date stringlengths 24 24 | title stringlengths 0 176 | short_title stringlengths 10 69 | content stringlengths 0 19.7k |
|---|---|---|---|
2019-02-23T00:14:45.000Z | රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමට විරෝධය පළ කර ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක | රත්ගම ඝාතනයට ප්‍රදේශවාසීන්ගේ විරෝධය | COLOMBO (News 1st) - රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමට විරෝධය පළ කර ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මේ වන විට උද්ඝෝෂණයක නිරත වෙති. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, ඝාතනයන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. |
2019-02-22T23:29:16.000Z | සේනා වැනසු වගාබිම්වලට ලබන මස 10 වැනි දා සිට වන්දි | සේනා වැනසු වගාබිම්වලට ලබන මස 10 වැනි දා සිට වන්දි | COLOMBO (News 1st) - සේනා දළඹු වසංගතයෙන් හානි වූ වගාබිම් සඳහා වන්දි ලබාදීම ලබන මස 10 වැනි දා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එහි ලේකම් කේ. ඩී. රුවන් චන්ද්‍ර මහතා පැවසූවේ, සේනා දළඹු වසංගතයෙන් අක්කර දොලොස් දහසක ගොවිබිම් සම්පුර්ණයෙන් හානියට පත් ව ඇති බවයි. |
2019-02-22T22:27:33.000Z | ඛාදනය වූ කැලිඩෝ වෙරළ යළි ස්ථාපිත කිරීමට විදෙස් සමාගම් දෙකකින් ටෙන්ඩර් කැඳවයි | ඛාදනය වූ කැලිඩෝ වෙරළ යළි ස්ථාපිත කිරීමට පියවර | COLOMBO (News 1st) - මුහුදු ඛාදනයට ලක් ව ඇති කළුතර කැලිඩෝ වෙරළ තීරය යළි ස්ථාපිත කිරීම සඳහා විදෙස් සමාගම් දෙකකින් ටෙන්ඩර් කැඳවා ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ, නෙදර්ලන්ත හා චීන සමාගම් දෙකකින් එලෙස ටෙන්ඩර් කැඳවා ඇති බවයි. කැලිඩෝ වෙරළ ආශ්‍රිත ප්‍රදේශ... |
2019-02-22T22:18:05.000Z | හෙළ සිනමාවේ ප්‍රථම ත්‍රෛභාෂිත සිනමා සිත්තම | හෙළ සිනමාවේ ප්‍රථම ත්‍රෛභාෂිත සිනමා සිත්තම | චිත්‍රපට අධ්‍යක්ෂ දේවින්ද කෝන්ගහගේගේ නවතම සිනමා පටය, ගිරිවැසිපුර හි පූර්ව ප්‍රචාරක පට ජනගත කර තිබේ. ඒ, කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයකදී යි. ගිරිවැසිපුර, සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන ත්‍රෛභාෂාවෙන් හෙළ සිනමාවට දායාද වන ප්‍රථම සිනමා පටයයි. එහි සිංහල සහ දෙමළ පූර්ව ප්‍රචාරක පට එළිදැක්වීමේ අවස්ථාවට කලාකරුවන්, විද්වත... |
2019-02-22T20:45:24.000Z | ඉන්දියාවට සහ පාකිස්ථානයට භයානක කාලයක්.... | ඉන්දියාවට සහ පාකිස්ථානයට භයානක කාලයක් | ඉන්දියාවට සහ පාකිස්ථානයට භයානක කාලයක් උදාවී ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු සඳහන් කළේ, මේ වන විට දෙරට අතර ගැටලු රැසක් පවතින බව ය. ඒ හේතුවෙන් ඉදිරියේදී තව ත් ගැටලු රැසක් මතුවිය හැකි බව ද අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි. පසුගිය 14 වැනි දා කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන... |
2019-02-22T20:31:46.000Z | අයවැයෙන් මාධ්‍යයට බද්දක් පනවන බවට පැතිරෙන කටකතා අසත්‍යයයි | මාධ්‍යයට බද්දක් පනවන කටකතා අසත්‍යයයි... | COLOMBO (News 1st) - මෙවර අයවැයෙන් මාධ්‍යයට බද්දක් පනවන බවට පැතිර යන කටකතාවන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි නව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව පැවසූවේ, ඊයේ පස්වරුවේ ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. |
2019-02-22T20:15:54.000Z | රත්ගම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිසම වාර්තාවක් කැඳවයි | රත්ගම ඝාතනය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි | COLOMBO (News 1st) - රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ ඝාතන සිද්ධියට පොලිස් නිලධාරීන් සම්බන්ධවීම ඇතුළු තොරතුරු වාර්තාවක් අපේක්ෂා කරන බවයි. අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දා සැකපිට අත්අඩංගුවට ගත් ද... |
2019-02-22T19:56:52.000Z | කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු කොලොන්නාවේදී අත්අඩංගුවට | කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - ඩුබායිහි අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වූ කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු කොලොන්නාව සාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කළ වැටලීමකදී ඊයේ රාත්‍රියේ එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොහොමඩ් නවුෆර් මොහොමඩ් අලි නැමැති 50 හැ... |
2019-02-22T19:44:57.000Z | දෙපානම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට | දෙපානම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට | COLOMBO (News 1st) - පන්නිපිටිය, දෙපානම ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසූවේ, අද අලුයම 12 ට පමණ වෙඩි තැබීම සිදු ව ඇති බවයි. සිද්ධියෙන් ඝාතනයට ලක් ව ඇත්තේ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් ය. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව ඔහුගේ මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්ප... |
2019-02-22T19:34:01.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර පුළුස්සා ඇති බව හෙළිවෙයි: රත්ගම ප්‍රදේශයේදී පැහැරගත් ව්‍යාපාරිකයින් දෙදෙනා අක්මීමන, ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී පහරදී ඝාතනය කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. 2. මත්වන මැති, ඇමතිවරු ගැන කිරිඇල්ල කමිටුවට රන්ජන්ගෙන් ප්‍රකාශයක්: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්... |
2019-02-22T10:40:31.000Z | රුපියල් කෝටි 10 ක මත්ද්‍රව්‍ය මීගමුවෙන් හමුවෙයි | රුපියල් කෝටි 10 ක මත්ද්‍රව්‍ය මීගමුවෙන් හමුවෙයි | COLOMBO (News 1st) - මීගමුව, පෝරතොට ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 04 කට අධික ප්‍රමාණයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මීගමුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකය එම ප්‍රදේශයේ කළ වැටලීමකදී යි. සැකකරු සන්තකයේ තිබි ඇෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03 යි ග්‍රෑම් 655 ක් ද සොයා ගෙන ඇත. පොලීස... |
2019-02-22T09:45:57.000Z | ශ්‍රී ලංකාවට ලකුණු 197 ඉලක්කයක් | ශ්‍රී ලංකාවට ලකුණු 197 ඉලක්කයක් | ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනටත් පෝට් එලිසබෙත්හිදී පැවැත්වේ. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවේ සියලු දෙනා පන්දුවාර 44 ක් අවසානයේදී ලකුණු 128 කට අද දැවී ගියහ. ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 197 ක්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා... |
