summary
stringlengths
5
1.45k
text
stringlengths
173
24.8k
කොරොනාවෛරසයෙහි නව ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වීම නිසා මිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි සීමාවන්වලට යටත් කිරීමට , එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තය පියවර ගෙන තිබේ. ඒ අනුව නත්තල් සමයේදී ද ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක වනු ඇත.
නව ප්‍රභේදය අසාමාන්‍ය සහ දැඩි ලෙස වෙනස් වී ඇත එමෙන්ම, එක්සත් රාජධානියට සංචාරක තහනම් පැනවීමට ඉන්දියාව, කැනඩාව ඇතුළු රටවල් හතළිහකට වැඩි ප්‍රමාණයක් ක්‍රියා කර තිබේ. එවැනි පියවරකට ශ්‍රී ලංකාව ද එක්වූ අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස බීබීසී සිංහල සේවයට පැවසුවේ එංගලන්තයෙන් පිටත්වන හෝ ඒ හරහා එන සියලු ගුවන්...
විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස හිටපු අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන පත් කිරීමේ තීරණය පිටු පස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පත්ව සිටින ඇමති අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කරයි.
සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂය විනාශ කරන කුමන්ත්‍රණකරුවන් පිටුදැකීමට ක්‍රියා කළ යුතුයි - සුසිල් ප්‍රේම්ජයන්ත් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ යාපා ඇමතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව තුල ශක්තිමත් රාජ්‍ය පාලනයක් පැවතීම දැකීමට අසතුටු විදේශීය බලවේග මේ පිටුපස සිටින බවයි. ඇමති නිමල් සිරිපාල ද සිල්වා අදහස් දහස් ...
මාලදිවයින තරම් වෙනත් කිසිදු රටක් පාරිසරික තර්ජනයකට මුහුණ දෙන්නේ නැහැ.
මුහුදු පතුලෙන් වැලි ඝන මීටර මිලියන ගණනක් පොම්ප කර කෘත්‍රිම හුල්හුමාලේ දූපත සෑදිණි - වැලි ගොඩ කරමින් තැනෙන දූපතේ ගුවන් දර්ශනයක් එහි ඇති සුඛෝපභෝගී වෙරළ නිවාඩු නිකේතන ලෝක ප්‍රකට වන්නට පුළුවන්. නමුත් 1,200ක් තරම් වූ විසිරී ඇති දූපත් සමූහයෙන් 80% ක් ම මුහුදු මට්ටින් මීටර 1 ට වඩා ඉහළින් පිහිටා නැති නිසා ඒවායෙහි පැවැත්මට, ඉහළ...
එක්සත් ජාතික පක්ෂයේ මෙවර මැයි රැළිය අද බ්‍රහස්පතින්දා අම්පාර නගරයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසුරිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂය අද නව මාවතකට පිවිස ඇති බවයි ඔහු පවසන්නේ පස්වරු 3.10 ට පමණ මැයි පෙළපාලිය අම්පාර බ්‍රවුන් හන්දියෙන් ඇරඹිණි. ඉන් අනතුරුව අම්පාර ත්‍රී රෝද රථ ගාලේ දී රැළිය ආරම්භ විය. රජය සාධාරණ මැතිවරණයක් පවත්වන්නේ නම් ජනතාව රජයට පිළිතුරු දීමට සුදානම් බව පැවසූ කරු ජයසුරිය සංවර්ධනය මුවාවෙන් විශාල වශයෙන් වංචා හා දුෂණ රට ත...
'අවශේෂ වනාන්තරවල' ආරක්ෂාව වෙනුවෙන් පැවති 05/2001 සහ 02/2006 චක්‍රලේඛ අහෝසි කිරීම ශ්‍රී ලංකාවේ වන අලි ගහනයට මරු පහරක් වනු ඇති බවට පරිසරවේදීහු සහ සත්ව සුබ සාධන ක්‍රියාකාරීහු අනතුරු අඟවති.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති හෙක්ටයාර ලක්ෂ පහකට ආසන්න 'අවශේෂ වනාන්තර' දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරු යටතට පත් කිරීම පරිසරවේදීන් හඳුන්වන්නේ විදේශ සමාගම්වලට ඉඩම් ලබා දීමේ "සටකපට ප්‍රයත්නයක්" වශයෙනි. පරිසරවේදීන් සහ සත්ව සුබ සාධන ක්‍රියාකාරීන් පවසන පරිදි ශ්‍රී ලංකාවේ අලි ඇතුන් වැඩි වශයෙන්ම ගැවසෙන්නේ...
