text
stringlengths
1
1.09k
label
int64
0
4
අපි මෙම නව පරිගණක යුගය වැළද ගනිමින් 2015 වසරට පියනඟන බැවින් පවත්නා සහ අනාගත ශ‍්‍රම බලකාය මෙම නව යුගය තුළ සාර්ථකත්වයට හේතුවන කුසලතාවයන්, දැනුම සහ උපකරණවලින් සන්නද්ධ කිරීම ඉතාමත් වැදගත් ය. කුසලතා හිගකම සමීක්ෂණයට අනුව 2013 වසරේ පැවති පුරප්පාඩු වලින් 45% සම්පූර්ණ කිරීමට ආසියානු පැසිපික් කලාපයේ සේවායෝජකයන් අසමත් විය. මෙම නව පරිගණක යුගයේ බිහිවන නව්‍යාතවයන්ගේ මල්ඵල නෙලා ගැනීමට කලාපය අඛණ්ඩව ක‍්‍රියා කරන්නේ නම් සියළුදෙනාටම නව අවස්ථා බිහිකිරීම සඳහා මෙම හිදැස් පිරවීමෙහිලා ඉක්මනින් ක‍්‍රියා කිරීම ඉතාමත් වැදගත්.
4
ඒ ඊයේ මූලික වටය යටතේ අයර්ලන්තය හමුවේ පකිස්ථානය ත්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් ජය ගැනීමත් සමග යි.
3
සියලූම අවතැන්වූ ජනතාව සඳහා ස්ථිරසාර හා දීර්ඝකාලීන විසඳුම් ලබාදීම වෙනුවෙන් විශේෂඥ සහය පිරිනැමීමට ශ‍්‍රී ලංකා රජය හා එක්ව කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක් බවද ඇය පවසා ඇත.
1
අඛණ්ඩව බිහි කරනු ඇත.’’
4
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට දඩ මුදලක් නියම කර තිබේ.
3
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හා යහපාලන රජයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග‍්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම මහතා පවසයි.
1
ඒක විශාල අරගලයක්. ඒත් මම ඒ තුළ මාව හොයා ගන්න උත්සහ කළා. බොලිවුඩ් සිනමා කර්මාන්තයේ පසුබෑමකට ලක් නොවී ආරක්ෂා වී සිටීම දුෂ්කර යි.
2
මීටර් 800 ධාවන ශූරියක වන මැගී වෙසී ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙල දෙවරක් නියෝජනය කළා ය.
3
පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර ඉදිකිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කාර සමාගම වන Metallurgical Corporation of China Ltd.(MCC) හි, ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ ගොස් ඇතැයි එල්ලවන චෝදනා අසත්‍ය බවයි.
0
“Glory” from “Selma” (*WINNER)
2
නීතියෙන් පියවර ගනු ලැබුවේ මුහුණු දැකීම අවශ්‍ය වන හෝ ආරක්‍ෂක හේතූන් මත එය සිදුකළ යුතු නිශ්චිත ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම වැළැක්වීමට බව ඔහු අවධාරණය කර තිබේ.
1
ඉතින් OPPO ජංගම දුරකථන ගැන තවත් තොරතුරු සහ Review අපි නුදුරේදීම පළකරන්නට බලාපොරොත්තු වනවා. ඒ වගේම ලංකාවට තවමත් අලුත් OPPO සමාගමේ සේවය කරන්න ඔයාල කැමතිනම් මෙතැනින් ඒ තොරතුරු ලබාගන්න පුළුවන්. ඔබේ CV මේ විද්‍යුත් ලිපිනයට එවන්න. careers@oppo.com.lk
4
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයේ තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය සිඩ්නිහිදී මෙරට වේලාවෙන් අද පෙරවරු 9 ට ආරම්භ වීමට නියමිතයි.
3
එහි පළමු තරගය නවසීලන්තයේ ඔක්ලන්ඩ් හීදී පැවැත්වෙන්නේ නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතරයි.
3
5. ෂහිඩ් අෆ්රිඩි – පකිස්ථානය (1996 – 2015)
3
ලොව මෙතෙක් බිහිවූ හොඳ ම පන්දු යවන්නා ලෙස පිළිගැනෙන මුත්තයියා මුරලිදරන් පවසන්නේ, මේ වන විට ලොව හොඳ ම එක්දින පිතිකරුවා කුමාර් සංගක්කාර බව ය.
