Chamaka8 commited on
Commit
8150ec4
·
verified ·
1 Parent(s): deaabdb

Upload kawmuthu_poems_raw.jsonl with huggingface_hub

Browse files
Files changed (1) hide show
  1. kawmuthu_poems_raw.jsonl +41 -0
kawmuthu_poems_raw.jsonl ADDED
@@ -0,0 +1,41 @@
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1
+ {"title": "පහන නොසැලේ නම් | The Rigid Love", "content": "රුවන් තරුවක් යදින අහසකි\n\nඅහස ඔබ නම් තරුව මම වෙමි\n\nඅඳුරු අහසේ දිලෙමි තනි වී\n\nඅඳුර නොමියේ නම්\n\nපහන් සිළුවක් පතන පහනකි\n\nපහන ඔබ නම් පහන් සිල වෙමි\n\nසදා ඔබ ලඟ හිඳිමි නොනිවී\n\nපහන නොසැලේ නම්\n\nනොනිමි සයුරක් සොයන ගඟුලකි\n\nගඟුල ඔබ නම් සයුර මම වෙමි\n\nබලා හිඳිනෙමි සයුරු තෙර වී\n\nගඟුල නොසිඳේ නම්\n\n2005 Freshers Nite souvenir(held by Batch 04,\nFaculty of Engineering\n,\nUOM\n)", "labels": ["engineering", "love", "poem", "sinhala", "university of moratuwa"], "url": "https://kawmuthu.blogspot.com/2010/02/blog-post.html", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
2
+ {"title": "යළි නොහැරෙන්ට යා යුතු ගමනකි \"නිවන\"", "content": "මේ ජීවිතය දැල්වෙන මැටි පහනක්                ය\nතෙල් ඇති තුරා ඇවිලෙන එක තිරයක්           ය\nපින් මදි වෙද්දි එන මරණය සුළඟක්              ය\nපව් පළ දෙන්න යන්නේ එක ක්\n‍\nෂණයක්           ය\nසසරේ නවාතැන් නම් සිය දහක්                    ඇත\nටික කාලෙකට හමු වෙන සගයිනුත්              වෙත\nඑනමුත් ගමන යන්නේ තනිවමයි                    පුත\n\"මම\" යැයි \"මගේ\" යැයි මට කිසි දෙයක්       නැත\nනිවි නිවි යළිත් දැල්වෙන ජීවිත                    පහන\nවැටි වැටි යන්ට දඟලන සසරේ                   ගමන\nඅර ගෙන යන්න ඇත්තේ කළ පින               පමණ\nයළි නොහැරෙන්ට යා යුතු ගමනකි            \"නිවන\"", "labels": ["death", "life", "poem", "sansara"], "url": "https://kawmuthu.blogspot.com/2021/09/blog-post.html#comment-form", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
3
+ {"title": "දසන් සඳ | Tooth Relic", "content": "සහන් පැය නිම වී රුවන් ගිර ඇහැරෙයි\n\nපවන් රොද දස අත තුටින් නිති දැවටෙයි\n\nඉවෙන් මෙන් සියොතුන් තුඩින් ගී රස දෙයි\n\nපිනෙන් පිරි සිරි ලක සිරින් අද නැහැවෙයි\n\nඇතුන් රද විමනට සොඞින් පැන් ගෙන එයි\n\nසමන් පෙති ඇතිරුණු විමන් දොර නහවයි\n\nවියන් බැඳි විමනත නිතින් දන ගැවසෙයි\n\nදුරින් ආ යුවළක් සෙමෙන් එහි පිවිසෙයි\n\nමුදුන් කළ මුහුළස මදින් මද ඉහිරෙයි\n\nසුරන් බඳු අතැඟිලි නුවන් බැඳ නැළවෙයි\n\nඑරන් ගැබ හැම අත දනන් නෙතු ඇහැරෙයි\n\nරුවන් දුල මියුලැස බමුණු වෙස් හැර ලයි\n\nකසුන් රැස් දහසක් පහන් සේ දැල්වෙයි\n\nරදුන් නම් කිත්සිරි මෙවන් සිත පිබිදෙයි\n\nතුටින් මෙන් අසෙනිය කුසුම් පෙති විසිරෙයි\n\nරනින් සැදි විමනක දසන් සඳ සැතපෙයි\n\n-2002", "labels": [], "url": "https://kawmuthu.blogspot.com/2010/08/kalani-ruwanpathirana-2002.html", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
4
+ {"title": "සරා සඳ | Weak Moon", "content": "සැඳෑ හිරු මියෙන සඳ\n\nඋදා වනු කිමද සඳ\n\nඋදා හිරු නැගෙන සඳ\n\nපලා යනු කිමද සඳ\n\nනිදන සඳ මහී ලඳ\n\nඋදා වන සරා සඳ\n\nපොකුරු තරු පිපෙන සඳ\n\nසිනාසෙයි රුසිරු විඳ\n\nසැලෙන මල් ක��කුළු කොඳ\n\nරැහැයි නද වූ නො මද\n\nනිවී දිදුලන තරු ද\n\nදුබල යැයි කියයි සඳ\n\nනමුදු ඝණඳුර නො මද\n\nකැළුම් දී මදින් මද\n\nනසන සඳ වී සු හද\n\nනුඹම වේ මගේ සඳ\n\n--1998", "labels": ["moon", "poem", "sinhala"], "url": "https://kawmuthu.blogspot.com/2010/02/blog-post_18.html", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
5
+ {"title": "දසන් සඳ | Tooth Relic", "content": "සහන් පැය නිම වී රුවන් ගිර ඇහැරෙයි\n\nපවන් රොද දස අත තුටින් නිති දැවටෙයි\n\nඉවෙන් මෙන් සියොතුන් තුඩින් ගී රස දෙයි\n\nපිනෙන් පිරි සිරි ලක සිරින් අද නැහැවෙයි\n\nඇතුන් රද විමනට සොඞින් පැන් ගෙන එයි\n\nසමන් පෙති ඇතිරුණු විමන් දොර නහවයි\n\nවියන් බැඳි විමනත නිතින් දන ගැවසෙයි\n\nදුරින් ආ යුවළක් සෙමෙන් එහි පිවිසෙයි\n\nමුදුන් කළ මුහුළස මදින් මද ඉහිරෙයි\n\nසුරන් බඳු අතැඟිලි නුවන් බැඳ නැළවෙයි\n\nඑරන් ගැබ හැම අත දනන් නෙතු ඇහැරෙයි\n\nරුවන් දුල මියුලැස බමුණු වෙස් හැර ලයි\n\nකසුන් රැස් දහසක් පහන් සේ දැල්වෙයි\n\nරදුන් නම් කිත්සිරි මෙවන් සිත පිබිදෙයි\n\nතුටින් මෙන් අසෙනිය කුසුම් පෙති විසිරෙයි\n\nරනින් සැදි විමනක දසන් සඳ සැතපෙයි\n\n-2002", "labels": [], "url": "https://kawmuthu.blogspot.com/2010/08/kalani-ruwanpathirana-2002.html#comment-form", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