2019-02-22T08:24:29.000Z | BREAKING : රුවන් විජේවර්ධන කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි | රුවන් විජේවර්ධන ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි | COLOMBO (News 1st) - ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ඊට සමගාමීව මංගල සමරවීර මහතා ද කැබිනට් මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබේ. දිවුරුම්දීම සිදු වූයේ ජනාධිපති නිල නිවසේදී ය. රුවන් විජේවර්ධන මහතාගේ මුත්තණුවන් වන්නේ මාධ්‍ය... |
2019-02-22T08:52:12.000Z | මත්වන මැති, ඇමතිවරු ගැන කිරිඇල්ල කමිටුවට රන්ජන්ගෙන් ප්‍රකාශයක්... | කිරිඇල්ල කමිටුවට රන්ජන්ගෙන් ප්‍රකාශයක්... | COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කරන චෝදනාව පිළිබඳ කරුණු විමසීමට එක්සත් ජාතික පක්ෂය පත් කළ කමිටුව අද ඔහු කැඳවා කරුණු විමසා තිබේ. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවට ඉරාන් වික්‍රමරත්න, නිශ්ශංක නානාය... |
2019-02-22T09:38:40.000Z | රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර පුළුස්සා ඇති බව හෙළිවෙයි | රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර පුළුස්සලා | COLOMBO (News 1st) - රත්ගම ප්‍රදේශයේදී පැහැරගත් ව්‍යාපාරිකයින් දෙදෙනා අක්මීමන, ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී පහරදී ඝාතනය කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. අද එම ස්ථානය ගාල්ල මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට ලක් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන් දෙදෙනාගේ සිරුරු වලස්ම... |
2019-02-22T06:36:48.000Z | පාර්ලිමේන්තු ගැටුමේදී මන්ත්‍රීවරු 60 දෙනෙක් බලතළ හා වරප්‍රසාද පනත උල්ලංඝණය කර ඇති බවට තහවුරු වෙයි | මන්ත්‍රීවරු 60 ක් වැරදි කළ බවට තහවුරු වෙයි | COLOMBO (News 1st) - පසුගිය නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවලදී පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්වලදී මන්ත්‍රීවරුන් 60 දෙනෙක් පාර්ලිමේන්තු බලතළ හා වරප්‍රසාද පනතේ සඳහන් වැරදි සිදු කර ඇතැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුව සඳහන් කරයි. මෙම මන්ත්‍රීවරුන්ට එරෙහිව ස්ථාවර නියෝග 77 අනුව පියවරගත යුතු බව කමිටුව නිර්දේශයන්හි ස... |
2019-02-22T06:00:49.000Z | අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට අභියාචනාධිකරණය දින නියම කරයි | අනුරුද්ධට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ | COLOMBO (News 1st) - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය මැයි මස 22 වන දා ආරම්භ කිරීමට අභියාචනාධිකරණය අද දින නියම කර තිබේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩුව පවරා ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජෙ... |
2019-02-22T04:27:26.000Z | සාම්ප්‍රදායික රූකඩ ප්‍රදර්ශනයක් 26 වැනි දා අපේගමේදී | සාම්ප්‍රදායික රූකඩ ප්‍රදර්ශනයක් 26 වැනිදා අපේගමේදී | COLOMBO (News 1st) - මෙරට සාම්ප්‍රදායික රූකඩ ප්‍රදර්ශනයක් ලබන 26 වැනි දා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පැවැත්වේ. එහිදී විවිධ රූකඩ සංදර්ශන කිහිපයක් ද පැවැත්වෙනු ඇති. පාසල් සිසුන්ට හා ඒ පිළිබඳ ඇල්මක් දක්වන ඕනෑම පුද්ගලයකුට මෙම ප්‍රදර්ශනය නැරඹීමට හැකි බව සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්මිය සඳහන් කළා ය. |
2019-02-22T03:06:43.000Z | මීගමුවේදී හෙරොයින් තොගයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට | මීගමුවේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - මීගමුව පෝරතොට ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 04කට අධික ප්‍රමාණයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මීගමුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකය එම ප්‍රදේශයේ කළ වැටලීමකදී ය. සැකකරු සන්තකයේ තිබී ඈෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03යි ග්‍රැම් 655ක් ද සොයා ගෙන තිබේ. පොලීසිය ... |
2019-02-22T02:58:56.000Z | දුම්රිය රියැදුරන්ගේ වර්ජනය අත්හිටුවයි | දුම්රිය රියැදුරන්ගේ වර්ජනය අත්හිටුවයි | COLOMBO (News 1st) - මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ දුම්රිය රියැදුරන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබේ. ඒ, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ඇති කර ගත් එකඟතා මතයි. සේවා වාර චක්‍ර සංශෝධනය කිරීමේදී බලධාරීන් විසින් එකඟතාවයන් කඩ කිරීමට විරෝධය පළ කරමි... |
2019-02-22T01:32:44.000Z | සභා ගැබේ ගැටුම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට... | සභා ගැබේ ගැටුම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට... | COLOMBO (News 1st) - පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ කමිටුවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. මේ, ඉන් අනතුරුව සභාවේ ඇති වූ සංවාදාත්මක තත්ත්වයයි. |
2019-02-22T01:04:17.000Z | රන්ජන් මත්ද්‍රව්‍ය ගන්නා මන්ත්‍රීන් ගැන විමසන පරීක්ෂණ කමිටුව හමුවට පැමිණෙයි | රන්ජන් ප්‍රකාශයක් ලබා දෙයි | COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය භාවිත කරන බවට චෝදනා එල්ල වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සෙවීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. කැබිනට් මණ්ඩලය තුළ කෝකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින්නේ යැයි, රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාම... |
2019-02-21T23:50:11.000Z | රු. ලක්ෂ 8කට අධික ගංජා සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට | ගංජා සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට | COLOMBO (News 1st) - ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 94ක් මෙරටින් රැගෙන යාමට තැත් කළ කාන්තාවක කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ ,එම ගංජා ඩුබායි වෙත රැගෙන යාමට සූදානම්ව තිබියදී අත්අඩංගුවට ගත් බව ය. එහි වටිනාකම රුපියල් 837,000කි. ඇය සිය ගමන් ම... |
2019-02-21T23:38:55.000Z | තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට | තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය | COLOMBO (News 1st) - 2008 වසරේදී කොළඹදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යාම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඉන් තරුණයින් 03 දෙනෙකු පැහැර ගෙන ගොස් රඳවා තබා ගෙන කෲර වද හිංසා සිදු කොට ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. පොලිස් මාධ්‍ය ප්‍රක... |
2019-02-21T23:28:34.000Z | පකිස්ථානයට ගලා යන ගංගා ජලය සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කරයි | පකිස්ථානයට ගලා යන ගංගා ජලය සීමා කිරීමේ තීරණයක් | COLOMBO (News 1st) - ඉන්දියාවේ සිට පකිස්ථානයට ගලා යන ගංගා ජලය සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. ඒ, පුල්වාමා ප්‍රහාරයට ඉන්දියාව දක්වන නවතම ප්‍රතිචාරය ලෙසයි. ඒ අනුව ඉන්දියාවේ සිට පකිස්ථානයට ජලය ගලා යන ඉන්දු නදිය නව බැම්මක් ආධාරයෙන් වෙනත් දිශාවකට හැරවීමට කටයුතු කරන බව ඉන්දීය ප්‍රවාහන හා ජල සම්පත් අමාත්‍ය නිතින් ගද්... |