3
රෝහිත් ශර්මා ලකුණු 7 කට දැවී ගිය අතර විරාත් කෝලී ලකුණු 33ක් ලබා ගත්තේය.
3
රටේ ප්‍රවාහන ක්‌ෂේත්‍රය ඉන්ධන මත පමණක්‌ යෑපීම අඩු කිරීමට එමගින් කටයුතු කරන බවත් පොසිල ඉන්ධන සියයට සියයක්‌ විදේශයෙන් ගෙන්වීම නිසා රටේ බලශක්‌තිය අනාරක්‌ෂිත වී ඇති බවත් ඇමැතිවරයා කීය.
4
කෙසේවෙතත්, වත්මන් රජය විසින් ලෝක වෙළඳ පොළේ මිලට වඩා අඩුවෙන් පෙට්රල් විකිණීම සඳහා මිල නියම කිරීම හමුවේ පෙට්රල් ලීටරයකින් සමාගම රුපියල් 30 ක පමණ පාඩුවක් ලබන බව හෙතෙම පැවසීය.
0
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැති අතර අනතුරට මත්කුඩු හෝ මද්‍යසාර සම්බන්ධයක් ඇතිදැයි යන්න සම්බන්ධයෙන් ද හෝඩුවාවක් හෝ ලැබී නොමැත.
2
ඒජන්සි වාර්තාවල දැක්වෙන්නේ, පකිස්ථානයේ ප්‍රමුඛ පෙළේ Geo TV රූපවාහිනී සේවය හරහා ආගමික වශයෙන් අපහාසාත්මක වැඩසටහනක් කිරීම හේතුවෙන් මෙම සිර දඬුවම නියම කළ බව ය.
2
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව..
1
Kick චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක වීඩියෝවක්…
2
ඊට අමතරව වයිල් කාඩ් ක්‍රමයෙන් යළි එක් වූ තිදෙනෙකු ද තරග වදී.
2
ඔහුගේ ව්‍යාපෘතිය එදිනෙදා වැඩකටයුතු සඳහා විදුලි බලය ලබාගැනීමට ගෘහස්ත බැටරියක් නිෂ්පාදනය කිරීමයි. Tesla Powerwall නමින් හැඳින්වෙන මේ බැටරිය සූර්ය බලයෙන් ආරෝපනය කර අවශ්‍ය වේලාවට විදුලි බලය ලබාගත හැකි ලෙසයි නිපදවා ඇත්තේ. ඒ වගේම කිලෝවොට් පැය 7 සිට 10 දක්වා ප්‍රමාණ වලින් මිලදී ගත හැකි Tesla Powerwall හි මිල වන්නේ $3500ක් පමණයි. වැඩි විදුලි බලයක් අවශ්‍ය ස්ථාන සඳහා Powerpack නමින් කිලෝවොට් පැය 100ක ධාරිතාවයකින් යුත් අධි බලැති බැටරියක්ද ටෙස්ලා සමාගම විසින් නිපදවා තිබෙනවා.
4
කෙසේ වෙතත්, දකුණු අප්‍රිකා ක්‍රික‍ට් නායක AB ඩි’විලියර්ස් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
3
නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රැන්ඩන් මැකලම් එම කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබේ.
3
ඊට අමතරව, ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් ද ඔහුට නඩු පවරා තිබිණි.
3
නිලවරණයේදී සුගත් තිලකරත්න මහතාට ඡන්ද 83 කුත් උපාලි කුමාරසිරි මහතාට ඡන්ද 24කුත් ලැබුණු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
3
නිපුන් ගමගේ ලකුණු 48 ක් ලබා ගත්තේය.
3
Best Animated Feature
2
සියළුම Honer ස්මාර්ට්ෆෝන් මූලික ගුණාංගයන් තුනකින් සමන්විතයි. එනම් ස්මාර්ට් ඉමේජ් තාක්ෂණය, දිගු බැටරි ජීවකාලය සහ මනා ආකර්ෂණීය නිමාව වේ. Honer ස්මාර්ට්ෆෝන් ස්මාර්ට් ඉමේජ් තාක්ෂණයෙන් සමන්විත වන අතර මෙය ජංගම දුරකථනයේ කැමරාවේ ක‍්‍රියාකාරිත්වය වැඩිදියුණු කරන අතර ඉතාමත් අලංකාර ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පිරිනමයි. මෙම ජංගම දුරකථනයන්හී ස්මාර්ට් පවර් තාක්ෂණය පවතින බැවින් බැටරි ජීව කාලය 30% කින් වර්ධනය කරයි.
