pali_text
stringlengths
7
23.7k
sinhala_text
stringlengths
1
333k
එවං මෙ සුතං - එකං සමයං භගවා අන්තරා ච රාජගහං අන්තරා ච නාළන්දං අද්ධානමග්ගප්පටිපන්නො හොති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. සුප්පියොපි ඛො පරිබ්බාජකො අන්තරා ච රාජගහං අන්තරා ච නාළන්දං අද්ධානමග්ගප්පටිපන්නො හොති සද්ධිං අන්තෙවාසිනා බ්‍රහ්මදත්තෙන මාණවෙන. තත්‍ර සුදං සුප්පියො පරිබ්බාජකො අනෙකපරියායෙන බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති; සුප්පියස්ස පන පරිබ්බාජකස්ස අන්තෙවාසී බ්‍රහ්මදත්තො මාණවො අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති. ඉතිහ තෙ උභො ආචරියන්තෙවාසී අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධා (අනුබද්ධා (ක. සී. පී.)) හොන්ති භික්ඛුසඞ්ඝඤ්ච.
මා විසින් මෙසේ අසනලදී. (නොහොත් මගේ ඇසීම මෙලෙසයි.) එක් කාලයකදී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහපාරට පන්සියයක් පමණවූ බොහෝ භික්ෂු සංඝයා හා සමග (වැඩියෝය.) පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද (ශාසනයෙන් පිටත් පැවිද්දාද) බඹදත් නම් තරුණ අතවැසියා සමග රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පැමිණියේය. එහිදී සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරෙන් බුදුන් කෙරෙහි අගුණ කියයි. ධර්මය කෙරෙහි අගුණ කියයි. සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසියාවූ බඹදත් නම් මානවකයා නොයෙක් කරුණෙන් (ආකාරයෙන්) බුදුන්ගේ ගුණ කියයි, ධර්මයේ ගුණ කියයි, සංඝයාගේ ගුණ කියයි. මෙසේ මේ කරුණෙහි ඒ ඇදුරු-අතවැසි දෙදෙන ඔවුනොවුන් අතර සම්පූර්ණයෙන් විරුද්ධ කථා ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේද භික්ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.
අථ ඛො භගවා අම්බලට්ඨිකායං රාජාගාරකෙ එකරත්තිවාසං උපගච්ඡි (උපගඤ්ඡි (සී. ස්‍යා. කං. පී.)) සද්ධිං භික්ඛුසඞ්ඝෙන. සුප්පියොපි ඛො පරිබ්බාජකො අම්බලට්ඨිකායං රාජාගාරකෙ එකරත්තිවාසං උපගච්ඡි (උපගඤ්ඡි (සී. ස්‍යා. කං. පී.)) අන්තෙවාසිනා බ්‍රහ්මදත්තෙන මාණවෙන. තත්‍රපි සුදං සුප්පියො පරිබ්බාජකො අනෙකපරියායෙන බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති; සුප්පියස්ස පන පරිබ්බාජකස්ස අන්තෙවාසී බ්‍රහ්මදත්තො මාණවො අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති. ඉතිහ තෙ උභො ආචරියන්තෙවාසී අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා විහරන්ති.
එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රජුන්ගේ විඩා හැරීමාදියට පිළියෙළවූ රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට භික්ෂු සංඝයා සමග පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට බ්‍රහ්මදත්ත නම් තරුණ අතවැසි මානවකයා සමග පැමිණියේය. එහිදීද සුප්පිය පිරිවැජි නොයෙක් ආකාරයෙන් බුදුන් කෙරෙහි අගුණ කියයි. ධර්මය කෙරෙහි අගුණ කියයි. සංඝයා කෙරෙහි අගුණ කියයි. සුප්පිය පිරිවැජියාගේ අතවැසි බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ කියයි. දහම් ගුණ කියයි. සඟ ගුණ කියයි. මෙසේ මේ කාරණයෙහි ඒ ගුරුවරයා සහ ඔහුගේ අතවැසියාද යන දෙදෙනා ඔවුනොවුන්ට හාත්පසින්ම විරුද්ධ මත ඇත්තෝව භාග්‍යවතුන් වහන්සේගේද, භික්ෂු සංඝයාගේද පසුපස්සේම ලුහුබැන්දෝය.
අථ ඛො සම්බහුලානං භික්ඛූනං රත්තියා පච්චූසසමයං පච්චුට්ඨිතානං මණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයං සඞ්ඛියධම්මො උදපාදි - ‘‘අච්ඡරියං, ආවුසො, අබ්භුතං, ආවුසො, යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සත්තානං නානාධිමුත්තිකතා සුප්පටිවිදිතා. අයඤ්හි සුප්පියො පරිබ්බාජකො අනෙකපරියායෙන බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති; සුප්පියස්ස පන පරිබ්බාජකස්ස අන්තෙවාසී බ්‍රහ්මදත්තො මාණවො අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති. ඉතිහමෙ උභො ආචරියන්තෙවාසී අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධා හොන්ති භික්ඛුසඞ්ඝඤ්චා’’ති.
එකල රෑ පාන්දරින් මණ්ඩලමාල නම් රැස්වීම් ශාලාවෙහි එක්ව රැස්ව වැඩසිටි බොහෝ භික්ෂූන් අතරෙහි මේ කථා ධර්මය පහළවිය. “ඇවැත්නි, (පින්වත් භික්ෂුවරුනි) සියල්ල දන්නා භගවත් නම්වූ සියල්ල දක්නා අර්හත් නම්වූ සම්‍යක් සම්බුදුන් වහන්සේ විසින් සත්වයන්ගේ නොයෙක් අදහස් ඇති බව යම් පමණ හොඳින් අවබෝධ කරණ ලද්දේද (අවබෝධය) පුදුමය. මේ සුප්පිය පිරිවැජි නොයෙක් ආකාරයෙන් බුදුන්හට දොස් පවරයි, ධර්මයට දොස් පවරයි, සංඝයාහට දොස් පවරයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසිවූ බ්‍රහ්මදත්තනම් මානවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ කියයි. දහම් ගුණ කියයි, සඟ ගුණකියයි මෙසේ මේ ගුරුවර අතවැසි දෙදෙන ඔවුනොවුන්ට සම්පූර්ණ විරුද්ධ මත ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේගේද භික්ෂු සංඝයාගේද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්.”
අථ ඛො භගවා තෙසං භික්ඛූනං ඉමං සඞ්ඛියධම්මං විදිත්වා යෙන මණ්ඩලමාළො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘කායනුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා සන්නිපතිතා, කා ච පන වො අන්තරාකථා විප්පකතා’’ති? එවං වුත්තෙ තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘ඉධ, භන්තෙ, අම්හාකං රත්තියා පච්චූසසමයං පච්චුට්ඨිතානං මණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයං සඞ්ඛියධම්මො උදපාදි - ‘අච්ඡරියං, ආවුසො, අබ්භුතං, ආවුසො, යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සත්තානං නානාධිමුත්තිකතා සුප්පටිවිදිතා. අයඤ්හි සුප්පියො පරිබ්බාජකො අනෙකපරියායෙන බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති; සුප්පියස්ස පන පරිබ්බාජකස්ස අන්තෙවාසී බ්‍රහ්මදත්තො මාණවො අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසති, ධම්මස්ස වණ්ණං භාසති, සඞ්ඝස්ස වණ්ණං භාසති. ඉතිහමෙ උභො ආචරියන්තෙවාසී අඤ්ඤමඤ්ඤස්ස උජුවිපච්චනීකවාදා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධා හොන්ති භික්ඛුසඞ්ඝඤ්චා’ති. අයං ඛො නො, භන්තෙ, අන්තරාකථා විප්පකතා, අථ භගවා අනුප්පත්තො’’ති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගේ මේ කථාව දැන රැස්වී වැඩහිඳි ශාලාව යම් තැනෙකද එතනට පැමිණියෝය. පැමිණ පැණවූ ආසනයෙහි වැඩහුන්නෝය. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ (මෙසේ) භික්ෂූන්ගෙන් ඇසුවෝය. “මහණෙනි, දැන් මොනයම් කථාවකින් යුක්තව සිටියාහුද? තොපගේ මොනයම් කථාවක් පටන්ගෙන සිටියහුදැ”යි ඇසූහ. මෙසේ ඇසූ කල ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය දැන්නුවෝය. “ස්වාමීනි, රෑ පාන්දර මේ රැස්වීම් ශාලාවෙහි රැස්ව වැඩහුන් අපට මේ කථා ධර්මය පහළ විය. සියල්ල දන්නා සියල්ල දක්නා ඒ අර්හත් සම්මා සම්බුදුවූ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්වයන්ගේ නොයෙක් නොයෙක් කල්පනා අදහස් ඇති බව යම් පමණ යහපත්සේ අවබෝධ කරණ ලද්දේද, මේ වැටහීම පුදුමය. පෙර නුවූ දෙයක් වන්නේය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරජුන්ට දොස් පවරයි. ධර්මයට දොස් පවරයි. සංඝයාට දොස් පවරයි. සුප්පිය නම් පිරිවැජියාගේ අතවැසිවූ බ්‍රහ්මදත්ත නම් මානවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ කියයි දහම් ගුණ කියයි, සඟ ගුණ කියයි. මෙසේ ගුරුවර අතවැසි දෙදෙනා ඔවුනොවුන්ට සම්පූර්ණ විරුද්ධ මත ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේද භික්ෂු සංඝයාද පසුපස්සේ ලුහුබැන්දෝ වෙත්. ස්වාමීන්වහන්ස, අපගේ මේ අතුරු කථාව පටන් ගත්තාය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පැමිණියෝය”යි කීහ.
‘‘මමං වා, භික්ඛවෙ, පරෙ අවණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි න ආඝාතො න අප්පච්චයො න චෙතසො අනභිරද්ධි කරණීයා. මමං වා, භික්ඛවෙ , පරෙ අවණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, තත්‍ර චෙ තුම්හෙ අස්සථ කුපිතා වා අනත්තමනා වා, තුම්හං යෙවස්ස තෙන අන්තරායො. මමං වා, භික්ඛවෙ, පරෙ අවණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, තත්‍ර චෙ තුම්හෙ අස්සථ කුපිතා වා අනත්තමනා වා, අපි නු තුම්හෙ පරෙසං සුභාසිතං දුබ්භාසිතං ආජානෙය්‍යාථා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘මමං වා, භික්ඛවෙ, පරෙ අවණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි අභූතං අභූතතො නිබ්බෙඨෙතබ්බං - ‘ඉතිපෙතං අභූතං, ඉතිපෙතං අතච්ඡං, නත්ථි චෙතං අම්හෙසු, න ච පනෙතං අම්හෙසු සංවිජ්ජතී’ති.
“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?” “ස්වාමීනි, එසේ නැත්මය. (ඒ දැනීම නැත.)” මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, එවිට තොප විසින් මෙය, මේ හෙයින් (අභූත) වෙන්ට නුපුළුවන. මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැත, මෙය අප කෙරෙහි (අවිද්‍යමානය) දකින්නට නැත. බොරුව බොරුව මෙන් එලිදරව් කළ යුතුය.
‘‘මමං වා, භික්ඛවෙ, පරෙ වණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා වණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා වණ්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි න ආනන්දො න සොමනස්සං න චෙතසො උප්පිලාවිතත්තං කරණීයං. මමං වා, භික්ඛවෙ, පරෙ වණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා වණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා වණ්ණං භාසෙය්‍යුං, තත්‍ර චෙ තුම්හෙ අස්සථ ආනන්දිනො සුමනා උප්පිලාවිතා තුම්හං යෙවස්ස තෙන අන්තරායො. මමං වා, භික්ඛවෙ, පරෙ වණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා වණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා වණ්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි භූතං භූතතො පටිජානිතබ්බං - ‘ඉතිපෙතං භූතං, ඉතිපෙතං තච්ඡං, අත්ථි චෙතං අම්හෙසු, සංවිජ්ජති ච පනෙතං අම්හෙසූ’ති.
“මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද, ඒ ගුණ කීමෙහි තොප විසින් ප්‍රීති නොකට යුත්තේය. සිත් අසතුටු නොකට යුත්තේය. සිත්හි උඩඟු බව නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද තෙපි ඒ ගුණ කියන්නවුන් කෙරෙහි ඉදින් සතුටු වන්නාහු නම් සිත් අසතුටු වන්නෝවූ නම් උඩඟු වන්නෝවූ නම් තොපට එයින් අවැඩ (අනතුරු) වන්නේය “මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද, එවිට තොප විසින් ඒ කරුණ පිළිබඳව මෙය මේ හෙයින් (විද්‍යමානය) පැහැදිලිය. මෙය මේ නිසා සත්‍යය. මේ (ගුණය) අපකෙරෙහි ඇත්තේය. මෙය අප කෙරෙහි දකින්ට ලැබේ. (විද්‍යමානය) යයි ඇත්ත ඇත්ත මෙන් පහදා දියයුත්තේය. (ප්‍රතිඥා කළ යුත්තේයි.)
‘‘අප්පමත්තකං ඛො පනෙතං, භික්ඛවෙ, ඔරමත්තකං සීලමත්තකං, යෙන පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය. කතමඤ්ච තං, භික්ඛවෙ, අප්පමත්තකං ඔරමත්තකං සීලමත්තකං, යෙන පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය?
“මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා යම් කරුණකින් එය කියානම් එය ස්වල්ප මාත්‍රයකි. (සුළු දෙයකි) ලාමක මාත්‍රයකි, (සුළු ස්වභා ගතියෙකි,) ශීල මාත්‍රයෙකි, (අඩු දෙයකි) එසේ ස්වල්ප මාත්‍රවූ ලාමක මාත්‍රවූ ශීල මාත්‍රවූ ගුණ කියන පෘථග්ජනයෙක් යම් කරුණකින් තථාගතයන්ගේ ගුණ කියා නම් කුමක් කියාද?
‘‘‘පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො සමණො ගොතමො නිහිතදණ්ඩො, නිහිතසත්ථො, ලජ්ජී, දයාපන්නො, සබ්බපාණභූතහිතානුකම්පී විහරතී’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය. ‘‘‘අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො සමණො ගොතමො දින්නාදායී දින්නපාටිකඞ්ඛී, අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරතී’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය. ‘‘‘අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී සමණො ගොතමො ආරාචාරී (අනාචාරී (ක.)) විරතො (පටිවිරතො (කත්ථචි)) මෙථුනා ගාමධම්මා’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“ශ්‍රමණ භවත් ගෞතමයෝ ප්‍රාණයට හිංසා කිරීම (ප්‍රාණඝාතය) අත්හැර දමා ප්‍රාණයකට හිංසා කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණාහ. (හිංසා කිරීමට) දඬු මුගුරු නොමැත්තෙක් වේ. පාපයට ලජ්ජා ඇත්තෙකි. දයාවන්ත බවට පැමිණියෙකි. සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කෙරෙයි. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයෙක් මෙසේ හෝ කියන්නේය. ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ (අන්සතු) නුදුන්දේ ගැනීම අත්හැරදමා නුදුන් දේ ගැනීමෙන් වැළකුණාහ. දුන් දෙයම ගන්නා ස්වභාව ඇත්තාහ. දුන් දෙය ගැනම කැමති වන්නෝය. වංචා රහිතව පිරිසිදු සිතින් වාසය කරන්නාහ’යි. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන කෙලෙස් සහිත ජනයෙක් මෙසේ හෝ කියන්නේය. “මහණෙනි, ශ්‍රමණ භවත් ගෞතමයෝ අබ්‍රහ්මචර්යාව (කාමසම්පත් දුරුකොට) කාම සැපයෙන් වැළකුණෝය. දුරාචාරයයි කියන ලද කාම සම්පතෙන් ඉතාමත් ඈත්වූවෙකි. ස්ත්‍රීන් පාවා ගැනීම් ආදී නොහොබිනා සිරිතෙන් (ග්‍රාම්‍ය ධර්මයෙන්) වෙන්වූවෝය’යි මෙසේ හෝ කෙලෙස් සහිත ජනයෙක් තථාගතයන්ගේ ගුණ කියන්නේය.
‘‘‘මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො සමණො ගොතමො සච්චවාදී සච්චසන්ධො ථෙතො (ඨෙතො (ස්‍යා. කං.)) පච්චයිකො අවිසංවාදකො ලොකස්සා’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය. ‘‘‘පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො සමණො ගොතමො, ඉතො සුත්වා න අමුත්‍ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා, සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය. ‘‘‘ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො සමණො ගොතමො, යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා තථාරූපිං වාචං භාසිතා’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය. ‘‘‘සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො සමණො ගොතමො කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී, නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිත’න්ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“ශ්‍රමණ ගෞතමයෝ බොරුකීමෙන් (මුසාවාදයෙන්) වැළකුණෝය. සත්‍යයම කියති. සත්‍යයම ගළපා කියති. ස්ථිරවූ ඇදහියයුතු කථා ඇත්තෝය. ලෝකයා මුළාකරන විෂම වාද නොකරන්නෝය. මහණෙනි, මෙසේ හෝ කෙලෙස් සහිත ජනයෙක් තථාගතයන්ගේ ගුණ කියන්නේය. “ශ්‍රමණ ගෞතමයෝ පිසුනු බස් නමැති කේලාම් කීම අත්හැර කේලාම් කීමෙන් වැළකුණෝය. මෙතනින් අසා මොවුන්ගේ භෙදය පිණිස එතැන්හි නොකියයි. එතැනින් අසා ඔවුන්ගේ භෙදය පිණිස මොවුන්ට නොකියයි. මෙසේ බිඳුනවුන් ගළපන ස්වභාව ඇත්තාහ. “මෙසේ භින්නවූවන් සම්බන්ධව හෝ ගළපන ස්වභාව ඇත්තෝය. සමගිවූවන්හට අනුබල දෙන්නෝය. සමගිවූවන් කෙරෙහි ඇලුනාහ (සමගි තන්හි වාසය ඇත්තෝය.) සමගි වූවන් කෙරෙහි සතුටු වෙති. සමගි කරණ වචන කියති.’ මහණෙනි තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයෙක් මෙසේ හෝ කියන්නේය. “ශ්‍රමණ ගෞතමයෝ පරුෂ වචනය අත්හැර පරුෂ වචනයෙන් වැළැක්කෝය. යම් වචනයක් නිදොස්ද, කණට සැපද පෙම් වඩාද, සිත් සතුටු කරයිද, මිහිරිද, බොහෝ දෙනාට ප්‍රියවේද, බොහෝදෙනාගේ හිත් ප්‍රිය කරන්නේද, එවැනි වචන කියන්නේය’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ කියයි. “ශ්‍රමණ භවත් ගෞතමයෝ සම්ඵප්‍රලාපය (වැඩ නැති කථා) අත්හැර (සම්ඵප්‍රලාපයෙන්) නිසරු හිස් බස් බිණීමෙන් වැළකෙන්නෝය. කියයුතු කාලය සලකා කියන්නෝය. සත්‍යයම කියන්නෝය. දියුණුව සලකා කියන්නෝය. ධර්මය කියන්නෝය. (විනය) මනා හික්මීම ගැන කියන්නෝය. සුදුසු කල්හි උපමා කරුණු සහිතවූ යොග්‍ය ලෙස සීමාසහිතවූ අර්ථයෙන් යුක්තවූ හිතේ තබාගත යුතුවූ වචන කියන්නෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ කියන්නේය.
