input
stringlengths 1
3.7k
| output
stringclasses 12
values | instructions
stringclasses 3
values |
|---|---|---|
2600 සම්බුද්ධ ජයන්තිය නිමිතිකොටගෙන භික්ෂූන් වහන්සේලා සඳහා විශේෂ ඉංග්‍රීසි පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.සිංගප්පූරුවේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය සමග මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනම මගිනි.2011.05.23 දින ප.ව. 1.00 ට එම භික්ෂූන් වහන්සේලා සඳහා සම්මුඛ පරීක්ෂණයක් කඩුවෙල ඉහළ බෝමිරියේ අංක 112 දරන ස්ථානයේ පිහිටි ශ්‍රී බෝධිරාජ පදනමට අයත් කාම්බෝජ භික්ෂු නේවාසිකාගාර කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.සිංගප්පූරුවේ බෞද්ධ විහාරයේ ස්ථානාධිපති පූජ්‍ය ගාල්ලේ උධිත නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ප්‍රධාන විද්වත් මණ්ඩලයක් මගින් මෙම සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන අතර එහි අනුශාසකත්වය දරනු ලබන්නේ පූජ්‍ය පණ්ඩිත ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ විසිනි.මූලික ඉංග්‍රීසි දැනුම ඇති අ.පො.ස.ප. (සාමාන්‍ය පෙළ) හෝ පිරිවෙන් අවසන් විභාගය සමත් භික්ෂූන්වහන්සේලා සඳහා මෙම විශේෂ පුහුණු වැඩසටහන පැවැත්වෙන අතර ඒ සඳහා ඉදිරිපත්වන ලෙස අදාළ භික්ෂූන් වහන්සේලාට ආරාධනය කරන බැව් සංවිධායක මණ්ඩලය දන්වා සිටී..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය හෝ ලිපි කොටස ජෛව රසායනික ඉංජිනේරු විද්‍යාව සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) මෙම ලිපිය වනාහි Biochemical engineering ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. ජෛව රසායනික ඉංජිනේරු විද්‍යාව යනු රසායනික ඉංජිනේරු විද්‍යාවේ හෝ ජෛව ඉංජිනේරු විද්‍යාවේ අංශයක් වන අතර එය ජෛව පටකහෝ අණු ඇතුළත් ඒකක ක්‍රියාවලි සැලසුම් කිරීම හා නිපදවීම සමඟ මූලිකව කටයුතු කරයි. ජෛව රසායනික ඉංජිනේරු විද්‍යාව සාමාන්‍යයෙන් උගන්වනු ලබන්නේ රසායනික ඉංජිනේරු විද්‍යාවට හෝ ජීව ඉංජිනේරු විද්‍යාවට විකල්පයක් ලෙසය. එය එසේ සිදු කරන්නේ එම දෙකෙහිම විෂය මාලාවේ වටපිටාවේ හා අංශ 2 මඟින්ම භාවිතා කරන ගැටළු විසඳීමේ තාක්ෂණික ක්‍රමවල සමානතා නිසාය.මෙහි යෙදීම් ආහාර, ෙඖෂධ, ජෛව තාක්ෂණය හා ජල පිරිපහදු කර්මාන්තවල දී යෙදේ. මෙම ලිපිය වනාහි Bioreactor ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. ජෛව ප්‍රතික්‍රියාකාරකයක් යනු ජෛවීය වශයෙන් ක්‍රියාකාරී පරිසරයකට අනුබල දෙන ඕනෑම උපකරණයක් හෝ පද්ධතියක් හැඳින්වීමට යොදනු ලැබේ. එක් අවස්ථාවක දී ජෛව ප්‍රතික්‍රියාකාරකයක් යනු පටක හෝ එවැනි පටකවලින් ව්‍යුත්පන්න වූ ක්‍රියාකාරී සංයෝග ඇතුළත් රසායනික ක්‍රියාවලියක් සිදු කරන නලයක් විය හැකිය. මෙම ක්‍රියාවලිය ස්වායු හෝ නිර්වායු විය හැක. මෙම ජෛව ප්‍රතික්‍රියාකාරක බොහෝ විට සිලින්ඩරාකාර වන අතර ප්‍රමාණයෙන් ලීටරවල සිට ඝන මීටර දක්වා පරාසගත වන අතර බොහෝ විට මල නොකන වානේවලින් තනා ඇත. ජෛව ප්‍රතික්‍රියාකාරකයක් යන්න සෛල සංස්කෘති සන්ධර්බයක් තුළ සෛල හෝ පටක වැඩෙන උපකරණයක් හෝ පද්ධතියක් හැඳින්වීමට යොදා ගත හැක. ක්‍රියාකාරී ක්‍රමය පිළිබඳ වූ පදනමක දී ජෛව ප්‍රතික්‍රියාකාරක බැච්, ෆෙඩ් බැච් හෝ ඛණ්ඩ ලෙස වර්ගීකරණය කළ හැක. (අඛණ්ඩ කැලතුම් ටැංකි ප්‍රතික්‍රියාකාරක ආකෘති) අඛණ්ඩ ජෛව ප්‍රතික්‍රියාකාරකයකට උදාහරණයක් වන්නේ කෙමොස්ටැට්ය. ජෛව ප්‍රතික්‍රියාකාරකයක් තුළ නිපදවන පටක අත්හිටුවීම හෝ අක්‍රිය කිරීම සිදු කළ හැක. සෛල අක්‍රිය කිරීම සිදු වන සරලතම අවස්ථාවක් වන්නේ ඒගාර් ජෙලිවලින් යුත් පෙට්‍රි දීසියකි. මහා පරිමාණයේ අක්‍රිය කරන ලද සෛල ජෛව ප්‍රතික්‍රියාකාරක වන්නේ · චලන මාධ්‍ය · ඇසුරුම් කරන ලද පාත්තිය · තන්තුමය පාත්තිය · තුනී පටලය http://en.wikipedia.org/wiki/Biochemical_engineering
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රංගන ශිල්පීසජීව මල්මාලආරච්චිගේමම මේ සතියම ටෙලි නාට්‍ය රූගත කිරීම් සමඟ තමයි ගතකරන්න බලාපොරොත්තු වන්නේ. ප්‍රේම කුමාර ජයවර්ධන ගේ ‘මාද ඔබම විය’ චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘එළියස් එළියට’ සහ ‘සබඳ බබානිස්’ ටෙලි නාට්‍ය සහ තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් යෙදිලා තියෙනවා.ඒ අතරේම මගේ ‘සිකුරු හතේ’ වේදිකා නාට්‍යයේ දර්ශන කිහිපයක්ම වේදිකා ගතකරන්නත් යොදා ගෙනයි ඉන්නේ. ඒ වගේම ලබන 28 වැනිදාට මගේ උපන් දිනය යෙදුනත් රූගත කිරීම්වල නිරත වෙන්න තමයි සූදානම.තිලානි / යතේජා ඡායාරූප - ටෙනී / මාලන්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය. පටුන 1 කුරුණෑගල දිස්ත්‍රික්කය 1.1 කුරුණෑගල අධ්‍යාපන කලාපය 1.2 කුලියාපිටිය අධ්‍යාපන කලාපය 1.3 නිකවැරටිය අධ්‍යාපන කලාපය 1.4 මාහෝ අධ්‍යාපන කලාපය 1.5 ගිරිඋල්ල අධ්‍යාපන කලාපය 1.6 ඉබ්බාගමුව අධ්‍යාපන කලාපය 2 පුත්තලම දිස්ත්‍රික්කය 2.1 පුත්තලම අධ්‍යාපන කලාපය 2.2 හලාවත අධ්‍යාපන කලාපය කුරුණෑගල දිස්ත්‍රික්කය[සංස්කරණය] මූලික ලිපිය: ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව මෙම දිස්ත්‍රික්කය කුරුණෑගල , කුලියාපිටිය, නිකවැරටිය, මාහෝ, ගිරිඋල්ල හා ඉබ්බාගමුව යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 910 වෙයි. කුරුණෑගල අධ්‍යාපන කලාපය[සංස්කරණය] පාසැල් 125 කින් සමන්විත වන කුරුණෑගල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න කුලියාපිටිය අධ්‍යාපන කලාපය[සංස්කරණය] පාසැල් 168 කින් සමන්විත වන කුලියාපිටිය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න නිකවැරටිය අධ්‍යාපන කලාපය[සංස්කරණය] පාසැල් 173 කින් සමන්විත වන නිකවැරටිය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න මාහෝ අධ්‍යාපන කලාපය[සංස්කරණය] පාසැල් 183 කින් සමන්විත වන මාහෝ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න ගිරිඋල්ල අධ්‍යාපන කලාපය[සංස්කරණය] පාසැල් 145 කින් සමන්විත වන ගිරිඋල්ල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න ඉබ්බාගමුව අධ්‍යාපන කලාපය[සංස්කරණය] පාසැල් 116 කින් සමන්විත වන ඉබ්බාගමුව අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න පුත්තලම දිස්ත්‍රික්කය[සංස්කරණය] මූලික ලිපිය: ශ්‍රී ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව මෙම දිස්ත්‍රික්කය පුත්තලම හා හලාවත යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 351 වෙයි. පුත්තලම අධ්‍යාපන කලාපය[සංස්කරණය] පාසැල් 189 කින් සමන්විත වන පුත්තලම අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න හලාවත අධ්‍යාපන කලාපය[සංස්කරණය] පාසැල් 162 කින් සමන්විත වන හලාවත අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජාතික තරුණ සේවා සභාවේ මෙහෙයවීමෙන් පැවැති ගාල්ල දිස්ත්‍රික් යූත් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව ලකුණු එකසිය දොළහක් ලබාගත් අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට හිමිවිය.ලකුණු අනූහයක් ලබාගත් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කණ්ඩායම අනුශූරතාව දිනාගත්තේය. රත්ගම බණ්ඩරවත්ත මහජන ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියට ගාල්ල දිසාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පන්සිය හැත්තෑ පස්දෙනෙක් සහභාගී වූහ.තරගාවලියේ අවුරුදු 19න් පහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ශිරාන් ධනංජයද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඊ.නිත්‍යා රසාංජලීද සම්මාන ලැබූහ.20න් ඉහළ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඉසුරු අබේනාය (බලපිටිය), දක්ෂතම ක්‍රීඩිකාව ලෙස එන්.ඩී.ජී.එන්.ලක්මාලි (ඇල්පිටිය) සම්මාන ලැබූහ. ජාතික තරුණ සේවා සභාවේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ධර්මකීර්ති උක්වත්ත මහතාගේ උපදෙස් පරිදි මේ ක්‍රීඩා තරගාවලිය සංවිධානය කර තිබුණි.දකුණු පළාත් සභා මන්ත්‍රී ආරියවංශ සම්මු සහ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා උළෙල ආරම්භ වූ අතර ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී ද සිල්වා සහ දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකෝරළ යන මහත්වරුන් අතින් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය සිදු කෙරිණි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
එන්නවිඳගන්නඅන්තිම මලක සුවඳමහා සුළඟකට හසුවීගිලිහී වැටුන අන් හැම මලමඅන්තිම වරට දුටුජීවත්ව සිටිනා එකම මලවැඩි කාලයක් නොමැතනොපෙනේද අර එන කුණාටුවප්‍රමාදය සැමදාමහේතුවේ පසුතැවිල්ලටඉතිරිවේ මහා හිස්කමක්අන්තිම මලත් වැටුනු පසුහිස් අහස් පසුබිමේඅග හිස් අතු ඉති පමණක්ඉතින් කුණාටුවට පෙරාතුවඑන්න විඳ ගන්නමේ අන්තිම මලේ සුවඳප්‍රමාදය සැමදාම හේතුවේ පසුතැවිල්ලට.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කුඩා අයට වගේම ලොකු අයටත් ආරම්භ කළ ‘ආට් සවුන්ඩ්ස් ඇකඩමි’ සංගීත පංතියේ වැඩ කටයුතුත් සමඟමයි මම වැඩිපුරම දවස ගෙවන්නේ.ඒ වගේම කථිකාචාර්යවරියක් ලෙසත් වැඩ කටයුතු බොහොමයක් වගේම වගකීම් රාශියක් මගේ කර මත පැටවිලා. ඒත් එක්කම පංතියේ ළමයින් සමඟ මගේ ප්‍රසංගයක් පවත්වන්නත් අදහස් කරගෙන සිටින නිසා ඒ සඳහාත් පුහුණුවීම් ආරම්භ කරලා වැඩි දවසක් ගත වුණේ නැහැ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මා අධ්‍යක්ෂණය කළ ‘වරා මලී’ ටෙලි නාට්‍ය ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 7.30 ට විකාශය වෙනවා. ඒකට ලැබෙන ප්‍රතිචාරත් බොහොමයි. ඒ වගේම ‘වරාමලී’ කොටස් සියයක් දක්වා විකාශයවීමටත් නියමිතයි. වරාමලී ටෙලි නාට්‍යයෙහි රූගත කිරීම් සිදු වන නිසා ඒ අතර අනෙක් නාට්‍යයක් රූගත කිරීම් සිදු වන්නේ නැහැ.එහෙම කරන්නට මා අකැමැතියි. නමුත් ඊළඟ ටෙලි නාට්‍ය කුමක් විය යුතු ද කියන දළ සැලැස්මක් පිඹුරුපත සකස් කිරීම මේ දවස්වල සිදු කෙරනවා. ළඟදීම මගේ උපන් දිනයත් එළැඹෙන නිසා පන්සලකට ගිහින් ආගමික කටයුතුවල නියැළෙන්නටත් මා අදහස් කරගෙන සිටිනවා.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඇමරිකානු බොක්ස් ඔෆීස් චිත්‍රපට අතර මේ දිනවල ප්‍රමුඛස්ථානය දිනාගැනීමට සමත්ව ඇත්තේ අල්ෆොන්සෝ ක්වරන් අධ්‍යක්ෂණය කළ Gravity චිත්‍රපටයයි. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන මෙහි ත්‍රාසජනක අභ්‍යාවකාශ චාරිකාවක් ගැන කියැවෙන කතා පුවතක් ඇතුළත් වේ. සැන්ඩ්‍රා බ්ලොක්, ජෝර්ජ් ක්ලෝනි ප්‍රධාන චරිත මවන මෙම චිත්‍රපටය ඇමරිකානු ප්‍රදර්ශනයෙන් පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 55.8 ක ආදායමක් වාර්තාකර තිබුණි.Cloudy with a chance of meatballs - 2 එම දර්ශකයේ දෙවැනි ස්ථානයට පත්ව ඇති චිත්‍රපටයයි. පසුගිය සති අන්තයේදී එය ඇමරිකාව තුළදී ඉපැයූ ආදායම ඩොලර් මිලියන 22 ක්.Runner Runner ඇමරිකානු බොක්ස් ඔෆීස් වර්තා චිත්‍රපට අතර තෙවැනි ස්ථානයට පත් වූ චිත්‍රපටයයි. බ්‍රැඩ් ෆර්මන් අධ්‍යක්ෂණය කළ එය පසුගිය සති අන්තය තුළදී ඩොලර් මිලියන 5.75 ක ආදායමක් වාර්තාකර තිබුණි.ඩෙනිස් විලින්වෙනූව් අධ්‍යක්ෂණය කළ Prisoners චිත්‍රපටය දැනට සිව්වැනි ස්ථානයේ පසුවෙයි. හග් ජැක්මන්, ජෙක් ග්ලෙන්හාල්, වියෝලා ඩේවිස් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.ක්‍රියාදාම චිත්‍රපටයක් වන Rush පසුගිය සතිය තුළදී එක්සත් ජනපද ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 4.48 ක් වාර්තා කරමින් 5 වැනි ස්ථානයට පැමිණ තිබේ.ඩොලර් මිලියන 4.16 ක් ඉපැයූ Don Jon සහ Baggage Claim පිළිවෙළින් 6 වැනි සහ 7 වැනි ස්ථානවලට පැමිණ සිටී.Insidious : Chpter 2 අට වැනි ස්ථානයටත් Pulling Strings නව වැනි ස්ථානයටත් පත්ව ඇති අතර Enough Said ඇමරිකානු බොක්ස් ඔෆීස් චිත්‍රපට අතර දැනට 10 වැනි ස්ථානයේ පසුවෙයි.යතේජා
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සී සී කඩ විසිරුනු සිතිවිලිදියබුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැහුදකලාවෙ තනිවී සිටියාමසිහින ආකරේක වැටුනා වගේ නිමක් නෑමෙහොතින් මොහොතට ගෙවනා කාලයදැනෙවා කාටත් එක විදිහටගිනියම් ඉර සඳ සිසිලසඅතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුදගීයකි ලොව සිතුවම් කරඅතරේ අහනවා බලනවා මේ අපි කවුරුදඉර බැසයන ගොම්මන් යාමේතරු එක එක දිලිසෙන ආකාසේගලා හැලෙන රිද්මේ නැහැවිඇදී යන්නෙ ඈතින් ඈතට පාවි සුලග සේMain Artist - WayoMixing, Mastering - Lahiru PereraStudio - Music OvenMusic, Lyrics - Senaka Batagoda.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජනතාවට සංවේදී රාජ්‍ය සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම සෑම රාජ්‍ය සේවකයකුගේම වගකීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.මාතෘභූමිය ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගැනීමේදී ආරක්ෂක අංශ කෙරෙහි තැබූ විශ්වාසය රට ගොඩනැඟීමේදී රාජ්‍ය සේවකයන් කෙරෙහි තබා ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේදී පෙරේදා (8) පැවැති සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. අයි. එස්. ඕ. 9001 – 2008 අන්තර් ජාතික තත්ත්ව සහතික ලබාගත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුනකට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 17කට සම්මාන ප්‍රදානය කිරීම වෙනුවෙන් මේ උත්සවය සංවිධානය කෙරිණි.කඳුළු පුරවාගෙන එන ජනතාවගේ කඳුළු පිසදාලමින් හා සිනහවෙන් පිරි පුද්ගලයකු ලෙස ඔවුන්ව පිටත්කර යැවීමට හැකි නම් ඊට වඩා හොඳ ප්‍රමිතියක් තවත් නැතැයි කී මහින්ද රාජපක්ෂ මහතා ඒ හරහා රටේ ජනතාව සෑහීමකට පත්වන බවද සඳහන් කළේය.විවිධ ප්‍රශ්න රැගෙන රාජ්‍ය සේවකයන් අභියසට පැමිණෙන ජනතාවගේ ගැටලුවලට සංවේදීව පිළිතුරු ලබාදිය යුතු බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා විවිධ හේතුන් නිසා ඇතැම්විට මිනිසුන් පීඩාවට පත්වන බවත්, එයින් බැට කන්නේ අහිංසක මිනිසුන් බවත් කීවේය. එවැනි අහිංසක මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන්දැයි හෙතෙම ප්‍රශ්න කළේය. රටේ සංවර්ධනයේ ක්‍රියාකාරී නියමුවන් වන රාජ්‍ය සේවකයන් ගමේ සංවර්ධනයටද දායක විය යුතු බවත්, ඒ ඉලක්කය කරා අප කෙසේ හෝ ළඟා විය යුතු බවත් කී මහින්ද රාජපක්ෂ මහතා දශක තුනක කාලයක් පැවැති ත්‍රස්තවාදය සාර්ථකව පාරජය කළේ ආත්ම විශ්වාසය හා ජනතා සහයෝගය මැද බවද කීය. රට සංවර්ධනය කරා ගමන් කිරීමේදී මේ රටේ රාජ්‍ය සේවකයන් අණදෙන නිලධාරී වශයෙන් ක්‍රියා කළ යුතු බව සිහිපත් කළ ඒ මහතා ඒ වෙනුවෙන් අවංකව පෙනී සිටිය යුතු බවත් තවදුරටත් ශක්තිමත්ව කටයුතු කිරීමෙන් අපේ අරමුණ කරා ඉතා ඉක්මනින් ළඟාවිය හැකි බවත් පෙන්වා දුන්නේය.තවද රාජ්‍ය සේවකයන් හා දේශපාලඥයන් අතර දැඩි සබඳතාවක් තිබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා රටක් ගැන සිතන විට අපිට දේශපාලනය පිළිබඳව සිතිය නොහැකි බවත් මාතෘ භූමියේදී රාජ්‍ය ප්‍රතිපත්තියක් තිබෙන බවත් කියා සිටියේය.නතාවගේ වැටුප් ලබන රාජ්‍ය සේවකයන් ඒ නිසාම ඔවුන් වෙනුවෙන් හොඳ සේවයක් ලබාදිය යුතු බව කී ඒ මහතා රාජ්‍ය සේවකයන් ලබාදුන් සහයෝගය මත මේ දක්වා පැමිණ තිබෙන බවද වැඩිදුරටත් පැවැසීය.අයි. එස්. ඕ. 9001 – 2008 අන්තර් ජාතික තත්ත්ව සහතික ලබාගත් කොළඹ, කළුතර හා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලද බම්බලපිටිය, අම්බලන්ගොඩ, නාගොඩ, ගඟවටකෝරළේ, හෝමාගම, කඩුවෙල, කොළොන්නාව, රත්මලාන, මහරගම, කැස්බෑව, පාදුක්ක, තිඹිරිගස්යාය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල, මොරටුව, සීතාවක හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලද මෙහිදී ජනාධිපතිවරයා අතින් සම්මාන ලබා ගති. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, ජලසම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන, තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිනී නීතිඥ පවිත්‍රා දේවී වන්නිආරච්චි, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන, තාක්ෂණ හා පර්යේෂණ නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාෆා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද සිල්වා හා තිලංග සුමතිපාල මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කෝරළේ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත නැගෙනහිර පළාත දිස්ත්‍රික්කය මඩකලපුව දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) කෝරළේ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. පටුන 1 ජනගහනය 2 ග්‍රාම නිළධාරි වසම් 3 ආර්ථිකය 4 ප්‍රාදේශීය ලේකම්වරුන් 5 ආශ්‍රිත ලිපි 6 මූලාශ්‍ර ජනගහනය[සංස්කරණය] ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය] ආර්ථිකය[සංස්කරණය] ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය] ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර[සංස්කරණය] Divisional Secretariats Portal
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කඳුලු වියැලුනු ගිම්හානයේනිධන්ගත කල මතක අරගෙනඇවිත් නුඹ ඉඳහිටලා දවසකතවත් හොල්මන් කරයි සිත ලඟ...කඳුලකට සිනහවකට ඉඩ නැතිහිතපුරා ඇවිදලා හොඳහැටිඅමතකව යන පුංචි සිතුවිලිගෙන කොනිත්තා රිඳුම් දෙනු ඇති.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේ දී පිට පිට දෙවැනි විස්සයි20 තරගමාලා ජය අපේක්ෂාවෙන් අද (28) ශ්‍රී ලංකාව මෙල්බර්න් පිටියේදී දෙවැනි විස්සයි20 තරගයට සහභාගි වෙයි. සිය කණ්ඩායමේ තුන් ඉරියව් දස්කම් මත සිඩ්නි පිටියේ දී ලැබූ පළමු විස්සයි20 තරගයේ ජයග්‍රහණයත් සමග තරග 2කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණේ පසුවන ශ්‍රී ලංකාව අද තරගයට සහභාගිවන්නේ ප්‍රබල මානසිකත්වයකින් යුතුවය.අද තරගයේ ප්‍රතිඵල කෙසේවෙතත් තවදුරටත් විස්සයි20 තරගබිමේ පෙරමුණ රැකගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත. එමෙන්ම අද තරගයෙන් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කළ ද විස්සයි20 ශ්‍රේණිගතකිරීම්වල ඔවුන්ගේ ස්ථානයේ කිසිදු වෙනසක් සිදුනොවනු ඇත. මේ වනවිට ඔස්ට්‍රේලියාව විස්සයි20 තරගබිමේ 7වැනි ස්ථානයේ පසුවෙයි.එහෙත් මෙවර ඔස්ට්‍රේලියා සංචාරයේ ටෙස්ට් තරගමාලාවේ අසාර්ථකත්වයත්, එක්දින තරගමාලාව සමවීමත් හේතුවෙන් විස්සයි20 තරගමාලාවේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට වැදගත්ය. එබැවින් අද තරගයේ දී ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාව සිය ප්‍රතිවාදීන්ට දැඩි අභියෝගයක් එල්ල කරනු නිසැකය.එක්දින තරගමාලාවේ දී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වීමෙන් පසුව කණ්ඩායමට එක්වූ අන්තර් ජාතික ක්‍රිකට් පිටියට නවකයකු වන කුසල් පෙරේරා පෙරේදා පැවැති සිය මංගල විස්සයි20 තරගයේ පන්දු 22කදී ලකුණු 33ක් වාර්තා කිරීම තරගයේ ජයග්‍රහණයට බෙහෙවින් ඉවහල් වූ බැවින් අද තරගයේ දී ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන්ගේ වැඩි අවධානයක් ඔහු වෙත යොමුවනු ඇත.පළමු තරගයේදී නොදැවී ලකුණු 90ක් රැස් කළ ඩේව්ඩ් වෝනර් මෙන්ම බිග්බෑෂ් තරගාවලියේ දී ලකුණු අතරේ සිටි ආරොන් ෆින්ච් අද තරගයේ දී සිය කණ්ඩායමේ මුල්පෙලේ පිතිකරුවන් ලෙස වැඩි වගකීමක් පැවැරී ඇත.පළමු තරගය පැවැති සිඩ්නි පිටිය පිතිකරුවන්ට මෙන්ම පන්දුයවන්නන්ට ද එක හා සමාන වාසියක් ගෙනදුන්නත්, මෙල්බර්න් පිටිය පිතිකරුවන්ට වාසිදායක බැවින් දෙපිලෙහිම පිතිකරුවන්ගෙන් වැඩි ලකුණු සංඛ්‍යවක් බලාපොරොත්තු විය හැකිය.සිඩ්නි පිටියේ පෙරේදා පැවැති පළමු තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ඕවර 20 අවසානයේ කඩුලු 3කට ලකුණු 137ක් රැස්කළ අතර ශ්‍රී ලංකාව ඉනිම නිමාවීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක ජයක් ලැබීය. පිට පිට පන්දු 2කදී දැවැන්ත හයේ පහර 2ක් එල්ල කළ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පහසු කරවීය. නායකත්වයේ වගකීම සාර්ථකව ඉටුකළ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 69කට කඩුලු 4ක් බිඳවැටී තිබූ මොහොතේ පිටියට පැමිණ නොදැවී ලකුණු 35ක් රැස් කිරීමට සමත්විය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මාධ්‍යවේදිණී ලක්මිණී වෙදමුල්ල, දයාවතී වෙදමුල්ල,පියදාස වෙදමුල්ල දෙපලට දාව අනුරාධපුරය උපන් ගම කොට මෙළව එළිය දකියි,අනුරාධපුර මධ්‍යමහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබන ඇය ප්‍රවෘති වාර්ථාකරනයට අමතරව ගද්‍යය හා පද්‍ය අංශයන් හීද විශිෂ්ඨ දස්කම් දක්වා තිබේ,ලංකාවේ සුප්‍රසිද්ධ කාන්තා පුවත්පතකට තීරු ලිපි සපයන්නියක් ලෙසද කැපී පෙනේ,තවද ලංකාවේ ප්‍රමුඛතම වෙබ් අඩවි කිහිපයකටම තම දායකත්වය ලබාදෙමින් ලිපි සපයන අතර,ලක්බිම පුවත් පතේ ඉතාලි වාර්ථාකාරිණිය ලෙසද සේවය කරයි."අගස්ති" නවකථාව සමඟින් නවකථා කරණයට පිවිසෙන ඇය ඉහල පාඨක හා විචාරක ප්‍රතිචාර ලබයි, කාව්‍ය කරණයේ ඉහලම තලයේ වැඦඹෙන ලක්මිණී වෙදමුල්ල නවක කාව්‍ය කරනයේ යෙදෙන්නන් හට එය වර්ධනය හා ප්‍රචාරණය සඳහාද අන්තර්ජාලය හරහා පහසුකම්ද සපයන්නීය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මූල්‍ය ආධාර යටතේ උකුªවෙල ගුරලවෙල (දකුණ) සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදි කෙරිණි. මෙය විවෘත කිරීම සඳහා ගම්වැසියන්ගෙන් මුදල් ආධාර ලබා ගෙන ඇතත් මෙතෙක් විවෘත කිරීමේ උත්සවයක් පවත්වා නැති අතර විවෘත කිරීමේ සිහිවටන ඵලකය පමණක් සවිකර ඇති බව ගම්වාසීහු පවසති.ගුරලවෙල සෞඛ්‍ය මධ්‍යස්ථානය ඉදි කර ඇති ස්ථානය වෙත යෑමට තවම මාර්ගයක් සකසා නැති බව පවසන ප්‍රදේශවාසීන් මෙම ගොඩනැගිල්ලට වැය කළ මුදල අපතේ යෑමක් බව කියති. .