2019-02-21T23:05:39.000Z | මෛත්‍රී - මහින්ද හමුවක් අද පස්වරුවේ | මෛත්‍රී - මහින්ද හමුවක් අද පස්වරුවේ | COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ, සන්ධානය නියෝජනය කරන සියලු ම පක්ෂ නායකයින්ට ද ඒ සඳහා ඇරයුම් කර ඇති බව ය. එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච... |
2019-02-21T21:02:12.000Z | ලබන 8 වන දා සිට කාන්තාවන් සඳහා පමණක් වෙනම දුම්රිය මැදිරි | ලබන 8 සිට කාන්තාවන් සඳහා පමණක් වෙනම දුම්රිය මැදිරි | COLOMBO (News 1st) - කාන්තාවන් සඳහා පමණක් වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ලබන මස 8 වන දාට යෙදෙන ලෝක කාන්තා දිනය දා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ය. පළමු අදියරේදී කාර්යාලයීය දුම්රිය 06ක ක... |
2019-02-21T20:53:01.000Z | සරසවි වරම් අපේක්ෂාවෙන් 76000කගෙන් අයැදුම්පත් | සරසවි වරම් අපේක්ෂාවෙන් 76000කගෙන් අයැදුම්පත් | COLOMBO (News 1st) - 2018 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට මෙවර අයැදුම්පත් 76591ක් ලැබී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. එහි ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර මහතා සඳහන් කළේ, පසුගිය 07 වන දායින් අයැදුම්පත් භාර ගැනීම අවසන් වූ බව ය. එහෙත් අයැදුම්පත් ඉදිරිපත් කළ අපේක්ෂකයින්ට ලබ... |
2019-02-21T20:43:48.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) දේශීය පුවත් 1. තමා බිහි කළ 19 වන සංශෝධනය නම් සුජාත දරුවා අපචාරයට ලක්ව ඇති බව ජනපති පවසයි. 2. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය ඊයේ පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. 3. නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපායන් මෙරට ජනතාවට හඳුන්වා ද... |
2019-02-21T20:34:57.000Z | වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් | දුම්රිය රියැදුරන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක | COLOMBO (News 1st) - මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ දුම්රිය රියැදුරන් ලෙඩ නිවාඩු දමා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. දුම්රිය රියැදුරන්ගේ සංගමයේ සභාපති ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, සේවා වාර චක්‍ර සංශෝධනය කිරීමේදී බලධාරීන් විසින් එකඟතාවයන් කඩ කිරීම මීට හේතුව බව ය. අද දිනයේ දුම්රිය ධාවනය පිළිබඳ ... |
2019-02-21T11:21:25.000Z | ඩී.එස්. සේනානායක ශිෂ්‍ය සන්නාම සම්මාන උළෙලේදී News 1st, සිරස TV හා Y FM සම්මානයට | News 1st, සිරස TV හා Y FM යළිත් සම්මානයට | COLOMBO (News 1st) - කොළඹ ඩී.එස්. සේනානායක ශිෂ්‍ය සන්නාම සම්මාන උළෙල අද පැවැත්විණි. ඒ, බස්නාහිර පළාත් සභා සෞන්දර්ය නිකේතනයේදී ය. මෙම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතායි. හොඳම සමාජ මෙහෙවර සඳහා වූ සම්මානය මෙහිදී ගම්මැද්දට හිමි විය. Y FM නාල... |
2019-02-21T10:17:08.000Z | ජනතා මුදල් නාස්ති කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය ණය වී ඇති අයුරු... | ශ්‍රීලංකන් ගුවන් සේවය ණය වී ඇති අයුරු... | COLOMBO (News 1st) - නිසි කළමනාකරණයක් නොමැති වීමෙන් සිදු කරන පාඩු අවසානයේ දරන්නට සිදු වන්නේ රටේ ජනතාවටයි. ශ්‍රීලංකන් ගුවන් සේවයේ පසුගිය දෙසැම්බර් මාසය සඳහා වන අභ්‍යන්තර මූල්‍ය වාර්තාවකින් හෙළි නොවුණු එවැනි කරුණු ගණනාවක් අනාවරණය වේ. ඒ, ශ්‍රීලංකන් ආයතනය කෙතරම් රජයේ සහ පුද්ගලික ආයතන සහ බැංකුවලට ණය වී ඇත් ද යන්නයි... |
2019-02-21T10:00:49.000Z | මා බිහි කරපු 19 වන සංශෝධනය නම් සුජාත දරුවා අපචාරයට ලක්ව තිබෙනවා - ජනපති | "19 වන සංශෝධනය අපචාරයට ලක්ව තිබෙනවා" | COLOMBO (News 1st) - අද පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිතුමා ව්‍යවස්ථා සභාව හා 19 වන සංශෝධනය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව අදහස් පළ කළේ ය. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, තමා බිහි කළ 19 වන සංශෝධනය නම් සුජාත දරුවා අපචාරයට ලක්ව ඇති බව ය. මානව හිමිකම් කොමිසම පිළිබඳව විවේචනාත්මකව අදහස් පළ කළ ජනාධිපතිවරයා, ම... |
2019-02-21T08:32:55.000Z | ශ්‍රී ලංකාවට එරෙහි 2වන ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 222කට දැවී යයි | දකුණු අප්‍රිකාව ලකුණු 222කට දැවී යයි | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෝට් එලිසබෙත්හිදී ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 62ක් අවසානයේදී ලකුණු 222කට දැවී ගියේ ය. දකුණු අප්‍රිකා මුල් පෙළ කඩුලු 3 ලකුණු 15කදී බිඳ... |
2019-02-21T06:38:57.000Z | සරසවි සිසු විරෝධතාවට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර | සරසවි සිසු විරෝධතාවට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් | COLOMBO (News 1st) - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. ඒ, විරෝධතා පා ගමන පොලිස් අණ නොතකමින් ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි ප්‍රදේශයට ඇතුළු වීමට උත්සහ දැරූ අවස්ථාවේදී ය. අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන්ට පනව... |
2019-02-21T05:54:48.000Z | මෙරට ජනතාවට නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපායන් සමීප කර වීමට අද සිට ඊ-හෙල්ත් කාඩ්පත | ඊ-හෙල්ත් කාඩ්පත හඳුන්වා දීම කළුතරින් ඇරඹේ | COLOMBO (News 1st) - නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපායන් මෙරට ජනතාවට හඳුන්වා දීමේ අරමුණින් ඊ-හෙල්ත් කාඩ්පත හඳුන්වා දීම අද සිදු විය. මෙම වැඩසටහන අද ආරම්භ වූයේ කළුතර දිස්ත්‍රික්කයෙනි. මේ යටතේ පළමු අදියරේදී රෝහල් 200කින් කාඩ්පත් නිකුත් කිරීමට නියමිත ය. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, මේ වන විට දිවයින පුරා සියලු ම රෙ... |
2019-02-21T05:11:30.000Z | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය වසා දැමේ | ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය වසා දැමේ | COLOMBO (News 1st) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ. එහි උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, නවක වදය සිද්ධිය මුල් කර ගනිමින් එම පියවර ගත් බව ය. එලෙස කළමනාකරණ පීඨය වසා දමා ඇත්තේ, වාචිකව හිරිහැර කිරීම පදනම් කර ගනිමින් නවක සිසුන් මානසික වශයෙන් පීඩනයට ලක්වී... |
