date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2019-02-11T02:07:33.000Z
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිදී
අතිඋත්කර්ෂවත් ග්‍රැමී සම්මාන උලෙළ ලොස් ඇන්ජලීස්හිද
61 වැනි ග්‍රැමී සම්මාන උලෙළ අද අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර සම්මාන උළෙලේ හොඳම පොප් ඇල්බමයට හිමි සම්මානය දිනා ගත්තේ සුපිරි පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේ ය. ස්වීට්නර් නමැති ගීත ඇල්බමය වෙනුවෙන් හිමි වූ මෙය, ඇය දිනාගත් ප්‍රථම ග්‍රැමී සම්මානයයි. මෙවර ග්‍රැමී සම්මාන උළෙලේ රූප මාධ්...
2019-02-11T00:46:38.000Z
ගෝඨාභයගේ විරෝධතාව විශේෂ මහාධිකරණය ඉවත දමයි
ගෝඨාභයගේ විරෝධතාව විශේෂ මහාධිකරණය ඉවත දමයි
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විභාග කර අවසන් කිරීමට විශේෂ මහාධිකරණයට නීතිමය බලයක් නොමැති බව පෙන්වා දෙමින් ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥයින් ගොනු කළ විරෝධතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. ඒ, විත්තියේ නීතිඥයින් ඉදිරිපත් කළ ...
2019-02-10T23:03:11.000Z
'සුදු හකුරු සුමිත්'ගේ ඝාතකයින් තවමත් නිදැල්ලේ
'සුදු හකුරු සුමිත්'ගේ ඝාතකයින් තවමත් නිදැල්ලේ
COLOMBO (News 1st) : තණමල්විල ප්‍රදේශයේදී ඊයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොමු කර තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීම සිදුකරන ආකාරය දැක්වෙන CCTV දර්ශන උපයෝගී කර ගනිමින් විමර්ශන ක්‍රියාත්මක බවයි. තණමල්විල ප්‍රදේශයේදී ඊයේ දහවල් 12.20 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් 'සුද...
2019-02-10T22:35:28.000Z
ට්‍රම්ප්ගේ දේශ සීමා පවුරේ සාකච්ඡා යළි අසාර්ථකයි
ට්‍රම්ප්ගේ දේශ සීමා පවුරේ සාකච්ඡා යළි අසාර්ථකයි
COLOMBO (News 1st) : මෙක්සිකෝව අමෙරිකාවෙන් වෙන්කර ඉදිකිරීමට නියමිත පවුරට අයවැයෙන් ආධාර වෙන්කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ජා යළිත් වරක් අසාර්ථක වී තිබේ. ඒ , ඩිමොක්‍රැටික් සහ රිපබ්ලිකන් පාක්ෂික මන්ත්‍රීවරුන් අතර අනවසර සංක්‍රමණිකයන් රැඳවුම් කඳවුරුවල තබාගැනීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මතගැටුමක් හටගැනීම හමුවේයි. මේ හෙ...
2019-02-10T22:05:29.000Z
ලීග් රග්බි තරගාවලියෙන් නාවික හමුදා කණ්ඩායමට තියුණු ජයක්
ලීග් රග්බි තරගාවලියේ ජය නාවික හමුදාවට
COLOMBO (News 1st) : අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදා කණ්ඩායම සමග පැවැති තරගයෙන් නාවික හමුදා කණ්ඩායම තියුණු ජයක් වාර්තා කළේ ය. වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරග ආරම්භයේදී ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියෙන් පසුවිය. ඔවුන් එම අර්ධයේදී ලකුණු 6ක් රැස් කළ අතර නාවික හමුදා කණ්ඩායමට එම අර්ධයේදී රැස් ක...
2019-02-10T20:32:48.000Z
"විදුලි සෝපානය අක්‍රියවීම කඩාකප්පල් ක්‍රියාවක් නොවෙයි"
විදුලි සෝපානය අක්‍රියවීම ගැන තවදුරටත් විමර්ශන
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් හදිසියේ අක්‍රීය වීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, විදුලි සෝපානය හදිසියේ අක්‍රීය වීමට සම්බන්ධයෙන්, තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. තව ද විදුලි සෝපානය අ...
2019-02-10T20:10:05.000Z
එල්ලුම් ගහේ කටයුතු කඩිනම් වෙයි
එල්ලුම් ගහේ කටයුතු කඩිනම් වෙයි
COLOMBO (News 1st) : එල්ලුම් ගහ සඳහා භාවිත කිරීමට නියමිත කඹය ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය වෙත යොමු කර තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, 2015 වසරේදී පාකිස්ථානයෙන් ගෙන්වා ඇති එම කඹය මරණ දඬුවම ලබාදීම සඳහා යොදා ගැනීමට සුදුසු ද යන්න පරීක්ෂා කරීම සඳහා එලෙස ප්‍රමිති කාර්යංශයට යොමු කළ බවයි. එම කඹයේ ප්‍රමිතියෙහ...
2019-02-10T19:50:51.000Z
වෙනස් වන තෙල් මිල ගණන් අද ප්‍රකාශට පත් කෙරේ
වෙනස් වන තෙල් මිල ගණන් අද ප්‍රකාශට පත් කෙරේ
COLOMBO (News 1st) : ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සුත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් අද ප්‍රකාශයට පත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාශය සඳහන් කළේ, මිල සුත්‍රයට අදාළ කමිටුව අද පස්වරුවේ රැස්වන බවයි. ජනවාරි මාසයේ ඉන්ධන මිල පහළ දැමු අවස්ථාව වන විට ද සිංගප්පුරු බ්‍රෙන්ට් වෙළදපොළේ බොරතෙල්...
2019-02-10T19:16:27.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත්... 1. කුඩු සමග ඇල්ලූ ‘සිරිගම්පොළ ඕලූමරා’ රිමාන්ඩ් : හෙරොයින් සමග අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශානක මධුශංක හෙවත් සිරිගම්පොළ ඕලූමරා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 2. මධුෂ්ගේ තවත් ගෝලයෙක් සූරියවැවේදී අත්අඩංගුවට : මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු සූරියව...
2019-02-10T09:40:17.000Z
ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන චාරිකාව සාර්ථකව අවසන්
ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන චාරිකාව සාර්ථකව අවසන්
COLOMBO (News 1st): මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම වෙනුවෙන් රූපවාහිනි නාලිකාවක් විසින් සංවිධානය කරනු ලබන ස්පෝර්ට්ස් ෆස්ට් - අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලෙහි ප්‍රවර්ධන චාරිකාව නුගේගොඩ අනුලා විද්‍යාලයේදී අද නිමාවට පත් විය. 2017 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම...
2019-02-10T07:25:19.000Z
කුඩු සමග ඇල්ලූ 'සිරිගම්පොළ ඕලූමරා' රිමාන්ඩ්
කුඩු සමග ඇල්ලූ 'සිරිගම්පොළ ඕලූමරා' රිමාන්ඩ්
COLOMBO (News 1st) : හෙරොයින් සමග අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශානක මධුශංක හෙවත් සිරිගම්පොළ ඕලූමරා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඔහු සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 11 දෙනා ඇප මත මුදා හැර තිබේ. හෙරොයින් ග්‍රෑම් 2 යි මිලි...