4
මහ බැංකුව විසින් නියාමනය නොකළ ලලිත් කොතලාවල මහතාට අයත්ව තිබූ බංකොලොත් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතු කරුවන්ට මුදල් ආපසු ගෙවීමේ කාර්ය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරියේදී භාරගනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගියදා සඳහන් කළේය.
0
ඒ වගේම ලඟදීම Android Lollipop සඳහා සහාය ලබාදෙන්නටත් සූදානමක් තියෙනවා කියලා දැනගන්න ලැබුනා. ඒ විතරක් නෙවෙයි OnePlus සමාගමෙන්ම නිර්මාණය කල Android මත පදනම් වුනු Oxygen OS නම් අලුත් මෙහෙයුම් පද්ධතියක් OnePlus වෙත ලබාදෙන්නටත් OnePlus සූදානම් වෙනවා. ඒ අතින් බලනකොට මෘදුකාංග සඳහා ඔබ කැමති ආකාරයේ තීරණයක් ලබාගන්නට OnePlus හරහා ඔබට හැකියාව ලැබෙනවා.
4
2002දී කොංග‍්‍රස් මණ්ඩල කමිටුවක් විසින් සිදුකළ පරීක්‍ෂණ වාර්තාවේ වාරණය කළ පිටු 28 ප‍්‍රසිද්ධියට පත්කරන ලෙස පසුගියදා රිපබ්ලිකන් පාක්‍ෂික සෙනෙට් සභික ?න්ඞ් පෝල්ද පවසන ලදී.
1
එහෙත් ඉරීනාගේ ප්‍රකාශකයා පවසා ඇත්තේ, ඔවුන් දෙදෙනොගේ සම්බන්ධය බිඳ දැමීමට එවැනි හේතුවෙක් බලපා නොමැති බව ය.
2
#15. 2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකානු ප්‍රධාන පෙලේ ආරක්ෂක ස්ථාන වලට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ජනපතිගේ ආරක්ෂක ස්ථානය වූයේත් Air Force One යානයයි.
1
විශාදය සඳහා ඔසුවක් ලෙස මුලින් නිපදවනු ලැබූවද ෆිල්බැන්සෙරින් ඒ සඳහා නොගැලපෙන බව පරීක්‍ෂණ වලදී අනාවරණය වූ අතර කාන්තා ලිංගික ආශාව උද්දීපනය කරන සෙරොටොනින් හා ඩොපැමින් ප‍්‍රතිග‍්‍රාහකයක් ලෙස කටයුතු කරන බවද හෙළි විය.
4
මෙම Honer නිෂ්පාදන තුන බලශක්ති පිරිමැසුම, ඉහළ ක‍්‍රියාකාරිත්වයෙන් යුත් Huawei Kirin ප්‍රොසෙසර් සහ මනා නිමාව යනාදියෙන් සමන්විත යි. Huawei Honer 6 ප්ල්ස් 4G ස්මාර්ට්ෆෝනය අගල් 5.50 1080×1920 ඩිස්ප්ලේ, Kirin 925 octa-core ප්‍රොසෙසරයෙන් බලගැන්වූ 3.0 EMUI සහ 3GB Ram සමඟ ලොව ප‍්‍රථම සමාන ද්විත්ව කැමරාවක් අඩංගු වේ. Huawei Honer 4X යනු 4G ස්මාර්ට්ෆෝනයක් වන අතර 1.2GHz ප්‍රොසෙසරයෙන් බලගැන්වූ 5.50 720×1280 ඩිස්ප්ලේ සමඟ 2GB Ram සහ මෙගාපික්සල් 13 පසුපස කැමරාවකින් සමන්විත වේ. පහළ මැද පෙළ ස්මාර්ට්ෆෝනයක් වන Huawei Honer G ප්ලේ “A Piece of Art” තේමාව යටතේ නිර්මාණය කර ඇති 3G ස්මාර්ට්ෆෝනයකි. මෙහි Android 4.4 KitKat සහ ්‍Huawei Emotion UI 3.0 සමඟ octa-core 1.2 GHZ Kirin 620 ප්‍රොසෙසරය 2GB RAM” HD 1280×720 පික්සල් කැමරාව සහ අගල් 5 ටච් ස්කී‍්‍රන් යනාදිය ඇතුළත්ව ඇත.