‘බීජගාමභූතගාමසමාරම්භා (සමාරබ්භා (සී. ක.)) පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ...පෙ..... ‘‘‘එකභත්තිකො සමණො ගොතමො රත්තූපරතො විරතො (පටිවිරතො (කත්ථචි)) විකාලභොජනා.... නච්චගීතවාදිතවිසූකදස්සනා (නච්චගීතවාදිතවිසුකදස්සනා (ක.)) පටිවිරතො සමණො ගොතමො.... මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො සමණො ගොතමො.... උච්චාසයනමහාසයනා පටිවිරතො සමණො ගොතමො.... ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො.... ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො.... ආමකමංසපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො.... ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො.... දාසිදාසපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො.... අජෙළකපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො.... කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො.... හත්ථිගවස්සවළවපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො.... ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො සමණො ගොතමො.... දූතෙය්‍යපහිණගමනානුයොගා පටිවිරතො සමණො ගොතමො.... කයවික්කයා පටිවිරතො සමණො ගොතමො.... තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො සමණො ගොතමො.... උක්කොටනවඤ්චනනිකතිසාචියොගා (සාවියොගා (ස්‍යා. කං. ක.)) පටිවිරතො සමණො ගොතමො.... ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“ශ්‍රමණ ගෞතමයෝ තණ, ගස්, වැල් ආදීන්ගේ භෙදනයෙන් (කැඩීම් සිඳීම් වලින්) වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ රාත්‍රි කෑමෙන් වැළකී විකාලභොජනයයි කියන ලද නුසුදුසු කාලයේ කෑමෙන් වෙන්ව එක්වේලේ වළඳන්නෝය. ශ්‍රමණ ගෞතමයෝ නැටීම්, ගීකීම්, වැයීම්, කෝලම් බැලීම් ආදියෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ මල්මාලා සුවඳ දැරීම් වැනි සැරසීම් වලින් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ නුසුදුසු උස් ආසන මහා ආසනයන් ගෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ රන් රිදී මිළ මුදල් පිළිගැනීමෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ අමු මාංශ පිළිගැනීමෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ ස්ත්‍රීන් හෝ ගෑනු දරුවන් පිළිගැනීමෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ දාසයින් හෝ දාසීන් පිළිගැන්මෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ එළුවන් බැටළුවන් පිළිගැන්මෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ කුකුළන් ඌරන් පිළිගැන්මෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ ඇතුන් ගවයින් අශ්වයින් වෙළඹුන් පිළිගැන්මෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ කුඹුරු වතු පිළිගැන්මෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ දූත ගමන් සහ ගෙන්ගෙට යන (පණිවුඩ පනත්) මෙහෙවරින් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ ගණුදෙනු කිරීම් ආදී වෙළහෙළඳාමෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ හොර කිරුමෙන් හා මැනුමෙන්ද රත්රන් වංචා කිරීමාදියෙන්ද වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ අල්ලස් ගැනීම් වංචා මායම් යන නපුරු ප්‍රයෝගයන් ගෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ කැපීම්, වදදීම්, බැඳීම්, වස්තු බලයෙන් ගැනීම්, ගම් ආදිය පැහැරීම්, බලාත්කාර ක්‍රියාවලින්ද වැළකුණෝය.’ මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත අය කියන්නෝය”යි වදාළසේක.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං බීජගාමභූතගාමසමාරම්භං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං (සෙය්‍යථීදං (සී. ස්‍යා.)) - මූලබීජං ඛන්ධබීජං ඵළුබීජං අග්ගබීජං බීජබීජමෙව පඤ්චමං (පඤ්චමං ඉති වා (සී. ස්‍යා. ක.)); ඉති එවරූපා බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙසේ හෝ තණගස් වැල් ආදිය විනාශ කිරීමෙහි යෙදී වාසය කරති. එවැනි තණ ගස් වැල්වල මුල්වලින් පැලවෙන, කඳ පැලවෙන, පුරුක් පැලවෙන, දලු පැලවෙන බීජයෙන් පැලවෙන, පහක් (පස් වර්ගයක්) වේ. මෙයාකාර තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං සන්නිධිකාරපරිභොගං අනුයුත්තා විහරන්ති , සෙය්‍යථිදං - අන්නසන්නිධිං පානසන්නිධිං වත්ථසන්නිධිං යානසන්නිධිං සයනසන්නිධිං ගන්ධසන්නිධිං ආමිසසන්නිධිං ඉති වා ඉති එවරූපා සන්නිධිකාරපරිභොගා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ දේ රැස්කොට තබා ප්‍රයෝජන ගැනීමෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම් ආහාර වර්ග තබා ප්‍රයෝජන විඳීමය. පානවර්ග තබා ප්‍රයෝජන විඳීමය. රෙදිපිළි ආදී ඇඳුම් ලබා නගා තිබීමය. රථ වාහන තබා ප්‍රයෝජන විඳීමය. ඇඳ, පුටු ආදිය රැස්කොට තබා ප්‍රයෝජන විඳීමය. සුවඳ ද්‍රව්‍ය තබාගෙන ප්‍රයෝජන විඳීමය. (තල සහල් ආදිය) තබා ප්‍රයෝජන විඳීමාදී මෙසේ මෙබඳු සත් වැදෑරුම් දේ රැස්කොට තබා ප්‍රයෝජන විඳීමෙන් සම්පූර්ණයෙන් වැළකුණේ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාළං කුම්භථූණං (කුම්භථූනං (ස්‍යා. ක.), කුම්භථූණං (සී.)) සොභනකං (සොභනඝරකං (සී.), සොභනගරකං (ස්‍යා. කං. පී.)) චණ්ඩාලං වංසං ධොවනං හත්ථියුද්ධං අස්සයුද්ධං මහිංසයුද්ධං (මහිසයුද්ධං (සී. ස්‍යා. කං. පී.)) උසභයුද්ධං අජයුද්ධං මෙණ්ඩයුද්ධං කුක්කුටයුද්ධං වට්ටකයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨියුද්ධං නිබ්බුද්ධං උය්‍යොධිකං බලග්ගං සෙනාබ්‍යූහං අනීකදස්සනං ඉති වා ඉති එවරූපා විසූකදස්සනා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි විහිලු දේ දැක්මෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම්- නැටීමය, ගී කීමය, වීණා ආදිය වැයීමය, රඟමඬුලු බැලීමය, ගොතා රසකර කියන ලද බොරු කථා ඇසීමය, කංසතාලම් හෝ අත්තාලම්ය, මළමිනී නැංවීම නමැති විජ්ජා කිරීම, බෙර ගැහුම්ය, (ප්‍රතිභාන චිත්‍ර විචිත්‍රය) නෘත්‍යයේදී සිත් ඇලුම් කරන ශරීර චංචලය, සණදෙවුම් කෙළිය, උනගස් ඔසවා නැටුම, මිනී ඇට සෝදා තැබීමය, ඇත් පොරය, අශ්ව පොරය, මීවුන් පොරය, ගව පොරය, එළු පොරය, බැටළු පොරය, කුකුළු පොරය, වටුවන් පොරය, පොලු හරඹය, මිටින් මිට ගැසීමේ පොරය, මල්ලව (නම් පොර ඇල්ලීම) යුද්ධ කිරීම, යුද සෙන් පිරික්සීමය, (සේනාසන්නිවෙස) කඳවුරුය, සතරාකාර යුද්ධ හමුදාව (සිවුරඟසේනාව) දැකීමය ආදියයි. මෙසේ මෙයාකාර විසුළු දැක්මෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං ජූතප්පමාදට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - අට්ඨපදං දසපදං ආකාසං පරිහාරපථං සන්තිකං ඛලිකං ඝටිකං සලාකහත්ථං අක්ඛං පඞ්ගචීරං වඞ්කකං මොක්ඛචිකං චිඞ්ගුලිකං (චිඞ්ගුලකං (ක. සී.)) පත්තාළ්හකං රථකං ධනුකං අක්ඛරිකං මනෙසිකං යථාවජ්ජං ඉති වා ඉති එවරූපා ජූතප්පමාදට්ඨානානුයොගා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ප්‍රමාදයට කාරණවූ මෙයාකාර සූදුකෙළියෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම්, අට මඬුලු (කොටු) කෙළිය, දස මඬුලු (කොටු) කෙළිය (ලනුපැනීම) අහස්කෙළිය (කොටු පැනීම) (කට්ටි පැනීම) එක්කොට තබන දේ නොසොල්වා ගැනීමේ ලම කෙළිය, සිංකෙළීම. (එනම් සැලුම්කෙළිය, කූරුගැසීමෙන් පින්තූර සෑදීමේ සෙල්ලම, බිම හෝ බිත්තිවල ලීකූරු ගසා ඇත් අස් ආදී රූප දක්වා ක්‍රීඩාකිරීම, පන්දුකෙළිය, පත් කුලල් (වස්දඬු) පිඹීමය, නඟුල්කෙළිය, කරනම්ගැසීම, කන්නන්ගුරු කෙළිය. එනම් තල් පත් ආදිය පෙන්නා මුළාකොට කරණ වංචනික ක්‍රීඩාවකි.) වැලි ආදිය මැනීමේ සෙල්ලම, රථවාහන යොදා කරන සෙල්ලම දුනුකෙළිය, අකුරුසෙල්ලම සිතූදේ කීමේ සෙල්ලම, දෝෂරූප දක්වා කරන සෙල්ලම යනුයි. මෙසේ ප්‍රමාදයට කරුණුවූ සූදු සෙල්ලමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං උච්චාසයනමහාසයනං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - ආසන්දිං පල්ලඞ්කං ගොනකං චිත්තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්දලොමිං එකන්තලොමිං කට්ටිස්සං කොසෙය්‍යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං (හත්ථත්ථරණං අස්සත්ථරණං රථත්ථරණං (සී. ක. පී.)) අජිනප්පවෙණිං කදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතොලොහිතකූපධානං ඉති වා ඉති එවරූපා උච්චාසයනමහාසයනා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ ‘උස් ආසන’ ‘මහ ආසන’යන්හි වාඩිවීමෙන් යුක්තව වාසය කරති. එනම් දික්හඟලා පුටුය, පලඟය, අඟල් හතරකට වඩා දික් ලොම් ඇති ඇතිරිය (ඇතුරු ආසනය) එළු ලොමින් සැරසූ ඇතිරිය, එළු ලොමින් සෑදූ සුදු ඇතිරිය, එළුලොමින් සෑදූ ඝන මලින් යුත් ඇතිරිය, ගුදිරිය, සිංහාදී රූපයෙන් සැරසූ එළු ලොම් ඇතිරිය, දෙපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය, එකපිට ලොම් ඇති එළුලොම් ඇතිරිය රත්තරණින් කැටයම්කළ පසතුරුණුය, (පලස්) පටනූලෙන් කළ පසතුරුණුය, නාටිකාවන් දහසය දෙනෙකුට නැටියහැකි එළුලොමින් කළ මහ ඇතිරිය, ඇතුන්පිට අතුරණ ඇතිරිය, අසුන්පිට අතුරණ ඇතිරිය, රථපිට අතුරණ ඇතිරිය, අඳුන් දිවිසමින් කළ පසතුරුණුය, කෙසෙල් මුව සම් වැනි සමෙන් කළ උතුම් පසතුරුණුය, මත්තෙහි බඳිනාලද රතු වියන් සහිතවූ දෙපැත්තෙහි තබන ලද රතු කොට්ටා ඇති ආසනය යනාදියයි. මෙබඳුවූ ‘උස් ආසන’ මහා ආසනයන්ගෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය,’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං මණ්ඩනවිභූසනට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - උච්ඡාදනං පරිමද්දනං න්හාපනං සම්බාහනං ආදාසං අඤ්ජනං මාලාගන්ධවිලෙපනං (මාලාවිලෙපනං (සී. ස්‍යා. කං. පී.)) මුඛචුණ්ණං මුඛලෙපනං හත්ථබන්ධං සිඛාබන්ධං දණ්ඩං නාළිකං අසිං (ඛග්ගං (සී. පී.), අසිං ඛග්ගං (ස්‍යා. කං.)) ඡත්තං චිත්‍රුපාහනං උණ්හීසං මණිං වාලබීජනිං ඔදාතානි වත්ථානි දීඝදසානි ඉති වා ඉති එවරූපා මණ්ඩනවිභූසනට්ඨානානුයොගා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ (ශරීරයට සම්බන්ධවූ) සැරසීමය, අඩු තැන් පිරවීමය යන කරුණෙහි යෙදී වාසය කරති. එනම්: සුවඳකුඩු ඇඟ ගැල්වීමය, ඇඟ අතගෑමය, නෑවීමය, මිරිකීමය (කැඩපත්) මුහුණ බලන කන්නාඩි අඳුන්, ගෙතූ නොගෙතූ මල් හා (විලවුන්) එනම් මල් සහිත සුවඳ සුණුය, (මුවසුණුය) මුහුණේ ලන සුවඳ සුණු හා කටේ ගාන (ආලෙපය) සුවඳ කල්කය, අත්වල පළඳින ආභරණය, අතේ තබාගෙන යන දඬු කෝටු (සැරයටි) ආදිය, බෙහෙත් සුර; කඩු, කුඩ, සැරසිලි සහිත සෙරෙප්පු, සපත්තු දමාගෙන ඇවිදීමය, නළල්පටි, හිස මුදුනේ පළඳින මැණික් සහිත ආභරණ, වල්විදුනා (පවන් සැලීමට ගන්නා චාමර) දැරීමය, දික්දාවලු වලින් යුත් සුදුරෙදි ඇඳීමය යනාදියයි. මෙබඳුවූ සැරසීම හා අලංකාර කිරීම් ආදියෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං (ඉත්ථිකථං පුරිසකථං (ස්‍යා. කං. ක.)) සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා ඉති එවරූපාය තිරච්ඡානකථාය පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ වැඩනැති කථාවෙහි යෙදී වාසය කරති. එනම්: රජුන් ගැන කථාය, සොරුන් ගැන කථාය, මහා ඇමතියන් ගැන කථාය, සේනා ගැන කථාය, භය ගැන කථාය යුද්ධ ගැන කථාය, කෑම ගැන කථාය, බීම ගැන කථාය, ඇඳුම් පැළඳුම් ගැන කථාය, නිදාගැනීම් ගැන කථාය, මාලා ගැන කථාය, සුවඳ ද්‍රව්‍ය ගැන කථාය, නෑයන් ගැන කථාය, යාන (රථ) ගැන කථාය, ගම් ගැන කථාය, ගම් අසල නියම්ගම් ගැන කථාය, නුවර ගැන කථාය, ජනයා ගැවසීගත් පළාත් ගැන (ජනපද) කථාය, ස්ත්‍රීන් ගැන කථාය, පුරුෂයන් ගැන කථාය, වතුරගන්නා තැන්වලට හෝ තොටුපළවලට රැස්වූ අය කරණ කථාය, නැසීගිය නෑයන් ගැන කථාය, නොයෙක් (ප්‍රයෝජන නැති දේ) ගැන කථාය, ලෝකයේ මැවුම්කාරයා ආදී විනිශ්චය නැති දේ ගැන කථාය, මහමුහුද ගැන කථාය, ඇතිවීම නැතිවීම ගැන (සීමාරහිත) කථාය යන මේ කථායි. මෙබඳුවූ කථාවෙහි යෙදීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විග්ගාහිකකථං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි, කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි, මිච්ඡා පටිපන්නො ත්වමසි, අහමස්මි සම්මා පටිපන්නො, සහිතං මෙ, අසහිතං තෙ, පුරෙවචනීයං පච්ඡා අවච, පච්ඡාවචනීයං පුරෙ අවච, අධිචිණ්ණං තෙ විපරාවත්තං, ආරොපිතො තෙ වාදො, නිග්ගහිතො ත්වමසි, චර වාදප්පමොක්ඛාය, නිබ්බෙඨෙහි වා සචෙ පහොසීති ඉති වා ඉති එවරූපාය විග්ගාහිකකථාය පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ දොස් පවරා නින්දාකරන කථාවෙහියෙදී වාසය කරති. එනම්: ‘උඩඟු ලෙස තෝ මේ ධර්මය අනුව හැසිරීම නොදන්නෙහිය. මම මේ ධර්මය දනිමි. තෝ මේ ධර්මය අනුව හැසිරීම කුමක්දැයි දන්නෙහිද? තෝ වරදවා පිළිගන්නෙහිය. යහපත් අන්දමින් මම මොනවට පිළිපන්මි. මගේ වචනය අර්ථ සහිතය. (සිලුටුය), තගේ වචනය අනර්ථයෙන් යුක්ත වෙයි (නොසිලුටුය), පළමුව කියයුතු දේ පසුව කීයෙහිය. පසුව කිය යුතු දේ පළමුව කීයෙහිය. තා විසින් පුරුදු කරන ලද්ද පෙරැළී ගියේය. තට වාදාරොපණය (වාද නැගීම) කරණ ලද්දේය. නින්දා කරණ ලද්දේවෙහිය. වාදයෙන් මිදෙන පිණිස හැසිරෙව, ඉදින් සමර්ථයෙහි නම් දැන්ම තෝ වාදයෙන් ගැළවී යව’ මෙසේ මෙබඳු දෝෂාරෝපණ කථාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං දූතෙය්‍යපහිණගමනානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - රඤ්ඤං, රාජමහාමත්තානං, ඛත්තියානං, බ්‍රාහ්මණානං, ගහපතිකානං, කුමාරානං ‘‘ඉධ ගච්ඡ, අමුත්‍රාගච්ඡ, ඉදං හර, අමුත්‍ර ඉදං ආහරා’’ති ඉති වා ඉති එවරූපා දූතෙය්‍යපහිණගමනානුයොගා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි දූතකම් (වැඩකාරකම්) සහ පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වාසයකරති. එනම් රජුන්ගේ, රාජ මහා ඇමතියන්ගේ, ක්ෂත්‍රියයන්ගේ, බ්‍රාහ්මණයන්ගේ, ගෙදර ප්‍රධානයන්ගේ (ගෘහපතියන්ගේ), කුමාරයන්ගේ ‘මෙහි එනු’ (ඔහේ) ‘එහාට යනු’ ‘මෙය ගෙන එනු’ ‘එහාට මෙය ගෙන යනු’ ආදී වශයෙනි. එවැනි වැඩකාරකම් (දූතකම්) හා පණිවුඩ ගෙනයාමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ කුහකා ච හොන්ති, ලපකා ච නෙමිත්තිකා ච නිප්පෙසිකා ච, ලාභෙන ලාභං නිජිගීංසිතාරො ච (ලාභෙන ලාභං නිජිගිං භිතාරො (සී. ස්‍යා.), ලාභෙන ච ලාභං නිජිගීසිතාරො (පී.)) ඉති (ඉති වා, ඉති (ස්‍යා. කං. ක.)) එවරූපා කුහනලපනා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි කුහකයෝද වෙති. සිවුපසය (සිවුරු, දන්, අසුන්, ගිලන්පස) ලබාගැනීම පිණිස වචන කියන්නෝද, නිමිති දක්වන්නෝද, අනුන්ගේ ගුණ නැතිකිරීමට කථා කිරීමෙන් ලාභ ලබන්නෝද, ලාභයෙන් ලාභයක් සොයන්නෝද වෙති. මෙවැනි කුහක (ලාභයෙන්) සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති , සෙය්‍යථිදං - අඞ්ගං නිමිත්තං උප්පාතං සුපිනං ලක්ඛණං මූසිකච්ඡින්නං අග්ගිහොමං දබ්බිහොමං ථුසහොමං කණහොමං තණ්ඩුලහොමං සප්පිහොමං තෙලහොමං මුඛහොමං ලොහිතහොමං අඞ්ගවිජ්ජා වත්ථුවිජ්ජා ඛත්තවිජ්ජා (ඛෙත්තවිජ්ජා (බහූසු)) සිවවිජ්ජා භූතවිජ්ජා භූරිවිජ්ජා අහිවිජ්ජා විසවිජ්ජා විච්ඡිකවිජ්ජා මූසිකවිජ්ජා සකුණවිජ්ජා වායසවිජ්ජා පක්කජ්ඣානං සරපරිත්තාණං මිගචක්කං ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා (වැරදි ඇදහීම් වලින් යුත්) ජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්: සාමුද්‍රිකා ශාස්ත්‍රය (අත්බැලීම හෝ ශරීරයේ අවයව බලා ශාස්ත්‍රකීම, නිමිතිකීම) අසනිපාතාදී මහත් නිමිත්තෙන් ශුභාශුභ කීම, උත්පාතය කීම, ස්වප්න (සිහින) ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, (රෙදි ආදිය මීයන් කැපූකල ශුභාශුභ කීම, මූෂික ශාස්ත්‍ර, (ගිනි දෙවියා පිදීම එනම්) ගිනිපිදීම, හැඳියාගය, (ගිනිපූජා මාර්ගයක්) දහවියා යාගය, කුඩුයාගය, හාල් යාගය, ගිතෙල් යාගය, තෙල් යාගය, මුව යාගය. (අබ ආදිය කටේ දමා මන්ත්‍ර කියා ගින්නට පිඹීම හෝ දැමීම). ලේ යාගය, අංග විද්‍යාය, (ශරීරය හෝ ඇඟිලි පූරුක් බලා ගුණ අගුණ කීම) වාස්තු විද්‍යාය, (ගෙයක බඩු ආදියේ ගුණ දොස් පෙන්වීම), නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්තිකරණ විද්‍යාව (සිවල්රුත) භූත විද්‍යාව (යක්ෂයින් දමනය කරණ විද්‍යාව), බිමගෙයි වාසය කරන්නන් විසින් ඉගෙනගතයුතු මන්ත්‍රය, සර්ප මන්ත්‍ර විද්‍යාය, විෂ විද්‍යාය, ගෝනුසු විද්‍යාය, මීයන් කෑකල පිළියම් කිරීමේ විද්‍යාය, (පක්ෂි) කුරුලු විද්‍යාය, කපුටු ශාස්ත්‍රය, ආයුෂ මෙපමණ යැයි කීම, ඊ පහරින් වළකන විද්‍යාය, මෘග පක්ෂීන්ගේ ශබ්ද දැනීමේ ශාස්ත්‍රය යනුයි. එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරණ මිථ්‍යා (වැරදි ඇදහීමෙන් යුත්) ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය ‘මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති, සෙය්‍යථිදං - මණිලක්ඛණං වත්ථලක්ඛණං දණ්ඩලක්ඛණං සත්ථලක්ඛණං අසිලක්ඛණං උසුලක්ඛණං ධනුලක්ඛණං ආවුධලක්ඛණං ඉත්ථිලක්ඛණං පුරිසලක්ඛණං කුමාරලක්ඛණං කුමාරිලක්ඛණං දාසලක්ඛණං දාසිලක්ඛණං හත්ථිලක්ඛණං අස්සලක්ඛණං මහිංසලක්ඛණං (මහිසලක්ඛණං (සී. ස්‍යා. කං. පී.)) උසභලක්ඛණං ගොලක්ඛණං අජලක්ඛණං මෙණ්ඩලක්ඛණං කුක්කුටලක්ඛණං වට්ටකලක්ඛණං ගොධාලක්ඛණං කණ්ණිකාලක්ඛණං කච්ඡපලක්ඛණං මිගලක්ඛණං ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් (වැරදි ඇදහීම් වලින් යුත් ජීවිකාවෙන්) ජීවිකාව කෙරෙත්. එනම්: මාණික්‍යයන්ගේ ශුභ අශුභ කියන මණිලක්ෂණය, දඬු ගැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩලක්ෂණය, ඇඳුම්වල ශුභ අශුභ කියන වස්ත්‍ර ලක්ෂණය, කඩු ලකුණුය, ඊ ලකුණුය, දුනු ලකුණුය, ආයුධ ලකුණුය, ස්ත්‍රීලකුණුය, පුරුෂ ලකුණුය, පිරිමි ළමයින්ගේ ලකුණුය, ගෑනු ළමයින්ගේ ලකුණුය, දාසයින්ගේ ලකුණුය, දාසීන්ගේ ලකුණුය, ඇතුන්ගේ ලකුණුය, අශ්ව ලකුණුය, මීහරක් ලකුණුය, ගොන් ලකුණුය, දෙනුන්ගේ ලකුණුය, එළුලකුණුය, බැටළු ලකුණුය, කුකුළු ලකුණුය, වටු ලකුණුය, කබරගොයින් ආදීන්ගේ (ගොධා) ලක්ෂණය - (කර්ණිකා ලක්ෂණය) හිස් කන් ආදී ආභරණ ලක්ෂණය, කැසුබුලක්ෂණය මෘග ලක්ෂණය යනුයි මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් කරණ මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති, සෙය්‍යථිදං - රඤ්ඤං නිය්‍යානං භවිස්සති, රඤ්ඤං අනිය්‍යානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං උපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං අපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං උපයානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං අපයානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං ජයො භවිස්සති, බාහිරානං රඤ්ඤං පරාජයො භවිස්සති, බාහිරානං රඤ්ඤං ජයො භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං පරාජයො භවිස්සති, ඉති ඉමස්ස ජයො භවිස්සති, ඉමස්ස පරාජයො භවිස්සති ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයාකාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකා කෙරති. එනම්: (අසවල් දින) රජුගේ බැහැරයාම වෙයි, රජුගේ ආපසු ඒම වෙයි, ඇතුළු නුවර උන් රජුගේ සමීපයට යාම වෙයි, පිට රජුන්ගේ ඉවත යෑම වෙයි, ඇතුළු නුවර රජුන්ට ජය වෙයි, පිට රජුන්ට පරාජය වෙයි, පිටරජුන්ට ජය වෙයි, ඇතුළු නුවර රජුන්ට පරාජය වෙයි, මෙසේ මොහුට ජය වන්නේය. මොහුට පරාජය වන්නේය. මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය’ “මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති, සෙය්‍යථිදං - චන්දග්ගාහො භවිස්සති, සූරියග්ගාහො (සුරියග්ගාහො (සී. ස්‍යා. කං. පී.)) භවිස්සති, නක්ඛත්තග්ගාහො භවිස්සති, චන්දිමසූරියානං පථගමනං භවිස්සති, චන්දිමසූරියානං උප්පථගමනං භවිස්සති, නක්ඛත්තානං පථගමනං භවිස්සති, නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති, උක්කාපාතො භවිස්සති, දිසාඩාහො භවිස්සති, භූමිචාලො භවිස්සති, දෙවදුද්‍රභි (දෙවදුන්දුභි (ස්‍යා. කං. පී.)) භවිස්සති, චන්දිමසූරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සංකිලෙසං වොදානං භවිස්සති, එවංවිපාකො චන්දග්ගාහො භවිස්සති, එවංවිපාකො සූරියග්ගාහො භවිස්සති, එවංවිපාකො නක්ඛත්තග්ගාහො භවිස්සති, එවංවිපාකං චන්දිමසූරියානං පථගමනං භවිස්සති, එවංවිපාකං චන්දිමසූරියානං උප්පථගමනං භවිස්සති, එවංවිපාකං නක්ඛත්තානං පථගමනං භවිස්සති, එවංවිපාකං නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති, එවංවිපාකො උක්කාපාතො භවිස්සති, එවංවිපාකො දිසාඩාහො භවිස්සති, එවංවිපාකො භූමිචාලො භවිස්සති, එවංවිපාකො දෙවදුද්‍රභි භවිස්සති, එවංවිපාකං චන්දිමසූරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සංකිලෙසං වොදානං භවිස්සති ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයාකාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකා කෙරෙති. එනම්: (අසවල් දින) චන්ද්‍රග්‍රහණය වන්නේය. සූර්යග්‍රහණය වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ග්‍රහණය වන්නේය, චන්ද්‍ර සූර්යයන්ගේ ගමන (ස්වකීය) මාර්ගයෙහි වන්නේය, චන්ද්‍ර සූර්යයන්ගේ ගමන අමාර්ගයෙහි වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ගමන (ස්වකීය) මාර්ගයෙහි වන්නේය (ග්‍රහ) තාරකාවන්ගේ ගමන අමාර්ගයෙහි වන්නේය. උල්කාපාත (තාරකා වැටීම) වන්නේය. දිසාවන් දැවීම වන්නේය. භූමිකම්පා වන්නේය. අහස ගිගුරුම් වන්නේය. චන්ද්‍ර සූර්ය (ග්‍රහ) තාරකාවන්ගේ උදාවීම, බැහීම, කෙලෙසීම පිරිසිදුවීම වන්නේය. මෙබඳු විපාක ඇති චන්ද්‍ර ග්‍රහණයක් වන්නේය. මෙබඳු විපාක ඇති සූර්යග්‍රහණයක් වන්නේය. මෙබඳු විපාක ඇති (ග්‍රහ) තාරකා ග්‍රහණයක් වන්නේය. චන්ද්‍රසූර්යයන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන වන්නේය. චන්ද්‍රසූර්යයන්ගේ මෙබඳු විපාක ඇති අමාර්ග ගමන වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති මාර්ග ගමන වන්නේය. මෙබඳු විපාක ඇති අමාර්ග ගමන වන්නේය, මෙබඳු විපාක ඇති උල්කාපාතයෙක් වන්නේය. මෙබඳු විපාක ඇති දිගුන් (දිසාවන්) දැවීමෙක් වන්නේය. මෙබඳු විපාක ඇති භූමිකම්පාවක් වන්නේය. මෙබඳු විපාක ඇති අහස ගිගිරුමක් වන්නේය. මෙබඳු විපාක ඇති චන්ද්‍ර සූර්ය (ග්‍රහ) තාරකාවන්ගේ මෙබඳු විපාක ඇති උදාවීම, බැහීම, කෙලෙසීම, පිරිසිදුවීම වන්නේය යනු දක්වන විද්‍යායි. මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති, සෙය්‍යථිදං - සුවුට්ඨිකා භවිස්සති, දුබ්බුට්ඨිකා භවිස්සති, සුභික්ඛං භවිස්සති, දුබ්භික්ඛං භවිස්සති, ඛෙමං භවිස්සති, භයං භවිස්සති, රොගො භවිස්සති, ආරොග්‍යං භවිස්සති, මුද්දා, ගණනා, සඞ්ඛානං, කාවෙය්‍යං, ලොකායතං ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයාකාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකාව කෙරෙති. එනම්: හොඳින් වැහි ඇති වන්නේය. නියඟ වන්නේය හෝ නපුරු වැහි ඇතිවන්නේය. ආහාර ආදිය සුලභ වන්නේය. ආහාර ආදිය හිඟවන්නේය. භය නැති වන්නේය. භය ඇති වන්නේය. ලෙඩ ඇති වන්නේය. ලෙඩ නැති වන්නේයයි කීමද හස්ත මුද්‍රා ආදී ලකුණු වලින් යම්දේ ප්‍රකාශ කිරීමේ ශාස්ත්‍රය, ගණිතශාස්ත්‍රය (පිණ්ඩගණිතය) ඝනප්‍රමාන දැනගැනීමේ ගණිතය, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත විතණ්ඩශාස්ත්‍රය, ලෝකස්වභා ශාස්ත්‍රය, යන මේ විද්‍යායි. මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති , සෙය්‍යථිදං - ආවාහනං විවාහනං සංවරණං විවරණං සංකිරණං විකිරණං සුභගකරණං දුබ්භගකරණං විරුද්ධගබ්භකරණං ජිව්හානිබන්ධනං හනුසංහනනං හත්ථාභිජප්පනං හනුජප්පනං කණ්ණජප්පනං ආදාසපඤ්හං කුමාරිකපඤ්හං දෙවපඤ්හං ආදිච්චුපට්ඨානං මහතුපට්ඨානං අබ්භුජ්ජලනං සිරිව්හායනං ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයා කාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙති. එනම්: විවාහ කැඩවීම, විවාහ කරවීම, හිත්දිනා ගැනීම පිණිස වචන කීම, වියෝග කරවීම, වස්තු රැස්කරවීම, වියදම් කරවීම යහපත් ශ්‍රීයාව ඇති කරවීම යහපත් ශ්‍රියාව නැති කරවීම, ගැප් (ගර්භය) නොනස්නාසේ රැකීම, දිව බැඳීම, හක්ක බැඳීම, අත් පෙරළවන පිණිස මන්ත්‍ර කිරීම, කන් නොඇසීමට මන්ත්‍ර කිරීම, (කැඩපත්හි) මූණ බලන කන්නාඩියක දේවතාවන් පිහිටුවා ප්‍රශ්න ඇසීම, (අංජනම්), ආවේසවූ ගෑණුදරුවන්ගෙන් ප්‍රශ්න ඇසීම දෙවිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීම, සූර්යයාට නමස්කාර කිරීම, බ්‍රහ්මයාට නමස්කාර කිරීම, කටින් ගිනිදැල් පිටකිරීමය, ශ්‍රීදෙවිය කැඳවීම යනුයි. එවැනි ලාමක පහත් විද්‍යායෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නෝය.