2019-02-10T06:40:33.000Z
මධුෂ්ගේ තවත් ගෝලයෙක් සූරියවැවේදී අත්අඩංගුවට
මධුෂ්ගේ තවත් ගෝලයෙක් සූරියවැවේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) : මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු සූරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ කළ වැටලීමකදීයි. 23 හැවිරිදි සැකකරු සන්තකයේ තිබී ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉද...
2019-02-10T05:21:12.000Z
දුම්වැටි සමග කටුනායකදී 5දෙනෙක් රේගු දැලේ
දුම්වැටි සමග කටුනායකදී 5දෙනෙක් රේගු දැලේ
COLOMBO (News 1st) : එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 5 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, සැකකරුවන් සතුව තිබී රුපියල් 3146000ක් වටිනා දුම්වැටි කාටුන් 286 ක් සොයාගත් බවයි. දුම්ව...
2019-02-10T04:31:33.000Z
මධුෂ්ට රට පනින්න සහය දුන් 'ශිවා' සොයා විමර්ශන
මධුෂ්ට රට පනින්න සහය දුන් 'ශිවා' සොයා විමර්ශන
COLOMBO (News 1st) : ඩුබාහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ට විදේශගත වීමට සහය දුන් බව කියන 'ශිවා' නමැති සැකකරුවෙකු සොයා විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, ඊයේ රාත්‍රියේ කොච්චිකඩේ ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක් ද පරීක්ෂාවට ලක්කළ බවයි. කෙසේ වෙතත් එම අවස්ථාවේ සැකකරු එහි සිට නොමැත. මෙම පුද්...
2019-02-10T04:06:38.000Z
තණමල්විලදී 'සුදු හකුරු සුමිත්' වෙඩි තබා ඝාතනය කෙරේ
තණමල්විලදී 'සුදු හකුරු සුමිත්' වෙඩි තබා ඝාතනය කෙරේ
COLOMBO (News 1st) : තණමල්විල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබී ය. පොලීසිය පැවසුවේ, අද දහවල් 12.20 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් සුදු හකුරු සුමිත් හෙවත් වසන්ත නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි. සිද්ධියෙන් තුවාල ලැබූ 22 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා හම්බන්තො...
2019-02-10T01:20:25.000Z
මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් අද ඩුබායි අධිකරණයට
මාකඳුරේ මධුෂ් අද ඩුබායි අධිකරණයට
COLOMBO (News 1st) - ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 40 දෙනෙකු අද ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවේ. පොලීසිය පැවසූවේ, අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් 31 දෙනෙකුගේ රුධිර සම්පලවල මත්ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වී ඇති බවය...
2019-02-10T01:08:24.000Z
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අන්දරේවත්තේ චාමර ග්‍රෑන්ඩ්පාස්වලදී STF අත්අඩංගුවට
අන්දරේවත්තේ චාමර ග්‍රෑන්ඩ්පාස්වලදී STF අත්අඩංගුවට
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අන්දරේවත්තේ චාමර නැමැත්තා අද අලුයම ග්‍රෑන්ඩ්පාස්, මහවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අත්අංඩගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබි ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් සොයාගත් බවයි. සැකකරු බන්ධනාගාරගතව සි...
2019-02-10T00:46:53.000Z
කරීනා කපූර් සහ අක්ෂේ කුමාර්ගේ Good News එක
කරීනා කපූර් සහ අක්ෂේ කුමාර්ගේ Good News එක
ජනප්‍රිය ඉන්දීය නළු නිළි යුවළක් වන කරීනා කපූර් සහ අක්ෂේ කුමාර් රිදී තිරයේ පෙම්වතුන්වීමට සූදානම් වෙති. ඒ, දිල්ජිත් ඩොසන්ජිගේ ගුඩ් නිව්ස් සිනමා පටය වෙනුවෙනි. එහි රූගත කිරීම් ලබන ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට නියමිත වේ. ලබන වසරේ සිනමා පටය තිරගත කිරීම තම අපේක්ෂාව බව නිෂ්පාදක කණ්ඩායම පවසයි.
2019-02-09T23:56:02.000Z
ලොකු ලූණු ආනයනය සීමා කිරීමට පියවර
ලොකු ලූණු ආනයනය සීමා කිරීමට පියවර
COLOMBO (News 1st) - ලබන මාර්තු මාසයේ සිට ලොකු ලූණු ආනයනය සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, දේශීය ලොකු ලූණු නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සහ අළෙවි පහසුකම් සලසන බවයි. ලොකු ලූණු ආනයනය කරන සමාගම් සඳහා කෝටා ක්‍රමයක් හඳුන්වාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමුවී තිබේ.
2019-02-09T22:37:09.000Z
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඕලුමරා ඇතුළු 11 දෙනෙකු වෙන්නප්පුවේදී අත්අඩංගුවට
ඕලුමරා ඇතුළු 11 දෙනෙක් වෙන්නප්පුවේදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශානක මධුශංක හෙවත් ඕලුමරා හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 300 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුගෙන් හෙරොයින් මිලදී ගැනීමට පැමිණි සිටි සැකකරුවන් 11 දෙනෙක් ද අත්අඩංගුවට ගත් බවයි. ඒ, ඊයේ රාත්‍රී කිරිමැටියානවත්ත, ලුණුවිල ප්‍රදේශයේ නිවසකදී ය. ඕල...
2019-02-09T22:08:49.000Z
කොළොන්න සහ පනාමුරේ බිඳ වැටී ඇති විදුලිය සැපයුම යථා තත්ත්වය පත් කිරීම ඇරඹේ
පනාමුරේ විදුලිය සැපයුම යථා තත්ත්වය පත් කිරීම ඇරඹේ
COLOMBO (News 1st) - කොළොන්න සහ පනාමුරේ ප්‍රදේශයේ බිඳ වැටී ඇති විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදා ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, ඊයේ ඇද හැළුණු අධික වර්ෂාවත් සමග අදාළ ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම් වාර්තා වූ බවයි.
2019-02-09T21:07:47.000Z
එළිසබෙත් වොරන් සිය මැතිවරණ සටන අරඹයි
එළිසබෙත් වොරන් සිය මැතිවරණ සටන අරඹයි
ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා එළිසබෙත් වොරන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි සිය මැතිවරණ ව්‍යාපාරය එළිදක්වා තිබේ. ඇය, 2020 අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රබල අපේක්ෂිකාවකි. එළිසබෙත් වොරන් වේදිකාවට පැමිණීමට පෙර ජනපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් විරෝධතාවක ද නිරත විය. කෙසේ වෙතත් සිය මැතිවරණය ව්‍යාපා...
2019-02-09T20:44:42.000Z
මන්නාරම ද්‍රෝණියේ ස්වභාවික වායු ගවේෂණය සඳහා ටෙන්ඩර් කැඳවයි
මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ ගවේෂණයට ටෙන්ඩර් කැඳවෙයි
COLOMBO (News 1st) - මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ සම්පත් ගවේෂණය සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි ඛනිජ තෙල් සම්පත් ලේකම් කාර්යාලය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා සඳහන් කළේ, එහි ස්වභාවික වායු නිධි දෙකක් හඳුනාගෙන ඇති බවයි. ඊට අමතරව ලංකා ද්‍රෝණියේ ද ඛනිජ සම්පත් ගවේෂණය සම්බන්ධයෙන් ලබන අප්‍රේල් මාසයේදී දත්ත විශ්ලෙ...
