text
stringlengths
0
6.69k
<author>එරන්ද</author>
<date>2016-08-25 05:31:20</date>
<index>25</index>
<phrase>මගේ නිගමනයට අනුව මෙය කප්පමක් බලාපොරොත්තුවෙන් කළ එකක් නොවේ. මෙය ඔහු සමඟ තරඟවදින තවත් වෙළෙන්දෙක් විය නොහැකිද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය</author>
<date>2016-08-25 05:44:38</date>
<index>26</index>
<phrase>නිමල්, ඔයාගේ කතාවට මාත් එකඟයි. කරන කියන හැමදෙයම මාධ්‍ය විසින් හෙළිකිරීමත් වැරදිකරුවන්ට වාසියක් වෙනවා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>රණතුංග</author>
<date>2016-08-25 05:50:10</date>
<index>27</index>
<phrase>පොලිසියේ ලොකු ලොක්කෝ ලැබූ තනතුරේ රාජකීරිය හරියට කරන්න ඕනෑ. කයිවාරුවට වඩා වැඩයි ඕනෑ. මේ මියගිය පුද්ගලයා මේ රටේ පුරවැසියෙක්. මේ අපරාධකාරයන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ. නිල ඇඳුම පක්ෂවල පාටින් අැඳගත්තොත් නම් රාජකාරිය හරියට කරන්න බැහැ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මහේෂ්</author>
<date>2016-08-25 05:49:44</date>
<index>28</index>
<phrase>හරිම අපරාධයක්. තමන්ගේ මහන්සියෙන් දියුණුවුණ මනුස්සයෙකුට මේකද අත්වන ඉරණම? අඩුමගානේ මේ මනුස්සයා මරන්නේ නැතුව ඉන්න තිබුනා. පුදුම වනචාරි මිනිස්සු. සල්ලි වලට ඕනෑම දහජරා වැඩක් කරයි. මේ අයට තරාතිරම නොබලා මරණ දඬුවම ලබාදෙන්න. කොහෙද අපේ රටේ එහෙම නැහැනේ</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>බණ්ඩාර- කැකිරාව</author>
<date>2016-08-25 05:49:56</date>
<index>29</index>
<phrase>අපේ ලංකාවේ ඉන්නේ වැඩිපුරම තිරිසන්නුද කොහෙද. මිනිස්සු මරන්නේ බල්ලෝ, බළල්ලු ගානට. මිනිසෙක් පැහැරගෙනගොස් මරන්න තරම් මොනතරම් අසත්පුරුෂයෝද ලංකාවේ ඉන්නේ? ගිය සතියේ අර ගාල්ලේ ව්‍යාපාරිකයා මරුවා, අද මේ අහිංසකයා මරුවා. අැයි මෙහෙම වෙන්නේ‍? මේවා නතකරන්න යුධ හමුදාවත් යොදාගන්න.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>චාමර</author>
<date>2016-08-25 06:03:07</date>
<index>30</index>
<phrase>නිමල්, මොහමඩ් කියන කතාව එක පැත්තකින් හරි. ඒ වගේම මාධ්‍යයෙන් හෙළිකිරීම නිසා සොයාගැනීමට සහයකුත් ලැබෙනවා නේද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අකිල</author>
<date>2016-08-25 05:58:31</date>
<index>31</index>
<phrase>කප්පම්කාරයෝත් ප්‍රවෘත්ති බලනවා කියලා අපි හිතන්න ඕනෑ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>450855</articleId>
<title>වැල්ලවත්ත ව්‍යාපාරිකයකු ගැන ලොකු සැකයක්</title>
<author>බිමල් ශ්‍යාමන් ජයසිංහ නිරංගි අබේවික්‍රම</author>
<date>2016 අගෝස්තු මස 25 19:00:02</date>
<body>බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් ශකිබ් සුලෙයිමාන් ගේ ඝාතනය රුපියල් ලක්ෂ 400කට වැඩි මුදල් ගනුදෙනුවක් මත සිදුවන්නට ඇතැයිද වැල්ලවත්තේ ව්‍යාපාරිකයකුගෙන් මේ ගැන ප්‍රශ්න කර ඇතැයි ද පොලිසිය කියයි.
ඔහුට අමතරව දෙහිවල සහ වැල්ලවත්තේ ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් කටඋත්තර ලියාගෙන ඇතැයි පොලිසිය පවසයි.
දැනට පරීක්ෂණයට යොදවා ඇති මුළු පොලිස් කණ්ඩායම් ගණන 11ක් බවත් පොලිසිය කියයි. කොල්ලුපිටිය සිට වැල්ලවත්ත දක්වා සියලු සීසීටීවී කැමරා පරීක්ෂණයට ලක් කිරීමටත් පොලිසිය සැරසෙයි.