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති, සෙය්‍යථිදං - සන්තිකම්මං පණිධිකම්මං භූතකම්මං භූරිකම්මං වස්සකම්මං වොස්සකම්මං වත්ථුකම්මං වත්ථුපරිකම්මං ආචමනං න්හාපනං ජුහනං වමනං විරෙචනං උද්ධංවිරෙචනං අධොවිරෙචනං සීසවිරෙචනං කණ්ණතෙලං නෙත්තතප්පනං නත්ථුකම්මං අඤ්ජනං පච්චඤ්ජනං සාලාකියං සල්ලකත්තියං දාරකතිකිච්ඡා මූලභෙසජ්ජානං අනුප්පදානං ඔසධීනං පටිමොක්ඛො ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය. ‘‘ඉදං ඛො, භික්ඛවෙ, අප්පමත්තකං ඔරමත්තකං සීලමත්තකං, යෙන පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය.
“සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකාව කෙරෙති. එනම්: බාරහාරවීම, බාරහාර ඔප්පු කිරීම බිම්ගෙයි සිට උගත් මන්ත්‍ර යොදා ක්‍රියා කිරීම, නපුංසකයා පුරුෂයෙකු කිරීම, පුරුෂයා නපුංසක කිරීම, ගෙවල් තැනීම, ගෙවල් සෑදීමට සුදුසු තැන බලියාග පැවැත්වීම, (අනුහස් ඇතැයි කියන) වතුරෙන් කට ශුද්ධ කරවීම, අනුන් නැහැවීම අනුන් සඳහා ගිනි පිදීම, වමනකරවීම, විරෙචන කරවීම, ඌද්ධව විරෙචනය (ළය විරෙකය) අධො (පහතින්) විරෙචනය සිරෝ (බෙල්ලෙන් උඩ) විරෙචනය, කනේ තෙල් දැමීම, ඇඟේ බෙහෙත් දැමීම, නස්‍ය කිරීම, ඇසට අඳුන් ගෑම, අඳුන් ආදී සිහිල් බෙහෙත් ගෑම, (සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්‍යකර්මය, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, (තද) බෙහෙතෙහි විෂ මැරීම යනුයි. එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍යා ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය,’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා මෙසේ හෝ ගුණ කියන්නේය. මහණෙනි, ඉදින් කෙලෙස් සහිත ජනයා තථාගතයන්ගේ ගුණ වශයෙන් මෙබන්දක් කියාද එය සුළු දෙයකි, අඩු දෙයකි, සුළු ස්වභා ගතියකි.
‘‘අත්ථි , භික්ඛවෙ, අඤ්ඤෙව ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං. කතමෙ ච තෙ, භික්ඛවෙ, ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං?
“මහණෙනි, අන්‍ය ධර්මයද ඇත්තාහ. ගැඹුරුවූ දුකසේ දැක්කාවූ, දුකසේ වටහා ගත්තාවූ, තර්කයෙන් දැන ගත නොහැකිවූ, සියුම්වූ පණ්ඩිතයින් විසින් ගරුකළ යුතුවූ යම් ධර්ම ඇත්තේද එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන පිඩු (පසක්) කොට දේශනා කළෝද ඒ ධර්මයෙන් තථාගතයන්ගේ (විද්‍යමාන) ගුණ හොඳින් ප්‍රකාශවේ. (දැක්වේ) පැහැදිලිව පෙනේ. මහණෙනි, ගැඹුරුවූ දුකසේ දැක්කාවූ, දුකසේ වටහාගත්තාවූ, මිහිරිවූ තර්කයෙන් දැනගත නොහැකිවූ, සියුම්වූ, පණ්ඩිතයින් විසින් ගරුකළ යුතුවූ යම් ධර්ම ඇත්තේද, එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන පිඩුකොට දේශනා කළෝද ඒ ධර්මයෙන් තථාගතයන්ගේ පැහැදිලිව පෙනෙන ගුණ හොඳින් ප්‍රකාශවේ. ඒ ධර්ම කවරහුද,
‘‘සන්ති , භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො, පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි (අධිවුත්තිපදානි (සී. පී.)) අභිවදන්ති අට්ඨාරසහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති අට්ඨාරසහි වත්ථූහි?
“මහණෙනි, සමහර පින්වත් මහණ බමුණෝ පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරති. පෙර ස්කන්ධ කොටස් ගැන ඇදහීම ඇත්තෝ වෙති. ඔවුහු පෙර ස්කන්ධයන් ගැන නොයෙක් ආකාර ඇදහීම් දහ අට ආකාරයකින් ප්‍රකාශ කරති. ඒ පින්වත් මහණ බමුණෝ කවර කරුණක් පිළිගෙන කුමන දෙයක් උදෙසා පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරත්ද? පෙර ස්කන්ධ ගැන ඇදහීම් ඇත්තෝ පෙර ස්කන්ධයන් ගැන නොයෙක් ආකාර මත ප්‍රකාශ කිරීම් දහඅට ආකාරයකින් කියත්ද?
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා සස්සතවාදා, සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි?
“සමහර ඒ පින්වත් මහණ බමුණෝ සදාකාලික බව විශ්වාස කර ආත්මයද ලෝකයද සදාකාලිකයයි සතර ආකාරයකින් දක්වති. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොටගෙන කුමක් උදෙසා ආත්මයත් ලෝකයත් සදාකාලික යයි සතර කරුණකින් ප්‍රකාශ කරත්ද?
‘‘ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ ( ) ((පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපත්තිලෙසෙ) (ස්‍යා. ක.)) අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාලීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකානිපි ජාතිසතානි අනෙකානිපි ජාතිසහස්සානි අනෙකානිපි ජාතිසතසහස්සානි - ‘අමුත්‍රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං; තත්‍රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. ‘‘සො එවමාහ - ‘සස්සතො අත්තා ච ලොකො ච වඤ්ඣො කූටට්ඨො එසිකට්ඨායිට්ඨිතො; තෙ ච සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති, අත්ථිත්වෙව සස්සතිසමං. තං කිස්ස හෙතු? අහඤ්හි ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසාමි, යථාසමාහිතෙ චිත්තෙ අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි සෙය්‍යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාලීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකානිපි ජාතිසතානි අනෙකානිපි ජාතිසහස්සානි අනෙකානිපි ජාතිසතසහස්සානි - අමුත්‍රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං; තත්‍රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නොති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. ඉමිනාමහං එතං ජානාමි ‘‘යථා සස්සතො අත්තා ච ලොකො ච වඤ්ඣො කූටට්ඨො එසිකට්ඨායිට්ඨිතො; තෙ ච සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති, අත්ථිත්වෙව සස්සතිසම’’න්ති. ඉදං, භික්ඛවෙ, පඨමං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති.
“මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් හෝ (කෙලෙස් හීනකිරීමට) වීර්යයෙන් වීර්යය නිතර යෙදීමෙන්, වීර්යය නැවත නැවත යෙදීමෙන්, නොපමාවීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන් යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටිතැන් සිහි කරත්ද? එනම්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතලිහක් ද, ජාති පනහක්ද, ජාති සියයක්ද, ජාති දාහක්ද, ජාති සියදහසක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක් මෙබඳු ආහාරයක්, මෙබඳු සුව දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. එහිදී මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්. මෙබඳු ආහාර, මෙබඳු සුව දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. එයින් චුතවී මෙහි ඉපදුනෙමි.’ මෙසේ යහපත් ආකාරවූ උදෙසීම් (පුරුදු කිරීම) සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහිකරති. ‘ඒ (දෘෂ්ටි හීතතෙම)පෙර උත්පත්ති දකින්නා මෙසේ කියයි. ‘ආත්මයද ලෝකයද සදාකාලිකය. කිසිත් නූපදවයි, පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. එහෙයින් ඒ ආත්මය ආශ්‍රය කළ සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත්වෙති, එයින් මිදී යති. උපදිත්, සදාකල් සිටිති. ඊට කරුණු කවරේද? මම කෙලෙස් හීනකරන වීර්යයෙන් වීර්ය නිතර යෙදීමෙන්, වීර්යය නැවත නැවත යෙදීමෙන්, නොපමාවීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන්, යම් පරිද්දකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටිතැන් සිහි කෙළෙම්ද, එලෙසින් පෙර උත්පත්ති සිහිකිරීමේ ඥානය ලැබුවෙමි. එනම්, එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතලිහක්ද, ජාති පණහක්ද, ජාති සියයක්ද, ජාති දාහක්ද, ජාති සියදහසක්ද, නොයෙක් සියගණන් ජාතිද, නොයෙක් දහස්ගණන් ජාතිද, නොයෙක් සියදහස් ගණන් ජාතිද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සුව දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි, ඉන් චුතවී ගොස් අසවල් තැන ඉපදුනෙමි. එහිදී මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සුව දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. එයින් චුතව මෙහි ඉපදුනෙමි. මෙසේ යහපත් ආකාරවූ උදෙසීම් (පුරුදු කිරීම්) සහිතවූ නොයෙක් ආකාර පෙර ජීවත්වූ පිළිවෙළ සිහිකරමි ආත්මයද ලෝකයද සදාකාලිකය. කිසිත් නූපදවයි. පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ ආත්මය ආශ්‍රය කළ සත්වයෝ භවයෙන් භවයට යති. ජීවත් වෙති එයින් මිදී යති. උපදිත්. සදාකාලික වස්තු මෙන් නිතර නොවෙනස්ව ආත්මය ඇති බව ඒ කාරණයෙන් මම දනිමි’යි කියායි. “මහණෙනි, මේ ඒ ප්‍රථම කාරණයයි, යම් කරුණක් නිසා යමක් හේතුකොටගෙන සමහර මහණ බමුණෝ සදාකාලික බව ගැන ඇදහීම් ඇතුව ආත්මය හා ලෝකය සදාකාලිකයයි ප්‍රකාශ කරයි.
‘‘දුතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං - එකම්පි සංවට්ටවිවට්ටං ද්වෙපි සංවට්ටවිවට්ටානි තීණිපි සංවට්ටවිවට්ටානි චත්තාරිපි සංවට්ටවිවට්ටානි පඤ්චපි සංවට්ටවිවට්ටානි දසපි සංවට්ටවිවට්ටානි - ‘අමුත්‍රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං; තත්‍රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. ‘‘සො එවමාහ - ‘සස්සතො අත්තා ච ලොකො ච වඤ්ඣො කූටට්ඨො එසිකට්ඨායිට්ඨිතො; තෙ ච සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති, අත්ථිත්වෙව සස්සතිසමං. තං කිස්ස හෙතු? අහඤ්හි ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසාමි යථාසමාහිතෙ චිත්තෙ අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. සෙය්‍යථිදං - එකම්පි සංවට්ටවිවට්ටං ද්වෙපි සංවට්ටවිවට්ටානි තීණිපි සංවට්ටවිවට්ටානි චත්තාරිපි සංවට්ටවිවට්ටානි පඤ්චපි සංවට්ටවිවට්ටානි දසපි සංවට්ටවිවට්ටානි. අමුත්‍රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං; තත්‍රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නොති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. ඉමිනාමහං එතං ජානාමි ‘‘යථා සස්සතො අත්තා ච ලොකො ච වඤ්ඣො කූටට්ඨො එසිකට්ඨායිට්ඨිතො, තෙ ච සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති, අත්ථිත්වෙව සස්සතිසම’’න්ති. ඉදං, භික්ඛවෙ, දුතියං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති.
“දෙවෙනි කාරණයෙහිද පින්වත් මහණ බමුණෝ කුමක් නිසා කුමක් හේතුකොටගෙණ සදාකාලික බව ගැන ඇදහීම් ඇතුව ආත්මය හා ලෝකය සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද? ‘මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් (කෙලෙසුන් හීනකිරීමට) වීර්ය කොට, වීර්යය නිතර යොදා, වීර්යය නැවත නැවත යොදා, පමානොවී, යහපත් මෙනෙහි කිරීම කොට, යම්පරිද්දෙකින් සිත එකඟවූ කල, නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටිතැන් සිහිකෙරේද, එලෙසින් පෙර උත්පත්ති සිහිකිරීමේ ඥානය ලබයි. එනම්:- ‘සංවට්ට* විවට්ට+’ නම් එක් කල්පයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දෙකක්ද ‘සංවට්ට විවට්ට’ නම් කල්ප තුනක්ද ‘සංවට්ට විවට්ට’ නම් කල්ප සතරක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප පහක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දහයක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සුවදුක් මෙබඳු ආයුෂ ඇත්තෙක් වීමි. ඉන් චුතවී අසවල් තැන ඉපදුනෙමි. එහිදී මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සුව දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. ඒ මම ඉන් චුතවීමෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහිකරයි. * සංවට්ට- අන්තඃකල්ප විස්සක් පමණවූ විනාශවේගන යන කාලය. + විවට්ට- අන්තඃකල්ප විස්සක් පමණවූ වැඩීගන යන කාලය. “ඔහු මෙසේ කියයි;- ‘ආත්මයද ලෝකයද සදාකාලිකය, එයින් යමක් නූපදී, පර්වතයක් මෙන් සිටියේය. මන්දාරපර්වතය මෙන් සිටියේය. ඒ සත්වයෝද භවයෙන් භවයට යති, ජාතියෙන් ජාතියට ගමන් කරති, චුතවෙත්, උපදිත්, සදාකාලික වස්තු මෙන් නොනැසී සිටිත්. ඊට කරුණු කුමක්ද? මම කෙලෙස් හීන කරන වීර්යයෙන් වීර්යය නිතර යෙදීමෙන්, වීර්ය නැවත නැවත යෙදීමෙන්, නොපමාවීමෙන්, යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටිතැන් සිහිකෙළෙමි. එනම්:- ‘සංවට්ට විවට්ට’ නම් එක් කල්පයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දෙකක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප තුනක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප සතරක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප පහක්ද ‘සංවට්ටවිවට්ට’ නම් කල්ප දහයක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සැප දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. ඉන් චුතවී මෙහි ඉපදුනෙමි. මෙයාකාර තේරුම්කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහිකෙරෙමි. ආත්මයද ලෝකයද නිත්‍යය. එයින් යමක් නූපදී, පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ආත්මයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති, ජාතියෙන් ජාතියට ගමන් කරති, චුතවෙත්, උපදිත් මහමෙර ආදිය මෙන් නොනැසී ඇත්තේ යයි මේ කරුණින්ද නිත්‍යභාවය දනිමි’යි කියායි. “මහණෙනි, යම්කරුණක් උදෙසා ඇතැම් මහණබමුණෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලික මෙන් ප්‍රකාශ කරත්ද, මේ ඒ දෙවැනි කාරණයයි.
‘‘තතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං - දසපි සංවට්ටවිවට්ටානි වීසම්පි සංවට්ටවිවට්ටානි තිංසම්පි සංවට්ටවිවට්ටානි චත්තාලීසම්පි සංවට්ටවිවට්ටානි - ‘අමුත්‍රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං; තත්‍රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. ‘‘සො එවමාහ - ‘සස්සතො අත්තා ච ලොකො ච වඤ්ඣො කූටට්ඨො එසිකට්ඨායිට්ඨිතො; තෙ ච සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති, අත්ථිත්වෙව සස්සතිසමං. තං කිස්ස හෙතු? අහඤ්හි ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසාමි, යථාසමාහිතෙ චිත්තෙ අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. සෙය්‍යථිදං - දසපි සංවට්ටවිවට්ටානි වීසම්පි සංවට්ටවිවට්ටානි තිංසම්පි සංවට්ටවිවට්ටානි චත්තාලීසම්පි සංවට්ටවිවට්ටානි - ‘අමුත්‍රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං; තත්‍රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නොති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. ඉමිනාමහං එතං ජානාමි ‘‘යථා සස්සතො අත්තා ච ලොකො ච වඤ්ඣො කූටට්ඨො එසිකට්ඨායිට්ඨිතො, තෙ ච සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති, අත්ථිත්වෙව සස්සතිසම’’න්ති. ඉදං, භික්ඛවෙ, තතියං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති.