2019-02-09T20:26:14.000Z
විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් නව වාර්තාවක් - සුනිල් හඳුන්නෙත්ති
විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් නව වාර්තාවක්...
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් නව වාර්තාවක් සකස් කරන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ සිරස FM ඔස්සේ විකාශය වූ රේඩියෝ සටන සජීවි සංවාදයට එක්වෙමිනි. මේ අතර, කෝප් කමිටු වාර්තාවෙන් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් අදාළ අමාත්...
2019-02-09T20:16:06.000Z
නීති විරෝධි මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන් තුරන් කිරීමට ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්
මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්
COLOMBO (News 1st) - යම් ප්‍රදේශයක නීති විරෝධි මත්පැන් තිබී හමුවුවහොත් එහි වගකීම අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා සහ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා භාරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොළොන්නරුව නව නගරයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, ලබන සතියේ ඊට අදාළ චක්‍ර ලේඛයක්...
2019-02-09T20:07:02.000Z
'සේනා' මර්දනය පිළිබඳව කෘෂි බලධාරීන් අද විශේෂ සාකච්ඡාවක
'සේනා' මර්දනය පිළිබඳව කෘෂි බලධාරීන් අද සාකච්ඡාවක
COLOMBO (News 1st) - සේනා දළඹු මර්දනය පිළිබඳ ඉදිරි කටයුතු සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වේ. ඒ, ගන්නෝරුව ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදීයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එම්. ඩබ්ලිව් වීරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවේදී ප්‍රාදේශීය මට්ටමින් සේනා...
2019-02-09T19:42:23.000Z
අද ත් ප්‍රදේශ රැසකට තද වැසි...
අද ත් ප්‍රදේශ රැසකට තද වැසි...
COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට අද ත් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යා ශානිකා පියුමලී දිසානායක මෙනවිය සඳහන් කළේ, අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි. දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉදිරි දින කිහිපයේ ඉහළ ය...
2019-02-09T19:28:01.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. කාටවත් බලෙන් ජනාධිපති ඡන්දය තියන්න බැහැ, ඡන්දය තියනවා නම් තියන්න පුළුවන් මට විතරයි – ජනපති: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව පොළොන්නරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. එහිදී කාටවත් බලෙන් ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බවත් ඡන්දයක් පවත්වනවා නම්...
2019-02-09T09:47:33.000Z
කාටවත් බලෙන් ජනාධිපති ඡන්දය තියන්න බැහැ, ඡන්දය තියනවා නම් තියන්න පුළුවන් මට විතරයි - ජනපති
"කාටවත් බලෙන් ජනාධිපති ඡන්දය තියන්න බැහැ"
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අද පොළොන්නරුවේදී පැවැත්විණි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. කාටවත් බලෙන් ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකි බවත් ඡන්දයක් පවත්වනවා නම් එය තමාට පමණක් කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ය. ජනාධිපතිවරයා එහිදී පැ...
2019-02-09T09:36:00.000Z
ඉන්දු - ශ්‍රී ලංකා පළුදු වූ හොඳ හිත වර්ධනයට විපක්ෂ නායක ඉන්දියාවේදී ඉදිරිපත් කළ යෝජනාව...
විපක්ෂ නායක ඉන්දියාවේදී ඉදිරිපත් කළ යෝජනාව...
COLOMBO (News 1st) - ඉන්දීය සංචාරයක නිරත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද ඉන්දියාවේ ද හින්දු පුවත්පත සංවිධාන කළ සමුළුවක් ඇමතුවේ ය. ඒ, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අනාගත සබඳතා මූලික කර ගෙන ය. ඉන්දියාවේ බැංගොලෝර්හිදී අද ආරම්භ වූ සමුළුවේ අවසන් දිනය හෙටයි.
2019-02-09T06:13:34.000Z
දිවයින පුරා ක්‍රියාත්මක කළ පොලිස් විශේෂ මෙහෙයුමකින් 3876ක් අත්අඩංගුවට
පොලිස් විශේෂ මෙහෙයුමකින් 3876ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 950 දෙනෙකු ඇතුළු සැකකරුවන් 3876ක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, බීමත් රියැදුරන් 950 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය. හෙරොයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත...
2019-02-09T06:07:14.000Z
අද රාත්‍රී 9.00 සිට කොළඹ ප්‍රදේශ රැසකට ජලය කැපේ
අද රාත්‍රී 9.00 සිට කොළඹ ප්‍රදේශ රැසකට ජලය කැපේ
COLOMBO (News 1st) - අද රාත්‍රී 9.00 සිට පැය 18ක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ, කොටුව, කොටහේන, ග්‍රෑන්ඩ්පාස් හා මට්ටක්කුලිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන ...
2019-02-09T04:54:53.000Z
රංගන ශිල්පී රයන් වැන්ගේ මෝටර් රථය පොලිස් භාරයට
රංගන ශිල්පී රයන් වැන්ගේ මෝටර් රථය පොලිස් භාරයට
COLOMBO (News 1st) - පාතාල කල්ලි නායක මකදුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන් රෝවෙන් මහතා භාවිත කළ මෝටර් රථයක් පොලීසිය භාරයට ගෙන තිබේ. ඒ, වැලිගම පොලීසිය අද පෙරවරුවේ මිරිස්ස, උඩුපිල ප්‍රදේශයේ හෝටලයක කළ වැටලීමකදී ය. මධුෂ් සමග අත්අඩංගුවට පත් වූ අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් සන් ෂ...
2019-02-09T02:31:59.000Z
අහුංගල්ලේ පාසල් භූමියකින් ජීව අත්බෝම්බයක් මතුවෙයි
අහුංගල්ලේ පාසල් භූමියකින් ජීව අත්බෝම්බයක් මතුවෙයි
COLOMBO (News 1st) - අහුංගල්ල රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රීඩාංගණය ආසන්නයේ වලදමා තිබූ ජීව අත්බෝම්බයක් ඊයේ පස්වරුවේ නිෂ්ක්‍රීය කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, එම විද්‍යාලයේ තාප්පයක් ඉදිකිරීම සඳහා කානුවක් කපමින් සිටි දෙමාපියන් පිරිසකට අදාළ ජීව අත්බෝම්බය හමුව ඇති බවයි. ඔවුන් ඒ පිළිබඳව අහුංගල්ල පොලීසිය දැනුවත් කළේ ය....
2019-02-09T02:15:17.000Z
ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැවැන්ත මූල්‍ය අර්බුධයක
ජලපවාහන මණ්ඩලය දැවැන්ත මූල්‍ය අර්බුධයක
COLOMBO (News 1st) - ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය මේ වන විට දැවැන්ත මූල්‍ය අර්බුධයකට මුහුණ පා ඇතැයි වෘත්තිය සමිති චෝදනා කරයි. ජල සම්පාදන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, වසර ගණනාවක සිට ජල සම්පාදන මණ්ඩල විවිධ ව්‍යාපෘති සඳහා බව පවසමින් ණය ලබා ගැනීම හේතුවෙන් මේ තත්ත්වය මතු ව ඇති බ...