2019-02-21T04:45:57.000Z | අල රංජි STF අත්අඩංගුවට | අල රංජි STF අත්අඩංගුවට | COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ මාමණ්ඩිය වන රංජිත් තිලකරත්න නොහොත් අල රංජි නමැත්තා ගුණසිංහපුරයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3ක් සහ මන්නා පිහි දෙකක් ද සිය භාරයට ගත් බව ය. මෙම සැකකරු මුදල් බලෙන් ලබා ගැ... |
2019-02-21T02:54:11.000Z | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ | ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය අද තෝරා පත්කර ගැණුනි. අද පැවැති ඡන්ද විමසීමේදී සභාපතිවරයා ලෙස පත් වූයේ ඡන්ද 83 ක් හිමිකරගත් ශම්මි සිල්වා මහතායි. උපසභාපති ධූරය ඡන්ද 82 ක් ලබාගත් රවීන් වික්‍රමරත්න මහතාට හිමි විය. ඡන්ද 96 ක් ලබාගත් මොහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව... |
2019-02-21T01:46:30.000Z | ඔස්ට්‍රේලියානු හිටපු විදේශ අමාත්‍ය ජූලි බිෂොප් දේශපාලනයට සමුදෙයි | ජූලි බිෂොප් දේශපාලනයට සමුදෙයි | ඔස්ට්‍රේලියානු හිටපු විදේශ අමාත්‍ය ජූලි බිෂොප් දේශපාලනයට සමුදෙන බව අද නිවේදනය කර තිබේ. ඇය සඳහන් කළේ, තමුන් දේශපාලනයෙන් ඉවත් වන්නේ තව ත් අයෙකුට අවස්ථාව ලබාදීමට බවයි. ඉකුත් අගෝස්තු මාසයේ පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ඇය පරාජයට පත්වීමෙන් පසු ජූලි බිෂොප්ගේ අනාගතය කුමක් වනු ඇද්දැයි සියලු දෙනා බලා සිටියහ... |
2019-02-21T01:22:53.000Z | රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තාව සභාගත කෙරේ | රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තාව සභාගත කෙරේ | COLOMBO (News 1st) - රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ඒ, කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදීයි. ආන්දෝලනයට තුඩුදුන් මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් මෙතෙක් ලැබී නොමැති බව අද පාර්ලිමේන්තුව ආරම්භයේදීම කථානායකවරයා නිවේද... |
2019-02-21T01:00:36.000Z | ඉන්දීය ධීවරයින් 13 දෙනෙක් උතුරු මුහුදේදී අත්අඩංගුවට | ඉන්දීය ධීවරයින් 13 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට | COLOMBO (News 1st) - උතුරු මුහුදේ නීති විරෝධිව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ජාතිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් පැමිණි ට්‍රෝලර් යාත්‍රා තුනක් ද සිය භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ පොලීසියට භාරදීමට නියමිත වේ. මේ අනුව මෙරට මුහුදු සීමා උ... |
2019-02-21T00:38:39.000Z | මාවතගමදී කසළ තේ ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට | මාවතගමදී කසළ තේ ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - කුරුණෑගල, මාවතගම පරගහපිටිය ප්‍රදේශයේදී කසළ තේ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් ලොරි රථ දෙකකින් කොළඹ බලා අදාළ කසළ තේ තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි. සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති කසළ තේ ප්‍රමාණය කිලෝග්‍රෑම් 10,140 ක්. අත්අඩංග... |
2019-02-21T00:25:46.000Z | ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට | ශම්මි සිල්වා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට | COLOMBO (News 1st) - ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස අද තේරී පත් විය. ඒ, ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදීයි. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ප්‍රධාන තනතුරු 7ක් වෙනුවෙන් 25 දෙනෙකු තරග කළහ. එහිදී ප්‍රකාශය කළ ඡන්ද ගණන 142 කි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා අර... |
2019-02-20T22:22:58.000Z | රාජකාරියේ නිරත රුසියානු සෙබළුන්ට Smartphones භාවිතය තහනම් කෙරේ | රුසියානු සෙබළුන්ට Smartphones භාවිතය තහනම් | රාජකාරියේ නිරත සෙබළුන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම් කිරීමට රුසියාව පියවර ගෙන තිබේ. රුසියානු පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු නව පනතට අනුව ක්‍රියාන්විතයේ යෙදී සිටින රුසියානු සෙබළෙකුට ස්මාර්ට්ෆෝන් භාවිත කර ඡායාරූප ගැනීම, වීඩියෝ පටිගත කිරීම සහ අන්තර්ජාලයට පිවිසීම තහනම් වනු ඇති. හමුදා සෙබළුන්ට හමුදාව ගැන ලිවීම හෝ ම... |
2019-02-20T20:46:13.000Z | වේග සීමා උල්ලංඝණය කරන බස් රථවල ධාවන බලපත්‍ර අහෝසි | වේග සීමා උල්ලංඝණය කරන බස් රථ රියැදුරන්ට දඬුවමක්.. | COLOMBO (News 1st) - වේග සීමා උල්ලංඝණය කරමින් ධාවනය වන බස් රථවල ධාවන බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ජනක මල්ලිමාරච්චි මහතා ප්‍රකාශ කළේ, අධික වේගය හේතුවෙන් සිදු වන අනතුරු අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ බවයි. පසුගිය 18 වැනි දා ද හලාවත මහවැවදී බස් රථයක් අනතුරට ලක්වී... |
2019-02-20T19:55:20.000Z | පොලිස්පතිගේ හඬ සාම්පල අධිකරණයට | පොලිස්පතිගේ හඬ සාම්පල අධිකරණයට | COLOMBO (News 1st) - පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ කටහඬ සාම්පල වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබේ. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම වාර්තාව මෙම සතිය ආරම්භයේ අධිකරණයට ඉදිරිපත් කළ බවයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනවාරි මස 14 වැනි දා ප්‍රථමවරට රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටියේ ය. ඒ, ප්‍රභූ... |
2019-02-20T19:38:09.000Z | Update : ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද | Update: ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද | COLOMBO (News 1st) Update: 9.55 A.M ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය තව ත් සුළු මොහොතකින් ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඇරඹීමට නියමිත වේ. ----------------------------------------------------------------------------------------------------------------------------------------- ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද පැවැත්වීමට නියමිත වේ... |
2019-02-20T19:21:06.000Z | රාජ්‍ය ආයතනවල දූෂණ විමර්ශන කොමිසමේ සහයට පොලිස් කණ්ඩායමක් | රාජ්‍ය ආයතනවල දූෂණ විමර්ශනයට පොලිස් කණ්ඩායමක් | COLOMBO (News 1st) - පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම සිදු කරන මූලික විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අනියුක්ත කරන්නැයි පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබේ. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ සඳහා විශේෂ දක්ෂතා සහිත පොලිස් දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තම... |