“තුන් වැනි කරුණෙහිද පින්වත් මහණ බමුණෝ කුමක් හේතුකොට කුමක් නිසා සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද? “මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් (කෙලෙසුන් හීනකිරීමට) වීර්යකොට, වීර්යය නිතර යොදා, වීර්යය නැවත නැවත යොදා, නොපමාවී, යහපත් මෙනෙහි කිරීම් කොට යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටි තැන් සිහි කෙරේද, එලෙසින් පෙර උත්පත්ති සිහිකිරීමේ ඥානය ලබයි. එනම්:- ‘සංවට්ට විවට්ට’ නම් එක් කල්පයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දෙකක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප තුනක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප සතරක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප පහක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දහයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප විස්සක්ද, සංවට්ට විවට්ට’ නම් කල්ප තිහක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප හතලිහක්ද, අසවල් තැන ඉපදුනෙමි. මෙබඳු නමක්, මෙබඳු ගොත්‍රයක් මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සැපදුක්, මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම ඉන් චුතව ගොස් අසවල් තැන උපන්නෙමි. එහිදී මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක්, මෙබඳු රූපයක්, මෙබඳු සැප දුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක් වීමි. ඒ මම ඉන් චුතව ගොස් මෙහි උපනිමි’යි කියායි. “මෙයාකාර තේරුම්කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන්තැන් සිහිකරයි. ඔහු මෙසේ කියයි:- ආත්මයද ලෝකයද සදාකාලිකය, එයින් යමක් නූපදී, පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ ආත්මයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති, හැසිරෙති. චුතවෙත්, උපදිත්; සදාකාලික වස්තු මෙන් පවතිත්. ඊට කරුණු කුමක්ද මම කෙලෙස් හීන කරන වීර්යයෙන්, වීර්යය නිතර යෙදීමෙන් වීර්යය නැවත නැවත යෙදීමෙන්, නොපමාවීමෙන් මෙබඳු චිත්තසමාධියක් ලදිමි. කෙබඳුවූද යත්:- යම්සේ සිත එකඟවූ කල නොයෙක් ආකාර පෙර (ජාතිවල) සිටිතැන් සිහි කෙළෙමි එනම්:- ‘සංවට්ට විවට්ට’ නම් කල්ප දහයක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප විස්සක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප තිහක්ද, ‘සංවට්ට විවට්ට’ නම් කල්ප හතලිහක්ද, අසවල් තැන උපන්නෙමි. මෙබඳු නාමයක්, මෙබඳු ගොත්‍රයක් මෙබඳු රූපයක්, මෙබඳු ආහාර, මෙබඳු සැපදුක්, මෙබඳු ආයුෂ ඇත්තෙක්වීමි. ඉන් චුතවී මෙහි උපන්නෙමි. මෙයාකාර තේරුම් කරදීම් සහිත නොයෙක් පෙර ජාතිවල උපන් තැන් සිහි කෙළෙමි. මේ කරුණෙන්ද මෙය මම දනිමි. ඒ කුමක්ද? ආත්මයද ලෝකයද සදාකාලිකය, එයින් යමක් නූපදී, පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. සත්වයෝද භවයෙන් භවයට යති, හැසිරෙති, චුත වෙත්, උපදිත්, සදාකාලික දේ සමව සිටිත් යනුයි. ‘මහණෙනි, යම් කරුණක් උදෙසා ඇතැම් මහණ බමුණෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලික මෙන් ප්‍රකාශ කරත්ද, මේ ඒ තුන්වැනි කාරණයයි.
‘‘චතුත්ථෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා තක්කී හොති වීමංසී, සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයං පටිභානං එවමාහ - ‘සස්සතො අත්තා ච ලොකො ච වඤ්ඣො කූටට්ඨො එසිකට්ඨායිට්ඨිතො; තෙ ච සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති, අත්ථිත්වෙව සස්සතිසම’න්ති . ඉදං, භික්ඛවෙ, චතුත්ථං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති.
“හතරවැනි කරුණෙහිද පින්වත් මහණ බමුණෝ සදාකාලික බවක් අදහා කුමක් හේතුකොට කුමක් නිසා සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද? ‘මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් තර්ක ඥානයෙන් විමසයි. ඔහු තර්කයෙන් සම්පූර්ණයෙන් විමසීමෙන් ලබන ලද තමන්ගේ වැටහීම ලැබ මෙසේ කියයි. ‘ආත්මයද ලෝකයද සදාකාලිකය, එයින් යමක් නූපදී, පර්වතයක් මෙන් සිටියේය. මන්දාර පර්වතය මෙන් සිටියේය. ඒ ආත්මයෙන් යුත් සත්වයෝද භවයෙන් භවයට යති, ජාතියෙන් ජාතියට ගමන් කරති, චුතවෙත්, උපදිත්, සදාකාලික වස්තු මෙන් නොනැසී සිටිත්’ යනුයි. “මහණෙනි, යම් කරුණක් උදෙසා ඇතැම් මහණ බමුණෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලික මෙන් ප්‍රකාශ කරත්ද? මේ හතරවැනි කාරණයයි.
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව චතූහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන; නත්ථි ඉතො බහිද්ධා.
“මහණෙනි, සදාකාලික බව අදහන ඒ මේ මහණ බමුණෝ, මේ කරුණු සතරින් ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරති. “මහණෙනි, යම් මහණහු හෝ බමුණෝ හෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද ඒ සියල්ලෝ මෙකී හතර කාරණයෙන්ම හෝ එයින් එකකින් හෝ ප්‍රකාශ කරති. මේ හැර වෙන අනික් කාරණයක් නැත්තේමය.
‘‘තයිදං , භික්ඛවෙ, තථාගතො පජානාති - ‘ඉමෙ දිට්ඨිට්ඨානා එවංගහිතා එවංපරාමට්ඨා එවංගතිකා භවන්ති එවංඅභිසම්පරායා’ති, තඤ්ච තථාගතො පජානාති, තතො ච උත්තරිතරං පජානාති; තඤ්ච පජානනං (පජානං (?) දී. නි. 3.36 පාළිඅට්ඨකථා පස්සිතබ්බං) න පරාමසති, අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමුත්තො, භික්ඛවෙ, තථාගතො.
“මහණෙනි, මේ ඒ කරුණු හතර තථාගතයෝ හොඳින් දනිති. මේ (මිසදිටු) වැරදි මතයෙන් යුත් කරුණු මෙසේ ගත් ඇත්තෝ වෙත්. මේ නැවත නැවත ගැණීම් වශයෙන් (තර්කයෙන්) තීරණ කරගත් ඇත්තෝ වෙත්. මේ මෙබඳු ගති ඇත්තෝ වෙත්. මෙබඳු පරලොව ඇත්තෝ වෙත් යනුයි. තථාගතයෝ එය හොඳින් දනිති. ඉන් මත්තෙහිවූ දේද හොඳින් දනිති. ඒ හොඳ දැනුම (තර්කයෙන්) තීරණය කර නොගනිති. කෙලෙස් නැතිකිරීම තථාගතයන් විසින් දන්නා ලද්දේ (තර්කයෙන්) ලැබූ තීරණයෙන් නොවේ. මහණෙනි, (දුක හෝ සැප) ආදී වේදනා ඇතිවීමේ හේතුවද, එය දුරුවීමේ හේතුවද, රස විඳීමද, ප්‍රතිඵලද, හික්මීමද ඇතිසැටියෙන් දැන තථාගතයෝ කාමාදියෙන් තොරව කෙලෙසුන්ගෙන් මිදුනෝය.
‘‘ඉමෙ ඛො තෙ, භික්ඛවෙ, ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං.
“මහණෙනි, ගැඹුරුවූ දැක්මට දුෂ්කරවූ, දුකසේ අවබෝධ කරගත්තාවූ, ශාන්තවූ, මිහිරිවූ තර්කයෙන්ම වටහා ගත නොහැකිවූ සියුම්වූ නුවණැත්තන් විසින් ගරු කළයුතුවූ යම් ධර්මයක් ඇත්ද, ඒ ධර්ම තථාගතයෝ උසස් ඥානයෙන් තමන්ම පැහැදිලි ලෙස දැන ප්‍රකාශ කළෝය. යම් ධර්මයන් කරණකොටගෙන තථාගතයන්ගේ ගුණය ඇතිහැටි හොඳාකාර කියනු කැමැත්තෝ කියති.
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි?
“මහණෙනි, එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේයයි අදහන්නාවූ සමහර මහණ බමුණෝ ආත්මය සහ ලෝකය එක් කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේයයි කරුණු හතරකින් ප්‍රකාශ කරති. “ඒ පින්වත් මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකවූ එක් කොටසක් සදාකාලික නොවූ ආත්මයද, ලෝකයද, එක් කොටසක් සදාකාලිකයයිද, එක් කොටසක් සදාකාලික නොවේයයිද, කුමක් හේතුකොට කුමක් නිසා සතර කරුණකින් ප්‍රකාශ කරත්ද?
‘‘හොති ඛො සො, භික්ඛවෙ, සමයො, යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො සංවට්ටති. සංවට්ටමානෙ ලොකෙ යෙභුය්‍යෙන සත්තා ආභස්සරසංවත්තනිකා හොන්ති. තෙ තත්ථ හොන්ති මනොමයා පීතිභක්ඛා සයංපභා අන්තලික්ඛචරා සුභට්ඨායිනො, චිරං දීඝමද්ධානං තිට්ඨන්ති.
“මහණෙනි, යම්කිසි කලක දීර්ඝ කාලයක් පසුවීමෙන් මේ ලෝකය වැනසෙන කාලයක් වන්නේය. ලොව වැනසෙන කල බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බඹලොව උපදිති. ඔව්හු එහි සිතින් ධ්‍යාන බලයෙන් ඉපිද, ප්‍රීතිය ආහාර කොටගෙන, තමාම බබළන්නේ, අහසේ හැසිරෙමින්, හිත් ප්‍රිය කරන ඇඳුම් පැළඳුම් ඇතිව සිටින්නෝ වෙත්. ඔව්හු එහි බොහෝ කාලයක් සිටිති.
‘‘හොති ඛො සො, භික්ඛවෙ, සමයො, යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො විවට්ටති. විවට්ටමානෙ ලොකෙ සුඤ්ඤං බ්‍රහ්මවිමානං පාතුභවති. අථ ඛො අඤ්ඤතරො සත්තො ආයුක්ඛයා වා පුඤ්ඤක්ඛයා වා ආභස්සරකායා චවිත්වා සුඤ්ඤං බ්‍රහ්මවිමානං උපපජ්ජති. සො තත්ථ හොති මනොමයො පීතිභක්ඛො සයංපභො අන්තලික්ඛචරො සුභට්ඨායී, චිරං දීඝමද්ධානං තිට්ඨති.
“මහණෙනි, යම්කිසි විටක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හටගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සත්වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින්ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදී. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතුව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එහි දීර්ඝ කාලයක් සිටී.
‘‘තස්ස තත්ථ එකකස්ස දීඝරත්තං නිවුසිතත්තා අනභිරති පරිතස්සනා උපපජ්ජති - ‘අහො වත අඤ්ඤෙපි සත්තා ඉත්ථත්තං ආගච්ඡෙය්‍යු’න්ති. අථ අඤ්ඤෙපි සත්තා ආයුක්ඛයා වා පුඤ්ඤක්ඛයා වා ආභස්සරකායා චවිත්වා බ්‍රහ්මවිමානං උපපජ්ජන්ති තස්ස සත්තස්ස සහබ්‍යතං. තෙපි තත්ථ හොන්ති මනොමයා පීතිභක්ඛා සයංපභා අන්තලික්ඛචරා සුභට්ඨායිනො, චිරං දීඝමද්ධානං තිට්ඨන්ති.
“ඔහු කලක් එහි තනිව විසූ බැවින්, පසුතැවීමක් හා කලකිරීමක් ඇතිවෙයි. ‘වෙනත් සත්වයෝ ද මේ භවයට එත්නම් ඉතා හොඳය’යි පැතීමෙන්, සිතෙහි චංචල බවක්ද ඇතිවිය. ඉන් පසු ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් වෙනත් සත්වයෝ ද ආභස්සර බඹලොවින් චුතව බඹ විමනෙහි උපදිත්. ඒ සත්වයාගේ සහාය බවට පැමිණෙත් ඔව්හුද එහි සිත හට ගෙන, ප්‍රීතිය ආහාර කොටගෙන, තමන්ගේම ආලෝක ඇතුව ශුභ විමානයෙහි සිට අහසේ හැසිරී දීර්ඝ කාලයක් සිටිති.
‘‘තත්‍ර , භික්ඛවෙ, යො සො සත්තො පඨමං උපපන්නො තස්ස එවං හොති - ‘අහමස්මි බ්‍රහ්මා මහාබ්‍රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සෙට්ඨො සජිතා (සජ්ජිතා (ස්‍යා. කං.)) වසී පිතා භූතභබ්‍යානං. මයා ඉමෙ සත්තා නිම්මිතා. තං කිස්ස හෙතු? මමඤ්හි පුබ්බෙ එතදහොසි - ‘‘අහො වත අඤ්ඤෙපි සත්තා ඉත්ථත්තං ආගච්ඡෙය්‍යු’’න්ති. ඉති මම ච මනොපණිධි, ඉමෙ ච සත්තා ඉත්ථත්තං ආගතා’ති. ‘‘යෙපි තෙ සත්තා පච්ඡා උපපන්නා, තෙසම්පි එවං හොති - ‘අයං ඛො භවං බ්‍රහ්මා මහාබ්‍රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සෙට්ඨො සජිතා වසී පිතා භූතභබ්‍යානං. ඉමිනා මයං භොතා බ්‍රහ්මුනා නිම්මිතා. තං කිස්ස හෙතු? ඉමඤ්හි මයං අද්දසාම ඉධ පඨමං උපපන්නං, මයං පනම්හ පච්ඡා උපපන්නා’ති.
“මහණෙනි, එවිට යම් ඒ සත්වයෙක් මුලින් උපන්නේද ඔහුට මෙසේ සිතෙයි. ‘මම බ්‍රහ්මවෙමි, මහා බ්‍රහ්මවෙමි. අනික් අය යටත් කර සිටින්නෙමි. අනුන් විසින් යටත් කළ නොහැකි වන්නෙමි. එකාන්තයෙන් සියල්ල දකිමි. අනුන් මා යටතට ගනිමි. ලෝකයට ප්‍රධාන වෙමි. ලොක කර්තෘ වෙමි. ලෝකය මැවුම්කාරයා වෙමි. ලොවට උතුම්වෙමි ලොව බෙදන්නෙක් වෙමි. වසඟ කරගන්නෙක් වෙමි. උපන්නාවූද උපදින්නාවූද, ලෝකයාගේ පියා වෙමි. මේ සත්වයෝ මවිසින් මවන ලද්දෝය. කුමක් හෙයින්ද යත්, අහෝ තව සත්වයෝත් මේ භවයට එන්නෝ නම් යහපතැ’යි පූර්වයෙහි මට මෙසේ සිතක් ඇතිවිය, එබැවින් ඒ මගේ හිතේ ප්‍රර්ථනාවෙන් මේ සත්වයෝ මේ භවයට පැමිණියෝය’යනුයි. ඒ යම් සත්වයෙක් පසුව උපන් විට ඔහුටද මෙසේ සිතෙක් වෙයි- ‘මේ පින්වත් අය බ්‍රහ්මය, මහාබ්‍රහ්මය, සෙස්සන් මැඩපවත්වන්නෙකි, අනුන් විසින් මැඩනොපවත්වන්නෙකි, ඒකාන්තයෙන් සියල්ල දකින්නෙකි, වසවර්තියෙකි, ප්‍රධානයෙකි, ලොක කර්තෘය, ලෝකය මැවුම්කාරයෙක, උත්තමයෙකි, ලොව බෙදන්නෙකි, වසඟකර ගන්නෙකි, උපන් ලෝකයාගේ පියෙකි, මේ පින්වත් බඹහු විසින් අපි මවන ලද්දෙමු. එයට හේතුව කුමක්ද? අප මෙහි පැමිණ පළමු උපන්නාවූ මොහු දුටුවෙමු. අපි පසුව ඉපදුනෙමු’ යනුයි.
‘‘තත්‍ර, භික්ඛවෙ, යො සො සත්තො පඨමං උපපන්නො, සො දීඝායුකතරො ච හොති වණ්ණවන්තතරො ච මහෙසක්ඛතරො ච. යෙ පන තෙ සත්තා පච්ඡා උපපන්නා, තෙ අප්පායුකතරා ච හොන්ති දුබ්බණ්ණතරා ච අප්පෙසක්ඛතරා ච.
“මහණෙනි, ඒ යම් පළමුව උපන් සත්වයෙක්වේද ඔහු ඉතා දීර්ඝ ආයුෂ ඇත්තෙක්ද, ඉතා උතුම් රුව ඇත්තෙක්ද, මහා පිරිවර ඇත්තෙක්ද වෙයි. ඒ යම් සත්වයෙක් පසුව උපන්නේද, ඔහු ඉතා අඩු ආයුෂද, ඉතා රුවෙන් අඩුවූද, පිරිවර නැත්තෙක්ද වේ.
‘‘ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති, යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ තං පුබ්බෙනිවාසං අනුස්සරති , තතො පරං නානුස්සරති. ‘‘සො එවමාහ - ‘යො ඛො සො භවං බ්‍රහ්මා මහාබ්‍රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සෙට්ඨො සජිතා වසී පිතා භූතභබ්‍යානං, යෙන මයං භොතා බ්‍රහ්මුනා නිම්මිතා, සො නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො සස්සතිසමං තථෙව ඨස්සති. යෙ පන මයං අහුම්හා තෙන භොතා බ්‍රහ්මුනා නිම්මිතා, තෙ මයං අනිච්චා අද්ධුවා අප්පායුකා චවනධම්මා ඉත්ථත්තං ආගතා’ති. ඉදං ඛො, භික්ඛවෙ, පඨමං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති.
මහණෙනි, මේ කාරණය සිද්ධවේ. එනම් එක්තරා සත්වයෙක් ඒ බ්‍රහ්ම භවයෙන් චුතව මේ මිනිස් බවට පැමිණේ. “මේ භවයට ආවාවූ ඔහු ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව කෙලෙස් හීන කිරීමේ වීර්ය කොට, එම වීර්ය පුහුණුකර, එම වීර්ය නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, හොඳින් භාවනා කිරීමට පැමිණ, යම්සේ හිත එකඟ කරගත් විට තමන්ගේ පෙර ජාතිය සිහි කෙරේද, ඒ පෙර ජාතියෙන් මතු සිහි නොකෙරේද, ඔහු මෙසේ කියයි. “යම් බ්‍රහ්මයෙක් වේද ඔහු මහා බ්‍රහ්මයාය. මැඩ පවත්වන්නෙක, මැඩපැවැත්විය නොහැක්කේය. අනුමානයක් නැතිව යමක් දන්නෙකි, යටත් කරන්නෙකි, ප්‍රධානයෙකි, සාදන්නෙකි, මවන්නෙකි, ඉතා උසස්ය. බෙදන්නෙකි, වසඟ කරගන්නෙකි, සත්වයින්ට පියෙකි. ඒ යම් යහපත් බඹකු විසින් අපි මවන ලද්දාහුවෙමුද, ඔහු නිත්‍යය, ඒකාන්තය, සදාකාලිකය, වෙනස් නොවන ගතියෙන් යුක්තය, සදාකාලික වස්තූන් සමග සම්බන්ධවූ කල එසේම සිටිනේය. ඒ යහපත් බඹු විසින් අපි මවන ලද්දාහුවෙමුද, ඒ අපි අනිත්‍යය, ස්ථිර නැත, ආයුෂ අඩුය, සිටි භවයෙන් චුතව මේ ආත්ම භාවයට ආවෙමු’යි. “මහණෙනි, යම් කරුණකට පැමිණ, යමක් නිසා එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවෙය යන මතය ඇති සමහර මහණ බමුණෝ කොටසක් නිත්‍ය කොට කොටසක් අනිත්‍ය කොට ප්‍රකාශ කරත්ද මේ ඒ ප්‍රථම කරුණයි.
‘‘දුතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? සන්ති, භික්ඛවෙ, ඛිඩ්ඩාපදොසිකා නාම දෙවා, තෙ අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නා (හසඛිඩ්ඩාරතිධම්මසමාපන්නා (ක.)) විහරන්ති. තෙසං අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නානං විහරතං සති සම්මුස්සති (පමුස්සති (සී. ස්‍යා.)). සතියා සම්මොසා තෙ දෙවා තම්හා කායා චවන්ති.
“දෙවැනිව, පින්වත් මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇතුව ආත්මයද, ලෝකයද, කොටසක් නිත්‍යකොට කොටසක් අනිත්‍යකොට කුමක් හේතු කොට ගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද? “මහණෙනි, ක්‍රීඩාවෙන් නැසෙන්නා’ නම් දෙවියෙක් ඇත්තේය. ඔහු බොහෝ වේලාවක් සිනාවෙහිත් ක්‍රීඩාවෙහිත් ඇලී වාසය කරයි. බොහෝ වේලාවක් සිනාවෙහි ක්‍රීඩාවෙහි ඇලී වාසය කිරීමෙන් ඔහුගේ සිත මුළාවේ. සිහි මුළාව නිසා ඒ දෙවියා දිව්‍ය ශරීරයෙන් චුතවේ.
‘‘ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ තං පුබ්බෙනිවාසං අනුස්සරති, තතො පරං නානුස්සරති. ‘‘සො එවමාහ - ‘යෙ ඛො තෙ භොන්තො දෙවා න ඛිඩ්ඩාපදොසිකා, තෙ න අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නා විහරන්ති. තෙසං න අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නානං විහරතං සති න සම්මුස්සති. සතියා අසම්මොසා තෙ දෙවා තම්හා කායා න චවන්ති; නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා සස්සතිසමං තථෙව ඨස්සන්ති . යෙ පන මයං අහුම්හා ඛිඩ්ඩාපදොසිකා, තෙ මයං අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නා විහරිම්හා. තෙසං නො අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නානං විහරතං සති සම්මුස්සති. සතියා සම්මොසා එවං මයං තම්හා කායා චුතා අනිච්චා අද්ධුවා අප්පායුකා චවනධම්මා ඉත්ථත්තං ආගතා’ති. ඉදං, භික්ඛවෙ, දුතියං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති.
“මහණෙනි, මේ කාරණය දකින්ට ලැබේ. එනම්:- එක්තරා සත්ත්වයෙක් ඒ දිව්‍ය ලෝකයෙන් චුතව මේ මිනිස් බවට එයි. මේ ආත්මභාවයට ආ ඔහු ගිහිගෙය අත්හැර ගොස් ශාසනයෙහි පැවිදි වෙයි. ගිහිගෙයින් ගොස් ශාසනයට පැමිණි ඔහු කෙලෙස් හීන කිරීමේ වීර්ය කොට, එම වීර්ය පුහුණුකර, එම වීර්ය නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, හොඳින් භාවනා කිරීමෙන් යම්සේ සිත එකඟකරගත් විට තමන්ගේ පෙර ජාතිය සිහි කෙරේද, ඉන් මතු සිහි නොකෙරේද, එසේවූ හිතේ තත්ත්වයක් ලබයි. “ඔහු මෙසේ කියයි:- යම් ඒ පින්වත් දෙවි කෙනෙක් ක්‍රීඩාවෙන් නොවැනසුනේද, ඔහු ඉතා බොහෝ කාලයක් සිනාසීම් ක්‍රීඩා ආදියට නොපැමිණ වාසය කරයි. බොහෝ වේලාවක් සිනාසීම් ක්‍රීඩා ආදියෙහි නොයෙදී වාසය කරන ඔවුන්ගේ සිහිය මුළානොවේ. සිහි නොමුළාවීමෙන් ඒ දෙවියෝ ඒ ආත්මභාවයෙන් චුත නොවේ. ඔහු නිත්‍යවූවෝ, ඒකාන්ත වූවෝ, සදාකාලික වූවෝ, නොවෙනස්වන ගති ඇත්තෝව, සදාකාලිකවූ වස්තුමෙන් එසේම සිටිත්. යම්බඳුවූ අපි ඉතා වැඩිවූ ක්‍රීඩාවෙන් ක්ලාන්තවීමුද, ඒ අපි අධික වේලාවක් සිනාකෙළියෙහි ඇලී සැපයෙන් යුක්තව වාසය කරමු. වැඩි වේලාවක් සිනාසීම් ක්‍රීඩා ආදියෙහි යෙදීවාසය කළාවූ අපේ සිහි මුළා විය. මුළා වීමෙන්ම අපි ඒ දිව්‍ය භාවයෙන් චුතවී අනිත්‍ය වීමු. ස්ථිර නැති වීමු. සුළු ආයුෂ ඇත්තෝ වුම්හ, මැරෙන ස්වභාව ඇතිවීමේ මිනිස් බවට ආවෙමු”යි කියායි. “මහණෙනි, එක්කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇති සමහර මහණ බමුණෝ සමහර දේ නිත්‍යයයිද, සමහර දේ අනිත්‍යයයිද, යමක් හේතුකොට යමක් නිමිති කොට ප්‍රකාශ කරත් නම් ඒ දෙවැනි කරුණයි.