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපි ඔබගේ facebook profiles / pages හෝ වෙනත් වෙබ් අඩවි / බ්ලොග් අඩවි වල ඔබ නැවත පළකරන්නේ නම් කරුණාකර කතුවරයාගේ අනන්‍යතාවය සමග පලකිරීමට කාරුණික වන්න.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජාතික කොඩිය ආදර්ශ පාඨය "එකමුතුබව, නිදහස, විනිසුරු" අගනුවර හා විශාලතම නගරය ෆ්‍රීටවුන් - උතුරු අක්ෂාංශ 8° 29.067′ බටහිරදේෂාංශ 13° 14.067′ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි රාජ්‍යය ව්‍යවස්ථා සමූහාණ්ඩුව ජාතික භාෂාව ක්‍රියෝ කතා කිරීම ජනගහණයෙන් 97% කි ජනාධිපති එමස්ථ බායි කොරොමා (APC) උප ජනාධිපති අල්හජි සමුවල් සැම් - සුමානා (APC) පාර්ලිමේන්තු කථානායක අබෙල් තනනියල් බැන්කොලේ ස්ට්‍රොන්ජ් (APC) අග විනිසුරු උමු හාවා ටෙජාන් ප්ලෝන් නිදහස එක්සත් රාජධානිය සිට 1961 අප්‍රේල් 27 සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් කිරිම 19 අප්‍රේල් 1971 වර්ග ප්‍රමාණය එකතුව 71,740 වර්ග කිලෝමීටර 27,699 වර්ග සැතපුම් ජලය (%) 1.1 ජනගහනය ජුලි 2009 තක්සේරුව - 6,440,053 ඝනත්වය 79.4 වර්ග කිලෝමීටර 205.66 වර්ග සැතපුම් දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව එකතුව ඩොලර් 4,286 බිලියන ඒක පුද්ගල ආදායම ඩොලර් 725 දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව එකතුව ඩොලර් 1.953 බිලියන ඒක පුද්ගල ආදායම ඩොලර් 331 ගිනි (2003) 62.9 (ඉහළ) මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.365 (සුපිරි ලෙස පහළ) මුදල් ලිඕන් (SLL) මං තීරැව දකුණ අන්තර්ජාලය .si දුරකතන සංකේත 232 සියරා ලියෝන් සමූහාණ්ඩුව බටහිර අප්‍රිකානු රටකි. මායිම් උතුරින් ගිනියා.ගිනිකොණින් ලයිබීරියාව හා නිරිතදිගින් අත්ලාන්තික් සාගරයට අයත්ය. වර්ග මීටර් 71,440 වර්ග කිලෝමීටර (වර්ග සැතපුම් 27,699) හා ජනගහනය මිලියන 6.4 කි. මෙහි ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුවක් හා බටහිර ප්‍රදේශයේ පළාත් 03 ක් හා නැවත පළාත් 14 කට බෙදේ. සෞම්‍ය දේශපාලනයක් ඇති අතර ෆ්‍රීටවුන් අගනුවර වේ. රාජ්‍ය භාෂාව ඉංග්‍රීසිය.නමුත් ක්‍රියෝ භාෂාව රටේ බහුලව කතා කරන භාෂාවයි. එය ජනගහනයෙන් 97% ක් භාවිතා කරන භාෂාවයි. මෙහි වෙසෙන ජනවර්ග 15 ක් සියරා ලියෝන් හි රට වාසීන් ලෙස සැලකේ. විශාලම ජනවර්ග 02 වන්නේ මෙන්ඩේ සහ ටෙමිනේ වේ. මොවුන් මුළු ජනගහනයෙන් 30% කි. මෙහි සාරවත් ඛනිජ සම්පත් ඇති අතර පතල් මැණික් ආර්ථිකයේ ප්‍රධාන වේ. ලෝකයේ මැණික් නිෂ්පාදනයේ ඉහළම 10 දෙනා අතර සිටී.ලෝකයේ විශාලතම ස්වාභාවික වරායන්ගෙන් 03 වන විශාලතම වරාය පවතී. මෙහි ආදිවාසීන් වන්නේ ෂර්බි, ටෙමිනේ, ලිම්බා, සහ ටයිරාය. 1462 එහි පැමිණි පෙට්‍රෝද සින්ටා මෙහි නම තැබීය. 1808 ෆ්‍රීටවූ බ්‍රිතාන්‍ය කොළනියක් විය. 1896 රට ඇතුළත බ්‍රිතාන්‍ය ආරක්ෂකයන් විය. 1961 දෙකම එකතුවෙන් නිදහස ලැබීය. දශක 02 තුළ රජය පාලනය නොසලකා හැරි අතර ලිබියානු අරගලය එහි මායිම් අතරට යාමෙන් සෙයිරා ලියෝන් සිවිල් යුද්ධය ආරම්භ විය. 2000 වර්ෂයේ දී එය සමතයට පත්විය.පලීසං ක්‍රියාන්විතයෙන් සතුරු හමුදා පරාජය කළ අතර 1988 සිවිල් ආණ්ඩුවක් පත් කර ගැණුනි. මෙහි විශේෂ අධිකරණය 2002 වර්ෂයේ පිහිටුවන අතර එයින් 1996 සිට පැවති යුධ අපරාධ හා මානව අපරාධ විසඳන ලදී. මෙය මානව වර්ධනයේ පහළම මට්ටමේ සිටින 03 වන රට වන අතර, සහ මානව දිළිඳු ලැයිස්තුවේ( Human Poverty Index ) 07 වන පහළම ස්ථානයේ සිටී.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගුවන් අනතුරෙන් මිය ගිය පියාසර ලුතිනන් මොනාත් පෙරේරා ඊයේ (2) සිට බලගණ නායක නිලයට උසස් කර තිබේ.ඉකුත් 01 දා උඩුගුවනේදී ඇති වූ ගුවන් අනතුරකින් ඔහු මිය ගිය අතර සංදර්ශන සඳහා පුහුණුවෙමින් තිබූ කෆීර් යානා දෙකක් ගැටී අනතුර සිදු විය. ගුවනේදී යානා දෙක ගැටීමට හේතුව මෙතෙක් හෙළිව නැත.සිද්ධිය සම්බන්ධයෙන් එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර තවත් සති තුනක් ඉකුත්වීමට පෙර පරික්ෂණ කටයුතු අවසන් කර එම වාර්තාව ගුවන් හමුදාපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බෞද්ධයන් වන්දනාමාන කරනා සහ සංඝයා වැඩසිටිනා ආගමික ස්ථාන පන්සල් නම්වේ. පටුන 1 පන්සලක අංග 1.1 චෛත්‍යයන් 1.2 සංඝ ප්‍රයෝජනයට ඇති කොටස් 2 පන්සලක කාර්යය පන්සලක අංග[සංස්කරණය] චෛත්‍යයන්[සංස්කරණය] ප්‍රධාන ලිපිය: චෛත්‍ය සංඝ ප්‍රයෝජනයට ඇති කොටස්[සංස්කරණය] පන්සලක කාර්යය[සංස්කරණය]
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පිහිනමින් දිවි සයුර තුලඇදෙන විට සොයා ජයහමුවේ සොඳුරු සටහන්සමඟින් අඳුරු මතකත්හැකි නමුත් අතීතයවෙත කිමිදී බැලීමටවරම් නැත විඳීමටඒ සොඳුරු මතකයන්වරම් නැත මකන්නටඒ අඳුරු මතකයන්වරම් නැත එබෙන්නටඅනාගත සයුර වෙතඑනමුත් අත නොහැරඋත්සහය වීර්යයපිහිනමි තනිව හෝ මමසොයා ගෙන ජය කනුව.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති ජාතික ඩෙංගු මර්දන වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට ගිය පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට අවි ආයුධ පෙන්වා බියවැද්දීම් කර මරණ තර්ජන කෙළේ යැයි කියන අයකු 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා (9) නියෝග කෙළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූයේ නො 244 මීගමුව කිඹුලාපිටි පදිංචි ලීමාල් අජිත් ගුණසේකර නැමැති පුද්ගලයෙකි. ඩෙංගු මර්ධනය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සඳහා කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 93 ඊ ග්‍රාමනිලධාරි වසම තුළ 8දා පෙරවරුවේ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ද, මීගමුව පොලිසියේ නිලධාරීන්ද, ගුවන්හමුදාවේ හා යුද්ධ හමුදාවේ අවේෂණ නිලධාරීන්ද ස්වේච්ඡා සංවිධානවල සාමාජික සාමාජිකාවන්ද ගෙයින් ගෙට ගොස් ඇත.කණ්ඩායම්වලට බෙදී මේ දැනුවත් කිරීම් කිරීමේදී එක් කණ්ඩායමක් අංක , 244 කිඹුලා පිටිපාර පිහිටි ලීමාල් අජිත් ගුණසේකර මහතාගේ නිවසට ගොස් ඇත. එම ගෙවත්තේ වළක මදුරු කීටයන් සිටින බව දැක මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා ඇතුළු එම නිලධාරීහු ඔහුව දැනුවත් කර වළ වසා දැමීමට උපදෙස් දී ඇත. මෙවැනි වළක් පවත්වා ගෙන යාම ගැන අවවාද කර තව දුරටත් මෙවැනි තත්ත්වයක් තිබුනොත් නීති මගින් කටයුතු කරන බව පවසා තිබේ.එම අවස්ථාවේ මේ තැනැත්තා (සැකකරු) රාජ්‍යනිලධාරීන්ට බැන වැදී මරණ බිය ඇතිවන අයුරින් කඩුවක් ගෙන කෙටීමට සූදානම් වූ බව එම ඩෙංගු වැඩසටහනට සහභාගි වූ මීගමුව පොලිසියේ පොලිස් සැරයන් 41386 ශ්‍රී රුවන් මහතා පැමිණිල්ලේ සඳහන් කොට ඇත. මීගමුව පොලිසියේ උපපොලිස් පරීක්ෂක රංජිත් ප්‍රේමසිරි මහතා සැකකරු සමඟ ඔහු සන්තකයේ තිබූ සුදුයකඩ කඩුව නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර පැමිණිල්ල මෙහයවීය. සැකකරු වෙනුවෙන් ඉන්දික සිල්වා ප්‍රියන්ත රාජපක්ෂ, වෙනුර ගුණවර්ධන යන.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකා තහනම් උත්තේජන ආයතනයට ආසියානු තහනම් උත්තේජන සම්මේලනයේ ප්‍රශංසාව හිමිවෙයි. පසුගිය වසරක කාලයකදී ශ්‍රී ලංකා ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ තහනම් උත්තේජන පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය මෙයට හේතුවී ඇත.ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පසුගියදා ආසියානු රටවල් 43ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැති ආසියානු තහනම් උත්තේජන සමුළුවේදී අනෙකුත් රටවල්වලට වඩා තහනම් උත්තේජන පාලනය සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රශංසාව හිමිවූවේ යැයි විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ‘දිනමිණ’ ට පැවැසීය.වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ජාතික තහනම් උත්තේජන ආයතනයේ සභාපතිවරයා ලෙස වසර ගණනාවක් කටයුතු කරමින් සිටී.කැනඩාවේ පිහිටි ලෝක තහනම් උත්තේජන ආයතනයේ (WADA) සාමාජිකත්වය ඇති ශ්‍රී ලංකා තහනම් උත්තේජන ආයතනය රජයේ පාලනය වන්නෙකි.ශ්‍රී ලංකා තහනම් උත්තේජන ආයතනය මඟින් 2009 වසරේ දේශීය ක්‍රීඩා තරගවලදී තහනම් උත්තේජන පරීක්‍ෂණ 200ක් පමණ සිදුකර ඇති අතර මේ වසරේදී දැනට තහනම් උත්තේජන පරීක්‍ෂණ 100කට ආසන්න ගණනක් පවත්වා ඇත.එහිදී පසුගිය වසරේදී තහනම් උත්තේජන ලබාගැනීමේ වරදට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු හා මේ වසරේ දෙදෙනෙකු හසුවී ඇත. දිගින් දිගටම තහනම් උත්තේජන පරීක්‍ෂණ සිදු කිරීමට යෑමේදී එම තහනම් ඖෂධ භාවිතය අඩුවී ඇතැයි වෛද්‍ය මෙන්ඩිස් මහතා පැවැසීය.එයට අමතරව රට පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා වෛද්‍යවරු දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ පැවැත්වීමද සිදුවේ. පළාත්බදව හා දිස්ත්‍රික් මට්ටමේ සිදු කෙරෙන “තහනම් උත්තේජන භාවිතයේ හානි” පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාව පිළිබඳවද ආසියානු තහනම් උත්තේජක සමුළුවේදී ඇගයීමට ලක්ව තිබේ.ජාතික තහනම් උත්තේජන ආයතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා පවසන්නේ තරගකාරී ක්‍රීඩාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් බෙහෙත් ද්‍රව්‍ය මගින් බලය, වේගය හා දරාගැනීමේ ශක්තිය වැඩිකර ගැනීමට උත්සහ කළද එයින් පසුකාලීනව භයානක ප්‍රතිඵල අත්වන බවයි.“රජයේ බලාපොරොත්තුව විනයවත් ක්‍රීඩාවක් පවත්වාගෙන යෑමටයි. ඒ සඳහා වාර්ෂිකව විශාල මුදලක් වැය කරනවා. මේ කටයුත්තට ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු, සේවකයන් හා ස්වේච්ඡා සේවකයන් විශාල පිරිසක් දායක වෙනවා. ඉදිරියේදී තහනම් උත්තේජන ගැනීම පිළිබඳ දැඩි අවධානයකින් සිටිනවා” යැයි වෛද්‍ය මෙන්ඩිස් මහතා පැවැසීය.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ථ ශූරතාව ලකුණු 874 ක් ලබා ගනිමින් බස්නාහිර පළාතට හිමිවූ අතර අනුශූරතාව ලකුණු 612 ක් ලබාගත් මධ්‍යම පළාතටද ලකුණු 577 ක් ලබාගත් සබරගමුව පළාතට තෙවන ස්ථානයද හිමි විය. දුර පැනීමේ ඉසව්වෙන් මීටර 7.43 ක් වාර්තා කල වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලේ ඒ. ඩී. ඒ. ප්‍රනාන්දු තරගාවලියේ දක්‍ෂතම මලල ක්‍රීඩකයා ලෙසද පැණීමේ ඉසව් වල දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙසද සම්මාන ලද අතර කෑගල්ල සාන්ත ජෝසප් බාලිකාවේ පබසරා සේනානායක තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.සමස්ත බාලක ශූරතාව ලකුණු 117 බැගින් ලබාගත් වෙන්නප්පුව ජෝසප් වාස් විදුහලත් මීගමුව මාරිස්ටෙලා විදුහලත් සම ශූරයන් වූ අතර සමස්ත බාලිකා ශූරතාව සඳහා ලකුණු 167 බැගින් ලබාගත් කෑගල්ල සාන්ත ජෝසප් බාලිකාවන් හා වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය හිමිකම් කීහ. ලකුණු 90 ක් ලබා ගනිමින් වලල ඒ. රත්නායක විදුහල බාලක සූරතාව තෙවන තැනටත් ලකුණු 161 ලබා ගනිමින් රත්නපුර සුමන බාලිකාව තෙවන ස්ථානයටත් හිමිකම් කීහ.ජවන සහ පිටිය තරග ඉසව් 124 ක් පැවැත්වූ අතර දින පහ තුළ තරග වාර්තා දහතුනක්ම බිඳ දැමීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.නව තරග වාර්තා මෙසේය.1. මීටර 5000 21 පහළ බාලිකා - එච්. එම්. මිලීනා කුමාරි සෙනෙවිරත්න (ශ්‍රී රාහුල ජාතික පාසල කටුගස්තොට) විනාඩි 18 තත් 16.212. රිටි පැනීම 17 පහළ බාලිකා - හර්ෂණී සමුද්‍රා කුමාරි ධර්මරත්න (මලල ඒ රත්නායක ම.වි.)මීටර 3ට3. මීටර 5000 19 පහළ බාලක - ඩබ්ලිව්. එම්. එම්. තරිඳු මධුෂාන් (ලුණුවත්ත ම.වි. වැලිමඩ) විනාඩි 15 තත් 27.14. මීටර 400 කඩුළු 19 පහල බාලක - ජේ. ලහිරු ප්‍රසන්ජිත් (තක්ෂිලා ම.වි. හොරණ) තත් 53.565. යගුලිය දැමීම 19 පහල බාලක - ඩී. සංජුන සුමනවීර (රෝයල් ජා. පාසල කොළඹ) මීටර් 14.866. රිටි පැනීම 19 පහල බාලිකා - අරින්ද්‍රවන් පවිත්‍රා (අරුණෝදය විද්‍යාලය යාපනය) මීටර් 3.017. මිටර් 100 x4 සහාය 17 පහල බාලක - කොළඹ නාලන්දා විද්‍යාලය තත් 43.788. රිටි පැනීම 21 පහල බාලිකා - ශන්මුගරාජා තනුජා (අරුණෝදය විද්‍යාලය යාපනය) මීටර් 3.119. මීටර් 400 කඩුළු 17 පහල බාලිකා - එම්. කුමාරි වීරසිංහ (වලල ඒ රත්නායක ම.වි.) තත්67.610. කවපෙත්ත විසි කිරීම 19 පහල බාලිකා - අමන්ති සිල්වා (සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය) මීටර් 39.4611. රිටි පැනීම 19 පහල බාලක - එම්. එච්. ඉෂාර සඳරුවන් (වලල ඒ රත්නායක ම.වි.) මීටර 4.3112. මීටර 100 21 පහල බාලිකා - එස්. ආර්. ජේ. පී. සේනානායක (සාන්ත ජෝසප් බාලිකා කෑගල්ල) තත්පර 12.3013. මීටර 100x4 සහාය 15 පහල බාලිකා - සාන්ත ජෝසප් බාලිකා විදුහල කෑගල්ල විනාඩි 4 තත් 12.114.කිලෝමීටර 21.098 ක දුරකින් යුත් අර්ධ මැරතන් තරගයේ බාලක ශූරතාව පැය 01 විනාඩි 13 යි තත් 53 කින් තරගය නිම කල වැලිමඩ ලුණුවත්ත ම. විදුහලේ ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. තරිඳු මධුෂාන් ට හිමි විය. පැය 01 යි විනාඩි 27 තත්පර 55 කින් තරගය නිමා කරමින් පොල්පිතිගම ජාතික පාසලේ ඩී. එම්. මහේෂිකා මධුෂානි බාලිකා ශූරතාව හිමිකර ගත්තාය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා වටිනාකමින් යුත් ගල් පර්වත කඩිනමින් පරීක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් ලබන වසරේ ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී.ජයසුන්දර මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.සංවර්ධන ව්‍යාපෘති සඳහා ගල් පර්වත කැඩීමට ඉල්ලීම් විශාල ප්‍රමාණයක් දෛනිකව දෙපාර්තමේන්තුවට ඉදිරිපත්වේ.මෙහිදී පුරාවිද්‍යා බලපෑම් ඇගයීමේ නීතිය යටතේ සංවර්ධකයා විසින් සංවර්ධන සමීක්ෂණයක් සිදු කර ගත යුතුය.එම තත්ත්වයට මුහුණදීම සඳහා මෙරට පිහිටි සියලුම ගල් පර්වත කඩිනම් ගවේෂණ ව්‍යාපෘතියක් යටතේ පරීක්ෂා කර පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගල් පර්වත හඳුනා ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.මෙහිදී හඳුනාගනු ලබන පුරාවිද්‍යා වැදගත්කමක් නැති ගල් පර්වත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විමසීමකින් තොරව අදාළ කාර්ය සඳහා සංවර්ධනයට නිදහස් කිරීමට හැකිවන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පරිසර අධිකාරිය සහ භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු අනිකුත් අදාළ ආයතන දැනුවත් කිරීමට ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර ලබන වසරේ ආරම්භයේ සිට ක්‍රියාවට නැගෙන මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා දෙපාර්තමේන්තුව මහජන සහය අපේක්ෂා කෙරේ.මෙම ව්‍යාපෘතිය මුවාවෙන් වංචනික පිරිස් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ගල් පර්වත අයුතු භාවිතයට යොදා ගැනීමට ඉඩකඩ ඇති බැවින් එසේ පැමිණෙන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අනන්‍යතාව තහවුරු කර ගන්නා ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ පිළිබඳ යම් වැඩිදුර පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වන්නේ නම් 011 2696514 දුරකථන අංකය අමතන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටී.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
- වැස්ස -නුඹට අකමැතිකියා දැන දැනකුමට එනවදමා යනෙන මඟ.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම් එස්. අමරසේකර මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කළ ආකල්ප සංවර්ධන වැඩසටහන කාගේත් ප්‍රසාදයට ලක් වූ කාලෝචිත වැඩසටහනක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා සඳහන් කරයි.මේ වසරේදී විද්වතුන් කලාකරුවන් හා විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳව නිපුණතා ඇත්තන්ද සම්බන්ධ කරගෙන මෙම වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ඉකුත්දා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අදහස් දක්වමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.'අග්‍රාමාත්‍ය කාර්යාලයේ පසුගිය වර්ෂයේ කටයුතු පිළිබඳව අපි හැමදෙනාම ආපසු හැරී බලන්න ඕනෑ. අපෙන් පෞද්ගලිකව යම් අතපසුවීම් සිදුවී ඇත්නම් ඒවා ද නිවැරැදි කර ගෙන නව වසරේ වඩා හොඳ මහජන සේවාවක් ලබා දෙන්න අපි සියලු දෙනාම අධිෂ්ඨාන කර ගෙන ක්‍රියා කරන්න ඕනෑ.''මම අපේ හාමුදුරුවරුන්ට අපහාස කළා යැයි සඳහන් කරමින් ඇතැම් කණ්ඩායම් කලහකාරීව හැසිරීමත් ඔය ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක්. මම අපේ උගත් සිල්වත් මහා සංඝරත්නයට අපහාස කරන්නවත් එවැනි චේතනාවක් ඇතිවවත්, චීවරධාරී වචනය පාවිච්චි කළේ නැහැ. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් සම්පාදනය කර ඇති සිංහල ශබ්ද කෝෂයට අනුව චීවරධාරියා යන්නෙන් අදහස් කරන්නේ සිවුරු දරන්නා හෝ සිවුරු පොරවන්නා යන අදහසයි. මෙම වචනයට වැරදි අර්ථ දීලා අනවශ්‍ය මතයක් රටේ ගොඩනඟන්නට ඇතැම් පිරිස් උත්සාහ කරන්නේ නම් එය හොඳ නෑ. පිරිසිදු බෞද්ධයෙක් විදියට මම ප්‍රකාශ කළ වචනයෙන් අපේ උගත්, සිල්වත්, ගුණ ගරුක පූජනීය සංඝරත්නයට යම් සිත් වේදනාවක් ඇති වුණා නම් ඒ ගැන අතිශයින්ම කණගාටු වෙනවා වගේම සමාව අයැදිනවා. මම මීට කලින් ඒ ගැන කියලා තියෙනවා.මා ගෞරවනීය සංඝරත්නයට බොහොම ගෞරවයෙන් හා භක්තියෙන් සලකන කෙනෙක්. ඒ නිසා උන් වහන්සේලාට මා සමඟ යමක් සාකච්ඡා කරන්න කිසිදු බාධාවක් නැහැ. හැබැයි අපි ඒ දේ කළ යුත්තේ අපි දෙපාර්ශ්වයේම ගෞරවය හා විශ්වාසය පලුදු නොවන ආකාරයටයි. කොහොම වුණත් නව අවුරුද්දේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ගිය අවුරුද්දටත් වඩා හොඳ සේවාවක් මහජනතාවට සපයන්නට සියලු තරාතිරම්වල නිලධාරී මහත්ම මහත්මීන්ට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවායැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා ප්‍රමුඛ සියලු අංශවල නිලධාරී මහත්ම මහත්මීහු සහභාගී වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කොළඹ-මාතර අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු යටතේ කහතුඩුව දියකඩ මාර්ගයේ වේරගොඩදෙණිය මහ වෙල්යාය හරහා ඇළ මාර්ගයක් කැපීම නිසා ගොවිතැන් කිරීම අපහසු වී ඇතැයි ගොවියෝ පවසති.කුඹුරු අක්කර තිස්පහක් පමණ ඇති වේරගොඩදෙණිය දකුණ මහ වෙල්යාය හරහා ඇළ මාර්ගය කැපීම සිදු කර ඇත.යු. ඩී. ආරියදාස ගොවි මහතා මෙසේ කීවේය.වේරගොඩදෙණිය දකුණ මහ වෙල්යාය හරහා අඩි දහයකට වඩා පළල ඇළ මාර්ගයක් සෑදීම සිදුකර තිබෙනවා. මෙහිදී ගොවියන්ගෙන් කිසිම අදහස් විමසීමක් කළේ නෑ. මේ නිසා කුඹුරුවලට යාමට සහ කෘෂි උපකරණ ගෙනයාම දුෂ්කර වී තිබෙනවා.ඇළ මාර්ගයක් සෑදීම නිසා මේවන විට යායේ කුඹුරු රැසක වගා කිරීම නතර වී තිබෙනවා. කුඹුරුවලට යාමට හැකිවන අයුරින් ට්‍රැක්ටර් පැන්නුම් හෝ වෙනත් ක්‍රමවේදයක් සකසා දෙන ලෙස අදාළ ආයතනවලින් ඉල්ලා සිටිනවා. .
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ආබ්‍රහම් (אברהם · إبراهيم) රෙම්බ්‍රොන්ට් (1635) විසින් ඊසාක් බිලිදීම Personal උපත ආබ්‍රහම් මෙසපොටේමියාව[Notes 1] මරණය කානාන්[Notes 1] Resting place මක්පේලාගේ ලෙන 31°31′29″N 35°06′39″E / 31.524744°N 35.110726°E / 31.524744; 35.110726 පවුල කලත්‍රයා සාරා හාගර් කෙතුරා ආබ්‍රහම් (හෙබ්‍රෙව්: אַבְרָהָם ; සිරියක්: ܐܒܪܗܡ Oraham; අරාබි: إبراهيم ʾIbrāhīm) යනු, ජුදා ආගමෙහි සහ ක්‍රිස්තියානි ආගමෙහි ආගමික ග්‍රන්ථයන්හී ( උප්පත්ති පොතෙහි පරිච්ඡේද 11:26-25:18 සහ වෙනත් තැන්වල අනෙකුත් සඳහන්කිරීම්) මෙන්ම, ඉස්ලාම් ආගමෙහි ශුද්ධවූ ග්‍රන්ථය වන කුරානයෙහිද සඳහන් ප්‍රධාන චරිතයකි. සටහන්[සංස්කරණය] ↑ 1.0 1.1 ආබ්‍රහම්ගේ උපන් ස්ථානය සඳහා, බලන්න උප්පත්ති 11:28 සහ 24:4-10, ක්‍රියා 7:2. ඔහු මළ ස්ථානය සඳහා, බලන්න උප්පත්ති 25:7-10. උප්පත්ති 11 (පද්‍යය 26 සිට) සහ 25 (පද්‍යය 18) අතර බයිබලීය කථාන්තරයෙහි කේන්ද්‍රය වන්නේ ආබ්‍රහම් වෙයි. ආශ්‍රිත[සංස්කරණය]
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මධ්‍යම, උතුර හා වයඹ පළාත් සභා මැතිවරණයේදී විදෙස් නිරීක්ෂකයෝ ගෙන්වනවාද නැද්ද යන තීරණය අදාළ සියලු පාර්ශ්ව සමඟ පොදු එකඟතාවයකින් සිදුකරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මාධ්‍ය වෙත කරුණු දක්වා සිටින ඒ මහතා කියා සිටියේ දේශපාලන පක්ෂ සමඟ හා තමාගේ නිලධාරින් සමඟ සාකච්ඡා කොට තීරණයක් ගන්නා බවයි.මෙම මැතිවරණය සඳහා රුපියල් මිලියන එක්දහස් පන්සීයක් පමණ වැයවෙනු ඇතැයි කල්පනා කරන අතර, පොලිස් දෙපාර්තමේන්තුව, මුද්‍රණාධිපති, ඉන්ධන, විදුලිය, තැපැල් යන අංශවලට වැඩි වියදමක් දැරීමට සිදුවන බව ඒ මහතා කීය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නර්තන සිද්ධාන්තය නව හැඳින්විමක් වන අතර, එය සංගීත සිද්ධාන්ත හා සමානව නර්තනයේ ස්වභාවය හා යාන්ත්‍රණය විස්තර කරයි. සංගීතකරණයේ දී කරනු ලබන්නේ නර්තනයේ එක හා සමාන යුගල හා ඒවාට ගැලපෙන සංගීත නිර්මාණය කිරිමයි. සංගීත සිද්ධාන්ත ගැඹුරින් විස්තර කරනුයේ, නර්තනයේ මුලාරම්භ, ශෛලීය, පාද ක්‍රියාකාරිත්වය හා කුසලතා නිරූපනයයි. නර්තන සිද්ධාන්ත සඳහා කායික චලනයන්, සහකරුවන්ගේ අන්‍යොනය සබඳතා හා සංගීතයේ රිද්මය බලපායි. එමඟින් ගවේෂණය කරනුයේ, සන්නිවේදනය, කායික, මානසික, භාවාත්මක හා නර්තනයේ කලාත්මක ලක්ෂණ මානව හැඟීම් හා අන්තර්ක්‍රියා මාධ්‍යයක් ලෙස නර්තනය තුලින් විදහා දැක්විමයි. මෙසේ කරන විට සියුම් වූ වෙනස්කම් නර්තනය තුළින් ප්‍රභේද හා විලාශයන් මෙන්ම ඔවුන්ගේ සමාජ පසුබිම හා සංස්කෘතිය විශ්ලේෂණය කෙරේ. නර්තන සංස්කෘතිය සෑම තැනම ඇති මුලධාතුවකි. නර්තනයේ සිද්ධාන්තය නර්තනයේ ස්වාභාවය සහ විවිධ චලනයන් ස්වභාවිකව හෝ පෙළඹීමකින් විදහා දැක්වීමක් කෙරෙයි. සටහන්[සංස්කරණය] Dance theory
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය සියවස්: 10 වන සියවස – 11 වන සියවස – 12 වන සියවස දශක: 980ගණන් 990ගණන් 1000ගණන් – 1010ගණන් – 1020ගණන් 1030ගණන් 1040ගණන් වසර: 1012 1013 1014 – 1015 – 1016 1017 1018 වසර 1015 (MXV) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