6
+ {"title": "ලොවක අරුම | World", "content": "නොතිර දියත පෙනෙන ඉමක\n\nනොමැත සදා සුපිපි මලක්\n\nනොනිම් ගගන කිනම් තැනක\n\nවෙයිද සදා දිලෙන සඳක්\n\nසදොස් මඩින් මිදී පිපෙන\n\nනෙළුම දනී විලක තරම\n\nමලින් මලට පියා සලන\n\nබිඟු නොදනී මලක අරුම\n\nවෙසෙස් විලෙන් මිදී සරන\n\nසියොත් දනී ලොවක අරුම\n\nවිලෙහි ඉපිද විලෙහි මියෙන\n\nතඹුරු දනිත් එලොව කොහොම\n\n- 2006", "labels": ["nature", "world"], "url": "https://kawmuthu.blogspot.com/2010/02/blog-post_3638.html", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
7
+ {"title": "දැන් මට නැහැ ඉඩ", "content": "හිරි පොද වැස්සට තෙමෙන මලක හැඩ \n\nබලන්න ඉස්සර වගෙ මට නැහැ ඉඩ \n\nපොඩි පුතු හිනැහෙන විට මගෙ හිත උඩ \n\nමල් මොකටද මට හිතෙනව විඩ විඩ \n\nවැස්සට ඉහිරෙන අඹ මල් මැද්දේ \n\nපිල ළඟ අඹ ගහ තාලෙට පැද්දේ \n\nබට්ටිච්චෝ උඹ නැතුවට සද්දේ \n\nඅඩුවක් නැහැ අපෙ ගේ හරි සද්දේ \n\nඇහැරෙන ලා හිරු රන් වන් පාටයි \n\nඉගිලෙන විට කොක් තටු සුදු පාටයි \n\nහබරණ ආතගෙ කට රතු පාටයි \n\nකියවන විට පුතු හරි දඟ පාටයි  \n\nබින්කුන්ඩෝ උඹ ටිකකට හිටපන් \n\nඅපට පෙනෙන්නට වටයක් නටපන් \n\nකුහූ කියා කොවුලෝ ගී කියපන් \n\nමදිනම් තව මල් වැස්සක් වැහැපන් \n\nකොඳ මල මුදුනේ මී මැසි සාදෙට \n\nරොන් කෙමියේ පැණි පිරෙන කලාවට \n\nමගෙ හිත පුරවන ටිකිරි හිනාවට \n\nපණ දෙමි මම දිවි තියෙන තුරාවට", "labels": [], "url": "https://kawmuthu.blogspot.com/2014/11/blog-post.html#comment-form", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
8
+ {"title": "නිදයි පොඩි පුතු මගේ", "content": "සුමුදු යහනට සුසුදු සඳ දිය \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \nගලා එයි රැය දිගේ\nසුනිල තරු කැට වසා නෙත් යට \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \nනිදයි පොඩි පුතු මගේ\nසිනිඳු කෙහෙරැලි ගැටී සුළඟට \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \nකරයි මුව මත දඟේ\nනිදන පුතු දෙස බලා හිඳුමද \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \nභාවනාවක් වගේ\nවලාකුලෙන් වැටෙන, සඳේ කිරණක් ගෙන අතේ         තබමි\nඒ එළියෙන් හිනා බිංදු උපදින හැටි බලා                 හිඳිමි\nපැහැයක් නැති බිළිඳු සිතේ ඇඳි සිහිනය සිතින්         දකිමි\nඒ සිහිනේ කොනෙක මමත් නිවෙමි, නිවීලා          සැනසෙමි", "labels": ["baby", "beauty", "love", "moon", "night", "sleep"], "url": "https://kawmuthu.blogspot.com/2021/09/blog-post_22.html", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
9
+ {"title": "සන්නස | Message", "content": "මේඝ වළාවෙනි ගුවන් තටාකේ මාරුතයක දැවටී\n\nපියා විදා රණ හසුන් කැලක් සේ\n\nඑන්න තවත් නොරැඳී\n\nමා සිත් කව ඈ වෙත ගෙන යන්නට\n\nඑන්න තවත් නොරැඳී\n\nතනි තරුවකි ඈ හා දොඩමළු වන\n\nකළුවර රෑ අහසේ\n\nඈට හිතැති මට හිත නැති තරුවට\n\nමේ දුක කියමි කෙසේ...\n\nතුඩගින් ඈ වෙත මුවරද ගෙන යති\n\nබඹරුන් හොර රහසේ\n\nමලින් මලට පියඹන බඹරෙකු හට\n\nමේ කව කියමි කෙසේ...\n\n-2007", "labels": ["love", "sinhala", "song"], "url": "https://kawmuthu.blogspot.com/2010/06/message.html", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
10
+ {"title": "නිදයි පොඩි පුතු මගේ", "content": "සුමුදු යහනට සුසුදු සඳ දිය \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \nගලා එයි රැය දිගේ\nසුනිල තරු කැට වසා නෙත් යට \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \nනිදයි පොඩි පුතු මගේ\nසිනිඳු කෙහෙරැලි ගැටී සුළඟට \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \nකරයි මුව මත දඟේ\nනිදන පුතු දෙස බලා හිඳුමද \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \nභාවනාවක් වගේ\nවලාකුලෙන් වැටෙන, සඳේ කිරණක් ගෙන අතේ         තබමි\nඒ එළියෙන් හිනා බිංදු උපදින හැටි බලා                 හිඳිමි\nපැහැයක් නැති බිළිඳු සිතේ ඇඳි සිහිනය සිතින්         දකිමි\nඒ සිහිනේ කොනෙක මමත් නිවෙමි, නිවීලා          සැනසෙමි", "labels": ["baby", "beauty", "love", "moon", "night", "sleep", "death", "life", "poem", "sansara"], "url": "https://kawmuthu.blogspot.com/2021/09/", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
