data dict |
|---|
{
"Text": " එක් එක් ආගමික හා ජන කණ්ඩායම්වලට පමණක් නොව, ශ්‍රී ලංකාවේ එක් එක් පළාත්වලට ද ආවේණික වන විශේෂ වූ චාරිත්‍ර-වාරිත්‍ර තිබේ. කිරි පෝය යනු, ඇසළ පොහොයට දකුණු පළාතේ එක්තරා කොටසක් පමණක් විශේෂයෙන් සමරන එවැනි උත්සවයකි. එය හුදෙක් ම චාරිත්‍ර වාරිත්‍රවලින් ඔබ්බට ගිය සංස්කෘතික මංගල්‍යයක් ලෙස හැඳින්විය හැකි ය. කිරි ආහාරවල... |
{
"Text": " ශ්‍රී ලංකාවේ දේශපාලනය වර්තමානයේ දැඩි විපර්යාසයකට ලක්ව ඇති බව බොහෝ දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ. රටේ මුල් බැසගෙන තිබුණු දැවැන්ත පක්ෂවල ආධිපත්‍යය බිඳ වැටෙමින්, පක්ෂ මුල් කර ගත් දේශපාලනය මේ වන විට අහෝසි වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති. ඒ වෙනුවට, ස්වාධීන අපේක්ෂකයින් හෝ පක්ෂ කිහිපයක එකතුවක් නියෝජනය ක... |
{
"Text": " 2023 වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (අගෝස්තු 22 වැනිදා) තීන්දු කළේය. ඒ අනුව අදාළ ඡන්ද විමසීම නොපමාව පැවැත්වීමට පියවර ... |
{
"Text": " ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට හඳුන්වා දුන් එංගලන්තයේ ක්‍රිකට් කණ්ඩාමට එරෙහිව සහභාගි වූ සිය මංගල ටෙස්ට් තරගයේදී ම ටෙස්ට් ක්‍රිකට් වාර්තා දෙකක් පිහිටවූ ශ්‍රී ලංකා පිතිකරු මිලාන් රත්නායක ගැන ක්‍රිකට් ලෝකයේ ම අවධානය යොමුව තිබේ. ප්‍රබල එංගලන්ත පන්දු යවන්නන්ගේ අභියෝගය හමුවේ මිලාන් රත්නායක පළපුරුදු පිතිකරුවෙකු ලෙස ශ්... |
{
"Text": " විසිවන ශතවර්ෂයේ පටන් පැවැත්වෙන මැතිවරණ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රියාවලියේ කශේරුකාවයි. 1977 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ආරම්භ වූ විධායක ජනාධිපති ධූරය සඳහා පළමු වරට ජනාධිපතිවරණයක් පැවැත්වූයේ 1982 වසරේදීයි. එම වසරේ පටන් ඇරඹි ජනාධිපතිවරණ බොහෝමයක් ශ්‍රී ලංකාව තීරණාත්මක තත්වයන්ට මුහුණ දෙ... |
{
"Text": " ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග 03කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය බදාදා (අගෝස්තු 21) ආරම්භ වීමට නියමිත ය. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරනු ලැබුවේ මීට වස 42කට ඉහතදී ය. එංගලන්ත කණ්ඩායම හමුවේ අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූයේ 2014 වසරේදී ... |
{
"Text": " ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන වියදම ඉහළ යාමත් සමග ඊට සරිලන අයුරින් සිය වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා වතු කම්කරු ජනතාව අරගලයක නිරත වී සිටිති. අවස්ථා කිහිපයකදී වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය මගින් ගැසට් නිවේදන නිකුත් කෙරුණු අතර විවිධ අවස්ථාවලදී එම ගැසට් නිවේදන රජය විසින් නැවත හකුළා ගනු ලැබීය. එවන් පසුබිම... |
{
"Text": " ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනෙන 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට තවත් ඉතිරිව ඇත්තේ මාසයක කාලයකි. ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා බවට පත්වීමේ අරමුණින් අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. මීට පෙර පැවති ජනාධිපතිවරණවලදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු වටා ජයග්‍රහණය දෝලනය වන බවක් දක්නට ලැ... |
{
"Text": " ලොව ප්‍රථම අගමැතිනිය බලයට පත් කළ ඉතිහාසයකට උරුමකම් කියන, ජනාධිපතිවරියක විසින් දෙවරක් පාලනය හෙබවූ ශ්‍රී ලංකාවේ ජනපතිවරණයට තරග කිරීමට මෙවර එක ම කාන්තාවක හෝ ඉදිරිපත්ව නැත. ජනගහනයෙන් 52% වැඩි කාන්තාවන් සිටින ශ්‍රී ලංකාවේ, එකම කාන්තාවක්වත් ජනාධිපතිවරණයට තරග නොකළද ඊට ඉදිරිපත්ව සිටින පිරිමි අපේක්ෂකයන් ගණන 39ක්... |
{
"Text": " ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දාට යෙදී තිබේ.2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වේ. මෙම ආර්ථික අර්බුදය ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට තුඩු දුන් අතර අවසානයේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත් කිරීම... |
{
"Text": " මෑතකාලීන ජනාධිපතිවරණවලට ඉදිරිපත් වන අපේක්ෂකයන් සංඛ්‍යාව කැපීපෙනෙන ලෙස ඉහළ යාම සමාජ කතාබහකට ලක්ව තිබේ. අපේක්ෂකයන් ප්‍රමාණය වැඩිවීමත් සමඟ ජනාධිපතිවරණයේ අපේක්ෂිත වියදම් සහ අවශ්‍යතා සෑම අතකින් ම පාහේ ඉහළ යාමත්, ඒ සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වීමත් එයට හේතුවයි. එසේනම් අපේක්ෂකයන් වැඩි වීම ජනාධිපතිවරණය ස... |
{
"Text": " 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 39 දෙනෙක් අද (අගෝස්තු 15 වැනිදා) නාම යෝජනා භාර දුන්හ. විරෝධතා දැක්වීමේ කාලසීමාව තුළ විරෝධතා 3ක් ඉදිරිපත් වුව ද, එම විරෝධතා ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක නිවේදනය කළේය. ඒ අනුව ලබන සැප්තැම්බර් 21 වන දා පැවැත්වෙන 2024 ජන... |
{