සැත්කම් විසිහතකට මුහුණ දී ඇති ඇය උසස් පෙළ විභාගය සමත් වූයේ A සාමාර්ථ දෙකක් සහ B සමාර්ථයක් සමඟිනි.
ජීවවිද්‍යා අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි වත්සලා යසන්ති කුමාරි මුතුකුඩේගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක වී ජනතාවට සේවය කිරීමය. දෑතේ ආබාධ සහ වෙනත් සංකූලතා ඉදිරියේ නොසැලී සිය ඉලක්කය කරා ගිය ඇගේ කතාවයි මේ. කැමරාකරණය: චමිල් රූපසිංහ, නිෂ්පාදනය: සුනෙත් පෙරේරා මේ ගැනත් කියවන්න:
දෙහිවල ප්‍රදේශයේ මුස්ලිම්වරුන්ගේ ආගමික කටයුතු වලට කොහුවල පොලිසියෙන් බලපෑම් එල්ල වන බව පළාත්වාසීන් සහ පල්ලිවල භාර කරුවන් තමන්ට දැන්වූ බව අමාත්‍ය රිශාඩ් බදියුද්දීන් ප්‍රකාශ කරයි.
අමාත්‍ය රිශාඩ් බදියුද්දීන් මේ සම්බන්ධයෙන් තමන් වැඩබලන පොලිස්පති ගාමිණී නවරත්නට සහ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට දැන්වූ බව පවසන අමාත්‍ය බදියුද්දීන් (බදාදා) පළාත්වාසී මුස්ලිම්වරුන් පොලිසියට කැඳවා සාමකාමිව ගැට‍ළුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව එවිට පොලිසිය තමන්ට දැන්වූ බවත් කියා සිටියේය. පොලිසියට පැමිණිල්ලක් ලැබී න...
ශ්‍රී ලංකාවේ පිරිමින් අතරින් සියයට 14.5ක් එක් වතාවක් වත් ස්ත්‍රී දූෂණයක් සිදු කර ඇති බවට පිළිගත් බව එක්සත් ජාතීන්ගේ සමීක්ෂණ වාර්තාවක් හෙළිදරව් කරයි.
විවාහය තුල සිදු වන ප්‍රචණ්ඩත්වය ඉතා බහුලයි ආසියා ශාන්තිකර රටවල් හයක පුරුෂයන් දස දහසක් යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර තිබේ. මෙහි දැක්වෙන අන්දමට විවාහය තුල සිදු වන ප්‍රචණ්ඩත්වය ඉතා බහුලයි. ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානයේ සම්බන්ධීකාරක පද්මිණි වීරසුරිය පවසන්නේ ශ්‍රී ලංකාවේ මෑතක් වන තුරු මේ සඳහා නීති සම්පාදනය වී නො ත...
යේමනයේ දකුණු දිග කලාපයට අයත් ඇඩෙන් වරාය නගරයේ පිහිටි හමුදා කඳවුරකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට හසු වී හමුදා සෙබළුන් විසි දෙනෙකුවත් මරුමුවට පත් වී ඇති බව එරට බලධාරීහු පවසති.
ප්‍රහාරයෙන් තවත් හමුදා භටයන් විසි දෙනෙකුවත් තුවාල ලබා ඇති බවත් වාර්තාවල සඳහන් වේ. වේතන ලබා ගැනීම සඳහා පෝලිම් ගැසී සිටි හමුදා සෙබළුන් ඉලක්ක කොට ප්‍රහාරකයා විසින් බෝම්බය පුපුවරා හරිනු ලැබ තිබේ. යේමන ආරක්ෂක හමුදා සාමාජිකයෙක් ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලැබූ ආණ්ඩුවක් යටතේ පාලනය වන ඇඩෙන් නගරයට මීට පෙර එල්ල වූ ප්‍රහාර ගණනාවක ව...
එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් අද උදසන මැතිවරණ කොමසාරිස්වරයා වෙන වෙනම මුණගැසුණු අතර ජනාධිපතිවරණ දිනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කළ බවයි එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මන්ත්‍රීවරයා හමුවෙන් අනතුරුව මාධ්‍යට පවසා සිටියේ.
එජාප නියෝජිත පිරිස මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමෙන් පසු 'ව්‍යවස්ථාවට අපහාසයක්' " ජනාධිපතිවරණය නොවැම්බර් 20 වෙනිදා කැදවල මැතිවරණය 8 වැනිදා පවත්වන්න යනවා කියල විවිධ ආරංචි පැතිරෙනවා, මේක අපි දකින්නේ ව්‍යවස්ථාවට කරන අපහාසයක් විදිහට, මොකද මැතිවරණයක් අවශ්‍ය බව නිවේදනය කරන්න රජයට පුළුවන් හැබැයි දිනය තීරණය කල යුත්තේ මැතිවරණ කොම...
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ මරණයට හේතු වී ඇත්තේ වෙඩි තැබීමක් නොව විශේෂ අවියකින් හිසට හා මොළයට එල්ල කරන ලද පහර දීමක් බව දේහය ගොඩ ගෙන සිදු කළ නවතම මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇතැයි නීතිවේදි අතුල රණගල පවසයි.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (මාර්තු 20) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරපත් කළ බව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙකු වන අතුල රණගල බීබීසී සිංහල සේවයට කියා සිටියේය. 2009 වසරේදී ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ යළ...
ශ්‍රී ලංකාවේ සහ බුරුමයේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව එල්ල කෙරෙමින් ඇති බෞද්ධ ප්‍රචණ්ඩ ප්‍රහාර ඉතාම කණගාටුවට කරුණකැයි ටිබට් බෞද්ධ නායක දලයි ලාමා පවසයි.
ටිබට් බෞද්ධ නායක දලයි ලාමා තම දේශයෙන් පිටමංව ඉන්දියාවේ වෙසෙන නොබෙල් ත්‍යාගලාභී දලයි ලාමා,ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් සරසවියේදී අදහස් දක්වමින්,ආගමේ නාමයෙන් මිනිසුන් මැරීම සිතා ගැනීමට පවා අසීරු දෙයක් බවයි සඳහන් කළේ. තවදුරටත් කරුණු පැහැදිළි කළ උන්වහන්සේ ,මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් අශුභාවාදීව සිතන බෞද්ධයන් අමතමින්, බුද...
සමාජයීය සහ දේශපාලනික වෙනස්කම් බොහොමයක් සමඟ 2019 වසර අවසානයට ළඟා වී තිබේ.
ගෙවී ගිය වසරේ සෑම මසකම බීබීසී සිංහල සේවයේ වඩාත් ජනප්‍රිය වූ ලිපි මොනවාද? ජනවාරි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ගැටුම් 'උග්‍ර අතට': "කණ්ඩායම කල්ලිවලට බෙදිලා" ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්, පුහුණුකරුවන් හා පරිපාලකයන් අතර ගැටුම් උග්‍ර අතට පත්වී ඇති බව පෙන්වා දෙමින් බීබීසි සිංහල සේවය පළ කළ ලිපියට 2019 ආරම්භයේ...
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ජනවාරි 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.
ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ වියදමින් මෝටර් රථ කුලියට ගෙන ඉන්ධන සහ රියදුරන් යොදවා බාහිර කාර්යයන්වල යෙදවීමෙන් රජයට රුපියල් මිලියන හතළිස් එකකට ආසන්න මුදලක පාඩුවක් සිදු කළ බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා වීරවංශ මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (ජන.10) කැඳවා තිබිණි. අද...