2019-02-20T18:57:28.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. නීතිඥ සංගමයේ සභාපති පුටුව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්සට: ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමේ නිලවරණයෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා එහි නව සභාපතිවරයා ලෙස පත් විය. 2. තවමත් මතභේදාත්මක තත්ත්වයක පවතින කෙරවලපිටිය විදුලි බලාගාර ටෙන්ඩර් අර්බුදය: කෙරවලපිටියේ ඉදිකිරීමට යෝ... |
2019-02-20T11:00:48.000Z | නීතිඥ සංගමයේ සභාපති පුටුව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්සට | නීතිඥ සංගමයේ සභාපති පුටුව කාලිංග ඉන්දතිස්සට | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමේ නිලවරණයෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා එහි නව සභාපතිවරයා ලෙස පත් විය. ලේකම් ධූරයට පත් වූයේ, නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතායි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 25 වන නිලවරණය මෙයයි. දිවයිනේ සෑම අධිකරණයක්ම නියෝජනය කරමින් අද පෙරවරු 8.00ට පමණ ... |
2019-02-20T09:12:12.000Z | තවමත් මතභේදාත්මක තත්ත්වයක පවතින කෙරවලපිටිය විදුලි බලාගාර ටෙන්ඩර් අර්බුදය | කෙරවලපිටිය විදුලි බලාගාර ටෙන්ඩර් අර්බුදය | COLOMBO (News 1st) - කෙරවලපිටියේ ඉදිකිරීමට යෝජනා වූ මෙගාවොට් 300ක විදුලි බලාගාරය සම්බන්ධ ටෙන්ඩරය පිරිනැමීම තවමත් මතභේදාත්මක තත්ත්වයක පවතී. ඩීසල් හෝ දැවි තෙල් මගින් ක්‍රියාත්මක කර පසුව ස්වභාවික ද්‍රව වායුවලට පරිවර්තනය කිරීමේ පදනම මත මෙම බලාගාරයට අදාළව ටෙන්ඩර් කැඳවීම සිදු විය. මතභේදාත්මක තත්ත්වයන් රැසක් මත විදුල... |
2019-02-20T08:02:48.000Z | පාර්ලිමේන්තු සංකීර්ණයට නව විදුලි සෝපාන 10ක් සවි කිරීමට තීරණය කෙරේ | පාර්ලිමේන්තුවට නව විදුලි සෝපාන සවි කිරීමේ තීරණයක් | COLOMBO (News 1st) - පාර්ලිමේන්තු සංකීර්ණයට නව විදුලි සෝපාන සවි කිරීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් කථානායකවරයාගේ නිවේදනය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නියෝජ්‍ය කථානායකවරයායි. මේ අනුව රුපියල් මිලියන 100ක වියදමින් නව විදුලි සෝපාන 10ක් සවි කිරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා සඳහන් කළේ ය.... |
2019-02-20T06:49:44.000Z | විලච්චියේ කාන්තාවක් කුරුමිට්ටෙකුගේ ප්‍රහාරයකට ලක් වෙයි | කාන්තාවක කුරුමිට්ටෙකුගේ ප්‍රහාරයකට ලක් වෙයි | COLOMBO (News 1st) - අනුරාධපුර විලච්චිය ඇත්දත්කල්ල ප්‍රදේශයේ සැරිසැරූ අඩි 2ක් පමණ උස කුරුමිට්ටන් වැනි අද්භූත මිනිසෙකු සිදු කළ ප්‍රහාරයකින් කාන්තාවක තුවාල ලබා තිබේ. එම කාන්තාව පවසන්නේ අද උදෑසන එලෙස පහර දීමට ලක් වූ බව ය. ශරීරයෙන් ඉතා කුඩා, මුහුණ විකෘතී ස්වරූපයක් ගත් පුද්ගලයෙකු මෙලෙස පහර දීම සිදු කළ බව ඇය පවසයි. මෙවැන... |
2019-02-20T06:17:46.000Z | වෙඩිකන්දේ කසුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ | වෙඩිකන්දේ කසුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ | COLOMBO (News 1st) - මාකදුරේ මධුෂ්ගේ සහයකයෙකු බව කියන කසුන් ධනංජය නොහොත් වෙඩිකන්දේ කසුන් නමැත්තා ලබන මස 06 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. සැකකරු ලබන 06 වන දා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මිරිහාන විශේෂ අපර... |
2019-02-20T03:59:58.000Z | මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරුන් පිළිබඳ සෙවීමට කමිටුවක් | මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීන් සෙවීමට කමිටුවක් | COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය භාවිත කරන බවට චෝදනා එල්ල වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සෙවීම සඳහා කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. එම කමිටුව පත් කර ඇත්තේ, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙනි. ඉරාන් වික්‍රමරත්න, නිශ්ශංක නානායක්කාර, ආශු මාරසිංහ යන මහත්වරු... |
2019-02-20T01:27:33.000Z | දෙපාර්ශවයේ එකඟතාව මත ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට තීරණය වෙයි | ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට දෙපාර්ශවයේ එකඟතාවක් | COLOMBO (News 1st) : දෙපාර්ශවය අතර ඇති කරගත් එකඟතාව මත පදනම්ව හෙට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට පියවර ගන්නා බව අද අභියාචනාධිකරණය හමුවේ අනාවරණය විය. ඒ, මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහ්තවරුන් නිලවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා පිළිගන්නැයි ක්‍රීඩා අමත්‍යවරයාට නියෝග කරන ලෙස ඉල්ලා අභියචාධිකරණය හ... |
2019-02-20T00:28:15.000Z | බඳින තුවක්කුවක් පත්තුවී පොලිස් නිලධාරියා රෝහලට | බඳින තුවක්කුවක් පත්තුවී පොලිස් නිලධාරියා රෝහලට | COLOMBO (News 1st) : පුත්තලම, පෙරියකුලම ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකු බඳින තුවක්කුවක් ක්‍රියාත්මකවීමෙන් තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ නිලධාරියා තවත් පිරිසක් සමග මෙහෙයුමේ නිරතව සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි. ආණමඩුව පොලීසියේ දූෂණ මර්දන අංශය භාරව සිටින ස්ථානාධිපතිවරයා එල... |
2019-02-19T23:49:14.000Z | ඇමති කබීර් ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කොමිසම හමුවට | ඇමති කබීර් ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන කොමිසම හමුවට | COLOMBO (News 1st) : අමාත්‍ය කබීර් හෂීම් මහතා ශ්‍රීලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවල අක්‍රමිකතා සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ ය. අද පෙරවරුවේ අමාත්‍යවරයා එහි පැමිණියේ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි, කළ දැනුම් දීමකට අනුවයි. |
2019-02-19T22:22:21.000Z | මිතුරන් අතර වූ බහින්බස්වීම මරණයකින් කෙළවරයි | මිතුරන් අතර වූ බහින්බස්වීම මරණයකින් කෙළවරයි | COLOMBO (News 1st) : පිටිගල - තල්ගස්පේ, මානානහේන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ මිතුරන් පිරිසක් සමග ඇතිවූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් පහරදීම සිදුව ඇති බවයි. මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකි. පහරදීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ පුද්ගලයින් 6 දෙනෙකු... |
2019-02-19T21:12:19.000Z | පකිස්ථාන අගමැති චෝදනා ඉවතදමයි | පකිස්ථාන අගමැති චෝදනා ඉවතදමයි | කිසිඳු සාක්ෂියකින් තොරව පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයට පකිස්ථාන රජය සම්බන්ධ බවට ඉන්දියාව කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම , පකිස්ථානය පදනම් කරගිනිමින් බිහිවූ ජයීෂ් ඒ මොහොමඩ් ත්‍රස්ත සංවිධානය පිළිගෙන ඇති... |