‘‘තතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? සන්ති, භික්ඛවෙ, මනොපදොසිකා නාම දෙවා, තෙ අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්ති. තෙ අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්තා අඤ්ඤමඤ්ඤම්හි චිත්තානි පදූසෙන්ති. තෙ අඤ්ඤමඤ්ඤං පදුට්ඨචිත්තා කිලන්තකායා කිලන්තචිත්තා . තෙ දෙවා තම්හා කායා චවන්ති.
“තුන් වැනිවද පින්වත් මහණ බමුණෝ, එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇතුව ආත්මයද ලෝකයද කොටසක් නිත්‍යකොට කොටසක් අනිත්‍යකොට කුමක් හේතු කොට කුමක් නිසා ප්‍රකාශ කරත්ද? “මහණෙනි, ‘මනොපදොසික’ (සිත කිලුටුවීම) නම් දෙවියෙක් ඇත. ඔහු බොහෝ වේලා ක්‍රොධ සිතින් ඔවුනොවුන් දෙස බලයි. ඔහු බොහෝ වේලා ක්‍රෝධයෙන් බලා ඔවුනොවුන් කෙරෙහි සිත කිලිටු කරගනී. ඔහු ඔවුනොවුන් කෙරෙහි කිලුටු සිත් ඇත්තේ වෙහෙසුනු ශරීර ඇත්තෙක් (වේ) වෙහෙසුනු සිත් ඇත්තේ ඒ දෙවියා ඒ දිව්‍යභාවයෙන් (සමූහයෙන්) චුතවේ.
‘‘ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ තං පුබ්බෙනිවාසං අනුස්සරති, තතො පරං නානුස්සරති. ‘‘සො එවමාහ - ‘යෙ ඛො තෙ භොන්තො දෙවා න මනොපදොසිකා, තෙ නාතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්ති. තෙ නාතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්තා අඤ්ඤමඤ්ඤම්හි චිත්තානි නප්පදූසෙන්ති. තෙ අඤ්ඤමඤ්ඤං අප්පදුට්ඨචිත්තා අකිලන්තකායා අකිලන්තචිත්තා. තෙ දෙවා තම්හා කායා න චවන්ති, නිච්චා ධුවා සස්සතා අවිපරිණාමධම්මා සස්සතිසමං තථෙව ඨස්සන්ති. යෙ පන මයං අහුම්හා මනොපදොසිකා, තෙ මයං අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායිම්හා. තෙ මයං අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්තා අඤ්ඤමඤ්ඤම්හි චිත්තානි පදූසිම්හා, තෙ මයං අඤ්ඤමඤ්ඤං පදුට්ඨචිත්තා කිලන්තකායා කිලන්තචිත්තා. එවං මයං තම්හා කායා චුතා අනිච්චා අද්ධුවා අප්පායුකා චවනධම්මා ඉත්ථත්තං ආගතා’ති . ඉදං, භික්ඛවෙ, තතියං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති.
“මහණෙනි, මෙවැනි දෙයක් සිදුවේ. එක්තරා සත්වයෙක් ඒ දිව්‍ය භාවයෙන් චුතව මෙලොවට එයි. මෙලොවට ඇවිත් ගිහිගෙයින් පිටව ශාසනයට ඇතුල්වේ. ගිහිගෙයින් නික්ම සස්නට පැමිණි (අය) ගේ කෙලෙසුන් හීනකරන වීර්ය කොට, භාවනා කොට, එය නිතර පුරුදු කොට අප්‍රමාදයට පැමිණ, යහපත් කල්පනාවට පැමිණ මෙවැනිවූ සිතෙහි සමාධිය ලබයි. ඒ සමාධියට ගිය සිතින් (සිත සමාධියට ගිය කල) පෙර විසූ ඒ ජාතිය සිහි කෙරේ, ඉන් ඈතට සිහි නොකෙරේ. “ඔහු මෙසේ කියයි:- යම් ඒ පින්වත් දෙවියෝ සිත කිලුටු කරන්නෝ නොවෙත් නම් ඔව්හු දීර්ඝ කාලයක් ඔවුනොවුන් දෙස කෝප සිතින් නොබලත් නම් එවිට ඔව්හු වැඩිකලක් ඔවුනොවුන් කෝප සිතින් නොබලා ඔවුනොවුන් කෙරෙහි සිත් දුෂ්ට නොකෙරෙත්. ඔවුනොවුන් කෙරෙහි දුෂ්ට සිත් නැති ඔවුහු වෙහෙස නුවූ ශරීර ඇත්තෝද වෙහෙස නුවූ සිත් ඇත්තෝද වෙත්. ඒ දෙවියෝ දිව්‍ය ආත්මභාවයෙන් චුත නොවෙත්. ඔව්හු නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය නොපෙරළෙන ස්වභාව ඇතියහ. සදාකාලික (දේ) මෙන් එසේම සිටිති. නුමුත් අපි යම් කරුණකින් සිත් කිලිටු කර ගනිමුද, ඒ අපි දීර්ඝ කාලයක් ඔවුනොවුන් කෝප සිතින් බැලුවෙමු. ඔවුනොවුන් දෙස කෝපව බලන ඒ අපි ඔවුනොවුන් කෙරෙහි හිත් කිලුටු කෙළෙමු. එසේවූ අපි ඔවුනොවුන් කෙරෙහි නපුරු සිත් ඇත්තෝ වෙහෙසෙන ශරීර සහසිත් ඇත්තෝ වෙමු. එවිට අපි ඒ දෙව් බවෙන් චුතව මෙසේ අනිත්‍ය, අස්ථිර, ආයුෂ අඩු, චුතවන ස්වභාව ඇති මේ මිනිසත් බවට පැමිණියෙමු. “මහණෙනි, යම් කරුණක් හේතුකොටගෙන යමක් නිසා සමහර මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකිලික නොවේය යන මතය ඇත්තේ ආත්මයත් ලෝකයත් කොටසක් නිත්‍යයයිද කොටසක් අනිත්‍යයිද ප්‍රකාශ කරත්ද, මේ ඒ තුන්වැනි කරුණයි.
‘‘චතුත්ථෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා තක්කී හොති වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයංපටිභානං එවමාහ - ‘යං ඛො ඉදං වුච්චති චක්ඛුං ඉතිපි සොතං ඉතිපි ඝානං ඉතිපි ජිව්හා ඉතිපි කායො ඉතිපි, අයං අත්තා අනිච්චො අද්ධුවො අසස්සතො විපරිණාමධම්මො. යඤ්ච ඛො ඉදං වුච්චති චිත්තන්ති වා මනොති වා විඤ්ඤාණන්ති වා අයං අත්තා නිච්චො ධුවො සස්සතො අවිපරිණාමධම්මො සස්සතිසමං තථෙව ඨස්සතී’ති. ඉදං, භික්ඛවෙ, චතුත්ථං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති.
“හතරවැනිවත් පින්වත් මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේ යයි යන මතය ඇතිව ආත්මයද, ලෝකයද, කොටසක් නිත්‍ය යයිද, කොටසක් අනිත්‍යයයිද කුමක් හේතුකොට ගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද? “මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක කරන්නේය. පරීක්ෂා කරන්නේය. ඔහු ඒ ආකාර තර්ක කොට පරීක්ෂා සහිත විමසීමෙන් ලබාගත් තම වැටහීම (ඇතිවූ මතය) අනුව මෙසේ කියයි. ඇසද, කණද, නාසයද දිවද, ශරීරයද යන මේ වෙනස් කරුණුවලින් යුත් ආත්මය අනිත්‍යය, ස්ථිර නැත, සදාකාලික නොවේය, වෙනස්වන ස්වභාව ඇත්තේය. සිතද, මනසද, විඥානයද යනුවෙන් දක්වන මේ ආත්මය නිත්‍යය, ස්ථිරය, සදාකාලිකය, වෙනස් නොවන ගති ඇත්තේය. සදාකාලික වූයේම ස්ථිරවම එසේම සිටින්නේය.” “මහණෙනි, යම් කරුණක් හේතුකොට ගෙන, යමක් නිසා සමහර මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇත්තෝ ආත්මයත් ලෝකයත් කොටසක් නිත්‍යයයිද කොටසක් අනිත්‍යයයිද ප්‍රකාශ කරත්ද, මේ ඒ හතර වැන්නයි.
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව චතූහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන; නත්ථි ඉතො බහිද්ධා.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ, එක්කොටසක් සදාකාලික එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇතුව කරුණු සතරකින් ආත්මයද ලෝකයද කොටසක් නිත්‍යයයිද කොටසක් අනිත්‍යයයිද ප්‍රකාශ කරති. “මහණෙනි, යම්කිසි මහණහුද බමුණෝද, එක්කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇතුව ආත්මයද ලෝකයද කොටසක් නිත්‍යකොට කොටසක් අනිත්‍ය කොට ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝ මේ කරුණු සතරින් හෝ මෙයින් එකකින් හෝ එකසේ ප්‍රකාශ කරති. මින් පිට නැත.
‘‘තයිදං , භික්ඛවෙ, තථාගතො පජානාති - ‘ඉමෙ දිට්ඨිට්ඨානා එවංගහිතා එවංපරාමට්ඨා එවංගතිකා භවන්ති එවංඅභිසම්පරායා’ති. තඤ්ච තථාගතො පජානාති, තතො ච උත්තරිතරං පජානාති, තඤ්ච පජානනං න පරාමසති, අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමුත්තො, භික්ඛවෙ, තථාගතො.
“මහණෙනි, මේ කරුණ තථාගතයෝ හොඳින් දනිත්. ‘මේ මිසදිටු (වැරදි මතයෙන් යුත්) කරුණු මෙසේ ගත්තෝය. මෙසේ තීරණය කරගත්තෝය. මෙවැනි ගති ඇත්තෝ වෙත්. ඔවුහු පරලෝ (මරණින් පසු) මෙසේ වෙති’ කියා තථාගතයෝ එයද දනිත්. ඉන් වැඩි උසස් ධර්මද දනිත්. ඒ දැනුම් එසේද තීරණය නොකෙරේ. එසේ තීරණය නොකරණ තථාගතයන් විසින් කෙලෙස් නැතිකිරීම (නිර්වාණය) තමන් විසින්ම අවබෝධ කරණ ලදී. මහණෙනි, වේදනාවන්ගේ උත්පත්තියද, විනාශයද, රසවිඳීමද, විපතද, ඉන් මිදීමද ඇතිසැටි දැන, තථාගතයෝ එහි නොඇලී කෙලෙසුන්ගෙන් මිදුනෝය.
‘‘ඉමෙ ඛො තෙ, භික්ඛවෙ, ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං.
“මහණෙනි, මේ ධර්ම ගැඹුරුවූ, දැක්මට දුෂ්කරවූ දැනගැනීමට අමාරුවූ, ශාන්තවූ, මිහිරිවූ, තර්කයෙන්ම දැනගත හැකි නුවූ සියුම්වූ, නුවණ ඇත්තන් විසින් දතයුතු වෙත්. ඒ ධර්ම තථාගතයෝ තමන්ගේම මහත් නුවණින් දැන ප්‍රකාශ කරති. ඒ ධර්මයන් කරණකොට ගෙන තථාගතයන්ගේ පැහැදිලිව පේන (විද්‍යමාන) ගුණය, කියන්නෝ හොඳින් කියති.
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි?
“මහණෙනි, කෙළවරක් ඇත කෙළවරක් නැතයයි අදහන සමහර මහණ බමුණෝ ලෝකය කෙළවරක් ඇත කෙළවරක් නැතයයි කරුණු හතරකින් ප්‍රකාශ කරති. ඒ පින්වත් මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත යයි අදහා ලෝකය කෙළවරක් ඇතයයි කුමක් හේතුකොට ගෙන කුමක් නිසා කරුණු හතරකින් ප්‍රකාශ කරත්ද?
‘‘ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ අන්තසඤ්ඤී ලොකස්මිං විහරති. ‘‘සො එවමාහ - ‘අන්තවා අයං ලොකො පරිවටුමො. තං කිස්ස හෙතු? අහඤ්හි ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසාමි, යථාසමාහිතෙ චිත්තෙ අන්තසඤ්ඤී ලොකස්මිං විහරාමි. ඉමිනාමහං එතං ජානාමි - යථා අන්තවා අයං ලොකො පරිවටුමො’ති. ඉදං, භික්ඛවෙ, පඨමං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති.
“මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් නැතිකරන වීර්යකොට, ඒ වීර්ය පුරුදුකොට නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව, යහපත් කල්පනා ඇතිකොට, යම් සේ හිත එකඟකර ගත්කල (සක්වල කෙළවර කොට) සිතීමෙන් ලෝකයේ කෙළවරක් ඇතැයි හිත එකඟකිරීමක් ඇතුව වාසය කරයි. ඔහු මෙසේ කියයි. ‘හාත්පසින් වටවූ මේ ලෝකය කෙළවරක් ඇත්තේය. එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැති කරන වීර්ය කොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව යහපත් කල්පනාව ඇතිකොට, යම්සේ හිත එකඟ කරගත් කල කෙළවරක් ඇති ලෝකයෙහි වාසය කෙරෙම්ද, එබඳු හිත් එකඟවීමක් ලබාගත්තෙමි. මේ හේතුවෙන් මම ලෝකය කෙළවරක් ඇතුව හාත්පසින් වටවූ බව දනිමි.’ “මහණෙනි, සමහර මහණ බමුණෝ යමක් හේතුකොට ගෙන යමක් නිසා ලෝකය කෙළවරක් ඇත කෙළවරක් නැතැයි මේ පළමුවැනි කරුණ මෙන් ප්‍රකාශ කරති.
‘‘දුතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ අනන්තසඤ්ඤී ලොකස්මිං විහරති. ‘‘සො එවමාහ - ‘අනන්තො අයං ලොකො අපරියන්තො. යෙ තෙ සමණබ්‍රාහ්මණා එවමාහංසු - ‘‘අන්තවා අයං ලොකො පරිවටුමො’’ති, තෙසං මුසා. අනන්තො අයං ලොකො අපරියන්තො. තං කිස්ස හෙතු? අහඤ්හි ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසාමි , යථාසමාහිතෙ චිත්තෙ අනන්තසඤ්ඤී ලොකස්මිං විහරාමි. ඉමිනාමහං එතං ජානාමි - යථා අනන්තො අයං ලොකො අපරියන්තො’ති. ඉදං, භික්ඛවෙ, දුතියං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති.
“දෙවැනිවද සමහර පින්වත් මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත යන ඇදහීම ඇතුව, ලෝකය කෙළවරක් ඇත කෙළවරක් නැතයයි කුමක් හේතු කොට ගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද? “මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් නැති කරන වීර්ය කොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව, යහපත් කල්පනාව ඇති කොට යම්සේ හිත එකඟ කරගත් කල (සක්වළ කෙළවර කොට) සිතීමෙන් ලෝකයේ කෙළවරයක් නැතැයි හිත එකඟ කිරීමක් ඇතුව වාසය කරයි. ඔහු මෙසේ කියයි. මේ ලෝකය අනන්තය, කෙළවරක් නැත්තේය. එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැතිකරන වීර්යකොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව, යහපත් කල්පනාව ඇතිකොට, යම්සේ හිත එකඟ කරගත් කල යම්සේ ලොව කෙළවරක් නැතැයි දැනීමක් ඇතුව ලෝකයේ වාසය කෙරෙම්ද එබඳු හිත එකඟවීමක් ලබාගත්තෙමි. මෙයින් ලෝකය අනන්තය කෙළවරක් නැත්තේයයි දනිමි.’ “මහණෙනි, සමහර මහණ බමුණෝ යමක් හේතුකොට ගෙන යමක් නිසා ලෝකය අනන්තය, කෙළවරක් නැතැයි දෙවෙනි කරුණ මෙන් ප්‍රකාශ කරති.
‘‘තතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ උද්ධමධො අන්තසඤ්ඤී ලොකස්මිං විහරති, තිරියං අනන්තසඤ්ඤී. ‘‘සො එවමාහ - ‘අන්තවා ච අයං ලොකො අනන්තො ච. යෙ තෙ සමණබ්‍රාහ්මණා එවමාහංසු - ‘‘අන්තවා අයං ලොකො පරිවටුමො’’ති, තෙසං මුසා. යෙපි තෙ සමණබ්‍රාහ්මණා එවමාහංසු - ‘‘අනන්තො අයං ලොකො අපරියන්තො’’ති, තෙසම්පි මුසා. අන්තවා ච අයං ලොකො අනන්තො ච. තං කිස්ස හෙතු? අහඤ්හි ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසාමි, යථාසමාහිතෙ චිත්තෙ උද්ධමධො අන්තසඤ්ඤී ලොකස්මිං විහරාමි, තිරියං අනන්තසඤ්ඤී. ඉමිනාමහං එතං ජානාමි - යථා අන්තවා ච අයං ලොකො අනන්තො චා’ති. ඉදං, භික්ඛවෙ, තතියං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති.
“තුන්වැනිවද පින්වත් මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත යන ඇදහීම ඇතුව ලෝකය කෙළවරක් නැතයයි කුමක් හේතුකොටගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද? “මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් නැතිකරන වීර්යකොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව යහපත් කල්පනාව ඇතිකොට යම්සේ හිත එකඟ කරගත් කල සමාධිගත සිත උඩින් යටින් නොවඩා හරහට වැඩූ බැවින් ලෝකයේ උඩින් යටින් කෙළවරක් ඇතැයි හරයට කෙළවරක් නැතැයි යන චිත්ත සමාධියක් ලබා වාසය කරයි. ඔහු මෙස් කියයි;- ‘මේ ලෝකය කෙළවරක් ඇත්තේද කෙළවරක් නැත්තේද වෙයි. ‘මේ ලෝකය කෙළවරක් ඇත හාත්පසින් මං ඇතියි’ මෙසේ යම් මහණ බමුණෝ කියත්ද ඔවුන්ගේ ඒ කීම බොරුවේ. ‘මේ ලෝකය කෙළවරක් ඇත හාත්පසින් වටවී ඇතැයි’- මෙසේ මහණ බමුණෝ කියත්ද ඔවුන්ගේ ඒ කීමද බොරුවේ. ‘මේ ලෝකය කෙළවරක් ඇත්තේද, කෙළවරක් නැත්තේද, වෙයි, එසේ කීමට හේතු කුමක්ද? මම කෙලෙස් නැතිකරන වීර්යකොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව, යහපත් කල්පනාව ඇතිකොට යම්සේ හිත එකඟ කරගත් කල ලොව උඩ යට කෙළවරක් ඇති බවට ලකුණු ඇත්තේ යයි ද හරහට කෙළවරක් නැති බවට ලකුණු ඇත්තේයයිද එබඳු ධ්‍යානයක් ලැබ වාසය කරමි. මෙයින් මම ලෝකය කෙළවරක් ඇතැයිද නැතැයිද දනිමි.’ “මහණෙනි, සමහර මහණ බමුණෝ යමක් හේතුකොට ගෙන යමක් නිසා ලෝකය කෙළවරක් ඇත කෙළවරක් නැතැයි මේ තුන්වැනි කරුණ මෙන් ප්‍රකාශ කරති.
‘‘චතුත්ථෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා තක්කී හොති වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයංපටිභානං එවමාහ - ‘නෙවායං ලොකො අන්තවා, න පනානන්තො. යෙ තෙ සමණබ්‍රාහ්මණා එවමාහංසු - ‘‘අන්තවා අයං ලොකො පරිවටුමො’’ති, තෙසං මුසා. යෙපි තෙ සමණබ්‍රාහ්මණා එවමාහංසු - ‘‘අනන්තො අයං ලොකො අපරියන්තො’’ති, තෙසම්පි මුසා. යෙපි තෙ සමණබ්‍රාහ්මණා එවමාහංසු - ‘‘අන්තවා ච අයං ලොකො අනන්තො චා’’ති, තෙසම්පි මුසා. නෙවායං ලොකො අන්තවා , න පනානන්තො’ති. ඉදං, භික්ඛවෙ , චතුත්ථං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති.
“හතරවැනිවද පින්වත් මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත’ යන ඇදහීම ඇතුව, ලෝකය කෙළවරක් ඇත කෙළවරක් නැතයයි කුමක් හේතුකොට ගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද? “මහණෙනි, මෙහි තර්කයෙන් විමසීම කර බලන්නාවූ යම් මහණෙක් හෝ බමුණෙක් ඇත්ද ඔහු තර්ක මාර්ගයෙන් විමසා බැලීමෙන් තමන්ගේ වැටහීම අනුව මෙසේ කියයි. මේ ලෝකය කෙළවරක් ඇත්තේ නැත, කෙළවරක් නැත්තේ නැත. යම් ඒ මහණ බමුණෝ මේ ලෝකය කෙළවරක් ඇතැයිද හාත්පසින් වටවී තිබේයයිද කියත් නම් ඔවුන්ගේ ඒ කීම බොරුය. යම් ඒ මහණ බමුණෝ මේ ලෝකය කෙළවරක් නැතැයිද හාත්පසින් වටවී නැතැයිද කියත් නම් ඒ කීමත් බොරුය. “යම් ඒ මහණ බමුණෝ මේ ලෝකය කෙළවරක් ඇතැයිද, කෙළවරක් නැතැයිද, කියත්ද ඔවුන්ගේ කීම බොරුය මෙලොව කෙළවරක් ඇත්තේ නැත, කෙළවරක් නැත්තේ නැත.’ “මහණෙනි, සමහර මහණ බමුණෝ, ‘කෙළවරක් ඇත කෙළවරක් නැත’ යන බව අදහා යමක් හේතු කොට ගෙන යමක් නිසා ලෝකය ගැන කෙළවරක් ඇත කෙළවරක් නැත යන මතය ප්‍රකාශ කරත්ද මේ ඒ හතරවැනි කරුණයි.
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව චතූහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන; නත්ථි ඉතො බහිද්ධා.
