pali_text stringlengths 7 23.7k | sinhala_text stringlengths 1 333k |
|---|---|
එවං මෙ සුතං - එකං සමයං භගවා අන්තරා ච රාජගහං අන්තරා ච නාළන්දං අද්ධානමග්ගප්පටිපන්නො හොති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. සුප්පියොපි ඛො පරිබ්බාජකො අන්තරා ච රාජගහං අන්තරා ච නාළන්දං අද්ධානමග්ගප්පටිපන්නො හොති සද්ධිං අන්තෙවාසිනා බ්‍රහ්මදත්තෙන මාණවෙන. තත්‍ර සුදං සුප්පියො පරිබ්බාජකො අනෙකපරියායෙන බුද්ධස්ස අවණ්ණ... | මා විසින් මෙසේ අසනලදී. (නොහොත් මගේ ඇසීම මෙලෙසයි.) එක් කාලයකදී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහපාරට පන්සියයක් පමණවූ බොහෝ භික්ෂු සංඝයා හා සමග (වැඩියෝය.) පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද (ශාසනයෙන් පිටත් පැවිද්දාද) බඹදත් නම් තරුණ අතවැසියා සමග රජගහ නුවරට හා නාලන්දා නුවරටත් අතර මහ පාරට පැමිණියේය. එහි... |
අථ ඛො භගවා අම්බලට්ඨිකායං රාජාගාරකෙ එකරත්තිවාසං උපගච්ඡි (උපගඤ්ඡි (සී. ස්‍යා. කං. පී.)) සද්ධිං භික්ඛුසඞ්ඝෙන. සුප්පියොපි ඛො පරිබ්බාජකො අම්බලට්ඨිකායං රාජාගාරකෙ එකරත්තිවාසං උපගච්ඡි (උපගඤ්ඡි (සී. ස්‍යා. කං. පී.)) අන්තෙවාසිනා බ්‍රහ්මදත්තෙන මාණවෙන. තත්‍රපි සුදං සුප්පියො පරිබ්බාජකො අනෙකපරියායෙන බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අව... | එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රජුන්ගේ විඩා හැරීමාදියට පිළියෙළවූ රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට භික්ෂු සංඝයා සමග පැමිණියෝය. සුප්පිය නම් පිරිවැජියාද අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරක නම් ශාලාවෙහි එක් රාත්‍රියක් විසීමට බ්‍රහ්මදත්ත නම් තරුණ අතවැසි මානවකයා සමග පැමිණියේය. එහිදීද සුප්පිය පිරිවැජි නොයෙක් ආක... |
අථ ඛො සම්බහුලානං භික්ඛූනං රත්තියා පච්චූසසමයං පච්චුට්ඨිතානං මණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයං සඞ්ඛියධම්මො උදපාදි - ‘‘අච්ඡරියං, ආවුසො, අබ්භුතං, ආවුසො, යාවඤ්චිදං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන සත්තානං නානාධිමුත්තිකතා සුප්පටිවිදිතා. අයඤ්හි සුප්පියො පරිබ්බාජකො අනෙකපරියායෙන බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස... | එකල රෑ පාන්දරින් මණ්ඩලමාල නම් රැස්වීම් ශාලාවෙහි එක්ව රැස්ව වැඩසිටි බොහෝ භික්ෂූන් අතරෙහි මේ කථා ධර්මය පහළවිය. “ඇවැත්නි, (පින්වත් භික්ෂුවරුනි) සියල්ල දන්නා භගවත් නම්වූ සියල්ල දක්නා අර්හත් නම්වූ සම්‍යක් සම්බුදුන් වහන්සේ විසින් සත්වයන්ගේ නොයෙක් අදහස් ඇති බව යම් පමණ හොඳින් අවබෝධ කරණ ලද්දේද (අවබෝධය) පුදුමය. මේ සුප්පිය පිරිවැ... |
අථ ඛො භගවා තෙසං භික්ඛූනං ඉමං සඞ්ඛියධම්මං විදිත්වා යෙන මණ්ඩලමාළො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘කායනුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා සන්නිපතිතා, කා ච පන වො අන්තරාකථා විප්පකතා’’ති? එවං වුත්තෙ තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘ඉධ, භන්තෙ, අම්හාකං රත්තියා පච්චූසසමයං පච්ච... | එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ගේ මේ කථාව දැන රැස්වී වැඩහිඳි ශාලාව යම් තැනෙකද එතනට පැමිණියෝය. පැමිණ පැණවූ ආසනයෙහි වැඩහුන්නෝය. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ (මෙසේ) භික්ෂූන්ගෙන් ඇසුවෝය. “මහණෙනි, දැන් මොනයම් කථාවකින් යුක්තව සිටියාහුද? තොපගේ මොනයම් කථාවක් පටන්ගෙන සිටියහුදැ”යි ඇසූහ. මෙසේ ඇසූ කල ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට... |
‘‘මමං වා, භික්ඛවෙ, පරෙ අවණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි න ආඝාතො න අප්පච්චයො න චෙතසො අනභිරද්ධි කරණීයා. මමං වා, භික්ඛවෙ , පරෙ අවණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, තත්‍ර චෙ තුම්හෙ අස්සථ කුපිතා වා අනත්තමනා වා, තුම්හං යෙවස... | “මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නො... |
‘‘මමං වා, භික්ඛවෙ, පරෙ වණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා වණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා වණ්ණං භාසෙය්‍යුං, තත්‍ර තුම්හෙහි න ආනන්දො න සොමනස්සං න චෙතසො උප්පිලාවිතත්තං කරණීයං. මමං වා, භික්ඛවෙ, පරෙ වණ්ණං භාසෙය්‍යුං, ධම්මස්ස වා වණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා වණ්ණං භාසෙය්‍යුං, තත්‍ර චෙ තුම්හෙ අස්සථ ආනන්දිනො සුමනා උප්පිලාවිතා තුම්හං යෙ... | “මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද, ඒ ගුණ කීමෙහි තොප විසින් ප්‍රීති නොකට යුත්තේය. සිත් අසතුටු නොකට යුත්තේය. සිත්හි උඩඟු බව නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියද්ද, ධර්මයේ හෝ ගුණ කියද්ද, සංඝයාගේ හෝ ගුණ කියද්ද තෙපි ඒ ගුණ කියන්නවුන් කෙරෙහි ඉදින් සතුටු වන්නාහු නම් සිත් අසත... |
‘‘අප්පමත්තකං ඛො පනෙතං, භික්ඛවෙ, ඔරමත්තකං සීලමත්තකං, යෙන පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය. කතමඤ්ච තං, භික්ඛවෙ, අප්පමත්තකං ඔරමත්තකං සීලමත්තකං, යෙන පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය? | “මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයා යම් කරුණකින් එය කියානම් එය ස්වල්ප මාත්‍රයකි. (සුළු දෙයකි) ලාමක මාත්‍රයකි, (සුළු ස්වභා ගතියෙකි,) ශීල මාත්‍රයෙකි, (අඩු දෙයකි) එසේ ස්වල්ප මාත්‍රවූ ලාමක මාත්‍රවූ ශීල මාත්‍රවූ ගුණ කියන පෘථග්ජනයෙක් යම් කරුණකින් තථාගතයන්ගේ ගුණ කියා නම් කුමක් කියාද? |
‘‘‘පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො සමණො ගොතමො නිහිතදණ්ඩො, නිහිතසත්ථො, ලජ්ජී, දයාපන්නො, සබ්බපාණභූතහිතානුකම්පී විහරතී’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය. ‘‘‘අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො සමණො ගොතමො දින්නාදායී දින්නපාටිකඞ්ඛී, අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරතී’ති - ඉති වා හි, භික්ඛවෙ,... | “ශ්‍රමණ භවත් ගෞතමයෝ ප්‍රාණයට හිංසා කිරීම (ප්‍රාණඝාතය) අත්හැර දමා ප්‍රාණයකට හිංසා කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණාහ. (හිංසා කිරීමට) දඬු මුගුරු නොමැත්තෙක් වේ. පාපයට ලජ්ජා ඇත්තෙකි. දයාවන්ත බවට පැමිණියෙකි. සියලු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කෙරෙයි. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්නාවූ කෙලෙස් සහිත ජනයෙක් මෙසේ හෝ කියන්නේය. ‘ශ්... |
‘‘‘මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො සමණො ගොතමො සච්චවාදී සච්චසන්ධො ථෙතො (ඨෙතො (ස්‍යා. කං.)) පච්චයිකො අවිසංවාදකො ලොකස්සා’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස වණ්ණං වදමානො වදෙය්‍ය. ‘‘‘පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො සමණො ගොතමො, ඉතො සුත්වා න අමුත්‍ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්‍ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං... | “ශ්‍රමණ ගෞතමයෝ බොරුකීමෙන් (මුසාවාදයෙන්) වැළකුණෝය. සත්‍යයම කියති. සත්‍යයම ගළපා කියති. ස්ථිරවූ ඇදහියයුතු කථා ඇත්තෝය. ලෝකයා මුළාකරන විෂම වාද නොකරන්නෝය. මහණෙනි, මෙසේ හෝ කෙලෙස් සහිත ජනයෙක් තථාගතයන්ගේ ගුණ කියන්නේය. “ශ්‍රමණ ගෞතමයෝ පිසුනු බස් නමැති කේලාම් කීම අත්හැර කේලාම් කීමෙන් වැළකුණෝය. මෙතනින් අසා මොවුන්ගේ භෙදය පිණිස එතැන්... |
‘බීජගාමභූතගාමසමාරම්භා (සමාරබ්භා (සී. ක.)) පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ...පෙ..... ‘‘‘එකභත්තිකො සමණො ගොතමො රත්තූපරතො විරතො (පටිවිරතො (කත්ථචි)) විකාලභොජනා.... නච්චගීතවාදිතවිසූකදස්සනා (නච්චගීතවාදිතවිසුකදස්සනා (ක.)) පටිවිරතො සමණො ගොතමො.... මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො සමණො ගොතමො.... උච්චාසයනමහ... | “ශ්‍රමණ ගෞතමයෝ තණ, ගස්, වැල් ආදීන්ගේ භෙදනයෙන් (කැඩීම් සිඳීම් වලින්) වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ රාත්‍රි කෑමෙන් වැළකී විකාලභොජනයයි කියන ලද නුසුදුසු කාලයේ කෑමෙන් වෙන්ව එක්වේලේ වළඳන්නෝය. ශ්‍රමණ ගෞතමයෝ නැටීම්, ගීකීම්, වැයීම්, කෝලම් බැලීම් ආදියෙන් වැළකුණෝය. ශ්‍රමණ ගෞතමයෝ මල්මාලා සුවඳ දැරීම් වැනි සැරසීම් වලින් වැළකුණෝය. ශ්‍රමණ ග... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං බීජගාමභූතගාමසමාරම්භං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං (සෙය්‍යථීදං (සී. ස්‍යා.)) - මූලබීජං ඛන්ධබීජං ඵළුබීජං අග්ගබීජං බීජබීජමෙව පඤ්චමං (පඤ්චමං ඉති වා (සී. ස්‍යා. ක.)); ඉති එවරූපා බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ... | “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙසේ හෝ තණගස් වැල් ආදිය විනාශ කිරීමෙහි යෙදී වාසය කරති. එවැනි තණ ගස් වැල්වල මුල්වලින් පැලවෙන, කඳ පැලවෙන, පුරුක් පැලවෙන, දලු පැලවෙන බීජයෙන් පැලවෙන, පහක් (පස් වර්ගයක්) වේ. මෙයාකාර තණ ගස් වැල් ආදිය විනාශ කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.’ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කි... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං සන්නිධිකාරපරිභොගං අනුයුත්තා විහරන්ති , සෙය්‍යථිදං - අන්නසන්නිධිං පානසන්නිධිං වත්ථසන්නිධිං යානසන්නිධිං සයනසන්නිධිං ගන්ධසන්නිධිං ආමිසසන්නිධිං ඉති වා ඉති එවරූපා සන්නිධිකාරපරිභොගා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, පුථුජ්ජනො තථාගතස්ස... | “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ දේ රැස්කොට තබා ප්‍රයෝජන ගැනීමෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම් ආහාර වර්ග තබා ප්‍රයෝජන විඳීමය. පානවර්ග තබා ප්‍රයෝජන විඳීමය. රෙදිපිළි ආදී ඇඳුම් ලබා නගා තිබීමය. රථ වාහන තබා ප්‍රයෝජන විඳීමය. ඇඳ, පුටු ආදිය රැස්කොට තබා ප්‍රයෝජන විඳීමය. සුවඳ ද්‍රව්‍ය තබාගෙන ප්‍රයෝජන විඳ... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාළං කුම්භථූණං (කුම්භථූනං (ස්‍යා. ක.), කුම්භථූණං (සී.)) සොභනකං (සොභනඝරකං (සී.), සොභනගරකං (ස්‍යා. කං. පී.)) චණ්ඩාලං වංසං ධොවනං හත්ථියුද්ධං අස්සයුද්ධං ... | “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි විහිලු දේ දැක්මෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම්- නැටීමය, ගී කීමය, වීණා ආදිය වැයීමය, රඟමඬුලු බැලීමය, ගොතා රසකර කියන ලද බොරු කථා ඇසීමය, කංසතාලම් හෝ අත්තාලම්ය, මළමිනී නැංවීම නමැති විජ්ජා කිරීම, බෙර ගැහුම්ය, (ප්‍රතිභාන චිත්‍ර විචිත්‍රය) නෘත්‍යයේදී සිත් ඇලුම් කරන ශරීර ච... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං ජූතප්පමාදට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - අට්ඨපදං දසපදං ආකාසං පරිහාරපථං සන්තිකං ඛලිකං ඝටිකං සලාකහත්ථං අක්ඛං පඞ්ගචීරං වඞ්කකං මොක්ඛචිකං චිඞ්ගුලිකං (චිඞ්ගුලකං (ක. සී.)) පත්තාළ්හකං රථකං ධනුකං අක්ඛරිකං මනෙසිකං යථාවජ්ජං ඉති වා ඉති එ... | “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා ප්‍රමාදයට කාරණවූ මෙයාකාර සූදුකෙළියෙහි යෙදී වාසය කරති. එවැනි දේ නම්, අට මඬුලු (කොටු) කෙළිය, දස මඬුලු (කොටු) කෙළිය (ලනුපැනීම) අහස්කෙළිය (කොටු පැනීම) (කට්ටි පැනීම) එක්කොට තබන දේ නොසොල්වා ගැනීමේ ලම කෙළිය, සිංකෙළීම. (එනම් සැලුම්කෙළිය, කූරුගැසීමෙන් පින්තූර සෑදීමේ සෙල්ලම, බිම හෝ... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං උච්චාසයනමහාසයනං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - ආසන්දිං පල්ලඞ්කං ගොනකං චිත්තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්දලොමිං එකන්තලොමිං කට්ටිස්සං කොසෙය්‍යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං (හත්ථත්ථරණං අස්සත්ථරණං රථත්ථරණං (සී. ක. පී.)) අජිනප්පව... | “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ ‘උස් ආසන’ ‘මහ ආසන’යන්හි වාඩිවීමෙන් යුක්තව වාසය කරති. එනම් දික්හඟලා පුටුය, පලඟය, අඟල් හතරකට වඩා දික් ලොම් ඇති ඇතිරිය (ඇතුරු ආසනය) එළු ලොමින් සැරසූ ඇතිරිය, එළු ලොමින් සෑදූ සුදු ඇතිරිය, එළුලොමින් සෑදූ ඝන මලින් යුත් ඇතිරිය, ගුදිරිය, සිංහාදී රූපයෙන් සැරසූ එළු ලොම් ඇත... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං මණ්ඩනවිභූසනට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - උච්ඡාදනං පරිමද්දනං න්හාපනං සම්බාහනං ආදාසං අඤ්ජනං මාලාගන්ධවිලෙපනං (මාලාවිලෙපනං (සී. ස්‍යා. කං. පී.)) මුඛචුණ්ණං මුඛලෙපනං හත්ථබන්ධං සිඛාබන්ධං දණ්ඩං නාළිකං අසිං (ඛග්ගං (සී. පී.), අසිං ඛග... | “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ (ශරීරයට සම්බන්ධවූ) සැරසීමය, අඩු තැන් පිරවීමය යන කරුණෙහි යෙදී වාසය කරති. එනම්: සුවඳකුඩු ඇඟ ගැල්වීමය, ඇඟ අතගෑමය, නෑවීමය, මිරිකීමය (කැඩපත්) මුහුණ බලන කන්නාඩි අඳුන්, ගෙතූ නොගෙතූ මල් හා (විලවුන්) එනම් මල් සහිත සුවඳ සුණුය, (මුවසුණුය) මුහුණේ ලන සුවඳ සුණු හා කටේ ගාන (ආල... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං (ඉත්ථිකථං පුරිසකථං (ස්‍යා. කං. ක.)) සූරකථං විස... | “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ වැඩනැති කථාවෙහි යෙදී වාසය කරති. එනම්: රජුන් ගැන කථාය, සොරුන් ගැන කථාය, මහා ඇමතියන් ගැන කථාය, සේනා ගැන කථාය, භය ගැන කථාය යුද්ධ ගැන කථාය, කෑම ගැන කථාය, බීම ගැන කථාය, ඇඳුම් පැළඳුම් ගැන කථාය, නිදාගැනීම් ගැන කථාය, මාලා ගැන කථාය, සුවඳ ද්‍රව්‍ය ගැන කථාය, නෑයන් ගැන කථාය... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විග්ගාහිකකථං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි, කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි, මිච්ඡා පටිපන්නො ත්වමසි, අහමස්මි සම්මා පටිපන්නො, සහිතං මෙ, අසහිතං තෙ, පුරෙවචනීයං පච්ඡා අවච, පච්ඡාවචනීය... | “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙයාකාරවූ දොස් පවරා නින්දාකරන කථාවෙහියෙදී වාසය කරති. එනම්: ‘උඩඟු ලෙස තෝ මේ ධර්මය අනුව හැසිරීම නොදන්නෙහිය. මම මේ ධර්මය දනිමි. තෝ මේ ධර්මය අනුව හැසිරීම කුමක්දැයි දන්නෙහිද? තෝ වරදවා පිළිගන්නෙහිය. යහපත් අන්දමින් මම මොනවට පිළිපන්මි. මගේ වචනය අර්ථ සහිතය. (සිලුටුය), තගේ වචනය අනර... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං දූතෙය්‍යපහිණගමනානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්‍යථිදං - රඤ්ඤං, රාජමහාමත්තානං, ඛත්තියානං, බ්‍රාහ්මණානං, ගහපතිකානං, කුමාරානං ‘‘ඉධ ගච්ඡ, අමුත්‍රාගච්ඡ, ඉදං හර, අමුත්‍ර ඉදං ආහරා’’ති ඉති වා ඉති එවරූපා දූතෙය්‍යපහිණගමනානුයොගා පටිවිරතො සමණො ගොතමො’ත... | “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි දූතකම් (වැඩකාරකම්) සහ පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වාසයකරති. එනම් රජුන්ගේ, රාජ මහා ඇමතියන්ගේ, ක්ෂත්‍රියයන්ගේ, බ්‍රාහ්මණයන්ගේ, ගෙදර ප්‍රධානයන්ගේ (ගෘහපතියන්ගේ), කුමාරයන්ගේ ‘මෙහි එනු’ (ඔහේ) ‘එහාට යනු’ ‘මෙය ගෙන එනු’ ‘එහාට මෙය ගෙන යනු’ ආදී වශයෙනි. එවැනි වැඩකාරකම් (දූතකම්) හා ... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ කුහකා ච හොන්ති, ලපකා ච නෙමිත්තිකා ච නිප්පෙසිකා ච, ලාභෙන ලාභං නිජිගීංසිතාරො ච (ලාභෙන ලාභං නිජිගිං භිතාරො (සී. ස්‍යා.), ලාභෙන ච ලාභං නිජිගීසිතාරො (පී.)) ඉති (ඉති වා, ඉති (ස්‍යා. කං. ක.)) එවරූපා කුහනලපනා පටිවිරතො සමණො ගොතමො’ති - ඉති වා හි, භික්ඛවෙ, ... | “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි කුහකයෝද වෙති. සිවුපසය (සිවුරු, දන්, අසුන්, ගිලන්පස) ලබාගැනීම පිණිස වචන කියන්නෝද, නිමිති දක්වන්නෝද, අනුන්ගේ ගුණ නැතිකිරීමට කථා කිරීමෙන් ලාභ ලබන්නෝද, ලාභයෙන් ලාභයක් සොයන්නෝද වෙති. මෙවැනි කුහක (ලාභයෙන්) සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන්... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති , සෙය්‍යථිදං - අඞ්ගං නිමිත්තං උප්පාතං සුපිනං ලක්ඛණං මූසිකච්ඡින්නං අග්ගිහොමං දබ්බිහොමං ථුසහොමං කණහොමං තණ්ඩුලහොමං සප්පිහොමං තෙලහොමං මුඛහොමං ලොහිතහොමං අඞ්ගවිජ්ජා වත්ථුවිජ්ජා ඛත්තවිජ්ජා (ඛෙත්තවිජ්ජ... | “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා (වැරදි ඇදහීම් වලින් යුත්) ජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්: සාමුද්‍රිකා ශාස්ත්‍රය (අත්බැලීම හෝ ශරීරයේ අවයව බලා ශාස්ත්‍රකීම, නිමිතිකීම) අසනිපාතාදී මහත් නිමිත්තෙන් ශුභාශුභ කීම, උත්පාතය කීම, ස්වප්න (සිහින) ශාස්ත්‍රය, ලක්ෂණ ශාස්ත්‍රය, (රෙදි... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති, සෙය්‍යථිදං - මණිලක්ඛණං වත්ථලක්ඛණං දණ්ඩලක්ඛණං සත්ථලක්ඛණං අසිලක්ඛණං උසුලක්ඛණං ධනුලක්ඛණං ආවුධලක්ඛණං ඉත්ථිලක්ඛණං පුරිසලක්ඛණං කුමාරලක්ඛණං කුමාරිලක්ඛණං දාසලක්ඛණං දාසිලක්ඛණං හත්ථිලක්ඛණං අස්සලක්ඛණං මහ... | “සමහර මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් (වැරදි ඇදහීම් වලින් යුත් ජීවිකාවෙන්) ජීවිකාව කෙරෙත්. එනම්: මාණික්‍යයන්ගේ ශුභ අශුභ කියන මණිලක්ෂණය, දඬු ගැනීමෙහි ශුභ අශුභ කියන දණ්ඩලක්ෂණය, ඇඳුම්වල ශුභ අශුභ කියන වස්ත්‍ර ලක්ෂණය, කඩු ලකුණුය, ඊ ලකුණුය, දුනු ලකුණුය, ආයුධ ලකුණුය, ස්ත්‍රීලකුණුය, පුරුෂ ලකුණුය,... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති, සෙය්‍යථිදං - රඤ්ඤං නිය්‍යානං භවිස්සති, රඤ්ඤං අනිය්‍යානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං උපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං අපයානං භවිස්සති, බාහිරානං රඤ්ඤං උපයානං භවිස්සති, අබ්භන්තරානං රඤ්ඤං අපයානං භව... | “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයාකාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකා කෙරති. එනම්: (අසවල් දින) රජුගේ බැහැරයාම වෙයි, රජුගේ ආපසු ඒම වෙයි, ඇතුළු නුවර උන් රජුගේ සමීපයට යාම වෙයි, පිට රජුන්ගේ ඉවත යෑම වෙයි, ඇතුළු නුවර රජුන්ට ජය වෙයි, පිට රජුන්ට පරාජය වෙයි, පිටරජුන්ට ජය වෙයි, ඇතුළු නුවර රජු... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති, සෙය්‍යථිදං - චන්දග්ගාහො භවිස්සති, සූරියග්ගාහො (සුරියග්ගාහො (සී. ස්‍යා. කං. පී.)) භවිස්සති, නක්ඛත්තග්ගාහො භවිස්සති, චන්දිමසූරියානං පථගමනං භවිස්සති, චන්දිමසූරියානං උප්පථගමනං භවිස්සති, නක්ඛත්තානං... | “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයාකාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකා කෙරෙති. එනම්: (අසවල් දින) චන්ද්‍රග්‍රහණය වන්නේය. සූර්යග්‍රහණය වන්නේය. (ග්‍රහ) තාරකාවන්ගේ ග්‍රහණය වන්නේය, චන්ද්‍ර සූර්යයන්ගේ ගමන (ස්වකීය) මාර්ගයෙහි වන්නේය, චන්ද්‍ර සූර්යයන්ගේ ගමන අමාර්ගයෙහි වන්නේය. (ග්‍රහ) තාරකාවන්... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති, සෙය්‍යථිදං - සුවුට්ඨිකා භවිස්සති, දුබ්බුට්ඨිකා භවිස්සති, සුභික්ඛං භවිස්සති, දුබ්භික්ඛං භවිස්සති, ඛෙමං භවිස්සති, භයං භවිස්සති, රොගො භවිස්සති, ආරොග්‍යං භවිස්සති, මුද්දා, ගණනා, සඞ්ඛානං, කාවෙය්‍යං... | “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයාකාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකාව කෙරෙති. එනම්: හොඳින් වැහි ඇති වන්නේය. නියඟ වන්නේය හෝ නපුරු වැහි ඇතිවන්නේය. ආහාර ආදිය සුලභ වන්නේය. ආහාර ආදිය හිඟවන්නේය. භය නැති වන්නේය. භය ඇති වන්නේය. ලෙඩ ඇති වන්නේය. ලෙඩ නැති වන්නේයයි කීමද හස්ත මුද්‍රා ආදී ලකුණු ... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති , සෙය්‍යථිදං - ආවාහනං විවාහනං සංවරණං විවරණං සංකිරණං විකිරණං සුභගකරණං දුබ්භගකරණං විරුද්ධගබ්භකරණං ජිව්හානිබන්ධනං හනුසංහනනං හත්ථාභිජප්පනං හනුජප්පනං කණ්ණජප්පනං ආදාසපඤ්හං කුමාරිකපඤ්හං දෙවපඤ්හං ආදිච්... | “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන ලද කෑම කා මෙයා කාර පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙති. එනම්: විවාහ කැඩවීම, විවාහ කරවීම, හිත්දිනා ගැනීම පිණිස වචන කීම, වියෝග කරවීම, වස්තු රැස්කරවීම, වියදම් කරවීම යහපත් ශ්‍රීයාව ඇති කරවීම යහපත් ශ්‍රියාව නැති කරවීම, ගැප් (ගර්භය) නොනස්නාසේ රැකීම, දිව බැඳීම, හක්ක ... |
‘‘‘යථා වා පනෙකෙ භොන්තො සමණබ්‍රාහ්මණා සද්ධාදෙය්‍යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිතං කප්පෙන්ති, සෙය්‍යථිදං - සන්තිකම්මං පණිධිකම්මං භූතකම්මං භූරිකම්මං වස්සකම්මං වොස්සකම්මං වත්ථුකම්මං වත්ථුපරිකම්මං ආචමනං න්හාපනං ජුහනං වමනං විරෙචනං උද්ධංවිරෙචනං අධොවිරෙචනං සීසවිරෙචනං කණ්ණතෙලං නෙත්තතප්පනං නත්... | “සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යා ජීවිකාවෙන් ජීවිකාව කෙරෙති. එනම්: බාරහාරවීම, බාරහාර ඔප්පු කිරීම බිම්ගෙයි සිට උගත් මන්ත්‍ර යොදා ක්‍රියා කිරීම, නපුංසකයා පුරුෂයෙකු කිරීම, පුරුෂයා නපුංසක කිරීම, ගෙවල් තැනීම, ගෙවල් සෑදීමට සුදුසු තැන බලියාග පැවැත්වීම, (අනුහස් ඇතැයි කියන) වතු... |
‘‘අත්ථි , භික්ඛවෙ, අඤ්ඤෙව ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං. කතමෙ ච තෙ, භික්ඛවෙ, ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච... | “මහණෙනි, අන්‍ය ධර්මයද ඇත්තාහ. ගැඹුරුවූ දුකසේ දැක්කාවූ, දුකසේ වටහා ගත්තාවූ, තර්කයෙන් දැන ගත නොහැකිවූ, සියුම්වූ පණ්ඩිතයින් විසින් ගරුකළ යුතුවූ යම් ධර්ම ඇත්තේද එය තථාගතයෝ තමන්ගේ උසස් ඥානයෙන් දැන පිඩු (පසක්) කොට දේශනා කළෝද ඒ ධර්මයෙන් තථාගතයන්ගේ (විද්‍යමාන) ගුණ හොඳින් ප්‍රකාශවේ. (දැක්වේ) පැහැදිලිව පෙනේ. මහණෙනි, ගැඹුරුවූ දුක... |
‘‘සන්ති , භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො, පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි (අධිවුත්තිපදානි (සී. පී.)) අභිවදන්ති අට්ඨාරසහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති අට්ඨාරසහි වත... | “මහණෙනි, සමහර පින්වත් මහණ බමුණෝ පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරති. පෙර ස්කන්ධ කොටස් ගැන ඇදහීම ඇත්තෝ වෙති. ඔවුහු පෙර ස්කන්ධයන් ගැන නොයෙක් ආකාර ඇදහීම් දහ අට ආකාරයකින් ප්‍රකාශ කරති. ඒ පින්වත් මහණ බමුණෝ කවර කරුණක් පිළිගෙන කුමන දෙයක් උදෙසා පෙර ස්කන්ධ කොටස් ගැන කල්පනා කරත්ද? පෙර ස්කන්ධ ගැන ඇදහීම් ඇත්තෝ පෙර ස්කන්ධයන් ගැන නොයෙක... |
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා සස්සතවාදා, සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි? | “සමහර ඒ පින්වත් මහණ බමුණෝ සදාකාලික බව විශ්වාස කර ආත්මයද ලෝකයද සදාකාලිකයයි සතර ආකාරයකින් දක්වති. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොටගෙන කුමක් උදෙසා ආත්මයත් ලෝකයත් සදාකාලික යයි සතර කරුණකින් ප්‍රකාශ කරත්ද? |
‘‘ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ ( ) ((පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපත්තිලෙසෙ) (ස්‍යා. ක.)) අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ... | “මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් හෝ (කෙලෙස් හීනකිරීමට) වීර්යයෙන් වීර්යය නිතර යෙදීමෙන්, වීර්යය නැවත නැවත යෙදීමෙන්, නොපමාවීමෙන්, යහපත් මෙනෙහි කිරීමෙන් යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටිතැන් සිහි කරත්ද? එනම්: එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්... |
‘‘දුතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං - එකම්පි සංවට්ටවිවට්ටං ... | “දෙවෙනි කාරණයෙහිද පින්වත් මහණ බමුණෝ කුමක් නිසා කුමක් හේතුකොටගෙණ සදාකාලික බව ගැන ඇදහීම් ඇතුව ආත්මය හා ලෝකය සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද? ‘මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් (කෙලෙසුන් හීනකිරීමට) වීර්ය කොට, වීර්යය නිතර යොදා, වීර්යය නැවත නැවත යොදා, පමානොවී, යහපත් මෙනෙහි කිරීම කොට, යම්පරිද්දෙකින් සිත එකඟවූ කල, නොයෙක් ආකාරවූ පෙර (ජා... |
‘‘තතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්‍යථිදං - දසපි සංවට්ටවිවට්ටානි ව... | “තුන් වැනි කරුණෙහිද පින්වත් මහණ බමුණෝ කුමක් හේතුකොට කුමක් නිසා සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද? “මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් (කෙලෙසුන් හීනකිරීමට) වීර්යකොට, වීර්යය නිතර යොදා, වීර්යය නැවත නැවත යොදා, නොපමාවී, යහපත් මෙනෙහි කිරීම් කොට යම් පරිද්දෙකින් සිත එකඟවූ කල නොයෙක් ආකාරවූ පෙර (ජාතිවල) සිටි තැන... |
‘‘චතුත්ථෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා තක්කී හොති වීමංසී, සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයං පටිභානං එවමාහ - ‘සස්සතො අත්තා ච ලොකො ච වඤ්ඣො කූටට්ඨො එසිකට්ඨායිට්ඨිතො; තෙ ච සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති, අත්ථිත්... | “හතරවැනි කරුණෙහිද පින්වත් මහණ බමුණෝ සදාකාලික බවක් අදහා කුමක් හේතුකොට කුමක් නිසා සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද? ‘මහණෙනි, යම් මහණෙක් හෝ බමුණෙක් තර්ක ඥානයෙන් විමසයි. ඔහු තර්කයෙන් සම්පූර්ණයෙන් විමසීමෙන් ලබන ලද තමන්ගේ වැටහීම ලැබ මෙසේ කියයි. ‘ආත්මයද ලෝකයද සදාකාලිකය, එයින් යමක් නූපදී, පර්වතයක් මෙන් ස... |
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා සස්සතවාදා සස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව චතූහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන; නත්ථි ඉතො බහිද්ධා. | “මහණෙනි, සදාකාලික බව අදහන ඒ මේ මහණ බමුණෝ, මේ කරුණු සතරින් ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරති. “මහණෙනි, යම් මහණහු හෝ බමුණෝ හෝ සදාකාලික බව අදහා ආත්මයද ලෝකයද සදාකාලිකයයි ප්‍රකාශ කරත්ද ඒ සියල්ලෝ මෙකී හතර කාරණයෙන්ම හෝ එයින් එකකින් හෝ ප්‍රකාශ කරති. මේ හැර වෙන අනික් කාරණයක් නැත්තේමය. |
‘‘තයිදං , භික්ඛවෙ, තථාගතො පජානාති - ‘ඉමෙ දිට්ඨිට්ඨානා එවංගහිතා එවංපරාමට්ඨා එවංගතිකා භවන්ති එවංඅභිසම්පරායා’ති, තඤ්ච තථාගතො පජානාති, තතො ච උත්තරිතරං පජානාති; තඤ්ච පජානනං (පජානං (?) දී. නි. 3.36 පාළිඅට්ඨකථා පස්සිතබ්බං) න පරාමසති, අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච න... | “මහණෙනි, මේ ඒ කරුණු හතර තථාගතයෝ හොඳින් දනිති. මේ (මිසදිටු) වැරදි මතයෙන් යුත් කරුණු මෙසේ ගත් ඇත්තෝ වෙත්. මේ නැවත නැවත ගැණීම් වශයෙන් (තර්කයෙන්) තීරණ කරගත් ඇත්තෝ වෙත්. මේ මෙබඳු ගති ඇත්තෝ වෙත්. මෙබඳු පරලොව ඇත්තෝ වෙත් යනුයි. තථාගතයෝ එය හොඳින් දනිති. ඉන් මත්තෙහිවූ දේද හොඳින් දනිති. ඒ හොඳ දැනුම (තර්කයෙන්) තීරණය කර නොගනිති. කෙ... |
‘‘ඉමෙ ඛො තෙ, භික්ඛවෙ, ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං. | “මහණෙනි, ගැඹුරුවූ දැක්මට දුෂ්කරවූ, දුකසේ අවබෝධ කරගත්තාවූ, ශාන්තවූ, මිහිරිවූ තර්කයෙන්ම වටහා ගත නොහැකිවූ සියුම්වූ නුවණැත්තන් විසින් ගරු කළයුතුවූ යම් ධර්මයක් ඇත්ද, ඒ ධර්ම තථාගතයෝ උසස් ඥානයෙන් තමන්ම පැහැදිලි ලෙස දැන ප්‍රකාශ කළෝය. යම් ධර්මයන් කරණකොටගෙන තථාගතයන්ගේ ගුණය ඇතිහැටි හොඳාකාර කියනු කැමැත්තෝ කියති. |
