙන් ඉවත් කරනු ලැබ ඇත් නම් ඒ ඡන්දය දුන් මන්ත්‍රී වරයාගේ තුන්වන මනාපය; හෝ (ඇ) එකී තුන්වන මනාපය දෙනු ලැබ ඇති අපේක්ෂකයා ද තරඟයෙන් ඉවත් කරනු ලැබ ඇත්නම් ඒ ඡන්දය දුන් මන්ත්‍රීවරයාගේ ඊළඟ මනාපය යන ආදී වශයෙන් වූ මනාප, තරගයේ ඉතිරි අපේක්ෂකයන්ගේ වාසියට එවකටත් ගණන් කර ඇති ඡන්ද වලට එකතු කරමින් ද අඩුතම ඡන්ද සංඛ්‍යාව ලබන අපේක්ෂකයා තරගයෙන් ඉවත් කරමින් ද ඡන්ද ගණන් කිරීම තේරීම් භාර නිලධරයා විසින් කර ගෙන යා යුතුය. (3) (2) වන උපවගන්තියේ සඳහන් ගණන් කිරීම අවසානයේ දී දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක් ෂකයකු විසින් ලබා ගෙන නොමැති අවස්ථාවක දී එකී ගණන් කිරීමේ දී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන ඇති අපේක්ෂකයා ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව තේරීම් භාර නිලධරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතු ය. 13. (1) අපේක්ෂකයන් දෙදෙනකු විසින් ලබාගත් ඡන්ද අතර සමානත්වයක් දක්නට ලැබෙන්නා වූ ද එමෙන් ම එක් ඡන්දයක් එකතු කිරීමෙන්, මේ පනත යටතේ ජනාධිපතිවරයා වශයෙන් කි නම් අපේක්ෂකයකු ප්‍රකාශයට පත් කරනු ලැබිය යුතු දැයි තීර ණය කෙරෙන්නා වූ ද අවස් ථාවක, එසේ තීරණය කිරීමේ කාර්යය සඳහා ඒ අතිරේක ඡන්දය දෙනු ලැබුවේ යයි සලකනු ලැබිය යුතු අපේක්ෂකයා තීරණය කිරීම තේරීම් භාර නිලධරයා විසින් තම පරම අභිමතය අනුව යම් ආකාරයකින් කුසපත් ඇදීමෙන් කරනු ලැබිය යුතු අතර, ඒ අපේක්ෂකයා ජනාධිපති ධූරයට තෝරා පත් කර ගනු ලැබූ බව ඔහු විසින් ප්‍රකාශයට පත් කළ යුතුය. (2) අපේක්ෂකයන් දෙදෙනකු විසින් හෝ ඊට වැඩි දෙනකු විසින් ලබා ගත් ඡන්ද අතර සමානත් වයක් දක්නට ලැබෙන්නා වූ ද එමෙන්ම එක් ඡන්දයක් එකතු කිරීමෙන් මේ පනත යටතේ කිනම් අපේක්ෂකයකු ඉවත් නොකළ යුතු දැයි තීරණය කෙරෙන් නාවූ ද අවස්ථාවක, එසේ තීරණය කිරීමේ කාර්යය සඳහා ඒ අතිරේක ඡන්දය දෙනු ලැබුවේ යයි සලකනු ලැබිය යුතු අපේක් ෂකයා තීරණය කිරීම, තේ රීම් භාර නිලධරයා විසින් තම පරම අභිමතය අනුව, යම් ආකාරයකින් කුසපත් ඇදීමෙන් කරනු ලැබිය යුතුය. 14. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව, ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති වූ අවස් ථාවක දී, නව පාර්ලිමේන් තුව විසින්, එහි පළමු රැස්වීමෙන් එක් මාසයක් ඇතුළත දී ජනාධිපතිවරයා තෝරා පත් කර ගත යුතු ය. 15. නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමේ දී, මහ ලේකම්වරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස් ථාවේ 40 වන ව්‍යවස් ථාවේ (1) වන අනුව්‍යවස්ථාව ප්‍රකාර, ජනාධිපති ධූරයේ පරජ පාඩුවක් ඇති වී ඇති බව ප්‍රකාශයට පත් කළ යුතු අතර, ඒ රැස්වීමේ දී ඒ පුරප්පාඩුව පිරවීම සඳහා නාම යෝජනා භාර ගනු ලැබිය යුතු ය. 6 වන වගන් තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, මේ වගන්තිය යටතේ නාම යෝජනා භාර ගැනීමට අදාළ විය යුතුය. 16. 7 වන, 8 වන, 9 වන, 10 වන, 11 වන, 12 වන සහ 13 වන වගන්තිවල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, 14 වන වගන් තිය යටතේ ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සඳහා සහ ඒ සම්බන්ධයෙන් අදාළ විය යුතු ය. 17. ජනාධිපති ධුරයට තෝරා පත් කරනු ලැබූ බවට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අපේක්ෂකයාගේ නම ඒ තෝරා පත් කර ගැනීමේ දිනයේ සිට දින තුනක් ඇතුළත දී මහ ලේකම්වරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබීමට සැලැස්විය යුත ය. 18. මන්ත්‍රීවරයකු, ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගනු ලැබූ බව ප්‍රකාශයට පත් කරනු ලැබූ පසු, ඡන්ද පත්‍රිකා පෙට්ටි යක තැන්පත් කරනු ලැබිය යුතුය. ඒ පෙට්ටිය, මන්ත්‍රීවරයන් ඉදිරියෙහි දී මුද්‍රා තැබිය යුතු අතර, එය ලිත් මාස හයක් ගත වන තෙක් මහ ලේ කම්වරයා භාරයේ තැබිය යුතුය. ඒ කාල සීමාව ගත වූ පසු, තමාට පාර්ලිමේන්තුවෙන් ලැබිය හැකි යම් විධානයකට යටත්ව, ඒ ඡන්ද පත්‍රිකා විනාශ කිරීමට සැලැස් විය යුතු අතර, ඒ විනාශ කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිය යුතු ය. 19. (1) ජනාධිපති ධුරයටඅපේක්ෂකයකු තෝරා පත් කර ගැනීම, (අ) තෝරා පත් කර ගනු ලැබූ අපේක් ෂකයා විසින් හෝ තෝරා පත් කර ගනු ලැබූ අපේක්ෂකයාගේ දැනීම ඇතිව සහ ඔහු වෙනුවෙන් වෙන යම් තැනැත්තකු විසින් හෝ ඡන්ද විම සීමේ දී අල්ලස් හෝ අයුතු බලපෑමේ වරදක් සිදුකර ඇති බව හෝ ආ) (i) තෝරා පත් කර ගනු ලැබූ අපේක්ෂකයා නොවන්නා වූ හෝ ඔහුගේ දැනීම ඇතිව සහ ඔහු වෙනුවෙන් ක්‍රියා කරන්නා වූ තැනැත්තකු නොවන්නා වූ හෝ යම් තැනැත්තකු විසින් ඡන්ද විමසීමේ දී අල්ලස් හෝ අයුතු බලපෑමේ වරද සිදු කරනු ලැබ තිබීමේ හේතුව නිසා; හෝ (ii) ඡන්දයක් අනිසි ලෙස භාර ගැනීම හෝ ප්‍රතික් පේප කිරීම නිසා; හෝ (iii) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ මේ පනතේ විධිවිධාන වලට හෝ අනනුකූල වීම නිසා හෝ තෝරා පත් කර ගැනීමේ ප්‍රතිඵලය කෙරෙහි සැලකිය යුතු ලෙස බලපා ඇති බව; හෝ (ඇ) යම් අපේක්ෂකයකුගේ නම යෝජනා පත්‍රය වැරදි ලෙස ප්‍රති ක්ෂේප කරනු ලැබ ඇති බව යන හේතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණය සෑහීමට පත්වන පරිදි ඔප්පු කළ හැකි යම් හේතුවක් මත ඡද පෙත් සමක දී ඒ තෝරා පත් කර ගැනීම බල රහිත යයි ප්‍රකාශ කරනු ලැබිය යුතු ය. (2) (1) වන උපවගන්තියේ කාර්ය සඳහා, ඡන්ද විමසීමක දී, අල්ලස් සහ අයුතු බලපෑමේ වරදවල් සම්බන්ධයෙන් 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනතේ දී ඇති අර්ථයම ඇත්තේය. 20. (1) අයුතු බලපෑම හෝ අල්ලස යන ක්‍රියාව කරන සැම තැනැත්තකු ම මහෙස ත්‍රාත් වරයකු විසින් වරද කරු කරනු ලැබූ විට රුපියල් පන්සියයක් නොඉක්මවන දඩයකට හෝ මාස හයක් නො ඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කරනු ලැබීමට හෝ ඒ දඩය හා ඒ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතුය. (2) මේ පනත යටතේ වරදකට වරදකරු කරනු ලැබූ සෑම තැනැත්තකුම, එසේ වරදකරු කරනු ලැබීම හේතු කොටගෙන, එසේ වරදකරු කරනු ලැබූ දින සිට වර්ෂ හතක කාලයකට ඡන්ද හිමියකු වශයෙන් ලියාපදිංචි කරනු ලැබීමට හෝ මේ පනත යටතේ තෝරා පත් කර ගැනීමක දී ඡන්දය දීමට හෝ ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබීමට හෝ නුසුදුස් සක වන්නේ ය. (3) නීතිපතිවරයාගේ අනුමතය නොමැතිව, මේ පනත යටතෙ නඩුවක් පවරනු නොලැබිය යුතුය. 21. (1) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ඡන්ද මක් මගින් හැර, කිසිම තෝරාපත් කර ගැනීමක් ප්‍රශ්න කරනු නොලැබිය යුතුය. (2) එවැනි තෝරාපත් කර ගැනීමක යම් අපේක්ෂකයකු විසින් හෝ පාර්ලිමේන්තුවේ යම් මන්ත්‍රීවරයකු විසින් හෝ 19 වන වගන් තියේ (1) වන උපවගන්තියෙහි සඳහන් කරනු ලැබූ එක් හේතුවක් හෝ ඊට වැඩි හේතු සංඛ්‍යාවක් මත තෝරා පත් කර ගැනීමක් ප්‍රශ්න කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබිය හැකි ය. (3) එවැනි යම් පෙත්සමක්, තෝරාපත් කර ගැනීමේ දී තෝරා පත් කරගනු ලැබූ අපේක්ෂකය ගේ නම අඩංගු ප්‍රකාශයක් ගැසට් පත්‍රයෙහි පළ කිරීමෙන් පසු, එහෙත් ඒ පළ කිරීමේ දින සිට දින තිහකින් පසු නොවන යම් වේලාවක දී ඉදිරිපත් කරනු ලැබිය හැකි ය. 22. පෙත්සම්කරුවකු විසින් පහත සඳහන් ප්‍රකාශයන්ගෙන් කවර හෝ ප්‍රකාශයක් ඉල්ලා සිටිනු ලැබිය හැකි ය:- (අ) තෝරාපත් කරගනු ලැබූ අපේක්ෂකයාගේ තෝරා පත් කර ගනු ලැබීම අවලංගු සහ බල රහිත බවට; (ආ) තෝරා පත්කර ගනු ලැබූ අපේක්ෂකයාගේ තෝරාපත් කරගනු ලැබීම බල රහිත බවට සහ තමා අපේක්ෂකයකු වූයේ නම්, තමාම හෝ වෙනත් යම් අපේක්ෂකයකු යථා පරිදි තෝරා පත් කර ගනු ලැබූ බවට. 23. ( 1 ) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඡන්ද පෙත්සම විභාග කිරීම අවසන් කළ පසු,- (අ) ඡන්ද පෙත්සම නිෂ්ප්‍රහ කරමින්; හෝ (ආ) තෝරා පත් කරගනු ලැබූ අපේක්ෂකයාගේ තෝරා පත් කර ගනු ලැබීම බල රහිත බව ප්‍රකාශ කරමින්; හෝ (ඇ) තෝරා පත් කර ගනු ලැබූ අපේක්ෂකයාගේ තෝරා පත් කර ගනු ලැබීම බල රහිත බව සහ පෙත්සම්කරු අපේක්ෂකයකු වුයේ නම්, ඔහු හෝ වෙන යම් අපේක්ෂකයකු යථා පරිදී තෝරා පත් කර ගත් බව ප්‍රකාශ කරමින් ලිඛිත ආඥාවක් කළ යුතුය. (2) (1) වන උපවගන්තිය යටතේ ආඥාවක් කරනු ලබන අවස්ථා වක දී, ගෙවිය යුතු සම්පූර්ණ ගාස්තු ප්‍රමාණය නියම කරමින් හා ගස්තු ගෙවිය යුත්තේ කවර තැනැත්තන් විසින් කවර තැනැත් තන්හට ද යන වග සඳහන් කරමින් ආඥාවක ද ශ්‍රේ ෂ්ඨාධිකරණය විසින් කළ යුතුය 24. 23 (1) වන වගන්තිය යටතේ කරන ලැබූ ශ්‍රේ ෂෂ්ඨාධිකරණයේ ආඥාව, ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට යැවිය යුතු ය. 25. (1) 24 වන වගන්තියෙන් නියම කරනු ලැබූ පරිදි ශ්‍රේෂ්ඨා ධිකරණයේ ආඥාව කථානායකවරයාට යවනු ලැබූ විට - (අ) ආඥාව බල සහිත විය යුතු ය; තවද (ආ) තොරා පත් කර ගැනීම හෝ තෝරා පත් කර ගත් බව ප්‍රකාශ කිරීම ස්ථිර කළ යුතුය. නැතහොත් එය අවලංගු සහ බල රහිත බව ප්‍රකාශ කරනු ලැබිය යුතුය. තවද කථානායක වරයා විසින් ඒ අඥාව නොපමාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. තෝරා පත්කර ගැනීම අවලංගු සහ බල රහිත බව ප්‍රකාශයට පත් කරනු ලැබුවහොත් අලුත් තෝරා පත් කර ගැනීමක් කිරීමට මහ ලේකම්වරයා විසින් අලුත් ඡන්ද විමසීමක් පැවැත්විය යුතුය. (2) 6 වන, 7 වන, 8 වන, 9 වන, 10 වන, 11 වන, 12 වන සහ 13 වන වගන්තිවල විධිවිධාන, (1) වන උපවගන්තියෙහි (ආ) ඡේදය යටතේ ජනාධිපතිවරය ගේ තෝරා පත් කර ගැනීම සහ ඒ සම්බන්ධයෙන්, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අදාළ විය යුතුය.
4
acts_1981-02-11_Consular_Functions_si
act
1981
9
1
0.98291
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 4 දරන කොන්සල් කර්තව්‍ය පනත [සහතිකය සටහන් කළේ 1981 පෙබරවාරි මස 11 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 පෙබරවාරි මස 13 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 4 දරන කෙන්සල් කර්තව්‍ය පනත [සහතිකය සටහන් කළේ 1981 පෙබරවාරි මස 11 වන දින ) ශ්‍රී ලංකාවේ තානාපති හා කොන්සල් නිලධරයන් විසින් විදේශීය රටවල ඇතැම් කොන්සල් කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා ද ඒ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා ගාස්තු නියම කිරීම හා අය කිරීම සඳහා ද විධිවිධාන සැලැස්වීම් පිණිස ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 4 දරන කොන්සල් කාර්තව්‍ය පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. සෑම තාන පති හෝ කොන්සල් නිලධරයකුට ම ශ්‍රී ලංකාවේ යම් ලිඛිත නීතියකට අනුකූලව, ඔහු පිළිගනු ලැබූ හෝ පත් කරනු ලැබූ යම් විදේශීය රටක යම් කොන්සල් කර්තව්‍යයක් ක්‍රියාත්මක කිරීමට මෙයින් බලය පවරනු ලැබේ: එසේ වුවද, ඒ කර්තව්‍යය ක්‍රියාත්මක කරනු ලබන්නේ යම් රටක ද එ රටේ ලිඛිත නීති මගින් ඒ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීම තහනම් කරනු ලැබ නොතිබිය යුතුය. 3. ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන තැනැත්තකු හෝ වෙනත් යම් තැනැත්තකු විසින් කරනු ලබන ඉල් ල්ලීමකින් පසු තානපති හෝ කොන් සල් නිලධරයකු විසින් - (i) යම් ලේඛනයක් වලංගු කිරීම සඳහා සහතික කිරීම, සාක්ෂි දැරීම, සත්‍ය බවට සහතික කිරීම හෝ එවැනි වෙනත් යම් ක්‍රියාවක් කිරීම; (ii) යම් ලේඛනයක් සිංහල හෝ දෙමළ භාෂාවෙන් වෙනත් යම් භාෂාවකට පරිවර්තනය කිරීම; (iii) යම් ලේඛනයක් වෙනත් යම් භාෂාවකින් සිංහල හෝ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම; (iv) සිංහල හෝ දෙමළ භාෂාවෙන් වෙනත් යම් භාෂා වකට කරන ලද පරිවර්තනයක නිරවද්‍යතාව සහතික කිරීම; හෝ (v) වෙනත් යම් භාෂාවකින් සිංහල හෝ දෙමළ භාෂාවට කරන ලද පරිවර්තනයක නිරවද්‍යතාව සහතික කිරීම කළ හැකි ය. 4. (1) සෑම තානාපති හෝ කොන්සල් නිලධරයකු ම නිල බලයෙන් ශ්‍රී ලංකා ජනරජය සඳහා සමාදාන විනිශ්චයකාරවරයකු ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ අනුව ඔහු විසින් යම් දිවුරුමක් හෝ ප්‍රතිඥාවක් ගැනීම හෝ යම් දිවුරුම් පත්‍රයක් ලබා ගැනීම කළ හැකි ය; තවද අවස් ථාවෝචිත පරිදි ඒ දිවුරුම හෝ ප්‍රතිඥාව හෝ ඒ දිවුරුම් පත්‍රය ගැනීම හෝ ලබා ගැනීම ශ්‍රී ලංකාවේ දී කරන ලද ලෙස සලකනු ලැබිය යුතු ය. (2) (1) වන උපවගන්තියේ විධිවිධාන යටතේ දිවුරුමක් හෝ ප්‍රතිඥාවක් ගන්නා හෝ දිවුරුම් පත්‍රයක් ලබා ගන්නා යම් තානා පති හෝ කොන්සල් නිලධරයකු ඒ දිවුරුම හෝ ප්‍රතිඥාව හෝ යටතේ කරන ලද හෝ ඒ දිවුරුම් පත්‍රයේ වාර්තා කරන ලද යම් ප්‍රකාශයක අන්තර්ගත කරුණු වල සත්‍යතාවය හෝ නිරවද්‍ය තාවය ගැන වග කියනු නො ලැබිය යුතු ය. 5. (1) විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (112 වන අධිකාරය) හා උඩරට විවාහ හා දික් කසාද පනතේ (113 වන අධිකාරය) අර්ථානුකූලව සෑම තානාපති හෝ කොන්සල් නිලධර යකුම ශ්‍රී ලංකාවේ යම් දිස්ත්‍රික් කයක් සඳහා අතිරේක ප්‍රාදේශීය ලේ කම්වරයකු ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව ඒ තානා පති හෝ කොන්සල් නිලධරයා විසින්, යටත් පිරිසෙයින් විවාහයට සම්බන්ධ එක් පාර්ශ්වයක්වත් ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන අවස් ථාවක, ඒ විවාහය ශ්‍රී ලංකාවේ යම් දිස් ත්‍රික් කයක් තුළ චාරිත්‍රානු කුලව සිදු කරන ලද හා ලියාපදිංචි කරනු ලැබුව ක් සේ සලකා ඒ තානාපති හෝ කොන්සල් නිලධරයා පත් කරන ලද හෝ පිළිගන්නා ලද විදේශීය රටෙහි, අවස් ථාවෝචිත පරිදි, ඒ ආඥාපනත යටතේ හෝ පනත යටතේ යම් විවාහයක් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් චාරිත්‍රානුකූලව සිදු කිරීම හා ලියාපදිංචි කිරීම, ඒ ආඥාපනතේ 23 වන වගන්තියේ හා ඒ පනතේ 16 වන වගන් තියේ විධිවිධානයන් නොතකා, කළ හැකි ය. (2) මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ (115 වන අධිකාරය) 8 වන වගන්තියේ (1) වන උපවගන්තියේ තත්ත්වය පිළිබඳ වූ විධි විධාන හැර, ඒ පනතේ විධිවිධානවල කුමක් සඳහන් වුව ද, සෑම තානාපති හෝ කොන්සල් නිලධරයකු ම ඒ පනතේ අර්ථානුකූලව රෙජිස් ට්‍රාර්වරයකු ලෙස සලකනු ලැබිය යුතු ය; තවද ඒ අනුව ඒ තානපති හෝ කොන්සල් නිලධරයා විසින්, යටත් පිරිසෙයින් විවාහයට සම්බන්ධ එක් පාර්ශ්වයක්වත් ශ්‍රී ලංකාවේ පුරව සිය කු වන අවස්ථාවක හා පාර්ශ්වකරුවන් ශ්‍රී ලංකා වාසීන් වුව ද, වුව ද, ඒ විවාහය ශ්‍රී ලංකාවේ යම් දිස් ත්‍රික්කයක් තුළ ලියාපදිංචි කරන ලද ආකාරයෙන් ඔහු පත් කරන ලද හෝ පිළිගන්නා ලද විදේශීය රටෙහි ඒ පනත යටතේ යම් විවාහයක් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලියාපදිංචි කරනු ලැබිය හැකි ය. (3) විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ, උඩරට විවහ දික්කසාද පනතේ හා මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ විධි විධාන, (1) හා (2) වන උපවගන්තිවල සඳහන් කරන ලද විවාහය චාරිත්‍ර නූකූලව සිදුකිරීම හා ලියාපදිංචි කිරීම හෝ විවාහය ලියාපදිංචි කිරීමට හා ඒ සම්බන්ධයෙන් අවස් ථාවෝචිත පරිදි අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අදාළ විය යුතු ය. (4) සෑම තානාපති හෝ කොන්සල් නිලධරයකු ම (1) වන උප වගන්තිය යටතේ නම් කර්තව්‍ය ක්‍රියයාත්මක කිරීමේ දී අවසථාවෝ චිත පරිදි විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ, උඩරට විවාහ හා දික්කසාද පනතේ, හා මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ විධි විධාන වලට අනුකූලව ක්‍රියා කළ යුතුය. 6. ( 1 ) විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 29 වන වගන්තිය යටතේ විවාහයක් තහනම් කරන ලද හෝ 30 වන වගන්තිය යටතේ කේවියට් තහනමක් කරන ලද අවස් ථාවක තානාපති හෝ කොන්සල් නිලධරයා විසින් ඒ ආඥාපනතේ 31 වන වගන්තියේ (1) වන උපවගන්තියේ විධිවිධාන නොතකා, කිරීමට අපේක්ෂිතව තිබූ විවාහය චාරිත්‍රානුකූලව සිදු කිරීම සඳහා සහතිකයක් නිකුත් කිරීම ප්‍රතික්ක්ෂේප කොට විරෝධතාවය පිළිබඳ වාර්තාවක් කොළඹ දිස් ත්‍රික් කයේ දිසා විනිශ්චයකාරවරයා වෙත අප්‍රමාදව කරනු ලැබිය යුතුය. ඒ වාර්තාව එකී ආඥාපනතේ පළමුවන උපලේඛනයේ ‘ඔ ' ආකෘතියේ විය යුතු අතර, එය විවාහ දැන්වීමේ හා විවාහය තහනම් කිරීමේ දැන්වීමේ හෝ කේවියට් තහනම කිරීමේ දැන්වීමේ පිටපතක් සමග විය යුතු ය. (2) විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 31 වන වගන්තියේ (2), (3), (4) හා (5) වන උපවගන්තිවල විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව මේ වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ කරන ලද යම් වාර්තාවකට හා ඒ සම්බන්ධයෙන් අදාළ විය යුතුය. 7. (1) සෑම තානාපති හෝ කොන්සල් නිලධරයකුම උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ (110 වන අධිකාරය) අර්ථානු කූලව ශ්‍රී ලංකාවේ යම් දිස් ත්‍රික් කයක් සඳහා අතිරේක ප්‍රාදේශීය ලේ කම්වරයකු ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව ඒ තානාපති හෝ කොන්සල් නිලධරයා විසින් ඔහු පත් කරන ලද හෝ පිළි ගන්නා ලද විදේශීය රටෙහි සිදු වන ශ්‍රී ලංකාවේ පුර වැසියකුගේ උපත හෝ මරණය ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකාවේ දී කරන ලද පරිද්දෙන් කළ හැකිය. (2) උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව (1) වන උපවගන්තියේ සඳහන් කරන ලද යම් උපතක් හෝ මරණයක් ලියාපදිංචි කිරීමට හා ඒ සම්බන්ධ යෙන් අදාළ විය යුතුය. (3) සෑම තානාපති හෝ කොන්සල් නිලධරයකු ම (1) වන උප වගන්තිය යටතේ තම කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ දී උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන වලට අනුකූලව ක්‍රියා කළ යුතුය. 8. අමාත්‍යවරයා විසින් කලින් කල ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිවේදනයකින් එහි නියම කරනු ලබන කොන්සල් කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා තානාපති හෝ කොන්සල් නිලධරයකු විසින් අය කළ යුතු ගාස්තු නියම කළ හැකි ය. 9. (1) තානාපති හෝ කොන්සල් නිලධරයකු යම් කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සඳහා වංචනික ලෙස හෝ ඕනෑකමින් කරන ක්‍රියාවකින් හෝ නොකර හැරීමෙන් දැනුවත්ව මුලා කරන යම් තැනැත්තකු වරදකට වරදකරු වන අතර, මහාධිකරණයෙන් වරද කරු කිරීමෙන් පසු පස් අවුරුද්දක් නො ඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් පනස් දහසක් නො ඉක්මවන දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම හා දඩ මුදල යන දඬුවම් දෙකට ම යටත් වන්නේය. (2) යම් තානාපති හෝ කොන් සල් නිලධරයකුගේ මුද්‍රාව හෝ අත්සන වංචනික ලෙස වෙනස් කරන යම් තැනැත්තකු වරදකට වරදකරු වන අතර මහාධිකරණයෙන් වරදකරු කිරීමෙන් පසු අවුරුදු පහක් නො ඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට යටත් වන්නේය. ( 3 ) මේ වගන්තියේ සඳහන් කරන ලද යම් වරදක් 1977 අංක 8 දරන උදර්පන පනතේ 6 වන වගන්තියේ අර්ථානුකූලව උදර්පනීය වරදක් ලෙස සලකනු ලැබිය යුතු ය. 10. (1) අමාත්‍යවරයා විසින් - (අ) නියම කරනු ලැබීමට මේ පනතින් නියමිත කරුණක්; (ආ) මේ පනත යටතේ යම් ඉල්ලුම්පතක් ඉදිරිපත් කිරීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටි ; (ඇ) මෙහි උපලේඛනයෙහි දක්වා ඇති කොන්සල් කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියෝග සාදනු ලැබිය හැකි ය. (2) අමාත්‍යවරයා විසින් (1) වන උපවගන්තිය යටතේ සාදනු ලබන සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර එසේ පළ කරනු ලබන දිනයෙහි හෝ නියෝගයෙහි නිශ්චිතව සඳහන් කරනු ලබන පසු දිනයක සිට එය ක්‍රියාත්මක විය යුතු ය. (3) අමාත්‍යවරයා විසින් (1) වන උපවගන්තිය යටතේ සාදනු ලබන සෑම නියෝගයක් ම එය ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු අනුමතය සඳහා හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. එසේ අනුමත නො කරන ලද යම් නියෝගයක් එ යටතේ ඉහතින් කරන ලද යම් දෙයකට හානි නොවන පරිදි අනනුමතයේ දින සිට පරිච්ඡින්න කරන ලද සේ සලකනු ලැබිය යුතු ය. නියෝගයක් පරිච්ඡින්න කළ සේ සලකනු ලබන දිනය පිළිබඳ නිවේදනය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු ය. 11. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ පනතෙහි " කොන්සල් කර්තව්‍ය " යන්නෙන් මේ පනතේ 3, 4, 5, 6 සහ 7 වන වගන්තිවල සඳහන් කරන ලද යම් කර්තව්‍යයක් අදහස් වන අතර, මෙහි වූ උපලේඛනයේ නිශ්චිතව සඳහන් කරන ලද යම් ක්‍රියාවක් ද ඊට ඇතුළත් වේ; "කොන්සල් නිලධරයා '' යන්නෙන් එම තත්ත්වයෙන් කොන්සල් කර්තව්‍ය ක්‍රියාත් මක කිරීමට පවරනු ලැබූ යම් තැනැත්තකු අදහස් විය යුතු අතර, කොන්සල් තනතුරක ප්‍රධානියෙක් ද ඊට ඇතුළත් වේ; '' තානාපති නිලධරයා '' යන්නෙන් දූත පිරිසක ප්‍රධානියකු හෝ ඒ දූත පිරිසේ තානාපති කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු අදහස් වේ; සහ '' ලේඛනය '' යන්නෙන් වාණිජ හෝ නාවුක ලේඛනයක් අදහස් වන අතර, යම් අයිතිවාසිකමක් හෝ වගකීමක් හෝ නිර්මාණය කරන ලද, මාරු කරන ලද, සීමා කරන ලද, දීර්ඝ කරන ලද, අහෝසි කරන ලද හෝ වාරිතා කරන ලද හෝ එසේ නිර්මාණය කරන ලද, මාරු කරන ලද, සීමා කරන ලද, දීර්ඝ කරන ලද, අහෝසි කරන ලද හෝ වාර්තා කරන ලද යයි කියනු ලබන සෑම ලේඛනයක්ම ඊට ඇතුළත් වේ. උපලේ‍ඛනය කොන් සල් සම්බන්ධතා පිළිබඳ 1963 වියනා සම්මුතියේ V වන ව්‍යවස් ථාව කොන්සල් කර්තව්‍ය (අ) භාරගන්නා රාජ්‍යය තුළ ජාත්‍යන්තර නීතියෙන් අවසර දෙනු ලැබූ සීමා ඇතුළත යවන රාජ්‍යයෙහි හා එහි පුද්ගලයන් හා සංස්ථා යන ජාතික යන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම; (ආ) යවන රාජ්‍යය හා භාරගන්නා රාජ්‍යය අතර වාණිජ, ආර්ථික, සංස්කෘතික හා විද්‍යාත්මක සම්බන්න්ධතා සංවර්ධනය තවදුරටත් දියුණු කිරීම හා එසේ නැතහොත් ඉහත සඳහන් කරන ලද සම්මුතියේ විධිවිධානවලට අනුකූලව ඔවුන් අතර මිත්‍ර සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම; (ඇ) සියළු නීත්‍යානුකූල මාර්ගවලින් භාර ගන්නා රාජ්‍යයෙහි චාණිජ, ආර්ථික, සංස්කෘතික හා විද්‍යාත්මක ජිවිතයෙහි තත්ත්වය හා සංවර්ධනයන් නිශ්චය වශයෙන් දැන ගැනීම, ඒ සම්බන්ධයෙන් යවන රාජ්‍යයෙහි ආණ්ඩුවට වාර්තා කිරීම් සම්බන්ධතාවක් ඇති තැනැත්තන්ට තොරතුරු දැනුම් දීම; (ඈ) යවන රාජ්‍යයෙහි ජාතිකයන්ට ගමන් බලපත්‍ර හා සංචාරක ලේඛන සහ යවන රාජ්‍යය වෙත සංචාරය කිරීමට අදහස් කරන තැනැත්තන්ට විසා බලපත්‍ර හෝ උචිත ලේඛන නිකුත් කිරීම; (ඉ) යවන රාජ්‍යයෙහි පුද්ගලයන් හා සංස්ථා යන ජාතිකයින්ට ආධාර කිරීම. හා සහාය වීම; (ඊ) භාර ගන්නා රාජ්‍යයෙහි නීති හා නියෝගවල, ඊට පටහැනිව කිසිවක් නොවේ නම් නොතාරිස් වරයකු හා සිවිල් රෙජිස් ට්‍රාර්වරයකු හා සමාන වර්ගයක තත්ත්වයෙන් ක්‍රියා කිරීම සහ පරිපාලන සවභාවයේ ඇතැම් කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම; (උ) භාර ගන්නා රාජ්‍යයෙහි නීති හා නියෝගවලට අනුකූලට භාර ගන්නා රාජ්‍යයේ දේශය තුළ මරණ පේක්ෂක අනුප්‍රාප්ති අවස් ථාවල දී යවන රාජ්‍යයෙහි පුද්ගලයන් හා සංස්ථා යන ජාතිකයන්ගේ අයිතිවාසිකම් ආරක් ෂා කිරීම; (ඌ) භාර ගන්නා රාජ්‍යයෙහි නීති හා නියෝගවලින් නියම කරන ලද සීමා ඇතුළත විශේෂයෙන් ඒ තැනැත් තන් සම්බන්ධයෙන් යම් පුද්ගල ආරක්ෂකත් වයක් හෝ භාරකාරත්වයක් අවශ්‍ය වූ අවස් ථාවක යවන ජාතිකයන් වන බාලවයස් කාරයන්ගේ හා පූර්ණ තත්ත්වය නොමැති වෙනත් තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක් ෂා කිරීම; (එ) භාර ගන්නා රාජ්‍යයෙහි පරිචයන් හා කාර්ය පටිපාටි වලට යටත්ව, යවන රාජ්‍යයෙහි ජාතිකයන්ගේ අයිතිවාසිකම් හා සම්බන්ධතා ආරක් ෂා කිරීම සඳහා තාවකාලික පියවර ගැනීමේ කාර්ය සඳහා,නොපැමිණීම හෝ වෙනත් යම් හේතුවක් නිසා ඒ ජාතිකයන්ට නිසි වේලාවට තම අයිතිවාසිකම් හා සම්බන්ධතා ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ අවස් ථාවක භාර ගන්නා රාජ්‍යයෙහි නීති හා නියෝගවලට අනුකූලව භාර ගන්නා රාජ්‍ය යෙහි විනිශ්චය සභා හා වෙනත් අධිකාර ඉදිරියෙහි යවන රාජ්‍යයෙහි ජාතිකයන් සඳහා නියෝජනය කිරීම හෝ සුදුසු නියෝජනයක් පිළියෙල කිරීම: (ඒ) බල පවන ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුකූලව යවන රාජ්‍යයෙහි අධිකරණ වෙනුවෙන් සාක් ෂී ගැනීමට අධිකරණ හා බාහිර අධිකරණ ලේ ඛන යැවීම හෝ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා ලියවිලි හෝ අධිකාරපත්‍ර ලියා අත්සන් කිරීම හෝ එවැනි ජාත්‍යන්තර ගිවිසුම් නොමැති අවස් ථාවක භාරගනා රාජ්‍යයෙහි නීති හා නියෝගවලට අනුකූල වෙනත් යම් ආකාරයකින් එසේ කිරීම; (ඔ) යවන රාජ්‍යයෙහි ජාතිකත්ත්වය ඇති යාත්‍රා හා එම රාජ්‍යයෙහි ලියාපදිංචි කරන ලද අහස් යාත්‍රා සම්බන්ධයෙන් හා ඒවායේ පිරිස සම්බන්ධයෙන් යවන රාජ්‍යයෙහි නීති හා රෙගුලාසිවලින් සලසා ඇති අධීක් ෂණ හා පරීක්ෂණ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම; (ඕ) (ඔ) උප ඡේදයේ සඳහන් කරන ලද යාත්‍රා හා අහස් යාත්‍රාවලට හා ඒ වායේ පිරිසට සහාය දීම. යාත්‍රාවක යාත්‍රා ගමන පිළිබඳ ප්‍රකාශ ගැනීම, නෞකා ලියවිලි විභාග කිරීම හා මුද්‍රා තැබීම හා භාර ගන්නා රාජ්‍යයෙහි බලධරයන් ගේ බලතලවලට හානියක් නොවන පරිදි යාත්‍රා ගමනේ දී සිදු වූ යම් සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම හා යවන රාජ්‍යයෙහි නිති හා නියෝග මගින් බලය පවරා ඇති ප්‍රමාණයට නෞකාධිපති, නිලධරයන් හා නැවියන් අතර ඇති වන යම් ආකාර ආරාවුල් නිරාකරණය කිරීම; (ක) භාර ගන්නා රාජ්‍යයෙහි නීති හා නියෝග වලින් තහනම් නොකරන ලද හෝ භාර ගන්නා රාජ්‍යය විසින් විරෝධයක් නොදක්වන ලද හෝ යවන රාජ්‍යය හා භාර ගන්නා රාජ්‍යය අතර බලාත්මකව පවතින ජාත්‍යන් තර ගිවිසුම්වල සඳහන් කරන ලද යවන රාජ්‍යය විසින් කොන්සල් තනතුරකට පවරන ලද වෙනත් යම් කර්තව්‍ය ක්‍රියාත් මක කිරීම කොන්සල් කර්තව්‍යවලට ඇතුළත් වේ.
5
acts_1981-02-11_Firearms_Amendment_si
act
1981
3
1
0.971671
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 50 දරන තුවක්කු (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 අගෝස් තු මස 28 වන දින ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 සැප් තැම්බර් මස 04 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයෙ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 50 දරන තුවක්කු (සංශෝධන ) පනත [සහතිකය සටහන් කළේ 1981 අගෝස්තු මස 28 වන දින ) තුවක්කු ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 56 දරන තුවක්කු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. 1980 අංක 8 දරන පනතින් සංශෝධිත තුවක්කු ආඥාපනතෙහි 24 වන වගන්තිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කිරීමෙන් ඒ ආඥාපනත මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :- 24. 23 වන වගන්තිය යටතේ නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක් සම්බන්ධයෙන් ම, අවස්ථාවෝචිත පරිදි, යම් කෘෂිකාර්මික කාර්යයක් සඳහා හෝ කෘෂි කාර්මික කාර්යයක් නොවන යම් කාර්යයක් සඳහා හෝ භාවිත කරනු ලබන යම් තුවක්කුවක් වෙනුවෙන් පහත සඳහන් පරිමාණවලට අනුකූලව මුද්දර මගින් ගෙවිය යුතු වාර්ෂික ගාස්තුවක් අය කරනු ලැබිය යුතු ය :- කෘෂිකාර්මික කාර්යයක් නොවන වෙනත් කාර්යයක් (අ) සෑම බෙහෙත් තුවක්කුවක් සඳහා සඳහා රු. ශ. රු. ශ. එක් කාණුවට 5.00 එක් කාණුවට 10.00 (ආ) සෑම පතරොම් තුවක්කුවක් සඳහා එක් කාණුවට 10.00 එක් කාණුවට 20.00 (ඇ) සෑම රයිපල් තුවක්කුවක් සඳහා 25.00 ... 50.00 (ඈ) සෑම පිස්ස්තෝලයක් හෝ රිවෝල්වරයක් සඳහා 50.00 ... 100.00."
6
acts_1981-02-11_Partition_Amendment_si
act
1981
4
1
0.980084
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 5 දරන බෙදුම් නඩු (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 පෙබරවාරි මස 11 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 පෙබරවාරි මස 13 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 5 දරන බෙදුම් නඩු (සංශෝධන) පනත [සභතිකය සටහන් කළේ 1981 පෙබරවාරි මස 11 වන දින ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 24 දරන බෙදුම් නඩු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයෙ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 5 දරන බෙදුම් නඩු (සංශෝධන) ලුහුඬු නාමය. පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මෙහි මින් මතු ' ප්‍රධාන ප්‍රඥප්තිය " යනුවෙන් සඳහන් කරනු ලබන ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 21 දරන බෙදුම් නඩු පනතේ 8 වන වගන්තියේ “ එම මුල් මැනීමේ ගාස්තුව ඇස්තමේන්තු දරන බෙදුම් කිරීමේ දී අධිකරණය විසින් මෙම පනතේ පළමු වන උපලේඛනයේ දැක්වෙන ගාස්තු ප්‍රමාණයන් සැලකිල්ලට ගත යුතු ය. '' යන වචන වෙනුවට " එම මුල් මැනීමේ ගාස්තුව ඇස් තමේන්තු කිරීමේ දී නියෝග මගින් නියම කරනු ලබන ගාස්තු ප්‍රමාණ වලට අධිකරණය විසින් අවධානය යොමු කළ යුතු ය. '' යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 3. ප්‍රධාන ප්‍රඥප තියේ 10 වන වගන්තියේ (4) වන උපවගන්ති මේ පනතේ පළමුවන උපලේඛනයේ දක්වා ඇති ගාස්තු ප්‍රමාණවලට අනුකූලව '' යන වචන වෙනුවට " 8 වන වගන්තිය මගින් නියමිත ගාස්තු ප්‍රමාණ වලට අනුකූලව " යන වචන ආදේශ කිරීමෙන් ඒ වගතිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තිය පහත දැක්වෙන පරිදි ප්‍රධාන, මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (අ) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදයෙහි " මේ පනතේ තුන්වන උපලේඛනයේ දක්වා ඇති ප්‍රමාණ අනුව '' යන වචන වෙනුවට " නියෝග මගින් නියම කරනු ලබන ගාස්තු ප්‍රමාණ වලට අනුකූලව " යන වචන ආදේශ කිරීමෙන්; (ආ) ඒ වගන්තියෙ ( 5 ) වන උපවගන්තියේ " මේ පනතේ තුන් වන උපලේඛනයේ දක්වා ඇති ගාස්තු ප්‍රමාණ වලට අනු කුලව '' යන වචන වෙනුවට " (1) වන උපවගන්තියේ (අ) ඡේදයෙන් නියම කරනු ලබන ගාස්තු ප්‍රමාණ වලට අනුකූලව " යන වචන ආදේශ කිරීමෙන්. 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 82 වන වගන්තියට ඉ බිතිව ම පහත දක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, ඒ වගන්තිය ප්‍රධාන ප්‍රඥප්තියේ 82 අ වගන්තිය වශයෙන් බලපැවැත් විය යුතුය:- 82අ. (1) නියම කරනු ලැබීමට මේ පනතින් නිය මිත හෝ බලය දෙන ලද යම් කරුණක් සම්බන්ධ යෙන් අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකිය. (2) අමාත්‍යවරයා විසින් සාදනු ලබන සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු අතර එසේ පළ කරන ලද දින සිට හෝ නියෝ ගයෙහි සඳහන් යම් පසු දිනයක සිට හෝ එය ක්‍රියාත්මක විය යුතුය. (3) අමාත්‍යවරයා විසින් සාදන ලද සෑම නියෝ ගයක් ම එය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබීමෙන් පසු හැකි පහසු ඉක්මනින් අනුමතය සඳහා පාර්ලි මේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු ය. එසේ අනුමත නොකළ යම් නියෝගයක් එහි අනනුමතයේ දින සිට එහෙත් එය යටතේ කරන ලද කිසිවකට ඉන් හානියක් නොවන පරිදි පරිච්ඡින්න කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතුය. (4) අමාත්‍යවරයා විසින් සාදන ලද යම් නියෝග යක් එසේ පරිච්ඡින්න කරනු ලැබූ ලෙස සලකනු ලබන දිනය පිළිබඳ නිවේදනය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතුය.". 6. ප්‍රධාන ප්‍රඥතියේ පළමු වන සහ තුන්වන උපලේඛන මෙයින් ඉවත් කරනු ලැබේ.
7
acts_1981-02-11_Transport_Board_Amendment_si
act
1981
4
1
0.982869
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 6 දරන ගමනාගමන මණඩල (සංශෝධන) පනත ( සහතිකය සටහන් කළේ 1981 පෙබරවාරි මස 11 වන දින ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 පෙබරවාරි මස 13 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 6 දරන ගමනාගමන මණඬල (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 පෙබරවාරි මස 11 වන දින] ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 6 දරන ගමනාගමන මණ ඩල (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය '' යනුවෙන් සඳහන් කරනු ජාතික ලබන) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනතේ 21 වන වගන්තියෙ (1) වන, (2) වන සහ ( 3 ) වන උපවගන්ති ඉවත් කිරීමෙන් සහ ඒ වෙනුවට පහත දැක්වෙන දරන පනතේ අලුත් උපවගන්ති ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (1) මධ්‍යම මණ්ඩලය විසින් - (අ) මණ්ඩලයේ චංචල හා නිශ්චල දේපළ රක්ෂණය පිය වීම සඳහා ද, තෘතීය පාර්ශ්ව අවදානම් වලින් උද් ගත වන්නා වූ වගකීම් පියවීම සහ කම්කරු වන්දි ආඥා පනත යටතේ උද්ගත වන්නා වූ වග කීම් පියවීම සඳහා ද රක්ෂණ සංචිතයක් පිහිටුවා, පවත්වාගෙන යා හැකි ය; තව ද (ආ) (i) මණ්ඩලයේ චංචල හා නිශ්චල සහ දේ පළවල අගය ක්ෂය වීම පියවීම සඳහා ක්ෂය සංචිතයක්; (ii) පොදු සංචිතයක් පිහිටුවා පවත්වාගෙන යා යුතුය. (2) සෑම ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයක් විසින් - (අ) මණ්ඩලයේ චංචල හා නිශ්චල දේපළ රක්ෂණය පියවීම සඳහා ද, තෘතීය පාර්ශ්ව අවදානම් වලින් උද්ගත වන්නා වූ වගකීම් පියවීම සඳහා සහ කම්කරු වන්දි ආඥාපනත යටතේ උද්ගත වන්නා වූ වගකීම් පියවීම සඳහාද රක්ෂණ සංචිතයක් පිහිටුවා පවත්වාගෙන යා හැකිය; තව ද (ආ) (i) මණ්ඩලයේ චංචල හා නිශ්චල දේපළවල අගය ක් ෂයවීම පියවීම සඳහා කක්ෂය සංචිතයක්; සහ (ii) පොදු සංචිතයක්. පිහිටුවා පවත් ත්වාගෙන යා යුතු ය. (3) (අ) (1) වන සහ (2) වන උපවගන්තිවල සඳහන් එක් එක් සංචිතයේ බැරට කලින් කල ඉදිරිපත් කළ යුතු මුදල්, අවස්ථාවෝ චිත පරිදි මධ්‍යම මණ්ඩලය විසින් හෝ මධ්‍යම මණ්ඩලයේ එකඟත්වය ඇතිව, ඒ එක් එක් ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය විසින් හෝ නිශ්චය කරනු ලැබිය හැකි පරිදි විය යුතු ය. (ආ) (1) (අ) සහ (2) (අ) උපවගන්තිවල සඳහන් රක්ෂණ සංචිත වල බැරට ඇති මුදල් ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්ප වල ආයෝජනය කළ යුතු ය. ''. 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 25 වන වගන්තියේ (ආ) ඡේදයට ඉක් බිතිවම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන්, ඒ වහන් තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- " (ආආ) (ආ) ඡේදයෙහි සඳහන් අයිතිවාසිකම්, වගකීම් සහ බැඳීම් හැර, නියමිත දිනට ඉහතින් ම වූ දින පැවැති ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම අයිතිවාසිකම්, වගකීම් සහ බැඳීම්, මධ්‍යම මණ්ඩලයේ අයිතිවාසිකම්, වගකීම් සහ බැඳීම් ලෙස සලකනු ලැබිය යුතු ය; " 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 35 වන වගන්තියට ඉක්බිතිව ම, පහත දක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය එහි 35 අ වගන්තිය වශයෙන් බල පැවැත්විය යුතු ය:— 35 අ. තෘතීය පාර්ශ්ව අවදානම් සම්බන්ධයෙන් උද්ගත වන්නා වූ වගකීම් පියවීමට ප්‍රමාණවත් වන්නා වූ රක්ෂණ සංචිතයක් මධ්‍යම මණ්ඩලය හෝ යම් ප්‍රාදේ ශිය ගමනාගමන මණ්ඩලයක් හෝ විසින් පිහිටුවා ඇති බවට අමාත්‍යවරයා සෑහීමට පත් වන අවස්ථාවක, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින්, නියමයේ සඳහන් කරනු ලබන්නා වූ දිනයක සිට, මෝටර් වාහන පනතේ 99. වන වගන්තියේ (1) වන උපවගන්තියේ විධිවිධාන ක්‍රියාත්මක කිරී මෙන් මධ්‍යම මණ්ඩලය හෝ යම් ප්‍රාදේශීය ගමනා ගමන මණ්ඩලයක් නිදහස් කරනු ලැබිය හැකි ය.". 5. මේ පනතේ 3 වන වගන්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තියෙහි කරන ලද සංශෝධනය, සියලු කාර්ය සඳහා, ඒ ප්‍රඥප්තිය ක්‍රියාත්මක වූ දින සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය. 6. ලංකා ගමනාගමන මණ ඩලයට විරුද්ධව ඇති හිමිකම් පෑම් සම්බන්ධයෙන් කාලාපගමන ආඥාපනතේ කාර්ය සඳහා කාලය ආගණනය කිරීමේ දී, ප්‍රධාන ප්‍රඥප්තිය බලාත්මක වූ දිනය සහ මේ පනත ආරම්භ වූ දිනය අතර ඇති කාලය සැලකිල්ලට නොගත යුතුය.
8
acts_1981-02-27_Government_Quarters_Recovery_of_PossessionAmendment_si
act
1981
4
1
0.976444
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 8 දරන රජයේ නිවාස (සන්තකය ආපසු ලබා ගැනීමේ) (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 පෙබරවාරි මස 27 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 මාර්තු මස 06 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 8 දරන රජයේ නිවාස (සන්තකය ආපසු ලබා ගැනීමේ) (සංශෝධන) ජනතා [සහතිකය සටහන් කළේ 1981 පෙබරවාරි මස 27 වන දින) 1969 අංක 7 දරන රජයේ නිවාස (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 8 දරන රජයේ නිවාස (සන්තකය ආපසු ලබා ගැනීමේ) (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය '' යනුවෙන් සඳහන් කරනු ලබන ) 1969 අංක 7 දරන රජයේ නිවාස (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනතේ දීර්ඝ නාමයෙහි " ආණ්ඩුව විසින් හෝ වෙනු වෙන " යන යෙදුම වෙනුවට ආණ්ඩුව හෝ රාජ්‍ය සංස්ථාවක විසින් හෝ වෙනුවෙන් " යන යෙදුම් ආදේශ කිරීමෙන් එය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 3. ප්‍රධාන ප්‍රඥප් තියෙහි 5 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :- 5. යම් අවස් ථාවක යම් අස් කිරීමේ නිවේදන යක් ඉවත් කර ගැනීම හෝ තමා සුදුසු යයි සලකනු ලබන කාලයකට එය ක්‍රියාත්මක වීම අත් හිටුවීම හෝ නියම බලධරයා විසින් කළ හැකි ය. ". 4. ප්‍රධාන ප්‍රඥප්තියෙහි 9 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (අ) '' නියම බලධරයා " යන්නෙහි අර්ථකථනය වෙනුවට පහත දැක්වෙන අර්ථකථනය ආදේශ කිරීමෙන් :- '' නියම බලධරයා '' යන්නෙන් - (අ) රජයේ නිවාස සම්බන්ධයෙන් වන විට රාජ්‍ය පරිපාලන විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාං ශයේ ලේකම්වරයා හෝ ඒ ලේකම්වරයා විසින් මේ පනතේ කාර්ය සඳහා නියම බලධරයකු වශ යෙන් බලය දෙනු ලැබූ යම් රජයේ නිලධරයකු අදහස් වේ; (ආ) රාජ්‍ය සංස්ථාවකට අයත් නිවාස සම්බන්ධයෙන් වන විට- (i) ඒ රාජ්‍ය සංස්ථාවේ සභාපතිවරයා. හෝ ඒ සභාපතිවරයා විසින් මේ පනතේ කාර්ය සඳහා නියම බලධරයකු වශයෙන් බලය (ii) ඒ රාජ්‍ය සංස්ථාවේ සභාපතිවරයකු නොමැති අවස් ථාවක ඒ රාජ්‍ය සංස්ථාව භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම් වරයා හෝ ඒ ලේ කම්වරයා විසින් මේ පනතේ කාර්ය සඳහා නියම බලධරයකු වශයෙන් බලය දෙනු ලැබූ යම් නිලධරයකු හෝ අදහස් වේ; (ආ) “ රජයේ නිවාසය '' යන්නෙහි අර්ථකථනය වෙනුවට පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන් :- " රජයේ නිවාසය '' යන්නෙන් යම් තැනැත්තකුට ආණ්ඩුව හෝ යම් රාජ්‍ය සංස්ථාවක් විසින් හෝ වෙනුවෙන් සපයනු ලැබූ වාසස් ස්ථානයක් වශයෙන් පාවිච්චිය සඳහා යොදා ගනු ලබන යම් ගොඩ නැගිල්ලක් හෝ කාමරයක් හෝ වෙනත් ඉඩකඩක් අදහස් වන අතර, ඒ ගොඩනැගිල්ල හෝ කාමරය හෝ වෙනත් ඉඩ කඩ පිහිටා ඇති යම් ඉඩමක් හෝ පරිශ්‍රයක් ද ඊට ඇතුළත් වේ. එහෙත් ජාතික නිවාස කොමසාරිස් වරයා විසින් සපයනු ලැබූ හා ජාතික නිවාස පනතේ V වන කොටස අදාළ වන්නා වූ යම් නිවාසයක් ඊට ඇතුළත් නොවේ; ; තව ද (ඇ) " පදිංචිකරු " යන්නෙහි අර්ථකථනයට ඉක් බිතිව ම පහත දැක්වෙන අර්ථ කථනය ඇතුළත් කිරීමෙන් :- " රාජ්‍ය සංස්ථාව " යන්නෙන් සමාගම් ආඥාපනත යටතේ හැර වෙනත් යම්කිසි ලිඛිත නීතියකින් හෝ ලිඛිත නීතියක් යටතේ හෝ පිහිටුවන ලද්දා වූ හෝ පිහිටු වනු ලබන්නා වූද ආණ්ඩුව විසින් ප්‍රදානයක් හෝ ණයක් වශයෙන් නැතහොත් වෙනත් ආකාරයකින් මුළු අරමුදල හෝ මුළු ප්‍රාග්ධනය නැතහොත් අරමුදලෙන් කොටසක් හෝ ප්‍රාග්ධනයෙන් කොටසක් හෝ සපයනු ලබන්නා වූ ද, සංස්ථාවක්, මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් අදහස් වේ.
9
acts_1981-02-27_Licensing_of_Shipping_Agents_Amendment_si
act
1981
4
1
0.983143
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 9 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍ර නිකුත් කිරීමේ (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 පෙබරවාරි මස 27 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 මාර්තු මස 06 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 9 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍ර නිකුත් කිරීමේ (සංශෝධන ) පනත 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍ර නිකුත් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 9 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍ර නිකුත් කිරීමේ (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මෙහි මින් මතු '' ප්‍රධාන ප්‍රඥප් තිය '' යනුවෙන් සඳහන් කරනු 1972 අංක 10 ලබන, 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍ර නිකුත් කිරීමේ පනතේ 2 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලැබේ. දරන පනතේ 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තිය පහත සඳහන් පරිදි ප්‍රධාන මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) ඒ වගන්තියේ ( 1 ) වන උපවගන්තියට ඉක් බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්ති ඇතුළත් කිරීමෙන් :- “ (1අ) නැව් නියෝජිතයකුගේ ව්‍යාපාරය කරගෙන යාමට අපේක්ෂා කරන යම් තැනැත්තකු විසින්, තමා නැව් නියෝජිතයකු වශයෙන් ඒ ව්‍යාපාරය කරගෙන යාමට අපේක්ෂා කරනු ලබන්නේ යම් අයිතිකරුවකු, ප්‍රධානයකු, නැව් කුලියට ගන්නකු හෝ නෞකාධිපතියකු වෙනු වෙන් ද, අවස් ථාවෝචිත පරිදි, ඒ අයිතිකරු, ප්‍රධානයා, නැව් කුලියට ගන්නා හෝ නෞකාධිපති හෝ සඳහන් කරමින්, නියම කරනු ලැබිය හැකි යම් ආකෘතියක උචිත බලධරයා වෙත ඉල්ලීමක් කළ යුතුය. (1අඅ) (1අ) උපවගන්තිය යටතේ කරන ලද ඉල්ලී මක් උචිත බලධරයා විසින් අනුමත කරනු ලැබූ අවස්ථා වක, ඉල්ලුම්කරු විසින් නැව් නියෝජිතයකුගේ ව්‍යාපාරය කරගෙන යනු ලබන්නේ යම් අයිතිකරුවකු, ප්‍රධානයකු, නැව් කුලියට ගන්නකු හෝ නෞකාධිපතියකු වෙනු වෙන් ද අවස් ථාවෝචිත පරිදි ඒ අයිතිකරු, ප්‍රධානයා, නැව් කුලියට ගන්නා හෝ නෞකාධිපති සඳහන් කරමින් උචිත බලධරයා විසින් ඒ ඉල්ලුම් ම්කරුට බලපත්‍රයක් නිකුත් කරනු ලැබිය හැකිය: එසේ වුව ද - (අ) නැව් නියෝජිතයකුගේ ව්‍යාපාරය නිසියාකාරව කරගෙන යාම සඳහා නියමිත සුදුසු කර්ම ඉල්ලුම්කරුට නොමැති විටක; නැතහොත් (ආ) මේ පනතේ විධිවිධාන හෝ මේ පනත යටතේ සාදන ලද නියෝග අනුව ක්‍රියා කර නොමැති විටක පමණක් ඔහු විසින් යම් ඉල්ලුම්කරුවකුට බලපත්‍ර යක් නිකුත් කිරීම ප්‍රතික් ෂේප කරනු ලැබිය හැකි ය."; (2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ (ආ) ඡේදය අත් හැර ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය. ආදේශ කිරීමෙන්:- '' (ආ) 1971 අංක 1 දරන පනත යටතේ පිහිටුවන ලද ලංකා නැව් සංස්ථාව හැර, යම් සංස්ථාවක් සමාගම් ආඥාපනත යටතේ පිහිටුවා ලියාපදිංචි කර ඇත්නම් නැතහොත්, එසේ පිහිටුවා ලියා පදිංචි කරනු ලබන සංස්ථාවක් නම් මිස, ඒ සංස්ථාවට; හෝ ''; තව ද ( 3 ) ඒ වගන්තියේ ( 5 ) වන උපවගන්තියෙහි (අ) (අ) සහ (ආ) ඡේද අත්හැර ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේද ආදේශ කිරීමෙන් :- '' (අ) මේ පනතේ විධිවිධානවලට යටත්ව, මේ පනත යටතේ බලපත්‍රයක් ඉල්ලා සිටින යම් තැනැත්තන්ට තිබිය යුතු සුදුසුකම්; (ආ) බලපත්‍ර ප්‍රදානය කරනු ලබන්නේ යම් කාලයක් සඳහා ද ඒ කාලය සහ බලපත්‍ර ප්‍රදානය කරනු ලබන්නේ යම් නියම හා කොන්දේ සිවලට යටත්ව ද ඒ නියම හා කොන්දේසි ; (ආ) ඒ උපවගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරී මෙන් :- (ආආ) අයිතිකරුවකු, ප්‍රධානයකු, නැව් කුලියට ගන්නකු හෝ නෞකාධිපතියකු විසින් නැව් නියෝජිතයකු මාරු කිරීම සඳහා ඉල්ලුම් කළ හැක්කේ කවර අවස් ථානුගත කරුණු යටතේ ද යන වග සහ ඒ ඉල්ලීම සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කවර ආකාරයෙන් ද යන වග; ".
10
acts_1981-02-27_Municipal_Councils_and_Urban_Councils_Amendment_si
act
1981
4
1
0.99339
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 10 දරන මහ නගර සභා (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 පෙබරවාරි මස 27 වන දින ] ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 මාර්තු මස 06 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 40 දරන මහ නගර සභා සහ නගර සභා (සංශෝධන) පනත මහ නගර සභා ආඥාපනත සහ නගර සභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ: 1. මේ පනත 1981 අංක 10 දරන මහ නගර සභා සහ නගර සභා (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයකින් අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන යම් දිනයක සිට එය ක්‍රියාත්මක විය යුතුය. 1 වන කොටස මහ නගර සභා ආඥාපනත සංශෝධනය කිරීම 2. 1967 අංක 8 හා 1979 අංක 57 දරන පනත් මගින් සංශෝධිත මහ නගර සභා ආඥාපනතේ 230 වන වගන්තියේ (1අ) වගන්තියට ඉක් බිතිවම පහත දැක්වෙන අලුත් උපවගන්ති ඇතුළත් වගන්තිය කිරීමෙන් ඒ වගන්තිය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ:- '' (1අඅ ) වෙළෙඳ හෝ වාණිජ කාර්ය සඳහා පාවිච්චි කරනු ලබන ස්ථානයක් සඳහා වැඩි වරිපනම් බදු ප්‍රමාණයක්, (4) වන උපවගන්තිය යටතේ වූ බලතල ප්‍රකාර, සභාව විසින් පැනවිය හැකිය. (අආ) (අ) සභාව විසින් (ආ) ඡේදය යටතේ තීරණය කරනු ලැබිය හැකි ප්‍රමාණයක් නොඉක්මවන වාර්ෂික වටිනාකමක් ඇති සියලු නේ වාසික ස්ථාන සභාව විසින්, අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව චරිපනම් ගෙවීමෙන් නිදහස් කළ හැකි ය. (ආ) නිදහස් කරනු ලැබිය හැකි නේවාසික ස්ථානවල වාර්ෂික වටිනා කමේ ප්‍රමාණය තීරණය කිරීමේ දී සභාව විසින් - ( i ) මහා නාගරිකයේ සංවර්ධන තත්ත්වය; (ii) වඩා අඩු වාර්ෂික වටිනාකමක් ඇති නේවාසික ස්ථානවලට සභාව මගින් සලසන සේවා වල හා පහසුකම්වල ස්වභාවය; (iii ) යම් නිදහස් කිරීමක් දීමේ හේතුවෙන් සිදු විය හැකි ආදායම් අඩු වීම හා ඒ අඩුව පියවා ගැනීම සඳහා සභාව විසින් යෝජනා කරනු ලබන ක්‍රියා මාර්ග සැලකිල්ලට ගත යුතු ය. (ඇ) (ආ) ඡේදයේ විධිවිධාන යටතේ යම් නේවාසික ස්ථානයක් නිදහස් කරනු ලැබූ විට, එකී නිදහස් කරනු ලැබීමේ වාසිය එහි පදිංචිකරුට උපචිත විය යුතු ය.". II වන කොටස නගර සභා ආඥාපනත සංශෝධනය කිරීම 3. නගර සභා ආඥාපනතේ 160 වන වගන්තිය, එම වගන්තියේ (1) වන උපවගන්තියට ඉක බිතිවම පහත දැක්වෙන අලුත් උප වගන්ති ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-- '' (1අ) වෙළෙඳ හෝ වාණිජ කාර්ය සඳහා පාවිච්චි කරනු ලබන ස්ථානයක් සඳහා වැඩි වරිපනම් බදු ප්‍රමාණයක, (4) වන උපවගන්තිය යටතේ වූ බලතල ප්‍රකාර, සභාව විසින් පැනවිය හැකිය. (1අඅ) (අ) සභාව විසින් (ආ) ඡේදය යටතේ තීරණය කරනු ලැබිය හැකි ප්‍රමාණයක් නොඉක්මවන වාර්ෂික වටිනාකමක් ඇති සියලු නේවාසික ස්ථාන සභාව විසින්, අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව වරිපනම් ගෙවීමෙන් නිදහස් කළ හැකි ය. (ආ) නිදහස් කරනු ලැබිය හැකි නේවාසික ස්ථානවල වාර්ෂික වටිනාකමේ ප්‍රමාණය තීරණය කිරීමේ දී සභාව විසින් (i) සභාව පිහිටුවා ඇත්තේ යම් නගරයක ද එම නගරයේ සංවර්ධන මට්ටම; (ii) වඩා අඩු වාර්ෂික වටිනාකමක් ඇති නේවාසික ස්ථානවලට සභාව මගින් සලසන ලද සේවාවල හා පහසුකම්වල ස් වභාවය; (iii ) යම් නිදහස් කිරීමක් දීමේ හේතුවෙන් සිදු විය හැකි ආදායම අඩු වීම හා ඒ අඩුව පියවා ගැනීම සඳහා සභාව විසින් යෝජනා කරනු ලබන ක්‍රියා මාර්ග සැලකිල්ලට ගත යුතුය. (ඇ) (ආ) ඡේදයේ විධිවිධාන යටතේ යම් නේවාසික ස්ථානයක් නිදහස් කරනු ලැබූ විට එකී නිදහස් කරනු ලැබීමේ වාසිය එහි පදිංචිකරුට උපචිත විය යුතු ය. ".
11
acts_1981-02-27_Registration_of_Persons_Amendment_si
act
1981
4
1
0.98361
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 11 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත (සතිකය සටහන් කළේ 1981 පෙබරවාරි මස 27 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 මාර්තු මස 06 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතානන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් වළ කරන ලදී 1981 අංක 11 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :-- 1. මේ පනත 1981 අංක 11 දරන පුද්ගලයන් ලියාපදිංචි ලුහුඬු නාමය. කිරිමේ (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය " යනුවෙන් සඳහන් කරනු ලබන) 1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ 2 වන වගන්තියේ (1) වන උපවගන්තිය වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-- “ (1) පහත දැක්වෙන තැනැත්තකු නොවන, නියමිත දිනයේ දී හෝ එදිනට පසුව, ශ්‍රී ලංකාව තුළ සිටින හෝ ශ්‍රී ලංකාවට ඇතුලු වන සහ වයස අවුරුදු දහසය ලබා ඇති හෝ ලබන්නා වූ සෑම තැනැත්තකු ම ලියාපදිංචි වීමට යටත් විය යුතු ය :- (අ) (2) වන උපවගන්තියේ විධිවිධාන ක්‍රියාත් මක වීමෙන් ලියා පදිංචි වීමට යටත් නොවන තැනැත්තකු; හෝ (ආ) එම දිනයට පෙර හෝ එම දිනයේ දී හෝ එම දිනයට පසුව ආගමන හා විගමන පනතේ 10 වන වගන්තියේ විධි විධාන කඩකරමින් ශ්‍රී ලංකාවට ඇතුලු වී ඇති හෝ ඇතුලු වන තැනැත්තකු; හෝ (ඇ) එම පනතේ 45 වන වගන්තියේ විධිවිධාන කඩ කරමින්, එම දිනයේ දී හෝ ඊට පසුව ශ්‍රී ලංකාවේ සිටින තැනැත් තකු ; හෝ (ඈ) 1967 අංක 14 දරන ඉන්දු ලංකා ගිවිසුම් (ක්‍රියාත්මක කිරීමේ) පනතේ 15 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකාවෙන් ඉන්දි යාවට පිට වී යාමට යටත් වූ තැනැත්තකු. " 3. (1) මේ පනත ආරම්භ වීමේ දිනයට පෙර දිනයේ වයස අවුරුදු දහසය සම්පූර්ණ කළ එහෙත් අවුරුදු දහ අට සම්පූර්ණ නොකළ සහ එම නිසා ප්‍රධාන ප්‍රඥප්තියේ 2 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ ලියාපදිංචි වීමට යටත් නොවුද මේ පනත මගින් සංශෝධනය කරන ලද එම වගන්තියේ විධිවිධාන ප්‍රකාර ඒ දිනයේ දී එසේ ලියාපදිංචි වීමට යටත් වන්නා වූද යම් තැනැත්තකු, එම ප්‍රඥප තී යේ විධිවිධාන යටතේ සහ එම විධිවිධාන වලට අනුකූලව, ඒ ලියා පදිංචිවීම සඳහා වූ නියමිත කාල සීමාව ඇතුළත ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරයි නම්, ඒ තැනැත්තා ප්‍රධාන ප්‍රඥප තියේ 44 වන වගන්තිය යටතේ වූ වරදකට වරදකරු නොවන ලෙස සැලකිය යුතු ය. (2) මේ වගන්තියේ " නියමිත කාල සීමාව ' යන් න්නෙන්, (1) වන උපවගන්තියේ සඳහන් යම් තැනැත්තකු, ප්‍රධාන ප්‍රඥප්තියෙහි 7 වන වගන්තියෙහි (4) වන උපවගන්තිය සමග කියවිය යුතු 52 වන වගන්තිය යටතේ සාදන ලද යම් නියෝගයක් ප්‍රකාර එම ප්‍රඥප්තියේ විධිවිධාන යටතේ සහ ඒවාට අනුකූලව ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කිරීමට නියමිත කාලසීමාව අදහස් වේ.
12
acts_1981-02-27_Tax_Reserve_Certificates_Amendment_si
act
1981
3
1
0.987059
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 12 දරන බදු සංචිත සහතික (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 පෙබරවාරි මස 27 වන දින ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 මාර්තු මස 06 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 12 දරන බදු සංචිත සහතික (සංශෝධන) පනත 1957 අංක 22 දරන බදු සංචිත සහතික පත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 12 දරන බදු සංචිත සහතික (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. 1957 අංක 22 දරන බදු සංචිත සහතික පනතේ 5 වන වගන්තිය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ කිරීමෙන්, ඒ පනත මෙයින් සංශෝධනය ලැබේ :- 5. සහතික පත්‍ර දරන්නකුගෙන් (මින් මතු මේ පනතෙහි ඇතැම් විට බද්ද යනුවෙන් සඳහන් කරනු ලබන) ආදායම් බද්ද, පුද්ගල බද්ද, ලාභ බද්ද, ධන බද්ද, තෑගි බද්ද හෝ බූදල් බද්ද ලෙස ලැබිය යුතු යම් මුදලක් හෝ ඒ මුදලින් කොටසක්, 6 වන වගන්තිය යටතේ වූ සහතිකයක පවාරණ අගයෙන් ගෙවීමෙහි ලා, එම සහතිකය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත පවාරණය කිරීමේ හිමිකම ඒ සහතික පත්‍ර දරන්නාට ලැබිය යුතු ය. ".
13
acts_1981-03-05_Land_Reform_Amendment_si
act
1981
4
1
0.983815
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 14 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (සංශෝධන) පනත (සහතිකය සටහන් කළේ 1981 මාර්තු මස 5 වන දින ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී 1981 මාර්තු මස 06 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 14 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (සංශෝධන) පනත ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 14 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (සංශෝධන) පනත යනුවෙන් හඳුන් වනු ලැබේ. 2. ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 39 දරන පනතින් සංශෝධිත, ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස් කරණ පනතේ 42 වගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය ඒ පනතේ 42 ම් ම් වගන්තිය වශයෙන් බලපැවැත් විය යුතු ය:- 42 ඕ. ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 19 දරන සමාගම් (විශේෂ විධිවිධාන) පනතේ 5 වන වගන්තියෙහි හෝ පනතේ ඉහතින් වූ විධිවිධාන වල හෝ පටහැනිව කුමක් සඳහන් ව ඇත ද (ප්‍රසිද්ධ සමාගමක් වූ හෝ පෞද්ගලික සමාගමක් වූ) යම් සමාගමකට හෝ ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 19 දරන සමාගම් (විශේෂ විධිවිධාන) පනතේ කාර්ය සඳහා පවත්නා සමාගමක් ලෙස පිළිගනු ලැබූ හෝ සමාගම් ආඥාපනත යටතේ සංස්ථාගත කරන ලද සමාගමකට හෝ, ශ්‍රී ලංකා වෙන් පිටත ලියා පදිංචි කරන ලද හෝ සංස්ථාගත කරන ලද සමාගමක් විසින් 1974 ජූනි මස 19 වන දින හෝ එදිනට පසුව පවරන ලදුව, මේ පනතේ මේ කොටස ක්‍රියාත්මක වන දිනයේ දී පළමු කී සමාගමට අයිතිව තිබූ නැත හොත් සන්තකව තිබූ සෑම වතු ඉඩමම්, මේ පනතේ මේ කොටසේ කාර්ය සඳහා, මේ පනතේ මේ කොටස ක්‍රියාත් මක වන දිනයෙහි ප්‍රසිද්ධ සමාගමකට අයිතිව තිබූ හෝ සන්තකව තිබූ වතු ඉඩමක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ අනුව ඒ සෑම වතු ඉඩමක් ම මේ පනතේ මේ කොටස ක්‍රියාත්මක වන දිනයේ දී කොමිෂන් සහ වු සතු විය යුතුය." 3. (1) මේ පනතේ 2 වන වගන්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තියෙහි කරන ලද සංශෝධනය 1975 ඔක්තෝබර් මඩ දහ හත් වන දින ක්‍රියාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකන ලැබිය යුතු අතර ඒ අනුව, යම් අධිකරණයක හෝ විනිශ්චයාධිකාරයක හෝ යම් අභියාචනයක්, නඩුවක්, ඉල්ලීමක් හෝ වෙනත් නඩු කටයුත්තක් (එම අභියාචනය, නඩුව, ඉල්ලීම හෝ නඩු කටයුත්ත මේ පනත ක්‍රියාත් මක වීම ආරම්භ වූ දිනයට පෙර හෝ පසුව ඉදිරිපත් කර හෝ පවරා තිබුණ ද) විභාග කිරීමේ දී යම් වතු ඉඩමක් කොමිෂන් සභාව වෙත සතු වූයේ ද යන්න සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් පැන නැඟි අවස් ථාවක නැතහොත් වතු ඉඩම් සම්බන්ධයෙන් වෙනත් කාරණයක් පැන නැඟි අවස්ථාවක, ඒ ප්‍රශ්නය හෝ කාරණය මේ පනතේ 2 වන වගන්තියෙන් සංශෝධිත, ප්‍රධාන ප්‍රඥප්තියේ විධිවිධාන වලට අනුකූලව තීරණය කරනු ලැබිය යුතු ය. (2) මේ පනතේ 2 වන වගන්තිය ක්‍රියාත්මක වීමේ හේතුවෙන් යම් වතු ඉඩමක් කොමිෂන් සභාව වෙත සතු වී, ඒ වතු ඉඩම කොමිනේ සභාව වෙත සතු වීමට පෙර එහි අයිතිකරුව සිටි තැනැත්තා විසින්, මේ පනතේ 2 වන වගන්තියෙන් සංශෝධිත, ප්‍රධාන ප්‍රඥප්තියේ විධිවිධාන යටතේ ඒ වතු ඉඩම වෙනුවෙන් ලැබීමට හෝ අත් කර ගැනීමට කොමිෂන් සභාවට හිමිකම ඇති යම් මුදල්, ලබා ගෙන හෝ අත්කර ගෙන ඇති අවස් ථාවක, ඒ මුදල්, මේ පනතේ 2 වන වගන්තියෙන් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, ඒ වතු ඉඩම් වෙනුවෙන් ගෙවිය යුතු වන් දියෙන් අඩු කර ගනු ලැබිය යුතු ය. (3) මේ වගන්තියේ - '' ප්‍රධාන ප්‍රඥාප් ප්තිය '' යන්නෙන්, ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 39 දරන පනතින් සංශෝධිත, ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස් කරණ පනත අදහස් වේ; තව ද ' කොමිෂන් සභාව '' යන නෙන්, ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතින් පිහිටුවන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ සභාව අදහස් වේ.
14
acts_1981-03-05_National_Health_Development_Fund_si
act
1981
7
1
0.990291
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 13 දරන ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල් පනත [සහතිකය සටහන් කළේ 1981 මාර්තු මස 5 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 මාර්තු මස 13 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළකරන ලදී. 1981 අංක 13 දරන ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල් පනත '' ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල " යනුවෙන් හඳුන්වනු ලබන අරමුදලක් පිහිටුවීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගිත කරුණු සඳහා විධිවිධාන සැලැස් වීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 13 දරන ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල් පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (4) (මෙහි මින් මතු " අරමුදල " යනුවෙන් සඳහන් කරනු ජාතික සෞඛ්‍ය ලබන) " ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල '' යනුවෙන් හඳුන්වනු ලබන අරමුදලක් පිහිටුවනු ලැබිය යුතු ය. (2) (1) වන උපවගන්තියෙන් අරමුදලට නියම කර ඇතී නාම යෙන් ඒ අරමුදල අවිච්ඡින්න පැවැත්මක් හා පොදු මුද්‍රාවක් ඇති සංස්ථාවක විය යුතු ය; තව ද එකී නාමයෙන් අරමුදල විසින් නඩු පැවරීම ද අරමුදලට විරුද්ධව නඩු පවරනු ලැබීම ද කරනු ලැබීය හැකිය. 3. ( 1 ) අරමුදල පිළිබඳ පරිපාලනය, කළමනා කරණය පාලනය මෙහි මින් මතු විධි විධාන සලස්වා ඇති ආකාරයට සමන්විත වන භාරකාර මණ්ඩලයක් වෙත සතු විය යුතුය. (2) (මෙහි මින් මතු '' මණ්ඩලය '' යනුවෙන් සඳහන් කරනු ලබන) අරමුදල පිළිබඳ භාරකාර මණ්ඩලය - (අ) අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන්; (ආ) සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ගෙන්; (ඇ) ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද කොමසාරිස් වරයා ගෙන්; (ඈ) අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයා ගෙන් ; සහ (ඉ) අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන්නා වූද, අමාත්‍යවරයා විසින් එක් එක් තැනැත්තා වෙත නිකුත් කරන ලද පත් වීම් ලිපියෙහි සඳහන් කරනු ලබන කාලයක් සඳහා ඒ එක් එක් තැනැත්තා විසින් (4) වන, (5) වන සහ ( 6 ) වන උපවගන්ති වල විධිවිධාන වලට යටත්ව ධුරය දැරිය යුතු වූ ද, වෙනත් සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත විය යුතු ය. අමාත්‍යවරයා විසින් පත් කරන ලද සාමාජික යකු '' පත කරන ලද සාමාජිකයකු " වශයෙන් පනතෙහි සඳහන් කරනු ලැබේ. (3) අමාත්‍යවරයාගේ අමාත්‍යාංත්‍යාංශයේ ලේකම්වරයා මණ්ඩලයේ (මෙහි මින් මතු '' සභාපතිවරයා '' යනුවෙන් සඳහන් කරනු ලබන) සභාපතිවරයා විය යුතුය. (4) අමාත්‍යවරයා විසින්, සුදුසු යයි තමා කල්පනා කරනු ලබන් නේ නම්, කවර හෝ හේතුවක් නොදක්වා මණ්ඩලයේ යම් පත් කරන ලද සමාජිකයකු ධුරයෙන් ඉවත් කළ හැකි ය. (5) (4) වන උපවගන්තියේ විධිවිධාන යටතේ ධුරයෙන් ඉවත් කරනු ලැබූ මණ්ඩලයේ සාමාජිකයකු, මණ් ඩලයේ සාමාජිකයකු වශ යෙන් නැවත පත් කරනු ලැබීමට හෝ වෙනත් යම් තත්ත්වයකින් මණ්ඩලයේ සේවය කිරීමට හෝ සුදුසු නොවිය යුතු ය. (6) මණ්ඩලයේ පත් කරන ලද සාමාජිකයකුට, අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිඛිත දැනුම් දීමක් මගින්, ඕනෑම අවස් ථාවක දී තම ධුරයෙන් අස්විය හැකිය. (7) මණ්ඩලයේ සභාපතිවරයාට හෝ යම් සාමාජිකයකුට, අසනීප වීම නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා තාවකාලිකව තම ධුරයේ කාර්ය ඉටු කිරීමට නො හැකි වුවහොත්, අමාත්‍යවරයා විසින් ඔහු වෙනුවට කටයුතු කිරීමට වෙනත් තැනැත්තකු පත් කළ හැකිය. (8) මණ්ඩලයේ පත් කරන ලද සාමාජිකයෙකු තම ධුර කාලය අවසන් වීමට පෙර, මරණය, ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම නිසා, තම ධුරය අතහැර ගියහොත්, ඔහුගේ අනුප්‍රාප්තිකයා විසින් ඒ අනුප්‍රාප තිකයා තම ධුරය කලින් අතහැර යන්නේ නම් මිස, තමා අනුප්‍රාප්ත වන තැනැත්තාගේ ධුර කාලයෙන් නොගෙවී ඇති කොටස සඳහා ධුරය දැරිය යුතුය. (9) මණඩලයේ සාමාජිකයන් අතර යම් පුරප්පාඩුවක් තිබීමේ හෝ එහි සාමාජිකයකු පත් කිරීමෙහි ලා යම් දෝෂයක් තිබීමේ හෝ හේතුව නිසා ම පමණක් මණ්ඩලයේ කිසිම ක්‍රියාවක් හෝ කටයුත් තක් අවලංගු වෙතැයි සලකනු නොලැබිය යුතු ය. (10) මණ්ඩලයේ රැස්වීම් පිළිබඳ කාර්ය පටිපාටිය ද ඒ රැස්වීම් වල කටයුතු ද විධිමත් කිරීම සඳහා මණ්ඩලය විසින් රීති සාදනු ලැබීය හැකි ය. 4. අමාත්‍යවරයා විසින් තිරණය කරනු ලබන ආකාරයට සහ අනු ප්‍රමාණ අනුව මණ්ඩලයේ පත් කරන ලද සාමාජිකයකුට පරිශ්‍රමික ගෙවිය යුතු ය. 5. මණ්ඩලයට, අරමුදලෙහි නාමයෙන් - (අ) චංචල හෝ නිශ්චල දේපළ අත් කර ගැනීමේ, දැරීමේ හෝ කළමනාකරණය කිරීමේ; (ආ) අරමුදලට හිමිකම ලැබෙන යම් චංචල හෝ නිශ්චල දේ පළක් විකිණීමේ, උකස් කිරීමේ, හුවමාරු කිරීමේ හෝ අන්‍යාකාර යකින් බැහැර කිරීමේ නැතහොත් ඒ දේපළ සම්බන්ධ යෙන් කටයුතු කිරීමේ; (ඇ) මේ පනත්තේ විධිවිධාන බලගැන්වීම පිණිස අවශ්‍ය සියලු ක්‍රියා හෝ දේ ඉටු කිරීමේ බලය තිබිය යුතුය. 6. 7 වන වගන්තියේ දක්වා ඇති කාර්ය වලින් කිසිවක් සඳහා, ශ්‍රී ලංකාවේ හෝ විදේශවල පුද්ගලයන්ගෙන්, ව්‍යාපාරික ආයතන වලින් හා ආයතන වලින් තෑගි හෝ පරිත්‍යාග වශයෙන් ලැබෙන සියලු මුදල් අර මුදලේ ගිණුමට බැර කරනු ලැබිය යුතු ය. 7. අරමුදලට අයත් මුදල්, අමාත්‍යවරයාගේ විධාන වලට යටත්ව, පහත දැක්වෙන කාර්ය වලින් කිසිවක් සඳහා යොදා ගැනීම මණ්ඩල යේ කාර්යය විය යුතු ය:- (අ) ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂක සේවා සපයන ආයතන සංවර් ධනය කිරීම හා ප්‍රවර්ධනය කිරීම; (ආ) ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්ෂක සේවා වල නිරතව සිටින තැනැත්තන් අතර පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ ඒ හා සම්බන්ධ තැනැත්තන්ගේ අධ්‍යාපනය හෝ ඥාණය වර්ධනය කිරීම; (ඇ) විශේෂ යෝජනා ක්‍රමයක් සම්බන්ධයෙන් මුදල් යෙදවීමේ කාර්යය සඳහා යම් පරිත්‍යාගයක් ලැබී ඇති අවස් ථාවක දී ඒ පරිත්‍යාගය, හැකි තාක් දුරට, එම විශේ ෂ යෝජනා ක්‍රමයට මුදල් යෙදවීම සඳහා උපයෝගී කර ගැනීමට වග බලා ගනිමින් ශ්‍රී ලංකා ජනතාව අතර රෝග වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ හෝ ඔවුන්ගේ සෞඛ්‍ය ආරක් ෂා කිරීමේ කාර්යය සඳහා වූ යම් යෝජනා ක්‍රමයකට මුදල් යෙදවීම; (ඈ) ශ්‍රී ලංකවේ සෞඛ්‍යාරක්ෂක සේවා පිළිබඳ කාර්ය සඳහා පාවිච්චි කරනු ලබන වෛද්‍ය උපකරණ සහ අත්‍යාවශ්‍ය ඖෂධ මිළට ගැනීම. 8. අරමුදලට අයත් යම් මුදලක්, අමාත්‍යවරයා විසින් දෙනු ලබන විධාන වලට යටත්ව, මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන ආකාරයට මණ්ඩලය විසින් ආයෝජනය කරනු ලැබිය හැකි ය. 9. අමාත්‍යවරයාගේ විධාන වලට යටත්ව, මණ්ඩලයට- (අ) අරමුදලේ කටයුතු පරිපාලනය කිරීම හා කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය වනු ලබන අරමුදලේ නිලධරයන් සහ සේවකයන් පත් කිරීමට; (ආ) එසේ පත් කරන ලද නිලධරයන්ට හා සේවකයන්ට ගෙවිය යුතු පාරිශ්‍රමික නිශ්චය කිරීමට; (ඇ) ඒ පාරිශ්‍රමික සහ අරමුදලේ කටයුතු පරිපාලනය කිරීමෙහි ලා දරන ලද වෙනත් වියදම් අරමුදලේ ආදායමෙන් ගෙවීමට බලය තිබිය යුතුය. 10. (1) අරමුදලේ ආදායම සහ වියදම පිළිබඳව නිසි ගණන් පොත් තැබීමට මණ්ඩලය විසින් සැලැස්විය යුතුය. (2) විගණකාධීපතිවරයා විසින් සෑම වර්ෂයක දීම අරමුදලේ ගිණුම් විගණනය කරනු ලැබිය යුතුය. ඒ ගිණුම් විගණනය කිරීමේ දී තමාට සහාය වීමේ කාර්යය සඳහා විගණකාධිපතිවරයා විසින් යම් සුදුසුකම් ලත් විගණකවරයකුගේ සේවය ලබා ගනු ලැබිය හැකි අතර, ඒ විගණකවරයා විසින් විගණකාධිපතිවරයාගේ විධානය සහ පාලනය යටතේ ක්‍රියා කළ යුතු ය. (3) අරමුදලේ ගිණුම් විගණනය කිරීමෙහි ලා විගණකාධිපතිවරයා විසින් දරන ලද වියදම් පියවීමේ කාර්යය සඳහා, මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන පරිශ්‍රමිකයක් අරමුදලේ ආදායමෙන් විගණකාධිපතිවරයාට ගෙවනු ලැබිය යුතුය. විගණකාධිපතිවරයාට අර මුදලින් ලැබෙන යම් පාරිශ්‍රමිකයකින්, ඒ විගණනයේ කාර්යය සඳහා ඔහු විසින් සේවයෙහි නියුක්ත කර ගන්නා ලද යම් සුදුසුකම් ලත් විගණකවරයකුට හෝ විගණකවරයන්ට ඔහු විසින් ගෙවන ලද යම් මුදලක් අඩුකර ගැනීමෙන් පසුව, ඒ පාරිශ්‍රමිකයේ ශේෂය ඒ කාබද්ධ අරමුදලට බැර කරනු ලැබිය යුතු ය. (4) එක් එක් වර්ෂයේ දෙසැම්බර් මස තිස් එක් වන දිනට පසු හැකිතාක් ඉක්මණින් විගණකාධිපතිවරයා විසින් ඒ වර්ෂය තුළ අරමුදලේ ආදායම හා වියදම පිළිබඳ සහ අරමුදලට අයත් මුදල් ආයෝජනය කිරීම පිළිබඳ (ප්‍රකාශයක් ද සමග ඒ වර්ෂය තුළ අර මුදලේ කටයුතු පරිපාලනය කිරීම පිළිබඳ වාර්තාවක් පිළියෙල කරනු ලැබිය යුතුය. (5) මේ වගන්තියෙහි සුදුසුකම් ලත් විගණකවරයා " යන යෙදු මෙන් - (අ) ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ හෝ නීතියෙන් පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක හෝ සාමාජිකයකු වූ ද ගණකාධිකාරිවරයකු වශයෙන් වෘත්ති යෙහි යෙදීමට ඒ ආයතනයේ සභාව විසින් නිකුත් කරන ලද සහතිකයක් දරන්නා වූද තැනැත්තෙක්; හෝ (ආ) යම් ගණකාධිකාරී සමාගමක එක එක නේවාසික හවුල්කරු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ හෝ නීතියෙන් පිහිටුවන ලද වෙනත් යම් ආයතනයක හෝ සමාජිකයකුව සිටින්නේ ද එමෙන් ම ගණකාධිකාරීවර යකු වශයෙන් වෘත්තියෙහි යෙදීමට එකී ආයතනයේ සභ්‍යව විසින් නිකුත් කරන ලද සහතිකයක් දරන්නේ ද එවැනි වරලත් ගණකාධිකාරී සමාගමක්; හෝ අදහස් වේ. 11. විගණකාධිපතිවරයා විසින් 10 වන වගන්තියේ (4) වන උප වගන්තියේ විධිවිධාන අනුව පිළියෙල කරනු ලබන වාර්තාව සහ ප්‍රකාශය ඔහු විසින් අමාත්‍යවරයා වෙත යැවිය යුතු අතර, ඒ අමාත්‍ය වරයා විසින් ඒ වාර්තාව සහ ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබීමට සැලැස්විය යුතු ය. 12. ජනවාරි මස පළමුවන දින ආරම්භ වන සහ දෙසැම්බර් මස තිස් එක් වන දින අවසන් වන වර්ෂය අරමුදලේ කාර්යය සඳහා මුදල් වර්ෂය වන්නේය. 13. (1) යම් භාණ්ඩ ආනයනය කිරීම අරමුදලේ කාර්ය නංවා ලීම සඳහා හිතකර යයි සලකනු ලැබේ නම් අමාත්‍යවරයා විසින්, මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව, අරමුදල විසින් ආනයනය කරනු ලබන ඒ භාණ්ඩ වෙනුවෙන් යම් තීරු බද්දක් ගෙවිය යුතුවීමෙන් අරමුදල නිදහස් කරනු ලැබිය හැකි ය. (2) 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු යම් ආදායම් බද්දකින් හෝ ධන බද් දකින් අරමුදල නිදහස් විය යුතු ය. (3) යම් තැනැත්තකු අරමුදලට තැග්ගක් පිරිනමන අවස් ථාවක එම තැග්ගේ මුළු වටිනාකමේ ප්‍රමාණයට, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත යටතේ ඇති තෑගි බද්ද ගෙවිය යුතු වීමෙන් ඒ තැනැත්තා නිදහස් විය යුතුය. (4) යම් තැනැත්තකු අරමුදලට පරිත්‍යාගයක් කරන අවස් ථාවක, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ කාර්ය සඳහා ඒ පරිත්‍යාගය අනුමත වියදමක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ පරිත්‍යාගයේ මුළු වටිනාකම වෙනුවෙන් ඒ පනත යටතේ සහනය ලැබීමට ත්‍යාග දායකයා හිමිකම් ලැබිය යුතු ය. (5 ) 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතෙහි පටහැනිව කුමක් සඳහන් ව ඇත ද මේ වගන්තියේ විධිවිධාන බල පැවැත්විය යුතුය. 14. අරමුදලේ සියලු නිලධරයන් හා සේවකයන් දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ එහි කාර්ය සඳහා රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුතුය. 15. අල්ලස් පනතේ අර්ථානුකූලව අරමුදල උපලේඛනගත ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර එම පනතේ විධිවිධාන ඒ අනුව අදාළ විය යුතුය.
15
acts_1981-03-12_Buddhist_Temporalities_Amendment_si
act
1981
3
1
0.992598
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 18 දරන බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 මාර්තු මස 12 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 මාර්තු මස 13 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 18 දරන බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 18 දරන බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, ගැසට් පත්‍ර යෙහි පළ කරනු ලබන නියමයක් මගින් අමාත්‍ය වරයා විසින් නියම කරනු ලබන (මෙහි මින් මතු " නියමිත දිනය " යනුවෙන් සඳහන් කරනු ලබන) දිනයක එය ක්‍රියාත්මක විය යුතුය. 2. බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනතේ 12 වන වගන්තියෙහි අතුරු වගන්තිය වෙනුවට පහත දැක්වෙන අලුත් අතුරු වගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-- '' එසේ වුව ද - (අ) දියවඩන නිලමේවරයකුගේ ධුර කාලය අවුරුදු දහයක් විය යුතු ය; තව ද, (ආ) බස් නායක නිලමේවරයකුගේ ධුර කාලය දීර්ඝ කිරීම විහාරයක දේ පළ කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා හිතකර වේ යයි ජනාධිපතිවරයා විසින් සලකනු ලබන්නේ නම් ජනාධිපතිවරයා විසින් බස්නායක නිලමේවරයකුගේ ධුර කාලය එක් වරකට අවුරුද් ද බැගින් වූ කාලයකට දීර්ඝ කරනු ලැබිය හැකි ය. එහෙත් එසේ දීර්ඝ කරනු ලබන කාලවල සමස්තය අවුරුදු දෙකක් නොඉක්මවිය යුතු ය. '' 3. නියමිත දිනට පෙරාතුවම වූ දිනයෙහි ධුරය දරමින් සිටි සෑම බස්නායක නිලමේවරයකු ම - (අ) නියමිත දිනට අවුරුදු පහක් හෝ ඊට වැඩි කාලයක් එම ධුරය දරා ඇති අවස් ථාවක, ජනාධිපතිවරයා විසින් ඔහුගේ සංශෝධනය ධුර කාලය දීර්ඝ කරනු ලැබ ඇත්නම් මිස, නියමිත දින සිට එක් සතියක කාලයක් ඉකුත්වීමෙන් පසු ඔහු එම ධුරය දැරීම් නතර විය යුතු ය; තව ද (ආ) ජනාධිපතිවරයා විසින් ඔහුගේ ධුර කාලය දීර්ඝ කරනු ලැබ ඇත්නම් මිස එම ධුරයට ඔහු පත් කරනු ලැබූ දිනයෙහි සිට අවුරුදු පහක කලයක් සම්පූර්ණ කළ විට, එම ධුරය දැරීම නතර විය යුතුය: එසේ වුව ද ඒ තැනැත්තා ඒ ධුරය දැරීමේ අවුරුදු පහක කාලය නියමිත දින සිට එක් සතියක් ඇතුළත සම්පූර්ණ කළ අවස්ථාවක, ජනාධිපතිවරයා විසින් ඔහුගේ ධුර කාලය දීර්ඝ කරනු ලැබුවහොත් මිස, නියමිත දින සිට එක් සතියක කාලයක් ඉකුත් වූ විට ඔහු එම ධුරය දැරීම නතර විය යුතුය.
16
acts_1981-03-12_Census_Amendment_si
act
1981
8
1
0.985037
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 16 දරන ජනලේඛන (සංශෝධන) පනත {සහතිකය සටහන් කළේ 1981 මාර්තු මස 12 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 මාර්තු මස 13 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 16 දරන ජන ලේඛන (සංශෝධන) පනත ජනලේඛන ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 16 දරන ජන ලේඛන (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු ප්‍රධාන ප්‍රඥප්තිය යනුවෙන් සඳහන් කරනු ලබන) ජනලේඛන ආඥාපනතේ 2 වන සහ 3 වන වගන්ති මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්ති ආදේශ කරනු ලැබේ:- 2. ශ්‍රී ලංකා වාසීන්ගේ ප්‍රජා විද්‍යාත් මක, සමාජ යීය හෝ ආර්ථික තත්වය නිශ්චය කිරීම සඳහා ජන ගහණය, නිවාස, කෘෂිකර්මය, පශු සම්පත, වෙළෙඳාම, කම්කරුවන්, කර්මාන්ත හෝ වාණිජ්‍යය හෝ අමාත්‍යවරයා විසින් අවශ්‍ය යයි සලකනු ලබන වෙනත් එවැනි කරුණු පිළිබඳව ජනලේඛන යක් ගත යුතු යයි . අමාත්‍යවරයා විසින් කලින් කල ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියෝගයක් මගින් නියම කිරීම නීත්‍යනුකූල විය යුතු ය. 3. යම් ජනලේඛනයක් ගැනීම අධීක් ෂණය කරනු සඳහා '' ජනලේ ඛන අධිකාරි " යනුවෙන් නම් කෙරෙන නිලධරයකු පත් කරනු ලැබිය යුතුය. ජන ලේඛන අධිකාරි ධුරයට පත් කිරීමක් කරනු නොලැබුවහොත් සංඛ්‍යාලේඛන ආඥාපනත යටතේ පත් කරනු ලැබූ සංඛ්‍යාලේ ඛන අධ්‍යක් ෂ වරයා, ජනලේඛන අධිකාරිවරයා ලෙස සලකනු ලැබිය යුතු අතර මේ ආඥාපනත මගින් ජනලේඛන අධිකාරිවරයාට පවරන ලද හෝ නියම කරන ලද බලතල, කාර්ය සහ කර්තව්‍යයන් ක්‍රියාත් මක කිරීම සහ ඉටු කිරීම ඔහු විසින් කළ යුතු ය'. 3. ප්‍රධාන ප්‍රඥාප් තියේ 5 වන වගන්තියේ (3) වන සහ (4) වන උපවගන්ති ඉවත් කර, ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්ති ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (3) ගැසට් පත්‍රයේ නිකුත් කිරීම් දෙකක රීති පළ කළ යුතු අතර එසේ අවසන් වරට ප්‍රසිද්ධ කෙරෙන දිනයේ සිට ඒ වා බලාත්මක විය යුතු අතර අධිකරණ පිළිගැනීම ලැබිය යුතු ය. (4) එවැනි යම් රීතියක් කඩ කරන්නා වූ යම් තැනැත්තකු මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ වරදකරු කරනු ලැබීමෙන් පසු එක් මාසයක් නොඉක්මවන්නා වූ කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ රුපියල් එක් දහසක් නොඉක්මවන්නා වූ දඩයකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතු ය. ''. 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 6 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ කරනු ලැබේ :- 6. පරිපාලන දිස් ත්‍රික් කයක දිසාපතිවරයා ඔහුගේ දිස්ත්‍රික්කයේ ජනලේඛන කොමසාරිස් වරයා විය යුතු අතර සෑම මහ නගර සභාවක, නගර සභාවක, සුළු නගර සභාවක, නගරාධිපතිවරයා, සභාපති වරයා හෝ යම් පළාත් පාලන ආයතනයක් විශේෂ කොමසාරිස් වරයකු විසින් පාලනය කරනු ලබන අවස් ථාවක දී එකී විශේෂ කොමසාරිස් වරයා, එකී මහ නගර සභාවට, නගර සභාවට සහ සුළු නගර සභාවට අයත් බල ප්‍රදේශයේ ජන ලේඛන කොම සාරිස් වරයා විය යුතු ය. එසේ වුව ද ඒ දිස්ත්‍රික්කය හෝ මහ නගර සභාව හෝ නගර සභාව හෝ සුළු නගර සභාව වෙනුවෙන් කොමසාරිස්වරයා ලෙස වෙනත් යම් තැනැත්තකු පත් කරනු ලැබිය හැකි ය. ". 5. ප්‍රධාන ප්‍රඥප තියේ 8 වන, 9 වන සහ 10 වන වගන්ති මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන් ති ආදේශ කරනු ලැබේ :- 8. කොමසාරිස් වරයා විසින් යම් නිශ්චිත ප්‍රදේශ යක ජන ලේඛනය ගැනීමට හෝ ජනලේඛනය ගැනීමට ආධාර පිණිස හෝ ජනලේඛනය ගැනීම, අධීක් ෂණය කිරීමට අවස් ථාවෝ චිත පරිදි ගණන් ගන්නකු, අධීක්ෂකයකු හෝ ප්‍රධාන අධීක්ෂකයකු වශයෙන් යම් තැනැත්තකු ලිඛිතව බඳවා ගත හැකි අතර ඕනෑම අවස් ථාවක එකී තැනැත්තා එයින් මුදා හළ හැකි ය. 9. මේ ආඥාපනතේ ඉහතින් වූ විධිවිධාන වල දක්වා ඇති අධිකාරිවරයා සහ සෑම නියෝජ්‍ය අධිකාරිවරයෙක්, සහකාර අධිකාරිවරයෙක්, කොම සාරිස් වරයෙක්, උප කොමසාරිස් වරයෙක්, ප්‍රධාන අධීක් ෂකයෙක්, අධීක් ෂකයෙක් සහ ගණන් ගන්නෙක්ම මේ ආඥාපනතේ අර්ථානුකූලව ජන ලේඛන නිලධරයකු විය යුතු අතර දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව රජයේ නිලධරයකු ලෙස සලකනු ලැබිය යුතු ය. 10. යම් ඉඩමක, ගොඩනැගිල්ලක, නිවසක, ආවෘත ස්ථානයක, යාත්‍රාවක හෝ වෙනත් ස්ථාන යක පදිංචි වී සිටින සෑම තැනැත්තකුම යම් ජන ලේඛන නිලධරයකුට එකී ජනලේඛනයේ කාර්ය සඳහා අවශ්‍ය විය හැකි, රටේ චාරිත්‍ර වලට අනුව යුක්ති සහගත වූ ඇතුල් වීමකට ඉඩ දිය යුතු අතර එවැනි තැනැත්තකු පදිංචි වී ඇති දේ පළක හෝ ඒ මත ජනලේඛනයේ කාර්ය සඳහා අවශ්‍ය විය හැකි යම් අකුරු, ලකුණු හෝ අංක පින්තාරු කිරී මට, ලකුණු කිරීමට හෝ ඇලවීමට ඉඩ දිය යුතුය. ”. 6. ප්‍රධාන ප්‍රඥප්තියේ 43 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :- 13. (1) අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් සෑදිය හැකි යම් රීති වලට යටත්ත්ව යම් ජනලේඛන නිලධරයකු විසින් සිය බල ප්‍රදේශය තුළ වාසස් ථානයක හෝ යම් ආයතනයක හෝ ඒ වාසස් ථානයේ නැතහොත් ආයතනයේ යම් නිශ්චිත කොටසක ගෘහමූලිකයා විසින් හෝ භාර තැනැත්තා විසින් හෝ එවැනි තැනැත්තකු නොමැති අවස ථාවක දී එකී නිවසේ හෝ ආය තනයේ හෝ එහි එකී නිශ්චිත කොටසේ වගකිව යුතු සාමාජිකයකු විසින් පුරවනු ලැබීම සඳහා අමාත්‍යවරයා විසින් නියම කරනු ලැබ ඇති ආකෘතිය අනුව වූ උපලේඛනයක් එකී වාසස්ථාන යේ හෝ ආයතනයේ තබා යෑම හෝ තබා යෑමට සැලැස්වීම හෝ කළ හැකිය. (2) එවැනි යම් උපලේඛනයක් තබා ගොස් ඇති අවස්ථාවක දී වාසස්ථානයේ ගෘහමූලිකයා හෝ ආය තනය භාර තැනැත්තා හෝ එය අදාළ වන්නා වූ කොටස් භාර තැනැත්තා විසින් සිය උපරිම දැනුම හා විශ්වාසය අනුව එය පුරවා හෝ පිරවීමට සලස්වා ඒ සඳහා විධිවිධාන සලසා ඇත් නම් ඒ ස්ථානයේ සිය නම අත්සන් කර එසේ පුරවා අත්සන් කළ උපලේඛනය එසේ නියම කර ඇති අවස් ථාවක වාසස් ස්ථානය හෝ ආයතනය පිහිටි ප්‍රදේ ශය සඳහා පත් කර ඇති අධීක්ෂකට හෝ ගණන් ගන්නාට හෝ කොමසාරිස් වරයා විසින් නියම කරනු ලැබිය හැකිව වෙනත් තැනැත්තකුට භාර දිය යුතුය. ''. 7. ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තියේ (2) වන උප වගන්තිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උප වගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- '" (2) (1) වන උපවගන්තිය යටතේ උපලේඛනය ලේඛන භාර දෙනු ලැබූ තැනැත්තා එම උපවගන්තියෙන් නියම කරනු ලැබ ඇති කරුණු සිය උපරිම දැනුම හා විශ්වාසය අනුව පිරවීමට සලස් වා එහි ඒ සඳහා විධිවිධාන සලසා ඇත් නම් නියමිත ස්ථානයේ සිය නම අත්සන් කර එසේ පුරවා අත්සන් කළ උප ලේඛනය හෝ උපලේඛන එසේ නියමකර ඇති අවස් ථාවක ඒ ප්‍රදේශය සඳහා පත්කර ඇති ගණන් ගන්නාට හෝ අධීක්ෂකට හෝ ඒ ප්‍රදේශය භාර කොමසාරිස්වරයා විසින් නියම කරනු ලැබිය හැකි වූ වෙනත් තැනැත්තකුට හෝ ඒ ප්‍රදේශයේ ජන ලේඛන අධිකාරිවරයා හෝ කොමසාරිස් වරයා විසින් නියම කරනු ලැබිය හැකි වූ වෙනත් ක්‍රමයකින් හෝ බාර දෙනු ලැබිය යුතු ය. ”. 8. ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :- 15. මේ පනතින් හෝ අමාත්‍යවරයා විසින් සාදන ලද රීති වලින් හෝ ලබා ගත යුතු යයි නියම වී ඇති - (අ) ශ්‍රී ලංකා නාවුක හමුදාවට, යුද්ධ හමුදාවට හෝ ගුවන් හමුදාවට හෝ යම් යුද්ධ නෞකාවකට අයත් වන්නා වු මිනිසුන් සමූහයකට, සහ (ආ) යම් ජන ලේඛනයක් ගැනීමට නියමිත කාලය තුළ දී සංචාරයේ යෙදී සිටින හෝ නැවක් තුළ සිටින හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා ඉහත සඳහන් පරිදි ජන ලේඛන නිලධරයන් විසින් ගණන් ගනු ලැබීමට නියමිත යම් නිවසක් තුළ නො සිටින තැනැත්තන්ට, අදාළ තොරතුරු ජනලේඛන අධිකාරිවරයා විසින් තොරතුරු ලබා ගැනීම සඳහා ඉතාම සුදුසු යයි තමාට පෙනී යන කවර හෝ මාර්ග සහ විධි මගින් ලබා ගත යුතු අතර මෙහි මින් මතු විධිවිධාන සලසා ඇති පරිදි ඔහු විසින් සෑදිය යුතු වන සංක් ෂේප සටහනේ ඒ තොරතුරු ඇතුළත් කළ යුතුය. 9. ප්‍රධාන ප්‍රඥප්තියේ 17 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :- 17. (1) යම් ආකරයක හෝ ගල්වළක හෝ යම් කර්මාන්ත ශාලාවක, වැඩ පොළක හෝ වෙනත් වෙළෙඳ හෝ කාර්මික ආයතනයක සේවා නියුක්ත යන් පස් දෙනකු හෝ ඊට වැඩි ගණනක් භාරව සිටින සෑම සේ වායෝජකයකු හෝ තැනැත්තකුම එකී ආකරයේ, ගල්වළේ, කර්මාන්ත ශාලාවේ, වැඩ පොළේ හෝ වෙනත් යම් වෙළෙඳ හෝ කාර්මික ආයතනයේ තමා යටතේ හෝ භාරයේ සේවා නියුක්තයන් පස් දෙනකු හෝ ඊට වැඩි ගණනක් සිටින බවට, එකී ආකරය, ගල්වළ, කර්මාන්ත ශාලාව, වැඩ පොළ හෝ වෙනත් යම් වෙළෙඳ හෝ කාර්මික ආය තනය පිහිටා ඇති දිස්ත්‍රික්කයේ ජන ලේඛන අධි කාරීවරයාට හෝ කොමසාරිස් වරයාට නියමිත ආකෘතිය පරිදි වූ ප්‍රකාශයක් කළ යුතු ය. ඒ ප්‍රකාශය කරන ලෙස ඉල්ලා සිටිමින් දිස්ත්‍රික්කයේ හෝ ප්‍රදේශයේ ජන ලේඛන අධිකාරිවරයා හෝ කොම සාරිස් වරයා විසින් ගැසට් පත්‍රයේ සහ ප්‍රවෘත්ති පත්‍ර එකක හෝ වැඩි ගණනක දැන්වීමක් පළ කර දින දහහතරක් ඇතුළත දී කරනු ලැබිය යුතු ය. (2) (1) වන උපවගන්තියෙන් නියම කර ඇති පරිදි ප්‍රකාශයක් කරන සෑම තැනැත්තකුට ම අවශ්‍ය විස්තර පිරවීම සඳහා නියමිත ආකෘතිය පරිදි වූ උපලේ ඛනයක් හෝ උපලේඛන ලබා දීම හෝ ලැබීමට සැලැස් වීම අවස්ථාවෝචිත පරිදි, ජන ලේඛන අධිකාරිවරයාගේ හෝ සෑම කොමසාරිස් වරයකුගේ ම කාර්ය විය යුතු ය. (3) (2) වන උපවගන්තිය යටතේ යම් ලේඛනයක් භාර දෙනු ලැබ ඇති සෑම තැනැත් තකු ම ඒ සඳහා එහි විධිවිධාන සලසා ඇත් නම්, තමාට එකී උපලේඛන ලැබුණේ යම් තැනැත්තකු ගෙන් ද ඒ තැනැත්තාට තත් කාර්ය සඳහා සපයන ලද ලදුපතක් අත්සන් කර යැවිය යුතු අතර සිය උප රිම දැනුම හා විශ්වාසය අනුව ජනලේඛනය ගනු ලබන අවස්ථාවේ දී තමා යටතේ හෝ භාරයේ පවති න එකී ආකරයේ, ගල්වළේ, කර්මාන්ත ශාලාවේ, වැඩ පොළේ හෝ වෙනත් යම් වෙළෙඳ හෝ කාර්මික ආයතනයේ සිටින සියළුම තැනැත්තන්ට අදාළ කාරණා වලින් එකී උපලේඛනය හෝ උපලේඛන පුරවා සිය නම එහි අත්සන් කර නියම කරනු ලැබූ විට එසේ පුරවා අත්සන් කරන ලද උප ලේඛනය හෝ උපලේඛන එම ආකරය, ගල වළ, කර්මාන්ත ශාලාව, වැඩ පොළ හෝ වෙනත් යම් වෙළෙඳ හෝ කාර්මික ආයතනය පිහිටා ඇති ප්‍රදේ ශය සඳහා පත් කර ඇති ගණන් ගන්නාට හෝ අධීක් ෂකට හෝ ජනලේඛන අධිකාරිවරයා නැත හොත් කොමසාරිස්වරයා විසින් නියම කරනු ලබන වෙනත් තැනැත්තකුට හෝ ජනලේඛන අධිකාරි වරයා හෝ කොමසාරිස් වරයා විසින් නියම කරනු ලබන වෙනත් ක්‍රමයකින් හෝ බාර දෙනු ලැබිය යුතුය. ". 10. 20 වන වගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය ප්‍රධාන ප්‍රඥප්ති යේ 20 අ වගන්තිය ලෙස බලාත්මක විය යුතු ය:- 20අ. (1) මේ ආඥාපනතේ 20 වන වගන්තියේ කුමක් සඳහන් වුව ද මේ ආඥා පනත යටතේ පිළි යෙළ කරන ලද කිසිම ප්‍රකාශනයක් යම් තැනැත් තකුට අදාළ යයි පෞද්ගලිකව හඳුනා ගැනීමට හැකි වන අන්දමේ තොරතුරක් හෙළි දරව් කිරීම හෝ හඳුනා ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසීම හෝ නොකළ යුතුය. ( 2 ) මේ ආඥාපනත යටතේ සංඛ්‍යාලේඛන එකතු කිරීමේ හෝ පිළියෙල කිරීමේ යෙදී සිටින සෑම තැනැත්තකු මේ ආඥාපනතේ කාර්ය සඳහා හැරුණු විට මේ ආඥාපනත යටතේ සපයන ලද කිසිම තොරතුරක් අනාවරණය කිරීම හෝ එයින් ප්‍රයෝජන ගැනීම හෝ නොකරන බවට නියමිත ආකෘතිය අනුසාරයෙන් ප්‍රකාශයක් කළ යුතුය. ”. 11. ප්‍රධාන ප්‍රඥප්තියේ 21 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :- 21. (1) මේ ආඥාපනත යටතේ යම් ජන ලේඛන යක කාර්ය සඳහා ජන ලේඛන අධිකාරිවරයා විසින් හෝ ජනලේඛන කොමසාරිස්වරයකු විසින් සේවයේ යොදවා ගන්නා ලද යම් ජනලේඛන නිලධරයකු හෝ වෙනත් යම් තැනැත්තකු - (අ) ප්‍රමාණවත් හේතුවක් නොමැතිව, අධිකාරි වරයා හෝ කොමසාරිස්වරයා හෝ ජන ලේඛන අධිකාරිවරයා හෝ කොමසාරිස් වරයා වෙනුවෙන් වෙනත් ලේඛන නිලධරයකු හෝ විසින් තමාට දෙන ලද උපදෙස් හෝ විධාන පිළිපැදීම ප්‍රතික් ෂේප කරතොත් හෝ නොසලකා හැරියහොත් හෝ තමා වෙත පවරන ලද රාජකාරිය නිසි උද්යෝගය සහ ප්‍රවේසම් සහිතව ඉටු කිරීම පැහැර හැරියහොත් ; හෝ (ආ) හිතාමතා ම අප්‍රසන්න හෝ අයථා ප්‍රශ්න යක් ඇසුව හොත් හෝ දැන දැනම යම් අසත්‍ය වාර්තාවක් සාදතොත්; හෝ
17
acts_1981-03-12_Ceylon_Institute_of_Scientific_and_Industrial_Research_Amendment_si
act
1981
5
1
0.974891
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 19 දරන ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනය (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 මාර්තු මස 12 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 මාර්තු මස 13 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී 1981 අංක 19 දරන ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනය (සංශෝධන) පනත ලංකා විද්‍යාතමක හා කාර්මික පර්යෙෂණ ආයතනය පනත සංශෝධනය කිරීම පිණිසවූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :-- 1. පනත 1981 අංක 19 දරන ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනය (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු '' ප්‍රධාන ප්‍රඥප්තිය '' යනුවෙන් හඳුන්වනු ලබන) ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනය පනතේ 3 වන වගන්තිය පහත සඳහන් පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (4) ඒ වගන්තියේ (ඇ), (ඈ), (ඉ), (ඊ) සහ (උ) ඡේ ද එහි (ඉ), (ඊ), (උ), (ඌ) සහ (එ) ඡේද වශයෙන් නැවත අක්ෂර යෙදීමෙන් ; සහ ( 2 ) ඒ වගන්තියෙ (ආ) ඡේදයට ඉක්බිතිව ම පහත සඳහන් ඡේද ඇතුළත් කිරීමෙන් :- (ඇ) පාරිසරික දූෂණය අඩු කිරීම හෝ මුලෝත් පාඨනය කිරීම සඳහා ප්‍රතිකර්ම යෙදීමට ක්‍රමෝපායයක් ඇතිකිරීමේ අරමුණ ඇතිව ඒ දූෂණය සමීක්ෂණය කිරීම හා නිරීක්ෂණය කිරීම භාර ගැනීමට හා ඊට හවුල් වීමට; (ඈ) තාක්ෂණ විද්‍යාඥාණය ලබා දීමේ කටයුතු වල නිරත වීමට සහ ශ්‍රී ලංකා ආණ්ඩුවට හෝ වෙනත් ආයතනවලට තාක්ෂණ විද්‍යාඥාණය ලබාදීම හා සම්බන්ධ සේවා සැප යීමට.''. 3. ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 51 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කිරීමෙන් හා ඒ වෙනුවට පහත සඳහන් අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන් තවදුරටත් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. (2) එම මණ්ඩලය - (අ) එක් එක් සාමාජිකයා විද්‍යාත්මක හෝ කාර්මික ක්ෂේත්‍රයෙහි විශිෂ්ටත්වයක් ලබා ඇති හෝ ආයතනයේ කටයුතු වල යම් අංශයක සම්බන්ධයෙන් වෙනත් ආකාරයක විශේෂ සුදුසුකම් ලැබූ, එමෙන්ම, අමාත්‍යවරයා විසින් පත් කරන ලද සාමාජිකයන් පස් දෙනකුගෙන් ද; (ආ) මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් න කරනු ලබන එක් සාමාජිකයකුගෙන්ද; (ඈ) (1) 1979 අංක 2 දරන ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකු පනත මගින් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුව (ii) ( 165 වන අධිකාරය වූ) ලංකා සංවර්ධන මුදල් සංස්ථාව පනත මගින් පිහිටුවනු ලැබූ ලංකා සංවර්ධන මුදල් සංස්ථාව; (iii ) කර්මාන්ත සංවර්ධන කාර්යය සඳහා මූල්‍ය ආධාර සපයන වෙනත් යම් ණය දෙන ආයතනයක් යන ආයතන අතුරින් අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන එක් ආයතනයක ප්‍රධාන විධායක හෝ ඔහුගේ නාමිකය ; සහ (ඈ) (i) ආයතනය කටයුතු කරනු ලබන්නේ යම් අමාත්‍යාං ශයක් යටතේද, ඒ අමාත්‍යාංශයේ ලේකම් වශ යෙන් තත් කාලයෙහි ධුර දරන තැනැත්තා හෝ ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කරනු ලැබිය හැකි එ අමාත්‍යාංශයේ එවැනි වෙනත් නිලධරයකු; සහ (ii) ආයතනයේ අධ්‍යක් ෂවරයා වශයෙන් තත් කාලයේ ධූර දරන තැනැත්තා යන නිල බලයෙන් පත් කරනු ලබන සාමාජිකයන් දෙදෙනාගෙන්ද සමන්විත විය යුතු ය ”. 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 8 වන වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කිරීමෙන් සහ ඒ වෙනුවට පහත සඳහන් අලුත් උපවගන් තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (2) නිල බලයෙන් සාමාජිකයකු නොවන්නා වූ මණ්ඩලයේ සාමාජිකයකු විසින්, ඔහුගේ අත්සන යටතේ වූ ලියවිල්ලක් අමාත්‍යවරයා වෙත යැවීමෙන් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්විය හැකි ය.". 5. ප්‍රධාන ප්‍රඥප් තියේ 10 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත සඳහන් අලුත් වගන්තිය ආදේශ කරනු ලැබේ:- 10. මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත් වය ඇතිව, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියම යක් මගින් අමාත්‍යවරයා විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන ආකාරයට හා අනුප්‍රමාණ අනුව ආයත නයේ අධ්‍යක්ෂවරයාට හැර, මණ්ඩලයේ අනෙක් සාමාජිකයන්ට ආයතනයේ අරමුදලින් පාරිශ්‍රමික ගෙවනු ලැබිය හැකි ය. ". 6. ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 51 දරන පනතින් ඇතුළත් කරන ලද ප්‍රධාන ප්‍රඥප් තියේ 12 අ වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත සඳහන් අලුත් වගන්තිය ආදේශ කරනු ලැබේ :- 12අ. (4) ආයතනයේ අධ්‍යක් ෂවරයා, ආයත නයේ නියෝජ්‍ය අධ්‍යක් ෂවරයා හෝ නියෝජ්‍ය අධ්‍යක් ෂවරයන්, පර්යේ ෂණ ශාඛාවල හා අංශවල ප්‍රධානීන් යන අයගෙන් සහ ආයතනයේ සේවයේ නියුක්ත නොවන තැනැත්තන් වන, එමෙන්ම එක් එක් සාමාජිකයා විද්‍යාවෙහි, ඉංජිනේරු ශිල්ප යෙහි හෝ කාර්මික ශිල්පයෙහි විශිෂ්ටත්වයක් ලබා ඇති හෝ ආයතනයේ කටයුතු වල යම් අංශ යක් පිළිබඳව අන්‍යාකාරයකින් විශේෂ සුදුසුකම් ලබා ඇති වෙනත් තැනැත්තන් හය දෙනකු ගෙන් සමන්විත වන්නා වූ ද, පර්යේ ෂණ සැලසුම් සභාව යනුවෙන් හඳුන්වනු ලබන්නා වූ ද, විද්‍යාත්මක උපදේ ශක සභාවක් අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය යුතු ය. (2) ආයතනයේ පර්යේ ෂණ හා සංවර්ධන කර්තව්‍යයන්ට අදාළ එහි කටයුතුවල සියලු අංශ යන් පිළිබඳව උපදෙස් දීම පර්යේෂණ සැලසුම් සභාවේ කර්තව්‍යය වන්නේ ය. එම සභාවේ රැස් වීම් පැවැත්විය යුතු අන්දම හා ආකාරය සභාව විසින් තීරණය කරනු ලැබිය යුතුය". 7. ප්‍රධාන ප්‍රඥප්තියේ 19 වන වගන්තියේ (4) වන උපවගන් නිය ඉවත් කිරීමෙන් සහ ඒ වෙනුවට පහත සඳහන් අලුත් උප වගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (4) අධ්‍යක් ෂවරයා හෝ නියෝජ්‍ය අධ්‍යක් ෂවරයා සහ ගණකාධි කාරිවරයා විසින්, යම් බැංකුවක ආයතනයේ ගිණුමෙන් ලියන ලද යම් චෙක් පතක් අත්සන් කළ යුතු අතර, ඔවුන් අතුරෙන් කවර හෝ තැනැත්තන් පැමිණ නො සිටියහොත්, මණ්ඩලය විසින් තත් කාර්යය සඳහා බලය දෙනු ලැබුවා වූ ද, බැංකුව විසින් ඒ කාර්යය සඳහා අත්සන ලියා පදිංචි කර ඇත්තා වූ ද, මණ්ඩලයේ සාමාජිකයකු හෝ ආයතනයේ නිලධරයකු වන්නා වූ ද, මණ් ඩලයේ සාමාජිකයකු හෝ ආයතනයේ නිලධරයකු විසින් පැමිණ නොමැති තැනැත්තන් වෙනුවෙන් චෙක්පත අත්සන් කරනු ලැබිය යුතුය. තවද, අධ්‍යක්ෂවරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සහ ගණකාධිකාරිවරයා පැමිණ නො සිටියහොත්, මණ්ඩලය විසින් තත් කාර්යය සඳහා බලය දෙනු ලැබුවා වූ ද, එසේ අත් සන් ලියා පදිංචි කර ඇතා වූ ද, මණ්ඩලයේ සාමාජිකයන් හෝ නිලධරයන් වන්නා වූ ද, මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු හෝ ආයතන යේ නිලධරයන් දෙදෙනකු විසින් චෙක්පත අත්සන් කරනු ලැබිය යුතුය.'".
18
acts_1981-03-12_Parliamentary_Commissioner_for_Administration_si
act
1981
20
2
0.981493
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 17 දරන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් පනත (සහතිකය සටහන් කළෙ 1981 මාර්තු මස 12 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී 1981 මාර්තු මස 13 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඇසට පත්‍රයෙ' II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 වන ව්‍යවස් ථාව ප්‍රකාර පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස් මන් ) ධුරය සංඝස්ථාපනය කිරීම සඳහා විධි විධාන සැලැස්වීම පිණිසත් ඔහුගේ බලතල, කාර්ය හා කර්තව්‍ය නිර්ණය කිරීම පිණිස හා ඒ හා සම්බන්ධ වූ හෝ ඊට ආනුෂංගික වූ කරුණු සඳහා විධිවිධාන සැලැස් වීම පිණිසත් වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ්ගේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 17 දරන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් පනත යනුවෙන් හඳුන් වනු ලබන අතර ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන දිනයක ක්‍රියාත්මක වන්නේය. 1 වන කොටස ඔම්බුඩ්ස්ට මන්වරයා 2. (මෙහි මින් මතු '' ඔම්බුඩ්ස් මන්වරයා '' යනුවෙන් සඳහන්. කරනු ලබන) පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් වරයෙක් වන්නේය. 3. (4) ඔම්බුඩ්ස් මන් වරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු පත් කිරීම හා ලැබිය යුතු අතර, ඔහු යථා පැවැත්මෙන් සිටිනතාක් තම ධුරය දරන්නේය. (2) ඔම්බුඩ්ස් මන්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ පාර්ලි මේන්තුවේ නිලධරයකු හෝ යම් රාජ්‍ය සංසථාවක, පළාත් පාලන ආයතනයක හෝ සමාන වෙනත් ආයතනයක හෝ සාමාජිකයකු හෝ නිලධරයකු නොවිය යුතුය. (3), ඔම්බුඩ්ස්ම වරයා විසින්, ජනාධිපතිවරයාගේ ලිඛිත අනුමතය ඇතිව මිස, (වැටුප් ගෙවනු ලබන හෝ නොගෙවනු ලබන) වෙනත් යම් ධුරයක් දැරිම නැතහොත් තම ධුරයේ කාර්යවලට බාහිරව, ලාභ හෝ පඩිනඩි ලබන්නා වූ යම් තනතුරක් භාර ගැනීම හෝ ගෙවීමක් ලබන යම් රැකියාවක නිරත වීම හෝ නොකරනු ලැබිය යුතුය. (4) ඔම්බුඩ්ස්ටර්ඩ්ස් මන් වරයාගේ වැටුප පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය යුතු අතර, එය ඒකාබද්ධ අරමුදලට වැය බරක් විය යුතුය. තව ද, ඔහුගේ ධුර කාලය තුළ එම වැටුප අඩු නොකරනු ලැබිය යුතු ය. (5) ඔම්බුඞ්ස් මන් වරයා - (අ) මියගිය හොත්, එවිට ; (ආ) ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ඉල්ලා අස් වුව හොත්, එවිට; (ඇ) වයස අවුරුදු හැට අට සම්පූර්ණ කළ විට; (ඈ) රෝගාතුර වීම නිසා හෝ ශාරීරික නැතහොත් මානසික දුබල තාවයක් නිසා හෝ ජනාධිපතිවරයා විසින් ඉවත් කරනු ලැබුවහොත්, එවිට; හෝ (ඉ) පාර්ලිමේනතුව විසින් සම්මත කොට ඉදිරිපත් කරන යෝජ නාවක් අනුව ජනාධිපතිවරයා විසින් ඉවත් කරනු ලැබුව හොත්, එවිට ඔම්බුඩ්ස් මන් ධුරය හිස් වන්නේය. (6) ඔම්බුඩ්ස් මන්වරයාට ස්වකීය ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමට සහ ඉටු කිරීමට තාවකාලිකව නොහැකි වේ නම්, ඒ කාල සීමාව සඳහා ඔම්බුඩ්ස්මන් ධූරයේ වැඩ බැලීම පිණිස වෙනත් තැනැත්තකු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය හැක්කේ ය. එසේ වැඩ බලන කාලය තුළ දී ඒ තැනැත්තා ඔම්බුඩ්ස් මන්වරයා වූවාක් මසේ සලකා ඔහුට සෑම ආකාරයකින්ම මේ පනත යටතේ ඔම්බුඩ්ස් මන්වරයා සතු සියලු බලතල, කාර්ය සහ කර්තව්‍ය හිමිවිය යුතු අතර, ඔහු විසින් එම බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්ත්මික කිරීම ද ඉටු කිරීම ද කළ හැකි වන්නේය. ( 7 ) ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිශ්චය කාරවරයකු ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඉදිරි පත් කොට සම්මත කර ගැනීමේ කාර්ය පටිපාටිය, ඔම්බුඩ්ස් මන්වරයා ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කර ගැනීම කෙරෙහි සියළු ආකාරයෙන් ම අදාළ විය යුතුය. 4. ඔම්බුඩ්ස් ම වරයා වශයෙන් තමා පත් කරනු ලැබීමට පූර්ව යෙන්ම රජයේ නිලධරයකුව සිටි සෑම තැනැ තෙක් ම, ඔම්බුඩ්ස් මන් ධූරයේ පත්වීම ක්‍රියාත්මක වන විට, ඔහු ඒ ධුරය අත්හැරිය යුතු ය: එසේ වුව ද, (අ) ඔහු, ඒ රජයේ සේවකයා වශයෙන් තමා සතුව පවතින්නා වූද තමාට උපචිත වෙමින් ඇත්තා වූද අයිතිවාසිකම් එලෙසම තබා ගන්නේ ය; (ආ) ඒ අයිතිවාසිකම් නිශ්චය කිරීම සඳහා, මේ පනත යටතේ ඔහුගේ සේවය රජයේ සෙ`වයෙහි සේ වය ලෙස සලකා ගණන් ගනු ලැබිය යුතු වන්නේ ය. 5. ඔම්බුඩ්ස්මන් ධුරයට පත් කරනු ලබන තැනැත්තකු, ජනාධි පතිවරයා ඉදිරිපිට දී, උපලේඛනයේ දක්වා ඇති ප්‍රතිඥාව දී ඊට අත්සන් තබන තෙක් හෝ දිවුරුම දී ඊට අත්සන් තබන තෙක් හෝ ස්වකීය ධුරයේ කාර්යයන්හි නොයෙදිය යුත්තේය. 6. (1) ඔම්බුඩ්ස් මන් වරයා විසින් ධුරය දරන අතර සහ ධුරය රහස්‍යතාව දැරීම තමා විසින් අවසන් කරනු ලැබීමෙන් පසු, තමාගේ බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ දී හා ඉටු කිරීමේ දී තමාට දැන ගැනීමට ලැබෙන සෑම කරුණක් සම්බන්ධයෙන් ම, මේ පනත යටතේ කරනු ලැබීමට නියමිත යම් පරීක්ෂණයක කාර්ය සඳහා සහ යම් වාර්තාවක හෝ නිර්දේශ කිරිමක කාර්ය සඳහා හැර, රහස්‍යතාව රකිනු ලැබිය යුතු ය. ( 2 ) ඔම්බුඩ්ස් මන් වරයා විසින් මේ පනත යටතේ තමාගේ බල තල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්ත්මක කිරීමේ දී සහ ඉටු කිරීමේ දී තමා වෙත ලැබෙන්නා වූ හෝ තමාට දැන ගැනීමට ලැබෙන්නා වූ සෝ යම් තොරතුරක්, මෙම පනත බලාත් මක කිරීමේ කාර්ය සඳහා හැර, තමා විසින් හෙළි නොකරනු ලබන බවට ඔම්බුඩ්ස් මන්වරයා විසින් ජනාධිපතිවරයා ඉදිරිපිට ප්‍රතිඥාවක් දී ඊට අත්සන් තබන තෙක් හෝ දිවුරුම දී ඊට අත්සන් තබන තෙක් හෝ වකීය ධුරයේ කාර්යයන්හි නිරත නොවිය යුතුය. 7. ඔම්බුඩ්ස්ට මන් ධුරය දරනු ලැබ ඇති කිසිම තැනැත්තකු විසින් කවර අවස් ථාවක දී වත්, ජනාධිපතිවරයාගේ ලිඛිත අනුමතය නොමැතිව, රජයේ නිලධරයකු වශයෙන් ධුරය නොදැරිය යුතු ය. II වන කොටස ඔම්බුඩ්ස් මන් වරයාගේ කාර්ය මණ්ඩලය 3. (4) ජනාධිපතිවරයා විසින් කලින් කල, ඔම්බුඩ්ස් මන් වරයා විමසා, එක් නියෝජ්‍ය ඔම්බුඩ්ස්මන්වරයෙක් හෝ ඊට වැඩි ගණනක් හෝ පත් කරනු ලැබිය හැක්කේය. (2) ඔම්බුඩ්ස් මන් වරයා විසින්, මේ පනත යටතේ තමා සතු බල තල, කාර්ය හෝ කර්තව්‍ය අතුරින්, මේ වගන්තිය යටතේ පැවරීමේ බලය සහ මේ පනතේ 18 වන වගන්තිය යටතේ වාර්තාවක් සැප යීමේ බලය හැර, යම් විශේෂ කාරණයක් හෝ කාරණා පන්තියක් හෝ වර්ගයක් හෝ සම්බන්ධයෙන් වූ බලතල, කාර්ය හෝ කර්තව්‍ය කිසිවක්, තම අත්සන සහිත ලියවිල්ලක් මගින්, එම ලියවිල්ලේ සඳහන් පරිසීමාවන්ට සහ කෙන්දේ සිවලට යටත්ව, නියෝජ්‍ය ඔම්බුඩ්ස් මන්වරයකුට පවරනු ලැබිය හැකි ය. ඔම්බුඩ්ස් මන් වරයා විසින් ඒ පැවරීම ඕනෑම අවස්ස්ථාවක ප්‍රත්‍යාදිෂ්ට කිරීම, වෙනස් කිරීම හෝ අන්‍යාකාරයකින් සංශෝධනය කිරීම හෝ කරනු ලැබිය හැකිය. (3) නියෝජ්‍ය ඔම්බුඩ්ස් මන් වරයකු වෙත පවරනු ලබන, යම් කරු ණක් සම්බන්ධයෙන් ඔම්බුඞ්ස් මන්වරයා සතු සියලුම බලතල, කාර්ය හා කර්තව්‍ය, පැවරීමේ සාධන පත්‍රයෙහි ඇතුළත් යම් පරිසීමා වකට හා කොන්දේ සියකට යටත්ව, නියෝජ්‍ය ඔම්බුඩ්ස් මන් වරයා විසින් ක්‍රියාත්මක කිරීම ද ඉටු කිරීම ද කරනු ලැබිය හැකි ය. ( 4 ) මේ වගන්තිය යටතේ යම් බලයක්, කාර්යයක් හෝ කර්තව්‍ය යක්, පවරනු ලැබ ඇති අවස් ථාවක, ඔම්බුඩ්ස්ට මන් වරයා විසින් ඒ බලය, කාර්යය හෝ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම, එවැනි පැවරීමක් කරනු ලැබ තිබුණද, කරනු ලැබිය හැකි ය. (5) නියෝජ්‍ය ඔම්බුඩ්ස් මන්වරයකු වෙත ඔම්බුඩ්ස්ටර්ඩ්ස් මන් වරයා විසින් පවරා දෙනු ලබන බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත් මක කිරීම, ඉටු කිරීම, ඒ ඔම්බුඩ්ස් මචරයා ධුරය අත්හැර ගිය ද එය නොතකා ඒ පැවරීම ඒ ඔම්බුඩ්ස්මන් වරයාගේ ධුරයට පත්වන යම් අනුප්‍රාප්තිකයකු විසින් ප්‍රත්‍යාදිෂ්ට කරනු ලබන තෙක්, වෙනස් කරනු ලබන තෙක් හෝ අන්‍යාකාරයකින් සංශෝධනය කරනු ලබන තෙක් හෝ ඒ නියෝජ්‍ය ඔම්බුඩ්ස් මන් වරයා විසින් දිගටම කරගෙන යනු ලැබිය හැකි ය. (6) 3 වන, 4 වන, 5 වන, 6වන සහ 7 වන වගන්තිවල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරිම් සහිතව, නියෝජ්‍ය ඔම්බුඩ්ස්මන්වරයකු කෙරෙහි හා සම්බන්ධයෙන් අදාළ විය යුතුය: එසේ වුව ද, නියෝජ්‍ය ඔම්බුඩ්ස් මන් වරයෙක් වයස අවුරුදු හැට පහ සම්පූර්ණ කළ විට සිය ධුරය අත්හරින්නේ ය. 9. (1) මේ පනත යටතේ ඔම්බුඩ්ස් මන් වරයාගේ සහ නියෝජ්‍ය ඔම්බුඩ්ස්ටර්ඩ්ස්' මන්වරයාගේ බලතල, කාර්ය හා කර්තව්‍යය ක්‍රියාත්මක කිරීමෙහි ලා හා ඉටු කිරීමෙහි ලා ඔම්බුඩ්ස් මන් වරයාට හා නියෝජ්‍ය ඔම්බුඩ්ස් මන් වරයාට ආධාර දීමට හා සහාය වීමට අවශ්‍ය නිලධරයන් හා සේවකයන් සංඛ්‍යාවක් පත් කරනු ලැබිය යුතුය. (2) (1) වන උපවගන්තිය යටතේ පත් කරනු ලබන සියලු නිලධරයන්ට සහ සේවකයන්ට 5 වන හා 6 වන වගන්තිවල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, අදාළ විය යුතු ය: එසේ වුව ද, ඒ නිලධරයන් විසින් හා හා සේවකයන් විසින් ඔම්බුඩ්ස් මන් වරයා ඉදිරිපිට 6 වන වගන්තියෙහි සඳහන් ප්‍රතිඥාව දි ඊට අත්සන් තැබීම හෝ දිවුරුම දී ඊට අත්සන් තැබීම හෝ කරනු ලැබිය යුතුය. ( 3 ) මේ පනත යටතේ ඔම්බ මන් වරයා වෙත පවරන ලද, නියම කරන ලද හෝ වෙන් කර දෙන ලද බලතල, කාර්ය හෝ කර්තව්‍ය අතුරින්, 8 වන වගන්තිය යටතේ වු පැවරීමේ බලය, 18 වන වගන්තිය යටතේ යම් වාර්තාවක් කිරීමේ බලය හා 20 වන වගන්තිය යටතේ සහතිකයක් නිකුත් කිරීමේ බලය හැර, යම් බලතල, කාර්ය හෝ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමට හෝ ඉටු කිරීමට, මේ වගතිය යටතේ පත් කරනු ලබන යම් නිලධරයකුට ඔම්බුඩ්ස්මන්වරයා සුදුසු යයි සලකන පරිසීමා කිරිම්වලට හෝ කොන්දේ සිවලට යටත් ව, බලයදීම ඔම්බුඩ්ස්මන්වරයා විසින් ලියවිල් ලකින් වූ සාධන පත්‍රයක් මගින් කරනු ලැබිය හැකි ය. (4) (3) වන උපවගන්තියේ සඳහන් සාධන පත්‍රයක් ප්‍රකාර ඔම්බුඩ්ස් මන් වරයාගේ යම් බලයක්, කාර්යයක් හෝ කර්තව්‍යයක් ක්‍රියාත්මක කරතැයි හෝ ඉටු කරනු ලැබෙතැයි සලකනු ලබන යම් තැනැත්තකු විසින; ඒ බලය හෝ කාර්යය හෝ කර්තව්‍යය ක්‍රියාත්මක කිරීමට හෝ ඉටු කිරීමට ඔහු සතු අධිකාරිය පිළිබඳ සාක්ෂිය ඉදිරිපත් කරන ලෙස ඔහුට නියම කරනු ලැබූ විටෙක ඔහු විසින් ඒ සාධන පත්‍රය ඉදිරිපත් කරනු ලැබිය යුතුය. III වන කොටස ඕම්බුද්ධය' මන වරයාගේ බලතල, කාර්ය හා කර්තව්‍ය 10. (1) (මෙහි මින් මතු " මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව " යනුවෙන් සඳහන් කරනු ලබන) පාර්ලිමේන්තු මන්ත්‍රීවර යන් විසින් ඉදිරිපත් කරනු ලබන පෙත සම් සලකා බැලීම පිණිස පිහිටුවනු ලැබ ඇති පාර්ලිමේන්තුවේ කාරක සභාව වෙත පාර්ලි මේන්තු මන්ත්‍රීවරයකු විසින් ඉදිරිපත් කරනු ලබන යම් පෙත් සම කින්, රජයේ නිලධරයකු විසින් හෝ රාජ්‍ය සංස්ථාවක, පළාත් පාලන ආයතනයක් හෝ සමාන වෙනත් ආයතනයක නිලධරයකු විසින් හෝ මූලික අයිතිවාසිකමක් කඩ කරනු ලැබ ඇති බව හෝ වෙනත් අයුක්තියක් සිදු කරනු ලැබ ඇති බව හෝ අනාවරණය වන බව ඒ කාරක සභාවේ අදහස වන අවස් ථාවක, පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා ඒ පෙත් සම එ කාරක සභාව විසින්, ඔම්බුඩ්ස්ට ම වරයා වෙත යොමු කරනු ලැබිය හැකි ය. (2) යම් තීරණයක්, නිර්දේශයක්, ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සම්බන්ධයෙන් යම් අධිකරණයක දී හෝ වෙනත් විනිශ් චයාධිකාරයකදී හෝ රිට් ආඥාවක් මගින් හෝ අන්‍යාකාරය කින් ප්‍රශ්න නොකළ යුතු ය යනුවෙන් වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන සලසා ඇත ද ඔම්බුඩ්ස් මන්වරයා විසින් මේ වගන්තියේ ඉහතින් වූ විධි විධාන යටතේ වූ යම් කරුණක් සම්බන්ධයෙන් පරීක් ෂා කොට වාර්තා කරනු ලැබිය හැකි ය. ( 3 ) මේ වගන්තියෙහි, '' යම් අයුක්තියක් " යන්නට යම් තීරණය කින් හෝ (අමාත්‍යවරයකු වෙත කරනු ලබන නිර්දේශයක් ඇතුළුව) නිර්දේශයකින් හෝ යම් ක්‍රියාවකින් හෝ නොකර හැරීමකින් සිදු කරනු ලැබ ඇතැයි කියනු ලබන හෝ සිදු කරනු ලැබීමට ඉඩ ඇතැයි කියනු ලබන හෝ යම් අයුක්තියක් හෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගනු ලැබ ඇති යම් අයිතිවාසිකමක් කඩ කිරීමක් හෝ ඇතුළත් වන්නේය. 11. පහත දැක් වෙන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට හෝ වාර්තා කිරීමට මේ පනතෙහි කිසිවකින් ඔම්බුඩ්ස් මන් වරයා හට බලය නො පැවරෙන්නේ ය:— (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරම්භ වීමට පෙර සිදුවී යයි කියනු ලබන මූලික අයිතිවාසිකමක් කඩ කිරීම හෝ වෙනත් අයුක්තියක් පිළිබඳ යම් පැමිණි ල්ලක් හෝ චෝදනාවක්; (ආ) (i) මහජන ආරක්ෂක ආඥාපනත යටතේ වූ හෝ මහජන ආරක්ෂාවට අදාළව තත් කාලයෙහි බලපවත්නා‍ නීති යටතේ වූ හෝ යම් බලයක්, කාර්යයක් හෝ කර්තව්‍ය යක් ක්‍රියාත්මක කිරීමට හෝ ඉටු කිරීමට; (ii) නීතිපතිවරයා, සොලිසිටර් ජනරාල්වරයා හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ යම් නීති නිලධරයකු හෝ නීතිපති වරය ගෙන් ලත් විශේෂ බලයක් යටතේ ක්‍රියා කරන යම් නීතිඥවරයකු හෝ ඇතුළුව, රජය යම් රාජ්‍ය සංස්ථාවක්, පළාත් පාලන ආයතනයක් හෝ සමාන වෙනත් ආයතනයක් වෙනුවෙන් නීති උපදේ ශකයකු වශයෙන් ක්‍රියා කරන හෝ රජය, යම් රාජ්‍ය සංස්ථා වක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ සමාන වෙනත් ආයතනයක් වෙනුවෙන් යම් නඩු කට යුත තක දී පෙනී සිටින නීතිඥවරයකුගේ යම් තීරණ යකට, නිර්දේශ කිරීමකට, ක්‍රියාවකට හෝ නොකර හැරීමකට ; (iii ) මහජන සාමය පවත්වාගෙන යාම භාර සන්නද්ධ හමුදා වල, පොලිස් හමුදාවේ හෝ වෙනත් හමුදා වල සාමාජිකයකුව සිටින හෝ සිටි යම් තැනැත්තකු සම්බන්ධයෙන් වූ කරුණ - (අ) ඔහුගේ සේවා නියමයන්ට හා කොන්දේ සි වලට ; හෝ (ආ) ඒ සාමාජිකයා වශයෙන් තමාගේ තත්ත්වයෙහි ලා තමාට දෙන ලද යම් නියමයකට, අණකට, තීරණයකට හෝ දණ්ඩනයකට හෝ දඬුවමකට අදාළ වන තාක් දුරට මහජන සාමය පවත්වාගෙන යාම භාර සන්නද්ධ හමුදා වල, පොලිස් හමුදාවේ හෝ වෙනත් හමුදා වල සාමාජිකයකුව සිටින හෝ සිටි යම් තැනැත්තකුට; (iv) සිවිල් හෝ අපරාධ නඩු කටයුතු පැවරීමට හෝ ඒවා පවත්වාගෙන යාමට සහ ඒවා සඳහා දෙනු ලබන තීරණයකට හෝ නිර්දේශයකට (v) රජයේ නිලධරයන් පත් කිරීමට, සේවයෙන් පහ කිරීමට හෝ රජයේ නිලධරයන් පිළිබඳ විනය පාලනයට; (vi) විගණකාධිපතිවරයා ගේ යම් තීරණයකට, නිර්දේශය කට, ක්‍රියාවකට හෝ නොකර හැරීමකට; (vii) මැතිවරණ කොමසාරිස් වරයාගේ යම් තීරණයකට, නිර්දේශයකට, ක්‍රියාවකට හෝ නොකර හැරීමකට; හෝ (viii) ඔම්බුඩ්ස් මන්වරයාගේ හෝ යම් නියෝජ්‍ය ඔම්බුඩ්ස් මින්වරයකුගේ යම් තීරණයකට, නිශ්චය කිරීමකට, නිර්දේශයකට, ක්‍රියාවකට හෝ නොකර හැරීමකට අදාළ, මූලික අයිතියක් කඩකිරීමක් නොවන, අයුක්තියක් පිළිබඳ යම් චෝදනාවක. 12. (1) මේ පනත යටතේ පරීක්ෂණයක් පවත්වනු ලබන අතරතුර දී - (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අර්ථ නිරූපණය කිරීමකට අදාළව; හෝ (ආ) යම් විශේ ෂිත කරුණු සම්බන්ධයෙහි ලා රජයේ නිලධරයකු විසින් හෝ රාජ්‍ය සංස්ථාවක, පළාත් පාලන ආයතනයක, හෝ සමාන වෙනත් ආයතනයක නිලධරයකු විසින් හෝ මූලික අයිතිවාසිකමක් කඩ කිරීමක් කරනු ලැබ තිබේද, නැතහොත් මූලික අයිතිවාසිකමක් කඩ කිරීමක් කරනු ලැබීමට ඉඩ තිබේද යනුවෙන් සුවිශේ ෂයෙන් පොදුවේ වැදගත් වන යම් නීති ප්‍රශ්ණයක් උගත වුව හොත්, ඒ ප්‍රශ්නය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා ගැනීම සඳහා ඔම්බුඩ්ස් ම වරයා විසින් කාරණයක් ඉදිරිපත් කරනු ලැබිය හැකිය (2) නීති ප්‍රශ්නය උද්ගත වන්නේ යම් සිද්ධි මත ද ඒ සි ද්ධි පිළිබඳ ප්‍රකාශයක්, ඉදිරිපත් කරන ලද කාරණයෙහි අඩංගු විය යුතු අතර, ඒ සිද්ධි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මේ වගන්තිය යට තේ නඩු කටයුතුවලදී ප්‍රශ්න කරනු ලැබීමට යටත් නොවිය යුතු ය. (3) නීතිපතිවරයාට හා, පැමිණිලිකරුවකු සිටී නම්, පැමිණිලි කරුට, ඉදිරිපත් කරන ලද එවැනි යම් කාරණයක් පිළිබඳ දැන්වීමක් භාරදෙනු ලැබිය යුතු අතර එවැනි යම් කාරණයක් විභාග කරනු ලබන අවසථාවක දී කරුණු ඉදිරිපත් කිරීමට හිමිකම ඔවුන්ට තිබිය යුතුය. (4) එවැනි විභාග කිරීමක දී ඔම්බුඩ්ස් මන් වරයා විසින් නීතිඥවරයකු මගින් කරුණු ඉදිරිපත් කිරීම කරනු ලැබිය යුතු ය. 13. (1) ඔම්බුඩ්ස් මන් වරයා විසින්, මෙම පනත යටතේ තමා ආරම්භ කළ පරීක් ෂණයක් - (අ) පරීක්ෂණයට භාජනව ඇති කරුණ සම්බන්ධයෙන් පැමිණිලි කරුට හෝ අතෘප්තියට පත් තැනැත්තාට, නීතිය යටතේ හෝ පවත්නා පරිපාලන ව්‍යවහාරය යටතේ හෝ, සාධාරණ වන්නා වූ හෝ ආධාර පැතීම සාධාරණ වීමට ඉඩ තිබුණු හෝ ප්‍රමාණවත් පිළියමක් නැතහොත් අභියාචනය කිරීමේ අයිතියක් තිබෙන බව හෝ තිබුණු බව; හෝ (ආ) පැමිණිල්ලෙහි හෝ චෝදනාවෙහි විෂය කරුණ සම්බන්ධ යෙන් ප්‍රමාණවත් වැදගත් කමක් පැමිණිලිකරුට නොමැති බව; හෝ (ඇ) පැමිණිල්ල හෝ චෝදනාව ඉදිරිපත් කිරීම පැමිණිලිකරුගේ වරදින් නොසෑහෙන ලෙස ප්‍රමාද වී තිබෙන බව; හෝ (ඈ) යම් ජත්‍යන්තර සංවිධානයක් හෝ නියෝජ්‍ය ආයතනයක් ග ශ්‍රී ලංකාවෙහි සම්බන්ධතාවන් ඇතුලුව ශ්‍රී ලංකාවේ සුරක්ෂිත භාවයට, ආරක්ෂාවට හෝ ජාත්‍යන්තර බන්ධතා වලට ඒ පරීක් ෂණය හානි කර විය හැකි බව;හෝ (ඉ) යම් බන්ධනාගාරයක හෝ රඳවා තබන ස්ථානයක විනය හෝ සාමය පවත්වාගෙන යාමට ඒ පරීක් ෂණය හානි කර විය හැකි බව ඔහු අදහස් කරන්නේ නම්, තව දුරටත් පවත්වාගෙන යාම නතර කරනු ලැබිය හැකි ය. (2) (1) වන උපවගන්තිය මගින් තමා වෙත සතු කර දී ඇති අභිමතය ක්‍රියාත්මක කිරීමේ දී ඔම්බුඩ්ස්ටර්ඩ්ස් මන් වරයා පරීක් ෂණයක් නතර කරනු ලබන අවස් ථාවක, ඒ පරීක ෂණය නතර කිරීමට තමා ගන්නා ලද තීරණය, ඒ සඳහා හේතු සහිතව, මහජන පෙත් සම් පිළිබඳ කාරක සභාව වෙත ඔහු විසින් දන්වනු ලැබිය යුතු ය. 14. යම් කරුණක් 11 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර ඔම් බුද්ධස මන් වරයාගේ බල සීමාව ඇතුළත නොගැනෙන හේතුව මත ඒ කරුණ, අවස් ථාවෝචිත පරිදි, පරීක්ෂා කිරීම හෝ වැඩිදුරටත් පරික්ෂා කිරීම හෝ ඔම්බුඩ්ස්මන්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම හෝ 13 වන වගන්තිය යටතේ තම අභිමතය ක්‍රියාත් මක කිරීමේ දී ඔබුද්ධිස්මින් වරයා විසින් පරීක්ෂණයක් නතර කරනු ලැබීම් හෝ අවසානාත්මක වන අතර, යම් අධිකරණයක දී හෝ විනිත් වියාධිකාරයක දී හෝ ප්‍රශ්න කිරීම හෝ සර්ටියෝරාරි, තහ නම්, මැන්ඩාමුස්, ප්‍රෙසිඩෙන්ඩෝ වැනි රිට් ආඥා ස් වරූපයේ අඥා සඳහා වූ නඩු කටයුතු වල දී හෝ අන්‍යාකාරයකින් හෝ සමාලෝචනය කිරීම හෝ නිශ්ප්‍රභ කිරීම හෝ නොකරනු ලැබිය යුතුය. 15. (1) ඔම්බුඩ්ස්මන් වරයා විසින්, මේ පනත යටතේ යම් කරුණක් පරීක්ෂා කිරීමට පෙර, ඒ පරීක් ෂණය පැවැත්වීමට තමා අදහස් කරන බව අදාළ ආයතනයේ ප්‍රධානයා වෙත දැනුම් දෙනු ලැබිය යුතුය. (2) මේ පනත යටතේ ඔම්බුඩ්ස්මන්වරයා විසින් කරනු ලබන සෑම පරීක්ෂණයක් ම ප්‍රසිද්ධියෙන් තොරව පවත්වනු ලැබිය යුතු අතර, කිසිම තැනැත්තකුට අයිතිවාසිකමක් වශයෙන් ඒ පරික් ෂණයේ දී පෙනී සිටීමට හිමිකමක් නොතිබිය යුතුය. ( 3 ) ඔම්බුඩ්ස්මන් වරයා විසින් අවශ්‍ය යයි තමා සලකන සියලු විම සීම් කරනු ලැබිය යුතු නමුත් කවර වූ හෝ විභාගයක් කිරීමට ඔහු බැඳී නොසිටින්නේය. ඔහු සුදුසු යයි සලකන තැනැත්තන්ගේ සාක්ෂි ඇසීම හෝ ඔහු සුදුසු යයි සලකන තැනැත්තන්ගෙන් තොරතුරු ලබා ගැනීම හෝ කරුණු ඉදිරිපත් කිරීම් භාර ගැනීම හෝ ඔහු විසින් කරනු ලැබිය හැකි ය. (4) වන උපවගන්තියේ විධි විධාන වලට යටත්ව, කිසිම තැනැත්තකුට අයිතිවාසිකමක් වශ යෙන් ඔම්බුඩ්ස් මන් වරයා වෙත සාක්ෂි දීමට හෝ කරුණු ඉදිරිපත් කිරීමට හෝ හිමිකමක් නො තිබිය යුතු ය. (4) (අ) ඔම්බුඩ්ස්මන් වරයා විසින් යම් තැනැත්තකුට විරුද්ධ කිසියම් වාර්තාවක් හෝ නිර්දේශයක් කිරීම, ඒ විරුද්ධ වාර්තාව හෝ නිර්දේශය අදාළ වන කරුණ සම්බන්ධයෙන් කරුණු කියා සිටීමට අවස්ථාවක් ඒ තැනැත්තාට ඔම්බුඩ්ස් මවරයා විසින් ස්වකීය පරීක් ෂණයේ දී දෙනු ලැබ තිබුණේ නම් මිස, නො කරනු ලැබිය යුතු ය. (ආ) කිසිම පරික් ෂණයක දී කිසිම තැනැත්තකු වෙනත් තැනැත්තකු විසින් නියෝජනය නො කරනු ලැබිය යුතු ය. (ඇ) අදාළ ආයතනයේ ප්‍රධානයාට ඔම්බුද්ධ මන්වරයා වෙත වාචිකව හෝ ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට හිමිකම තිබිය යුතුය. (ඈ) මේ පනතේ විධිවිධානවලට යටත්ව, ඔමිබුඩ්ස් මන්වරයා විසින් තමා සුදුසු යයි සලකන ආකාරයට තමාගේ කාර්ය පටිපාටිය විධිමත කරනු ලැබිය හැකි ය. 16 (1) ඔම්බුඩ්ස්මන්වරයාට යම් පරීක්ෂණයක කාර්ය සඳහා- (අ) තම විසින් ලබා ගැනීමට සහ භාර ගැනීමට අවශ්‍ය යයි හෝ යෝග්‍ය යයි සලකනු ලබන සියලු ලිඛිත හෝ වාචික සාක්ෂි ලබා ගැනීමට සහ භාර ගැනීමට සහ තම විසින් සාක්ෂි කරුවන් වශයෙන් විභාග කිරීමට අවශ්‍ය යයි හෝ යෝග්‍ය යයි සලකනු ලබන සියලු තැනැත්තන් සාක් කරුවන් වශයෙන් විභාග කිරීමට; (ආ) යම් සාක්ෂිකරුවකු අධිකරණයේ දී සාක්ෂි දෙමින් සිටියේ නම් ඔහු විසින් කිරීමට නියමිතව තිබුණ ප්‍රතිඥාව හෝ දිවුරුම් දිම මත යම් සාක්ෂිකරුවකුගේ ලිඛිත හෝ වාචික සාක්ෂි දීම, නියම කිරීමට සහ ඒ සෑම සාක්ෂි කරුවකු ම ලවා ප්‍රතිඥාවක් දෙනු ලැබීමට හෝ දිවුරුමක් කරනු ලැබීමට සැලැස් වීමට; (ඇ) යම් තැනැත් තකු, සාක්ෂි දීමට හෝ ඔහු සන්තකයෙහි හෝ ඔහුගේ පාලනය යටතේ තිබෙන්නා වූ යම් ලියවිල්ලක් හෝ වෙනත් දෙයක් ඉදිරිපත් කිරීමට හෝ කැඳවීමට සහ සාක්ෂිකරුවකු වශයෙන් ඔහු විභාග කිරීමට හෝ ඔහුගේ සන්තකයෙහි හෝ ඔහුගේ පාලනය යටතේ ඇති යම් ලියවිල්ලක් හෝ වෙනත් දෙයක් ඉදිරිපත් කරන ලෙස ඔහට නියම කිරීමට (ඈ) බන්ධනාගාරයක්, නිරීක් ෂණ නිවාසයක්, මානසික රෝහලක් නැතහොත් රඳවා තැබීමේ වෙනත් ස්ථානයක් භාරව සිටින යම් තැනැත්තකුට, ඔහුගේ අත්අඩංගුවෙහි හෝ භාරයෙහි සිටින යම් තැනැත්තකු විභාග කරනු ලැබීමේ කාර්යය සඳහා ඔම්බස මන් වරයා වෙත ඉදිරිපත් කරන ලෙස හෝ లో තැනැත්තාගේ සන්තකයෙහි හෝ පාලනය යටතේ තිබෙන්නා වූ යම් ලියවිල්ලක් හෝ වෙනත් දෙයක් හෝ ඉදිරිපත් කරන ලෙස හෝ විධාන කිරීමට; සහ (ඉ) සාක්ෂි ආඥාපනතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන වලින් කිසිවක් නොතකා මෙන්ම මෙහි මින් මතු සලසා ඇති විධිවිධාන වලට යටත්වද, ඔම්බුඩ්ස් මන් වරයාගේ මතයට අනුව පරීක් ෂණයේ දී සහාය විය හැකි යම් ලිඛිත හෝ වාචික හෝ සාක්ෂි ආවේශ්‍ය කිරීමට බලය තිබිය යුතුය. (2) සාක්ෂිකරුවකු පිළිබඳ ඒ සෑම විභාගයක් ම දණ්ඩ නීති සංග්‍රහයේ XI වන පරිච්ඡේදයේ කාර්ය සඳහා අධිකරණ නඩු කටයුත්තක් ලෙස සලකනු ලැබිය යුතුය. ( 3 ) යම් කරුණක් සම්බන් ධයෙන් රහස්‍යතාව පවත්වා ගැනීමට හෝ යම් කරුණක් හෙළිදරව් කිරීමෙන් වැළකී සිටීමට හෝ යම් විශේෂ නීතියක විධිවිධාන මගින් බැඳී සිටින යම් තැනැත්තකු විසින් ඒ කරුණ පිළිබඳව සාක්ෂි දීමෙන් හෝ තොරතුරු සැපයී මෙන් හෝ යම් ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් හෝ යම් ලියවිල්ලක් නැතහෙත් වෙනත් දෙයක් ඉදිරිපත් කිරීමෙන් හෝ ඒ රහස්‍යතාව හෝ හෙළි දරව් නොකිරීම පිළිබඳ ඒ බැඳීම තමා කඩකරමින් ක්‍රියා කරන්නේ නම් ඒ තැනැත්තා විසින් ඒ කරුණ සම්බන්ධයෙන් සාකෂි දීම හෝ තොරතුරු සැපයීම හෝ යම් ප්‍රශ්නයකට පිළිතුරු දීම හෝ ලියවිල්ලක් නැතහොත් වෙනත් දෙයක් ඉදිරිපත් කිරීම හෝ නොකරනු ලැබිය යුතු ය: එසේ වුව ද, එවැනි යම් තැනැත්තකු වෙත පැමිණිලිකරු හෝ අතෘප්තියට පත් තැනැත්තා හෝ වෙනත් යම් තැනැත්තකු විසින් පැමිණිලිකරුට පමණක් අදාළව හෝ අතෘප්තියට පත් තැනැත්තාට පමණක් අදාළව හෝ කරන ලද යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් සාක්ෂි දෙන ලෙස හෝ තොරතුරු සපයන ලෙස හෝ යම් ප්‍රශ්නය කට පිළිතුරු දෙන ලෙස හෝ එවැනි යම් තැනැ තකු වෙත සපයන ලද යම් ලියවිල්ලක් හෝ වෙනත් දෙයක් හෝ ඉදිරිපත් කරන ලෙස හෝ, ඔම්බුඩ්ස්ටස් මන් වරය විසින් ඒ තැනැත්තාට නියම කිරීම, ඒ බැඳීම නොතකා ද පැමිණිලිකරුගේ හෝ අතෘප්තියට පත් තැනැත්තාගේ හෝ ඒ වෙනත් තැනැත්තාගේ හෝ කලින් ලබා ගත් කැමැත්ත ඇතිව ද කරනු ලැබිය හැකි ය. ( 4 ) (අ) කවර වූ හෝ තැනැත්තකු විසින්, අවස් ථාවෝචිත පරිදි, යම් සාක්ෂියක් දීම හෝ තොරතුරක් සැපයීම හෝ යම් ප්‍රශ්නයකට පිළිතුරුදීම හෝ යම් ලියවිල්ලක් නැතහොත් වෙනත් දෙයක් ඉදිරි පත් කිරීම නිසා (i) ශ්‍රී ලංකාවේ සුරක් ෂිතභාවයට, ආරක්ෂාවට හෝ (යම් ජාත්‍යන්තර සංවිධානයක් නැතහොත් නියෝජ්‍ය ආයතන යක් සමග ශ්‍රී ලංකාව පවත්වන සම්බන්ධතා ඇතුලුව) ජාත්‍යන්තර සම්බන්ධතාවලට හානිකර වන බව හෝ හානි කර වීමට ඉඩ ඇති බව; (ii) අමාත්‍ය මණ්ඩලයේ හෝ අමාත්‍ය මණ්ඩලයේ යම් කාරක සභාවක, හෝ රහස් හෝ රහස්‍ය ස් වභාවයේ හෝ කරුණු වලට අදාළ සාකච්ඡා නැතහොත් කටයුතු හෙළිදරව් කිරීමක් සිදු වන බව හෝ සිදුවීමට ඉඩ ඇති බව; (iii ) වැරදි පරීක්ෂා කිරිම හෝ සොයා ගැනීම කෙරෙහි බාධා වන බව හෝ බාධා වීමට ඉඩ ඇති බව හෝ අවහිර වන බව හෝ අවහිරවිමට ඉඩ ඇති බව; හෝ (iv) රාජ්‍ය රහස්‍යතා පනතේ විධිවිධාන කඩ වන හෝ කඩ වීමට ඉඩ ඇති බව නීතිපතිවරයා විසින් සහතික කරනු ලැබුවහොත් ඒ තැනැත්තා විසින් ඒ සාක්ෂි දීම හෝ ඒ තොරතුරු සැපයීම හෝ ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම නැතහොත් ඒ ලියවිල්ල හෝ වෙනත් දෙය ඉදිරිපත් කිරීම හෝ නො කරනු ලැබිය යුතු ය. (ආ) මේ පනතේ විධිවිධ නවලට යටත් ව. යම් ලියවිල්ලක් හෙළි දරව් කිරීම හෝ යම් සාක්ෂියක් දීම හෝ තොරතුරක් සැපයීම හෝ යම් ප්‍රශ්නයකට පිළිතුරු දීම පොදු සුබ සිද්ධියට හානිකර වෙතැයි යන හේ තුව මත ඒ ලියවිල්ල අනාවරණය නොකර සිටීමට බලය දෙන හෝ අනාවරණය නොකළ යුතු බවට නියම කරන හෝ ඒ සාක්ෂිය දීම හෝ තොරතුරු සැපයීම හෝ ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම ප්‍රතික් ෂේප කිරීමට, බලය දෙන හෝ ප්‍රතික්ෂේප කළ යුතු බවට නියම කරන යම් නෛතික රීතියක්, ඔම්බුඩ්ස් මන් වරයා විසින් කරනු ලබන යම් පරීක්ෂණයකට අදාළ නොවිය යුතුය. (5) (3) වන සහ ( 4 ) වන උපවගන්තිවල අන්‍යාකාරයකින් විධිවිධාන සලසා ඇති පරිදි හැර, සාක්ෂි දීම හෝ තොරතුරු සැපයීම, ප්‍රශ්න වලට පිළිතුරු දීම සහ ලියවිලි සහ වෙනත් දේ ඉදිරි පත් කිරීම සම්බන්ධයෙන් සෑම තැනැත්තකුට ම, ඒ තැනැත්තා අධිකරණයක දී සාක්ෂි දෙන්නා වූ සාක් ෂිකරුවකු වී නම් එවිට ඔහු හිමිකම් ලබන වරප්‍රසාද හා පරිහාරම තිබිය යුතුය. (6) (අ) ඔම්බුඩ්ස්මන්වරයා වෙත හෝ ඔහු ඉදිරියේ හෝ දෙන ලද යම් සාක්ෂියක්. තොරතුරක්, පිළිතුරක් හෝ ඉදිරිපත් කරන ලද යම් ලියවිල්ල්ලක් නැතහොත් වෙනත් දෙයක් සම්බන්ධයෙන් කිසිම තැනැත්තකු යම් අධිකරණයක හෝ විනිශ්ච ධිකාරයක යම් සිවිල් හෝ අපරාධ නඩුවකට හෝ වෙනත් සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තකට හෝ යටත් නොවිය යුතුය. (ආ) ඔම්බුඩ්ස් මන්වරයා වෙත හෝ ඔහු ඉදිරියේ යම් තැනැත් තකු විසින් කරන ලද ප්‍රකාශයක හෝ දෙන ලද පිළිතුරක් පිළිබඳ කිසිම සාක්ෂියක යම් අධිකරණයක හෝ විනිශචයාධිකාර යක සිවිල් හෝ අපරාධ නඩුවක දී නැතහොත් වෙනත් සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක දී ඒ තැනැත්තාට හෝ වෙනත් යම් තැනැත තකුට විරුදධව සාක්ෂි වශයෙන් ආවේශ්‍ය නොකරනු ලැබිය යුතු ය. (ඇ) මේ පනත යටතේ වූ පරීක් ෂණයක් පැවැත්වෙන අතර තුරදී හෝ පරික් ෂණයක කාර්ය සඳහා හෝ ඔම්බුඩ්ස් මන්වරයා වෙත හෝ ඔහුගේ නිලධරයන් වෙත හෝ ඔම්බුඩ්ස්මන්වරයා විසින් හෝ ඔහුගේ නිලධරයන් විසින් හෝ යවනු ලැබුවා වූ ද පරීක්ෂණයක කාර්ය සඳහා විශේෂයෙන් ම පිළියෙල කරනු ලැබුවා වූ ද යම් ලේඛනයක් පිළිබඳ කිසිම සාක්ෂියක් යම් අධි කරණයක හෝ විනිශ්චයාධිකාරයක යම් සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තකදී සාක්ෂි වශයෙන් ආවේශ්‍ය නොකරනු ලැබිය යුතු ය: එසේ වුව ද, මේ උපවගන්තියේ ඉහත දැක් වෙන විධිවිධාන කිසිවක් මගින් - (i) මේ වගන්තියේ (2) වන උපවගන්තිය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ XI වන පරිච්ඡෙදය යටතේ වූ යම් වරදක් සඳහා වූ හෝ 20 වන වගන්තිය යටතේ වූ යම් වරදක් සඳහා වූ හෝ මේ පනත යටතේ රහස්‍යතාව රැකීමට නැතහොත් කරුණු හෙළි දරව් නොකිරීමට ඔහුගේ ඇති බැඳීම කඩකිරිම සඳහා වූ හෝ සිවිල් නඩුවට, අපරාධ නඩුවට හෝ දණ්ඩනයට හෝ යම් තැනැත්තකු බැඳීමට යටත්ව සිටීම හීන කිරීමක් හෝ එය කෙරෙහි බලපෑමක් හෝ නොකරනු ලැබිය යුතු අතර, මේ උපවගන්තියේ ඉහත දැක්වෙන විධිවිධාන කිසිවකින් ඒ බැඳීමට යටත්ව සිටීම. හීන කරයි හෝ එය කෙරෙහි බලපෑමක් ඇති කෙරෙතැයි හෝ නො සලකනු ලැබිය යුතු හෝ තේරුම් නොගනු ලැබිය යුතු වේ; නැතහොත් (ii) එවැනි යම් සිවිල් නඩුවක හෝ අපරාධ නඩුවක හෝ කාර්යය සඳහා යම් තැනැත්තකුගේ සාක්ෂියේ සාක්ෂියේ යම් කොටසක හෝ ස්වභාවය ප්‍රසිද්ධ කිරීම හෝ හෙළිදරව් කිරීම තහනම් කිරීමක් නොකරනු ලැබිය යුතු අතර, ඒ ප්‍රසිද්ධ කිරීම හෝ හෙළි දරැව් කිරීම, තහනම් කෙරෙතැයි නොසලකනු ලැබිය යුතු හෝ තේරුම් ගැනීමක් නොකරනු ලැබිය යුතු හෝ වේ. 17. (1) ඔම්බුඩ්ස්මන්වරයා විසින්, තමාගේ පරීක් ෂණය අවසන් කළ විට, පරීක් ෂණයෙ විෂය කරුණ වූ යම් තීන්දුවක්, නිර්දේශයක්, ක්‍රියාවක් හෝ නොකර හැරීමක් - (i) නීතියට පටහැණි වුයේ ද; (ii) සිද්ධිය පිළිබඳව හෝ නීතිය පිළිබඳව වූ වැරදීමක් මත සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් පදනම් වූයේ ද; (iii) අසාධාරණ, අයුක්ති සහගත, පීඩාකාරී නැතහොත් නොමනා වෙනස් කම් දක් වන් න්නක් වූයේ ද නැතහොත් අන්‍යාකාරය කින් සාවද්‍ය වූයේ ද; (iv) අසාධාරණ, අයුක්ති සහගත, පීඩාකාරී නැතහොත් නොමනා වෙනස්කම් දක් වන හෝ අසාධාරණ විය හැකි, අයුක්ති සහගත විය හැකි පීඩාකාරී විය හැකි නැතහොත් නොමනා වෙනස් කම් දැක් විය හැකි ව්‍යවහාරයක් අනුව වුවද; (v) (අ) නොමනා කාර්යයක් සඳහා හෝ අදාළ නොවන හේතු මත හෝ අදාළ නොවන කරුණු සැලකිල්ලට ගෙන හෝ වැදගත් කරුණු සැලකිල්ලට ගැනීම පැහැර හරිමින් හෝ ක්‍රියාත්මක කරනු ලැබ ඇති අභිමතයක් අනුව කරන ලද්දේ ද; නැතහොත් (ආ) අභිමතයක් ක්‍රියාත්මක කිරීමේ දී, ඔම්බුඩ්ස්මන්වරයාගේ මතයට අනුව, හේතු දැක්විය යුතුව තිබියදීත්, හේතු නොදක්වමින් කරන ලද්දේද; (vi) අසාධාරණ ලෙස ප්‍රමාද වූයේ ද යන ප්‍රශ්නය ඇතුළුව මූලික අයිතිවාසිකමක් යම් ලෙසකින් කඩ කරනු ලැබ තිබේද නැතහොත් කඩ කරනු ලැබීමට ඉඩ තිබේ ද නැතහොත් වෙනත් යම් අයුක් තියක් සිදු වී තිබේ ද නැතහොත් සිදු වීමට ඉඩ තිබේ ද යන්න නිශ්චය කරනු ලැබිය යුතු ය; තව ද ඔහු විසින් තමාගේ නිශ්චය කිරීම, ඒ පිළිබඳ තමාගේ හේතු සහිතව, මහජන පෙත් සම් පිළිබඳ කාරක සභාව වෙත වාර්තා කළ යුතු අතර, ඔහු විසින් - (i) කරුණ නැවත සලකා බලන ලෙස; (ii) නොකර හැරීම නිවැරදි කරන ලෙස; (iii) තීරණය අවලංගු කරන ලෙස හෝ වෙනස් කරන ලෙස; (iv) ඒ තීරණය, නිර්දේශය, ක්‍රියාව හෝ නොකර හැරීම පදනම් වූයේ යම් ව්‍යවහාරයක් මතද ඒ ව්‍යවහාරය වෙනස් කරන ලෙස ; (v) ඒ තීරණය, නිර්දේශය, ක්‍රියාව හෝ නොකර හැරීම පිළිබඳව හේතු දැක් විය යුතු යයි නිර්දේශ කරනු ලැබිය හැකි ය. (2) මහජන පෙත් සම් පිළිබඳ කාරක සභාව විසින්, (1) වන උප වගන්තිය යටතේ ඔම්බුඩ්ස් මන් වරයා විසින් තමන් වෙත කරන ලද වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව, ඔම්බුඩ්ස් මන් වරයාගේ වාර්තාව පිළිබඳව ගතයුතු ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් මතය පාර්ලිමේන්තුව වෙත වාර්තා කරනු ලැබිය හැකි ය. IV වන කොටස පොදු විධිවිධාන 18. ඔම්බුඩ්ස්මන් වරයා විසින් යටත් පිරිසෙයින් සෑම ලිත් වර්ෂයක දී එක් වරක්වත්, මේ පනත යටතේ ඔම්බර්ඩ්ස් මවර යාගේ බලතල ක්‍රියාත්මක කිරීමෙහිලා හා කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමෙහි ලා ගෙවී ගිය ලිත් වර්ෂය තුළ දී කරන ලද වැඩ කටයුතු පිළිබඳ වාර්තාවක් ජනාධිපතිවරයා වෙත සහ පාර්ලිමේන්තුව වෙත යවනු ලැබිය යුතුය. 19. (1) ඔම්බුඩ්ස් මන් වරයා විසින්, මේ පනතේ කාර්ය සඳහා, යම් රජයේ දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය සංස්ථාවක්, පළාත් පාලන ආයතනයක් හෝ වෙනත් සමාන ආයතනයක් විසින් පාවිච්චි කරනු ලබන හෝ පදිංචිව සිටින යම් නිවාසස් ථානයකට හෝ ස්ථානයකට හෝ දිවා කාලයේ හෝ රාත්‍රි කාලයේ කවර වූ හෝ අවස් ථාවක සාධාරණ වේලාවක දී ඇතුල් වීම ද ඒ නිවාසස් ස්ථානය හෝ ස්ථානය සහ තත් කාලයෙහි එය ඇතුළත හෝ මත තිබෙන යම් දෙයක් පරීක් ෂා කිරීමද, 15 වන වගන්තියේ විධිවිධාන වලට යටත්ව, ඔහුගේ බල සීමාව ඇතුළත ගැනෙන යම් පරීක්ෂණයක් එහිදී පැවැත්වීමද කරනු ලැබිය හැකි ය. (2) ඔම්බුඩ්ස් මවරයා විසින් එවැනි භූමියකට නැතහොත් ස්ථානයකට ඇතුළු වීමට පෙර අදාළ ආයතනයේ ප්‍රධානයා වෙත දැනුම්දීම කරනු ලැබිය යුතු ය. (3) (1) වන උපවගන්තියේ කිසිවකින් රාජ්‍ය රහස්‍යතා පනතේ අර්ථානුකූලව තහනම් කරන ලද ස්ථානයක් වන යම් නිවාසස් ථාන යකට හෝ ස්ථානයකට, නෞකාවකට හෝ ගුවන් යානයකට ඇතුළු වීමට, ඔම්බුඩ්ස් මන් වරයාට හෝ වෙනත් යම් තැනැත්තකුට හෝ බලයක් නොලැබෙන්නේය. 20. (1) (i) පන්ත යටතේ භාර දෙන ලද සිතාසියක සඳහන් කර ඇති ස් ථානයෙහි දී සහ වේලාවේ දී ඔම්බුඩ්ස්මන්වරයා ඉදිරියෙහි පෙනි. සිටීම. සාධාරණ හේතුවක් නොමැතිව පැහැර හරින්නා වූ; (ii) ඔම්බුඩ්ස් මන් වරයා විසින් පරීක්ෂා කරනු ලබ මින් තිබෙන කරුණු වලට අදාළව, දිවුරුම් දීම හෝ ප්‍රතිඥා දීම හෝ කරවනු ලැබීම ප්‍රතික් ෂේප කරන්නා වූ හෝ යථා පරිදි දිවුරුම් දීම හෝ ප්‍රතිඥා දීම හෝ කරවනු ලැබීමෙන් පසුව තමා ගෙන් අසනු ලබන යම් ප්‍රශ්නයකට පිළිතුරු දීම, සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කරන්නා වූ හෝ පැහැර හරින්නා වූ; (iii) තම සන්තකයේ හෝ පාලනය යටතේ තිබෙන්නා වූද පරීෂණයේ කාර්ය සඳහා ඉදිරිපත් කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටිනු ලැබ තිබුණා වූ ද යම් ලියවිල්ලක් හෝ වෙනත් දෙයක් ඔම්බුඩ්ස්ටමන්වරයා වෙත ඉදිරිපත් කිරීම පෙන්වීම. සාධාරණ හේතුවක් නොමැතිව, ප්‍රතික්ෂේප කරන්නා වූ හෝ පැහැර හරින්නා වූ; (iv) මේ පනත යටතේ වු පරීක් ෂණයක කාර්ය සඳහා ඔම්බුඩ්ස් මවරයා වෙත හෝ ඔහුගේ මණ ඩලයෙහි යම් වෙනත් නිලධරයකු වෙත හෝ ඕනෑකමින්ම යම් අසත්‍ය ප්‍රකාශයක් කරන්නාවූ; (v) මේ පනත යටතේ ඔම්බුඩ්ස්මන් වරයාගේ හෝ ඔහුගේ කාර්ය මණ්ඩලයෙහි යම් වෙනත් නිලධර යකුගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී හෝ කාර්ය සහ කර්තව්‍ය ඉටු කිරීමේදී හෝ ඔම්බුඩ්ස් මන් වර යාට හෝ ඔහුගේ කාර්ය මණ්ඩලයේ වෙනත් නිලධරයකුට හෝ, සාධාරණ හේතුවක් නොමැ තිව අවහිර කරන්නා වූ; (vi ) මේ පනත යටතේ රහස්‍යතාව පවත්වා ගැනීමේ කාර්ය කඩවන ලෙස ක්‍රියා කරන්නා වූ; (vii) මේ පනත යටතේ ඔම්බුඩ්ස්මන් වරයා විසින් යම් පරීක්ෂණයක් කරනු ලබමින් සිටින හෝ විමසී මක් පවත්වනු ලබමින් සිටින හෝ අතරතුර දී ඔම්බුඩ්ස් මන්වරයාට චේතනාන්විතව යම් අපහාස යක් කරන්නා වූ නැතහොත් යම් බාධාවක් පමුණුවන්නා වූ; හෝ (viii) ප්‍රකාශ කරනු ලබන හෝ කියවනු ලැබීමට අදහස් කරනු ලබන හෝ වචන මගින් ඔම්බුඩ්ස් මන් වරයා අපකීර්තියට පත් කිරීමට අදහස් කරනු ලබන යම් ප්‍රකාශයක් කරන්නා වූ හෝ ප්‍රසිද්ධ කරන්නා වූ හෝ එවැනි වෙනත් ක්‍රියාවක් කරන්නා වූ යම් තැනැත්තකු වරදකට වරදකරු විය යුතු අතර, ජූරි සභාවක් නොමැතිව මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට එක් අවුරුද්දකට වැඩි නොවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන් ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් පන් දහස කට වැඩි නොවන දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම සහ ඒ දඩය යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතු ය. (2) (1) වන උපවගන්තියේ (i) වන ඡේදයෙහි හෝ (ii) වන ඡේදයෙහි හෝ (iii) වන ඡේදයෙහි හෝ (v) වන ඡේදයෙහි සඳහන් වරදක් සඳහා වූ අපරාධ නඩුවක දී යම් තැනැත්තකු විසින් තමා වෙත භාර දෙන ලද සිතාසියක සඳහන් කර ඇති වේලාවේදී හා ස්ථානයෙහි දී ඔම්බුඩ්ස්ටඩ්ස්මන් වරයා ඉදිරියේ පෙනී සිටීම, සාධාරණ හේතුවක් නොමැතිව, පැහැර හැර ඇති බවට නැතහොත්, ඔම්බුඩ්ස්ට මන්වරයා විසින් පරීක්ෂා කරනු ලබමින් තිබෙන කරුණු වලට අදාළව තමාගෙන් අසනු ලබන යම් ප්‍රශ්නයකට පිළිතුරු දීම, සාධාරණ හේතුවක් නොමැතිව, පැහැර හැර ඇති බවට හෝ ප්‍රතික ෂේප කර ඇති බවට නැතහොත් තම සන්තකයේ පාලනය යටතේ තිබෙන්නා වූ ද ඔම්බුඩ්ස් මචරයා විසින් කරනු ලබන පරීක් ෂණයේ කාර්ය සඳහා ඉදිරිපත් කරන ලෙස තමාට නියම කරනු ලැබ තිබෙන්නා වූද යම් ලියවිල් ල්ලක් හෝ වෙනත් දෙයක් ඔබුඩ්ස්මන් වරයා වෙත ඉදිරිපත් කිරිම සහ පෙන්වීම, සාධාරණ වූ හේතුවක් නොමැතිව, ප්‍රතික් ෂේප කර ඇති බවට හෝ පැහැර හැර ඇති බවට නැතහොත් මේ පන්ත යටතේ ඔම්බුඩ්ස්මන් වරයාට හෝ ඔහුගේ කාර්ය වෙනත් යම් නිලධරයකුට හෝ සේවකයකුට හෝ ඔහුගේ බල තල ක්‍රියාත් මක කිරීමේ දී හෝ ඔහුගේ කාර්ය සහ කර්තව්‍ය ඉටු කිරීමේ දී හෝ සාධාරණ හේතුවක් නොමැතිව, බාධා පමුණුවා ඇති බවට හෝ ඔම්බුඩ්ස් මන් වරයාගේ අත්සනින් යුත් සහතිකයක් එහි අඩංගු කරුණු සම්බන්ධයෙන් බැලු බැල්මට පෙනෙන සාක්ෂි වශයෙන් ආවේශ්‍ය කරනු ලැබිය යුතු ය. ( 3 ) මේ වගන්තියෙහි සහ 24 වන වගන්තියෙහි " ඔම්බුඩ්ස් මන්වරයා '' යන යෙදුමට නියෝජ්‍ය ඔම්බුඩ්ස්මන් වරයෙක් ද ඇතුළත් වේ. 21. (1) මේ පනත යටතේ ඔම්බුඩ්ස්මන් වරයා විසින් හෝ ඔහුගේ කාර්ය මණ්ඩලයේ වෙනත් යම් නිලධරයකු විසින් හෝ සද් භාවයෙන් කරනු ලබන නැතහොත් කරන ලද්දේ යයි සැල කෙන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔම්බුඩ්ස්ටමන්වරයාට හෝ එවැනි යම් නිලධරයකුට හෝ විරුද්ධව කවර වූ හෝ සිවිල් හෝ අපරාධ නඩුවක් පවරනු නොලැබිය යුතු ය. (2) ඔම්බුඩ්ස්මන්වරයා විසින් මේ පනත යටතේ කරන ලද යම් වාර්තා වක් සම්බන්ධයෙන් හෝ වෙනත් යම් තැනැතකු විසින් ඒ වාර්තාවේ සාරානුකූලව සත්‍යය වූ විස්තරයක් පළකිරීම සම්බන්ධයෙන් එ තැනැත්තාට විරුද්ධව හෝ කවර වූ හෝ අධිකරණයක දී හෝ අධිකරණමය ස්වභාවයක් දරන යම් නඩු කටයුත්තක දී හෝ සාක්ෂි දීම සඳහා ඔම්බුඩ්ස්ටර්ඩ්ස් මවරයා හෝ ඔහුගේ කාර්ය මණ්ඩලයේ යම් නිලධරයකු හෝ කැඳවනු නො ලැබිය යුතු ය. ( 3 ) ඔම්බුඩ්ස්මන් වරයා විසින් මේ පනත යටතේ කරන ලද යම් වාර්තාවක් සම්බන්ධයෙන් ඔම්බුඩ්ස්මන් වරයාට විරුද්ධව නැතහොත් වෙනත් යම් තැනැත්තකු විසින් ඒ වාර්තා වෙහි සාරානූකූලව සත්‍ය වූ විස්තරයක් පළ කිරීම සම්බන්ධයෙන් ඒ, තැනැත්තාට විරුද් ධව හෝ සිවිල් හෝ අපරාධ නඩුවක් නැත හොත් වෙනත් සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් හෝ යම් අධිකරණයක හෝ විනිශ්චයාධිකාරයක හෝ පවරනු නොලැබිය යුතු ය. (1) අමාත්‍යවරයා විසින්, ඔම්බුඩ්ස් මන් වරයා විමසා, ඔම්බුඩ්ස් මන වරයා ඉදිරියේ පෙනී සිටින යම් සාක්ෂිකරුවකු විසින් සාධාරණ ලෙස දරන ලද ගමන් වියදම් සහ වෙනත් වියදම් සම්බන්ධයෙන් රීති සාදනු ලැබිය හැකිය. (2) (1) වන උපවගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් සාදන ලද සෑම රීතියක් ම ගැසට් පත්‍රයෙහි පළ කළ යුතු අතර එය ගැසට් පත්‍රයෙහි පළ කිරීමේ දින සිට හෝ එ රීතියේ සඳහන් කරනු ලබන යම් පසු දිනයක සිට ක්‍රියාත්මක විය යුතුය (3) (1) වන උපවගන්තිය යටතේ අම ත්‍යවරයා විසින් සාදන ලද සෑම රීතියක් ම ගැසට පත්‍රයේ පළ කිරීමෙන් පසු හැකි පහසු ඉක්මණින් අනුමතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. එසේ අනුමත නොකරන ලද එවැනි යම් රීතියක් අනනුමතයේ දින සිට ප්‍රත්‍යාදිෂ්ට කරනු ලැබූ සේ සලකනු ලැබිය යුතු ය. නමුත් ඒ රීතිය යටතේ කලින් කරන ලද කිසිවකට ඒ ප්‍රත්‍යාදිෂ්ට කරනු ලැබූ ලෙස සැලකීම නිසා හානියක් නොවිය යුතු ය. රීතියක් එසේ ප්‍රත්‍යා දිෂ්ට කරනු ලැබූ ලෙස සලකනු ලබන දිනය පිළිබඳ නිවේදනය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතුය. 23. 31 වන වගන්තියේ (අ) ඡේදයෙහි විධිවිධානවලට යටත්ව, මේ පනත ක්‍රියාත්මක වීමේ දිනයට පෙර සිදු වූයේ යයි කියනු ලබන මූලික අයිතියක් කඩ කිරීම හෝ වෙනත් අයුක්තියක් හෝ පිළිබඳ යම් පැමිණිල්ලක් හෝ චෝදනාවක් ඔම්බුඩ්ස් මවරයා විසින් පරීක්ෂා කරනු ලැබිය හැකිය. 24. මේ පනතේ විධිවිධාන වූ කලී, යම් තැනැත්තකුට යම් ප්‍රති කර්මයක් හෝ අභියාචනය කිරීමේ අයිතියක් නැතහොත් විරෝධය පෑමේ අයිතියක් සලසා දෙනු ලබන්නේ හෝ යම් කරුණක් විමසීම කට ලක් කිරීම හෝ පරීක්ෂා කිරීම සඳහා යම් කාර්ය පටිපාටියක් සලසා දෙනු ලබන්නේ හෝ යම් වෙනත් ප්‍රඥප්තියක හෝ යම් නෛතික රීතියක හෝ යම් විධිවිධාන යටතේ ද එ විධිවිධාන වලට අතිරේක විධිවිධාන වන අතර, මේ පනතෙහි කිසිවකින් ඉහත කී පරිදි එවැනි යම් ප්‍රතිකර්මයක හෝ අභියාචනය කිරීමේ හෝ වීරෝ ධය පෑමේ අයිතියක් හෝ කාර්ය පටිපාටියක් හෝ අපේක්ෂා කිරීම සීමා නොකරනු ලැබිය යුතු අතර, මේ පනතෙහි කිසිවක් ඒ අපේක්ෂා කිරීම කෙරෙහි බල නොපෑ යුතු ය. 25. (1) පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුව හොත් අර්ථ මිස, මේ පනතෙහි - ආයතනයක ප්‍රධානයා " යන්නෙන් - (අ) ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක සේවය කරන රජයේ නිලධරයකු සම්බන්ධයෙන් වූ විට, එම දෙපාර්ත මේන්තුවේ ප්‍රධානයා අදහස් වන අතර, ඒ රජයේ නිලධරයා දෙපාර්තමේන්තුවක ප්‍රධානයා වන අවස්ථාවක, එම දෙපාර්තමේන්තුව පවරා දී ඇත්තේ යම් අමාත්‍යාංශයකට ද ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයා අදහස් වේ; (ආ) අමාත්‍යාංශයක සේවය කරන රජයේ නිලධරයකු සම්බන්ධයෙන් වූ විට, ඒ අමාත්‍යාංශයේ ලේකම් වරයා අදහස් වන අතර, ඒ රජයේ නිලධරයා ලේකම්වරයා වන අවස් ථාවක, ඒ අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා අදහස් වේ; (ඇ) උපලේඛනගත රජයේ නිලධරයකු සම්බන්ධයෙන් වූ විට, ආණ්ඩුක්‍රම ව්‍යවස් ථාවේ 112 වන ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අධිකරණ සේවා කොමිෂන් සභාව අදහස් වේ; (ඈ) වෙනත් යම් රජයේ නිලධරයකු සම්බන්ධයෙන් වූ විට, එම රජයේ නිලධරයා සේවය කරමින් සිටිත් නේ යම් ප්‍රධාන විධායක නිලධරයකුගේ සාමාන්‍ය විධානය සහ පාලනය යටතේ ද ඒ ප්‍රධාන විධායක නිලධරයා අදහස් වේ; (ඉ) රාජ්‍ය සංස්ථාවක, පළාත් පාලන ආයතනයක හෝ සමාන වෙනත් ආයතනයක නිලධරයකු සම්බන්ධ යෙන් වූ විට, එම රාජ්‍ය සංස්ථාවේ, පළාත් පාලන ආයතනයේ හෝ ඒ සමාන වෙනත් ආයතනයක. ප්‍රධාන විධායක නිලධරයා අදහස් වන අතර, ඒ නිලධරයා එම රාජ්‍ය සංස්ථාවේ, පළාත් පාලන ආයතනයේ හෝ ඒ සමාන වෙනත් ආයතනයක ප්‍රධාන විධායක නිලධරයා වන අවස්ථාවක, එම රාජ්‍ය සංස්ථාව, පළාත් පාලන ආයතනය හෝ ඒ සමාන වෙනත් ආයතනයක් කටයුතු කරන්නේ යම් අමාත්‍යාංශයක් යටතේ ද ඒ අමාත්‍යාංශය ලේකම්වරයා අදහස් වේ; '' පළාත් පාලන ආයතනය " යන්න්නෙන්, යම් සංවර්ධන සභාවක මහ නගර සභාවක්, නගර සභාවක්, සුළු නගර සභාවක් හෝ ගම් සභාවක අදහස් වන අතර ඒ යම් සභාවක් විසින් ක්‍රියාත්මක කරන හා ඉටු කරන බලතලවලට, කාර්යවලට සහ කර්තව්‍ය වලට අනුරූප වන්නා වූ හෝ සමාන වන්නා වූ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම සඳහා යම්කිසි නීතියකින් හෝ නීතියක් යටතේ හෝ ඇති කොට පිහිටුවන ලද කවර වූ හෝ අධිකාරයක් ඊට ඇතුළත් වේ; '' නිලධරයා '' යන්නම්, සේවා නියුක්තයෙක හෝ සේ වකයෙක ඇතුළත් වේ; ඔම්බුඩ්ස්ටඩ්ස් මන් වරයා '' යන්නට, නියෝජ්‍ය ඔබුඞ්ස්මන්වරයෙක් සහ ඔම්බුඩ්ස්ටඩ්ස්මන්වරයා විසින් 8 වන වගන්තිය හෝ වන වගන්තිය යටතේ කරන ලද යම් පැවරීමක් යටතේ ඔම්බුඩ්ස් මන් වරයාගේ යම් බලයක් ක්‍රියාත්මක කරන්න වූ හෝ යම් කාර්යයක් හෝ කර්තව්‍යයක් ඉටු කරන්න වූ, ඔම්බුඩ්ස් මන් වරයාගේ කාර්ය මණ්ඩලයේ වෙනත් යම් නිලධරයෙක් ඇතුළත් වේ; ජනාධිපතිවරයා යන්නෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජනාධිපතිවරයා අදහස් වේ; “රාජ්‍ය සංස්ථාව '' යන්නෙන්, සමාගම් ආඥා පනත යටතේ හැර වෙනත් යම්කිසි ලිඛිත නීතියකින් හෝ ලිඛිත නීතියක් යටතේ හෝ පිහිටුවන ලද්දා වූ හෝ පිහිටුවනු ලබන්නා වූ ද ආණ්ඩුව විසින් ප්‍රදානයක් හෝ ණයක් වශයෙන් මෑත හොත් වෙනත් ආකාරයකින් මුළු අරමුදල හෝ මුළු ප්‍රාග්ධනය නැතහොත් අරමුදලෙන ' කොටසක් හෝ ප්‍රාග්ධනයෙන් කොටසක් හෝ සපයනු ලබන්නා වූද. සංස්ථාවක්; මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් අදහස් වේ;
21
acts_1981-03-23_Air_Navigation_Amendment_si
act
1981
3
1
0.986586
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 22 දරන ගුවන් ගමනාගමන (සංශෝධන) පනත (සහතිකය සටහන් කළේ 1981 මාර්තු මස 23 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 මාර්තු මස 27 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 22 දරන ගුවන් ගමනාගමන (සංශෝධන) පනත ගුවන් ගමනාගමන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 22 දරන ගුවන් ගමනාගමන (සංශෝධන) පනත යනුවෙන් හඳුන් වනු ලැබේ. 2. ගුවන් ගමනාගමන පනතේ 3 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (ජ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- “ (ජජ) ශ්‍රී ලංකාවේ යම් ආණ්ඩුවේ අධිකාරියක් විසින් හෝ ගුවන් තොටු පළක් විසින් හෝ සපයනු ලබන ගුවන් ගමනාගමන සේවා හෝ පහසුකම් ප්‍රයෝජනයට ගනු ලැබීම සම්බන්ධයෙන්, ගුවන් තොටුපළකට අවතීර්ණ නොවී ගමන් කරන ගුවන් යානා වලින් අය කරනු ලැබිය හැකි ගාස්තු විධිමත් කිරීම; ".
23
acts_1981-03-30_Balangoda_Sri_Sudarshana_Vihara_Wardhana_Samithiya_Incorporation_si
act
1981
5
1
0.977006
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 23 දරන බලන්ගොඩ ශ්‍රී සුදර්ශන විහාර වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත [සහතිකය සටහන් කළේ 1981 මාර්තු මස 30 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 අප්‍රේල් මස 03 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 23 දරන බලන්ගොඩ ශ්‍රී සුදර්ශන විහාර වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත බලංගොඩ ශ්‍රී සුදර්ශන විහාර වර්ධන සමිතිය සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි. '' බලන්ගොඩ ශ්‍රී සුදර්ශන විහාර වර්ධන සමිතිය " යනුවෙන් පුර්විකාව. හඳුන්වනු ලබන හා සඳහන් කරනු ලබන සමිතියක්, එහි සාමාජික යන් එකඟ වූ රීති අනුව, එකී සමිතියට සම්බන්ධ සියලු කරුණු ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ සහ කරගෙන යාමේ කාර්යය සඳහා බලන්ගොඩ මෙතෙක කල පිහිටුවා තිබූ හෙයින් ද: එකී සමිතිය පිහිටුවනු ලැබුවේ යම් පරමාර්ථ හා කරුණු සඳහා ද ඒ පරමාර්ථ හා කරුණු එකි සමිතිය විසින් මේ දක්වා සාර්ථක ලෙස ක්‍රියාත්මක කර සහ කරගෙන ගොස් ඇති හෙයින් සහ සංස්ථාගත කරනු ලැබීමට ඉල්ලුම් කර ඇති හෙයින් ද එකී ඉල්ලීම ඉටු කිරීම මහජන යහපත පිණිස වන හෙයින් ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පන්වනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 23 දරන බලන් ගොඩ ශ්‍රී සුදර්ශන ලුහුඬු නාමය විහාර වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මේ පනත ආරම්භ වීමේ දින සිට සහ ඉන් පසු (මෙහි මින් මතු " සමිතිය " යනුවෙන් සඳහන් කරනු ලබන) බලන්ගොඩ ශ්‍රී සුදර්ශන විහාර වර්ධන සමිතියේ දැනට සාමාජිකයන්ව සිටින හා සිටින තාක් තැනැත්තන් හෝ මෙයින් සංස්ථාපනය කරනු ලබන (මෙහි මින් මතු " සංස්ථාව " යනුවෙන් සඳහන් කරනු ලබන සංස්ථාවට මින් මතු ඇතුළත් කර ගනු ලබන සාමාජිකයන් ද බලන්ගොඩ ශ්‍රී සුදර්ශන විහාර වර්ධන සමිතිය '' යන නාමය හා අභිධානය යටතේ අවිච්ඡින්න පැවැත්මක් ඇති සංස්ථාවක් විය. යුතු අතර, පොදු මුද්‍රාවක් තබාගෙන එය පාවිච්චි කිරීමේ ද ස්වකීය. අභිමතය පරිදි එය වෙනස් කිරීමේ ද පූර්ණ බලය හා අධිකාරය ඇතිව සංස්ථාව විසින් එකී නාමයෙන් සියලු අධිකරණවල නඩු පැවරීම හා එයට විරුද්ධව නඩු පවරනු ලැබීම කළ යුතු ද කළ හැකි. ද විය යුතුය. 3. සංස්ථාව සංස්ථාපනය කරනු ලබන්නේ යම් පොදු පරමාර්ථ සඳහා ද ඒ පොදු පරමාර්ථ පහත දැක්වෙන පරිදි විය යුතු යයි මෙයින් ප්‍රකාශ කරනු ලැබේ :- (අ) පරියත්ති, පටිපත්ති හා පටිවේද යන ත්‍රිවිධ සද් ධර්මය. අධ්‍යයනය කිරීම හා ඒ පිළිබඳ පර්යේෂණ පැවැත් වීම සඳහා ධෛර්ය දීම පිණිස බලන්ගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරය ථෙරවාද බෞද්ධ ආශ්‍රමයක් වශයෙන් පවත්වා ගෙන යෑම හා එය නඩත්තු කිරීම, (ආ) බලන්ගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරය හා එයට අනුබද්ධ ආයතන වැඩි දියුණු කිරීම දිරිගැන්වීම; සහ (ඇ) සාමාජිකයන්ගේ හා පොදු මහජනයාගේ සමාජයීය සංස්කෘතික දියුණුව සඳහා අවශ්‍ය ගොඩ නැගිලි හ මිරිස සළකරණ ලබාදීම හා ඒවා පවත්වාගෙන යාම. (4. (1) සංස්ථාවේ කටයුතු සංස්ථාවේ තත් කාලයේ රීති වලට යටත්ව, පහත දැක්වෙන තැනැත්තන්ගෙන් කළමනාකාර මණ්ඩලයක් විසින් පරිපාලනය කරනු ලැබිය යුතුය. (අ) බලන්ගොඩ ශ්‍රී සුදර්ශන මහා විහාරාධිපතීන් වහන්සේ නිල බලයෙන් සභාපති වශයෙන්; (ආ) සංස්ථාවේ රීති වලට අනුකූලව තෝරා පත් කර ගත යුතු උපසභාපතිවරුන් දෙදෙනෙක්, ලේකම්, භාණ්ඩාගාරික සහ සංවිධායක; සහ (ඇ) සංස්ථාවේ රීති වලට අනුකූලව තෝරා පත් කර ගත යුතු එ රීති වල සඳහන් වෙනත් සාමාජිකයන් සංඛ්‍යාවක්. (2) මේ පනත ක්‍රියාත්මක වන අවස් ථාවේ දී ධුර දරමින් සිටින සමිතියේ කළමනාකාර මණ්ඩලයේ සාමාජිකයන් සංස්ථාවේ ප්‍රථම කළමනාකාර මණ්ඩලය විය යුතුය. 5. (1) සාමාජිකයන් ඇතුළත් කර ගැනීම, ඔවුන්ගේ ඉල්ලා අස් වීම හෝ ඔවුන් නෙරපීම සඳහාද, කළමනාකාර මණ්ඩලයේ සහ සංස්ථාවේ විවිධ නිලධරයන් ගේ, අනුයෝජිතයන්ගේ සහ සේවක යන්ගේ කාර්ය කරගෙන යාම සඳහා ද, කටයුතු කිරීමෙහි ලා කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් ද, සාමාන්‍යයෙන් සංස්ථාවේ කටයුතු කළමනාකරණය කිරීම සඳහා සහ එහි පරමාර්ථ මුදුන්පත් කර ගැනීම සඳහා අන්‍යාකාරයකින් ද සාමාජිකයන්ගේ යම් මහා සභා රැස්වීමකට පැමිණ ඡන්දය දෙන සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකක ඡන්දයෙන් සංස්ථාව විසින් කලින් කල රීති සෑදීම නීත්‍යනු කූල විය යුතුය. (2) තත් කාලයෙහි බලපවත් නා සංස්ථාවේ කිසිම රීතියක් හෝ මින් මතු සම්මත කරගනු ලබන යම් රීතියක් හෝ වෙනස් කිරීම, ඊට යමක් එකතු කිරීම, එය සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කිරීම සංස් ථාවේ මහා සභා රැස්වීමකට පැමිණ ඡන්දය දෙන සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකක ඡන්දයෙන් හැර, කරනු නොලැබිය යුතු ය: එසේ වුව ද ඒ වෙනස් කිරීම, එකතු කිරිම, සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කිරීම කළමනාකාර මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුව හොත් මිස බල නොපැවැත්විය යුතුය. (3) මේ පනත ක්‍රියාත්මක වන අවස්ථාවේ දී බලපැවැත් වූ සමිති යේ රීති මේ වගන්තිය යටතේ සාදනු ලැබූ සංස්ථාවේ රීති ලෙස සලකනු ලැබිය යුතු ය. ( 4 ) සංසථාවේ සියලුම සාමාජිකයන් තත් කාලයෙහි බලපවත්නා සංස් ථාවේ රීති වලට යටත් විය යුතුය. 6. යම් මිළට ගැනීමක්, ප්‍රදානයක්, ත්‍යාගයක් හෝ අන්තිම කැමති පත්‍රයකින් දේපළ බැහැර කිරීමක් ප්‍රකාර හෝ අන්‍යාකාරයකින් හෝ සංස්ථාව වෙත සතු කරනු ලැබිය හැකි චංචල හෝ නිශ්චල හෝ යම් දේපළක් ගැනීමට හා දැරීමට නීතිය අනුව හැකියාව හා ශක්නුතාව සංස්ථාවට තිබිය යුතු අතර, ඒ සියලු දේපළ විකිණීමේ, උකස් කිරීමේ, බදු දීමේ, හුවමරු කිරීමේ හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීමේ සම්පූර්ණ බලය ඇතිව සංථාවේ තත් කාලයෙහි බලපවත්නා රීති වලට යටත් ත්ව සංස්ථාව විසින් මේ පනතේ කාර්ය සඳහා එ සියලු දේපළ දරනු ලැබිය යුතු ය. 7. (1) බැංකු ගිණුම් විවෘත කිරීමේ, පවත්වාගෙන යාමේ සහ වැසීමේ ද ඇප ඇතිව හෝ නැතිව මුදල් ණයට ගැනීමේ ගැනීමේ ද ප්‍රදානයන් හා පරිත්‍යාගයන් ලබා ගැනීමේ ද සිය අරමුදල් ආයෝජනය කිරීමේ ද සංස් ථාවේ පරමාර්ථ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සේවක මණ්ඩලය සේවයට ගැනීමේ, සේවයේ නියුක්ත කර ගැනීමේ සහ සේවයෙන් පහ කිරීමේ ද බලය ඇතුළුව, සංස්ථාවේ පරමාර්ථ හෝ එම පරමාර්ථ අතුරින් යම් කිසිවක් හෝ වැඩි දියුණු කිරීම හෝ නංවාලීම සඳහා අවශ්‍ය වන හෝ යෝග්‍ය කවර ආකාරයේ වුව ද සියලු ක්‍රියා කිරීමේත් සියලු කරුණු ඉටු කිරීමේ සහ සියලු දේ ක්‍රියාත්මක කිරීමේත් බලය සංස්ථාවට ඇත්තේ ය. (2) 6 වන වගන්තිය සහ මේ වගන්තියේ (1) වන උපවගන්තිය මගින් සංස්ථාව වෙත පවරන ලද බලතල කළමනාකාර මණ්ඩලය විසින් ක්‍රියාවේ යෙදවිය යුතු ය. 8. මේ පනතේ කාර්ය සඳහා, මේ පනිත අවස් ථාවේ දී පැවැති සමිතියේ සියලු ණය හා සංස්ථාපනය කරනු ලබන සංස්ථාව විසින් සමිතියට අයවිය යුතු සියලු ණය හා සමිතියට ගෙවිය යුතු සාමාජික මුදල් හා දායක මුදල් සංස්ථාවට ගෙවනු ලැබිය යුතු ය. 9. කළමනාකාර මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු ඉදිරිපිට දී හැර, සංස්ථාවේ මුද්‍රාව කවර හෝ සාධන පත්‍රයකට තබනු නොලැබිය යුතු අතර ඒ සාමාජිකයන් දෙදෙනා තමන් පැමිණ සිටි බවට ලකුණක් වශයෙන් ඒ සාධන පත්‍රයෙහි තම නම් අත්සන් කළ යුතුය. තව ද ඒ අත්සන් කිරීම සාක් ෂිකරුවකු වශයෙන් තැනැත්තකුගේ අත්සන් කිරීමට බාහිරව විය යුතු ය. 10. පනතෙහි සඳහන් තැනැත්තන්ගේ හා ඔවුන් මගින්, ඔවුන්ගෙන් හා ඔවුන් යටතේ හිමිකම් පාන්නවුන්ගේ අයිතිවාසි කම්වලට හැර, ජන රජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක හෝ සංස්ථාවක හෝ වෙනත් යම් තැනැත්තන්ගේ හෝ අයිතිවාසිකම් වලට මේ පනතෙහි ඇතුළත් කිසිවකින් හානියක් හෝ බලපෑමක් නොවිය යුතුය.
24
acts_1981-04-08_Sri_Lanka_Campus_Crusade_for_Christ_Incorporation_si
act
1981
7
1
0.977227
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 25 දරන ශ්‍රී ලංකා කැම්පස් කෘසේඩ් fපෝ ක්‍රයිස්ට් (සංස්ථාගත කිරීමේ) පනත [සහතිකය සටහන් කළේ 1981 අප්‍රේල් මස 08 වන දින] ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 අප්‍රේල් මස 10 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 25 දරන ශ්‍රී ලංකා කැම්පස් කෘසේඩ් සේපෝ ක්‍රයිස්ට් (සංස්ථාගත කිරීමේ) පනත ශ්‍රී ලංකා කැම්පස් කෘසේඩ් fපා ක්‍රයිස්ට් සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා කැම්පස් කාසේඩ් fපෝ ක්‍රයිස්ට්" යනුවෙන් හඳුන් පුර්විකාව, වනු ලබන හා සඳහන් කරනු ලබන සමිතියක්, එකී සමිතිය එකඟ වූ රිති අනුව, එකී සමිතියට සම්බන්ධ සියලු කාරණා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ සහ කර ගෙන යාමේ කාර්යය සඳහා මෙතෙක් කල් ශ්‍රී ලංකවේ පිහිටුවා තිබූ හෙයින් ද: එකී සමිතිය පිහිටුවනු ලැබුවේ යම් පරමාර්ථ හා කාරණා සඳහා ද, ඒ පරමාර්ථ හා කාරණා එකී සමිතිය විසින් මේ දක්වා සාර්ථක ලෙස ක්‍රියාත්මක කර සහ කර ගෙන ගොස් ඇති හෙයින් සහ සංස්ථාගත කරනු ලැබීමට ඉල්ලුම් කර ඇති හෙයින් ද එකී ඉල්ලීමට ඉඩදීම මහජන යහපත පිණිස වන හෙයින් ද: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 25 දරන ශ්‍රී ලංකා කැම්පස් කාසේඞ් fපෝ ක්‍රයිස්ට් (සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන් වනු ලැබේ. 2. මේ පනත ආරම්භ වන දින සිට හා ඉන් පසු, (මෙහි මින් මතු සමිතිය " යනුවෙන් සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා කැම්පස් කෘසේඩ් පා ක්‍රයිස්ට් නමැති සමිතියේ තත් කාලයේ උපදේශක ක්‍රයිස්ට් මණ ඩලයේ ජාතික අධ්‍යක්ෂවරයා සහ සාමාජිකයන්ද මෙයින් සංස් ථාපනය කරනු ලබන සංස්ථාවට මින් මතු ඇතුළත් කර ගනු ලබන සාමාජිකයන් ද, " ශ්‍රී ලංකා කැම්පස් කෘසේ ඞ් fපෝ ක්‍රයිස්ට් ” යන නාමය හා අභිධානය යටතේ අවිච්ඡින්න පැවැත්මක් ඇති (මෙහි මින් මතු '' සංස්ථාව '' යනුවෙන් සඳහන් කරනු ලබන) සංස්ථාවක් විය යුතු අතර, එකී නාමයෙන් සියලු අධිකරණවල නඩු පැවරීම හා එයට විරුද්ධව නඩු පවරනු ලැබීම කළ යුතු ද කළ හැකි ද විය යුතුය. තවද පොදු මුද්‍රාවක් තබා ගැනීමේ, පාවිච්චි කිරීමේ හා ස්වකීය අභිමතය පරිදි එය වෙනස්' කිරීමේ සහ අමුතු කිරීමේ පූර්ණ බලය හා අධිකාරය ද එයට ඇත්තේය. 3. (1) සංස්ථාව- (අ) සංස්ථාවේ තත් කාලයේ බල පවතින රීති වලට අනුකූලව පත් කරනු ලැබිය යුතු ජාතික අධ්‍යක් ෂවරයකුගෙන් ; සහ (ආ) ජාතික අධ්‍යක් ෂවරයා විසින් කලින් කල සහ සංස්ථාවේ තත් කාලයේ බල පවතින රීති වලට අනුකූලව පත් කරනු ලැබිය හැකි තැනැත්තන් සංඛ්‍යාවකගෙන් සමන්විත වන උපදේශක මණඩලයකින් (2) මේ පනත ක්‍රියාත්මක වන අවස්ථාවේ දී සමීතියේ සාමාජික යන් වන තැනැත්තන් සංස්ථාවේ ප්‍රථම සාමාජිකයන් විය යුතු ය. (අ) ගෞරවාර්හ ආනන්ද පෙරේරා—ජාතික අධ්‍යක්ෂවරයා (ආ) ගොඩ්වින් පෙරේරා මහතා (ඇ) රූබි ද මැල් මහත්මිය (ඈ) රාප්තුමාර් කරුනෙයි රත් නම් මහතා (ඉ) රාජන් හෙස් මන් මහතා (ඊ) ලින් ලුවිස් මහතා. 4. සංස්ථාවේ පොදු පරමාර්ථ පහත සඳහන් පරිදි බව මෙයින් ප්‍රකාශ කරනු ලැබේ :- (අ) ජේසුස් ක්‍රිස් තුස් වහන්සේගේ පණිවුඩයට හවුල් කරුවකු වීම; (ආ) සියලු ක්‍රිස්තියානි සභා සහ වෙනත් ක්‍රිස්තියානි කණ්ඩායම් සමග වැඩ කිරීම; (ඇ) ක්‍රිස්තු භක් තිකයන්ගේ ලබ්ධිය පිළිබඳව වඩාත් ගැඹුරු දැනුමක් ඔවුන් තුළ ඇති කිරීම; (ඈ ) ප්‍රාදේශීය පුහුණු කිරීමේ මධ්‍ය ස්ථානයක් ඇති කිරීම සහ ප්‍රදේශීය සාකච්ඡා සංවිධානය කිරීම; සහ (ඉ) ඉහත සඳහන් පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම පිණිස ආනුෂංගික වන හෝ ඉවහල් වන වෙනත් සියලු දේ කිරීම. 5. සංස්ථාවේ පරමාර්ථ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බැංකු ගිණුම් විවෘත කිරීමේ, පවත්වාගෙන යාමේ සහ වැසීමේ ද, ඇප ඇතිව හෝ නැතිව මුදල් ණයට ගැනීමේ හෝ ලබා ගැනීමේද, ආධාර සහ පරිත්‍යාගයන් ලබා ගැනීමේ හෝ එකතු කර ගැනීමේ ද සිය අර මුදල් ආයෝජනය කිරීමේ සේවක මණ්ඩලය සේවයට ගැනීමේ, සේවයේ නියුක්ත කර ගැනීමේ සහ සේවයෙන් පහ කිරීමේ බලය ඇතුළුව, සංස්ථාවේ පරමාර්ථ හෝ ඒ පරමාර්ථ අතුරින් යම් කිසි වක් හෝ වැඩි දියුණු කිරීම හෝ නංවාලීම සඳහා අවශ්‍ය වන හෝ යෝග්‍ය කවර ආකාරයේ හෝ සියලු ක්‍රියා කිරීමේ ද සියලු කරුණු ඉටු කිරීමේ සහ සියලු දේ ක්‍රියාත්මක කිරීමේ ද බලය සංස්ථාවට තිබිය යුතුය. 6. (1) සංස්ථාවේ කටයුතු කළමනා කරණය කිරීම සඳහා ද සංස් ථාවේ පරමාර්ථ මුදුන්පත් කර ගැනීම සඳහා ද සංස්ථාව විසින් කලින් කල යම් මහා සභා රැස්වීමක දී නියමිත වැඩි ඡන්දයෙන් රීති සාදනු ලැබීම නීත්‍යනුකූල වන්නේය. එකී රීති සෑදීමෙන් පසු, එකී රීති වෙනස් කිරීම, සංශෝධනය කිරීම හෝ අවලංගු කිරීම හෝ ඒවාට යමක් එකතු කිරීම එවැනිම රැස්වීමකදී කරනු ලැබිය හැකි ය. (2) සංස්ථාවේ සාමාජිකයන් සංස්ථාවේ රීතිවලට යටත් විය යුතුය. ( 3 ) මේ පනත ක්‍රියාත්මක වන දින සිට බල පවත් නා සමිතියේ රීති සංස්ථාවේ ප්‍රථම රීති ලෙස සලකනු ලැබිය යුතු ය. 7. සංස්ථාවේ කිසිම සාමාජිකයකු විසින් හෝ එහි සේවා නියුක් විශ්වාසය තයකු විසින් හෝ මේ පනතේ උපලේඛනයෙහි දක්වා ඇති විශ්ණු සය පිළිබඳ ප්‍රකාශය පිළිගන්නා බවට අත්සන් කරනු ලැබ, භාර දෙනු ලබන තුරු, ඔහු විසින් තම ධුරයේ කාර්ය ආරම්භ නො කළ යුතුය. 8. මේ පනත ක්‍රියාත්මක වන වේලාවේ දී පවත්නා සමිතියේ සියලුම ණය හා බැරකම් මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාව විසින් ගෙවිය යුතු අතර සමිතියට අය විය යුතු සියලුම ණය, සමිතියට ගෙවිය යුතු සියලුම දායක මුදල් සහ සම්මාදම් මුදල් මේ පනතේ කාර්ය සඳහා සංස්ථාවට ගෙවනු ලැබිය යුතුය. 9. යම් මිලට ගැනීමක්, ප්‍රදානයක්, ත්‍යාගයක්, අන්තිම කැමති පත්‍රයකින් බුදල් බැහැර කිරීමක් ප්‍රකාර හෝ අන්‍යාකාරයකින් හෝ සංස්ථාව සතුවන යම් චංචල හෝ නිශ්චල දේපළක් භාර ගැනීමට සහ තබා ගැනීමට නීතියෙහි ලා සංස ථාවට හැකියාව හා ශක්නුතාව ඇත්තේ ය. තව ද සියලු දේපළ විකිණීමේ, උකස් කිරීමේ, බද්දට දීමේ, හුවමාරු කර ගැනීමේ හා අන්‍යාකාරය කින් බැහැර කිරීමේ පූර්ණ බලය ඇතිව, මේ පනතේ කාර්ය සඳහා, සංස්ථාවේ තත් කාලයෙහි බලපවත්නා රීති වලට යටත්ව, සංස්ථාව විසින් තබා ගත යුතුය. 10. ජාතික අධ්‍යක්ෂවරයා හෝ, ඔහු නොමැති විටක දී, ඔහු වෙනුවෙන් ක්‍රියා කිරීමට තමා විසින් ලියවිල්ලකින් නම් කරන ලද සාමාජිකයකු සහ සංස් ථාවේ වෙනත් සාමාජිකයකු ඉදිරිපිට දී හැර සංස්ථාවේ මුද්‍රාව කවර හෝ සාධන පත්‍රයකට තබනු නොලැබිය යුතු අතර ඔවුන් දෙදෙනා තමන් පැමිණ සිටි බවට ලකුණක් වශ යෙන් එකී සාධන පත්‍රයෙහි තම නම් අත්සන් කළ යුතුය. තව ද එම අත්සන් කිරීම සාක් ෂිකරුවකු වශයෙන් යම් තැනැත්තකුගේ අත්සන් කිරීමට ස්වාධීනව විය යුතුය. 11. මේ පනතෙහි සඳහන් තැනැත්තන්ගේ හා ඔවුන් මගින්, ඔවුන්ගෙන් හෝ ඔවුන් යටතේ හිමිකම් පාන්නවුන්ගේ අයිතිවාසි කම්වලට හැර, ජනරජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක හෝ සංස්ථා වක හෝ වෙන යම් තැනැත්තකුගේ අයිතිවාසිකම් වලට මේ පනතෙහි ඇතුළත් කිසිවකින් හානියක් හෝ බලපෑමක් නොවිය යුතුය. (7 වන වගන්තිය) උපලේඛනය විශ්වාසය පිළිබඳ ප්‍රකාශය අපගේ ඇදහීම් පිළිබඳ හුදු පදනම නම් බයිබලයත්, දෙවියන් වහන්සේගේ නොවරදින ලිඛිත භාෂිතයත්, අලුත් සහ පරණ ගිවිසුම්වලට ඇතුළත් පොත් හැටහයත් යන මේවාය. එය අති විශිෂ්ට ලෙස ද, වාචිකව ද, සමීපූර්ණයෙන් ද ප්‍රබෝධනය කරනු ලැබුවේ ශුද්ධෝත්තමයාණන් වහන්සේ විසිනි. තව ද එය මුල් අත් පිටපත් වල දෝෂයෙන් තොරව ලියනු ලැබිණ. ඉන් ප්‍රකාශ කෙරෙන සෑම දෙයක් පිළිබඳවම එය අත්‍යුත් තම සහ පරම සාක්ෂිය වන්නේ ය. න්‍යායානුකූල ඉගැන්වීම් පිළිබඳ පෘථුල සීමාවන් අපි පිළිගනිමු. ඓතිහ සික වශයෙන්, මේ ඉගැන්වීම් සම්බන්ධයෙන් සියලු ක්‍රිස් තියානි ලබ්ධිකයන් අතර එකඟත්වයක් තිබේ. අපගේ ව්‍යාපාරයේ පවන්නා විශේෂත්ව ගුණය නිසා, ඕනෑම අර්ථ නිරූපනයක් කිරීමේ දී බයිබලය පදනම් කරගන්නේ නම් සහ එවැනි කිසිම අර්ථ නිරූපනයක් දෙවියන් වහන්සේ විසින් අපට නියම කරනු ලැබ ඇති දේව සේ වයට බාධාකාරී වූ ප්‍රශ්නයක් බවට පත් නොවන්නේ නම්, වෙනත් න්‍යායානු කූල කරුණුවලදී තමාගේ කැමැත්ත ප්‍රකාර නිගමන වලට බැසීමේ නිදහස දීමට අපි කැමැත්තෙමු. අපි පහත සඳහන් පරිදි, මූලික බයිබල් ඉගැන්වීම් කෙරෙහි අපගේ විශ්වාසය තරයේ ම තහවුරු කරමු:- 1. පිතා, පුත්‍රයා, ශු ද්ධාත්මයාණන් යන තුන් දෙනා වහන්සේලා තුළ සදාතනික වැඩ සිටින එකම දෙවි කෙනෙක් සිටිත්. මොවුන් වහන්සේලාට පෞද්ගලි කතත්වයේ විශේෂ ලක්ෂණ ද දේවත්වයේ ලක්ෂණ ද සමානව ඇත්තේය. 2. ක්‍රිස්තුස් වහන් සේ වූ කලි දෙවියෝය. ශුද්ධාත්මයාණන් මගින් ගැබ වැස කණ්‍යාවක තුළින් උපත ලබා මාංශගත වූ ජීවමාන වනය වන නාහ. එහෙයින් උන් වහන්සේ මනුෂ්‍යත්වයත් දේවත්වයත් සදහටම් එක් කළ තැනැත් තන් වහන්සේ ය. 3. උන් වහන් සේ පාපයෙන් මුක්ත ජිවිතයක් ගතකොට මනුෂ්‍යයන්ගේ පාප වලට වන් දී ගෙවීමක් වශයෙන් කුරුසයෙහි මරණයට පත්ව උන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සියල්ලන් උදෙසා ගැලවීම ලබාගත් සේක. එමගින් උන් වහන්සේ දිව්‍ය සාධාරණත් වය සපුරා ලූ සේක. 4. උන්වහන් සේ තමන් ජීවත්ව සිටියා වූ ද මිය ගියා වූ ද එම ශරීරයෙන් ම විශිෂ්ට ආකාරයෙන් වුව උත්ථාන වූ සේක. 5. උන් වහන් සේ ශරීරාකාරයෙන් ම ස් වර්ගාරූඪව දෙවි පියාණන්ගේ දකුණු පාර්ශ්වයෙහි වැඩ සිටින් නාහ. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර එකම මැදිහත් කරු ද තමන් වහන්සේ වෙනුවෙන් සදාතනික යදින්නා වූ තැනැත්තා ද උන් වහන්සේමය. 6. මනුෂ්‍යයා මුලින්ම දෙවියන් වහන්සේගේ ස්වරූපය ඇතිව මවන ලද්දේය. ඔහු දෙවියන්ට අකීකරු වෙමින් පවු කොට සිය මැවුම්කරුවාණන්ගෙන් වියුක්ත වූයේ ය. එම වැටීම මුළු මහත් මිනිස් සංහතියම දේව උදහසට ලක් කළේ ය. 7. මනුෂ්‍ය ස්වභාවය වූ කලි දූෂිතය. එහෙයින් සාකල්‍යයෙන් ම දෙවියන් වහන්සේ ප්‍රසාදයට පත් කිරීමට නුපුළුවන. සෑම මනුෂ්‍යයෙකුට මි ශුද්ධාත්මයාණන් මගින් පුනර්ජීවයක් ලැබීමට ඇතත්තේය. 8. මනුෂ්‍යයාගේ ගැලවීම වූ කලි දෙවියන් වහන්සේ ගේ නිදහස් වරප්‍රසාදයට මුළුමණින් සිදු වන්නක් විනා පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් හෝ මනුෂ්‍යාගේ කාර්යයන් හෝ ආගමික වතාවත් තුළ යහපත් ත්කම නිසා සිදුවන්නක් නොවේ. දෙවියන් වහන්සේ සිය සර්ව සාධාරණත් වය, හුදෙක් සිය ගැලවීම සම්බන්ධව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි පමණක් විශ්වාසය තබන්නන් වෙත ආරෝපණය කරමින් එමඟින් උන් වහන්සේ හමුවේ සාධාරණත්වයට පැමිණියෝය. 9. ශුද්ධාත් මයාණන් මගින් ජීවනය ලබන්නා වූ සියල්ලන්ටම ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම් කාරයාණන් ලෙස විශ්වාස කරන මොහොතේ සිටම ගැලවීම් ලැබීමේ වරප්‍රසාදයට හිමි වන්නෝ ය. මෙම සහතික කිරීම මනුෂ්‍යයාගේ දක්ෂතා මත පදනම් නොවූ අතර හුදෙක්ම දෙවියන් වහන්සේ සිය ලිඛිත වචනය ධර්ම සාක්ෂිය විශ්වාසිකයා කෙරෙහි තහවුරු කෙරේ. 10. ශුද්ධාත් මයාණන් මෙලොවට වැඩම කර ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේ හඳුන් දීමටත් උන් වහන්සේ ප්‍රශංසාවට පත් කිරීමටත් උන් වහන්සේ ගේ ගැලවීමේ කාර්යයන් මනුෂ්‍යයන්ට අදාළ කරවීමටත්ය. උන් වහන් පව්කාරයන්ට සත්‍ය පහදා දී ඔවුන් ක්‍රිස් තු වහන්සේ වෙත ළං ඔවුනට උඛණ්ඩව නව ජීවනයක් ලබා දුන් සේක. මෙය ආත්මික නව ජීවනය ලත් මොහොතේ සිට සිදු කර, ගැලවීම ලබන දිනය තෙක් සුරක් ෂිත කොට තබන සේක. උන් වහන්සේගේ පූර්ණත්වය ද බලය හා පාලනය ද විශාවාසය මගින් විශ්වාසිකයා තුළ පැතිර යන්න්නේය. 11. සෑම විශ්වාසිකයෙක් විසින් ම තමන් අභ්‍යන්තරයෙහි වෙසෙන ශුද්ධාත් මිය ණන්ගේ ආනුභාවය තුළ ජීවත් විය යුතු වන්නේය. එසේ ජීවත් වෙමින් ඔහු විසින් මානුෂික තෘෂ්ණාවන්ට ඉඩ නොදී දෙවියන් වහන්සේ ගේ මහිමයට ලක් වනු පිණිස මැනවින් ජීවත් විය යුතු වන්නේය. 12. ක්‍රිස්තුස් වහන්සේ වූ කලී සියලුම ජීවතුන්ගෙන් සහ මළවුන්ගෙන් සමන්විත වූ ද ගැලවීමේ විශ්වාසය මගින් උන් වහන්සේ වෙත ඒකාබද්ධව සිටින්නා වූ ද ස්වකීය ශරීරයේ ද සමස්ත සභාවේ ද මූලිකයාණෝ ය. 13. වන්දනාමාන කිරීම පිණිසත් යාඥා යනාදියට සහභාගි වීම පිණිසත් ශුද්ධ වූ ලියවිලි මගින් සාක්ෂි දැරීම පිණිසත් අන්‍යෝන්‍ය වශයෙන් ධෛර්යය ලබා ගැනීම පිණිසත් එක්රැස් වීමට දෙවියන් වහන්සේ ස්වකීය ජනතාවට අවවාද කරන සේක. 14. ධර්මිෂ්ඨ ශාරීරික වශයෙන් මියයාමෙන් ඉ‍ක්බිතිව ම සදාතනික ජීවිතයට ඇතුළත් ව ඒ ස්වාමීන් වහන්සේ හා වෙසෙමින් උන් වහන් සේගේ ධෛර්යය ශරීරය සනාථන මිහිමයට හා ආශිර්වාදයටත් හේතු යුක් තවන ලෙස පුනරුත් ස්ථානය වන තෙක් බලාපොරොත්තුව සිටින් නෝය. 15. ශාරීරික වශයෙන් මියයාමේ අධර්මිෂ්ඨ සදාතනික ජීවයට ස්වාමීන් වහන්සේ ගෙන් වියුක්තව ඇතුළත්ව උන් වහන්සේගේ පුනරුත්ථානය හා අවසාන විනිශචය හා තින දුව දෙන තෙක් රැඳී සිටින්න්නෝය. 16. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉතිහාසය හා දෙවියන් වහන්සේ ගේ සැලැක්ම පරිපූර්ණත්වයට පත් කරනු වස් - පෞද්ගලික වශයෙන් ද දෘෂ්‍ය මානව ද ශාරීරික වශයෙන්ද - මිහිතලය මතට වැඩම කරන සේක. 17. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියලු විශ්වාසිකයන්ට මුළු ලොව පුරා සුභාරංචි පතළ කරවීමටත් සකල ජනතාවගේ ම මඟ පෙන් වීමටත් නියෝග කළ සේක. ඒ උන් කාෂ්ට කාර්ය සපුරාලීම සඳහා සියලු ලෞකික හා පෞද් ගලික ආශාවන් යටපත් කොට " අපට ප්‍රේම කළා වූ ද අප වෙනුවෙන් දිවිපිදුවා වූ ද උන් වහන්සේට කැප වීම '' අවශ්‍ය වන්නේය.
25
acts_1981-05-05_Chinmaya_Mission_of_Sri_Lanka_Incorporation_si
act
1981
6
1
0.984572
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 28 දරන ශ්‍රී ලංකා චින්මයා සංගමය (සංස්ථාගත කිරිමේ) පනත [ සහතිකය සටහන් කළේ 1931 මැයි මස 05 වන දින ) ආණ්ඩුමේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී 1981 මැයි මස 08 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී 1981 අංක 28 දරන ශ්‍රී ලංකා චින්මයා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත ශ්‍රී ලංකා වින්මයා සංගමය සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි. පසුගිය අවුරුදු කීපය තිස්සේ, අති පූජනීය චින්මයානන්ද පුර්විකාව. ස් වාමිවරයා විසින් හින්දු ධර්ම ග්‍රන්ථ සහ දර්ශන වාදය අධ්‍යයනය කිරීමට දිරිගන්වනු ලැබ ඇති හෙයින් සහ උපරිම ආත්මාවබෝධය ලබා ගැනීම පිණිස ලොව පුරා විසිරී සිටින ජනතාවට මඟ පෙන්වනු ලැබ තිබෙන හෙයින් ද: තවද, එතුමාණන්ගේ අනුශාසනාවලින් සහ මඟ පෙන්වීම් වලින් දිරි ගැන්වුණු සහ ප්‍රබෝධමත් වුණු ශ්‍රී ලංකාවේ අනුග මිකයන් විසින්, එකී අනුගාමිකයන්ගේ සාමාජිකත්වයෙන් සැදුම් ලත් ශ්‍රී ලංකා චින්මයා සංගමය යනුවෙන් හඳුන්වනු ලබන සහ සඳහන් කරනු ලබන සංගමයක්, එහි සාමාජිකයන් එකඟ වී තිබෙන රීති වලට අනුකූලව, එකී අති පූජනීය චින්මයාන ද ස්වාමිවරයාගේ ධර්ම පණිවුඩය ශ්‍රී ලංකාවේ මෙන් ම ඉන් බැහැර රටවල්වල ද සාර්ථක ලෙස පතුරුවාලීමේ සහ සංගමයට සම්බන්ධ විවිධ කරුණු ක්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා පිහිටුවනු ලැබූ හෙයින් ද තවද, එකී සංගමය සංස්ථාගත කරනු ලැබීම සඳහා ඉල්ලුම් කර ඇති හෙයින් සහ එකී ඉල්ලීමට ඉඩදීම මහජන යහපත පිණිස වන හෙයින්ද: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පහත 1981 අංක 28 දරන ශ්‍රී ලංකා චින්මයා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ." 2. මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට සහ ඉන් පසුව, (මෙහි මින් මතු " සංගමය " යනුවෙන් සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා චින්මයා සංගමයේ දැනට සාමාජිකයන්ව සිටින තැනැත්තන් හෝ මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාවේ සාමාජිකයන් ලෙස ඇතුළත් කරගනු ලබන තැනැත්තන් '' ශ්‍රී ලංකා වින්මයා සංගමය යන නාමය සහ අභිධානය යටතේ, අවිච්ඡින්න පැවැත්මක් ඇති (මෙහි මින් මතු '' සංස් ථාව '' යනුවෙන් සඳහන් කරනු ලබන) සංස්ථාවක් විය යුතු අතර පොදු මුද්‍රාවක් තබාගෙන එය පාවිච්චි කිරීමේ ද, තම අභිමතය පරිදි එය වෙනස් කිරීමේ ද පූර්ණ බලය සහ අධිකාරය ඇතිව, සංස්ථාව විසින් එකී නාමයෙන් සියලු අධිකරණවල නඩු පැවරීම හා ඊට විරුද්ධව නඩු පවරනු ලැබීම ද කළ හැකිය. 3. සංස්ථාව සංස්ථාපනය කරනු ලබන්නේ යම් පොදු පරමාර්ථ සඳහා ද, ඒ පොදු පරමාර්ථ පහත සඳහන් පරිදි විය යුතු යයි මෙයින් ප්‍රකාශ කරනු ලැබේ :- (අ) සනාතන ධර්මානුශාසනා වලට අනුකූලව සියලු ජනතා කොටස් අතර විශ්ව සහෝදරත්වය ඇති කරලීම; (ආ) ජාතික, ආගමික සහ වාර්ගික සමගිය ඇති කිරීමේ ලා සහ සමාජයීය අශක්‍යතා මුලිනුපුටා දැමීමේලා සහාය වීම; (ඇ) ලෝක ජනතාව අතර සාමය සහ සමගිකම් වඩාලීමේ ලා දේශීය සහ විදේශීය සංවිධාන සමඟ සහයෝගීව කටයුතු කිරීම; (ඈ) සෙසු ආගම් තුලනාත් මක ලෙස අධ්‍යයනය කිරීම සඳහා සහ සියලු හින්දු දර්ශනවාද ක්‍රම අධ්‍යයනය කිරීම සඳහා කටයුතු සැලැස් වීම සහ ඊට දිරි ගැන්වීම සහ මේ කාර්යය සඳහා, හින්දු දර්ශන වාදය අධ්‍යයනය කිරීමට ජාත්‍යන්තර හින්දු මධ්‍යස්ථානයක් පිහිටු වීම; (ඉ) සංස්ථාවේ අරමුණු සහ පරමාර්ථ ඉදිරියට ගෙන යාම සඳහා, වේද ආගම් පාසැල්, ගුරුකුල, ආශ්‍රම සහ වෙනත් එවැනි ආයතන සැපයීම, පිහිටුවීම, ප්‍රදානය කිරීම, නඩත්තු කිරීම, පාලනය කිරීම සහ කළමනා කරණය කිරීම සහ ශ්‍රී ලංකාවේ හා පිටරට සිටින සුදුසු ශිෂ්‍යයන්ට ණය, ශිෂ්‍යත්ව හා තෑගි ප්‍රදානය කිරීම සහ වෙනත් පහසුකම් සැපයීම්; (ඊ) මනුෂ්‍ය වර්ගයා කෙරෙහි කැපවීමෙන් යුතුව කටයුතු කිරීම සඳහා සහ මනුෂ්‍ය වර්ගයාට සේවය කිරීම සඳහාත්, අධ්‍යාත්මික ගුණවගාව සහ වේදන්ත දර්ශනවාදය පිළිබඳ ඥානය අත කර ගැනීම සඳහාත් ශිෂ්‍යයන්ගේ සහ වෙනත් අයගේ ජීවිත හුරු කිරීම; (උ) ගායනා යාඥා, අධ්‍යයන කණ්ඩායම්, දෙවි කණ්ඩායම්, බල් විහාර්, බල් මන්දීර්, බජන් කණ්ඩායම්, ශාස්ත්‍රීය කර්ණටක සංගීත පන්ති, යෞවන සමිති හෝ කණ්ඩායම් සංවිධානය කිරීම සහ ඊට අදාළ හෝ ආනුෂංගික වෙනත් යම් ක්‍රියා කිරීම; (ඌ) අනාථාධාර, සායනික, රෝහල්, රෝග නිර්ණය කිරීමේ මධ්‍යස්ථාන හා ප්‍රජා ශාලා ඉදි කිරීම, පවත්වා ගෙන යාම සහ පරිපාලනය කිරීම සහ කවර ආකාරයකින් හෝ සුදුසු තැනැත්තන්ට වෛද්‍ය සහන සහ ආධාර සැලසීම; (එ) සංස්ථාවේ පරමාර්ථ සිය කැමැත්තෙන් පතල කරන පූජික යන්ට සහ වෙනත් තැනැත්තන්ට මුදලින් හෝ ද්‍රව්‍ය යෙන් ආධාර දීම; (ඒ) සංස්ථාවේ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම පිණිස ප්‍රදර්ශන, දේශන, සම්මන්ත්‍රණ, සම්මේලන, කාර්ය සැයි, පන්ති, විවාද, සංකච්ඡා, සංචාර, ආගමික වන්දනා ගමන්, විනෝද ගමන් හෝ වෙනත් යම් කටයුතු දිරි ගැන්වීම, සංවිධාන කිරීම සහ පැවැත් වීම; (ඔ) පෞත්, සඟරා, වාර සඟරා, කලාප මිළදී ගැනීම සහ නිකුත් කිරීම සඳහා සහ සංස්ථාවේ පරමාර්ථ ක්‍රියාත්මක කිරීම යෝග්‍ය ලෙස සලකනු ලබන වෙනත් සේවා සැලසීම සඳහා පුස්තකාල පිහිටුවීම සහ පවත්වාගෙන යාම්; (ඕ) ශිෂ්‍යත්ව, තෑගි සහ දීමනා පිරිනැමීම සඳහා කටයුතු සැලැස් වීම සහ අධ්‍යාත්මික, දාර්ශනික හෝ සංස්කෘතික අධ්‍යයන කටයුතු සඳහා දිරි දීම; (ක) සංස්ථාවේ පරමාර්ථවලට සම්පූර්ණයෙන්ම සමාන වන පරමාර්ථ ඇති හෝ සංස්ථාවේ පරමාර්ථ වලින් කොටසකට සමාන වන පරමාර්ථ ඇති වෙනත් සංගම්, සමිති සංවිධාන සමඟ සහයෝගයෙන් හෝ සම්බන්ධ වී හෝ කටයුතු කිරීම; (ග) ශ්‍රී ලංකාවේ හෝ විදේශවල ආගමික, දාර්ශනව දී හෝ සාම සාකච්ඡාවලට නියෝජිතයන් යැවීම: (ච) වෙනත් රටවල්වල චින්මයා සංගම් සමඟ නිතර සම්බන්ධව සිටීම සහ සංස්ථාවේ පරමාර්ථ සහ කාර්ය ඉටු කර ගැනීම පිණිස ඒ සංගම් සමග අදහස් හුවමාරු කර ගැනීම සහ සහයෝගීව කටයුතු කිරීම; (ජ) සංස්ථාවේ පරමාර්ථ හුවා දක්වමින් කලාප, වාර සඟරා, පුවත්පත් සහ සඟරා මුද්‍රණය කිරීම, පළ කිරීම, විකිණීම සහ බෙදා හැරීම සහ මේ කාර්ය සඳහා, මුද්‍රණාල අයිතිව තබා ගැනීම හෝ බද්දට ගැනීම සහ ඒ කටයුතු කිරීම සඳහා අවශ්‍ය සේවකයන් පත් කිරීම; සහ (ට) සාමාන්‍යයෙන් සංස්ථාවේ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය, යෝග්‍ය හෝ ආනුෂාංගික වෙනත් දේ කිරීම. 4. (1) සංස්ථාවේ තත් කාලයේ බල පවත්නා රීති වලට යටත්ව, සංස්ථාවේ කටයුතු, ඒ රීති අනුව නම් කරනු ලබන, තෝරා පත් කර ගනු ලබන හෝ පත් කරනු ලබන තැනැත්තන් සංඛ්‍යාවක ගෙන් සමන් විත විධායක කමිටුවක් විසින් පරිපාලනය කළ යුතුය. (2) මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන වේලාවේ දී ධුර දරන සංගමයේ විධායක කමිටුව සංස්ථාවේ ප්‍රථම විධායක කමිටුව විය යුතුය. 5. (1) සංස්ථාවේ සාමාජිකයන් බඳවා ගැනීම සහ ඔවුන් සාමාජිකත්වයෙන් නෙරපීම සඳහා ද, සංස්ථාවේ විධායක කමිටුවේ නිලධරයන්ගේ සහ වෙනත් සාමාජිකයන්ගේ කාර්ය ඉටු කිරීම සඳහා ද සංස්ථාවේ රැස්වීම් කටයුතු පිළිබඳ කාර්ය පටිපාටිය සඳහා ද, සාමාන්‍ය වශයෙන් සංස්ථාවේ කටයුතු කළමනා කරණය කිරීම සහ එහි පරමාර්ථ මුදුන් ත්පත් කර ගැනීම සඳහා ද සංස්ථාව විසින්, කලින් කල, සාමාන්‍ය සභා රැස්වීමක දී, ඒ රැස්වීමට පැමිණ, ඡන්දය දෙන සාමාජිකයන්ගේ තුනෙන් දෙකක ඡන්දයෙන් රීති සාදනු ලැබිය හැකිය. (2) මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින බල පැවැත් වූ, සංගමයේ රීති, මේ වගන්තිය යටතේ සාදන ලද, සංසථාවේ රීති ලෙස සැලකිය යුතුය. (3) (1) වන උපවගන්තිය යටතේ රීති සාදනු ලැබිය හැකි ආකාරයෙන් ම, සංස්ථාවේ තත් කාලයේ බල පවත්නා යම් රීතිය කට හෝ මින් මතු සම්මත කරනු ලබන යම් රීතියකට යමක් එකතු කිරීම, එය සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කිරීම කරනු ලැබිය හැකිය. ( 4 ) සංස්ථාවේ සියලුම සාමාජිකයන් සංස්ථාවේ රීති වලට යටත් විය යුතුය. 6. මේ පනත ක්‍රියාත්මක වන වේලාවේ දී පවත්නා සංගමයේ සියලුම ණය හා බැරකම් මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාව විසින් ගෙවිය යුතු අතර, සංගමයට අයවිය යුතු සියලුම ණය, දායක මුදල් සහ සහභාග මුදල් මේ පනතේ කාර්ය සඳහා සංස්ථාවට ගෙවනු ලැබිය යුතුය. 7. විධිමත් ලෙස බලය පවරන ලද, විධායක කමිටුවේ සාමාජික යන් දෙදෙනකු ඉදිරිපිට දී මිස, සංස්ථාවේ මුද්‍රාව කිසිම සාධන පත්‍රයකට තබනු නොලැබිය යුතු අතර තමන් පැමිණ සිටි බවට ලකුණක් වශයෙන් ඔවුන් විසින් එකී සාධන පත්‍රයෙහි තම නම් අත ත්සන් කළ යුතුය. එම අත්සන් කිරීම සාක් ෂිකරුවකු වශයෙන් යම් තැනැත් තකුගේ අත්සන් කිරීමට බාහිරව විය යුතුය. 8. යම් මිලට ගැනීමක්, ප්‍රදානයක්, ත්‍යාගයක්, අන්තිම කැමති පත්‍රයකින් බූදල් බැහැර කිරීමක් ප්‍රකාර හෝ අන්‍යාකාරයකින් හෝ සංස්ථාව සතුවන යම් චංචල හෝ නිශ්චල දේපළක් භාර ගැනීමටත්, තබා ගැනීමටත් නීතියෙහි ලා සංස්ථාවට හැකියාව ඇත්තේ ය. තව ද එකී සියලු දේපළ ඒවා විකිණීමේ, උකස් කිරීමේ, බද්දට දීමේ, හුවමාරු කර ගැනීමේ හා අන්‍යාකාරයකින් බැහැර කිරීමේ පූර්ණ බලය ඇතිව, මේ පනතේ කාර්ය සඳහා සංස්ථාවේ තත් කාලයෙහි බලපවත්නා රීති වලට යටත්ව, සංස්ථාව විසින් තබා ගත යුතුය. 9. සංස්ථාව විසුරුවා හරිනු ලැබූ විට, එහි සියලුම ණය සහ බැරකම් ගෙවා සමථයකට පත් කරනු ලැබීමෙන් පසු, කවර හෝ යම් දේ පළක් ඉතිරි වේ නම්, ඒ දේපළ සංස්ථාවේ සාමාජිකයන් අතර බෙදා නොදිය යුතු අතර සංස්ථාවේ පරමාර්ථ වලට සමාන පරමාර්ථ ඇති සහ යම් ආදායමක් හෝ දේපළක් තම සාමාජිකයන් අතර බෙදා දීම තම රීති මගින් තහනම් කරනු ලැබ තිබෙන වෙනත් සංගමයකට හෝ සංග වලට ඒ දේපළ දීම හෝ පැවරීම කරනු ලැබිය යුතු ය. ඒ සංගමය හෝ සංගම් සංස්ථාව විසුරුවා හරින වේලාවේ දී හෝ ඊට පෙරාතුවම හෝ සංසථාවේ සාමාජිකයන් විසින් තීරණය කළ යුතු ය. 10. මේ පනතෙහි සඳහන් තැනැත්තන්ගේ හා ඔවුන් මඟින්, ඔවුන්ගේ හෝ ඔවුන් යටතේ හිමිකම් පාන්නවුන්ගේ අයිතිවාසි කම්වලට හැර, ජන රජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක හෝ සංස්ථා වක හෝ වෙන යම් තැනැත් තකුගේ අයිතිවාසිකම්වලට මේ පන තෙහි ඇතුළත් කිසිවකින් හානියක් හෝ බලපෑමක් නොවන්නේය.