තීරු බදු රහිත ක්‍රමය යටතේ කටුනායක ගුවන් තොටුපොළ කුලී රථ සේවයට වාහන ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ආනයනය කළ පළමු වාහනය පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය (තමන්ගේ දකුණු පසින් සිටින) එස්. ඒ. ඩී. රේමන් මහතාට භාරදෙන අයුරු.කටුනායක ගුවන්තොටුපොළ කුලී රථ සේවා සංගමයේ සභාපති හා සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පෞද්ගලික ලේකම් නන්දවංශ සිල්වා මහතා ද මේ අවස්ථාවට සහභාගි විය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මංගල උත්සවයන්හිදී “තෑන්ක් යූ” කාඩ්පතක් පිරිනැමීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. මේ එවන් මංගල උත්සවයක් අතරතුරදී සිදුවූ අකරතැබ්බයක් ගැන කතාවකි. කෙසේ වෙතත්, මේ සිද්ධිය සිදුවූයේ උත්සව ශාලාව ඇතුළත නොවේ. මහමග බස්රියක් තුළදී ය.නව යුවතිපතීන්ගේ ඡායාරූප ගත් කැමරා ශිල්පියා එයින් වඩාත් ම විසිතුරු ඒවා තෝරා ගත්තේය. ඒ පින්තූරවලින් “තෑන්ක් යූ” කාඩ්පතක් නිර්මාණය කළේය. ඉන්පසු තමාගේ සහායකයා අමතා මෙසේ කීවේය.“ටවුමට ගිහින් සුටුස් ගාලා මෙයින් කාඩ් සීයක් ප්‍රින්ට් කරගෙන එන්න.”තරුණ ගෝලයා මිටින් හළ කුරුල්ලකු මෙන් ටවුමට ඉගිලුණේය. ඔහු ගියේ බසයෙනි.බස් රථයේදී සුව පහසු අසුනක් ඔහුට ලැබිණි. කැමරාව එක් අතක කරේ එල්ලා ගෙන සිටි තරුණයා ටවුමට ගොස් කටයුත්ත හමාර කර අනෙක් අතින් “තෑන්ක් යූ” කාඩ්පත් ද රැගෙන ආපසු ඒමට බසයකට ගොඩවිය.. එවරද ඔහුට අසුනක් ලැබිණි.තරුණයා ට නොදැනීම බසය ඔහුගේ නැවතුමට පැමිණියේය. එවිට කලබලයෙන් අසුනෙන් නැගිට ගත් තරුණයාගේ අත තිබූ කවරයෙන් “තෑන්ක් යූ” කාඩ්පත් මිටියක් බසයේ වෙනත් අසුනක් ළඟ වැටුණේය. ඒ ආසනයේ අසුන් ගෙන සිටියේ කාර්යාලයක සේවයට යන බව පෙනෙන්නට තිබුණු රූමත් තරුණියකි. බිම වැටුණු පින්තූර කාඩ්පත් තිබුණේ කොට සායක් පැළඳ සිටි ඇගේ දෙපා මුල ය.මෙයින් තරුණයා පත්වූයේ ඉමහත් අපහසුතාවකටය. කාඩ්පත් ද රැගෙන නියමිත බස් නැවතුමෙන් බැසගත යුතුය.කරේ කැමරාවත් එල්ලා ගෙනම තරුණයා, තරුණියගේ ආසනයට කිට්ටු කළේය. එය දුටු තරුණිය ඔහු දෙස නොරිස්සුම් බැල්මක් හෙළා ඉවත බලා ගත්තාය. තරුණයා කරබාගෙන නැමී තරුණියට මෙසේ කියා සිටියේය.“ මිස් පොඩ්ඩකට මිස්ගේ කකුල් එහාට කරනවාද? ”“ඇයි ඒ මොකටද? තරුණිය පෙරළා ප්‍රශ්න කළේ කෝපයෙනි. “නෑ මට පින්තූර ටිකක් ගන්න තියෙනවා, ඒකයි” තරුණයා පිළිතුරු දුන්නේය. මේ කතාවෙන් තරුණියගේ කෝපය වැඩි වී ඇගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය බවක් පෙනෙන්නට විය. හෑන්ඩ්බෑගයට අත යැවූ තරුණිය කුඩයක් ඉවතට ගෙන අත දිග හැර එල්ල කළ පහර කිහිපය තරුණයාගේ ගෙලටත් කරටත් වැදුණි. තරුණයාට දවල් තරු පෙනුණේය.තරුණයා දැන් ගල් ගැසී බිම බලාගෙන සිටී. තරුණියටද මෙය ප්‍රහේලිකාවකි. ඇය නිකමට මෙන් පහත බැලුවාය. තම දෙපා ළඟ වැටී තිබූ පින්තූර කාඩ්පත් මිටිය ඇය දුටුවේ ඒ අවස්ථාවේදීය. ඇයට කාරණය හරිහැටි වැටහුණේ එවිටය. තරුණිය අහක බලා ගත්තාය. ඒ සැණින් පහත් වූ තරුණයා කාඩ් මිටියත් අහුලාගෙන ඊළඟ නැවතුමෙන් බැස ගත්තේය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී තෙදිනක් පුරා පැවැති යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල අදින් අවසන් වේ. එහි ආරම්භක උත්සවය පසුගිය 24දා යුද හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. තරගාවලියේ ආරම්භක දිනයේ මීටර් 100 රෝද පුටු ඉසව්වේදී ක්‍රීඩකයන් තරග වැදුණු අයුරු. ඡායාරූපය-ගයාන් පුෂ්පික.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (20) වීදි සංචාරය කරයි.ශ්‍රී දළදා මාලිගාව අභියසින් පස්වරු 8.00ට පිටත්වන පෙරහර දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස්වීදිය, ඔස්සේ යළිත් ඩී. එස්. සේනානායක වීදියට පැමිණ රජ වීදියට හැරී ගෙවදීමට නියමිතය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දේශපාලනයට පැමිණි වෘත්තියවේදීන් ලෝක දේශපාලනයේ විවිධ වෙනස්කම් ඇති කළ බව මෙවර පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.මෙවර මැතිවරණයේදී ඡන්දය ලබාදීමේ අඩුවක් ඇතැයි යන මතය දේශපාලනය පිළිබඳ ගැඹුරු දැනුමකින් තොරව කරන පුද්ගලයන්ගේ ප්‍රකාශ යයි ද පොදුවේ සෑම දිසාවකින්ම ඡන්දය දීමේ කැපී පෙනෙන වර්ධනයක් සිදු වී තිබෙන බව ද කී ඒ මහතා ජනතාව ඉතා උනන්දුවෙන් සහභාගි වු මැතිවරණයක් වශයෙන් මෙවර පළාත් සභා මැතිවරණය හැදින්විය හැකිය. මේ පළාත් සභා මැතිවරණයේ දී රතු එළිය වැටුනේ එක්සත් ජාතික පක්ෂයට බව කී ඒ මහතා කොළඹ දිස්ත්‍රික්කයේ සියයට හැට හයක ඡන්දය ප්‍රකාශ වූ බව ද ප්‍රකාශ කළේය.මේ අදහස් පළ වූයේ ඊයේ ( 02 ) බත්තරමුල්ල ජාතික හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.ඡන්දය ලබාදීමේ ගැටලුවක් නැහැ. මෙවර මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට යම් දෙයක් කිරීමට හැකි වුයේ එහි නායකත්වය මාරු වූ නිසයි. එක්සත් ජාතික පක්ෂයට ද එවැනි තීන්දුවක් නොගතහොත් සිදු වන්නේ විනාශයක්.මගේ ජයග්‍රහණයට සහයෝගය දුන් සියලු දෙනාට මම ස්තුතිය පුද කරනවා. කාටූන් ශිල්පීන් මා සම්බන්ධයෙන් විවිධ කාටූන් ඇන්දා. කුලී වැඩ කරන පුද්ගලයෙක් මගේ මැතිවරණ කටයුතු සඳහා රුපියල් පන්දහසක් එව්වා. පාසල් දරුවන් මට රුපියල් සීයය බැගින් දී ආධාර කළා. මේ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරන්න මම කැපවෙනවා. මගේ ජයග්‍රහණය මට මහා පිඩනයක් යැයි පැවසුවොත් වඩාත් නිවැරැදියි.මැතිවරණ නීති රැකීමට මැතිවරණ කොමසාරිස්වරයා බැඳී සිටිනවා. එම නීති තුළ විවිද අඩුපාඩු කම් තිබෙනවා. ඒවා නිවැරැදි කරන්න දේශපාලනඥයන් කටයුතු කරන්න ඕනෙ.පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට මම කියන්නෙ ඒ සඳහා කටයුතු කරන්න කියායි. ඒ වගේම මැතිවරණ නීති පිළිබඳව මැතිවරණ නිලධාරීන් පොලිස් නිලධාරීන්ද දැනුවත් කරන්න ඕනෙ.මෙවර මැතිවරණයේදී වෘත්තීයවේදින් ගණනාවක්ද ප්‍රතික්ෂේප වී තිබෙනවා. තනතුරු තමා සොයාගෙන ආවා මිස තනතුරු සොයා තමන් නොගිය බව ද නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. මැතිවරණය සඳහා ජනතාවගෙන් තමන්ට ලැබුණ මුදල් පිළිබඳ සියලු තොරතුරු ඉදිරි දිනයකදී ප්‍රකාශ කරන බව මෙහිදී ඒ මහතා කීය.මෙවර පළාත් සභා මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ජාතික හෙළ උරුමයේ ප්‍රධාන සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා -මම මේ මැතිවරණයට නවකයෙක් වූවාට මේ රටේ ජාතික ව්‍යාපාරයට නවකයෙක් නොවෙයි. අප ඉතා ආදර්ශවත් මැතිවරණ ව්‍යාපාරයක් ගෙන ගියා. මැතිවරණ නීති හැකි උපරිමයෙන් පිළිපැද්දා. ඉදිරියේදී මේ රටට ආදර්ශවත් මැතිවරණ ව්‍යාපාර අවශ්‍යයි. ඉදිරියටත් රටට හැකි උපරිමයෙන් මම සේවය කරනවා. රටට එරෙහිව එල්ලවන බොරු චෝදනා වලට එරෙහිව කටයුතු කරනවා.මෙවර පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා නිරෝෂා අතුකෝරල මහත්මිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ඉදිරියේදී මේ රටේ කාන්තාවන් වෙනුවෙන් විශාල සේවයක් කිරීමට බලාපොරොත්තු වන බවයි . හිටපු පළාත් සභා මන්ත්‍රී තෙබුවන පියනන්ද හිමියෝද මෙහිදී අදහස් දැක්වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ආයෙත් හිතුනා චුටි චුටි කතා කැලි ටිකක් ලියන්න..සමනළයාඔන්න කට්ටිය පුරෝගත්තු බස් එකක් ගමන ආරම්බ කර යන්න පටන් ගත්තලු.ටිකක් දුර යද්දින් එක්තරා මගියෙක් කොන්දොස්තරට කැ ගසනාවලුඅනේ කොන්දොස්තර මහත්තයෝ...ඔයාවත් මට උදව් කරන්න කියනවලුකොන්දොස්තර තැනත් මගියගේ කතාවට ඇහුම් කන් දීලා ඇසුවලු මොකක් ද මේ ප්‍රශ්නේ කියලා..මට මේ මනුස්සයා හොදටම බනිනව.කියා මගියා තවත් මගියෙක්ව පෙන්නුවලුඊට පස්සේ කොන්දොස්තර ඇහුවලු..මොනව කියලද බනින්නේ කියලඑක එක දේවල් කියලා බනිනව කීවලුබල්ලා..,මී හරකා කිය කිය බනිනව කීවලුඑහෙනම් ඉතින් තමුනුත් සතෙක් ගෙනමක්කියලාබනිනවා.. කීවලුබැනුම් ඇසු මගියා ටිකක් කල්පනා කලාලුඑක පාරටම ඔහු ඔහුට බැනු මගියා දෙස හැරි...සම..නළයා...කීවලු..කැමට පෙරදවසක් මන් රැ කැමට කැන්ටිමට යන්න ලැස්ති වෙලා කමරෙන් එලියට එද්දිම එහා කාමරේ ඉන්න සුරා කාමරේ දොර ලගදොර අරිනගමන් සුරා මා දිහා බලලාකන්න ඉස්සෙල්ලා මොනව හරි කරනවද.කියලා ඇහුවාමාත් බැලුවා කැමට ඉස්සෙල්ලා කියන්නේ ෂොට් එකක් දාන්න වෙන්නැති නෙ කියලාහ්ම්.......කිවා.මොනවද තියෙන්නේ....අරු එදා ගෙනාපු එකෙන් තව ටිකක් ඉතුරු වෙලා තියනව..සුරා කීවානියමයි නේ.. මට නිකන්ම හිතුනාඒත් එදා ගෙනාපු දෙකම ඉවර උනානේ..නැ..නැ..තව තියනවා...සුරා කීවාමොනවද.මිරිස් කුඩු,ගොරකා.,මොකාක්..මන් අහද්දින්මන් කිවේ අරු ලන්කාවෙන් එද්දින් ගෙනාපු පහේ ටිකක් ඉතුරු වෙලා තියනවාකරියක් හදනවනම්......යකෝ තේ ගෙනාපිය..මල්ලි අපිට තේ 4ක් ගෙන්න..මෙන්න වෙටර් කොලුවා උනුවතුර ටිකක් කොප්ප 4 කට දාලා හැදි 4 කුත් එක්ක ගෙනාවාමේක දිහා හොදට බලපු කසියා...යකො උනු වතුර නෙවේ තේ ගෙනාපිය..මොනවද මේ හුනු බිජු වගේ බැග්..මෙව වැඩක් නැ..හොදට කහට දාපු තේ 4ක් ගෙනාපන්(ටි බැග් ප්‍රොමොට් වෙන කාලේ උනු සිද්දියක්..)ප්‍රශ්න...ලොක්කා: මේ මාසෙ පඩි නම් ටිකක් පරක්කුයි,කමක් නැනේසේවක : හ්ම්..ලොක්කා: ඒ කියන්නේ ඔයාට ප්‍රශ්නයක් නැනේසේවක :නැලොක්කා: ඔයා නම් ප්‍රශ්න කියන ඒවා දන්නෙත් නැ වගේ..ශෝක් මනුස්සයෙක්සේවක: ප්‍රශ්න කියන ඒවා දන්නවනම් මන් විබාගේ ෆේල් වෙන් නැනේ.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
2013/2014 කණ්ඩායමගෙවී ගොස් සරසවියට බදවාගෙන මාස 9 ක් ගොස්ය.මෙම මාස 9ක් තිස්සේ සිසුන්ට මහපොළ ශිෂත්වය හිමි සිසුන් සියලු දෙනාට 2014/12/02 නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාගනයේ කැදවා ලිපියක් ඒවා ඇත්තේ නොපැමිණි හොත් මහපොළ නොදෙන බවට තර්ජනය කරමිනි.නමුත් මේවන විට රට පුරා විශ්ව විද්‍යාලයේ වල මෙම ක්‍රියාවට එරෙහිව උද්ඝෝෂණ අරඹා ඇත.සිසුන් පවසන්නේ මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති මොහොතක මැතිවරණයේ අපේක්ෂකයෙක් මහජන මුදලින් ලබා දෙන මහපොළ ශිෂත්වය තම ඡන්ද රැස්වීමක් බවට පත් කරගැනීම තමන් විරුද්ධ බවයි. රුහුණ විශ්වවිද්‍යාලය 2014/12/01 දහවල් 12.00-1.00 පැයේදී උද්ඝෝෂණයක් පවත්වා මිට විරෝධතා පවත්වන ලදී.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ මෙහෙය වීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය මගින් 42 වැනි වරට සංවිධානය කරනු ලබන 2014 රාජ්‍ය නාට්‍ය උළෙලෙ මේ මස 10 වැනිදා සිට 28 වැනිදා දක්වා මරදාන ටවර් රඟහලේ දී පැවැත්වේ.මෙවර ඒ සඳහා නාට්‍ය 13 තේරී ඇති ඇති අතර මෙය මෑත ඉතිහාසයේ වැඩිම නාට්‍ය ප්‍රමාණයක් අවසන් වටයට තේරුණ ප්‍රථම අවස්ථාව වේ. දිනපතා සවස 6.00 ට වේදිකා ගතවන නාට්‍ය පිළිවෙළ මෙසේය.පෙබරවාරි 10 – රංජිත් ධර්මකීර්තිගේ ‘අංගාරා ගඟ ගලා බසී’පෙබරවාරි 11 – රාජිත දිසානායකගේ ‘ආදර වස්තුව‘පෙබරවාරි 12 – ඊ.එම්. ඩී . උපාලිගේ ‘ඉඩමේ දී විකිණේ’පෙබරවාරි 13 – ආර් . එම් . යසරත්නගේ ‘උත්තරීතර’පෙබරවාරි 14 – ඩබ්ලිව්. එස්. විජේසිංහගේ ට්‍රේන් ඩ්‍රයිවර්පෙබරවාරි 15 - සේනක එදිරිසිංහගේ ‘බ්ලැකවුට්’පෙබරවාරි 16 – චාමික හත්ලහවත්තගේ ‘මකරට’පෙබරවාරි 17 – බුද්ධික දමයන්තගේ ‘චේ ගුවේරා’ (මරා දැමූ ජීවත්වන මිනිසා)පෙබරවාරි 18 – ප්‍රියන්කර රත්නායකගේ ‘විසේකාරියෝ’පෙබරවාරි 19 – අඛිල සපුමල්ගේ ‘රාවණ ආදරයේ හුස්ම රඟ’පෙබරවාරි 21 – ජයලත් මනෝරත්නගේ ‘සෙල්ලම් නිරිඳු’පෙබරවාරි 22 – පරාක්‍රම නිරිඇල්ලගේ ‘හුණුවටයේ කතාව‘පෙබරවාරි 26 – උපනන්ද වැලිකලගේ ‘මුහාම්’පෙබරවාරි 28 – ඩග්ලස් සිරිවර්ධනගේ ‘බෙරහඬ’අවසන් වටයට තේරී ඇති කෙටි නාට්‍යපෙබරවාරි 23 - කේ . ජයසීලන්ගේ ‘කනවු’කෝරළගේ සමන්ගේ ‘අජරාමර’තනුජා විජේවිකුමගේ ‘අන්තිම තත්පරය’බුද්ධික රොෂාන්ගේ ‘අතිකාල’නේරංජන් චන්ද්‍රදිත්‍යගේ ‘ගැහැනු කවුරුද වරදෙ නොබඳෙන’පෙබරවාරි 24 – එම් . කතීස්වරන්ගේ ‘සවාපෙට්ටි’රුවන් දේශප්‍රියගේ ‘දොරවහලා’ජේ .එම් . ජයබාහුගේ ‘මම බහින්නේ නැහැ’සමන් චන්දනගේ ‘සේසතයි කුමරියයි’ඇන්ටනී ජයලත්ගේ ‘සුධම්මාවතී’පෙබරවාරි 25 - එස් . නිශාන්තගේ ‘නාන්ඩොට් ෆයින් ආර්ට්ස්’උපුල් කිරිදෙනගේ ‘හනිමුන්’නිලංක නාමල්ගේ ‘හීන හොයන්න’ඉන්දික ප්‍රසාද්ගේ ‘හැදුවෙ අපිනෙ’තරංගා ප්‍රියදර්ශනීගේ ‘ෆෝමැට්’- ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඕං.. ඒස්වාහ..... ඒස්වාහ... අංජනම් දේවතාවියගේ අනුහසින් ඔව් මට පේනවාමට පේනවා.... යුෂුමතා පැවසූ ඒ නැති වුනුයතුර තිබෙනා ස්ථානය මට පෙනෙනවා...ඔව් පෙනෙනවා නමුත් පැහැදිලි මදි.. අංජනම් දේවිය සතුටු මදි...තව පඬුරක් දමන්න යුෂ්මත...මා ළඟ තිබුණු අවසාන රුපියයල් පන්සීයයේ කොළයත් බුලත් කොළ මත තැබුවෙමි.ඕං.. ඒස්වාහ.. වර වර අංජනම් දේවී ඒස්වාහ.ඔව් දැන් පැහැදිලියි. යතුර තිබෙනවා හොඳින් පැහැදිලියි ස්ථානය...ඔව් කොළ පාට තීන්ත ආලේප කළ තට්‍ටු දෙකේ ගෙයක්...ඉහළම තට්‍ටුවේ කාමරයක අල්මාරියක යතුර තියෙනවා...ඔව්.. මට තවත් පේනවා.. ඔව් ඒ යතුරමයි..අල්මාරියේ ලාච්චුවක පුංචි පෙට්ටියකයි... යතුර තියෙන්නේ...අංජනම් දේවතාවිය අවසරයි...මම හිතන්නේ ඔය අපේ ගෙදර.ඔව් ඔව් යුෂ්මතාගේ ගෙදරමයි යතුර තියෙන්නේ. ගෙදරමයි. ගෙදරමයි.සමාවෙන්න අංජනම් දේවිය මම දන්නවා ඔය කියන යතුර. ඔය ගෙදර අල්මාරියේ ලාච්චුවේ අරන්තියෙල තියෙන ඩුප්ලිකේට් යතුර.තවත් යතුරක් තිබුණා ඒකයි නැති වෙලා තියෙන්නේ...මේකත් ඒ යතුරමනේ.. මම හිතන්නේ අංජනම් දේවිට පොඩ්ඩක් පැටලෙන්න ඇති.සංකල්පය - දිනුක පෙරේරා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පාරාන්ධ හෝ පාරභාෂක වස්තුවක් නිසා යම් ප්‍රභවයක ආලෝකය නොලැබීම නිසා යම් තලයක සෑදෙන හැඩතලය හෙවනැල්ල හෙවත් සෙවනැල්ල නම්වේ.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බස්නාහිර පළාතේ තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය Agency overview ආරම්භ කරේ 2001 පාලනය බස්නාහිර පලාතේ පළාත් සභාව ශ්‍රී ලංකාව මූලස්ථාන කොළඹ වෙබ් අඩවිය www.itrdi.wpc.gov.lk තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය බස්නාහිර පලාතේ පළාත් සභාව හි තොරතුරු තාක්ෂණය නගා සිටුවීම සඳහා පිහිටුවා ඇති ආයතනය ක් වේ. මෙම ආයතනය මගින් බස්නාහිර පළාතේ තොරතුරු තාක්ෂණය නගා සිටවීම සඳහා විවිධ ව්‍යාපෘතීන් ආරම්භ කර ඇත. ආයතනයේ අරමුණු[සංස්කරණය] පළාත් සභාව සඳහා තොරතුරු තාක්‍ෂණය සහ පරිගණක කටයුතු පිලිබඳ සැලසුම් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම. තොරතුරු තාක්ෂණ සේවාවන් ජනතාවට ලබාදීම පළාත් සභාව තුල ක්‍රියාත්මකවන ආයතනවල පරිගණක අධ්‍යාපනය සහ පුහුණුවීම් විධිමත් කිරීම පළාත තුල තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය වියහැකි සමීක්‍ෂණ, පර්යේෂණ සහ අධ්‍යයන පැවැත්වීම ලිපිනය:තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය සංගරාජ මාවත, කොළඹ 10,
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අයි.පී.එල්. තරග පාවාදීම සම්බන්ධව පරික්ෂණ පවත්වනු ලබන එරට පොලිසිය එහි කණ්ඩායම්වල හිමිකරුවන්ට රටින් පිටවීම තහනම් කර තිබේ.පසුගිය දිනවල පොලිසියේ ප්‍රශ්න කිරිමට ලක්වූ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකාරකත්වය දරනු ලබන බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටිගේ සැමියා වන රාජ් කුන්ද්‍රට ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය පොලිසියට බාරදෙන ලෙස නියෝග කර ඇත.පසුගිය දිනවල කුන්ද්‍රගෙන් පොලිස් විමර්ශන නිලධාරීන් පැය 10ක කාලයක් තරග පාවාදීම සම්බන්ධව ප්‍රශ්න කර තිබිණි. අයි.පී.එල්.තරගාවලියේ තරග පාවාදීමේ කුමන්ත්‍රණය මුල් වරට හෙළිවූයේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් තිදෙනකුගෙනි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
‘දූ යන්නේ කොයි පාරේ? මගේ පියා යන පාරේ’ මෙලෙස පිළිතුරු දෙන දියණිය සුහානා ඛාන්ය. ඇය ෂාරුක් ඛාන්ගේ එකම දියණියයි. සුහානා යන පාර කුමක්දැයි යන්න දැන් කිසිවකුට රහසක් නොවෙයි. සුහානා දියණිය නිළියක කිරීමේ අවශ්‍යතාව තදින්ම ඇත්තේ ෂාරුක්ටය. ඇය කෙදිනක හෝ සිනමා තිරයේ දැකීම පියාගේ සිහිනයයි.දියණිය නිළියක ලෙසින් දකින්න ලැබීම තමන්ට ආඩම්බරයක් බව ෂාරුක් පවසන්නේය.දොළොස් හැවිරිදි සුහානා ලබන වසරේදී උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ලන්ඩන් නුවර බලා යාමට නියමිතය. ෂාරුක්ගේ පුතු ආර්යන් ද ලන්ඩන් නුවර උසස් අධ්‍යාපනය ලබන්නේය.දැන්ම සිට සුහානා නිතර නිතර ඡායාරූප ශිල්පීන්ගේ නෙත ගැටෙන චරිතයක් බවට පත් වී අවසානය. මාපියන් යනෙන සැම තැනකම සුහානා ද සෙවණැල්ල මෙන් සිටින්නීය.ෂාරුක් කාන්තා දිනයේදී දියණිය ගැන සුබාරංචිය පැවසුවේ මුව පුරා බිරිය, ගෞරී ද අගය කරමිනි.ෂාරුක්ගේ රංගනයක් මීළඟට දකින්න ලැබෙන්නේ ‘චෙනායි එක්ස්ප්‍රස්’ සිනමාපටයේයි.ජෝන් ඒබ්‍රහම් අධ්‍යක්ෂණය කරන සිනමාපටයක රඟපෑමට ද ෂාරුක්ට ඇරැයුම් ලැබී ඇත. ඛාන් රජු ඊට මනාපය දී ඇත්තේ ඉතා කැමැත්තෙනි.එහෙත් ක්ෂේත්‍රයේ ප්‍රියතම මිතුරියකගේ අමනාපයට මේ දිනවල ෂාරුක් ලක් වී තිබේ. ඇය දීපිකා පදුකෝන්ය. ඇය ඉදිරියට තිරගතවීමට නියමිත ‘චෙනායි එක්ස්ප්‍රස්’ සිනමාපටයේ ප්‍රධාන තාරකාවයි. මෑතකදී ෂාරුක්, දීපිකාට රන්වීර් සිං අල්ලා කළ විහිළුව දුරදිග යාම ඇයගේ කෝපය ඇවිස්ස වූ කාරණයයි. රන්බීර් කපූර් සමඟ පැවැත් වූ සබඳතාවට පසු දීපිකා පෙම් සබඳතා මාධ්‍යයෙන් සැඟවීමට උත්සාහ කළාය.සීතල යුද්ධයක් ඇරැඹීමට පෙර දීපිකාගෙන්, ෂාරුක් සමාව අයැද තිබේ.මේ අතරේ උදා වූ නව වසර ප්‍රීතිමත් කරන ආරංචියක් ද ෂාරුක් සම්බන්ධයෙන් පවතී. ඒ දේව්දාස් සිනමාපටය රසික නෙතේ කඳුළින් සිත්තම් කරන්නට උපකාරී වූ ඓශ්වර්යා රායි බච්චන් සමඟ ඔහු රඟපෑමට සූදානමින් සිටින බවයි. ෆාරා ඛාන්ගේ ‘හැපි නිව් ඉයර්’ සිනමාපටයේ දැනටමත් ෂාරුක්, අභිෂේක් සහ දකුණු ඉන්දීය නළු ප්‍රීත්විරාජ් සිනමාපටය සඳහා අත්සන් තබා අවසානය.ලැබෙන ආරංචිවලට අනුව ෆාරා දැන් බලා සිටින්නේ ඈෂ්ගෙන් ලැබෙන ප්‍රතිචාරයි. දෙදෙනා දේව්දාස් රඟපා දශකයකටත් වැඩි කාලයක් ගත වී අවසන්ය. ‘චල්තේ චල්තේ’ සිනමාපටයේ දෙදෙනා රඟපෑමට නියමිතව තිබුණ ද පසුව ෂාරුක් ඈෂ් වෙනුවට රාණි මුඛර්ජි තෝරාගෙන ඇත. දෙදෙනා ‘හැපි නිව් ඉයර්’ සිනමාපටයෙන් දකින්න ලැබෙනවා නම් එය ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉටුවීමකි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අවසාන ශක්ති මට්ටමේ නිදහස් ඉලෙක්ට්‍රෝන පවතින පරමාණු වලින් සෑදී ඇති ඕනෑම ද්‍රව්‍යක් සන්නායකයක් වේ-
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වතිකානු- ශ්‍රී ලාංකික සබඳතා වතිකානු පුරය ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව සහ වතිකානුව අතර සම්බන්ධතා ඇරඹෙන්නේ 1978 වර්ෂයේ සිටයි. නිල වශයෙන් ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ පාප් වහන්සේ ගේ නියෝජිතවරයෙකු සිටින අතර, වතිකානු නගරයේද ශ්‍රී ලාංකික නිල නියෝජිතයෙකු සිටියි. 2011 දෙසැම්බරය්දී, ජිනීවා හී එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වූ තමාරා කුනනායගම් මහත්මිය, වතිකානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නියෝජිතවරයා ලෙස, XVI වන බෙනඩික්ට් පාප් වහන්සේට සිය අක්තපත්‍ර භාර දී තිබෙයි.[1] පටුන 1 සංචාර 2 මේවාද බලන්න 3 මූලාශ්‍ර 4 භාහිර සබැදි සංචාර[සංස්කරණය] ඉතිහාසයේ අවස්ථා දෙකකදී පාප් වහන්සේලා දෙදෙනෙකු, ශ්‍රී ලංකාවේ සංචාරය කොට තිබෙයි. එනම් 1970 දෙසැම්බර් වලදී හය වන පාවුලු පාප් වහන්සේත්, 1995 ජනවාරියේදී දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේත් ශ්‍රී ලංකාවට සපැමිණ තිබෙයි. ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2012 ජුනි මසදී, දහහතරවන බෙනඩික්ට් පාප් වහන්සේව වතිකානයේදී හමුවිය.[2] මේවාද බලන්න[සංස්කරණය] ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා මූලාශ්‍ර[සංස්කරණය] ↑ http://www.lankaweb.com/news/items/2011/12/22/ambassador-tamara-kunanayakam-presents-credentials/ ↑ http://www.news.va/en/news/pope-receives-president-of-sri-lanka භාහිර සබැදි[සංස්කරණය] Sri Lanka (nunciature) Pope makes appeal for Sri Lanka aid න සා සං ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අප්‍රිකාව කෙන්යාව · දකුණු අප්‍රිකාව ආසියාව බංග්ලාදේශය · භූතානය · චීනය · ඉන්දියාව · ඉන්දුනීසියාව · ඉරානය · ජපානය · මලයාසියාව · මාලදිවයින · පාකිස්තානය · පිලිපීනය යුරෝපය ඩෙන්මාර්කය · එස්ටෝනියාව · වතිකානුව · හන්ගේරියාව · රුමේනියාව · රුසියාව · ස්විට්සර්ලන්තය උතුරු ඇමෙරිකාව කැනඩාව · කියුබාව · එක්සත් ජනපදය ඕෂනියාව ඕස්ට්‍රේලියාව · නවසීලන්තය මෙහෙයන් ශ්‍රී ලංකාවේ විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙයන් ජාත්‍යන්තර සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානය · කොළඹ ක්‍රමය · G77 · ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරිය · අන්තර්ජාතික මූල්‍ය අරමුදල · ප්‍රමිතිකරණය සඳහා වූ අන්තර්ජාතික සංවිධානය · පොදු රාජ්‍ය මණ්ඩලය · නොබැඳි ජාතීන්ගේ සංවිධානය · සාර්ක් · යුනෙස්කෝ · ලෝක සෞඛ්‍ය සංවිධානය · ලෝක වෙළෙඳ සංවිධානය · SAEU · බිම්ස්ටෙක් විදේශ කටයුතු අමාත්‍යාංශය (ශ්‍රී ලංකාව) Foreign Affairs
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කළිදු වසුකඉතිං යාළුවනේ මගේ දෙවන උපසිරසිය තමයි මේක. ඒවගේම පළමු චිත්‍රපටිය. ඔගොල්ලෝ දන්න The X-Files කතාවෙම දිගුවක් විදිහටයි මේ සලරුව නිර්මාණය වෙලා තියෙන්නේ. 1998 තිරගත වුණු මේ සලරුව රොබ් බොව්මන්ගේ අධ්‍යක්ෂණයක්, David duchovny හා Gillian anderson තමයි මොල්ඩර් හා ස්කෙලීගේ චරිත වලට පණ පොවන්නේ. සිනමා දර්ශකයේ 6.9 අගයක් තියෙනවා (කොහොමත් මේවගේ අද්භූත කතාවලට ලොකු අගයක් ලැබෙන්නෑනේ)කතාව පටන් ගන්නේ ආදී මානවයිගේ යුගයේ සිට පැවත එන අද්භූත සිදුවීම් දාමකින්. ඊට සියවස්ගානකට පස්සේ එකවර අමරිකාවේ ගොඩනැගිල්ලක බෝම්බයක් පිපිරෙනවා. ස්කලිටයි මොල්ඩර්ටයි තමයි මේක වරද පැටවෙන්නේ. ඒ අතරේ කට්ටියක් රාජ්‍ය බලය පැහැරගන්න හදනවා. මේ එකකට එකක් සම්බන්ධ නැති මේ අවුල විසදන්න මේ පරික්ෂකයින් දෙන්නට හැකිවෙයිද. ***“එයා තනි මිනිහෙක්”“තනි මිනිහෙක්ට බෑ අනාගතය වෙනුවෙන් සටන් කරන්න”Sinhala subTorrent.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