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි? | “මහණෙනි, එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේයයි අදහන්නාවූ සමහර මහණ බමුණෝ ආත්මය සහ ලෝකය එක් කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේයයි කරුණු හතරකින් ප්‍රකාශ කරති. “ඒ පින්වත් මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකවූ එක් කොටසක් සදාකාලික නොවූ ආත්මයද, ලෝකයද, එක් කොටසක් සදාකාලිකයයිද, එක් කොටසක් සදාකාලික නොවේයයිද, කුමක් හ... |
‘‘හොති ඛො සො, භික්ඛවෙ, සමයො, යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො සංවට්ටති. සංවට්ටමානෙ ලොකෙ යෙභුය්‍යෙන සත්තා ආභස්සරසංවත්තනිකා හොන්ති. තෙ තත්ථ හොන්ති මනොමයා පීතිභක්ඛා සයංපභා අන්තලික්ඛචරා සුභට්ඨායිනො, චිරං දීඝමද්ධානං තිට්ඨන්ති. | “මහණෙනි, යම්කිසි කලක දීර්ඝ කාලයක් පසුවීමෙන් මේ ලෝකය වැනසෙන කාලයක් වන්නේය. ලොව වැනසෙන කල බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බඹලොව උපදිති. ඔව්හු එහි සිතින් ධ්‍යාන බලයෙන් ඉපිද, ප්‍රීතිය ආහාර කොටගෙන, තමාම බබළන්නේ, අහසේ හැසිරෙමින්, හිත් ප්‍රිය කරන ඇඳුම් පැළඳුම් ඇතිව සිටින්නෝ වෙත්. ඔව්හු එහි බොහෝ කාලයක් සිටිති. |
‘‘හොති ඛො සො, භික්ඛවෙ, සමයො, යං කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙන අයං ලොකො විවට්ටති. විවට්ටමානෙ ලොකෙ සුඤ්ඤං බ්‍රහ්මවිමානං පාතුභවති. අථ ඛො අඤ්ඤතරො සත්තො ආයුක්ඛයා වා පුඤ්ඤක්ඛයා වා ආභස්සරකායා චවිත්වා සුඤ්ඤං බ්‍රහ්මවිමානං උපපජ්ජති. සො තත්ථ හොති මනොමයො පීතිභක්ඛො සයංපභො අන්තලික්ඛචරො සුභට්ඨායී, චිරං දීඝමද්ධානං තිට්ඨති. | “මහණෙනි, යම්කිසි විටක දීර්ඝ කාලයක් පසුවීමෙන් මෙලොව නැවත හටගනීද ලොව හටගත් කල එහි හිස්වූ බඹ විමානයක් පහළවේ. එවිට එක්තරා සත්වයෙක් ආයුෂ ගෙවීමෙන් හෝ පින්ගෙවීමෙන්, ආභස්සර නම් බඹලොවින් චුතවී හිස් බඹ විමනෙහි උපදී. ඔහු එහි සිතින් ධ්‍යානයෙන් ඉපදී, ප්‍රීතිය ආහාර කොට තමන්ගේම ආලෝකයක් ඇතුව අහසේ හැසිරෙමින් ශුභ විමාන ඇත්තෙක් වේ. ඔහු එ... |
‘‘තස්ස තත්ථ එකකස්ස දීඝරත්තං නිවුසිතත්තා අනභිරති පරිතස්සනා උපපජ්ජති - ‘අහො වත අඤ්ඤෙපි සත්තා ඉත්ථත්තං ආගච්ඡෙය්‍යු’න්ති. අථ අඤ්ඤෙපි සත්තා ආයුක්ඛයා වා පුඤ්ඤක්ඛයා වා ආභස්සරකායා චවිත්වා බ්‍රහ්මවිමානං උපපජ්ජන්ති තස්ස සත්තස්ස සහබ්‍යතං. තෙපි තත්ථ හොන්ති මනොමයා පීතිභක්ඛා සයංපභා අන්තලික්ඛචරා සුභට්ඨායිනො, චිරං දීඝමද්ධානං තිට්ඨන්ති... | “ඔහු කලක් එහි තනිව විසූ බැවින්, පසුතැවීමක් හා කලකිරීමක් ඇතිවෙයි. ‘වෙනත් සත්වයෝ ද මේ භවයට එත්නම් ඉතා හොඳය’යි පැතීමෙන්, සිතෙහි චංචල බවක්ද ඇතිවිය. ඉන් පසු ආයුෂ ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් වෙනත් සත්වයෝ ද ආභස්සර බඹලොවින් චුතව බඹ විමනෙහි උපදිත්. ඒ සත්වයාගේ සහාය බවට පැමිණෙත් ඔව්හුද එහි සිත හට ගෙන, ප්‍රීතිය ආහාර කොටගෙන, තමන්ගේම ... |
‘‘තත්‍ර , භික්ඛවෙ, යො සො සත්තො පඨමං උපපන්නො තස්ස එවං හොති - ‘අහමස්මි බ්‍රහ්මා මහාබ්‍රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සෙට්ඨො සජිතා (සජ්ජිතා (ස්‍යා. කං.)) වසී පිතා භූතභබ්‍යානං. මයා ඉමෙ සත්තා නිම්මිතා. තං කිස්ස හෙතු? මමඤ්හි පුබ්බෙ එතදහොසි - ‘‘අහො වත අඤ්ඤෙපි සත්තා ඉත්ථත්තං ආගච්ඡෙය්‍යු’’න්ති. ... | “මහණෙනි, එවිට යම් ඒ සත්වයෙක් මුලින් උපන්නේද ඔහුට මෙසේ සිතෙයි. ‘මම බ්‍රහ්මවෙමි, මහා බ්‍රහ්මවෙමි. අනික් අය යටත් කර සිටින්නෙමි. අනුන් විසින් යටත් කළ නොහැකි වන්නෙමි. එකාන්තයෙන් සියල්ල දකිමි. අනුන් මා යටතට ගනිමි. ලෝකයට ප්‍රධාන වෙමි. ලොක කර්තෘ වෙමි. ලෝකය මැවුම්කාරයා වෙමි. ලොවට උතුම්වෙමි ලොව බෙදන්නෙක් වෙමි. වසඟ කරගන්නෙක් වෙමි... |
‘‘තත්‍ර, භික්ඛවෙ, යො සො සත්තො පඨමං උපපන්නො, සො දීඝායුකතරො ච හොති වණ්ණවන්තතරො ච මහෙසක්ඛතරො ච. යෙ පන තෙ සත්තා පච්ඡා උපපන්නා, තෙ අප්පායුකතරා ච හොන්ති දුබ්බණ්ණතරා ච අප්පෙසක්ඛතරා ච. | “මහණෙනි, ඒ යම් පළමුව උපන් සත්වයෙක්වේද ඔහු ඉතා දීර්ඝ ආයුෂ ඇත්තෙක්ද, ඉතා උතුම් රුව ඇත්තෙක්ද, මහා පිරිවර ඇත්තෙක්ද වෙයි. ඒ යම් සත්වයෙක් පසුව උපන්නේද, ඔහු ඉතා අඩු ආයුෂද, ඉතා රුවෙන් අඩුවූද, පිරිවර නැත්තෙක්ද වේ. |
‘‘ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති, යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ තං පුබ්බෙනිවාසං අනුස්සරති , තතො පරං නා... | මහණෙනි, මේ කාරණය සිද්ධවේ. එනම් එක්තරා සත්වයෙක් ඒ බ්‍රහ්ම භවයෙන් චුතව මේ මිනිස් බවට පැමිණේ. “මේ භවයට ආවාවූ ඔහු ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙයි. ගිහි ගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිව කෙලෙස් හීන කිරීමේ වීර්ය කොට, එම වීර්ය පුහුණුකර, එම වීර්ය නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, හොඳින් භාවනා කිරීමට පැමිණ, යම්සේ හිත... |
‘‘දුතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? සන්ති, භික්ඛවෙ, ඛිඩ්ඩාපදොසිකා නාම දෙවා, තෙ අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නා (හසඛිඩ්ඩාරතිධම්මසමාපන්නා (ක.)) විහරන්ති. තෙසං අතිවෙලං හස්සඛිඩ්ඩාරතිධම්මසමාපන්නානං විහරතං සති සම්මුස්සති (ප... | “දෙවැනිව, පින්වත් මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇතුව ආත්මයද, ලෝකයද, කොටසක් නිත්‍යකොට කොටසක් අනිත්‍යකොට කුමක් හේතු කොට ගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද? “මහණෙනි, ක්‍රීඩාවෙන් නැසෙන්නා’ නම් දෙවියෙක් ඇත්තේය. ඔහු බොහෝ වේලාවක් සිනාවෙහිත් ක්‍රීඩාවෙහිත් ඇලී වාසය කරයි. බොහෝ වේලාවක් සිනාවෙහි ක්‍රීඩා... |
‘‘ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ තං පුබ්බෙනිවාසං අනුස්සරති, තතො පරං නානු... | “මහණෙනි, මේ කාරණය දකින්ට ලැබේ. එනම්:- එක්තරා සත්ත්වයෙක් ඒ දිව්‍ය ලෝකයෙන් චුතව මේ මිනිස් බවට එයි. මේ ආත්මභාවයට ආ ඔහු ගිහිගෙය අත්හැර ගොස් ශාසනයෙහි පැවිදි වෙයි. ගිහිගෙයින් ගොස් ශාසනයට පැමිණි ඔහු කෙලෙස් හීන කිරීමේ වීර්ය කොට, එම වීර්ය පුහුණුකර, එම වීර්ය නැවත නැවත යෙදීමට පැමිණ, අප්‍රමාදයට පැමිණ, හොඳින් භාවනා කිරීමෙන් යම්සේ ස... |
‘‘තතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? සන්ති, භික්ඛවෙ, මනොපදොසිකා නාම දෙවා, තෙ අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්ති. තෙ අතිවෙලං අඤ්ඤමඤ්ඤං උපනිජ්ඣායන්තා අඤ්ඤමඤ්ඤම්හි චිත්තානි පදූසෙන්ති. තෙ අඤ්ඤමඤ්ඤං පදුට්ඨචිත්තා කිලන්තකායා කිලන්ත... | “තුන් වැනිවද පින්වත් මහණ බමුණෝ, එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇතුව ආත්මයද ලෝකයද කොටසක් නිත්‍යකොට කොටසක් අනිත්‍යකොට කුමක් හේතු කොට කුමක් නිසා ප්‍රකාශ කරත්ද? “මහණෙනි, ‘මනොපදොසික’ (සිත කිලුටුවීම) නම් දෙවියෙක් ඇත. ඔහු බොහෝ වේලා ක්‍රොධ සිතින් ඔවුනොවුන් දෙස බලයි. ඔහු බොහෝ වේලා ක්‍රෝධයෙන් බලා ඔවුනොවුන... |
‘‘ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ තං පුබ්බෙනිවාසං අනුස්සරති, තතො පරං නානු... | “මහණෙනි, මෙවැනි දෙයක් සිදුවේ. එක්තරා සත්වයෙක් ඒ දිව්‍ය භාවයෙන් චුතව මෙලොවට එයි. මෙලොවට ඇවිත් ගිහිගෙයින් පිටව ශාසනයට ඇතුල්වේ. ගිහිගෙයින් නික්ම සස්නට පැමිණි (අය) ගේ කෙලෙසුන් හීනකරන වීර්ය කොට, භාවනා කොට, එය නිතර පුරුදු කොට අප්‍රමාදයට පැමිණ, යහපත් කල්පනාවට පැමිණ මෙවැනිවූ සිතෙහි සමාධිය ලබයි. ඒ සමාධියට ගිය සිතින් (සිත සමාධිය... |
‘‘චතුත්ථෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා තක්කී හොති වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයංපටිභානං එවමාහ - ‘යං ඛො ඉදං වුච්චති චක්ඛුං ඉතිපි සොතං ඉතිපි ඝානං ඉතිපි ජිව්හා ඉතිපි කායො ... | “හතරවැනිවත් පින්වත් මහණ බමුණෝ එක් කොටසක් සදාකාලිකය, එක් කොටසක් සදාකාලික නොවේ යයි යන මතය ඇතිව ආත්මයද, ලෝකයද, කොටසක් නිත්‍ය යයිද, කොටසක් අනිත්‍යයයිද කුමක් හේතුකොට ගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද? “මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක කරන්නේය. පරීක්ෂා කරන්නේය. ඔහු ඒ ආකාර තර්ක කොට පරීක්ෂා සහිත විමසීමෙන් ලබාගත් තම වැට... |
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා එකච්චසස්සතිකා එකච්චඅසස්සතිකා එකච්චං සස්සතං එකච්චං අසස්සතං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව චතූහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන; න... | “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ, එක්කොටසක් සදාකාලික එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇතුව කරුණු සතරකින් ආත්මයද ලෝකයද කොටසක් නිත්‍යයයිද කොටසක් අනිත්‍යයයිද ප්‍රකාශ කරති. “මහණෙනි, යම්කිසි මහණහුද බමුණෝද, එක්කොටසක් සදාකාලිකය එක් කොටසක් සදාකාලික නොවේය යන මතය ඇතුව ආත්මයද ලෝකයද කොටසක් නිත්‍යකොට කොටසක් අනිත්‍ය කොට ප්‍රකාශ කරත්ද, ඒ සිය... |
‘‘තයිදං , භික්ඛවෙ, තථාගතො පජානාති - ‘ඉමෙ දිට්ඨිට්ඨානා එවංගහිතා එවංපරාමට්ඨා එවංගතිකා භවන්ති එවංඅභිසම්පරායා’ති. තඤ්ච තථාගතො පජානාති, තතො ච උත්තරිතරං පජානාති, තඤ්ච පජානනං න පරාමසති, අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමුත්තො, භික්... | “මහණෙනි, මේ කරුණ තථාගතයෝ හොඳින් දනිත්. ‘මේ මිසදිටු (වැරදි මතයෙන් යුත්) කරුණු මෙසේ ගත්තෝය. මෙසේ තීරණය කරගත්තෝය. මෙවැනි ගති ඇත්තෝ වෙත්. ඔවුහු පරලෝ (මරණින් පසු) මෙසේ වෙති’ කියා තථාගතයෝ එයද දනිත්. ඉන් වැඩි උසස් ධර්මද දනිත්. ඒ දැනුම් එසේද තීරණය නොකෙරේ. එසේ තීරණය නොකරණ තථාගතයන් විසින් කෙලෙස් නැතිකිරීම (නිර්වාණය) තමන් විසින්ම... |