කිසියම් පිරිසක් විසින් සිය මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු රැස්කරමින් සිටින බවට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් කළ බව එම්ටීවී/එම්බීසී මාධ්‍ය ජාලය පවසයි.
සිය මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් කොම්පඤඤවීදිය පොලීසියට පැමිණිල්ලක් ගොනු කරන ලද බව එම්ටීවී/එම්බීසී මාධ්‍ය ජාලයට අනුබද්ධ නිවුස් ෆර්ස්ට් නාලිකාවේ ප්‍රධානී ෂෙවාන් ඩැනියෙල් බීබීසී සංදේශයට පැවසීය. විශේෂයෙන්ම නිවුස් ෆර්ස්ට් නාලිකාව විසින් පසුගිය සතියේ විකාශය කරන ලද මොරටු...
ගෙවුණු පැය විසි හතර තුළ උතුරු දිග සිරියාවේ පැවති ගැටුම් සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් පනස් දෙනකුට ආසන්න සංඛ්‍යාවක් මරුමුවට පත් වී ඇති බව තුර්කි හමුදා පවසයි.
අයිඑස් කැරලිකරුවන්ට එරෙහිව සටන් වදින සිරියානු කැරලිකරුවන් තුර්කි හමුදා සහ ඔවුන්ට සහාය දෙන සිරියානු කැරලි කණ්ඩායම් අයිඑස් බළකොටුවක් වන ඩාබික් නගරය දෙසට ඇදෙමින් සිටින අතර අයිඑස් කැරලිකරුවෝ ඩාබික් නගරයේ බලය රැක ගැනීමේ දැඩි උත්සාහයක නිරත වී සිටිති. තුර්කි සහ කැරලි කණ්ඩායම් විසින් ඩාබික් නගරයට පිටතින් පිහිටි ගම්මාන හතරකට එල...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා හැටියට ඛනිජ තෙල් කටයුතු භාර ඇමති අනුර ප්‍රියදර්ශන යාපා පත් කරනු ලැබ ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සාකච්ඡාවක දීයි එම තීන්දුව ගෙන තිබෙන්නේ. නව මහ ලේකම්වරයා අද (22) උදේ වරුවේ සිය පදවියේ වැඩ භාර ගනු ලැබීමට නියමිතව සිටියේය. එම පදවියේ පුරප්පාඩුවක් ඇති වුණේ සෞඛ්‍යය ඇමති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂ සන්ධානයට එක් වීමත් සමඟයි. නව මහ ලේකම් අනුර ප...
"සහරාන් ගෙ බෝම්බෙන් පස්සේ නැවතුන රටේ සංචාරක කර්මාන්තය යන්තම් හරි ගොඩ එන්න පටන් ගත්තේ ඇල්ල නිසා. ඒත් මේ කාලකන්ණි ටිකදෙනෙක් කරන වැඩ නිසා පරිසරයත් විනාශ වෙලා රටත් විනාශ වෙලා අපිත් හිඟමනට වැටෙනවා".
ඇල්ල සංචාරක කලාපයට පැමිණෙන විදෙස් සංචාරකයින්ට අත්කම් නිර්මාණ අලෙවිකරන සෝමලතා පෙරේරා ඇල්ල රක්ෂිතයේ පැතිර ගිය ගින්න සම්බන්ධයෙන් පළ කළේ එවන් අදහසකි. ලොව එක් පසෙක "ඇමසන්" වනාන්තරය දැවෙද්දී ශ්‍රී ලංකාවේ ඇල්ල රක්ෂිතයේ "ඇල්ල රොක්" නමින් හැඳින්වෙන කඳු ශිඛර ප්‍රදේශයේ හටගත් ගින්නද දැඩි කතාබහකට ලක් විය. මිනිස් ක්‍රියාකාරකමක් එම ග...