2019-02-19T20:49:13.000Z | 'වෙඩිකන්දේ කසුන්' හඳුනා ගැනීමේ පෙරට්ටුවකට | 'වෙඩිකන්දේ කසුන්' හඳුනා ගැනීමේ පෙරට්ටුවකට | COLOMBO (News 1st) : අත්අඩංගුවට ගැණුනු මාකඳුරේ මධුෂ්ගේ සහායකයෙකු බව පැවසෙන කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් නමැත්තා අද හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත ය. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදීයි. සැකකරු ඊයේ අත්අඩංගුවට ගැණුනේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කිරිබත්ගොඩ වෙඩිකන්ද ප්‍රදේශයේ ක්‍රිය... |
2019-02-19T20:22:10.000Z | පාර්ලිමේන්තුව 1ට රැස්වෙයි | අද ත් පාර්ලිමේන්තුව 1ට රැස්වෙයි | COLOMBO (News 1st) : අද පාර්ලිමේන්තු සභාවාරය පස්වරු 1.00 ට ආරම්භ වීමට නියමිතව ඇත. පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමට පෙර දහවල් 12.00ට ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. අපනයන පාලන පනත යටතේ නියෝග දෙකක් අද පාර්ලිමේතුවේ දී විවාදයට ගැණෙනු ඇති. |
2019-02-19T20:12:03.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) දේශීය පුවත් 1. මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතීන් ගැන ලිඛිතව දැනුම් දෙන්න – කථානායක රන්ජන් රාමනායකට දැනුම් දෙයි : මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ ගැන ලිඛිතව දැනුම් දෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබේ. 2. මැණික් හා දියමන... |
2019-02-19T20:00:32.000Z | නීතිඥ සංගම් නිලවරණය අද | නීතිඥ සංගම් නිලවරණය අද | COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අද පැවැත්වේ. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, 2019 - 2020 වසර සඳහා, නීතිඥ සංගමයට නව සභාපතිවරයෙකු සහ ලේකම්වරයෙකු පත් කර ගැනීම මෙවර නිලවරණයේදී සිදුකෙරෙන බවයි. සෑම දිසා අධිකරණයක්ම ආවරණය වන පරිදි පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා, මධ්‍යස්ථාන 84 කදී අද ඡන්ද විමසීම ස... |
2019-02-19T09:48:04.000Z | ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මුදල් ඇමති හමුවෙති | IMF නියෝජිතයෝ මුදල් ඇමති හමුවෙති | (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ඊයේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමු වී තිබේ. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අවසන් ණය වාරිකය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. සිලෝන් එෆ්.ටී. පුවත්පත අද වාර්තා කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස මුදල් අමාත්‍යංශයෙ... |
2019-02-19T09:24:17.000Z | ප්‍රහාර එල්ල කළ හොත්, ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට පකිස්ථාන අගමැතිගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම් | පකිස්ථාන අගමැතිගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම් | (News 1st) -ඉන්දියාව ප්‍රහාරයක් එල්ල කළ හොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අනතුරු අඟවයි. ඔහු මෙම අනතුරු ඇඟවීම කළේ, තම අසල්වැසියන් ත්‍රස්තවාදයට උපකාර කරන බවත් ඊට ප්‍රතිචාර දැක්විය යුතු බවටත් පසුගිය සිකුරාදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි. පසුගිය බ්‍රහස්පත... |
2019-02-19T08:59:52.000Z | මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතීන් ගැන ලිඛිතව දැනුම් දෙන්න - කථානායක රන්ජන් රාමනායකට දැනුම් දෙයි | මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමතීන්ගේ නම් කථානායක ඉල්ලයි | COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ ගැන ලිඛිතව දැනුම් දෙන ලෙස කථානායක කරු ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබේ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, රන්ජන් රාමනායක මහතා මේ බව කථානායකවරයාට ඊයේ දුරකතනයෙන් දැනුම් දී ඇති නමුත් එය ... |
2019-02-19T05:58:23.000Z | මැණික් හා දියමන්ති කොල්ලයට සම්බන්ධ මාකදුරේ මධුෂ්ගේ තවත් සගයෙක් අත්අඩංගුවට | මාකදුරේ මධුෂ්ගේ තවත් සගයෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - මාකදුරේ මධුෂ්ගේ සහයකයෙකු බව කියන කසුන් ධනංජය නොහොත්, වෙඩිකන්දේ කසුන් නමැත්තා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කිරිබත්ගොඩ වෙඩිකන්ද ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ය. පොලීසිය සඳහන් කළේ, මොහු 2018 වසරේ නොවැම්බර් 05 වන දින මහරගම පන්නිපිටිය ප්‍රදෙ... |
2019-02-19T05:39:53.000Z | රයිනා දින 7ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර | රයිනා රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර | COLOMBO (News 1st) - කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන දිසානායක චනිදු චනිල්ක සංකල්ප නොහොත් රයිනා නමැති සැකකරු දින 7ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ. ඒ, සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් ... |
2019-02-19T01:30:30.000Z | තවත් වේගපන්දු යවන්නෙක් ආබාධයට ලක්වෙයි | තවත් වේගපන්දු යවන්නෙක් ආබාධයට ලක්වෙයි | COLOMBO (News 1st) : දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්නට එම තරගාවලිය අහිමි වී තිබේ. ඒ ඔහු අබාධයකට ලක්වීම හේතුවෙනි. ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් වන ළහිරු කුමාර සහා දුෂ්මන්ත චමීරගේ ආබාධ තත්ත්වය හේතුවෙන් චාමික කරුණාරත්නට ඕස්ට්‍රේලියානු ... |
2019-02-19T01:21:27.000Z | සුපිරි සඳක් දැකබලා ගැනීමේ අවස්ථාව අද | සුපිරි සඳක් දැකබලා ගැනීමේ අවස්ථාව අද | COLOMBO (News 1st) : අද මෙරට ජනතාවට සුපිරි සඳක් දැකබලා ගැනීමේ අවස්ථාව හිමිවන බව තාරකා විද්‍යාඥයෝ පවසති. කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ අද දිනයේ සඳ වෙනත් දිනවලට සාපේක්ෂව 6% ක් විශාලත්වයෙන් හා 14% ක් දීප්තියෙන් දිස්වන බවයි. ලබන 14 වැනිදා ඉතාම කුඩා හඳක් බලා ගැ... |
2019-02-19T00:44:48.000Z | ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ IP කපිල රක්ෂිත බන්ධනාගාරයට | ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ IP කපිල රිමාන්ඩ් | COLOMBO (News 1st) : ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා මහතා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකාර පොලිස් පරීක්ෂකවරයා ගාල්ල මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. රත්ගම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙ... |
2019-02-19T00:00:19.000Z | උප්පැන්න සහතිකය අලුත් වෙයි | උප්පැන්න සහතිකය අලුත් වෙයි | COLOMBO (News 1st) : ජාත්‍යන්තර ප්‍රමිතියට යටත්ව භාෂා ත‍්‍රිත්වයම ඇතුළත් වන පරිදි උප්පැන්න සහතික නිකුත් කිරීමට රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. රෙජිස්ට‍්‍රාර් ජනරාල් චතුර විතාන මහතා ප්‍රකාශ කළේ, එම කටයුතු ලබන අප්‍රේල් මාසය තුළ ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවයි. නිකුත් කීරිමට නියමිත නව උප්පැන්... |