“මහණෙනි, යම් ඒ මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත’යයි අදහා ‘කෙළවරක් ඇත කෙළවරක් නැත’ යන බව මේ කරුණු සතරින් ප්‍රකාශ කරති. මහණෙනි, යම්කිසි මහණහු හෝ බමුණෝ හෝ කෙළවරක් නැතයයි අදහා කෙළවරක් ඇත කෙළවරක් නැත යන බව ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝ මේ කරුණු සතරින් හෝ මින් එක් කරුණකින් හෝ එසේ ප්‍රකාශ කරත්. මේ ප්‍රකායට මින් පිටත් අනික් කරුණක් නැත (*පර්වර්තනයේ ඇත යනුවෙන් තිබුණි).
‘‘තයිදං, භික්ඛවෙ, තථාගතො පජානාති - ‘ඉමෙ දිට්ඨිට්ඨානා එවංගහිතා එවංපරාමට්ඨා එවංගතිකා භවන්ති එවංඅභිසම්පරායා’ති. තඤ්ච තථාගතො පජානාති, තතො ච උත්තරිතරං පජානාති, තඤ්ච පජානනං න පරාමසති, අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමුත්තො, භික්ඛවෙ, තථාගතො.
“මහණෙනි, ඒ මේ කරුණ තථාගතයෝ දනිති. මේ වැරදි මත මෙසේ ගත් අය මෙසේ තීරණය කර ගත් අය මෙබඳු ගති ඇත්තෝ වෙත්. මෙබඳු පරලොවක් ඇත්තෝ වෙත් යනුයි. තථාගතයෝ එයද දනිති. ඊට වඩා උසස් ධර්මයන්ද දනිති. ඒ දැනුම (ලෝභ, ද්වේෂ, මෝහයෙන් ඇතිවූ) තීරණයක් නොවේ. (තර්ක ආදියෙන්) තීරණයක් නොකරණ තථාගතයන්ගේ කෙලෙස් නිවීම තමන් විසින්ම අවබෝධ කරනලදී. “මහණෙනි, වේදනාවන්ගේ නැගීමද, බැහීමද, භුක්ති විඳීමද, ප්‍රතිඵලද, හික්මීමද ඇතිහැටි දැන තථාගතයෝ ඇල්මක් නොකොට කෙලෙසුන්ගෙන් මිදුනෝය.
‘‘ඉමෙ ඛො තෙ, භික්ඛවෙ, ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං.
“මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය. දුකසේ දැක්ක යුතුය, අමාරුවෙන් අවබෝධ කටයුතුය, ශාන්තය, මිහිරිය තර්කයෙන් දැනගත නොහැකිය. සියුම්ය, පණ්ඩිතයින් විසින් දතයුතුය. එය තථාගතයෝ උසස් ඥාණයෙන් තමන්ම දැන වදාරති. එයින් (ඒ ධර්මයෙන්) තථාගතයන්ගේ ගුණ ඇතිහැටි කියන්නෝ හොඳින් කියත්.
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා අමරාවික්ඛෙපිකා, තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං චතූහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං චතූහි වත්ථූහි?
“මහණෙනි, සමහර මහණ බමුණෝ ‘අමරා වික්ෂේප’ (අතට අසුනොවන ආඳුන්) නම් ඇදහීමක් ඇත්තෝ වෙත්. ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල කරුණු සතරකින් ‘අමරා වික්ෂේප’ වූවෝ වචන දමාගැසීමෙන් ‘අමරා වික්ෂේප’යට පැමිණෙත්. ඒ පින්වත් මහණ බමුණෝ ‘අමරා වික්ෂේපික’ව ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල කුමක් හේතුකොටගෙන කුමක් නිසා කරුණු සතරකින් ‘අමරා වික්ෂේප’ නම් වචන දමා ගැසීමට පැමිණෙත්ද?
‘‘ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ‘ඉදං කුසල’න්ති යථාභූතං නප්පජානාති, ‘ඉදං අකුසල’න්ති යථාභූතං නප්පජානාති. තස්ස එවං හොති - ‘අහං ඛො ‘‘ඉදං කුසල’’න්ති යථාභූතං නප්පජානාමි, ‘‘ඉදං අකුසල’’න්ති යථාභූතං නප්පජානාමි. අහඤ්චෙ ඛො පන ‘‘ඉදං කුසල’’න්ති යථාභූතං අප්පජානන්තො, ‘‘ඉදං අකුසල’’න්ති යථාභූතං අප්පජානන්තො, ‘ඉදං කුසල’න්ති වා බ්‍යාකරෙය්‍යං, ‘ඉදං අකුසල’න්ති වා බ්‍යාකරෙය්‍යං, තං මමස්ස මුසා. යං මමස්ස මුසා , සො මමස්ස විඝාතො. යො මමස්ස විඝාතො සො මමස්ස අන්තරායො’ති. ඉති සො මුසාවාදභයා මුසාවාදපරිජෙගුච්ඡා නෙවිදං කුසලන්ති බ්‍යාකරොති, න පනිදං අකුසලන්ති බ්‍යාකරොති, තත්ථ තත්ථ පඤ්හං පුට්ඨො සමානො වාචාවික්ඛෙපං ආපජ්ජති අමරාවික්ඛෙපං - ‘එවන්තිපි මෙ නො; තථාතිපි මෙ නො; අඤ්ඤථාතිපි මෙ නො; නොතිපි මෙ නො; නො නොතිපි මෙ නො’ති. ඉදං, භික්ඛවෙ, පඨමං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං.
“මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ කුසල්යයි ඇතිහැටි නොදනියි. මේ අකුසල් යයි ඇතිහැටි නොදනියි. ඔහුට මෙසේ සිතෙයි ‘මම මේ කුසල්යයි හරිහැටි නොදනිමි. මේ අකුසල්යයි හරිහැටි නොදනිමි. මම මේ කුසල්යයි හරිහැටි නොදන්නෙමි, මේ අකුසල්යයි හරි හැටි නොදන්නෙමි. මේ කුසල යයි කියා හෝ පවසන්නේ නම් මේ අකුසලයයි හෝ පවසන්නේ නම් ඒ පැවසීමෙහිදී මට ලෝභය හෝ රාගය හෝ කෝපය හෝ ක්‍රෝධය හෝ වන්නේය. යම් කරුණකදී මට ලෝභය හෝ රාගය හෝ කෝපය හෝ ක්‍රෝධය හෝ වේද ඒ මාගේ පැවසීම බොරු වේ. මගේ යමක් බොරු වේ නම් එය මට දුකක් වේ යමක් මට දුකක් නම් ඒ මට අන්තරායකි. “මෙසේ ඔහු බොරු කීමට භයින් බොරු කීමට ලජ්ජාවෙන් මේ කුසල්යයි නොපවසති, මේ අකුසලැයිද නොපවසති. ඒ ඒ තැන ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේප’ නම් වචන දමා ගැසීමට පැමිණේ. ‘එසේ ද මාගේ ගැන්මක් නැත, එසේයයිද මාගේ ගැන්මක් නැත. මේ වෙන ආකාරයයිද මාගේ ගැන්මක් නැත. එසේ නොවේයයිද මාගේ ගැන්මක් නැත. එසේ ගැන්මක් නැත්තේත් නැත. “මහණෙනි, ‘අමරා වික්ෂේපවූ සමහර මහණ බමුණෝ යමක් හේතුකොටගෙන යමක් නිසා ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේපය’ නම් වචන දමා ගැසීමට පැමිණෙත්ද මේ ඒ ප්‍රථම කරුණයි.
‘‘දුතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ‘ඉදං කුසල’න්ති යථාභූතං නප්පජානාති, ‘ඉදං අකුසල’න්ති යථාභූතං නප්පජානාති. තස්ස එවං හොති - ‘අහං ඛො ‘‘ඉදං කුසල’’න්ති යථාභූතං නප්පජානාමි, ‘‘ඉදං අකුසල’’න්ති යථාභූතං නප්පජානාමි. අහඤ්චෙ ඛො පන ‘‘ඉදං කුසල’’න්ති යථාභූතං අප්පජානන්තො, ‘‘ඉදං අකුසල’’න්ති යථාභූතං අප්පජානන්තො, ‘‘ඉදං කුසල’’න්ති වා බ්‍යාකරෙය්‍යං, ‘‘ඉදං අකුසල’න්ති වා බ්‍යාකරෙය්‍යං, තත්ථ මෙ අස්ස ඡන්දො වා රාගො වා දොසො වා පටිඝො වා. යත්ථ (යො (?)) මෙ අස්ස ඡන්දො වා රාගො වා දොසො වා පටිඝො වා, තං මමස්ස උපාදානං. යං මමස්ස උපාදානං, සො මමස්ස විඝාතො. යො මමස්ස විඝාතො, සො මමස්ස අන්තරායො’ති. ඉති සො උපාදානභයා උපාදානපරිජෙගුච්ඡා නෙවිදං කුසලන්ති බ්‍යාකරොති, න පනිදං අකුසලන්ති බ්‍යාකරොති, තත්ථ තත්ථ පඤ්හං පුට්ඨො සමානො වාචාවික්ඛෙපං ආපජ්ජති අමරාවික්ඛෙපං - ‘එවන්තිපි මෙ නො; තථාතිපි මෙ නො; අඤ්ඤථාතිපි මෙ නො; නොතිපි මෙ නො; නො නොතිපි මෙ නො’ති. ඉදං, භික්ඛවෙ, දුතියං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං.
“දෙවෙනිවද පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොටගෙන කුමක් නිසා ‘අමරා වික්ෂේපව’ ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේපය’ නම් වචන දමා ගැසීමට පැමිණෙත්ද? “මහණෙනි, මේ ලෝකයේ යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ කුසල්යයි හරිහැටි නොදනි. මේ අකුසල්යයි හරි ආකාර නොදනී. ඔහුට මෙසේ සිතේ: ‘මම මේ කුසල්යයි හරි ලෙස නොදනිමි. මේ අකුසල්යි හරි ලෙස නොදන්නෙමි. මේ කුසල්යයි හෝ පවසම් නම් මේ අකුසල්යයි හෝ පවසම් නම් ඒ පැවසීමෙහිදී මට ලෝභය හෝ රාගය හෝ කෝපය හෝ ක්‍රෝධය හෝ වේ නම් ඒ මට තද ඇල්මක් වේ. යමක් තද ඇල්මක් නම් ඒ මට දුකක් වේ. යමක් මට දුකක් නම් ඒ මට අන්තරායකි.” “මෙසේ ඔහු තද ඇල්මට භයින්, තද ඇල්මට ලජ්ජාවෙන් මේ කුසල්යයි නොපවසයි. මේ අකුසල්යයි නොපවසයි. ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේපය’ නම් වචන දමා ගැසීමට පැමිණේ. මෙසේ ගැන්ම මගේ නැත. එසේ යයිද මට නැත වෙන අනික් මාර්ගයක්ද මට නැත. මට එසේ නැත්තේ නොවේය. මට නැත්තේ නොවන්නේත් නොවේය.” “මහණෙනි, ‘අමරා වික්ෂේපිකවූ’ සමහර මහණ බමුණෝ යමක් කරණකොටගෙන යමක් නිසා ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේපය’ නම්වූ වචන දමා ගැසීමට පැමිණෙත්ද මේ ඒ දෙවැනි කරුණයි.
‘‘තතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ‘ඉදං කුසල’න්ති යථාභූතං නප්පජානාති, ‘ඉදං අකුසල’න්ති යථාභූතං නප්පජානාති. තස්ස එවං හොති - ‘අහං ඛො ‘‘ඉදං කුසල’’න්ති යථාභූතං නප්පජානාමි, ‘‘ඉදං අකුසල’න්ති යථාභූතං නප්පජානාමි. අහඤ්චෙ ඛො පන ‘‘ඉදං කුසල’’න්ති යථාභූතං අප්පජානන්තො ‘‘ඉදං අකුසල’’න්ති යථාභූතං අප්පජානන්තො ‘‘ඉදං කුසල’’න්ති වා බ්‍යාකරෙය්‍යං, ‘‘ඉදං අකුසල’’න්ති වා බ්‍යාකරෙය්‍යං. සන්ති හි ඛො සමණබ්‍රාහ්මණා පණ්ඩිතා නිපුණා කතපරප්පවාදා වාලවෙධිරූපා, තෙ භින්දන්තා (වොභින්දන්තා (සී. පී.)) මඤ්ඤෙ චරන්ති පඤ්ඤාගතෙන දිට්ඨිගතානි, තෙ මං තත්ථ සමනුයුඤ්ජෙය්‍යුං සමනුගාහෙය්‍යුං සමනුභාසෙය්‍යුං. යෙ මං තත්ථ සමනුයුඤ්ජෙය්‍යුං සමනුගාහෙය්‍යුං සමනුභාසෙය්‍යුං, තෙසාහං න සම්පායෙය්‍යං. යෙසාහං න සම්පායෙය්‍යං, සො මමස්ස විඝාතො. යො මමස්ස විඝාතො, සො මමස්ස අන්තරායො’ති. ඉති සො අනුයොගභයා අනුයොගපරිජෙගුච්ඡා නෙවිදං කුසලන්ති බ්‍යාකරොති, න පනිදං අකුසලන්ති බ්‍යාකරොති, තත්ථ තත්ථ පඤ්හං පුට්ඨො සමානො වාචාවික්ඛෙපං ආපජ්ජති අමරාවික්ඛෙපං - ‘එවන්තිපි මෙ නො; තථාතිපි මෙ නො; අඤ්ඤථාතිපි මෙ නො; නොතිපි මෙ නො; නො නොතිපි මෙ නො’ති. ඉදං, භික්ඛවෙ, තතියං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං.
“තුන්වැනිවද ‘අමරා වික්ෂේපය’ ඇතිවූ පින්වත් මහණ බමුණෝ කුමක් හේතු කොට ගෙන කුමක් නිසා, ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේපය’ නම්වූ වචන දමා ගැසීමට පැමිණෙත්ද? “මහණෙනි, මෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ කුසල්යයි හරි ආකාර නොදනී. මේ අකුසල්යයි හරි ආකාර නොදනී. ඔහුට මෙසේ සිතේ. ‘මම මේ කුසල්යයි හරිලෙස නොදනිමි. මේ අකුසල්යයි හරිලෙස නොදනිමි එසේ මම මේ කුසල්යයි හරි ලෙස නොදන්නෙමි, මේ අකුසල්යයි හරිලෙස නොදන්නෙමි මේ කුසල්යයි හෝ පවසම් නම්’ මේ අකුසල්යයි හෝ පවසම් නම්, පණ්ඩිතවූ, සියුම් ලෙස තේරුම් ගැනීමේ බලය ඇති, වාදකොට පුරුදු ඇති, වාළවෙධි, නම් දුනුවායන් (දුනුවලින් විදින්නන්) සමානව තමන්ගේ ඥානයෙන් අනුන්ගේ ඇදහීම් බිඳිමින් මෙන් හැසිරෙන මහණ බමුණෝ ලෝකයෙහි ඇත්තාහුමය. ඔව්හු ඒ කුසල් අකුසල් ගැන ‘ඔබේ ඇදහීම කෙසේදැයි, මගෙන් ඇසුවෝ නම් කරුණු දක්වා ඇසුවෝ නම්, මාගේ වාදයෙහි දොස් දක්වා මා තැතිගන්වන්නෝ නම් ඔවුන්ට හොඳින් වැටහෙන ලෙස උත්තරදීමට මම සමත් නොවෙමි. එසේ යම් කෙනෙකුට උත්තරදීමට සමත් නොවෙම්ද එය මට දුකක් වේ. යමක් මට දුකක් වේද එය මට අන්තරාය පිණිස වේ.’ මෙසේ අනුන් විසින් ගුණ දොස් කීම ගැන භයින් අනුන් විසින් ගුණ දොස් කීම ගැන ලජ්ජාවෙන් මේ කුසල්යයි නොකියා මේ අකුසල් යයි නොකියා ඒ ඒ තැන්වලදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේප’ නම්වූ වචන දමාගැසීමට පැමිණේ. මෙසේද මට හැඟීමක් නැත. එසේත් මට නැත වෙන ආකාරයෙනුත් නැත, නැතැයිද මට නැත, නැත්තේ නොවේයි ද මට නැතැ’යි කියායි. “මහණෙනි, අමරා වික්ෂේපිකවූ සමහර මහණ බමුණෝ යම් කරුණකට පැමිණ, යමක් හේතුකොට ගෙන ඒ ඒ තැනදී ප්‍රශ්න කළ කල වචන දමාගැසීම නම්වූ අමරා වික්ෂේපයට පැමිණෙත්ද, මේ ඒ තුන් වැනි කරුණයි.
‘‘චතුත්ථෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා මන්දො හොති මොමූහො. සො මන්දත්තා මොමූහත්තා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨො සමානො වාචාවික්ඛෙපං ආපජ්ජති අමරාවික්ඛෙපං - ‘අත්ථි පරො ලොකො’ති ඉති චෙ මං පුච්ඡසි, ‘අත්ථි පරො ලොකො’ති ඉති චෙ මෙ අස්ස, ‘අත්ථි පරො ලොකො’ති ඉති තෙ නං බ්‍යාකරෙය්‍යං, ‘එවන්තිපි මෙ නො, තථාතිපි මෙ නො, අඤ්ඤථාතිපි මෙ නො, නොතිපි මෙ නො, නො නොතිපි මෙ නො’ති. ‘නත්ථි පරො ලොකො...පෙ.... ‘අත්ථි ච නත්ථි ච පරො ලොකො...පෙ.... ‘නෙවත්ථි න නත්ථි පරො ලොකො...පෙ.... ‘අත්ථි සත්තා ඔපපාතිකා ...පෙ.... ‘නත්ථි සත්තා ඔපපාතිකා...පෙ.... ‘අත්ථි ච නත්ථි ච සත්තා ඔපපාතිකා...පෙ.... ‘නෙවත්ථි න නත්ථි සත්තා ඔපපාතිකා...පෙ.... ‘අත්ථි සුකතදුක්කටානං (සුකටදුක්කටානං (සී. ස්‍යා. කං.)) කම්මානං ඵලං විපාකො...පෙ.... ‘නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො...පෙ.... ‘අත්ථි ච නත්ථි ච සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො...පෙ.... ‘නෙවත්ථි න නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො...පෙ.... ‘හොති තථාගතො පරං මරණා...පෙ.... ‘න හොති තථාගතො පරං මරණා...පෙ.... ‘හොති ච න ච හොති (න හොති ච (සී. ක.)) තථාගතො පරං මරණා...පෙ.... ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණාති ඉති චෙ මං පුච්ඡසි, ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති ඉති චෙ මෙ අස්ස, ‘නෙව හොති න න හොති තථාගතො පරං මරණා’ති ඉති තෙ නං බ්‍යාකරෙය්‍යං, ‘එවන්තිපි මෙ නො, තථාතිපි මෙ නො, අඤ්ඤථාතිපි මෙ නො, නොතිපි මෙ නො, නො නොතිපි මෙ නො’ති. ඉදං, භික්ඛවෙ, චතුත්ථං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං.
“හතරවැනිවද පින්වත් මහණ බමුණෝ ‘අමරා වික්ෂේපය ඇත්තෝ කුමක් හේතුකොටගෙන කුමක් නිසා ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල වචන දමාගැසීම් නම් අමරා වික්ෂේපයටද පැමිණෙත්ද? “මහණෙනි, මෙහි යම් මහණෙක් හෝ බමුණෙක් නුවණ නැතිව ලොකු මෝඩයෙක් වේ. ඔහු අනුවණ බැවින් බොහෝ මෝඩ බැවින් ඒ ඒ තැනදී ප්‍රශ්න කළ කල ‘අමරා වික්ෂේප’ නම්වූ වචන දමාගැසීමට පැමිණේ. ‘මොන යම් පරලොවක් ඇත්දැයි මා මෙසේ විචාළේ නම් එය මෙසේ ඔබට කියමි. මෙසේත් මට නැත, එසේත්, මට නැත, වෙන යම් ආකාරයයිද මට නොසිතේ. නැතැයිද මට නොසිතේ. නැත්තේත් නැතැයිද මට නොසිතේ.’ ඒ මන්ද? පරලෝ නැත්දැයි මා විචාලෙහි නම් එය මෙසේ ඔබට කියමි. ‘මෙසේත් මට නැත, එසේත් මට නැත, වෙනයම් ආකාරයයිද මට නොසිතේ නැතැයිද මට නොසිතේ. නැත්තේත් නැතැයිද මට නොසිතේ.’ නොම නැත්තේ වේද? ඒ මන්ද? පරලොවක් ඇත්තේත් වේද නැත්තේත් වේදැයි මා විචාළොත් එය මෙසේ ඔබට කියමි. ‘මෙසේත් මට නැත, එසේත් මට නැත, වෙන යම් ආකාරයයිද මට නොසිතේ. නැතැයිද මට නොසිතේ, නැත්තේත් නැතැයිද මට නොසිතේ, නොම නැත්තේත් වේද, ඒ මන්ද? පරලොවක් ඇත්තේත් නොවේද නැත්තේත් නොවේදැයි මා විචාළොත් එය මෙසේ ඔබට කියමි. ‘මෙසේත් මට නැත, එසේත් මට නැත, වෙනයම් ආකාරයයි මට නොසිතේ. නැතැයිද මට නොසිතේ. නොමනැත්තේද වේද? ඕපපාතික* ‘සත්වයෝ ඇත්ද? ඕපපාතික සත්වයෝ නැත්ද? ඕපපාතික සත්වයෝ ඇත්තාහුත් නැත්තාහුත් වෙත්ද? ඕපපාතික සත්වයෝ නොම ඇත්තාහුත් නොම නැත්තාහුත් වෙත්ද? හොඳ හෝ නරක කර්මයන්ගේ ඵල විපාක ඇත්ද? හොඳ හෝ නරක කර්මයන්ගේ ඵල විපාක නැත්ද? හොඳ හෝ නරක කර්මයන්ගේ ඵල විපාක ඇත්තේත් නැත්තේත් වේද? හොඳ හෝ නරක කර්මයන්ගේ ඵල විපාක නොම ඇත්තේත් නොම නැත්තේත් වේද? තථාගතයෝ මරණින් මතුවෙත්ද? තථාගතයෝ මරණින් මතු නොවෙත්ද? මරණින් මතු තථාගතයෝ ඇත්තේත් වෙත්ද? නැත්තේත් වෙත්ද? තථාගතයෝ මරණින් මතු නොම ඇත්තේත් වෙත්ද නොම නැත්තේත් වෙත්දැයි විචාළොත් මට මෙසේ සිතේ නම් ‘තථාගතයෝ මරණින් මතු නොම ඇත්තේත් වෙත්. නොම නැත්තේ වෙත්’යයි ඔබට කියන්නෙමි. මෙසේත් මට (සිතෙන්නේ) නැත, එසේත් මට නැත. වෙනත් ආකාරයයිද මට නැත. නැතැයිද මට නොසිතේ. නොම නැතැයිද මට නොසිතේ.’ “මහණෙනි, ‘අමරා වික්ෂේපික’වූ සමහර මහණ බමුණෝ යම් කරුණකට පැමිණ යමක් හේතුකොටගෙන ඒ ඒ තැනදී ප්‍රශ්න කළ කල වචන දමාගැසීම නම්වූ අමරා වික්ෂේපයට පැමිණෙත්ද, මේ ඒ හතරවැනි කරුණයි. * ඉබේ ඉපදුන
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං චතූහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං , සබ්බෙ තෙ ඉමෙහෙව චතූහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන, නත්ථි ඉතො බහිද්ධා...පෙ.... යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං.