'මොංගෝලියාව' ('මොංගොල්') යන වචනය සිරිලික් අකුරින් මොංගෝලියානු සිරිලික් හෝඩිය (සැකිල්ල:Lang-mn, Mongol kirill üseg හෝ සැකිල්ල:Lang-mn, Kirill tsagaan tolgoi) යනු නූතන මොංගෝලියානු රාජ්‍යයේ මොංගෝලියානු භාෂාවේ සම්මත උපභාෂාවේ ලේඛන ක්‍රමයයි. තනි ශබ්ද නිරූපනයේදී නිවැරදි ආකාරයට යෙදීමට බහුලව එහි ශබ්දානුමය අක්ෂර වින්‍යාස තිබේ. මධ්‍ය මොංගෝලියාවේ චීන පාලන ප්‍රදේශයේ ලේඛන ක්‍රමය ලෙස සිරිලික් තෝරාගෙන නොමැති අතර දිගටම සාම්ප්‍රදායික මොංගෝලියානු අකුරු ලිවීමේ ක්‍රමය භාවිත කරයි. ඉතිහාසය[සංස්කරණය] මොංගෝලියානු සිරිලික් යනු වඩාත් නූතන මොංගෝලියානු ලේඛන ක්‍රමයයි. එය සිරිලික් හෝඩියකි. බල්ගේරියානු හා රුසියානු අකාරාදිවලට සමාන නමුත් අමතර අක්ෂර දෙකක් Өө සැකිල්ල:Angbr හා Үү සැකිල්ල:Angbr ඇත. එය හඳුන්වාදුන්නේ කෙටි කලක් ලතින් නිල අක්ෂර ක්‍රමය ලෙස භාවිත කළ පසු, 1940 දී සෝවියට් ආභාෂය යටතේ මොංගෝලියානු මහජන ජනරජයේදීය. 1990 දී වූ මොංගෝලියානු ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට පසු සිරිලික් වලින් ප්‍රතිස්ථාපනය කිරීම සාම්ප්‍රදායික හෝඩිය සංස්කරණය කරන ලදි, නමුත් එය සාර්ථකව අවසන් නොවීය. එසේ වුවත්, මොංගෝලියානු අක්ෂර ක්‍රමය ප්‍රාථමික හා ද්විතියික පාසල් වල අනිවාර්ය විෂයක් විය එසේම ජනප්‍රියතාව ක්‍රමයෙන් වැඩිවිය.[1] මොංගෝලියානු අක්ෂර ක්‍රමය අතිශය අසාමාන්‍ය සිරස් අක්ෂර ක්‍රමයකි, එසේම චීන අක්ෂර ක්‍රමය මෙන් නොව පහසුවෙන් තිරස් භාවිතයට යොදාගත නොහැක, එය සිරිලික් හෝඩිය සමග සසඳන විට නූතන භාවිතයේදී අවාසියකි. ඒ අනුව, සිරිලික් හෝඩිය එදිනෙදා ජීවිතයේදී හා අන්තර්ජාලයේදී භාවිත වේ. සටහන[සංස්කරණය] මොංගෝලියානු සඳහා භාවිත වන සිරිලික් හෝඩිය (භාවිත වන ශබ්ද වරහන් තුල): ස්ථානය සිරිලික් බ්‍රේල් නම IPA[2] ISO 9 Standard romanization (MNS 5217:2012)[3] කොංග්‍රස පුස්තකාලය 1 Аа සැකිල්ල:Bc а a а 2 Бб සැකිල්ල:Bc бэ p, pʲ b 3 Вв සැකිල්ල:Bc вэ w̜, w̜ʲ v 4 Гг සැකිල්ල:Bc гэ ɡ, ɡʲ, ɢ g 5 Дд සැකිල්ල:Bc дэ t, tʲ d 6 Ее සැකිල්ල:Bc е ji~jө e ye e 7 Ёё සැකිල්ල:Bc ё jɔ ë yo ë 8 Жж සැකිල්ල:Bc жэ tʃ ž j zh 9 Зз සැකිල්ල:Bc зэ ts z 10 Ии සැකිල්ල:Bc и i i 11 Йй සැකිල්ල:Bc хагас и i j i ĭ 12 Кк සැකිල්ල:Bc ка kʰ, kʲʰ, x, xʲ k 13 Лл සැකිල්ල:Bc эл ɮ, ɮʲ l 14 Мм සැකිල්ල:Bc эм m, mʲ m 15 Нн සැකිල්ල:Bc эн n, nʲ, ŋ n 16 Оо සැකිල්ල:Bc о ɔ o 17 Өө සැකිල්ල:Bc ө ө~o ô ö 18 Пп සැකිල්ල:Bc пэ pʰ, pʰʲ p 19 Рр සැකිල්ල:Bc эр r, rʲ r 20 Сс සැකිල්ල:Bc эс s s 21 Тт සැකිල්ල:Bc тэ tʰ, tʰʲ t 22 Уу සැකිල්ල:Bc у ʊ u 23 Үү සැකිල්ල:Bc ү u ü 24 Фф සැකිල්ල:Bc фэ, фа, эф f, pʰ f 25 Хх සැකිල්ල:Bc хэ, ха x, xʲ h kh 26 Цц සැකිල්ල:Bc цэ tsʰ c ts 27 Чч සැකිල්ල:Bc чэ tʃʰ č ch 28 Шш සැකිල්ල:Bc ша, эш ʃ š sh 29 Щщ සැකිල්ල:Bc ща, эшчэ (ʃt͡ʃ)[4] ŝ sh shch 30 Ъъ සැකිල්ල:Bc хатуугийн тэмдэг none ʺ i ı 31 Ыы සැකිල්ල:Bc эр үгийн ы i y 32 Ьь සැකිල්ල:Bc зөөлний тэмдэг ʲ ʹ i 33 Ээ සැකිල්ල:Bc э e~i è e ê 34 Юю සැකිල්ල:Bc ю jʊ, ju û yu iu 35 Яя සැකිල්ල:Bc я ja â ya ia ඇතැම්විට Үү හා Өө රුසියානු යතුරුපුවරු හා ම්‍රුදුකාංග භාවිතයේදී එම අකුරු වලට සහය නොදක්වන නිසා Її (or Vv) හා Єє ලෙස වෙනස අකාරයට ලියා දක්වයි.[5] මූලාශ්‍ර[සංස්කරණය] ↑ "Монгол бичиг XXI зуунд хэлэлцүүлгээс уриалга гаргалаа" [Announcements from the "Mongolian script in the 21st century" debate]. 13 May 2011 (in Mongolian). GoGo.mn. සම්ප්‍රවේශය 20 February 2012. ↑ Svantesson, Jan-Olof, Anna Tsendina, Anastasia Karlsson, Vivan Franzén. 2005. The Phonology of Mongolian. New York: Oxford University Press: 30-40. ↑ "Монгол кирил үсгийн латин хөрвүүлгийн шинэ стандарт батлагдлаа" [New latinization standard for Mongolian cyrillic script approved]. 18 February 2012 (in Mongolian). GoGo.mn. සම්ප්‍රවේශය 20 February 2012. ↑ www.Omniglot.com. Note that this evidence is based on a pronunciation of the alphabet, not of a word in context. ↑ Sühbaatar, B. "Mongol helnij kirill üsgijg latin üsgeer galiglah tuhaj". InfoCon. සම්ප්‍රවේශය 2009-01-03.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මම අද කියලා දෙන්න යන්නේ ටිකක් විතර අමාරු දෙයක් අමාරුයි කිවුවට අමාරුම නෑ.මේකයි අද කියලා දෙන්න යන්න ඔයාලා කැමතිනේ ඔයාලගේ වෙබ් සයිට් එකේ URLඑක හංගන්න .ඔයාලා ගොඩාක් වෙලාවට දැකලා ඇති බොහොමයක් වෙබ් සයිට් වල URL එක හරිම ලස්සනයි සහ පැහැදිලි යි.හරියට මෙන්න මේ වගේ,http://abc.lk/product-detail/Skin & Beauty Care/Default/Bath 20Treatment/1-0-17 මට ගොඩාක් වෙලාවට ගැටලුවක් වෙලා තිබ්බේ කොහොමද මේ දේ කරන්නේ කියලා මම ගොඩාක් ක්‍රම වලට අත්හදා බැලීම් කරා.අන්තර්ජාලයේ කරක් ගහලා ගහලා හොයා ගන්න සම්පල් එක බා ගෙන වැඩේ කරන්න යද්දි ඒක වැඩ කරන්න යන්නේ නෑ .අවසානයේ එක ක්‍රමයක් හොයා ගත්තා ඒක තමයි මේ .ගොඩාක් වෙලාවට .htaccess මෙන්න මෙයත් එක්ක වැඩ කරද්දි ටිකක් විතර අමාරුයි මිනිහා ටිකක් විතර කියන දේ අහන්නේම නෑ.මෙයා තමයි මුලු සයිට් එකම පාලනය කරන්නේ අපි පොඩි හරි වරදක් කලොත් මුලු වෙබ් සයිට් එකම වැඩ කරන්නේ නෑ.උදාහරණයක් විදිහට :- අපි විසින් වචනයක එක අකුරක් වැරදුවෝතින් මුලු වෙබ් සයිට් එකම පේන්නේ නෑ අයියෝ.වැල් බයිලා ඇති දැන් අපි වැඩේට බහිමු නේහ්,එහෙනම් ඔයාලගේ වෑම්ප් සර්වර් එක ඔන් කොරාලා ,IDE එකත්ඔන් කොරා ගන්නලකෝ .මුලින්ම අපි මෙහෙම පටන් ගමු,අපි මොනවා හරි දෙයක් අපේ වෙබ් සයිට් එකේ වෙනස් කම් කරද්දී URL එක වෙනස් වෙනවා මෙන්න මේ වගේ Ex:-http://localhost/PHP/update_view.uid=2අපි විසින් කරන්න හදන වෙනස් කම අපිට මුලදිම හදුනා ගන්න පුලුවන් අන්න ඒ නිසා අපි මේ ක්‍රමය භාවිතා කරනවා.අපිට ඔය URL එක මෙන්න මේ විදිහට වෙනස් කර ගන්න පුලුවන්නම් මරු නෙහ් .පලමුව අපි අපේ URL ටික හදා ගන්න ඔනේ ඒකට වෙනම .php ෆයිල් එකක් අරගෙන මෙන්න මේ විදිහට පහත code එක ඔබා ගන්නකෝ,========================================================================define('HTTP_SERVER', 'http://localhost/PHP');define('HTTP_SERVER_PATH', HTTP_SERVER.'View-User-Data');=========================================================================මීලගට කරන්න තියෙන්නේ අපේ .htaccess ෆයිල් එක හදා ගන්න තමායි.අලුත් ෆයිල් එකක් හදා ගන්න ඒකේ ෆයිල් නේම් එක .htaccess ඕකේ,දැන් ඒෆයිල් එකට මෙන්න මේ කෝඩ් එක දමා ගන්න කෝ .uid=$1========================================================================බැලූ බැල්මට දල අවබෝධයක් එන්න ඔනේ ආවේ නැතත් අවුලක් නෑ .මම කරලා තියෙනේ මම අලුතෙන් සාදා ගත් අලුත් .php ෆයිල් එකේ පාවිච්චි කරපුන නේම් තමා .htaccess එකේ පාවිච්චියට අරගෙන තියෙන්නේ ..මම රතු පාටින් පාට කරලා තියෙන්නේ ඒ වචන තමා.මේකේ සරල සිද්දිය මේකයි අපේ URL එකේ Home කියන වචනය ආවොත් මෙන්න මේ ෆයිල් එක වීව් කරන්න කියන එක තමා කරලා තියෙනේ සරලම දේ .තව ගොඩාක් දේ කරන්න පුලුවන් .htaccess එකෙන් ඒ දේවල් තව හිමිහිට පැහැදිලි කර්ලා දෙන්නම්..htaccessගොඩාක් වෙලාවට පාවිච්චි කරනේ ආරක්ෂක හේතුන් වලට හොදේ ඒකත් හොදින් මතක තියා ගන්න.දැන් ඔයාලට ප්‍රශ්ණ ගොඩාරියක් ඇති ඒ සියලුම දේවල් අහන්න මම දන්න හැම දේම කියන්නම්.මේ සමග මම හදපු කෝඩ් එක දෙනවා ඒක බලලා වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න.තව දෙයක් මම අමතක කලා කලින් කියලා දීපු දෙයක් ඒ දේ ගැන මම මේ පෝස්ට් එකේදි සදහන් කලේ නෑ ඒක හොයා ගන්න.පුංචි සහයෝගයක් දෙන්නම් මෙන්න මේ විදිහට ."කාමරේක තියෙන දෙයක් ගන්න ඔනේ නම් ඒ කාමරේ අයිති කාරයව දැලේ දා ගන්න ඔනේ නේද .පස්සේ හිමිහිට ගන්න ඔනේ දේ ගන්න පුලුවන් "අනිත් දේ තමා ඔයා මේ කොඩ් සාම්පල් එක බාගෙන රන් කරත් රන් වෙන්නේ නෑ ඒ සදහා වෑම්ප් සර්වර් එකේ කකොන්ෆිගරේෂන් වල (httpd.conf) පුංචි වෙනස් කමක් කරන්න ඔනේ ඒ දේ පොඩ්ඩක් හොයාලා කරන්න එතකොට ඔයාටත් තව දැනීමක් එනවා.Google අයියාගෙන් අහන්න මිනිහා ඔනේම දෙයක් දන්නවා,තේරුම් ගැනීමට අපහසු තැනක් ඇත්නම් කොමෙන්ටුවක් මගින් අහන්න නැති නම් මා මුහුණු පොතේ සිටින බැවින් ඒ මගින් අසා දැන ගන්න .මෙය කියවූවාට ඔබට තුති හැකියාවක් තිබේ නම් මේ පොත හොයලා බා ගෙන කියවන්නසම්පුර්න Code එක මෙන්න බා ගන්නවැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේමොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දිවයිනේ පාසල්වලින් ජාතික ශිෂ්‍යභට බළකායට බඳවා ගන්නා ප්‍රමාණය අසූදහස දක්වා වැඩිකර ඇති අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය ඔවුන් පුහුණු කිරීම සඳහා වසරකට රු.කෝටි 40 කට ආසන්න මුදලක් වැය කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් යටතේ සිදුවන මෙම ක්‍රියාවලිය යටෙත් ජාතික ශිෂ්‍යභට බළකායට සිසුවියන් බඳවා ගැනීමේ ප්‍රමාණය වැඩිකර පළාත් 9ක බාලිකා බළඇණි 9ක් ද පිහිටුවා තිබේ. කාන්තා සංවර්ධනය වැඩි කිරීම සහ දිවයින පුරා පිහිටි සියලු පාසල්වල ශිෂ්‍යභට ඛණ්ඩ ආරම්භ කිරීම ද සිදුවෙයි.ගිය වසරේ සිට මෙසේ සිසුවියන් බඳවා ගන්නා ප්‍රමාණය වැඩි කිරීමට ගත් තීරණය මත එම පළාත් බාලිකා බළඇණි පිහිටුවී ම ද සිදුවිය.දෙමාපියන්ට වඩා ඉදිරියෙන් යන දරු පරපුරක් ඇතිකර නායකත්වය දැරීමේ පුහුණුව ලබාදී ඔවුන් ජාත්‍යන්තරයට සම්බන්ධ කිරීම පාසල් දරුවන් විශාල ප්‍රමාණයක් ශිෂ්‍ය භට බළකායට බඳවාගෙන පුහුණුව ලබාදීම අරමුණු වෙයි.මීට පෙරද පාසල්වලින් සිසු සිසුවියන් තෝරා ශිෂ්‍ය භට බළකා පුහුණුව ලබා දුන්න ද ආරක්ෂක අමාත්‍යංශය ඔවුන් වෙනුවෙන් මෙතරම් විශාල මුදලක් වෙන්කිරීමත් සහ එම වැඩපිළිවෙළ ජාත්‍යන්තරය දක්වා ගෙනයාමත් ප්‍රවණතාවයක් වූයේ නැත.මේ වනවිට ජාත්‍යන්තර රටවල් 8කට පමණ පුහුණුව සඳහා සිසු සිසුවියන් යැවෙන අතර ලබන වසරේ සිට රටවල් 16කට යැවෙන අතර එසේ යවන ප්‍රමාණය වරකට එකසිය පනහට වැඩි ප්‍රමාණයක් දක්වා ද වැඩිකර තිබේ.මෙසේ ජාත්‍යන්තර පුහුණු සඳහා යවන සිසු සිසුවියන්ගේ වියදම් සම්පූර්ණයෙන්ම රජයෙන් දරන අතර විදෙස් රටවල රාජ්‍ය නායකයන් මුණගැසීම ඇතුළු විවිධ වරප්‍රසාද රැසක් මෙම ශිෂ්‍ය භට බළකා සිසු සිසුවියන්ට හිමිවෙයි. පුහුණුව අවසානයේ දීමනාවක් ද ලැබෙයි.තවද විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබීමේදී ශිෂ්‍යභට බළකා සාමාජිකයන්ට ඒ සඳහා වෙනම ලකුණු ප්‍රමාණයක් ද ලැබේ.පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට කිසිදු බාධාවක් නොවන පරිදි යුද, ගුවන්, නාවික හමුදා පුහුණුවද ඇතුළත්ව මෙම නායකත්ව පුහුණුව හිමිවෙයි.දරුවකු පාසල් ජීවිතය තුළදීම නායකයකු ලෙස ඉදිරියේදී මුහුණදෙන ආකාරයට පුහුණු කිරීම නිරෝගී දිවිය, අධ්‍යාපනයට බිය නොවී සාර්ථකව මුහුණදීම සංවරය, විනයගරුක බව ජාත්‍යන්තර සම්බන්ධවීම ඇතුළු විවිධාකාර දක්ෂතා හෙළිකරන පූර්ණ පුහුණුවක් මොවුන්ට මේ හරහා ලැබෙයි.ශිෂ්‍යභට බළකාය මේ වනවිට බළඇණි 34න් සමන්විත වෙයි.වසර 134 බළකා ඉතිහාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ ආකාරයෙන් ග්‍රාමීය ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වී ඇත.මෙම දැවැන්ත කර්තව්‍ය ජාතික ශිෂ්‍ය භට බළකායේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් එච්. එම්. එච්. ඒ. හේරත් මහතා යටතේ සිදුවෙයි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පාඨක ඔබට සැම විටම අලුත් අත්දැකීමක් ගෙන එන සරසවිය මෙවර අලුත්ම තරගය හඳුන්වා දෙයි. මෙවර විශේෂත්වය නම් එයට පුවත්පත් මෙන්ම අන්තර් ජාලය ඔස්සේ ද එයට හවුල් වන්නට ඇති හැකියාවයි. ඔබ කළ යුත්තේ මේ සමඟ පල කරන ඡායාරූපයට රසවත් දෙබසක් ලියා අපට එවීමයි. නැතහොත් www.sarasaviya.lk වෙබ් අඩවියට එක් කිරීමයි.තැපැල්පත් මඟින් හෝ වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරන ඔබේ දෙබස ඊළඟ සතියේ බදාදා එනම් ජූනි 12 වැනිදාට පෙර ‘කියන්නේ මොනවාද?, සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk වෙබ් අඩවියේ සඳහන් කරන්න.හොඳම දෙබසට ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කරන ආදරණීය කතාවක් චිත්‍රපටයේ අනුග්‍රහයෙන් සතිපතා රු: පන්සියයක තෑගි වව්චරයකි.මෙවර ඡායාරූපයේ අනුව බන්දු ආරියසේනට කියන්නේ මොනවාද?
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
"නංගි, ඔයා මට පොරොන්දු වුනා ඔයා ආය fb එන්නේ නැ කියලා.ඔයාට රකින්න බැරි පොරොන්දු ආය දෙන්න එපා.මං අවසාන වතාවටයි මේ කියන්නේ.ඔයා මාගේ හිත ගොඩාක් රිද්දුවා.ඇයි මට මෙහෙම කරන්නේ.."මේ තියෙන්නේ මාගේ යෙහෙළියකට ලැබුණු කෙටි පණිවිඩයක්.ඇත්තටම ප්‍රේමවන්තියන්ට ෆේස්බුක් තහනම්ද.. ෆේස්බුක්, ප්‍රේමයට තර්ජනයක්ද... මේක ගැන අදහස් දැනගන්න මම යාළුවො දෙන්නෙක්ට කතා කරලා ඇහුවා.ඒගොල්ලෝ මාගේ කොල්ලා නම් මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක ගැන මොකද කියන්නේ කියලා. එක්කෙනෙක් නං එයා මාගේ කොල්ලා නොවන නිසා උත්තර දීම ප්‍රතික්ෂේප කරා. අනිත් එක්කෙනා නං කිව්වා එයාට ප්‍රශ්නයක් නැ කියලා. හැබැයි වැඩි දුරටත් කිව්වේ කෙනෙක් මට ෆේස්බුක් එක ගැන නීති රීති පනවනවා නං ඒ මට තියන ආදරේට, මාව නැති වෙයි කියන බයට කියලා.මෙන්න මාගේ අදහස - දකින දකින කෙනාව එකතු නොකර ගන්න තාක් කල්, ලැබෙන ලැබෙන ඉල්ලීම්අනුමත නොකරන තාක් කල් සහ තමන්ගේ ප්‍රොෆයිල් එකේ ඉන්න අය ගැන තමන්ට අවබෝධයක් තියන තාක් කල් එක ප්‍රශ්නයක් නොවන බවයි. උදාහරණයක් හැටියට අවුරුදු දහතුනක් එකම ඉස්කෝලේ එකම පන්ති වල ඉඳලත් මුනට කතා නොකරපු යාලුවෙක් නොවුන කෙනෙක්ව එකම ඉස්කෝලේ පලියට මම ෆේස්බුක් එකේ ඇඩ් කරගන්නේ නැ. අවුරුදු දහතුනක් තිබිලත් ගොඩ නොනගුනු යාලු කමක් ෆේස්බුක් ඒකෙන් ආය ඇතිවෙයි කියලා මම හිතන්නේ නැති නිසා. එහෙම රික්වෙස්ට් එකක් එවලා තියනවා නං මට හිතෙන්නේ මොකක් හරි ඕපාදුපයක් දැනගන්න ඕනේ වෙලා කියලා තමයි.අනිත් එක ඉන්න යාළුවො උනත් තමන්ගේ පින්තුර දකින්න නුසුදුසුයි කියලා හිතන අය ඉන්නවා නං හංගන්න පුළුවන්නේ. ඉතින් මෙච්චර හොඳට ෆේස්බුක් පාවිච්චි කරන්න පුළුවන් කම තියෙද්දී තමන්ගේ ප්‍රේමවන්තිය අහිමි වෙයි කියලා හෝ වෙන මොකක් හරි හේතුවකට ෆේස්බුක් අතහරින්න කියන එක ඒ මනුස්සයාව අනවශ්‍ය පීඩනයකට ලක්කිරීමක් විදිහටයි මට පෙන්නේ.පුම්බපු බැලුමක් අතින් තදකරගෙන වතුර යට තියන ඉන්නවා වගේ තමන්ගේ ගැනු ලමයව නීති රීති දාලා කොටු කරගෙන ඉන්න ඒකෙන් වෙන්නේ ඒ අත ලිහිල් උන දවසක බැලුම උඩට එන එක. ඊට වඩා හොඳයි බැලුමට පාවෙන්න දීලා එයා ආරක්ශිතද ඒ ගැන අවබෝධයක් තියනවද කියන එක ගැන සෙවිල්ලෙන් ඉන්න එක. තමනගේ සීමා මායිම් තමන්ම හදාගත්තොත් ඇරෙන්න වෙන කෙනෙකුගේ සීමා මායිම් කොච්චර කරත් වේලාවකදී බිඳෙනවා. එක තේරුම් අරගෙන තමන්ගේ ගැනු ලමයව විස්වාස කරන්න කියලා කියන්න කැමතියි. එයාට අවබෝධයක් නැත්නම් එක ලබාදෙන්න.කව්රුහරි තමන්ගේ ගැනු ළමයට සිමා මායිම් දාලා හැමෝම එහෙමයි කියලා කියනවා නං එකත් කරන්න එපා. තමුන්ගේ තත්වෙට අනිත් මිනිස්සු ඇදලා ගන්න එපා.මොකද එහෙම නොකරන මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා.මේ වෙලාවේ එහෙම කෙනෙක්වත් ගෞරවයෙන් සිහිපත් කරනවා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
"අද මළවුන් පිදීමත් විලාසිතාවකි. එක පෙළට එක එක කණ්ඩායම් පැමිණ බලහත්කාරයෙන් තාප්ප වල ගිල්ලූ පොස්ටර් දෙස බලමින් ඉදිරියට ඇවිදගෙන යන අතර මට සිතුණි. මේ ජූලි මාසයයි. පින්තූර , නවකතා , පත්තර ලිපි සහ ගෙදර අය නිසා දැනගත් යමක් හැරෙන්නට, මම කළු ජූලිය දැක නැත. එය එක් අතකට වාසනාවකි. එහෙත් මා යුගයෙන් යුගයට ඒ පිළිබඳව සම්ප්‍රේෂණය වූ වේදනාවකත් ඛේදයකත් විවිධ තලයන්ගෙන් දැක තිබුණි. සෑම මිනිසෙක්ම යළිත් එවැන්නක් නොවන්නට ගෝත්‍රගත සිතිවිලි වලින් අනාගතය එළියට ඇදිය යුතු කාලයක් උදාවෙමින් තිබේ."පෙරේදා ඉතාම කුඩා වෙලාවක් විහාරමහාදේවි එළිමහන් රඟහලේ එකෙල මෙකෙල වූ මට එසේ සිතුණු බවට මම ඊයේ කළ සටහන නැවත වරක් කියවා බැලීමි. හදිසියේ එකිනෙකා පරයන වේගයෙන් පැමිණි එකසිය හැත්ත හත සිය සගයාට ඉදිරියෙන් තිරිංග තද කළේය. දැන් බසය නෙළුම් පොකුණ අසලය. ඉන් බැසගත් මම, වේගයෙන් ඇදෙන බසය කලා භවනට දුමාරයක් මුදා හැර වේගයෙන් කොල්ලුපිටිය දෙසට යන අයුරු බලා සිටියෙමි. නෙළුම් පොකුණේ වීදුරු හිරු එළිය සමඟ ආලිංගන කරමින්, එහි ප්‍රහර්ශය පොළවට මුදාලමින් රටා මවයි. එහි ශ්‍රී විභූතිය දරා ගැනීමට නොහැකිව හිරුට තමා නොපෙනෙනු පිණිස තුරු අතරට මුවා වූ විහාරමහාදේවි එළිමහන් රඟහලෙහි ගල්බැම්ම මූසල පෙනුමකින් දිස්විය. කපුටන් ගේ වසුරු පිස හමා එන සුළඟට එකතු වූ කැපුණු තණකොළ සුවඳ මිහිර අමිහිර අතර වෙනස්ම තැනකට සිතිවිලි රැගෙන යයි.උදෑසන සිටම පුරුදුකාරයන් අල්ලාගත් ආසන අතර ක්ශේෂ වූ පුටුවක් හොයන යුවලක් දෙස අනුකම්පාවෙන් බලා සිටි යාචකයෙක් තමා හිඳ සිටි පුටුවෙන් නැගිට පදික වේදිකාවට ආවේ මේ මොහොතේය. කකුලේ තුවලයක් මත දැමූ බැන්ඩේජ් පටියත්, දුහුවිලි වැකුණු ඇඳුම් සහ ටින් බෙලෙක්කයත්, ඔහු පරිපූර්ණ යාචක රූපයක් බවට කර තිබුණි. යාචකයන් ගේ හිඟා කෑමද විලාසිතවකි. තමාටම අනන්‍ය වූ ප්‍රතිරූපයක් ඇති හිඟන්නන් බොහෝ දුලබය. එකසිය තිස් අටට නගිනා මල් සකසන හිඟන්නා ඒ අතර අනන්‍යතාවක අැති චරිතයක් බව මගේ මතකයේ ඇත. මම මහජන පුස්තකාලය දෙසට ගියෙමි. ඒ මගේ එක් ගමනාන්තයකි.අද එහි පොත් ප්‍රදර්ශනයකි. එය බොහෝ පොත් ඇති, අනර්ඝ වට්ටම් ඇති, සෙනඟ නැති පොත් ප්‍රදර්ශනයකි. පොත් කියවීම විලාසිතාවක් වන්නේ සැප්තැම්බර් මාසයේ බැවින්, මේ දින වල ජනතාව පොතපතින් ඈත් වූවා විය යුතුය. සැප්තැම්බර් මාසය පොත් කියවන්නන්ගේ නොව පොත් එකතුකරන්නන්ගේ මාසය යැයි දැන් මම මටම පැහැදිළි කර ගනිමි. එයට ආසන්නම හේතුව, සරසවි පොත් හලේ ලොකු බැනරයේ ලියා තිබූ පරිදී කොටි දියණියකගේ පාපෝච්චාරණය ප්‍රකාශයට පත් කළ දිනම ඉතා වේගයෙන් අලෙවි වීමත්, තවමත් සැලකිය යුතු ලෙස අලෙවි වෙමින් පැවතීමත් ය. බොහෝ සමාජ සංවේදනා සහ මිනිස් දුරුවලකම් ගැන ලියවුණු මෙවන් පොත්, නිරන්තරයෙන් ජනප්‍රිය වීමත්, ඒවා පාඨකයන් සමඟ ගෙදර යාමත් හා එවන් පාඨකයන්ගේම සමාජ ක්‍රියාකරකම් ද, දෘෂ්ටිකෝණයන්ගේද, ඇති විපරීතභාවය මට පුදුමයකි. එබැවින් පොත් කියවීමක් සිදු වී නැති බවත්, පොත් රැගෙන යාම පමණක් සිදු වෙමින් පවතින බවත්, මට හැඟෙයි. මා අවට සිදුවන සෑම දෙයකම බලෙන් පටවාගත් විලාසිතාවක් ඇත. පොත් කියවීම පමණක් නොව ගීත ඇසීම, චිත්‍රපට විඳීම මෙන්ම අද පෙම් කිරීම ද විලාසිතාවකි. විලාසිතාවන් තමන්ගේ හදවතින් පැමිණෙන්නේ නම් ඒවා ඉතාම සොඳුරුය. එහෙත් බලහත්කාරයෙන් විලාසිතාවන් බැඳ දැමූ අධ්‍යාත්මයන් තමා තුළම සිරගතව දුක් විඳින අයුරු ඉතාම ශෝචනීය ය. බලහත්කාරයෙන් කිසිවකට අනුගත නොවී, එය ඔබේ හදවතට ම ඇතුළු වූ පසු එයට ඇබ්බැහි වුවහොත් ඒ ඇබ්බැහිවීමේත් සුන්දරත්වයක් ඇත. අවසානයේ කිව යුත්තේ, තම විලාසිතවන්ගේ නිර්මාණකරු තමා ම විය යුතු බවයි. එවිට විලාසිතාවට පැවැත්මක් තිබේවී. ජීවිතයටත් අර්ථයක් තියේවි. අඩුම තරමේ, ඔබට ඔබව හමු වේවී. අනෙකා සෙවීමට පෙර විය යුත්තේ එය යැයි, මම සිතමි. එබැවින් මම වාසනාවන්තයෙක්මි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රාජාංගන වැවු තාවුල්ලේ අනවසර වගා කරන වගා කරුවන්ට දේශපාලන රැකවරණ නිසා රාජකාරි හරියට කරන්නට බැරිබව උසස් නිලධාරීහු පවසති.රාජාංගන වැවු තාවුල්ලේ අනවසර වගා කරන සුළු පිරිසක් නිසා රාජාංගන වැවට ඇති හානිය පිළිබඳ අදහස් දැක්වූ උසස් නිලධාරීහු මෙසේ ද කියා සිටිති.මේ වැව නිසා රාජාංගන ප්‍රදේශයේ ගොවි පවුල් 40000ක් රැකෙනවා. නමුත් හැම කණ්නයකම දේශපාලන හිතවතුන්ගේ පිරිස් වැව තුළ වගා කටයුතු කරනවා. රසායනික තෙල් පොහොර භාවිතය නිසා වැව අපවිත්‍ර වනවා. දේශපාලන අත ගැසීම් වැඩි නිසා ඔවුනට නීති මඟින් කටයුතු කිරීමට බැරි තත්ත්වයක් උදා වෙලා.නිලධාරීන් හැටියට අපට කළ හැක්කේ නීතියට අනුව ඔවුන්ගේ වගා විනාශ කර ඉවත් කිරීමයි. ඒ සඳහා මුලින් පොලිසියේ සහයොගය නොමදව ලැබුණා.නමුත් වගා විනාශ වී යාමේ දී පොලිසියේ සහයෝගය නොලැබී ගියා.පොලිස්පති තුමාගේ සහාය පිට විශේෂ පොලිස් කණ්ඩායමක් ලබා දෙන්නේ නම් රාජාංගනය වැවේ වගා කර ඇති අනවසර වගා ඉවත් කළ හැකියි. දිගින් දිගටම වැව තුළ වගා කිරීම නිසා රාජාංගන වැව දිනෙන් දින විනාශ වෙමින් පවතිනවා. දේශපාලන අධිකාරිය මේ ප්‍රශ්නයේ දී ඉවත් විය යුතුයි. ගොවි සංවිධාන පවා ලබා දෙන සහාය ඉතා අල්පයි. සිවිල් නිලධාරීන්ට ආරක්ෂාව අවශ්‍යයි යැයි ද උසස් නිලධාරීහු වැඩිදුරටත් පැවැසූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකාව පහත දැක්වෙන් කාණ්ඩවලට අයත් වේ: ශ්‍රී ලංකාවේ දේශපාලනය හා රජය රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මානව හිමිකම් විධායක මණ්ඩලය ජනාධිපති (ලැයිස්තුව) මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය (ලැයිස්තුව) දි.මු. ජයරත්න කැබිනට් අමාත්‍ය මණ්ඩලය] අමාත්‍යාංශ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුව කථානායක විපක්ෂ නායක අධිකරණය පාර්ලිමේන්තු කවුන්සිලය ග්‍රේෂ්ඨාධිකරණය අගවිනිසුරු (මොහාන් පීරිස්) අභියාචනාධිකරණය මහාධිකරණය දිසා අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රාථමික අධිකරණය කම්කරු උසාවිය දේශපාලන පක්ෂයන් දේශපාලන පක්ෂයන් මැතිවරණ මැතිවරණ දේශපාලන පක්ෂ අවසන් මැතිවරණය ලබන මැතිවරණය උපබෙදුම් පළාත් පරිපාලන දිස්ත්‍රික්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ විදේශ ප්‍රතිපත්තිය විදේශ සම්බන්ධතා සබැඳි වාද විෂයයන් සිවිල් යුද්ධය ශ්‍රී ලංකා ද්වාරය Other countries Atlas සැකිල්ල:Portal-inline න සා සං ලංකාවේ ව්‍යවස්ථාදායක සභා මැතිවරණය 1911 වසරෙහිදී පැවැත්විණි.[1] ආසන සතරක් සඳහා තෝරා පත් තරගනු ලැබූ අතර, සෙස්ස ආණ්ඩුකාරවරයා විසින් පත් කෙරිණි. ග්‍රාමීය සහ නගරබද වැසියන් සඳහා නව ආසන දෙක වෙනුවෙන් (පෙරදී මෙම ප්‍රදේශ නියෝජනය වන පරිදී ආණ්ඩුකාරවරයා විසින් මන්ත්‍රීවරුන් තිදෙනෙකු පත් කරන ලදි) එක් එක් ආසනයක් සඳහා ඉදිරිපත්වී තිබුණේ එක් අපේක්ෂකයෙක් බැගින් වූ අතර, "උගත්" ලාංකිකයන් සඳහා වූ ආසන දෙක සඳහා පැවති තරගයෙහිදී, ජයග්‍රහණය කල අපේක්ෂකයන් දෙදෙනම විශාල පරතර සහිතව ජයග්‍රහණය කලහ.[1] ආශ්‍රිත[සංස්කරණය] ↑ 1.0 1.1 "අවුට්පෝස්ට්ස් ඔෆ් එම්පයර්" ද ටයිම්ස්, 3 මැයි 1912 මෙම මැතිවරණය-සබැඳි පිළිබඳ ලිපිය අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක. න සා සං ශ්‍රී ලංකාවේ පැවති ඡන්ද විමසීම් ජනාධිපතිවරණ 1982 1988 1994 1999 2005 2010 2015 මහා මැතිවරණ 1911 1916 1921 1924 1931 1936 1947 1952 1956 1960 (මාර්තු) 1960 (ජූලි) 1965 1970 1977 1989 1994 2000 2001 2004 2010 ජනමතවිචාරණ 1982 පළාත් සභා මැතිවරණ 1988 1993 1994 1999 2004 2008–09 2012 2013 2014 පළාත් පාලන මැතිවරණ 1977 1981 1983 1991 1994 1997 1998 2002 2003 2006 2008 2009 2011