11
+ {"title": "ගැයේ වා ලක් මව් ගෙ නාමෙ ට සියක් පබැඳී සෙත් කවී", "content": "රටේ සිව් කොන දැවුණු ගින්දර - හිතේ ඇත තව නැත නිවී\nකදෝකිමි එළියටත් ඇහිපිය සැළී සියොළඟ යයි දැවී\nබිඳී ඉහිරුණු සිත් සතන් යළි  - බැඳී දෙරණතට ���   නැවී\nගැයේ වා ලක් මව් ගෙ නාමෙ ට සියක් පබැඳී  සෙත් කවී\nඅපේ \"නෑ පරපුරක්\" එකවර - සුසානෙක නිහඬ ව නිදී\nගලා ගිය උණු  කඳුළු කැට මහ වැව් පිරෙන්නත් නැහැ මදී\nබුදුන්, දෙවියන් සැබෑ නම් ලොව - තිබේ සරණක් නොවැරදී\nමැකී යයි රුදු සපුන් සහ මැති  සබේ මිසදිටු බල බිඳී", "labels": [], "url": "https://kawmuthu.blogspot.com/2019/05/", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
12
+ {"title": "නොකියූ කව | The Unsaid", "content": "ඈත සිට ආ සුවඳ ඔබමය              \n\nසීත අරණේ සුලඟ ඔබමය\n\nනීල නිලුපුල් මල ද ඔබමය\n\nමසිත දැල්වුන පහන ඔබමය\n\nඈත සිට විත් සුවඳ දී මට\n\nමටත් රහසෙම දුර ගියා නුඹ\n\nසිසිල පුදදී දැවුනු කතරට\n\nමද සුලඟ වී නික්මුණා නුඹ\n\nමදින් මද විකසිත ව මා සිත\n\nකිසිත් නොකියා මිලින විය නුඹ\n\nඋදා ගිර ලා එලිය විහිදන\n\nහිරු ට ඉඩ දී සැඟවුනා නුඹ\n\n-2004", "labels": ["love", "poem", "song"], "url": "https://kawmuthu.blogspot.com/2010/04/unsaid.html", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
13
+ {"title": "අතීතේ දවසක මතක", "content": "අතීතේ ඉස්සරම දවසක මතක අහුලා හදවතේ\nඑකින් එක පිළිවෙලට අහුරා නිධන් කර තැබුවෙමි හිතේ\nඑදා වගෙ ලස්සනම හවසක, අදත් ඉපැරණි මාවතේ\nමඳක් නැවතී ගිමන් හැරියෙමි මතක ලිහමින් ජීවිතේ\n \nඅපේ දුක සැප අසා සිටි, පටු මගේ අන්තිම බංකුවේ\nඉඳන් ඔබ හා තාලෙ ඇල්ලුවෙ නුඹේ ආසම සින්දුවේ\nදෑත් පටලා ගියා මතකයි ඈත පෙනෙනා වංගුවේ\nඑදා අන්තිම පැයේවත් නෑ පුරුදු සිනහව හැංගුවේ\n \nඅඳුරු නුබ ගැබ දකින විට මට නුඹේ තරු ඇස් සිහි වුණා\nවිදුලි එළි වැට නිවෙන තරමට එදා ඔය ඇස් ඇවිලුණා\nමගේ හදවත නැවත නැවතම කිනිසි තුඩකින් පෑරුණා\nමතක මිටියම මටත් නොදැනිම සරත් සුළගට මුසු වුණා", "labels": ["life"], "url": "https://kawmuthu.blogspot.com/2022/04/", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
14
+ {"title": "අතීතේ දවසක මතක", "content": "අතීතේ ඉස්සරම දවසක මතක අහුලා හදවතේ\nඑකින් එක පිළිවෙලට අහුරා නිධන් කර තැබුවෙමි හිතේ\nඑදා වගෙ ලස්සනම හවසක, අදත් ඉපැරණි මාවතේ\nමඳක් නැවතී ගිමන් හැරියෙමි මතක ලිහමින් ජීවිතේ\n \nඅපේ දුක සැප අසා සිටි, පටු මගේ අන්තිම බංකුවේ\nඉඳන් ඔබ හා තාලෙ ඇල්ලුවෙ නුඹේ ආසම සින්දුවේ\nදෑත් පටලා ගියා මතකයි ඈත පෙනෙනා වංගුවේ\nඑදා අන්තිම පැයේවත් නෑ පුරුදු සිනහව හැංගුවේ\n \nඅඳුරු නුබ ගැබ දකින විට මට නුඹේ තරු ඇස් සිහි වුණා\nවිදුලි එළි වැට නිවෙන තරමට එදා ඔය ඇස් ඇවිලුණා\nමගේ හදවත නැවත නැවතම කිනිසි තුඩකින් පෑරුණා\nමතක මිටියම මටත් නොදැනිම සරත් සුළගට මුසු වුණා", "labels": ["life"], "url": "https://kawmuthu.blogspot.com/2022/04/blog-post.html", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
15
+ {"title": "ගිනි ගත් නුවර | Burning City", "content": "ග���නි ගත් නුවර කොනේ\n\nසිර වූ කිරිල්ලියේ\n\nවිදා පියාපත් - ඉතින් පියාඹන්\n\nදළු ලන තුරු අතරේ\n\nමියුරු සත්සර නගයි තුරුසිර\n\nනොමැත පද වැල් කම් නැතී\n\nනොයෙක ගහ කොළ සලයි සිහිලස\n\nනැතිඳු චාමර කම් නැතී\n\nගිනි ගත්.....\n\nපියුම් පිස ගෙන හමයි මද නල\n\nනැතිඳු විලවුන් කම් නැතී\n\nසුවඳ දී නිති පිපෙයි කඩුපුල්\n\nමිලින වෙයි හෙට කම් නැතී\n\n, a music teacher at\nSujatha Vidyalaya\n, Matara. This song was broadcast on \"Ruhunu Sevaya\" (a regional service of\nSLBC\n).", "labels": ["nature", "song", "sujatha vidyalaya"], "url": "https://kawmuthu.blogspot.com/2010/02/blog-post_19.html#comment-form", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
16
+ {"title": "සරා සඳ | Weak Moon", "content": "සැඳෑ හිරු මියෙන සඳ\n\nඋදා වනු කිමද සඳ\n\nඋදා හිරු නැගෙන සඳ\n\nපලා යනු කිමද සඳ\n\nනිදන සඳ මහී ලඳ\n\nඋදා වන සරා සඳ\n\nපොකුරු තරු පිපෙන සඳ\n\nසිනාසෙයි රුසිරු විඳ\n\nසැලෙන මල් කැකුළු කොඳ\n\nරැහැයි නද වූ නො මද\n\nනිවී දිදුලන තරු ද\n\nදුබල යැයි කියයි සඳ\n\nනමුදු ඝණඳුර නො මද\n\nකැළුම් දී මදින් මද\n\nනසන සඳ වී සු හද\n\nනුඹම වේ මගේ සඳ\n\n--1998", "labels": ["moon", "poem", "sinhala"], "url": "https://kawmuthu.blogspot.com/2010/02/blog-post_18.html#comment-form", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