4
28 හැවිරිදි Andreas Lubitz නමින් හැඳින්වෙන සහාය නියමුවා 2013 වසරේදී ගුවන් නියමුවකු ලෙස Germanwings ගුවන් සේවයට එකතු වූ අයෙක්. 2008 වසරේ ගුවන් යානා පුහුණුවෙන් පසු ගුවන් සේවකයෙකු ලෙස සිය පළමු රැකියාව කළ ඔහු ඉතා කෙටි කලෙකින් සහාය නියමුවා බවට පත්විය. ගුවන් සහාය නියමුවාගේ අරමුණ ගුවන් යානය විනාශ කිරීම බව පැහැදිලිවම සනාථ වන කරුණු ඇතත්, ඔහු කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෙකු නොවන බව ද හෙළිව තිබෙනවා.
4
කඩුලු – 305
3
මීට අමතරව, බොලිවුඩ් නිළි සෝනම් කපූර් ද පවසා ඇත්තේ, ජල සම්පත විනාශ කරමින් Ice Bucket අභියෝගයට සම්බන්ධ වීමට තමන්ගේ කැමැත්තක් නොමැති බව ය.
2
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය හෙට ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ය.
3
මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්වෙද්දී පිළිවෙලින් චෙන්ග්ඩු, අබුඩාබි, ඔසාකා, රියාඩ්, සි අන්, තායිපේ, ටෝකියෝ, ලීමා, හෝචි මින් සිටි වේගයෙන් වර්ධනය වූ අනිකුත් නගර බවට පත්ව තිබේ.
0
සාකච්චාවට සම්බන්ධ වෙමින් විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ ‘කොහොම වුණත් අපි පක්ෂය දාලා යන්නේ නෑ. චම්පිකට, රාජිතට ශ්‍රී.ල.නි.ප.යේ බලය ගන්න ඉඩදෙන්නේ නෑ’ යනුවෙනි.
1
පකිස්ථාන පළමු කඩුලු 5 ලකුණු 77ක් තුළ බිඳ වැටිණ.
3
දේවයානි කමල් හාසන්, විජේ වැනි ජනප්‍රිය නළුවන් සමග ප්‍රධාන නිළිය ලෙස චිත්‍රපටවල රංගනයෙන් දායක වී තිබේ.
2
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පූර්ව මංගල චාරිත්‍ර අද දිනයේ සිදු කෙරුණු බව ය.
3
දෘෂ්ටියක පිහිටමින් බව යන්න ඔබ වෙත දැනුම් දෙමි.
0
ඔබේ අත්ල මත තැබිය හැකි ඩොන්ගලයක තරමේ පරිගණකයක් නිපදවන්නට Intel සමාගම සමත් වෙලා. Intel Compute Stick නමින් හැඳින්වෙන මේ පරිගණකයේ 32GB මතක ධාරිතාවයක්, 2GB රැම් මතකයක් සමඟ USB, WiFi, Bluetooth 4.0 වැනි සියළුම පහසුකම් වලින් සමන්විතයි. HDMI කේබලයක් හරහා ඔබේ රූපවාහිනියට හෝ පරිගණක මොනිටරයකට සම්බන්ධ කර සම්පූර්ණ පරිගණකයක් ලෙස භාවිත කල හැකි වන අයුරින් මෙය නිපදවා ඇත. ලිනක්ස් මෙන්ම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිතව වුවත් මිලදී ගත හැකි මේ උපකරණය නුදුරේදීම ලංකාවේ වෙළඳපල තුලදී අපට දැකගන්නට හැකිවනු ඇති බවයි Intel Sri Lanka හි කළමණාකරු ඉන්දික ද සොයිසා පවසන්නේ.
4
මෑතකදී ගායිකාවක බවට පත්වූ බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා, පොප් ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් හමුවී තිබේ.
2
හර්ෂ චතුරංග ඉවත් වීමෙන් ටික වේලාවකට පසු රාජගිරිය ප්‍රදේශයේ සිට පිරිසක් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වුණේ ඊයේ රාත්‍රියේයි.
2
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සිටීම නිසා පළමු තරඟ‍යට මෙන් අද තරඟයට ද නායකත්වය ලබාදුන්නේ ඒෂානි ලොකුසුරියගේය.
3
IPL තරගාවලියේ මුම්බා‍යි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගට දඩ මුදලක් නියම කර තිබේ.