2019-02-09T01:21:39.000Z
ගිනිඅවි 2 ක් සමග සැකකරුවන් තිදෙනෙකු මාතරදී අත්අඩංගුවට
ගිනිඅවි 2 ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් සමග සැකකරුවන් තිදෙනෙකු මාතරදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, බෙලිඅත්ත, හම්බන්තොට හා පාලටුව ප්‍රදේශයේ පදිංචි 29, 34 හා 83 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2019-02-09T00:57:53.000Z
මධුෂ්ගේ අනියම් බිරිඳගේ මෝටර් රථය පාදුක්කේදී පොලිස් භාරයට
මධුෂ්ගේ අනියම් බිරිඳගේ මෝටර් රථය පොලිස් භාරයට
COLOMBO (News 1st) - ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳට අයත් බව කියන මෝටර් රථයක් පාදුක්ක පෝරේ ප්‍රදේශයේදී අද පෙරවරුවේ පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පාදුක්ක පෝරේගෙදර අරලිය මාවතේ නිවසක් ඉදිරිපිට නතර කර තිබියදී එම මෝටර් රථය සොයා ගත් බවයි. සිද්ධිය සම්බන්ධ...
2019-02-08T21:12:51.000Z
රාජකන්‍යා කුමරිය තායි රජ පවුලෙන් නෙරපීමේ සූදානමක්
රාජකන්‍යා කුමරිය තායි රජ පවුලෙන් නෙරපීමේ සූදානමක්
සිය සොහොයුරිය මහ මැතිවරණයේ අගමැති අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්වීම තායිලන්තයේ වජිරාලොන්ග් කෝන් රජු හෙළා දැක තිබේ. ඔහු පැවසූවේ, එය රජ පවුලට මෙන්ම තායිලන්ත සංස්කෘතියට කළ නිගාවක් බවයි. තායි රජුගේ වැඩිමහල් සොහොයුරිය වන උබොල් රටානා රාජකන්‍යා කුමරිය, තායි රක්ෂා පක්ෂයේ අගමැති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් වන බව ඊයේ නිවෙ...
2019-02-08T20:53:55.000Z
කොළඹට අද පැය 18 ජල කප්පාදුවක්
කොළඹට අද පැය 18 ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - අද පෙරවරු 9.00 සිට පැය 18 ක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ, කොටුව, කොටහේන, ග්‍රෑන්ඩ්පාස් හා මට්ටක්කුලිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලප...
2019-02-08T20:47:44.000Z
දොම්පේ වෙඩි තැබීමකින් විවාහක යුවළක් රෝහලේ
දොම්පේ වෙඩි තැබීමකින් විවාහක යුවළක් රෝහලේ
COLOMBO (News 1st) - දොම්පේ, වනලුවාව උතුර ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් විවාහක යුවළක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පොලීසිය පැවසුවේ, බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ පස්වරුවේ වෙඩි තැබීම සිදු ව ඇති බවයි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි යුවළකි. සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩං...
2019-02-08T20:35:53.000Z
බහුදින ධීවර යාත්‍රා හරහා සිදුවන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඩපැවැත්වීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඩපැවැත්වීමට වැඩපිළිවෙළක්
COLOMBO (News 1st) - බහුදින යාත්‍රා හරහා සිදුවන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ සහය ඇතිව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ප්‍රධාන වරායවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.
2019-02-08T20:16:28.000Z
විදේශීය විෂයන් 7 ක් ඉගැනීමට මෙරට සිසුන්ට අවස්ථාවක්
විදේශීය විෂයන් 7 ක් ඉගැනීමට මෙරට සිසුන්ට අවස්ථාවක්
COLOMBO (News 1st) - විෂෝධා නව ජාතික පාසල් ක්‍රමය හරහා විදේශීය විෂයන් 7 ක් ඉගැනීමට මෙරට සිසුන්ට අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකම මෙම පාසල් ආරම්භ කරන බවයි. [audio wav="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2019/02/02...
2019-02-08T20:08:28.000Z
රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා පිළිබඳව ජනපති කොමිසමට දිනක් තුළ පැමිණිලි 10 ක්
ජනාධිපති කොමිසමට දිනක් තුළ පැමිණිලි 10 ක්
COLOMBO (News 1st) - පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමට දිනක් තුළ පැමිණිලි 10 ක් ලැබී තිබේ. එම කොමිසමේ පැමිණිලි භාරගැනීම ආරම්භ කෙරුණේ ඊයේ දිනයේදී ය. 2015 ජනවාරි 14 සිට 2018 දෙසැම්බර් 31 වැනි දා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපොළ...
2019-02-08T19:49:17.000Z
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 10 දෙනෙකු නි. පොලිස්පති තනතුරට උසස් කෙරේ
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 10 දෙනෙකුට උසස්වීම්
COLOMBO (News 1st) - තව ත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් කිහිප දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම පියවර ගෙන තිබේ. එහි ලේකම් සමන් දිසානායක මහතා පැවසුවේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 10 දෙනෙකු සඳහා එලෙස උසස්වීම් ලබාදීමට පියවර ගෙන ඇති බවයි. මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන ...
2019-02-08T19:38:42.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ඉන්දියාවේ සංචාරයක් සඳහා විපක්ෂ නායක දිවයිනෙන් පිටත්ව යයි: විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේ ය. ඒ, හින්දු පුවත්පත මගින් බැංගලෝර්හිදී පවත්වනු ලබන සමුළුවක සමාරම්භක දේශනය පැවැත්වීම සඳහායි. 2. “පාතාලයෝ, මත්කුඩුකාරයෝ අල්ල ගත්ත එකට උප්පැන්න දෙන්න කොච්චර අය ඉන්නවද...
2019-02-08T11:00:53.000Z
ඉන්දියාවේ සංචාරයක් සඳහා විපක්ෂ නායක දිවයිනෙන් පිටත්ව යයි
විපක්ෂ නායක ඉන්දියාවේ සංචාරයක
COLOMBO (News 1st) - විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ, හින්දු පුවත්පත මගින් බැංගලෝර්හිදී පවත්වනු ලබන සමුළුවක සමාරම්භක දේශනය පැවැත්වීම සඳහායි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අනාගත සබඳතා මූලික කරගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ මෙම දේශනය පැවැත්වෙනු ඇති. සමුළුව හෙට සහ අන...
2019-02-08T10:48:21.000Z
රාජ්‍ය සේවකයින්ට යළි ත් තීරුබදු රහිත වාහන බලපත්‍ර
රාජ්‍ය සේවකයින්ට යළි ත් තීරුබදු රහිත වාහන බලපත්‍ර
COLOMBO (News 1st) - රාජ්‍ය සේවකයින්ට ලබාදුන් තීරු බදු රහිත වාහන බලපත්‍රය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න අදහස් දැක්විය. මුදල් රාජ්‍ය අමාත්‍ය, ඉරාන් වික්‍රමරත්න රාජ්‍ය සේවකයන්ට වාහන ගෙන ඒමේ ඒ ආනයන බලපත්‍ර අත්හිටුවීමක් නෑ බලපත්‍ර ලබා දෙනවා. නමුත් වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවලා ති...