"Text": " 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා නාම යෝජනා අද (අගෝස්තු 15 වැනිදා) පෙරවරු 9 සිට 11 දක්වා භාර ගැනීමට නියමිතය. ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ. නාම යෝජනා භාර ගැනීම සඳහා පවතින සූදානම සහ මෙවර ජනාධිපති මැතිවරණය පැවැත්වීමේදී මැතිවරණ කොමිෂන් සභාව මුහුණ දෙන අභියෝග මොනවාද ... |
{
"Text": " වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නුසුදුසු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, නීතිඥ ශාන් රණසූරිය විසිනි. ජනාධිපතිවරයා චේතනාන්විතව ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව... |
{
"Text": " මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඇතුළු මූලික කටයුතු මේ වන විට ලහි ලහියේ සිදුවෙමින් පවතී. 1982 වසරේ පැවැත්වූ පළමු ජනාධිපතිවරණයේ සිට අවසන් වරට 2019 වසරේදී පැවති ජනාධිපතිවරණය දක්වා සුවිශේෂී අමතක නොවන සිදුවීම් රැසක් සිදුව ඇති අතර, ඇතැම... |
{
"Text": " 1978 වසරේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමෙන් පසුව දේශපාලන පක්ෂවල විනය කඩ කිරීමේ චෝදනා මත අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණනාවකගේ මන්ත්‍රි ධුර අහිමි කර ඇත බව අධිකරණ වාර්තා පිරික්සීමේදී පෙනී යයි. එලෙස මන්ත්‍රී ධුර අහිමි වූ මන්ත්‍රීවරු කවුද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නෙරපීමේ නීතිමය ප්‍රති... |
{
"Text": " සවුත්පෝර්ට්හි වින්ඩ්සර් මිනි මාර්ට් (Windsor Mini Mart) හිමිකරු වන 90 දශකයේදී ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානියට සංක්‍රමණය වූ 47 හැවිරිදි චානක බාලසූරිය එක්සත් රාජධානිය පුරා පැතිර ගිය ප්‍රචණ්ඩකාරී නොසන්සුන්තාවයෙන් දැඩි ලෙස බලපෑමට ලක් වුණු අතර ඔහු ඉන් පසුව ඇති වුණු දයානුකම්පිත ක්‍රියාවල ප්‍රතිලාභ ලත් අයෙකු ... |
{
"Text": " කුලියාපිටිය, කිරිමැටියාව ප්‍රදේශයේ පිහිටි හිඳව ගම්මානයේ ජීවත් වෙන ආර්.ඩබ්ලිව්. ගුණසේන ජීවත් වයස අවුරුදු 80කට ආසන්න වූවෙකි. ඔහු පවසන්නේ සිනාසෙමින්, නිතරම සතුටින් සිටීම සහ කිසියම් වැඩක නිරත වීම තුළින් ඉතා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකළ හැකි බවය. ''80ට ආසන්නයි මම. ඒ වුණාට මට සාමාන්‍යයෙන් 18, 19 කොල්ලෙක් ක... |
{
"Text": " දැඩි ලෙස වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති ඒකදේශීය මිරිදිය කකුළු විශේෂයක් වන Pastilla ruhuna (පැස්ටිලා රුහුණ) නම් මිරිදිය කකුළු විශේෂය පළමු වරට ගාල්ල නගරය ආශ්‍රිත පරිසරයෙන් හමුව ඇති බව පර්යේෂකයෙකු හා ශ්‍රි ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ අධ්‍යාපන නිලධාරීයෙකු වන ක්‍රිෂාන් වේවැල්වල පවසයි. Pastilla ruhuna මෙම මිර... |
{
"Text": " බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය ද... |
{
"Text": " පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ දී මන්ත්‍රීවරුන්ට ඕනෑම අදහසක් පළ කළ හැකිය. එය අධිකරණයක වුව ද ප්‍රශ්න කිරීමේ හැකියාවක් නැත. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට භාෂණයේ නිදහස සම්බන්ධයෙන් ලැබී ඇති සුවිශේෂී වරප්‍රසාදයකි. නමුත් එම වරප්‍රසාදය භාවිත කරමින් විරුද්ධවාදීන්ට මඩ ගැසීම් සහ බියවැද්දීම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව... |
{
"Text": " වසර 45ක් පුරා ස්වේච්ඡාවෙන් 'දරුවන්ට පාර කියන අත්තම්මා' ලෙස ප්‍රසිද්ධියට පත් වූ ලිලී වයලට් බොහෝ දෙනාගේ ආදරය හිමිකර ගන්නීය. සතියේ දිනවල පෙරවරු 6.00 සිට පස්වරු 3.00 පමණ වනතෙක් ඇය කෑගල්ල, බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය අසළ සිට සිය මෙහෙවර ඉටු කරන්නීය. නමුත් ඒ සඳහා ඇයට කිසිඳු වැටුපක් ලැබෙන්නේ නැත. දරුවන්ගේ... |
{
"Text": " පවතින තත්වයන්ගේ හිඩැස් වසා සියලු මව්වරුන්ට මව්කිරි දීමට සහය ලබා දීම තේමා කරගත් ලෝක මව්කිරි ලබා දීමේ සතිය අගෝස්තු 1 වැනිදා සිට අගෝස්තු 7 දක්වා ක්‍රියාත්මක ය. බොහෝ රටවල් වර්තමානයේ මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද හමුවේ ශ්‍රම බලකායට එක්ව සිටින බොහෝ මව්වරුන් හට මව්කිරි ලබා දියයුතු වයසේ පසුවන දරුවන්ට මව්කිරි ... |
{
"Text": " “කන්න දීලා තිබුණේ කේක් කෑල්ලකුයි, බිත්තරේකුයි විතරයි. මට බඩගිනි මමා ඔයාට දුක හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. මම මොනවා කරන්න ද?” ඒ, මියන්මාරයේ සයිබර් වහල් කඳවුරක සේවයේ යෙදෙන්නට බල කෙරී ඇති 34 හැවිරිදි දියණියකගේ මවක්, බීබීසි සිංහල සේවයට කී කතාව ය. තවමත් වහල් කඳවුරුක පීඩා විඳින දියණියගේ ආරක්ෂාව පතා මෙතැන් පටන්... |
{
"Text": " ඉසුරු මහේෂ් පණ්ඩිත උපන්නේ මීට වසර 27කට පෙර ගාල්ල දිස්ත්‍රික්කයේ, තෙලිකඩ නම් ග්‍රාමයේදී ය. උපතේදී සිදුවූ බව කියන ‘වෛද්‍ය නොසැලකිල්ලක්’ ඔහු දෘශ්‍යාබාධිත ළදරුවෙකු බවට පත් කළ අතර එය ඔහුගේ මෙන් ම, ඔහුගේ මව සහ පියාගේ ද ජීවිත පෙර නොවූ විරූ අභියෝගවලට මැදි කළේ ය. නමුත්, එම අභියෝග මුළුමනින් ම පාහේ ජය ගනිමින් ඔහු අ... |
{