3
ළමා නිළියක ලෙස සිනමාවට පිවිසි ඇය හින්දි, දෙමළ, තෙළිඟු, බෙංගාලි චිත්‍රපට රැසකට රංගනයෙන් දායක වී තිබේ.
2
අඟල් 5.7ක තිරයක් ඇති මේ Mi Note ජංගම දුරකථනයේ මනා පෙනුම නිසාම එය ක්ෂණිකව සිත් ඇදගන්නා සුළු ජංගම දුරකථනයක් ලෙස හඳුන්වන්න පුළුවනි. ඇපල් iPhone 6 Plus දුරකථනයට වඩා තරමක් සිහින් වීමත් බරින් අඩු වීමත් විශේෂයි. දුරකථනයේ බඳේ වැඩි කොටසක් Gorilla Glass 3 වලින් ආවරණය කර ඇති අතර මධ්‍යය විශේෂ ඇලුමිනියම් වර්ගයකින් නිමවා ඇත.
4
ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් සහ සුපිරි නළු සල්මන් ඛාන් රඟන Kick චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළා තිබේ.
2
මෙම හෝටලයේ කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තිබූ ගැටලු නිරාකරණය කරගනිමින් සිදුවූ මෙම කොටස් විකිණීමේ ගිවිසුමට අනුව මෙම නඩු ඉවත් කර ගැනීමට දෙපාර්ශවයම කටයුතු කර ඇත.
0
මෙම හමුව සිදුව ඇත්තේ, ලාස් වේගාස්හි රාත්‍රී සමාජ ශාලාවක පැවති සංගීත සංදර්ශනයකදී ය.
2
එහිදී ඇය සිය පෞද්ගලික ජීවිතය, ආදරය, සිනමාව සහ සමාජ ජාල වෙබ් අඩවි පිළිබඳව දැක්වූ අදහස් පළ වෙයි.
2
මෙම චෝදනා මත ඉන්ද්‍ර කුමාර් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, පසුගිය අප්‍රේල් මාසයේදී ය.
2
ඇමරිකානු ජනපති සංචාරවල යෙදෙන සෑම අවස්ථාවකම:
1
සාමාන්‍යෙයන් ජංගම දුරකථන කැමරා වල Auto Focus සඳහා Laser කිරණ භාවිත වන්නේ අඩුවෙන්. නමුත් මෙහි Laser Beam එක මඟින් ඡායාරූප ගන්නා වස්තුවට දුර මනින නිසා වඩා නිවැරදිව Focus කරන්නට මේ කැමරාව සමත්. ඒ වගේම වේගවත්ව focus වීමටත් එය හේතුවක් වනවා. දැනට තිබෙන ජංගම දුරකථන අතුරින් iPhone 6 හැරුණුකොට ඉක්මනින්ම focus වෙන කැමරාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. පිටුපස Volume Key එක මද වේලාවක් ඔබාගෙන සිටීමෙන් සෘජුවම කැමරාව වෙත පිවිසෙන්නට පුළුවන් වුනත්, ඒ සඳහා මද වේලාවක් ගතවෙනවා. ඒ වගේම ඔබ ගීත සඳහා සවන්දෙමින් සිටින විටනම් එය ක්‍රියාත්මක වන්නේ නැහැ.
4
මීට පෙර, ටාටා හවුසිං සමාගම සඳහන් කර තිබුණේ කොම්පඤ්ඤවීදියේ සිදුකරන නිවාස ව්‍යාපෘතිය නැවත ඇගයීමට නව රජය විසින් තීන්දු කර ඇතැයි සඳහන් කරමින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එල්ල වෙමින් තිබෙන චෝදනා පදනම් විරහිත බවත් මෙවැනි තත්ත්වයන් තුළින් ලංකාව කෙරෙහි ආයෝජකයින් තුළ තිබෙන විශ්වාසය බිඳ වැටෙනු ඇති බවයි.
0
කොළඹ ප්‍රධාන පාසල් දෙකක් අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරගයක් අතර තුර අද පස්වරුවේ එම ගැටුම හට ගැනිණ.