2019-02-08T10:41:05.000Z
"පාතාලයෝ, මත්කුඩුකාරයෝ අල්ල ගත්ත එකට උප්පැන්න දෙන්න කොච්චර අය ඉන්නවද..?" - ජනපති
'ස්මාර්ට් සිටි' ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
COLOMBO (News 1st) - ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය අද පොළොන්නරුවෙන් ආරම්භ කෙරුණි. විරැකියා ගැටළුවට ස්ථිර විසඳුමක් දෙමින්, රැකියා පුහුණු හා සම්පාදන මධ්‍යස්ථාන හරහා ව්‍යවසායකයින් බිහිකිරීමත් රැකියා පිරිනැමීමත් මෙහි අරමුණයි. පොළොන්නරුව නව නගරයේ ඉදිකළ වෘත්තීය මාර්ගෝපදේ...
2019-02-08T08:38:31.000Z
මහාපරිමාන මත්ද්‍රව්‍ය තොග සමග විදේශිකයින් ඇතුළු සැකකරුවන් 5 ක් අත්අඩංගුවට
පෑලියගොඩ හා කටුනායක මහපරිමාන මත්ද්‍රව්‍ය වැටලීම්
COLOMBO (News 1st) - අදත් ස්ථාන දෙකකදී මහාපරිමාන මත්ද්‍රව්‍ය තොග සොයාගෙන තිබේ. කොකේන් කිලෝග්‍රෑම් එකක් කටුනායකදී සොයාගත් අතර පෑලියගොඩින් සොයාගත් කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 400 කට අධිකයි. පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පෑලියගොඩ පරණ පාලම මත අද අලුයම වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී කේරල ගංජා තොගය සෙ...
2019-02-08T06:54:29.000Z
මධුෂ් සමග අත්අඩංගුවට ගත් 6 දෙනෙකුගේ නිවෙස් පොලිස් පරීක්ෂාවට
මධුෂ් සමග සිටි 6 දෙනෙකුගේ නිවෙස් පොලිස් පරීක්ෂාවට
COLOMBO (News 1st) - මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකුගේ නිවාස පොලීසිය අද පරීක්ෂාවට ලක් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වන අනුෂ්ක කවිෂාල් හෙවත් ජංගාගේ, ගන්දර, තලල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල 8 ක් සොයා ගත...
2019-02-08T06:38:05.000Z
සබරගමුව, මධ්‍යම පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි
සබරගමුව, මධ්‍යම පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි
COLOMBO (News 1st) - සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 6 ය තුළ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සබරගමුව හා මධ්...
2019-02-08T06:08:45.000Z
ඔස්ට්‍රේලියාව බලා ගිය ගුවන්යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්වයි
ගුවන්යානයක් හදිසියේ කටුනායකට ගොඩබස්වයි
COLOMBO (News 1st) - අබුඩාබි සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පියාසර කරමින් තිබූ A- 380 වර්ගයේ ගුවන්යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්වා තිබේ. එහි කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ, ගුවන් මගියෙකුට හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ගුවන්යානය අද උදෑසන ගොඩබස්වා ඇති බවයි. රෝගාතුර වූ රුමේනියානු ජ...
2019-02-08T04:16:02.000Z
ගම්පහ අධිකරණය අවට සැකකටයුතු ලෙස සැරිසැරූ 11 දෙනෙක් අත්අඩංගුවට
ගම්පහ අධිකරණය අවට සැරිසැරූ 11 දෙනෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - ගම්පහ අධිකරණ සංකීර්ණය අවට සැකකටයුතු අන්දමින් සැරිසැරූ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පස් පොඩ්ඩා නැමති පාතාල කල්ලි සාමාජිකයා ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකුට එරෙහිව අද දිනයේ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වීමට නියමිතව තිබූ නඩුවක් හේතුවෙන් අධි...
2019-02-08T02:59:30.000Z
නිවසේ සූදු පිටියක් පවත්වා ගෙන ගිය බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් අත්අඩංගුවට
බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - සිය නිවසේ සූදු පිටියක් පවත්වා ගෙන ගිය බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඒ අතර කාන්තාවන් 10 දෙනෙකු වන බව ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2019-02-08T00:42:48.000Z
වෙනිසුවෙලානු ජනපති යටතේ සිටින නීති නිලධාරීන්ගේ වීසා බලපත්‍ර අමෙරිකාව අත්හිටුවයි
වෙනිසුවෙලානු නීති නිලධාරීන්ගේ වීසා අත්හිටුවයි
(News 1st) - අමෙරිකාව, වෙනිසුවෙලානු ජනපති නිකලස් මධුරෝ යටතේ සේවය කරන සියලු නීති නිලධාරීන්ගේ වීසා බලපත්‍ර අත්හිටුවා තිබේ. ඒ, ජනපතිවරයා දිගින් දිගටම අමෙරිකාව, ලතින් අමෙරිකානු රටවල් මෙන්ම යුරෝපා රටවල් පිළිබඳව කරන දැඩි විවේචන හේතුවෙනි. වෙනිසුවෙලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ එරට අන්තර්වාර ජනපති තමන් බවට පසුගියද...
2019-02-08T00:18:38.000Z
ශ්‍රීලංකන් හා මිහින් ලංකා වංචා සේවීමට පත් කළ ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ
ශ්‍රීලංකන් වංචා සොයන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල හා ශ්‍රීලංකන් කේටරින් සමාගමේ දූෂණ හා අක්‍රමිකතා සේවීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිල කාලය මැයි 30 වන දා දක්වා දීර්ඝ කර තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරිණි. මෙම කොමිසමේ නිල කාලය අව...
2019-02-07T20:57:52.000Z
රු. මිලියන 15කට අධික කොකේන් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට
කොකේන් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට
COLOMBO (News 1st) - රුපියල් මිලියන 15කට අධික වටිනාකමින් යුත් කොකේන් කිලෝග්‍රෑමයක් සමග ඉන්දියානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 34 හැවිරිදි පුද්ගලයෙකි.
2019-02-07T20:48:26.000Z
මධුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට තහවුරු වේ
මධුෂ් මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට තහවුරු වේ
COLOMBO (News 1st) - ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා අත්අඩංගුවට පත් වන අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට තහවුරු වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරුවන්ගේ රුධිර සාම්පල මත කරන ලද පරීක්ෂණවලදී ඒ බ...
2019-02-07T20:34:49.000Z
රු. මිලියන 40කට අධික කේරළ ගංජා සමග දෙදෙනෙක් පෑලියගොඩදී අත්අඩංගුවට
මිලියන 40කට අධික කේරළ ගංජා සමග දෙදෙනෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - රුපියල් මිලියන 40කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පෑලියගොඩ ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත කළ වැටලීමකදී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, වෑන් රථයකින් ප්‍...
2019-02-07T20:28:01.000Z
ග්‍රාම ශක්ති නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් අද රැස්වෙයි
ග්‍රාම ශක්ති නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව රැස්වේ
COLOMBO (News 1st) - ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වේ. ඒ, මඩකලපුව මන්මුනෙයි උතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ය. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ජනතාවට යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වෝත්සහයෙන් නැගී සිටීමට අත්වැල සපයන ව්...
2019-02-07T20:06:07.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය පුවත් 1. මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත් ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන් රෝයන් යන මහත්වරුන්ගේ නිවෙස්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඊයේ පස්වරුවේ පරීක්ෂාවට ලක් කර තිබේ. 2. පාතාල නායක මාකදුරේ මධුෂ් ඩුබායිහි රැඳී සිට ...