2019-02-18T22:52:41.000Z | තරුණ යුවළක් වැවක ගිලී මියයයි | තරුණ යුවළක් වැවක ගිලී මියයයි | COLOMBO (News 1st) : නවගත්තේගම ප්‍රදේශයේ වැවක ගිලීමෙන් තරුණ යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු සහ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණියකි. ඔවුන් දෙදෙනා දෙමව්පිය විරෝධය මැද විවාහ වී නවගත්තේගම ප්‍රදේශයේ පදිංචියට ගොස් සිට තිබේ. ඊයේ ... |
2019-02-18T22:23:56.000Z | පොලීසියට අපහාස කළ තරුණයෙක් පිටිගලදී අත්අඩංගුවට | පොලීසියට අපහාස කළ තරුණයෙක් පිටිගලදී අත්අඩංගුවට | COLOMBO (News 1st) : පොලීසියට අපහාස වන අයුරින් Facebook සාමජ ජාලය හරහා ප්‍රකාශ පළ කළ පුද්ගලයෙකු පිටිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නාරන්ඕවිට පොරවගම ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 22 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් පිටිගල පොලීසියට මෙන්ම සමස්ත ශ්‍රී ලංකා පොලීසි... |
2019-02-18T21:07:43.000Z | ජම්මු කාශ්මීර ප්‍රහාරයේ මහ මොළකරු ඝාතනය කෙරේ | ජම්මු කාශ්මීර ප්‍රහාරයේ මහ මොළකරු ඝාතනය කෙරේ | COLOMBO (News 1st) : ඉන්දීය සෙබළුන් 40 කට වැඩි පිරිසක් ඝාතනය කරමින් ජම්මු කාශ්මීරයේ පුලවාමා ප්‍රදේශයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු ඝාතනය කිරීමට ඉන්දීය හමුදාව සමත්වී තිබේ. ඉන්දීය හමුදාව සඳහන් කළේ, පැය 12 ක කාලයක් පැවති දැවැන්ත මෙහෙයුමකින් පසුව ජයිශ් ඒ මොහොමඩ් නමැති පකිස... |
2019-02-18T20:29:45.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) : දේශීය පුවත් 1. රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන්වීමේ සිද්ධියට සැකපිට පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට : ගාල්ල, රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළව පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 2. වේල්ල වීදියේ වෙඩි තැබීමට ... |
2019-02-18T20:10:40.000Z | දෙවන ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීම කඩිනම් වෙයි | දෙවන ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීම කඩිනම් වෙයි | COLOMBO (News 1st) : බරපතළ මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවන ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය කොළඹ මහාධිකරණ ශාලා අංක 1හි පිහිටුවීමට තීරණය කර තිබේ. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව ඉතා ඉක්මනින් දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීමට පියවර ගන්නා බවයි. දෙවන ස්ථීර ත්‍රිපුද්ගල විශේෂ ... |
2019-02-18T19:59:33.000Z | නවම් පුර පසළොස්වක පොහොය අදයි | නවම් පුර පසළොස්වක පොහොය අදයි | COLOMBO (News 1st) : සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී වූ සිද්ධීන් රැසක් සිදුවූ නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. අනන්ත සංසාරයේ පාරමී පිරූ සැරියුත් මහ රහතන් වහන්සේ හා මුගලන් මහ රහතන් වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවේ අද වැනි නවම් පුර පසළොස්වක පොහෝ දිනකදීයි. එහිදී සැරියුත් මහ රහතන් වහන්සේට ප්‍රඥාවන්තයින් අතර අග්‍ර... |
2019-02-18T11:07:21.000Z | වේල්ල වීදියේ වෙඩි තැබීමට සැකපිට 'රයිනා' STF අත්අඩංගුවට | වේල්ල වීදියේ වෙඩි තැබීම: 'රයිනා' STF අත්අඩංගුවට | COLOMBO (News 1st) - කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයේදී ඊයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙසෙල්ව... |
2019-02-18T10:13:09.000Z | සෞදි රජු පාකිස්ථානයේ ඩොලර් බිලියන 20 ක වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් තබයි...! | සෞදිය පාකිස්ථානය සමග වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් තබයි | පාකිස්ථානය සමග අමෙරිකානු ඩොලර් බිලියන 20 ක් වටිනා වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ බව සෞදි අරාබිය පවසයි. මෙම ගිවිසුම්වලට එළැඹ ඇත්තේ, සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ පාකිස්ථාන සංචාරය අතරතුරය. පාකිස්ථානයට පැමිණි සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අගමැති ඉම්රාන් ඛාන් විසින් පිළිගනු ලැබ... |
2019-02-18T09:38:50.000Z | රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන්වීමේ සිද්ධියට සැකපිට පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට | රත්ගම අතුරුදන්වීම: පොලිස් පරීක්ෂකවරයෙක් CID භාරයට | COLOMBO (News 1st) - ගාල්ල, රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළව පොලිස් පරීක්ෂකවරයෙකු අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මංජුල අසේල හා රෂීන් චින්තක නමැති ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන්වී අදට දින 26 ක් ගත වනු ඇත. ඔවුන් පැහැරගැනුනේ මංජුල අසේල නැම... |
2019-02-18T08:30:38.000Z | කටුගස්තොට මංසන්ධියේ වූ ත්‍රිරෝද රථ අනතුරින් දෙදරු පියෙක් මරුට... (CCTV) | කටුගස්තොට මංසන්ධියේ ත්‍රිරෝද රථ අනතුරක් (CCTV) | COLOMBO (News 1st) - අද පෙරවරුවේ කටුගස්තොට මංසන්ධියේ සිදු වූ රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙකු මිය ගොස් තිබේ. කටුගස්තොට සිට මහනුවර දෙසට ධාවනය වූ මෙම ත්‍රිරෝද රථය ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ජීප් රථයක ගැටුණේ කටුගස්තොට මංසන්ධියේදීයි. පසුව ත්‍රිරෝද රථයේ රියැදුරු අසළ ඇති පදික වේදිකාවේ බිම හිඳගත්තේ ය... |
2019-02-18T07:33:01.000Z | මේ දේශපාලය කියන්නේ මොකක් ද? | මේ දේශපාලය කියන්නේ මොකක් ද? | COLOMBO (News 1st) - හෝමාගම පැවැති ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඊයේ පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් පළ කර තිබේ. ජනතා විමුක්ති පෙරමුනේ නායක, අනුර කුමාර දිසානායක රවී කරුණානායකට රනිල් වික්‍රමසිංහ බයයි. රවී කට ඇරියොත් දන්නවා බැඳුම්කරයේ අලගිය මුලගිය තැන් රනිල් වික්‍රමසිංහගේ. ඒ නි... |
2019-02-18T07:09:10.000Z | මාරවිල මාරක අනතුර සිදු කළ බස් රථයේ රියැදුරු අත්අඩංගුවට | මාරවිල අනතුර සිදු කළ බස් රථයේ රියැදුරු අත්අඩංගුවට | COLOMBO (News 1st) - පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවමින් මාරවිල මහවැව සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හලාවත මහවැව ප්‍රදේශයේදී අනතුරට ලක් වූ අතර ඉන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 19 කි. බස් රථය රියැදුරුට පාලනය කර ගැනීමට නොහැක... |
2019-02-18T06:44:04.000Z | ගංගාරාම විහාරයේ නවම් පෙරහැර හේතුවෙන් රථ වාහන සැලැස්මක් | නවම් පෙරහැර හේතුවෙන් කොළඹ රථ වාහන සැලැස්මක් | COLOMBO (News 1st) - අද රාත්‍රි 7.00 සිට සර් ජේම්ස් පීරිස් මාවත, කොම්පඤ්ඤවීදිය වටරවුමේ සිට පිත්තල මංසන්ධිය දක්වා රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසයි. ඒ, ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන නවම් පෙරහැර හේතුවෙනි. පෙරහැර අවසන් වන තුරු රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති. එම කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසි... |