“මේ ඒ ‘අමරා වික්ෂේපික’වූ මහණ බමුණෝ ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල මේ හතර ආකාරයෙන් වචන දමාගැසීම නම් අමරා වික්ෂේපයට පැමිණෙත්. ‘මහණෙනි අමරා වික්ෂේපිකවූ යම් මහණෙක් හෝ බමුණෙක් හෝ ඒ ඒ කරුණෙහි ප්‍රශ්න ඇසූ කල වචන දමා, ගැසීම නම් අමරා වික්ෂේපයට පැමිණෙද්ද, ඒ සියල්ලෝම මේ හතරින් හෝ එයින් එකකින් හෝ එසේ පැමිණෙත් මෙයින් පිටත කිසි කරුණකින් නොවේ. “මහණෙනි, මේ කරුණ තථාගතයෝ දනිති. එනම් ‘මේ වැරදි මත මෙසේ ගත්තාවූ මෙසේ ‘පරාමර්ශනය කළාහු මෙබඳු ගති ඇත්තෝ වෙත්. මෙබඳු පරලොවක් ඇත්තෝ වෙත්” තථාගතයෝ එයද දනිති. ඊට වඩා උසස් ධර්මයන්ද දනිති ඒ දැනුම් (ලෝභ, ද්වේෂ, මෝහයෙන් ඇතිවූ) තීරණයක් නොවේ. (තර්ක ආදියෙන් තීරණයක් නොකරන තථාගතයන්ගේ කෙලෙස් නිවීම තමන් විසින්ම අවබෝධ කරන ලදී. ‘මහණෙනි, වේදනාවන්ගේ නැගීමද, බැහීමද, භුක්ති විඳීමද, ප්‍රතිඵලද, හික්මීමද, ඇතිහැටි දැන තථාගතයෝ ඇල්මක් නොකොට කෙලෙසුන්ගෙන් මිදුනෝය. “මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබොධ කටයුතුය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය, සියුම්ය. නුවණ ඇත්තන් විසින් දත යුතුය. එය තථාගතයෝ උසස් ඥානයෙන් තමුන්ම දැන වදාරති. එයින් (ඒ ධර්මයෙන්) තථාගතයන්ගේ ගුණ ඇති හැටි කියන්නෝ හොඳින් කියත්.
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති ද්වීහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති ද්වීහි වත්ථූහි?
“මහණෙනි, සමහර මහණ බමුණෝ අහේතුක (ඉබේ) උත්පත්තිය ඇතැයි විශ්වාස කරත්. ඔව්හු කරුණු දෙකකින් ආත්මයද ලෝකයද (ඉබේ) අහේතුකව උපන්නේ යයි ප්‍රකාශ කරති. ඒ පින්වත් මහණ බමුණෝ අහේතුක උත්පත්තිය අදහන්නෝව ආත්මයද ලෝකයද හේතුවක් නැතුව (ඉබේ) හටගත්තේයයි කුමන කරුණකින් කුමක් නිසා ප්‍රකාශ කරත්ද?
‘‘සන්ති, භික්ඛවෙ, අසඤ්ඤසත්තා නාම දෙවා. සඤ්ඤුප්පාදා ච පන තෙ දෙවා තම්හා කායා චවන්ති. ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති, යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ සඤ්ඤුප්පාදං අනුස්සරති, තතො පරං නානුස්සරති. සො එවමාහ - ‘අධිච්චසමුප්පන්නො අත්තා ච ලොකො ච. තං කිස්ස හෙතු? අහඤ්හි පුබ්බෙ නාහොසිං, සොම්හි එතරහි අහුත්වා සන්තතාය පරිණතො’ති. ඉදං, භික්ඛවෙ, පඨමං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති.
“මහණෙනි, ‘රූපය පමණක් ඇත්තා’ නම් දෙවියෙක් වේ. ඔහු (ප්‍රතිසන්ධි චිත්තය) ජීවිතයක් ඊළඟ ජීවිතයත් එකතු කරන හිත පහළවීමෙන්ම ඒ දේව භාවයෙන් චුතවෙත්. ‘මහණෙනි, මේ කාරණය පැහැදිලිව පෙනේ. එනම් එක්තරා සත්වයෙක් ඒ ශරීරයෙන් චුතව මේ මිනිස් බවට පැමිණේ. ඒ භවයට පැමිණ ගිහිගෙන් නික්ම මහණ වෙයි. ගිහිගෙන් නික්ම පිට ශාසනයකට ඇතුල්වූ ඔහු කෙලෙස් නසන වීර්යයට පැමිණ, ඒ වීර්යය නැවත නැවත දියුණුකර භාවනාවට පටන්ගෙන, අප්‍රමාදයට පැමිණ, යහපත් සිහිකිරීමට පැමිණ, හිත එකඟ කරගත් කල හිතෙහි ඉහත ආත්මයේ උත්පත්තිය සිහිකරන හිතේ එකඟකමක් ලබයි. එයින් ඔබ සිහි නොකෙරෙයි. ඔහු මෙසේ කියයි. ආත්මයද ලෝකයද හේතුවක් නැතුව (ඉබේ) උපන්නේය. එසේ කියන්නේ මන්ද? මම ‘පූර්වයෙහි නොවීමි. ඒ මම පෙර නොවී (නොසිට) දැන් සත්වභාවයට පැමිණියෙමි.’ “මහණෙනි, යමක් කරණකොටගෙන යමක් නිසා හේතුවක් නැතිව උත්පත්තියක් ලැබේයයි යන මත ඇති සමහර මහණ බමුණෝ ආත්මයද ලෝකයද ඉබේ පහළවීයයි කියත්ද මේ එහි පළමුවැනි කාරණයයි.
‘‘දුතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා තක්කී හොති වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයංපටිභානං එවමාහ - ‘අධිච්චසමුප්පන්නො අත්තා ච ලොකො චා’ති. ඉදං, භික්ඛවෙ, දුතියං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රාහ්මණා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති.
“දෙවැනිවද ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණකොටගෙන කුමක් නිසා හේතුවක් නැති උත්පත්ති ඇතැයි විස්වාස කරන්නෝව ආත්මයද ලෝකයද හේතුවක් නැතුව හටගත්තේයයි කියද්ද? “මහණෙනි, මේ ලෝකයෙහි යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක කරන්නෙක්ව, විමසන්නෙක්ව, තර්කයෙන් සහ විමසීමෙන් වටහාගෙන මෙසේ කියයි: ‘ආත්මයද ලෝකයද අහේතුවකව (ඉබේම) උපන්නේය.” “මහණෙනි, ඇතැම් මහණ බමුණෝ යමක් කරණකොට ගෙන යමක් නිසා හේතුවක් නැති උත්පත්ති ඇතැයි විස්වාස කර ආත්මයද ලෝකයද අහේතුකව උපන්නේයයි ප්‍රකාශ කරති. මේ එහි දෙවැනි කාරණයයි.
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති ද්වීහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව ද්වීහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන, නත්ථි ඉතො බහිද්ධා...පෙ.... යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං.
“මහණෙනි, ඒ මහණ බමුණෝ හේතුවක් නැති උත්පත්ති ඇතැයි විස්වාස කර මේ කරුණු දෙකින් ආත්මයද ලෝකයද හේතුවක් නැතුව (ඉබේම) උපන්නේයයි ප්‍රකාශ කරති. ඒ සියල්ලෝම මේ කරුණු දෙකින් හෝ එයින් එකකින් හෝ එසේ ප්‍රකාශ කරති. මෙයින් පිට කරුණකින් නොවේ. “මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබොධය, ශාන්තය, මිහිරිය, තර්ක මාර්ගයෙන් දැනගත නොහැක. සියුම්ය, නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය. තථාගතයෝ එය තමන්ගේම උසස් ඥානයෙන් දැක ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටිවූ ගුණ කියන්නෝ හොඳින් කියති.
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති අට්ඨාරසහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තමාරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව අට්ඨාරසහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන, නත්ථි ඉතො බහිද්ධා.
“මහණෙනි, ඒ මේ මහණ බමුණෝ අතීතය ගැන කල්පනා කරන්නෝව, අතීතය ගැන ඇදහීම් ඇත්තෝව, අතීතය ගැන කරුණු දහඅටකින් නොයෙක් මත දක්වන වචන කියති. මහණෙනි, ඒ යම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය ගැන කල්පනා කරන්නෝව, අතීතය ඇදහීම් ඇත්තෝව, අතීතය ගැණ නොයෙක් මත දක්වන වචන කියද්ද? ඒ සියල්ලෝම මේ කරුණු දහඅටෙන් හෝ මොවුන් අතුරෙන් එකකින් හෝ කියති. මෙයින් පිටත වුවකින් නොකියති.
‘‘තයිදං, භික්ඛවෙ, තථාගතො පජානාති - ‘ඉමෙ දිට්ඨිට්ඨානා එවංගහිතා එවංපරාමට්ඨා එවංගතිකා භවන්ති එවංඅභිසම්පරායා’ති. තඤ්ච තථාගතො පජානාති, තතො ච උත්තරිතරං පජානාති, තඤ්ච පජානනං න පරාමසති, අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමුත්තො, භික්ඛවෙ, තථාගතො.
“මේ මත මෙසේ ගත්තාහුය, මෙසේ තීරණයකට පැමිණියාහුය, මෙබඳු ගති ඇතිවන්නාහුය, මෙබඳු පරලොවගෙන දෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති. මෙයින් මත්තෙහිවූද දනිති, ඒ දැනීම (රාග ද්වේෂ මෝහයෙන්) තීරණය නොකෙරෙති එසේ තීරණය නොකරන තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥානයෙන්ම කෙලෙස් නැති කිරීම දැනගන්නා ලද්දේය, ‘මහණෙනි. වේදනා ඉපදීමද, බැසීමද, භුක්තිවිඳීමද, ප්‍රතිඵලද, නිවනද ඇතිහැටි දැන තථාගතයෝ කෙලෙසුන්ගෙන් මිදුනෝය.
‘‘ඉමෙ ඛො තෙ, භික්ඛවෙ, ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති , යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං.
“මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබොධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය, සියුම්ය, නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය, එය තථාගතයෝ තමන්ගේම උසස් ඥානයෙන් දැක ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටිව ගුණ කියන්නෝ හොඳින් කියති.
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො, අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති චතුචත්තාරීසාය (චතුචත්තාලීසාය (ස්‍යා. කං.)) වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති චතුචත්තාරීසාය වත්ථූහි?
“මහණෙනි, අනාගතය කල්පනා කරන්නාවූ අනාගතය ගැන විස්වාස ඇති, අනාගතය ගැන කරුණු හතලිස් හතරකින් නොයෙක් මත දක්වන වචන කියන්නාවූ මහණ බමුණෝ ඇත්තාහුය. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොට ගෙන කුමක් නිසා අනාගතය කල්පනා කරන්නෝව අනාගතය ගැන මත ඇත්තෝව අනාගතය ගැන කරුණු හතලිස් හතරකින් නොයෙක් මත ප්‍රකාශ කරණ වචන කියද්ද?
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනං සඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති සොළසහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනං සඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති සොළසහි වත්ථූහි?
“මහණෙනි, මරණින් මතු ආත්මයෙහි ලකුණු (සංඥා) ඇත්තේයයි මත ඇති සමහර මහණ බමුණෝ ඇත්තාහුය. මරණින් මත්තෙහි සංඥා ඇති ආත්මය දහසය ආකාරයකින් ඔවුහු ප්‍රකාශ කරත්. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොට ගෙන කුමක් නිසා දහසය ආකාරයකින් මත්තෙහි ආත්මය ලකුණු ඇත්තේය යන විස්වාසය ඇත්තෝ මරණින් මත්තෙහි ආත්මය ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරත්ද?
‘‘‘රූපී අත්තා හොති අරොගො පරං මරණා සඤ්ඤී’ති නං පඤ්ඤපෙන්ති. ‘අරූපී අත්තා හොති අරොගො පරං මරණා සඤ්ඤී’ති නං පඤ්ඤපෙන්ති. ‘රූපී ච අරූපී ච අත්තා හොති...පෙ.... නෙවරූපී නාරූපී අත්තා හොති... අන්තවා අත්තා හොති... අනන්තවා අත්තා හොති... අන්තවා ච අනන්තවා ච අත්තා හොති... නෙවන්තවා නානන්තවා අත්තා හොති... එකත්තසඤ්ඤී අත්තා හොති... නානත්තසඤ්ඤී අත්තා හොති... පරිත්තසඤ්ඤී අත්තා හොති... අප්පමාණසඤ්ඤී අත්තා හොති... එකන්තසුඛී අත්තා හොති... එකන්තදුක්ඛී අත්තා හොති. සුඛදුක්ඛී අත්තා හොති. අදුක්ඛමසුඛී අත්තා හොති අරොගො පරං මරණා සඤ්ඤී’ති නං පඤ්ඤපෙන්ති.
“ආත්මය රූප සහිතය, නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ආත්මය අරූපීය, නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ආත්මය රූප ඇත්තේද රූප නැත්තේද වෙයි. නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ආත්මය රූපයක් නැත්තේමද අරූප නැත්තේ නොවෙද වෙයි. “ආත්මය කෙළවරක් (අන්තයක්) ඇත්තේ වෙයි. ආත්මය කෙළවරක් නැත්තේ වෙයි. ආත්මය කෙළවරක් ඇත්තේද නැත්තේද වෙයි. ආත්මය කෙළවරක් නැත්තේද නොම නැත්තේද වෙයි ආත්මය එකම ලකුණුවලින් යුතු වෙයි. ආත්මය නොයෙක් ලකුණුවලින් යුතුවෙයි. ආත්මය ඉතා කුඩා ලකුණුවලින් යුතුවෙයි. ආත්මය සීමාවක් නැති ලකුණෙන් යුතු වෙයි, ආත්මය නොඅනුමාන සැපයෙන් යුතු වෙයි. ආත්මය නොඅනුමාන දුකින් යුතු වෙයි. ආත්මය දුක් සැප දෙකෙන් යුතුවෙයි. ආත්මය නො දුකින් යුතු නො සැපෙන් යුතු වෙයි. ඒ ආත්මය නිත්‍යයයි මරණින් මතු සංඥා (ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති.
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනං සඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති සොළසහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනං සඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව සොළසහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන, නත්ථි ඉතො බහිද්ධා...පෙ.... යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං.
“මහණෙනි, ඒ මහණ බමුණෝ මරණින් මතු සංඥා ඇතැයි අදහන්නෝව මේ කරුණු දහසයෙන් මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරති. මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මරණින් මතු සංඥා ඇතැයි අදහන්නෝව, මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝ මේ සොළොස් වස්තුවෙන් එසේ ප්‍රකාශ කරත්. නැතහොත් මෙයින් එකකින් ප්‍රකාශ කරත්. මෙයින් පිටතවූ එකකින් ප්‍රකාශ නොකරත්. “මේ මත මෙසේ ගත්තාහුය, මෙසේ තීරණයකට පැමිණියාහුය. මෙබඳු ගති ඇතිවන්නාහුය, මෙබඳු පරලොව ගෙන දෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති මෙයින් මත්තෙහිවූද දනිති. ඒ දැනීම (රාග ද්‍වෙෂ මෝහයෙන්) තීරණය නොකෙරෙති. එසේ තීරණය නොකරණ තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥාණයෙන්ම කෙලෙස් නැතිකිරීම දැනගන්නා ලද්දේය. මහණෙනි, වේදනා ඉපදීමද, බැසීමද, භුක්තිවිඳීමද, ප්‍රතිඵලද, නිවනද ඇතිහැටි දැන තථාගතයෝ කෙලෙසුන්ගෙන් මිදුනෝය. “මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය. දුරවබොධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය සියුම්ය, නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය. එය තථාගතයෝ තමන්ගේම උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටි ගුණ කියන්නෝ හොඳින් කියති.
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනං අසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනං අසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි?
“මහණෙනි, සමහර මහණ බමුණෝ මරණින් මතු ලකුණු නැතැයි අදහන්නෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය මරණින් මතු ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොටගෙන කුමක් නිසා මරණින් මතු ලකුණු නැතැයි අදහන්නෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට පෙන්වත්ද?
‘‘‘රූපී අත්තා හොති අරොගො පරං මරණා අසඤ්ඤී’ති නං පඤ්ඤපෙන්ති. ‘අරූපී අත්තා හොති අරොගො පරං මරණා අසඤ්ඤී’ති නං පඤ්ඤපෙන්ති. ‘රූපී ච අරූපී ච අත්තා හොති...පෙ.... නෙවරූපී නාරූපී අත්තා හොති... අන්තවා අත්තා හොති... අනන්තවා අත්තා හොති... අන්තවා ච අනන්තවා ච අත්තා හොති... නෙවන්තවා නානන්තවා අත්තා හොති අරොගො පරං මරණා අසඤ්ඤී’ති නං පඤ්ඤපෙන්ති.
“මරණින් මතු රූප ඇති නිත්‍ය ආත්මයක් වෙයි. එය ලකුණු නැත්තේයයි ප්‍රකාශ කරත්. රූපය නැති ආත්මයක්වෙයි. එය ලකුණු නැත්තේයයි ප්‍රකාශ කරත් රූපය ඇත්තාවූද රූපය නැත්තාවූද ආත්මයක් වෙයි. රූපය නැත්තාවුද අරූපය නැත්තාවුද ආත්මයක් වෙයි, අන්තයක් ඇත්තාවුද ආත්මයක් වෙයි. අන්තයක් නැත්තාවූද ආත්මයක් වෙයි. අන්තයක් ඇත්තාවූද අන්තයක් නැත්තා වූද ආත්මයක් වෙයි. අන්තයක් නොම ඇත්තාවූද අන්තයක් නොම නැත්තාවූද ආත්මයක් වෙයි. එය මරණින් මතු නිත්‍යවූ බැවින් ලකුණ නැත්තේයයි ප්‍රකාශ කරත්.
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනං අසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනං අසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව අට්ඨහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන, නත්ථි ඉතො බහිද්ධා...පෙ.... යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං.
“මහණෙනි, ඒ මහණ බමුණෝ මරණින් මතු ලකුණු නැතැයි අදහන්නෝව, මේ කරුණු අටෙන් මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරති. මහණෙනි, සමහර මහණහු හෝ බමුණෝ හෝ මරණින් මතු ලකුණු නැතැයි අදහන්නෝව මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්ද ඒ සියල්ලෝම මේ කරුණු අටෙන් ප්‍රකාශ කරත් මෙයින් එකකින් හෝ ප්‍රකාශ කරත්. මෙයින් පිටත එකකින් ප්‍රකාශ නොකරත්. “මහණෙනි, මේ මතය මෙසේ ගත්තාහුය, මෙසේ තීරණයකට පැමිණියාහුය, මෙබඳු ගති ඇති වන්නාහුය, මෙබඳු පරලොව ගෙනදෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති ඒ දැනීම (රාග ද්‍වෙෂ මෝහයෙන්) තීරණය නො කෙරෙති. එසේ තීරණය නොකරන තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥානයෙන්ම කෙළෙස් නැති කිරීම දැන ගන්නා ලද්දේය. ‘මහණෙනි, වේදනා ඉපදීමද, බැසීමද, භුක්ති විඳීමද, ප්‍රතිඵලද, නිවනද ඇතිහැටි දැන තථාගතයෝ කෙළෙසුන් ගෙන් මිදුනෝය. “මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය. දුරවබෝධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය, සියුම්ය නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය. එය තථාගතයෝ තමන්ගේම උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටි ගුණ කියන්නෝ හොඳින් කියති.
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා, උද්ධමාඝාතනං නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා උද්ධමාඝාතනං නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි?
“මහණෙනි, සමහර මහණ බමුණෝ මරණින් මතු නොම සංඥා (ලකුණු) ඇති නොම අසංඥා (ලකුණක් නුවූදේ) ඇති මත ඇත්තෝ වෙති. ඔහු කරුණු අටකින් මරණින් මතු ආත්මය නොම සංඥා නොම අසංඥා කොට පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොට ගෙන කුමක් නිසා කරුණු අටකින් මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇති මත ඇත්තෝව මරණින් මතු ආත්මය නොම සංඥා ඇත්තේය, නොම අසංඥා ඇත්තේයයි කරුණු අටකින් ප්‍රකාශ කරද්ද?
‘‘‘රූපී අත්තා හොති අරොගො පරං මරණා නෙවසඤ්ඤීනාසඤ්ඤී’ති නං පඤ්ඤපෙන්ති ‘අරූපී අත්තා හොති...පෙ.... රූපී ච අරූපී ච අත්තා හොති... නෙවරූපී නාරූපී අත්තා හොති... අන්තවා අත්තා හොති... අනන්තවා අත්තා හොති... අන්තවා ච අනන්තවා ච අත්තා හොති... නෙවන්තවා නානන්තවා අත්තා හොති අරොගො පරං මරණා නෙවසඤ්ඤීනාසඤ්ඤී’ති නං පඤ්ඤපෙන්ති.
“මරණින් මතු ආත්මය නිත්‍යය, රූප ඇත්තක්ය නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. මරණින් මතු අරූපීවූ ආත්මය නිත්‍යය නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. රූපිවූද අරූපිවූද ආත්මය නිත්‍යය නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. නොම රූප ඇති නොම අරූප ඇති ආත්මය නිත්‍යය නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. කෙළවරක් ඇති ආත්මයක් වෙයි. එය නිත්‍යය මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. කෙළවරක් නැති ආත්මයක් වෙයි. එය නිත්‍යය මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. කෙළවරක් ඇත්තාවූද කෙළවරක් නැත්තාවූද ආත්මයක් වෙයි එය නිත්‍යය මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. කෙළවරක් නැත්තා වූද කෙළවරක් නොම ඇත්තාවූද ආත්මයක් වෙයි. එය නිත්‍යය මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇති යයි ප්‍රකාශ කරත්.
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා උද්ධමාඝාතනං නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා උද්ධමාඝාතනං නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව අට්ඨහි වත්ථූහි...පෙ.... යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං.