2019-02-07T19:53:00.000Z
අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි
අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි
COLOMBO (News 1st) - අලුගෝසු තනතුර සඳහා ලබන සඳුදා සිට අයැදුම්පත් කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මරණ දඬුවම නියම වී සිටින දරුණු ඝණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම මෙහි අරමුණ බව ය. ඒ අනුව ලබන ...
2019-02-07T10:13:59.000Z
Shakthi TV යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වන අසත්‍ය පණිවුඩවලට රැවටෙන්න එපා
අසත්‍ය පණිවුඩවලට රැවටෙන්න එපා
COLOMBO (News 1st) - ශක්ති ටීවී යැයි සඳහන් කරමින් ඒ.ටී.එම්. යන්ත්‍ර මගින් සිදු කරන ගනුදෙනු පිළිබඳව කෙටි පණිවුඩයක් වට්ස්ඇප් හා එස්.එම්.එස්. පණිවුඩයක් ලෙස මේ දිනවල ව්‍යප්ත කරමින් තිබේ. අප අවධාරණය කරන්නේ, බැංකුවල නම් සඳහන් කරමින් ශක්ති ටීවී කිසිදු අවස්ථාවක එවැනි පණිවුඩයක් ප්‍රසිද්ධ කර නොමැති බව ය. ප්‍රසිද්ධ කරන පුද්ගල...
2019-02-07T09:48:43.000Z
මධුෂ් ඇතුළු ලාංකිකයින් 31ක් ඩුබායි අධිකරණය හමුවට
මධුෂ් ඇතුළු ලාංකිකයින් 31ක් ඩුබායි අධිකරණය හමුවට
COLOMBO (News 1st) - පාතාල නායක මාකදුරේ මධුෂ් ඩුබායිහි රැඳී සිට ඇත්තේ ව්‍යාජ නමකින් බවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අනාවරණය කළේ ය. අසාද් සාලි මහතා අනාවරණය කළේ මාකදුරේ මධුෂ්, 'අජිත් අවංක වික්‍රමසූරිය' යන ව්‍යාජ නමකින් පෙනී සිට ඇති බව ය. මේ අතර මධුෂ් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු අද ඩුබායි අධිකරණයට ඉ...
2019-02-07T08:56:39.000Z
අමල්ගේ සහ රයන්ගේ නිවෙස් පරීක්ෂාවට: එක් අයෙකු අත්අඩංගුවට
අමල්ගේ සහ රයන්ගේ නිවෙස් පරීක්ෂාවට
COLOMBO (News 1st) - මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත් ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන් රෝයන් යන මහත්වරුන්ගේ නිවෙස්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද පස්වරුවේ පරීක්ෂාවට ලක් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, අමල් පෙරේරා මහතාගේ නිවසේ තිබී කොකේන් භ...
2019-02-07T06:20:57.000Z
වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා යළිත් අසාර්ථකයි
වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ සාකච්ඡා අසාර්ථකයි
COLOMBO (News 1st) - වතු කම්කරුවෙකුගේ වැටුප තවදුරටත් ඉහළ දැමීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පස්වරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ. මෙම සාකච්ඡාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, දමිළ ප්‍රගතිශීලි පෙරමුණේ නියෝජිතයින් සහ වතු හාම්පුතුන් එක්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. එම සාකච්ඡාවේදී වතු කම්...
2019-02-07T03:15:44.000Z
කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණට වසර 5ක සිර දඬුවමක්
කළුතර හි. ප්‍රාදේශීය සභා සභාපතිට වසර 5ක සිර දඬුවම්
COLOMBO (News 1st) - අල්ලස් චෝදනාවකට වරදකරු වූ කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ නමැත්තාට කොළඹ මහාධිකරණය අද වසර 5ක සිර දඬුවමක් නියම කළේ ය. ඒ, 2012 වසරේ කළුතර ප්‍රදේශයේ ඉඩමක් මැදින් පිවිසුම් මාර්ගයක් සකස් කිරීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා ගත් බවට විත්තිකරුට එරෙහිව අල්ලස...
2019-02-07T01:57:35.000Z
දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවෙයි
දිනේෂ් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවෙයි
COLOMBO (News 1st) - තමා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් විනාඩි 25 ක පමණ කාලයක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක් ඇති විය. එම තත්ත්වය හේතුවෙන් කථානායකවරයා පාර්ලිමේන්තුව ව...
2019-02-07T01:34:34.000Z
සරත් එන්. සිල්වාගේ නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙයි
සරත් එන්.සිල්වාගේ නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙයි
COLOMBO (News 1st) - හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව මැයි මස 8 වන දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර තිබේ. ඒ, නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ E.A.G.A. අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු ...
2019-02-07T00:55:32.000Z
පළාත් රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
පළාත් රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
COLOMBO (News 1st) - සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි. මේ අතර ගාල්ල ප්‍රදේශයට ඊයේ පස්වරුවේ සිට...
2019-02-07T01:01:54.000Z
පාතාල නායක මධුෂ්ගේ සහ මංජුගේ සහයකයින් තිදෙනෙක් වත්තලදී අත්අඩංගුවට
මධුෂ්ගේ සහ මංජුගේ සහයකයින් තිදෙනෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - ප්‍රබල පාතාල නායකයින් වන මාකඳුරේ මධුෂ්ගේ සහ ඩී. මංජුගේ සහයකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, වත්තල ප්‍රදේශයේ අද අලුයම කළ මෙහෙයුමකදීයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී අයිස් නැමැති මත්පෙති 20 ක් ද සිය භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන...
2019-02-07T00:26:22.000Z
ධීවර යාත්‍රා විකිණීම සහ පැවරීම දිස්ත්‍රික් කාර්යාල හරහා සිදු කිරීම අද සිට තහනම්
දිස්ත්‍රික් කාර්යාල හරහා ධීවර යාත්‍රා විකිණීම නවති
COLOMBO (News 1st) - ධීවර යාත්‍රා විකිණීම සහ පැවරීම දිස්ත්‍රික් කාර්යාල හරහා සිදු කිරීම අද සිට තහනම් කළ බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එහි මෙහෙයුම් අධ්‍යක්ෂ කල්‍යානී හේවාපතිරණ මහත්මිය සඳහන් කළේ, ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදුවන විවිධ අක්‍රමිකතා ඉහළ යාම හේතුවෙන් එම පියවර ගත් බවය. යාත්‍රා විකිණීම හෝ පැවරීමක් සිදු ක...
2019-02-07T00:07:10.000Z
JUST IN: පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබේ
JUST IN: පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබේ
COLOMBO (News 1st) - සභාවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තබා තිබේ.
2019-02-06T21:01:31.000Z
සතියක් තුළ සිරියාවේ සහ ඉරාකයේ IS ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු බිම් මුදාගත හැකියි - ඩොනල්ඩ් ට්‍රම්ප්
අමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්...