26
acts_1981-05-05_Employees_Provident_Fund_Amendment_si
act
1981
4
1
0.978132
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 26 දරන සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත (සහතිකය සටහන් කළේ 1981 මැයි මස 5 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 මැයි මස 08 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාත්‍යන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසෙ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 26 දරණ සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන ) පනත 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 26 දරන සේවක අර්ථසාධක අරමුදල් ලුහුඩු නාමය. (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. 1974 අංක 8 දරන පනත මගින් සංශෝධිත, (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය " යනුවෙන් සඳහන් කරනු ලබන) 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනතෙහි 10 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :-- (1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියෙහි '' සියයට හයකට " යන වචන වෙනුවට " සියයට අටකට " යන වචන ආදේශ කිරීමෙන්; සහ (2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියෙහි '' සියයට නවය කට '' යන වචන වෙනුවට '' සියයට දොළහකට '' යන වචන ආදේශ කිරීමෙන්. 3. ප්‍රධාන ප්‍රඥප් තියේ 16 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක් වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :- 16. යම් මාසයක් සම්බන්ධයෙන් මේ පනත යටතේ ගෙවිය යුතු දායක මුදල් ඊළඟ මාසයේ අන්තිම දිනයට පෙර අරමුදලට නොගෙවනු ලැබූ ද, ඒ දායක මුදල් ගෙවීමට අපොහොසත් වූයේ නොවැළැක් විය හැකි හේතු නිසා බවට කොමසාරිස් වරයා සෑහීමට පත්වන පරිදි පැහැදිලි කිරීමට සේවා යෝජකයාට නොහැකි වන්නා වූ ද අවස්ථා වක, අයවිය යුතු දායක මුදල් ප්‍රමාණයට අතිරේකව පහත සඳහන් ආකාරයට ගණන් බලනු ලැබූ අධිභාරයක් ඒ මුදල සම්බන්ධයෙන් අරමුදලට ගෙවීමට සේවා යෝජකයා බැඳී සිටිය යුතු ය:- (අ) දින දහයකට වැඩි නොවන කාල සීමාවක් සඳහා දායක මුදල් නොගෙවා ඇති අවස්ථාවක, අයවිය යුතු දායක මුදල් ප්‍රමාණයෙන් සියයට පහක අධිභාරයක්; (ආ) දින දහයකට වැඩි වන නමුත් එක් මාසය කට වැඩි නොවන කාල සීමාවක් සඳහා දායක මුදල් නොගෙවා ඇති අවස් ථාවක, අයවිය යුතු දායක මුදල් ප්‍රමාණයෙන් සියයට පහළොවක අධිභාරයක්; (ඈ) එක් මාසයකට වැඩි වන නමුත් මාස තුනකට වැඩි නොවන කාල සීමාවක් සඳහා දායක මුදල් නොගෙවා ඇති අවස් ථාවක, අයවිය යුතු දායක මුදල් ප්‍රමාණයෙන් සියයට විස්සක අධිභාරයක් ; (ඈ) තුන් මාසයකට වැඩි වන නමුත් හය මාසයකට වැඩි නොවන " කාල සීමාවක් සඳහා දායක මුදල් නොගෙවා ඇති අවස්ථාවක, අයවිය යුතු දායක මුදල් ප්‍රමාණයෙන් සියයට තිහක අධිභාරයක්; (ඉ) මාස හයකට වැඩි වන නමුත් දොළහකට වැඩි නොවන කාල සීමාවක් සඳහා දායක මුදල් නොගෙවා ඇති අවස් ථාවක, අයවිය යුතු දායක මුදල් ප්‍රමාණයෙන් සියයට හතලිහක අධිභාරයක්‍ (ඊ) මාස දොළහකට වැඩි කාල සීමාවක් සඳහා දායක මුදල් නොගෙවා ඇති අවස් ථාවක, අයවිය යුතු දායක මුදල් ප්‍රමාණයෙන් සියයට පනහක අධිභාරයක්. '' 4. මේ පනතේ 2 වන සහ 3 වන වගන්ති මගින් ප්‍රධාන ප්‍රඥප්තියට කරන ලද සංශෝධන 1981 ජනවාරි මස 1 වන දින සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය.
27
acts_1981-05-05_Land_Development_Amendment_si
act
1981
16
2
0.989395
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 27 දරන ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 මැයි මස 5 වන දින ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 මැයි මස 08 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 27 දරන ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරිම සඳහා ද, ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 43 දරන රජයෙ ඉඩම් විකිණීමේ (විශේෂ විධිවිධාන) පනත ඉවත් කිරීම සඳහා ද, ඒ හා සම්බන්ධ හෝ ඊට ආනෂංගික වූ කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන් තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පන්ත 1981 අංක 27 දරන ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය '' යනුවෙන් සඳහන් 464 වන කරනු ලබන) ඉඩම් සංවර්ධන ආඥාපනතේ 2 වන වගන්තිය මෙහි පහත දැක්වෙන පරිදි, මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (අ) ලංකා කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථාව '' යන්නෙහි අර්ථ කථනය අත් හැරීමෙන්; (ආ) අන් සතු කිරීම " යන්නෙහි අර්ථ කථනයට ඉක් බිතිව පහත දැක්වෙන අලුත් අර්ථ කථනය ඇතුළත් කිරීමෙන් :- ලංකා බැංකුව " යන්නෙන් ලංකා බැංකු ආඥාපනත යටතේ පිහිටුවන ලද බැංකුව අදහස් වේ; '; (ඇ) “ලංකා රාජ්‍ය උකස් බැංකුව '' යන්නෙහි අර්ථ කථනය අත් හැරීමෙන්; (ඈ) “ රජයේ ඉඩම් " යන්නෙහි අර්ථ කථනයට ඉක්බිතිව පහත දැක් වෙන අලුත් අර්ථ කථනය ඇතුළත් කිරී මෙන් :- " ලංකා සංවර්ධන මුදල් සංස්ථාව " යන්නෙන්, සංවර් ධන මුදල් සංස්ථා පනත යටතේ පිහිටුවන ලද සංස්ථාව අදහස් වේ"; (ඉ) '' දිසාපති '' යන්නෙහි අර්ථ කථනය වෙනුවට පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන් :- දිසාපති '' යන්නම්, අතිරේක දිසාපති, සහකාර දිසා පති. අතිරේක සහකාර දිසාපති, සහකාර ඉඩම් කොමසාරිස්, දිසා ඉඩම් නිලධරයා සහ මේ ආඥාපනතේ යම් විශේෂ කරුණක් හෝ විධිවිධාන යක් සම්බන්ධයෙන් දිසාපති විසින් ලියවිල්ලකින් බලය පවරනු ලැබූ යම් නිලධරයකු ද ඇතුළත් වේ;; (ඊ) " ප්‍රදානය " යන්නෙහි අර්ථ කථනයට ඉක්බිතිව පහත දැක්වෙන අලුත් අර්ථ කථනය ඇතුළත් කිරීමෙන් :- " ගොඩ ඉඩම් " යන්නෙන්, වාරිමාර්ග පහසුකම් සලසනු නොලැබූ ඉඩම් අදහස් වේ; (උ) " ඉඩම් කොටස '' යන්නෙහි අර්ථ කථනයට ඉක්බිතිව පහත දැක්වෙන අලුත් අර්ථ කථනය ඇතුළත් කිරීමෙන්:- '' වාරි මාර්ග පහසුකම් සලසන ලද ඉඩම් " යන්නෙන්, වාරි මාර්ග ආඥාපනතේ අර්ථ කථනය කර ඇති පරිදි යම් '' වාරිමාර්ග කටයුතු " කිසිවක් මගින් ප්‍රයෝජනය ලැබූ යම් ඉඩම් අදහස් වේ.; ඉඩම් කොමසාරිස් වරයා " යන්නෙහි අර්ථ කථනය වෙනු වට පහත දැක් වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන් :- කොමසාරිස් වරයා '' යන්නෙන්, මේ ආඥාපනතේ 3 වන වගන්තිය යටතේ පත් කරනු ලැබූ නිල ධරයා අදහස් වන අතර, ඊට යම් අතිරේක ඉඩම් කොමසාරිස් වරයකු, නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් වරයකු සහ මේ ආඥාපනත යටතේ කිසියම් විශේෂ කාරණයක් නැතහොත් විධි විධානයක් සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස් වරයා විසින් ලියවිල්ලකින් බලය පවරන ලද ඔහුගේ දෙපාර්ත මේන්තුවේ වෙනත් යම් නිලධරයකු ඇතු ළත් වේ; ; පළාත් පාලන ආයතනය " යන්නෙහි අර්ථ කථනය වෙනු වට පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන් : '' පළාත් පාලන ආයතනය " යන්නෙන් මහ නගර සභාවක්, නගර සභාවක්, සුළු නගර සභාවක් හෝ ගම් සභාවක් අදහස් වන අතර, එවැනි යම් සභා වක් විසින් ක්‍රියාත්මක කරන හා ඉටු කරන බලතල වලට, කාර්යවලට සහ කර්තව්‍යවලට අනු රූප වන්නා වූ හෝ සමාන වන්නා වූ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සඳහා යම්කිසි නීතියකින් හෝ නීතියක් යටතේ හෝ ඇති කොට පිහිටුවන ලද කවර වූ හෝ අධිකාරයක් ඊට ඇතුළත් වේ ; (ඒ) '' අවම භාගය '' යන්නෙහි අර්ථ කථනයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් අර්ථ කථනය ඇතුළත් කිරීමෙන් :- ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුව '' යන්නෙන්, 1979 අංක 2 දරන ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකු පනත යටතේ පිහිටුවන ලද බැංකුව අදහස් වේ; (ඔ) '' අයිතිකරු යන්නෙහි අර්ථ කථනය වෙනුවට පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන් :- '' අයිතිකරු '' යන්නෙන්, මේ ආඥාපනත යටතේ නිකුත් කරන ලද ප්‍රදාන පත්‍රයකින් හෝ ප්‍රදාන පත්‍රයක් යටතේ ඉඩම් කොටසකට අයිතිය ලබා සිටින ඉඩම් කොටසක අයිතිකරු අදහස් වන අතර, 19 වන වගන්තියේ ( 2 ) වන උපවගන්තිය යටතේ තමා විසින් ගෙවනු ලැබිය යුතු සියලු මුදල් ගෙවා ඇත්තා වූ ද, අවසර පත්‍රයෙහි සඳහන් වෙනත් සියලු කොන්දේසි අනුව ක්‍රියා කර ඇත්තා වූ ද, අවසර පත්‍ර දරන්නකු ද ඊට ඇතුළත් වේ;; සාම නිලධරයා යන්නෙහි අර්ථ කථනය වෙනුවට පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන් :- '' සාම නිලධරයා '' යන්නට, පොලිස් නිලධරයකු සහ පොලිස් රාජකාරි ඉටු කිරීම සඳහා දිසාපතිවරයකු විසින් ලියවිල්ලකින් පත් කරන ලද ග්‍රාම සේවා නිලධාරීන් ඇතුළත් වේ; සහ (ක) යෝජනා ක්‍රමය " යන අර්ථ කථනයට ඉක්බිතිව පහත දැක්වෙන අලුත් අර්ථ කථනය ඇතුළත් කිරීමෙන්:- '' රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව '' යන්නෙන්, ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනත යටතේ පිහිටු වන ලද බැංකුව අදහස්' වේ. ' 3. ප්‍රධාන ප්‍රඥප්තියේ II වන සහ III වන පරිච්ඡේද මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන පරිච්ඡේද ආදේශ කරනු ලැබේ:- II වන පරිච්ඡේදය රජයේ ඉඩම් වෙන්කර ලකුණු කිරීම 8. ඉඩම් කොමසාරිස්වරයාගේ සාමාන්‍ය හෝ විශේෂ විධාන වලට යටත්ව, දිසාපතිවරයා විසින් රජයේ ඉඩම්, පහත දැක්වෙන කාර්ය අතුරින් කිසිවක් හෝ වැඩි ගණනක් හෝ සඳහා වෙන් කර ලකුණු කරනු ලැබිය හැකි ය:- (අ) ගම් පුළුල් කිරීම; (ආ) ගම්බද කැලෑ ; (ඇ) ගම් තණ බිමි; (ඈ) මෙහි සඳහන් කර නොමැති ගම් කාර්ය; (ඉ) නැවත ජනාවාස කිරීම්; (ඊ) දිය උල්පත් සහ ජල මාර්ග ආරක්ෂ කිරීම; (උ) පස සේදී යාම වැළැක්වීම; (ඌ) රක්ෂිත කැලෑව; (එ) ආණ්ඩුවේ ගොඩනැගිලි, පාරවල් හෝ වැඩ ඇතුළත් ආණ්ඩුවේ කාර්ය; (ඒ) දේශගුණික හා වෙනත් පරිසර විද්‍යාත් මක කාර්ය සඳහා සහ පාරිසරික ආරක්ෂාව සඳහා රක්ෂිත ප්‍රදේශ (ඔ) පුරා විද්‍යාත්මක සහ ඓතිහාසික වැදගත් කමක් ඇති දේවල් ආරක්ෂා කිරීම; (ඕ) පළාත් පාලන ආයතනවල අවශ්‍යතා; (ක) නගර සංවර්ධනය කිරීම; (ග) ඇතැම් පන්තිවල තැනැත්තන්ට බිම් සතු කිරීම; (ච) ප්‍රදේශයේ ආරක්ෂාව, සංරක්ෂණය සහ සංවර්ධනය පිළිබඳව සැළකිලිමත්ව, නියම් කරනු ලැබිය හැකි වෙනත් යම් කාර්යයක්. 9. 8 වන වගන්තියේ විධිවිධානවලට අනුකූලව, රජයේ ඉඩම් වෙන් කර ලකුණු කරනු ලැබූ විට දිසාපතිවරයා විසින් (අ) වෙන් කර ලකුණු කරනු ලැබූ ප්‍රදේශ සහ ඒ ප්‍රදේශවල ඉඩම් පිළිවෙළින් වෙන් කරනු ලැබූ කාර්ය, නිශ්චිතව දැක්වෙන යෝජනා ක්‍රමයක්; (ආ) යෝජනා ක්‍රමයෙහි නිශ්චිතව සඳහන් වෙන් කර ලකුණු කරනු ලැබූ ප්‍රදේශ දැක් වෙන දළ රූප සටහනක්. පිළියෙළ කිරීමට සලස්වනු ලැබිය යුතු ය. 10. 9 වන වගන්තිය යටතේ තමා විසින් පිළි යෙළ කරන ලද යෝජනා ක්‍රමය සහ දළ රූප සටහන, දිසාපතිවරයා විසින්, ස්වකීය පරිපාලන දිස්ත්‍රික්කයෙහි පිහිටුවා ඇති දිස්ත්‍රික් කෘෂිකාර්මික කමිටුව වෙත, ඒ කමිටුව විසින් සලකා බලනු ලැබීම සඳහා යවනු ලැබිය යුතු ය. 14. දිසාපතිවරයාගෙන් යෝජනා ක්‍රමය සහ දළ රූප සටහන ලැබී දින තිහක් ඇතුළත, දිස්ත්‍රික් කෘෂිකාර්මික කමිටුව විසින්, ඒ යෝජනා ක්‍රමය සහ දළ රූප සටහන පිළිබඳව එම කමිටුවේ නිරීක්ෂණ සමඟ එම යෝජනා ක්‍රමය සහ දළ රූප සටහන දිසාපතිවරයා වෙත ආපසු යැවිය යුතු ය. 12. 9 වන වගන්තිය යටතේ දිසාපතිවරයා විසින් පිළියෙළ කරන ලද යෝජනා ක්‍රමය සහ දළ රූප සටහන පිළිබඳව දිස්ත්‍රික් කෘෂිකාර්මික කමිටුව විසින් කරන ලද නිර්දේශ සලකා බැලීමෙන් පසුව, එම යෝජනා ක්‍රමය සහ දළ රූප සටහන සුළු වශ යෙන් වෙනස් කිරීම අවශ්‍ය යයි දිසාපතිවරයා සලකනු ලැබුවහොත්, දිසාපතිවරයා විසින් එය සුළු වශයෙන් වෙනස් කරනු ලැබිය හැකි ය. ඉක්බිතිව, අවස් ථාවෝචිත පරිදි, යෝජනා ක්‍රමය සහ දළ රූප සටහන නැතහොත් සුළු වශයෙන් වෙනස් කරන ලද යෝජනා ක්‍රමය සහ දළ රූප සටහන, දිසාපතිවරයා විසින් පිළියෙළ කොට ඒ දිස්ත්‍රික් කෘෂිකාර්මික කමිටුව වෙත යවන ලද යෝජනා ක්‍රමය සහ දළ රූප සටහන පිළිබඳව ඒ කමිටුව විසින් කරන ලද නිර්දේශ ද සමඟ දිසාපති වරයා විසින් ඉඩම් කොමසාරිස් වරයා වෙත යවනු ලැබිය යුතු ය. 13. (1) 12 වන වගන්තිය යටතේ තමා වෙත ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රමය සහ දළ රූප සටහන ලැබුණු විට, ඉඩම් කොමසාරිස් වරයා විසින් එ යෝජනා ක්‍රමය සහ දළ රූප සටහන ස්ථිර කරනු ලැබිය හැකි ය; එසේ නැතහොත් වෙන් කර ලකුණු කිරීම හෝ යෝජනා ක්‍රමය හෝ දළ රූප සටහන සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස් වරයා අවශ්‍ය යයි සලකන වැඩිදුර විධාන හෝ උපදෙස් හෝ දිසාපතිවරයා වෙත නිකුත් කරනු ලැබිය හැකි ය; තව ද, දිසාපතිවරයා විසින් විධාන් හෝ උපදෙස් පිළිපැදිය යුතු අතර, ක්‍රියාත්මක කළ යුතුය. (2) (1) වන උපවගන්තිය යටතේ තමා විසින් නිකුත් කරන ලද විධාන නැතහොත් උපදෙස් ක්‍රියාත්මක කර ඇති බවට ඉඩම් කොමසාරිස්වරයා සෑහීමට පත්වන අවස්ස්ථාවක, ඔහු විසින් අවස් ථාවෝචිත පරිදි, එම යෝජනා ක්‍රමය සහ දළ රූප සටහන හෝ සුළු වශයෙන් වෙනස් කරන ලද යෝජනා ක්‍රමය සහ දළ රූප සටහන හෝ ස්ථිර කරනු ලැබිය හැකි ය. 14. ඉඩම් කොමසාරිස් වරයා වෙත 12 වන වගන් තිය යටතේ ඉදිරිපත් කරන ලද යම් යෝජනා ක්‍රමයක් ඔහු විසින් ස්ථිර කරන ලද බව, නියම කරනු ලබන යම් ආකාරයකට දැනුම් දෙනු ලැබිය යුතුය. 15. 14 වන වගන්තිය යටතේ දැන්වීමක් පළ කරනු ලැබූ විට, ඒ දැන්වීමේ සඳහන් වෙන් කර ලකුණු කිරීමේ සැලැස්ම දැක්වෙන දළ රූප සටහන දිස්ත්‍රික්කයේ කච්චේරියේ දී හෝ සර්වේයර් ජනරාල් වරයාගේ කාර්යාලයේ දී හෝ ගාස්තුවක් නොමැතිව පරීක්ෂා කිරීමට මහජනයා අතුරින් සෑම තැනැත්තකුට ම හිමිකම ඇත්තේ ය. 16. ඉඩම් කොමසාරිස් වරයා විසින් සථිර කරන ලද කිසිම සැලැස්මක් 8 වන වගන්තියේ (අ) ඡේදයේ සිට (ඉ) ඡේදය දක්වා වූ ඡේදයන්හි සඳහන් යම් කාර්යයක් සඳහා වෙන් කර ලකුණු කරන ලද ඉඩමක්, ඒ වගන්තියේ (ග) ඡේදයෙහි සඳහන් කාර්ය සඳහා වෙන් කර ලකුණු කරනු ලැබීමට හෝ උපයෝගී කර ගනු ලැබීමට හෝ හැකි කරනු පිණිස, වෙනස් කිරීම හෝ සුළු වශයෙන් වෙනස් කිරීම හෝ අමාත්‍යවරයාගේ අනුමතය සහ කැමැත්ත ඇතිව හැර, නොකළ යුතු ය: එසේ වුව ද අමාත්‍යවරයාගේ අනුමතය සහ කැමැත්ත අවශ්‍ය නොවන සැලැස්මක් සම්බන්ධ යෙන් යම් සුළු වශයෙන් වෙනස් කිරීමක් වෙනස් කිරීමක් ඉඩම් කොමසාරිස් වරයාගේ ලිඛිත අධිකාරය මත ක්‍රියාත්මක කළ හැකි ය. 17. රජයේ ඉඩම් වෙන් කර ලකුණු කරනු ලැබුව ද නොලැබුව ද අන් සතු කරනු ලැබිය හැකි ය. 18. අන් සතු කරනු ලැබූ වෙන් කර ලකුණු කරනු නොලැබූ ඉඩමක් අන්සතු කරනු ලැබූ කොටස අයත් වන්නේ යම් තැනැත්තකුට ද, ඒ තැනැත්තා අයත් වන පංතියේ තැනැත් තට අන්සතු කිරීම සඳහා වෙන් කර ලකුණු කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතුය. III වන පරිච්ජේදය රජයේ ඉඩම් අන් සතු කිරීම 19. (1) මේ ආඥාපනතේ විධි විධාන යටතේ යම් තැනැත්තකුට රජයේ ඉඩම් අන් සතු කිරීම, මෙහි මින් මතු විධිවිධාන සලසා ඇති ආකාරයට ක්‍රියාත් මක කළ යුතුය. (2) එවැනි සෑම තැනැත්තකු විසින්ම, පළමු වන අවස් ථාවේ දී ඒ තැනැත්තාට ඉඩමෙහි පදිංචි වීමට බලය දෙන්නා වූ අවසර පත්‍රයක් ලබා ගත යුතුය. යම් වර්ෂයක් සඳහා ගෙවිය යුතු වාර්ෂික වාරිකය ගෙවීමෙන් පසු ඒ එක් එක් වර්ෂය සඳහා ඉතිරිව ඇති ගැණුම් මුදලේ ඉතිරි යෙන් සියයට හතරක් නොඉක්මවන්නා වූ අනු ප්‍රමාණයක් අනුව ගණන් බලනු ලබන ගැණුම් මුදල මත ලැබිය යුතු පොලිය ද සමග ඒ මුළු ගැණුම්. මුදල අවුරුදු දහයක කාලයක් ඇතුළත, අවසර පත්‍ර දරන්නකු විසින්, ඉඩම් කොමසාරිස් වරයා විසින් තීරණය කරන ලද පරිදි වාර්ෂික වාරික වලින් ගෙවනු ලැබිය යුතු ය: එසේ වුව ද අවසර පත්‍ර දරන්නා විසින්, නියමිත කාලසීමාව ඇතුළත ඒ සම්පුර්ණ ගෙවීම කිරීම පැහැර හරිනු ලබන අවස් ථාවක, ඒ පැහැර හැරීම, අසනීපවීම, බෝග පාලුවීම හෝ නොවැළැක් විය හැකි වෙනත් හේතුවක් හෝ නිසා සිදු වූ බවට ඒ අවසර පත්‍ර දරන්නා විසින් දිසාපතිවරයා සහීමට පත් කරයි නම්, ඒ දිසාපතිවරයා විසින් ඒ කාල සීමාව තවත් අවුරුදු දෙකකට දීර්ඝ කරනු ලැබිය හැකි ය. (3) ඒ වාර්ෂික වාරික ආරම්භ විය යුතු දිනය, ඒ ගෙවීම් සංඛ්‍යාව සහ ඒ එක් එක් වාරිකය ඒ අවසර පත්‍ර දරන්නා වෙත නිකුත් කරන ලද අවසර පත්‍රයෙහි දිසාපතිවරයා විසින් යම් අවස ථාවක දී සටහන් කරනු ලැබිය යුතු ය. දිසාපතිවරයා විසින්, ඊට අතිරේකව, එවැනි අවසර පත්‍රයක් මත අන් සතු කරනු ලැබූ ඉඩම සර්වේයර් ජනරාල් වරයා විසින් මනිනු ලැබීමට සැලැස් විය යුතු අතර, එසේ මනින ලද ඉඩමේ (ඉම් සහ මායිම් ම්වලට යොමු කිරීමෙන් ) ප්‍රමාණය සහ විස්තරය ඒ අවසර පත්‍රයෙහි ඇතුළත් කරනු ලැබිය යුතු ය. දිසාපතිවරයා විසින්, ඒ ප්‍රමාණයට සහ විස් තරයට අදාළ තොරතුරු අවසර පත්‍රයෙහි ඇතුළත් කිරීමෙන් පසු, ඒ අවසර පත්‍රය ලියා පදිංචි කිරීමට සැලැස්විය යුතු ය. සැලැස්විය යුතුය. එවැනි ලියාපදිංචි කිරීමක් සඳහා කිසිම ගාස්තුවක් ගෙවනු නොලැබිය යුතුය. නැතහොත අයකර ගනු නො ලැබිය යුතු ය. (4) අවසර පත්‍ර දරන්නකු විසින්- (අ) (2) වන උපවගන්තිය යටතේ ගෙවීමට ඔහුට නියම කරනු ලැබ ඇති සියලු මුදල් ඔහු විසින් ගෙවා ඇති අවස් ථාවක; (ආ) බලපත්‍රයේ උපලේඛනයෙහි සඳහන් වෙනත් සියලු කොන්දේසි අනුව ඔහු ක්‍රියා කර ඇති අවස් ථාවක; සහ (ඇ) (i) වාරිමාර්ග පහසුකම් සලසන ලද ඉඩමක් නම්, අවුරුදු තුනක කාලයක් සඳහා, හෝ (ii) ගොඩබිම් නම්, අවුරුද්ද්දක කාලයක් සඳහා පදිංචිව සිටිනු ලැබ දිස පතිවරයා සැහීමට පත් වන ආකාරයකට සම්පූර්ණයෙන් සංවර්ධනය කර ඇති අවස් ථාවක, අවසර පත්‍ර දරන්නකු පදිංචිව සිටින්නේ යම් ඉඩමක ද, ඒ ඉඩම සම්බන්ධයෙන් ඔහුට ප්‍රදාන පත්‍රයක් නිකුත් කරනු ලැබිය හැකි ය: එසේ වුව ද ඉහත කී කාලයට පෙර ඒ ප්‍රදාන පත්‍රය නිකුත් කිරීම පැහැර හැරීමෙන් ඒ ඉඩම සංවර්ධනය කිරීම කෙරෙහි හානිකර අන්දමින් බලපාන බවට අවසර පත්‍ර දරන්නා විසින් ඉඩම් කොමසාරිස්වරයා සෑහීමට පත් කරන අවස් ථාවක, ඒ කාලය ඉකුත් වීමට පෙර, ඉඩම් කොමසාරිස් වරයා විසින් ප්‍රදාන පත්‍රයක් නිකුත් කරනු ලැබිය හැකි ය. (5) (1) වන, (2) වන, (3) වන සහ (4) වන උපවගන්තිවල විධිවිධානවල කුමක් සඳහන්ව ඇත ද, යම් ඉඩමක් අන්සතු කිරීමට පෙර ඒ ඉඩම දියුණු කිරීමෙහි ලා දරන ලද වියදම් ඉඩම් කොම සාරිස් වරයා විසින් අයකරගනු ලැබිය හැකි බවට වූ කොන්දේසියට යටත්ව, (2) වන උපවගන් තියේ සඳහන් ගැණුම් මුදල ගෙවීමෙන් ගොවිජන පන්තියට අයත් යම් අවසර පත්‍ර දරන්නකු නිද හස් කරනු ලැබිය හැකි ය. (6) (4) වන උපවගන්තිය යටතේ නිකුත් කරන ලද සෑම ප්‍රදාන පත්‍රයක ම ඒ ඉඩම් කොටසේ අයිතිකරු විසින්- (අ) බෙදන ලද පංගුවක් හෝ ප්‍රමාණයෙන් අතුරු බෙදීමේ ඒකකයට හෝ ප්‍රදාන පත්‍රයෙහි සඳහන් අවම භාගයට හෝ අඩු ඒ ඉඩම් කට්ටියේ නොබෙදූ කොටසක් බැහැර කිරීම; සහ (ආ) දිසාපතිවරයාගේ පූර්ව අනුමතය ඇතිව හැර, ඒ ඉඩම බැහැර කිරීම නොකරන බවට වූ කොන්දේසි ඇතුළත් විය යුතු ය. 20. ආඥාපනත යටතේ රජයේ ඉඩම් අන් සතු කරනු ලැබිය යුතු තැනැත්තන් තෝරා ගැනීම ඉඩම් කච්චේරියක දී කරනු ලැබිය යුතු ය: එසේ වුව ද පහත සඳහන් අවස් ස්ථාවල දී ඉඩම් කච්චේරියක දී හැර අන්‍යාකාරයකින් ඒ තෝරා ගැනීම කරනු ලැබිය හැකි ය. :- (අ) මේ ආඥාපනත යටතේ යම් ඉඩමක් වහාම අන්සතු කිරීම යම් ඉල්ලුම්කරුවකුගේ යහපතට යෝග්‍ය වන බව සහ ප්‍රස් තුත ඉඩම සම්බන්ධයෙන් හානිකර විය හැකි වෙනත් සම්බන්ධතා කිසිවක් නැති බවට ඉඩම් කොමසාරිස් වරයා සෑහීමට පත් වන අවස් ථාවක: එසේ වුවවුව ද ප්‍රමාණයෙන් අක්කර අටක් ඉක්මවන්නා වූ කිසිම ඉඩමක් ඡේදය යටතේ අන්සතු කරනු නොලැබිය යුතුය; සහ (ආ) යම් විශේෂ අවස් ථාවක හෝ අවස්ථා වර්ග යක සම්බන්ධයෙන් එසේ කිරීම් මහ ජන යහපත පිණිස වේ නම්, අමාත්‍ය වරයා විසින් එසේ විධාන කරනු ලබන අවස් ථාවක. 21. ඉඩම් කච්චේරියක් පවත්වනු ලබන බවට නිවේදනය නියමිත ආකෘතියට සාරානුකූල විය යුතු අතර, නියම කරනු ලබන යම් ආකාරයට පළ කරනු ලැබිය යුතු ය. 22. (1) යම් නිවේදනයක් මගින්, පැවැත් වීමට නියම කරන ලද ඉඩම් කච්චේරියක දී අන් සතු කරනු ලැබීමට යෝජිත ඉඩම් සඳහා දිසාපතිවරයා වෙත ඉල්ලුම් පත්‍ර එවනු ලැබිය යුතු දිනයක්, 24 වන වගන්තිය යටතේ නිවේදනයකින් දිසාපති වරයා විසින් නියම කරනු ලැබිය හැකි ය. (2) ඒ නිවේදනයෙහි, දිනයක් එසේ නියම කරනු ලැබ ඇති අවස් ථාවක, ඒ දිනයට පසු ඉඩම් සඳහා ලැබුණු යම් ඉල්ලුම් පත්‍රයක් භාර ගැනීමට හෝ සලකා බැලීමට ඉඩම් කච්චේරියක දී දිසාපති වරයා විසින් තම අභිමතය අනුව ප්‍රතික්ෂේප කරනු ලැබිය හැකිය. (3) එසේ දිනයක් නියම නොකරන ලද අවස්ථා වක, ඉඩම් කච්චේරියේ දී හෝ ඒ ඉඩම් කච්චේරිය පැවැත් වීමට නියම කරන් ලද දිනයට පෙර හෝ ලැබුණු සියලු ඉල්ලුම් පත්‍ර සලකා බැලීමට දිසාපති වරයා බැඳී සිටින්නේ ය: එසේ වුව ද, (1) වන උපවගන්තිය යටතේ දිනයක් එසේ නියම නොකරන ලද අවස්ථාවක, ඉඩම් කච්චේරිය පැවැත්වීමට නියම කරන ලද දිනයට පෙර, දිසාපතිවරයා විසින් ඉල්ලුම් පත්‍ර භාර ගැනීම හෝ ඉල්ලුම් පත්‍ර කැඳවීම නීත්‍යනුකූල වන්නේ ය. 22 අ. ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන තැනැ තකු හැර වෙනත් යම් තැනැත්තකු වෙත කිසිම රජයේ ඉඩමක් අන්සතු කරනු නොලැබිය යුතු ය. මේ වගන්තියෙහි ඉහතින් වූ විධිවිධාන කඩ කරන ලද යම් ඉඩම් අන් සතු කිරීමක් ශුන්‍ය හා බල රහිත වන්නේය. 23. (1) 22 වන වගන්තියෙ සඳහන් කරන ලද ඉල්ලම් පත්‍ර ඉඩම් කච්චේරියක දී දිසාපතිවරය විසින් සලකා බැලීමෙන් පසු- (අ) මේ ආඥාපනතේ විධිවිධානවලට අනුකූලව, නොපමාව නැතහොත් අනාගත දිනයක දී හෝ අනාගත දිනයකට පෙර, රජයේ ඉඩම් අන් සතු කරනු ලැබිය යුතු අයලුම් කරුවන් තෝරා ගැනීම; හෝ (ආ) යම් ඉල්ලුම් පත්‍රයකට අදාළ මේ ආඥාපනතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරිනු ලැබූ අවස් ථාවක, ඒ ඉල් ලුම් පත්‍රය ප්‍රතික ෂේප කිරීම කරනු ලැබිය හැකිය. (2) (1) වන උපවගන්තිය යටතේ යම් තෝරා ගැනීමක් කිරීමේ දී, ඉඩම් කච්චේරියේ දී අන් සතු කිරීමට යෝජිත ඉඩම අසල පදිංචි තැනැත්තන් ගෙන් ලැබුණු ඉල්ලුම් පත්‍ර පිළිබඳව, දිසාපතිවරයා විසින් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. (3) (1) වන උපවගන්තිය යටතේ දිසාපතිවරයා විසින් කරන ලද යම් තීරණයකට විරුද්ධව නියමිත ආකාරයෙන් කරන අභියාචනයක්, ඉඩම් කොම සාරිස් වරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. 23අ. ඉඩම් කච්චේරියක දී හෝ අන්‍යාකාරයකින් හෝ දිසාපතිවරයකු විසින් කරන ලද තීරණයක හේ තුවෙන් ඉඩම අන්සතු කිරීම සඳහා තමා තෝරා ගත් බව තැනැත්තකු වෙත දැනුම් දෙනු ලැබූ හෝ යම් ඉඩමක අවසර පත්‍ර දරන්නකු වශයෙන් තැනැත් තකු පදිංචිව සිටින හෝ අවස් ථාවක, ඉඩම් කොමසාරිස් වරයාගේ මතය අනුව, තෝරා ගැනීම මේ ආඥාපනතේ විධි විධාන වලට අනුකූලව කරනු නොලැබ ඇති නම්, ඒ තෝරා ගැනීම දැනුම් දෙනු ලැබූ දිනයෙන් හෝ ඒ තැනැත්තා ඒ ඉඩමේ පදිංචියට පැමිණි දිනයෙන් හෝ පසු එක් වර්ෂ යක් ඇතුළත, ඉඩම් කොමසාරිස් වරයා විසින්, දිස පතිවරයාගේ තිරණය, ප්‍රතිශෝධනය කිරීම මගින් වෙනස් කරනු ලැබිය හැකි ය. 24. (1) රජයේ ඉඩම් අවසර පත්‍රයක් හෝ ප්‍රදාන යක් ලැබීමට තැනැත්තකු තෝරා ගනු ලබන දිනය, ඒ අවසරපත්‍රය හෝ ප්‍රදානය ලැබීමට ඒ තැනැත්තා යථා පරිදි සුදුසුකම් ලබා තිබේ ද නැද්ද යන්න නිශ් චය කිරීමේ කාර්යය සඳහා වැදගත් දිනය විය යුතු ය. (2) අවසර පත්‍රයක් මත, තැනැත්තකු වෙත අන් සතු කරන ලද ඉඩම්, පසුව ඒ තැනැත්තා වෙතම ප්‍රදානයක් මත අන් සතු කරන ලද අවස් ථාවක, අවසර පත්‍රයක් මත ඒ ඉඩම ලැබීම සඳහා දිසාපති වරයා විසින් ඒ තැනැත්තා තෝරා ගන්නා ලද දිනය, ඒ තැනැත්තා, ඒ ඉඩම ප්‍රදානයක් මත ලබා ගැනීමට යථා පරිදි සුදුසුකම් ලබා තිබේ ද නැද්ද යන්න නිශ්චය කිරීමේ කාර්යය සඳහා වැදගත් දිනය විය යුතුය. '' 4. ප්‍රධාන ප්‍රඥප් තියේ 38 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලැබේ. 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 41 වන, 49 වන, 68 වන, 72 වන, 105 වන සහ 172 වන වගන්තිවල " 19 අ වගන්තියේ (3) වන උපවගන්ති යෙහි විධිවිධාන ප්‍රකාර වාර්ෂික මුදලක් ගෙවීමෙන් " යන යෙදුම වෙනුවට, " 19 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාර වාර්ෂික වාරිකයක් ගෙවීමෙන් '' යන යෙදුම ආදේශ කිරීමෙන්, ඒ වගන්ති, මෙයින් සංශෝධනය කරනු ලැබේ. 6. ප්‍රධාන ප්‍රඥප්තියේ 43 වන වගන්තියෙහි (ආ) ඡේදය වෙනු ප්‍රධාන වට, පහත දැක්වෙන අලුත් ඡෙදය ආදේශ කිරීමෙන්, ඒ වගන් තිය, මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (ආ) ඒ ඉඩම් කොටස රාජ්‍ය උකස් හ අයෝජන බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව, ලංකා සංවර්ධන මුදල් සංස් ථාව, ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුව, ජාතික නිවාස සංවර් ධන අධිකාරිය, ජාතික නිවාස කොමසාරිස් වරයා, ලියාපදිංචි කරනු ලැබූ යම් සංගමයක් හෝ වෙනත් නිශ්චිත ආයතන යක් නොවන යම් තැනැත්තකු වෙත උකස් කරනු නොලැ බිය යුතුය.''. 7. ප්‍රධාන ප්‍රඥප්තියේ 48 අ වගන්තියේ (1) වන උපවගන්තිය වෙනුවට, පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) 19 වන වගන්තියේ (2) වන උප වගන් තියේ විධිවිධාන ප්‍රකාර යම් වාර්ෂික වාරික ගෙවීමට නියමිතව සිටි අවසර පත්‍ර දරන්නකු මියගිය විටක ඒ වාරික ගෙවීම පැහැර හැරීම කෙසේ වුව ද, ඒ අවසර පත්‍ර දරන්නා විසින්, තම අනුප්‍රාප්තිකයා වශයෙන් නම් කරනු ලැබ තිබුණ ද, නොතිබුණ ද, අවසර පත්‍රය මත ඒ අවසර පත්‍ර දරන්නා වෙත අන් සතු කර දෙන ලද ඉඩමට අනුප්‍රාප්ත වීමට ඔහුගේ හෝ ඇයගේ කලත්‍රයාට හිමිකම් තිබිය යුතු අතර, ඒ අවසරපත්‍රයේ නියම හා කොන්දේසි ඒ කලත්‍රයාට අදාළ විය යුතුය. '' 8. ප්‍රධාන ප්‍රඥප්තියේ 84 වන සහ 85 වන වගන්තිවල, 194 වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ කුලී ගෙවීමෙන් " යන යෙදුම වෙනුවට, '' 19 වන වගන්තිය යටතේ වාර්ෂික වාරික ගෙවීමෙන් '' යන යෙදුම ආදේශ කිරීමෙන්, ඒ වගන්ති, මෙයින් සංශෝධනය කරනු ලැබේ. 9. ප්‍රධාන ප්‍රඥප්තියේ 112 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය, ඒ ප්‍රඥප්තියේ 112අ වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය:- 112අ. (4) 109 වන වගන්තියේ (1) වන උප වගන්තිය යටතේ හෝ 110 වන වගන්තියේ (4) වන උපවගන්තිය යටතේ අවසර පත්‍රයක් අවලංගු කරනු ලබන අවස්ථාවක, ඒ අවසර පත්‍රය මත දැනටමත් ගෙවා ඇති වාරික, දිසාපතිවරයා විසින්, අවසර පත්‍ර දරන්නා වෙත ආපසු ගෙවනු ලැබිය යුතු ය. (2) දිසාපතිවරයා විසින්, ඒ අවසර පත්‍රය යටතේ ඉඩමෙහි පදිංචිව සිටි කාලය සඳහා නියම කරනු ලැබිය හැකි අනුප්‍රමාණය අනුව ගණන් බලනු ලබන මුදල් ප්‍රමාණයක්, වාරික වශයෙන් ගෙවන ලද ඒ මුදල් ප්‍රමාණයෙන් අඩු කරනු ලැබිය යුතුය.". 10. ප්‍රධාන ප්‍රඥප්තියේ 156 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (අ) ඒ වගන්තියේ (ඔ) ජේදය වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :- (ඔ) 19 වන වගන්තිය යටතේ වාර්ෂික වාරිකය ගෙවූද, තමාගේ අවසර පත්‍රය අවලංගු කරනු ලැබූ ද අවසර පත්‍ර දරන්නකු විසින් ගෙවන ලද වාර්ෂික වාරිකය ආපසු ගෙවීම; "; සහ (ආ) ඒ වගන්තියේ (ඔ) ඡේදයට ඉක්බිති පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :- " (ඔඔ) 19 වන වගන්තියේ ( 5 ) වන උපවගන්තිය යටතේ යම් තැනැත්තකු වෙත අන් සතු කර දෙන ලද යම් ඉඩමක් වැඩි දියුණු කිරීමේ වියදම ආපසු අය කර ගත යුතු ආකාරය ; සහ ". 11. ප්‍රධාන ප්‍රඥප්තියේ 159 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්ති මෙයින් ඇතුළත් කරනු ලබන අතර, ඒ වගන්ති, ඒ ප්‍රඥප්තියේ 159 අ වගන්තිය සහ 159 ආ වගන් තිය වශයෙන් බලපැවැත්විය යුතු ය:- 450අ. (1) මේ ආඥාපනත යටතේ යම් ඉඩමක් අන් සතු කර දෙනු ලැබූ සෑම තැනැත්තකුට ම එකී ඉඩම එසේ නියම කරනු ලැබිය හැකි වූ කාලයක් ඇතුළත දී මිළයට ගැනීමේ සහ 19 වන වගන්තියේ (4) වන උපවගන්තිය යටතේ එම ඉඩම ප්‍රදානයක් ලෙස ලබා ගැනීමේ අයිතිය තිබිය යුතුය. (2) එවැනි තැනැත්තකු විසින් ගෙවනු ලැබිය යුතු වූ මුදල් ප්‍රමාණය, ඉඩමේ අගය සැලකිල්ලට ගෙන, ඉඩම් කොමසාරිස් වරයා විසින් තීරණය කරනු ලැබිය යුතු ය. 159 ආ. 1942 අංක 61 දරන ඉඩම් නිදහස් කිරීමේ ආඥාපනතේ විධිවිධාන යටතේ අත් කරනු ලැබ, මේ පනත යටතේ නිකුත් කරනු ලැබූ අවසර පත්‍රයක හෝ ප්‍රදානයක් මත ඉඩම් දරනු ලැබූ අවස් ථාවක, 159 වන වගන්තිය යටතේ ඒ ඉඩම් අන්සතු කර දීමේ ප්‍රදානයක් නිකුත් කිරීම සම් බන්ධයෙන් පහත සඳහන් විධිවිධාන අදාළ විය යුතු ය:- (අ) ප්‍රදානය නියමිත ආකෘති පත්‍රයෙහි විය යුතුය ; (ආ ) මේ ආඥාපනතේ VII වන පරිච්ඡේදය එවැනි ප්‍රදානයක් මත දරනු ලබන ඉඩම කට අදාළ නොවිය යුතු ය; තවද (ඇ) ප්‍රදානය, රජයේ ඉඩම් ආඥාපතේ 2 වන වගන්තිය යටතේ නියත වශයෙන් කරන ලද ප්‍රදානයක් ලෙස බලපැවැත් විය. යුතු අතර, එම ආඥාපනතේ විධිවිධාන, ඒ ප්‍රදානය යටතේ ඉඩම් ලාභියාගේ අයිති වාසීකම්, හිමිකම් සහ සම්බන්ධතාවන් කෙරෙහි අදාළ විය යුතු ය.". 12. ප්‍රධාන ප්‍රඥප්තියේ 166 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට, පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :- 166. මේ ආඥාපනත යටතේ යම් රජයේ නීල ධරයකු විසින් සද්භාවයෙන් කරන ලද හෝ කිරීම පැහැර හරින ලද කිසිම ක්‍රියාවක් සම්බන් ධයෙන් ඔහුට විරුද්ධව කිසිම නඩුවක් පවරනු නොලැබිය යුතුය''. 13. ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 43 දරන රජයේ ඉඩම් විකිණීමේ (විශේෂ විධිවිධාන) පනත මෙයින් ඉවත් කරනු ලැබේ. 14. (1) ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 43 දරන රජයේ ඉඩම් විකිණීමේ (විශේෂ විධිවිධාන) පනත ඉවත් කර ඇතද, යම් තැනැත් තකු ඒ පනත යටතේ අවසරපත්‍ර දරන්නෙකු වන අවස් ථාවක දී සහ ඒ අවසර පත්‍රය, ඒ පනතේ 27 වන වගන්තිය යටතේ අවලංගු කර නොමැති අවස් ථාවක දී, එසේ අන්සතු කරදෙන ලද ඉඩමේ සන්තකය ඔහු විසින් දරන්නා වූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ඔහු, ප්‍රධාන ප්‍රඥප්තියේ විධිවිධාන යටතේ අවසර පත්‍ර දරන්නෙකු ලෙස සලකනු ලැබිය යුතු ය. ( 2 ) ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 43 දරන රජයේ ඉඩම් විකිණීමේ (විශේෂ විධිවිධාන) පනත ඉවත් කර ඇත ද, යම් තැනැත් තකු ඒ පනත යටතේ ප්‍රදානයක් දරන්නෙකු වන අවස්ථාවක, ඔහු, එසේ අන් සතු කර දෙන ලද ඉඩමේ සන්තකය දරන්නා ලෙස සල කනු ලැබිය යුතු අතර, ඔහු, ප්‍රධාන ප්‍රඥප්තියේ විධිවිධාන යටතේ ප්‍රදානයක් දරන්නෙකු ලෙස සලකනු ලැබිය යුතු ය.
28
acts_1981-05-07_Agrarian_Research_and_Training_Institute_Amendment_si
act
1981
6
1
0.987483
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 29 දරන ගොවිජන පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතන (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 මැයි මස 7 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 මැයි මස 08 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 29 දරන ගොවිජන පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතන (සංශෝධන) පනත 1972 අංක 5 දරන ගොවිජන පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතන පනත සංශෝධනය කිරිම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ: 1. පත 1981 අංක 29 දරන ගොවිජන පර්යෙ ෂණ හා පුහුණු කිරීමේ ආයතන (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය " යනුවෙන් සඳහන් කරනු ලබන) 1972 අංක 5 දරන ගොවිජන පරියේ ෂණ හා පුහුණු කිරීමේ ආයතන පනතේ 6 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කොට, ඒ වෙනු වට පහත දැක් වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් (1) ආයතනයට පහත සඳහන් තැනැත්තන්ගෙන් සමන්විත වන, (මෙහි මින්මතු " මණ්ඩලය '' යනුවෙන් සඳහන් කරනු ලබන) පාලක මණ්ඩලයක් තිබිය යුතුය. (අ) කෘෂිකර්ම විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ යේ ලේකම්වරයා ; ඔහු පාලක මණ්ඩලයේ සභාපති වරයා විය යුතුය; (ආ) අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන පහත සඳහන් සාමාජිකයන්, එනම් :- (i) කෘෂිකර්ම විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ නියෝජිතයකු; (ii) ඉඩම් විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ යේ නියෝජිතයකු; (iii) ඉඩම් සංවර්ධන විෂයය භාර අමාත්‍යවරයාගෙ අමාත්‍යාංශයේ නියෝජිතයකු; (iv) ජාතික ක්‍රම සම්පාදන විෂයය භාර අමාත්‍යවර යාගේ අමාත්‍යාංශයේ නියෝජිතයකු; (v) ප්‍රාදේශීය සංවර්ධන විෂයය භාර අමාත්‍යවර යාගේ අමාත්‍යාංශයේ නියෝජිතයකු; (vi) ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන විෂයය හා අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ නියෝජිතයකු; (vii) වැවිලි කර්මාන්ත විෂයය භාර අමාත්‍යවර යාගේ අමාත්‍යාංශයේ නියෝජිතයකු; (viii) අධ්‍යාපන විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ නියෝජිතයකු; (ix ) මහවැලි සංවර්ධන විෂයය භාර අමාත්‍යවර යාගේ අමාත්‍යාංශයේ නියෝජිතයකු; (x) අභ්‍යන්තර වෙළෙඳාම් විෂයය භාර අමාත්‍යවර යාගේ අමාත්‍යාංශයේ නියෝජිතයකු; (xi) ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජිතයකු; සහ (xii) උසස් අධ්‍යාපන විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ නියෝජිතයකු : එසේ වුව ද මේ ඡේදයේ (i) සිට (x) දක්වා වූ මි. 11 අනුඡේද වල සඳහන් විෂයයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් එක් අමාත්‍යවරයකුට පවරන ලද හෝ එක් අමාත්‍යවරයකු භාරයේ පවත්නා අවස්ථා වක, ඒ විෂයයන් පිළිබඳ අමාත්‍යවරයා විසින් එක් නියෝජිතයකු පමණක් නම් කළ යුතු ය; තවද (ඈ) පහත සඳහන් වන නිල බලයෙන් සාමාජිකයන් :- (i) ආයතනයේ අධ්‍යක් ෂවරයා; (ii) කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා හෝ ඔහුගේ නාමිකියා; (iii) ඉඩම් කොමසාරිස්වරයා හෝ ඔහුගේ නාමිකයා; (iv) ගොවිජන සේවා කොමසාරිස් වරය, මහෝ ඔහුගේ නාමිකයා; (v) වාරිමාර්ග අධ්‍යක් ෂවරයා හෝ ඔහුගේ නාමිකයාකයා; (vi) සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා හෝ ඔහුගේ නාමිකයා (vii) ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂවරයා හෝ ඔහුගේ (vii) ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දේ ශීය නියෝජිතයා හෝ ඔහුගේ නාමිකයා'; සහ (2) ඒ වගන්තියේ ( 4 ) වන උපවගන්තිය ඉවත් කිරීමෙන්. 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 7 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු බේ:- 7. 6 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ පත් කරන ලද යම් සාමාජික යකුගේ මරණය, ඔහු ඉල්ලා අස්වීම හෝ ඉවත් කරනු ලැබීම නිසා ඔහු කලින් ධුරය අත් හළහොත නම් හැර, අවුරුදු තුනක කාලයක් ඔහු ධුරය දැරිය යුතු ය. " 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :- 12. රැස් වීම්වලට සහභාගි වීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව, ආයතනය විසින් තීරණය කරනු ලබන පාරිශ්‍රමිකයක් ආයතනයේ සාමාජිකයන්ට ගෙවනු ලැබිය යුතු ය. ආයතනයේ රැස් වීම්වලට සහභාගි වීමේ කාර්යය සඳහා හෝ ආයතනය විසින් අනුමත කරනු ලබන සහ ආයත නයේ කටයුතු වලට සම්බන්ධ වෙනත් කාර්ය සඳහා හෝ සාමාජිකයන් විසින් දරනු ලබන යම් ගමන් වියදම්, හෝටල් වියදම් සහ වෙනත් අනියම් විය දම් ද ආයතනය විසින් ඔවුනට ආපසු ගෙවිය යුතු 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 16 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ.:- 16. (1) අමාත්‍යවරයා විසින් 6 වන වගන්තියේ (4) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ පත් කරන ලද සාමාජිකයන් අතුරෙන් උපසභාපති වරයකු සභාපතිවරයා විමසා, අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය හැකි ය. (2) සභාපතිවරයා විසින් හෝ ඔහු නොමැති විටක දී, උපසභාපතිවරයා විසින් මණ්ඩලයේ රැස්වීම්වල දී මූලාසනය දැරිය යුතු අතර, සභාපතිවරය සහ උපසභාපතිවරයා දෙදෙනාම මණ්ඩලයේ යම් රැස්වීමකට පැමිණ නොමැති විටක පැමිණ සිටින සාමාජිකයන් විසින් තමන් අතුරෙන් කෙනෙකු ඒ රැස්වීමේ මූලාසනය දැරිම් සඳහා තෝරා පත් කර ගත යුතුය. (3) මණ්ඩලයේ රැස්වීමක දී තීරණය කිරීමට තිබෙන යම් කරුණක් හෝ දෙයක් සම්බන්ධයෙන් ඡන්ද සමතාවක් ඇති වූ අවස් ථාවක, ඒ රැස්වීමේ සභාපතිවරයාට, තම ඡන්දයට අතිරේකව, දෙවන හෝ තීරක ඡන්දයක් තිබිය යුතු ය. ". 6. ප්‍රධාන ප්‍රඥප්තියේ 17 වන වගන්තියෙහි ( 3 ) වන උප වගන්තියට ඉක් බිතිවම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතු ළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- 4 (3අ ) විනය හේතූන් නොවන හේතූන් මත (3) වන උප වගන්තිය යටතේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කරනු ලැබූ යම් තැනැත්තකු, 19 වන වගන්තියේ (3) වන උපවගන්තිය යටතේ කවර අවස්ථාවක වුව ද ආයතනයේ කාර්ය මණ්ඩලයට ස්ථිර වශයෙන් පත් කරන ලද තැනැත්තකු වන විටක - (අ) රැකියාව අහිමිවීම වෙනුවෙන් වන්දි වශයෙන් මාස හයක වැටුප් ඔහුට ගෙවිය යුතු ය ; තවද (ආ) ඔහු ආයතනයේ කාර්ය මණ්ඩලයට ස්ථිර වශයෙන් පත් කරනු ලැබූ අවස්ථාවේ දී, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථාව යටතේ ප්‍රදානයකට ඔහු සුදුසුකම් ලැබ සිටියේ නම්, එවිට ඒ ප්‍රදානයේ කාර්යය සඳහා, ආයතනයේ කාර්ය මණ් ඩලයෙහි ඔහුගේ සේවා නියුක් තිය, ඔහු විසින් දරන ලද අධ්‍යක්ෂ තනතුර අහෝසි කිරීමේ හේතුව මත අවසන් කරන ලද ලෙස සලකනු ලැබිය යුතු ය.'".
29
acts_1981-05-15_National_Archives_Amendment_si
act
1981
7
1
0.985952
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 30 දරන ජාතික ලේඛනාරක්‍ෂක (සංශෝධන) පනත [ සහතිකය සටහන් කළේ 1981 මැයි මස 15 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1984 මැයි මස 21 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 30 දරන ජාතික ලේඛනාරක (සංශෝධන ) පනත ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන් ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 30 දරන ජාතික ලේඛනාරක්ෂක ලුහුඬු නාමය. (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. ( මෙහි මින් මතු ' ප්‍රධාන ප්‍රඥප්තිය " යනුවෙන් සඳහන් කරනු ලබන) ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක පනතේ 6 වන වගන්තියේ ( 5 ) වන උපවගන්ති යෙහි '' එක් එක් තුන් මස් කාල සීමාව තුළ යටත් පිරිසෙයින් " වචන වෙනුවට " සෑම ලිත් වර්ෂයක් තුළ ම යටත් පිරිසෙයින් '' යන වචන ආදේශ කිරීමෙන් එ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 9 වන වගන්තියේ (2) වන උපවගන්ති යෙහි (ඈ ) ඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (ඈ) නිර්මාපණය කරනු ලැබූ දින සිට අවුරුදු විසි පහකට නොඅඩු කාලයක් ගත වී ඇති ලේඛනයක් වන්නා වූ ද ස්ථිර ලෙස ආරක්ෂා කිරීම සඳහා ජාතික ලේඛනාගාරය වෙත පැවරිය යුතු බවට අධ්‍යක්ෂවරයා විසින් නියම කරනු ලබන්නා වූද යම් ලේඛනයක් ජාතික ලේඛනාගාරයට පැවරීම; 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 9 වන වගන්තියට ඉක් බිතිව ම, පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ඒ ප්‍රඥප්තියෙහි 9 අ වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය:- 9 අ. මේ පනතේ වෙනත් යම් විධිවිධානයක කුමක් සඳහන්ව ඇත ද - (අ) ශ්‍රී ලංකාවේ ජනරජයේ ජනාධිපතිවරයකුගේ ධුර කාලය ඉකුත් වූ විට, ජනාධිපති කාර්යා ලයේ ඇති සියලු පොදු ලේඛන සහ වෙනත් මුද්‍රිත දේ ජාතික ලේඛනාගාරයට පැවරීම ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති වරයාගේ ලේකම්වරයාට අයත් කාර්යය විය යුතු ය. (ආ) අධ්‍යක්ෂවරයාගේ කාර්යය විය යුත්තේ - (i) පහත සඳහන් දේ ජනාධිපති ලේඛනාගාර අංශයේ 'තැන්පත් කිරීම ය:- (අ) (අ) ඡේදය යටතේ ජාතික ලේඛනාගාරයට පවරනු ලබන සියලු පොදු ලේඛන හා මුද්‍රිත දේ; සහ (ආ) ත්‍යාගයක් වශයෙන් හෝ අන්‍යාකාරයකින් ජාතික ලේඛනාගාරයට ලැබෙන් නා වූ ද ජනාධිපතිවරයකු ගෙ හෝ හිටපු ජනාධිපතිවරයකුගේ නිල කාර්යවල හෝ පෞද්ගලික ජීවිතයේ හෝ වැදගත් සිද්ධියකට අදාළ වූ සියලු ලියකිය විලි සහ ලේඛන, ප්‍රවෘත්ති ඛණ්ඩ, කාන්දම් පටි, තැටි, ඡායා රූප හෝ වෙනත් දේ; සහ (ii ) (i) වන අනුඡේදයේ සඳහන් පොදු ලේඛන, මුද්‍රිත දේ, ලේඛන සහ ද්‍රව්‍ය උපයෝගි කරගෙන ආශ්‍රය සේවාවක් පිහිටු වීම; සහ (iii) (i) වන අනුඡේදයේ සඳහන් එවැනි යම් පොදු ලේඛන, මුද්‍රිත දේ. ලේඛන සහ ද්‍රව්‍ය පදනම් කරගෙන වාර්තා සපයන ලෙස ජනාධිපති වරයා විසින් නියම කරනු ලැබූ විට, ඒ වාර්තා ජනාධිපතිවරයා වෙත සැපයීම. " 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) ඓතිහාසික, සංස්කෘතික, සාහිත්‍යයික, ආර්ථික හෝ විද්‍යාත්මක වටිනාකමක් ඇති හෝ වෙනත් අයුරකින් ජාතික වැදගත්කමකින් යුත් අවුරුදු පනහකට වඩා පැරණි යම් අත් පිටපතක් හෝ ලේඛනයක්, යම් පුද්ගලයකු සන්තකයෙහි හෝ යම් ආයතනයක සන්තකයෙහි තිබෙන අවස් ථාවක, ඒ පුද්ගලයා විසින් හෝ ඒ ආයතනයේ ප්‍රධාන විධායක නිලධරයා විසින්, එකී ලේඛනය හෝ අත් පිටපත පවතින බව අධ්‍යක්ෂවරයාට දැනුම් දිය යුතු අතර ඒ ලේඛනයේ හෝ අත් පිටපතේ අයිතිය හෝ සන්තකය වෙනස් වුවහොත් ඒවායේ අලුත් අයිතිකරුග් හෝ සන්තකය දරන්නාගේ නම සහ ලිපිනය, ද වෙනස් වීමෙන් මාස තුනක කාල සීමාවක් ඇතුළත, එකී පුද්ගලයා විසින් හෝ විධායක නිලධරයා විසින් අධ්‍යක්ෂවරයාට දැනුම් දිය යුතුය. 6. ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තියේ (4) වන උපවගන්ති යෙහි (අ) ඡේදය වෙනුවට, පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (අ) මුද්‍රිත වුව ද නොවුව ද, මහජනයාට විකිණීමට හෝ බෙදා දීමට අදහස් කරන ලද්දක් වුව ද නොවුව ද, රහස්‍ය ලෙස සංසරණය විය යුතු බවට අදහස් කරන ලද්දක් වුවද නොවුව ද හෝ නිලධරයන් අතර පමණක් සංසරණය වීමට අදහස් කරන ලද්දක් වුව ද නොවුව ද, යම් රජයේ කාර්යාලයකින් නිකුත් කරනු ලබන සෑම වාර්තාවක ම, සෑම ගිණුම් ප්‍රකාශනයකම සහ අන් සෑම ප්‍රකාශනයක ම පිටපතක්, එය නිකුත් කරන ලද දින සිට, දින තිහක ඇතුළත අධ්‍යක් ක්ෂවරයා වෙත යැවීමට ඒ කාර්යාලයේ වගකිව යුතු නිලධරයාගේ ද, ''. 7. ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තිය පහත දැක්වෙන ආකාරයට මෙයින් සංශෝධනය කරනු ලැබේ (1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියෙහි "සාහිත්‍යයික වටිනාකමක් ඇති '' යන වචන වෙනුවට " සාහිත්‍යයික හෝ ආර්ථික හෝ විද්‍යාතත්මක වටිනාකමක් ඇති හෝ අන්‍යාකාරයක ජාතික වැදගත්කමකින් යුත් " යන වචන ආදේශ කිරීමෙන්; සහ (2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියෙහි '' සංස්කෘතික හෝ සාහිත්‍යයික වටිනා කමකින් යුක්ත '' යන වචන වෙනුවට ''සංස්කෘතික, සාහිත්‍යයික, ආර්ථික හෝ විද්‍යාත්මක වටිනාකමකින් හෝ අන්‍යාකාරයක ජාතික වැදගත් කමකින් යුත් " යන වචන ආදේශ කිරීමෙන්. 8. ප්‍රධාන ප්‍රඥප්තියේ 16 වන වගන්තිය පහත දැක්වෙන ප්‍රධාන ආකාරයට සංශෝධනය කරනු ලැබේ :- (4) ඒ වගන්තියේ (1) වන උපවගන්තියෙහි (උ) ඡේදයේ " සාහිත්‍යයික වටිනාකමක් ඇති '' යන වචන වෙනුවට සාහිත්‍යයික හෝ ආර්ථික හෝ විද්‍යාත්මක වටිනාකමක් ඇති නැතහොත් අන්‍යාකාරයක ජාතික වැදගත්කමකින් යුත් '' යන වචන ආදේශ කිරීමෙන් (2) ඒ වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන් :- (2) අමාත්‍ය වරයා විසින් සාදනු ලබන සෑම නියෝග යක් ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු අතර, එසේ පළ කරන ලද දිනයෙහි හෝ ඒ නියෝගයෙහි සඳහන් කරනු ලබන යම් පසු දිනයක හෝ එය ක්‍රියාතමක විය යුතු ය.'' : සහ ( 3 ) එහි ( 2 ) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්ති ඇතුළත් කිරීමෙන් :- (3) අමාත්‍ය වරයා විසින් සාදන ලද සෑම නියෝගයක් ම, එය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබීමෙන් පසු හැකි පහසු ඉක්මණින් අනුමතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුය. එසේ අනුමත නොකරනු ලැබූ යම් නියෝග යක්, එහි අනනුමතයේ දින සිට, එහෙත් එය යටතේ කලින් කරන ලද කිසිවකට ඉන් හානියක් නොමැතිව පරිච්ඡින්න වූ ලෙස සලකනු ලැබිය යුතුය. (4) අමාත්‍යවරයා විසින් සාදන ලැබූ යම් නියෝගයක් යම් දිනයක සිට පරිච්ඡින්න කරන ලද ලෙස සැලකෙන්නේ ද ඒ දිනය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු ය. ''. 9. ප්‍රධාන ප්‍රඥප්තියේ 17 වන වගන්තියෙහි (1) වන උප වගන්තිය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උප වගන්තිය ආදේශ කිරීමෙන් එ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) ජාතික ලේඛනාගාරයේ තැනපත් කර ඇති යම් ලේඛනයක්, අත් පිටපතක් හෝ ලියවිල්ලක් දැන දැනම විරූපි කරන, ඒ මත යමක ලකුණු කරන, එය විච්ඡේදනය කරන හෝ එයට අලාභහානි කරන හෝ බලයක් නොමැතිව එවැනි යම් ලේඛනයක්, අත් පිටපතක් හෝ ලියවිල්ලක් ඉවත් කරන හෝ මේ පනතේ හෝ මේ පනත යටතේ සාදන ලද යම් නියෝගයක විධිවිධාන අනුව නොවන වෙන යම් ආකාරයකින් යම්. පොදු ලේඛනයක් විනාශ කරන හෝ මේ පනතේ යම් විධිවිධානයක් හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝගයක විධිවිධානයක කඩ කරන යම් තැනැත්තකු, වරද කරු කරනු ලැබූ විට, බරපතල වැඩ ඇතිව තෙමසකට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ රුපියල් දහසකට නොවැඩි දඩයකට හෝ එ බන්ධනාගාරගත කරනු ලැබීම සහ දඩය යන දඬුවම් දෙකටම හෝ යටත් විය යුතු ය. '' 10. ප්‍රධාන ප්‍රඥප්තියේ 24 වන වගන්තියෙහි (4) වන, (2) වන සහ ( 3 ) වන උපවගන්තිවල සහකාර අධ්‍යක්ෂවරයෙක යන වචන යෙදෙන සෑම තැනක ම ඒ වෙනුවට '' යම් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ” යන වචන ආදේශ කිරීමෙන් එ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 11. ප්‍රධාන ප්‍රඥප්තියේ 24 වන වගන්තිය පහත දැක්වෙන ප්‍රධාන ආකාරයට මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) “ අධ්‍යක්ෂවරයා '' යන්නෙහි අර්ථ කථනය වෙනුවට පහත සංශෝධනය දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන් :- '' අධ්‍යක්ෂවරයා '' යන්නෙන් ජාතික ලේඛනාගාරයේ අධ්‍යක්ෂවරයා අදහස් වන අතර, ජාතික ලේඛනාගාරයේ යම් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ද ඊට ඇතුළත් වේ; (2) ජාතික ලේඛනාගාරය " යන්නෙහි අර්ථ කථනයට ඉක්බිතිවම පහත දැක්වෙන අර්ථ කථනය ඇතුළත් කිරීමෙන් :- " ජනාධිපති ලේඛනාගාර අංශය යන්නෙන්, 9 අ වගන්තියෙහි සඳහන් ජාතික ලේඛනාගාරයේ ශාඛා කාර්යාලයක් සහ සුරක්ෂිතාගාරයක් අදහස් වේ;
30
acts_1981-05-15_Surcharge_on_Income_Tax_si
act
1981
4
1
0.982646
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 31 දරන ආදායම් බද්ද සම්බන්ධයෙන් අධිභාරය පනත [සහතිකය සටහන් කළේ 1981 මැයි මස 15 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1881 මැයි මස 21 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 21981 අංක 31 දරන ආදායම් බද්ද සම්බන්ධයෙන් අධිහාරය පනත 1980 අප්‍රේල් මස 01 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු නියම කරනු ලැබිය යුතු සෑම තැනැත්තකු සම්බන්ධයෙන්ම, ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ තැනැත්තා ගෙවිය යුතු ආදායම් බද්ද අනුසාරයෙන් අධිභාරයක් පැනවීම පිණිස ද ඊට සම්බන්ධ හා ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස් වීම පිණිස ද වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 31 දරන ආදායම් බද්ද සම්බන්ධ ලුහුඬු නාමය. යෙන් අධිභාරය පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මේ පනතෙහි අදාළ වර්ෂය '' යනුවෙන් සඳහන් කරනු ලබන 1980 අප්‍රේල් මස 01 වන දිනයෙන් ආරම්භ වන තකසේරු වර්ෂය සඳහා ආදායම් බදු නියම කරනු ලැබිය යුතු සෑම තැනැත් තකුම, වෙනත් යම් ලිඛිත නීතියක හෝ යම් සම්මුතියක, ප්‍රදානයක නැතහොත් ගිවිසුමක කුමක් සඳහන්ව ඇත ද, අදාළ වර්ෂය සඳහා ඔහු විසින් ගෙවිය යුතු මුළු ආදායම් බදු ප්‍රමාණයෙන් . සියයට දහයකට සමාන අධිහාරයක් ගෙවීමට යටත් විය යුතු ය. මේ වගන්තියේ කාර්ය සඳහා " ආදායම් බද්ද " යන්නට- (අ) වාසික සමාගමක් සම්බන්ධයෙන් වූ විට, දේශීය ආදායම් පනතේ 33 වන වගන්තියේ ( 1 අ ) උප වගන්තියේ (ආ) (ii) වන ඡේදය යටතේ ඒ සමාගම විසින් ගෙවිය යුතු ආදායම් බද්ද; (ආ) නිර්වාසික සමාගමක සම්බන්ධයෙන් වූ විට, දේශීය ආදායම් පනත්තේ 34 වන වගන්තිය යටතේ ඒ සමාගම විසින් ගෙවිය යුතු ආදායම් බ ද අතුරින් ඒ වගන්තිය යටතේ සියයට තිස් තුනයි තුනෙන් එකක හෝ සියයට එකොළහයි නමයෙන් එකක අනුප්‍රමාණය මත ආගණනය කරනු ලබන ඒ කොටස ඇතුළත් නොවිය යුතුය. 3. 2 වන වගන්තිය යටතේ අධිභාරයක් ගෙවීමට යටත් සෑම තැනැත්තකු විසින් ම, ඒ අධිභාරයේ මුදලින් සියයට පනහකට සමාන හෝ ඊට වැඩි මුදලක් 1981 මැයි මස පහළොස් වන දින හෝ එදිනට පෙර ද එවැනි යම් අධිභාරයක ශේෂයක් වෙතොත් ඒ ශේෂය 1981 නොවැම්බර් මස තිස්වන දින හෝ එදිනට පෙර ද කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවිය යුතු ය. 4. 1980 අප්‍රේල් මස 01 වන දිනයෙන් ආරමිභ වන තක්සේරු වර්ෂය සඳහා, දේශීය ආදායම් පනතේ XV වන පරිච්ඡේදයේ විධිවිධාන යටතේ තමාගේ සේවා නියුක්තියෙහි ඇති යම් තැනැත් තකුගේ පරිශ්‍රමිකයෙන් ආදායම් බදු අඩු කරගනු ලැබිය යුතු සෑම සේ වායෝජකයකු විසින් ම, ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ සේවා නියුක්තයාගෙන් අඩු කර ගනු ලැබිය යුතු මුළු ආදායම් බදද්දෙන් සියයට දහයකට සමාන මුදලක් 1981 අප්‍රේල් මාසය්‍යෙ ආරම්භ වන සමාන මාසික වාරික අටකින් අඩු කර ගනු ලැබිය යුතු ය. 5. සේවා නියුක්තයන්ගෙ කරගනු ලබන අඩු කිරීම්, තක්සේරු, ආදායම් බද්ද පිළිබඳ තක්සේරුවට විරුද්ධ අභියාවනා, ආදායම් බදු ගෙවීම සහ අය කර ගැනීම යන මේවාට ආදාළ දේශීය ආදායම් පනතේ XV වන, XVII වන, XVIII වන, XIX වන, XX වන සහ XXI වන පරිච්ඡේදවල විධිවිධාන, 2 වන වගන්තිය යටතේතේ ගෙවිය යුතු අධිභාරය සේවා නියුක්ත යන්ගෙන් අඩු කිරීම, තක් සේරු කිරීම, අධිභාරය පිළිබඳ තක් සේරුවට විරුධව අභියාචනය කිරීම, අධිභාරය ගෙවීම සහ අය කර ගැනීම සම්බන්ධයෙන්, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, අදාළ විය යුතුය. 6. අදාළ වර්ෂය සඳහා යම් තැනැත්තකුගෙන් නිසි පරිදි අය කර ගනු ලැබිය යුතු ආදායම් බද්ද ඉක්මවා ඔහු විසින් ආදායම් බදු වශයෙන් ගෙවන ලද යම් මුදලක් ආපසු ලබා ගැනීමට ඒ තැනැත්තාට දේශීය ආදායම් පනතේ XXIII වන පරිච්ඡේදයේ විධිවිධාන යටතේ හිමිකම් ලැබෙන අවස් ථාවක, 2 වන වගන්තිය යටතේ ගෙවිය යුතු අධිභාරය ඔහු ගෙවා ඇත්නම්, XXIII වන පරිච්ඡේදයේ විධිවිධාන යටතේ ආපසු ලබා ගැනීමට ඔහුට හිමිකම් ඇති මුදලෙන් සියයට දහයකට සමාන අතිරේක මුදලක් ද ආපසු ලබා ගැනීමට ඒ තැනැත්තාට හිමිකම් තිබිය යුතුය. 7. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුව හොත් මිස මේ පනතෙහි - " දේ ශීය ආදායම් පනත '' යන්නෙන්, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත අදහස් වේ; "ආදායම් බද්ද ' යන්නෙන්, දේශීය ආදායම් පනත යටතේ පනවා අය කරනු ලබන ආදායම් බද්ද අදහස් වේ; '' කොමසාරිස් ජනරාල්වරයා '', "සමාගම '', " සේවා යෝජක ", " සේවා නියුක්තයා ", ' තැනැත්තා ” සහ " තක්සේරු වර්ෂය '' යන යෙදුම් වල පිළිවෙලින් දේශීය ආදායම් පනතේ ඒවාට දී ඇති අර්ථ ම ඇත්තේ ය.
31
acts_1981-05-29_Associated_Newspapers_of_Ceylon_Limited_Special_Provisions_Amendment_si
act
1981
3
1
0.97666
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 35 දරන ඇසෝෂියේටඩ් නිවුස් පේපර්ස් ඔfප් සිලෝන් ලිමිටඩ් (ව්ශේෂ විධිවිධාන) (සංශෝධන) පනත (සහතිකය සටහන් කළේ 1981 මැයි මස 29 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 ජූනි මස 05 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ කැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 35 දරන ඇසෝෂියේ ටඩ් නිවුස් පේපර්ස් ඔෆ් සිලෝන් ලිමිටඩ් (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 28 දරන ඇසෝෂියේ ටඩ් නිවුස් පේපර්ස් ඔප් සිලෝන් ලිමිටඩ් (විශේෂ විධිවිධාන) පන සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 35 දරන ඇසෝෂියේටඩ් නිවුස් පේ පර්ස් ඔප් සිලෝන් ලිමිටඩ් (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත යනුවෙන් හඳුන් වනු ලැබේ. 2. ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 28 දරන ඇසෝෂියේටඩ් නිවුස් පේපර්ස් ඔප් සිලෝන් ලිමිටඩ් (විශේෂ විධිවිධාන) පනතේ 4 වන වගන්තියට ඉක්බිතිවම, පහත දැක්වෙන අලුත් වගතිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, ඒ වගන්තිය ඒ පනතේ 4 අ වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය:- 4 අ. සමාගමේ එක් එක් කොටස ගෙවිය යුතු වන්න්දි, ඒ කොටස මහා භාරකරු වෙත සතු කරනු ලැබුවේ යම් දිනයක ද ඒ දිනයෙහි සිට උපචිත වන ලෙස සලකනු ලැබිය යුතුය. ඒ වන්දි උපචිත වන දින සිට එය ගෙවනු ලබන දිනය තෙක්, නියමිත අනු ප්‍රමාණය අනුව ඒ වන්දි වෙනු වෙන් පොලී ගෙවනු ලැබිය යුතු ය.". 3. මේ පනතේ 2 වන වගන්තියෙන්, ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 28 දරන ඇසෝෂියේ ටඩ් නිවුස්' පේ පර්ස්' ඔප් සිලෝන් ලිමි ටඩ් (විශේෂ විධිවිධාන) පනතට කරන ලද සංශෝධනය, ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 28 දරන ඇසෝෂියේටඩ් නිවුස් පේපර්ස් ඔප' සිලෝන් ලිමිටඩ් (විශේෂ විධිවිධාන) පනත ක්‍රියාත්මක වූ දින යෙහි සිට ක්‍රියාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.
32
acts_1981-05-29_Civil_Law_Amendment_si
act
1981
3
1
0.938643
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 36 දරන සිවිල් නීති (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 මැයි මස 29 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී 1980 ජුනි මස 05 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැඩව පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 36 දරන සිවිල් නීති (සංශෝධන) පනත සිවිල් නීති ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 36 දරන සිවිල් නීති (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. සිවිල් නීති ආඥාපනතේ 5 වන වගන්තියෙහි " සියයට පහක යන වචන වෙනුවට ''සියයට දොළහක " යන වචන ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.
33
acts_1981-05-29_Municipal_Councils_Amendment_si
act
1981
4
1
0.991424
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 33 දරන මහ නගර සභා (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 මැයි මස 29 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1984 ජුනි මස 05 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසටි පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 33 දරන මහ නගර සභා (සංශෝධන) පනත මහ නගර සභා ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1 සින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 33 දරන මහ නගර සභා (සංශෝධන) පන්ත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මහ නගර සභා ආඥාපනතේ 327 වන වගන්තියේ (1) වන උපවගන්තියෙහි '' වාර්ෂික වටිනා කම '' යන අර්ථ කථනය වෙනුවට, පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන්, වගන්තිය, මෙයින් සංශෝධනය කරනු ලැබේ:- වාර්ෂික වටිනාකම " යන්නෙන් - (අ) යම් ස්ථානයක් කුලියට දී නොමැති අවස්ථාවක, සියලු පොදු වරිප නම් හා බදු ගෙවීමට කුලී නිවැසියා විසින් භාරගනු ලැබුවේ නම් හා ඒ ගෙවල් කුලිය අයකර ගැනීමට තරම් යෝග්‍ය තත්ත්වයකින් යම් නිවාසයක්, ගොඩනැගිල්ලක්, ඉඩමක් හෝ ගෙපතක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ අළුත් වැඩියා කිරීම්, නඩත්තු කිරීම හා යථා තත්ත්වයෙන් පවත් වා ගෙන යාම සදහා පිරිවැයක් වෙතොත්, එය දැරිමේ වගකිම ගෙහිමියා විසින් භාරගනු ලැබුවේ නම්, එක් වර්ෂයක් තවත් වර්ෂයක් අනුව සලකා බලන විට, ඒ නිවාසය, ගොඩනැගිල්ල, ඉඩම හෝ ගෙපත සඳහා යම් කුලී නිවැසියකු විසින් ගෙවීමට යුක්ති සහගත ලෙස බලාපොරොත්තු වන්නා වූ වාර්ෂික ගෙවල් කුලිය ද; (ආ) යම් ස්ථානයක් කුලියට දී ඇති අවස් ථාවක, සියලු පොදු චරිපනම් හා බදු ගෙවීමේ වගකීම කුලී නිවැසියකු විසින් භාරගනු ලැබුවේ නම් හා ඒ ගෙවල් කුලිය අයකර ගැනීමට තරම් යෝග්‍ය තත්ත්වයකින් යම් නිවාසයක්, ගොඩනැගිල්ල්ලක්, ඉඩමක් හෝ ගෙපතක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ අළුත් වැඩියා කිරීම්, නඩත්තු කිරීම හා යථා තත්ත්වයෙන් පවත්වා ගෙන යාම සඳහා පිරිවැයක් වෙතොත්, එය දැරීමේ වගකීම ගෙහිමියා විසින් භාරගනු ලබුවේ නම්, එක වර්ෂයක් තවත් වර්ෂයක් අනුව සලකා බලන විට, ඒ කුලී නිවැසියා විසින් ඒ නිවාසය, ගොඩනැගිල්ල, ඉඩම හෝ ගෙපත සඳහා ගෙවීමට යුක්ති සහගත ලෙස බලාපොරොත්තු වන්නාවූ වාර්ෂික ගෙවල් කුලිය නැතහොත් පොදු වරිපනම් හා බදු ගෙවීමේ වගකීම කුලී නිවැසියා විසින් භාරගනු ලැබූ අවස් ථාවක සහ ඒ ගෙවල් කුලිය අයකර ගැනීමට තරම් යෝග්‍ය තත්ත්වයකින් ඒ නිවාසය. ගොඩනැගිල්ල, ඉඩම හෝ ගෙපත පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වූ අළුත වැඩියා කිරීම්, නඩත්තු කිරීම හා යථා තත්ත්වයෙන් පවත්වා ගෙන යාම සඳහා පිරිවැයක් වෙතොත්, එය දැරීමේ වගකීම ගෙහිමියා විසින් භාරගනු ලැබූ අවස් ථාවක, ගෙවන ලද නියම වාර්ෂික ගෙවල් කුලිය යන දෙකින් වැඩි ගෙවල් කුලිය ද අදහස් වේ: එසේ වුව ද වාර්ෂික වටිනාකම් ආගණනය කිරීමේ දී කුලියට නොදුන කවර වූ හෝ යම් කාලපරිච්ඡේදයක් සඳහා කිසිදු සහනයක් හෝ අඩු කිරීමක් කරනු නොලැබිය යුතුය.
34
acts_1981-05-29_Rest_Houses_Amendment_si
act
1981
3
1
0.988911
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 32 දරන තානායම් (සංශෝධන) පනත (සහතිකය සටහන් කළේ 1984 මැයි මස 29 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1984 ජූනි මස 05 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට පත්‍රයේ 1 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 32 දරන තානායම් (සංශෝධන) පනත තානායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 32 දරන තානායම් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය " යනුවෙන් සඳහන් කරනු ලබන) තානායම් පනතේ 6 වන වගන්තියෙහි ( 2 ) වන උප වගන්තියට ඉක් බිතිවම පහත දැක්වෙන අලුත් උපවගන්ති ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (3) 4 වන වගන්තිය යටතේ හෝ ඒ වගන්තිය ප්‍රකාර සාදන ලද හෝ සාදන ලදැයි සැලකෙන යම් රීති යටතේ යම් තානායමක් පාලනය කිරීම සම්බන්ධයෙන් නැතහොත් 5 වන වගන් තිය යටතේ එවැනි යම් තානායමක් කුලියට දීම සම්බන්ධයෙන්, පනතක් යටතේ හෝ ආඥා පනතක් යටතේ හෝ සංස්ථාගත කරන ලද යම් පුද්ගල මණ්ඩලයක් විසින් ලබා ගන්නා ලද සියලු මුදල්, ඒ මණ්ඩලය විසින් ඒ තානායම නඩත්තු කිරීම, පරිපාලනය කිරීම, පාලනය කිරීම හෝ ප්‍රචාරක දැන්වීම් පළ කිරීම සම්බන්ධ යෙන් දරන ලද සියලු වියදම් ඒ මුදල් වලින් ගෙවීමෙන් පසු, ඒ තානායම පිහිටියේ යම් පළාත් පාලන ආයතනයක පරිපාලන සීමා ඇතුළත ද ඒ පළාත් පාලන ආයතනයේ අරමුදලට බැර කළ යුතුය. (4) 2 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ මහ නගර සභාවක් හෝ නගර සභාවක් වෙත සතු කර තිබුණා වූ තානායමක් වන්නා වූද 3 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ ඒ තානායමේ පාලනය නිසි අධිකාරයකට පවරා දෙන ලද්දා වූ සහ සතු කර දෙන ලද්දා වූ ද අවස් ථාවක ඒ තානායම සම්බන්ධයෙන් පමණක් (3) වන උපවගන්තියේ විධිවිධාන අදාළ විය යුතුය.'' 3. 6 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර ඒ වගන්තිය ප්‍රධාන ප්‍රඥප්තියේ 6 අ වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය:- 6 අ. යම් පනතක් හෝ ආඥාපනතක් මගින් සංස්ථාගත කරන ලද යම් පුද්ගල මණ්ඩලයක් වෙත මේ පනත යටතේ යම් තානායමක පාලනය සතු කරන ලද අවස්ථාවක, ඒ මණ්ඩලය විසින් මේ පනත යටතේ ක්‍රියාත්මක කරනු ලැබිය හැකි බලතල හෝ ඉටු කරනු ලැබිය හැකි කාර්ය සහ කර්තව්‍ය හෝ කිසිවක් වේ ද ඒ බලතල ක්‍රියාත්මක කිරීමට සහ කාර්ය සහ කර්තව්‍ය ඉටු කිරීමට ඒ මණඩලයට සියලු කාර්ය සඳහා අධිකාරය ඇති ලෙස සලකනු ලැබිය යුතුය.".
35
acts_1981-05-29_Sri_Lanka_Foundation_Amendment_si
act
1981
3
1
0.984395
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 34 දරන ශ්‍රී ලංකා පදනම් (සංශෝධන) පනත {සහතිකය සටහන් කළේ 1981 මැයි මස 29 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදි. 1981 ජූනි මස 05 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 34 දරන ශ්‍රී ලංකා පදනම් (සංශෝධන ) පනත ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 31 දරන ශ්‍රී ලංකා පදනම් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 34 දරන ශ්‍රී ලංකා පදනම් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 31 දරන ශ්‍රී ලංකා පදනම් පනතේ 16 වන වගන්තියේ (3) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක් වෙන අලුත් උපවගන්ති ඇතුළත කිරීමෙන් වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (4) මහ නගර සභා ආඥාපනත යටතේ යම් චරිපනම් ගෙවීමෙන් පදනම නිදහස් කරනු ලැබිය යුතු ය. (5) මේ වගන්තියේ විධිවිධාන, තීරු බදු ආඥාපනතේ, මුද්දර ආඥාපනතේ, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ හා මහ නගර සභා ආඥා පනතේ ඊට පටහැනිව කුමක් සඳහන් වුව ද බලාත්මක විය යුතුය."
36
acts_1981-06-02_Credit_Councils_Amendment_si
act
1981
8
1
0.979635
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 38 දරන ණය සහන සභා (සංශෝධන) පනත (සහතිකය සටහන් කළේ 1981 ජුනි මස 2 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී 1981 ජූනි මස 05 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 38 දරන ණය සහන සභා (සංශෝධන) පනත ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 23 දරන ණය සහන සභා සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1984 අංක 38 දරන ණය සහන සභා (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය " යනුවෙන් සඳහන් කරනු ලබන, ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 23 දරන ණය සහන පනතේ 3 වන වගන්තියේ ( 2 ) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක වෙන,උපවගන්තිය ආදේශ කිරීමෙන් එම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (2) ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක අනියම් සේ වකයකු හෝ යළි සේවයේ යොදවන ලද විශ්‍රාමිකයකු හෝ ගිවිසුම් පදනමක් මත සේවයේ යොදවන ලද සේවකයකු හෝ නොවන සෑම සේවකයකුම ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියකු වේ නම්, ඒ දෙපාර්ත මේන්තුව සඳහා පිහිටුවනු ලැබූ ණය සහන සභාවේ සාමාජිකයකු විය යුතුය: එසේ වුව ද, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිවේදනයකින් අමාත්‍යවරයා විසින් මේ වගන්තියේ කාර්ය සඳහා අනුමත කරනු ලැබුවා වූ ද, අසනීපයක් හෝ ආපදාවක් ඇති වූ අවස්ථාවන්හි දී ස්වකීය සාමාජිකයන්ට ණය පහසුකම් හෝ සහන සැලසීමේ හෝ වෙනත් අන්දමක මුදල් ආධාර දීමේ කාර්යය සඳහා පිහිටුවනු ලැබුවා වූ ද යම් සභාවක සාමාජිකයකු වන්නා වූ සේවකයෙක් එවැනි යම් ණය සහන සභාවක සාමාජිකයකු වීමට බැඳී නොමැත්තේ ය.”. 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තියට ඉක් බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය එහි ඇතුළත් කරනු ලබන අතර ඒ වගන්තිය ඒ ප්‍රඥප්තියේ 3අ වගන්තිය වශයෙන් බල පැවැත්විය යුතු ය:- 3 අ. මේ පනතේ 3(1) වන වගන්තිය ප්‍රකාර ආණ්ඩුවේ යම් දෙපාර්තමේන්තුවක් සඳහා ණය සහන සභාවක් හෝ ණය සහන සභා පිහිටුවනු ලැ බීමෙන් පසු, ඒ ණය සහන සභාව හෝ ණය සහන සභා හෝ වෙනස් කිරීම අවශ්‍ය බව සහ උචිත බව ණය සහන සභා අධ්‍යක් ෂවරයාට පෙනී යන්නේ නම්, ණය සහන සභා අධ්‍යක් ෂවරයා විසින් අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ඒ ණය සහන සභාව හෝ ණය සහන සභා විසුරුවා හැර, එය හෝ ඒවා හෝ වෙනුවට, අවස්ථාවෝචිත පරිදි, අලුත් ණය සහන සභාවක් හෝ ණය සහන සභා, මේ පනතේ 3(1) වන වගන්තිය ප්‍රකාර පිහිටුවනු හැකිය. ". ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තිය මෙයින් ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ ලැබේ :- 4. (1) ණය සහන සභාවක කටයුතු කළමනාකාර කාරක සභාවක් විසින් පරිපාලනය කළ යුතුය. ඒ කාරක සභාව, සභාපතිවරයකුගෙන් ද ප්‍රථම සාමා ජීකයන් පනස් දෙනා සඳහා නියෝජිතයන් පස් දෙනකු වශයෙනුත් ඊළඟ අමතර සාමාජිකයන් පනස් දෙනා හෝ ඉන් කොටසක් සඳහා එක් නියෝජිතයකු වශයෙනුත් වූ පදනමක් මත තෝරා ගනු ලබන නියෝජිතයන් විසි එක් දෙනකුට නො වැඩි නියෝජිතයන් සංඛ්‍යාවකින් ද සමන්විත විය යුතුය: එසේ වුව ද, ණය සහන සභාවේ සාමාජිකයන් ගෙන් යම් විශේෂ කණ්ඩායමක් හෝ පන්තියක් කළමනාකාර කාරක සභාවෙහි නියෝජනය වී නො මැති බවට ණය සහන සභා අධ්‍යක්ෂවරයා සෑහීමට පත් වුවහොත් ඒ කළමනාකාර කාරක සභාවට නියෝජිතයන් තිදෙනකුට නොවැඩි සංඛ්‍යාවක් ඔහු විසින් නම් කරනු ලැබිය හැකිය: එසේම තවදුරටත්, අදාළ සේවා නියුක්තියේ ස්වභාවය හෝ සේවා නියුක්ති ස්ථානය අනුව යම් ණය සහන සභාවක් විසින් එහි කළමනාකාර කාරක සභාවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම ක්‍රියාත්මක කළ නොහැකි යයි ණය සහන සභා අධ්‍යක්ෂවරයා විසින් සලකනු ලබන අවස්ථා වක දී එවැනි යම් ණය සහන සභාවකට පත් කළ යුතු සියලු නියෝජිතයන් ඔහු විසින් නම් කරනු ලැබිය හැකිය. (2) (අ) යම් දෙපාර්තමේන්තුවක ප්‍රධානියා ඒ දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් නම් කරනු ලබන ඒ දෙපාර්තමේන්තුවේ නිලධරයකු හෝ ඒ දෙපාර්තමේන්තුව සඳහා පිහිටුවනු ලැබූ ණය සහන සභාවක කළමනාකාර කාරක සභාවේ සභාපතිවරයා විය යුතුය. (ආ) යම් දෙපාර්තමේන්තුවක ප්‍රධානියා, ඒ දෙපාර්තමේන් තුව සඳහා පිහිටුවනු ලැබූ ණය සහන සභාවක කළමනාකාර කාරක සභාවේ කටයුතු අධීක්ෂණය කිරීමේ ද ඒ ණය සහන සභාවේ වාර්තා සහ ගිණුම් නිසියාකාරව පවත් වාගෙන යාමේ ද වග කීම දැරිය යුතුය. (ඇ) (i) ආණ්ඩුවේ දෙපාර්තමේන්තු එකකට වැඩි ගණනක් සඳහා එක් ණය සහන සභාවක් පිහිටු වීමට 3 (1) වන වගන්තිය යටතේ ණය සහන සභා අධ්‍යක්ෂවරයා විසින් බලය දී ඇති අවස්ථාවක, ඔහු විසින්, අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතුරින් එක් දෙපාර්තමේන්තු ප්‍රධානියකු ඒ ණය සහන සභාවේ කළමනාකාර කාරක සභාවේ සභාපති වශයෙන් නම් කරනු ලැබිය හැකි ය. (ii ) මේ ඡේදය යට තේ නම් කරනු ලැබූ දෙපාර්තමේන්තු ප්‍රධානියකු විසින්, සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට, තම දෙපාර්තමේන්තුවේ වෙනත් යම් නිලධරයකු නම් කළ හැකි ය. (3 ) තම කාර්ය කිරීමෙහි ලා සිදු කරන ලද අයථා පාලනය, වංචාව හෝ නොසැලකිලිමත් කම් නිසා හෝ යම් විධානයක් අනුව ක්‍රියා කිරීම පැහැර හැරීම නිසා හෝ ණය සහන සභාවේ කළමනාකාර කාරක සභාවේ සාමාජිකයකු ඉවත් කිරීම අවස් ථාවෝ චිත යයි අමාත්‍යවරයා විසින් සලකනු ලබන්නේ නම් එවැනි සාමාජිකයකු අමාත්‍යවරයා විසින් එසේ ධුර යෙන් ඉවත් කරනු ලැබිය හැකි ය. එවැනි ඉවත් කිරීමක් කිසිම අධිකරණයක දී ප්‍රශ්න කරනු නො ලැබිය යුතුය. (4) (අ) ණය සහන සභාවක කළමනාකාර කාරක සභාව විසින් ස්වකීය කාර්ය කිරීමෙහි ලා සිදු කරන ලද අයථා පාලනය, වංචාව හෝ නො සැලකිලිමත් කම නිසා හෝ යම් විධානයක් අනුව ක්‍රියා කිරීම ඒ කාරක සභාව විසින් පැහැර හැර තිබීම නිසා හෝ ඒ කාරක සභාව විසුරුවා හැරීම අවස් ථාවෝචිත යයි අමාත්‍යවරයා විසින් සලකනු ලබන්නේ නම්, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍ර යේ පළ කරනු ලබන නියමයක් මගින් ඒ නියම යෙහි සඳහන් කරනු ලබන දිනක සිට ක්‍රියාත්මක වන පරිදි ඒ ණය සහන සභාවේ කළමනාකාර කාරක සභාව විසුරුවා හරිනු ලැබිය හැකි ය. අමාත්‍ය වරයා විසින් කරන ලද නියමය කිසිම අධිකරණ යක දී ප්‍රශ්න කරනු නොලැබිය යුතු ය. (ආ) එසේ (අ) ඡේදය යටතේ යම් නියමයක් කරන ලද අවස් ථාවක දී, අලුත් කළමනාකාර කාරක සභාවක් තෝරා පත් කිරීම කළ යුත්තේ කවර කාල පරිච්ඡේදයක් තුළ දී ද යන්න ණය සහන සභා අධ්‍යක් ෂවරයා විසින් තීරණය කරනු ලැබිය යුතුය. (5) කළමනාකාර කාරක සභාවක ධූර කාලයක් තුළ දී ඒ කාරක සභාවේ ඇති වන යම් පුරප්පාඩු වක් ණය සහන සභා අධ්‍යක් ෂවරයා විසින් කරනු ලබන නම් කිරීම් මගින් පිරවිය හැකි ය. එසේ නම් කළ සාමාජික සංඛ්‍යාව, කවර අවස් ථාවකවත් ඒ කාරක සභාවේ මුළු සාමාජික සංඛ්‍යාවෙන් දෙකෙන් පංගුවක් නොඉක්මවිය යුතු ය. එවැනි කාරක සභා වකට නම් කරනු ලබන සාමාජිකයකු, ඒ කාරක සභාවේ ධුර කාලයෙන් ඉකුත් නොවී ඇති කොටස සඳහා ධුරය දැරිය යුතු ය.'' 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තියට ඉක් බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්ති ඇතුළත් කරනු ලබන අතර, ඒ වගන්ති ඒ ප්‍රඥප්තියේ 5අ. සහ 5ආ වගන්ති ලෙස බල පැවැත්විය යුතු ය:- 5අ. (1) ණය සහන සභාවක කළමනාකාර කාරක සභාවක් 4 වන වගන්තිය යටතේ විසුරුවා හැර ඇති අවස්ථාවක දී හෝ ණය සහන සභාවකට කළමනාකාර කාරක සභාවක් නොමැති අවස් ථාවක දී හෝ එවැනි ණය සහන සභාවක කළමනාකාර කාරක සභාවේ කටයුතු පරිපාලනය කිරීමේ කාර්යය සඳහා සාමාජිකයන් පස් දෙනකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත වන අතුරු කළමනාකාර කාරක සභාවක් ණය සහන සභා අධ්‍යක්ෂවරයා විසින් නම් කළ යුතු ය. (2) එවැනි එක් එක් අතුරු කළමනාකාර කාරක සභාවක සභාපති, ලේකම් සහ නියෝජ්‍ය ලේකම්, (1) වන උපවගන්තිය යටතේ ණය සහන අධ්‍යක්ෂවරයා විසින් නම් කරන ලද සාමාජිකයන් අතුරින් ඔහු විසින් පත් කරනු ලැබිය යුතු ය. 5ආ. ණය සහන සභා දෙපාර්තමේන්තුවේ කට යුතු කරගෙන යාමෙහි ලා සහාය වීමේ කාර්යය සඳහා ණය සහන සභාවල සාමාජිකයන් එකොළොස් දෙනකුට නොවැඩි ගණනකින් සමන්විත උපදේ ශක කාරක සභාවක් අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය හැකි ය. ඒ කාරක සභාවේ සාමාජික යන් අතුරින් යටත් පිරිසෙයින් පස් දෙනකුවත්, ලියාපදිංචි කළ වෘත්තීය සමිතිවල සාමාජිකයන් විය යුතු ය. 6. ප්‍රධාන ප්‍රඥප් තියේ 7 වන වගන්තිය පහත දැක් වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (4) ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක් වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :- (1) ණය සහන සභා දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරනු ලබන ප්‍රධාන අරමුදලක් තිබිය යුතු අතර, පහත දැක්වෙන මුදල් ඒ ප්‍රධාන අරමුදලට බැර කරනු ලැබිය යුතු ය :- (අ) ණය සහන සභාවල සාමාජිකයන්ගේ මාසික දායක මුදල් ; (ආ) ණය සහන සභාවල කටයුතු කරගෙන යාම සඳහා ඒ කාබද්ධ අරමුදලින් වෙන් කරනු ලබන සියලු මුදල් ; (ඇ) ණය සහන සභා විසින් උපයනු ලබන සියලු ලාභ; (ඈ) සාමාජිකයන්ට දෙනු ලැබූ ණය මුදල් වලින් ලැබෙන පොළිය; සහ (ඉ) ණය සහන සභා අධ්‍යක් ෂවරයා විසින් අනුමත කරනු ලබන වෙනත් යම් මුදල්."; සහ ( 2 ) ඒ වගන්තියේ ( 2 ) වන උපවගන්තියට ඉක් බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය එකතු කිරීමෙන් :- (3) ප්‍රධාන අරමුදලෙහි වූ යම් අතිරික්ත මුදලක්, අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබිය හැකි ආකාරයට ආයෝජනය කළ යුතුය. " 7. ප්‍රධාන ප්‍රඥප්තියේ 8 වන වගන්තියට ඉක් බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 8 අ වගන්තිය ලෙස බලපැවැත්විය යුතුය: 8අ. (1) ණය ගැති වී සිටින සාමාජිකයන් පුනරුත් ථාපනය කිරීමට සහාය වීමේ කාර්යය සඳහා පුනරුත්ථාපන අරමුදලක් ණය සහන සභා දෙපාර්ත මේන්තුව විසින් පවත්වාගෙන හා ක්‍රියාත්මක කර ගෙන යා යුතු ය. (2) පහත දැක්වෙන මුදල්, එනම් - (අ) කවර වූ හෝ ප්‍රභවයකින් ලැබෙන සියලු පරිත්‍යාග, ත්‍යාග හෝ ප්‍රදාන; සහ (ආ) පාර්ලිමේන්තුව විසින් කලින් කල සම්මත කර දෙනු ලබන මුදල් පුනරුත්ථාපන අරමුදලට ගෙවිය යුතුය. 8. ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තියේ (2) වන උපවගන් තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) ඒ උපවගන්තියේ (අ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :- '' (අඅ) අවස්ථාවෝචිත පරිදි, ණය සහන සභාවක කළමනා කාර කාරක සභාවක හෝ අතුරු කළමනාකාර කාරක සභාවක හෝ රැස්වීම් සඳහා අවශ්‍ය ගණ පූරණය ඇතුළුව, රැස් වීම් පැවැත්වීමට අදාළ කාර්ය පරිපාටි යට සම්බන්ධ සියලු කරුණු;"; (ii) ඒ උපවගන්තියේ (ආ) ඡේදය වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :- '' (ආ) ණය සහන සභාවක කළමනාකාර කාරක සභාව තෝරා පත් කිරීම හා සම්බන්ධ සියලු කරුණු; "; (iii) ඒ උපවගන්තියේ (ඈ) ඡේදය වෙනුවට පහත දැක්වෙන ඡෙදය ආදේශ කිරීමෙන් :- " (ඈ ) ප්‍රධාන අරමුදල, ප්‍රාදේශීය අරමුදල් සහ පුනරුත්ථාපන අරමුදල පරිපාලනය කිරීම ; '' ; (iv) ඒ උපවගන්තියේ (ඌ) ඡේදයට ඉක්බිතිව පහත දැක් වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :- “ (ඌඌ) උපදේ ශක කාරක සභාවේ කාර්ය සහ කටයුතු; ; සහ (v) ඒ උපවගන්තියේ (එ) ඡේදය වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :- '' (එ) ප්‍රධාන අරමුදලේ, ප්‍රාදේශීය අරමුදල් වල පුනරුත්ථාපන අරමුදලේ ගිණුම් පවත්වාගෙන යාම. ''. 9. ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලැබේ.
37
acts_1981-06-02_Finance_Amendment_si
act
1981
10
1
0.98746
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 37 දරන මුදල් (සංශෝධන) පනත [ සහතිකය සටහන් කළේ 1981 ජුනි මස 2 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 4981 ජුනි මස 05 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළකරන ලදී. 1981 අංක 37 දරන මුදල් (සංශෝධන) පනත 1963 අංක 11 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 37 දරන මුදල් (සංශෝධන) යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. 1980 අංක 29 දරන පනතින් අවසන් වරට සංශෝධිත (මෙහි මින් මතු ' ප්‍රධාන ප්‍රඥප් තිය " යනුවෙන් සඳහන් කරනු ලබන) 1963 අංක 11 දරන මුදල් පනතේ 119 වන වගන්තියට ඉක්බිතිවම, පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය එහි 119 අ වන වගන්තිය වශයෙන් බල පැවැත්විය යුතු ය:- 119අ. (1) අදාළ නියමයක් ප්‍රකාර, හෝටලයක හෝ ආගන්තුක නිවාසයක් හෝ පවත්වා ගෙන යාමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් 1975 නොවැම්බර් මස 5 වන දිනයෙන් ආරම්භව, මේ වගන්තිය ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයෙන් අවසන් වන යම් කාල සීමාවක් සඳහා ව්‍යාපාර පිරිවැටුම් බද්ද අයකර ගැනීමක් ඒ හෝටලය හෝ ආගන්තුක නිවාසය, 1966 අංක 10 දරන ලංකා සංචාරක මණ් ඩල පනත යටතේ පිහිටුවන ලද ලංකා සංචාරක මණ්ඩලයෙහි ලියාපදිංචි කරනු ලැබ නොතිබීමේ හේතුව නිසා ම පමණක්, අවලංගු නොවන බව සල කනු ලැබිය යුතුය. (2) අදාළ නියමයක '' ලංකා සංචාරක මණ්ඩ ලයෙහි ලියාපදිංචි කරනු ලැබූ හෝටලයක් හෝ ආගන්තුක නිවාසයක් පවත්වා ගෙන යාමේ ව්‍යා පාරය '' සම්බන්ධයෙන් වූ සෑම සඳහනක් ම 1966 අංක 10 දරන ලංකා සංචාරක මණ්ඩල පනත යටතේ පිහිටුවන ලද ලංකා සංචාරක මණ්‌ඩ ලිය විසින් අනුමත කරන ලද හෝටලයක් හෝ ආගන්තුක නිවාසයක් පවත්වාගෙන යාමේ ව්‍යාපා රය සම්බන්ධයෙන් වූ සඳහනක් ලෙස ඒ නියම යේ දින සිට සලකනු ලැබිය යුතුය. තව ද, ඒ අනුව, ඒ නියමයේ දිනයෙන් ආරම්භව, මේ වගන් තිය ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයෙන් අව සන වන යම් කාල සීමාවක් තුළ ආගන්තුක නිවාසයක් පවත්වා ගෙන යාමේ. ව්‍යාපාරය සම්බන්ධයෙන්, අදාළ නියමය ප්‍රකාර, ව්‍යාපාර පිරිවැටුම් බද්ද අය කර ගනු ලැබිය යුතු යම් තැනැත්තකු විසින් - (අ) ඒ කාල සීමාව සඳහා, ඒ ව්‍යාපාරයේ පිරි වැටුම දැක්වෙන වාර වාර්තාවක්, මේ වගන්තිය ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට දින තිහක් ඇතුළත සපයනු ලැබුවහොත්, ඔහු ප්‍රධාන ප්‍රඥප්තියේ 123 වන වගන්තියේ විධිවිධාන වලට අනුකූ ලව ක්‍රියා කර ඇති ලෙස සලකනු ලැබිය යුතුය; තව ද (ආ) ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් 122 වන වගන්තිය යටතේ ව්‍යාපාර පිරිවැටුම් බද දෙහි සම්පූර්ණ ප්‍රමාණය එකි දින තිහ ඇතුළත ගෙවනු ලැබුවහොත්, ඒ පිරි වැටුම් බද්ද ගෙවීම ඔහු විසින් පැහැර හරිනු නොලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය. තව ද ඒ බද්දෙහි සම්පූර්ණ ප්‍රමා ණය ඉහත සඳහන් දින තිහ ඇතුළත ගෙවීම ඔහු විසින් පැහැර හරිනු ලැබූ අවස් ථාවක, ඒ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ගෙවීම පැහැර හරිනු ලැබූ ව්‍යාපාර පිරි වැටුම් බදු අයකර ගැනීම සම්බන්ධයෙන් වූ මේ පනතේ මේ කොටසෙහි විධිවිධාන ඒ මුදල අයකර ගැනීමෙහි ලා එපරිද්දෙන්ම අදාළ විය යුතුය. 3 ) යම් අධිකරණයක හෝ විනිශ්චයාධිකාරයක යම් අභියාචනයක්, නඩුවක්. ඉල්ලීමක හෝ වෙනත් නඩු කටයුත්තක් (එම අභියාචනය, නඩුව, ඉල්ලීම හෝ නඩු කටයුත්ත මේ පනතෙහි මේ කොටස ක්‍රියාත්මකවීම ආරම්භවන්නා වූ දිනයට පෙර හෝ පසුව ඉදිරිපත් කර හෝ පවරා හෝ තිබු ණද) විභාග කරනු ලබන අවස්ථාවේ දී, 119 වන වගන්තිය යටතේ වූ යම් අදාළ නියමයක වලංගු භාවය පිළිබඳව යම් ප්‍රශ්නයක් හෝ කරුණක උද්ගත වුව හොත්, ඒ ප්‍රශ්නය හෝ කරුණ මේ වගන්තියේ ඉහතින් වූ විධි විධාන වලට අනුකූලව තීරණය කරනු ලැබිය යුතු ය. (4) මේ වගන්තියේ "අදාළ නියමය " යනනෙන් 119 වන වගන්තිය යටතේ සාදනු ලැබ- 1975 නොවැම්බර් මස හා වන දින අංක 118, 12 දරන ගැසට් පත්‍රයෙහි; හෝ ආ ) 1977 නොවැම්බර් මස 15 වන දින අංක 291/9 දරන ගැසට් පත්‍රයෙහි හෝ පළ කරන ලද නියමයක් අදහස වේ. ”. 3. 1980 අංක 29 දරන පනතින් අන්තිම වරට සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 120 වන වගන්තියේ ( 3 ) වන උපවගන්තියේ (ඇ) ඡේදයේ (v) වන අනුඡේදය වෙනුවට පහත දැක්වෙන අලුත් අනු ඡේදය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් තව දුරටත් සංශෝ ධනය කරනු ලැබේ:- (v) යම් බැංකුවක විදේශීය ව්‍යවහාර මුදල් පිළිබඳ බැංකු කට යුතු ඒකකයේ කාර්ය මෙහෙයුම් හේතු සාධක වන බැංකු ගනුදෙනුවලට අදාළ වනතාක් දුරට, ඒ බැංකුවේ ව්‍යාපාර කටයුතු : 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 137 වන වගන්තියට ඉක් බිතිවම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය, ඒ ප්‍රඥප්තියේ 137 අ වගන්තිය ලෙස බල පැවැත්විය යුතුය :- 137 අ. (1) යම් ගිවිසුමක පාර්ශවකරුවකු වශ යෙන් හෝ යම් ගිවිසුමක පාර්ශවකරුවකු වන වෙනත් යම් තැනැත්තකු වෙනුවෙන් හෝ ගිවිසුමට අනුව යම් ගෙවීමක් කරන සෑම තැනැත තකුම විසින්, ඒ ගිවිසුම ඇති කර ගන්නා ලද්දේ මේ වහන්තිය ක්‍රියාත්මක වීමට පෙර වුවද නොවුවද අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් නියම කරනු ලබන එ ගෙවීමෙහි ප්‍රතිශතයක් වන, අනු ප්‍රමාණයක ව්‍යාපාර පිරිවැටුම් බද්දක් ඒ ගෙවීමෙන් අඩු කර ගත යුතුය. එසේ අඩු කර ගනු ලැබූ බදු ප්‍රමාණය ඒ තැනැත්තා ගෙන් ජන රජයට අයවිය යුතු ණය මුද ලක් වන අතර, එය නොපමාවම අය කර ගත හැකි විය යුතුය. එසේ නැතහොත් මේ පනතේ මේ කොටස යටතේ ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු යම් ව්‍යාපාර පිරිවැටුම් බද්දක් වේ නම් ඒ ව්‍යාපාර පිරිවැටුම් බද්දට අමතරව තක්සේරු කොට තැනැත්තාගෙන් අය කර ගනු ලැබිය හැකි ය: එසේ' වුව ද එ ගිවිසුම ඉටු කිරීම සඳහා ගෙවිය මළු ප්‍රතිෂ්ඨාව රුපියල් ලක්ෂ නොඉක්මවන අවස්ථාවක, එවැනි කිසිදු අඩු කර ගැනීමක් නො කළ යුතුය. (2) (1) වන උපවගන්තියේ විධිවිධානවලට අනු කූලව ව්‍යාපාර පිරිවැටුම් බද්ද අඩු කර ගන්නා යම් තැනැත්තකු විසින් - අ) ඒ අඩු කර ගැනීම කරන ලද්දේ යමි තැනැත්තකුගේ ගෙවීමෙන් ද ඒ තැනැත්තාට -- (1) ඒ ගෙවීමේ දළ මුදල් ප්‍රමාණය ; (ii) එසේ අඩු කරැ ගන්නා ලද බද්දේ අනුප්‍රමාණය සහ මුදල් ප්‍රමාණය ; (iii) නියත වශයෙන්ම ගෙවන ලද ශුද්ධ මුදල් ප්‍රමාණය දැක්වෙන ප්‍රකාශයක් නිකුත් කළ යුතු ය; තවද (ආ) ඒ අඩු කර ගැනීම කරන ලද දින සිට දින හතක් ඇතුළත දී - (i) ඒ ගෙවීම කරන ලද්දේ යම් තැනැත්තකුට ද ඒ තැනැතතා ගේ නම සහ ලිපිනය; (ii ) ඒ ගෙවීමේ දළ මුදල් ප්‍රමාණය : (iii ) එසේ අඩු කර ගන්නා ලද බද්දේ අනුප්‍රමාණය සහ මුදල් ප්‍රමාණය ; සහ (iv) නියත වශයෙන්ම ගෙවුන ලද ශුද්ධ මුදල් ප්‍රමාණය දැක්වෙන ප්‍රකාශයක් ද සමග, එසේ අඩු කර ගන්නා ලද මුදල් ප්‍රමාණය කොමස රිස් ජනරාල්වරයා වෙත යැවිය යුතු ය. ( 3 ) (1) වන උපවගන්තියට අනුකූලව ව්‍යාපාර පිරිවැටුම් බද්ද අඩු කර ගැනීමට පාත්‍ර වූ මදලක් යම් තැනැත්තකුගේ පිරිවැටුමට ඇතුළත් වන අවස්ථාවක දී, ඒ මුදලට අදාළව (2) වන උප වගන්තියට අනුකූලව නිකුත් කරන ලද ප්‍රකාශ යක් ඔහු විසින් ඉදිරිපත් කළ විට, එසේ අඩු කර ගන්නා ලද බදු මුදල් ප්‍රමාණය වශයෙන් ඒ ප්‍රකාශ යෙහි දක්වා ඇති මුදල් ප්‍රමාණය ඔහු විසින් ගෙවිය යුතු බද්දෙන් හිලව් කිරීමේ හිමිකම ඒ තැනැත්තාට ඇත්තේය. ( 4 ) මේ වගන්තියේ කාර්ය සඳහා ගිවිසුම ' යන්නෙන් - (i) කවර හෝ ස්වභාවයක වූ ඉදිකිරීම් වැඩ සම්බන්ධයෙන් වූ යම් ගිවිසුමක්; (ii) (i) වන ඡේදයේ සඳහන් යම් ගිවිසුමක් සම්බන්ධයෙන් භාණ්ඩ හෝ සේවා සැප යීම සඳහා යම් ගිවිසුමක්; සහ (iii) (i) වන හෝ ( ii ) වන ඡෙදයේ සඳහන් යම් ගිවිසුමකට අදාළ අතුරු ගිවිසුමක් අදහස් වේ. (5) (1) වන උපවගන්තිය ප්‍රකාර ව්‍යාපාර පිරි වැටුම් බද්ද අඩු කර ගැනීම පැහැර හරින හෝ යම් පිරිවැටුම් බද්දක් (2) වන උපවගන්තිය ප්‍රකාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යැවීම පැහැර හරින හෝ යම් තැනැත්තකු පැහැර හැරී තැනැත්තකු ලෙස සලකනු ලැබිය යුතු අතර, ව්‍යාපාර පිරිවැටුම් බද්ද අයකර ගැනීමට අදාළ මේ පනතේ මේ කොටසේ විධි විධාන ඒ අනුව එවැනි යම් පැහැර හැරීමක් සම්බන්ධයෙන් අදාළ කරනු ලැබිය යුතුය. (6) (1) වන උපවගන්තිය යටතේ යම් අඩුකර ගැනීමක් කළා වූ හෝ ( 2 ) වන උපවගන්තිය යටතේ යම් ප්‍රේෂණයක් කළා වූ හෝ යම් තැනැත්තකු, ඒ බද්ද ගෙවිය යුතු තැනැත්තා ගෙන් සහ ඊට අදාළ අනෙක් සියලු තැනැත්තන් ගෙන් ලත් බලය යටතේ ක්‍රියා කළ ලෙස සලකනු ලැබිය යුතු අතර, වෙනත් යම් ලිඛිත නීතියක, ගිවිසුමක හෝ එකඟ වීමක කවර විධි විධානයක් තිබුණ ද අවස් ථාවෝචිත පරිදි. ඒ අඩු කර ගැනීම හෝ ප්‍රේෂණය හෝ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධ සියලු සිවිල් හෝ අපරාධ නඩු කටයුතු වලින් ඔහු මෙයින් ආරක්ෂා කරනු ලැබේ. ( 7 ) යම් තැනැත්තකු විසින් ගිවිසුම් දෙකකට හෝ ඊට වැඩි ගණනකට ඇතුළත් වූ සහ ඒ ගිවිසුම් සම්බන්ධයෙන් ගෙවීම් කරන තැනැත්තා යන් දෙදෙනාම එකම තැනැත්තා බව හෝ ඔහුගේ අනු යෝජිතයා බව ඒ ගිවිසුම්වල ස්වභාවය සහ පාශ් වකරුවන් ද සැලකිල්ලට ගැනීමෙන් පසුව, තක් සේ රුකරුගේ මතය වන අවස් ථාවක, ගෙවන ලද හෝ ගෙවිය යුතු මුදල් (4) වන උපවගන්තියේ කාර්ය සඳහා එකතු කරනු ලැබිය යුතු ය. ''. 5. 1978 අංක 26 දරන පනතින් අන්තිම වරට සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියෙහි 159 වන වගන්තියේ (1) වන උපවගන්තියේ ' පිරි වැටු " යන්නෙහි අර්ථ කථනය වෙනුවට, පහත දැක්වෙන අලුත් අර්ථ කථනය ආදේශ කිරීමෙන් එ වගතිය, මෙයින් තව දුරටත් සංශෝධනය කරනු ලැබේ :- පිරිවැටුම '' යන්න යම් ව්‍යාපාරයකට අදාළව යෙදෙන විට, ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇතුළත් වුණු ගනුදෙනු වලින් හෝ ඒ ව්‍යාපාරය පවත්වාගෙන යාමේ දි ඉටු කරන ලද සේවා වනන්ත සඳහා හෝ ලැබුණා වූ නැතහොත් ලැබිය යුතු මුළු මුදල ඉන් අදහස් වන අතර, ඊට- (අ) බැංකුවත් සම්බන්ධයෙන් වූ විට, පොලිය, වට්ටම්, ලාභාංශ. විනිමය, සේවා ගාස්තු, කොමිස් මුදල්, තැරැව් ගාස්තු වශයෙන් හෝ සඳහා වූ ඒ බැංකුවේ ලැබීම් සහ එහි ව්‍යාපාරික කටයුතු වල දී හෝ අන්තකාරයෙන් හෝ ඒ බැංකුව විසින් ලබා ගන්නා වෙනත් යම් ආදායමක් ඇතු ළත් වන නමුත් ඒ බැංකුවේ විදේශීය ව්‍යවහාර මුදල පිළිබඳ බැංකු කටයුතු ඒකකයේ කාර්ය මෙහෙයුම හේතු කොට ගත් බවට සැලකිය හැකි ලැබීම් ඇතුළත් නොවිය යුතු ය. මේ ඡේදයෙහි " විදේශීය ව්‍යවහාර මුදල් පිළිබද බැංකු කටයුතු ඒකකය '' යන න්නෙන් විදේශීය ව්‍යවහාර මුදල් පිළිබඳ බැංකු කටයුතු ඒකකයක් ලෙස ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් බලය දෙන ලද. වාණිජ බැංකුවක ඒකකයක නැතහොත් මදෙපාර්ත මෙතුවක් අදහස් වේ: (ආ) ධනයෝජකයකු, මුදල් ණයට දෙන්නකු, නැතහොත් බඩු උකස් ගන්නකු සම්බන්ධයෙන් වූ විට, ණය වශයෙන ඔහු විසින් බැහැර දෙන ලද මුදල, ඒ ණය වෙනුවෙන් ඔහු විසින් ලබා ගන්නා ලද නැතහොත් ඔහුට ලැබිය යුතු පොලිය සහ ඒ ණය වෙනුවෙන් භාසතු හෝ වෙනත් අය කිරීම් හෝ වශයෙන් ඔහු විසින් ලබා ගන්නා ලද මුදල ඇතුළත් විය යුතු ය. (ඇ) වෙන්දේ සිකරුවකු සම්බන්ධයෙන් වූ විට සහ (ඈ) භේද යෙහි විධිවිධානවලට යටත්ව තරැවකරුවකු නැත හොත් කොමිස් නියෝජිතයකු සම්බන්ධයෙන් ව විට- (i) ඔහු විසින් විකුණන ලද හෝ විකිණීමෙහි ලා ඔහු උපකාරක වූ හෝ ඉඩම සම්බන්ධයෙන් වූ විට එ විකිණීම සම්බන්ධයෙන් ඔහු විසින් සිදු කරන ලද ගනුදෙනු හෝ ඉටු කරන ලද සේවා වන් හෝ සඳහා ඔහු විසින් ලබාගන්නා ලද හෝ ඔහුට ලැබිය යුතු කොමිස මුදල් හෝ ගාස්තු; (ii ) ඔහු විසින් විකුණන ලද හෝ විකිණීමෙහි ලා ඔහු උප කාරක වූ භාණ්ඩ කිසිවක් සම්බන්ධයෙන් වූ විට ඒ භාණ්ඩ ගැනුම් ම්කරු විසින් ගෙවන ලද හෝ ගෙවනු ලැබිය යුතු මුළු මුදල ඇතුළත් විය යුතු ය; (ඈ) ( කොටස් තැරැව්කම්කරුවකු හෝ භොග තැරැව්කරුවකු වන, යම් තැරැව්කම්කරුවකු හෝ කොමිස් නියෝජිතයකු හෝ සම්බන්ධයෙන් වූ විට, ඔහු - (i) නේවාසික නොවන තැනැත්තකුගේ භාණ්ඩ කිසිවක් ඒ නේවාසික නොවන තැනැත්තා වෙනුවෙන් විකුණන්නා වූ හෝ විකිණීමෙහි ලා උපකාරක වන්නා වූ අවස් ථාවක; හෝ (ii) ශ්‍රී ලංකාවෙහි නිෂ්පාදිත යම් භාණ්ඩ අපනයනය කරන්නෙකු වෙනුවෙන් ක්‍රියා කරන අවස්ථාවක; (iii) ශ්‍රී ලංකාවෙහි ව්‍යාපාරයක් පවත්වා ගෙන යන්නා වූ වෙනත් යම් තැනැත්තකු වෙනුවෙන්, ඒ ව්‍යාපාරය 120 වන වගන්තියේ ( 3 ) වන උපවගන්තියෙහි '' ව්‍යාපාරය '" යන යෙදුමෙහි අර්ථානුකූල වූ ව්‍යාපාර යක් වුවද නොවුව ද, විකිණීමෙන් ලැබෙන සම් පූර්ණ මුදල ඒ වෙනත් තැනැත්තාගේ ව්‍යාපාර යෙහි පිරිවැටුමට ඇතුළත් වන භාණ්ඩ වූ ඒ වෙනත් තැනැත්තාගේ භාණ්ඩ කිසිවක් ශ්‍රී ලංකාවෙහි දී විකිණීමෙහි ලා උපකාරක වන්නා වූ අවස් ථාවක ඒ තැරැව්කරු හෝ කොමිස් නියෝජිතයා සම්බන්ධයෙන් වූ විට, එසේ විකිණීමෙහි ලා හෝ ක්‍රියා කිරීමෙහි ලා හෝ එසේ විකිණීමේ දී උපකාරක වීමේ ලා ඔහු විසින් සිදු කරන ලද ගනුදෙනු හෝ ඉටු කරන ලද සේවාවන් සම්බන්ධයෙන් ඒ තැරැව්කරු හෝ කොමිස් නියෝජිතයා විසින් ලබා ගන්නා ලද හෝ ඔහුට ලැබිය යුතු හෝ කොමිස් මුදල් හෝ ගාස්තු සහ කොටස තැරැව්කරුවකු හෝ භෝග තැරැව්කකරුවකු හෝ සම්බන්ධයෙන් වූ විට, ඔහු විසින් සිදු කරන ලද ගනු දෙනු හෝ ඉටු කරන ලද සේවාවන් සඳහා ඔහු විසින් ලබා ගන්නා ලද හෝ ඔහුට ලැබිය යුතු හෝ කොමිස් මුදල් හෝ ගාස්තු ඇතුළත් විය යුතු ය; තව ද (ඉ) යම් අධ්‍යාපනික ආයතනයක් හෝ පාසලක් පවත්වා ගෙන යන තැනැත්තකු සම්බන්ධයෙන් වූ විට, අධ්‍යාපනික ආය තනයේ හෝ පාසලේ මුදල් ආයෝජනය කිරීමෙන් ලබන ලාභ හැර, ඒ අධ්‍යාපනික ආයතනය හෝ පාසල පවත්වා ගෙන යාමෙන් ඔහු විසින් ලබාගන්නා ලද හෝ ඔහුට ලැබිය යුතු මුළු මුදල ඇතුළත් විය යුතුය. එහෙත් මේ පනතේ මේ කොටසෙහි අන්‍යාකාරයකින් ප්‍රකා ශිතවම සඳහන් කර ඇතහොත් මිස, ප්‍රාග්ධන වත්කම් විකිණි මෙන ලබා ගන්නා ලද හෝ ලැබිය යුතු හෝ යම් මුදලක් ඇතු ළත් නොවිය යුතු ය.
38
acts_1981-06-03_Land_Reform_Special_Provisions_si
act
1981
25
2
0.987195
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 39 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (විශේෂ විධිවිධාන) පනත [සහතිකය සටහන් කළේ 1981 ජූනි මස 3 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 ජුනි මස 05 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 39 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (විශේෂ විධිවිධාන) පනත ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් පුතිසංස් කරණ පනත සංශෝධනය කිරීම සඳහා ද එම පනතේ 13 වන, 14 වන සහ 19 වන වගන්ති යටතේ කරන ලද ඇතැම් ආඥා සහ නිශ්චය කිරීම් සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන ඇති කිරීම සඳහා ද ඒ සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම සඳහාද වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 39 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (විශේෂ විධිවිධාන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 1 වන කොටස ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කිරීම 2. (මෙහි මින් මතු මේ පනතේ මේ කොටසෙහි " ප්‍රධාන ප්‍රඥප්තිය '' යනුවෙන් සඳහන් කරනු ලබන) ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 39 දරන පනතින් සංශෝධිත, ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 3 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (අ) එම වගන්තියේ (4) වන උපවගන්තියේ (ආ) ජේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් ඡේදය එකතු කිරීමෙන්:- (ඇ) පෞද්ගලික භාරයක් යටතේ භාරකරුවකු විසින් වෙනත් යම් තැනැත්තකුගේ ප්‍රතිලාභය සඳහා යම් ඉඩමක් අයිති කරගනු ලැබ ඇති අවස් ථාවක ඒ පෞද්ගලික භාරය,"; සහ (ආ) එම වගන්තියේ (4) වන උපවගන්තියට ඉක්බිතිවම, පහත දැක්වෙන අලුත් උපවගන්තිය එකතු කිරීමෙන් :- (5) කෘෂිකාර්මික සංවර්ධනයේ යහපත සඳහා වන්නේ යයි අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද ව්‍යාපෘතියක් සඳහා ජනරජය විසින් යම් තැනැත්තකුට යම් කෘෂිකාර්මික ඉඩමක් බදදට දී ඇති විටක, (4) වන උපවගන්තියේ අතුරු වගන්තියේ කුමක් සඳහන් වුව ද (4) වන උප වගන්තියේ කාර්යය සඳහා ඒ කෘෂිකාර්මික ඉඩමේ බදු ගැනුම්කරු, ඒ ඉඩමේ අයිතිකරු බවට සලකනු නොලැබිය යුතුය. ". 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තිය මෙහි පහත දැක් වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (අ) එම වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ලෙස අංක යෙදීමෙන්; සහ (ආ) එම වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම මෙහි පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන්:- (2) (මේ උපවගන්තියේ “ අදාළ දිනය අදාළ දිනය" යනුවෙන් සඳහන් කරනු ලබන) මේ උපවගන්තිය පනවනු ලැබූ දිනයට පසු යම් දිනයක, විවාහය නිසා හෝ උරුමවීම නිසා නැතහොත් ඒ දෙකම නිසා හෝ යම් තැනැත්තකු උපරිමයට වැඩි කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණයක අයිතිකරු බවට පත්වන අවස්ථාවක (1) වන උපවගන්තියේ විධිවිධාන අදාළ නොවිය යුතු අතර ඒ අනුව ඒ තැනැත්තා විසින් අදාළ දිනයේ සිට අවුරුදු දෙකක කාලසීමාව ඇතුළත උපරිමයට වැඩි එම ඉඩම් විකිණීමෙන් හෝ අන්‍යාකාරයකින් පවරා දිය හැකිය. ඒ කාල සීමාව ඇතුළත, උපරිමයට වැඩි එම ඉඩම් පවරා දීම ඒ තැනැත්තා විසින් පැහැර හරින ලද අවස් ථාවක, උපරිමයට වැඩි එම ඉඩම්, ඒ කාල සීමාව අවසානයේ දී- (අ) කොමිෂන් සභාව වෙත සතු වූ ලෙස සැලකිය යුතුය; තව ද (ආ) කොමිෂන් සභාව විසින් දෙන ලද ව්‍යවස්ථාපිත බද්දක් යටතේ එම තැනැත්තා සන්තකයෙහි තබාගෙන සිටින ලෙස සැලකිය යුතුය. " 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තියෙහි අවසානයට පහත දැක්වෙන උපවගන්තිය එකතු කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (4) (1) වන උපවගන්තියෙහි සඳහන් යම් උකසක, බද්දක් පොලී මරා බුත්තියක් නැතහොත් ජීවිත බත්තියක් පිළිබඳව කිසියම් සිවිල් අධිකරණයක යම් නඩුවක හෝ නඩු කටයුත්තක කාර්ය සඳහා කාලාපගමන කාල සීමාව ආගණනය කිරීමේදී, (එම උකසට, බද්දට, පොලී මරා බුත්තියට නැතහොත් ජීවිත බුත්තියට විෂය කාරණාව වූ) කෘෂිකාර්මික ඉඩම, කොමිෂන් සභාව සතු වූ දිනයෙන් ආරම්භව, එම ඉඩමෙහි අයිතිකරු වෙත ගෙවිය යුතු වන්දි මුදල තීර ණය කරනු ලබන දිනයෙන් අවසන් වන කාල සීමාව අත් හරිනු ලැබිය යුතු ය. ''. 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තියේ (2) වන උපවගන් තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (2 අ) මේ උපවගන්තිය පනවන ලද දින සිට සහ ඉන්පසුව, මුළු ගණන අක්කර එකසිය පනහට වැඩි වූ යම් කෘෂිකාර්මික ඉඩමක් (1) වන උපවගන්තිය යටතේ පවරාදීමට, (2) වන උප වගන්තිය යටතේ කොමිෂන් සභාව විසින්, කිසිම ව්‍යවය ස්ථාපිත බදු ගැනුම්කරුවකුට අනුමතය දෙනු නොලැබිය යුතුය: එසේ වුව ද, මේ උපවගන්තිය පනවනු ලැබීමට පූර්වයෙන් යම් ප්‍රකාශකයකුට හෝ ප්‍රකාශකයාගේ පවුලේ යම් සාමාජිකයකූට හෝ සන්තකය භාරදෙනු ලැබ ඇත්තා වූ යම් කෘෂිකාර්මික ඉඩමක් සම බන්ධයෙන්, මේ පනතේ කුමක් සඳහන්ව ඇත ද, මේ උපවගන් තියේ ඉහතින් වූ විධිවිධාන අදාළ නොවිය යුතුය. ". 6. ප්‍රධාන ප්‍රඥප තියෙ 18 වන වගන්තිය, එම වගන්තියේ (4) වන උපවගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන්, මෙයින් සංශෝධනය කරනු ලැබේ :- “(4අ) (4) වන උපවගන්තියේ කුමක් සඳහන්ව ඇත ද, (මේ උපවගන්තියේ " අදාළ දිනය " යනුවෙන් සඳහන් කරනු ලබන) මේ උපවගන්තිය පනවනු ලැබූ දිනයට පසු යම් දිනයකි. විවාහය නිසා හෝ උරුමය නිසා හෝ ඒ දෙකම නිසා හෝ උපරිමයට වැඩි කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණයේ අයිතිකරු බවට පත්ව ඒ අතිරික් තය අදාළ දිනයේ සිට අවුරුදු දෙකක කාල සීමාවක ඇතුළත විකිණීමෙන් හෝ අන්‍යාකාරයකින් පවරාදීම, පැහැර හැර ඇති යම් තැනැත්තකු විසින්, ඒ කාල සීමාව ඉකුත් වී මාසයක් ඇතුළත, මේ වගන්තියේ විධිවිධාන සලසා ඇති පරිදි, ප්‍රකාශනයක් කළ යුතුය. ''. 7. ප්‍රධාන ප්‍රඥප්තියේ 22 වන වගන්තිය පහත දැක්වෙන පරිදි ප්‍රධාන මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (1) එම වගන්තියේ (1) වන උපවගන්තියෙහි - (අ) එම උපවගන්තියේ (ආ) ඡේදයව් ඉක්බිතිව ම දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :- (ආආ) කෘෂිකාර්මික නොවන කාර්යයන් සඳහා අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව විකිණීමෙන් පවර දීම; '' ; සහ (ආ) එම උපවගන්තියේ (ඊ) ඡේදය වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :- “(ඊ) (i) මේ පනත ආරම්භ වීමේ දිනයට පෙරාතුවම් වූ දිනයේ දී කෘෂිකාර්මික ඉඩම් අයිතිව සිටියා වූ, හෝ (i) 7 වන හෝ 8 වන වගන්තිය ක්‍රියාත්මක වීමේ හේ තුවෙන් මේ පනත ආරම්භ වීමේ දිනයේ දී කෘෂිකාර්මික ඉඩම් අයිතිව සිටි බව සලකනු ලැබුවා වූ ද කෘෂිකාර්මික ඉඩම් පිළිබඳ උපරිමය පැන වූ අවස්ථා වේ දී වයස අවුරුදු දහ අටට අඩුව සිටියා වූ ද තැනැත්තකු සතු ඒ ඉඩම්, ඒ තැනැත්තා සාමාජික යකු වූ පවුලේ ප්‍රධානයාට අයත් යයි සැලකෙන ඉඩම් ප්‍රමාණයට ඇතුළත් කිරීමේ හේතුවෙන් ඒ ඉඩම් අසන්තක කරනු ලැබුවා වූද යම් තැනැත්තකුට විකිණීමෙන් පවරා දීම්. පවරාදීම සිදු කරන දිනයේ දී පැවරුම්ලාභියා වයස අවුරුදු දහ අටට අඩුව සිටිය ද, මේ ඡේදය යටතේ පවරා දීමක් කළ හැකි අතර, වයස අවුරුදු දහ අටට අඩු තැනැත්තකුට මේ ඡේදය යටතේ කෘෂිකාර්මික ඉඩම් පවරා දීමක් කරනු ලැබූ අවස් ථාවක, ඒ තැනැත්තා, ඒ ඉඩම්වල අයිතිය පිළිබඳ කාර්ය සඳහා, මේ පනතේ '' තැනැත්තා '' යන්නෙහි අර්ථ කථනය යටතේ ගැනෙන ලෙස සැලකිය යුතු ය. කෘෂිකාර්මික ඉඩම් පිළිබඳ උපරිමය නියම කරන ලද අවස් ථාවේ දී වයස අවුරුදු දහ අටට අඩු තැනැත් තකු විසින් අයිති කර ගනු ලැබූ ඉඩම් මේ ඡේදය පනවන ලද දිනයේ දී 22 වන වගන්තිය යටතේ යම් තැනැත්තකු වෙත පවරා දෙනු ලැබ නොමැති විටක සහ ඒ ඉඩම් සම්බන්ධයෙන් 28 වන වගන් තිය යටතේ වන්දි ගෙවනු ලැබ නොමැති විටක මේ ඡේදයේ ඉහතින් වූ විධිවිධාන යටතේ ඒ දාඩම් පවරා දෙනු ලැබීම වෙනුවට ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන ආඥාවක් මගින් අමාත්‍යවරයා විසින් ඒ තැනැත්තාට, ඒ ඉඩම් සතු කර දෙනු ලැබිය හැකිය. ඒ ආඥාවේ දින සිට ඒ ඉඩම් වල පරම හිමිකම ඒ තැනැත්තාට දීමට ඒ ආඥාව බල සහිත විය යුතු ය.". (2) ඒ වගන්තියේ අවසානයට පහත දැක්වෙන උපවගන්තිය එකතු කිරීමෙන් :- (4) අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබිය හැකි යම් කාර්ය සඳහා අක්කර පනහට වැඩි කෘෂිකාර්මික ඉඩම් (1) වන උපවගන් තියේ (ආ)ඡේදය හෝ (ආආ) ඡේදය යටතේ කොමිෂන් සභාව විසින් යම් තැනැත්තකු වෙත බද්දක් මගින් අන්සතු කරනු ලැබීම නීත්‍යනුකූල වන්නේ ය." 8. ප්‍රධාන ප්‍රඥප්තියේ 27 වන වගන්තියට ඉක් බිතිවම පහත දැක්වෙන අලුත් වගන්ති මෙයින් ඇතුළත් කරනු ලබන අතර ඒ වගන්ති එම ප්‍රඥප්තියේ 27අ සහ 27 ආ වගන්ති ලෙස බලපැවැත් විය යුතු ය:- 27අ. (4) කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි, කොමිෂන් සභාවේ සභපත සඳහා එසේ කිරීම අවශ්‍ය යයි අමාත්‍යවරයා විසින් සලකනු ලබන අවස් ථාවක, ඔහු විසින්, 22 වන, 23 වන හා 42ඌ යන වගන්ති වලට යටත්ව, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයකින්, නියමයෙහි නිශ්චිතව සඳහන් යම් රාජ්‍ය සංස්ථාවක් වෙත, එම නියමයෙහි නිශ්චිතව සඳහන් දිනයක සිට ක්‍රියාත්මක වීමට, කොමිෂන් සභාව හා ඒ රාජ්‍ය සංස්ථාව අතර එකඟ විය හැකි, රාජ්‍ය සංස්ථාව වෙත ඒ ඉඩම සතු කිරීම සඳහා ප්‍රතිෂ්ඨාවට අදාළ නියමයන් හා කොන්දේසි වලට යටත් ව, මේ පනත යටතේ කොමිෂන් සභාව වෙත සතු කරන ලද හා නියමයෙහි විස්තර කරන ලද යම් කෘෂිකාර්මික ඉඩමක් හෝ වතු ඉඩමක් හෝ ඉඩමේ යම් කොටසක් සතු කළ හැකිය. (2) (1) වන උපවගන්තිය යටතේ වූ නියම යක් මගින්, ඒ නියමය ක්‍රියාත්මක වන දිනයට පෙරාතුවම වූ දිනයෙහි කොමිෂන් සභාව විසින් එම නියමයෙහි විස්තර කරන ලද කෘෂිකාර්මික ඉඩමට හෝ වතු ඉඩමට හෝ ඉන් කොටසකට දරන ලද අයිතිවාසිකම්, හිමිකම හා සම්බන්ධතාව ම, නියමයෙහි නිශ්චිතව සඳහන් කරන ලද රාජ්‍ය සංස්ථාව වෙත සතු කිරීමේ බලපෑම ඇති විය යුතු ය. (3) (1) වන උපවගන්තිය යටතේ කරන ලද නියමයක් මගින් යම් කෘෂිකාර්මික ඉඩමක් වතු ඉඩමක් හෝ එහි යම් කොටසක් යම් රාජ්‍ය සංස්ථාවක් වෙත සතු කරනු ලැබූ අවස්ථාවක, ඒ කෘෂිකාර්මික ඉඩමට හෝ වතු ඉඩමට හෝ එහි කොටසකට අදාළ වූ ද ඒ සතු කිරීමේ දිනයට පෙරාතුවම වූ දිනයෙහි පැවතියා වූ ද ප්‍රකාශිත වූ හෝ ගම්‍යමාන වූ හෝ යම් ගිවිසුමක් හෝ එකඟ වීමක් යටතේ වූ කොමිෂන් සභාවේ සියලු අයිතිවාසි කම් සහ බැරකම් ඒ රාජ්‍ය සංස්ථාවේ අයිතිවාසිකම් සහ බැරකම් බවට පත් විය යුතු ය. (4) (1) වන උපවගන්තිය යටතේ වූ නියමයක් මගින් යම් කෘෂිකාර්මික ඉඩමක් හෝ වතු ඉඩමක් හෝ ඉන් කොටසක් යම් රාජ්‍ය සංස්ථාවක් වෙත සතු කිරීම සඳහා වූ ප්‍රතිෂ්ඨාවට අදාළ යම් නියමයක් හෝ කොන්දේසියක් අනුව ක්‍රියා කර නොමැති අවස් ථාවක, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් ඉඩමට අදාළ (1) වන උපවගන්තිය යටතේ වූ නියමය ප්‍රත්‍යාදිෂ්ට කළ හැකි අතර, ඉන් අනතුරුව එම ඉඩම කොමිෂන් සභාව වෙත නැවත සතු වන්නේය. 27ආ. (1) කිසියම් කෘෂිකාර්මික ඉඩමක් 14 වන වගන්තිය යටතේ වූ ආඥාවක හේතුවෙන් යම් තැනැත්තකු වෙත පවරන ලද හෝ, 22 වන වගන් තියේ (ඊ) ඡේදය යටතේ යම් තැනැත්තකු වෙත අන්සතු කරන ලද නැතහොත් සතු කරන ලද අවස්ස්ථාවක හෝ 19 වන වගන්තිය යටතේ කරන ලද නිශ්චයක හේතුවෙන් යම් තැනැත්තකුට යම් කෘෂිකාර්මික ඉඩමක් තබා ගැනීමට ඉඩ දෙන ලද අවස් ථාවක, හෝ ඒ ඉඩම කොමිෂන් සභාව වෙත සතු වූ දිනයට පෙරාතුව වූ දිනයෙහි ඒ ඉඩම සම්බන්ධයෙන් පැවැති කිසියම් බැඳීමක් අවස් ස්ථා වෝචිත පරිදි එම ආඥාවෙහි, අන්සතු කිරීමෙහි, සතු කිරීමෙහි හෝ තීරණයෙහි දිනයේ සිට ප්‍රතිෂ්ඨා පනය කිරීමේ බලපෑම අවස්ථාවෝචිත පරිදි එම ආඥාවෙහි, අන් සතු කිරීමෙහි, සතු කිරීමෙහි තීරණයෙහි තිබිය යුතුය. (2) (1) වන උපවගන්තියෙහි සඳහන් යම් බැඳී මක් සම්බන්ධයෙන්, කිසියම් සිවිල් අධිකරණයක යම් නඩුවක හෝ නඩු කටයුත්තක කාර්ය සඳහා කාලාපගමන කාල සීමාව ආගණනය කිරීමේ දී, එ බැඳීමට විෂය කාරණාව වූ කෘෂිකාර්මික ඉඩම, කොමිෂන් සභාව සතුව පැවැති කාල සීමාව අත් හරිනු ලැබිය යුතු ය. ". 9. ප්‍රධාන ප්‍රඥප්තියේ 28 වන වගන්තිය අවසානයට පහත දැක්වෙන උපවගන්තිය එකතු කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- “(3) (අ) මේ උපවගන්තිය පනවනු ලැබූ දිනයේ දී, එම දිනයට කලින් කොමිෂන් සභාව සතු වූ යම් කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් කිසිදු වන්දියක් ගෙවා නොමැති අවස්ථාවක ඒ කෘෂිකාර්මික ඉඩම සම්බන් ධයෙන් ගෙවිය යුතු වන්දිය, (1) වන සහ (2) වන උපවගන්තිවල කුමක් සඳහන්ව ඇතද, එම කෘෂි කාර්මික ඉඩම කොමිෂන් සභාව වෙත සතු කරනු ලැබූ දිනයට පෙරාතුවම වූ දිනයෙහි එම ඉඩමේ අයිතිකරු වු තැනැත්තාගේ තෝරා ගැනීම අනුව, පහත සඳහන් උපමාන දෙකින් එකක් අනුව ගණන් බැලිය යුතු ය:- (i) කෘෂිකර්මික ඉඩම කුඹුරක් නොවේ නම් ඒ ඉඩමේ 1971 මැයි මස 29 වන දිනට ඉහතින් වූ ගිණුම් වර්ෂයේ සහ පළමු වෙන් සඳහන් ගිණුම් වර්ෂයට ඉහතින් ම වූ ගිණුම් වර්ෂ හතරේ සාමාන්‍ය වාර්ෂික ලාභය මෙන් පසළොස් ගුණයක් නොඉක්මවන මුදලක් සිහ ඒ ඉඩම කුඹුරක් නම් ඒ සාමාන්‍ය වාර්ෂික ලාභය මෙන් දස ගුණයක් නොඉක්මවන මුදල් ප්‍රමාණයක්; හෝ (ii) (අ) තේ, රබර් හෝ පොල් වගා කරන ලද කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් වූ විට, ඒ කෘෂිකාර්මික ඉඩම කොමිෂන් සභාව සතු වූ දිනයට පෙරාතුව ම වූ ගිණුම් වර්ෂ තුන සඳහා ඒ කෘෂිකාර්මික ඉඩමෙන් අක්කරය කට ලැබුණු සාමාන්‍ය වාර්ෂික ඵලදාව පදනම් කරගෙන ගණන් බලන ලද මුදලක් ; එහෙත් ඒ කෘෂිකාර්මික ඉඩමේ අක්කරයක සාමාන්‍ය වාර්ෂික ඵලදාව මෙහි 1 වන තීරුවේ දක්වා ඇති ප්‍රමාණයට සමාන වන අවස්ථාවලදී ඒ කෘෂිකාර්මික ඉඩමේ එක් එක් අක්කරයක් සම්බන්ධයෙන් ගෙවිය යුතු මුදල, මෙහි 11 වන තීරුවේ අනුරූප සටහනේ දක්වා ඇති මුදලට සමාන මුදලක් විය යුතු ය:- I වන තීරුව II වන තීරුව අක්කරයක සාමාන්‍ය අක්කරයක් වාර්ෂික ඵලදාව සඳහා වන්දි මුදල් ප්‍රමාණය නේ: රාත්තල් 1,500 ට වැඩි. රු. 2,500 රාත්තල් 1,000 ට වැඩි එහෙත් රු. 2,000 රාත්තල් 1,500 ට නොවැඩි රාත්තල් 750 ට වැඩි එහෙත් රු. 1,500 රාත්තල් 1,000 ට නොවැඩි රාත්තල් 750 ක් හා ඊට අඩු රු. 1,000 රබර් : රාත්තල් 1,000 ට වැඩි රු. 2,500 රාත්තල් 750 ට වැඩි එහෙත් රාත්තල් 1,000 ට නොවැඩි රු.2,000 රාත්තල් 500 ට වැඩි එහෙත් රාත්තල් 750 ට නොවැඩි රු. 1,500 රාත්තල් 500 ක් හා ඊට අඩු රු: 1,000 පොල් : ගෙඩි 3,000 ට වැඩි රු. 2,500 ගෙඩි 2,000 ට වැඩි එහෙත් ගෙඩි 3,000 ට නොවැඩි .... රු. 2,000 ගෙඩි 2,000 ක් හා ඊට අඩු රූ. 4,500 ; හෝ (ආ) කොකෝවා, කුරුඳු, ගම්මිරිස්, වී හෝ වෙන යම් කෘෂි කාර්මික නිෂ්පාදනයක් වගා කරනු ලැබූ කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් වන විට, නිෂ්පාදනයේ පව තින ඒ කෘෂිකාර්මික ඉඩමේ එක් එක් අ කරය සඳහා රු. 2,000 බැගින් ගණන් බලනු ලැබූ මුදලක්. (ආ) යම් කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් වන්දිය වශයෙන් ගෙවිය යුතු (අ) ඡේදයේ (1) වන අනුඡේද යට අනුකූලව ගණන් බලන ලද යම් මුදල් ප්‍රමාණය කින්, එම කෘෂිකාර්මික ඉඩම සම්බන්ධයෙන් 1971 මැයි මස 29 වන දිනට පෙරාතුව ම වූ ගිණුම් වර්ෂ පහ තුළ ආණ්ඩුව විසින් හෝ යම් රාජ්‍ය සංස්ථාවක් විසින් හෝ නැවත වගා කිරීම, කර්මාන්තශාලා නවීකරණය, තේ පෙට්ටි සහ පොහොර සඳහා සහනාධාර වශයෙන් ගෙවන ලද සෑම මුදලක්ම අඩු කළ යුතු ය. මේ උපවගන්තියේ '' වාර්ෂික ලාභය යන්න ගිණුම් වර්ෂයක් සඳහා යම් කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් යෙදෙන විට- (i) 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ අර්ථානුකූලව, ඒ ඉඩමේ ලාභ හා ආදායම වශ යෙන් එම වර්ෂය සඳහා තක්සේරුකරුවකු විසින් තක්සේරු කරන ලද පරිදි වූ නැත හොත් කලින් අයිතිකරු තක් සේ රුකරුවකු සමග එකඟවන ලද පරිදි වූ නැතහොත් එසේ තක්සේරු කර නොමැති හෝ එකඟ වී නො මැති අවස්ථාවක ඒ කලින් අයිතිකරු විසින් තක්සේරුකරුට ප්‍රකාශ කරන ලද පරිදි වූ ලාභ යෙහි හා ආදායමෙහි; සහ (ii) ඒ වර්ෂය සඳහා 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ අර්ථානුකූලව කලින් අයිති කරුගේ ලාභ සහ ආදායම නිශ්චය කිරීමේ කාර්ය සඳහා එම පනතේ 10 වන වගන්තියේ (අ) ඡේදය හෝ (ඌ) ඡේදය හෝ (එ} ඡේදය හෝ 53 වන වගන්තිය වගන්තිය යටතේ අඩු කිරීමක් ඉල්ලා සිටින ලද යම් මුදලක මුළු එකතුව අදහස් වේ. (ඇ) යම් කෘෂිකාර්මික ඉඩමක් සඳහා (අ) ඡේදයේ (i) වන අනුඡේදයේ විධිවිධාන වලට අනුකූලව ගණන් බලන ලද වන්දි ලැබීමට යම් තැනැත්තකුට හිමිකම් ඇත්තා වූ ද, ඒ කෘෂිකාර්මික ඉඩම කොමිෂන් සභාව වෙත සතු වූ දිනයට පෙරාතුව ම වූ වර්ෂ හත ඇතුළත ඒ ඉඩමෙහි, මෙහි I වන තීරුවේ දැක්වෙන යම් කෘෂි කාර්මික බෝගයක් වගා කොට හෝ නැවත වගා කොට ඇත්තා වූ ද අවස් ථාවක, එසේ ගණන් බලන ලද වන්දි මුදලට අතිරේකව එසේ වගා කරන ලද හෝ නැවත වගා කරන ලද එක් එක් කෘෂිකාර්මික ඉඩම් අක්කරයකට මෙහි II වන තීරුවේ අනුරූප සටහනේ දැක්වෙන මුදලකට සමාන මුදලක් ගෙවනු ලැබීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේය. I වන තීරුව II වන තීරුව තේ රු. 3,000 රබර් රු. 2,500 පොල් රු. 2,500 වී රු. 2,500 කොකෝවා රු. 2,000 කුරුඳු රු. 2,000 වෙනත් යම් කෘෂිකාර්මික බෝගයක්.. රු. 2,000 (4) (1) වන, (2) වන සහ (3) වන උපවගන්තිවල කුමක් සඳහන්ව ඇත ද, මේ උපවගන්තිය පනවනු ලැබූ දිනයෙන් පසුව කොමිෂන් සභාව වෙත සතු වූ යම් කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධ යෙන් ගෙවිය යුතු වන්දිය ප්‍රධාන තක්සේරුකරුගේ මතය අනුව, 1977 මාර්තු මස 31 වන දින ඒ ඉඩම විවෘත වෙළෙඳ පොළෙහි විකුණනු ලැබුවේ නම්, එම දිනයෙහි ලබාගත හැකිව තිබුණු මිළ 1977 මාර්තු මස 31 වන දිනයට පසුව ඒ ඉඩම සම්බන්ධයෙන් කරන ලද යම් වැඩි දියුණු කිරීම් වෙතොත්, ඒවායේ පිරිවැයට සමාන මුදලකින් වැඩි කරන ලද මුදලට සමාන මුදල් ප්‍රමාණයක් විය යුතුය. (5) මේ පනතේ වෙනත් යම් විධිවිධාන වල කුමක් සඳහන් චුවද මේ පනත යටතේ කොමිෂන් සභාව වෙත සතු කරන ලද යම් කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් වන්දි ලැබීමට හිමිකම් ඇත්තා වූ යම් තැනැත්තකුට, කොමිෂන් සභාව වෙත සතු කරන ලද ඒ කෘෂිකාර්මික ඉඩම සඳහා වන්දියේ ප්‍රමාණය සහ එය ගෙවීමේ ආකාරය සහ ක්‍රමය සම්බන්ධයෙන් කොමිෂන් සභාව සහ ඒ තැනැත්තා අතර ඇති කර ගන්නා ලද යම් ගිවිසුමකට හෝ සාකච්ඡා මගින් බේරුම් කිරීමකට අනුකූලව, අමාත්‍යවරයා විසින් මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා ගෙවීමට කොමිෂන් සභාවට විධානය කරනු ලබන මුදල් ප්‍රමාණයක් ඒ ආකාරයට හෝ ක්‍රමයට කොමිෂන් සභාව විසින් ගෙවනු ලැබිය හැකිය. ". 10. ප්‍රධාන ප්‍රඥප්තියේ 28 වන වගන්තියට ඉක් බිතිව ම මෙහි පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය ප්‍රධාන ප්‍රඥප්තියේ 28අ වගන්තිය ලෙස බලපැවැත විය යුතු ය:- 28 අ. (1) කොමිෂන් සභාව වෙත සතු වූ යම් කෘෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් මේ පනත යටතේ ඒ ඉඩම සම්බන්ධයෙන් ගෙවිය වන්දිය ගණන් බලන ලද්දේ, අවස් ථාවෝචිත පරිදි, ඒ ඉඩමේ ලාභ හෝ අගය පද නම් කොට ගෙන ද එය ඉක්මවන, අවස් ථාවෝචිත පරිදි ලාභ හෝ අගය මත, 1963 අංක 4 දරන දේශීය ආදායම් පනත යටතේ යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් ආදායම් බද්දක්, ධන බද්දක් හෝ තෑගි බද්දක් හෝ 1971 අංක 51 දරන ප්‍රාග්ධන බදු පනත යටතේ යම් ප්‍රාග්ධන බද්දක් හෝ බූදල් බදු ආඥාපනත යටතේ යම් බූදල් බද්දක් හෝ ගෙවන ලෙස නිවේදනයක් කර ඇති අවස් ථාවක, අවස් ථාවෝචිත පරිදි, ඒ ආදායම් බද්ද, ධන බද්ද, තෑගි බද්ද, ප්‍රාග්ධන බද්ද හෝ බූදල් බද්ද සම්බන්ධයෙන් වූ තක්සේරුව ප්‍රති ශෝධනය කරවා ගැනීමට හා එකී වැඩිපුර ගණන් බලන ලද ලාභ හෝ අගයට අදාළ කළ හැකි එකී බද්දේ කොටස අත් හරවා ගැනීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේය. (2) කොමිෂන් සභාව වෙත සතු වූ යම් කෘෂි කාර්මික ඉඩමක් සම්බන්ධයෙන් මේ පත යටතේ ඒ ඉඩම සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දිය ගණන් බලන ලද්දේ, අවස් ථාවෝචිත පරිදි, ඒ ඉඩමේ ලාභ හෝ අගය පදනම් කොට ගෙන ද එය ඉක්මවන, අවස් ථාවෝ විත පරිදි, ලාභ හෝ අගය මත 1963 අංක 4 දරන දේශීය ආදායම් පනත යටතේ යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් ආදායම් බද්දක්, ධන බද්දක් හෝ තෑගි බද්දක් හෝ 1971 අංක 51 දරන ප්‍රාග්ධන බදු පනත යටතේ යම් ප්‍රාග්ධන ප්‍රාග්ධන බද්දක් හෝ බූදල් බදු හෝ ආඥාපනත යටතේ යම් බූදල් බද්දක් හෝ ගෙවා ඇති අවස් ථාවක ඒ බද්දේ, ප්‍රාග්ධන බද්දේ බූදල් බද්දේ එකී වැඩිපුර ගණන් බලන ලද ලාභ හෝ අගයට අදාළ කළ හැකි කොටස ආපසු ගෙවනු ලැබීමට, ඒ තැනැත්තාට හිමිකම ඇත්තේ ය. (3) (1) වන උපවගන්තිය යටතේ තක්සේරු වක් ප්‍රතිශෝධනය කිරීමක් හෝ (2) වන උප වගන්තිය යටතේ ආපසු ගෙවීමක්, අවස් ථාවෝචිත පරිදි, එම තක් ක්සේරුව කරන ලද්දේ යම් තැනැත් තකු සම්බන්ධයෙන් ද ඒ තැනැත්තා හෝ අදාළ බද්ද ගෙවන ලද්දේ යම් තැනැත්තකු විසින් ද ඒ තැනැත්තා හෝ විසින්, 28 වන වගන්තිය යටතේ ඒ තැනැත්තාට වන්දි ගෙවනු ලැබූ දිනය හෝ මේ වගන්තිය පනවනු ලැබූ දිනය යන මෙයින් පසුව යෙදෙන දිනයේ සිට අවුරුද්දක් ඇතුළත, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලියවිල්ලකින් වූ දැන්වීමක් මගින් ඉදිරිපත් කරනු ලැබූ හිමිකම් පෑමක් අනුව පමණක් කරනු ලැබිය යුතු ය. (4 ) ආදායම් බදු, ධන බදු, තෑගි බදු, ප්‍රාග්ධන බදු හෝ බූදල් බදු පිළිබඳ යම් තක්සේරුවක් ප්‍රතිශෝධනය කිරීම සඳහා හෝ එවැනි යම් බද්දක් ආපසු ගෙවීම සදහා වගන්තිය යටතේ හිමිකම් පෑමක් කරනු ලැබූ අවස් ථාවක, වෙනත් යම් නීතියක පටහැනි ව කුමක් සඳහන්ව ඇත ද, ඒ තක්සේරුව ප්‍රතිශෝධනය කිරීම සහ ඒ ආපසු ගෙවීම කරනු ලැබිය හැකි ය. ". 11. ප්‍රධාන ප්‍රඥප්තියේ 32 වන වගන්තියේ (2) වන උපවගන් තියේ අවසානයට පහත දැක්වෙන අතුරු වගන්තිය එකතු කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- '' එසේ වුවද එවැනි යම් හිමිකම් පාන්නකු විසින් වන් දියට ඇති කිරීම. තම හිමිකම නිසි අධිකරණයක අවසාන තීන්දු ප්‍රකාශයක් මගින් හෝ ප්‍රමාණවත් යයි කොමිෂන් සභාව විසින් අදහස් කරනු ලබන සාක්ෂි මගින් සනාථ කරනු ලබන අවස් ථාවක, වන්දි හිමි තැනැත් තන් පිළිබඳව ද ඔවුන් අතර වන්දිය කොටස් කිරීම පිළිබඳව ද කලින් අයිතිකරු ලියවිල්ලකින් එකඟත්වයට පත් නොවන්නේ වුවද එම තීන්දු ප්‍රකාශයේ නියමයන්ට හෝ ඉදිරිපත් කරන ලද සාක්ෂිවලට අනුකූලව වන්දිය කොටස් කර ගෙවීමට කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සලස්වනු ලැබිය හැකිය. ". 12. ප්‍රධාන ප්‍රඥප්තියේ 35 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :- 35. මේ පනත යටතේ කොමිෂන් සභාව වෙත සතු වූ යම් කාෂිකාර්මික ඉඩමක් සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්න්දීය, එම ඉඩම කොමිෂන් සභාව වෙත සතු වීමෙන් පසු කොමිෂන් සභාව විසින් එහි සන්තකය භාර ගන්නා ලද දින සිට උපචිත වූ ලෙස සැලකිය යුතු අතර, එය උපචිත වූ දින සිට ගෙවීමේ දිනය දක්වා ඒ වන්දි මුදල් ප්‍රමා ණය මත වර්ෂයකට සියයට දහයක් වූ පොලිය ගෙවිය යුතුය. ". 13. ප්‍රධාන ප්‍රඥප්තියේ 42 වන වගන්තියේ (අ)ඡේදයේ වර්ෂයකට සියයට හතක් යන වචන වෙනුවට '' ඒ ඉඩම සතු කරන ලද දිනයේ සිට ගෙවීමේ දිනය දකවා වාර්ෂිකව සියයට දහයක් " යන වචන ආදේශ කිරීමෙන් එම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 14. ප්‍රධාන ප්‍රඥප්තියේ 42 ඒ වගන්තිය පහත සඳහන් පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (අ) එම වගන්තියේ ( 2 ) වන උපවගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් උපවගන්ති ඇතුළත් කිරීමෙන් :- " (2අ ) (අ) මේ උපවගන්තිය පනවනු ලැබූ දිනයේ දී මේ පනතේ මේ කොටස යටතේ කොමිෂන් සභාව සතු වූ යම් වතු ඉඩමක් සම්බන්ධයෙන් කිසිදු වන්න්දියක් ගෙවා නොමැති අවස් ස්ථාවක ඒ වතු ඉඩම සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දිය, මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධාන වල කුමක් සඳහන්ව ඇත ද, ඒ වතු ඉඩම කොමිෂන් සභාව සතු වූ දිනයට පෙරාතුවම් වූ දිනයෙහි ඒ වතු ඉඩමේ සන්තකය දැරූ තැනැත්තාගේ තෝරා ගැනීම අනුව පහත සඳහන් උපමාන දෙකින් එකක් අනුව ගණන් බැලිය යුතුය:- (1) ඒ වතු ඉඩම කොමිෂන් සභාව සතු වූ දිනයට පෙරා තුවම වූ ගිණුම් වර්ෂ පහ සඳහා ඒ වතු ඉඩමේ සාමාන්‍ය වාර්ෂික ලාභය මෙන් පසළොස් ගුණය කට සමාන මුදලක් ; හෝ (ii) (අ) තේ, රබර් හෝ පොල් වගා කරන ලද වතු ඉඩමක් සම්බන්ධයෙන් වූ විට, ඒ වතු ඉඩම කොමිෂන් සභාව සතු වූ දිනයට පෙරාතුව ම වූ ගිණුම් වර්ෂ තුන සඳහා ඒ වතු ඉඩමෙන් අක්කරයකට ලැබුණු සාමාන්‍ය වාර්ෂික පලදාව පදනම් කරගෙන ගණන් බලන ලද මුදලක් ; එහෙත් ඒ වතු ඉඩමේ අක්කරයක සාමාන්‍ය වාර්ෂික පලදාව මෙහි 1 වන තීරුවේ දක්වා ඇති ප්‍රමාණයට සමාන වන අවස්ථා වල දී ඒ වතු ඉඩමේ එක් එක් අක් කරයක් සම්බන් ධයෙන් ගෙවිය යුතු මුදල, මෙහි 11 වන තීරුවේ අනුරූප සටහනේ දක්වා ඇති මුදලට සමාන මුදලක් විය යුතුය: I වන තීරුව II වන තීරුව අක්කරයක සාමාන්‍ය වාර්ෂික අක්කරයක් සඳහා චන්දි පලදාව මුදල් ප්‍රමාණය තේ රාත්තල් 1,500 ට වැඩි රු. 2,500 රාත්තල් 1,000 ට වැඩි එහෙත් රාත්තල් 1,500 ට නොවැඩි රු. 2,000 රාත්තල් 750 ට වැඩි එහෙත් රාත්තල් 1,000 ට නොවැඩි රු. 1,500 රාත්තල් 750 ක් හා ඊට අඩු... රු. 1,000 රබර් රාත්තල් 1,000 ට වැඩි රු. 2,500 රාත්තල් 750 ට වැඩි එහෙත් රාත්තල් 1,000 ට නොවැඩි රු. 2,000 රාත්තල් 500ට වැඩි එහෙත් රාත්තල් 750 ට නොවැඩි... රු. 1,500 රාත්තල් 500 හා ඊට අඩු රු. 1,000 පොල් ගෙඩි 3,000 ට වැඩි රු. 2,500 ගෙඩි 2,000 ට වැඩි එහෙත් 3,000 ට නොවැඩි රු. 2,000 ගෙඩි 2,000 හා ඊට අඩු රු. 1,500 ; හෝ. (ආ) කොකෝවා, කුරුඳු, ගම්මිරිස්, වී හෝ වෙන යම් කෘෂිකාර්මික නිෂ්පාදනයක් වගා කරනු ලැබූ වතු ඉඩමක් සම්බන්ධ යෙන් වන විට, නිෂ්පදනයේ පවතින ඒ වතු ඉඩමේ එක් එක් අක්කරයක් සඳහා රු. 2,000 බැගින් ගණන් බලනු ලැබූ මුදලක්. (ආ) යම් වතු ඉඩමක් සම්බන්න්ධයෙන් මෙම උපවගන්තියේ (අ) ඡේදයේ (i) වන අනුඡේදයට අනුකූලව ගණන් බලන ලද වන්දි ලැබීමට යම් තැනැත්තකුට හිමිකම ඇත්තා වූ ද ඒ වතු ඉඩම කොමිෂන් සභාව සතු වූ දිනයට පෙරාතුවම වූ වර්ෂ හත ඇතුළත ඒ වතු ඉඩමෙහි, මෙහි 1 වන තීරුවේ දැක්වෙන යම් කෘෂිකාර්මික බෝගයක් වගා කොට හෝ නැවත වගා කොට ඇතතා වූ ද අවස් ථාවක, එසේ ගණන් බලන ලද වන්දි මුදලට අතිරේකව, එසේ වගා කරන ලද හෝ නැවත වගා කරන ලද එක් එක් වතු ඉඩම් අක්කරයක් සඳහා II වන තීරුවේ අනුරූප සටහනේ දැක්වෙන මුදලට සමාන මුදලක්, ගෙවනු ලැබීමට, ඒ තැනැත්තාට හිමිකම ඇත්තේ ය:- I වන තීරුව II වන තීරුව තේ රු. 3,000 රබර් රු. 2,500 පොල් රු. 2,500 වී රු. 2,000 කොකෝවා රු. 2,000 කුරුඳු රු. 2,000 මේ උපවගන්තියේ " වාර්ෂික ලාභය" යන්න ගිණුම් වර්ෂයක් සඳහා යම් වතු ඉඩමක් සම්බන්ධයෙන් යෙදෙන විට එයින්- (1) 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ අර්ථානු කූලව, ඒ වතු ඉඩමේ ලාභ හා ආදායම වශයෙන්, එම වර්ෂය සඳහා තක්සේරුකරුවකු විසින් තක් සේරු කරන ලද පරිදි වූ, නැතහොත් ඒ වතු ඉඩම කොමිෂන් සභාව සතු වූ දිනයට පෙරාතුව ම වූ දිනයේ දී ඒ වතු ඉඩමේ අයිතිකරුව සිටි (මේ අර්ථකථනයෙහි " කලින් අයිතිකරු ” කලින් අයිතිකරු " යනුවෙන් සඳහන් කරනු ලබන) තැනැත්තා තක්සේරුකරු වකු සමඟ එකඟ වන ලද පරිදි වූ නැතහොත් එසේ තක් සේරු කර හෝ එකඟවී නොමැති අවස් ථාවක, ඒ කලින් අයිතිකරු විසින් එම වර්ෂය සඳහා තක් සේ රුකරුට ප්‍රකාශ කරන ලද පරිදි වූ ලාභ හා ආදායමෙහි; සහ (ii ) එම වර්ෂය සඳහා 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ අර්ථානුකූලව එම වතු ඉඩමෙන් වූ කලින් අයිතිකරුගේ ලාභ හා ආදායම නිශ්චය කිරීමේ කාර්ය සඳහා, ඒ පනතේ - (අ) 10 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදය හෝ (ඌ) ඡේදය හෝ (එ) ඡේදය; හෝ (ආ) 53 වන වගන්තිය; හෝ (ඇ) 53අ වගන්තිය යටතේ අඩු කරන ලද යම් මුදලක මුළු එකතුව අදහස් වේ. (ඇ) යම් වතු ඉඩමක් සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දි මුදල වශයෙන් (අ) ඡේදයේ (i) අනුඡේදයට අනුකූලව ආගණනය කරන ලද කවරැ හෝ මුදල ප්‍රමාණයකින් ඒ වතු ඉඩම රජය සතු වූ දිනයට පෙරාතුවම වූ ගිණුම් වර්ෂ පහ අතුරින් යම් ගිණුම් වර්ෂයක් තුළ දී, නැවත වගා කිරීම, කර්මාන්ත ශාලා නවීකරණය කිරීම තේ පෙට්ටි සහ පොහොර සඳහා ආණ්ඩුව විසින් හෝ යම් රාජ්‍ය සංසථාවක විසින්, සහනාධාර වශයෙන් ගෙවන ලද සෑම මුදලක්ම අඩු කරනු ලැබිය යුතු ය. යම් වතු ඉඩමක් සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දි මුදල වශයෙන් (අ) ඡේදයේ (1) අනුඡේදයට අනුකූලව ආගණනය කරන ලද කිසිදු මුදල් ප්‍රමාණයක් ඒ වතු ඉඩමේ එක් එක් අක්කරය සඳහා, රුපියල් දෙදහස් පන්සියය නොඉක් මවිය යුතුය. (2 ආ ) මේ උපවගන්තිය පනවනු ලැබූ දිනයෙහි, මේ පනතේ මේ කොටස යටතේ කොමිෂන් සභාව සතු යම් වතු ඉඩමක් සම්බන්ධයෙන් කිසිදු වන දියක් ගෙවා නොමැති හා සතුවූ දිනයේ දී එ වතු ඉඩම් සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් භාරගත් ශුද්ධ ජංගම වත්කම් පැවතියා වූ අවස්ථාවක. (2අ) උපවගන්තිය යටතේ ගෙවිය යුතු වන් දිය ඒ ශුද්ධ ජංගම වත්කම්වල පොතේ වටිනාකමට සමාන මුදල් ප්‍රමාණයකින් වැඩි කළ යුතු වන්නේය මේ වගන්තියේ " ශුද්ධ ජංගම වත්කම් යන්නෙන් වෙළෙඳ තොග, අලෙවි නොකරන ලද නිෂ්පාදන, මුදල්, ස්ථාවර තැන්පතු, අයවිය යුතු ණය සහ ලැබිය යුතු වෙනත් දේ අදහස් වේ. (2 ඇ ) මේ උපවගන්තිය පනවන ලද දිනය වන විට ඒ චතු ඉඩම සම්බන්ධයෙන් ගෙවිය යුතු වන්දි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් යම් එකගවීමකට ඇතුළත නොවූ හෝ සාකච්ඡා මගින් සම්මුතියකට නොඑළැමුණු එක් සත් රාජධානියෙහි සංස්ථාගත කරන ලද යම් සමාගමකට ගෙවිය යුතු වන්දි මුදල් ප්‍රමාණය ගණන් බැලීමේදී (2අ) හා (2ආ) උපවගන්තිවල කිසිවක් අදාළ නොවිය යුතු අතර, (2) වන උපවගන්තියේ නියමයන් අනුව ඒ වතු ඉඩම සම්බන්ධයෙන් වන්දිය ගෙවිය යුතු ය. (2ඈ) (1) (2) වන උපවගන්තියේ හෝ (2අ) වන උපවගන්තියේ හෝ ( 2ආ) වන උපවගන්තියේ විධි විධාන අනුව ගණන් බලන ලද වන්දි වශයෙන් යම් මුදල් ප්‍රමාණයක් යම් පොදු යම් පොදු සමාගමකට ලැබුන අවස්ථාවක, සමාගම් ආඥාපනතේ හෝ වෙනත් යම් නීතියක කුමක් සඳහන් වුව ද, කොමිෂන් සභාව විසින් ඉඩ දෙනු ලබන බැරකම් පියවීමෙන් පසු, ඒ වන්දි මුදල් ලැබුණු දින සිට මාස හයක් ඇතුළත දී නැතහොත් ඒ වන්දි මුදල් වාරික වලින් ලැබුණු අවස් ථාවක, ඒ එක් එක් වාරිකය ලැබීමෙන් පසු මාස හයක් ඇතුළත දී එ සමාගමේ කොටස් කරුවන් අතර ඒ වන්දි මුදල් බෙදාදීම ඒ සමාගමේ කාර්යය විය යුතුය. (2) (1) වන උපවගන්තියේ සඳහන් එවැනි යම් සමාගමක කොටස් ප්‍රාග්ධනය විවිධ කොටස් පංතිවලට බෙදා ඇති අවස් ථාවක, වන්දිය බෙදාදීම ඒ එක් කොටස් පංතියට අයත් අයිතිවාසිකම්වලට අනුකූල විය යුතුය. (2ඉ) වන්දි වශයෙන් පොදු සමාගමකට ලැබුණ යම් මුදල් ප්‍රමාණයක් (2ඈ ) වන උපවගන්තියේ විධි විධාන වලට අනුකූලව සමාගම විසින් බෙදා දෙනු ලැබ, ඒ බෙදා දීමේ ප්‍රතිඵලය වශයෙන් වකීය ව්‍යාපාරය කරගෙන යාමට නොහැකි බවට සම්මත කරනු ලබන අවස්ථාවකදී, ස්ව කීය නාමය සමාගම් ලියාපදිංචි කිරීමේ ලේඛනයෙන් කපා හැරීම පිණිස ඒ සමාගම විසින් සමාගම් රෙජිස් ට්‍රාර් වරයා වෙත ඉල්ලීමක් කරනු ලැබිය හැකිය. එවිට (අ) ඒ සමාගමේ සියලු බැරකම් ගෙවා ඇති බවට ; (ආ) සමාගම විසින් ලබාගෙන ඇති වන්දි මුදල් (2 ඈ ) වන උපවගන්තියට අනුකූලව බෙදාදී ඇති බවට; සහ (ඇ) සමාගමට ව්‍යාපාරය කරගෙන යාමට නොහැකි බවට සමාගම් රෙජිස්ට්‍රාර්වරයා සෑහීමට පත්වීමෙන් පසු, සමාගම් ගණන් බේරා වසා දැමීම හෝ විසුරුවා හැරීම සම්බන්ධයෙන් සමාගම් ආඥාපනතේ කුමක් සඳහන් වුව ද, එම සමාගමේ නම එම සමාගම් ලියාපදිංචි කිරීමේ ලේඛ නයෙන් කපා හැරිය යුතු ය; '' (ආ) එම වගන්තියේ ( 4 ) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනු වට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :--- (4) මේ පනතෙ මේ කොටස යටතේ වන්දියෙන් කළ හැකි යම් අඩු කිරීම් අඩුකොට ගෙවිය යුතු වන්දියට, වන්දි ගෙවිය යුතු ඒ වතු ඉඩමේ සන්තකය කොමිෂන් සභාව විසින් සතු කර ගන්නා ලද දිනයේ සිට ගෙවීමේ දිනය දක්වා වර්ෂයකට සියයට දහයක් වු පොලිය අයත් විය යුතු ය. ''. 15. ප්‍රධාන ප්‍රඥප්තියේ 66 වන වගන්තියේ " තැනැත්තා" යන යෙදුමේ අර්ථකථනය, එහි (ආ) ඡේදයට ඉක් බිතිවම, පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන්, මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (ආආ) පුද්ගලික භාරයක්; හෝ " . 16. මේ පනතේ 2(අ) වන, 12 වන සහ 15 වන වගන්ති මගින් ප්‍රධාන ප්‍රඥප්තියෙහි කරන ලද සංශෝධන, සියළු කාර්ය සඳහා, ප්‍රධාන ප්‍රඥප්තිය ආරම්භ වූ දිනයේ සිට ක්‍රියාත්මක වූ ලෙස සැලකිය යුතුය. II වන කොටස ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ කරන ලද ඇතැම් ආඥා සහ නිශ්චය කිරීම් සම්බන්ධයෙන් වන විශේෂ විධිවිධාන 17. (1) මේ පනත ආරම්භ වීමට පෙර, පැවරුම්කරුට සහ පැවරුම්ලාභියාට හෝ කරුණු දැක්වීමට අවස් ථාවක නොදී. කෘෂිකාර්මික ඉඩමක් පවරාදීම ශුන්‍ය හා බල රහිත බව ප්‍රකාශ කර මින්, කොමිෂන් සභාව විසින්, ඉඩම් ප්‍රතිසංස් කරණ පනතේ 13 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ ආඥාවක කරනු ලැබ, මේ පනත ආරම්භ වන දිනයට පෙර - (අ) ඉඩම් ප්‍රතිසංස් කරණ පනතේ 28 වන වගන්තිය යටතේ ඒ ඉඩම සම්බන්ධයෙන් යම් වන්දියක් ගෙවා තිබුණු ; හෝ (ආ) ඒ ඉඩම එම පනතේ 22 වන වගන්තිය යටතේ යම් තැනැත්තකු වෙත පවරා දී තිබුණු අවස්ථාවක යට කී පරිදි කරුණු දැක්වීමට අවස්ථාවක ලබා නො දීමේ හේතුව මතම පමණක් ඒ ආඥාව අවලංගුව නොපැවති බව හෝ අවලංගුව නො පවත්නා බව සැලකිය යුතු ය. (2) මේ පනත ආරම්භ වීමට පෙර, පැවරුම්කරුට හෝ පැවරුම් ලාභියාට හෝ කරුණු දැක වීමට අවස් ථාවක් නොදී යම් කෘෂිකාර් මික ඉඩමක් පවරාදීම ශුන්‍ය සහ බල රහිත බව ප්‍රකාශ කරමින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 13 වන වගන්තියේ (3) වන උප වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් ආඥාවක් කරනු ලැබ, මේ පනත ආරම්භ වන දිනයට පෙර - (අ) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 28 වන වගන්තිය යටතේ ඒ ඉඩම සම්බන්ධයෙන් යම් වන දියක් ගෙවා තිබුණු; හෝ (ආ) ඒ ඉඩම එම පනතේ 22 වන වගන්තිය යටතේ තැනැත්තකු වෙත පවරා දී තිබුණු අවස් ථාවක යටකී පරිදි කරුණු දැක් වීමට අවස් ස්ථාවක් ලබා දීමේ හේතුව මතම පමණක් ඒ ආඥාව අවලංගුව නොපැවති බව හෝ අවලංගුව නොපවත්නා බව සැලකිය යුතු ය. (3) මේ පනත ආරම්භ වීමේ දිනයට පෙර, පැවරුම්කරුට හෝ පැවරුම්ලාභියාට හෝ කරුණු දැක්වීමට අවස් ථාවක් නොදී, යම් කෘෂිකාර්මික ඉඩමක් පවරා දිම ශුන්‍ය සහ බල රහිත බව ප්‍රකාශ කරමින්, කොමිෂන් සභාව විසින්, ඉඩම් ප්‍රතිසංස් කරණ පනතේ 43 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ ආඥාවක් කරනු ලැබ ඇති අවස් ථාවක සහ මේ පනත ආරම්භ වන දිනයෙහි - (අ) ඉඩම් ප්‍රතිසංස් කරණ පනතේ 28 වන වගන්තිය යටතේ එම ඉඩම සම්බන්ධයෙන් වන්දියක් ගෙවා නොතිබුණි නම් ; හෝ (ආ) ඒ පනතේ 22 වන වගන්තිය යටතේ එම ඉඩම යම් තැනැත්තකු වෙත පවරා දී නොතිබුණි නම් ඒ ආඥාව ශුන්‍ය සහ බල රහිතව පැවති බවත් ශුන්‍ය සහ බල රහිත වන බවත් සැලකිය යුතු ය. (4) මේ පනත ආරම්භ වීමේ දිනයට පෙර, පැවරුම්කරුට සහ පැවරුම්ලාභියාට කරුණු දැක්වීමට අවස්ථාවක් නොදී, යම් කෘ කාර්මික ඉඩමක් පවරා දීම ශුන්‍ය සහ බල රහිත බව ප්‍රකාශ කර මින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 13 වන වගන්තියේ (3) වන උපවගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් අඥාවක් කරනු ලැබ ඇති අවස් ථාවක සහ මේ පනත ආරම්භ වන දිනයෙහි - (අ) ඉඩම් ප්‍රතිසංස් කරණ පනතේ 28 වන වගන්තිය යටතේ එම ඉඩම සම්බන්ධයෙන් වන්දියක් ගෙවා නොතිබුණි නම්; හෝ (ආ) ඒ පනතේ 22 වන වගන්තිය යටතේ ඒ ඒ ඉඩම යම් තැනැත්තකුට පවරා දී නොතිබුණි නම් ඒ ආඥාව ශුන්‍ය සහ බල රහිතව පැවති බවත්, ශුන්‍ය සහ බල රහිත වන බවත් සැලකිය යුතු ය. (5) යම් කෘෂිකාර්මික ඉඩමක් පවරාදීම ශුන්‍ය සහ බල රහිත බව ප්‍රකාශ කරමින්, අවස් ථාවෝ චිත පරිදි, කොමිෂන් සභාව හෝ අමාත්‍යවරයා විසින් කරන ලද ආඥාවක් (3 ) වන උපවගන්තියේ හෝ (4) වන උපවගන්තියේ විධිවිධාන ක්‍රියාත්මක වීමේ හේතු වෙන මේ කොටස යටතේ ශුන්‍ය සහ බල රහිත යයි සලකනු ලබන අවස් ථාවක, මේ පනත ආරම්භ වී මාස තුනක් ඇතුළත දී, පැවරුම් කරු හෝ පැවරුම්ලාභියා විසින් ඒ පවරාදීම කොමිෂන් සභාව වෙත වාර්තා කළ යුතු ය. (6) (5) වන උපවගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත කරන ලද වාර්තාවක් අනුව, කරුණු දක්වා සිටීමට අවස්ථාවක් පැවරුම් කරුට හා පැවරුම්ලාභියාට සලසා දීමෙන් පසු, ඒ වාර්තාවෙහි සඳහන් පවරාදීම ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ පරමාර්ථ ව්‍යර්ථ කෙරෙන ස්වභාවයෙන් යුක්ත බව කොමිෂන් සභාවට පෙනී යන අවස් ථාවක, කොමිෂන් සභාව විසින් කොමිෂන් සභාවේ අත් සහ යටතේ වු ආඥාවක් මගින් ඒ පවරාදීම ශුන්‍ය හා බල රහිත බව ප්‍රකාශ කරනු ලැබිය හැකි ය. එවැනි සෑම ආඥාවක්ම එම ආඥාව අදාළ වන පැවරුම්කරු වෙත සහ පැවරුම්ලාභියා වෙත ලියාපදිංචි තැපෑලෙන් යවනු ලැබිය යුතු ය. (7 ) මේ වගන්තියේ ( 6 ) වන උපවගන්තිය යටතේ කොමිෂන් සභාව විසින් කරනු ලබන සෑම ආඥාවකටම ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 43 වන වගන්තියේ (3) වන, ( 4 ) වන, (5) වන සහ (6) වන උපවගන්තිවල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, අදාළ විය යුතු ය. (8) (5) වන උපවගන්තියේ විධි විධාන වලට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හැරීමක්, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ විධිවිධානයන් අනුව ක්‍රියා කිරීම පැහැර හැරීමක් ලෙස සැලකිය යුතු අතර, ඒ අනුව ඒ සඳහා දඬුවම් පැමිණ විය යුතුය. 18. (1) ඉඩම් ප්‍රතිසංස්‍කරණ පනතේ 14 වන වගන්තිය යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට හිමිකම ඒ පනත ආරම්භ වූ දිනයෙහි ලබා සිටිය ද ඒ වගන්තියේ (1) වන උපවගන්තියෙහි සඳහන් කාලය ඇතුළත දී ඒ ඉල්ලීම ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ යම් තැනැත් තකු - (අ) ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ආරම්භ වූ (මේ උපවගන්ති යෙහි “ අදාළ දිනය " යනුවෙන් සඳහන් කරනු ලබන) දිනයට ඉහතින්ම වූ දිනයෙහි යම් කෘෂිකාර්මික ඉඩමක අයිතිකරුව සිටියේ නම්, මේ පනත ආරම්භ වූ දිනයේ දී ඒ තැනැත්තා ඒ ඉඩමෙහි ව්‍යවස්ථාපිත බදු ගැනුම්කරු නො වුව ද, තව ද, (ආ) ඉහත සඳහන් 14 වන වගන්තියෙහි කුමක් සඳහන්ව ඇතදා මේ පනත ආරම්භ වූ දිනයේ දී ඒ තැනැත්තා ඒ ඉඩමේ ව්‍යවස් ථා පිත බදු ගැනුම්කරුව සිටියාක් මෙන්, ඒ ඉඩම සම්පූර්ණයෙන්ම හෝ ඉන් යම් කොටසක් හෝ විකිණීමෙන්, තෑගි දීමෙන් නැතහොත් වෙනත් ආකාරයකින් ඒ තැනැත්තාගේ යම් දරුවකුට, එනම්, අදාළ දිනයේ දී අවුරුදු දහ අටක් ව හෝ ඊට වැඩි වයසක සිටි දරුවකුට නැතහොත් ඒ තැනැතාගේ දෙමාපියන්ගෙන් කෙනකුට, පැවරීම සඳහා ඒ වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ ඉල් ලී මක්,මේ පනත ආරම්භ වන දින සිට මාස තුනක් ඇතුළත දී ඒ තැනැත්තා විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකි ය. ( 2 ) ඉහත සඳහන් පරිදි ඉල්ලීමක් කොමිෂන් සභාව වෙත ලැබුණු විටක, මේ පනත ආරම්භ වන දිනයේ දී - (අ) ඒ ඉල්ලීමෙහි නිශ්චිතව සඳහන් ඉඩම සම්බන්ධයෙන් කිසිදු වන්දියක් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතෙ 28 වන වගන්තිය යටතේ ගෙවා නොතිබුණහොත් ; සහ (ආ) ඒ පනතේ 22 වන වගන්තිය යටතේ ඒ ඉඩම යම් තැනැත් තකුට පවරා දී නොතිබුණහොත් පමණක්, ඒ පැවරීම සඳහා අනුමතය දෙමින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ ආඥාවක් කොමිෂන් සභාව විසින් කළ හැකිය.\ (3) යම් කෘෂිකාර්මික ඉඩමක් පැවරීම සඳහා අනුමතය දීම ප්‍රතික්ෂේප කරමින්, කොමිෂන් සභාව විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තියේ ( 2 ) වන උපවගන්තිය යටතේ ආඥාවක් මේ පනත ආරම්භ වීමේ දිනයට පෙර කර තිබුණා වූ ද උපවගන්තියේ සඳහන් කාල සීමාව තුළ දී එ ආඥාවට විරුද්ද්ධව ආයාචනයක් අමාත්‍යවරයා වෙත ඉදිරි පත් කිරීමට, ඒ පැවරීම කිරීමට අනුමතය ඉල්ලා සිටි තැනැ තා අපොහොසත් වී තිබුණා වූ ද අවස් ථාවක දී, ඒ වගන්තියේ කුමක් සඳහන්ව ඇත ද මේ පනත ආරම්භ වන දින සිට මාස තුනක් ඇතුළත දී, ඒ තැනැතතා විසින් ඒ ආඥාවට විරුද්ධව අමාත්‍යවරයා වෙත ආ යාචනයක් ඉදිරිපත් කළ හැකි ය. (4) කොමිෂන් සභාව විසින් ඉඩම් ප්‍රතිසංස් කරණ පනතේ 14 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ කරන ලද ආඥාවට විරුද් ධව ආයාචනයක්, මේ පනත ආරම්භ වීමේ දිනයට පෙර, යම් තැනැත්තකු විසින් ඒ උපවගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබුණා වූ ද අමාත්‍යවරයා විසින් ඒ ආය චනය ප්‍රතික්ෂේප කර ඇත්තා වූ ද අවස්ථාවක, ඉහත සඳහන් 14 වන වගන්තියේ කුමක් සඳහන්ව ඇතද, මේ පනත ආරම්භ වන දින සිට මාස තුනක් ඇතුළත දී ඒ ආඥාවට විරුද්ධව තවදුරටත් වූ ආයාචන යක් ඒ තැනැත්තා විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ හැකි ය. ( 5 ) ( 3 ) වන උපවගන්තිය හෝ ( 4 ) වන උපවගන්තිය හෝ යටතේ ඉදිරිපත් කරන ලද ආයාචනයක් අමාත්‍ය වරයා වෙත ලැබුණු අවස්ථාවක දී ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වග තියේ කුමක් සඳහන්ව ඇත ද, මේ පනත ආරම්භ වන දිනයේ දී- (අ) ඒ ආයාචනයෙහි සඳහන් ඉඩම සම්බන්ධයෙන් වන්දියක් ඉඩම් ප්‍රතිසංස් කරණ පනතේ 28 වන වගන්තිය යටතේ ගෙවා නොතිබුණේ නම්; සහ (ආ) එම පනතේ 22 වන වගන්තිය යටතේ එම ඉඩම යම් තැනැත්තකුට පවරා දී නොතිබුණේ නම්, පමණක් ඒ ආයාචනය ඉදිරිපත් කර ඇත්තේ යම් ආඥාවකට විරුද් ධවද ඒ ආඥාව සංශෝධනය කිරීම, වෙනස් කිරීම හෝ සුළු වශයෙන් වෙනස් කිරීම සියලුම අවස් ථානුගත කරුණු අනුව සාධාරණ හා යුක්ති සහගත වන බව අමාත්‍යවරයා විසින් සලකනු ලබන්නේ නම්, ඒ ආඥාව අමාත්‍යවරයා විසින් සංශෝධනය කිරීම, වෙනස් කිරීම හෝ සුළු වශයෙන් වෙනස් කිරීම කළ හැකි ය. (6) පහත දැක් වෙන යම් අවස් ථාවක දී, එනම්,— (අ) මේ වගන්තියේ (1) වන උපවගන්තිය සමග කියවිය යුතු, ඉඩම් ප්‍රතිසංස් කරණ පනතේ 14 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් ප්‍රකාර කොමිෂන් සභාව විසින් එකී 14 වන වගන්තිය යටතේ ආඥාවක් කර ඇත්තා වූ; හෝ (ආ) එකී පනතේ 14 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව විසින් කරන ලද ආඥාවක් මේ වගන්තියේ (5) වන උපවගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් වෙනස් කර, සුළු වශයෙන් වෙනස් කර හෝ සංශෝධනය කර ඇත්තා වූ අවස්ථාවක දී, ඒ ආඥාවේ බලපෑම, නැතහොත්, වෙනස් කරන ලද, සුළු වශයෙන් වෙනස් කරන ලද හෝ සංශෝධනය කරන ලද ඒ ආඥාවේ බලපෑම වනුයේ යම් කෘෂිකාර්මික ඉඩමක් (මේ උපවගන්ති යේ මින්මතු " පැවරුම්කරු '' යනුවෙන් සඳහන් කරනු ලබන) යම් තැනැත්තකු විසින් ඔහුගේ (මේ උපවගන්තියේ මින් මතු '' පැවරුම්ලාභියා '' යනුවෙන් සඳහන් කරනු ලබන ) දරුවකුට හෝ දෙමාපියන්ගෙන් කෙනකුට පැවරිම සඳහා අනුමතය දීම වේ නම් සහ, ඒ ආඥාව කරන ලද දිනයේ දී නැතහොත් ඒ ආඥාව එසේ වෙනස් කරන ලද, සුළු වශයෙන් වෙනස් කරන ලද හෝ සංශෝධ නය කරන ලද දිනයේ දී ඒ ඉඩම කොමිෂන් සභාව වෙත සතු වී තිබුණේ නම්, කොමිෂන් සභාව විසින් නොපමාව ම ඒ ඉඩම ඒ පැවරුම්ලාභියා වෙත පැවරිය යුතුය. (7) පහත සඳහන් අවස් ථාවලට, එනම්,- (අ) මේ වගන්තියේ (1) වන උපවගන්තිය සමග කියවිය යුතු ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 14 වන වගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් ප්‍රකාර, කොමිෂන් සභාව විසින් එකි 14 වන වගන්තිය යටතේ කරන ලද; හෝ (ආ) එකී 14 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව විසින් කරන ලදුව, මේ වගන්තියේ (5) වන උපවගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් වෙනස් කරන ලද හෝ සුළු වශයෙන් වෙනස් කරන ලද හෝ සංශෝධනය කරන ලද සෑම ආඥාවකටම ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 44 වන වගන්තියේ (3) වන සහ (4) වන උපවගන්ති, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව; අදාළ විය යුතු ය. 19. (1) මේ පනත ආරම්භ වීමට පෙර, ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 19 වන වගන්තිය යටතේ කෘෂිකාර්මික ඉඩමකින් යම් තැනැත්තකු වෙත තබා ගැනීමට ඉඩ දෙනු ලබන කොටස හෝ කොටස් හෝ නිශ්චිතව සඳහන් කරමින් කොමිෂන් සභාව විසින් කරන ලද නිශ්චය කිරීමකින් අතෘප්තියට පත් යම් තැනැත්තකු විසින්, එකී ඉහත සඳහන් 19 වන වගන්තියේ කුමක් සඳහන්ව ඇත ද මේ පනත ආරම්භ වන දින සිට මාස තුනක් ඇතුළත දී ඒ නිශ්චය කිරීමට විරුද්ධව ආයාචනයක් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකිය. (2) (1) වන උපවගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත ඉදිරි පත් කරන ලද ආයාචනයක දී,— (අ) ආයාචක සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස් කරණ පනතේ 19 වන වගන්තිය යටතේ කරන ලද නිශ්චය කිරීම මගින් ඔහුට තබා ගැනීමට ඉඩ දෙන ලද කෘෂිකාර්මික ඉඩම් කොටසෙහි හෝ කොටස් වල ප්‍රමාණය සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව වෙනස් කමක් කර ඇති බවට ; හෝ (ආ) ආයාචක විසින් එම පනතේ 18 වන වගන්තිය යටතේ කරන ලද ප්‍රකාශනය මගින් ඔහු විසින් දක්වන ලද කැමැත්ත, ඒ නිශ්චය කිරීමේ දී කොමිෂන් සභාව විසින් සැලකිල්ලට ගෙන නොමැති බවට කොමිෂන් සභාව සෑහීමට පත් වුවහොත් සහ, මේ පනත ආරම්භ වන දිනය වන විට, (අ) ආයාචක විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 18 වන වගන්තිය යටතේ කරන ලද ප්‍රකාශනය මඟින් තමාට අයත් යයි නිශ්චිතව සඳහන් කරන ලද කෘෂිකාර්මික ඉඩමෙන් පහත සඳහන් කොටස, එනම්, ඒ පනතේ 19 වන වගන්තිය යටතේ ඔහු සම්බන්ධයෙන් කරන ලද නිශ්චය කිරිමෙහි නිශ්චිතව සඳහන් ඉඩම් කොටස හැර, ඒ සම්පූර්ණ ඉඩම සම්බන්ධයෙන් වන්දි මුදලක් ඒ පනතේ 28 වන වගන්තිය යටතේ ගෙවා නොතිබුණ හොත්; (ආ) (ඒ 19 වන වගන්තිය යටතේ ඔහු සම්බන්ධයෙන් කරන ලද නිශ්චය කිරීමෙහි නිශ්චිතව සඳහන් ඉඩම් කොටස හැර) ඒ මුළු ඉඩම ඒ පනතේ 22 වන වගන්තිය යටතේ ය තැනැත්තකු වෙත පවරා දී නොතිබුණ හොත් පමණක්, ඉහත කී 19 වන වගන්තියේ කුමක් සඳහන්ව ඇත ද, 19 වන වගන්තිය යටතේ, ආයාචක සම්බන් ධයෙන් කර තිබුණු නිශ්චය කිරීම කොමිෂන් සභාව විසින් අවලංගු කර ඔහු සම්බන්ධ යෙන් අලුත් නිශ්චය කිරීමක් ඒ වගන්තිය යටතේ කළ හැකි ය. (3) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 19 වන වගන්තිය යටතේ කරන ලද නිශ්චය කිරීමක් කොමිෂන් සභාව විසින් (2) වන උප වගන්තිය යටතේ අවලංගු කරනු ලබන අවස්ථාවක දී ඒ අවලංගු කිරීම ගැසට් පත්‍රයෙහි පළ කළ යුතු අතර, ඒ අවලංගු කිරීම එසේ පළ කරන ලද දිනයේ සිට බලපැවැත්විය යුතු ය; තව ද එසේ පළ කරන ලද ඒ අවලංගු කිරීමේ බලපෑම වනුයේ ඒ නිශ්චය කිරීමෙහි නිශ්චිතව සඳහන් කාෂිකාර්මික ඉඩමේ අයිතිවාසිකම, හිමිකම සහ සම්බන්ධතාව ඒ පළ කිරීමේ දින සිට කොමිෂන් සභාව වෙත යළි සතු වීමය. (4) ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 19 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව විසින් කරන ලද නිශ්චය කිරීමක් අවලංගු කර අලුත් නිශ්චය කිරීමක් කොමිෂන් සභාව විසින් වගන්තිය යටතේ කරනු ලබන අවස්ථාවක දී, පනතේ 18 වන වගන්තිය යටතේ ඉල්ලුම්කරු විසින් කරන ලද ප්‍රකාශනයෙහි ඔහුට අයිති යැයි ඔහු විසින් සඳහන් කරන ලද කෘෂි කාර්මික ඉඩමේ කවර කොටස හෝ කොටස් ඔහුට තබා ගැනිමට ඉඩ දෙනු ලැබේ ද යන්න ඒ නිශ්චය කිරීමෙහි නිශ්චිතව සඳහන් කරනු ලැබිය යුතු අතර, එසේ නිශ්චිත කොටස හෝ කොටස්,මේ පනත ආරම්භ වන දිනයේ දී ඉඩම් ප්‍රතිසංස් කරණ පනතේ 22 වන වගන්තිය යටතේ යම් තැනැත්තකුට පවරා නොතිබුණු ඒ කෘෂිකාර්මික ඉඩමේ යම් කොටසින් වූ කොටසක් හෝ කොටස් විය යුතු ය; නැතහොත් එකී පනතේ 28 වන වගන්තිය යටතේ වන්දි මුදල් ගෙවනු නොලැබූ කොටසක් හෝ කොටස් විය යුතුය. නිශ්චය කිරීම කරනු ලබන දිනයේ දී ඒ තැනැත්තා ඒ ඉඩමේ ව්‍යවස්ථාපිත බදු ගැනුම්කරු නොවුවද ඉහත සඳහන් ආකාරයට නිශ්චය කිරීමක් කරනු ලැබිය හැකි ය; තවද ඒ සෑම නිශ්චය කිරීමකට ම ඉඩම් ප්‍රතිසංස් කරණ පනතෙ 10(1) (ආ), 19(2) වන, 20 වන සහ 21 වන වගන්තිවල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, අදාළ විය යුතු ය. (5) මේ පනතේ හෝ වෙනත් යම් නීතියක කුමක් සඳහන් වුව ද, ඉඩම් ප්‍රතිසංස් කරණ පනතේ 14 වන වගන්තිය හෝ 19 වන වගන්තිය හෝ 22 වන වගන්තිය යටතේ කරන ලද ආඥාවක හෝ නිශ්චය කිරීමක ප්‍රතිඵලය වශයෙන් ප්‍රමාණයෙන් අක්කර විසිපහකට වැඩි වූ යම් කෘෂිකාර්මික ඉඩමක අයිතිකරු බවට පත් වන යම් තැනැත්තකු විසින් 1958 අංක 2 දරන තේ සහ රබර් වතු (කැබලි කිරීම පාලනය කිරීමේ) පනතේ හෝ 1972 අංක 2 දරන වතු (පැවරීම් පාලනය කිරීමේ හා අත්කර ගැනීමේ) පනතේ විධිවිධාන යටතේ හැර අන්‍යාකාරයකින් ඒ ඉඩම කැබලි විය හැකි ආකාරයෙන් ඒ ඉඩම විකිණීම නීත්‍යනුකූල නොවන්නේය. 20. (මේ පනත මගින් ඉවත් කරනු ලබන) ජාතික රාජ්‍ය සභාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 22 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (ඊ) ඡේදය යටතේ කොමිෂන් සභාව විසින් යම් කෘෂි මේ පනත කාර්මික ඉඩමක් යම් තැනැත්තකු වෙත පවරා දීමට, ආරම්භ වීමේ දිනයට පෙර, එම ඡේදය යටතේ පියවර ගෙන ඇති අවස් ථාවකදී, මේ පනත මගින් එම ඡේදය ඉවත් කරනු ලැබුව ද, ඒ ඡේදය ක්‍රියාත්මක ව බලපැවතියාක් මෙන් ඒ තැනැත්තාට ඒ ඉඩම විකිණීමෙන් පවරා දීමක් කරනු ලැබිය හැකි ය. 21. (1) 1971 මැයි මස 29 වන දින හෝ ඉන් පසුව ඉඩම් අත් කර ගැනීමේ පනත යටතේ ඉඩම් අත්කර ගනු ලැබ, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනය වන විට ඒ ඉඩම් සම්බන්ධයෙන් වන්දි ගෙවා නොමැති අවස් ථාවක, හෝ වෙනත් යම් නීතියක හෝ කුමක් සඳහන් ව ඇත ද, ඉඩම් ප්‍රතිසංස් කරණ පනත යටතේ කොමිෂන් සභාව සතු වූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව එම පනතේ 14 වන වගන්තිය හෝ 18 වන වගන්තිය හෝ යටතේ ව්‍යවස්ථාපිත බදුගැනුම්කරුව කුගේ අයිතිවාසිකම් වලට ඒ ඉඩම්වල අයිතිකරුවන් හිමිකම් ලැබිය යුතු ය; තව ද මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට මාස තුනක් ඇතුළත ඒ අයිතිකරුවන් විසින් කොමිෂන් සභාව වෙත ව්‍යවස් ථාපිත ප්‍රකාශනයක් කරනු ලැබිය යුතු ය. (2) (1) වන උපවගන්තිය ප්‍රකාර කොමිෂන් සභාව සතු වූ යම් ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත බදුගැනුම්කරුවකුට අයිතිව තිබූ කෘෂිකාර්මික ඉඩමකින් ඔහුට තබා ගැනීමට ඉඩ දෙනු ලබන කොටස හෝ කොටස් නිශ්චිතව සඳහන් කරමින්, ඉඩම් ප්‍රතිසංස් කරණ පනතේ 19 වන වගන්තිය යටතේ ව්‍යවස්ථාපිත නිශ්චය කිරීමක් කොමිෂන් සභාවට කළ නොහැකි වන අවස්ථාවක, ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ යම් තැනැත්තකුට අයිතිව තිබිය හැකි උපරිම කෘෂිකාර්මික ඉඩම් ප්‍රමාණය හෝ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ ඒ ව්‍යවස්ථාපිත බදුගැනුම්කරුගෙන් අත්කර ගන්නා ලද ඉඩම් ප්‍රමාණය හෝ යන දෙකින් අඩු ප්‍රමාණය කොමිෂන් සභාව විසින් ඒ ව්‍යවස්ථාපිත බදුගැනුම්කරු වෙත පවරනු ලැබිය යුතු ය (3) යම් කෘෂිකාර්මික ඉඩමක් පවරා දීම සඳහා ඉඩම් ප්‍රතිසංස් කරණ පනතේ 14 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ අනුමතය දීම කොමිෂන් සභාවට කළ නොහැකි වන අවස්ථාවක, ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ ව්‍යවස්ථාපිත බදු ගැනුම්කරු ගෙන් අත්කර ගන්නා ලද තාක් ප්‍රමාණය කොමිෂන් සභාව විසින් ඒ ව්‍යවස්ථාපිත බදුගැනුම්කරුගේ යම් දරුවකු නැතහොත් දෙමව් පියන්ගෙ කෙනෙකු වෙත පවරනු ලැබිය යුතු ය. ( 4 ) (1) වන උපවගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත සතු වූ ලෙස සලකනු ලබන සහ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ අත් කර ගන්නා ලද ඉඩම් සඳහා වන්දි ගෙවා නොමැති අවස් ථාවක, සහ (2) වන උපවගන්තිය යටතේ නිශ්චය කිරීමක් කරනු නොලැබ ඇති අවස්ථාවක හෝ, (3) වන උපවගන්තිය යටතේ අනුමතය දීමක් කර නොමැති අවස් ථාවක, ඒ ඉඩම් සඳහා මේ පනත යටතේ වන්දි ලබා ගැනීමේ හිමිකම ව්‍යවස් ථාපිත බදු ගැනුම්කරුට තිබිය යුතු ය. 22. මේ පනතේ මේ කොටසෙහි - "කොමිෂන් සභාව '' යන්නෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ පනත මගින් පිහිටුවන ලද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අදහස් වේ; සහ ' ඉඩම් ප්‍රතිසංස් කරණ පනත " යන්නෙන් ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 39 දරන පනතින් සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස් කරණ පනත අදහස් වේ.
39
acts_1981-06-10_Inland_Revenue_Amendment_si
act
1981
14
1
0.980553
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 40 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 ජුනි මස 10 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 ජූනි මස 12 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 40 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරී පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 40 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප් තිය " යනුවෙන් සඳහන් කරනු ලබන) 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ 8 වන වගන්තිය පහත දැක් පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :- (4) ඒ වගන්තියේ (අ) ඡේදයෙහි - (අ) (xxxi) අනුඡේදයෙහි " පිහිටුවන ලද ආයුර්වේද වෛද්‍ය සභාව; සහ '' යන වචන වෙනුවට " පිහිටු වන ලද ආයුර්වේද වෛද්‍ය සභාව '' යන වචන ආදේශ කිරීමෙන්; සහ (ආ) (xxxii) අනුඡේදයට ඉක් බිතිව ම පහත දැක්වෙන අලුත් අනුඡේද ඇතුළත් කිරීමෙන් :- " (xxxiii) 1971 අංක 9 දරන ලංකා කාය වෛද්‍ය වරුන්ගේ සංගමය (සංස්ථාගත කිරීමේ) පනතින් පිහිටුවන ලද ලංකා කාය වෛද්‍යවරුන්ගේ සංගමය ; සහ (xxxiv ) 1968 අංක 17 දරන ලංකා ඉංජිනේරු වයන්ගේ ආයතනය පනතින් සංස්ථාගත කරන ලද ලංකා ඉංජිනේරුවරයන්ගේ ආයතනය; "; සහ (2) ඒ වගන්තියේ (ඈ) ඡේදයට ඉක්බිතිව පහත දැක් වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :- " (ඉ) වෙළෙඳ නැව් අධ්‍යක්ෂ වෙත ලියාපදිංචි කරන ලද යොට් යාත්‍රා සහ විනෝද යාත්‍රා සේවයක් පවත්වා ගෙනයාම සඳහා වූ යම් ව්‍යවසායයක් (i) ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන පුද්ගලයින් විසින් හෝ මුළු කොටස් ප්‍රමාණය ම ශ්‍රී ලංකාවේ පුරවැසි යන් නොවන පුද්ගලයින්ට අයත් සමාගමක් විසින් හෝ නිර්වාසික සමාගම් විසින් හෝ පවත් වාගෙන යන්නේ නම් ; සහ (ii) අමාත්‍යවරයා විසින් අනුමත කර ඇත් නම්, එ ව්‍යවසායයේ ලාභ හා ආදායම.''. 3. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප් තියේ 9 වන වගන්තියේ (1) වන උපවගන්තියෙහි (එ) ඡේදයෙහි '' රාජ කාරි භාර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට '' යන වචන වෙනුවට " රාජකාරි භාර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට හෝ පිටරට වූ ඔහුගේ නිවසට යාමට හෝ '' යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන් තිය මෙයින් තව දුරටත් සංශෝධනය කරනු ලැබේ. 4. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 11 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝ ධනය කරනු ලැබේ :- (1) ඒ වගන්තියේ (ආ) ඡේදයෙහි “ මේ පනතෙ'' 15, 16, 16අ, 16ආ, 17, 18, 19, 20, 21, 22අ, 22 ආ සහ 22 ඇ වගන්ති යටතේ යන වචන සහ ඉලක්කම් වෙනුවට '' මේ පනතේ 15 වන, 16 වන, 16 අ, 16 ආ, 17 වන, 18 වන, 19 වන, 20 වන, 21 වන, 22අ, 22 ආ, 22 ඈ හෝ 22 ඈ වගන්ති යටතේ " යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ; තවද (2) ඒ වගන්තියේ (ඇ) ඡේදයෙහි “ (ආ) ඡේදයෙහි සඳහන් " යන වචන වෙනුවට '' (අ) හෝ (ආ) ඡේදයෙහි සඳහන් " යන වචන ආදේශ කිරීමෙන් 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තිය පහත දැක් වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-- (4) ඒ වගන්තියේ (1) වන උපවගන්තියෙහි- (අ) (ආ) ඡේදයේ (iii) වන අනුඡේදයේ “ වර්ග අඩි දෙදහසක් නො ඉක්මවන්නා වූ '' යන වචන වෙනු වට “ වර්ග අඩි තුන් දහසක් නො ඉක්මවන්නා වූ '' යන වචන ආදේශ කිරීමෙන්; (ආ) ඒ උපවගන්තියේ (ආ) ඡේදයේ අතුරු වගන්තියේ '' වර්ග අඩි එක් දහසක් හෝ ඊට අඩු අවස් ථාවක, යන වචන වෙනුවට " වර්ග අඩි එක් දහස් පන්සිය යක් හෝ ඊට අඩු අවස් ථාවක, '' යන වචන ආදේශ කිරීමෙන්; සහ (2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියෙහි - (අ) ඒ උපවගන්තියේ (අ) ඡේදයේ " තීරණාත්මක සාක්ෂි විය යුතුය. යන වචන වෙනුවට " තීරණාත්මක සාක්ෂි විය යුතු ය; තවද " යන වචන ආදේශ කිරීමෙන්; (ආ) ඒ උපවගන්තියේ (ආ) ඡේදයේ “ හවුල් අයිතිකරු වෙක' ද ඇතුළත් වේ ; තව ද " යන වචන වෙනුවට " හවුල් අයිතිකරුවෙක් ද ඇතුළත් වේ. '' යන වචන ආදේශ කිරීමෙන්; (ඇ) ඒ උපවගන්තියේ (ඇ) ඡේදය අත් හැරීමෙන්. 6. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත, ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝ ධනය කරනු ලැබේ :- (1) එහි (ජ) ඡේදයෙහි - (අ) එහි (ii) වන අනුඡේදය වෙනුවට පහත දැක්වෙන අනුඡේදය ආදේශ කිරීමෙන් :- 14 '' (ii) යම් ඛනිජ තෙල්, ගෑස් හෝ ඛනිජ තෙල් නිෂ්පාදන, හෝ " ; සහ (ආ) ඒ ඡේදයේ 1 වන පේ ළියේ ප්‍රහිත පදනමක් මත " යන වචන සිට 6 වන පේළියේ මැණික් ගල්, ලෝහ හෝ භාණ්ඩ වන - " යන වචන වෙනුවට පහත දැක්වෙන වචන ආදේශ කිරීමෙන් :- '' ප්‍රහිත පදනමක් මත, ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබ, අවස්ථාවෝචිත පරිදි, මැණික් ගල්, ලෝහ, ඛනිජ තෙල්, ගෑස් හෝ භාණ්ඩ, යම් සකස් කිරීම කට හෝ නිෂ්පාදනය කිරීමකට භාජනය නොකොට නැවත අපනයනය කරනු ලැබූ, අවස් ථාවෝචිත පරිදි, ඒ මැණික් ගල්, ලෝහ, ඛනිජ තෙල්, ගෑස් හෝ භාණ්ඩ වන - ''; සහ (2) එහි (ඬ) ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :- ණ නැවත අපනයන කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගෙන එන ලද භාණ්ඩ හෝ ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා පහසු කම් ඇති කොට පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය වරයා විසින් අනුමත කරන ලද ව්‍යවසායකින් යම් තැනැත්තකුට උද්ගත වන ලාභ සහ ආදායම. ". 7. ප්‍රධාන ප්‍රඥප්තියේ 17 වන වගන්තියේ (1) වන උපවගන්ති යේ “ 1983 මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන " යන ඉලක්කම් සහ වචන වෙනුවට " 1985 මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන " යන ඉලක්කම් සහ වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 8. ප්‍රධාන ප්‍රඥප්තියේ 20 වන වගන්තිය පහත දැක්වෙන පරිදි ප්‍රධාන මෙයින් සංශෝධනය කරනු ලැබේ :— (1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :- (1අ) ව්‍යවසායක අදාළ දිනට ඉහතින් ම වූ අවුරුදු තුන සඳහා වූ අපනයන ලාභවල සහ ආදායමේ සාමාන්‍යය, අදාළ දිනට ඉක්බිතිව ම එළඹෙන අවුරුදු පහෙන් එක් එක් අවුරුද්ද සඳහා ඒ ව්‍යවසායේ අපනයන ලාභ වලින් සහ ආදායමෙන් අඩු කරනු ලැබූ විට ඒ එක් එක් අවුරුද්දට ලැබෙන අතිරික්තයෙන් සමන් විත, ඒ ව්‍යාපාරයේ, අදාළ දිනට ඉක්බිතිව ම එළඹෙන්නා වූ පස් වසරේ එක් එක් වර්ෂයෙහි, ලාභ සහ ආදායම- (අ) ඒ ව්‍යවසාය 1972 අප්‍රේල් 1 දිනට පූර්වයෙන් වූ දිනක ඒ ව්‍යවසාය විසින් ඒ ව්‍යවසායේ වෙළෙඳාම සහ ව්‍යාපාරය පවත්වාගෙන යාම ආරම්භ කරන ලද්දේ නම් හා අමාත්‍යවරයා විසින් 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ 7අ වගන්තිය යටතේ ව්‍යවසාය 1982 අප්‍රේල් 1 දිනට පෙර අනුමත කරන ලද්දේ නම්; හා (ආ) එ ව්‍යවසයේ වෙළෙඳාම හෝ ව්‍යාපාරය සම් පූර්ණයෙන් ම හෝ වෙළෙඳාමෙන් හෝ ව්‍යාපාරයෙන් කොටසක් හෝ ඒකාබද්ධ කිරී මේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ ව්‍යවසායේ අපනයන පිරිවැටුමේ කවර වූ හෝ කොටසක් උද්ගත නොවූයේ නම් ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතු ය." ; (2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියෙහි (ඈ) ඡේදය (ඈ) ඡේදය වශයෙන් නැවත අක්ෂර කිරීමෙන්; සහ (3) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :- “ (ඇ) යම් සමාගමක් හෝ ව්‍යවසායක් සම්බන්ධයෙන් ' අදාළ දිනය ' යන්න පාවිච්චි කරනු ලබන විට, ඒ සමාගම විසින් හෝ ඒ ව්‍යවසාය පවත්වාගෙන යනු ලබන තැනැත්තා විසින් හෝ, හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් වන අවස් ථාවක, ඒ හවුල් ව්‍යාපාර යේ ප්‍රමුඛ හවුල්කරු විසින් හෝ තෝරා ගන්නා ලද්දා වූද කොමසාරිස් ජනරාල්වරයාට ලියවිල්ලකින් දැනුම් දෙන ලද්දා වූ ද 1965 අප්‍රේල් 1 වන දිනයට කලින් දිනයක් නොවූ ද 1974 අප්‍රේල් 1 වන දිනයට පසු දිනයක් නොවූද දිනයක් අදහස් වේ. ''. 9. ප්‍රධාන ප්‍රඥප්තියේ 22 ඈ වහන්තියට ඉක්බිතිව ම පහත දැක් වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, ඒ අලුත් වගන්තිය ප්‍රධාන ප්‍රඥප්තියේ 22 ඈ වගන්තිය වශයෙන් බල පැවැත් විය යුතුය:- 22ඈ. (1) (2) වන උපවගන්තියේ සඳහන් යම් සමාගමක, 3 වන වගන්තියේ (අ) ඡේදයේ අර්ථානු කූලව වූ (ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් ලද යම් ලාභ සහ ආදායම් හැර) ලාභ සහ ආදායම් ඒ සමාගම ස්වකීය ව්‍යාපාරයේ වාණිජ නිෂ්පාදනය ආරම්භ කරනු ලබන දින සිට ගණන් බලනු ලබන දස අවුරුදු කාලයකට ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබිය යුතු ය. (2) (1) වන උපවගන්තියේ විධිවිධාන - (අ) (i) තේ, රබර්, පොල් හෝ වී හැර කවර වූ හෝ විස් තරයකට අයත් යම් පැලෑටි ඉඩම් වල වගා කිරීමෙහි ලා; හෝ (ii) තේ, රබර්, පොල් හෝ වී හැර කවර වූ හෝ විස් තරයකට අයත් යම් පැලෑටි ඉඩම් වල වගා කිරීමෙහි ලා සහ ඒ වගාවෙන් ලැබෙන ද්‍රව්‍ය සකස් කිරී මෙහි ලා පමණක් ම නිරත වන්නා වූ; සහ (ආ) (1) 1981 ජනවාරි මස 1 වන දින හෝ ඉන් පසු සංස්ථාපනය කරන ලද්දා වූ; සහ (ii ) ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය රුපියල් කෝටි දහයකට නො අඩු වූ; සහ (iii) අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද්දා වූ නිල ලැයිස්තුගත කරන ලද පොදු සමාගමක් වන යම් සමාගමකට අදාළ විය යුතුය.'' 10. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 23 වන වගන්තියෙහි (1) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :- (1) ඒ උපවගන්තියේ (ආ) ඡේදයේ ( 11 ) අනුඡේ දයේ " 16 වන වගන්තියේ (අ) ඡේදයෙහි '' යන වචන සහ ඉලක් කම් වෙනුවට " 46 වන වගන්තියේ (අ) භේදයෙහි හෝ 16අ වගන්තියේ හෝ 16 ආ වගන්තියේ යන වචන සහ ඉලක් කම් ආදේශ කිරීමෙන්; (2) ඒ උපවගන්තියේ (ඈ) ඡේදයේ (i) (අ) අනුඡේදයේ " 16 වන වගන්තියෙහි සඳහන් යන වචන සහ ඉලක්කම් වෙනුවට "16 වන වගන්තියේ හෝ 16 අ වන වගන්ති යේ හෝ 16 ආ වන වගන්තියේ සඳහන් '' යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්; (3) ඒ උපවගන්තියේ (ග) ඡෙදයේ (ii) වන අනුඡේදයේ '' දරන ලද වියදම් '' යන වචන වෙනුවට " දරන ලද වියදම්; '' යන වචන ආදේශ කිරීමෙන්; සහ (4) ඒ උපවගන්තියේ (ච) ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :- " (ජ) ඒ තැනැත්තාගේ සේවකයින් ඔවුන්ගේ සේවා ස්ථානයටත් සේවා ස්ථානයෙනුත් ප්‍රවාහනය කිරීම සඳහා වූ කෝචි රථයක් යෙදවීමේ දී ඒ තැනැත්තා විසින් දරන් ලද වියදම්. ''. 11. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තියේ (6) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි තව දුරටත් මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (1) ඒ උපවගන්තියේ (ආ) ඡේදයෙහි " අඩු වූයේ යම් ප්‍රමාණය කින්ද එම ප්‍රමාණය '' යන වචන වල සිට ඒ ඡේදය අව සානය දක්වා වූ සියලු වචන වෙනුවට පහත දැක්වෙන වචන ආදේශ කිරීමෙන් :- අඩු වූයේ යම් ප්‍රමාණයකින් ද එම ප්‍රමාණය සඳහන් වේ: තවද (iv) ලිඛිත සාක්ෂි වලට අනුව ලබා ගත යුතුව ඇති බව ඔප්පු කර ඇත්තා වූ ද අය කර ගත නොහැකි බව ඔප්පු වී ඇත්තා වූද (වෙළෙඳ ණයක් නොවන) යම් ණයක මුදල එයට ඇතුළත් වේ. "; (2) ඒ උපවගන්තියේ (ඈ) ඡේදයෙහි (ii) වන අනුඡේදයට ඉක් බිතිව පගත දැක්වෙන් අනුඡේද ඇතුළත් කිරීමෙන්:- " (iii) සමාගමක් ඈවර කරනු ලැබ, ආදායම් බද්ද සඳහා ඒ සමාගම තක් සේරු කරනු ලැබීමට යටත් වූ අවසාන තක් සේරු වර්ෂය සඳහා යම් ප්‍රාග් ධන අලාභයක් ඒ සමාගමට ඇත්තා වූ අවස් ථාවක, එම ප්‍රාග්ධන අලාභයෙහි මුදල් ප්‍රමාණය, හැකිතාක් දුරට, ඒ අවසාන තක්සේරු වර්ෂය සඳහා වූ ඒ සමාගමේ සියලු ප්‍රභවයන්ගෙන් වූ ව්‍යවස් ථාපිත ආදායමෙන් අඩු කරනු ලැබිය යුතුය. තවද, එය එසේ අඩු කළ නොහැකි නම්, ඒ අවසාන තක්සේරු වර්ෂයට පෙරාතුව ම වූ තක්සේ රු වර්ෂ තුනෙන් කිසිවක් සඳහා වූ, ඒ සමාගමේ සියලු ප්‍රභවයන්ගෙන් වූ, ව්‍යවස්ථාපිත ආදායමෙන්, ගෙවී යාමේ අනුපිළිවෙල අනුව, එය අඩු කරනු ලැබිය යුතු ය; තවද (iv) (iii) වන අනුඡේදය යටතේ යම් තක්සේරු වර්ෂ යක් සඳහා යම් සමාගමක ව්‍යවස් ස්ථාපිත ආදායමින් අඩු කිරීමක් කරනු ලබන අවස් ථාවක, ඒ සමාගම සම්බන්ධයෙන් ඒ තක්සේරු වර්ෂය සඳහා බද්ද, 423 වන වගන්තියෙහි කුමක් සඳහන් ව ඇතද, අඩු කිරීම සැලකිල්ලට ගෙන ප්‍රතිශෝධනය කළ යුතුය. තවද ඒ තක්සේරු වර්ෂය වෙනුවෙන් ඒ සමාගම විසින් ගෙවන ලද බද්දෙහි ප්‍රමාණය සහ ඒ තක් සේරු වර්ෂය සඳහා ප්‍රතිශෝධිත බද් ද්දෙහි ප්‍රමාණය අතර වෙනස දැක්වෙන මුදල ආපසු ගෙවනු ලැබිය යුතු ය." 12. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 31 වන වගන්තියෙහි (2) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි තවදුරටත් මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (1) ඒ උපවගන්තියේ (ඔ) ඡේදයෙහි (iv) වන අනුඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් අනුඡේදය ඇතුළත් කිරීමෙන් :- " (v) ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 2 දරන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම පනතින් පිහිටවන ලද එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික අනුස් මරණ පදනම ; "; සහ (2) ඒ උපවගන්තියේ (ක) ඡේදයෙහි '16 අ වගන්තිය හෝ 22 ආ වගන්තිය යටතේ අනුමත කරනු ලැබ ", යන ඉලක්කම් සහ වචන වෙනුවට " 16 අ වගන්තිය හෝ 22 ආ වගන්තිය හෝ 22 ඈ වගන්තිය යටතේ අනුමත කරනු ලැබ '' යන ඉලක්කම් සහ වචන ආදේශ කිරීමෙන්." 13. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ ප්‍රධාන 32 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ඇ)ඡේදයෙහි " උචිත ප්‍රඥප්තියේ අනුප්‍රමාණ අනුව " යන වචන වෙනුවට " උචිත අනුප්‍රමාණ අනුව: එසේ වුව ද 67 වන වගන්තියේ (7) වන උපවගන්තිය යටතේ නිර්වාසිකයකු ලෙස සලකනු ලබන පුද්ගලයකු විසින් යම් තක්සේරු වර්ෂයක් සඳහා ගෙවිය යුතු ආදායම් බද්ද, ඔහුගේ තක්සේරු කළ හැකි ආදායම රුපියල් දොළොස් දහස ඉක්ම වන්නේ යම් මුදලකින් ද ඒ මුදලට වැඩි නොවිය යුතුය.''. යන කොටස ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 14. (1) 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 33 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තව දුරටත් සංශෝධනය කරනු ලැබේ:- (අ) ඒ වගන්තියේ (1අ) උපවගන්තියේ (අ) ඡේදයේ (i) අනුඡේදයෙහි " Iv වන කොටසෙහි සඳහන් " යන ඉලක් කම් සහ වචන් වෙනුවට " 11 වන කොටසෙහි සඳහන් " යන ඉලක්කම් සහ වචන ආදේශ කිරීමෙන්; සහ (ආ) ඒ වගන්තියේ (1අ) උපවගන්තියට ඉක් බිතිව ම, පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :- (1ආ) (අ) 1979 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, කුඩා සමාගමක් නෙවන යම් සමාගමක බදු අය කළ හැකි ආදායමෙහි යම් ප්‍රාග්ධන ලාභයක් ඇතුළත් වන අවස්ථා වක, බදු අය කළ හැකි ආදායමේ ඒ කොටස මත ගෙවිය යුතු බද්ද මේ පනතෙහි පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, සියයට විසිපහක අනුප්‍රමාණය අනුව විය යුතුය. (ආ) 1979 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන යම් තක් සේරු වර්ෂයක් සඳහා, කුඩා සමාගමක බදු අය කළ හැකි ආදායමෙහි යම් ප්‍රාග්ධන ලාභයක් ඇතුළත් වන්නා වූ ද (මේ උපවගන්තියෙහි "ආදායමේ අදාළ කොටස '' යනුවෙන් මින් මතු සඳහන් කරනු ලබන) ඒ ආදායමේ කොටසක් මත ගෙවිය යුතු ආදායම් බද්දේ අනු ප්‍රමාණය සියයට විසිපහක ඉක් මවන්නා වූ ද අවස් ථාවක, එවිට, ආදායමේ අදාළ කොටස සම්බන්ධයෙන්, බද්ද පහත දැක්වෙන පරිදි ආගණනය කරනු ලැබිය යුතු ය:— (1) ආදායමේ අදාළ කොටස ඒ ප්‍රාග්ධන ලාභයේ මුදල ඉම්වන්නේ නම් (අඅ) ඒ ප්‍රාග්ධන ලාභයේ මුදලට සමාන වන්නාවූ, ආදායමේ අදාළ කොටසේ, ඒ පංගුව මත ගෙවිය යුතු බද්ද, සියයට විසිපහක අනුප්‍රමා ණය අනුව විය යුතු ය; තව ද (ආආ) ආදායමේ අදාළ කොටසේ ශේෂය මත ගෙවිය යුතු බද්ද, මේ පනත යටතේ ඊට අදාළ වන, සියයට විසිපහට ඉහළ, බදු අනුප්‍රමාණයන් අනුව ආගණනය කරනු ලැබිය යුතු ය; (ii) ආදායමේ අදාළ කොටස ශුද්ධ ප්‍රාග්ධන ලාභයේ මුදල නොඉක් මවන් න්නේ නම්, ආදායමේ අදාළ කොටසේ සම්පූර්ණ ප්‍රමාණය මත ගෙවිය යුතු බද්ද, මේ පන්තෙහි පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, සියයට විසිපහක් විය යුතුය.’. (2) මේ වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදයෙන් ප්‍රධාන ප්‍රඥප්තියේ 33 වන වගන්ති (1අ) උපවගන්තියට කරන ලද සංශෝධනය, 1980 අප්‍රේ ල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන තක් සේරු වර්ෂයේ සිට බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය. 15. ප්‍රධාන ප්‍රඥප්තියේ 42 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) ඒ වගන්තියේ (ත) සහ (ද) ඡේද පිළිවෙලින් (ප) (බ) ඡේද වශයෙන් නැවත අ ෂර යෙදීමෙන්; සහ (2) ඒ වගන්තියේ (ණ) ඡේදයට ඉක්බිතිවම පහත දැක්වෙන ඡේද ඇතුළත් කිරීමෙන් :- (ත) ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 31 දරන ශ්‍රී ලංකා පදනම පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පදනමට; (ද) ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 2 දරන එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම පනතින් පිහිටුවන ලද එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික අනුස් මරණ පදනමට; (න) 1978 අංක 1 දරන ටවර් හෝල් රඟහල පදනම පනතින් පිහිටුවන ලද ටවර් හෝල් රඟහල පදන්මට; " 16. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්ති යේ 54 වන වගන්තියෙහි (2) වන උපවගන්තියේ ‘ 1963 අංක 4 දරණ දේශීය ආදායම් පනතේ 16 අ වගන්තියේ අර්ථානුකූලව අනුමත පුණ්‍යායතනයක් වන පුණ්‍යායතනයකට හෝ '' යන වචන සහ ඉලක් කම් වෙනුවට " 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ 16 අ වගන්තියේ අර්ථානුකූලව අනුමත පුණ්‍යායතනයක් වන පුණ්‍යා යතනයකට හෝ 31 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (ඔ) ඡේදයෙහි සඳහන් ආයතනයකට, පදනමකට හෝ හෝ කොමිෂන් සභාවකට හෝ " යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්. 17. ප්‍රධාන ප්‍රඥප්තියේ 68 වන වගන්තිය එහි 68 අ වගන්තිය ප්‍රධාන වශයෙන් නැවත අංක කිරීමෙන් 68 වන වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 18. " ඉ- නිර්වාසික තැනැත්තන්ගේ බැඳීම් " ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් 68 වන අලුත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 68 වන වගන්තිය වශයෙන් බල සහිත විය යුතු ය:- 68. ශ්‍රී ලංකාවේ තැනැත්තකු, නිර්වාසික තැනැත් තකු වෙනුවෙන් ක්‍රියා කරමින්, යම් රක් ක්ෂණයක් කරන හෝ යම් රක්ෂණයක් කිරීමෙහි ලා මූලිකව ක්‍රියා කරන හෝ යම් දේපළක් විකුණන හෝ බැහැර කරන හෝ විකිණිමෙහි ලා හෝ බැහැර කිරීමෙහි ලා මූලිකව ක්‍රියා කරන හෝ අවස් ථාවක, එ දේපළ ශ්‍රී ලංකාවේ තිබුණ ද ශ්‍රී ලංකාවට ගෙනෙනු ලැබීමට තිබුණ ද ඒ රක්ෂණය, විකිණීම හෝ බැහැර කිරීම ඒ තැනැත්තා විසින් ශ්‍රී ලංකාවේ දී කරනු ලැබුව ද නැතහොත් ඒ නිර්වාසික තැනැත්තා විසින් හෝ ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා වෙන් පිටත දී කරනු ලැබුව ද ඒවායින් උපලබ්ධ වන මුදල් කෙළින් ම හෝ අන්‍යාකාරයකින් නිර්වාසික තැනැත්තාට ගෙවනු ලැබුව ද නැතහොත් ඔහු විසින් භාර ගනු ලැබුව ද, එවැනි යම් රක්ෂණ යකින්, විකිණීමකින් හෝ බැහැර කිරීමකින් උද්ගත වන ලාභ, ඒ නිර්වාසික තැනැත්තා විසින් ශ්‍රී ලංකාවේ දී ඔහු විසින් කරනු ලැබූ ව්‍යාපාරික ගනු දෙනුවෙන් ලබාගත් ලාභ ලෙස සලකනු ලැබිය යතු අතර, ඔහු වෙනුවෙන් ක්‍රියා කරන ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තා මේ පනතේ සියලු කාර්ය සඳහා ඔහුගේ අනුයෝජිතයා වශයෙන් සලකනු ලැබිය යුතු ය: එසේ වුව ද, විකුණන ලද හෝ බැහැර කරන ලද දේ පළ එ නිර්වාසික තැනැත්තා විසින් ශ්‍රී ලංකාවෙන් පිටත දී සාදන ලද හෝ නිෂ්පදනය කරන ලද අවස් ථාවක, විකිණීමෙන් හෝ බැහැර කිරීමෙන් ලබන ලාභ- (අ) ඒ විකිණීම හෝ බැහැර කිරීම හෝ තොග වශයෙන් කරනු ලැබුවේ නම්, දේපළ තොග වශයෙන් විකුණන වෙළෙන්දකු විසින් සාධාරණ ලෙස ලැබීමට අපේක්ෂා කරනු ලබන ලාභවලට වැඩි සේ සලකනු ලැබිය යුතු ය; සහ (ආ) ඒ විකිණීම හෝ බැහැර කිරීම සිල්ලර වශයෙන් කරනු ලැබුවේ නම්, දේපළ සිල්ලර වශයෙන් විකුණන වෙළෙන් දකු විසින් සධාරණ ලෙස ලැබීමට අපේක්ෂා කරනු ලබන ලාභවලට වැඩි නොවන්නාක් සේ සලකනු ලැබිය යුතු ය.''. 19. ප්‍රධාන ප්‍රඥප්තියේ වන 73 වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :- (1අ) 1980 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා, 67 වන වගන්තියේ (7) වන උපවගන්තිය යටතේ නිර්වාසික ලෙස සලකනු ලබන පුද්ගලයකුගේ තක්සේරු කළ හැකි ආදායම, ශ්‍රී ලංකාවේ දී ඉටු කරන ලද සේවා වලින් ලබන ආදායමෙන් පමණක් ම සමන්විත වන්නා වූ ද රුපියල් දොළොස් දහසක් නොඉක් මවන්නා වූ ද අවස්ථාවක, ඒ ආදායම වෙනුවෙන් බදු අය නොකරනු ලැබිය යුතු ය.”. 20. ප්‍රධාන ප්‍රඥප්තියේ 81 වන වගන්තියට ඉහතින් ම දක් වෙන " ඌ '' ශීර්ෂය වෙනුවට, පහත දැක්වෙන ශීර්ෂය මෙයින් ආදේශ කරනු ලැබේ:- “ (ඌ) ශ්‍රි ලංකාවෙන් පිටත තැනැත්තන්ට ගෙවිය යුතු පොලිය යනාදිය. ''. 21. ප්‍රධාන ප්‍රඥප්තියේ “ ඌ " ශීර්ෂයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් වගන්ති මෙයින් ඇතුළත් කරනු ලැබේ:- 80 අ. නිර්වාසික තැනැත්තකුගෙන් ලබා ගන්නා ලද ණයක් මත නිර්වාසික තැනැත්තාට පොලිය ගෙවනු ලැබිය යුතු අවස් ථාවක සහ ඒ ණය මත ගෙවිය යුතු පොලිය (අ) ශ්‍රී ලංකාවේ වාසික තැනැත්තකු විසින් කෙළින් ම හෝ අන්‍යාකාරයකින්; හෝ (ආ) ඒ ණය මුදල හෝ එහි කොටසක් ශ්‍රී ලංකාවට ගෙනෙනු ලැබ ඇති හෝ ශ්‍රී ලංකාවේ දී පාවිච්චි කරනු ලැබ ඇති හෝ අවස් ථාවක නිර්වාසික තැනැත්තකු විසින් හෝ දරනු ලබන අවස් ථාවක, ඒ ලිය ශ්‍රී ලංකාවේ දී උද්ගත වන හෝ ශ්‍රී ලංකාවෙන් ව්‍යුත්පන්න වන හෝ ලාභ සහ ආදායම ලෙස සලකනු ලැබිය යුතු ය. 80 ආ. රාජ්‍ය භාග- (අ) ශ්‍රී ලංකාවේ නේවාසික තැනැත්තකු විසින් කෙලින් ම හෝ අන්‍යාකාරයකින් දරනු ලබන;හෝ (ආ) 29 වන වගන්තිය යටතේ අඩු කළ හැකි, ඒ රාජ්‍ය භංග ශ්‍රී ලංකාවේ දී උද්ගත වන හෝ ශ්‍රී ලංකාවෙන් ව්‍යුත්පන්න වන හෝ ලාභ සහ ආදායම ලෙස සලකනු ලැබිය යුතු ය.'' 22. 1980 අංක 24 දරන පනතින් ප්‍රතියෝජනය කරන ලද, ප්‍රධාන ප්‍රඥප් ප්තියේ 89 වන වගන්තිය අගට පහත දැක්වෙන ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් අතුරු වගතිය සංශෝධනය කරනු ලැබේ :- '' එසේ වුව ද, උපලබ්ධ වූ මුදල වූ කලී ප්‍රතියෝජනය කරන ලද ප්‍රාග්ධන වත්කමක් සම්බන්ධයෙන් වූවක් නම් මේ වගන්ති යේ (ආ) සහ (ඇ) ඡේදයන්හි විධිවිධාන අදාළ නොවිය යුතුය. එවැනි අවස් ථාවක දී, 23 වන වගන්තියේ (1) වන උපවගන්ති යේ (ඉ) ඡේදයේ විධිවිධාන වලට අනුකූල ක්ෂයවීම සඳහා වූ අඩු කිරීම, එ ප්‍රාග් ධන වත් කම ප්‍රතියෝජනය කිරීමේ පිරිවැයෙන් රක්ෂණ ගිවිසුමක් යටතේ උපලබ්ධ කරගනු ලබන මුදල අඩු කර ගනු ලැබීමෙන් පසු ඉතිරිවන මුදල මත ආගණනය කරනු ලැබිය යුතු ය.". 23. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥාපතියේ 125 වන වගන්තියේ (2) වන උපවගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :- “ (2අ) 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ 96 ආ වන වගන්තියේ විධිවිධාන වල කුමක් සඳහන්ව ඇත ද, 1979 අප්‍රේල් මස 1 වන දින ආරම්භ වන තක් සේරු වර්ෂයට ඉහතින් වූ යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු යම් බද්දක්, 1981 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව පැහැර හරිනු ලැබ ඇති අවස්ස්ථාවක, පැහැර හරින්නා විසින් පැහැර හරින ලද බද්දට අතිරේකව, දණ්ඩනයක් වශයෙන්, 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ 96ආ වගන්තියේ (6) වන උපවගන්තිය ප්‍රකාර දණ්ඩනය වශයෙන් ගෙවිය යුතු යම් මුදලක් සහ 1981 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසුව පැහැර හරින ලද මුදලින් සියයට විසි පහකට සමාන වැඩිපුර මුදලක් ගෙවිය යුතු ය.”. ප්‍රධාන ප්‍රඥප්තියේ 126 වන වගන්තිය මෙයින් ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:- 126. මේ පරිච්ඡේදයේ " බද්ද ' යන්නට (අ) මේ පනත යටතේ අය කරනු ලබන හා නියම කරනු ලබන ආදායම් බද්ද, ධන බද්ද සහ ත්‍යාග බද්ද (ආ) 1963 අංක 4 දරන දේශීය ආදායම් පනත යටතේ අය කරනු ලබන්නා වූ සහ නියම කරනු ලබන්නා වූ ද, 1981 අප්‍රේල් මස 1 වන දිනට හෝ ඉන් පසුව පැහැර හරිනු ලැබ තිබුණු හෝ පැහැර හරිනු ලබන්නා වූ ද යම් ආදායම් බද්දක්, ධන බද්දක් සහ ත්‍යාග බද්දක්; (ඇ) XV වන පරිච්ඡේදයේ විධිවිධාන යටතේ ගෙවන ලෙස සේවායෝජකයකුට නියම කරන ලද යම් ආදායම් බද්දක් සහ මේ පනතේ 125 වන වගන්තියේ (2) වන හෝ (2අ ) වන උපවගන්ති යටතේ හෝ 1963 අංක 4 දරන දේශීය ආදායම් පනතේ 96ආ වගන්තියේ (6) වන උපවගන්තිය යටතේ, ගෙවීම පැහැර හැරීමේ හේතුවෙන් එවැනි යම් බද්දකට එකතු කරන ලද යම් මුදලක් හෝ මුදල්, ඒ ආදායම් බද් දට, ධන බද්දට හෝ ත්‍යාග බදට එකතු කරන ලද යම් මුදලක් හෝ මුදල් සහ මේ පනත යටතේ හෝ 1963 අංක 4 දරන දේශීය ආදායම් පනත යටතේ හෝ දරන ලද යම් දඩ, දණ්ඩන මුදල්, ගාස්තු හෝ කවර වූ හෝ වියදම් ද ඇතුළත් වේ.’. 25. 1980 අංක 24 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ තුන්වන උපලේඛනයේ 6 වන විෂයයෙහි " සියයට 35ක් '' '' සියයට 20 ක් " යන වචන වචන සහ ඉලක්කම් වෙනුවට ඉලක් කම් ආදේශ කිරීමෙන් ඒ උපලේඛනය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ.