“මහණෙනි, ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ප්‍රකාශ කරන්නාහු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි මත අදහන්නෝ කරුණු අටකින් මරණින් මතු ආත්මය නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. මහණෙනි, යම්කිසි මහණහු හෝ බමුණෝ හෝ මරණින් මතු ආත්මය ගැන නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි අදහා මරණින් මතු ආත්මය නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි, ප්‍රකාශ කරද්ද, ඒ සියල්ලෝම මේ කරුණු අටෙන් හෝ එයින් එකකින් හෝ ප්‍රකාශ කරත්. මෙයින් පිටත එකකින් ප්‍රකාශ නොකරත්. “මේ මත මෙසේ ගන්නාහුය, මෙසේ තීරණයකට පැමිණියාහුය, මෙබඳු ගති ඇති වන්නාහුය, මෙබඳු පරලොව ගෙන දෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති. මෙයින් මත්තෙහිවූද දනිති. ඒ දැනීම (රාග ද්‍වෙෂ මෝහයෙන්) තීරණය නොකෙරෙති. මෙසේ තීරණය නොකරණ තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥානයෙන්ම කෙලෙස් නැති කිරීම දැනගන්නා ලද්දේය. මහණෙනි, වේදනා ඉපදීමද, බැසීමද, භුක්තිවිඳීමද, ප්‍රතිඵලද නිවනද ඇතිසැටි දැන තථාගතයෝ කෙලෙසුන්ගෙන් මිදුනෝය. “මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබෝධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය, සියුම්ය නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය. එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටි ගුණ කියන්නෝ හොඳින් කියති.
‘‘සන්ති , භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති සත්තහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති සත්තහි වත්ථූහි?
“මහණෙනි, සමහර මහණ බමුණෝ සංසාරයක් නැතැයි විස්වාසකර සත්ත්වයාගේ නැතිවීම විනාශය සහ භවය නැතිවී යෑම කරුණු හතකින් ප්‍රකාශ කරත්. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොට ගෙන කුමක් නිසා සංසාරයක් නැතැයි විස්වාසකර සත්ත්වයාගේ නැතිවීම විනාශය සහ භවය නැතිවී යෑම කරුණු හතකින් ප්‍රකාශ කරද්ද?
‘‘ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා එවංවාදී හොති එවංදිට්ඨි (එවංදිට්ඨී (ක. පී.)) - ‘යතො ඛො, භො, අයං අත්තා රූපී චාතුමහාභූතිකො මාතාපෙත්තිකසම්භවො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා, එත්තාවතා ඛො, භො, අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති.
“මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු මත ඇත්තේ මෙබඳු ඇදහීම් ඇත්තෙක් වෙයි. ‘පින්වත, සතර මහා භූතයන්ගෙන් හටගත් මවුපියන්ගේ සම්බන්ධයෙන් උපන් රූපයක් ඇති මේ ආත්මය ශරීරයෙන් වෙන්වීමෙන් නැතිවන්නේය, විනාශ වන්නේය, මරණින් මතු නොවන්නේය. පින්වත, මෙපමණකින් මේ ආත්මය හොඳින් නැතිවීයේය.’ මෙසේ යම්කෙනෙක් සත්ත්වයාගේ නැතිවීම, විනාශය හා භවය නැතිවී යෑම ප්‍රකාශ කරත්.
‘‘තමඤ්ඤො එවමාහ - ‘අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො, භො, අඤ්ඤො අත්තා දිබ්බො රූපී කාමාවචරො කබළීකාරාහාරභක්ඛො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො, භො, අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා, එත්තාවතා ඛො, භො, අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති.
“වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත්තේය. එය ඇත්තේ නැතැයි නොකියමි. ‘පින්වත, මෙතෙකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේ නැත. ‘පින්වත, රූපයක් ඇති, කාම ලෝකයෙහි හැසිරෙණ, කෑම කන අන්‍ය දිව්‍ය ආත්මයෙක් ඇත්තේය. එය ඔබ නොදනිහි, නොදකිහි. මම එය දනිමි, දකිමි. පින්වත, ඒ ආත්මය ශරීරයෙන් වෙන්වූ පසු නැතිවී යන්නේය, විනාශ වන්නේය, මරණින් මතු නොවන්නේය. පින්වත, එපමණකින් මේ ආත්මය නැතිවී ගියේ වෙයි.” මෙසේ යම්කිසි කෙනෙක් සත්වයාගේ නැතිවී යෑම, විනාශය හා භවය නැතිවීම ප්‍රකාශ කරත්.
‘‘තමඤ්ඤො එවමාහ - ‘අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො, භො, අඤ්ඤො අත්තා දිබ්බො රූපී මනොමයො සබ්බඞ්ගපච්චඞ්ගී අහීනින්ද්‍රියො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො, භො, අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා, එත්තාවතා ඛො, භො, අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති.
“වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘පින්වත, තා කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. ‘පින්වත, ඒ ආත්මය මෙපමණකින් හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, රූපයක් ඇති, සිත් උපදවනලද සියලු අවයව ඇති දැනීමට උපකාරවන නොපිරිහුණු අවයවයන් ඇති අනික් දිව්‍ය ආත්මයක් ඇත. එය ඔබ නොදනිහි, නොදකිහි. එය මම දනිමි, දකිමි. ‘පින්වත, යමකින් ඒ ආත්මය ශරීරයෙන් වෙන්වීමෙන් සිඳෙන්නේද විනාශ වන්නේද මරණින් මත්තෙහි නොවන්නේද, පින්වත, එපමණකින් මේ ආත්මය මනාකොට නැතිවී ගියේ වේ.’ මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ නැතිවී යෑම, විනාශය, භවයෙන් නැතිවී යෑම ප්‍රකාශ කරත්.
‘‘තමඤ්ඤො එවමාහ - ‘අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො , භො, අඤ්ඤො අත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘‘අනන්තො ආකාසො’’ති ආකාසානඤ්චායතනූපගො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො, භො, අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා, එත්තාවතා ඛො, භො, අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති.
“වෙන අයෙක් ඔහුට මෙසේ කියයි. ‘පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැතැයි නොකියමි. ‘පින්වත, ඒ ආත්මය මෙපමණකින් හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, අන්‍යවූ හැම කාරණයකින් රූප ලකුණු පිටකිරීමෙන් නැසෙන ලකුණු බැහීමෙන් නොයෙක් ආත්ම ලකුණු අමතක වීමෙන් ආකාශය නිමක් නැතැයි ආකාශානඤ්චායතන, නම් පළමුවැනි අරූප බ්‍රහ්ම ලෝකයට පැමිණ ආත්මයක් ඇත. එය ඔබ නොදනිහි, නොදකිහි, එය මම දනිමි, දකිමි. ‘පින්වත, යම් කලෙක ඒ ආත්මය ශරීරයෙන් වෙන්ව නැතිවී යන්නේද, විනාශ වී යන්නේද, මරණින් මතු නොවන්නේද, පින්වත’ මෙපමණකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේ වේ.’ මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ නැතිවී යෑම’ විනාශය හා භවය නැතිවී යෑම ප්‍රකාශ කරයි.
‘‘තමඤ්ඤො එවමාහ - ‘අත්ථි ඛො, භො, එසො අත්තා යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො, භො, අඤ්ඤො අත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘‘අනන්තං විඤ්ඤාණ’’න්ති විඤ්ඤාණඤ්චායතනූපගො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො, භො, අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා, එත්තාවතා ඛො, භො, අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති.
“වෙන අයෙක් ඔහුට මෙසේ කියයි. ‘පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙතෙකින් හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, හැම ආකාරයෙන් ‘ආකාශානඤ්චායතනය’ නම් පළමුවැනි අරූප බ්‍රහ්ම ලෝකයෙන් ඉක්මවී හිත කෙළවරක් නැතැයි ‘විඤ්ඤාණඤ්චායතනය’ නම් බ්‍රහ්ම ලෝකයට පැමිණ ආත්මයක් ඇත. එය ඔබ නොදනිහී, නොදකිහි එය මම දනිමි, දකිමි. ‘පින්වත, යම් කාලයකදී ආත්මය ශරීරයෙන් වෙන්ව නැතිවී යන්නේද, විනාශ වන්නේද, මරණින් මත්තෙහි නොවන්නේද, පින්වත, මෙපමණකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේයි’ මෙසේ යම් කෙනෙක් සත්ත්වයන්ගේ නැතිවී යෑම, විනාශය හා භවය නැතිවී යෑම ප්‍රකාශ කරයි.
‘‘තමඤ්ඤො එවමාහ - ‘අත්ථි ඛො, භො, සො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො, භො, අඤ්ඤො අත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘‘නත්ථි කිඤ්චී’’ති ආකිඤ්චඤ්ඤායතනූපගො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො, භො, අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා, එත්තාවතා ඛො , භො, අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතී’’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති.
“වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘පින්වත ඔබ කියන ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙතෙකින් හොඳාකාර නැතිවී නොගියේය. “පින්වත, හැම ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය නම් බ්‍රහ්ම ලෝකයෙන් ඉක්මවී කිසිවක් නැතැයි ‘ආකිඤ්චඤ්ඤායතනය, නම්, බ්‍රහ්ම ලෝකයට පැමිණියාවූ ආත්මයක් ඇත. එය ඔබ නොදකිහි, නොදනිහි. මම එය දනිමි, දකිමි පින්වත, යම්කාලයකදී ඒ ආත්මය ශරීරයෙන් වෙන්වී නැතිවීයන්නේද මරණින් මතු නොවන්නේද, පින්වත, මෙපමණකින් ඒ ආත්මය නැතිවී ගියේයයි’ මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ නැතිවීයාම, විනාශය, භවය නැතිවීයෑම ප්‍රකාශ කරයි.
‘තමඤ්ඤො එවමාහ - ‘‘අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො, භො, අඤ්ඤො අත්තා සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම ‘‘සන්තමෙතං පණීතමෙත’’න්ති නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො, භො, අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා, එත්තාවතා ඛො, භො, අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති.
“වෙන අයෙක් ඔහුට මෙසේ කියයි, ‘පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙතෙකින් හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, හැම ආකාරයෙන් ‘ආකිඤ්චඤ්ඤායතනය’ නම් බ්‍රහ්මලෝකය ඉක්මකොට මෙය ශාන්තය මෙය මිහිරියයි ‘නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය’ නම් බ්‍රහ්මලෝකයට පැමිණියාවූ අන්‍ය ආත්මයක් ඇත. එය ඔබ නොදකිහි, නොදනිහි. එය මම දනිමි. දකිමි. ‘පින්වත, යම් කලෙක ඒ ආත්මය ශරීරයෙන් වෙන්වී නැතිවී යන්නේද, විනාශ වන්නේද මරණින් මත්තෙහි නොවන්නේද, පින්වත, මෙපමණකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේයි” මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ නැතිවීයාම, විනාශය, භවය නැතිවීයෑම ප්‍රකාශ කරති.
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති සත්තහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව සත්තහි වත්ථූහි...පෙ.... යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං.
“මහණෙනි, ඒ මහණ බමුණෝ නැතිවීයෑම (උච්ඡේදවාදය) විස්වාසකරන්නෝව මේ කරුණුහතෙන් සත්ත්වයින්ගේ නැතිවීයෑම විනාශය, භවය නැතිවීයෑම ප්‍රකාශ කරත්. මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ නැතිවී යෑම විස්වාස කරන්නෝව සත්ත්වයින්ගේ නැතිවීයෑම විනාශය භවය නැතිවීයෑම ප්‍රකාශ කරයිද ඒ සියල්ලෝ මේ කරුණු හතෙන් හෝ මෙයින් එකකින් හෝ එසේ ප්‍රකාශ කරති. මෙයින් පිටත එකකින් ප්‍රකාශ නොකරත්. “මේ මත මෙසේ ගන්නාහුය, මෙසේ තීරණයකට පැමිණියාහුය, මෙබඳු ගති ඇති වන්නාහුය, මෙබඳු පරලොව ගෙනදෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති, මෙයින් මත්තෙහිවුවද දනිති. ඒ දැනීම (රාග ද්‍වෙෂ මෝහයෙන්) තීරණය නොකරති. මෙසේ තීරණය නොකරණ තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥානයෙන්ම කෙලෙස් නැති කිරීම දැනගන්නා ලද්දේය. මහණෙනි, වේදනා ඉපදීමද, බැසීමද, භුක්ති විඳීමද, ප්‍රතිඵලද නිවනද ඇති සැටි දැන තථාගතයෝ කෙලෙසුන්ගෙන්ද මිදුනෝය. “මහණෙනි, මේ බුද්ධ (ධර්මය) ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබෝධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැන ගත නොහැකිය. එය තථාගතයෝ තමන්ගේම උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇති සැටි ගුණ කියන්නෝ හොඳින් කියති.
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති පඤ්චහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති පඤ්චහි වත්ථූහි?
“මහණෙනි, සමහර මහණ බමුණෝ (දිට්ඨධම්මනිබ්බාන වාද) මේ ආත්ම භාවයේදීම නිර්වාණය අත්වේයයි අදහන්නෝ වෙති. ඔව්හු සත්ත්වයාගේ මේ ආත්මයෙහිම නිර්වාණය කරුණු පහකින් ප්‍රකාශ කරති. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණකොටගෙන කුමක් නිසා මේ ආත්මයෙහිම නිර්වාණය කරුණු පහකින් ප්‍රකාශ කරත්ද?
‘‘ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා එවංවාදී හොති එවංදිට්ඨි - ‘‘යතො ඛො, භො, අයං අත්තා පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති, එත්තාවතා ඛො, භො, අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති.
“මහණෙනි, මේ ලෝකයෙහි යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු මත ඇත්තෙක් මෙබඳු ඇදහීම් ඇත්තෙක් වෙයි. ‘පින්වත, යම්දිනක මේ ආත්මය පඤ්චකාම ගුණයෙන් යුත්වූයේ, අත්වූයේ ඉන්ද්‍රියයන් පිනවාද, මෙපමණකින්, මේ ආත්මය මේ ආත්ම භාවයේදීම නිර්වාණයට පැමිණියේ වෙයි, කියායි. මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ මේ ආත්ම භාවයේදීම නිර්වාණය ප්‍රකාශ කරයි.
‘‘තමඤ්ඤො එවමාහ -‘අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොති. තං කිස්ස හෙතු? කාමා හි, භො, අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, තෙසං විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. යතො ඛො , භො, අයං අත්තා විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, එත්තාවතා ඛො, භො, අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති.
“වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘ඔබ කියන ඒ ආත්මය ඇත. ඒ නැතැයි නොකියමි. පින්වත, මේ ආත්මය එපමණකින් මේ ආත්මයෙහිම නිවනට නොපැමිණියේ වෙයි. ඊට හේතු කුමක්ද? ‘පින්වත, කම් සැප අනිත්‍යය, දුකය, පෙරළෙන ආකාරය - (කාම සැපයේ) පෙරළීම, වෙනස්වීම නිසා, සෝක, වැලපීම්, දුක්, කණගාටු සහ තද ශෝකය උපදින්නෝය. පින්වත, යම් කාලයක මේ ආත්මය කාමයෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, සිත අරමුණට නගා අරමුණෙහි සිත හසුරුවා විවේකයෙන් හටගත් ප්‍රීති සහිත සැප ඇති පළමුවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද? පින්වත, එපමණකින් මෙ ආත්මය මේ ආත්මයේදීම නිවනට පැමිණියේ වෙයි.’ මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ මේ ආත්මයේම නිවනට පැමිණීම ප්‍රකාශ කරයි.
‘‘තමඤ්ඤො එවමාහ - ‘අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොති. තං කිස්ස හෙතු? යදෙව තත්ථ විතක්කිතං විචාරිතං, එතෙනෙතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො, භො, අයං අත්තා විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති, එත්තාවතා ඛො, භො, අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති.
“වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. ‘පින්වත, පෙමණකින් ඒ ආත්මය මේ ආත්මයේදී නිවනට පැමිණියේ නැත. ඊට හේතු කුමක්ද? එහි යම් විසඳා බලන විචාරයෝ වෙත්ද ඔවුන් නිසා ඒ ධ්‍යානය ලාමක සේ පෙනෙයි. පින්වත, යම් කලක මේ ආත්මය විසඳා බලන විචාරයින්ගේ සතුටුවීමෙන් හිතේ විශේෂ සතුටු ගතිය සහ එකඟකමින් යුක්තවූ, විසඳා බැලීමෙන් තොරවූ විචාර රහිතවූ සමාධියෙන් ඇතිවූ ප්‍රීතිය සහ සැප ඇති දෙවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද? පින්වත, මෙපමණකින් මේ ආත්මය මේ ආත්මයේදී නිවනට පැමිණියේ වෙයි.’ මෙසේ යම්කෙනෙක් සත්ත්වයාගේ මේ ආත්මයේම නිවන ප්‍රකාශ කරයි,
‘‘තමඤ්ඤො එවමාහ - ‘අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොති. තං කිස්ස හෙතු? යදෙව තත්ථ පීතිගතං චෙතසො උප්පිලාවිතත්තං, එතෙනෙතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො, භො, අයං අත්තා පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති, සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති ‘‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’’ති, තතියං ඣානං උපසම්පජ්ජ විහරති, එත්තාවතා ඛො, භො, අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති.
“වෙන අයෙක් ඔහුට මෙසේ කියති ‘ඔබ කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, මෙපමණකින් ඒ ආත්මය මේආත්මයේදී නිවනට පැමිණියේ නොවේ. ඊට හේතු කුමක්ද? එහි ප්‍රීතියද, හිතේ උඩඟු බවද, හේතු කොට ගෙන ඒ ධ්‍යානය ලාමකයයි පෙනේ. පින්වත, යම් කලක මේ ආත්මය ප්‍රීතියෙහි නොඇලීමෙන්, සිහිඇතුව, නුවණ ඇතුව උනන්දුවක් නැතුව වාසය කරයිද, ශරීරයෙන් සැප විඳීද, උත්තමයෝ යම් ධ්‍යානයකට උනන්දු නැති බව ඇත්තෝය, සිහි ඇත්තෝය, සැප විවේකය ඇත්තෝයයි කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, පින්වත, මෙපමණකින් මේ ආත්මය මේ ආත්මයේදී නිවනට පැමිණියේ වෙයි.’ මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ මේ ආත්මයේදී නිවන ප්‍රකාශ කරයි.
‘‘තමඤ්ඤො එවමාහ - ‘අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොති. තං කිස්ස හෙතු? යදෙව තත්ථ සුඛමිති චෙතසො ආභොගො, එතෙනෙතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො, භො, අයං අත්තා සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, එත්තාවතා ඛො, භො, අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති.
“වෙන අයෙක් ඔහුට මෙසේ කියති. ‘පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, මෙපමණකින් ඒ ආත්මයත් මේ ආත්මයේදී නිවනට පැමිණියේ නොවේ. ඊට හේතු කුමක්ද? එහි සැපයයි සිතෙහි ධ්‍යානයෙන් නැගිට නැගිට සැපය නැවත සිහිකිරීම වේද, එයින් එය ලාමකයයි හැඟේ. පින්වත, යම් කලක මේ ආත්මය සැප නැති කිරීමෙන්ද, දුක නැති කිරීමෙන්ද, පළමුවෙන්ම සතුට අසතුට නැතිව යෑමෙන් දුක් නැති සැප නැති, උපෙක්ෂාව නිසා ඇතිවූ සිහියේ හරි ශුද්ධිය ඇති හතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, පින්වත, මෙපමණකින්ම මේ ආත්මය මේ ආත්මයේදී නිවනට පැමිණියේ වෙයි.’ මෙසේ යම් කෙනෙක් මේ ආත්මයේදී නිවන ප්‍රකාශ කරයි.
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති පඤ්චහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව පඤ්චහි වත්ථූහි...පෙ.... යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං.
“මහණෙනි, ඒ මහණ බමුණෝ මේ ආත්මයේදී නිවන කියන්නෝ මේ කරුණු පහෙන් සත්ත්වයන්ගේ මේ ආත්මයේදී නිවන ප්‍රකාශ කරත් මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මේ ආත්මයේදී නිවන විශ්වාස කරන්නෝව සත්ත්වයාගේ මේ ආත්මයේදී නිවන ප්‍රකාශ කරයිද ඒ සියල්ලෝම මේ කරුණු පහෙන් හෝ මෙයින් එකකින් හෝ ප්‍රකාශ කරත්. මෙයින් පිටත එකකින් ප්‍රකාශ නොකරත්. “මහණෙනි, තථාගතයෝ මේ දනිත්. මේ මත මෙසේ ගත්තාහුය. මෙසේ තීරණයකට පැමිණියාහුය, මෙබඳු ගති ඇති වන්නාහුය, මෙබඳු පරලොව ගෙනදෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති. මෙයින් මත්තෙහිවූද, දනිති ඒ දැනීම (රාග ද්‍වෙෂ මෝහයෙන්) තීරණය නොකරති. මෙසේ තීරණය නොකරණ තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥානයෙන්ම කෙළෙස් නැති කිරීම දැනගන්නා ලද්දේය. මහණෙනි, වේදනා ඉපදීමද, බැසීමද, භුක්තිවිඳීමද, ප්‍රතිඵලද නිවනද, ඇතිසැටි දැන තථාගතයෝ කෙලෙසුන්ගෙන් මිදුනෝය. ‘මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබෝධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය, සියුම්ය, නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය. එය තථාගතයෝ තමන්ගේම උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටි ගුණ කියන්නෝ ඒ ධර්මයන් හේතුකොටගෙන එසේ කියති.
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති චතුචත්තාරීසාය වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව චතුචත්තාරීසාය වත්ථූහි...පෙ.... යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං.
“මහණෙනි, ඒ මහණ බමුණෝ (ලොක) අවසානය ගැන කල්පනා කර (ලොක) අවසානය ගැන මත ඇති කර ගෙන කරුණු හතලිස් හතරකින් (ලොක) අවසානය ගැන නොයෙක් මත දක්වන වචන කියති. මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ (ලොක) අවසානය කල්පනා කර, (ලොක) අවසානය ගැන මත ඇතිකරගෙන, (ලොක) අවසානය ගැන නොයෙක් මත දක්වන වචන කියත්ද, ඒ සියල්ලෝ මේ කරුණු හතලිස් හතරෙන් හෝ එයින් අනික් කරුණකින් හෝ කියති. මෙයින් පිටත කරුණක් නොකියති. “මහණෙනි, තථාගතයෝ මේ දනිති. මේ මත මෙසේ ගත්තාහුය. මෙසේ තීරණයකට පැමිණියාහුය, මෙබඳු ගති ඇතිවන්නාහුය, මෙබඳු පරලොව ගෙනදෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති. මෙයින් මත්තෙහිවූද දනිති. ඒ දැනීම (රාග ද්‍වෙෂ මෝහයෙන්) තීරණය නොකරති. මෙසේ තීරණය නොකරන තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥානයෙන්ම කෙලෙස් නැතිකිරීම දැනගන්නා ලද්දේය. මහණෙනි, වේදනා ඉපදීම, බැසීම, භුක්තිවිඳීමද, ප්‍රතිඵලද, නිවනද ඇතිසැටි දැක තථාගතයෝ කෙලෙසුන්ගෙන් මිදුනෝය. මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබෝධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය, සියුම්ය, නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය. එය තථාගතයෝ තමන්ගේම උසස් ඥානයෙන් දැන ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටි ගුණ කියන්නෝ මේ ධර්මය හේතුකොටගෙන එසේ කියති.