ලබන සතිය වන විට සිරියාවේ සහ ඉරාකයේ අයි එස් ත්‍රස්ත ග්‍රහණයේ පවතින සියලු බිම් මුදාගත හැකි වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. වොෂින්ටන් නුවරදී අයි එස් ත්‍රස්තවාදයට එරෙහි ජාත්‍යන්තර සන්ධානයේ සාමාජිකයන් ඇමතූ ජනාධිපතිවරයා කියා සිටියේ, විදේශික ත්‍රස්තවාදීන්ට අමෙරිකාවට ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බවයි. ...
2019-02-06T20:33:53.000Z
නවසිලන්තය හමුවේ ඉන්දීය කණ්ඩායමට පළමු 20 යි 20 තරගයෙන් දැවැන්ත පරාජයක්
නවසිලන්තය හමුවේ ඉන්දියාවට දැවැන්ත පරාජයක්
ප්‍රබල ඉන්දීය කණ්ඩායමට අන්තර්ජාතික පන්දුවාර 20 යි 20 පිටියේ දැවැන්තම පරාජය හිමිකරදීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ, ඉන්දියාව සමග පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමත් සමගයි. වෙලිංටන්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක නවසීලන්තය කඩුලු 6 කට ලකුණු 219 ...
2019-02-06T19:45:33.000Z
පාතාල නායක මධුෂ් ඇතුළු පිරිසගේ රුධිර සාම්පල විශේෂ පරීක්ෂාවකට
මධුෂ් ඇතුළු පිරිසගේ රුධිර සාම්පල විශේෂ පරීක්ෂාවකට
COLOMBO (News 1st) - ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන්ගේ රුධිර සාම්පල ඩුබායි ආරක්ෂක අංශ විසින් ලබා ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අදාළ රුධිර සාම්...
2019-02-06T19:34:25.000Z
පොහොට්ටුව හා නිදහස් සන්ධානය අතර පුළුල් සන්ධානය ගොඩනැගීම ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡා
පුළුල් සන්ධානය ගොඩනැගීම ගැන ජනපති සාකච්ඡාවක...
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලනික සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැත් විය. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ, න...
2019-02-06T19:17:11.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. “මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ස්ථීරයි..”ජනපති යළි ත් අවධාරණය කරයි: කුමන ආකාරයේ විරෝධතා මතුවූවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ත් අවධාරණය කර තිබේ. 2. මාකදුරේ මධුෂ් සමග රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් හිමි පුද...
2019-02-06T18:58:56.000Z
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි...
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව ලබන සතියේ..?
COLOMBO (News 1st) - ජාතික ආණ්ඩුව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය වූ බවයි. ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ වන යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයෙ...
2019-02-06T11:24:54.000Z
News 1st වාර්තාකරු රුචිර අබේමාන්න මහතා අවසන් ගමන් යයි
රුචිර අබේමාන්න මහතා අවසන් ගමන් යයි
COLOMBO (News 1st) - රත්නපුර, නව නගරයේදී සිදු වූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත නිව්ස්ෆස්ට් රත්නපුර වාර්තාකරු රුචිර අබේමාන්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරුණි. රුචිර අබේමාන්න මහතාගේ අවසන් කටයුතු කිරීමට ප්‍රථම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ශෝක ප්‍රකාශක ඉදි...
2019-02-06T10:04:31.000Z
මහින්ද රාජපක්ෂ ගොනු කළ අභියාචනය අද සලකා බැලේ
මහින්ද රාජපක්ෂ ගොනු කළ අභියාචනය අද සලකා බැලේ
COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේත්, කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධූරවලත් කටයුතු කිරීම වලක්වමින් නිකුත් කළ නියෝගය අවලංගු කරන්නැයි ඉල්ලා රාජපක්ෂ මහතාගේ පාර්ශවය ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද යළි ත් සළකා බැලුණි. අභියාචනය සලකා බැලුවේ බුවනෙක අලුවිහාරේ සහ මුර්දූ ප්...
2019-02-06T09:07:19.000Z
ඩඩ්ලි සිරිසේනගේ අනතුරු ඇඟවීම...
ඩඩ්ලි සිරිසේනගේ අනතුරු ඇඟවීම...
COLOMBO (News 1st) - ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. ව්‍යාපාරික, ඩඩ්ලි සිරිසේන මේ මයික්‍රෝ ක්‍රෙඩිට් කියන මේ ණය ක්‍රමය මම වගකීමෙන් කියන්නේ, රටේ පාතාලේ මෙහෙය වන්නේ දේශපාලඥයින්ගේ සම්බන්ධයක් ඇරන් තමයි මේක කරන්නේ. මේ රටේ අහිංසක මිනිස්සු හැම කෙනෙක්ම ඩේලි කලෙක්ෂන් එකට ගත්...
2019-02-06T08:21:41.000Z
"මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ස්ථීරයි.."ජනපති යළි ත් අවධාරණය කරයි
ජනපති දැඩි තීරණයක...
COLOMBO (News 1st) - කුමන ආකාරයේ විරෝධතා මතුවූවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යළි ත් අවධාරණය කර තිබේ. අද පස්වරුවේ පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ය. මෙහිදී විනිශ්චකාරවරුන්ට උසස්වීම් ලබාදීමේදී මතුව ඇති ගැටලු සම්බන්ධයෙ...
2019-02-06T08:05:45.000Z
මාකදුරේ මධුෂ් සමග රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙකු ද සිටින බවට අනාවරණයක්...
මධුෂ් සමග රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපතක් හිමි අයෙක්
COLOMBO (News 1st) - ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් නැමැත්තා ඇතුළු පිරිස අතර රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙකු ද සිටින බව එරට කලීජ් ටයිම්ස් පුවත්පත අද වාර්තා කර තිබේ. අදාළ සැකකරුවන් තම අත්අඩංගුවේ සිටින බව ඩුබායි පොලී...
2019-02-06T07:08:15.000Z
ATM මූල්‍ය වංචාවට සැකපිට විදේශිකයින් තිදෙනෙකු අත්අඩංගුවට
ATM මූල්‍ය වංචාවට සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍ර හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමට සැකපිට චීන ජාතිකයින් දෙදෙනෙකු සහ රුමේනියා ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ විමර්ශනවලදී සැකකරුවන...
2019-02-06T06:09:08.000Z
ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල ලබන 12 වන දා
ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල ලබන 12 වන දා
COLOMBO (News 1st) - මෙවර ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල ලබන 12 වන දා පස්වරු 6.00 ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත වේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාව සමග එක් ව එය සංවිධානය කරන්නේ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි.
2019-02-06T04:37:37.000Z
නීති විරෝධි දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා භාරයට
නීති විරෝධිව මසුන් ඇල්ලූ 11 දෙනෙක් කොටුවෙති
COLOMBO (News 1st) - කල්පිටිය, සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් සතුව තිබූ තහනම් දැල් 02 ක්, ඩිංගි යාත්‍රා 04 සහ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 2487 ක් නාවික හමුදා භාරයට ගත් බවයි. පුද්ගලයින්, තහන...
2019-02-06T04:22:44.000Z
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේ විවාදයට - අනුර කුමාර දිසානායක
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවට?
COLOMBO (News 1st) - ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව හෙට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. විපක්ෂයේ විරෝධතාව නොතකා, මෙම තීරණයට එළැඹි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය. ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක, අද ...