3
අද ඕනේ මොකක් හරි පටලවලා කොහොමද අපි කොටු කරන්නේ කියලා බලන්න. ඒක තමයි වික‍්‍රමසිංහ මහත්තයාගේ ආශාව. ඒ ආශාව සන්තර්පණයකර දෙන්න බොහෝ දෙනා උත්සාහ කරනවා. අපි ඒවාට නොබියව මුහුණ දෙනවා. මේ පැමිණිල්ල ගොනුකර ඇත්තේ, ‘දුෂණ මර්දන කමිටුව’ කියලා අගමැතිතුමා පත් කරලා තිබෙන කමිටුවකින්. ඒ කමිටුවේ අනුර දිසානායක මහත්තයාගේ නියෝජිතයකුත් ඉන්නවා’
1
මේ වන විට 75 වන වියේ පසුවන බොබ් හෙවිට්ට එරෙහි නඩු විභාගය දකුණු අප්‍රිකානු අධිකරණයකදී පැවැත්විණි.
3
මෙහි විශේෂත්වය වන්නේ, ලසිත් මාලිංගට අදාළ දඩය පැනවූ තරග තීරකවරයා ද ශ්‍රී ලාංකිකයෙකු වීම ය.
3
ජෝන් කෙරී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ ජනතාවගේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිතය.
1
නෙදර්ලන්තයේ කාන්තාවන් 100-500 අතර ප‍්‍රමාණයක් ඉස්ලාමික මුහුණු ආවරණ පළඳින බව වාර්තා වේ.
1
3වන වටයේ තව ත් තරගයක් පැවැත්වු‍ණේ, ජපානයේ කෙයි නිෂිකොරි සහ කොලොම්බියාවේ සැන්තියාගෝ කිරාල්ඩෝ අතර ය.
3
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධානී ඩේවිඩ් රිචර්ඩ්සන් පවසන්නේ, මේ පිළිබඳව විමර්ශනයක් කරන බව ය.
3
අසංක ගුරුසිංහ – 65
3
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ට දක්ෂතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර සිය සතුට පළ කර තිබේ.
3
2013 වසරෙන් අනතුරුව බාසිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේදී
3
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් විය.
3
ජෝන් කීල්ස් සමූහය සමඟ එක්ව, ජෝර්ජ් කීට් පදනම සංවිධානය කළ ‘කලා පොළ’ අද විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත්විය.
2
සිරස සුපර් ස්ටාර් කිරුළේ ජයග්‍රාහකයා කවුරුන්දැයි ප්‍රකාශයට පත් කෙරුණේ රැස්ව සිටි පිරිස මහත් කුතුහලයෙන් බලා සිටියදී ය.
2
මෙය ක්‍රීඩාශීලී සමස්ත ලෝක වාසීන්ගේ අගැයීමට ලක් විය.
3
මයික්‍රොසොෆ්ට් සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය හඳුන්වා දීමේ උත්සවයක් පසුගිය දා පැවැත්වුනා. මීට පෙර මයික්‍රොසොෆ්ට් හි ප්‍රධාන විධායක නිළධාරීවරයා වූ Steve Ballmer ගෙන් පසුව පත්වූ නව ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Satya Nadella ගේයටතේ මයික්‍රො‍සොෆ්ට් සමාගමේ සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ අනාගතය පිළිබඳව බොහෝ දේ දැනගන්නට ලැබුනා.
4
එහෙත්, ලකුණු 83ක් ලබා නවසීලන්තය වෙනුවෙන් තීරණාත්මක ඉනිමක් ගොඩ නැගූ ග්‍රාන්ට් එලියට් දැවී යාමෙන් පසු ඔහුගේ හිත හැදීමට ඔස්ට්‍රේලියානුවන් කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත.
3
ඔහු මේ වන විට පළ කර ඇති tweet පණිවුඩ සංඛ්‍යාව 33200 ඉක්මවා තිබේ.
2
අනතුරුව නොදැවී පිටියේ ස්ථාවර වු ශේන් වොට්සන් ලකුණු 64 ක් සහ ග්ලේන් මැක්වෙල් ලකුණු 44 ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය තෙක් මෙහෙය විය.
3
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, දකුණු මුම්බායේ වෙන්කඩේ ක්‍රීඩාංගණයේදී ඔහු තමන්ට හිරහැර කළ බවට ත් අපවාද නගමින් තර්ජනයක කළ බවට ත් පවසමින් ඇය එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව ය.
2
ඔහු රොෂාන් මහානාම යි.
3
වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවකදී පදනම් පොලී අනුපාතය ලෙස යොදා ගන්නේ වසර 10 කින් කල් පිරෙන ඇමරිකානු සුරැකුම්පත්වල පොලී අනුපාතයයි.