"Text": " මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමටත් ප්‍රථම ඇරඹි ජනාධිපතිවරණ උණුසුම තවත් තීව්‍ර කරමින් පසුගිය සතියේ දී මැතිවරණ කොමිසම විසින් 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන බවට නිල වශයෙන් නිවේදනය කරන ලදි. ඒ අනුව මේ වන විට අපේක්ෂකයන් කිහිපදෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කෙරී ඇති අතර, බොහෝ අපේ... |
{
"Text": " දුකේ දී අතහැර නොයන සැබෑ කළණ මිතුරන් හමුවීම ගැන අපි සතුටු වන්නෙමු. පාසල් සිසුන්ට ආදර්ශයක් වූ එවන් කළණ මිතුරු ඇසුරක් ගැන කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ, පඬුවස්නුවර දෙමටව මහා විද්‍යාලයෙන් අසන්නට ලැබිණි. සාමාන්‍ය පෙළ විභාගය සමත්වීම නිසා මිතුරන් වෙනත් පාසල් වෙත ගිය ද අසනීප තත්ත්වයෙන් පසුවන මිතුරාට උපකාර කිරී... |
{
"Text": " පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව කතානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳන ලෙස තමන් පවසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. (ජුලි 28) හෝමාගම පැවති මහජන රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ ඇතිවී තිබෙන ගැටලුව ඉක්මණින් නිරාකරණය කර ගත යුතු බවය. ජනාධිපතිවරණය සැප්තැම්බර 21 ... |
{
"Text": " 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වැනිදා ලෙස නියම කරමින් ජාතික මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව නාමයෝජනා භාර ගනු ලබන්නේ අගෝස්තු 15 වැනිදා ය. නාම යෝජනා භාර ගනු ලබන්නේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදීය. ඇප මුදල් තැන්පත් කිරීම ජනාධිපතිවරණ වෙනුවෙන් ඇප... |
{
"Text": " ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ \"සන්නාමයක්\" ලෙස විද්වතුන් විසින් හඳුන්වනු ලබන 'බාහු' හෙවත් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දේශපාලනයෙන් පමණක් නොව ජීවිතයෙන් ද සමුගත් පුවත බ්‍රහස්පතින්දා (ජූලි 25) අලුයම් කාලයේදී අසන්නට ලැබිණි. 81 හැවිරිදි ඔහු අභාවප්‍රාප්ත වූයේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මහ... |
{
"Text": " ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටය සඳහා අපරාජිතව පිවිසීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම (ජුලි 24) සුදුසුකම් ලැබීය. ඒ තායිලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 10ක අති විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කරමිනි. ඒ අනුව ජුලි 26 වැනිදා පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පුර්ව තරගයේදී ශ්‍රී ලං... |
{
"Text": " විෂ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට පොලිසිය ක්‍රියාත්මක කරමින් සිටින යුක්තිය මෙහෙයුමට සමගාමීව නීති විරෝධි ලෙස උපයාගත් ධනය පොලිස් භාරයට ගන්නා ආකාරය සම්බන්ධයෙන් පසුගිය දිනවල දී මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි. මේ සම්බන්ධයෙන් මෑතකාලීන සමාජය තුළ වැඩි කතාබහක් ඇති වුයේ නිරූපණ ශිල්පිනියක වන පියුම් හංසමාලි ගේ වත්ක... |
{
"Text": " පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය සතුව ඇති මහාවංශයේ පිටපතක් යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඒ සඳහා වන ලෝක උරුම සහතිකය නිකුත් කිරීම සිදුවූයේ ජුලි 17 වන දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීයි. එම සහතිකය යුනෙස්කෝහි අධ්‍යක්ෂක ජනරාල් ඕඩ්රි අසූලේ විසින් පිරිනමන ලදි. මේ පිටපත පමණක් ලෝක උරුමයක් වුණේ ඇයි? මේ විමසා බැ... |
{
"Text": " ඉහත සෑම උපුටනයකින් ම අවධාරණය කරනුයේ, අධ්‍යාපනය ලැබීමේ ඇති වැදගතකම පිළිබඳව ය. වර්තමානය වන විට අධ්‍යාපනය සම්බන්ධයෙන් ලෝකයේ පර්යේෂණ රැසක් සිදු කර ඇති අතර, බොහෝ දියුණු රටවල් දරුවන්ට සුදුසු අධ්‍යාපන ක්‍රම අනුගමනය කරමින් සිටී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය සම්බන්ධයෙන් දිගු කාලයක් තිස්සේ විවිධ විවේචන එල්ල වෙමි... |
{
"Text": " “අපි නෙගට්විස් අල්ලන්නේ ග්ලවුස් දාලා, එහෙම පාවිච්චි කරපු නෙගට්විස් කෑලි කෑලිවලට කඩලා බිම දාලා තියෙනකොට විශාල දුකක් ඇති වුණා. අපේ ගෙදර තියෙන දේවල් ඔක්කෝම අරන් ගිහිල්ලා ඒත් මට මේ තරම් දුක්ක ආවේ නැහැ.” හතලිස් එක් වසරකට ඉහත දී ජූලි මාසය අඳුරු කරමින් ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කළ දෙමළ ජනයාට එරෙහි ප්‍රචණ්ඩ ක්... |
{
"Text": " ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වී (ජූලි 21) දෙවසරක කාලයක් සම්පූර්ණ වේ. ඇතැමුන් ඔහු ‘රනිල් රාජපක්ෂ’ ලෙස හඳුන්වයි. තවත් සමහරෙක් ඔහුට 'පිං ජනපති' ලෙස ද විවේචන කරති. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ එම ධුරය භාර ගන්නා අවස්ථාවේ රටේ පැවතියේ ඉතාම අ... |
{
"Text": " ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි වසර හතරක සිර දඬුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (ජුලි 22 වැනිදා) නියෝග කළේය. නියෝගය ලබා දෙනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත... |
{