‘‘ඉමෙ ඛො තෙ, භික්ඛවෙ, ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං. | “මහණෙනි, මේ ධර්ම ගැඹුරුවූ, දැක්මට දුෂ්කරවූ දැනගැනීමට අමාරුවූ, ශාන්තවූ, මිහිරිවූ, තර්කයෙන්ම දැනගත හැකි නුවූ සියුම්වූ, නුවණ ඇත්තන් විසින් දතයුතු වෙත්. ඒ ධර්ම තථාගතයෝ තමන්ගේම මහත් නුවණින් දැන ප්‍රකාශ කරති. ඒ ධර්මයන් කරණකොට ගෙන තථාගතයන්ගේ පැහැදිලිව පේන (විද්‍යමාන) ගුණය, කියන්නෝ හොඳින් කියති. |
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි? | “මහණෙනි, කෙළවරක් ඇත කෙළවරක් නැතයයි අදහන සමහර මහණ බමුණෝ ලෝකය කෙළවරක් ඇත කෙළවරක් නැතයයි කරුණු හතරකින් ප්‍රකාශ කරති. ඒ පින්වත් මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත යයි අදහා ලෝකය කෙළවරක් ඇතයයි කුමක් හේතුකොට ගෙන කුමක් නිසා කරුණු හතරකින් ප්‍රකාශ කරත්ද? |
‘‘ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ අන්තසඤ්ඤී ලොකස්මිං විහරති. ‘‘සො එවමාහ - ‘අන්තවා අයං ලොකො පරිවටුමො. තං කිස්ස හෙතු? අහඤ්හි ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූ... | “මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් නැතිකරන වීර්යකොට, ඒ වීර්ය පුරුදුකොට නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව, යහපත් කල්පනා ඇතිකොට, යම් සේ හිත එකඟකර ගත්කල (සක්වල කෙළවර කොට) සිතීමෙන් ලෝකයේ කෙළවරක් ඇතැයි හිත එකඟකිරීමක් ඇතුව වාසය කරයි. ඔහු මෙසේ කියයි. ‘හාත්පසින් වටවූ මේ ලෝකය කෙළවරක් ඇත්තේය. එසේ කීමට හේතු කුමක්ද? ... |
‘‘දුතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ අනන්තසඤ්ඤී ලොකස්මිං විහරති. ‘‘සො එවමාහ - ‘අනන්තො අයං ලොකො අපරියන්තො. යෙ ... | “දෙවැනිවද සමහර පින්වත් මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත යන ඇදහීම ඇතුව, ලෝකය කෙළවරක් ඇත කෙළවරක් නැතයයි කුමක් හේතු කොට ගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද? “මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් නැති කරන වීර්ය කොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව, යහපත් කල්පනාව ඇති කොට යම්සේ හිත එකඟ කරගත් කල (සක්වළ කෙළවර කොට... |
‘‘තතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චෙතොසමාධිං ඵුසති, යථාසමාහිතෙ චිත්තෙ උද්ධමධො අන්තසඤ්ඤී ලොකස්මිං විහරති, තිරියං අනන්තසඤ්ඤී. ‘‘සො එවමාහ - ‘අන්තව... | “තුන්වැනිවද පින්වත් මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත යන ඇදහීම ඇතුව ලෝකය කෙළවරක් නැතයයි කුමක් හේතුකොටගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද? “මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ කෙලෙස් නැතිකරන වීර්යකොට, ඒ වීර්ය නැවත නැවත පුහුණුකොට, අප්‍රමාදව යහපත් කල්පනාව ඇතිකොට යම්සේ හිත එකඟ කරගත් කල සමාධිගත සිත උඩින් යටින් නොවඩා හරහට වැ... |
‘‘චතුත්ථෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා තක්කී හොති වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයංපටිභානං එවමාහ - ‘නෙවායං ලොකො අන්තවා, න පනානන්තො. යෙ තෙ සමණබ්‍රාහ්මණා එවමාහංසු - ‘‘අන්තවා අයං ලොකො පරිවටුමො’’ති, තෙසං මුසා. යෙපි තෙ ස... | “හතරවැනිවද පින්වත් මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත’ යන ඇදහීම ඇතුව, ලෝකය කෙළවරක් ඇත කෙළවරක් නැතයයි කුමක් හේතුකොට ගෙන කුමක් නිසා ප්‍රකාශ කරත්ද? “මහණෙනි, මෙහි තර්කයෙන් විමසීම කර බලන්නාවූ යම් මහණෙක් හෝ බමුණෙක් ඇත්ද ඔහු තර්ක මාර්ගයෙන් විමසා බැලීමෙන් තමන්ගේ වැටහීම අනුව මෙසේ කියයි. මේ ලෝකය කෙළවරක් ඇත්තේ නැත, කෙළවරක් නැත්තේ න... |
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති චතූහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා අන්තානන්තිකා අන්තානන්තං ලොකස්ස පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව චතූහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන; නත්ථි ඉතො බහිද්ධා. | “මහණෙනි, යම් ඒ මහණ බමුණෝ කෙළවරක් ඇත කෙළවරක් නැත’යයි අදහා ‘කෙළවරක් ඇත කෙළවරක් නැත’ යන බව මේ කරුණු සතරින් ප්‍රකාශ කරති. මහණෙනි, යම්කිසි මහණහු හෝ බමුණෝ හෝ කෙළවරක් නැතයයි අදහා කෙළවරක් ඇත කෙළවරක් නැත යන බව ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝ මේ කරුණු සතරින් හෝ මින් එක් කරුණකින් හෝ එසේ ප්‍රකාශ කරත්. මේ ප්‍රකායට මින් පිටත් අනික් කරුණක් ... |
‘‘තයිදං, භික්ඛවෙ, තථාගතො පජානාති - ‘ඉමෙ දිට්ඨිට්ඨානා එවංගහිතා එවංපරාමට්ඨා එවංගතිකා භවන්ති එවංඅභිසම්පරායා’ති. තඤ්ච තථාගතො පජානාති, තතො ච උත්තරිතරං පජානාති, තඤ්ච පජානනං න පරාමසති, අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමුත්තො, භික්ඛ... | “මහණෙනි, ඒ මේ කරුණ තථාගතයෝ දනිති. මේ වැරදි මත මෙසේ ගත් අය මෙසේ තීරණය කර ගත් අය මෙබඳු ගති ඇත්තෝ වෙත්. මෙබඳු පරලොවක් ඇත්තෝ වෙත් යනුයි. තථාගතයෝ එයද දනිති. ඊට වඩා උසස් ධර්මයන්ද දනිති. ඒ දැනුම (ලෝභ, ද්වේෂ, මෝහයෙන් ඇතිවූ) තීරණයක් නොවේ. (තර්ක ආදියෙන්) තීරණයක් නොකරණ තථාගතයන්ගේ කෙලෙස් නිවීම තමන් විසින්ම අවබෝධ කරනලදී. “මහණෙනි, ව... |
‘‘ඉමෙ ඛො තෙ, භික්ඛවෙ, ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති, යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං. | “මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය. දුකසේ දැක්ක යුතුය, අමාරුවෙන් අවබෝධ කටයුතුය, ශාන්තය, මිහිරිය තර්කයෙන් දැනගත නොහැකිය. සියුම්ය, පණ්ඩිතයින් විසින් දතයුතුය. එය තථාගතයෝ උසස් ඥාණයෙන් තමන්ම දැන වදාරති. එයින් (ඒ ධර්මයෙන්) තථාගතයන්ගේ ගුණ ඇතිහැටි කියන්නෝ හොඳින් කියත්. |
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා අමරාවික්ඛෙපිකා, තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං චතූහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං චතූහි වත්ථූහි? | “මහණෙනි, සමහර මහණ බමුණෝ ‘අමරා වික්ෂේප’ (අතට අසුනොවන ආඳුන්) නම් ඇදහීමක් ඇත්තෝ වෙත්. ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල කරුණු සතරකින් ‘අමරා වික්ෂේප’ වූවෝ වචන දමාගැසීමෙන් ‘අමරා වික්ෂේප’යට පැමිණෙත්. ඒ පින්වත් මහණ බමුණෝ ‘අමරා වික්ෂේපික’ව ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල කුමක් හේතුකොටගෙන කුමක් නිසා කරුණු සතරකින් ‘අමරා වික්ෂේප’ නම් වචන දමා ගැස... |
‘‘ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ‘ඉදං කුසල’න්ති යථාභූතං නප්පජානාති, ‘ඉදං අකුසල’න්ති යථාභූතං නප්පජානාති. තස්ස එවං හොති - ‘අහං ඛො ‘‘ඉදං කුසල’’න්ති යථාභූතං නප්පජානාමි, ‘‘ඉදං අකුසල’’න්ති යථාභූතං නප්පජානාමි. අහඤ්චෙ ඛො පන ‘‘ඉදං කුසල’’න්ති යථාභූතං අප්පජානන්තො, ‘‘ඉදං අකුසල’’න්ති යථාභූතං අප්පජානන්තො, ‘ඉදං කුසල’න්ති ව... | “මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ කුසල්යයි ඇතිහැටි නොදනියි. මේ අකුසල් යයි ඇතිහැටි නොදනියි. ඔහුට මෙසේ සිතෙයි ‘මම මේ කුසල්යයි හරිහැටි නොදනිමි. මේ අකුසල්යයි හරිහැටි නොදනිමි. මම මේ කුසල්යයි හරිහැටි නොදන්නෙමි, මේ අකුසල්යයි හරි හැටි නොදන්නෙමි. මේ කුසල යයි කියා හෝ පවසන්නේ නම් මේ අකුසලයයි හෝ පවසන්නේ නම් ඒ පැවසීමෙ... |
‘‘දුතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ‘ඉදං කුසල’න්ති යථාභූතං නප්පජානාති, ‘ඉදං අකුසල’න්ති යථාභූතං නප්පජානාති. තස්ස එවං හොති - ‘අහං ඛො ‘‘ඉදං කුසල’’න්ති යථාභූතං නප්පජානාමි, ‘‘ඉදං අකුසල’’න්... | “දෙවෙනිවද පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොටගෙන කුමක් නිසා ‘අමරා වික්ෂේපව’ ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේපය’ නම් වචන දමා ගැසීමට පැමිණෙත්ද? “මහණෙනි, මේ ලෝකයේ යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ කුසල්යයි හරිහැටි නොදනි. මේ අකුසල්යයි හරි ආකාර නොදනී. ඔහුට මෙසේ සිතේ: ‘මම මේ කුසල්යයි හරි ලෙස නොදනිමි. මේ අකුසල්යි හරි ලෙස නොදන්නෙමි... |
‘‘තතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා ‘ඉදං කුසල’න්ති යථාභූතං නප්පජානාති, ‘ඉදං අකුසල’න්ති යථාභූතං නප්පජානාති. තස්ස එවං හොති - ‘අහං ඛො ‘‘ඉදං කුසල’’න්ති යථාභූතං නප්පජානාමි, ‘‘ඉදං අකුසල’න්ති... | “තුන්වැනිවද ‘අමරා වික්ෂේපය’ ඇතිවූ පින්වත් මහණ බමුණෝ කුමක් හේතු කොට ගෙන කුමක් නිසා, ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල ‘අමරා වික්ෂේපය’ නම්වූ වචන දමා ගැසීමට පැමිණෙත්ද? “මහණෙනි, මෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ කුසල්යයි හරි ආකාර නොදනී. මේ අකුසල්යයි හරි ආකාර නොදනී. ඔහුට මෙසේ සිතේ. ‘මම මේ කුසල්යයි හරිලෙස නොදනිමි. මේ අකුසල්යයි හරිලෙස ... |