17
+ {"title": "දැන් මට නැහැ ඉඩ", "content": "හිරි පොද වැස්සට තෙමෙන මලක හැඩ \n\nබලන්න ඉස්සර වගෙ මට නැහැ ඉඩ \n\nපොඩි පුතු හිනැහෙන විට මගෙ හිත උඩ \n\nමල් මොකටද මට හිතෙනව විඩ විඩ \n\nවැස්සට ඉහිරෙන අඹ මල් මැද්දේ \n\nපිල ළඟ අඹ ගහ තාලෙට පැද්දේ \n\nබට්ටිච්චෝ උඹ නැතුවට සද්දේ \n\nඅඩුවක් නැහැ අපෙ ගේ හරි සද්දේ \n\nඇහැරෙන ලා හිරු රන් වන් පාටයි \n\nඉගිලෙන විට කොක් තටු සුදු පාටයි \n\nහබරණ ආතගෙ කට රතු පාටයි \n\nකියවන විට පුතු හරි දඟ පාටයි  \n\nබින්කුන්ඩෝ උඹ ටිකකට හිටපන් \n\nඅපට පෙනෙන්නට වටයක් නටපන් \n\nකුහූ කියා කොවුලෝ ගී කියපන් \n\nමදිනම් තව මල් වැස්සක් වැහැපන් \n\nකොඳ මල මුදුනේ මී මැසි සාදෙට \n\nරොන් කෙමියේ පැණි පිරෙන කලාවට \n\nමගෙ හිත පුරවන ටිකිරි හිනාවට \n\nපණ දෙමි මම දිවි තියෙන තුරාවට", "labels": [], "url": "https://kawmuthu.blogspot.com/2014/11/", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
18
+ {"title": "දසන් සඳ | Tooth Relic", "content": "සහන් පැය නිම වී රුවන් ගිර ඇහැරෙයි\n\nපවන් රොද දස අත තුටින් නිති දැවටෙයි\n\nඉවෙන් මෙන් සියොතුන් තුඩින් ගී රස දෙයි\n\nපිනෙන් පිරි සිරි ලක සිරින් අද නැහැවෙයි\n\nඇතුන් රද විමනට සොඞින් පැන් ගෙන එයි\n\nසමන් පෙති ඇතිරුණු විමන් දොර නහවයි\n\nවියන් බැඳි විමනත නිතින් දන ගැවසෙයි\n\nදුරින් ආ යුවළක් සෙමෙන් එහි පිවිසෙයි\n\nමුදුන් කළ මුහුළස මදින් මද ඉහිරෙයි\n\nසුරන් බඳු අතැඟිලි නුවන් බැඳ නැළවෙයි\n\nඑරන් ගැබ හැම අත දනන් නෙතු ඇහැරෙයි\n\nරුවන් දුල මියුලැස බමුණු වෙස් හැර ලයි\n\nකසුන් රැස් දහසක් පහන් සේ දැල්වෙයි\n\nරදුන් නම් කිත්සිරි මෙවන් සිත පිබිදෙයි\n\nතුටින් මෙන් අසෙනිය කුසුම් පෙති විසිරෙයි\n\nරනින් සැදි විමනක දසන් සඳ සැතපෙයි\n\n-2002", "labels": [], "url": "https://kawmuthu.blogspot.com/2010/08/", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
19
+ {"title": "මං නැති අවුරුදු | Lonely Newyear", "content": "වසන්තයේ ලා හිරු රැස් කැපූ ගොයම් සිඹිනවා ද\n\nඑදා වගෙම පුංචි එවුන් ඉපනැල්ලේ දුවනවා ද\n\nදෙවැට දිගේ රතු පාටට එරබදු මල් පිපෙනවා ද\n\nකොහෝ උඹත් මං නැතිවට තවම සිංදු කියනවා ද\n\nඅත්තම්මා අවුරුද්දට පන් පැදුරක් වියනවා ද\n\nඒ පැදුරේ රවුමෙ ඉඳන් පංචි, ඔළිඳ කෙලිනවා ද\n\nපැරදුනා ම පොඩි මල්ලී තවම රණ්ඩු කරනවා ද\n\nමේ පාරත් මං නැතිවට අපේ පිළ ම දිනයි නේද\n\nපහළ වෙලේ උදේ හවස වාරම් කවි ඇහෙනවා ද\n\nකවි තාලෙට පොඩි නංගී ඔන්චිල්ලා පදිනවා ද\n\nලොකු නැන්දා මුං අතිරස කැවුම් කොකිස් බදිනවා ද\n\nමං නැතිවට අපේ ගමට අවුරුදු හරි ජයයි නේද\n\n--April 2010", "labels": ["nature", "new year", "love", "poem", "song"], "url": "https://kawmuthu.blogspot.com/2010/04/", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
20
+ {"title": "මලට හිමි නැති මගේ විල නුඹ | Faith of Love", "content": "මලක් සේ ඔබ මා රකින්නට විසල් තුරු විමනේ\n\nකෙම් බිමක් නැති වාලුකාවක තනිව දිවි ගමනේ\n\nනිලෙන් සුදිලෙන විසල් විල් මැද මෙ මල නැත පිපුනේ\n\nමලක් වී මා සදා ඉන්නම් නුඹේ සිත් අරණේ\n\nවිලක් නැති කල මලක් නොමියෙද කරයි හිරු සරදම්\n\nමලක් වෙනුවෙන් විලක් වන්නට බිඟු ට නැත ඉවසුම්\n\nවිලෙක පිපි හැම පියුම් උඩඟු ව කියයි බස් සැනසුම්\n\nමගේ විල් තෙර මගෙම පමණයි සදා මට නැති නිම්\n\nමගේ විල් තෙර සදා නොසිඳෙයි හිරු ට පවසමි මම්\n\nමලක් වෙමි මම නොමැති මුවරද බිඟු ට පවසමි මම්\n\nනුඹයි දියවර නොනිමි පියුමින් ඇඳී නැති සිතුවම්\n\nමලට හිමි නැති මගේ විල නුඹ සදා මට මනරම්\n\n-2007", "labels": ["love", "world"], "url": "https://kawmuthu.blogspot.com/2010/02/blog-post_22.html", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
21