"Text": " බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (ජුලි 22 වැනිදා) නියෝග කළේය. නියෝගය ලබා දෙනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසිනි. ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රුපියල් 50000/- ක මුදල් ඇප සහ රුපියල් ලක්... |
{
"Text": " මහනුවර පිළිමතලාවේ පදිංචි වින්සන් ජගත් කිලෝ ගණනක් බර භාණ්ඩ ශරීරයේ එල්ලාගෙන ජංගම වෙළඳාමේ නිරත වන පුද්ගලයකි. භාණ්ඩ වර්ග 300ක් පමණ ඔහු සතු වෙන අතර ඒවා අලෙවි කිරීමට දිනකට කිලෝමීටර් 30 පමණ ගමන් කරන බව ඔහු පවසයි. ''ඉදිකට්ට, පා පිස්සා, සෙරප්පු දෙකේ ඉඳලා හැම දෙයක්ම තියෙනවා. මගේ දරුවන්ට, රටට ණයකාරයෙක් වෙන්න මම... |
{
"Text": " ප්‍රධාන පෙළේ බැංකු, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ගෝලීය ආයතන සමූහයක් ඔවුන්ගේ සේවාවලට බලපාන මහා පරිමාණ තොරතුරු තාක්ෂණ බිඳ වැටීමක් සම්බන්ධයෙන් වාර්තා කර තිබේ. ඒත් සමග ගුවන් සමාගම් කිහිපයක් ම ලොව පුරා ගුවන් ගමන් නතර කර ඇති අතර තවත් බොහෝ ගුවන් ගමන් ප්‍රමාදයන් වාර්තා කරයි. මෙම බිඳ වැටීම හේතුවෙන් සිය හදිසි... |
{
"Text": " ‘සමාජ සම්මුතිය පාලකයා විසින් ඉරා දමනු ලබන්නේ නම්, ජනතාවට විප්ලව කිරීමේ අයිතිය ලැබෙන බව ජෝන් ලෝක් කියන බ්‍රිතාන්‍ය ජාතික සමාජ සම්මුතිවාදී චින්තකයා කියල තියෙනවා. එහෙම වෙන්න කියල මම කියන්නෙ නෑ. ඒත්, දිගින් දිගට ම ඡන්දය කල් දැමීම අනතුරකට අත වැනීමක්,’දේශපාලන විශ්ලේෂකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක බීබීසී සිංහල සේ... |
{
"Text": " පසුගියදා අවසන් වූ 2024 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දී නව වාර්තා 36ක් පිහිටුවීමට කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. තරගාවලියේ දක්ෂතාම ක්‍රීඩකයා වශයෙන් සම්මාන ලැබුවේ කොළඹ ආනන්ද විදුහලේ මෙරෝන් විජේසිංහ ය. මීටර් 100 තරග ඉසව්ව තත්ත්පර 10.38ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට මෙරෝන් විජේසිං... |
{
"Text": " පොලීසියට අවශ්‍යව සිටින කන්ජිපානි ඉම්රාන් සහ ගනේමුල්ලේ සංජීවට රටින් පැන යෑම සඳහා උපකාර කළේ ඔවුන්ගේ නීතිඥයින් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (ජූලි 18) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය. ''ඒ නීතිඥවරු තමයි ඒගොල්ලන්ව පැන්නුවේ. උසාවියෙන්ම අරගෙන ගිහින් පැන්නුවේ. දැන් ඒගොල්ලන්ව අපි අත්අඩංගුවට ගත්ත... |
{
"Text": " ජුලි 16 වැනිදා ඕමාන මුහුදේදී අනතුරට පත්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් අතුරින් ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු 9 දෙනෙකු බේරා ගෙන තිබේ. ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය සිය නිල X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අතුරුදන්ව ඇති සෙසු ක... |
{
"Text": " ඔස්ට්‍රේලියානු MasterChef Australia රියැලිටි තරගාවලිය වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේත් ජනප්‍රිය වී තිබෙන්නේ වරින් වර එම තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තරගකරුවන් නිසා ය. මීට පෙර Junior Masterchef Australia තරගාවලියක් ජයග්‍රහණය කළේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දැරියක් වූ ජොර්ජියා විසින් ය. ඇය ... |
{
"Text": " ජනාධිපතිවරණය කල් දැමිය යුතු බවට මීට පෙර යෝජනා කළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එම ඡන්දය කඩිනමින් පවත්වන්නැයි අද (ජූලි 17) මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. ඔහු සමග එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ද සහභාගී විය. ඉන් අනතුරුව මාධ්‍යවේදීන් සමග ඔවුන් සඳහන් කළේ රනිල්... |
{
"Text": " තායිලන්තය සිය සංචාරක කර්මාන්තය පුළුල් කිරීමේ අරමුණින් වීසා රහිතව රටට ඇතුළුවීමේ යෝජනා ක්‍රමය රටවල් 93ක් දක්වා වැඩි කර තිබේ. සඳුදා (ජූලි 15) සිට ක්‍රියාත්මක වූ මෙම නව යෝජනා ක්‍රමය යටතේ සංචාරකයින්ට දින 60ක් දක්වා අග්නිදිග ආසියානු රටක් වන තායිලන්තයේ රැඳී සිටිය හැකි ය. මීට පෙර, වීසා රහිතව එරටට ඇතුළු වීමට අවසර... |
{
"Text": " නව පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කෘත්‍රිම බුද්ධිය ඉගැන්වීමටත්, ටැබ් පරිගණක ලබා දීමටත් යෝජනා කර ඇති පරිසරයක් තුළ පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක වැසිකිළිවල අපිරිසුදුභාවය නිසා මුත්‍රා නොකිරීමෙන් රෝගී වූ දරුවෙකු පිළිබඳව බීබීසී සිංහල සේවයට දැනගන්නට ලැබිණි. සිද්ධියට මුහුණ දුන් 13 හැවිරිදි දරුවා එම පා... |
{
"Text": " 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීමේ නිල ප්‍රකාශය මෙම මස අවසානයට පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක අද (ජුලි 16 වැනිදා) ප්‍රකාශ කළේය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම, මහජනතාව සහ සිවිල් සංවිධාන අතර විශේෂ ... |
{
"Text": " එකවර සිතුවම් 11ක් අඳින තරුණයෙකුගේ හැකියාවන් දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. ඔහු දිව සහ පාදය වැනි ශරීර අංග යොදාගෙන සිතුවම් නිර්මාණය කරයි. ''පෑන් 2ක්, 4ක් සහ 11ක් පාවිච්චි කරලා මම දැනට චිත්‍ර ඇඳලා තියෙනවා. පෑන් 11කින් එකවර ඇන්දේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෝ 11 දෙනෙක්ගේ චිත්‍ර. මේ... |