0
2014 වසරේදී සංගක්කාර ලකුණු 2868ක් රැස් කළේ ය.
3
Google ආයතනය මඟින් සංවිධානය කරන ලද Google Business Group Success Stories තරඟයේ රටවල් 56ක තරඟකරුවන් 317ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට ලාංකික නිර්මාණයක් වන Mogo Reader ඇන්ඩ්‍රොයිඩ් යෙදුම (app) සමත් වී ඇත.
4
එම පුවත් ඒජන්සිය සමග පැවති සාකච්ඡාවකදී රන්බීර් සිං පවසා ඇත්තේ, ඇය තමන්ගේ සමීපතම මිතුරියක් පමණක් බව ය.
2
39 හැවිරිදි ප්‍රිටී සින්ටා සහ 44 හැවිරිදි වාඩියා අතර පැවති 5 වසරක පෙම් සබඳතාවට නැවතීමේ තිත තැබුණේ, 2009 වසරේදී ය.
2
මනුෂ්‍ය මැදිහත්වීමක් නොමැතිව දත්ත හුවමාරු කිරීමේ හැකියාව පිරිනමන සුවිශේෂි හඳුනාගැනීමේ ලක්ෂණ සමඟ ́නෑම දෙයක් ඉදිරිපත් කළ හැකි බොහෝදෙනාගේ කථාබහට ලක්වන අන්තර්ජාලීයකරණය සමෝධානික යුගයේ ප‍්‍රධාන කොටස්කරුවෙකි.
4
නීති විරෝධී ආකාරයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ධීවර කටයුතු නවතා දමන ලෙස දිගින් දිගටම අවවාද කළ යුරෝපා සංගමය එයට දඬුවමක් ලෙස ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදීගැනීම අත්හිටවූ අතර මෙය විසඳා ගැනීමට ඉක්මන් පියවර නොගන්නේ නම් සිය සමාගම් වැසී යනු ඇතැයි මත්ස්‍ය නිෂ්පාදන අපනයන සමාගම් සඳහන් කර ඇත.
0
මේ වැඩපිළිවෙල පිළිබඳ ඔබේ අදහසත් පහත කමෙන්ට් තීරුවේ පළකරන්න.
4
Nexus 6 නව ජංගම දුරකථනය එළිදැක්වීමෙන් පසුව කෙමෙන් කෙමෙන් Nexus 5 නිෂ්පාදනය අඩු කර දැන් සම්පූර්ණයෙන්ම නිෂ්පාදන කටයුතු නවතා ඇති අතර දැනට පවතින තොග අවසන් වූ පසුව Google Play Store හරහා මිලදීගැනීමට හැකියාව නොමැති වේ.
4
කාන්තාවන්ගේ සංස්කෘතික සීමා පිළිබඳව වැඩි අවධානයක් සහිත රටක් වන ඉන්දියාව තුළ මෙම වීඩියෝව දැඩි ආන්දෝලනයට ලක්ව ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
2
ඉහත ආකාරයට ඔබ විසින් එකී සම්පූර්ණ මුදල ගෙවීම පැහැර හැරියහොත් හෝ අතපසු කරනු ලැබුවහොත් ඉහත කී ආකාරයට කරන ලද ප‍්‍රකාශන පලකිරීම නොනැවැත්වුවහොත් ඔබට
0
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිලිනොච්චියේ අරිවියාල්නගර්හිදී අළුතින් ඉදිකළ කළාපීය කාර්යාලයේ මෙහෙයුම් කටයුතු හෙට සිට (06) ආරම්භ කිරීමට සූදානම් වේ.
0
ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසී ය.
3
ඒ අනුව, ඔහුට සිය ඉරියව්ව වෙනස් කර ගැනීමට සිදු විය.
3
ඒ වගේම වැදගත් ඊමේල් පණිවුඩ සඳහා වැඩි අවධානයක් දෙන්නටත්, මිතුරන් ඔබට එවන ඡායාරූප, ගුවන් ගමන්, ඉදිරියට නියමිත උත්සව හා වැඩසටහන් පිළිබඳ විස්තරත් වෙන වෙනමම ලබා දෙන්නට මේ ඇප් එකට හැකියාව තිබෙනවා. ඒ වගේම ඊමේල් පණිවුඩයේ සඳහන් විස්තර වලට අදාල වෙනත් තොරතුරු අන්තර්ජාලයෙන් උකහා දක්වන්නටත් හැකියාව තිබෙනවා.
4