2019-02-06T01:15:40.000Z
ශ්‍රී.ල.නි.ප. නව සංවිධායකවරු ජනපති අතින් පත් වීම් ලබති
නව සංවිධායකවරු ජනපති අතින් පත් වීම් ලබති
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම නව දිස්ත්‍රික් සංවිධායකවරයා හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නව ආසන සංවිධායකවරු ජනාධිපතිතුමා අතින් පත් වීම් ලබා ගත්හ. නව දිස්ත්‍රික් සංවිධායකවරයා හා ආසන සංවිධායකවරු ඊයේ පත් වීම් ලබා ගත්තේ, පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයේදී ය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පු...
2019-02-06T01:53:06.000Z
සිංගප්පූරු ගිවිසුමේදී මලික්ගේ ක්‍රියාකලාපය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට විපක්ෂය සැරසෙයි
මලික්ගේ ක්‍රියාකලාපය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක්
COLOMBO (News 1st) - මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමේදී කටයුතු කර ඇති ආකාරය පිළිබඳව විවාදයට දිනයක් ලබා ගැනීම සඳහා අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට ඉල්ලීමක් ඉදිරිපත් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පවසයි. ඊයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සන...
2019-02-06T01:23:26.000Z
ජාතික ආණ්ඩු යෝජනාව ගැන තීරණයක් ගැනීමට පක්ෂ නායකයින් අද රැස්වේ
පක්ෂ නායකයින් අද රැස්වේ
COLOMBO (News 1st) - අධිකරණ අමාත්‍යවරිය ඉදිරිපත් කරන වරදකරුවන් භාර දීමේ හා ණය සහනදායක ආඥා පනත යටතේ නියමයන් දෙකක් අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ය. මේ අතර අද පස්වරු 2.30ට පක්ෂ නායකයින් රැස්වේ. ඒ, එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර තිබෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව පිළිබඳව තීරණයක් ගැනීමට ය. හෙට දි...
2019-02-06T01:10:20.000Z
මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවන් පුනරුත්ථාපනයට ජාතික අධිකාරියක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය
මත්ද්‍රව්‍යවලට ගොදුරුවූවන් පුනරුත්ථාපනයට වැඩසටහනක්
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරියක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරියට අමතරව විෂ මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ නව තාක්ෂණික උපකරණ ආනයනය...
2019-02-06T00:13:35.000Z
ගිරිදර ඉන්ධන පිරවුම්හළක කොල්ලයක්
ගිරිදර ඉන්ධන පිරවුම්හළක කොල්ලයක්
COLOMBO (News 1st) - යතුරු පැදිවලින් පැමිණි දෙදෙනෙකු දොම්පේ ගිරිදර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක් කොල්ල කා පළා ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ මුහුණු ආවරණය කර පැමිණි සැකකරුවන් ඉන්ධන පිරවුම්හළේ සේවකයින් බිය ගන්වා මෙම මුදල් කොල්ලය සිදු කර ඇති බව ය. ඔවුන් පැහැර ගත් මුදල රුපියල් 210800කි. මේ අතර කුර...
2019-02-05T23:36:37.000Z
ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායකයා අතර පවත්වන 2 වන සමුළුව පිළිබඳව නිවේදනය කරයි
ට්‍රම්ප් - උන් දෙවන සමුළුව නිවේදනය කරයි
(News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරිනානු නායක කිම් ජොන් උන් අතර දෙවන න්‍යෂ්ටික සමුළුව පිළිබඳව නිවේදනය කර තිබේ. විදෙස් වාර්තා පවසන්නේ සිය දෙවන න්‍යෂ්ටික සමුළුව මෙම මාසයේදී පවත්වන බවට අමෙරිකානු ජනාධිපතිවරයා නිවේදනය කළ බව ය. එරට ජාතිය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. ...
2019-02-05T22:55:27.000Z
නව මිසයිල පද්ධතියක් නිර්මාණයට රුසියාව සැරසෙයි
නව මිසයිල පද්ධතියක් නිර්මාණයට රුසියාව සැරසෙයි
(News 1st) - මැදිදුර න්‍යෂ්ටික මිසයිල ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසු නව මිසයිල පද්ධතියක් නිර්මාණය කිරීමට සැලසුම් කරන බව රුසියාව පවසයි. රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ශොයිගු සඳහන් කළේ, ලබන වසර 2ක තුළ මෙම මිසයිල පද්ධතිය නිර්මාණය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව ය. අමෙරිකාව ඉවත් වීමෙන් අවලංගු වූ මෙම න්‍යෂ්ටික මිසයිල ගිවිසුමට ...
2019-02-05T22:44:41.000Z
ගලේවෙල සිට පිට පළාත්වලට කුර සහිත සතුන් ප්‍රවාහනය තහනම් කෙරේ
කුර සහිත සතුන් ප්‍රවාහනයට තහනමක්
COLOMBO (News 1st) - ගලේවෙල ප්‍රදේශයේ සිට පිට පළාත්වලට කුර සහිත සතුන් ප්‍රවාහනය නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී. ආරියපාල මහතා සඳහන් කළේ, ප්‍රදේශයේ ගවයින් අතර පැතිර ඇති කුර හා මුඛ රෝගය වෙනත් ප්‍රදේශ කරා පැතිරීම පාලනය කිරීම සඳහා මේ පියවර ග...
2019-02-05T22:25:10.000Z
රේගුවේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා කන්ටේනර් 6000ක් ගොඩගැසේ
ගොඩගැසුණු කන්ටේනර් නිශ්කාෂණය ඉදිරි දින 3 ඇතුළත
COLOMBO (News 1st) - වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ගොඩගැසුණු කන්ටේනර් නිශ්කාෂණය ඉදිරි දින 3 ඇතුළත නිම කළ හැකි බව රේගු වෘත්තිය සමිති පවසයි. එම මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, තම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කන්ටේනර් 6000කට අධික සංඛ්‍යාවක් වරායේ ගොඩ ගැස...
2019-02-05T20:14:29.000Z
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හැරේ
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම විසුරුවා හැරේ
COLOMBO (News 1st) - මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර තිබේ. පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ, පසුගිය කාලයේ පළාත් රාජ්‍ය සේවා කොමිසම ගත් තීරණ හේතුවෙන් මේ ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බව ය. මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමට නව සාමාජිකයින් පත් කිරීම සතියක් ඇතුළත...
2019-02-05T20:02:23.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය පුවත් 1. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබේ. 2. හෙරොයින් කිලෝග්‍රෑමයක් සමග සැකකරුවෙකු මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 3. රේගු නිලධාරීන් අකුරට වැ...
2019-02-05T19:46:57.000Z
රෝහල්වල හිඟව පැවති ඖෂධ වර්ග 25ක් කඩිනමින් ආනයනයට පියවර
හිඟව පැවති ඖෂධ වර්ග 25ක් කඩිනමින් ආනයනයට පියවර
COLOMBO (News 1st) - රෝහල්වල හිඟව පැවති ඖෂධ වර්ග 25කට අධික සංඛ්‍යාවක් කඩිනමින් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, ඇතැම් ඖෂධ මේ වන විටත් දිවයිනට ගෙන්වා ඇති බව ය. හිඟව පැවති ජල භීතිකා ප්‍රතිශක්තීකරණ එන්නත් ත...