බම්බලපිටියේ රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් ශකිබ් සුලෙයිමාන්ගේ (29) පැහැරගෙන පැයක් ඇතුලත මොට ආයුධයකින් ඔහුගේ කනකට ඉහළින් එල්ල කළ දරුණු පහරකින් ඔහු මිය ගිය බවට කෑගල්ල රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි දොස්තර රමේෂ් අලගියවන්නගේ වාර්තාවේ සඳහන් වෙයි.
ඔහුගේ සිරුර බදාදා (24) මාවනැල්ල, හෙම්මාතගම, රුකුලගම හන්දිය ආසන්නයේ දමා තිබියදී සොයා ගැනිණි. මාවනැල්ල මහේස්ත්‍රාත් මහින්ද ලියනගම මහතා සිද්ධිය වු ස්ථානයට ගොස් මරණ පරික්ෂණ පැවැත්වීය. සුලෙයිමාන්ගේ දේහය අදම (25) කොළඹ දී මිහිදන් කිරිමට නියමිතය.
සුලෙයිමාන් මහතා මඟුල් ගෙදරක ගොස් ගෙදර  එද්දී පැහැර ගත් බව නෑයෝ කියති. පශ්චාත් මරණ පරික්ෂණයේ දී සොයා ගැනුණේ ඔහු අවසන් වරට ගත් ආහාර දිරවා නැති බවයි. කෑම ගැනීමෙන් පැය තුන හතරකට පසු ආහාර දිරවන බවත් සුලෙයිමාන් මහතා කෑම ගැනීමෙන් පැයක් යන්නට පෙර මරණිය තුවාල ලබා ඇති බව පෙනෙන බවත් දොස්තර අලගියවන්න මහේස්ත්‍රාත්ට ඉදිරිපත් කළ වාර්...
සුලෙයිමාන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය වන පස් දෙනකු රටින් පිටවීම වැළැක්වීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මින් මද වේලාවකට පෙර ආගමන විගමන පාලකට හා පොලිස් බුද්ධි අංශ අධ්‍යක්ෂකට නියෝග කළේය.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය ඉල්ලා සිටියේ පුද්ගලයන් පස් දෙනකු මේ සිද්ධීයේ වැදගත් තොරතුරු දන්නා බවට පොලිසියට විස්තර ලැබී ඇති බවයි.
ඔවුන් එතෙර යාමට තැත් කළහොත් අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්ගේ නියෝගයේ සඳහන් වේ.
සුලෙයිමාන් දෙදරු පියෙක් වන අතර මොහොමඩ් අරිෆ් අබ්දුල් ෂානි (24) ඔහුගේ බිරිය වේ. පවුලේ එකම පිරිමි දරුවා වන ඔහුට බාල සහෝදරියන් දෙදෙනෙකි. කොළඹ බ්‍රිටිෂ් ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය ලබා ඇති සුලෙයිමාන් පිය උරුමයෙන් ලද ව්‍යාපාරික කටයුතුවලට මීට අට වසරකට පෙර සිට සම්බන්ධ වී ඇත.</body>
<comments>
<comment>
<author>ලංකාසිරි</author>
<date>2016-08-25 07:23:40</date>
<index>0</index>
<phrase>පුදුම ඝාතන සෙල්ලමක් මේ බුදුන් වැඩි ශ්‍රී ලංකාද්වීපයද.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය</author>
<date>2016-08-25 07:25:37</date>
<index>1</index>
<phrase>දැනටමත් ප්‍රමාද වැඩි ඇති</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රත්නායක</author>
<date>2016-08-25 07:32:46</date>
<index>2</index>
<phrase>අපේ පොලිසිය මේක අනිවාර්යයෙන්ම සොයාගන්න බව විශ්වාසය තබනවා</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>තාබෘෘ සිල්වා</author>
<date>2016-08-25 07:55:22</date>
<index>3</index>
<phrase>බුදුන් තුන්වරක් වැඩිය දේශය දහම් සගුන් ඇසෙනවා මේ ලංකාද්වීපය මොකක්ද මේ ශ්‍රී ලංකාවට වුන විපත්තිය තුට්ටු දෙකට මිනිමරනවා නැනේ කිසි බිය</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සුනිල් විජේසේන</author>
<date>2016-08-25 08:18:01</date>
<index>4</index>
<phrase>මේකත් ළඟම කෙනෙක් සම්බන්ධ වෙන්න පුළුවන්.</phrase>