{
"Text": " මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ තුළින් තවත් මිනිස් සිරුරු 5කට අදාළ අස්ථි කොටස් අද (15) ගොඩගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය. මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන මාර්ගය ආශ්‍රිත කැණීම් තුළින් අදාළ අස්ථි කොටස් ගොඩගත් බව ඔහු සඳහන් කළේය. සමූහ මිනිවළ තුළ ත... |
{
"Text": " ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කොට අනුමැතිය ලබාගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කරනු ලැබූ පෙත්සම රුපියල් ලක්ෂ 5ක නඩු ගාස්තුවකට යටත්ව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජ... |
{
"Text": " පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට ගෙවීමට නියම කළ වන්දි මුදල් ඔවුන් විසින් ලබන අගෝස්තු 30 වැනිදාට ... |
{
"Text": " පූර්ණ දෘෂ්‍යාබාධිත තත්ත්වයේ පසු වන සෙබමාලෙයි බෙනඩික්ටා මන්නාරම ආන්ඩාන්කුලම රජයේ රෝමානු කතෝලික විද්‍යාලයේ ගුරුවරියක් වන්නීය. වයස අවුරුදු අටේ දී දෑස් පෙනීම අහිමු වූ ඇය දරුවන්ගේ දෑස් පෑදීමට වෙහෙස වන්නීය. ''ක්‍රීඩාවේ දී කකුල් දෙකම නැති අය ඔලිම්පික් පවා යන ඉතිහාසයක් තියෙනවා. ඒ හින්දා ආබාධ තත්ත්වයන්, අඩුප... |
{
"Text": " ජනතාවට සේවාව සපයන සමීපම රාජ්‍ය නිලධාරියෙකු වන ග්‍රාම නිලධාරී හමුවීම සඳහා කිලෝමීටර් 66ක දුර ගෙවාගෙන යා යුතුව ඇතැයි බදුල්ල දිස්ත්‍රිකයේ, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කොස්ගම ග්‍රාම නිලධාරී වසමට අයත් ඉලුක්පලැස්ස ගමේ ජනතාව පවසති. ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යෑමට නම් ග්‍රාම නිලධාරී කාර්යා... |
{
"Text": " ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ තවත් පුද්ගලයෙකු ඝාතනයට ලක් කරමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගෙන් පොලිසිය ප්‍රශ්න කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ( ජුලි මස 10) මෙරටේ ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. රටේ බහුතරයකග... |
{
"Text": " අතුරුගිරිය ප්‍රදේශයේ පසුගිය සඳුදා ( ජුලි 8 වැනිදා) සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 7 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (ජුලි 10 වැනිදා) නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසුවේ, සැකකරුවන් කඩුවෙල මහෙස... |
{
"Text": " අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා විසින් ව්‍යාපාරික විරංජිත් තාඹුගලගෙන් රුපියල් කෝටි දෙකක කප්පමක් ලබාගත් බව කියන සිද්ධිය සත්‍යයක් නම් එය බරපතළ කරුණක් බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කොට අදාළ නිලධාරීන්ට එරෙහිව බරපතල නීතිමය පියවර ගත යුතු... |
{
"Text": " ඇය මගී ප්‍රවාහන නෞකාවක සේවය වෙනුවෙන් ‘ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු නාවික කත’ බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසයි. නයෝමි අමරසිරි නමැති ඇය සම්බන්ධයෙන් අගැයීම් සටහනක් තබමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඇය හැඳින්වූයේ, ‘ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ බාධක බිඳ දැමූ කාන්තාවක’ ලෙස ය... |
{
"Text": " යුද හමුදාවේ ද සහය ඇතිව ජුලි මස 4 වෙනිදා 'යුක්තියේ මෙහෙයුම - දෙවන අදියර' ආරම්භ කළ බවට පොලිසිය විසින් නිවේදනය කරන ලදී. යුක්තියේ මෙහෙයුමේ දෙවන අදියර ආරම්භ කොට දින 04ක් ගතවද්දී මහජනයා විශාල වශයෙන් ගැවෙසෙන අතුරුගිරිය නගර මධ්‍යට සමීපව පිහිටි වෙළඳ ආයතනයක් තුළදී ( ජුලි මස 08) සිදුවූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරික සුරේ... |
{
"Text": " 2018 වසරේ දී මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු ජලය මුදා හැරිම නිසා මින්නේරිය සහ කවුඩුල්ල වනෝද්‍යාන හැරගිය අලි මේ දිනවල යළි පැමිණ සිටිති. අලි පිළිබඳ පර්යේෂකයන් වාරිමාර්ග, මහවැලි සහ වනජීවී බලධාරීන් සමග පසුගිය කාලයේ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මින්නේරියට සහ කවුඩුල්ලට ලැබෙන ජලය අඩු කිරීම නිසා... |
{
"Text": " වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කරමින් පවතින පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 8 වැනිදා) ත... |
{
"Text": " මුහුදුබඩ ප්‍රධාන නගරයක් ආසන්නයේ පිහිටා ඇති සුවිශේෂී නිවර්තන තෙත් කලාපීය වැසි වනාන්තරයක් සොයා අපි ගාල්ල කොට්ටව වෙත ගියෙමු. ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරයට ආසන්නව පිහිටා ඇති මෙම රක්ෂිතය කොට්ටව සංරක්ෂණ වනාන්තරය යනුවෙන් හඳුන්වනු ලබයි. පහසුම ප්‍රවේශ මාර්ගය කුමක් ද ? ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 13ක දුරින් පිහ... |
{