40
acts_1981-06-10_Superior_Major_of_the_Silverstro-Benedictine_Congregation_in_Sri_Lanka_Incorporation_si
act
1981
4
1
0.982764
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 41 දරන ශ්‍රී ලංකාවේ සිල්වෙස්තර-බෙනදිකානු නිකායේ ප්‍රධාන පූජ්‍යවරයා (සංස්ථාගත කිරීමේ) පනත [සහතිකය සටහන් කළේ 1981 ජුනි මස 10 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1984 ජූනි මස 12 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී. 1981 අංක 41 දරන ශ්‍රී ලංකාවේ සිල්වෙස් තර - බෙනදිකානු නිකායේ ප්‍රධාන පූජ්‍යවරයා (සංස් ථාගත කිරීමේ) පනත ශ්‍රී ලංකාවේ සිල්වෙස් තර - බෙන දිකානු නිකායෙ ප්‍රධාන පූජ්‍යවරයා සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි. මෙහි මින් මතු දක්වා ඇති කාර්ය සඳහා ශ්‍රී ලංකාවේ පූර්විකාව. සිල්වෙස්තර - බෙනදිකානු නිකායේ ප්‍රධාන පූජ්‍යවරයා සංස්ථාගත කිරීම යෝග්‍ය වන හෙයින්: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ: 1. මේ ජනත 1981 අංක 41 දරන ශ්‍රී ලංකාවේ සිල්වෙස් තර - ලුහුඬු නාමය. බෙන දිකනු නිකායේ ප්‍රධාන පූජ්‍යවරයා (සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මේ පනත ආරම්භ වීමේ දින සිට හා ඉන් පසු, ශ්‍රී ලංකාවේ සිල් ල්වෙස්තර - බෙනදිකානු නිකායේ ප්‍රධාන පූජ්‍යවරයා, එනම් අති බෙනදිකානු පූජ්‍ය තෝමස ද සිල්වා ඔ. එස්. බී. පියතුමා සහ රෝමානු කතෝලික සභාවේ නීති රීති සහ චාරිත්‍ර අනුව විධිමත් ලෙස පත කරනු ලබන ඔහුගේ අනුපිළිවෙළින් එන අනුප්‍රාප්තිකයා හෝ අනුප්‍රාප්තිකයන් කිරීම. '' ශ්‍රී ලංකාවේ සිල්වෙස් තර - බෙනදිකානු නිකායේ ප්‍රධාන පූජ්‍යවරයා ’“ යන නාමය හා අභිධානය යටතේ අවිචින්න පැවැත්මක් ඇති සංස්ථාවක විය යුතු අතර සෑම ආකාරයක ම චංචල හෝ නිශ්චල දේපළ මිළට ගැනීමෙන්, ත්‍යාග ලැබීමෙන්, අන්තිම කැමති පත්‍රයක් මගින් ප්‍රදානය කිරීමෙන්, රිලවරණය කිරීමෙන් හෝ අන්‍යාකාරය කින් අත්කර ගැනීමට සහ ඒ දේපළ දැරීමට සහ භුක්ති විඳීමට සහ ඒ දේපළ විකිණීමට හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීමට සම්පූර්ණ බලය තිබිය යුතුය. තවද එකී නාමයෙන් ඒ දේපළ සම්බන්ධයෙන් සියලු අධිකරණවල නඩු පැවරීම හා නඩු පවරනු ලැබීම කළ යුතු හා කළ හැකි වන්නේය. 3. ශ්‍රී ලංකාවේ සිල්වෙස් තර - බෙනදිකානු නිකාය සඳහා භාරයක පිට මහනුවර බිෂොප් තුමා විසින් දැනටමත් අත් කරගෙන, දරනු ලබන හෝ භුක්ති විඳිනු ලබන සියලු චංචල සහ නිශ්චල දේ පළ සංස්ථව වෙත මෙයින් පවරනු ලබන අතර මේ පනත ආරම්භ වන දිනට පෙරාතුවම ඒ දේපළ සම්බන්ධයෙන් වූ යම් භාරවලට, කොන්දේසිවලට හෝ සීමා කිරීම් වලට යටත්ව සංස්ථාව යුතුය. 4. ශ්‍රී ලංකාවේ සිල්වෙස් තර - බෙනදිකානු නිකායේ ප්‍රධාන පූජ්‍ය වරයා මිය ගිය විටෙක හෝ දුබලතාව නිසා හෝ දිගු කලක් බැහැරව සිටීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ තම කාර්ය ඉටු කිරීමට ඔහුට නොහැකි වන විටෙක, ශ්‍රී ලංකාවේ සිල්වෙස්තර - බෙනදිකානු නිකායට ඇතුළත් වීමේ අනුපිළිවෙළ අනුව වඩාත්ම ජ්‍යෙෂ්ඨ වූ ඔහු ගේ උපදේශකවරයා, අවස් ථාවෝචිත පරිදි, නව ප්‍රධාන පූජ්‍යවරයකු පත් කරනු ලබන තුරු හෝ ප්‍රධාන පූජ්‍යවරයා විසින් තම කාර්ය ඉටු කිරීම නැවත ආරම්භ කරනු ලබන තුරු මේ පනතේ සියළු කාර්ය සඳහා ප්‍රධාන පූජ්‍යවරයා ලෙස සලකනු ලැබිය යුතු ය. 5. මේ පනතේ සඳහන් තැනැත්තන්ගේ අයිතිවාසිකම් හැර, ජන රජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක හෝ සංස්ථාවක හෝ වෙනත් යම් තැනැත්තන්ගේ අයිතිවාසිකම් වලට මේ පනතේ ඇතුළත් කිසිවකින් හානියක් හෝ බලපෑමක් නොවිය යුතුය.
41
acts_1981-07-02_Buddhist_Temporalities_Amendment_si
act
1981
4
1
0.983076
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 42 දරන බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 ජූලි මස 2 වන දින] ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 ජූලි මස 3 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වැනි කොටසේ අතිරේකයක් වශයෙන් පළකරන ලදී. 1981 අංක 42 දරන බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 42 දරන බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, ගැසට් පත්‍ර යෙහි පළ කරනු ලබන නියමයකින් අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන දිනයක එය ක්‍රියාත්මක විය යුතුය. 2. (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය '' යනුවෙන් සඳහන් කරනු ලබන) බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත, (අ) ප්‍රධාන ප්‍රඥප්තියේ 2 වන, 9 වන, 15 (4) වන, 46 වන සහ 48 වන වගන්තිවල හැර, එහි කවර හෝ තැනක සඳහන් වන " මහා භාරකාරවරයා " යන යෙදුම වෙනුවට, '' බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් වරයා '' යන යෙදුම; සහ (ආ) ප්‍රධාන ප්‍රඥප්තියේ 2 වන වගන්තියේ හැර, එහි කවර හෝ තැනක සඳහන් වන '' රෙජිස් ස්ට්‍රාර් ජනරාල්වරයා " යෙදුම වෙනුවට, '' බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් වරයා යන යෙදුම ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ. 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 2 වන වගන්තිය පහත දැක්වෙන පරිදි ප්‍රධාන මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (අ) ' භික්ෂූන් වහන්සේ " යන අර්ථ කථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් අර්ථකථනය ඇතුළත් කිරීමෙන් :- බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා '' යන්නෙන් බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ධුරය තත් කාලයේ දරන තැනැත්තා අදහස් වන අතර, යම් නියෝජ්‍ය කොමසාරිස් වරයෙක් ද ඊට ඇතුළත් වේ;"; තවද (ආ) '' රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා " යන අර්ථ කථනය අත්හැරී මෙන 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තියේ (4) වන උපවගන් තිය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- “ (4) මේ ආඥාපනත ක්‍රියාත්මකවීම ආරම්භ වීමට පෙර හෝ පසුව, යම් විහාරාධිපතීන් වහන්සේ නමක් හෝ භාරකරුවකු විසින් හෝ කරන ලදැයි කියන සෑම දුෂ්කාතයක්, විශ්වාස කඩකිරීමක් හෝ කාර්ය නොසලකා හැරීමක් සම්බන්ධයෙන් ම වගන්තිය යටතේ ක්‍රියා මාර්ග ආරම්භ කළ හැකි අතර, කලින් කල සංශෝධිත, මහා භාරකාර ආඥාපනතින් භාරය පිළිබඳ තත් වය සහ ගිණුම් විමර්ශනය කිරීම සඳහා මහා භාරකාරවරයාට පවරා ඇති සියලු බලතල එකී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් වරයාට තිබිය යුතු ය. ". 5. (4) මේ පනත ක්‍රියාත්මකවීම ආරම්භවීමේ දිනයට පෙරාතුව ම, ප්‍රධාන ප්‍රඥප්තිය යටතේ මහා භාරකාරවරයාගේ සහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ සියලුම අයිතිවාසිකම්, වගකීම් සහ බැඳීම් බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් වරයාගේ අයිතිවාසිකම්, වගකීම් සහ බැඳීම් ලෙස සලකනු ලැබිය යුතුය. (2) මහා භාරකාරවරයා විසින් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් හෝ ප්‍රධාන ප්‍රඥප්තිය යටතේ ආරම්භ කරනු ලැබ, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වීමට පෙර අවසාන නොවූ යම් ක්‍රියාවක් හෝ ක්‍රියා මාර්ගයක්, බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්වරයා විසින් කරගෙන යාම හා අවසාන කිරීම කළ හැකිය.
42
acts_1981-07-02_Sri_Lanka_Chamber_of_Small_Industry_Incorporation_si
act
1981
9
1
0.983007
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 43 දරන ශ්‍රී ලංකා කුඩා කර්මාන්ත මණ්ඩල (සංස්ථාගත කිරීමේ) පනත [සහතිකය සටහන් කළේ 1981 ජූලි මස 2 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 ජූලි මස 03 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 43 දරන ශ්‍රී ලංකා කුඩා කර්මාන්ත මණ්ඩල (සංස්ථාගත කිරීමේ) පනත ලංකා කුඩා කර්මාන්ත මණ්ඩලය සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා කුඩා කර්මාන්ත මණ් ඩලය '' යනුවෙන් හඳුන් වනු ලබන හා සඳහන් කරනු ලබන සංගමයක්, එකී සංගමයේ ජිකයන් එකඟ වූ රීති අනුව එකී සංගමයට සම්බන්ධ සියලු පරමාර්ථ හා කරුණු ඵලදායී ලෙස ක්‍රියාත් ත්මක කිරීමේ හා කර ගෙන යාමේ කාර්යය සඳහා මෙතෙක් කල් ශ්‍රී ලංකාවෙහි පිහිටුවා තිබූ හෙයින්ද : එකී සංගමය පිහිටුවනු ලැබුවේ යම් පරමාර්ථ හා කරුණු සඳහා ද, ඒ පරමාර්ථ හා කරුණු කීපය මෙතෙක් කල් එකී සංගමය විසින් සාර්ථකව ක්‍රියාත්ත්මක කර හා කර ගෙන ගොස් ඇති හෙයින් සහ එකී සංගමය සංස්ථාගත කරනු ලැබීමට ඉල්ලුම් කර ඇති හෙයින් ද එකී ඉල්ලීම ඉෂ්ට කිරීම මහජන අර්ථසිද් ධිය සඳහා වන හෙයින්ද‍: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 43 දරන ශ්‍රී ලංකා කුඩා කර්මාන්ත මණ්ඩල (සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. ( මෙහි මින් මතු " මණ්ඩලය '' යනුවෙන් සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා කුඩා කර්මාන්ත මණ්ඩලයේ දැනට සාමාජිකයන්ව සිටින තැනැත්තන් හෝ මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාවට මින් මතු සාමාජිකයන් වශයෙන් බඳවා ගනු ලබන තැනැත්තන්, මේ පනත ආරම්භ වන දිනයෙහි සිට සහ ඉන් පසුව, (මෙහි මින් මතු '' සංස්ථාව '' යනුවෙන් සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා කුඩා කර්මාන්ත මණ්ඩලය යන නාමය සහ අභිධානය යටතේ අවිච්ඡින්න පැවැත්මක් ඇති සංස්ථාපිත මණ්ඩලයක් විය යුතු අතර, සංස්ථාව විසින් හා සංස්ථාවට විරුද් ද්ධව එම නාමයෙන් සියලුම අධිකරණයන් හි නඩු පැවරීම හෝ පවරනු ලැබීම කළ යුතු ය; එ‍මෙන්ම කරනු ලැබිය හැකි ය. තවද පොදු මුද්‍රාවක් තබා ගැනීමට හා පාවිච්චි කිරීමට ද එය සංස්ථාවේ කැමැත්ත අනුව වෙනස් කිරීමට ද සංස්ථාවට සම්පූර්ණ බලය සහ අධිකාරය ඇත් ත්තේය. 3. සංස්ථාවේ පොදු පරමාර්ථ වූ කලී - (අ) සංස්ථාවේ සාමාජිකයන් අතර නිෂ්පාදන සහ නිෂ්පාදිත පරමාර්ථ ද්‍රව්‍ය හෝ සකස් කරන ලද ද්‍රව්‍ය සහ බඩු විකිණීම, මිලදී ගැනීම හෝ නැව්ගත කිරීම පිළිබඳ සියලුම සංඛ්‍යා ලේඛන එකතු කිරීමෙන් හා දුක් ගැනවිලි ගැන සහනයක් සෙවීමෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳාම වැඩි දියුණු කිරීම, ඊට ධෛර්ය දීම සහ ආරක්ෂා කිරීම; (ආ) සියලුම වාණිජ ප්‍රශ්න හෝ ඒ හා සම්බන්ධිත කරුණු සම්බන්ධයෙන් වූ දැනුම සහ තොරතුරු හා අදහස් හුවමාරුව දිරිගැන්වීම, පුළුල් කිරීම, ව්‍යාප්ත කිරීම වැඩිදියුණු කිරීම සහ එහි සාමාජිකයන් පුහුණු කිරීමට, ඔවුනට සහාය වීමට හා උපදෙස් දීමට මධ්‍ය සංවිධානයක් පිහිටු වීම; (ඇ) කාර්මික සුභසාධන කටයුතු, කාර්ය මණ්ඩල කළමනාකරණය සහ සේවා නියුක්ති පරිපාලනය ද ඇතුළුව, කළමනාකරණ විද්‍යාව ප්‍රවර්ධනය කිරීම, අනුබල දීම සහ දියුණු කිරීම; (ඈ) ශ්‍රී ලංකාවේ වෙළෙඳාමට, නිෂ්පාදනවලට සහ කර්මාන්ත වලට සම්බන්ධ සියලු ප්‍රශ්න සලකා බැලීම ඒවාට බලපාන ව්‍යවස්ථාදායකත්වය සහ වෙනත් පියවර ගැනීම ප්‍රවර්ධන යට හෝ ඒ සම්බන්ධයෙන් නියෝජනයන් කිරීමට උත්සාහ ගැනීම සහ ඒ හා සම්බන්ධ සංඛ්‍යා ලේඛන සහ වෙනත් තොරතුරු රැස් කිරීම හා සංසරණය කිරීම; (ඉ) සමීක් ෂකයන් පත් කිරීම සහ බඩු සහ වෙළෙඳ බඩු සමීක්ෂණය කිරීම සඳහා සහ සමීක් ෂණ වාර්තා, මුලාරම්භ සහතික, බර සහ පරිමාණ පිළිබඳ සහතික නිකුත් කිරීම සඳහා විධිවිධාන සැලැස් වීම; ( ඊ) කම්කරු නීති සහ නියෝග පිළිබඳව සාමාජිකයන්ට උපදෙස් දීම සහ සහාය දීම සහ කම්කරු විනිශ්චය සභා, අධිකරණ, කම්කරු දෙපාර්තමේන්තුව හෝ වෙනත් දෙපාර්තමේන්තු වක් හෝ බල මණ්ඩලයක් ඉදිරිපිට පැවැත් වෙන කම්කරු ආරාවුල් වල දී සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටීම සහ ඔවුන්ට නීති සහාය පිළියෙළ කර දීම; (උ) බේරුම් කිරීමේ මණ්ඩලයේ තීරණ වලින් බැඳීමට කැමති, සාමාජිකයන් සඳහා බේරුම් කිරීමේ මණ්ඩලයක් පිහිටු වීම සහ වෙළෙඳාමෙන්, වාණිජ හා කර්මාන්ත කටයුතු වලින් පැන නැගෙන ආරාවුල් සහ මත භේද නිරවුල් කිරීමට භාර ගැනීම; (ඌ) දේශන, පන්ති සහ විභාග පැවැත්වීම සඳහාත් කළමනා කරණය සම්බන්ධ ශිෂ්‍යත්ව සහ වෙනත් ත්‍යාග ප්‍රදානය කිරීම සඳහාත් පහසුකම් සැලසීම මෙන්ම කුශලතා සහතික නිකුත් කිරීම සහ විධායකයන් ලෙස නියුක් තව සිටින තැනැත්තන් තුළ වැඩි කාර්යක් ෂමතාවක් ඇති කිරීමට දිරිගැන්වීම; (එ) වාණිජ වෘත්තීන් සඳහා පුහුණුවක් ලැබීමට කැමති තැනැත් තන්ට සහාය දීම සඳහා ශිෂ්‍යත්ව පිහිටුවීම සහ එවැනි යම් කාර්යයක් සඳහා ආධාර සහ පරිත්‍යාගයන් භාර ගැනීම, එවැනි යම් කාර්යයක් සඳහා යම් මුදලක් ආධාර වශයෙන් හෝ පරිත්‍යාගයක් වශයෙන් ලත් යම් අරමුදලක භාර කරුවන්, ආරක්ෂකයන් සහ කළමනාකරුවන් ලෙස ක්‍රියා කිරීම සහ සාමාන්‍යයෙන්, යම් භාරයක් පිළිබඳ වගකීම පිළිගැනීම හා එය ක්‍රියාත්මක කිරීම සහ භාරකාර ධුරය පිළිගැනීම ; (එ) සේවා නියුක්තයන් බඳවා ගැනීම සහ පුහුණු කිරීම සඳහා වෙළෙඳ, වාණිජ සහ කර්මාන්ත සේවා යෝජකයන්ට පහසුකම් සැලසීම; (ඔ) සංස්ථාවේ වැඩ කටයුතු සහ වාර්තා හෝ ඒ හා සම්බන්ධිත යම් ලියවිලි, ප්‍රකාශ, සංඛ්‍යාලේඛන, පාඨ ග්‍රන්ථ, නිබන්ධන හෝ විෂයයන් සිංහලෙන්, දෙමළෙන් හෝ දෙමළෙන් හෝ වෙන යම් භාෂාවකින් සම්පාදනය කිරීම, මුද්‍රණය කිරීම, පළ කිරීම, බැහැර දීම හෝ බෙදා හැරීම සහ කර්මාන්ත, වෙළෙඳාම කළමනාකරණය සහ ඊට සමාන විෂයයන්ට අදාළ පොත පතින් යුත් පුස්තකාලයක් පිහිටුවීම; (ඕ) නිෂ්පාදනය සහ වෙළෙඳාම සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය සපයන්නෝ විය හැකි තැනැත්තන් සහ ගැනුම්කරුවන් විය හැකි තැනැත්තන් අතර සම්බන්ධතාවයක් ඇති කිරීම් සහ අමු ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ආනයන බල පත්‍ර හා සහනදායක ආනයන බදු ප්‍රමාණ ඉ ලා සිටීම; (ක) වෙළෙඳ පොළ සමීක්ෂණ කිරීම සහ දේශීය කාර්මික සහ වෙනත් නිෂ්පාදන අපනයන ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ අපනයන ආයතන සහ වෙනත් රටවල ආනයන කරුවන් ගේ මාර්ගයෙන් සාකච්ඡා පැවැත්වීම; (ග) සංස්ථාවේ සාමාජිකයන් වෙනුවෙන් හා ඔවුන් සඳහා ආණ්ඩුව සහ වෙනත් සංවිධාන සමග මහජන සම්බන්ධතා පවත්වා ගෙන යාම සහ පාරිභෝගික සභා සංවිධානය කිරීම සහ සාමාජිකයන්ගේ නිෂ්පාදන ගැන ප්‍රසිද්ධියක් ලබා දීම; (ච) අමු ද්‍රව්‍ය වැවීමේ කාර්යය සඳහා සුදුසු ඉඩම් ලබා ගැනීම් පිණිස ආණ්ඩුව සමග සාකච්ඡා පැවැත්වීම සහ එම කාර්යය සඳහා සුදුසු ඉඩම් ලබා ගැනීම ; (ජ) සම්පූර්ණයෙන්ම හෝ කොටසක්, සංස්ථාවේ පරමාර්ථවලට සමාන පරමාර්ථ ඇති සංස්ථාගත කළ හෝ සංස්ථාගත නොකළ වෙන යම් සංගමයකට, පුද්ගලයකුට, ව්‍යාපාරික ආයතනයකට හෝ මණ්ඩලයකට දායක වීම, එහි සාමාජික යන් වීම, ඊට සහනාධාර දීම සහ ඒ සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම සහ සංස්ථාවේ පරමාර්ථ ප්‍රවර්ධනයට තුඩු දිය හැකි යම් තොරතුරක්, කරුණක්, අයිතිවාසිකමක් දෙයක් එම සංගමයෙන්, පු ද්ගලයාගෙන්, ව්‍යාපාරික ආයතනයෙන් හෝ මණ්ඩලයෙන් ලබා ගැනීම හෝ ඊට දැනුම් දීම; (ට) සංස්ථාවේ පරමාර්ථ හා අරමුණු වලට සමාන පරමාර්ථ හා අරමුණු ඇත්තා වූ දේශීය හෝ විදේශීය වෙනත් යම් සංවිධානාත්මක මණ්ඩලයක් හෝ විශේෂිත නියෝජ්‍යා යතනයක් සමඟ අනුබද්ධ වීම, සහයෝගීව ක්‍රියා කිරීම, ඒකාබද්ධ වීම, සහ ශ්‍රී ලංකාවේ නොයෙක් නොයෙක් ප්‍රදේශවල ශාඛා පිහිටු වීම සහ සංස්ථාව සමග අනුබද්ධ වීම සඳහා හෝ සංස්ථාව විසින් කලින් කලට තීරණය කරනු ලබන ආකාරයෙන් ඒ ශාඛා පාලනය කිරීම, අධීක් ෂණය කිරීම, පරිපාලනය කිරීම සහ ඒවාට සහාය දීම සහ සංස්ථාවේ අභිමතය පරිදි ඒ ශාඛා අවලංගු කිරීම, වසා දැමීම හෝ අන්‍යාකාරයකින් අවසාන කිරීම සඳහා විධිවිධාන සැලැස් වීම; සහ (ඩ) ශ්‍රී ලංකාවේ කුඩා කර්මාන්තවල ස්වාර්ථයට හෝ යහපතට හෝ ඉහත කී පරමාර්ථ හෝ ඉන් යම් පරමාර්ථයක් මුදුන් පමුණුවා ගැනීම සඳහා හෝ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳාම, වාණිජ්‍යය, නිෂ්පාදන සහ කර්මාන්ත යන කට යුතු වල යහපත, ආරක්ෂාව හෝ ප්‍රගතිය සඳහා හෝ අවශ්‍ය හෝ හිතකර හෝ ආනුෂංගික වෙනත් සියලු දේවල් කිරීම. 4. (1) සංස්ථාවට පහත සඳහන් බලතල ඇත්තේ ය :- (අ) සංස්ථාවේ කාර්ය සඳහා කොන්දේසි රහිතව කොන්දේසි සහිතව, දායක මුදල් සහ සියලු ආකාරයේ තෑගි ඉල්ලීම සහ පිළිගැනීම; (ආ) සංස්ථාවේ කාර්ය සඳහා ඇප ඇතිව හෝ නැතිව මුදල් ණයට ගැනීම හෝ ලබා ගැනීම: (ඇ) සංස්ථාවේ මුදල් හෝ සංස්ථාවට භාරදෙනු ලබන ඕනෑම මුදලක් (නිශ්චල දේපළ උකස් කිරීම් ද ඇතුළුව) සංස්ථාව විසින් කලින් කලට තීරණය කරනු ලබන ආයෝජනවල, එසේම තීරණය කරනු ලබන ආකාරයකින් ආයෝජනය කිරීම; (ඈ) මිලට ගැනීමක, හුවමාරුවක, ත්‍යාගයක්, තෙස් තමේන් තු නීයාදනයක ප්‍රකාර හෝ අන් ආකාරයකින් යම් කවර හෝ දේ පළක් අත් කර ගැනීම සහ එවැනි දේ පළ විකිණීම, උකස් කිරීම, බදු දීම, හුවමාරු කිරීම හෝ අන් ආකාරයකින් බැහැර කිරීම; (ඉ) සංස් ථාවේ කාර්ය සඳහා අවශ්‍ය වන හෝ සංස්ථාවේ කාර්ය මණ්ඩලයට නිවාස සැපයීම සඳහා අවශ්‍ය වන යම් ගොඩනැගිලි ඉදි කිරීම, වෙනස් කිරීම සහ නඩත්තු කිරීම; (ඊ) අවශ්‍යයයි සංස්ථාව විසින් සලකනු ලබන සියලුම නිලධරයන් සහ සේ වකයන් සංස් ථාවට පත් කිරීම සහ සේවයෙන් පහ කිරීම හෝ ඔවුන්ගේ සේවය අවසාන කිරීම සහ සංස්ථාව විසින් කලින් කලට තීරණය කරනු ලබන වැටුප්, විශ්‍රාම වැටුප්, පාරිතෝෂික සහ දීමනා ඔවුන්ට ගෙවීම; (උ) සංස්ථාවේ සිටි හෝ සිටින නිලධරයන්ට හෝ සේවකයන්ට හෝ ඒ තැනැත්තන්ගේ ඥාතීන්ට හෝ ඔවුන්ගෙන් යැපෙන්නන්ට දීමනා, පාරිතෝෂික, විශ්‍රාම වැටුප් හෝ වෙනත් ප්‍රතිලාභ දීම පිණිස යම් අරමුදලක් හෝ යෝජනා ක්‍රමයක් පිහිටුවීම හෝ එවැනි අරමුදලකට හෝ යෝජනා ක්‍රමයකට දායකවීම; (ඌ) සුදුසු යයි සංස්ථාව සලකන ආකාරයකින්, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාවේ කටයුතු කළමනාකරණය කිරීම සඳහා කලින් කල විධිවිධාන සැලැස්වීම, සහ විශේෂයෙන්, සුදුසු යයි සිතන කාර්යය සඳහා සහ නියමයන් උඩ, සංස්ථාවේ ඇටෝර්නි බලකරුවන් හෝ අනුයෝජිතයන් වීමට යම් තැනැත්තකු හෝ තැනැත්තන් පත් කිරීම; (එ) සංස්ථාවේ පරමාර්ථ ප්‍රවර්ධනය සඳහා සංස්ථාපිත හෝ සංස්ථාපිත නොවන යම් තැනැත්තෙක්, සමිතියක් හෝ පුද්ගල මණ්ඩලයක් සමග හෝ යම් ආණ්ඩුවේ දෙපාර්ත මේන්තුවක් හෝ පළාත් පාලන ආයතනයක් සමග යම් ගිවිසුමකට ඇතුල්වීම ; (ඒ) සංස්ථාවේ පරමාර්ථ ඉදිරියට ගෙන යාම පිණිස, යම් දේපළක් සංස්ථාවට දෙනු ලැබුවේ යම් කොන්දේසියකට හෝ භාරයකට යටත්වද, ඒ කොන්දේ සිය හෝ භාරය පිළි ගැනීම සහ ක්‍රියාත්මක කිරීම; (ඔ) සංස්ථාවේ පරමාර්ථ නිසි පරිදි සහ කාර්ය සාධක ලෙස ක්‍රියාත් මක කිරීම සඳහා අවශ්‍ය හෝ යෝග්‍ය සියලු දේවල් කිරීම. (2) සංස්ථාවේ බලතල සියලුම අවස්ථාවන්හි දී, ඒ බලතලවලට අදාළ යම් ලිඛිත නීතිවල විධිවිධාන වලට යටත්ව, ක්‍රියාත්මක කළ යුතු ය. 5. (4) සංස්ථාවේ තත් කාලයෙහි බලපවත්නා රීති අනුව තෝරා පත් කර ගනු ලබන යම් තැනැත්තන් ගණනකින් සමන්විත වන කළමනාකාර සභාවක් විසින්, සංස්ථාවේ තත් කාලයෙහි බල පවත්නා රීති වලට යටත්ව, සංස්ථාවේ කටයුතු පරිපාලනය කළ යුතුය. (2) මේ පනත ක්‍රියාත්මක වන වේලාවෙහි ධුර දරන මණ්ඩලයේ කළමනාකාර සභාව සංස්ථාවේ ප්‍රථම කළමනාකාර සභාව වන්නේය. 6. (4) මේ පනත ක්‍රියාත්මක වන වේලාවේ දී මණ්ඩලයේ සාමා ජිකයකු වූ සෑම තැනැත් තකුම් විසින් සහ මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාවට ඉන්පසුව සාමාජිකයකු ලෙස විධිමත් පරිදි ඇතුළත් කරගනු ලබන සෑම තැනැත්තකුම විසින් සිය නාමය සට හන් කරවා ගත යුතු ලේඛනයක්, කළමනාකාර සභාව විසින් පවත් වාගෙන යාමට කටයුතු සැලැස් විය යුතුය. (2) නාම ලේ ඛතයෙහි පහත සඳහන් විස්තර අඩංගු විය යුතු ය:- (අ) එක් එක් සාමාජිකයාගේ නම, ලිපිනය සහ රක්ෂාව; (ආ) සාමාජිකයකු ලෙස යම් තැනැත්තකුගේ නම නාම ලේබන යේ සටහන් කරන ලද දිනය; සහ (ඇ) යම් තැනැත් තකුගේ සාමාජිකත්වය අවසාන වූ දිනය. 7. (1) සාමාජිකයන් ඇතුළත් කර ගැනීම, ඉල්ලා අස් වීම, විශ්‍රාම යාම හෝ නෙරපීම සඳහා සහ සංස්ථාවේ කටයුතු කළමනා කරණය කිරීම සඳහා සහ එහි පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා සංස්ථාව විසින් කලින් කල යම් මහා සභා රැස්වීමක දී පැමිණ ඡන්දය දෙන සාමාජිකයන්ගේ තුනෙන් දෙකකට නොඅඩු ඡන්දයෙන්, මේ පනතේ විධිවිධානවලට අනනුකූල නොවන රීති සෑදීම නීත්‍යනුකූල වන්නේය. එකී රීති, එසේ සෑදීමෙන් පසු, එවැනිම රැස්වීමක දී ඒ ආකාරයෙන්ම වෙනස් කිරීම, ඊට යමක් එකතු කිරීම, ඒවා සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කිරීම හෝ කරනු ලැබිය හැකිය. (2) මේ පනත ආරම්භ වන දින බල පැවැත්වූ මණ්ඩලයේ රීති මේ වගන්තිය යටතේ සාදන ලද, සංස්ථාවේ රීති ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ රීති වෙනස් කිරීම, ඊට යමක් එකතු කිරීම, ඒවා සංශෝධනය කිරීම, පරිච්ඡින්න කිරීම හෝ මේ පනත යටතේ සාදනු ලබන රීති මගින් ඒවා ප්‍රතියෝජනය කිරීම කරනු ලැබිය හැකිය. (3) සංස්ථාවේ සාමාජිකයන් සංස්ථාවේ රීති වලට යටත් විය යුතුය. 8. මෙම පනත ක්‍රියාත්මක වන වේලාවේ දී පවත්නා වූ මණ්ඩ ලයේ සියලුම ණය සහ බැරකම් සංස්ථාව විසින් ගෙවා නිදහස් කළ යුතු අතර මණ්ඩලයට අය විය යුතු සියලු ණය, හෝ ගෙවිය යුතු දායක මුදල් සහ සාමාජික මුදල් සංස්ථාවට ගෙවිය යුතු ය. 9. සංස්ථාවේ ආදායම සහ දේපළ හුදෙක් සංස්ථාවේ පරමාර්ථ නංවාලීම පිණිසම යොදා ගත යුතු අතර ඉන් කිසිම කොටසක්, සංස්ථාවේ සාමාජිකයන්ට ලාභාංශ, ප්‍රසාද මුදල් හෝ වෙනත් ලාභ වශයෙන්, කෙළින්ම හෝ අන්‍යාකාරයකින් ගෙවීම හෝ පැවරීම කරනු නොලැබිය යුතු ය: එසේ වුව ද, මේ වගන්තියේ විධිවිධාන මගින් - (අ) සංස්ථාවේ යම් නිලධරයකුට හෝ සේවා නියුක්තයකුට සංස්ථාවේ යම් සාමාජිකයකුට, සංස්ථාවට කරන ලද යම් සේවාවක් වෙනුවෙන්, සද් භාවයෙන් යම් සාධාරණ සහ නිසි පාරිශ්‍රමිකයන් ගෙවීම; (ආ) ණයට දෙන ලද මුදලක් වෙනුවෙන් පවතින වාර්ෂික බැංකු පොලී ප්‍රමාණය නොඉක්මවන ප්‍රමාණයක් අනුව පොලී ගෙවීම හෝ සංස්ථාවේ යම් සාමාජිකයකු විසින් හෝ සංස්ථාවේ සාමාජිකයෙකු යම් සමාගමක ප්‍රාග් ධනයෙන් සියයෙන් එක් කොටසක් නොඉක්මවන කොටස් දරන සාමාජිකයකු වන අවස් ථාවක ඒ සමාගම විසින් සංස්ථාවට කුලියට දෙන ලද ස්ථානයක් සඳහා සාධාරණ කුලියක් ගෙවීම; (ඇ) තම කටයුතු හෝ යුතුකම් ඉටු කිරීමෙහිලා හෝ සංස්ථාවේ පරමාර්ථ නංවාලීමෙහිලා, සංස් ථාවේ යම් සාමාජිකයකු, නිලධරයකු හෝ සේවා නියුතයකු විසින් දරන ලද විය දම් නැවත ගෙවීම. වලක්වනු නො ලැබිය යුතුය. 10. සංස් ථාවේ එක් එක් සාමාජිකයකුගේ බැඳීම ඔහුගේ සාමාජිකත්ව කාල සීමාව තුළ උද් ගතවන සංස්ථාවේ ගනු දෙනුවලට සහ ඒ සාමාජිකයාගෙන් සංස්ථාවට අය විය යුතු වාර්ෂික දායක මුදලට හෝ මුදල්වලට වැඩියෙන් රුපියල් දෙසිය පනහක් වූ මුදලකට සීමා විය යුතු ය: එසේ වුවද, එකී බැඳීම් සීමාවට සංස්ථාවේ වාර්ෂික වියදම් පිළිබඳව වන යම් ඌනතාවයක් පියවීම සඳහා සංස්ථාවේ රීති යටතේ ගෙවන ලෙස ඒ සාමාජිකයාගෙන් ඉල්ලා සිටිනු ලැබිය හැකි යම් ආධාරයක් ඇතුළත් නො වන්නේය. 11. කළමනාකාර සභාවේ යෝජනා සම්මුතියක බලය පිට සහ කළමනාකාර සභාවේ සාමාජිකයන් දෙදෙනකු ඉදිරිපිට දී මිස සංස් ථාවේ මුද්‍රාව කිසිම සාධන පත්‍රයකට නොතැබිය යුතු අතර ඒ සාමාජි කයන් දෙදෙනාගෙන් එක් අයකු සභාපති විය යුතු ය. එකී සාමාජි කයන් දෙදෙනා පැමිණ සිටීමේ ලකුණක් වශයෙන් එකී සාධන පත්‍ර යෙහි තම නම අත්සන් කළ යුතු අතර එම අත්සන් කිරීම, සාක්ෂි කරුවකු වශයෙන් යම් තැනැත්තකුගේ අත් ත්සන් කිරීමට බාහිරව විය යුතුය. 12. මේ පනතේ සඳහන් තැනැත්තන් සහ ඔවුන් වෙතින්, ඔවුන් මාර්ගයෙන් හෝ ඔවුන් යටතේ හිමිකම් කියන වෙනත් තැනැත්තන් හැර, ශ්‍රී ලංකා ජන රජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක හෝ සංස්ථාවක හෝ වෙන යම් තැනැත්තකුගේ අයිතිවාසිකම්වලට පනතේ ඇතුළත් කිසිවකින් හානියක් හෝ බලපෑමක් නො විය යුතුය.
43
acts_1981-07-02_Widows_and_Orphans_Pension_Fund_Amendment_si
act
1981
23
2
0.984622
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 44 දරන වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1984 ජූලි 2 වන දින ] ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 ජූලි මස 03 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී 1981 අංක 44 දරන වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් (සංශෝධන) පනත වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 44 දරන වැන්දඹු සහ අනත්දරු ලුහුඬු නාය විශ්‍රාම වැටුප් අරමුදල් (සංශෝධන) පනත යනුවෙන් හඳුන් වනු ලැබේ. 2. (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය ' යනුවෙන් හඳුන්වනු 431 වන ලබන) වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ආඥාපනතේ 2 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු වගන්තිය ලැබේ :- (1) " අධ්‍යක් ෂවරු '' යන වචනයේ අර්ථකථනය අත් හැරීමෙන්; (2) '' දායක මුදල් ගෙවීමේ උපරිම කාල සීමාව " යන්නෙහි අර්ථ කථනය වෙනුවට පහත දැක් වෙන අර්ථකථනය ආදේශ කිරීමෙන්:- යම් දායකයකු සම්බන්ධයෙන් දායක මුදල් ගෙවීමේ උපරිම කාලසීමාව '' යන්නෙන්, ඔහු දායකයකු බවට පත් වන දිනයෙන් පටන්ගෙන එසේ දායකයකු ලෙස කඩව අවුරුදු තිස් පහක් සම්පූර්ණ කරන දිනය හෝ දායකයකුව සිටිමින් ම ඔහුට වයස අවුරුදු හැටපහ සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කවර වූ හෝ කලින් එළඹෙන දිනයෙන් අවසන් වන කාල සීමාව අදහස් විය යුතු ය; එහෙත් අදාළ දිනයේ දී හෝ එදිනට පසුව, එම යෙදුම- (අ) අදාළ දිනයට පෙර දායකයකු ලෙස නොකඩව අවුරුදු තිස්පහක් සම්පූර්ණ කර ඇති හෝ දායකයකුව සිටියදී ම වයස අවුරුදු හැට පහ ලබා ඇති හෝ යම් තැනැත්තකු සම්බන්ධයෙන් වන විට, ඔහු දායකයකු බවට පත් වූ දිනයෙන් පටන් ගෙන දායකයකු ලෙස නොකඩව අවුරුදු තිස්පහක් සම්පූර්ණ කරන දිනය හෝ ඔහුට වයස අවුරුදු හැට පහ ලබන දිනය යන දින දෙකෙන් කවර වූ හෝ කලින් එළඹෙන දිනයෙන් අවසන් වන කාල සීමාව ඉන් අදහස් විය යුතු ය; (ආ) රජයේ සේවයෙන් අස් වීමෙන් පසු 13 වන වගන්තිය හෝ 15 වන වගන්තිය හෝ ප්‍රකාර දායකයකු ලෙස දිගටම ක්‍රියා කරන යම් තැනැත්තකු සම්බන්ධයෙන් වන විට, ඔහු දායකයකු ලෙස පත් ‍වූ දිනයෙන් පටන් ගෙන දායකයකු ලෙස නොකඩව අවුරුදු තිස් පහක් සම්පූර්ණ වන දිනය හෝ දායකයකු ලෙස සිටියදී ම ඔහු වයස අවුරුදු හැටපහ ලබන දිනය යන දින දෙකෙන් කලින් එළඹෙන කවර වූ හෝ දින යෙන් අවසන් වන කාලසීමාව ඉන් අදහස් විය යුතුය; (ඇ) විශ්‍රාම වැටුප් මත රජයේ සේවයෙන් විශ්‍රාම ගැනී මෙන් පසු අදාළ දිනයට පෙරාතුව ම වූ දිනයේ දායකයකු වන යම් තැනැත්තකු සම්බන්ධයෙන් වන විට, ඔහු දායකයකු බවට පත් වූ දිනයෙන් පටන් ගෙන අදාළ දිනයට පෙරාතුව ම වූ දිනයෙන් අවසන් වන කාලසීමාව ඉන් අදහස් විය යුතුය; (ඈ) අදාළ දිනයේ දී දායකයකු වූ හෝ එම දින හෝ එම දිනට පසුව දායකයකු බවට පත්වන වෙනත් යම් තැනැත් තකු සම්බන්ධයෙන් වන විට, ඔහු දායකයකු බවට පත් වූ හෝ පත් වන දිනයෙන් පටන් ගෙන ඔහු රජයේ සේවයෙන් අස්වන දිනයෙන් අවසන් වන කාලසීමාව ඉන් අදහස් විය යුතු ය; '; ( 3 ) " නැවත ගෙවනු ලබන දායක මුදල '' යන්නෙහි අර්ථකථන යට පෙරාතුව ම, පහත දැක්වෙන අලුත් අර්ථ කථනය ඇතුළත් කිරීමෙන් :- අදාළ දිනය '' යන්නෙන් මේ ආඥාපනතේ කාර්ය සඳහා අදාළ දිනය ලෙස අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිවේදනයකින් නියම කරනු ලබන දිනය අදහස් වේ; '; සහ (4) "වැටුප " යන්නෙහි අර්ථකථනය වෙනුවට පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන් :- වැටුප " යන්නෙන් - (අ) 1969 ඔක් තෝබර් මස 1 වන දිනට පෙර වූ . යම් කාල සීමාවක් සම්බන්ධයෙන් දායකයා විසින් දරන ලද විශ්‍රාම වැටුප් හිමි තනතුරේ මූලික වැටුප අදහස් වන අතර දායකයාට ලැබිය හැකි හෝ ඔහු විසින් භුක්ති විඳිය හැකි යම් දීමනාවක් හෝ වෙනත් පඩිනඩි හෝ වෙනත් යම් වාසියක වටිනාකම ඇතු ළත් නොවිය යුතු ය; (ආ) 1969 ඔක්තෝබර් මස 1 වන දිනට පසුව එහෙත් 1975 අප්‍රේල් මස 1 වන දිනට පෙර වූ යම් කාලසීමාවක සම්බන් න්ධයෙන් රාජ්‍ය පරිපාලන විෂයය භාර අමාත්‍යාංශයේ ලේකම් වරයා. විසින් තීරණය කරන ආකාරයට, දායකයා විසින් දරන ලද විශ්‍රාම වැටුප් හිමි තනතුරේ, ඒකාබද්ධ වැටුපට අනුරූප වූ කල්පිත මූලික වැටුප අදහස් විය යුතු අතර දායකයා විසින් ලැබිය හැකි හෝ භුක්ති විඳිය හැකි යම් දීමනාවක් හෝ වෙනත් පඩිනඩි හෝ වෙනත් යම් වාසියක වටිනාකම ඇතු ළත් නොවිය යුතු ය; (ඇ) 1975 අප්‍රේල් මස 1 වන දිනට පසුව වූ යම් කාල සීමාවක් සම්බන්ධයෙන් දායකයා විසින් දරන ලද විශ්‍රාම වැටුප හිමි තනතුරේ ඒකා බද්ධ වැටුප සහ සියලු විශ්‍රාම වැටුප් හිමි දීමනා ඇතුළත් විය යුතු අතර ඒ තනතුර සම්බන්ධයෙන් යම් නිලධරයකුට ලැබෙන යම් ගාස්තු හෝ වෙනත් යම් දීමනා ඇතු ළත් නොවිය යුතුය. 3. ප්‍රධාන ප්‍රඥප්තියෙහි 5 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ කරනු ලැබේ: 5. (1) (මෙහි මින් මතු මේ ආඥාපනතේ ' අධ්‍යක් ෂවරයා '' යනුවෙන් සදහන් කරනු ලබන) විශ්‍රාම වැටුප අධ්‍යක් ක්ෂවරයා මේ ආඥාපනතේ සාමාන්‍ය පරිපාලනය භාරව කටයුතු කළ යුතු ය. (2) මේ ආඥාපනත මගින් අධ්‍යක් ක්ෂවරයා වෙත පවරන ලද හෝ නියම කරන ලද යම් බලයක් ක්‍රියාත්මක කිරීමට හෝ කර්තව්‍යයක් හෝ කාර්ය යක් ඉටු කිරීමට ඔහු විසින් සාමාන්‍යයෙන් හෝ විශේෂයෙන් යම් නිලධරයකුට බලය දෙනු ලැබිය හැකි ය. (3) 1906 මාර්තු මස 14 වන දින හෝ එදිනට පෙර පත් කරන ලද රජයේ නිලධරයන් සම්බන්ධ යෙන් දෙසැම්බර් මස තිස් එක වන දිනට පෙරා තුවම වූ මාස දොළහක කාල සීමාව තුළ මේ ආඥා පනත ප්‍රකාර ලබන ලද සහ ගෙවනු ලැබූ සියලු මුදල් පිළිබඳ සත්‍ය ගිණුමක් සෑම වර්ෂයක ම මැයි මස තිස් එක් වන දින හෝ එදිනට පෙර පිළියෙළ කරනු ලැබීමට අධ්‍යක් ෂවරයා විසින් සැලැස් විය යුතුය. c (4) (3) වන උපවගන්තිය යටතේ පිළියෙළ කරනු ලැබූ ගිණුම විගණකාධිපතිවරයා විසින් විගණ නය කරනු ලැබිය යුතු අතර ඒ ගිණුම පාර්ලි මේන්තුවට ඉදිරිපත් කළ යුතුය. ". 4. ප්‍රධාන ප්‍රඥප් තියෙහි 6 වන වගන්තියේ අතුරු වගන්තිය ඉවත් කිරීමෙන් එ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 5. ප්‍රධාන ප්‍රඥප්තියෙහි 8 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (4) එම වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන් :- “(1) (අ) යම් මාසයක් සඳහා මුළු වැටුපට හෝ විශ්‍රාම වැටුපට අඩු මුදල් ප්‍රමාණයක් වැටුප හෝ විශ්‍රාම වැටුප ලෙස රජයේ නිලධරයකුට ලැබුණ ද නැතහොත් වැටුප හෝ විශ්‍රාම වැටුප ලෙස කිසිම මුදල් ප්‍රමාණයක් නොලැබුණ ද, මේ ආඥා පනත ආරම්භයේ සිට සහ ඉන් පසුව 1975 මාර්තු මස 31 වන දින දක්වා අවස්ථාවෝචිත පරිදි සෑම රජයේ සේවක යකුගේ ම මුළු වැටුපෙන් හෝ මුළු විශ්‍රාම වැටුපෙන් සියයට හතරක මාසික අඩු කිරීමක් කළ යුතුය. (ආ) යම් මාසයක් සඳහා මුළු වැටුපට අඩු මුදල් ප්‍රමාණ යක් වැටුප ලෙස රජයේ නිලධරයකුට ලැබුණ ද නැතහොත් වැටුප ලෙස කිසිම මුදල් ප්‍රමාණයක් නොලැබුණ ද, 1975 අප්‍රේල් මස 1 වන දින සිට සහ ඉන් පසුව සෑම රජයේ නිලධරයකුගේ ම ඒකාබද්ධ වැටුපෙන් අමාත්‍යවරයා විසින් කලින් කල තීරණය කරනු ලැබිය හැකි සියයට ප්‍රමාණයක මාසික අඩු කිරීමක් කළ යුතුය. (ඇ) 1975 අප්‍රේල් මස 1 වන දිනෙන් ආරම්භ වී අදාළ දිනයෙන් අවසන් වන කාල සීමාව තුළ දී, යම් නිලධරයකු රජයේ සේවයෙන් විශ්‍රාම ගිය මාසය සම්බන්ධ යෙන් අඩු කරන ලද මුදල් ප්‍රමාණයට සමාන මාසික අඩු කිරීමක් හෝ රජයේ නිලධරයකු ස්වකීය විශ්‍රාම වැටුපෙන් දායක. මුදල් ගෙවීමට කැමති වන අවස් ථාවක අඩු නොකරන ලද විශ්‍රාම වැටුපෙන් සියයට හතරක අඩු කිරීමක් ඒ විශ්‍රාම වැටුපෙන් අඩු කළ යුතුය."; (2) (1) වන උපවගන්තියට ඉක් බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :- " (අ) (1) වන උපවගන්තියේ කුමක් සඳහන් වුවද අදාළ දිනයේ දී හෝ එදිනට පසුව ආරම්භ වන යම් කාල සීමාවක් සම්බන්ධයෙන් රජයේ නිලධරයකුට ගෙවිය යුතු විශ්‍රාම වැටුපෙන්, එම උපවගන්තියේ සඳහන් මාසික අඩු කිරීමක් නොකළ යුතුය. "; (3) එම වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කර පහන දැක්වෙන උපවගන්තිය ඒ වෙනුවට ආදේශ කිරීමෙන් :- " (2) (1) වන උපවගන්තියෙහි සඳහන් අඩු කිරීම. දායකයන්ගේ වැටුපෙන් සහ විශ්‍රාම වැටුපෙන් භාණ්ඩා ගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා විසින් හෝ ක්‍රවුන් ඒ ජන්තවරුන් විසින් කරනු ලබන ගෙවීම් වල දී වැටුප සහ විශ්‍රාම වැටුප ගෙවීම කරනු ලබන සෑම අවස් ථා වක දීම ඒ ක්‍රවුන් ඒජන්තවරුන් විසින් හෝ කළ යුතු අතර, එම මුදල '' වැන්දඹු සහ අනත් දරු විශ්‍රාම වැටුප් අරමුදල " ට බැර කළ යුතු ය: එසේ වුව ද පසුව සදහන් අවස්ථාවේ දී ඒ අඩු කිරීම ශ්‍රී ලංකාවේ සේවා නියුක් තව සිටිය විට දී ඒ දායකයාට ක්‍රවුන් ඒජන්තවරුන් විසින් රුපියල් වලින් ගෙවිය යුතු මුළු වැටුප මත හෝ ඒ දායකයා ශ්‍රී ලංකාවේ නේවාසික නම් ඔහුට රුපියල්වලින් ගෙවිය යුතු විශ්‍රාම වැටුප මත ගණනය කොට අඩු කිරීම කළ යුතු අතර එංගලන්තයේ දී ඒ දායකයාට ඒ වැටුප හෝ විශ්‍රාම වැටුප ලබා ගැනීමට හිමිකම් ඇති අනුප්‍රමාණයට ගණන් බලන ලද ඒ වැටුපෙහි නැතහොත් විශ්‍රාම වැටුපෙහි රුපියල් වලින් ඉතිරි මුදලට සමාන ස්ටර්ලින් මුදලක් කුවුන් ඒ ජන්තවරුන්ගෙන් ලබා ගැනීමට ඒ දායකයාට හිමිකම් ඇත. "; සහ (4) එම වගන් න්තියේ (3) වන උපවගන්තියේ “එවැනි අඩු කිරීමක් නොකරනු ලැබූ අවස්ථාවක දී '' සිට '" භාණ්ඩාගාරයේ ලේකම්වරයාට හෝ ක්‍රවුන් ඒජන්තවරුන්ට ගෙවිය යුතුය '' යන සියලුම වචන වෙනුවට පහත දැක වෙන ඡේදය ආදේශ කිරීමෙන් :- " මේ වගන්තියෙ (1) වන උපවගන්තියෙහි (අ) ඡේද යේ හෝ (ආ) ඡේදයේ සඳහන් අඩු කිරීම කර නොමැති අවස්ථාවක, සෑම රජයේ නිලධරයකු විසින්ම, මේ වගන්ති යේ (1) වන උපවගන්තිය යටතේ තමා විසින් ගෙවනු ලැබීමට නියම කරනු ලබන මුදලක්, තම වැටුප හෝ විශ්‍රාම වැටුප තමාට ලැබීමෙන් පසු දින පහළොවක් ඇතුළත භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාට හෝ ක්‍රවුන් ඒජන්තවරුන්ට ගෙවිය යුතුය; නැතහොත් යම් රජයෙ නිලධරයකු වැටුප් නොමැතිව නිවාඩු ලබා සිටින අවස්ථා වක ඒ රජයේ නිලධරයා විසින්, ඒ නිවාඩු පවත්නා කාල යේ දී එක් එක් සහ සෑම මාසයක දීම පහළොස් වන දිනට පෙර, ඔහු නිවාඩු නොලබා සිටියේ නම් (අ) ඡේදය හෝ (ආ) ඡේදය යටතේ ඔහු විසින් ගෙවිය හැකිව තිබුණ මුදලට සමාන මුදලක් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාට හෝ ක්‍රවුන් ඒජන්තවරුන්ට ගෙවිය යුතු ය. ". 6. ප්‍රධාන ප්‍රඥප්තියේ 9 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර පහත දැක්වෙන වගන්තිය ඒ වෙනුවට ආදේශ කරනු ලැබේ :- 9. (1) (2) වන උපවගන්තියේ විධිවිධානයන්ට යටත්ව, 8 (1) වන වගන්තියේ සඳහන් අඩු කිරීම, රජයේ නිලධරයකු ඔහුට වයස අවරුදු හැට පහ ලබන තුරුම රජයේ සේවයේයෙදී සිටියහොත් ඒ දක්වාම ඔහුගේ වැටුපෙන් අඩු කළ යුතු අතර ඒ දිනයෙන් එය අවසන් විය යුතු ය; එසේම නිල ධරයකු අවුරුදු තිස් පහක් එක දිගට අඩු කිරීමට භාජනය කරනු ලැබීමෙන් පසුව ද ඒ අඩු කිරීම අවසන් විය යුතුය. (2) (අ) අදාළ දිනයේ දී රජයේ සේවයේ සිටි යදීම දායකයකු වන; හෝ (ආ) එම දිනයේ දී හෝ එදිනට පසු දායක යකු බවට පත්වන රජයේ නිලධරයකුගේ වැටුපෙන් 8 (1) වන වගන් තියේ සඳහන් අඩු කිරීම ඔහු රජයේ සේ වයේ සිටින තාක් කල් දිගටම කළ යුතු අතර ඔහු රජයේ සේවයෙන් අ වන දිනයේ දී එය අවසන් විය යුතු ය. ". 7. (1) ප්‍රධාන ප්‍රඥප්තියෙහි (1957 අංක 1 දරන පනතින් එයට ඇතුළත් කරන ලද) 12 අ වගන්තියෙහි ( 2 ) වන උපවගන්ති යෙහි (ආ) ඡේදයට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන්, එම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- " (ආආ) මිය ගොස්, ඔහු මියයාමෙන් පසු ඔහුගේ විශ්‍රාම වැටුප ප්‍රතිශෝධනය කරනු ලබයි නම්, හෝ " (2) (1) වන උපවගන්තියේ විධිවිධාන, 1957 ජනවාරි මස 24 වන දින සිට බලපවත්වන ලෙස සැලකිය යුතු ය 8. ප්‍රධාන ප්‍රඥප්තියෙහි 13 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) එම වගන්තිය, 13 වන වගන්තියේ (1) වන උපවගන්තිය ලෙස නැවත අංක කිරීමෙන්; සහ (2) එම වගන්තියේ අවසානයට, පහත දැක්වෙන අලුත් උප වගන්තිය එකතු කිරීමෙන් :-- “(2) මේ ආඥාපනත යටතේ අදාළ දිනයේ දී හෝ එදිනට පසුව දායකයකු වන යම් තැනැත්තකුට, (1) වන උපවගන් තියේ සඳහන් කිසිවක් අදාළ නොවිය යුතු ය." 9. ප්‍රධාන ප්‍රඥප්තියෙහි 15 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) එම වගන්තිය, 15 වන වගන්තියේ (4) වන උපවගන්තිය ලෙස නැවත අංක කිරීමෙන්; සහ (2) එම වගන්තියේ අවසානයට, පහත දැක්වෙන අලුත් උප වගන්තිය එකතු කිරීමෙන් :- " (2) මේ ආඥාපනත යටතේ අදාළ දිනයේ දී හෝ එදිනට පසුව දායකයකු වන යම් තැනැත්තකුට, (1) වන උපවගන් තියේ සඳහන් කිසිවක් අදාළ නොවිය යුතු ය. ". 10. ප්‍රධාන ප්‍රඥප්තියෙහි 23 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර පහත දැක්වෙන වගන්තිය ඒ වෙනුවට ආදේශ කරනු ලැබේ:- 23. සෑම රජයේ නිලධරයකු විසින් ම, මේ ආඥා පනත සම්මත වීමෙන් පසු ඔහුට දාව උපන් හෝ ඔහු විසින් නීත්‍යනුකූලව දරුකමට හදාගන්නා ලද සෑම ළමයකුගේ ම උපන් දිනය, අවස් ථාවෝචිත පරිදි, ඒ උපතේ හෝ දරුකමට හදාගැනීමේ දින සිට මාස තුනක් ඇතුළත අධ්‍යක්ෂවරයාට දැනුම් දිය යුතු ය ". 11. 29 වන වගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, ඒ වගන්තිය ප්‍රධාන ප්‍රඥප්තියේ 29 අ වගන්තිය වශයෙන් බල පැවැත්විය යුතු ය . 29 අ සෞඛ්‍ය සේවා අධ්‍යක් ෂවරයා පත් කරන ලද වෛද්‍ය නිලධරයන් තුන් දෙනකු ගෙන් සමන්විත වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයක් විසින් අනත් දරුවකු ඔහුගේ ජීවනෝපාය සලසා ගැනීමට නොහැකි වන්නා වූ ශාරීරික හෝ මානසික අශක්‍යතාවකින් පෙළෙන බවට තීරණය කළ විටක ඒ අනත් දරුවාට, වයස ගැන නොතකා, මේ ආඥාපනත යටතේ යාව ජීව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම තිබිය යුතු ය. " 12. ප්‍රධාන ප්‍රඥප්තියේ 30 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට, පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :- 30. මියගිය රජයේ නිලධරයකුගේ වැන්දඹුවට හෝ දරුවකුට හිමි විශ්‍රාම වැටුප හෝ දීමනාව අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද චක්‍ර අනුව 57 අ වගන්තියේ විධිවිධාන වලට යටත්ව ආගණ නය කළ යුතුය. අමාත්‍යවරයා විසින් කලින් කල පත් කරනු ලබන ජීවන ගණකවරයකු හෝ ජීවන ගණකවරයන් විසින් ඒ චක්‍ර ගැලපීම සහ ප්‍රති ශෝධනය කරනු ලැබිය යුතුය. සන්තකයෙන් හෝ අපේක්ෂාවෙන් සහ ප්‍රතිවර්තනයෙන් යන කවරාකාරයකින් වුව ද මේ වගන්තිය යටතේ වැන්දඹුවන්ට හෝ දරුවන්ට ගෙවිය යුතු සියලු විශ්‍රාම වැටුප් නැවත ගැලපීමට යටත් විය යුතුය. ඒ විශ්‍රාම වැටුප් එසේ ගලපන ලද සහ ප්‍රතිශෝධ නය කරන ලද චක්‍ර අනුව ආගණනය කළ යුතු අතර ඒ අනුව අඩු හෝ වැඩි කළ යුතු ය. ''. 13. ප්‍රධාන ප්‍රඥප්තියේ 32 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:- 32. 1909 මාර්තු 31 දිනයෙහි අරමුදලේ වත්කම් සහ බැරකම් තක්සේරුව ඇතුළුව, මේ ආඥාපනතේ 34 වන වගන්තියෙහි විධිවිධාන සලසා ඇති පරිදි අරමුදලේ වත්කම් සහ බැරකම් වාරානුකූලව ජීවන ගණකීය තක් සෙ රු කිරීම් වලින් අනාවරණය වන්නා වූ අතිරික් ත වලින් අධ්‍යක් ෂවරයාගේ නිර්දේශය මත අමාත්‍යවරයා විසින් කලින් කල නියම කරනු ලැබිය හැකි ප්‍රතිශත, එ එක් එක් තක්සේරු දිනට අරමුදලේ දායකයින්ගේ සහ අවුරුදු හැටපහ වයසට එලඹි හෝ සේවය අවසන් කරන ලද පූර්ව දායකයින්ගේ එක් එක් තක් සේරු දිනට විශ්‍රාමිකයන් විය හැකි සියලු දෙනාගේම ද වැන්දඹුවන්ගේ සහ අනත් දරුවන්ගේ අනාගත විශ්‍රාම වැටුප මුදල් අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව විෂයය භාර අමාත්‍යවරයා විසින් විධාන කරනු ලැබිය හැකි සහ එ කොටස් වලින් සහ අනුපාතයන්ගෙන් සහ ආකාර යකින් වැඩි කිරීම සඳහා යෙදවිය යුතු ය. ". 14. ප්‍රධාන ප්‍රඥප්තියේ 33 වන වගන්තිය පහත දැක් වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලෑබේ :- (අ) ඒ වගන්තිය 33 වන වගන්තියේ (4) වන උපවගන්තිය වශයෙන් නැවත අංක කිරීමෙන්; (ආ) එම උපවගන්තියට ඉක් ක්බිතිව පහත දැක්වෙන අලුත් උපවගන්ති එකතු කිරීමෙන් :- " (2) විවාහක රජයේ නිලධරයකු දායකයකු වශයෙන් සිටිය දී ළමයින් දරුකමට හදාගැනීමේ ආඥාපනතේ විධිවිධාන යටතේ හෝ ළමයින් දරුකමට හදා ගැනීමට අදාළ වෙනත් යම් නීතියක විධිවිධාන යටතේ හෝ දරුකමට හදා ගන්නා ළමයකු (3) වන උපවගන්තියේ සහ (4) වන උපවගන්තියේ විධි විධාන වලට යටත් ව, දරුකමට හදාගන්නා තැනැත්තාගේ දරුවකු ලෙස සලකනු ලැබිය යුතුය. ඒ අනුව ඒ රජයේ නිලධරයාගෙ ළමයකු මේ ආඥාපනත යටතේ යම් ආකාරයක හා ප්‍රමාණයක විශ්‍රාම වැටුපකට හිමිකම් ලබන්නේ ද ඒ ආකාරයටම සහ ප්‍රමාණයටම දරුකමට හදා ගන්නා ලද ළමයා ද විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ලැබිය යුතුය. ( 3 ) ළමයා දරුකමට හදා ගැනීමට නිර්ව්‍යාජ අධ්‍යාශයක් නොමැති බව සහ හුදෙක්ම පහසුකම් තකා දරුකමට හදා ගැනීමක් බව විශ්වාස කිරීමට අධ්‍යක් ෂවරයාට හේතු ඇත්නම් මිස, විවාහක රජයේ නිලධරයකු දායකයකු වශයෙන් සිටිය දී ළමයින් දරුකමට හදා ගැනීමේ ආඥා පනතේ විධිවිධාන යටතේ හෝ ළමයින් දරුකමට හදා ගැනීමට අදාළ වෙනත් යම් නීතියක විධි විධාන යටතේ හෝ දරුකමට හදා ගන්නා ළමයකු මේ ආඥාපනත යටතේ විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබිය යුතු ය: එසේ වුව ද, ඒ ළමයාට නිදහස් ජීවනෝපායක් නොමැති විටක සහ ඒ ළමයාට විශ්‍රාම වැටුපක් ප්‍රදානය කිරීම ඒ කාරණයට අදාළ සියලුම් කරුණු අනුව සාධාරණ සහ යුක්ති සහගත යයි අධ්‍යක් ෂවරයා සලකනු ලබන්නේ නම් අධ්‍යක් ෂවරයා විසින් ඒ ළමයාට විශ්‍රාම වැටුපක් ප්‍රදානය කිරීමට බලය දෙනු ලැබිය හැකි ය. " ; තවද (ඇ) එම වගන්තියේ පාර්ශව සටහන වෙනුවට පහත දැක්වෙන අලුත් පාර්ශව සටහන ආදේශ කිරීමෙන් :- '' ළමයින්ට සහ දරුකමට හදාගත් ළමයින්ට විශ්‍රාම වැටුප්." 15. ප්‍රධාන ප්‍රඥප්ප්තියේ 37 වන වගන්තිය පහත දැක් වෙන පරිදි ප්‍රධාන මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (4) එම වගන්තිය 37 වන වගන්තියේ (1) වන උපවගන්තිය කිරීම වශයෙන් නැවත අංක කිරීමෙන්; සහ (2) එම වගන්තියේ අවසානයට පහත දැක්වෙන අලුත් උප වගන්තිය එකතු කිරීමෙන් :- " (2) (1) වන උපවගන්තියේ විධි විධාන වල කුමක් සඳහන් වුවද, 1976 අගෝස්තු 1 වන දින සිට සහ ඊට පසු මේ ආඥාපනත යටතේ වැන් දඹුවට ගෙවිය යුතු විශ්‍රාම වැටුප, ඒ වැන්දඹුව මිය යනුයේ යම් මාසයක ද ඒ මාසයේ අවසානය තෙක් ගෙවනු ලැබිය යුතුය. ". 16. ප්‍රධාන ප්‍රඥප් තියෙහි 48 වන වගන්තියේ (3) වන උපවගන් තිය ඉවත් කිරීමෙන් සහ ඒ වෙනුවට පහත දැක්වෙන උප වගන්තිය ආදේශ කිරීමෙන් එම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (3) නියමිත දින හෝ ඊට පසු එහෙත් අදාළ දිනට පෙර, රජයේ සේවයේ යෙදී සිටියදී තමාගේ දායකවීමේ උපරිම කාල සීමාව ඉකුත් වීමේ හේතුවෙන් යම් අවිවාහකයකු මේ ආඥාපනත යටතේ දායක වීම අවසන් කරන අවස්ථාවක මේ ආඥාපනත යටතේ ඔහුගේ දායක මුදල් මුළුමනින්ම ඊට අවුරුද්දකට සියයට දෙකහමාර බැගින් වූ වැල් පොලිය සමඟ ඔහුට ආපසු ගෙවනු ලැබිය යුතු ය. ''. 17. ප්‍රධාන ප්‍රඥප්තියේ 51 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) එම වගන්තියේ (4) වන හා (2) වන උපවගන්ති ඉවත් කර වෙනුවට පහත දැක්වෙන උපවගන්ති ආදේශ කිරීමෙන් :— “ (1) විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් සහිත දරුවන් නොමැති වැන්දඹු පුරුෂයකු විසින්, 49 වන වගන්තිය යටතේ තම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට අසමත් වීමේ හේතුවෙන් මේ ආඥාපනත යටතේ දායක මුදල් ගෙවීම අවසන් කරනු නොලබන අවස් ථාවක - (අ) නියමිත දිනයට පසුව එහෙත් අදාළ දිනයට පෙර යම් අවස් ථාවක ඔහු මිය යයි නම් හෝ ඒ දායක මුදල් ගෙවීම අවසන් කිරීමට තෝරා ගනියි නම්; හෝ (ආ) ඔහු ඒ දායක මුදල් ගෙවීම නොකඩවා ම කර ගෙන යන්නේ නම්, සහ ඔහුගේ දායක මුදල් ගෙවීමේ උපරිම කාල සීමාව ඉකුත් වී යාමෙන් හෝ ඔහුගේ මරණය සිදු වීමේ හේතු වෙන්, එසේ කිරීම අවසන් කරයි නම්, අවස් ථාවෝචිත පරිදි ඒ මරණය, තෝරා ගැනීම හෝ කාලය ඉකුත්වීයාම සිදු වූ දිනයේ දී මේ ආඥා පනත යටතේ නියමිත දිනයේ දී හෝ එයට පසුව ඔහු විසින් කරන ලද ආපසු ගෙවිය හැකි දායක මුදල් මුලුමනින් ම, ඊට අවුරුද්දකට සියයට දෙක හමාර බැගින් වූ වැල් පොලියත් සමග, ආපසු ගෙවී මක් කරනු ලැබිය යුතු ය. නව ද එසේ කළ යුතු ආපසු ගෙවීම, ඒ කාර්යය සඳහා කරන ලද ලිඛිත ඉල්ලීමක් මත, ඒ වැන්දඹු පුරුෂයා ජීවත්ව සිටී නම් ඔහුට හෝ ඔහු මිය ගොස් නම් ඔහුගේ නීත්‍යනුකූල නියෝජිතයාට හෝ උරුමක් කරුට හෝ උරුමක් කරුවන්ට හෝ කරනු ලැබිය යුතු ය. (2) මේ ආඥාපනත යටතේ දායක මුදල් ගෙවන තැනැත්තකු නියමිත දිනයේ දී හෝ ඊට පසු- (අ) විශ්‍රාම වැටුප සඳහා හිමිකම් සහිත දරුවන් නොමැතිව වැන්දඹු පුරුෂයකුව සිටිය දී රජයේ සේවයෙන් විශ්‍රාම ගන්නා හෝ අන් ආකාරයකින් රජයේ සේවය හැර යන අවස්ථාවක; හෝ (ආ) ඒ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් හෝ අන් ආකාරයකින් සේවය හැර යාමෙන් පසු වැන්දඹු පුරුෂයකු බවට පත් වන අවස් ථාවක - (i) නියමිත දිනයට පසුව එහෙත් අදාළ දිනයට පෙර යම් අවස්ථාවක ඔහු මිය යයි නම් හෝ ඒ දායක මුදල් ගෙවීම අවසන් කිරීමට තෝරා ගනියි නම්; හෝ (ii) ඔහු ඒ දායක මුදල් ගෙවීම නොකඩවා කරයි නම් සහ, ඔහුගේ දායක මුදල් ගෙවීමේ උපරිම කාල සීමාව ඉකුත් වීමෙන් හෝ ඔහුගේ මරණය සිදු වීමෙන් අදාළ දිනයේ දී හෝ එදිනට පෙර එසේ දායක මුදල් ගෙවීම අවසන් කරයි නම්, අවස් ථාවෝචිත පරිදි, ඒ තෝරා ගැනීම, කාලය ඉකුත්වීම හෝ මරණය සිදු වූ දිනයේ දී, ඔහුගේ ආපසු ගෙවිය හැකි දායක මුදල් මුළුමනින් ම, ඊට අවුරුද්දකට සියයට දෙකහමාර බැගින් වූ වැල් පොලියත් සමඟ, ආපසු ගෙවීමක් කරනු ලැබිය යුතුය. තව ද එසේ කළ යුතු ආපසු ගෙවීම, ඒ කාර්යය සඳහා කරන ලද ලිඛිත ඉල්ලීමක් මත, ඒ වැන්දඹු පුරුෂයා ජීවත්ව සිටී නම්, ඔහුට හෝ ඔහු මිය ගොස් නම් ඔහුගේ නීත්‍යනුකූල නියෝජිතයාට හෝ උරුමක් කරුට හෝ උරුමක් කරුවන්ට හෝ කරනු ලැබිය යුතු ය.". (2) (2) වන උපවගන්තියට ඉක් බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන්ති ඇතුළත් කිරීමෙන් :- '' (2අ) අදාළ දිනයට පෙර දායකයකුව සිට ඇති රජයේ නිලධරයකු ඒ අදාළ දින හෝ ඊට පසුව - (අ) විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් සහිත දරුවන් නොමැති වැන්දඹු පුරුෂයකුව සිටියදී රජයේ සේවයෙන් විශ්‍රාම ගන්න්නා හෝ අන් ආකාරයකින් රජයේ සේවය හැර යන අවස් ථාවක, හෝ (ආ) ඒ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් හෝ අන් ආකාරයකින් ඒ සේවය හැර යාමෙන් එසේ වැන්දඹු පුරුෂයකු බවට පත්වන අවස් ථාවක, හෝ (ඇ) රජයේ සේවයේ යෙදී සිටියදී සහ විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් සහිත දරුවන් නොමැතිව වැන්දඹු පුරුෂයකුව සිටිය දී මිය යන අවස්ථාවක, අවස්ථාවෝචිත පරිදි, ඔහු හෝ ඔහුගේ නීත්‍යනුකූල නියෝජිතය, හෝ උරුමක් කරු හෝ උරුමක් කරු වන්, අවුරුද් ද්දකට සියයට දෙකහමාර බැගින් වූ වැල් පොලියත් සමඟ, ඔහුගේ ආපසු ගෙවිය හැකි දායක මුදල් මුළුමනින් ම ආපසු ගෙවීමකට හිමිකම් ලැබිය යුතු ය. (2ආ) රජයේ නිලධරයකු අදාළ දිනයේ දී හෝ ඊට පසු දායකයකු බවට පත් වන අවස් ථාවක හා - (අ) විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් සහිත දරුවන් නොමැතිව වැන්දඹු පුරුෂයකුව සිටියදී රජයේ සේවයෙන් විශ්‍රාම ගන්නා හෝ රජයේ සේවය හැර යන අවස් ථාවක, (ආ) රජයේ සේවයේ යෙදී සිටිය දී සහ විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් සහිත දරුවන් නොමැතිව වැන්දඹු පුරුෂයකුව සිටිය මිය යන අවස් ථාවක, ඔහු හෝ ඔහුගේ නීත්‍යනුකූල නියෝජිතයා හෝ උරුමක් කරු හෝ උරුමක් කරුවන්, මේ ආඥාපනත යටතේ ඔහුගේ ආපසු ගෙවිය හැකි දායක මුදල් මුළුමනින් ම, පෙලියක් නොමැතිව, ආපසු ලබා ගැනීමකට හිමිකම් ලැබිය යුතුය.". (3) එම වගන්තියේ (4) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනු වට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරිමෙන් :- '(4) විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් නොමැති වැන්දඹු පුරුෂයකු, රජයේ සිටිය දී, තම දායකවීමේ උපරිම කාල හේතු කොට ගෙන, නියමිත දින හෝ ඊට පසු එහෙත් අදාළ දිනයට පෙර, මේ ආඥාපනත යටතේ දායක මුදල් ගෙවීම අවසන් කරන අවස් ථාවක, අවුරුද්දකට සියයට දෙක හමාර බැගින් වූ වැල් පොලියත් සමඟ, ඔහුගේ ආපසු ගෙවිය හැකි දායක මුදල් මුළුමනින්ම ආපසු ගෙවීමක් ඔහුට කරනු ලැබිය යුතු ය. '' ; සහ (4) එම වගන්තියේ (7) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනු වට පහත දැක් වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :- "(7) විශ්‍රාම වැටුප සඳහා හිමිකම් සහිත දරුවන් නොමැති වැන්දඹු පුරුෂයකු රජයේ සේවයේ යෙදී සිටිය දී සහ මේ ආඥාපනත යටතේ දායක මුදල් ගෙවමින් සිටියදී, නියමිත දින හෝ ඊට පසු එහෙත් අදාළ දිනයට පෙර දිනයක මිය යන අවස් ථාවක, අවුරුද් දකට සියයට දෙක හමාර බැගින් වූ වැල් පොලියත් සමග ඔහුගේ ආපසු ගෙවිය හැකි දායක මුදල් ඔහුගේ නීත්‍යනුකූල නියෝජිතයාට හෝ උරුමක් කරුට හෝ උරුමක් කරුවන්ට ගෙවනු ලැබිය යුතු ය. ''. පහත දැක්වෙන අලුත් වගන්තිය ප්‍රධාන ප්‍රඥප්තියේ 54 වන වගන්තියට ඉක්බිතිව ම මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය එහි 51 අ වගන්තිය ලෙස බලපැවැත්විය යුතු ය :- 51. (1) (අ) අදාළ දින හෝ ඊට පසුව දායක යකු වන්නා වූ; සහ (ආ) අවිවාහකයකු නොවන්නා වූ යම් රජයේ නිලධරයකු රජයේ සේවය හැර යන අවස් ථාවක, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා යටතේ විශ්‍රාම වැටුපක් ලැබීමට ඔහු සුදුස් සකු නොවේ නම්, මේ ආඥාපනත යටතේ ඔහු විසින් ගෙවන ලද දායක මුදල් මුළුමනින් ම, පොලියක් නොමැතිව ඔහුට ආපසු ගෙවනු ලැබිය යුතු අතර, ඒ තැනැත්තා මේ ආඥාපනත යටතේ තවදුරටත් වෙන යම් ප්‍රතිලාභය කට හිමිකම් නොලැබිය යුතු ය; තව ද, ඔහු මඟින් හෝ ඔහු යටතේ හිමිකම් ඉදිරිපත් කරනු ලබන සියලු තැනැත්තන් මේ ආඥාපනත යටතේ ප්‍රති ලාභ සඳහා හිමිකම් ලැබීම අවසන් විය යුතුය. (2) (1) වන උපවගන්තියේ විධිවිධාන යටතේ ආපසු ගෙවීමකට හිමිකම් ලබා සිටින තැනැත්තකු ඒ ආපසු ගෙවීම ලැබීමට පෙර මිය යන අවස්ථාවක, එම ආපසු ගෙවීමේ මුදල් ප්‍රමාණය ඔහුගේ නීත්‍යනු කූල නියෝජිතයාට හෝ උරුමක් කරුට උරුමක් කරුවන්ට ගෙවනු ලැබිය යුතු ය. '' 19. ප්‍රධාන ප්‍රඥප්තියේ 57 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) එම වගන්තියෙහි (1) වන උපවගන්තියේ '' 1906 මාර්තු මස 14 වන දිනට පසුව " යන වචන වලින් ආරම්භව '' 1945 අගෝස්තු මස 3 වන දින ආණ්ඩුකාරවරයා විසින් අනුඥාත චක්‍රවලට අනුව, නියමිත දින ආරම්භවන කාල සීමාව සඳහා යන වචන වලින් අවසන් වන සියලු වචන හා සංඛ්‍යා වෙනුවට පහත දැක්වෙන වචන හා සංඛ්‍යා ආදේශ කිරීමෙන්:- "57අ වගන්තියේ විධිවිධාන වලට යටත්ව, 1906 මාර්තු මස 14 දිනට පසුව පත් කරනු ලැබ මිය ගිය රජයේ නිලධරයන්ගේ වැන්දඹුවන් හෝ අනත් දරුවන් හිමිකම් ලබන විශ්‍රාම වැටුප් - (අ) II වන උපලේඛනයේ සඳහන් චක්‍රවලට අනුව 1949 දෙසැම්බර් මස 31 වන දිනයෙන් අවසන් වන කාල සීමාව සඳහා; (ආ) 1922 පෙබරවාරි මස 27 වන දින ආණ්ඩුකාරවරයා විසින් අනුඥාත චක්‍රවලට අනුව, 1920 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වී නියමිත දිනට පෙර දින යෙන් අවසන් වන කාල සීමාව සඳහා; සහ (ඇ) 1945 අගෝස්තු මස 3 වන දින ආණ්ඩුකාරවරයා විසින් අනුඥාත චක්‍ර වලට අනුව, නියමිත දින ආරම්භ වන කාල සීමාව සඳහා ගණන් බැලිය යුතුව හා ගෙවිය යුතුව තිබූ සේ සලකනු ලැබිය යුතු ය. '' ; සහ (2) එම වගන්තියෙ‍් (3) වන උපවගන්තිය ඉවත් කිරීමෙන්. 20. පහත දැක් වෙන අලුත් වගන්ති 57 වන වගන්තියට ඉක බිතිවම මෙයින් ඇතුළත් කරනු ලබන අතර, ඒවා පිළිවෙලින් ප්‍රධාන ප්‍රඥප්තියේ 57අ වගන්තිය, 57 ආ වගන්තිය, 57 ඇ වගන්තිය, 57ඈ වගන්තිය, 57 ඉ වගන්තිය හා 57 ඊ වගන්තිය යනුවෙන් බලාත්මක විය යුතුය :- 57අ, (1) මේ වගන්තියේ පසුව එන විධිවිධාන, රජයේ සේවය හැර යාමෙන් පසු මේ ආඥාපනතේ 43 වන වගන්තිය යටතේ හෝ 45 වන වගන්තිය යටතේ හෝ අඛණ්ඩව දායක වී ඇත්තාවූ යම් තැනැත්තකු සම්බන්ධයෙන් ගෙවිය යුතු විශ්‍රාම වැටුපට අදාළ නොවිය යුතුය. (2) දායකයකු වන්නා වූ හෝ දායකයකු වී සිටි තැනැත් තකු අදාළ දිනයෙහි හෝ ඉන් පසු මිය යන අවස්ථාවක, මේ ආඥාපනත යටතේ ඒ තැනැත්තා සම්බන්ධයෙන් ගෙවිය යුතු විශ්‍රාම වැටුප, මේ ආඥා පනතෙහි ඊට පටහැනිව කුමක් සඳහන් වුව ද, පහත දැක්වෙන විධිවිධාන අනුව නිශ්චය කරනු ලැබිය යුතු ය:- (අ) ඒ තැනැත්තා රජයේ සේවයෙදී සිටිය දී හෝ අනිවාර්ය විශ්‍රාම යාමේ වයස එළඹීමට පෙර විශ්‍රාම ගෙන සිටිය දී හෝ ආයතන සංග්‍රහයේ දක්වා ඇති හේතු නොවන වෙනත් යම් හේතුවක් මත රජයේ සේවයෙන් විශ්‍රාම ගන්වනු ලැබී මෙන් පසු හෝ මිය යන අවස් ථාවක (ඇ) ඡේදයේ විධිවිධාන වලට යටත්ව ඒ විශ්‍රාම වැටුපෙහි මුදල් ප්‍රමාණය - (i) අවස්ථාවෝචිත පරිදි, ඔහුගේ මරණය සිදුවන අවස්ථාවේ හෝ ඔහු විශ්‍රාම ගන්නා අවස්ථාවේ හෝ ඔහුගේ විශ්‍රාම වැටුප් හිමි සේ වා කාලය අවු රුදු විසිපහකට අඩුවේ නම්, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා යටතේ විසිපස් අවුරුද්දක විශ්‍රාම වැටුප් හිමි සේවා කාලයක් සඳහා හෝ ඔහු මිය ගියේ නම් හෝ විශ්‍රාම නොගත් ත්තේ නම් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස එළඹීමේ දී ඔහු විසින් සම්පුර්ණ කළ හැකිව තිබූ විශ්‍රාම වැටුප් හිමි සේවා කාලයක් සඳහා හෝ සන් දෙකින් වඩා කෙටි කාලය සඳහා ගෙවිය යුතු විශ්‍රාම වැටුපට සමාන මුදල් ප්‍රමාණයක් විය යුතු ය; (ii) අවස්ථාවෝචිත පරිදි, ඔහුගේ මරණය සිදුවන අවස්ථාවේ හෝ ඔහු විශ්‍රාම ගන්නා අවස්ථාවේ හෝ ඔහුගේ විශ්‍රාම වැටුප් හිමි සේ වාකාලය අවු රුදු විසි පහකට අඩු නොවේ නම්, එම විශ්‍රාම වැටුප් හිමි සේවා කාලය සඳහා විශ්‍රාම වැටුප් ව්‍යවස්ස්ථා යටතේ ගෙවිය යුතු විශ්‍රාම වැටුපට සමාන මුදල් ප්‍රමාණයක් විය යුතු ය: එසේ වුව ද ඒ තැනැත්තා ඔහුගේ මරණය සිදුවන අවස්ථාවේ හෝ ඔහු විශ්‍රාම ගන්නා අවස්ථාවේ විශේෂ තනතුරක් හෝ ධූරයක් දරන්නකු වී නම් ඒ විශ්‍රාම වැටුප් ප්‍රමාණය ඔහුගේ අවසාන වැටු පෙන් සියයට පනහකට අඩු නො විය යුතු ය. (ආ) ඒ තැනැත්තා අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස එළඹීමේ හේතුව මත හෝ ආයතන සංග්‍රහයේ දක්වා ඇති යම් හේතුවක් මත හෝ රජයේ සේවයෙන් විශ්‍රාම ගනු ලැබීමෙන් පසු හෝ විශ්‍රාම ගන්වනු ලැබී මෙන් පසු හෝ මිය යන අවස් ථාවක, (ඇ) ඡේ දයේ විධිවිධාන වලට යටත්ව, ඒ විශ්‍රාම වැටුප ඔහුගේ විශ්‍රාම වැටුප් හිමි සේවා කාලය සඳහා විශ්‍රාම වැටුප් ව්‍යවස් ථා යටතේ ගෙවිය යුතු විශ්‍රාම වැටුපට සමාන මුදල් ප්‍රමාණයක් විය යුතු ය. (ඇ) ඒ තැනැත්තා අදාළ දිනයට පෙර රජයේ සේවයෙන් විශ්‍රාම ගනු ලැබූ හෝ විශ්‍රාම ගන්වනු ලැබූ හෝ අවස් ථාවක, ඒ විශ්‍රාම වැටුප මේ වගන්තියේ ඉහතින් වූ විධි විධාන යටතේ ගෙවිය යුතු මුදල් ප්‍රමාණය හෝ ඒ විධිවිධාන නොමැති වූයේ නම් මේ ආඥාපනත යටතේ ගෙවිය හැකිව තිබූ මුදල් ප්‍රමාණය හෝ යන දෙකෙන් වැඩි එක විය යුතු ය. (ඈ) ඒ තැනැත්තා ආණ්ඩුවේ අනුමතය ඇතිව ව්‍යවස් ථාපිත මණ්ඩලයකට ස්ථිර ලෙස පත් කරනු ලැබීමෙන් පසු ඔහු ඒ ව්‍යවස් ථාපිත මණ්‌ ඩලයෙහි හෝ ඔහු පසුව මාරු කර හරින ලද වෙනත් යම් ව්‍යවස්ථාපිත මණ්ඩලයක හෝ සේවයෙහි යෙදී සිටිය දී හෝ මිය යන අවස්ථාවක හෝ ආණ්ඩුවේ සේවයෙහි සිට ඔහු පත් කරන ලද ද්දේ යම් ව්‍යවස් ථාපිත මණ්ඩලයකට ද ඒ ව්‍යවස් ථාපිත මණ්ඩලයෙන් හෝ ඔහු පසුව මාරු කර හරින ලද්දේ වෙනත් යම් ව්‍යවස් ථා පිත මණ් ඩලයකට ද ඒ ව්‍යවස් ථාපිත මණ් ඩලයෙන් හෝ විශ්‍රාම වැටුප් හිමි තත්ත්ව යන් යටතේ විශ්‍රාම ගනු ලැබූ පසු හෝ විශ්‍රාම ගන්වනු ලැබූ පසු හෝ මිය යන අවස් ථාවක, (ඇ) ඡේදයේ විධිවිධාන වලට යටත්ව, ඒ විශ්‍රාම වැටුප් ප්‍රමා ණය - (i ) ඔහු අදාළ දිනයට පෙර රජයේ සේවය හැර ගියේ නම්, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා යටතේ ඔහුගේ විශ්‍රාම වැටුප් හිමි සේවාව සම්බන්ධයෙන් ගෙවිය යුතු විශ්‍රාම වැටුපට සමාන මුදල් ප්‍රමාණයක් හෝ මේ වගන්තී යේ ඉහතින් වු විධිවිධාන නොමැති වූයේ නම් මේ ආඥාපනත යටතේ ගෙවිය හැකිව තිබූ මුදල් ප්‍රමාණය හෝ යන දෙකෙන් වැඩි එක විය යුතු ය, හෝ (ii) ඔහු අදාළ දිනයේ හෝ ඉන්පසු හෝ රජයේ සේවය හැර ගියේ නම්, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා යටතේ ගෙවිය යුතු විශ්‍රාම වැටුපට සමාන මුදල් ප්‍රමාණයක් විය යුතුය. (3) මේ වගන්තියේ- '' අනිවාර්ය විශ්‍රාම යාමේ වයස " යන්නෙන්, රජ යේ නිලධරයකු සම්බන්ධයෙන් වන විට එම නිලධරයා රජයේ සේවයෙන් විශ්‍රාම යාම අනිවාර්ය වන්නේ යම් වයසක ද ඒ වයස අදහස් වේ; " විශ්‍රාම වැටුප් ව්‍යවස් ථා යටතේ ගෙවිය යුතු මූලික විශ්‍රාම වැටුප " යන්නට මේ ව්‍යවස්ථා යටතේ ගෙවිය යුතු යම් දේශගුණ ප්‍රසාද දීමනාවක් ද, වෙනත් යම් විශ්‍රාම වැටුප හිමි දීමනා ද ඇතුළත් වන නමුත් මේ ව්‍යවස්ථා යටතේ ගෙවිය යුතු විශ්‍රාම වැටු පට වෙනත් යම් එකතු කිරීමක් හෝ ඒ විශ්‍රාම වැටුපේ කරන ලද යම් අඩු කිරීමක් ඇතුළත් නොවේ; අවසාන වැටුප ' යන්නෙන් - (අ) රජයේ සේවයෙහි යෙදී සිටිය දී මිය යන රජයේ නිලධරයකු සම්බන්ධ යෙන් වන විට ඔහුගේ මරණය සිදු වන අවස්ථාවේ දී නිලධරයා ලැබූ වැටුප අදහස් වේ; තව ද (ආ) රජයේ සේවය හැර ගිය පසු මිය යන රජයේ නිලධරයකු සම්බන්ධයෙන් වන විට, අවස් ථාවෝචිත පරිදි ඔහු රජයේ සේවයෙන් විශ්‍රාම ලැබූ අවස්ථාවේ හෝ ඔහු රජයේ සේව යෙන් මුදා හරින ලද අවස්ථාවේ හෝ ව්‍යවස් ථාපිත මණ්ඩලයක ස්ථිර පත්වීමක් සඳහා ඔහු රජයේ සේවයෙන් මුදා හරින ලද අවස්ස්ථා වේ හෝ එම නිලධරයා ලැබූ වැටුප අදහස් වේ: විශ්‍රාම වැටුප් හිමි අවස් ථා '' යන්නෙන් වයස, රෝගාතුර වීම. ධුරය අහෝසි කිරීම යන හේතු හෝ රාජ්‍ය පරිපාලන විෂයය භාර අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද වෙනත් යම් හේතුවක් හෝ අදහස් වේ; විශ්‍රාම වැටුප් හිමි සේවය " යන්නෙන් රජයේ නිලධරයා විසින් නියම වශයෙන් ඉටු කරනු ලබන සහ විශ්‍රාම වැටුප් ව්‍යවස් ථා යටතේ විශ්‍රාම වැටුප් සඳහා වූ සේවයක ලෙස සලකනු ලබන යම් සේවාවක් අද පස් වන නමුත් විශ්‍රාම වැටුප ව්‍යවස්ථා වලින් සලසා ඇති යම් විශේෂ සේවාවක් ඊට ඇතුළත් නොවේ ; '' විශේෂ තනතුර හෝ ධුරය '' යන්නෙන්- (අ) ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයා ගේ තනතුර හෝ ධුරය හා විශ්‍රාම වැටුප් ව්‍යවස ථාවල " ක " උපලේඛ නයේ සඳහන් කරන ලද වෙනත් යම් තනතුරක් හෝ ධුරයක්; හා (ආ) විශ්‍රාම වැටුප් ව්‍යවස්ථාවල 25ඇ වගන්තියේ අර්ථානුකූලව අධි කරණ නිලධරයකු වන තැනැත් තකු විසින් දරනු ලබන යම් තන තුරක් හෝ ධුරයක් අදහස වේ; " ව්‍යවස ථාපිත මණ්ඩලය " යන්නට විශ්‍රාම වැටුප් ව්‍යවස් ථාවල 48අ වගන‍්තියේ ඊට දී ඇති අර්ථය ම ඇත්තේය; තව ද " මාරුකර හරින ලදී. " යන්නට විශ්‍රාම වැටුප් ව්‍යවස් ථාවල 48 ආ වගන්තියේ ඊට දී ඇති අර්ථයම ඇත්තේය. 57ආ. (1) රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල ආඥා පනත යටතේ පිහිටුවන ලද රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලට දායකයකු වන යම් තැනැත්තකු අදාළ දින යෙහි හෝ ඉන් පසු මේ ආඥාපනත යටතේ දායකයකු වන අවස්ථාවක, රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල ආඥාපනතේ පටහැනිව කුමක් සඳහන් වුව ද, අධ්‍යක් ෂවරයා විසින් එම ආඥාපනත යටතේ ඒ තැනැත්තාට ගෙවිය යුතු මුදලින්, රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල ආඥාපනතේ 4 වන වගන්තිය යට තේ අරමුදලට දායක වූ මුළු ක ලය සඳහා ඒ දායක ගේ වැටුප් වල මුළු එකතුවෙන් සියයට හතරකට සමාන මුදල් ප්‍රමාණයක් අඩු කළ යුතු ය. අඩු කරන ලද මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ඒ කාබº ධ අරමුදලට ගෙවනු ලැබිය යුතු අතර, ඒ මුදල් ප්‍රමාණය අඩු කරන ලද්දේ යම් කාලයක් සම්බන්ධයෙන් ද, ඒ කාලය මේ වගන්තියේ (2) වන උපවගන්තියේ කාර්ය සඳහා මේ ආඥාපනත යටතේ ඒ තැනැත්තා විසින් දායක මුදල් ගෙවනු ලැබූ කාලයක් ලෙස සල කනු ලැබිය යුතුය. (2) විශ්‍රාම වැටුප, විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා යටතේ යම් තැනැත්තකුට ගෙවිය යුතු විශ්‍රාම වැටුපේ පද ම මත ගණනය කරන ලද විට හා ඒ තැනැත්තා ගේ විශ්‍රාම වැටුප් හිමි සේවයට මේ ආඥාපනත යට තේ දායක මුදල් නොගෙවන ලද යම් සේවයක් ඇතුළත් වන විට. ඒ තැනැත්තා සම්බන්ධයෙන් මේ ආඥාපනත යටතේ විශ්‍රාම වැටුප 57 අ වගන්තිය යටතේ වන අවස් ථාවක, අධ්‍යක් ෂවරයා විසින් ඒ තැනැත්තාගේ කැමැත්ත ඇතිව ඒ තැනැත්තාට හෝ ඒ තැනැත්තා සම්බන්ධයෙන් රජයෙන් ලැබිය යුතු යම් මුදල් වලින් ඒ තැනැත්තාගේ මුළු වැටු පෙන් සියයට හතරකට සමාන මුදලක් සමග ආඥාපනත යටතේ දායක මුදල් නොගෙවනු ලැබූ මුළු කාලය සඳහා ඒ මුදලට වාර්ෂිකව සියයට හත රක පොලියක් අඩු කරනු ලැබිය හැකි ය. (3) යම් තැනැත්තකු විසින් දායක මුදල් නොගෙ වනු ලැබූ විශ්‍රාම වැටුප් හිමි සේවයේ සම්පූර්ණ කාලය සඳහා හෝ කොටසක් සඳහා හෝ අධ්‍යක් ෂ චරයා විසින් (2) වන උපවගන්තිය යටතේ යම් අඩු කිරීමක් කළ නොහැකි අවස් ථාවක, ඒ තැනැත්තා විසින් හෝ ඔහු ජීවතුන් අතර අවස් ථාවක මේ ආඥාපනත යටතේ මුලින් සඳහන් තැනැත්තා සම්බන්ධයෙන් විශ්‍රම වැටුපකට හිමි කම ඇති තැනැත්තා විසින් හෝ, ඔහු එසේ කිරීමට කැමැත්තේ නම් (2) වන උපවගන්තියේ නියම යන් යටතේ අඩු නොකරන ලද මුදල් ප්‍රමාණයට සමාන මුදල් ප්‍රමාණයක අධ්‍යක්ෂවරයාට ගෙවනු ලැබිය හැකි ය. ඒ ගෙවීම නොකරන ලද්දේ නම්, මේ ආඥාපනත යටතේ ගෙවිය යුතු විශ්‍රාම වැටුප, ගෙවීම නොකරන ලද්දේ යම් මාස සම්බන්ධයෙන් ද එ එක් එක් සම්පූර්ණ මාසයක් සම්බන්ධයෙන්. ඒ විශ්‍රාම වැටුපෙන් 1/600 කින් අඩු කරනු ලැබිය යුතුය. (4 ) මේ වගන්තියේ " විශ්‍රාම වැටුප් හිමි සේවය * යන්නට 57 අ වගන්තියේ ඊට දී ඇති අර්ථය ම ඇත්තේය. 57ඈ.පාඨශාලා ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත යටතේ පිහිටුවනු ලැබූ (මේ වගන්තියෙහි මින් මතු " විශ්‍රාම වැටුප් අරමුදල '' යනුවෙන් සඳහන් කරනු ලබන) ගුරු වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදලට දායකයකු වූ යම් ගුරුවරයකු, 1970 අප්‍රේල් 4 වන දින පටන්, මේ ආඥාපනත යටතේ දායකයකු වී ඇති අවස් ථාවක, ඒ ගුරුවරයා විශ්‍ර ම වැටුප් අර මුදලට දායක වූ කාල සීමාවන්, 57 ආ වගන්තියේ (2) වන උපවගන්තියේ කාර්ය සඳහා, ඒ ගුරුවරයා විසින් මේ ආඥාපනත යටතේ ගෙවිය යුතු වූ පූර්ණ දායක මුදල් ගෙවනු ලැබූ කාල සීමාවන් වශයෙන් සැලකිය යුතුය. ඒ ගුරුවරයා විසින් විශ්‍රාම වැටුප් අරමුදලට ගෙවනු ලැබූ දායක මුදල් ආණ්ඩුව විසින් ඒ ගුරුවරයා සම්බන් ධයෙන් එකී අරමුදලට ගෙවන ලද දායක මුදල් සහ ඒ දායක මුදල් සම් බන්ධයෙන් ඉපයී ඇති පොලිය ද සමග ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ අරමුදලට පවරනු ලැබිය යුතු අතර එවැනි ගුරුවරයකුට හෝ ඒ ගුරුවරයා මගින් හෝ යටතේ හෝ හිමිකම් ඉදිරිපත් කරන යම් තැනැත් තකුට විශ්‍රාම වැටුප් අරමුදල යටතේ ප්‍රතිලාභවලට වූ හිමිකම අවසන් විය යුතුය. 57ඈ. (1) යම් විශ්‍රාම වැටුප් හිමි රජයේ නිලධර යකු සන්නද්ධ හමුදාවල සාමාජිකයකු වීම සහ ඒ අනුව, 1970 අංක 18 දරන වැන්දඹු හා අන දරු විශ්‍රම වැටුප් ක්‍රමය (සන්නද්ධ හමුදා) පනත යට තේ පිහිටුවනු ලැබූ විශ්‍රාම වැටුප් ක්‍රමයට දායකයකු වීම සිදු වූ අවස් ථාවක, මේ ආඥාපනත යටතේ ඔහු අරමුදලට දායක වූ කාල සීමාවන්, ඉහත කී පනත යටතේ පිහිටුවනු ලැබූ විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔහු දායක වූ කාල සීමාවන් වශයෙන් සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව, මේ ආඥාපනතේ පටහැනිව කුමක් සඳහන් වුව ද, මේ ආඥාපනත යටතේ අර මුදලට ගෙවූ ඔහුගේ කිසිම දායක මුදලක් ආපසු නොගෙවිය යුතුය. (2) යම් විවාහක රජයේ නිලධරයකු සන් නද්ධ හමුදා වල සාමාජිකයකු වූ අවස්ථාවක, මේ ආඥා පනත යටතේ පිහිටුවනු ලැබූ අරමුදලට දායක වීම දිගටම කරගෙන යාම සඳහා එ නිලධරයාට කැමැත්ත හෝ අකමැත්ත පළ කිරීමට හැකි විය යුතු අතර ඔහු සන්නද්ධ හමුදාවල සාමාජිකයකු වීමෙන් හය මසක් ඇතුළත ඒ කැමැත්ත හෝ අකමැත්ත පළ කළ යුතුය. මේ ආඥාපනත යට තේ පිහිටුවනු ලැබූ අරමුදලට දායක වීම දිගටම කර ගෙන යාම සඳහා ඒ නිලධරයා කැමැත්ත පළ කරන අවස්ථාවක, ඒ නිලධරය සම්බන්ධයෙන් (1) වන උපවගන්තියේ විධිවිධාන අදාළ නොවිය යුතු ය. 57ඉ. 1906 මාර්තු 14 වන දිනට පසුව පත් කරනු ලැබූ රජයේ නිලධරයන් සම්බන්ධයෙන් මේ ආඥ පනත යටතේ ගෙවිය යුතු සියලුම විශ්‍රාම වැටුප් සහ ඒ නිලධරයන්ට හෝ ඔවුන්ගේ නීත්‍යනුකූල නියෝ පීතයන්ට හෝ උරුමක් කරුට හෝ උරුමක් කරු වන්ට මේ ආඥාපනත යටතේ ආපසු ගෙවිය යුතු සියලුම මුදල් හා ගෙවිය යුතු සියලුම පොලී ප්‍රමාණ යන් ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ අරමුදලින් ගෙවනු ලැබිය යුතු අතර ඒවා මෙයින් ඒකාබද්ධ අරමුදලට වැය බරක් කරනු ලැබේ. 57 ඊ. අදාළ දිනයේ දී හෝ ඒ දිනට පසු ආරම්භ යම් කාල සීමාවක් සඳහා (විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා යටතේ ගෙවිය යුතු විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් 57 අ වගන්තිය යටතේ ගණන් බලනු ලැබූ විශ්‍රම වැටුප් නොවන) මේ ආඥාපනත යටතේ වැන් දඹුවන්ට හෝ අනත් දරුවන්ට ලැබිය යුතු සියලු විශ්‍රාම වැටුප්, සන්තකයේ ඇත්තේ වුව ද, අපේක්ෂා කරනු ලබන්නේ වුව ද එමෙන්ම ආපසු ලබන්නේ වුව ද, සියයට විසි පහකින් වැඩි කරනු ලැබිය යුතුය.". 21. ප්‍රධාන ප්‍රඥප්තියේ 58 වන වගන්තිය මෙයින් ඉවත කරනු ප්‍රධාන ප්‍රඥප් ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:- 58. 53 වන වගන්තියේ සඳහන් රජයේ නිලධර යන් සම්බන්ධයෙන් මේ ආඥා පනත යටතේ විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමය පිළිබඳ විමර්ශනයක් ජනාධි පතිවරයා විසින් තීරණය කරනු ලැබිය හැකි කාල වල දී, ජනාධිපතිවරයා විසින් අනුමත කරනු ලබන ජීවන ගණකවරයකු විසින් කරනු ලැබිය යුතු ය.". 22. පහත සඳහන් පරිදි, එනම් - (අ) ප්‍රධාන ප්‍රඥප්තියේ යම් විධිවිධානයක " අග්‍රාණ්ඩුකාරවරයා යන වචනය යෙදෙන කවරම අවස් ථාවක හෝ වුව ද, ඒ වෙනුවට '' අමාත්‍යවරයා '' යන වචනය ආදේශ කරනු ලැබේ; (ආ) ප්‍රධාන ප්‍රඥප්තියේ යම් විධිවිධානයක " අධ්‍යක් ෂවරයන් " යන වචනය යෙදෙන කවරම අවස්ථාවක හෝ වුව ද, ඒ වෙනුවට " අධ්‍යක්ෂවරයා '' යන වචනය ආදේශ කරනු ලැබේ. තව ද, ඒ අනුව, ඒ අධ්‍යක්ෂවරයන්ගෙන් යම් කෙනෙකු හෝ වැඩි දෙනකු හෝ සියල්ලන්ම විසින් ක්‍රියාත්මක කරනු ලබන හෝ ඉටු කරනු ලබන බලතල, කාර්ය හෝ කර්තව්‍ය කිසිවක් සම්බන්ධයෙන් ඒ ප්‍රඥප් තියේ කෙරෙන යම් සඳහන් කිරීමක්, අධ්‍යක් ෂවරයා විසින් ක්‍රියාත්මක කරන ලබන හෝ ඉටු කරනු ලබන යම් බලතල, කාය හෝ කර්තව්‍ය කිසිවක් සම්බන්ධයෙනෝ කෙරෙන සඳහන් කිරීමක් වශයෙන් කියව තේ රුම් ගත යුතුය.
44
acts_1981-07-07_Development_Councils_Amendment_si
act
1981
6
1
0.99261
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 45 දරන සංවර්ධන සභා (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 ජූලි මස 7 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 ජූලි මස 10 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයෙ ගැසට් පත්‍රයේ II වැනි කොටසේ අතිරේකයක් වශයෙන් පළකරන ලදී. 1981 අංක 45 දරන සංවර්ධන සභා (සංශෝධන) පනත 1980 අංක 35 දරන සංවර්ධන සභා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 45 දරන සංවර්ධන සභා (සංශෝධන) ජනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය " යනුවෙන් සඳහන් කරනු ලබන 1980 අංක 35 දරන සංවර්ධන සභා පනතේ 17 වන වගන්ති යට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය ඒ පනතේ 17 අ වගන්තිය වශ යෙන් බල පැවැත්විය යුතු ය:— 17අ. (4) සංවර්ධන සභාවල සහ සංවර්ධන සභා වල විධායක කමිටුවල මේ පනත යටතේ වූ බලතල ක්‍රියාත්මක කිරීමෙහි ලා සහ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමෙහි ලා ජනතාව වඩාත් ඵලදායී ලෙස සහභාගි කරවා ගැනීම සාක් ෂාත් කර ගැනීමේ කාර්යය සඳහා සෑම ග්‍රාම සේවා නිලධාරි කොට්ඨාස යකම ග්‍රාමෝදය මණ්ඩලයක් ද සෑම උප දිසාපති කොට්ඨාසයකම ප්‍රාදේශීය මණ්ඩලයක් ද පිහිටුවනු ලැබිය යුතුය. (2) සෑම ග්‍රාමෝදය මණ්ඩලයක් - (අ) දේශපාලන ස්වභාවයකින් යුක්ත නොවූ යම් සංවිධානයක්, සමිතියක් හෝ මණ්ඩ ලයක් නියෝජනය කරන්නේන්නේ යම් සම්බන්ධතා ද නැතහොත් සේවය කරන්නේ යම් සම්බන්ධතා උදෙසා ද ඒ සම්බන්ධතා කෙරෙහි සැලකිලිමත්ව, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියම යක් මගින් අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලබන්නා වූ ද අමාත්‍යවරයාගේ මතය අනුව යම් ග්‍රාමෝදය මණ්ඩලයක නියෝජනය විය යුතු වූ ද ඒ සෑම සංවිධා නයක, සමිතියක හෝ මණ්ඩලයක සභා පතිවරයාගෙන් සහ ප්‍රධානයාගෙන් සමන් විත විය යුතු ය; තව ද (ආ) ග්‍රාම සේවා නිලධාරි කොට්ඨාසයෙහි සේවය කරන්නා වූද අදාළ අමාත්‍යවරයා විමසා අමාත්‍යවරයා විසින් නමින් හෝ නිල යෙන් නම් කරනු ලබන්නා වූ ද රජයේ නිලධරයන් හෝ රාජ්‍ය සංස්ථා නිලධර යන් යම් සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය: එසේ වුව ද එවැනි කිසිම නිලධරයකුට ග්‍රාමෝදය මණ් ඩලයේ යම් රැස් වීමක දී ඡන්දය දීමේ හිමිකම නොතිබිය යුතුය. (3) (අ) ග්‍රාමෝදය මණ්ඩලයක සභාපතිවරයා ඡන්දය දීමට හිමිකම් ඇති සාමාජිකයන් විසින් ඔවුන් අතුරින් තෝරා පත් කර ගත යුතු ය. (ආ) ග්‍රාමෝදය මණ්ඩලයක සභාපතිවරයාගේ ධුර කාලය එක් අවුරුද්දක් විය යුතු ය: එසේ වුව ද එවැනි සභාපතිවරයකුගේ ධුරය,— (i) තමා ඉල්ලා අස්වන බව ඔහු විසින් ග්‍රාමෝදය මණ්ඩලයෙහි ලේකම්වරයා වෙත ලියවිල් ලකින් දන්වා යවනු ලැබූ විට; (ii ) ඔහු ග්‍රාමෝදය මණ්ඩලයෙහි සාමාජිකයකුව සිටීම අවසන් වූ විට; (iii ) ග්‍රාමෝදය මණ්ඩලයේ අවසරය කලින් ලබා නොගෙන එහි යම් අනුක්‍රමික රැස්වීම් තුනකට ඔහු සහභාගි නොවී සිටි විට; හෝ. (iv) ඔහු මීය ගිය විට හිස් වන්නේය. ( 4 ) සෑම ප්‍රාදේශීය මණ්ඩලයක් ම - (අ) යම් ග්‍රාමෝදය මණ්ඩලයක් පිහිටුවනු ලැබ ඇත්තේ යම් උප දිසාපතිවරයකුගේ කොට්ඨාසය තුළ ද ඒ එක එක් මණ්ඩල යේ සභාපතිවරයාගෙන් සමන්විත විය යුතු ය; තව ද (ආ) උප දිසාපතිවරයාගේ කොට්ඨාසයෙහි සේවය කරන් න්නා වූ ද අදාළ අමාත්‍යවරයා විමසා අමාත්‍යවරයා විසින් නමින් හෝ නිලයෙන් නම් කරනු ලබන්නා වූ ද රජයේ නිලධරයන් හෝ රාජ්‍ය සංස්ථා නිලධරයන් යම් සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය. එසේ වුව ද එවැනි කිසිම නිලධරයකුට ප්‍රාදේශීය මණ්ඩලයෙ යම් රැස්වීමක දී ඡන්දය දීමේ හිමිකම නොතිබිය යුතු ය. (5) (අ) ප්‍රාදේශීය මණ්ඩලයක සභාපතිවරයා ඡන්දය දීමට හිමිකම් ඇති සාමාජිකයන් විසින් ඔවුන් අතුරින් තෝරා පත් කර ගත යුතුය. (ආ) ප්‍රාදේශීය මණ්ඩලයක සභාපතිවරයාගේ ධුර කාලය එක් අවුරුද්දක් විය යුතු ය: එසේ වුව ද, එවැනි සභාපතිවරයකුගේ ධූරය, - (i) තමා ඉල්ලා අස්වන බව ඔහු විසින් ප්‍රාදේශීය මණ්ඩලයෙහි ලෝකම්වරයා වෙත ලියවිල් ලකින් දන්වා යවනු ලැබූ විට; (ii) ඔහු ප්‍රාදේශීය මණ්ඩලයෙහි සාමාජිකයකුව සිටීම අවසන් වූ විට; (iii ) ප්‍රාදේශීය මණ්ඩලයේ අවසරය කලින් ලබා නොගෙන එහි යම් අනුක්‍රමික රැස්වීම් තුනකට ඔහු සහභාගි නොවී සිටි විට හෝ (iv) ඔහු මිය ගිය විට හිස් වන්නේය. (6) (අ) සංවර්ධන සභාවේ සහ සංවර්ධන සභාවේ විධායක කමිටු වේ මේ පනත යටතේ වූ බලතල ක්‍රියාත්මක කිරීම සහ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීම සම්බන්ධයෙන් සෑම ග්‍රාමෝදය මණ්ඩල යක් විසින් ම එහි නිර්දේශ, ඒ ග්‍රාමෝදය මණ්ඩ ලය පිහිටුවනු ලැබ ඇත්තේ යම් උප දිසාපති වරයකුගේ කොට්ඨාසයක් තුළ ද ඒ කොට්ඨාසයේ ප්‍රාදේශීය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුය. (ආ) (අ) ඡේදය යටතේ ග්‍රාමෝදය මණ් ඩලයේ නිර්දේශ ලැබුණු විට, ඒ නිර්දේ ශ සලකා බලා, අවස්ථාවෝචිත පරිදි, සංවර්ධන සභාව වෙත හෝ සංවර්ධන සභාවේ විධායක කමිටුව වෙත හෝ තම නිර්දේශ ඉදිරිපත් කිරීම ඒ ප්‍රාදේශීය මණ්‌ ඩ ලයේ කාර්යය විය යුතු ය; තවද අවස් ථාවෝ චිත පරිදි ඒ සංවර්ධන සභාවේ හෝ විධායක කමිටුවේ මේ පනත යටතේ වූ බලතල ක්‍රියාත්මක කිරීමේ දී සහ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමේ දී, අවස්ථාවෝචිත පරිදි, ඒ සංවර්ධන සභාව විසින් නැතහොත් සංවර්ධන සභාවේ විධායක කමිටුව විසින් ඒ නිර්දේශ සැලකිල්ලට ගනු ලැබිය යුතු ය. (7) අවස්ථාවෝචිත පරිදි, යම් සංවර්ධන සභාවක් වෙත හෝ විධායක කමිටුවක් වෙත හෝ නිර්දේශ ලැබ නොතිබීමේ හෝ යථා පරිදි සංස්ථා නොලැබූ, අවස්ථාවෝචිත පරිදි, ග්‍රාමෝදය මණ්ඩලයක් නැතහොත් ප්‍රාදේශීය මණ්ඩලයක් විසින් නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ තිබීමේ හෝ අවස් ථාවෝචිත පරිදි, ඒ ග්‍රාමෝදය මණ් ඩලයෙ නැතහොත් ප්‍රාදේශීය මණ් ඩලයේ කටයුතු කරගෙන යාමේ දී කිසියම් අක්‍රමිකතාවක් තිබීමේ හෝ හේතුවෙන් අවස්ථාවෝචිත පරිදි, එවැනි සංවර්ධන සභාවක නැතහොත් සංවර්ධන සභාවක විධායක කමිටුවක බලතල ක්‍රියාත්මක කිරීමෙහි ලා සහ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරී මෙහි ලා කරන ලද කිසිම ක්‍රියාවක් හෝ ගන්නා ලද කිසිම තීරණයක් අවලංගු නොවිය යුතුය. ''. 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 71 වන වගන්තියේ (1) වන උපවගන් තිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- "(1) (අ) නියමිත යයි මේ පනතින් ප්‍රකාශ කරනු ලැබූ හෝ නියම කරනු ලැබූ සියලු කාරණා සම්බන්ධයෙන් හෝ නියෝග සෑදිය යුතු යයි මේ පනතින් නියම කරනු හෝ බලය දෙනු ලැබූ සියලු කාරණා සම්බන්ධයෙන්; සහ (ආ) සංවර්ධන සභාවක් විසින් සාදන ලද යම් අතුරු ව්‍යවස් ථාවක පටහැනිව කුමක් සඳහන්ව ඇත ද (i) සංවර්ධන සභාවල කටයුතු කරගෙන යාම සඳහා වූ කාර්ය පටිපාටිය; (ii) සංවර්ධන සභාවල ගිණුම් තැබීමේ කාර්ය පටිපාටිය සහ මුදල් පිළිබඳ කාර්ය පටිපාටිය; සහ (iii ) ග්‍රාමෝදය මණ්ඩලවල සහ ප්‍රාදේශීය මණ් ඩල වල කටයුතු කරගෙන යාම සඳහා වූ කාර්ය පටිපාටිය සහ ඒ මණ්ඩල විසින් කාර්ය ඉටු කිරීම සඳහා වූ කාර්ය පටිපාටිය යන මේ සියලු කාරණා හෝ ඉන් යම් කිසි කාරණයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකිය.
46
acts_1981-07-23_Indo-Ceylon_Agreement_Implementation_Amendment_si
act
1981
3
1
0.995962
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 47 දරන ඉන්දු-ලංකා ගිවිසුම (ක්‍රියාත්මක කිරීමේ) (සංශෝධන) පනත [ සහතිකය සටහන් කළේ 1981 ජූලි මස 23 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 ජූලි මස 24 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1967 අංක 14 දරන ඉන්දු-ලංකා ගිවිසුම ( ක්‍රියාත්මක කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 47 දරන ඉන්දු - ලංකා ගිවිසුම (ක්‍රියාත් මක කිරීමේ) (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. 1967 අංක 14 දරන ඉන්දු - ලංකා ගිවිසුම (ක්‍රියාත්මක කිරීමේ) පනතේ 8 වන වගන්තියේ (3 ) වන උපවගන්තිය ඉවත් වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- “ ( 3 ) ශ්‍රී ලංකා පුරවැසියකුගේ තත්ත්වය ප්‍රදානය කිරීම සඳහා මේ පනත යටතේ කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් (1) වන උපවගන්තිය යටතේ සුදුස් සක් කිරීමේ දී 1964 ඔක්තෝබර් මස 30 වන දිනයට පසු ඒ තත්ත්වය ප්‍රදානය කරන ලද තැනැත් තන්ගේ සංඛ්‍යාව සහ ඉන්දියාවේ පුරවැසියන් වූ හෝ එලෙස පිළිගනු ලැබූ තැනැත්තන්ගේ සංඛ්‍යාව අතර අනුපාතය හැකිතාක් දුරට සියලු අවස් ථාවල දී 4 : 7 ක් වන බවට අමාත්‍යවරයා වග බලාගත යුතුය. ඒ අනුපාතය ආගණනය කිරීමේ දී - (අ) 1964 ඔක් තෝබර් මස 30 වන දිනට පසු උත්පත්තිය ලැබ, ඒ තත්ත්වය ප්‍රදානය කරනු ලැබූ හෝ එලෙස පිළිගනු ලැබූ තැනැත්තන් ; සහ (ආ) ඉන්දු-ලංකා ගිවිසුම අදාළ නොවන තැනැත්තන් ගණන් ගනු නොලැබිය යුතු ය. '".
47
acts_1981-07-23_S_W_R_D_Bandaranaike_National_Memorial_Foundation_Special_Provisions_si
act
1981
5
1
0.982937
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 48 දරන ඇස්. ඩබ්ලිව්. ආර්.ඩි.බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම (විශේෂ විධිවිධාන) පනත [සහතිකය සටහන් කළේ 1981 ජූලි මස 23 වන දින] ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 ජූලි මස 24 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 48 දරන ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික අනුස් මරණ පදනම ( විශේෂ විධිවිධාන) පනත ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 2 දරන ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම පනත සංශෝධනය කිරීම සඳහා ද, මේ පනත ආරම්භ වන දිනයට පෙරාතුව ම වූ දින යෙහි ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනමෙහි කළමනාකාර මණ්ඩලයේ සාමාජිකයන් සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා ද වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ: 1. මේ පනත 1984 අංක 48 දරන ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. ලුහුඬු නාමය. බණ්ඩාරනායක ජාතික අනුස්මරණ පදනම (විශේෂ විධිවිධාන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. මේ පනත ආරම්භ වීමට පෙරාතුව ම වූ දිනයෙහි (ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 2 දරන ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික අනුස් මරණ පදනම පනතින් පිහිටුවන ලද) ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික අනුස් මරණ පදනමේ කළමනාකාර මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් ධුරය දරමින් සිටි සැම තැනැත් තකුම්, ඒ තැනැත්තා ඒ ධුරය දරන්නේ - (අ) ජාතික රාජ්‍ය සභ වේ 1975 අංක 2 දරන ඇස්. ඩබ්ලිව්. ආර්. 5. බණ්ඩාරනායක ජාතික අනුස් මරණ පදනම පනතේ 3 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදයේ හෝ (ආ ) ඡේදයේ හෝ (ඈ) ඡේදයේ හෝ (ඈ) ඡේදයේ හෝ (ඉ) ඡේදයේ විධිවිධාන ප්‍රකාර; හෝ (ආ) ඉහත කී පනතේ 3 වන් වගන්තියේ (1) වන උපවගන් තියේ (ඊ) ඡේදය යටතේ කරන ලද පත්වීමක් ප්‍රකාර වුව ද, ඉහත කී පනතේ කුමක් සඳහන්ව ඇතත්, මේ පනත ආරම්භ වන දින ඒ ධූරය දැරීම අවසන් විය යුතු ය. 3. ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 2 දරන ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ජාතික අනුස් මරණ පදනම පනතේ 3 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට, පහත දැක් වෙන අලුත් වගන්තිය මෙයින් ආදේශ කරනු ලැබේ:- 3. (1) ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් සත්දෙනකුගෙන් සමන්විත වන්නා වූ (මේ පනතෙහි මින් මතු '' මණ්ඩලය '' යනුවෙන් සඳහන් කරනු ලබන ) කළමනාකාර මණ්ඩලයක් විසින්, පදනම පරිපාලනය කරනු ලැබිය යුතුය. (2) යම් සාමාජිකයකු විසින්, තත් කාර්යය සඳහා ජනාධිපතිවරයා අමතා යවනු ලබන ලිපියක් මගින්, ධූරයෙන් ඉල්ලා අස්විය හැකි ය. (3) ජනාධිපතිවරයා විසින්, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින්, කිසිදු හේතුවක් නොදක්වා යම් සාමාජිකයකු ධුරයෙන් ඉවත් කරනු ලැබිය හැකිය. මේ උපවගන්තිය යටතේ නියමයක් කරනු ලබන්නේ යම් සාමාජිකයකු සම්බන්ධයෙන් ද, ඒ නියමය, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබූ දින සිට, ඒ සාමාජිකයා ධුරය අත්හළ ලෙස සැලකිය යුතු ය. (4) සාමාජිකයකු ඒ ධුරයට තමා පත් කරන ලද දින සිට අවුරුදු තුනක කාලයක්, (2) වන සහ (3) වන උපවගන්තිවල විධිවිධානවලට යටත්ව, ධුරය දරන්නේය: එසේ වුව ද, මිය යන හෝ ඉල්ලා අස්වන නැත හොත් අන්‍යාකාරයකින් ධුරය අත්හරින යම් සාමා ජිකයකු වෙනුවට පත් කරනු ලබන සාමාජිකයකු කලින් ඔහු ධුරය අත් හරින්නේ නම් මිස, තමා අනු ප්‍රාප්ත වන සාමාජිකයාගේ ධුර කාලයෙන් ඉකුත් නොවී ඇති කොටස සඳහා ධුරය දැරිය යුතු ය. (5) රෝගී භාවය, දුබලතාව හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම හේතු කොටගෙන, ස්වකීය ධුරයේ කර්තව්‍ය ඉටු කිරීමට යම් සාමාජිකයකුට තාවකාලි කව නොහැකි වන අවස්ථාවක, ඔහු වෙනු වෙන් සාමාජිකයකු වශයෙන් ක්‍රියා කිරීම සඳහා වෙනත් තැනැත්තකු ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය හැකි ය. (6) (3) වන උපවගන්තිය යටතේ ධුරයෙන් ඉවත් කරනු ලැබූ සාමාජිකයකුකයකු නොවන යම් සාමාජී නැවත පත් කිරීම සඳහා සුදුස් සකු වන්නේය. (7) මණ්ඩලයේ සාමාජිකයන් අතුරින් එක් කෙනෙකු මණ්ඩලයේ සභාපති වශයෙන් ජනාධිපති වීරයා විසින් පත් කරනු ලැබිය යුතුය. මණ්ඩල යේ යම් රැස් වීමකට සභාපති නොපැමිණි විටෙක ඒ රැස්වීමට පැමිණ සිටින සාමාජිකයන් විසින්, ඒ රැස්වීම සඳහා සභාපතිවරයකු ඔවුන් අතුරින් තෝරා ගනු ලැබිය යුතු ය. (3) මණ්ඩලයේ රැස් වීමක ගණපූරණය සඳහා පස් දෙනකු විය යුතුය. (9) මණ්ඩලයේ රැස්වීම් සහ ඒ රැස් වීම්වල දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ කාර්ය පරිපාටිය, (8) වන උපවගන්තියේ විධිවිධාන වලට යටත්ව මණ්ඩලය විසින් විධිමත් කරනු ලැබිය හැකි ය. (10) මණ්ඩලයේ සාමාජිකයන් අතර පුරප්පාඩු වක් තිබුණේ වුව ද ඒ නොතකා, මණ්ඩලය විසින් ක්‍රියා කරනු ලැබිය හැකි ය. ''.
48
acts_1981-07-24_National_Housing_Amendment_si
act
1981
4
1
0.994623
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 49 දරන ජාතික නිවාස (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 ජූලි මස 24 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී 1981 ජූලි මස 31 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයෙ‍් II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 49 දරන ජාතික නිවාස (සංශෝධන) පනත ජාතික නිවාස පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසෙ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 49 දරන ජාතික නිවාස (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 1. (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප් තිය " යනුවෙන් හඳුන් වනු ලබන) ජාතික නිවාස පනතේ 33 වන වගන්තියේ (1) වන උප වගන්තිය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය, මෙයින් සංශෝධනය කරනු ලැබේ :- " (1) මේ කොටස අදාළ වන යම් නිවාසයක පදිංචිකරු විසින් 32 වන වගන්තියේ (1) වන උපවගන් තියේ විධිවිධාන වලට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරිනු ලබන කවර වූ හෝ අවස්ස්ථාවක, නිවාසයේ සන්තකය ආපසු ලබා ගැනීම සඳහා සහ නිවාසය පිහිටා තිබෙන ඉඩමෙන් හෝ ස්ථානයෙන් ඒ පදිංචි කරු, ඔහුගේ යැපෙන්නන් හා ඒ ඉඩමෙහි හෝ ස්ථානයෙහි නැතහොත් ඉන් කොටසක හෝ පදිංචිව සිටින වෙනත් සෑම තැනැත්තකු ම ඉවත් කිරීම සඳහා අයැදිමින්, ඉඩම් හිමියා විසින්, නිවාසය පිහිටා තිබෙන්නා වූ දිස්ත්‍රික් ක්කයේ දිසා අධි කරණය වෙත ඉල්ලීමක් කරනු ලැබීම නීත්‍යනුකූල වන්නේය. ඒ සෑම ඉල්ලීමක් ම, පදිංචිකරුගේ පදිංචිය අවසන් වන කාලය හා ආකාරය දක්වන්නා වු දිවුරුම් ප්‍රකාශයක් මඟින් සනාථ කරනු ලැබිය යුතු ය.” 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 36 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :- 36. මේ කොටස යටතේ දිසා අධිකරණය විසින් ප්‍රකාශ කරන ලද නැතහොත් කරන ලද යම් අවසන නඩු තීන්දුවකින් හෝ අවසාන නඩු තීන්දුව ලෙස බලපෑමක් ඇති යම් ආඥාවකින් අතෘප්තියට පත් යම් තැනැත්තකු විසින්, ඒ නඩු තීන්දුව ප්‍රකාශ කරන ලද හෝ ආඥාව කරන ලද දින සිට (ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර ) දින දාහතරක කාලයක් ඉකුත වීමට පෙර, ඒ නඩු තීන් දුවට හෝ ආඥාවට විරුද්ධව අභියාචනාධි කරණය වෙත අභියාචනය කරනු ලැබිය හැකි ය; තව ද, දිසා අධිකරණයේ නඩු තින් දුවලට හෝ ආඥා වලට විරුද් ධව අභියාචනාධිකරණය වෙත කරනු ලබන අභියාචන වලට අදාළ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන, මේ වගන තියේ ඉහතින් වූ විධි විධාන යටතේ කරනු ලබන යම් අභියාචනයක් සම්බන්ධයෙන්, අදාළ විය යුතුය.'". 4. මේ පනතේ 2 වන හා 3 වන වගන්ති මගින් ප්‍රධාන ප්‍රඥප්ති යට කරන ලද සංශෝධන, 1979 ජූලි මස 2 වන දින සිට බලාත් මක වූ සේ සලකනු ලැබිය යුතු ය. 5. (1) 1979 ජූලි මස 2 වන දින ආරම්භව, මේ පනත ආරම්භවන දිනයට පෙරාතුව ම වූ දිනයෙන් අවසන් වන කාලය ඇතුළත, ප්‍රධාන ප්‍රඥප්තියේ V වන කොටස යටතේ මහෙස්ත්‍රාත් අධිකරණ යක් වෙත කරන ලද කිසිම ඉල්ලීමක් හෝ මහෙස්ත්‍රාත් අධි කරණයක් විසින් ප්‍රකාශ කරන ලද නැතහොත් කරනද ලද කිසිම අවසාන නඩු තීන් දුවක් හෝ අවසාන නඩු තීන් දුවක් ලෙස බලපෑම ඇති කිසිම ආඥාවක්, ඒ ඉල්ලීම මහෙස්ත්‍රාත් අධිකරණයක් වෙතට කරනු ලැබීමේ හෝ අවසාන නඩු තීන්දුව නැතහොත් අවසාන නඩු තීන්දුවක් ලෙස බලපෑම ඇති ආඥාව මහෙස් ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශ කරනු ලැබීමේ හෝ කරනු ලැබීමේ හේතුව නිසාම පමණක්, අවලංගු විය යුතු සේ හෝ අවලංගු වූ සේ සලකනු නොලැබිය යුතු ය. (2) ප්‍රධාන ප්‍රඥප්තියේ 7 වන කොටස යටතේ මහෙස්ත්‍රාත් අධිකරණයක් වෙත කරනු ලැබ, මේ පනත ආරම්භ වන දිනයට පෙරාතුව ම වූ දිනයේ දී ඒ අධිකරණයේ විනිශ්චයට භාජනව පවත්නා සෑම ඉල්ලීමක් ම, මේ පනත ආරම්භ වන දින සිට, ඒ මහෙස්ත්‍රාත් අධිකරණ කොට්ඨාසය පිහිටි දිස්ත්‍රික් කයේ දිසා අධිකරණය වෙතට ඉවත් කරනු ලැබූ සේ සලකනු ලැබිය යුතු ය. (3 ) 1979 ජූලි මස 2 වන දින ආරමීභව, මේ පනත ආරම්භවන දිනයට පෙරාතුව මැවූ දිනයෙන් අවසන් වන කාලය ඇතුළත ප්‍රධාන ප්‍රඥප්තියේ V වන කොටස යටතේ මහෙස්ත්‍රාත් අධිකරණයක් විසින් ප්‍රකාශ කරන ලද හෝ කරන ලද සෑම අවසාන නඩු තීන්දුවක් ම නැතහොත් අවසාන නඩු තීන්දුවක් ලෙස බලපෑම ඇති සෑම ආඥාවක් ම, සියලු කාර්ය සඳහා, මේ පනත මගින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ V වන කොටස යටතේ දිසා අධි කරණය විසින් ප්‍රකාශ කරන ලද හෝ කරන ලද අවසාන නඩු තීන්දුවක් නැතහොත් අවසාන නඩු තීන්දුවක් ලෙස බල පෑමක් ඇති ආඥාවක් විය යුතු ලෙස නැතහොත් වූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව ක්‍රියාත්මක කරනු ලැබිය හැකි ය; නැතහොත් බලාත්මක කරනු ලැබිය හැකි ය.
49
acts_1981-08-28_Maternity_Benefits_Amendment_si
act
1981
4
1
0.983058
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 52 දරන සූතිකාධාර (සංශෝධන) පනත [සහතිකය සටහන් කළෙ 1981 අගෝස්තු මස 28 වන දින] ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 සැප තැම්බර් මස 04 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළකරන ලදී. 1981 අංක 52 දරන සූතිකාධාර (සංශෝධන) පනත සූතිකාධාර ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වූ පනතකි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 52 දරන සූතිකාධාර (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය '' යනුවෙන් සඳහන් කරනු ලබන) සූතිකාධාර ආඥාපනතේ 3 වන වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධ නය කරනු ලැබේ:- "(1) යම් ස්ත්‍රියකට සූතිකාධාර ගෙවීමේ හිමිකම ඇති කාල සීමාව ඇගේ දරු ප්‍රසූතියේ දිනය ද ඇතුළුව ඒ දිනය දක්වා සති දෙකක් සහ ඒ දිනයට ඉක්බිතිව ම සති හතරක් වශයෙන්, සති හයක් විය යුතුය : එසේ වුවද ඉහත කී සති දෙකක කාල සීමාව තුළ යම් දින ගණ නක් ඒ ස්ත්‍රිය ඇගේ සේවයෙහි වැඩ කර ඇති අවස්ථා වක, ඇගේ දරු ප්‍රසූතියට පසුව, ඉහත කී සති හතරක කාල සීමාව අවසන් වන දිනයට ඉක්බිතිව ම වූ දින සිට ගණන් ගෙන ඒ දින ගණන සඳහා සූතිකාධාර ලැබීමට ඇයට හිමිකම තිබිය යුතු ය. ''. 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තිය පහත දැක්වෙන පරිදි ප්‍රධාන මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් උපවගන්තිය ආදේශ කිරීමෙන්:- "(1) ගැහැණු කම්කරුවකුගේ සේ වායෝජක විසින් ඒ ත්‍රියගේ දරු ප්‍රසූතියට පෙරාතුවම වූ සති දෙකක ඇගේ දරු ප්‍රසූතියට ඉක් බිතිවම වූ සති හතරක සම්පූර්ණ කාල සීමාව සඳහා නියමිත අනුප්‍රමාණයන් අනුව සූතිකාධාර (3) වන සහ (4) වන උපවගන්තිවල විධි විධාන වලට යටත්ව, ඒ ගැහැණු කම්කරුවාට ගෙවිය යුතු ය: එසේ වුව ද, ඒ ගැහැණු කම්කරුවාගේ දරු ප්‍රසූතියට පෙරාතුවම වූ සති දෙකක කාල සීමාව තුළ යම් දිනයක ඒ ගැහැණු කම්කරුවා ඇගෙ සේ වයෙහි වැඩ කර ඇති අවස් ථාවක, ඇගේ දරු ප්‍රසූතියට පසුව, ඒ දිනය සඳහා සහ ඒ දිනයට පෙරාතුව වූ කාල සීමාවේ කොටස සඳහා සූතිකාධාර ලැබීමට ඇයට හිමිකම තිබිය යුතු ය. ’; (2) එහි (2) වන උපවගන්තිය ඉවත් කිරීමෙන්. 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 7 වන වගන්තිය මෙහි පරිදී මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (අ) ඒ වගන්තියේ ( 4 ) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනුවට පහන දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්:- " (4) ගැහැණු කම්කරුවකුගෙන් (1) වන උපවගන්තිය හෝ (2) වන උපවගන්තිය හෝ යටතේ දැන්වීමක් ලැබුණු විට, සේ වායෝජක විසින් ඒ ස්ත්‍රියගේ දරු ප්‍රසූතියට පෙරාතුවම වූ සති දෙකක සහ ඉක් බිතිවම වූ සති හතරක කාල සීමාව සඳහා සේ වයට නොපැමිණීමට ඇයට අවසර දිය යුතු ය: එසේ වුව ද, ඒ ගැහැණු කම්කරුවා ඉහත කී සති දෙකක කාල සීමාව තුළ යම් දින ගණනක් ඇගේ සේවයෙහි වැඩ කර ඇති අවස් ථාවක, ඇගේ දරු ප්‍රසූතියට පසුව, ඉහත කී සති හතරක කාල සීමාව අවසන් වන දිනට ඉක් බිතිව ම වූ දින සිට ගණන් ගෙන ඒ දින ගණන සේවයට නොපැමිණීමට ඇයට අවසර දෙනු ලැබිය යුතුය. ''; සහ (ආ) ඒ වගන්තියේ (5) වන උපවගන්තිය ඉවත් කිරීමෙන්.
50
acts_1981-09-02_National_Aquatic_Resources_Research_and_Development_Agency_si
act
1981
20
2
0.990058
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 54 දරන ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජ්‍යායතන පනත (සහතිකය සටහන් කළේ 1981 සැප තැම්බර් මස 2 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 සැප්තැම්බර් මස 04 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 54 දරන ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජ්‍යායතන පනත ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජ්‍යායතනය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනතකි. ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 54 දරන ජාතික ජලජ සම්පත් පර් යේෂණ හා සංවර්ධන නියෝජ්‍යායතන පනත යනුවෙන් හඳුන් න්වනු ලබන අතර ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන (මේ පනතෙහි '' නියමිත දිනය '' යනුවෙන් සඳහන් කරනු ලබන) දිනයක සිට ක්‍රියාත්මක විය යුතු ය. 2. ජලජ සම්පත් පිළිබඳ විෂයය සම්බන්ධයෙන් පර්යේෂණ, සංවර්ධන හා කළමනාකරණ කටයුතු කරගෙනයාමේ හා සම්බන්ධී කරණය කිරීමේ වගකීම භාර ප්‍රධාන ජාතික ආයතනය විය යුතු වූ (මෙහි මින් මතු '' නියෝජ්‍යායතනය '' යනුවෙන් හඳුන්වනු ලබන) ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජ්‍යායතනය, මේ පනතේ විධිවිධාන වලට අනුකූලව පිහිටුවනු ලැබේ. 3. නියෝජ්‍යායතනය 2 වන වගන්තියෙන් ඊට පවරන ලද නමින් අවිච්ඡින්න පැවැත්මක් හා පොදු මුද්‍රාවක් ඇති සංස්ථාවක් විය යුතු අතර එම සංස්ථාවේ නමින් නියෝජ්‍යායතනය විසින් ද නියෝජ්‍යායතනයට විරුද්ධව ද නඩු පවරනු ලැබිය හැකි ය. 4. නියෝජ්‍යායතනයේ අරමුණු හා කර්තව්‍ය පහත දැක්වෙන පරිදි විය යුතු ය :- (අ) ජලජ සම්පත් පිළිබඳ විෂයය සම්බන්ධයෙන් ජාතික සංවර් ධන වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා විද්‍යාත්මක හා තාක්ෂණික විශේ ෂඥතාව යොදා ගැනීම හා උපයෝගි කර ගැනීම සහතික කිරීම; (ආ) ජලජ සම්පත් හඳුනා ගැනීම, තක්සේරු කිරීම, කළමනා කරණය කිරීම හා සංවර්ධනය කිරීම අරභයා යොමු කරන ලද, එමෙන්ම විශේෂයෙන්ම පහත දැක්වෙන ක්ෂේත්‍ර යන් සම්බන්ධයෙන් වූ පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම හා කරගෙන යාම (i) සාගර විද්‍යාව; (ii) ධීවර යාත්‍රාව, මසුන් ඇල්ලීමේ ආම්පන්න හා උප කරණ සහ මසුන් ඇල්ලීමේ ක්‍රම දියුණු කිරීම සහ සංවර්ධනය කිරීම; (iii) ධීවරයන්ගේ සහ ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ සුභ සාධනය ඇතුළුව ධීවර කර්මාන්තයේ සමාජ යීය හා ආර්ථික අංග ; (iv) මාළු මෙන්ම සම්බන්ධිත නිෂ්පාදිතයන් ද පිරි සැකසුම් කිරීම, පරිරක්ෂණය කිරීම හා අලෙවි කිරිම; (v) අභ්‍යන්තර ජල ප්‍රදේශවල, වෙරළබඩ තෙත් බිම්වල හා අක්වෙරළ ප්‍රදේශවල ජලජ සම්පත් සංවර්ධනය කිරීම, කළමනාකරණය කිරීම (ඇ) ජලජ සම්පත් ප්‍රයෝජනයට ගැනීම, කළමනාකරණය කිරීම හා සංවර්ධනය කිරීම පිළිබඳ විද්‍යාත්මක, තාක්ෂණික හා නෛතික කරුණු සම්බන්ධයෙන් උපදේශක හා අනුශාසක සේවා සැපයීම; (ඈ) ජලජ සම්පත් ප්‍රයෝජනයට ගැනීමෙහි, සැලසුම් කිරීමෙහි, ඒවා පිළිබඳව පර්යේෂණ පැවැත් වීමෙහි, ඒවා සංවර්ධනය කිරීමෙහි, පාලනය කිරීමෙහි හා කළමනාකරණය කිරීමෙහි නියැලුණු ආයතන වල කටයුතු සම්බන්ධීකරණය කිරීම; (ඉ) ශ්‍රී ලංකාවේ ජලජ සම්පත් හා ධීවර කර්මාන්තය සංවර්ධනය කිරිම සඳහා ප්‍රයෝජනවත් වන තොරතුරු හා දත්ත එකතු කිරීම, ව්‍යාප්ත කිරීම හා ප්‍රකාශයට පත් කිරීම භාර ගැනීම; (ඊ) නියෝජ්‍යායතනයේ වැඩ කරගෙන යාමට හෝ ඊට සහාය වීමට අවශ්‍ය තැනැත්තන්ට පුහුණුව ලබා දීම; සහ (උ) මේ පනත යටතේ නියෝජ්‍යායතනය වෙත පවරන ලද හෝ නියම කරන ලද සියලු බලතල, කර්තව්‍ය හා කාර්ය ක්‍රියාත් මක කිරීම හා ඉටු කිරීම. 5. නියෝජ්‍යායතනයට පහත දැක්වෙන කටයුතු කිරීමට බලය ඇත්තේය (අ) යම් චංචල හෝ නිශ්චල දේපළක් කවර වූ හෝ ආකාරය කින් අත්කර ගැනීම සහ තබා ගැනීම සහ එවැනි යම් දේපළක් විකිණීම හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීම : (ආ) නියෝජ්‍යායතනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා නියෝජ්‍යායතනය විසින් අවශ්‍යයයි සලකනු ලබන කාර්යාල, ගොඩ නැගිලි, ස්ථාපන, රසායනාගාර, යන්ත්‍රා ගාර, උපකරණ, වාහන, යානා හා වෙනත් යාත්‍රා වැනි පහස කර්ම පිහිටුවීම හා පවත්වාගෙන යාම්; (ඇ) ජලජ සම්පත් වාණිජමය වශයෙන් උපයෝගී කර ගැනීම හැ සංවර්ධනය කිරීම සහ ඒ පිළිබඳ විශේ ෂඥතාව යොදා ගැනීම හා උපයෝගී කර ගැනීම සඳහා නියෝජ්‍යායතනය විසින් අවශ්‍ය යයි සලකනු ලබන ව්‍යාප්ත සේවා ඇතුළුව කටයුතු හා මෙහෙයුම් භාර ගැනීම ; (ඈ) එහි කර්තව්‍ය කරගෙන යාමේ කර්යය සඳහා ආණ්ඩුවේ දෙපාර්තමේන්තු, පළාත් පාලන ආයතන, රාජ්‍ය සංස්ථා සහ වෙනත් තැනැත තන් සමග යම් ගිවිසුමකට හෝ එකඟ වීමකට ඇතුළත් වීම; (ඉ) එහි අරමුණු අතරින් යම් අරමුණක් ඉටු කිරීමේ කාර්යය සඳහා මුදල් අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අමාත්‍ය වරයා විසින් අනුමත කරනු ලබන නියම හා කොන්දේසි මත ණය ලබා ගැනීම; (ඊ) නියෝජ්‍යයතනය විසින් සපයනු ලබන යම් සේවා හෝ පහසුකම් සඳහ. ගාස්තු අය කිරීම; (උ) මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව, පුහුණු කිරීම සඳහා වූ පිරිනැමීම් ඇතුළුව විදේශීය හෝ දේශීය පරිත්‍යාග හා ප්‍රදාන භර ගැනීම සහ ජලජ සම්පත් කළමනාකරණය කිරීම හා සංවර්ධනය කිරීම සම්බන්ධ යෙන් පර්යේෂණ කිරීම, ඉගැන වීම හා පුහුණු කිරීම සඳහා ප්‍රදාන ලබා දීම; (ඌ) පේටන්ට් බලපත්‍ර, කාර්මික මෝස්තර, ප්‍රකාශන අයිතිය සහ වෙළෙඳ ලකුණු පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ගිවිසුම්වලට හෝ එකඟවීම්වලට ඇතුළත් වීම; (එ) (i) ධීවර කර්මාන්තය පිළිබඳ විෂයය තත් කාලීනව පවරනු ලබන අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ජාතික සංවර් ධන නියමාවලිය ක්‍රියාතමක කිරීම සහතික කිරීමේ අරමුණ ඇතිව ඒ අමාත්‍යාංශය උදෙසා; සහ (ii) වෙනත් යම් අමාත්‍යාංශයක, ආණඩුවේ දෙපාර්තමේන්තු වක හෝ එහි යම් ශාඛාවක, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් යම් තැනැත්තකුගෙ ඉල්ලීම පරිදි නියෝජ්‍යා යතනය විසින් අමාත්‍යවරයගේ අදහස් විමසා ප්‍රඥා ගෝචර යයි සලකනු ලබන ආකාරයකින් පර්යේෂණ හා කාර්මික සේවා පවත්වාගෙන ලබා දීම; (ඒ) (i) ශ්‍රී ලංකාවේ ජලජ සම්පත් පර්යේ ෂණය, කළමනාකරණය, සංවර්ධනය සහ ඒවා සංරක්ෂණය කිරීම හා උපයෝගී කර ගැනීම ඇතුළුව විධිමත් කිරීම සම් බන්ධයෙන්; සහ (ii) ශ්‍රී ලංකාවේ ජාතික ජලජ සම්පත‍් කළමනාකරණය කිරීම හා සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සම්බන්ධයෙන්යම් අමාත්‍යාංශයකට, ආණ්ඩුවේ යම් දෙපාර්තමේන්තුවකටහෝ ඒවායේ යම් ශාඛාවකට, යම් රාජ්‍ය සංස්ථාවකට හෝවෙනත් යම් තැනැත්තකුට උපදෙස් දීම හා නිර්දේශ ඉදිරි පත කිරීම; (ඕ) ජලජ සම්පත් කළමනාකරණ, සංවර්ධන හා පර්යේෂණ සැලැස්මක් පිළියෙළ කිරීම සහ ඒ සැලැස්ම කලින් කල ප්‍රතිශෝධනය කිරීම; (ඕ) ශ්‍රී ලංකාවේ ජාතික ජලජ සම්පත් හා අක් වෙරළ ප්‍රදේශ පිළිබඳ සමීක්ෂණ ආරම්භ කිරීම හා ඒවා පවත්වාගෙන යාම; (ක) අමාත්‍යවරයා විසින්, අමාත්‍යාංශයේ ජාතික සංවර්ධන වැඩ සටහන ක්‍රියාත් මක කිරීම සම්බන්ධයෙන් පාලක මණ්ඩලය විමසා නියෝජ්‍යායතනය වෙත පවරනු ලබන යෝජනා ක්‍රම හා කර්තව්‍ය සියල්ල භාර ගැනීම හා ඉටු කිරීම; සහ (ග) එහි අරමුණු හා කර්තව්‍ය සාක්ෂාත් කර ගැනීම හා ඉටු කිරීම සඳහා අවශ්‍ය වන සියලු ක්‍රියාමාර්ග ගැනීම. 6. (1) නියෝජ්‍යයතනයේ බලතල හා කාර්ය පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විත වන (මෙහි මින් මතු " මණ්ඩලය යනුවෙන් සඳහන් කරනු ලබන) පාලක මණ්ඩලයක් වෙත සතු කළ යුතු ය:- (අ) එක් එක සාමාජිකයා ජලජ සම්පත් කළමනා කරණ, පර්යේෂණ හෝ සංවර්ධන ක්ෂේත්‍රයෙහි සම්භාවිත වන්නා වූ ද (මෙහි මින් මතු ' පත් කළ සාමාජිකයන් '' යනුවෙන් සඳහන් කරනු ලබන) අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන්නා වූද සාමාජිකයන් අට දෙනකු; සහ (ආ) නිල බලයෙන් පත් වන පහත දැක්වෙන සාමාජිකයන්:- (i) ධීවර විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් තත් කාලයෙහි ධුරය දරන තැනැත්තා; (ii) කර්මාන්ත හා විද්‍යා කටයුතු විෂයය භාර අමාත්‍යවරයා ගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් තත් කාලයෙහි ධුරය දරන තැනැත්තා හෝ ඒ අමාත්‍ය වරයා විසින් නම් කරනු ලබන ඔහුගේ නියෝජිතයා; (iii ) මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් තත් කාලයෙහි ධුරය දරන තැනැත්තා හෝ ඒ අමාත්‍යවරයා විසින් නම් කරන ලබන ඔහුගේ නියෝජිතයා ; සහ (iv) නියෝජ්‍යායතනයේ අධ්‍යක්‌ෂ ජනරාල්වරයා වශයෙන් තත් කාලයෙහි ධුරය දරන තැනැත්තා. (2) සෑම පත් කළ සාමාජිකයකු ම, මිය යාම, ඉල්ලා අස්වීම හෝ ඉවත් කරනු ලැබීම නිසා තම ධුරය කලින් හිස් කරතහොත් මිස, අවුරුදු දෙකක කාලයක් ධුරය දැරිය යුතු අතර, ඔහු නැවතත් පත් කරනු ලැබීමට සුදුස් සකු විය යුතුය. ( 3 ) යම් පත් කළ සාමාජිකයකු, තම ධුර කාලය අවසන් වීම.. පෙර ධූරය හිස් කරනු ලබන අවස් ථාවක, තමා අනුප්‍රාප්තික වන සාමාජිකයාගේ ධුර කාලයෙන් නොගෙවී ඇති කාලය තුළ ධුරය දැරීම සඳහා අමාත්‍යවරයා විසින් ඔහු වෙනුවට වෙනත් තැනැත්තකු පත් කරනු ලැබිය යුතු ය. 7. (1) මණ්ඩලය විසින්, මේ පනතේ වෙනත් විධිවිධාන වලට මණ්ඩලයේ බල යටත්ව- (අ) නියෝජ්‍යායතනයේ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා එහි ප්‍රතිපත්ති සකස් කිරීම; (ආ) නියෝජ්‍යායතනයේ කර්තව්‍ය අතුරෙන් කවර වූ හෝ කර්තව්‍ය ඉටු කිරීම; (ඈ) නියෝජ්‍යායතනයේ බලතල, කාර්ය හා කර්තව්‍ය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම සඳහා අවශ්‍ය වනු ලබන නියෝජ්‍යායතනයේ දෙපාර්තමේන්තු හා අංශ අමාත්‍ය වරයාගේ අනුමතය ඇතිව පිහිටු වීම; (ඈ) නියෝජ්‍යායතනයේ කාර්ය මණ්ඩලය පත් කිරීම, පහ කිරීම, එහි විනය පාලනය ක්‍රියාත්මක කිරීම සහ වේතන හා පඩි නඩි නියම කිරීම; (ඉ) ඒ කාර්ය මණ්ඩලයේ සේවය පිළිබඳ නියම හා කොන්දේසි තීරණය කිරීම; (ඊ) කාර්ය මණ්ඩලයේ හා ඔවුන්ගෙන් යැපෙන් නන්ගේ යහපත සඳහා අර්ථ සාධක අරමුදලක් හා ශුභ සාධක යෝජනා ක්‍රම පිහිටුවීම හා විධිමත් කිරීම සහ එවැනි යම් අර මුදලකට හෝ යෝජනා ක්‍රමවලට දායක මුදල් ගෙවීම; (උ) නියෝජ්‍යායතනයේ කටයුතු පරිපාලනය කිරීම හා කළමනා කරණය කිරීම කරනු ලැබිය හැකිය. (2) (1) වන උපවගන්තියෙහි සඳහන් සියලු කරුණු හෝ ඒවා අතුරෙන් යම් කරුණක් සම්බන්ධයෙන් මේ පනත යටතේ රීති සාදනු ලැබිය හැකි ය. 8. (1) මණ්ඩලයේ පත් කළ සාමාජිකයන් අතුරෙන් අමාත්‍ය මණ්ඩලයේ වරයා විසින් මණ්ඩලයේ සභාපතිවරයා පත් කරනු ලැබිය යුතුය. (2) සභාපතිවරයා, සභාපතිවරයා වශයෙන් තම ධුරය කලින් හිස් කළහොත් මිස, අවුරුදු දෙකක කාලයක් ධූරය දැරිය යුතු නමුදු, ඔහු එම ධුරය සඳහා නැවත පත් කරනු ලැබීමට සුදුස් සකු විය යුතු ය: එසේ වුව ද, සභාපතිවරයා, තම ධුර කාලය අවසන් වීමට පෙර සභාපතිවරයා වශයෙන් ධුරය දැරීම අවසන් කරන අවස්ථාවක, අමාත්‍යවරයා විසින් වෙනත් පත් කළ සාමාජිකයකු සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබිය හැකි අතර ඒ අනුප්‍රාප්තිකයා, සභාපති චරයා වශයෙන් තම ධුරය කලින් හිස් කළ හොත් මිස, තමා අනු ප්‍රාප්ත වන සහ පතිවරිය ගේ ධුර කාලයෙන් නොගෙවී ඇති කාලය තුළ ඔහු සභාපතිවරයා වශයෙන් සේවය කළ යුතුය. (3) රෝගාතුර වීම නිසා, ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා හෝ මණ්ඩලයේ සභාපතිවරයාට තාවකාලිකව ස්වකීය ධුරයෙහි කාර්ය ඉටු කිරීමට නොහැකි වෙතොත් ඔහු වෙනුවට වැඩ බැලීමට යම් පත් කළ සාමාජිකයකු අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය හැකිය. (4) අමාත්‍යවරයා වෙත තම අත්සනින් යුත් ලිපියක් යැවීමෙන් සභාපතිවරයාට සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය හැකි ය. 9. (1) අමාත්‍යවරයා විසින්, මණ්ඩලයේ නිර්දේශය මත, (මෙහි මින් මතු " අධ්‍යක්ෂ ජනරාල්වරයා '' යනුවෙන් සඳහන් කරනු ලබන) නියෝජ්‍යායතනයේ වැඩ සම්බන්ධයෙන් සුදුසුකම් ලත් තැනැත්තකු නියෝජ්‍යායතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කරනු ලැබිය හැකි ය. (2) (1) වන උපවගන්තිය යටතේ පත් කරන ලද අධ්‍යක්ෂ ජනරාල්වරයාට මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලබන ආකාරයකින් හා අනුප්‍රමාණ අනුව පාරිශ්‍රමික ගෙවනු ලැබිය යුතු අතර අධ්‍යක්ෂ ජනරාල්වරයා, මණ්ඩලයේ නිර්දේශය මත, අමාත්‍යවරයා විසින් නිශ්චිතව සඳහන් කරනු ලබන සේවය පිළිබඳ නියම හා කොන්දේසි වලට යටත් විය යුතුය. (3) මණ්ඩලයේ පරිපාලන කර්තව්‍ය ඉටු කිරීම සහ මණ්ඩලයේ තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා වගකිව යුතුය. (4) මණ්ඩලය විසින් අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පවරනු ලබන මණ්ඩලයේ බලතල හා කාර්ය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම අධ්‍යක්ෂ ජනරාල්වරයාට භාර විය යුතු ය. (5) (1) වන උපවගන්තියේ කාර්ය සඳහා, පත් කරන සාමාජිකයන්ගෙන් මණ්ඩලය සංස්ථාපනය කරනු ලබන බව සලකනු ලැබිය යුතු ය. 10. (1) මණ්ඩලය යටත් පිරිසෙයින් මසකට වරක් රැස්විය යුතු ය. (2) මණ්ඩලයේ විශේෂ රැස්වීමක් නොවන සෑම රැස්වීමක් සම්බන්ධයෙන්ම යටත් පිරිසෙයින් ලියවිල් ල්ලකින් වූ දින හතක දැනුම්දීමක් සභාපතිවරයා විසින් සාමාජිකයන් අතුරෙන් එක් එක් සාමාජිකයා වෙත දිය යුතු අතර ඒ රැස්වීමේ දී කරනු ලබන කටයුතු ඒ දැනුම්දීමෙහි නිශ්චිතව සඳහන් කළ යුතු ය. (3) මණ්ඩලයේ සාමාජිකයන් හතර දෙනකු මණ්ඩලයේ විශේෂ රැස්වීමක් කැඳවන ලෙස ලියවිල් ල්ලකින් ඉල්ලා සිටිනු ලැබීමෙන් පසු, දින හතක් ඇතුළත, සභාපතිවරයා විසින් එසේ විශේෂ රැස්වීමක් කැඳවනු ලැබිය යුතු ය. (4) මණ්ඩලයේ එ විශේෂ රැස්වීම් සම්බන්ධයෙන් යටත් පිරිසෙයින් ලියවිල්ලකින් වූ දින දෙකක දැනුම්දීමක් සභාපතිවරයා විසින් සාමාජිකයන් අතුරෙන් එක් එක් සාමාජිකයා වෙත දිය යුතු අතර ඒ රැස්වීමේ දී කරනු ලබන කට ඒ දැනුම් දීමෙහි නිශ්චිතව සඳහන් කළ යුතුය. (5) මණ්ඩලයේ යම් රැස්වීමක ගණ පූරණය සාමාජිකයන් පස් දෙනකු විය යුතුය. (6) මණ්ඩලයේ සියලු තීරණ, හැකි තරම් දුරට සමමතියක් මගින් ගනු ලැබිය යුතුය. (7) සමමතියකට එළඹිය නොහැකි වන අවස්ථාවක, ඒ පිළිබඳව තීරණයක් ගැනීම මණඩලයේ ඊළඟ රැස්වීම සඳහා කල් දමනු ලැබිය යුතුය. ඒ රැස් වීමේ දී එවැනි සම්මුතියකට එළඹිය නොහැකි වන අවස්ථාවක, ඒ පිළිබඳව ඡන්දයක් විමසනු ලැබිය යුතු අතර බහුතර ඡන්දයක් මගින් තීරණයක් ගනු ලැබිය යුතු ය. ඡන්ද පිළිබඳ සමානතාවක් ඇති වූ අවස් ථාවක, සභාපතිවරයාට තීරක ඡන්දයක් තිබිය යුතු ය. (8) මණ්ඩලයේ සෑම රැස්වීමක ම රැස්වීම් කටයුතු වාර්තා පොතක සටහන් කරනු ලැබිය යුතු අතර ඒ වාර්තාව මණ්ඩලයේ ඊළඟ රැස්වීමේ දී ස්ථිර කරනු ලැබිය යුතු ය. (9) මණ්ඩලය විසින්, මෙහි ඇතුළත් විධිවිධානවලට යටත්ව, ස්වකීය කාර්ය පරිපාටිය තීරණය කරනු ලැබිය හැකි ය. ලේකම්වරයා. 11. මණ්ඩලය විසින් තීරණය කරනු ලබන සේවානියුක්තිය මණ්ඩලයේ පිළිබඳ නියම හා කොන්දේසි මත මණ්ඩලය විසින් පත් කරනු ලබන්නා වූද, මණ්ඩලයේ සාමාන්‍ය විධානයට හා පාලනයට යටත් වන්නා වූ ද ලේ කම්වරයකු මණ්ඩලයට සිටිය යුතු ය. 12. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විධානය හා පාලනය යටතේ තිබිය යුතු නියෝජ්‍යායතනයේ ලේකම් කාර්යාලයක් තිබිය යුතු අතර අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ඊට පවරනු ලබන පරිපාලන හා වෙනත් කර්තව්‍ය ඒ ලේකම් කාර්යාලය විසින් ඉටු කළ යුතුය. 13. (4) (මෙහි මින් මතු " සභාව '' යනුවෙන් හඳුන්වනු ලබන) ජාතික ජලජ සම්පත් කළමනාකරණ සභාවක් තිබිය යුතුය. (2) සභාව - (අ) අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන පහත දැක්වෙන සාමාජිකයන් වන - (i) එක් එක් තැනැත්තා, ජලජ සම්පත් කළමනාකරණය කිරීම් හා සංවර්ධනය කිරීම හා සම්බන්ධිත ක්ෂේ ත්‍රයක පිළිගත් ප්‍රවීණතාවක් හෝ විශිෂ්ඨතාවක් ලබා තිබිය යුතු නැත හොත් නියෝජ්‍යායතනයේ වැඩ පිළිබඳ යම් අංශයක් සම්බන්ධයෙන් අන්‍යා කාරයකින් විශේෂයෙන් සුදුසුකම් ලැබූ තැනැත් තන් හය දෙනකුගෙන්; (ii) සාගර නිෂ්පාදිත සැකසීම් හා අපනයන කර්මාන්තය පිළිබඳ නියෝජිතයකුගෙන්; (iii ) මසුන් ඇල්ලීමේ යාත්‍රා සහ මසුන් ඇල්ලීමේ ආම් පන්න නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය පිළිබඳ නියෝජිතයකුගෙන්; සහ (iv) ජලජ සම්පත් හා සම්බන් ධිත ක්ෂේත්‍රයක ඉගැන්වී මෙහි හෝ පර්යේෂණයෙහි නිරත වූ උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යයන කාර්ය මණ් ඩලයෙන් තැනැත් තකුගෙන් ද; (ආ) නිල බලයෙන් පත් වන පහත දැක් වෙන සාමාජිකයන් වන -- (i) පත් කරන ලද මණ්ඩලයේ සාමාජිකයන්ගෙන්; (ii) ධීවර විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලෝ කම්වරයාගෙන්; (iii) අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන්; (iv) නියෝජ්‍යායතනයේ එක් එක් දෙපාර්තමේන්තුවල සහ අංශවල අධ්‍යක් ෂවරයන්ගෙන්; (v) පහත දැක්වෙන විෂයයන් භාර ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක් ෂවරයන්න්ගෙන් - (අ) ක්‍රම සම්පාදනය හා වැඩ පිළිවෙළවල් ; (ආ) ව්‍යාපෘතිය හා විධිමත් කිරීම; (ඇ) සංවර්ධනය; (ඈ ) ධීවරයන්ගේ ශුභ සාධනය; (ඉ) දේශීය ධීවර කර්මාන්තය ; (ඊ) වෙරළ සංරක්ෂණය; (vi) ලංකා ධීවර වරාය සංස්ථාවේ සභාපතිවරයාගෙන්; (vii ) ලංකා ධීවර සංස්ථාවේ සභාපතිවරයාගෙන්; (viii ) මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් හෝ ඒ අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඔහුගේ නියෝජිතයාගෙන්; (ix) කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ විෂයය භාර අමාත්‍ය වරයාගේ අමාත්‍යාංශයේ ලේ කම්වරයාගෙන් හෝ ඒ අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඔහුගේ නියෝජිතයාගෙන්; (x) රාජ්‍ය ආරක් ෂක විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාං ශයේ ලේකම්වරයාගෙන් හෝ ඒ අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඔහුගේ නියෝජිතයාගෙන්; (xi ) වාරිමාර්ග විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේ කම්වරයාගෙන් හෝ ඒ අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඔහුගේ නියෝජිතයාගෙන්; (xii) නාවික කටයුතු පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් හෝ එ අමාත්‍ය වරයා විසින් නම් කරනු ලබන ඔහුගේ නියෝජිතයාගෙන් ; (xiii) විදේශ කටයුතු පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් හෝ අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඔහුගේ නියෝජිතයාගෙන්; (xiv) අධ්‍යාපන විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාන්ගෙන් හෝ ඒ අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඔහුගේ නියෝජිතයාගෙන්; (xv) වන සත්ව සංරක්ෂණය පිළිබඳ විෂය භාර අමාත්‍ය වරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් හෝ ඒ අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඔහුගේ නියෝජිතයාගෙන් ද සමන්විත විය යුතුය. (3) නිරික්ෂකයන් වශයෙන් ස්වකීය රැස්වීම්වලට සහභාගි වීම සඳහා යෝග්‍ය යයි සභාව විසින් කල්පනා කරනු ලබන වෙනත් තැනැත්තන්ට සභාව විසින් ආරාධනය කරනු ලැබිය හැකි ය. (4) (2) වන උපවගන්තියේ (අ) ඡේදය යටතේ පත් කරනු ලැබූ සභාවේ සෑම සාමාජිකයකු විසින් ම, මිය යාමේ, ඉල්ලා අස්වීමේ හෝ ඉවත් කරනු ලැබීමේ හේතුවෙන් ධූරය කලින් හිස් කළහොත් මිස, අවුරුදු දෙකක කාලයක් සඳහා ධුරය දැරිය යුතු අතර, ඔහු නැවතත් පත් කරනු ලැබීමට සුදුස්සකු විය යුතුය. (5) (2) වන උපවගන්තියේ (අ) ඡේදය යටතේ පත් කරනු ලැබූ යම් සාමාජිකයකු සිය ධුර කාලය අවසන් වීමට පෙර ධුරය හිස් කරනු ලබන අවස්ථාවක, තමා අනුප්‍රාප්ත වන සාමාජිකයාගේ ධුර කාලයෙන් නොගෙවී ඇති කාලය තුළ ධුරය දැරීම සඳහා අමාත්‍යවරයා විසින් ඔහු වෙනුවට වෙනත් තැනැත්තකු පත් කරනු ලැබිය යුතු ය. 14. සභාවේ බලතල හා කාර්ය- (අ) ශ්‍රී ලංකාවේ ජලජ සම්පත් කළමනාකරණය කිරීම හා සංවර් ධනය කිරීම සම්බන්ධයෙන් වූ කරුණු පිළිබඳව අමාත්‍ය වරයාට උපදෙස් දීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම; සහ (ආ) සම්පත් කළමනාකරණ, සංවර්ධන හා පර්යේෂණ සැලසුම් පිළියෙළ කිරීම සහ අඛණ්ඩව සමාලෝචනය යටතේ තබා ගැනීම විය යුතුය. 15. (1) ධීවර විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා නිල බලයෙන් සභාවේ සභාපතිවරයා විය යුතුය. (2) සභාවේ සභාපතිවරයා සභාවේ සෑම රැස්වීමකම මුලසුන දැරිය යුතු අතර, සභාවේ යම් රැස් වීමකට සභාපතිවරයා පැමිණ නොසිටි නම්, එම රැස්වීමට පැමිණ සිටින සභාවේ සාමාජිකයන් විසින්, ඒ රැස් වීමෙහි මුලසුන දැරීම සඳහා ඔවුන්ගෙන් කෙනෙකු තෝරා පත් කර ගත යුතුය. 16. (1) සභාපතිවරයා විසින් සෑම තුන් මසකට වරක්ම සභාවේ රැස්වීමක් කැඳවිය යුතුය. (2) සභාපතිවරයා විසින්, සාමාජිකයන් අතුරෙන් එක් එක් සාමා ජිකයා වෙත යටත් පිරිසෙයින් දින දාහතරක දැනුම්දීමක් දිය යුතු අතර, ඒ රැස්වීමේ දී කරනු ලබන කටයුතු ඒ දැනුම්දීමෙහි නිශ්චිතව සඳහන් කළ යුතුය. (3) සභාවේ සාමාජිකයන් දහ දෙනකු සභාවේ විශේෂ රැස්වීමක් කැඳවන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටිනු ලැබීමෙන් පසු දින හතක් ඇතුළත සභාපතිවරයා විසින් එසේ විශේෂ රැස් වීමක් කැඳවනු ලැබිය යුතු ය. (4) සභාවේ ඒ විශේෂ රැස්වීම සම්බන්ධයෙන් යටත් පිරිසෙයින් ලියවිල්ලකින් වූ දින දෙකක දැනුම්දීමක් සභාපතිවරයා විසින් සාමාජිකයන් අතුරෙන් එක් එක් සාමාජිකයා වෙත දිය යුතු අතර ඒ රැස්වීමේ දී කරනු ලබන කටයුතු ඒ දැනුම්දීමෙහි නිශ්චිතව සඳහන් කළ යුතුය. (5 ) සභාවේ යම් රැස්වීමක ගණපූරණය සාමාජිකයන් දහ අට දෙනකු විය යුතුය. (6) සභාවේ සියලු තීරණ, හැකි තරම් දුරට සමමතියක් මගින් ගනු ලැබිය යුතු ය. (7) සමමතියකට එළඹිය නොහැකි වන අවස් ථාවක, ඒ පිළිබඳව තීරණයක් ගැනීම් සභාවේ ඊළඟ රැස්වීම සඳහා කල් දමනු ලැබිය හැකි ය. එවැනි රැස්වීමක දී එවැනි සමමතියකට එළඹිය නොහැකි වන අවස් ථාවක, ඒ පිළිබඳව ඡන්දයක් විමසනු ලැබිය යුතු අතර බහුතර ඡන්දයක් මගින් තීරණයක් ගනු ලැබිය යුතුය. ඡන්ද පිළිබඳ සමානතාවක් ඇති වූ අවස්ථාවක සභාපතිවරයාට තීරක ඡන්දයක් තිබිය යුතු ය. (8) සභාවේ සෑම රැස්වීමකම රැස්වීම් කටයුතු වාර්තා පොතක සටහන් කරනු ලැබිය යුතු අතර ඒ වාර්තාව සභාවේ ඊළඟ රැස් වීමේ දී ස්ථිර කරනු ලැබිය යුතු ය. ( 9 ) සභාව විසින්, මෙහි ඇතුළත් විධි විධාන වලට යටත්ව, ස්වකීය කාර්ය පරිපාටිය තීරණය කරනු ලැබිය හැකි ය. 17. (මෙහි මින් මතු '' කමිටුව '' යනුවෙන් සඳහන් කරනු ලබන) විද්‍යාත්මක හා හා කාර්මික කමිටුව යනුවෙන් හඳුන්වනු ලබන නියෝජ්යායතනයේ ස්ථාවර කමිටුව, පහත දැක්වෙන තැනැත් තන්ගෙන් සංස්ථාපනය විය යුතු ය:- (අ) අධ්‍යක්ෂ ජනරාල්වරයා; (ආ) 13 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (අ) ඡේදය යටතේ පත් කරන ලද සභාවේ සාමාජිකයන් ; සහ (ඇ) 13 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (ආ) ඡේදයේ (iv) සිට (ix) දක්වා වූ අනු ඡේද යටතේ ධුර දරන සභාවේ නිල බලයෙන් පත් වූ සාමාජීකයන්. 18. කමිටුවේ කාර්ය මෙසේ විය යුතු ය:- (අ) පර්යේෂණය හා සංවර්ධනය පිළිබඳව යෝජනා භාර ගැනීම් හං ඇගයීම සහ නියෝජ්‍යායතනයේ වාර්ෂික වැඩ නියමා වලිය හා අය වැය ලේඛනය සම්බන්ධයෙන් මණ් ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම, (ආ) කමිටුව වෙත ඉදිරිපත් කරන වාර්තා භාර ගැනීම හා ඇගයිම සහ අනුමත ව්‍යාපෘතීන් පිළිබඳ ප්‍රගතිය සමීක් ෂණය කිරීම සහ ඒ ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම, සහ (ඇ) අවස්ථාවෝචිත පරිදි, මණ්ඩලය විසින් හෝ සභාව විසින් කමිටුව වෙත යොමු කරනු ලබන විද්‍යාත් මක හෝ කාර්මික කරුණු සම්බන්න්ධයෙන් උපදෙස් ඉදිරිපත් කිරීම. 19. (1) අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින්, යටත් පිරිසෙයින් සෑම දෙමසකට වරක් ම කමිටුවේ රැස්වීමක් කැඳවිය යුතුය. (2) අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්, ඒ රැස්වීමට කලින්, යටත් පිරිසෙයින්, ලියවිල් ලකින් වූ දින හතක දැනුම්දීමක් එක් එක් සාමාජිකයා වෙත දිය යුතු ය. (3) කමිටුවේ රැස්වීමක ගණපූරණය සාමාජිකයන් අට දෙනකු විය යුතුය. (4) කමිටුවේ සියලු තීරණ හැකි තරම් දුරට සමමතියක් මගින් ගනු ලැබිය යුතුය. (5) කමිටුවේ සෑම රැස්වීමකම රැස්වීම් කටයුතු වාර්තා පොතක සටහන් කරනු ලැබිය යුතු අතර ඒ වාර්තාව කමිටුවේ ඊළඟ රැස් ඒමේ දී ස්ථිර කරනු ලැබිය යුතු ය. (6) කමිටුව විසින්, මෙහි ඇතුළත් විධිවිධාන වලට යටත්ව, ස්වකීය කාර්ය පරිපාටිය තීරණය කරනු ලැබිය හැකි ය. 20. මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන ආකාරයකින් අනුප්‍රමාණ අනුව මණ්ඩලයේ හා සභාවේ සාමාජිකයින්ට පරිශ්‍රමික පාරිශ්‍රමික. යන් ගෙවනු ලැබිය යුතුය. 21. මණ්ඩලයේ යම් පත් කළ සාමාජිකයකු හෝ 13 වන වගන් තියේ (2) වන උපවගන්තියේ (අ) ඡේදය යටතේ පත් කරනු ලැබූ සභාවේ සාමාජිකයකු, ස්වකීය විෂමාචාරය හෝ අශක් නුතාව හෝ අකාර්යක්ෂමතාව හේතු කොටගෙන ස්වකීය කර්තව්‍ය ඉටු කිරීමට නුසුදුසු යයි, අවස්ථාවෝචිත පරිදි, මණ්ඩලයේ හෝ සභාවේ අනික් සාමාජිකයන්ගේ බහුතරයක් විසින් සලකනු ලබන අවස්ථාවක, අවස් ථාවෝචිත පරිදි, මණ්ඩලයේ හෝ සභාවේ ඒ අනික් සාමාජිකයන්ගේ නිර්දේශය මත අමාත්‍යවරයා විසින්, ඒ සාමාජිකයා ඉවත් කරනු ලැබිය හැකි ය. 22. මණ්ඩලය විසින් සාදන ලද හෝ සාදනු ලැබීමට යෝජිත යම් ව්‍යාපෘතියක්, වෙළෙඳ ව්‍යාපාරයක් හෝ ගිවිසුමක් පිළිබඳව මූල්‍යමය වශයෙන් හෝ අන්‍යාකාරයකින් කෙලිනම හෝ අනිය මින් හෝ සම්බන්ධතාවක් දක්වන මණ්ඩලයේ හෝ සභාවේ සාමාජිකයකු විසින් අවස්ථාවෝචිත පරිදි, මණ්ඩලයේ හෝ සභාවේ රැස්වීමක දී හැකි කලිනම් වූ අවස්ථාවේ දී ස්වකීය සම්බන්ධතාවේ ස්වභාවය හෙළි දරව් කළ යුතු අතර, ඒ හෙළි දරව් කිරීම, අවස් ථාවෝචිත පරිදි, මණ්ඩලයේ හෝ සභාවේ වාර්තාවේ සටහන් කරනු ලැබිය යුතු ය. එම සාමාජිකයා විසින් ඊට පසුව, මණ්ඩලය විසින් හෝ සභාව විසින් අන්‍යාකාරයෙන් විධානය කරනු ලබන්නේ නම් මිස, ව්‍යාපෘතිය, වෙළෙඳ ව්‍යාපාරය හෝ ගිවිසුම සම්බන්ධයෙන් වූ යම් සාකච්ඡාවකට හෝ තීරණයකට සහභාගි නොවිය යුතු ය. 23. මණ්ඩලයේ හෝ සභාවේ සාමාජිකයන් අතර යම් පුරප්පාඩු වක් තිබිමේ හෝ එහි සාමාජිකයන් අතුරෙන් යමෙකු පත් කිරීමෙහි ලා යම් දෝෂයක් තිබීමේ හේතුව නිසා පමණක් මණ්ඩලයේ හෝ සභාවේ කිසිම ක්‍රියාවක් හෝ කටයුත්තක් නිර්බලවේ යයි සලකනු නොලැබිය යුතුය. 24. (1) මණ්ඩලයේ ඉල්ලීම පිට, යම් රජයේ නිලධරයකු, එම නිලධරයාගේ සහ එම නිලධරයා සේ වයෙහි නියුක්ත වී හෝ අනු යුක්ත වී සිටින අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ කැමැත්ත ඇතිව, මණ්ඩලය විසින් එවැනිම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන කාලයක් සඳහා නියෝජ්‍යායතනයේ කාර්ය මණ්ඩලයට තාවකාලි කව පත් කරනු ලැබීම හෝ එවැනිම කැමැත්ත ඇතිව ඒ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කරනු ලැබීම හෝ කළ හැකි ය. (2) (1) වන උපවගන්තියෙහි සඳහන් කරනු ලැබූ යම් රජයේ නිලධරයකු, එම උපවගන්තිය යටතේ නියෝජ්‍යායතනයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලබන අවස්ථාවක, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනා ගමන මණ්ඩල පනතේ 13(2) වන වගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ නිලධරයාට සහ ඔහු සම්බන්ධයෙන් අදාළ විය යුතුය. (3) (1) වන උපවගන්තියෙහි සඳහන් කරනු ලැබූ යම් රජයේ නිලධරයකු, එම උපවගන්තිය යටතේ නියෝජ්‍යායතනයේ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කරනු ලබන අවස් ථාවක, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනා ගමන මණ්ඩල පනතේ 13 (3) වන වගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ නිලධරයාට සහ ඔහු සම්බන්ධයෙන් අදාළ විය යුතු ය. 25. නියෝජ්‍යායතනය අල්ලස් පනතේ අර්ථානුකූලව උප ලේඛනගත ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ පනතේ විධිවිධාන ඒ අනුව තේරුම් ගත යුතු ය. 26. මණ්ඩලය විසින්, අමාත්‍යවරයාගේ පූර්ව අනුඥාව ඇතිව, නියෝජ්‍යායතනයේ උපදේ ශකවරයන් වීමට හෝ අනුශාසකයන් වීමට නැතහොත් උපදේශකවරයන් වශයෙන් හෝ අනුශාසක යන් වශයෙන් ක්‍රියා කිරීම පිණිස ආණ්ඩුවේ යම් දෙපාර්තමේන්තු වක හෝ එහි යම් ශාඛාවක හෝ යම් රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් යම් තැනැත්තකුගේ සහාය ලබා ගැනීම සහ අමාත්‍ය වරයා ගේ සහ මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව මණ්ඩලය විසින් තීරණය කරනු ලබන පාරිශ්‍රමිකයන් ගෙවීම කරනු ලැබිය හැකිය. 27. නියෝජ්‍යායතනයේ කටයුතු හා මුදල් තත්ත්වය සම්බන්ධ යෙන් අමාත්‍යවරයා විසින් කලින් කල කැඳවනු ලබන තොරතුරු මණ්ඩලය විසින් අමාත්‍යවරයා වෙත සැපයිය යුතුය: එසේ වුවද, ආණ්ඩුවේ යම් දෙපාර්තමේන්තුවක් හෝ එහි ශාඛා වක් නොවන යම් පාර්ශ්වයක් සමඟ වූ යම් එකඟවීමක් යටතේ රහස්‍ය යයි සලකනු ලැබීමට නියෝජ්‍යායතනය බැඳී ඇති තොරතුරු සම්බන්ධයෙන් වූ තොරතුරු කිසිවක් මේ වගන්තිය යටතේ හෙළි දරව් නොකළ යුතුය. 28. අමාත්‍යවරයා විසින්, මණ්ඩලයේ ලිඛිත නිරීක්ෂණ ලබා ගැනීමෙන් පසු, ජාතික හිත පිණිස වූ කරුණු පිළිබඳව මණඩලයේ බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත‍් මක කිරීම හා ඉටු කිරීම සම්බන්ධ යෙන් සාමාන්‍ය හෝ විශේෂ විධාන මණ්ඩලය වෙත ලියවිල්ලකින් දිය හැකි අතර මණ්ඩලය විසින් ඒ විධාන බලාත්මක කළ යුතු ය. 29. ( 1 ) නියෝජ්‍යායතනය විසින් නියෝජ්‍යායතනයේ ම අරමුද ලක් තබා ගැනීම හා පවත්වාගෙන යාම කරනු ලැබිය යුතු ය. (2) නියෝජ්‍යායතනයේ අරමුදලට— (අ) නියෝජ්‍යායතනයේ ප්‍රයෝජනය සඳහා පාර්ලිමේන්තුව විසින් කලින් කල සම්මත කරනු ලබන සියලු මුදල් ; (ආ) ස්වකීය බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ දී හා ඉටු කිරීමේ දී නියෝජ්‍යායතනයට ලැබෙන සියලු මුදල් ; සහ (ඇ) අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව, දේශීය හෝ විදේශීය කවර වූ හෝ ප්‍රභවයකින් පරිත්‍යාග, ත්‍යාග හෝ ප්‍රදාන වශයෙන් නියෝජ්‍යායතනයට ලැබිය හැකි සියලු මුදල් ගෙවනු ලැබිය යුතු ය. (3) ස්වකීය බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ දී හා ඉටු කිරීමේ දී නියෝජ්‍යායතනය විසින් දරන ලද වියදම් පියවීමට අවශ්‍ය සියලු මුදල් ප්‍රමාණයන් නියෝජ්‍යායතනයේ අරමුදලින් ගෙවනු ලැබිය යුතුය. 30. අරමුදලින් යම් මුදල් ආපසු ගැනීමේ සහ අරමුදලේ යම් මුදලක් ආයෝජනය කිරීමේ පිළිවෙළ හා ආකාරය, තත් කාර්යය සඳහා කලින් කළ සාදනු ලබන නියෝග අනුව මණ්ඩලය විසින් සකස් කරනු ලැබිය යුතුය. 31. (1) (අ) නියෝජ්‍යායතනයේ ආදායම හෝ ලාභ හෝ වෙනත් ලැබීම් සම්බන්ධයෙන් යම් බද්දක්; සහ (ආ) නියෝජ්‍යායතනය විසින් හෝ නියෝජ්‍යායතනය වෙනුවට හෝ නියෝජ්‍යායතනය නමින් ලියා අත්සන් කරන ලද යම් සාධන පත්‍රයක් පිළිබඳව යම් මුද්දර ගාස්තුවක් ගෙවීමෙන් නියෝජ්‍යායතනය නිදහස් කරනු ලැබිය යුතුය. (2) නියෝජ්‍යායතනය වෙත පරිත්‍යාග කරනු ලැබූ හෝ නියෝජ්‍යායතනය විසින් එහි මුදල් වලින් ආනයනය කරනු ලැබූ නැතහොත් මිළට ගනු ලැබූ යම් භාණ්ඩ එසේ පරිත්‍යාග කරනු ලැබීම හෝ ආනයනය කිරීම නැතහොත් මිලට ගැනීම නියෝජ්‍යය තනයේ අරමුණු වල අභිවර්ධනය සඳහා හිතකර වන්නේ යයි සලකනු ලැබුව හොත්, අමාත්‍යවරයා විසින් මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව එම භාණ්ඩ සම්බන්ධයෙන් යම් රේගු බද්දක් හෝ තීරු බද්දක‍් ගෙවීමෙන් නියෝජ්‍යායතනය නිදහස් කරනු ලැබිය හැකි ය. (3) නියෝජ්‍යායතනය හා වෙනත් යම් පාර්ශවකරුවකු අතර වූ යම් එකඟ වීමක අඩංගු වන්නා වූ ද, නියෝජ්‍යායතනය විසින් සලසන ලද හෝ සලසනු ලැබීමට ඇති සේවාවන් සම්බන්ධයෙන් හෝ නියෝජ්‍යායතනයේ වැඩ සඳහා ආධාරයක් වශයෙන් අන්‍යා විධිවිධාන කාරයකින් හෝ නියෝජ්‍යායතනයට ගෙවීම සඳහා සලස්වා තිබෙන්නා වූ ද යම් සාධන පත්‍රයක් ඇති අවස් ථාවක, නියෝජ්‍යායතනය හා ඒ අනෙක් පාර්ශ්වකරු යන උභය පාර්ශව යම, ඒ සාධන පත්‍රය සම්බන්ධයෙන් යම් මුද්දර ගාස්තුවක් ගෙවී මෙන් නිදහස් විය යුතු ය. (4) සලසන ලද සේවාවන් සඳහා නියෝජ්‍යායතනයට ගෙවීමක් කරන්නා වූ හෝ නියෝජ්‍යායතනයේ සාමාන්‍ය ආධාරය සඳහා දායකවීමක් වශයෙන් නියෝජ්‍යායතනයට ගෙවීමක් කරන්නා වූ හෝ යම් තැනැත්තකු විසින්, ආදායම් බදු ගෙවීමට යටත් වන ප්‍රමාණය ආගණනය කිරීමේ කාර්යය සඳහා, නියත වශයෙන්ම ඒ ගෙවීම කරන ලද වර්ෂයේ ආදායමෙන් අඩු කිරීමක් වශයෙන් ඒ ගෙවන ලද මුදල් ප්‍රමාණයට හිමිකම් ඉදිරිපත් කරනු ලැබිය හැකි ය. 32. (1) නියෝජ්‍යායතනයේ මුදල් වර්ෂය ලිත් වර්ෂය විය යුතුය. (2) නියෝජ්‍යායතනයේ ආදායම හා වියදම, වත්ත්කම් හා ණය තුරුස් සහ වෙනත් සියලු ගනු දෙනු සම්බන්ධයෙන් නිසි ගිණුම් පොත් තබා ගැනීමට මණ්ඩලය කටයුතු සැලැස් විය යුතු ය. (3) නියෝජ්‍යායතනයේ ගිණුම් විගණනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සංස්ථාවල ගිණුම් විගණනය කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස් ථාවේ 154 වන ව්‍යවස් ථාවේ විධිවිධාන අදාළ විය යුතුය. 33. (4) පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් මගින් කලින් කල තීරණය කරනු ලබන මුදලක් මගින් අපනයන තීරු බද්දක්, ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන ජලජ නිෂ්පාදිතයන් සම් බන්ධයෙන් අය කිරීම, ලබා ගැනීම හා ගෙවීම කළ යුතුය. (2) (1) වන උපවගන්තිය යටතේ කරනු ලබන යම් යෝජනා සම්මතයක්, එවැනි ම වූ යෝජනා සම්මතයක් මගින් කවර වූ හෝ අවස් ථාවක වෙනස් කිරීම හෝ පරිච්ඡින්න කිරීම කළ හැකිය. (3) මේ වගන්තිය රේගු බදු ආඥාපනතේ කොටසක් වූවාක් මෙන් එය බලාන්විත වන අතර එම ආඥාපනතේ විධිවිධාන අනුව අදාළ විය යුතු ය: එසේ වුව ද, මේ පනතින් පනවනු ලබන අපනයන තීරු බදු, එම ආඥාපනත හෝ වෙනත් යම් ලිඛිත නීතියක් මඟින් හෝ යටතේ පනවනු ලැබූ යම් අපනයන තීරු බද්දකට අතිරේකව විය යුතුය. ( 4 ) මේ පනත මගින් පනවනු ලබන අපනයන තීරු බදු මඟින් රැස් කෙරෙන මුදල් ප්‍රධාන රේගු අයකැමි විසින් නියෝජ්‍යායතනය වෙත මාසිකව ගෙවිය යුතු අතර ඒ මුදල නියෝජ්‍යායතනයේ අරමුදලට බැර කළ යුතුය. 34. නියෝජ්‍යායතනයේ නිලධරයන් විසින් පවත්වන පර්යේෂණ, අධ්‍යයන, පරීක්ෂණ, අත්හදා බැලීම් හා ' වෙනත් විමර්ශන සහ ඔවුන්ගේ ගවේෂණ හා සොයා ගැනීම් පිළිබඳ විස්තර අඩංගු වාර්තා පවත්වා ගෙන යනු ලැබීමට අධ්‍යක්ෂ ජනරාල්වරයා සැලැස්විය යුතු ය. 35. අමාත්‍යවරයා විසින්, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියම යක් මගින්, නියෝජ්‍යායතනයේ කාර්ය සඳහා යම් චංචල හෝ නිශ්චල රජයේ දේපළක සන්තකය හා පාවිච්චිය නියෝජ්‍යා යතනය වෙත පැවරීම හා සතු කිරීම කරනු ලැබිය හැකි ය: එසේ වුව ද, අමාත්‍යවරයා විසින්, මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධාන යටතේ, රජයේ යම් නිශ්චල දේපළකට බලපාන කිසිම නියමයක් ඉඩම් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත් වය නොමැතිව, නොසෑදිය යුතු ය: එසේම තවදුරටත්, අමාත්‍යවරයා විසින්, මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධාන යටතේ, රජයේ යම් චංචල දේපළකට බලපාන කිසිම නියමයක් ඒ දේපළ පාලනය කරනු ලබන අමාත්‍යවරයාගේ එකඟත් වය නොමැතිව නොසෑදිය යුතු ය. 36. නියමිත දිනට පසුව හැකි ඉක්මණින්, නියෝජ්‍යායතනයට පවරන ලැබිය යුතු යැයි අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන, යම් අංශයක් විසින් හෝ අමාත්‍යවරයා යටතේ වූ යම් රාජ්‍ය සංස්ථාවක් විසින් නැතහොත් ඒ අංශය හෝ සංස්ථාව සඳහා හෝ ඒ අංශය හෝ සංස්ථාව වෙනුවට වෙනත් යම් තැනැත්තකු විසින් කරගෙන යනු ලබන පර්යේෂණ යෝජනා ක්‍රම සියල්ල හෝ ඒවා අතුරෙන් කිසිවක්, මෙහෙයවීමේ, ඒවාට ආධාර කිරීමේ හා ඒවා දිගටම පවත් වාගෙන යාමේ වගකීම නියෝජ්‍යායතනය විසින් භාර ගනු ලැබිය යුතුය. 37. (1) නියෝජ්‍යායතනයේ යම් කාර්යයක් සඳහා යම් නිශ්චල දේපළක් අත් කර ගනු ලැබිය යුතු බවට නියමිතව ඇති සහ අමාත්‍ය වරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් යෝ ජිත අත් කර ගැනීම අනුමත කරන ලබන අවස්ස්ථාවක, එම දේ පළ පොදු කාර්යයක් සඳහා අවශ්‍යව ඇති බවට සලකනු ලැබිය යුතු අතර එය ඒ අනුව ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ අත් කර ගනු ලැබ නියෝජ්‍යායතනය වෙත පවරනු ලැබිය යුතු ය. (2) ඉඩම් අත් කර ගැනීමේ පනත යටතේ නියෝජ්‍යායතනය සඳහා යම් නිශ්චල දේපළක් අත් කර ගැනීම සඳහා ගෙවිය යුතු යම් මුදලක් නියෝජ්‍යායතනයේ අරමුදලින් ගෙවනු ලැබිය යුතු ය. 38. (1) කිසිම සිවිල් නඩුවක් හෝ අපරාධ නඩුවක් - (අ) මේ පනත යටතේ නියෝජ්‍යායතනය විසින් සද් භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි අදහස් කරනු ලබන යම් ක්‍රියා වක් සම්බන්ධයෙන් නියෝජ්‍යායතනයට විරුද්ධව; හෝ (ආ) මේ පනත යටතේ නියෝජ්‍යායතනයේ විධානය අනුව නියෝ ජ්‍යායතනයේ යම් සාමාජිකයකු, නිලධරයකු, සේවකයකු හෝ අනුයෝජිතයකු විසින් සද්භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි අදහස් කරනු ලබන යම් ක්‍රියාවක් සම්බන්ධ යෙන්, නියෝජ්‍යායතනයේ ඒ සාමාජිකයාට, නිලධරයාට, සේවකයාට හෝ අනුයෝජිතයාට විරුද්ධව පවරනු නො ලැබිය යුතු ය. (2 ) යම් අධිකරණයක් ඉදිරියේ නියෝජ්‍යායතනය විසින් හෝ නියෝජ්‍යායතනයට විරුද්ධව ගෙනෙනු ලැබූ යම් සිවිල් නඩුවක් හෝ අපරාධ නඩුවක් සම්බන්ධයෙන් නියෝජ්‍යායතනය විසින් දරනු ලැබූ යම් වියදමක් නියෝජ්‍යායතනයේ අරමුදල් වලින් ගෙවනු ලැබිය යුතු අතර එවැනි යම් සිවිල් නඩුවක් හෝ අපරාධ නඩුවක් සම්බන්ධ යෙන් නියෝජ්‍යායතනය වෙත ගෙවනු ලබන හෝ නියෝජ්‍යායතනය විසින් අය කර ගනු ලබන යම් ගාස්තු නියෝජ්‍යායතනයේ අරමුදලට බැර කරනු ලැබිය යුතු ය. (3) (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ සඳහන් යම් තැනැත් තකු විසින් මේ පනත යටතේ හෝ නියෝජ්‍යායතනයේ විධානය අනුව කරන ලද හෝ කරන ලදැයි අදහස් කරනු ලබන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් යම් අධිකරණයක් ඉදිරියේ ඔහුට විරුද් ධව ගෙනෙනු ලැබූ යම් සිවිල් නඩුවක දී හෝ අපරාධ නඩුවකදී ඔහු විසින් දරන ලද යම් වියදමක්, ඒ ක්‍රියාව සද් භාවයෙන් කරන ලද්දක් බව අධි කරණය තීරණය කළහොත්, ඒ වියදම ඔහු විසින් ඒ සිවිල් නඩුවේ දී හෝ අපරාධ නඩුවේ දී අය කර ගනු ලැබුවේ නම් මිස, නියෝජ්‍යාය තනයේ අරමුදලින් ගෙවනු ලැබිය යුතු ය. 39. නියෝජ්‍යායතනයේ කිසිම නිලධරයකු හෝ සේවකයකු විසින්, කිසිම නිලධර අධ්‍යක්ෂ පනරාල්වරයා හා මණ්ඩලය යන උභය පක්ෂයේම පූර්වකයකුට වෙනත් කැමැත්ත ලියවිල්ලකින් ලබා නොගෙන වෙනත් යම් සේවායෝජක යකු සඳහා වැටුප සහිත සේවයක නිරත නොවිය යුතුය. 40. (1) අමාත්‍යවරයා විසින්, මණ්ඩලය විමසා, මේ පනත යටතේ නියෝග සංදන ලැබිමට බලය දී ඇත්තේ හෝ නියමිතව ඇත්තේ යම් කරුණු සම්බන්ධයෙන් ද ඒ සියලු කරුණු සම්බන්ධයෙන් නියෝග සාදනු ලැබිය හැකි ය. (2) මේ පනත යටතේ අමාත්‍යවරයා විසින් සාදනු ලබන සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර, එසේ පළ කරනු ලබන දිනයෙහි හෝ ඒ නියෝගයෙහි නිශ්චිතව සඳහන් කරනු ලබන පසු දිනයක හෝ එය ක්‍රියාත්මක විය යුතුය. (3) අමාත්‍යවරයා විසින් සාදනු ලබන සෑම නියෝගයක්ම පළ කරනු ලැබූ දිනට පසු හැකි පහසු ඉක්මණින් අනුමතය සඳහා පාර්ලි මේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුය. එසේ අනුමත කරනු නොලැබූ යම් නියෝගයක්, ඒ යටතේ කලින් කරන ලද කිසිවකට හානියක් නොවන පරිදි, අනනුමතයේ දින සිට පරිච්ඡින්න වූ ලෙස සලකනු ලැබිය යුතු ය. 41. (1) මණ්ඩලය විසින්, මේ පනත මගින් රීති සාදනු ලැබීමට රීති. බලය දී ඇත්තේ හෝ නියමිතව ඇත්තේ යම් කරුණු සම්බන්ධ යෙන් ද, ඒ කරුණු සියල්ල හෝ ඒ අතුරෙන් යම් කරුණක් සම් බන්ධයෙන් රීති සාදනු ලැබිය හැකි ය. (2) මණ්ඩලය විසින්, (4) වන උපවගන්තිය යටතේ සාදනු ලබන රීතියක්, අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබ, ඒ අනු මතය පිළිබඳ නිවේදනයක් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන තෙක්, එය බලාන්විත නොවිය යුතු ය. 42. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ අර්ථ නිරූපණය පනතෙහි '' අක් වෙරළ ප්‍රදේශ '' යන්නෙන්, ජාතික රාජ්‍ය සභාවේ 1976 අංක 22 දරන සමුද්‍රිය කලාප පිළිබඳ පනතේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යට, අධිකරණ බල සීමාවට හෝ පාලනයට යටත් සියලු ප්‍රදේශ අදහස් වේ; " ජලජ නිෂ්පාදිතයන " යන්නෙන්, ශ්‍රී ලංකාව ඇතුළත හෝ ඉන් පිටත ජල මාධ්‍යය තුළින් හෝ ඊට යටින් ගනු ලැබූ පිරි සැකසුම් කළ හෝ පිරිසැකසුම් නොකළ යම් ජලජ සම්පතක් හෝ ද්‍රව්‍යයක් අදහස් වේ; “ ජලජ සම්පත් " යන්නෙන්, ජල මාධ්‍යයෙහි අඩංගු හෝ ජල මාධ්‍යයට යටින් ඇති සියලු සජීවී හා අජීවී සම්පත් අදහස් “ ජාතික ජලජ සම්පත් '' යන්නෙන්, ජල මාධ්‍යයෙහි අඩංගු හෝ ජල මාධ්‍යයට යට තිබී සොයා ගනු ලැබුවා වූ ද, ශ්‍රී ලංකාවේ ස ස්වාධිපත්‍යයට, අධිකරණ බල සීමාවට හෝ හෝ පාලනයට යටත් වන්නා වූ ද සියලු සජීවී හා අජීවී සම්පත් අදහස් වේ; " අභ්‍යන්තර ජල ප්‍රදේශ " යන්නෙන්, ජාතික රාජ්‍ය සභාවේ 1976 අංක 22 දරන සමුද්‍රීය කලාප පිළිබඳ පනත යටතේ අදාළ වන්නා වූ පාදරේඛාවල ගොඩබිම පැත්තේ පිහිටා ඇති සියලු ජල ප්‍රදේශ අදහස් වේ; '' රාජ්‍ය සංස්ථාව '' යන්නෙන්, සමාගම් ආඥාපනත යටතේ හැර වෙනත් යම් ලිඛිත නීතියක් මගින් හෝ ලිඛිත නිතියක් යටතේ පිහිටුවන ලද්දා වූ හෝ පිහිටුවනු ලබන්නා වූද, ආණ්ඩුව විසින් ප්‍රදානයක්, ණයක් වශයෙන් නැතහොත් වෙනත් ආකාරයකින් මුළු අරමුදල හෝ මුළු ප්‍රාග්ධනය නැතහොත් අරමුදලෙන් කොටසක් හෝ ප්‍රාග්ධනයෙන් කොටසක් හෝ සපයනු ලබන්නා වූ ද සංස්ථාවක්, මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් අදහස් වේ; ලංකා ධීවර සංස්ථාව '' යන්නෙන්, 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 2 වන වගන්තිය යටතේ පිහිටු වනු ලැබූ ලංකා ධීවර සංස්ථාව අදහස් වේ; ලංකා ධීවර වරාය සංස්ථාව '' යන්නෙන්, 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 2 වන වගන්තිය යටතේ පිහිටුවනු ලැබූ ලංකා ධීවර වරාය සංස්ථාව අදහස් වේ; වෙරළබඩ තෙත් බිම් " යන්නෙන්, වෙරළබඩ ලුණු වතුර, වෙරළ බඩ පිරිසිදු ජලය, වගුරු බිම් සහ මෝයවල්, කලපු භා කඩොල් මඩ වගුරු ඇතුළු මඩ තට්ටු අදහස් වේ.
51
acts_1981-09-03_Institute_of_Fundamental_Studies_Sri_Lanka_si
act
1981
18
2
0.989199
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 55 දරන ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය පනත [සහතිකය සටහන් කළේ 1981 සැප්තැම්බර් මස 03 වන දින] ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 සැප්තැම්බර් මස 64 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 55 දරන ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය පනත මූලික අධ්‍යයනය සඳහා ආයතනයක් ශ්‍රී ලංකාවෙහි පිහිටුවීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස් වීම පිණිස වූ පනතකි. ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 55 දරන ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින්, ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන (මේ පනතේ " නියමිත දිනය '' යනුවෙන් සඳහන් කරනු ලබන) දිනයක සිට එය ක්‍රියාත්මක විය යුතු ය. 1 වන කොටස ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය 2. (1) ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය යනුවෙන් හඳුන්වනු ලබන (මෙහි මින් මතු " ආයතනය " යනුවෙන් සඳහන් කරනු ලබන) ආයතනයක් පිහිටුවනු ලැබිය යුතු ය. (2) ආයතනය (1) වන උපවගන්තියෙන් ඊට දී ඇති නාමයෙන් සංස්ථාවක් බවට පත් විය යුතු ය. එයට අවිච්ඡින්න පැවැත්මක් සහ පොදු මුද්‍රාවක් තිබිය යුතු අතර එම නාමයෙන් ආයතනය විසින් නඩු පැවරීම ද ආයතනයට විරුද්ධව නඩු පවරනු ලැබීම ද කළ හැකි ය. 3. මූලික හා උසස් අධ්‍යයනය සඳහා උනන්දුවක් ඇති කිරීම හා ඒ සඳහා පහසුකම් සැලසීම ආයතනයේ අරමුණු සහ පරමාර්ථ විය යුතු අතර විශේෂයෙන් ම- (අ) ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, සමාජ විද්‍යා සහ දර්ශනය යන විෂයයන් කෙරෙහි විශේෂ අවධානයක් ඇතිව, සාමාන්‍ය වශයෙන් මූලික අධ්‍යයන පිළිබඳව පර්යේෂණ සහ මුල් විමර්ශන ආරම්භ කිරීම, වැඩි දියුණු කිරීම සහ පැවැත්ම ද; (ආ) ආයතනයේ ශාස්ත්‍රීය වැඩ කටයුතු ඉදිරියට ගෙන යනු පිණිස සහ විද්‍යා දැනුම ව්‍යාප්ත කරනු පිණිස දේශන, රැස්වීම්, සම්මන්ත්‍රණ සහ සාකච්ඡා සමුළු, සංවිධාන කිරීම ද; (ඇ) ශ්‍රී ලංකාව ඇතුළත සහ විදේශවල නිර්මාණාත්මක කාර්ය යන්හි නිරතව සිටින විද්‍යාඥයින්ට දේශන පැවැත් වීමට සහ ආයතනයේ කටයුතුවලට සහභාගිවීමට ඇරයුම් කිරීම ද; (ඈ) වෙනත් රටවල විද්‍යා කටයුතු වල නියුක්ත තැනැත්තන් සහ විද්‍යා ආයතන සමග සබඳතා ඇති කර ගැනීම සහ පවතවාගෙන යාමි ද ආයතනයේ අරමුණු සහ පරමාර්ථ වලට අදාළ කරුණු සම්බන්ධයෙන් අන්තර් ජාතික සහයෝගිතාව ඇති කිරීම ද; (ඉ) ආයතනයේ අරමුණු හා පරමාර්ථ මුදුන්පත් කිරීම සඳහා අවශ්‍ය වන වෙනත් ක්‍රියා හා දේ කිරීම ද එකී අරමුණු සහ පරමාර්ථ විය යුතුය. 4. ස්වකීය අරමුණු සහ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමේ ලා අවශ්‍ය වන බලතල සහ අයිතිවාසිකම් ආයතනයට තිබිය යුතු අතර, එය විසින් විශේෂයෙන් ම- (අ) ආයතනයේ කටයුතු කළමනාකරණය පිළිබඳව රීති සෑදීම ද; (ආ) මූලික සහ උසස් අධ්‍යාපනයන් සඳහා මහාචාර්ය පදවි, සාමාජිකත්ව සහ පර්යේෂණ අධි සාමාජිකත්ව ස්ථාපනය කිරීම සහ තෑගි සහ පදක් කම් පිරිනැමීම ද; (ඇ) මූලික සහ උසස් අධ්‍යයනයන් සඳහා පුස්තකාල සහ විද්‍යාගාර ඉදිකිරීම, ඒවාට උපකරණ සැපයීම සහ ඒවා පවත්වාගෙන යැම සහ වෙනත් සේවා සැලසීම ද; (ඈ) මිල දී ගැනීමෙන්, ප්‍රදානයක් වශයෙන්, ත්‍යාගයක් වශයෙන්, තෙස් තමේන්තු නියාදනයකින් හෝ අන්‍යාකාරයකින් ආයතනය වෙත පැවරෙන කවර හෝ චංචල හෝ නිශ්චල දේපළක් භාර ගැනීම සහ දැරීම ද, ආයතනයේ රීති වලට යටත්ව, ඒ දේ පළ විකිණීම, පවරාදීම, හුවමාරු කිරීම හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීම ද; (ඉ) මූලික හා උසස් අධ්‍යාපනයන් සඳහා දිරිගැන්වීමට පර්යේෂණ අරමුදලක් පිහිටුවීම ද; (ඊ) ආයතනයේ පරමාර්ථවලට මුළුමනින්ම හෝ අර්ධ වශයෙන් හෝ සමානු පරමාර්ථ ඇති සහ ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයක පිහිටි අධ්‍යාපනික හෝ වෙනත් ආයතන සමඟ පුද්ගලයන් සහ ශිෂ්‍යයන් හුවමාරු කර ගැනීම සඳහා සහ සාමාන්‍ය යෙන් ඔවුන්ගේ පොදු පරමාර්ථවලට හිතකර වන කාර්ය සඳහා සහයෝගිතා ගිවිසුම්වලට ඇතුළත් වීම ද; (උ) ආයතනයේ කාර්ය මණ්ඩලයට පත් කිරීම් කිරීම ද; (ඌ) පහසුවෙන් ආයතනයේ අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම පිණිස හා එහි කර්තව්‍ය කර ගෙන යාම පිණිස ආයතනයේ මතය අනුව අවශ්‍ය වෙනත් සියලු ක්‍රියා හෝ දේවල් ද කළ හැකිය. I1 වන කොටස ආයතනයේ බලධරයෝ 5. පාලක මණ්ඩලය සහ ශාස්ත්‍රීය සභාව ආයතනයේ බලධරයෝ ආයතනයේ වන්නාහ. 6. (1) (මෙහි මින් මතු " මණ්ඩලය '' යනුවෙන් සඳහන් කරනු පාලක ලබන) මෙහි පහත දැක්වෙන සාමාජිකයන්ගෙන් සමන්විත වන පාලක මණ්ඩලයක් මගින් ආයතනය පාලනය කරනු ලැබිය යුතු (i) ලංකා ජනරජයේ ජනාධිපතිවරයා.; ඔහු මණ්ඩලයේ සභාපතිවරයා විය යුතු ය; (ii) අග්‍රාමාත්‍යවරයා; (iii) පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා; (iv) ආයතනයේ අධ්‍යක්ෂවරයා ; (v) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා; (vi) ශාස්ත්‍රීය සභාව විසින් එහි සාමාජිකයන් අතුරින් තෝරා පත් කරනු ලබන තැනැත්තන් තුන් දෙනෙක්; ඒ එක් එක් තැනැත්තා තුන් වර්ෂයක් ගත වීම හෝ ඔහු ශාස්ත්‍රීය සභාවේ සාමාජිකයකු වීම අවසන් වීම යන දින දෙකින් කලින් එළඹෙන දිනය දක්වා ධුරය දැරිය යුතු ය; තවද (vii ) ජනාධිපතිවරයාගේ මතය අනුව, ආයතනයේ වැඩ වලට අදාළ විශේෂ සුදුසුකම් දරන තැනැත්තන් අතුරෙන් ජනාධිපති වරයා විසින් තුන් වර්ෂයක කාලයක් සඳහා පත් කරනු ලබන වෙනත් තැනැත්තන් හතර දෙනෙක්. (2) (1) (vi) වන උපවගන්තිය යටතේ තෝරා පත් කරන ලද සාමාජිකයකු මිය යාම, ඉල්ලා අස්වීම, ශාස්ත්‍රීය සභාවේ ධුරය අවසන් වීම හෝ එයින් ඉවත් කිරීම මඟින් ධුරය හිස් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවන පුරප්පාඩුවක්, ශාස්ත්‍රීය සභාව විසින් එහි සාමා ජිකයකු තෝරා පත් කිරීමෙන් පුරවනු ලැබිය යුතු අතර එසේ තෝරා පත් කරනු ලැබූ තැනැත්තා විසින් ඔහුගේ පූර්වගාමියාගේ ධුර කාල යෙන් නොගෙවී ඉතිරිව ඇති කාලය තුළ ධුරය දැරිය යුතුය. (3) ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ සාමාජිකයකු මිය යාම, ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම මගින් ඇති වූ පුරප්පාඩුවක් ජනාධිපතිවරයා විසින් පුරවනු ලැබිය යුතු ය. පුරප්පාඩුවක් පිරවීම සඳහා එසේ පත් කරනු ලැබූ යම් තැනැත්තකු විසින් ඔහුගේ පූර්ව ගාමීයාගේ ධුර කාලයෙන් නොගෙවී ඉතිරිව ඇති කාලය තුළ ධුරය දැරිය යුතුය. (4) (1) (vi) වන උපවගන්තිය යටතේ ශාස්ත්‍රිය සභාව විසින් තෝරා පත් කරන ලද හෝ (4) (vii) වන උපවගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ හෝ සාමාජිකයකු විසින්, කවර වූ හෝ අවස්ථාවක, ජනාධිපතිවරයා ආමන්ත්‍රිත ලිපියක්' මඟින් සිය ධුරයෙන් ඉල්ලා අස්විය හැකි අතර, ඒ ඉල්ලා අස්වීම පිළිගනු ලැබූ බව, ජනාධිපතිවරයා විසින් ඒ සාමාජිකයා වෙත ලිය විල්ලකින් දන්වා යවන තුරු ඒ ඉල්ලා අස්වීම බලාන්විත නොවිය යුතුය. (5) (1) (vi) වන උපවගන්තිය යටතේ ශාස්ත්‍රීය සභාව විසින් තෝරා පත් කරන ලද හෝ () (vii) වන උපවගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ සාමාජිකයකුට, අසනීපවීම, බෙලහීනතාව හෝ ශ්‍රී ලංකාවෙන් බැහැර වී සිටීම හේතු කොට ගෙන, මාස තුනකට නොඅඩු කාලයක්, සිය ධුරයේ කටයුතු කිරීමට තාව කාලික වශයෙන් නොහැකි වන අවස් ථාවක, ජනාධිපතිවරයා වෙත ලියවිල්ලකින් දැනුම් දීම එ් සාමාජිකයාගේ යුතුකම විය යුතුය. ජනාධිපතිවරයා විසින්, (1) (vii) වන උපවගන්තියේ විධිවිධාන පිළිබඳව සැලකිල්ලක් දක්වමින් ඔහුගේ ස්ථානයේ වැඩ බැලීම සඳහා වෙනත් තැනැත්තකු පත් කරනු ලැබිය හැකි ය. (6) ජනාධිපතිවරයා විසින් මේ වගන්තිය යටතේ පත් කරනු ලැබූ සාමාජිකයකු හේතු දැක්වීමක් නොමැතිව ජනාධිපතිවරයා විසින් ඕනෑම අවස්ථාවක, ඉවත් කරනු ලැබිය හැකි අතර එම ඉවත් කිරීම පිළිබඳව කවර හෝ අධිකරණයක දී ප්‍රශ්න නොකළ යුතුය. 7. (1) සභාපතිවරයා විසින් හෝ ඔහු නොමැති විටක, අග්‍රාමාත්‍ය වරයා විසින් හෝ ඒ දෙදෙනාම නොමැති විටක, විරුද්ධ පක්ෂයේ නායකයා විසින් හෝ ඒ තිදෙනාම නොමැති විටක, මණ්ඩලයේ යම් රැස්වීමක දී පැමිණ සිටින සාමාජිකයන් විසින් තෝරා ගනු ලබන සාමාජිකයකු විසින් හෝ ඒ රැස්වීමේ මුලසුන දැරිය යුතුය. (2 ) අවශ්‍ය යයි මණ්ඩලය සලකන කවර හෝ අවස් ථාවක, මණ්ඩලය රැස්විය යුතු ය. (3) මණ්ඩලයේ රැස්වීමක ගණ පූරණය සාමාජිකයන් පස් දෙනකු විය යුතු ය. (4) මණ්ඩලයේ කටයුතු කරගෙන යාම පිළිබඳ කාර්ය පටිපාටිය සඳහා මේ පනතේ විධිවිධානවලට යටත්ව මණ්ඩලය විසින් රීති සෑදිය හැකි ය. (5) මණ්ඩලයේ සාමාජිකයන්ගේ යම් පුරප්පාඩුවක් තිබීමේ හෝ එහි යම් සාමාජිකයකු පත් කිරීමෙහිලා යම් දෝෂයක් තිබීමේ හෝ හේතුව නිසාම පමණක් මණ්ඩලයේ යම් ක්‍රියාවක් හෝ කටයුත්තක් නිර්බල ලෙස නොසැලකිය යුතුය. (6 ) අවශ්‍ය යයි ජනාධිපතිවරයා සලකන තැනැත්තන් විමසා, ජනාධිපතිවරයා තීරණය කරන දීමනා සහ වෙනත් පාරිශ්‍රමික මණ්ඩලයේ සාමාජිකයන්ට ගෙවනු ලැබිය යුතුය. 8. (1) මණ්ඩලය විසින් ආයතනයට ලේකම්වරයකු පත් කළ යුතුය. මණ්ඩලය විසින් ලේකම්වරයාගේ බලතල, කර්තව්‍ය සහ කාර්ය මේ පනතේ විධිවිධාන වලට හා ආයතනයේ රීති වලට යටත් ව නිශ්චය කළ යුතුය. (2) මණ්ඩලයේ ලේඛන සහ ආයතනයේ දේපළ පිළිබඳ භාර කාරත්වය සම්බන්ධයෙන් ලේකම්වරයා වගකිව යුතුය. (3) ලේකම්වරයා නිල බලයෙන් මණ්ඩලයේ ලේකම්වරයා විය යුතුය. (4) මණ්ඩලයේ සභාපතිවරයාගේ විධානයට හා පාලනයට යටත් ව ආයතනයේ සාමාන්‍ය පරිපාලනය සහ ශාස්ත්‍රීය නොවන කාර්ය මණ්ඩලයේ විනය පාලනය සම්බන්ධයෙන් ලේකම්වරයා වගකිව යුතුය. 9. මේ පනතේ විධිවිධානවලට සහ ආයතනයේ රීති වලට යටත්ව, ආයතනයේ ආයතනයේ පහත දැක්වෙන බලතල සහ කාර්ය, පාලක මණ්ඩලය වෙත පැවරෙන්නේය:- (අ) ආයතනයේ දේපළ සහ අරමුදල් සතුව සිටීම, පාලනය කිරීම හා පරිපාලනය කිරීම; (ආ) ආයතනය සඳහා නිල ලාංඡනයක් තෝරා ගැනීම සහ ආයතනයේ ආකෘති තීරණය කිරීම, ආයතනයේ පොදු මුද්‍රාවෙහි භාරකාරත්වය සඳහා විධිවිධාන සැලැස්වීම සහ එහි භාවිතය මෙහෙයවීම; (ඇ) ආයතනයට සම්බන්ධ සියලු කරුණු මේ පනතට හා ආයත නයේ රීති වලට අනුකූලව විධිමත් කිරීම හා තීරණය කිරීම; (ඈ) ශාස්ත්‍රීය සභාවේ නිර්දේශ සළකා බැලීමෙන් පසුව - (i) මහාචාර්ය ධුර, සාමාජිකත්ව සහ අධි සාමාජිකත්ව ඇති කිරීම, අහෝසි කිරීම හෝ අත් හිටුවීම; සහ (ii ) ඒ තනතුරුවලට පත් කිරීම සඳහා නියමිත සුදුසුකම් තීරණය කිරීම හා ඒ තනතුරු දරන්නන්ට ගෙවිය යුතු පඩිනඩි තීරණය කිරීම; (ඉ) නිශ්චිත කාර්ය සඳහා වියදම් කිරීමට ආයතනයට ඇති මුදල් පරිපාලනය කිරීම; (ඊ) ආයතනයට යම් දේපළක් රිස්ථවරණය කළ විට, පරිත්‍යාග කළ විට සහ ප්‍රදානය කළ විට එය භාරගැනීම සහ පිළිගැනීම; (උ) ආයතනයේ වාර්ෂික වාර්තාව, වාර්ෂික ගිණුම් සහ මුදල් ඇස්තමේන්තු සලකා බැලීම සහ ඒ වාර්තාව, ගිණුම් සහ ඇස්තමේන්තු, ගැසට් පත්‍රයෙහි පළ කිරීම; (ඌ) ආයතනයේ කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය ගොඩ නැගිලි, භූමිභාග, ලී බඩු, උපකරණ හා වෙනත් ද්‍රව්‍ය සැපයීම; සහ (එ) ආයතනය වෙනුවෙන් ගිවිසුම් වලට ඇතුළත් වීම, ගිවිසුම් ක්‍රියාත්මක කිරීම, ගිවිසුම් වෙනස් කිරීම හෝ අවලංගු කිරීම සහ ප්‍රයෝජනයට නොයොදා ඇති යම් ආදායමක් ද ඇතුළුව, ආයතනයට අයත් මුදල්, භාර ආඥාපනතේ 20 වන වගන්තියේ විධිවිධාන යටතේ හෝ වෙනත් ලිඛිත නීතියක විධිවිධාන යටතේ හෝ භාරකාර මුදල් නීත්‍යනුකූලව ආයෝජනය කළ හැකි යම් සුරැකුම්පතක ආයෝජනය කිරීම, හෝ ශ්‍රී ලංකාව තුළ නිශ්චල දේපළ මිළට ගැනීම සඳහා එකී යම් මුදලක් ආයෝජනය කිරීම හෝ ඒ ආයෝජන වෙනස් කිරීම හෝ ඒ මුදල් වලින් වියදම් සඳහා වහාම අවශ්‍ය නොවන යම් කොටසක්, යම් බැංකුවක ස්ථිර තැන්පත් මුදලක ලෙස තැන්පත් කිරීම: එසේ වුව ද යම් ශාස්ත්‍රීය කරුණක් සම්බන්ධයෙන් වූ යම් යෝජනාවක් පිළිබඳව ශාස්ත්‍රීය සභාවේ නිර්දේශය වාර්තා කොට, මණ්ඩලය වෙත යැවීමට අවස් ථාවක් ශාස්ත්‍රීය සභාවට පළමුව ලැබී තිබේ නම් මිස, ඒ යෝජනාව මණ්ඩලය විසින් සම්මත නොකළ යුතුය. මේ වගතියෙහි ශාස්ත්‍රීය කරණක් '' යන්නෙන්, ශාස්ත්‍රීය සභාවේ පාලනයට හා සාමාන්‍ය විධානයට යටත් කවර හෝ කරු ණක් අදහස් වේ. 10. (1) (මෙහි මින් මතු සභාව " යනුවෙන් සඳහන් කරනු ලබන) ආයතනයේ ශාස්ත්‍රීය සභාව, පහත සඳහන් තැනැත්තන් ගෙන් සමන්විත විය යුතු ය (අ) ආයතනයේ අධ්‍යක්ෂවරයා (නිල බලයෙන්) සභාපති වරයා විය යුතුය; (ආ) ආශ්‍රිත අධ්‍යක් ක්ෂවරයන් සහ නියෝජ්‍ය අධ්‍යක් ෂවරයන් පත් කරනු ලැබ තිබේ නම්, එම අධ්‍යක්ෂවරයෝ (නිල බලයෙන්); (ඇ) ආයතනයේ ස්ථිර මහාචාර්යවරයෝ; (ඈ) ආයතනයේ ස්ථිර සාමාජිකයෝ; (ඉ) ආයතනයේ පර්යේෂණ අධි සාමාජිකයන් විසින් නමින් අතුරෙන් තෝරා පත් කර ගනු ලබන සාමාජිකයන දෙදෙනෙක්; සහ (ඊ) එක් විශ්ව විද්‍යාලයකින් දෙදෙනෙකුට වැඩි නොවන සේ. ශ්‍රී ලංකාවේ එක් එක් විශ්ව විද්‍යාලයේ මණ්ඩලය විසින් නම් කරනු ලබන නියෝජිතයන්. ( 2) අවශ්‍ය කවර හෝ අවස් ථාවක ද වර්ෂයකට යටත් පිදී සෙයින් දසවතාවක් ද සභාව රැස්විය යුතු ය. (3) සභාවේ කටයුතු කරගෙන යාමේ කාර්ය පටිපාටිය සදහ. මණ්ඩලය විසින් රීති සෑදිය හැකිය. 11. මේ පනතේ විධිවිධාන වලට සහ ආයතනයේ රීති වලට යටත්ව, ශාස්ත්‍රීය සභාව විසින් - (අ) ආයතනයේ උපදෙස් දීම, අධ්‍යාපන, පර්යේෂණ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් පාලනය කිරීම මෙහෙය වීම; (ආ) 6 (1) (vi) වන වගන්තියේ සඳහන් සාමාජිකයන් තිදෙනා මණ්ඩලයට තෝරා පත් කරනු ලැබිය යුතු අතර සභාව විසින් සුදුසු යයි අදහස් කරනු ලබන්නේ නම්, කවර වූ හෝ අවස්ථාවක, ඔවුන් සියලු දෙනම හෝ ඔවුන්ගෙන් කවරකු හෝ ඉවත් කිරීම නිර්දේශ කිරීම; (ඈ) ආයතනයේ අධ්‍යක්ෂවරයා, ආශ්‍රිත අධ්‍යක්ෂවරයන්, නියෝජ්‍ය අධ්‍යක් ක්ෂවරයන්, මහාචාර්යවරයන්, බාහිර මහාචාර්යවරයන් සහ සාමාජිකයින් පත කිරීම පිළිබඳව මණ්ඩලයට නිර්දේශ කිරීම; (ඈ ) අධ්‍යක්ෂ තනතුර පුරප්පාඩු වූ අවස්ථාවක අධ්‍යක් ෂවරයා පත් කිරීම පිළිබඳව මණ්ඩලයට නිර්දේශ කිරීම සහ ඔහු ඉවත් කිරීම අවශ්‍ය යයි සභාව සලකන්නේ නම් එසේ ඉවත් කරන ලෙස නිර්දේශ කිරීම ද; (ඉ) සියලුම ශාස්ත්‍රීය කරුණු සහ ඒවාට සම්බන්ධ කරුණු පිළිබඳව මණ්ඩලයට උපදෙස් දීම; (ඊ) ආයතනයේ අධ්‍යයන අංශය සම්බන්ධයෙන් මණ්ඩලයට උපදෙස් දීම; සහ (උ) මේ පනත්තේ විධිවිධාන වලට අනුව වෙනත සියලු කරුණු පිළිබඳව සභාවේ නිර්දේශය විමසන ලද අවස්ථාවක, ඒ කරුණු පිළිබඳව නිර්දේශ කිරීම කරනු ලැබිය යුතුය. 111 වන කොටස ආයතනයේ අංශු සහ ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය 12. ශාස්ත්‍රිය සභාවේ උපදෙස් අනුව මණ්ඩලය විසින් තීරණය කරනු ලබන, (මෙහි මින් මතු, " අංශ " යනුවෙන් සඳහන් කරනු අංශ. ලබන) අධ්‍යයන අංශ වලින් ආයතනය සංයුක්ත විය යුතුය. 13. එක් එක් අංශයේ ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය මෙහි පහත සඳහන් තැනැත්තන්ගෙන් සමන්විත විය යුතු ය: (අ) මහාචාර්යවරු, (ආ) සාමාජිකයෝ, (ඇ) පර්යේෂණ අධි සාමාජිකයෝ. 14. තමාගේ වෙනත් කාර්යන්ට අතිරේකව අධ්‍යක් ෂවරයා විසින් අංශයක මහාචාර්යවරයා ලෙස ද කටයුතු කළ හැකි ය. 15. ආයතනයේ ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය අධ්‍යක්ෂවරයා - ගෙන් ද සියලුම අංශවල මහාචාර්යවරයන්, සාමාජිකයන් පර්යේෂණ අධි සාමාජිකයන්ගෙන් ද සමන්විත විය යුතුය. 16. මහාචාර්යවරයන ගණ දෙකකට අයත් වන්නාහ; එනම් :- (අ) ස්ථිර මහාචාර්යවරයෝ; සහ (ආ) බාහිර මහාචාර්යවරයෝ. 17. සාමාජිකයන් ගණ හතරකට අයත් වන අතර මෙහි මින් මතු විධිවිධාන සලසා ඇති ආකාරයට ඔවුන් පත් කරනු ලැබීම හෝ ඇතුළත් කරගනු ලැබීම හෝ කළ යුතු ය:- (අ) ආයතනයේ ස්ථිර ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් පත් කරනු ලබන ස්ථිර සාමාජිකයෝ ; (ආ) ආයතනයේ බාහිර ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලයේ සාමාජික යන් වශයෙන් පත් කරනු ලබන බාහිර සාමාජිකයෝ; (ඇ) ශ්‍රී ලංකාවේ හෝ විදේශයක ආයතන වලට අයත් තැනැත් තන් වන්නා වූ සහ ආයතනයේ ආශ්‍රිත සාමාජිකයන් වශයෙන් ඇතුළත් කර ගනු ලබන්නා වූ ආශ්‍රිත සාමාජිකයෝ ; සහ (ඈ) ආයතනයේ තාවකාලික ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන වශයෙන් ඇතුළත් කරගනු ලබන්නා වූ තැනැත්තන් වන තාවකාලික සාමාජිකයෝ. 18. පර්යේෂණ අධි සාමාජිකයන් ගණ දෙකකට අයත් වන් නාහ; එනම් :-- (අ) ජ්‍යෙෂ්ඨ පර්යේෂණ අධි සාමාජිකයෝ; සහ (ආ) කණිෂ්ඨ පර්යේෂණ අධි සාමාජිකයෝ. IV වන කොටස ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය සහ වෙනත් කාර්ය මණ්ඩල පත් කිරීම හා ඔවුන්ගේ විනය පාලනය සහ වෙනත් කරුණු 19 (1) ආයතනයේ ප්‍රථම අධ්‍යක්ෂවරුයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු ය. ඉන් පසුව කෙරෙන එවැනි පත් වීම් ශාස්ත්‍රීය සභාවේ නිර්දේශ ද සැලකිල්ලට ගැනීමෙන් පසුව මණ්ඩලය විසින් කරනු ලැබිය යුතුය. (2) අධ්‍යක් ෂවරයා ආයතනයේ පූර්ණ කාලීන නිලධරයකු විය යුතුය. ශාස්ත්‍රීය සභාවේ තීරණයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධ යෙන් ඔහු වග කිවයුතු අතර මණ්ඩලය විසින් ඔහු වෙත පවරනු ලබන වෙනත් කර්තව්‍යයන් ද ඔහු ඉටු කළ යුතු ය. (3) ආශ්‍රිත අධ්‍යක් ෂවරයන් නියෝජ්‍ය අධ්‍යක් ෂවරයන් සිටින්නේ නම්, ඔවුන්, ශාස්ත්‍රීය සභාවේ නිර්දේශ ද සැලකිල්ලට ගැනීමෙන් පසුව මණ්ඩලය විසින් පත් කරනු ලැබිය යුතුය. 20. (1) ශාස්ත්‍රීය සභාවේ නිර්දේශ ද සැලකිල්ලට ගැනීමෙන් පසුව, මණ්ඩලය විසින් මහාචාර්යවරයන් සහ සාමාජිකයන් පත් කිරීම කළ යුතුය. (2) අධ්‍යක් ෂවරයා විසින් මහාචාර්යවරයා හෝ අදාළ අංශයේ ප්‍රධානියා හෝ විමසා, පර්යේෂණ අධි සාමාජිකයන් පත් කළ හැකි ය. එවැනි සියලු පත් කිරීම් පිළිබඳව මණ්ඩලයට වාර්තා කළ යුතුය. (3) මණ්ඩලය විසින්, ආයතනයේ අධ්‍යක් ක්ෂවරයන්ගේ, ආශ්‍රිත අධ්‍යක්ෂවරයන්ගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂවරයන්ගේ, මහා චාර්ය වරයන්ගේ, සාමාජිකයන්ගේ සහ පර්යේෂණ අධි සාමාජිකයන්ගේ වරප්‍රසාද නිශ්චය කරන රීති සාදනු ලැබිය හැකිය. 21. අවශ්‍ය යයි මණ්ඩලය විසින් සලකනු ලැබිය හැකි පරිදි, වෙනත් යම් නිලධරයන් සහ සේවකයන්, මණ්ඩලය විසින් ආයතනයේ කාර්ය මණ්ඩලයට පත් කළ හැකිය. 22. මේ පනතේ වෙනත් විධිවිධාන වලට යටත් ව, මණ්ඩලය විසින්- (අ) ආයතනයේ ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය ඇතුළුව කාර්යය මණ්ඩලය පහ කිරීම සහ ඒ කාර්ය මණ්ඩලය පිළිබඳ විනය පාලනය ක්‍රියාත්මක කිරීම; (ආ) ඒ කාර්ය මණ්ඩලයේ පඩි හෝ වැටුප් හෝ වෙනත් පාරිශ්‍රමිකයන් නියම කිරීම; සහ (ඇ) ඒ කාර්ය මණ්ඩලයේ නියම හා කොන්දේසි තීරණය කිරීම කරනු ලැබිය හැකිය: එසේ වුව ද, ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලයේ යම් සාමාජිකයකු, බරපතල ලෙස රාජකාරී පැහැර හැරීම නිසා හෝ චරිත දූෂණය නිසා හෝ ලිඛිතව වාර්තාගත කළ යුතු වෙනත් සුදුසු හා ප්‍රමාණවත් හේතු නිසා හෝ රැස්වීමක දී මණ්ඩලයේ සාමාජිකයන්ගෙන තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් වූ තීරණයකින් පමණක් මගින් මිස, සේවයෙන් පහ කළ නොහැකි ය. 23. 21 වන සහ 22 වන වගන්තිවල සඳහන් සියලුම කරුණු හෝ ඉන් යම් කරුණක් හෝ සඳහා මේ පනත යටතේ රීති සෑදිය 24. (1) මණ්ඩලයේ ඉල්ලීම පිට, රජයේ සේවයේ නියුක්ත යම් නිලධරයකු, ඒ නිලධරයාගේ සහ රාජ්‍ය පරිපාලනය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ කැමැත්ත ඇතිව ඒ මණ්ඩලය විසින්, එවැනි ම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලැබිය හැකි කාල සීමාවන් සඳහා, මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කිරීම හෝ එවැනිම කැමැත්ත ඇතිව ඒ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කිරීම හෝ කරනු ලැබිය හැකිය. (2) මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත කරනු ලැබූ, රජයේ සේවයේ යම් නිලධරයකු සම්බන්ධයෙන්, 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනතේ 13 (2) වන වග තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිත ව, අදාළ විය යුතු අතර, ඒ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කරනු ලැබූ රජයේ සේවයේ නිල ධරයන් සම්බන්ධයෙන්, ඒ පනතේ 13 (3) වන වගන්තියේ විධි විධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අදාළ විය යුතුය. (3) නිශ්චිත කාල සිමාවක ආණ්ඩුවට සේව කිරීමට එකඟ වන ගිවිසුමකට ආණ්ඩුව සමග එළඹ ඇති යම් තැනැත්තකු මණ්ඩලය විසින් සේවයෙහි යොදවනු ලැබූ අවස්ථාවක, එ තැනැත මණ්ඩලය යටතේ සේවය කරන යම් කාලසීමාවක් එ ගිවිසුමේ බැඳීම් ඉටු කිරීමේ කාර්යය සඳහා, ආණ්ඩුවට කරනු ලබන සේවයක් ලෙස සැලකිය යුතුය. (4) මණ්ඩලයේ ඉල්ලීම පිට පළාත් පාලන සේවයේ හෝ යම් පළාත් පාලන ආයතනයක යම් නිලධරයකු හෝ සේවකයකු අවස්ථාවෝචිත පරිදි ඒ නිලධරයාගේ හෝ සේවකයාගේ සහ පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලයේ හෝ ඒ පළාත් පාලන ආයතනයේ කැමැත්ත ඇතිව, මණ්ඩලය විසින්, එවැනි ම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන කාලසිටාවක් සඳහා, මණ්ඩල යෙ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කිරීම හෝ මණ්ඩලය සහ ඒ කොමිෂන් සභාව හෝ පළාත් පාලන ආයතනය එකඟ වන විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක අරමුදල් අයිතිවාසිකම් පිළිබඳ කොන්දේසි හා නියමයන් ද ඇතුළු නියමයන් හා කොන්දේසි මත, මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට එවැනි කැමැත්ත ඇතිව ස්ථිරව පත් කිරීම හෝ කරනු ලැබිය හැකි ය. (5) රජයේ සේවයේ යම් නිලධරයකු හෝ පළාත් පාලන සේවයේ හෝ යම් පළාත් පාලන ආයතනයක නිලධරයකු හෝ සේවකයකු මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබූ අවස්ථාවක, ඔහු ඒ කාර්ය මණ්ඩලයේ සෙසු කවර හෝ සාමාජිකයක යටත් වන විනය පාලනයට ම යටත් විය යුතුය. (6) මේ වගන්තිය යටතේ පත් කරනු ලැබූ යම් තැනැත්තකුගේ මණ්ඩලයේ කාර්ය මණ්ඩලය යටතේ වූ සේවා නියුක්තිය. ජනාධිපතිවරයාගේ ලියවිල්ලකින් වූ පූර්ව අනුමතය ඇතිව මිනී. අවසන් නො කළ යුතු ය. V වන කොටස මූලික අධ්‍යයන ආයතන අර්ථ සාධක අරමුදල 25. (මෙහි මින් මතු " අරමුදල " යනුවෙන් සඳහන් කරනු ලබන) " මූලික අධ්‍යයන ආයතන අර්ථසාධක අරමුදල '' යනුවෙන් නම් කරනු ලබන හා හඳුන්වනු ලබන අරමුදලක් මණ්ඩලය විසින් පිහිටු විය යුතුය. 26. අර්ථසාධක අරමුදල පාලනය කිරීම සඳහා ද පරිපාලනය කිරීම සඳහා ද කළමනාකරණය කිරීම සඳහා ද අර්ථසාධක අරමුදලට ආනුෂංගික හෝ සම්බන්ධ සියලු කරුණු සඳහාද මණ්ඩලය විසින් රීති සාදනු ලැබිය හැකි ය. 27. (1) ආයතනය විසින් සේ වයෙහි නියුක්ත කරනු ලැබ සිටින සෑම මහාචාර්යවරයකුම, සාමාජිකයකුම, අධිසාමාජිකයකුම, නිලධර යකුම හා සේ වකයකුම විසින්, තමා සේවයේ නියුක්ත කරනු ලැබූ දිනයෙහි සිට, තමාගේ ඉපයීම් වලින් සියයට දහයක ප්‍රමාණයකට සමාන මුදලක්, මාස් පතා තමාගේ වැටුපෙන් කරනු ලබන සමාන අඩු කිරීම් මගින්, අරමුදලට දායක මුදල් වශයෙන් ගෙවිය යුතුය; තවද, ඒ සමගම, ඊට අතිරේකව, ඒ සෑම දායකයකුගේ ම ඉපැයීම් වලින් සියයට පහළොවකට සමාන මුදලක් හෝ මණ්ඩලය විසින් නිශ්චය කරනු ලැබිය හැකි ප්‍රමාණයක මුදලක් ඒ දායකයා වෙනු වෙන අරමුදලට දායක මුදල් වශයෙන් ආයතනය විසින් අරමුදලින්, ගෙවිය යුතු ය. (2) ලේකම්වරයා විසින් අරමුදල සඳහා පොදු ගිණුමක් ද අර මුදලේ එක් එක් දායකයා වෙනුවෙන් වෙනම ගිණුමක් ද විවෘත කොට, පවත්වා ගෙන යා යුතු ය. දායකයකු විසින් අර්ථ සාධක අරමුදලට ගෙවනු ලබන සියලු දායක මුදල් ද ඒ දායකයා වෙනුවෙන් ආයතනය විසින් අරමුදලට ගෙවනු ලබන සියලු දායක මුදල්ද ඒ දායකයා වෙනුවෙන් අරමුදලෙහි වෙනම වූ ගිණුමට බැර කරනු ලැබිය යුතුය. (3) දායකයකුගේ ගිණුමෙහි බැරට ඇති මුදලට, ආයතනයේ රීති අනුව, ඒ දායකයා දායකයකුව සිටීම අවසන් වන දිනය තෙක්, මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා, මණ්ඩලය විසින් නියම කරනු ලබන අනුප්‍රමාණයක් අනුව වූ වැල් පොලියත්, තත් කාර්යය සඳහා මණ්ඩලය විසින් සාදනු ලබන යම් රීතියක විධිවිධානවලට යටත්ව, එකතු විය යුතු ය. තව ද එකී දිනයෙහි දී ඒ දායකයාගේ ගිණුම අවසන් කළ යුතුය. දායකයකුගේ බැරට එකතු වී ඇති මුදල, ගිණුම අවසන් කළ දිනයේ සිට මාස තුනක කාල සීමාවක් ඇතුළත ගෙවා නොමැති අවස් ස්ථාවක, ඔහුගේ බැරට ඇති සම්පූර්ණ මුදල ගෙවනු ලබන මාසයට පෙර වූ මාසයේ අන්තිම දිනය දක්වා, මේ වගන්තියේ විධිවිධාන සලස්වනු ලැබ ඇති පරිදි වූ අනුප්‍රමාණයට අනුව වූ පොලියක් ගෙවිය යුතු ය: එසේ වුව ද, ඒ දායකයාට ඒ මුදල ගෙවීම ප්‍රමාදවීම දායකයගේ යම් වරදක් නිසා සිදු වූ අවස් ථාවක, ඔහුගේ ගිණුම අවසන් කළ දිනයට පසු එකතු වූ පොලිය නොගෙවිය යුතුය. 28. (1) 27 වන වගන්තියෙ ( 3 ) වන උපවගන්තියේ විධිවිධාන සලස්වනු ලැබ ඇති පරිදි යම් දායකයකුට ගෙවිය යුතු මුදල 29 වන වගන්තියේ විධිවිධාන වලට යටත්ව, ලේකම්වරයා විසින් ඒ දායකයාට ගෙවිය යුතු ය. (2) 27 වන වගන්තියේ ( 3 ) වන උපවගන්තිය යටතේ දායකයකු වීම අවසාන වන දිනයට පෙර දායකයකු රෝගාතුර වීම නිසා හෝ අබලතාවට පත් වීම නිසා හෝ ඔහු සේවා නියුක්තව සිටි ධුරය අහෝසි කිරීම නිසා හෝ ආයතනය විසින් ඔහු සේ වානියුක්ත කරනු ලැබීම අවසාන වුවහොත් හෝ ඔහු ආයතනයේ සේවයෙන් සිය කැමැත්තෙන් විශ්‍රාම ගතහොත්, අවස්ථාවෝචිත පරිදි, එසේ ඔහුගේ සේවා නියුක්තිය අවසන් වූ දිනයෙහි දී ඔහුගේ ගිණුමෙහි බැරට එකතු වී ඇති සම්පූර්ණ මුදල, ලේකම්වරයා විසින්, 29 වන වගන්තියේ විධිවිධාන වලට යටත්ව, ඒ දායකයාට ගෙවිය යුතුය. (3) දායකයකු එසේ දායකයකුව සිටීම 27 වන වගන්තියේ (3) වන උපවගන්තිය යටතේ අවසන් වන දිනයට පෙර, ඔහු ආයතන යේ සේවයෙන් පහ කරනු ලැබූ අවස් ථාවක, අර්ථ සාධක අරමුදලට ඒ දායකයා විසින් ගෙවන ලද මුදල් ප්‍රමාණය, ඒ දායකයා සේ වයෙන් පහ කරන ලද දිනය තෙක් ඊට එකතු වී ඇති පොලියත් සමග ලේකම් වරයා විසින් 29 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව ඒ දායක යාට ගෙවිය යුතු ය. (4) දායකයකු, ආයතනයේ සේවයේ යෙදී සිටින අතරතුර මිය ගිය අවස් ථාවක, ලේකම්වරයා විසින් අර්ථ සාධක අරමුදලෙහි ඒ දායකයාගේ බැරට එකතු වී ඇති සම්පුර්ණ මුදල, මිය ගිය දායකයා ගේ බූදලයට හෝ ඒ මුදලට නීත්‍යනුකූලව හිමිකම ඇති තැනැත්තාට හෝ 29 වගන්තියේ විධි විධාන වලට යටත්ව ගෙවිය යුතුය. 29. දායකයකු ආයතනයේ සේවයේ නියුක්ත කරනු ලැබ සිටි කාලය තුළ යම් අවස් ථාවක, ඔහුගේ වංකභාවය හෝ නොසැලකිල්ල හේතු කොට ගෙන, ඒ ආයතනයට දැරීමට සිදු වූ යම් පාඩුවක හෝ අලාභයක ප්‍රමාණය, මේ කොටසේ ඉහතින්ම වූ විධිවිධාන නොතකා වෙනත් යම් අයිතිවාසිකමකට හෝ ප්‍රතිකර්මයකට හානියක් නොමැතිව, ඒ අර්ථසාධක අරමුදලෙහි ඒ දායකයාගේ ගිණුමෙහි බැරට ඇති මුදලේ ප්‍රථම වැය බරක් විය යුතු ය; තව ද 28 වන වගන්තියේ විධිවිධාන අනුව යම් ගෙවීමක් කරනු ලබන අවස් ථාවේ ඒ මුදල අඩු කර ගනු ලැබිය හැකිය. 30. මේ කොටස යටතේ පිහිටුවනු ලැබූ අර්ථසාධක අරමුදලට විකල්ප වශයෙන් හෝ ඊට අමතරව, මණ්ඩලය විසින්, මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා, විශ්‍රාම වැටුප් ක්‍රමයක් හා වැන්දඹු හා අනත් දරු විශ්‍රාම වැටුප් අරමුදලක් පිහිටුවනු ලැබිය හැකි ය. ඒ විශ්‍රාම වැටුප් ක්‍රමය හා ඒ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අර මුදල පාලන්ය කිරීම, පරිපාලනය කිරීම හා කළමනාකරණය කිරීම සඳහා මණ්ඩලය විසින් රීති සාදනු ලැබිය හැකිය. 31. මේ කොටස යටතේ වු ලේකම්වරයාගේ බල තල හා කාර්ය, මණ්ඩලයේ කැමැත්ත ඇතිව, ආයතනයේ නිලධරයකුට පැවරිය හැකි ය. VI වන කොටස මුදල 32. ආයතනයේ අරමුණු හා පරමාර්ථ ක්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා ප්‍රමාණවත් වන වාර්ෂික ප්‍රදාන මුදලක් ආණ්ඩුව විසින් ආයතනයට ප්‍රදානය කළ හැකි ය. 33. ආයතනයේ අරමුණු හා පරමාර්ථ ක්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා, ශ්‍රී ලංකාවේ හෝ පිටරටක හෝ යම් ප්‍රභවයකින් ප්‍රදාන මුදල් ලබා ගැනීමට ද සංස්ථාගත කළ හෝ නොකළ යම් පුද්ගලයකු, ආයතනයක් හෝ පුද්ගල මණ් ඩලයක් සමග හෝ ඒ ප්‍රදාන මුදල් සම්බන්ධයෙන් කෙළින්ම අදහස් හුවමාරු කර ගැනී මට ද ආයතනයට හිමිකම් තිබිය යුතුය. 34. (1) ආයතනයට ආයතනයේම අරමුදලක් තිබිය යුතු ය. (2) ආයතනයේ අරමුදලට පහත සඳහන් මුදල් ගෙවනු ලැබිය යුතු ය: (අ) ආයතනයේ ප්‍රයෝජනය සඳහා පාර්ලිමේන්තුව විසින් කලින් කල වෙන් කරනු ලබන සියලු මුදල්; (ආ) තම බලතල, කර්තව්‍ය හා කාර්ය ක්‍රියාත්මක කිරීමේ දී, කිරීමේ දී හා ඉටු කිරීමේ දී ආයතනයට ලැබෙන සියලු මුදල් ; සහ (ඇ) මුදලින් කරනු ලබන තෑගි හෝ පරිත්‍යාග : එසේ වව ද නිශ්චිත කාර්ය සඳහා කරන ලද නිශ්චිත අරමුණු සඳහා කරන ලද උපපාදන වලින් ආදායමක ආයතනයේ ගිණුම් වල වෙන වෙනම යුතු අතර ආයතනයේ පොදු කාර්ය සඳහා ප්‍රදාන හෝ උපපාදන කරනු ලැබුවේ යම් කාර්ය ද ඒ කාර්යවලින් හෝ අරමුණු වලින් බාහිර වූ කාර්ය හෝ අරමුණු සඳහා ඒ ආදායමෙන් කිසිම ගෙවීමක් නොකළ යුතු ය: එසේම තවදුරටත් නිශ්චිත වශයෙන්ම පර්යේෂණ කටයුතු සඳහා පාර්ලිමේන්තුව විසින් වෙන් කරනු ලැබූ මුදල් වෙනම වූ “ පර්යේෂණ අරමුදලක " තැන්පත් කළ හැකි ය. (3) ආයතනයේ බලතල, කර්තව්‍ය හා කාර්ය ක්‍රියාත් මක කිරී මෙහි දී කිරීමෙහි දී හා ඉටු කිරීමේ දී ආයතනය විසින් දරන ලද යම් වියදම් පියවීම සඳහා අවශ්‍ය සියලු මුදල් ද මේ පනතින් හෝ මේ පනත යටතේ ආයතනයේ අරමුදලින් ගෙවීමට නියමිත සියලු මුදල් ද ආයතනයේ අරමුදලින් ගෙවිය යුතු ය. 35. (4) ආයතනය යම් පළාත් පාලන ආයතනයක් විසින් නියම කරන ලද යම් වරිපනම් ගෙවීමෙන් නිදහස් වන්නේ ය. (2) යම් භාණ්ඩ ආනයනය කිරීම් ආයතනයේ පරමාර්ථ හා අරමුණු වල වර්ධනයට හිතකර යයි සලකනු ලැබුවහොත්, ආයතනය විසින් ආනයනය කරන ලද යම් භාණ්ඩ සම්බන්ධයෙන් යම් තීරු බද්දක් ගෙවීමෙන්, මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා අමාත්‍ය වරයා විසින්, ආයතනය නිදහස් කළ හැකි ය. ( 3 ) මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලබන යම් වටිනාකමක් දක්වා ව සියලු පෞද්ගලික භාණ්ඩ සහ ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන්නා වූ ආයතනයේ මහාචාර්යවරයකු විසින් හෝ සාමාජිකයකු විසින් හෝ අධි සාමාජිකයකු විසින් හෝ ආනයනය කරන ලද සියලු වෘත්තීය උපකරණ පොත් සහ වෙනත් විද්‍යාත්මක උපකරණ තීරු බද් දෙන් නිදහස් කරනු ලැබිය යුතුය. (4) වෙනත් යම් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන්ව ඇත ද මේ වගන්තියේ විධිවිධාන බලාත්මක විය යුතුය. වියදම. 36. (1) මණ්ඩලය විසින් ආයතනයේ ආදායම සහ වත්කම් සහ බැරකම් සහ වෙනත් සියලු ගනුදෙනු පිළිබඳ නිසි ගිණුම් පොත් පවත්වා ගෙන යාමට සැලැස්විය යුතුය. (2) මණ්ඩලය විසින් එහි පොත් එක් එක් වර්ෂයේ දෙසැම්බර් මස තිස් එක් වන දින තුලනය කිරීමට සැලැස්විය යුතු අතර, එකී දිනයට සකස් කරන ලද ආයතනයේ ආදායම් සහ වියදම් පිළිබඳ ගිණුමක් ද ආයතනයේ වත්කම් හා බැරකම් පිළිබඳ සාරාංශයක් අඩංගු ශේෂ පත්‍රයක් ද ඊලඟ වර්ෂයේ මාර්තු මස 31 වන දිනට පෙර පිළියෙල කිරීමට සැලැස්විය යුතුය. (3) ආදායම් සහ වියදම් ගිණුම සහ ශේෂ පත්‍රය මණ්ඩලයේ සභාපති විසින් ද තත් කාර්ය සඳහා මණ්ඩලය විසින් බලය දෙන ලද මණ්ඩලයේ වෙනත් නිලධරයන් විසින් ද අත්සන් කළ යුතු ය. (4) රාජ්‍ය සංස්ථා ගිණුම් විගණනය කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස් ථාවේ 154 වන ව්‍යවස් ථාවේ විධිවිධාන, ආයතනයේ ගිණුම් ඒ ගණනය කිරීම සම්බන්ධයෙන් අදාළ විය යුතු ය. VII වන කොටස සාමාන්‍ය විධිවිධාන 37. කවර හෝ ගෝත්‍රයකට, වංශයකට හෝ ජාතියකට අයත් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේ සියලුම තැනැත්තන්ට ආයතනය විවෘතව තිබිය යුතු ය. තවද යම් තැනැත්තකුට ආයතනයේ අධ්‍යක්ෂ වරයකු, මහාචාර්යවරයකු, සාමාජිකයකු, පර්යෙෂණ අධි සාමාජික යකු හෝ සාමාජිකයකු වශයෙන් ඇතුළු වීමට හෝ එහි යම් පත් වීමක් දැරීමට හෝ එහි යම් වාසියක් හෝ වරප්‍රසාදයක් දැරීමට, භුක්ති විඳීමට හෝ ක්‍රියාත්මක කිරීමට හිමිකම් ලැබීම සඳහා ආගමික විශ්වාසය හෝ මතය පිළිබඳ කිසිම පරීක්ෂණයක් කිරීම හෝ නියම කිරීම හෝ නොකළ යුතු ය. 38. (1) මණ්ඩලයේ යම් සාමාජිකයකු විසින් හෝ මේ පනතේ කාර්ය සඳහා පත් කරන ලද ආයනයේ යම් නිලධරයකු, සේවකයකු හෝ අනුයෝජිතයකු විසින් මේ පනත යටතේ හෝ මණ්ඩලයේ විධානය පිට හෝ, සද් භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි නිදහස් සැලකෙන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් නො පැවරිය යුතු ය (2) ආයතනය විසින් හෝ ආයතනයට විරුද්ධව හෝ යම් අධිකරණයක පවරන ලද සිවිල් හෝ අපරාධ නඩුවක දී, ආයතන යට දරන්නට සිදු වූ යම් වියදමක් ආයතනයේ අරමුදලින් ගෙවිය යුතු අතර, එවැනි යම් සිවිල් අපරාධ නඩුවක දී, ආයතනයට ගෙවනු ලබන හෝ ආයතනය විසින් අය කර ගනු ලබන යම් ගාස්තු ආයතනයේ අරමුදල් වලට බැර කරනු ලැබිය යුතු ය. (3) (1) වන උපවගන්තියෙ සඳහන් යම් තැනැත්තකු විසින් මේ පනත යටතේ හෝ මණඩලයේ විධාන මත කරන ලද හෝ කරන ලදැයි සැලකෙන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද් ධව යම් අධිකරණයක පවරන ලද යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී ඔහු විසින් දරන ලද යම් වියදමක්, ඔහු විසින් ඒ ක්‍රියාව සද භාව යෙන් කරන ලද ක්‍රියාවක් බව ඒ අධිකරණය තීරණය කළ හොත් සහ, ඒ වියදම ඔහු විසින් ඒ සිවිල් හෝ අපරාධ නඩුවේ දී අය කර ගනු ලැබ නොමැති නම්, ආයතනයේ අරමුදල් වලින් ගෙවනු ලැබිය යුතුය. 39. ආයතනයට විරුද්ධව පවරනු ලබන නඩුවක දී, මණ්ඩලයේ යම් සාමාජිකයකුට විරුද්ධව හෝ ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට විරුද්ධව හෝ ආයතනයේ යම් නිලධරයකුට හෝ සේවකයකුට විරුද්ධව හෝ ඔහුගේ දේපළට විරුද්ධව හෝ කිසිම රිව් ආඥාවක් නිකුත් නොකළ යුතු ය. 40. ආයතනයේ සියලු නිලධරයන් සහ සේවකයන් දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව ද, එහි කාර්ය සඳහා ද රාජ්‍ය නිලධරයන් ලෙස සලකනු ලැබිය යුතුය. 41. අල්ලස් පනතේ අර්ථානුකූලව, ආයතනය, උපලේඛනගත ආයතනයක් ලෙස සලකනු ලැබීය යුතු අතර, ඒ අනුව ඒ පනතේ විධිවිධාන තේ රුම් ගත යුතුය. 42. මණ්ඩලය විසින්, ආයතනය වෙනුවෙන්, මේ පනතින් රීති සෑදීමට නියම කරන ලද හෝ බලය පවරන ලද සියලු කරුණු සම් බන්ධයෙන් රීති සාදනු ලැබිය හැකිය. වන බව. 43. මේ පනතේ ඉහතින් වූ විධිවිධාන කුමක් වුවද, නියමිත දින යෙ සිට ගණන් ගනු ලබන පළමු වර්ෂ පහ තුළ දී මණ්ඩලය විසින් - (අ) ශාස්ත්‍රීය සභාව සංස්ථාපනය කරනු ලැබ නොතිබුණත්, ක්‍රියා කිරීම; (ආ) ශාස්ත්‍රීය සභාව කලින් විමසීම හෝ එහි උපදෙස් දේශ සලකා බැලීම මේ පනතේ වෙනත් විධිවිධාන යටතේ නියමිතව ඇති අවස් ථාවක, ඒ සභාව නොවිමසා උපදෙස් හෝ නිර්දේශ නොසලකා ක්‍රියා කිරීම; (ඇ) ශාස්ත්‍රීය සභාව සඳහා සහ වෙනුවෙන් ක්‍රියා කිරීම කරනු ලැබිය හැකි ය. 44. පද සම්බන් ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ පනතේ - ඉපැයීම් '' යන්නෙහි, 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල පනත්තේ ඊට දී ඇති අර්ථයම තිබේ; “ මූලික ” සහ “ උසස් '' අධ්‍යයන යන්නට පර්යේෂණාත්මක විමර් ශන ඇතුළත් වේ; ' විරුද්ධ පක් ෂයේ නායකයා යන්නෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා අදහස් වේ; ‘‘පළාත් පාලන ආයතනය " යන්නෙන්, මහා නගර සභාවක්, නගර සභාවක්, සුළු නගර සභාවක් හෝ ගම් සභාවක් අදහස් වන අතර, එවැනි යම් සභාවක් විසින් ක්‍රියාත් මක කරන, ඉටුකරන හා කරන බලතල, කාර්ය හා කර්තව්‍ය හා හා කර්තව්‍ය හා සමාන හෝ ඊට අනුරූප බලතල, කාර්ය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම සඳහා යම්කිසි නීතියක් මගින් හෝ ඒ යටතේ ඇති කරන ලද හෝ පිහිටුවන ලද යම් අධිකාරයක් ඊට ඇතුළත් වේ ; " නිලධරයා " යන්නට, අධ්‍යක් ෂවරයකු, නියෝජ්‍ය අධ්‍යක් ෂවර යකු, ලේකම්වරයකු, පුස් තකාලයාධිපතිවරයකු සහ මණ් ඩලය විසින් නිලධරයකු වශයෙන් පිළිගත් වෙනත් යම් තැනැත්තකු ද ඇතුළත් වන නමුදු ආශ්‍රිත අධ්‍යක්ෂවරයකු ඊට ඇතුළත් නොවේ; ජනාධිපතිවරයා '' යන්නෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජනාධිපතිවරයා අදහස් වේ; “ අග්‍රාමාත්‍යවරයා " යන්නෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අග්‍රාමාත්‍යවරයා අදහස් වේ; " විශ්ව විද්‍යාලය '' යන්නෙන්, 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතෙහි අර්ථානුකූල වූ විශ්ව විද්‍යාලයක් අදහස් වන නමුදු, විශ්ව විද්‍යාලයීය විද්‍යායතනයක් ඊට ඇතුළත් නොවේ.