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සබරගමුව පළාතේ , කෑගල්ල දිස්ත්‍රික්කයේ, යටියන්‍තොට, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් සංචාරක පුරවරයක් වන කිතුල්ගල නගරයේ සිට මීටර් 200 ක් පමණ මල්වත්ත දෙසට වන්නට පිහිටා ඇත. 2012 දෙසැම්බර් මස 03 දින ආරම්භ කරන ලද මෙම නැණසල ප්‍රදේශයටම ඇති එකම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථානයයි. ප්‍රදේශවාසින් හා අවට පාසැල් සිසුන්ගේ පරිගණක දැනුම ඉහළ නැංවීම හා තොරතුරු තාක්ෂණ සේවාවන් සැපයීම අපගේ මූලික අරමුණයි. වසරකට සිසුන් 200 කට පමණ පරිගණක දැනුම ලබාදෙන අප ආයතනයේ පාසැල් සිසුන් සහ රැතියා නියුක්තිකයන් සඳහා ද වෙන වෙනම පාඨමාලා පැවැත්වේ. ඉන්ටෙල් ආයතනය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් මෙහෙයවනු ලබන ඉන්ටෙල් ඊසි ස්ටෙප්ස් වැඩමුළුව අප ආයතනය මගින් ක්‍රියාත්මක තවත් සුවිශේෂි වැඩසටහනකි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පුරා අඩ සියවසකට ආසන්න කාලයක් කලා ලොවට අනුපමේය සේවාවක් කළ සරසවිය ලබන වසරේ සිට ගම් දනව්වල සැඟ වී සිටින කලා කටයුතුවලට ලැදි තරුණ තරුණියන්ට අතදීමට සූදානම්.ඔබත් සංගීත, නර්තන කණ්ඩායමක සාමාජියෙක්ද? අප අමතන්නේ ඔබටයි. ඔබ කළ යුත්තේ මෙපමණයි. ඔබගේ සංගීත කණ්ඩායමේ නර්තන කණ්ඩායමේ, කණ්ඩායම් ඡායාරූපයක් සමඟ සියලු විස්තර ලියන්න අපට. ඒ සමඟ පහත පළවන කූපන් පත් පහක් ඒ සමඟ අමුණා එවන්නටත් අමතක කරන්නට එපා. ඔබේ අයදුම් පත්‍රය පළමුව අපට ලැබෙන්නට සලස්වා ඡායාරූප විද්‍යුත් තැපැල් මඟින් එවිය හැකි බවත් මතක තබා ගන්න.ඔබ එවන නිවැරැදි, නිරවුල් ඔබේ විස්තර සරසවිය පුවත්පතේ පළවනවා නොඅනුමානයි.අපේ ලිපිනය:BAND LANDසරසවිය, ලේක්හවුස්, කොළඹ.හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් විසින් ආරම්භ කරන ලද රුක්මණී දේවිය වෙනුවෙන් ආරම්භ කෙරුණු වසර 24 ක් පැරැණි, රජයේ ලියා පදිංචි කර ඇති ප්‍රථම සංගමය වන ‘රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ’ 25 වැනි වසර සඳහා පත් කර ගත් නිලධාරි මණ්ඩලය මෙසේය.සභාපති - හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්, සම සභාපති – ගායිකා අයිරින් ලියනගේ, උප සභාපති – චාන්දනී ජයසිංහ, ලේකම් - සිරිමා ඇනස්ටා මර්සලීන්, උප ලේකම් – වින්ධ්‍යා කුමාරි, භණ්ඩාගාරික – ඊ. ජී. ඒ. චිත්‍රා කාන්ති, ගණන් පරීක්ෂක - ශ්‍රීමා ලියනගේ, සංවිධායක - සුසිල් වික්‍රමසූරිය, සහාය සංවිධායක – ඩී. ඒ. දේවප්‍රිය, ආගමික අංශ ප්‍රධානී – ඇන්ටන් වේවැල්දෙනිය.අනුශාසකවරු - සිනමා නළු බොනිපස් ප්‍රනාන්දු මහතා, ග්‍රන්ථ කර්තෘ සේනක ජයතිලක මහතා, බස්නාහිර පළාත් ප්‍රවාහන හා කලා කටයුතු අමාත්‍ය උපාලි කොඩිකාර මහතා, නීතිඥ රන්ජන් නිහාල් යහම්පත් මහතා.ක්‍රියාකාරී කමිටුව - චින්තක පතිරණ, වරුණ ශාන්ත අභයවර්ධන, විනිප්‍රීඩා මල්ලිකා පීරිස්, ආනන්ද තිස්ස අමරසිංහ, මල් රත්ගොඩ, සනී ප්‍රනාන්දු, හැමිල්ටන් අක්මීමන, රෝහණ ද සිල්වා, එල්. මල්ලිකා අයිරාංගනී, ඇල්ප්‍රඩ් මල්ලිකාආරච්චි, එඩ්වින් පෙරේරා, ගාමිණී රුග්ගහවිල යන මහත්ම මහත්මීන්.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං සමූහයේ සභාපති අධිනීතිඥ ඩබ්ලිව්. කරුණාජීව මහතා ඊයේ (29) උදෑසන අභාවප්‍රාප්ත විය.මහජන බැංකු පවුලේ විජයග්‍රාහී ගමන් මඟේ සුවිශේෂී නායකත්වය ඉසිලු ඩබ්ලිව්. කරුණාජීව මහතා මිය යන විට 66 වැනි වියේ පසු විය.වසර 1946 නොවැම්බර් මස 20 දින උපත ලද කරුණාජීව මහතා මහනුවර බෝවල මහ විද්‍යාලයෙන් සහ ධර්මරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවේ ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වාණිජ විද්‍යාව පිළිබඳව උපාධිය සමත් වූ ඒ මහතා ගුරු වෘත්තියට පිවිස සිය වෘත්තීය ජීවිතය ඇරඹුවේ ය.සරසවි අධ්‍යාපනය ලබන කාලයේ පටන් ප්‍රගතිශීලී හා ජනතාවාදී අදහස් දැරූ නිසාම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට බැඳුණි. එවක අගමැති වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් 1973 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලක ලේකම් තනතුරට කරුණාජීව මහතා පත්කරන ලද අතර, මේ දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු ලෙස කටයුතු කරමින් කි‍්‍රයාකාරී තනතුරු රැසක් හෙබවීය.987 වසරේ දී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් කරුණාජීව මහතා විවිධ තනතුරු හොබවමින් අනතුරුව 1997 වසරේ දී ධීවර සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම ඉන් අනතුරුව ධීවර සංස්ථාවේ සභාපති ලෙසද වැදගත් මෙහෙයක් ඉටු කරන ලදී. 2005 වසරේදී සේවක භාරකාර අරමුදලේ සභාපති ලෙස පත්වූ ඒ මහතා 2007 වසරේ දී මහජන බැංකුවේ සභාපති පදවියට පත්විය.ශ්‍රී ලංකා ආර්ථිකයේ දැවැන්ත රාජ්‍ය මූල්‍ය ආයතනයක් වන මහජන බැංකුවේ වර්තමාන සුවිශේෂී තත්ත්වය අත්පත් කර ගැනීමට අනුපමේය සේවයක් කළ කරුණාජීව මහතා මහජන බැංකුවේ මෙන්ම ඊට අනුබද්ධිත සමාගම වන සී/ස පීපල්ස් ලීසිං සමූහයේ සභාපති ලෙසද නායකත්වය ලබාදෙන ලදී.මහජන බැංකුව සහ ඊට අනුබද්ධිත සමාගම්වල මූල්‍ය කාර්යක්‍ෂමතාවය මානව සම්පත් සංවර්ධනය, කළමනාකරණ කාර්ය සාධනයෙහි වර්ධනය සහ රාජ්‍ය බැංකුවක් දූරදර්ශීයව මෙහෙයවීමෙන් දේ්ශීය ආර්ථිකය සහ ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි ඒ මහතා ඉටුකරන ලද සේවය අගයමින් 2010 වසරේ දී ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය විසින් ගෞරව සාමාජිකත්වයක් ද පිරිනමන ලදී.කුසුම් කරුණාජීව මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූ කරුණාජීව මහතා ඉන්දික කරුණාජීව හා දිලිනි කරුණාජීව යන දූ පුතුන්ගේ ආදරණීය පියාණන් වේ.කරුණාජීව මහතාගේ දේහය දැනට කොළඹ 05, ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ තැන්පත් කොට ඇත. දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට (31) කොළඹ බොරැල්ල කනත්තේ දී සිදු කැරේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නීල් ෂන්මුගම් මහතා අභාවප්‍රාප්ත විය.ෂන්මුගම් මහතා පෙරේදා රාත්‍රියේ මිය යන විට 74 වැනි වියෙහි පසුවිය.සමස්ත ලංකා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නීල් ෂන්මුගම් 1960 වසරේ සිට 1974 වසර දක්වා රට වෙනුවෙන් ක්‍රීඩා කළේය. නීල් ෂන්මුගම් ශ්‍රී ලංකාව මෙන්ම එස්.එස්.සී. කණ්ඩායමද නියෝජනය කළේ දකුණත් පිතිකරුවෙකු හා පිට දඟ පන්දු යවන්නෙකු ලෙසිනි.ඒ මහතා පළමු පෙල තරග 21කට ක්‍රීඩා කර තිබේ. එහිදී පිත්තෙන් ලකුණු 593ක්ද, පන්දුවෙන් කඩුලු 55ක්ද ලබා ගැනීමට සමත් විය.නීල් ෂන්මුගම් මහතාගේ දේහය 10/6, ග්‍රීන්ලන්ඩ්ස් ලේන්, කොළඹ 5 දරණ නිවසේ තැන්පත් කර තිබේ. ආදාහනය අද පස්වරු 4.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නූතන කවි පරපුර නැමැති මුක්තාවලිය ප්‍රභාමත් කළ මුතු ඇටයක් වූ, කොළඹ යුගය දිදුළුමත්කළ ශ්‍රේෂ්ඨ කවියකු වන කොල්ලුපිටියේ පී. බී. අල්විස් පෙරේරා කිවිඳුන් රසික ලොවින් වෙන්වී අගෝස්තු 22 දිනට හතළිස් පස් වසරක් සපිරේ. සිංහල කවියට භාෂා සාහිත්‍යයට මහ මෙහෙයක් සිදුකර මියගිය පී. බී. ගේ මිහිරි නාමය ශ්‍රී ලංකාවාසී සාහිත්‍ය පේ‍්‍රමීන්ට පොදුජනතාවට කවරදාකවත් අමතක නොවන්නකි. ජීවන මාවතේ හතළිස් නවවැනි සැතපුම් කණුව පවා පසුකිරීමට පෙර අකාලයේ කවි ලොවින් වියෝවුණු පී. බී. ගේ කවි ජීවිතය නූතන නවක කවි පරපුරට මහඟු ආදර්ශයකි.ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගී තිබුණු අවදියේ 1917 වසරේදී කොළඹ කොල්ලුපිටියේ පල්ලියවත්ත නැමැති බිම් පෙදෙසේදී මෙලොව එළිය දුටු අල්විස් පෙරේරා කිවිඳුන් තම ළමා කාලය ගතකළේ දහසක් පීඩන මධ්‍යයේ කටුක පරිසරයකට මුහුණ දෙමිනි. පෑගෙන පංතියෙන් බිහිවූ පී. බී. කොල්ලුපිටියේ වැස්ළියන් මෙතෝදිස්ත පාසලෙන් හා ශුද්ධවූ අන්තෝනි මුනිදුන්ගේ පාසලෙන් අධ්‍යාපනය ලබා පස්වැනි පංතියෙන් පාසල් දිවිය අවසන් කළේ එකොළොස් හැවිරිදි වියේදීය.ළමාවියේදී එදා අල්විස් පෙරේරා කිවිඳුන් කෙතරම් කටුක ජීවිතයක් ගතකළේදැයි කිවහොත් තම නිවසෙහි අඳුර මකන්නට ප්‍රමාණවත් ආලෝකයක් නොතිබුණ නිසා ඔහු පතපොත කියැවූයේ මහමග තිබුණු විදුලි පහන් කණුවක් යටට වීමෙනි. උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකි වුවද පී. බී. වෙහෙසවී මහත් වැර වෑයමින් විශ්ව ඤාණ සම්භාරය ලබාගත්තේ පොත පත කියැවීමෙනි. තමාට සහජයෙන් උරුමවූ කවිත්වයෙන් ජාතියට සේවයක් කිරීමට ඉටාගත් තුරුණුවියට පත් අල්විස් පෙරේරා කිවිඳුන් ඉන්පසු කවි ලියන්නට පටන් ගත්තේය. දහසක් ආර්ථික පීඩන මධ්‍යයේ කවි මාවත දිගේ ඉදිරියටම ගමන්කළ ඔහු කෙටි කලක් තුළදී හෙළ සාහිත්‍යය අම්බරය දිදුළුමත් කළ තරුණ කවියකු බවට පත්වූයේ ඒ අවධියේ විසූ ප්‍රකට උගතුන් යැයි නම් දරා සිටි කවියන්ද පසු බස්වමිනි.පී. බී. අල්විස් පෙරේරා කිවිඳුන් සතුව පැවතියේ ප්‍රතිභාපූර්ණ සහජ කවිත්වයකි. මානව භක්තියෙන් පිරිපුන් හදවතක් ඇතිව සිටි ඔහු දහසක් අසහනයන්ගෙන් පෙළෙමින් සිටි පීඩිත පංති ජනතාව දෙස බැලුවේ සානුකම්පිත හදවතින් යුතුවය. කාව්‍ය ක්‍ෂේත්‍රය තුළ විවිධ අංශවලින් දස්කම් පෑ පී. බී. ජනතාව වෙනුවෙන් කවි ලීවේය. සිංහල භාෂා සාහිත්‍යයේ උන්නතිය සඳහා කවි ලීවේය. සොබා සෞන්දර්යයේ යථා ස්වරූපය ඉස්මතු කරමින් කවි ලීවේය. හතලිහේ දශකයේ පනහේ දශකයේ එවකට පැවැති ප්‍රසිද්ධ පුවත්පත්වලට නොකඩවා පද්‍ය නිර්මාණයන් සැපයූ අල්විස් පෙරේරා කිවිදුන් කොළඹ යුගයේ බිහිවූ ප්‍රකට කවි කිවිඳියන් අතර ප්‍රමුඛයකු බවට පත්වූයේ නිරායාසයෙනි.අල්විස් පෙරේරා කිවිඳුන් මියගොස් වසර හතලිස් පහක් මෙම මස 22 දිනට සපිරෙයි. පොදු ජනතාවට ආදරය කළ මහ කිවිඳුන්ගේ අමරණීය නාමයටමෙම සටහන උපහාරයක් වේවා..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
‘සන්ෆලවර්ස්’ ගයන ‘බින්ලාඩ්න්’ ගීතයේ අයිතිකරුවා අමිර සුනිල්සන්ෆලවර්ස් සංගීත කණ්ඩායම ගායනා කරන ‘බින්ලාඩ්න්’ ගීතය ඔබ අසා ඇති. එය ලියා සංගීතවත් කළේ අමිර සුනිල්. එහෙම කියනවාට වඩා අලුත්ගම සුනිල් කියපුවාමයි වැඩි දෙනෙකු ඔහුව හඳුනන්නේ. මේවන විට සුනිල් වෘත්තියෙන් සංගීත ශිල්පියෙක්, ඔහුගේ දෙවන ගීත එකතුව පසුගිය දා එළි දැක්වුණා. එය නම් කොට ඇත්තේ ‘ඕමාර් කයියාම්’ නමින්.අපි තවත් විස්තර සොයලා බලමු සුනිල් ගැන.මං සෝලෝ ගිටාර් වාදකයෙක්. අලුත්ගම අවට සංචාරක හෝටල්වලයි මං සිං කරන්නෙ. මං තනි ගිටාරය වයමින් පාන දස්කම්වලට ඇතැම් වෙලාවල් වලදී විදෙස් කාන්තාවෝ අඬලා තියෙනවා.මේ ඉන්න අතරතුරදි මං ‘සාමය කෝ’ කියලා මගෙ පළමු සංයුක්ත තැටිය එළිදැක්වූවා. ඒක මා අතින්මයි අලෙවි කළේ. එයින් ලද සාර්ථකත්වය මතයි දෙවැන්න ‘ඕමාර් කයියාම්’ නමින් එළි දැක්වූයේ.සුනිල් එයද නිකුත්කොට ඇත්තේ තමන්ගේම නිෂ්පාදනයක් ලෙසින්.මං මගේ සිංදු ටික අරගෙන දිවයිනේ ප්‍රකට නිෂ්පාදකවරුන් හමුවන්නට ගියා. ඉන් ඇතැමෙක් කිව්වේ පැරැණි ගීත කිහිපයක් මගේ හඬින් ගයා අරගෙන ආවොත් සල්ලිදීලා ගන්නම් කියලා. මට ඕන නැහැ අනිත් ගායකයින්ගේ පහනෙන් එළිය දකින්න. මේ සී. ඩී. එකේ තියෙන්නෙ රට ගැන, සොබා දහම පිළිබඳ මවිසින්ම රචනා කොට තනු හැදූ ආදර්ශවත් ගීත. අපේ ඇතැම් නිෂ්පාදකවරුන්ට තේරෙන්නේ නැහැ ගීතයක වැදගත් කම. කොහොම නමුත් මං සැලුනේ නැහැ. මගේ දෙවැනි සී. ඩී. එකත් මගේම උත්සාහයෙන් එළියට දැම්මා.ඔබ නිර්මාණය කළ ‘බින්ලාඩ්න්’ ගීතය මේ දිනවල ‘සන්ෆලවර්ස්’ ලා නිතරම වේදිකාවේ ගයනවා?ඔව්, ඒක සන්ෆලවර්ස් බෑන්ඩ් එකේ රුවන් බණ්ඩාරයි කියන්නේ. ඒකත් මගෙ අලුත් සී. ඩී. එකට ගන්න හිටපු ගීතයක්. ඒත් ඒකට රුවන් ආස හිතිලා ඉල්ලා ගත්තා. සන්ෆලවර්ස්ලා මගේ නිර්මාණයක වටිනාකම තේරුම් ගත්තා. නැත්නම් ඒක ප්‍රසංග වේදිකාවේ ගයයිද ඔවුන්.සුනිල්ට භාෂා කිහිපයකින්ම ගී ගැයීමේ හැකියාව තියෙනවා. ඒකත් විශේෂත්වයක්?මට සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි ඇතුළු රුසියන්, චීන, ජපන්, ස්පාඥ්ඥ, බෙල්ජියම් ආදී භාෂා විස්සකින් විතර ගී ගයන්න පුළුවන්. ඒක නිසයි මට හැම රටකම සංචාරකයො ආදරේ.සුනිල් ගේ දෙවැනි සංයුක්ත තැටියේ ආරම්භක ගීතයේ කොටසකි මේ. එවන් වූ ගීත දහසයකින් එය සමන්විතය.මේ සුනිල් ගේ දුරකථන අංකයයි. 0774987354/ 0779964828සටහන – ප්‍රසාද්සේයාරුව - මාලන්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මේ දිනවල පුංචි තිරේ පවිත්‍රාත්, ටානියාත් වනපබසරා කාරියවසම්මිරිඟුදිය ටෙලි සිතුවමේ පවිත්‍රාව ඔබට මේ දිනවල හරිම ළෙංගතුයි. එමෙන්ම තූර්යා හි ටානියා ඊට වෙනස්ම වූ චරිතයකි. මේ සූදානම ඒ චරිත ද්විත්වයට පණ පෙවන රංග ශිල්පිනියව හඳුනා ගන්න. පබසරා කාරියවසම්. පවිත්‍රාත්, ටානියාත් වන්නීය ඇයයි. පබසරා පළමුව ප්‍රධාන චරිතයක් මවමින් ප්‍රේක්ෂකයන් අතරට ආවේ අරුන්දතී ටෙලි සිතුවමෙනි. ඊට පසුව වාසනා වේවා, සිහින තාරකා වැනි නාට්‍යවල විවිධ චරිත ඔස්සේ ටෙලි නාට්‍ය ලෝලීන්ගේ ආකර්ෂණය දිනාගත් ඇය අංගනා ටෙලි සිතුවමේ මංගලී වෙමින් ඉමහත් ජනප්‍රියත්වයක් ලද්දීය.අංගනා අධ්‍යක්ෂණය කළේ නාලන් මෙන්ඩිස් මහත්මයා. එය වැඩිම පිරිසක් නරඹපු ටෙලි නාට්‍යයක්. මංගලී කියන්නේ ගෙදර මෙහෙකාරිය. මං මේ මෙහෙකාරිගේ චරිතයක් කළාමයි. සමහරු හිතන්නේ මං ඇත්තම වැඩකාරියක් කියලා. මං ඉතින් හොඳට ඇඳ පැළඳගෙන මඟ තොට යද්දී ඇතැම් අය අහනවා ගෙදර වැඩකාරියක් ඔහොම ඇඳගෙන යනවද කියලා.පබසරා ඉගෙනුම ලැබුවේ කොළඹ අනුලා විද්‍යාලයෙනි. පාසල් අවදියේ සිට නාට්‍ය රංගනයට ඇය තදින් ඇලුම් කළාය. පාසල් අධ්‍යාපනය නිමවෙත්ම පබසරා රංගනයටයි පිවිසුණේ. කලා ලෝකය ගැන වෙනස්ම මතයකිනුයි ඈ ඉන්නේ. කලා ක්ෂේත්‍රය ඇතුළේ ගැහැනු ළමයකුට කටකතා හැදෙනවා වැඩියි. පබසරා නම් කියන්නේ කට කතාවක් හදාගන්න ආසයි කියලයි.මේ ක්ෂේත්‍රයේ කටකතා හැදෙන එක නවත්වන්න බැහැ. අනික බහුතරයක් කතා බොරු ඒවා. අන්න ඒ වගේ බොරු කටකතාවක් මට නම් තවම හැදුණේ නැහැ.පබසරා නාට්‍ය කරන්න ගිහින් හරි හරි අත්දැකීම්වලට මුහුණ දීලා තියෙනවලු. දිනක් එක් නාට්‍යකදී ඇය පොල් ගෝනියක් ඔසවාගෙන යන දර්ශනයක් තිබුණලු. පබසරා ඒක ඔසවලා. ගෝනිය හරිම බරයිලු. බලපුවම ඇයව බයිට් කරන්න එතැන සිටි නාට්‍ය කණ්ඩායමේ කිහිප දෙනෙක් ගෝනියට කළුගල් දාලා.පබසාරා මේ සිදුවීම මතක් කළේ හසකැන් පාමින්. මිරිඟුදිය නාට්‍ය කරන්න ගිහිල්ලත් හත් වතාවක් දර්ශනයක් වෙනුවෙන් කන්දක් නගින්න වුණාලු. එක වතාවක් නෙවෙයි හත් වතාවක් කන්ද නැගලා අවසානයේ දනිස්වල බාම් ගා ගෙනයි ඇය ඊළඟ දර්ශනවලට පෙනී ඉඳලා තියෙන්නේ.පබසරා සාමානයෙන් නිහඬ චරිතයක් කියලා ඇය පවසනවා. ඒ වගේම නිසල ජලය ගැඹුරුයි කියන්නා වගේ ඇයට ඉක්මනින් කේන්ති යනවාලු. කේන්ති ගියාම පැත්තකට වෙලා අඬන එකලු ඇය කරන්නේ.පබසරාට උදවු කරපු අයව මෙහෙම නම් වශයෙන් මතක් කළාය. මානෙල් වානගුරු, අනුර ජයසේකර, ටිකිරි රත්නායක, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, නාලන් මෙන්ඩිස්. රංනයෙන් දිගු ගමනක් යාමට පෙරුමන් පුරන බව පබසරා අවසන් වශයෙන් පවසා සිටියාය.සටහන – ප්‍රසාද්සේයාරුව - ටෙනී
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
2014 උදාවෙලා මාසයකුත් ගෙවිලා ගිහින්.කොහොම උනත් උදා වුනු 2014 වසර බ්ලොග් ලියන කියවන හැමොටම සුභම ශුභ නව වසරක්ම වෙවා... අද උදේම අහන්න ලැබුනේ ෆේස් බුක් එකට බනින පුවතක්. ෆේස් බුක් පලවුනු පින්තුරයක් ගැන ප්‍රශ්න කිරිමක් නිසා 17 හැවරිදි සිසුවියක් සියදිවි නසාගෙන (මෙතන මට ඇහුන විදිහ වැරදි නම් නිවරැදි කරන්න )මෙ වගෙ දෙයක් උන ගමන් සිදුවන මුලම දේ හැමදෙටම පලි ෆෙස් බුක් එක තිබුනේ නැත්නම් මෙහෙම වෙන්නේ නැනේ කියල එකට බනින්න එක තහනම් කරන්න දගලන එකනෙ. ඇත්තටම මෙතන වැරද්ද ෆේස් බුකියෙද එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ ආකල්පද. පුන්චි වයසට හිතනකොට ලොකුම වැරද්දක් තමන්ට උනා වගේ හැගිමක් දැනෙන එක සාදාරනයි. එත් මෙතරම් දෙයක් දරාගන්න බැරි තරම් හිත් ශක්තිමත් නැ කියලා හිතනකොටත් අනගතේ ප්‍රශ්න ආවොත් කොහොම මුහුන දෙවිද කියලා හිතන්න වෙනවා. පාසලකින් පොතේ පතේ දැනුම විතරක් දිලා විභහගයක් පාස් කරන එක විතරක් කරන්න ඔනා කියලා හිතන තත්වයකට පත් වෙලා නම් එතන මේ සමාජෙට ලොකු වැරද්දක ආරම්භයක් වෙන්න පුලුවන්. ආදරය කරන එක ලමා මනසට ගැලපෙනවා කියලා සාදාරිනකරනය කරන්න බැරි උනත් උගත් , සමාජ දැනුමක් තියන වැඩිහිටි පිරිසක් කරන්න දෙවල් ගොඩක් තියනවා ළමයෙක් වැරද්දක් කරනවා නම්.ෆෙස් බුක් කියන්නේ නරක දෙයක් නෙමේ. නරක දෙවල් ඔන තරම් අන්තර්ජාලෙ තියනවනේ. හැබැයි එකට විසදුම අන්තර්ජාලේ භාවිතා කරන එක තහනම් කරලා ආපහු ගල් යුගයට යන එකත් නෙමේනේ.... ඇත්තටම මට හිතාගන්න බැරි මෙතන වැරදි කවුද කියන එක විතරයි..මේ වැරද්ද කරපු ලමයාද.ෆේස් බුක් එකේ ඒවා බලලා ප්‍රින්සිපල්ට කියපු ගුරුවරියද.ළමයි ගොඩක් ඉස්සරහ අසභ්ය වචනයෙන් ළමයට කතා කරපු ප්‍රින්සිපල්දඑහෙමත් නැත්නම් ළමයාගේ දෙමව්පියන්ද.එහෙමත් නැත්නම් ෆේස්බුක් හදපු මාක් ද.කාලෙකට පස්සෙ ලියන්න පටන් ගත්ත නිසා කතා කරන්න වුවමනා මාතෘකාවක් උනත් දිගට කතා කරන්න ටිකක් අමාරුයි...වි ඩේ එකත් ලග එනවා ඒ කාලේ ලියපු පොස්ට් එකක් මෙතන ඇති..එහෙමනම් ජය වෙවා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ප්‍රවීණ රංගන ශිල්පී රිචාඩ් වීරක්කොඩිගේ දියණිය පූර්ණිමා වීරක්කොඩිගේ විවාහ මංගල්‍ය පසුගියදා කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් කුරුණෑගල කැන්ඩියන් රීච් හෝටලයේදී පැවැත්විණ. පූර්ණිමා වීරක්කොඩිගේ අත ගත් මනාලයා වූයේ දුමින්ද විතානගේයි.මනාල යුවළට සුබ පතන්නට පැමිණි නළු ක්ලීටස් මෙන්ඩිස්අධ්‍යක්ෂ සුදත් රෝහණ හා බිරිය සමඟ මනාල යුවළමනාල යුවල, මනාලියගේ පියා, මව හා සොහොයුරා සමඟබර්ට්‍රම් නිහාල් සිය බිරිය සහ දියණිය සමඟින්තිලානි ශානිකා
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලංකාවෙ පාරවල් හැදෙනවා... දැවැන්ද සංවර්ධනයක් සිද්ධ වෙනවා...ඔව් ඔව් සිරාවටම එහෙම දෙයක් වෙනවා..ඒක නෑ කියන්ඩ බෑනේ..පාරවල් ටික එහෙම දැන් ඇත්තටම සෝක්...එක වලක් නෑ ආසාවකට බලන්ඩ....ඒ කරගත්ත පිනම ඇති මහින්ද මහත්තයට මෙදා පාර ඡන්දෙ දිනන්ඩ....දැන් ඕං ඔහොමනේ කට්ටිය හිතන්නේ....අපිට මිනිස්සු හිතන පතන විදිය වෙනස් කරන්ඩ බෑනේ...ඒක හින්දා මම මේ පොස්ට් එක දාන්නේකවුරුවත් හිතන විදිය වෙනස් කරන්ඩ නෙමෙ ඈ...නිකං කැහිල්ලට වගේ...ඒක හින්දා වැඩිය හිතන්ඩ යන්ඩ කාරි නෑ -_-...දැන් ඔය සංවර්ධනය වෙනවයි කියන රටේ පාරවල් හැදෙනවනේ....හැබැයි කේස් එක කියන්නේ පාර හැදෙන්ඩ යන වියදම...අට පාස් ඔනෙ කෙනෙකුට ගණං පුලුවන් ඇති කියලා උපකල්පනය කරලා බැලුවොත්ඔනෙ කෙනෙකුට හිතාගන්ඩ පුලුවන් ඒ වියදම හරිම අසාමාන්‍යයි කියලා...සමහර හයි වේ වල කිලෝ මීටරයක් හදන්ඩ කෝටි ගණං යනවා...ඒ යටි මඩි ගහගන්න සල්ලි ගැන කවුරුත් කතා කරන්නෙ නෑනේ....ඒ සල්ලි යන්නෙ කාගේ සාක්කුවටද කියලා කවුරුත් හොයන්නෙ බලන්නෙ නෑනේ..එහෙම සාක්කු වලට දාගන්නෙ තමන් පෞද්ගලිකව හම්බාරපුවද .වෙන්ඩ බෑනේ.. තමන්ගෙ සල්ලි වලින් කවුද පාරවල් හදන්නේ...මං කියන්නෙ දේසපාලකයො ගැන ඈ :P...ඊලඟට මෙහෙම කීවොත්..මහින්ද මහත්තයා අපේ රටේ විධායක බලේ තියෙන ජනාධිපතිනේ...හරි.. ඒත් නාමල් රාජපක්ෂ කියන්නෙ කවුද ....මහින්ද මහත්තයගෙ පුතා...පාර්ලිමේන්තුවෙ නිකං මන්ත්‍රී කෙනෙක් විතරනේ....එතකොට ඒ මන්ත්‍රී පවර් එකෙන්ද කොළඹ පාරවල් වහලා කාර් රේස් පදින්නෙ ...නුවර පාරවල් වහලා දළදා මාළිඟාව ඉස්සරහා කාර් රේස් පදින්නේ ...මේවා ඊරිසියාවට කියන කතා නෙමෙ ආයිබෝං...නිකමට හිතපල්ලකො නාමල් මහත්තයා ඒම කරන්නෙ මොන හේතුවක් හන්දද කියලාඑයාගෙ තාත්තා ජනාධිපති හින්දා...ඊලඟට රටේ පාලනය ඈ....පාර්ලිමේන්තුවෙ ලොක්කා කවුද .,,චමල් රාජපක්ෂ අංකල්... මහින්ද මාමගෙ අයියා...රටේ ආර්ථිකය භාර දුන්නෙ කාටද බැසිල් රාජපක්ෂ මාමට...එයා මහින්ද මාමගෙ මල්ලි..රටේ ආරක්ශාව භාර දුන්නෙ කාටද ....ගෝඨාබය රාජපක්ෂ මාමට..එයත් මහින්ද මාමගෙ මල්ලි....දැන් ඒ කියන්නෙ අපේ රටේ පවුල් පාලනයක් ඇත්තෙම නෑ....යුද්ධේ කාලේ ආරක්ශක අමාත්‍යංශෙට අයවැයෙන් වෙන් කරාට වඩා වැඩි ගාණක් මෙදා පාර අයවැයෙන් ආරක්ශක අමාත්‍යංශෙට වෙන් කරලා තියෙනවා...ඒ ඇයි ඒ එතකොට ...රටේ පාරවල් හැදුණට විතරක් වැඩක් නෑනේ...ඒ කොමිස් ගහගන්න සල්ලි වලින් රටේ මිනිස්සු කන කෑම වල බඩු මිල අඩු කරානං මොකෑ....ඡන්දෙ කාලෙට විතරක් ඇයි ගෑස් මිල තෙල් මිල අඩු කරන්නෙ...එහෙම ඡන්දෙ කාලෙට අඩු කරනවනම් ඡන්දෙන් පස්සෙත් ඒ ගාණටම දෙන්ඩ එපැයිඇයි ඡන්දෙන් පස්සෙ ආයි ගණං ඩබල් කරලා වැඩි කරන්නෙ .....අපි වාහනේට ගහන තෙල් ටිකෙනුත් උන් අපේ සල්ලි උන්ගෙ සාක්කුවට දාගන්නවානිකං කහනවට වගේ පොඩ්ඩක් බලන්ඩකො ඈ...තව කියනවනං දේවල් එමටයි..ඒත් ඔන්නෑ....සමහරි කියයි කවුරු ආවත් ඔය ටික තමා කියලා...ඒත් කාටවත් දිවැස් නෑනේ...සමහර විට වෙනසක් වෙන්ඩ බැරි නෑනේ....අනේ මම නං දන්නෑ...මම මුලින්ම කීවනේ මේ පෝස්ට් එක දාන්නේ නිකං කහනවට වගේ කියලා....ඒක හින්දා මහින්දයියගෙ නිළ සුනඛයො මට බුරන්ඩ එපා ඈ :/..මම පව් ඕයි :'(.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හික්කඩුව මුහුදේ දියනෑමට ගොස් මුහුදේ ගසාගෙන යමින් සිටි යුක්රේන් ජාතිකයෙකු පෙරේදා (14) හික්කඩුව පොලිසියේ ජීවිතාරක්ෂක නිලධාරියකු විසින් බේරාගත් බව හික්කඩුව පොලිසිය පවසයි.සංචාරකයා බේරාගෙන ගොඩබිම වෙත රැගෙනවිත් ප්‍රථමාධාර ලබාදී තිබේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දෙවිනුවරින් ආරම්භ කර වැලිගම දක්වා ගමන් කරමින් තිබූ රනිල් විරෝධී පාගමනට ඉකුත් පස් වැනිදා දහවල් මාතර නගර සභාව ඉදිරිපිටදී පහරදීම සම්බන්ධ තවත් පිරිස් සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඇතැම් පුද්ගලයන් ප්‍රදේශය අතහැර පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.සිද්ධියට සෘජු ලෙසම සම්බණ්ධ පිරිස් අත්අඩංගුවට ගැණීමට හා සිද්ධිය පිළිබද සොයා බැලීමට පරීක්ෂණ කඩායම් දහයක් යොදවා ඇති අතර පරීක්ෂණ කණ්ඩායම් වැදගත් තොරතුරු රැසක් මේ වනවිට සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.එයට අමතරව සිද්ධිය සම්බණ්ධයෙන් පරීක්ෂා කිරීම සදහා පොලිස්පති වරයා විසින් පත්කළ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ නායකත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායම පෙරේදා(07) දින සිද්ධියවූ ස්ථානයට ගොස් කඩ හිමියන්,වෙළෙන්දන් හා ත්‍රීරෝධ රථ රියදුරන් ඇතුළු පුද්ගලයන්‍ගෙන්ද තොරතුරු සටහන් කර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.මෙයට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බණ්ධනාගාර ගත කර සිටින සැකරුවන් විසිපස්දෙනා ලබන දාහතර වැනිදා හදුනා ගැණීමේ පෙරෙට්ටුවකට තැබීමට නියමිතය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ ‘මහ සමයම’ දෘශ්‍ය කාව්‍ය මේ මස 26, 27 හා 28 යන දිනවල නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී රංග ගත වෙයි.ප්‍රේක්ෂක ඉල්ලීම මත වේදිකා ගතවන ‘මහ සමයම’ දෘශ්‍ය කාව්‍යය 26, 27 වැනි දිනවල වේදිකා ගත වන්නේ පාසල් ළමයින් සඳහාය. මෙවර පාසල් දර්ශන සඳහා කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල හා අනුරාධපුර යන දිස්ත්‍රික්කවලින් පාසල් 25 කට ආසන්න ප්‍රමාණයක සිසු සිසුවියන් සහභාගි වීමට නියමිතය.එමෙන්ම නාට්‍ය පාසල් දර්ශන වේදිකා ගත වන දිනවලදී පාසල් සිසුන් සඳහා නාට්‍යකරණය පිළිබඳ කෙටි දේශන මාලාවක් මහාචාර්ය ආරියරත්න ඇතුගල හා ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී පවත්වනු ලබයි.ලංකාවේ ප්‍රවීණතම නළු නිළියන් රාශියකගේ රංගන දායකත්වය සපයන ‘මහ සමයම’හි ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, චන්න විජේවර්ධන, රවි බන්ධු විද්‍යාපති, ඉන්දිකා උපමාලි, මාදනී මල්වත්තගේ, චතුරිකා පීරිස්, ජනක රණසිංහ, කුමාර තිරිමාදුර ඇතුළු දෙසීයකට අධික රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් සහභාගි වෙති. මෙහි සංගීත අධ්‍යක්ෂණය විශාරද සමන්ත පෙරේරායි.මහජන දර්ශනය පැවැත් වෙන්නේ 28 වැනිදායි.තිලානි