"Text": " තරුණ තරුණියන් පෙරමුණ ගත් අරගලයකින් පළමුවරට ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපතිවරයෙකු පලවා හැරිමෙන්ම පසුව පත්වූ 75 හැවිරිදි අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ධූර කාලයේ අවසානය ළං වෙත්ම ඉදිරි ජනාධිපතිවරණ සටනට අවතීර්ණ විය හැකි විවිධ අපේක්ෂකයින්ගේ නම් කරලියට පැමිණ තිබේ. දීර්ඝ දේශපාලන ඉතිහාසයක් හෝ දේශපාලන පරම්පරාව... |
{
"Text": " වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍ර... |
{
"Text": " \"1963 වසර වෙද්දී වෙළෙඳ සේවයට ළමා වැඩසටහනක් තිබුණෙ නෑ. මේක අඩුවක් වගේ දැනුණා ඒ කාලෙ වෙළෙඳ සේවයේ අධ්‍යක්ෂ විදිහට වැඩ කරපු ලිවී ආර්. විජේමාන්න මහත්මයාට. එතුමා මට යෝජනා කළා ළමා වැඩසටහනක් කරන්න, 'ළමා පිටිය'ට වඩා වෙනස් විදිහට කියලා. ඒ අනුව මම යෝජනා කළා මේක සඟරාමය ස්වරූපයෙන් කරන්න ඕන කියලා. මේ වැඩසටහනට නිෂ්පාද... |
{
"Text": " ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රමාණයක් ප්‍රතිව්‍යුගත කිරීමට එම ණය හිමියන් එකඟ වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. සිය X ගිණුමේ සටහන් තබමින් ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ආයෝජනය කර ඇති බැඳුම්කර හිමියන් විසින... |
{
"Text": " ලෝක සර්ප නමාවලියට ශ්‍රී ලංකාවෙන් තවත් සර්ප විශේෂ දෙකක් හඳුන්වා දීමට මෙරට පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ. රයිනෝෆිස් මාටින් (Rhinophis martin) සහ රයිනෝෆිස් ඩිනර්සාර්ඩේ (Rhinophis dinarzardae) යන විශේෂ දෙක ශ්‍රී ලංකාවෙන් ලෝක සර්ප නාමාවලියට එක්වු බව උරග හා උභය ජිවි විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ බීබීසි සිංහල වෙත ... |
{
"Text": " සය වසරකට ඉහත දී මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් ජනයා ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද අන්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද මානව හිමිකම් වාර්තාව මේතාක් ප්‍රසිද්ධියට පත් කර නැති බව අනාවරණය වී තිබේ. රජයේ ආරක්ෂක අංශවලට ද චෝදනා එල්ල වු එම ප්‍රහාරය සම්බන්ධව ගවේෂණය කළ දෙමළ මාධ්‍යවේදින් යුගලක් විසි... |
{
"Text": " ලෝකයේ ඕනෑ ම රටක පැවැත්ම උදෙසා බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වේ. බදු ප්‍රතිපත්තියක් තුළ ඍජු සහ වක්‍ර බදු යනුවෙන් ප්‍රධාන වර්ග දෙකක් ක්‍රියාත්මක වෙයි. ලෝකයේ ඕනෑ ම රටක අඩුවැඩි වශයෙන් බදු ක්‍රියාත්මක වන අතර, එම බදු මුදල් නිසි පරිදි භාවිත කරමින් මහ ජනතාවට අවශ්‍ය සේවා නිසි පරිදි සැපයීම අපේක්ෂා කෙරේ. බදු අය කර... |
{
"Text": " 2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර බීබීසී සිංහල වෙත අද (ජුලි මස 2 වැනිදා) තහවුරු කළේය. ඒ අනුව තරුෂි කරුණාරත්න මීටර් 800 ඉසව්වෙන්ද නදීෂා දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි... |
{
"Text": " මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (ජුලි මස 01 වැනිදා) ආරම්භ වුයේ, කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර තරගයෙන් කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායමට ජය හිමිකර දෙමිනි. එහෙත් පළමු තරගයේදී ම දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියෝජනය කළ නවක ක්‍රීඩකයෙකු වන චමිදු වික්‍රමසිංහ දැක්වූ දක්ෂතාවය පිළිබඳ බොහ... |
{
"Text": " ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බවත් එය පසුගිය වසර දෙක තුළ බිලියන 100 දක්වා වැඩි වූ බව පැවසීම අසත්‍යක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (ජූලි 02) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය. ණය පිළිබද දැනට ඇතිකරගෙන ඇති එකඟතා සහ ඒවායේ ප්‍රගතිය ගැන ජනාධිපතිවරයාට විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා අද... |
{
"Text": " අල්ලස හා දූෂණය තුරන් කිරීමේ අරමුණින් වත්මන් රජය විසින් 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත පසුගිය වසරේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබීය. ඒ අනුව අදාළ පනත 2023 වසරේ අගෝස්තු 8 වැනිදා සිට නීතියක් බවට බලාත්මක විය. මෙම පනත ක්‍රියාවට නැංවීම සමඟම පැරැණි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සම්පූර්ණයෙන්... |
{
"Text": " ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ දකුණු මුහුදේ පාවෙමින් තිබු බෝතලයක තිබූ ද්‍රාවණයක් මත්පැන් යැයි සිතා පානය කළ සිදුවීමෙන් දැනට ජීවතුන් අතර සිටින එකම ධීවරයා රැගත් විජයබාහු නෞකාව අද (ජුලි මස 01 වෙනිදා) හම්බන්තොට වරායට පැමිණි බව නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක කැප්ටන් ගයාන් වික්‍රමසූරිය බීබීසී ස... |
{
"Text": " ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයෙහි සුවිශේෂී චරිතයක් වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායකවරයෙකු වූ ආර්. සම්බන්ධන් ජූනි 30 වන දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. ඔහුගේ පවුලේ සාමාජිකයින් දැනුම් දුන්නේ, සෞඛ්‍ය හේතු මත ඔහු කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව අභාවප්‍රාප්ත වූ බව ය. 1933 වසරේ පෙබ... |