52
acts_1981-09-09_Coast_Conservation_si
act
1981
23
2
0.989923
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත [සහතිකය සටහන් කළේ 1981 සැප්තැම්බර් මස 09 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 සැප්තැම්බර් මස 11 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත වෙරළ කලාපය පිළිබඳ සමීක්ෂණයක් කිරීම සහ වෙරළ කලාපය කළමනාකරණය කිරීමේ සැලැස්මක් පිළියෙළ කිරීම සඳහා විධි විධාන සැලැස්වීම පිණිස ද, වෙරළ කලාපය ඇතුළත සංවර්ධන කටයුතු විධිමත් කිරීම හා පාලනය කිරීම පිණිස ද, වෙරළ කලාපය ඇතුළත -වෙරළ සංරක්ෂණය සඳහා වැඩ යෝජනා ක්‍රම සකස් කොට ඒවා ක්‍රියාවෙහි යෙදවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, ඇතැම් ලිඛිත නීතිවල අනුයායී සංශෝධන ඇති කිරීම සඳහා සිහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස වීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන (මෙහි මින් මතු " නියමිත දිනය " යනුවෙන් සඳහන් කරනු ලබන) දිනයක එය ක්‍රියාත්මක විය යුතු ය. 1 වන කොටස පරිපාලනය 2. වෙරළ කලාපයෙහි පරිපාලනය, පාලනය, භාරකාරත්වය සහ කළමනාකරණය ජනරජය වෙත මෙයින් පවරනු ලැබේ. 3. මේ පනතේ කාර්ය සඳහා- (අ) මෙහි මින් මතු " අධ්‍යක් ෂවරයා '' යනුවෙන් සඳහන් කරනු ලබන වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂවරයකු පත් කරනු ලැබිය යුතුය; තව ද (ආ) පරිපාලනයෙහි දී සහ මේ පනතේ විධිවිධාන ක්‍රියාත් මක කිරීමේ දී අධ්‍යක්ෂවරයාට සහාය වීම සඳහා අවශ්‍ය විය හැකි - (i) නියෝජ්‍ය අධ්‍ය ක්ෂවරයන් සහ සහකාර අධ්‍යකෂ වරයන් යම් සංඛ්‍යාවක්; සහ (ii) වෙනත් යම් නිලධරයන් පත් කරනු ලැබිය හැකි ය. 4. (අ) මේ පනතේ විධිවිධාන පරිපාලනය කිරීම සහ ඒ විධි විධාන ක්‍රියාත්මක කිරීම; (ආ) වෙරළ කලාපය ඇතුළත වෙරළ සංරක්ෂණය සඳහා වූ වැඩ යෝජනා ක්‍රම සකස් කිරීම සහ ඒවා ක්‍රියාවෙ යෙදවීම; සහ (ඇ) වෙරළ සංරක්ෂණය කිරීමේ කාර්යය සඳහා වෙනත දෙපාර්තමේන්තු, නියෝජ්‍යායතන සහ ආයතන සමග සහයෝගිත්වයෙන් පර්යේෂණ පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යක් ෂවරයා වගකිව යුතුය. 5. අධ්‍යක් ෂවරයා විසින් ලිඛිතව බලය දෙනු ලැබූ විට සහ අධ්‍යක්ෂ වරයාගේ සාමාන්‍ය විධානයට හා පාලනයට යටත්ව, මේ පනතේ III වන කොටසින් අධ්‍යක්ෂවරයා වෙත පවරන ලද හෝ නියම කරන ලද නැතහොත් වෙන් කර දෙන ලද සියලු බලතල, කාර්ය සහ කර්තව්‍ය හෝ ඉන් කිසිවක් හෝ වෙරළ කලාපයේ යම් කොටසක් පිහිටියේ යම් පරිපාලන දිස්ත්‍රික්කයක් ඇතුළත ද ඒ පරිපාලන දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා විසින් ඒ පරිපාලන දිස්ත්‍රික්කය ඇතුළත ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම කළ හැකිය. 6. (මෙහි මින් මතු " සභාව " යනුවෙන් සඳහන් කරනු ලබන) වෙරළ සංරක්ෂණ උපදේශක සභාවක් පිහිටුවනු ලැබිය යුතු අතර, එය පහත දැවෙන සාමාජිකයන්ගෙන් සමන්විත විය යුතු ය:- (අ) සභාවේ සභාපතිවරයා විය යුතු, වෙරළ සංරක්ෂණය පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම් ධූරය තත් කාලයෙහි දරන තැනැත්තා; (ආ) සංචාරක කටයුතු පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයෙ ජ්‍යෙෂ්ඨ නිලධරයකු ; ඇ) නාවුක කටයුතු පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු; ඈ) පළාත් පාලනය පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයෙ ජ්‍යෙෂ්ඨ නිලධරයකු; ඉ) ස්වදේශ කටයුතු පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු; ඊ) කර්මාන්ත පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු; (උ) සභාවේ ලේකම් වශයෙන් ක්‍රියා කළ යුතු අධ්‍යක්ෂ ධුරය තත් කාලයෙහි දරන තැනැත්තා; (ඌ) ජලජ සම්පත්, පර්යේෂණ කටයුතු හා සංවර්ධනය සම්බන්ධ යෙන් වගකිව යුතු ආයතනයේ අධ්‍යක්ෂවරයා හෝ වෙනත් තැනැත්තකු ; (එ) ඉඩම් කොමසාරිස් ධුරය තත් කාලයෙහි දරන තැනැතතා හෝ ඔහුගේ නියෝජිතයා ; (ඒ) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරන නාගරික සංවර් ධන අධිකාරිය පනතින් පිහිටුවන ලද නාගරික සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ධුරය තත් කාලයෙහි දරන තැනැත්තා හෝ ඔහුගේ නියෝජිතයා ; (ඔ) වාරිමාර්ග අධ්‍යක්ෂ ධුරය තත් කාලයෙහි දරන තැනැතතා හෝ ඔහුගේ නියෝජිතයා; සහ (ඕ) අමාත්‍යවරයා විසින් පත් කරන ලද වෙනත් සාමාජිකයන් තිදෙනෙක්; ඔවුන් අතුරින් එක් සාමාජිකයකු ශ්‍රී ලංකාවේ එක් විශ්ව විද්‍යාලයක ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයකු විය යුතු ය; එක් සාමාජිකයකු වෙරළ පරිසරය හා සම්බන්ධ වෙච්ඡා සංවිධාන නියෝජනය කරන සාමාජිකයකු විය යුතුය; අනෙක් සාමාජිකයා ධීවර කර්මාන්තය නියෝජනය කරන සාමාජිකයකු විය යුතුය. මේ ඡේදය යටතේ පත් කරන ලද සාමාජිකයකු මෙහි මින් මතු " පත් කරන ලද සාමාජිකයා '' යනුවෙන් සඳහන් කරනු ලැබේ. 7. සභාවේ කර්තව්‍ය පහත සඳහන් පරිදි විය යුතු ය:- (අ) වෙරළ කලාපයෙහි ආරම්භ කිරීමට යෝජිත සියලු සංවර්ධන කටයුතු පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම; (ආ) මේ පනතේ II වන කොටසේ විධිවිධාන අනුව පිළියෙළ කරන ලද වෙරළ කලාපය කළමනාකරණය කිරීමේ සැලැස්ම සමාලෝචනය කිරීම සහ ඒ පිළිබඳව යම් නිර්දේශ ඇතොත්, ඒ නිර්දේශ අධ්‍ය ක්ෂවරයා වෙත ඉදිරිපත් කිරීම; (ඇ) 14 වන වගන්තිය යටතේ අවසර පත්‍ර සඳහා වූ ඉල්ලුම් කිරීම් හා සම්බන්ධව අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කරන ලද පරිසරය කෙරෙහි බලපෑම පිළිබඳ තක්සේරු කිරීම්, සමාලෝචනය කිරීම සහ ඒ පිළිබඳව යම් අදහස් ඇතොත් ඒ අදහස් අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කිරීම; ඈ) වෙරළ කලාපය ඇතුළත වැඩ යෝජනා ක්‍රම සඳහා අවශ්‍යතාව ඇති වන කවර හෝ විටක ඒ අවශ්‍යතාව පිළිබඳව අධ්‍යක් ක්ෂවරයා වෙත දැනුම් දීම; සහ (ඉ) අවස් ථාවෝචිත පරිදි, අමාත්‍යවරයා හෝ අධ්‍යක්ෂවරයා හෝ විසින් සභාව වෙත යොමු කරනු ලබන වෙරළ සංරක්ෂණ යට අදාළ වෙනත් යම් කාරණයක් පිළිබඳව, අවස්ථා වෝචිත පරිදි, අමාත්‍යවරයාට හෝ අධ්‍යක්ෂවරයාට හෝ උපදෙස් දීම. 8. ( 1 ) සභාවේ පත් කරන ලද සෑම සාමාජිකයකුම මරණය, ඉල්ලා අස්වීම හෝ ධුරයෙන් ඉවත් කිරීම හෝ හේතු කොට ගෙන තම ධුරය කලින් හිස් කරතහොත් මිස, අවුරුදු තුනක කාලයක් ධුර කාලය ධූරය දැරිය යුතුය. ( 2 ) සභාවේ පත් කරන ලද යම් සාමාජිකයකු ධුරයෙන් ඉවත් කිරීම අවස්ථාවෝචිත යයි අමාත්‍යවරයා සලකන්නේ නම්, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයකින්, අමාත්‍යවරයා විසින් කිසිම හේතුවක් නොදක්වා එසේ කළ හැකි අතර ඒ ඉවත් කිරීම කිසිම අධිකරණයක දී ප්‍රශ්න කරනු නොලැබිය යුතු ය. ( 3 ) පත් කරන ලද සාමාජිකයකු විසින් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට අමාත්‍යවරයා අමතා යවනු ලබන ලිපියක් මගින් කවර හෝ අවස්ථාවක තම ධුරයෙන් ඉල්ලා අස්විය හැකි ය. ( 4 ) සභාවේ පත් කරන ලද සාමාජිකයකු මිය ගිය හොත් හෝ ධුර යෙන් ඉල්ලා අස් වුව හොත් හෝ ඉවත් කරනු ලැබුවහොත් හෝ එසේ මිය ගිය, ධුරයෙන් ඉල්ලා අස් වූ හෝ ඉවත් කරනු ලැබූ සාමාජිකයා වෙනුවට වෙනත් යම් තැනැත්තකු අමාත්‍යවරයා විසින්, 6 වන වගන්තියේ (ඕ) ඡේදයේ විධි විධාන කෙරෙහි සැලකිලිමත්ව පත් කරනු ලැබිය හැකි ය. (5) (4) වන උප වගන්තිය යටතේ පත් කරන ලද සාමාජිකයක මරණය, ඉල්ලා අස්වීම හෝ ධුරයෙන් ඉවත් කරනු ලැබීම හේතු කොට ගෙන තම ධුරය කලින් හිස් කරතහොත් මිස, ඔහු තම පූර්ව ජ්‍යාමියාගේ ධුර කාලයෙන් ඉකුත් නොවී ඇති කොටස සඳහා ධුරය දැරිය යුතු ය. (6) රෝගාතුර වීම, අබලතාව හෝ මාස තුනකට නොඅඩු කාලයක් තුළ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම හේතු කොට ගෙන සභාවේ පත් කරන ලද සාමාජිකයකුට තම ධුරයේ කාර්යය ඉටු කිරීමට තාවකාලි කව නොහැකි වන අවස් ථාවක, අමාත්‍යවරයා වෙත ඒ බව ලිඛිතව දැනුම් දීම ඒ සාමාජිකයාගේ කාර්යය විය යුතු ය. අමාත්‍යවරයා විසින් 6 වන වගන්තියේ (ඕ) ඡේදයේ විධිවිධාන කෙරෙහි සැලකිලිමත්ව, ඒ සාමාජිකයා වෙනුවෙන් කටයුතු කිරීමට වෙනත් තැනැත්තකු පත් කරනු ලැබිය හැකි ය. ( 7 ) ඉවත් කරනු ලැබීමෙන් හැර ධුරය හිස් කරන සභාවේ පත් කරන ලද යම් සාමාජිකයෙක් නැවත පත් කිරීම සඳහා සුදුස් සෙක වන්නේ ය. 9. සභාවේ යම් පුරප්පාඩුවක් හෝ සභාවේ සාමාජිකයකු පත් කිරීමෙහි ලා යම් දෝෂයක් හෝ තිබීමේ හේතුව නිසාම පමණක් සභාවේ කිසිම ක්‍රියාවක් හෝ කටයුත්තක් හෝ අවලංගු නොවිය යුතුය. 10. (1) යටත් පිරිසෙයින් සැම මාස දෙකකට වරක හෝ සභාවේ රැස්වීමක් පවත්වනු ලැබිය යුතුය. (2) සභාපතිවරයා හෝ ඔහු පැමිණ නොමැති විටක අධ්‍යක් ෂවරයා හෝ ඒ දෙදෙනාම පැමිණ නොමැති විටක පැමිණ සිටින සාමාජිකයන් විසින් තෝරා පත් කර ගනු ලබන සාමාජිකයකු හෝ සභාවේ රැස් වීම්වල මූලාසනය දැරිය යුතු ය. (3) සභාවේ යම් රැස් වීමක දී තීරණය කළ යුතු සියලු ප්‍රශ්න පැමිණ සිටින සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් තීරණය කළ යුතු ය. ඡන්ද සංඛ්‍යාව සමාන වූ අවස් ථාවක මූලාසනය දරන සාමාජිකයාට තීරක ඡන්දයක් ඇත්තේය. (4) සභාවේ යම් රැස්වීමක් සඳහා ගණ පූරණය සාමාජිකයන් ගත දෙනකු විය යුතු අතර, මේ වගන්තියේ විධිවිධාන වලට යටත්ව සභාව විසින් ස්වකීය කාර්ය පටිපාටිය විධිමත' කරගනු ලැබිය හැකිය. II වන කොටස වෙරළ කලාපය කළමනා කරණය කිරීම 11. (1) නියමිත දිනයට පසු හැකි ඉක්මණින් වෙරළ කලාපය සමීක්ෂණය කිරීමට අධ්‍යක් ෂවරයා විසින් කටයුතු සැලැස්විය යුතු අතර, ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල පදනම් කරගත් වාර්තාවක් ඔහු විසින් පිළියෙළ කළ යුතුය. පහත දැක්වෙන දෑ එ වාර්තාවෙහි ඇතුළත් විය යුතු ය:- (අ) වෙරළ කලාපයේ පිහිටි සියලු ඉදිකිරීම්, පාරවල්, කැණීම්, වරායවල්, මෝයවල්, කස ලබිම් සහ වෙනත් කර්මාන්ත පිළිබඳ ලැයිස් තුවක්; (ආ) වෙරළ කලාපය ඇතුළත සොයා ගනු ලැබූ සියලු හිරිගල් පර පිළිබඳ ලැයිස් තුවක්; ඇ) වෙරළ කලාපය ඇතුළත පිහිටා ඇතැයි පැහැදිලි වී ඇති සහ ඇතැයි සැක කරනු ලබන, වාණිජ වශයෙන් උපයෝගී කර ගත හැකි සියලු ඛනිජ් ඉල්ලම් පිළිබඳ ලැයිස් තුවක්; (ඈ) වෙරළ කලාපය ඇතුළත පිහිටි විනෝදාත්මක ස්නානය සඳහා ඉතාමත් ම යෝග්‍ය ප්‍රදේශ ද ඇතුළුව ආගමික වටිනාකමක් හෝ විශිෂ්ඨ දර්ශනය වටිනාකමක් හෝ විනෝදාත්මක කාර්ය සඳහා වටිනාකමක් හෝ ඇති, සියලු ප්‍රදේශ පිළිබඳ ලැයිස් තුවක්; (ඉ) මත්ස්‍ය ජලාශ හෝ වනසත්ව නිජබිම් වශයෙන් ඇති වැද ගත්කම දක්වමින් වෙරළ කලාපය ඇතුළත පිහිටි සියලු මෝය බඩ ප්‍රදේශ හෝ තෙත් බිම් ප්‍රදේශ පිළිබඳ ලැයිස් තුවක්; (ඊ) මත්ස්‍යයින් සහ බෙල්ලන් වසන ජලාශ, මුහුදු කෑම, වෙරළ බඩ වෙනස් වීම් සහ ඒ හා ආශ්‍රිත කරුණු ඇතුළුව, වෙරළ බඩ ප්‍රපංච හා සම්බන්ධ පර්යේෂණ සඳහා විශේෂ වටිනාකමක් ඇති වෙරළ කලාපය ඇතුළත වූ සියලු ප්‍රදේශ පිළිබඳ ලැයිස් තුවක්; (උ) වාණිජ හෝ කාර්මික කාර්ය සඳහා හිරිගල්, වැලි, සිප්පිකටු හෝ වෙනත් ද්‍රව්‍ය නිතිපතා ඉවත් කරනු ලබන වෙරළ කලාපය ඇතුළත වූ සියලු ප්‍රදේශ පිළිබඳ ලැයිස් තුවක්; (ඌ) මුහුදු කෑම් හේතුවෙන් නැති වී යන ගොඩබිම් ප්‍රමාණයේ භූගෝලීය පිහිටීම දක්වමින් කරනු ලබන ප්‍රමාණකෘත දර්ශනයක් ඇතුළුව වෙරළ කලාපය කෙරෙහි මුහුදු කෑමෙහි බලපෑමේ ප්‍රමාණය පිළිබඳ තක් සේ රුවක්, එසේ ගොඩබිම නැති වී යාමෙන් සිදුවන ආර්ථික හානිය පිළිබඳ ඇස්ත මේන්තුවක් සහ එසේ නැති වී යාමට මිනිස් ක්‍රියාවලිය හේතුභූත වී ඇති ප්‍රමාණය පිළිබඳ ඇස් තමේනතුවක්; (එ) වෙරළ කලාපයෙන් ඉවත් කරනු ලබන වැලි, හිරිගල්, සිප්පි කටු සහ වෙනත් ද්‍රව්‍යවල ප්‍රමාණයන් වෙනත් ප්‍රභවයන් ගෙන් හෝ වෙනත් ද්‍රව්‍ය වලින් සපයනු ලැබිය හැක්කේ කොතෙක් දුරට ද යන වග පිළිබඳ ඇස් තමේන්තුවක් සහ එසේ කිරීමේ ආර්ථික ප්‍රායෝගිකතාව පිළිබඳ විශ්ලේෂණ යක් ද සමඟ, වෙරළ කලාපයෙන් ඉවත් කරනු ලබන වැලි, හිරිගල්, සිප්පිකටු සහ වෙනත් ද්‍රව්‍යවල ප්‍රමාණය පිළිබඳ ඇස් තමේන්තුවක්; සහ (ඒ) වෙරළ කලාපයෙන් හිරිගල්, වැලි, සිප්පිකටු, හෝ වෙනත් ද්‍රව්‍ය ඉවත් කිරීමෙහි දී නිත්‍ය පදනමක් මත දැනට යොදවා සිටින සියලු කම්කරුවන් භූගෝලීය ප්‍රදේශ අනුව සහ ඔවුන්ගේ ක්‍රියාකාරිත් ව අනුව වර්ග කරන ලද සංගණන යක්, ඒ කම්කරුවන්ගෙන් යැපෙන්නන් පිළිබඳ සංගණ නයක් සහ ඒ කටයුතු වලින් ලබා ගන්නා ලද ඒක පුද්ගල ආදායම පිළිබඳ ඇස් තමේන්තුවක් (2) (1) වන උපවගන්තිය යටතේ වූ වාර්තාව සකස කිරීමේ දී ආණ්ඩුවේ දෙපාර්තමේන්තු, ආයතන සහ වෙනත් නියෝජ්‍යායතන විසින් රැස් කරන ලද හෝ සම්පාදනය කරන ලද අදාළ දත්ත සහ තොරතුරු කෙරෙහි අධ්‍යක් ෂවරයා සැලකිලිමත් විය යුතු ය. තව ඒ වාර්තාව සකස් කිරීමේ කාර්ය සඳහා අධ්‍යක් ෂවරයාට යුක්ති සහ ගත ලෙස අවශ්‍ය විය හැකි එවැනි යම් දත්ත හෝ තොරතුරු සැපයීම ඒ දෙපාර්තමේන් තුවල, ආයතනවල හෝ නියෝජ්‍යායතනවල ප්‍රධාන යන්ගේ යුතුකම විය යුතුය. 12 (1) 11 වන වගන්තිය ප්‍රකාර කරන ලද සමීක් ෂණයේ ප්‍රතිඵල පදනම් කරගත් (මෙහි මින් මතු " සැලැස්ම " යනුවෙන් සඳහන් කරනු ලබන) වෙරළ කලාපය කළමනාකරණය කිරීමේ සවිස් තරාත මක සැලැස්මක් නියමිත දිනයෙන් පසු අවුරුදු තුනක් ගත වීමට පෙර අධ්‍යක් ෂවරයා විසින් සභාව වෙත ඉදිරිපත් කළ යුතු ය. පහත දැක්වෙන දෑ ඒ සැලැස්මෙහි ඇතුළත් විය යුතු ය:— (අ) වෙරළ කලාපයෙහි විශේෂ සංවර්ධන කටයුතු වල යෝග්‍යතාව තීරණය කිරීමේ දී උපයෝගී කරගනු ලැබිය යුතු මාර්ගෝ පදේශ ; (ආ) වෙරළ කලාපය ඇතුළත පහත දැක්වෙන විෂයයන් සම්බන්ධයෙන් වූ යෝජනා:- (i) ඉඩම් පාවිච්චි කිරීම; (ii) ප්‍රවාහන පහසුකම්; (iii)ස්වාභාවික දර්ශන සහ වෙනත් ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම; (iv) විනෝද කටයුතු සහ සංචාරක කටයුතු; (v) අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුකම්, වරායවල් සහ විදුලි යන්ත්‍රාගාර ඇතුළුව පොදු කර්මාන්ත සහ පහසුකම්; (vi) ඛනිජ ද්‍රව්‍ය නිශ්කර්ෂණය කිරීම; (vii) ජීවී සම්පත් ; (viii) ජනාවාස ; (ix) කෘෂිකර්මාන්තය ; සහ (x) කර්මාන්ත; (ඇ) ඇතැම් ප්‍රයෝජන සඳහා වෙරළ කලාපයෙහි ඉඩම් හෝ ජල කොටස් වෙන් කිරීම සඳහා හෝ වෙරළ කලාපයේ ඇතැම් ප්‍රදේශයන්හි ඇතැම් කටයුතු තහනම් කිරීම සඳහා වූ යෝජනා; (ඈ) වෙරළ කලාපය වඩා ඵලදායී ලෙස විධිමත් කිරීමේ සෘජු ප්‍රතිඵලයක් වශයෙන් විස්ථාපනය වන මිනිස් බලය උපයෝගී කර ගැනීම සඳහා පරිපූර්ණ වැඩ සටහනක්; සහ ඉ) වෙරළ සංරක්ෂණය කිරීමේ කාර්ය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ බලතල ශක් ක්තිමත් කිරීම සහ පර්යේෂණ පැවැත්වීම සඳහා වූ නිර්දේශ. (2) අධ්‍යක් ෂවරයා විසින් සභාව වෙත සැලැස් ම ඉදිරිපත් කරනු ලැබූ දින සිට දින හැටක් ඇතුළත, සභාව විසින් සැලැස්ම සම්බන්ධ යෙන් යම් සුළු වශයෙන් වූ වෙනස් කිරීම් වෙතොත්, ඒ සුළු වශ යෙන් වූ වෙනස් කිරීම් කර, තාවකාලික ලෙස අනුමත කිරීම සඳහා ඒ සැලැස්ම අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු ය. (3) (1) වන උපවගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත සැලැස් ම ඉදිරිපත් කරනු ලැබූ විට, අමාත්‍යවරයා විසින් එය මහජනයා විසින් පරීක්ෂා කිරීම සඳහා ලබා ගැනීමට සැලැස් විය යුතුය. මහජනයා විසින් පරීක්ෂා කිරීම සඳහා සැලැස්ම ලබා ගැනීමට සලස්වන ලද දින සිට දින හැටක් ඇතුළත, ඒ පිළිබඳව වූ යම් අදහස් දැක්වීම් කවර හෝ තැනැත්තකු විසින් අමාත්‍යවරයා වෙත ලිඛිතව ඉදිරිපත් කළ හැකි ය. (4) (3) වන උපවගන්තියෙහි සඳහන් දින හැටක කාලය අවසාන යේ දී, ඒ උපවගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද යම් අදහස් දැක වීම් කෙරෙහි සැලකිලිමත්ව, අවශ්‍ය යයි අමාත්‍ය වරයා විසින් අදහස් කරන යම් මඳ වශයෙන් වූ වෙනස් කිරීම් වෙතොත්, ඒවාට යටත්ව අමාත්‍යවරයා විසින් සැලැස්ම තාව කාලිකව අනුමත කරනු ලැබිය හැකි අතර අවසාන අනුමතය සඳහා ඔහු විසින් ඒ සැලැස්ම අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. අමාත්‍ය මණ්ඩලය විසින් සැලැස්ම අනුමත කරනු ලැබූ විට, අමාත්‍යවරයා විසින්, සැලැස්ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබීමට සැලැස් විය යුතු ය. එසේ පළ කරනු ලැබූ දිනයෙහි හෝ එහි සඳහන් යපසු දිනයක හෝ සැලැස්ම ක්‍රියාත්මක විය යුතු ය. (5) සැලැස්ම ක්‍රියාත්මක වන දිනයෙහි සිට ආරම්භ වන අවුරුදු හතරක කාලය තුළ සහ සැලැස් මේ සෑම ප්‍රතිශෝධනයකම දින සිට අවුරුදු හතරක කාලය ඇතුළත සැලැස්ම ප්‍රතිශෝධනය කරනු ලැබිය යුතු අතර, (2) වන, (3) වන සහ (4) වන උපවගන්තිවල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ සෑම ප්‍රතිශෝධනයක් සම්බන්ධයෙන් ම අදාළ විය යුතුය. (6) මහජනයා විසින් පෙර වෙරළ පාවිච්චි කිරීම හෝ වෙරළ කලාපය ඇතුළත යම් සංවර්ධන කටයුත්තක් හෝ විධිමත් කෙරෙන නියෝග ද ඇතුළුව සැලැස්මේ විධිවිධාන කිසිවක් බලගැන්වීම සඳහා අවශ්‍ය නියෝග, සභාවේ නිර්දේශ මත අමාත්‍යවරයා විසින් සාදනු ලැබිය හැකි ය. (7) මහජනයා විසින් පෙර වෙරළ පාවිච්චි කිරීම සීමා කෙරෙන හා පාලනය කෙරෙන හෝ වෙරළ කලාපය ඇතුළත යම් සංවර්ධන කටයුත්තක් තහනම් කෙරෙන හෝ පාලනය කෙරෙන නියෝග ද ඇතුළුව සැලැස්මේ විධිවිධාන කිසිවක් බල ගැන්වීම සඳහා අවශ්‍ය නියෝග අමාත්‍යවරයා විසින් සාදනු ලැබිය හැකි ය. 13. නියමිත දිනයට පසු සහ සැලැස්ම ක්‍රියාත් ත්මක වන දිනයට පෙර 14 වන වගන්තිය යටතේ අවසර පත්‍රයක් සඳහා අධ්‍යක්ෂ වරයා වෙත ඉල් ලීමක් කරනු ලැබූ විට, ඒ වගන්තිය යටතේ අවසර පත්‍රයක් නිකුත් කළ යුතු ද යන වග නිශ්චය කිරීමේ දී උපයෝගි කරගනු ලැබිය යුතු උපමාන, අමාත්‍යවරයා විසින්, වෙරළ කලාපයේ දීර්ඝ කාලීන ස්ථායිතාව, ඵලදායකත්වය සහ පරිසරයේ තත්ත්වය කෙරෙහි සැලකිලිමත්ව නියම කළ හැකි ය. 111 වන කොටස අවසර පත්‍ර පිළිබඳ කාර්ය පටිපාටිය 14. (1) වෙනත් යම් නීතියක විධිවිධාන වල කුමක් සඳහන් වුව ද, අධ්‍යක් ෂවරයා විසින් තත් කාර්යය සඳහා නිකුත් කරන ලද අවසර පත්‍රයක අධිකාරය යටතේ හැර කිසිම තැනැත්තකු විසින් වෙරළ කලාපය ඇතුළත යම් සංවර්ධන කාර්යයක නිරත නොවිය යුතුය. (2) වෙරළ කලාපයේ දීර්ඝ කාලීන ස්ථායිතාව, ඵලදායකත්වය සහ පරිසරයේ තත්ත්වය කෙරෙහි එම සංවර්ධන කටයුතු වලින් ඇතිවන බලපෑම් පිළිබඳව සැලකිලිමත්ව,(1) වන උපවගන්තිය යටතේ නිකුත් කරනු ලබන අවසර පත්‍රයක් නෙ මැතිව, වෙරළ කලාපය ඇතුළත නිරත විය හැකි සංවර්ධන කාර්ය වර්ග අමාත්‍ය වරයා විසින් නියම කරනු ලැබිය හැකි ය. (3) වෙරළ කලාපය ඇතුළත යම් සංවර්ධන කාර්යයක නිරත වීමට අවසර පත්‍රයක් සඳහා වූ ඉල්ලීමක් නියමිත ආකාරයට අධ්‍යක් ෂවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. එවැනි සෑම ඉල්ලී මම නියමිත ආකෘතිය අනුව විය යුතු අතර නියමිත විස්තර එහි ඇතුළත් විය යුතුය. තව ද නියමිත ගාස්තුව ඒ සමඟ ඉදිරිපත් කරනු ලැබිය යුතුය. 15. යෝජිත සංවර්ධන කාර්යය - (අ) වෙරළ කලාපය කළමනාකරණය කිරීමේ සැලැස්මට සහ ඒ සැලැස්ම බලාත්මක කිරීමට සාදන ලද යම් නියෝගවලට අනුකූල වන්නේ නම් හෝ ඉල්ලුම් පත්‍රය ලැබුනේ ඒ සැලැස්ම ක්‍රියාත්මක වීමේ දිනයට පෙර නම් 13 වන වගන් තිය යටතේ නියමිත උපමාන සෑහීමට පත් කර ඇත් නම්; සහ (ආ) වෙරළ කලාපයේ ස්ථායිතාව, ඵලදායකත්වය සහ පරිසර යේ තත්ත්වය කෙරෙහි අන්‍යාකාරයකින් හානිකර බල පෑමක් ඇති නොකරන්නේ නම් මිස මේ කොටස යටතේ කිසිම අවසර පත්‍රයක් අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරනු නොලැබිය යුතු ය. 16. (1) වෙරළ කලාපය ඇතුළත සංවර්ධන කාර්යයක නිරත වීමට අවසර පත්‍රයක් සඳහා ඉල්ලීමක් ලැබුණු විට ඒ සංවර්ධන කාර්යයට අදාළ පරිසරය කෙරෙහි බලපෑම පිළිබඳ තක් සේරු කිරීමක් සපයන ලෙස අධ්‍යක්ෂවරයා විසින් ඉල්ලුම්කරුට නියම කරනු ලැබිය හැකි අතර, ඒ නියමය අනුව ක්‍රියා කිරීම ඉල්ලුම් කරුගේ යුතුකම විය යුතුය. මේ වගන්තිය යටතේ සපයන ලද, පරිසරය කෙරෙහි බල පෑම පිළිබඳ සෑම තක් සේරු කිරීමක ම නියම කරනු ලැබිය හැකි යම් විස්තර ඇතුළත් විය යුතු ය. (2) ඉල්ලුම්කරුවකු වෙත (1) වන උපවගන්තිය යටතේ කරන ලද යම් නියමයක් අනුව ක්‍රියා කරමින් ඒ ඉල්ලුම්කරු විසින් අධ්‍යක් ෂවරයා වෙත ඉදිරිපත් කරන ලද පරිසරය කෙරෙහි බලපෑම පිළිබඳ තක් සේරුවක් ලැබුණු විට අධ්‍යක් ෂවරයා විසින්- (අ) සභාවේ අදහස් කිසිවක් ඇත්නම්, ඒවා දැක්වීම සඳහා ඒ තක් සේරුවේ පිටපතක් සභාව වෙත ඉදිරිපත් කළ යුතු ය; තව ද (ආ) ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන දැන්වීමක් මගින් ජනයා විසින් පරීක් ෂා කරනු ලැබීම පිණිස ඒ තක් සේ රුව ලබා ගත හැකි ස්ථානය සහ වේලාවන් පිළිබඳව දැනුම් දිය යුතුය. තව ද, ඒ පිළිබඳව යම් අදහස් දැක්වීම් වෙතොත්, ඒ අදහස් දැක්වීම් ඉදිරිපත් කිරීමට මහජන යාට ආරාධනය කළ යුතු ය. (3) (අ) (1) වන උපවගන්තිය යටතේ සභාව වෙත පරිසරය කෙරෙහි බලපෑම් පිළිබඳ තක්සේරුවක් ඉදිරිපත් කරනු ලැබූ දින සිට දින හැටක් ඇතුළත, සභාව විසින් ඒ පිළිබඳව යම් අදහස් දැක්වීම් වෙතොත් ඒ අදහස් දැක්වීම් අධ්‍යක් ෂවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය; (ආ) ඒ තක්සේරුවට අදාළ (2) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ වූ දැන්වීමක් ගැසට් පත්‍රයෙහි පළ කරන ලද දිනයෙහි සිට දින තිහක් ඇතුළත මහජන යාගෙන් යම් තැනැත්තකුට ඒ පිළිබඳව, යම් අදහස් දැක් වීම් වෙතොත් ඔහු විසින් ඒ අදහස් දැක් වීම් අධ්‍යක් ෂවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය හැකිය. (4) වෙරළ කලාපය ඇතුළත සංවර්ධන කාර්යයක නිරත වීමට යම් තැනැත්තකුට බලය දෙමින් 14 වන වගන්තිය යටතේ අවසර පත්‍රයක් නිකුත් කළ යුතු ද යන වග තීරණය කිරීමේ දී ඒ කාර්ය යට අදාළ පරිසරය කෙරෙහි බලපෑම පිළිබඳ තක්සේරුව සම්බන්ධ යෙන් ( 3 ) වන උපවන්තිය යටතේ යම් අදහස් දැක්වීම් කර තිබුනේ නම් ඒ අදහස් දැක්වීම් කෙරෙහි ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතේ විධිවිධාන යටතේ නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශිත යම් ප්‍රදේශ යක නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද සංවර් ධන යෝජනා ක්‍රම කිසිවක් කෙරෙහි ද අධ්‍යක් ක්ෂවරයා සැලකිලිමත් විය යුතු ය. (5 ) (3) වන උපවගන්තිය යටතේ කරන ලද අදහස් දැක්වීම් කිසිවක් තමා වෙත ලැබී දින හැටක් ඇතුළත අධ්‍යක් ක්ෂවරයා විසින් (4) වන උපවගන්තියෙහි සඳහන් තීරණය කළ යුතුය. 17. වෙරළ කලාපය කළමනා කරණය කිරීමේ සැලැස්ම හෝ වෙරළ සංරක්ෂණය කිරීම සඳහා වූ යම් වැඩ යෝජනා ක්‍රමයක් කෙරෙහි සැලකිලිමත්ව වෙරළ කලාපයේ නිසි කළමනාකාරිත් වය සඳහා අවශ්‍ය යයි අධ්‍යක් ෂවරයා සලකන යම් කොන්දේසි, මේ කොටස යටතේ නිකුත් කරනු ලබන යම් අවසර පත්‍රයක අධ්‍යක්ෂ වරයා විසින් ඇතුළත් කරනු ලැබිය හැකි ය. 18. (1) 14 වන වගන්තිය යටතේ නිකුත් කරනු ලබන අවසර පත්‍රයක් අධ්‍යක්ෂවරයා විසින් එහි නියම කරනු ලබන යම් කාල යක් තුළ බලාත්මකව පැවතිය යුතු ය. (2) අවසර පත්‍ර හිමියකු විසින්, ඒ අවසර පත්‍රයේ කාලය ඉකුත් වීමේ දිනයට එක් මාසයකට නොඅඩු කාලයකට පෙර ඒ අවසර පත්‍රය අලුත් කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි ය. අවසර පත්‍ර යක් අලුත් කිරීම සඳහා වූ ඉල්ලීමක් නියමිත ආකෘතියෙහි විය යුතු අතර නියමිත ගාස්තුව ඒ සමඟ ඉදිරිපත් කළ යුතුය. (3 ) අවසර පත්‍ර හිමියකු විසින් ඒ අවසර පත්‍රය වෙනත් තැනැත් තකුට පැවරීමට අපේක්ෂා කරන අවස් ථාවක, ඔහු විසින් ඒ පැවරීම සඳහා අවසරය අධ්‍යක් ෂවරයාගෙන් ඉල්ලා සිටිය හැකි අතර, නියමිත ගාස්තුව ගෙවීමට යටත්ව, අධ්‍යක්ෂවරයා විසින් ඒ පැවරීමට අවසරය නියමයක් මගින් දෙනු ලැබිය හැකි ය. 19. (අ) අවසර පත්‍ර හිමියා විසින් යම් අවසර පත්‍රයක් ඇතුළත් කොන්දේ සිවලින් යම් කොන්දේසියක් කඩ කර ඇති බවට ; හෝ (ආ) වෙරළ කලාපයේ නිසි කළමනාකාරිත් වය සඳහා අවසර පත්‍රය වෙනස් කිරීම හෝ ප්‍රත්‍යාදිෂ්ට කිරීම හෝ අවශ්‍ය සහ අවස් ථාවෝ චිත බවට අධ්‍යක් ෂවරයා සෑහීමට පත්වන්නේ නම්, 14 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද යම් අවසර පත්‍රයක ඇතුළත් කොන්දේසි වෙනස් කරමින් නැතහොත් ඒ අවසර පත්‍රය ප්‍රත්‍යාදිෂ්ට කරමින් හෝ නියමයක් අධ්‍ය ක්ෂවරයා විසින් කළ හැකි ය. 14 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද අවසර පත්‍රයක ඇති කොන්දේසි වෙනස් කරමින් හෝ ඒ අවසර පත්‍රය ප්‍රත්‍යාදිෂ්ට කරමින් හෝ අධ්‍යක් ක්ෂවරයා විසින් කරන ලද නියමයක ඊට හේ තු දක්වා තිබිය යුතුය. තව ද ඒ නියමයේ පිටපතක් අවසර පත්‍ර හිමියා වෙත භාර දෙනු ලැබීමට අධ්‍යක් ක්ෂවරයා විසින් සැලැස්විය යුතුය. 20. (1) අවසර පත්‍ර හිමියා විසින් යම් වැඩ යෝජනා ක්‍රමයක් ක්‍රියාවෙහි යෙදවිය යුතු යයි 14 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද අවසර පත්‍රයක ඇතුළත් යම් කොන්දේසියක් මගින් අණ කර ඇත්තා වූද ඒ වැඩ යෝජනා ක්‍රමය ක්‍රියාවෙහි යෙදවීම අවසර පත්‍ර හිමියා විසින් පැහැර හැර ඇත්තා වූ ද අවස්ථාවක, අධ්‍යක් ෂවරයා විසින්, ලිඛිත දැන්වීමක් මගින්, ඒ දැන්වීමෙහි සඳහන් යම් කාලයක් ඇතුළත ඒ වැඩ යෝජනා ක්‍රමය ක්‍රියාවෙහි යෙදවීම ආරම්භ කරන ලෙස අවසර පත්‍ර හිමියාට අණ කළ හැකි ය. (2) (1) වන උපවගන්තිය යටතේ දැන්වීමක් නිකුත් කරනු ලැබුවේ යම් තැනැත්තකු වෙත ද ඒ තැනැත්තා විසින්, ඒ දැන වීමෙහි සඳහන් වැඩ යෝජනා ක්‍රමය එහි සඳහන් කාලය ඇතුළත ක්‍රියාවෙහි යෙදවීම පැහැර හරින අවස් ස්ථාවක, ඊට කරුණු දැක්වීමට අවස්ථාවක් ඒ තැනැත්තාට දීමෙන් පසුව අධ්‍යක් ක්ෂවරයා විසින් එ වැඩ යෝජනා ක්‍රමය ක්‍රියාවෙහි යෙදවිය හැකි අතර ඒ සම්බන්ධ යෙන් දරන ලද වියදම් ඒ තැනැත්තාගෙන් අය කර ගැනීමට අධ්‍යක් ෂවරයාට හිමිකම ඇත්තේ ය. 21. 14 වන වගන්තිය යටතේ අවසර පත්‍රයක් නිකුත් කිරීම ප්‍රති ක්ෂේප කරමින් අධ්‍යක් ක්ෂවරයා විසින් කරන ලද නියමයකින් හෝ, එවැනි යම් අවසර පත්‍රයක් පැවරීමට අවසර දීම ප්‍රතික්ෂේප කරමින් 18 වන වගන්තියේ (3) වන උපවගන්තිය යටතේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද නියමයකින් හෝ, එවැනි යම් අවසර පත්‍රයක ඇතුළත් කොන්දේසි වෙනස් කරමින් හෝ එවැනි යම් අවසර පත්‍රයක් ප්‍රත්‍යාදිෂ්ට කරමින් 19 වන වගන්තිය යටතේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද නියමයකින් හෝ 20 වන වග තියේ (1) වන උපවගන්තිය යටතේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද අණ කිරීමකින් හෝ අතෘප්තියට පත් යම් තැනැත්තකු විසින්, අවස් ථාවෝචිත පරිදි, ඒ අණ කිරීම හෝ ඒ නියමය නියම කෙරෙන දැන්වීමේ දින සිට දින තිහක් ඇතුළත ඊට විරුද්ධව අභියාචනයක් වෙරළ සංරක් ෂණය පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ යේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ හැකිය. එවැනි යම් අභියාචන යක් සම්බන්ධයෙන් ලෝකවරයාගේ තීරණය අවසානාත්මක වන්නේය. 22. හාරා ඉවත් කරනු ලබන ද්‍රව්‍ය අධ්‍යක්ෂවරයා විසින් අනුමත කරනු ලැබූ බැහැර කිරිමේ ප්‍රදේශවල තැන්පත් කරනු ලබන්නේ නම්, දැනට පවත්නා යාත්‍රා කිරීමේ ඇලවල් නඩත්තු කිරීම හෝ හෑරීම හෝ සඳහා 14 වන වගන්තිය යටතේ අවසර පත්‍රයක් ලබා ගැනීමට යම් තැනැත්තකුට නියම කරනු ලබන්නේ යයි මේ පනතේ කොටසෙහි කිසිවක් තේරුම් නොකළ යුතුය. IV වන කොටස සාමාන්‍ය විධිවිධාන 23. (1) 14 වන වගන්තියේ කුමක් සඳහන් වුව ද, නියමිත දින යට ඉහතින්ම වූ දිනයෙහි බලපැවැත් වූ නීතියට අනුව නීත්‍යනුකූල වූ, වෙරළ කලාපය ඇතුළත යම් සංවර්ධන කාර්යයක ඒ නියමිත දිනයට ඉහතින්ම වූ දිනයෙහි නිරතව සිටි යම් තැනැත්තකු විසින්, ඒ කාර්යය සම්බන්ධයෙන් 14 වන වගන්තිය යටතේ අවසර පත්‍රයක් සඳහා වූ ඉල්ලීමක් නියමිත දිනයේ සිට දින විස්සක් ඇතුළත කරනු ලබන අවස්ථාවක, ඒ ඉල්ලීම නිශ්චය කරනු ලබන තෙක් ඒ තැනැත්තා ඒ කාර්යයෙහි නිරත වීම නීත්‍යනුකූල විය යුතු ය. (2) (1) වන උපවගන්තියෙහි සඳහන් තැනැත්තකු විසින් 14, වන වගන්තිය යටතේ අවසර පත්‍රයක් සඳහා කරන ලද ඉල් ලීමක් අධ්‍යක් ෂවරයා විසින් ප්‍රතික් ෂේප කරනු ලැබූ අවස්ථාවක, ඒ ඉල්ලීම කරනු ලැබුවේ යම් සංවර්ධන කාර්යයක් සම්බන්ධයෙන් ද ඒ සංවර්ධන කාර්යය සඳහා හෝ ඒ සම්බන්ධයෙන් හෝ පාවිච්චි කරන ලද යම් උපකරණයක් නැතහොත් තිරවුරු එ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අත් හැර දැමීමට සිදුවන අවස් ථාවක, එසේ අත හැර දමන ලද උපකරණ හෝ තිරවුරු වෙනුවෙන් සාධාරණ වන්දියක් ලැබීමට ඒ තැනැත්තාට හිමිකම ඇත්තේය. 24. (1) අධ්‍ය ක්ෂවරයා විසින් හෝ ඔහු විසින් ලියවිල්ලකින් බලය දෙනු ලැබූ යම් නිලධරයකු විසින් හෝ සැලැස්ම කෙරෙහි සැලකිලිමත්ව නියම කරනු ලබන යම් කොන්දේ සිවලට යටත්ව, පෙර වෙරළේ හෝ වෙරළ කලාපය ඇතුළත පිහිටි මුහුදු පත්ලේ හෝ යම් කොටසක් පරිහරණය කිරීම සඳහා අවුරුදු තුනක් ඉක්මවන යම් කාලයකට අවසර පත්‍ර නිකුත් කරනු ලැබිය හැකි ය. පරීක්ෂණයකින් (2) අවශ්‍ය යයි අධ්‍යක්ෂවරයා සලකන පසු, අවසර පත්‍රයට අදාළ කොන්දේසි කිසිවක් අවසර පත්‍රය දරන්නා විසින් කඩ කර ඇති බවට ඔහු සෑහීමට පත්වන්නේ නම්, අධ්‍යක් ෂවරයා විසින් ඒ අවසර පත්‍රය අවලංගු කරනු ලැබිය හැකි ය. (3) අධ්‍යක්ෂවරයා විසින් හෝ අධ්‍යක් ක්ෂවරයා විසින් ලියවිල්ල කින් බලය දෙනු ලැබූ යම් නිලධරයකු විසින් හෝ (4) වන උප වගන්තිය යටතේ අවසර පත්‍රයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් හෝ (2) වන උපවගන්තිය යටතේ අවසර පත්‍රයක් අවලංගු කරමින් හෝ කරන ලද යම් නියමයකින් අතෘප්තියට පත් යම් තැනැත්තකු විසින් වෙරළ සංරක්ෂණය පිළිබඳ විෂයය භාර අමාත්‍ය වරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඊට විරුද්ධව අභියාච නය කළ හැකිය. එවැනි යම් අභියාචනයක් සම්බන්ධයෙන් ලේකම් වරයා විසින් කරනු ලබන තීරණය අවසානාත්මක වන්නේ ය. 25. (1) යම් අපද්‍රව්‍යයක් හෝ ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළු වීමෙන් හෝ භෞතික ක්‍රියාකාරකමකින් වෙරළ කලාපයේ ජලයේ තත්ත්වය හෝ වෙරළ කලාපයේ ස්ථායිතාව හෝ කෙරෙහි හානි කර බලපෑමක් ඇති වන බව අධ්‍යක් ෂවරයා විසින් සොයා ගනු ලබන අවස්ථාවක, ඔහු විසින්, - (අ) ඒ අපද්‍රව්‍යයෙහි හෝ ආගන්තුක ද්‍රව්‍යයෙහි හෝ ප්‍රභවය වෙරළ කලාපය ඇතුළත නම් නැතහොත් ඒ ක්‍රියාකාරකම ඇත්තේ වෙරළ කලාපයෙහි නම් ලිඛිත දැන්වීමක් මගින්, ඒ දැන්වීමෙහි සඳහන් නිරවද්‍ය කිරීමේ ක්‍රියාමාර්ග ගන්නා ලෙස හෝ ඒ ක්‍රියා කාර කමින් වැළකෙන ලෙස ඒ සම්බන්ධ යෙන් වගකිව යුතු තැනැත්තාට නියම කළ යුතුය; තව (ආ) ඒ අපද්‍රව්‍යයෙහි හෝ ආගන්තුක ද්‍රව්‍යයෙහි ප්‍රභවය හෝ ඒ ක්‍රියාකාරකම වෙරළ කලාපය ඇතුළත නොවේ නම්, ඒ ඇතුළුවීම හෝ ක්‍රියාකාරකම වැළැක්වීම පිණිස අවශ්‍ය පියවර ගන්නා ලෙස උචිත පළාත් පාලන ආයතනයෙන් හෝ නියෝජ්‍යායතනයෙන් හෝ ඉල්ලීමක් කළ යුතු ය. (2) (1) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ අධ්‍යක්ෂ වරයා විසින් ඉල්ලීමක් කරනු ලැබූ යම් පළාත් පාලන ආයතනයක් හෝ නියෝජ්‍යායතනයක් විසින් ඒ ඉල්ලීම අනුව ක්‍රියා කිරීමට ස්වකීය බලය ඇතුළත සියලු පියවර ගනු ලැබිය යුතුය. එවැනි යම් ඉල්ලීමක් අනුව ක්‍රියා කිරීමට පළාත් පාලන ආයතනයකට නොහැකි වේ නම් ඒ පළාත් පාලන ආයතනය විසින් ඒ බව අධ්‍යක ෂවරයා වෙත දැනුම් දිය හැකි අතර එසේ දැනුම් දෙනු ලැබූ විට ඒ ඇතුළු වීම හෝ ක්‍රියාකාරකම වැළැක් වීම පිණිස අවශ්‍ය පියවර අධ්‍යක්ෂ වරයා විසින් ගනු ලැබිය යුතුය. 26. අධ්‍යක් ෂවරයා විසින් හෝ ඔහු විසින් සාමාන්‍යයෙන් හෝ විශේෂයෙන් ලියවිල්ලකින් බලය දෙනු ලැබූ යම් නිලධරයකු බලතල. විසින් හෝ වෙරළ කලාපය ඇතුළත වූ යම් ඉඩමකට යුක්ති සහගත යම් වෙලාවක දී ඇතුළුව, යම් වැඩ යෝජනා ක්‍රමයක් ක්‍රියාවේ යෙදවීමේ හෝ මේ පනත යටතේ නිකුත් කරන ලද යම් අවසර පත්‍රයක සඳහන් කොන්දේසි අනුව ක්‍රියා කරනු ලබන්නේ ද නැතහොත් ක්‍රියා කරනු ලැබීද යන වග නිසැකව දැන ගැනීමේ හෝ මේ පනත යටතේ හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝගයක යම් බලයක් ක්‍රියාත්මක කිරීමට හෝ යම් කර්තව්‍යයක් ඉටුකිරීමට මූලික වූ හෝ ආනුෂංගික වූ යම් සමීක්ෂණයක්, පරීක්ෂණයක් හෝ විමර්ශනයක් කිරීමේ කාර්යය සඳහා සාධාරණ ලෙස අවශ්‍ය යම් ක්‍රියා කිරීම නීත්‍යනුකූල විය යුතු ය. 27. මේ පනත යටතේ නිකුත් කරන ලද අවසර පත්‍රයක අධිකා රය යටතේ වෙරළ කලාපය ඇතුළත යම් සංවර්ධන කාර්යයක නිරත වී සිටින යම් තැනැත්තකු වෙත අධ්‍යක්ෂවරයා විසින් යවනු ලබන ලියවිල් ලකින් වූ දැන්වීමක් මගින්, ඒ දැන්වීමෙහි නියම කරනු ලබන වාර්තා සහ තොරතුරු තමා වෙත සපයන ලෙස අධ්‍යක්ෂ වරයා විසින් ඒ තැනැත්තාට නියම කළ හැකි අතර, ඒ දැන්වීමෙහි නියමයන් අනුව ක්‍රියා කිරීම ඒ තැනැත්තාගේ යුතුකම විය යුතුය. 28. (1) 14 වන වගන්තියේ විධිවිධාන කඩ කරමින් ක්‍රියා කරන යම් තැනැත්තකු මේ පනත යටතේ වරදක් කරන අතර, මහෙස් ත්‍රාත්වරයකු ඉදිරියෙහි පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් වරදකරු කරනු ලැබූ විට, පළමුවරට කරන ලද වරදක් සම්බන්ධ යෙන් නම් රුපියල් පන්සියයකට නොඅඩු වූද රුපියල් විසි පන් දහසක් නොඉක්මවන්නා වූද දඩයකට හෝ එක් අවුරුද්දක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ දෙවන වරට කරන ලද නැතහොත් තදනන් තර වරදක් සම්බන්ධයෙන් නම් රුපියල් එක් දහසකට නොඅඩු වූද රුපියල් පනස් දහසක් නොඉක්මවන්නා වූ ද දඩයකට හෝ අවුරුදු දෙකක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරිමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතුය. (2) (1) වන උපවගන්තිය යටතේ වූ වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තකු වරදකරු කරනු ලැබූ විට, ඒ වරද සිදු කිරීමෙහිලා හෝ ඒ සම්බන්ධයෙන් හෝ පාවිච්චි කරන ලද යම් යාත්‍රාවක්, නැවක්, බෝට්ටුවක්, වාහනයක්, උපකරණයක් හෝ යන්ත්‍රයක් ඒ යාත්‍රාවෙහි, නැවෙහි, බෝට්ටුවෙහි හෝ වාහනයෙහි තිබී සොයා ගනු ලබන යම් භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක්ද සමඟ රාජ්‍යසන්තක බව ප්‍රකාශ කරමින් මහෙස්ත්‍රාත් වරයා විසින් ආඥාවක් කරනු ලැබිය. හැකිය. ඒ ආඥාව කරනු ලැබූ විට ආඥාවෙහි සඳහන් දේ පළ නිරපේක්ෂ වශයෙන් රාජ්‍යය සතු විය යුතුය. ඒ සතු වීම - (අ) රාජ්‍යසන්තක කිරීමේ ආඥාවට විරුද්ධව අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබිය හැකිවන්නේ යම් කාලයක් ඇතුළතද ඒ කාලය ඉකුත් වීමෙන් පසුව; හෝ (ආ) රාජ්‍යසන් තර්ක කිරීමේ ආඥාවට විරුද් ධව අභියාචනාධි කරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබ ඇති අවස්ථාවක, රාජ්‍යසන්තක කිරීමේ ආඥාව ස්ථිර කරමින් හෝ අනුමත කරමින් අභියාචනය තීරණය කරනු ලැබූ විට; හෝ බලාත්මක විය යුතු ය: එසේ වුවද යම් යාත්‍රාවක්, නැවක්, බෝට්ටුවක්, වාහනයක්, උපකරණයක්, යන්ත්‍රයක්, භාණ්ඩයක් හෝ ද්‍රව්‍යයක් වරද සම්බන් ධයෙන් වරදකරු කරනු ලැබූ තැනැත්තා නොවන වෙනත් තැනැත් තකුට අයත් බව ඔප්පු කරනු ලැබුවහොත්, සහ වරද සිදු කිරීමෙහි ලා හෝ ඒ සම්බන්ධයෙන් එය පාවිච්චි කරනු ලබන්නේ යයි තමා දැන නොසිටි බව ඒ වෙනත් තැනැත්තා විසින් අධිකරණය සෑහීමට පත් කරනු ලැබුවහොත් ඒ යාත්‍රාව, නැව, බෝට්ටුව, වාහනය, උප කරණය, යන්ත්‍රය, භාණ්ඩය හෝ ද්‍රව්‍යය මුදාහරිමින් අධිකරණය විසින් අඥාවක් කරනු ලැබිය හැකි ය. 29. (අ) 25 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදය යටතේ අධ්‍යක් ෂවරයා විසින් යවන ලද දැන්වීමක නියම අනුව ක්‍රියා කිරීම පැහැර හරින්නා වූ; (ආ) අධ්‍යක් ෂවරයා වෙත හෝ යම් නිලධරයකු වෙත පවරන ලද යම් බලයක් ක්‍රියාත්මක කිරීමේ දී ඒ අධ්‍යක්ෂවරයාට හෝ ඒ නිලධරයාට ප්‍රති රෝධය පාන්නා වූ හෝ බාධා පමුණුවන්නා වූ; (ඈ) 27 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද දැන වීමක නියම අනුව ක්‍රියා කිරීම පැහැර හරින්නා වූ; (ඈ ) 27 වන වගන්තිය යටතේ අධ්‍යක් ෂවරයා විසින් නිකුත් කරන ලද දැන්වීමක් අනුව ක්‍රියා කිරීමේ දී තමා විසින් සපයන ලද යම් වාර්තාවක හෝ තොරතුරක අසත්‍ය හෝ සාවද්‍ය බව තමා දන්නා යම් ප්‍රකාශයක් කරන්නා වූ යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් එක්දහස් පන්සියයකට නොඅඩු වූ ද රුපියල් විසිපන් දහසක් නොඉක්මවන්නා වූ ද දඩය කට හෝ මාස හයක් නොඉක් මවන්නා වූ කාලයක් සඳහා දෙයාකාර යෙන‍් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතුය. :39. (1) මේ පනත යටතේ වරදකට වරද කරු වන සෑම අතිරේක තැනැත්තකුම, 28 වන සහ 29 වන වගන්ති යටතේ නියම කර දඩය ඇති දඩවලට අතිරේකව, වරද කරු කරනු ලැබීමෙන් පසු වරද නොකඩව කරගෙන යනු ලබන එක් එක් දිනය සඳහා රුපියල් පන්සියයක් නොඉක්මවන දඩයකට යටත් විය යුතුය. (2) මේ පනත, ඔත්තු සපයන්නන්ට තෑගි දීමේ ආඥාපනතේ උප ලේඛනයෙහි දක්වා ඇති ප්‍රඥප්තියක් ලෙස සලකනු ලැබිය යුතු ය. 31. (1) කිසිම තැනැත්තකු විසින් නියමිත දින සිට වෙරළ වෙරළ කලාපයෙහි යම් කොටසක අනවසරයෙන් කරන ලද කිසියම් ඉදි කිරීමක්, නිවාසයක්, ගෙපතක්, මඩුවක් හෝ වෙනත් ගොඩ නැගිල්ලක් ඉදිකිරීම හෝ ගොඩ නැඟීම හෝ කරනු නොලැබිය යුතුය. ( 2 ) ඒ ඉදි කිරීමෙහි, නිවාසයෙහි, ගෙපතෙහි, මඩුවෙහි හෝ වෙනත් ගොඩ නැගිල්ලෙහි ප්‍රකටව පෙනෙන යම් කොටසක දැන්වීමක් ඇලවීමෙන් අවස්ථාවෝචිත පරිදි, අයිතිකරු හෝ පදිංචිකරු වෙත කරනු ලබන දැනුම් දීමක් මඟින් අධ්‍යක්ෂවරයා විසින්, ඒ උන් වීමෙහි ඔහු විසින් සඳහන් කරනු ලබන යම් කාලයක් ඇතුළත, ඒ අනවසරයෙන් කරන ලද ඉදි කිරීම, නිවාසය, ගෙපත, මඩුව වෙනත් ගොඩ නැගිල්ල බිඳ හෙළා ඉවත් කරන ලෙස එහි අයිති කරුට හෝ පදිංචිකරුට විධාන කරනු ලැබිය හැකිය. (3) (2) වන උපවගන්තිය යටතේ අධ්‍යක් ෂවරයා විසින් කරන ලද යම් විධානයකින් අතෘපතියට පත් යම් තැනැත්තකු විසින්, දැන්වීම අලවනු ලැබූ දින සිට දින තුනක් ඇතුළත ඊට විරුද්ධව වෙරළ සංරක් ෂණය විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අභියාචනය කළ හැකි ය. එවැනි අභියාචනයක් සම්බන්ධයෙන් ලේකම්වරයාගේ තීරණය අවසානාත්මක විය යුතු ය. (4) දැන්වීමෙහි සඳහන් කාලය ඇතුළත හෝ අභියාචනය ප්‍රතික් ෂේප කරනු ලැබූ විටෙක ලේකම්වරයා විසින් නියම කරනු ලබන යම් කාලයක් ඇතුළත හෝ එවැනි යම් ඉදි කිරීමක්, නිවාසයක්, ගෙප තක්, මඩුවක් හෝ වෙනත් ගොඩනැගිල්ලක් බිඳ හෙළා ඉවත් කර නොමැති අවස් ථාවක, අධ්‍යක් ෂවරයා විසින් ඒ ඉදි කිරීම, නිවාසය. ගෙපත, මඩුව හෝ වෙනත් ගොඩනැගිල්ල බිඳ හෙළා ඉවත් කරනු ලැබීමට සැලැස් විය යුතු අතර, එසේ කිරීමෙහි ලා අධ්‍යක් ෂවරයා විසින් දරන ලද වියදම් රජයට ලැබිය යුතු ණයක් වශයෙන් එහි අයිතිකරුගෙන් හෝ පදිංචිකරුගෙන් හෝ අයකර ගනු ලැබීය යුතු ය. 32. (1) මේ පනත යටතේ යම් කාරණයක් නියෝග සෑදීමට බලය දී තිබේ ද නැතහොත් යම් කාරණයක් සම් බන්ධයෙන් නියෝග සැදීමට නියම කර තිබේ ද එවැනි යම් කාරණ යක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකි ය. (2) අමාත්‍යවරයා විසින් සාදන ලද සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු අතර, ඒ නියෝග, එසේ පළ කරනු ලැබූ දිනයෙහි හෝ නියෝගයෙහි සඳහන් යම් පසු දිනයක හෝ ක්‍රියාත්මක විය යුතු ය. (3) අමාත්‍යවරයා විසින් සාදනු ලබන සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබීමෙන් පසු හැකි පහසු ඉක්මණින් අනු මතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. එසේ අනුමත කරනු නොලැබූ යම් නියෝගයක් එහි අනනුමතයේ දින සිට, එහෙත් ඒ යටතේ කලින් කරන ලද කිසිවකට හානියක් නොමැතිව, පරිච්ඡින්න කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය. යම් නියෝගයක් යම් දිනයක සිට එසේ පරිච්ඡින්න කරනු ලැබු ලෙස සලකනු ලැබේ ද ඒ දිනය පිළිබඳ දැන්වීම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතුය. 33. (1) රජයේ ඉඩම් ආඥාපනතේ 62 වන වගන්තිය යටතේ දිසාපතිවරයකු විසින් හෝ නියමිත නිලධරයකු විසින් හෝ නිකුත් කරන ලද සෑම අවසර පත්‍රයක්ම, මේ පනතේ 24 වන වගතියේ (1) වන උපවගන්තිය යටතේ නිකුත් කරන ලද අවසර පත්‍රයක් ලෙස සලකනු ලැබිය යුතු ය. (2) රජයේ ඉඩම් ආඥාපනතේ 59 වන වගන්තිය යටතේ සාදන ලද සෑම නියෝගයක් ම, මේ පනතේ 32 වන වගන්තිය යටතේ සාදන ලද නියෝගයක් ලෙස සලකනු ලැබිය යුතුය. (3) රජයේ ඉඩම් ආඥාපනතේ 63 වන වගන්තිය යටතේ ප්‍රදානය කරන ලද සෑම බලපත්‍රයක්ම, මේ පනතේ 14 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද අවසර පත්‍රයක් ලෙස සලකනු ලැබිය යුතුය. 34. වෙරළ කලාපය හෝ වෙරළ කලාපයේ පස හෝ ජාතික රාජ්‍ය සභාවේ 1976 අංක 22 දරන සමුද්‍රීය කලාප පිළිබඳ පනත යටතේ ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරය ලෙස ප්‍රකාශිත සමුද්‍ර ප්‍රදේශය විෂයයෙහි නැතහොත් ඒ සම්බන්ධයෙන් ජන රජයට ඇති බලතල හෝ අයිති වාසිකම් මේ පනතෙහි ඇතුළත් කිසිවකින් හීන වන්නේ තේ රුම් නොකළ යුතුය. 35. මේ පනත යටතේ හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝග යක් යටතේ හෝ අධ්‍යක් ෂවරයා, නියෝජ්‍ය අධ්‍යක් ෂවරයකු, යම් සහකාර අධ්‍යක් ෂවරයකු, හෝ වෙනත් නිලධරයකු විසින් සද්භාව යෙන් කරන ලද හෝ කරන ලදැයි අදහස් කරනු ලබන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඒ අධ්‍යක් ෂවරයාට, නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයාට, සහකාර අධ්‍යක් ෂවරයාට හෝ වෙනත් නිලධරයාට විරුද්ධව කිසිම සිවිල් නඩුවක්, අපරාධ නඩුවක් හෝ වෙනත් නඩු කටයුත් තක් පවරනු නොලැබිය යුතු ය. V වන කොටස ඇතැම් ලිඛිත නීති සංශෝධනය කිරීම සහ සුළු වශයෙන් වෙනස් කිරීම. 36. (1) (අ) වෙරළ කලාපය සම්බන්ධයෙන් යම් සංවර්ධන කාර්යයක නිරත වීමට යම් තැනැත් තකුට බලය දෙන යම් අවසර පත්‍රයක් හෝ වෙනත් අධිකාර යක් ප්‍රදානය කිරීමට; හෝ (ආ) වෙරළ කලාපයට අදාළව යම් වැඩ යෝජනා ක්‍රම සකස් කිරීමට හෝ ඒවා ක්‍රියාවෙහි යෙදවීමට යම් බලයක් හෝ කාර්යයක් යම් තැනැත්තකු හෝ අධිකාරියක් වෙත පවරන හෝ නියම කරන විධිවිධානයක් යම් ලිඛිත නීතියක ඇති අවස් ථාවක, වෙරළ සංරක්ෂණ විෂයය භාර අමාත්‍යවරයා විම සීමේන් පසුව පමණක් ඒ බලය ක්‍රියාත්මක කිරීමට හෝ ඒ කාර්ය ඉටු කිරීමට ඒ තැනැත්තාට හෝ අධිකාරියට හැකියාව ලැබෙන්න්නේ යයි නැතහොත් නියම වන්නේ යයි යනුවෙන් ඒ විධිවිධානය තේරුම් කරනු ලැබිය යුතුය. (2) මේ පනතේ 39 වන, 40 වන, 41 වන සහ 42 වන වගන්ති වලින් කරනු ලබන සංශෝධන වලින් (4) වන උපවගන්තියේ විධිවිධානවල ව්‍යාප්තිය කෙරෙහි හානියක් නොවන්නේය. 37. නිවාස සහ නගර සංවර්ධන ආඥාපනතේ 56 වන වගන්තිය අගට පහත දැක්වෙන අලුත් උපවගන්තිය එකතු කිරීමෙන් වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (4) වෙරළ සංරක්ෂණ විෂයය භාර අමාත්‍යවරයා විමසීමෙන් පසුව මිස, වෙරළ කලාපය ඇතුළත පිහිටි යම් ප්‍රදේශයක් සඳහා සැලසුම් කරන ලද යම් සංවර්ධන යෝජනා ක්‍රමයකට අනුමතය දීමට අමාත්‍යවරයාට බලය පැවරෙන්නේ යයි මේ වගන්තියෙහි ඇතුළත් කිසිවක් තේරුම් නොකළ යුතුය. "මේ උපවගන්තියෙහි " වෙරළ කලාපය " යන් නෙහි 1981 වෙරළ සිංරක ෂණ පනතෙහි ඊට දී ඇති අර්ථයම ඇත්තේය. " 38. නගර හා ග්‍රාම නිර්මාණ ආඥාපනතේ 29 වන වගන්තිය අගට පහත දැක් වෙන අලුත් උපවගන් තිය එකතු කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- "(3 ) වෙරළ සංරක්ෂණ විෂයය භාර අමාත්‍යවරයා විමසීමෙන් පසුව මිස, වෙරළ කලාපය ඇතුළත පිහිටි යම් ඉඩම් ප්‍රදේශයකට අදාළ යම් විධි විධානයක් ඇතුළත් යම් යෝජනා ක්‍රම කෙටුම් පතක 25 වන වගන්තිය හෝ 28 වන වගන්තිය හෝ යටතේ අමාත්‍යවරයා විසින් තාවකාලික වශයෙන් අනුමත කිරීම් හෝ ඊට අනුඥාව දීම හෝ නොකළ යුතුය. මේ උපවග තියෙහි " වෙරළ කලාපය '' යන්නෙහි 1981 (වෙරළ සංරක් ෂණ පනතෙහි ඊට දී ඇති අර්ථයම ඇත්තේය. '' 39. 1968 අංක 14 දරන සංචාරක සංවර්ධන පනතේ 7 වන සහ 8 වන වගන්ති මෙයින් ඉවත් කරනු ලැබේ. 40. ජාතික රාජ්‍ය සභංවේ 1973 අංක 4 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 13 වන වගන්තියේ (1) වන උපවගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (අ) ඒ උපවගන්තියේ (iii) වන ඡේදයේ " ඇත්දැයි සොයා බැලීමට යන වචන වෙනුවට " ඇත්දැයි සොයා බැලීමට සහ යන වචන ආදේශ කිරීමෙන්; සහ (ආ) ඒ උපවගන්තිය අගට පහත දැක්වෙන අලුත් ඡේදය එකතු කිරීමෙන්:- "(iv) 1981 වෙරළ සංරක්ෂණ පනතෙහි අර්ථ කථනය කර ඇති පරිදි, වෙරළ කලාපය ඇතුළත පිහිටි යම් ඉඩමක ය ඛනිජ ද්‍රව්‍ය කැනීම හෝ ඇත්දැයි සොයා බැලීම වෙරළ සංරක් ෂණ විෂයය භාර අමාත්‍යවරයාගේ අනුමතය නොමැතිව නොකිරීමට . 41. පස සංරක්ෂණ පනතේ 14 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් එහි ඇතුළත් කරනු ලබන අතර එය ඒ පනතේ 11 අ වගන්තිය වශයෙන් බලාත් මක විය යුතු ය:- 11. (1) වෙරළ කලාපය ඇතුළත පිහිටි යම් ඉඩම් ප්‍රදේශයක් සම්බන්ධයෙන් 3 වන වගන්තිය යටතේ යම් නියමයක් කිරීමට අමාත්‍යවරයාට බලය පැවරෙන්න්නේ යයි ඒ වගන්තියෙහි ඇතුළත් කිසිවක් තේරුම් නොකළ යුතු ය. (2) වෙරළ කලාපය ඇතුළත පිහිටි යම් ඉඩම් ප්‍රදේශයක් සම්බන්ධයෙන් වූ ද මේ වගන්තිය බලාත්මක වන දිනයෙහි වලංගුව බලපැවතියා වූ දෑ 3 වන වගන්තිය යටතේ වු සෑම නියමයක් මී ප්‍රත්‍යාදිෂ්ට කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය. (3) වෙරළ කලාපය ඇතුළත පිහිටි යම් ඉඩමක සම්බන්ධයෙන් හෝ එවැනි ඉඩමකට අදාළව හෝ 6 වන වගන්තිය යටතේ නියෝග සෑදීමට අමාත්‍ය වරයාට බලය පැවරෙන්නේ යයි ඒ වගන්තියෙහි ඇතුළත් කිසිවක් තේරුම් නොකළ යුතුය. (4) 6 වන වගන්තිය යටතේ සාදනු ලැබ මේ වගන්තිය බලාත්මක වන දිනයෙහි ක්‍රියාත්මකව පැවති සෑම නියෝගයක් ම, වෙරළ කලාපය ඇතුළත පිහිටි යම් ඉඩමකට හෝ ඉඩමක සම්බන්ධයෙන් හෝ අදාළ නොවන්නේ යයි සලකනු ලැබිය යුතුය. මේ වගන්තියෙහි '' වෙරළ කලාපය යන්නෙහි 1981 වෙරළ සංරක්ෂණ පනතෙහි ඊට දී ඇති අර්ථ ය ම ඇත්තේය.' පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුව හොත් මිස, මේ පනතෙහි වෙරළ ' යන් ස්නෙන්, මුහුදු ජලයෙන් යට වී නොමැති මුහුදට යාබද බිම් තීරය අදහස් වේ; වෙරළ සංරක්ෂණය " යන්නෙන්, මුහුදු කැමෙන් හෝ මුහුදට යට වීමෙන් වෙරළ ආරක්ෂා කිරීම සහ සුරක් ෂිත කිරීම අදහස් වන අතර, වෙරළ කලාපය ඇතුළත සංවර්ධන කටයුතු සැලසුම් කිරීම සහ කළමනා කරණය කිරීම ද ඊට ඇතුළත් වේ: වෙරළ කලාපය යන්නෙන්, මාධ්‍ය වඩදිය ඉම සිට ගොඩබිම දෙසට මීටර් තුන් සියයක සීමාවක් සහ මාධ්‍ය බාදිය ඉම සිට මුහුද දෙසට කිලෝ මීටර් දෙකක සීමාවක් ඇතුළත පිහිටි ප්‍රදේශය අදහස් වන අතර ස්ථිර වශයෙන් හෝ කලින් කල මුහුදට සම්බන්ධ වූ ගංඟා, දිය පාරවල්, කලපු හෝ වෙනත් යම් ජලකඳක් සම්බන්ධයෙන් වන විට, ගොඩ බිම දෙසට වූ මායිම්, ඒවායේ ස්වාභාවික ඇතුළු වීමේ ලක්ෂ්‍ය අතර අඳින ලද සෘජු පාද රේඛාවකට ලම්බකව මනින ලද කිලෝ මීටර් දෙකක සීමාවකට ව්‍යාප්ත විය යුතු අතර, එසේ මුහුදට සම්බන්ධ වූ ඒ ගංගා, දිය පාරවල් සහ කලපු හෝ වෙනත් යම් ජලකඳක් ද ඊට ඇතුළත් වේ: වෙරළ ඉමු " යන්නෙන්, මාධ්‍ය මුහුදු මට්ටමේ දී ජල තලය වෙරළ සමඟ ඡේදනය වන රේඛාව අදහස් වේද සංවර්ධන කාර්යය '' යන්නෙන් කවර හෝ ආකාරයකින් වෙරළ කලාපයේ භෞතික ස්වභාවය වෙනස් කිරීමට ඉඩ ඇති යම් කාර්යාවලියක් අදහස් වන අතර, ගොඩනැගිලි සහ කර්මාන්ත ඉදි කිරීම; මෝය වලින්, යාත්‍රා වලින් හෝ වෙ නත් මාර්ග වලින් අපද්‍රව්‍ය හෝ වෙනත් ද්‍රව්‍ය තැන්පත කිරීම; වැලි, හිරි ගල්, සිප්පි කටු, ස්වාභාවික වෘක්ෂලතා දිය, මුහුදු පැලෑටි හෝ වෙනත් ද්‍රව්‍ය ඉවත් කිරීම; හෑරීම සහ පිරවීම; ඉඩම් සංස්කරණය සහ ඛනිජ ද්‍රව්‍ය සඳහා කැණීම හෝ හැරීම ඊට ඇතුළත් වන නමුත් මසුන් ඇල් ඇතුළත් නොවේ. පරිසරය කෙරෙහි බලපෑම පිළිබඳ තක්සේරුව '' යන්නෙන්, යෝජිත සංවර්ධන කාර්යයකින් ඇති විය හැකි පරිසරය හා සම්බන්ධ ප්‍රතිඵල පිළිබඳ ලිඛිත විශ්ලේෂණයක් අදහස් වන අතර, යෝජිත කාර්යය පිළිබඳ විස්තරයක් ද, යෝජිත සංවර්ධන කාර්යයෙන් පරිසරය විෂයයෙහි ඇති වන වැළැක් විය හැකි සහ වැළැක්විය නොහැකි අනිෂ්ට ප්‍රතිඵල පිළිබඳ විස්තරයක්, වෙරළ කලාපයේ පරිසරයට අඩු හානි කර වූ ඒ කාර්යයට ඇති විකල්ප පිළිබඳ විස්තරයක් සමඟ ඒ විකල්ප ප්‍රතික්ෂේප කිරීමට හේතුද සහ යෝජිත සංවර් ධන කාර්යය සඳහා අවශ්‍ය වෙනස් කළ නොහැකි හෝ ආපසු ලබා ගත නොහැකි සම්පත් භාවිතය පිළිබඳ විස්තර යක් ද ඊට ඇතුළත් වේ; පෙර වෙරළ '' යන්නෙන්, මාධ්‍ය වඩදිය ඉම් සහ මාධ්‍ය බාදිය ඉම් අතර වූ මුහුදු වෙරළ ප්‍රදේශ අදහස් මේ: ඉඩම '' යන්නට මුහුදු පත්ල සහ මුහුදු පත්ලේ හෝ මුහුදු වෙරළේ රැඳී ඇති යම් දෙයක් ඇතුළත් වේ: පළාත් පාලන ආයතනය " යන්නෙන්, යම් සංවර්ධන සභාවක්. මහ නගර සභාවක්, නගර සභාවක්, සුළු නගර සභාවක් හෝ ගම් සභාවක් අදහස් වන අතර ඒ යම් සභාවක් විසින් ක්‍රියාත්මක කරන හා ඉටු කරන බලතල වලට කාර්ය වලට කාර්යවලට සහ කර්තව්‍ය වලට අනුරූප වන්නා වූ හෝ සමාන වන්නා වූ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම සඳහා යම්කිසි නීතියකින් හෝ නීතියක් යටතේ හෝ ඇති කොට පිහිටුවන ලද කවර වූ හෝ යම් අධිකාරියක් ද ඊට ඇතුළත් වේ; ද්‍රව්‍ය '' යන්නට, ඛනිජ ද්‍රව්‍ය පිඩැලි, මුහුදු පැලෑටි සහ වෙනත් යම් වෘක්ෂලතාදිය ඇතුළත් වේ; මාධ්‍ය වඩදිය ඉම " යන්නෙන්, මාධ්‍ය මුහුදු මට්ටම් රේඛාවේ සිට ධන මීටර් 0.6 ක් අදහස් වේ; " මාධ්‍ය බාදිය ඉම '' යන්නෙන්, මාධ්‍ය මුහුදු මට්ටම් රේඛාවේ සිට සෘණ මීටර් 0.6 ක් අදහස් වේ; “ වැඩ යෝජනා ක්‍රමය '' යන්න, වෙරළ සංරක්ෂණය හෝ වෙරළ කලාපය හෝ සම්බන්ධයෙන් යෙදී ඇති විට, ඉදි කිරීමේ, වෙනස් කිරීමේ, බිඳ හෙලීමේ, කැණීමේ, ගොඩ කිරීමේ, අළුත් වැඩියා කිරීමේ හෝ නඩත්තු කිරීමේ යම් වැඩක් ඉන් අදහස් වන අතර, මුහුදු කෑමෙන් හෝ මුහුදට යට වීමෙන් වෙරළ කලාපය ආරක්ෂා කිරීමේ කාර්යය සඳහා හෝ, වෙරළ කලාපය සංවර්ධනය කිරීම සඳහා හෑරීම සහ කැණීම, යම් ද්‍රව්‍ය ඉවත් කිරීම හෝ ගොඩ ගැසීම හෝ වෘක්ෂලතාදිය වැපිරීම හෝ සිටුවීම ද ඊට ඇතුළත් වේ; මුහුද " යන්නට, යම් දිය ඇළක, කුඩා කලපුවක, බොක්කක, මෝයක හෝ යම් ගංගාවක වඩදිය ගලා යන දුරස්ථම් ස්ථානය දක්වා විහිදෙන ඒ දිය ඇළේ, කුඩා කලපුවේ, බොක්කේ, මෝයේ හෝ ගංගාවේ ජලය ඇතුළත් වේ; '' සෘජු පාදක රේඛාව " යන්නෙන්, දේශීය සමුද්‍රයේ සීමාවන් මනිනු ලබන්නා වූ පාදක රේඛාව වන ශ්‍රී ලංකා දේශීය සමුද්‍රය ප්‍රකාශයට පත් කෙරෙන ජාතික රාජ්‍ය සභාවේ 1976 අංක 22 දරන සමුද්‍රීය කලාප පිළිබඳ පනතේ 2 වන වගන්තිය යටතේ කරන ලද ප්‍රකාශනයෙහි සඳහන් පාදක රේඛාව අදහස් වේ; තවද " දේශීය සමුද්‍රය " යන්නෙන්, ජාතික රාජ්‍ය සභාවේ 1976 අංක 22 දරන සමුද්‍රීය කලාප පිළිබඳ පනත යටතේ කරන ලද ප්‍රකාශනය මගින් ශ්‍රී ලංකාවේ දේශීය සමුද්‍රය ලෙස ප්‍රකාශිත මුහුදු ප්‍රදේශය අදහස් වේ.
53
acts_1981-09-09_Ratnapura_District_Welfare_Fund_Board_of_Trustees_si
act
1981
5
1
0.993027
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 56 දරන රත්නපුර දිස්ත්‍රික්කයේ ශුභසාධක අරමුදල (භාරකාර මණ්ඩලය) පනත [සහතිකය සටහන් කළේ 1981 සැප්තැම්බර් මස 09 වන දින ] ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 4981 සැප්තැම්බර් මස 14 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වැනි කොටසේ අතිරේකයක' වශයෙන් පළ කරන ලදී. 1981 අංක 56 දරන රත්නපුර දිස් ත්‍රික්කයේ ශුභ සාධක අරමුදල (භාරකාර මණඩලය) පනත රත්නපුර දිස්ත්‍රික්කයේ ශුභ සාධක අරමුදලේ භාරකාර මණ්ඩලය සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි. රත් ත්නපුර දිස්ත්‍රික්කයේ ශුභසාධක අරමුදල යනුවෙන් හඳුන්වනු පූර්විකාව, ලබන අරමුදලක්, ඒ අරමුදලේ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම උදෙසා මුදල් ප්‍රතිපාදනය කිරීම සඳහා, මේ දක්වා රත් නපුරේ පිහිටුවා ඇති හෙයින් ද: එකී අරමුදලේ කටයුතු සහ පරමාර්ථ භාරකාර මණ්ඩලයක් විසින් මේ දක්වා ඉටු කරනු ලැබ ක්‍රියාත්මක කරනු ලැබ ඇති හෙයින් ද: සංස්ථාගත කරන ලෙස එකී භාරකාර මණ්ඩලය විසින් ඉල්ලුම් කර ඇති හෙයින් හා එකී ඉල්ලීම ඉටු කිරිම මහජන යහපත සඳහා ඉවහල් වන හෙයින් ද: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 56 දරන රත්නපුර දිස්ත්‍රික්කයේ ශුභසාධක අරමුදල (භාරකාර මණඩලය) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට සහ ඉන් පසුව (මෙහි මින් මතු “ අරමුදල '' යනුවෙන් සඳහන් කරන ලබන) රත්නපුර දිස්ත්‍රික්කයේ ශුභ සාධක අරමුදලේ භාරකාර මණ්ඩලයේ තත් කාලයේ සාමාජිකයන්, අවිච්ඡින්න පැවත්මක් සහිතව " රත්නපුර දිස්ත්‍රික් කයේ ශුභ සාධක අරමුදලේ භාරකාර මණ්ඩලය '' යන නාමයෙන් (මෙහි මින් මතු " මණ්ඩලය '' යනු වෙන් සඳහන් කරනු ලබන) සංස්ථාවක් විය යුතු ය. එකී නම යෙන් ඒ මණ් ඩලය විසින් නඩු පැවරීම සහ මණ් ඩලයට විරුද්ධව නඩු පවරනු ලැබීම ද කළ හැකි ය. තව ද මණ් ඩලය විසින් පොදු මුද්‍රාවක් තබා ගැනීම හා පාවිච්චි කිරීම කරනු ලැබිය හැකි අතර තම අභිමතය පරිදි එය වෙනස් කිරීම ද කළ හැකි ය. 3. (1) අරමුදලේ පරිපාලනය, කළමනාකරණය සහ පාලනය මණ්ඩලය වෙත පැවරෙන අතර ඒ මණ්ඩලය පහත දැක්වෙන සාමාජිකයන්ගෙන් සමන්විත විය යුතු ය:— (අ) රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ දිසා අමාත්‍යවරයා; ඔහු මණ්ඩලයේ සභාපතිවරයා විය යුතු ය; (ආ) රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ දිසාපතිවරයා; ඔහු මණ්ඩලයේ ලේකම්වරයා විය යුතු ය; (ඇ) රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කයේ දිසා අමාත්‍යවරයා විසින් නම් කළ යුතු තැනැත්තන් දෙදෙනෙක්; (ඈ ) රත්නපුර ප්‍රාදේ ශීය අධ්‍යාපන අධ්‍යක් ෂවරය (ඉ' රත්නපුර සහකාර සමාජ සේවා අධ්‍යක් පෂ්වරසා (ඊ) රත්නපුර සහකාර පළාත් පාලන අධ්‍යක් ෂවරයා; (උ) රත්නපුර දිසාපති කාර්යාලයේ ගණකාධිකාරිවරයා ; ඔහු මණ්ඩලයේ භාණ්ඩාගාරිකවරයා විය යුතුය. (2) (1) වන උපවගන්තියෙ (ඇ) ඡේදය යටතේ නම් කරන ලද මණ්ඩලයේ එක එක් සාමාජිකයා, එසේ නම් කරන ලද දින සිට, අවුරුදු දෙකක කාලයක් ධුරය දැරිය යුතු අතර තම ධුර කාලය අවසානයේ දී නැවත නම් කරනු ලැබීමට ද ඔහු සුදුසු වන්නේ ය. (3) මණ්ඩලයේ රැස්වීම් යටත් පිරිසෙයින් සෑම සය මසකට වරක්වත් පැවැත්විය යුතු ය. ලේ කම්වරයා විසින් එවැනි සෑම රැස් වීමක්ම පිළිබඳව සම්පූර්ණ දින පහක ලිඛිත දැන්වීමක් සාමාජික යන්ට දිය යුතුය. එසේ වුව ද, මණ්ඩලය රැස්විය යුතු යයි ලේකම්වරයා අදහස් කළහොත්, ඕනෑම වේලාවක, සම්පූර්ණ දින තුනක ලිඛිත දැන්වීමක් දී, මණ්ඩලයේ විශේෂ රැස්වීමක් කැඳවීමට ලේකම්වරයාට බලය ඇත්තේ ය. (4) මණ්ඩලයේ රැස්වීමක් සඳහා ගණ පූරණය සාමාජිකයන් පස් දෙනකු විය යුතුය. 4. අරමුදල (අ) මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින අරමුදලේ බැරට පැවති සියලුම මුදල් වලින්; සහ (ආ) මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයෙන් පසු අර මුදලට එකතු වන සියලු මුදල්වලින් සමන්විත විය යුතුය. 5. අරමුදලට අයත් මුදල් මණ්ඩලය තීරණය කරන ආකාරය (අ) බෞද්ධ සාසනික කටයුතු වල ප්‍රගතිය සැලසීම සඳහා; (ආ) සියලු ආගම් අතර සුහදතාව සහ සමගිය වර්ධනය කිරීම අරමුණ කොට ගෙන හින්දු, මුස් ලිටි, ක්‍රිස් තියානි සහ සෙසු ආගමික සංවිධානවල කටයුතු වලට සහාය වීම සඳහා; (ඇ) ළමා පරපුරේ පොදු ශුභ සාධනයේ ප්‍රගතිය ඇති කිරීම සඳහා ; (ඈ) රත්නපුර දිස්ත්‍රික් කරය් ජාතික කලා ශිල්ප වැඩි දියණු කිරීමට සහ නඟා සිටු වීමට ප්‍රමුඛස්ථානය දෙමින් ජාතික කලා ශිල්ප වැඩිදියුණු කිරීම සහ නඟා සිටුවීම සඳහා; (ඉ) ක්‍රීඩා කටයුතු වැඩිදියුණු කිරීම සඳහා; (ඊ) රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ යහපත හෝ හිත පිණිස ඉවහල වේ යයි මණ්ඩලය අදහස් කරන වෙනත් යම් කාර්යයක් සඳහා යෙදවීම මණ්ඩලයේ කාර්යය විය යුතු ය. 6. (1) මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය, හිත කර හෝ ආනුෂංගික සියලු දේ කිරීම සඳහා මණ්ඩලයට බලය ඇත්තේ ය. (2) (1) වන උපවගන්තියෙන් පවරා ඇති බලතල වල ව්‍යාප්තියට හානියක් නොමැතිව, මණ්ඩලය විසින් පහත සඳහන් බලතල කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම කළ හැකිය:- (අ) අරමුදල් ඇති කිරීම හෝ, මුදලින් නැතහොත් ද්‍රව්‍ය වලින් ආධාර ලබා ගැනීම හෝ ත්‍යාග ලබා ගැනීම හෝ ප්‍රදානයන් ලබා ගැනීම: (ආ) යම් නිශ්චල හෝ චංචල දේපළක් කවර හෝ ආකාරයකින් අත් කර ගැනීම හා දැරීම, බද්දට කුලියට ගැනීම හෝ දීම, උකස් කිරීම. ඔඩපනය කිරීම, විකිණීම හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීම; (ඇ) අරමුදල පරිපාලනය කිරීම සඳහා අවශ්‍ය වන නිලධරයන් සහ සේවකයන් සේවයේ යෙදවීම, සේවා නියුක්ත කිරීම හා ඔවුනට පාරිශ්‍රමික ගෙවීම; සහ (ඈ) අරමුදලට අයත් මුදල් මණ්ඩලය තීරණය කරන යම් ආයෝජන වල ආයෝජනය කිරීම. 7. මණ්ඩලය විසින්, අරමුදලේ ගිණුම් පහත සඳහන් බැංකු වලින් කවර හෝ බැංකුවක පවත්වාගෙන යා යුතු ය:- (අ) රත්නපුරේ, ලංකා බැංකුව; හෝ (ආ) රත්නපුරේ, මහජන බැංකුව. 8. මේ පනතේ විධි විධාන වලට යටත්ව, මණ්ඩලය විසින් පහත වික දැක්වෙන සියලුම කරුණු සම්බන්ධයෙන් හෝ ඉන් යම් කරුණක් සම්බන්ධයෙන් හෝ රීති සාදනු ලැබිය හැකි ය :- (අ) මණ්ඩලයේ රැස්වීම්වල දී අනුගමනය කළ යුතු කාර්ය පටිපා ටිය සහ ඒ රැස්විම්වල කටයුතු පවත්වා ගෙන යාම; (ආ) මණ් ඩලයේ සාමාජිකයන්ගේ සහ මණ්ඩලයේ නිලධරයන් ගේ සහ සේවකයන්ගේ බලතල, පැවැත්ම, කාර්ය සහ කර්තව්‍ය, සහ (ඇ) අරමුදලේ දේපළ පරිපාලනය කිරීම සහ කළමනා කරණය කිරීම, එහි මුදල් වල භාරකාරත්වය සහ එහි ගිණුම් පවත්වාගෙන යාම සහ විගණනය කිරීම සහ එහි මුද්‍රාව තැබීම.
54
acts_1981-09-09_State_Lands_Recovery_of_Possession_Amendment_si
act
1981
6
1
0.988773
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 58 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 සැප්තැම්බර් මස 09 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 සැප්තැම්බර් මස 11 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 58 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) (සංශෝධන) පනත 1979 අංක 7 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 58 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය '' යනුවෙන් හඳුන්වනු ලබන 1979 අංක 7 දරන රජයේ ඉඩම් (සන්තකය ආපසු ලබා ගැනීමේ) පනතේ 6 වන වගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය, එහි 6අ වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය :- 6 අ. 5 වන වගන්තිය යටතේ කරන ලද සෑම ඉල්ලීමක් ම, ඒ ඉල්ලීමේ දින සිට, ලිත් මාස ඒ දෙකක කාල සීමාවක් ඇතුළත, අවසාන වශයෙන් විභාග කොට, අවසන් කරනු ලැබිය යුතු අතර, එවැනි යම් ඉල්ලීමක් ප්‍රකාර, 7 වන වගන්තිය හෝ 10 වන වගන්තිය යටතේ ආඥාවක්, එම ආඥාවේ සඳහන් ඉඩ මෙන් යම් තැනැත්තකු නෙරපිය යුතු බවට විධාන කරමින් අධිකරණයක් විසින් කරනු ලබන අවස්ථාවක, නෙරපීම් සඳහා වූ ඉල්ලීමේ දින සිට, මාස තුනක කාල සීමාවක් ඇතුළත, ඒ තැනැත්තන් එම ඉඩමෙන් නෙරපන බවට වග බලා ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ඒ සියලු ආඥා අධිකරණය විසින් කරනු ලැබිය යුතුය. " 3. ප්‍රධාන ප්‍රඥප්තියෙහි 11 වන වගන්තියට ඉක බිතිව ම, පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, 11 * අලුත්‍ වගන් එය, එහි 11අ වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය :- 11අ (1) 7 වන වගන්තිය හෝ 10 වන වගන් තිය යටතේ කරන ලද ආඥාවක් ක්‍රියාවේ යෙද වීමෙන් යම් ඉඩමකින් තමාව නෙරපනු ලැබීමෙන් අවුරුදු 10 ක කාල සීමාවක් ඇතුළත, වලංගු බල පත්‍රයක් යටතේ හෝ යම් ලිඛිත නීතියකට අනු කුලව ප්‍රදානය කරන ලද රජයෙ වෙනත් ලිඛිත අධීකාරයක් යටතේ හැර, ඒ ඉඩමට ඇතුල්වන යම් තැනැත්තකු, මේ පනත යටතේ වරදක් කරන අතර, මහෙස්ත්‍රාත් වරයකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබීමේ දී, අවුරුදු පහක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට බන් ධනාගාරගත කරනු ලැබීමට හෝ රුපියල් එක් දහසක් දක්වා දීර්ඝ විය හැකි දඩය කට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ ඔහු යටත් විය යුතුය. (2) (1) වන උපවගන්තිය යටතේ වූ වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තකුට විරුද්ධව යම් නඩු කටයුත්තක් පවරනු ලැබූ විට, වරද කරන ලදැයි කියනු ලබන්නේ යම් ඉඩමක් සම්බන්ධ යෙන්ද, ඒ ඉඩමෙන් ඒ තැනැත්තා නෙරපනු ලැබුවේ 7 වන වගන්තිය හෝ 10 වන වගන්තිය යටතේ වූ ආඥාවක් ක්‍රියාවේ යෙදවීමෙන් බව ඔප්පු කිරීම මත, මහෙස්ත්‍රාත්වරයා විසින්, ඒ නඩු කට යුතු අවසානයට පත්වන තෙක්, ඒ තැනැත්තා සහ ඔහුගෙන් යැපෙන්නන් වෙතොත්, ඔවුන් ද, ඒ ඉඩමෙන් නොපමාව නෙරපනු ලැබිය යුතු යයි ආඥා කරනු ලැබිය යුතු ය.'' 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තිය පහත දැක්වෙන පරිදි, මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (4) එ වගන්තිය, එම වගන්තියේ (1) වන උපවගන්තිය වශයෙන් යළි අංක කිරීමෙන් ; සහ (2) ඒ වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :- (2) 3 වන වගන්තියෙන් නියම බලධරයකු වෙත පවරනු ලැබූ යම් බලයක් (අ) රාජ්‍යාරක් ෂක විෂයය භාර අමාත්‍යවරයාගේ පූර්ව අනුමතය ඇතිව හැර, ශ්‍රී ලංකා යුද හමුදාව හෝ ශ්‍රී ලංකා නාවුක හමුදාව හෝ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත සතු කරන ලද හෝ ඒවාට අයිති නැතහොත් ඒවායේ පාලනයට යටත් යම් ඉඩමක් සම්බන්ධයෙන්; (ආ) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 44 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතින් පිහිටුවන ලද නාගරික සංවර්ධන අධිකාරිය භාර අමාත්‍යවරයාගේ පූර්ව අනුමතය ඇතිව හර, ඒ අධිකාරිය වෙත සතු කරන ලද හෝ ඊට අයිති නැතහොත් එහි පාලන යට යටත් යම් ඉඩමක් සම්බන්ධයෙන්; (ඇ) 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබද අධිකාරිය පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය භාර අමාත්‍යවරයාගේ පූර්ව අනුමතය ඇතිව හැර, ඒ අධිකාරිය වෙත සතු කරන ලද හෝ ඊට අයිති නැත හොත් එහි පාලන යට යටත් යම් ඉඩමක් සම්බන්ධයෙන් ඒ නියම බලධරයා විසින් ක්‍රියාත්මක කරනු නො ලැබීය යුතුය. " 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 18 වන වගන්තිය පහත දැක්වෙන පරිදි ප්‍රධාන මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) " නියම බලධරයා '' යන අර්ථ කථනය වෙනුවට, පහත දැක් කිරීම. වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන් :- (2) " නියම බලධරයා " යන්නෙන්, එය යම් ඉඩමක් සම් බන්ධයෙන් යෙදෙන විට, ඉඩම පිහිටි දිස් ත්‍රික්කයේ දිසාපතිවරයා, අතිරේක දිසාපතිවරයකු හෝ උප දිසාපති වරයකු හෝ අදහස් වන අතර, (අ) ඒ ඉඩම යුද්ධ හමුදාවේ පාලනය යටතේ පවත්නා අවස්ථාවක, යුද්ධ හමුදාවේ හමුදාධිපතිවරයා ද; (ආ) ඒ ඉඩම ශ්‍රී ලංකා නාවික හමුදාවේ පාලනය යටතේ පවත්නා අවස්ථාවක, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික හමුදාධිපතිවරයා ද; (ඇ) ඒ ඉඩම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාලනය යටතේ පවත්නා අවස්ථාවක, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපතිවරයා ද; (ඈ) ඒ ඉඩම දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවත්නා අවස්ථාවක, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා (ඉ) ඒ ඉඩම ජාතික නිවාස දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවත්නා අවස් ථාවක, ජාතික නිවාස කොම සාරිස් වරයා ද; (ඊ) ඒ ඉඩම පළාත් පාලන ආයතනයක පාලනය යටතේ පවත්නා අවස්ථාවක, පළාත් පාලන කොමසාරිස් වරයා ද; (උ) මේ පනතේ යම් කාරණාවක් හෝ විධිවිධානයක් සම් බන්ධයෙන්, දිසාපතිවරයා විසින් බලය දෙනු ලැබූ වෙනත් යම් නිලධරයෙක් ද; සහ (උ) ඒ ඉඩම සංස්ථාගත මණ්ඩලයක් වෙත සතු කරනු ලැබූ හෝ සංස්ථාගත මණ්ඩලයකට අයත් වූ හෝ සංස්ථාගත මණ්ඩලයක පාලනය යටතේ පවත්නා‍ හෝ අවස් ථාවක, ඒ සංස්ථාගත මණ්ඩලය විසින් සාමාන්‍යයෙන් හෝ විශේෂයෙන් බලය දෙනු ලැබූ නිලධරයෙක් ද එයට ඇතුළත් වෙති. ’; (2) " රජයේ ඉඩම් " යන අර්ථ කථනය වෙනුවට. පහත දැක් වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන් :- "රජයේ ඉඩම් " යන්නෙන්, නීත්‍යනුකූලව රජයට හිමි කම ඇත්තා වූ හෝ සහබද්ධ හෝ අනුබද්ධ සියලු අයිති වාසිකම්, සම්බන්ධතා සහ වරප්‍රසාද සමඟ රජය විසින් බැහැර කරනු ලැබිය හැක්කා වූ හෝ ඉඩමෙහි පිහිටි යම් ගොඩනැගිල්ලක් සමඟ ඒ ඉඩම් අදහස් වන අතර, (අ) ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය සහ මහවැලි සංවර් ධන මණ්ඩලය හෝ රජයේ ඉඩම් සංවර්ධනය කිරීමේ කාර්ය භාරය පැවරී ඇති වෙන යම් අධි යක් හෝ යම් පළාත් පාලන ආයතනයක් හෝ වෙත සතු කරන ලද්දා වූ හෝ ඒ වායේ පාලනය යටතේ ඇත්තා වූ ඉඩම් ; සහ (ආ) (i) ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතින් පිහිටුවන ලද ඉඩර්ම ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ; (ii) අවස් ථාවෝචිත පරිදි, ( 439 වන අධිකාරය වූ රබර් පර්යේෂණ ආඥාපනත, 1958 අංක 4 දරන් ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථා පනත, 197: අංක 11 දරන රාජ්‍ය කෘෂිකාර්මික සංස්ථ පනත, ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 44 දරන ශ්‍රී ලංකා තේ මණ්ඩල පනත, ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 30 දරන පට හා ආශ්‍රිත නිෂ්පාදන සංවර්ධන පනත, ජාතික රාජා සභාවේ 1975 අංක 35 දරන කුඩා තේ වතු සංවර්ධන පනත, 1978 අංක 44 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත හෝ 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනත මගින් හෝ ඒ යටතේ පිහිටුවන ලද යම් සංස්ථාවක් වෙත සතු කරන ලද්දා වූ හෝ එයට අයත් වූ හෝ එහි පාලනය යටතේ ඇත්තා වූ හෝ ඉඩම් ඇතුළත වේ.'. 6. ප්‍රධාන ප්‍රඥපතියේ උපලේඛනයෙහි " " ආකෘතියෙහි සිද්ධි ප්‍රකාශක විසින් 197 මස වන මෙදින මා ඉදිරිපිට දී ප්‍රතිඥා දෙන/දිවුරන ලදී " යන වචන සහ ඉලක්කම් වෙනුවට " සිද්ධි ප්‍රකාශක විසින් 19 ක්වූ මස වන දින වූ මෙදින ........... මා ඉදිරිපිට ප්‍රතිඥා දෙන/දිවුරන ලදී. '' යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්, ඒ උපලේඛනය මෙයින් සංශෝධනය කරනු ලැබේ.
55
acts_1981-09-16_Butchers_Amendment_si
act
1981
3
1
0.973751
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 60 දරන ගෝඝාතක (සංශෝධන) පනත (සහතිකය සටහන් කළ 1981 සැප්තැම්බර් මස 16 වන දින] ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 සැප්තැම්බර් මස 18 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අකේ 60 දරන ගෝ ඝාතක (සංශෝධන) පනත ගෝ ඝාතක ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 60 දරන ගෝ ඝාතක (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය " යනුවෙන් සඳහන් කරනු ලබන) ගෝඝාතක ආඥාපනතේ 20 වන වගන්තියෙහි " රුපියල් පනහකට වැඩි නොවන දඩයකට හෝ එම දඩය ගෙවීම පැහැර හරිනු ලැබූ විට, ලිත් මාස තුනක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ ඇතිව හෝ හෝ නැතිව බන්ධනාගාරගත කිරීමකට ඔහු යටත් විය යුතුය යන වචන වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- * රුපියල් දෙසියයකට වැඩි වැඩි නොවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට නොවන දඩයකට හෝ හය මාසයකට දෙයාකාරයෙන් එක් ආකාරයක හෝ එම දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට හෝ ඔහු යටත් විය යුතු ය. ". 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 24 වන වගන්තියේ (1) වන උපවගන්ති යෙහි " රුපියල් එක් සියයකට වැඩි නොවන දඩයකට හෝ හය ප්‍රදපර මාසයකට වැඩි නොවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ යටත් විය යුතුය '' යන වචන වෙනුවට, පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන්. ඒ වගන්තිය මෙයින්, සංශෝධනය කරනු ලැබේ:- "රුපියල් තුන් සියයකට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු දෙකකට වැඩි නොවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ ඔහු යටත් විය යුතුය. ''.
56
acts_1981-09-28_Assisted_Schools_Training_Colleges_Special_Provisions_Amendment_si
act
1981
3
1
0.969013
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 65 දරන උපකෘත පාඨශාලා සහ අභ්‍යාස විද්‍යාල (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත (සහතිකය සටහන් කළේ 1981 සැප්තැම්බර් මස 28 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 ඔක්තෝබර් මස 02 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 65 දරන උපකෘත පාඨශාලා සහ අභ්‍යාස විද්‍යාල (විශේෂ විධිවිධාන (සංශෝධන) පනත 1960 අංක 5 දරන උපකෘත පාඨශාලා සහ අභ්‍යාස විද්‍යාල ( විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :-- 1. මේ පනත 1981 අංක 65 දරන උපකෘත පාඨශාලා සහ අභ්‍යාස විද්‍යාල (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 1. 1961 අංක 8 දරන පනතින් සංශෝධිත, (මෙහි මින් මතු ප්‍රඝන ප්‍රඥප්තිය '' යනුවෙන් සඳහන් කරනු ලබන) 1960 අංක 5 දරන උපකෘත පාඨශාලා සහ අභ්‍යාස විද්‍යාල (විශේෂ විධිවිධාන) පනතෙහි 5 වන වගන්තියට ඉක්බිතිව ම, පහත දැක් වෙන අලුත් වගන්තිය ඇතුළත් කිරීමෙන්, ඒ පනත, මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ:- 5 අ. (උපකෘත අභ්‍යාස විද්‍යාලයක් නොවන) 1 වන ශ්‍රේණියේ හෝ II වන උපකෘත පාඨශාලාවක්ව අයිතිකරු විසින්. නොලබන පාඨශාලාවක තිබුණු යම් ආධාර නොලබන 5 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ, ඒ පාඨශාලාව ආධාර නොලබන පාඨශාලාවක් ලෙස පරිපාලනය කිරීමට තෝරා ගෙන ඇති බවට වූ ලිඛිත දැන්වීමක්, 3 වන වගන්තිය යටතේ සාදනු ලැබ පළ කරනු ලැබූ නියමයෙහි සඳහන් කරන ලද දිනයට පෙර, යම් වේලාවක දී අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරන ලද අවස් ථාවක, මේ පනතේ 5 වන වගන්තියෙහි කුමක් සඳහන්ව ඇත ද, අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්, ඒ පාඨශාලාවට ඊජියේ අරමුදලින් කරනු ලබන ප්‍රදාන වශයෙන්, මූල්‍ය ආධාර දෙනු ලැබිය හැකි ය. මේ වගන්තිය යටතේ දෙනු ලබන යම් ආධාරයක්, අමාත්‍යවරයා විසින් සාදනු ලබන නියෝග මගින් නියම කරනු ලැබිය හැකි, ඒ සියලු පාඨශාලා සම්බන්ධයෙන් අදාළ වන්නා වූ, එ කොන්දේසිවලට යටත් විය යුතුය.". 3. මේ පනතේ 2 වන වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියෙහි කරන ලද සංශෝධනය, 1980 ජනවාරි මස 1 වන දින සිට ක්‍රියාත් අතීතයට මින්පැම් එක වූ ලෙස, සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතුය.
57
acts_1981-09-28_Guides_Amendment_si
act
1981
3
1
0.954653
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 63 දරන මාර්ගෝපදේශක (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 සැප්තැම්බර් මස 28 වන දින ] ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 ඔක්තෝබර් මස 02 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 63 දරන මාර්ගෝපදේශක (සංශෝධන) පනත මාර්ගෝපදේශක ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. ම පනත 1981 අංක 63 දරන මාර්ගෝපදේශක (සංශෝ ධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මාර්ගෝපදේශක ආඥාපනතේ 8 වන වගන්තියෙහි '' රුපියල් අධිකාරයේ විස්සක් නොඉක්මවන දඩයකට හෝ එක් මාසයක් නොඉක්ම වන කාලයක බරපතල වැඩ නැතිව හෝ බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කරනු ලැබීමට '' යන සියලු වචන වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :- '' රුපියල් පන් සියයක් නොඉක්මවන දඩයකට හෝ මාස තුනක් නොඉක්මවන කාලයක දෙයාකාරයෙන් එක් ආකාර යක බන්ධනාගාරගත කරනු ලැබීමට. " කිරීම.
58
acts_1981-09-28_State_Gem_Corporation_Amendment_si
act
1981
3
1
0.945748
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 64 දරන රාජ්‍ය මැණික් සංස්ථා (සංශෝධන) පනත [ සහතිකය සටහන් කළේ 1981 සැප්තැම්බර් මස 28 වන දින] ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 4981 ඔක්තෝබර් මස 02 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 64 දරන රාජ්‍ය මැණික් සංස්ථා (සංශෝධන) පනත 1971 අංක 13 දරන රාජ්‍ය මැණික් සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 64 දරන රාජ්‍ය මැණික් සංස්ථා (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. 1971 අංක 13 දරන රාජ්‍ය මැණික් සංස්ථා පනතේ 42 වන වගන්තිය මෙයින් ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ කරනු ලැබේ :- 42. (1) මේ පනත යටතේ හෝ ඒ යටතේ සාදන ලද යම් අතුරු ව්‍යවස් ථාවක් හෝ නියෝග යක් හෝ යටතේ ජනරජය සන්තක කරන ලද යම් භාණ්ඩයක් සංස්ථාවට භාර දිය යුතුය. (2) (1) වන උපවගන්තිය යටතේ සංස්ථාවට භාර දෙනු ලැබූ යම් භාණ්ඩයක්, ඒ භාණ්ඩය භාර දීමෙන් පසු හැකි පහසු ඉක්මණින් මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් තත් කාර්යය සඳහා නිකුත් කරනු ලබන යම් විධාන වලට අනුකූලව බැහැර කළ යුතු ය. ".
59
acts_1981-09-28_State_Mortgage_and_Investment_Bank_Amendment_si
act
1981
6
1
0.982029
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 62 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 සැප ප්තැම්බර් මස 28 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 4981 ඔක් තෝබර් මස 02 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයෙ II වැනි කොටසේ අතිරේකයන් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 62 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු (සංශෝධන) පනත ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 62 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු '' ප්‍රධාන ප්‍රඥප්තිය '' යනුවෙන් සඳහන කරනු ලබන) ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු පනතේ 31 වන වගන්තිය මෙහි පහත සඳහන් දරන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) එම වගන් තියේ (1) වන උපවගන්තියෙහි (අ) (ම) ඡේදයේ " කිරීම; සහ " යන වචන වෙනුවට ' කිරීම; '' යන වචනය එම උපවගන්තියට ආදේශ කිරීමෙන්; (ආ) (ය) ඡේදයේ " සංවිධානයක් පිහිටු වීම. යන වචන වෙනුවට '' සංවිධානයක පිහිටුවීම; සහ " යන වචන එම උපවගන්තියට ආදේශ කිරීමෙන්; සහ (ඇ) එම උපවගන්තියේ (ය) ඡේදයට ඉක්බිතිව ම පහත සඳහන් අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන් :- (අඅ) බැංකුවේ යම් ව්‍ය පාර කටයුතු පවත්වා ගෙන යමට හා ඒ කටයුතු වල යෙදීමට අවශ්‍ය යයි බැංකුව විසින් සලකනු ලැබිය හැකි යම් නිශ්චල දේ පළක් මිල දී ගැනීම, බදු ගැනීම හෝ හුවමාරු කිරීම හෝ අන්‍යාකාරයකින් අත කර ගැනීම. '' ; සහ (2) එම වගන්තියේ (1) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් උපවගන තිය ඇතුළත් කිරීමෙන් :-- ( 1 අ ) බැංකුව විසින් ණයක් දෙනු ලැබ ඇති සහ එම ණය සඳහා ඇප වශයෙන් උකස් කරන ලද දේපළ යම් උකසක් මගින් බැංකුව හැර වෙනත් යම් තැනැත්තකු වෙත බැඳ නැති අවස් ථාවක බැංකුව විසින්, ණය දීම සම්බන්ධයෙන් වූ මේ පනතේ වෙනත් විධිවිධානවලට වෙනත් යටත්ව, අමතර ණයක් දෙනු ලැබිය හැකි අතර එම ණය මුදල ආපසු ගෙවීම එම දේපළ තවදුරටත් උකස් කිරීමෙන් ආරක්ෂා කරනු ලැබිය යුතු ය තවද, ඒ තවදුරටත් වු උකස මුල් උකසක් වශයෙන් සලකනු ලැබිය යුතුය." 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 50 වන වගන්තියට ඉක් බිතිව ම පහත සඳහන් අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය එම ප්‍රඥප්තියේ 50 වගන්තිය වශයෙන් බලාත්මක විය යුතුය:-- 504. (1) 50 වන වගන්තිය යටතේ බලය පවරන ලද යම් තැනැත්තකු මිය ගිය අවස් ථාවක හෝ ඒ තැනැත්තා විසින් රෝගාතුර වීම හෝ වෙනත් යම් හේතුවක් නිසා කවර වූ හෝ විටක දී එම වගන්තිය යටතේ ක්‍රියා කිරීමට නොහැකි වන අවස්ථාවක, මණ්ඩලය විසින්, ගෙවීම පැහැර හරින ලද්දේ යම් ණයක් සම්බන්ධයෙන්ද ඒ ණය සඳහා ඇප වශ යෙන් බැංකුවට උකස් කරන ලද යම් නිශ්චල හෝ චංචල දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම සඳහා ලියා වාර්තාගත කළ යුතු යෝජනා සම්මත යක් මගින් වෙනත් යම් තැනැත්තකුට බලය පැවරිය හැකිය. (2) (1) වන උපවගන්තිය යටතේ ඒ වෙනත් තැනැත්තාට බලය පවරන ලද දිනයට කලින් ප්‍රසිද්ධ වෙන් න්දේසියේ වූ විකිණීමක් සම්බ ධ යෙන් 50 වන වගන්තිය යටතේ මණ් ඩලය විසින් බලය පවරන ලද තැනැත්තා විසින් කරනු ලැබූ සියලු ක්‍රියා හා දේවල් ඒ විකිණීම සම්පූර්ණ කිරීම සඳහ අවශ්‍ය සියලු කටයුතු කළ යුතු, (1) වන උප වගන්තිය යටතේ පත් කරනු ලබන එම තැනැත්තා විසින් කරනු ලැබූ ක්‍රියා හා දේවල් වශයෙන් සල කනු ලැබිය යුතුය. ''. 4. ප්‍රධාන ප්‍රඥප් තියේ 85 වන වගන්තියේ (2) වන උපවගන් තිය මෙහි පහත සඳහන් පරිදි මෙයින් සංශෝධනය කරනු බේ :- (1) එම උපවගන්තියේ (ආ) ඡේදයේ " ලංකා රජයේ උකස් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නමින් හෝ කෘෂිකාර්මික සහ කාර්මික ණය සංස්ථාවේ අධ්‍යක් ෂ මණ් ඩලය නමින් " යන වචන වෙනුවට '' ලංකා රජයේ උකස් බැංකුවේ නමින් හෝ කෘෂිකාර්මික සහ කාර්මික ණය සංස්ථාවේ නමින් " යන වචන ආදේශ කිරීමෙන්; (2) එම උපවගන්තියේ (ඉ) ඡෙදය වෙනුවට පහත සඳහන් අලුත් ඡේදය ආදේශ කිරීමෙන් :- '' (ඉ) ඒ දිනයට ඉහතින් ම වූ දිනයෙහි පවතින හෝ බල පැවැත්වෙන හා ලංකා රජයේ උකස් බැංකුව විසින් හෝ කෘෂිකාර්මික හා කාථමික ණය සංස්ථාව පාර්ශ්වකරුවකු වශයෙන් නම්කර ඇති හෝ අත්සන් කර ඇති සියලු ගිවිසුම්, ඔප්පු, උකස් බැඳුම්කර සහ වෙනත් බැඳුම්කර, එකඟවීම් සහ වෙනත් සාධන පත්‍ර, ඒ ලංකා රජයේ උකස් බැංකුව හෝ කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථාව වෙනුවට මෙම බැංකුව ඊට පාර්ශවකරුවකු වූ ලෙස සම්පුර්ණයෙන් හා බල සහිතව, අවස්ථාවෝ චිත පරිදි, බැංකුවට විරුද්ධව හෝ බැංකුවේ වාසියට බල පැවැත්විය යුතු අතර ඒ තුළ ඇති ලංකා රජයේ උකස් බැංකු ආඥාපනත හෝ කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථා සඳහන් කිරීමක්ම මේ ආඥාපනත පිළිබඳ සෑම පන්ත සහ ඒ යටතේ සාදනු ලබන සියලු රීති හා නියෝග පිළිබඳ සඳහන් කිරීමක් වශයෙන් සලකනු ලැබිය යුතු ය. "; (3) එම උපවගන්තියේ (ඊ) ඡේදයේ - (1) “ ලංකා රජයේ උකස් බැංකුවේ අධ්‍යක්ෂ මණ් ඩලය විසින් හෝ කෘෂිකාර්මික හා කාර්මික ණය සංස් ථාවේ අධ්‍යක්ෂ මණ් ණ්ඩලය විසින් හෝ ඒ අධ්‍යක් ෂ මණ්‌ඩ ලයට විරුද් ධව " යන වචන වෙනුවට " ලංකා රජයේ උකස් බැංකුව විසින් හෝ කෘෂිකාර්මික සහ කාර්මික ණය සංස්ථාව විසින් හෝ එ බැංකුවට හෝ සංස්ථා වට විරුද්ධව '' යන වචන; සහ (ii) “ ක්‍රියාත් මක කරනු ලැබීය හැකිය. " යන වචන් වෙනු විට “ ක්‍රියාත්මක කරනු ලැබිය හැකිය; " ; වචන ආදේශ කිරීමෙන්; සහ (4) එම උපවගන්තියේ (ඊ) ඡේදයට ඉක්බිතිවම පහත සඳහන් අලුත් ඡේ ද ඇතුළත් කිරීමෙන් :- ‘(උ) (i) ඒ දිනට පෙරාතුව ම වූ දින දී, ලංකා රජයේ උකස් බැංකු ආඥාපනතේ 94 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ඇ) ඡේදය යටතේ පිහිටුවනු ලැබූ ලංකා රජයේ උකස් බැංකු අර්ථ සාධක අරමුදලේ බැරට ඇති අයිතිවාසිකම්, බැඳීම්, වත්කම්, බැරකම් සහ මුදල්, මේ පනතේ 34 වන වගන්තිය යටතේ පිහිටුවනු ලැබූ '' අ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අර මුදලේ අයිතිවාසිකම්, බැඳීම්, වත් කම්, බැරකම් සහ මුදල් විය යුතු ය; තවද (ii) ඒ දිනට පෙරාතුව ම වූ දින දී, කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථා ආඥා පනතේ 51 වන වගන්තියේ (1) වන උපවගන් තීයේ (ඔ) ඡේදය යටතේ පිහිටුවනු ලැබූ කෘෂිකර්මික හා කාර්මික ණය සංස්ථා අර්ථසාධක අරමුදලේ බැරට ඇති අයිතිවාසිකම්, බැඳීම්, වත්කම්, බැර කම් සහ මුදල්, මේ පනතේ 31 වන වගන්තිය යටතේ පිහිටුවනු ලැබූ '' ආ '' රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අරඹූ දලේ අයිතිවසිකම්, බැඳීම්, වත්කම්, බැරකම් සහ මුදල් විය යුතු ය. (ඌ) ලංකා රජයෙ උකස් බැංකු අර්ථසාධක අරමුදලේ නමින් කරන ලද සෑම ආයෝජනයක් ම මේ පනතේ 34 වන වගන්තිය යටතේ පිහිටුවනු ලැබූ "අ” රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අර මුදල විසින් කරන ලද ආයෝජන වශයෙන් සැලකිය යුතුය; තව ද, කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථා අර්ථසාධක අරමුදලේ නමින් කරන ලද සෑම ආයෝජනයක්ම මේ පනතේ 31 වන වගන් තිය යටතේ පිහිටුවනු ලැබූ '' ආ '' රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අරමුදල විසින් කරන ලද ආයෝජන වශයෙන් සැලකිය යුතු ය; (එ) ඒ දිනයට ඉහතින්ම වූ දිනයෙහි පවතින හෝ බල පැවැත් වෙන හා ලංකා රජයේ උකස් බැංකු අර්ථ සාධක අරමුදල විසින් හෝ කෘෂිකර්මික හා කාර්මික ණය සංස්ථා අර්ථසාධක අරමුදල විසින් අත්සන් කර ඇති සියලු ගිවිසුම්, ඔප්පු, බැඳුම්කර, එකඟවීම් සහ වෙනත් සාධන පත්‍ර. අවස් ථාවෝ චිත පරිදි ලංකා රජයේ උකස් බැංකු අර්ථසාධක අරමුදල හෝ කෘෂිකාර්මික හා කාර්මික ණය සංස්ථා අර්ථ සාධක අරමුදල වෙනුවට, " අ " රාජ්‍ය උකස් හා අංයෝජන බැංකු අර්ථසාධක අරමුදල හෝ '' ආ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අර මුදල ඊට පාර්ශ්වකරුවකු වූ ලෙස සම්පූර්ණයෙන් හා බල සහිතව, අවස් ථාවෝචිත පරිදි, මේ පනතේ 31 වන වගන්තිය යටතේ පිහිටුවනු ලැබූ ''අ'" රාජ්‍ය උකස්‌ හා ආයෝජන බැංකු අර්ථසාධක අර මුදලට හෝ '' ආ " රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අරමුදලට, විරුද්ධව හෝ එහි වාසියට බලපැවැත්විය යුතු ය; තවද, (ඒ) ලංකා රජයේ උකස් බැංකු අර්ථසාධක අරමුදල විසින් හෝ කෘෂිකාර්මික හා කාර්මික ණය සංසථා අර්ථ සාධක අරමුදල විසින් පවරනු ලැබ හෝ ඒ අරමුදල් වලට විරුද්ධව පවරනු ලබ ඒ දිනයට ඉහතින්ම වූ දිනයෙහි පවත්නා සියලු නඩු, අභියාචන වෙනත් නීති කටයුතු ඒ ඉවත් කිරීමේ හේතු වෙන් නතරවීම හෝ අවසන් කරනු ලැබීම කවර හෝ ආකාරයකින් හානිකර ලෙස බලපෑමක් ඇතිවීම නොවිය යුතු අතර ඒ අනුව, අවස් ථාවෝචිත පරිදි මේ පනතේ 31 වන වගන්තිය යටතේ පිහිටු වනු ලැබූ '' අ '' රජයේ උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අරමුදල විසින් හෝ '" ආ " රජයේ උකස් හා ආයෝජන බැංකු අර්ථසාධක අරමුදල විසින් දිගටම පවත්වාගෙන යාම හෝ බලාත් මක කිරීම නැතහොත් ඒ අරමුදල් වලට විරුද්ධව දිගටම පවත්වාගෙන යාම හෝ බලාත් මක කිරීම කළ හැකි ය.. 5. මේ පනතේ ඉහතින් වු විධිවිධාන මගින් ප්‍රධාන ප්‍රඥප තියට කරනු ලබන සංශෝධන සියලු කාර්ය සඳහා 1979 ජනවාරි මස 1 වන දින් පටන් බලාත් මක වූ ලෙස සලකනු ලැබිය යුතුය.
60
acts_1981-10-29_Mahapola_Higher_Education_Scholarship_Trust_Fund_si
act
1981
14
1
0.990191
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනත [ සහතිකය සටහන් කළේ 1981 ඔක්තෝබර් මස 29 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 ඔක්තෝබර් මස 30 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල ජනත මහ පොළ උසස් අධ්‍යාපන ශික්ෂාව භාර අරමුදල සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි. කොළඹ, ප්‍රසිද්ධ නොතාරිස් මල්ලවාරච්චිගේ හර්මන් පැට්රික් පෙරේරා විසින් සහතික කරන ලද සහ මෙහි උපලේඛනයෙහි දක්වා ඇති (මෙහි මින් මතු '' ඔප පුව '' යනුවෙන් සඳහන් කරනු ලබන ) අංක 2773 දරන භාර ඔප්පුව මගින්, ශ්‍රී ලංකාවේ අධ්‍යා පනයේ උන්නතිය සඳහා '' මහපොළ උසස් අධ්‍යාපන භාර අර මුදල '' යනුවෙන් සඳහන් කරනු ලබන සහ හඳුන්වනු ලබන අර මුදලක් දැනට පිහිටුවා ඇති හෙයින්ද තව ද, එකී භාර අරමුදලෙහි අරමුණු සහ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා ප්‍රමාණවත් මුදල්, පොදු සහ පෞද්ගලික පරිත්‍යාග මඟින් සාර්ථක ලෙස එකතු කර ගෙන ඇති හෙයින් සහ මෙහි මතු දක්වා ඇති විධිවිධාන වලට අනුව, එකී භාර අරමුදල සංස්ථාගත කිරීම සඳහා භාරකරුවන් විසින් ඉල්ලීමක් කර ඇති හෙයින් සහ එකී ඉල්ලීමට ඉඩදීම පොදු යහපතට හේතුවන හෙයින් ද: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මේ පනත ආරම්භ වන දින සිට සහ ඉන් පසුව, මහ පොළ උසස් අධ්‍යාපන් ශිෂ්‍යත්ව භාර අරමුදල, මෙහි මින් මතු " අරමුදල " යනුවෙන් සඳහන් කරනු ලබන ''වහපොළ උසස් කරනු ලබන " මහපොළ උසස් අධ්‍යාපන භාර අරමුදල ශිෂ්‍යත ව භාර අරමුදල යන නාමය සහ අභිධානය යටතේ, අවිච් ඡින්න පැවැත්මක් ඇති සංස්ථාවක් විය යුතු අතර, එකී නාම යෙන් සියලු අධිකරණ වල ඒ අරමුදල විසින් නඩු පැවරීම ද, අරමුද ලට විරුද්ධව නඩු පවරනු ලැබීම ද කරනු ලැබිය හැකිය. තව ද, පොදු මද්‍රාවක් තබා ගැනීමේ සහ පාවිච්චි කිරීමේ සම්පූර්ණ බලය සහ අධිකාරය ද ඒ අරමුදලට තිබිය යුතු ය. 3. (1) අරමුදල පිළිබඳ පරිපාලනය, කළමනාකරණය සහ නය මෙහි මින් මතු විධි විධාන සලස්වා ඇති පරිදි සමන්විත වන භාරකාර මණ්ඩලයක් වෙත භාර විය යුතුය. (2) මෙහි මින් මතු " මණ්ඩලය " යනුවෙන් සඳහන් කරනු ලබන, අරමුදලෙහි භාරකාර මණඩලය පහත දැක් වෙන සාමාජික යන්ගෙන් සමන්විත විය යුතු ය :-- (අ) ප්‍රාරම්භක; (ආ) තත් කාලයෙහි— (i) ශ්‍රේෂ්ඨාධිකරණයෙහි අග්‍ර විනිශ්චයකාරවරයා ; (ii) උසස් අධ්‍යාපනය පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයෙහි ලේ කම්වරයා ; (iii ) අධ්‍යාපනය පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයෙහි ලේකම්වරයා; සහ (iv) වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයෙහි ලේකම්වරයා ලෙස ධුරය දරන තැනැත්තෝ; සහ (ඇ) ප්‍රාරම්භක විසින් අවුරුදු පහක කාල සීමාවක් සඳහා පත් කරනු ලබන (මෙහි මින් මතු '' පත් කළ සාමාජිකයන් " යනුවෙන් සඳහන් කවනු ලබන) තැනැත තන් දෙදෙනෙක්: එසේ වුව ද, ඔප්පුවේ 11 වන ඡේදයෙහි සඳහන් තැනැත්තන නොවන, දැනට සිටින භාරකරුවන් දෙදෙනා මේ පනත යටතේ, මුලින්ම පත් කළ සාමාජිකයන් ලෙස සලකනු ලැබිය යුතු ය. ( 3 ) මණ්ඩලයේ පළමුවන සභා රැස්වීමට පැමිණ සිටින සාමා ජිකයන් විසින් ඒ සාමාජිකයන් අතුරින් කෙනෙකු මණ්ඩලයේ අතරින් කෙනකු සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගත යුතුය. (4) මණඩලයේ පත් කළ සාමාජිකයකුට ඕනෑම අවස් ථාවක දී දිසාපතිවරයා වෙත ලියවිල් ලකින් කරනු ලබන දැනුම්දීමක් මගින් සිය ධුරයෙන් ඉල්ලා අස් විය හැකිය. ( 5 ) යම් තැනැත්තකු (අ) ශ්‍රී ලංකාවෙහි හෝ වෙනත් යම් රටක හෝ බලපවත් වන යම් නීතියක් යටතේ වස් තු භංගත්වයට පත් හෝ බුන්වත් හෝ තැනැත්තකු ලෙස ප්‍රකාශ කරනු ලැබ, නිදහස් කරනු නොලැබූ වස් තු භංගත්වයට පත් හෝ බුන්වත් හෝ තැනැත්තකු වේ නම්; හෝ (ආ) චරිත දූෂණය පිළිබඳ සහ හය මාසයකට නොඅඩු කාල සීමාවක් සඳහා බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට වරදකරු වී තිබේ නම්; හෝ (ඇ) ශ්‍රී ලංකාවෙහි බලපවත් වන යම් නීතියක් යටතේ සිහි විකල් හෝ මන්ද බුද්ධික තැනැත්තකු බවට තීරණය කරනු ලැබ හෝ ප්‍රකාශ කරනු ලැබ තිබේ නම් ඒ තැනැත්තා මණ්ඩලයේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබීමට හෝ තවදුරටත ධුරයේ කටයුතු කිරිමට හෝ සුදුසු නොවිය යුතුය. ( 6 ) ස්වකීය ධුර කාලය ඉකුත්වීමට පෙර, මණ්ඩලයේ පත් කළ සාමාජිකයකු මිය යාම නිසා, ඉල්ලා අස් වීම නිසා හෝ වෙනත් ආකාරයකින් හෝ තම ධූරය හිස් කළහොත්, ඔහුගේ අනුප්‍රාප් තිකයා විසින් තම පූර්වගාමියාගේ ධුර කාලයෙන් නොගෙවී ඇති කාලසීමාව සඳහා ධුරය දැරිය යුතු ය. (7) මණණ්ඩලයේ සෑම රැස් වීමකම මලසුන, මණ්ඩලයේ සභාපති වරයා විසින් දැරිය යුතු ය. යම් රැස්වීමකට සභාපතිවරයා පැමිණ නොමැති විට ඒ රැස්වීමට පැමිණ සිටින සාමාජිකයන් විසින් ඒ සාමාජිකයන් අතුරින් ඒ රැස්වීම සඳහා සභාපතිවරයකු තෝරා පත් කර ගත යුතු ය. (8) මණ්ඩලයේ සාමාජිකයන් අතර යම් මතභේදයක් උද්ගත වූ විට, බහුතර තීරණය අනුගම්‍ය සහ බලාත්මක විය යුතු ය. (9) මණ්ඩලයේ සාමාජිකයන් අතර යම් පුරප්පාඩුවක් තිබීමේ හේතුව නිසාම පමණක්, මණ්ඩලයේ කිසිම ක්‍රියාවක් හෝ කටයුත්තක් බල රහිත ලෙස නොසැලකිය යුතු ය. (10) මණ් ඩලයේ යම් රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජික යන් හතර දෙනකු විය යුතුය. (14) මණ ඩලයේ රැස වීම්වල කාර්ය පටිපාටිය ද, ඒ රැස්වීම්වල කටයුතු කරගෙන යාම ද විධිමත් කිරීම සඳහා මණ්ඩලය විසින්, (10) වන උපවගන්තියේ විධිවිධාන වලට යටත් ව, රීති සාදනු ලැබිය හැකි ය. 4. අරමුදලේ මුද්‍රාව - (අ) මණ්ඩලය විසින් කලින් කල තීරණය කරනු ලබන තැනැත්තකුගේ ආරක්ෂිත භාරයේ තැබිය යුතු ය; (ආ) මණ්ඩලය විසින් තීරණය කරනු ලබන අකාරයකට වෙනස් කරනු ලැබිය හැකි ය; තව ද (ඇ) මණ ඩලයේ අනුමතය ඇතිව මිස හා මණ් ඩලයේ සාමාජික යන් දෙදෙනකු ඉදිරිපිට දී මිස යම් ලේඛනයකට නොතැබිය යුතු අතර, ඒ සාමාජිකයන් දෙදෙනා විසින් තමන් පැමිණ සිටි බවට සාක්ෂියක් වශයෙන් ඒ ලේඛනය අත්සන කළ යුතු ය. 5. අරමුදලෙහි අරමුණු සහ පරමාර්ථ පහත දැක්වෙන පරිදි විය අරමුදලේ යුතු ය:- (අ) යෞවනයන්ට උසස් අධ්‍යාපන පහසුකම් සැලසීම්; (ආ) සතුටුදායක ලෙස තම ද්විතීය අධ්‍යාපනය සම්පූර්ණ කර සිටින ආධාර ලැබීමට සුදුසු යෞවනයන්ට තම ස්ත්‍රීය, කාර්මික හෝ තාකෂණික අධ්‍යාපනය අවස්ස්ථා වෝචිත පරිදි විශ්ව විද්‍යාලයක හෝ කාර්මික නැතහොත් උසස් අධ්‍යධ්‍යාපන ආයතනයක සම්පූර්ණ කිරීමට හැකි වන පරිදි ඔවුන්ට ආධාර සැලසීම; (ඇ) යෞවනයන්ට තමන්ගේ වෘත්තීය නිපුණතා සහ දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට හැකි වන පරිදි වෘත්තීය අභ්‍යාස ආයතන පිහිටුවීම සහ කළමනා කරණය කිරීම් හෝ පිහිටු වීමට සහ කළමනා කරණය කිරීමට සහායවීම; (ඈ) අධ්‍යාපනය සැලසීමෙහි ලා නිරතව ඇති පංසල්, ආයතන, පදනම් සහ වෙනත් එවැනි ආයතන පිහිටුවීම සහ ඒවා කළමනාකරණය කිරීමෙහි ලා සහ පවත්වා ගෙන යාමේ ලා සහාය වීම; සහ (ඉ) අධ්‍යාපනය සැලසීමෙහි ලා නිරතව සිටින කථිකාචාර්යවරුන්ගේ, ගුරුවරුන්ගේ හ එවැනි වෙනත් තැනැත් ත්තගේ නිපුණතා සහ දක්ෂතා නංවාලීම සහ වැඩි දියුණු කිරීම සඳහා ආධාර සැලසීම. 6. (1) අරමුදලේ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ ලා අවශ්‍ය හෝ හිතකර වන හෝ ආනුෂංගික වන සියලු දේ කිරිමේ බලය අරමුදලෙහි නාමයෙන් මණ්ඩලයට තිබිය යුතු ය. (2) (1) වන උපවගන්තියෙන් පැවරී ඇති බලතලවල ව්‍යාප්ති යට හානියක් නොමැතිව, මණ්ඩලයට පහත දැක්වෙන බලතල හා කර්තව්‍ය තිබිය යුතු ය :- (අ) මුදල් සපයා ගැනීම සහ දේශීය හෝ විදේශීය හෝ මූලා ශ්‍රවලින්, මුදලින් හෝ ද්‍රව්‍ය වලින් ප්‍රදාන, තෑගි හෝ පරිත්‍යාග භාර ගැනීම; (ආ) මේ පනතින් හෝ යම් මිල දී ගැනීමක්, ප්‍රදානයක්, තෑග් ගක්, තෙස්තමේන්තු නියාදනයක් මගින් හෝ අන්‍යා කාරයකින් මණ්ඩලය සතු වන යම් චංචල හෝ නිශ්චල දේ පළක් භාර ගැනීම හෝ දැරීම සහ අරමුදලට හිමි වන යම් දේ පළක් විකිණීම, උකස් කිරීම, බදුදීම, ප්‍රදානය කිරීම්, සමර්පණය කිරීම, අන්තිම කැමති පත්‍රයකින් උරුම කිරීම, පවරා දීම, හුවමාරු කිරීම හෝ අන්‍යාකාරය කින් බැහැර කිරීම; (ඇ) අරමුදලේ පරමාර්ථ ඉෂ්ට කර ගැනීම සඳහා ආධාර මුදල්, පරිත්‍යාග මුදල් හෝ දේශීය හෝ විදේශීය ශිෂ්‍යතව දීම; (ඈ ) අරමුදලෙහි අරමුණු වැඩිදුරටත් සාක්ෂාත් කර ගැනීම සදහා මුදල් රැස්කර ගැනීම පිණිස, ආණ්ඩුවේ අනුමැතිය ඇතිව ලොතරැයි පැවැත් වීම; (ඉ) අරමුදලේ බලතල, කර්තව්‍ය හා කාර්ය ක්‍රියාත්මක කිරීම, කිරීම හා ඉටු කිරීම සඳහා ද, අරමුදලෙහි පරමාර්ථ මුදුන් පමුණවා ගැනීම සඳහා ද අවශ්‍ය වන සියලු ගිවිසුම්වලට හා එකඟ වීම්වලට, කෙළින් ම හෝ තත් කාර්යය සඳහා මණ් ඩලය විසින් ලියවිල්ලකින් බලය පවරනු ලබන නිලධර යන් සහ සේවකයන් මගින් හෝ අනුයෝජිතයන් මගින් හෝ එළඹීම හෝ එම ගිවිසුම් හෝ එකඟවීම් ඉටු කිරීම; (ඊ) මේ පනතේ විධිවිධාන වලට යටත්ව, අරමුදලෙහි නිලධරයන් හා සේවකයන් පත් කිරීම, සේවයෙහි නියුක්ත කිරීම හා ඔවුන්ගේ පාරිශ්‍රමික ගෙවීම ද, ස'වකීය සේවා නියක්තයන් පත් කිරීම. උසස් කිරීම, ඔවුන්ගේ පාරිශ්‍රමික ගෙවීම, ඔවුන්ගේ විනය පාලනය කිරීම හා ඔවුන්ට නිවාඩු දීම හා වෙනත් ප්‍රතිල භ සැලසීම ද පිළිබඳව රීති සෑදීම; (උ) අරමුදලට අයිති හෝ අරමුදල විසින් දරනු ලබන යම් ඉඩමක යම් ගොඩනැගිල්ල්ලක් හෝ ඉදි කිරීමක් තැනීම හෝ තැනී මට සැලැස් වීම; (ඌ) භාර මුදල් ඇතුළුව මුදල් ආයෝජනය කිරීම සඳහා නීතියෙන් බලය දී ඇති යම් ආයෝජනවල, මණ්ඩලයේ අභිමතය පරිදි, අරමුදලට අයත් මුදල් ආයෝජනය කිරීම සහ ඒ ආයෝජනය, මණ්ඩලයේ අභිමතය පරිදි, ආපසු ලබා ගැනීම, නැවත ආයෝජනය කිරීම හා වෙනස් කිරීම හා ඒ ආයෝජන වලින් උපචිත ආදායම ලබා ගැනීම; (එ) අරමුදලේ කාර්යයන් සඳහා, බැංකු ගිණුම් විවෘත කිරීම, පවත්වාගෙන යාම සහ වසා දැමීම හා අරමුදලේ දේපළ ඇපයක් ඇතිව හෝ එවැනි ඇපයක් නැතිව හෝ මුදල් ණයට ගැනීම හෝ ලබා ගැනීම; සහ (ඒ) අරමුදලේ පරමාර්ථ ක්‍රියාත්මක කිරීම සඳහා ආනුෂංගික වන හෝ හිතකර වන වෙනත් සියලු ක්‍රියා සහ දේවල් කිරීම. 7. අරමුදල වෙත - (අ) ලබාගන්නා ලද යම් මුදල් හෝ දේශීය වශයෙන් අරමුදලට කරනු ලබන ගෙවීම්. හෝ විදේශ වලින් ලැබුණා වූ ප්‍රදාන, තෑගි හෝ පරිත්‍යාග හෝ උපලබ්ධිත හෝ එකතුකර ගන්නා ලද මුදල් ; (ආ) අරමුදලෙහි අරමුණු සහ පරමාර්ථ ක්‍රියාත්මක කිරීමේ කාර්ය සඳහා කලින් කල ආණ්ඩුවෙන් ලැබෙන යම් ආධාර මුදල්; (ඈ) ආයෝජනවලින් ලැබෙන ආදායම් හෝ අරමුදල වෙත ලැබිය යුතු වෙනත් මුදල් ගෙවනු ලැබිය යුතුය. 8 අරමුදලෙන් (අ) අරමුදල ක්‍රියාත්මක කිරීම, පිහිටුවීම සහ පවත්වාගෙන යාම ගෙවීම්. සඳහා අවශ්‍ය වියදම්; හා (ආ) නිලධරයන්ට, සේ වකයන්ට සහ වෙනත් සේවානියුක්ත යන්ට වැටුප්; සහ (ඇ) අරමුදලෙහි පරමාර්ථ ක්‍රියාත්මක කිරීමේ කාර්ය සඳහා අවශ්‍ය යයි මණ්ඩලය විසින් අනුමත කරනු ලබන වෙනත් සියලු මුදල් ගෙවනු ලැබිය යුතු ය. 9. මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන අවස්ථාවෙහි පවතින, එකී අර මුදලෙහි සියලු ගිවිසුම්, එකඟ වීම්, ණය සහ බැරකම්, මෙයින් පිහිටුවනු ලබන සංස්ථාවෙහි ගිවිසුම්, එකඟවීම්, ණය සහ බැරකම් ලෙස සලකනු ලැබිය යුතුය. 10. (1) මණ්ඩලය විසින් අරමුදලේ ආදායම සහ වියදම, වත්කම් සහ බැරකම් සහ වෙනත් සියලු ගනුදෙනු පිළිබඳව නිසි ගිණුම් පොත් පවත්වා ගෙන යාමට සැලැස් විය යුතුය. (2) එක් එක් වර්ෂයේ දෙසැම්බර් මස තිස් එක් වන දින පවත්නා පරිදි, ස්වකීය ගිණුම් පොත් පාලනය කිරීමද ඒ දිනය තෙක් සකස් කරන ලද, අරමුදලෙහි ආදායම් සහ වියදම් ද පිළිබඳ ගිණුමක් සහ එදින දක්වා වූ වත්කම් හා බැරකම් පිළිබඳ සාරාංශයක් ඇතුළත් ශේෂ පත්‍රයක් ඊළඟ මාර්තු මස තිස් එක් වන දිනට පෙර පිළියෙළ කරවීම ද මණ්ඩලය විසින් කළ යුතුය. (3 ) ආදායම් සහ වියදම් ගිණුම සහ ශේෂ පත්‍රය අත්සන් කිරීමට මණ්ඩලය විසින් යෝජනා සම්මුතියකින් බලය පවරන ලද මණ්ඩ ලයේ සාමාජිකයන් දෙදෙනකු විසින් ඒවා අත්සන් කළ යුතුය. (4) විගණකාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස් ථාවේ 154 වන ව්‍යවස් ථාවට අනුකූලව අරමුදලෙහි ගිණුම් වර්ෂයක් පාක විගණනය කළ යුතුය. 11. අරමුදලෙහි මුදල් වර්ෂය ලිත් වර්ෂය විය යුතු ය. 12. (1) අරමුදලෙහි අරමුණු සහ පරමාර්ථ ඉෂ්ට කර ගැනීමේ කාර්යය සඳහා ආනයනය කරනු ලබන යම් භාණ්ඩ සම්බන්ධයෙන් තීරු බදු වලින් සහ ආනයන බදු වලින්ද අරමුදල නිදහස් විය යුතු ය. (2) 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු යම් ආදායම් බද්දකින් හෝ ධන බද්දකින් අරමුදල නිදහස් විය යුතුය. (3) යම් තැනැත්තකු විසින් අරමුදල වෙත තෑග්ගක් පිරිනමනු ලැබූ අවස් ථාවක, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත යටතේ තෑගි බද්දෙන් එම තෑග්ගේ මුළු වටිනාකමෙහි ප්‍රමාණයට, ඒ තැනැත්තා නිදහස් විය යුතු ය. (4) යම් තැනැත්තකු විසින් 1980 අප්‍රේල් මස 01 වන දින හෝ එදිනට පසුව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් තුළ දී අරමුදල වෙත පරිත්‍යාගයක් කරනු ලැබූ අවස් ථාවක, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ කාර්ය සඳහා, එම පරිත්‍යාගය අනුමත වියදමක් ලෙස සලකනු ලැබිය යුතු අතර, එම පරිත්‍යාගයේ මුළු වටිනාකම වෙනුවෙන්, ඒ පනත යටතේ සහනය ලැබීමට ඒ ත්‍යාග දායකයාට හිමිකම් තිබිය යුතුය. (5) අවස් ථාවෝචිත පරිදි 1980 අංක 35 දරන ජනත, මහා නගර සභා ආඥාපනත සහ නගර යටතේ ගෙවිය යුතු යම් වරිපනම් බදු වලින් සහ නිදහස් විය යුතුය. (6) අවස්ථාවෝචිත පරිදි, 1979 අංක 28 දරන දේ ශීය ආදායම් පනතෙහි, රේගු ආඥාපනතෙහි, 1980 අංක 35 දරන සංවර්ධන සභා පනතෙහි, මහා නගර සභා ආඥාපනතෙහි හෝ නගර සහ ආඥා පනතෙහි පටහැනිව කුමක් සඳහන්ව තිබුණ ද මේ වගන්තියේ විධිවිධාන බලපැවැත්විය යුතුය. 13. (1) මණ්ඩලයේ යම් සාමාජිකයකු විසින් හෝ මේ පනතේ කාර්යයන් සඳහා පත් කරනු ලැබූ. අරමුදලේ යම් නිලධරයකු, සේවකයකු හෝ නියෝජිතයකු විසින්, මේ පනත යටතේ මණ් ඩලයේ විධානය පිට, සද් භාවයෙන් කරන ලද හෝ කරන ලදැ යි සම්බන්ධයෙන් ඒ සාමාජිකයාට, සලකනු ලබන යම් ක්‍රියාවක් නිලධරයාට, සේ වකයාට හෝ නියෝජිතයාට විරුද් ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් පවරනු නො ලැබිය යුතු ය. (2) අරමුදල විසින් හෝ එයට විරුද් ධව හෝ යම් අධිකරණයක් ඉදිරියේ පවරනු ලබූ යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී අරමුදල විසින් දරනු ලැබූ යම් වියදමක්, අරමුදලෙන් ගෙවිය යුතු අතර, එවැනි යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී අරමුදල වෙත ගෙවනු ලබන හෝ අරමුදල විසින් අයකර ගනු ලබන යම් නඩු ගාස්තු කිසිවක් අරමුදලට බැර කරනු ලැබිය යුතු ය. (3) (1) වන උපවගන්තියෙහි සඳහන් යම් තැනැත් තකු විසින් මේ පනත යටතේ හෝ මණ්ඩලයේ විධානය පිට, කරනු ලැබූ හෝ *කරන ලදැයි සලකනු ලබන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව යම් අධිකරණයක් ඉදිරියේ පවරනු ලැබූ යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී ඔහු විසින් දරනු ලැබූ යම් වියදමක්, එම ක්‍රියාව සද්භාවයෙන් කරන ලද බව අධිකරණය තීරණය කළහොත්, ඒ වියදම් එ සිවිල් හෝ අපරාධ නඩුවේදී ඔහු විසින් අයකරගෙන තිබේ නම් හැර, අරමුදලෙන් ගෙවනු ලැබිය යුතුය. 14. අරමුදලට විරුද් ධව පවරනු ලැබූ යම් නඩුවක දී, පෞද්ගලික වශයෙන් මණ්ඩලයේ යම් සාමාජිකයකුට හෝ අරමුදලෙහි යම් නිලධරයකුට, සේවකයකුට හෝ නියෝජිතයකුට විරුද්ධව හෝ ඔහුගේ දේපළට විරුද් ධව හෝ කිසිම රිට් ආඥාවක් නිකුත් කරනු නො ලැබිය යුතුය. 15. අරමුදලේ සියලු නිලධරයන් හා සේවකයන් දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ දණ්ඩ නීති සංග්‍රහයේ කාර්යයන් සදහා රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුතු ය. 16. අරමුදල, අල්ලස් පනතේ අර්ථානුකූලව උපලේඛනගත ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ පනතේ විධිවිධාන ඒ අනුව අදාළ විය යුතු ය. 17. ඔප්පුවෙහි කුමක් සඳහන්ව ඇත ද, ඒ පනතෙහි විධිවිධාන බල පැවැත්විය යුතුය. ඒ අනුව, මේ පනතෙහි විධිවිධාන සහ ඔප්පුවෙහි විධිවිධාන අතර යම් ගැටුමක් පවතින විට, මේ පනතෙහි විධිවිධාන බලපැවැත්විය යුතු ය. 18. මේ පනතේ සඳහන් තැනැත්තන්ගේ හෝ ඔවුන් මගින්, ඔවුන්ගෙන් හෝ ඔවුන් යටතේ හිමිකම් පාන තැනැත්තන්ගේ අයිතිව සිතම් වලට හැර, ජන රජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක හෝ සංස්ථාවක හෝ වෙනත් යම් තැනැත්තන්ගේ හෝ අයිති වාසිකම් වලට මේ පනතේ ඇතුළත් කිසිවකින් හානියක් හෝ බලපෑමක් නොවිය යුතු ය. 19. මේ පනතෙහි - ප්‍රාරම්භක '' යන්නෙන් ඔප්පුවේ පූර්විකාවෙහි පළමුව සඳහන් එඡදයේ සඳහන් තැනැත්තා අදහස් වන අතර, ඔහුගේ මරණයෙන් පසු, වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා අදහස් වන්නේ ය. 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල පනත උපලේඛනය අංක 2773 මෙය, එක් පාර්ශවයකට ( මෙහි මින් මතු ප්‍රාරම්භක යනුවෙන් හඳුන්වනු ලබන සහ සඳහන් කරනු ලබන) ගරු. ලලිත් විලියම් ඇතුලත් මුදලි සහ අනෙක් පාර්ශව යට ! මෙහි මින් මතු " වත්මන් භාර කරුවන් " යනුවෙන් හඳුන්වනු ලබන සහ සඳහන් කරනු ලබන) (1) නෙවිල් ඩන් බර් මිරහවත්ත සමරකෝන් ( 2 ) චිරවාගු සිව සුප්‍රමනියම් ( 3 ) fපිලික්ස් ස්ටැන්ලි ක්‍රිස්ටෝපර් පෙරේරා එරික් ජැක්සන් ද සිල්වා ( 5 ) විදානලාගේ ලක්ෂ්මන් ප්‍රසාද් ද මැල් සහ (6) ජෙසීමා ඉස් මයිල් අතර එක දහස් නවසිය අසූ එකක් වූ පෙබරවාරි මස 23 වන දින ඇතුලත් වුන භාර ඔප්පුවයි. ප්‍රාරම්භක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද පාර්ලිමේනතු මන් න්ත්‍රීවරයකු වන හෙයින් සහ, වෙළෙඳ හා නාවික කටයුතු අමාත්‍ය ධුරය දැනට දරන හෙයින් ද; ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නංවාලීමේ අවශ්‍යතාව තමාගේ පෞද්ගලික අවබෝධය හා අත් දැකීම මගින් ප්‍රාරම්භක, විශේෂයෙන් ම දැන සිටින අතර අධ්‍යාපනය නංවාලීම දැනට පවත්නා දරිද්‍රතා පිළිබඳ ගැටලු වලින් අත්මිදිමේ මාර්ගයක් ලෙස ඔහුට පෙනී යන හෙයින් ද; තවද, එකී ශ්‍රී ලංකා ජනරජයෙහි පවත්නා මිනිස් හැකියාවන් පිළිබඳව අවබෝධ යක් ඇති ප්‍රාරම්භක විසින් එකී ශ්‍රී ලංකා ජන රජයේ සහ එහි ජනතාවගේ වැඩි වාසිය සහ යහපත උදෙසා එම සම්පත් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව දන්නා ලද හෙයින් ද; තමාගේ සහ තම රටේ යහපත පිණිස, තමාගේ පූර්ණ හැකියාව වර්ධනය කර ගැනීමට එක් එක් පුද ගලයාට උපකාර කිරීමට අවශ්‍ය බව ප්‍රාරම්භකට ප්‍රබල ලෙස හැඟී ගොස තිබෙන හෙයින් ද; තවද, ස්වකීය පෞද්ගලිකත් වයේ ගරුත්වය තුළින් ශක්තිය ලබා සඳහා ජනතාවට මාර්ගය සලසා නොදී සහ දියුණු ජීවන රටාවක් ජිවන මට්ටමක් පිළිබඳ වැඩි වැටහීමක් සඳහා අවස් ථාව සලසා නොදී නියමි සහ අර්ථවත් සංවර්ධනයක් ඇති විය නොහැකි බව ප්‍රාරම්භකට ඒත්තු ගොස් ඇති හෙයින් ද; තවද, ශ්‍රී ලංකාවේ අගහිගකම් වලින් පෙළෙන තැනැත්තන්ට යහපත සැලසීම උදෙසා, මහපොළ වැඩපිළිවෙල යනුවෙන් හඳුනවනු ලබන වැඩ පිළිවෙළක් ප්‍රාරමී භක විසින් 1980 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ ගම්බද ප්‍රදේශ වල ආරම්භ කර ඇති හෙයින් ද; තවද, අධ්‍යාපනය සැලසීම සඳහා ප්‍රාරම්භක විසින් රජයෙන් හා මහජනයාගෙන් මුදල් ලබා ගෙන, මෙහි දක්වා ඇති පරමාර්ථ ඉෂ්ට කර ගැනීම පිණිස, මහ පොළ උසස් අධ්‍යාපන භාර අරමුදල " යනුවෙන් හඳුන් වනු ලබන සහ සඳහන් කරනු ලබන අරමුදලක් පිහිටු වීම පිණිස අවශ්‍ය අවසරය ලබාගෙන ඇති හෙයින් ද; තවද, ආධාර ලැබීමට සුදුසු ශිෂ්‍යයින්ට, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ/හෝ, උසස් අධ්‍යාපනය සහ/ හෝ කාර්මික සහ/ හෝ තාක් ෂණික සහ / හෝ වෘත්තීය නිපුණතා සහ ප්‍රවීණතා වැඩි දියුණු කර ගැනීම පිණිස, ශිෂ්‍යත්ව සහ වෙනත් අධ්‍යාපන පහසු කම් සැලසීමට ප්‍රාරම්භක කැමැත්තෙන් සිටින හෙයින්ද, මෙහි මින් මතු විධි විධාන සලසා ඇති ආකාරයට, එකී උපපාදනය කළමනාකරණය කිරීම පිණිස භාර කරුවන් ලෙස ක්‍රියා කිරීමට වත්මන් භාරකරුවන් එකඟ වී සිටින හෙයින්ද; මේ භාර ඔප්පුවෙන් පහත දැක්වෙන පරිදි කියා සිට :- 4. භාරය පිහිටුවනු ලබන්නේ පහත දැක්වෙන පරමාර්ථ සඳහා ය :- (අ) තම ද්විතීය අධ්‍යාපනය සතුටුදායක ලෙස සම්පූර්ණ කර ඇති විශ්ව විද්‍යාල අධ්‍යාපනය සහ / හෝ උසස් අධ්‍යාපනය සහ/ හෝ කාර්මික සහ/ හෝ තාක් ෂණික සහ/ හෝ වෘත්තීය නිපුණතා සහ ප්‍රවීණතා දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන, ආධාර ලැබීමට සුදුසු ශිෂ්‍යයන්ට වර්ෂ පතා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම; (ආ) අධ්‍යාපන ආයතන, පාසල්, පදනම් සහ ඒ සමාන ආයතන පිහිටුවීම සහ/ හෝ පිහි ටුවීමට සහාය වීම සහ/ හෝ ඒවා කළමනාකරණය කිරීමට සහ පවත්වා ගෙන යාමට සහාය වීම : (ඇ) ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සැලසීමේ ලා නිරතව සිටින ගුරුවරුන්ගේ, කථිකා ච එයවරුන්ගේ සහ වෙනත් තැනැත තන්ගේ නිපුණතා සහ ප්‍රවීණතා වර්ධනය කිරීම සහ/ හෝ වැඩි දියුණු කිරීම; (ඈ) පරමාර්ථ ඉෂ්ට කර ගැනීම පිණිස අවශ්‍ය වන හෝ හිතකර වන වෙනත් සියලු ක්‍රියා සහ දේ කිරීම. 2. මෙහි පහත දක්වා ඇති බලතලවලට සහ විධිවිධාන වලට යටත්ව, භාරකරු වන් විසින් විශ්වසනීය භාරයට ගෙන දැරීම පිණිස ද, පාවිච්චි කරනු ලැබීම පිණිස ද මුදලින් රුපියල් දස දහසකින් (රු. 40,000) සමන්විත අරමුදල ප්‍රාරම් භක විසින් භාර කරුවන් වෙත මෙයින් භාර දෙනු ලැබේ. 3. මෙම වගන්ති ක්‍රියාත්මක කළ යුතු ආකාරය සහ ත්‍රමය ද මෙහි දක්වා ඇති ශිෂ්‍යත්ව හෝ පහසුකම් කිසිවක් පිරිනැමීම හෝ ප්‍රදානය කිරීම පිළිබඳව ද නියම කරමින් භාරකරුවන් විසින් රීති සහ අතුරු ව්‍යවස්ථා සෑදිය යුතුය. 4. භාර අරමුදලෙහි ආදායම ප්‍රමාණවත් නම්, භාර කරුවන් විසින් සුදුසු යයි ඔවුන් සිතන ශිෂ්‍යත්ව ප්‍රමාණයක් පිරිනැමීම ද, එසේ සුදුසු යයි සිතන පහසුකම් සැලසීම ද කරනු ලැබිය හැකි අතර, එම ශිෂ්‍යත්ව සඳහා සහ පහසුකම් සඳහා, සිය අභිමතය පරිදි සුදුසු යයි ඔවුන් සලකන කාල සීමා නියම කිරීම සහ මුදල් ලබාදීම, එම ශිෂ්‍යත්ව සඳහා සහ පහසුකම් සඳහා නම් නියම කිරීම කරනු ලැබිය හැකිය. 5. තම අභිමතය පරිදි සුදුසු යයි අදහස් කරනු ලබන සුරැකුම්පත් වල සහ සුදුසු යයි තමන් සලකන පරිදි ඉඩම් අත් කර ගැනීම සහ දැරිම සඳහා භාරකරුවන් විසින් භාර අරමුදල ආයෝජනය කරනු ලැබිය හැකි ය. 6. වඩාත් වාසි සැලසෙන පරිදි භාරකරුවන් විසින් භාර අරමුදලේ ආදායමෙන්, මෙම උපපාදනය කළමනා කරණය කළ යුතුය. 7. භාර අරමුදලට දායක වන ලෙස එම පරිත්‍යාග, උපපාදන, තෑගි සහ සමාන දෑ පිළිගන්නා ලෙස භාරකරුවන් විසින් යම් මණඩලයකට හෝ පුද්ගලයකුට හෝ සංවිධානයකට ආරාධනා කරනු ලැබිය හැකිය. 8. මේ භාරය පවත්වා ගෙන යාමේ කාර්ය සඳහා, භාර දේ පළ ඇපයක් ලෙස තබා මුදල් ණයට ලබා ගැනීමේ බලය භාර කරුවන්ට තිබිය යුතුය. 9. ප්‍රාරම්භක ද, ඔහු ජිවත්ව සිටින තාක් කල්. මේ වගන්ති යටතේ භාරකරු වකු විය යුතු අතර, ඔහු මියගිය විට හෝ ඔහු විසින් පවරා දීමෙන් පසුව, ඔහු විසින් නම් කරනු ලැබ ඇති පැවරුම්ලාලාභි හෝ උරුමක් කරු ඔහු වෙනුවට ආදේශ කරනු ලැබිය යුතුය. 10. යම් භාරකරුවකු බංකොලොත් භාවයට පත් වුව හොත් හෝ චරිත දූෂණය සම්බන්ධ වරදකට අධිකරණයක් මගින් වරදකරු කරනු ලැබුවහොත් හෝ බුන්වත් වුව හොත් හෝ හය මාසයක් වූ අඛණ්ඩ කාලයක් ශ්‍රී ලංකා ජනරජයෙන් බැහැරව සිටිය හොත් හෝ ශාරීරික වශයෙන් අශක් නුතාවකට පත් වුවහොත්, සෙසු භාර කරුවන් විසින්, ප්‍රාරම්භක භාර කරුවකුව සිටින තාක් කල් ඔහුගේ එකඟත්වය ද ඇතිව, ආ දේ ශකයකු පත් කළ යුතුය. 11. පහත නම් සඳහන් වත්මන් භාරකරුවන්, මෙහි පහත ඔවුන්ගේ නම් වලට ඉදිරියෙන් දක්වා ඇති තනතුරු සහ/ හෝ පදවි නාම දරන තාක් කල්, පෙර කී පරිදි කලින් අන්‍යාකාර තීරණයක් කරනු ලැබුවහොත් මිස, මේ වගන්ති යටතේ භාරකරුවන් ලෙස ඉදිරියටත් ක්‍රියා කළ යුතු ය:- (අ) නෙවිල් ධ බ මිරහවත්ත සමරකෝන් ; ඔහු ශ්‍රී ලංකා ප්‍රජාතන් ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍ර විනිශචයකාර තනතුර සහ/ හෝ එම පදවි නාමය දරන තාක් කල් : (ආ ) එරික් ජැක්සන‍් ද සිල්වා; ඔහු උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තනතුර සහ/හෝ එම පදවි නාමය දරන තාක් කල් ; (ඇ) ඉපිලිකඩ ස්ටැන්ලි ක්‍රිස්ටෝපර් පෙරේරා කල පග; ඔහු විශ වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති තනතුර සහ/ හෝ එම පදවි නාමය දරන තාක් කල් ; 12) විදානලාගේ ලක්ෂ්මන් ප්‍රසාද් ද මැල් ; ඔහු වෙළෙඳ හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තනතුර සහ/ හෝ එම පදවි නාමය දරන තාකකල්; එම තැනැනැත්තා විසින් ඉහත සඳහන් තනතුර සහ/ හෝ පදවි නාමය දැරීම අවසන් වූ අවස් ථාවක, මේ වගන්තිය යටතේ ඔහු භාරකරුවකුව සිටීම ද අවසන් විය යුතුය. 12. මපෙර කී පරිදි කලින් අන්‍යාකාර තීරණයක් කරනු ලැබුව හොත් මිස, පහත නම් සඳහන් වත්මන් භාරකරුවන්, ඔවුන් ජීවත්ව සිටින තාක් කල්, මේ ප්‍රදාන පත්‍ර යටතේ ඉදිරියටත් භාරකරුවන් විය යුතු අතර, ඔවුන් මිය ගිය විට හෝ පවරා වීමෙන් පසුව හෝ මේ වගන්ති යටතේ ඔවුන් භාර කරුවන්ව සිටීම අවසන් විය යුතු ය. ආ/ක. එන්. ඩී. එම්. සමරකෝන් අ/ ක. වී. සිවසුපුම්නියම් අ/ක. එප්. ඩී. එස්. පී. ක පගේ අ/ ක. එරික් ජැක්සන් ද සිල්වා අක. ලලිත් ඩබ්ලිව්. ඇතුලත් මුදලි අ/ ක ඩබ්ලිව්. ලක්ෂ්මන් පී. ද මැල් අ/ ක. ජෙසීමා ඉස් මයිල් 13. වත්මන් භාර කරුවන් හෝ ඔවුන්ගෙන් කිසිවකු හෝ මේ වගන්ති යටතේ භාර කරුවන්ව සිටීම හෝ භාර කරුවකුව සිටීම අවසන් වූ අවස් ථාවක. ප්‍රාරමිභක විසින්, ඔහු ජීවත්ව සිටින තාක් කල්, එම භාරකරු වෙනුවට ආදේශකයකු පත් කළ යුතු ය. භාර කරුවකු පත් කිරීමේ තම අයිතිය ප්‍රාරම්භක විසින් අන්තිම කැමති පත්‍රයක් මගින් වෙනත් කෙනෙකුට පවරනු ලැබිය හැකි ය. එහෙත් එවැනි පැවරිමක් කරනු ලැබ නොමැති අවස් ථාවක, ආදේශක භාරකරුවකු පත් කිරීමේ අයිතිය ඉතිරි භාර කරුවන් විසින් ක්‍රියාත්මක කළ යුතුය. 14. භාර දේ පළ පාලනය කිරීමේ සහ කළමනා කරණය කිරීමේ කාර්යය භාරකරු වන් සතු විය යුතුය. 15. භාරකරුවන් අතර මතභේදයක් පවතින අවස් ථාවක, භාරය පිළිබඳව භාරකරුවන්ගේ බහුතර තීරණය අනුගම්‍ය සහ බල සහිත විය යුතු අතර, එය ක්‍රියාත්මක කළ යුතුය. 16. භාරයේ පරමාර්ථ නොපැවතීම් නිසා හෝ භාරය ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම නිසා හෝ භාරයේ කටයුතු ව්‍යර්ථ වූ අවස් ථාවක, භාරයේ ඉතිරි මුදල් සමාන පරමාර්ථ සඳහා යොදා ගැනීම සඳහා භාරකරුවන් විසින් නිසි බලය ඇති අධිකරණ යක් වෙත ඉල්ලිමක් කළ යුතුය. 17. භාර කරුවන් චංචා කිරීම් සම්බන්ධයෙන් වරදකරුවන් වුව හොත් මිස, භාර දේපළවලට සිදුවන යම් හානියක් සම්බන්ධයෙන් භාරය කිසිම විටක වග නොකිව යුතුය. 18. මෙය පොදු පුණ්‍ය භාරයක් වන හෙයින්, භාරයේ දේ පළ කිසිම හේතුවක් නිසා හෝ ප්‍රාරම්භක හෝ ඔහුගේ අනුප්‍රාප් තිකයන්ට හෝ පැවරුම්ලාභීන්ට හෝ වෙනත් යම් තැනැත්තකුට ආපසු හිමි නොවිය යුතුය. 19. අරමුදලෙහි යම් කොටසක් හෝ ඉන් ලැබෙන ආදායම හෝ මෙයින් ඇති කරනු ලබන භාරයේ කාර්යයන් නොවන වෙනත් කිසිම කාර්යයක් සඳහා උපයෝගි කර නොගත යුතුය. මීට සාක්ෂි වශයෙන්, මෙහි සඳහන් පාර්ශ්වකරුවන් විසින් එක් දහස් නවසිය අසූ එකක් වූ ( 1981) පෙබරවාරි මස විසිතුන් වන දින මේ ලියවිල් ලට ද මේ සමඟම ඇති තවත් ලියවිලි දෙකකට ද අත්සන් තබන ලදී. මෙයට සාක්ෂිකරුවන් වශයෙන් පිළිවෙළින් '' ජේ. ආර්. ජයටර්ධන '' යනුවෙන් සිංහලෙන් අත්සන් තැබි සර ජූනියස් රිචඩ් ජයවර්ධන සහ ගරු රණසිංහ ප්‍රේ මදාස ඉදිරිපිට දී පිළිවෙලින් '' (1) නෙවිල් ඩන් බර් මිරහවත්ත සමරකෝන්, (2) විරවාගූ සිවසු ප්‍රමනියම්, (3) එස්. සී. පී. කල්පගේ යනුවෙන් ද, {4} සිංහලෙන්, සහ (5 ) සිංහලෙන් අත්සන් තැබූ, (4) නෙවිල් ඩන්බර් මිරහවත්ත සමරකෝන්, (2) විරවාගු සිවසු ප්‍රමනියම්, (3) f පීලික්ස් ස්ටැන්ලි ක්‍රිස්ටෝපර් පෙරේරා කල්පගේ, ( 1 ) එරික් ජැක්සන් ද සිල්වා, සහ ( 5 ) ලලිත් විලියම් ඇතුලත් මුදලි යන මෙහි නම් සඳහන් අත්සන් කරුවන්ට ඉහත සඳහන සාධන පත්‍රය යථා පරිදි කියවන ලදුව, මා දන්නා හඳුනන එකී සියලු අත සන් කරුවන් විසින් ද, එකී සාක්ෂිකරුවන් විසින් ද, එකී නොතාරිස් වන මා විසින් දමා ඉදිරිපිටදී සහ එකිනෙකා ඉදිරිපිට දී එක් දහස් නව සිය අසූ එකක් වූ (1981 ) පෙබරවාරි මස විසිතුන් වන දින (23) කොළඹ දී සියලු දෙනාම පැමිණ සිටි එකම අවස්ථාවේ දී, එකී සාධන පත්‍රයට අත්සන් තබන ලද බව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ප්‍රසිද්ධ නොතාරිස්, මල්ලවාරච්චිගේ හර්මන් පැට්‍රික් පෙරේරා වන මම මෙයින් ප්‍රහතික කරමි. තව ද, ඉහත සඳහන් සාධන පත්‍රය කියවා පෙර කී පරිදි අත්සන් තැබීමට පෙර, මුල් පිටපත සහ අනුපිටපත යන පිටපත් දෙකෙහි ම 5 වන පිටුවේ 4 වන පේළි යෙහි " බයි " යන වචනයෙහි " වයි " අක්ෂරය ද, 26 වන පේ ලියෙහි '' ඔර් '' යන වචනයෙහි . ආර් '' යන අ පරය ද, 30 වන පේළියෙහි " ටූ '' යන වචනය ද මකා හැර ඒ මත නැවත යතුරු ලියන ලද බව මම සහතික කර සාක්ෂි දරමි. මේ සාධන පත්‍රයේ අනුපිටපත රුපියල් 10 ක් වටිනා මුද්දරයක් ද මුල් පිටපත රුපියල් 1 ක් වටිනා මුද්දරයක් ද දරන බවත් එකී මුද්දර මා විසින් සපයන ලද බවත් මම අවසාන වශයෙන් සහතික කරමි පිළිවෙලින් '' ඩී. එන්. මද්දුමගේ '' " කේ. ධර්මසේන " යනුවෙන් මීට සාක්ෂිකරුවන් ලෙස අත්සන් තබන ලද පාදුක් කේ, මා දොලුවාවේ දොන් නොරිස් මද දුමගේ සහ රාජගිරියේ, ඔබේසේකර පුර අංක 78, කුඩාගොඩගේ ධර්මසේන ඉදිරිපිට දී මෙහි සඳහන් අත්සන් කරුවන් වන, නොපැහැදිලි ලෙස අත්සන් තබා ඇති (5 ) විදානලාගේ ලක්ෂ්මන් ප්‍රසාද් ද මැල විසින් සහ " ජෙසීමා ඉස් මයිල් "යනුවෙන් අත්ත්සන් තබා ඇති (6) ජසීමා ඉස් මයිල් විසින් ඉහත සඳහන් සාධන පත්‍රය යථා පරිදි කියවන ලදුව, මා දන්නා හඳුනන එකී සියලු අත් ත්සන් කරුවන් විසින් ද එකී සාක්ෂිකරුවන් විසින් ද, එකී නොතාරිස් වන මා විසින් ද මා ඉදිරිපිට දි සහ එකිනෙකා ඉදිරිපිට දී එක් දහස් නවසිය අසූ එකක් වූ ( 1981 ) ජුනි මස විසි නව (29) වන දින කොළඹ දී සියලු දෙනාම පැමිණ සිටි අවස් ථාවේ දී එකී සාධන පත්‍රයට අත්සන් තබන ලද බව, ශ්‍රී ලංකා ප්‍රජාතාන් ත්‍රික සමාජවාදී ජන රජයේ ප්‍රසිද්ධ නොතාරිස්, මල් ලවාරච්චිගේ හර්මන් පැට්‍රික් පෙරේරා වන මම මෙයින් සහතික කරමි.
61
acts_1981-11-03_Sir_John_Kotalawala_Defence_Academy_si
act
1981
14
1
0.990404
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය පනත [සහතිකය සටහන් කළේ 1981 නොවැම්බර් මස 03 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 නොවැම්බර් මස 06 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය පනත ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය පිහිටු වීම සඳහා ද, කඳවල වත්ත හා එහි ඇති චංචල දේපළ අභ්‍යාස ආයතනය සතු කිරීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලසීම පිණිස වූ පනතකි. සී.එච්., කේ.බී.ඊ. නාමධාරී, නීති ආචාර්ය ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවලට අයත් වූ සහ ඔහු සන්තකයෙහි පැවති සහ මෙහි වූ උපලේඛනයෙහි විස්තර කොට තිබෙන, කඳවල වත්ත නමින් හඳුන් වනු ලබන ඉඩම හා එහි නිවාස ස්ථානය, කොළඹ ප්‍රසිද්ධ නොතාරිස්, ශ්‍රී රගවාන් නාරායනසාමි විසින් සහතික කරන ලද වර්ෂ 1979 ජූලි මස 11 වන දින අංක 1292 දරන ඔප්පුව මගින් එකී ශ්‍රීමත් ලයනල් කොතලාවල විසින් පරම හා අවලංගු කළ යක් ලෙස හා ත්‍යාගයක ආකාරයෙන් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය වෙත පවරනු ලැබූ හෙයින් ද: එහි වූ උපලේඛනයෙහි විස්තර කොට තිබෙන සියලුම චංචල දේපළ, කොළඹ ප්‍රසිද්ධ නොතාරිස්, ශ්‍රී රගවාන නාරායනසාමි විසින් සහතික කරන ලද වර්ෂ 1980 අප්‍රේල් මස 7 වන දින අංක 1389 දරන ඔප්පුව මගින් එකී සී.එච්., කේ.බී.ඊ. නාමධාරී, නීති ආචාර්ය ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල විසින් පරම හා අවලංගු කළ නොහැකි ත්‍යාගයක් ලෙස හා ත්‍යාගයක ආකාරයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙත පවරනු ලැබූ හෙයින්ද තවද, කැඩෙට් නිලධාරි පෙර පුහුණුව ලබාදීම පිණිස ජාතික රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනයක් පිහිටුවීමේ කාර්ය සඳහා එකී ඉඩම සහ නිවාස ස්ථානය සහ චංචල දේපළ භාවිතා කරනු ලැබීම අභාව ප්‍රාප්ත සී. එච්., කේ. බී. ඊ. නාමධාරී, නීති ආචාර්ය ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවලගේ අපේක්ෂාව සහ අභිලාෂය වූ හෙයින්ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයකින් අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන දිනයක සිට එය ක්‍රියාත්මක විය යුතුය. 1 වන කොටස ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය 2. (1) (මෙහි මින් මතු " අභ්‍යාස ආයතනය '' යනුවෙන් සඳහන් කරනු ලබන) ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය යනුවෙන් හැඳින්විය යුතු අභ්‍යාස ආයතනයක් පිහිටුවනු ලැබිය යුතු ය. (2) අභ්‍යාස ආයතනය (1) වන උපවගන්තියෙන් එයට දෙන ලද නාමයෙන් යුක්ත වූ, සංස්ථාවක් විය යුතු අතර, එයට අවිච්ඡින්න පැවැත්මක් ද පොදු මුද්‍රාවක් ද තිබිය යුතු ය; තවද ඒ නාමයෙන් එය විසින් නඩු පැවරීම සහ එයට විරුද්ධව නඩු පවරනු ලැබීම කළ හැකි ය. 3. අභ්‍යාස ආයතනයේ පරමාර්ථ පහත සඳහන් පරිදි විය යුතු ය: (අ) පෙර පුහුණු කැඩෙට් නිලධාරී අභ්‍යාසයන් සඳහා අදාළ වන යම් විෂයයන් පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු සඳහා පහසුකම් සැපයීම සහ ඒ අධ්‍යයන කටයුතු වල දී උපදෙස් දීම; (ආ) පෙර පුහුණු කැඩෙට් නිලධරයන්ට මූලික සේවා අභ්‍යාසයක් ලබා දීම; (ඇ) පෙර පුහුණු කැඩෙට් නිලධරයන්ගේ චරිතය, ආත්ම විශ්වාසය සහ නායකත්වයට ඔබින ගුණාංග වර්ධනය කිරීමේ කාර්ය සඳහා, ඔවුන් අතර සහෝදරත්වය පිළිබඳ හැඟීමක් හා සුහදතාව නංවාලීම සහ ඔවුන් අතර අවබෝධය වර්ධනය කිරීම; සහ (ඈ) අභ්‍යාස ආයතනයේ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය යයි අභ්‍යාස ආයතනය විසින් සලකනු ලබන වෙනත් යම් කර්තව්‍යයන් කිරීම. 4. අභ්‍යාස ආයතනයේ පරමාර්ථ ක්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා, එය විසින්, පහත දැක්වෙන බලතල, කාර්ය හා කර්තව්‍යා සියල්ලම හෝ ඉන් කිසිවක් ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම සහ කිරීම කළ හැකිය :- (අ) දේශීය හෝ විදේශීය ප්‍රභව වලින් ප්‍රදාන, ත්‍යාග හෝ පරි ත්‍යාග භාර ගැනීම; (ආ) මේ පනත මගින් හෝ යම් මිල දී ගැනීමක්, ප්‍රදානයක්,ත්‍යාග යක් හෝ තෙස් තමේන්තු නීයාදනයක් ප්‍රකාරව නැත හොත් අන්‍යාකාරයකින් අභ්‍යාස ආයතනය වෙත පවරනු ලැබෙන යම් චංචල හෝ නිශ්චල දේපළක් භාර ගැනීම හෝ අයිතිව සිටීම සහ එකී යම් චංචල හෝ නිශ්චල දේපළක් විකිණීම, උකස් කිරීම, බද්දට දීම, ප්‍රදානය කිරීම, හිමිකර දීම, අන්තිම කැමති පත්‍රයකින් හිමිකර දීම, පැවරීම, හුවමාරු කිරීම හෝ අන්‍යාකාරයකින් නියාදනය කිරීම; (ඇ) අභ්‍යාස ආයතනයේ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා අවශ්‍ය වන සියලු ගිවිසුම්වලට හෝ එකඟ වීම්වලට කෙළින්ම හෝ අභ්‍යාස ආයතනය විසින් තත් කාර්යය සඳහා බලය පවරන ලද යම් නිලධරයෙකු මගින් හෝ නියෝ ජිතයකු මගින් එළඹීම සහ ඒ ගිවිසුම් හා එකඟවීම් ඉටු කිරීම හෝ ක්‍රියාත්මක කිරීම; (ඈ) අභ්‍යාස ආයතනයේ කාර්ය සඳහා, කළමනාකාර මණ්ඩලය විසින් සුදුසු යයි අදහස් කරනු ලබන ආකාරයකින් සහ එසේ අදහස් කරනු ලබන ඇප මත, මුදල් ණයට ගැනීම හෝ ලබා ගැනීම; (ඉ) අභ්‍යාස ආයතනයේ කර්තව්‍ය කරගෙන යාම සඳහා අවශ්‍ය සේවා නියුක්තයන් හා නියෝජිතයන් පත් කිරීම; (ඊ) කළමනාකාර මණ්ඩලය විසින් සුදුසු යයි අදහස් කරනු ලබන ආකාරයකින් අභ්‍යාස ආයතනයේ අරමුදල් ආයෝජනය කිරීම; සහ (උ) අභ්‍යාස ආයතනයේ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වන්නා වූ, හිතකර වන්නා වූ, හෝ ආනුෂංගික වන්නා වූ සියලු ක්‍රියා කිරීම. 5. අභ්‍යාස ආයතනයේ කටයුතු පිළිබඳ කළමනා කරණය හා පරිපාලනය ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන පහත දැක්වෙන ආයතනයේ සාමාජිකයන්ගෙන් සමන්විත විය යුතු (මෙහි මින් මතු " මණ්ඩලය " යනුවෙන් සඳහන් කරනු ලබන) කළමනාකාර මණ්ඩලයක් වෙත පවරනු ලැබිය යුතු ය:- (අ) රාජ්‍ය ආරක්ෂක කටයුතු විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා; ඔහු මණ්ඩලයේ සභාපති වරයා වන්නේය; (ආ) ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල අණ දෙන නිලධරයන්; (ඇ) මුදල් විෂයය භාර අමාත්‍ය වරයා විසින් නම් කරනු ලබන, මහා භාණ්ඩාගාරයේ නිලධරයකු; (ඈ) අභ්‍යාස ආයතනයේ සේනාවිධායක තනතුර තත් කාලයෙහි දරමින් සිටින තැනැත්තා; සහ (ඉ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නම් කරනු ලබන ඒ කොමිෂන් සභාවේ සාමාජිකයකු. 6. (1) ජනාධිපතිවරයා විසින් (මෙහි මින් මතු " සේනාවිධායක " යනුවෙන් සඳහන් කරනු ලබන) අභ්‍යාස ආයතනයේ සේනාවිධායක ලෙස සන්නද්ධ සේවාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධරයකු පත් කළ යුතු අතර, ඔහු ප්‍රධාන විධායක නිලධරයා විය යුතු ය; තව ද මරණය සිදු වීම නිසා හෝ ඉල්ලා අස්වීම නිසා හෝ ඉවත් කරනු ලැබීම නිසා ඔහු තම ධුරය කලින් හිස් කළ හොත් මිස ඔහු විසින් තුන් අවුරුදු කාල සීමාවක් තම ධුරය දැරිය යුතුය. (2) අභ්‍යාස ආයතනය පිහිටුවීමේ දිනයේ දී සේනාවිධායක වශ යෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු පත් කරනු ලැබිය යුතු අතර, ඒ සේනාවිධායකගේ ධුර කාලය අවසන් වූ පසු සේනා විධායක වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු පත් කරනු ලැබිය යුතු ය; දෙවනුව සඳහන් සේනාවිධායකගේ ධුර කාලය අවසන් වූ පසු පත් කළ යුතු සේනාවිධායක ශ්‍රී ලංකා ගුවන් ජ්‍යෙෂ්ඨ නිලධරයකු විය යුතු ය; තවද, සේ නාවිධායක තනතුරට ඉන් පසුව කරනු ලබන පත් කිරීම් මෙහි සඳහන් පිළිවෙළ අනුව කළ යුතුය. (3) ජනාධිපතිවරයා වෙත අමතනු ලබන ලිඛිත දැනුම් දීමක් මගින්, සේ නාවිධායක විසින් සිය සේනාවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය හැකිය. (4) සේ නාවිධායක ධුරයෙන් ඉවත් කිරීම අවස්ථානුකූල යයි ජනාධිපතිවරයා අදහස් කරන්නේ නම්, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින්, ජනාධිපතිවරයා විසින් ඊට හේතුවක් නො දක්වා සේනාවිධායක ධුරයෙන් ඉවත් කරනු ලැබිය හැකි ය. (5) යම් සේනාවිධායකයකු සම්බන්ධයෙන් (4) වන උපවගන් තිය යටතේ නියමයක් කරනු ලැබූ විට, ඒ නියමය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ දින හෝ ඒ නියමයෙහි නිශ්චිත වශයෙන් සඳහන් වන වෙනත් යම් දිනයක, ඒ සේනාවිධායක විසින් තම ධුරය හිස් කළ යුතුය. (6) (1) වන උපවගන්තිය යටතේ යම් සන්නද්ධ සේවාවකින් පත් කරන ලද- (අ) සේ නාවිධායක, සේ නාවිධායක වශයෙන් තම ධුර කාලය අව සන් වීමට පෙර තම ධුරය අත් හළ හෝ, තමා අනුයුක්ත සන්නද්ධ සේවාවේ සාමාජිකයකුව සිටීම අවසන් කළ අවස් ථාවක, ජනාධිපතිවරයා විසින් ඒ සන්නද්ධ සේ වාවේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු සේනාවිධායක වශයෙන් පත් කළ යුතු අතර, ඔහු කලින් ධුරය අත් හළහොත් මිස, ඔහුගේ පූර්වගාමි සේනාවිධායකගේ ධුර කාලයේ නොගෙවී ශේෂව ඇති කාල සීමාව තුළ ඔහු විසින් ධූරය දැරිය යුතු ය; නැතහොත් (ආ) සේ නාවිධායකට, රෝගාතුර වීම නිසා, ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම් නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා, තම ධුරයේ කර්තව්‍ය කිරීමට තාවකාලිකව නොහැකි වන අවස්ථාවක, ඔහු වෙනුවට සේනාවිධායක ලෙස ක්‍රියා කිරීම සඳහා ඒ සන්නද්ධ සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය. ( 7 ) මේ වගන්තියේ කාර්ය සඳහා " සන්නද්ධ සේවාවන් හි ජ්‍යෙෂ්ඨ නිලධරයා " යන යෙදුමෙන් (අ) ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සම්බන්ධයෙන් වන විට, කර්නල් වරයකුගේ තරාතිරමට පහළ නොවූ නිලයක් දරන නිලධර යෙක්; (ආ) ශ්‍රී ලංකා නාවික හමුදාව සම්බන්ධයෙන් වන විට, කපිතාන් වරයකුගේ තරාතිරමට පහළ නොවූ නිලයක් දරන නිලධර යෙක්; සහ (ඇ) ශ්‍රී ලංකා ගුවන් හමුදාව සම්බන්ධයෙන් වන විට, රාශි කපි තාන්වරයකුගේ තරාතිරමට පහළ නොවූ නිලයක් දරන නිලධරයෙක් අදහස් වේ. 7. (1) අභ්‍යාස ආයතනයේ කටයුතු මෙහෙයවීම, එහි බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ එහි සේවානියුක්තයන් හා පෙර පුහුණු කැඩෙට් නිලධරයන් පිළිබඳ පරිපාලනමය පාලනය, මණ්ඩලයේ සාමාන්‍ය විධාන වලට හා පාලනයට යටත්ව, සේනාවිධා යක වෙත භාරකරනු ලැබිය යුතු ය. (2) සේනාවිධායක විසින් තම බලතල, කාර්ය සහ කර්තව්‍ය අතු රින් පැවරීමට අවශ්‍ය යයි කලින් කල සලකනු ලබන බලතල, කාර්ය සහ කර්තව්‍ය, මණ්ඩලයේ අනුමතය ඇතිව, අභ්‍යාස ආයතනයේ යම් සේවා නියුක්තයකු වෙත ලියවිල්ලකින් පවරනු ලැබිය හැකි අතර, එසේ ඒ බලතල, කාර්ය සහ කර්තව්‍ය පවරන ලද යම් සේවා නියුක්තයකු විසින්, සේ නාවිධායකගේ සාමාන්‍ය හෝ විශේෂ විධාන වලට යටත්ව, ඒ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කළ යුතුය. 8. (4) (මෙහි මින් මතු " අරමුදල '' යනුවෙන් සඳහන් කරනු ලබන) '' කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතන අරමුදල යනුවෙන් හඳුන්වනු ලබන අරමුදලක් පිහිටුවනු ලැබිය යුතුය. (2) ඒ අරමුදල කළමනා කරණය කිරීමේ, පාලනය කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ බලය මණ්ඩලයට තිබිය යුතු ය. පහත දැක්වෙන මුදල් අරමුදලට ගෙවනු ලැබිය යුතු ය:- (අ) අභ්‍යාස ආයතනයේ ප්‍රයෝජනය සඳහා පාර්ලිමේන්තුව විසින් කලින් කල සම්මත කරනු ලබන සියලුම මුදල් ; (ආ) ශ්‍රී ලංකාව ඇතුළත හෝ ඉන් බාහිර, කවර හෝ ප්‍රභවයකින්, පරිත්‍යාග, ත්‍යාග හෝ ප්‍රදාන වශයෙන් අභ්‍යාස ආයතනයට ලැබෙන සියලුම මුදල්; (ඇ) අභ්‍යාස ආයතනයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ දී, ඉටු කිරීමේ දී, සහ කිරීමේ දී එයට ලැබෙන සියලු මුදල්. 10. පහත දැක්වෙන මුදල් අරමුදලෙන් ගෙවනු ලැබිය යුතුය :- (අ) අභ්‍යාස ආයතනය පිහිටු වීම, ක්‍රියාත්මක කිරීම හා නඩත්තු ගෙවීම්, කිරීම සඳහා අවශ්‍ය වියදම්; (ආ) නිලධරයන්ගේ, සේවකයන්ගේ හා වෙනත් සේවානියුක්ත යන්ගේ වැටුප් ගෙවීම; (ඇ) අභ්‍යාස ආයතනයේ පරමාර්ථ ක්‍රියාත්මක කර ගැනීමේ කාර්ය සඳහා අවශ්‍ය බවට මණ්ඩලය විසින් අනුමත කරනු ලබන වෙනත් සියලුම ගෙවීම්. 11. මේ පනතේ වෙනත් විධිවිධාන වලට යටත්ව, මණ්ඩලය විසින් මණ්ඩලයේ රැස්වීම් පිළිබඳ කාර්ය පරිපාටිය සහ ඒ රැස්වීම් වල කටයුතු විධිමත් කරනු ලැබිය හැකි ය. 12. මණ්ඩලයේ සාමාජිකයන් අතර පුරප්පාඩුවක් තිබීම පම් ණක් හෝ එහි සාමාජිකයන් පත් කිරීමෙහි ලැ යම් දෝෂයක් තිබීම පමණක් හෝ හේතු කොටගෙන මණ්ඩලයේ කිසිම ක්‍රියාවක්, තීරණ යක් හෝ කටයුත්තක් නිර්බල නොවිය යුතුය. 13. (1) අභ්‍යාස ආයතනයේ කාර්ය සඳහා අවශ්‍ය යයි මණ්ඩලය විසින් සලකනු ලබන නිලධරයන් හා සේවකයන් මණ්ඩලය විසින් පත් කරනු ලැබිය හැකිය. (2) (1) වන උපවගන්තිය යටතේ පත් කරනු ලැබූ නිලධරයන්ට හා සේවකයන්ට, නියම කරනු ලබන ආකාරයකින් හා අනු ප්‍රමාණ යන් අනූව, පාරිශ්‍රමික ගෙවිය යුතු අතර, නියම කරනු ලබන සේවා කොන්දේසිවලට සහ විනය පාලනයට ද ඔවුන් යටත් විය යුතුය. (3) රජයේ යම් නිලධරයකු, මණ්ඩලයේ ඉල්ලීම පිට, ඒ නිලධර යාගේ ද, රාජ්‍ය පරිපාලන විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ යේ ලේකම්වරයාගේ ද කැමැත්ත ඇතිව සහ මණ්ඩලය විසින් එවැනිම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන කාල සීමාවක් සඳහා, අභ්‍යාස ආයතනයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කිරීම හෝ ඒ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කිරීම හෝ කරනු ලැබිය හැකිය. (4) රජයේ යම් නිලධරයකු අභ්‍යාස ආයතනයේ කාර්ය මණ්ඩල යට තාවකාලිකව පත් කරනු ලැබූ අවස්ථාවක, ජාතික රාජ්‍ය සභාවේ, 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනතේ 13 වන වගන්තියේ (2) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව ඒ නිලධරයාට සහ ඔහු සම්බන්ධයෙන් අදාළ විය යුතුය. (5) රජයේ යම් නිලධරයකු අභ්‍යාස ආයතනයේ කාර්ය මණ්ඩල යට ස්ථිරව පත් කරනු ලැබූ අවස්ථාවක, ජාතික රාජ්‍ය සභාවේ, 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනතේ 13 වන වගන් තියේ (3) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ නිලධරයාට සහ ඔහු සම්බන්ධයෙන් අදාළ විය යුතුය. (6) නිශ්චිත කාල සීමාවක් ආණ්ඩුවට සේවය කිරීමට එකඟ වී ඇති යම් තැනැත්තකු මණ්ඩලය විසින් සේවයෙහි නියුක්ත කර ගනු ලැබූ අවස්ස්ථාවක, ඒ තැනැත්තා විසින් අභ්‍යාස ආයතනයට සේවය කරනු ලබන යම් කාල සීමාවක්, ඒ එකඟවීමේ බැඳීම් ඉටු කිරීමේ කාර්යය සඳහා, ආණ්ඩුවට කරන ලද සේවය ලෙස සලකනු ලැබිය යුතුය. (7) මණ්ඩලයේ ඉල්ලීම පිට, පළාත් පාලන සේවයේ සාමාජිකයෙකු හෝ යම් පළාත් පාලන ආයතනයක වෙනත් යම් නිලධරයකු හෝ සේවකයකු, අවස්ථාවෝචිත පරිදි, ඒ සාමාජිකයා ගේ, නිලධරයාගේ හෝ සේවකයාගේ සහ පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලයේ හෝ ඒ පළාත් පාලන ආයතනයේ කැමැත්ත ඇතිව, සහ විශ්‍රාම වැටුප් හෝ අර්ථසාධක අරමුදල් අයිති වාසිකම් පිළිබඳ නියමයන් හා කොන්දේසි ද ඇතුලුව, මණ්ඩලය සහ පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලය හෝ ඒ පළාත් පාලන ආයතනය එකඟ වන නියම හා කොන්දේසි පිට, මණ් ඩලය විසින් එවැනිම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන කාලසීමාව කට අභ්‍යාස ආයතනයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කිරීම හෝ ඒ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කිරීම හෝ කරනු ලැබිය හැකිය. (8) (7) වන උපවගන්තිය ප්‍රකාර යම් තැනැත්තකු අභ්‍යාස ආයතනයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබූ අවස් ථාවක, ඒ කාර්ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් යටත් වන විනය පාලනයටම ඒ තැනැත්තා ද යටත් විය යුතු ය. 14. සෑම පෙර පුහුණු කැඩෙට් නිලධරයකුම විසින්, තම පුහුණුව ආරම්භ කිරීමට පෙර, නියමිත දිවුරුම දී, අත්ත්සන් කිරීම හෝ නියමිත ප්‍රතිඥාව දී, අත්සන් කිරීම හෝ කළ යුතුය. II වන කොටස සාමාන්‍ය කරුණු ( 1 ) නියම කළ යුතු යැයි මේ පනතින් අවශ්‍ය කරන සියලු නියෝග. කරුණු සම්බන්ධයෙන් හෝ නියෝග සෑදීමට මේ පනතින් බලය දෙන ලද සියලු කරුණු සම්බන්ධයෙන් හෝ අමාත්‍යවරයා විසින් නියෝග සෑදිය හැකි ය. (2) (1) වන උපවගන්තියෙන් පවරා තිබෙන බලතල වල ව්‍යාප් තියට හානියක් නොමැතිව, පහත සඳහන් සියලුම කරුණු සම්බන් ද්ධයෙන් හෝ ඒ අතුරින් යම් කරුණක් සම්බන්ධයෙන් හෝ අමාත්‍යවරයා විසින් නියෝග සෑදිය හැකි ය :- (අ) අභ්‍යාස ආයතනයේ කටයුතු කළමනාකරණය කිරීම සහ පරිපාලනය කිරීම; (ආ) අභ්‍යාස ආයතනයට පෙර පුහුණු කැඩෙට් නිලධරයන් බඳවා ගැනීම පිළිබඳ කාර්ය පටිපාටිය ; (ඇ) පෙර පුහුණු කැඩෙට් නිලධරයන්ගේ සේවා නියමයන් සහ කොන්දේසි සහ ඔවුන් පුහුණුව ලබන කාලය තුළ ඔවුන්ට ගෙවනු ලබන දීමනා; (ඈ) පෙර පුහුණු කැඩෙට් නිලධරයන්ගේ හැසිරීම සහ ඔවුන් විෂයයෙහි විනය පාලනය; (ඉ) පෙර පුහුණු කැඩෙට් නිලධරයන් සඳහා නේවාසික පහසුකම් සහ සලාක සැලසීම සහ (ඊ) අභ්‍යාස ආයතනයේ නිලධරයන් සහ සේවකයන් පත් කිරීම පිළිබඳ කාර්ය පටිපාටි. (3) අමාත්‍යවරයා විසින් සාදනු ලබන සෑම නියෝගයක්ම ගැසට් පත්‍රයෙහි පළ කළ යුතු අතර, එසේ පළ කරනු ලබන දින යෙහි සිට හෝ එහි නිශ්චිතව සදහන් කරනු ලබන යම් පසු දිනයක සිට හෝ එය ක්‍රියාත්මක විය යුතුය. (4) සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබීමෙන් පසු හැකිතාක් ඉක්මණින් අනුමතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. එසේ අනුමත කරනු නොලැබූ යම් නියෝගයක්, එම අනනුමතයේ දින සිට පරිච්ඡින්න වූ ලෙස සලකනු ලැබිය යුතු නමුත් ඒ යටතේ කලින් කරන ලද කිසිවකට ඉන හානියක් සිදු නොවිය යුතුය. (5) අමාත්‍යවරයා විසින් සාදන ලද යම් නියෝගයක් පරිච්ඡින්න වූ දිනය ලෙස සලකනු ලබන දිනය පිළිබඳ දැන්වීමක් ගැසට් පත්‍ර යෙහි පළ කරනු ලැබිය යුතු ය. 16. අභ්‍යාස ආයතනයේ සියලුම සාමාජිකයන්, නිලධරයන් සහ සේවකයන් දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ එහි කාර්ය සඳහා රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුතු ය. 17. අභ්‍යාස ආයතනය අල්ලස් පනතේ අර්ථානුකූලව උප ලේඛනගත ආයතනයක් ලෙස සලකනු ලැබීය යුතු අතර, පනතේ විධිවිධාන ඒ අනුව තේරුම් ගත යුතු ය. 18. (1) (අ) අභ්‍යාස ආයතනය විසින් මේ පනත යටතේ සද් භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි සැල කෙන යම් ක්‍රියාවක් සඳහා අභ්‍යාස ආයතනයට විරුද්ධව; හෝ (ආ) මේ පනත යටතේ හෝ අභ්‍යාස ආයතනයේ විධානය පිට හෝ අභ්‍යාස ආයතනයේ යම් සාමාජිකයකු, නිලධරයකු, සේවකයකු හෝ නියෝජිතයකු විසින් සද් භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි සැලකෙන යම් ක්‍රියාවක් සඳහා ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් පවරනු නොලැබිය යුතු ය. (2) අභ්‍යාස ආයතනය විසින් හෝ අභ්‍යාස ආයතනයට විරුද්ධව හෝ යම් අධිකරණයක පවරනු ලැබූ යම් සිවිල හෝ අපරාධ නඩුවක දී අභ්‍යාස ආයතනය විසින් දරන ලද යම් වියදමක් අරමුදලින් ගෙවනු ලැබිය යුතු අතර, එවැනි යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී අභ්‍යාස ආයතනයට ගෙවූ හෝ අභ්‍යාස ආයතනය විසින් ලබා ගන්නා ලද හෝ නඩු ගාස්තු අභ්‍යාස ආයතනයේ අරමුදලට බැර කරනු ලැබිය යුතුය. (3) (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ සඳහන් යම් තැනැත්තකු විසින් මේ පනත යටතේ හෝ අභ්‍යාස ආයතනයේ විධානය පිට හෝ කරන ලද හෝ කරන ලදැයි සැලකෙන යම් ක්‍රියා වක් සම්බන්ධයෙන් යම් අධිකරණයක පවරනු ලැබූ යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී ඒ තැනැත්තා විසින් දරන ලද යම් වියදමක්, ඒ ක්‍රියාව සද් භාවයෙන් කරන ලදැයි අධිකරණය තීරණය කළ හොත්, ඒ වියදම ඒ සිවිල් හෝ අපරාධ නඩුවේ දී ඔහු විසින් ආපසු ලබා ගනු ලැබුවහොත් මිස, අරමුදලින් ගෙවනු ලැබිය යුතු ය. 19. සේනාවිධායක විසින්, මණ්ඩලයේ අනුමතය ඇතිව, පහත සඳහන් සියලුම කරුණු සම්බන්ධයෙන් හෝ ඉන් යම් කරුණක් විධායකු සතු සම්බන්ධයෙන් හෝ රීති සාදනු ලැබිය හැකි ය:- (අ) පෙර පුහුණු ඩෙව් නිලධරයන් සඳහා අභ්‍යාස ආයතනය විසින් සැලසිය යුතු අධ්‍යයන පාඨමාලා; (ආ) පෙර පුහුණු කැඩෙට් නිලධරයන් සඳහා අභ්‍යාස ආයතනය විසින් සැලසිය යුතු සේවා පුහුණුව; (ඇ) පෙර පුහුණු කාඩෙට් නිලධරයන් සඳහා අභ්‍යාස ආයතනය විසින් සැලසිය යුතු වෛද්‍ය, සුභ සාධක සහ විනෝද පහසු; සහ (ඈ) අභ්‍යාස ආයතනයේ සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර. III වන කොටස චංචල සහ නිශ්චල දේපළ සතු කිරීම 20. (1) 1979 ජූලි මස 11 වන දින අංක 1292 දරන ඔ පුව මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට පරිත්‍යාග කරනු ලැබූ සහ මෙහි සඳහන් උප ලේඛනයෙහි විස්තර කොට ඇති, සියලු ඉඩම් සහ නිවාස ස්ථාන ද, 1980 අප්‍රේල් මස 7 වන දින අංක 1389 දරන ඔප්පුව මගින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයට පරිත්‍යාග කරනු ලැබූ සහ එහි සඳහන් උපලේඛනයෙහි කොට ඇති, සියලු චංචල දේපළ ද, අමාත්‍යවරයා විසින්, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන (මෙහි මින් මතු " සතු කිරීමේ නියමය " යනුවෙන් සඳහන් කරනු ලබන) නියමයක් මගින්, එම නියමයේ නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි (මෙහි මින් මතු " සතු කිරීමේ දිනය '' යනුවෙන් සඳහන් කරනු ලබන) දිනයක සිට අභ්‍යාස ආයතනය වෙත සතු කළ යුතුය. ( 2 ) සතු කිරීමේ නියමයක් කරනු ලැබූ අවස් ථාවක, එසේ සතු කරනු ලැබූ සියලු චංචල දේපළ සමග, සියලු ඉඩම් සහ නිවාස ස්ථානයන්හි පරම අයිතිය, සියලු බැඳීම් වලින් තොරව, සතු කිරීමේ දින සිට, අභ්‍යාස ආයතනයට ලැබිය යුතු අතර, ඒ සතු කිරීම, ඒ ඉඩම්වලට සහ නිවාස ස්ථාන වලට හෝ ඒවා කෙරෙහි කවර හෝ අයිතියක්, හිමිකමක් හෝ සම්බන්ධතාවක් ඇත්තා වූ හෝ ඇති බවට හිමිකම් පාන්නා වූ සියලු තැනැත්තන්ට විරුද්ධව, සියලු කාර්ය සඳහා අවසානාත්මක හා තීරණාත්මක විය යුතුය. (3) (1) වන උපවගන්තිය යටතේ කරනු ලැබූ සතු කිරීමේ නියමයක්, ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු, හැකිතාක් ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. 21. මේ පනතින් අභ්‍යාස ආයතනය වෙත සතු කරනු ලැබූ යම් නිශ්චල හෝ චංචල දේපළක් සම්බන්ධයෙන් යම් සිවිල් නඩුවක්, අභියාචනයක් හෝ වෙනත් නඩු කටයුත්තක්, එසේ සතු කිරීමේ දිනයේ දී විනිශ්චයට භාජන වී තිබුණ අවස් ථාවක, ඒ සිවිල් නඩුව, අභියාචනය හෝ වෙනත් නඩු කටයුත්ත නතර නොවිය යුතු අතර, ඒ අනුව අභ්‍යාස ආයතනය විසින් හෝ අභ්‍යාස ආයතනයට විරුද්ධව හෝ එය පවත්වාගෙන යා යුතු ය. 22. 20 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ සතු කිරීමේ නියමයක් කරනු ලැබූ අවස් ථාවක, එසේ සතු කරනු ලැබූ ඉඩම් සහ නිවාස ස්ථාන සම්බන්ධයෙන් යම් ගිවිසුමක් හෝ එකඟ වීමක් යටතේ වූ සහ සතු කිරීමේ දිනයේ පවත්නා සියලු අයිතිවාසිකම් සහ බැඳීම් අභ්‍යාස ආයතනය වෙත සතු විය යුතු ය. 23. 20 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ කරනු ලැබූ සතු කිරීමේ නියමයක් මගින් සතු කරනු ලැබූ යම් ඉඩමක, ඉඩමක් තුළ හෝ එ මතු පිට ඇති යම් ඛනිජ ද්‍රව්‍යයක් කෙරෙහි ඇති අයිතිවාසිකමක් ඒ නියමයෙන් පැවරෙන ලෙස නොසැලකිය යුතු අතර, ඒ සෑම ඛනිජ ද්‍රව්‍යයක්ම ජනරජයේ පරම දේපළක් ලෙස පවතින ලෙස සලකනු ලැබිය යුතු අතර, එසේම පැවතිය යුතුය. 24. 1979 ජූලි මස 11 වන දින අංක 1292 දරන ඔප්පුවෙහි සහ 1980 අප්‍රේල් මස 7 වන දින අංක 1389 දරන ඔප්පුවෙහි ''කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය, කොතලාවල පුර '' යන්නට කෙරෙන යම් සඳහනක්, මේ පනත යටතේ පිහිටු වනු ලැබූ "ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය, කොතලාවල පුර '' යන්නට කෙරෙන සඳහනක් වශයෙන් සැලකිය යුතු ය. 25. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, ම් පනතේ - ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා " යන්නෙන් — (අ) ශ්‍රී ලංකා යුද්ධ හමුදාව; හෝ (ආ) ශ්‍රී ලංකා නාවික හමුදාව; හෝ (ඇ) ශ්‍රී ලංකා ගුවන් හමුදාව අදහස් වේ. උපලේඛනය 1. බලයලත් මිනින්දෝරු එස්. රුපෙන්ද්‍ර විසින් සාදන ලද, 1956 අගෝස්තු මස 23 වන දින අංක 955 දරන පිඹුර මගින්, කඳවල වත්ත නමැති ඉඩමෙන් බෙදා වෙන් කොට ඒ සැලැමේ ලොට් අංක 12 වශයෙන් පෙන් න්නුම් කර ඇති ඉඩම් කොටසින් නැවත බෙදා වෙන් කළ (ජලාශයක් වූ) ලොව් " ඒ " දරන බිම් කොටස, එනම් බලයලත් මිනින් දෝරු එස්. ලෝ කනාදන් විසින් සාදන ලද, 1978 දෙසැම්බර් 21 වන දින අංක 2339 දරන පිඹුරට අනුකූලව, බස් නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික් කයේ සල්පිටි කෝරළේ, පල්ලෙ පත්තුවේ දෙහිවල - ගල් කිස් ස මහ නගර සභා සීමාව තුළ, දකුණු රත්මලානේ පිහිටි උතුරට, නැගෙනහිරට, දකුණට සහ බස් නා හිරට පාරවල් වලින් මායිම් වූද ප්‍රමාණයෙන් අක්කර හතකුත් රූඩ් දෙකකුත් පර්චස් දහතුනයි දශම හතරයි තුනකින් ( අක්. 7. රූඩ් 2, පර්. 13.43) සමන් විත වූද ඉඩම් කොටස, එකී අංක 2339 දරන පිඹුරේ සඳහන් මාර්ග පාවිච්චි කිරීමේ අයිතිය ද සමඟ 2. බලයලත් මිනින්දෝරු එස්. රාජේන්දු විසින් සාදන ලද 1956 අගෝස්තු 23 දින අංක 955 දරන පිඹුරේ පෙ නුම් කර ඇති ලොවි අංක 42 දරන ඉඩම් කොටසින් බෙදා වෙන් කළ ඉඩම් කොටසක් වන්නා වූද බලයලත් මිනින් දෝරු එස්. ලෝක නාදන් විසින් සාදන ලද, 1978 දෙසැම්බර් 21 වන දින අංක 2339 දරන පිඹුරේ ලොට් " බී " වශයෙන් පෙන්නුම් කර ඇත්තා වූ ද ඉහත කී පල්ලේ පත්තුවේ දෙහිවල - ගල් කිස්ස මහ නගර සභා සීමාව තුළ, දකුණු රත් මලානේ පිහිටියා වූ ද උතුරට කඳවල වත්තේ කොටසකින් සහ රජයේ ඉඩම් වලින් ද නැගෙනහිරට පාරෙන් සහ ලොට් " යි " දරන බිම් කොටසින් ද දකුණට ලොට් " ඩී '' දරන බිම් කොටසින් සහ කඳවල වත්තේ කොටසකින් ද බස්නාහිරට පාරෙන් සහ කඳවල වත්තේ කොටසකින් ද මායිම් වූ ද ප්‍රමාණයෙන් අක් කර නවයකුත් රුඩ් එකකුත් පර්චස් විසි හතරකින් (අක්.9, රුඞ් 1, පර්. 24) යුක්ත වූද ඉඩම් කොටස, එකී අංක 2339 දරන පිඹුරේ සඳහන් මාර්ග පාවිච්චි කිරීමේ අයිතිය ද සමග 3. බලයලත් මිනින්දෝරු එස්. රාජේන්ද්‍ර විසින් සාදන ලද 1956 අහෝස්තු 23 වන දින අංක 955 දරන පිඹුරේ පෙන්නුම් කර ඇති ලොට් අංක 12 දරන ඉඩම් කොටසින් බෙදා වෙන් කළ ඉඩම් කොටසක් වන්නා වූ ද බලයලත් මිනින් දෝරු එස්. ලෝක නාදන් විසින් සාදන ලද, 1978 දෙසැම්බර් 21 වන දින අංක 2339 දරන පිඹුරේ ලොට් " සී '' වශයෙන් පෙන්නුම් කර ඇත්ත්තා වූ ද ඉහත කී පල්ලෙ පත්තුවේ දෙහිවල - ගල් කිස්ස මහ නගර සභා සීමාව තුළ දකුණු රත්මලානේ පිහිටියා වූ ද උතුරට ලොට් " බී " දරන ඉඩම් කොටසින් ද නැගෙනහිරට පාරෙන් ද දකුණට වලාව 8" දරන ඉඩම් කොටසින් හා බස්නාහිරට ලොට් " බී " දරන ඉඩම් කොටසින් ද මායිම් වූද ප්‍රමාණයෙන් රුඩ් තුනකුත් පර්චස් තිස් තුනයි දශම එකයි දෙකකින් (අක්.0, රූඩ් 3, පර්. 33.12) සමන් විත වු ද ඉඩම් කොටස, එකී අංක 2339 දරන පිඹුරේ සඳහන් මාර්ග පාවිච්චි කිරීමේ අයිතිය ද සමග. 4. බලයලත් මිනින්දෝරු එස්. රාජේන්ද්‍ර විසින් සාදන ලද, 1956 අගෝස්තු 23 වන දින අංක 955 දරන පිඹුරේ පෙන්නුම් කර ඇති ලොට් අංක 12 දරන ඉඩම් කොටසින් බෙදා වෙන් කළ ඉඩම් කොටසක් වන්නා වූද බලයලත් මිනින් දෝරු එස්. ලෝකනාදන් විසින් සාදන ලද 1978 දෙසැම්බර් 21 වන දින අංක 2339 දරන පිඹුරේ ලොට් '' ඩී ''වශයෙන් පෙන් න්නුම් කර ඇත්තා වූ ඉහත කී පල්ලෙ පත්තුවේ දෙහිවල - ගල් කිස්ස්ස මහ නගර සභා සීමාව තුළ දකුණු රත් මලානේ පිහිටියා වූ ද එකී සැලැස්මට අදාල උතුරට ලොට් " බී ' "සි" සහ ඊ ' දරන බිම් කොටස් වලින් ද නැගෙනහිරට ලොට් '' එයිප් " දරන බිම් කොටසින් හා කඳවල වත්තේ කොටස කින්ද දකුණට පාරෙන් සහ බස් නාහිරට ලොට් " බී " දරන කොටසින් ද මායිම් වූ ද ප්‍රමාණයෙන් අක් කර දහහතකුත් රුඩ් දෙකකුත් පර්චස් දශම අටයි නවයකින් (අක්. 17. රුඩ් 2, පර්. 0.89) යුක්ත වූද ඉඩම් කොටස, එහි පිහිටි ගොඩනැගිලි සහ එකී 2338 දරන පිඹුරේ සඳහන් මාර්ග පාවිච්චි කිරීමේ අයිතිය ද සමග 5. බලයලත් මිනින් දෝරු එස්. රාජේන්ද්‍ර විසින් සාදන ලද, 1956 අගෝස්තු 23 වන දින අංක 955 දරන පිඹුරේ පෙන් නම් කර ඇති ලොට් අංක 12 දරන ඉඩම් කොටසින් බෙදා වෙන් කළ ඉඩම් කොටසක් වන්නා වූ බලයලත් මිනින්දෝරු එස්. ලෝක නාදන් විසින් සාදන ලද 1978 දෙසැම්බර් 24 වන දින අංක 2339 දරන පිඹුරේ ලොට් " ඊ " වශයෙන් පෙන්නුම් කර ඇත්තා වූද ඉහත කී පල ලෙ පත්තුවේ දෙහිවල - ගල් කිස් ස මහ නගර සභා සීමාව තුළ දකුණු රත්මලානේ පිහිටියා වූ ද එකී සැලැස්මට අනුකූලව උතුරට ගුවන් තොටු පළ පැරෙන් සහ රජයේ ඉඩම් වලින් ද නැගෙනහිරට පාරෙන් ද දකුණට ලොට් " ඩී " සහ දරන ඉඩම් කොටස වලින් සහ බස්නාහිරට රජයේ ඉඩම් වලින් සහ පාරෙන් ද මායිම් වූද ප්‍රමාණයෙන් අක් කර අටකුත් රුද්ධ දෙකකුත් පර්චස් දහහතකුත් දශම එකයි දෙකකින් (අක්. 8, රූඩ් 2, පර්. 17.12 ) යුක්ත වූ ද ඉඩම් කොටස, එකී අංක 2339 දරන පිමුරේ සඳහන් මාර්ග පාවිච්චි කිරීමේ අයිතිය සඟ.
62
acts_1981-11-03_Sri_Lanka_State_Trading_Corporations_Amendment_si
act
1981
3
1
0.98017
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 67 දරන ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ සංස්ථා (සංශෝධන) පනත (සහතිකය සටහන් කළේ 1981 නොවැම්බර් මස 3 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 නොවැම්බර් මස 06 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 67 දරන ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ සංස්ථා (සංශෝධන) පනත 1970 අංක 33 දරන ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ සංසථා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 67 දරන ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ සංස්ථා (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මෙහි මින් මතු '' ප්‍රධාන ප්‍රඥප්තිය '' යනුවෙන් සඳහන් කරනු ලබන) 1970 අංක 33 දරන ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ සංස්ථා පනතේ 2 වන වගන්තියට ඉක් බිතිව ම, පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප් තියේ 2 අ වගන්තිය වශයෙන් බලාත්මක විය යුතුය :- 2 අ. මේ පනතේ 2 වන වගන්තියේ කුමක් සඳහන්ව ඇතද, අමාත්‍ය මණ්ඩලය විසින් අනු මත කරනු ලබන යම් ව්‍යාපාරයක හෝ කර්මාන්ත යක හෝ යම් වාණිජ කටයුත්තක නිරත වීම එවැනි යම් ව්‍යාපාරයක් හෝ කර්මානතයක් යම් වාණිජ කටයුත්තක් පවත්වා ගෙන යාම මේ පනත යටතේ පිහිටුවන ලද යම් සංස්ථාවක් විසින් කරනු ලැබිය හැකි ය. ”. 3. මේ පනතේ 2 වන වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියෙහි කරන ලද සංශෝධනය, ඒ ප්‍රඥප්තිය ක්‍රියාත්මක වූ දිනයෙහි ක්‍රියාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව, මේ පනත කියාත්මක වූ දිනයට පෙර, ඒ ප්‍රඥප්තිය යටතේ පිහිටුවන ලද සංස්ථාවක් විසින් නිරත වී සිටි හෝ පවත්වා ගෙන යනු ලැබූ යම් ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් හෝ යම් වාණිජ කටයුත්තක් වලංගු ලෙස නිරත වී සිටි ව්‍යාපාරයක්, කර්මාන්තයක් හෝ වාණිජ කටයුත්තක් බවට හෝ වලංගු ලෙස පවත්වා ගෙන ගිය බවට හෝ සලකනු ලැබිය යුතුය.
63
acts_1981-11-17_Krishnamurti_Centre_Sri_Lanka_Incorporation_si
act
1981
7
1
0.984302
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 70 දරන ශ්‍රී ලංකා ක්‍රිෂ්ණමූර්ති මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ) පනත (සහතිකය සටහන් කළේ 1981 නොවැම්බර් මස 17 වන දින ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 නොවැම්බර් මස 20 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් 1981 අංක 70 දරන ශ්‍රී ලංකා ක්‍රිෂ්ණ මූර්ති මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ) පනත ශ්‍රී ලංකා ක්‍රිෂ්ණ මූර්ති මධ්‍යස්ථානය සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි. සාමාජිකයන එකොළොස් දෙනකුගෙන් සමන්විත වූ '' ශ්‍රී ලංකා ක්‍රිෂ්ණමූර්ති මධ්‍ය ස්ථානය '' යනුවෙන් හඳුන්වනු ලබන සහ සඳහන් කරනු ලබන සමිතියක්, ඒ සමිතියේ සාමාජිකයන් එකඟ වූ රීති වලට අනුකූලව, ඒ සමිතියට සම්බන්ධ සියලු කටයුතු සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමේ සහ කරගෙන යාමේ කාර්යය සඳහා මෙතෙක් කල් පිහිටුවා ගෙන තිබුණු හෙයින්ද; ඒ සමිතිය සංස්ථාගත කිරීමට ඉල්ලා ඇති හෙයින් සහ එකී ඉල්ලීම ඉෂ්ට කිරීම මහජන යහපත පිණිස වන හෙයින් ද: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 70 දරන ශ්‍රී ලංකා ක්‍රිෂ්ණ මූර්ති මධ්‍යස් ථානය (සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මේ පනත ආරම්භ වන දින සිට සහ ඉන්පසු, මෙහි උප ලේඛන යෙහි නම් සඳහන්ව ඇත්තා වු ද (මෙහි මින් මතු " මධ්‍යස් ථානය " යනුවෙන් සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා ක්‍රිෂ්ණමූර්ති මධ්‍යස ථාන යේ වර්තමාන සාමාජිකයන් වන්නා වූ ද තැනැත්තන් සහ මෙහි මින් මතු දක්වා ඇති විධිවිධාන වල සඳහන් ආකාරයට තෝරා පත් කර ගනු ලබන ඔවුන්ගේ අනුප්‍රාප තිකයන්, '' ශ්‍රී ලංකා ක්‍රිෂ්ණ මූර්ති මධ්‍යස්ථානය යන නාමය යටතේ (මෙහි මින් මතු “ සංස්ථාව ” යනුවෙන් සඳහන් කරනු ලබන) සංස්ථාවක් විය යුතුය. තවද ඒ නාමයෙන් ඒ සංස්ථාව විසින් ද එයට විරුද් ධව ද සියලු අධිකරණවල නඩු පැවරිය හැකි අතර, පොදු මුද්‍රාවක් තබා ගැනීමේ, පාවිච්චි කිරීමේ සහ ස්වකීය අභිමතය පරිදි එය වෙනස් කිරීමේ පූර්ණ බලතල හා අධිකාරය එයට ඇත්තේ ය. 3. සංස්ථාව සංස්ථාපනය කරනු ලබන්නේ කවර පොදු පරමාර්ථ සඳහා ද ඒ පරමාර්ථ පහත සඳහන් පරිදි විය යුතු යයි මෙයින් ප්‍රකාශ කරනු ලැබේ:- (අ) පොත්පත්, ප්‍රකාශන, ශබ්ද වාහිනී තැටි, ශ්‍රව්‍ය හා දෘශ්‍ය පටි සහ වෙනත් මාධ්‍යයන් මගින් ජේ. ක්‍රිෂ්ණ මූර්තිගේ ඉගැන්වීම් මහජනයාට ලබා ගැනීමට සැලැස් වීම ; (ආ) ජේ. ක්‍රිෂ්ණ මූර්තිගේනය පොත්පත් ජාතික භාෂාවලට පරිවර්ත කිරීම සහ ඒ පොත් පත් හෝ ඒවායේ පරිවර්තන සංස්කරණය කිරීම හෝ පළ කිරීම; (ඇ) ජේ. ක්‍රිෂ්ණ මූර්ති ලවා දේශන සහ සාකච්ඡා පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු පිළියෙළ කිරීම; ශ්‍රී ලංකා ක්‍රිෂ්ණ මූර්ති මධ්‍යස්ථානය සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි. සාමාජිකයන් එකොළොස් දෙනකුගෙන් සමන්විත වූ '' ශ්‍රී ලංකා ක්‍රිෂ්ණමූර්ති මධ්‍යස්ථානය " යනුවෙන් හඳුන්වනු ලබන සහ සඳහන් කරනු ලබන සමිතියක්, ඒ සමිතියේ සාමාජිකයන් එකඟ වූ රීති වලට අනුකූලව, ඒ සමිතියට සම්බන්ධ සියලු කටයුතු සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමේ සහ කරගෙන යාමේ කාර්යය සඳහා මෙතෙක් කල් පිහිටුවා ගෙන තිබුණු හෙයින් ද: ඒ සමිතිය සංස්ථාගත කිරීමට ඉල්ලා ඇති හෙයින් සහ එකී ඉල්ලීම ඉෂ්ට කිරීම මහජන යහපත පිණිස වන හෙයින් ද: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 70 දරන ශ්‍රී ලංකා ක්‍රිෂ්ණ මූර්ති මධ්‍යස් ස්ථානය (සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන් වනු ලැබේ. 2. මේ පනත ආරම්භ වන දින සිට සහ ඉන් පසු, මෙහි උපලේඛන යෙහි නම් සඳහන්ව ඇත්තා වූ ද (මෙහි මින් මතු " මධ්‍යස් ථානය " යනුවෙන් සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා ක්‍රිෂ්ණ මූර්ති මධ්‍යස ථාන යේ වර්තමාන සාමාජිකයන් වන්නා වූ ද තැනැත්තන් සහ මෙහි මින් මතු දක්වා ඇති විධිවිධාන වල සඳහන් ආකාරයට තෝරා පත් ගනු ලබන ඔවුන්ගේ අනුප්‍රාප් තිකයන්, '' ශ්‍රී ලංකා ක්‍රිෂ්ණ මූර්ති මධ්‍යස්ථානය '' යන නාමය යටතේ (මෙහි මින් මතු "සංස්ථාව " යනුවෙන් සඳහන් කරනු ලබන) සංස්ථාවක් විය යුතුය. තවද ඒ නාමයෙන් ඒ සංස්ථාව විසින් ද එයට විරුද් ධව ද සියලු අධිකරණවල නඩු පැවරිය හැකි අතර, පොදු මුද්‍රාවක් තබා ගැනීමේ, පාවිච්චි කිරීමේ සහ ස්වකීය අභිමතය පරිදි එය වෙනස් කිරීමේ පූර්ණ බලතල හා අධිකාරය එයට ඇත්තේය. 3. සංස්ථාව සංස්ථාපනය කරනු ලබන්නේ කවර පොදු පරමාර්ථ සඳහා ද ඒ පරමාර්ථ පහත සඳහන් පරිදි විය යුතු යයි පොදු මෙයින් ප්‍රකාශ කරනු ලැබේ :- (අ) පොත්පත්, ප්‍රකාශන, ශබ්ද වාහිනී තැටි, ශ්‍රව්‍ය හා දෘශ්‍ය පටි සහ වෙනත් මාධ්‍යයන් මගින් ජේ. ක්‍රිෂ්ණ මූර්තිගේ ඉගැන්වීම් මහජනයාට ලබා ගැනීමට සැලැස් වීම ; (ආ) ජේ. ක්‍රිෂ්ණ මූර්තිගේ පොත්පත් ජාතික භාෂාවලට පරිවර්ත නය කිරීම සහ ඒ පොත් ත්පත් හෝ ඒ වායේ පරිවර්තන සංස්කරණය කිරීම හෝ පළ කිරීම; (ඈ) ජේ. ක්‍රිෂ්ණ මූර්ති ලවා දේශන සහ සාකච්ඡා පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු පිළියෙළ කිරීම; (ඈ) සංස්ථාවේ කටයුතු සඳහා සුදුසු වූ ඉඩකඩ ඇති භූමි භාගයක් හා ගොඩනැගිලි පහසුකම් සහිත ස්ථානයක් රැස වීම් සඳහා පිහිටුවා පවත්වා ගෙන යම; (ඉ) ජේ. ක්‍රිෂ්ණ මූර්තිගේ ඉගැන් වීම් වලට අනුකූල වූ අධ්‍යාපනික කටයුතු භාර ගැනීම සහ ඒවාට ආධාර දීම; සහ (ඊ) සාමාන්‍යයෙන්, ඉහත සඳහන් පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වන හෝ අවශ්‍ය විය හැකි හෝ ඊට හිතකර හෝ ආනුෂංගික වෙනත් දේ කිරීම හෝ කිරීමට සැලැස් වීම. 4. (1) සංස්ථාව සාමාජිකයන් එකොළොස් දෙනකුගෙන් පමණක් සමන්විත විය යුතු ය. (2) සාමාජිකයකු මිය යාම, ඉල්ලා අස්වීම, අශක්නුතාව හෝ ඉවත් කරනු ලැබීම හේතු කොට ගෙන සංස්ථාවේ සාමාජිකත්වයේ යම් පුරප” පාඩුවක් ඇති වුවහොත් සංස්ථාවේ ශේෂව සිටින සාමාජික යන් විසින් එක මසක් ඇතුළත දී අලුත් සාමාජිකයකු තෝරා පත් කර ගැනීමෙන් ඒ පුරප්පාඩුව පිරවිය යුතුය. (3) යටත් පිරිසෙයින් සාමාජිකයන් හත් දෙනකු විසින් අත්සන් කරනු ලැබූ ලිඛිත ඉල්ලීමක්, යථා පරිදි කැඳවනු ලැබූ ද ඒ ඉල් ලීමට අත්සන් තැබූ සියලු දෙනා පැමිණ සිටිය යුතු වූද සංස්ථාවේ රැස් වීමක දී කියවීමෙන්, සංස්ථාවේ යම් සාමාජිකයකු සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලැබිය හැකි ය. 5. (1) සංස්ථාවේ තත් කාලයෙහි වලංගුව පවත්නා රීතිවලට අනුකූලව සභාපතිවරයකු, ලේකම්වරයකු සහ භාණ් ඩාගාරිකවරයකු තෝරා පත් කර ගනු ලැබිය යුතු ය; නැතහොත් පත් කරනු ලැබීය යුතුය. ( 2 ) මේ පනත ක්‍රියාත්මකවීම ආරම්භ වන අවස් ථාවේදී මධ්‍යස් ථානයේ නිල දැරූ නිලධරයෝ සංස්ථාවේ ප්‍රථම නිලධරයෝ විය යුත්තාහ. 6. බැංකු ගිණුම් විවෘත කිරීමේ, පවත් වාගෙන යාමේ සහ වැසීමේ ද ඇප ඇතිව හෝ නැතිව මුදල් ණයට ගැනීමේ හෝ ලබා ගැනීමේ ද ආධාර හා පරිත්‍යාග භාර ගැනීමේ සහ එකතු කිරීමේ ද සංස්ථාවේ අරමුදල් ආයෝජනය කිරීමේ ද සංස්ථාවේ පරමාර්ථ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය සේවයට බඳවා ගැනීමේ, සේවයේ නියුක්ත කිරීමේ සහ සේවයෙන් පහ කිරීමේ ද බලය ඇතුළුව, සංස් ථාවේ පරමාර්ථ හෝ එ පරමාර්ථ අතුරින් යම් එක් පරමාර්ථයක් හෝ වැඩි දියුණු කිරීම හෝ නැවලීම සඳහා අවශ්‍ය වන හෝ යෝග්‍ය වන සියලු ක්‍රියාවන් කිරීමේත් සියලු කරුණු ඉටු කිරීමේත් සියලු දේ ක්‍රියාත් මක කිරීමේත් බලය සංස්ථාවට අත්තේ ය. 7. (1) පහත දැක්වෙන කරුණු සියල්ලම හෝ ඉන් කිසිවක් හෝ සඳහා අවස්ථානුරූප යයි සංස්ථාව විසින් සලකනු ලබන්නා වූ ද මේ පනතට අනනුකූල නොවන්නා වූ ද රීති, තත් කාර්යය සඳහා විශේෂයෙන් කැඳවනු ලැබූ රැස්වීමක දී යටත් පිරිසෙයින් සාමාජික යන් හත් දෙනකුගේ ඡන්දයෙන් සංස්ථාව විසින් කලින් කල සාදනු ලැබිය හැකි ය:- (අ) සංස්ථාවේ සාමාජිකයන්ගේ බලතල, හැසිරීම සහ කාර්ය; (ආ) සංස්ථාවේ රැස්වීම් කැඳවීමේ දී සහ පැවැත්වීමේ දී අනුගමනය කළයුතු කාර්ය පරිපාටිය සහ, ඒ රැස්වීම් පැවැත්විය යුතු වේලාවල්, ස්ථාන, ඒ රැස්වීම් පිළිබඳ දැන්වීම්, ඒ රැස්වීම් වල න්‍යාය පත්‍ර සහ ඒ රැස් වීම්වල දී කළයුතු කටයුතු යනා දිය පිළිබඳ කාර්ය පරිපාටිය; (ඇ) සංස්ථාවේ දේපළ පරිපාලනය කිරීම හා කළමනාකරණය කිරීම, සංස්ථාවේ අරමුදල්වල භාරකාරත්වය සහ සංස්ථා වේ ගිණුම් පවත්වාගෙන යාම හා ඒවා විගණනය කිරීම; සහ (ඈ) සංස්ථාවේ කටයුතු කළමනා කරණය කිරීම සහ සංසථාවේ පරමාර්ථ මුදුන් න්පත් කර ගැනීම. එවැනි රීති සෑදීමෙන් පසු, යට කී ආකාරයේම වූ රැස්වීමක දී ඒ හා සමාන ආකාරයෙන් ඒ රීති වෙනස් කිරීම, ඒවාට අලුතින් එකතු කිරීම, ඒ වා සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කිරීම කරනු ලැබිය හැකි ය. (2) සංස්ථාවේ සාමාජිකයෝ සංස්ථාවේ රීති වලට යටත් විය යුත්තාහ. 8. මිලට ගැනීමකින්, ප්‍රදානයකින්, ත්‍යාගයකින්, තෙස් තමේන් තු නීයාදනයකින් හෝ වෙනත් යම් ආකාරයකින් සංස්ථාව වෙත පැවරෙන යම් නිශ්චල හෝ චංචල දේපළක් භාර ගැනීමට හා දැරීමට සංස්ථාවට නීතියෙන් බලය ඇති අතර, එවැනි සියලු දේපළ මේ පනතේ කාර්ය සඳහා, සංස්ථාවේ එවකට බලපවත්නා රීතිවලට යටත්ව ද ඒ දේ පළ විකිණීමේ, උකස් කිරීමේ, බද දට දීමේ, හුවමාරු කිරීමේ හෝ වෙනත් ආකාරයකින් බැහැර කිරීමේ පූර්ණ බලය සහිතව ද සංස්ථාව විසින් දැරිය යුතු ය. 9. සංස්ථාව විසුරුවා හරිනු ලැබූ විටක, එහි සියලුම ණය සහ බැරකම් ගෙවා පියවීමෙන් පසු, කවර හෝ දේපළක් ඉතිරි වේ නම්, ඒ දෙපළ සංස්ථාවේ සාමාජිකයන් අතර බෙදා නොදිය යුතු අතර, සංස්ථාවේ පරමාර්ථ වලට සමාන පරමාර්ථ ඇත්තා වූද යම් ආදායමක් හෝ දේපළක් ස්වකීය සාමාජිකයන් අතර බෙදා දීම ස්වකීය රීති මගින් තහනම් කර ඇත්තා වූද වෙනත් සංගමයකට හෝ සංගම් වලට ඒ දේපළ දීම හෝ පැවරීම කරනු ලැබිය යුතුය. ඒ සංගමය හෝ සංගම් කවරේ දැයි සංස්ථාව විසුරුවා හරින වේලාවේ දී හෝ ඊට පෙරාතුවම හෝ සංස්ථාවේ සාමාජිකයන් විසින් තීරණය කළ යුතුය. 10. සභාපතිවරයාගේද භාණ් ඩාගාරිකවරයාගේ හෝ සංස්ථාවේ වෙනත් යම් සාමාජිකයකුගේ ද ඉදිරියේ දී මිස සංස්ථාවේ මුද්‍රාව කිසිදු සාධන පත්‍රයකට නොතැබිය යුතු අතර, තමන් පැමිණ සිටි බවට සංකේතයක් වශයෙන් ඔවුන් විසින් තම නම් ඒ සාධන පත්‍රයෙහි අත්සන් කළ යුතු ය. තවද එසේ අත්සන් කිරීම, සාක්ෂි කරුවකු වශයෙන් යම් තැනැත්තකු විසින් කරනු ලබන අත් සනකට පරිබාහිරව විය යුතුය. 11. මේ පනතෙහි සඳහන් තැනැත්තන්ගේ හා ඔවුන් මගින්, ඔවුන්ගෙන් හෝ ඔවුන් යටතේ හිමිකම් පාන්නවුන්ගේ අයිතිවාසි කම්වලට හැර ජන රජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක හෝ සංස්ථා වක හෝ වෙන යම් තැනැත්තකුගේ හෝ අයිතිවාසිකම් වලට මේ පනතෙහි ඇතුළත කිසිවකින් හානියක් හෝ බලපෑමක් නොවන්නේය. උපලේඛනය 1. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් ( සභාපති ) 2. ඩබ්ලිව්. එච්. බෝධිදාස මහතා 3. ශ්‍රීමතී බෝධිදාස මහත් මිය 4. ඩබ්ලිව්. රිචඩ් සේ පාන් සේ කා මහතා (ලේකම්) 5. ජේ. පී. ගුණවර්ධන මහතා 6. අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහත් මිය 7. ආචාර්ය කේ. ජිනදාස පෙරේරා (භාණ්ඩාගාරික) 8. පී. රාසනායගම් මහතා 9. සි. පන් මුගනායගම් මහතා 10. එච්. පී. සිරිවර්ධන මහතා 11. ශිලා සිරිවර්ධන මහත්මිය.