‘‘චතුත්ථෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා මන්දො හොති මොමූහො. සො මන්දත්තා මොමූහත්තා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨො සමානො වාචාවික්ඛෙපං ආපජ්ජති අමරාවික්ඛෙපං - ‘අත්ථි පරො ලොකො’ති ඉති චෙ මං පුච්ඡසි, ‘අ... | “හතරවැනිවද පින්වත් මහණ බමුණෝ ‘අමරා වික්ෂේපය ඇත්තෝ කුමක් හේතුකොටගෙන කුමක් නිසා ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල වචන දමාගැසීම් නම් අමරා වික්ෂේපයටද පැමිණෙත්ද? “මහණෙනි, මෙහි යම් මහණෙක් හෝ බමුණෙක් නුවණ නැතිව ලොකු මෝඩයෙක් වේ. ඔහු අනුවණ බැවින් බොහෝ මෝඩ බැවින් ඒ ඒ තැනදී ප්‍රශ්න කළ කල ‘අමරා වික්ෂේප’ නම්වූ වචන දමාගැසීමට පැමිණේ. ‘මොන යම්... |
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං චතූහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා අමරාවික්ඛෙපිකා තත්ථ තත්ථ පඤ්හං පුට්ඨා සමානා වාචාවික්ඛෙපං ආපජ්ජන්ති අමරාවික්ඛෙපං , සබ්බෙ තෙ ඉමෙහෙව චතූහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන, නත්ථි ඉතො බහ... | “මේ ඒ ‘අමරා වික්ෂේපික’වූ මහණ බමුණෝ ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල මේ හතර ආකාරයෙන් වචන දමාගැසීම නම් අමරා වික්ෂේපයට පැමිණෙත්. ‘මහණෙනි අමරා වික්ෂේපිකවූ යම් මහණෙක් හෝ බමුණෙක් හෝ ඒ ඒ කරුණෙහි ප්‍රශ්න ඇසූ කල වචන දමා, ගැසීම නම් අමරා වික්ෂේපයට පැමිණෙද්ද, ඒ සියල්ලෝම මේ හතරින් හෝ එයින් එකකින් හෝ එසේ පැමිණෙත් මෙයින් පිටත කිසි කරුණකින් න... |
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති ද්වීහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති ද්වීහි වත්ථූහි? | “මහණෙනි, සමහර මහණ බමුණෝ අහේතුක (ඉබේ) උත්පත්තිය ඇතැයි විශ්වාස කරත්. ඔව්හු කරුණු දෙකකින් ආත්මයද ලෝකයද (ඉබේ) අහේතුකව උපන්නේ යයි ප්‍රකාශ කරති. ඒ පින්වත් මහණ බමුණෝ අහේතුක උත්පත්තිය අදහන්නෝව ආත්මයද ලෝකයද හේතුවක් නැතුව (ඉබේ) හටගත්තේයයි කුමන කරුණකින් කුමක් නිසා ප්‍රකාශ කරත්ද? |
‘‘සන්ති, භික්ඛවෙ, අසඤ්ඤසත්තා නාම දෙවා. සඤ්ඤුප්පාදා ච පන තෙ දෙවා තම්හා කායා චවන්ති. ඨානං ඛො පනෙතං, භික්ඛවෙ, විජ්ජති, යං අඤ්ඤතරො සත්තො තම්හා කායා චවිත්වා ඉත්ථත්තං ආගච්ඡති. ඉත්ථත්තං ආගතො සමානො අගාරස්මා අනගාරියං පබ්බජති. අගාරස්මා අනගාරියං පබ්බජිතො සමානො ආතප්පමන්වාය පධානමන්වාය අනුයොගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය ත... | “මහණෙනි, ‘රූපය පමණක් ඇත්තා’ නම් දෙවියෙක් වේ. ඔහු (ප්‍රතිසන්ධි චිත්තය) ජීවිතයක් ඊළඟ ජීවිතයත් එකතු කරන හිත පහළවීමෙන්ම ඒ දේව භාවයෙන් චුතවෙත්. ‘මහණෙනි, මේ කාරණය පැහැදිලිව පෙනේ. එනම් එක්තරා සත්වයෙක් ඒ ශරීරයෙන් චුතව මේ මිනිස් බවට පැමිණේ. ඒ භවයට පැමිණ ගිහිගෙන් නික්ම මහණ වෙයි. ගිහිගෙන් නික්ම පිට ශාසනයකට ඇතුල්වූ ඔහු කෙලෙස් නසන ... |
‘‘දුතියෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති? ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා තක්කී හොති වීමංසී. සො තක්කපරියාහතං වීමංසානුචරිතං සයංපටිභානං එවමාහ - ‘අධිච්චසමුප්පන්නො අත්තා ච ලොකො චා’ති. ඉදං, භික්ඛවෙ, දුතියං ඨානං, යං ආගම්ම යං ආරබ්භ එකෙ සමණබ්‍රා... | “දෙවැනිවද ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණකොටගෙන කුමක් නිසා හේතුවක් නැති උත්පත්ති ඇතැයි විස්වාස කරන්නෝව ආත්මයද ලෝකයද හේතුවක් නැතුව හටගත්තේයයි කියද්ද? “මහණෙනි, මේ ලෝකයෙහි යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ තර්ක කරන්නෙක්ව, විමසන්නෙක්ව, තර්කයෙන් සහ විමසීමෙන් වටහාගෙන මෙසේ කියයි: ‘ආත්මයද ලෝකයද අහේතුවකව (ඉබේම) උපන්නේය.” “මහණෙනි, ඇතැම... |
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති ද්වීහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා අධිච්චසමුප්පන්නිකා අධිච්චසමුප්පන්නං අත්තානඤ්ච ලොකඤ්ච පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව ද්වීහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන, නත්ථි ඉතො බහිද්ධා...පෙ.... යෙහි තථාගතස්ස යථ... | “මහණෙනි, ඒ මහණ බමුණෝ හේතුවක් නැති උත්පත්ති ඇතැයි විස්වාස කර මේ කරුණු දෙකින් ආත්මයද ලෝකයද හේතුවක් නැතුව (ඉබේම) උපන්නේයයි ප්‍රකාශ කරති. ඒ සියල්ලෝම මේ කරුණු දෙකින් හෝ එයින් එකකින් හෝ එසේ ප්‍රකාශ කරති. මෙයින් පිට කරුණකින් නොවේ. “මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබොධය, ශාන්තය, මිහිරිය, තර්ක මාර්ගයෙන් ... |
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති අට්ඨාරසහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො පුබ්බන්තමාරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව අට්ඨාරසහි වත්ථූහි, එතෙසං... | “මහණෙනි, ඒ මේ මහණ බමුණෝ අතීතය ගැන කල්පනා කරන්නෝව, අතීතය ගැන ඇදහීම් ඇත්තෝව, අතීතය ගැන කරුණු දහඅටකින් නොයෙක් මත දක්වන වචන කියති. මහණෙනි, ඒ යම් මහණෙක් හෝ බමුණෙක් හෝ අතීතය ගැන කල්පනා කරන්නෝව, අතීතය ඇදහීම් ඇත්තෝව, අතීතය ගැණ නොයෙක් මත දක්වන වචන කියද්ද? ඒ සියල්ලෝම මේ කරුණු දහඅටෙන් හෝ මොවුන් අතුරෙන් එකකින් හෝ කියති. මෙයින් පිට... |
‘‘තයිදං, භික්ඛවෙ, තථාගතො පජානාති - ‘ඉමෙ දිට්ඨිට්ඨානා එවංගහිතා එවංපරාමට්ඨා එවංගතිකා භවන්ති එවංඅභිසම්පරායා’ති. තඤ්ච තථාගතො පජානාති, තතො ච උත්තරිතරං පජානාති, තඤ්ච පජානනං න පරාමසති, අපරාමසතො චස්ස පච්චත්තඤ්ඤෙව නිබ්බුති විදිතා. වෙදනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදාවිමුත්තො, භික්ඛ... | “මේ මත මෙසේ ගත්තාහුය, මෙසේ තීරණයකට පැමිණියාහුය, මෙබඳු ගති ඇතිවන්නාහුය, මෙබඳු පරලොවගෙන දෙන්නාහුයයි මෙයද තථාගතයෝ දනිති. මෙයින් මත්තෙහිවූද දනිති, ඒ දැනීම (රාග ද්වේෂ මෝහයෙන්) තීරණය නොකෙරෙති එසේ තීරණය නොකරන තථාගතයන් විසින් තමන්ගේ උසස් ඥානයෙන්ම කෙලෙස් නැති කිරීම දැනගන්නා ලද්දේය, ‘මහණෙනි. වේදනා ඉපදීමද, බැසීමද, භුක්තිවිඳීමද, ප... |
‘‘ඉමෙ ඛො තෙ, භික්ඛවෙ, ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබොධා සන්තා පණීතා අතක්කාවචරා නිපුණා පණ්ඩිතවෙදනීයා, යෙ තථාගතො සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති , යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං. | “මහණෙනි, මේ (බුද්ධ) ධර්මය ගැඹුරුය, දුකසේ දැක්ක යුතුය, දුරවබොධය, ශාන්තය, මිහිරිය, තර්කයෙන් දැනගත නොහැකිය, සියුම්ය, නුවණ ඇත්තන් විසින් දැනගත යුතුය, එය තථාගතයෝ තමන්ගේම උසස් ඥානයෙන් දැක ප්‍රකාශ කළෝය. එයින් තථාගතයන්ගේ ඇතිසැටිව ගුණ කියන්නෝ හොඳින් කියති. |
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො, අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති චතුචත්තාරීසාය (චතුචත්තාලීසාය (ස්‍යා. කං.)) වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති චතුචත්තාරීසාය වත්ථූ... | “මහණෙනි, අනාගතය කල්පනා කරන්නාවූ අනාගතය ගැන විස්වාස ඇති, අනාගතය ගැන කරුණු හතලිස් හතරකින් නොයෙක් මත දක්වන වචන කියන්නාවූ මහණ බමුණෝ ඇත්තාහුය. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොට ගෙන කුමක් නිසා අනාගතය කල්පනා කරන්නෝව අනාගතය ගැන මත ඇත්තෝව අනාගතය ගැන කරුණු හතලිස් හතරකින් නොයෙක් මත ප්‍රකාශ කරණ වචන කියද්ද? |
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනං සඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති සොළසහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනං සඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති සොළසහි වත්ථූහි? | “මහණෙනි, මරණින් මතු ආත්මයෙහි ලකුණු (සංඥා) ඇත්තේයයි මත ඇති සමහර මහණ බමුණෝ ඇත්තාහුය. මරණින් මත්තෙහි සංඥා ඇති ආත්මය දහසය ආකාරයකින් ඔවුහු ප්‍රකාශ කරත්. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොට ගෙන කුමක් නිසා දහසය ආකාරයකින් මත්තෙහි ආත්මය ලකුණු ඇත්තේය යන විස්වාසය ඇත්තෝ මරණින් මත්තෙහි ආත්මය ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරත්ද? |
‘‘‘රූපී අත්තා හොති අරොගො පරං මරණා සඤ්ඤී’ති නං පඤ්ඤපෙන්ති. ‘අරූපී අත්තා හොති අරොගො පරං මරණා සඤ්ඤී’ති නං පඤ්ඤපෙන්ති. ‘රූපී ච අරූපී ච අත්තා හොති...පෙ.... නෙවරූපී නාරූපී අත්තා හොති... අන්තවා අත්තා හොති... අනන්තවා අත්තා හොති... අන්තවා ච අනන්තවා ච අත්තා හොති... නෙවන්තවා නානන්තවා අත්තා හොති... එකත්තසඤ්ඤී අත්තා හොති... නානත්තස... | “ආත්මය රූප සහිතය, නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ආත්මය අරූපීය, නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ආත්මය රූප ඇත්තේද රූප නැත්තේද වෙයි. නිත්‍යය, මරණින් මතු ලකුණු ඇත්තේයයි ප්‍රකාශ කරති. ආත්මය රූපයක් නැත්තේමද අරූප නැත්තේ නොවෙද වෙයි. “ආත්මය කෙළවරක් (අන්තයක්) ඇත්තේ වෙයි. ආත්මය කෙළවරක් නැත්තේ වෙ... |
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනං සඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති සොළසහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා උද්ධමාඝාතනිකා සඤ්ඤීවාදා උද්ධමාඝාතනං සඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව සොළසහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන, නත්ථි ඉතො බහිද්ධා...පෙ.... යෙහි තථාගතස්ස යථාභුච... | “මහණෙනි, ඒ මහණ බමුණෝ මරණින් මතු සංඥා ඇතැයි අදහන්නෝව මේ කරුණු දහසයෙන් මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරති. මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මරණින් මතු සංඥා ඇතැයි අදහන්නෝව, මරණින් මතු ආත්මය ලකුණු ඇත්තක් කොට ප්‍රකාශ කරත්ද, ඒ සියල්ලෝ මේ සොළොස් වස්තුවෙන් එසේ ප්‍රකාශ කරත්. නැතහොත් මෙයින් එකකින් ප්‍රකාශ කරත්. ම... |