තායිලන්තයේ අනවසරයෙන් සිටින විදේශිකයන්ට එරෙහිව පියවර ගන්නා බව එරට හමුදා ආණ්ඩුව ප්‍රකාශ කිරීමෙන් පසු දහස් සංඛ්‍යාත කාම්බෝජ සංක්‍රමණිකයෝ තායිලන්තයෙන් පළා යමින් සිටිති.
දේශසීමා කපොලු වෙත පැමිණ සිටින බොහෝ කාම්බෝජ වැසියන්ට තායිලන්තයේ වැඩ කිරීම සඳහා අවශ්‍ය නිසි බලපත්‍ර නොමැති බවයි වාර්තා වන්නේ. අනවසර සංක්‍රමණිකයන් කාම්බෝජය වෙත රැගෙන යාමට බස්, ලොරි සහ දුම්රිය සිය ගණනක් යොදා ඇතැයි සංක්‍රමණිකයන් පිළිබඳ අන්තර්ජාතික සංවිධානය කියා සිටිති. හමුදා පාලනයක් පවතින තායිලන්තයේ රැඳී සිටීමෙන් තමන්ට අත් ...
යුද්ධය අවසන් වී දොළොස් වසක් ගතව ඇතත් යුද්ධය නිසා සිය ආදරණීයයන් අහිමි වූ පවුල් තවමත් ඉන් පීඩා විඳිති. තමාට අත්විඳීමට සිදුව ඇති දුක්ගැහැට තවත් අයෙකුට උරුම නොවනුවස් යළි යුද්ධයක් ඇති නොවීමට වග බලා ගැනීම සියලූම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් බව ඔවුහු පවසති.
යුද්ධයට සෘජුවම සම්බන්ධ වූ අය මෙන්ම එයට සෘජුවම සම්බන්ධ නොවූ අයද මේ අතර සිටින බව පෙනේ. යුද ගැටුම් පැවති උතුරු සහ නැගෙනහිර මිනිසුන් මෙන්ම දකුණේ ඇතැම් අය ද තවමත් යුද්ධයේ අතුරු ප්‍රතිඵල මෙන්ම අනෙකුත් ආර්ථික හා සමාජීය ගැටලු නිසා ද බොහෝ අපහසුතා මැද එදිනෙදා ජීවිත සරිකර ගැනීමට උත්සාහ කරන බව දැකිය හැක. යුද ජයග්‍රහණය එක් පාර්ශවයක...
වසර 23කට පසු උතුරත් දකුණත් සම්බන්ධ කරමින් යාල් දේවී දුම්රිය අද කිලිනොච්චිය බලා ධාවනය විය.
උතුරු දුම්රිය සේවය අද ආරම්භ වුනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. දුම්රිය සේවය විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ ජනතා ප්‍රශ්ණ විසඳීම සඳහා මැජික් ක්‍රමයක් නොමැති බවයි. ‘තොප්පියෙන් හාවෙක් ගන්නවා, හාවාගෙන් ගෑණු ළමයෙක් ගන්නවා, ... මම ගෝගියා පාෂා නෙමෙයි.’ ජනාධිපතිවරයා පැවසීය. එ...
ඉන්දියාව පුරා මහත් ආන්දෝලනයක් ඇති වීමට හේතු වූ, පස් හැවිරිදි ළාබාල දැරිය දූෂණය කරනු ලැබීමේ සිද්ධියේදී පොලිසිය ක්‍රියාත්මකව ඇති ආකාරය මුල්කර ගෙන, පදවියෙන් ඉවත්ව යන මෙන් ඉදිරිපත් වෙමින් ඇති ඉල්ලීම්, දිල්ලි අගනුවර භාර පොලිස් ප්‍රධානී,නීරාජ් කුමාර් (Neeraj Kumar) විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි.
සති අන්තයේ දිල්ලි අගනුවර විරෝධතා ව්‍යාපාර එම දූෂණය ,කුරිරු මානසිකත්වයෙන් යුතුව සිදු කෙරුණ අපරාධයකැයි කියාසිටි පොලිස් ප්‍රධානියා,තමා පදවියෙන් ඉල්ලා අස්වීම මගින් ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවයි කියා සිටියේ. දූෂණය කෙරුණ දැරියගේ දෙමව්පියන් ඒ ගැන කතා නොකර නිහඬව තැබීම සඳහා ,පොලිස් නිලධාරියකු විසින් ඔවුන්ට අල්ලසක් දෙනු ලැබ ඇත...