64
acts_1981-11-19_Allowances_to_Plantation_Workers_si
act
1981
7
1
0.993824
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 72 දරන වැවිලි කර්මාන්ත සේවකයන්ට දිමනා පනත [සහතිකය සටහන් කළේ 1981 නොවැම්බර් මස 19 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 නොවැම්බර් මස 20 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙ‍් ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 72 දරන වැවිලි කර්මාන්ත සේවකයන්ට දීමනා පනත වැවිලි කර්මාන්ත සේවකයන්ට දීමනා ගෙවීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංශික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 72 දරන වැවිලි කර්මාන්ත සේවකයන්ට දීමනා පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන (මෙහි මින් මතු " නියමිත දිනය '' යනුවෙන් සඳහන් කරනු ලබන) දිනයක සිට එය ක්‍රියාත්මක විය යුතු ය. 2. මේ පනතේ කාර්ය සඳහා, කොමසාරිස් වරයා නිසි බලධරයා විය යුතු ය. 3. නියමිත දිනයෙහි සිට මේ පනතෙහි විධිවිධාන පහත දැක්වෙන කර්මාන්ත වල, එනම් - (අ) තේ වැවීමේ සහ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයෙහි; (ආ) රබර් වැවීමේ සහ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයෙහි; (ඇ) පොල් වැවීමේ කර්මාන්තයෙහි; (ඈ) කොකෝවා, කරඳමුංගු සහ ගම්මිරිස් වැවීමේ සහ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයෙහි; (ඉ) කුරුඳු කර්මාන්තයෙහි; සහ (ඊ) දුම්කොළ කර්මාන්තයෙහි වැවිලි කර්මාන්ත සේවකයන්ට සහ සේවකයන් සම්බන්ධයෙන් අදාළ විය යුතු අතර, වැවිල්ලේ ප්‍රමාණය නොතකා 5 වන වගන්තිය යටතේ සඳහන දීමනා වලට ඒ සේවකයන්ට හිමිකම් තිබිය යුතුය. 4. 3 වන වගන්තියෙහි සඳහන් සේවකයන්ට මේ පනත යටතේ යම් දීමනා ගෙවීමට සහ ගෙවීම සම්බන්ධයෙන්, ඒ ගෙවීම්, අදාළ පඩි පාලක සභාව විසින් කරන ලද තීරණයක් මගින් ගෙවිය යුතුව ඇත්තාක් මෙන්, පඩි පාලක සභා ආඥාපනතේ විධිවිධාන අදාළ විය යුතුය. 5. (1) 3 වන වගන්තියෙහි සඳහන් කවර හෝ වර්ගයක සේවක යන්ට ගෙවිය යුතු හෝ ගෙවිය හැකි යම් දීමනාවක් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් අමාත්‍යවරයා විසින් නිශ්චය කළ යුතුය. (2) ගැසට් පත්‍රයෙහි තදනන්තරව පළ කරනු ලබන නියමයක් මගින්, අමාත්‍යවරයා විසින් (1) වන උපවගන්තියෙහි නිශ්චය කරන ලද ප්‍රමාණය වෙනස් කරනු ලැබිය හැකි ය. 6. වෙනත් යම් ලිඛිත නීතියක හෝ වාචික, ලිඛිත, ප්‍රකාශිත හෝ ගම්‍යමාන යම් සේවා නියුක්ති ගිවිසුමක හෝ කුමක් සඳහන්ව ඇත ද මේ පනතේ විධිවිධාන බලාන්විත හා ක්‍රියාත්මක විය යුතු අතර, ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ එවැනි වෙනත් නීතියක හෝ ගිවිසුමක විධිවිධාන අතර යම් ගැටුමක් හෝ අනනුකූලතාවයක් ඇති විටක එම අනනුකූලතාවයේ ප්‍රමාණයට මේ පනතෙහි විධිවිධාන එම අනෙක් නීතිය හෝ ගිවිසුම අභිබවා බල පැවැත් විය යුතුය. 7. ( 4 ) 3 වන වගන්තියේ දක්වා ඇති කිසියම් කර්මාන්තයක සේවකයකුගේ සේවායෝජක විසින් ඒ කර්මාන්තයෙහි සේ වයේ නියුක්ත කොට ඇති සේවකයන් සම්බන්ධයෙන් - (අ) සේවයෙහි නියුක්ත කොට ඇති එක් එක් සේවකයාගේ නම්; (ආ) ඒ එක් එක් සේවකයා විසින් ඉටු කරනු ලබන වැඩ වර්ගය; (ඇ) මේ පනතේ විධිවිධාන අනුව එම සේවකයාට ගෙවනු ලබන මුදල් ප්‍රමාණය පෙන්නුම් කරන වාර්තාවක් එම කර්මාන්තය පවත්වාගෙන යනු ලබන ස්ථානයෙහි තබාගෙන පවත්වාගෙන යා යුතුය. (2) සේ වායෝජකයකු වශයෙන් (1) වන උපවගන්තිය යටතේ වාර්තාවක් පවත්වාගෙන යන්නා වූ හෝ පවත් වාගෙන ගිය සෑම තැනැත්තකු විසින්ම එම වාර්තාව අවුරුදු හයක කාලයක් ආරක්ෂා කොට තැබිය යුතු අතර, පරීක්ෂණය සඳහා එම වාර්තාව ඉදිරිපත් කරන ලෙස හෝ එම වාර්තාවෙහි සත්‍ය පිටපතක් ඉදිරිපත් කරන ලෙස හෝ එවැනි පිටපතක් සකස් කිරීමට ඉඩ දෙන ලෙස හෝ නිසි බලධරයා විසින් නියම කරනු ලැබූ විට, ඔහු විසින් එසේ කළ යුතුය. (3) (1) වන උපවගන්තියෙන් නියමිත පරිදි වූ ලේඛනයක් පවත්වාගෙන යාම පැහැර හරින යම් සේවා යෝජකයකු වරදකට වරද කරු වන අතර, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරිපිටදී වරදකරු කරනු ලැබූ විට රුපියල් පන්සියයකට නොවැඩි දඩයකට හෝ තුන් මාස යකට නොවැඩි කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ ඒ දඩය සහ ඒ බන්ධනාගාර ගත කිරීම යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතු ය. 8. නිසි බලධරයාව - (අ) යම් ලේඛනයක් හෝ චේතන වාර්තාවක් හෝ පරීක්ෂා කිරී මේ නැතහොත් මේ පනතේ විධි විධාන අනුව ක්‍රියා කරන් නේ ද කියා නිශ්චය කර ගැනීමේ කාර්ය සඳහා, පනතෙහි සඳහන් සේවකයන් සේවයෙහි නියුක්ත කරගෙන ඇති යම් ස්ථානයකට දිවා හෝ රාත්‍රී හෝ සියලු සාධාරණ වෙලා වල දී ඇතුලු වීමේ සහ පරීක්ෂා කිරීමේ; (ආ) එම ස්ථානය පරීක් ෂා කරන විට එම වාර්තාව හෝ ලේඛනය පරීක්ෂණය සඳහා ලබා ගත නොහැකි අවස්ථාවක, එම ස්ථානයෙහි දී හෝ තම කාර්යාලයේ දී හෝ පරික්ෂා කිරීම් සඳහා එම ලේඛනය හෝ වාර්තාව නිශ්චය කරනු ලබන පසු දිනයක ඉදිරිපත් කරන ලෙස නියම කිරීමේ; හෝ (ඇ, එම සම්පුර්ණ ලේඛනයේ හෝ වාර්තාවේ හෝ එහි කිසියම් කොටසක හෝ පිටපත් ගැනීමේ; හෝ (ඈ) එම ස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන යම් කර්මාන්තයක නිරත සේ වායෝජකයකු යයි හෝ එම කර්මාන්තයෙහි සේවයේ නියුක්ත කොට ඇති සේවකයකු යයි විශ වාස කිරීමට තමාට සාධාරණ හේතු ඇත්තා වූ ද එම ස්ථානයෙහි හමුවන්නා වූ ද යම් තැනැත්තකුගෙන් ප්‍රශ්න කිරීමේ; හෝ (ඉ) මේ පනත අදාළ වන යම් සේවායෝජකයකු වෙත, ලියවිල්ලක් යැවීමෙන් - (i) එම සේ වායෝජක විසින් සේවයෙහි නියුක්ත කරගෙන ඇති සියලු සේවකයන් හෝ එම සේවකයන්ගෙන් යම් නිශ්චිත වර්ගයක හෝ ආකාරයක සේවකයන් හෝ සම්බන්ධයෙන් මේ පනතේ කාර්ය සඳහා තමාට අවශ්‍ය වන විස්තර අඩංගු වාර වාර්තාවක්; (ii) එම සේවායෝජකයා විසින් සපයන ලද යම් වාර වාර්තාවක සඳහන් විස්තර සම්බන්ධයෙන් තමාට අවශ්‍ය විය හැකි යම් තොරතුරක් හෝ පැහැදිලි කිරීමක්; (iii) එම සේවායෝජකයා විසින් පවත්වාගෙන යනු ලබන යම් ලේඛනයක හෝ වාර්තාවක හෝ ඉන් කොටසක සත්‍ය පිටපතක් නිශ්චිත දිනයක හෝ එදිනට පෙර තමා වෙත සපයන ලෙස විධාන කිරීමේ බලය තිබිය යුතුය. 9. (1) තම සේවකයකට මේ පනත යටතේ ගෙවීමට නියමිත මුදලක් ගෙවීම පැහැර හරින යම් සේ වායෝජකයකු වරදකට වරද කරු විය යුතු අතර මහෙස්ත්‍රාත් වරයකු ඉදිරියේ වරදකරු කරනු ලැබූ විට රුපියල් එක් දහසකට නොවැඩි දඩයකට හෝ හය මසකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරිමකට හෝ එම දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතුය. (2) මේ පනත යටතේ තම සේවකයකුට ගෙවීමට නියමිත යම් මුදලක් ගෙවීම පැහැර හැරීම සඳහා යම් සේ වායෝජකයකු වරදකරු කරනු ලැබ ඇති අවස්ථාවක, ඒ සේවායෝජකයා වරදකරු කරනු ලැබුවේ යම් වරදක් සම්බන්ධයෙන් ද එම වරද පිළිබඳව අධිකරණය වෙත පැමිණිලි කරන ලද දිනයට පෙරාතුව ම වූ අවුරුදු හය ඇතුළත යම් අවස් ථාවක ඒ සේ වකයාට හෝ වෙනත් යම් සේවකයකුට නැත හොත් සේවකයන්ට හෝ, මේ පනතේ විධිවිධාන අනුව යම් මුදලක් ගෙවීම එම සේ වායෝජකයා විසින් පැහැර හැරීම පිළිබඳව සාක් ෂි ඉදිරිපත් කිරිමට අදහස් කරන බවට එම සේවායෝජකයා වෙත නිය මිත ආකෘතියෙහි වූ දැන්වීමක් නඩු විභාගය ආරම්භවීමට පෙර යම් අවස්ථාවක භාර දෙනු ලැබ ඇ නම් එසේ සාක්ෂි දෙනු ලැබිය හැකි අතර, එසේ පැහැර හැර ඇති බව ඔප්පු වූ කල්හි එම සේවා යෝජකයාගෙන් එම සේවකයාට හෝ සේවකයන්ට ලැබිය යුතු යයි අධිකරණයට පෙනී යන මුදල ගෙවන ලෙස අධිකරණය විසින් එම සේ වායෝජකයාට අණ කරනු ලැබිය හැකිය. මෙම උපවගන්තිය යටතේ ගෙවීමට අණ කරනු ලැබ ඇති යම් මුදලක වේ නම් එය දඩයක් අය කර ගන්නා පිළිවෙළටම අය කර ගනු ලැබිය හැකි ය. ( 3 ) මේ වග තියෙහි " නියමිත " යන්නෙන් 11 වන වගන්තිය යටතේ සාදන ලද නියෝග මගින් නියමිත යන්න අදහස් වේ. 10. යම් ලිඛිත නීතියක කුමක් සඳහන්ව ඇත ද 3 වන වගන්තියෙහි සඳහන් යම් සේවකයකුට, 1968 අංක 40 දරන සේවක යන්ගේ අතුරු අව ප්‍රමාණ දීමනාව පනතෙහි, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 17 දරන කම්කරුවන්ගේ විශේෂ දීමනා පනතෙහි, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 1 දරන කම්කරුවන්ගේ අය වැය සහන දීමනා පනතෙහි, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 48 දරන කම්කරු වන්ගේ අයවැය සහන දීමනා (අංක 2) පනතෙහි සහ 1979 අංක 65 දරන කම්කරුවන්ගේ අතිරේක දීමනා පනතෙහි සඳහන් කිසිවක් අදාළ නොවිය යුතු ය. 11. (1) නියම කරනු ලැබිය යුතු යයි මේ පනතෙහි සඳහන් හෝ නියම කරනු ලැබ ඇති හෝ සියලු කාරණා සම්බන්ධයෙන් අමාත්‍ය වරයා විසින් නියෝග සාදනු ලැබිය හැකි ය. (2) අමාත්‍යවරයා විසින් සාදන ලද සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු අතර එසේ පළ කරන ලද දිනයේ හෝ නියෝගයේ සඳහන් කිසියම් පසු දිනයක හෝ එය ක්‍රියාත් මක විය යුතුය. (3) අමාත්‍යවරයා විසින් සාදන ලද සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබීමෙන් පසුව හැකි තාක් ඉක්මණින් අනු මතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. එසේ අනුමත කරනු නොලැබූ යම් නියෝගයක්, ඒ යටතේ කලින් කරන ලද කිසිවකට හානියක් සිදු නොවන පරිදි ඒ අනනුමතයේ දින සිට පරිච්ඡින්න වූ ලෙස සලකනු ලැබිය යුතු ය. (4) අමාත්‍යවරයා විසින් සාදන ලද යම් නියෝගයක් පරිච්ඡින්න වූ ලෙස සැලකිය යුතු දිනය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු ය. 12. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ පනතෙහි ' පොල් වැවීමේ කර්මාන්තය යන්නෙහි, ඒ කර්මාන්තය සම් බන්ධයෙන් පඩි පාලක සභා ආඥා පනතේ 6 වන වගන්තිය යටතේ කම්කරු අමාත්‍යවරයා විසින් සාදනු ලැබ 1949 මාර්තු මස 30 වන දින අංක 9,961 දරන ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියමයෙහි ඊට දී ඇති අර්ථය ම ඇත්තේ ය; " කොකෝවා, කරඳමුංගු සහ ගම්මිරිස් වැවීමේ සහ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය " යන්නෙහි, ඒ කර්මාන්තය සම් බන්ධයෙන් පඩි පාලක සභා ආඥාපනතේ 8 වන වගන්තිය යටතේ කම්කරු අමාත්‍යවරයා විසින් සාදනු ලැබ 1946 අප්‍රේල් මස 4 වන දින අංක 9,546 දරන ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියමයෙහි ඊට දී ඇති අර්ථය ම ඇත්තේ ය; "කුරුඳු කර්මාන්තය " යන්නෙහි, ඒ කර්මාන්තය සම්බන්ධ යෙන් පඩි පාලක සභා ආඥාපනතේ 6 වන වගන්තිය යට තේ කම්කරු අමාත්‍යවරයා විසින් සාදනු ලැබ 1958 ජූලි මස 4 වන දින අංක 11,410 දරන ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියමයෙහි ඊට දී ඇති අර්ථයම ඇත්තේ ය; " කොමසාරිස් වරයා " යන්නෙන් තත් කාලයෙහි කම්කරු කොම සාරිස් ධුරය දරන තැනැත්තා අදහස් වන අතර, නියෝජ්‍ය කම්කරු කොමසාරිස් වරයකු ලෙස හෝ ජ්‍යෙෂ්ඨ කම්කරු කොමසාරිස් වරයකු ලෙස හෝ සහකාර කම්කරු කොම සාරිස් වරයකු ලෙස හෝ කම්කරු නිලධරයකු ලෙස හෝ තත් කාලයෙහි ධුරය දරන යම් තැනැත්තකු ද ඊට ඇතුළත් වේ; " සේවායෝජක " යන්නෙහි, යම් කර්මාන්තයක, තමා වෙනුවෙන් යම් සේවකයකු සේවයෙහි නියුක්ත කරන යම් තැනැත් තකු හෝ වෙනත් යම් තැනැත්තකු විසින් යම් සේවකයකු සේවයෙහි නියුක්ත කරනු ලබන්නේ යම් තැනැත්තකු වෙනුවෙන්ද ඒ තැනැත්තා හෝ අදහස් වන අතර, යම් කර්මාන්තයක වෙනත් යම් තැනැත්තකු වෙනුවෙන් යම් සේවකයකු සේවයෙහි නියුක්ත කරනු ලබන්නේ යම් තැනැත්තකු විසින් ද ඒ තැනැත්තා ද ඊට ඇතුළත් වේ; "රබර් වැවීමේ සහ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය '' යනෙහි, ඒ කර්මාන්තය සම්බන්ධයෙන් පඩි පාලක සභා ආඥා පනතේ 6 වන වගන්තිය යටතේ කම්කරු අමාත්‍යවරයා විසින් සාදනු ලැබ 1949 ඔක්තෝබර් මස 22 වන දින අංක 10,035 දරන ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියම යෙහි ඊට දී ඇති අර්ථය ඇත්තේ ය; "තේ වැවීමේ සහ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය '' යන්නෙහි, ඒ කර්මාන්තය සම්බන්ධයෙන් පඩි පාලක සභා ආඥා පනතේ 6 වන වගන්තිය යටතේ කම්කරු අමාත්‍යවරයා විසින් සාදනු ලැබ 1944 ජනවාරි මස 7 වන දින අංක 9,224 දරන ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියමයෙහි ඊට දී ඇති අර්ථය ඇත්තේ ය; “දුම්කොළ කර්මාන්තය '' යන්නෙහි, ඒ කර්මාන්තය සම්බන්ධ යෙන් පඩි පාලක සභා ආඥාපනතේ 6 වන වගන්තිය යට තේ කම්කරු අමාත්‍යවරයා විසින් සාදනු ලැබ 1963 ජූලි මස 31 වන දින අංක 13,713 දරන අති විශේෂ ගැසට් පත්‍ර යෙහි පළ කරන ලද නියමයෙහි ඊට දී ඇති අර්ථය ඇත්තේය; තව ද " චේතන " යන්නෙහි, පඩි පාලක සභා ආඥාපනතේ ඊට දී ඇති අර්ථය ඇත්තේය.
65
acts_1981-12-15_Buddhist_and_Pali_University_of_Sri_Lanka_si
act
1981
20
2
0.989393
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 74 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පනත [සහතිකය සටහන් කළේ 1981 දෙසැම්බර් මස 15 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදි. 1981 දෙසැම්බර් මස 18 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 74 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පනත ශ්‍රී ලංකාවෙහි හා විදේශ රටවල බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීම හා පාලි භාෂාව පැදෑරීම ප්‍රවර්ධනය කිරීම පිණිස සහ බුද්ධාගම හා පාලි භාෂාව පිළිබඳව විභාග පැවැත්වීම පිණිස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පිහිටුවීම, පවත්වාගෙන යාම සහ පරිපාලනය කිරීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස් වීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ - 1. මේ පනත 1981 අංක 74 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, ගැසට් පත්‍රයේ ක්‍රියාත්මක වීමේ පළ කරනු ලබන නියමයක් මගින් ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන (මෙහි මින් මතු " නියමිත දිනය " යනුවෙන් සඳහන් කරනු ලබන) දිනයක එය ක්‍රියාත් මක විය යුතු ය. 1 වන කොටස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිහිටුවීම 2. (1) 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතේ පටහැනිව කුමක් සඳහන්ව ඇතද, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යන නාමය හා අභිධානය ඇතිව මෙහි මින් මතු '' විශ්වවිද්‍යාලය " යනුවෙන් සඳහන් කරනු ලබන විශ්වවිද්‍යාලයක් පිහිටුවනු ලැබිය යුතු ය. (2) විශ්වවිද්‍යාලය, (1) වන උපවගන්තියෙන් එයට පවරන ලද නාමයෙන් අවිච්ඡින්න පැවැත්මක් හා පොදු මුද්‍රාවක් ඇති සංස්ථා වක් විය යුතු අතර ඒ නාමයෙන් විශ්වවිද්‍යාලය විසින් නඩු පැවරීම ද විශ්වවිද්‍යාලයට විරුද්ධව නඩු පවරනු ලැබීම ද කළ හැකි ය. 3. විශ්වවිද්‍යාලයේ අරමුණු පහත දැක්වෙන අරමුණු විය යුතු ය :- (i) බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීම; (ii) ශ්‍රී ලංකාවෙහි හා විදේශ රටවල පාලි භාෂාව හැදෑරීම ප්‍රවර්ධ නය කිරීම; සහ (iii) පෞද්ගලික ශිෂ්‍යයන් සඳහා ද පහත සඳහන් පරමාර්ථ එකක් හෝ වැඩි ගණනක් ඇති අනුබද්ධායතන වල ශිෂ්‍ය යන් සඳහා ද විභාග පැවැත්වීම :- (අ) ශ්‍රී ලංකාවෙහි හා විදේශ රටවල බුද් ධාගම පතුරුවාලීම සහ ධර්මදූත කටයුතු පෝෂණය කිරීම; (ආ) පිරිවෙන්වල, පාසල්වල හා ඒ හා සමාන ආයතනවල බුද්ධාගම හා පාලි භාෂාව ඉගැන්වීම සඳහා භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීම; (ඇ) භික්ෂූන් වහන්සේලා අතර ආචාර ධර්මානුකූල පැවැත්ම හා මානසික ශික්ෂණය පවත් වාගෙන යාම වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම; සහ (ඈ) ඉහත කී යම්කිසි කාරණයකට සම්බන්ධ හෝ ආනුෂංගික වෙනත් යම් කාරණයක්. 4. මේ පනතේ විධිවිධාන වලට යටත්ව, විශ්ව විද්‍යාලයට පහත සඳහන් බලතල ඇත්තේ ය:- (අ) විශ්ව විද්‍යාලය විසින් පවත් වනු ලබන විභාගවල කාර්ය සඳහා අනුබද් ධායතනවල ශිෂ්‍යයන් හා පෞද්ගලික ශිෂ්‍යයන් ලියාපදිංචි කිරීම; (ආ) විශ්ව විද්‍යාලයේ විභාග වලින් සාමාර්ථ්‍යය ලැබූ තැනැත්තන්ට හා තැනැත්තන් වෙත උපාධි, අභිඥාන පත්‍ර හා වෙනත් ශාස්ත්‍රීය විශිෂ්ඨතා ප්‍රදානය කිරීම හා පිරිනැමීම; (ඇ) බෞද්ධ හා පාලි භාෂා අධ්‍යාපනය වැඩි දියුණු කිරීම සඳහා, පශ්චාත් උපාධි පර්යේෂණ කටයුතු වල යෙදී සිටින ප්‍රවීණතා දක්වා ඇති ශිෂ්‍යයන් උදෙසා පර්යේෂණ ශිෂ්‍යත්ව ඇති කොට ඔවුන්ට ඒ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සහ එහි ලා ඔවුන්ට මුදලින් ආධාර කිරීම; (ඈ) මහාචාර්ය තනතුරු, සහාය මහාචාර්ය තනතුරු, පරීක් ෂක තනතුරු හා විශ්ව විද්‍යාලයෙ කාර්ය සඳහා අවශ්‍ය විය හැකි වෙනත් යම් තනතුරු ඇති කිරීම; (ඉ) ශ්‍රී ලංකාවෙහි හෝ විදේශ රටක යම්කිසි අනුබද් ධායතනයක ශිෂ්‍යයන්ට සහ පෞද්ගලික ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාලයේ උපාධි, අභිඥාන පත්‍ර හා වෙනත් ශාස් ත්‍රීය විශිෂ්ඨතා ලබා ගැනීමට හැකි වීම පිණිස විභාග පැවැත් වීම; ( ඊ) විශ්ව විද්‍යාලයේ සියලු තනතුරුවලට පත් කිරීම් කිරීම; (උ) මිලට ගැනීමක්, ප්‍රදානයක්,ත්‍යාගයක්, අතිම කැමති පත්‍ර යකින් දේපළ බැහැර කිරීමක් මගින් හෝ අන්‍යාකාරයකින් විශ්ව විද්‍යාලය සතු විය හැකි යම්කිසි චංචල හෝ නිශ්චල දේ පළක් භාර ගැනීම හා දැරීම සහ විශ්වවිද්‍යාල යේ නියෝග මගින් නියම කරනු ලැබිය හැකි යම් කොන් දේ සිවලට, සීමා කිරීම් වලට හා තහනම් කිරීම්වලට යටත් ව ඒ දේපළ විකිණීම, පැවරීම, හුවමාරු කිරීම හෝ අන්‍යාකාර යකින් බැහැර කිරීම; (ඌ) සුදුසු අධ්‍යාපන ආයතන, විශ්ව විද්‍යාලයේ විභාග සඳහා අනුමත පාඨමාලා පවත් වන අනුබද් ධායතන වශයෙන් පිළි ගැනීම; (එ) විශ්වවිද්‍යාලයේ අරමුණු වලට මුළුමණින්ම හෝ අර්ධ වශ යෙන් සමාන අරමුණු ඇති, ශ්‍රී ලංකාවෙහි හෝ විදේශ රටක අධ්‍යාපනික හෝ වෙනත් ආයතන සමඟ ඒවායේ පොදු අරමුණු සඳහා හිතකර වන යම් කාර්ය සඳහා සහයෝගතා ගිවිසුම්වලට එළඹීම; (ඒ) විශ්වවිද්‍යාලයේ කාර්ය සඳහා පුස් තකාල සහ වෙනත් ගොඩ නැගිලි ඉදිකිරීම, ඒ වාට උපකරණ සැපසම් සහ ඒවා නඩත්තු කිරීම; ඔ) නියෝග මගින් කලින් කල නියම කරනු ලබන භා ඉල්ලා සිටීම හා ඒ ගාස්තු ලබා ගැනීම; (ඕ) ණය මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් වූ නියෝගවලට අනු කූලව, අනුබද් ද්ධායතනවල ශිෂ්‍යයන් විසින් බැංකු වලින් හෝ වෙනත් ආයතන වලින් ණය මුදල් ලබා ගැනීමෙහි ලා ඔවුන්ට සහාය වීම; (ක) විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයන්ගේ, නිලධරයන්ගේ වෙනත් සේවා නියුක්තයන්ගේ වාසය, විනය හා ශුභ සිද්ධිය විධිමත් කිරීම හා ඒ සඳහා විධිවිධාන සැලැස් වීම; සහ (ග) මේ පනතෙහි දැක්වෙන බලතල කිසිවක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සහ 3 වන වගන්තියෙහි දැක් වෙන අරමුණු සාක් ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය වෙනත් සියලු ක්‍රියා හෝ දේ කිරීම. 5. 4 වන වගන්තියේ (ඉ) ඡේදයේ විධිවිධාන වලට යටත්ව, ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන්නා වූ ද ශ්‍රී ලංකාවේ නීත්‍යනුකූලව වූද වෙසෙන්නා වූද ස්ත්‍රී පුරුෂ සියලු තැනැත් තන්ට, ඔවුන් කවර වර්ග යකට, ආගමකට හෝ පංතියකට අයත් වුව ද විශ්ව විද්‍යාලය විවෘතව ඇත්තේ ය. එකී යම් තැනැත්තකුට විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලැබීම හෝ විශ්ව විද්‍යාලයෙන් යම් වාසියක් ලබා ගැනීමට නැතහොත් එහි වරප්‍රසාද බුක්ති විඳීමට හිමිකම් ලබාදීම සඳහා ආගමික ඇදහීම හෝ ලබ්ධිය පිළිබඳ කිසිම පරීක්ෂණයක් ඇති කිරීම හෝ නියම් කිරීම නොකළ යුතු ය: එසේ වුව ද මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධාන බෞද්ධයන් ගේ අයිතිවාසිකම් වලට හා වරප්‍රසාදවලට කවර ආකාරයකින් හෝ අහිතකර නැතහොත් හානිදායක වන අයුරින් අර්ථ නිරූපණය කරනු නොලැබිය යුතුය. 6. ශ්‍රී ලංකාවෙහි හෝ විදේශ රටක යම් අධ්‍යාපන ආයතනයක් විශ්වවිද්‍යාලයේ විසින් හෝ පිරිවෙනක් විසින් කළමනා කරණය කරනු ලබන යයි.. අනුබද්ධායතන අධ්‍යාපන ආයතනයක් විසින් හෝ විශ්ව විද්‍යාලයේ අනුබද් ධායතන යක් වශයෙන් පිළිගනු ලැබීම හා ලියාපදිංචි කරනු ලැබීම පිණිස විශ්ව විද්‍යාලයේ පාලක සභාව වෙත ලිඛිතව ඉල්ලුම් කරනු ලැබිය හැකි ය. පාලක සභාව විසින් නියෝග මගින් නියම කරනු ලබන. කොන්දේ සිවලට ඒ ආයතනය අනුකූල වන්නේ නම්, පාලක සභාව විසින් ඒ ආයතනය ලියාපදිංචි කරනු ලැබිය හැකි ය: එසේ වුව ද, විද්‍යොදය හා විද්‍යාලංකාර යන මහ පිරිවෙන් දෙකින් යම් පිරිවෙනක් විසින් හෝ ඒ පිරිවෙන් දෙකම විසින් ඒ ඒ පිරිවෙන් වල උසස් අධ්‍යාපන ආයතන පිහිටුවා ඒ ආයතන විව විද්‍යාලයේ අනුබද්ධායතන ලෙස පිළිගෙන ලියාපදිංචි කරන ලෙස පාලක සභාව වෙත ලිඛිතව ඉල් ලීමක් කළහොත්, පාලක සභාව විසින් ඒ ආයතන විශ්ව විද්‍යාලයේ ප්‍රධාන අනුබද්ධායතන වශයෙන් ලියාපදිංචි කර ඒ වා දියුණු කිරීම පිණිස මුදලින් ආධාර දිය යුතුය. 7. ප්‍රථම උපාධි පරීක්ෂණය සඳහා බුද්ධාගම හා පාලි භාෂාව අනිවාර්ය විෂයයන් විය යුතු ය. බුද්ධාගම හා සම්බන්ධ කවර හෝ විෂයයක් සහ පාලි භාෂාව පශ්චාත් උපාධි පරීක්ෂණය සඳහා අනිවාර්ය විය යුතුය. I වන කොටය විශ්වවිද්‍යාලයේ මහා මහෝපාධ්‍යායයන් වහන්සේ සහ නිලධරයෝ 8. (1) (අ) සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක හිමි පාණන් වහන්සේ; (ආ) සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමිපාණන් වහන්සේ; ඇ) ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ තත් කාලයෙහි සභාපති ධුරය දරන මහා නායක හිමිපාණන් වහන්සේ; හා (ඈ) ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ මාරුවෙන් මාරුවට විශ්ව විද්‍යාලයේ මහා මහෝපාධ්‍යායයන් වහන්සේ විය යුතු අතර (අ) ඡෙදයේ සඳහන් මහා නායක හිමි පාණන් වහන්සේගෙන් ආරම්භව ඒ එක් එක් හිමිපාණන් වහන්සේ විසින් වරකට අවුරුදු දෙකක කාලයක් ඒ ධුරය දැරිය යුතු ය. (2) මහා මහෝපාධ්‍යායයන් වහන්සේ විශ්වවිද්‍යාලයේ ප්‍රධානයා වන අතර විශ්ව විද්‍යාලයේ යම් උපාධි ප්‍රදානෝත්සවයකට උන් වහන්සේ පැමිණ සිටින විටක, උන් වහන්සේ එහි මූලාසනය දැරිය යුතුය. (3) මහා මහෝපාධ්‍යාය ධුරය දරන මහා නායක හිමිපාණන් වහන්සේ අපවත් වුවහොත් නැතහොත් ධුරය දැරීම අත හළ හොත් ඒ මහා නායක ධුරයට අනුප්‍රාප්ත වන මහා නායක හිමි පාණන් වහන්සේ පූර්වගාමී මහා නායක හිමිපාණන් වහන්සේගේ ධුරු කාලයෙන් ඉකුත් නොවී ඇති කාලය සඳහා මහා මහෝ පාධ්‍යාය ධූරය දැරිය යුතුය. 8. පහක සඳහන් තැනැත්තෝ විශ්වවිද්‍යාලයේ නිලධරයෝ වන්නාහ :- (1) මහෝපාධ්‍යායයන් වහන්සේ; (i) ලේඛකාධිකාරීවරයා ; (iii) පුස්තකාලයාධිකාරිවරයා ; (iv) මූල්‍යාධිකාරීවරයා; සහ (v) තනතුරක් ලෙස නියෝග මගින් නියම කරනු ලැබූ වෙනත් යම් තනතුරක් යම් තැනැත් තකු විසින් දරනු ලබන කල්හි ඒ තැනැත්තා මේ පනතේ කාර්ය සඳහා නිලධරයකු වේ ද එබඳු යම් තනතුරක් දරන තැනැත්තා. 10. (1) (අ) විශ්ව විද්‍යාලයේ ප්‍රථම මහෝපාධ්‍යායයන් වහන්සේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන භික්ෂූන් වහන්සේ නමක් විය යුතු ය. සෑම තදනන්තර මහෝපාධ්‍යයයන් වහන්සේ. නමක් ම පාලක සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන භික්ෂුන් වහන්සේ නමක් විය යුතු ය. මහෝපාධ්‍යා යයන් වහන්සේ නමක් නැවත පත් කරනු ලැබීමට සුදුස්සෙක් වන්නේය මහෝපාධ්‍යායයන් වහන්සේ ලෙස තමන් වහන්සේ ගේ අවසන් ධුර කාලය සම්පූර්ණ කිරීමෙන් ඉක්බිති අවුරුදු තුනක කාලයක් ඉකුත් වීමෙන් පසුව හැර කිසිම මහෝ සංඛ්‍යායයන් වහන්සේ නමක් මහෝපාධ්‍යය වශයෙන් ධුර කාල දෙකක් සම්පූර්ණ කළ විට නැවත පත් කරනු ලැබීමට සුදුස්සකු නොවීය යුතුය. (ආ) ධූර කාලය ඉකුත් වීමෙන් හෝ ඉල්ලා අස් වීමෙන් හෝ ස්වකීය ධුරය හිස් කරන යම් මහෝපාධ්‍යායයන් වහන්සේ නමකට තමා මහෝපාධ්‍යාය ධුරයට පත් කරනු ලැබීමට ඉහතින් දැරූ නිත්‍ය තනතුරකට පෙරළා පත් වීමට අයිතිවාසිකම තිබිය යුතුය. (ඇ) දෝෂාරෝපණ යෝජනාවක් සම්මත කර ගැනීම සඳහා කැඳවනු ලබන පාලක සභාවේ විශේෂ රැස්වීමක දී පාලක සුස්සවේ මුළු සාමාජික සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකින් සම්මත කර ගනු ලබන දෝෂාරෝපණ යෝජනාවක් මත, මහා මහෝපාධ්‍යායයන් වහන්සේ විසින් විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය යන් වහන්සේ ධුරයෙන් ඉවත් කරනු ලැබිය යුතු ය. (2) මහෝපාධ්‍යායයන් වහන්සේ විශ්ව විද්‍යාලයේ පූර්ණ කාලීන නිලධරයකු විය යුතු අතර එහි ප්‍රධාන විධායක නිලධරයා ද ප්‍රධාන ශාස්ත්‍රීය නිලධරයා ද විය යුතු ය. මහෝපාධ්‍යායයන් වහන්සේ නිල බලයෙන් පාලක සභාවේ සාමාජිකයෙකු විය යුතුය. මහෝපාධ්‍යායයන් වහන්සේ පාලක සභාවේ රැස් වීම්වල මූලාසනය දැරිය යුතුය. පාලක සභාවේ යම් රැස් වීමක් කැඳවීමට, එහි පැමිණ සිටීමට හා එහි දී කථා කිරීමට මහෝපාධ්‍යායයන් වහන්සේට හිමිකම ඇත්තේය. ( 3 ) පාලක සභාව විසින් කලින් කල මහෝපාධ්‍යායයන් වහන්සේ වෙත නීත්‍යනුකූලව නිකුත් කරනු ලැබිය හැකි විධාන අනුව, මේ පනතෙහි හා යම් නියෝගයක විධිවිධාන යථා පරිදි පිළිපදින බවට වග බලා ගැනීම මහෝපාධ්‍යායයන් වහන්සේගේ කාර්යය විය යුතු අතර, ඒ කාර්යය සඳහා අවශ්‍ය යයි මහෝපාධ්‍යායයන් වහන්සේ සලකන සියලු බලතල මහෝපාධ්‍යායයන් වහන්සේට තිබිය යුතු ය. මහෝ පාධ්‍යායයන් වහන්සේ විසින් ඒ බලතල ක්‍රියාත් මක කළ හැකිය. (4) මේ පනත්තේ විධිවිධාන වලට යටත්ව, පාලක සභාවේ තීරණ ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියාත්මක කරන බවට වග බලා ගැනීම මහෝපාධ්‍යායයන් වහන්සේගේ කාර්යය විය යුතුය. (5) මහෝ පාධ්‍යායයන් වහන්සේ විශ්වවිද්‍යාලයේ ගණන් දීමේ නිලධරයා විය යුතු ය. (6) විශ්ව විද්‍යාලය තුළ විනය පවත්වා ගෙන යාම සම්බන්ධ යෙන් මහෝ ධ්‍යායයන් වහන්සේ වග කිව යුතු ය (7) මහෝපාධ්‍යායයන් වහන්සේ කලින් ධුරය හිස් කරන හොත් නැතහොත් මේ වගන්තියේ (1) වන උප වගන්තියේ (ඇ) ඡේදය යට තේ ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත් මිස, අවුරුදු තුනක කාලයක් හෝ හැට අට වන විය සම්පුර්ණ කිරීම හෝ යන මෙයින් කලින් එළඹෙන අවස්ථාව තෙක් ධුරය දැරිය යුතු ය. (8) නිවාඩු පිට සිටීම, අසනීප වීම, ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම හෝ වෙනත් යම් හේතුවක් නිසා හෝ ස්වකීය ධුරයේ කාර්ය ඉටු කිරීම මහෝපාධ්‍යායයන් වහන්සේට තාවකාලිකව නොහැකි වුව හොත්, එසේ කාර්ය ඉටු කිරීමට නොහැකි වූ දින සිට දින දහ හතරක කාලයක් ඇතුළත ඒ ධුරයේ කාර්ය ඉටු කිරීම සඳහා සුදුසු යයි පාලක සභාව කල්පනා කරන යම් වැඩ පිළිවෙළක් පාලක සභාව විසින් යෙදිය යුතු ය. එවැනි වැඩ පිළිවෙළක් යෙදනු ලබන තෙක් ලේ ඛකාධිකාරීවරයා විසින් ඒ ධුරයේ එදිනෙදා කටයුතු කර ගෙන යා යුතු ය. 11. (1) ජනාධිපතිවරයා විසින් විශ්ව විද්‍යාලයේ ප්‍රථම ලේඛකා ධිකාරිවරයා පත් කරනු ලැබිය යුතු ය. සෑම තදනන්තර ලේඛකාධි කාරිවරයකු ම පාලක සභාව විසින් පත් කරනු ලැබිය යුතුය. ඔහු බෞද්ධයකු ද විශ්ව විද්‍යාලයේ පූර්ණකාලීන නිලධරයකු ද විය යුතු අතර, මේ පනතින් හෝ යම් නියෝගයකින් ඔහු වෙත පවරනු ලබන හෝ නියම කරනු ලබන හෝ භාර කරනු ලබන සියලු බලතල, කාර්ය හා කර්තව්‍ය ඔහු විසින් ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම කළ යුතුය. (2) විශ්වවිද්‍යාලයේ වාර්තා හා දේපළ භාරව සිටීම පිළිබඳව ලේඛකාධිකාරීවරයා පාලක සභාව වෙනුවෙන් වගකිව යුතු ය. (3) ලේඛකාධිකාරීවරයා, නිලබලයෙන් පාලක සභාවේ ලේකම් වරයා විය යුතු ය. (4) ලේඛකාධිකාරීවරයා විශ්වවිද්‍යාලයේ සහකාර ගණන් දීමේ නිලධරයා විය යුතුය. (5) මහෝපාධ්‍යායයන් වහන්සේගේ විධානයට හා පාලනයට යටත්ව, විශ්ව විද්‍යාලයේ සාමාන්‍ය පරිපාලනය සහ එහි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විනය පාලනය සම්බන්ධයෙන් ලේඛකාධිකාරී වරයා වගකිව යුතුය. 12. (1) ජනාධිපතිවරයා විසින්, විශ් වවිද්‍යාලයේ ප්‍රථම පුස්තකාල යාධිකාරීවරයා පත් කරනු ලැබිය යුතුය. සෑම තදනන්තර පුස්තකාල සංධිකාරිවරයකු ම පාලක සභාව විසින් පත් කරනු ලැබිය යුතු ය. ඔහු විශ්ව විද්‍යාලයේ පූර්ණකාලීන නිලධරයකු වන අතර, මේ පනතින් හෝ යම් නියෝගයකින් හෝ ඔහු වෙත පවරනු ලබන හෝ නියම කරනු ලබන හෝ භාර කරනු ලබන යම් බලතල, කාර්ය හා කර්තව්‍ය ඔහු විසින් ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම කළ යුතුය. (2) මහෝපාධ්‍යායයන් වහන්සේගේ විධානයට හා පාලනයට යටත්ව, විශ්වවිද්‍යාලයේ පුස් තකාලයේ පරිපාලනය සම්බන්ධයෙන් පුස්තකාලයාධිකාරීවරයා වගකිව යුතුය. 13. (1) ජනාධිපතිවරයා විසින්, විශ්ව විද්‍යාලයේ ප්‍රථම මූල්‍යාධිකාරී මූල්‍යාධිකාය වරයා පත් කරනු ලැබිය යුතුය. සෑම තදනන්තර මූල්‍යාධිකාරී වරයා. වරයකුම පාලක සභාව විසින් පත් කරනු ලැබිය යුතු ය. ඔහු ගිහි බෞද්ධයකු ද විශ් වවිද්‍යාලයේ පූර්ණ කාලීන නිලධරයකු ද විය යුතු අතර, මේ පනතින් හෝ මේ පනත යටතේ හෝ යම් නියෝගයකින් හෝ ඔහු වෙත පවරනු ලබන හෝ නියම කරනු ලබන හෝ භාර කරනු ලබන යම් බලතල, කාර්ය හාහා කර්තව්‍ය ඔහු විසින් ක්‍රියාත් මක කිරීම හා ඉටු කිරීම කළ යුතු ය. (2) ලේඛකාධිකාරීවරයාගේ විධානයට හා පාලනයට යටත්ව, විශ්ව විද්‍යාලයේ මුදල් පරිපාලනය කිරීම සම්බන්න්ධයෙන් ද නියෝග මගින් නියම කරනු ලබන යම් ආකාරයට හා පිළිවෙළට එහි ගිණුම් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන්ද මුල්‍යාධිකාරීවරයා පාලක සභාව වෙනුවෙන් වගකිව යුතු ය. විශ්ව විද්‍යාලයේ අරමුදල් ඔහු භාරයේ තිබිය යුතු ය. 14. 22 වන, 23 වන, 24 වන හා 25 වන වගන්තිවල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, මහෝපාධ්‍යායයන් වහන්සේ හැර සෑම නිලධරයකු සම්බන්ධයෙන් ම අදාළ විය යුතුය. III වන කොටස විශ්ව විද්‍යාලයේ බලමණ් ඩලය 16. (1) (මේ පනතේ “ පාලක සභාව '' යනුවෙන් සඳහන් කරනු ලබන) විශ් වවිද්‍යාලයේ පලක සභාව, විශ්වවිද්‍යාලයේ විධායක මණ්ඩලය හා පාලක මණ්ඩලය වන අතර, එය මහෝපාධ්‍යායයන් වහන්සේගෙන් ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන (මෙහි මින් මතු '' පත් කළ සාමාජිකයන් ” යනුවෙන් සඳහන් කරනු ලබන) වෙනත් සාමජිකයන් දහහතර දෙනකුගෙන් ද සමන්විත විය යුතු ය. ඒ සාමාජිකයන් අතුරින් සාමාජිකයන් නව දෙනකු භික්ෂූන් වහන්සේලා විය යුතුය. (2) මහෝ පාධ්‍යායයන් වහන්සේ පාලක සභාවේ සභාපතිවරයා වන අතර, එහි සියලුම රැස්වීම්වල මූලාසනය දැරිය යුතු ය. යම් රැස් වීමක මූලාසනය දැරීමට සභාපතිවරයාට නොහැකි වුව හොත්, සාමාජිකයන් විසින් පැමිණ සිටින යම්කිසි සාමාජිකයකු ඒ රැස්වී මෙහි මූලාසනය දැරීමට තෝරා පත් කර ගනු ලැබිය යුතු ය. (3) (4) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, පාලක සභාවේ යම් පත් කළ සාමාජිකයකු, ඔහු කලින්න ධුරය හිස් කරත හොත් මිස, ඔහු පත් කරනු ලැබූ දින සිට ගණන් ගනු ලබන අවුරුදු තුනක කාලයක් සඳහා ධුරය දැරිය යුතු ය. එවැනි සාමාජිකයකු ධුර යෙන් ඉවත් කරනු ලැබුවහොත් මිස, ඔහු නැවත පත් කරනු ලැබීමට සුදුස් සකු විය යුතු ය: එසේ වුව ද, යම් පත් කළ සාමාජිකයකු තම ධුර කාලය ඉකුත් වීමට පෙර, තම ධුරය හිස් කරන්නේ නම්, ඔහුගේ අනුප්‍රාප් තිකයා විසින්, ඔහු කලින් ධුරය හිස් කරතහොත් මිස, තම පූර්වගාමියාගේ ධූර කාලයෙන් ඉකුත් නොවී ඇති කාලය සඳහා ධුරය දැරිය යුතු ය. (4) පාලක සභාවේ පත් කළ සාමාජිකයකු විසින්, තම අත්සන යටතේ පාලක සභාව අමතා යවනු ලබන ලිපියක් මගින්, තම ධුර යෙන් ඉල්ලා අස්විය හැකි ය. (5) පාලක සභාවේ අවසරය නොමැතිව පාලක සභාවේ අනුගාමි රැස්වීම් තුනකට නොපැමිණෙන පාලක සභාවේ පත් කළ සාමාජික යකු, පාලක සභාවේ සාමාජිකයකු වශයෙන් වූ තම ධුරය අත් හැර ගිය ලෙස සැලකිය යුතු අතර, ඒ හේතුවෙන් ඇතිවන පුරප්පාඩුව පිරවීම සඳහා ජනාධිපතිවරයා විසින් සුදුසු තැනැත්තකු පත් කළ යුතුය. (6) පාලක සභාවේ සාමාජිකයකු යම් පරිශ්‍රමිකයක් ලැබීමට හිමි කම් නොලබන නමුත්, ජනාධිපතිවරයා විසින් මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා, නිශ්චය කරනු ලබන යම් දීමනාවක් ඒ සාමාජිකයාට ගෙවනු ලැබිය හැකි ය. (7) පාලක සභාවේ යම් රැස්වීමක ගණ පූරණය, එහි මුළු සාමාජික සංඛ්‍යාවෙන් තුනෙන් එකක් විය යුතුය. ( 8 ) වර්ෂයකට පාලක සභාවේ රැස්වීම් වාර දහයකට නොඅඩු සංඛ්‍යාවක් පැවැත්වෙන පරිදි, පාලක සභාව අවශ්‍ය කවර හෝ අවස්ථාවක රැස්විය යුතුය. (9 ) පාලක සභාවේ සභාපතිවරයා අවශ්‍ය යයි කල්පනා කරන කවර හෝ අවස් ථාවක නැතහොත් පාලක සභාවේ මුළු සාමාජික සංඛ්‍යාවෙන් තුනෙන් එකකට නොඅඩු සාමාජික සංඛ්‍යාවකගෙන ලිඛිත ඉල්ලීමක් ඔහු වෙත ලැබී එක් සතියක් ඇතුළත, සභාවේ සභාපතිවරයා විසින් පාලක සභාවේ විශේෂ රැස්වීමක කැඳවිය යුතු ය. 17. (1) මේ පනතේ විධිවිධානවලට යටත්ව, විශ්වවිද්‍යාලය වෙත පවරනු ලබන හෝ නියම කරනු ලබන හෝ භාර කරනු ලබන බලතල, කාර්ය හා කර්තව්‍ය පාලක සභාව විසින් ක්‍රියාත් මක කිරීම් හා ඉටු කිරීම කළ යුතුය. (2) (1) වන උපවගන්තියෙන් පාලක සභාව වෙත පවරනු ලැබූ බලතල වල ව්‍යාප් ප්තියට හානියක් නොමැතිව, පහත සඳහන් බලතල කාර්ය හා කර්තව්‍ය පාලක සභාව විසින් ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම කළ යුතු ය:- (i) විශ්වවිද්‍යාලයේ දේපළ සහ අරමුදල් දැරීම, පාලනය කිරීම හා පරිපාලනය කිරීම; (ii) විශ්වවිද්‍යාලය සඳහා කුල ලාංඡනයක් තෝරා ගැනීම විශ්වවිද්‍යාලයේ පොදු මුද්‍රා වේ ආකෘතිය නිශ්චය කිරීම. එහි භාරය සඳහා විධිවිධාන සැලැස් වීම සහ එහි භාවිතය මෙහෙයවීම; (iii) මේ පනතේ හා යම් කිසි නියෝගයක විධි විධාන වලට අනුකූලව විශ්වවිද්‍යාලය හා සම්බන්ධ සියලු කාරණා, විධිමත් කිරීම හා නිශ්චය කිරීම; (iv) නිශ්චිත කාර්ය සඳහා වියදම් කිරීම පිණිස විශ්ව විද්‍යාලයට දී ඇති යම් අරමුදල් පරිපාලනය කිරීම; (V) අන්තිම කැමති පත්‍ර මගින්, පරිත්‍යාග මගින් හා ප්‍රදාන මගින් විශ් වවිද්‍යාලයට පවරනු ලබන දේපළ භාරගැනීම හා පිළි ගැනීම; (vi) විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික ගිණුම් සලක බැලීම සහ ඒ වාර්තාව සහ ඒ ගිණුම් ජනාධිපතිවරය වෙත ඉදිරිපත් කිරීම; (vii) විශ්ව විද්‍යාලයේ විභාග සඳහා අනුමත කරන ලද අධ්‍යයන පාඨමාලා සැලැස් වීමේ කාර්යය සඳහා අනුබද්ධායතන වශ යෙන් ආයතන ලියාපදිංචි කරනු ලැබිය හැකි වන්නේ යම් කොන්දේ සිවලට යටත්ව ද ඒ කොන්දේසි නියම කිරීම; (viii) විශ්ව විද්‍යලයේ මුදල් ඇස්තමේන්තු පිළියෙළ කිරීම; (ix) විශ්ව විද්‍යාලයේ නිලධරයන් හෝ වෙනත් සේවානියුක්තයන් වශයෙන් පත් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් තීරණය කිරීම; (x) මේ පනතේ කාර්ය සඳහා නියෝග සෑදීම; (xi) විශ්වවිද්‍යාලයේ කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය ලීබ. උපකරණ සහ වෙනත් ද්‍රව්‍ය සැපයීම; (xii) විශ‍්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයෙන් හෝ ඉන් බැහැරින් හෝ මහාචාර්යවරයන්, සහාය මහාචාර්යවරයන් පරික් ෂකවරයන් පත් කිරීම සහ ඔවුන්ට ගෙවනු ලබති චේතන හෝ ගාස්තු නිශ්චය කිරීම; (xiii) විශ්වවිද්‍යාලයේ සේවයෙහි නියුක්ත තැනැත්තන් පත් කිරීම, ඔවුන්ගේ සේවය අත් හිටුවීම, ඔවුන් සේවයෙන පහ කිරීම් හෝ අන්‍යාකාරයකින් ඔවුන්ට දඬුවම් කිරීම; (xiv) විශ්ව විද්‍යාලයේ මහා මහෝපාධ්‍යායයන් වහන්සේගේ, නිල ධරයන්ගේ සහ උපාධිධාරින් ගේ උපාධි නේ පත්‍යය 'හෝ ලාංඡනය හෝ ඒ දෙකම නිශ්චය කිරීම; (xV) විශ් වවිද්‍යාලය විසින් පවත්වනු ලබන විභාග සඳහා ශිෂ්‍යයන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නියමයන් නිශ්චය කිරීම; සහ (xvi) විශ්ව විද්‍යාලයේ වෙනත් යම් බලතල ක්‍රියාත්මක කිරීම සම් බන්ධයෙන් මේ පනතින් වෙනත් කිසිම විධිවිධානයක් සලස්වා නොමැත්තේද ඒ වෙනත් සියලු බලතල ක්‍රියාත මක කිරීම. 18. පාලක සභාව විසින් නිශ්චය කරනු ලබන යම් බලතල, කාර්ථය හා කර්තව්‍ය ඇතිව, පාලක සහවේ සාම ජිකයන් අතුරින් යම් සාමාජික සංඛ්‍යාවකින් හෝ වෙනත් තැනැත්තන්ගෙන් නැතහොත් ඒ දෙවර්ගයෙන්ම සමන්විත තත්කාර්ය කාරක සභා නිශ්චිත කාර්ය සඳහා පාලක සභාව විසින් කලින් කල පත් කරනු ලැබිය හැකිය. IV වන කොටස මිග් වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සව 19. (1) විශ්ව විද්‍යාලය විසින්, උපාධි පිරිනැමීමේ කාර්යය සඳහා සෑම වර්ෂයක ම එක් වරක් මහා මහෝපාධ්‍යායයන් වහන්සේ විසින් අනුමත කරනු ලබන යම් දිනයක උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වනු ලැබිය යුතු ය: ඒසේ වුව ද, නියමිත දින සිට මුල් තුන් අවුරුදු කාලය තුළ උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වීම මහා මහෝපාධ්‍යායයන් වහන් සේගේ අභිමතය පරිදි විය යුතු ය: එසේම තවදුරටත් මහා මහෝපාධ්‍යයයන් වහන්සේ විසින් නිශ්චය කරනු ලබන වෙනත් යම් කිසි අවස් ථාවක විශ්ව විද්‍යාලය විසින්, විශේෂ උපාධි ප්‍රදානෝත් සවයක් පවත්වනු ලැබිය හැකි ය. (2) උපාධි ප්‍රදානෝත් සවයක කාර්ය පටිපාටිය නියෝග මගින් නියම කරනු ලැබිය යුතු ය. (3) පැමිණ සිටින විටක, උපාධි ප්‍රදානෝත්සවයක මූලාසනය මහා මහෝපාධ්‍යායයන් වහන්සේ විසින් දැරිය යුතු ය. මහා මහෝ යායයන් වහන්සේ පැමිණ නොමැති විටක මහෝපාධ්‍යායයන් වහන්සේ විසින් එහි මූලාසනය දැරිය යුතුය. V වන කොටස කාරිය මණ්ඩලයට කරනු ලබන පත් කිරිමි 20. (1) (2) වන උපවගන්තියේ විධිවිධාන වලට යටත්ව, විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයට කරනු ලබන සෑම පත් කිරීමක් ම නියෝග මගින් නියමිත බඳවා ගැනීමේ කාර්ය පටිපාටිවලට හා පත් කිරීම් සඳහා වූ ක්‍රියා පිළිවෙළට අනුකූලව පාලක සභාව විසින් කළ යුතුය. (2) නියෝග මගින් නියමිත බඳවා ගැනීමේ කාර්ය පටිපාටිවලට හා පත් කිරීම් සඳහා වූ ක්‍රියා පිළිවෙළට අනුකූලව, පාලක සභාව විසින්, විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයට පහත සඳහන් පත් කිරීම් කළ යුතු ය:- (i) යම්කිසි නිලධර තනතුරකට පත් කිරීම සම්බන්ධයෙන් මේ පනත යටතේ වෙනත් විධිවිධාන නිශ්චිතවම සලසා ඇති අවස්ථාවක හැර, ඒ නිලධර තනතුරට කරනු ලබන පත් කිරීම්; (ii) වර්ෂයකට රුපියල් නව දහසකට නොඅඩු ආරම්භක වැටුපක් හෝ නියෝග මගින් කලින් කල පාලක සභාව විසින් නිශ්චය කරනු ලබන ඊට වැඩි වෙනත් යම් ආරම්භක වැටුපක් සහිතව නිලධරයකුගේ හෝ පරීක්ෂකවරයකුගේ තනතුරකට කරනු ලබන පත් කිරීමක් හැර, වෙනත් තනතුරකට කරනු ලබන පත් කිරීම්; සහ (iii) නියෝග මගින් නියම කරනු ලැබිය හැකි වූ ද පත් කරනු ලබන තැනැත්තා තන්තුරෙහි එක ශ්‍රේණියක හෝ පංති යක සිට වෙනත් ශ්‍රේණියකට හෝ පන්තියකට උසස් කිරීම ඇතුළත් වන්නා වූද යම් කිසි තනතුරුවලට කරනු ලබන පත් කිරීම්. 21. (1) පරීක්ෂකවරයකුගේ තනතුරකට හැර වෙනත් තනතුර තනතුරුවලට කට කරනු ලබන සෑම පත් කිරීමක් ම, පළමුවෙන් අවුරුදු තුනක පරිවාස කාලයක් සඳහා වන අතර, ඊට පසු එය පාලක සභාව විසින් ස්ථිර කරනු ලැබීමට යටත් විය යුතුය. (2) පරික්ෂකවරයකුගේ තනතුරකට කරනු ලබන කෑම පත් කිරීමක් ම සහ ඒ පරීක් ෂකවරයාගේ සේවා නියම හා කොන්දේසි, පාලක සභාව විසින් තත් කාර්යය සඳහා සාදනු ලබන නියෝශ වලට අනුකූලව විය යුතුය. 22. පරීක් ෂකවරයකුගේ තනතුරක් හැර වෙනත් යම් රක් දරන තැනැත්තකු වයසින් අවුරුදු පනස් පහ සම්පූර්ණ කරන තුරු ඒ තනතුර දැරිය යුතු අතර, ඊට පසු ඔහු ස්වේච්ඡා විශ්‍රාම ගැනීම. වෙන් සේවයෙන් විශ්‍රාම ගත් ලෙස සලකනු ලැබිය යුතු ය: එසේ වුව ද එවැනි යම් කිසි තනතුරක් දරන තැනැත්තකු විසින් ලිඛිත ඉල්ලීමක් කරනු ලැබූ විට, ඔහුගේ වයස අවුරුදු හැට සම්පූර්ණ වන තෙක එක් වරකට එක් අවුරුද්දක කාලසීමාවක් බැගින් පාලක සභාව විසින් සේවය දීර්ඝ කිරීම කළ හැකි ය. ඊට පසු ඔහු විශ්‍රාම ගත් ලෙස සලකනු ලැබිය යුතු ය. 23. (4) පරීක්ෂකවරයකුගේ තනතුරක් නොවන යම්කිසි තනතුරක් දරන තැනැත්තකු විෂමාචාරය, අකාර්යක් ෂමතාව හෝ කාර්ය පැහැර හැරීම සම්බන්ධයෙන් මහෝපාධ්‍යයයන් වහන්සේ විසින් පරීක්ෂණයක් පවත්වන තෙක්, යම් වේලාවක සේවයෙන් අත් හිටවනු ලැබිය හැකි ය. (2) (1) වන උපවගන්තිය යටතේ වූ පරීක්ෂණයක් අවසන් කරනු ලැබූ විට, විෂමාචාරය, අකාර්යක් ක්ෂමතාව හෝ කාර්ය පැහැර හැරීම සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබූ යම් තැනැත්තකු සේවයෙන් පහ කළ යුතු යැයි ද නැතහොත් අනිවාර්යයෙන් විශ්‍රම ගැන්විය යුතු යයි ද මහෝ පාධ්‍යායයන් වහන්සේ විසින් පාලක සභාව වෙත නිර්දේශ කරනු ලැබිය හැකි ය. එ නිර්දේශ කිරීම පිළිබඳව මහෝපාධ්‍යායයන් වහන්සේ විසින් ඒ අවස්ථාවේ දී ම වරදකරු කරනු ලැබූ තැනැත්තා වෙත දැනුම් දෙනු ලැබිය යුතු ය. (3) විෂමාචාරය, අකාර්යක් ක්ෂමතාව හෝ කාර්ය පැහැර හැරීම සම්බන්ධයෙන් යම් තැනැත්තකු සේවයෙන් පහ කළ යුතු යයි නැතහොත් අනිවාර්යයෙන් විශ්‍රාම ගැන්විය යුතු යයි (2) වන උප වගන්තිය යටතේ මහෝපාධ්‍යායයන් වහන්සේ විසින් නිර්දේශ කරනු ලබන්නේ ද ඒ සෑම තැනැත්තකු විසින් ම, නිර්දේශ කිරීම තමා වෙත ලැබී දින දහහතරක් ඇතුළත ඊට විරුද්ධව පාලක සභාව වෙත අභියාචනය කළ හැකි අතර ඒ සම්බන්ධයෙන් පාලක සභාවේ තීරණය අවසානාත්මක විය යුතුය. 24. (1) රජයේ සේවයේ යම් නිලධරයකු පාලක සභාවේ ඉල්ලීම පිට සහ ඒ නිලධරයාගේ සහ රාජ්‍ය පරිපාලන විෂයය භාර අමාත වරයාගේ අමාත්‍යාංශයේ ලේකම්ගේ කැමැත්ත ඇතිව, එවැනි කැමැත්ත ඇතිව පාලක සභාව විසින් නිශ්චය කරනු ලබන යම් කාල සීමාවකට, විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත කරනු ලැබිය හැකි ය; නැතහොත් එවැනි ම කැමැත්ත ඇතිව ඒ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කරනු ලැබිය හැකිය. (2) විශ්ව විද්‍යාලයේ කාර්ය මණ් ඩලයට තාවකාලිකව පත් කරනු ලැබූ රජයේ සේවයේ යම් නිලධරයකුට හා නිලධරයකු සම්බන්ධයෙන් ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනතේ 13 වන වගන්තියේ (2) වන උපවගන්තියේ විධි විධාන, අවශ්‍ය වෙනස් කිරිම් සහිතව, අදාළ විය යුතු අතර ඒ කාර්ය මණ්ඩලයට ස් ථිරව පත් කරනු ලැබූ රජයේ සේ වයේ යම් නිලධරයකුට හා නිලධරයකු සම්බන්ධයෙන් ඒ පනතේ 13 වන වගන්තියේ ( 3 ) වන උපවගන්තියේ විධි විධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, අදාළ විය යුතුය. (3) යම් නිශ්චිත කාලයක් ආණ්ඩුවට සේවය කිරීමට එකළ වෙමින් ආණ්ඩුව සමග ගිවිසුමකට එළඹ ඇති යම් තැනැත්තකු පාලක සභාව විසින් සේවයෙහි නියුක්ත කරනු ලබන අවස් ථාවක ඒ තැනැත්තා විසින් විශ්ව විද්‍යාලය සඳහා සේවය කරනු ලබන යම් සේවා කාලයක්, ඒ ගිවිසුමේ බැඳීම් ඉටු කිරීමේ කාර්ය සඳහා, ඔහු විසින් ආණ්ඩුවට සේවය කරනු ලබන සේ වා කාලයක් ලෙස සලකනු ලැබිය යුතු ය. (4) පාලක සභාවේ ඉල්ලීම පිට පළාත් පාලන සේවයේ හෝ යම් පළාත් පාලන ආයතනයක යම් නිලධරයකු හෝ සේවකයකු අවස්ථාවෝචිත පරිදි, ඒ නිලධරයාගේ හෝ සේ වකයාගේ පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලයේ හෝ පළාත් පාලන ආයතනයේ කැමැත්ත ඇතිව, විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයට පාලක සභාව විසින්, එවැනි ම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන යම් කාලයක් සඳහා තාවකාලිකව පත් කරනු ලැබිය හැකි ය; නැත හොත් එවැනි කැමැත්ත ඇතිව පාලක සභාව අවස් ථාවෝචිත පරිදි, පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලය හෝ පළාත් පාලන ආයතනය එකඟ වන, විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක අරමුදල් පිළිබඳ අයිතිවාසිකම්වලට අදාළ නියම හ කොන්දෙසි ඇතුලු යම් නියම හා කොන්දේසි මත ඒ නිලධරයා හෝ සේවකයා විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයට ස් ස්ථිරව පත් කරනු ලැබිය හැකි ය. (5) රජයේ සේවයේ යම් නිලධරයකු හෝ පළාත් පාලන සේවයේ හෝ යම් පළාත් පාලන ආයතනයක නිලධරයකු හෝ සේවකයක විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබූ අවස්ථාවක, ඔහු ඒ කාර්ය මණ්ඩලයේ වෙනත් යම් සාමාජිකයකු යටත් වන විනය පාලනයට ම යටත් විය යුතුය. 25. (1) පාලක සභාවේ ඉල්ලීම පිට, 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත යටතේ පිහිටුවා ඇති යම් උසස් අධ්‍යාපන ආයතනයක සේවයෙහි නියුක්ත නිලධරයකු, කථිකාචාර්යවරයකු, මහාචාර්ය වරයකු, සහාය මහාචාර්යවරයකු හෝ සේවකයකු ඒ නිලධරයාගේ, කථිකාචාර්යවරයාගේ, මහාචාර්යවරයාගේ, සහාය මහාචාර්යවරයාගේ හෝ සේ වකයාගේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ද ඒ ආයතනයේ පාලන බල මණ්ඩලයේ ද කැමැත්ත ඇතිව, පාලක සභාව විසින් එවැනිම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන යම් කාලයක් සදහා විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයට පාලක සභාව විසින් තාවකාලිකව පත් කරනු ලැබිය හැකි ය; නැතහොත් එවැනි ම කැමැත්ත ඇතිව ඒ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කරනු ලැබිය හැකිය. (2) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ පිහිටුවා ඇති යම් උසස් අධ්‍යාපන ආයතනයක සේවයෙහි නියුක්ත යම් නිලධරයකු විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබූ අවස්ස්ථාවක, ඔහු ඒ කාර්ය මණ්ඩලයේ වෙනත් යම් සාමාජිකයකු යටත් වන විනය පාලනයට යටත් විය යුතුය. VI වන කොටස ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අර්ථ සාධක අරමුදල 26. මෙහි මින් මතු '' අර්ථ සාධක අරමුදල '' යනුවෙන් සඳහන් කරනු ලබන, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය අර්ථසාධක අරමුදල යනුවෙන් නම් කරනු ලබන හා හඳුන්වනු ලබන අර්ථ සාධක අරමුදලක් විශ්ව විද්‍යාලය විසින් පිහිටුවනු ලැබිය යුතුය. 27. අර්ථසාධක අරමුදල පිළිබඳ පාලනය, පරිපාලනය හා කළමනා කරණය සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික සියලු කාරණා සඳහා ද පාලක සභාව විසින් නියෝග සාදනු ලැබිය හැකි ය. 28. (1) නියෝග මගින් බැහැර කරනු ලැබූ සාමාජිකයන් හැර, කාර්ය මණ්ඩලයේ සෑම සාමාජිකයකු විසින් ම, තමා සේවයෙහි නියුක්ත කරනු ලැබූ දිනයෙහි සිට සිය ඉපැයීම් වලින් සියයට දහයකට සමාන මුදලක් මාස් පතා සිය වැටුපෙන් කරනු ලබන එක සමාන අඩු කිරීම් මගින් අර්ථ සාධක අරමුදලට දායක මුදල් වශයෙන් ගෙවනු ලැබිය යුතු අතර, ඒ හා සමගම විශ්ව විද්‍යාලය විසින් ඊට අතිරේක ව ඒ සෑම දායකයකු වෙනුවෙන්, ඒ දායකයාගේ ඉපැයීම් වලින් සියයට පහළොවකට සමාන මුදලක් හෝ පාලක සභාව විසින් නිශ්චය කරනු ලබන අන් කිසි මුදලක් හෝ අර්ථසාධක අරමුදලට දායක මුදල් වශයෙන් ගෙවනු ලැබිය යුතු ය. (2) මූල්‍යාධිකාරීවරයා විසින් අර්ථසාධක අරමුදල සඳහා පොදු ගිණුමක් ද ඒ අරමුදලෙහි එක් එක් දායකයා වෙනුවෙන් වෙන ම ගිණුමක් ද ආරම්භ කොට, පවත්වා ගෙන යා යුතු ය. දායකයකු විසින් අර්ථ සාධක අරමුදලට ගෙවනු ලැබූ සියලු දායක මුදල් ද ඒ දායකයා වෙනුවෙන් විශ්ව විද්‍යාලය විසින් ගෙවනු ලැබූ සියලු දායක මුදල් ද අර්ථ සාධක අරමුදලෙහි ඒ දායකයාගේ ගිණුමේ බැරට තැන්පත් කරනු ලැබිය යුතු ය. (3) දායකයකුගේ ගිණුමෙහි බැරට ඇති මුදලට, පාලක සභාව විසින් සාදන ලද නියෝගවලට අනුකූලව ඒ දායකයා දායකයකු වීම නතර වන දිනය තෙක්, මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා පාලක සභාව විසින් නියම කරනු ලබන අනුපතිකය අනුව වූ වැල් පොලිය ඒ වෙනුවෙන් පාලක සභාව විසින් සාදනු ලබන යම් නියෝගයකට යටත්ව, එකතු විය යුතු අතර ඒ දිනයේ දී ඒ දායක යාගේ ගිණුම වසා දැමිය යුතු ය. දායකයකුගේ බැරට එකතු වී ඇති මුදල ඒ ගිණුම වසා දමනු ලැබූ දිනයේ සිට මාස තුනක කාලයක් ඇතුළත ගෙවනු නොලැබූ අවස් ථාවක, මේ වගන්තියෙන් විධිවිධාන සලස්වා ඇති අනුපාතිකය ම අනුව වූ පොලියක් ඔහුගේ බැරට ඇති මුළු මුදල ගෙවනු ලැබූ මාසයට ඉහතින් වූ මාසයේ අවසන් දිනය තෙක් ගෙවනු ලැබිය යුතු ය: එසේ වුව ද ඒ දායකයාට ඒ මුදල ගෙවීම පමා වූයේ දායකයාගේ යම් වරදක් නිසා වන අවස් ථාවක, ඔහුගේ ගිණුම වසා දමනු ලැබූ දිනයෙන් පසු උපචිත වන පොලිය ගෙවනු නොලැබිය යුතු ය. 29. (1) 28 වන වගන්තියේ (3) වන උපවගන්තියෙහි විධි විධාන සලසා ඇති පරිදි යම් දායකයකු වෙත ගෙවිය යුතු මුදල 28 වන වගන්තියේ විධිවිධාන වලට යටත්ව මූල්‍යාධිකාරීවරයා විසින් ඒ දායකයාට ගෙවනු ලැබිය යුතුය. (2) අසනීපවීම නිසා හෝ අශක්‍යතාවකට පත්වීම නිසා හෝ තමා සේවයෙහි නියුක්ත කරනු ලැබූ තනතුර අහෝසි කිරීම නිසා 28 වන වගන්තියේ ( 3 ) වන උපවගන්තිය යටතේ දායකයකු වීම නතර වන දිනයට පෙර දායකයකු විශ්ව විද්‍යාලය විසින් සේව යෙහි නියුක්ත කරවීම නතර වන හෝ ඔහු විශ්වවිද්‍ය ලයේ සේව යෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ලබන අවස් ථාවක, මුල්‍යාධිකාරීවරයා විසින්, 28 වන වගන්තියේ විධිවිධාන වලට යටත්ව, ඔහු එසේ සේවයෙහි නියුක්ත කරවීම අවසන් වූ දිනයේ දී අර්ථසාධක අර මුදලේ ඔහුගේ ගිණුමේ බැරට එකතු වී තිබූ මුළු මුදල ඒ දායකයාට ගෙවනු ලැබිය යුතුය. (3) 28 වන වගන්තියේ ( 3 ) වන උපවගන්තිය යටතේ දයක යකු වීම නතර වන දිනයට පෙර දායකයකු විශ්ව විද්‍යාලයේ සේව යෙන් පහ කරනු ලැබූ අවස් ථාවක, මූල්‍යාධිකාරිවරයා විසින්, 30 වන වගන්තියේ විධිවිධාන වලට යටත්ව, අර්ථසාධක අරමුදලෙහි ඒ දායකයාගේ ගිණුමෙහි බැරට ඇති මුළු මුදල, ඔහු සේවයෙන් පහ කිරීමේ දිනය තෙක් ඊට එකතු වූ පොලියත් සමග ඒ දායකයාට ගෙවනු ලැබිය යුතු ය. (4 ) විශ්ව විද්‍යාලයේ සේවයෙහි නියුක්තව සිටිය දී දායකයකු මිය යන අවස් ථාවක, මූල්‍යාධිකාරිවරයා විසින්, 30 වන වගන්තියේ විධිවිධාන වලට යටත්ව, අර්ථසාධක අරමුදලෙහි ඒ දායකය ගේ ගිණුමේ බැරට එකතු වී ඇති මුළු මුදල මිය ගිය දායකයාගේ බූදල යට හෝ ඒ මුදලට නීත්‍යනුකූලව හිමිකම් ඇති තැනැත්තාට හෝ ගෙවනු ලැබිය යුතු ය. 30. මේ කොටසේ ඉහතින් වු විධිවිධානවල කුමක් සඳහන්ව ඇත ද එමෙන් ම වෙනත් යම් අයිතිවාසිකමකට කට හානියක් නොමැතිව, දායකයකු විශ්ව විද්‍යාලය විසින් යෙහි නියුත්ත කරනු ලැබ සිටි කාලය තුළ දී යම් අවස් ථාවක, ඔහුගේ වංක භාවය නිසා හෝ නොසැලකිලිමත් බව නිසා හෝ විශ්ව විද්‍යාලයට දරන්නට සිදු වූ යම් පාඩුවක හෝ අලාභයක මුදල,අර්ථ සාධක අරමුදලේ ඒ දායකයාගේ ගිණුමේ බැරට ඇති මුදල මත වූ ප්‍රථම වැය බරක් විය යුතු අතර, 29 වන වගන්තියේ විධිවිධාන වලට අනුකූලව යම්කිසි ගෙවීමක් කෙරෙන අවස්ථාවේ දී ඒ මුදල අඩු කරගනු ලැබිය හැකි ය. VII වන කොටස 31. විශ්වවිද්‍යාලයේ මුදල් වර්ෂය ආණ්ඩුවේ මුදල් වර්ෂය ම වන්නේය. 32. බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය අරමුදල යනුවෙන් හඳුන්වනු විශ්වවිද්‍යාලය ලබන අර මුදලක් විශ්ව විද්‍යාලයට විය යුතු අතර, ඒ අරමුදලට - (අ) යම් නියෝගයක විධිවිධාන අනුව විශ්ව විද්‍යාලයට ගෙවිය යුතු ගාස්තු; (ආ) පරිත්‍යාග වලින් ලැබෙන ආදායම; (ඇ) ප්‍රතිපාදන වශයෙන් පාර්ලිමේන්තුව විසින් ලබා දෙන මුදල්; සහ (ඈ) විශ්වවිද්‍යාලයට කවර ප්‍රභවයකින් හෝ අයත් වන වෙනත් සියලු මුදල් ගෙවනු ලැබිය යුතු ය. 33. (1) විශ්ව විද්‍යාලයට ආධාර වශයෙන් ප්‍රදානයක් හෝ ප්‍රදාන ලෙස, පාර්ලිමේන්තුව විසින් වාර්ෂික විසර්ජන මගින් පරිපූරක වැය ශීර්ෂ මගින් හෝ අන්‍යාකාරයකින් හෝ ප්‍රතිපාදනය කරනු ලබන මුදල්, එක් එක් මුදල් වර්ෂය ආරම්භ වීමෙන් පසු හැකිතාක් ඉක් මණින් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා විසින්, විශ්ව විද්‍යාලය වෙත ගෙවනු ලැබිය යුතුය. ( 2 ) ඉහතින් වූ උපවගන්තිය යටතේ විශ්ව විද්‍යාලය වෙත ගෙවනු ලබන සියලු මුදල් මේ පනත මගින් බලය දෙනු ලැබූ කාර්ය සියල්ලම නැතහොත් ඉන් යම් කාර්යයන් සඳහා විශ්ව විද්‍යාලය විසින් යොදා ගනු ලැබිය යුතු ය; නැතහොත් වැය කරනු ලැබිය යුතු 34. පහත සඳහන් කාර්ය විශ්ව විද්‍යාලයේ මූල්‍යාධිකාරීවරයාගේ මූල්‍යාධිකාරී කාර්ය වන්නේ ය:- (අ) නියෝග මගින් නියම කරනු ලබන පිළිවෙළට සහ ආකාර යට විශ්ව විද්‍යාලයේ ගිණුම් තබා ගැනීම; (ආ) බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය අරමුදලට ගෙවනු ලබන සියලු මුදල් භාර ගැනීම සහ ඒ මුදල් නිසි ගිණුම් ශීර්ෂ වලට බැර කිරීම; (ඇ) බලය දෙනු ලැබූ සියලු ගෙවීම් කිරීම; සහ (ඈ) පාලක සභාව සඳහා ඉදිරි මුදල් වර්ෂයේ වාර්ෂික මුදල් විසර්ජන සහ පරිපූරක ඇස් තමේන්තු කිසිවක් පිළියෙළ කිරීම: එසේ වුව ද විශ්ව විද්‍යාලයේ ගිණුම් වල, නිශ්චිත කාර්ය සඳහා කරනු ලබන ප්‍රතිපාදන වලින් හෝ නිශ්චිත අරමුණු සඳහා වූ පරිත්‍යාග වලින් හෝ ලැබෙන ආදායම පිළිබඳව වෙනම ගණන් පෙන්විය යුතු අතර, විශ් වවිද්‍යාලයේ පොදු කාර්ය සඳහා නැත හොත් පිළිවෙලින් ඒ ප්‍රතිපාදන හෝ පරිත්‍යාග කරනු ලැබුවේ විශ්ව විද්‍යාලයේ යම් කාර්ය හෝ අරමුණු සඳහා ද ඒ කාර්ය හෝ අරමුණු නොවන යම් කාර්ය හෝ අරමුණු සඳහා ඒ ආදායමෙන් කිසිදු ගෙවීමක් නොකළ යුතු ය. 35. විශ්වවිද්‍යාලයෙහි වාර්ෂික ඇස් තමේන්තු, වාර්ෂික විසර්ජන සහ වාර්ෂික ගිණුම් පාලක සභාව විසින් සලකා බැලිය යුතු අතර, ඒ ඇස්තමේන්තු සහ විසර්ජන පාලක සභාව විසින්, එය සුදුසු යයි කල්පනා කරන පරිදි යෝජනා සම්මතයක් මගින් පිළි ගැනීම හෝ සංශෝධනය කිරීම නීත්‍යනුකූල වන්නේය. 36. අවශ්‍ය වූ විටක සහ අනපේක්ෂිත වියදම් දැරීම පිණිස මූල්‍යාධිකාරීවරයා විසින් කවර හෝ අවස් ථාවක පරිපූරක වැය ඇස් තමේන්තු පිළියෙළ කිරීම ද, ඒ ඇස්තමේන්තු පාලක සභාව විසින් සම්මත කිරීම ද නීත්‍යනුකූල වන්නේ ය: එසේ වුව ද, ඒ පරිපූරක ඇස් තමේන්තු, පාර්ලිමේන්තුව විසින් මුදල් වර්ෂය සඳහා සම්මත කරන ලද ප්‍රතිපාදනය නොඉක් මවිය යුතු අතර, මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ පූර්ව අනුමතය නොමැතිව පුනරාවර්තන ස්වභාවයේ කිසිම මූල්‍ය වගකීමක් ඇති කරගනු නොලැබිය යුතු ය. 37. භාණ්ඩාගාරයේ ලිඛිත අනුමතයට යටත්ව, අවශ්‍ය කවර හෝ විටක, පාලක සභාව විසින්, වාර්ෂික ඇස් තමේන් තුවල මුදල් වැය ශීර්ෂයකින් වෙනත් වැය ශීර්ෂයකට මාරු කිරීම නීත්‍යනුකූල වන්නේය. 38. රාජ්‍ය සංස් ථාවල ගිණුම් විගණනය කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස් ථාවේ 154 වන ව්‍යවස් ථාවේ විධිවිධාන විශ්ව විද්‍යාලයේ ගිණුම් විගණනය කිරීම සම්බන්ධයෙන් අදාළ විය යුතුය. 39. (4) යම්කිසි පළාත් පාලන ආයතනයකට කවර වූ හෝ වරිපනම් බද්දක් ගෙවීමෙන් විශ්ව විද්‍යාලය නිදහස් විය යුතුය. (2) වෙනත් යම් ලිඛිත නීතියක පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, මේ වගන්තියෙහි විධිවිධාන බලාත්මක විය යුතුය. VIII වන කොටස පොදු විධිවිධාන 40. (1) මේ පනතේ කාර්ය සඳහා පත් කරන ලද, පාලක සභාවේ යම් සාමාජිකයකු, විශ්ව විද්‍යාලයේ යම් නිලධරයකු, සේ වකයකු හෝ අනුයෝජිතයකු විසින්, පාලක සභාවේ විධානය මත මේ පනත යටතේ සද්භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි කියනු ලබන යම් ක්‍රියාවක් සඳහා ඒ සාමාජිකයාට, නිලධරයාට, සේචකයාට හෝ අනුයෝජිතයාට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් පවරනු නොලැබිය යුතුය. (2) විශ්ව විද්‍යාලය විසින් හෝ විශ්ව විද්‍යාලයට විරුද්ධව හෝ යම් අධිකරණයක පවරන ලද යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී විශ්ව විද්‍යාලය විසින් දරන ලද යම් වියදමක් විශ්ව විද්‍යාලයේ අරමුදලින් ගෙවනු ලැබිය යුතු ය. තව ද එවැනි යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී විශ්ව විද්‍යාලය වෙත ගෙවන ලද හෝ විශ්ව විද්‍යාලය විසින් අය කර ගන්නා ලද යම් ගාස්තු විශ්වවිද්‍යාලයේ අරමුදලට බැර කරනු ලැබිය යුතු ය. (3) මේ පනත යටතේ හෝ පාලක සභාවේ විධානය මත හෝ තම විසින් කරන ලද හෝ කරන ලදැයි කියනු ලබන යම් ක්‍රියාවක් සම් බන්ධයෙන් යම් අධිකරණයක් ඉදිරියෙහි තමාට විරුද්ධව පවරන ලද සිවිල් හෝ අපරාධ නඩුවක දී (1) වන උපවගන්තියෙහි සඳහන් යම් තැනැත්තකු විසින් දරන ලද යම් වියදමක්, එය සද භාවයෙන් කරන ලද ක්‍රියාවක් ලෙස අධිකරණය තීරණය කරතහොත්, ඒ වියදම ඔහු විසින් ඒ සිවිල් හෝ අපරාධ නඩුවේ දී අය කර ගතහොත් මිස, විශ්ව විද්‍යාලයේ අරමුදලින් ගෙවනු ලැබිය යුතු ය. 41. පාලක සභාවේ කිසිම ක්‍රියාවක්, යෝජනා සම්මතයක් හෝ කටයුත්තක් එහි සාමාජිකයන් අතර යම් පුරප්පාඩුවක් හෝ පුරප් පාඩු තිබීමේ හෝ එහි යම් සාමාජිකයකු හෝ සාමාජිකයන් පත් කිරි මෙහි ලා යම් දෝෂයක් හෝ දෝෂ තිබීමේ හේ තුව නිසාම පමණක් අවලංගු නොවිය යුතු ය. 42. මේ පනතට හෝ යම් නියෝගයකට හෝ අනුකූලව හැර, විශ්ව විද්‍යාලය විසින් එහි සාමාජිකයන් අතුරින් කවර හෝ සාමාජික යකුට නැතහොත් එහි සාමාජිකයන් අතර මරණ පාරිතෝෂිකයක් නොවන යම් ප්‍රසාද මුදලක් ප්‍රදානය කිරීම හෝ යම් ත්‍යාගයක් දීම නැතහොත් පරිත්‍යාගයක් කිරීම නොකළ යුතුය. 43. විශ්ව විද්‍යාලයට විරුද්ධව පවරනු ලබන යම් නඩුවක දී පාලක සභාවේ යම් සාමාජිකයකුට විරුද්ධව හෝ විශ්ව විද්‍යාලයෙහි යම් නිලධරයකුට නැතහොත් සේවකයකුට විරුද්ධව හෝ එවැනි තැනැත්තකුගේ දේ පළට විරුද් ද්ධව හෝ කිසිම රිට් ආඥාවක් නිකුත් කරනු නොලැබිය යුතු ය. 44. දණ්ඩ නීති සංග්‍රහයෙහි අර්ථානුකූලව සහ එහි කාර්ය සඳහා විශ්ව විද්‍යාලයෙහි සියලු නිලධරයන් හා සේවකයන් රජයේ සේවක යන් ලෙස සලකනු ලැබිය යුතු ය. 45. අල්ලස් පනතේ අර්ථානුකූලව විශ්ව විද්‍යාලය උපලේඛනගත ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ පනතේ විධිවිධාන ඒ අනුව තේරුම් ගනු ලැබිය යුතු ය. 46. (1) නියමිත සියලු කාරණ සම්බන්ධයෙන් හෝ නියෝග සෑදීමට නියම කරන ලද හෝ බලය දෙන ලද සියලු කාරණා සම්බන්ධ යෙන් හෝ පාලක සභාව විසින් නියෝග සාදනු ලැබිය හැකි ය. (2) පාලක සභාව විසින් සාදන ලද සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර, එසේ පළ කරන ලද දිනයෙහි හෝ නියෝගයෙහි සඳහන් යම් පසු දිනයක හෝ එය ක්‍රියාත්මක විය යුතු ය. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ විධිවිධාන, මේ පනත යටතේ පිහිටුවන ලද විශ්ව විද්‍යාලයට හෝ එය සම්බන්ධයෙන් හෝ අදාළ නොවිය යුතුය. 48. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ පනතෙහි- අනුබද් ධායතනය '' යන්නෙන්, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පිහිටි යම් අධ්‍යාපන ආයතනයක් හෝ පිරිවෙනක් විසින් කළමනාකරණය කරනු ලබන්නා වූ ද මේ පනත යටතේ අනුබද් ධායතනයක් වශයෙන් පිළිගෙන ලියාපදිංචි කර ඇත්තා වූ ද යම් අධ්‍යාපන ආයතනයක් හෝ අදහස් වේ; අධ්‍යාපන ආයතනය " යන්නෙන්, විශ්වවිද්‍යාලයේ විභාග සඳහා අධ්‍යයන පාඨමාලා පවත්වා ගෙන යනු ලබන යම් ආයතනයක් අදහස් වේ; '' උසස් අධ්‍යාපන ආයතනය '' යන්නෙහි, 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතෙහි ඊට දී ඇති අර්ථය ම ඇත්තේ ය; " නියෝගය " යන්නෙන්, මේ පනත යටතේ පාලක සභාව විසින් සාදන ලද යම් නියෝගයක් අදහස් වේ.
66
acts_1981-12-15_Road_Development_Authority_si
act
1981
17
2
0.98766
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 73 දරන මාර්ග සංවර්ධන අධිකාරිය පනත [සහතිකය සටහන් කළේ 1981 දෙසැම්බර් මස 15 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1981 දෙසැම්බර් මස 18 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 73 දරන මාර්ග සංවර්ධන අධිකාරිය පනත මාර්ග සංවර්ධන අධිකාරිය පිහිටු වීම සඳහා විධි විධාන සැලැස්වීම පිණිස ද ඒ අධිකාරියේ බලතල, කාර්ය සහ කර්තව්‍ය නිශ්චිතව සඳහන් කිරීම පිණිස ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස් වීම පිණිස ද වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1981 අංක 73 දරන මාර්ග සංවර්ධන අධිකාරිය පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයකින් අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන දිනයක සිට එය ක්‍රියාත් මක විය යුතු ය. 1 වන කොටස මාර්ග සංවර්ධන අධිකාරිය පිහිටුවීම සහ එහි සංයුතිය 2. (1) (මෙහි මින් මතු " අධිකාරිය '' යනුවෙන් සඳහන් කරනු ලබන ) මාර්ග සංවර්ධන අධිකාරිය යනුවෙන් හඳුන්වනු ලබන අධිකාරියක් පිහිටුවනු ලැබිය යුතු ය. (2) අධිකාරිය, (1) වන උපවගන්තියෙන් එයට පවරා ඇති නාම යෙන් සංස්ථාවක් විය යුතු අතර එයට අවිච්ඡින්න පැවැත්මක් හා පොදු මුද්‍රාවක් ද තිබිය යුතු ය. තව ද එහි සංස්ථා නාමයෙන් අධිකාරිය විසින් හා අධිකාරියට විරුද්ධව නඩු පවරනු ලැබිය හැකිය. (3) අධිකාරිය විසින්, අමාත්‍යවරයාගේ පූර්ව අනුමතය ඇතිව, ශාඛා කාර්යාල පිහිටුවා පවත් වාගෙන යා හැකි ය. 3. (1) අධිකාරිය පහත දැක්වෙන සාමාජිකයන්ගෙන් සමන්විත අධිකාරියේ විය යුතු ය:- (අ) සිවිල් ඉංජිනේරු විද්‍යාව, මහාමාර්ග ඉංජිනේරු විද්‍යාව, වාණිජ්‍යය, මූල්‍ය කරුණු හෝ පරිපාලනය පිළිබඳ පුළුල් පළ පුරුද්දක් සහ නිපුණත්වයක් දක්වා ඇතැයි අමාත්‍යවර යාට පෙනී යන තැනැත්තන් අතුරින් අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය යුතු (මෙහි මින් මතු '' පත් කළ සාමාජික යන් " යනුවෙන් සඳහන් කරනු ලබන) සාමාජිකයන් පස් දෙනෙක්; සහ (ආ) (i) මහා මාර්ග පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක්; (ii) මුදල් පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක්; (iii) විදුලි බලය පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක්; (iv) ප්‍රවාහන විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක්; සහ (v ) මහා මාර්ග අධ්‍යක් ක්ෂවරයා වශයෙන් තත් කාලයෙහි ධුරය දරන තැනැත්තා විය යුතු වෙනත් සාමාජිකයන් පස් දෙනෙක්. ( 2 ) අධිකාරියේ පත්කළ සාමාජිකයන් අතුරින් එක් සාමාජිකයකු අධිකාරියේ සභාපතිවරයා වශයෙන් අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය යුතු ය. (3) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හෝ එසේ මන්ත්‍රීවරයකු බවට පත්වන තැනැත්තකු අධිකාරියේ සාමාජිකයකු වශයෙන් පත් කරුනු ලැබීමට හෝ එ ලෙස කටයුතු කරගෙන යාමට සුදුස් සකු නොවිය යුතු ය. ( 4 ) යම් තැනැත්තකු අධිකාරියේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමට පෙර, අධිකාරියේ සාමාජිකයකු වශයෙන් ඒ තැනැත්තා විසින් තම කර්තව්‍ය ඉටු කිරීමේ දී හානිකර ලෙස බලපෑමට ඉඩ ඇති කිසිදු මූල්‍ය හෝ වෙනත් සම්බන්ධතාවක් ඒ තැනැත්තාට නොමැති බවට අමාත්‍යවරයා සෑහීමට පත් විය යුතුය. තව ද අධිකාරියේ කිසිම සාමාජිකයකුට එවැනි යම් සම්බන් ධතාවක් නොමැති බවට අමාත්‍ය වරයා කලින් කල සෑහීමට පත් විය යුතුය. මේ උපවගන්තිය යටතේ තම කාර්ය තමා විසින් ඉටු කිරීම සඳහා අවශ්‍ය යැයි අමාත්‍යවරයා සලකන තොරතුරු තමා වෙත සපයන ලෙස අමාත්‍යවරයා විසින් ඉල්ලා සිටිනු ලබන කවර හෝ විටක, අධිකාරියේ සාමාජිකයකු වශ යෙන් අමාත්‍යවරයා විසින් පත් කරන ලද යම් තැනැත්තකු විසින් හෝ අධිකාරියේ සාමාජිකයකු වශයෙන් පත් කිරීමට අමාත්‍යවරයා යෝජනා කරන යම් තැනැත්තකු විසින් හෝ ඒ තොරතුරු අමාත්‍ය වරයා වෙත සපයනු ලැබිය යුතු ය. (5) අධිකාරිය විසින් ඇති කර ගන්නා ලද හෝ ඇති කර යෝජිත යම් ගිවිසුමක් පිළිබඳව, කෙළින් ම හෝ අන් අයුරකින්, කිසියම් සම්බන්ධතාවක් ඇති සාමාජිකයකු විසින් තම සම්බන්ධ තාවේ ස් වභාවය අධිකාරියේ රැස් වීමක දී එළිදරව් කරනු ලැබිය යුතු අතර, ඒ එළිදරව් කිරීම අධිකාරියේ වාර්තාවල සටහන් කරනු ලැබිය යුතුය. තව ද ඒ ගිවිසුම සම්බන්ධයෙන් අධිකාරිය විසින් කරනු ලබන යම් විචාරණයක දී හෝ තීරණයකට එළඹීමේ දී ඒ සාමාජිකයා සහභාගි නොවිය යුතුය. (6) අධිකාරියේ සෑම පත් කළ සාමාජිකයකු ම, (8) වන හා (9) වන උපවගන්තිවල විධිවිධානවලට යටත්ව, ඔහු පත් කරනු ලැබූ දිනයෙහි සිට ගණන් ගැනෙන හා ඔහු පත් කරනු ලබන අවස් ථාවේ අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන අවුරුදු තුනක් නොඉක් මවන කාලයක් සඳහා සිය ධුරය දැරිය යුතු අතර, (8) වන උපවගන් තිය යටතේ ඔහු ධුරයෙන් ඉවත් කරන ලද්දේ නම් මිස, නැවත පත් කරනු ලැබීමට ඔහු සුදුස් සකු විය යුතු ය: එසේ වුව ද අධිකාරියේ පත් කළ සාමාජිකයකුගේ ධුරයේ පුරප පාඩුවක් පිරවීමට අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන සාමාජික යකු කලින් සිය ධුරය හිස් කළහොත් මිස, ඔහු අනුප්‍රාප්ත වන්නේ යම් සාමාජිකයකු වෙනුවට ද ඒ සාමාජිකයාගේ ධුර කාලයෙන් නොගෙවී ඉතිරිව ඇති කොටස සඳහා ධුරය දැරිය යුතු ය. (7) (9) වන උපවගන්තියේ විධිවිධාන වලට යටත්ව, සභාපතිවර යාගේ ධුර කාලය අධිකාරියේ ඔහුගේ සාමාජිකත්ව කාල සීමාව විය යුතුය. (8) ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් යම් පත් කළ සාමාජිකයකු කිසියම් හේතුවක් නොදක්වා අමාත්‍යවරයා විසින් ධුර යෙන් ඉවත් කරනු ලැබිය හැකි අතර, ඒ ඉවත් කිරීම යම් අධිකරණ යක දී ප්‍රශ්න කරනු නොලැබිය යුතු ය. (9) (8) වන උපවගන්තිය යටතේ අධිකාරියේ සාමාජිකයකු සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් නියමයක් කරනු ලැබ ඇති විටක දී ඒ නියමය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ දිනයේ දී ඒ සාමාජිකයා සිය ධුරය හිස් කළ යුතුය. (10) ඉල්ලා අස් වන බවට අමාත්‍යවරයා වෙත ලිපියක් යැවීමෙන් ඕනෑම අවස්ථාවක අධිකාරියේ පත් කළ සාමාජිකයකුට සාමාජික යකු වශයෙන් වූ හෝ සභාපතිවරයා වශයෙන් වූ හෝ ස්වකීය ධුර යෙන් ඉල්ලා අස්විය හැකි ය. (11) අධිකාරියේ යම් සාමාජිකයකු රෝගාතුර වීම නිසා වෙනත් අබලතාවක් නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා හෝ ස්වකීය ධුරයෙහි කාර්ය ඉටු කිරීමට තාවකාලිකව අපොහොසත් වන අවස්ථාවක,— (අ) ඔහු පත් කළ සාමාජිකයෙක් නම්, ඒ සාමාජිකයා වෙනුවෙන් ක්‍රියා කිරීමට, (1) (අ) උපවගන්තියේ විධිවිධාන සැලකිල්ලට ගෙන අමාත්‍යවරයා විසින් වෙනත් තැනැත්තකු පත් කළ හැකිය; නැතහොත් (ආ) ඔහු (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ (i) සිට (iii) දකවා වූ අතුරු ඡෙදයන් යටතේ නම් කරනු ලැබූ සාමාජිකයෙක් නම්, ඒ සාමාජිකයා වෙනුවෙන් ක්‍රියා කිරීමට, ඒ සාමාජිකයා. නම් කළ අමාත්‍යවරයා විසින් වෙනත් තැනැත්තකු නම් කරනු ලැබිය හැකි ය. (12) අධිකාරියේ සභාපතිවරයා රෝගාතුර වීම නිසා හෝ වෙනත් අබලතාවක් නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා හෝ ස් වකීය ධුරයේ කාර්ය ඉටු කිරීමට තාවකාලිකව අපොහොසත් වන අවස් ථාවක සභාපතිවරයා වශ යෙන් ක්‍රියා කිරීමට වෙනත් යම් පත් කළ සාමාජිකයකු අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය හැකි ය. (13) අධිකාරියේ සියලුම සාමාජිකයන්ට හෝ සාමාජිකයන් ගෙන් කිසිවකුට, මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන පරිශ්‍රමික, දීමනා හා වෙනත් වියදම් අධිකාරියේ මුදල් වලින් ගෙවනු ලැබිය හැකි ය. 4. (1) අධිකාරියේ සභාපතිවරයා පැමිණ සිටින අධිකාරියේ සෑම රැස් වීමක ම මූලාසනය ඔහු විසින් දැරිය යුතු ය. අධිකාරියේ යම් රැස් වීමකට සභාපතිවරයා පැමිණ නොමැති විටක, පැමිණ සිටින සාමාජිකයන් විසින් තෝරා පත් කර ගනු ලබන යම් සාමාජිකයකු ඒ රැස් වීමෙහි මූලාසනය දැරිය යුතුය. (2 ) අධිකාරිය විසින් අවශ්‍ය යයි සලකනු ලබන කවර වූ හෝ අවස් ථාවක එය රැස්විය යුතු ය. ( 3 ) අධිකාරියේ යම් රැස්වීමක මූලාසනය දරන තැනැත්තාට තමාගේ ඡන්දයට අතිරේකව තීරක ඡන්දයක් තිබිය යුතු ය. ( 4 ) අධිකාරියේ යම් රැස්වීමක් සඳහා වූ ගණ පූරණය සාමාජික යන් පස් දෙනකු විය යුතු ය. (5) අධිකාරියේ සාමාජිකයන් අතර යම් පුරප්පාඩුවක් තිබිය දී වුව ද අධිකාරියට ක්‍රියා කළ හැකි ය. අධිකාරියේ සාමාජිකයන් අතර යම් පුරථ පාඩුවක් තිබීම හෝ එහි සාමාජිකයකු පත් කිරීමෙහි හෝ නම් කිරීමෙහි ලා හෝ යම් දෝෂයක් තිබීම පමණක් හේතු කොට ගෙන අධිකාරියේ යම් ක්‍රියාවක් හෝ කටයුත්තක් අවලංගුවීම හෝ අවලංගු වූ සේ සලකනු ලැබීම නොසිදු විය යුතු ය. (6) මේ පනතේ විධිවිධාන වලට යටත්ව, අධිකාරියේ රැස්වීම් සහ ඒ රැස්වීම්වල කටයුතු කරගෙන යාම පිළිබඳ කාර්ය පටිපාටිය සඳහා අධිකාරිය විසින් රීති සාදනු ලැබිය හැකිය. 5. (1 ) අධිකාරියේ මුද්‍රාව අධිකාරියේ සභාපතිවරයා භාරයේ තිබිය යුතු ය. (2) අධිකාරිය විසින් තීරණය කරනු ලබන ආකාරයට අධිකාරි යේ මුද්‍රාව වෙනස් කරනු ලැබිය හැකි ය. (3) එක් අයකු අධිකාරියේ සභාපතිවරයා වන්නා වූ අධිකාරියේ සාමාජිකයන් දෙදෙනකු ඉදිරිපිට දී හැර, යම් සාධන පත්‍රයකට හෝ ලේඛනයකට අධිකාරියේ මුද්‍රාව තබනු නොලැබිය යුතු ය. ඒ සාමාජික යන් දෙදෙනා තමන් පැමිණ සිටි බවට සංකේතයක් වශයෙන් එ සාධන පත්‍රය හෝ ලේඛනය අත්සන් කළ යුතුය. 6. (1) අධිකාරියේ බලතල, කර්තව්‍ය හා කාර්ය නියම ලෙස ක්‍රියාත් මක කිරීම, ඉටු කිරීම හා කිරීම සඳහා යම් තැනැත් තන් සංඛ්‍යාවකගෙන් සමන්විත කමිටු අධිකාරිය විසින් පිහිටුවනු ලැබිය හැකි ය. (2 ) අධිකාරිය විසින්, එහි බලතල, කර්තව්‍ය හා කාර්ය අධිකාරිය විසින් තීරණය කරනු ලබන පරිදි ඒ කමිටුවලට පැවරිය හැකි ය. (3) (1) වන උපවගන්තිය යටතේ පිහිටුවනු ලබන සෑම කමිටු වක් විසින්, ඒ කමිටුවේ රැස්වීම් වල ගණ පූරණය සහ ඒ රැස්වීම්වල දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය තීරණය කරනු ලැබිය යුතු ය. 7. (1) පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විත වූ (මෙහි මින් මතු " මණ්ඩලය '' යනුවෙන් සඳහන් කරනු ලබන) මාර්ග සං වර්ධන උපදේ ශක මණ්ඩලයක් පිහිටුවිය යුතු ය:- (අ) මණ්ඩලයේ සභාපතිවරයා විය යුතු වන මහාමාර්ග පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම් ධුරය තත් කාලයෙහි දරන තැනැත්තා; (ආ) විදුලි බලය පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක්; (ඇ) විදුලි සන්දේශ පිළිබඳ විෂයය භාර අමාත්‍ය වරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක්; (ඈ) පළාත පාලනය පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක්; (ඉ) රජයේ ඉඩම් පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක්; (ඊ) ප්‍රවාහන විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක්; (උ) සංචාරක විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෙක්; (ඌ) මණ්ඩලයේ ලේකම්වරයා වශයෙන් ක්‍රියා කළ යුතු වන මෙම අධිකාරියේ සාමාන්‍යාධිකාරී ධුරය තත් කාලයෙහි දරන තැනැත්තා; (එ) මහා මාර්ග අධ්‍යක්ෂවරයා හෝ ඔහුගේ නියෝජිතයා ; (ඒ) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත මගින් පිහිටුවනු ලැබූ නාගරික සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ධුරය තත් කාලයෙහි දරන තැනැත්තා හෝ ඔහුගේ නියෝජිතයා ; (ඔ) 1969 අංක 17 දරන ලංකා විදුලි බල මණ් ඩලය පනත මගින් පිහිටුවනු ලැබූ ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ධුරය තත් කාලයෙහි දරන තැනැත්තා හෝ ඔහුගේ නියෝජිතයා ; (ඕ) ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පනත මගින් පිහිටුවනු ලැබූ ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ් ඩලයේ සාමාන්‍යාධිකාරී ධුරය තත් කාලයෙහි දරන තැනැත්තා හෝ ඔහුගේ නියෝජිතයා; සහ (ක) මහා මාර්ග ඉංජිනේරු විද්‍යාව හෝ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පුළුල් පළපුරුද්දක් හා නිපුණත්වයක් දක්වා ඇතැයි පෙනී යන තැනැත්තන් අතුරින් අමාත්‍යවරයා විසින් පත් කරන ලද වෙනත් සාමාජිකයන් තුන් දෙනකු මේ ඡේදය යටතේ පත් කරනු ලබන සාමාජිකයකු, මින් මතු " මණ්ඩලයේ පත් කළ සාමාජිකයා " යනුවෙන් මේ වගන්තියේ සඳහන් කරනු ලැබේ. (2) (අ) මාර්ග පර්යේෂණය, මාර්ග ක්‍රම සම්පාදනය හා මාර්ග සංවර්ධනය පිළිබඳව වූ ප්‍රතිපත්තිය හා ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීම; සහ (ආ) අවස්ථාවෝචිත පරිදි, අමාත්‍යවරයා විසින් හෝ අධි කාරිය විසින් මණ්ඩලය වෙත යොමු කරනු ලැබිය හැකි අධිකරියේ යම් බලයක්, කාර්යයක් හෝ කර්තව්‍යයක් ක්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම සම්බන්ධයෙන් වූ යම් කාරණයක් පිළිබඳව, අවස්ථා වෝචිත පරිදි, අමාත්‍යවරයාට හෝ අධිකාරියට උපදෙස් දීම මණ්ඩලයේ කර්තව්‍යය විය යුතුය. (3) මණ්ඩලයේ සෑම පත් කළ සාමාජිකයකු විසින් ම, මිය යාම, ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම මගින් ධුරය හිස් කරනු ලබන්නේ නම් මිස, අවුරුදු තුනක කාලයක් සඳහා ධුරය දැරිය යුතුය. (4) අමාත්‍යවරයා විසින් මණ් ඩලයේ යම් පත් කළ සාමාජිකයකු ධුරයෙන් ඉවත් කිරීම අවස්ථානුකූල යයි සලකනු ලබන්නේ නම්, ඔහු විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් හේතු කිසිවක් නොදක්වා එසේ කළ හැකි අතර එවැනි ඉවත් කිරීමක් පිළිබඳව කිසිදු අධිකරණයකදී ප්‍රශ්න නොකළ යුතු ය. (5) තමා ඉල්ලා අස්වන බවට අමාත්‍යවරයා වෙත ලිපියක් යැවි මෙන් පත් කළ සාමාජිකයකුට කවර වූ හෝ අවස් ථාවක තම ධුර යෙන් ඉල්ලා අස්විය හැකි ය. (6) මණ්ඩලයේ පත් කළ සාමාජිකයකු මිය ගිය විට හෝ ඉල්ලා අස්වන විට හෝ ධුරයෙන් ඉවත් කරනු ලබන විට, අමාත්‍යවරයා විසින් (1) වන උපවගන්තියේ (ක) ඡේදයේ විධිවිධාන සැලකිල්ලට ගෙන මිය ගිය, ඉල්ලා අස්වන හෝ ධුරයෙන් ඉවත් කරනු ලබන සාමාජිකයා වෙනුවට සාමාජිකයකු වීම සඳහා වෙනත් යම් තැනැත් තකු පත් කළ හැකි ය. (7) (6) වන උපවගන්තිය යටතේ පත් කරනු ලැබූ සාමාජිකයකු විසින්, ඔහු මිය යාමෙන්, ඉල්ලා අස් වීමෙන් හෝ ඉවත් කරනු ලැබී මෙන් සිය ධුරය කලින් හිස් කරන්නේ නම් මිස, තම පූර්වගාමියා ගේ ධුර කාලයෙන් ඉකුත් නොවූ ධුර කාලය සඳහා ධුරය දැරිය යුතු ය. (8) මණ්ඩලයේ පත් කළ සාමාජිකයෙකු මාස තුනකට නොඅඩු කාලයක් සඳහා රෝගාතුර වීමේ, වෙනත් අබලතාවක හෝ ශ්‍රී ලංකාවේ නොසිටීමේ හේතුවෙන් හෝ වෙනත් යම් හේතුවක් නිසා ස්වකීය ධුරයේ කාර්ය ඉටු කිරීමට තාවකාලිකව නොහැකි වන අවස් ථාවක, ඒ බව ලියවිල්ලකින් අමාත්‍යවරයා වෙත දැනුම් දීම ඒ සාමජිකයාගේ යුතුකම විය යුතුය. අමාත්‍යවරයා විසින්, (4) වන උපවගන්තියේ (ක) ඡේදයේ විධිවිධාන සැලකිල්ලට ගෙන ඒ තැනැත්තා වෙනුවට ක්‍රියා කිරීම සඳහා වෙනත් තැනැත්තකු පත් කළ හැකි ය. (9) ඉවත් කරනු ලැබීමෙන් හැර ධූරය අත්හැර යන මණ්ඩලයේ යම් පත් කළ සාමාජිකයෙක් නැවත පත් කරනු ලැබීමට සුදුස් සකු වන්නේය. (10) මණ්ඩලයේ යම් පුරප්පඩුවක් හෝ මණ්ඩලයේ සාමාජික යකුගේ පත් වීමෙහි යම් දෝෂයක් තිබූ පමණින් මණ්ඩලයේ කිසිදු ක්‍රියාවක් හෝ කටයුත්තක් බල රහිත නොවිය යුතු ය. ( 11 ) යටත් පිරිසෙයින් සෑම දෙමසකට වරක් මණ්ඩලයේ රැස් වීමක් පැවැත්විය යුතුය. (12) සභාපතිවරයා විසින් හෝ ඔහු නොමැති විට, පැමිණ සිටින සාමාජිකයන් විසින් තෝරා ගනු ලබන සාමාජිකයෙකු විසින්, මණ්ඩලයෙ රැස්වීම්වල මුලසුන දැරිය යුතුය. (13) මණ්ඩලයේ යම් රැස්වීමක දී තීරණය කළ යුතු සියලු ප්‍රශ්න, පැමිණ සිටින සාමාජිකයන්ගේ බහුතරයක ඡන්දයෙන් තීරණය කරනු ලැබිය යුතු ය. ඡන්දවල සමානත වයක් ඇති වූ අවස් ථාවක, මුලසුන දරන සංමාජිකයා වෙත තීරක ඡන්දයක් තිබිය යුතු ය. (14) මණ්ඩලයේ යම් රැස්වීමක් සඳහා වූ ගණ පූරණය සාමාජික යන් හත් දෙනකු විය යුතු අතර, මණ්ඩලය විසින් මේ වගන්තියේ විධිවිධාන වලට යටත්ව මණ්ඩලයේ ම කාර්ය පටිපාටිය විධිමත් කරනු ලැබිය හැකිය. (15) මුදල් පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන ආකාරයකට හා අනුප්‍රමාණ අනුව මණ්ඩලයේ සාමාජිකයන්ට පාරිශ්‍රමික ගෙවිය යුතු ය. II වන කොටස මාර්ග සංවර්ධන ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම සහ අධිකාරියේ බලතල, කාර්ය හා කර්තව්‍ය 8. (1) ප්‍රාදේශික හා ජාතික ක්‍රම සම්පාදනයේ අවශ්‍යතාවයන් සැලකිල්ලට ගෙන, යම් ප්‍රදේශයක මාර්ග සංවර්ධනය විධිමත් කිරීම හා පාලනය කිරීම අවස් ථාවෝචිත යයි අමාත්‍යවරයාගේ මතය වන්නේ නම්, ඒ ප්‍රදේශය (මෙහි මින් මතු '' සංවර්ධන ප්‍රදේශයක් යනුවෙන් සඳහන් කරනු ලබන) මාර්ග සංවර්ධන ප්‍රදේශ යක් විය යුතු බවට ඔහු විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් " මගින් ප්‍රකාශයට පත් කළ හැකි ය. (2) සංවර්ධන ප්‍රදේශයක් වශයෙන් ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කෙරෙන (1) වන උපවගන්තිය යටතේ වූ නියමයක් මගින් ඒ ප්‍රදේශයේ සීමා හා මායිම් සලකුණු කොට ඒ ප්‍රදේශය වෙන් කර දැක්විය යුතු ය. (3) සංවර්ධන ප්‍රදේශයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම මත, අධිකාරියේ පූර්ව ලිඛිත අනුමතය ඇතිව හැර, ආණ්ඩුවේ යම් නියෝජිතායතනයක් මගින් හෝ වෙනත් යම් තැනැත්තකු විසින් කිසිදු මාර්ග සංවර්ධන වැඩක් ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියාත්මක කරනු ලැබීමට සැලැස් වීම හෝ නොකළ යුතුය. 9. (4) (2) වන උපවගන්තියේ විධිවිධාන වලට යටත්ව, යම් සංවර්ධන ප්‍රදේශයක් ඇතුළත - (අ) අමාත්‍යවරයා විසින් කලින් කල අධිකාරිය වෙත දෙනු ලැබිය හැකි යම් විධානයන්ට යටත්ව, ඒ ප්‍රදේශ ඇතුළත අනු කලනය කළ මාර්ග ක්‍රම සම්පාදනය හා මාර්ග සංවර්ධනය කරගෙන යාම; (ආ) අමාත්‍යවරයා විසින් කලින් කල අධිකාරිය වෙත දෙනු ලැබිය හැකි යම් විධානයන්ට යටත්ව, ඒ ප්‍රදේශවල අනුකලනය කළ මාර්ග ක්‍රම සම්පාදනය හා අනුකූල වූ ඒ ප්‍රදේශවල මාර්ග සංවර්ධන වැඩ, ක්‍රියාකාරකම් හා සේවාවන් පිළිබඳ සම්බන්ධිත වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම; (ඈ) මූලධන ආයෝජන සැලසුම් ඇතුළුව මාර්ග සංවර්ධන සැලසුම් සම්පාදනය කිරීම හා ආණ්ඩුව විසින් අනුමත කරනු ලැබීම සඳහා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම; (ඈ) ආණ්ඩුව විසින් අනුමත කරනු ලබන මාර්ග සංවර්ධන ව්‍යාපෘති හා යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම භාර ගැනීම; (ඉ) ආණ්ඩුව විසින් අනුමත කරනු ලබන යම් මාර්ග සංවර්ධන ව්‍යාපෘති හෝ යෝජනා ක්‍රම කරගෙන යාමේ කාර්යය සඳහා අවශ්‍ය වන සියලු ගිවිසුම්වලට හෝ එකඟවීම්වලට, කෙළින්ම හෝ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත යම් තැනැත්තකු සමග හවුල් ව්‍යාපාරයක ස් වරූපයෙන් ඇතුළත් වීම, ඒ වා ඉටු කිරීම හා කරගෙන යාම; (ඊ) යම් අනුමත මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් හෝ යෝජනා ක්‍රමයක් නිම කිරීමට අපොහොසත් වන යම් තැනැත්තකු විසින් පැහැර හරින ඒ ව්‍යාපෘතිය හෝ යෝජනා ක්‍රමය නිම කිරීමට භාර ගැනීම; (උ) ආණ්ඩුව විසින් අනුමත කරනු ලැබූ මාර්ග සංවර්ධන සැලසුම් හා මූලධන ආයෝජන සැලසුම් ක්‍රියාත්මක කිරීම; (ඌ) ඒ ප්‍රදේශවල ප්‍රධාන මාර්ග වැඩි දියුණු කිරීමේ වැඩ සටහන් සම්පාදනය කිරීම; (එ) යම් චංචල හෝ නිශ්චල දේපළක් අත්කර ගැනීම හෝ දැරීම නැතහොත් එය විසින් අත් කර ගනු ලැබූ හෝ දැරූ යම් චංචල හෝ නිශ්චල දේපළක් බැහැර කිරීම; (ඒ) ආණ්ඩුවේ යම් නියෝජිතායතනයක ඉල්ලීම අනුව, ඒ නියෝජිතායතනය වෙනුවෙන් මාර්ග සංවර්ධන ව්‍යාපෘති හා ක්‍රම සම්පාදන යෝජනා ක්‍රම පිළියෙළ කිරීම සහ ඒ ව්‍යාපෘති හා යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම, සම්බන්ධී කරණය කිරීම හෝ ඊට සහාය වීම; (ඔ) ඒ ප්‍රදේශවල ආණ්ඩුවේ නියෝජිතායතන වල හෝ වෙනත් සහපත සඳහා මාර්ග ක්‍රම සම්පාදන තැනැත්තන්ගේ සේවා සැපයීම; (ඕ) අධිකාරිය විසින් සපයනු ලබන කවර වූ හෝ සේවාවන් සඳහා ගාස්තු අය කිරීම; (ක) මුදලින් හෝ අන්‍යාකාරයෙන් ත්‍යාග, ප්‍රදාන, පරිත්‍යාග හෝ ආධාර මුදල් භාර ගැනීම සහ අධිකාරියේ අරමුණු අතුරෙන් යම් අරමුණක් කරගෙන යෑම සඳහා ඒවා උපයෝගී කිරීම; සහ (ග) මේ පනත යටතේ එහි බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත් මක කිරීම හා ඉටු කිරීම සම්බන්ධයෙන් ප්‍රාසංගික හෝ ආනුෂංගික වන්නා වූ සියලු ක්‍රියා හෝ දේවල් කිරීම අධිකාරියෙ බලතල, කාර්ය හා කර්තව්‍ය විය යුතුය. (2) (1) වන උපවගන්තිය යටතේ එහි බලතල, කාර්ය කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම සම්බන්ධයෙන් යම් සංවර්ධන ප්‍රදේශයක් ඇතුළත මාර්ග ක්‍රම සම්පාදනය සහ මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් වූ යම් වැඩ සටහනක් හෝ සංවර්ධන වැඩක ක්‍රියාත්මක කරන විට, අවස්ථාවෝචිත පරිදි, කවර වූ හෝ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයක් විමසා එ වැඩ සටහන හෝ සංවර්ධන වැඩය ක්‍රියාත්මක කිරීම අධිකාරියේ කාර්යය වන්නේ ය. 10. (1) අධිකාරිය විසින් සිය බලතල ක්‍රියාත්මක කිරීම සහ කර්තව්‍ය හා කාර්ය ඉටු කිරීම පිළිබඳව අමාත්‍යවරයා විසින් කලින් කල අධිකාරියට සාමාන්‍ය හෝ විශේෂ විධාන දිය හැකි අතර, අධිකාරිය විසින් ඒ විධාන බලාත්මක කළ යුතු ය. (2) අධිකාරියේ දේපළ සහ කටයුතු පිළිබඳ වාර වාර්තා, ගිණුම් හා වෙනත් තොරතුරු තමා නියම කරන ආකෘතියකින් තමා වෙත සපයන ලෙස අමාත්‍යවරයා විසින් අධිකාරියට කලින් කල ලියවිල් ල කින් විධාන කළ හැකි අතර, අධිකාරිය විසින් එවැනි සෑම විධාන යක්ම ක්‍රියාත්මක කළ යුතු ය. 11. මේ පනත යටතේ වූ ස්වකීය බලතල, කාර්ය හෝ කර්තව්‍ය අතුරින් කිසිවක් අධිකාරිය විසින් අධිකාරියේ සභාපතිවරයාට හෝ යම් නිලධරයකුට ලියවිල්ලකින් පැවරිය හැකි ය. III වන කොටස අධිකාරි කාර්ය මණ්ඩලය 12. (1) අධිකාරිය විසින්, අමාත්‍යවරයාගේ ලියවිල්ලකින් වූ අධිකාරියේ අනුමතය ඇතිව අධිකාරිය සඳහා සාමාන්‍යාධිකාරිවරයකු පත් කරනු ලැබිය යුතුය. (2) අධිකාරියේ වැඩ කටයුතු මෙහෙයවීම ද අධිකාරිය සංවිධානය කිරීම සහ එහි බලතල, කර්තව්‍ය හා කාර්ය ක්‍රියාත්මක කිරීම ද අධිකාරියේ සේවා නියුක්තයන් පිළිබඳ පරිප ලනමය පාලනය ද, ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් අධිකාරියේ සාමාන්‍ය විධාන යට යටත්ව, සාමාන්‍යාධිකාරීවරයාට භාර කරනු ලැබිය යුතුය. (3) තමාගේ බලතල, කර්තව්‍ය හෝ කාර්ය අතුරින් අධිකාරියේ වෙනත් යම් සේවා නියුක්තයකුට පැවරීම අවශ්‍ය යයි සාමාන්‍යාධි කාරිවරයා කලින් කල සලකන බලතල, කර්තව්‍ය හෝ කාරිය, අධිකාරියේ ලියවිල්ලකින් වූ අනුමතය ඇතිව, සාමාන්‍යාධිකාරි වරයා විසින් ලියවිල්ලකින්, ඒ සේවා නියුක්තයාට පැවරිය හැකි අතර, එවැනි යම් බලතල, කර්තව්‍ය හෝ කාර්ය එසේ පවරනු ලැබූ යම් සේවා නියුක්තයකු විසින් සාමාන්‍යාධිකාරිවරයාගේ සාමාන්‍ය හෝ විශේෂ විධාන වලට යටත්ව ඒවා ක්‍රියාත්මක කළ යුතුය. (4; අමාත්‍යවරයාගේ පූර්ව අනුමතය නොමැතිව සාමාන්‍යාධිකාරි වරයා ධුරයෙන් ඉවත් නොකරනු ලැබිය හැකි ය. 13. (1 ) අධිකාරිය විසින්, මේ පනතේ වෙනත් විධි විධානයන්ට යටත් ව-- (අ) අධිකාරියේ කර්තව්‍යය ඉටු කිරීම සඳහා අධිකාරිය විසින් අවශ්‍ය යයි සලකනු ලබන කාර්ය මණ්ඩලයක් පත් කිරීම, විසුරුවා හැරීම සහ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් විනය පාලනය පවතවාගෙන යාම; (ආ) ඒ කාර්ය මණ්ඩලයේ චේතන හෝ වැටුප් හෝ වෙනත් පාරිශුමික නියම කිරීම; (ඈ) ඒ කාර්ය මණ්ඩලයේ සේවා නියම හා කොන්දේසි තීරණය කිරීම; සහ (ඈ ) ඒ කාර්ය මණ්ඩලයේ යහපත සඳහා අර්ථ සාධක අරමුදල් හෝ යෝජනා ක්‍රම පිහිටුවීම හා විධිමත් කිරිම සහ එවැනි යම් අරමුදලකට හෝ යෝජනා ක්‍රමයකට දායක මුදල් ගෙවීම කළ හැකිය. (2) (1) වන උපවගන්තියේ සඳහන් සියලු ම කාරණා හෝ ඉන් යම් කාරණයක් සම්බන්ධයෙන් වූ රීති අධිකාරිය විසින් සාදනු ලැබිය හැකි ය. (3) අධිකාරියේ ඉල්ලීම පිට, රජයේ සේවයේ යම් නිලධරයකු, එම නිලධරයාගේ ද එම නිලධරයා සේවා නියුක්ත කරවනු ලැබ සිටියේ යම් අමාත්‍යාංශයක් විසින් ද නැතහොත් යම් අමාත්‍යාංශ යක් යටතේ ද ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ද රාජ්‍ය පරිපාලනය පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ද කැමැත්ත ඇතිව අධිකාරිය විසින් එවැනි ම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන කාලයක් සඳහා අධිකාරියේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබිය හැකි ය. නැතහොත් එවැනිම කැමැත්ත ඇතිව ඒ කාර්ය මණ්ඩලයට ස් ස්ථිරව පත් කරනු ලැබිය හැකිය. (4) රජයේ සේවයේ යම් නිලධරයකු අධිකාරියේ කාර්ය මණ්ඩල යට තාවකාලිකව පත් කරනු ලැබූ අවස්ථාවක, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනතේ 13 වන වගන්තියේ (2) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ නිලධරයාට සහ ඒ නිලධරයා සම්බන්ධයෙන් අදාළ විය යුතු ය. (5) රජයේ සේවයේ යම් නිලධරයකු අධිකාරියේ කාර්ය මණ්ඩල යට සරිස්ථිරව පත් කරනු ලැබූ අවස්ථාවක, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනතේ 13 වන වගන් තියේ ( 3 ) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ නිලධරයාට හා ඒ නිලධරයා සම්බන්ධයෙන් අදාළ විය යුතුය. (6) නිශ්චිත කාල සීමාවක් ආණණ්ඩුවට සේවය කිරීමට එකඟ වෙමින්, ආණ්ඩුව සමග ගිවිසුමකට එළඹුණු යම් තැනැත්තකු මණ්ඩලය විසින් සේවයේ නියුක්ත කරනු ලැබූ අවස්ථාවක, ඒ තැනැත්තා මණ්ඩලයට සේවය කරන යම් සේවා කාලයක් ඒ ගිවිසුමේ බැඳීම් ඉටු කිරීම සඳහා ආණ්ඩුවට කරනු ලබන සේවයක් ලෙස සැලකිය යුතුය. (7 ) අධිකාරියේ ඉල්ලීම පිට, පළාත් පාලන සේවයේ සාමාජිකයකු හෝ යම් පළාත් පාලන ආයතනයක වෙනත් යම් නිලධරයකු හෝ ‍ේවකයකු, අවස් ථාවෝචිත පරිදි, ඒ සාමාජික යාගේ නිලධරයාගේ හෝ සේවකයාගේ සහ පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලයේ හෝ එම පළාත් පාලන ආයතනයේ හෝ කැමැත්ත ඇතිව, අධිකාරිය විසින් නිශ්චය කරනු ලබන කාල සීමාවකට අධිකාරියේ කාර්ය මණ්ඩලයට එවැනිම කැමැත ඇතිව තාවකාලිකව පත් කරනු ලැබිය හැකි ය. එසේ නැතහොත විශ්‍රාම වැටුප හිමිකම් හෝ අර්ථ සාධක අරමුදල් හිමිකම් හෝ පිළිබඳ නියම හා කොන්දේසි ද ඇතුළුව, අවස් ථාවෝචිත පරිදි, අධිකාරිය සහ පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලය හෝ එම පළාත් පාලන ආයතනය හෝ අතර ගිවිස ගනු ලබන නියම සහ කොන්දේසි මත එම සාමාජිකයා, නිලධරයා හෝ සේවකයා අධිකාරියේ කාර්ය මණ්ඩලයට ස්ථිරව ම පත් කරනු ලැබිය හැකිය. (8) (7) වන උපවගන්තියේ විධිවිධාන අනුව යම් තැනැත්තකු අධිකාරියේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබූ අවස් ථාවක, ඒ කාර්ය මණ්ඩලයේ වෙනත් යම් සාමාජිකයකු යටත් වන විනය පාලනයටම ඒ තැනැතතා යටත් වනන්නෝය. IV වන කොටස මුදල් 14. (1) අධිකාරියට අධිකාරියේ ම අරමුදලක් තිබිය යුතු ය. ( 2 ) අධිකාරියේ අරමුදලට පහත සඳහන් මුදල ගෙවිය යුතු ය :- (අ) අධිකාරියේ ප්‍රයෝජනය සඳහා කලින් කල පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබිය හැකි සියලු මුදල් ප්‍රමාණය; (ආ) ස්වකීය බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ දී, හාටු කිරීමේ දී අධිකාරියට ලැබිය හැකි සියලු මුදල ප්‍රමාණයන්; (ඈ) කවර වූ හෝ ප්‍රභවයකින් ණය, පරිත්‍යාග, ත්‍යාග හෝ ප්‍රදාන වශයෙන් අධිකාරියට ලැබිය හැකි සියලු මුදල් ප්‍රමාණයන්; (ඈ) අධිකාරියේ බැරට උපචිත වන සියලු මුදල්. (3) මේ පනත සහ වෙනත් ලිඛිත නීතියක් යටතේ අධිකාරියේ කටයුතු කළමනාකරණය කිරීම, අධිකාරියේ ව්‍යාපාර කටයුතු කර ගෙන යාම, අධිකාරියේ සාමාජිකයන් වෙත හා අධිකාරියේ සේවා නියුක්තයන් වෙත පාරිශ්‍රමිකයන් ගෙවීම, අධිකාරියේ බලතල ක්‍රියා ත්මක කිරීම සහ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීම සම්බන්ධයෙන් දරනු ලබන යම් වියදම් ගෙවීමේ කාර්යය සඳහා සහ කලින් කල අධි කාරිය විසින් බලය දෙනු ලැබිය හැකි වෙනත් කාර්ය සඳහා අධිකාරිය විසින් අධිකාරියේ අරමුදල් උපයෝගී කර ගත හැකි ය. (4) අධිකාරියේ ආරම්භක මූල ධනය රුපියල් දශ ලක්ෂයක් විය යුතුය. ආරම්භක මූල ධනයේ මුදල් ප්‍රමාණය, මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් අමාත්‍යවරයා විමසා තීරණය කරන වාරික වලින් ඒකාබද්ධ අරමුදලින් ගෙවිය යුතු අතර ඒ මුදල් (4) වන උපවගන්තිය යටතේ පිහිටුවනු ලැබූ අරමුදලට බැර කළ යුතු ය. 15. මේ පනත යටතේ අධිකාරියේ කාර්ය ඉටු කිරීමේ දී සිය වගකීම් ඉටු කිරීම සඳහා අධිකාරියට අවශ්‍ය වනු ලබන මුදල් අමාත්‍යවරයාගේ කැමැත්ත ඇතිව හෝ අමාත්‍යවරයා විසින් දෙන ලද පොදු අධිකාරයක නියමයන්ට අනුකූලව, අයිරාවක් මගින් හෝ අන්‍යාකාරයකින් හෝ අධිකාරිය විසින් තාවකාලිකව ණයට ගත හැකිය : එසේ වුවද, අධිකාරිය විසින් මේ වගන්තිය යටතේ ලබා ගන්නා ලද යම් තාවකාලික ණය මුදල් වෙනුවෙන් ඉතිරිව ඇති මුළු මුදල, කිසිම අවස් ථාවක දී මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා අමාත්‍යවරයා විසින් නිශ්චය කරන මුදල් ප්‍රමාණයක් නොඉක්මවිය යුතු ය. 16. (4) අධිකාරියේ මුදල් වර්ෂය ලිත් වර්ෂය විය යුතුය. (2) අධිකාරියේ ආදායම හා වියදම්, වත්කම් හා බැරකම් සහ වෙනත් සියලු ගනු දෙනු සම්බන්ධයෙන් නිසි ගිණුම් පොත තැබී මට අධිකාරිය විසින් සලස් වනු ලැබිය යුතු ය. (3) රාජ්‍ය සංස් ථාවල ගිණුම් විගණනය කිරීමට අදාළ වන්නා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස් ථාවේ 154 වන ව්‍යවස්ථාවේ විධිවිධාන අධිකා රියේ ගිණුම් විගණනය කිරීම සම්බන්ධයෙන් අදාළ විය යුතුය. V වන කොටස පොදු විධිවිධාන මුදල් 17. අධිකාරියේ සියලුම සාමාජිකයන්, නිලධරයන හා සේවක යන් දණ්ඩ නීති සංග්‍රහයෙහි අර්ථානුකූලව හා කාර්ය සඳහා රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුතු ය. 18. අධිකාරිය අල්ලස් පනතෙහි අර්ථානුකූලව උපලේඛනගත අධිකාරිය ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ පනතෙහි විධිවිධාන ඒ අනුව තේරුම් ගත යුතු ය 19. (4) (අ) මේ පනත යටතේ අධිකාරිය විසින් සද්භාවයෙන් කරන ලද හෝ කරන ලද්දේ යයි සැලකෙන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් අධිකාරියට විරුද්ධව; පවරනු ලබන හෝ (ආ) මේ පනත යටතේ හෝ අධිකාරියේ විධානය පිට හෝ සද් භාවයෙන් කරන ලද හෝ කරන ලද්දේ යයි සැලකෙන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් අධිකාරියේ යම් සාමාජිකයකුට, නිලධරයකුට, සේවකයකුට හෝ අනුයෝජිතයකුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් පැවරිය නොහැකි ය. (2) යම් අධිකරණයක් ඉදිරියේ අධිකාරිය විසින් හෝ අධිකාරියට විරුද් ධව පවරනු ලැබූ යම් සිවිල් හෝ අපරාධ නඩුවක් සම්බන්ධ යෙන් දරන ලද යම් වියදමක් අධිකාරියේ අරමුදලින් ගෙවිය යුතු අතර, එවැනි යම් සිවිල් හෝ අපරාධ නඩුවක් සම්බන්ධයෙන් ගෙවනු ලැබූ හෝ අයු කර ගනු ලැබූ යම් ගාස් තු අධිකාරියේ අරමුදලට බැර කළ යුතු ය. (3) මේ පනත යටතේ හෝ අධිකාරියේ විධානය පිට හෝ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ සඳහන් එවැනි යම් තැනැත්තකු විසින් කරන ලද හෝ කරන ලද්දේ යයි සැලකෙන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් යම් අධිකරණයක් ඉදිරියේ ඔහුට විරුද්ධව පවරනු ලැබූ යම් සිවිල් හෝ අපරාධ නඩුවක් සම්බන්ධයෙන් ඒ තැනැතතා විසින් දරන ලද යම් වියදමක්, එම ක්‍රියාව සද් භාවයෙන් යුක්තව කරන ලද්දේ යයි අධිකරණය විසින් තීරණය කරනු ලබන්නේ නම්, ඒ වියදම, එම සිවිල් හෝ අපරාධ නඩුව සම්බන් ධයෙන් ඔහු විසින් අයකර ගෙන ඇති නම් විනා, අධිකාරියේ අරමුදලින් ගෙවිය යුතු ය. 20. අධිකාරියට විරුද් ධව පවරනු ලැබූ යම් නඩුවක දී අධිකාරියේ සාමාජිකයකුට හෝ ඔහුගේ දේපළට හෝ විරුද්ධව රිට් ආඥාවක් නිකුත් කරනු නොලැබිය යුතු ය. 21. (1) අධිකාරියේ කටයුතු කළමනාකරණය කිරීම සහ මේ පනතින් රීති සාදනු ලැබීමට බලය දෙනු ලැබූ හෝ නියම කරනු ඇති බලය. ලැබූ සියලු කාරණා හෝ ඉන් යම් කාරණයක් සම්බන්ධයෙන් අධි කාරිය විසින් රීති සෑදිය හැකි ය. (2) මේ පනත යටතේ අධිකාරිය විසින් සාදන ලද කිසිම රීතියක්, අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලබන තෙක් බලාත්මක නොවිය යුතු ය. 22. (1) අධිකාරියේ වැඩ කටයුතු පිළිබඳ කාර්යය සඳහා යම් දේපළක් අත කර ගැනීමට අවශ්‍ය වී ඇති සහ අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් එම යෝජිත අත්කර ගැනීම අනුමත කරන අවස්ථාවක, ඒ දේපළ පොදු කාර්ය යක් සඳහා අවශ්‍ය වූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව, එය ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ අත් කර ගෙන අධිකාරිය වෙත පවරනු ලැබිය හැකි ය. (2) අධිකාරිය සඳහා ඉඩම් අත් කර ගැනීමේ පනත යටතේ යම් නිශ්චල දේපළක් අත්කර ගැනීම සඳහා ගෙවිය යුතු යම් මුදලක් අධිකාරිය විසින් ගෙවනු ලැබිය යුතු ය. 23. (4) අධිකාරියේ යම් වැඩ කටයුත්තක කාර්යය සඳහා රජයේ යම් නිශ්චල දේපළක් අවශ්‍ය වූ අවස් ථාවක, එම කාර්යය, රජයේ ඉඩම් ආඥාපනතේ 6 වන වගන්තිය යටතේ ඒ දේ පළ විශේෂයෙන් ප්‍රදානය කිරීමක් හෝ බදු දීමක් කළ හැකි කාර්යයක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව, අධිකාරිය වෙත ඒ දේපළ විශේෂයෙන් ප්‍රදානය කිරීම හෝ බදු දීම සම්බන්ධයෙන් ඒ ආඥාපනතේ විධි විධාන අදාළ විය යුතුය. ( 2 ) අධිකාරියේ කාර්යය සඳහා අමාත්‍යවරයාගේ පාලනය යටතේ වූ රජයේ යම් චංචල දේ පළක් අවශ්‍ය වූ අවස්ථාවක, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියෝගයක් මගින් ඒ චංචල දේ පළෙහි සන්තකය හා භාවිතය අධිකාරිය වෙත පවරා සතු කර දිය හැකි ය. 24. අධිකාරියේ සභාපතිවරයා විසින් හෝ ඔහු විසින් ලියවිල්ල කින් සාමාන්‍යයෙන් හෝ විශේෂයෙන් බලය දෙනු ලැබූ යම් නිල ධරයකු විසින්, යම් ඉඩමක හෝ ස්ථානයක අයිතිකරු හෝ පදිංචි කරු වෙත යටත් පිරිසෙයින් ලියවිල්ල්ලකින් වූ දින තුනක දැනුම් දීමක් කිරීමෙන් පසුව, ඒ ඉඩමට හෝ ස්ථානයට ඇතුළුවීම සහ එහි දී අධිකාරියේ යම් වැඩක් කරගෙන යාමේ හෝ අධිකාරියේ යම් බලයක් ක්‍රියාත් මක කිරීමට හෝ යම් කර්තව්‍යයක් ඉටු කිරීමට මූලික වූ හෝ ආනුෂංගික වූ යම් විමර්ශනයක් හෝ පරීක්ෂණයක් පැවැත්වීමේ කාර්යය සඳහා යුක්ති සහගතව අවශ්‍ය විය හැකි ක්‍රියාවක් කිරීම නීත්‍යනුකූල වන්නේය. 25. මේ පනතේ යම් විධිවිධානයක් හෝ ඒ යටතේ සාදන ලද හෝ දෙන ලද යම් රීතියක්, නියමයක්, විධානයක් හෝ නියම කිරීමක් කඩ කරන හෝ ඒ අනුව ක්‍රියා කිරීම පැහැර හරින සෑම තැනැත්තෙක් ම මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ ලඝු නඩු විභාගයක දී වරදකරු කරනු ලැබූ කල්හි, රුපියල් එක් දහසක් නොඉක්මවන දඩයකට හෝ අවුරුදු දෙකක් නොඉක්මවන කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතුය. 26. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස මේ පනතෙහි – ආණ්ඩුවේ නියෝජිතායතනය " යන්නෙන් ආණ්ඩුවේ දෙපාර්ත මේන්තුවක්, පළාත් පාලන ආයතනයක් හෝ රාජ්‍ය සංස්ථාවක් අදහස් වේ; '' මාර්ග වැඩි දියුණු කිරීම් " යන්නට යම් මාර්ගයක් පුළුල් කිරීම, මාර්ග මට්ටම් කිරීම, පදිකයන්ගේ ප්‍රයෝජනය පිණිස පදික වේදිකා සැපයීම, දූවිලි වලින් වන හිරිහැරය අඩු කිරීම සඳහා මාර්ගයකට ප්‍රතිකර්ම යෙදීම, මාර්ගවල ගස් රෝපණය කිරීම හා තණ කොළ තීරු ඇතිරීම සහ යම් පවත්නා මාර්ග අලුත් වැඩියා කිරීමේ නියම තත්ත්වයෙන් තැබීම සඳහා අවශ්‍ය සාමාන්‍ය අලුත්වැඩියාවන් ඉක්ම වූ මාර්ග සම්බන් ධයෙන් වූ වෙනත් යම් වැඩ කිරීම ඇතුළත් වේ; පළාත් පාලන ආයතනය '' යන්නෙන් යම් සංවර්ධන මණ්ඩල යක්, මහ නගර සභාවක්, නගර සභාවක්, සුළු නගර සභා වක් හෝ ගම් සභාවක් අදහස් වන අතර, එවැනි සභාවක් විසින් ක්‍රියාත්මක කරන, ඉටු කරන හා කරන බලතල වලට, කාර්යයන්ට හා කර්තව්‍යයන්ට අනුරූප වන හෝ සමාන බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම හා කිරීම සඳහා යම් නීතියක් මගින් හෝ ඒ යටතේ ඇති කරනු ලැබූ හෝ පිහිටුවනු ලැබූ යම් අධිකාරියක් ඊට ඇතුළත් වේ; '' රාජ්‍ය සංස් ථාව '' යන්නෙන් සමාගම් ආඥාපනත යටතේ හැර වෙනත් යම්කිසි ලිඛිත නීතියක් යටතේ පිහිටුවන ලද්දා වූ හෝ පිහිටුවනු ලබන්නා වූද ආණ්ඩුව විසින් ප්‍රදානයක් හෝ ණයක් වශයෙන් නැතහොත් වෙනත් ආකාරයකින් මුළු අරමුදල හෝ මුළු ප්‍රාග් ධනය නැතහොත් අරමුදලින් කොටසක් හෝ ප්‍රාග්ධනයෙන් කොටසක් හෝ සපයනු ලබන්නා වූ ද, සංස් ස්ථාවක්, මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් අදහස් වේ; '' මාර්ගය '' යන්නෙහි මහා මාර්ග ආඥාපනතෙහි දී ඇති අර්ථය ම ඇත්තේ ය; '' මාර්ග සංවර්ධනය '' යන්නෙන් අලුත් මාර්ග ඉදි කිරීම හෝ පවත්නා මාර්ග නඩත්තු කිරීම හෝ වැඩි දියුණු කිරීම් අදහස් වේ.
68
acts_1981-12-29_National_Institute_of_Plantation_Management_Amendment_si
act
1981
3
1
0.977623
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 76 දරන ජාතික වැවිලි කළමනාකරණ ආයතන (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1981 දෙසැම්බර් මස 29 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 ජනවාරි මස 01 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 76 දරන ජාතික වැවිලි කළමනා කරණ ආයතන (සංශෝධන) පනත 1979 අංක 45 දරන ජාතික වැවිලි කළමනා කරණ ආයතන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 76 දරන ජාතික වැවිලි කළමනා කරණ ලුහුඬු නාමය ආයතන (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු ප්‍රධාන ප්‍රඥප්තිය " යනුවෙන් සඳහන් කරනු ලබන) 1979 අංක 45 දරන ජාතික වැවිලි කළමනා කරණ ආයතන පනතේ 6 වන වගන්තියේ (1) වන උපවගන්තියෙහි (ආ) ඡේදය වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- " (ආ) පහත දැක්වෙන නිල බලයෙන් සාමාජිකයන් වන්නා වූ එනම් (i) ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති; (ii) රබර් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ; (iii) පොල් පර්යේෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ; (iv) කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ; (v) තේ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ; (vi) ආයතනයේ අධ්‍යක්ෂ; සහ (vii) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නම් කරන ලද යම් විශ්ව විද්‍යාලයක නියෝජිතයෙක්; " 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ කරනු ලැබේ :- 12. ආයතනයේ සාමාජිකයන්ට රැස්වීම්වලට සහභාගිවීම් සඳහා අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව ආයතනය විසින් නිශ්චය කරනු ලබන පරිශ්‍රමික යන් ගෙවනු ලැබිය යුතුය. ආයතනයේ රැස්වීම්වලට සහභාගිවීමේ කාර්යය සඳහා හෝ ආයතනය විසින් අනුමත කරනු ලබන ආයතනයේ කටයුතුවලට සම්බන්ධ වෙනත් කාර්ය සඳහා හෝ ආයතනයේ සාමාජිකයන් විසින් දරන ලද ගමන් වියදම්, හෝටල් ගාස්තු සහ අනියම් වියදම් ආයතනය විසින් ප්‍රතිපූරණය කරනු ලැබිය යුතු ය. ".
69
acts_1981-12-29_Sugarcane_Research_Institute_si
act
1981
10
1
0.981923
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 75 දරන උක් පර්යේෂණ ආයතනය පනත (සහතිකය සටහන් කළේ 1981 දෙසැම්බර් මස 29 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 ජනවාරි මස 01 වැනි ගැසට් පත්‍රයේ II වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙ කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදි. 1981 අංක 75 දරන උක් පර්යේ ආයතනය පනත උක් පර්යේෂණ ආයතනය පිහිටු වීම, සඳහා විධිවිධාන සැලැස්වීම. පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස් වීම පිණිස ද වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 75 දරන උක් පර්යේෂණ ආයතනය පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (4) උක් වැවීම හා වගා කිරීම සම්බන්ධයෙන් සහ එයින් යම් නිෂ්පාදනයක් සෑදීම සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත් වීමේ කාර්යය සඳහා උක් පර්යේෂණ ආයතනය යනුවෙන් හැඳින් වෙන (මෙහි මින් මතු " ආයතනය " යනුවෙන් සඳහන් කරනු ලබන) ආයතනයක් පනතේ විධිවිධාන වලට අනුකූලව පිහිටුවනු ලැබිය යුතුය. (2) ආයතනය, (1) වන උපවගන්තියෙන් දී ඇති නාමයෙන් අවිච්ඡින්න පැවැත්මක් හා පොදු මුද්‍රාවක් ඇති සංස්ථාවක් විය යුතු ය. තව ද, ඒ සංස් ථාගත නාමයෙන් එය විසින් නඩු පැවරීම් ද එයට විරුද්ධව නඩු පවරනු ලැබීම ද කළ හැකි විය යුතු ය. (3) පාලක මණ්ඩලයේ සාමාජිකයන් ආයතනයේ සාමාජිකයන් විය යුතුය. 3. ආයතනයේ පරමාර්ථ සහ කාර්ය ක්‍රියාත්මක කිරීමෙහි ලා යුක්ති සහගත ලෙස අවශ්‍ය විය හැකි යම් බලතල, අයිතිවාසිකම් සහ කර්තව්‍ය ආයතනය සතු විය යුතු අතර, විශේෂයෙන් - (අ) යම් චංචල හෝ නිශ්චල දේ පළක් කවර වූ හෝ ආකාරයකින් අත්කර ගැනීම, දැරීම, බද්දට හෝ කුලියට ගැනීම හෝ දීම, උකස් කිරීම, ඔඩපනය කිරීම, විකිණීම හෝ අන්‍යාකාර යකින් බැහැර කිරීම; (ආ) උක් පරියේෂණයට අදාළ ක් ක්ෂේත්‍ර අභ්‍යාස මධ්‍යස් සහ නියමු ව්‍යාපෘති අත්කර ගැනීම, පිහිටුවීම, ස්ථාපනය කිරීම සහ මෙහෙයවීම; (ඇ) ආයතනයේ කාර්යය සඳහා අවශ්‍ය පිරියත, යන්ත්‍ර සහ උපකරණ ආනයනය කිරීම සහ ආයතනය කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම සඳහා උපකරණ, අරමුදල් සහ වෙන යම් ආධාර ලබා ගැනීම; (ඈ) ආයතනය විසින් සලසන ලද යම් සේ වාවන් සඳහා ගාස්තු හෝ අයකිරීම් ලබා ගැනීම; (ඉ) එහි නිලධරයන් සහ සේවකයින් පත් කිරීම, සේවයෙහි නියුක්ත කරවීම්, ඔවුන්ට පරිශ්‍රමික ගෙවීම සහ ඔවුන්ගේ විනය පාලනය කිරීම; (ඊ) අර්ථසාධක අරමුදල් පිහිටුවා පවත්වාගෙන සේ වානියුක්තයන්ට ශුභ සාධන සහ විනෝදාංශ පහසුක සැලැස්වීම, (උ) ආයතනයේ කටයුතු පරිපාලනය කිරීම සම්බන්ධයෙන් රීති සෑදීම; (ඌ) ආයතනයේ කටයුතු කාර්යක් ෂම ලෙස කිරීම සඳහා අවශ්‍ය යයි අධ්‍යක්ෂ මණ්ඩලය සලකන යම් කර්තව්‍ය යම් සාමාජිකයකුට, ආයතනයේ අධ්‍යක්ෂට හෝ ය සේවා නියුක් තයකුට පැවරීම; සහ (එ) මණ්ඩලයේ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට පාලක මණ් ඩලයේ මතය අනුව අවශ්‍ය වන හෝ උපයෝගී වන හෝ ආනුෂංගික වන වෙනත් සියලු දේ කළ හැකිය. 4. ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීමෙහි හා වකීය පරමාර්ථ ඉටුකරලීමෙහි ලා ආයතනය විසින්, කෘෂිකාර්මික සංවර්ධනයට හා පර්යේෂණයට අදාළ ආණ්ඩුවේ පොදු ප්‍රතිපත්තියට අනුකූලව සහ ඒ ප්‍රතිපත්තියට අදාළව අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද යම් සාමාන්‍ය හෝ විශේෂ විධානයකට අනුකූලව ක්‍රියා කරනු ලැබිය යුතු ය. 5. (1) ආයතනයේ කටයුතු කළමනාකරණය හා පරිපාලනය කිරීම, (මෙහි මින් මතු මණ්ඩලය " යනුවෙන් සඳහන් කරනු ලබන) පාලක මණ්ඩලය වෙත සතු කරනු ලැබිය යුතුය. (2) මණ්ඩලය පහත දැක්වෙන සාමාජිකයන්ගෙන් සමන්විත විය යුතු ය:— (අ) ප්‍රත්‍යක්ෂ දක්ෂතාවන් ගෙන් යුත් උසස් විද්‍යාඥයන් අතු රෙන් අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය යුතු (මෙහි මින් මතු " පත් කළ සාමාජිකයන් " යනුවෙන් සඳහන් කරනු ලබන) සාමාජිකයන් තිදෙනෙක්; (ආ) (i) ඒ අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන අමාත්‍යවර යාගේ අමාත්‍යාංශයේ නියෝජිතයෙක්; සහ (ii) මුදල් හා ක්‍රම සම්පාදනය පිළිබඳ විෂයය භාර අමාත්‍ය වරයා විසින් නම් කරනු ලබන, ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ නියෝජිතයෙක් වන ( '' නම් කරනු ලැබූ සාමාජිකයන් " යනුවෙන් සඳහන් කරනු ලබන) සාමාජිකයන් දෙදෙනෙක්; සහ (ඈ) (i) ශ්‍රී ලංකා සීනි සංයුක්ත මණ්ඩලයේ සභාපති; සහ (ii) ආයතනයේ අධ්‍යක්ෂ, වශයෙන් තත් කාලයේ ධූරය දරන තැනැත්තන් විය යුතු ('' නිල බලයෙන් පත් වූ සාමාජිකයන් " යනුවෙන් සඳහන් කරනු ලබන) වෙනත් සාමාජිකයන් දෙදෙනෙක්. 6. (1) මරණය, ඉල්ලා අස්වීම හෝ ඉවත් කිරීම නිසා කලින් ධුරය අත් හරින්න්නේ නම් මිස මණ්ඩලයේ සෑම පත් කළ සාමාජික යකුම අවුරුදු තුනක කාලයක් ධුරය දැරිය යුතු ය. (2) මණ්ඩලයේ යම්පත් කළ සාමාජිකයකු ධුරයෙන් ඉවත් කිරීම සුදුසු යයි අමාත්‍යවරයා විසින් සලකනු ලබන්නේ නම්, කිසිදු හේතුවක් නොදක්වා ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් ඔහු විසින් එසේ කරනු ලැබිය හැකි ය. (3) මණ්ඩලයේ යම් පත් කළ සාමාජිකයකුට ස්වකීය ධුරයෙන් ඉල්ලා අස් වීම, ඒ බවට අමාත්‍යවරයා වෙත අමතන ලද ලිපියක් මගින් කවර අවස් ථාවක දී වුව ද කරනු ලැබිය හැකිය. (4) මණ්ඩලයේ පත් කළ සාමාජිකයකු මිය ගියහොත් හෝ ධුර යෙන් ඉල්ලා අස් වුවහොත් හෝ ධුරයෙන් ඉවත් කරනු ලැබුව හොත්, 5 වන වගන්තියේ (2) (අ) උපවගන්තියේ විධිවිධාන කෙරෙහි සැලකිලිමත්ව, එසේ මිය ගිය, ඉල්ලා අස් වූ හෝ ධුරයෙන් ඉවත් කරනු ලැබූ සාමාජිකයා වෙනුවට, අමාත්‍යවරයා විසින්, වෙන යම් තැනැත්තකු පත් කරනු ලැබිය හැකිය. (5) (4) වන උපවගන්තිය යටතේ පත් කරනු ලබන සාමාජික යකු ස්වකීය පූර්ව ගාමියාගේ ධුර කාලයෙන් නොගෙවී ඉතිරිව ඇති කොටස තුළ ධුරය දැරිය යුතු ය. (6) රෝගාතුර වීම නිසා හෝ අබලතාව නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ, මණ්ඩලයේ පත් කළ සාමාජිකයකුට මාස තුනකට නොඅඩු කාලයක් ස්වකීය ධුරයේ කාර්ය ඉටු කිරීමට තාව කාලිකව නොහැකි වන අවස්ථාවක ඒ පිළිබඳව අමාත්‍යවරයා වෙත ලියවිල්ලකින් දැනුම්දීම ඒ සාමාජිකයාගේ කාර්යය විය යුතු ය. අමාත්‍යවරයා විසින්, 5 වන වගන්තියේ (2) (අ) උපවගන්තියේ විධිවිධාන කෙරෙහි සැලකිලිමත්ව, ඒ සාමාජිකයා වෙනුවෙන් වැඩ බැලීම සඳහා වෙනත් තැනැත්තකු පත් කරනු ලැබිය හැකි ය. ( 7 ) ඉවත් කිරීමක් නොවන ආකාරයකින් ධුරය අත් හරින මණ් ඩලයේ යම් පත් කළ සාමාජිකයකු, නැවත පත් කිරීම සඳහා සුදුස් සකු විය යුතු ය. 7. මණ්ඩලයේ සභාපතිවරයා මණ්ඩලයේ පත් කළ සාමාජිකයින් අතුරෙන් පත් කරනු ලැබිය යුතුය. 8. මණ්ඩලයේ යම් පුරප්පාඩුවක් තිබීමේ හෝ මණ්ඩලයේ සාමා ජිකයකු පත් කිරීමේ දී යම් දෝෂයක් තිබීමේ හේතුව නිසා ම පම ණක් මණ්ඩලයේ කිසිම ක්‍රියාවක් හෝ කෘත්‍යයක් බල රහිත නො විය යුතු ය. 9. (1) මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි යම් පාරිශ්‍රමිකයක් මණ්ඩලයේ සාමාජිකයින්ට ගෙවනු ලැබිය හැකිය. (2 ) මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලබන යම් පාරිශ්‍රමිකයක් හා දීමනා ආයතනයේ අධ්‍යක්ෂ ධුරය දරන තැනැත්තාට ගෙවනු ලැබිය හැකිය. 10. (1) යටත් පිරිසෙයින් එක් එක් මාසයකට වාරයක් බැගින් මණ්ඩලයේ රැස්වීමක් පැවැත්විය යුතුය. (2) සභාපතිවරයා හෝ ඔහු නොපැමිණි විටක දී පැමිණ සිටින සාමාජිකයින් විසින් තෝරා පත් කරගනු ලබන සාමාජිකයකු මණ්ඩලයේ රැස්වීම් වල මුලසුන දැරිය යුතු ය. (3) මණ්ඩලයේ යම් රැස්වීමක දී තීරණය කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන සියලු ප්‍රශ්න, පැමිණ සිටින සාමාජිකයින්ගේ බහුතර ඡන්දයෙන් තීරණය කරනු ලැබිය යුතු ය. ඡන්ද සම වූ අවස් ථාවක මුලසුන දරන සාමාජිකයාට තීරක ඡන්දයක් තිබිය යුතුය. (4) මණ්ඩලයේ යම් රැස්වීමක ගණ පූරණය සාමාජිකයින් තිදෙ නකු විය යුතු අතර, මේ වගන්තියේ විධිවිධාන වලට යටත්ව මණ්ඩ ලය විසින් ස්වකීය කාර්ය පරිපාටිය විධිමත් කරනු ලැබිය හැකි ය. 11. (1) මණ්ඩලය විසින්, ස්වකීය බලතල හා කාර්ය අතුරෙන් කිසිවක් සභාපතිවරයාට හෝ වෙන යම් සාමාජිකයකුට හෝ ආයතන යේ අධ්‍යක්ෂවරයාට හෝ ආයතනයේ යම් සේවා නියුක්තයකුට පවරනු ලැබිය හැකි ය. (2) (1) වන උපවගන්තිය යට තේ මණ්ඩලයේ බලතල හා කාර්ය කිසිවක් පවරා දෙනු ලැබූ සභාපතිවරයා, වෙනත් සාමාජිකයා, අධ්‍යක් ක්ෂවරයා හෝ සේවානියුක්තයා විසින්, එසේ පවරන ලද බල තල හෝ කාර්ය ක්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම මණ්ඩලයේ සාමාන්‍ය හෝ විශේෂ විධාන වලට යටත්ව කළ යුතුය. 12. (1) ආයතනයේ ප්‍රධාන විධායක නිලධරයා විය යුතු ආයතන යේ අධ්‍යක් ෂවරයකු අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය යුතු ය. (2) ආයතනයේ කාර්ය සඳහා අවශ්‍ය විය හැකි වෙනත් යම් නිල ධරයන් හා සේවකයන් මණ්ඩලය විසින් ආයතනයේ කාර්ය මණ්ඩලයට පත් කරනු ලැබිය හැකිය. 13. ( 4 ) මේ පනතේ වෙනත් විධිවිධාන වලට යටත්ව, මණ්ඩලය විසින් (අ) ආයතනයේ කාර්ය මණ්ඩලය පත් කිරීම, සේවයෙන් පහ කිරීම සහ ඔවුන්ගේ විනය පාලනය කරනු ලැබිය හැකි ය; (ආ) කාර්ය මණ්ඩලයේ වේතන හෝ වැටුප් හෝ වෙනත් පාරිශ්‍රමික නියම කරනු ලැබිය හැකි ය; (ඇ) ඒ කාර්ය මණ්ඩලයේ සේවා නියම හා කොන්දේසි නිශ්චය කරනු ලැබිය හැකි ය; තව ද (ඈ) ඒ කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය සඳහා අර්ථසාධක අරමුදල් හා යෝජනා ක්‍රම පිහිටුවීම සහ විධිමත් කිරීම ද එවැනි යම් අරමුදලකට හෝ යෝජනා ක්‍රමයකට දායක මුදල් ගෙවීම ද කරනු ලැබිය හැකි ය. (2) (1) වන උපවගන්තියේ සඳහන් සියලු කරුණු හෝ ඉන් යම් කරුණක් සම්බන්ධයෙන් මේ පනත යටතේ රීති සාදනු ලැබිය හැකිය. 14. (1) රජයේ සේවයේ යම් නිලධරයකු, මණ්ඩලයේ ඉල්ලීම පිට, ඒ නිලධරයාගේ සහ රාජ්‍ය පරිපාලන විෂයය භාර අමාත්‍ය වරයා ගේ අමාත්‍යාංශයේ ලේකම්ගේ කැමැත්ත ඇතිව, මණ්ඩලය විසින් එවැනි ම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන කාලයක් සඳහා ආයතනයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබිය හැකි ය; නැතහොත්, රජයේ සේවයෙහි නියුක්ත යම් නිලධරයකු මණ්ඩලයේ ඉල්ලීම පිට ඒ නිලධරයාගේ හා එහි ලේකම්වරයාගේ කැමැත්ත ඇතිව මණ්ඩලයට ස්ථිරව පත් කරනු ලැබිය හැකි ය. (2) ආයතනයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරන ලද රජයේ සේවයේ යම් නිලධරයකුට සහ යම් නිලධරයකු සම්බන්ධ යෙන් ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනතේ 13 වන වගන්තියේ (2) වන උපවගන්තියේ විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අදාළ විය යුතු අතර, ඒ කාර්ය මණ්ඩල යට ස්ථිරව පත් කරන ලද රජයේ සේවයේ යම් නිලධරයකුට හෝ යම් නිලධරයකු සම්බන්ධයෙන් ඉහත කී 13 වන වගන්තියේ (3) වන උපවගන්තියේ විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අදාළ විය යුතු ය. (3) නියමිත කාලයක් සඳහා ආණ්ඩුවට සේවය කිරීමට ආණ්ඩුව සමග ගිවිසුමකට එළඹ සිටින යම් තැනැත්තකු මණ්ඩලය විසින් සේවයෙහි යොදවනු ලබන අවස්ථාවක, ඒ තැනැත්තා විසින් ආයතනයට සේවය කරනු ලබන යම් කාලයක් ඒ ගිවිසුමේ බැඳීම් ඉටු කිරීමේ කාර්යය සඳහා ආණ්ඩුවට කරන ලද සේවයක් ලෙස සලකනු ලැබිය යුතුය. (4) මණ්ඩලයේ ඉල්ලීම පිට, පළාත් පාලන සේවයේ යම් සාමා ජිකයකු හෝ යම් පළාත් පාලන ආයතනයක වෙනත් යම් නිලධර යකු හෝ සේවකයකු අවස් ථාවෝචිත පරිදි ඒ සාමාජිකයාගේ, නිලධරයාගේ හෝ සේවකයාගේ සහ අවස් ථාවෝචිත පරිදි, පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලයේ හෝ ඒ පළාත් පාලන ආයතන යේ කැමැත්ත ඇතිව, මණ්ඩලය විසින් එබඳුම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලැබිය හැකි කාලයක් සඳහා ආයතනයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබිය හැකි ය; නැතහොත් විශ්‍රාම වැටුප් හෝ අර්ථසාධක අරමුදල් අයිතිවාසිකම් පිළිබඳ කොන් දේසි ද ඇතුළුව මණ්ඩලය හා පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලය හෝ පළාත් පාලන ආයතනය එකඟවන නියම හෝ කොන්දේසි පිට, අවස් ථාවෝචිත පරිදි ඒ සාමාජිකයාගේ, නිලධර යාගේ හෝ සේවකයාගේ සහ පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලයේ හෝ පළාත් පාලන ආයතනයේ කැමැත්ත ඇතිව, ඒ කාර්ය මණ්ඩලයට එවැනිම කැමැත්ත ඇතිව ස්ථිරව පත් කරනු ලැබිය හැකි ය. (5) (4) වන උපවගන්තියට අනුව ආයතනයේ කාර්ය මණ්ඩල යට යම් තැනැත්තකු තාවකාලිකව පත් කරනු ලැබූ අවස් ථාවක, ඒ තැනැත්තා, ඒ කාර්ය මණ්ඩලයේ වෙන යම් සාමාජිකයකු යටත් වන විනය පාලනයට ම යටත් විය යුතුය. 15. ආයතනයේ සියලු සාමාජිකයින්, නිලධරයන් සහ සේවකයන් දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ එහි කාර්යයන් සඳහා රජයේ සේ වකයන් ලෙස සලකනු ලැබිය යුතු ය. 16. අල්ලස් පනතේ අර්ථානුකූලව ආයතනය උපලේඛනගත ආයතනයක් වශයෙන් සලකනු ලැබිය යුතු අතර, ඒ පනතේ විධි විධාන එපරිද්දෙන් තේරුම් ගත යුතුය. 17. (1) ආයතනයට, එයටම අයත් අරමුදලක් තිබිය යුතු ය. ආයතනයේ අරමුදලට (අ) ආයතනයේ ප්‍රයෝජනය සඳහා පාර්ලිමේන්තුව විසින් කලින් කල වෙන් කරනු ලැබිය හැකි සියලුම මුදල් ප්‍රමාණයන් ; (ආ) ආයතනයේ බලතල, කර්තව්‍ය සහ කාර්ය ක්‍රියාත්මක කිරී මෙහි හා ඉටු කිරීමෙහිලා ආයතනය විසින් ලැබිය හැකි සියලුම මුදල් ප්‍රමාණයන්; සහ (ඇ) ශ්‍රී ලංකාව ඇතුළත හෝ ශ්‍රී ලංකාවෙන් පිටත කිනම් මාර්ගය කින් හෝ ණය, පරිත්‍යාග, ත්‍යාග හෝ ප්‍රදාන වශයෙන් ආයතනයට ලැබිය හැකි සියලු ම මුදල් ප්‍රමාණයන් බැර කළ යුතුය. (2) ආයතනයේ බලතල, කර්තව්‍ය හා කාර්ය ක්‍රියාත්මක කිරීමෙහි හා ඉටු කිරීමෙහි ලා ආයතනය විසින් දරන ලද වියදම් ගෙවීම සඳහා අවශ්‍ය වන්නා වූ සියලු ම මුදල් ප්‍රමාණයන් ආයතනයේ අරමුදලින් ගෙවනු ලැබිය යුතුය. (3) මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලබන යම් නියම හා කොන්දේසි මත පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත යක් මගින් ඒකාබද්ධ අරමුදලෙන් ආයතනයට ප්‍රදානය කරනු ලැබිය හැකි යම් මුදලක් ආයතනයේ ආරම්භක ප්‍රාග්ධනය විය යුතුය. (4) යම් විසර්ජන පනතකින් හෝ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් බලය දෙනු ලැබිය හැකි යම් මුදල් ප්‍රමාණයකින් ආයතනයේ ප්‍රාග්ධනය කලින් කල වැඩි කරනු ලැබිය හැකි අතර ඒ මුදල් ප්‍රමාණය, මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි යම් නියම හා කොන්දේසි මත ප්‍රදානයක් හෝ ණයක් වශයෙන් ආණ්ඩුව විසින් ආයතනය වෙත ගෙවනු ලැබිය යුතු ය; නැතහොත් ලබා දිය යුතුය. 18. (4) ගැසට් පත්‍රයේ පළකරනු ලබන නියමයක් මගින්, නිෂ්පාදිත සීනි වෙනුවෙන් සහ නියමයෙහි සඳහන් වෙනත් යම් උක්වල අතුරු නිෂ්පාදන වෙනුවෙන් මුදල් විෂයය භාර අමාත්‍ය වරයාගේ එකඟත්වය ඇතිව, අමාත්‍යවරයා විසින් කලින් කල නිශ්චය කරනු ලැබිය හැකි යම් ප්‍රමාණ අනුව වූ සෙස් බද්දක් අය කිරීම,පැනවීම සහ ගෙවීම කරනු ලැබිය යුතු ය. (2) මේ වගන්තිය යටතේ පනවන ලද සෙස් බදු මුදල සමාන නියමයක් මගින් වෙනස් කරනු ලැබිය හැකි ය; නැතහොත් පරිච්ඡින්න කරනු ලැබිය හැකි ය. (3 ) මේ වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් කරනු ලබන සෑම නියමයක්ම, එය ගැසට් පත්‍රයේ පළකරන ලද දිනයෙහි හෝ එහි සඳහන් යම් පසු දිනයක වලංගු විය යුතු අතර, එය පළකිරීමේ දින සිට මාස හතරක් ඇතුළත අනුමතය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එසේ අනුමත නොකරන ලද එවැනි යම් නියමයක් එහි අනනුමතයේ දින සිට, එහෙත, ඒ යටතේ කලින් කරන ලද කිසිවක වලංගු භාවයට හානියක් නොමැතිව ප්‍රත්‍යාදිෂ්ට කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු ය. 19. (1) මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි යම් ආකෘතියකින් හා ආකාරයකින් ආයතනය විසින් එහි ගිණුම් තැබිය යුතුය. (2) ආයතනයේ ගිණුම් පොත් ආයතන කාර්යාලයේ තැබිය යුතුය. (3) රාජ්‍ය සංස්ථාවල ගිණුම් විගණනය කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස් ථාවේ 154 වන ව්‍යවස් ස්ථාවේ විධිවිධාන, ආයතනයේ ගිණුම් විගණනය කිරීම සම්බන්ධයෙන් අදාළ විය යුතුය. 20. (1) ආයතනයේ යම් කාර්යයක් සඳහා යම් නිශ්චල දේපළක් අත් කර ගැනීමට අවශ්‍ය වන්නා වූ සහ යෝජිත අත් කර ගැනීම ගැසට් පත්‍රයේ පළකරනු ලැබූ නියමයකින් අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ අවස් ථාවක, ඒ දේපළ පොදු කාර්යයක් සඳහා අවශ්‍ය ලෙස සලකනු ලැබිය යුතු අතර, එය ඉඩම් අත් කර ගැනීමේ පනත යටතේ එපරිද්දෙන් අත් කර, ආයතනය වෙන පවරනු ලැබිය යුතු ය. (2) ආයතනය වෙනුවෙන්, ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ යම් නිශ්චල දේපළක් අත්කර ගැනීම සඳහා ගෙවිය යුතු යම් මුදලක් ආයතනය විසින් ගෙවනු ලැබිය යුතුය. 21. (1) ආයතනයේ යම් කාර්යයක් සඳහා රජයේ යම් නිශ්චල දේපළක් අවශ්‍ය වූ අවස්ථාවක, ඒ කාර්යය, රජයේ ඉඩම් ආඥාපනතේ 6 වන වගන්තිය යටතේ ඒ දේ පළ පිළිබඳ වූ යම් විශේෂ ප්‍රදාන යක් හෝ බද්දක් දෙනු ලබන කාර්යයක් වශයෙන් සලකනු ලැබිය යුතු අතර, එපරිද්දෙන් ඒ ආඥාපනතේ විධිවිධාන, ආයතනය වෙත දෙනු ලබන ඒ දේපළ පිළිබඳ වූ විශේෂ ප්‍රදානයක් හෝ බද්දක් සම්බන්ධයෙන් අදාළ විය යුතු ය : එසේ වුව දරජයේ යම් නිශ්චල දේ පළකට බලපාන කිසිම නියම යක් ඒ දේපළ පිළිබඳ පාලනය ඇත්තා වූ අමාත්‍යවරයාගේ එකගත් වය නොමැතිව මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධාන යටතේ අමාත්‍ය වරයා විසින් කරනු නොලැබිය යුතුය. (2) ආයතනයේ කාර්යය සඳහා රජයේ යම් චංචල දේපළක් අවශ්‍ය වූ අවස්ථාවක, ඒ චංචල දේපළෙහි සන්තකය හා පාවිච්චිය ආයතනයට පැවරීම හා ආයතනය වෙත සතු කිරීම, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් අමාත්‍යවරයා විසින් කරනු ලැබිය හැකිය. 22. ආයතනයේ පාවිච්චිය සඳහා අවශ්‍ය යයි සලකනු ලැබිය හැකි යම් ඉඩම්, ගොඩනැඟිලි සහ වෙනත් පහසුකම් ආණ්ඩුව විසින් සපයනු ලැබිය යුතුය. 23. (1) (අ) මේ පනත යටතේ මණ්ඩලය විසින් සද් භාව යෙන් කරන ලද හෝ කරන ලදැයි සැලකෙන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් මණ්ඩලයට විරුද්ධව; හෝ (ආ) මේ පනත යටතේ හෝ මණ්ඩලයේ විධානය මත නිලධරයකු, සේවකයකු හෝ අනුයෝජිතයකු විසින් සද් භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි සැලකෙන ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද් ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් පවරනු නොලැබිය යුතු ය. (2) මේ පනත යටතේ හෝ මණ්ඩලයේ විධානය මත (1) වන උපවගන්තියේ සඳහන් යම් තැනැත්තකු විසින් කරන ලද යම් ක්‍රියාවක් සම්බන් ධයෙන් යම් අධිකරණයක් ඉදිරියේ දී ඔහුට විරුදි ධව ගෙනෙන ලද යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී ඒ තැනැත්තා විසින් දරන් ලද යම් වියදමක්, ක්‍රියාව සද්භාවයෙන් කරන ලද්දක් යයි අධිකරණය පිළිගතහොත්, ආයතනයේ අරමුදල් වලින් ගෙවනු ලැබිය යුතුය. 24. ආයතනයට විරුද්ධව ඉදිරිපත් කරන ලද යම් නඩුවක දී පුද්ගලයකු වශයෙන් මණ්ඩලයේ සාමාජිකයකුට හෝ ඔහුගේ දේපළවලට විරුද්ධව කිසිම රිට් ආඥාවක් නිකුත් කරනු නොලැබිය යුතුය. 25. (1) රීති සෑදිය යුතු යයි මේ පනතින් බලය දී ඇති හෝ නිය මිත කරුණු සියල්ල්ලම හෝ යම් කරුණක් සම්බන්ධයෙන් ආයතනය විසින් රීති සාදනු ලැබිය හැකිය. (2) ආයතනය විසින් සාදන ලද කිසිම රීතියක්, අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලබන තුරු, බලාත්මක නොවිය යුතුය.
70
acts_1981-12-31_National_Resources_Energy_and_Science_Authority_of_Sri_Lanka_si
act
1981
18
2
0.994438
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1981 අංක 78 දරන ස්වභාවික සම්පත්, බලශක්ති සහ විද්‍යා අධිකාරිය පනත [සහතිකය සටහන් කළේ 1981 දෙසැම්බර් මස 31 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 ජනවාරි මස 01 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයෙ ගැසට් පත්‍රයේ II වැනි කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1981 අංක 78 දරන ශ්‍රී ලංකා ස්වභාවික සම්පත්, බලශක්ති සහ විද්‍යා අධිකාරිය පනත ශ්‍රී ලංකා ස් වභාවික සම්පත්, බලශක්ති සහ විද්‍යා අධිකාරිය පිහිටු වීම සඳහා විධිවිධාන සැලැස් වීම පිණිස ද, ඒ අධිකාරියේ බලතල, කාර්ය හා කර්තව්‍ය නිශ්චය කිරීම පිණිස ද, ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 36 දරන ශ්‍රී ලංකා ජාතික විද්‍යා සභා පනත ඉවත් කිරීම පිණිස ද ඉහත කී කාරණා වලට සම්බන්ධ හෝ ඒවාට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1981 අංක 78 දරන ශ්‍රී ලංකා ස්වභාවික සම්පත්, බලශක්ති සහ විද්‍යා අධිකාරිය පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් අමාත්‍ය වරයා විසින් නියම කරනු ලබන (මේ පනතෙහි '' නියමිත දිනය '' යනුවෙන් සඳහන් කරනු ලබන) යම් දිනයක එය ක්‍රියාත්මක විය යුතුය. 1 වන කොටස ශ්‍රී ලංකා ස්වභාවික සම්පත්, බලශක්ති සහ විද්‍යා අධිකාරිය පිහිටු වීම 2. මෙහි මින් මතු " අධිකාරිය '' යනුවෙන් සඳහන් කරනු ලබන ශ්‍රී ලංකා ස් වභාවික සම්පත්, බලශක්ති සහ විද්‍යා අධිකාරියක් පිහිටුවනු ලැබිය යුතු අතර 4 වන වගන්තියේ (1) වන උප වගන් තිය යටතේ අධිකාරියේ තත් කාලයේ සාමාජිකයන් වන තැනැත් තන්ගෙන් ඒ අධිකාරිය සමන්විත විය යුතු ය. 3. අධිකාරිය, 2 වන වගන්තියෙන් ඊට පවරන ලද නාමයෙන් සංස්ථාවක් විය යුතු අතර එයට අවිච්ඡින්න පැවැත්මක් හා පොදු විය යුතු බව. මුද්‍රාවක් තිබිය යුතු ය. තව ද ඒ නාමයෙන් අධීකාරිය විසින් නඩු පැවරීම ද අධිකාරියට විරුද්ධව නඩු පවරනු ලැබීම ද කළ හැකි ය. 4.(1) ස්වභාවික සම්පත්, බලශක්ති හා බලය, විද්‍යාව සහ තාක්ෂණ විද්‍යාව හා සම්බන්ධ කාරණාවල දී පළපුරුද්දක් ලබා ඇති බවට හෝ හැකියාවක් දක්වා ඇති බවට අමාත්‍යවරයාට පෙනී යන තැනැත්තන් අතුරින් අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් එකොළොස් දෙනකුට නොවැඩි වූ සංඛ්‍යාවකින් අධිකාරිය සමන් විත විය යුතු ය. (2) අමාත්‍යවරයා විසින් අධිකාරියේ සාමාජිකයන් අතුරින් එක් සාමාජිකයකු අධිකාරියේ අධ්‍යක්ෂජනරාල් වරයා වශයෙන් පත් කරනු ලැබිය යුතුය. (3) මිය යාමෙන්, ඉල්ලා අස් වීමෙන් හෝ ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් අධිකාරියේ යම් සාමාජිකයකු ස්වකීය ධුරය කලින් හිස් කරතහොත් මිස, ස්වකීය ප වීමේ දින සිට අවුරුදු තුනක කාලයක් ඒ සෑම සාමාජිකයකු ම ධුරය දැරිය යුතු අතර, තමා ධුරයෙන් ඉවත් කරනු ලැබ ඇත්නම් මිස ඒ සෑම සාමාජිකයකු‍ නැවත පත් කරනු ලැබීමට සුදුස් සකු විය යුතුය. ( 4 ) අධිකාරියේ යම් සාමාජිකයෙකු ධුරයෙන් ඉවත් කිරීම අවස්ථා වෝචිත යයි අමාත්‍යවරයා සලකන්නේ නම්, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් ඒ සඳහා කිසිදු හේතුවක් නොදක්වා, අමාත්‍යවරයා විසින් ඒ සාමාජිකයා ධුරයෙන් ඉවත් කළ හැකිය. (5) අමාත්‍යවරයා විසින් (4) වන උපවගන්තිය යටතේ නියම යක් කරන ලද්දේ අධිකාරියේ යම් සාමාජිකයෙකු සම්බන් ධයෙන් ද ඒ සාමාජිකයා විසින් ඒ නියමය ගැසට් පත්‍රයෙහි පළ කරන ලද දිනයෙහි ස්වකීය ධුරය අත් හැරිය යුතු ය.\ ( 6 ) අධිකාරියේ යම් සාමාජිකයකු (4) වන උපවගන්තිය යටතේ ධුරයෙන් ඉවත් කිරීම, කිසිදු අධිකරණයක දී ප්‍රශ්න කරනු නොලැබිය යුතු ය. (7) අමාත්‍යවරයා අමතා යවනු ලබන ලිපියක් මගින් අධිකාරියේ යම් සාමාජිකයකුට කවර හෝ වේලාවක ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්විය හැකි අතර ඒ ඉල්ලා අස්වීම පිළිගත් බවට අමාත්‍යවරයා විසින් ඒ සාමාජිකයා වෙත ලියවිල් ල්ලකින් දැනුම් දෙනු ලබන තෙක් ඒ ඉල්ලා අස් වීම බලාත් මක නොවිය යුතු ය. (8) අධිකාරියේ සාමාජිකයකු මිය ගිය හොත් හෝ ඉල්ලා අස් වුවහොත් නැතහොත් ධුරයෙන් ඉවත් කරනු ලැබුවහොත්, එසේ මිය ගිය හෝ ඉල්ලා අස් වූ නැතහොත් ධුරයෙන් ඉවත් කරනු ලැබූ සාමාජිකයා වෙනුවට සාමාජිකයෙකු වශයෙන් වෙනත් යම් තැනැත් තකු, (1) වන උපවගන්තියේ විධිවිධාන කෙරෙහි නිසි පරිදි සැලකිලි මත්ව, අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය හැකි ය. (9) (8) වන උපවගන්තිය යටතේ පත් කරනු ලැබූ සාමාජිකයකු, කලින් ඉල්ලා අස් වුවහොත් හෝ මිය යාමෙන් හෝ ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ස්වකීය ධුරය හිස් කරතහොත් මිස, තමා අනුප්‍රාප්ත වන සාමාජිකයාගේ ධුර කාලයෙන් ඉකුත් නොවී ඇති කාලය සඳහා ධුරය දැරිය යුතුය. (10) රෝගාතුරවීම, අබලතාව හෝ මාස තුනකට නොඅඩු කාලයක් ශ්‍රී ලංකාවෙන්බැහැරව සිටීම නිසා අධිකාරියේ සාමාජිකයකුට ස්වකීය ධුරයේ කාර්ය ඉටු කිරීමට තාවකාලිකව නොහැකි වන අවස් ථාවක, ඒ බව අමාත්‍යවරයා වෙත ලියවිල්ල්ලකින් දැනුම් දීම ඒ සාමාජිකයාගේ යුතුකම විය යුතු ය. අමාත්‍යවරයා විසින් (1) වන උපවගන්තියේ විධිවිධාන කෙරෙහි නිසි පරිදි සැලකිලිමත්ව, ඒ සාමාජිකයා වෙනුවෙන් ක්‍රියා කිරීමට වෙනත් තැනැත් තකු පත් කළ හැකිය. 5. යම්කිසි තැනැත්තෙක් — (අ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නම් හෝ පළාත් පාලන ආයත නයක සභිකයෙක් නම් නැතහොත් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු වුව හොත්; හෝ (ආ) ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ නම් හෝ පුරවැසියකු වීම අවසන් වුවහොත්; හෝ (ඇ) සිහි විකල තැනැත්තකු ලෙස ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් රටක බලපවත් නා යම්කිසි නීතියක් යටතේ තීරණය කරනු ලැබ සිටී නම් හෝ විනිශ්චය කරනු ලැබ සිටි නම්: හෝ (ඈ) ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් රටක අධිකරණයක් මගින් නියම කරන ලද බන්ධනාගාරගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් හෝ විඳ සිටියේ නම් ඒ තැනැත්තා අධිකාරියේ සාමාජිකයකු වශයෙන් පත් කරනු ලැබීමට හෝ සාමාජිකයකු වශයෙන් කටයුතු කරගෙන යාමට හෝ සුදුස්සෙක් නොවන්නේය. 6. (1) අධීකාරියේ මුද්‍රාව අධිකාරිය විසින් නිශ්චය කරනු ලැබ සකසා ගනු ලැබිය හැකි අතර, අධිකාරිය විසින් නිශ්චය කරනු ලබන මුද්‍රාව. යම් ආකාරයකින් එය වෙනස් කරනු ලැබිය හැකි ය. (2 ) අධිකාරියේ මුද්‍රාව, අධිකාරිය විසින් කලින් කල නිශ්චය කරනු ලබන යම් තැනැත්තකු භාරයෙහි තිබිය යුතුය. ( 3 ) අධිකාරියේ අනුමතය ඇතිව සහ අධිකාරියේ සාමාජිකයන් දෙදෙනකු ඉදිරිපිට දී හැර අධිකාරියේ මුද්‍රාව කිසිම සාධන පත්‍රයකට හෝ ලේඛනයකට තබනු නොලැබිය යුතු අතර ඒ සාමාජිකයන් දෙදෙනා තමන් පැමිණ සිටි බවට සාක්ෂියක් වශයෙන් ඒ සාධන පත්‍රය හෝ ලේඛනය අත්සන් කළ යුතුය. ( 4 ) අධිකාරියේ මුද්‍රාව තබනු ලබන සාධන පත්‍ර හෝ ලේඛන පිළිබඳ ලේඛනයක් අධිකාරිය විසින්පවත්වා ගෙන යනු ලැබිය යුතුය. 7. මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලබන යම් පරිශ්‍රමිකයක් අධිකාරියේ අරමුදලින් අධිකාරියේ සාමාජිකයන්ට ගෙවනු ලැබිය හැකි ය. 8. (1) මේ පනතේ විධිවිධානවලට යටත්වා අධිකාරියේ රැස්වීම් පිළිබඳව හා ඒ රැස්වීම්වල දී කටයුතු කිරීම පිළිබඳව කාර්ය පටිපාටිය අධිකාරිය විසින් විධිමත් කර ගනු ලැබිය හැකි ය. ( 2 ) අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැමිණ සිටින අධිකාරියේ සැම් රැස්වීමක ම, මූලාසනය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දරනු ලැබිය යුතු ය. අධිකාරියේ යම් රැස් වීමකට අධ්‍යක්ෂ ජනරාල්වරයා නොමැති විටක, පැමිණ සිටින සාමාජිකයන් විසින් තෝරා පත් කර ගන්නා ලද යම් සාමාජිකයකු ඒ රැස්වීමේ මුලාසනය දැරිය යුතු ය. ( 3 ) අධිකාරියේ යම් රැස්වීමක මූලාසනය දරන තැනැත්තාට, තමාගේ ඡන්දයට අතිරේකව තීරක ඡන්දයක්ද තිබිය යුතුය. ( 4 ) අධිකාරියේ යම් රැස්වීමක් සඳහා ගණ පූරණය සාමාජිකයන් හය දෙනකු විය යුතුය. (5) සාමාජිකයන් අතර යම් පුරප්පාඩුවක් තිබීමේ හෝ යම් සාමාජිකයෙකු පත් කිරීමෙහි ලා යම් දෝෂයක් තිබීමේ හෝ හේතුව නිසා ම පමණක් අධිකාරියේ කිසිදු ක්‍රියාවක් හෝ කටයුත්තක් අවලංගු නොවිය යුතු ය. I වන කොටස අධිකාරියේ කාර්ය, කර්තව්‍ය හා බලතල 9. අධිකාරියේ කාර්ය හා කර්තව්‍ය පහත දැක්වෙන පරිදි විය යුතුය:- (අ) (i) ශ්‍රී ලංකා ජනතාවගේ ප්‍රයෝජනය පිණිස විද්‍යාව හා තාක්ෂණ විද්‍යාව උපයෝගී කර ගැනීමෙහි ලා ජාතික වශයෙන් ස්වශක්තිය කෙරෙහි විශ්වාසය තැබීම ප්‍රවර් ධනය කිරීම හා දියුණු කිරීම සඳහා වූ ක්‍රියා මාර්ග; (ii) ජාතික යහපත සැලසෙන ආකාරයකින් ලංකාවේ ස්වභාවික සම්පත් කළමනාකරණය සහ සංවර්ධනය කිරීම හා සම්බන්ධ ප්‍රතිපත් තිය සහ එහි ලා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග; (iii) ශ්‍රී ලංකාවේ බලශක්ති සම්පත්වල සමස්ත සංවර්ධනය සඳහා වූ සැළසුම් සහ වැඩ පිළිවෙළවල් මෙන් ම ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවන්හි සියලු ම අංශ පිළිබඳව වූ ප්‍රතිපත්තිය සහ බල ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගැනීම හා එය සංරක්ෂණය කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග; (iv) විද්‍යා ප්‍රතිපත්තියක් සකස් කොට ක්‍රියාත්මක කිරීම සහ එය සමාලෝචනය කිරීම; (v) තාක්ෂණ විද්‍යා ප්‍රතිපත්තියක් සකස් කොට ක්‍රියාත්මක කිරීම සහ එය සමාලෝචනය කිරීම: (vi) ස්වභාවික සම්පත් සහ බලශක්තිය ප්‍රයෝජනයට ගැනී මට සහ සංවර්ධනය කිරීමට අදාළ සැළසුම් සහ වැඩ පිළිවෙළවල් පාලනය කිරීම, කළමනාකරණය කිරීම හා මෙහෙය වීම සහ සම්බනධිත හා අදාළ ආණ්ඩුවේ දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන, රාජ්‍ය සංස්ථා සහ රජයෙන් මුදල් ආධාර නොලබන්නා වූ ද, ශ්‍රී ලංකාවේ බලාත් මක වන යම් නීතියක් යටතේ, අවස්ථාවෝචිත පරිදි, ලියාපදිංචි කරනු ලැබූ හෝ සංස්ථාගත කරනු ලැබුවා වූද මණ්ඩලයක් වන වෙනත් යම් පුද්ගල මන්ඩලයක් මගින් විද්‍යාව සහ තා ක්ෂණ විද්‍යාව ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම පිණිස යොදා ගැනීම සහ උපයෝගී කර ගැනීම; (vii) ස්වභාවික සම්පත් හා බලශක්ති සම්පත් සංවර්ධනය කිරීම සඳහා ද විද්‍යාත්මක හා තාකෂණික පර්යේෂණ පැවැත්වීම සඳහා අරමුදල වෙන් කිරීම; සහ (viii ) අමාත්‍යවරයා විසින් අධිකාරිය වෙත යොමු කරනු ලැබිය හැකි වෙනත් යම් කාරණයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් (ආ) ස්වභාවික සම්පත් සම්බන්ධයෙන් සහ ඒ සම්පත් ක්‍රමවත් ලෙස සහ එක සමානව ප්‍රයෝජනයට ගැනීම සහ සංවර්ධ නය කිරීම සම්බන්ධයෙන් ද, බලශක්ති සම්පත් ප්‍රයෝ ජනයට ගැනීම සහ පාවිච්චි කිරීම සහ බල ශක්තිය සංරක් ෂණය කිරීම සම්බන්ධයෙන් සහ විද්‍යාත්මක හා කාර්මික කරුණු වලට අදාළ යම් අංශයක් සම්බන්ධයෙන් ද තොර තුරු එක් රැස් කිරීම සහ ප්‍රචාරය කිරීම, වාර්තා, වාර සඟරා සහ ලියවිලි ප්‍රකාශයට පත් කිරීම හා ඒ කාරණා පිළිබඳව මහජනයාට තොරතුරු සැපයීම සහ අධ්‍යාපන යක් ලබා දීම; (ඇ) ස්වභාවික සම්පත් සංවර්ධනය කිරීමට අදාළ කාරණා සම් බන්ධයෙන් ද බලශක්තිය සංරක් ෂණය කිරීමට සහ සංවර් ධනය කිරීමට අදාළ කාරණා සම්බන්ධයෙන් ද විද්‍යාව හා තාක්ෂණ විද්‍යාව පිළිබඳව වූ කාරණා සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාවෙහි සහ වෙනත් රටවල පුද්ගලයන්, සංගම් ආයතන සමඟ සම්බන්ධතා ඇති කර ගැනීම සහ පවත්වා ගෙන යාම; (ඈ) පහත දැක්වෙන කරුණු, එනම්:-- (i) ශ්‍රී ලංකාවෙහි සිටින විද්‍යාත්මක සහ තාක්ෂණික පිරිස් ඵලදායී ලෙස උපයෝගී කර ගැනීම; (ii) ශ්‍රී ලංකාවේ විද්‍යා ප්‍රතිපත්තිය ක්‍රියාත් මක කිරීම සඳහා විද්‍යාත්මක සහ තාක්ෂණික මිනිස් බල පිළිබඳ අනාගත අවශ්‍යතා; සහ (iii) විද්‍යාත්මක සහ තාක්ෂණික මිනිස් බල පිළිබඳ අනා ගත අවශ්‍යතා සපුරාලීම පිණිස ප්‍රමාණවත් පුහුණු කිරීමේ පහසුකම් සැලසීම සඳහා ගත යුතු පියවර පිළිබඳව අධ්‍යයනය කොට වාර්තා කිරීම; (ඉ) ශ්‍රී ලංකාවෙහි විද්‍යාත්මක, තාක්ෂණික, අධ්‍යාපනික, සමාජ විද්‍යාත්මක සහ ආර්ථික කාරණා හා සම්බන්ධ ජාතික වැද ගත් කමකින් යුත් විෂයයන් සැලකිල්ලට ගෙන ඒවා පිළිබඳව වාර්තා කිරීම; (ඊ) (i) ශ්‍රී ලංකාවේ සම්පත් සංවර්ධනය කිරීම; (ii) ශ්‍රී ලංකා ජනතාවගේ සුභ සිද්ධිය ප්‍රවර්ධනය කිරීම; සහ (iii ) පොදුවේ විද්‍යාව සහ තාක්ෂණික විද්‍යාව ශ්‍රී ලංකාවෙහි වැඩි දියුණු කිරීම යන අරමුණු ඇතිව විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ ආරම්භ කිරීම, ඒවාට අනුබල දීම සහ ආධාර දීම; සහ (උ) විද්‍යාව හා තාක්ෂණික විද්‍යාව ශ්‍රී ලංකාවෙහි වැඩි දියුණු කිරී මෙහි ලා අවශ්‍ය වෙනත් දේ කිරීම. 10. අධිකාරියේ කාර්ය ඉටු කිරීම සඳහා අවශ්‍ය වන හෝ අවස්ථානු කුල වන යම් බලතල, අයිතිවාසිකම් සහ අධිකාර, අධිකාරියට තිබිය පුතු අතර, විශේෂයෙන් ම — ( අ ) ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම සහ සංවර් ධනය කිරීම හා සම්බන්ධ කවර හෝ අංශයක් පිළිබඳව පර්යේෂණ සමීක්ෂණ හා විමර්ශන ආරම්භ කිරීම, ප්‍රවර් ධනය කිරීම, පැවැත්වීම සහ සම්බන්ධීකරණය කිරීම; (ආ) බලශක්ති සම්පත් පිළිබඳව ගවේෂණ කිරීම, බලශක්ති සම්පත් පාවිච්චි කිරීම සහ සංවර්ධනය කිරීම හා සම්බන්ධ කවර හෝ අංශයක් පිළිබඳව පර්යේෂණ සමීක් ක්ෂණ හා විමර්ශන ආරම්භ කිරීම, ප්‍රවර්ධනය කිරීම, පැවැත්වීම සහ සම්බන් ධීකරණය කිරීම; (ඇ) පර්යේෂණ පහසුකම් ඇති කිරීම පිණිස ගොඩනැගිලි හා රසායනාගාර ඉදි කිරීම, ඒවා උපකරණ වලින් සමන්විත කිරීම සහ පවත්වාගෙන යාම හෝ වෙනත් යම් තැනැත් තකු සමඟ එක්ව හෝ තනිවම හෝ යම් පර්යේෂණ වැඩ සටහනක් ආරම්භ කිරීම; (ඈ) ස්වභාවික සම්පත් හා බල ශක්ති සම්පත් පිළිබඳව ගවේෂණ කිරීම, ඒවා පාවිච්චි කිරීම සහ සංවර්ධනය කිරීම හා සම් බන්ධ කටයුතු සඳහා සහ විද්‍යාව හා තාක්ෂණ විද්‍යාව හා සම්බන්ධ කටයුතු සඳහා පර්යේෂණ අධිශිෂ්‍යත්ව, සහාය ශිෂ්‍යත්ව, ශිෂ්‍යත්ව, ත්‍යාග සහ පදක් කම් ඇති කිරීම සහ ප්‍රදානය කිරීම; මේ ක්ෂේත්‍රයන්හි පර්යේෂණ ප්‍රවර්ධනය කිරිම සඳහා පර්යේෂණ අරමුදලක් හෝ අරමුදල් පිහිටුවීම සහ කළමනා කරණය කිරීම; (ඉ) යම් විශේෂ පර්යේෂණ යෝජනා ක්‍රමයක් හෝ යෝජනා ක්‍ර හෝ ආරම්භ කිරීම සඳහා නැතහොත් කරගෙන යාම සඳහා යම් විද්‍යාඥයකුට හෝ තාක්ෂණ විද්‍යාඥයකුට හෝ එවැනි තැනැත්තන් කණ්ඩායමකට හෝ යම් පර්යේෂණ ආයත නයකට හෝ යම් විශ්ව විද්‍යාලයකට හෝ යම් පිළිගත් විද්‍යා මණ්ඩලයකට හෝ ප්‍රතිපාදන සැලසීම; (ඊ) විද්‍යාත්මක සහ තාක් ෂණික ලේඛන සම්පාදක මධ්‍යස්ථාන යක් පිහිටුවා පවත්වා ගෙන යාම; (උ) මිලට ගැනීමක්, ප්‍රදානයක්, ත්‍යාගයක්, අන්තිම කැමති පත්‍රයකින් දේපළ බැහැර කිරිමක් ප්‍රකාර හෝ අන්‍යාකාරය කින් අධිකාරිය සතු විය හැකි යම් චංචල හෝ නිශ්චල දේපළක් භාර ගැනීම හා දැරීම සහ අධිකාරියේ රීති වලට යටත්ව, ඒ දේපළ විකිණීම, උකස් කිරීම, බදු දීම, ප්‍රදානය කිරීම, හිමිකර දීම, අන්තිම කැමති පත්‍රයකින් බැහැර කිරීම, පැවරීම, හුවමාරු කිරීම නැතහොත් අන්‍යාකාරය කින් බැහැර කිරීම; (ඌ) අධිකාරියේ කර්තව්‍ය කරගෙන යාම සඳහා අවශ්‍ය විය හැකි යම් සේවා නියුක්තයන් හෝ අනුයෝජිතයන් පත් කිරීම සහ ඒ සේවා නියුක්තයන්ට හා අනුයෝජිතයන්ට ගෙවී මට සිදු විය හැකි යම් පාරි ශ්‍රමික නිශ්චය කිරීම; (එ) අධිකාරියේ කටයුතු පරිපාලනය කිරීම හා සම්බන්ධව රීති සෑදීම; (ඒ) අධිකාරිය විසින් කලින් කල නිශ්චය කරනු ලැබිය හැකි යම් ආකාරයකින් අධිකාරියේ මුදල් ආයෝජනය කිරීම; (ඔ) අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව අධිකාරියේ කටයුතු වල කවර හෝ අංශයක, අධිකාරියට සහාය වීම පිණිස කෘත්‍යාධි කාරී කමිටු පිහිටු වීම, ඒ කමිටුවල කාර්ය පථය සහ අධි කාරය නිශ්චය කිරීම හා අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව ඒ කමිටුවලට තැනැත්තන් පත් කිරීම; සහ (ඕ) අධිකාරියේ බලතල ක්‍රියාත්මක කිරීමට සහ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමට ආනුෂංගික හෝ එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන හෝ ඒ හා සම්බන්ධ හෝ වෙනත් සියලු ක්‍රියා හෝ දේ කිරීම අධිකාරිය විසින් කළ හැකි ය. 11. අධිකාරියේ බලතල ක්‍රියාත්මක කිරීමේ දී සහ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමේ දී අමාත්‍යවරයා අවශ්‍ය යයි සලකන ලියවිල්ල කින් වූ යම් සාමාන්‍ය හෝ විශේෂ විධාන අමාත්‍යවරයා විසින්, අධි කාරිය විමසා හෝ නොඑසේව, අධිකාරියට නිකුත් කළ හැකි අතර අධීකාරිය ඒ විධාන අනුව ක්‍රියා කළ යුතු ය. III වන කොටස අධිකාරියේ කාර්ය මණ්ඩලය 12. (1) අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකාරියේ ප්‍රධාන විධායක නිලධරයා විය යුතු ය. (2) අධිකාරියේ සාමාන්‍ය විධානයට හා පාලනයට යටත්ව, අධි කාරියේ කටයුතු මෙහෙය වීම, එහි බලතල, කර්තව්‍ය හා කාර්ය සංවිධා නය කිරීම හා ක්‍රියාවෙහි යෙදවීම සහ අධිකාරියේ සේවා නියුක්තයන් පරිපාලනය කිරීම හා පාලනය කිරිම අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවරෙන්නේය. (3) අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙහි යම් පුරප්පාඩුවක් ඇති වුවහොත්, නැතහොත් නිවාඩු පිට සිටීම, රෝගාතුර වීම හෝ වෙනත් හේතුවක් නිසා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ස්‌වකීය ධූරයේ කාර්ය ඉටු කිරීමට තාවකාලිකව නොහැකි වුවහොත්, අධිකාරිය විසින් හැකි ඉක්මණින් සහ අමාත්‍යවරයාගේ අනුමතයට යටත්ව, අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙහි කාර්ය ඉටු කිරීමට වෙනත් තැනැත්තකු පත් කළ යුතුය. 43. (4) මේ පනතේ වෙනත් විධිවිධාන වලට යටත්ව, අධිකාරිය විසින් (අ) අධිකාරියේ කර්තව්‍ය ඉටු කිරීම සඳහා අවශ්‍ය යයි අධිකාරිය සලකන යම් කාර්ය මණ්ඩලයක් පත් කිරීම, එය සේව යෙන් පහ කිරීම සහ ඒ කාර්ය මණ්ඩලය විෂයයෙහි විනය පාලනය කිරීම; (ආ) ඒ කාර්ය මණ්ඩලයේ වැටුප් හෝ චේතන නැතහොත් වෙනත් පරිශ්‍රමික නියම කිරීම; (ඇ) ඒ කාර්ය මණ්ඩලයේ සේවා නියම හා කොන්දේසි නිශ්චය කිරීම; සහ (ඈ) ඒ කාර්ය මණ්ඩලයේ යහපත සඳහා අර්ථ සාධක අරමුදල් හෝ යෝජනා ක්‍රම පිහිටුවීම හා විධිමත් කිරීම සහ එවැනි යම් අරමුදලකට හෝ යෝජනා ක්‍රමයකට දායක මුදල් ගෙවීම කළ හැකිය. (2) (1) වන උපවගන්තියෙහි සඳහන් කාරණා සියල්ල ම හෝ ඉන් යම් කාරණයක් හෝ සම්බන්ධයෙන් අධිකාරිය විසින් රීති සාදනු ලැබිය හැකි ය. (3) අධිකාරියේ ඉල්ලීම පිට, රජයේ සේවයේ යම් නිලධරයකු, ඒ නිලධරයාගේ සහ රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ කැමැත්ත ඇතිව, අධිකාරියේ කාර්ය මණ්ඩලයට අධිකාරිය විසින් එවැනිම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන යම් කාලයක් සඳහා, තාවකාලිකව පත් කිරීම නැතහොත් එවැනිම කැමැත්ත ඇතිව ඒ කාර්ය මණ්ණ්ඩලයට ස්ථිරව පත් කිරීම කරනු ලැබිය හැකි ය. (4) රජයේ සේවයේ යම් නිලධරයකු අධිකාරියේ කාර්ය මණ්ඩල යට තාවකාලිකව පත් කරනු ලැබූ අවස් ථාවක, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනා ගමන මණ්ඩල පනතේ 43 වන වගන්ති යේ (2) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ නිලධරයාට හා ඒ නිලධරයා සම්බන්ධයෙන් අදාළ විය යුතු ය. (5) රජයේ සේවයේ යම් නිලධරයකු අධිකාරියේ කාර්ය මණ්ඩල යට ස් ස්ථිරව පත් කරනු ලැබූ අවස් ථාවක, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනතේ 13 වන වගන්තියේ (3) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ නිලධරයාට හා ඒ නිලධරයා සම්බන් ධයෙන් අදාළ විය යුතු ය. (6) යම් නිශ්චිත කාලයක් ආණ්ඩුවට සේවය කිරීමට එකඟ වෙමින් ආණ්ඩුව සමග ගිවිසුමකට එළඹ ඇති යම් තැනැත්තකු අධිකාරිය විසින් සේවයෙහි නියුක්ත කරනු ලබන අවස් ථාවක, ඒ තැනැත්තා විසින් අධිකාරියට කරනු ලබන යම් සේවා කාලයක් ඒ ගිවිසුමේ බැඳීම් ඉටු කිරීමේ කාර්යය සඳහා ඔහු විසින් ආණ්ඩුවට කරනු ලබන සේවයක් ලෙස සලකනු ලැබිය යුතු ය. ( 7 ) අධිකාරියේ ඉල්ලීම පිට පළාත් පාලන සේවයේ යම් සාමාජික යකු හෝ යම් පළාත් පාලන ආයතනයක වෙනත් යම් නිලධරයකු හෝ සේවකයකු අවස් ථාවෝචිත පරිදි ඒ සාමාජිකයාගේ, නිලධරයා හෝ සේවකයාගේ සහ පළාත් පාලන සේවා උපදේශක මණ්ඩල යේ හෝ ඒ පළාත් පාලන ආයතනයේ හෝ කැමැත්ත ඇතිව අධි කාරියේ කාර්ය මණ්ඩලයට අධිකාරිය විසින් එවැනිම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන යම් කාලයක් සඳහා තාවකාලිකව පත් කරනු ලැබිය හැකි ය; නැතහොත් එවැනිම කැමැත්ත ඇතිව, අවස් ථාවෝචිත පරිදි අධිකාරිය හා පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලය හෝ ඒ පළාත් පාලන ආයතනය එකඟ වන, විශ්‍රාම වැටුප් හෝ අර්ථ සාධක අරමුදල් පිළිබඳ අයිතිවාසිකම්වලට අදාළ නියම හා කොන්දේසි ද ඇතුළු යම් නියම හා කොන්දේසි මත ඒ සාමාජිකයා, නිලධරයා හෝ සේවකයා අධිකාරියේ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කරනු ලැබිය හැකි ය. (8) (7) වන උපවගන්තියේ විධිවිධාන අනුව යම් තැනැත්තකු අධිකාරියේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබූ අවස් ථාවක ඒ කාර්ය මණ්ඩලයේ වෙනත් යම් සාමාජිකයෙකු යටත් වන විනය පාලනයට ම ඒ තැනැත්තා ද යටත් විය යුතුය. IV වන කොටස මුදල් 14. (1) අධිකාරියට අධීකාරියේ ම අරමුදලක් විය යුතුය. (2) (අ) අධිකාරියේ ප්‍රයෝජනය සඳහා පාර්ලිමේන්තුව විසින් කලින් කල සම්මත කරනු ලබන සියලු මුදල් ; (ආ) අධිකාරියේ බලතල ක්‍රියාත්මක කිරීමෙහි ලා සහ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමෙහි ලා අධිකාරියට ලැබිය හැකි සියලු මුදල් : (ඈ) කවර හෝ ප්‍රභවයකින් ණය, පරිත්‍යාග ත්‍යාග ප්‍රදාන වශයෙන් අධිකාරියට ලැබිය හැකි සියලු මුදල් ; සහ (ඈ) අධිකාරියේ බැරට උපචිත වන්නා වූ සියලු මුදල් අධිකාරියේ අරමුදලට ගෙවනු ලැබිය යුතුය. ( 3 ) අධීකාරියේ කටයුතු කළමනා කරණය කිරීමේ දී සහ අධිකාරි යේ ව්‍යාපාර කටයුතු කිරීමේ දී ද, අධිකාරියේ සාමාජිකයන්ට සහ අධිකාරියේ සේවා නියුක්තයන්ට පරිශ්‍රමික ගෙවීමේ දී ද මේ පනත හෝ වෙනත් යම් ලිඛිත නීතියක් හෝ යටතේ අධිකාරියේ බලතල ක්‍රියාත්මක කිරීමේ දී සහ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමෙහි දී ද අධිකාරිය විසින් දරන ලද යම් වියදමක් පියවීමේ කාර්යය සඳහා සහ අධිකාරිය විසින් කලින් කල බලය දෙනු ලබන වෙනත් යම් කාර්ය සඳහා අධිකාරියේ අරමුදල් අධිකාරිය විසින් උපයෝගී කර ගනු ලැබිය හැකි ය. 15. මේ පත යටතේ වූ ස්වකීය කාර්ය ඉටු කිරීමෙහි අධිකාරිය විසින් එළඹ ඇති බැඳීම් ඉටු කිරීම පිණිස අධිකාරියට අවශ්‍ය විය හැකි යම් මුදල්, අධිකාරිය විසින්, අමාත්‍යවරයාගේ අනු මතය ඇතිව හෝ අමාත්‍යවරයා විසින් දෙන ලද යම් පොදු බලය ක නියමයන්ට අනුකූලව අයිරාවක් මගින් හෝ අන්‍යාකාරයකින් තාව කාලිකව ණයට ගනු ලැබිය හැකිය: එසේ වුව ද, මේ වගන්තිය යටතේ අධිකාරිය විසින් ලබා ගන්නා ලද යම් තාවකාලික ණය මුදල් වලින් ගෙවීමට ඇති ප්‍රමාණ වල මුළු එකතුව, කිසිම අවස් ථාවක මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලබන යම් මුදලක් ඉක්මවිය යුතු ය. 16. (1) අධිකාරියේ මුදල් වර්ෂය ලිත් වර්ෂය විය යුතුය. (2) අධිකාරියේ ආදායම සහ වියදම, වත්කම් හා බැරකම් සහ වෙනත් සියලු ගනුදෙනු පිළිබඳව අධිකාරිය විසින් නිසි ගිණුම් පොත් තබා ගැනීමට සලැස්විය යුතුය. (3) රාජ්‍ය සංස් ස්ථාවල ගිණුම් විගණනය කිරීම හා සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස් ථාවේ 154 වන ව්‍යවස්ථාවේ විධිවිධාන, අධිකාරියේ ගිණුම් විගණනය කිරීම සම්බන් ධයෙන් අදාළ විය යුතුය. V වන කොටස පොදු විධිවිධාන 17. (1) 60 පනත යටතේ වූ ස්වකීය බලතල, කාර්ය හා කර්තව්‍ය කිසිවක් අධිකාරිය විසින්, නියමයක් මගින් ආණ්ඩුවේ යම් දෙපාර්තමේන්තුවකට, රාජ්‍ය සංස්ථාවකට හෝ පළාත් පාලන ආයතනයකට නැතහොත් අධිකාරිය විසින් පිහිටුවනු ලැබූ යම් කෘත්‍යාධිකාරී කමිටුවකට පවරනු ලැබිය හැකි ය. (2) (1) වන උපවගන්තිය යටතේ කරන ලද නියමයක් අධිකා රිය විසින් ඕනෑම වේලාවක ප්‍රත්‍යාදිෂ්ට කරනු ලැබිය හැකි ය; නැතහොත් වෙනස් කරනු ලැබිය හැකි ය. (3) (1) වන උපවගන්තිය යටතේ වූ නියමයක්- (අ) ආණ්ඩුවේ යම් දෙපාර්තමේන්තුවක් සම්බන්ධයෙන් වන විට, ඒ ආණ්ඩුවේ දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයා ගේ එකඟත්වය ඇතිව මිස; (ආ) යම් රාජ්‍ය සංස්ථාවක් සම්බන්ධයෙන් වන විට, ඒ රාජ්‍ය සංස්ථාව භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව මිස; (ඇ) යම් පළාත් පාලන ආයතනයක් සම්බන්ධයෙන් පළාත් පාලන විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව මිස අධිකාරිය විසින් කරනු නොලැබිය යුතු ය. 18. අධිකාරියේ සියලු සාමාජිකයන්, නිලධරයන් හා සේවකයන් දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ එහි කාර්ය සඳහා රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුතු ය. 19. අල්ලස් පනතේ අර්ථානුකූලව, අධිකාරිය උපලේඛනගත ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ පනතේ විධිවිධාන ඒ අනුව අර්ථ නිරූපණය කරනු ලැබිය යුතු ය. 20. (1) (අ) මේ පනත යටතේ අධිකාරිය විසින් සද්භාව යෙන් කරන ලද හෝ කරන ලදැයි සලකනු ලබන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් අධිකාරියට විරුද්ධව; (ආ) මේ පනත යටතේ හෝ අධිකාරියේ මෙහෙයවීම පිට හෝ අධිකාරියේ යම් සාමාජිකයකු, නිලධර යකු, සේවකයකු හෝ අනුයෝජිතයකු විසින් සද් භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි සලකනු ලබන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඒ සාමාජිකයාට, නිලධරයාට, සේ වකයාට අනුයෝජිතයාට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් පවරනු නොලැබිය යුතු ය. ( 2 ) අධිකාරිය විසින් හෝ අධිකාරියට විරුද්ධව හෝ යම් අධිකර ණයක් ඉදිරියෙහි පවරන ලද යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී අධිකාරිය විසින් දරන ලද යම් වියදමක් අධිකාරියේ අරමුදලින් ගෙවනු ලැබිය යුතු අතර එවැනි යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී අධිකාරියට ගෙවන ලද හෝ අධිකාරිය විසින් අයකර ගන්නා ලද යම් ගාස්තු අධිකාරියේ අරමුදලට බැර කරනු ලැබිය යුතු ය. (3) (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ සඳහන් යම් තැනැත්තකු විසින් මේ පනත යටතේ හෝ අධිකාරියේ මෙහෙය වීම පිට හෝ කරන ලද නැතහොත් කරන ලදැයි සලකනු ලබන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් යම් අධිකරණයක් ඉදිරියෙහි ඔහුට විරුද් ධව පවරන ලද යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී ඔහු විසින් දරන ලද යම් වියදමක්, ඒ ක්‍රියාව සද් භාවයෙන් කරන ලද්දක් බව අධිකරණය තීරණය කරතහොත්, ඒ වියදම ඔහු විසින් ඒ සිවිල් හෝ අපරාධ නඩුවේ දී අයකර ගන්නා ලද්දේ නම් මිස, අධිකාරියේ අරමුදලින් ගෙවනු ලැබිය යුතුය. 21. අධිකාරියට විරුද්ධව පවරන ලද කවර හෝ නඩුවක දී අධිකාරියේ සාමාජිකයකුට විරුද්ධව හෝ ඔහුගේ දේපළවලට විරුද්ධව හෝ කිසිම රිට් ආඥාවක් නිකුත් කරනු නොලැබිය යුතුය. 22. (1) මේ පනතින් රීති සෑදීමට බලය දී ඇති හෝ නියම කර ඇති සියලු කාරණා සම්බන්ධයෙන් හෝ ඉන් යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් හෝ අධිකාරිය විසින් රීති සාදනු ලැබිය හැකි ය. ( 2 ) මේ පනත යටතේ අධිකාරිය විසින් සාදන ලද කිසිම රීතියක් එය අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලබන තෙක් බලාත්මක නොවිය යුතු ය. 23. (1) අධිකාරියේ කටයුතු වල කාර්යය සඳහා යම් නිශ්චල දේපළක් අත් කර ගැනීම අවශ්‍ය වන්නා වූද ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් අමාත්‍යවරයා විසින් යෝජිත අත් කර ගැනීම අනුමත කරන්නාවූ ද අවස්ථාවක, ඒ දේපළ පොදු කාර්යයක් සඳහා අවශ්‍ය ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ අනුව ඒ දේපළ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ අත් කර ගනු ලැබ අධිකාරිය වෙත පවරනු ලැබිය හැකි ය. (2) ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ අධිකාරිය සඳහා යම් නිශ්චල දේපළක් අත්කර ගැනීම සම්බන්ධයෙන් ගෙවිය යුතු යම් මුදලක් අධිකාරිය විසින් ගෙවනු ලැබිය යුතු ය. 24. (1) රජයේ යම් නිශ්චල දේපළක් අධිකාරියේ යම් කටයුත් තක කාර්යය සඳහා අවශ්‍ය වන අවස් ථාවක, ඒ කාර්යය, රජයේ ඉඩම් ආඥාපනතේ 6 වන වගන්තිය යටතේ ඒ දේපළ පිළිබඳ විශේෂ ප්‍රදානයක් කළ හැකි හෝ ඒ දේපළ බද්දට දිය හැකි කාර්යයක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව, අධිකාරිය වෙත ඒ දේපළ පිළිබඳව කරනු ලබන විශේෂ ප්‍රදානයකට හෝ දෙනු ලබන බද්දකට ඒ ආඥාපනතේ විධිවිධාන, අදාළ විය යුතුය. (2) රජයේ යම් චංචල දේපළක් අධිකාරියේ කාර්යය සඳහා අවශ්‍ය වන අවස් ථාවක, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින්, අමාත්‍යවරයා විසින්, ඒ චංචල දේ පළෙහි සන්තකය සහ පාවිච්චිය අධිකාරිය වෙත පවරා සතු කර දෙනු ලැබිය හැකි ය. 25. (1) මේ පනතේ 9 වන සහ 10 වන වගන්ති යටතේ වූ ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය කිසිවක් ක්‍රියාත්මක කිරීමට හෝ ඉටු කිරීමට අධිකාරියට හැකිවනු පිණිස, අධිකාරිය විසින් හෝ අධිකාරිය විසින් තත් කාර්යය සඳහා බලය දෙනු ලැබූ යම් තැනැත් තකු විසින් හෝ ලියවිල්ලකින් වූ දැන්වීමක් මගින්, ඒ දැන්වීමේ නිශ්චිත සියලු වාර වාර්තා හෝ තොරතුරු, ඒ දැන්වීමේ නිශ්චිත කාල සීමාවක් ඇතුළත, අධිකාරිය වෙත හෝ එසේ බලය දෙනු ලැබූ තැනැත්තා වෙත හෝ සපයන ලෙස යම් තැනැත්තකුට නියම කරනු ලැබිය හැකි ය. (2) යම් වාර වාර්තාවක් හෝ තොරතුරු සපයන ලෙස (1) වන උපවගන්තිය යටතේ වූ දැන්වීමක් මගින් යම් තැනැත්තකුට නියම කරනු ලැබූ විට, යම් නීතියක විධිවිධාන යටතේ, ඒ වාර වාර්තාව සැපයීමෙන් හෝ ඒ තොරතුරු හෙළිදරව් කිරීමෙන් ඒ තැනැත්තා වැළැක්වෙන අවස්ථාවක හැර, ඒ දැන්වීමේ නිශ්චිත කාලය ඇතුළත, ඒ නියමය අනුව ක්‍රියා කිරීම, ඒ තැනැත්තාගේ යුතුකම වන් න්නේය. 26. යම් ඉඩමක හෝ පරිශ්‍රයක අයිතිකරු හෝ පදිංචිකරු වෙත යටත් පිරිසෙයින් දින දාහතරක ලියවිල්ලකින් වූ දැනුම් දීමක් කිරී මෙන් පසු, අධිකාරිය විසින් සාමාන්‍යයෙන් හෝ විශේෂයෙන් තත් කාර්යය සඳහා බලය දෙනු ලැබූ අධිකාරියේ යම් නිලධරයකුට හෝ සේවකයකුට, එකී ඉඩමට හෝ පරිශ්‍රයට ඇතුළුවීම ද, එහි දී අධිකාරියේ යම් කටයුත් තක් කර ගෙන යාමේ කාර්යය සඳහා හෝ අධිකාරියේ යම් බලයක් ක්‍රියාත්මක කිරීමට හෝ යම් කර්තව්‍යයක් ඉටු කිරීමට පූර්වයෙන් වූ හෝ එහි ලා ආනුෂංගික වූ යම් විමර්ශන යක් හෝ පරීක්ෂණයක් සඳහා යුක්ති සහගත ලෙස අවශ්‍ය විය හැකි යම් ක්‍රියා කිරීම ද කළ හැකිය. 27. (1) (අ) මේ පනත යටතේ හෝ මේ පනතේ කාර්ය සඳහා සාදන ලද හෝ සපයන ලද යම් වාර වාර්තාවක හෝ වෙනත් ලේඛනයක දැන දැනම යම් අසත්‍ය හෝ වැරදි ප්‍රකාශයක් කරන; හෝ (ආ) මේ පනත යටතේ තමා විසින් සැපයිය යුතු යම් තොරතුරක් හෝ වාර වාර්තාවක් සැපයීම පැහැර හරින හෝ ප්‍රතික් ෂේප කරන; හෝ (ඇ) මේ පනතින් හෝ මේ පනත යටතේ යම් තැනැත් තකු වෙත පවරන ලද හෝ නියම කරන ලද යම් බලයක්, කර්තව්‍යයක් හෝ කාර්යයක් ඒ තැනැත්තා විසින් ක්‍රියාත්මක කිරීමේ දී හෝ ඉටු කිරීමේ දී ඔහුට බාධා කරන හෝ අවහිර කරන; (ඈ) අධිකාරියේ සාමාජිකයකුව හෝ නිලධරයකුව නැතහොත් සේවකයකුව, මේ පනත යටතේ වූ ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීමේ දී හෝ ස්වකීය කාර්ය ඉටු කිරීමේ දී නැතහොත් ඒ බලතල ක්‍රියාත්මක කිරීම සහ කාර්ය ඉටු කිරීම හා සම්බන්ධව, තමා විසින් ලබා ගන්නා ලද යම් තොරතුරක්, මේ පනත යටතේ වූ යම් බලයක් ක්‍රියාත්මක කිරීමේ හෝ යම් කාර්යයක් ඉටු කිරීමේ කාර්යය සඳහා ඒ තොරතුර අවශ්‍ය වන තැනැත්තකුට හැර වෙනත් තැනැත්තකුට ඒ තොරතුරු හෙළිදරව් කරන; හෝ (ඉ) මේ පනතේ විධිවිධාන කිසිවක් හෝ මේ පනත යටතේ සාදන ලද රීතියක් හෝ කඩ කරන හෝ ඒ අනුව ක්‍රියා කිරීම පැහැර හරින සෑම තැනැත්තකුම මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතුය. ( 2 ) මේ පනත යටතේ වරදක් සිදු කරන සෑම තැනැත් තකු ම, මහෙස්ත්‍රාත් වරයකු ඉදිරියෙහි පවත්වනු ලබන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් පන්සියයක් නොඉක්මවන දඩයකට යටත් විය යුතු ය. 28. මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා අමාත්‍යවරයා විසින් රේගු බදු හෝ සුරා බදු කිසිවක් ගෙවීමෙන් අධිකාරිය නිදහස් කරනු ලබන්නේ නම්, අධිකාරිය විසින් ආනයනය කරනු ලබන හෝ බන්ධිත ගුදමින් බාහිරව මිල දී ගනු ලබන භාණ්ඩ කිසිවක් සම්බන් ධයෙන් එකී රේගු බදු හෝ සුරා බදු ගෙවීමෙන් අධිකාරිය නිදහස් විය යුතු ය. 29. වෙනත් යම් නීතියක කුමක් සඳහන්ව ඇතද, මේ පනතේ විධිවිධාන බල පැවැත්විය යුතු අතර ඒ අනුව මේ පනතේ සහ ඒ වෙනත් නීතියේ විධිවිධාන අතර යම් ගැටීමක් හෝ අනනුකූලතාවක් ඇති වුවහොත් මේ පනතේ විධිවිධාන බල පැවැත්විය යුතුය. VI වන කොටස ඉවත් කිරීම සහ අන්තර් කාලීන විධිවිධාන 30. ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 36 දරන ශ්‍රී ලංකා ජාතික විද්‍යා සභා පනත මෙයින් ඉවත් කරනු ලැබේ. 31. නියමිත දිනයෙහි දී,- (අ) සභාවෙි සේ වයෙහි යෙදී සිටි සියලුම නිලධරයන් හා සේවක යන අධිකාරියේ සේවයෙහි යෙදී සිටින නිලධරයන් හා සේවකයන් ලෙස සලකනු ලැබිය යුතු අතර, හැකි තාක් දුරට, සභාවේ සේවයෙහි යෙදී සිටිය දී ඔවුන් දැරූ තත් වයම ඇතිව සහ වේතන හෝ වැටුප්, සේවය අවසන් කිරීම, දීමනා හෝ වෙනත් ප්‍රතිලාභ හා සම්බන්ධ නියම යන් ද ඇතුළුව, සභාවේ සේවයෙහි යෙදී සිටිය දී ඔවුන්ට තිබූ හා ඔවුන් විසින් බුක්ති විඳින ලද නියම මත ඔවුන් ස්වකීය ධුර දැරිය යුතු ය; (ආ) සභාව විසින් ගන්නා ලද සියලු තීරණ අධිකාරිය විසින් ගන්නා ලද තීරණ ලෙස සලකනු ලැබිය යුතු ය; (ඈ) සභාව විසින්, සමඟ හෝ සඳහා, දරන ලද සියලු ණය, බැඳීම් හා වගකීම් ද ලියා අත්සන් කරන ලද හෝ ඇතුළත් වුණු සියලු ගිවිසුම්, ඔප්පු, බැඳුම්කර, එකඟවීම් වෙනත් සාධන පත්‍ර ද ඉටු කිරීමට පොරොන්දු වූ සියලු කාරණා හා දේ ද අධිකාරිය විසින් අධිකාරිය සමග හෝ අධිකාරිය සඳහා දරන ලද ලෙස, ලියා අත්සන් කරන ලද ලෙස හෝ ඇතුළත් වූ ලෙස හෝ ඉටු කිරීමට පොරොන්දු වූ ලෙස සලකනු ලැබිය යුතු ය; (ඈ) මේ පනතේ සහ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන වලට යටත්ව, සභාව විසින් හෝ සභාවට විරුද්ධව හෝ පවරනු ලැබූ හෝ පවරනු ලැබිය හැකිව තිබූ හෝ සියලු සිවිල් නඩු, අපරාධ නඩු, අභියාචන නැතහොත් සිවිල් වූ හෝ අපරාධ වූ හෝ වෙනත් නඩු කටයුතු අධිකාරිය විසින් හෝ අධිකාරියට විරුද්ධව හෝ, දිගටම පවත්වා ගෙන යනු ලැබිය යුතු ය; නැතහොත් පවරනු ලැබිය යුතු ය; (ඉ) සභාවේ වාසියට හෝ සභාවට විරුද්ධව හෝ නිසි බලය ඇති අධිකරණයක් විසින් කරන ලද සියලු තීන්දු ප්‍රකාශ හෝ ආඥා, අධිකාරියේ වාසියට හෝ අධිකාරියට විරුද්ධව කරන ලද තීන්දු ප්‍රකාශ හෝ අඥා ලෙස සලකනු ලැබිය යුතු ය; (ඊ) සභාව වෙත සතු කරන ලද හෝ, සභාව විසින් නීත්‍යනු කූලව මිලට ගන්නා ලද නැතහොත් අත් කර ගන්නා ලද හෝ සභාවට බදු දෙන ලද හෝ, සභාවේ පරිහරණය සඳහා දෙනු ලැබූ හෝ වෙනත් කවර හෝ ආකාරයකින් සභාව වෙත පවරන ලද හෝ සභාව සන්තකයෙහි හෝ එහි පාලනය යටතේ ඇති චංචල හෝ නිශ්චල සියලු දේපළ, ඒ දේපළවලට සම්බන්ධ හෝ අනුයුක්ත හෝ අදාළ භාර, අය කිරීම්, වගකීම්, සීමා කිරීම්, පරවශතා හෝ වෙනත් බැඳීම්වලට යටත්ව සහ ඒ දේපළවලට සම්බන්ධ හෝ අනුයුක්ත හෝ අදාළ නියම හා කොන්දේසි මත, අධිකාරිය විසින් හෝ අධිකාරිය වෙනුවෙන් භාරයක් වශ යෙන් හෝ දරනු ලැබිය යුතු ය; (උ) සභාව විසින් සාදන ලද සියලු රීති අධීකාරිය විසින් සාදන ලද රීති ලෙස සලකනු ලැබිය යුතු ය; (ඌ) ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 36 දරන ශ්‍රී ලංකා ජාතික විද්‍යා සභා පනතේ 22 වන වගන්තිය යටතේ පිහිටුවන ලද, සභාවේ අරමුදල අධිකාරියේ අරමුදල ලෙස සලකනු ලැබිය යුතු ය. 32. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුව හොත් මිස මේ පනතෙහි '' සභාව '' යන්නෙන්, ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 36 දරන ශ්‍රී ලංකා ජාතික විද්‍යා සභා පනත යටතේ පිහිටුවන ලද සභාව අදහස් වේ; '' පළාත් පාලන ආයතනය " යන්නෙන්, මහා නගර සභාවක්, නගර සභාවක්, සුළු නගර සභාවක් හෝ ගම් සභාවක් අදහස් වන අතර ඒ යම් සභාවක් විසින් ක්‍රියාත් මක කරන හා ඉටු කරන බලතලවලට, කාර්යවලට සහ කර්තව්‍යවලට අනුරූප වන්නා වූ හෝ සමාන වන්නා වූ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම ඉටු කිරීම සඳහා යම් කිසි නීතියකින් හෝ නීතියක් යටතේ ඇති කොට පිහිටු වන ලද කවර වූ හෝ අධිකාරියක් ඊට ඇතුළත් වේ; '' රාජ්‍ය සංස්ථාව '' යන්නෙන්, සමාගම් ආඥාපනත යටතේ හැර වෙනත් යම් කිසි ලිඛිත නීතියකින් හෝ ලිඛිත නීතියක් යටතේ හෝ පිහිටුවන ලද්දා වූ හෝ පිහිටුවනු ලබන්නා වූ ද ආණ්ඩුව විසින් ප්‍රදානයක් හෝ ණයක් වශයෙන් නැත හොත් වෙනත් ආකාරයකින් මුළු අරමුදල හෝ මුළු ප්‍රාග් ධනය නැතහොත් අරමුදලෙන් කොටසක් හෝ ප්‍රාග්ධන යෙන් කොටසක් සපයනු ලබන්නා වූ ද සංස්ථාවක්, මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් අදහස් වේ.