+ {"title": "නිදයි පොඩි පුතු මගේ", "content": "සුමුදු යහනට සුසුදු සඳ දිය \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \nගලා එයි රැය දිගේ\nසුනිල තරු කැට වසා නෙත් යට \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \nනිදයි පොඩි පුතු මගේ\nසිනිඳු කෙහෙරැලි ගැටී සුළඟට \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \nකරයි මුව මත දඟේ\nනිදන පුතු දෙස බලා හිඳුමද \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \nභාවනාවක් වගේ\nවලාකුලෙන් වැටෙන, සඳේ කිරණක් ගෙන අතේ         තබමි\nඒ එළියෙන් හිනා බිංදු උපදින හැටි බලා                 හ��ඳිමි\nපැහැයක් නැති බිළිඳු සිතේ ඇඳි සිහිනය සිතින්         දකිමි\nඒ සිහිනේ කොනෙක මමත් නිවෙමි, නිවීලා          සැනසෙමි", "labels": ["baby", "beauty", "love", "moon", "night", "sleep", "death", "life", "poem", "sansara"], "url": "https://kawmuthu.blogspot.com/2021/", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
22
+ {"title": "නිදයි පොඩි පුතු මගේ", "content": "සුමුදු යහනට සුසුදු සඳ දිය \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \nගලා එයි රැය දිගේ\nසුනිල තරු කැට වසා නෙත් යට \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \nනිදයි පොඩි පුතු මගේ\nසිනිඳු කෙහෙරැලි ගැටී සුළඟට \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \nකරයි මුව මත දඟේ\nනිදන පුතු දෙස බලා හිඳුමද \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \n    \nභාවනාවක් වගේ\nවලාකුලෙන් වැටෙන, සඳේ කිරණක් ගෙන අතේ         තබමි\nඒ එළියෙන් හිනා බිංදු උපදින හැටි බලා                 හිඳිමි\nපැහැයක් නැති බිළිඳු සිතේ ඇඳි සිහිනය සිතින්         දකිමි\nඒ සිහිනේ කොනෙක මමත් නිවෙමි, නිවීලා          සැනසෙමි", "labels": ["baby", "beauty", "love", "moon", "night", "sleep"], "url": "https://kawmuthu.blogspot.com/2021/09/blog-post_22.html#comment-form", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
23
+ {"title": "සන්නස | Message", "content": "මේඝ වළාවෙනි ගුවන් තටාකේ මාරුතයක දැවටී\n\nපියා විදා රණ හසුන් කැලක් සේ\n\nඑන්න තවත් නොරැඳී\n\nමා සිත් කව ඈ වෙත ගෙන යන්නට\n\nඑන්න තවත් නොරැඳී\n\nතනි තරුවකි ඈ හා දොඩමළු වන\n\nකළුවර රෑ අහසේ\n\nඈට හිතැති මට හිත නැති තරුවට\n\nමේ දුක කියමි කෙසේ...\n\nතුඩගින් ඈ වෙත මුවරද ගෙන යති\n\nබඹරුන් හොර රහසේ\n\nමලින් මලට පියඹන බඹරෙකු හට\n\nමේ කව කියමි කෙසේ...\n\n-2007", "labels": ["love", "sinhala", "song"], "url": "https://kawmuthu.blogspot.com/2010/06/", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
24
+ {"title": "ලොවක අරුම | World", "content": "නොතිර දියත පෙනෙන ඉමක\n\nනොමැත සදා සුපිපි මලක්\n\nනොනිම් ගගන කිනම් තැනක\n\nවෙයිද සදා දිලෙන සඳක්\n\nසදොස් මඩින් මිදී පිපෙන\n\nනෙළුම දනී විලක තරම\n\nමලින් මලට පියා සලන\n\nබිඟු නොදනී මලක අරුම\n\nවෙසෙස් විලෙන් මිදී සරන\n\nසියොත් දනී ලොවක අරුම\n\nවිලෙහි ඉපිද විලෙහි මියෙන\n\nතඹුරු දනිත් එලොව කොහොම\n\n- 2006", "labels": ["nature", "world"], "url": "https://kawmuthu.blogspot.com/2010/02/blog-post_3638.html#comment-form", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
25
+ {"title": "දැන් මට නැහැ ඉඩ", "content": "හිරි පොද වැස්සට තෙමෙන මලක හැඩ \n\nබලන්න ඉස්සර වගෙ මට නැහැ ඉඩ \n\nපොඩි පුතු හිනැහෙන විට මගෙ හිත උඩ \n\nමල් මොකටද මට හිතෙනව විඩ විඩ \n\nවැස්සට ඉහිරෙන අඹ මල් මැද්දේ \n\nපිල ළඟ අඹ ගහ තාලෙට පැද්දේ \n\nබට්ටිච්චෝ උඹ නැතුවට සද්දේ \n\nඅඩුවක් නැහැ අපෙ ගේ හරි සද්දේ \n\nඇහැරෙන ලා හිරු රන් වන් පාටයි \n\nඉගිලෙන විට කොක් තටු සුදු පාටයි \n\nහබරණ ආතගෙ කට රතු පාටයි \n\nකියවන විට පුතු හරි දඟ පාටයි  \n\nබින්කුන්ඩෝ උඹ ටිකකට හිටපන් \n\nඅපට පෙනෙන්නට වටයක් නටපන් \n\nකුහූ කියා කොවුලෝ ගී කියපන් \n\nමදිනම් තව මල් වැස්සක් වැහැපන් \n\nකොඳ මල මුදුනේ මී මැසි සාදෙට \n\nරොන් කෙමියේ පැණි පිරෙන කලාවට \n\nමගෙ හිත පුරවන ටිකිරි හිනාවට \n\nපණ දෙමි මම දිවි තියෙන තුරාවට", "labels": [], "url": "https://kawmuthu.blogspot.com/2014/", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
26
+ {"title": "ගැයේ වා ලක් මව් ගෙ නාමෙ ට සියක් පබැඳී සෙත් කවී", "content": "රටේ සිව් කොන දැවුණු ගින්දර - හිතේ ඇත තව නැත නිවී\nකදෝකිමි එළියටත් ඇහිපිය සැළී සියොළඟ යයි දැවී\nබිඳී ඉහිරුණු සිත් සතන් යළි  - බැඳී දෙරණතට ම   නැවී\nගැයේ වා ලක් මව් ගෙ නාමෙ ට සියක් පබැඳී  සෙත් කවී\nඅපේ \"නෑ පරපුරක්\" එකවර - සුසානෙක නිහඬ ව නිදී\nගලා ගිය උණු  කඳුළු කැට මහ වැව් පිරෙන්නත් නැහැ මදී\nබුදුන්, දෙවියන් සැබෑ නම් ලොව - තිබේ සරණක් නොවැරදී\nමැකී යයි රුදු සපුන් සහ මැති  සබේ මිසදිටු බල බිඳී", "labels": [], "url": "https://kawmuthu.blogspot.com/2019/05/blog-post.html", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