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනං අසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනං අසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි? | “මහණෙනි, සමහර මහණ බමුණෝ මරණින් මතු ලකුණු නැතැයි අදහන්නෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය මරණින් මතු ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොටගෙන කුමක් නිසා මරණින් මතු ලකුණු නැතැයි අදහන්නෝව කරුණු අටකින් මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට පෙන්වත්ද? |
‘‘‘රූපී අත්තා හොති අරොගො පරං මරණා අසඤ්ඤී’ති නං පඤ්ඤපෙන්ති. ‘අරූපී අත්තා හොති අරොගො පරං මරණා අසඤ්ඤී’ති නං පඤ්ඤපෙන්ති. ‘රූපී ච අරූපී ච අත්තා හොති...පෙ.... නෙවරූපී නාරූපී අත්තා හොති... අන්තවා අත්තා හොති... අනන්තවා අත්තා හොති... අන්තවා ච අනන්තවා ච අත්තා හොති... නෙවන්තවා නානන්තවා අත්තා හොති අරොගො පරං මරණා අසඤ්ඤී’ති නං පඤ්ඤප... | “මරණින් මතු රූප ඇති නිත්‍ය ආත්මයක් වෙයි. එය ලකුණු නැත්තේයයි ප්‍රකාශ කරත්. රූපය නැති ආත්මයක්වෙයි. එය ලකුණු නැත්තේයයි ප්‍රකාශ කරත් රූපය ඇත්තාවූද රූපය නැත්තාවූද ආත්මයක් වෙයි. රූපය නැත්තාවුද අරූපය නැත්තාවුද ආත්මයක් වෙයි, අන්තයක් ඇත්තාවුද ආත්මයක් වෙයි. අන්තයක් නැත්තාවූද ආත්මයක් වෙයි. අන්තයක් ඇත්තාවූද අන්තයක් නැත්තා වූද ආත්ම... |
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනං අසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා උද්ධමාඝාතනිකා අසඤ්ඤීවාදා උද්ධමාඝාතනං අසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව අට්ඨහි වත්ථූහි, එතෙසං වා අඤ්ඤතරෙන, නත්ථි ඉතො බහිද්ධා...පෙ.... යෙහි තථාගතස්ස යථ... | “මහණෙනි, ඒ මහණ බමුණෝ මරණින් මතු ලකුණු නැතැයි අදහන්නෝව, මේ කරුණු අටෙන් මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරති. මහණෙනි, සමහර මහණහු හෝ බමුණෝ හෝ මරණින් මතු ලකුණු නැතැයි අදහන්නෝව මරණින් මතු ආත්මය ලකුණු නැත්තක් කොට ප්‍රකාශ කරත්ද ඒ සියල්ලෝම මේ කරුණු අටෙන් ප්‍රකාශ කරත් මෙයින් එකකින් හෝ ප්‍රකාශ කරත්. මෙයින් පිටත එකකින්... |
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා, උද්ධමාඝාතනං නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා උද්ධමාඝාතනං නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි? | “මහණෙනි, සමහර මහණ බමුණෝ මරණින් මතු නොම සංඥා (ලකුණු) ඇති නොම අසංඥා (ලකුණක් නුවූදේ) ඇති මත ඇත්තෝ වෙති. ඔහු කරුණු අටකින් මරණින් මතු ආත්මය නොම සංඥා නොම අසංඥා කොට පණවත්. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොට ගෙන කුමක් නිසා කරුණු අටකින් මරණින් මතු නොම සංඥා ඇති නොම අසංඥා ඇති මත ඇත්තෝව මරණින් මතු ආත්මය නොම සංඥා ඇත්තේය, නොම අසංඥා ඇ... |
‘‘‘රූපී අත්තා හොති අරොගො පරං මරණා නෙවසඤ්ඤීනාසඤ්ඤී’ති නං පඤ්ඤපෙන්ති ‘අරූපී අත්තා හොති...පෙ.... රූපී ච අරූපී ච අත්තා හොති... නෙවරූපී නාරූපී අත්තා හොති... අන්තවා අත්තා හොති... අනන්තවා අත්තා හොති... අන්තවා ච අනන්තවා ච අත්තා හොති... නෙවන්තවා නානන්තවා අත්තා හොති අරොගො පරං මරණා නෙවසඤ්ඤීනාසඤ්ඤී’ති නං පඤ්ඤපෙන්ති. | “මරණින් මතු ආත්මය නිත්‍යය, රූප ඇත්තක්ය නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. මරණින් මතු අරූපීවූ ආත්මය නිත්‍යය නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. රූපිවූද අරූපිවූද ආත්මය නිත්‍යය නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍රකාශ කරත්. නොම රූප ඇති නොම අරූප ඇති ආත්මය නිත්‍යය නොම සංඥා ඇතිවූ නොම අසංඥා ඇතිවූයයි ප්‍ර... |
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා උද්ධමාඝාතනං නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති අට්ඨහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා උද්ධමාඝාතනිකා නෙවසඤ්ඤීනාසඤ්ඤීවාදා උද්ධමාඝාතනං නෙවසඤ්ඤීනාසඤ්ඤිං අත්තානං පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව අට්ඨහි වත්ථූහි...පෙ.... යෙහි තථාගතස්ස යථාභ... | “මහණෙනි, ඒ මහණ බමුණෝ මරණින් මතු ආත්මය ප්‍රකාශ කරන්නාහු නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි මත අදහන්නෝ කරුණු අටකින් මරණින් මතු ආත්මය නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි ප්‍රකාශ කරත්. මහණෙනි, යම්කිසි මහණහු හෝ බමුණෝ හෝ මරණින් මතු ආත්මය ගැන නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි අදහා මරණින් මතු ආත්මය නොම සංඥා ඇති නොම අසංඥා ඇතියයි, ප්‍රකාශ කරද්... |
‘‘සන්ති , භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති සත්තහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති සත්තහි වත්ථූහි? | “මහණෙනි, සමහර මහණ බමුණෝ සංසාරයක් නැතැයි විස්වාසකර සත්ත්වයාගේ නැතිවීම විනාශය සහ භවය නැතිවී යෑම කරුණු හතකින් ප්‍රකාශ කරත්. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණ කොට ගෙන කුමක් නිසා සංසාරයක් නැතැයි විස්වාසකර සත්ත්වයාගේ නැතිවීම විනාශය සහ භවය නැතිවී යෑම කරුණු හතකින් ප්‍රකාශ කරද්ද? |
‘‘ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා එවංවාදී හොති එවංදිට්ඨි (එවංදිට්ඨී (ක. පී.)) - ‘යතො ඛො, භො, අයං අත්තා රූපී චාතුමහාභූතිකො මාතාපෙත්තිකසම්භවො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා, එත්තාවතා ඛො, භො, අයං අත්තා සම්මා සමුච්ඡින්නො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති. | “මහණෙනි, මේ ලෝකයෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු මත ඇත්තේ මෙබඳු ඇදහීම් ඇත්තෙක් වෙයි. ‘පින්වත, සතර මහා භූතයන්ගෙන් හටගත් මවුපියන්ගේ සම්බන්ධයෙන් උපන් රූපයක් ඇති මේ ආත්මය ශරීරයෙන් වෙන්වීමෙන් නැතිවන්නේය, විනාශ වන්නේය, මරණින් මතු නොවන්නේය. පින්වත, මෙපමණකින් මේ ආත්මය හොඳින් නැතිවීයේය.’ මෙසේ යම්කෙනෙක් සත්ත්වයාගේ නැතිවීම, වින... |
‘‘තමඤ්ඤො එවමාහ - ‘අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො, භො, අඤ්ඤො අත්තා දිබ්බො රූපී කාමාවචරො කබළීකාරාහාරභක්ඛො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො, භො, අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති පරං මරණා, එත... | “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත්තේය. එය ඇත්තේ නැතැයි නොකියමි. ‘පින්වත, මෙතෙකින් ඒ ආත්මය හොඳාකාර නැතිවී ගියේ නැත. ‘පින්වත, රූපයක් ඇති, කාම ලෝකයෙහි හැසිරෙණ, කෑම කන අන්‍ය දිව්‍ය ආත්මයෙක් ඇත්තේය. එය ඔබ නොදනිහි, නොදකිහි. මම එය දනිමි, දකිමි. පින්වත, ඒ ආත්මය ශරීරයෙන් වෙන්වූ පසු නැතිවී යන්නේය, විනාශ වන්... |
‘‘තමඤ්ඤො එවමාහ - ‘අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො, භො, අඤ්ඤො අත්තා දිබ්බො රූපී මනොමයො සබ්බඞ්ගපච්චඞ්ගී අහීනින්ද්‍රියො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො, භො, අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජති විනස්සති, න හොති ... | “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘පින්වත, තා කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. ‘පින්වත, ඒ ආත්මය මෙපමණකින් හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, රූපයක් ඇති, සිත් උපදවනලද සියලු අවයව ඇති දැනීමට උපකාරවන නොපිරිහුණු අවයවයන් ඇති අනික් දිව්‍ය ආත්මයක් ඇත. එය ඔබ නොදනිහි, නොදකිහි. එය මම දනිමි, දකිමි. ‘පින්වත, යමකින් ඒ ආත්මය ශරීරයෙන් වෙන්ව... |
‘‘තමඤ්ඤො එවමාහ - ‘අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො , භො, අඤ්ඤො අත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘‘අනන්තො ආකාසො’’ති ආකාසානඤ්චායතනූපගො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි.... | “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි. ‘පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැතැයි නොකියමි. ‘පින්වත, ඒ ආත්මය මෙපමණකින් හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, අන්‍යවූ හැම කාරණයකින් රූප ලකුණු පිටකිරීමෙන් නැසෙන ලකුණු බැහීමෙන් නොයෙක් ආත්ම ලකුණු අමතක වීමෙන් ආකාශය නිමක් නැතැයි ආකාශානඤ්චායතන, නම් පළමුවැනි අරූප බ්‍රහ්ම ලෝකයට පැමිණ ආත්මයක් ඇත. එය ඔබ නො... |
‘‘තමඤ්ඤො එවමාහ - ‘අත්ථි ඛො, භො, එසො අත්තා යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො, භො, අඤ්ඤො අත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘‘අනන්තං විඤ්ඤාණ’’න්ති විඤ්ඤාණඤ්චායතනූපගො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො, භො, අත්තා යතො කායස්ස භෙදා උච්ඡ... | “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි. ‘පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙතෙකින් හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, හැම ආකාරයෙන් ‘ආකාශානඤ්චායතනය’ නම් පළමුවැනි අරූප බ්‍රහ්ම ලෝකයෙන් ඉක්මවී හිත කෙළවරක් නැතැයි ‘විඤ්ඤාණඤ්චායතනය’ නම් බ්‍රහ්ම ලෝකයට පැමිණ ආත්මයක් ඇත. එය ඔබ නොදනිහී, නොදකිහි එය මම දනිමි, දකිමි. ... |