71
acts_1982-01-20_Air_Navigation_Special_Provisions_si
act
1982
12
1
0.908549
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 2 දරන ගුවන් සංතරණ (විශේෂ විධිවිධාන) පනත [සහතිකය සටහන් කළේ 1982 ජනවාරි මස 20 වන දින, ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 ජනවාරි මස 22 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදි. 1982 අංක 2 දරන ගුවන් සංතරණ (විශේෂ විධිවිධාන) පනත ගුවන් සංතරණ පනත සංශෝධනය කිරීම සඳහා ද 1979 අංක 46 දරන ගුවන් තොටුපළවල් පිළිබඳ අධිකාරිය පනත ඉවත් කිරීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. (1) මේ පනත 1982 අංක 2 දරන ගුවන් සංතරණ (විශේෂ විධිවිධාන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. (2) (අ) මේ වගන්තියේ සහ මේ පනතේ 1 වන කොටසේ විධිවිධාන මේ පනත පනවනු ලබන දිනයේ දී ක්‍රියාත්මක විය යුතු ය. (ආ) මේ පනතේ II වන කොටසේ විධිවිධාන, (මෙහි මින් මතු මේ පනතේ එම කොටසේ " නියමිත දිනය " යනුවෙන් සඳහන් කරනු ලබන) අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයකින් නියම කරනු ලබන දිනයේ දී ක්‍රියාත්මක විය යුතුය. 1 වන කොටස 2. (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය '' යනුවෙන් සඳහන් කරනු ලබන) ගුවන් සංතරණ පනතේ 20 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයෙහි ' අවශ්‍ය විය හැකි වෙනත් නිලධර යන් සහ සේ චකයන් යන වචන වෙනුවට අවශ්‍ය විය හැකි වෙනත් නිලධරයන්, සේවකයන් සහ අනුයෝජිතයන් " යන වචන ආදේශ කිරීමෙන් එම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 3. 21 වන වගන්තියට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය ප්‍රධාන ප්‍රඥප්තියේ 21 අවන වගන්තිය ලෙස බල පැවැත්විය යුතු ය:- 21අ. (1) සමාගම් ආඥාපනත යටතේ ලියාපදිංචි කරනු ලැබුවා වූ ද, කොටස් වලින් අනූපහක් ආණ්ඩුව විසින් හා ඉතිරි කොටස් සංස්ථාවකින් හෝ ජාතික ගුවන් සේවාව ක්‍රියාත් මක කරවන මණ් ඩලය නැතහොත් සමාගම විසින් ද දරනු ලබන්නා වූද සමාගමක් ආණ්ඩුවේ අනුයෝජිතයකු ලෙස පහත සඳහන් කාර්ය සඳහා අමාත්‍යවරයා විසින්, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයකින් පත් කරනු ලැබිය හැකි ය :- (අ) ආණ්ඩුව වෙනුවෙන් ගගන යාත්‍රාංගන සංවර්ධනය කිරීම, ගුවන් තොටුපළවල් පවත්වාගෙන යාම සහ පරිපාලනය කිරීම; (ආ) ඒ ගුවන් තොටු පළවල සහ ගගනයාත්‍රාංගනවල ගුවන් තොටු පළ සහ ගගන යාත්‍රාංගන පහසුකම් සැලසීම; (ඇ) ගුවන් සංතරණ සේවා සහ පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම; (ඈ) ගගන යාත්‍රාංගනවල ගිනි නිවීමේ පහසුකම් සැලසීම. (2) අනුයෝජිතයාගේ සංස්ථා පත්‍රයෙහි සහ සාංගමික ව්‍යවස් ථාවලියෙහි කුමක් සඳහන් වුව ද, අනුයෝජිතයා විසින් තම කර්තව්‍ය පලදායී ලෙස ඉටු කරනු ලැබීම පිණිස අනුයෝජිතයාගේ අධ්‍යක්ෂ මණ්ඩලයේ යම් සාමාජිකයකු ධුරයෙන් ඉවත් කිරීම අවශ්‍ය යයි හෝ අවස් ථාවෝචිත යයි අමාත්‍ය වරයාට පෙනී යන අවස්ථාවක, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින්, එම සාමාජිකයා ධුරයෙන් ඉවත් කරනු ලැබිය හැකි ය. (3) අමාත්‍යවරයාගේ ලිඛිත අනුමැතිය කලින් ලබාගෙන මිස, ඒ අනුයෝජිතයාගේ සංස්ථා පත්‍රය හෝ සාංගමික ව්‍යවස් ථාවලිය සංශෝධනය නොකළ යුතුය. ඒ අනුමැතිය නොමැතිව කරනු ලැබුවේ යයි අදහස් කෙරෙන යම් සංශෝධනයක් නීති යෙහි ලා බලයක් හෝ බලපෑමක් නොතිබිය යුතු ය. (4) අනුයෝජිතයාගේ කර්තව්‍ය ඉටු කිරීම සම්බන්ධයෙන් සාමාන්‍ය හෝ විශේෂ විධාන, අමාත්‍යවරයා විසින් අනුයෝජිතයාට දෙනු ලැබිය හැකි අතර, ඒ විධාන වලට අනුකූලව ක්‍රියා කිරීම අනුයෝජිතයාගේ කාර්ය විය යුතුය. (5) (අ) ජාතික ආරක්ෂාව උදෙසා; හෝ (ආ) වෙනත් යම් රටක් හෝ දේශයක් සමග ජන රජයේ සම්බන්ධකම් වලට බලපාන්නේ සයි අමාත්‍යවරයාට පෙනී යන යම් කරුණක් සම්බන්ධ යෙන් : හෝ (ඇ) ජන රජය ජාත්‍යන්තර සංවිධානයක සාමාජිකයකු වීමේ හෝ ජාත්‍යන්තර ගිවිසුමකට පාර්ශ්වකරුවකු වීමේ හෝ හේතුවෙන් ජන රජය බැඳෙන වග කීමක් ඉටු කිරීම සඳහා හෝ ඉටු කිරීම පහසු කිරීම සඳහා; හෝ (ඈ) ජනරජය, ජාත්‍යන්තර සංවිධානයක සාමාජිකයකු වීම හෝ ජාත්‍යන්තර ගිවිසුමක පාර්ශ්වකරුවකු වීම හෝ හේතුකොට ගෙන වෙනත් යම් අරමුණක් ඉටු කර ගැනීම අමාත්‍යවර යාගේ මතය අනුව, යෝග්‍ය වන්නේද, එම අරමුණ ඉටු කර ගැනීම සඳහා හෝ ඉටු කර ගැනීම පහසු කිරීම සඳහා; හෝ (ඉ) ජන රජයට, ජාත්‍යන්තර සංවිධානයක සාමාජිකයකු වීමට හෝ ජාත්‍යන්තර ගිවිසුමක පාර්ශවකරුවකු වීමට හෝ හැකි වීම සඳහා (4) වන උපවගන්තියෙන් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල වල ව්‍යාප් තියට හානියක් නොවන පරිදි, අනුයෝජිතයාට කිරීමට බලය ඇති යම් විශේෂ දෙයක් කරන ලෙස හෝ යම් විශේෂ දෙයක් කිරීමෙන් වැළකී සිටින ලෙස හෝ විධාන කිරීම යෝග්‍ය යයි ඔහු සලකතහොත් අමාත්‍යවරයා විසින් අනුයෝජිතය ට එසේ විධාන කරනු ලැබිය හැකිය. (6) (අ) යම් ගුවන් තොටුපළක් හෝ ගගන යාත්‍රාංගනයක් ප්‍රයෝජනයට ගැනීම විධිමත් කිරීමේ දී; (ආ) එවැනි යම් ගුවන් තොටුපළක හෝ යාත්‍රාංගනයක ඇති පහසුකම් ආණ්ඩුවේ යම් දෙපාර්තමේන්තුවක් සඳහා වෙන් කිරීමේ දී අනුයෝජිතයා විසින් අමාත්‍යවරයා විමසා ක්‍රියා කළ යුතුය. ( 7 ) යම් ගුවන් යානාවකට යම් අනතුරක් වූ විට දී හෝ යම් සංතරණ උපකරණ සම්බන්න්ධයෙන් අයුතු මැදිහත් වීමක දී හෝ ඒවාට අලාභ හානි සිදු වීමක දී, අනුයෝජිතයා විසින් ඒ කරුණු අමාත්‍ය වරයා වෙත දන්වා සිටිය යුතු ය. (8) අනුයෝජිතයාට තම කර්තව්‍ය ඉටුකිරීමට හැකිවීම පිණිස සිවිල් ගුවන් සේවා අධ්‍යක් ෂවරයා වෙත සතු වී ඇති චංචල සහ නිශ්චල දේපළ අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන නියම සහ කොන්දේසි මත අනුයෝජිතයා විසින් පරිහර ණය කිරීම සහ පාලනය කිරීම සඳහා අමාත්‍යවරයා විසින් ලබා දිය හැකිය. (9) (8) වන උපවගන්තිය යටතේ තමාට ලබා දී ඇති සියලු නිශ්චල දේපළ සහ චංචල දේ පළ අනුයෝජිතයා විසින් මනා තත්ත්වයෙන් පවත්වාගෙන යා යුතු අතර, අමාත්‍යවරයාගේ ලිඛිත පූර්ව අනුමැතිය නොලැබ ඒ දේ පළක් වෙනස් කිරීම හෝ මාරු කිරීම හෝ ඒ දේපළ විෂයෙහි සම්බන්ධතාවක් බැහැර කිරීම හෝ එහි යම් ධාවන පථ, තල ධාවන පථ, පෙරවැස්ම, ගොඩ නැගිලි සහ හැහර තැනීම හෝ නොකළ යුතුය. (10) යුද්ධයක් පවත්නා හෝ අත්‍යාසන්න කාලයක දී හෝ ජාතික හදිසි අවස්ථා කාලයක දී අමාත්‍යවරයා විසින් නියමයක් කිරීමෙන් ( 8 ) වන උපවගන්තිය යටතේ අනුයෝජිතයාට ලබා දුන් යම් දේ පළක් අමාත්‍යවරයාගේ භාරයට පත් කරන ලෙස නියම කළ හැකි අතර, ඒ නියමය බලාත් ම කව පවතින අතරතුර දී, අමාත්‍යවරයා විසින් ඒ දේ පළ කළමනාකරණය කිරීම පිළිබඳව, තමා සුදුසු යයි සිතන විධාන අනුයෝජිතයා වෙත දිය හැකි ය; ඒ විධානවලට අනුකූලව ක්‍රියා කිරීම අනුයෝජිතයා ගේ කාර්ය විය යුතුය. (11) (1) වන උපවගන්තිය යටතේ වූ නියම යෙ දිනයෙහි පවත්නා, ගුවන් සංතරණයට අදාළ ආණ්ඩුවේ සියලු ගිවිසුම්, බැඳීම් හා වගකීම් අතුරින් අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයකින් ප්‍රකාශ කරනු ලබන ගිවිසුම්, බැඳීම් හා වගකීම් දෙවනුව සඳහන් කරන ලද නියමයේ දිනයේ සිට, අනුයෝජිතයාගේ ගිවිසුම්, බැඳීම් හා වගකීම් ලෙස සලකනු ලැබිය යුතු ය. (12) අනුයෝජිතයා එලෙස පත් කරන නියමයේ දිනයට පසුව අනුයෝජිතයා ඇති කර ගත් සෑම ගිවිසුමක් ම ඒ ගිවිසුමේ නියම වල, පටහැණි ප්‍රකාශිත විධිවිධාන සලසා ඇත් නම් මිස්, අනුයෝ ජිතයා විසින් රජය වෙනුවෙන් නොව තමා වෙනු වෙන් ම ඇති කර ගත් ගිවිසුමක් ලෙස සලකනු ලැබිය යුතු අතර, රජය ඉන් නොබැඳුනේ යයි සැලකිය යුතු ය. (13) අනුයෝජිතයා විසින් තම කර්තව්‍ය ඉටු කිරිමේ දී හෝ ඉටු කිරීමේ අදහසින් කරන ලද හෝ නොකර හරින ලද හෝ යම් දෙයක් සම්බන්ධයෙන් විරුද් ධව කිසිම නඩු කටයුත්තක් නොපවරනු ලැබිය යුතු ය. (14) 1971 අංක 38 දරන මුදල් පනතේ 12 වන, 13 වන, 14 වන සහ 15 වන වගන්ති, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අනුයෝජිතයාගේ ප්‍රාග් ධන වියදම සඳහා පාර්ලිමේන්තුව විසින් ප්‍රතිපාදනය කරනු ලබන මුදල් ප්‍රමාණයක් හා සම්බන්ධ ගිණුම් විගණනය කිරීමට අදාළ විය යුතුය. (15) අමාත්‍යවරයා විසින් ලිඛිත දැන්වීමක් කිරී මෙන් අනුයෝජිතයාගේ මුදල් තත්ත්වය පිළි බඳව ඒ දැන්වීමෙහි සඳහන් තොරතුරු තමා වෙත සපයන ලෙස අනුයෝජිතයාට නියම කරනු ලැබිය හැකි අතර, ඒ දැන්වීමේ නියමයන්ට අනුකූලව ක්‍රියා කිරීම අනුයෝජිතයාගේ කාර්යය විය යුතු ය. තව ද, අනුයෝජිතයා විසින් එක් එක් ලිත් වර්ෂය අවසානයේ දී- (අ) එම වර්ෂය තුළ දී අනුයෝජිතයාගේ කට යුතු පිළිබඳ වාර්තාවක්'; හා (ආ) එම වර්ෂය සඳහා අනුයෝජිතයාගේ අයවැය ලේ ඛනයේ, ශේෂ පත්‍රයේ හා ලාභාලාභ ගිණුම් පත්‍රයේ පිටපතක් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. (16) (1) වන උපවගන්තිය යටතේ අනුයෝජිත යකු පත් කිරීමේ හේතුවෙන් (ආණ්ඩුවේ ඒකා බද්ධ සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය යටතේ ස්ථාන මාරු කිරීමට යටත් එම සේවයේ නිලධරයකු නො වන) යම් රජයේ නිලධරයකුගේ සේවය සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවට තවදුරටත් අවශ්‍ය නොවන බවට උචිත බලධරයා සෑහීමට පත් වන අවස්ථාවක, ඔහු විසින් ඒ නිලධරයා දැරූ ධුරය අහෝසි කරනු ලැබිය හැකිය: එසේ වුව ද ආණ්ඩුවේ ඒකාබද්ධ සේවයේ නිල ධරයකු වන හා ඒකාබද්ධ සේවය පිහිටු වීමට කලින් දිනයක සිට සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තු වේ අඛණ්ඩව සේවය කර ඇති යම් රජයේ නිලධර යකු විසින් දරන ලද ධුරය, අනුයෝජිතයා පත් කිරීමේ හේතුවෙන් ඒ නිලධරයාගේ සේවය දෙපාර්තමේන්තුවට තවදුරටත් අවශ්‍ය නොවන බවට උචිත බලධරයා සෑහීමට පත් වන අවස් ථාවක ඔහු විසින් අහෝසි කරනු ලැබිය හැකිය. (17) (16) වන උපවගන්තිය යටතේ ධුරය අහෝසි කරන ලද රජයේ නිලධරයකුගේ ධුරය විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය යටතේ විශ්‍රාම වැටුප් සහිත යයි ප්‍රකාශ කරනු ලැබ ඇති අවස් ථා වක, ධුරය අහෝසි කිරීමේ හේතුව මත, ඔහු රජයේ සේවයෙන් විශ්‍රාම ගත්තේ නම් විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය යටතේ ඔහුට ගෙවිය හැකිව තිබූ විශ්‍රාම වැටුප හෝ පාරිතෝෂිකය හෝ ගෙවනු ලැබීම පිණිස ඔහු සුදුස්සකු විය යුතුය. (18) (16) වන උප වගන්තිය යටතේ ධුරය අහෝසි කරනු ලැබූ යම් රජයේ නිලධරයකු නිශ්චිත කාලසීමාවක් ආණ්ඩුවට සේවය කිරීමට බැඳුම්කරයකට හෝ ගිවිසුමකට යටත්ව සිටින හෝ අවස්ථාවක, අනුයෝජිතයාගේ කාර්ය මණ්ඩලයෙ ඔහු විසින් සේවය කරනු ලබන යම් කාලයක්, ඒ බැඳුම්කරය හෝ ගිවිසුම සම්පූර්ණ කිරීමේ කාර්ය සඳහා ආණ්ඩුවට සේවය කරන ලද කාලයක් ලෙස සලකනු ලැබිය යුතු ය: එසේ වුව ද, එවැනි යම් නිලධරයකුට අනු යෝජිතයාගේ කාර්ය මණ්ඩලයේ රැකියාව දෙනු ලැබ ඔහු එය භාර නොගත්තේ නම්, ඔහු, ඒ බැඳුම් කරයේ හෝ ගිවිසුමේ හෝ නියම හා කොන්දේසි වලට යටත්ව, ඒ බැඳුම්කරයේ හෝ ගිවිසුම යටතේ සම්පූර්ණ නොකරන ලද යම් සේවා කාලයක් සම් බන්ධයෙන්, ඒ බැඳුම්කරයේ හෝ ගිවිසුමේ නියම අනුව ගණන් බලන ලද මුදල් ප්‍රමාණයක් ආණ්ඩු වට ගෙවීමට යටත් වන්නේ ය. (19) (අ) අනුයෝජිතයාගේ ඉල්ලීම පිට, (16) වන හා (17) වන උපවගන්ති අදාළ වන රජයේ නිලධරයකු නොවන යම් රජයේ නිලධරයකු, ඒ නිලධරයාගේ හා තත් කාලයේ සිවිල ගුවන් සේවා විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ හා රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ කැමැත්ත ඇතිව, එවැනිම කැමැත්ත ඇතිව අනු පයෝජිතයා විසින් තීරණය කරනු ලැබිය හැකි කාල යක් සඳහා අනුයෝජිතයාගේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබිය හැකි ය. නැතහොත් එවැනිම කැමැත්ත ඇතිව ඒ කාර්ය මණ්ඩලයට ස් ස්ථිරව පත් කරනු ලැබිය හැකිය. (ආ) රජයේ නිලධරයකු අනුයෝජිතයාගේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලබන අවස් ථාවක, 1978 අංක 19 දරන ගමනාගමන මණ් ඩල පනතේ 13 වන වගන්තියේ (2) වන උප වගන්තියේ විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහි තව ඒ නිලධරයාට හා ඔහු සම්බන්ධයෙන් අදාළ විය යුතුය. (ඇ) රජයේ නිලධරයකු අනුයෝජිතයාගේ කාර්ය මණ් ඩලයට ස් ස්ථිරව පත් කරනු ලබන අවස් ථාවක 1978 අංක 19 දරන ගමනා ගමන මණණ්ඩල පනතේ 13 වන වගතියේ ( 3 ) වන දීප වගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ නිලධරයාට හා ඔහු සම්බනං න්ධයෙන් අදාළ විය යුතු ය. (20) ගුවන් තොටුපළවල් හෝ යම් ගුවන් සංතරණ සේවා හෝ පහසුකම් දියුණු කිරීම සඳහා අනුයෝජිතයා විසින් ආනයනය කරනු ලබන යම් ප්‍රාග්ධන උපකරණ සඳහා යම් රේගු බදු ගෙවීමෙන් අනුයෝජිතය, නිදහස් වන්නේ ය. ". 4. ප්‍රධාන ප්‍රඥප්තියෙ 22 වන වගන්තියෙහි " මේ පනතේ යන වචන වෙනුවට '' තම කර්තව්‍ය ඉටු කිරීමේ දී අනුයෝජිතයා විසින් දරන ලද වියදම් හැර, මේ පනතේ " යන වචන ආදේශ කිරීමෙන් එම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 23 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:- 23. (1) ගාස්තු අය කිරීම් හෝ දඩ වශයෙන් මේ පනත යටතේ ගෙවනු ලබන හෝ අය කර ගනු ලබන සියලු මුදල් (3) වන උපවගන්තියට යටත් ව ඒකාබද්ධ අරමුදලට ගෙවනු ලැබිය යුතු ය. (2) අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් නිශ්චය කරනු ලබන මේ පනත යටතේ පනවනු ලබන හෝ අය කරගනු ලබන ගාස්තු, කුලී, බදු හෝ වෙනත් අය කිරීම් අනුයෝජිතයා විසින් ආණ්ඩුව වෙනුවෙන් එකතු කර ගැනීම හෝ අය කර ගැනීම කරනු ලැබිය යුතු ය. (3) අනුයෝජිතයා විසින් ආණඩුව වෙනුවෙන් එකතු කර ගන්නා ලද හෝ අය කර ගන්නා ලද ගාස්තු, බදු හෝ අයකිරීම්වලින් අමාත්‍ය වරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් නිශ්චය කරනු ලබන කොටසක් අනුයෝජිතයා විසින් තම කර්තව්‍ය ඉටු කිරී මෙහි ලා තමා විසින් සලසන ලද සේවාවන් සඳහා ගාස්තු වශයෙන් තබා ගත යුතු අතර, ඉතිරි මුදල ඒ ක බද්ධ අරමුදලට බැර කළ යුතු ය. '' 6. ප්‍රධාන ප්‍රඥප්තියේ 38 වන වගන්තියේ ( 4 ) වන උපවගන් තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (i) ''ගගන යාත්‍රාංගනය '' යනෙහි අර්ථ කථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් අර්ථ කථනය ඇතුළත් කිරීමෙන්:- "අනුයෝජිතයා ” යන්නෙන් අ වන වගන්තිය යටතේ පත් කරනු ලබන අනුයෝජිතයකු අදහස් වේ ; ' ( 11 ) '' ගුවන් යානය " යන්නෙහි අර්ථ කථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් අර්ථ කථන ඇතුළත් කිරීමෙන් :- ' '' ගුවන් සංතරණ සේවා '' යන්නෙන් සංතරණ ආධාරක සහ සංතරණ පහසුකම් අදහස් වේ; ගුවන් තොටුපළ '' යන්නෙන් ගගන යාත්‍රා සඳහා ආවරණය, සේවා කිරීම් සහ අලුත් වැඩියා කිරීම් ද මගින් හෝ ගුවන් නැව් බඩු පිළිගැනීම හෝ පිට කිරීම් සඳහා පහසුකම් සලසනු ලබන ගගන යාත්‍රාංග නයක් අදහස් වන අතර හෙලිකොප්ටර් පළක් ද ඊට ඇතුළත් වේ; '" ගුවන් ගමනාගමන පාලනය '' යන්නෙන්- (අ) (i) ගුවන් යානා එකිනෙක අතර, සහ (ii) ගුවන් යානා සහ බාධක අතර හැසිරවීමේ ප්‍රදේශයන්හි දී ගැටුම් වැළැක් වීමේ කාර්යය සඳහා; සහ (ආ) ගුවන් යානා ගමනා ගමන ඉක්මන් කිරීම හා ක්‍රම වත් ගුවන් යනා ගමනාගමන ධාරාවක් පවත් වාගෙන යාම සඳහා සලසනු ලබන සේවාව අදහස් වේ ; ' (iii) ''බල පත්‍රලත් ගගන යාත්‍රාංගනය '' යන්නෙහි අර්ථ කථන යට ඉක් බිතිව ම පහත දැක්වෙන අලුත් අර්ථ කථන ඇතුළත් කිරීමෙන් :- ''' ජාතික ගුවන් සේවය '' යන්නෙන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රවාහකයා ලෙස තත් කාලයෙහි නම් කරනු ලැබූ ගුවන් සේවය අදහස් වේ; " සංතරණ ආධාරක " යන්නෙන් ගුවන් මාර්ගයක ඇති දෘෂ්‍ය හා දෘෂ්‍ය නොවන සංතරණ ආධාරකයන් ද ලඟා වීම සහ ගොඩබැස්සවීම සඳහා ගගන යාත්‍රාංගනයක ඇති දෘෂ්‍ය සහ දෘෂ්‍ය නොවන ආධාරකයන් ද අදහස් වන අතර, පණිවිඩ සේවා, කාලගුණ විද්‍යාත්මක සේවා සහ ගුවන් ගමනාගමන පාලන සේවා ද අදහස් වේ; “ සංතරණ පහසුකම් " යන්නෙන් ගුවන් යානා ආරක්ෂා සහිතව සංතරණය කරවීම සඳහා සලසා ඇති පහසු කම් අදහස් වන අතර දෘෂ්‍ය සහ දෘෂ්‍ය නොවන සංතරණ ආධාරකයන් ද ඊට ඇතුළත් වේ.'. II වන කොටස 7. 1979 අංක 46 දරන ගුවන් තොටුපළවල් පිළිබඳ අධිකාරිය පනත මෙයින් ඉවත් කරනු ලැබේ. මේ වගන්තියෙහි සහ 8 වන වගන්තියෙහි "ගුවන් තොටු පළවල් පිළිබඳ අධිකාරිය '' යන්නෙන් 1979 අංක 46 දරන ගුවන් තොටුපළ වල් පිළිබඳ අධිකාරිය පනත මගින් පිහිටුවනු ලැබූ ගුවන් තොටු පළ වල් පිළිබඳ අධිකාරිය අදහස් වේ. 8. (අ) නියමිත දිනයට පෙරාතුව ම වූ දිනයේ දී ගුවන් තොටු පළවල් පිළිබඳ අධිකාරිය සන්තකයේ සහ පාලනයේ තිබුණු සියලු නිශ්චල සහ චංචල දේපළ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂවරයා වෙත පැවරෙන්නේ ය; සතු වන්නේය; (ආ) නියමිත දිනයට පෙර ගුවන් තොටු පළවල් පිළිබඳ අධි කාරිය විසින් දරන ලද සියලු ණය, බැඳීම් හා වගකීම් ද, ලියා අත්සන් කරන ලද හෝ ඇති කර ගන්නා ලද සියලු ගිවිසුම්, ඔප්පු, එකඟවීම් හා වෙනත් සාධන පත්‍ර ද ඒ අධිකාරිය විසින් හෝ සමග කිරීමට ගිවිස ගත් සියලු කරුණු සහ දේවල් ද නියමිත දිනයට පෙරාතුව ම වූ දිනයෙහි පැවතුනේ ද ඒවා ගුවන් සංතරණ පනතේ 21 අ වන වගන්තිය යටතේ පත් කරන ලද අනුයෝජිතයා විසින් දරන ලද, ලියා අත් සන් කරන ලද, ඇති කර ගන්නා ලද නැතහොත් අවස්ථාවෝචිත පරිදි, අනුයෝජිතයා විසින් හෝ ඔහු සමග කිරීමට ගිවිසගත් ලෙස සලකනු ලැබිය යුතු ය; (ඇ) ගුවන් තොටුපළවල් පිළිබඳ අධිකාරිය විසින් හෝ එයට විරුද්ධව හෝ පවරනු ලැබ නියමිත දිනයට පෙරාතුව ම වූ දිනය වන විට අසා නිම නොවී තිබුණු සියලු නඩු සහ වෙනත් නඩු කටයුතු ගුවන් සංතරණ පනතේ 21 අ වන වගන්තිය යටතේ පත් කරනු ලැබූ අනු යෝජිතයා විසින් හෝ ඔහුට විරුද්ධව හෝ පවරනු ලැබූ නඩු සහ නඩු කටයුතු ලෙස සලකනු ලැබිය යුතු ය; තව ද ඒ අනුව ඒ සෑම නඩුවක් සහ නඩු කටයුත්තක් ම ඉදිරියට ගෙන යාම සහ ක්‍රියාත්මක කිරීම හැකි ය; (ඈ) නියමිත දිනයට පෙරාතුව ම වූ දිනයෙහි ගුවන් තොටුපළ වල් පිළිබඳ අධිකාරියෙහි සේවයෙහි නියුක්තව සිටි සියලු නිලධරයන් සහ වෙනත් සේවා නියුත්තයන් ගුවන් තොටුපළවල් පිළිබඳ අධිකාරියෙහි සේවා නියුක්තයන් වීම අවසන් විය යුතු අතර, ගුවන් සං තරණ පනතේ 21 අ වන වගන්තිය යටතේ පත් කරනු ලැබූ අනුයෝජිතයා යටතේ සේවා නියුක්තිය ඔවුනට නොදෙනු ලැබුවහොත්, අමාත්‍යවරයා විසින් සේවා නියුක්තයන්ගේ පූර්ව සේවය මෙන්ම වන්දි මුදල් සහ පාරිතෝෂික මුදල් තිරණය කිරීමට අදාළ වෙනත් කරුණු ද සලකා තීරණය කරනු ලබන චන්දි මුදල සහ පාරිතෝෂික මුදල ලැබීමට ඔවුන්ට සුදුසුකම් ලැබෙන්නේ ය.
72
acts_1982-01-20_Employees_Trust_Fund_Amendment_si
act
1982
5
1
0.975523
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 3 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1982 ජනවාරි මස 20 වන දින ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 ජනවාරි මස 22 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 3 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් (සංශෝධන) පනත 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1982 අංක 3 දරන සේවා නියුක්තයන්ගේ ලුහුඬු නාමය. භාර අරමුදල් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු '' ප්‍රධාන ප්‍රඥප්තිය " යනුවෙන් සඳහන් කරනු ලබන) 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනතේ 11 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර ඒ වගන්තිය ඒ ප්‍රඥප්තියෙහි 11 අ වන වගන්තිය ලෙස බලාත්මක විය යුතු ය :- 11අ. මේ පනත යටතේ මණ්ඩලයේ කාර්ය ඉටු කිරීම හා බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් කලින් කල මණ් ඩලයට ලිඛිතව පොදු හෝ විශේෂ විධාන දෙනු ලැබිය හැකි අතර මණ්ඩලය විසින් ඒ විධාන ක්‍රියාත්මක කළ යුතුය.". 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ප්‍රධාන ලැබේ. 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 17 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර පහත දැක්වෙන වගන්තිය ඒ වෙනුවට ආදේශ කරනු ලැබේ :- 17. (1) මේ පනතේ 29 වන වගන්තියේ විධිවිධාන වල කුමක් සඳහන්ව ඇත ද, 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත අදාළ වන සේ වායෝජකයකු විසින් සේවයෙහි නියුක්ත කරනු ලැබූ එක් එක් සේවා නියුක්තයා සම්බන්ධයෙන් ඒ පනත යටතේපිහිටුවන ලද සේවක අර්ථසාධක අරමුදලට හෝ ඒ පනත යටතේ අනුමත කරන ලද අර්ථසාධක අරමුදලක් වශයෙන් ප්‍රකාශ කරන ලද අර්ථ සාධක අරමුදලකට ඒ පනත යටතේ නියම කර ඇති ප්‍රමාණයට වඩා වැඩි ප්‍රතිශතයක් අනුව ගණන් බලනු ලැබූ ප්‍රමාණයක දායක මුදලක් ගෙවීමට ඒ සේ වායෝජකයා විසින් ඒ පනතේ 14 වන වගන් තියේ විධිවිධාන යටතේ තෝරා ගෙන ඇති අවස්ථා වක ඒ ප්‍රතිශතය- (අ) ඒ සෙ‍ේවායෝජකයා යටතේ වූ තම සේවා නියුක්තියෙන් ඒ සේවා නියුක්තයාගේ එක් මාසයක මුළු ඉපයීම්වලින් සියයට තුනකට සමාන වෙතොත් හෝ ඊට වැඩි වෙතොත් తా වැඩි ප්‍රතිශතයෙන් සියයට තුනක් සෑම මාසයකදී ම අඩුකර ඒ සියයට තුන මේ පනත යටතේ පිහිටුවන ලද අරමුදලට ප්‍රේෂණය කළ හැකි ය; තව ද ඒ අඩු කිරීමෙන් පසු ඉතිරි වන ප්‍රමාණය සේවක අර්ථ සාධක අරමුදලට හෝ අනුමත කරන ලද අර්ථසාධක අරමුදලට ගෙවීම කරගෙන යා හැකිය; නැතහොත් (ආ) ඒ සේ වායෝජකයා යටතේ වූ තම සේවා නියුක්තියෙන් ඒ සේවා නියුක් තයාගේ එක් මාසයක මුළු ඉපයීම්වලින් සියයට තුනකට අඩු වෙතොත් එම පනතේ 40 වන වගන්තියේ නියමිත ප්‍රතිශතයට වැඩියෙන් ඇති මුදල් ප්‍රමාණය සහ, ඒ සමග, ඒ ඉපයීම් වලින් සියයට තුනක මුළු එකතුවක් සෑදෙන පරිදි ඒ සේවා යෝජකයා විසින් දෙනු ලබන්නා වූ අතිරේක දායක මුදලක් ඒ සේ වා යෝජකයා විසින්, මේ පන්ත යටතේ පිහිටුවන ලද අරමුදලට ප්‍රේෂණය කරනු ලැබිය හැකි අතර, 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පත යටතේ නියමිත ප්‍රමාණය සේවක අර්ථ සාධක අරමුදලට හෝ අනුමත කරන ලද අර්ථ සාධක අරමුදලට ගෙවීම දිගටම කර ගෙන යා හැකිය. (2) මේ පනත යටතේ පිහිටුවන ලද අරමුදලට (1) වන උපවගන්තිය ප්‍රකාර සේවා යෝජකයකු විසින් කරන ලද යම් ගෙවීමක් 16 වන වගන්තියේ විධිවිධානවලට අනුකූලව කරනු ලැබූ සේ සලකනු ලැබිය යුතු ය.'". 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 21 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :- 21. (1) අරමුදලේ යම් සාමාජිකයකුගේ පුද්ග ලික ගිණුමේ බැරට ඇති යම් මුදලක් අරමුදල පිහිටු වීමේ දින සිට අවුරුදු දෙකක් ඉකුත් වන තුරු ගෙවනු නොලැබිය යුතුය. (2) (1) වන උපවගන්තියේ සඳහන් අවුරුදු දෙකක කාලය ඉකුත් වීමෙන් පසු, යම් සාමාජික යකුගේ පුද්ගලික ගිණුමේ බැරට ඇති මුළු මුදල් ප්‍රමාණය, 23 වන, 24 වන සහ 25 වන වගන්තිවල විධිවිධාන වලට යටත්ව ඒ සාමාජිකයාට ගෙවනු ලැබිය යුතු ය. (3) (1) වන සහ (2) වන උපවගන්තිවල විධිවිධානවල කුමක් සඳහන්ව ඇත ද, 1967 අංක 14 දරන ඉන්දු ලංකා ගිවිසුම (ක්‍රියාත් මක කිරීමේ) පනත යටතේ සිය රට යවනු ලබන යම් සාමාජිකයකුගේ පුද්ගලික ගිණුමේ බැරට ඇති මුළු මුදල් ප්‍රමාණය ඒ සාමාජිකයා ශ්‍රී ලංකාවෙන් පිටත් වන දිනයට පෙර ඔහුට ගෙවනු ලැබිය යුතු ය.'' 6. ප්‍රධාන ප්‍රඥප්තියේ 27 වන වගන්තියේ (අ), (ආ), (ඇ) සහ (ඈ) ඡේද අතහැර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේ ද ආදේශ කිරී මෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (අ) ඒ දායක මුදල දින දහයක් නොඉක්මවන කාලයකට හිඟව ඇති අවස් ථාවක ඒ දායක මුදල් ප්‍රමාණයෙන් සියයට පහක අධිභාරයක්; (ආ) ඒ දායක මුදල දින දහයක් ඉක්මවන, එහෙත් එක් මාස යක් නොඉක්මවන, කාලයකට හිඟව ඇති අවස් ථාවක ඒ දායක මුදල් අ ප්‍රමාණයෙන් සියයට පහළොවක ධිභාරයක්; (ඇ) ඒ දායක මුදල එක් මාසයක් ඉක්මවන, එහෙත් මාස තුනක් නොඉක්මවන, කාලයකට හිඟව ඇති අවස් ථාවක ඒ දායක මුදල් ප්‍රමාණයෙන් සියයට විස් සක අධිභාරයක්; (ඈ) ඒ දායක මුදල මාස තුනක් ඉක්මවන, එහෙත් මාස හයක් නොඉක්මවන, කාලයකට හිඟව ඇති අවස් ථාවක දායක මුදල් ප්‍රමාණයෙන් සියයට තිහක අධිභාරයක්' ; (ඉ) ඒ දායක මුදල මාස හයක් ඉක්ම වන, එහෙත් මාස දොළ හක් නොඉක්මවන, කාලයකට හිඟව ඇති අවස්ථාවක ඒ දායක මුදල ප්‍රමාණයෙන් සියයට හතළිහක අධිභාරයක්; (ඊ) ඒ දායක මුදල මාස දොළහක් ඉක්මවන කාලයකට හිඟව ඇති අවස්ථාවක ඒ දායක මුදල් ප්‍රමාණයෙන් සියයට පනහක අධිභාරයක්.'' 7. මේ පනතේ 4 වන වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියට කරන ලද සංශෝධනය 1981 මාර්තු 1 වනදා සිට ක්‍රියාත් ත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය.
73
acts_1982-01-22_Sri_Lanka_Rupavahini_Corporation_si
act
1982
18
2
0.985793
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 6 දරන ලංකා රූපවාහිනි සංස්ථා පනත [ සහතිකය සටහන් කළෙ 1982 ජනවාරි මස 22 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 ජනවාරි මස 22 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 56 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත ශ්‍රී ලංකාවෙහි රූපවාහිනී ප්‍රචාරක සේවය පවත් වාගෙන යාමේ කාර්යය සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව පිහිටුවීම සඳහා ද, ඒ සේවය සංවර්ධනය කිරීම, ව්‍යාප්ත කිරීම හා දියුණු කිරීම සඳහා ද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධි විධාන සැලසීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1982 අංක 6 දරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර එය, (මෙහි මින් මතු වීමේ දිනය. " නියමිත දිනය " යනුවෙන් සඳහන් කරනු ලබන) අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් නියම කරනු ලබන දිනයක ක්‍රියාත්මක විය. යුතු ය. I වන කොටස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව පිහිටු වීම හා එහි සංයුතිය 2. (1) (මෙහි මින් මතු " සංස්ථාව '' යනුවෙන් සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව යනුවෙන් හඳුන්වනු ලැබිය යුතු සංස්ථාවක් පිහිටුවනු ලැබේ. (2) සංස්ථාව, (1) වන උපගන්තිය මගින් ඊට දෙන ලද නාමයෙන් සංස්ථාවක් විය යුතු ය; තව ඊට අවිච්ඡින්න පැවැත්මක් හා පොදු මුද්‍රාවක් තිබිය යුතු අතර ඒ නාමයෙන් නඩු පැවරීමත්, නඩු පවරනු ලැබීමත් කළ හැකිය. 3. (4) සංස්ථාව පහත දැක්වෙන සාමාජිකයන්ගෙන් සමන්විත විය යුතුය: (අ) අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන, රූපවාහිනී ඉංජිනේරු විද්‍යාව හෝ වෙනත් ඉංජිනේරු විද්‍යා පිළිබඳව හෝ, නෛතික හෝ මූල්‍ය කාරණා හෝ පරිපාලනය හෝ කර්ම කරු සම්බන්ධතා පිළිබඳව හෝ, ගුවන් විදුලි ප්‍රචාරය හා සන්නිවේදනය පිළිබඳ ක්ෂේත්‍රයෙහි, පුළුල් පළපුරුද්ද, හැකියාව හා පිළිගැනුමක් තිබේ යයි අමාත්‍යවරයාට පෙනී යන්නා වූ සාමාජිකයන් සිව් දෙනෙක් ; (ආ) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තත්කාලයෙහි භාරව සිටින අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන, ඒ සංස් ථාවේ නියෝ ජිතයකු විය යුතු එක් සාමාජිකයෙක්; (ඇ) ජාතික චිත්‍රපට සංස්ථාව තත් කාලයෙහි භාරව සිටින අමාත්‍ය චරයා විසින් පත් කරනු ලබන, ඒ සංස්ථාවේ නියෝජිතයකු විය යුතු එක් සාමාජිකයෙක්; සහ (ඈ) අධ්‍යාපන විෂයය භාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ නියෝජිතයකු විය යුතු එක් සාමාජිකයෙක්. (2.) සංස් ථාවේ සභාපති වශයෙන් සාමාජිකයන් අතුරින් එක් තැනැත්තකු අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය යුතුය. (3) යම් තැනැත් තෙක් - (අ) පාරර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන්නේ නම්; හෝ (ආ) යම් සමාගමක (අධ්‍යක් ඝවරයෙකු නොවන) කොටස් කරුවකු වශයෙන් හැර, කෙලින්ම හෝ අනියම් ක්‍රමයෙන් ඔහු විසින්ම හෝ ඔහු වෙනුවෙන් හෝ ඔහුගේ ප්‍රයෝජනය නැතහොත් ප්‍රතිලාභය පිණිස වෙනත් යම් තැනැත්තකු මාර්ගයෙන්, සංස්ථාව විසින් හෝ එය වෙනුවෙන් ඇති කරනු ලබන යම් ගිවිසුමක් යටතේ යම් අයිතියක් හෝ ප්‍රයෝජනයක් දැරීම හෝ භුක්ති විඳීම කරන්නේ නම්; හෝ (ඈ) යම් සමාගමක (අධ්‍යක් ෂවර්යකු නොවන) කොටස් කරුවකු වශයෙන් හැරි, කෙලින්ම් හෝ අනියම් ක්‍රමයෙන්, ඔහු විසින්ම හෝ ඔහු වෙනුවෙන් වෙනත් යම් තැනැත්තකු මාර්ගයෙන්, සංස්ථාව සඳහා කෙරෙමින් තිබෙන යම් වැඩකට හෝ වැඩකින් හෝ යම් සම්බන්ධතාවක දරන්නේ නම් හෝ සම් ප්‍රතිලාභයක් ලබන්නේ නම්; හෝ (ඈ) යම් සමාගමක (අධ්‍යක් පවරයෙකු නොවන) කොටස් කරුවකු වශයෙන් හැර කෙළින්ම හෝ අනියම් ක්‍රමයෙන්, ඔහු විසින්ම හෝ ඔහු වෙනුවෙන් වෙනත් යම් තැනැත්තකු මාර්ගයෙන්, රූප වාහිනී ප්‍රචාරයෙහි හෝ රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදනයෙහි, අලෙවි කිරීමෙහි හෝ බෙදා හැරී මෙහි නිරතව සිටින්නේ නම් ඒ තැනැත්තා සංථාවේ සාමාජිකයකු වශයෙන් පත් කරනු ලැබීමට හෝ කටයුතු කරගෙන යාමට හෝ නුසුදුසු වන්නේය. (4) සංස්ථාවේ සාමාජිකයකු, සංස්ථාව සමග යම් ගිවිසුමකට එළඹී ඇති හෝ සංස්ථාව සඳහා යම් වැඩක් කරමින් සිටින යම් සමා ගමක (අධ්‍යක් ෂවරයකු නොවන) කොටස් කරුවකු වන අවස් ථාවක, ඔහු ඒ සමාගමෙහි දරන කොටස් වල ස්වභාවය හා ප්‍රමාණය ඔහු විසින් අමාත්‍යවරයාට අනාවරණය කරනු ලැබිය යුතු ය. (5) මිය යාමෙන්, ඉල් ල්ලා අස් වීමෙන් හෝ ඉවත් කරනු ලැබීමෙන් කලින් තම ධුරය හිස් කරනු ලබන්නේ නම් මිස, සෑම සාමාජික යකුම අවුරුදු හතරක කාලයක් ධුරය දැරිය යුතු අතර ධුරයෙන් ඉවෙන් කරනු ලැබුවහොත් මිස යළි පත් කරනු ලැබීමට සුදුසු විය යුතුය. ( 6 ) යම් සාමාජිකයකු මිය යාම හෝ ධුරය හිස් කිරීම හෝ ධුර යෙන් ඉවත් කරනු ලැබීම සිදු වූ විට ඔහු වෙනුවට වෙනත් තැනැත්තකු අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය හැකි ය. එවැනි සාමාජිකයකු වෙනුවට පත් කරනු ලබන යම් තැනැත්තකු විසින් එකී සාමා ජිකයාගේ ධූර කාලයෙන් නොගෙවී ශේෂ වී ඇති ධුර කාලය තුළ ධූරය දැරිය යුතුය. ( 7 ) රෝගාතුරවීම හෝ ශ්‍රී ලංකාවෙහි නොසිටීම හෝ වෙනත් යම් හේතුවක් නිසා තාවකාලික වශයෙන් තම ධුරයේ කාර්ය ඉටු කිරීමට සංස්ථාවේ සභාපතිවරයාට හෝ වෙන සම සාමාජිකයකුට නො හැකි වන අවස්ථාවක, ඔහු වෙනුවට ක්‍රියා කිරීම සඳහා වෙනත් තැනැත්තකු අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය හැකිය. (8) යම් සාමාජිකයකු ධුරයෙන් ඉවත් කිරීම යෝග්‍ය යයි අමාත්‍ය වරයා අදහස් කරන්නේ නම්, අමාත්‍යවරයා විසින්, ඒ ඉවත් කිරීමට හේතු නොදක්වා ගැසට් පත්‍රයෙහි පළකරනු ලබන නියමයක් මගින්, එසේ කළ හැකිය. තවද ඒ ඉවත් කිරීම පිළිබඳව කවර හෝ අධිකරණයක ප්‍රශ්න නොකළ යුතුය. (9) සංස්ථාවේ යම් සාමාජිකයකු විසින් අමාත්‍යවරයා වෙත යොමු කළ ලිඛිත දැනුම් දීමක් මාර්ගයෙන් කවර වූ හෝ විටක දී සිය ධුර යෙන් ඉල්ලා අ විය හැකිය. (10) සංස්ථාවේ කවර වූ හෝ ක්‍රියාවක් හෝ කටයුත්තක්, එහි සාමාජිකයන් අතර යම් පුරප් පාඩුවක් හෝ එහි සාමාජිකයකුගේ පත්වීම සම්බන්ධයෙන් වූ යම් අක්‍රමිකතාවක් හෝ හේතුකොට ගෙන පමණක් නිර්බල නොවිය යුතු ය. පැවතීම (14) සංස්ථාවේ රැස්වීම්, ඒ රැස්වීම් සඳහා අවශ්‍ය ගණ පූරණය සහ රැස්වීම්වල දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය පිළිබඳව, මේ පනත යටතේ අති සාදනු ලැබිය හැකිය. 4. අමාත්‍යවරයා විසින්, මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එක ඟත්වය ඇතිව තීරණය කරනු ලබන ආකාරයට සහ ගාස්ත්‍ර ප්‍රමාණ අනුව සංස්ථාවේ සාමාජිකයන්ට ජාරිශ්‍රමික භෙවිය යුතු ය. 5 (1) සංස්ථාවේ මුද්‍රාව සංස්ථාව භාරයේ තිබිය යුතුය. (2) සංස්ථාවේ මුද්‍රාව, සංස්ථාව විසින් තීරණය කරනු ලබන ආකාරයට වෙනස් කරනු ලැබිය හැකිය. (3) සංස්ථාවේ සභාපතිවරයා හෝ ඔහු වෙනුවෙන් අත්සන් කිරී මට සංස්ථාව විසින් බලය දෙනු ලැබූ සංස්ථාවේ සාමාජිකයකු සහ සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ඔහු වෙනුවෙන් ක්‍රියා කිරී මට සංස්ථාව විසින් බලය දෙනු ලැබූ සංස් ථාවේ නිලධරයකු ඉදිරිපිට දී හැර සංස්ථාවේ මුද්‍රාව කිසිම සාධන පත්‍රයට නොතැබිය යුතුය. 6. (4) ඝංස්ථාව වෙත පිරිනැමුණු හෝ නියම කරන ලද හෝ පවරා දෙන ලද යම් බලයක්, කාර්යයක් හෝ කර්තව්‍යයක් සංස්ථාව විසින් ලියවිල්ලකින් නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි යම් කොන්දේ සිවලට යටත්ව අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පවරනු ලැබිය හැකිය. (2) එවැනි යම් පැවරීමක් කර තිබුණ ද, සංස්ථාව විසින් එවැනි යම් බලයක්, කාර්යයක් හෝ කර්තව්‍යයක් ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම හෝ කිරීම කළ හැකිය. II වන කොටස සංස්ථාවේ කර්තව්‍ය, බලතල සහ කාර්ය 7. (4) (අ) ශ්‍රී ලංකාව ඇතුළත රූපවාහිනී ප්‍රචාරක සේවයක් පවත්වා ගෙන යාම සහ එම සේවය ප්‍රවර්ධනය කිරීම සහ දියුණු කිරීම සහ මහජන හිත පිණිස වැඩ සටහන් සම්පාදනය කිරීමෙහි ලා උසස් තත්ත්වයක් පවත්වා ගෙන යාම; (ආ) ප්‍රචාරය කිරීම සඳහා රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදනය කිරීමෙහි නිරතව සිටින තැනැත් තන් ලියාපදිංචි කිරීම; (ඇ) සංස්ථාව විසින් ප්‍රචාරය කරනු ලබන රූපවාහිනී වැඩ සටහන් විෂයෙහි අධීක්ෂණය හා පාලනය ක්‍රියාත්මක කිරීම; (ඈ) අපනයනය කිරීම සඳහා රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදනය කරන විදේශීය හා වෙනත් රූපවාහිනී කණ්ඩායම් විෂයෙහි අධීකෂණය පාලනය ක්‍රියාත්මක කිරීම; (ඉ) වීඩියෝ කැසටි පාවිච්චි කිරීම විෂයෙහි සහ අපන යනය කිරීම සඳහා ඒ කැසට්වල වැඩ සටහන් සාධක නිෂ්පාදනය කිරීම විෂයෙහි අධීක් ෂණය හා පාල නය ක්‍රියාත්මක කිරීම; රූපවාහිනී ප්‍රචාරය හා සම්බන්ධ කරුණු පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම; සහ (උ) මේ පනත මගින් හෝ ඒ ඒ යටතේ රූපවාහිනී ප්‍රචාරය කිරීම පිළිබඳව සංස්ථාව වෙත පිරිනැමුණු හා නියම කරන ලද බලතල හා කාර්යයන් ක්‍රියාත් මක කිරීම හා ඉටු කිරීම සංස්ථාවේ කර්තව්‍යයන් විය යුතුය. (2) (1) වන උපවගන්තියේ (ඇ) ඡේදය යටතේ සංස්ථාවේ කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීම සඳහා, සංස්ථාව විසින් ප්‍රචාරය කරනු ලබන වැඩ සටහන්, හැකිතාක් දුරට, පහත සඳහන් නියම යන්ට අනුකූල වන බවට සෑහීමට පත්වීම සංස්ථාවේ යුතුකම වන්නේය:- (අ) මනා රසවින් දනයට නැතහොත් ශිෂ්ටත්වයට හානිකර හෝ අපරාධ කිරීමට පොළඹ වන හෝ කැළඹීමට තුඩු දෙන හෝ යම් වාර්ගික හෝ ආගමික හැඟීම්වලට හානි කර හෝ මහජන හැඟීම්වලට හානි කළ හැකි කිසිවක් ඒ වැඩ සටහනක ඇතුළත් නොකෙරෙන බව; (ආ) වැඩ සටහන් වල යථා පරිදි ස්ථානික, ප්‍රාදේශීය ජාත්‍යන්තර වශයෙන් තුලනයක් ද වැඩ සටහන්වල විෂය කරුණු අතින් තුලනයක් සහ සාමාන්‍යයෙන උසස් ගුණ තත්ත්වයක් පවත්වාගෙන යන බව; (ඇ) වැඩ සටහන් වල ඇතුළත් කරනු ලබන (කවර වූ හෝ ආකාරයේ) යම් ප්‍රවෘත්ති නිසි පරිදි නිවැරදිව හා අපක්ෂ පාතීව හා මහජන යහපත පිළිබඳ නිසි සැලකිල්ලෙන් යුතුව ඉදිරිපත් කරනු ලබන බව. 8. පහත සඳහන් සියලු බලතල හෝ ඒවායින් කවර වූ හෝ බලයක් සංස්ථාව විසින් ක්‍රියාත්මක කරනු ලැබිය හැකිය :- (අ) රූප වාහිනී ප්‍රචාරක මධ්‍යස්ථාන පිහිටුවීම, සංස්ථාපනය කිරීම හා මෙහෙය වීම, (ආ) යම් ගොඩනැගිල්ලක් සහිතව හෝ රහිතව, යම් ඉඩමක් හෝ ඉඩමක සම්බන්ධතාවක් මිළට ගැනීමෙන්, බද්දට ගැනීමෙන්, අතුරු බද්දට ගැනීමෙන් හෝ අන්‍යාකාරය කින් අත්කර ගැනීම; (ඇ) යම් රූපවාහිනී ප්‍රචාරක මධ්‍ය ස්ථානයක් සම්බන්ධයෙන් පාවිච්චි කිරීම සඳහා හෝ සංස්ථාවේ බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හෝ සංස්ථාවට අයත් හෝ සංස්ථාව විසින් පරිපාලනය කරනු ලබන යම් ඉඩමක යම් රූපවාහිනී ප්‍රචාරක මධ්‍යස් ස්ථානයක් හෝ යම් ගොඩ නැගිල්ලක් හෝ යම් ඉදි කිරීමක් ඉදි කිරීම, වෙනස් කිරීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම; (ඈ) අමාත්‍යවරයාගේ පූර්ව අනුමතය ඇතිව, යම් ඉඩමක් හෝ ඉඩමක සම්බන්ධතාවක් විකිණීම, බද්දට දීම, අතුරු බද්දට දීම හෝ අන්‍යාකාරයකින් නියාදනය කිරීම; (ඉ) මෙම පනතේ කාර්ය සඳහා සංස්ථාව විසින් අවශ්‍ය යයි සලකනු ලබන යම් දේපළ අයිතිවාසිකම් හෝ වරප්‍රසාද මිළට ගැනීමෙන් හෝ අන්‍යාකාරයකින් අත්කර ගැනීම; (ඊ) සංස්ථාවේ යම් චංචල දේ පළක්, අයිතිවාසිකම් හෝ වරප්‍රසාද විකිණීමෙන් හෝ අන්‍යාකාරයෙන් නියාදනය කිරීම හෝ මුදල් කිරීම හෝ අන්‍යාකාරයෙන් කටයුතු කිරීම; (උ) අමාත්‍යවරයාගේ පූර්ව අනුමතය ඇතිව සහ අනුමත කරනු ලැබිය හැකි යම් නියමයන්ට හා කොන්දේ සිවලට යටත්ව, වෙනත් යම් ව්‍යාපාරයක් හා එක්ව හෝ එසේ නොමැතිව, ප්‍රචාරය කිරීම සඳහා රූප වාහිනී සටහන් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය පවත්වා ගෙන යන්නා වූ හෝ පවත්වා ගෙන යාමට අදහස් කරන්නා වූ යම් තැනැත්තකුට හෝ සංස්ථාගත කරන ලද හෝ එසේ නොමැති යම් පුද්ගල මණ්ඩලයකට, අත්තිකාරම් වශයෙන් මුදල් දීම නැතහොත් වෙනත් යම් තැනැත් තකු විසින් ඉහත දැක්වු පරිදි වූ යම් තැනැත් තකුට හෝ මණ්ඩලයකට දෙන ලද යම් අත් තිකාරම් සම්බන්ධයෙන් යම් සහතික වීමක්, හානි පූරණයක් හෝ ඇපයක් දීම; (ඌ) මුදල්, විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය සහිතව දෙනු ලැබූ අමාත්‍යවරයාගේ පූර්ව අනුමතය ඇතිව, වෙනත් යම් ව්‍යාපාරයක් හා එක්ව හෝ එසේ නොමැතිව ප්‍රචාරය කිරීම සඳහා රූපවාහිනී වැඩ සටහන් සැපයීමේ ව්‍යාපාරය පවත්වා ගෙන යන හෝ සවවා ගෙන යාමට අදහස් කරන්නා වූ ශ්‍රී ලංකාව ඇතුළත හෝ ඉන් පිටත සංස්ථාගතු කරන ලද යම් සමාගමක කොටස් හෝ ස්කන්ධ සම්බන්ධයෙන් සහභාගිවීම, ඒවා අත් කර ගැනීම, දිරිලි හෝ නීසාදනය කිරීම හෝ ඒවා සම්බන්ධ යෙන් අන්‍යාකාරයෙන් කටයුතු කිරීම; (එ) රූපවාහිනී ප්‍රචාරය පිළිබඳ කාර්යයෙහි ලා සාමාන්‍යයෙන් ඇතුළත් කෙරෙන තලා හා සංස්කෘතික කටයුතු වර්ධනය කිරීම සහ පවත්වා ගෙන යෑම ෂුවර්ධනය කිරීමේ සහ ඊට සහාය වීමේ කාර්යය සඳහා යෝග්‍ය යයි සිතිය හැකි ආකාර යකින් රූපවාහිනී ප්‍රචාරක සේවයේ පහසුකම් හා කර්ණ පාවිච්චි කිරීම්; (ඒ) සථාවේ නිලධරයන්ගේ පාවිච්චිය සඳහා නිවාස බද්දට ගැනීම, කුලියට ගැනීම හෝ බිළට ගැනීම හෝ ඉඩම් මිළට ගෙන සිද්ධාස ඉදිකිරීම; (ඕ) සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන යම් රූපවාහිනී ප්‍රචාරක සේවාවකට ප්‍රයෝජනවත් වේ - යසි යයි සලකනු දැකිය හැකි චාර සංග්‍රහ හෝ වෙනත් ප්‍රකාශන පළකිරීම හෝ ඒ සදහා පිහිවිධාන සැලසීම; (ඕ) යම් දැන්වීමක් රූපවාහිනී ප්‍රචාරයට පත් කිරීම මහජන යහපතට හේතු නොවන්නේ ද එය කවර ආකාරයකින් හෝ ප්‍රචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම; සහ (ක) රූප වාහිනී ප්‍රචාරය පිළිබඳ කුසලතා වර්ධනය කිරීමේ වැඩි ඇහුණු කිරීමේ කාර්යය සඳහා ප්‍රජාවගේ යහපන පිණිස වන් ඉන් යයි සංස්ථාව සලකන සියලු දේ කිරීම; සහ (ග) ඉහත කී කාර්යයන් කිසිවක් සඳහා, සංස්ථාගත කරනු ලැබූ හෝ නොලැබූ ලංකාවෙහි හෝ වෙනත් ස්ථානයක චූ යම් තැනැත්තකු හෝ පුද්ගල මාණ්ඩලයක් එක්ව හෝ සහයෝගයෙන් ක්‍රියා කිරීම. III වන කොටස සංස්ථාවේ කාර්ය මණ්ඩලය 9. (1) සංස්ථාව විසින් අමාත්‍යවරයාගේ ලිඛිත අනුමතය ඇතිව, අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්, රූපවාහීනී ප්‍රචාරය කිරීමේ ක්ෂේත්‍රයෙහි ප්‍රවීණ හා පළපුරුදු තැනැත්තකු පත් කරනු ලැබිය හැකිය: එසේ වුව ද, සංසථාව විසින් අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව සංස්ථාවේ සභාපතිවරයා තම කාර්යවලට අතිරේකව අධ්‍යක්ෂ ජන රාල්වරයාගේ කාර්ය ඉටු කිරීම පිණිස පත් කරනු ලැබිය හැකි ය. (2) ප්‍රතිපත්ති කාරණා පිළිබඳව සංස්ථාවේ සාමාන්‍ය මෙහෙයීමට යටත්ව, සංස්ථාවේ කටයුතු මෙහෙයීමද සංස්ථාවේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම සහ කිරීමද සංස්ථාවේ සේවානියුක්තයන් පරිපාලනය කිරීම ද අධ්‍යක්ෂ ජනරාල්වරයාට භාර වන්නේය. (3) සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්, සංස්ථාවේ ලිඛිත අනුමතය ඇතිව, අවශ්‍යයයි කලින් කල තමා සලකන තුම බලනුල, කාර්ය හෝ කර්තව්‍ය සංස්ථාවේ වෙනත් යම් සේවා නියුක්තයකට ලිඛිතව පවරනු ලැබිය හැකි ය. තවද්‍ය ඒ බලතල, කාර්ය හෝ කරු තව්‍ය එසේ පවරනු ලැබුවේ යම් සේවානියුක්තයකුට ද ඒ සේවා නියුක්තයා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සාමාන්‍ය හෝ විශේෂ විධා වලට යටත්ව ඒ බලතල, කාර්ය හෝ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම හෝ කිරීම කළ යුතු ය. (4) අධ්‍යක්ෂ ජනරාල්වරයා- (අ) වයස අවුරුදු හැටට එළඹුණු විට ධුරයෙන් විශ්‍රාම ගත යුතුය. (ආ) යම් අවස් ථාවක අමාත්‍යවරයාගේ පූර්ධව අනුකය ඇති ව ධුරයෙන් ඉවත් කරනු ලැබිය හැකිය. (5) අධ්‍යක්ෂ ජනරාල්වරයා තාවකාලිකව ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින්නේ නම් හෝ රෝගාතුර වීම හෝ වෙනත් අශක්‍යතාවක් හේතු කොට ගෙන තම කාර්ය ඉටු කිරීමට තාවකාලික සිටින්නේ නම්, ඔහුට තම කාර්ය නැවත ආරම්භ කිරීමට හැකිව තෙක් ඔහු වෙනුවට ක්‍රියා කිරීමට වෙනත් තැනැත්තකු, අම වරයාගේ ලිඛිත අනුමතය ඇතිව, සංස්ථාව විසින් පත් කරනු ලැබිය හැකි ය. 40. (1) සුදුසුකම්ලත්, ප්‍රර්ෂණ සහ පළපුරුදු තැනැත්තකු - මුදල් මුදල් කළමනාකාරවරයා වශයෙන් සංස්ථාව විසින් පත් කරනු ලැබිය චර්මානාකාර හැකි ය. (2) රුපියල් දසලක්ෂයකට නොඅඩු මුදල් ප්‍රමාණයන් හා සම් බන්ධ මුදල් කටයුතු වල ස්වභාවය ඇති කිසිම තීරණයක් ගැනීම, මුදල් කළමනාකාරවරයා, වියදමින් උද්ගත වන මුදල් පිළිබඳ කරුණු දැක්වෙන මුදල් විශ්ලේෂණයක් ඉදිරිපත් කරතොත් මිස, සංස්ථාව විසින් නොකළ යුතුය. 11. (1) ස්වකීය කර්තව්‍ය කාර්යක්ෂම ලෙස කිරීම සඳහා අවශ්‍ය යයි සංස්ථාව සලකන වෙනත් නිලධරයන් සහ සේ වකයන් සංස්ථාව විසින් පත් කරනු ලැබිය හැකිය. (2) සංස්ථාවේ ඉල්ලීම පිට, රජයේ සේවයේ නියුක්ත යම් නිල ධරයකු ඒ නිලධරයාගේ ද රාජ්‍ය පරිපාලන විෂයය භාර අමාත්‍ය වරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ද කැමැත්ත ඇතිව සංස්ථාව විසින් එවැනිම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන කාලයක් සඳහා සංස්ථාවේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබිය හැකිය; නැතහොත් එවැනි ම කැමැත්ත ඇතිව ඒ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කරනු ලැබිය හැකිය. (3) රජයේ සේවයේ නියුක්ත යම් නිලධරයකු සංස්ථාවේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලබන අවස්ථාවක, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනතේ 13 වන වගන්තියේ (2) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ නිලධරයාට සහ ඒ නිලධරයා සම්බන්ධයෙන් අදාළ විය යුතු ය. (4) රජයේ සේවයේ නියුක්ත යම් නිලධරයකු සංස්ථාවේ කාර්ය මණ්ඩලයට ස්ථිරව පකරනු ලබන අවස්ථාවක, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනතේ 43 වන වගන්තියේ ( 3 ) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනිස් කිරීම් සහිතව, ඒ නිලධරයාට සහ ඒ නිලධරයා සම්බන්ධ යෙන් අදාළ විය යුතුය. (5) යම් නිශ්චිත කාලයක් ආණ්ඩුවට සේවය කිරීමට ගිවිස ගත් යම් තැනැත්තකු සංස්ථාව විසින් සේවයෙහි නියුක්ත කරනු ලබන අවස්ථාවක, ඒ තැනැත්තා විසින් සංස්ථාවට සේවය කරනු ලබන යම් කාලයක් ඒ ගිවිසුමේ බැඳීම් ඉටුකිරීමේ කාර්ය සඳහා ආණ්ඩුවට සේවය කරනු ලබන කාලයක් වශයෙන් සැලකිය යුතුය. (6) සංස්ථාවේ ඉල්ලීම පිට, පළාත් පාලන සේවයේ යම් සාමා ඒකයකු හෝ පළාත් පාලන ආයතනයක් වෙනත් යම් නිලධරයකු හෝ සේවකයකු, ඒ සාමාජිකයාගේ, නිලධරයාගේ හෝ සේවක යාගේ සහ, අවස් ථාවෝචිත පරිදි, පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලයේ හෝ පළාත් පාලන ආයතනයේ කැමැත්ත ඇතිව, සංස්ථාව විසින් එවැනි ම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන කාලයක් සඳහා සංස්ථාවේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබිය හැකි ය; නැතහොත් එවැනි ම කැමැත්ත ඇතිව සංස්ථාව සහ අවස්ථාවෝචිත පරිදි පළාත් පාලන සේවා උපදේශක බය මණ්ඩලය හෝ ඒ පළාත් පාලන ආයතනය විසින් එකඟත්වයට එළඹිය හැකි විශ්‍රාම වැටුප් අයිතිවසිකම් හෝ අර්ථ සාධක අරමුදල් අයිතිවාසිකම් සම්බන්ධයෙන් වූ නියමයන් හා කොන්දේසි ද ඇතුලු නියමයන් හා කොන්දේසි මත ඒ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කරනු ලැබිය හැකිය. (7) සංස්ථාවේ ඉල්ලීම පිට, රාජ්‍ය සංස්ථාවක යම් නිලධරයකු හෝ සේවකයකු ඒ නිලධරයාගේ හෝ සේවකයා ගේ ද, රාජ්‍ය සංස්ථාවේ ද කැමැත්ත ඇතිව, සංස්ථාව විසින් එවැනිම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන කාලයක් සඳහා සංස්ථාවේ කාර්ය මණ් ඩලයට තාවකාලිකව පත් කරන ලැබිය හැකි ය; නැතහොත් එවැ නිම කැමැත්ත ඇතිව සංස්ථාව හා එකී රාජ්‍ය සංස්ථාව විසින් එකඟත්වයට එළඹිය හැකි විශ්‍රාම වැටුප් අයිතිවාසිකම් සම්බන්ධ යෙන් වූ නියමයන් හා කොන්දේසි ඇතුලු නියමයන් හා කොන දේසි මත ඒ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කරනු ලැබිය හැකි ය. (8) ( 6 ) වන හෝ (7) වන උපවගන්තිය අනුව යම් තැනැත්තකු සංස් ථාවේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලබන අවස් ථාවක, ඒ කාර්ය මණ්ඩලයේ වෙනත් යම් සාමාජිකයකු යටත් වන විනය පාලනයට ම ඒ තැනැත්තා යටත් විය යුතු ය. 12. (1)පනතේ විධිවිධාන වලට යටත්ව සංස්ථාව විසින්, - (අ) සංස්ථාවේ කාර්ය මණ්ඩලය පහ කිරීම සහ ඔවුන් කෙරෙහි විනය පාලනය ක්‍රියාත්මක කිරීම; (ආ) ඒ කැර්ය මණ්ඩලයේ චේතන හෝ වැටුප් හෝ වෙනත් පාරිශ්‍රමික නියම කිරීම; (ඇ) ඒ කාර්ය මණ්ඩලයේ සේවා නියමයන් හා කොන්දේසි ගැදි නිශ්චය කිරීම; සහ (ඈ) ඒ කාර්ය මණ්ඩලයේ යහපත සඳහා අර්ථසාධක අරමුදල් හෝ යෝජනා ක්‍රම පිහිටුවීම සහ ඒවා විධිමත් කිරීම සහ එවැනි යම් අරමුදලකට හෝ යෝජනා ක්‍රමයකට ආදායක වීම කරනු ලැබිය හැකි ය. (2) (1) වන උපවගන්තියෙහි සඳහන් සියලු කාරණා කිසිවක් සම්බන්ධයෙන් මේ පන්ත යටතේ රීති සාදනු ලැබිය හැකිය. IV වන කොටස මුදල් 13. (1) සංස්ථාවට සංස්ථාවේ අරමුදලක් තිබිය යුතු ය. (2) (අ) සංස්ථාවේ ප්‍රයෝජනය සඳහා පාර්ලිමේන්තුව විසින් කලින් කල සම්මත කරනු ලබන සියලු මුදල්; (ආ) මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් කලින් කල සංස්ථාවට අ තිකාරම් වශයෙන් දෙනු ලබන සියලු මුදල් ; (ඇ) ස්වකීය බලතල කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරී මේ දී, ඉටු කිරීමේ දී සහ කිරීමේ දී සංස්ථාව ලබන්නා වූ සියලු මුදල් ; (ඈ) රූපවාහිනී බලපත්‍ර නිකුත් කිරීම සඳහා සහ අලුත් කිරීම සඳහා විදුලි සන්දේශ ආඥාපනත යටතේ ඒ ඒ වර්ෂ යේ දී ලැබෙන සියලු ගාස්තු වලින් අමාත්‍යවරයා විසින් මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා නිශ්චය කරනු ලබන ගාස්තු; සහ (ඉ) මේ පනතින් හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝග යක් මගින් සංස්ථාව විසින් අරමුදලට ගෙවීමට නිය මිත වෙනත් සියලු මුදල් සංස්ථාවේ අරමුදලට ගෙවනු ලැබිය යුතුය. ( 3 ) මේ පනත හෝ වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ දී, ඉටු කිරීමේ දී හා කිරීමේ දී සංස් ස්ථාව විසින් දරන ලද යම් වියදමක් පියවීමට අවශ්‍ය සියලු මුදල් සහ මේ පනතින් හෝ ඒ යටතේ සංස්ථාවේ අරමුදලින් ගෙවීමට නියමිත සියලු මුදල් සංස්ථාවේ අරමුදලින් ගෙවනු ලැබිය යුතුය. 14. (1) සංස්ථාව විසින් අමාත්‍යවරයාගේ කැමැත්ත ඇතිව, සහ සුදුසු යයි ඔහු අදහස් කරන නියමයන්ට සහ කොන්දේසිවලට යටත්ව මේ පනත යටතේ සංස්ථාවේ බැඳීම් පියවීම හෝ කාර්ය ඉටු කිරීම සඳහා සංස්ථාවට අවශ්‍ය විය හැකි මුදල් අයිරාවක් මගින් හෝ අන්‍යාකාරයකින් තාවකාලිකව ණයට ලබා ගත හැකි ය. එසේ වුව ද මේ උපවගන්තිය යටතේ සංස්ථාව විසින් ලබාගන්නා ලද යම් තාවකාලික ණය සම්බන්ධයෙන් ඉතිරිව ඇති මුදල්වල එකතුව මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලබන මුදල නොඉක්මවිය යුතු ය. (2) මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව දෙන ලද අමාත්‍යවරයාගේ කැමැත්ත ඇතිව, සංස්ථාව විසින් (මෙහි මින් මතු " රූප වාහිනී සංස්ථා ස්කන්ධ '' යනුවෙන් සඳහන් කරනු ලබන) ස්කන්ධ නිකුත් කිරීමෙන් තාවකාලික ණයක් මගින් නො වන ආකාරයෙන් පහත දැක්වෙන කාර්යවලින් කිසියම් කාර්යයක් සඳහා මුදල් ණයට ලබාගත හැකි ය:- (අ) රූපවාහිනී ප්‍රචාරය කිරීම සඳහා සහ රූපවාහිනී ප්‍රචාරය කිරීමේ ස්ථාන සඳහා අවශ්‍ය යම් උපකරණයක් ස්ථාපනය කිරීම, පිහිටු වීම, ක්‍රියා කරවීම සහ නඩත්තු කිරීම සම්බන්ධ යෙන් වූ යම් වැඩක් වෙනුවෙන් දරන ලද යම් වියදම් පිය වීම සඳහා මුදල් ප්‍රතිපාදනය කිරීම; (ආ) ඉහත සඳහන් කාර්ය සඳහා යම් ඉඩමක් හෝ ඉඩමක සම්බන්ධතාවක් අත්කර ගැනීම (ඇ) සංස්ථාව විසින් නිකුත් කරන ලද යම් ස්කන්ධ හෝ ලබා ගන්නා ලද යම් ණයක් නිදහස් කිරීම; (ඈ) (1) වන උපවගන්තිය යටතේ තාවකාලිකව ණයට ගන්නා ලද යම් මුදලක් ආපසු ගෙවීම. (2) මුදල් විෂයය භාර අමාන්‍යවරයාගේ එකඟත්වය ඇතිව දෙන ලද අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව සංස්ථාව විසින් නිශ්චය කරනු ලබන නියමයන්ට සහ කොන්දේ සිවලට අනුකූලව රූප වාහිනී සංස්ථාවේ ස්කන්ධ නිකුත් කිරීම, පැවරීම, ඒ සම්බන්ධයෙන් කට යුතු කිරීම, ඒවා නිදහස් කිරීම සහ අවලංගු කිරීම කරනු ලැබිය යුතු ය. 15. මේ පනත යටතේ සංස්ථාවේ කර්තව්‍ය කිරීම සඳහා වහාම අවශ්‍ය නොවන්නා වූ සංස්ථාවේ සියලු මුදල්, මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව, අමාත්‍යවරයා විසින් බලය දෙනු ලබන ආකාරයකින් හෝ එවැනි සුරැකුම්පත්වල හෝ සංස්ථාව විසින් ආයෝජනය කරනු ලැබිය හැකි ය. මුදල් විෂයය භාර අමාත්‍යවරයා ගේ එකඟත්වය ඇතිව දෙන ලද අමාත්‍යවරයාගේ අනුමතයට යටත්ව රූප වාහිනී ප්‍රචාරය කිරීමට කෙලින්ම සම්බන්ධ කටයුතු සම්බන්ධයෙන් සංස්ථාව විසින් ආයෝජන කරනු ලැබිය හැකි ය. 16. (1) ලින් වර්ෂය සංස්ථාවේ මුදල් වර්ෂය විය යුතු ය. (2) සංස්ථාවේ ආදායම හා වියදම, වත් කම් හා බැරකම් සහ වෙනත් සියලු ගනුදෙනු සම්බන්ධයෙන් නිසි ගිණුම් පොත් තබා ගැනීමට සංස්ථාව කටයුතු සැලසිය යුතු ය. (3) රාජ්‍ය සංස් ථාවල ගිණුම් විගණනය කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස් ථාවේ 154 වන වවස ස්ථාවේ විධිවිධාන සංස්ථාවේ ගිණුම් විගණනය කිරීම සම්බන්ධයෙන් අදාළ විය යුතු ය. V වන කොටස සාමාන්‍ය විධිවිධාන 17. (4) කිසිම තැනැත්තකු නියමිත දින හෝ ඉන් පසු මෙහි මින් ප්‍රචාරය කිරීම මතු විධිවිධාන සලසා ඇති පරිදි සංස්ථාව වෙත ලියාපදිංචි වී ඇත්නම් මිස ප්‍රචාරය කිරීම සඳහා රූපවාහිනී වැඩ සටහන් සාධක නිෂ්පාදනය කිකිරීමෙහි සහ අලෙවි කිරීමෙහි නිරත නොවිය යුතුය: එසේ වුව ද නියමිත දිනයට පෙර එවැනි නිෂ්පාදනය සෝ අලෙවි කිරීමක නිරත වූ යම් තැනැත්තකු එසේ ලියාපදිංචි කිරීමක් නොමැතිව, නියමිත දින සිට මාස හයක් නොඉක්මවන කාලයක් ඒ නිෂ්පාදනය කිරීමෙහි සහ අලෙවි කිරිමෙහි නිරත විය හැකිය. (2) ලියාපදිංචි කිරීම සඳහා නූහැම ඉල්ලීමක්ම, නියමිත ආකෘතිය අනුව විය යුතු අතර නියම කරනු ලබන ලේඛන සහ ගාස්තු ඒ සමග ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. (3) මහජන යහපත සඳහා නියම කරනු ලබන තත්ත්වයන් පවත්වාගෙන යාමට, අවස් ථාවෝ චිත පරිදි, ඉල්ලුම්කරුට හෝ ලියා පදිංචි කරන් ලද තැනැත්තාට නොහැකි වුවහොත්, (2) වන උප වශාන්තිය යටනේ කරන ලද ඉල්ලීමක් මත ඉල්ලුම් කරුවකු ලියා පදිංචි කිරීම ප්‍රතික් ෂේප කිරීම හෝ පවත්නා ලියාපදිංචි කිරීමක් අවලංගු කිරීම සංස්ථාව විසින් කරනු ලැබිය හැකි ය. (4) මේ පනත යටතේ යම් තැනැත්තකු ලියාපදිංචි කරනු ලැබ ඇති අවස්ථාවක නියමිත ආකෘතියෙහි වූ ලියාපදිංචි කිරීමේ සහතික යක් සංස්ථාව විසින් ඒ තැනැත්තා වෙත නිකුත් කරනු ලැබිය යුතුය. එවැනි සෑම සහතිකයකම, මේ වගන්තියේ ( 3 ) වන උප වගන්තියේ සඳහන් තත්ත්වයන් සහතික කරනු පිණිස නියම කරනු ලබන කොන්දේසි අඩංගු විය යුතුය. (5) මේ පනත යටතේ සහතිකයක් නිකුත් කරනු ලැබූ යම් තැනැත්තකු එහි දක්වා ඇති යම් කොන්දේසි කඩකරමින් ක්‍රියා කරන අවස් ථාවක, ඔහුගේ සහතිකය අවලංගු කෙරෙන නියමයක් සංස්ථාව විසින් කරනු ලැබිය හැකි ය. (6) (5) වන උපවගන්තිය යටතේ කරන ලද නියමයකින් අතෘප් තියට පත් යම් තැනැත්තකු විසින්, ඒ නියමය කිරීමේ දින සිට දින තිහක් ඇතුළත (මෙහි මින් මතු “ ලේකම්වරයා '' යනුවෙන් සඳහන් කරනු ලබන) අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත, ඒ නියමයට විරුද්ධව අභියාචනයක් කරනු ලැබිය හැකි ය. එවැනි යම් අභියාචනයක් සම්බන්ධයෙන් ලේකම්වරයාගේ තීරණය අවසානාත්මක වන්නේය. 18. මේ පනත යටතේ සංස්ථාව වෙත පවරන ලද හෝ නියම කරන ලද යම් බලයක් හෝ කාර්යයක් සංස්ථාවේ සේවානියුක්ත යන් විසින් ක්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම හේතුකොටගෙන හෝ එසේ කිරීමේ දී සිදුවන පෞද්ගලික අනතුරකින් උද්ගත වන පාඩුව කට ප්‍රතිපක් ක්ෂව ඒ සේ වානියුක්තයන් රක්ෂණය කරමින් සංස්ථාව විසින් කලින් කල රක්ෂණ ගිවිසුම්වලට ඇතුළත් විය හැකි අතර, ඒ ගිවිසුම් සම්බන්ධයෙන් ගෙවිය යුතු වාර මුදල් ගෙවනු ලැබිය හැකි ය. එසේ රක්ෂණය කරනු ලබන සේවානියුක්ත යන් පිළිබඳ වර්ග, එම වර්ගවල සේවානියුක්තයන් මුහුණ දෙන අවදානම සැලකිල්ලට ගෙන සංස්ථාව විසින් තීරණය කරනු ලැබිය යුතුය. 19. (4) (අ) මේ පනත යටතේ හෝ එය යටතේ සාදන ලද යම් රීතියක් යටතේ හෝ සංස්ථාව විසින් සද් භාව යෙන් කරනු ලබන නැතහොත් කරන ලද්දේ යයි සැලකෙන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් සංස්ථා වට විරුද්ධව; හෝ (ආ) මේ පනත යටතේ හෝ එය යටතේ සාදන ලද යම් රීතියක් යටතේ හෝ සංස්ථාවේ විධානය පරිදි හෝ සංස්ථාවේ යම් සාමාජිකයකු, නිලධර යකු, සේවකයකු හෝ නියෝජිතයකු විසින් සද් භාවයෙන් කරනු ලබන නැතහොත් කරන ලද්දේ යයි සැලකෙන යම් ක්‍රියාවක් සම්බන්ධ යෙන් ඔහුට විරුද්ධව කවර වූ හෝ සිවිල් හෝ අපරාධ නඩුවක් නොපවරනු ලැබිය යුතු ය. (2) සංස්ථාව විසින් හෝ සංස්ථාවට විරුද්ධව යම් අධිකරණයක් ඉදිරියේ පවරනු ලැබූ යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී සංස්ථාව විසින් දරනු ලැබූ යම් වියදමක් සංස්ථාවේ අරමුදලින් ගෙවනු ලැබිය යුතු අතර එවැනි යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී සංස්ථාවට ගෙවන ලද හෝ සංස්ථාව විසින් අයකරගන්නා ලද යම් ගාස්තුවක් සංස්ථාවේ අරමුදලට බැර කරනු ලැබිය යුතුය. (3) (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ සඳහන් යම් තැනැත් තකු විසින් මේ පනත යටතේ හෝ එය යටතේ සාදන ලද යම් රීතියක් යටතේ හෝ සංස් ථාවේ විධානය පරිදි හෝ කරන ලද හෝ නැතහොත් කරන ලද්දේ යයි සැලකෙන යම් ක්‍රියාවක් සම්බන්ධ යෙන් ඔහුට විරුද් ධව යම් අධිකරණයක් ඉදිරියේ පවරන ලද යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී, එකී ක්‍රියාව කරන ලද්දේ සද් භාව යෙන් යයි අධිකරණය තීරණය කරන්නේ නම් ඔහු විසින් දරන ලද යම් වියදම්, ඒවා එකී සිවිල් හෝ අපරාධ නඩුවේ දී ඔහු විසින් අයකර ගන්නා ලද්දේ නම් මිස සංස්ථාවේ අරමුදලින් ගෙවනු ලැබිය යුතු ය. 20. සංස්ථාවේ කටයුතු සඳහා යම් නිශ්චල දේපළක් අත්කර ගැනීම අවශ්‍ය වී, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් යෝජිත අත් කර ගැනීම අනුමත කර ඇති අවස් ථාවක දී, එකී දේපළ යම් පොදු කාර්යයක් සඳහා අවශ්‍ය යයි සැලකිය යුතු අතර ඒ අනුව ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ දේපළ අත් අත්කර ගනු ලැබ සංස්ථාවට පවරා දෙනු ලැබිය හැකි ය. 21. ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමයක් මගින් අමාත්‍ය වරයා විසින් රජයේ යම් චංචල හෝ නිශ්චල දේපළක සන්තකය හා ප්‍රයෝජනය සංස්ථාවේ කාර්යය සඳහා සංස්ථාවට පවරා දීම හෝ සංස්ථාව වෙත සතු කිරීම හෝ කළ හැකිය: එසේ වුව ද රජයේ ඉඩම් පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය නොමැතිව මේ වගන්තියේ ඉහතින් සඳහන් විධිවිධාන යටතේ රජයේ යම් නිශ්චල දේපළකට බලපාන් න්නා වූ කවර වූ හෝ නියමයක් අමාත්‍යවරයා විසින් නො කරනු ලැබිය යුතු ය: එසේම තවදුරටත්, එවැනි දේපළක් සම්බන්ධව පාලනය ඇත්තා වූ අමාත්‍යවරයාගේ එකඟත්වය නොමැතිව මේ වගන්ති යේ ඉහතින් සඳහන් විධිවිධාන යටතේ රජයේ යම් නිශ්චල දේ පළකට බලපාන්නා වූ කවර වූ හෝ නියමයක් අමාත්‍යවරයා විසින් නොකරනු ලැබිය යුතුය. 22. සංස්ථාවේ කාර්ය ඉටු කිරීම හා බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් කලින් කලට සාමාන්‍ය හෝ විශේෂ විධානයන් ලිඛිතව කළ හැකි අතර සංස්ථාව ඒ විධානයන්ට අනුකූලව ක්‍රියා කළ යුතුය. 23. සංස්ථාවට විරුද්ධව පවරන ලද්දා වූ කවර වූ හෝ නඩුවක දී සංස්ථාවේ සාමාජිකයකුට හෝ ඔහුගේ දේපළට විරුද්ධව රිට් ආඥාවක් නිකුත් නොකරනු ලැබිය යුතුය. 24. (1) පහත දැක් වෙන පරිදි සංස්ථාව වෙනුවෙන් ගිවිසුම් ඇති ගිවිසුම්, කරගත හැකි ය:- (අ) පුද්ගලික තැනැත්තන් අතර ඇති කර ගන්නා ලද්දේ නම් ලිඛිතව විය යුතුයයි නීතියෙන් නියමිත ගිවිසුමක් සංස්ථාව වෙනුවෙන් ලිඛිතව සංස්ථාවේ පොදු මුද්‍රාව යටතේ ඇති කර ගත හැකි ය; (ආ) පුද්ගලික තැනැත්තන් අතර ඇති කර ගන්නා ලද්දේ නම්, වගකීම භාර කරනු ලබන පාර්ශවකරුවන් න්ගේ අත්සන් සහිතව ලිඛිතව තිබිය යුතු යයි නීතියෙන් නියමිත ගිවිසු මක් මෙහි මින් මතුවට විධිවිධාන සලසා ඇති අන්දමට ඒ සඳහා යථා පරිදි බලය දෙනු ලැබූ යම් තැනැත්තකු හෝ තැනැත්තන් විසින් සංස්ථාව වෙනුවෙන් ලිඛිතව, අත්සන් තබා ඇති කර ගත හැකි ය; තවද, (ඇ) පුද්ගලික තැනැත්තන් අතර ඇති කර ගන්නා ලද්දේ නම් ලිඛිනව නොව වාචිකව ඇති කර ගන්නා ලද්දේ වුව ද නීතියෙන් වලංගු වන්නා වූ යම් ගිවිසුමක් මෙහි මින් මතු විධිවිධාන සලසා ඇති අන්දමට ඒ සඳහා යථා පරිදි බලය දෙනු ලැබූ යම් තැනැත්තකු හෝ තැනැත්තන් විසින් සංස්ථාව වෙනුවෙන් වාචිකව ඇති කර ගත හැකි ය. (2) මේ වගන්තිය ප්‍රකාර ඇති කර ගන්නා ලද ගිවිසුමක් නීති යෙන් බලාත්මක විය යුතු අතර එයින් සංස්ථාව සහ එහි අනිකුත් සියලු පාර්ශ්වකරුවන් බැඳී සිටිය යුතුය. ( 3 ) මේ වගන්තිය ප්‍රකාර ඇති කිරි ගන්නා ලද ගිවිසුමක් මේ වගන්තියෙන් එය ඇති කිරීමට බලය දී ඇති ප්‍රකාර වෙනස් කිරීම හෝ ඉන් නිදහස් වීම හෝ කරනු ලැබිය හැකි ය. 25. සං රාව, අල්ලසි පන්නේ අර්ථානුකූලව උපලඛන ගත ආයතනයක් ලෙස සැලකිය යුතු අතර ඒ පනතේ විධිවිධාන ඒ ආකාරයෙන් තේරුම් ගත යුතුය. 26. දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහි එහි කාර්ඝ සඳහා සංස්ථාවේ සියලුම සාමාජිකයන්, නිලධරයන් සහ සේවකයන් රජයේ සේවකයන් ලෙස සලකනු ලැබීය. යුතුය. 27. (1) මේ පනත මගින් සෑදිය යුතු යයි නියම කර ඇති හෝ සෑදීමට බලය දී ඇති සියලුම කාරණා හෝ යම් කාරණාවක් සම්බන්ධ යෙන් සංස්ථාව විසින් රීති සාදනු ලැබිය හැකි ය. (2) සංස්ථාව විසින් (1) වන උපවගන්තිය යටතේ සාදනු ලබන කවර වූ හෝ රීතියක් අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබ ඒ අනුමතය පිළිබඳ දැන්වීම ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කරනු ලබන තුරු බලාත්මක නොවිය යුතු ය. 28. (1) මේ පනත යටතේ පිහිටුවනු ලබන සංස්ථාව හැර වෙනත් කිසිම තැනැත්තකු විසින්, ඒ තැනැත්තා අමාත්‍යවරයා ගෙන් බලපත්‍රයක් ලබාගෙන ඇති නම් මිස, රූපවාහිනී ප්‍රචාරක මධ්‍යස් ථානයක් පවත්වාගෙන නොයා යුතු ය. (2) අමාත්‍යවරයා විසින් සංස්ථාව විමසා, පුද්ගලික රූපවාහිනී ප්‍රචාරක මධ්‍යස්ථානයක් පිහිටු වීම හා පවත් වාගෙන යාම සඳහා යම් තැනැත්තකුට බලපත්‍රයක් නිකුත් කරනු ලැබිය හැකි ය. (3) බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන තැනැත්තකුට, පුද්ගලික රූපවාහීනී ප්‍රචාරක මධ්‍යස්ථානයක් පිහිටු වීමේ හා පවත්වාගෙන යාමේ කාර්යය සඳහා යුක් තිසහගතව අවශ්‍ය විය හැකි යම් කාර්මික, මුදල් හා වෘත්තීය සුදුසුකම් ඇති බවට සෑහීමට පත්වන්නේ නම් මිස අමාත්‍යවරයා විසින් කිසිම බලපත්‍රයක් නිකුත් නොකරනු ලැබිය යුතු ය. 29. (1) සංස්ථාව විසින් රූප වාහිනී ප්‍රචාරය සම්බන්ධයෙන් තමන් වෙත යොමු කරනු ලැබිය හැකි කාරණා සම්බන්ධයෙන් සංස්ථාවට උපදෙස් දීමට උපදේශක කමිටු එකක් හෝ වැඩි ගණනක් පිහිටුවීම සඳහා අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකිය. (2) (1) වන උපවගන්තිය යටතේ සාදන ලද නියෝග මගින් උපදේශක කමිටුවේ හෝ කමිටුවල සාමාජිකයන්ට ගෙවිය හැකි පාරිශ්‍රමික නියම කරනු ලැබිය හැකි ය. 30. (අ) මේ පනත යටතේ හෝ මේ පනතෙ හෝ එය යටතේ සාදන ලද යම් නියෝගයක කාර්ය සඳහා කරන හෝ සපයන යම් වාර්තාවක හෝ ලියවිල්ලක දැනුවත්ව යම් අසත්‍ය හෝ වැරදි ප්‍රකාශයක් කරන් න්නා වූ; හෝ (ආ) මේ පනත හෝ එය යටතේ සාදන ලද යම් නියෝගයක් මගින් ඔහු විසින් සැජඹිය යුතු යයි නියම කර ඇති යම් තොරතුරක් හෝ වාර්තාවක් සැප සීම පැහැර හරින්නා වූ හෝ ප්‍රතික් ෂේප කරන්නා වූ; හෝ (ඇ) මේ පනත හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝග යක් මගින් හෝ ඒ යටතේ හෝ තමාට පවරන ලද හෝ නියම කරන ලද යම් බලයක්, කාර්ථය යක් හෝ කර්තව්‍යයක් ක්‍රියාත්ත්මක කරන, ඉටු කරන හෝ කරන යම් නිලධරයකුට ඕනෑකමින් ප්‍රතිරෝධය දක්වන්නා වූ හෝ බාධා කරන් නා වූ; හෝ (ඈ) මේ පනතේ යම් විධිවිධානයක් හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝගයක් කඩ කරන්නා වූ හෝ එයට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරින්නා වූ, යම් තැනැත්තකු වරදකට වරද කරු විය යුතු අතර මහෙස් ත්‍රාත් වර යකු ඉදිරියේ නඩු විභාගයක දී වරදකරු කිරීමෙන් පසු රුපියල් පන්සියයක් නොඉක්මවන්නා වූ දඩයකට ඔහු යටත් විය යුතුය. 31. (1) නියමිත සියලුම කාරණවලට හෝ යම් කාරණාවකට අදාළව හෝ නියෝග සෑදීමට නියම කර ඇති හෝ බලය දී ඇති කාරණා වලට අදාළව අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකිය. (2) අමාත්‍යවරයා විසින් සාදන ලද සෑම නියෝගයක්ම ගැසට් පත්‍රයෙහි පළකරනු ලැබිය යුතු අතර එසේ පළ කිරීමේ දිනයේ හෝ එහි නිශ්චිතව දක්වා ඇති පසු දිනයක සිට ක්‍රියාත්මක විය යුතු ය. (3) අමාත්‍යවරයා විසින් සාදන ලද සෑම නියෝගයක් ම හැකි පහසු ඉක්මණින් අනුමතය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එසේ අනුමත නොකරන ලද සෑම නියෝගයක් ම එය යටතේ කලින් කරන ලද කිසිවකට හානියක් නොමැතිව අනනුමතයේ දින සිට පරිච්ඡින්න කරනු ලැබූ සේ සැලකිය යුතු ය. (4) යම් නියෝගයක් පරිච්ඡින්න කරනු ලැබූ සේ සැලකෙන දිනය පිළිබඳ දැන්වීමක් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු ය. 32. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ පනතෙහි - " නියමිත " යන්නෙන් අමාත්‍යවරයා විසින් සාදනු ලබන නියෝග මගින නියමිත බව අදහස් වේ; " පුද්ගලික රූපවාහිනී ප්‍රචාරක මධ්‍යස්ථානය" යන්නෙන් සංස්ථාව හැර, වෙනත් තැනැත්තකු විසින් පිහිටුවනු ලබන හෝ ක්‍රියාත්මක කරනු ලබන රූපවාහිනී මධ්‍යස්ථාන යක් අදහස් වේ; "රූපවාහිනී ප්‍රචාරය '' යන්නට කේබල් රූපවාහිනිය ඇතුළත් වන නමුදු ගුවන් විදුලි වැඩ සටහන් ප්‍රචාරය කිරීම ඇතුළත් නොවේ" " රූපවාහිනී වැඩ සටහන" හෝ " වැඩ සටහන් " යන්නට මහජනයා විසින් ප්‍රතිග්‍රහණය කරනු ලැබීම සඳහා රූපවාහිනී ප්‍රචාරක මධ්‍යස්ථානයකින් ප්‍රචාරය කරනු ලබන හෝ ප්‍රචාරය කිරීමට අදහස් කරනු ලබන හෝ යම් සංඥාවක්, නිවේදනයක්, විෂයයක්, දැනුම්දීමක්, චිත්‍රයක් හෝ වෙනත් යම් දෙයක් ඇතුළත් වේ.
75
acts_1982-02-05_International_Winged_Bean_Dambala_Institute_si
act
1982
13
1
0.987541
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 7 දරන ජාත්‍යන්තර දඹල ආයතනය පනත [සහතිකය සටහන් කළේ 1982 පෙබරවාරි මස 5 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 පෙබරවාරි මස 05 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 7 දරන ජාත්‍යන්තර දඹල ආයතනය පනත ජාත්‍යන්තර දඹල ආයතනය පිහිටු වීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1982 අංක 7 දඹල ආයතනය පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයකින් අමාත්‍යවරයා විසින් නියම කරනු ලැබිය හැකි (මෙහි මින් මතු " නියමිත දිනය '' යනුවෙන් සඳහන් " කරනු ලබන) යම් දිනයක සිට එය ක්‍රියාත් මක විය යුතු ය. 2. (1) (මෙහි මින්මතු ආයතනය '' යනුවෙන් කරනු ලබන) ජාත්‍යන්තර දඹල ආයතනය යනුවෙන් හඳුන්වනු ලෑබිය යුතු වූ ආයතනයක් පිහිටුවනු ලැබිය යුතු අතර, ඒ ආයතනය තත් කාලයේ 5 වන වගන්තිය යටතේ වූ මණ්ඩලයේ සාමාජිකයන් වන තැනැත්තන්ගෙන් සමන් විත විය යුතු ය. (2) ආයතනය (1) වන උපවගන් තියෙන් ඊට දී ඇති නාමයෙන් සංස්ථාවක් බවට පත් විය යුතු අතර, එයට අවිච්ඡින්න පැවැත් මක් සහ පොදු මුද්‍රාවක් තිබිය යුතු ය; තවද එහි සංස්ථාවේ නාම යෙන් ආයතනය විසින් නඩු පැවරීම ද ආයතනයට විරුද්ධව නඩු පවරනු ලැබීම ද කළ හැකි ය. 3. ආයතනයේ ප්‍රධාන කාර්යාලය මහනුවර පිහිටිය යුතු ය: එසේ වුව ද, මණ්ඩලය විසින් අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව තත් කාර්යය සඳහා ශ්‍රී ලංකාවේ වෙනත් යෝග්‍ය ස්ථානයක් තෝරා ගනු ලැබිය හැකි ය. 4. ආයතනයේ පරමාර්ථ මෙසේ විය යුතුය. (අ) ජාත්‍යන්තර හා ආර්ථික වටිනාකමකින් යුක්ත පශු සම් පත් ආහාර මෙන්ම මනුෂ්‍ය ආහාර මූලයක් වශයෙන් ජාත්‍යන්තරව දඹල සංවර්ධනය කිරීම හා උපයෝගී කර ගැනීම සඳහා අවශ්‍ය සියලුම පර්යේ ෂණ හා සම්බන්ධිත ක්‍රියාකාරකම් නියම වශයෙන් හෝ අනියම් වශයෙන් පවත්වා ගෙන යාම; (ආ) මිනිස් වර්ගයා වෙනුවෙන් වැදගත් වූ වෙළෙඳ භාණ්ඩයක් වශයෙන් දඹල සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කෙරෙන පර්යේ ෂණය, පුහුණු කිරීම හෝ වෙනත් ' ක්‍රියාකාරකම් සඳහා කැපවුණු මිනිස් බලය පුහුණු කිරීම සඳහා වූ ක්‍රියා කාරකම් ප්‍රවර්ධනය කිරීම: (ඇ) දඹල සම්බන්ධයෙන් වූ තාක්ෂණිකය සැකසීම, වර්ධනය, උපයෝගී කර ගැනීම හා සංවර්ධනය සඳහා හේතුවන දඹල පිළිබඳව වූ තොරතුරු රැස්කර තැබීම, ව්‍යාප්ත කිරීම හා උපයෝගී කර ගැනීම සම්බන්ධයෙන් වූ සියලු ක්‍රියාකාරකම් වල නිරත වීම. 5. (අ) නිල බලයෙන් පත්වන සාමාජිකයන් දෙදෙනකු විය යුතු, එනම්- (1) අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ; සහ (ii) 15 වන වගන්තියේ (4) වන උපවගන්තියේ (අ) ඡේදය යටතේ පත් කරනු ලබන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ; සහ (ආ) (i) දඹල හා වෙනත් ඌන උපයෝගිතා පැලෑටි සංවර් ධනය කිරීම ප්‍රවර්ධනයෙහි ලා නියුක්ත වූ හා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නා වූ; හෝ (ii) පරිපාලනය, මුදල් හෝ නීතිය හෝ වෙනත් යම් අනුබද්ධ කාර්යක් ක්ෂේත්‍රයක් පිළිබඳ පළපුරුදුකම් ඇති බව සහ හැකියාවන් ඇති බව පෙනී යන්නා වූ තැනැත්තන් විය යුතු අනෙක් අය ඇතුළු පහළොස් දෙනකුට වැඩි නොවන සාමාජිකයන්ගෙන් සමන්විත (මෙහි මින්මතු ' මණ්ඩලය '' යනුවෙන් සඳහන් කරනු ලබන) අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් මෙම ආයතනයේ කටයුතු පරිපාලනය කරනු ලැබිය යුතු ය. 6. (1) (මෙහි මින් මතු '' පළමු වන මණ්ඩලය '' යනුවෙන් සඳහන් කරනු ලබන) පළමුවන අධ්‍යක්ෂ මණ්ඩලය :- (අ) (1) ශ්‍රී ලංකාවෙන්; (ii) ලෝකයේ සංවර්ධනය වන ප්‍රදේශවලින්; (iii) ඌනෙ උපයෝගිතා පැලෑටි සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන ජාත්‍යන්තර සංවිධාන වලින්; (iv) ආයතනයට අරමුදල් සපයන සංවිධාන වලින්; හා (v) ආයතනයට සැලකිය යුතු අන්දමින් මුදලින් දායක වන රට වලින් 5 වන වගන්තියේ (ආ) ඡේදයේ දක්වා ඇති නියම යන්ට අමතරව, මෙම ආයතනයේ පරමාර්ථ හා සමාන පරමාර්ථ ඇති යම් ආයතනයක වැඩ සම්බන්ධයෙන් ජාත්‍යන්තර තත්ත්වයක් ඇති තැනැත්තන් විය යුතු වූ ද තෝරා ගනු ලැබිය යුතු වූද (මෙහි මින්මතු '' පත් කළ සාමාජිකයන් " යනුවෙන් සඳහන් කරනු ලබන) ජනාධිපති වරයා විසින්, අමාත්‍යවරයා විමසා පත් කරනු ලබන සාමාර්ථ කයන් නව දෙනකුගෙන් ද, (ආ) නිල බලයෙන් පත්වන සාමාජිකයන් දෙදෙනාගෙන්, එනම් — (i) අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන්; සහ (ii) 15 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදය යටතේ පත් කරනු ලබන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ද සමන්විත විය යුතුය. (2) ජනාධිපතිවරයා විසින්, අමාත්‍යවරයා විමසා පළමුවන මණ්ඩ ලයේ සාමාජිකයන් අතුරෙන් ඒ‍ මණ්ඩලයේ සභාපතිවරයකු සහ උප සභාපතිවරයකු පත් කළ හැකිය. (3) (i) සෑම පත් කළ සාමාජිකයකු විසින් ම, මිය යාම, ඉල්ලා අස වීම හෝ ඉවත් කිරීම හේතු කොට ගෙන ධුරය කලින් හිස් කරනු ලැබුවහොත් මිස, අවුරුදු තුනක කාලයක් ධුරය දැරිය (ii) නිල බලයෙන් පත් වන සාමාජිකයකු, ඒ මණ්ඩලයේ සාමා ජිකයෙකු වශයෙන් පත් කරනු ලැබුවේ යම් තනතුරක් ප්‍රකාර ද, ඔහු ඒ තනතුර දරන තාක් කල් ධුරය දැරිය යුතු ය. (4) පළමුවන මණ්ඩලයේ සභාපතිවරයාගේ, උපසභාපතිවරයාගේ හෝ යම් පත් කළ සාමාජිකයකුගේ ධුරය හිස් කරනු ලැබූ අවස් ථාවක,ඒ සාමාජිකයාගේ ධුර කාලයෙන් නොගෙවී ඉතිරිව ඇති කාලය තුළ එම ධුරය දැරීම සඳහා මණ්ඩලය විසින්, වෙනත් තැනැත්තකු පත් කළ හැකිය. (5) රෝගාතුර වීමේ හෝ වෙනත් හේතුවක් නිසා, පළමුවන මණ්ඩලයේ සභාපතිවරයාට, උප සභාපතිවරයාට හෝ යම් පත් කළ සාමාජිකයකුට තම ධුරයේ කාර්ය තාවකාලිකව ඉටු කිරීමට නොහැකි වුව හොත්, සභාපතිවරයා, උප සභාපතිවරයා වශයෙන් හෝ එම සාමාජිකයා වශයෙන් ඔහු වෙනුවට ක්‍රියා කිරීම සඳහා, මණ්ඩලය විසින් වෙනත් යම් තැනැත්තකු පත් කළ හැකිය. (6) (අ) සභාපතිවරයා විසින්, ජනාධිපතිවරයා අමතා යවනු ලබන ඒ සඳහා වූ ලිපියක් මගින් කවර වූ හෝ විටක තම ධුරයෙන් ඉල්ලා අස්විය හැකි ය. (ආ) පළමුවන මණ්ඩලයේ උප සභාපතිවරයා හෝ යම් පත් කළ සාමාජිකයකු විසින්, සභාපතිවරයා අමතා යවනු ලබන ඒ සඳහා වූ ලිපියක් මගින් කවර වූ හෝ විටක ධුරයෙන් ඉල්ලා අස්විය හැකිය. (7) මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඡන්දවල තුනෙන් දෙකකට නොඅඩු බහුතරයක් මගින්, ඒ සඳහා යම් හේතුවක් නොදක්වාම පළමුවන මණ්ඩලයේ යම් පත් කළ සාමාජිකයකු ඉවත් කළ හැකි අතර, එවැනි ඉවත් කිරීමක් සම්බන්ධයෙන් කවර වූ හෝ අධිකරණයක දී ප්‍රශ්න කරනු නොලැබිය යුතු ය. 7. (4) පළමුවන මණ්ඩලය විසින් කවර වූ හෝ තැනැත්තකු අධ්‍යක් ෂවරයකු වශයෙන් පත් කළ හැකි අතර, ඔහු ඒ මණ්ඩලයේ (මෙහි මින් මතු " අතිරේක සාමාජිකයා '' යනුවෙන් සඳහන් කරනු ලබන) අතිරේක සාමාජිකයකු විය යුතු ය: එසේ වුව ද, අධ්‍යක් ෂවරයන්ගේ මුළු සංඛ්‍යාව, කවර වූ කාලයක දී හෝ මේ පනත මගින් නියමිත උපරිම සංඛ්‍යාව නොඉක්මවිය යුතුය. (2) සෑම අතිරේක සාමාජිකයකු විසින් ම, මිය යාම, ඉල් ලා අස් වීම හෝ ඉවත් කිරීම හේතු කොටගෙන ධුරය කලින් හිස් කරනු ලැබුව හොත් මිස, අවුරුදු තුනක කාලයක් ධුරය දැරිය යුතු ය. ( 3 ) යම් අතිරේක සාමාජිකයකු විසින් ධුරය හිස් කරනු ලබන විට, තමා අනුප්‍රාප්ත වන සාමාජිකයාගේ ධුර කාලයෙන් නොගෙවී ඉතිරිව ඇති කාලය තුළ ධුරය දැරීමට වෙනත් තැනැත්තකු පළමුවන මණ් ඩලය විසින් පත් කළ හැකි ය. ( 4 ) රෝගාතුර වීමේ හෝ වෙනත් හේතුවක් නිසා යම් අතිරේක සාමාජිකයකුට තම ධුරයේ කාර්ය තාවකාලිකව ඉටු කිරීමට නොහැකි වුව හොත්, පළමුවන මණ්ඩලය විසින් එම සාමාජිකයා වශයෙන් ඔහු වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා වෙනත් යම් තැනැත්තකු පත් කළ හැකි ය. (5) යම් අතිරේක සාමාජිකයකු විසින් මණ්ඩලයේ සභාපතිවරයා අමතා යවනු ලබන ඒ සඳහා වූ ලිපියක් මගින් කවර වූ හෝ විටක ධුරයෙන් ඉල්ලා අස්විය හැකි ය. (6) පළමුවන මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඡන් දවල තුනෙන දෙකක බහුතරයක් මගින්, ඒ සඳහා යම් හේතුවක් නොදක්වා ම යම් අතිරේක සාමාජිකයකු ධුරයෙන් ඉවත් කළ හැකි අතර, එවැනි ඉවත් කිරීමක් සම්බන්ධයෙන් කවර වූ හෝ අධිකරණයක දී ප්‍රශ්න කරනු නොලැබිය යුතු ය. 8. (1) පසුව එළඹෙන සෑම මණ්ඩලයක්ම, ඔවුන් අනුප්‍රාප් තික වන පූර්ව මණ් ඩලයේ සාමාජිකයන්ගේ ඡන්දවල තුනෙන් දෙකක බහුතරයෙන් පත් කරනු ලබන සාමාජීකයන් පහළොස් දෙනකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය. (2) පළමුවන මණ්ඩලයට අදාළ 6 වන වගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කම් සහිතව, මේ පනත යටතේ පත් කරන ලද පසුව එළඹෙන සෑම මණ්ඩලයකටම හා ඒ සම්බන්ධයෙන් හා ඒ සම්බන්ධයෙන් අදාළ විය යුතු ය. 9. මෙම පනත යටතේ ධුරයෙන් ඉවත් කරනු ලබන සාමාජික යකු නොවන්නා වූ ද, ධුරය හිස් කරන්නා වූද මෙම මණ්ඩලයේ යම් සාමාජිකයකුට නැවත පත් කරනු ලැබීම සඳහා සුදුසුකම් තිබිය යුතු ය. 10. මණ්ඩලය විසින් තීරණය කරනු ලැබිය හැකි යම් ආකාරය කට හා යම් ගාස්තු ප්‍රමාණ අනුව මණ්ඩලයේ සාමාජිකයන් වෙත පාරිශ්‍රමික ගෙවිය යුතු ය. 11. ආයතනයේ මුද්‍රාව - (අ) මණ්ඩලයේ සභාපතිවරයා භාරයේ තිබිය යුතු ය ; (ආ) මණ්ඩලය විසින් තීරණය කරනු ලැබිය හැකි යම් ආකාරය කට වෙනස් කළ හැකි ය; තව ද (ඇ) මණ්ඩලයේ අනුමතිය සහිතව සහ තමන් පෙනී සිටි බවට සාධකයක් වශයෙන් යම් ලියවිල්ලක් අත්සන් කළ යුතු මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු ඉදිරිපිට දී විනා එම ලියවිල්ල මත නොපිහිටුවිය යුතුය. 12. මණ්ඩලයේ රැස්වීම් ද ඒ සඳහා වූ ගණපූරණය සහ එම රැස් වීම්වල දී අනුගමනය කළ යුතු කාර්ය පරිපාටිය සම්බන් ධයෙන් මේ පනත යටතේ රීති සෑදිය හැකිය. 13. (1) මණ් ඩලය විසින් එහි බලතල, කාර්ය හෝ කර්තව්‍යයන් අතුරෙන් යම් බලතල, කාර්ය හෝ කර්තව්‍යයන් සභාපතිවරයා, විධායක කමිටුව හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරිය හැකි ය. (2) (1) වන උපවගන්තිය යටතේ මණ්ඩලයේ බලතල, කාර්ය හෝ කර්තව්‍යයන් අතුරෙන් යම් බලතල, කාර්ය හෝ කර්තව්‍යයන් පවරනු ලැබූ සභාපතිවරයා, විධායක කමිටුව හෝ අධ්‍යක්ෂ ජනරාල් වරයා, මණ්ඩලයේ සාමාන්‍ය නියමයන්ට යටත්ව එසේ පවරනු ලැබූ බලතල, කාර්ය හෝ කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම හෝ කිරීම කළ යුතු ය. 14. සිය පරමාර්ථ සාක්ෂාත් කර ගනු පිණිස සාධාරණ ලෙස අවශ්‍ය විය හැකි බලතල, කාර්ය හා කර්තව්‍යයන් ආයතනය විසින් ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම m කිරීම කළ යුතු අතර, විශේෂයෙන්ම (අ) දේශීය හෝ විදේශීය ප්‍රභවයන්ගෙන්, මුදලින් හෝ ද්‍රව්‍ය වලින් ප්‍රදානයන්, ත්‍යාග සහ පරිත්‍යාග භාරගැනීම : (ආ) යම් චංචල හෝ නිශ්චල දේපළක් අත් කර ගැනීම, දැරීම, ගැනීම හෝ දීම, බදු දීම හෝ කුලියට දීම, උකස් කිරීම, ඔඩපනය කිරීම සහ විකිණීම හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීම; (ඇ) ආයතනයේ පරමාර්ථ ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රදානයන් උපපාදන හෝ ශිෂ්‍යත්ව දීම; (ඈ) එහි නිලධරයන් හා සේවකයන් සම්බන්ධයෙන් පත් කිරීම. සේවයෙහි නියුක්ත කිරීම, පාරිශ්‍රමික ගෙවීම සහ විනය පාලනය ක්‍රියාත්මක කිරීම; (ඉ) බැංකු ගිණුම් විවෘත කිරීම, පවත්වා ගෙන යාම හා වසා දැමීම සහ ඇප සහිතව හෝ රහිතව මුදල් ණයට ගැනීම හෝ එකතු කිරීම; (ඊ) ආයතනයේ බලතල ක්‍රියාත්මක කිරීම, කාර්ය ඉටු කිරීම සහ කර්තව්‍යයන් කිරීම පිණිස අවශ්‍ය හෝ උපකාරී හෝ ආනු ෂංගික විය හැකි සියලු යම් ගිවිසුම්වලට හෝ එකඟ වීම්වලට කෙළින් ම හෝ නිලධරයකු වෙනුවෙන් බලය දෙනු ලැබූ ඇතුළත්වීම සහ ඒ වා ඉටු කිරීම (උ) මූලික වශයෙන් දඹල වලට සහ යෝග්‍ය විය හැකි පරිදි, වෙනත් උනේ උපයෝගිතා පැලෑටි වලට අදාළ පුහුණුව, අධ්‍යාපනය, ව්‍යාප්තිය හා පූර්ණ සංවර්ධන නියමාවලී පිළි බඳව සියලු අංශ වලින් පර්යේෂණ පැවැත්වීම, ඒ වාට සහාය වීම, ඒවා සම්බන් ධීකරණය කිරීම හා දිරි ගැන්වීම; (ඌ) ආයතනයේ කාර්ය සඳහා අවශ්‍ය යන්ත්‍රාගාර, යන්ත්‍රෝප කරණ හා උවාරණ ආනයනය කිරීම සහ ආයතනයේ කාර් යක් ෂම කාර්ය සාධනය සඳහා උවාරණ, අරමුදලක්, පිරිස් හා වෙනත් යම් සහයෝගයන් භාර ගැනීම; (එ) ආයතනය විසින් සලසනු ලබන යම් සේවාවන් සඳහා ගාස්තු හෝ අය භාරයන් අය කිරීම; (ඒ) ආයතනයට අයත් වූ හෝ ආයතනය විසින් තබා ගනු ලැබූ යම් ඉඩමක යම් ගොඩනැගිල්ලක් හෝ ව්‍යුහයක් ඉදි කිරීම හෝ ඉදිකිරීමට සලස්වනු ලැබීම; ඔ) බෝකරන ද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම සහ ශ්‍රී ලංකා වට ආනයනය කිරීම සඳහා ඉඩදීම; සහ (ඕ) ආයතනයේ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීම පිණිස ආනුෂං ගික හෝ උපකාර වන වෙනත් යම් ක්‍රියා සහ දේවල් සියල්ලම කිරීම කළ හැකි ය. 15. (4) මණ්ඩලය විසින් - (අ) ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ; සහ (ආ) මණ්ඩලයේ සාමාජිකයකු නොවිය යුතු එහෙත් ආයතනයේ වැඩ සම්බන්ධයෙන් සුදුසුකම් ලැබූ තැනැත්තකු විය යුතු ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කළ යුතුය. (2 ) අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් - (අ) මණ්ඩලයේ ප්‍රතිපත්තිවලට හා තීරණවලට අනුකූලව ආයතනයේ කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධයෙන් වගකීම; සහ (ආ) තමා වෙත පවරනු ලැබිය හැකි පරිදි බලතල, කාර්ය තව්‍යයන් ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම හා කිරීම; සහ (ඇ) ආයතනයේ කාර්ය සඳහා අවශ්‍ය විය හැකි පරිදි, නිලධරයන් හා සේවකයන් ආයතනයේ කාර්ය මණ්ඩලයට පත් කිරීම කළ යුතුය. (3) මේ පනත යටතේ අධ්‍යක්ෂ ජිරාල් වරයාගේ බලතල, කාර්ය හා කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම හා කිරීම සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඔහුට සහාය විය යුතු ය. (4) අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ පාරිශ්‍රමිකයන් ඇතුළුව සේවා නියුක් තියේ කොන්දේසි මණ්ඩලය විසින් තීරණය කළ යුතුය. 16. මෙම පනතේ අනෙක් විධිවිධාන වලට යටත්ව, මණ්ඩලය විසින් - (අ) ආයතනයේ කාර්ය මණ්ඩලය පත් කිරීම, සේවයෙන් පහ කිරීම සහ එම කාර්ය මණ් ණ්ඩලය විෂයයෙහි විනය පාලනය ක්‍රියාත්මක කිරීම; (ආ) කාර්ය මණ් ඩලයේ වේතන හෝ වැටුප් හෝ වෙනත් පාරිශ්‍රමික නියම කිරීම; (ඇ) එම කාර්ය මණ්ඩලයේ සේවා නියම හා කොන්දේසි නිශ්චය කිරීම; සහ (ඈ) එම කාර්ය මණ්ඩලයේ යහපත සඳහා අර්ථසාධක අරමුදල් හා යෝජනා ක්‍රම පිහිටුවීම හා විධිමත් කිරීම සහ ඒ සඳහා දායක මුදල් ගෙවීම. 17. මණ්ඩලයේ යම් පුරප පාඩුවක් තිබූ පමණින් නැතහොත් මණ ඩලයේ යම් සාමාජිකයකුගේ පත්වීමෙහි දෝෂයක් තිබූ පමණින් මණ්ඩලයේ කිසිදු ක්‍රියාවක් හෝ කටයුත්තක් බල රහිත ලෙස සලකනු නොලැබිය යුතුය. 18. මේ පනතේ වෙනත් විධිවිධාන වලට යටත්ව, මණ්ඩලය විසින් පහත සඳහන් බලතල, කාර්ය හා කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීම, ඉටු කිරීම හා කිරීම කළ යුතු ය:— (අ) ආයතනයේ ප්‍රතිපත්ති සාධන මණ්ඩලය වශයෙන් කිරීම සහ ප්‍රතිපත්තිමය වශයෙන් එහි ප්‍රධාන නියමා වලීන් සම්පාදනය කිරීම හෝ අනුමත කිරීම; (ආ) ආයතනයේ අය වැය අනුමත කිරීම සහ මුදල් තත්ත්වය සමාලෝචනය කිරීම; (ඇ) ආයතනයේ පරිපාලනය සඳහා අරමුදල් ලබා ගැනීම සහ ආයතනය පවත්වාගෙන යාම සඳහා විදේශීය මෙන් දේශීය සංවිධාන වලින් ද මුදල් ආධාර භාර ගැනීම; (ඈ) අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබිය. හැකි ආයතනයේ යම් ප්‍රගති වාර්තා සමාලෝචනය කිරීම හා අගැයීම; (ඉ) අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත කමිටුවක් වෙත සිය බලතල, හෝ කමිටු අතුරෙන් යම් කාර්ය හා කර්තව්‍යයන් අතුරෙන් යම් බලතල, කාර්ය හා කර්තව්‍යයන් පැවරීම; හා (ඊ) ආයතනයේ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා අවශ්‍ය විය හැකි සියලු යම් ක්‍රියා මාර්ග ගැනීම. 19. මේ පනත යටතේ රීති සෑදීමට බලය දෙනු ලැබ ඇති හෝ නියම කරනු ලැබ ඇති සියලු කරුණු සම්බන්ධයෙන් හෝ ඉන් කිසිවක් සම්බන්ධයෙන් මණ්ඩලය විසින් රීති සාදනු ලැබිය හැකි ය. 20. (1) මේ පනතේ ප්‍රතිපත්ති සහ විධිවිධාන බලාත් මක කිරීමේ කාර්ය සඳහා මණ්ඩලය විසින් අවශ්‍ය යයි සලකනු ලබන කාරණා අතුරෙන් යම් කාරණයක් හෝ ඒ කාරණා සියල්ල සම්බන්ධයෙන් මණ්ඩලයට සහාය වීම මෙන්ම එහි බලතල, කාර්ය හා කර්තව්‍යයන් ක්‍රියාත් මක කිරීම, ඉටු කිරීම සහ කිරීම සඳහා මඩලයට සහාය වීමේ සහ උපදෙස් දීමේ කාර්යය සඳහා මණ්ඩලය විසින් අවශ්‍ය යයි සලකනු ලැබිය හැකි විධායක කමිටුවක්, කාර්මික උපදේශක කමිටුවක් හා එවැනි වෙනත් කමිටු මණ්ඩලය විසින් පත් කළ හැකිය. (2) කාර්මික උපදේශක කමිටුව විසින්, මණ්ඩලයේ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා සාමාන්‍ය වශයෙන් මණ්ඩලයට සහාය වීම ද මණ්ඩලයේ ප්‍රතිපත්ති සහ තීරණ ක්‍රියාත්මක කිරීම හා ක්‍රියාවේ යෙදවීම සඳහා අධ්‍ය ක්ෂ ජනරාල්වරයාට සහාය වීම ද කළ යුතුය. (3) ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිල බලයෙන් කාර්මික උපදේ ශක කමිටුවේ සභාපතිවරයා විය යුතු අතර විධායක කමිටුවේ සාමාජිකයකු ද විය යුතුය. (4) මෙම වගන්තිය යටතේ පිහිටුවනු ලබන සෑම කමිටුවකම ධුර කාලය හා නිශ්චිත බලතල, කාර්ය හා කර්තව්‍යයන් මණ්ඩලය විසින් තීරණය කරනු ලැබිය යුතුය. ( 5 ) මණ්ඩලය විසින්, කමිටුවේ රැස් වීම්වල ගණ පූරණය ඇතුළුව ඒ රැස් වීම්වල දී අනුගමනය කරනු ලැබිය යුතු කාර්ය පරිපාටිය සම්බන්ධයෙන් රීති සාදනු ලැබිය හැකි ය. 21. (1) ආයතනයට ආයතනයේ ම අරමුදලක් තිබිය යුතු අතර, එය ආයතනය විසින් පවත්වාගෙන යා යුතුය. (2) (අ) ආයතනය පිහිටුවීම සඳහා අදාළ වන්නා වූ පරිදි සංවිධාන විසින් සපයනු ලැබිය හැකි සියලු මුදල් ; (ආ) ආයතනයේ බලතල, කාර්ය හා කර්තව්‍යයන් ක්‍රියාත් මක කිරීමේ දී, ඉටු කිරීමේ දී හා කිරීමේ දී ආයතනයට ලැබෙන සියලු මුදල් ; සහ (ඇ) ශ්‍රී ලංකාව ඇතුළත හෝ ඉන් පිටත කවර වූ හෝ ප්‍රභවයකින් ආදායම, ණය, පරිත්‍යාග, ත්‍යාග හෝ ප්‍රදානයන් වශයෙන් ආයතනයට ලැබිය හැකි සියලු මුදල් ආයතනයේ අරමුදලට ගෙවිය යුතුය. (3) ස්වකීය බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත් මක කිරීම, ඉටු කිරීම හා කිරීම සම්බන්ධයෙන් ආයතනය විසින් දරනු ලබන යම් වියදමක් පියවීම සඳහා අවශ්‍ය සියලුම මුදල් ආයතනයේ අරමුද ලින් ගෙවිය යුතුය. 22. ආයතනයේ අරමුදලින් යම් මුදල් ආපසු ගැනීමේ සහ අරමුදලේ යම් මුදල් ආයෝජනය කිරීමේ පිළිවෙළ හා ආකාරය තත් කාර්යය සඳහා කලින් කල සාදනු ලබන යම් රීති වලට අනුව මණ්ඩලය විසින් කළ යුතු අතර, ඒ රීති අනුව හැර කිසිම මුදලක් ආපසු නොගත යුතුය. 23. (1) (අ) නිදහස් කිරීමක් නොමැති වූයේ නම්, යම් සාධන පත්‍රයක් සම්බන්ධයෙන් අය කළ හැකි තීරු බද් දකට ආයතනය යටත් වන්නා වූ ආයතය විසින් හෝ ආයතනය වෙනුවෙන් හෝ ආයතනයේ නමින් ලියා අත්සන් කරන ලද යම් සාධන පත්‍රයක් පිළිබඳ වූ යම් මුද්දර ගාස්තුවක්; (ආ) ආයතනය විසින් ආනයනය කරනු ලැබූ යම් භාණ්ඩ, වාහන, යන්ත්‍රාගාර හා යන්ත්‍රෝප කරණ ආයතනයේ පරමාර්ථ දියුණු කිරීම සඳහා උපකාර වේ යයි අමාත්‍යවරයා සහ මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් සලකනු ලැබුව හොත්, ඒ භාණ්ඩ, වාහන, යන්ත්‍රාගාර හෝ යන්ත්‍රෝපකරණ ආනයනය කිරීම සඳහා රේගු බද්දක්; (ඇ) 1979 අංක 28 දරන දේශීයආදායම් පනත යටතේ ගෙවිය යුතු යම් ධන බද්දක්; සහ (ඈ) අවස් ථාවෝචිත පරිදි, 1980 අංක 35 දරන සංවර් ධන සභා පනත, මහා නගර සභා ආඥාපනත හෝ නගර සභා ආඥාපනත යටතේ වූ යම් ගාස්තු හෝ බදු ගෙවීමෙන් ආයතනය නිදහස් කරනු ලැබිය යුතු ය. ( 2 ) ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන ආයතනයේ යම් සේවා නියුක්තයකු විසින් - ( අ ) ස්වකීය පුද්ගලික පාවිච්චිය සඳහා ගෙන්වනු ලැබූ යම් භාණ්ඩ හෝ වාහන සම්බන්ධයෙන් රේගු බදුගෙවීමෙන්; සහ (ආ) 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්දෙන් හෝ ධන බද්දෙන් ඔහු නිදහස් කරනු ලැබිය යුතුය. 24. (1) ආයතනයේ මුදල් වර්ෂය ලිත් වර්ෂය විය යුතුය. (2) මණ්ඩලය විසින් ආයතනයේ ආදායම හා වියදම. වත්කම් හා වගකීම් සහ වෙනත් සියලු ගනුදෙනු සම්බන්ධයෙන් නිසි ගිණුම් පොත් තබා ගැනීමට සැලැස්විය යුතු ය. (3) මණ්ඩලය විසින් පත් කරනු ලැබූ සුදුසුකම් ලත් විගණක වරයන් විසින් ආයතනයේ ගිණුම් විගණනය කළ යුතුය. (4) ආයතනයේ විගණකවරයන්ගේ පාරිශ්‍රමිකයන් මණ්ඩලය විසින් තීරණය කළ යුතු ය. 25. ආණ්ඩුව විසින්, අවශ්‍ය යයි සලකනු ලැබිය හැකි පරිදි යම් ඉඩම්, ගොඩනැඟිලි හා හා වෙනත් යම් පහසුකම් ආයතනයේ පාවිච්චිය සඳහා සැපයිය හැකි ය. 26. (1) (අ) මණ්ඩලය විසින් මේ පනත යටතේ සද්භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි සැලකෙන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් මණණ්ඩලයට විරුද්ධව; හෝ (ආ) ආයතනයේ යම් සාමාජිකයකු, නිලධරයකු, සේවක යකු හෝ අනුයෝජිතයකු විසින්, මේ පනත යටතේ හෝ මණ්ඩලයේ විධානයන් මත සද් භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි සැල කෙන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද් ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් පවරනු නොලැබිය යුතු ය. (2) මණ්ඩලය විසින් හෝ මණ්ඩලයට විරුද්ධව හෝ කවර වූ හෝ අධිකරණයක පවරන ලද කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක සම්බන්ධයෙන් මණ්ඩලය විසින් දරන ලද යම් වියදමක් ආයත නයේ අරමුදලින් ගෙවිය යුතු අතර, එවැනි යම් සිවිල් හෝ අපරාධ නඩුවක දී මණ් ඩලයට ගෙවන ලද හෝ මණ්ඩලය විසින් අයකර ගන්නා ලද යම් ගාස්තුවක් අරමුදලට බැර කළ යුතු ය. (3) (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ සඳහන් යම් තැනැත්තකු විසින් මේ පනත යටතේ හෝ මණ්ඩලයේ විධානය මත හෝ කරන ලද නැතහොත් කරන ලදැයි සැලකෙන යම් ක්‍රියා වක සම්බන්ධයෙන් එ තැනැත්තාට විරුද්ධව කවර වූ අධිකරණයක පවරන ලද එවැනි සිවිල් හෝ අපරාධ නඩුවක දී ඔහු විසින් දරණ ලද යම් වියදමක් ඒ ක්‍රියාව සද්භාවයෙන් කරන ලදැයි අධිකරණය තීරණය කළහොත් එ වියදම එම සිවිල් හෝ අපරාධ නඩුවේ දී ඔහු විසින් අය කර නොගන්නා ලද නම්, ආයතනයේ අරමුදලින් ගෙවිය යුතු ය. 27. ආයතනයට විරුද්ධව පවරනු ලැබූ කවර හෝ නඩුවක දී මණ්ඩලයේ යම් සාමාජිකයකුට හෝ ආයතනයේ යම් නිලධරයකුට, සේවකයකුට හෝ අනුයෝජිතයකුට විරුද්ධව පෞද්ගලිකව විරුද්ධව හෝ ඔවුන්ගේ දේපළට විරුද්ධව කිසිම රිට් ආඥාවක් නොතිබිය යුතුය. 28. (1) ආයතනය විසුරුවා හැරිය යුතු යයි මණ්ඩලයේ අදහස වන අවස්ථාවක, මණ්ඩලය විසින්, එහි සාමාජිකයන්ගෙන් තුනෙන් විසුරුවා හැරීම, දෙකක් විසින් සම්මත කරනු ලබන යෝජනා සම්මතයක් මගින්, ආයතනය විසුරුවා හැරීමට තීරණය කරනු ලැබිය හැකිය. (2) අමාත්‍යවරයා විසින්, මණ්ඩලය විසින් කරන ලද එවැනි යම් තීරණයක් මත, ආයතනය විසුරුවා හැරීම ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් කිරීමද, ආයතනයේ ඈවරකරු හෝ ඇවර කරුවන් වශයෙන් එක් තැනැත්තකු හෝ තැනැත් තන් වැඩි ගණනක් පත් කිරීම ද, කරනු ලැබිය හැකි ය. (3) 1971 අංක 38 දරන මුදල් පනතේ 20 වන හා 24 වන වගන්ති වල විධිවිධාන, එවිට, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව. ආයතනය ඈවර කිරීමට අදාළ විය යුතුය.
76
acts_1982-03-11_Prevention_of_Terrorism_Temporary_Provisions_Amendment_si
act
1982
5
1
0.983386
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 10 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත (සහතිකය සටහන් කළේ 1982 මාර්තු මස 15 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 මාර්තු මස 19 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 10 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන ) පනත 1979 අංක 48 දරන ත්‍රස් තවාදය වැළැක වීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කිරිම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1982 අංක 10 දරන ත්‍රස්තවාදය වැළැක්විමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මේ පනතෙහි මින් මතු ප්‍රධාන ප්‍රඥප්තිය" යනුවෙන් සදහන් කරනු ලබන 1979 අංක 48 දරන ත්‍රස් තවාදය වැළැක් වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 15 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (4) ඒ වගන්තිය, ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ලෙස නැවත අංක කිරීමෙන්; සහ (2) ඒ වගන්තියේ නැවත අංක කරන ලද (1) වන උපවගන් තියට ඉක්බිතිව ම පහත දැක් වෙන අලුත් උපවගන් තිය එකතු කිරීමෙන් :- “(2) මේ පනත යටතේ වූ යම් වරදක් හෝ 23 වන වගන්තියේ විධිවිධාන අදළ වන යම් වරදක් හෝ වෙනුවෙන් යම් තැනැත්තකුට විරුද්ධව අධිචෝදනාව මහ ධිකරණය වෙත ලැබුණ විට, නඩු විභාගය අවසන් වන තුරු ඒ තැනැත්තා සිර භාරයේ තබන ලෙස අධිකරණය විසින් සෑම අවස් ථාවක දීම ආඥා කරනු ලැබිය යුතු ය. ". 3. 15 වන වගන්තියට ඉක් බිතිව ම පහත දැක් වෙන අලුත් වගන්තිය ප්‍රධාන ප්‍රඥප්තියෙහි ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 15 අ වගන තිය ලෙස බල පැවැත් විය යුතු ය:- 15අ. (1) 15 වන වගන් තියේ (2) වන උප වගන්තියේ හෝ 19(අ) වගන්තියේ හෝ විධිවිධාන යටතේ යම් තැනැත්තකු සිර භාරයේ සිටින අවස්ස්ථාවක, මේ පනතේ නැතහොත් වෙනත් යම් නීතියක විධිවිධානවල කුමක් සඳ හන්ව ඇත ද රාජ්‍ය ආරක්ෂක විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේ කම්වරයා විසින් ජාතික ආරක්ෂාව හෝ මහජන සාමය කෙරෙහි සැලකිලිමත්ව, තිරණය කරනු ලබන ස්ථානයක සහ එසෙ තිරණය කරනු ලබන කොන්දේ සිවලට යටත්ව, ඒ තැනැත්තා බලධරයකුගේ අත් අඩංගුවෙහි ජාතික ආරක්ෂාව හෝ මහජන සාමය හෝ උදෙසා අවශ්‍යයයි හෝ අවස්ථානුකූලයයි ඒ ලේ කම්වරයා අදහස් කරතහොත්, ඒ තැනැත්තා සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයක් පැවැත් වෙන බවට වගබලා ගැනීම පිණිස මහාධිකරණය විසින් කරනු ලබන විධානවලට යටත්ව, ඒ තැනැත්තා එසේ අත් අඩංගුවේ තබා ගත යුතු බවට නියමයක් ඒ ලේ කම්වරයා විසින් කරනු ලැබිය හැකි ය. (2) (1) වන උපවගන්තිය යටතේ කරනු ලබන්) යම් නියමයක් මහාධිකරණය වෙත සහ බන්ධනා ගාර කොමසාරිස් වරයා වෙත දන්වනු ලැබිය යුතු අතර, ඒ නියමයෙහි දැක්වෙන බලධරයාගේ අත් අඩංගුවට ඒ තැනැත්තා පත් කිරීම ඒ කොමසා රිස්වරයාගේ කාර්යය විය යුතුය. තව ද ඒ තැනැත්තා අත් අඩංගුවට ගැනීම සම්බන්ධ යෙන් බන්ධනාගාර ආඥාපනතේ විධිවිධාන අදාළ විම අවසන් විය යුතු ය.”. 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලැබේ. 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 31 වන වගන්තියෙහි " නීති විරෝධී ක්‍රියාකාරකම " යන්නෙහි අර්ථ කථනය වෙනුවට පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- '' නීති විරෝධි ක්‍රියාකාරකම " යන්නෙන්, මේ පනත යටතේ යම් වරදක් සිදු කිරීමට හෝ සිදු කිරීම සම්බන්ධයෙන් හෝ ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී කවර වූ හෝ යම් ක්‍රමයකින් ගනු ලැබූ යම් ක්‍රියා මාර්ගයක් නැතහොත් කරනු ලැබූ යම් ක්‍රියාවක් වේ ද, ඒ ක්‍රියා මාර්ගය ගනු ලැබුවේ නැතහොත් ඒ ක්‍රියාව කරනු ලැබුවේ මේ පන්තේ සියලු විධිවිධාන හෝ විධිවිධාන වලින් කිසිවක් හෝ ක්‍රියාත් මක වීමේ දිනට පෙර හෝ පසුව හෝ වුව ද, ගනු ලැබූ ඒ ක්‍රියා මාර්ගය නැතහොත් කරනු ලැබූ ඒ ක්‍රිය ව හෝ, මේ පනත සම්මත කිරීමේ දිනට පෙර කරනු ලැබූ යම් ක්‍රියාවක් ඒ දිනට පසුව කරනු ලැබුවේ නම්, මේ පනත යටතේ වරදක් වන්නේ ද ඒ ක්‍රියාව, අදහස් වේ. '. 6. (1) මේ පනතේ 5 වන වගන්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තියට කරන ලද සංශෝධනය 1979 ජූලි මස 24 වන දින සිට බලාන්විත වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය. (2) ප්‍රධාන ප්‍රඥප්තියේ විධි විධාන යටතේ කරනු ලැබූ සෑම නියම යක් ම, මේ පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ විධිවිධ න යටතේ කරන ලද නියමයක් ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු ය. ( 3 ) ප්‍රධාන ප්‍රඥාප් තියේ යම් විධිවිධානයක අර්ථ නිරූපණය පිළිබඳ ප්‍රශ්නයක් යම් අධිකරණයක පවත්නා යම් නඩු කටයුත්තක දී හෝ කාරණයක දී උද්ගත වන අවස්ථාවක දී, ඒ ප්‍රශ්නය මේ පන්තින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ විධිවිධානවලට අනුකූලව නිශ්චය කරනු ලැබිය යුතුය.
77
acts_1982-03-11_Sri_Lanka_Institute_of_Development_Administration_si
act
1982
14
1
0.98738
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 9 දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය පනත [සහතිකය සටහන කළේ 1982 මාර්තු මස 11 වන දින ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 මාර්තු මස 12 වැනි දින ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ යට පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 9 දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය පනත ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය පිහිටු වීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1982 අංක 9 දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපා ලන ආයතනය පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයකින් අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන දිනයක සිට එය ක්‍රියාත්මක විය යුතුය. I වන කොටස ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ සංස්ථාපනය, අරමුණු, බලතල හා කර්තව්‍ය 2. (1) (මෙහි මින් මතු " ආයතනය " යනුවෙන් සඳහන් කරනු ශ්‍රී ලංකා ලබන) '' ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය " යනුවෙන් නම් කරනු ලබන ආයතනයක් පිහිටුවනු ලැබිය යුතු අතර, 6 වන වගන්තිය යටතේ තත් කාලයෙහි ආයතනයෙහි සාමාජිකයන් පිහිටුවීම. වන්නා වූ තැනැත්තන්ගෙන් එය සමන්විත විය යුතුය. (2) (1) වන උපවගන්තියෙන් එයට පවරා ඇති නාමයෙන් ආයතනය සංස් ථාගත මණ්ඩලයක් විය යුතු අතර, අවිච්ඡින්න පැවැත්මක් හා පොදු මුද්‍රාවක් ද තිබිය යුතු ය; තව ද එහි සංස්ථාගත නාමයෙන් එය විසින් හා එයට විරුද්ධව නඩු පවරනු ලැබිය හැකිය. (3) පාලක මණ්ඩලයේ සාමාජිකයන් ආයතනයෙහි සාමාජිකයන් විය යුතු ය. 3. (1) ආයතනයේ පොදු අරමුණු — අ) රාජ්‍ය නිලධරයන්ගේ නිල කාර්ය ඵලදායී ලෙස ඉටු කිරීමට අවශ්‍ය වන අවබෝධය, කෞශල්‍යය හා හැසිරීම පුහුණුව මගින් වර්ධනය කිරීම; (ආ) කළමනාකරණ හා රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයන්හි පුහුණු කිරීමේ පාඨමාලා සංවිධානය කිරීම; ඇ) ආයතනය මඟින් පවත්වනු ලබන පුහුණු කිරීමේ පාඨමාලා වලට සම්බන්ධ සහතික පත්‍ර හා ඩිප්ලෝමා ප්‍රදානය කිරීම: (ඈ ) සෑම මට්ටමක ම කාර්යක් ෂම හා ඵලදායී පරිපාලනය සහතික කිරීම පිණිස රාජ්‍ය සේවය මුළුල්ලේ අධීක්ෂණය හා ආධාර කාර්ය මණ්ඩල ප්‍රවීණ සේවක සංඛ්‍යාවක් වර්ධනය කිරීම; (ඉ) කළමනාකරණය පිළිබඳ විවිධ කර්තව්‍ය ක්ෂේත්‍රයන්හි උපදෙස් ලබා ගැනීම, අදහස් විමසීම හා විශේෂ පැවරීම් සඳහා විශේෂඥයන්ගේ සේවාවන් ආණ්ඩුවට හා රටට ලබා ගැනීමට සැලැස්වීම; (ඊ) රාජ්‍ය අංශයේ අනුයෝජිත ආයතනවලට ඒවායේ සංවිධා නාත්මක කළමනාකරණ ක්‍රම නැවත සල්කා බැලීමට හා වැඩි දියුණු කිරීමට සහාය වීම; (උ) උපදේශක කාර්ය භාරය භාර ගැනීම; (ඌ) කළමනාකරණය හා සංවිධානාත්මක න්‍යායයන් හා පරිචයන් සහ රාජ්‍ය පරිපාලන ක්‍රම පිළිබඳව විවේචනාත්මකව තක්සේරු කිරීම හා සුලු වෙනස් කම් කිරීම සඳහා මණ්ඩ ලයක් ඇති කිරීම; (එ) කළමනාකරණ සංවර්ධනය, ආයතන කටයුතු, ප්‍රතිමාන, වන්දි ගෙවීමේ ක්‍රම නිශ්චය කිරීම ආදිය සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ සංවිධාන වලට සහාය දීම සහ සාමාන්‍ය යෙන් ඒවායේ පලදාව වැඩිදියුණු කිරීම; (ඒ) ශ්‍රී ලංකාවේ හා විදේශවල කළමනාකරණ පුහුණු කිරීම. පර්යේෂණ පැවැත්වීම හා ඊට සම්බන්ධ කටයුතු වල දී අන්‍ය සංවිධානයන්, සමූහයක් සහ පුද්ගලයන් සමග උද්යෝගිව සහයෝගයෙන් කටයුතු කිරීම; (ඕ) සුදුසු ජාතික හා ජාත්‍යන්තර මණ්ඩල හා සම්මේලන ඉදිරි යේ ආයතනය නියෝජනය කිරීම; (ඕ) අවශ්‍ය අවස්ථාවල අනුමත කරන ලද ජාතික හෝ ජාත්‍යන් තර සංවිධාන වල සහාය ඇතිව කලමනාකරණය හා රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් සාකච්ඡා හා සම්මන්ත්‍රණ සංවිධානය කර පැවැත්වීම හා ඒ සම්බන්ධ පොත් පත්, සඟරා පළ කිරීම; (ක) ආයතනයේ කර්තව්‍ය හා කටයුතු පිළිබඳ තොරතුරු මහජන තාව හා අදාළ ආයතන අතර පතුරුවා හැරීම විය යුතු ය. (2) (1) වන උපවගන්තියෙහි සඳහන් යම් කරුණක් සියලුම කරුණු සහ අමාත්‍යවරයා විසින් උපදෙස් සඳහා ආයතනය වෙත යොමු කරනු ලබන වෙනත් යම් කරුණක සම්බන්ධයෙන් ඒ පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම ආයතනයේ කාර්යය විය යුතුය. 44. ස්වකීය අරමුණු හා කාර්ය ක්‍රියාත්මක කිරීම විශේෂයෙන් - (අ) යම් චංචල හෝ නිශ්චල දේපළක් යම් ආකාරයකින් අත් කර ගැනීම හා ලබා ගැනීම, බද්දක් හෝ කුලියක් මත ගැනීම හෝ දීම හෝ උකස් කිරීම, ඔඩපනය කිරීම, විකිණීම හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීම; (ආ) කළමනාකරණ පුහුණු කිරීම් හා අධ්‍යාපන මධ්‍යස්ථාන පිහිටුවා ක්‍රියාත්මක කිරීම; (ඇ) කළමනා කරණයෙහි සියලු අංශ පිළිබඳව පර්යේෂණ පැවැත් වීමත්, එවැනි පර්යේෂණ පැවැත්වීම සම්බන්ධීකරණය කිරීම්, දිරි ගැන්වීම සහ ඒවාට ආධාර කිරීම: ඈ ) ආයතනයේ නිලධරයන් සහ සේවකයන් පත් කිරීම, සේවයෙහි නියුක්ත කිරීම, පාරිශ්‍රමික ගෙවීම සහ ඔවුන් ගේ විනය පාලනය කිරීම; (ඉ) ආයතනය විසින් කරනු ලැබූ යම් සේවා සඳහා ගාසත්‍ර හෝ අයකිරීම් නියම කිරීම; (ඊ) ආයතනයට කරනු ලැබූ යම් සේවා සඳහා ගාස්තු හෝ අය කිරීම් ගෙවීම; (උ) ආයතනයේ කාර්යය සඳහා අවශ්‍ය පිරිත යන්ත්‍ර සහ උපකරණ ආනයනය කිරීම සහ ආයතනයේ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා උපකරණ, අරමුදල් සේවා මණ්ඩල සහ යම් වෙනත් ආධාර භාර ගැනීම්; (ඌ) ආයතනයේ සේවා මණ්ඩලය සඳහා වැඩ ඉටු කිරීමේ ප්‍රමිත යන් ඇති කිරීම්, ඒ වැඩ ඉටු කිරීම අගැයීම සහ ඒ පිළි බඳව යුක්ති සහගත ක්‍රියාමාර්ග ගැනීම්; (එ) ආයතනයේ සේවා නියුක්තයන් සඳහා සුභ සාධක සහ විනෝදාස් වාද පහසුකම් සැලසීම සහ පවත් වාගෙන යාම; (ඒ) පත් කිරීම්, පුහුණු කිරීම, උසස් කිරිම, පාරි ශ්‍රමික ගෙවීම, මිනය පාලනය කිරීම, කල් ක්‍රියාව සහ නිවාඩු ප්‍රදානය ඇතුළුව ආයතනයේ නිලධරයන් හා සේවකයන් සම්බන්ධයෙන් රීති සෑදීම; (ඔ) ආයතනයේ සාමාන්‍ය පරිපාලනය සම්බනධයෙන් රීති සෑදීම; ඕ) ආයතනයේ අරමුණුණු සහ කර්තව්‍ය මුදුන්පත් කර ගැනීමට අවශ්‍ය වන හෝ උපකාරී වන හෝ ආනුෂංගික වන වෙනත් සියලු දේ කිරීම සඳහා යුක්ති සහගත ලෙස අවශ්‍ය වන්නා වූ බලතල, අයිතිවාසි කම් සහ කර්තව්‍ය ආයතනයට තිබිය යුතුය 5. ස්වකීය බලතල ක්‍රියාත් මක කිරීමේ දී සහ ස්වකිය අරමුණු ඉටු කර ගැනීමේ දී ආයතනය විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ ඒ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබූ යම් සාමාන්‍ය හෝ විශේෂ විධාන අනුව කටයුතු කළ යුතුය 6. (1) අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ පහත දැක්වෙන සාමාජිකයන් ගෙන් සමන්විත වන්නා වූ (මෙහි මින් මතු " පාලකක සභාව '' යනුවෙන් සඳහන් කරනු ලබන) පාලක සභාවක් ආයතන යට තිබිය යුතු ය, එනම් - (අ) තත්කාලයෙහි රාජ්‍ය පාරිපාලන විෂයය භාර අමාත්‍යවරයා ගේ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන තැනැත්තා වන්නා වූ සභාපතිවරයකු; (ආ) තත්කාලයෙහි අග්‍රාමාත්‍යවරයාගේ ලේකම් ධූරය දරන තැනැත්තා; (ඇ) තත් කාලයෙහි මුදල් හා ක්‍රම සම්පාදන විෂයය භාර අමාත්‍ය වරයාගේ අමාත්‍යාංශයේ ලේකම් ධූරය දරන තැනැත්තා; (ඈ ) තත් කාලයෙහි සැලසුම් ක්‍රියාත්මක කිරීමේ විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන තැනැත්තා; (ඉ) තකාලයෙහි උසස් අධ්‍යාපන විෂයය භාර අමාත්‍යවරයා ගේ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන තැනැත්තා; (ඊ) තත් කාලයෙහි ස්වදේශ කටයුතු විෂය භාර අමාත්‍යවරය ගේ අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන තැනැත්තා; (උ) අමාත්‍යවරයාගේ මතය අනුව පෞද්ගලික අංශයෙහි කළමනාකරණය පිළිබඳ විශිෂ්ටත්වයක් කරනු ලබන තැනැත්තකු; (ඌ) තත් කාලයෙහි ආයතනයේ අධ්‍යක්ෂ ධුරය දරන්නා වූ ද පාලක සභාව කැඳවන්නා ලෙස ක්‍රියා කළ යුතු වූ තැනැත්තා. (2) (අ) යම් තැනැත්තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නම් හෝ මන්ත්‍රීවරයකු වුව හොත්; හෝ (ආ) යම් තැනැත්තෙක් ආයතනය විසින් හෝ ඒ වෙනු වෙන් එළඹෙන ලද යම් ගිවිසුමක් යටතේ යම් අයිති වාසිකමක් හෝ ප්‍රතිලාභයක් කෙලින් ම හෝ අන් අයුරකින් ලබන්නේ නම් හෝ බුක්ති විඳින්නේ නම්; හෝ (ඇ) යම් තැනැත්තකුට පාලක සභාවේ සාමාජිකයකු වශයෙන් තම කර්තව්‍ය තමා විසින් ඉටු කිරීමේ දී ඊට හානිකර අන්දමින් බලපෑමට ඉඩ ඇති යම් මූල්‍ය හෝ වෙනත් සම්බන්ධතාවක් ඇත්නම් ඔහු පාලක සභාවේ සාමාජිකයකු වශයෙන් පත් කරනු ලැබීමට හෝ එසේ දිගට ම කටයුතු කරගෙන යාමට හෝ සුදුස්සෙක් නොවන් නේය. 7. (1) 6 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ පත් කරනු ලැබූ සෑම සාමාජිකයකු ම, මිය යාමෙන්, ඉල්ලා අස් වීමෙන් හෝ ඉවත් කරනු ලැබීමෙන් කලින් තම ධුරය හිස් කළහොත් මිස අවුරුදු තුනක කාලයක් තුළ ධුරය දැරිය යුතු ය. (2) (අ) 6 වන වගන්තිය යටතේ පත් කරනු ලැබූ පාලක සභාවේ සාමාජිකයකු මිය ගිය හෝ ඉල්ලා අස් වූ හෝ ධුරයෙන් ඉවත' කරනු ලැබූ හෝ අවස්ථාවක, අමාත්‍ය වරයා විසින් ඒ වගන්තියේ විධිවිධාන සැලකිල් ලට ගෙන මිය ගිය, ඉල්ලා අස් වූ හෝ ධුරයෙන් ඉවත් කරනු ලැබූ සාමාජිකයා වෙනුවට වෙනත් තැනැත් තකු සාමාජිකයකු ලෙස පත් කරනු ලැබිය හැකි ය. (ආ) මේ උපවගන්තියේ (අ) දය යටතේ පත් කරනු ලැබූ පාලක සභාවේ යම් සාමාජිකයකු කලින් ඉල්ලා අස් වුව හොත් හෝ මරණය හෝ ඉවත් කිරීම නිසා හෝ තම ධුරය හිස් කරනු ලැබුව හොත් හෝ මිස තමා අනුප්‍රාප්ත වන සාමාජිකයාගේ ධුර කාලයෙන් ටත් ගෙමි තිරිවී ඇ කාලය තුළ ඔහු ධූරය දරන්නේය. (3) 6 වන වගන්තියේ (උ) ජේදය යටතේ පත් කරනු ලැබු පාලක සභාවෙහි සාමාජිකයකු රෝගාතුරවීම නිසා හෝ වෙනත් අබලතාවක් නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ තම ධුරයෙහි කටයුතු කිරීම තාවකාලිකව නොහැකි වන අවස්ථා වක, අමාත්‍යවරයා විසින් ඒ ඡේදයේ විධිවිධාන සැලකිල්ලට ගෙන ඔහු වෙනුවෙන් ක්‍රියා කිරීමට යම් තැනැත්තකු පත් කරනු ලැබිය හැකි ය. 8. (1) 6 වන හෝ 7 වන වගන්තිය යටතේ පත් කරනු ලැබූ පාලක සභාවේ යම් සාමාජිකයකු ඉවත් කිරීම අවස් ථාවෝචිත යයි අමාත්‍යවරයා විසින් සලකනු ලබන්නේ නම්, හේතු නොදක්වා වුවද එසේ' ඉවත් කළ හැකි ය. (2) (1) වන උපවගන්තිය යටතේ යම් සාමාජිකයකු ඉවත් කරනු ලැබීම කිසිම අධිකරණයක දී ප්‍රශ්න කරනු නොලැබිය යුතු ය. 9. පාලක සභාවේ සාමාජිකයකුට අමාත්‍යවරයා අමතා යවනු ලබන ලිපියකින් ඕනෑම අවස් ථාවක ධුරයෙන් ඉල්ලා අස් විය හැකි ය. 10. 8 වන වගන්තිය යටතේ ධුරයෙන් අස් කරනු ලබන සාමාජිකයකු හැර සිය ධුරය අත් හරිනු ලබන යම් සාමාජිකයකු නැවත පත් කිරීමට සුදුස් සකු විය යුතුය. 14. ආයතනයේ කිසිම ක්‍රියාවක් හෝ කාර්ය පටිපාටියක් පාලක සභාවේ යම් ඇබෑර්තුවක් පැවතීමේ හෝ මණ්ඩලයේ යම් සාමාජික යකු පත් කිරීමේ දෝෂයක හෝ හේතුවෙන් අවලංගු ලෙස සලකනු නොලැබිය යුතුය. 12. මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි පාරිශ්‍රමික ආයතනයේ අරමුදල් වලින් පාලක සභාවේ සියලුම සාමාජිකයන්ට හෝ යම් සාමාජිකයකුට හෝ ගෙවනු ලැබිය හැකි ය. 13. (1) පාලක සභාවේ රැස්වීම් සෑම මාසයකට ම යටත් පිරිසෙ යින් එක් වරක්ක්වත් පවත්වනු ලැබිය යුතු ය. (2) සභාපතිවරයා විසින් එක් එක් සාමාජිකයාට පාලක සභාවේ සෑම රැස් වීමක් පිළිබඳව යටත් පිරිසෙයින් දින හතක ලිඛිත දැනුම් දීමක් දිය යුතු අතර, ඒ රැස්වීමේ දී කරනු ලබන කටයුතු ඒ දැන්වී මෙහි සඳහන් කළ යුතුය. (3) පාලක සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු විසින් ලිඛිතව කරනු ලබන ඉල්ලීමකින් පසුව දින හතක් ඇතුළත සභාපතිවරයා විසින් (2) වන උපවගන්තියේ විධි විධාන නොතකා විශේෂ රැස් වීමක් කැඳවනු ලැබිය යුතු ය. (4) පාලක සභාවේ ඕනෑම රැස් වීමක ගණ පූරණය සඳහා සාමාජිකයන් පස් දෙනකු සිටිය යුතු ය. (5) සභාපතිවරයා පාලක සභාවේ රැස්වීම්වල මුලසුන දැරිය යුතු අතර පාලක සභාවේ යම් රැස්වීමකට සභාපතිවරයා නොපැමිණි විට, පැමිණ සිටින සාමාජිකයන්ගෙන් බහුතරය විසින් තෝරාගනු ලබන සාමාජීකයකු ඒ සභාවේ මුලසුන දැරිය යුතු ය. ( 6 ) රෝගාතුර වීම නිසා හෝ වෙනත් අබලතාවක් නිසා හෝ ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ ස්වකීය ධුරයෙහි කාර්ය ඉටු කිරීමට සභාපතිවරයාට තාවකාලිකව නොහැකි වන අවස්ථාවක අමාත්‍යවරයා විසින් ඔහු වෙනුවෙන් ක්‍රියා කිරීමට සාමාජිකයන් ගෙන් වෙනත් අයකු පත් කරනු ලැබිය හැකි ය. (7) පාලක සභාවේ රැස්වීමක දී තීරණය කරන ලද යම් කරුණක් හෝ දෙයක් හෝ පිළිබඳව ඡන්ද සංඛ්‍යාවල සමානත්වයක් පවතින අවස් ථාවක, සභාපතිවරයාට ඒ රැස්වීමේ දී ස්වකීය ඡන්දයට අතිරේකව තීරක ඡන්දයක් තිබිය යුතුය. ( 8 ) මෙහි ඇතුළත් විධිවිධාන වලට යටත්ව පාලක සභාව විසින් ස්වකීය කාර්ය පරිපාටිය නිශ්චය කරනු ලැබිය හැකිය. II වන කොටස ආයතනයේ අධ්‍යක් ක්ෂවරයා සහ වෙනත් නිලධරයන් හා සේවකයන් පත් කිරීම 14. (1) අමාත්‍යවරයා විසින් ආයතනයේ කාර්ය මණ්ඩලයට (මෙහි මින් මතු ' අධ්‍යක් ෂවරයා '' යනුවෙන් සඳහන් කරනු ලබන) ආයතනයේ අධ්‍යක් ෂවරයකු පත් කරනු ලැබිය හැකි අතර ඔහු එහි ප්‍රධාන විධායක නිලධරයා විය යුතු ය. (2) අධ්‍යක් ෂවරයා විසින් ඔහු වෙත පවරනු ලැබිය හැකි බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම කළ යුතුය. (3) (1) වන උපවගන්තිය යටතේ පත් කරනු ලැබූ අධ්‍යක්ෂ වරයා අමාත්‍ය වරයා විසින් ධුරයෙන් ඉවත් කළ හැකි අතර, එසේ ඉවත් කිරීම කිසිදු අධිකරණයක දී ප්‍රශ්න කරනු නොලැබිය යුතුය. (4 ) මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි පාරිශ්‍රමික අධ්‍යක්ෂ වරයාට ගෙවනු ලැබිය හැකි ය. 15. (1) මේ පනතේ වෙනත් විධි විධානයන්ට යටත්ව (අ) ආයතනයේ කාර්ය සඳහා අවශ්‍ය විය හැකි වෙනත් නිලධර යන් හා සේවකයන් ආයතනයේ කාර්ය මණ්ඩලයට පත් කිරීම; ආ) ආයතනයේ කාර්ය මණ් ඩලය පිළිබඳ විනය පාලනය කිරීම සහ ඔවුන් පහ කිරීම; ඇ) කාර්ය මණ්ඩලයේ චේතන හෝ වැටුප් හෝ වෙනත් පාරිශ්‍රමික නියම කිරීම; ඈ ) ඒ කාර්ය මණ්ඩලයේ වී නියම සහ කොන්දේසි නිශ්චය කිරීම; සහ ඉ) ඒ කාර්ය මණ්ඩලයේ යහපත සඳහා අර්ථ සාධක අරමුදල් සහ යෝජනා ක්‍රම පිහිටුවීම හා විධිමත් කිරීම හා එවැනි යම් අර මුදලකට හෝ යෝජනා ක්‍රමයකට දායක මුදල් ගෙවීම පාලක සභාව විසින් කළ හැකි ය. (2) (1) වන උපවගන්තියේ සඳහන් සියලු කාරණා හෝ ඉන් යම් කාරණයක් සම්බන්ධයෙන් රීති මේ පනත යටතේ සාදනු ලැබිය හැකි ය. 16. (4) පාලක සභාව විසින් ආයතනයේ කාර්ය මණ්ඩලයට වෙනත් නිලධරයන් හෝ සේවකයන් පත් කිරීම සම්බන්ධයෙන් එය සතු සියලු හෝ යම් බලතල අධ්‍යක් ෂවරයා වෙත පවරනු ලැබිය හැකි ය. අධ්‍යක් ෂවරයා විසින් ඔහු වෙත පවරන ලද බලතල යටතේ පත් කරනු ලැබූ වෘතිය කාර්ය මණ්‌ ඩලයේ කිසියම් සාමාජිකයකු ගේ පාරිශ්‍රමික ඇතුළුව සේවා නියුක්ත කොන්දේසි පාලක සභාවේ එකඟත්වය ඇතිව ඔහු විසින් නිශ්චය කරනු ලැබිය යුතුය. (2) මේ වගන්තිය යටතේ අධ්‍යක් ෂවරයා විසින් ගන්නා ලද යම් තීරණයකින් අතෘප්තියට පත් යම් තැනැත්තකු විසින් ඒ තීරණ යට විරුද්ධව ලිඛිතව පාලක සභාවට අභියාචනය කළ හැකි අතර, ඒ අභියාචනය පිළිබඳ පාලක සභාවේ තීරණය අවසානාත්මක විය යුතුය. (3) අධ්‍යක්ෂවරයා විසින් ආයතනයේ වෘත්තීය කාර්ය මණ්ඩල යේ යම් සාමාජිකයකු පහ කරනු ලැබීම පාලක සභාව විසින් අනුමත කරන ලද්දේ නම් මිස එය බලාත්මක නොවිය යුතු ය. 17. අධ්‍යක්ෂවරයා විසින් ආයතනයේ නිලධරයන්ගේ හා සේව කයන්ගේ කාර්ය නිශ්චය කරනු ලැබිය යුතුය. 18. (1) රජයේ සේවයේ යම් නිලධරයකු පාලක සභාවේ ඉල්ලීම පිට සහ ඒ නිලධරයාගේ සහ්‍ර රාජ්‍ය පරිපාලන විෂයය භාර අමාත්‍යවර යාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ එවැනිම කැමැත්ත ඇතිව ආයතනය විසින් නිශ්චය කරනු ලබන කාල සීමාවකට ආයතනයේ කාර්ය මණ් ඩලයට තාවකාලිකව පත් කරනු ලැබිය හැකිය; නැත හොත් එවැනිම කැමැත්ත ඇතිව ඒ කාර්ය මණ්ඩලයට ස් ථිරව පත් කරනු ලැබිය හැකි ය. (2) රජයේ සේවයේ යම් නිලධරයකු ආයතනයේ කාර්ය මණ්ඩ ලයට තාවකාලිකව පත් කරනු ලැබූ අවස්ථාවක, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 49 දරන ගමනාගමන මණ්ඩල පනතේ 13 වන වගන්තියේ ( 2 ) වන උපවගන්තියෙහි විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඔහුට හා ඔහු සම්බන්ධයෙන් අදාළ වන්නේය. (3) රජයේ සේවයේ යම් නිලධරයකු ආයතනයේ කාර්ය මණ්ඩ ලයට ස්ථිරව පත් කරනු ලැබූ අවස් ථාවක, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනා ගමන මණ්ඩල පනතේ 13 වන වගන් තියේ ( 3 ) වන උපවගන්තියෙහි විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඔහුට හා ඔහු සම්බන්ධයෙන් අදාළ වන්නේය. (4) රාජ්‍ය සංස්ථාවක යම් නිලධරයකු හෝ සේවකයකු ඒ නිලධරයාගේ හෝ සේවකයාගේ ද ඒ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්‌ඩ ලයේ ද කැමැත්ත ඇතිව අර්ථ සාධක අරමුදල් හිමිකම් පිළිබඳ නියම හා කොන්දේසි ඇතුළුව, ඒ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ පාලක සභාවේ සාමාජිකයන් එකඟ වන නියම හා කොන්දේසි මත ආයතනයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව හෝ ස්ථි රව හෝ පත් කරනු ලැබිය හැකිය. (5 ) නියමිත කාල සීමාවක් සඳහා ආණ්ඩුවට සේවය කිරීමට එකඟ වී ආණ්ඩුව සමග ගිවිසුමකට එළඹුණු යම් තැනැත්තකු ආයතනය විසින් සේවයේ යොදවනු ලැබූ අවස්ථාවක ඒ තැනැත්තා විසින් ආයතනයට සේවය කරනු ලබන යම් සේවා කාලයක් වේ නම් එය යට කී ගිවිසුමේ බැඳීම් ඉටු කිරීමෙහි කාර්ය සඳහා ඔහු විසින් ආණ්ඩුවට කරනු ලබනු සේවයක් ලෙස සලකනු ලැබිය යුතුය. III වන කොටස මුදල් 19. (1) ආයතනයට ආයතනයේ ම අරමුදලක් තිබිය යුතු ය. (2) ආයතනයේ අරමුදලට - (අ) ආයතනයේ පරිහරණය සඳහා පාර්ලිමේන්තුව විසින් කලින් කල සම්මත කරනු ලබන සියලු මුදල් ප්‍රමාණ; සහ (ආ) ආයතනයේ බලතල ක්‍රියාත්මක කිරීමේ දී, කර්තව්‍ය හා කාර්ය ඉටු කිරීමේ දී ආයතනය වෙත ලැබෙන සියලුම මුදල් ප්‍රමාණයන් බැර කරන ලැබිය. (3) ආයතනයේ බලතල ක්‍රියාත්මක කිරීමේ දී, කර්තව්‍ය කාර්ය ඉටු කිරීමේ දී ආයතනය විසින් දරන ලද යම් වියදම් ගෙවීමට අවශ්‍ය වන සියලු මුදල් ප්‍රමාණයන්, අරමුදලට වැය බරක් කරනු ලැබිය යුතුය. 20. ආයතනයේ මුදල් වර්ෂය ලිත් වර්ෂය විය යුතුය. 21. ගිණුම් විගණනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස ථාවේ 154 වන ව්‍යවස් ථාවෙහි විධිවිධාන ආයතනයේ ගිණුම් විගණ නය කිරීම සම්බන්ධයෙන් ද අදාළ විය යුතු ය. IV වන කොටස සාමාන්‍ය සේවකයන් 22. දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ එහි කාර්ය සඳහා ආයතනයේ සියලු සාමාජිකයන්, නිලධරයන් සහ රජයේ සේවකයන් සේ සලකනු ලැබිය යුතු ය. 23. ආයතනය, අල්ලස් පනතේ අර්ථානුකූලම උපලේඛනගත ආයතනයක් ලෙස සැලකිය යුතු අතර, ඒ පනතේ විධිවිධාන ඒ අනුව තේරුම් ගත යුතුය. 24. (1) ආයතනයේ සෑම සාමාජිකයකු ම, නිලධරයකුම හෝ සේ වකයකු ම ස්වකීය කාර්ය හෝ කර්තව්‍ය ඉටු කිරීමේ කාර්ය සඳහා හෝ අමාත්‍යවරයාට හෝ අධිකරණයක් ඉදිරියේ හෝ යම් නීතියක් යටතේ හෝ හෙළිදරව් කරන ලෙස නියම කරනු ලැබූ අවස්ථාවක හෝ හැර ස්වකීය කාර්ය හෝ කර්තව්‍ය ඉටු කිරීමේ දී ඔහු විසින් ලබා ගන්නා ලද කිසියම් තොරතුරක් යම් තැනැත්තකුට ඔහු විසින් හෙළි දරව් නොකළ යුතු ය: එසේ වුව ද ආණ්ඩුව හැර වෙනත් පාර්ශ්වයක් සමග වූ යම් ගිවිසුමක් රහස්‍ය ලෙස සැලකීමට ආයතනය බැඳී ඇති කරුණු වලට අදාළ කිසිම් තොරතුරක් මේ වගන්තියේ පෙරාතුව වූ විධිවිධාන යටතේ හෙළිදරව් නොකළ යුතුය. (2) (1) වන උපවගන්තියේ විධිවිධාන කඩ කරන යම් තැනැත් තකු වරදකට වරදකරු විය යුතුය. 25. (1) ආයතනය වෙනුවෙන් පහත දැක්වෙන පරිදි ගිවිසුම් ඇති කර ගත හැකි ය:- (අ) පෞද්ගලික තැනැත්තන් අතර ඇති කර ගන්නා ලද්දා වූ ද නීතිය අනුව ලියවිල්ලකින් විය යුතු වු ද ගිවිසුමක් නම්, එය ආයතනය වෙනුවෙන්, ආයතනයේ පොදු මුද්‍රාව යටතේ (ආ) පෞද්ගලික තැනැත්තන් අතර ඇති කර ගන්නා ලද්දා වූ ද නීතිය අනුව ලියවිල්ලකින් විය යුතු වූ ද එහි පාර්ශ්ව කරුවන් විසින් අත්සන් කරනු ලැබිය යුතු වූද ගිවිසුමක් නම්, එය ආයතනය වෙනුවෙන්, තත් කාර්යය සඳහා විධිමත්ව බලය පවරනු ලැබූ යම් තැනැත්තකු විසින් හෝ යම් තැනැත්තන් විසින් හෝ අත්සන් කොට ලියවිල් ළ කින් ඇති කර ගත හැකි ය; (ඇ) පෞද්ගලික තැනැත්තන් අතර ඇති කර ගන්නා ලද්දා වූද ලියවිල්ලකින් නොමැතිව වාචිකව පමණක් ඇති කර ගන්නා ලද්දා වූ නමුදු නීතියෙන් වලංගු වන ගිවිසු මක් නම්, එය ආයතනය වෙනුවෙන්, තත් කාර්යය සඳහා විධිමත්ව බලය පවරනු ලැබූ යම් තැනැත්තකු විසින් හෝ තැනැත්තන් විසින් හෝ වාචිකව ඇති කර ගත හැකිය. (2) මේ වගන්තිය අනුව ඇති කර ගන්නා ලද ගිවිසුමක්, නීතී යෙහි ලා බලාත්මක විය යුතු අතර ආයතනය ද ඒ ගිවිසුමේ වෙනත් සියලු පාර්ශ්වකරුවන් ද ඔවුන්ගේ නීත්‍යනුකූල නියෝජිතයන් ද ඉන් බැඳීමකට යටත් විය යුතු ය. 26. (1) යම් නිශ්චල දේපළක් ආයතනයේ කාර්ය සදහා අත් කර ගනු ලැබීමට අවශ්‍ය වී අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයකින් යෝජිත අත්කර ගැනීම අනුමත කරනු ලැබූ අවස් ථාවක, ඒ දේපළ පොදු කාර්යයක් සඳහා අවශ්‍ය යයි සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව ඉඩම් අත් කර ගැනීමේ පනත යටතේ අත් කරගනු ලැබ ආයතනයට පවරනු ලැබිය හැකි ය. (2) ඉඩම් අත් කර ගැනීමේ පනත යටතේ යම් නිශ්චල දේපළක් ආයතනයට අත්කර ගැනීම සඳහා ගෙවිය යුතු යම් මුදල් ප්‍රමාණයක් වේ නම්, එය ආයතනයේ අරමුදලින් ගෙවනු ලැබිය යුතුය. 27. (1) රජයේ යම් නිශ්චල දේපළක් ආයතනයෙ සඳහා අවශ්‍ය වී ඇති අවස් ථාවක, ඒ කාර්යය රජයේ ඉඩම් ආඥා පනතේ 6 වන වගන්තිය යටතෙහි ඒ දේ පළ පිළිබඳ විශේෂ ප්‍රදාන යක් හෝ බදු දීමක් ආයතනය වෙත කරනු ලැබිය හැකි කාර්යයක් ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව ඒ ආඥාපනතේ විධිවිධාන ඒ කාර්යය සඳහා ඒ දේ පළ පිළිබඳව ආයතනයට කරනු ලැබූ විශේෂ ප්‍රදානයකට හෝ බදු දීමකට අදාළ විය යුතු ය. (2) රජයේ යම් චංචල දේපළක් ආයතනයේ කාර්යය සඳහා අවශ්‍ය වී ඇති අවස් ථාවක, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමය කින් ඒ චංචල දේපළෙහි සන්තකය හා පරිහරණය ආයතනයට පැවරීම හා ආයතනය වෙත සතු කිරීම අමාත්‍යවරයා විසින් කරනු ලැබිය හැකි ය: එසේ වුව ද, රජයේ යම් චංචල දේපළකට බලපාන නියමයක්, එ දේපළ විෂයෙහි පාලනය දරන අමාත්‍යවරයාගේ එකඟත්වය නොමැති ච, මේ වගන්තියේ පෙරාතුව වූ විධිවිධාන යටතේ නොක රනු ලැබිය යුතු ය. 28. රජය විසින් ආයතනයේ පරිහරණය සඳහා අවශ්‍ය යයි සල කනු ලැබිය හැකි ඉඩම්, ගොඩනැගිලි සහ වෙනත් පහසුකම් සපයනු ලැබිය හැකිය. 29 (1) ආයතනය හැර වෙනත් කිසිම තැනැත්තකු විසින් '' ලංකා සංවර්ධන පරිපාලන ආයතනය " යන වචන ඇතුළත් නිල නාමය යටතේ හෝ, වෙනත් යම් වචන පරිහරණය කිරීමෙන් ඒ තැනැත්තා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය " ආශ්‍රිතව හෝ එහි අනුමතය ඇතිව හෝ එහි අධිකාරය යට තේ හෝ කටයුත් තක්, ව්‍යාපාරයක්, වෙළෙඳාමක් හෝ ව්‍යාපෘතියක් පවත්වා ගෙන යන්නේ යයි වටහා ගත හැකි ආකාරයට හෝ යම් කටයුත්තක්, ව්‍යාපාරයක්. වෙළෙඳාමක් හෝ ව්‍යාපෘතියක් පවත්වා ගෙන යාම නොකළ යුතුය. (2) (1) වන උපවගන්තියේ විධිවිධාන කඩ කරන යම් තැනැත් තෙක් වරදකට වරදකරු වන්නේය. 30 (1) ආයතනයේ කාර්ය ඉටු කිරීම සහ බලතල ක්‍රියාත්මක ආයතනයට කිරීම පිළිබඳව විශේෂ හෝ සාමාන්‍ය විධාන අමාත්‍යවරයා ලියවිල්ලකින් කළ හැකි අතර ආයතනය විසින් ඒ විධාන බලාත් මක කළ යුතුය. 2)අමාත්‍යවරයා විසින් ආයතනයේ වැඩ කටයුතු සම්බන්ධ යෙන් ඔහුට අවශ්‍ය විය හැකි තොරතුරු ලියවිල්ලකින් ලෙස ආයතනයට කලින් කල විධාන කළ හැකිය. 31. (1) මේ පනතින් සාදනු ලැබීමට බලය දෙනු ලැබූ හෝ අවශ්‍ය වී ඇති සියලුම කාරණා හෝ යම් කාරණාවක් සම්බන්ධයෙන් ආයතනය විසින් රීති සාදනු ලැබිය හැකි ය. (2) ආයතනය විසින් සාදන ලද කිසිම රීතියක් එය අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලබන තෙක් බලාත්මක නොවිය යුතු ය. 32. (1) (අ) ආයතනය විසින් මේ පනත යටතේ සද් භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි සැලකෙන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ආයතනයට විරුද්ධව, හෝ (ආ) ආයතනයේ යම් සාමාජිකයකු, නිලධරයකු, සේවක යකු හෝ අනුයෝජිතයකු විසින් මේ යටතේ හෝ පාලක සභාවේ විධානය මත සද් භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි සැල කෙන යම් ක්‍රියාවක සම්බන්ධයෙන් ඔහුට විරුද් ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් පවරනු නොලැබිය යුතුය. (2) (1) වන උපවගන්තියේ සඳහන් කරන ලද පරිදි එවැනි තැනැත්තකු විසින් මේ පනත යටතේ හෝ පාලක සභාවේ විධානය මත හෝ කරන ලද යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කවර වූ හෝ අධිකරණයක පවරන ලද යම් සිවිල් හෝ අපරාධ නඩු වක දී දරන ලද කිසි වියදමක් වේ නම් ඒ වියදම ඔහු විසින් ඒ ක්‍රියාව සද් භාවයෙන් කරන ලද බවට අධිකරණය විසින් සලකනු ලබන්නේ නම් ආයතනයේ අරමුදල් වලින් ගෙවනු ලැබිය යුතුය. 33. ආයතනයට විරුද්ධව පවරන ලද යම් නඩුවක දී පාලක සභාවේ සාමාජිකයකුට විරුද්ධව පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ ඔහුගේ දේපළට විරුද්ධව හෝ රිට් ආඥාවක් නිකුත් නොකළ යුතු ය. 34. මේ පනත යටතේ වරදක් කරන සෑම තැනැත්තකුම, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියෙහි නඩු විභාගයෙන් පසුව වරදකරු කරනු ලැබූ විට, හය මාසයක් නොඉක්මවන කාලයක් සඳහා දෙයා කාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් පන්සියයක් නොඉක්මවන දඩයකට හෝ ඒ දඩය හා බන්ධනාගාර ගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතුය. 35. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුව හොත් මිස, පනතෙහි - '' රාජ්‍ය සංස්ථාව '' යන්නෙන්, සමාගම් ආඥාපනත යටතේ හැර වෙනත් යම්කිසි ලිඛිත නීතියකින් හෝ ලිඛිත නීතියක යටතේ හෝ පිහිටුවන ලද්දා වූ හෝ පිහිටුවනු ලබන්නා ව ද ආණ්ඩුව විසින් ප්‍රදානයක් හෝ ණයක් වශයෙන් නැතහොත් වෙනත් ආකාරයකින් මුළු අරමුදල හෝ මුළු ප්‍රාග්ධනය නැතහොත් අරමුදලෙන් කොටසක් හෝ ප්‍රාග් ධනයෙන් කොටසක් හෝ සපයනු ලබන්නා වූ ද, සංස් ථාවක්, මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් අදහස වේ.
78
acts_1982-03-25_Finance_Amendment_si
act
1982
4
1
0.989919
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 14 දරන මුදල් (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1982 මාර්තු මස 25 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 මාර්තු මස 26 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 14 දරන මුදල් (සංශෝධන) පනත 1963 අංක 11 දරන මුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :— 1. මේ පනත 1982 අංක 14 දරන මුදල් (සංශෝධන) පනත යනුවෙන් හඳුන් න්වනු ලැබේ. 2. (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය '' යනුවෙන් සඳහන් කරනු ලබන) 1963 අංක 41 දරන මුදල් පනතෙහි 59 වන වගන්ති යට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය ඇතුළත් කරනු ලබන අතර එය එහි 59 අ වගන්තිය ලෙස බල පැවැත්විය යුතු ය :- 59 අ. ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන සහ බදු ගෙවීමට යටත් යම් තැනැත්තකු වෙත යම් ඉඩමක අයිතිය පවරනු ලබන අවස්ථාවක දී, ඒ තැනැත්තා විසින් ඒ පැවරීම කරන සාධන පත්‍රයෙහි අග තමා ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බවට ප්‍රකාශන යක් කොට අත්සන් කළ යුතුය. ඒ සාධන පත්‍රය සහතික කරන නොතාරිස්වරයා විසින් ප්‍රකාශනය කරන තැනැත්තාගේ අත්සන සහතික කළ යුතු ය.. 3. ප්‍රධාන ප්‍රඥාප තියෙහි 60 වන වගන්තිය පහත දැක් වෙන පරිදි ප්‍රධාන මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) ඒ වගන්තියෙහි (1) වන උපවගන්තිය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක‍්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් " (1) යම් ඉඩමක අයිතිය යම් තැනැත්තකුට පැවරීම කරන සාධන පත්‍රයක් ලියාපදිංචි කිරීම සඳහා ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ විධිවිධාන වලට අනුකූලව, ඉදිරිපත් කරනු ලැබූ අවස් ථාවක දී, ඉඩම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ඒ ආඥාපනතේ විධි විධාන වලට යටත්ව, ඒ සාධන පත්‍රය ලියාපදිංචි කළ යුතු ය: එසේ වුව ද, 59 අ වගන්තියෙහි සඳහන් කරනු ලැබ ඇති ප්‍රකාශනයක් ඒ සාධන පත්‍රයෙහි අඩංගුව තිබේ නම්, ඒ සාධන පත්‍රය මගින් කරන ලද පැවරීම සම්බන්ධයෙන් ගෙවිය යුතු බද්ද තමා වෙත ගෙවනු ලැබ තිබේ නම් හැර සහ ගෙවනු ලබන තුරු, රෙජිස් ටාර්වරයා විසින් ඒ සාධන පත්‍රය ලියාපදිංචි කිරීම ප්‍රති ක්ෂේප කළ යුතු ය. " ; (2) ඒ වගන්තියේ ( 3 ) වන උපවගන්තියෙහි " (1) වන උප වගන්තියේ හෝ (2) වන උප වගන්තියේ " යන වචන සහ ඉලක් කම් යෙදෙන කවර විටක වුව ද ඒ වෙනුවට ' (2) වන උපවගන්තියේ " යන වචන සහ ඉලක් කම ආදේශ කිරීමෙන්. 4. ප්‍රධාන ප්‍රඥප්තියෙහි 64 වන වගන්තිය අගට පහත දැක්වෙන අලුත් වගන්තිය එකතු කිරීමෙන්, ఆ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- " (4) යම් ඉඩමක අයිතිය තමා වෙත පැවරීම කරන සාධන පත්‍රයක ප්‍රකාශනයක් කොට අත්සන් කිරීම 59 වගන්තිය මගින් නියම කරනු ලැබ ඇති නමුත් ඒ ප්‍රකාශනය කොට අත්සන් කිරීම පැහැර හරින යම් තැනැත්තකු මේ පනතේ මේ කොටස යටතේ වරදක් කරන අතර මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත් වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් එක් ලක්ෂයක් නොඉක් මවන දඩයකට හෝ වර්ෂ දෙකක් නොඉක්මවන කාලසීමාවකට බන්ධනාගාරගත කිරීමට හෝ ඒ දඩය සහ බන් ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම සහ ඒ සෑම අවස්ථාවක දීම ඒ සාධන පත්‍රය මගින් පවරනු ලැබූ ඉඩමේ වටිනාකම මෙන් දෙගුණයකට සමාන අතිරේක දඩ මුදලකට ද ඔහු යටත් විය යුතු ය. (5) පුද්ගල මණ්ඩලයක් විසින් (4) වන උපවගන්තිය යටතේ වූ වරදක් කරනු ලැබූ අවස් ථාවක දී - (අ) ඒ පුද්ගල මණ්ඩලය සංස්ථාගත මණ්‌ඩලයක් නම්, ඒ වරද කරනු ලැබූ වේලාවේ දී, ඒ සංස්ථාගත මණ්ඩලයේ අධ්‍යක්ෂ වරයකු, කළමනාකරුවකු, ලේ කම්වරයකු හෝ එවැනි වෙනත් නිලධරයකුව සිටි සෑම තැනැත්තකුම්; හෝ (ආ) ඒ පුද්ගල මණ්ඩලය ව්‍යාපාර ආයතනයක් නම්, වරද කරනු ලැබූ වේලාවේ දී ඒ ව්‍යාපාර ආයතනයේ හවුල් කරුවන්ව සිටි ම තැනැත්තකුම තමා නොදැනුවත්ව හෝ තමාගේ ගුප්තානුකූලතාව නොමැතිව ඒ වරද කර ඇති බවත්, තම කර්තව්‍යවල ස්වභාවය හා එළඹ තිබුණු සියලු අවස්ථාගත කරුණු ගැන සලකා බලන විට තමා විසින් කළ යුතුව තිබූ පරිදි, ඒ වරද කිරීම වැළැක්වීම පිණිස තමා විසින් සියලු නිසි අනලස් භාවයෙන් යුතුව ක්‍රියා කළ බවත් ඕප්පු කළ හොත් මිස, ඒ තැනැත්තා වරදක් කර ඇති ලෙස සලකනු ලැබිය යුතුය. "
79
acts_1982-03-25_Forest_Amendment_si
act
1982
7
1
0.983378
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 13 දරත කැලෑ (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1982 මාර්තු මස 25 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 මාර්තු මස 26 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වැනි කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 13 දරන කැලෑ (සංශෝධන) පනත කැලෑ ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1982 අංක 13 දරන කැලෑ (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු '' ප්‍රධාන ප්‍රඥප්තිය '' යනුවෙන් සඳහන් කරනු ලබන) 1979 අංක 56 දරන පනතින් අවසාන වරට සංශෝ ධනය කරනු ලැබූ කැලෑ ආඥාපනතේ 7 වන වගන්තිය පහත දැක් වෙන පරිදි මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :- (අ) ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ " අවුරුදු පහක් දක්වා දීර්ඝ විය හැකි කාලයක බන්ධනාගාරගත කිරීමකට ද, යන වචන වෙනුවට " අවුරුදු දෙකකට නොඅඩු හා අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා බන් ධනාගාරගත කිරීමකට ද, " යන වචන ආදේශ කිරීමෙන්; (ආ) ඒ වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කොට ඒ වෙනු වට පහත දැක්වෙන උපවගන්ති ආදේශ කිරීමෙන් :- " (2) (1) වන උපවගන්තියේ සඳහන් යම් වරදක් කිරීමට අනුබල දෙන හෝ එවැනි වරදක් කිරීමට සලස් වන යම් තැනැත්තකු ද වරදකට වරද කරු වන අතර වරදකරු කරනු ලැබීමෙන් පසු - (අ) ඒ උපවගන්තියේ (අ), (ආ), (ඇ), (ඈ) හෝ ( ඊ) ඡේද යටතේ වරදක් කිරීමට අනුබල දෙන හෝ සලස් වන අවස්ථාවක අවුරුදු එකකට නොඅඩු හා අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා බන්ධනා ගාරගත කිරීමට ; සහ (ආ) ඒ උපවගන්තියේ වෙනත් යම් ඡේදයක් යටතේ වරදක් කිරීමට අනුබල දෙන හෝ එවැනි වරදක් කිරීමට සලස් වන අවස් ථාවක ඒ වරද සඳහා ඒ උප වගන්තියෙහි නියම කර ඇති දඬුවමට යටත් විය යුතු ය. ''; සහ (ඇ) ඒ වගන්තියේ අගට පහත දැක්වෙන අලුත් උපවගන්තිය එකතු කිරීමෙන් :- " (3) වන සංරක්ෂකවරයාගේ ලිඛිත අනුමතය ඇතිව මේ වගන්තිය යටතේ වූ වරදක් සම්බන්ධයෙන් කිසිම නඩු පැවරීමක් කරනු නොලැබිය යුතුය.'' 3. 1979 අංක 56 දරන පනතින් අවසාන වරට සංශෝධනය කරනු ලැබූ ප්‍රධාන ප්‍රඥප්තියේ 20 වන වගන්තිය, ඒ වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කොට හා ඒ වෙනුවට පහත දැක් වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්, මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ.- “(2) මේ පරිච්ඡේදයෙහි සඳහන් යම් වරදක් කිරීමට අනුබල දෙන හෝ එවැනි වරදක් කිරීමට සලස් වන යම් තැනැත්තකු ද වරදකට වරදකරු වන අතර, වරද කරු කරනු ලැබීමෙන් පසු- (අ) 24 වන වගන්තියේ අතුරු වගන්තියේ සඳහන් කරන ලද වරදක් සම්බන්ධයෙන් හැර ඒ වගන්තියේ සඳහන් වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් එක් දහසකට නොවැඩි දඩයකට හෝ මාස තුනකට නොඅඩු හා අවුරුදු එකකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමට ද; (ආ ) 24 වන වගන්තියේ අතුරු වගන්තියේ සඳහන් කරන ලද වරදක් සම්බන්ධයෙන් වන විට මාස හයකට නොඅඩු හා අවුරුදු දෙකකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමට ද, යටත් විය යුතුය.". 4. 1979 අංක 56 දරන පනතින් අවසාන වරට සංශෝධනය කරනු ලැබූ ප්‍රධාන ප්‍රඥප්තියේ 24 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තව දුරටත් සංශෝධනය කරනු ලැබේ :- (අ) “ රුපියල් එක් දහසකට නොවැඩි දඩයකට හෝ මාස හයක් දක්වා දීර්ඝ විය හැකි කාලයක බන්ධනාගාරගත කිරීම කට " යන වචන වෙනුවට "රුපියල් එක් දහසකට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොඅඩු හා එක් අවු රුද්දකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරී මකට " යන වචන ආදේශ කිරීමෙන්; හා (ආ) ඒ වගන්තියේ අතුරු වගන්තියේ " අවුරුදු දෙකක් දක්වා දීර්ඝ විය හැකි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීම කට ' යන වචන වෙනුවට හය මාසයකට නොඅඩු හා අවුරුදු දෙකකට නොවැඩි කාලයක් සඳහා බන් ධනාගාරගත කිරීමකට " යන වචන ආදේශ කිරීමෙන්. 5. 1979 අංක 56 දරන පනතින් අවසාන වරට අවසාන වරට සංශෝධනය කරනු ලැබූ ප්‍රධාන ප්‍රඥප්තියේ 25 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් තව දුරටත් සංශෝධනය කරනු ලැබේ:- (1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියෙහි - (අ)" රුපියල් එක් දහසකට නොවැඩි දඩයකින් හෝ මාස හයක් දක්වා දීර්ඝ විය හැකි කාලයක් සඳහා බන් ධනාගාරගත කිරීමකට " යන වචන වෙනුවට ' රුපියල් දෙසියයකට නොඅඩු හා රුපියල් එක් දහසකට නොවැඩි දඩයකින් හෝ මාස තුනකට නොඅඩු හා මාස හයකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම " යන වචන ආදේශ කිරීමෙන්, හා (ආ) ඒ වගන්තියේ දේවන අතුරු වගන්තියේ " රුපියල් දෙදහසකට නොවැඩි දඩයකින් හෝ එක් අවුරුද් දක් දක්වා දීර්ඝ විය හැකි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට " යන වචන වෙනු වට “ රුපියල් දෙසියයකට නොඅඩු රුපියල් දෙදහසකට නොවැඩි දඩයකින් හෝ මාස තුනකට නොඅඩු හා එක් අවුරුද්දකට යනා වැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට " යන වචන ආදේශ කිරීමෙන්, හා (2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ - (අ) ''අවුරුදු පහ දක්වා දීර්ඝ විය හැකි කාලයක බන්ධනා ගාරගත කිරීමකට '' යන වචන වෙනුවට " මාස තුන කට නොඅඩු හා අවුරුදු පහකට නොවැඩි කාලයක් සඳහා බන් ධනාගාරගත කිරීමකට " යන වචන ආදේශ කිරීමෙන්, හා (ආ) ඒ උපවගන්තියේ අතුරු වගන්තියේ " රුපියල් එක් දහසකට නොවැඩි දඩයකට හෝ මාස හය දක්වා දීර්ඝ විය හැකි කාලයක බ ධනාගාරගත කිරීම කට '' යන වචන වෙනුවට '' රුපියල් දෙසියයකට නොඅඩු හා රුපියල් එක් දහසකට නොවැඩි දඩය කට හෝ මාස තුනකට නොඅඩු හා මාස හයකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීම කට " යන වචන ආදේශ කිරීමෙන් 6. 1979 අංක 56 දරන පනතින් අවසාන වරට සංශෝධනය කරනු ලැබූ ප්‍රධාන ප්‍රඥප්තියේ 27 වන වගන්තියේ ( 3 ) වන උප වගන්තියේ " මාස හයක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාර යෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කරනු ලැබීමට හෝ රුපියල් පන්සියයක් නොඉක්මවන දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම හා දඩය යන දඬුවම් දෙකටම '' යන වචන වෙනුවට " රුපියල් පන්සියයකට නොඅඩු හා රුපියල් එක් දහසක් නොඉක්මවන දඩ යකට හෝ මාස තුනකට නොඅඩු හා මාස හයක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙක ටම '' යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් තවදුර ටත් සංශෝධනය කරනු ලැබේ. 7. 1979 අංක 56 දරන පනතින් අවසාන වරට සංශෝධනය කරනු ලැබූ ප්‍රධාන ප්‍රඥප්තියේ 40 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ :- 40. (1) යම් තැනැත්තකු කැලෑ වරදකට වරදකරු කරනු ලැබීමෙන් පසු- (අ) ඒ වරද සිදු කරන ලද්දේ රජයේ දේපළ නොවන යම් දැව හෝ කැලෑවක උපදින යම් ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද ඒ සියලු දැව හෝ කැලෑවක උපදින ද්‍රව්‍ය; හා (ආ) ඒ වරද සිදු කිරීමේ දී පාවිච්චි කරන ලද සියලු උපකරණ, බෝට්ටු, කරත්ත, ගවයන් හා මෝටර් වාහන (ඒ උපකරණ, බෝට්ටු, කරත්ත, ගවයන් හා වාහන ඒ තැනැත්තාට අයිති වුව ද අයිති නොවුවද), ඒ වරදකරු කරනු ලැබිමේ හේතුවෙන් රාජසන් තක කරනු ලැබිය යුතු ය. (2) (1) වන උපවගන්තිය යටතේ රාජ සන්තක කරනු ලැබූ යම් දේපළක්-- (අ) අදාළ වරදකරු කරනු ලැබීමට විරුද් ද්ධව. අභියාචනාධිකරණයට අභියාචනයක් ඉදිරි නොකරන ලද්දේ නම්, ඒ වරදකරු කරනු ලැබීමට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා නියමිත කාලය ඉකුත් වූ දින සිට රජය වෙත පූර්ණ වශයෙන් සතු කරනු ලැබිය යුතු ය; (ආ) අදාළ වරදකරු කරනු ලැබීමට විරුද් ධව අභියාචනයක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ නම්, ඒ වරද කරු කිරීම අභියාචනයෙන් ස්ථිර කරන ලද දිනයේ සිට රජය වෙත පුර්ණ වශ යෙන් සතු කරනු ලැබිය යුතුය. මේ උපවගන්තියේ " අදාළ වරද කරු කරනු ලැබීම" යන්නෙන්, යම් වරදකරු කරනු ලැබීමක ප්‍රතිඵල වශයෙන් ( 1 ) වන උපවගන්තිය යටතේ යම් දේපළක් රාජසන්තක කරනු ලැබේ ද, ඒ වරද කරු කරනු ලැබීම අදහස් වේ.' 8. 1979 අංක 56 දරන පනතින් අවසාන වරට සංශෝධනය කරනු ලැබූ ප්‍රධාන ප්‍රඥප්තියේ 41 වන වගන්තියෙහි "රජයෙ‍් දේපළ නම් හෝ රාජසන්තක කර තිබේ නම් " යන වචන වෙනුවට " රජයේ දේපළ නම් හෝ 40 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ රජය සතු කර තිබේ නම් '' යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය මෙයින තවදුරටත් සංශෝධනය කරනු ලැබේ. 9. ප්‍රධාන ප්‍රඥප්තියෙහි 43 වන වගන්තියෙහි '' 40 වන හෝ 44 වන වගන් න්තිය යටතේ නිකුත් කරන ලද යම් ආඥාවක් වචන හා ඉලක්කම් වෙනුවට '' 41 වන වගන්තිය යටතේ නිකුත් කරන ලද යම් ආඥාවක් යන වචන හා ඉලක්කම් අදේශ කිරී මෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 10. ප්‍රධාන ප්‍රඥප්තියෙහි 44 වන වගන්තිය මෙයින් ඉවත් ප්‍රධාන කරනු ලැබේ. 11. 1979 අංක 56 දරන පනතින් සංශෝධනය කරනු ලැබූ ප්‍රධාන ප්‍රඥප්තියෙහි 58 වන වගන්තියෙහි (2) වන උපවගන්තිය ඉවත් කිරීමෙන් හා ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ “(2) (1) වන උපවගන්තියේ විධිවිධාන නොතකා අමාත්‍ය වරයා විසින්- (අ) 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ පිහිටුවන ලද රාජ්‍ය දැව සංස්ථාවේ යම් සේසෝ වානියුතයකුට මේ ආඥා පනතේ 24 වන, 27 වන, 37 වන හෝ 48 වන වගන්තිවල කාර්ය සඳහා කැලෑ නිලධරයකුගේ කර්තව්‍ය ඉටු කිරීමට; හෝ (ආ) 1958 අංක 4 දරන ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථා පනත යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ හෝ 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂි කාර්මික සංස්ථා පනත යටතේ පිහිටුවන ලද ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හෝ කෘෂිකර්ම සංවර්ධන අධිකාරියේ යම් සේවානියුක් තයකුට මේ ආඥාපනතේ 27 වන, 37 වන හෝ 48 වන වගන්ති වල කාර්ය සඳහා කැලෑ නිලධරයකුගේ කර්තව්‍ය ඉටු කිරීමට බලය පවරනු ලැබිය හැකි අතර, එවැනි යම් නිලධරයකු මේ කර්තව්‍ය ඉටු කිරීමේ නිරත වී සිටිය දී කැලෑ නිලධරයකු ලෙස සලකනු ලැබිය යුතු ය."
80
acts_1982-03-25_Licensing_of_Shipping_Agents_Amendment_si
act
1982
3
1
0.986637
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 16 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍ර දීමේ (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1982 මාර්තු මස 25 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 මාර්තු මස 26 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 16 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍ර දීමේ (සංශෝධන) පනත 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍ර දීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1982 අංක 16 දරන නැව් නියෝජිතයන්ට බල පත්‍ර දීමේ (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. 1972 අංක 10 දරන නැව් නියෝජිතයන්ට බලපත්‍ර දීමේ පනතෙහි 13 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් 13 අ වන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, ඒ වගන්තිය ඒ පනතෙහි 13 අ වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය:- 13 අ. යම් නැව් නියෝජිතයකුගේ සේවානියුක්ත යකු හෝ සේවකයකු විසින් ඒ නියෝජිතයාගේ ව්‍යාපාරයෙහි නියුක්ත වී සිටින අතර මේ පනත යටතේ යම් වරදක් කරනු ලැබූ විට, ඒ වරද කරන ලද්දේ තමාගේ දැනුම නොමැතිව බව ඒ නැව් නියෝජිතයා විසින් ඔප්පු කරනු ලැබුව හොත් මිස, ඒ වරද ඒ නැව් නියෝජිතයා විසින් කරන ලද්දක් සේ සලකනු ලැබිය යුතු ය. ''
81
acts_1982-03-25_Offences_Against_Public_Property_si
act
1982
6
1
0.987437
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 12 දරන පොදු දේපළ විෂයයෙහි ලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත [සහතිකය සටහන් කළේ 1982 මාර්තු මස 25 වන දින] ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 මාර්තු මස 26 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන් ලදී. 1982 අංක 12 දරන පොදු දේ පළ විෂයයෙහි ලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත පොදු දේපළ විෂයයෙහි ලා සිදු කරනු ලබන ඇතැම් වැරදි සම්බන්ධ යෙන්ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහි ලා සිදු කරනු ලබන වැරදි පිළිබඳ පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. පොදු දේපළ විෂයයෙහි ලා අනර්ථය නමැති වරද සිදු කරන් නා වූ කවර හෝ තැනැත්තකු වරදකට වරදකරු විය යුතු අතර, වරද කරු කරනු ලැබූ විට, අවුරුදු එකකට නොඅඩු එහෙත් අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් ද රුපියල් එක් දහසක් හෝ ඒ වරද සිදු කරන ලද්දේ යම් දේපළක් කරන ලද අලාභයේ හෝ හානියේ අංශුවයෙන් ද ඒ දේ පළට සිදු තුන් ගුණයක් හෝ යන මේ දෙකින් වැඩි මුදල විය යුතු දඩයකින් ද ඔහුට දඬුවම් කරනු ලැබිය යුතුය. 3. පොදු දේපළ සොරකම් කිරීම පිළිබඳ වරද සිදු කරන්නා වූ පොදු දේපළ කවර හෝ තැනැත්තකු වරදකට වරදකරු විය යුතු අතර, වරදකරු කරනු ලැබූ විට අවුරුදු එකකට නොඅඩු එහෙත් අවුරුදු විස්සක් නො ඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් ද රුපියල් එක් දහසක් හෝ ඒ වරද සිදු කරන ලද්දේ යම් දේපළක් සම්බන්ධයෙන් ද ඒ දේපළෙහි වටිනාකම මෙන් තුන් ගුණයක් හෝ යන මේ දෙකින් වැඩි මුදල විය යුතු දඩයකින් ද ඔහුට දඬුවම් කරනු ලැබිය යුතුය. 4. පොදු දේපළ කොල්ලකෑම පිළිබඳ වරද සිදු කරන්නා වූ කවර හෝ තැනැත්තකු වරදකට වරදකරු විය යුතු අතර, වරදකරු කරනු ලැබූ විට, අවුරුදු එකකට නොඅඩු එහෙත් අවුරුදු විස්සක් ඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනා ගාරගත කිරීමකින් ද රුපියල් එක් දහසක් හෝ ඒ වරද සිදු කරන ලද්දේ යම් දේ පළක් සම්බන්ධයෙන් ද ඒ දේපළෙහි වටිනාකම මෙන් තුන් ගුණයක් හෝ යන මේ දෙකින් වැඩි මුදල විය යුතු දඩය කින් ද ඔහුට දඬුවම් කරනු ලැබිය යුතුය. 5. (1) යම් චංචල පොදු දේපළක් වංක ලෙස ව්‍යපහරණය කරන්නා වූ හෝ තම ප්‍රයෝජනයට යොදා ගන්නා වූ නැතහොත් යම් චංචල පොදු දේපළක් සම්බන්ධයෙන් සාපරාධ විශ්වාස කඩ කිරීමේ වරද සිදු කරන්නා වූ කවර හෝ තැනැත්තකු වරදකට වරද කරු විය යුතු අතර, වරදකරු කරනු ලැබූ විට, අවුරුදු එකකට නොඅඩු එහෙත් අවුරුදු විස්සක් නො ඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් ද රුපියල් එක් දහසක් හෝ ඒ වරද සිදු කරන ලද්දේ යම් දේපළක් සම්බන්ධයෙන් ද එ දේපළෙහි වටිනාකම මෙන් තුන් ගුණයක් හෝ යන මේ දෙකින් වැඩි මුදල විය යුතු දඩයකින් ද ඔහුට දඬුවම් කරනු ලැබිය යුතුය. (2) පොදු දේපළවලට අදාළව වංචා කිරීමේ, ව්‍යාජ ලේඛන සෑදීමේ හෝ ගිණුම් වරදවා පෙන්වීමේ වරද සිදු කරන කවර හෝ තැනැත් තකු වරදකට වරදකරු විය යුතු අතර, වරද කරු කරනු ලැබූ විට, අවුරුදු එකකට නොඅඩු එහෙත් අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් ද රුපියල් එක් දහසක් හෝ ඒ වරද සිදු කරන ලද්දේ යම් මුදලක් සම්බන්ධයෙන් ද ඒ මුදල මෙන් තුන් ගුණයක් හෝ යන මේ දෙකින් වැඩි මුදල විය යුතු දඩයකින් ද ඔහුට දඬුවම් කරනු ලැබිය යුතු ය. 6. යම් තැනැත්තකු වෙත 2 වන, 3 වන, 4 වන, 5 වන හෝ 10 වන වගන්ති යටතේ නියම කරන ලද යම් දඩයක් ඒ තැනැත්තා විසින් ගෙවීම පැහැර හරිනු ලැබූ අවස් ථාවක, හැරීම කළ ඒ තැනැත්තා සතු ඒ දඩයේ ප්‍රමාණයට වටිනාකමින් සමාන යයි අධිකරණය විසින් සලකනු ලබන සියලු චංචල හෝ නිශ්චල දේපළ ජන රජය වෙත රාජසන්තක විය යුතු බවට අධිකර ණය විසින් ආඥා කරනු ලැබිය හැකි ය. තවද ඒ දේපළ විකිණීමෙන් එම දඩ මුදලෙහි ප්‍රමාණයට වැඩියෙන් ලැබෙන යම් මුදලක් ඒ තැනැත්තා වෙත ආපසු ගෙවනු ලැබිය යුතු ය. 7. 6 වන වගන්තිය යටතේ දේපළ රාජසන්තක කිරීම, ක්‍රියාත් මක කළ නොහැකි හෝ අවස්ථානුකූල නොවන හෝ අවස්ථාවක, එවැනි රාජසන්තක කිරීමේ ආඥාවක් කිරීම වෙනුවට, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 18 වන වගන්තිය යටතේ ප්‍රජා සේවා ආඥාවක් අධිකරණය විසින් කළ හැකිය. 8. (1) මේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට හෝ වරදක් සිදු කිරීමෙහි ලා සම්බන්ධ වූ බවට හෝ වරදක් සිදු කරන ලදැයි සැක කරනු ලබන බවට නැත හොත් වරදක් සිදු කිරීමෙහි ලා සම්බන්ධ වී යයි සැක කරනු ලබන බවට වූ චෝදනාවක් මත යම් තැනැත්තකු යම් අධිකරණයකට භාර වන්නා වූ නැතහොත් සිර භාරයට ගනු ලැබ යම් අධිකරණයක් වෙත ඉදිරිපත් කරනු ලබන්නා වූ අවස්ථා වක, ඇප සම්බන්ධයෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ විධිවිධාන අදාළ විය යුතු ය: එසේ වුව ද, එරද සිදු කරන ලද්දේ යම් විෂය වස් තුවක් සම්බන් ධයෙන්ද, ඒ විෂය වස් තුවෙහි වටිනාකම රුපියල් පන් දහසක් ඉක්මවන බවට සහකාර පොලිස් අධිකාරිවරයකුගේ නිලයට පහත් නොවන නිලයකට අයත් රාජ්‍ය නිවේදිත නිලධරයකු විසින් සහතික කරනු ලබන අවස් ථාවක, නඩු විභාගය අවසන් කරනු ලබන තෙක් ඒ තැනැත්තා රිමාන්ඩ් භාරයෙහි තබා ගනු ලැබිය යුතුය. අසාමාන්‍ය අවස් ථාවල දී ඇප පිට මුදා හැරීමට හේතු සටහන් කිරීමෙන් පසුව ඒ තැනැත්තා ඇප පිට මුදා හැරීමට අධිකරණයට බලය තිබිය යුතුය. (2) අධිකරණය විසින් මේ පනත යටතේ වූ යම් වරදකට වරද කරු කරනු ලැබූ තැනැත්තකු විසින් ඔහු වරදකරු කරනු ලැබීමට විරුද්ධව හෝ ඔහුට නියම කරන ලද දණ්ඩන නියමයට විරුද්ධව හෝ අභියාචන පෙත්සමක් ඉදිරිපත් කර ඇතත් වුව ද ඒ සෑම තැනැත්තකුම අභියාචනය නිශ්චය කරනු ලබන තෙක් රිමාන්ඩ් භාරයේ තබා ගනු ලැබිය යුතු ය: එසේ වුව ද අසාමාන්‍ය අවස්ථාවල දී, ඇප පිට මුදා හැරීමට හේහේතු සටහන් කිරීමෙන් පසු ඒ තැනැත්තා ඇප පිට මුදා හැරීමට ඒ අධිකරණයට බලය තිබිය යුතු ය. 9. මේ පනත යටතේ වූ යම් වරදක් සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබූ යම් තැනැත්තකුගේ නඩු විභාගයට සහ එවැනි යම් වරදකට වරදකරු කිරීමට හා ඒ වරද කරු කිරීම සම්බන්ධයෙන් නියම් කරන ලද දණ්ඩන නියමයට විරුද්ධව වූ යම් අභියාචනයක් විභාග කිරීමෙහි ලා අධිකරණය විසින් ප්‍රමුඛතාව දෙනු ලැබිය යුතුය. 10. මේ පනත යටතේ දඬුවම් කරනු ලැබිය හැකි වරදක් සිදු කිරීමට තැත් කරන්නා වූ හෝ එවැනි වරදක් සිදු කිරීමට සලස් වන්නා වූ හා ඒ තැන් කිරීමේ දී වරද සිදු කිරීම සඳහා යම් ක්‍රියාවක් කරන්නා වූ යම් තැනැත්තකුට වරද සඳහා සලසා ඇති දෙයාකාර යෙන් එක් ආකාරයකින් වූ යම් බන්ධනාගාරගත කිරීමකින් සහ වරද සඳහා සලසා ඇති යම් දඩයකින් දඬුවම් කරනු ලැබිය යුතුය. 11. වයස අවුරුදු දහසයට අඩු යයි අධිකරණය අදහස් කරන තැනැත්තකු විසින්, 2 වන, 3 වන, 4 වන හෝ 5 වන වගන්ති යටතේ වරදක් සිදු කරනු ලබන හෝ 10 වන වගන්තිය යටතේ වරදක් සිදු කිරීමට තැත් කරනු ලබන හෝ වරදක් සිදු කිරීමට සලස්වනු ලබන අවස්ථාවක, ඒ වරද සඳහා නියම කර ඇති අවම දඬුවම නොසලකා දඬුවමක් පැනවීමේ අභිමතය අධිකරණය වෙත තිබිය යුතුය. 12. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, අර්ථ නිරූපණය. පනතෙහි බැංකුව '' යන්නෙන් - (අ) ණය හෝ අත් තිකාරම් හෝ ආයෝජන ප්‍රදානය කරන නැතහොත් මහජනයාගේ මුදල් තැන්පතු භාර ගන්නා, ආණ්ඩුව වෙනුවෙන් ක්‍රියා කරන්නා වූ (යම් ලිඛිත නීතියක් යටතේ හෝ අන්‍යාකාරයකින් පිහිටුවන ලද ) යම් නියෝජ්‍යායතනයක් හෝ ආයතනයක් ; සහ (ආ) ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින්, මේ පනතේ කාර්ය සඳහා බැංකුවක් ලෙස මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද වෙනත් යම් තැනැත්තෙක් හෝ පුද්ගල මණ්ඩලයක් අදහස් වේ; " වංචා කිරීම " යන්නෙහි, දණ්ඩ නීති සංග්‍රහයෙහි ඊට දී ඇති අර්ථයම ඇත්තේය; " සාපරාධ විශ්වාස කඩ කිරීම " යන්නෙහි, දණ්ඩ නීති සංග්‍රහ යෙහි ඊට දී ඇති අර්ථය ම ඇත්තේ ය; සමුපකාර සමිතිය '' යන්නෙන්, ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත හෝ තත් කාලයෙහි බල පවත්නා ඊට සම්බන්ධ වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ ලියාපදිංචි කරන ලද නැතහොත් ලියාපදිංචි කරන ලදැයි සලකනු ලබන යම් සමිතියක් අදහස් වේ; සමුපකාර සංගමය " යන්නෙන්, ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත හෝ තත් කාලයෙහි බලපවත්නා ඊට සම්බන්ධ වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ ලියාපදිංචි කරන ලද නැතහොත් ලියාපදිංචි කරන ලදැයි සලකනු ලබන යම් සංගමයක් අදහස් වේ; "වංක ලෙස " යන්නෙහි, දණ්ඩ නීති සංග්‍රහයෙහි ඊට දී ඇති අර්ථයම ඇත්තේ ය; " වරදවා පෙන්වීම " යන්නෙහි, දණ්ඩ නීති සංග්‍රහයෙහි ඊට දී ඇති අර්ථය ම ඇත්තේය; '' ව්‍යාජ ලේඛන සෑදීම " යන්න්නෙහි, දණ්ඩ නීති සංග්‍රහයෙහි ඊට දී ඇති අර්ථය ම ඇත්තේ ය; අනර්ථය " යන්නෙහි, දණ්ඩ නීති සංග්‍රහයෙහි ඊට දී ඇති අර්ථය ම ඇත්තේය; '' රාජ්‍ය සංස්ථාව '' යන්නෙන්, සමාගම් ආඥාපනත යටතේ හැර වෙනත් යම්කිසි ලිඛිත නීතියකින් හෝ ලිඛිත නීතියක් යටතේ හෝ පිහිටුවන ලද්දා වූ හෝ පිහිටුවනු ලබන්නා වූ ද ආණ්ඩුව විසින් ප්‍රදානයක් හෝ ණයක් වශයෙන් නැතහොත් වෙනත් ආකාරයකින් මුළු අරමුදල හෝ මුළු ප්‍රාග්ධනය නැතහොත් අරමුදලෙන් කොටසක් ප්‍රාග්ධනයෙන් කොටසක් හෝ සපයනු ලබන්නා වූද සංස් ථාවක්, මණ් ඩලයක් හෝ වෙනත් ආයතනයක් අදහස් වේ; පොදු දේපළ ” යන්නෙන්, ආණ්ඩුවේ දේපළ ද, යම් දෙපාර්ත මේන්තුවක, ව්‍යවස්ථාපිත මණ්ඩලයක, රාජ්‍ය සංස්ථා වක, බැංකුවක, සමුපකාර සමිතියක හෝ සමුපකාර සංගමයක දේ පළ ද අදහස් වේ; කොල්ලකෑම " යන්නෙහි, දණ්ඩ නීති සංග්‍රහයෙහි ඊට දී ඇති අර්ථය ම ඇත්තේය; " සොරකම " යන්නෙහි, දණ්ඩ නීති සංග්‍රහයෙහි ඊට දී ඇති අර්ථයම ඇත්තේය.
82
acts_1982-03-25_Protection_of_Tenants_Special_Provisions_Amendment_si
act
1982
7
1
0.989553
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 11 දරන කුලී නිවැසියන් ආරක්‍ෂා කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1982 මාර්තු මස 25 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදි. 1982 මාර්තු මස 26 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ 11 වන කෙටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 11 දරන කුලී නිවැසියන් ආරක්ෂා කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත 1970 අංක 28 දරන කුලී නිවැසියන ආරකෂා කිරීමේ (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. පනත 1982 අංක 14 දරන කුලී නිවැසියන් ආරක් ෂා කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත යනුවෙන් හඳුන් වනු ලැබේ. 2. ( ' ප්‍රධාන ප්‍රඥප්තිය '' යනුවෙන් මෙහි මින් මතු සඳහන් කරනු ලබන) 1970 අංක 28 දරන කුලී නිවැසියන් ආරක් ෂා කිරීමේ (විශේෂ විධිවිධාන) පනතේ 3 වන වගන්තියේ (2) වන උප වගන්තිය ඉවත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 3. 7 වන වගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් වගන් තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය ප්‍රධාන ප්‍රඥප්තියේ 7 අ වගන්තිය ලෙස බලාත්මක විය යුතුය:- 7 අ. (1) කොමසාරිස් වරයා විසින් හෝ 7 වන වගන්තිය යටතේ පරීක්ෂණයක් පැවැත්වීමට ඔහු විසින් බලය දෙන ලද යම් රජයේ නිලධරයකු විසින් හෝ එම වගන්තිය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකින් පසු යම් ස්ථානයක ගෙහිමියා විසින් හෝ වෙනත් යම් තැනැත්තකු විසින් හෝ - (අ) ඒ ස්ථානයේ යම් කොටසකට අලාභහානි කරනු ලැබූ, යම් කොටසක් ඉවත් කරනු ලැබූ හෝ අයුතු ලෙස වෙනස් කරනු ලැබූ; (ආ) ඒ ස්ථානයේ කුලී නිවැසියා හෝ එහි පදිංචි තැනැත්තා සඳහා කලින් සලසන ලද යම් පහසුකමක් හෝ සුව පහසුකමක් නවත් වනු ලැබූ හෝ නතර කරනු ලැබූ ; (ඈ) ඒ ස්ථානයේ කුලී නිවැසියා හෝ එහි පදිංචි තැනැත්තා සඳහා සලසන ලද යම් අත්‍ය වශ්‍ය සැපයීමක් හෝ සේවයක් අහිමි කරනු ලැබූ, නතර කරනු ලැබූ හෝ නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාම පැහැර හරිනු ලැබූ; (ඈ) ඒ ස්ථානයේ කුලී නිව සියා පදිංචි තැනැත්තා වලක්වනු ලැබූ, බවට ඔහු සෑහීමට පත් වූ අවස්ථාවක, ඔහු විසින් ලියවිල්ලකින් වූ දැන්වීමකින් ඒ දැන්වීමෙහි නිශ්චිතව සඳහන් කරනු ලබන දිනයකට පෙර හෝ ගෙහිමියා විසින් ඒ වෙනුවෙන් කරනු ලබන ඉල් ලී මක් මත කොමසාරිස් වරයා විසින් ඉඩ දෙනු ලබන දීර්ඝ කරන ලද කාල සීමාව ඇතුළත - හෝ (i) ඒ අලාභ හානි අලුත් වැඩියා කිරීමට; (ii) ඒ සුව පහසුකම හෝ පහසුකම නැවත පිහිටු වීමට හෝ අලුත් වැඩියා කිරීමට; හෝ (iii) ඒ අත්‍යවශ්‍ය සැපයීම හෝ සේවය නැවත පිහිටු වීමට, අලුත් වැඩියා කිරීමට හෝ එය නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාමට;හෝ (iv) ඒ කුලී නිවැසියාට හෝ පදිංචි තැනැත්තාට ඒ ස්ථානයට ප්‍රවේශ වීමට ඉඩ දීමට, ඒ ස්ථානයේ ගෙහිමියාට නියම කරනු ලැබිය හැකිය. (2) යම් ස්ථානයක ගෙහිමියා (1) වන උපවගන් තිය යටතේ දෙන ලද දැන්වීමකින් ඔහුට නියම කරන ලද යම් නියමයකට අනුකූලව ක්‍රියා කිරීම ඒ දැන්වීමෙහි නිශ්චිතව සඳහන් කරන ලද කාල සීමාව ඇතුළත හෝ එම වගන්තිය යටතේ ඔහුට ඉඩ දෙනු ලබන දීර්ඝ කරන ලද කාලසීමාව ඇතුළත පැහැර හරිනු ලබන අවස්ථාවක, කොමසාරිස්වරයා විසින් හෝ ඔහු විසින් බලය දෙන ලද නිලධරයා විසින් හෝ - (අ) ඒ ස්ථානයේ කුලී නිවැසියාට ඒ දැන්වීමෙහි සඳහන් කරන ලද අලාභහානි අලුත් වැඩියා කිරීමට හෝ ඒ දැවීමෙහි සඳ හන් කරන ලද සුව පහසුකම, පහසුකම හෝ අත්‍යවශ්‍ය සැපයීම හෝ සෙවය නැවත පිහිටු වීමට, අලුත් ත්වැඩියා කිරීමට හෝ එය නිසි තත්වයෙන් පවත්වා ගෙන යාමට විධාන කළ හැකිය; (ආ) කුලී නිවැසියාට ඒ අලුත් වැඩියා කිරීම සිදු කිරීමට හෝ ඒ සුව පහසුකම, පහසුකම, අත්‍ය වශ්‍ය සේවය හෝ සැපයීම නැවත පිහිටු වීමට, අලුත් වැඩියා කිරීමට හෝ එය නිසි තත්වයෙන් පවත්වාගෙන යාමට නොහැකි යම් අවස් ථාවක, පොදු පහසු කම් පිළිබඳ මණ්ඩලයට ඒ අලාභහානිය අලුත් වැඩියා කිරීමට හෝ ඒ සුව පහසු කම, පහසුකම් හෝ අත්‍යවශ්‍ය සැපයීම සේවය නැවත පිහිටු වීමට,අලුත් වැඩියා කිරීමට හෝ එය නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාමට විධාන කළ හැකි ය. (3) (2) වන උප වගන්තියේ යටතේ කොමසාරිස් වරයා විසින් යකින් කුලී නිවැසියකුට හෝ ස්ථානයක පදිංචි තැනැත්තාට ඒ ස්ථානයේ යම් අලුත්වැඩියා කිරීම් හෝ නැවත පිහිටුවීම් ක්‍රියාත්මක කිරීමට විධාන කරන ලද අවස්ථාවක, ඒ අලුත් වැඩියා කිරීම හෝ නැවත පිහිටුවීම ක්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා අනුමතය ලබා ගැනීම අවශ්‍ය වන්නේ යම් තැනැත් තකුගේ හෝ යම් පුද්ගල මණ්ඩලයක ද, ඒ තැනැත්තා විසින් හෝ පුද්ගල මණ්ඩලය විසින් හෝ, වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන වල කුමක් සඳහන් වුව ද, ඒ කුලී නිවැසියාට, ඒ කුලී නිවැසියා ඒ ස්ථානයේ ගෙහිමියා වූ පරිදි, ඒ අලුත් වැඩියා කිරීම හෝ නැවත පිහිටුවීම ක්‍රියාත මක කිරීමට, අවස් ථාවෝචිත පරිදි, අවසරය දීම හෝ බල පත්‍රයක් නිකුත් කිරීම හෝ කළ යුතු ය. (4) (2) වන උපවගන්තිය යටතේ කොමසාරිස් වරයා විසින් යම් ස්ථානයක කුලී නිවැසියාට හෝ පොදු පහසුකම් පිළිබඳ මණඩලයට යම් ස්ථානය කට කරන ලද යම් අලාභ හානියක් අලුත් වැඩියා කිරීමට හෝ කුලී නිවැසියා හෝ ඒ ස්ථානයේ පදිංචි තැනැත්තා සඳහා කලින් සලසන ලද යම් සුව පහසුකමක්, පහසුකමක් හෝ අත්‍යවශ්‍ය සැපයී මක් හෝ සේවයක නවත පිහිටු වීමට, අලුත් වැඩියා කිරීමට හෝ නිසි තතත්වයෙන් පවත්වාගෙන යාමට විධාන කරනු ලබන අවස්ථාවක, යම් නීතියක හෝ ගිවිසුමක කුමක් සඳහන් වුව ද නැතහොත් ඒ ස්ථානයේ ගෙහිමියා ඒ අලුත් වැඩියා කිරීම සිදු කිරීමට හෝ ඒ සුව පහසුකම, පහසුකම හෝ අත්‍ය වශ්‍ය සැපයීම හෝ සේවය නැවත පිහිටුවීමට හෝ අලුත් වැඩියා කිරීමට අනුමතය නොදෙනු ලැබූ නමුත්, ඒ කුලී නිවැසියා හෝ ඒ මණ්ඩලය විසින් ඒ අලුත් වැඩියා කිරීම සිදු කිරීම හෝ ඒ සුවපහසු කම, පහසුකම හෝ අත්‍යවශ්‍ය සැපයීම හෝ සේවය නැවත පිහිටුවීම, අලුත් වැඩියා කිරීම හෝ නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාම කළ හැකි ය. ඒ කුලී නිවැසියාට ඒ අලුත් වැඩියා කිරීම සිදු කිරීමට නැතහොත් ඒ පහසුකම, සුව පහසුකම හෝ අත්‍ය වශ්‍ය සැපයීම හෝ සේවය නැවත පිහිටුවීමට, අලුත් වැඩියා කිරීමට හෝ නිසි තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට අවශ්‍ය සහාය දීමට කොමසාරිස්වරයා විසින් හෝ ඔහු විසින් බලය දෙන ලද නිලධරයා විසින් පොලිසියට නියම කරනු ලැබිය හැකි අතර, එවැනි යම් නියමයකට අනුකූලව ක්‍රියා කිරීම පොලිසියේ කාර්යය වන්නේ ය. (5) (2) වන උපවගන්තිය යටතේ කරන ලද නියමයකට අනුකූලව යම් ස්ථානයක කුලී නිවැසියා විසින් යම් ස්ථානයක යම් අලුත් වැඩියා කිරීමක් සිදු කරනු ලබන හෝ කුලී නිවැසියා හෝ ස්ථානයේ පදිංචි තැනැත්තා සඳහා කලින් සලසන ලද යම් පහසුකමක්, සුව පහසුකමක් හෝ අත්‍ය වශ්‍ය සැපයීමක් හෝ සේ වයක් නැවත පිහිටු වීම, අලුත් වැඩියා කිරීම හෝ නිසි තත්ත්වයෙන් පවත්වා ගෙන යාම කරනු ලබන අවස්ථාවක, කොමසාරිස් වරයා විසින් හෝ ඔහු විසින් බලය දෙන ලද නිලධරයා විසින් ඒ ස්ථානයේ කුලී නිවැසියාගේ හා ගෙහිමියාගේ අදහස් විමසීමෙන් පසු, කුලී නිවැසියා විසින් ඒ අලුත් වැඩියා කිරිම හෝ ඒ පහසුකම, සුව පහසුකම හෝ අත්‍යවශ්‍ය සැපයීම හෝ සේවය නැවත පිහිටු වීම, අලුත් වැඩියා කිරීම හෝ නිසි තත්ත්වයෙන් පවත්වා ගෙන යාම සඳහා යුක්ති සහගත ලෙස දරන ලද මුදල් ප්‍රමාණය, තම අත්සන යටතේ දෙන ලද සහතික යකින්, තීරණය කරනු ලැබිය යුතුය. යම් නීතියක ඊට පටහැනිව කුමක් සඳහන් වුව ද, එසේ යහ තික කරන ලද මුදල් ප්‍රමාණය, අදාළ මුදල් ප්‍රමාණය සලකා බැලීමෙන් පසු කොමසාරිස් වරයා විසින් හෝ ඔහු විසින් බලය දෙන ලද නිලධරයා විසින් තීරණය කරනු ලබන වාරික ගණනකින් කුලී නිවැසියා විසින් ඒ ස්ථානය සඳහා ගෙවීය යුතු මාසික කුලියෙන් අඩු කරනු ලැබිය හැකි ය. (6) (2) වන උපවගන්තිය යටතේ කරන ලද නියමයකට අනුකූලව පොදු පහසුකම් පිළිබඳ මණ්ඩලය විසින් යම් ස්ථානයක යම් අලුත් වැඩියා කිරීමක් සිදු කරනු ලබන හෝ යම් ස්ථානයක කුලී නිවැසියා හෝ එහි පදිංචි තැනැත්තා සඳහා කලින් සලසන ලද යම් සුව පහසුකමක්, පහසුකමක් හෝ අත්‍යවශ්‍ය සැපයීමක් හෝ සේ වයක් නැවත පිහිටු වීම, අලුත් වැඩියා කිරීම හෝ නිසි තත්ත්ව යෙන් පවත්වාගෙන යාම කරනු ලබන අවස් ථාවක, යම් නීතියක කුමක් සඳහන් වුව ද, මණ්ඩලය විසින් ඒ අලුත් වැඩියා කිරීම සිදු කිරීම හෝ ඒ සුව පහසුකම, පහසුකම හෝ අත්‍යවශ්‍ය සැපයීම හෝ සේවය නැවත පිහිටු වීම, අලුත් වැඩියා කිරීම හෝ නිසි තත්ත්වයෙන් පවත්වා ගෙන සඳහා දරන ලද වියදම් ඒ ස්ථානයේ ගෙහිමියා ගෙන් අයකර ගනු ලැබිය හැකි ය. ” 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-- (අ) " කොමසාරිස් වරයා " යන්නෙහි අර්ථකථනයට ඉක්බිතිව පහත දැක් වෙන අලුත් අර්ථකථනය ඇතුළත් කිරීමෙන් :- පොදු පහසුකම් පිළිබඳ මණ්ඩලය '' යන්නෙන්, ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 10 දරන පොදු පහසුකම් පිළිබඳ මණ්ඩලය පනතින් පිහිටුවන ලද පොදු පහසුකම් පිළිබඳ මණ්ඩලය අදහස් වේ; '; තව ද (ආ) '' නෙරපීම '' යන්නෙහි අර්ථකථනයට ඉක බිතිවම පහත දැක්වෙන අලුත් අර්ථ කථනය ඇතුළත් කිරීමෙන් :- අත්‍යවශ්‍ය සැපයීම හෝ සේවය '' යන්නට ජලය සැපයීම, පටුමංවල හා සෝපානවල විදුලි පහන් ද ඇතුළත් වන විදුලි බලය හා විදුලි පහන්, ඔසොව් හා කසල ශෝධනය හෝ සනීපාරක්ෂක සේවාව ද ඇතුළත් වේ.’.
83
acts_1982-05-20_Estates_Control_of_Transfers_and_Acquisition_Repeal_si
act
1982
4
1
0.988711
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 19 දරන වතු (පැවරීම හා අත්කර ගැනීම පාලනය කිරිම) (ඉවත් කිරීමේ) පනත (සහතිකය සටහන් කළේ 1982 මැයි මස 20 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 මැයි මස 21 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 19 දරන වකු (පැවරිම හා අත්කර ගැනීම පාලනය කිරීම) (ඉවත් කිරීමේ) පනත 1972 අංක 2 දරන වතු (පැවරීම හා අත්කර ගැනීම පාලනය කිරීමේ) පනත ඉවත් කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික් කරුණු සඳහා විධිවිධාන සැලැස් වීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ 1. මේ පනත 1982 අංක 19 දරන වතු (පැවරීම ගැනීම පාලනය කිරීම) (ඉවත් කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. 1972 පෙබරවාරි මස 18 වන දින හෝ ඊට පසු යම් වත්තක අයිතිය පැවරීම කර ඇත්තේ ද ඒ පැවරීම, 1972 අංක 2 දරන වතු (පැවරීම හා අත් කර ගැනීම පාලනය කිරීමේ) පනතේ 2 වන වගන් තිය යටතේ අමාත්‍යවරයාගේ අනුමතය දීමේ සහතිකයක් නොමැතිව කරන ලද්දේ වුව ද, සියලු කාර්ය සඳහා නීතියෙහි ලා වලංගු ලෙස සලකනු ලැබිය යුතු ය: එසේ වුව ද, ඒ වත්තේ අයිතිය පිළිබඳ නීත්‍යනුකූල පැවරීමක් පසුව ලබා ගෙන තිබූ යම් පාර්ශවකරුවකුගේ හෝ ඔහුගේ පූර්වග අයිතිකරුවකුගේ හිමිකමට වඩා උසස් හිමිකමක් එකී පැවරීම වලංගු බවට පත් කිරීමේ හේතුවෙන් නොපැවරේ. 3. 1972 අංක 2 දරන වතු (පැවරීම හා අත්කර ගැනීම පාලනය කිරීමේ) පනත මෙයින් ඉවත් කරනු ලැබේ. 4. පනතෙහි - (i) වෙනම සහ වෙන් වෙන්ව පිහිටා ඇති දේ පළකින් සංයුක්ත වන; (ii) තැනැත්තන් එක් කෙනෙකු හෝ ඊට වැඩි දෙනකුට අයත් වන හෝ එක් කෙනෙකු හෝ ඊට වැඩි දෙනකු විසින් දරනු ලබන; සහ (iii) 1962 ජනවාරි මස 1 වන දිනට පසු යම් අවස්ථාවක. මුළු අක්කර ප්‍රමාණයෙන් අක්කර එක් සියයකට නොඅඩු ප්‍රමාණයක් වගාව හෝ කෘෂිකර්මයට අදාළ යම් කාර්යයක් සඳහා යොදා ගනු ලබන්නා වූ නැතහොත් යොදා ගනු ලැබුවා වූ ද යම් ඉඩමක් හෝ ඉඩම් සමූහයක් අදහස් වන අතර, විකුණනු නොලැබූ පලදාව, ඒ වතුවලට අයත් වන්නා වූ සහ ඒ වත්ත පවත්වාගෙන යාම සඳහා අමාත්‍යවරයාගේ මතය අනුව අවශ්‍ය වන්නා වූ සියලු ගොඩනැගිලි; සවි කිරීම්, යන්ත්‍රෝපකරණ, උපකරණ, වාහන සහ චංචල හෝ නිශ්චල වෙනත් දේවල් ද ඊට ඇතුළත් වේ; තව ද අයිතිය පැවරීම් " යන්න, යම් වත්තක් සම්බන්ධයෙන් යෙදෙන විට, බෙදූ හෝ නොබෙදු ඒ වත්තේ හෝ එහි යම් කොටසක අයිතිය ''විකිණීමකින්, හුවමාරු කිරීමකින් හෝ තෙස්ත මේන්තු බුදල් බැහැර කිරීමකින් දෙනු ලැබූ තැග්ගක් නොවන තාග්ගකින් පැවරීම හෝ බෙදු හෝ නොබෙදූ වත්ත හෝ එහි කොටස අවුරුදු දහයක් ඉක්මවන කාලයක් සඳහා බදු දීම හෝ බෙදූ හෝ නොබෙදූ ඒ වත් ත්තේ හෝ එහි කොටසේ යම් උකස් කිරීමක් අදහස් වේ.
84
acts_1982-05-20_Zahira_College_Colombo_Board_of_Governors_Incorporation_si
act
1982
8
1
0.982305
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 18 දරන කොළඹ සහිරා විද්‍යාලයේ පාලක මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත [සහතිකය සටහන් කළේ 1982 මැයි මස 20 වන දින ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 මැයි මස 21 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 18 දරන කොළඹ සහිරා විද්‍යාලයේ පාලක මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත කොළඹ සහිරා විද්‍යාලයේ පාලක මණ්ඩලය සංස්ථාගත කිරීම පිණිස සහ ඒ කාර්යය සඳහා මරදානේ මුස් ලිම් පල්ලි ආඥාපනත සංශෝධනය කිරීම පිණිස සහ ඊට සම්බන්ධ හෝ ආනූෂංශික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි. කොළඹ, සහිරා විද්‍යාලය යනුවෙන් සඳහන් කරනු ලබන සහ හඳුන්වනු ලබන පාසලක් මේ දක්වා කොළඹ, මරදානේ පිහිටුවා තිබූ හෙයින්ද පාසැලේ සාමාන්‍ය පාලනය හා විධානය මෙතෙක් කල් මරදානේ මුස් ලිම් පල්ලි ආඥාපනතේ භාරකාර මණ්ඩලය වෙත පවරා තිබූ හෙයින් ද: එකී පාසැලේ සාමාන්‍ය පාලනය හා විධානය වෙනම පාලක මණ්ඩලයක් වෙත පැවරීම සහ එවැනි මණ්ඩලයක් නීත්‍යනුකූලව සංස්ථාගත කරනු ලැබීම අවස්ථාවෝචිත යයි එකී භාරකාර මණ්ඩ ලය විසින් දැනට සලකනු ලැබීම සහ ඊට මනාපය පළ කිරීම කර ඇති හෙයින් ද: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පන්වනු ලැබේ:- 1. මේ පනත 1982 අංක 18 දරන කොළඹ සහිරා විද්‍යාලයේ පාලක මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන් වනු ලැබේ. 2. (1) (මේ පනතෙහි මින් මතු " මණ්ඩලය '' යනුවෙන් සඳහන් කරනු ලබන) කොළඹ, සහිරා විද්‍යාලය සඳහා, මෙහි මින් මතු විධි විධාන සලස්වනු ලැබ ඇති ආකාරයෙන්, පාලක මණ්ඩලයක් පිහිටු වනු ලැබිය යුතු ය. (2) ඒ මණ්ඩලය " කොළඹ සහිරා විද්‍යාලයේ පාලක මණ්ඩලය " යන අභිධානය හා නාමය යටතේ අවිච්ඡින්න පැවැත්මක් ඇති සංස්ථාගත මණ්‌ ඩලයක් විය යුතු අතර, එය විසින් හා එයට විරුද්ධව එකී නාමයෙන් නඩු පැවරීම හා නඩු පවරනු ලැබීම කළ හැකි වන්නේ ය. තවද පොදු මුද්‍රාවක් පාවිච්චි කිරීමටද මණ්ඩලයේ කැමැත්ත පරිදි එය වෙනස් කිරීමට ද සම්පූර්ණ බලය සහ අධිකාරය එයට ඇත්තේය. 3. (1) මණ්ඩලය පහත සඳහන් පරිදි සංස් ථාපිත සාම ජිකයන් දහ අට දෙනකුගෙන් සමන්විත විය යුතු ය:- (අ) මරදාන මුස් ලිම් පල්ලියේ විධායක කමිටුවේ සභාපතිවරයා සහ එම විධායක කමිටුව විසින් සිය සාමාජික සංඛ්‍යාව අතුරෙන් තෝරා පත් කරනු ලබන වෙනත් සාමාජිකයන් සතර දෙනෙක්; ආ) කොළඹ සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ තත් කාර්යය සඳහා විශේෂයෙන් කැඳවනු ලැබූ මහා සභා රැස්වීමක දී පැමිණ සිටින හා ඡන්දය දෙන සාමාජික යන්ගේ ඡන්දවල බහුතර සංඛ්‍යාවෙන් එම සහිරා විද්‍යාල යේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සිය සාමාජික සංඛ්‍යාව අතුරෙන් තෝරා පත් කරනු ලබන වෙනත් සාමාජික යන් තිදෙනෙක්; ඇ) කොළඹ සහිරා විද්‍යාලයේ සුභසාධක සමිතිය විසින් තත් කාර්යය සඳහා විශේෂයෙන් රැස් කරවනු ලැබූ මහා සභා රැස්වීමක දී පැමිණ සිටින හා ඡන්දය දෙන සාමාජිකයන් ගේ ඡන්දවල බහුතරයක් මගින් සිය සාමාජික සංඛ්‍යාව අතුරෙන් තෝරා පත් කරනු ලබන සාමාජිකයන් තිදෙනෙක් ; (ඈ) කොළඹ සහිරා විද්‍යාලයේ ගුරු-දෙගුරු සංගමය විසින් තත්, කාර්යය සඳහා විශේෂයෙන් රැස් කරවනු ලැබූ මහා සභා රැස්වීමක දී පැමිණ සිටින හා ඡන්දය දෙන සාමාජිකයන් ගෙ ඡන්දවල බහුතරයක් මගින් සිය සාමාජික සංඛ්‍යාව අතුරෙන් තෝරා පත් කරනු ලබන සාමාජිකයන් තිදෙ නෙක්; එසේ වුව ද, කිසිම ගුරුවරයකු මෙසේ තෝරා පත් කරනු නොලැබිය යුතු ය; තවද (ඉ) මණඩලයේ යෝජනා සම්මතයක් මගින් තවදුරටත් තෝරා ගනු ලැබිය යුතු සාමාජිකයන් තිදෙනෙක්. (2) මරදාන මුස් ලිම් පල්ලියේ විධායක කමිටුවේ සභාපතිවරයා සහ කොළඹ සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා, ඒ සභාපතිවරයන් ලෙස ධුරය දරන තාක් කල් මණ් ඩලයේ සාමාජිකයන් ලෙස ධුරය දැරිය යුතුය. මණ්ඩලයේ යම් සමා ජිකයකු - (අ) මිය යාම නිසා; (ආ) මණ්ඩලයෙන් හෝ මණ්ඩලයේ ඔහු විසින් නියෝජනය කරනු ලබන සංවිධානයෙන් ඉල්ලා අස්වීම නිසා ; හෝ (ඇ) මණ්ඩලයේ ඔහු විසින් නියෝජනය කරනු ලබන සංවිධා නය විසින් ඉවත් කරනු ලැබීම නිසා කලින් ධුරය හිස් කරතහොත් මිස, මණ්ඩලයේ අනෙක් සාමාජික යන් අවුරුදු තුනක කාලසීමාවක් සඳහා ධූරය දැරිය යුතු අතර, එවැනි පුරප්පඩුවක් අදාළ සංවිධානය විසින් තෝරා පත් කර ගනු ලබන්නා වූ හෝ කැමැත්තෙන් පත් කරනු ලබන්නා වූ වෙනත් සාමාජිකයකු මගින් පුරවනු ලැබිය යුතුය. තව ද ඒ සාමාජිකයා, තමා අනුප්‍රාප්ත වන සාමාජිකයාගේ ධුර කාලයෙන් ඉකුත් නොවී ඇති කාලය සඳහා ධුරය දැරිය යුතුය. (3) මණ්ඩලයේ සේවය කිරීම සඳහා, යම් වේලාවක උචිත සංවිධා නය විසින් යම් නියෝජිතයකු තෝරා පත් කිරීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, (1) වන උපවගන්තියේ (අ), (ආ), (ඇ) හෝ (ඈ) ඡේදවල සඳහන් සංවිධාන අතුරෙන් යම් සංවිධානයක් නියෝ ජනය කර නොමැති අවස්ථාවක, මණ්ඩලයේ ඉතිරි සාමාජීය යන් විසින්, උචිත සංවිධානයේ සාමාජිකයන් අතුරෙන් නියෝජිතයෙකු තෝරා ගනු ලැබිය යුතු ය. මණ්ඩලයේ සේවය කිරීම සඳහා උචිත සංවිධානය විසින් නියෝජිතයකු තෝරා පත් කර ගනු ලබන ඒ වේලාව තෙක්, එසේ තෝරා ගනු ලැබූ යම් සාමාජිකයකු මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් ධුර දැරිය යුතුය. (4) මෙම පනත ආරම්භ වීමේ දින සිට ක්‍රියාත්මක වන පරිදි, මේ වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ මෙම මණ්ඩලය සංස්ථාපනය කරනු ලබන තුරු කොළඹ සහිරා විද්‍යාලයට අදාළ සහ ඒ හා සම්බන්ධ සියලු කාරණා සම්බන්ධයෙන් මේ පනත යටතේ මණ්ඩලයේ සියලු බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත් මක කිරීම හා ඉටු කිරීම කළ යුතු වූ පහත සඳහන් තැනැත්තන්ගෙන් මණ්ඩලය සංස්ථාපනය විය යුතුය:- (1) අල්හාජ් වෛද්‍ය එම්. සී. එම්. කලීල්, (2) පාර්ලිමේන්තු මන්ත්‍රී අල්භාජ් ජබීර් ඒ. කාදර්, (3) රාජ නීතිඥ ඒ. සී. එම්. අමීර්, (4) පාර්ලිමේන්තු මන්ත්‍රී අල්හාජ් එම්. එච්. එම්. නසිනා මරිකාර්, (5) පාර්ලිමේන්තු මන්ත්‍රී අල්හාජ් ගරු එම්. ඒ. බාකීර් මාකාර්, (6) අල්හාජ් ඒ. රහමන් එම්. පාති, (7 ) ටී. ඒ. ජයා මහතා, (8) එම්. ටී. ඒ. f පූර්කාන් මහතා, ( 9 ) හුසේන් හෂීම් මහතා, (40) අල්හාජ් රාපී ඒකපූර්, (11) අල්හාජ් එම්. මොහිදීන් කසීම්. (5) (4) වන උපවගන්තිය යටතේ සංථවිත මණ්ඩලයේ යම් සාමාජිකයකුගේ මරණය, ඉල්ලා අස්වීම හෝ ඉවත් කරනු ලැබීම සිදු වූ විටක, එම පුරප්පාඩුව මණ්ඩලය විසින් පිරවිය යුතුය. (6) (මෙහි මින් මතු " අමාත්‍යාංශයේ ලේකම්වරයා " යනුවෙන් සඳහන් කරනු ලබන) මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්, (4) වන උපවගන්තිය යටතේ සංස්ථාපනය කරනු ලබන මෙම මණ්ඩලය වෙත සති දෙකකට නොඅඩු දැනුම්දීමක් මගින් මෙම පනත ආරම්භ වන දින සිට එක් මාසයක් ඇතුළත මෙම මණ්ඩලයේ ප්‍රථම සභා රැස්වීම කැඳවනු ලැබිය යුතුය. (7) (4) වන උපවගන්තිය යටතේ සංස්ථාපනය කරනු ලබන මණ්ඩලයේ ප්‍රථම සභා රැස්වීමේ මූලාසනය අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් දැරිය යුතු අතර, ඔහු විසින් ඒ සභා රැස් වීමේ දී එම මණ්ඩලය විසින් සිය සාමාජික සංඛ්‍යාව අතුරෙන් සභාපතිවරයකු, ලේකම්වරයකු හා භාණ්ඩාගාරිකවරයකු තෝරා පත් කරනු ලැබීමට සැලැස්විය යුතු ය. ඊට පසුව, (1) වන උපවගන්තිය යටතේ වු මණ්ඩලය සංස්ථාපනය කරනු ලබන තුරු, මෙම මණ්ඩලය විසින් එක් මසකට නොවැඩි කාලාන් තරයක් අතර සභා රැස්වීම් පැවැත විය යුතුය. (8) (4) වන උපවගන්තිය යටතේ සංස්ථාපනය කරනු ලබන මණ ජලයේ යම් සභා රැස්වීමක ගණ පූරණය සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත විය යුතුය. (9) පැමිණ සිටින හා ඡන්දය දෙන සාමාජිකයන්ගේ බහුතරයක් මගින් ගනු ලබන තීරණයක් (4) වන උපවගන්තිය යට තේ සංස්ථාපනය කරනු ලබන මණ්ඩලයේ තීරණය වශයෙන් සලකනු ලැබිය යුතු ය. මණඩලයේ පවතින්නා වූ යම් පුරප්පාඩුවක් නිසා මණ්ඩලය විසින් කරනු ලැබූ යම් ක්‍රියාවක වලංගුභාවයට බලපෑමක් ඇති නොවිය යුතුය. (10) (4) වන උපවගන්තිය යටතේ සංස්ථාපනය කරනු ලබන මණ්ඩලය විසින්, එහි ප්‍රථම සභා රැස්වීමෙන් එක් මාසයක් ඇතුළත එහි කටයුතු පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය වන යම් රිති සෑදිය යුතුය. (11) අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මෙම පනත ආරම්භ වීමේ දින සිට වර්ෂ දෙකක කාලයක් ඇතුළත (1) වන උපවගන්තිය යටතෙ සංස්ථා පනය කරනු ලබන මණ්ඩලයේ ප්‍රථම සභා රැස්වීම කැඳවනු ලැබිය යුතු ය. (12) (6) සිට (10) දක්වා වූ උපවගන්තිවල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, (1) වන උපවගන්තිය යටතේ සංස්ථාපනය කරනු ලබන මණ්ඩලයට අදාළ විය යුතු ය. 4. (1) මෙම පනත ආරම්භවීමේ දින සිට ක්‍රියාත්මක වන පරිදි, කොළඹ, සහිරා විද්‍යාලයේ සාමාන්‍ය පාලනය හා විධානය සදහා මරදාන මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලය විසින් භාරගෙන දරනු ලැබිය යුතු පරිදි සියලු චංචල හා නිශ්චල දේපළ, අලුත් කිරීමේ මනාපය සහිතව අවුරුදු තිහක කාලයක් සඳහා මරදාන මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලය විසින් එම මණ්‌ ඩ ලය වෙත බදු දෙනු ලැබූ ලෙස සැලකිය යුතු ය. (2) මරදානේ මුස්ලිම් පල්ලි ආඥාපනතේ 7 වන වගන්තියේ (2) වන උපවගන්තිය සහිරා විද්‍යාලයේ සාමාන්‍ය පාලනය සහ විධානය සම්බන්ධයෙන් අදාළ වන තාක් දුරට, එය මෙයින් ඉවත් කරනු ලැබේ. (3) කොළඹ, සහිරා විද්‍යාලයේ පාලනයට හා විධානයට සම්බන්ධ සියලු අයිතිවාසිකම්, බලතල හා කාර්ය සහ කොළඹ, සහිරා විද්‍යා ලය පරිපාලනය කිරීම, පවත්වා ගෙන යාම හා නඩත්තු කිරීම සම්බන්ධයෙන් මරදාන මුස්ලිම් පල්ලියේ භාරකාර මණ්ඩලය විසින් දරනු ලැබූ ඒ මණඩලයේ සියලු ණය, වගකීම් හා බැඳීම්, මෙම පනත ආරම්භ වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ණ්ඩලය වෙත සතු කොට පවරා දිය යුතුය. 5. මණ්ඩලය, කොළඹ සහිරා විද්‍යාලයේ හිමිකරු ලෙස සලකනු ලැබිය යුතු අතර, 4 (1) වන වගන්තියේ සඳහන් සියලු දේ පළවල සහ කොළඹ, සහිරා විද්‍යාලය පරිපාලනය කිරීමේ, පවත්වාගෙන යාමේ හා නඩත්තු කිරීමේ කාර්යය සඳහා කවර වූ හෝ තැනැත් තන්ගෙන් ලැබෙන හා ගිණුමෙහි දරන්නා වූ මුදල් ඇතුළුව වෙනත් සියලු දේපළ මණ්ඩලය වෙත පවරනු ලැබිය යුතු ය. 6. මෙම පනතට හා වෙනත් යම් නීතියකට යටත්ව, මණ්ඩලයට පහත දැක්වෙන බලතල තිබිය යුතු ය:- (අ) අධ්‍යාපනික ආයතනයක් වශයෙන් කොළඹ, සහිරා විද්‍යාලයේ සියලු කටයුතු කළමනාකරණය කිරීම, නඩත්තු කිරීම, පවත්වාගෙන යාම හා පාලනය කිරීම; (ආ) විද්‍යාලයාධිපතිවරයා, නියෝජ්‍ය විද්‍යාලයාධිපතිවරයා, උප විද්‍යාලයාධිපතිවරයන්, ගුරු මණ්ඩලයේ සාමාජීකයන්, සේවකයන් හෝ වෙනත් සේවා නියතයන් පත් කිරීම, සේවයේ නියුක්ත කිරීම හා පහ කිරීම; (ඇ) යම් චංචල හෝ නිශ්චල දේපළක්, ත්‍යාගයක්, රික් න්ථවරණ යක්, අන්තිම කැමති පත්‍රයක් හෝ ප්‍රදානයක් මගින් අත්කර ගැනීම, මිළට ගැනීම, තබා ගැනීම හෝ භාර ගැනීම ; (ඈ) මණ් ඩලයට අයත් යම් දේපළක් විකිණීම, හුවමාරු කිරීම, උකස් කිරීම, බදු දීම හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීම; (ඉ) මණ්ඩලයේ යම් අරමුදල් ආයෝජනය කිරීම, ණය එකතු කිරීම් හා මුදල් ණයට ගැනීම; සහ (ඊ) කොළඹ, සහිරා විද්‍යාලයේ කටයුතු පවත්වාගෙන යාමෙහි ලා මණ්ඩලය විසින් ස්වකීය කර්තව්‍ය හා කාර්ය නිසි පරිදි ඉටු කිරීම සඳහා මණ්ඩලය විසින් අවශ්‍ය යයි සලකනු ලැබිය හැකි හෝ නියමිත වූද, මෙම පනතට හෝ වෙනත් යම් නීතියකට අනනුකූල නොවන්නා වූ ද රීති සෑදීම සහ එසේ සාදනු ලැබූ විට, ඒ රීති වෙනස් කිරීම, සංශෝධනය කිරීම, එකතු කිරිම හෝ පරිච්ඡින්න කිරීම. 7. තත් කාර්යය සඳහා මණ්ඩලය විසින් විධිමත් ලෙස පවරනු ලබන මණ්ඩලයේ යටත් පිරිසෙයින් සාමාජිකයන් තිදෙන කුවත් ඉදිරිපිට දී මිස මණ්ඩලයේ මුද්‍රාව කිසිම සාධන පත්‍රයකට තබනු නොලැබිය යුතු ය. එකී සාමාජිකයන් තිදෙනා පැමිණ සිටීමේ ලකුණක් වශයෙන් එකී සාධන පත්‍රයෙහි තම නම් අත්සන් කළ යුතු අතර එම අත්සන් කිරීම සාක්ෂිකරුවකු වශයෙන් යම් තැනැත් තකුගේ අත්සන් කිරීමට බාහිරව විය යුතුය. 8. මේ පනතින් විධිවිධාන සලස් වනු ලැබ අවස් ථාවල දී, මණ්ඩලය විසින් යම් නීතියකට යටත්ව, සහිරා විද්‍යාලයේ ශුභ සාධනය සැලසීම සඳහා බෙහෙවින් ඉවහල් වන ලෙස එයට පෙනෙන, අවශ්‍ය සියලු ක්‍රියා කරනු ලැබීම සහ සියලු පියවර ගනු ලැබීම නීත්‍ය කූල වන්නේය. 9. (1) මණ්ඩලය විසින්, මේ පනතෙහි මින් මතු " අරමුදල " යනුවෙන් සඳහන් කරනු ලබන, " (කොළඹ) සහිරා විද්‍යාලයීය අර මුදල " යනුවෙන් සඳහන් කරනු ලබන අරමුදලක් පිහිටුවිය යුතු ය. (2) කොළඹ සහිරා විද්‍යාලයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා සහ ඒ වෙනුවෙන් හා ඒ කාර්ය සඳහා ත්‍යාගයක, රික් එවරණයක, අන්තිම කැමති පත්‍රයක, පරිත්‍යායයක, දායක මුදලක, සම්මාදමක, ගාස්තු හෝ ප්‍රදානයන් මාර්ගයෙන් යම් තැනැත්තකු හෝ තැනැත්තන් විසින් මිට පෙර භාර ගනු ලැබූ හෝ මින්මතු භාරගනු ලබන සියලු මුදල් සම්බන්ධයෙන් ගිණුම් තබා මණ්ඩලයට පැවරිය යුතු අතර, මණ්ඩලය විසින් ඒ සියලු මුදල් අරමුදලට බැර කොට මණ්ඩලය විසින් තීරණය කරනු ලැබිය යුතු පරිදි, එක බැංකුවක හෝ ඊට වැඩි ගණනක තැන්පත් කළ යුතුය. ( 3 ) කොළඹ, සහිරා විද්‍යාලයේ කටයුතු පරිපාලනය කිරීම, කළමනා කරණය කිරීම, නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම් සම්බන්ධයෙන් මණ්ඩලයේ කර්තව්‍ය නිසි පරිදි ඉටු කිරීම සඳහා අවශ්‍ය සියලු වියදම් අරමුදලින් ගෙවිය යුතු ය. 10. මරදාන මුස්ලිම් පල්ලි ආඥාපනතේ කුමක් සඳහන් ව ඇත ද මේ පනතේ විධිවිධාන බලපැවැත්විය යුතු අතර ඒ අනුව මේ පනතේ විධිවිධාන හා ඒ ආඥාපනතේ විධිවිධාන හා අතර යම් ගැටීමක් හෝ නොගැලපීමක් ඇතිවන අවස් ථාවක මේ පනතේ විධිවිධාන බල පෑවැත්විය යුතු ය. 11. මේ පනතේ සඳහන් තැනැත්තන් සහ ඔවුන් වෙතින් ඔවුන්ගේ මාර්ගයෙන් හෝ ඔවුන් යටතේ හිමිකම් කියන වෙනත් තැනැත්තන් හැර ජන රජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක හෝ සංසථාගත මණ්ඩලයක හෝ වෙන යම් තැනැත්තන්ගේ අයිතිවාසිකම්වලට මේ පනතේ ඇතුළත් කිසිවකින් හානියක් හෝ බල පෑමක් නො විය යුතුය.