{
"Text": " ශරීර අංග වෙනස් කිරීමේ කලාව (Body modification) ප්‍රිය කරන පිරිසක් ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙති. ඒ අතරින් දිවෙහි කොටසක් ඉවත් කර දිව දෙකක් ඇති බව පෙන්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු වේ. ටැටූ කලා ශිල්පියෙකු වන පවිත්‍ර මධුසංඛ ප්‍රනාන්දු ඔහුගේ ඇස්, දිව, කණ සහ අතක වෙනස්කම් සිදු කර තිබේ. 'දිව වෙනස් කරහම කතා ක... |
{
"Text": " ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වා දුන් දේවානම්පිය තිස්ස රජ සමයේ සිට මෙරට රාජ්‍ය පාලනය සහ බුද්ධාගම අතර අත්‍යන්ත බැඳීමක් පැවතුණු බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඒ අනුව, ලක්දිව පාලනය කළ රජවරුන් බුදුදහම වැළඳ ගැනීම හේතුවෙන් සාමාන්‍ය වැසියන් ද ඒ අනුව ක්‍රියා කළ බව පෙනී යයි. නිශ්චිත ආගමික හික්මීමක් නොතිබූ ලක්දිව ශිෂ්ටසම්පන... |
{
"Text": " නිරූපිකාවක් ලෙසින් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පියුමි හංසමාලි කලින් කලට පුවත් මවන්නියකි. ඇය මෑතක දී වඩාත්ම කතා බහට ලක් වී ඇත්තේ ඇගේ වත්කම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් හේතුවෙනි. පියුමි හංසමාලි උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ ලේකම් සංජය මහවත්ත විසින් අපරාධ... |
{
"Text": " ස්ත්‍රීපුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රධාන පනත් කෙටුම්පත් දෙකක් පිළිබඳ මේ වන විට සංවාදයක් මතුව තිබේ. ඒ අතුරින් ‘කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත’ පසුගිය ජුනි 20 වෙනිදා පාර්ලිමේන්තුවේ දී තෙවනි වර කියවීමෙන් පසුව සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත විය. එයින් ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ ප... |
{
"Text": " වාහන ආනයන සීමා ඉවත් කිරීමේ හැකියාව තිබුණ ද පුද්ගලික ලාභය වෙනුවෙන් වාහන ආනයන යෝජනා ක්‍රම දියත් ඉරීමේ උත්සහයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ් රුද්‍රිගු අද (ජුනි 24) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය. සංචාරක ක්ෂේත්‍රයට වාහන 1000ක් ගෙන්වීමට ලබා දී ඇති කැබිනට් අනුමැතිය ග... |
{
"Text": " කොළඹ පමණක් නොව රටේ ප්‍රධාන නගර ආශ්‍රිතව ජීවත් වන බොහෝ දෙනෙකු තම දෛනික ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට යොමු වන්නේ ‘කඩ කෑම’ වෙත ය. ඒ, බොහෝ විට ඔවුන්ට තම ආහාර සකසා ගැනීමට පහසුකම් නොමැති වීම හේතුවෙනි. එබැවින් තම මාසික වේතනයෙන් වැඩි කොටසක් ඔවුන්ට ආහාර සඳහා වැය කිරීමට සිදුව ඇත. එම පිරිවැය සාමාන්‍යයෙන් නිවසක ආහාර ව... |
{
"Text": " ශ්‍රී ලංකාවේ නම වැනි ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබීමට තවත් ඇත්තේ දින ගණනකි. එසේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමට තිබිය දී ජනමත විචාරණයකින් වත්මන් ජනාධිපතිවරයාගේ කාලය දිර්ඝ කර ගැනීමට මෙන්ම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට වසර 6ක කාලයක් ධූරයේ රැඳි සිට... |
{
"Text": " කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන 2024 කර්මාන්ත ප්‍රදර්ශනයේ දී පාසල් සිසුවෙකු නිර්මාණය කළ ෆොර්මියුලා රථය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. ත්‍රීරෝද රථ සහ යතුරුපැදි අමතර කොටස් එකලස් කර මලීෂ පමුදිත ජයකොඩි මේ නිර්මාණය කර ඇත. ප්‍රමුඛ පෙළේ සමාගම් නිෂ්පාදනය කළ ශ්‍රී ලංකාවේ එකලස් කරන ... |
{
"Text": " අම්පාර, රජගල ආරාම සංකීර්ණයෙන් සොයාගෙන ඇති ශිලා ලේඛනය මිහිඳු මහ රහතන් වසන්සේගේ ලංකාගමනය සනාථ කරන පැරණිම පුරාවිද්‍යාත්මක සාක්ෂිය බව පුරාවිද්‍යාඥයෝ පවසති. ''අදින් අවුරුදු 2200කට කලින්, මූල බ්‍රාහ්මීය අක්ෂරයෙන් රජගල ලියන ලද ගිරි ලිපියක සඳහන් වෙනවා මේ ලංකාධීපයේ සමෘධිය සඳහා වැඩම කළ ඉට්ඪිය තෙරුන්ගේ සහ මිහිඳ... |
{
"Text": " අධිකරණ කටයුතු පැහැර හැරීම හෝ බන්ධනාගාර ආයතනවල පරිපාලන කටයුතුවලට බාධා කිරීමට කටයුතු කරන නිලධාරීන්ට විරුද්ධව දැඩි විනය හා නීතියානුකූලව පියවර ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ බන්ධනාගාර නිලධාරීන්... |
{
"Text": " ශ්‍රී ලාංකික තරුණ ලේඛකයෙකුට ඇමෙරිකාවේ ගෞරවණීය සම්මාන දෙකක් හිමි වී තිබේ. එම සම්මාන අතරින් එකක් වන්නේ, ඇමෙරිකාවේ මුද්‍රණය කෙරුණු විද්‍යා ප්‍රබන්ධ අතරින් 2023 වසරේ හොඳ ම විද්‍යා ප්‍රබන්ධ නවකතාවට හිමි නෙබියුලා (Nebula) සම්මානය යි. මෙහි සුවිශේෂත්වය වන්නේ, එම ලේඛකයා විසින් ප්‍රකාශයට පත් කරන ලද සිය පළමු විද්... |
{
"Text": " \"ඇත්තට ම මට ශ්‍රී ලංකාවෙන් එන්න කිසි ම වුවමනාවක් තිබුණෙ නෑ. නමුත්, මට එල්ල වුණ ප්‍රහාරය සහ තර්ජනත් එක්ක මම කල්පනා කළා එදා තිබුණ වාතාවරණයත් එක්ක රටේ ඉන්නවාට වඩා හොඳයි යන එක කියලා. ඒ නිසා මම රට දාලා එන්න තීරණය කළා,\" මීට වසර 15කට පමණ පෙර සිය මව්රට අතහැර අමෙරිකාව බලා යාමට සිදුවූ ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශි... |