‘‘තමඤ්ඤො එවමාහ - ‘අත්ථි ඛො, භො, සො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො, භො, අඤ්ඤො අත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘‘නත්ථි කිඤ්චී’’ති ආකිඤ්චඤ්ඤායතනූපගො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො, භො, අත්තා යතො කායස්ස භෙදා උච්ඡිජ්ජ... | “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘පින්වත ඔබ කියන ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙතෙකින් හොඳාකාර නැතිවී නොගියේය. “පින්වත, හැම ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය නම් බ්‍රහ්ම ලෝකයෙන් ඉක්මවී කිසිවක් නැතැයි ‘ආකිඤ්චඤ්ඤායතනය, නම්, බ්‍රහ්ම ලෝකයට පැමිණියාවූ ආත්මයක් ඇත. එය ඔබ නොදකිහි, නොදනිහි. මම එය දනිමි, දකිමි පින්වත, යම්කාලයක... |
‘තමඤ්ඤො එවමාහ - ‘‘අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා සම්මා සමුච්ඡින්නො හොති. අත්ථි ඛො, භො, අඤ්ඤො අත්තා සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම ‘‘සන්තමෙතං පණීතමෙත’’න්ති නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගො. තං ත්වං න ජානාසි න පස්සසි. තමහං ජානාමි පස්සාමි. සො ඛො, භො, අත්තා යතො කායස්ස භෙ... | “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි, ‘පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, ඒ ආත්මය මෙතෙකින් හොඳාකාර නැතිවී නොගියේය. පින්වත, හැම ආකාරයෙන් ‘ආකිඤ්චඤ්ඤායතනය’ නම් බ්‍රහ්මලෝකය ඉක්මකොට මෙය ශාන්තය මෙය මිහිරියයි ‘නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය’ නම් බ්‍රහ්මලෝකයට පැමිණියාවූ අන්‍ය ආත්මයක් ඇත. එය ඔබ නොදකිහි, නොදනිහි. එය මම දනිමි. දකිම... |
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති සත්තහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා උච්ඡෙදවාදා සතො සත්තස්ස උච්ඡෙදං විනාසං විභවං පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව සත්තහි වත්ථූහි...පෙ.... යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං. | “මහණෙනි, ඒ මහණ බමුණෝ නැතිවීයෑම (උච්ඡේදවාදය) විස්වාසකරන්නෝව මේ කරුණුහතෙන් සත්ත්වයින්ගේ නැතිවීයෑම විනාශය, භවය නැතිවීයෑම ප්‍රකාශ කරත්. මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ නැතිවී යෑම විස්වාස කරන්නෝව සත්ත්වයින්ගේ නැතිවීයෑම විනාශය භවය නැතිවීයෑම ප්‍රකාශ කරයිද ඒ සියල්ලෝ මේ කරුණු හතෙන් හෝ මෙයින් එකකින් හෝ එසේ ප්‍රකාශ කරති. මෙය... |
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්‍රාහ්මණා දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති පඤ්චහි වත්ථූහි. තෙ ච භොන්තො සමණබ්‍රාහ්මණා කිමාගම්ම කිමාරබ්භ දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති පඤ්චහි වත්ථූහි? | “මහණෙනි, සමහර මහණ බමුණෝ (දිට්ඨධම්මනිබ්බාන වාද) මේ ආත්ම භාවයේදීම නිර්වාණය අත්වේයයි අදහන්නෝ වෙති. ඔව්හු සත්ත්වයාගේ මේ ආත්මයෙහිම නිර්වාණය කරුණු පහකින් ප්‍රකාශ කරති. ඒ පින්වත් මහණ බමුණෝ කුමක් කරණකොටගෙන කුමක් නිසා මේ ආත්මයෙහිම නිර්වාණය කරුණු පහකින් ප්‍රකාශ කරත්ද? |
‘‘ඉධ, භික්ඛවෙ, එකච්චො සමණො වා බ්‍රාහ්මණො වා එවංවාදී හොති එවංදිට්ඨි - ‘‘යතො ඛො, භො, අයං අත්තා පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති, එත්තාවතා ඛො, භො, අයං අත්තා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොතී’ති. ඉත්ථෙකෙ සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති. | “මහණෙනි, මේ ලෝකයෙහි යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු මත ඇත්තෙක් මෙබඳු ඇදහීම් ඇත්තෙක් වෙයි. ‘පින්වත, යම්දිනක මේ ආත්මය පඤ්චකාම ගුණයෙන් යුත්වූයේ, අත්වූයේ ඉන්ද්‍රියයන් පිනවාද, මෙපමණකින්, මේ ආත්මය මේ ආත්ම භාවයේදීම නිර්වාණයට පැමිණියේ වෙයි, කියායි. මෙසේ යම් කෙනෙක් සත්ත්වයාගේ මේ ආත්ම භාවයේදීම නිර්වාණය ප්‍රකාශ කරයි. |
‘‘තමඤ්ඤො එවමාහ -‘අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොති. තං කිස්ස හෙතු? කාමා හි, භො, අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා, තෙසං විපරිණාමඤ්ඤථාභාවා උප්පජ්ජන්ති සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා. යතො ඛො , භො, අයං අත්තා විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහ... | “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘ඔබ කියන ඒ ආත්මය ඇත. ඒ නැතැයි නොකියමි. පින්වත, මේ ආත්මය එපමණකින් මේ ආත්මයෙහිම නිවනට නොපැමිණියේ වෙයි. ඊට හේතු කුමක්ද? ‘පින්වත, කම් සැප අනිත්‍යය, දුකය, පෙරළෙන ආකාරය - (කාම සැපයේ) පෙරළීම, වෙනස්වීම නිසා, සෝක, වැලපීම්, දුක්, කණගාටු සහ තද ශෝකය උපදින්නෝය. පින්වත, යම් කාලයක මේ ආත්මය කාමයෙන් වෙන්ව අක... |
‘‘තමඤ්ඤො එවමාහ - ‘අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොති. තං කිස්ස හෙතු? යදෙව තත්ථ විතක්කිතං විචාරිතං, එතෙනෙතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො, භො, අයං අත්තා විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පී... | “වෙන අයෙක් ඔහුට මෙසේ කියයි: ‘පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. ‘පින්වත, පෙමණකින් ඒ ආත්මය මේ ආත්මයේදී නිවනට පැමිණියේ නැත. ඊට හේතු කුමක්ද? එහි යම් විසඳා බලන විචාරයෝ වෙත්ද ඔවුන් නිසා ඒ ධ්‍යානය ලාමක සේ පෙනෙයි. පින්වත, යම් කලක මේ ආත්මය විසඳා බලන විචාරයින්ගේ සතුටුවීමෙන් හිතේ විශේෂ සතුටු ගතිය සහ එකඟකමින් යුක්තවූ,... |
‘‘තමඤ්ඤො එවමාහ - ‘අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොති. තං කිස්ස හෙතු? යදෙව තත්ථ පීතිගතං චෙතසො උප්පිලාවිතත්තං, එතෙනෙතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො, භො, අයං අත්තා පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති, සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙත... | “වෙන අයෙක් ඔහුට මෙසේ කියති ‘ඔබ කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, මෙපමණකින් ඒ ආත්මය මේආත්මයේදී නිවනට පැමිණියේ නොවේ. ඊට හේතු කුමක්ද? එහි ප්‍රීතියද, හිතේ උඩඟු බවද, හේතු කොට ගෙන ඒ ධ්‍යානය ලාමකයයි පෙනේ. පින්වත, යම් කලක මේ ආත්මය ප්‍රීතියෙහි නොඇලීමෙන්, සිහිඇතුව, නුවණ ඇතුව උනන්දුවක් නැතුව වාසය කරයිද, ශරීරයෙන් සැප විඳ... |
‘‘තමඤ්ඤො එවමාහ - ‘අත්ථි ඛො, භො, එසො අත්තා, යං ත්වං වදෙසි, නෙසො නත්ථීති වදාමි; නො ච ඛො, භො, අයං අත්තා එත්තාවතා පරමදිට්ඨධම්මනිබ්බානං පත්තො හොති. තං කිස්ස හෙතු? යදෙව තත්ථ සුඛමිති චෙතසො ආභොගො, එතෙනෙතං ඔළාරිකං අක්ඛායති. යතො ඛො, භො, අයං අත්තා සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙ... | “වෙන අයෙක් ඔහුට මෙසේ කියති. ‘පින්වත, ඔබ කියන ඒ ආත්මය ඇත. එය නැතැයි නොකියමි. පින්වත, මෙපමණකින් ඒ ආත්මයත් මේ ආත්මයේදී නිවනට පැමිණියේ නොවේ. ඊට හේතු කුමක්ද? එහි සැපයයි සිතෙහි ධ්‍යානයෙන් නැගිට නැගිට සැපය නැවත සිහිකිරීම වේද, එයින් එය ලාමකයයි හැඟේ. පින්වත, යම් කලක මේ ආත්මය සැප නැති කිරීමෙන්ද, දුක නැති කිරීමෙන්ද, පළමුවෙන්ම සතු... |
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති පඤ්චහි වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා දිට්ඨධම්මනිබ්බානවාදා සතො සත්තස්ස පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤපෙන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව පඤ්චහි වත්ථූහි...පෙ.... යෙහි තථාගතස්ස යථාභුච්චං වණ්ණං සම්මා වදමානා වදෙය්‍යුං... | “මහණෙනි, ඒ මහණ බමුණෝ මේ ආත්මයේදී නිවන කියන්නෝ මේ කරුණු පහෙන් සත්ත්වයන්ගේ මේ ආත්මයේදී නිවන ප්‍රකාශ කරත් මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මේ ආත්මයේදී නිවන විශ්වාස කරන්නෝව සත්ත්වයාගේ මේ ආත්මයේදී නිවන ප්‍රකාශ කරයිද ඒ සියල්ලෝම මේ කරුණු පහෙන් හෝ මෙයින් එකකින් හෝ ප්‍රකාශ කරත්. මෙයින් පිටත එකකින් ප්‍රකාශ නොකරත්. “මහණෙනි, ත... |
‘‘ඉමෙහි ඛො තෙ, භික්ඛවෙ, සමණබ්‍රාහ්මණා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති චතුචත්තාරීසාය වත්ථූහි. යෙ හි කෙචි, භික්ඛවෙ, සමණා වා බ්‍රාහ්මණා වා අපරන්තකප්පිකා අපරන්තානුදිට්ඨිනො අපරන්තං ආරබ්භ අනෙකවිහිතානි අධිමුත්තිපදානි අභිවදන්ති, සබ්බෙ තෙ ඉමෙහෙව චතුචත්තාරීසාය වත්ථූහි...පෙ.... ... | “මහණෙනි, ඒ මහණ බමුණෝ (ලොක) අවසානය ගැන කල්පනා කර (ලොක) අවසානය ගැන මත ඇති කර ගෙන කරුණු හතලිස් හතරකින් (ලොක) අවසානය ගැන නොයෙක් මත දක්වන වචන කියති. මහණෙනි, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ (ලොක) අවසානය කල්පනා කර, (ලොක) අවසානය ගැන මත ඇතිකරගෙන, (ලොක) අවසානය ගැන නොයෙක් මත දක්වන වචන කියත්ද, ඒ සියල්ලෝ මේ කරුණු හතලිස් හතරෙන් හෝ එයින... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.