85
acts_1982-05-31_Badulla_Sri_Saddharmananda_Association_Incorporation_si
act
1982
5
1
0.988995
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 23 දරන බදුල්ලේ ශ්‍රී සද්ධර්මානන්ද සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත [සහතිකය සටහන් කළේ 1982 මැයි මස 31 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 ජූනි මස 04 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 23 දරන බදුල්ලේ ශ්‍රී සද්ධර්මානන්ද සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත බදුල්ලේ ශ්‍රී ස ධර්මානන්ද සමිතිය සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි. " බදුල්ලේ ශ්‍රී සද් ධර්මානන්ද සමිතිය " යනුවෙන් හඳුන් වනු පූර්විකාව. ලබන හා සඳහන් කරනු ලබන සමිතියක්, එකී සමිතියේ සාමාජිකයන් එකඟ වන රීති අනුව එකී සමිතියට සම්බන්ධ සියලු කරුණු ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ හා කරගෙන යාමේ කාර්යය සඳහා මෙතෙක් කල් බදුල්ලේ පිහිටුවා තිබූ හෙයින්ද එකී සමිතිය පිහිටුවනු ලැබුවේ යම් පරමාර්ථ හා කරුණු සඳහා ද ඒ පරමාර්ථ හා කරුණු කීපය මෙතෙක් කල් එකී සමිතිය විසින් සාර්ථකව ක්‍රියාත්මක කර හා කරගෙන ගොස් ඇති හෙයින් සහ සංස්ථාගත කරනු ලැබීම සඳහා ඉල්ලුම් කර ඇති හෙයින්ද එකී ඉල්ලීම ඉෂ්ට කිරීම මහජන යහපත පිණිස වන හෙයින් ද: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1982 අංක 23 දරන බදුල්ලේ ශ්‍රී සද්ධර්මානන්ද සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මේ පනත ආරම්භ වන දින සිට හා ඉන්පසු, (මෙහි මින්මතු '' සමිතිය '' යනුවෙන් සඳහන් කරනු ලබන) එකී බදුල්ලේ ශ්‍රී සද් ධර්මානන්ද සමිතියේ තත් කාලයේ සභාපති, උප සභාපති හා විධායක කමිටුවේ සාමාජිකයෝ ද එකී බදුල්ලේ ශ්‍රී සද් ධර්මානන්ද සමිතියේ සාමාජිකයන්ව දැනට සිටින තාක් තැනැත්තන් හෝ මෙයින් සංස්ථාපනය කෙරෙන සංස්ථාවට මින්මතු ඇතුළත් කරගනු ලබන සාමාජිකයෝ ද " බදුල්ලේ ශ්‍රී සද්ධර්මානන්ද සමිතිය '' යන නාමය හා අභිධානය යටතේ අවිච්ඡින්න පැවැත්මක් ඇති (මෙහි මින්මතු '' සංස්ථාව " යනුවෙන් සඳහන් කරනු ලබන) සංස්ථාවක් වන්නාහ. එය විසින් හා එයට විරුද්ධව සියලු අධිකරණයන්හි නඩු පැවරීම හා නඩු පවරනු ලැබීම එකී නාමයෙන් කළ යුතු ද, කළ හැකි දවන්නේ ය. තව ද එකී නාමයෙන් පොදු මුද්‍රාවක් ඇතිව සිටීමේ, පාවිච්චි කිරීමේ හා සංස්ථාවේ අභිමතය පරිදි එය වෙනස් කිරීමේ පූර්ණ බලය හා අධිකාරය එයට ඇත්තේය. 3. සංස්ථාව සංස්ථාපනය කරනු ලබන්නේ යම් පොදු පරමාර්ථ සඳහා ද, ඒ පොදු පරමාර්ථ පහත සඳහන් පරිදි බව මෙයින් ප්‍රකාශ කරනු ලැබේ :- (අ) ශ්‍රී සද් ධර්මානන්ද පිරිවෙණෙහි උන් නතිය සඳහා කටයුතු සංවිධානය කිරීම; (ආ) පාරිවේණික අධ්‍යාපන කටයුතු දියුණු කිරීම; (ඇ) නේවාසික සියලුම භික්ෂූන් වහන්සේලාගේ සිව්පසය පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම; (ඈ) පිරිවෙන් විහාරස්ථානයෙහි අභිනවයෙන් ගොඩනැගිලි ඉදි කිරීම හා තිබෙන ගොඩනැගිලි ප්‍රතිසංස් කරණය කිරීම; (ඉ) ශිෂ්‍ය නිවාසයට හා පිරිවෙණට අවශ්‍ය උපකරණ සැපයීම; (ඊ) ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවගේ ආගමික කටයුතු දියුණු කිරීම සඳහා විහාර මන්දිරයක් ලබාදීම; (උ) දහම් පාසැලේ අභිවෘද්ධිය ඇති කිරීම; (ඌ) ධර්මදේශනා පැවැත්වීම හා බෞද්ධ කටයුතු දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන යෙදීම. 4. (1) සංස්ථාවේ රීති අනුව තෝරා පත් කරගනු ලබන තැනැත්තන් ගණනකින් සමන්විත වන විධායක කමිටුවක් විසින් සංස්ථාවේ රීති වලට යටත්ව සංස් ථාවේ කටයුතු පරිපාලනය කරනු ලැබේ. (2) මේ පනත ක්‍රියාත්මක වන දිනයෙහි ධුර දරන සමිතියේ විධායක කමිටුව සංස්ථාවේ ප්‍රථම විධායක කමිටුව වන්නේය. 5. (1) සාමාජිකයන් ඇතුළත් කර ගැනීම, ඉල්ලා අස් වීම හෝ නෙරපීම සඳහා ද, සංස් ථාවේ විධායක කමිටුවේ හා විවිධ නිලධරයන් ගේ, අනුයෝජිතයන්ගේ හා සේවකයන්ගේ යුතුකම් ඉටුකිරීම සම්බන්ධයෙන් සහ සංස්ථාවේ කටයුතු කරගෙන යාමේ කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් ද සාමාන්‍යයෙන් සංස්ථාවේ කටයුතු පාලනය කිරීම සඳහා හා එහි පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා ද, සංස්ථාව විසින්, කලින් කල, සාමාජිකයන්ගේ යම් මහා සභා රැස්වීමක දී හා වැඩි ඡන්දයෙන් මෙම පනතට අනනුකූල නොවන රීති සෑදීම නීත්‍යනුකූල වන්නේය. එකී රිති සෑදීමෙන් පසු එවැනිම රැස්වීමක දී එම රීති වෙනස් කිරීම, ආකලනය කිරීම, සංශෝධනය කිරීම හෝ පරිඡින්න කිරීම (2) වන උපවගන්තියේ නියමයන්ට යටත්ව කළ හැකි වන්නේ ය. (2) (1) වන උපවගන්තිය යටතේ සාදන ලද සංස්ථාවේ කිසිදු රීතියක් සංස්ථාවේ මහා සභා රැස්වීමකට පැමිණ ඡන්දය දෙන සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකක ඡන්දයෙන් විනා වෙනස් කිරීම, ආකලනය කිරීම, සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කිරීම කරනු නොලැබිය යුතු ය. එහෙත් එකී වෙනස් කිරීම, ආකලනය කිරීම සංශෝධනය කිරීම හෝ අවලංගු කිරීම විධායක කමිටුව විසින් කලින් අනුමත කරනු ලැබ තිබිය යුතුය. 6. මෙම පනතේ කාර්යයන් සඳහා මේ පනත ක්‍රියාත්මක වන අවස් ථාවෙහි දී පවත්නා සමිතියේ සියලු ණය හා වගකීම් මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාව විසින් ගෙවිය යුතු අතර, සමිති යට අයවිය යුතු සියලු ණය හා සමිතියට ගෙවිය යුතු සියලු සහභාග මුදල් හා දායක මුදල් සංස්ථාවට ගෙවනු ලැබිය යුතුය. 7. විධායක කමිටුවේ සාමාජිකයන් දෙදෙනකු ඉදිරිපිට දී මිස සංස්ථාවේ මුද්‍රාව කිසිම සාධන පත්‍රයකට තබනු නොලැබිය යුතු ය. එකී සාමාජිකයන් දෙදෙනා තමන් පැමිණ සිටි බවට ලකුණක් වශයෙන් එකී සාධන පත්‍රයෙහි තම නම් අත්සන් කළ යුතු අතර, එම අත්සන් කිරීම සාක් ෂිකරුවකු වශයෙන් යම් තැනැත්තකුගෙ අත්සන් කිරීමට බාහිරව විය යුතුය. 8. යම් මිලට ගැනීමක්, ප්‍රදානයක්, ත්‍යාගයක්, අන්තිම කැමති පත්‍රයකින් දේපළ බැහැර කිරීමක් ප්‍රකාර හෝ අන් ආකාරයකින් සංස්ථාව සතුවන්නා වූ චංචල හෝ නිශ්චල කවර දේ පළක් වුව ද භාර ගැනීමටත්, දැරීමටත් නීතිය අනුව සංස්ථාවට හැකියාව ඇත්තේය. තව ද විකිණීමේ, උකස් කිරීමේ, බද් දට දීමේ, හුවමාරු කර ගැනීමේ හෝ අන් ආකාරයකින් බැහැර කිරීමේ පූර්ණ බලය ඇතිව සංස්ථාව මේ පනතේ කාර්යයන් සඳහා සහ සංස්ථාවේ රීති වලට යටත්ව එකී සියලු දේපළ දැරිය යුතු ය. 9. මෙම පනතෙහි සඳහන් තැනැත්තන් හා ඔවුන් මගින් ඔවුන් කෙරෙහි නොහොත් ඔවුන් යටතේ හිමිකම් පාන්නන් හැර, ජන රජයේ, යම් රාජ්‍යයක, බලයලත් සංස්ථාවක හෝ වෙන යම් තැනැත් තකුගේ අයිතිවාසිකම්වලට මේ පනතේ අඩංගු කිසිවකින් හානියක් හෝ බලපෑමක් නොවිය යුතුය.
86
acts_1982-07-26_Offences_Against_Aircraft_si
act
1982
17
2
0.987878
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහිව වූ වැරදි පනත (සහතිකය සටහන් කළේ 1982 ජූලි මස 26 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 ජූලි මස 22 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 24 දරන ගුවන් යානාවලට එරෙහිව වූ වැරදි පනත ගුවන් යානා වල ආරක්ෂාව හා සම්බන්ධ වූ ද ශ්‍රී ලංකාව පාව කරුවකු වූද ඇතැම් සම්මුති, එනම් :- (අ) 1963 සැප්තැම්බර් මස 14 වන දින ටෝකියෝ හි දී අත්සන් කරන ලද ගුවන් යානා තුළ කරනු ලබන වැරදි සහ ඇතැම් වෙනත් ක්‍රියා හා සම්බන්ධ සම්මුතිය; (ආ) 1970 දෙසැම්බර් මස 16 වන දින හේග් හිදී අත්සන් කරන ලද ගුවන් යානා නීති විරෝධි ලෙස අල්ලා ගැනීම මැඩ පැවැත්වීම සඳහා වූ සම්මුතිය; සහ (ඇ) 1971 සැප්තැම්බර් මස 23 වන දින මොන්ට්‍රියල් හිදී අත්සන් කරන ලද, සිවිල් ගුවන් ගමනාගමනයේ ආරක්ෂාවට එරෙහි වූ නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වූ සම්මුතිය යන සම්මුති ඵලගැන්වීම සඳහා සහ ඊට සම්බන්ධ කාරණා සඳහා විධිවිධාන සැලැස් වීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකාව ඉහත කී සම්මුති වලට පාර්ශ්වකරුවකු වන හෙයින් ද ගුවන් යානා වලට එරෙහිව හෝ ගුවන් යානා හා සම්බන්ධව කරනු ලබන ඇතැම් ක්‍රියා ජාතින්ගේ සම්මතයෙන් පිළිගත් පොදු නෛතික මූලධර්ම අනුව සාපරාධී ක්‍රියා ලෙස මේ සම්මුති මගින් පිළිගෙන ඇති හෙයින් ද; ශ්‍රී ලංකාවේ නීතිය යටතේ මේ ක්‍රියාවලට දඬුවම් පැමිණවීම සඳහා විධිවිධාන සැලැස් වීමට ජාත්‍යන්තර නීතිය යටතේ ශ්‍රී ලංකාව බැඳී සිටින හෙයින් ද; ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. (4) මේ පනත 1982 අංක 24 දරන ගුවන් යානා වලට ලුහු බු එරෙහිව වූ වැරදි පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. (2) 60 පනතේ 2 වන වගන්තියේ සහI වන කොටසේ විධිවිධාන මේ පනත පැන වූ දින සිට ක්‍රියාත්මක විය යුතුය. ( 3 ) මේ පනතේ II වන කොටසේ විධිවිධාන ක්‍රියාත්මක වීම - (අ) 1970 දෙසැම්බර් මස 16 වන දින හේග් හි දී අත්සන් කරන ලද ගුවන් යානා නීති විරෝධී ලෙස අල්ලා ගැනීම මැඩ පැවැත්වීම සඳහා වූ සම්මුතිය; සහ (ආ) 1971 සැප්තැම්බර් මස 23 වන දින මොන්ට්‍රියල් හි දී අත්සන් කරන ලද සිවිල් ගුවන් ගමනාගමනයේ ආරක්ෂාවට එරෙහිව වූ නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වූ සම්මුතිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලපැවැත්වීම ආරම්භ වූ දිනය වන 1979 ජූලි මස 3 වන දින ආරම්භ වූ ලෙස සියලු කාර්ය සඳහා සැලකිය යුතු අතර ඒ කොටස යටතේ වූ වරදක් සංයුක්ත කරන යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් 1978 ජූලි මස 3 වන දින හෝ ඉන් පසුව කර ඇති යම් තැනැත්තකු, ඒ කොටසේ විධිවිධාන යටතේ ඒ වරද සම්බන්ධයෙන් නඩු විභාගයට භාජන කරනු ලැබ දඬුවම් කරනු ලැබීමට ඒ අනුව යටත් විය යුතු ය. 2. ගුවන් ගමනාගමන පනත යටතේ පත් කරන ලද සිවිල් ගුවන් සේවා අධ්‍යක් ක්ෂවරයා මේ පනතේ කාර්ය සඳහා නිසි බලධරයා වන්නේය. 1 වන කොටස 3. සම්මුතියේ කාර්ය සඳහා ගිවිස්නා රාජ්‍යයන් කවරේදැයි ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයකින් අමාත්‍යවරයා විසින් සහතික කළ හැකි ය. එවැනි සෑම නියමයක් ම එසේ සහතික කරනු ලැබූ කාරණා සම්බන්ධයෙන් තීරණාත්මක සාක්ෂි විය යුතුය. 4. (1) ගමනාවතීර්ණව හෝ මහා සමුද්‍රය මත හෝ යම් රාජ්‍යය ක භූමියට අයත් නොවන ප්‍රදේශයක් මත ඇති ශ්‍රී ලංකා ගුවන් යානයක් තුළ සිදු කරනු ලබන හෝ සිදුවන යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක්, එම ක්‍රියාව හෝ නොකර හැරීම ශ්‍රී ලංකාව තුළ දී සිදු කරනු ලැබූ විටක හෝ සිදු වූ විටක ශ්‍රී‍ ලංකාවේ නීතිය යටතේ වරදක් සංයුක්ත කරන්නේ නම්, එම ක්‍රියාව හෝ නොකර හැරීම කරන ලද්දේ ශ්‍රී ලංකාවේ පුරවැසියකු විසින් වුව ද නොවුව ද, වරද සංයුක්ත කරන්නේ ය. (2) ශ්‍රී ලංකාවේ නීතිය යටතේ වරදක් වන (දේශපාලනමය ස්වභාවයක හෝ වාර්ගික හෝ ආගමික වෙනස්කම් කිරීමක් මත පදනම් වූ වරදක් නොවන) යම් වරදක් ගමනාවතීර්ණව හෝ මහාසමුද්‍රය මත හෝ යම් රාජ්‍යයක භූමියට අයත් නොවන ප්‍රදේශයක් මත ඇති ශ්‍රී ලංකා ගුවන් යානයක් තුළ සිදු කරන ලද අවස් ථාවක එම වරද ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලැබුවේ නම් ශ්‍රී ලංකාවේ නීතිය යටතේ - (අ) මහෙස්ත්‍රාත් අධිකරණයක් විසින් නඩු විභාග කළ හැකි වරදක් නම්, ඒ පිළිබඳ නඩු විභාගය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පැවැත්විය යුතු ය; (ආ) මහාධිකරණය විසින් නඩු විභාග කළ හැකි වරදක් නම් ඒ පිළිබඳ නඩු විභාගය කොළඹ අධිකරණ කලාපය තුළ පවත්වනු ලබන මහාධිකරණය විසින් පැවැත්විය යුතුය. 5. ශ්‍රී ලංකා ගුවන් යානයක සෑම අණ දෙන නිලධරයකුම 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ අර්ථානුකූලව සාම නිලධරයකු ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ පනතින් සාම නලධරයකු වෙත පවරනු ලැබ ඇති යම් බලයක් ඔහු විසින් 4 වන වගන්තියේ සඳහන් යම් වරදක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකිය. 6. (1) සම්මුතියේ III වන පරිච්ඡේදයේ විධිවිධාන වන්නා වූ, මේ පනතේ උපලේඛනයේ විධිවිධාන, ශ්‍රී ලංකා ගුවන් යානයක් ගමනාවතීර්ණව හෝ මහා සමුද්‍රය මත හෝ යම් රාජ්‍යයක භූමියට අයත් නොවන ප්‍රදේශයක් මත ඇති විට, එම ගුවන් යානය තුළ සිදු කරන ලද වැරදි සහ ක්‍රියා සම්බන්ධයෙන් එම ගුවන් යානයේ අණදෙන නිලධරයාට අදාළ වන තාක් දුරට, එම විධි විධාන වලට ශ්‍රී ලංකාව තුළ නීතියේ බලපෑම තිබිය යුතු ය. (2) මේ පනතේ උපලේඛනයේ විධිවිධාන සහ වෙනත් නීතියක විධිවිධාන අතර අනනුකූලතාවක් ඇති වුවහොත්, එම උපලේඛනයේ විධිවිධාන එකී වෙනත් නීතියේ විධිවිධාන අභිබවා බල පැවැත්විය යුතුය. 7. මේ පනතේ උපලේඛනයෙන් ශ්‍රී ලංකා ගුවන් යානයක අණ දෙන නිලධරයකු වෙත පැවරී ඇති යම් බලයක් ක්‍රියාත්මක කිරීමෙහි ලා ඔහුට විරෝධය පාන හෝ බාධා කරන යම් තැනැත්තකු මේ පනතේ මේ කොටස යටතේ වරදකට වරදකරු විය යුතුය. 8. මේ පනතේ උපලේඛනයේ 6 වන ව්‍යවස් ථාවෙන් ශ්‍රී ලංකා ගුවන් යානයක අණ දෙන් නිලධරයා වෙත පැවරී ඇති යම් බලයක් ක්‍රියාත්මක කිරීමෙහි ලා ඔහු විසින් නියම කරනු ලැබූ හෝ බලය දෙනු ලැබූ විටක, එම ගුවන් යානය තුළ සිටින යම් තැනැත්තකු මෙල්ල කිරීමට ඒ අණදෙන නිලධරයාට සහාය වීම පැහැර හරින ප්‍රතික් ෂේප කරන එම ගුවන් යානයේ නියමු පිරිසේ යම් සාමාජික යකු මේ පනතේ මේ කොටස යටතේ වරදකට වරදකරු විය යුතු ය. 9. මේ පනතේ උපලේඛනයේ — (අ) 8 වන ව්‍යවස් ථාවේ 2 වන වගන්තියේ විධිවිධාන වලට (ආ) 9 වන ව්‍යවස්ථාවේ 2 වන වගන්තියේ විධිවිධාන වලට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරින ශ්‍රී ලංකා ගුවන් යානයක දෙන නිලධරයකු මේ පතේ මේ කොටස යටතේ වරදකට කරු විය යුතු ය. 10. (1) මේ පනතේ මේ කොටස යටතේ වරදකට වරදකරු වන යම් තැනැත්තකු, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, එක අවුරුද්දකට වැරදි. නොවැඩි කාලයක බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් දෙද හසකට නොවැඩි දඩයකට හෝ යටත් විය යුතු ය. (2) මහාධිකරණය විසින් නඩු විභාග කළ යුතු වරදක් සම බන්ධයෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතින් මහෙස්ත්‍රාත්වරයකු වෙත යම් බලයක් පැවරී ඇති හෝ කාර්යයක් නියම වී ඇති අවස් ථාවක, මේ පනතේ මේ කොටස යටතේ වූ වරදක් සම්බන්ධයෙන් වූ විට එම බලය හෝ කාර්යය ක්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් කළ යුතුය. 11. මේ පන්තේ උපලේඛනයෙ 8 වන ව්‍යවස්ථාවට අනුකූලව යම් තැනැත්තකු යානයෙන් බැස් සවීමට හෝ මේ පනත්තේ උපලේඛනයේ 9 වන ව්‍යවස‍් ථාවට අනුකූලව යම් තැනැත්තකු භාරදීමට ගිවිස්නා රාජ්‍යයක ලියාපදිංචි කරන ලද ගුවන් යානයක අණදෙන නිලධරයා අදහස් කරන බව උචිත බලධර යන්ට දැන්වූ අවස් ථාවක, ඔහුගේ ගුවන් යානය ශ්‍රී ලංකාවට ගොඩ බැස් සවීමට සහ එකී තැනැත්තා යානයෙන් බැස් සවීමට හෝ භාර දීමට ඒ අණදෙන නිලධරයාට ඉඩ දෙනු ලැබිය යුතුය. ශ්‍රී ලංකාවේ උචිත බලධරයන් එසේ යානයෙන් බස් සවන ලද හෝ භාර දෙන ලද යම් තැනැත්තකු තමන් භාරයට ගත යුතුය. 12. (1) ගිවිස්නා රාජ්‍යයක ලියාපදිංචි කරන ලද ගුවන් යාන යක අණ දෙන නිලධරයා විසින් මේ පනතේ උපලේඛනයේ 9 වන ව්‍යවස්ථාවට අනූකූල්ව ශ්‍රී ලංකාවේ උචිත බලධරයන්ට යම් තැනැත්තකු භාර දුන් විට නිසි බලධරයා විසින් (අ) සිද්ධි සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් පැවැත්විය යුතු ය; (ආ) එසේ භාරදෙනු ලැබූ තැනැත්තා රට වැසියකු වන රාජ්‍යයේ ආසන් නතම උචිත නියෝජිතයා සමග පණිවුඩ හුවමාරු කර ගැනීමට ඒ තැනැත්තාට සහාය දිය යුතුය; (ඇ) ඒ තැනැත්තා එසේ භාර දෙනු ලැබ ඇති බවත් ඔහු රඳවා තබා ගැනීමට හේතුවූයේ කවර පරිවේෂණ යටතේ ද යන බවත්. (i) ඒ ගුවන් යානය ලියාපදිංචි කරනු ලැබූ ගිවිස්නා රාජ්‍යයට; (ii) එසේ භාරදෙනු ලැබූ තැනැත්තා ශ්‍රී ලංකාවේ රටවැසි යකු නොවේ නම්, ඔහු රට වැසියකු වන රාජ්‍යයට; (iii) සම්බන් ධතාවක් ඇති වෙනත් යම් රාජ්‍යයකට දැනුම් දිය යුතුය. (2) (1) වන උපවගන්තියේ (අ) ඡේදයේ සඳහන් මූලික පරීක්ෂණ අවසාන වීමෙන් පසු නිසි බලධරයා විසින් ස්වකීය තීරණ එම උපවගන්තියේ (ඇ) ඡේදයේ සදහන් රාජ්‍ය වලට වාර්තා කළ යුතු අතර, මූලික පරීක්ෂණයට අදාළ වූ වරද සම්බන්ධයෙන් අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරන්නේ ද යන වග සඳහන් කළ යුතු ය. 13. ගිවිස්නා රාජ්‍යයක ලියාපදිංචි කරන ලද ගුවන් යානයක අණ දෙන නිලධරයා විසින් සම්මුතියේ 8 වන ව්‍යවස් ථාවට අනු කුලව යානයෙන් බස් සවන ලද හෝ සම්මුතියේ 9 වන ව්‍යවස් ස්ථාවට අනුකූලව භාර දෙන ලද-- (අ) යම් තැනැත්තකුට විරුද් ධව අපරාධ නඩු කටයුතු පවරා නැති; හෝ (ආ) යම් තැනැත්තකු උදර්පනය කිරීම සඳහා නඩු කටයුතු ආරම්භ කර නැති අවස් ථාවක, තමාගේ ගමන නොනවත්වා කරගෙන යාමට ඒ තැනැත්තා අදහස් කරන්නේ නම් ඔහු කැමැති ගමනාන්තයක් බලා පිටත් වීමට ඔහුට ඉඩ දෙනු ලැබිය යුතුය. එහෙත තමා ගේ ගමන නොනවත්වා කරගෙන යාමට ඒ තැනැත්තා අදහස් නොකරන්නේ නම්, නිසි බලධරයා විසින්, ඒ තැනැත්තා ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවේ නම්, ඔහු රට වැසියකු හෝ ස්ථිර පදිංචිකරුවකු වන රාජ්‍යයට හෝ ඔහුගේ ගුවන් ගමන ආරම්භ කළ රාජ්‍යයට ඔහු ආපසු යැවිය යුතුය. 14. යම් තැනැත්තකු සම්මුතියේ 9 වන ව්‍යවස් ථාවට අනුකූලව ශ්‍රී ලංකාවේ උචිත බලධරයන්ට භාර දෙනු ලැබීමේ හෝ සම්මුතියේ 8 වන ව්‍යවස් ථාවට අනුකූලව ශ්‍රී ලංකාවේ දී යානයෙන් බස් සවනු ලැබීමේ හේතුව නිසාම පමණක් ඒ තැනැත්තාට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර දුන් ලෙස නොසැලකිය යුතුය. 15. ගිවිස්නා රාජ්‍යයක ලියාපදිංචි කරන ලද ගුවන් යානයක් තුළ කරන ලද, එම රාජ්‍යයේ නීතිය යටතේ වරදක් සංයුක්ත කරන යම් ක්‍රියාවක්, එම රාජ්‍යයේ අධිකරණ බල සීමාව තුළ සිදු කරන ලද ක්‍රියාවක් ලෙස, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පන පනතේ කාර්ය සඳහා සැලකිය යුතු ය. 16. මේ පනතේ මේ කොටසෙහි - සම්මුතිය '' යන්නෙන්, 1963 සැප්තැම්බර් මස 14 වන දින ටෝකියෝ හි දී අත්සන් කරන ලද ගුවන් යානා තුළ කරනු ලබන වැරදි සහ ඇතැම් වෙනත් ක්‍රියා හා සම්බන්ධ සම්මුතිය අදහස් වේ; " ගිවිස්නා රාජ්‍යය " යන්නෙන්, සම්මුතියට පාර්ශ්වකරුවකු වූ රාජ්‍යයක් අදහස් වේ; " ගමනාවතීර්ණ '' යන්න ගුවන් යානයක් සම්බන්ධයෙන් යෙදුනු විට, ගුවන් යානය ගුවන ගැන්වීමේ කාර්යය සඳහා ඊට බලය සැපයූ මොහොතින් ආරම්භව ගොඩබැස් ස වීමේ ධාවනය අවසාන වන මො හොතින් අවසාන වන කාල පරිච්ඡෙදය අදහස් වේ; ' ශ්‍රී ලංකා ගුවන් යානය " යන්නෙන්, ගුවන් ගමනා ගමන පනත යටතේ ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කරන ලද්දා වූ ද යුද්ධ හමුදා, රේගු හෝ පොලිස් සේවාවල පාවිච්චි වෙමින් පවතින ගුවන් යානයක් නොවන්නා වූද ගුවන් යානයක් අදහස් වේ. II වන කොටස 17. (1) පහත සඳහන් යම් දෙයක් කරන යම් තැනැත් තකු මේ පනතේ මේ කොටස යටතේ වු වරදකට වරදකරු විය යුතු අතර, කොළඹ දී පවත්වනු ලබන මහාධිකරණය ඉදිරියේ පැවැත් වෙන නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කරනු ලැබීමට ඒ තැනැත්තා යටත් විය යුතුය. (අ) ගමනාවතීර්ණ ශ්‍රී ලංකා ගුවන් යානයක් තුළ දී නීති විරෝධී ලෙස බලෙන් හෝ තර්ජනයෙන් හෝ වෙනත් බිය ගැන්වීම් ක්‍රමයකින් එම ගුවන් යානය අල්ලා ගැනීම හෝ එය පාලනය කිරීම; හෝ (ආ) ගමනාවතීර්ණ ශ්‍රී ලංකා ගුවන් යානයක් තුළ තැනැත්තකුට එරෙහිව එම ගුවන් යානයේ ආරක්ෂාවට හානිදායක විය හැකි ප්‍රචණ්ඩ ක්‍රියාවක් නීති විරෝධි ලෙස සහ චේතනාන්විතවම කිරීම; හෝ (ඇ) සේවාස්ථ ශ්‍රී ලංකා ගුවන් යානයක් නීති විරෝධී ලෙස සහ චේතනාන්විතවම විනාශ කිරීම; හෝ (ඈ) සේවාස්ථ ශ්‍රී ලංකා ගුවන් යානයක් පියාසර කරවිය නො හැකි කරවන හෝ ගමනාව නිර්ණව තිබිය දී එහි ආරක්ෂා වට හානි කරවිය හැකි යම් හානියක් එම ගුවන් යානයට නීති විරෝධි ලෙස සහ චේතනාන්විතවම කිරීම; (ඉ) සේවාස්ථ ශ්‍රී ලංකා ගුවන් යානයක් තුළ— (i) එම ගුවන් යානය විනාශ කළ හැකි; (ii) එම ගුවන් යානය පියාසර කරවිය නොහැකි තවයකට පත් කරවිය හැකි හෝ ගමනාව තීර්ණව තිබිය දී එහි ආරක්ෂාවට හානි කර විය හැකි යම් උපක්‍රමයක් හෝ ද්‍රව්‍යයක් කවර හෝ ක්‍රමයකින්, නීති විරෝධී ලෙස සහ චේතනාන්විතවම තැබීම හෝ තැබීමට සැලැස්වීම; හෝ (ඊ) ගමනාව තීර්ණ ශ්‍රී ලංකා ගුවන් යානයක ආරක්ෂාවට හානි කර විය හැකි පරිදි, ජාත්‍යන්තර ගුවන් ගමනාගමන පහසුකම් වලට යම් හානියක්, විනාශයක් හෝ එම පහසුකම් ක්‍රියාත් මක කරවීමට අයුතු ලෙස මැදිහත් වීමක්, නීති විරෝධී ලෙස සහ චේතනාන්විතවම කිරීම; හෝ (උ) ගමනාවතීර්ණ ශ්‍රී ලංකා ගුවන් යානයක ආරක් ෂාවට හානි කර විය හැකි වූද, අසත්‍ය බව ඔහු දන්නා වූ ද, තොරතුරක් නීති විරෝධි ලෙස සහ චේතනාන්විතවම සන්නිවේදනය කිරීම. (2) (1) වන උපවගන්තිය යටතේ වූ වරදක් සිදු කිරීමට තැත් කරන හෝ අනුබල දෙන යම් තැනැත්තකු මේ පනතේ මේ කොටස යටතේ වරදකට වරදකරු විය යුතු අතර, කොළඹ දී පවත්වනු ලබන මහාධිකරණය ඉදිරියේ නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, පළමුවෙන් සඳහන් කරන ලද වරදට නියම කරනු ලැබ ඇති දඬුවමට ඒ තැනැත්තා යටත් විය යුතු ය. මේ උපවගන්තියේ, "අනුබලදීම '' යන්නෙහි, දණ්ඩ නීති සංග්‍රහ 100 වන සහ 101 වන වගන්තිවල, ඊට දී ඇති අර්ථයම ඇත්තේ ය. ( 3 ) මේ පනතේ මේ කොටස යටතේ වූ වරදක් පිළිබඳ නඩු විභාගය කොළඹ අධිකරණ කලාපය තුළ පවත්වනු ලබන මහාධි කරණය ඉදිරියේ පැවැත්විය යුතු ය. 18. (1) 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ පටහැනිව කුමක් සඳහන්ව ඇතද, මේ පනතේ මේ කොටස යටතේ වූ සෑම වරදක් ම, ඒ පනතේ අර්ථානුකූලව ද එහි කාර්ය සඳහා ද- (අ) සංඥෙය වරදක් විය යුතුය; (ආ) ඇප දිය නොහැකි වරදක් විය යුතු ය. තව ද, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 15 දරන අපරාධ නඩු විධාන (විශේෂ විධිවිධාන) පනත බලපවත් නාතාක් කල්, එකී සෑම වරදක් ම ඒ පනතේ පළමු වන උපලේඛනයේ ඇතුළත් ලෙස සලකනු ලැබිය යුතුය. (2) මහාධිකරණය විසින් නඩු විභාග කළ යුතු වරදක් සම්බන්ඩ යෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතින් මහෙස් ත්‍රාත් වරයකු වෙත යම් බලයක් පැවරී ඇති හෝ කාර්යයක් නියම වී ඇති අවස් ථාවක, මේ පනතේ මේ කොටස යටතේ වූ වරදක් සම්බන්ධයෙන් වූ විට, එම බලය හෝ කාර්යය ක්‍රියාත්මක් කිරීම හෝ ඉටු කිරීම කොළඹ මහෙස් ත්‍රාත් අධිකරණය විසින් කළ යුතුය. 19. (1) 17 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදයේ, (ආ) ඡේදයේ, (ඈ) ජේදයේ, (ඈ) ඡේදයේ, (ඉ) ඡේදයේ, (ඊ) ඡේදයේ හෝ (උ) ඡේදයේ සඳහන් යම් ක්‍රියාවක් ශ්‍රී ලංකාවෙන් පිටත දී විදේශ ගුවන් යානයක් තුළ හෝ විදේශ ගුවන් යානයක් හා සම්බන්ධව කරන යම් තැනැත්තකු, ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියකු වුවද නොවුව ද, මේ පනතේ මේ කොටස යටතේ වූ වරදකට වරදකරු විය යුතු අතර මහාධිකරණය ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයකින් පසු වරද කරු කරනු ලැබූ විට වරදකරු ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කරනු ලැබීමට යටත් විය යුතුය. (2) (1) වන උපවගන්තිය යටතේ වූ වරදක් සිදු කිරීමට තැත් කරන හෝ අනුබල දෙන යම් තැනැත්තකු මේ පනතේ මේ කොටස යටතේ වරදකට වරදකරු විය යුතු අතර, මහාධිකරණය ඉදිරියේ නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, පළමුවෙන් සඳහන් කරන ලද වරදට නියම කරනු ලැබ ඇති දඬුවමටම ඒ තැනැත්තා යටත් විය යුතුය. මේ උපවගන්තියේ, " අනුබලදීම " යන්නෙහි, දණ්ඩ නීති සංග්‍ර හයේ 100 වන සහ 101 වන වගන්තිවල, ඊට දී ඇති අර්ථයම ඇත් තේය. (3) පහත දැක්වෙන අවස් ථාවල දී හැර, මේ වගන්තිය යටතේ වූ වරදක් පිළිබඳ නඩු විභාග කිරීමට ශ්‍රී ලංකාවේ කිසිම අධිකරණය කට අධිකරණ බලය නොතිබිය යුතු ය. එම අවස්ථා නම් (අ) එම වරද සංයුක්ත කරන ක්‍රියාව ශ්‍රී ලංකාව තුළ දී සිදු කරන ලද අවස් ථාවක; හෝ (ආ) එම වර්ද සංයුක්ත කරන ක්‍රියාව කරනු ලැබුවේ යම් විදේශ ගුවන් යානයක් තුළ ද, නැතහොත් යම් විදේශ ගුවන් යානයක් හා සම්බන්ධව ද එම විදේශ ගුවන් යානය වරද කළැයි කියනු ලබන තැනැත්තා ද රැගෙන ශ්‍රී ලංකාවට ගොඩ බට අවස් ථාවක; හෝ (ඇ) එම වරද සංයුක්ත කරන ක්‍රියාව කරනු ලැබුවේ යම් විදේශ ගුවන් යානයක් තුළ ද නැතහොත් යම් විදේශ ගුවන් යානයක් හා සම්බන්ධව ද එම විදේශ ගුවන් යානය, තම ප්‍රධාන ව්‍යාපාර ස්ථානය ශ්‍රී ලංකාව තුළ ඇති හෝ (එවැනි ව්‍යාපාර ස්ථානයක් තමාට නැත්නම්) නිත්‍ය වාසය .ශ්‍රී ලංකාව තුළ ඇති බදු ගැනුම්කරුවකුට, නියමු පිරිස රහිතව, බද්දට දෙනු ලැබූ එකක් වන අවස් ථාවක; හෝ (ඈ) එම වරද සංයුක්ත කරන ක්‍රියාව විදේශ ගුවන‍් යානයක් හා සම්බන්ධව කරන ලද 17 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (අ) ඡේදයේ, (ආ) ඡේදයේ, (ඈ) ඡේදයේ, (ඈ) ඡේදයේ හෝ (ඉ) ඡේදයේ, සඳහන් ක්‍රියා වක් හෝ එවැනි යම් ක්‍රියාවක් සිදු කිරීමට තැත් කිරීම හෝ අනුබල දීම වන අවස් ථාවක, එම වරද සිදු කරන තැනැත්තා ශ්‍රී ලංකාව තුළ සිටින්නේ නම්. 26. මේ පනතේ මේ කොටස යටතේ වූ යම් වරදක් සම්බන්ධ යෙන් යම් තැනැත්තකු සිරභාරයට ගනු ලැබූ අවස් ථාවක, සිද්ධි සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් නිසි බලධරයා විසින් පවත් වනු ලැබිය යුතු අතර, එසේ සිරභාරයට ගනු ලැබූ තැනැත්තා ශ්‍රී ලංකාවේ රට වැසියකු නොවන්නේ නම්, ඔහු රටවැසියකු වන රාජ්‍ය යේ ආසන්නතම උචිත නියෝජිතයා සමග පණිවුඩ හුවමාරු කර ගැනීමට ඒ තැනැත්තාට සහාය දිය යුතුය. 21. (1) මේ පනතේ කොටස යටතේ වූ යම් වරදක් සම්බන් ධයෙන් යම් තැනැත්තකු සිරභාරයට ගනු ලැබූ අවස්ථාවක තැනැත්තා සිරභාරයට ගනු ලැබ ඇති බවත්, ඔහු රඳවා තබා ගැනීමට හේතු වූයේ කවර පරිවේෂණ යටතේ ද යන බවත් නිසි බලධරයා විසින් - (අ) ඒ තැනැත්තා ශ්‍රී ලංකාවේ රට වැසියකු නොවන්නේ නම්, ඒ තැනැත්තා රට වැසියකු වන රාජ්‍යය වෙත දැනුම් දිය යුතුය; (ආ) ඒ වරද සිදු කරන ලද්දේ යම් විදේශ ගුවන් යානයක් තුළද, නැතහොත් යම් විදේශ ගුවන් යානයකට අදාළව ද, ඒ විදේශ ගුවන් යානය ලියාපදිංචි කර ඇති රාජ්‍යය වෙත දැනුම් දිය යුතු ය; (ඇ) ඒ වරද සිදු කරන ලද්දේ යම් ගුවන් යානයක් තුළ ද, නැතහොත් යම් ගුවන් යානයකට අදාළව ද, ඒ ගුවන් යානය නියමු පිරිස රහිතව යම් බදු ගැනුම්කරුවකුට බදු දී තිබේ නම්, ඒ බදු ගැනුම්කරුගේ ප්‍රධාන ව්‍යාපාර ස්ථානය පිහිටා ඇති රාජ්‍යය වෙත දැනුම් දිය යුතුය. ඒ බදු ගැනුම්කරුට එවැනි ව්‍යාපාර ස්ථානයක් නොමැත්තේ නම් ඒ බදු ගැනුම්කරුගේ නීත්‍ය වාසය ඇති රාජ්‍යය වෙත දැනුම් දිය යුතු ය; (ඈ) සම්බන්ධතාවක් ඇති වෙනත් යම් රාජ්‍යයක් වෙත දැනුම් දිය යුතුය. (2) 20 වන වගන්තියේ සඳහන් මූලික පරීක් ක්ෂණය අවසාන වීමෙන් පසු නිසි බලධරයා විසින් ස්වකීය තීරණය (1) වන උප වගන්තියේ සඳහන් රාජ්‍යය වෙත වාර්තා කළ යුතු අතර, මූලික පරීක්ෂණයට අදාළ වූ වරද සම්බන්ධයෙන් අධිකරණ බලය ක්‍රියාත් මක කිරීමට යුතු ය. ලංකාව අදහස් කරන්නේ ද යන වග සඳහන් කළ 1982 අංක 24 දරන ගුවන් යානා වලට එරෙහිව වූ වැරදි පන්න 22. (4) ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පන පනතේ උපලේඛනය අඟට පහත දැක්වෙන කොටස එකතු කිරීමෙන්, ඒ පනත මෙයින් සංශෝධනය කරනු ලැබේ:- " (32) ගමනාවතීර්ණ ගුවන් යානයක් නීති විරෝධී ලෙස අල්ලා ගැනීම හෝ පාලනය කිරීම. (33) ගමනාවතීර්ණ ගුවන් යානයක ආරක් ෂාවට අනතුරක් සිදු වීමට ඉඩ ඇතිවන පරිදි ඒ ගුවන් යානයේ සිටින මගිය කුට එරෙහිව කරනු ලබන ප්‍රචණ්ඩ ක්‍රියා. (34) සේවාස් ථ ගුවන් යානයක් ගමනාවතීර්ණව තිබෙන විට එහි ආරක් ෂාවට හානි පැමිණීමට ඉඩ ඇති වනසේ, එය විනාශ කිරීම හෝ ඊට හානියක් කිරීම. (35) සේවාස්ථ ගුවන් යානයක් විනාශ වීමට හෝ ඊට හානි සිදු වීමට ඉඩ ඇති වන සේ යම් උපක්‍රමයක් හෝ ද්‍රව්‍ය යක්, එහි තැබීම. (36) ජාත්‍යන්තර ගුවන් ගමනාගමනය සඳහා පාවිච්චි කරනු ලබන ගුවන් ගමනාගමන පහසුකම් විනාශ කිරීම, ඒවාට හානි පැමිණවීම හෝ ඒවාට අයුතු ලෙස මැදිහත් වීම. (37) ගුවන් යානාවල ආරක්ෂාවට හානි සිදු වන සේ ව්‍යාජ තොරතුරු සන් නිවේදනය කිරීම. ''. ( 2 ) මේ වගන්තියේ (4) වන උපවගන්තියෙන් ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පන පනතට කරන ලද සංශෝධනය 1978 ජූලි මස 3 වන දින බලපැවැත්වීම ආරම්භ වූ ලෙස සලකනු ලැබිය යුතු ය. 23. (1) හේහ්ගේ සම්මුතිය, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ එම සම්මුති යට පා වකරුවකු වූ රාජ්‍යයක ආණ්ඩුව අතර වූ උදර්පන වැඩ පිළි වෙළක් ලෙස ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පන පනතේ 3 වන වගන්තියේ කාර්යය සඳහා සලකනු ලැබිය යුතු අතර, එකී පනතේ 4 වන වගන්තියේ හෝ වෙනත් විධිවිධාන වල කුමක් සඳහන්ව ඇතද— (අ) එම සම්මුතිය එම රාජ්‍යය බල පැවැත්වීම ආරම්භ වූයේ 1978 ජූලි මස 3 වන දිනට කලින් නම් 1978 ජූලි මස 3 වන දින සිට; හෝ (ආ) එම සම්මුතිය එම රාජ්‍යය සම්බන්ධයෙන් බල පැවැත්වීම ආරම්භ වූ දිනය 1978 ජූලි මස 3 වන දිනට පසුව වූ දිනයක් නම්, එම සම්මුතිය එම රාජ්‍යය සම්බන්ධයෙන් බල පැවැත්වීම ආරම්භ වූ දින සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යවරයා විසින් ඒ රාජ්‍යය සම්බන්ධ යෙන් එකී පනතේ 3 වන වගන්තිය යටතේ නියමයක් කරන ලද ලෙස සැලකිය යුතුය. එවැනි සෑම නියමයක්ම පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබූ ලෙස සැලකිය යුතු අතර සියලු කාර්ය සඳහා එය අවසානාත් මක හා තීරණාත්මක විය යුතු ය. යම් රාජ්‍යයක් සම්බන්ධයෙන් නියමයක් කරනු ලැබූ ලෙස මේ උපවගන්තිය යටතේ සැලකෙන් නේ ද ඒ රාජ්‍යය එකී පනතේ කාර්ය සඳහා සන්ධාන රාජ්‍යයක් ලෙස සලකනු ලැබිය යුතු ය. (2) මොන්ට්‍රියල් සම්මුතිය, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ එම සම්මුති යට පාර්ශවකරුවකු වූ රාජ්‍යයක ආණ්ඩුව අතර වූ උදර්පන වැඩ පිළි වෙළක් ලෙස ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පන පනතේ 3 වන වගන්තියේ කාර්යය සඳහා සලකනු ලැබිය යුතු අතර, එකී පනතේ 4 වන වගන්තියේ හෝ වෙනත් විධි විධාන වල කුමක් සඳහන්ව ඇතද— (අ) එම සම්මුතිය එම රාජ්‍යය සම්බන්ධයෙන් බල පැවැත්වීම ආරම්භ වූයේ 1978 ජූලි මස 3 වන දිනට කලින් නම්, 1978 ජූලි මස 3 වන දින සිට ; හෝ (ආ) එම සම්මුතිය එම රාජ්‍යය සම්බන්ධයෙන් බල පැවැත්වීම ආරම්භ වූ දිනය 1978 ජූලි මස 3 වන දිනට පසුව වූ දිනයක් නම්, එම සම්මුතිය එම රාජ්‍යය සම්බන්ධයෙන් බලපැවැත්වීම ආරම්භ වූ දින සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යවරයා විසින් ඒ රාජ්‍යය සම්බන්ධ යෙන් එකී පනතේ 3 වන වගන්තිය යටතේ නියමයක් කරන ලද ලෙස සැලකිය යුතු ය. එවැනි සෑම නියමයක්ම පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබූ ලෙස සැලකිය යුතු අතර සියලු කාර්ය සඳහා එය අවසානාත් ක හා තීරණාත්මක විය යුතු ය. යම් රාජ්‍යයක් සම්බන්ධයෙන් නියමයක් කරනු ලැබූ ලෙස මේ උපවගන්තිය යටතේ සැලකෙන් නේ ද ඒ රාජ්‍යය එකී පනතේ කාර්ය සඳහා සන්ධාන රාජ්‍යයක් ලෙස සලකනු ලැබිය යුතු ය. (3) යම් රාජ්‍යයක් හේග් සම්මුතියේ හෝ මොන්ට්‍රියල් සම්මුති යේ පාර්ශ්වකරුවකු වූ බවට හෝ යම් රාජ්‍යයක් සම්බන්ධයෙන් ඒ යම් සම්මුතියක් බල පැවැත්වීම ආරම්භ වූ දිනය නිශ්චය කරමින් විදේශ කටයුතු විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සන යටතේ නිකුත් කරන ලද සහතිකයක්, ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පන පනත යටතේ වූ යම් නඩු කටයුත්තක දී සාක්ෂි වශයෙන් ආවේශ්‍ය විය යුතු අතර, එය එහි සඳහන් කාරණා සම්බන්ධයෙන් තීරණාත්මක සාක්ෂියක් විය යුතු ය. 24. ගුවන් යානයක් තුළ හෝ ගුවන් යානයක් හා සම්බන්ධව සිදු කරන ලද්දා වූ ද - (අ) මේ පනතේ මේ කොටස යටතේ වරදක්; සහ (ආ) වෙනත් යම් රාජ්‍යයක නීතිය යටතේ වරදක් සංයුක්ත කරන්නා වූද යම් ක්‍රියාවක්, එම ක්‍රියාව කරන ලද්දේ යම් රාජ්‍යයක අධිකරණ බල සීමාව තුළද ඒ රාජ්‍යයේ අධිකරණ බල සීමාව තුළ පමණක් නොව එකී වෙනත් රාජ්‍යයේ ද අධිකරණ බල සීමාව තුළ කරන ලද සේ ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පන පනතේ කාර්ය සඳහා සැලකිය යුතුය. 25. (1) මේ පනතේ මේ කොටසේ සඳහන් වන්නා වූද 1978 ජූලි මස 3 වන දිනයෙන් පසු යම් වේලාවක සිදු කරනු ලැබුවේ යයි කියනු ලබන්නා වූ ද, යම් වරදක සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබූ යම් තැනැත්තකු උදර්පනය කිරීම සඳහා ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පන පනත යටතේ ඉල් ලීමක් කරනු ලැබූ අවස් ථාවක, එම වරද ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පන පනතේ කාර්ය සඳහා උදර්පනීය වරදක් වන බව සැක දුරු කිරීම සඳහා මෙයින් ප්‍රකාශ කරනු ලැබේ. (2) ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දරන උදර්පන පනත යටතේ සන්ධාන රාජ්‍යයක් වන රාජ්‍යයක් විසින් යම් තැනැත්තකු උදර්පනය කිරීම සඳහා වූ ඉල් ල්ලීමක් කරනු ලැබූ අවස් ථාවක (අ) උදර්පනය සඳහා වූ ඉල්ලීම කරනු ලැබුවේ යම් වරදක් සම් බන්ධයෙන්ද ඒ වරද හැර; (ආ) නඩු විභාගයට නියමිත අධිකරණය ඉදිරියේ සනාථ කරන ලද සිද්ධියෙන් ඔප්පු වූ වෙනත් යම් අඩු වරදක් හැර; හෝ (ඇ) උදර්පනීය වරදක් වන වෙනත් යම් වරදක් සම්බන්ධයෙන් ඒ තැනැත්තා විෂයෙහි පහත දැක්වෙන ආකාරයට කටයුතු කිරීම ගැන ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එකඟ වන්නේද ඒ වරද හැර ඒ තැනැත්තා උදර්පනය කිරීමට පෙර කරන ලද යම් වරදක් සම්බන්ධයෙන් ඒ රාජ්‍යයේ දී ඔහු අත්අඩංගුවට ගැනීම, රඳවා ඒ දී තැබීම, රිමාන්ඩ් භාරයේ තැබීම හෝ ඔහු සම්බන්ධයෙන් වෙනත් ආකාරයකින් කටයුතු කිරීම සිදු නොවන බවට සහතික විම සඳහා ඒ රාජ්‍යයේ නීතියේ විධිවිධාන සලසා ඇත්නම් හෝ, ඒ බවට ඒ රාජ්‍යයේ ආණ්ඩුව පොරොන්දුවක් දී ඇති බව විදේශ කටයුතු විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහතික කරන්නේ නම්, ඒ තැනැත්තාට හෝ ඒ තැනැත්තා සම්බන්ධ යෙන් යට කී පනතේ 7 වන වගන්තියේ ( 3 ) වන උපවගන්තියේ විධිවිධාන කිසිවක් අදාළ නොවිය යුතුය. 26. මේ පනතේ මේ කොටසෙහි විදේශ ගුවන් යානය '' යන්නෙන්, ශ්‍රී ලංකාව හැර වෙනත් යම් රාජ්‍යයක ලියාපදිංචි කරන ලද්දා වූ ද, යුද්ධ හමුදා, රේගු හෝ පොලිස් සේවාවල පාවිච්චි වෙමින් පවතින ගුවන් යානයක් නොවන්නා වූද ගුවන් යානයක් අදහස් වේ; '' හේග් සම්මුතිය '' යන්නෙන්, 1970 දෙසැම්බර් මස 16 වන දින හේග් හි දී අත්සන් කරන ලද ගුවන් යානා නීති විරෝධී ලෙස අල්ලා ගැනීම මැඩ පැවැත්වීම සඳහා වූ සම්මුතිය අදහස් වේ; " ගමනාවතීර්ණ '' යන්න ගුවන් යානයක් සම්බන්ධයෙන් යෙදී ඇති විටක, ගුවන් යානයේ ගමනාරම්භයට ප්‍රථම එහි බාහිර ද්වාර වසන ලද මොහොතින් ආරම්භව ඉන් බැසීම් සඳහා ඒ ද්වාර නැවත විවෘත කරනු ලබන මොහොත තෙක් වූ කාල පරිච්ඡෙදය අදහස් වන අතර, පියාසර කරන අතරතුර ගුවන් යානය හදිසියේ ගොඩ බැස්ස වීමට සිදු වූ අවස් ථාවක දී . එසේ හදිසියේ ගොඩ බස්ස වන ලද මොහොතේ සිට ඒ ගුවන් යානය ද එහි සිටින මගින් සහ බඩුබාහිරාදිය ද පිළිබඳ වගකීම උචිත බලධර යන් විසින් භාර ගනු ලබන මොහොත දක්වා වූ කාල පරිච්ඡේදය ද ඊට ඇතුළත් වේ; සේවාස්ථ " යන්න ගුවන් යානයක් සම්බන්ධයෙන් යෙදී ඇති විටක, යම් නිශ්චිත ගුවන් ගමනක් සඳහා භූම්‍යස් ථ කාර්ය මණ්ඩලය විසින් හෝ ගුවන් යානය ගුවන් නියමු පිරිස විසින් හෝ ගුවන් යානය සූදානම් කරන ලද මොහොතින් ආරම්භව ඒ ගුවන් යානය ගොඩ බස් සවන ලද මොහොතේ සිට පැය විසිහතරක් අවසන් වන තෙක් වූ කාල පරිච්ඡේදය අදහස් වන අතර, ගුවන් යානය ගමනාවතීර්ණව ඇති කාල පරිච්ඡෙදය ද ඊට ඇතුළත් වේ; මොන්ට්‍රිය සම්මුතිය" යන්නෙන්, 1973 සැප්තැම්බර් මස 23 වන දින මොන්ට්‍රියල් හි දී අත්සන් කරන ලද සිවිල් ගුවන් ගමනාගමනයේ ආරක්ෂාවට එරෙහිව වූ නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වූ සම්මුතිය අදහස් වේ; ශ්‍රී ලංකා ගුවන් යානය " යන්නෙන්, ගුවන් ගමනාගමන පනත යටතේ ශ්‍රී ලංකාව තුළ ලියා පදිංචි කරන ලද්දා වූ ද යුද්ධ හමුදා, රේගු හෝ පොලිස් සේවාවල පාවිච්චි වෙමින් පව තින ගුවන් යානයක් නොවන්නා වූද ගුවන් යානයක් අදහස් වේ. උපලේඛනය 1963 සැප් ප්තැම්බර් මස 14 වන දින ටෝකියෝ හි දී අත සන් කරන ලද ගුවන් යානා තුළ සිදු කරනු ලබන වැරදි සහ ඇතැම් වෙනත් ක්‍රියා පිළිබඳ සම්මුතියේ III වන 'පරිච්ඡේදය ගුවන් යානා අණදෙන නිලධරයා සතු බලතල 5 වන ව්‍යවස් ථාව 1. ගුවන් යානය ලියාපදිංචි කරන ලද රාජ්‍යයේ ගුවන් පථයෙහි ගමනාව තීර්ණව හෝ මහා සමුද්‍රය මත හෝ යම් රාජ්‍යයක භූමියට අයත් නොවන ප්‍රදේශයක් මත ගමනාවතීර්ණව ඇත්තා වූ ගුවන් යානයක් තුළ සිටින තැනැත් තකු විසින් ගුවන් යානය තුළ සිදු කරනු ලැබූ හෝ සිදු කිරීමට ආසන්න වැරදි සම්බන්ධයෙන් වන විට දී, ඒ තැනැත්තා ඒ ගුවන් යානය තුළ සිටියදී ඒ ගුවන් යානය අන්තිම වරට ගුවන් ගත වූ ස්ථානය හෝ එය ඊළඟට ගොඩ බැස් සවීමට අදහස් කර ඇති ස්ථානය ඒ ගුවන් යානය ලියාපදිංචි කර ඇති රාජ්‍යය නොවන වෙනත් යම් රාජ්‍යයක් පිහිටා ඇත්තේ නම් මිස, නැතහොත් තදනන් තරව ඒ ගුවන් යානය, එය ලියාපදිංචි කර ඇති රාජ්‍යය නොවන වෙනත් යම් රාජ්‍යයක ගුවන් පථයෙහි ඒ තැනැත්තා ඒ ගුවන් යානය තුළ සිටියදී ගම නාවතීර්ණව ඇත්තේ නම් මිස, එවැනි වැරදි සම්බන් ධයෙන් මේ පරිච්ඡෙදයෙ විධිවිධාන අදාළ නොවන්න්නේය. 2. 1 වන ව්‍යවස් ථාවේ 3 වන ඡේදයේ විධිවිධාන කුමක් වුව ද, ඡේදයේ කාර්ය සඳහා, යම් ගුවන් යානයක ගමනාරම්භයට ප්‍රථම එහි බාහිර ද් වාර සියල්ල වසන ලද මොහොතේ සිට ඒ ගුවන් යානයෙන් බැසීම සඳහා එහි යම් දොරක් විවෘත කරනු ලබන තෙක් වූ කාලය තුළ කවර වේලාවක් වුව ද ඒ ගුවන් යානය ගමනාවර්තීර්ණව තිබුණු වේලාවක් ලෙස සැලකිය යුතු ය. හදිසි අවස් ථාවක ගුවන් යානය ගොඩ බැස් සවීමට සිදු වූ විටක, ඒ ගුවන් යානය තුළ සිදු කරනු ලබන වැරදි සහ ක්‍රියා සම්බන්ධයෙන් මේ පරිච්ඡේදයේ විධිවිධාන අදාළ වීම, ඒ ගුවන් යානය ද එහි සිටින මගින් හා බඩුබාහිරාදිය ද පිළිබඳ වගකීම යම් රාජ්‍යයක නිසි බලධරයන් විසින් භාර ගනු ලබන තෙක්, දිගටම බලපවත්වන්නේය. 6 වන ව්‍යවස් ථාව 1. 1 වන ව්‍යවස් ථාවේ 1 වන ඡෙදයෙන් අදහස් කරනු ලැබූ යම් වරදක් ක්‍රියාවක් තම ගුවන් යානය තුළ දී යම් තැනැත් තකු විසින් සිදු කරන ලද බව හෝ සිදු කරනු ලැබීමට ආසන්න බව විශ්වාස කිරීමට යුක්ති සහගත හේ තු ඒ ගුවන් යානයේ අණදෙන නිලධරයාට ඇති අවස් ථාවක දී, පහත දැක්වෙන කාර්ය සඳහා, එනම්,- (අ) ගුවන් යානයේ හෝ එහි සිටින තැනැත්තන්ගේ හෝ එහි ඇති බඩු බාහිරා දියේ හෝ ආරක් ෂාව රැක ගැනීමට; හෝ (ඇ) ගුවන් යානය තුළ මනා සංවිධානය සහ විනය පවත්වා ගැනීමට; හෝ (ඈ) ඒ තැනැත්තා නිසි බලධරයන් වෙත භාර දීමට හෝ මේ පරිච්ඡේදයේ විධිවිධාන වලට අනුකූලව ඒ තැනැත්තා ගුවන් යානයෙන් බැස් සවීමට අවශ්‍ය මෙල්ල කිරීම ඇතුළු යුක්ති සහගත ක්‍රියා මාර්ග ඒ අණදෙන නිලධරයා විසින් ඒ තැනැත්තා විෂයෙහි ගනු ලැබිය හැකි ය. 2. මෙල්ල කිරීමට අණදෙන නිලධරයාට හිමිකම ඇති යම් තැනැත්තකු මෙල්ල කිරීම සඳහා සහාය වන ලෙස අනෙකුත් නියමු පිරිසට ඒ ගුවන් යානයේ අණ දෙන නිලධරයා විසින් නියම කරනු ලැබිය හැකි හෝ බලය දෙනු ලැබිය හැකි අතර, මෙල්ල කිරිමට තමාට හිමිකම් ඇති යම් තැනැත්තකු මෙල්ල කිරීම සඳහා මගින් ගේ උපකාරය එකී අණදෙන නිලධරයා විසින් ඉල්ලා සිටිය හැකිය. නැතහොත් ඔවුන්ට ඒ සඳහා බලය දෙනු ලැබිය හැකි ය. එහෙත් ඔහු විසින් ඔවුන්ට එසේ නියම නොකළ යුතුයි. ගුවන් යානයේ හෝ එහි සිටින මගින් ගේ හෝ එහි ඇති බඩු බාහිරාදියේ ආරක්ෂාව සැලසීමට යම් ක්‍රියාවක් නොපමාවම කළ යුතු යයි විශ්වාස කිරීමට හේතු නියමු පිරිසේ යම් සාමාජිකයකුට හෝ මගියකුට හෝ ඇති විටකදී. යට කී අන්දමේ බලය දීමකින් තොරව, ඒ ක්‍රියාව ඒ නියමු පිරිසේ සාමාජිකයා විසින් හෝ මගියා විසින් කරනු ලැබිය හැකිය. 7 වන ව්‍යවස් ථාව 1. ගුවන් යානය ගොඩ බැස් සවීමෙන් පසු, පහත දැක්වෙන අවස් ථාවල දී මිස, එනම්:-- (අ) ගුවන් කස ගොඩ බස් සවන ලද ස්ථානය ගිවිස් නා රාජ්‍යයක් නොවූ රාජ්‍යයක පිහිටා ඇත්තා වූ ද ඒ තැනැත්තා සානයෙන් බැස්සවීමට අවසර දීම ඒ රාජ්‍යය විසින් ප්‍රතික් ෂේප කරනු ලබන්නා වූ ද අවස් ථා වක දී හෝ ඒ තැනැත්තා නිසි බලධරයන් වෙත භාරදීමට පිණිස 6 වන ව්‍යවස්ථාවේ 1 (ඇ) ඡේදයට කිරීමේ ක්‍රියා මාර්ග ගෙන ඇති අවස් ථාවක දී; (ආ) ගුවන් යානය හදිසියේ ගොඩ බස් සවන ලද්දා වූ ද ඒ තැනැත්තා නිසි බලධරයන්ට භාර දීමට ගුවන් යානයේ අණදෙන නිලධරයාට නොහැකි වන්නා වූ ද අවසථාවක දී; (ඇ) එකී මෙල්ල කිරිමට යටත්ව දිගටම ගමන් කිරීමට ඒ තැනැත්තා එකඟ වන අවස් ථාවක දී මිස, 6 වන ව්‍යවස් ථාවට අනුකූලව යම් තැනැත්තකු විෂයෙහි නියම කොට ඇති මෙල්ල කිරීමේ ක්‍රියාමාර්ග ඒ ගුවන් යානය ගොඩ බස් සවන ලද යම් ස්ථානයකින් ඔබ්බට අනුගමනය කරගෙන යාම නොකළ යුතු ය. 2. 6 වන ව්‍යවස් ථාවේ විධිවිධාන වලට අනුකූලව මෙල්ල කිරීමට යටත් කොට ඇති තැනැත්තකු සිටින ගුවන් යානයක අණදෙන නිලධරයා විසින්, ප්‍රායෝගික වශයෙන් හැකිතාක් ඉක්මණින් සහ, හැකි නම්, ගුවන් යානය යම් රාජ්‍යයක දේශ සීමාව තුළ ගොඩ බැස් සවීමට පෙර, මෙල්ල කිරීමට යටත් වූ තැනැත් තකු තම ගුවන් යානය තුළ සිටින බවත් එසේ මෙල්ල කිරීමට හේතු වූ කරුණු මොනවාද යන්නත් ඒ රාජ්‍යයේ බලධරයන්ට දැනුම් දිය යුතුය. 8 වන ව්‍යවස් ථාව 1. 1 වන ව්‍යවස් ථාවේ 1 (ආ) ඡේදයෙන් අදහස් කර ඇති යම් ක්‍රියාවක් යම් තැනැත්තකු විසින් තම ගුවන් යානය තුළ සිදු කර ඇති බව හෝ සිදු කිරීමට ආසන්න බව විශ්වාස කිරීමට යුක්ති සහගත කරුණු ඒ ගුවන් යානයෙ අණ දෙන නිලධරයාට ඇති අවස් ථාවක දී, ඒ ගුවන් යානය ගොඩ බස් සවනු ලබන කවර වුවද රාජ්‍යයක දේශයේ දී 6 වන ව්‍යවස්ථාවේ 1 වන ඡේදයේ (අ) හෝ (ආ) අනුඡේදයේ කාර්ය සඳහා අවශ්‍ය වන තාක් දුරට ඒ අණදෙන නිලධරයා විසින් ඒ තැනැත්තා යානයෙන් බස් සවනු ලැබිය හැකිය. 2. මේ ව්‍යවස්ථාවට අනුකූලව යම් තැනැත්තකු යම් රාජ්‍යයක දේශයක දී යානයෙන් බස් සවන ගුවන් යානයක අණ දෙන නිලධරයා විසින්, එසේ ඒ තැනැත්තා යානයෙන් බස්සවනු ලබන බවත් ඔහු එසේ යානයෙන් බැස්සවීමට හේතුන් ඒ රාජ්‍යයේ බලධරයන්ට වාර්තා කළ යුතුය. 9 වන ව්‍යවස් ථාව 1. ගුවන් යානය ලියා පදිංචි කර ඇති රාජ්‍යයේ දණ්ඩ නීතියට අනුකූලව බරපතළ වරදක් වන ක්‍රියාවක් බව ඒ ගුවන් යානයේ අණදෙන නිලධරයා විසින් තම මතයට අනුව විශ්වාස කරනු ලබන යම් ක්‍රියාවක් යම් තැනැත්තකු විසින් ඒ ගුවන් යානය තුළ සිදු කර ඇති බව විශ්වාස කිරීමට යුක්ති සහගත හේතු ඒ අණදෙන නිලධරයාට ඇති අවස් ථාවක දී, ඒ ගුවන් යානය ගොඩ බස් සවනු ලබන දේශය අයත් වන යම් ගිවිස්නා රාජ්‍යයක නිසි බලධරයන් වෙත, ඒ අණදෙන නිල ධරයා විසින්, ඒ තැනැත්තා භාර දෙනු ලැබිය හැකි ය. 2. පෙරාතුව වූ ඡේදයට අනුකූලව බලධරයන්ට භාර දීමට ගුවන් යානයේ අණදෙන නිලධරයා අදහස් කරන යම් තැනැත්තකු සිටින ගුවන් යානයක් ගිවිස්නා රාජ්‍යයක දේශයට ගොඩ බැස් සවීමේ දී ඒ තැනැත්තා එසේ භාර දීමට තමන් අදහස් කරන බවත්, ඊට හේතුත්, ඒ අණදෙන නිලධරයා ප්‍රායෝගික වශයෙන් හැකිතාක් ඉක්මණින් සහ, හැකි නම්, ගුවන් යානය බැස් සවීමට පෙර, ඒ රාජ්‍යයේ නිසි බලධරයන්ට දැනුම් දිය යුතුය. 3. මේ ව්‍යවස් ථාවේ විධිවිධාන වලට අනුකූලව සැක කරනු ලබන යම් වරදකරු වකු යම් රාජ්‍යයක බලධරයන් වෙත බාර දෙනු ලබන අවස්ථාවක දී, ඒ ගුවන් යානය ලියා පදිංචි කර ඇති රාජ්‍යයේ නීතිය යටතේ නීත්‍යනුකූලව එහි අණදෙන නිලධරයා සතුව ඇති සාක්ෂි සහ තොරතුරු ඒ අණදෙන නිලධරයා විසින් ඒ බල ධරයන් වෙත ඉදිරිපත් කළ යුතුය. 19 වන ව්‍යවස්ථාව මේ සම්මුතියට අනුකූලව නඩු පවරනු ලබන අවස් ථාවල දී, ඒ නඩු පවරනු ලබන්නේ කවර තැනැත් තකුට විරුද්ධව ද ඒ තැනැත්තාට සලකන ලද ආකාරය පිළිබඳව වූ යම් නඩු කටයුත්තක දී, ඒ ගුවන් යානයෙ අණදෙන නිලධරයා හෝ ඒ ගුවන් යානයේ නියමු පිරිසේ වෙනත් යම් සාමාජිකයකු හෝ ඒ ගුවන් යානයේ යම් මගියකු හෝ ඒ ගුවන් යානයේ අයිතිකරු හෝ එය සේවයේ යෙද වූ තැනැත්තා හෝ ගමන සිදු කරන ලද්දේ යම් තැනැත්තකු වෙනුවෙන් ද ඒ තැනැත්තා හෝ වගකීමට බැඳී නොසිටී.
87
acts_1982-08-10_Surcharge_on_Income_Tax_si
act
1982
9
1
0.964486
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 26 දරන ආදායම් බදු අධිභාර පනත [සහතිකය සටහන් කළේ 1982 අගෝස්තු මස 10 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 අගෝස්තු මස 13 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 26 දරන ආදායම් බදු අධිභාර පන ත 1981 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා ආදායම් බද්ද අය කරනු ලැබිය හැකි සෑම තැනැත්තකු වෙත ම, ඒ තැනැත්තා විසින් ඒ තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ආදායම් බද්ද අනුව අධිභාරයක් නියම කිරිම සඳහා ද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1982 අංක 26 දරන ආදායම් බදු අධිභාර පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. ( මේ පනතෙහි '' අදාළ වර්ෂය " යනුවෙන් සදහන් කරනු ලබන) 1981 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක් සේරු වර්ෂය සඳහා ආදායම් බද්ද අය කරනු ලැබිය හැකි සෑම තැනැත් තකුම, වෙනත් යම් ලිඛිත නීතියක හෝ යම් සම්මුතියක, ප්‍රදාන යක හෝ ගිවිසුමක කුමක් සඳහන් වුව ද අදාළ වර්ෂය සඳහා ඔහු විසින් ගෙවනු ලැබිය යුතු ආදායම් බද්ද මත මේ පනතේ පළමු වන උපලේඛනයෙහි සඳහන් අනුප්‍රමාණ අනුව ගණන් බලන ලද අධිභාරයක් ගෙවීමට බැදී සිටිය යුතුය. 3. මේ පනතේ දෙවන උපලේඛනයේ 1 වන තීරයේ සඳහන් යම් තැනැත්තකු, අදාළ වර්ෂය සඳහා තමාගේ බදු අය කළ හැකි ආදායම එම උපලේඛනයේ 11 වන තීරයේ අනුරූපි සටහනෙහි සඳහන් මුදල නොඉක්මවන තැනැත්තකු වශයෙන් - (අ) අදාළ වර්ෂය සඳහා ගෙවිය යුතු ආදායම් බද්දේ; සහ (ආ) මේ පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්ද මත අධිභාරයේ එකතුව, (i ) අදාළ වර්ෂය සඳහා ඒ තැනැත්තාගේ බදු අයකළ හැකි ආදායමේ සහ (ii) එම උපලේඛනයේ III වන තීරයේ අනුරූපී සට හනෙහි සඳහන් මුදල අතර වෙනස ඉක්මවන අවස් ථාවක, ඒ අතිරික්ත මුදල, මේ පනත යටතේ ඔහු විසින් ගෙවනු ලැබිය යුතු අධිභාරයේ මුදලින් අඩු කරනු ලැබිය යුතුය. මේ වගන්තියේ කාර්ය සඳහා, අදාළ වර්ෂය සඳහා තැනැත්තකු ගේ බදු අය කළ හැකි ආදායම පිළිබඳ සෑම සඳහනක් ම, සමාගමක ඈවර කරුවකු සම්බන්ධයෙන් වන විට, ඔහු ඈවරකරු වන සමාගමේ අදාළ වර්ෂය සඳහා බදු අයකළ හැකි ආදායම් පිළිබඳ සඳහනක් ලෙස කියවා තේරුම් ගත යුතු ය. 4. මේ පනත යටතේ අධිභාරය ගෙවීමට බැදී සිටින සෑම තැනැ ත්තකු විසින් ම, ඔහු වෙත තක්සේරු කිරීමක් නිකුත් කර මැති වුව ද, ඔහු විසින් ගෙවිය යුතු අධිභාරයේ මුදලින් සියයට පණහකට නොඅඩු ප්‍රමාණයක් 1982 ජූලි මස 15 වන දින හෝ ඊට පෙර, සහ ඉතිරි ප්‍රමාණය 1982 නොවැම්බර් මස 30 වන දින හෝ ඊට පෙර ද කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවනු ලැබිය යුතුය. 5. දේශීය ආදායම් පනතේ XV වන පරිච්ඡේදයේ විධිවිධාන වලට අනුකූලව ( ඒ පනතේ 67 වන වගන්තියේ (7) වන උප වගන්තිය මගින් නිර්වාසිකයෙකු වශයෙන් සැලකෙන සේ වා නියුක්තයකු නොවන) යම් සේවානි යුක්තයකුගෙන් අදාළ වර්ෂය සඳහා ආදායම් බද්ද අයකළ හැක්කේ ද එවැනි සේවානියුක්තයකු සේවයෙහි නියුක්ත කරවන සෑම සේවායෝජකයකු විසින් ම, ඒ සේවානියුක්තයාට ගෙවනු ලබන පරිශ්‍රමිකයෙන් පහත දැක්වෙන මුදල ද 1982 ජූනි මාසයෙන් ආරම්භ වන මාසික වාරික හයකින් මේ පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්ද මත වූ අධිභාරය වශ යෙන් අඩු කරනු ලැබිය යුතු ය- (අ) දේශීය ආදායම් පනතේ 4 වන වගන්තියෙ (ඇ) ඡේද යෙහි සඳහන් සේවානියුක්තියෙන් ලබන ලාභ කිසිවක් මත ගෙවිය යුතු ආදායම් බද්ද නොවන, ඒ සේවානියුක් තයාගේ පාරිශ්‍රමිකයෙන් අදාළ වර්ෂය සඳහා අඩු කළ හැකි ආදායම් බද්ද රුපියල් හාර දහස් විස්ස ඉක්මවන නමුත්, රුපියල් දහ හතර දහස් දෙසියය නොඉක් මවන අවස්ථාවක, ඒ ආදායම් බද්දෙන් සියයට පහකට සමාන මුදලක්; (ආ) දේශිය ආදායම් පනතේ 4 වවන වගන්තියේ (or) ඡේදයෙහි සඳහන් සේවානියුක්තියෙන් ලබන ලාභ කිසි වක් මත ගෙවිය යුතු ආදායම් බද්ද නොවන, ඒ සේවා නියුක්තයාගේ පාරිශ්‍රමිකයෙන් අදාළ වර්ෂය සඳහා අඩු කළ හැකි ආදායම් බද්ද රුපියල් දහ හතර දහස් දෙසිය යක් ඉක්මවන නමුත්, රුපියල් අනූ හයදහස් පන්සිය හැටක් නොඉක්මවන අවස් ථාවක, ඒ ආදායම් බද දෙන් සියයට දහයකට සමාන මුදලක්; (ඇ) දේශීය ආදායම් පනතේ 4 වන වගන්තියේ (ඇ) ඡේද යෙහි සඳහන් සේවානියුක්තියෙන් ලබන ලාභ කිසිවක් මත ගෙවිය යුතු ආදායම් බද්ද නොවන, ඒ සේවානියුක් තයාගේ පාරිශ්‍රමිකයෙන් අදාළ වර්ෂය සඳහා අඩු කළ හැකි ආදායම් බද්ද රුපියල් අනූ හයදහස් පන්සිය හැටක් ඉක්ම වන අවස් ථාවක, ඒ ආදායම් බද්දෙන් සියයට පහළොවකට සමාන මුදලක් 6. යම් තැනැත්තකු විසින්-- (අ) අදාළ වර්ෂය සඳහා ගෙවනු ලැබිය යුතු ආදායම් බද්දේ ; (ආ) අදාළ වර්ෂය සඳහා ගෙවනු ලැබිය යුතු ධන බද්දේ; (ඇ) මේ පනත යටතේ ගෙවනු ලැබිය යුතු ආදායම් බද්ද මත වූ අධිභාරයේ; සහ (ඈ ) 1982 ධන බදු අධිභාර පනත යටතේ ගෙවිය යුතු, ධන බද්ද මත වූ අධිභාරයේ එකතුව, එ වර්ෂය සඳහා ඒ තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායමේ සහ දේශීය ආදායම් පනත හෝ වෙනත් යම් ප්‍රඥප්ති යක් යටතේ ආදායම් බද්දෙන් නිදහස් වූ ලාභ සහ ආදායම වන්නා වූ ද, ඒ නිදහස් කිරීම නිසා නොවේ නම් අදාළ වර්ෂය සඳහා ඒ තැනැත්තාගේ තක්සේරු කළ හැකි ආදායම ආගණනය කිරීමේ දී සැලකිල්ලට ගනු ලැබිය හැකිව තිබුණා වූද (වාසස් ස්ථාන යක ශුද්ධ වාර්ෂික වටිනාකම සහ දේශීය ආදායම් පනත යටතේ ආදායම් බද්දෙන් නිදහස් යම් සහනාධාරයක් නොවන) ලාභ සහ ආදායම් කිසිවක් එකතුවෙන් සියයට අසූවක් ඉක්මවන් අවස් ථා වක, ඒ අතිරික්ත මුදලේ ප්‍රමාණය ආදායම් බද්ද මත වූ ඒ අධි භාරයට හෝ ධන බද්ද මත වූ ඒ අධිභාරයට හෝ ආදායම් බද්ද මත වූ ඒ අධිභාරයේ සහ ධන බද්ද මත වූ ඒ අධිහාරයේ එකතු වට හිලව් කරනු ලැබිය යුතු ය. 7. දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්ද සම්බන්ධයෙන් වූ වාර්තා සැපයීම්, ආදායම් බද්ද අඩු කිරීම, ඒ බද්ද තක්සේරු කිරීම, තක් සේරු කිරීම්වලට විරුද්ධව අභියාචනා, ගෙවීම, අයකර ගැනීම සහ ආපසු ගෙවීම සම්බන් න්ධයෙන් ඒ පනතේ XIII වන පරිච්ඡෙදයේ සහ Xv වන පරිච්ජේදයේ සිට XXVI වන පරිච්ඡෙදය දක්වා ඇති පරිච්ජේ දවල විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව මේ පනත යටතේ ගෙවිය යුතු අධිහාරය සම්බන් ධ යෙන් වාර්තා සැපයීම, ඒ අධිභාරය අඩු කිරීම, තක්සේරු කිරීම, තක්සේරු කිරීම්වලට විරුද්ධව අභියාචනා, ගෙවීම, අයකර ගැනීම සහ ආපසු ගෙවීම සම්බන්ධයෙන් අදාළ විය යුතුය. 8. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ පතෙහි - '' තක් සේරු කළ හැකි ආදායම ", '' පුණ්‍යායතනය " රිස් ජනරාල්වරයා '', '' පොල්මඃ කරු '', '' ජනතා සමාගම '', ''තැනැත්තා '', '' ලාභ සහ ආදායම් ", " නිල ලැයිස්තු ගත පොදු සමාගම '', '' භාරගැනුම්කරු ", " කුඩා සමාගම ' '' භාරකරු " හා තක් සේරු වර්ෂය ", යන යෙදුම් වල දේශීය ආදායම් පනතේ පිළිවෙළින් ඒවාට දී ඇති අර්ථ යන්ම ඇත්තේ ය; සමුපකාර සමිතිය '' යන්නෙන්, ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 5 දරන සමුපකාර සමිති පනත යටතේ ලියාපදිංචි කරන ලද්දා වූ හෝ ලියාපදිංචි කරන ලද බව සැලකිය යුතු වූ සමුපකාර සමිතියක් අදහස් වේ; ''සේවායෝජක '', '' සේවා නියුක්තයා '', සහ '' පරිශ්‍රමිකය '' යන යෙදුම්වල දේශීය ආදායම් පනතේ XV වන පරිච්ඡේද යෙහි පිළිවෙළින් ඒවාට දී ඇති අර්ථයන්ම ඇත්තේය. ආදායම් බද්ද '' යන්නෙන්, යම් තැනැත්තකු සහ අදාළ වර්ෂය සම්බන්ධයෙන් - (අ) මේ පනතේ 2 වන වගන්තියෙහි සහ පළමුවන උප ලේඛනයෙහි ලා, සහ (i) වාසික සමාගමකට අදාළව, දේශීය ආදායම් පනතේ 33 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (ආ) ඡේදය යටතේ එම වර්ෂය සඳහා එම සමාගම විසින් ගෙවිය යුතු යම් ආදායම් බද්දක් වෙතොත් එය එම සමාගම විසින් අදාළ වර්ෂය සඳහා ඒ පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්දෙන් අඩු කළ විට ඇති වන ශේෂය අදහස් වේ; (ii) නිර්වාසික සමාගමකට අදාළව, දේශීය ආදායම් පනතේ 34 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (ආ) ඡේදයේ (1) වන අහු ඡේදය හෝ (ii) වන අනුඡේදය යටතේ එම සමාගම විසින් එම වර්ෂය සඳහා ගෙවිය යුතු යම් ආදායම් බද්දක් වෙතොත් එය එම සමාගම විසින් අදාළ වර්ෂය සඳහා එම පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්දෙන් අඩු කළ විට ඇති වන ශේෂය අදහස් වේ ; (iii ) අදාළ වර්ෂය සඳහා වූ තමාගේ ලාභ සහ ආදා යමට දේශීය ආදායම් පනතේ 4 වන වගන් තියේ (ඇ) ඡේදයෙහි සඳහන් සේවා නියුක්තියෙන් ලබන ලාභ ඇතුළත් වන, වාසික පුද්ගලයකුට අදාළව, සේවානියුක්ති යෙන් ලැබූ ඒ ලාභ අදාළ වර්ෂය සඳහා වූ ඔහුගේ ලාභ සහ ආදායමේ කොටසක් නොවී තිබුනේ නම්, ඒ පුද්ගලයා විසින් දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතුව තිබුණු ආදායම් බද්ද අදහස් වේ; (iv) දේශීය ආදායම් පනතේ 67 වන වගන්තියේ (7) වන උපවගන්තිය අනුව නිර්වාසිකයකු වශයෙන් සැලකෙන පුදගලයකුට අදාළව, අදළ වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ දී සේවා නියුක් තියෙන්න් ලැබූ ඔහුගේ ලාභ. එම වර්ෂය සඳහා වූ ඔහුගේ ලාභ සහ ආදායමේ කොට සක නොවූයේ නම්, ඒ පුද්ගලයා විසින් දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතුව තිබුණු ආදායම් බද්ද අදහස් වේ; (v) වෙනත් යම් තැනැත්තකුට අදාළව, අදාළ වර් ෂය සඳහා ඒ තැනැත්තා විසින් දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්ද අදහස් වේ; තවද (ආ) 3 වන සහ 6 වන වගන්තිවල, එම වර්ෂය සඳහා එම තැනැත්තා විසින් දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්ද අදහස් වේ; '' දේශීය ආදායම් පනත '' යන්නෙන්, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත අදහස් වේ; '' තක්සේරු කළ හැකි ආදායම " යන්නෙන්, යම් තැනැත්තකු සහ අදාළ වර්ෂය සම්බන්ධයෙන් වන විට, දේශීය ආදායම් පනතේ විධිවිධාන වලට අනුකූලව ආගණනය කරන ලද එම වර්ෂය සඳහා වූ එම තැනැත්තාගේ තක් සේරු කළ හැකි ආදායම අදහස් වේ; තව ද− (අ) අදාළ වර්ෂය සඳහා වූ තමාගේ ලාභ සහ ආදායමට දේශීය ආදායම් පනතේ 4 වන වගන්තියේ (ඇ) ඡේදයෙහි සඳහන් සේවා නියුක්තියෙන් වූ ලාභ ද ඇතුළත් වන වාසික පුද්ගලයකු සම්බන්ධයෙන් වන විට, සේවා නියුක්තියෙන් ලැබූ ඒ ලාභ වර්ෂය සඳහා වූ ඒ පුද්ගලයාගේ ලාභ සහ ආදායමේ කොටසක් නොවූයේ නම්, එම වර්ෂය සඳහා පුද්ගලයාගේ ( දේශීය ආදායම් පනතේ විධිවිධාන වලට අනුකූලව ආගණනය කරන ලද) තක්සේරු කළ හැකි ආදායම විය හැකි වූ ප්‍රමාණය අදහස් වන සේ සලකනු ලැබිය යුතු ය; (ආ) දේශීය ආදායම් පනතේ 67 වන වගන්තියෙ ( 7 ) වන උපවගන්තිය අනුව නිර්වාසිකයකු වශයෙන් සල කනු ලබන පුද්ගලයකු සම්බන්ධයෙන් වන විට, අදාළ වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ දී සේවා නියුක්ති යෙන් ලැබූ ඔහුගේ ලාභ, එම වර්ෂය සඳහා වු ඔහුගේ ලාභ සහ ආදායමේ කොටසක් නම්, අදාළ වර්ෂය සඳහා ඒ පුද්ගලයාගේ ( දේශීය ආදායම් පනතේ විධිවිධාන වලට අනුකූලව ආගණනය කරන ලද) තක් සේරු කළ හැකි ආදායම විය හැකි වු ප්‍රමාණය අදහස් වන සේ සලකනු ලැබිය යුතුය; නොවූයේ ' ධන බද්ද " යන්නෙන්, දේශීය ආදායම් පනත යටතේ පනවා අය කරනු ලබන ධන බද්ද අදහස් වේ.
88
acts_1982-08-10_Surcharge_on_Wealth_Tax_si
act
1982
3
1
0.995617
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 25 දරන ධන බදු අධිභාර පනත [සහතිකය සටහන් කළේ 1982 අගෝස්තු මස 10 වන දින) අණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 අගෝස්තු මස 13 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසව් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 25 දරන ධන බදු අධිභාර පනත 1981 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා ධන බද්ද ගෙවීමට යටත් වන සෑම තැනැත්තකුගෙන් ම ඒ තැනැත්තා විසින් එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු ධන බද දට අදාළව අධිභාරයක් නියම කිරීම සඳහා ද ඊට සම්බන්ධ වූ හෝ ආනුෂංගිකවූ කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:-- 1. මේ පනත 1982 අංක 25 දරන ධන බදු අධිභාර පවත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. 1984 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක් සේරු වර්ෂය සඳහා ධන බද්ද ගෙවීමට යටත් වන සෑම තැනැත්තකු ම, යම් ලිඛිත නීතියක හෝ යම් සම්මුතියක, ප්‍රදානයක නැතහොත් ගිවිසුමක කුමක් සඳහන්ව ඇත ද ඒ තක්සේරු වර්ෂය සඳහා ඔහු විසින් ගෙවනු ලැබිය යුතු ධන බද්දෙන් සියයට දහයකට සමාන අධිභාරයක් ගෙවීමට යටත් විය යුතුය. 3. 2 වන වගන්තිය යටතේ අධිභාරයක් ගෙවීමට යටත් සෑම තැනැත්තකු ම, ඔහුට තක්සේරුවක් නිකුත් කර නොතිබීම කෙසේ වුව ද, ඔහු විසින් ගෙවනු ලැබිය යුතු අධිභාරයේ මුදලින් සියයට පණහකට නොඅඩු ප්‍රමාණයක් 1982 ජූලි මස 15 වන දින හෝ ඊට පෙර සහ ශේෂය 1982 නොවැම්බර් මස 30 වන දින හෝ ඊට පෙර කොමසාරිස් ජනරාල් වරයා වෙත ගෙවිය යුතු ය. 4. වාර වාර්තා සැපයීමට, තක්සේරු කිරීමට, තක් සේරුවට විරුද ධව අභියාචනා කිරීමට, ධන බද්ද ගෙවීමට, අයකර ගැනීමට සහ ආපසු ගෙවීමට අදාළ දේශීය ආදායම් පනතේ XIII වන පරිච්ජේදයේ සහ XVII සිට xxvI දක්වා වූ පරිච්ඡේ දවල විධිවිධාන, 2 වන වගන්තිය යටතේ ගෙවිය යුතු වූ අධිභාරය පිළිබදව වාර වාර්තා සැපයීම, තක්සේරු කිරීම, තක් සේරු වට විරුද්ධව අභියාචනා කිරීම, ගෙවීම, අයකර ගැනීම සහ ආපසු ගෙවීම සම්බන්ධයෙන්, අවශ්‍ය වෙනස්කම් සහිතව, අදාළ විය යුතු ය. 5. පද සම්බන් ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ පනතෙහි - කොමසාරිස් ජනරාල්වරයා '' යන්නෙහි, දේශීය ආදායම් පනතේ ඊට දී ඇති අර්ථය ම ඇත්තේය; ' දේශීය ආදායම් පනත " යන්නෙන් 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත අදහස් වේ; " ධන බද්ද " යන්නෙන්, දේශීය ආදායම් පනත යටතේ පනවා අයකරනු ලබන ධන බද්ද අදහස් වේ; '' තක් සේරු වර්ෂය " යන්නෙහි, දේශීය ආදායම් පනතේ ඊට දී ඇති අර්ථය ම ඇත්තේය.
89
acts_1982-08-11_Inland_Revenue_Amendment_si
act
1982
23
2
0.984676
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 27 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1982 අගෝස් තු මස 11 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 අගෝස් තු මස 13 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිළ දී ලබාගත හැකිය ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී 1982 අංක 27 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :— 1. මේ පනත 1982 අංක 27 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය " යනුවෙන් සඳහන් කරනු ලබන) 1979 අංක 28 දරන දේශීය ආදායම් පනතේ 8 වන වගන්තියේ (අ) ඡේදය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :— ඒ ඡේදයේ අවසානයට පහත දැක්වෙන අනුඡේද එකතු කිරීමෙන්: (xxxv) 1978 අංක 15 දරන ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංසස්ථා පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව; (xxxvi) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ; (xxxvii) ජාතික රාජ්‍ය සභාවේ 1976 අංක 8 දරන ශ්‍රී ලංකා සේවා මුක්ත භටයන්ගේ සංගමය පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා සේවා මුක්ත භටයන්ගේ සංගමය; (xxxviii) (i) අන් න්තර් ජාතික මෙහෙයුම් කටයුතු වල නිරත වූ; ( ii ) යම් සමාගමකට අයිති වූ හෝ සමාගම විසින් කුලියට ගනු ලැබූ ; සහ (iii) 1971 අංක 52 දරන වෙළෙඳ නැව් පනතේ 30 වන වගන්තියේ (ඇ)ඡේ දය යටතේ කරන ලද තීරණයක හේතුවෙන් ලංකාවේ නැවක් ලෙස සලකනු ලබන්නා වූ නැවකින් 1982 අංක 17 දරන සමාගම් පනතේ VIII වන කොටස යටතේ ලියා පදිංචිකරන ලද යම් සමාගමකට (ශ්‍රී ලංකා වේ වරායකට හෝ වරායකින් ඒ නැවෙන් මගින්, තැපැල්, ඇති කරන සතුන් සහ බඩු ප්‍රවාහනය කිරීමෙන් ඒ සමාගමට උද්ගත වන ලාභ සහ ආදායම නොවන) උද්ගතවන ලාභ සහ ආදායම; (xxxix ) 1981 අංක 55 දරන ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය; (xi ) 1982 අංක 7 දරන ජාත්‍යන්තර දඹල ආයතනය පනතින් පිහිටුවන ලද ජාත්‍යන්තර දඹල ආයතනය; '". 3. ප්‍රධාන ප්‍රඥපතියේ 9 වන වගන්තියේ (1) වන උපවහන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :— (1) ඒ උපවගන්තියේ (ඔ) ණේ දයට ඉක්බිතිවම පහත දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන් :- “ (ඔඔ) (i) 1982 අංක 17 දරන සමාගම් පනතේ VIII වන කොටස යටතේ ලියාපදිංචි කරන ලද සමාගමකට අයත් හෝ ඒ සමාගම විසින් කුලියට ගනු ලැබූ ; සහ (ii ) 1971 අංක 52 දරන වෙළෙඳ නැව් පනතේ 30 වන වගන්තියේ (ඇ)ඡේදය යටතේ කරන ලද තීරණයක හේතුවෙන් ලංකාවේ නැවක් ලෙස සලකනු ලබන්නා වූ නැවක සේවයෙහි නියුක්ත කරනු ලැබූ යම් පුද්ගලයකු විසින් යම් තක්සේරු වර්ෂයක දී උපයා ගන්නා ලද පඩි නඩි;" ; සහ (2) ඒ උපවගන්තියේ (ඕ) ඡේදය අවසානයට පහත දැවෙන කොටස එකතු කිරීමෙන්:- තවද ඒ අනුව මේ ඡේදය යටතේ නිදහස් කරන ලද ලාභ සහ ආදායම් සම්බන්ධයෙන් යම් තක සේ රු වර්ෂයක දී ඒ පුද්ගලයා විසින් අඩු කිරීමෙන් හෝ අන්‍යා කාරයකින් යම් ආදායම් බද්දක් ගෙවා ඇති විට, ඒ තක්සේරු වර්ෂයේ අවසානයේ සිට අවුරුදු තුනක් ඇතුළත ඒ පුද්ගලයා විසින් ලිඛිතව කරන ලද ඉල් ලීමක් මත ඒ බද්ද ඔහුට ආපසු ගෙවනු ලැබිය යුතු ය. ". 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තියේ (ඉ) ඡේදය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- ' (ඉ) ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමතය ඇතිව, යම් තැනැත් තකු විසින් හෝ ඒ තැනැත්තා වෙනුවෙන් යම් වාණිජ බැංකුවක විවෘත කරන ලද යම් ගිණුමක විදේශීය ව්‍යවහාර මුදලින් ඔහුගේ බැරට ඇති මුදල් මත ඒ නැතැත්තාට ශ්‍රී ලංකාවේ වාසික නොවන කාලය තුළ සහ ඔහු ශ්‍රී ලංකාවේ වාසිකයෙකු වීමට ආරම්භ වන දිනයට ඉක්බිතිවම එළඹෙන අවුරුදු තුන සඳහා උපචිත වන පොලිය; ''. 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 11 වන වගන්තියේ (ආ) ඡේදයේ " මේ පනතේ 15, 16, 16~, 16ආ, 17, 18, 19, 20, 21, 22, 22ආ සහ 22 ඇ වගන්ති යටතේ හෝ 1963 අක 4 දරන දේශීය ආදායම් පනත යටතේ හෝ ආදායම් බද්දෙන් නිදහස් '' යන වචන සහ ඉලක්කම් වෙනුවට '' මේ මේ පනතේ 8 (xxxviii) වන, 15 වන, 16 වන, 16 අ, 16ආ, 17 වන, 18 වන, 19 වන, 20 වන, 21 වන, 22 අ, 22 ආ, 22 ඇ වගන්ති යටතේ හෝ 1963 අංක 4 දරන දේ ශීය ආදායම් පනත යටතේ හෝ ආදායම් බද්දෙන් නිදහස් '' යන වචන ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 6. ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (අ) එ වගන්තියේ (ඉ) ඡේදයෙහි ධීවර අමාත්‍යාංශය විසින් '' යන වචන වෙනුවට " ධීවර අමාත්‍යාංශය විසින්; යන වචන ආදේශ කිරීමෙන්; සහ (ආ) ඒ වගන්තිය අවසාන යට පහත දැක්වෙන ඡේදය එකතු කිරීමෙන් :- '' (ඊ) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතින් පිහිටුවන ලද අපනයන සංවර්ධන අරමුදලෙන් '' 7. ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තියේ (ඇ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන් ඒ මෙයින් සංශෝධනය කරනු ලැබේ :- '' (ඇඇ ) යම් වෙළඳාමක්, ව්‍යාපාරයක්, වෘත්තියක් හෝ රක්ෂා වක් කර ගෙන යන හෝ ක්‍රියාත්මක කරන යම් වාසික සමාගමක් විසින් හෝ හවුල් ව්‍යාපාරයක් විසින් හෝ යම් වෘත්තියක් හෝ රක්ෂාවක් හෝ ඉදිකිරීමේ යෝජනා ක්‍රම යක් කරගෙන යන හෝ ක්‍රියාත්මක කරන හෝ ක්‍රියාවේ යොදවන අතරතුර දී, යම් තක්සේරු වර්ෂයක් තුළ ශ්‍රී ලංකාවෙන් පිටත, ඉටු කරන ලද සේවාවන් සම්බන්ධ යෙන්, ඒ සමාගම විසින් හෝ හවුල් ව්‍යාපාරය විසින් හෝ එ තක් සේරු වර්ෂය තුළ, විදේශීය ව්‍යවහාර මුදලින් උපයන යම් ලාභ සහ ආදායම ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරනු ලැබිණි නම්, (යුක්තිසහගත වියදම් වශයෙන් "කොමසාරිස් ජනරාල්වරයා විසින් සලකනු ලබන මුදල් ප්‍රමාණයක් අඩු කිරීමෙන් පසුව) ඒ ලාභ සහ ආදායම. ”. 8. ප්‍රධාන ප්‍රඥප්තියේ 16 වන වගන්තියේ (අ) ඡේදයෙහි " ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයකින් අමාත්‍යවරයා විසින් ලංකා සංචාරක මණ්ඩලයේ නිර්දේශය පිට අනුමත් කරන ලද්දා වූ ද, යන වචන වෙනුවට '' ගැසට් පත්‍රයේ පළ කරන ලද නිය මයකින් අමාත්‍යවරයා විසින්, ලංකා සංචාරක මණ්ඩලයේ නිර්දේශය පිට 1983 මාර්තු මස 31 වන දිනට පෙර අනුමත කරන ලද්දා වූ ද, යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 9. ප්‍රධාන ප්‍රඥප්තියේ 16අ වගන්තියේ " ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයකින් අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලබන්නා වූ; '' යන වචන වෙනුවට " ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයකින් අමාත්‍යවරයා විසින් 1983 මාර්තු මස 31 වන දිනට පෙර අනුමත කරනු ලබන්නා වූ; " යන වචන සහ ඉලක් කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 10. ප්‍රධාන ප්‍රඥප්තියේ 16 ආ වගන්තියෙහි " ලංකා සංචාරක මණ්ඩලයේ නිර්දේශය මත, සංචාරක කර්මාන්තයේ සංවර්ධන යට අත්‍යවශ්‍යයයි ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයකින් අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබ ඇත්නම්, '' යන වචන වෙනුවට ලංකා සංචාරක මණ්ඩලයේ නිර්දේශය මත, සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට අත්‍යවශ්‍යයයි ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයකින් අමාත්‍යවරයා විසින් 1983 මාර්තු මස 31 වන දිනට පෙර අනුමත කරනු ලැබ ඇත්නම්, '' යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 11. ප්‍රධාන ප්‍රඥප්තියේ 17 වන වගන්තියේ (2) වන උපවගන් තියේ “ අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූවා වූ ද, ඒ දින යෙහි හෝ ඉන්පසුව '' යන වචන වෙනුවට '' 1983 මාර්තු මස 31 වන දිනට පෙර ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයකින් අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලබන්නා වූ, 1977 නොවැම්බර් මස 15 වන දින හෝ ඉන්පසුව '' යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 12. ප්‍රධාන ප්‍රඥප් ප්තියේ 18 වන වගන්තියේ (2) වන උපවගන් තියේ “ අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ '' යන වචන වෙනුවට " ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයකින් අමාත්‍ය වරයා විසින් අනුමත කරනු ලැබූ " යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 13. ප්‍රධාන ප්‍රඥප්තියේ 19 වන වගන්තියේ " අමාත්‍යවරයා විසින් අනුමත කරන් ලද " සන වචන වෙනුවට ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයකින් අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද " යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 14. ප්‍රධාන ප්‍රඥප්තියේ 20 වන වගන්තියේ (1) වන උපවගන් තියේ (ආ) ඡේදයේ " 1978 නොවැම්බර් මස 15 වන දිනට පසු අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද '' යන වචන සහ ඉලක්කම් වෙනුවට " 1978 නොවැම්බර් මස 15 වන දිනට පසු, එහෙත් 1983 මාර්තු මස 31 වන දිනට පෙර ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නිය මයකින් අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද " යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 15. ප්‍රධාන ප්‍රඥපතියේ 21 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) ඒ වගන්තියේ (අ) ඡේදයේ " වර්ග අඩි පන්සියයක් '' යන වචන වෙනුවට '' වර්ග අඩි එක් දහසක්" යන වචන ආදේශ කිරීමෙන් ; (2) ඒ වගන්තියේ (ආ) ඡේදයේ '' වර්ග අඩි පන්සියයක් ඉක්මවන නමුත් වර්ග අඩි එක් දහස් දෙසිය පණහක් නෙඉක්මවන්නේ නම් '' යන වචන වෙනුවට '' වර්ග අඩි එක් දහසක් ඉක්මවන නමුත් වර්ග අඩි එක් දහස් හත්සිය පනහක් නොඉක්මවන්නේ නම්, යන වචන ආද්ශ කිරීමෙන්; සහ (3) ඒ වගන්තියේ (ඇ) ඡේදයෙහි " වර්ග අඩි එක් දහස් දෙසිය පනහක් ඉක්මවන නමුත් වර්ග අඩි දෙදහසක් නොඉක්ම වන්නේ නම්, යන වචන වෙනුවට " වර්ග අඩි එක් දහස් හත්සිය පනහක් ඉක්මවන නමුත් වර්ග අඩි තුන්දහසක් නොඉක්මවන්නේ නම්, " යන වචන ආදේශ කිරීමෙන්. 16. ප්‍රධාන ප්‍රඥප්තියේ 22 වන වගන්තියේ '' යම් තැනැත් තකු '” යන වචන වෙනුවට '' 1981 නොවැම්බර් මස 12 වන දිනට පෙර යම් තැනැත තකු '' යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 17. ප්‍රධාන ප්‍රඥප්තියේ 22 අ වගන්තියේ (ආ) ඡේදයේ " අමාත්‍ය වරයා විසින් අනුමත කරන ලද " යන වචන වෙනුවට " 1983 මාර්තු මස 31 වන දිනට පෙර ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමය කින් අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද " යන වචන ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 18. ප්‍රධාන ප්‍රඥප්තියේ 22ආ වගන් තියේ (2) වන උපවගන් තියෙ (ඇ) ඡේදයේ " අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද " යන වචන වෙනුවට " 1983 මාර්තු මස 31 වන දිනට පෙර ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයකින් අමාත්‍යචරයා විසින් අනුමත කරන ලද " යන වචන සහ ඉලක්කම් ආදේශ කිරිමෙන් ඒ වගන් තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 19. ප්‍රධාන ප්‍රඥප්තියේ 22 ඇ වගන්තියේ (ආ) ඡේදයෙහි '' අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ '' යන වචන වෙනුවට " 1983 මාර්තු මස 31 වන දිනට පෙර ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයකින් අම ත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ " යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 20. ප්‍රධාන ප්‍රඥපතියේ 22 ඈ වගන්තියේ (2) වන උපවගන් තියේ (ආ) ඡේදයෙ (iii) වන අනුඡේදයේ '' අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද්දා වූ '' යන වචන වෙනුවට " 1983 මාර්තු මස 31 වන දිනට පෙර ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයකින් අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද්දා වූ '' යන වචන සහ ඉලක් කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 21. ප්‍රධාන ප්‍රඥප්තියෙහි 22 ඈ වගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් වගන්තිය ඇතුළත් කරනු ලබන අතර, ඒ අලුත් වගන්තිය ප්‍රධාන ප්‍රඥප්තියේ 22 ඉ වගන්තිය වශයෙන් බල පැවැත් විය යුතු ය:- 22ඉ. අවස් ථාවෝචිත පරිදි යම් සමාගමක්, ව්‍යවසායක්, ඉදි කිරීමක්, ගිවිසුමක් හෝ යෝජනා ක්‍රමයක් අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ දින සිට එක් අවුරුද දක කාලයක් ඇතුළත - (අ) 16 වන වගනතිය හෝ 16 අ වගන්තිය හෝ 16 ආ වගන්තිය හෝ 20 වන වගන්තිය හෝ 22 ඇ වගන්තිය හෝ 22 ඈ වගන්තියයටතේ අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද යම් සමාගමක් හෝ යම් ව්‍යවසායක් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරී මට කිසියම් පියවරක් නොමැති බවට ; හෝ (ආ) සමාගමක් ව්‍යවසායක් සම්බන්ධ යෙන් 16 ආ වගන්තිය හෝ 22 අ වගන තිය හෝ 22 ආ වගන්තිය යටතේ අමාත්‍ය වරයා විසින් අනුමත කරන ලද යම් ඉදි කිරීමක්, ගිවිසුමක් හෝ යෝජනා ක්‍ර යක් ඒ සමාගම හෝ ව්‍යවසාය විසින ආරම්භ කර නොමැති බවට කොමසාරිස් ජනරාල් වරයා සෑහීමට පත් වන අවස් ථාවක, ඒ අනුමතය අවලංගු කරන ලෙස ඔහු විසින් අමාත්‍යවරයාට නිර්දේශ කරනු ලැබිය යුතු ය. තවද, ඒ නිර්දේශය මත ආර්ථිකයේ යහපත කෙරෙහි සැලකිල්ල ඇතිව, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් අමාත්‍යවරයා විසින් ඒ අනුමතය අවලංගු කරනු ලැබිය හැකි ය. ”. පහත 22. ප්‍රධාන ප්‍රඥප්තියේ 23 වන වගන්තියේ (1) වන උපවගන තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- උපවගන්තියේ (ඉ) ඡේදයට ඉක්බිතිව ම, දැක්වෙන ඡේදය ඇතුළත් කිරීමෙන් :- “ (ඉඉ ) 1981 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු යම් තැනැත්තකු විසින් අත්කර ගනු ලැබ, ඔහු විසින් කරගෙන යනු ලබන්නා වූ හෝ ක්‍රියාත් මක කරනු ලබන්නා වූ යම් වෙළඳාමක්, ව්‍යාපාරයක්, වෘත්ති යක් හෝ රක්ෂාවක් සම්බන්ධයෙන් ඔහු විසින් පාවිච්චි කරනු ලබන්නා වූ, ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 11 දරන බද්ධ නිවාස අයිතිකර්‍ම පනතේ අර්ථානුකූලව ලියාපදිංචි කළ සහාධිපත්‍ය දේ පළක් සංයුක්ත වන නිර්වායික ඉඩකඩ පිළිබඳ යම් ඒකක යක් ගෙවී යාමෙන් ක්ෂය වීම සඳහා යුක්ති සහගත යයි කොමසාරිස් ජනරාල් වරයා විසින් සලකනු ලබන්නා වූ (අත්කර ගැනීමේ පිරිවැය මත වර්ෂය කට නියමිත යම් සියයට අනුප්‍රමාණයක් අනුව ගණන් බලනු ලැබූ) දීමනාවක්: එසේ වුව ද ඉහතින් වු තක්සේරු වර්ෂවල ක් ක්ෂයවීම සඳහා දීමනාවල එකතුව ඒ ඒකකය අත් කර ගැනීමේ පිරිවැයට සමාන වන්නේ නම්, ඡෙදයේ විධිවිධාන යටතේ කිසිම අඩුකිරීමක් ඒ ඒකකය සම්බන්ධයෙන් යම් තැනැත්තකුට ඉඩ දෙනු නොලැබිය යුතු ය;", (ආ) ඒ උපවගන්තියේ (ඔ) ඡේදය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් - (ඔ) යම් තැනැත්තකු විසින් කරගෙන යනු ලබන හෝ ක්‍රියාත් මක කරගෙන යනු ලබන යම් වෙළඳාමක්, ව්‍යාපාරයක්, වෘත්තියක් හෝ රක්ෂාවක් සම්බන්ධ යෙන් ලාභ සහ ආයම නිශ්චය කර ඇත්තේ කාල සීමාවක් සම්බන්ධයෙන් ද ඒ කාලසීමාව සම් බන්ධයෙන් ඒ තැනැත්තා ගෙවීමට යටත් වන්නා (1) 1963 අංක 11 දරන මුදල් පනත යටතේ ගෙවිය යුතු වන යම් ව්‍යාපාර පිරිවැටුම් බද්දක්, හෝ (i) 1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනතේ 47 වන වගන්තිය යටතේ ඉඩ දෙනු ලැබිය හැකි යම් අඩු කිරීම් අඩු කොට ඒ පනත යටතේ ගෙවිය යුතු පිරිවැටුම් බද්දක්; "; (ඇ) ඒ වගන්තියේ (5) වන උපවගන්තියෙහි (1) (ආ), (1) (ඇ), (1) (ඈ), (1) (ඉ) හෝ (1) (ඊ) උපවගන්තිය යටතේ " යන ඉලක්කම් සහ වචන වෙනුවට " (1) (අ), (1) (ආ), (1) (ඇ), (1) (ඉ), (1) (ඉඉ) හෝ (1) (ඊ) උපවගන්තිය යන වචන සහ ඉලක් කම් ආදේශ කිරීමෙන්; සහ (ඈ) ඒ වගන්තියේ (7) වන උපවගන්තියේ අ) ඡේදයෙ (i) අනුඡේදය වෙනුවට ආදේශ කිරීමෙන ( 1 ) මේ වගන්තියේ ( 1 ) වන උපවගන්තියේ (අ) ඡේදයෙ හෝ (ආ) ඡේදය හෝ (ඇ) ඡේදය හෝ (ඈ) ඡේදය හෝ (ඉ) ඡේදය, හෝ (ඉඉ) ඡේදය යටතේ හෝ 162 වන වගන්තියේ (1) වන උප වගන්තිය යටතේ '' 23. ප්‍රධාන ප්‍රඥප් තියේ 31 වන වගන්තියේ (2) වන උපවගන් තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (අ) ඒ උපවගන්තියේ (ආ) ඡේදයෙහි '' පළාත් පාලන ආයතන යකට, ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිහිටුවන ලද අරමුදලකට " යන වචන වෙනුවට '' පළාත් පාලන ආයතනයකට, 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත යටතේ පිහිටුවනු ලැබූ හෝ පිහිටුවනු ලැබුවේ යයි සලකනු ලබනනා වූ යම් උසස් අධ්‍යාපන ආයතනයකට, ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිහිටුවන ලද අරමුදලකට '' යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්; (ආ) ඒ උපවගන්තියේ (ඔ) ඡේදය (v) අනුඡේදයේ අවසාන යට පහත දැක්වෙන අනුඡේද එකතු කිරීමෙන් :- "(vi) 1981 අංක 55 දරන ශ්‍රි ලංකා මූලික අධ්‍යයන ආයතනය පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය; (vi) 1982 අංක 7 දරන ජාත්‍යන්තර දඹල ආයතන පනතින් පිහිටුවන ලද ජාත්‍යනන්තර දඹල ආයතනය;"; (ඇ) එම උපවගන්තියේ (ඕ) ජේදය වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමෙන් :- " (ඕ) (i) යම් නිවාසයක්, මහල් නිවාසයක්, හෝ ඒකක යක් යම් තැනැත්තකු විසින් සේවයෙහි නියුකත කරන ලද කාර්ය මණ්ඩලයේ යම් සාමාජිකයකු වාසය කරන නිවාසයක් වශ යෙන් පදිංචිය සදහා නම්; (ii ) ඒ නිවාසයේ, මහල් නිවාසයේ හෝ ඒකකයේ බිම් ප්‍රදේශය වර්ග අඩි දෙදහසක් නොඉක්ම වන්නේ නම්; සහ (iii) ඒ නිවාසය, මහල් නිවාසය හෝ ඒකකය වෙනුවෙන් 23 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ (1) වන අනු ඡේදය යටතේ හෝ 23 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ඊ) ඡෙදය යටතේ කිසිම දීමනාවක් අඩු කරනු ලැබිය නොහැකි නම් යම් නිවාසයක් හෝ මහල් නිවාසයක් ඉදිකිරීමෙහි ලා හෝ (ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතින් පිහිටුවන ලද) නාගරික සංවර් ධන අධිකාරියේ අනුමතය ඇතිව ඉදී කරන ලද්දා වූ ද ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 11 දරන බද නිවාස අයිතිකම් පනතේ අර්ථානුකූලව ලියාපදිංචි කරන ලද සහාධිපත්‍ය දේ පළක් සංයුක්ත වන්නා වූ ද, වාසික බඩකඩ පිළිබඳ යම් ඒකකයක් මිලට ගැනීම වශයෙන් හෝ ඒ තැනැත්තා විසින් වියදම් කරන ලද යම් මුදල් ප්‍රමාණ යක්; '; සහ (ඈ) ඒ උපවගන්තිය අවසානයට පහත දැක්වෙන කොටස එකතු කිරීමෙන්:- " (i) යම් බද්දක් අවුරුදු පනහක් ඉක්මවන කාලයක් සඳහා වන්නේ නම්; සහ (ii) යම් බද්දක් සඳහා වූ ගිවිසුමට එලඹි අවස්ථාවේ දී ඒ බද්ද සඳහා වූ ප්‍රතිෂ්ඨාව සම්පූර්ණයෙන් ගෙවනු ලැබුවේ නම් මේ උපවගන්තියේ (ඉ) සහ (උ) ඡේදවල (3) වන උපවගන්තියේ " මිලට ගැනීම යන යෙදුම (ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරන නාගරික සං වර්ධන අධිකාරිය පනතින් පිහිටුවන ලද) නාගරික වර්ධන අධිකාරියේ අනුමතය ඇතිව ඉදි කරනු ලැබුවා වූ ද, ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 11 දරන බද්ධ නිවාස අයිතිකම් පනතේ අර්ථානුකූලව ලියාපදිංචි කරන ලද සහාධිපත්‍ය දේ පළක් සංයුක්ත වන්නා වූ ද, වාසික ඉඩකඩ පිළිබඳ ඒකකයක බද්දක් ඇතුළත් වන ලෙස සලකනු ලැබිය යුතුය.''. 24. ප්‍රධාන ප්‍රඥප්තියේ 32 වන වගන්තියට ඉක් බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්ති මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එම අලුත් වගන්ති ප්‍රධාන ප්‍රඥප්තියේ පිළිවෙළින් 32 අ, 32 ආ සහ 32 ඇ වගන්ති වශයෙන් බල පැවැත්විය යුතු ය:- 32 අ. (1) ආණ්ඩුව හෝ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝ රාජ්‍ය සංස්ථාවක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ වෙත සතු කරනු ලැබූ යම් නිශ්චල හෝ චංචල දේපළ සම්බන්ධ යෙන‍් ගෙවිය යුතු වන් දිය මත ගෙවිය යුතු වූ ඒ වන්දිය උපචිත වන දිනයෙන් ආරම්භව ඒ වන්දිය ගෙවීමේ දිනයෙන් අවසන් වන කාලය සඳහා ඒ වන්දිය මත ගෙවිය යුතු සමුච්චිත පොලිය වන ( '' අදාළ පොලිය '' යනුවෙන් මේ වගන්තියේ සඳහන් වන) පොලිය සම්බන්ධයෙන් මේ වගන් තියේ විධිවිධාන අදාළ විය යුතු ය. (2) යම් නීතියක පටහැනිව කුමක් සඳහන්ව ඇතද - (අ) යම් තැනැත්තකු විසින් ලබා ගන්නා ලද අදාළ පොලිය, ඒ පොලිය අදාළ වන්නේ යම් තක්සේරු වර්ෂයකට ද ඒ තක්සේරු වර්ෂයේ දී ඒ තැනැත්තාට උදගතවන ආදායම ලෙස නොව ඒ පොලිය ඒ තැනැත්තා ලබ ගන්නේ යම් තක් සේරු වර්ෂයක දී ද ඒ තක්සේරු වර්ෂ යේ දී ඔහුට උද්ගතවන ආදායම ලෙස සලකනු ලැබිය යුතු ය. ද සියයට දහයක අනු ප්‍රමාණය අනුව ඒ පොලිය ආදායම් බද්දට යටත් විය යුතුය. (ආ) යම් තැනැත්තකුට අදාළ පොලිය ගෙවනු ලබන ආණ්ඩුව, ඉඩම් ප්‍රතිසංස් කරණ කොමිෂන් සභාව, රාජ්‍ය සංස්ථාව හෝ පළාත් පාලන ආයතනය විසින්, ඒ පොලියෙන් සියයට දහයකට සමාන මුදලක්, ඒ පොලියෙන් අඩු කරනු ලැබිය යුතුය. තවද ගෙවිය යුතු වන අදාළ පොලියේ දළ මුදල් ප්‍රමාණයේ විස්තර, අඩුකර ගන්නා ලද බද්ද, ගෙවන ලද ශුද්ධ මුදල් ප්‍රමාණය. එය ගෙවනු ලැබුවේ යම් තැනැත්තකුටද ඒ තැනැත්තාගේ නම සහ ලිපිනය දැක් වෙන ලියවිල්ලකින් වූ ප්‍රකාශයක් සමග එසේ අඩු කරගන්නා ලද මුදල් ප්‍රමාණය කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂ ණය කළ යුතු ය. තව ද එසේ ප්‍රේෂණය කරන ලද මුදල් ප්‍රමාණය (අ) ඡේදය යටතේ ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු වන බද්දෙන් හිලව් කරනු ලැබිය යුතුය. ( 3 ) මේ වගන්තියෙහි - ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව " යන් නෙත් ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතින් පිහිටුවන ලද ඉඩම් ප්‍රතිසංස් කරණ කොමිෂන් සභාව අදහස් වේ; " රාජ්‍ය සංස්ථාව" යන්නෙන් සමාගම් ආඥාපනත යටතේ හැර වෙනත් යම්කිසි ලිඛිත නීතියකින් හෝ ලිඛිත නීතියක් යටතේ හෝ පිහිටුවන ලද්දා වූ හෝ පිහිටුවනු ලබන්නා වූද ආණ්ඩුව විසින් ප්‍රදානයක් හෝ ණයක් වශයෙන් නැතහොත් වෙනත් ආකාරයකින් මුළු අරමුදල හෝ මුළු ප්‍රාග්ධනය නැතහොත් අරමුදලෙන් කොටසක් හෝ ප්‍රාග්ධන යෙන් කොටසක් හෝ සපයනු ලබන්නා වූ ද, සංස්ථාවක්, මණ්ඩලයක් හෝ වෙනත් ආයතනයක් අදහස් වේ. 32 ආ. (1) (අ) යම් පුද්ගලයකු විසින් ; හෝ (ආ) යම් පුද් ගලයකු වෙනුවෙන් වෙනත් තැනැත්තකු විසින් හෝ; බැංකු ආයතනයක - (i) ඒ බැංකු ආයතනය විසින් ක්‍රියාත් මක කරනු ලබන; සහ (ii) කොමසාරිස් ජනරාල් වරයා විසින් කලින් කල නිශ්චිතව සඳහන් කරනු ලබන කොන්දේ සිවලට අනුකූලව කොමසාරිස් ජිනරාල් වරයා විසින් අනුමත කරන ලද යෝජනා ක්‍රමයක් යටතේ තැන්පත් කරන ලද මුදල් ප්‍රමාණයක් මත ගෙවන ලද (මේ වගන්තියේ අදාළ පොලිය '' යනුවෙන් සඳහන් කරනු ලබන) සමුච්චිත පොලියට මේ වගන්තියේ විධිවිධාන අදාළ විය යුතුය. මේ උපවගන්තියෙන් කොමසාරිස් ජනරාල් වරයා විසින් නිශ්චිතව සඳහන් කරනු ලැබිය යුතු යයි නියම කරන ලද යම් කාරණයක් නිශ්චිතව සඳහන් කිරීමේ දී ඉතිරි කිරීම් දිරි ගැන්වීමේ සහ පහසු කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි ඔහු විසින් සැලකිල්ල දැක්විය යුතු ය. (2) මේ පනතේ පටහැනිව කුමක් සඳහන් ව ඇතද - (අ) ඒ පොළිය අදාළ වන්නේ යම් තක් සේරු වර්ෂයකට ද ඒ තක්සේරු වර්ෂයේ දී ඒ තැනැත්තාට උද්ගතවන ආදායම ලෙස නොව ඒ පොලිය ඔහුට ගෙවනු ලබන් නේ යම් තක්සේරු වර්ෂයක දී ද ඒ තක්සේරු වර්ෂයේ දී ඔහුට උද්ගත වන ආදායම ලෙස සලකනු ලැබිය යුතුය. තව ද ඒ පොලිය සියයට පහළොවක අනුප්‍රමාණය අනුව හෝ ඒ තක්සේරු වර්ෂය සඳහා (අදාළ පොලිය හැර) ඔහු ගේ ලාභ සහ ආදායම මත ඔහු ආදායම් බදු ගෙවීමට යටත් උපරිම අනුප්‍රමාණය යන දෙකින් කවර වූ වඩා අඩු අනුප්‍රමා ණය අනුව ආදායම් බදු ගෙවීමට යටත් වන්නේ ය; (ආ) ඒ පුද්ගලයාට අදාළ පොලිය ගෙවන බැංකු ආයතනය විසින්, (අ) භේදයේ කුමක් සඳහන් ව ඇත ද, ඒ පොලියෙන් සියයට පහළොවකට සමාන මුදල් ප්‍රමාණයක් ඒ පොලියෙන් අඩු කරනු ලැබිය යුතු ය. තව ද, එසේ අඩු කර ගන්නා ලද මුදල නොපමාව කොමසාරිස් ජනරාල්වරයා වෙත ප්‍රේෂණය කළ යුතු ය; (ඇ) බැංකු ආයතනයක් විසින් යම් පුද්ගල යකුට ගෙවනු ලබන අදාළ පොලියෙන් (ආ) ඡේදයට අනුකූල ආදායම් බද්දක අඩු කරනු ලබන අවස් ථාවක, ගෙවිය යුතු වන අදාළ පොලියේ දළ මුදල් ප්‍රමාණය, අඩු කර ගන්නා ලද බදු අනුප්‍රමාණය සහ මුදල් ප්‍රමාණය සහ සැබවින් ම ගෙවන ලද ශුද්ධ මුදල් ප්‍රමාණය දැක් වෙන ලිය විල්ලකින් වූ ප්‍රකාශයක් ඒ පුද් ද්ගලයාට නිකුත් කරනු ලැබිය යුතු ය; (ඈ) (i) යම් පුද් ගලයකුට ගෙවනු ලබන අදාළ පොලියෙන් (ආ) ඡේදයට අනුකූල යම් මුදල් ප්‍රමාණයක් අඩු කරනු ලබන්නා වූ; සහ (ii) (අදාළ පොලිය හැර) ඔහුගේ ලාභ සහ ආදායම් සම්බන්ධයෙන් ඒ අඩු කිරීම් කරනු ලබන තක්සේරු වර් ෂය සඳහා ඒ පුද්ගලයා ආදායම් බදු ගෙවීමට යටත් උපරිම අනුප්‍රමාණය සියයට පහළොවකට වඩා වන්නා වූ අවස් ථාවක, (ඇ) ඡේදයෙහි සඳහන් ප්‍රකාශය ඉදි රිපත් කරනු ලැබූ විට සහ XXIII වන පරිච්ඡේදයේ විධිවිධාන වලට යටත්ව, සියයට පහළොව සහ උපරිම බදු අනුප්‍රමාණය අතර වෙනසට සමාන අදාළ පොලියෙන‍් යම් ප්‍රතිශතයක් ආපසු ලබා ගැනිමට ඒ පුද්ගලයාට හිමිකම ඇත්තේ ය. (3) බැංකු ආයතනයක් විසින් යම් පුද්ගලයකුට ගෙවන ලද අදාළ පොලියෙන් යම් ආදායම් බද්දක් අඩු කර ග නීමට (2) වන උපවගන්තියෙන් නිය මිත බැංකු ආයතනයක් ඒ ආදායම් බද්ද අඩු කර ගැනීම පැහැර හරින අවස් ථාවක, එවිට, මේ වගන්තිය යටතේ ඒ ආයතනය විසින් අඩු කර ගැනිමට නියමිත බද්ද සඳහා ඒ බැංකු ආයතනයේ අධ්‍යක්ෂවරයා, සාමාන්‍යන්‍යාධික රිවරයා හෝ වෙනත් ප්‍රධාන නිලධරයා පෞද්ගලිකව වගකිව යුතු ය. තව ද ඒ බද්ද මේ ජනතෙහි විධිවිධාන සලස්වන ලද සියල ක්‍රම වලින් ඒ අධ්‍යක් පවරයාගෙන් සාමාන්‍යධිකාරිවරයාගෙන් හෝ ප්‍රධාන නිලධරයා ගෙන් අය කර ගනු ලැබිය හැකි.ය. (4) (1) වන උපවගන්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද යෝජනා ක්‍රමයක් යටතේ පුද්ගලයකු විසින් බැංකු ආයතන යක මුදල් කිසිවක් තැන්පත් කරනු ලැබ ඇත්තා වූ ද, ඒ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් කොමසා රිස් ජනරාල් වරයා විසින් නියම කරන ලද කොන් දේසි කඩ කරමින් ඒ මුදල් මත වූ පොලිය ඒ පුද් ගලයා විසින් ඉවත් කර ගනු ලබන්නා වූද අවස් ථාවක, මේ පනතෙහි කුමක් සඳහන් ව ඇත ද එසේ ඉවත් කර ගන්නා ලද පොලිය අදාළ වන් නේ යම් තක්සේරු වර්ෂයක් සම්බන්ධයෙන් ද ඒ සෑම තක්සේරු වර්ෂයක් සම්බන්ධයෙන් ම අතිරේක තක් සේරු කිරීම් කරනු ලැබිය හැකි ය. 32 ඇ. ශ්‍රී ලංකාවෙන් පිටත යම් සමාගමක්, හවුල් ව්‍යාපාරයක් හෝ වෙනත් පුද්ගල මණ් ඩල යක් විසින් ශ්‍රී ලංකාවේ යම් තැනැත්තකුට දෙන ලද ණයක් මත ගෙවිය යුතු වන ( මේ පනතේ වෙනත් යම් විධිවිධානයක් යටතේ නිදහස් කරනු ලබන පොලිය නොවන්නා වූ) ඒ සමාගමට, හවුල් ව්‍යාපාරයට හෝ වෙනත් පුද්ගල මණ්ඩලයට උද්ගත වන්නා වූ හෝ උද්ගත වන්නේ යයි 80 අ වගන්තියෙන් සලකනු ලබන්නා වූ පොලිය වන දළ පොලිය මත මේ පනතේ කුමක් සඳහන්ව ඇත ද, සියයට පහළොවක අනුප්‍රමාණය අනුව ආදායම් බදු අය කරනු ලැබිය යුතු ය. ". 25. ප්‍රධාන ප්‍රඥප්තියේ 33 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (4) ඒ වගන්තියේ (1) වන සහ (1අ) උපවගන්ති ඉවත් ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරී මෙන්:- “ (4) යම් තක් සේරු වර්ෂයක් තුළ ශ්‍රී ලංකාවේ වාසික යම් සමාගමක් ඒ වර්ෂය වෙනුවෙන් ගෙවීමට යටත් ආදායම් බද්ද - (අ) ඒ වර්ගයේ සමාගම්වලට අදාළ වන්නා වූ අනු ප්‍රමාණය වශයෙන් මේ පනතේ දෙවන උප ලේඛනයෙහි නිශ්චිතව සඳහන් උචිත අනුප්‍රමාණය අනුව ඒ තක් සේරු වර්ෂය සඳහා ඒ සමාගමේ බදු අය කළ හැකි අදායම මත ගණන් බලනු ලැබු මුදල් ප්‍රමාණයකින්; සහ (ආ) යම් තක්සේරු වර්ෂයක් සඳහා ඒ සමාගමේ බදු අය කළ හැකි ආදායම ආගණනය කරනු ලැබුවේ යම් ලාභ මත ද ඒ ලාභ වලින් ඒ තක් සේරු වර්ෂය සඳහා ඒ සමාගම විසින් බෙදා දෙන ලද දළ ලාභාංශවල මුළු ප්‍රමාණයෙන් - (i) ඒ තක්සේරු වර්ෂය 1979 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය නම්, සියයට තිස් තුනයි තුනෙන් එකකට; සහ (ii) ඒ තක්සේරු වර්ෂය 1980 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන යම් තක් සේරු වර්ෂයක් නම්, සියයට විස්සකට සමාන මුදල් ප්‍රමාණයකින් සමන්විත විය යුතුය: එසේ වුවද නිල ලැයිස් තුගත පොදු සමාගමක් 1980 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන යම් තක් සේරු වර්ෂයක් සඳහා (ආ) ඡේදය යටතේ බදු ගෙවීමට යටත් නොවිය යුතු ය. (2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ " (4) වන සහ (1අ) උපවගන්ති වල කාර්ය සඳහා යන වචන සහ ඉලක් කම් වෙනුවට (4) වන උපවගන්තියේ කාර්ය සඳහා " යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්; (3) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ (ආ) ඡේදයේ (ii ) වන අනුඡේදයේ " නිකුත් කරනු ලැබූ ප්‍රාග්ධනය රුපි යල් ලක්ෂ පහකට වැඩි නොවූ; යන වචන වෙනුවට 'බදු අය කළ හැකි ආදායම් ආගණනය කරනු ලැබුවේ යම් තක්සේරු වර්ෂයක් සඳහා ද ඒ තක්සේරු වර්ෂය මුළුල් ලේම නැතහොත් සමාගම සංස් ස්ථාගත කිරීමේ දින සිට ඒ තක්සේරු වර්ෂය අවසානය දක්වා නිකුත් කරනු ලැබූ ප්‍රාග්ධනය රූපියල් ලක්ෂ පහකට වැඩි නොවූ '' වචන ආදේශ කිරීමෙන්; (4) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ (ඇ) ඡේදය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන්:— ‘(ඇ) නිල ලැයිස් තුගත සමාගමක් නොවන සමාගමක '' දළ ලාභාංශ ප්‍රමාණය '' යන්නෙන් - (i) ස්වකීය ලාභාංශ සම්බන්ධයෙන් සමාගම විසින් 38 වන වගන්තිය යටතේ අඩු කිරීමක් කරනු ලැබ ඇති අවස් ථාවක දී ඒ අඩු කිරීමට පෙර වූ ලාභාංශ ප්‍රමාණය; (ii) ස්වකීය ලාභාංශ සම්බන්ධයෙන් සමාගම විසින් එවැනි අඩු කිරීමක් කරනු ලැබ අවස්ථාවක දී ලාභාංශ ප්‍රමාණය— (අ) 1980 මාර්තු මස 31 වන දින හෝ ඊට පෙර ලාභාංශය ගෙවිය යුතු නම් ඉන් සියයට පනහකින්; හෝ (ආ) 1980 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ලාභාංශ ගෙවිය යුතු නම් ඉන් සියයට විසිපහකින් වැඩි කරනු ලැබූ විට ලැබෙන ලාභාංශ ප්‍රමා ණය අදහස් වේ.". 26. ප්‍රධාන ප්‍රඥප්තියේ 34 වන වගන්තියේ (1) වන උපවගන්ති යේ (අ) ඡේදයේ " දෙවන උපලේඛනයේ 7 වන කොටසෙහි සඳහන් " යන වචන සහ ඉලක්ක්කම් වෙනුවට " දෙවන උපලේඛන යේ VII වන කොටසෙහි සඳහන් " යන වචන සහ ඉලක් කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 27. ප්‍රධාන ප්‍රඥප්තියේ 37 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් වගන්තිය ආදේශ කරනු ලැබේ :— 37. යම් තක්සේරු වර්ෂයක් තුළ යම් නිරී වාසික සමාගමකට ගෙවිය යුතු (මේ වගන්තියේ අදාළ ලාභාංශය සඳහන් කරනු ලබන) යම් ලාභාංශ ප්‍රමාණයකින් සෑම වාසික සමාගමක් ම විසින් - (අ) අදාළ ලාභාංශය මේ පනත යටතේ වු ආදා යම් බද්දෙන් නිදහස් ලාභාංශයක ප්‍රමා ණයෙන් කොටසක් නොවන්නා වූ ද වෙනත් වාසික සමාගමකින් ඒ වාසික සමා ගමකට ලැබෙන ලාභාංශයක මුදල් ප්‍රමාණ යේ යම් කොටසකින් සමන්විත වන්නේ නම්, 1980 මාර්තු මස 31 වන දින හෝ ඊට පෙර ලාභාංශය ගෙවිය යුතු අවස්ථා වක, සිය යට පනහකින් වැඩි කොට ද ඒ ලාභාංශය 1980 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ගෙවිය යුතු අවස්ථාවක සියයට විසිපහකින් වැඩි කොට ද ඒ අදාළ ලාභාංශයේ මුදල් ප්‍රමාණයෙන් සියයට පහකට සමාන ආදායම් බද්දක්; (ආ) අදාළ ලාභාංශය මේ පනත යටතේ ආදායම් බද්දෙන් නිදහස් නොකළ ලාභාංශයක් වන්නේ නම් සහ ඒ වාසික සමාගමට වෙනත වාසික සමාගමකින් ලැබෙන ලාභාංශයක යම් කොටසකින් සමන්විත නොවන්නේ නම්, ඒ අදාළ ලාභාංශයෙන් සියයට පහකට සමාන ආදායම් බද්දක්; (ඇ) අදාළ ලාභාංශය, මේ පනත යටතේ ආද්‍ය යම් බද්දෙන් නිදහස් ලාභාංශයක් වන ඒ වාසික සමාගමට ලැබෙන ලාභංශයක මුදලින් ගෙවනු ලබන ලාභාංශයක් නම්, ඒ ලාභාංශයේ මුදල් ප්‍රමාණයෙන් සිය යට පහකට සමාන ආදායම් බද්ද; සහ (ඈ) අදාළ ලාභාංශය නිල ලැයිස් තුගත සමාගම් කින් වාසික සමාගමකට ලැබෙන ලාභාංශ යක මුදල් ප්‍රමාණයෙන් ගෙවනු ලබන්නේ නම්, ඒ අදාළ ලාභාංශයේ මුදල් ප්‍රමාණ යෙන් සියයට පහකට සමාන ආදායම් බද්දක් අඩු කර ගනු ලැබිය යුතු ය: එසේ වුව ද ඒ නිර්වාසික සමාගම විසින් ඒ අදාළ ලාභාංශය ලබාගත් තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීමට ඒ නිර්වාසික සමාගම යටත් නො වන බවට හෝ මේ වගන්තියේ ඉහතින් වු විධි විධාන යටතේ ඒ අදාළ ලාභාංශයෙන් අඩු කර ගනු ලැබීමට නියමිත මුදල් ප්‍රමාණයට වඩා අඩු මුදල් ප්‍රමාණයක් ඒ තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීමට යටත් වන බවට කොමසාරිස් ජනරාල් වරයා සෑහීමට පත්වන අවස් ථාවක, ඒ නිර්වාසික සමාගම විසින් ඒ තක්සේරු වර්ෂය සඳහා ගෙවීමට යටත් ආදායම් බදු ප්‍රමාණය කෙරෙහි සැලකිල්ල ඇතිව, ඒ අදාළ ලාභාංශයේ ප්‍රමාණයෙන් මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධාන යටතේ ඒ අදාළ ලාභාංශයෙන් ඒ වාසික සමාගමට නියමිත අනුප්‍රමා ණයට වඩා අඩු අනුප්‍රමාණයක් අනුව ආදායම් බදු අඩු කර ගැනීමට ඔහු විසින් ඒ වාසික සමාගමට විධාන කරනු ලැබිය හැකි ය. තවද, මේ වගන්තිය යටතේ වාසික සමාගමක් විසින් අඩු කර ගනු ලැබී මට නියමිත ආදායම් බදු ප්‍රමාණය, ඒ වාසික සමා ගමෙන් ජන රජයට ලැබිය යුතු, ණයක් විය යුතු අතර, එලෙස නොපමාව අය කර ගනු ලැබිය යුතු ය. නැතහොත් ඒ වාසික සමාගම විසින් අන්‍යාකාර යෙන් ගෙවිය යුතු යම් අදායම් බද්දකට අතිරේකව ඒ සමාගම මත තක්සේරු කොට අයකර ගනු ලැබිය යුතුය.''. 28. ප්‍රධාන ප්‍රඥප්තියේ 42 වන වගන්තියේ ( ඊ) ඡේදයට ඉක්බිතිවම, පහත දැක්වෙන ඡේද ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:— "(ඊඊ) 1981 අංක 55 දරන ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය පනතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා මූලික අධ්‍යයන ආයතනය; (ඊඊඊ) 1982 අංක 7 දරන ජාත්‍ය න්තර දඹල ආයතනය පනතින් පිහිටුවන ලද ජාත්‍යන්තර දඹල ආයතනය; ". 29. ප්‍රධාන ප්‍රඥප්තියේ 48 වන වගන්තියේ (2) වන වගන්තියේ අගට පහත දැක් වෙන කොටස එකතු කිරීමෙන් වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- මේ උපවගන්තියේ කාර්යය සඳහා (ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතින් පිහිටුවන ලද) නාගරික සංවර්ධන අධිකාරියේ අනුමතය ඇතිව ඉදි කරනු ලැබූ සහ ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 41 දරන බද්ධ නිවාස අයිතිකම් පනතේ අර්ථානුකූලව ලියාපදිංචි කළ සහ ධිපත්‍ය දේපළක් සංයුක්ත වන්නා වූ ඉඩකඩ පිළිබඳ ඒ කකයකින් නිර් වාසික සමාගමකට උද්ගතවන ලාභ සහ ආදායම, නිශ්චල දේපළ වලින් ඒ සමාගමට ව්‍යුත්පන්න වන ලාහ සහ ආදායම නොවන ලෙස සැලකිය යුතුය. '' 30. ප්‍රධාන ප්‍රඥප්තියේ 54 වන වගන්තියේ (1) වන උප වගන්තියේ (ඈ) සහ (ඉ) ඡේ ද ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන ඡේද ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝ ධනය කරනු ලැබේ :- “ (ඈ ) 1958 ජූලි මස 18 වන දින හෝ ඊට පසු, යම් පුද්ගලය කුගේ ජීවිත කාලය සඳහා වටිනා කමින් රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව, මේ පනතේ 31 (9) වන වගන් තියේ හෝ 1963 අංක 4 දරන දේශීය ආදයම් පනතේ 16 අ වගන්තියේ අර්ථානුකූලව අනුමත පුණ්‍ය කාර්යයක් වන පුණ්‍ය කාර්යයකට හෝ 34 වන වගන්තියේ (2) වන උපවගන්තියේ (අං.) ඡේදයෙහි සදහන් යම් ආයතනයකට, පද නමකට හෝ කොමින් සභාවකට ඒ එක් එක් ත්‍යාගයේ වටිනාකම රුපියල් එක් දහසකට අධිකව දෙනු ලැබූ ත්‍යාගයකට; (ඉ) ආණ්ඩුවට හෝ යම් පළාත් පාලන ආයතනයකට හෝ 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත යටතේ පිහිටුවන ලද හෝ පිහිටුවනු ලැබුවේ. යයි සලකනු ලබන යම් උසස් අධ්‍යාපන ආයතනයකට දෙනු ලැබූ ත්‍යාගයකට; ". 31. ප්‍රධාන ප්‍රඥප්තියේ 81 වන වගන්තියට ඉක් බිතිව ම පහත දැක්වෙන වගන්තිය ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 81 අ වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය:- 81අ (4) සෑම තැනැත්තකු විසින්ම- (අ) ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන්නා වූ; සහ (ආ) විනෝදාස් වාදය සපයන් නකුගේ ශිල්පියකුගේ වෘත්තිය හෝ රක්ෂාව කරගෙන යන හෝ ක්‍රියාතමක කරන හෝ වෙනත් යම් තැනැත්තකුට ඒ වෘත්තිය හෝ රක්ෂාව කරගෙන යන හෝ ක්‍රියාත්මක කරන අතරතුර ඒ වෙනත් නැත්තා විසින් ශ්‍රී ලංකා වේදී කරන ලද සේවාවන් සම්බන්ධයෙන් ගෙවී මක් කරන විට, ඒ ගෙවීමේ මුදල් ප්‍රමාණයෙන් සියයට තිස් තුනයි තුනෙන් එකකට සමාන ආදායම් බද්දක් ඒ ගෙවීමෙන් අඩු කරනු ලැබිය යුතු ය. (2) තමා විසින් වෙනත් යම් තැනැතකුට කරන ලද ගෙවීමකින් (1) වන උපවගන්තියට අනුකූල ආදායම් බද්දක් අඩුකරගනු ලබන සෑම තැනැත්තකු ම, පහත දැක්වෙන විස්තර දක්වන ප්‍රකාශයක් ඒ වෙනත් තැනැත්තාට නිකුත් කළ යුතු ය:- (අ) ලැබිය යුතු වන ගෙවීමේ දළ මුදල් ප්‍රමාණය; (ආ) අඩු කර ගන්නා ලද බද්දේ අනුප්‍රමාණය සහ මුදල් ප්‍රමාණය; (ඈ) සැබවින් ගෙවන ලද ශුද්ධ මුදල් ප්‍රමාණය. (3) යම් තක්සේරු වර්ෂයක් සඳහා තැනැත්ත කුගේ තක්සේරු කළ හැකි ආදායමට මේ වගන්ති යෙහි සඳහන් ගෙවීමක් ඇතුළත් වන අවස්ථාවක, එ විට - (අ) ඒ තැනැත්තා ඒ තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීමට යටත් වන්නේ නම්, (2) වන උපවගන්තියට අනුකූලව කරන ලද ඒ ගෙවීමට අදාළ ප්‍රකාශයක් ඉදිරි පත් කරනු ලැබූ විට, ඒ ප්‍රකාශයෙහි දක්වා ඇති බදු මුදල ඔහු විසින් ගෙවිය යුතු වන ආදායම් බද්දෙන් අඩු කර ගැනී මට ඔහුට හිමිකම් තිබිය යුතු ය; (ආ) ඒ තැනැත්තා ඒ තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවීමට යටත් නොවන්නේ නම්, (2) වන උපවගන්තියට අනුකූලව කරන ලද ඒ ගෙවීමට අදාළ ප්‍රකාශයක් ඉදිරිපත කරනු ලැබූ විට සහ XXIII වන පරිච්ඡේදයේ විධිවිධාන වලට යටත්ව, ඒ ප්‍රකාශයෙහි දක්වා ඇති බදු මුදල ආපසු ලබා ගැනීමට ඔහුට හිමිකම් තිබිය යුතුය. (4) (1) වන උපවගන්තියට අනුකූලව ආදායම් බදු අඩු කර ගැනීමට ඒ උපවගන්තියෙන් නියමිත යම් තැනැත්තකු විසින් කරන ලද යම් ගෙවීමකින් ඒ බද්ද අඩු කර ගැනීම පැහැර හරින අවස්ථාවක, එවිට (අ) ඒ තැනැත්තා පුද්ගලයකු නම්, ඒ පුද්ගල (ආ) ඒ තැනැත්තා, සංස්ථාගත කරනු ලැබූ නැතහොත් සංස්ථාගත කරනු නොලැබූ සමාගමක් හෝ පුද්ගල මණ්‌ඩලයක් වන්නේ නම් ඒ සමාගමේ හෝ පුද්ගල මණ්ඩලයේ ලේකම්වරයා, කළමනාකරු හෝ වෙනත් ප්‍රධාන නිලධරණී ඒ උපවගන්තිය යටතේ ඔහු විසින් අඩු කර ගැනී මට නියමිත බද් ද ගෙවීමට පෞද්ගලිකව යටත් විය යුතුය. තවද, මේ පනතේ විධිවිධාන සලස්වන ලද සියලු ක්‍රමවලින්, අවස් ථාවෝචිත පරිදි, ඒ පුද් ගලයාගෙන්, ලේකම්වරයාගෙන්, කළමනා කරු ගෙන් හෝ වෙනත් ප්‍රධාන නිලධරයාගෙන් ඒ බද්ද අය කරගනු ලැබිය හැකිය. ( 5 ) මේ වගන්තියෙහි " විනෝදාස්වාදය සපයන් නෙකුගේ හෝ ශිල්පියකුගේ වෘත්තිය හෝ රක් ෂාව " යන යෙදුමෙහි නළුවකුගේ, සංගීතඥයකුගේ, මලල ක්‍රීඩකයකුගේ හෝ පිනුම්කරුවකුගේ වෘත් තිය හෝ රක්ෂාව ඇතුළත් වන්නේය. ' 32. ප්‍රධාන ප්‍රඥප්තියේ 113 වන වගන්තියේ තැනැත්තෙක් ශ්‍රී ලංකාවෙහි සිටින එම තැනත්තාගේ අනුයෝජි තයා හෝ ඇටෝර්නි බලකරු '' යන වචනවල සිට " යම් මණ්ඩලයක් හෝ පරීක්ෂණ කොමිෂන් සභාවක් "; තෙක් වු වචන වෙනුවට " 5. නිර්වාසික තැනැත්තෙක් ශ්‍රී ලංකාවෙහි සිටින එම තැනැත්තාගේ අනුයෝජිතයා හෝ ඇටෝර්නි බලකුරු '' යන වචන ආදේශ කිරි මෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 33. ප්‍රධාන ප්‍රඥප්තියේ 118 වන වගන්තියේ (1) වන උපවගන් තියේ මණ්ඩලයේ සාමාජිකයන් අවුරුදු තුනක කාලයකට ධුර දැරිය යුතු අතර ඔවුන් නැවත පත් කරනු ලැබීම සඳහා සුදුසු විය යුතුය '' යන වචන වෙනුවට '' එසේ පත් කරන ලද මණඩලයේ සෑම සාමාජිකයකු ම, අවුරුදු තුනක් නොඉක්මවන කාලයක් ධුරය දැරිය යුතු අතර, ඔහු නැවත පත් කරනු ලැබීම සඳහා සුදුස් සකු යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 34. ප්‍රධාන ප්‍රඥප්තියේ 129 වන වගන්තියේ (2) වන උප වගන්තියේ (ඇ) ඡේදය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝ ධනය කරනු ලැබේ:- (අ) ඒ ඡේදයේ (1) අනුඡේදයේ " නොගෙවා පැහැර හරින බද්ද පියවීම සඳහා ඒ මුදල් ගෙවිය යුතුය. යන වචන වෙනුවට " තහනමට ගැනීමේ වියදම් සහ ගාස්තු ගෙවීමෙහි ලා ඒ මුදල් පළමුවෙන් අදාළ කළ යුතු අතර, යම් ශේෂයක් වෙතොත් පැහැර හැරිය බද්ද පියවීම සඳහා එය අදාළ කළ යුතුය. යන වචන ආදේශ කිරීමෙන්; තවද (ආ) ඒ ඡේදයේ (i) අනුඡේදයේ " එයින් ලැබෙන මුදල නොගෙවා පැහැර හරින බද්ද පියවීම සඳහා යෙදිය යුතු යන වචන වෙනුවට '' එයින් ලැබෙන මුදල් තහනමට ගැනීමේ වියදම් සහ ගාස්තු ගෙවීමෙහි ලා අදාළ කළ යුතු අතර, යම් ශේෂයක් වෙතොත් පැහැර හැරිය බද්ද පියවීම සඳහා එය අදාළ කළ යුතු ය; " යන වචන ආදේශ කිරී මෙන්. 35. ප්‍රධාන ප්‍රඥප්තියේ දෙවන උපලේඛනය කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක් වෙන ආදේශ කරනු ලැබේ :- දෙවන උපලේඛනය (33 වන වගන්තිය) අදායම් බද්දෙහි අනුප්‍රමාණ - සමාගම් 1 වන කොටස II වන කොටස සිට UI වන කොටස දක්වා වූ කොටස් වල සඳහන් සමාගමක් නොවන ශ්‍රී ලංකාවේ වාසික සමාගමක් 1979 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු සෑම් තක් සේරු වර්ෂයක් සඳහා ආදායම් බදු අනුප්‍රමාණ සමාගමේ බදු අය කළ හැකි ආදායම් මත 11 වන කොටස රු. 2,50,000 ක් නොඉක්මවන බදු අය කළ හැකි ආදායමක් ඇති කුඩා සමාගමක් 1979 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් සඳහා ආදායම් බදු අනුප්‍රමාණ සමාගමේ බදු අය කළ හැකි ආදායමෙහි පළමු වන රු. 50,000 සම ගමේ බදු අය කළ හැකි ආදායමෙහි ඊළඟ රු. 100,000 මත ... සමාගමේ බදු අයකළ හැකි ආදාය මෙහි ඉතිරි කොටස මත III වන කොටස රු. 2,50,000 ක බදු අය කළ හැකි ආදායම ඉක්මවන්න්නා වූ නිල ලැයිස් තු ගත පොදු සමාගමක් වන්නා වූද කුඩා සමාගමක් 1979 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් සඳහා ආදායම් බදු අනුප්‍රමාණ 11 වන කොටසෙහි සඳහන් අනුප්‍රමාණ විය යුතුය. IV වන කොටස බදු අය කළ හැකි ආදායම රු. 2,50,000 ඉක් මවන්නා වූ නිල ලැයිස් තු ගත පොදු සමාගමක් නොවන්නා වූ ද කුඩා සමාගමක් (අ) 1979 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු වන්නා වූ එහෙත් 1982 මාර්තු මස 31 වන දින පෙර අවසන් වන්නා වූ සෑම තක්සේරු සඳහාම ආදායම් බදු අනුප්‍රමාණ II වන සඳහන් අනුප්‍රමාණ විය යුතුය. (ආ) 1982 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන සෑම් තක් සේරු වර්ෂයක් සඳහාම ආදායම් බදු අනු ප්‍රමාණ V වන කොටස නිල ලැයිස් තුගත පොදු සමාගමක්. 1979 අප්‍රේල් මස 1 වන දිනයෙන් ආරම්භ වන තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු අනුප්‍රමාණය සමාගමේ බදු අය කළ හැකි ආදායම මත 1980 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් සඳහාම ආදායම් බදු අනුප්‍රමාණය සමාගමේ බදු අය කළ හැකි ආදායම් මත සියයට 40යි VI වන කොටස ජනතා සමාගම් 1979 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන සෑම තක්සේරු වර්ෂයක් සඳහාම අදායම් බදු අනුප්‍රමාණය. සමාගමේ බදු අය කළ හැකි ආදායම් මත සියයට 40 යී VII වන කොටස (34 වන වගන්තිය) ශ්‍රී ලංකාවෙහි නිවාසික සමාගමක් 1979 අප්‍රේල් මස 1 වන දින හෝ ඉන් පසු ආරම්භ වන සැම් තක් සේරු වර්ෂයක් සඳහාම ආදායම් බදු අනුප්‍රමාණය සමාගමේ බදු අය කළ හැකි ආදායම් මත සියයට 50 යි "
90
acts_1982-08-23_Gampaha_Wickramarachchi_Ayurveda_Vidyalaya_Incorporation_si
act
1982
5
1
0.988202
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 30 දරන ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත [සහතිකය සටහන් කළේ 1982 අගෝස්තු මස 23 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 අගෝස්තු මස 27 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 30 දරන ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය, ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලය යන නාමයෙන් සහ අභිධානයෙන් සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි. ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලයේ සාමාජිකයන් විසින් එකඟ වූ රීති වලට අනුකූලව ස්වකීය පරමාර්ථ ඵලදායී ලෙස ක්‍රියාත් මක කිරීමේ කාර්යය සඳහා නැසීගිය පණ්ඩිත ජී. පී. වික්‍රමාරච්චි විසින් " ගම්පහ සිද් ධායුර්වේද විද්‍යාලය " යනුවෙන් හැඳින් වෙන විද්‍යාල යක් මෙතෙක් ගම්පහ පිහිටුවා කළමනාකරණය කරනු ලැබ ඇති හෙයින්ද: එකී විද්‍යාලය විසින් ස්වකීය පරමාර්ථ මෙතෙක් සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර එහි සංවර්ධනය හා අඛණ්ඩ පැවැත්ම සහ මහජන යහපත සඳහා ස්වකීය සාමාජිකයන්ගේ එකඟත්වය ඇතිව එය සංස්ථාගත කරනු ලැබීම අවශ්‍ය හෙයින්ද: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1982 අංක 30 දරන ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ලුහුඬු නාමය. විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මේ පනත ආරම්භ වන දින සිට හා ඉන්පසු ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලයේ පාලක සභාවේ තත්කාලයෙහි සාමාජිකයන් සහ එකී ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලයේ දැනට සාමාජිකයන්ව සිටින තැනැත්තන් හෝ, මෙයින් සංස්ථාපනය කරනු ලබන (මෙහි මින් මතු “සංස්ථාව " යනුවෙන් සඳහන් කරනු ලබන) සංස්ථාවට මින් මතු සාමාජිකයන් වශයෙන් බඳවා ගනු ලබන තැනැත්තන් (මෙහි මින් මතු " විද්‍යාලය " යනුවෙන් සඳහන් කරනු ලබන) " ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලය " යන නාමය සහ අභිධානය යටතේ අවිච්ඡින්න පැවැත්මක් සහිත සංස්ථාවක් විය යුතු අතර සංස්ථාවට පොදු මුද්‍රාවක් තබා ගැනීමේ හා පාවිච්චි කිරීමේ ද ස්වකීය අභිමතය පරිදි එය වෙනස් කිරීමේ ද පූර්ණ බලය සහ අධිකාරය තිබිය යුතු ය. තවද, එම නාමයෙන් සංස්ථාව විසින් සියලු අධිකරණ යන්හි නඩු පැවරීම ද එයට විරුද්ධව නඩු පවරනු ලැබීම ද කළ හැකිය. 3. සංස්ථාව, සංස්ථාපනය කරනු ලබන්නේ පහත සඳහන් පොදු පරමාර්ථ සඳහා බව මෙයින් ප්‍රකාශ කරනු ලැබේ :- (අ) ස්වදේ ශීය, සිද්ධ සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඉගැන්වීම සඳහා වූ පුළුල් ජාතික ආයතනයක් වශයෙන් විද්‍යාලය පැවැත්වීම සහ පරිපාලනය කිරීම; (ආ) වෛද්‍ය ශිෂ්‍යයන් පුහුණු කිරීම සදහා සහ රෝගීන්ට නොමිලේ වෛද්‍ය ආධාර සැපයීම සඳහා ආයුර්වේද රෝහලක් පිහිටු වීම; (ඇ) ආයුර්වේද ක් ෂේත්‍රයෙහි ප්‍රවීණත් වය ලබා ඇති තැනැත් තන් නිශ්චය කිරීමේ කාර්ය සඳහා විභාග පැවැත්වීම; සහ (ඈ) විද්‍යාලයේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීම, ඒවාට අවශ්‍ය උපකරණ සැපයීම සහ එම ගොඩනැගිලි පවත්වාගෙන යාම. 4. මේ පනතේ සහ වෙනත් ලිඛිත නීතියක විධිවිධාන වලට යටත්ව, බැංකු ගිණුම් ආරම්භ කිරීමේ, පවත්වාගෙන යාමේ සහ අවසාන කිරීමේ ද, ඇප ඇතිව හෝ නැතිව, මුදල් ණයට ගැනීමේ හෝ ලබා ගැනීමේ ද, සංස්ථාවේ පරමාර්ථ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සේ වකයන් සේවයට ගැනීමේ, සේවයේ නියුක්ත කරවීමේ සහ සේවයෙන් පහ කිරීමේ ද බලය ඇතුළුව, සංස්ථාවේ පරමාර්ථ හෝ ඒවායින් යම් කිසිවක් හෝ සමෘද්ධ කර ගැනීම හෝ ඉෂ්ට කර ගැනීම සඳහා අවශ්‍ය හෝ යෝග්‍ය වන කවර වූ හෝ ක්‍රියා කිරීමේ ද කරුණු ඉටු කිරීමේ ද දේවල් ක්‍රියාත්මක කිරීමේ ද බලය සංස්ථාවට ඇත්තේ ය. 5. (1) සංස්ථාවේ රීති වල විධිවිධාන සලස්වා ඇති පරිදි වූ සහ ඒවාට අනුකූලව තෝරා පත් කර ගන්නා ලද නිලධරයන්ගෙන් හා වෙනත් තැනැත්තන්ගෙන් සමන්විත පාලක සභාව විසින් සංස්ථා වේ රීති වලට යටත්ව, සංස්ථාවේ කටයුතු පරිපාලනය කරනු ලැබිය යුතුය. (2) මෙම පනත ක්‍රියාත්මක වන අවස්ථාවේ දී විද්‍යාලයේ පාලක සභාවේ ධුර දරන සාමාජිකයන්, සංස්ථාවේ පළමු වන පාලක සභාව විය යුතු ය. 6. (1) සංස්ථාව විසින් සාමාජිකයන්ගේ මහා රැස් වීමක දී, එම රැස්වීමට පැමිණ ඡන්දය දෙන සාමාජික යන්ගෙන් යටත් පිරිසෙයින් තුනෙන් දෙකක ඡන්දයෙන්, සංස්ථාවේ කටයුතු කළමනා කරණය කිරීම සහ එහි පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා, මේ පනතේ හෝ වෙනත් යම් නීතියක ප්‍රතිපත්ති සහ විධිවිධාන වලට පටහැනි නොවන්නා වූ රීති කලින් කල සෑදීම නීත්‍යනුකූල වන්නේය. එසේ සාදනු ලැබූ රීති, එවැනි රැස්වීමක දී ඒ ආකාරයට ම ඒවා වෙනස් කිරීම, ඒවාට යමක් එකතු කිරීම, ඒවා සංශෝධනය කිරීම හෝ අවලංගු කිරීම කළ හැකි ය. (2) සංස්ථාවේ සාමාජිකයන් සංස්ථාවේ රීති වලට යටත් විය යුතුය. 7. මෙ පනත ක්‍රියාත්මක වන අවස්ථාවේ පවත්නා ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලයේ සියලු ණය සහ වගකීම් සංස්ථාව විසින් ගෙවනු ලැබිය යුතු අතර, ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලයට අයවිය යුතු සියලු ණය සහ ගෙවනු ලැබිය යුතු දායක මුදල් සහ ආධාර මුදල් සංස්ථාවට ගෙවනු ලැබිය යුතුය. 8. යම් මිලට ගැනීමක්, ප්‍රදානයක්,ත්‍යාගයක්, තෙස්තමේන්තු නියාදනයක් හෝ අන් කිසිවක් හේතුකොට ගෙන සංස්ථාව සතු විය හැකි යම් චංචල හෝ නිශ්චල දේ පළක් ලබා ගැනීමට හා දැරීමට නීත්‍යනුකූල ශක්‍යතාව සංස්ථාවට තිබිය යුතු ය. ඒ සියලු දේපළ සංස්ථාව විසින් මේ පනතේ කාර්යයන් සඳහා සහ සංස්ථාවේ රීති වලට යටත්ව දරනු ලැබිය යුතුය; තව ද, ඒවා විකිණීම, උකස් කිරීම, බදු දීම, හුවමාරු කිරීම හෝ අන් ලෙසකින් බැහැර කිරීම සඳහා පූර්ණ බලය සංස්ථාවට තිබිය යුතු ය. 9. සංස්ථාවේ රීති වල විධිවිධාන සලස් වා ඇති පරිදි වූ තැනැත් තන් සංඛ්‍යාවක් ඉදිරිපිට දී හැර කවර වූ හෝ සාධන පත්‍රයකට සංස්ථාවේ මුද්‍රාව නොතැබිය යුතු අතර එම තැනැත්තන් පැමිණ සිටි බවට ලකුණක් වශයෙන් ඒ සාධන පත්‍රයෙහි ඔවුන් විසින් ස්වකීය නම් අත්සන් කළ යුතුය. ඒ අත්සන් කිරීම යම් තැනැත් තකු සාක්ෂිකරුවකු ලෙස අත්සන් කිරීමට පරිබාහිරව විය යුතු ය. 10. (1) විද්‍යාලය පවත්වාගෙන යාම සහ එහි සුභසාධනය සඳහා (මෙහි මින් මතු " අරමුදල " යනුවෙන් සඳහන් කරනු ලබන) " ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලීය අරමුදල " නම් වූ අරමුද ලක් පිහිටුවනු ලැබිය යුතුය. (2) පාර්ලිමේන්තුව විසින්, කලින් කල, ඒ අර මුදලට මුදල් ප්‍රමාණ සම්මත කරනු ලැබිය හැකි ය. (3) පාර්ලිමේන්තුව විසින් එසේ සම්මත කරනු ලැබූ මුදල් පහත සඳහන් තැනැත්තන්ගෙන් සමන්විත කාරක සභාවක අනුමැතිය ඇතිව සහ එහි අධීක් ෂණය යටතේ පමණක් වියදම් කරනු ලැබිය යුතුය:- (අ) කාරක සභාවේ සභාපතිවරයා විය යුතු ආයුර්වේද කොමසාරිස් වරයා ; (ආ) පාලක සභාවේ සභාපතිවරයා ; (ඈ) පාලක සභාවේ භාණ්ඩාගාරිකවරයා ; (ඈ) උසස් අධ්‍යාපන විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා හෝ ඔහුගේ නියෝජිතයා ; සහ (ඉ) මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම් වරයා හෝ ඔහුගේ නියෝජිතයා. (4) අරමුදලේ ගිණුම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථා වට අනුකූලව විගණනය කළ යුතු ය. 11. මෙම පනතෙහි සඳහන් තැනැත්තන්ගේ හා ඔවුන් මගින්, ඔවුන් කෙරෙන් හෝ ඔවුන් යටතේ හිමිකම් පාන්නන්ගේ අයිති මණ්ඩලයක්, සංස්ථාගත වාසිකම් හැර, ජනරජයේ, යම් රාජ්‍ය 'මණ්ඩලයක හෝ වෙනත් තැනැත්තකුගේ අයිතිවාසිකම්වලට මේ පනතේ අඩංගු කිසිවකින් හානියක් හෝ බලපෑමක් නොවිය යුතුය.
91
acts_1982-09-17_Development_Councils_Amendment_si
act
1982
7
1
0.99149
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 32 දරන සංවර්ධන සභා (සංශෝධන) පනත [ සහතිකය සටහන් කළේ 1982 සැප්තැම්බර් මස 17 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 සැප්තැම්බර් මස 17 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 32 දරන සංවර්ධන සභා (සංශෝධන) පනත 1980 අංක 35 දරන සංවර්ධන සභා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසි මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1982 අංක 32 දරන සංවර්ධන සභා (සංශෝධන ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප් ප්තිය '' යනුවෙන් සඳහන් කරනු 1980 අංකෙ ලබන 1980 අංක 35 දරන සංවර්ධන සභා පනතෙහි (1981 අංක 45 දරන පනතින් ඇතුළත් කරන ලද) 17 අ වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (4) ඒ වගන්තියේ ( 3 ) වන උපවගන්තියට ඉක්බිතිව ම දැක්වෙන අලුත් උපවගන්ති ඇතුළත් කිරීමෙන් :- (3 අ) සෑම ග්‍රාමෝදය මණ්‌ඩලයක්ම අවිච්ඡින්න පැවැත්මක් හා පොදු මුද්‍රාවක් ඇති සංස්ථාවක් විය යුතු අතර, ගිවිසුම්වලට එළඹීමට ඊට බලය තිබිය යුතු ය. තවද එය පිහිටුවනු ලැබුවේ යම් ප්‍රදේශයක් සඳහා ද ඒ ප්‍රදේශ යේ ග්‍රාමෝදය මණ්ඩලය යන නාමයෙන් හා අභිධාන යෙන් එය විසින් ද එයට විරුද්ධව ද නඩු පවරනු ලැබිය හැකිය. (3 ආ) ග්‍රාමෝදය මණ්ඩලයේ පොදු මුද්‍රාව - (අ) ග්‍රාමෝදය මණ්ඩලයේ ලේ කර්මවරයා භාරයෙහි තිබිය යුතුය; තවද (ආ) යම් ගිවිසුම් කට හෝ වෙනත් සාධන පත්‍රයකට තැබීමේදී ග්‍රාමෝදය මණ්ඩලයේ තමන් පැමිණ සිටි බවට සාක්ෂි වශයෙන් ඒ ගිවි සුමට හෝ වෙනත් සාධන පත්‍රයට තමන්ගේ නම් අත්සන් කළ යුතු ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති වරයා සහ ලේකම්වරයා ඉදිරිපිට දී ද හැර ඒ මුද්‍රාව තබනු නොලැබිය යුතුය. (3 ඇ) සෑම ග්‍රාමෝදය මණ්ඩලයක් ම විසින්, ඒ ග්‍ර මෝ දය මණ්ඩලය පිහිටුවනු ලැබ ඇත්තේ යම් ප්‍රදේශයක් සඳහා ද ඒ ප්‍රදේශය ඇතුළත, මේ පනතින් හෝ මේ අනන්ත යටතේ නැතහොත් වෙනත් යම් ලිඛිත නීතියකින් හෝ ලිඛිත නීතියක් යටතේ ඒ ග්‍රාමෝදය මණ්ඩලය වෙත පවරා ඇති, නියම කර ඇති හෝ වෙන්කර දී ඇති යම් බලයක් ක්‍රියාත්මක කිරීම හෝ කාර්යයක් හෝ කර්තව්‍යය යක් ඉටු කිරීම කළ යුතු අතර, සංවර්ධන සභාවක් විසින්, සංවර්ධන සභාවක විධායක කමිටුව විසින් ලේකම්වරයකු විසින් මේ පනත දි මින් බලය වෙන, පවරණ ලද හයි ස්ථාවක් ද සද (2) ඒ වගන්තියේ ( 5 ) වන උපවගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් උපවගන්ති ඇතුළත් කිරීමෙන් :- “(5අ) සෑම ප්‍රාදේශීය මණ්ඩලයක් ම අවිච්ඡින්න පැවැත්මක් හා පොදු මුළාවක් ඇති සංස්ථාවක් විය යුතු අතර, ගිවිසුම්වලට එළඹීමට ඊට බලය තිබිය යුතුය. තවද එය පිහිටුවනු ලැබුවේ යම් ප්‍රදේශයක් සඳහාද ඒ ප්‍රදේශ යේ ප්‍රාදේශීය මණ්ඩලය යන නාමයෙන් හා අභිධාන යෙන් එය විසින් ද එයට විරුද් ද්ධව ද නඩු පවරනු ලැබිය හැකිය. (5ආ) ප්‍රාදේශීය මණ්ඩලයේ පොදු මුද්‍රාව - (අ) ප්‍රාදේශීය මණ්ඩලයේ ලේකම්වරයා භාර යෙහි තිබිය යුතුය; තවද (ආ) යම් ගිවිසුමකට හෝ වෙනත් සාධන පත්‍රය කට තැබීමේ දී, ප්‍රාදේශීය මණ්ඩලයේ අනුමතය ඇතිව ද තමන් පැමිණ සිටි බවට සාක්ෂි වශයෙන් ඒ ගිවිසුමට හෝ වෙනත් සාධන පත්‍රයට තමන්ගේ නම් අත්සන් කළ යුතු ප්‍රාදේශීය මණ්ඩලයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ඉදිරිපිට දී ද හැර ඒ මුද්‍රාව තබනු නොලැබිය යුතු ය. (5ඈ) සෑම ප්‍රාදේශීය මණ්ඩලයක්ම විසින්, ඒ ප්‍රාදේ ශීය මණ්ඩලය පිහිටුවනු ලැබ ඇත්තේ යම් ප්‍රදේශයක් සඳහාද ඒ ප්‍රදේශය ඇතුළත, මේ පනතින් හෝ මේ පනත යටතේ නැතහොත් වෙනත් යම් ලිඛිත නීතියකින් හෝ ලිඛිත නීතියක් යටතේ ඒ ප්‍රාදේශීය මණ්ඩලය වෙත පවරා ඇති, නියම කර ඇති හෝ වෙන් කර දී ඇති යම් බලයක්, ක්‍රියාත්මක කිරීම හෝ කාර්යයක් හෝ කර්තව්‍යයක් ඉටු කිරීම කළ යුතු අතර, සංවර්ධන සභාවක් විසින්, සංවර්ධන සභාවක විධායක කමිටුව විසින් හෝ දිසා ලේකම්වරයකු විසින් මේ පනත යටතේ ඒ ප්‍රාදේශීය මණ්ඩලය වෙත පවරන ලද යම් වැඩක ද කළ යුතු ය. '' 3. (1) ප්‍රධාන ප්‍රඥප්තියේ 18 වන වගන්තියේ (2) වන උප වගන්තියේ (අ) ඡේදයෙහි "තවද ඒ අනුව ඒ ආඥාපනත්වල හෝ වෙනත් යම් ලිඛිත නීතියක හෝ යම් සුළු නගර සභාවක් හෝ ගම් සභාවක් සම්බන්ධයෙන් කරන ලද යම් සඳහනක් සංවර්ධන සභාවක් සම්බන්ධයෙන් කරන ලද සඳහනක් ලෙස සලකනු ලැබිය යුතු ය; යන වචන වෙනුවට, පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් ඒ උපවගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- තවද ඒ අනුව ඒ ආඥාපනත් වල හෝ වෙනත් යම් ලිඛිත නීතියක - (i) යම් සුළු නගර සභාවක් හෝ ගම් සභාවක් සම්බන්ධ යෙන් කරන ලද යම් සඳහනක සංවර්ධන සභාවක් සම්බන්ධයෙන් කරන ලද සඳහනක් ලෙස ද (ii) සුළු නගර සභාවක යම් සභාපතිවරයකු හෝ ගම් සභා වක යම් සභාපතිවරයකු සම්බන්ධයෙන් කරන ලද යම් සඳහනක් සංවර්ධන සභාවක විධායක කමිටුව හෝ ඒ විධායක කමිටුව විසින් යෝජනා සම්මත යක් මගින් තත් කාර්යය සඳහා බලය දී ඇති යම් තැනැත්තකු හෝ තැනැත්තන් හෝ සම්බන්ධ යෙන් කරන ලද සඳහනක් ලෙස ද සලකනු ලැබිය යුතුය; " (2) වගන්තියේ (1) වන උපවගන්තියෙන් ප්‍රඥප්තියේ 18 වන වගන්තියට කරන ලද සංශෝධනය ප්‍රධාන ප්‍රඥප්තිය ක්‍රියාත්මක වීම ආරම්භ වූ දිනයෙහි බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව, ප්‍රධාන ප්‍රඥප්තියේ 18 වන වගන්තියේ ( 2 ) වන උපවගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් සාදනු ලැබ, 1981 මැයි මස 28 වන දින අංක 142/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කරන ලද නියමය, මේ වගන්තියේ (1) වන උපවගන්තියෙන් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 18 වන වගන් තියේ (2) වන උපවගන්තියේ (අ) ඡේදයට අදාළ විය යුතුය. 44. ප්‍රධාන ප්‍රඥප්තියේ 23 වන වගන්තියේ '' වෙනත් නිලධර යන් දෙදෙනකු යන වචන වෙනුවට '' වෙනත් එක් නිලධර යකු " යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝ ධනය කරනු ලැබේ. 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 36 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය එහි 36 අ වගන්තිය වශයෙන් බල පැවැත්විය යුතු ය:— 36 අ. (1) මේ පනතින් හෝ මේ පනත යටතේ නැත හොත් වෙනත් යම් ලිඛිත නීතියකින් හෝ ලිඛිත නීතියක් යටතේ සංවර්ධන සභාවක විධායක කමිටුවක් වෙත පවරා ඇති; නියම කර ඇති හෝ වෙන් කර දී ඇති බලතල, කාර්ය හෝ කර්තව්‍ය අතුරින් කිසිවක්, සංවර්ධන සභාවේ අනුමතයට යටත්ව, යෝජනා සම්මතයක් මගින් ඒ විධායක කමිටුව විසින් ඒ සංවර්ධන සභාවේ යම් නිලධරය කුට පවරනු ලැබිය හැකි ය. (2) සංවර්ධන සභාවක විධායක කමිටුව විසින් යෝජනා සම්මතයක් මගින් සංවර්ධන සභාවක නිලධරයකුට පවරා ඇති යම් බලයක්, කාර්යයක් හෝ කර්තව්‍යයක් ඒ නිලධරයා විසින් ක්‍රියාත් ත්මක කිරීම හෝ ඉටු කිරීම, යෝජනා සම්මතයෙහි සඳහන් කරනු ලැබිය හැකි යම් කොන්දේ සිවලට හා සීමා කිරීම්වලට යටත් විය යුතු අතර, එසේ සඳ හන් කරනු ලැබිය හැකි යම් කාර්යයකට හෝ කාර්ය යන්ට සීමා විය යුතු ය. තවද එවැනි යම් පැවරී මක් විධායක කමිටුවේ යෝජනා සම්මතයක් මගින් කවර හෝ වේලාවක වෙනස් කිරීම හෝ ප්‍රත්‍යා ඉෂ්ට කිරීම් කළ හැකිය. (3) සංවර්ධන සභාවක විධායක කමිටුව විසින්, ඒ සංවර්ධන සභාවේ යම් නිලධරයකුට යම් බලයක්, කාර්යයක් හෝ කර්තව්‍යයක් පවරනු ලැබුව ද, එසේ වූ යම් බලයක්, කාර්යයක් හෝ කර්තව්‍යයක් ක්‍රියාත්මක කිරීමට හෝ ඉටුකිරීමට ඒ විධායක කමිටුවට හිමිකම තිබිය යුතුය. '' 6. ප්‍රධාන ප්‍රඥප්තියේ 48 වන වගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය එහි 48 අ වගන්තිය වශයෙන් බලපැවැත් විය යුතුය :- 48 අ (1) මේ පනතින් හෝ මේ පනත යටතේ නැතහොත් වෙනත් යම් ලිඛිත නීතියකින් හෝ ලිඛිත නීතියක් යටතේ හෝ සංවර්ධන සභාවක දිසා ලේකම්වරයා වෙත පවරා ඇති, නියම කර ඇති හෝ වෙන් කර දී ඇති බලතල, කාර්ය හෝ කර්තව්‍ය අතුරින් කිසිවක්, සංවර්ධන සභාවේ සහ එහි විධායක කමිටුවේ අනුමතයට යටත්ව, ලිය විල්ලකින් වූ සාමාන්‍ය හෝ විශේෂ නියමයක් මගින් ඒ සංවර්ධන සභාවේ දිසා ලේකම්වරයා විසින් ඒ සංවර්ධන සභාවේ යම් නිලධරයකුට පවරනු ලැබිය හැකි ය. (2) සංවර්ධන සභාවක දිසා ලේකම්වරයා විසින් (1) වන උපවගන්තිය යටතේ වූ නියමයක් මගින් සංවර්ධන සභාවක නිලධරයකුට පවරා ඇති යම් බලයක්. කාර්යයක් හෝ කර්තව්‍යයක් ඒ නිල ධරයා විසින් ක්‍රියාත්මක කිරීම හෝ ඉටු කිරීම එවැනි යම් නියමයක සඳහන් කරනු ලැබිය හැකි යම් කොන්දේ සීවලට සීමා කිරීම්වලට යටත් විය යුතු අතර එසේ සඳහන් කරනු ලැබිය හැකි යම් කාර්යයකට හෝ කාර්යයන්ට සීමා විය යුතුය. තවද එවැනි යම් පැවරීමක් දිසා ලේකම්වරයාගේ නියමයක් මගින් කවර හෝ වේලාවක වෙනස් කිරීම හෝ ප්‍රත්‍යාදිෂ්ට කිරීම කළ හැකිය. (3) සංවර්ධන සභාවක දිසා ලේ කම්වරයා විසින්, ඒ සංවර්ධන සභාවේ යම් නිලධරයකුට බලයක්, කාර්යයක් හෝ කර්තව්‍යයක් පවරනු ලැබුව ද, එසේ වූ යම් බලයක්, කාර්යයක හෝ කර්තව්‍යයක් ක්‍රියාත්මක කිරීමට හෝ ඉටුකිරීමට දිසා ලේකම්වරයාට හිමිකම තිබිය යුතුය.''. 7. (4) ප්‍රධාන ප්‍රඥප්තියේ 56 වන වගන්තිය අගට පහත ඒ වගන්තිය දැක්වෙන අලුත් උපවගන්තිය එකතු කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ:-- " (8) යම් තැනැත්තකුගෙන් යම් සුළු නගර සභාවකට හෝ ගම් සභාවකට ලැබිය යුතු බවට යම් විගණ කවරයක විසින් සහතික කරන ලද සෘෂි ක්‍ෂුදලක් 9, ඒ සුළු නගර සභාව හෝ ගම් සභාව පිහිටියේ යම් සංවර්ධන සභාවක් ඇතුළත ද ඒ සංවර් ධන සභාවේ දිසා ලේකම්වරයා විසින්, මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධානවල දක්වා ඇති ආකාරයෙන් අය කර ගනු ලැබිය යුතු ය. ". (2 ) මේ වගන්තියේ (1) වන උපවගන්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තියේ 56 වන වගන්තියට කරන ලද සංශෝධනය, ප්‍රධාන ප්‍රඥප්තිය ක්‍රියාත්මක වීම ආරම්භ වූ දිනයෙහි බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව, මේ වගන්තියේ (1) වන උපවගන්ති යෙන් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 58 වන වගන්තියේ විධිවිධාන, මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වීමට පෙර සුළු නගර සභා ආඥා පනත හෝ ගම් සභා ආඥාපනත යටතේ කරන ලද යම් අධිභාරයක් සම්බන්ධයෙන් අදාළ විය යුතු ය. 8. ප්‍රධාන ප්‍රඥප්තියේ 57 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (1) ඒ වගන්තියේ " රුපියල් පන් දහසකට" යන වචන වෙනු වට, '' රුපියල් පනස් දහසකට " යන වචන ආදේශ කිරිමෙන්; සහ (2) ඒ වගන්තියේ පාර්ශ්ව සටහනෙහි රුපියල් පන්දහසක් වචන ආදේශ කිරීමෙන්. යන වචන වෙනුවට "රුපියල් පනස් දහසක් '' 9. ප්‍රධාන ප්‍රඥප්තියේ 58 වන වගන්තිය පහත දැක්වෙන පරිදි ප්‍රධාන මෙයින් සංශෝධනය කරනු ලැබේ :-- (1) ඒ වගන්තියේ රුපියල් පන්දහසකට වට '' රුපියල් පනස් දහසකට ” යන වචන වෙනුවට ආදේශ කිරීමෙන්; සහ (2) ඒ වගන්තියේ පාර්ශව සටහනෙහි '' රුපියල් පන්දහසක් යන වචන වෙනුවට '' රුපියල් පනස් දහසක් ආදේශ කිරීමෙන්. 10. ප්‍රධාන ප්‍රඥප්තියේ 75 වන වගන්තියට ඉක්බිතිවම, පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය එහි 75 අ වගන්තිය වශයෙන් බලපැවැත්විය යුතු ය :- 75 4. අත් හැරීමට ඇති මුදල් ප්‍රමාණය ඉතා සුළු බව හෝ අය කර ගත නොහැකි බව හෝ එය ගෙවි මට යටත් තැනැත්තා දිළිඳු වීමේ හේතුවෙන් එය කපා හැරිය යුතු බව සංවර්ධන සභාවකට පෙනී යන්නේ නම්, යම් තැනැත්තකුගෙන් සභාවට ලැබිය යුතු වූ (අත් හැරීම් සඳහා 75 වන වගන්ති යෙන් විධිවිධාන සලසා ඇති මුදලක් නොවන) යම් මුදලක් සම්පූර්ණයෙන්ම හෝ එහි යම් කොටසක් හෝ ඒ සභාව විසින් යෝජනා සම්මතයක් මඟින් අත්හැරිය හැකිය. ".
92
acts_1982-09-17_Muslim_Ladies_Study_Circle_Incorporation_si
act
1982
6
1
0.811075
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 31 දරන මුස්ලිම් කාන්තා අධ්‍යයන කවය (සංස්ථාගත කිරීමේ) පනත [සහතිකය සටහන් කළේ 1982 සැප්තැම්බර් මස 17 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 සැප්තැම්බර් මස 17 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 31 දරන මුලිම කතා අධ්‍යයන කවය ! (සංස්ථානයේ කිරීමේ සහත මුස්ලිම් බොන්නා ආධ්‍යයන කවය සංස්ථාගත කිරීම් ඳහි වූ මුස් ස්ලිම් කාන්තා අධ්‍යයන කවය " යනුවෙන් හඳුන්වනු ලබන හා සඳහන් කරනු ලබන සංගමයක්, එකී සංගමයේ සාමාජිකයන් එකඟ වූ රීති අනුව එකී සංගමයට සම්බන්ධ සියලු පරමාර්ථ හා කරුණු ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ හා කරගෙන යාමේ කාර්යය සඳහා මෙතෙක් කල් ශ්‍රී ලංකාවෙහි පිහිටුවා තිබූ හෙයින්ද එකී සංගමය පිහිටුවනු ලැබුවේ යම් පරමාර්ථ හා කරුණු සඳහා ද පරමාර්ථ හා කරුණු මෙතෙක් කල් එකීසංගමය විසින් සාර්ථකව ක්‍රියාත් මක කර හා කරගන ගොස් ඇති හෙයින් සහ එකි සංගමය සංස්ථාගත කරනු ලැබීමට ඉල්ලුම් කර ඇති හෙයින් දඑකි ඉල්ලීම ඉෂ්ට කිරීම සුදුසු වන හා යෝග්‍ය වන හෙයින් ද; ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ: 1. මේ පනත 1982 අංක 31 දරන මුස්ලිම් කාන්තා අධ්‍යයන ane නැමි. කවය සංස් ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.ට 2. (මෙහි මින් මතු " අධ්‍යයන කවය " යනුවෙන් සඳහන් කරනු, මුස්ලිම ලබන) මුස්ලිම් කාන්තා අධ්‍යයන කවයේ දනව සාමාජිකයන්ට අධ්‍යයන සිටින තැනත්තන් හෝ මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථා කවය. වට මින‍් මතු සමාජිකයන් වශයෙන් බඳවා ගනු ලබන තැනැත්තන් මේ පත ආරම්භ වන දිනයෙහි සිට සහ ඉන් පසුව, (මෙහි මින් මතු " සංස්ථාව '' යනුවෙන් සඳහන් කරනු ලබන) " මුස්ලිම් කාන්තා අධ්‍යයන කවය '' යන අභිධානය සහ නාමය යටතේ අවිච්ඡින්න පැවැත්මක් ඇති සංස්ථාවක් බවට පත් වී එසේ පැවතිය යුතු ය. තවද සංස්ථාව විසින් හා සංස්ථාවට විරුද්ධව එම නාමයෙනි සියලුම අධිකරණයන්හි නඩු පවරනු ලැබීම් කළ හැකිය. තව ද පොදු මුද්‍රාවක් තබා ගැනීමට හා පාවිච්චි කිරීමට දී එය සංස්ථාවේ කැමැත්ත අනුව වෙනස් කිරීමට ද සංස් ථාවට සම්පූර්ණ බලය සහ අධිකාරය ඇත්තේය 3. සංස්ථාව මෙයින් පිහිටුවනු ලබන්නේ පහත දැක්වෙන සංස්ථාෂි ම පා පොදු පරමාර්ථ සඳහා ය :- (අ) ප්‍රජාවට සේවයක් කිරීම සඳහා තරුණ මුස්ලිම් කාන්තාවන් පුහුණු කිරීම; සහ මාජිකාවන් අතර මිත්‍රත්වය හා අන්‍යොන්‍ය සුභදතාවය ප්‍රවර්ධනය කිරීම; විනෝද කටයුතු සඳහා පහසුකම් සැලසීම සහ මහත කී සියලු පරමාර්ථ හෝ ඉන් යම් පරමාර්ථයක් සාක්ෂාත් කර ගැනීම පිණිස ආනුෂංගික වන හෝ උපකාරී වන වෙනත් සියලු ක්‍රියා සහ දේ කිරීම, 4. මේ පනතේ සහ වෙනත් යම් ලිඛිත නීතියක් විධි විධානවලට යටත්ව, බැංකු ගිණුම් ආරම්භ කිරීම, ක්‍රියාත්මක කිරීම සහ වැසීම, ඇප ඇතිව හෝ නැතිව මුදල් ණයට ගැනීම හෝ ලබා ගැනීම සහ සංස්ථාවේ පරමාර්ථ ඉටු කිරීම සඳහා අවශ්‍ය සේ වක පිරිස සේවයේ නිරත කිරීම, සේවයේ නියුක්ත කිරීම සහ සේවයෙන් නෙරපීම ද මිශ්කම්භය ඇතුළුව, සංස්ථාවේ සියලු ම පරමාර්ථ හෝ ඉන් යම් පරමාර්ථයක් ඉටු කර ගැනීම් සඳහා සහ සාක් පාත් කර ගැනීම් සඳහා අවශ්‍ය හෝ යෝග්‍ය සියලු ක්‍රියා, කරුණු සහ දේ කිරීම සහ ඉටු කිරීම සඳහා සංස්ථාවට බලය තිබිය යුතු ය. 5. (1) සංස්ථාවේ රීති වලට යටත්ව, සංස්ථාවේ කටයුතු නිලධාරීන් ගෙන් සහ රීති වලින් විධි විධාන සලස්වා ඇති පරිදි වූ සහ ඒ ස්ථිති වලට අනුකූලව තෝරා පත් කර ගනුව ලබන සෙසු ඇත්තනගෙන් සමන්විත එකළමනාකාරකමි වුවක් විසින් ක්ෂිපාලනය කළ යුතුය (2) මේ පන්ති ක්‍රියාත්මක් වීම ආරම්භ වන අවස්ථාවේ දී ධුර දරන අධ්‍යයන කවයේ කළමනාකාර කමිටුව සංස්ථාවේ ප්‍රථම කළමනාකාර කමිටුව විය යුතු ය. 6. (1) සංස්ථාවේ කටයුතු කළමනා කරණය කිරීම සඳහා සහ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා සංස්ථාව විසින් කලින් කල සාමාජිකයන් ගේ මහ සභා රැස් වීමක දී පැමිණ ඡන්දය දෙන සාමාජික්සන්ගෙන් තුනෙන් දෙකකට නොඅඩු ඡන්දයෙන්, මේ පනස පිදිවිධානවලට හා ප්‍රතිපත්තිවලට අනනුකූල නොවන වැඩ සාදනු ලැබීම නීත්‍යනුකූල වන්නේ ය. එ එකි රීති සෑදීමෙන් පසු එවැනි ම රැස්වීමක දී ඒ ආකාරයෙන් ම ඒවා වෙනස් කිරීම ඊට. යමක් එකතු කිරීම, ඒවා සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කිරීම හෝ කරනු ලැබිය හැකි ය. (2) සංස්ථාවේ සාමාජිකයන් සංස්ථාවේ රීති වලට යටත් විය යුතු ය. 47 සමම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන අවස්ථාවේදී පවතික. අධ්‍යයන කවයේ සියලු මිණය සහ බැරකම් සංස්ථාව විසින් ගෙවා නිදහස් කළ යුතු අතර අධ්‍යයන කවයට අය විය යුතු හෝ ගෙවිය යුතු සියලු ණය, දායක මුදල් සහ සහභාග මුදල් සංස්ථාවට ගෙවිය යුතු ය. 8. යම් මිලට ගැනීමක්, ප්‍රදානයක්, තෑගි කිරීමක්, අන්තිම කැමති පත්‍රයකින් දේපළ බැහැර කිරීමක් ප්‍රකාර හෝ වෙනත් ආකාරයකින් හෝ සංස්ථාව සතු වන්නා වූ යම් චංචල හෝ නිශ්චල දේපළක භාරගෙන තබා ගැනීමට නීතියෙහි ලා සංස්ථාවට බලය ඇති අතර ඒ සියලු දේපළ විකිණීමට, උකස් කිරීමට, බදු දීමට, හුවමාරු කිරීමට හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීමට පූර්ණ බලය ඇතිව, සංස්ථාවේ රීති වලට යටත්ව, මේ ජනතේ කාරය සඳහා සංස්ථාව විසින් ඒ දේපළ දැරිය යුතු ය. 9. සංස්ථාවේ රීති වලින් විධි විධාන සලස්වා ඇති තැනැත් තන් සංඛ්‍යාවක් ඉදිරිපිට දී මිස සංස් ථාවේ මුද්‍රාව කිරීම සාධන පත්‍රයකට නොතැබිය යුතු අතර ඔවුන් පැමිණ සිටීමේ ලකු ණක් වශයෙන් එකී සාධන පත්‍රයෙහි තම නම් අත්සන් කළ යුතුය. එම අත්සන් කිරීම, සාක්ෂිකරුවකු වශයෙන් යම් තැනැත් තකුගේ අත්සන් කිරීමට බාහිරව විය යුතු ය. 10. මේ පනතේ සඳහන් තැනැත්තන් සහ මවුන් වෙතින්, ඔවුන් මාර්ගයෙන් හෝ ඔවුන් යටතේ හිමිකම් කියන වෙනත් තැනැත්තන් හැර, ජන රජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක හෝ සංස්ථාවක හෝ වෙන යම් තැනැත්තකුගේ හෝ අයිතිවාසිකම්වලට මේ පනතේ ඇතුළත් කිසිවකින් හානියක් හෝ බලපෑමක් නොවිය යුතුය.
93
acts_1982-09-23_Muslim_Mosques_and_Charitable_Trusts_of_Wakfs_Amendment_si
act
1982
19
2
0.966669
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 33 දරන මුස්ලිම් පල්ලි සහ පුණ්‍ය භාර හෝ වකුප් (සංශෝධන) පනත (සහතිකය සටහන් කළේ 1982 සැප්තැම්බර් මස 23 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 සැප්තැම්බර් 24 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 33 දරන මුස්ලිම් පල්ලි සහ පුණ්‍ය සාර හෝ වකුප් (සංශෝධන) පන්න 1956 අංක 51 දරන මුස්ලිම් පල්ලි සහ පුණ්‍ය භාර හෝ වකුප පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1982 අංක 33 දරන මුස්ලිම් පල්ලි සහ පුණ්‍ය හෝ විකුප් (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය '' යනුවෙන් සඳහන් කරනු ලබන) 1956 අංක 51 දරන මුස්ලිම් පල්ලි හා පුණ්‍ය භාර හෝ චකුප් පනතේ දීර්ඝ නාමය මෙයින් ඉවත් කරනු ලබන අතර ප්‍රතියෝජනය ඒ වෙනුවට මෙහි පහත දැක්වෙන දීර්ඝ නාමය ආදේශ කරනු ලැබේ :- " සංස්ථාගත කරනු ලැබුව ද නොලැබුව ද සියලු මුස්ලිම් පල්ලි, මුස්ලිම් සිද්ධස්ථාන හා ආගමික ස්ථාන ලියා පදිංචි කිරීම සඳහා විධිවිධාන සැලසීම පිණිස ද, ලියා පදිංචි කරනු ලැබූ මුස්ලිම් පල්ලිවල, මුස්ලිම් සිද්ධස් ථානවල, ආගමික ස්ථාන වල හා මුස්ලිම් පුණ්‍ය භාරවල හෝ වකුප භාරවල භාරකරුවන්ගේ බලතල, කාර්ය සහ කර්තව්‍ය නියම කිරීම පිණිස ද, මුස්ලිම් පුණ්‍ය අරමුදලක් පිහිටුවීම පිණිස ද, මුස්ලිම් දේපළ උරුම වීමේ හා '' වකුප් " ආඥාපනතේ II වන පරිච් ඡේදය ඉවත් කිරීම පිණිස ද, ඒ හා සම්බන්ධ හෝ ඒවාට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලසීම පිණිස ද වූ පනතකි. ". 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 2 වන වගන්තියට පෙරාතුවම සඳහන් ප්‍රධාන වන ශීර්ෂ පාඨය වෙනුවට පහත සඳහන් ශීර්ෂ පාඨය මෙයින් ආදේශ කරනු ලැබේ :- " I වන කොටස කාර්ය මණ්ඩලය, මණ්ඩලය සහ විනිශ්චයාධිකාරය. ". 4. ප්‍රධාන ප්‍රඥප්තියෙහි, " කොමසාරිස්, නියෝජ්‍ය නියෝජ්‍ය කොමසාරිස් වරු සහකොමසාරිස් වරයාගේ '' යන වචන යෙදෙන සෑම තැනකම ඒ වෙනුවට පිළිවෙළින් " අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක ෂවරු සහ අධ්‍යක් ක්ෂවරයා යන ඒ වචන ආදේශ කිරීමෙන්, ඒ ප්‍රඥප්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ප්‍රධාන ලැබේ. 6. ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට මෙහි පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:- 4. අධ්‍යක් ෂවරයාගේ විධානයට සහ පාලනයට යටත්ව, නියෝජ්‍ය අධ්‍යක් ෂවරයකු විසින් අධ්‍යක්ෂවරයාගේ බලතල අතුරින් යමක් ක්‍රියාවේ යෙදීම ද කාර්ය අතුරින් යමක් ඉටු කිරීමද කළ හැකිය.". 7. ප්‍රධාන ප්‍රඥප් ප්තියේ 5 වන වගන්තියේ අගට පහත සඳහන් අලුත් උපවගන්ති එකතු කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝ ධනය කරනු ලැබේ :- (3) අමාත්‍යවරයා විසින් අධ්‍ය ක්ෂවරයා හැර, සාමාජිකයන් ගෙන් කෙනෙකු මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබිය හැකි ය. (4) මණ්ඩලයේ යම් සාමාජිකයකු සිය කාර්ය නිසි පරිදි ඉටු නොකරන බවට අමාත්‍යවරයා සැහීමට පත්වන අවස්ථාවක දී, ඔහු විසින් ඒ සාමාජිකයා ධුරයෙන් ඉවත් කරනු ලැබිය හැකි ය. මණ්ඩලයේ යම් සාමාජිකයකු අමාත්‍යවරයා විසින් ධුරයෙන් ඉවත් කිරීම පිළිබදව කිසිම අධිකරණයක දී ප්‍රශ්න නොකළ යුතු ය. '' 8. ප්‍රධාන ප්‍රඥප්තියේ 8 වන වගන්තිය පහත දැක්වෙන ආකා රයට මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (අ) ඒ වගන්තියේ (ඉ) ඡේදය වෙනුවට, පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :- (ඉ) 5(4) වන වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් ඔහු ධුරයෙන් ඉවත් කරනු ලැබුව හොත්; හෝ ", සහ (ආ) (ඉ) ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේදය එකතු කිරීමෙන් :- '' (ඊ) අමාත්‍යවරයා වෙත ඔහු විසින් යවනු ලබන සිය අත්සන යටතේ වූ ලියවිල්ලක් මගින් යෙන් ඉල්ලා අස්වුවහොත්. '' 9. ප්‍රධාන ප්‍රඥප්තියේ 9 වන වගන්තිය පහත දැක්වෙන ආකාරයට මෙයින් සංශෝධනය කරනු ලැබේ කිරීම. (අ) එම වගන්තියේ (1) වන උපච ගතිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන උප වගන්තිය ආදේශ කිරී මෙන් :- (1) සභාපතිවරයා ඔහු පැමිණ සිටින මණ්ඩලයේ සෑම රැස්වීමකම මූලාසනය දැරිය යුතු ය. මණ්ඩලයේ යම් රැස්වීමකට සභාපතිවරයා පැමිණ නොසිටියහොත් පැමිණ සිටින සාමාජිකයන් අතුරින් අයෙකු එම රැස්වීමේ මූලාසනය දැරීමට ඡන්දයෙන් තෝරා පත් කර ගත යුතු ය. "; සහ (ආ) එම වගන්තියෙ (3) වන උපවගන්තිය ඉවත් කර වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරී මෙන් :-- " (3) මණ්ඩලයේ යම් රැස් වීමක දී යම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පැමිණි ඡන්දය දෙන සාමාජිකයන්ගේ ඡන්ද සමානව බෙදී ඇති අවස්ථාවක සභාපතිවරයාට හෝ ඒ රැස්වීමේ මූලාසනය දරන වෙනත් සාමාජිකයාට, සාමාජිකයකු වශයෙන් ඔහුට හිමි ඡන්දයට අතිරේකව තීරක ඡන්දයක් තිබිය යුතු ය. '' 10. මෙහි පහත දැක්වෙන අලුත් වගන්ති, 9 අ ඉක්බිතිවම මෙයින් ඇතුළත් කරනු ලබන අතර, ප්‍රඥප්තියේ 9 ආ, 9 ඈ, 9 ඈ, 9 ඉ, 93, 9ć, 9ඌ, සහ වගන්ති ලෙස බලපැවැත්විය යුතු ය:- 9 ආ යම් කාරණාවක් සලකා බලා ඒ පිළිබඳව තීරණයක් ගැනීමේ කාර්යය සඳහා මණ්ඩලයේ සභාපතිවරයාට හෝ මණ්ඩලයේ යම් රැස්වීමක මූලාසනය සභාපතිවරයා විසින් නොදරනු ලබන්නේ නම්, ඒ රැස්වීමේ සභාපතිවරයාට- (අ) සාක්ෂිකරුවන් කැඳවීමට සහ ඔවුන්ට පැමිණීමට බල කිරීමට (ආ) ලිපි ලේඛන ඉදිරිපත් කරන ලෙස බල කිරී -මට, සහ (ඇ) සාක්ෂිකරුවන් ලවා දිවුරුම් හෝ ප්‍රතිඥා කර වීමට බලය තිබිය යුතුය. 9 ඇ. මේ පනත යටතේ මණ්ඩලයට කරනු ලබන ඉල්ලීමක් නියමිත ආකාරයට තිබිය යුතුය. 9 ඈ. (1) මේ පනතේ කාර්ය සඳහා වකුප් විනිශ් චය අධිකාරයක් හෝ අමාත්‍යවරයා විසින් කලින් කලට නිශ්චය කරනු ලබන විනිශ්චය අධිකාර සංඛ්‍යාවක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබිය යුතු අතර ඒ එක් එක් විනිශ්චය ’ අධිකාරය මුස් ලිම්වරුන් වන්නා වූ පුද්ගලයන් තිදෙනකුගෙන සමන්විත විය යුතු ය. (2) කොමිෂන් සභාව විසින්, සාමාජිකයන්ගෙන් එක් අයකු විනිශ්චය අධිකාරයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබිය යුතු ය. (3) විනිශ්චය අධිකාරයේ ගණ පූරණය සඳහා සාමාජිකයන් දෙදෙනකු පැමිණ සිටිය යුතු ය. ගණ පූරණය වන සාමාජික සංඛ්‍යාව පැමිණ ඇනම් මිස, විනිශ්චය අධිකාරය විසින් කිසිම කාරණයක් විභාග නොකළ යුතුය. (4) යම් කාරණයක් විභාග කිරීමට පැමිණ සිටින සාමාජිකයන්ගෙන් බහුතර සංඛ්‍යාවේ තීරණය, සියලු කාර්ය සඳහා විනිශ්චය අධිකාරයේ තීරණය ලෙස සැලකිය යුතු ය 9 ඉ. (1) මේ පනත යටතේ මණ්ඩලයේ බලතල වලට මුස්ලිම් පුණ්‍ය භාරයකට හෝ වකුප් භාරය කට අදාළව පහත සඳහන් සියලුම කාර්ය හෝ එයින් යම් කාර්යයක් සම්බන්ධව විධිවිධාන සැල සෙන ආඥාවක් සඳහා වූ යම් ඉල්ලීමක් විභාග කර තීරණය කිරීමේ බලය ඇතුළත් වේ (අ) භාරයෙ හෝ වකුප් භාරයේ යම් භාරකරු වකු ධුරයෙන් ඉවත කිරීම; (ආ) අවශ්‍ය අවස්ථාවන්හි දී භාරයට නැතහොත් වකුප් භාරයට භාරකරුවකු හෝ භාර කරුවන් පත් කිරීම; (ඇ) විනිශ්චය අධිකාරයට හෝ මණ්ඩලයට ගිණුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙස විධාන කිරීම; (ඈ) භාරයේ හෝ වකුප භාරයේ යම් නිශ්චිත අරමුණක් සඳහා භාරයේ නැතහොත් වකුප් භාරයේ දේපළෙහි කවර අනුපාත යක් හෝ එහි ඇති හිමිකමක කවර අනු පාතයක් වෙන් කළ යුතු දැයි ප්‍රකාශ කිරීම; (ඉ) භාරයේ හෝ වකුප් භාරයේ කළමනාකර ණය සඳහා ක්‍රමයක් සකස් කිරීම; (ඊ) භාරයේ නැතහොත් වකුප් භාරයේ භාරකරු හෝ භාරකරුවන් විසින් යම් ක්‍රියාවක් එසේම ඉටු කළ යුතු බව විධාන කිරීම; (උ) භාරයේ හෝ වකුප් භාරයේ යම් භාරකරු වකු යම් ව්‍යතික්‍රමයක්, විශ්වාසය කඩකිරී මක් හෝ කාර්ය පැහැර හැරීමක් බන්ධයෙන් වරදකරු බව ප්‍රකාශ කිරීම; (ඌ) යම් ව්‍යතික්‍රමයක්, විශ්වාසය කඩ කිරීමක් හෝ කාර්ය පැහැර හැරීමක සම්බන්ධ යෙන් අලාභ වශයෙන් යම් මුදලක් භාරයේ හෝ වකුප් භාරයේ අරමුදලට ගෙවන ලෙස භාරයේ හෝ වකුප් භාරයේ යම් භාරකරුවකුට නියම කිරීම; සහ (එ) (අ) සිට (ඌ) දක්වා ඡේ දවල නිශ්චිතව දක්වා ඇති කරුණු වලින් හටගන්නා ව වැඩිපුර සහ වෙනත් සහනයන් ප්‍රදානය කිරීම. (2) (3) වන උපවගන්තියේ විධිවිධානයට යටත්ව, මුස්ලිම් පුණ්‍ය භාරයක් නැතහොත් වකුප් භාරයක් සම්බන්ධයෙන් වූ සෑම ඉල්ලීමක් ම ඒ සඳහා මණ්ඩලය විසින් කරන ලද විධානයක් මත අධ්‍යක් ක්ෂවරයා විසින් හෝ ඒ භාරය හෝ වකුප් භාරය පිළිබඳව සම්බන්ධතාවක් ඇති තැනැත්තන් පස් දෙනකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් විසින් කරන ලැබිය යුතු ය. (3) අධ්‍යක් ක්ෂවරයා විසින් කරනු ලබන ඉල්ලීමක් හැර වෙනත් කවර වූ හෝ ඉල්ලීමක් මණ්ඩලය විසින් අනුමත කරන ලද බවට අධ්‍යක් ක්ෂවරයාගේ අත්සන සහිත සහතිකයක් සමඟ වුවහොත් මිස මේ වගන්තිය යටතේ විනිශ්චය අධිකාරය විසින් සලකා නොබැලිය යුතුය. (4) මුස්ලිම් පුණ්‍ය භාරයක් නැතහොත් වකුප් භාරයක් පිළිබඳ සම්බන්ධතාවක් ඇති තැනැත් තන පස්දෙනකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් (1) වන උපවගන්තිය යටතේ ඉල්ලීමක් කර ඇති අවස් ස්ථා වක දී එයින් එක් තැනැත්තකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එයින් ඉවත් වීම, ඉල්ලීම කළ තැනැත් තන්ගෙන් යටත් පිරිසෙයින් එක් අයකු හෝ පාර්ශ්වකරුවකු වශයෙන් සිටින තාක් කල් එකී ඉල්ලීම විභාග කර තීරණය කිරීමෙන් අධිකාරය නොවැලැක්විය යුතු ය. 9 ඊ. යම් කාරණයක් සලකා බලා ඒ පිළිබඳව තීරණයක් ගැනීමේ කාර්යය සඳහා විනිශ්චය අධි කාරයේ සභාපතිවරයාට සහ විනිශ්චය අධිකාරයේ යම් රැස්වීමක මූලාසනය සභාපතිවරයා විසින් නොදරනු ලබන්න්නේ නම් ඒ රැස්වීමේ සභාපති චරයාට (අ) සාක්ෂිකරුවන් කැඳවීමට සහ ඔවුන්ට පැමිණීමට බල කිරීමට; (ආ) ලිපි ලේඛන ඉදිරිපත් කරන ලෙස බල කිරීමට සහ (ඇ) සාක්ෂිකරුවන් ලවා දිවුරුම් හෝ ප්‍රතිඥා කරවීමට දිසා අධිකරණයක් සතු සියලු බලතල තිබිය යුතුය. 9 උ: මේ පනත යටතේ යම් නඩු කටයුත්තක දී විනිශ්චය අධිකාරය විසින් දිසා අධිකරණයක කාර්ය පටිපාටිය අනුගමනය කළ යුතු අතර එහි ආඥා සහ තීන්දු ක්‍රියාත් මක කිරීමේ දී දිසා අධිකරණයක් සතු සෑම බලයක් ම එයට තිබිය යුතු ය. සිවිල් නඩු විධාන සංග්‍රහයේ දිසා අධිකරණයක කාර්ය පටිපාටිය සහ ක්‍රියාත්මක කිරීමේ බලතල වලට අදාළ විධි විධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, විනිශ්චය අධිකාරයේ ක්‍රියාපටිපාටි සහ ක්‍රියාත්මක කිරීමේ බලතල විෂයෙහි සහ ඒවා සම්බන්ධයෙන් අදාළ විය යුතු ය. 9 ඌ. (1) මණඩලයේ ආඥාවකින් හෝ තීරණය කින් අතෘප්තියට පත් යම් තැනැත්තකු විසින් ඒ ආඥාවේ හෝ තීරණයේ දින සිට දින තිහක් ඇතුළත ඒ ආඥාවට හෝ තීරණයට විරුද්ධව විනිශ්චය අධිකාරය චෙත ලිඛිතව අභියාචනයක් කළ හැකි ය. (2) (1) වන උපවගන්තිය යටතේ කරන ලද අභියාචනයක් විභාග කිරීමේ හා තීරණය කිරීමේ කාර්ය සඳහා විනිශ්චය අධිකාරයට පහත සඳහන් බලතල තිබිය යුතු ය:- (අ) මණඩලය ඉදිරියේ වූ යම් කටයුත්තක වාර්තාව සහ මණ්ඩලය සතුව ඇති යම් ලියවිලි ඉදිරිපත් කරන ලෙස දැන්වීමට; සහ (ආ) අභියාචනය සඳහා අවශ්‍ය වන යම් පරික් ෂණ කිරීමට සහ එය යෝග්‍ය යයි අදහස් කරන්නේ නම් වාචික හෝ ලේඛමය සාක්ෂි ආවේශ්‍ය කිරීමට හා කැඳවීමට. (3) අභියාචනයක් විභාග කිරීමෙන් ඉක් බිතිව විනිශ්චය අධිකාරය විසින් මණ්ඩලයේ ආඥාව හෝ තීරණය ස්ථිර කරමින්, ඉවත ලමින් හෝ වෙනස් කරමින් ආඥාවක් කළ යුතුය; නැතහොත් ඒ පිළිබඳව එය යෝග්‍ය යයි සිතන න්නා වූ වෙත් යම් ආඥාවක් කළ යුතුය. 9ළු. මුස්ලිම් පුණ්‍ය භාර වලට හෝ වකුප් භාර වලට අදාළ කාරණා සම්බන්ධයෙන් විනිශ්චය අධිකාරය විසින් ක්‍රියාත්මක කළ හැකි අධිකරණ බලය අනන්‍ය වන අතර, එම අධිකරණ බලය ඇතුළත ගැනෙන කිසිදු කාරණයක් කවර හෝ මුල් අවස්ථා අධිකරණයක් හෝ විනිශ්චය අධිකාරයක් විසින් විභාග කිරීම හෝ පරීක්ෂා කිරීම නොකළ යුතු ය.". 11. ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තිය පහත දැක්වෙන පරිදි ප්‍රධාන මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ :- (අ) එම වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කිරීමෙන් සහ ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්:- (1) 13 වන වගන්තිය යටතේ මුස් ලිම් පල්ලියක් ලියාපදිංචි කරනු ලැබූ පසු හැකිතාක් ඉක්මණින්; - (අ) මුස්ලිම් පල්ලියේ පරිපාලනය සම්බන්ධයෙන් බලපවත්නා ව්‍යවහාර, රීති, නියෝග හෝ වෙනත් වැඩ පිළිවෙළවල් අනුව තෝරා ගනු ලැබූ හෝ නම් කරනු ලැබූ භාරකරු නැතහොත් භාරකරුවන් වශයෙන් තැනැත්තකු හෝ තැනැත්තන් ස්ථිර කිරීම සහ පත් කිරීම මණ්ඩලය විසින් කළ යුතු ය; (ආ) (අ)ඡේදය යටතේ භාරකරුවකු හෝ භාරකරුවන් පත් කරනු නොලැබුව හොත්, මුස්ලිම් පල්ලියේ ජමාත් සභාවේ ලියාපදිංචි සාමාජිකයන් අතුරින් යම් තැනැත්තකු හෝ තැනැත්තන්, භාරකරු හෝ භාරකරුවන් වශයෙන්, මණ්ඩලය විසින් පත් කළ හැකිය; (ඇ) මුස්ලිම් පල්ලියේ නිසි පරිපාලනය සඳහා අවශ්‍ය යයි මණ්ඩලය සලකතහොත් යම් නිශ්චිත කාලයක් සඳහා විශේෂ භාරකරුවකු හෝ භාරකරුවන් මණ්ඩලය විසින් පත් කළ හැකි ය; "; (ආ) එම වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට මෙහි පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන:- (2) මණ්ඩලය විසින් භාරකරුවකු වශයෙන් පත් කරනු ලබන සෑම නැත්තකු ම - (අ) මුස්ලිම් පල්ලියේ පරිපාලනය සම්බන්ධයෙන් බල පවත්නා ව්‍යවහාර, රීති, නියෝග හෝ වෙනත් වැඩ පිළිවෙළවල් මගින් විධි විධාන සලසා ඇති කාලය සඳහා භාරකරුවකු ලෙස කටයුතු කළ යුතුය; නැතහොත් (ආ) 15 වන වගන්තිය යටතේ ඔහු ධුරය අත් හළහොත් හෝ භාරකරුවකු වශයෙන් ඔහුගේ පත කිරීම මණ්ඩලය හෝ විනිශ්චය අධිකාරය විසින් ප්‍රත්‍යා දිෂ්ට කළහොත් මිස, පත් කිරීමේ සාධන පත්‍රයෙහි නිශ්චය කර ඇති කාලය සඳහා භාරකරු ලෙස කටයුතු කළ යුතුය; "; (ඇ) එම වගන්තියේ (3) වන උපවගන්තියට ඉක්බිතිව ම පහත දැක් වෙන අලුත් උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :- (34) (4) මුස්ලිම් පල්ලියේ පරිපාලනය සම්බන්ධයෙන් බලපවත්නා ව්‍යවහාර, රීති, නියෝග හෝ වෙනත් වැඩ පිළිවෙළවල් සම්බන්ධ යෙන් විධිමත්ව සහතික කරන ලද පිට පතක්; සහ (ආ) මුස්ලිම් පල්ලියේ ජමාත් සභාවේ තත් කාල යෙහි ලියාපදිංචි කර ඇති සාමාජිකයන්ගේ නාම ලේඛනයේ පිටපතක් අධ්‍යක් ෂවරයා වෙත ඉදිරිපත් කිරීම මුස්ලිම් පල්ලියක භාරකරුවකුගේ හෝ භාරකරුවන්ගේ කාර්ය විය යුතුය; "; (ඈ) එම වගන්තියේ (4) වන උපවගන්තිය ඉවත් කිරීමෙන් 12. ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තියේ (1) වන උපවගන් තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (අ) එම උපවගන්තියේ (ඊ) ඡේදය එම උපවගන්තියේ (උ) ඡේදය ලෙස නැවත අක්ෂර යෙදීමෙන්; සහ (ආ) එම උපවගන්තියේ නැවත අක්ෂර යෙදු (උ) ඡේදයට පෙරාතුවම පහත දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන්:- '' (ඊ) ඔහු ජුම්මා මුස් ලිම් පල් ලියක භාරකරු වන අතර වෙනත් ජුම්මා මුස් ලිම් පල්ලියක භාරකාර ධුරය දරත හොත් ; එසේ වුව ද, එක් විශේෂ ප්‍රදේශයක පවත්නා දීර්ඝ භාවිතය හෝ ව්‍යවහාරය අනුව එක් ජුම්මා මුස් ලිම් පල් ලියකට වඩා වැඩි සංඛ්‍යා වක් එක් පොදු භාරකාර මණ්ඩලයක් විසින් පරිපාලනය වන අවස් ථාවක දී, එක් ජුම්මා මුස් ලිම් පල් ලියක භාරකරුවකුට වෙනත් ජුම්මා මුස්ලිම් පල් ලියක භාරකාර ධුරය දැරිය හැකි ය; නැතහොත් ". 13. ප්‍රධාන ප්‍රඥප්තියේ 15 අ වගන්තිය, එම වගන්තියේ (5) වන උපවගන්තිය අවසානයට පහත දැක්වෙන අලුත් ඡේදය එකතු කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ :- '' (ඇ) වෙනත් යම් නීතියක කුමක් සඳහන් වුව ද ( 3 ) වන උපවගන්තිය යටතේ මහෙස්ත්‍රාත් අධිකරණයක් විසින් කරන ලද ආඥාවක් ක්‍රියාත්මක කිරීම, එම ආඥාව වෙනස් කිරීමේ හෝ ඉවත් කිරීමේ අදහස ඇතිව වෙනත් අධිකරණයක දී අභියාචනය කිරීමෙන් හෝ ගන්නා වූ හෝ ගැනීමට බලාපොරොත්තු වන්නා වූ වෙනත් පිය වරක් මගින් හෝ කවර වූ හෝ ආකාරයකින් නතර කරනු නොලැබිය යුතු ය. ". ප්‍රධාන ප්‍රඥප්තියේ 18 වන වගන්තිය, " මණ්ඩලයේ අනුඥාව " යන වචන වෙනුවට ' අධ්‍යක් ෂවරයාගේ හෝ නියෝජ්‍ය අධ්‍යක් ක්ෂවරයකුගේ හෝ බලය ලත් නිලධරයකුගේ අනුඥාව " යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ. 15. පහත දැක්වෙන අලුත් වගන්තිය 20 වන වගන්තියට ඉක්බිතිව ම මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය ප්‍රධාන 20 අ අලුත් ප්‍රඥප්තියේ 20 අ වගන්තිය ලෙස බලපැවැත් විය යුතුය. 20අ. (1) මේ පනතේ කාර්ය සඳහා බලයලත් නිලධරයන් වශයෙන් අවශ්‍ය වන්නා වූ යම් බලය ලත් නිලධරයන් සංඛ්‍යාවකට අධ්‍යක්ෂවරයා විසින් ලිඛිතව බලය දෙනු ලැබිය හැකිය. (2) අධ්‍යක් ෂවරයා විසින් තත් කාර්යය සඳහා උපදෙස් දෙනු ලැබීමෙන් පසු බලයලත් නිලධරයකු විසින් (අ) යම් තැනැත්තකු මේ පනතේ යම් විධි විධානයක් හෝ ඒ යටතේ සාදන ලද යම් නියෝගයක් හෝ උල්ලංඝනය කර ඇද්දැයි විමසා දැනගත යුතු ය; (ආ) 24 වන වගන්තිය, 22 වන වගන්තිය, 25 වන වගන්තිය සහ 29 වන වගන්තිය යටතේ මණ්ඩලයට ඉල්ලීම් කළ යුතු ය; (ඇ) මණ්ඩලයේ හෝ විනිශ්චය අධිකාරයේ හෝ යම් අධිකරණයක අවශ්‍ය විය හැකි පරිදි නඩු පැවරීම හෝ නඩු කටයුතු ආරම්භ කිරීම හෝ එවැන්නක දී විත්ති වාචක ඉදිරිපත් කිරීම කළ යුතු ය; (ඈ ) ලියාපදිංචි මුස් ලිම් පල්ලියක භාරකරු හෝ භාර කරුවන් විසින් කරන ලදැයි කියැවෙන යම් වංචාවක් හෝ දේපළ අයථා පරිහරණයක් ගැන විමර්ශනය කර වාර්තා කිරීම හෝ එය මණ්‌ ඩලයට, අධ්‍යක් ක්ෂවරයාට හෝ යම් නියෝජ්‍ය අධ්‍යක් ෂවරයකුට දැනුම් දීම කළ. යුතුය. ". 16. ප්‍රධාන ප්‍රඥප්තියේ 21 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (4) එම වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කිරීමෙන්; (2) එම වගන්තියේ (1) වන උපවගන්තිය 21 වන වගන්තිය ලෙස නැවත අංක යෙදීමෙන් ; සහ (3) එම වගන්තියේ එන " එම මුස්ලිම් පල්ලියේ භාරකරුට හෝ භාරකරුවන්ට විධාන කිරීමට '' යන වචන වෙනුවට '' බලය ලත් නිලධරයකුට විධාන කිරීමට " යන වචන ආදේශ කිරීමෙන්. 17. ප්‍රධාන ප්‍රඥප්තියේ 22 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ : (1) එම වගන්තියේ ( 3 ) වන උපවගන්තියේ එන " එම මුස්ලිම් පල්ලියේ භාරකරුට හෝ භාරකරුවන්ට විධාන කිරීමට '' යන වචන වෙනුවට බලයලත් නිලධරයකුට විධාන කිරීමට " යන වචන ආදේශ කිරීමෙන්, සහ (2) එම වගන්තියේ ( 4 ) වන උපවගන්තිය ඉවත් කිරීමෙන්. 18. ප්‍රධාන ප්‍රඥප්තියේ 25 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (අ) එම වගන්තියේ (1) වන උපවගන්තියේ එන '' ලියාපදිංචි කරන ලද මුස් ලිම් පල්ලියක භාරකරු නැතහොත් භාර කරුවන් " යන වචන වෙනුවට 4 බලයලත් නිලධරයකු හෝ ලියාපදිංචි කරන ලද මුස් ලිම් පල්ලියක භාරකරු නැත හොත් භාරකරුවන් " යන වචන ආදේශ කිරීමෙන්; (ආ) එම වගන්තියේ ( 2 ) වන උපවගන්තිය ඉවත් කොට ඒ පහත දැක්වෙන උපවගන්තිය ආදේශකිරීමෙන් වෙනුවට " (2) ලියාපදිංචි කළ මුස්ලිම් පල්ලියක භාරකරු හෝ බලයලත් නිලධරයකු යම් නඩුවක පැමිණිලිකරු වුවද 1982 අංක 33 දරන මුස්ලිම් පල්ලි සභාපුර්ණ භාර හෝ වකුප් (සංශෝධන) පනත විත්තිකරු වුවද ඔහු විසින් තම බල තල ක්‍රියාත්මක කිරීමේ දී හෝ තම කාර්ය ඉටු කිරීමේ දී සද්භාවයෙන් කරන ලද යම් ක්‍රියාවන් සම්බන්ධයෙන් නඩු ගාස්තු ගෙවීමට ඔහු පෞද්ගලිකවම යටත් නොවන්නේ ය." ; සහ (ඇ) එම වගන්තියේ පාර්ශව සටහන වෙනුවට පහත දැක්වෙන පාර්ශ්ව සටහන ආදේශ කිරීමෙන් :- '' බලයලත් නිලධරයා හෝ ලියාපදිංචි මුස් ලිම් පල්ලියක හෝ භාරකරුවන් විසින් නඩු පැවරිය හැකි බව. " 19. ප්‍රධාන ප්‍රඥප්තියේ 26 වන වගන්තියේ (ඇ) ඡේදයෙහි එන, '' මණ්‌ඩලය විසින් '' යන වචන වෙනුවට, "මණ්ඩලය හෝ යම් බලයලත් නිලධරයකු විසින් " යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 20. ප්‍රධාන ප්‍රඥප්තියේ 29 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) එම වගන්තියේ (6) වන උපවගන්තියෙහි ඇති තීන්දු ප්‍රකාශයක් ලබා ගැනීම පිණිස එසේ සම්බන්ධතාවක් ඇති කිරීම. වෙනත් යම් තැනැත්තකු පැමිණිලිකරු වශයෙන් සම් බන්ධ නොකර එම මුස් ලිම් පල්ලියේ භාරකරුට විරුද්ධව එම මුස්ලිම් පල්ලිය පිහිටා ඇති ස්ථානය කෙරෙහි අධි කරණ බලය ඇති දිසා අධිකරණයේ නඩුවක් පැවරීමට " යන වචන වෙනුවට ආඥාවක් ලබා ගැනීම පිණිස එම මුස්ලිම් පල්ලියේ විනිශ්චය අධිකාරය වෙත ඉල ලීමක් කළ හැකි ය. යන වචන ආදේශ කිරීමෙන්; (2) එම වගන්තියේ (7) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනු වට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්: '(7 ) අධ්‍යක් ෂවරයා විසින් කරනු ලබන ඉල්ලීමක් හැර වෙනත් කවර වූ හෝ ඉල්ලීමක් මණ්ඩලය විසින් අනුමත කරන ලද බවට අධ්‍යක් ෂවරයාගේ අත්සන සහිත සහතික යක් සමග ඉදිරිපත් කරනු ලැබුවහොත් මිස එය මේ වගන්තිය යටතේ විනිශ්චය අධිකාරය විසින් සලකා නොබැලිය යුතු ය '' ; සහ (3) එම වගන්තියේ (9) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනු වට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :- “(9) මුස්ලිම් පල්ලියක් පිළිබඳව සම්බන්ධතාවක් ඇති තැනැත්තන් පස් දෙනකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් විසින් (6) වන උපවගන්තිය යටතේ ඉල්ලීමක් කර ඇති අවස් ථාවක එයින් එක් තැනැත්තකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඒ ඒ ඉල්ලීම කිරීමෙන් ඉවත් වීම. ඉල්ලීම කළ තැනැත් තන්ගෙන් යටත් පිරිසෙයින් එක් අයෙකු හෝ පාව කරුවකු වශයෙන් සිටින තාක් කල් එකී ඉල්ලීම විභාග කර තීරණය කිරීමෙන් විනිශ්චය අධිකාරය යුතුය. ". 21. ප්‍රධාන ප්‍රඥප්තියේ 37 වන වගන්තියේ එන, මණ්ඩලය විසින් '' යන වචන වෙනුවට, '' මණ්ඩලය හෝ යම් බලයලත් නිල ධරයකු විසින් '' යන වචන ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 22. ප්‍රධාන ප්‍රඥප්තියේ 39 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (අ) එම වගන්තියේ (1) වන උපවගන්තියෙහි ඇති පහත දැක්වෙන කාර්ය සියල්ලම හෝ ඉන් කවරක් හෝ සඳහා යන වචන වලින් ඇරඹී එම උපවගන්තියේ අවසානය දක්වා ඇති සියලුම වචන වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :- " පහත දැක්වෙන කාර්ය දෙකම හෝ ඉන් එකක් සඳහා :- (අ) භාරය හෝ වකුප් භාරය සංයුක්ත වන දේපළ වෙන් වශයෙන් දැක්වීම; සහ (ආ) අවස්ථානුගත කරුණු අනුව අවශ්‍ය වන වැඩිපුර සහ වෙනත් සහන ප්‍රදානය කිරීම " ; සහ (ආ) එම වගන්තියේ (6) වන උපවගන්තිය ඉවත් කිරීමෙන් 23. ප්‍රධාන ප්‍රඥප්තියේ 40 වන වගන්තිය පහත දක්වෙන් පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ: (අ) එම වගන්තියෙහි " අධිකරණය '' යන වචනය යෙදෙන සෑම තැනකම ඒ වෙනුවට " විනිශ්චය අධිකාරය " යන වචන ආදේශ කිරීමෙන්; සහ (ආ) එම වගන්තියෙහි පාර්ශව සටහනේ " අධිකරණයේ බල තල " යන වචන වෙනුවට '' විනිශ්චය අධිකාරයේ බලතල " යන වචන ආදේශ කිරීමෙන් 24. ප්‍රධාන ප්‍රඥප්තියේ 41 වන වගන්තිය, එහි ඇති '' අධිකරණය '' යන වචනය වෙනුවට '' විනිශ්චය අධිකාරය යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ. 25. ප්‍රධාන ප්‍රඥප් ප්තියේ 47 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (අ) " යම් නඩුවක් පවරන ලද අවස් ථාවක " යන ස්ථානයේ සිට පහත දැක්වෙන සියලුම කාර්ය හෝ ඉන් කවර වූ හෝ කාර්යයක් සඳහා යන ස්ථානය දක්වා වූ සියලු වචන සහ අංක සඳහා පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් :- " 29 වන වගන්තිය යටතේ විනිශ්චය අධිකාරය වෙත යම් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවක, විනිශ්චය අධිකාරය විසින් 29 වන වගන්තිය යටතේ ස්වකීය ආඥාවෙන් විධිවිධාන සැලැස් විය හැකි කරුණු වලට අතිරේකව, මෙහි පහත දැක්වෙන කරුණු සියල්ලම හෝ ඉයමක් හෝ සඳහා ද ඒ ආඥාවෙන් විධිවිධාන සැලැස්විය හැකි ය. '' ; සහ (ආ) එම වගන්තියෙහි පාර්ශව සටහන වෙනුවට පහත දැක්වෙන පාර්ශව සටහන ආදේශ කිරීමෙන් :- "29 වන වගන්තිය යටතේ වූ ඉල්ලීමක් සම්බන්ධයෙන් විනිශ්චය අධිකාරයේ අතිරේක බලතල. ". 26. ප්‍රධාන ප්‍රඥාප්තියේ 48 වන සහ 49 වන වගන්ති මෙයින් ඉවත් කරනු ලැබේ. 27. ප්‍රධාන ප්‍රඥප්තියේ 51 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලැබේ. 28. ප්‍රධාන ප්‍රඥප්තියේ 53 වන වගන්තිය පහත දැක්වෙන පරිදි ප්‍රධාන මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (අ) එම වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කිරීමෙන්; සහ (ආ) එම වගන්තියේ ( 3 ) වන උපවගන්තිය ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :- ( 3 ) මේ පනත යටතේ වරදක් කරන සෑම තැනැත් තකු ' ම මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසු වරද කරු කරනු ලැබූ විට රුපියල් දෙදහසක් නොඉක්මවන දඩයකට හෝ මාස තුනක කාලයක් නො ඉක්ම වන දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාර ගත කිරීම යන දෙකටම හෝ යටත් විය යුතුය. ". 29. ප්‍රධාන ප්‍රඥප්තියේ 54 වන වගන්තිය පහත දැක්වෙන පරිදි ප්‍රධාන මෙයින් වැඩිදුරටත් සංශෝධනය කරනු ලැබේ :- (අ) එම වගන්තියේ (2) වන උපවගන්තියේ (ඇ) ඡේදයෙහි ඇති " හෝ මුස් ලිම් පල්ලියක භාරකරුවන්ගේ '' යන වචන වෙනුවට " හෝ විනිශ්චය අධිකාරයේ හෝ මුස් ලිම් පල්ලියක භාරකරුවන්ගේ " යන වචන ආදේශ කිරී මෙන්; (ආ) එම වගන්තියේ (3) වන සහ (4) වන උපවගන්ති ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්ති ආදේශ කිරීමෙන් :- “(3) අමාත්‍යවරයා විසින් සාදනු ලැබූ සෑම නියෝග යක්ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු අතර එසේ පළ කරනු ලැබූ දිනයෙහි හෝ නියෝග යෙහි නිශ්චිතව සඳහන් කරනු ලබන වෙනත් පසු දිනයක සිට හෝ ක්‍රියාත්මක විය යුතුය. (4) සෑම නියෝගයක් ම, ගැසට් පත්‍රයෙහි පළ කිරීමෙන් පසු හැකිතාක් ඉක්මණින් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු අතර එසේ අනුමත කරනු ලැබූ කල්හි මේ පනතේ විධි විධානයක් මෙන්ම බලාත්මක හා ක්‍රියාත්මක විය යුතුය. එසේ අනුමත නොකරනු ලැබූ යම් නියෝ ගයක්, එහි අනනුමතයේ දින සිට පරිච්ඡින්න කරනු ලැබූ ලෙස සැලකිය යුතු ය. එහෙත් ඒ යටතේ කලින් කරන ලද කිසිවකට එයින් හානි යක් නොවිය යුතු ය. ''; සහ (ඇ) (4) වන උපවගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන උපවගන්තිය ඇතුළත් කිරීමෙන් :- (5) අමාත්‍යවරයා විසින් සාදනු ලැබූ යම් නියෝග යක් පරිච්ඡින්න කරනු ලැබූ ලෙස සැලකෙන දිනය පිළි බඳ නිවේදනය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු ය. ". 30. මෙහි පහත දැක්වෙන අලුත් වගන්ති, ප්‍රධාන ප්‍රඥප්තියේ. 55 වන වගන්තියට ඉක්බිතිව ම මෙයින් ඇතුළත් කරනු ලබන අතර, ඒ වා ප්‍රධාන ප්‍රඥප්තියේ 55 අ වත වහන්තිය සහ 55 ආ වන වගන්තිය ලෙස බල පැවැත්විය යුතුය: 55 අ. විනිශ්චය අධිකාරය විසින් කරනු ලබන සෑම ආඥාවක් ම දිසා අධිකරණයක් විසින් කරන ලද ආඥාවක් ලෙස සලකනු ලැබිය යුතු අතර දිසා අධිකරණයක ආඥා සහ තීන්දු ප්‍රකාශ සම්බන්ධ අභියාචන වලට බලපාන්නා වූ සිවිල් නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහි තව, විනිශ්චය අධිකාරයේ ආඥා පිළිබද අභියා චනවලට සහ ඒ සම්බන්ධයෙන් අදාළ විය යුතු ය. 55ආ. විනිශ්චය අධිකාරයේ බලයට එරෙහි වූ අපහාස සම්බන්ධ වැරදි ගැන ක්‍රියා කිරීමේ කාර් යය සඳහා විනිශ්චය අධිකාරයට දිසා අධිකරණ යක් සතු බලතල තිබිය යුතු අතර, ඒ අනුව 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 55 වන වගන්තියේ විධිවිධාන, එහි දිසා අධිකරණය පිළි බඳ සෑම සඳහනක් ම විනිශ්චය අධිකාරය පිළිබඳ සඳහනක් වුවා සේ, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අදාළ විය යුතු ය.". 31. ප්‍රධාන ප්‍රඥප්තියේ 57 ආ වන වගන්තිය එහි ඇති " ආගමික ස්ථානයකට වෙනත් යම් ලිඛිත නීතියක කුමක් සඳහන්ව ඇතත් '' යන වචන වෙනුවට " ආගමික ස්ථානයකට සංස්ථාගත කරනු ලැබුවද නොලැබුව ද, වෙනත් යම් ලිඛිත නීතියක කුමක් සඳහන්ව ඇත ද, එමෙන් ම අධිකරණයක් මගින්, මුස්ලිම් පල්ලි යක, මුස්ලිම් සිද්ධස්ථානයක හෝ ආගමික ස්ථානයක පරිපාල නිය සම්බන්ධයෙන් කවර ආඥාවක් කර තිබුණ ද '' යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ. 32. මෙහි පහත දැක්වෙන අලුත් වගන්තිය, ප්‍රධාන ප්‍රඥප තියේ 57ආ යන වගන්තියට ඉක්බිතිව ම මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රධාන ප්‍රඥප්තියේ 57ඇ වන වගන්තිය ලෙස බලපැවැත් විය යුතු ය:- 57 ඇ. විනිශ්චය අධිකාරය හෝ අභියාචනාධිකර ණය විසින් නියම කරන ලද යම් දඩ මුදලක් හෝ දණ්ඩනයක් ගෙවීම පැහැර හරිනු ලැබූ අවස්ථා චක, වෙනත් යම් නීතියකින් කවර සීමා පනවා තිබුණ ද එම ගෙවීම පැහැර හැරි තැනැත්තා තත් කාලයෙහි පදිංචිව සිටින ස්ථානය කෙරෙහි අධිකරණ බලය ඇති මහෙස්ත්‍රාත් අධිකරණය වෙත බලයලත් නිලධරයකු විසින් කරනු ලැබූ ඉල්ලීමක මත අය කර ගනු ලැබිය හැකි ය. '". 33. ප්‍රධාන ප්‍රඥප්තියේ 58 වන වගන්තිය, මෙහි වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (අ) "මණ්ඩලය '' යන්නෙහි අර්ථකථනයට පහත දැක්වෙන අර්ථ කථනය ඇතුළත් කිරීමෙන් :- '' බලයලත් නිලධරයා '' යන්නෙන් මේ පනතේ කාර්ය සඳහා බලයලත් නිලධරයකු ලෙස ක්‍රියා කිරීම සඳහා බලය දෙනු ලැබූ නිලධරයෙක් අදහස් වේ; (ආ) '' ජමාත් '' යන්නෙහි අර්ථකථනය ඉවත් කිරීමෙන් සහ ඒ වෙනුවට මෙහි පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන් :- '' ජමාත් '' යන් නෙන් මුස්ලිම් පල්ලියක් සම්බන්ධයෙන් වන විට, ඒ මුස්ලිම් පල්ලියෙහි සාමාන්‍යයෙන් වන්දනාමාන කරන්නා වූ හෝ ආගමික හෝ ව්‍යව හාරික චාරිත්‍ර විධි හා කටයුතු වල යෙදෙන්නා වූ ද තත් කාලයෙහි ඒ මුස්ලිම් පල්ලියේ සාමාජික නාම ලේඛනයෙහි නම සඳහන් වන්නා වූද තැනැත් තන් අදහස් වේ ; (ඇ) " සාමාජිකයා යන්නෙහි අර්ථකථනය ඉවත් කිරීමෙන් සහ ඒ වෙනුවට පහත දැක්වෙන අර්ථකථනය ආදේශ කිරීමෙන්:- ' '' සාමාජිකයා '' යන්නෙන්, අවස්ථාවෝචිත පරිදි, මණ්ඩ ලයේ හෝ විනිශ්චය අධිකාරයේ සාමාජිකයකු අදහස් වේ; (ඈ) සාමාජිකයා '" යන්නෙහි අර්ථ කථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් අර්ථ කථනය ඇතුළත් කිරී මෙන්:- ''' අමාත්‍යවරයා '' යන්නෙන් මුස්ලිම් කටයුතු පිළිබඳ විෂයය භාර අමාත්‍යවරයා අදහස් වේ; (ඉ) " මුස්ලිම් පල්ලිය " යන යෙදුමෙහි අර්ථ කථනය ඉවත් කොට ඒ වෙනුවට මෙහි පහත දැක්වෙන අර්ථ කථනය ආදේශ කිරීමෙන් :- මුස්ලිම් පල්ලිය ” යන්නෙන්, යම් නිකායක හෝ ජමාත් සභාවක නැතහොත් නිකායක් හෝ ජමාත් සභා වක් සඳහා මුස්ලිම් වන්දනාමාන සඳහා වෙන් වී ඇති සංස්ථාගත කළ හෝ සංස්ථාගත නොකළ ස්ථානයක් අදහස් වන අතර, යම් මුස්ලිම් පල්ලිය කට අනුබද්ධ වූ හෝ නොවූ යම් තක් කියක් හෝ සාවියක් ඊට ඇතුළත් වේ; "; (ඊ) “ මුස්ලිම් සිද්ධස්ථාන සහ ආගමික ස්ථාන " යන්නෙහි අර්ථ කථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් අර්ථ කථනය ඇතුළත් කිරීමෙන් :- (උ) '' ඒ පත්වීමේ දිනයට පෙරාතුවම කවර වූ හෝ තත්ත්වයකින් සන්තකය, භාරය හෝ යථා පාල නය සතුව සිටි තැනැත්තා හෝ තැනැත්තන් " යන්නෙන් වෙනත් යම් නීතියක කුමක් සඳහන් වුව ද කවරාකාරයකින් හෝ යම් භාරයක, ඔප්පු වක හෝ ලේඛනයක් විධි විධාන වලට පටහැණිව ඒ මුස්ලිම් පල්ලියට අයත් වූ හෝ කවර වූ හෝ ආකාරයකින් සම්බන්ධ වූ හෝ එහි ප්‍රයෝජනය සඳහා වෙන් කරන ලද්දා වූ චංචල හෝ නිශ්චල යම් දේපළක් සතුව සිටින, එහි පදිංචිව සිටින, එය අන් සතු කරන, අත්කර ගන්නා හෝ අයුතු ලෙස ඇතුලු වීමේ වරද කරන යම් තැනැත්තකු අදහස් " නියමිත " යන්නෙහි අර්ථ කථනයෙහි '' අදහස් වේ; තවද " යන වචන වෙනුවට '' අදහස් වේ; යන වචන ආදේශ කිරීමෙන්; (ඌ) " ලියාපදිංචි මුස්ලිම් පල්ලිය " යන යෙදුමෙහි අර්ථ කථන යේ මේ පනත යටතේ ලියාපදිංචි කරනු ලැබූ මුස් ලිම් පල්ලියක් අදහස් වේ. " යන වචන වෙනුවට " මේ පනත යටතේ ලියාපදිංචි කරනු ලැබූ යම් මුස්ලිම් පල්ලියක් අදහස් වේ; තවද '' යන වචන ආදේශ කිරී මෙන්; සහ (එ) '' ලියාපදිංචි මුස්ලිම් පල්ලිය '' යන්නෙහි අර්ථ කථනයට ඉක්බිතිවම, මෙහි පහත දැක්වෙන අර්ථකථනය ඇතුළත් කිරිමෙන්:- ' '' විනිශ්චය අධිකාරය " යන්නෙන් මේ පනත යටතේ පිහිටුවනු ලැබූ වකුප් විනිශ්චය අධිකාරය අදහස් වේ. ' 34. ප්‍රධාන ප්‍රඥප්තියේ පළමුවන උපලේඛනය මෙහි පහත දැක් වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (අ) ඒ උපලේඛනයේ 4 වන රීතිය ඉවත් කර ඒ වෙනුවට මෙහි පහත දැක්වෙන රීතිය ආදේශ කිරීමෙන් :- "1. ලියාපදිංචි මුස්ලිම් පල්ලියක්, මුස්ලිම් පුණ්‍ය භාර යක හෝ චකුප් භාරයක් වෙනුවෙන් මුස්ලිම් පුණ්‍ය අරමුදලට කවර හෝ වර්ෂයක් සඳහා ගෙවිය යුතු දායක මුදල් අනුප්‍රමාණය, ඒ වර්ෂයේ ශුද්ධ ආදායමෙන් සියයට හයක් විය යුතු ය. ''; තවද (ආ) ඒ උපලේඛනයේ 2 වන රීතියේ සියයට 25 ක් වචන සහ ඉලක්කම් වෙනුවට '' සියයට 10 ක් " වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්. 35. මේ පනතින් සංශෝධිත පරිදි වූ ප්‍රධාන ප්‍රඥප්තිය මගින් චකුප් විනිශ්චය අධිකාරයේ අනන්‍ය අධිකරණ බල සීමාවට ඇත ළත්ව ඇති කාරණා සම්බන්ධයෙන්, ඒ යම් කාරණාවක් සම්බන්ධ යෙන් වූ නඩු තීන්දුවකට හෝ ආඥාවකට විරුද්ධව අභියාචනාධි කරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් නොවී පවතින යම් අභියාචනයක් හැර, මේ පනත ක්‍රියාත්මක වන දිනයට පෙරාතුව ම චු දිනයෙහි යම් අධිකරණයක අවසන් නොවී පවත්නා සියලු කාරණා, නඩු හෝ නඩු කටයුතු, විභාග කොට තීරණය කිරීම හෝ පවත්වා ගෙන ගොස් අවසන් කිරීම හෝ සඳහා වකුප් විනිශ්චය අධිකාරය වෙත, මේ පනත ක්‍රියාත් මක වන දිනයෙහි සිට භාර කෙරෙන්නේය.