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හිටපු අගවිනිසුරුවරිය වන ශිරානි බණ්ඩාරනායක මහත්මිය 1996 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කරන ලද මුත් ඇයගේ පත්වීම දේශපාලන හේතු මත සිදුවු බවට චෝදනා නගමින් ඉදිරිපත්වූ පෙත්සම් විභාගය නීතිමය කරුණු මත නිෂ්ප්‍රභ නොවීනම් ඇගේ අධිකරණ වෘත්තාන්තය එතැන්හිදීම අවසන්වීමට ඉඩ තිබුණු බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.ඇය විශ්වවිද්‍යාල ආචාර්ය වරියකව 39 වැනි වියේ පසුවද්දී විශ්වවිද්‍යාලයේ සිට කෙලින්ම ඇය ශ්‍රේෂ්ඨාධිකරණය ට පත් කරන ලද්දේ එවකට අධිකරණ ඇමතිව සිටි මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ අභිමතය පරිදි බවට චෝදනා නැගී තිබුණු බවත් ඒ අනුව ඇගේ ශ්‍රේෂ්ඨාධිකරණ පත්වීමේ වලංගුතාව ප්‍රශ්න කරමින් පෙත්සම් කීපයක්ම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ බවත් සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කරයි.මේ පෙත්සම් විභාගයට පෙත්සම්කරුවන්වෙනුවෙන් ප්‍රමුඛ නීතිඥයින් ඉදිරිපත්ව සිටි අතර එය සප්ත විනිශ්චය මණ්ඩ ලයක් ඉදිරියේ විභාග වූ බවපෙන්වා දෙන හිටපු අගවිනිසුරුවරයා රජය වෙනුවෙන් නීතිපති ලෙස තමන් දැක්වූ කරුණු හමුවේ විනිසුරුවන් අතර බෙදීමක් ඇතිවූබවත් පසුව නීතිමය කරුණු මත පෙත්සම් විභාගය නිෂ්ප්‍රභ කරන ලද බවත් ප්‍රකාශ කරයි.කෙසේවෙතත් කරුණු දැක්වීමෙන් වැලකී නඩු විභාගයේ අඛණ්ඩ පැවැත්මට ඉඩහලේනම් ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ ශ්‍රෙෂ්ඨාධිකරණ පත්වීම 1996 ලත් තැනිමලොප් වීමට ඉඩ තිබුණු බවද ඔහු පවසා තිබේ. හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා මේ බව පවසා ඇත්තේ ඩේලිමිරර් (16) පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මාතලේ දිස්ත්‍රික් රාජ්‍ය සේවා වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට මාතලේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පිල සමත්වූ අතර කාන්තා ශූරතාව මාතලේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු පිලට හිමිවිය. කාන්තා අවසන් මහා තරගයේදී නාඋල ප්‍රා.ලේ පිල පරදා වට 2-1 ජයක් ලැබීමට සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තු පිල සමත්විය.ලකුණු තත්වය 25/16, 22/25 සහ 25/18ක් විය. පිරිමි අවසන් මහා තරගයේදී යටවත්ත ප්‍රා.ලේ පිල වට 3-2 කින් පරාජය කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු පිලට හැකිවිණි. (ලකුණු තත්වය 25/20, 23/25, 25/26, 23/25 සහ 15/8)මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවති මේ තරගාවලිය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාතලේ දිසා සම්බන්ධිකරන නිලධාරී රංජිත් අලුවිහාරේ මහතා විසින් සංවිධානය කරන ලදි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අනවසරයෙන් සෞදි අරාබියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 1,500 දෙනෙකු එරට රජය විසින් ප්‍රකාශයට පත්කළ පොදු සමාකාලය යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකිව තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 13,000ක් පමණ අනවසරයෙන් සෞදි අරාබියාවේ රැඳී සිටින බවද එයින් 10,000කට අධික පිරිසක් සඳහා රටින් පිටවීමේ තාවකාලික අවසර පත්‍ර එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් නිකුත්කර තිබෙන බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා "දිනමිණ" ට පැවසීය.ඒ අනුව මේ ශ්‍රී ලාංකික පිරිස සෞදි අරාබියාවෙන් පිටත්වීම සඳහා එරට රජයේ බලයලත් ජවසාද් (සංක්‍රමණික පොලීසිය) වෙතින් පිටවීමේ අවසර පත්‍රය ලබාගත යුතු බවද පොදු සමාකාලය තුළ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වන්නේ නම් අදාළ පොදුසමා කාලය දීර්ඝ කරනු ඇතැයි බලාපොරොත්තු වියහැකි බවද විශ්වාසය පළ කළේය.කෙසේ වුවද ඒ මහතා සඳහන් කළේ සෞදි අරාබියානු ජවසාද් වෙතින් දිනකට රටින් පිටවීමේ අවසර පත්‍ර 35ක් 40ක් වැනි සීමිත ප්‍රමාණයක් නිකුත් කරන හෙයින් මේ තරම් විශාල පිරිසක් ගෙන්වා ගැනීම ප්‍රමාද වන බවත් එළඹෙන ජූලිමස 3 දායින් අවසන් වන පොදුසමා කාලය තවදුරටත් දීර්ඝකර ගැනීම සම්බන්ධයෙන් එරට රජය සමඟ සාකච්ඡා කරන බවත්ය.එරට ජවසාද් වෙතින් අවසර පත්‍රය ලබාදීමේ ප්‍රමාදය හැරෙන්නට මේ පිරිස කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවද ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන ප්‍රමාදය ගුවන් යානා සම්බන්ධයෙන් සිදුවීමක් නොව සෞදි අරාබියානු ජවසාද්හි අවසරපත් නිකුත් කිරීමේ ප්‍රමාදය බවද ඒ මහතා පෙන්වා දුන්නේය.එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවට පමණක් නොව අනවසරයෙන් රැඳී සිටින අනෙකුත් විදේශීය රටවල ශ්‍රමිකයන්ටද මේ පොදු සමාකාලය වලංගු බවත් ඒ හේතුවෙන් ජවසාද් මඟින් රටින් පිටවීමේ අවසරපත් ලබාදීමේදී ප්‍රමාදයන් සිදුවිය හැකි බවයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඉතින් පසුගිය පෝස්ට් එකෙන් වින්ඩෝස් live writer ගැන විස්තරයක් කලා ඔබට මතක ඇති ,,,, අද මම කියන්ඩ යන්නෙ ඒක යොදාගෙන බ්ලොගර් වලින් හදපු වෙබ් අඩවියකට පෝස්ට් එකක් ලියන්නේ කොහොමද කියලා…….මුලින්ම අපගේ වෙබ් අඩවිය වින්ඩෝස් live writer තුලට ඇතුළු කරන්න වෙනවා . ඒ සදහා නෙට් සම්බන්දතාවය තියෙන්නත් ඕන.කවුරු හරි කියන්න පුළුවන් මේක OFFLINE වෙබ් පෝස්ට් ලියන එකක් නේද කියලා . ඔව් ඒක ඇත්ත . නමුත් වෙබ් අඩවිය LIVE WRITER තුලට ඇතුලත් කරන්න නම් ඉන්ටර්නෙට් තිබිය යුතුමයි. අපි දැන් කොහොමද මේක කර ගන්නේ කියලා( පළමු වතාවේ පමණයි අවශ්‍ය වෙන්නේ) මුලින්ම වින්ඩෝස් live writer ඕපන් කරගන්න (දැන් අපි යන්නෙ අපගේ වෙබ් අඩවිය වින්ඩෝස් live writer තුලට ඇතුළු කරන්නයි. එවිට මෙන්න මෙහෙම රුපසටහනක් එනවා මේකෙන් Other services තෝරාගෙන Next මත ක්ලික් කරන්න. ඊට පසු පහත පරිදිවේ. මෙහිදී ඔබගේ වෙබ් අඩවියේ වෙබ් ලිපිනයත් ,, බ්ලොගර් වල ලියාපදිංචි වීමට දුන් gmail , ලිපිනයත් එහි පාස්වර්ඩ් එකත් ලබාදී Next මත ක්ලික් කරන්න. මෙහිදී ඉහත රූපයේ පරිදි setting up your blog account වෙත පිවිසේ. ඊට පසුව download Blog Theme උප මෙනුවක් ලැබේ එහි yes ක්ලික් කරන්න . දැන් වැඩේ හරි ඔබගේ වෙබ් අඩවිය වින්ඩෝස් live writer තුලට ඇතුලුවී ඉවරයි.( මේ ඇතුල් කිරීම කරන්න ඕනෑ මුල් වතාවට පමණයි) අවසානයේ ඉහත රුපයේ පරිදි Finish මත ක්ලික් කරන්න. එවිට පහත පරිදි බ්ලොග් පෝස්ට් එඩිට් කිරීමේ මෙනුව වෙත පැමිණේ. මෙහිදී බ්ලොගර් වලදී මෙන් වෙබ් පෝස්ට් එක නිර්මාණය කිරීමට අවශ්‍ය උපාංග ලබාදේ. දැන් අවශ්‍ය පරිදි වෙබ් පෝස්ට් එක සකස් කරගෙන පහත පරිදි draft එකේ save කරගන්න.මෙය බ්ලොගර් වෙතට publish කිරීමට අන්තර්ජාල සම්බන්දතාව ලබාගෙන publish මත ක්ලික් කරන්න.දැන් වැඩේ හරි .ඔයාගේ ගුණදොස් මට කිව්වොත් හොදයි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ස්ටෙන්ෆොර්ත් හා කිඩ්බයි ඇළ යනු එන්ගලන්තයෙහි පිහිටි ඩකුණු යොක්ශියර් හා ලින්කන්ශියර් අතර යාත්‍රා කල හකි ඇළ මාර්ගයකි.එය ඩොන් ගංගට සමිිිිබන්ද වන්නේ බ්‍රැමිිවිිත් නගරයෙන් හා ට්‍රෙන්ටිි ගංගට සමිිිිබන්ද වන්නේ කිඩ්බයි
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඔහු සුපිරි තරු පොකුරේබැබළෙන තරුවක්. තරු අතර දිළෙමින් මියුරු ගී ඔබට තිළිණකළ ඔහු වරුණ මධුසංඛ. කලක් නිහඬව ගත කළ වරුණගේ ජීවිතය දැන් අලුත් සුන්දරවෙනසකට ලක් වෙලා. කාංචනා මනෝරිසමඟ අතිනත ගත් වරුණ පසුගිය දාජීවිතයේ සොඳුරු ගමනේ පියවර තැබුවා. මේ සරසවිය ඒ ගැන කළ පුංචි කතා බහක්.වරුණගේ ජීවිතයේ සුන්දරතම කඩඉමකට එළැඹුනා නේද ?ඔව්, ඇත්තටම ගොඩක් සතුටුයි. මම පසුගිය 24 වැනි දා විවාහ දිවියට එළැඹුනා. ඇය කාංචනා මනෝරි. එදාම තවත් සුවිශේෂී කටයුත්තක් සිදු වුණා. මගේ දෙවැනි ගීත එකතුවේ පළමු වැනි ගීතයත් එදා එළි දුටුවා. පසුගිය 25 වැනි දා අපි අපේ නව නිවහනටත් පදිංචියට ආවා.සුවිශේෂී සිදුවීම් පෙළක්. මුලින්ම කියමු ඇය ගැන?ඇය කාංචනා මනෝරි. මෙවර වෛද්‍ය විද්‍යාලයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඇය ඇත්තටම මා තේරුම් ගත් අයෙක්. මගේ කලා කටයුතුවලට වගේම රාජකාරි කටයුතු වලටත් හොඳ සහයෝගයක් ලබා දෙනවා. එක වහලක් යටට ඇවිත් වැඩි කලක් නැහැ. බොහොම සතුටින් සැහැල්ලුවෙන් සාර්ථකව ජීවත්වෙන එක තමයි එකම බලාපොරොත්තුව.දෙන්නගේ පේ‍්‍රම කතාව ගැනත් කිව්වොත්?අපි හඳුනාගෙන අවුරුදු එක හමාරක් විතර වෙනවා. මගේ නංගිගේ මාර්ගයෙන් තමයි ඇය හඳුනා ගත්තේ. කාංචනා දැක්ක පළමු වතාවේම මට හිතුනා ඇය තමයි මගේ ජීවන සහකාරිය වෙන්න සුදුසුම කෙනා කියලා. මම හැමදේම අමිමාට කියනවා. අපි යාළුවෝ වගේ. ඒ නිසා එදාම මම මගේ අදහස අම්මාට කිව්වා. ඊට පස්සෙ හඳහන් ගලපල නැකත් බලලා හැමදේම සූදානම් කළා. ඇගේ හඳහන තමයි මගේ හඳහනට ගැලපුන පළමු හඳහන. ඇත්තටම විවාහය ජීවිතයේ ලොකු වෙනසක් කළා. ගොඩක් සතුටුයි .අලුත් ගීත ඇල්බමය ගැනත් කියමු නේද?‘පෙම් කිඳුරා’ නම් මෙම ගීතය මම කළේ කාංචනා වෙනුවෙන්. එහි නිරූපණය කරන්නෙත් කාංචනාම තමයි.අලුත් ගීත එකතුව ගැන වගේම එළිදක්වන දවස ගැනත් කිව්වොත්?මේ සඳහා තවම නමක් තීරණය කරලා නැහැ. මෙහි ගීත 12 ක් ඇතුළත්. ගීත පහක සංගීතය නිර්මාණය කළේ මම. අනෙක් ඒවා ප්‍රවීණ අය විසින් සිදු කළේ. මෙම ගීත එකතුවට දේශාභිමානී, ආදර ගීත වගේම මවු ගුණ ගීතත් ඇතුළත්. ඒ වගේම මගේ පළමු ගීත එකතුවේ නොතිබුණ වේග රිද්ම ගීත කිහිපයකුත් මේ සඳහා එක් කළා. ප්‍රසංග වේදිකාව අරමුණු කරගෙන තමයි ඒවා නිර්මාණය කළේ. ළඟදීම මෙම ගීත එකතුව මගේ රසිකයන් අතට පත් කරන්නට සූදානම්.කාලයක් නිහඬව සිටියා නේද. කොහොමද දැන් ලැබෙන ප්‍රතිචාර?මා වටා රොක් වුණ මගේ රසිකයෝ හැමදාමත් මා සමඟ සිටියා. මම ගොඩක් වෙලාවට ප්‍රසංග වේදිකාව සමඟ සම්බන්ධ වුනේ නැහැ. යම් යම් අවස්ථාවලදී සම්බන්ධ වුණා.වරුණ අලුත් ජීවිතයත් සමඟ බලාපොරොත්තුත් ගොඩක් ඇති නේද?මම ජීවිතයේ අරමුණු සමඟ ජීවත් වුණ කෙනෙක්. කවදා හරි විවාහ වෙන්නට පෙර ගෙදරක් හදලා වාහනයක් එහෙම ගන්න ඔනි කියන අරමුණුවල මම හිටියා. ඒ අනුව වෘත්තිය වශයෙන් හොඳ ස්ථාවරයක සිට විවාහයට පෙර ඒ හැම අරමුණකටම ළඟා වෙන්න මට හැකියාව ලැබුණා. ඒ අනුව ජීවිතය සාර්ථකව ගෙවන අයුරින්ම සංගීත ක්‍ෂේත්‍රයේ දුර ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සංගීත අධ්‍යක්‍ෂවරයෙක් විදියට ගොඩක් දේ කරන්නට බලාපොරොත්තුව ඉන්නවා. මේ හැම දේකටම මගේ කාංචනා මට ශක්තියක්.ඡායාරූප - මාලන් කරුණාරත්නයතේජා ඥානරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඇම්බර්ග්‍රීස් ඇම්බර්ග්‍රීස් යනු කිරි තල්මසුන්ගේ ආහාර මාර්ග පද්ධතියෙහි නිෂ්පාදනය කෙරෙන ඝන, ඉටි වැනි, දැවෙන සුළු, අඳුරු අළු පැහැ හෝ කළු වන් පැහැ ද්‍රව්‍යයකි.[1] නිෂ්පාදනය කල අළුත, ඇම්බර්ග්‍රීස්, සාමුද්‍රික අසූචිමය ගඳක් සහිත වෙයි. කෙසේවෙතත්, කල් ගත වෙත්ම, වාෂ්පමය රසායනික රළු ගතිය විරහිත ආලේපන මද්‍යසාරයන්හී වැනි මිහිරි, පාංශුමය සුවඳක් එය විසින් හිමිකර ගනියි. [2] ඇම්බර්ග්‍රීස් හී ප්‍රධානතම හා ඓතිහාසික භාවිතය වූයේ සුවඳ ද්‍රව්‍යයන් නිපැයීමේදී තිරකාරකයක් ලෙසින් වුවද, එම අවශ්‍යතාවය වර්තමානයේදී කෘත්‍රිම සංස්ලේෂීන් වෙතින් පිරිමසාගනු ලැබේ. ආශ්‍රිත[සංස්කරණය] ↑ britannica.com ↑ බර්, චැන්ඩ්ලර් (2003). දි එම්පරර් ඔෆ් සෙන්ට්: අ ස්ටෝරි ඔෆ් පර්ෆියුම්, ඔබ්සෙෂන්, ඇන්ඩ් ද ලාස්ට් මිස්ට්‍රි ඔෆ් ද සෙන්සර්ස්. නිවියෝර්ක්: රැන්ඩම් හවුස්. ISBN 978-0-375-50797-7.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකාවේ ආහාර කල් තබා ගැනීම පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇති අතර, අපේ මුතුන් මිත්තන් ඒ සඳහා නොයෙක් ක්‍රම අනුගමනය කළහ. පරිසර හිතකාමී ශරීරයට අහිතකර නොවන ස්වභාවික වූ මෙම ක්‍රම ඉතා සුරක්‍ෂිත වූ ඒවා විය.එසේම පෝෂ්‍යදායි ක්‍රමය නැවුම් බව ආරක්‍ෂා කර ගනිමින් මෙම ආහාර සංරක්‍ෂණ ක්‍රම භාවිතා කෙරිණ. ලෝකයේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය උදෙසා නොයෙක් ක්‍රම අනුගමනය කළ ද ආහාර කල් තබා ගැනීම, සංරක්‍ෂණය උදෙසා එතරම්ම අවධානයක් යොමු වී ඇතැයි සිතිය නොහැක.ඒ නිසාම දිනකට ඉවතලන ආහාර ප්‍රමාණය පලතුරු එළවළු ප්‍රමාණය අති විශාලය.ලොව ජනගහනය දිනෙන් දින ඉහළ යයි. ශ්‍රී ලංකාවේ ද කෝටි දෙකකට ආසන්න ජනගහනයක් ඇත. මෙම වැඩි වන ජනගහනයට සීමිත බිම් ප්‍රමාණයකින් සීමිත නිෂ්පාදනයක් ඇති කළ යුතුව ඇත. ලෝකයේ සෑම සත්වයකුටම ජීවත් වීමට ආහාර, ජලය හා වාතය අත්‍යාවශ්‍යය.මෙයින් ජලය හා වාතය නොමිලේ ලැබුණත් ආහාර තමන් නිපදවාගත යුතුය. නැතහොත් මිලදී ගත යුතුය. එසේ වුවද ආහාර විශාල ප්‍රමාණයක් නාස්ති කිරීම සිදුවේ. මේ නිසා ආහාර හිඟයක් යම් යම් අවස්ථාවල ඇති වේ. මෙයට ප්‍රධාන හේතුව නිෂ්පාදනය කර ආහාර කල්තබා ගැනීමට නොහැකි වීමයි.මේවා නරක් වීමට භාජනය වීමයි. එසේම සමහර රටවල් ආහාර වැඩිපුර නිපදවා අතිරික්තය විනාශ කිරීම සිදු කරයි. නව තාක්‍ෂණික දියුණුවත් සමඟ වැඩිපුර නිපදවන ආහාර කල් තබා ගැනීමට ගන්නා උත්සාහය එතරම් දියුණු නැතත්, අනුගමනය කරන ක්‍රමවේදය කුමක් වුවත්, වැඩි කලක් කල් තබා ගැනීමට නොහැකි වී ඇත.ලොව දියුණු රටවල් තම අතිරික්ත ආහාර ද්‍රව්‍යයන් සත්ව ආහාර සඳහා යොදා ගනිමින් ද තව කොටසක් විනාශ කර දමමින් ද ලෝක වෙළෙඳ පොළෙහි මිල ස්ථාවරව පවත්වා ගැනීම සිදු කරන අතර, ලොව තවත් රටවල් ආහාර නොමැතිකමින් සාගින්නෙන්, මන්දපෝෂණයෙන්, ලෙඩ රෝගවලින් දහස් ගණනක් මියයාම සිදුවෙයි. මෙම අසමතුලිතතාව මග හරවා ගැනීම සඳහා විධිමත්ව ආහාර සුරක්‍ෂිතතාව පවත්වා ගැනීම හා බෙදා හැරීම වැදගත් වේ.මේ මගින් උග්‍රව පවත්නා ආහාර ප්‍රශ්නයට බොහෝ දුරට විසැඳුමක් ලබාදිය හැක. මෙසේ ආහාර සුරක්‍ෂිතව තබා ගැනීම ආහාර කල් තබා ගැනීම වන අතර, එය අත්‍යාවශ්‍ය කරුණක් වී තිබේ.ආහාර ආරක්‍ෂා කිරීම හෙවත් ආහාර කල් තබා ගැනීම යනුවෙන් අදහස් කරන්නේ ආහාර නරක් වීමට හේතු වන සාධක පාලනය කිරීමයි. මෙහිදී එම සාධක එකක් හෝ කිපයක් ඉවත් කිරීම තුළින් ආහාර කල්තබා ගත හැක. එසේ එම සාධක ඉවත් කිරීමේ දී සැලකිය යුතු කරුණු ප්‍රධාන වශයෙන් ච්පයකි. එනම් හතරකි.1. බොහෝමයක් කෘෂිකර්ම නිෂ්පාදන වසර පුරාම නිපදවීමට නොහැක. අවුරුද්දේ ඇතැම් කාලවලදී විශාල වශයෙන් අස්වැන්න ලැබෙන අවස්්ථා ඇත. උදාහරණ ලෙස අඹ, කොස්, දෙල්, අලිගැට පේර, රඹුටන් වැනි දෑ දැක්විය හැක. මෙවැනි වූ අස්වැන්න රැකගෙන වසර පුරාම පරිභෝජනය කිරීමේ ක්‍රම සහ කල් තබා ගැනීමේ ක්‍රම අනුගමනය කළ යුතුය.2. ඉතා ඉක්මනින් නරක්වීමට භාජනය වන්නේ ගුණාත්මයෙන් ඉහළ ආහාර ද්‍රව්‍යයන් ය. උදාහරණ මස් මාළු බිත්තර කිරි දැක්විය හැක. එබැවින් මෙවැනි ආහාර වැඩිදුර කල් තබා ගැනීම දුෂ්කරය. මේ පිළිබඳ අවධානය යොමු කොට ආහාරයට ගැනීම සිදු කළ යුතුය.3. සමහර ආහාර ශරීරගත වීම නිසා බොහෝ විට උෂ්ණ, වමනය, උදරාබාධ වැනිදේ ඇති විය හැක. සමහර විට මරණයට පවා මේවා හේතු විය හැක. විශේෂයෙන්ම ළමුන්ට මෙවැනි ආහාර ශරීර ගත වීමෙන් ඔරොත්තු දීමේ හැකියාව අඩුය. එබැවින් ආහාර භාවිතා කිරීමේ දී විශේෂයෙන් නරක් නොවූ ආහාර හා කල් ඉකුත් වූ ආහාර පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුය.4. දියුණුවන රටක් ලෙස ආහාර අප රටට ඉතා වැදගත් ය. ආහාර කල් තබා ගැනීමේ ක්‍රම අනුගමනය කිරීමෙන් පෝෂ්‍යදායි උසස් ආහාර අඩු මිලකට වර්ෂය පුරාම පරිභෝජනය කිරීමටත්, සැපයීමටත්, හැකි වේ. මෙය මන්දපෝෂණ තත්ත්වයෙන් රට මුදා ගැනීමට ඉවහල් වනවා මෙන්ම විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමටත් හැකි වේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හබරාදූව මාගල්තොට ප්‍රදේශයේ හෝටලයකදී ඊයේ (02) සිදුවූ පිහියා ඇනුමකින් සිදුවූ තුවාල ලැබූ දෙදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුලු කර ඇත.හෝටලයේ කෑම පිළිබද ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් සිදුවූ පිහියා ඇනුමෙන් තුවාල ලබා ඇත්තේ හෝටල් හිමිකරුගේ සොහොයුරෙකු සහ ඔහුගේ මිතුරෙකි. මේ අතර පිහියෙන් ඇන ඇත්තේ එම හෝටලයේම සේවකයෙකුගේ සොහොයුරෙකු බවද පොලිස් පරීක්ෂණවලදී අනවරණය වී ඇත.හබරාදූව පොලිසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පිටපත නිකුත් වුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේඅනුමැතියට දුන් පිටපතින් - සුනිල්. ටීපසුගිය දිනයක අප කර්තෘතුමන් ඇමතූ ෆයින් විෂන් ආයතනයේ සභාපති රොහාන් වැලිවිට අපූරු ප්‍රවෘත්තියක් අප හමුවේ තබා දුරකථන සංවාදයට නිමාව තැබුවේය.‘සුනිල්ගෙ දරුවනේ හොර ඩී. වී. ඩී කොපි වගයක් අහු වෙලා’ප්‍රවෘත්තියෙන් කියැවුණේ එබන්දකි. හොර ඩී. වී. ඩී. ජාවාරම පිළිබඳ කිහිප විටක්ම කතාබහ කළ අපට හොර ඩී. වී. ඩී. පටයක් නිකුත්වීම ආගන්තුක ප්‍රවෘත්තියක් නොවුණ ද රොහාන් ගෙනා ප්‍රවෘත්තියේ අතිශය උණුසුම් බවක් රැඳී තිබුණේ දරුවනේ තවමත් අති සාර්ථකව තිරගත වන හෙයිනි. එවැනි චිත්‍රපටයක අතිශය හොඳ තත්ත්වයේ එහෙමත් නැතිනම් කොලිටි ඩී. වී. ඩී. පටයක් රට පුරා අනවසරයෙන් ප්‍රචලිත වූයේ කෙසේද?අප සියලු දෙනාගේ එදින මාතෘකාව බවට පත්වූයේ මේ කතාබහයි. මෙම ඩී. වී. ඩී. තැටිය එක් රැයකින් රට පුරා ව්‍යාප්තව තිබූ බවත් කිසිදු බියක් සැකයකින් තොරව ඩී. වී. ඩී. පටය අළෙවි කරන බවටත් අසන්නට ලැබුණි. මේ පිළිබඳ පැන නැගී ඇති ගැටළුව විසඳා ගැනීමට පසුගියදා අපි සුනිල් ටී. ප්‍රනාන්දුගෙන් තොරතුරු විමසුවෙමි.‘දරුවනේ දින පනහ සපුරන දවසේ තමයි මේ ආරංචිය අපට දැනගන්නට ලැබුණේ. රට වටා කිහිප දෙනෙක් මේ ඔත්තුව ඉතාමත් වගකීමෙන් අපට ලබා දුන්නා. ඉන් පසුව අපි පුවත්පත්වල දැන්වීම් පළ කළා. දරුවනේ හොර ඩී. වී. ඩී. තැටිය පිළිබඳ දත්ත ලබා දෙන්නකුට ලක්ෂයක මුදල් ත්‍යාගයක් පරිත්‍යාග කිරීමට මා පෞද්ගලිකව තීරණය කොට තිබුණා. මෙම දැන්වීමට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඒ අනුව රට වටා නීති විරෝධී ලෙස ඩී. වී. ඩී. පිටපත් ලඟ තබා ගත් බොහෝ දෙනා අත්අඩංගුවට ගන්නට හැකි වුණා. මෙම ඩී. වී. ඩී. පිටපත් සියල්ලම ලබාගෙන තිබෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුමැතියට දුන් පිටපතෙන්. ඒ පිටපතෙහි ‘අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රදර්ශනයට පමණි STF’ ලෙස සඳහන්ව තිබුණා. ඒ පිටපතෙන් තමයි චිත්‍රපටය පිට ගියේ.මේ වෙලාවේ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු හැම දෙනාම ඉතාම මහන්සියෙන් මේ කටයුත්තට තම දායකත්වය ලබා දුන්නා. ඒ හැමෝටම ස්තුතියි. සුනිල් කතාව නිමා කළ ද මේ කතාව මෙතනින් නිමා නොවෙන බව නොරහසක්. ලක්ෂ ගණන් මුදල් වියදම් කොට නිපදවන ලද චිත්‍රපට රුපියල් සියයට අසූවට විකුණන ජාවාරම්කරුවන්ට මෙය නම් සුළු සිදුවීමක් පමණකි. එබැවින් චිත්‍රපටවලට ආදරය කරන ඔබ මේ මොහොතේ සීරුවෙන් සිටීම ඉතාම වැදගත්ය. හොර චිත්‍රපට මිලදී ගෙන ඒවාට අනුබල දීම අපේ සිනමාවට ආදරය කරන ඔබ නොකළ යුත්තකි.දරුවනේ චිත්‍රපටයේ හොර පිටපත් සොයමින් පොලීසිය මේ දිනවල දැවැන්ත මෙහෙයුමකය. ඒ මෙහෙයුමට ඔබටත් දායක විය හැක්කේ නිවැරැදි තොරතුරු පොලිස් ස්ථාන වෙත දැනුම් දීමෙනි.- චතුර
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රුපියල් විස්සේ නෝට්ටුවක් යැයි සිතා රුපියල් පන්සීයේ නෝට්ටුවක් ලබා දී ලොතරැයි පතක් රැගෙන ගිය පුද්ගලයකු සොයා ගොස් ඉතිරි මුදල ලබා දුන් ලොතරැයි අලෙවි නියෝජිත පිළිබඳ රඹුක්කන නගරයෙන් වාර්තාවේ.මේ ලොතරැයි පත් අලෙවි නියෝජිතයා වූයේ රඹුක්කන ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට සිටින ආර්. එම්. මුතුබණ්ඩා මහතාය.ඔහුගේ ලොතරැයි කූඩුවට පුද්ගලයකු පැමිණ ලොතරැයි පතක් මිලදී ගත් අයකු රුපියල් 20 යැයි සිතා 500 ක නෝට්ටුවක් ලබා දී ඇත. අලෙවි නියෝජිත මහතා මුදල් ලාච්චුව ඇර මුදල් නෝට්ටුව එයට දමන්න හදද්දී එය 20 ක් නොව රුපියල් 500 ක් බව දැක තිබේ.වහාම ක්‍රියාත්මක වූ මුතුබණ්ඩා මහතා තම ලොතරැයි ස්ථානය බලාගන්නට ආසන්නයේ වෙළෙඳසල් හිමියකුට පවසා නගරය පුරා යමින් තමන්ගෙන් ටිකට් පත ලබාගත් පුද්ගලයා සෙවීය. විනාඩි විස්සක් ගතවීමෙන් පසු කුරුණෑගල ප්‍රධාන මාර්ගය දෙපස දිවෙන මාර්ගයේ ටික දුරක් ගමන් කළ පසු අදාළ පුද්ගලයා සිටිනු දැක වහා එම ස්ථානය වෙත ගොස් “ඔයා මගෙන් ලොතරැයියක් අරගත්තා නේද? මට ඔයා රුපියල් විස්සක් කියලා දීලා තියෙන්නේ පන්සීයේ නොට්ටුවක්, මෙන්න පන්සීය මට විස්සක් දෙන්න” කියා කීය. එවිට ඒ පුද්ගලයා සතුව තිබූ විස්සේ නොට්ටුව මුතුබණ්ඩා මහතා අත තැබීය. මෙවැනි පුද්ගලයන් හමුවන්නේ බොහොම කලාතුරකින් යැයි කියමින් ඒ තැනැත්තා මුතුබණ්ඩා මහතාට ස්තූතිය පළකර සිටියේය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මේ සුපිරි තරු සමඟ අර සුපිරි තරු සසඳමුතරුවක් බැස යනවා ද නැඟ එනවා ද කියා තීරණය කරන්නේ අතට මිටට ලැබෙන කාසි පනම්ය. ෆෝබ්ස් සඟරාව මඟින් වාර්ෂිකව ඒ තක්සේරුව කරයි. මේ වසරේ ද ධනවත්ම තරු හා තාරකාවන්ගේ නම් දැන් ප්‍රසිද්ධියට පත්කර අවසානය. ඒ අනුව ලෝකයටම ලොක්කිය වී සිටින්නී, පනස් පස් හැවිරිදි වියේ පසුවන සුපිරි පොප් තාරකාව, මැඩෝනාය.විශ්‍රාම යන වයසේ පසු වුවත් ‘මිලියන් ඩොලර් බේබි’ වන්නේ ඇයයි. ඇය ඉපයූ ආදායම ඩොලර් මිලියන 125 කි.ඇයගේ ‘මැටීරියල් ගර්ල්ස්’ අලුත්ම ඇල්බමය රසිකයන් වැලඳ ගත්තේ බෝම්බයක් පුපුරණවාටත් වැඩි වේගයෙනි. මැඩෝනා කළ සංචාර ද අති සාර්ථක විය.දෙවැනි තැන ගෙන ඇත්තේ මහා සිනමාවේදියකු වන ස්ටීවන් ස්පිල්බර්ග්ය. ඔහුගේ ආදායම ඩොලර් මිලියන සියයකි. සෑම වසරකම ඔහුගේ නිර්මාණවලට ජාත්‍යන්තර වෙලෙඳ පොළේ ඇත්තේ හොඳ ඉල්ලුමකි. ෂින්ඩ්ලර්ස් ලිස්ට්, සේවිං ප්‍රයිවට් රයන්, ජෝස්, ජුරාසික් පාක් වැනි ඔහුගේ සිනමා නිර්මාණ මිලියන ගණනක ආදායමක් උපයා දෙයි.පුංචි තිරයෙන් ජන හද දිනූ සිමන් කොවෙල් ආදායම්ලාභීන් අතරින් තෙවැනියාය. ඔහුගේ ‘දි එක්ස් ෆැක්ටර්’ සහ ‘ගොට් ටැලන්ට්’ වැඩසටහන් කොවෙල් ඩොලර් මිලියන 95 ක පොහොසතකු කර තිබේ.පනස් හැවිරිදි ඊ. එල්. ජේම්ස් හෙවත් එරිකා ලියොනාඩ් ජේම්ස් ලබා ඇති ආදායම ඩොලර් මිලියන 95 කි. ඇයගේ ‘ෆිෆ්ට් ෂේඩ්ස් ඔෆ් ග්‍රේ’ කෘතිය ලොව පුරා අලෙවි වන්නේ ඉහළම ආදායමක් ලබා දෙමිනි. අමෙරිකාවේ පොතේ පිටපත් මිලියන 35 කට වඩා ද, ලෝකයේ පිටපත් මිලියන 70 කට වඩා ද අලෙවි වී තිබේ.හොවාඩ් ස්ටර්න් ද ඇයගේ ආදායමට සමාන ආදායමක් ලබයි. ඔහු ද අමෙරිකානු ගුවන් විදුලියේ සහ පුංචි තිරයේ නිවේදකයෙකි. නළුවෙකි. රචකයෙකි. ඡායාරූප ශිල්පියෙකි. ඔහුටම කියා ජාලයක් ඇත.එහි ආදායම මෙන්ම ‘අමෙරිකාස් හොට් ටැලන්ට්’ විනිශ්චය කිරීමෙන් වාර්ෂිකව ලැබෙන මිලියන 15 ක ආදායම ද ඔහු පෝසතකු කර තිබේ. ලේඛක ජේම්ස් පැටර්සන් ඩොලර් මිලියන 91 ක ආදායමක් ලබා හයවැනියා වී සිටියි. සියලුම ලේඛකයන් අතරින් සර්වකාලීන වැඩිම ආදායමක් ලැබූ ලේඛකයා ඔහු බව ෆෝබ්ස් සඟරාව පෙන්වා දෙයි.සැමවිටම වියපත් මැඩෝනාට අභියෝගයක් වූ ලේඩි ගගා මෙවර ලබා ඇති ආදායම ඩොලර් මිලියන 80 කි. උකුළට වූ අනතුරින් ඇයගේ ආදායමට යම් බලපෑමක් වුවත් ධනවත් තරු අතර දහවැනියා වීමට ඇය සමත් වී ඇත. ඇයගේ ‘බෝන් දිස් වේ බෝල්’ ලෝක චාරිකාව අතිශයින් ජනප්‍රිය විය.බ්‍රිතාන්‍ය නිළි, මෝස්තර නිරූපණ ශිල්පිනී එළිසබෙත් හර්ලේ ෂේන් වෝන් සමඟ බැඳී හාදකම ලොවටම රස කතාවක් විය.ඔවුන් ආදරය කළේ ප්‍රසිද්ධියේමය. ඊට තැනක් නොතැනක් ද නොවීය. එහෙත් දැන් ඒ ප්‍රේමයට ද වැඩි ආයුෂක් නැති පාටය. සමාජ වෙබ් අඩවිවලට ඔවුන් සපයන තොරතුරු එසේ සිතීමට හොඳටම ප්‍රමාණවත්ය.ෂේන් වෝන්ගේ සහකාරියන් ලැයිස්තුව සේම එළිසබෙත්ගේ සහකරුවන්ගේ ලැයිස්තුව ද ඉතා දිගය. නළු හියු ග්‍රාන්ට්, ස්ටීව් බින්ග්, අරූන් නායර් ඇයගේ පෙම්වතුන්ගේ සහ සැමියන්ගේ ලැයිස්තුවේ සිටිති.හතළිස් හැවිරිදි ග්වේන් පැල්ට්‍රෝ ‘ශේක්ස්පියර් ඉන් ලව්’ (1998) සිනමාපටයේ රංගනයට ඔස්කාර්, ගෝල්ඩන් ග්ලෝබ්, ස්ක්‍රින් ඇක්ටර්ස් ගිල්ඩ් ආදී සම්මාන රැසකින්ම පිදුම් ලැබූ තාරකාවකි.මෑතකදී ඇය වඩාත් අවධානයට ලක් වූයේ ‘අයන් මෑන් 3’ සිනමාපටයෙනි. මේ ඇය ගත කරන්නේ ජීවිතයේ තෘප්තිමත්ම කාලයකි.තමන්ගේ සිරුර ආදී සියලු දෙයක් ගැනම ඇය තෘප්තිමත්ය. එහෙත් යමක් වෙනස් කළ හැකි නම් ඇය එක් දෙයක් වෙනස්කර ගන්නීය. ඒ ග්වේන් ගේ පියයුරේ ප්‍රමාණයයි.ඇය කැමැති 34 බී ප්‍රමාණයේ බ්‍රෙසියරයක් පැලඳීමට තරම් අවශ්‍ය සුවිශාල පියයුරු යුග්මයකටයි.ක්‍රිස් මාටින් සමඟ විවාහ වී සිටින ඇය හතළිස් හැවිරිදි වියේ සිටියත් තෙවැනි දරුවකු ගැන සිහින මවන්නීය. දැනට ඇය දෙදරු මවකි. තෙවැනි දරුවකු පිළිසිඳුණත් අවාසනාවන්ත ලෙස ඒ දරුවා ගබ්සා වීම නිසා මේ වසරේ මුල දී ඇය සිටියේ දැඩි සිත් වේදනාවෙනි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28 කි. එ රත්නපුර දිස්ත්‍රික්කයේ 17 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ 11 ක් ලෙසය. පටුන 1 රත්නපුර දිස්ත්‍රික්කය 2 කෑගල්ල දිස්ත්‍රික්කය 3 ආශ්‍රිත ලිපි 4 බාහිර සබැදි රත්නපුර දිස්ත්‍රික්කය[සංස්කරණය] ප්‍රධාන ලිපිය: රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මේවාත් බලන්න: රත්නපුර දිස්ත්‍රික්කය අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෑගල්ල දිස්ත්‍රික්කය[සංස්කරණය] ප්‍රධාන ලිපිය: කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මේවාත් බලන්න: කෑගල්ල දිස්ත්‍රික්කය අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා බාහිර සබැදි[සංස්කරණය] Divisional Secretariats Portal Statoids: Divisions of Sri Lanka
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