27
+ {"title": "මලට හිමි නැති මගේ විල නුඹ | Faith of Love", "content": "මලක් සේ ඔබ මා රකින්නට විසල් තුරු විමනේ\n\nකෙම් බිමක් නැති වාලුකාවක තනිව දිවි ගමනේ\n\nනිලෙන් සුදිලෙන විසල් විල් මැද මෙ මල නැත පිපුනේ\n\nමලක් වී මා සදා ඉන්නම් නුඹේ සිත් අරණේ\n\nවිලක් නැති කල මලක් නොමියෙද කරයි හිරු සරදම්\n\nමලක් වෙනුවෙන් විලක් වන්නට බිඟු ට නැත ඉවසුම්\n\nවිලෙක පිපි හැම පියුම් උඩඟු ව කියයි බස් සැනසුම්\n\nමගේ විල් තෙර මගෙම පමණයි සදා මට නැති නිම්\n\nමගේ විල් තෙර සදා නොසිඳෙයි හිරු ට පවසමි මම්\n\nමලක් වෙමි මම නොමැති මුවරද බිඟු ට පවසමි මම්\n\nනුඹයි දියවර නොනිමි පියුමින් ඇඳී නැති සිතුවම්\n\nමලට හිමි නැති මගේ විල නුඹ සදා මට මනරම්\n\n-2007", "labels": ["love", "world", "nature", "world", "nature", "song", "sujatha vidyalaya", "moon", "poem", "sinhala", "engineering", "love", "poem", "sinhala", "university of moratuwa"], "url": "https://kawmuthu.blogspot.com/2010/02/", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
28
+ {"title": "මං නැති අවුරුදු | Lonely Newyear", "content": "වසන්තයේ ලා හිරු රැස් කැපූ ගොයම් සිඹිනවා ද\n\nඑදා වගෙම පුංචි එවුන් ඉපනැල්ලේ දුවනවා ද\n\nදෙවැට දිගේ රතු පාටට එරබදු මල් පිපෙනවා ද\n\nකොහෝ උඹත් මං නැතිවට තවම සිංදු කියනවා ද\n\nඅත්තම්මා අවුරුද්දට පන් පැදුරක් වියනවා ද\n\nඒ පැදුරේ රවුමෙ ඉඳන් පංචි, ඔළිඳ කෙලිනවා ද\n\nපැරදුනා ම පොඩි මල්ලී තවම රණ්ඩු කරනවා ද\n\nමේ පාරත් මං නැතිවට අපේ පිළ ම දිනයි නේද\n\nපහළ වෙලේ උදේ හවස වාරම් කවි ඇහෙනවා ද\n\nකවි තාලෙට පොඩි නංගී ඔන්චිල්ලා පදිනවා ද\n\nලොකු නැන්දා මුං අතිරස කැවුම් කොකිස් බදිනවා ද\n\nමං නැතිවට අපේ ගමට අවුරුදු හරි ජයයි නේද\n\n--April 2010", "labels": ["nature", "new year"], "url": "https://kawmuthu.blogspot.com/2010/04/lonely-newyear.html#comment-form", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
29
+ {"title": "යළි නොහැරෙන්ට යා යුතු ගමනකි \"නිවන\"", "content": "මේ ජීවිතය දැල්වෙන මැටි පහනක්                ය\nතෙල් ඇති තුරා ඇවිලෙන එක තිරයක්           ය\nපින් මදි වෙද්දි එන මරණය සුළඟක්              ය\nපව් පළ දෙන්න යන්නේ එක ක්\n‍\nෂණයක්           ය\nසසරේ නවාතැන් නම් සිය දහක්                    ඇත\nටික කාලෙකට හමු වෙන සගයිනුත්              වෙත\nඑනමුත් ගමන යන්නේ තනිවමයි                    පුත\n\"මම\" යැයි \"මගේ\" යැයි මට කිසි දෙයක්       නැත\nනිවි නිවි යළිත් දැල්වෙන ජීවිත                    පහන\nවැටි වැටි යන්ට දඟලන සසරේ                   ගමන\nඅර ගෙන යන්න ඇත්තේ කළ පින               පමණ\nයළි නොහැරෙන්ට යා යුතු ගමනකි            \"නිවන\"", "labels": ["death", "life", "poem", "sansara"], "url": "https://kawmuthu.blogspot.com/2021/09/blog-post.html", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
30
+ {"title": "නොකියූ කව | The Unsaid", "content": "ඈත සිට ආ සුවඳ ඔබමය              \n\nසීත අරණේ සුලඟ ඔබමය\n\nනීල නිලුපුල් මල ද ඔබමය\n\nමසිත දැල්වුන පහන ඔබමය\n\nඈත සිට විත් සුවඳ දී මට\n\nමටත් රහසෙම දුර ගියා නුඹ\n\nසිසිල පුදදී දැවුනු කතරට\n\nමද සුලඟ වී නික්මුණා නුඹ\n\nමදින් මද විකසිත ව මා සිත\n\nකිසිත් නොකියා මිලින විය නුඹ\n\nඋදා ගිර ලා එලිය විහිදන\n\nහිරු ට ඉඩ දී සැඟවුනා නුඹ\n\n-2004", "labels": ["love", "poem", "song"], "url": "https://kawmuthu.blogspot.com/2010/04/unsaid.html#comment-form", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
31
+ {"title": "ගැයේ වා ලක් මව් ගෙ නාමෙ ට සියක් පබැඳී සෙත් කවී", "content": "රටේ සිව් කොන දැවුණු ගින්දර - හිතේ ඇත තව නැත නිවී\nකදෝකිමි එළියටත් ඇහිපිය සැළී සියොළඟ යයි දැවී\nබිඳී ඉහිරුණු සිත් සතන් යළි  - බැඳී දෙරණතට ම   නැවී\nගැයේ වා ලක් මව් ගෙ නාමෙ ට සියක් පබැඳී  සෙත් කවී\nඅපේ \"නෑ පරපුරක්\" එකවර - සුසානෙක නිහඬ ව නිදී\nගලා ගිය උණු  කඳුළු කැට මහ වැව් පිරෙන්නත් නැහැ මදී\nබුදුන්, දෙවියන් සැබෑ නම් ලොව - තිබේ සරණක් නොවැරදී\nමැකී යයි රුදු සපුන් සහ මැති  සබේ මිසදිටු බල බිඳී", "labels": [], "url": "https://kawmuthu.blogspot.com/2019/05/blog-post.html#comment-form", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