2019-02-18T06:31:49.000Z | රුපියල් මිලියන 45 ක තීරු බදු වංචා කළ පුද්ගලයා රිමාන්ඩ් | රුපියල් මිලියන 45 ක තීරු බදු වංචා කළ අයට වැඩ වරදී | COLOMBO (News 1st) - රුපියල් මිලියන 57 ක වටිනාකමින් යුතු බීඩි කොළ තොගයක් මෙරටට ගෙන්වා රුපියල් මිලියන 45 ක තීරු බදු ගාස්තු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුර... |
2019-02-18T04:31:11.000Z | ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් කහටගස්දිගිලියේ විරෝධතාවක | ගලෙන්බිඳුණුවැව ගුරුවරුන් විරෝධතාවක... | COLOMBO (News 1st) - අනුරාධපුරය, ගලෙන්බිඳුණුවැව අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් අද පස්වරුවේ කහටගස්දිගිලිය නගරයේ විරෝධතාවක නිරත විය. ඒ, කුරුණෑගල ප්‍රදේශයේ ගුරුවරියකට සිර දඬුවම් නියම කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හා ගුරුවන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්නැයි රජයට බල කරමිනි. පාසල් සිසුවෙකුට පහරදීමට වරදකරු වූ පාසල් ගුරුවරියකට ... |
2019-02-18T02:37:01.000Z | පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයි ලු | පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයි ලු | COLOMBO (News 1st) : පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය ඖෂධවල බරපතළ හිඟයක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජීත් සොයිසා මහතා ඒ බව පැවසුවේ ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමිනි. |
2019-02-18T01:19:31.000Z | කෙසෙල්වත්තේ වෙඩි තැබීම ගැන තොරතුරු හෙළිවෙයි | කෙසෙල්වත්තේ වෙඩි තැබීම ගැන තොරතුරු හෙළිවෙයි | COLOMBO (News 1st) : කොළඹ, කෙසෙල්වත්ත වේල්ලවීදිය ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසීය හා කොළඹ අපරාධ කෙට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, තුවාල ලැබූ පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවයි. ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි... |
2019-02-18T00:06:53.000Z | කටුනායක ගුවන්තොටුපොළේදී ඉන්දීය ජාතිකයෙක් හදිසියේ ම මියයයි | කටුනායක ගුවන්තොටුපොළේදී ඉන්දීය ජාතිකයෙක් මියයයි | COLOMBO (News 1st): කටුනායක ගුවන් තොටුපොළේදී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දීය ජාතිකයෙකු මියගොස් තිබේ. අද අලුයම එලෙස මියගොස් ඇත්තේ, ඉන්දියාව බලා යාමට ගුවන් තොටුපළට පැමිණි 52 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකි. අද අලුයම ඉන්දියාව බලා යාමට කටුනායක ගුවන් තොටුපොළේ පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ ඔහු ඇ... |
2019-02-17T21:59:32.000Z | දියවන්නා ඔයේ මළ සිරුරක් | දියවන්නා ඔයේ මළ සිරුරක් | COLOMBO (News 1st) : පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබේ. පොලීසිය පැවසුවේ, වයස අවුරුදු 50 ක පමණ කාන්තාවකගේ මළ සිරුරක් එලෙස සොයා ගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. |
2019-02-17T21:19:08.000Z | ක්‍රිස් ගේල් එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි | ක්‍රිස් ගේල් එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි | COLOMBO (News 1st) : බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. එළැඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. 1999 වසරේ දී එක්දින වරම් හිම... |
2019-02-17T20:07:23.000Z | පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව 20 වෙනිදා සභාගත වෙයි | පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව 20 වෙනිදා සභාගත වෙයි | COLOMBO (News 1st) : පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සකස් කළ විමර්ශන වාර්තාව ලබන 20 වන දා සභාගත කරන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි. එම ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක බවද නියෝජ්‍ය කතානායකවරයා පැවසී ය. පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පසුගිය න... |
2019-02-17T19:25:36.000Z | JUST IN : මාරවිල මාරක අනතුරක් : තිදෙනෙක් මරුට, 20කට තුවාල | මාරවිල මාරක අනතුරක් : සිව් දෙනෙක් මරුට, 20කට තුවාල | COLOMBO (News 1st) : අද අලුයම 4 යි 30ට පමණ මාරවිල, මහවැවදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබේ. වවුනියාව සිට කොළඹ බලා පැමිණි පෞද්ගලික බස්රථයක් පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැවදී විදුලි ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 19 දෙනෙකු මාරවිල රෝහලට... |
2019-02-17T09:01:28.000Z | කෙසෙල්වත්ත, වේල්ල වීදියේ වෙඩි තැබීමක්... | කෙසෙල්වත්ත, වේල්ල වීදියේ වෙඩි තැබීමක්... | COLOMBO (News 1st) : කෙසෙල්වත්ත වේල්ලවීදිය ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද රාත්‍රී 7.05 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකි. ... |
2019-02-17T07:09:24.000Z | අත්අඩංගුවේ සිටින මධුෂ් ඇතුළු පිරිස පිළිබඳ විමර්ශන CIDයට | නීතිඥ උදුල් අත්අඩංගුවේ සිටින අමල් පෙරේරා හමුවෙයි | COLOMBO (News 1st) : ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිටින ප්‍රබල පාතාල කල්ලි සමාජිකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධ විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. ප්‍රබල පතාල කල්ලි සමාජිකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස ඩුබායි පොලිස් අත්අඩංගුවට... |
2019-02-17T06:18:51.000Z | පාළාත් 5කට ඉදිරි පැය කිහිපයේ තද වැසි.. | පාළාත් 5කට ඉදිරි පැය කිහිපයේ තද වැසි.. | COLOMBO (News 1st) : සබරගමුව, දකුණු, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ඉදිරි පැය කිහිපය තුළ ප්‍රබල අකුණු සමග ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව ප්‍රබල අකුණු සහ අනතුරු ඇඟවීම් පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ගිඟුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70-80 දක්... |
2019-02-17T04:37:59.000Z | 'සුදු හකුරු සුමිත්' ඝාතනයේ සැකකරුවන් 3ක් අත්අඩංගුවට | 'සුදු හකුරු සුමිත්' ඝාතනයේ සැකකරුවන් 3ක් අත්අඩංගුව | COLOMBO (News 1st) : තණමල්විල නගරයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු තණමල්විල කුමාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 10 වන දා දහවල් 12.20ට පමණ තණමල්විල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමෙන් සුදු හකුරු සුමිත් නොහොත් වසන්ත නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තවත් 22 හ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.