යුද සමයේදී කොටි ත්‍රස්තවාදීන් විසින් අධිකරණ ක්‍රමය සුන්නත්දූලි කර තිබූ ප්‍රදේශවල පවා ශ්‍රී ලංකා රජය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ බවට හොඳම නිදසුන වන්නේ යාපනය මිරුසුවිල් ඝාතන නඩුව බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා ඊයේ (22) කොළඹ මහාධිකරණය හමුවේ පැවසීය.මේ ඝාතන නඩුව ඉදිරිපත් කර ඇත්තේ හමුදාවේ සොල්දාදුවන් පස්දෙනකුට වුවත් හමුදාවේ ඉහළ නිලධාරීන් කිසිදු දිනක මෙවන් ඝාතන සිද්ධීන් අනුමත නොකරන බවත්, නිරායුද පුද්ගලයින් ඝාතනය කිරීම මෙරට හමුදාව අනුමත නොකිරීමට හොඳම සාක්ෂිය වන්නේ ද මේ නඩුව බවත් ජයමාන්න මහතා අවධාරණය කළේය.මිරුසුවිල් ඝාතන නඩුවේ අවසන් පැමිණිල්ලේ දේශනය කරමින් ජයමාන්න මහතා මේ කරුණු ඉදිරිපත් කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා හා පී. පද්මන් සූරසේන මහතා යන ද්වි පුද්ගලයන් ඉදිරියේ නඩුව කැඳවීය.2000 දෙසැම්බර් 19 දින යාපනය මිරුසුවිල් හිදී සිවිල් පුද්ගලයින් අටදෙනකු ඝාතනය කර පොන්නදොරේ මහේෂ්වරන් යන අයට පහර දී තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා 19 ක් යටතේ නීතිපතිවරයා මේ නඩුව පවරා ඇත.ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවය කළ සොල්දාදුවන් පස්දෙනකු නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත.මීට පෙර මේ නඩුව මහාධිකරණ විනිසුරුවරුන් වන එස්. අයි. ඉමාම්, කුමාර් ඒකරත්න හා සරත් අඹේපිටිය ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාග කෙරිණි. පසුව සරත් අඹේපිටිය, වරාවැව හා සුනිල් රාජපක්ෂ යන ත්‍රි පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාග කළේය.වසර ගණනාවක් විභාග කිරීමෙන් පසුව පැමිණිල්ලේ අවසන් දේශනය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා ඊයේ දින ආරම්භ කළේය.සරත් ජයමාන්න මහතා සිය දේශනය කරමින් මිරුසුවිල් ඝාතනය සිදුවූ ආකාරය ඇසින් දුටු සාක්ෂි හා පර්යේෂණ සාක්කි මඟින් ඔප්පු කිරීමට පැමිණිල්ලට හැකි වී ඇති බව පැහැදිලි කළේය. මේ නඩුවේ අගතියට පත්ව ඇත්තේ යාපනය මිරුසුවිල් වැනි හද්දා පිටිසර නූගත් මහේෂ්වරන්ලා බව පැහැදිලි කළ ජයමාන්න මහතා, දමිළ මහේෂ්වරන්ලාටත් සාධාරණය ඉටු කළ හැකි උත්තරීතර අධිකරණයක් මෙරට ඇති බව ද පැවසීය.නඩුවේ විත්තිකරුවන් චුදිතයින් බවට අධිකරණ තීන්දුව මත පත් වුවත් නොවූවත් යුක්තිය පසිඳලීමේ කොටස්කරුවන් ලෙස අධිකරණ ක්‍රියාදාමය පිළිබඳව සතුටු වන බව සඳහන් කළේය. එහෙත් මෙරට නඩු විභාග කිරීමේදී අපරාධ වින්දිතයින් ආරක්ෂා කිරීමේ දියුණු ක්‍රමවේදයක් ස්ථාපිත විය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය. දියුණු රටවල එවන් ක්‍රම අනුගමනය කරන බව පෙන්වා දුන් ජයමාන්න මහතා වින්දිතයින් සැකකරුවන්ට නොපෙනී, රූපවාහිනී තිරයක් මඟින් පමණක් දකින සාක්ෂි මෙහෙයවීම් ඉතා සාර්ථක ක්‍රමවේදයක් බව ද පෙන්වා දුන්නේය.මේ නඩුවේ පර්යේෂණ සාක්ෂි පැමිණිල්ල මඟින් ඔප්පු කර ඇති ආකාරය ඉදිරි දිනදී පැහැදිලි කරන බව ද හෙතෙම පැවසීය.පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රියාස් බාරි මහතා ද පෙනී සිටියේය.නඩුවේ වැඩිදුර විභාගය ලබන 29 දින සිදුකෙරේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත මධ්‍යම පළාත දිස්ත්‍රික්කය මහනුවර දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි . ආශ්‍රිත[සංස්කරණය] ඩිවිෂනල් සෙක්‍රටේරියට්ස් පෝර්ටල් මෙම ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, ස්ථානයක් පිළිබඳ ලිපිය අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වේදිකා නාට්‍ය කලාව නව මාවතකට යොමු කළ මහා ඇඳුරාණන් වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජන්ම ශත සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ‘සරච්චන්ද්‍ර සමරු නාට්‍ය උළෙල’ මෙම මස 21 වැනිදා සිට 30 වැනිදා දක්වා බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේදී වේදිකා ගත වේ.එහිදී වේදිකා ගත වනුයේ මහ ඇඳුරු සරච්චන්ද්‍රයන්ගේම වේදිකා නාට්‍ය කිහිපයකි. ඒ අතර,අගෝස්තු 21 වැනිදා සහ 25 වැනිදා – මනමේ, 22 වැනිදා – කදා වළලු සමඟ එලොව ගිහින් මෙලොව ආවා, 23 වැනිදා – මහාසාර, 24 වැනිදා සහ 27 වැනිදා - සිංහබාහු, 26 වැනිදා – හස්තිකාන්ත මන්තරේ, 28 වැනිදා – මඟුල් ප්‍රස්තාව සමඟ ඒකට මට හිනා හිනා, 29 වැනිදා – කපුවා කපෝති, 30 වැනිදා – රත්නාවලී වේදිකා ගත වේ.‘Dracula has Risin from the Grave’ චිත්‍රපටය ඇසුරින් ජයශංඛ කරුණාරත්න රචනා කළ ‘ඩ්‍රැකියුලා සොහොනෙන් නැඟිටියි’ ග්‍රන්ථය අගෝස්තු 21 වැනිදා කොළඹ මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.- යතේජා
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය නැරඹීමට පැමිණ අධික සීතලට ලක්ව දැඩි ලෙස රෝගී වී ගම්පෙළ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ගණන ඊයේ වනවිට 21කි. ගැහැණු ළමුන් 18 දෙනෙකු හා පිරිමි ළමුන් තිදෙනෙකු මෙසේ රෝගී වී ඇත.ඇඹිලිපිටිය හා වලස්මුල්ල ප්‍රදේශවල ඇති පුද්ගලික උපකාර පන්ති වල සිසු-සිසුවියන් ඔවුන්ගේ වාර්ෂික චාරිකාව සඳහා ගම්පොළ අම්බුළුවාව නැරඹීමට පැමිණි අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණපා තිබේ.පෙරේදා දහවල් අම්බුළුවාව කන්ද තරණය කොට එහි සිරි නරඹමින් සිටියදී අධික මීදුමත් සමඟ දැඩි සීතලට හසුවී ඔවුන් මෙසේ රෝගී වී තිබේ.මුලින් 10 දෙනකු මෙසේ අසාධ්‍ය වී ඇති අතර ඔවුන් වහාම ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබුණි.ඊයේ (10) උදෑසන වන විට මෙම පිරිස 21 දක්වා ඉහළ ගොස් තිබුණි. ගම්පොළ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධිකාරී වීර බංඩාර මහතා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් සූදානම් කොට ප්‍රතිකාර ආරම්භ කර ඇත.අධික ශීතල නිසා ශරීර උෂ්ණත්වය පිරිහී හෘදයට බලපෑම් ඇති වීම නිසා මොවුන් රෝගී වී තිබුණි.ගම්පොළ ශික්ෂණ රෝහලේ කාර්යය මණ්ඩලයේ දැඩි කැපවීම නිසා ඊයේ වනවිට මොවුන්ගේ තත්ත්වය යහපත් අතට පත්ව ඇතැයි වෛද්‍ය අධ්‍යක්ෂ වීර බණ්ඩාර මහතා කීය. ප්‍රතිකාර වලින් පසු මොවුනට නිවෙස් කරා යා හැකි බැවින් දෙමාපියන් කලබල නොවිය යුතු බව ද වෛද්‍යවරයා කීය.ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ගම්පොළ පොලිස් ස්ථානාධිපති ජාලිය ජාලියකෙන්ද මහතා, උ.පො.ප. සුමනවීර, උ.පො.ප. වීරක්කොඩි, පො.සැ. සමරපාල, පො.කො. ලියනගේ යන අය මෙසේ අනතුරට පත් අයගේ සුවදුක් සොයා බලා පැමිණි පිරිසට ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ රාත්‍රී නවාතැන් ද සලසා තිබුණි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගෘහ සේවය සඳහා සෞදි අරාබියාවට පිටත්ව යන ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා සෞදි අරාබියානු රියාල් 750 ක්ව පැවැති අවම මාසික වැටුප සෞදි රියාල් 900 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කරයි.ඊට අමතරව ගෘහසේවිකා යනුවෙන් භාවිත කළ තනතුරු නාමය වෙනුවට ගෘහ පාලිකා සහායක වශයෙන් භාවිත කිරීමටද ඔවුනට නොමිලේ ගුවන් ටිකට්පත්, ආහාර, නවාතැන් හා වෛද්‍ය පහසුකම් ලබා දීමටද එකඟතාවට පැමිණ තිබෙන අතර එය මේ මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.මුල් අදියරේදී මේ වැඩපිළිවෙල සෞදි අරාබියානු රැකියා සඳහා පමණක් ක්‍රියාත්මක කරන බව පවසන විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලබන 2014 වසරේ සිට අනෙකුත් රටවල රැකියා සඳහාද භාවිත කිරීමට පියවර ගන්නා බවද ඒ අනුව ඔවුන්ගේ සේවා ගිවිසුම්වල සහ ගුවන් බලපත්‍රයේද ගෘහ පාලිකා සහායක වශයෙන් භාවිත කරන බවද කියාසිටී.ගෘහ සේවිකාවන් ලෙස වසර 25 ක් භාවිත කළ තනතුරු නාමය මෙසේ වෙනස් කිරීමට හේතු වී ඇත්තේ ඔවුනට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද රැකියාවේ අභිමානය ඇති කිරීම සඳහා බවත් මෙවැනි රැකියා සඳහා වෙනත් රටවලින් විදේශ ගතවන කාන්තාවන්ගේ තනතුරු නාමය ඔවුන්ට අභිමානයක් ඇතිවන පරිදි වෙනස් කොට ඇති නිසා ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ටද ඔවුන් සේවය කරන ස්ථානයේ ගෞරවය ඇති කිරීමට මෙය ඉවහල් වන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.පිලිපීනය වැනි රටවලින් පැමිණෙන ගෘහ සේවකයින් NVQ 3 මට්ටමේ සිටින නිසා ඔවුන් ගෘහ පාලිකා සහායක ලෙස රැකියා කරන අතර ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ද NVQ 3 මට්ටම සමත්වීම නිසා මෙලෙස තනතුරු නාමය වෙනස් කර ඊට ගැලපෙන වැටුපක් ලබාදීමට කටයුතු කිරීම ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටද ඉවහල් වී තිබෙන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රට ආර්ථික අතින් සංවර්ධනය කරද්දී යුක්ති ගරුක විනය ගරුක දැහැමි සමාජයක් ගොඩනැගීම රජයේ ප්‍රධානතම අරමුණ බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.මෙකී උතුම් පරමාර්ථය පෙරදැරිව රට වටා දැවැන්ත සංවර්ධනයත් ආරම්භ කර ඇති බවත්, දුමින්, මතින් තොර දැහැමි සමාජයක් බිහි කිරීමේ උදාර ක්‍රියාදාමයද ඊට සමගාමීව ආරම්භ කර ඇති බවත් උන්වහන්සේ පැවසූහ.අතුරලියේ රතන හිමියන් එසේ පැවැසුවේ මීරිගම වසන්ත සේනානායක පදනම හා සුවිනීතා සේනානායක කාන්තා හවුල ඒකාබද්ධව ආරම්භ කළ මීරිගම, අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන්ට නිවාස ආධාර, ගෘහ භාණ්ඩ, සනීපාරක්ෂක උපකරණ හා ගෘහ උපකරණ පරිනැමීමේ උත්සවයේදීය.මීරිගම - යොවුන් නිකේතනයේදී මෙය පැවැත්විණි. උත්සවයේ මුලසුන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපරැක්කේ පුඤ්ඤානන්ද හිමියන් විසින් හොබවන ලදී.මීරිගම කොට්ඨාසයේ කාන්තා සමිති එකමුතුව මගින් කාන්තාවන් සිය ගණනකට නිවාස ආධාර, ගෘහ උපකරණ, රෝද පුටු පිරිනැමිණි. කාන්තාවන් දෙදහසකට ආසන්න පිරිසක් මේ උත්සවයට සහභාගි වීම විශේෂත්වයක් විය.අතුරලියේ රතන හිමියෝ මෙසේද පැවසූහ.දුමින් මතින් තොර සමාජයක් බිහි කිරීමේ රජයේ වැඩ පිළිවෙළ නිසා අද බස්රථවල දුම්බීම නැහැ. බස්වලත්, මහා මාර්ගයේත් බීමත්ව හැසිරෙන අය නැහැ.විශාල පිරිසක් අද මතින් ඈත් වෙලා. ඉදිරි වසර දෙකේ මේ වැඩ පිළිවෙළ සියයට සියයක්ම සාර්ථකව ක්‍රියාත්මක වීම විශාල ජයග්‍රහණයක් වේවි.සේනානායක පරපුරෙන් පැවැත එන මීරිගම සම සංවිධායක වසන්ත සේනානායක මහතා ගෙන යන උදාර වැඩපිළිවෙළ කාන්තාවන්ගේ ආර්ථික සංවර්ධනයට විශාල රුකුලකි.ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපරැක්කේ පු‍්‍රඤ්ඤානන්ද හිමි. කාන්තාවන්ගේ ආර්ථික සංවර්ධනය මෙන්ම ඔවුන්ගේ පවුල්වල සුබ සිද්ධිය වෙනුවෙන් වසන්ත සේනානායක පදනම හා සුවිනීතා සේනානායක කාන්තා හවුල විශාල පරිත්‍යාගයක් කර තිබෙනවා. මේ කාන්තා හවුල කාන්තාවන්ගේ සුබ සිද්ධියට රුකුලක්.ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි අන්ජාන් උම්මා මහත්මිය. කාන්තාවන් සමාජයේ විශාල වැඩ කොටසක් ඉටු කරන පිරිසක්. එහෙත් ඔවුන්ට ලැබිය යුුතු හිමිකම් සම්පූර්ණයෙන්ම ලැබී නැහැ. එවැනි යුගයක මෙවැනි කාන්තා හඬක් එකම තැනකට රැස් කිරීම කාන්තාවන්ට විශාල ධෛර්යයක්.මීරිගම - හල්පෙ ශ්‍රී සුදර්ශනාරාමාධිපති සූරියවැව පඤ්ඤරතන හිමියෝද, බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි සන්ධ්‍යා සිරිවර්ධන, මීරිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක අධිනීතිඥ වසන්ත සේනානායක, සුවිනීතා සේනානායක, කාන්තා හවුලේ සභාපතිනී සුවිනීතා සේනානායක, ජේ. කේ. සමර දිවාකර මහත්ම මහත්මීහුද මෙහිදී කතා කළහ.වසන්ත සේනානායක මහතා ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා ගෘහ උපකරණ හා සනීපාරක්ෂක භාණ්ඩ තොගයක් කාන්තාවන් දෙසීය දෙනකු අතර මෙහිදී බෙදා දෙනු ලැබිණි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඉදිරියේදී තහනම් උත්තේජන භාවිතා කිරීමේ චෝදනාවට හසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන්ට සහ අදාල ක්‍රීඩා සම්මේලනයට දඬුවම් ලබා දෙන වැඩපිළිවෙළක් තහනම් උත්තේජන සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය යටතේ සකස් කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා “දිනමිණ” ට පැවැසීය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජන භාවිතය වැළැක්වීම සඳහා තහනම් උත්තේජන සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් ඇති කරමින් යුනෙස්කෝ සංවිධධානය සමඟ ගිවිසුමකට එළැඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීම සම්බන්ධව දිනමිණ කළ විමසීමකදී ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. තහනම් උත්තේජන භාවිතා කරමින් ක්‍රීඩා පිටියේ ජයග්‍රහණ ලබා ගැනීමට ක්‍රීඩකයන් පොළඹවන පුහුණුතරුවන්ට සහ ඒ පිළිබඳව දැනුවත්ව සිටින අදාල ක්‍රීඩා සංගමයට එරෙහිව නිත්‍යානුකූලව පියවර ගැනීමෙන් ජාත්‍යන්තර තරග බිමේදී ශ්‍රී ලංකාවේ ගෞරවයත්, ක්‍රීඩකයාත් රැක ගැනීමට හැකිවනු ඇතැයි ද ඒ මහතා පැවැසීය. යුනෙස්කෝ තහනම් උත්තේජන විරෝධී ජාත්‍යන්තර සංවිධානය සමග සම්මුතියකට එළැඹීමෙන් පසුව තහනම් උත්තේජන භාවිතා කිරීමේ චෝදනාවට හසුවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට දඬුවම් ලබා දීමට නීතියෙන් බැඳෙන බවත් එය මෙරට ක්‍රීඩාවේ උන්නතියටත් පොදුවේ ශ්‍රී ලංකාවටත් ඉතා වැදගත් ක්‍රියාදාමයක් වන බවත් අලුත්ගමගේ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.තහනම් උත්තේජන භාවිතය මෙරට ක්‍රීඩාවෙන් සහමුලින්ම ඉවත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයා විසින් යුනෙස්කෝ සම්මුතිය සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
චරුද් ගුණරත්නඇමරිකාවේ රූගත කළ මුල්ම සිංහල මියුසික් වීඩියෝයවමිස් කෝල් එකක් තරමට මා නොවටින බව දැනුණා හිස් කොළයක් ගෙන එය පිරෙනා තුරු ඔබෙ නම එහි ලිව්වා බාල මහළු කොයි කා අතරත් ජනප්‍රිය නව පරපුරේ ගායකයකු වන චරුද් ගුණරත්නයි. ඔහු මේ දිනවල අමෙරිකානු තරුණියක් සමඟ පෙමින් වෙලිලා ඇති බව අපට දැනගන්නට ලැබුණා. ඒ විතරක් නෙවෙයි චරුද් ඇයව හොයාගෙන අමෙරිකාවටත් ගිහින්. තවමත් පාසල් සිසුවකු වන ඔහුට මොකද වෙලා තියෙන්නේ කියලා අප පොඩ්ඩක් හොයලා බැලුවා.චරුද් මොකක්ද මේ කතාව?ඔව්, මම අමෙරිකාවේ ගියා තමයි.එහේ ගියේ ගැහැනු ළමයකු හොයාගෙන නේද?ඒකත් හරි.මොකක්ද එක පාරටම වුණේ?මට හිතුණා අමෙරිකානු තරුණියක්ව හොයා ගන්න.හදිසියේම? හේතුව?හදිස්සියක් නෙවෙයි. මේක මං ගොඩක් ප්ලෑන් කරලා කරපු වැඩක්.තව ටිකක් පැහැදිලි කළොත්?මට හිතුණා වෙනස්ම වැඩක් කරන්න. මං කලින් කරපු සිංදු දෙකම කළේ ලංකාවේ. මට ඕනෑ වුණා ලංකාවෙන් පිටරටක මියුසික් වීඩියෝවක් කරන්න.ඉතිං?මං මනුරංග විජේසේකර අයියට අදහස කියලා සිංදුවක් ලියා ගත්තා. ප්‍රියන්ත නාවලගේ සංගීත නිර්මාණය කළා. රූගත කිරීම් දාගත්තේ අමෙරිකාවේ නිව්යෝක් නුවර.ඒකටද අමෙරිකානු තරුණියක් හවුල් කර ගත්තේ?නැත්නං.අපි නං හිතුවේ?ඔව්, ඔව්, අයියා වගේම මගේ යාළුවනුත් මට විහිළු කරනවා අමෙරිකන් කෙල්ලක්ව අල්ලගෙන රට පැන්නා නේද කියලා.මොකක්ද සිංදුවේ නම?වීසා. ඒක මේ රටේ ඉඳලා අමෙරිකාවේ සිටින තම ගැහැනු ළමය බලන්න යන්න හදන පිරිමි ළමයකු පිළිබඳ කියවෙන්නක්. ඒකට ඔහුට වීසා ලැබෙන්නේ නැහැ. මේක බයිලා වර්ගයට අයත් වන ගීයක්.කවුද වීඩියෝව කළේ?අමෙරිකාවේ ජුවෙල් ප්‍රඩක්ෂන් එකෙන් කළේ.කවුද ඔබත් සමඟ රඟපෑ නිරූපිකාව?ඩරීන් අර්වින්. ඇය අමෙරිකාවේ වේදිකා නාට්‍ය කරන නිළියක්.වීඩියෝව කරන්න ගිහින් හොඳ හොඳ අත්දැකීම් වෙන්න ඇති නේද?හොඳම අත්දැකීම තමා ආරක්ෂක නිලධාරීන් මැද අපේ රූගත කීරීම් සිද්ධ වීම.ඒ මොකද?ඒ රටේ එහෙම තමයි. රූගත කිරීමක් කරද්දීී ආරක්ෂාවක් ලබා දෙනවා.මිස් කෝල් එකෙන් පස්සේ බයිලා ගීතයක් කළේ ඇයි?මගේ පළමු ගීතයත් බයිලා වර්ගයට අයත්. ඒක කොළඹ ලෙසටයි නම් කෙරුණේ. ඊට පසුව විරහ ගීතයක් වූ මිස් කෝල් කළා. ආයෙත් මට හිතුණා බයිලා ගීතයක් කළොත් හොඳයි කියලා.ගීතය දැන් මාධ්‍යන්ට නිකුත් කළාද?ඔව්.කොහොමද ප්‍රතිචාර?හොඳයි. හැබැයි මිස් කෝල් තරමටම නැහැ.ඔබට ආයෙත් මිස් කොල් එකක් වගේ ගීතයක් කරන්න තිබුණනේ?මිස් කොල් එකක් ගීතය පුදුම විදිහට ජනප්‍රිය වුණා. ඇත්තම කිව්වොත් පාරේ බැහැලා යද්දී මට කතා නොකරන කෙනෙක් නැහැ. මාව දැක්ක ගමන් ගොඩක් අය කියනවා මට ඇහිලා තියෙනවා අන්න මිස් කෝල් යනව කියලා. මාවත් මිනිස්සු හඳුන්වන්න පටන් ගත්තා මිස් කෝල් නමින්. ඒත් බයිලා ගීතයක් වැළඳ ගන්නේ එක්තරා කොට්ඨාශයක් පමණයි. ඒක වෙන්න ඇති එක පාරට නැතුව ක්‍රම ක්‍රමයෙන් ගීතය අහන ප්‍රමාණය වැඩි වෙන්නේ.චරුද් තවමත් පාසල් සිසුවෙක්?ඔව්. මං කොළඹ රාජකීය විදුහලේ උසස් පෙළ හදාරනවා.පාසලෙන් මොන වගේ සහයක් ද ලැබෙන්නේ?ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. පුදුමාකාර සහයක් දෙන්නේ. පාසලේ කොයි කා අතරත් මං හොඳට ජනප්‍රියයි.චරුද් මියුසික් කරන්නෙත් රිඟිං ටෝන් හරහා මුදල් උපයන්නද?අපෝ නැහැ. මං පාසල් සිසුවෙක් තවම. සංගීතයෙන් මුදල් හොයන්න අදහසක් මගේ හිතේ කවදාවත් ඇති නොවේවි.මිස් කෝල් ගීතයේ වීඩියීව ඔබ කදිමට පෙම්වතාගේ චරිතය රඟපානවා. නැති ද රංගනයෙන් ඉදිරියට යන්න හිතක්?සංගීතයෙන් තමයි මං ඉදිරියට යන්න හිතාගෙන ඉන්නේ. රංගනයට ලොකු රුචිකත්වයක් ඇති වෙලා නැහැ තවම මට. සටහන – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මධ්‍යම පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරන විජයග්‍රාහී ජන රැලි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සවස දෙකට නුවරඑළිය, පූඬලුඔය නගරයේදී පැවැත්වේ.සතුටයි නිදහසයි දිනවමු තේමාව ඔස්සේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධාන කරන ජනරැලි මාලවේ හත්වැනි රැලිය වන්නේ අද පැවැත්වෙන නුවරඑළිය රැලියයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්, මැති ඇමැතිවරුන්, පළාත් සභා අපේක්ෂකයන් මේ අවස්ථාවට එක්වීමට නියමිතය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පෞද්ගලික පරිගණකය නවීන මාදිලියේ ඩෙස්ක්ටොප් පරිගණකයක සිතුවමක් පෞද්ගලික පරිගණකය යනු තනි පාවිච්චිය සඳහා ප්‍රයෝජනවත් වන ලෙස මිල, ප්‍රමාණය හා පහසුකම් සහිත පරිගණක මෙහෙයවන්නෙකුගේ සහයෝගයෙන් තොරව තනි පුද්ගලයෙකුට භාවිතා කළ හැකි පරිගණකයකි. නූතනයේදී ඩෙස්ක්ටොප් පරිගණක හෝ ටැබ්ලට් පරිගණක පෞද්ගලික පරිගණක ලෙස භාවිතා කරයි. වඩාත් ප්‍රචලිත පරිගණක මෙහෙයුම් පද්ධති වනුයේ මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා මැක් ඕඑස් එක්ස් වන අතර වඩාත් ප්‍රචලිත මයික්‍රොප්‍රොසෙසර වනුයේ x86 සහ පවර් පීසී ඊපීයූය. පෞද්ගලික පරිගණකවල භාවිතාවන මෘදුකාංග අතර වචන සකසන, පැතුරුම්පත්, පරිගණක ක්‍රීඩා සහ විශේෂ අරමුණූ සඳහා සැකසුණු මෘදුකාංග හා පෞද්ගලික නිපැයුම් සඳහා වූ මෘදුකාංග ආදිය වේ. නවීන පෞද්ගලික පරිගණකවල අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව ඇති අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි අධිවේගී හෝ අංකන සම්බන්ධතා ඇත. පෞද්ගලික පරිගණකයක්, ගෘහස්ත පරිගණකයක් හෝ ප්‍රාදේශීය ක්ෂේත්‍රඑල ජාලයක් එකකට සම්බන්ධ වී ඇති කාර්යාලවල පවතින පරිගණකයක් හෝ විය හැක. මෙම පරිගණකවල පැහැදිලි ගුණාංගයක් නම් වරකට එක් පුද්ගලයෙක් විසින් මූලිකව භාවිතා කළ හැකි වීමයි. මෙය විශාල පිරිසක් විසින් එකම වේලාවකදී භාවිතා කළ හැකි විශාල මිල අධික පරිගණක පද්ධති හෝ කාර්යක්ෂමව ක්‍රීයාකිරීමට විශාල කණ්ඩායමක් අවශ්ය කරන විශාල දත්ත සැකසීමේ පද්ධතිවලින් වෙනස් විශාල කණ්ඩායමක් අවශ්ය කරන විශාල දත්ත සැකසීමේ පද්ධතිවලින් වෙනස් වේ. මුල් PC අයිතිකරුවන් හට සාමාන්‍යයෙන් යම් කාර්යක් ඉටුකර ගැනීම සඳහා තමන් විසින්ම ක්‍රමලේඛණ සැකසීමට තිබුණු අතර වර්තමානයේ භාවිතා කරන්නන් සඳහා නොමිලයේ හා මිලදී ගත හැකි පහසුවෙන් පිහිටුවිය හැකි මෘදුකාංග විශාල ප්‍රමාණයක් පවතී. සමාන පහසුකම් මෙහෙයුම් පද්ධති ක්‍රමලේඛ හා සමාන උපාංග සහිත පෞද්ගලික සංඛ්‍යාංක උපකාරක (PDA), ජංගම දුරකථන හා පාවිච්චි කළ පරිගණක වෙළඳ පොලේ සිදුවන ඒකරාශීවීම හා විශාල උපකරණවලට ගොඩනැගෙන ප්‍රතිරෝධය මෙම උපාංගද පෞද්ගලික පරිගණක ලෙස හැඳින්වීම තීරණය කරනු ඇත. ඉතිහාසය[සංස්කරණය] විද්‍යුත් පරිගණක හදුන්වාදීමත් සමග පෞද්ගලික පරිගණකවල (PC) හැකියාවේ විශාල වෙනසක් සිදුවිය. 1970 දශකයේ දී අධ්‍යාපනික සහ පර්යේෂණ ආයතනවල පුද්ගලයින්ට පරිගණකයක් තනිව භාවිතා කිරීමේ අවස්ථාව හිමි වුණි ද ඒ වන විටත් එම පරිගණක තනි පුද්ගලයෙකුට අයිති කර ගැනීමට නොහැකි තරම් අති මිළ අධික විය. 1975 පමණ වන විට මයික්‍රොප්‍රොසෙසරයේ හඳුන්වා දීමත් සමඟ විශාල රාක්කවල පිහිටා තිබූ පරිපථ තනි චීපයකට ගොනු කළ හැකි වූ අතර ඉන් පුද්ගලික පරිගණක නිශ්පාදනය ප්‍රායෝගික කළ හැකි විය. මුල් පෞද්ගලික පරිගණක සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර පරිගණක (micro computer) ලෙස හැදින්වෙන පරිගණක මෙවලම් ආකාරයෙන් හා සීමිත ප්‍රමාණවලින් නිතරම අලෙවි වූ අතර විනෝදාංශකරුවන් හා තාක්ෂණික ශිල්පීන් අතර වඩාත් ජනප්‍රිය විය. 1970 පසු කාලයේ දී පෙර එකලස් කළ පරිගණක වෙළද පොළ පුළුල් පරායක වූ මිනිසුන්ට පරිගණක භාවිතා කිරීමට ඉඩ සලසණු ලැබුවේ විශාල මෘදුකාංග භාවිතෙයන් හා ප්‍රොසෙසර් දෘඩාංග (hardware) සංවර්ධනය අඩුවෙන් ඉලක්ක කරමිනි. 1970 හා 1980 අතරතුර ගෘහ පරිගණක ගෘහස්ථ ප්‍රයෝජන සදහා සංවර්ධනය කරනු ලැබූයේ පෞද්ගලික භාවිත කාර්යක්ෂමතාව, ක්‍රමලේඛ හා ක්‍රීඩා ඉදිරිපත් කරමිනි. සමහර විශාල හා වඩා මිළ අධික පද්ධති (මධ්‍යය පරිගණක හා මහා පරිගණක හා සසඳන විට මිළ පහත් වුවද) කාර්යාල හා කුඩා ව්‍යාපාරවල භාවිතය ඉලක්ක කරමින් නිපදවීය. Work Station (සාමාන්‍ය පරිගණක)වල විශේෂ ලක්ෂණ වනුයේ අධික ක්‍රියාකාරී ප්‍රොසෙසර හා රූපක තිර සංදර්ශක , විශාල දෘඪ තැටි , ජලකරණ හැකියාව බහු ඉලක්ක මෙහෙයුම් පද්ධති යටතේ ධාවනය වීමයි. පරිගණක භාවිතා කර සැලසුම් , ඇදීම හා ඇසීම , විශාල විද්‍යාත්මක හා ඉංජිනේරු ගණනය කිරීම් සිදු කිරීම , අනුරූප සැකසීම , වාස්තු විද්‍යාත්මක මෝස්තර නිර්මාණය හා රූපවල දෘෂ්‍යය චලනයන් (animation and visual effects) වැනි කාර්යයන් සදහා සාමාන්‍ය පරිගණක තවමත් භාවිතා කරයි. අවසානයේ වෙළඳ කණ්ඩායමක්ම තාක්ෂණය හමුවේ අභාවයට ගමන් කරයි. ව්‍යාපාර පරිගණකවලට එක සමාන සාමාන්‍ය පරිගනක හා සැසඳීමේ දී චිත්‍රක හා මතක හැකියාවක් තිබිණි. ව්‍යාපාර පරිගණක සඳහා නෙට්වර්ක් (LAN) භාවිතා කර මිළ අධික දෘඩ තැටි උපාංග වැනි දෑ අනිකුත් පරිගණක අතර බෙදා ගැනීමේ හැකියාව තිබූ අතර අද එය ගෘහස්ථ පරිගණකවල ද සාමාන්‍ය අංගයක් බවට පත්ව ඇත.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නව වසරේ ක්‍රීඩා පරිපාලනයට උරුමක්කාරයන්ගෙන් තොර මධ්‍යස්ථ පිරිසකගේ පැමිණීම අපේක්ෂා කරන බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.සදාකාලිකවම නිලතලවල සිටිය යුතුයැයි සිතන පිරිසකගෙන් ක්‍රීඩාවට යහපතක් අපේක්ෂා කළ නොහැකි බවත්, ක්‍රීඩාව පිළිබඳව අවබෝධයක් ඇති අලුත් පිරිසකට දොරටු විවර වීම අත්‍යවශ්‍ය බවත් ක්‍රීඩා ඇමැතිවරයා පෙන්වා දෙයි.ක්‍රීඩාව ගැන අවබෝධයක් ඇති අලුත් පිරිස් එක තැන පල්නොවී නිර්මාණශිලීව ක්‍රීඩාව ඉදිරියට ගැනීමට වැඩසටහන් සම්පාදනය කිරීමට පෙළඹෙනු ඇතැයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විශ්වාසය පළ කරයි.මේ වසරේ මුල්ම ක්‍රීඩා නිලවරණයට පසුගිය සිකුරාදා නාමයෝජනා කැඳවු අතර ඡන්ද විමසීම මේ 24වැනිදා ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.මේ නිලවරණයට ඉදිරිපත්වු සියලු නාමයෝජනා විශේෂ විමර්ශනයකට ලක් කෙරෙන අතර ආසියානු නෙට්බෝල් ජරාජයට වගකිවයුතු අතුරු කමිටු සාමාජිකාවන් ඉදිරිපත්වී ඇත්නම් එම නාමයෝජනා ප්‍රතික්ෂේප කරන බවද ක්‍රීඩා ඇමැතිවරයා ‘දිනමිණ’ට පැවැසීය.“ආසියානු නෙට්බෝල් පරාජයට හේතු සොයන පරික්ෂණ කමිටුවේ වැඩ කටයුතු අවසන් වී තිබෙනවා. ඒ වාර්තාව මේ සතියේදී මා වෙත ලැබෙයි. පරාජයට සම්බන්ධ නිලධාරීන් නිලවරණයට ඉදිරිපත්ව සිටිනවා නම් ඒ අයට තනතුරුවලට පත්වෙන්න බෑ” ඇමැතිවරයා පැවැසීය.මේ වසරේ ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගී විය යුතු හෙයින් නව පරිපාලනය එම ශූරතාවලිය ජය ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම පළමු අභියෝගය වේ.ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය බෲනායිහිදී මේ වසරේ ජුලි මාසයේදී පැවැත්වෙන අතර එයට රටවල් 8ක් සහභාගී වේ.අවසන් වරට පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාවට අනුශූරතාව හිමිවිය. .