32
+ {"title": "ගැයේ වා ලක් මව් ගෙ නාමෙ ට සියක් පබැඳී සෙත් කවී", "content": "රටේ සිව් කොන දැවුණු ගින්දර - හිතේ ඇත තව නැත නිවී\nකදෝකිමි එළියටත් ඇහිපිය සැළී සියොළඟ යයි දැවී\nබිඳී ඉහිරුණු සිත් සතන් යළි  - බැඳී දෙරණතට ම   නැවී\nගැයේ වා ලක් මව් ගෙ නාමෙ ට සියක් පබැඳී  සෙත් කවී\nඅපේ \"නෑ පරපුරක්\" එකවර - සුසානෙක නිහඬ ව නිදී\nගලා ගිය උණු  කඳුළු කැට මහ වැව් පිරෙන්නත් නැහැ මදී\nබුදුන්, දෙවියන් සැබෑ නම් ලොව - තිබේ සරණක් නොවැරදී\nමැකී යයි රුදු සපුන් සහ මැති  සබේ මිසදිටු බල බිඳී", "labels": [], "url": "https://kawmuthu.blogspot.com/2019/", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
33
+ {"title": "මලට හිමි නැති මගේ විල නුඹ | Faith of Love", "content": "මලක් සේ ඔබ මා රකින්නට විසල් තුරු විමනේ\n\nකෙම් බිමක් නැති වාලුකාවක තනිව දිවි ගමනේ\n\nනිලෙන් සුදිලෙන විසල් විල් මැද මෙ මල නැත පිපුනේ\n\nමලක් වී මා සදා ඉන්නම් නුඹේ සිත් අරණේ\n\nවිලක් නැති කල මලක් නොමියෙද කරයි හිරු සරදම්\n\nමලක් වෙනුවෙන් විලක් වන්නට බිඟු ට නැත ඉවසුම්\n\nවිලෙක පිපි හැම පියුම් උඩඟු ව කියයි බස් සැනසුම්\n\nමගේ විල් තෙර මගෙම පමණයි සදා මට නැති නිම්\n\nමගේ විල් තෙර සදා නොසිඳෙයි හිරු ට පවසමි මම්\n\nමලක් වෙමි මම නොමැති මුවරද බිඟු ට පවසමි මම්\n\nනුඹයි දියවර නොනිමි පියුමින් ඇඳී නැති සිතුවම්\n\nමලට හිමි නැති මගේ විල නුඹ සදා මට මනරම්\n\n-2007", "labels": ["love", "world"], "url": "https://kawmuthu.blogspot.com/2010/02/blog-post_22.html#comment-form", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
34
+ {"title": "සන්නස | Message", "content": "මේඝ වළාවෙනි ගුවන් තටාකේ මාරුතයක දැවටී\n\nපියා විදා රණ හසුන් කැලක් සේ\n\nඑන්න තවත් නොරැඳී\n\nමා සිත් කව ඈ වෙත ගෙන යන්නට\n\nඑන්න තවත් නොරැඳී\n\nතනි තරුවකි ඈ හා දොඩමළු වන\n\nකළුවර රෑ අහසේ\n\nඈට හිතැති මට හිත නැති තරුවට\n\nමේ දුක කියමි කෙසේ...\n\nතුඩගින් ඈ වෙත මුවරද ගෙන යති\n\nබඹරුන් හොර රහසේ\n\nමලින් මලට පියඹන බඹරෙකු හට\n\nමේ කව කියමි කෙසේ...\n\n-2007", "labels": ["love", "sinhala", "song"], "url": "https://kawmuthu.blogspot.com/2010/06/message.html#comment-form", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
35
+ {"title": "අතීතේ දවසක මතක", "content": "අතීතේ ඉස්සරම දවසක මතක අහුලා හදවතේ\nඑකින් එක පිළිවෙලට අහුරා නිධන් කර තැබුවෙමි හිතේ\nඑදා වගෙ ලස්සනම හවසක, අදත් ඉපැරණි මාවතේ\nමඳක් නැවතී ගිමන් හැරියෙමි මතක ලිහමින් ජීවිතේ\n \nඅපේ දුක සැප අසා සිටි, පටු මගේ අන්තිම බංකුවේ\nඉඳන් ඔබ හා තාලෙ ඇල්ලුවෙ නුඹේ ආසම සින්දුවේ\nදෑත් පටලා ගියා මතකයි ඈත පෙනෙනා වංගුවේ\nඑදා අන්තිම පැයේවත් නෑ පුරුදු සිනහව හැංගුවේ\n \nඅඳුරු නුබ ගැබ දකින විට මට නුඹේ තරු ඇස් සිහි වුණා\nවිදුලි එළි වැට නිවෙන තරමට එදා ඔය ඇස් ඇවිලුණා\nමගේ හදවත නැවත නැවතම කිනිසි තුඩකින් පෑරුණා\nමතක මිටියම මටත් නොදැනිම සරත් සුළගට මුසු වුණා", "labels": ["life"], "url": "https://kawmuthu.blogspot.com/2022/", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
36
+ {"title": "අත���තේ දවසක මතක", "content": "අතීතේ ඉස්සරම දවසක මතක අහුලා හදවතේ\nඑකින් එක පිළිවෙලට අහුරා නිධන් කර තැබුවෙමි හිතේ\nඑදා වගෙ ලස්සනම හවසක, අදත් ඉපැරණි මාවතේ\nමඳක් නැවතී ගිමන් හැරියෙමි මතක ලිහමින් ජීවිතේ\n \nඅපේ දුක සැප අසා සිටි, පටු මගේ අන්තිම බංකුවේ\nඉඳන් ඔබ හා තාලෙ ඇල්ලුවෙ නුඹේ ආසම සින්දුවේ\nදෑත් පටලා ගියා මතකයි ඈත පෙනෙනා වංගුවේ\nඑදා අන්තිම පැයේවත් නෑ පුරුදු සිනහව හැංගුවේ\n \nඅඳුරු නුබ ගැබ දකින විට මට නුඹේ තරු ඇස් සිහි වුණා\nවිදුලි එළි වැට නිවෙන තරමට එදා ඔය ඇස් ඇවිලුණා\nමගේ හදවත නැවත නැවතම කිනිසි තුඩකින් පෑරුණා\nමතක මිටියම මටත් නොදැනිම සරත් සුළගට මුසු වුණා", "labels": ["life"], "url": "https://kawmuthu.blogspot.com/2022/04/blog-post.html#comment-form", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
37