94
acts_1982-09-23_Naleemiah_Institute_of_Islamic_Studies_Society_Incorporation_si
act
1982
7
1
0.976641
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 34 දරන නලීමියා ඉස්ලාමික අධ්‍යයන ආයතන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත [සහතිකය සටහන් කළේ 1982 සැප්තැම්බර් මස 23 වන දින ] ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 සැප් ප්තැම්බර් 24 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 34 දරන නලීමියා ඉස්ලාමික අධ්‍යයන ආයතන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත න ලීමියා ඉස්ලාමික අධ්‍යයන ආයතන සමිතිය සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි. සීමාසහිත නලීමියා ඉස්ලාමික අධ්‍යයන සමිතිය '' යනුවෙන් හඳුන්වනු ලබන සමිතියක්, එහි සාමාජිකයන් එකඟ වූ රීති වලට අනුකූලව එකී සමිතියට සම්බන්ධ සියලු කරුණු ඵලදායි ලෙස කර ගෙන යාමේ හා ක්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා මෙතෙක් කල් බේරුවල පිහිටුවා තිබූ හෙයින් ද: එකී සමිතිය පිහිටුවනු ලැබුවේ යම් පරමාර්ථ සහ කරුණු සඳහා ද ඒ පරමාර්ථ හා කරුණු එකී සමිතිය විසින් මෙතෙක් කල් සාර්ථක ලෙස ඉටු කරගෙන යනු ලැබ හා ක්‍රියාත්මක කරනු ලැබ ඇති හෙයින් හා එය සංස්ථාගත කිරීම සඳහා ඉල්ලුම් කර ඇති හෙයින් ද එකී සමිතිය දැන සංස්ථාගත කරනු ලැබීම යෝග්‍ය හා අවස් ථාවෝචිත වන හෙයින් ද: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1982 අංක 34 දරන නලීමියා ඉස්ලාමික අධ්‍යයන ආයතන සමිතිය (සංස්ථාගත කිරීමේ) ජනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු " සමිතිය " යනුවෙන් සඳහන් කරනු ලබන) සීමාසහිත නලීමියා ඉස්ලාමික අධ්‍යයන ආයතන සමිතියේ වර්තමාන අධ්‍යයන ආයතන සාමාජිකයන් වන, මේ පනතෙ පළමුවන උපලේඛනයේ න සඳහන් තැනැත තන් සහ මෙයින් පිහිටුවනු ලබන සංස්ථාවේ සාමාජිකයන් වශයෙන් මින් මතු ඇතුළත් කර ගනු ලබන තැනැත්තන්, මේ පනත ක්‍රියාත්ත්මක වීම ආරම්භ වන දින සිට සහ ඉන් පසු (මෙහි මින් මතු " සංස්ථාව " යනුවෙන් සඳහන් කරනු ලබන) " නලීමියා ඉස් ලාමික අධ්‍යයන ආයතන සමිතිය '' යන නාමය සහ අභිධානය යටතේ, අවිච්ඡින්න පැවැත්මක් සහිත සංස්ථාවක් බවට පත් වන්නේය. තවද එකී නාමය යටතේ ඒ සංස්ථාව විසින් ද ඊට විරුද්ධව ද සියලු අධිකරණයන් හි දී නඩු පවරනු ලැබිය හැකි අතර, පොදු මුද්‍රාවක් තබා ගැනීමට හා පාවිච්චි කිරීමටද තම අභිමතය පරිදි ඒ මුද්‍රාව වෙනස් කිරීමට ද සම්පූර්ණ බලය හා අධිකාරය ඇත්තේය. 3. සංස්ථාවේ සාමාන්‍ය අරමුණු පහත දැකක්වෙන පරිදි විය යුතුය:- (අ) දැනීම වැඩි දියුණු කිරීමත් ඉස්ලාම් ධර්මය අධ්‍යයනය කිරීම නගාලීමත් සඳහා- (i) ජාමියා න ලීමියා " නමින් හැඳින්වෙන නිදහස් අධ්‍යාපන ආයතනයකින් ද, (ii)" නලීමියා ඉස්ලාමික පුස්තකාලය " නමින් හැදින් වෙන ඉස්ලාමික ආශ්‍රය සහ පර්යේෂණ පුස්තකාලය කින්ද, (iii) " නලීමියා ඉස්ලාමික ප්‍රකාශන කාර්යාංශය " නමින් හැඳින්වෙන ඉස්ලාමික පොත් පත් ප්‍රකාශනයට පත් කිරීමේ කාර්යාංශයකින්, සහ (iv) මේ ඡේදයේ සඳහන් අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය යයි පෙනී යන වෙනත් යම් සේවාවන්ගෙන් ද සමන්විත වන " නලීමියා ඉස්ලාමික අධ්‍යයන ආයතනය නමින් හැඳින්වෙන ආයතනයට මුදල් සැපයීම, ඒ ආයතනය පවත්වාගෙන යාම හා එය කළමනාකරණය කිරීම; (ආ) ඉහත සඳහන් කාර්යයන් සඳහා ඒ ආයතනයට අවශ්‍ය සෑම දෙයක්ම ඒ ආයතනය සඳහා සපයා ගැනීම; සහ (ඈ) ඉහත සඳහන් අරමුණු ඉටු කර ගැනීමට ආනුෂංගික හා හිත කර වෙනත් සියලු ක්‍රියා සහ දේවල් කිරීම. 4. මේ පනතේ සහ වෙනත් යම් ලිඛිත නීතියක විධි විධාන වලට යටත්ව බැංකු ගිණුම් විවෘත කිරීමේ, පවත්වාගෙන යාමේ සහ වසා දැම්මේ ද ඇප ඇතිව හෝ නැතිව මුදල් ණයට ගැනීමේ හෝ ලබා ගැනීමේ ද සංස්ථාවේ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන සේවක මණ්ඩලය සේවයට ගැනීමේ, සේවයේ නියුක්ත කර ගැනීමේ සහ සේවයෙන් පහ කිරීමේ ද බලය ඇතුළුව, සංස්ථාවේ අරමුණු හෝ ඒ අරමුණු අතුරින් යම් කිසිවක් හෝ වැඩි දියුණු කිරීම නැතහොත් නංවාලීම සඳහා අවශ්‍ය වන හෝ යෝග්‍ය වන කවර ආකාරයේ වුව ද සියලු ක්‍රියා කිරීමේ ද සියලු කරුණු ඉටු කිරීමේ සහ සියලු දේ ක්‍රියාත්මක කිරීමේ ද බලය සංස්ථාවට ඇත්තේය. 5. (4) සංස්ථාවේ සභාපති, ගරු ලේකම් සහ ගරු භාණ්ඩාගාරික ද සංස්ථාවේ තත් කාලයේ වලංගුව බලපවත් ක්නා රීති වලට අනුකූලව තෝරාපත් කර ගනු ලැබිය යුතු තවත් සාමාජිකයන් දොළොස් දෙන කුගෙන්ද සමන්න්විත වන කළමනාකාර කමිටුවක් විසින්, සංස්ථාවේ තත් කාලයේ වලංගුව බලපවත් නා රීති වලට යටත්ව, පරිපාලන කටයුතු සඳහා එහි රීති වලට අනුකූලව කළමනාකාර කමිටුවට වෙන් කර හා බාර දී ඇති සංස්ථාවේ කටයුතු පරිපාලනය කළ යුතු ය: එසේ වුව ද, සභාපති ධුරය එම්. අයි. එම්. නලීම් හාජියාර් මහතා ජීවත්ව සිටින තුරු ඔහු විසින් දැරිය යුතුය. (2) සංස්ථාවේ සියලුම සාමාජීකයන්, සංස් ථාවේ තත් කාලයේ වලංගුව බලපවත් ත්නා රීති වලට යටත් විය යුතු ය. (3) මේ පනත ක්‍රියාත් මක වීම ආරම්භවන අවස් ථාවේ දී සමිතියේ කළමනාකාර කමිටුවේ ධුර දරන සාමාජිකයන් වන, මේ පනතේ දෙවන උපලේඛනයේ නම් සඳහන් ව ඇති තැනැත්තන්ගෙන් සංස්ථාවේ ප්‍රථම කළමනාකාර කමිටුව සමන්විත විය යුතුය. 6. සාමාජිකයන් ඇතුළත් කර ගැනීම, සාමාජිකත්වයෙන් අස්වීම හෝ සාමාජිකත්වයෙන් නෙරපීම සම්බන්ධයෙන් ද නිල ධරයන් හා කළමනාකාර කමිටුව තෝරා පත් කිරීම, ඉවත් කිරීම්. ඔවුන්ගේ බලතල, හැසිරීම සහ යුතුකම් සම්බන්න්ධයෙන් ද සංස්ථාවේ කටයුතු කර ගෙන යාම, සංස් ථාවේ සේවකයන් න්ගේ හැසිරීම, යුතුකම් සහ කාර්ය සම්බන්ධයෙන් සහ සාමාන්‍යයෙන් සංස්ථාවේ කටයුතු පිළිබඳ කළමනා කරණය සහ සංස්ථාවේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා අවශ්‍ය වන වෙනත් දේ සම්බන්ධයෙන් ද අවශ්‍ය වන සහ මේ පනතට අනනුකූල නොවන රීති, කලින් කල වාර්ෂික මහා සභා රැස්වීමක දී හෝ තත් කාර්යය සඳහා දෙසතියක් කල් දී කැඳවනු ලබන මහා සභා රැස්වීමක දී, ඒ රැස්වීමට පැමිණ සිටින හා ඡන්දය දෙන සාමාජිකයන් අතුරින් තුනෙන් දෙකකට නො අඩු බහුතර ඡන්දයෙන් සංස්ථාව විසින් සෑදීම නීත්‍යනුකූල වන්නේය. එසේ සාදනු ලැබූ රීති, එවැනි ම රැස්වීමක දී, ඒ රීති වලට අනුකූලව, වෙනස් කිරීම, ඊට අමුතුවෙන් එකතු කිරීම, ඒවා සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කිරීම කරනු ලැබිය හැකි ය. 7. මේ පනතේ කාර්ය සඳහා, මේ පනත ක්‍රියාත්මක වන අවස් ථා වෙහි දී පවන්නා සමිතියේ සියලු ණය සහ වගකීම් මෙයින් සංස්ථා පනය කරනු ලබන සංස්ථාව විසින් ගෙවිය යුතු අතර, ඒ සමිතියට අය විය යුතු සියලු ණය සහ සමිතියට ගෙවිය යුතු සියලු දායක මුදල් හා සාමාජික මුදල් සංස්ථාවට ගෙවනු ලැබිය යුතු ය. 8. සංස්ථාවේ රීතිවලින් නියම කර ඇති තැනැත්තන් සංඛ්‍යාව ඉදිරියේ දී හැර, සංස්ථාවේ මුද්‍රාව කිසිදු සාධන පත්‍රයකට නොතැබිය යුතුය. ඒ තැනැත්තන් විසින් තමන් පැමිණ සිටින බවට ලකුණක් වශයෙන් එකී සාධන පත්‍රයෙහි තම නම අත්සන් කළ යුතු අතර, එම අත්සන් කිරීම. සාක් ෂිකරුවකු වශයෙන් යම් තැනැත්තකුගේ අත් සනට බාහිරව විය යුතුය. 9. යම් මිලට ගැනීමක්, ප්‍රදානයක්, ත්‍යාගයක් හෝ බුදල් බැහැර කිරීමක් අනුව හෝ වෙනත් ආකාරයකින් හෝ සංස්ථාව සතු වන්නා වූ චංචල හෝ නිශ්චල කවර වුවද දේ පළක් සංස්ථාවේ තත් කාලයේ වලංගු බලපවත්නා රීති වලට යටත්ව භාර ගැනීමටත් සතුව සිටීමටත් නීතිය අනුව හැකියාව සංස්ථාවට ඇත්තේය. තවද දේපළ පාවිච්චි කිරීමේ, උකස් කිරීමේ, විකිණීමේ, බද්දට දීමේ, හුවමාරු කර ගැනීමේ හෝ අන් ආකාරයකින් බැහැර කිරීමේ පූර්ණ බලය සහිතව, මේ පනතේ කාර්ය සඳහා සහ සංස්ථාවේ තත් කාල යෙහි බලපවත්නා රීති වලට යටත්ව, එහි සියලු දේපළ සංස්ථාව විසින් දැරිය යුතුය. 10. මේ පනතේ සඳහන් තැනැත්තන්ගේ සහ ඔවුන් මගින්, ඔවුන්ගේ හෝ ඔවුන් යටතේ හිමිකම් පාන්නවුන්ගේ අයිතිවාසිකම් වලට හැර, ශ්‍රී ලංකා ජනරජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක හෝ සංස්ථාවක හෝ වෙනත් යම් තැනැත්තන්ගේ හෝ අයිතිවාසිකම් වලට මේ පනතේ ඇතුළත් කිසිවකින් හානියක් හෝ බලපෑමක් නොවන්නේ ය. පළමුවන උපලේඛනය (2 වන වගන්තිය) එම්. අයි. එම්. නලීම් හාජියාර්, සමාදාන විනිශ්චයකාර සී. එම්. අබ්දුල් ගපූර්, සමාදාන විනිශ්චය කාර වෛද්‍ය යූ. එල්. එම්. බෂීර්, සමාදාන විනිශ්චයකාර සී. එල්. එම්. අබුල් හසන් ඒ. එච්. එම්. මුක්තාර් එම්. එච්. එම්. හිබිබතුල්ලා ඒ, ආර්. එම්. සුලෙයිමාන් ඒ. සී. ඒ. වදුද් එම්. රාසික් යුසුප එම්. එච්. එම්. හම්සා එම්. එස්. එම්. යාකූත් මව්ලන් එම්. අයි. එම්. මන් සූර් එම්. අයි. එම්. කලීල එස්. එම. හෂීම් එම්. එච්. එම්. නම්මාන් ඒ. ඒ. එම්. සාරුක ඒ. ටී. එම්. පයිස වයි. එල්. එම්. අමීර් ඒ. අයි. එම්. අන්වර් ඒ. ආර්. එම්. පාරුක් ඒ. බී. එම්. හනීපා ඒ. එම්. එම්. රවුප් ඒ. සී. එම්. සල්මාන් ඒ. එම්. එම්. හපි ඒ. ඒ. එම්. මොහමඩ් කාසීම් එම්. ආර්. එම්. හම්සා එස, එම්. fපාසි එම්. එස්. එම්. මර්සක වයි. එල්. එම්. සාලි එස්. එම්. අන්වර් එම්. එස්. එම්. අනස් ඒ. සී. එම්. ඒ. මස් ඌද්, සමාදාන විනිශ්චය කාර එම්. සී. එම්. හමසා ඒ. ඒ. මොහමඩ් සහීද් ඒ. ජේ. එම්. මස් ඌද්, සමාදාන විනිශ්චයකාර ජේ. එම්. එම්. රාජි, සමාදාන විනිශ්චයකාර ඒ. එම්. අමින් මව්ලවි ඒ. ඒ. එම්. මස් ඌද් එන්. එම්. ජුනයිඩ් ආචාර්ය එම්. ඒ. එම්. සුපි මව්ල වී එම්. එච්. ෂාහුල් හමීඩ්
95
acts_1982-10-12_Fisheries_Regulation_of_Foreign_Fishering_Boats_Amendment_si
act
1982
3
1
0.974983
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 37 දරන ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ) (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1982 ඔක්තෝබර් මස 12 වන දින ] ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 ඔක්තෝබර් මස 15 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 37 දරන ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ) (සංශෝධන) පනත 1979 අංක 59 දරන ධීවර (විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1982 අංක 37 දරන ධීවර විදේශීය ධීවර බෝට්ටු විධිමත් කිරීමේ) (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු “ ප්‍රධාන ප්‍රඥප්තිය " යනුවෙන් සදහන් කරනු ලබන) 1979 අංක 59 දරන පනතේ යම් විධිවිධානයක කවර වූ තැනක (13 වන වගන්තියේ (5) වන උපවගන්තියෙහි සහ 20 වන වගන්තියෙහි (1) වන උපවගන්තියෙහි හැර) " අධ්‍යක් ෂවරයා '' යන වචනය යෙදෙනු ලැබේ ද ඒ වචනය වෙනුවට "ලේකම්වරයා යන වචනය ආදේශ කිරීමෙන් ප්‍රධාන ප්‍රඥප්තිය මෙයින් සංශෝධි නය කරනු ලැබේ. 3. ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තියෙහි (5) වන උප වගන්තියෙ අතුරු වගන්තියේ දැක්වෙන 'අධ්‍යක්ෂවරයා හෝ දිසාපතිවරයා '' යන යෙදුම වෙනුවට '' ලේකම්වරයා හෝ ලේ කර්ම වරයා විසින් තත් කාර්යය සඳහා ලියවිල්ලකින් බලය දෙනු ලැබූ තැනැත්තකු යන යෙදුම ආදේශ කිරීමෙන් වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 20 වන වගන්තියෙහි (1) වන උප වගන්තියේ නියෝජ්‍ය අධ්‍යක ක්ෂවරයා දිසාපතිවරයකු හෝ අතිරේක දිසාපතිවරයකු යන වචන වෙනුවට " ලේකම්වරයා හෝ ලේකම්වරයා විසින් තත් කාර්යය සඳහා ලිය විල්ලකින් බලය දෙනු ලැබූ තැනැත්තකු " යන වචන ආදේශ කිරීමෙන් එ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 28 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (1) අධ්‍යක්ෂවරයා " සහ නියෝජ්‍ය අධ්‍යක ෂවරයා '' අර්ථ කථනයන් අත් හැරීමෙන්; සහ (2) " අදාළ කටයුතු " යන අර්ථ කථනයට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් අර්ථ කථනය ඇතුළත් කිරීමෙන් :- ලේකම්වරයා "යන්නෙන් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස තත් කාලයේ ධූරය දරන තැනැත්තා අදහස් වේ.
96
acts_1982-10-12_National_Crafts_Council_and_Allied_Institutions_si
act
1982
32
3
0.987389
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 35 දරන ජාතික ශිල්ප සභාව සහ අනුබද්ධ ආයතන පනත [සහතිකය සටහන් කළේ 1982 ඔක් තෝබර් මස 12 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 ඔක් තෝබර් මස 15 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සව් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 35 දරන ජාතික ශිල්ප සභාව සහ අනුබද්ධ ආයතන පනත් පාරම්පරික හසත කර්මානත ඇතුළු හස්ත කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ, සංවර්ධනය කිරිමේ සහ පෝෂණය කිරීමේ කාර්යය සඳහා ද ඒවායේ තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ද ජාතික ශිල්ප සභාව, ශිල්ප සභා, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණණ්ඩලය සිහ ජාතික මෝස්තර මධ්‍යස්ථානය පිහිටු වීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. 60 පනත 1982 අංක 35 දරන ජාතික ශිල්ප සභාව සහ අනුබද්ධ ආයතන පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර එය ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයකින් අමාත්‍යවරයා විසින් කලින් කල නියම කරනු ලබන දිනයක සිට ක්‍රියාත්ත්මක විය යුතු ය. මේ පනතේ වෙන් වෙන් කොටස් ක්‍රියාත්මකවීම සඳහා වෙන් වෙන් දින අමාත්‍යවරයා විසින් නියම කරනු ලැබිය හැකි ය. 1 වන කොටස 2. (4) (මින් මතු මේ කොටසෙහි '' සභාව '' යනුවෙන් සඳහන් කරනු ලබන) ජාතික ශිල්ප සභාවක් පිහිටුවනු ලැබිය යුතු ය. (2) සභාව, (1) වන උපවගන්තිය මගින් එයට පවරා දෙන ලද නාමයෙන් සංස් ස්ථාවක් විය යුතු අතර, එයට අවිච්ඡින්න පැවැත්මක් සහ පොදු මුද්‍රාවක් තිබිය යුතු ය. තව ද එහි සංස්ථා නාමයෙන් සභාව විසින් නඩු පැවරීම සහ සභාවට විරුද්ධව නඩු පවරනු ලැබීම ද කරනු ලැබිය හැකි ය. 3. (4) අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන — (i) 25 වන වගන්තිය යටතේ පත් කරන ලද ශිල්ප සභා හෝ යම් ශිල්පයක් හෝ ශිල්ප නියෝජනය කිරීම සඳහා තැනැත්තන් පස් දෙනකුට නොවැඩි මුලු සාමාජික සංඛ්‍යාවකගෙන්; (ii) අමාත්‍යවරයාගේ මතය පරිදි සභාවේ කටයුතු වලට අදාළ වන්නා වූ විශේෂ සුදුසුකම්ලත් පුද්ගලයන් තිදෙන කුගෙන්; (iii) ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් හෝ ඔහු විසින් නම් කරනු ලබන ඔහුගේ නියෝජිතයකුගෙන්; (iv) වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන එක් පුද්ගලයකුගෙන්; (v) සංස්කෘතික කටයුතු විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන එක් පුද්ගලයකුගෙන්; (vi) ශ්‍රී ලංකා හස්ත කර්මාන'ත මණ්ඩලයේ සභාපතිවරයාගෙන්; (vii) ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපතිවරයාගෙන්; (viii ) කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක් ෂවරයාගෙන්; සහ (ix) ලංකා විද්‍යාත්මක සහ කාර්මික පර්යේෂණ ආයතනයේ අධ්‍යක් ෂවරයාගෙන් හෝ ඔහු විසින් නම් කරනු ලබන ඔහුගේ නියෝජිතයාගෙන් සභාව සමන්විත විය යුතුය. (2) සාමාජිකයන් අතුරින් එක් සාමාජිකයකු සභාවේ සභාපති වරයා ලෙස අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය යුතුය. සාමාජිකත්වයට 4. තැනැත්තෙක් - (අ) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් නම් නැතහොත් මන්ත්‍රීවර යෙක් වුව හොත් ; හෝ (ආ) සභාවේ සාමාජිකයකු වශයෙන් තමාගේ කර්තව්‍ය ඉටු කිරී මහි ලා අගතිකර ලෙස බල පෑ හැකි යම් මූල්‍ය හෝ වෙනත් සම්බන්ධතාවක් දරන්නේ නම් ඔහු සභාවේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබීම සඳහා සාමාජිකයකු ලෙස තවදුරටත් සිටීම සඳහා හෝ නොවන්නේය. 5. ( 1 ) පත් කරන ලද සෑම සාමාජිකයකු ම, තමා මියයාම, ඉල්ලා අස් වීම හෝ ඉවත් කරනු ලැබීම නිසා කලින් ධුරය හිස් කරතහොත් මිස, අවුරුදු තුනක කාලයක් ධුරය දැරිය යුතු අතර, නැවත පත කරනු ලැබීම සඳහා සුදුස් සකු විය යුතුය. (2) සභාවේ යම් සාමාජිකයකු මියගිය හෝ ධුරය හැර ගිය හෝ ඔහු ධුරයෙන් ඉවත් කරන ලද අවස් ථාවක අමාත්‍යවරයා විසින් 3 වන වගන්තියේ විධිවිධාන වලට අනුකූලව ඒ සාමාජිකයා පත් කරන ලද ආකාරයට ම වෙනත් තැනැත්තකු පත් කරනු ලැබිය හැකිය. සාමාජිකයා වෙනුවෙන් පත් කරන ලද යම් තැනැත් තකු තමා අනුප්‍රාප්ත වන සාමාජිකයාගේ ධුර කාලයෙන් නොගෙවී ඉතිරිව ඇති කාලසීමාව තුළ ධුරය දැරිය යුතුය. (3) රෝගාතුර වීම නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා හෝ සභාවේ යම් සාමාජිකයකුට ස්වකීය ධුරයෙහි කාර්ය යම් කාල සීමාවක් තුළ ඉටු කිරීමට තාවකාලි කව නොහැකි වන අවස් ථාවක අමාත්‍යවරයා විසින් 3 වන වගන්ති යේ විධිවිධාන වලට අනුකූලව ඒ සාමාජිකයා පත් කරන ලද ආකාරය ටම වෙනත් තැනැත් තකු ඒ සාමාජිකයා වෙනුවට ක්‍රියා කිරීම පිණිස පත් කරනු ලැබිය හැකිය. 6. (1) සභාවේ මුද්‍රාව සභාව භාරයේ තිබිය යුතු ය. (2 ) සභාවේ මුද්‍රාව සභාව විසින් තීරණය කරනු ලබන ආකාරයට වෙනස් කරනු ලැබිය හැකිය. ( 3 ) සභාවේ සාමාජිකයන් දෙදෙනකු ඉදිරිපිට දී හැර කිසිම සාධන පත්‍රයකට හෝ ලේඛනයකට සභාවේ මුද්‍රාව නොතැබිය යුතු අතර, තමන් පැමිණ සිටි බවට සංකේතයක් වශයෙන් ඔවුන් දෙදෙනා විසින් ඒ සාධන පත්‍රයට හෝ ලේඛනයට තම් අත් ත්සන් තැබීය යුතුය. 7. (1) 3 වන වගන්තිය යටතේ පත් කරන ලද සභාවේ යම් සාමාජිකයකු ධුරයෙන් ඉවත් කිරීම සුදුසු යයි අමාත්‍යවරයා අදහස් කරතහොත් ඒ සඳහා හේතු සඳහන් නොකර ඔහු විසින් එසේ කරනු ලැබිය හැකිය. (2) (1) වන උපවගන්තිය යටතේ යම් සාමාජිකයකු ඉවත් කරනු ලැබීම කිසිම අධිකරණයක දී ප්‍රශ්න කරනු නොලැබිය යුතු ය. 8. ඉල්ලා අවන බවට අමාත්‍යවරයා වෙත ලිපියක් යැවීමෙන් ඕනෑම අවස් ථාවක සභාවේ යම් සාමාජිකයකුට ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්විය හැකි ය. 9. සභාවේ සාමාජිකයන්ට යම් පාරිශ්‍රමිකයක් නොගෙවිය යුතු නමුත් සභාවේ රැස්වීම්වලට පැමිණීමේ කාර්යය සඳහා හෝ සභාවේ කටයුතු සම්බන්ධයෙන් වූ වෙනත් එවැනි කාර්ය සඳහා ඔවුන් විසින් දරනු ලබන ගමන් වියදම්, හෝටල් ගාස්තු සහ ආනුෂංගික වියදම් සභාව විසින් ප්‍රතිපූරණය කරනු ලැබිය යුතුය. 10. (1) සභාව අඩුම වශයෙන් සෑම තුන් මසකට වරක්වත් රැස්විය යුතු ය. (2) සභාවේ සභාපතිවරයා පැමිණ සිටී නම් ඔහු සභාවේ සියලු ම රැස්වීම්වල මුලසුන දැරිය යුතු ය. එවැනි යම් රැස්වීමකට සභාපති වරයා පැමිණ නොසිටී නම් පැමිණ සිටින සාමාජිකයන් විසින් සාමාජිකයන්ගෙන් කෙනකු ඒ රැස්වීමෙහි මුලසුන දැරීම සඳහා තෝරා පත් කර ගත යුතුය. ( 3 ) මේ කොටසේ වෙනත් විධි විධාන වලට යටත්ව, සභාවේ රැස්වීම්වල කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය නියමිත පරිදි විය යුතුය. 11. සභාවේ යම් පුරප්පාඩුවක් හෝ සභාවේ යම් සාමාජිකයකුගේ පත් වීමෙහි යම් දෝෂයක් තිබීමේ හේතුව නිසා පමණක් සභාවේ කිසිම ක්‍රියාවක්, තීරණයක් හෝ කටයුත්තක් අවලංගු වන ලෙස සලකනු නොලැබිය යුතු ය. 12. (1) සභාවේ නිර්දේශය මත අමාත්‍යවරයා විසින් සභාවේ කර්තව්‍ය ඉටු කිරීමෙහි ලා සහාය වීම පිණිස අවශ්‍ය වන්නේ යයි ඔහු විසින් සලකනු ලබන ස්ථාවර කමිටු පත් කරනු ලැබිය හැකි අතර ඒ කමිටුවල සාමාජිකයන් වීමට සුදුසු යයි ඔහු විසින් සලකනු ලබන (සභාවට සම්බන්ධ වූ හෝ නොවූ හෝ) තැනැත්තන් පත් කරනු ලැබිය හැකි ය. (2) (1) වන උපවගන්තිය යටතේ පත් කරන ලද ස්ථාවර කමිටුවක සාමාජිකයන් විසින් ඒ කමිටු වේ සභාපති වරක් සාමාජිකයකු අමාත්‍යවරයා ලෙස පත් කළ යුතුය. එසේ පත් කරන ලද සභාපතිවරයා එම කමිටුව කැඳවන්නා විය යුතු ය. (3) (1) වන උප වගන්තිය යටතේ පිහිටුවන ලද සෑම ස්ථාවර කමිටුවක් ම ඒ කමිටුවේ රැස්වීම් සඳහා ගණපූරණය තීරණය කළ සතුය. (4) ඒ රැස් වීම්වලදී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය නියමිත පරිදි විය යුතු ය. 13. (1) සභාවේ බලතල සහ කර්තව්‍ය අතුරින් කිසිවක් සභාව විසින් ස්ථාවර කමිටුවකට පවරා දෙනු ලැබිය හැකිය. (2) පවරා දෙන ලද පරිදි බලතල සහ කර්තව්‍ය, සභාවේ සාමාන්‍ය හෝ විශේෂ විධානයන්ට යටත්ව ස්ථාවර කමිටුවක් විසින් ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම කරනු ලැබිය යුතු - ය 14. සභාව විසින් අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව, ප්‍රවීන සහ පළපුරුදු තැනැත්තකු ඒ සභාවේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබිය යුතු ය. 15. මේ කොටසේ වෙනත් විධිවිධාන වලට යටත්ව - (අ) සභාවේ කාර්ය මණ්ඩලය පත් කිරීම, ඔවුන් සේවයෙන් පහ කිරීම සහ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් විනය පාලනය ක්‍රියාත්මක කිරීම; (ආ) කාර්ය මණ්ඩලයේ වැටුප් හෝ චේතන හෝ වෙනත් පාරිශ්‍රමික නියම කිරීම; (ඇ) ඒ කාර්ය මණ්ඩලයේ සේවා නියමයන් සහ සේවා කොන්දේසි තීරණය කිරීම; සහ (ඈ ) ඒ කාර්ය මණ්ඩලයේ ප්‍රතිලාභය සඳහා අර්ථසාධක අරමුද ලක් සහ ක්‍රම පිහිටුවා විධිමත් කිරීම ද ඒ අරමුදලට හෝ ක්‍රම වලට දායක මුදල් ගෙවීම ද සභාව විසින් කරනු ලැබිය හැකිය. 16. (1) සභාවේ ඉල්ලීම පිට, රජයේ සේවයේ යම් නිලධරයකු ඒ නිලධරයාගේ සහ රාජ්‍ය පරිපාලන විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ කැමැත්ත ඇතිව සභාව විසින් එවැනිම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන කාලසීමාවක් සඳහා සභාවේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබීම හෝ එවැනිම කැමැත්ත ඇතිව ඒ කාර්ය මණ්ඩලයට ස්ථිරව පත් කරනු ලැබීම හෝ කරනු ලැබිය හැකි ය. (2) රජයේ සේවයේ යම් නිලධරයකු සභාවේ කාර්ය මණ්ඩල යට තාවකාලිකව පත් කරනු ලැබූ අවස්ථාවක, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනා ගමන මණ්ඩල පනතේ 13 වන වගන්තියේ (2) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඔහුට සහ ඔහු සම්බන්ධයෙන් අදාළ විය යුතු ය. (3) රජයේ සේවයේ යම් නිලධරයකු සභාවේ කාර්ය මණ්ඩල යට ස්ථිර ලෙස පත් කරනු ලැබූ අවස්ථාවක, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන කුමනාගමන මණ්ඩල පනතේ 13 වන වගන් තියේ ( 3 ) වන උප වගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඔහුට සහ ඔහු සම්බන් න්ධයෙන් අදාළ විය යුතුය. (4) නිශ්චිත කාල සීමාවක් ආණ්ඩුවට සේවය කිරීමට එකඟ වී ඇති යම් තැනැත්තකු සභාව විසින් සේවයේ නියුක්ත කරනු ලබන අවස් ථාවක, එම තැනැත්තා විසින් සභාව යටතේ සේවය කරනු ලබන යම් කාල සීමාවක ඒ ගිවිසුමේ බැඳීම් ඉටු කිරීමේ කාර්යය සඳහා ආණ්ඩුවට කරනු ලැබූ සේවයක් ලෙස සලකනු ලැබිය යුතු ය. (5) සභාවේ ඉල්ලීම පිට, පළාත් පාලන සේවයේ යම් සාමාජික යකු හෝ පළාත් පාලන ආයතනයක යම් නිලධරයකු හෝ සේ වක යකු, අවස්ථාවෝචිත පරිදි, ඒ සාමාජිකයාගේ, නිලධරයාගේ හෝ සේවකයාගේ සහ පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලයේ හෝ පළාත් පාලන ආයතනයේ කැමැත්ත ඇතිව, එවැනිම කැමැත්ත ඇතිව සභාව විසින් නිශ්චය කරනු ලබන කාලසීමාවක් සඳහා සභාවේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබීම නැතහොත් විශ්‍රාම වැටුප් හෝ අර්ථසාධක අරමුදල් සම්බන්ධ යෙන් වූ අයිතිවාසිකම් වලට අදාළ නියම් හාක්ෂන්තොන්දේසි ද ඇතුළුව සභාව සහ පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලය හෝ එම පළාත් පාලන ආයතනය විසින් එකඟවනු ලබන නියම සහ කොන්දේසි මත සභාවේ කාර්ය මණ්ඩලයට ස්ථිර ලෙස පත් කරනු ලැබීම හෝ කරනු ලැබිය හැකි ය. (6) සභාවේ ඉල්ලීම පිට, රාජ්‍ය සංස්ථාවක යම් නිලධරයකු හෝ සේ වකයකූ, ඒ නිලධරයාගේ හෝ සේ වකයාගේ කැමැත්ත ඇතිව, එවැනිම කැමැත්ත ඇතිව සභාව විසින් නිශ්චය කරනු ලබන කාල සීමාවක් සඳහා සභාවේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබීම නැතහොත් විශ්‍රාම වැටුප් හෝ අර්ථ සාධක අරමුදල් සම්බන්ධ යෙන් වු අයිතිවාසිකම්වලට අදාළ නියම හා කොන්දේසී ද ඇතුළුව සභාව සහ එකී රාජ්‍ය සංස්ථාව විසින් එකඟවනු ලබන නියම සහ කොන්දේ සිමත සභාවේ කාර්ය මණ්ඩලයට ස්ථිර ලෙස පත් කරනු ලැබිම් හෝ කරනු ලැබිය හැකි ය. (7) සභාවේ කාර්ය මණ්ඩලයට (5) වන හෝ (0) වන උපවගන්ති ප්‍රකාර යම් තැනැත්තකු තාවකාලිකව පත් කරන ලද අවස් ථාවක දී. ඒ තැනැත්තා, සභාවේ කාර්ය මණ්ඩලයේ වෙනත් යම් සාමාජිකයකු යටත් විය යුතු විනය පාලනයට ම යටත් විය යුතු ය. 17. සභාවේ බලතල සහ කර්තව්‍ය පහත දැක්වෙන පරිදි විය යුතු ය:- (අ) ශ්‍රි ලංකාවේ සහ විදේශවල ප්‍රදර්ශන පැවැත්වීම; (ආ) හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රයෝජනයට ගන්නා වූ අමු ද්‍රව්‍යවල හා නිමි භාණ්ඩවල තත්ත්වය වැඩි දියුණු කිරීම; (ඈ) හස්ත කර්මාන්තය අධ්‍යයනය කිරීම සඳහා ත්‍යාග, පදක් සහ ශිෂ්‍යත්ව ඇති කර ප්‍රදානය කිරීම (ඈ) හස්ත කර්මාන්ත භාණ්ඩ මෝස්තර කිරීමේ, නිෂ්පාදනය කිරීමේ හෝ විකිණීමේ යෙදී සිටින්නා වූ ශිල්ප සභා හෝ වෙනත් ආයතන හෝ සංවිධාන වලට අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව මූල්‍ය සහ වෙනත් යම් ආධාර සැපයීම; (ඉ) ශිල්පීන් පුහුණු කිරීම සඳහා විධිවිධාන සැලැස් වීම සහ ශිල් පීන් හා ආධුනිකයන් සඳහා සියලු වැඩ සටහන් පිළිබඳව සහ ශිල්පින් සමග සම්බන්ධතා ඇති පුහුණුවීමේ ආයත්න භාර සේවා නියුක්තයන්ට උපදෙස් දීම; (ඊ) ශිල්පීන්ගේ සුභ සාධනය සඳහා යෝජනා ක්‍රම ආරම්භ කිරීම (උ) ශිල්පීන් සඳහා ජාත්‍යන්තර හුවමාරු කර ගැනීමේ වැඩ සටහන් ආරම්භ කිරීම්; (ඌ) ශිල්පීන්ගේ තත්ත්වයන් සහ දක්ෂතා දියුණු කිරීම පිණිස පාරම්පරික, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ වැඩ මුළු සම්මන්ත්‍රණ සහ සම්මේලන සංවිධානය කිරීම; (එ) ශිල්පවලට අදාළ තොරතුරු සහ දැනුම පැතිරවීම සඳහා විධි විධාන සැලැස් මස්සහ ලා මේඩ් (ඒ) පාරම්පරික, ජාතික හෝ සංස්කෘතික වටිනාකමකින් යුත් හස්ත කර්මාන්ත ආරක්ෂා කිරීම පිළිබඳ උපදෙස් දීම සහ ඒ හස්ත කර්මාන්ත ආරක්ෂා කිරීමේ කාර්යය සඳහා ශිල්ප කෞතුකාගාර සහ චිත්‍රාගාර පිහිටුවීම. 18. (4) සභාවට සභාවේම අරමුදලක් තිබිය යුතුය. සභාවේ අරමුදලට - (අ) සභාවේ ප්‍රයෝජනය සදහා පාර්ලිමේන්තුව විසින් කලින් කල සම්මත කරනු ලබන සියලු මුදල් ; (ආ) ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත කවර හෝ ප්‍රභවයන්ගෙන් පරිත්‍යාග, ත්‍යාග හෝ ප්‍රදාන වශයෙන් සභාවට ලැබෙන සියලු මුදල් ; (ඇ) යම් ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය සංස්ථාවක් හෝ වෙනත් ආයතන විසින් නීතියට අනුකූලව සභාවට පවරනු ලබන සියලු මුදල් ; සහ (ඈ) හස්ත කර්මාන්ත භාණ්ඩ අපනයනය කිරීමෙහි කොටස යටතේ පනවන ලද සියලු සෙස් බදු වලින් ලත් මුදල් බැර කරනු ලැබිය යුතු ය. (2) ස්වකිය බලතල ක්‍රියාත්මක කිරීමේ දී සහ කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීමේ දී සභාව විසින් දරන ලද යම් වියදම් පියවීමට අවශ්‍ය සියලු මුදල් සභාවේ අරමුදලින් ගෙවනු ලැබිය යුතු ය. 19. (1) මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ සහ වෙළෙඳ විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයන් මගින්, කලින් කල තීරණය කරනු ලබන අනුප්‍රමාණ අනුව සෙස් බද්දක්, ඒ නියමයේ සඳහන් කරනු ලබන හස්ත කර්මාන්ත භාණ්ඩ අපනයනය කිරීමේ දී ඒ සඳහා අය කිරීම, ලබා ගැනීම සහ ගෙවීම කළ යුතු ය. (2) (1) වන උපවගන්තිය යටතේ පනවන ලද සෙස් බදු මුදල එවැනීම නියමයක් මගින් වෙනස් කරනු ලැබීම හෝ පරිච්ඡින්න කරනු ලැබීම හෝ කරනු ලැබිය හැකි ය. ( 3 ) මේ වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් කරනු ලබන ම නියමයක් ම ගැසට් පත්‍රයේ පළ කරනු ලබන දිනයෙහි හෝ එහි නිශ්චිතව සඳහන් කරනු ලබන පසු දිනයක හෝ එය ක්‍රියාත් මක විය යුතුය. එය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබීමෙන් මාස හතරක ඇතුළත අනුමතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. එසේ අනුමත කරනු නොලැබූ යම් නියමයක් එම අනනුමතයේ දින සිට ප්‍රත්‍යා දිෂ්ට වූ ලෙස සැලකිය යුතු ය. නමුත් ඒ යටතේ කලින් කරන ලද යම් දෙයකට හානියක් නොමැති විය යුතුය. ( 4 ) මේ වගන්තිය රේගු ආඥාපනතේ කොටසක් වූවාක් මෙන් බල පැවැත් විය යුතු අතර, එම ආඥාපනතේ විධිවිධාන ඒ අනුව අදාළ විය යුතු ය. ( 5 ) මේ වගන්තිය යටතේ අයකර ගන්නා ලද සෙස් බදු වලින් ලත් මුදල් ප්‍රධාන රේගු අයකැමි විසින් මාස්පතා සභාවේ අරමුදලට බැර කරනු ලැබිය යුතු ය. (6) මේ වගන්තිය යටතේ පනවන ලද සෙස් බද්ද වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ පනවන ලද යම් අපනයන බද්දකට වෙනත් යම් සෙස් බද් ද්දකට අතිරේකව විය යුතුය. 20. (1) සභාවේ මුදල් වර්ෂය ලිත් වර්ෂය විය යුතුය. (2) සභාව විසින්, සභාවේ ආදායම සහ වියදම, වත්කම් හා බැර කම් සහ වෙනත් සියලු කටයුතු සම්බන්ධයෙන් නිසි ගිණුම් පොත් තැබීමට සැලැස්විය යුතු ය. (3) රාජ්‍ය සංස්ථාවල ගිණුම් විගණනය කිරීමට අදාළ වන්නා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස් ථාවේ 154 වන ව්‍යවස්ථාවේ විධිවිධාන, සභාවේ ගිණුම් විගණනය කිරීම සම්බන්න්ධයෙන් අදාළ විය යුතුය. 21. දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව, සහ එහි කාර්ය සඳහා සභාවේ සියලුම නිලධරයන් සහ සේවකයන් රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුතු ය. 22. සභාව, අල්ලස් පනතේ අර්ථානුකූලව උපලේ ඛනගත ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ පනතේ විධිවිධාන ඒ අනුව තේරුම් ගත යුතුය. 23. (1) මේ කොටස යටතේ සභාවේ බලතල, කාර්ය සහ කරී තණ අතුරින් කිසිවක් ක්‍රියාත්මක කිරීමට සහ ඉටු කිරීමට සභාවට හැකි කිරීමේ කාර්යය සඳහා, සභාව විසින් හෝ සභාව විසින් තත් කාර්යය සඳහා -බලය දෙන ලද යම් තැනැත්තකු විසින් හෝ ලිය විල්ලකින් වූ දැන්වීමක් මගින් ඒ දැන්වීමෙහි නිශ්චිතව සඳහන් කරනු ලබන කාලය ඇතුළත සභාවට හෝ බලය ලත් තැනැත්තාට ඒ දැන්වීමෙහි නිශ්චිතව සඳහන් කරන ලද සියලු වාර්තා සහ තොර තුරු සපයන ලෙස යම් තැනැත්තකුට නියම කරනු ලැබිය හැකිය. (2) (1) වන උපවගන්තිය යටතේ දැන්වීමක් මගින් යම් වාර් තාවක් හෝ තොරතුරක් සැපයීමට නියම කරනු ලැබුවේ යම් තැනැත්තකුට ද, යම් නිතියක විධි විධාන්‍යයටතේ ඒ වාර්තාව කිරී මෙන් හෝ ඒ තොරතුරු අනාවරණය කිරීමෙන් ඒ තැනැත්තා න්තර කරනු ලැබූ අවස්ථාවක හැර, ඒ දැන්වීමේ නිශ්චිතව සඳහන් කාලය ඇතුළත ඒ දැන්වීමට අනුකූලව කටයුතු කිරීම ඒ තැනැත් තාගේ කාර්යය විය යුතු ය. 24. ( 1 ) මේ කොටස මගින් නියම කරනු ලැබීමට අවශ්‍ය කර ඇති කාරණා සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකි ය. (2) අමාත්‍යවරයා විසින් සාදනු ලබන සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයෙහි පළ කළ යුතු අතර එසේ පළ කරනු ලබන දිනයෙහි හෝ එහි නිශ්චිතව සඳහන් කරනු ලබන පසු දිනයක සිට එය ක්‍රියාත්මක විය යුතු ය. (3) සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබීමෙන් පසු හැකි පහසු ඉක්මණින් අනුමතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. එසේ අනුමත කරනු නොලැබූ යම් නියෝගයක් ම එම අනනුමතයේ දින සිට පරිච්ඡින්න වූ ලෙස සලකනු ලැබිය යුතුය. නමුත් ඒ යටතේ කලින් කරන ලද කිසිවකට හානියක් නොමැති විය යුතුය. (4) අමාත්‍යවරයා විසින් සාදන ලද යම් නියෝගයක් පරිච්ඡින්න වූ ලෙස සලකනු ලබන දිනය පිළිබඳ දැන්වීම් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතු ය. II වන කොටස 25. (1) අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයන් මගින්, එම නියමයේ සඳහන් කරනු ලබන ශිල්පයක් හෝ ශිල්ප සමූහයක් සම්බන්ධයෙන් (මෙහි මින් මතු '' සභාවක් ’ යනුවෙන් හඳුන්වනු ලබන) එක් ශිල්ප සභාවක් හෝ ඊට වැඩි ශිල්ප සභා සංඛ්‍යාවක් පිහිටුවනු ලැබිය හැකිය. (2) අමාත්‍යවරයා විසින් සභාවට පත් කරනු ලබන හස්ත කර්මාන්ත ක් ක්ෂේත්‍රයේ පළපුරුද් දක් සහ දැනුමක් ලබා ගෙන ඇති පුද්ගලයන්ගෙන් හෝ රජයේ ධුර දරන්නන් වීම නිසා ඒ සභාවේ කටයුතු වලට අදාළ වන්නා වූ විශේෂ සුදුසුකම් ලබා ඇති පුද්ගල යන්ගෙන් පස් දෙනකුට නොඅඩු වන්නා වූ සහ දහ දෙනෙකුට නොවැඩි වන්නා වූ පුද්ගලයන්ගෙන් ඒ සභාව සමන්විත විය යුතුය. (3) ඒ සාමාජිකයන් අතුරින් එක් සාමාජිකයකු එම සභාවේ සභාපතිවරයා ලෙස අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබිය යුතුයි. 26. තැනැත්තෙක්- (අ) පාර්ලිමේන් තුවේ මන්ත්‍රීවරයෙක් නම් හෝ මන් න්ත්‍රීවරයෙක් වුව හො (ආ) සභාවක සාමාජිකයකු වශයෙන් තමාගේ කර්තව්‍ය ඉටු කිරි මෙහි ලා අහිත කර ලෙස බල පෑ හැකි යම් මූල්‍ය වෙනත් සම්බන්ධතාවක් දරන්නේ නම්, ඔහු සභාවක සාමාජිකයකු ලෙස පත් කරනු ලැබීම සඳහා හෝ සභාවක සාමාජිකයකු ලෙස තවදුරටත් සිටීම සඳහා හෝ සුදුස් සකු නොවිය යුතු ය. 27. (1) සෑම සාමාජිකයකුම තමා මිය යාම, ඉල්ලා අස් වීම හෝ ඉවත් කරනු ලැබීම නිසා කලින් ධුරය හිස් කරතහොත් මිස, අවුරුදු තුනක කාලයක් ධූරය දැරිය යුතු අතර, නැවත '' ජිත්' කරනු ලැබීම සඳහා සුදුස් සකු විය යුතු ය. (2) සභාවක යම් සාමාජිකයකු මියගිය හෝ ධුරය හැර ගිය හෝ ඔහු ධුරයෙන් ඉවත් කරනු ලබන අවස් ථාවක අමාත්‍යවරයා විසින් 25 වන වගන්තියේ විධිවිධාන වලට අනුකූලව ඒ සාමාජිකයා පත් කරන ලද ආකාරයට ම වෙනත් තැනැත්තකු පත් කරනු ලැබිය හැකි ය. ඒ සාමාජිකයා වෙනුවෙන් පත් කරන ලද යම් තැනැත්තකු, තමා අනුප්‍රාප්ත වන සාමාජික ධුර කාලයෙන් නොගෙවී ඉතිරිව ඇති කාලසීමාව තුළ ධුරය දැරිය යුතුය. (3) රෝගාතුර වීම නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා ස්වකීය ධුරයෙහි කාර්ය යම් කාල සීමාවක් තුළ ඉටු කිරීමට සභාවක යම් සාමාජිකයකුට තාවකාලිකව නොහැකි වන අවස්ථාවක අමාත්‍යවරයා විසින් 25 වන වගන්තියේ විධිවිධාන වලට අනුකූලව ඒ සාමාජිකයා පත් කරන ලද ආකාරයට ම වෙනත් තැනැත්තකු කාලය තුළ ඒ සාමාජිකයා වෙනුවට ක්‍රියා කිරීම පිණිස පත් කරනු ලැබිය හැකිය. 28. සභාවක රැස්වීම් සහ ඒ රැස්වීම් සඳහා ගණ පූරණය සම්බන්ධ යෙන්ද ඒ රැස් වීම්වල දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය සඳහා ද මේ කොටස යටතේ නියෝග සාදනු ලැබිය හැකි ය. 29. (1) 25 වන වගන්තිය යටතේ පත් කරන ලද සභාවක යම් සාමාජිකයකු ධුරයෙන් ඉවත් කිරීම සුදුසු යයි අමාත්‍ය වරයා අමාත්‍යවරයා අදහස් කරතහොත් ඒ සඳහා හේතු සඳහන් නොකර ඔහු විසින් එසේ කරනු ලැබිය හැකි ය. (2) (1) වන උපවගන්තිය යටතේ යම් සාමාජිකයකු ඉවත් කරනු ලැබීම කිසිම අධිකරණයක දී ප්‍රශ්න කරනු නොලැබිය යුතු ය. 30. ඉල්ලා අස්වන බවට අමාත්‍යවරයා වෙත ලිපියක් යැවීමෙන් ඕනෑම අවස් ථාවක සභාවක යම් සාමාජිකයකුට ස්වකීය ධූරයෙන් ඉල්ලා අස් විය හැකිය. 31. සභාවක බලතල සහ කර්තව්‍ය පහත දැක්වෙන පරිදි විය යුතු ය:- (අ) හස්ත කර්මාන්ත භාණ්ඩ ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය කිරීම සහ අලෙවි කිරීම සම්බන් ධයෙන් උපදෙස් දීම සහ සහාය වීම; (ආ) හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය පුළුල් කිරීම සහ නිමි භාණ්ඩවල තත්ත්වය සහ ප්‍රමිති වැඩිදියුණු කිරීම; (ඇ) ශිල්පීන් පුහුණු කිරීමේ කාර්යය සඳහා මධ්‍යස්ථාන, වැඩ පොලවල් සහ වෙනත් ආයතන පිහිටු වීම, නඩත්තු කිරීම සහ මෙහෙයවීම. 32.(1) මේ කොටස මගින් නියම කරනු ලැබීමට අවශ්‍ය කරන ලද්දා වූ කාරණා සම්බන්ධයෙන් සහ විශේ ෂයෙන් ම පහත දැක් වෙන කාරණා සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකිය :-- (අ) සභාවක සාමාජිකත්වය සඳහා අපේක් ෂකයන් තෝරා ගැනී මේ ක්‍රමය සහ ආකාරය; (ආ) සභාවක කටයුතු පවත්වා ගෙන යාම් සඳහා කාර්ය පරිපාටිය; සහ (ඇ) සභාවක ගිණුම් සහ මුදල් කටයුතු පිළිබඳ කාර්ය පරිපාටිය. (2) අමාත්‍යවරයා විසින් සාදනු ලබන සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයෙහි පළ කළ යුතු අතර එසේ පළ කරනු ලබන දිනයෙහි හෝ එහි නිශ්චිතව සඳහන් කරනු ලබන පසු දිනයක සිට එය ක්‍රියාත් මක විය යුතුය. (3) සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබීමෙන් පසු හැකි පහසු ඉක්මණින් අනුමතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. එසේ අනුමත කරනු නොලැබූ යම් නියෝගයක් එම අනනුමතයේ දින සිට පරිච්ඡින්න වූ ලෙස සලකනු ලැබිය යුතු නමුත් ඒ යටතේ කලින් කරන ලද කිසිවකට හානියක් නොමැති විය යුතු ය. (4) අමාත්‍යවරයා විසින් සාදන ලද යම් නියෝගයක් පරිච්ඡින්න වූ ලෙස සලකනු ලබන දිනය පිළිබඳ දැන්වීමක් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතුය. III වන කොටස 33. (1) (මෙහි මින් මතු මේ කොටසෙහි " මණ්ඩලය '' යනු වෙන් සඳහන් කරනු ලබන) ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය යනුවෙන් හැඳින් වෙන මණ්ඩලයක් පිහිටුවනු ලැබිය යුතු ය. (2) මණ්ඩලය අවිච්ඡින්න පැවැත්මක් සහ පොදු මුද්‍රාවක් ඇති සංස්ථාවක් විය යුතු අතර, එහි සංස්ථා නාමයෙන් මණ්ඩලය විසින් නඩු පැවරීම ද මණ්ඩලයට විරුද්ධව නඩු පවරනු ලැබීමද කරනු ලැබිය හැකි ය. 34. (1) අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන– (අ) හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයෙහි පළපුරුද්ද සහ දැනීම ලබා ගෙන ඇතැයි අමාත්‍යවරයාට පෙනී යන පුද්ගලයන් අතුරින් සාමාජිකයන් පස් දෙනකුගෙන්; (ආ) වෙළෙඳ විෂයය පවරන ලද අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යාංශයේ නියෝජිතයකු ගෙන්; හා (ඇ) මුදල් විෂයය පවරන ලද අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යාංශයේ නියෝජිතයකු ගෙන් මණ්ඩලය සමන්විත විය යුතුය. (2) අමාත්‍යවරයා විසින් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සාමාජික යන්ගෙන් එක් අයකු පත් කරනු ලැබිය යුතු ය. (3) අමාත්‍යවරයා විසින් කලින් කල නිකුත් කරනු ලබන සාමාන්‍ය හෝ විශේෂ විධානයන්ට යටත්ව ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීම හා කාර්ය සහ කර්තව්‍ය ඉටු කිරීම මණ්ඩලය විසින් කරනු ලැබිය යුතු අතර ඒ විධානයනට අනුකූලව ක්‍රියා කිරීම මණ්ඩලයේ කාර්යය විය යුතුය. 35. (1) පහත දැක්වෙන තැනැත්තන මණ්ඩලයේ සාමාජික යකු ලෙස පත් කරනු ලැබීම සඳහා හෝ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස තවදුරටත් සිටීම සඳහා හෝ සුදුස් සකු නොවිය යුතු ය:- (අ) ඔහු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් නම් හෝ මන්ත්‍රීවර යෙක් වුවහොත්; (ආ) මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් තමාගේ කර්තව්‍ය ඉටු කිරීමෙහි ලා අගතිකර ලෙස බල පෑ හැකි යම් මූල්‍ය හෝ වෙනත් සම්බන්ධතාවක් දරන් න්නේ නම්, අමාත්‍යවරයා විසින් මණ්ඩලයට පත් කරනු ලබන සෑම සාමාජිකයෙකු සම්බන්ධයෙන් ම ඒ සාමාජිකයාට එවැනි සම්බන්ධතා නොමැති බවට අමාත්‍යවරයා කලින් කල සෑහීමට පත් විය යුතුය. (2) මණ්ඩලය විසින් එලඹී ඇති හෝ එලඹීමට යෝජිත යම් ගිවිසුමක් පිළිබඳව කෙළින්ම හෝ අන්‍යාකාරයකින් හෝ සම්බන්ධ තාවක් ඇති මණ්ඩලයේ සාමාජිකයකු විසින් ඒ සම්බන්ධතාවයේ ස්වභාවය මණ් ඩලයේ රැස්වීමක දී එළිදරව් කළ යුතුය. ඒ එළිදරව් කිරීම මණ්ඩලයේ වාර්තාවල සටහන් කරනු ලැබිය යුතු අතර එම ගිවිසුම සම්බන්ධයෙන් මණ්ඩලයේ යම් විචාරණයකට හෝ තීරණය කට ඒ සාමාජිකයා සහභාගි නොවිය යුතුය. 36. (1) සෑම සාමාජිකයෙකු ම් තමා මිය යාම, ඉල්ලා අස්වීම හෝ ඉවත් කරනු ලැබීම නිසා කලින් ධුරය හිස් කරතහොත් මිස, අවුරුදු තුනක කාලයක් ධූරය දැරිය යුතු අතර; නැවත පත් කරනු ලැබීෂි සඳහා සුදුස් සකු විය යුතුය. (2) මණ්ඩලයේ යම් සාමාජිකයකු මියගිය හෝ ධුරය හැර ගිය හෝ ඔහු ධුරයෙන් ඉවත් කරන ලද අවස් ථාවක හෝ අමාත්‍යවරයා විසින් 34 වන වගන්තියේ විධිවිධාන වලට අනුකූලව ඒ සාමාජිකයා පත් කරන ලද ආකාරයට ම වෙනත් තැනැත්තකු පත් ' කරනු ලැබිය හැකි ය. ඒ සමාජිකයා වෙනුවෙන් පත් කරන ලද යම් තැනැත්තකු තමා අනුප්‍රාප්ත වන සාමාජිකයාගේ ධුර කාලයෙන් නොගෙවී ඉතිරි ව ඇති කාලසීමාව තුළ ධුරය දැරිය යුතුය. (3) රෝගාතුර වීම නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා යම් කාල සීමාවක දී ස්වකීය ධුරයෙහි කාර්යයන් ඉටු කිරීමට යම් සාමාජිකයකුට තාවකාලිකව නොහැකි වන අවස්ථාවක අමාත්‍යවරයා විසින් 34 වන වගන් තියේ විධිවිධාන වලට අනුකූලව ඒ සාමාජිකයා පත් කරන ලද ආකාරයට ම වෙනත් තැනැත්තකු ඒ කාලය තුළ ඒ සාමාජිකයා වෙනුවට ක්‍රියා කිරීම පිණිස පත් කරනු ලැබිය හැකිය. 37. (1) 34 වන වගන්තිය යටතේ පත් කරන ලද මණ්ඩලයේ යම් සාමාජිකයකු ධුරයෙන් ඉවත් කිරීම සුදුසු යයි අමාත්‍යවරයා අදහස් කරත හොත් සඳහා හේතු සඳහන් නොකර ඔහු විසින් එසේ කරනු ලැබිය හැකි ය. (2) (1) වන උප වශන්තිය යටතේ යම් සාමාජිකයකු වෙත් කරනු ලැබීම කිසිම අධිකරණයක දී ප්‍රශ්න කරනු නොලැබිය යුතු ය. 38. ඉල්ලා අස්වන බවට අමාත්‍යවරයා වෙත ලිපියක් යැවීමෙන් ඕනෑම අවස් ථාවක මණ්ඩලයේ යම් සාමාජිකයකුට ස්වකීය ධුර යෙන් ඉල්ලා අස්විය හැකි ය. 39. මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලබන පරිශ්‍රමිකයන් මණ්ඩලයේ අරමුදලෙන් සියලුම සාමාජිකයන්ට හෝ ඔවුන් අතුරින් යම් හෝ සාමාජිකයකුට ගෙවනු ලැබිය හැකිය. 40. (1) මණ්ඩලයේ සභාපතිවරයා පැමිණ සිටී නම් ඔහු මණ්ඩ ලයේ සියලුම රැස්වීම්වල මුලසුන දැරිය යුතු ය. එවැනි යම් රැස වීම කට සභාපතිවරයා පැමිණි නොසිටී නම් පැමිණ සිටින සාමාජීකයන් විසින් සාමාජිකයන්ගෙන් කෙනෙකු ඒ රැස් වීමෙහි මුලසුන දැරීම සඳහා තෝරා පත් කළ යුතු ය. (2) මණ්ඩලයේ යම් රැස්වීමක ගණ පූරණය සාමාජිකයන් හතර දෙනකු විය යුතු ය. (3) මණ්ඩලයේ රැස්වීම් පිළිබඳව සහ ඒ රැස්වීම්වල කටයුතු කරගෙන යාම පිළිබඳ කාර්ය පටිපාටිය නියමිත පරිදි විය යුතු ය. (4) මණ්ඩලයේ යම් රැස්වීමක දී තීරණය කිරීම සඳහා ඇති සියලු ප්‍රශ්න පැමිණ සිටින සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් තීරණය කරනු ලැබිය යුතු ය. ඡන්ද සංඛ්‍යාවල සමානත්වයක් ඇති වුව හොත් ඒ රැස්වීමේ දී මූලාසනය දරන සාමාජිකයාට තීරක ඡන්දයක් තිබිය යුතු ය. (5) මණ්ඩලය යටත් පිරිසෙයින් සෑම මාස දෙකකට වරක් රැස් විය යුතුය. 41. මණ්ඩලයේ යම් පුරප” පාඩුවක් තිබීම හෝ මණ්ඩලයේ යම් සාමාජිකයකු පත් කිරීමෙහි ලා යම් දෝෂයක් තිබීම හෝ හේතු කොටගෙන පමණක් මණ්ඩලයේ කිසිම ක්‍රියාවක්, තීරණයක් හෝ කටයුත්තක් බල රහිත වූ ලෙස සලකනු නොලැබිය යුතුය. 42. (1) සභාපතිවරයාගේ ධුර කාලය මණ්ඩලයෙහි ඔහුගේ සභාපතිවරයාගේ සාමාජිකත්වයේ කාල සීමාව විය යුතුය. (2) සභාපතිවරයාට අමාත්‍යවරයා වෙත යැවෙන මගින් ඔහුගේ ධුරයෙන් කලින් ඉල්ලා අස් විය හැකි ය. ලිපියක් (3) අමාත්‍යවරයා විසින්, ඕනෑම විටක සභාපතිවරයාගේ පත් වීම හේතු නොදක්වා අවසන් කිරීම කරනු ලැබිය හැකි අතර ඒ අවසන් කිරීම ගැන යම් අධිකරණයක දී ප්‍රශ්න කරනු නොලැබිය යුතු ය. 43. (1) මණ්ඩලයේ මුද්‍රාව මණ්ඩලය භාරයේ තිබිය යුතුය. (2) මණ්ඩලයේ මුද්‍රාව මණ්ඩලය විසින් තීරණය කරනු ලබන ආකාරයට වෙනස් කරනු ලැබිය හැකි ය. (3) මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු ඉදිරිපිට දී හැර කිසිම සාධන පත්‍රයකට හෝ ලේඛනයකට මණ්ඩලයේ මුද්‍රාව නොතැබිය යුතු අතර, තමන් පැමිණ සිටි බවට සංකේතයක් වශයෙන් ඔවුන් දෙදෙනා විසින් ඒ සාධන පත්‍රයට හෝ ලේඛනයට තම අත්සන් තැබිය යුතු ය. 44. මණ්ඩලයේ පරමාර්ථ :- (අ) ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය පුළුල් කිරීම හා ඒවායේ තත්වය දියුණු කිරීම ප්‍රවර්ධනය කිරීම; (ආ) ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත භාණ්ඩ ශ්‍රී ලංකාව තුළ සහ විදේශ වල විකිණීම සහ අලෙවි කිරීම ප්‍රවර්ධනය කිරීම; සහ (ඇ) (අ) සහ (ආ) ඡේදවල සඳහන් පරමාර්ථ මුදුන්පත් කර ගැනීමෙහි ලා අවශ්‍ය යයි මණ්ඩලයේ මතය වනු ලබන සියලු ක්‍රියා කිරීම 45. (අ) හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙහි උපයෝගී කර ගැනීම පිණිස මෝස්තර නිර් මාණය කිරීමෙහි හෝ යොදා ගැනීමේ කාර්යය සඳහා මධ්‍යස් ස්ථාන, වැඩපළවල් හෝ වෙනත් ආයතන පිහිටුවීම, නඩත්තු කිරීම සහ මෙහෙයවීම ද ඒවා පිහිටු වීමට, නඩත්තු කිරීමට සහ මෙහෙය වීමට සහාය වීම ද ඒ මධ්‍යස්ථානවල, වැඩපළවල හෝ වෙනත් ආයතනවල නිෂ්පාදනය කරන ලද භාණ්ඩ අලෙවි කිරීම; (ආ) හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන්නා වූ යන්ත්‍ර, උපකරණ සහ අමු ද්‍රව්‍ය සැපයීම; (ඇ) හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය ලබා ගැනීම, සැපයීම සහ බෙදා හැරීම; (ඈ) ශිල්පීන්ට අවශ්‍ය විය හැකි මධ්‍ය කාලීන සහ කෙටි කාලීන ණය පහසුකම් මගින් සහාය දීම; (ඉ) ශිල්පීන් පුහුණු කිරීම සඳහා විධිවිධාන සැලැස් වීම; (ඊ) හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය පුළුල් කිරීම සහ ඒ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට උපයෝගී කර ගන්නා අමු ද්‍රව්‍යවල තත්ත්වය හා නිමි භාණ්ඩවල තත්තවය වැඩි දියුණු කිරීම; (උ) ශිල්පීය ද්‍රව්‍ය සහ ශිල්පීය නිෂ්පාදන ක්‍රම වැඩි දියුණු කිරීම සඳහා විද්‍යාත්මක සහ තාක්ෂණික ආයතන, සංවිධාන සහ අනුයෝජිත ආයතන සමග සහයෝග යෙන් ක්‍රියා කිරීම; (ඌ) හස්ත කර්මාන්ත භාණ්ඩ දර්ශනයට තැබීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි සාප්පු සහ ප්‍රදර්ශනාගාර නඩත්තු කිරීම හා ඒ දර්ශනයට තැබීම්, ප්‍රදර්ශනය කිරීම් සහ විකිණීම් පැවැත්වීම හා ඒ විකිණීම් වලට ආනුෂංගික සියලු දේ කිරීම; (එ) හස්ත කර්මාන්ත භාණ්ඩ ශ්‍රී ලංකාවේ සහ විදේශවල විකිණීම සහ ඒවා අපනයනය කිරීම ප්‍රවර්ධනය කිරීම; (ඒ) මණ්ඩලයේ වැඩ කරගෙන යාම පිණිස අවශ්‍ය වන නිලධරයන් සහ සේවකයන් පත් කිරීම; (ඔ) මණ්ඩලය විසින් සේ වයට බඳවාගෙන සිටින තැනැත් තන් සඳහා අර්ථ සාධක අරමුදලක් පිහිටුවීම සහ සුභසාධක හා විනෝද වීමේ පහසුකම්, නිවාස, නේ වාසිකාගාර සහ වෙනත් සමාන ඉඩකඩ සැලසීම; (ඕ) මණ්ඩලයේ කටයුතු පරිපාලනය කිරීම සම්බන්ධයෙන් රීති සෑදීම; (ක) යම් චංචල හෝ නිශ්චල දේපළ අත්කර ගැනීම, දැරීම, බද්දට හෝ කුලියට ගැනීම හෝ දීම, උකස් කිරීම, ඔඩපනය කිරීම හෝ විකිණීම හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීම; (ග) මණ්ඩලය විසින් සපයන ලද යම් සේවාවන් හෝ පහසුකම් සඳහා ගාස්තු අය කිරීම; සහ (ච) මණ්ඩලයේ බලතල ක්‍රියාත්මක කිරීමට සහ කාර්ය සහ කර්තව්‍ය ඉටු කිරීමට ආනුෂංගික වන්නා වූ හෝ අනුයායි වන්නා වූ සියලු ක්‍රියා සහ දේවල් කිරීම මණ්ඩලයේ බලතල, කර්තව්‍ය සහ කාර්ය විය යුතු ය. 46. (1) මණ්ඩලයේ බලතල, කර්තව්‍ය හා කාර්ය ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම පිළිබඳව සාමාන්‍ය හෝ විශේෂ විධාන අමාත්‍ය වරයා විසින් කලින් කල මණ්ඩලයට කළ හැකි අතර ඒ විධාන මණ්ඩලය විසින් ක්‍රියාවේ යෙදවිය යුතුය. (2) මණ්ඩලයේ දේපළ, කටයුතු සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් නියම කරනු ලබන තොරතුරු තමා වෙත සපයන සේ අමාත්‍යවරයා විසින් කලින් කල මණ්ඩලයට ලියවිල්ල කින් වූ විධාන කළ හැකි අතර, එවැනි සෑම විධානයක් ම මණ්ඩලය විසින් ක්‍රියාවේ යෙදවිය යුතු ය. 47. සභාපතිවරයා විසින්, මණ්ඩලයේ ලිඛිත අනුමතය ඇතිව, මණ්ඩලයේ බලතල, කාර්ය හෝ කර්තව්‍ය වලින් කිසිවක් ලියවිල්ල කින් මණ්ඩලයේ යම් සේවා නියුක් තයකුට පවරනු ලැබිය හැකි ය. 48. මේ කොටස ක්‍රියාත්මකවීමෙන් පසු හැකි පහසු ඉක්මණින් සහ අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් නියම කරනු ලැබිය හැකි දිනයක සිට ක්‍රියාත්මක වන සේ, අත්කම් භාණ්ඩ අලෙවි සහ අපනයන වර්ධන දෙපාර්තමේන්තුවේ සන්තකයෙහි හා පාලනයෙහි ඇති (මුදල් ද ඇතුළුව) සියලුම නිශ්චල සහ චංචල දේපළ සහ (මෙහි මින් මතු '' අදාළ අංශ '' යනුවෙන් හඳුන්වනු ලබන) මෙහි උපලේඛනයේ සඳහන් කරනු ලබන කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අංශවලට අයත් වන කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව සන්තකයෙහි හා පාලනයෙහි ඇති (මුදල් ද ඇතුළුව) සියලුම නිශ්චල හා චංචල දේපළ, අත්කම් භාණ්ඩ අලෙවි සහ අපනයන වර්ධන දෙපාර්තමේන්තුවේ හා කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අදාළ අංශවලට අයත් එම දෙපාර්තමේන්තුවේ නියමිත දිනට ඉහතින්ම වූ දිනයෙහි පවත්නා වූ සියලුම වත්කම්, බැරකම්, බලතල, අයිතිවාසිකම්, සම්බන්ධතා සහ වරප්‍රසාද ඇතුළුව, මණ්ඩලයට පවරා හා මණ්ඩලය වෙත සතු කර දිය යුතුය. 49 මණ්ඩලය විසින් අවශ්‍ය යයි සලකනු ලබන නිලධරයන් සහ සේවකයන් මණ්ඩලයේ කාර්ය මණ්‌ ඩලයට පත් කරනු ලැබිය හැකිය. 50. (1) මේ කොටස ක්‍රියාත්මක වීමට පෙරාතුව ම වූ දිනයෙහි අත්කම් භාණ්ඩ අලෙවි සහ අපනයන වර්ධන දෙපාර්තමේන්තුවේ හෝ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අදාළ අංශවල හෝ සේවයේ නියුතු ආණ්ඩුවේ ස්ථාන මාරු සහිත සේවාවක රජයේ නිලධරයකු නොවන, සෑම රජයේ නිලධරයකුට සහ යම් නිලධරයකුගේ ධුරයේ කර්තව්‍ය මණ්ඩලය වෙත සතු කරන ලද හෝ මණ්ඩලයට පවරා ගන්නා ලද එවැනි සෑම නිලධරයකුට මේ වගන්තියේ විධිවිධාන අදාළ විය යුතුය. (2) (1) වන උපවගන්තිය අදාළ වන්නා වූද විශ්‍රාම වැටුප් සහිත බවට විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය යටතේ ප්‍රකාශ කරන ලද තනතුරක් දරන්නා වූ ද සෑම රජයේ නිලධරයකු ම විසින්, 48 වන වගන්තිය යටතේ නියමය කරන ලද දින සිට මාස තුනක් පසු නොවී, ඒ නියමය කරන ලද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි — (අ) රජයේ නීලධරයකු වශයෙන් දරන ධුරයෙහි තවදුරටත් නිරත වීමට සහ එසේ නිරතව සිටිනතාක් කල් ඒ නිලධරයා වශයෙන් මණ්ඩලයට සහ මණ් ඩලය වෙනුවෙන් වැඩ ඉටු කිරීමට; හෝ (ආ) විශ්‍රාම වැටුප් සහිත නිලධරයකු වශයෙන් ඒ දිනට, ඔහු අවුරුදු දහයකට නොඅඩු විශ්‍රාම වැටුප් සහිත සේවයක් ඇතිව සිටියේ නම්, රජයේ සේවයෙන් විශ්‍රාම ලබා මණ් ඩලයේ සේවානියුක් තයකු වීමට; හෝ (ඇ) විශ්‍රාම වැටුප් සහිත නිලධරයකු වශයෙන් ඒ දිනට, ඔහුට අවුරුදු දහයකට අඩු විශ්‍රාම වැටුප් සහිත සේ වයක් ඇත්තේ නම්, රජයේ සේවයෙන් ඉවත් වී මණ්ඩලයේ සේ වානියුක්තයකු වීමට; හෝ' (ඈ ) ඔහු රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල් ආඥාපනත යටතේ පිහිටුවන ලද රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලෙහි දායක යකු වේ නම්, මණ්ඩලයේ සේවානියුක්තයකු වීමට රජයේ සේවයෙන් ඉවත් වීමට; හෝ (ඉ) රජයේ සේවයෙන් ඉවත් වීමට මෙන්ම මණ්ඩලයේ සේ වා නියුක්තයකු නොවීමට අදහස් කරන බවට ලියවිල්ලකින් වූ දැන්වීමක් මණ්ඩලයට දිය යුතුය. (3) (2) වන උපවගන්තිය යටතේ දෙන ලද දැන්වීමක් අවසා නාත්මක විය යුතුය. 51. 1939 අංක 31 දරන පනතින් සංශෝධිත 1969 අංක 47 දරන ලංකා විදුලි බල මණ්ඩල පනතෙහි 31 ආ, 31 ඇ, 32 සහ 32 අ වන වගන්ති වල විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, 50 වන වගන්තියේ සඳහන් යම් රජයේ නිලධරයකුට සහ ඔහු සම්බන්ධ යෙන් අදාළ විය යුතුය. 52. (1) මණ්ඩලයේ ඉල්ලීම පිට, 50 වන වගන්තියේ සඳහන් නිලධරයකු නොවන රජයේ සේවයේ යම් නිලධරයකු, එම නිලධර යාගේ,ඒ නිලධරයා සේවයේ නියුක්ත කර ඇත්තේ යම් අමාත්‍යාං ශයක් විසින් ද නැතහොත් යම් අමාත්‍යාංශයක් යටතේ ද ඒ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ රාජ්‍ය පරිපාලන විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ කැමැත්ත ඇතිව මණ්ඩලය විසින් එවැනිම කැමැත්ත ඇතිව නිශ්චය කරනු ලබන කාල සීමාවක් සඳහා මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබීම හෝ එවැනිම කැමැත්ත ඇතිව ඒ කාර්ය මණ්ඩල යට ස්ථිරව පත් කරනු ලැබීම හෝ කරනු ලැබිය හැකිය. (2) (1) වන උපවගන්තියේ සඳහන් රජයේ නිලධරයකු මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට එම උපවගන්තිය යටතේ තාවකාලිකව පත් කරනු ලැබූ අවස්ථාවක, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනතෙහි 13 වන වගන්තියේ ( 2 ) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරිම් සහිතව, ඒ නිලධරයාට සහ ඔහු සම්බන්ධයෙන් අදාළ විය යුතුය. (3) (1) වන උපවගන්තියේ සඳහන් රජයේ නිලධරයකු මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට ඒ උපවගන්තිය යටතේ ස්ථිරව පත් කරනු ලැබූ අවස් ථාවක, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනතෙහි 13 වන වගන්තියේ ( 3 ) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ නිලධරයාට සහ ඔහු සම්බන්ධයෙන් අදාළ විය යුතුය. (4) මණ්ඩලයේ ඉල්ලීම පිට, පළාත් පාලන සේවයේ හෝ යම් පළාත් පාලන ආයතනයක යම් නිලධරයකු හෝ සේවකයකු අවස්ථා වෝචිත පරිදි, එම නිලධරයාගේ හෝ සේවකයාගේ සහ පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලයෙහි හෝ පළාත් පාලන ආයතනයේ කැමැත්ත ඇතිව, එවැනිම කැමැත්ත ඇතිව මණ්ඩලය විසින් නිශ්චය කරනු ලැබිය හැකි කාල සීමාවක් සඳහා මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබිය හැකි ය; නැතහොත් එවැනිම කැමැත්ත ඇතිව විශ්‍රාම වැටුප් හෝ අර්ථ සාධක අරමුදල් අයිතිවාසිකම් පිළිබඳ නියමයන් හා කොන්දේසි ද ඇතුළුව මණ්ඩලය සහ පළාත් පාලන සේවා උපදේශක මණ්ඩලය හෝ ඒ පළාත් පාලන ආයතනය විසින් එකඟවනු ලබන නියම හා කොන්දේසි මත මණ්ඩලයේ කාර්ය මණ්ඩලයට ස් ථිරව පත් කරනු ලැබිය හැකි ය. (5) මණ්ඩලයේ ඉල්ලීම පිට, රාජ්‍ය සංස්ථාවක යම් නිලධරයකු හෝ සේ වකයකු, ඒ නිලධරයාගේ හෝ සේවකයාගේ කැමැත්ත ඇතිව මණ් ඩලයේ කාර්ය මණ් ඩලයට තාවකාලිකව පත් කරනු ලැබිය හැකි අතර, මණ්ඩලය සහ එකී රාජ්‍ය සංස්ථාව විසින් එකඟවනු ලබන විශ්‍රාම වැටුප් හෝ අර්ථ සාධක අරමුදල් පිළිබඳ කොන්දේසි ඇතුළු නියමයන් සහ කොන්දේසි යටතේ, යට කී අන්දමේ ම කැමැත්ත ඇතිව මණඩලයේ කාර්ය මණ්ඩලයට ස් පිරවම පත් කරනු ලැබිය හැකි ය. (6) {4) වන සහ (5) වන උපවගන්ති යටතේ මණ්ඩලයේ කාර්ය මණ් ඩලයට තාවකාලිකව පත් කිරීමක් කරනු ලැබූ අවස්ථාවක, ඒ කාර්ය මණ්ඩලයේ වෙනත් යම් සාමාජිකයකු යටත් වන විනය පාලනයට ම ඒ තැනැත්තා යටත් විය යුතු ය. 53. යම් තැනැත්තකු නිශ්චිත කාල සීමාවක් ආණඩුවට සේවය කිරීමට එකඟ වෙමින් ආණ්ඩුව සමග ගිවිසුමකට එළඹී ඇති අවස්ථාවක ඒ තැනැත්තා විසින් මණ්ඩලයට සේවය කරනු ලබන් යම් කාල සීමාවක් ඒ ගිවිසුමේ බැඳීම් ඉටු කිරීමේ කාර්යය සඳහා ආණ්ඩුවට කරනු ලබන සේවය ලෙස සලකනු ලැබිය යුතු ය. 54. ආණ්ඩුවෙන් හෝ යම් පළාත් පාලන ආයතනයකින් හෝ පළාත් පාලන සේවා කොමිසමෙන් හෝ විශ්‍රාම වැටුපක් ලබමින් සිටින යම් තැනැත්තකු මණඩලය විසින් සේ වයේ නියුක්ත කරනු ලබන අවස් ථාවක, වෙනත් යම් නීතියක පටහැනිව කුමක් සඳහන් වුව ද, ඔහු මණ්ඩලයේ සේවානියුක්තව සිටින කාල සීමාව තුළ ඔහුට ඒ විශ්‍රාම වැටුප නො ගෙවිය යුතුය. 55. මේ කොටසේ කාර්ය සඳහා— ' විශ්‍රාම වැටුප හිමි රජයේ නිලධරයා '' යන්නෙන් - (අ) විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 වන වගන්තිය යටතේ විශ්‍රාම වැටුප් හිමි තනතුරක් ලෙස ප්‍රකාශ කරනු ලැබ ඇති තනතුරක් දරන; සහ (ආ) ස්ථාන මාරු කරනු ලැබිය හැකි ආණ්ඩුවේ සේවයකට අයත් නොවන රජයේ නිලධරයෙක් අදහස් වේ; " විශ්‍රාම වැටුප් හිමි සේවය " යන්නෙන් විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය යටතේ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ගණන් ගනු ලැබිය හැකි ආණ්ඩුව යටතේ කරනු ලබන සේවය අදහස් වේ. 56. (අ) මේ කොටස යටතේ මණ්ඩලය විසින් සද් භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි අදහස් කරන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් මණ්ඩලයට විරුද්ධව ; හෝ (ආ) මේ කොටස යටතේ හෝ මණ්ඩලයේ විධානය මත හෝ මණ්ඩලයේ යම් සාමාජිකයකු, සේවානියුක් තයකු හෝ අනු යෝජිතයකු විසින් සද්භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි අදහස් කරන යම් ක්‍රියාවක් සම්බන් ධයෙන් ඒ සාමාජිකයාට, සේවානියුක්තයාට හෝ අනු යෝජිතයාට විරුද් ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් නො පැවරිය යුතු ය. 57. මණ්ඩලයේ සියලු සාමාජිකයන්, නිලධරයන් සහ සේ වක යන් දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ ඒ කාර්යය සඳහා රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුතු ය. 58. මණ්ඩලය අල්ලස් පනතේ අර්ථානුකූලව උපලේඛනගත ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ පනතේ විධිවිධාන ඒ අනුව තේරුම් ගත යුතුය. 59. මණ්ඩලයට මණ්ඩලයේ ම අරමුදලක් තිබිය යුතු ය. මණ් ඩලයට ලැබෙන සියලුම මුදල් ඒ අරමුදලට බැර කළ යුතු අතර මණ්ඩලය විසින් කරනු ලබන සියලුම ගෙවීම් අරමුදලෙන් ගෙවිය යුතු ය. 60. (1) පාර්ලිමේන් තුවේ යෝජනා සම්මතයක් මගින් ඒකාබද්ධ මණ්ඩලයේ අර මුදලින් මණ්ඩලයට ප්‍රදානය කරනු ලබන මුදල් ප්‍රමාණයක් මණ් ඩලයේ ආරම්භක ප්‍රාග්ධනය විය යුතුය. (2) මණ්ඩලයේ ප්‍රාග්ධනය පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත යකින් බලය දෙනු ලබන මුදල් ප්‍රමාණයකින් කලින් කල වැඩි කරනු ලැබිය හැකි අතර ඒ මුදල් ප්‍රමාණය මුදල් විෂයය භාර අමාත්‍ය වරයා විසින් නිශ්චය කරනු ලබන නියම සහ කොන්දේසි මත ප්‍රදා නයක් වශයෙන් හෝ ණයක් වශයෙන් මණ්ඩලයට ගෙවිය යුතු ය; නැතහොත් මණ්ඩලයට ලබා ගත හැකි විය යුතුය. (3) 48 වන වගන්තිය යටතේ මණ්ඩලය වෙත පවරන ලද සියලුම නිශ්චල සහ චංචල දේපළවල සහ සියලු වත්කම්වල හා බැර කම් වල ශුද්ධ වටිනාකම නැතහොත් ඒ නිශ්චල සහ චංචල දේපළ වල සහ වත්කම්වල හා බැරකම් වල ශුද්ධ වටිනාකමෙන් කිසියම් කොටසක්, (2) වන උපවගන් තියෙහි සඳහන් මණ්ඩලයේ ප්‍රාග් ධනයෙහි වැඩි වීමේ ප්‍රමාණයෙහි කොටසක් වන්නේ යයි සලකනු ලැබිය හැකි ය. 61. කාර්ය මණ්ඩලයේ වැටුප් සහ වෙනත් පඩිනඩි වල වියදම් පියවීමට සහ 48 වන වගන්තියේ සඳහන් " අදාළ අංශවලට '' අයත් නිශ්චල දේ පළ නඩත්තු කිරීමේ කාර්යය සඳහා පාර්ලිමේන්තුව විසින් මණ්ඩලයට වාර්ෂිකව ප්‍රදානයක් දෙනු ලැබිය හැකි ය. 62. මේ පනත යටතේ, මණ්ඩලයේ බැඳීම් ඉටු කිරීම සඳහා හෝ මණ්ඩලයේ කාර්ය ඉටු කිරීම සඳහා මණ්ඩලයට අවශ්‍ය මුදල් අයිරාවක මාර්ගයෙන් හෝ අන්‍යාකාරයකින්, මණ්ඩලය විසින්, අමාත්‍යවරයාගේ කැමැත්ත ඇතිව හෝ ඔහු විසින් දෙන ලද යම් පොදු අධිකාරයක නියමයන්ට අනුකූලව, තාවකාලිකව ණයට ගනු ලැබිය හැකිය: එසේ වුව ද, මේ වගන්තිය යටතේ මණ්ඩලය විසින් ලබා ගන්නා ලද යම් තාවකාලික ණය සම්බන්ධයෙන් ගෙවීමට තිබෙන මුදල්වල එකතුව කිසිම අවස් ථාවක අමාත්‍යවරයා විසින් මුදල් විෂයය භාර අමාත්‍යවරයා විමසා තීරණය කරනු ලබන මුදල නොඉක්මවිය යුතු ය. 63. මණ්ඩලයේ කටයුතු පවත්වාගෙන යාමේ කාර්ය සඳහා වහාම අවශ්‍ය නොවන්නා වූ මණ්ඩලයේ යම් අරමුදල් මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අමාත්‍යවරයා විසින් දෙන ලද අනුමතය ඇතිව මණ්ඩලය විසින් තීරණය කරනු ලබන ආකාරයකට මණ්ඩලය විසින් ආයෝජනය කරනු ලැබිය හැකි ය. 64. (1) මණ්ඩලයේ මුදල් වර්ෂය ලිත් වර්ෂය විය යුතු ය. (2) මණ්ඩලය විසින් වත්කම් සහ බැරකම් සහ පිළිබඳව නිසි ගිණුම් පොත් මණ් ඩලයේ ආදායම සහ වියදම. මණ්ඩලයේ වෙනත් සියළුම කටයුතු තැබීමට සැලැස්විය යුතු ය. (3) රාජ්‍ය සංස්ථාවල ගිණුම් විගණනය කිරීමට අදාළ වන්නා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස් ථාවේ 154 වන ව්‍යවස්ථාවේ විධිවිධාන මණ්ඩලයේ ගිණුම් විගණනය කිරීම සම්බන්ධයෙන් අදාළ විය යුතු ය. 65. ඊළඟ මුදල් වර්ෂය තුළ මණ්ඩලය විසින් කරගෙන යාමට භාරගනු ලබන ප්‍රාග්ධන වියදම් සම්බන්ධයෙන් වූ වැඩ නියමාවලිය අමාත්‍යවරයාගේ අනුමතය සඳහා සෑම මුදල් වර්ෂයකම නොවැම්බර් පළමු වැනි දිනට පෙර මණ්ඩලය විසින් අමාත්‍යවරයා වෙත යැවිය යුතු අතර වැඩ නියමාවලිය සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් දෙනු ලබන විධානයන්ට මණ්ඩලය සැලකිල්ල දැක්විය යුතුය. 66. (1) මේ කොටස මගින් නියම කරනු ලැබීමට අවශ්‍ය කරන ලද්දා වූ කාරණා සම්බන්ධයෙන් හෝ මේ කොටස මගින් නියෝග සෑදීමට අවශ්‍ය කරන ලද්දා වූ හෝ බලය දෙන ලද්දා වූ කාරණා සම්බන්ධයෙන් හෝ අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකි ය. (2) අමාත්‍යවරයා විසින් සාදනු ලබන සෑම නියෝගයක්ක්ම ගැසට් පත්‍රයෙහි පළ කළ යුතු අතර එසේ පළ කරනු ලබන දිනයෙහි හෝ එහි නිශ්චිතව සඳහන් කරනු ලබන පසු දිනයක සිට එය ක්‍රියාත්මක විය යුතුය. (3) අමාත්‍යවරයා විසින් සාදනු ලබන සෑම නියෝගයක් ම, ගැසට් පත්‍රයෙහි පළ කිරීමෙන් පසු හැකි ඉක්මණින් අනුමතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුය. (4) එසේ අනුමත කරනු නොලැබූ යම් නියෝගයක් අනනුමතයේ දින සිට පරිච්ඡින්න වූ ලෙස සලකනු ලැබිය යුතු නමුත් ඒ යටතේ කලින් කරන ලද කිසිවකට හානියක් නොමැති විය යුතු ය. අමාත්‍ය වරයා විසින් සාදන ලද යම් නියෝගයක් පරිච්ඡින්න වූ ලෙස සළකනු ලබන දිනය පිළිබඳ දැන්වීම ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතුය. 67. මණ්ඩලයට විරුද්ධව යම් තැනැත්තකු විසින් කරනු ලබන යම් හිමිකපෑමක් හෝ ඉල්ලීමක් මණ්ඩලයේ සුභසිද්ධිය ගැන සැලකිල්ල යොමු කිරීමේදී එය සාධාරණ යයි මණ්ඩලය විසින් සල කනු ලබන අවස්ථාවක, අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව මණ්ඩලය විසින් ප්‍රමාණවත් වන්නේ යයි සලකනු ලබන මුදලක් හෝ වෙනත් වන්දියක් ගෙවීමෙන් ඒ හිමිකම් පෑම හෝ ඉල්ලීම මණ්ඩලය විසින් සමථයකට පත් කරනු ලැබිය හැකි ය. 68. යම් සමාගමක හෝ වෙනත් පුද්ගල මණ්ඩලයක කර්තව්‍ය වලට සම්බන්ධවන යම් ලිඛිත නීතියක හෝ සාධන පත්‍රයක පට හැනිව කුමක් සඳහන්ව ඇත ද, මණ්ඩලයේ පරමාර්ථ ඉටු කර ගැනීමට ඉතා වැදගත් වන සියලු ගිවිසුම්වලට, අමාත්‍යවරයාගේ අනමතය ඇතිව, ඒ සමාගම හෝ පුද්ගල මණ්ඩලය විසින් මණ් ඩලය සමග එළඹීම සහ ඒ ගිවිසුම් ඉටු කිරීම කරනු ලැබිය හැකි ය. 69. (1) අමාත්‍යවරයාගේ ඉල් ලීම පිට ඉඩම් විෂයය භාර අමාත්‍ය වරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් මණ්ඩලයේ නිශ්චිත කාර්යයන් සඳහා යම් නිශ්චල රජයේ දේපළක සන්තකය සහ පාවිච්චිය මණ්ඩලය වෙත පැවරීම සහ සතු කිරීම කරනු ලැබිය හැකි ය. (2) අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියම යක් මගින්, මණ්ඩලයේ නිශ්චිත කාර්යයන් සඳහා යම් චංචල රජයේ දේ පළක සන්තකය සහ පාවිච්චිය මණ්ඩලය වෙත පැවරීම සහ සතු කිරීම කරනු ලැබිය හැකිය: එසේ වුවද, මේ උපවගන්තියේ ඉහතින් වූ විධිවිධාන යටතේ රජයේ යම් චංචල දේපළක් කෙරෙහි බලපාන්නා වූ කිසිම නියම යක්, ඒ දේ පළ පිළිබඳ පාලනය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය නොමැතිව, අමාත්‍යවරයා විසින් කරනු නොලැබිය යුතුය. 70. (1) මණ්ඩලයේ යම් නිශ්චිත කාර්යයක් සඳහා යම් නිශ්චල අඩම් අත්කර දේ පළක් අත් කර ගැනීමට අවශ්‍ය වන අවස් ථාවක, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මගින් යෝජිත අත් කර ගැනීම අමාත්‍ය වරයා විසින් අනුමත කරනු ලැබිය හැකි අතර, එම ඉඩම අවශ්‍ය වන්නා වූ කාර්යය මහජන කාර්යයක් ලෙස සලකනු ලැබිය යුතු ය. ඉන් ඉක්බිතිව ඉඩම් විෂයය භාර අමාත්‍යවරයා විසින් එම නිශ්චල දේපළ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ අත් කර ගනු ලැබිය හැකිය. (2) මණ්ඩලය විසින් ඉඩම් අත් කර ගැනීමේ පනත යටතේ යම් නිශ්චල දේපළක් අත්කර ගැනීම සඳහා ගෙවිය යුතු යම් මුදලක් මණ්ඩලය විසින් ගෙවනු ලැබිය යුතු ය. IV වන කොටස 71. (4) (මින් මතු මේ කොටසෙහි " මධ්‍යස් ස්ථානය " යනුවෙන් සඳහන් කරනු ලබන) ජාතික මෝස්තර මධ්‍යස් ථානයක් පිහිටුවනු බිය යුතු ය. (2) මධ්‍යස් ථානය, (4) වන උප වගන්තිය මගින් එයට පවරා දෙන ලද නාමයෙන් සංස්ථාවක් විය යුතු අතර, එයට අවිච්ඡින්න පැවැත්මක් සහ පොදු මුද්‍රාවක් තිබිය යුතු ය. තවද එහි සංස්ථා නාමයෙන් මධ්‍යස්ථානය විසින් නඩු පැවරීම ද මධ්‍යස්ථානයට විරුද්ධව නඩු පවරනු ලැබීමද කරනු ලැබිය හැකිය. 72. අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන පහත දැක් වෙන සාමාජිකයන් ගෙන් සමන්විත වන්නා වූ මණ්ඩලයක් මගින් මධ්‍ය ස්ථානය කළමනා කරණය කරනු ලැබිය යුතු ය:- (i) අමාත්‍යවරයාට පෙනීයන ආකාරයට පර්යේෂණ, නිෂ්පාදන සංවර්ධන හා ශිල්ප පිළිබඳ මෝස්තර සකස් කිරීමේ ක්ෂේත්‍රයේ පුළුල් දැනුමක් සහ පළපුරුද්දක් ඇති සහ ඒවා පිළිබඳ හැකියාවක් දක්වා ඇති තැනැත්තන් අතු රින් සභාපතිවරයෙක් සහ තැනැත්තන් හතර දෙනෙක්; (ii) ජාතික ශිල්ප සභාවේ සභාපතිවරයා ; (iii) ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපතිවරයා; (iv) මුදල් විෂයය භාර අමාත්‍යවරයා විසින් නම් කරනු ලබන ඒ අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ නිලධරයෙක්; සහ (v) අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නම් කරනු ලබන ඒ මණ්ඩලයේ නියෝජිතයෙක්. 73. යම් තැනැත්තකු (අ) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු නම් හෝ මන්ත්‍රීවරයෙක් වුව හොත්; හෝ (ආ) මණ්ඩලය විසින් හෝ මණ්ඩලය වෙනුවෙන් එළඹියා වූ යම් ගිවිසුමක් යටතේ කෙලින්ම හෝ අන්‍යාකාරයකින් යම් අයිතිවාසිකමක් හෝ යම් ප්‍රතිලාභයක් දරන්නේ නම් හෝ භුක්ති විඳින්නේ නම් ; හෝ (ඇ) මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් තමාගේ කර්තව්‍ය ඉටු කිරීමෙහි ලා අගතිකර ලෙස බලපෑ හැකි එවැනි යම් මූල්‍ය හෝ වෙනත් සම්බන්ධතාවක් දරන්නේ නම් ඔහු මණ්ඩලයේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබීම සඳහා හෝ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස තව දුරටත් සිටීම සඳහා හෝ සුදුස් සකු නොවිය යුතු ය. 74. මණ්ඩලය විසින් පවත වාගෙන යනු ලබන හෝ පවත්වා ගෙන යනු ලැබීමට යෝජනා කර ඇති යම් ව්‍යාපාරික කටයුත්තක් පිළිබඳව කෙළින් ම හෝ අන්‍යාකාරයකින් සම්බන්ධතාවක් ඇති එළිදරව් කළ සාමාජිකයෙකු විසින්, ඒ ව්‍යාපාරික කටයුත්ත ගැන සාකච්ඡා කරනු ලබන මණ්ඩලයේ රැස්වීමේ දී, ඒ සම්බන්ධතාවයේ ස්වභාවය එළි දරව් කළ යුතුය. ඒ එළිදරව් කිරීම මණ්ඩලයේ වාර්තා වල සටහන් කරනු ලැබිය යුතු අතර, ඒ ව්‍යාපාරික කටයුත්තට අදාළව මණ්ඩලය විසින් පවත්වනු ලබන යම් විචාරණයක දී හෝ තීරණයකට එළඹි මේ දී ඒ සාමාජිකයා සහභාගි නොවිය යුතු අතර, ඒ විචාරණයි පැවැත වෙන අතරතුර හෝ ඒ තීරණයට එළඹෙන අතරතුර ඒ සාමාජිකයා ඒ රැස්වීම් වලින් ඉවත්ව යා යුතුය. 75, ( 4 ) මණ්ඩලයේ සභාපතිවරයා පැමිණ සිටී නම් ඔහු ඩලයේ සියලුම රැස්වීම්වල මුලසුන දැරිය යුතු ය. එවැනි යම් රැස් මකට සභාපතිවරයා පැමිණ නොසිටි නම් පැමිණ සිටින යන් විසින් සාමාජිකයන්ගෙන් කෙනෙක් ඒ රැස්වීමෙහි මුලසුන දැරිම සඳහා තෝරා පත් කර ගත යුතුය. (2) මණ්ඩලයේ යම් රැස්වීමක ගණ පූරණය සාමාජිකයන් පස් දෙනෙක් විය යුතුය. (3) මණ්ඩලයේ රැස්වීම් පිළිබඳව සහ ඒ රැස්වීම්වල කටයුතු කර ගෙන යාම පිළිබඳව කාර්ය පරිපාටිය නියමිත පරිදි විය යුතුය. (4) මණ්ඩලයේ යම් රැස්වීමක දී තීරණය කිරීම සඳහා ඇති සියලු ප්‍රශ්න පැමිණ සිටින සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් තීරණය කරනු ලැබිය යුතුය. ඡන්ද සංඛ්‍යාවල සමානත්වයක් ඇති වුවහොත් ඒ රැස්වීමේ දී මූලාසනය දරන සාමාජිකයාට තීරක ඡන්දයක් තිබිය යුතු ය. 76. මණ්ඩලයේ යම් පුරප් පාඩුවක් හෝ මණ්ඩලයේ සාමාජිකයකුගේ පත් වීමෙහි යම් දෝෂයක් තිබීමේ හේතුව නිසා පමණක් මණ්ඩලයේ කිසිම ක්‍රියාවක්, තිරණයක් අවලංගු වන ලෙස සලකනු නොලැබිය යුතු ය. 77. (1) සෑම සාමාජිකයකු ම තමා මියයාම, ඉල්ලා අස් වීම හෝ ඉවත් කරනු ලැබීම නිසා කලින් ධුරය හිස් කරතහොත් මිසා අවුරුදු තුනක කාලයක් ධුරය දැරිය යුතු අතර, නැවත පත් කරනු ලැබීම සඳහා සුදුස්සකු විය යුතු ය. (2) මණ්ඩලයේ යම් සාමාජිකයකු මියගිය හෝ ධුරය හැර ගිය හෝ ඔහු ධුරයෙන් ඉවත් කරනු ලැබූ අවස් ථාවක හෝ, අමාත්‍ය වරයා විසින් 72 වන වගන්තියේ විධි විධානවලට අනුකූලව ඒ සාමාජිකයා පත් කරනු ලැබූ ආකාරයටම වෙනත් තැනැත් තකු පත් කරනු ලැබිය හැකි ය. ඒ සාමාජිකයා වෙනුවෙන් පත් කරන ලද යම් තැනැත්තකු තමා අනුප්‍රාප්ත වන සාමාජිකයාගේ ධුර කාලයෙන් නොගෙවී ඉතිරිව ඇති කාල සීමාව තුළ ධුරය දැරිය යුතුය. (3) රෝගාතුරවීම නිසා හෝ ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීම නිසා හෝ වෙනත් යම් හේතුවක් නිසා ස්වකීය ධුරයෙහි කාර්ය යම් කාලයක් තුළ ඉටු කිරීමට යම් සාමාජිකයකුට තාවකාලිකව නො හැකි වන අවස්ථාවක, අමාත්‍යවරයා විසින් 72 වන වගන්තියේ විධිවිධාන වලට අනුකූලව ඒ සාමාජිකයා පත් කරන ලද ආකාරය ටම වෙනත් තැනැත්තකු ඒ කාලය තුළ ඒ සාමාජිකයා වෙනුවට ක්‍රියා කිරීම සඳහා පත් කරනු ලැබිය හැකි ය. 78. (1) 72 වන වගන්තිය යටතේ පත් කරන ලද මණ්ඩලයේ යම් සාමාජිකයකු ධුරයෙන් ඉවත් කිරීම සුදුසු යයි අමාත්‍යවරයා අදහස් කරතහොත් ඒ සඳහා හේතු සඳහන් නොකර ඔහු විසින් එසේ කරනු ලැබිය හැකි ය. (2) (1) වන උපවගන්තිය යටතේ යම් සාමාජිකයකු ඉවත් කරනු ලැබීම කිසිම අධිකරණයක දී ප්‍රශ්න කරනු නොලැබිය යුතු ය. 79. ඉල්ලා අස්වන බවට අමාත්‍යවරයා වෙත ලිපියක් යැවීමෙන් ඕනෑම අවස්ථාවක මණ්ඩලයේ යම් සාමාජිකයකුට ස්වකීය ධුර යෙන් ඉල්ලා අස්විය හැකිය. 80. මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලබන පාරිශ්‍රමිකයන් මධ්‍යස්ථා නයේ අරමුදලින් සියලුම සාමාජිකයන්ට හෝ ඔවුන් අතුරින් යම් සාමාජිකයකුට ගෙවනු ලැබිය හැකිය. 81. (1) මධ්‍යස්ථානයේ මුද්‍රාව සභාපතිවරයා භාරයේ තිබිය යුතුය. (2) මධ්‍යස්ථානයේ මුද්‍රාව මණ්ඩලය විසින් තීරණය කරනු ලබන ආකාරයකට වෙනස් කරනු ලැබිය හැකි ය. (3) මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු ඉදිරිපිට දී හැර කිසිම සාධන පත්‍රයකට හෝ ලේඛනයකට මධ්‍යස්ථානයේ මුද්‍රාව නොතැබිය යුතු අතර, තමන් පැමිණ සිටි බවට සංකේතයක් වශයෙන් ඔවුන් දෙදෙනා විසින් ඒ සාධන පත්‍රයට හෝ ලේඛන යට තම අත්සන් තැබිය යුතුය. 82. මධ්‍යස්ථානයේ බලතල හා කර්තව්‍ය පහත දැක්වෙන පරිදි විය යුතු ය :- (අ) කුඩා කර්මාන්ත සඳහා මෝස්තර කිරීම භාර ගැනීම, හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා හා භාණ්ඩ පිළිබඳ මෝස්තර කිරීම සඳහා උපයෝගි කර ගන්නා ද්‍රව්‍ය සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම භාර ගැනීම සහ ආනයනය කරනු ලබන අමු ද්‍රව්‍ය වෙනුවට දේශීය අමු ද්‍රව්‍ය උපයෝගි කර ගැනීම ආදේශ කිරීම ගැන සලකා බැලීම; (ආ) ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලබන හස්ත කර්මාන්ත භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාවේ සහ විදේශවල වෙළෙඳ පොළ වල සංවර්ධනය සහ ඒවා සඳහා වෙනත් රටවල ඉල්ලුම පිළිබඳ දැනීම ලබා ගැනීම; (ඇ) හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ නවීන හා වඩාත් කාර්යක්ෂම ක්‍රම යොදා ගැනීම; (ඈ) හස්ත කර්මාන්ත භාණ්ඩ වඩා සකසුරුවම් සහිතව හා කාර්යක් ෂම ලෙස නිෂ්පාදනය කිරීම අරමුණු කොට ගෙන යන්ත්‍රීකරණය ඇති කිරීම ගැන සලකා බැලීම; (ඉ) හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙහි ලා උපයෝගී කරගනු ලබන ක්‍රම සහ අමුද්‍රව්‍ය ප්‍රයෝජනයට ගැනීම ද සාමාන්‍යයෙන් හස්ත කර්මාන්ත භාණ්ඩ සංවර් ධනය කිරීම සහ නිෂ්පාදනය කිරීමද සම්බන් ධයෙන් වූ කරුණු පිළිබඳව ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයට සහ ශිල්පීන්ට උපදෙස් දීම හා සහාය වීම; (ඊ) ජාතික ශිල්ප සභාවේ, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ, ශිල්ප සභාවල සහ වෙනත් මණ්ඩලවල හෝ පුද්ගලයන්ගේ ඉල්ලීම් මත හස්ත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදනය සඳහා උපයෝගී කරගන්නා ද්‍රව්‍ය සම්බන්ධ යෙන් පරීක් ෂණ කිරීම සහ ඒ ද්‍රව්‍යවල තත්ත්වය හා ප්‍රමිතිය සම්බන්ධයෙන් නියම කරන ලද සහතික නිකුත් කිරීම; (උ) ජාතික ශිල්ප සභාවට, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩල යට, ශිල්ප සභාවලට සහ ශිල් ල්පීන්ට ඵලදායි වන්නා වූ කරුණු, ක්‍රම, මෝස්තර සහ වෙළෙඳ පොළ ප්‍රවනතා ගැන තොරතුරු බැංකුවක් පවත්වාගෙන යාම; (ඌ) මධ්‍යස්ථානය විසින් ඉටු කරන ලද සේවාවන් සඳහා ගාස්තු පැනවීම හා එකතු කිරීම; (එ) රසායනාගාර, වැඩ පොළවල් සහ වෙනත් ආයතන පවත්වා ගෙන යාම; (ඒ) මධ්‍යස් ථානයේ පරමාර්ථවලට මුළුමනින්ම හෝ අඩ වශ යෙන් සමාන පරමාර්ථ ඇති ශ්‍රී ලංකාවේ සහ විදේශවල ආයතන සමග ආණ්ඩුවේ අනුමතය ඇතිව එකඟවීම්වලට එළඹීම; සහ (ඔ) මධ්‍යස්ථානයේ බලතල ක්‍රියාත්මක කිරීමට සහ කර්තව්‍ය ඉටු කිරීමට ආනුෂංගික හෝ අනුයායී වන්නා වූ ක්‍රියා ඉටු කිරීම. 83. (1) මධ්‍යස් ථානයට මධ්‍යස්ථානයේ අරමුදලක් තිබිය යුතුය. මධ්‍යස් ස්ථානයේ අරමුදලට— (අ) මධ්‍යස්ථානයේ ප්‍රයෝජනය සඳහා පාර්ලිමේන්තුව විසින් කලින් කල සම්මත කරනු ලබන සියලු මුදල්; (ආ) ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත කවර හෝ ප්‍රභවයන්ගෙන් පරිත්‍යාග, ත්‍යාග හෝ ප්‍රදාන වශයෙන් මධ්‍යස් ථානයට පවරනු ලබන සියලු මුදල්; සහ (ඇ) යම් රජයේ දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය සංස්ථාවක් හෝ වෙනත් ආයතනයක් විසින් මධ්‍යස් ස්ථානයට නීතියට අනු කූලව පවරනු ලබන සියලු මුදල් බැර කරනු ලැබිය යුතු ය. (2) ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීමේ දී සහ කර්තව්‍ය ඉටු කිරීමේ දී මධ්‍යස් ස්ථානය විසින් දරන ලද යම් වියදම් ගෙවීමට අවශ්‍ය සියලු මුදල් මධ්‍යස්ථානයේ අරමුදලින් ගෙවනු ලැබිය යුතු ය. 84. (1) මධ්‍යස්ථානයේ මුදල් වර්ෂය ලිත් වර්ෂය විය යුතුය. (2) මධ්‍යස්ථානය විසින් මධ්‍යස්ථානයේ ආදායම සහ වියදම, වත්කම් සහ බැරකම් සහ මධ්‍යස් ස්ථානයේ වෙනත් සියලු කටයුතු පිළිබඳ නිසි ගිණුම් පොත් තැබීමට සැලැස්විය යුතුය. (3) රාජ්‍ය සංස්ථාවල ගිණුම් විගණනය කිරීමට අදාළ වන්නා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස් ථාවේ 154 වන ව්‍යවස් ථාවේ විධිවිධාන මධ්‍යස් ථාන යේ ගිණුම් විගණනය කිරීම සම්බන්ධයෙන් අදාළ විය යුතුය. 85. (1) මධ්‍යස් ථානයේ කාර්යය සඳහා අවශ්‍ය යයි මණ්ඩලය සේවකයන් මධ්‍යස් විසින් අදහස් කරනු ලබන නිලධරයන් හා ථානයේ කාර්ය මණ්ඩලයට මණ්ඩලය විසින් පත් කරනු ලැබිය හැකිය. ( 2 ) මේ කොටසේ වෙනත් විධිවිධාන වලට යටත් ව (අ) මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය පත් කිරීම, ඔවුන් සේව යෙන් පහ කිරීම සහ එම කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් විනය පාලනය ක්‍රියාත්මක කිරීම; (ආ) කාර්ය මණ්ඩලයේ වැටුප් හෝ චේතන හෝ වෙනත් පාරිශ්‍රමික නියම කිරීම ; (ඇ) ඒ කාර්ය මණ්ඩලයේ සේවා නියම සහ සේවා කොන්දේසි තීරණය කිරීම; සහ (ඈ) ඒ කාර්ය මණ්ඩලයේ ප්‍රතිලාභය සඳහා අර්ථ සාධක අර මුදලක” සහ ක්‍රම පිහිටුවීම ද විධිමත් කිරීම ද ඒ අරමුදලට හෝ ක්‍රමවලට දායක මුදල් ගෙවීම ද මණ්ඩලය විසින් කරනු ලැබිය හැකිය. (3) (2) වන උපවගන්තියේ සඳහන් සියලු ම කාරණා හෝ ඉන් යම් කාරණයක් සම්බන්ධයෙන් මේ කොටස යටතේ රීති සාදනු ලැබිය හැකිය. (4) මණ්ඩලයේ ඉල්ලීම පිට, රජයේ සේවයේ යම් නිලධරයකු එ නිලධරයාගේ සහ රාජ්‍ය පරිපාලන විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ කැමැත්ත ඇතිව මධ්‍යස් ථානයේ කාර්ය මණ්ඩලයට එවැනිම කැමැත්ත ඇතිව මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන කාල සීමාවක් සඳහා තාවකාලිකව පත් කරනු ලැබීම හෝ එවැනිම කැමැත්ත ඇතිව ඒ කාර්ය මණ්ඩලයට ස්ථිර ලෙස පත් කරනු ලැබීම හෝ කරනු ලැබිය හැකි ය. (5) රජයේ සේවයේ යම් නිලධරයකු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබූ අවසථාවක, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනාගමන මණ්ඩල පනතේ 13 වන වගන්තියේ (2) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඔහුට සහ ඔහු සම්බන්ධයෙන් අදාළ විය යුතුය. (6) රජයෙ සේවයේ යම් නිලධරයෙකු මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට ස්ථිර ලෙස පත් කරනු ලැබූ අවස් ථාවක, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 19 දරන ගමනා ගමන මණ්ඩල පනතේ 13 වන වගන්තියේ (3) වන උපවගන්තියේ විධිවිධාන, අවශ්‍ය වෙනස් කිරිම් සහිතව, ඔහුට සහ ඔහු සම්බන්ධයෙන් අදාළ විය යුතුය. ( 7 ) නිශ්චිත කාල සීමාවක් සඳහා ආණ්ඩුවට සේවය කිරීමට එකඟ වී ඇති යම් තැනැත්තකු මණ්ඩලය විසින් සේවයේ නියුක්ත කරනු ලැබූ අවස් ථාවක, ඒ තැනැත්තා විසින් මධ්‍යස්ථානය යටතේ සේවය කරනු ලබන යම් කාල සීමාවක් එ එකඟවීමේ බැඳීම් ඉටු කිරීමේ කාර්යය සඳහා ආණ්ඩුවට කරනු ලැබූ සේවයක් ලෙස සලකනු ලැබිය යුතුය. (8 ) මණ්ඩලයේ ඉල්ලීම පිට, පළාත් පාලන සේවයේ යම් සාමාජිකයෙකු හෝ පළාත් පාලන ආයතනයක වෙනත් යම් නිල ධරයකු හෝ සේ වකයකු, අවස් ථාවෝචිත පරිදි, ඒ සාමාජිකයාගේ, නිලධරයාගේ හෝ සේවකයාගේ සහ පළාත් පාලන සේවා උප දේශක මණ්ඩලයේ හෝ පළාත් පාලන ආයතනයේ කැමැත්ත ඇතිව, මධ්‍යස් ස්ථානයේ කාර්ය මණ්ඩලයට එවැනිම කැමැත්ත ඇතිව මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන කාල සීමාවක් සඳහා තාව කාලිකව පත් කරනු ලැබීම හෝ විශ්‍රාම වැටුප් හෝ අර්ථසාධක අරමුදල් සම්බන්ධයෙන් වූ අයිතිවාසිකම් වලට අදාළ නියම කොන්දේසි ද ඇතුළුව මණ්ඩලය සහ පළාත් පාලන සේවා උප දේශක මණ්ඩලය හෝ පළාත් පාලන ආයතනය විසින් එකඟවනු ලබන නියම හා කොන්දේසි මත සාමාජිකයා හෝ නිලධරයා හෝ සේවකයා. ඒ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට ස්ථිර ලෙස පත් කිරිම හෝ කරනු ලැබිය හැකිය. (9) මණ්ඩලයේ ඉල්ලීම පිට, රාජ්‍ය සංස්ථාවක යම් නිලධරයකු හෝ සේවකයකු ඒ නිලධරයාගේ හෝ සේවකයාගේ සහ ඒ රාජ්‍ය සංස්ථාවේ කැමැත්ත ඇතිව මධ්‍යස් ථානයේ කාර්ය මණ්ඩලයට එවැනි ම කැමැත්ත ඇතිව මණ්ඩලය විසින් නිශ්චය කරනු ලබන කාල සීමාවක් සඳහා තාවකාලිකව පත් කරනු ලැබීම හෝ විශ්‍රාම වැටුප් හෝ අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් වූ අයිතිවාසිකම් වලට අදාළ නියම හා කොන්දේසි ඇතුළුව මණ්ඩලය සහ එකී රාජ්‍ය සංස්ථාව විසින් එකඟවනු ලබන නියම සහ කොන්දේසි මත ඒ නිලධරයා හෝ සේවකයා මධ්‍ය ස්ථානයේ කාර්ය මණ්ඩලයට එවැනිම කැමැත්ත ඇතිව ස්ථිර ලෙස පත් කරනු ලැබීම හෝ කරනු ලැබිය හැකි ය. (10) යම් තැනැත්තකු (8) වන උපවගන්තිය සහ (9) වන උප වගන්තිය ප්‍රකාර මධ්‍යස් ථානයේ කාර්ය මණ්ඩලයට තාවකාලිකව පත් කරනු ලැබූ අවස්ථාවක, ඒ කාර්ය මණ්ඩලයේ වෙනත් යම් සාමාජිකයකු යටත් වන විනය පාලනයටම ඒ තැනැත්තා යටත් විය යුතුය. 86. (1) මේ කොටස මගින් නියම කරනු ලැබීමට අවශ්‍ය කරන ලද්දා වූ කාරණා සම්බන්ධයෙන් හෝ නියෝග සෑදීමට අවශ්‍ය කරන ලද්දා වූ හෝ බලය දෙන ලද්දා වූ කාරණා සම්බන්ධයෙන් හෝ අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකිය. (2) අමාත්‍යවරයා විසින් සාදනු ලබන සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයෙහි පළ කළ යුතු අතර එසේ පළ කරනු ලබන දිනයෙහි හෝ එහි නිශ්චිතව සඳහන් කළ හැකි පසු දිනයක සිට එය ක්‍රියාත් මක විය යුතුය. ( 3 ) සෑම නියෝගයක් ම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබීමෙන් පසු හැකි ඉක්මණින් අනුමතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරි පත් කරනු ලැබිය යුතුය. එසේ අනුමත කරනු නොලැබූ යම් නියෝග යක් එම අනනුමතයේ දින සිට පරිච්ඡින්න වූ ලෙස සලකනු ලැබිය යුතුය. නමුත් ඒ යටතේ කලින් කරන ලද කිසිවකට හානියක් නොමැති විය යුතුය. (4) අමාත්‍යවරයා විසින් සාදන ලද යම් නියෝගයක් පරිච්ඡින්න වූ ලෙස සලකනු ලබන දිනය පිළිබඳ දැන්වීම ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුතුය. 87. (1) මේ කොටස මගින් රීති සෑදීමට බලය දී ඇත්තේ නැත හොත් නියම කර ඇත්තේ යම් කාරණා සම්බන්ධයෙන් ද ඒ සියලු කාරණා හෝ ඉන් යම් කාරණයක් සම්බන්ධයෙන් මණ්ඩලය විසින් රීති සාදනු ලැබිය හැකිය. (2) (1) වන උපවගන්තිය යටතේ මණ්ඩලය විසින් සාදන ලද රීතියක් අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබ ඒ අනුමතය පිළි බඳ දැන්වීම ගැසට් පත්‍රයේ පළ කරනු ලබන තෙක් බලාත්මක නොවිය යුතුය. 88. (අ) මේ කොටස යටතේ මණ්ඩලය විසින් සද් භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි අදහස් කරනු ලබන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් මණ්ඩලයට විරුද්ධව; (ආ) මේ කොටස යටතේ හෝ මණ්ඩලයේ විධානය පිට හෝ මධ්‍යස්ථානයේ යම් සාමාජිකයකු හෝ සේවානියුක්ත යකු විසින් සද් භාවයෙන් කරන ලද හෝ කරන ලදැයි අදහස් කරනු ලබන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඒ සාමාජිකයාට හෝ සේවා නියුක්තයාට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩුවක් නොපැවරිය යුතු ය. 89. මණ්ඩලයට විරුද්ධව යම් තැනැත්තකු විසින් කරනු ලබන යම් හිමිකම් පෑමක් හෝ ඉල් ලීමක් මධ්‍යස්ථානයේ සුභසිද් ධිය ගැන සැලකිල්ල යොමු කිරීමේ දී එය සාධාරණ යයි මණ්ඩලය විසින් සල කනු ලබන අවස් ථාවක අමාත්‍යවරයාගේ අනුමතය ඇතිව මණ්ඩලය විසින් ප්‍රමාණවත් වන්නේ යයි සලකනු ලබන මුදලක් වන්දියක් ගෙවීමෙන් ඒ හිමිකම් පෑම හෝ ඉල්ලීම විසින් සමථයට පත් කරනු ලැබිය හැකිය. 90. (4) මධ්‍යස්ථානයේ යම් නිශ්චිත කාර්යයක් සඳහා යම් නිශ් චල දේපළක් අත් කර ගැනීමට අවශ්‍ය වන අවස්ථාවක, ගැසට් පත්‍ර යෙහි පළ කරනු ලබන නියමයක් මගින් යෝජිත අත්කර ගැනීම අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබිය හැකි අතර එම ඉඩම නිශ්චල දේපළ අවශ්‍ය වන්නා වූ කාර්යය මහජන කාර්යයක් ලෙස සලකනු ලැබිය යුතුය. ඉන් ඉක් බිතිව ඉඩම් විෂයය භාර අමාත්‍යවරයා විසින් එම නිශ්චල දේපළ ඉඩම් අත් කර ගැනීමේ පනත යටතේ අත්කර ගනු ලැබිය හැකි ය. (2) මධ්‍යස් ථානය සඳහා ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ යම් නිශ්චල දේපළක් අත්කර ගැනීම සඳහා ගෙවිය යුතු යම් මුදලක මධ්‍ය ස්ථානය විසින් ගෙවනු ලැබිය යුතු ය. 91. (1) අමාත්‍යවරයාගේ ඉල් ලීම පිට, ඉඩම් විෂයය භාර අමාත්‍ය වරයා විසින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියමයක් මධ්‍යස්ථානයේ යම් නිශ්චිත කාර්යයක් සඳහා යම් නිශ්චල රජයේ දේ පළක ස න්තකය සහ පාවිච්චිය, මධ්‍යස්ථානය වෙත පැවරීම සහ සතු කිරීම කරනු ලැබිය හැකිය. (2) අමාත්‍යවරයා විසින්, ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන නියම යක් මගින්, මධ්‍ය ස්ථානයේ යම් නිශ්චිත කාර්යයක් සඳහා යම් චංචල රජයේ දේපළක (මුදල් ඇතුළුව) සන්තකය සහ පාවිච්චිය මධ්‍යස්ථානය වෙත පැවරීම සහ සතු කිරීම කරනු ලැබිය හැකි ය: එසේ වුව ද මේ උපවගන්තියේ ඉහතින් වූ විධිවිධාන යටතේ රජයේ යම් චංචල දේපළකට බලපාන කිසිම නියමයක්, ඒ දේපළ පිළිබඳ පාලනය භාර අමාත්‍යවරයාගේ එකඟත්වය නොමැතිව, අමාත්‍යවරයා විසින් කරනු නොලැබිය යුතු ය. උපලේඛනය (48 වන වගන් තිය) මණ්ඩලයට පවරා හා මණ්ඩලය වෙත සතු කර දෙනු ලබන කුඩා කර්මාන්ත දෙපාර්තමේන් තුවේ අංශ. අරුමෝසම් භාණ්ඩ සෙල්ලම් භාණ්ඩ වේවැල් භාණ්ඩ උණ බට භාණ්ඩ ඉරටු භාණ්ඩ පැදුරු කර්මාන්ත හණ භාණ්ඩ වැටකෙයියා භාණ්ඩ තල කොළ භාණ් ඩ ඉදිකොළ භාණ්ඩ වෙස් මුහුණු සෑදීමේ කර්මාන්ත ලී කැටයම් කිරීමේ කර්මාන්ත පොල් කටු කැටයම් කිරීමේ කර්මාන් ත රේන්ද ගෙතීමේ කර්මාන්ත මැහුම් කර්මාන්ත ග්‍රාමීය මැටි කර්මාන් ත ලාක්ෂ කර්මාන්ත බට භාණ්ඩ පන් භාණ්ඩ අවන් කර්මාන්ත සඳහා වූ මධ්‍යස්ථාන
97
acts_1982-10-12_Shop_and_Office_Employees_Regulation_of_Employment_and_Remuneration_and_Wages_Boards_Amendment_si
act
1982
5
1
0.989304
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පාර්ලිමේන්තුව 1982 අංක 36 දරන සාප්පු සහ කාර්යාලයීය සේවක (දෙවා නියුක්තිය සහ පාරිශ්‍රමික විධිමත් කිරීම) සහ පඩි පාලක සභා (සංශෝධන) පනත (තිකය සටහන් කළේ 1982 ඔක් තෝබර් මස 12 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 ඔක් තෝබර් මස 15 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 36 දරණ සාප්පු සහ තාරකාලිය එක් වන විදි නියුක්තිය මත සාරිගමික විධිමිත කර්ම සහි ප - (සිංzඩන ජනතා" සාප්පු සහ කාර්යාලයීය සේවක (සේවා නියුක්තිය සහ පාරිශ්‍රමික විධිමත් කිරීම) පනත සහ ¨ පඩි පාලක සභා ආඥාපනත සංශෝධනය මුලු ම් එකුරය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු වනු ලැබේ: 1. මේ පනත 1982 අංක 36 දරන සාප්පු සහ කාර්යාලයීය සේවක (සේවා නියුක්තිය සහ පරිශ්‍රමික විධිමත් කිරීම) සහ පඩි නත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. සාපපු සහ කාර්යාලයීය සේවක (සේවා නියුක්තිය පාරිශ්‍රමික විධිමත් කිරීම ) පනතේ 52 වන වගන්තියේ (2) වන උපවගන්තිය ඒ ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්ති ආදේශ කිරීමෙන් එ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. " (2) (1) වන උප වගන්තිය යටතේ සේවා යෝජකයකු වරද කරු කරනු ලැබූ විටක, අධිකරණය විසින් පනවනු ලැබිය හැකි වෙනත් සම් අණ්ඩනයකට අතිරේකව - (අ) සේවානියුක්තයකුට නිසි ලෙස ගෙවිය යුතුව තුබූ මුදල ඒ සේවානියුක් තයට නොගෙවන ලද අවස් ථාවක, අධිකරණය විසින් දැනගනු ලබන මුල හා ඇත්ත වශයෙන් ගෙවන ලද මුදල අතර ඇති වෙනසට සමාන මුදල සහ (2 අ) උපවගන්තියේ සඳහන් අධිභාරය. මෙ සමානියුක්තයාට ලැබිය යුතු පරිශ්‍රමිකයෙන් කිසිම පංගුවක් නොගෙවන ලද අවස්ථාවක, අධිකරණය විසින් දැනගනු ලබන ඒ මුදලට සමාන පරිශ්‍රමිකය හා (2අ ) උප වගන්ති සඳහන් අධිහාරය ගෙවීමට සේවායෝජකයාට අධිකරණය විසින් ආඥා කරනු බිය හැකි ය. මේ උපවගන්තිය යටතේ ගෙවීමට ආඥා කරන උද යම් මුදලක් දඩයක් අයකර ගනු ලබන ආකාරයෙන් ම අය කර ගනු ලැබිය හැකිය. (24) (2) වන උපවගන්තියේ (අ) ඡේදයෙහි හෝ (ආ) ඡේද යෙහි හෝ සඳහන් යම් මුදලක් මත ගෙවිය යුතු අධිහාරය පහත දැක්වෙන පරිදි ගණන් බැලිය යුතු ය :- (අ) ඒ මුදල මාස එකක් ඉක්මවන එහෙත් මාස තුනක් නො ඉක්මවන කාලයකට හිඟව ඇති අවස් ථාවක, ඒ මුදලෙන් සියයට විස්සක අධිභාරයක්; මුදල් මාස තුනක් ඉක් වෙන එහෙත් මාස හයක් නො ඉක්මවන කාලයකට හිඟව ඇති අවස් ථාවක, ඒ මුදලෙන් සියයට තිහක අධිභාරයක් (ඈ) ඒ මුදල මාස හයක් ඉක්මවන එහෙත් මාස දොළහක් නො ඉක්මවන කාලයකට හිඟව ඇති අවස් ථාවක, ඒ මුදලෙන සලමය සියයට හතළිහක අධිහාරයක් ; (ඈ) ඒ මුදල මාස දොළහක් ඉක්මවන කාලයකට හිඟව ඇත අවස්ථාවක, ඒ මුදලෙන් සියයට පන්හක අධිභාරයක්.'". II වන කොටස සී.ශ්‍රී, මේ මකාවයෙහි * ප්‍රධාන ප්‍රඥප්තිය" යනුවෙන් හඳුන්වනු ලබන) පඩි පාලක සභා ආඥාපනතේ වන වන්තියෙහි (2) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්ති ආදේශ කිරීමෙන් එ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. 2) (1) වන උපවගන්තිය යටතේ යම් කම්කරුවකු හා සම්බන්ධයෙන් සේවායෝජකයකු වරදකට වරදකරු කරනු ලැබූ විටක, අධිකරණය විසින් පනවනු ලැබිය හැකි වෙනත් ණ්ඩනයකට අතිරේකව (අ) කම්කරුවකුව නිසි ලෙස ගෙවිය යුතුව තිබූ මුදල ඒ කම්කරු වාට නොගෙවන ලද අවස් ථාවක, අධිකරණය විසින් දැන පාන ගනු ලබන ඒ මුදල හා ඇත්ත වශයෙන් ගෙවන ලද මුදල අතර ඇති වෙනසට සමාන මුදල් සහ (24) උපවගන්තියේ සඳහන් අධිභාරය; ආ ) ඒ කම්කරුවාට ලැබිය යුතු වේතනයෙන් කිසිම පංගුවක් රුවාට නොගෙවන ලද අවස්ථාවක, අධිකරණය විසින් දැනගනු ලබන ඒ චේතනවලට සමාන මුදල සහ (2 අ) උපවගන්තියෙහි සෑඟින් අධිභාරය ගෙවීමට සේවායෝජකයාට අධිකරණය පිසින් ආඥා කරනු ලැබිය ඉහැකිය. මේ උපවගන්තිය යටතේ ගෙවීමට ආඥා කරන ලද යම් ළමුදලක් දඩයක් අයකර ගනු ලබන ආකාරයෙන් ම අයකර ගනු සදා ලැබිය හැකි ය. (2 අ) (2) වන උපවගන්තියේ (අ) ඡේදයෙහි හෝ 5 මඡේදයෙහි සඳහන් යම් මුදල මත විය යුතු අධිභාරය පහත සක් වෙන පරිදි ගණන් බැලිය යුතලයේ - (අ) ඒ මුදල මාස එකක් ඉක් මවන එහෙත් මාස තුනක් මේ වන කාලයකට ගිහිවී ඇති අවස් ථාවක, ඒ මුදලෙන් සියයට විස්සක් ඒ මුදල මාස ඉක්මවන එහෙත් මාස හයක් නඉක්මවන කාලයකට ගිහිව ඇති අවස්ථාවක, ඒ මුදලෙන් සියයට තිහක (ඇ) ඒ මුදල මාස හයක් ඉක්මවන එහෙත් ඉක්මවන කාලයකට හිඟව ඇති අවස්ථාවක, ඒ මුදලෙන් මිදාළහක් නො සියයට හතළිහක අධිභාරයක්; (ඈ) ඒ මුදල මාස දොළහක් ඉක්මවන කාලයකට හිගව ඇති අවස් ථාවක, ඒ මුදලෙන් සියයට පනහක අධිභාරයක්." 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 44 වන වගන්තියෙහි ( 3 ) වන උපවගන් තිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (3) (1) වන උපවගන්තිය හෝ ( 2 ) වන උපවගන්තිය යට තේ සේවායෝජකයකු වරදකරු කරනු ලැබූ විටක අධිකරණය විසින් පනවනු ලැබිය හැකි වෙනත් යම් දණ්ඩනයකට අතිරේකව (අ) කම්කරුවකුට නිසි ලෙස ගෙවිය යුතුව තුබූ මුදල ඒ කම්කරු වාට නොගෙවන ලද අවස් ථාවක, අධිකරණය විසින් දැන ගනු ලබන ඒ මුදල හා ඇත්ත වශයෙන් ගෙවන ලද මුදල අතර ඇති වෙනසට සමාන මුදල සහ 4 වන වගන්තියේ (2 අ) උපවගන්තියෙහි දක්වා ඇති ආකාරයට ගණන් බලනු ලැබූ අධිභාරය; හෝ (ආ) ඒ කම්කරුවාට ලැබිය යුතු වේතනයෙන් කිසිම පංගුවක් නොගෙවන ලද අවස්ථාවක, අධිකරණය විසින් දැන ගනු ලබන ඒ චේතනවලට සමාන මුදල සහ 1 4 වන වගන් තියේ (2අ ) උපවගන්තියෙහි දක්වා ඇති ආකාරයට ගණන් බලනු ලැබූ අධිභාරය ගෙවීමට සේවායෝජකයාට අධිකරණය විසින් ආඥා කරනු ලැබිය හැකි ය.”.
98
acts_1982-11-03_Loans_Special_Provisions_si
act
1982
3
1
0.990706
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 40 දරන ණය (විශේෂ විධිවිධාන) පනත [සහතිකය සටහන් කළේ 1982 නොවැම්බර් මස 03 වන දින ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 දෙසැම්බර් මස 03 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 40 දරන ණය (විශේෂ විධිවිධාන) පනත කිසියම් කාල පරිච්ඡේදයක් තුළ කරනු ලබන වියදම් සඳහා බලය දෙන විසර්ජන පනතක් සම්මත කර නොමැති අවස්ථාවක, ඒ කාල පරිච්ඡේදය තුළ ආණ්ඩුවේ සේවාවන් සඳහා ශ්‍රී ලංකාව තුළින් හෝ ඉන් බාහිරව ණය ලබා ගැනීමට බලය ලබාදීම සඳහා ද ඒ සේ වාවන සඳහා ඒ කාල පරිච්ජේදය තුළ අවශ්‍ය වන මුදල් ඒ ණය වලින් ගෙවීමට විධිවිධාන සැලැස්වීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1982 අංක 40 දරන ණය (විශේෂ විධිවිධාන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. ආණ්ඩුව සඳහා සහ වෙනුවෙන් ණය ලබා ගැනීමට බලය දෙන වෙනත් යම් නීතියකට හානියක් නොමැතිව, පාර්ලිමේන්තුව විසින් විසර්ජන පනතක් සම්මත කරනු නොලැබූ ආණ්ඩුවේ යම් මුදල් වර්ෂයක පළමුවන දිනයෙන් ආරම්භව ඒ මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයෙන් අවසාන වන (මේ පනතෙහි " අදාළ කාල පරිච්ඡේදය '' යනුවෙන් සඳහන් කරනු ලබන) යම් කාල පරිච්ඡේදයක් සඳහා යම් නීතියක් මගින් හෝ ඒ යටතේ විධිවිධාන සලස්වනු ලැබ ඇති නැතහොත් අන්‍යාකාරයකින් නීත්‍යනුකූලව බලය දී ඇති ආණ්ඩුවේ යම් වියදමක්, ශ්‍රී ලංකාව තුළ වුව ද ඉන් බාහිරව වුවද ආණ්ඩුව සඳහා හෝ වෙනුවෙන් ලබා ගැනීමට මෙයින් බලය දෙනු ලබන ණය වලින් දරනු ලැබිය හැකිය. එසේ වුව ද අදාළ කාල පරිච්ඡේදය තුළ වූ කවර හෝ මාස තුනක කාල පරිච්ඡේදයක් සඳහා ලබා ගන්නා ණය වලින් ලැබෙන මුළු මුදල, ආණ්ඩුවේ ඉහතින් වූ මුදල් වර්ෂය සඳහා ලබා ගැනීමට ඒ මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනතින් බලය දී ඇති මුළු ණය ප්‍රමාණයෙන් හතරෙන් එක් පංගුවක් නොඉක්මවිය යුතු
99
acts_1982-11-24_National_Zoological_Gardens_si
act
1982
8
1
0.986516
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 41 දරන ජාතික සත්ව උද්‍යාන පනත [ සහතිකය සටහන් කළෙ 1982 නොවැම්බර් මස 24 වන දින] ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 දෙසැම්බර් මස 03 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයෙ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 41 දරන ජාතික සත්ව උද්‍යාන පනත් ජාතික සත්ව උද්‍යාන පරිපාලනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා ද, සත්ව උද්‍යාන සංවර්ධන හා සුභ සාධක අරමුදල පිහිටු වීම සඳහා ද, ඒ හා සම්බන්ධ වූ හෝ ඊට ආනුෂංගිකව කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1982 අංක 41 දරන ජාතික සත්ව උද්‍යාන පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (1) ජාතික සත්ව උද්‍යාන පරිපාලනය කිරීමේ කාර්ය සඳහා - (අ) ජාතික සත්ව උද්‍යාන අධ්‍යක් පවරයා වීමට හෝ ජාතික සත්ව උද්‍යාන අධ්‍යක්ෂවරයා වශයෙන් වැඩ බැලීමට තැනැත්තකු; (ආ) ජාතික සත්ව උද්‍යාන පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයන් සහ සහකාර අධ්‍යක්ෂවරයන් වීමට හෝ ජාතික සත්ව උද්‍යාන පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයන් සහ සහකාර අධ්‍යක්ෂවරයන් වශයෙන් වැඩ බැලීමට තැනැත්තන්; සහ (ඇ) මේ පනතේ කාර්ය සඳහා අවශ්‍ය විය හැකි වෙනත් එවැනි නිලධරයන් සහ සේවකයන් පත් කරනු ලැබිය යුතු ය. (2) මේ පනතේ කාර්ය සඳහා පත් කරනු ලබන සියලු නිලධර යන් සහ සේ වකයන් දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව හා එහි කාර්ය සඳහා රජයේ නිලධරයන් වශයෙන් සලකනු ලැබිය යුතු ය. 1 වන කොටස ජාතික සත්ව උද්‍යාන අධ්‍යක්ෂවරයාගේ සාමාන්‍ය කාර්ය හා බලතල 3. (4) (මෙහි මි මිතු " අධ්‍යක්ෂවරයා " යනුවෙන් සඳහන් කරනු ලබන) ජාතික සත්ව උද්‍යාන අධ්‍යක්ෂවරයා, (මෙහි මින් මතු '' සත්ව උද්‍යානය '' යනුවෙන් සඳහන් කරනු ලබන) ජාතික සත්ව උද්‍යානයේ කටයුතු හා කාර්ය අධීක් ෂණය කිරීම, පාලනය කිරීම හා පරිපාලනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතුය. 1 (2) (1) වන උපවගන්තියේ කාර්ය සඳහා අධ්‍යක් පවරයා විසින්, සත්ව උද්‍යානයේ නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යක් ෂවරයකු හෝ වෙනත් යම් නිලධරයකු වෙත ස්වකීය බලතල අතුරින් කිසිවක් පවරනු ලැබිය හැකි. 4. අධ්‍යක් වරයා විසින් (අ) කොරටු, මාවත්, ගොඩනැගිලි හා වැටිවල ඉදි කිරීම, ජල ප්‍රමාණයන් සැපයීම සහ සත්ව උද්‍යානයේ පාලනය සඳහා අවශ්‍ය යයි තමා විසින් සලකනු ලබන වෙනත් වැඩ කිරීම සඳහා (ආ) සත්ව උද්‍යානයේ සිටින සතුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා; (ඇ) වාහන ගමනාගමනය විධිමත් කිරීම සහ පාලනය කිරීම සඳහා; (ඈ) වාහන නවතා තැබීම පිණිස විශේෂ පෙදෙස් සැපයීම සඳහා; (ඉ) සත්ව උද්‍යානය බැලීමට පැමිණෙන අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා; සහ (ඊ) සත්ව උද්‍යානය විසින් පවත්වා ගෙන යනු ලබන යම් ගොවි පළක් සහ එහි නිෂ්පාදන සුරැකීම සඳහා සත්ව උද්‍යානය ඇතුළත පියවර ගනු ලැබිය හැකි ය. 5.(1) (අ) නියමිත ගාස්තුව ගෙවීම මත සත්ව උද්‍යානයේ දොරටුවේ දී නිකුත් කරනු ලබන වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව සත්ව උද්‍යානයට ඇතුළුවන; (ආ) අධ්‍යක්ෂවරයා විසින් හෝ යම් නියෝජ්‍ය හෝ යම් සහකාර අධ්‍යක්ෂවරයකු විසින් හෝ අධ්‍යක්ෂවරයා විසින් බලය දෙනු ලැබූ යම් තැනැත්තකු විසින් හෝ ඉල්ලා සිටිනු ලැබූ විට තම ප්‍රවේශ පත්‍රය ඉදිරි පත් කිරීම ප්‍රතික්ෂේප කරන හෝ එසේ කිරීමට අසමත් වන; (ඇ) වෙනත් යම් තැනැත්තකුට සත්ව උද්‍යානයට ඇතුළු වීමට හැකි වනු පිණිස තමා වෙත නිකුත් කරනු ලැබූ ප්‍රවේශ පත්‍රය විකුණන හෝ පවරන හෝ විකිණීමට හෝ පැවරීමට උත්සාහ කරන; (ඈ) සත්ව උද්‍යානය ඇතුළත යම් සතකුට කෑම සැප යීම දැන්වීමක් මගින් තහනම් කරනු ලැබ ඇති යම් ප්‍රදේශයක සිටින යම් සතකුට කෑම සැපයී මෙහි නිරතව සිටින (ඉ) සත්ව උද්‍යානය ඇතුළත, යම් ගුවන් විදුලි යන්ත්‍ර යක් හෝ වෙනත් යම් ශබ්දාබ්රෝපකරණයක් පාවිච්චි කිරීම දැන්වීමක් මගින් තහනම් කරනු ලැබ ඇති යම් ප්‍රදේශයක එවැනි ගුවන් විදුලි යන්ත්‍රයක් හෝ ය පකරණයක් පාවිච්චි කරන; (ඊ) අධ්‍යක්ෂවරයාගේ පූර්ව අනුමතය නොමැතිව සත්ව උද්‍යානය ඇතුළත ඡායාරූපී උපකරණ පාවිච්චි කරන; (උ) අධ්‍යක්ෂවරයාගේ පූර්ව අනුමතය නොමැතිව සත්ව උද්‍යානය තුළට යම් සතකු කැටුව යන; (ඌ) සත්ව උද්‍යානය ඇතුළත තුවක්කුවක්, පතරො මක්, යම් වෙඩි උපකරණයක් හෝ යම් විස්තරයක වෙනත් පුපුරණ ද්‍රව්‍යයක් ගෙන යන හෝ නම් සන්තකයේ හෝ තම පාලනය යටතේ තබා ගෙන ඇති; (එ) යම් තුවක්කුවක් පත්තු කරන හෝ පත්තු කිරීමට තැත් කරන හෝ පුපුරණ ද්‍රව්‍ය කිසිවක් පාවිච්චි කරන ; (ඒ) සත්ව උද්‍යානය ඇතුළත යම් ප්‍රදේශයකට ඇතුළු වීම, දැන්වීමක් මගින් තහනම් කරනු ලැබ ඇති යම් ප්‍රදේශයකට ඇතුළු වන; (ඕ) සත්ව උද්‍යානය ඇතුළත යම් සතකුට සරදම් කරන, පීඩා කරන, බාධා පමුණුවන, හිරි හැර කරන හෝ තුවාල කරන නැතහොත් ප්‍රදර්ශනයට තබා ඇති යම් සතකුගේ ආරක ෂාවට හෝ සෞඛ්‍යයට යම් විධියකින් හානි කරවන වෙනත් යම් ආකාරය කින් ක්‍රියා කරන; (ඕ) සත්ව උද්‍යානය ඇතුළත සත්ව උද්‍යානයේ යම් සේ වානියුක්තයකුට අවහිර කරන, තර්ජනය කරන හෝ ඔහුට බාධා කරන; (ක) සත්ව උද්‍යානයට අයත් යම් දේ පළක් ඉවත් කරන හෝ ඊට හානි පමුණු වන; (ග) අධ්‍යක්ෂවරයා විසින් සපයනු ලැබ ඇති වාහන නැවතුම් පෙදෙස් වලින් පිටත වාහනයක් නවත්වා තබන ; (ච) අධ්‍යක්ෂවරයාගේ පූර්ව අනුමතය නොමැතිව සත්ව උද්‍යානය ඇතුළත යම් අත් පත්‍රිකාවක්, විශාල දැන්වීමක්, පෝස්ටරයක්, දැන්වීමක් හෝ එවැනි යම් ලේඛනයක් බෙදා හරින හෝ ප්‍රදර්ශනය කරන ; (ජ) සත්ව උද්‍යානය ඇතුළත මෝටර් වාහන පැදවීම තහනම් කරනු ලැබ ඇති යම් පෙදෙසක මෝටර් වාහනයක් පදවන; සහ (ට) අධ්‍යක්ෂවරයාගේ පූර්ව අනුමතය නොමැතිව සත්ව උද්‍යානය ඇතුළත යම් භාණ්ඩයක් විකුණන හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කරන යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතු ය. (2) (1) වන උපවගන්තිය යටතේ වරදකට වරදකරු කරනු ලැබූ සෑම තැනැත්තකුම, වරදකරු කරනු ලැබූ විට රුපියල් එක් සියයක් නොඉක්මවන දඩයකට යටත් විය යුතුය. 6. (4) 5 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ වූ යම් වරදක්, රුපියල් සියයක් නොඉකමවන මුදලක් භාර ගැනීමෙන් සිදු කරන ලද වරද බේරුම් කිරීමේ ආකාරයෙන් අධ්‍යක ෂවරයා විසින්, කවර වූ හෝ අවස්ථාවක, සමථයකට පත් කරනු ලැබිය හැකි ය. තවද, එවැනි යම් වරදක් සම්බන්ධයෙන් යම් තැනැත් තකූට විරුද්ධව නඩු වක් පවරනු ලැබ ඇති විට ඒ නඩුව විනිශ්චයට භාජනව ඇත්තේ යම් අධිකරණයක් ඉදිරියේ ද ඒ අධිකරණයේ කැමැත්ත ඇතිව නඩු තීන් දුවට පෙර, යම් අවස් ථාවක, අධ්‍යක් ෂවරයා විසින් ඒ වරද සමථයකට පත් කොට ඒ නඩු පැවරීම අස් කර ගත හැකිය. (2) අධ්‍යක් ෂවරයා විසින් (1) වන උපවගන්තිය යටතේ භාර ගනු ලබන මුදල, මේ පනත යටතේ පිහිටුවනු ලැබූ සත්ව උද්‍යාන සංවර්ධන හා සුභසාධක අරමුදලට බැර කළ යුතුය. 7. යම් වරදකරුවකු වරදකට වරදකරු කරනු ලැබුවේ යම් අධි කරණයක් ඉදිරියේ ද, ඒ අධිකරණය විසින්, ඒ වරද සඳහා යම් දඩ යක් පනවනු ලබන්නේ ද, එයින් එක් අඩක' නොඉක්මවන්නා වූ යම් කොටසක් හෝ සැබවින්ම අයකර ගනු ලබන්නා වූ යම් මුදල් ප්‍රමාණයකින් එක් අඩක් නොඉක් මවන්නා වූ යම් කොටසක් හෝ, මේ පනත යටතේ පිහිටුවනු ලැබූ සත්ව උද්‍යාන සංවර්ධන හා සුභ සාධක අරමුදලට ප්‍රදානය කිරීමට නියම කරනු ලැබීම නීත්‍යනුකූල වන්නේ ය. II වන කොටස සත්ව උද්‍යාන සංවර්ධන හා සුභසාධක අරමුදල 8. (1) මේ පනතේ කාර්ය සඳහා (මෙහි මින් මතු අරමුදල යනුවෙන් සඳහන් කරනු ලබන) සත්ව උද්‍යාන සංවර්ධන හා සුභ සාධක අරමුදල යනුවෙන් හඳුන්වනු ලබන අරමුදලක් පිහිටුවනු ලැබිය යුතු ය. (2) (අ) කවර වූ හෝ ප්‍රභවයකින් පරිත්‍යාග වශයෙන් ලැබීය හැකි සියලු මුදල ; (ආ) 6 වන වගන්තිය යටතේ අධ්‍යක් ක්ෂවරයා විසින් අයකර ගනු ලැබිය හැකි සියලු මුදල් ; (ඇ} දඩ මුදල් වශයෙන් අය කර ගනු ලැබිය හැකි සියලු මුදල් ; (ඈ) උද්‍යාන නිෂ්පාදන විකිණීමෙන් ලබා ගත හැකි සියලු මුදල් ; සහ (ඉ) කවර වූ හෝ ප්‍රභවයන් යම් ආදායමක් වශයෙන් ලැබූ වෙනත් සියලු මුදල් අරමුදලට ගෙවනු ලැබිය යුතු ය. (3) පහත දැක්වෙන මුදල්, මුදල් විෂයය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ පූර්ව අනුමතයට යටත්ව අරමුද ලීන් ගෙවනු ලැබිය හැකිය :- (අ) සත්ව උද්‍යානයට පැමිණෙන අමුත්තන්ට අනුයාත සේවා සැලසීම සඳහා අවශ්‍ය විය හැකි සියලු මුදල් ; (ආ) සත්ව උද්‍යානයේ සේවා නියුක්තයන්ට සුභ සාධන දිරි ගැන්වීමේ යෝජනා ක්‍රම සැලැස්වීම සඳහා අවශ්‍ය විය හැකි සියලු මුදල් ; සහ (ඇ) නිශ්චිත වශයෙන් අන්‍යාකාරයෙන් විධිවිධාන සලස්වා ඇත්නම් මිස, මේ පනතේ කාර්ය සඳහා අවශ්‍ය සියලු වියදම්. (4) අධ්‍යක් ෂවරයා අරමුදලේ පරිපාලනය සඳහා වගකිව යුතුය. (5) අරමුදලේ ගිනුම් විගණකාධිපතිවරයා විසින් විගණනය කරනු ලැබිය යුතු ය. III වන කොටස විවිධ 2. (1) සත්ව උද්‍යානය සම්බන්ධයෙන් වූ සියලු කාරණා හා ප්‍රශ්න පිළිබඳව අධ්‍යක් ෂවරයාට උපදෙස් දීමේ සහ අමාත්‍යවරය වෙත නිර්දේශයන් කිරීමේ කාර්ය සඳහා සභාපතිවරයා වශයෙන් අධ්‍යක් ෂවරයාගෙන් ද, වෙනත් තැනැත්තන් එකොළොස් දෙනකු ගෙන් ද සමන්විත වන්නා වූ උපදේශක කාරක සභාවක් අමා වරයා විසින් පත් කරනු ලැබිය හැකි ය. (2) උපදේශක කාරක සභාවේ රැස්වීම්, යටත් පිරිසෙයින්, සෑම වර්ෂයකදී ම දෙවරක් පැවැත්විය යුතුය. (3) විධිවිධාන නියම කර නොමැති යම් කාර්ය පටිපාටිමය කාරණ යක් සම්බන්ධයෙන් ස්වකීය කාර්ය පටිපාටිය තීරණය කිරීමට උප දේශක කාරක සභාවට හිමිකම් ඇත්තේය. 19. (4) සත්ව උද්‍යානයට අයත් දේපළ බවට අදහස් කරනු ලැබූ කිසියම් සතකු යම් තැනැත්තකු විසින් තම රැකවරණයේ හෝ සන් තකයේ තබාගනු ලැබ සිටින බව විශ්වාස කිරීමට අධ්‍යක් ෂවරයාට යුක්ති සහගත හේතු ඇති අවස්ථාවක අධ්‍යක්ෂවරයා විසින් හෝ ඒ වෙනුවෙන් ලියවිල්ලකින් බලය දෙනු ලැබූ යම් තැනැත්තකු විසින් - (අ) එවැනි සතකු සිටිය හැකි යයි විශ්වාස කිරීමට තමාට යුක්ති සහගත හේතු ඇත්නම් යම් ස්ථානයකට හෝ වාහනයකට ඇතුළු වී එය පරික්ෂා කිරීම; සහ (ආ) ඒ සතාගේ සන්තකය ආපසු ලබා ගැනීම නීත්‍යනුකූල වන්නේය. (2) (1) වන උපවගන්තියේ නියමයන් අනුව යම් සතකු ඉවත් කරගනු ලැබුවේ යම් තැනැත්තකුගේ සන්තකයේ හෝ රැකවර ණයේ සිට ද, ඒ තැනැත්තා, එම සතාගේ සන්තකය නැවත ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම්, එම සතා තමාට අයිති බව ඔපප්පු කිරීමේ භාරය ඒ තැනැත්තා සතු වන්නේය. 11. මේ පනත යටතේ සද් භාවයෙන් කරන ලද හෝ කිරීමට අද හස් කරන ලද යම් ක්‍රියාවක් සඳහා යම් රජයේ නිලධරයකුට විරුද්ධව සිවිල් නඩුවක් හෝ අපරාධ නඩුවක් පවරනු නොලැබිය යුතුය. 12. මේ පනතින් තමා වෙත පවරනු ලැබූ බලතල ක්‍රියාත්මක කරන් හෝ කාර්ය ඉටු කරන යම් තැනැත්තකුට පහර දෙන, බාධක පමුණුවන, තර්ජනය කරන, ඔහු බිය ගන්වන, ඔහුට පරිභව කරන හෝ නින්දා කරන සෑම තැනැත්තකුම වරදකට වරදකරු වන අතර, වරද කරු කරනු ලැබූ විට ඔහු රුපියල් එකසියයක් නොඉක්මවන දඩයකට යටත් විය යුතුය. 13. (1) නියම කළ යුතු යයි මේ පනතින් නියමිත යම් කාරණයක් සම්බන්ධයෙන් හෝ නියෝග සෑදීමටමේ පනතින් බලය දෙනු ලැබූ යම් කාරණයක් සම්බන්ධයෙන් හෝ අමාත්‍යවරයා විසින් නියෝග සාදනු ලැබිය හැකි ය. (2) අමාත්‍යවරයා විසින් සාදන ලද සෑම නියෝගයක්ම ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර එසේ පළ කරනු ලැබූ දින සිට හෝ නියෝගයේ සඳහන් කරනු ලැබිය හැකි යම් පසු දිනයක සිට හෝ ක්‍රියාත්මක විය යුතුය. (3 ) සෑම නියෝගයක්ම, ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු හැකි පහසු ඉක්මණින් අනුමතය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. එසේ අනුමත කරනු නොලැබූ යම් නියෝගයක් අනු මත කරනු නොලැබූ දින සිට පරිච්ඡින්න කරන ලදැයි සලකනු ලැබිය යුතු නමුත්, ඒ යටතේ කරන ලද කිසිවකට හානියක් නොවිය යුතුය. (4) අමාත්‍යවරයා විසින් සාදන ලද යම් නියෝගයක් පරිච්ඡින්න කරන ලදැයි සලකනු ලැබිය යුතු දිනය පිළිබඳ නිවේදනය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතුයි. 14. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත් මිස, මේ පනතෙහි '" සතකු '' යන්නෙන් පෘෂ්ඨවංශික හා අපෘෂ්ඨවංශික කවර වූ හෝ සතකු අදහස් වන අතර ඊට සියලු වර්ගවල පක්ෂීන්, මත්ස්‍යයන් හෝ උරගයන් ඇතුළත් වේ; තවද ජාතික සත්ව උද්‍යානය " යන්නට රජයේ මත්ස්‍ය තටාකය, රත්මලානේ පිහිටි සත්ව උද්‍යාන ගොවිපල සහ රඹුක්කන පින්නවල පිහිටි අලි අනාථාගාරය ඇතුළත් වේ.
100
acts_1982-12-03_Development_Finance_Corporation_of_Ceylon_Amendment_si
act
1982
5
1
0.9886
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 42 දරන ලංකාවේ සංවර්ධන මුදල් සංස්ථා (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1982 දෙසැම්බර් මස 03 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 දෙසැම්බර් මස 03 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 42 දරන ලංකාවේ සංවර්ධන මුදල් සංස්ථා (සංශෝධන) පනත ලංකාවේ සංවර්ධන මුදල් සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1982 අංක 42 දරන ලංකාවේ සංවර්ධන මුදල් ලුහුඬු නාමය සංස්ථා (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. 1958 අංක 8 දරන පනතින් සංශෝධිත (මෙහි මින් මතු ප්‍රධාන ප්‍රඥප්තිය '' යනුවෙන් සඳහන් කරනු ලබන) ලංකාවේ සංවර්ධන මුදල් සංස්ථා පනතෙහි 4 වන වගන්තියේ (2) වන උප වගන්තියෙහි " සියයට විස්ස " යන වචන වෙනුවට, "සියයට හතලිස් නවය '' යන වචන ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය, මෙයින් තව දුරටත් සංශෝධනය කරනු ලැබේ. 3. ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 12 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (4) ඒ වගන්තියේ (vii) වන ඡේදය වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් :- (vii) කළමනාකාර, තාක්ෂණික සහ පරිපාලන උපදේ ශක සේවා සහ වෙළෙඳ බැංකු සේවා වැනි සේවාවන් සැලසීම සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික කාර්මික, කෘෂි කාර්මික භා වාණිජ ව්‍යාපාර වලට කළමනාකාර, තාක්‍ෂණික, පරිපාලන සහ වෙළෙඳ බැංකු සේවා ලබා ගැනීමෙහි ලා සහාය වීම; ". (2) ඒ වගන්තියේ (xv) සහ (xvi) වන ඡේද, පිළිවෙලින් (xxi) සහ (xxii) වන ඡේද ලෙස නැවත අංක කිරීමෙන්. (3) ඒ වගන්තියේ (xiv) වන ඡේදයට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් ඡේද ඇතුළත් කිරීමෙන් :- “ (xv) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කරනු ලබන ඒ ප්‍රමාණ වලින් සහ ඒ කාල සීමා සඳහා සෘණ පත්‍ර නිකුත් කිරීම සහ යම් තැනැත්තකු වෙතින් ස්ථිර තැන්පතු භාර ගැනීම; (xvi) එහි කාර්ය කර ගෙන යාම සඳහා ද එහි බලතල ක්‍රියාවේ යෙදවීම සහ එහි කර්තව්‍ය ඉටු කිරීම සඳහා ද ඊට සහාය වීම පිණිස පරිපාලිත සමාගම් පිහිටු වීම; (xvii) අනුමත ණය දෙන ආයතන සමඟ ණය, සාමාන්‍ය කොටස්, ප්‍රතිරක්ෂණ වැඩ පිළිවෙළවල් සහ ඇප වීම් සම්බන්ධයෙන් සහභාගි වීම; (xviii ) බඩු ගබඩා, ගුදම්, බඩු බාහිරාදිය සහ නැගිලි, යන්ත්‍ර, උපකරණ සහ වෙනත් භාණ්ඩ බදු දීම, කුලියට දීම, එකවර මුදලට විකිණීම හෝ කුලී සින්නක්කර පදනමක් මත විකිණීම; (xix) එහි මුළු ණය මුදල හෝ ඉන් කොටසක් හෝ කාර්මික, කෘෂිකාර්මික හෝ වාණිජ ව්‍යාපාර බවට පත් කිරීම සහ එවැනි යම් ව්‍යවසායක් විසින් නිකුත් කරන ලද බැඳුම්කර වලට හෝ සෘණ පත්‍ර වලට අදාළ එහි දායක මුදල් සාමාන්‍ය ප්‍රාග්ධන කොටස් බවට පත් කිරීම; (xxx) සංස්ථාව විසින් ඉටු කරනු ලබන කාර්ය සඳහා ප්‍රතිෂ්ඨාව වශයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කලින් කල තීරණය කරනු ලබන ඒ කොමිස් මුදල් තැරැව්කාර ගාසතු, පොළිය, පාරිශ්‍රමික හෝ ගාස්තු ලබා ගැනීම. ". 4. 1967 අංක 1 දරන පනතින් සංශෝධිත, ප්‍රධාන ප්‍රඥප්තියේ 7 වන වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කර, ඒ වෙනුවට, පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය, මෙයින් තව දුරටත් සංශෝධනය කරනු ලැබේ :- “(4) සංස්ථාවේ අනුදත් කොටස් ප්‍රාග්ධනය එක් එක් කොටස රුපියල් සියය බැගින් වූ සාමාන්‍ය කොටස් තිස් ලක්ෂයකට බෙදනු ලැබූ රුපියල් කෝටි තිහක් වන්නේ ය. ". 5. ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 12 දරන පනතීන් ප්‍රති යෝජනය කරන ලද ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:-- (4) ඒ වගන්තියේ (2) වන උපවගන්තිය ඉවත් කර, ඒ වෙනුවට, පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :- (2) (මෙහි මින් මතු " ආණ්ඩුවේ අධ්‍යක්ෂවරයා '' යනුවෙන් හඳුන්වනු ලබන) සංස්ථාවේ අධ්‍යක්ෂවරයකු වශයෙන් යම් තැනැත්තකු කලින් කල පත් කිරීමට ද, ඒ තැනැත්තා ධූරයෙන් ඉවත් කිරීමට ද, ඉල්ලා අස්වීමෙන්, මිය යාමෙන්, ඉවත් කරනු ලැබීමෙන් හෝ අන්‍යාකාරයකින් එම ධුරයෙහි පුරප් පාඩුවක් ඇති වූ විට, ඒ පුරප්පාඩුව පිරවීම පිණිස අධ්‍යක්‍ෂවරයකු පත් කිරීමට ද මුදල් විෂයය භාර අමාත්‍යවරයා හිමිකම් ලැබිය යුතු ය. ආණ්ඩුවේ අධ්‍යක්ෂවරයා, මාරුවෙන් මාරුවට විශ්‍රාම ගැනීමට හෝ ඒ අමාත්‍ය වරයා විසින් හැර, ධුරයෙන් ඉවත් කරනු ලැබීමට හෝ යටත් නො වන අතර, සුදුසුකම් ලැබීමේ කොටස් කිසිවක් දැරීමට ඔහු බැඳී නොසිටින්නේ ය. ඉහත කී කරුණුවලට යටත්ව, සංස්ථාවේ වෙනත් යම් අධ්‍යක්‍ෂවරයකු සතු අයිතිවාසිකම් සහ වරප්‍රසාද වලට සමාන අයිතිවාසිකම් හා වරප්‍රසාදවලට ආණ්ඩුවේ අධ්‍ය වරයා හිමිකම් ලබන අතර, එසේම සමාන බැඳීම් වලට ද ඔහු යටත් විය යුතුය.''. (2) ඒ වගන්තියේ (4) වන උපවගන්තිය ඉවත් කර, ඒ වෙනුවට, පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :- (4) සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ධුරය තත් කාලයෙහි දරනු ලබන්නා, ඡන්දය දීමේ අයිතිවාසිකම රහිතව, නිල බලයෙන් පත් වන අධ්‍යක්ෂවරයකු විය යුතුය. නිල බලයෙන් පත්වන අධ්‍යක්ෂ වරයා විසින් සුදුසුකම් ලැබීමේ කොටස් කිසිවක් දැරීම අවශ්‍ය නොවන්නේ ය. " ; තව ද (3) ඒ වගන්තියේ ( 5 ) වන උපවගන්තියෙහි " පුරවැසියන් විය යුතු ය. '' යන වචන වෙනුවට, '' පුරවැසියන් විය යුතු ය. කිසිදු කොටස් හිමි - අධ්‍යක්ෂවරයකු විසින්, අවුරුදු අටකට වැඩි අඛණ්ඩ කාල සීමාවක් සඳහා ධුරය නොදැරිය යුතුය. යන වචන ආදේශ කිරීමෙන් 6. ප්‍රධාන ප්‍රඥප්තියෙහි 13 වන වගන්තියේ (2) වන උප වගන්තිය ඉවත් කර, ඒ වෙනුවට, පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (2) ආණ්ඩුව විසින් සංස්ථාව වෙත (1) වන උපවගන්තිය යටතේ දෙන ලද යම් ණයක් පියවා නොමැති තාක් කල්, සංස්ථාව විසින් එක් එක් වර්ෂයේ දී, ඒ වර්ෂය සඳහා සංස්ථාවේ මුදල් ප්‍රකාශයෙහි දැක්වෙන සංස්ථාවේ ශුද්ධ ලාභ වලින් සියයට විස්සකට අඩු නොවන මුදලක් විශේෂ සංචිත අරමුදලක වෙන් කොට තැබිය යුතු අතර, එසේ වෙන් කොට තබන ලද මුදල එතෙක් පියවීමට තිබුණ ආණ්ඩුවේ ණය ප්‍රමාණයට සමාන වන තෙක් එසේ වෙන් කොට තැබිය යුතු ය.'' 7. ජාතික රාජ්‍ය සභාවේ 1974 අංක 12 දරන පනතින් ප්‍රති යෝජනය කරන ලද ප්‍රධාන ප්‍රඥප්තියේ 14 වන වගන්තියෙහි (1) වන උපවගන්තියේ " හත් කෝටි විසි ලක්ෂයක් '' යන වචන වෙනුවට, '' කෝටි තුන් සියයක් '' යන වචන ආදේශ කිරීමෙන්, වන්තිය, මෙයින් සංශෝධනය කරනු ලැබේ.
101
acts_1982-12-30_Criminal_Procedure_Special_Provisions_Amendment_si
act
1982
3
1
0.973595
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 51 දරන අපරාධ නඩු විධාන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1982 දෙසැම්බර් මස 30 වන දින ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 දෙසැම්බර් මස 31 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 51 දරන අපරාධ නඩු විධාන (විශේෂ විධිවිධාන) (සංශෝධන ) පනත ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 15 දරන අපරාධ නඩු විධාන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1982 අංක 51 දරන අපරාධ නඩු විධාන (විශේෂ ලුහුඬු නාට්ය. විධිවිධාන) (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. 1980 අංක 54 දරන පනතින් අවසන් වරට සංශෝධිත (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය " යනුවෙන් සඳහන් කරනු ලබන) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 15 දරන අපරාධ නඩු විධාන (විශේෂ විධිවිධාන) පනතෙහි 8 වන වගන්තියේ " 1982 දෙසැම්බර් මස තිස් එක් වන දිනයෙන් " යන ඉලක්කම් සහ වචන වෙනුවට " 1984 දෙසැම්බර් මස තිස් එක් වන දිනයෙන් '' යන ඉලක්කම් සහ වචන ආදේශ කිරීමෙන්, ඒ වගන්තිය, මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ. 3. ප්‍රධාන ප්‍රඥප්තියේ පළමුවන උපලේඛනයෙහි 20 වන විෂයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් විෂයයන් එකතු කිරීමෙන්, ඒ උපලේඛනය, මෙයින් සංශෝධනය කරනු ලැබේ :- කැලැ ආඥා පනතේ 3 වන වගන්තියෙන් ප්‍රකාශ යට පත් කරන ලද රක්ෂිත කැලෑවල අනවසර යෙන් ගස් කැපීම සහ අනවසරයෙන් මැණික් ගැරීම්. විෂ වර්ග, අබින් සහ අන්තරායදායක ඖෂධ වර්ග නීති විරෝධී ලෙස වගා කිරීම, සන්තකයෙහි තබා ගැනීම, විකිණීම, අපනයනය කිරීම යනාදිය මගින් වැරදි සිදු කිරීම.".
102
acts_1982-12-30_Nation_Builders_Association_Incorporation_si
act
1982
6
1
0.988623
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 49 දරන ජාතිය ගොඩනගන්නන්ගේ සංගමය (සංස්ථාගත) කිරීමේ පනත [සහතිකය සටහන් කළේ 1982 දෙසැම්බර් මස 30 වන දින 1 ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 දෙසැම්බර් මස 31 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අදත් 19 දරන ජාතිය වහන්නේ නන්ගේ (සංස්ථාගත කිරීමේ) පහත ජාතිය ගොඩනගන්නන්ගේ සංගමය සංස්ථාගත කිරීම සඳහා වූ ජාතිය ගොඩනගන්නන්ගේ සංගමය යනුවෙන් හඳුන් වනු ලබන් සහ සඳහන් කරනු ලබන සංගමයක් ඒ සංගමයේ සාමාජික යන් එකඟ වූ රීති අනුව ඒ සංගමයට සම්බන්ධ සියලු පරමාර්ථ හා කරුණු සඵලාකාරයෙන් ක්‍රියාත්මක කිරීමේ හා කරගෙන යාමේ කාර්යය සඳහා මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබුණු හෙයින් ද එකී සංගමය පිහිටුවනු ලැබුණුව යම් පරමාර්ථ සහ කරුණු සඳහා ඒම පරමාර්ථ හා කරුණු මෙතෙක් ක සංගමය විසින් සාර්ථ කව ක්‍රියාතමක කර සහ ඉටු කර ගෙන පි ඇන්තයින් සහ එකී සංගමය සංස්ථාගත කිරීමට ඉල්ලුම් කර ඇති පෙබින් ඉෂ්ට කිරීම මහජන යහපත සඳහා වන හෙයින් දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. පනත 1982 අංක 49 දරන ජාතිය ගොඩනගන්නන්ගේ සංගමය (සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු " සංගමය " යනුවෙන් සඳහන් කරනු ලබන) ජාතිය ගොඩ නගන්නන්ගේ සංගමයේ දැනට සාමාජිකයන්ව සිටින තැනැත්තන් හෝ මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථා වට මින්මතු සාමාජිකයන් වශයෙන් බඳවා ගනු ලබන තැනැත තන් ද, මේ පක්ෂ ආරම්භ වන දියෙහි සිට සහ ඉන් පසුව (මෙහි මින් මතු " සංස් ථාව යනුවෙන් සඳහන් කරනු ලබ) ''ජාතිය ගොඩ නගන්නන්ගේ සංගමය " යන නාමය සහ අභිධානය යටතේ අවිච්ඡින්න පැවැත්මක් ඇති සංස්ථාවක් බවට පත් විය යුතු අතර, එම සංස්ථාපිත නාමයෙන් එය විසින් හා එයට විරුද්ධව සියලු අධිකරණයන්හි නඩු පවරනු ලැබිය හැකිය. තව ද පොදු මුද්‍රාවක් තබා ගැනීමට හා එය පාවිච්චි සංස්ථාවේ කැමැත්ත පරිදි එය වෙනස් කිරීමට ද පූර්ණ බලය හා අධිකාරය ඒ සංස් ථාවට ඇත්තේය. 3. සංස්ථාව පිහිටුවනු ලබන්නේ කවර පොදු පරමාරථ සඳහා ද ඒ පොදු පර්මාර්ථ පහත සඳහන් පරිදි විය යුතු යයි මෙයින් ප්‍රකාශ කරනු ලැබේ. (අ) මහජනයාගේ උද්යෝගය, දක් ෂතා සහ ස් වේච්ඡාත් මක උත්සාහය ඔවුන්ගේම වැඩි දියුණුව සඳහා උපයෝගිකොට ගෙන එමඟින් ගමේ සංවර්ධනය සහ අවසානයේ දී ජාතියේ උන් නීතිය සාක්ෂාත්කර ගැනීම, (ආ) සංවර්ධන කටයුතු වල යෙදී සිටින ස් වෙච්ඡා සංවිධාන පිළ ගැනීම්, එම සංවිධාන සමග සහ යෝගයෙන් කටයුතු කිරීම යි. "සර්ග හැකි අවස් එවල දී සංවිධාන වල ක්‍රියාකරිත්ව බන්ධීකරණය කිරීමට උපකාර කිරීම. (ඇ) ආත්ම විශ්වාසය නංවාලන ක්‍රියාකාරිත්ව කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වමින් විශේෂයෙන් ග්‍රාමීය අංශය පදනම් කරගත් සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීම, එම ව්‍යාපෘති ඒ යුක්තිය සඳහා අවශ්‍ය සම්පත් ලබා ගැනීම හා ක්‍රියාත්මක කිරීම, (ඈ) දුප්පත් ග්‍රාමීය ජනතාවට ලබා ගත හැකි ආධාර වඩා හොඳින් ලබා දීම සත් ජනතාව අතර පවත්නා තාත්වික ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් රාජ්‍ය පරිපාලන අංශයට ලබා දීම අරඹුණු කොට ගෙන, දුප්පත් ග්‍රාමීය ජනතාව සඝ රාජ්‍ය පරිපාලන අංශ අතර වඩා කිට්ටු සම්බන්ධතාවක් ඇති කිරීම; මිස කණ්ඩායම් වලට ලබාගත හැකි ආධාර වඩා හොඳින් ලබා දීම සහ ජනතාව අතර පවත් න්නා තාත්වික ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ලබා දීම අරමුණු කොට ගෙන, ග්‍රාමීය කණ්ඩායම් පිහිටු වීමට ධෛර්ය දීම සහ ඒ හා සමාන කාර්ය ඉටු කරන සංවිධාන අතර සන්නිවේදන මාර්ග සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සහ ඒ සමාන ප්‍රශ්න වලට මුහුණ දීම; ( ඊ) පිටස් තර අභ්‍යාස මධ්‍යස්ථාන, පවත්නා පාඨශාලා, අධ්‍යයන කණ්ඩායම් සහ සාකච්ඡා සම්මේලන හා වැඩ සම්මේලන වැනි වෙනත් සාමුහික අධ්‍යාපනික ක්‍රියාකාරකම් මඟින් (සමාජ, සංස්කෘතික සහ අධ්‍යාත්මික මෙන් ම විද්‍යාත්මක හා තාක්ෂණික උචිත අධ්‍යාපනික වැඩ ස සටහන් වලට ධෛර්යදීම, ඒවා වැඩි දියුණු කිරීම සහ පවත්වා ගෙන (උ) ඉහත සඳහන් පරමාර්ථ හෝ ඉන් යම් කිසි පරමාර්ථයක් හෝ ඉටු කර ගැනීමට හිතකර හෝ ආනුෂංගික අනෙ කුත් සියලු ක්‍රියා සහ දේවල් කිරීම. 4. සංස්ථාවේ පරමාර්ථ ඉටු කිරීම සඳහා අවශ්‍ය බැංකු ගිණුම් කිරීමේ, පවත්වා ගෙන යාමේ සහ වැසීමේ ද ඇප ඇතිව හෝ නැතිව මුදල් ණයට ගැනීමේ හෝ ලබා ගැනීමේද ප්‍රදාන යන සහ පරිත්‍යාග භාර ගැනීමේ හෝ එකතු කිරීමේද සංස්ථාවේ අරමුදල් ආයෝජනය කිරීමේ සේවක පිරිස් නියුක්ත කර ගැනීමේ, සේ වයෙහි යෙදවීමේ සහ සේවයෙන් පහ කිරීමේ ද බලය ඇතුළුව, සංස් ථාවේ පරමාර්ථ හෝ ඒ පරමාර්ථ අතුරින් යම් පරමාර් ථයක් ප්‍රවර්ධනය කිරීම සහ නංවාලීම සඳහා අවශ්‍ය හෝ යෝග්‍ය කවර ආකාරයක හෝ සියලු ක්‍රියා කිරී කිරීමේ ද කරුණු ඉටු කිරීමේ ද දේවල් ක්‍රියාවේ යෙදීමේ ද බලය මේ පනතේ සහ වෙනත් ලිඛිත නීතියක විධිවිධාන වලට යටත්ව, සංස්ථාවට තිබිය යුතුය. 5. (1) සංස්ථාවේ කටයුතු, නිලධරයන්ගෙන් සහ සංස්ථාවේ රීතිවලින් විධිවිධාන සලස්වා ඇති පරිදි වූ සහ ඒ රීතිවලට අනුකූලව තෝරා පත් කර ගනු ලබන සෙසු තැනැත්තන්ගෙන් විත පාලක මණ්ඩලයක් විසින් සංස්ථාවේ ඒ රීති වලට යටත්ව ලනය කළ යුතු ය එජන්ත ක්‍රියායාක් මකිරීම ආරම්භ වන අවස්ථාවේදී ධුර දරන සංගමයේ පාලක මණ්ඩලය ප්‍රථම පාලකා මණ්ඩලය විය 6. (1) සංස්ථාවට සාමාජිකයන් ඇතුළත් කිරීම, ඉන් ඔවුන්ගේ සංස්ථාවේ රීති. ‍ඉ‍වත්වීම හා විශ්‍රාම ගැනීම හෝ ඔවුන් පහ කිරීම සඳහා ද සංස්ථාවේ කටයුතු කළමනාකරණය කිරීම සඳහා සහ එහි පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා දශ සංස්ථාව විසින් කලින් කල සාමාජිකයන් සභා රැස්වීමක දී ඊට පැමිණ ඡන්දය දෙන සාමාජිකයන් දෙකකට -ඡන්දයෙන්, අනනුකූල නොවන පනතේ. රීති සාදනු ලැබීම නීත්‍යනුකූල වන්නේය. එකී රීති සෑදීමෙන් පසු, එවැනිම රැස්වීමක දී ඒ ආකාරයෙන් ම ඒවා වෙනස් කිරීම, ඊට යමක් එකතු කිරීම, ඒවා සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කිරීම කරනු ලැබිය හැකි ය. (2) සංස්ථාවේ සාමාජිකයන් සංස්ථාවේ නීති වලට යටත් විය යුතුය. 7. මේ පනත ක්‍රියාත්මක වන අවස්ථාවේ දී පවත්නා වූ සංගමයේ සියලුම ණය සහ බැරකම් සංස්ථාව විසින් ගෙවා නිදහස් කළ යුතු අතර සංගමයට අය විය යුතු සියලු ණය, හා ගෙවිය යුතු දායක මුදල් සහ සාමාජික මුදල් සංස්ථාවට ගෙවිය යුතුය. 8. සංස්ථාවේ ආදායම සහ දේපළ හුදෙක් සංස්ථාවේ පරමාර්ථ නංවාලීම පිණිසම යොදා ගත යුතු අතර ඉන් කිසිම කොටසක්, සංස්ථාවේ සාමාජිකයන්ට ලාභාංශ, ප්‍රසාද මුදල් හෝ වෙනත් ලාභ වශයෙන්, කෙළින්ම හෝ අන්‍යාකාරයකින් කරනු නොලැබිය යුතු ය: එසේ වුව ද මේ වගන්තියේ විධිවිධාන (අ) සංස්ථාවට කරන ලද යම් සේවාවක් වෙනුවෙන් සංස්ථාවේ යම් නිලධරයකුට හෝ සේවා නියුක් තයකුට හෝ සංස්ථාවේ යම් සාමාජිකයකුට සිද්භාවයෙන් සාධාරණ සහ නිසි පාරිශ්‍රමිකයන් ගෙවීම ණයට දෙන ලද මුදලක් වෙනුවෙන් පවතින වාර්ෂික බැංකු පොලි ප්‍රමාණය නොඉක්මවනප්‍රමාණයක් අනුව පොලී ගෙවීම හෝ සංස්ථාවේ යම් සාමාජිකයකු විසින් හෝ සංස්ථාවේ සාමාජිකයකු සමාගමකු ප්‍රාග්ධනයෙන් සියයෙන් එක් කොටසක් නොඉක්ම වන කොටස් දරන සාමාජිකයකු වන අවස්ථාවක ඒ සමාගම විසින් සංස්ථාවට කුලියට දෙන ලද ස්ථානයක් කුලියක් ගෙවීම 9. යම් මිළට ගැනීමකින්, ප්‍රදානයකින් ත්‍යාගයකින්, තෙස්ත මෙන්තු නියාදනයකින් හෝ වෙනත් යම් ආකාරයකින් සංස්ථාව වෙත පැවරෙන යම් නිශ්චල හෝ චංචල පළස භාර ගැනීමට හා දැරීමට සංස්ථාවට නීතියෙන් බලය ඇති අතර, එවැනි සියලු දේපළ පනතේ කාර්ය - සඳහා රීති වලට යටත්ව ද උකස් කිරීමේ, විකිණීමේ, බද්දට දීමේ, හුවමාරු කිරීමේ හෝ වෙනත් ආකාරයකින් බැහැර කිරීමේ පූර්ණ බලය සහිතව සංස්ථාව විසින් ඒ දේපළ දැරිය යුතු ය. සංස්ථාවේ 10. යම් සාමාජිකයකුගෙන් සංස්ථාවට අය විය යුතු යම් වාර්ෂික දායක මුදලක ප්‍රමාණය සහ රුපියල් දහයකට වැඩි නොවූ අතිරේක මුදල් ප්‍රමාණයක් ද ඉක්ම වූ යම් සම්මාදම් මුදලක්, සංස්ථාවේ ණය සහ බැරිකම් ගෙවා නිදහස් කිරීම සඳහා ගෙවීමට සංස් ථාවේ කිසිදු සාමාජිකයෙක් බැඳී නැත්තේ ය. 11. සංස්ථාවේ පාලක මණ්ඩලයේ යෝජනා සම්මතයක බලය යටතේ සහ පාලක මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු ඉදිරිපිට දී හැර කිසිම සාධන පත්‍රයකට සංස්ථාවේ මුද්‍රාව නොතැබිය යුතුය. ඒ සාමාජිකයන් දෙදෙනා අතුරෙන් එක් තැනැත්තකු පාලක මණ්ඩලයේ ලේකම්වරයා හෝ පාලක මණ්ඩලය විසින් තත් කාර්යය සඳහා පත් කරනු ලැබූ වෙනත් තැනැත්තකු විය යුතු අතර ඔවුන් පැමිණ සිටිය බවට සළකුණක් වශයෙන් ඔවුන් විසින් ඒ සාධන පත්‍රයෙහි තම නම් අත්සන් කළ යුතුය. තවද එසේ අත්සන් කිරීම සාක ෂිකරුවකු වශයෙන් යම් තැනැත්තකු විසින් කරනු ලබන අත්සනකට පරිබාහිරව විය යුතු ය. 12. සංස්ථාව විසුරුවා හරිනු ලැබූ විට, එහි සියලුම ණය බැරකම් ගෙවා සමථයකට පත් කරනු ලැබීමෙන් පසු, කවර වුව ද දේ පළක් ඉතිරි වේ නම්, ඒ දේපළ සංස්ථාවේ සාමාජිකයන් අතර බෙදා නොදිය යුතු අතර සංස්ථාවේ පරමාර්ථවලට සමාන පරමාර්ථ ඇත්තාවද යම් ආදායමක් හෝ දේපළක් තම සාමාජිකයන් අතර බෙදාදීම ස්වකීය රීති මගින් තහනම් කර ඇත්තා වූ ද වෙනත් යම් සංගමයකට හෝ සංගම් වලට ඒ දේපළ දීම හෝ පැවරීම කරනු ලැබිය යුතුය. ඒ සංගමය හෝ සංගම් කවරේ ද යන්න සංස්ථාව විසුරුවා හරින වෙලාවේ දි හෝ ඊට පෙරාතුවම හෝ සංස්ථාවේ සාමාජිකයන් විසින් තීරණය කළ යුතුය. එසේ කිරීම පැහැර හරින ලද අවස් ස්ථාවක දී ඒ දේපළ නැතහොත් ඉන් යම් කොටසක් දරන හෝ පිහිටි ප්‍රදේශය විෂයයෙහි සිවිල් අධිකරණ බලය ඇති අධිකරණයක් විසින් ඒ සංගමය හෝ සංගම් කවරේදැයි තීරණය කළ යුතු දේපළ ළ හෝ ඉන් ය කොටසක් මේ වගන්තියේ විධිවිධාන ප්‍රකාර නියාදනය කළ නොහැකි වේ නම්, ඒ දේපළ ඒ කොටස යම් පුණ්‍ය කටයුත්තක් සඳහා යෙදවිය යුතුය. 13. මේ පනතෙහි සඳහන් තැනැත' තන්ගේ හා ඔවුන් මගින්, ඔවුන්ගෙන් හෝ ඔවුන් යටතේ හිමිකම් පාන්නවුන්ගේ අයිති වාසි කම්වලට හැර, ජන රජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක හෝ හ හෝ වෙනත් යම් නැත්තන්ගේ හෝ අයිතිවාසිකම් දිවලය පත්තෙහි අතුළ කිසිවකින් හානියක් හෝ බලපෑමක්
103
acts_1982-12-30_Thanthai_Chelva_Memorial_Trust_Incorporation_si
act
1982
7
1
0.989281
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 47 දරන තන්තෙයි වෙල්වා අනුස්මරණ භාරය (සංස්ථාගත කිරීමේ) පනත [සහතිකය සටහන් කළේ 1982 දෙසැම්බර් මස 30 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 දෙසැම්බර් මස 31 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 47 දරන තන්නෙයි වල්වා අනුස්මරණ සාරිය සංස්ථාගත කිරීමේ) පනත තන්තෙයි වෙල්වා අනුස් මරණ භාරය සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි. වැඩිදෙනා අතරේ. "තුන් මතයි. චෙල්වා" යනුවෙන් හඳුන්වනු පුර්විකාව ලබන මියගිය සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ චෙල්වනායගම් පිළිබඳ ස මරණය අඛන්ඩව පවත්වා ගෙන යාම පිණිස, " තන් තෙයි වෙල්වා අනුස්මරණ සමාධි අරමුදල '' සහ ''තන්න්තෙයි. වෙල්වා අධ්‍යාපනික අරමුදල '' යනුවෙන් වෙන වෙනම වූ අරමුදල් දෙකකින් සමන්විත වන '' තන් තෙයි චෙල්වා අනුස් මරණ භාරය " යනුවෙන් සඳහන් කරනු ලැබිය යුතු සහ හඳුන්වනු ලැබිය යුතු භාරයක්, ප්‍රසිද්ධ නොතාරිස් සී. වී. විවේකානන්දන් මහතා විසින් සහතික කරන ලද, 1980 මාර්තු මස 20 වන දින අංක 220 766 දරන භාර ඔප්පුවකින් පිහිටුවනු ලැබ ඇති හෙයින් ද එකී භාරයේ භාරකාර මණ්ඩලය විසින් එකී භාරය සංස්ථාගත කරන ලෙස ඉල් ලීමක් කරනු ලැබූ ඇති හෙයින් සහ එකී ඉල්ලීම ඉටු කිරීම මහජන යහපත සඳහා ඉවහල් විය හැකි හෙයින්ද ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :- 1. මේ පනත 1982 අංක 47 දරන තතෙයි. චෙල්වා අනුස්මරණ භාරය (සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (1) මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට සහ ඒ දිනයෙන් පසුව, තන් තෙයි වෙල්වා අනුස් මරණ භාරය (මෙහි මින් මනු '' භාරය ” යනුවෙන් සඳහන් කරනු ලබන) " තන්තෙයි චෙල්වා අනුස් මරණ භාරය '' යන නාමය සහිත සංස්ථාවක් විසූ යුතුය. (2) භාරයට, (4) වන උපවගන්තියෙන් ඊට දී ඇති නාමයෙන් සහ මෙහි සඳහන් කාර්ය සඳහා, අවිච්ඡින්න පැවැත්මක් තිබිය යුතු ය. සියලු අධිකරණ වල දී භාරය විසින් එකී නාමයෙන් නඩු පවරනු ලැබිය හැකි අතර භාරයට විරුද්ධව එකී නාමයෙන් නඩු පවරනු ලැබිය හැකිය. තවද භාරයට පොදු මුද්‍රාවක් තිබිය යුතු අතර, ස් වකීය අභිමතය අනුව එය වෙනස් කිරීමට ද ඊට බලය තිබිය යුතුය. 3. භාරය සංස්ථාගත කරනු ලැබුවේ යම් පරමාර්ථයක් සඳහා ද ඒ පරමාර්ථය (1) (මෙහි මින් සමිත " සමාධි අරමුදල '' යනුවෙන් සඳහන් කරනු ලබන) කන්තෙයි චෙල්වා අනුස් මරණ සමාධි අරමුදල (අ) මිය ගිය නායක තන් තෙයි චෙල්වාට ගරු බුහුමන් කිරීමට මේ රටේ ජනතාවට සහ පිටරටින් මෙහි පැපැමිණෙන තැනැත්තන්ට හැකි වන පිණිස ඉදී කරනු ලබන ස් මාරක කණුවක් සහිතව සමාධිය නඩත්තු කිරීමේ සහ සංරක්ෂ ණය කිරීමේ; (අ) අවශ්‍ය වන විටක හෝ භාරකාර මින් බලය විසින් සුදුසු යයි සලකනු ලබන විටක හෝ කරනු ලබන යම් විශාල කිරීම්, එකතු කිරීම්, වෙනස් කිරීම් සහ අමුතු කිරීම් ද ඇතුළුව එකී සමාදිය යහපත් තත් වයකින් පවත්වා ගෙන යාවේ කාර්ය සඳහා උපයෝගි කර ගැනීම පිණිස; හා ( 2 ) (මෙහි මින් මතු " අධ්‍යාපනික අරමුදල " යනුවෙන් සඳහන් කරනු ලබන) තන්තෙයි චෙල්වා අධ්‍යාපනික අරමුදල සාමාන්‍යයෙන් අධ්‍යාපනික ප්‍රගතිය සඳහා සහ විශේෂයෙන් - (අ) ශ්‍රී ලංකාව ඇතුළත සහ පිට රට වල පර්යේෂණ කටයුතු වල යෙදීම ද ඇතුළුව සුදුසු දෙමළ බස කථා කරන ජන කොට් වාසයට අයත් ශිෂ්‍යයන්ට තම අධ්‍යාපනය කර ගෙන යාම සඳහා ශිෂ්‍ය ත්ව, ණය, අත්තිකාරම් සහ වෙනත් ප්‍රදාන වශයෙන් මුදල් ආධාර සැලසීමේ; (ආ) මහජන සැලකිල්ල යොමුවෙක් මාතෘකා සම්බන්ධයෙන් වර්ෂයකට වතාවක් හෝ දෙවතාවක් විශාරදයන් ලවා අනුස් මරණ දේශනා පැවැත් වීමේ; (ඇ) දෙමළ භාෂාව සහ දෙමළ සාහිත්‍යය විෂයයෙහි ඉහත කී අනුස් මරණ දේශන පිළිබඳව ද දෙමළ බස කථා කරන ජනතාවගේ සමාජයයීය, දේශපාලනමය, ඓතිහාසික සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව ද පොත්පත් පළ කිරීමේ සහ තන්තෙයි වෙල්වාගේ සහ වෙනත් දෙමළ විද්වතුන් ගේ සහ නායකයින්ගේ චරිතො පදාන සහ දේශනාදිය පළ කිරීමේ; (ඈ) දෙමළ භාෂාවෙන් වූ උසස් කෘත්‍යද දෙමළ බස කථා කරන ජනතාවගේ සමාජයීය, ආර්ථික, දේශපාලනමය සහ ඓති හාසික සංවර්ධනය පිළිබඳ උසස් කෘත්‍යද තන් තෙයි චෙල් වාගේ සහ වෙන්ති නායකයින්ගේ පොත්පත් ද තැබීම සඳහා පුස්තකාලයක් ගොඩනගා පිහිටු වීමේ (ඉ) ග්‍රාම වර්ධනයට සහ ප්‍රජා සුභසාධනයට සම්බන්ධ සර්වෝදය කටයුතු වලට සහභාගි වීමෙන් සර්ව ව්‍යාප්ත සමාජ වෙන සක් සහ සිරිත් විරිත්, අගැයීම් සහ සංකල්ප පිළිබඳ පූර්ණ පරිණාමයක් ඇති කිරීමට හැකි වන සේ සර්වෝදය තරුණ සේවා පිරිස් සංවිධානය කිරීමේ සහ පුහුණු කිරීමේ; (ඊ) දෙමළ බස කථා කරන ජනතාවගේ නූගත්කම මුලිනුපුටා දැමීම සඳහා වෘද්ධ අධ්‍යාපනය සැලසීමේ අදහසින් සන්ධ්‍යා පාසල් පිහිටුවීමේ සහ සංවිධානය කිරීමේ; සහ (උ) දෙමළ සංස්කෘතිය, දෙමළ භාෂාව, දෙමළ සාහිත්‍යය, දෙමළ බස කථා කරන ජනයාගේ ඓතිහාසික සහ සමාජ අර්ථික වර්ධනය පිළිබඳ පර්යේෂණ අධ්‍යයන කටයුතු සහ සාමාන්‍ය මන් දෙමළ කථා කරන ජනයාට යහපතක් සැලසෙන කළ ආකාරයේ යම් පර්යේෂණ කටයුතු සංවිධානය කිරීම පිණිස සාම ශිෂ්‍යත්වු, ණය, අත්තිකාරම් සහ වෙනත් ප්‍රදාන වශයෙන් 35 ක ය මුදල් ආධාර සැපයීමේ කාර්ය සඳහා උපයෝගී කර ගැනීම පිණිස වෙනම වූ අරමුදල් දෙකක් ලෙස පරිපාලනය කිරීම, කළමනාකරණය කිරීම සහ පාලනය කිරීමය. (1) භාරය පිළිබඳ කටයුතු මේ පනතට සහ ඒ යටතේ සාදන ලද රීති වලට යටත්ව, මෙහි මින් මත විධිවිධාන සලස්වා ඇති පරිදි සංස්ථාපිත සහ සාමාජිකයන් හත් දෙනකුගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් පිසින් පරිපාලනය කළ යුතු ය. (2) ඉහත සඳහන් භාරකාර ඔප්පුවේ පාර්ශවකරුවන් න්ගෙන් සු ඔවුන් විසින් තෝරා පත් කර ගනු ලැබූ සෙසු තුන් දෙනකුගෙන් ද සමන්විත වන සහ මේ පනත ක්‍රියාත්මක වන අවස්ථාවේදී ධුර දරන භාරකාර මණ්ඩලය, මේ පනතේ කාර්යය සඳහා පළමුවන භාරකාර මණ්ඩලය විය යුතුය (3) පැමිණ ඡන්දය දෙන සාමාජිකයන්ගේ සාමාන්‍ය බහුතරයක් විසින් භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා තෝරා පත් කර යුතුය. (4) භාරකාර මණ්ඩලය විසින් තමන් අතුරෙන් මණ්ඩලයේ ලේකම්වරයා තෝරා පත් කර ගත යුතුය. රැස්වීම් පිළිබඳ දැන්වීම් යැවීම, තමා විසින් මණ්ඩලයේ රැස්වීම් පිළිබඳ සියලු වාර්තා සටුහන් කළ යුතු වාර්තා පොත් පවත්වා ගෙනයාම සහ කලින් ලය විසින් තමාට පවරනු ලබන කාර්ය හා කර්තව්‍ය ඉටු කිරීම සහ කිරීම ලේකම්වරයාගේ යුතුකම් විය යුතුය. (5) භාර කාරයකුගේ ධුරය - (අ) ඔහු මිය ගිය හොත් හෝ අශක්‍යතාවකට පත් වී තිබේ නම්; හෝ (ආ) ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් රටක බලපවත්නා යම් නීතියක් යටතේ බුන්වත් හෝ වස්තු හංගත වයට පත් ම.. තැනැත් කකු ලෙස ප්‍රකාශයට පත් කරන ලදුව, නිදහස නොලත් බුන්ව තැනැත්තකු හෝ වස්තු භංගත්වයට පත් තැනැත්තකු නම්; හෝ (ඇ) චරිත දූෂ්ණය සම්බන්ධ වන වරදකට වරදකරු විණි නම් හෝ (ඈ) භාරකාරයකු ලෙස ක්‍රියා කිරීම පැහැර හැරියහොත් හිස් වූ ලෙස සැලකිය යුතුය. (6) භාරකාර මණ්ඩලයේ ඇති වන පුරප්පාඩු ඉතිරි භාරකාරයන් විසින් කරනු ලබන පත්වීම් මගින් පිරවිය යුතුය. (7) භාරකාර මණ්ඩලය යටත් පිරිසෙයින් සෑම තුන් මසකට වරක්වත් රැස්විය යුතු ය. (8) භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා, මණ්ඩලයේ යම් රැස් වීමකට පැමිණ සිටී නම්, ඔහු ඒ රැස්වීමේ මුලසුන දැරිය යුතුය. යම් රැස් වීමකට සභාපතිවරයා පැමිණ නොමැති නම්, රැස්වීමකට පැමිණ සිටින සාමාජිකයන් විසින් තත් කාර්ය සඳහා තෝරා පත් කිර ගනු ලබන මණ්ඩලයේ සමාජිකයකු ඒ රැස්වීමේ මුලසුන දැරිය යුතුය. (9) හාරකාර මණ්ඩලයේ රැස්වීම්වල ගණපුරණය සාමාජිකයන් තුන් දෙනකු විය යුතුය. (10) භාරකාර මණ්ඩලයේ කිසිම ක්‍රියාවක් හෝ කටයුත්තක් මණ්ඩලයේ සාමාජිකත්වයේ යම් පුරප්පාඩුවක් තිබීමේ හේතුව නිසා පමණක් නිර්බල නොවිය යුතුය. (11) අන්‍යාකාර විධිවිධාන සලස්වා තිබෙන අවස්ථාවක්‍ර හැර, මණ්ඩලයේ සෑම කරුණක්ම, පැමිණ ඡන්දය දෙන සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් තීරණය කළ යුතුය. එසේ වුවත් සමාන ඡන්ද ලැබුණ අවස් ථාවක සභාපතිවරයාට හෝ මුලසුන දරන සාමාජකයාට තම සාමාන්‍ය ඡන්දයට අමතරව, තීරක ඡන්දයක් ද තිබිය යුතුය. (12) වැටුප්, දීමනා හෝ සම්මාන මුදලක් වශයෙන් යම් පාරිශු මිකයක් ලැබීමට භාරකරුවන්ට හිමිකම නොතිබිය යුතු නමුත් තම කාර්යයන් ඉටු කිරීමේලා ඔවුන් විසින් දරනු ලබන වියදම් ආපසු ගෙවනු ලැබිය හැකිය. පිඟන් හම් 5. (1) භාරයේ අය සහ වැය, වත්කම් සහ බැරකම් සහ වෙනත් සියලු ගණුදෙනු පිළිබඳව නිසි ගිණුම් පොත් තබා ගැනීමට භාරකාර මණ ඩලය විසින් සැලස් විය යුතුය. (2) සමාධි අරමුදලේ සහ අධ්‍යාපනික අරමුදලේ ගිණුම් වෙන් වෙන් වශයෙන් තබා ගත යුතු අතර එක අරමුදලකින් අනෙක් අරමුදලට කිසිම ආකාරයකින් මුදලක් නොගෙවිය යුතුය. (3) භාරයේ ගිණුම් භාරකාර මණ්ඩලය විසින් පත් කරනු ලබන සුදුසුකම් ලත් විගණකවරයකු විසින් විගණනය කළ යුතුය. (4) භාරයේ මුදල් වර්ෂය මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන ලිත් වර්ෂය විය යුතුය. 6. (1) භාරකාර මණ්ඩලය විසින් පහත දැකවෙන සියලුම් කරුණු සම්බන් න්ධයෙන් හෝ ඉන් කරුණු කිසිවක් සම්බන්ධයෙන් මේ පනතේ විධිවිධාන වලට පටහැනි නොවන විති මහා සභා රැස් වීමක දී පැමිණ ඡන්දය දෙනම් මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ තීරණයකින් කලින් කල සාදනු ලැබිය හැකිය:- (අ) භාරකාර මණ්ණ්ඩලයේ ක්‍රියා කලාපය සහ කාර්ය සහ භාරයේ කටයුතු පිළිබඳව අනුගමනය කළ යුතු කාර්ය පටිපාදිය, (ආ) භාරයෙ සේවා නියුක්තින්ගේ ක්‍රියා කලාපය, කාර්ය සහ කර්තව්‍ය; (ඇ) භාරයේ දේපළ පරිපාලනය කිරීම සහ කළමනා කරණය කිරීම, බැංකු ගිණුම් විවෘත කිරීම සහ ඒ ගිණුම් ක්‍රියාත් මක කිරීම: (ඈ ) අරමුදල් ලබා ගැනීම සහ ත්‍යාග, ප්‍රදාන සහ පරිත්‍යාග එකතු කිරීම සහ භාර ගැනීම්; සහ භාරයේ පරමාර්ථ සාක්ෂාත් කර ගැනීමට සම්බන්ධ හෝ ආනුෂාංශික වෙනත් යම් කරුණක් එවැනි රීති සාදන ලද විට, එවැනිම රැස්වීමක දී සහ ඒවා සාදන ලද ආකාරයෙන් ම, ඒවා වෙනස් කිරීම, ඒවාට යමක් එකතු කිරීම. ඒවා සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කිරීම කරනු ලැබිය හැකිය. (2) භාරකාර මණ්ඩලයේ සාමාජිකයෝ භාරයේ රීති වලට යටත් වන්නාහ. 7. මේ පනතේ සහ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන වලට දේපළ ආදිය සහ භාරයේ රීති වලට යටත්ව,- (අ) යම් මිල දී ගැනීමක්, ප්‍රදානයක්, ත්‍යාග ලැබීමක්, උරුම් හෝ අන්‍යාකාරයකින් භාරය වෙත සතු වීමක් වශයෙන් හෝ නිශ්චල යම් දේපළක් අත්කර කරනු ලබන චංචල ගැනීමේ සහ දැරීමේ; (ආ) භාරය විසින් සතු කර ගන්නා ලද, අත්කර ගන්නා ලද හෝ දරනු ලබන යම් ඉඩමක යම් ගෙඩනැගිල්ලක් ඉදි කිරීමේ; සහ (ඇ) තම දේපළ අතුරින් කිසිවක් විකිණීමේ, ප්‍රදානය කිරීමේ, සමර්පණය කිරීමේ, පැවරීමේ හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීමේ නීත්‍යනුකූල ශක්‍යතාව භාරයට තිබිය යුතු ය: එසේ වුවද, මණ්ඩලය විසින් සභා රැස් වීමකට පැමිණ ඡන්දය දෙන සාමාජිකයන් අතුරින් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවක් විසින් ඒ රැස් වීමේ දී සම්මත කරනු ලබන යෝජනාවක් මගින් යම් නිශ්චල දේපළක් මිලට ගැනීමට හෝ බදු ගැනීමට තීරණය කරන ලද අවස් ථාවක හැර, භාර අරමුදලට අයත් කිසිම මුදලක් එසේ නිශ්චල දේපළක් මිල දී ගැනීම සඳහා හෝ බදු ගැනීම සඳහා මණ් ඩලය විසින් නොයෙදවිය යුතු ය. 8. භාරයේ මුදල් ආණ්ඩුවේ සුරැකුම්පත්වල හෝ පනයේ මහා නගර සභාවේ පරිපාලන සීමාවන් ඇතුළත පිහිටි දේපළ පිළිබඳ මුල් උගස් සඳහා ආයෝජනය කිරීමට මණ්ඩලයට බලය තිබිය යුතුය. 9. භාරකාර මණ්ඩලයේ යෝජනාවක් මගින් විධිමත් ලෙස බලය පවරන ලද භාරකරුවන් දෙදෙනකු ඉදිරිපිට දී හැර කවර හෝ සාධන පත්‍රයකට භාරයේ මුද්‍රාව නොතැබිය යුතු අතර තමන් පැමිණි බවට සාකෂි වශයෙන් ඔවුන් විසින් එකී සාධන පත්‍රයෙහි තම නම් අත්සන් කළ යුතුය. තවද, එම අත්සන් කිරිම සාක්ෂිකරුවකු වශයෙන් යම් තැනැත්තකුගේ අත්සන් කිරීමට බාහිරව විය යුතුය. 10. භාරය විසුරුවා හැරි විට, සියලු ණය සහ බැරකම් පියවීමෙන් පසුව, (භාරයේ බැරට ඇති මුදල් ද ඇතුළුව) යම් දේපළක් ඉතිරි වී තිබේ නම්, ඒ දේපළ යාපනයේ මහා නගර සභාව වෙත සතු විය යුතු ය. 11. මේ පනතේ සඳහන් තැනැත්තන්ගේ හෝ ඔවුන් මගින්, ඔවුන්ගෙන් හෝ ඔවුන් යටතේ හිමිකම් පාන තැනැත්තන්ගේ අයිතිවාසිකම්වලට හැර, ජන රජයේ හෝ යම් රාජ්‍ය මණ්‌ඩලයක සංස්ථාවක හෝ වෙන යම් තැනැත්තන්ගේ අයිතිවාසිකම් වලට මේ පනතේ ඇතුළත් කිසිවකින් හානියක් හෝ බලපෑමක් නොවිය යුතු ය.
104
acts_1982-12-31_Colombo_District_Low_-_lying_Areas_Reclamation_and_Development_Board_Amendment_si
act
1982
7
1
0.985644
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1982 අංක 52 දරන කොළඹ දිස්ත්‍රික්කය (පහත් බිම් ප්‍රදේශ) ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩල (සංශෝධන) පනත [සහතිකය සටහන් කළේ 1982 දෙසැම්බර් මස 31 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1982 දෙසැම්බර් මස 31 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1982 අංක 52 දරන කොළඹ දිස්ත්‍රික්කය (පහත් බිම් ප්‍රදේශ) ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩල (සංශෝධන) පනත 1968 අංක 15 දරන කොළඹ දිස්ත්‍රික් කය (පහත් බිම් ප්‍රදේශ) ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1982 අංක 52 දරන කොළඹ දිස්ත්‍රික්කය (පහත් ලුහුඬු නාමය. බිම් ප්‍රදේශ) ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩල සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු ප්‍රධාන ප්‍රඥප්තිය යනුවෙන් සඳහන් කරනු ලබන) 1968 අංක 15 දරන කොළඹ දිස්ත්‍රික්කය (පහත් බිම් ප්‍රදේශ) ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩල පනතේ දීර්ඝ නාමය අමාත්‍යවරයාගේ නියමයක් මගින් ප්‍රකාශ කරනු ලැබිය හැකි ප්‍රදේශ ගොඩනැගිලි ඉදිකිරීමේ කාර්යයන් සඳහා සුදුසු විය හැකි පරිදි සහ එයට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු " යන වචන වෙනු අමාත්‍යවරයාගේ නියමයක් මගින් එකී සංස්ථාව විසින් ඉදි කිරීම් කටයුතු සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ උපදේශක සේවාවන් භාර ගැනීම සඳහා සහ ඒවාට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු " ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ. 3. (1) ප්‍රධාන ප්‍රඥප්තියේ සහ වෙනත් කවර වූ හෝ ලිඛිත නීතියක සඳහන් වන - (අ) " කොළඹ දිස් ත්‍රික් කය (පහත් බිම් ප්‍රදේශ) ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ් ඩල පනත යන වචන වෙනු ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ වචන; සහ (ආ) “කොළඹ දිස්ත්‍රික්කය (පහත් බිම් ප්‍රදේශ) ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලය " සහ කොළඹ දිස්ත්‍රික් කය (පහත් බිම් ප්‍රදේශ) ගොඩකිරීමේ සහ කිරීමේ මණ්ඩලය හඟවන '' මණ්ඩලය " යන වචන වෙනු වට පිළිවෙලින් " ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර් ධනය කිරීමේ සංස්ථාව ආදේශ කරනු ලැබිය යුතු ය. (2) යම් දැන්වීමක, නිවේදනයක, සාධන පත්‍රයක හෝ වෙනත් ලියවිල් ලක වූ '' කොළඹ දිස්ත්‍රික්කය (පහත් බිම් ප්‍රදේශ) කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩල පනත " දිස්ත්‍රික්කය (පහත් බිම් ප්‍රදේශ) ගොඩකිරීමේ සහ කිරීමේ මණ්ඩලය " පිළිබඳව වූ සෑම සඳහනක් ම, පිළිවෙලින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා සංවර්ධනය සහ '' ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව '' පිළිබඳව වූ සඳහනක් ලෙස කියවා තේරුම් ගත යුතු ය. 4. ප්‍රධාන ප්‍රඥප්තියේ 2 වන වගන්තිය පහත දැක්වෙන ආකාර යට මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (1) ඒ වගන්තියේ (1) වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනු වට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් :- “(1) යම් බිම් ප්‍රදේශයක් පහත් බිම්, වගුරු, මුඩු හෝ ගොහොරු ප්‍රදේශයක් බවට අමාත්‍යවරයා සෑහීමට පත් වන අවස් ථාවක සහ ඒ බිම් ප්‍රදේශය යම් පළාත් පාලන ආයතනයක බල සීමාව තුළ පිහිටා තිබෙන අවස් ථා වක පළාත් පාලන විෂයය භාර අමාත්‍යවරයා සහ එකී බිම් ප්‍රදේශය පිහිටා ඇත්තේ කවර පළාත් පාලන ආයත නයක් හෝ ආයතන තුළද එකී ආයතනය හෝ ආයතන ද විමසීමෙන් පසු නැතහොත් එකී බිම් ප්‍රදේශය පිහිටියා වූ ප්‍රදේශය සඳහා පළාත් පාලන ආයතනයක් සංස්ථා පනය කර නොමැති නමුත් යම් නීතියක් මගින් හෝ නීතියක් යටතේ වෙනත් යම් ආයතනයක් ඇති පිහිටුවා ඇති අවස් ථාවක දී ඒ ආයතනය භාර අමාත්‍ය වරයාගේ එකඟත්වය ඇතිව ගැසට් පත්‍රයේ පළ කරන නියමයක් මගින් ඔහු විසින් ඒ ප්‍රදේශය මේ පනතේ කාර්ය සඳහා ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ ප්‍රදේශයක් බව ප්‍රකාශයට පත් කළ යුතු ය. '' ; තව ද (2) ඒ වගන්තියේ (3) වන උපවගන්තියේ සඳහන් '' ඒ ප්‍රදේ ශය ගොඩ කොට සංවර්ධනය කිරීම සහ එය ගොඩනැගිලි ඉදිකිරීමේ කාර්යයන් සඳහා සුදුසු බවට පත් කිරීම '' යන වචන වෙනුවට '' ඒ ප්‍රදේශය ගොඩ කර සංවර්ධනය කිරීම " යන වචන ආදේශ කිරීමෙන් ". 5. ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තිය එහි (1) වන උපවගන්ති යේ සඳහන් '' 2 වන වගන්තිය යට තේ වූ නියමයක් මගින් ප්‍රකාශිත ඉඩම හෝ ඉඩම් පිහිටියේ යම් ප්‍රාදේශීය බල මණ්‌ ඩලයක බලසීමාව තුළ ද, ඒ ප්‍රාදේශීය බල මණ්ඩලය වෙත පැවරී ඇත්තා වූ ද යම් ඉඩමක් හෝ ඉඩමි " යන වචන වෙනුවට " 2 වන වගන්තිය යටතේ වූ නියමයක් මගින් ප්‍රකාශිත ඉඩම හෝ ඉඩම් පිහිටියේ යම් පළාත් පාලන ආයතනයක් හෝ ආයතන නැතහොත් වෙනත් යම් ආයතන යක බලසීමාව තුළ ද, ඒ පළාත් පාලන ආයතනය, ආයතන නැත හොත් වෙනත් යම් ආයතනය සතු කොට දී ඇත්තා වූද ඉඩමක් හෝ ඉඩම් " යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ. 6. ප්‍රධාන ප්‍රඥප් තියේ 4 වන වගන්තිය එහි (1) වන උපවගන්ති යේ සඳහන් "ඉඩම පිහිටියේ යම් ප්‍රාදේශීය බලමණ්‌ ඩලයක බල සීමාව තුළද ඒ ප්‍රාදේශීය බල මණ්ඩලය වෙත පැවරී නොමැති '' යන වචන වෙනුවට " ඉඩම පිහිටියේ යම් පළාත් පාලන ආයතනය හෝ ආයතන නැතහොත් වෙනත් යම් ආයතනයක බල සීමාව තුළද, ඒ පළාත් පාලන ආයතනය හෝ ආයතන නැතහොත් වෙනත් යම් ආයතනය වෙත සතුකරදී නොමැති '' යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ. 7. ප්‍රධාන ප්‍රඥප්තියේ 6 වන වගන්තිය, එහි (1) වන උපවගන්ති යේ (ආ) ඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන ඡේදය ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ :- (ආ) අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන, යටත් පිරිසෙයින් සුදුසුකම් ලත් එක් සිවිල් ඉංජිනේ රුවකුවත් ඇතුළත් විය යුතු වෙනත් සාමාජිකයන් හය දෙනෙක්. '' 8. ජාතික රාජ්‍ය සභාවේ 1976 අංක 27 දරන පනතින් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 8 වන වගන්තිය පහත දැක්වෙන ආකාරයට මෙයින් තවදුරටත් සංශෝධනය කරනු ලැබේ:- (1) ඒ වගන්තියේ (අ) ඡේදයේ සඳහන් " වාණිජමය හෝ කෘෂිකාර්මික කාර්යය; සහ '' යන වචන වෙනුවට " වාණිජ මය හෝ කෘෂිකාර්මික කාර්ය; යන වචන ආදේශ කිරී මෙන්; (2) ඒ වගන්තියේ (ආ) ඡේදයේ සඳහන් " මණ්ඩලය සතු කර දී ඇති '' යන වචන වෙනුවට මණ්ඩලය වෙත සතු කරදී ඇති ; සහ " ; යන වචන ආදේශ කිරීමෙන්; සහ (3) ඒ වගන්තියේ (ආ)ඡේදයට ඉක් බිතිව ම පහත දැක්වෙන අළුත් ඡේදය එකතු කිරීමෙන් :- " (ඇ) මේ පනතේ 2 වන වගන්තිය යටතේ වූ නියම යක් මගින් ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශ හැරුණු කොට අන් ප්‍රදේශවල ඉංජිනේරු ක්ෂේත්‍ර යේ ඉදිකිරීම් කටයුතු සහ උපදේශක සේවාවන් භාර ගැනීමට '' 9. ප්‍රධාන ප්‍රඥප්තියේ 9 වන වගන්තිය පහත දැක්වෙන ආකාරයට මෙයින් සංශෝධනය කරනු ලැබේ:- (1) ඒ වගන්තියේ (1) වන උපවගන්තිය වශයෙන් ඒ වහන් තිය නැවත අංක කිරීමෙන්; (2) ඒ වගන්තියේ නැවත අංක කරන ලද (1) වන උපවගන්ති යෙහි - (අ) ඒ උපවගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අලුත් ඡේද ඇතුළත් කිරීමෙන් :- “(ආඅ) ඒ ප්‍රදේශවල අධෝ ව්‍යුහ සංවර්ධනය හා සම් බන්ධ වූ වැඩ පිළිබඳ යම් යෝජනා ක්‍රමයක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම; (ආආ) ඒ ප්‍රදේශවල වරායයන් සහ යාත්‍රා නැංගුරම් ලන ස්ථාන ඉදි කිරීම සහ වාරිමාර්ග, මුහුද ගොඩ කිරීම හා වෙරළබඩ සංවර්ධනය යන ක්ෂේත්‍රවල වැඩ භාරගැනීම; (ආ) ඒ උපවගන්තියේ (ඈ) ඡේදයට ඉක්බිතිවම, පහත දැවෙන අලුත් ඡේද ඇතුළත් කිරීමෙන් :- " (ඈඅ) ගොඩ නැගීම්, ඉංජිනේරු සහ ඉදිකිරීම් කට යුතු වලට අවශ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ද ගොඩ නැගීම්, ඉංජිනේරු සහ ඉදි ඇතුළුව කිරීම් කටයුතු කිරීම; (ඈ ආ ) ඉංජිනේරු සහ තාක්ෂණික කටයුතු සම් බන්ධයෙන් අනුශාසක සහ උපදේ ශක සේවා සැපයීම; (ඈ ඇ) ආණ්ඩුව විසින් අනුමත කරනු ලබන යම් ඉඩම් සංවර්ධන ව්‍යාපෘති හා යෝජනා ක්‍රියාත් මක කිරීම සඳහා යම් තැනැත්තකු සමග යම් ගිවිසුමකට එළඹීම; "; තවද (3) ඒ වගන්තියේ නැවත අංක කරන ලද (1) වන උපවගන්ති යට ඉක්බිතිවම, පහත දැක්වෙන අලුත් උපවගන්තිය එකතු කිරීමෙන් :- ( 2 ) මේ වගන්තියේ (1) වන උපවගන්තියෙ විධි විධානවල කුමක් සඳහන්ව ඇත ද, (ආඅ), (ආආ) සහ (ඈඅ) ඡේද යටතේ වූ බලතල, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 3 වන වගන්තිය යටතේ සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද යම් ප්‍රදේශයක ක්‍රියාත්මක කිරීම, නාගරික සංවර්ධන අධිකාරියේ පූර්ව අනුමතය නොමැතිව සංස්ථාව විසින් නොකරනු ලැබිය යුතු ය. ". 10. 9 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර එය ප්‍රධාන ප්‍රඥප් තියේ 9 අ වගන්තිය ලෙස බලාත්මක විය යුතුය :- 9 අ. මේ පනතේ 9 වන වගන්තියේ කුමක් සඳහන් වුව ද මේ පනතේ 8 වන වගන්තියේ දක්වා ඇති අරමුණු මුදුන්පත් කර ගැනීමට අදාළ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබිය හැකි වූ යම් කටයුත්තක නිරත වීමට හෝ කටයුත්තක් කිරීමට හෝ සංස්ථාවට හැකි ය. ''. 11. මේ පනතේ 40 වන වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ කරන ලද සංශෝධනය ඒ ප්‍රඥප්තිය ක්‍රියාත්මක වීමේ දින සිට බලාත්මක වූ ලෙස සියලු කාර්ය සඳහා සලකනු ලැබිය යුතු අතර, ඒ අනුව මේ පනත ක්‍රියාත්මක වීමට පෙර ප්‍රධාන ප්‍රඥප්තියේ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා සංස්ථාව යම් කටයුත්තක නිරත වුයේ ද නැතහොත් යම් කටයුත්තක් කරනු ලැබුවේ ද ඒ කටයුත් තෙහි නිත්‍යනුකූලව නිරත වූ ලෙස ද ඒ කටයුත්ත නීත්‍යනුකූලව කරන ලද ලෙසද සලකනු ලැබිය යුතුය. 12. 26 වන වගන්තියට ඉක්බිතිව ම පහත දැක්වෙන අලුත් වගන්ති මෙයින් ඇතුළත් කරනු ලබන අතර ඒවා ප්‍රධාන ප්‍රඥප්තියේ 26 අ වන සහ 26 ආ වන වගන්ති ලෙස බලාත්මක විය යුතු ය:- 26 අ. සංස්ථාවේ සියලුම නිලධරයන් හා සේවක යන් දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලව සහ එහි කාර්ය සඳහා රජයේ සේවකයන් ලෙස සලකනු ලැබිය යුතු ය. 26 ආ. අල්ලස් පනතේ අර්ථානුකූලව සංස්ථාව උපලේඛනගත ආයතනයක් ලෙස සලකනු ලැබිය යුතු අතර ඒ පනතේ විධිවිධාන ඒ අනුව තේරුම් ගත යුතු ය.'' 13. ප්‍රධාන ප්‍රඥප්තියේ පළමු වන උපලේඛනය මෙයින් ඉවත් කරනු ලැබේ. 14. (4) මේ පනත ආරම්භ වීමේ දිනට පෙරාතුවම පවතින හෝ බලාත්මක වන කොළඹ දිස්ත්‍රික්කය (පහත් බිම් ප්‍රදේශ) ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ සියලු ගිවිසුම්, සම්මුති සහ අනෙකුත් සාධන පත්‍ර ඒවාට කොළඹ දිස්ත්‍රික් කය (පහත් බිම් ප්‍රදේශ) ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලය වෙනුවට ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස් ථාව පාර්ශවකරුවකු වූවා නම් වන ආකාරයෙන් ම, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් හෝ ඊට එරෙහිව පූර්ණ වශයෙන් සහ නියත වශයෙන් ක්‍රියාත්මක විය යුතුය. (2) මේ පනත ආරම්භ වීමේ දිනට පෙරාතුව ම විනිශ්චයට නියමිතව තිබූ කොළඹ දිස් ත්‍රික් කය (පහත් බිම් ප්‍රදේශ) ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලය විසින් හෝ එයට එරෙහිව පවරා තිබුණු සියලු සිවිල් නඩු, නඩු කටයුතු, අභියාචන සහ අනෙ කුත් නීති කටයුතු නතරවීමක් හෝ අත්හැර දැමීමක් හෝ නොවිය යුතු අතර ඒවා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් හෝ එයට එරෙහිව පවත්වාගෙන යාම හෝ ක්‍රියාත් මක කිරීම හෝ කළ හැකිය. (3) මේ පනත ආරම්භ වීමේ දිනයට පෙරාතුව ම වූ දිනයෙහි පවත්නා (1) වන උපවගන්තියෙහි සඳහන් අයිතිවාසිකම්, බැරකම් සහ බැඳීම් නොවන්නා වූ, කොළඹ දිස් ත්‍රික්කයේ (පහත බිම් ප්‍රදේශ) ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලයේ සියලු අයිතිවාසි කම්, බැරකම් සහ බැඳීම්, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධ නය කිරීමේ සංස්ථාවේ අයිතිවාසිකම්, බැරකම් හා බැඳීම් ලෙස සලකනු ලැබිය යුතුය.
105
acts_1983-01-27_Code_of_Intellectual_Property_Amendment_si
act
1983
3
1
0.989067
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1983 අංක 2 දරන බුද්ධිමය දේපළ නීති සංග්‍රහය (සංශෝධන) පතත [ සහතිකය සටහන් කළෙ 1983 ජනවාරි මස 27 වන දින ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 4983 ජනවාරි මස 27 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1983 අංක 2 දරන බුද්ධිමය දේපළ නීති සංග්‍රහය (සංශෝධන) පනත 1979 අංක 52 දරන බුද්ධිමය දේපළ නීති සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතකි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේනතුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1983 අංක 2 දරන බුද්ධිමය දේපළ නීති සංග්‍රහය (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. (මෙහි මින් මතු " ප්‍රධාන ප්‍රඥප්තිය " යනුවෙන් සඳහන් කරනු ලබන) 1979 අංක 52 දරන බුද්ධිමය දේ පළ නීති සංග්‍රහය පනතේ 2 වන වගන්තියේ (3) වන උපවගන්තිය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන්, වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :- “(3) (අ) මේ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ කාර්මික සැලසුම්, පේටන්ට් බලපත්‍ර සහ වෙළෙඳ ලකුණු ලියාපදිංචි කිරීම පිළිබඳ සහ මේ නීති සංග්‍රහයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම පිණිස පත් කරනු ලබන හෝ ඒවා ක්‍රියාත්මක කිරීමෙහි ලා නිරත වන සියලුම තැනැත්තන් පිළිබඳ සාමාන්‍ය පාලනය සහ අධීක්ෂණය අමාත්‍යවරයාගේ විධාන වලට රෙජිස්ට්‍රාර්වරයා වෙත පැව්පිය යුතු ය; තවද (ආ) ප්‍රදර්ශන, තරඟ, සම්මන්ත්‍රණ සහ පළ කිරීම් සංවිධා නය කිරීමෙන් සහ ප්‍රකාශන අයිතිය ආරක්ෂා කිරීම සඳහා සංගම් පිහිටු වීමෙන්, ප්‍රකාශන අයිතිය පිළිබඳ විෂයය ගැන ජාතික වශයෙන් අවබෝධයක් ඇති කිරීම සහ ජාතික වශයෙන් අවබෝධයක් ඇති කිරීමට දිරිගැන්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීම රෙජිස්ට්‍රාර්වරයා විසින් කළ යුතු ය. ". 3. මේ පනතේ 2 වන වගන්තියෙන් ප්‍රධාන ප්‍රඥප්තියට කරන ලද සංශෝධනය, ප්‍රධාන ප්‍රඥප් ප්තිය ක්‍රියාත්මක වූ දිනයේ සිට, සියලු කාර්ය සඳහා ක්‍රියාත්මක වන ලෙස සලකනු ලැබිය යුතු ය.ss
106
acts_1983-01-27_Jaffna_Divine_Life_Society_Incorporation_si
act
1983
6
1
0.991616
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1983 අංක 7 දරන යාපනයේ දේව ජීවිත සමිතිය (සංස්ථාගත) කිරීමේ පනත [සහතිකය සටහන් කළේ 1983 ජනවාරි මස 27 වන දින) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1983 ජනවාරි මස 27 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1983 අංක 7 දරන යාපනයේ දේව ජීවිත සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත යාපනයේ දේව ජිවිත සමිතිය සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි. '' යාපනයේ දේව ජීවිත සමිතිය " යනුවෙන් හඳුන්වනු ලබන සහ සඳහන් කරනු ලබන සමිතියක්, එකී සමිතියේ සාමාජිකයන් එකඟ වූ රීති හා අතුරු ව්‍යවස්ථාවලට අනුකූලව, ඒ සමිතියට සම්බන්ධ සියලු පරමාර්ථ හා කරුණු සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමේ සහ කරගෙන යාමේ කාර්යය සඳහා මෙතෙක් කල් යාපනයේ පිහිටුවා තිබුණු හෙයින් ද: එකී සමිතිය පිහිටුවනු ලැබුවේ යම් පරමාර්ථ හා කරුණු සඳහා ද ඒ පරමාර්ථ හා කරුණු එකී සමිතිය විසින් මේ දක්වා සාර්ථක ලෙස කරගෙන ගොස් හා ක්‍රියාත්මක කර ඇති හෙයින් සහ ඒ සමිතිය සංස්ථාගත කරනු ලැබීමට ඉල්ලුම් කර ඇති හෙයින් එකී ඉල්ලී මට ඉඩදීම මහජන යහපත පිණිස වන හෙයින් ද: ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:- 1. මේ පනත 1983 අංක 7 දරන යාපනයේ දේව ජීවිත සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මේ පනත ආරම්භ වන දින සිට සහ ඉන් පසු (මෙහි මින් මතු " සමිතිය " යනුවෙන් සඳහන් කරනු ලබන) යාපනයේ දේව සමිතිය ජීවිත සමිතියේ දැනට සාමාජිකයන් වූ තැනැත්තන් හෝ මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාවට මින් මතු ඇතුළත් කර ගනු ලබන සාමාජිකයන් '' යාපනයේ දේව ජීවිත සමිතිය '' යන නාමය හා අභිධානය යටතේ අවිච්ඡින්න පැවැත්මක් ඇත්තා වූද (මෙහි මින් මතු " සංස්ථාව '' යනුවෙන් සඳහන් කරනු ලබන) සංස්ථාවක් විය යුතු අතර, පොදු මුද්‍රාවක් තබා ගැනීමේ ද එය පාවිච්චි කිරීමේ ද ස්වකීය අභිමතය පරිදි එය වෙනස් කිරීමේ ද පූර්ණ බලය හා අධිකාරය ඒ සංස්ථාවට ඇත්තේය. තවද සංස්ථාව විසින් සංස්ථාවේ නාමයෙන් සියලු අධිකරණවල නඩු පැවරීම ද සංස්ථාවට විරුද්ධව නඩු පවරනු ලැබීම ද කළ යුතු හා කළ හැකි වන්නේය. 3. සංස්ථාව සංස්ථාපනය කරනු ලබන්නේ යම් පොදු පරමාර්ථ සඳහා ද ඒ පොදු පරමාර්ථ පහත දැක්වෙන පරිදි බව මෙයින් ප්‍රකාශ කරනු ලැබේ:- (අ) (i) පොත්, පත්‍රිකා, සඟරා සහ වෙනත් වාර සංග්‍රහ ප්‍රසිද්ධ කිරීමෙන්; (ii) ආගමික දේශන, සාකච්ඡා සභා, සම්මේලන සහ ඥානකාන්ති (ධර්ම විවේක) පැවැත්වීමෙන්; (iii) ආසන, ප්‍රාණයාම සහ වෙනත් ක්‍රියාකාරකම් පිළිබඳ ක්‍රමවත් පුහුණුවක් සහිතව පුජා, වැඳුම් පිදුම්, භක්ති, ඥාන, කර්ම සහ හත්ථ යෝග මගින් අධ්‍යාත්මික පුනර්ජීවයක් ලබා ගැනීමට සහභාගි වන්නන් හට හැකිවනු පිණිස යෝගි ව්‍යායාම් සහ සදාචාරාත්මක වුත් අධ්‍යාත ත්මික වූත් සාධන පුරුදු පුහුණු කිරීමට මධ්‍යස්ථාන හෝ ශාඛා සමිති පිහිටු වීමෙන් (iv) ඍෂිවරුන්ගේ, සාදුවරුන්ගේ, ආගම් වක්තෘ වරුන්ගේ සහ යෝගීන්ගේ සනාථන ධර්ම ඉගැන් වීම් පතුරුවා ලීමෙන්; (v) පුස්තකාල සහ කියවීම් ශාලා විවෘත කොට පවත්වා ගෙන යාමෙන්; (vi ) සේවය කිරීම, ආදරය, දානය, පාරිශුද්ධිය, භාවනා කිරීම සහ අවබෝධ කර ගැනීම පුරුදු පුහුණු කිරීමෙන් අධ්‍යාත්මික දැනීම පතුරුවා හැරීම (ආ) ආගමික පාඨශාලා, නේවාසිකාගාර, නවාතැන් සපයන නිවාස අනාථ නිවාස සහ මඩම් පිහිටු වීම. නඩත්තු කිරීම හෝ ඒවාට ආධාර කිරීම; (ඇ) කුලය, ලබ්ධිය, ජාතිය හෝ ආගම ගැන නොතකා විශ්ව සහෝදරත්වය නංවාලීම; (ඈ ) මහත්මාවරුන්ට, භක්දාවරුන්ට, රෝගීන්ට සහ දුගීන්ට ආත්මාර්ථයෙන් තොරව සේවය කිරීම; (ඉ) වෘද්ධයන්, අසරණයන් සහ අනාථයන් සඳහා නිවාස පිහිටුවා පවත්වාගෙන යාම; සහ (ඊ) මනුෂ්‍ය වර්ගයාගේ අධ්‍යාත්මික දියුණුවට අවශ්‍ය සහ හිතකර යයි සලකනු ලබන සියලු කටයුතු කිරීම. 4. මේ පනතෙ විධිවිධාන වලට හා වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන වලට යටත්ව, සංස්ථාවේ පරමාර්ථ ක්‍රියාත් මක කිරීම සඳහා අවශ්‍ය බැංකු ගිණුම් විවෘත කිරීමේ, පවත්වාගෙන යාමේ සහ වැසීමේද, ඇප ඇතිව හෝ නැතිව මුදල් ණයට ගැනීමේ හෝ ලබා ගැනීමේ ද, ප්‍රදාන යන් සහ පරිත්‍යාගයන් ලබා ගැනීමේ හෝ එකතු කර ගැනීමේ ද සිය අරමුදල් ආයෝජනය කිරීමේ ද සේවක මණ්ඩලය සේවයට ගැනීමේ, සේවයේ නියුක්ත කර ගැනීමේ සහ සේවයෙන් පහ කිරීමේ ද බලය ඇතුළුව, සංස්ථාවේ පරමාර්ථ හෝ ඒ පරමාර්ථ අතුරින් යම් කිසිවක් හෝ වැඩි දියුණු කිරීම හෝ නංවාලීම සඳහා අවශ්‍ය වන හෝ යෝග්‍ය කවර ආකාරයේ හෝ සියලු ක්‍රියා කිරීමේ ද සියලු කරුණු ඉටු කිරීමේ සහ සියලු දේ ක්‍රියාත්මක කිරීමේ ද බලය සංස්ථාවට ඇත්තේ ය. 5. (1) සංස්ථාවේ තත් කාලයේ වලංගුව බලපවත්න රීති වලට අනුකූලව තෝරා පත් කර ගනු ලබන (අ) සභාපතිවරයාගෙන්; උප සභාපතිවරුන් පස් දෙනකුගෙන්, ගරු ලේකම්වරයාගෙන්, ගරු උප ලේකම්වරයාගෙන්, ගරු භාණ්ඩාගාරිකවරයාගෙන් සහ ගරු උප භාණ්ඩාගාරිකවරයා ගෙන්; (ආ) තවත් සාමාජිකයන් විසි දෙනකුගෙන්, සහ (ඇ) නිල බලයෙන් පත් වන අනුශාසකයන්ගෙන් ගරු සමන්විත වන විධායක කමිටුවක් විසින් සංස්ථාවේ කටයුතු පරිපාලනය කරනු ලැබිය යුතු ය. (2) සංස්ථාවේ ප්‍රථම විධායක කමිටුව මේ පනත ක්‍රියාත්මක වන අවස්ථාවේ දී සමිතියේ විධායක කමිටුවේ නිල දරන සාමාජික යන්ගෙන් සමන්විත විය යුතු ය. (3) ඒ ප්‍රථම විධායක කමිටුව පහත දැක්වෙන සාමාජිකයන් ගෙන් සමන්විත විය යුතු ය:- (1) සින් නිදුරෙයි කනකරත් නම් මහතා - ගරු සභාපති (2) කමලාසානී සුරසංගරන් මහත්මිය - උප සභාපති ( 3 ) කන්දයියා කනකරාජා මහතා - උප සභාපති (4) රාම පිල්ලෙයි සිව මලාර් මෙනෙවිය - උප සභාපති (5) වෛද්‍ය කේ. සිවඥ නරත් නම් මහතා - උප සභාපති ( 6 ) එලිය තම්බි වයිත්‍යලිංගම් මහතා - ලේකම් (7) ඥානසව දරී කනකලිංගම් මහත්මිය - භාණ්ඩාගාරික. 6. සාමාජිකයන් ඇතුළත් කර ගැනීම, ඔවුන්ගෙ අස්වීම හෝ නෙරපීම සඳහා ද, සාමාජිකයන් වර්ග කිරීම සහ රැස් වීම්වල දී ඡන්දය දීමට ඔවුන්ට ඇති හිමිකම, විධායක කමිටුවේ සහ සංස්ථාවේ විවිධ නිලධරයන්ගේ අනුයෝජිතයන්ගේ හා සේවක යන්ගේ කාර්ය ඉටු කිරීම සම්බන්ධයෙන් ද සංස් ථාවේ කටයුතු කරගෙන යාමේ කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් ද, සාමාන්‍යයෙන් සංස්ථාවේ කටයුතු කළමනා කරණය කිරීම සඳහා ද එහි පරමාර්ථ මුදුන්පත් කර ගැනීම සඳහා ද සංස්ථාව විසින්, කලින් කල, සාමාජිකයන්ගේ යම් මහා සභා රැස්වීමක දී පැමිණ සිට ඡන්ද දෙන සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකක ඡන්දයෙන් මේ පනතට අනනුකූල නොවන රීති සෑදීම නීත්‍යනුකූල වන්නේ ය. එකී රීති, සාදනු ලැබූ විට එවැනි ම රැස්වීමක දී සහ ඒ ආකාරයෙන් න්ම ඒවා වෙනස් කිරීම, ඒවාට යමක් එකතු කිරීම, ඒවා සංශෝධනය කිරීම. හෝ පරිච්ඡින්න කිරීම කළ හැකිය. (2) සංස්ථාවේ සියලු සාමාජිකයන් තත් කාලයෙහි බලපවත්නා සංස්ථාවේ රීතිවලට යටත් විය යුතුය. 7. මේ පනතේ කාර්ය සඳහා, මේ පනත ක්‍රියාත්මක වන අවස්ථාවේ සමිතියේ පවත්නා සියලු ණය හා වගකීම් මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාව විසින් ගෙවනු ලැබිය යුතු අතර සමිතියට අය විය යුතු සියලු ණය හා ගෙවනු ලැබිය යුතු සියලු දායක මුදල් හා සාමාජික මුදල් සංස්ථාවට ගෙවනු ලැබිය යුතු ය 8. විධායක කමිටුවේ සාමාජිකයන් යටත් පිරිසෙයින් දෙදෙනෙකු ඉදිරිපිට දී හැර සංස්ථාවේ මුද්‍රාව කවර හෝ සාධන පත්‍රයකට නො තබනු ලැබිය යුතු අතර එකී සාමාජිකයන් දෙදෙනා තමන් පැමිණ සිටි බවට ලකුණක් වශයෙන් එකී සාධන පත්‍රයෙහි තම නම් අත්සන් කළ යුතුය. එම අත්සන් කිරීම සාක්ෂිකරුවකු වශයෙන් යම් තැනැත්තකුගේ අත්සන් කිරීමට අතිරේකව විය යුතුය. 9. යම් මිලට ගැනීමක්, ප්‍රදානයක්. ත්‍යාගයක්, තෙස් තමේන්තු බූදල් බැර කිරීමක් ප්‍රකාර හෝ අන්‍යාකාරයකින් සංස්ථාව සතු වන්නා වූ යම් චංචල හෝ නිශ්චල දේපළක් අත්කර ගැනීමට හෝ දැරීමට නීතිය අනුව සංස්ථාවට හැකියාව තිබිය යුතු අතර එම දේපළ විකිණීමේ, උකස් කිරීමේ, බදු දීමේ, හුවමාරු කිරීමේ හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීමේ පූර්ණ බලය ඇතිව මේ පනතේ කාර්ය සඳහා, සංස්ථාවේ තත් කාලයෙහි බල පවත්නා රීති වලට යටත්ව, එකී සියලු දේ පළ සංස්ථාව විසින් දැරිය යුතුය. 10. මෙම පනතෙහි සඳහන් තැනැත්තන්ගේ සහ ඔවුන් මගින්, ඔවුන්ගෙන් හෝ ඔවුන් යටතේ හිමිකම් පා නවුන්ගේ අයිති වාසිකම්වලට හැර, ජන රජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක හෝ සංස්ථාවක හෝ වෙන යම් තැනැත්තන්ගේ හෝ අයිතිවාසිකම් වලට මේ පනතෙහි ඇතුළත් කිසිවකින් හානියක් හෝ බලපෑමක් නොවිය යුතු ය.
107
acts_1983-01-27_Katugastota_Bauddha_Balamandalaya_Incorporation_si
act
1983
5
1
0.969768
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව 1983 අංක 8 දරන කටුගස්තොට බෞද්ධ බල මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත (සහතිකය සටහන් කළේ 1983 ජනවාරි මස 27 වන දින ) ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී. 1983 ජනවාරි මස 27 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ගැසට් පත්‍රයේ 11 වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී. 1983 අංක 8 දරන කටුගස්තොට බෞද්ධ බල මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත කටුගස් තොට බෞද්ධ බල මණ්ඩලය සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි. " කටුගස්තොට බෞද්ධ බල මණ්ඩලය " යනුවෙන් හඳුන්වනු පුර්විකාව. ලබන සංගමය එකී සංගමයේ සාමාජිකයන් එකඟ වූ රීති අනුව, සංගමයට සම්බන්ධ සියලු කරුණු ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ හා කරගෙන යාමේ කාර්යය සඳහා මෙතෙක් කල් කටුගස් තොට පිහිටුවා තිබූ හෙයින් ද: එකී සංගමය පිහිටුවනු ලැබුවේ යම් පරමාර්ථ හා කරුණු සඳහා ද, ඒ පරමාර්ථ හා කරුණු කීපය මෙතෙක් කල් එකී සංගමය විසින් සාර්ථකව ක්‍රියාත්මක කර හා කරගෙන ගොස් ඇති හෙයින් සහ එම සංගමය සංස්ථාගත කරනු ලැබීමට ඉල්ලුම් කර ඇති හෙයින් ද, එකී ඉල්ලීම ඉෂ්ට කිරීම මහජන යහපත පිණිස වන හෙයින්ද; ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ:− 1. මේ පනත 1983 අංක 8 දරන කටුගස් තොට බෞද්ධ බල ලුහුඬු නාමය. මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ. 2. මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සිට හා ඉන් පසු (මෙහි මින් මතු "සංගමය " යනුවෙන් හඳුන්වනු ලබන තොට බෞද්ධ බල මණ්ඩලයේ සාමාජිකයන්ව සිටින තැනැත ත්තන් හෝ මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාවට සාමාජිකයන් වශයෙන් මින් මතු ඇතුළත් කරනු ලබන තැනැත්තන් (මෙහි මින් මතු " සංස්ථාව " යනුවෙන් සඳහන් කරනු ලබන) " කටුගස් තොට බෞද්ධ බල මණ්ඩලය '' යන නාමය හා අභිධානය යටතේ අවිච් ඡින්න පැවැත්මක් ඇති සංස්ථාපිත මණ්ඩලයක් විය යුතුය. එය විසින් හා එයට විරුද් ධව එකී නාමයෙන් සියලු අධිකරණයන්හි නඩු පැවරීම හා නඩු පවරනු ලැබීමද, කළ හැකි වන්නේය. තවද එකී නාමයෙන් පොදු මුද්‍රාවක් තබා ගැනීමටද, පාවිච්චි කිරීමට ද, තම කැමැත්ත පරිදි එය වෙනස් කිරීමට ද, අමුතු කිරීමට ද, සම්පුර්ණ බලය හා අධිකාරය එයට ඇත්තේය. 3. මෙකී සංස්ථාව සංස්ථාපනය කරනු ලබන්නේ පහත සඳහන් පොදු පරමාර්ථ සඳහා බව මෙයින් ප්‍රකාශ කරනු ලැබේ:- (අ) බුද්ධ ධර්මය අනුව බෞද්ධ සමාජය නගා සිටු වීම, බෞද්ධ මධ්‍යස්ථානයක් ඇති කිරීම සහ එය පවත්වාගෙන යාම, බෞද්ධාගම හා බෞද්ධයන්ගේ වරප්‍රසාදයන් ආරක්ෂා කිරීම; (ආ) සියලු දේශපාලන, ජාති, කුල, ගෝත්‍ර භේදාදියෙන් බෞද්ධයන්ගේ ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික අවශ්‍ය තාවයන් සපුරාලීම; (ඈ) බුද්ධ දේශනාව අනුව සමාජ සේවා කටයුතු කිරීම අනුව කටයුතු කිරීමට බෞද්ධයින් උනන්දු කරවීම්; (ඈ) ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා හා ධර්ම කතා පැවැත්වීම හා වෙනත් ආගමික කටයුතු කිරීම. 4. මේ පනතේ සහ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන වලට යටත්ව අරමුදල් ඇති කර ගැනීමේ ද, බැංකු ගිණුම් විවෘත කිරීමේ, පවත්වාගෙන යාමේ සහ වැසීමේ ද, ඇප ඇතිව හෝ නැතිව මුදල් ණයට ගැනීමේ හෝ ලබා ගැනීමේ ද සංස්ථාවේ පරමාර්ථ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සේවක මණ්ඩලය සේවයට ගැනීමේ, සේවයේ නියුක්ත කර ගැනීමේ සහ සේවයෙන් පහ කිරීමේ ද බලය ඇතුළුව සංස්ථාවේ පරමාර්ථ අතුරින් යම් කිසිවක් වැඩි දියුණු කිරීම හෝ නවතාලීම සඳහා අවශ්‍ය වන හෝ යෝග්‍ය කවරාකාරයේ වූ හෝ සියලු ක්‍රියා කිරීමේ ද, සියලු කරුණු ඉටු කිරීමේ සහ සියලු දේ ක්‍රියාත් මක කිරීමේ ද බලය සංස්ථාවට තිබිය යුතුය. 5. (4) සංස්ථාවේ කටයුතු සංස්ථාවේ රීති වලට යටත්ව තෝරා පත් කර ගත යුතු සාමාජිකයන් ගණනකින් සමන්විත වන අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් සංස්ථාවේ රීති අනුව පරිපාලනය කළ යුතුය. (2) මේ පනත ආරම්භ වන දිනයෙහි ධුර දරන සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය සංස්ථාවේ ප්‍රථම අධ්‍ය ක්ෂ මණ්ඩලය වන්නේ ය. 6. (1) සංස්ථාවේ සියලුම නිශ්චල දේපළවල ආරක්ෂක භාර කාරත්වය සංස්ථාවේ රීති වලට යටත්ව, සංස්ථාවේ භාරකාර මණ් ඩලය වෙත, සංස්ථාවේ රීති අනුව පවරනු ලැබිය යුතුය. (2) මේ පනත ආරම්භ වන දිනයේ ධුර දරන සංගමයේ විධායක ණ්ඩලය සංස්ථාවේ ප්‍රථම භාරකාර මණ්ඩලය වන්නේය. 7. (1) සාමාජිකයන් ඇතුළත් කර ගැනීම, අස්වීම හෝ නෙරපීමි සඳහා ද, සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ, භාරකාර මණ්ඩලයේ සහ කමිටුවල සහ නිලධරයන්ගේ, නියෝජිතයන්ගේ හා සේවක යන්ගේ යුතුකම් ඉටු කිරීම සඳහා ද, කටයුතු කරගෙන යාමේ කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් ද, සාමාන්‍යයෙන් සංස්ථාවේ කටයුතු පරිපාලනය කිරීම සඳහා හා එකී පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම සඳහා සංස්ථාව විසින් කලින් කල සාමාජිකයන්ගේ යම් මහා සභා රැස් වීමක දී හා වැඩි ඡන්දයෙන් මේ පනතේ විධිවිධාන වලට අනනු කූල නොවන රීති සාදනු ලැබීම, නීත්‍යනුකූල වන්නේය. එකී රීති ඒ වාට සෑදීමෙන් පසු එවැනිම රැස් වීමක දී, ඒවා වෙනස් කිරීම, යමක් එකතු කිරීම, ඒ වා සංශෝධනය කිරීම, පරිච්ඡින්න කිරීම (2) වන උපවගන්තියේ විධිවිධාන වලට යටත්ව කරනු ලැබිය හැකිය. සංස්ථාවේ (2) (1) වන උපවගන්තිය යටතේ සාදනු ලැබූ කිසිදු රීතියක් සංස්ථාවේ මහා සභා රැස්වීමකට පැමිණ ඡන්දය දෙන සාමාජිකයන්ගෙන් තුනෙන් දෙකක ඡන්දයෙන් විනා වෙනස් කිරීම, ඒවාට යමක් එකතු කිරීම, ඒවා සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කිරීම කරනු නොලැබිය යුතුය: එසේ වුවද තුනෙන් දෙකක ඡන්ද සංඛ්‍යාව මහා සභා රැස්වීමක දී ඡන්දය දීමට හිමිකම් ඇති සම්පුර්ණ සාමාජික සංඛ්‍යාවෙන් තුනෙන් එකකට අඩු ‍නොවිය යුතුය. (3) සංස්ථාවේ සාමාජිකයන් සංස්ථාවේ රීතිවලට යටත් විය යුතුය. 8. මේ පනතේ කාර්යයන් සඳහා මේ පනත ක්‍රියාත්මක වන අවස්ථාවේ දී පවත්නා සංගමයේ සියලුම ණය හා බැරකම් මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාව විසින් ගෙවිය යුතු සංගමයට අයවිය යුතු සියලු දායක මුදල් හා සාමාජික සංස්ථාවට ගෙවනු ලැබිය යුතුය. 9. භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනකු ඉදිරිපිට දී මිස සංස්ථාවේ මුද්‍රාව කිසිම සාධන පත්‍රයකට නොතබනු ලැබිය යුතුය. එකී සාමාජිකයන් තිදෙනා පැමිණ සිටීමේ ලකුණක් වශයෙන් එකී ලේඛනයේ තම නම අත්සන් කළ යුතු අතර එම අත්සන් කිරීම සාක්ෂිකරුවකු වශයෙන් යම් තැනැත්තකුගේ අත්සන් කිරි මට බාහිරව විය යුතුය. 10. යම් මිළට ගැනීමක්, ප්‍රදානයක්, තෑගි කිරීමක්, අන්තිම කැමති පත්‍රයකින් බැහැර කිරීම් ප්‍රකාර හෝ අන් ආකාරයකින් සංස්ථාව සතු වන්නා වූ යම් චංචල හෝ නිශ්චල දේ පළක් අත් කර ගැනීමටත් සතුව සිටීමටත් නීත්‍යනුකූලව සංස්ථාවට හැකියාව ඇත්තේය. තවද විකිණීමේ, උකස් කිරීමේ, බද්දට දීමේ, හුවමාරු කර ගැනීමේ හෝ අන් ආකාරයකින් බැර කිරීමේ පූර්ණ බලය ඇතිව මේ පනතේ කාර්ය සඳහා සංස්ථාවේ රීතිවලට යටත්ව එකී සියලු දේ පළ දැරිය යුතුය. 11. මේ පනතේ සඳහන් තැනැත්තන්ගේ හා ඔවුන් මගින්, ඔවුන්ගෙන් හෝ ඔවුන් යටතේ හිමිකම් පාන්නවුන්ගේ අයිතිවාසිකම් අයිතිවාසිකම් වලට හැර ජන රජයේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක හෝ වෙන යම් තැනැත්තන්ගේ අයිතිවාසිකම්වලට මේ පනතේ ඇතුළත් කිසිව කින් හානියක් හෝ බලපෑමක් නොවන්නේය.