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ආකාස තලේආකාස තලේ සමුදුරේ - දෙරණේ හිනැහේවා හර්දේහි මගේ වේදනා - සිලිලාරෙ ඇසේවා ආකාස පොළෝ තල සමුදුර – අයි නාඩන්නේ තව ආදරයක් අවසානයි – නැතුවද දන්නේ...//මේ දෙරණ පුරා ජීවයවන් - යෞවන දෑසේ ලොව කෝටි ගණන් - ප්‍රේම බැඳුම් බිඳුනු විලාසේ මා පෙම්වතියත් මට නොකියා - වෙන්වුන රහසේ ඒ කඳුළු තවත් නදියකි - පෙම් සයුරු ජලාසේ පෙම් සයුරු ජලාසේමහ පොළොව මිනිස් පහස ලැබූ - දින සිට ලෝකේ බැඳි හිතට හිතක් කෙළවර කළ - බිහිසුණු සෝකේ මේ ප්‍රේමය වෙයි අජරාමර – ඒ සිතු සෝකේ මට උරුම වුණා හඬව් ඉතින් – මුළු තුන් ලෝකේ මේ මුළු තුන් ලෝකේ....පෙම්වතුන්ට සරණේපෙම්වතුන්ට සරණේ – අනංගයා මමනේ පෙම් සටනින් පැරදී - දොස් නැඟීම වැරදී පෙම්වතුන්ට සරණේ......පෙමින් වෙළී කාලිදාස - මහා කවක් බිහි කළේ කලාකාමි කවි හිත්වල - පෙම් රසයක් මතු කළේ සංගීතය පෙම් ගීයෙන් - පනගන්වා ඔපකළේ අනංගයා මමයිනෙ ඔය - මහා හපන්කම් කළේමහා නාග ළඟ ශීලා - ජයපාලට මාලිනී ආදරයෙන් එකතුවුණා - අතුල සමඟ රෝහිණී නැපෝලියන් සීසර් වැනි - අයටත් ආලය දැනී මගෙ හී සර පහර ලබා - පෙම් ගීයෙන් මත්වුනීස්ථිර ආලය නොතකා - දෙතුන් දෙනෙක් ගැන සිතා වස බොන්නේ මිය යන්නේ - චපල හිතක් ඇති නිසා කවුරුන් කොයි ලෙස කීවත් - රජා මගුල් සක්වලේ තරුණ ලොවේ රජ දහනේ - මම පෙන්වමි මගෙ බලේමේ දෑස මගේමේ දෑස මගේ පින්වන්තයි තේරුනේ දැන් තමයි රන් රූපෙ ඔබේ පෙම්වන්තයි තේරුනේ දැන් තමයි මේ දෑස මගේ පින්වන්තයි....ළඟ දුනුකේ මලකී – දුර මානෙල් මලකී උඩවැඩියා මලකී – මල් මැද මල් ළඳකී...//රණ මයුරා වරලයි – අඩ සඳ වන් නළලයි නීල උපුල් දෙනෙතයි – නාරිලතා ගමනයි...//හද බැඳෙනා වයසේ - පහන ලෙසේ නිවසේ ඔබ සැරදේ සුවසේ - පතනෙමි මං එකසේ...//පෙර දිනක එදාපෙර දිනක එදා හමුවූයේ කොතැනකදෝ මට මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතකදෝ ඔබ නොදැක එදා එක දවසක් ගතවුනිදෝ ඒ දවසද කල්පයකට වැඩි දිග නේදෝසා දෙනෙකු ලෙසින් අවිහිංසක ඔබ සෙවණේ ඒ ගෙවූ අතීතේ....// ඔබ වෙනුවෙන් මා නෙත් හෙළු කඳුළු රේඛා...// අද මල් පුබුදා ඇත එහි පැතිරී ශාඛා...කටු පඳුරු පිරුණු වන පෙදෙසක ඔබ පිපුනේ මගේ ආදර අරණේ....// වාසනාවෙ අඩසඳ දැන් අහසේ මෝරයි....// මා මියන තුරුම ජීවිතේ මගෙ ඔබටම බාරයි...ජෝති 26 වැනි ගුණ සමරුව අලළා කලා ලංකා පදනම සංවිධානය කරන විචිත්‍රවත් ජෝති උපහාර ගී ප්‍රසංගය ‘සිරියාමෙ සාරා’ මෙම මස 07 වැනි ඉරු දින සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.ප්‍රවීණ ගායක ගායිකාවන්, නළු නිළියන් රැසක් මෙහිදී ජෝති ගී ගයනු ඇත.කලා ලංකා පදනමේ සභාපති අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වන මෙම ප්‍රසංගය නිවේදනයෙන් මේඛලා වසුන්දරා මෙහෙයවනු ලබයි.- ප්‍රසාද්එච්. ආර්. ජෝතිපාලයන්ගේ විසි හය වැනි අනුස්මරණය නිමිති කර ගනිමින් වියළි ආහාර බෙදා දීමේ දානමය පින්කමක් මෙම මස හය වැනිදා දහවල් 12 ට පිටකොටුව මල්වත්ත පාරේ ජයනන්ද රෙකෝඩ් බාර් අසලදී සිදු වේ.- ප්‍රසාද්එච්. ආර්. ජෝතිපාලයන්ගේ 26 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් එච්. ආර්. ජෝතිපාල මිතුරු සමාජය සහ ගුණ සමරු පදනම මෙවරත් වැඩ සටහන් කිහිපයක් සංවිධානය කර තිබේ.ජෝතිපාලයන් අභාවප්‍රාප්ත වූ ජූලි 07 වැනි දින පෙරවරු 10.00 ට බොරැල්ල කනත්තේ ජෝති ගී සෑයට මල්දම් පුදා උපහාර කිරීම පළමුවෙන් සිදු කෙරෙන අතර, එදින සවස 6.00 ට මරදාන ටවර් රඟහලේ දී සුපුරුදු පරිදි දිවයිනේ ජනප්‍රිය ගායන ශිල්පීන් ගීත ගයන ‘අමරණීය ජෝති’ ගී ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා ඇත. අර්නස්ට් සොයිසා ප්‍රමුඛ වාද්‍ය වෘන්දය මෙහි සංගීතය මෙහෙයවනු ඇත.මෙම අවස්ථාවන්ට සහභාගී වන ලෙස ජෝතිපාල රසික සැමට ‘එච්. ආර්. ජෝතිපාල මිතුරු සමාජය සහ ගුණ සමරු පදනම’ මෙමගින් විවෘතව ආරාධනා කර සිටී.- චන්දු
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පියරේ පොල් පෘඩෝන් විසින් අඳින ලද ජොසෙපින් ඩී බිහානස් ගේ සිතුවමක් , ලූවර් පැරිස් හිදී පියරේ පෝල් පෘඩෝන් (1758 අප්‍රේල් 04 – 1823 පෙබරවාරි 16) යනු ප්‍රංශ ජාතික ශෲංගාර චිත්‍ර ශිල්පියෙකු හා සැලසුම් කරුවෙකු වන අතර ඔහු ඔහුගේ රූපක සිතුවම් හා චිත්‍රවලට වඩාත් ප්‍රසිද්ධ වේ. සමහර අවස්ථාවලදී පෘඩෝන් පැහැදිලි ලෙසම සම්භාව්‍යය වාදයෙන් හා සමහර අවස්ථාවලදී ශෲංගාරවාදය බලපෑමට ලක් විය. ඔහු ඔහුගේ කියරොස්කුරෝ ශෛලිය හා ඇඟවෙන යථාර්ථවාදී බව සඳහා ස්ටෙන්ඩාර් , ඩීලැක් රොයික්ස් , මිලට් හා බෝඩෙලෙයාර් වැනි කලාකරුවන් හා ලේඛකයන් මගින් ප්‍රශංසාවට බඳුන් විය. ඔහු විසින් මෙට්ස්හි st. එටිනේගේ ප්‍රධාන පල්ලිය සඳහා අඳින ලද crucifixion වඩාත්ම ජනප්‍රිය චිත්‍රය වේ. මෙම චිත්‍රය දැනට ලූවර්හි ඇත. පියරේ පෝල් පෘඩෝන් ඔහුගේ පුහුණුවීම් ප්‍රජංශයේදී ලබා ගත් අතර වයස අවුරුදු 26 දී ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉතාලිය බලා නික්ම ගියේය. ඔහු නැවත පැරීසියට පැමිණීමේදී ඔහු පුද්ගලික මාලිගා කිහිපයක් සරසන ලද අතර මුදල් අතින් පොහොසත් ඉඩම් හිමියන් සඳහා ඔහු කළ සේවයන් නැපෝලියන් අධිකරණයේදී ඔහුගේ තත්වය ඉහළ නැංවීමට හේතුවිය. ඔහු විසින් ජොසපින්ගේ අඳින ලද සිතුවම් ඇයව රැජිනක් ලෙස නොව ආකර්ෂණීය කාන්කාවක් ලෙස දක්වයි. මෙම සිතුවම දකින අයෙකුට ඔහු ඇය සමග ආලයෙන් වෙළී ඇතැයි ද සිතිය හැක. නැපෝලියන් හා ජොසපින්ගේ දික්කසාදයෙන් පසු ඔහුව නැපෝලියන්ගේ දෙවන බිරිඳ වන මාරි ලුවිස් විසින් සේවයට ගන්නා ලදී.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
<< ජනවාරි 2014 >> සඳු අඟ බදා බ්‍රහ සිකු සෙන ඉරි 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 ජනවාරි 19, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 19 වන දිනය වේ. අවුරුද්ද අවසන් වීමට තවත් දින 346 ඉතිරිව තිබේ (අධික අවුරුද්දක් නම් 347). This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මදුරන්කුලිය තැපැල් කාර්යාලය දැනට වසර 50කට පෙර ආරම්භ කරන ලද්දකි.පුත්තලම ප්‍රාදේශීය සභාව විසින් තැපැල් දෙපාර්තමේන්තුවට පවරා දී ඇති මෙහි අඩුපාඩු රැසකි. මේ කාර්ය අලුත්වැඩියා කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වී නැතැයි ප්‍රදේශවාසීහු චෝදනා කර සිටිති. මුන්දලම කල්පිටිය සහ මහා කුඹුක්කඩවල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සිට පැමිණෙන බොහෝ පිරිස් මේ නිසා දැඩි අසීරුවට පත් වෙති.වැසි දිනවලදී තත්ත්වය ඉතා බැරෑරුම් ය. තැපැල් කාර්යාලයේ ආරක්ෂාවට මුරකරුවකු නැත. මෙහි ඇති දොරවල් පවා ශක්තිමත් නැත. එබැවින් මැතිවරණ සමයට ඡන්ද කාඩ්පත් රැක ගැනීමට මහත් වෙහෙසක් දැරීමට පවා සිදු වුණි.මදුරන්කුලිය නගරයේ සිට කිලෝ මීටර් 1 / 4ක් ඈතින් කැලෑ බද ප්‍රදේශයක පිහිටා තිබෙන මේ කාර්යාලය කීප වරක් සොරුන් කඩා බිඳ දමා ඇත. තැපැල් කාර්යාලය කඩා වැටෙන්නට පෙර බලධාරීන්ගේ අවධානය මේ වෙත යොමු වෙතැයි ප්‍රදේශවාසීහු බලාපොරොත්තු වෙති. .
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
උදේ පාන්දරම වහින්න ගත්තම දවසෙම කිසි වැඩක් කරන්න වෙන්නේ නැති වුනාට කූල් එකේ ඉන්න පුළුවන් නිසා වහින තරමට ඇඟට සනීපයි. ඒක නිසා වැස්ස කොච්චර වැස්සත් එපා වෙන්නේ නෑ. පහුගිය දවස්වල තිබුන ඇඟ කර වෙන රස්නේ නිසා වහින්න පටං ගත්තම දැනෙන සනීපය නම් කියලා නිම කරන්න බැරි තරම්.වහින වෙලාවත් හරියට හඳ තියෙන වෙලාව වගේ වැස්ස දිහා බලාගෙන කල්පනා ලෝකෙ පුරා සැරිසරන්න පුළුවන්. ඒක නිසාම වෙන්නැති මම වැස්සටත් ආස කරන්නේ. පොඩි දවස්වල ඉඳන් වහින වෙලාවට එළිය දිහා බලාගෙන ඉන්න මම ආසා කලා. සමහර දවසට හෙම්බිරිස්සාව හදාගෙන බැනුම් අහගත්ත වෙලාවල් නම් අනන්තයි. හැබැයි ඒ මොනව වුනත් වැස්ස දිහා බලං ඉන්න එක නම් එපා වෙන්නේ නෑ. ඒ වගේම තමා වැස්ස වෙලාවට තෙමි තෙමි යන එක. ඒකත් ජොලි වැඩක් වුනත් වෙන කරන්නම දෙයක් නැති වෙලාවට ඇරෙන්න තෙමි තෙමි යන්නේ නම් නෑ.වහින එකත් කලාවක් විදියට දකින පිරිසක් අපි අතරේ ඉන්නවා ඒ තමා කවියො, ගී පද රචකයෝ. ඔවුන් තම නිර්මාණ සඳහා වැස්සේ අලංකාර බව, සෞම්‍ය බව, ආදරණීය බව, එක් කරගෙන තියෙන්නේ එක එක්කෙනා වෙන වෙනස් විදියට. මේ විදියට වැස්ස එක්ක සම්භන්ධ වෙලා බිහි වුන ගීත කීපයක් අහලා බලමු. මේ ගීත කොයි තරම් අපේ ජීවිත වලට සම්භන්ධ ද කියලා හිතලා බලන්න.මුල්ම ගීතය ගායනා කරන්නේ "ඩබ්. ඩී. අමරදේව" ශූරීන්. මේ ගීතයට සංගීතය එක කරලා තියෙන්නේ "සනත් නන්දසිරි" මහත්තයා. ඒ වගේම මේ ගීතයේ ගී පද රචනාව කරලා තියෙන්නේ ගීතය තමා "මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා"දෙවෙනියට දෙන්නේ මා සදා කැමති ගායකයෙක් වන "වික්ටර් රත්නායකයන්" විසින් සංගීතවත් කර ගායනා කරන, පද රචනය මහාචාර්‍ර සුනිල් ආරියරත්න මහතා විසින් සිදු කර ඇති, "හිත මිතුරු සුළඟ" කියන සිංදුව.තුන්වෙනියට දෙන්නේ අපිට ඉන්න ප්‍රවීන සංගිතඥයෙක් වෙන රෝහන වීරසිංහයන් විසින් සංගීතවත් කරලා ගායනා කරන "මුතු කුඩ ඉහලන මල් වරුසාවේ" කියන ගීතය. මේගීතයේ ගී පද රචනාව සිදු වෙලා තියෙන්නේ ලූෂන් බුලත්සිංහල මහතා අතින්.ඊළඟට දෙන ගීතය ගායනා කරන්නේ නව පරපුරේ ගායකයෙක් හා වාදකයෙක් වන "සුමිත් ප්‍රියංකර". මොහු මේරියන්ස් සංගීත කණ්ඩායමේ කීබෝඩ් වාදකයා වේ. මේ ගීතයේ පද රචකයාගේ නම නම් හොයාගන්න බැරි වුනා.ඊළඟ ගීතය ගායනා කරන්නේ "විශාරද එඩ්වඩ් ජයකොඩි" මහතා. ඒ තමා "මිණි මිණි පොද වැටේවි" කියන ගීතය. මේ ගීතයේ පද රචනාව "රත්න ශ්‍රී විජේසිංහයන්ගෙන්" වන අතර සංගීතය "කරුණාරත්න විජේවර්ධනයන්ගෙන්"අවසාන ගීතය නව පරපුරේ ජනප්‍රිය ගායකයන් දෙදෙනෙක් වන "කසුන් කල්හාර" සහ "ඉන්ද්‍රචාප ලියනගේ" යන දෙදෙනා ගායනා කරන "මල් වරුසාවේ පාවි එන්නම්" කියන ගීතය.වැස්ස කොයි තරම් ආදරණීය ද කියලා මේ සිංදු ඇහුවම හිතේවි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කුරුණෑගල සර් ජෝන් කොතලාවල යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මිශ්‍ර පාසලකි. මෙම පාසැල දක්ෂ ගුරුමණ්ඩලයකින් සහ පහසුකම්වලින් අනූනය. රාජ්‍ය මැදිහත්වීම උපරිමය. ලක්මවට දහස් ගණනක් වටිනා මිනිස් සම්පත් පෙළ ගැසූ මෙම විදුහලට ඇයි මේ අදෝනා. ඇයි මේ ගැරහිලි....මේ කතා කරන්නේ මීට දින කීපයකට පෙර (2014 පෙබරවාරි 04 වන දින) එම පාසැලේ සිසුවියක් නිවසේදී ගෙල වැල ලාගෙන මියැදීම සම්බන්ධයෙනි. අපවාදය විදුහල්පතිට වූවත්, සමස්ත විදුහලම හෑල්ලුවට ලක් විය. ආසන්නතම හේතුව ලෙස අපට දැන ගැනීමට ලැබුණේ ඇයගේ මුහුණුපොතේ ජායාරූපයක් tag කර තිබීමයි.ඊයේ දින මල්කඩුවාව පොදු සුසාන භූමියෙන් අවසන් ගමන් ගිය මෙම සිසුවිය සත්තකින්ම බලවත් වරදක් කර තිබේද. තාක්ෂණය ගැන කිසිදු හසළ දැනුමක් නැති විදුහල්පතිවරයා තවකෙකු විසින් ඇයගේ FB වෙත ටැග් කර තිබූ පින්තූරයක්, (එය දැන් ඉවත්කර ඇත) ඇය විසින් පළ කළ ලද්දක් බව පවසමින් බැණ වැදීම සාධාරණද. තවත්, කතාවක් ලෙස පැත්රෙන්නේ ඇය පවුලේ ප්‍රශ්න මත මානසික ගැටලුවලට මැදි වූ අයෙකු බවයි. නමුදු ඇයගේ ජීවිතහානියට හේතුව හෝ ආසන්නම හේතුව විදුහල්පතිවරයාගේ හැසිරීම වන බැවින් ඇයව නැවත ඝාතනය නොකර සිටිමු.මට සිතෙන්නේ මෙසේයි.මෙතනදී සිසුවියකුට අවශ්‍ය නිසි ඔවදන් ඇයගේ දෙමාපියන්ගෙන්, ගුරුවරුන්ගෙන් සහ යහළුවන්ගෙන් ලැබී නැත. ඇය මෙන්ම අදාල විදුහල්පතිවරයාද ස්වයං පාලනයකින් කටයුතු කර නැත. මෙම නාටකයේ කියැවෙන විදුහල්පති හමුදා නීතිමය උපදේශනයක් පැවැත්වීම සහ පැවැත්වූවායි කියන ආකාරය කිසිම අනුමත කිරීමක් කළ නොහැකියි. එසේ මා පවසන්නේ ඇයගේ අවසන් ලිපිය සහ සමහරෙක් කියන කාරණා අනුවය. තවද මාගේ ස්වයං දැක්මද එසේමය. වෙ නූෂාට ප්‍රශ්නයක් දරා ගැනීමට අපහසු මානසික තත්ත්වයක් තිබිය හෝ නොතිබිය හැකිය. නමුත්, අදාළ විදුහල්පතිවරයාටද ළමයකුගේ මානසික තත්ත්වය වටහා ගැනීමට හැකියාව තිබිය යුතුය. නමුත්, මෙම ලිපියෙන් මා කිසි විටක ඇය ගත් තීරණය හෝ ඇයගේ ක්‍රියාකලාපය නිවැරැදි කියා පවසන්නේ නැත. 11 වසර සිටින සිසුවියක් තවත් එක ළමයෙකු සහ ළමා මනසකින් යුතු අයෙකු බව පමණක් සලකමි. මාගේ විවේචනය, උසස් අධ්‍යාපන සුදුසුකම් ඇති එහි කෙළ පැමිණියාවූ අයෙකුගේ හැසිරීම බුද්ධිගෝචර ද යන්න පිළිබඳවත්, එවන් අය විසින් කරනු ලබන අනෙකුත් සමාජ දූෂණ පෝෂණ ක්‍රියාවලියන් පිළිබඳව ද විචාරයකට ලක්විය යුතුමය.දැන් පාසලට ලැබුණු කීර්ති නාමය හොඳද.මෙවැනි පාසැලට ළමයෙකු ඇතුළත්කර ගැනීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. එහිදී සිදුවන වංචනික ක්‍රියා කාටත් ප්‍රසිද්ධ රහසකි. එවන් සමාජ පරිහානියක් පෝෂණය කරන විදුහල්පතිවරයෙක් හෝ දේශපාළුවෙක් හෝ වේ නම් සමාජයට දෙනු ලබන පූර්වාදර්ශය කුමක්ද. එසේනම්, හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් ඇති මෙවන් සුදු කරපටි කාරයින් සමාජයට දෙන ආදර්ශය අගයමුද.වෙනුෂිගේ අවසන් ලිපියසිසු පිරිසක් විසින් අදාල සිද්ධිය පිළිබඳව සැකසූ ලිපියක් (අන්තර්ජාලයෙන් සොයාගැනුනි)්තර්ජාලයෙන් සොයාගැනුනි)මෙන්න විදුහල්පතිවරුන් කිහිප දෙනෙකුගේ අහුලාගත් තවත් සදාචාර සම්පන්න ක්‍රියා කීපයක්මේ විදුහල්පතිවරයෙකුගේ ලිංගික අල්ලස් ගැනීමක් පිළිබඳව අසන්න ලැබුණු පුවතක්. (2014-02-07)තරුණියකගෙන් ලිංගික අල්ලස් ලබා ගත්තේයැයි සැකපිට පැල්වත්ත නවෝද්‍යා පාසලේ විදුහල්පති සුනිල් පුෂ්පකුමාර මහතා ලබන 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.එම පුවතම මවුබිම පුවත්පත වාර්තා කිරීමආබාධිත දරුවන්ට ලිංගික අතවර කළ මොනරාගල විදුහල්පති අත්අඩංගුවට. - මවුබිම පළකළ ලිපියක්. (2013-10-03)කොට්ටාව ආනන්ද විදුහලේ විදුහල්පතිවරයා විසින් ලිංගික අල්ලස් ගත් බවට නෙත් FM පළකළ පුවතක්. (2013-09-05)මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දූෂණ ගැන ලංකදීපයේ පල වූ ලිපියක්.පසුසටහනදිවයින ගැන ලැජ්ඡයි. අදාල පුවත විකෘත්තිකොට පලකර විදුහල්පති රැකගත් අතර, මියගිය වෙනූෂා දෙවන වරටත් ඝාතනය කිරීමට උත්සාහදරා ඇත. අවම අවශයෙන් එම කරුණෑගල වාරුතාකාරු කුරුණෑගල පිහිටි පාසලේ නමවත් නොදනී.අඩු පහසුකම්වලින් යුතු පාසැල්වල ළමුන් අධ්‍යාපනය අතරමඟ නවතා දමනුයේත්, නොයෙකුත් සමාජ අසම්මතයන්ට ගොදුරු වනුයේත් FB නිසාද. මේවා ගැන අධ්‍යාපන වේදීන් නිහඩ ඇයි.වසරකට පාසැල් කීයක් වැසී යයිද. ඒ ගැන පාලන පක්ෂය නිහඩ ඇයි.මෙම වසරේ ද සැම්තැම්බර් සිට නැවතත් විදුහල්පතිවරුන් මුදල් සහ ලිංගික අල්ලස් ගැනීම් වාර්තා වේවි.මීට ටික දිනකට පෙර වලපනේ වයස 12 පමණ සිසුවියක් ආර්ථික අඟහිගකම මත ගෙල වැලලාගත් පුවතක් අප ඇසීය. නමුත් ඒ පිළිබඳව විස්තරයක් නොදනීඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිටදුසිරිත් දනන් දෙන - ඔවා වැද්දන් කියන බණ වැනි-ලෝකෝපකාරය.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අධික සීත කාලගුණික තත්ත්වයත් සමඟ සුදෝ සුදට හිම මෙන් ඇද වැටෙන මල්තුහින සමඟ සුන්දර වූ නුවරඑළියේ අසිරිය විඳින්නට දෙස් විදෙස් සංචාරකයින් අතිවිශාල පිරිසක් මෙම දිනවල එහි පැමිණෙන බව වාර්තා වෙයි.මේ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ලැගුම්හල් පිරී පවතින බවත් පාසල් සිසුන් කණ්ඩායම් වශයෙන් පැමිණෙන බවත් දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා කීය.හෝර්ටන් තැන්න ඇතුළු ප්‍රදේශ රැසක සුදු ඇතිරිල්ලක් සේ මල් තුහින පතිත වී තිබෙනු මෙම දිනවල නුවරඑළියේ සුලබ දසුනකි. නුවරඑළිය දිසාපති මැදුරද මෙම දිනවල සංචාරකයින්ගෙන් පිරී පවතින බව වාර්තාවෙයි. හෝර්ටන් තැන්න ආශ්‍රිතව උෂ්ණත්වය පෙරේදා (18) අලුයම 5.00ට පමණ සෙල්සියස් අංශක 2.5 දක්වා අඩුවී තිබූ බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.