+ {"title": "පහන නොසැලේ නම් | The Rigid Love", "content": "රුවන් තරුවක් යදින අහසකි\n\nඅහස ඔබ නම් තරුව මම වෙමි\n\nඅඳුරු අහසේ දිලෙමි තනි වී\n\nඅඳුර නොමියේ නම්\n\nපහන් සිළුවක් පතන පහනකි\n\nපහන ඔබ නම් පහන් සිල වෙමි\n\nසදා ඔබ ලඟ හිඳිමි නොනිවී\n\nපහන නොසැලේ නම්\n\nනොනිමි සයුරක් සොයන ගඟුලකි\n\nගඟුල ඔබ නම් සයුර මම වෙමි\n\nබලා හිඳිනෙමි සයුරු තෙර වී\n\nගඟුල නොසිඳේ නම්\n\n2005 Freshers Nite souvenir(held by Batch 04,\nFaculty of Engineering\n,\nUOM\n)", "labels": ["engineering", "love", "poem", "sinhala", "university of moratuwa"], "url": "https://kawmuthu.blogspot.com/2010/02/blog-post.html#comment-form", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
38
+ {"title": "ගිනි ගත් නුවර | Burning City", "content": "ගිනි ගත් නුවර කොනේ\n\nසිර වූ කිරිල්ලියේ\n\nවිදා පියාපත් - ඉතින් පියාඹන්\n\nදළු ලන තුරු අතරේ\n\nමියුරු සත්සර නගයි තුරුසිර\n\nනොමැත පද වැල් කම් නැතී\n\nනොයෙක ගහ කොළ සලයි සිහිලස\n\nනැතිඳු චාමර කම් නැතී\n\nගිනි ගත්.....\n\nපියුම් පිස ගෙන හමයි මද නල\n\nනැතිඳු විලවුන් කම් නැතී\n\nසුවඳ දී නිති පිපෙයි කඩුපුල්\n\nමිලින වෙයි හෙට කම් නැතී\n\n, a music teacher at\nSujatha Vidyalaya\n, Matara. This song was broadcast on \"Ruhunu Sevaya\" (a regional service of\nSLBC\n).", "labels": ["nature", "song", "sujatha vidyalaya"], "url": "https://kawmuthu.blogspot.com/2010/02/blog-post_19.html", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
39
+ {"title": "දැන් මට නැහැ ඉඩ", "content": "හිරි පොද වැස්සට තෙමෙන මලක හැඩ \n\nබලන්න ඉස්සර වගෙ මට නැහැ ඉඩ \n\nපොඩි පුතු හිනැහෙන විට මගෙ හිත උඩ \n\nමල් මොකටද මට හිතෙනව විඩ විඩ \n\nවැස්සට ඉහිරෙන අඹ මල් මැද්දේ \n\nපිල ළඟ අඹ ගහ තාලෙට පැද්දේ \n\nබට්ටිච්චෝ උඹ නැතුවට සද්දේ \n\nඅඩුවක් නැහැ අපෙ ගේ හරි සද්දේ \n\nඇහැරෙන ලා හිරු රන් වන් පාටයි \n\nඉගිලෙන විට කොක් තටු සුදු පාටයි \n\nහබරණ ආතගෙ කට රතු පාටයි \n\nකියවන විට පුතු හරි දඟ පාටයි  \n\nබින්කුන්ඩෝ උඹ ටිකකට හිටපන් \n\nඅපට පෙනෙන්නට වටයක් නටපන් \n\nක��හූ කියා කොවුලෝ ගී කියපන් \n\nමදිනම් තව මල් වැස්සක් වැහැපන් \n\nකොඳ මල මුදුනේ මී මැසි සාදෙට \n\nරොන් කෙමියේ පැණි පිරෙන කලාවට \n\nමගෙ හිත පුරවන ටිකිරි හිනාවට \n\nපණ දෙමි මම දිවි තියෙන තුරාවට", "labels": [], "url": "https://kawmuthu.blogspot.com/2014/11/blog-post.html", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
40
+ {"title": "මං නැති අවුරුදු | Lonely Newyear", "content": "වසන්තයේ ලා හිරු රැස් කැපූ ගොයම් සිඹිනවා ද\n\nඑදා වගෙම පුංචි එවුන් ඉපනැල්ලේ දුවනවා ද\n\nදෙවැට දිගේ රතු පාටට එරබදු මල් පිපෙනවා ද\n\nකොහෝ උඹත් මං නැතිවට තවම සිංදු කියනවා ද\n\nඅත්තම්මා අවුරුද්දට පන් පැදුරක් වියනවා ද\n\nඒ පැදුරේ රවුමෙ ඉඳන් පංචි, ඔළිඳ කෙලිනවා ද\n\nපැරදුනා ම පොඩි මල්ලී තවම රණ්ඩු කරනවා ද\n\nමේ පාරත් මං නැතිවට අපේ පිළ ම දිනයි නේද\n\nපහළ වෙලේ උදේ හවස වාරම් කවි ඇහෙනවා ද\n\nකවි තාලෙට පොඩි නංගී ඔන්චිල්ලා පදිනවා ද\n\nලොකු නැන්දා මුං අතිරස කැවුම් කොකිස් බදිනවා ද\n\nමං නැතිවට අපේ ගමට අවුරුදු හරි ජයයි නේද\n\n--April 2010", "labels": ["nature", "new year"], "url": "https://kawmuthu.blogspot.com/2010/04/lonely-newyear.html", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}
41
+ {"title": "දසන් සඳ | Tooth Relic", "content": "සහන් පැය නිම වී රුවන් ගිර ඇහැරෙයි\n\nපවන් රොද දස අත තුටින් නිති දැවටෙයි\n\nඉවෙන් මෙන් සියොතුන් තුඩින් ගී රස දෙයි\n\nපිනෙන් පිරි සිරි ලක සිරින් අද නැහැවෙයි\n\nඇතුන් රද විමනට සොඞින් පැන් ගෙන එයි\n\nසමන් පෙති ඇතිරුණු විමන් දොර නහවයි\n\nවියන් බැඳි විමනත නිතින් දන ගැවසෙයි\n\nදුරින් ආ යුවළක් සෙමෙන් එහි පිවිසෙයි\n\nමුදුන් කළ මුහුළස මදින් මද ඉහිරෙයි\n\nසුරන් බඳු අතැඟිලි නුවන් බැඳ නැළවෙයි\n\nඑරන් ගැබ හැම අත දනන් නෙතු ඇහැරෙයි\n\nරුවන් දුල මියුලැස බමුණු වෙස් හැර ලයි\n\nකසුන් රැස් දහසක් පහන් සේ දැල්වෙයි\n\nරදුන් නම් කිත්සිරි මෙවන් සිත පිබිදෙයි\n\nතුටින් මෙන් අසෙනිය කුසුම් පෙති විසිරෙයි\n\nරනින් සැදි විමනක දසන් සඳ සැතපෙයි\n\n-2002", "labels": ["love", "sinhala", "song", "nature", "new year", "love", "poem", "song", "love", "world", "nature", "world", "nature", "song", "sujatha vidyalaya", "moon", "poem", "sinhala", "engineering", "love", "poem", "sinhala", "university of moratuwa"], "url": "https://kawmuthu.blogspot.com/2010/", "author": "Kalani Ruwanpathirana", "source": "kawmuthu.blogspot.com", "type": "poem"}