{
"Text": " ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් කර 'ගෝල්ෆේස් අරගලකරුවන්' අපේක්ෂා කළ සමාජයේ ක්‍රම වෙනසක් දක්වා රට මෙහෙයවීමට ජන අරගල සන්ධානය නමින් නව දේශපාලන සන්ධානයක් ගොඩනගන බව සමාජ ක්‍රියාකරුවෙකු වන වසන්ත මුදලිගේ අද (ජුනි 19) කොළඹ දී පැවසුවේය. ''ක්‍රම වෙනසක් රටේ මිනිස්සු ඉල්ලුවේ. රනිල් වික්‍රමසිංහ බලයට පත්වෙලා... |
{
"Text": " බුදුදහමට අපහාසයක් වන ලෙස ප්‍රකාශයක් සිදු කළ බවට පවසමින් පවරා තිබු නඩුවෙන් ප්‍රහසන ශිල්පිනී නටාෂා එදිරිසූරිය සහ SL-Vlogs යූ ටියුබ් නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර නිදොස් කොට නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ( ජුනි මස 19 වෙනිදා) නියෝග කරන ලදී. නටාෂා එදිරිසුරිය සහ බෲනෝ දිවාකර අත්අඩංගුවට ගැනීම... |
{
"Text": " T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය අදින් (ජූනි 19) ඇරඹෙයි. මෙවර සුපිරි කණ්ඩායම් 8 අතරට මීට පෙර පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා සිටී. ඒ, ඉන්දියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියාව යි. මේ අතර, මීට පෙර ලෝක කුසලානය දිනූ ශ්‍රී ලං... |
{
"Text": " ජනාධිපති රනිල් වික්‍රමසිංහ \"ඡන්ද කල් දැමීම අරමුණු කර ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය යටපත් කිරීමේ උත්සහයක නිරත වන බවට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඔවුන් ඒ සම්බන්ධයෙන් වන නවතම උදාහරණය ලෙස පෙන්වා දෙන්නේ, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය පිළිබඳ... |
{
"Text": " ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය අවසන් වී 2024 වර්ෂයට වසර 15 ක් ගතව තිබේ. වසර ගණනාවක සිට උතුර සහ නැගෙනහිර ජනතාවගේ මෙන්ම උතුරේ දේශපාලනඥයින්ගේ ප්‍රමුඛ ඉල්ලීමක්ව පැවතියේ ආරක්ෂක අංශ සතුව ඇති උතුර සහ නැගෙනහිර ජනතාවගේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන්ට මුදා හැරීමය. කෙසේ වෙතත් දේශීය සහ ජාත්‍යන්තර ඉල්ලීම් හමුවේත් වසර 15 ක් ... |
{
"Text": " ශ්‍රී ලංකාවේ නවක රංගන ශිල්පිනියක වන උමා අසේනි සිය සොහොයුරියගේ විවාහ උත්සවයේදී කළ කතාවක් හේතුවෙන් ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වැඩි අවධානයක් යොමු නොවූ පැත්තක් පිළිබඳව සමාජ මාධ්‍ය හරහා අවධානයක් යොමු වී තිබිණි. ඇය කළ කතාවේ කොටසක් සමාජ මාධ්‍යවල පළ කර තිබුණු අතර, බොහෝ දෙනෙකු ඇයගේ කතාව උත්කර්ෂයට නංවමින් අදහස් පළ කර ති... |
{
"Text": " ගෙවුණු දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ රුක් රෝපණ ව්‍යපෘති රැසක් ආරම්භ කරන තිබේ. ඒ සෑම ව්‍යාපෘතියකින්ම පාහේ පැළ මිලියනයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් රෝපණය කිරීමට සැලසුම්කර තිබිණි. නමුත් ඒ ව්‍යාපෘති යටතේ රෝපණය කළ පැළ කොතරම් ප්‍රමාණයක් ඉතිරි වී තිබේද යන්න විමසා බැලීම වැදගත් ය. ශ්‍රී ලංකාවේ රුක් රෝපණ ව්‍යපෘතිවල ඉතිහාසය ... |
{
"Text": " විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද ( ජුනි 17 වැනිදා) පැවති තරගයෙන් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 83 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම තරගය ජයග්‍රහණය කළද මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ සහභාගිවූ සෙසු සියලු තරග පරාජය වීම හේතුවෙනි. තරගය පැවැත්වුණේ... |
{
"Text": " බාහිර උපාධියක් ලබාගෙන කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සංවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටි නීලා, මේ වන විට ඊශ්‍රායලයේ වැඩිහිටියන් රැක බලා ගන්නා තැනැත්තියක ලෙස සේවය කරයි. ඇයට එම අවස්ථාව උදා වූයේ, රාජ්‍ය සේවකයින්ට වසර කිහිපයක් විදේශගත රැකියාවල නිරත වීම සඳහා රැකියාවෙන් නිදහස් කිරීමට ශ්‍රී ... |
{
"Text": " ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි තැබීමේ සිද්ධිය, ඔහු විසින් ම සැලසුම්සහගතව කර ගන්නා ලද්දක් බව මූලිකව තහවුරු වී ඇතැයි පොලිසිය ජූනි 13 වන දා අනාවරණය කළේ ය. මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ප්‍ර... |
{
"Text": " ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (ජුනි 14 වැනිදා) සිය ස්ථාවරය පැහැදිලි කරනු ලැබීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී පීටර් බෲවර් ඒම පැහැදිලි කිරීම කරනු ලැබුවේ බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි. ශ්‍රී ලංකාව සඳහා වූ විස්තීර... |
{
"Text": " රුධිරය පරිත්‍යාග කිරීම යනු ලෝකයේ මිනිසුන්ගේ යහපත් සෞඛ්‍යය වෙනුවෙන් කරනු ලබන උතුම් පරිත්‍යාගයක් ලෙස සැලකේ. එය මුදල් හෝ වෙනත් කිසිදු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර කරනු ලබන සැබෑ පරිත්‍යාගයකි. ජීවිත බේරා ගැනීම සහ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා නොමිලයේ රුධිරය පරිත්‍යාග කිරීමේ වැදගත්කම පිළිබඳව ලෝකයේ අවධානය යොමු කි... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.