සිකුරාදා දින සම්මත කර ගැනීමට බලාපොරොත්තුවන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උපයෝගී කොට ගෙන ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් බලය ලබාගැනීමේ කිසිදු වුවමනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රිපාල සිටිසේනගේ අනුමැතියෙන් ඉදිරිපත්කළ එකක් නිසා එය සම්මත කරගැනීමේ කිසිදු බාධාවක් ඇති නොවන බව තම පක්ෂයේ බලාපොරොත්තුව බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ජාතික හෙළ උරුමය...
කොළඹ, මත්තේගොඩ පදිංචි ජයන්ත රණසිංහ කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා බවට හඳුනා ගෙන 2021 මාර්තු 09 වැනිදාට වසරක් සම්පුර්ණ වේ. එම රෝගය වැළදුණු පළමු ශ්‍රී ලාංකිකයා ඔහු වීම නිසා, පසු කාලීනව වාර්තා වූ COVID -19 රෝගීන්ට වඩා සුවිශේෂී තත්ත්වයන්ට මුහුණ දෙන්නට ඔහුට සහ පවුලේ සාමාජිකයන්ට සිදු විය.
''මම දවසක් හාඩ්වෙයාර් එකට යනකොට මුදලාලි ගෝලයට කිව්වා ඔන්න ඔය දොර වහපන් කියලා.'' ඒ ගැන ජයන්ත රණසිංහ බීබීසී සිංහල සේවය සමග පැවති සංවාදයේදී සඳහන් කළේ වසරක කාලය තුළ, COVID -19 රෝගය ගැන ජන සමාජය දක්වන ආකල්පය 'අහසට පොළව මෙන් වෙනස් වී' ඇති බවය. ''මට කොරෝනා හැදෙන කාලේ කොරෝනා රෝගියෙක් ඉන්නව නම් ජනේලයක්වත් අරින්නෙ නැතුව, හුස්ම ග...
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් සාධාරණ නඩු විභාගයක් පැවැත්වෙනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා බදාදා පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක් වී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජයට එල්ල කරන චෝදනාවලට පිළිතුරු දීම සඳහායි. ඉහත කී අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් ලෙස හඳුන්වමින් හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නගන චෝදනා ප්‍රතික්ෂේප කරන නියෝජ්...
හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධ පොලිස් පරීක්ෂණ අවසන් වී තිබියදීත් ඇය අත්අඩංගුවට නොගන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පවතින රහස් සම්මුතියක් හේතුවෙන් බවට ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) චෝදනා කරයි.
''ශිරන්තිට එරෙහිව පරීක්ෂණ අවසන් වෙලා තිබියදීත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ මහින්ද රනිල් ඩීල් එක නිසයි,'' ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර 'ඩීල් එකක්' පවතින බවට ඇතැමුන් චෝදනා කළත් සත්‍ය වශයෙන්ම එවැනි සම්මුතියක් පවතින්නේ අගමැතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර බවයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසන්...
යුද හමුදා ඇඳුමින් සැරසුන හඳුනා නොගත් තුවක්කු කරුවන් කණ්ඩායමක් විසින් , යුක්‍රේනයේ, ‘ස්ලවියාන්ස්ක්’ නගරයේ නැගෙනහිර කලාපයේ පිහිටි පොලිස් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලක් අල්ලා ගන්නා ලද බවක් වාර්තා වෙයි.
එම කලාපයේ පොලිස් ප්‍රකාශක ඉහර් දියෝමින් පවසන්නේ, දැඩි ලෙස සන්නද්ධව පැමිණි විස්සක පමණ කණ්ඩායමක් කඳුළු ගෑස් ගසමින් ගොඩනැගිල්ල අල්ලා ගත් බවයි. මේ අතර ෆේස් බුක් වෙබ් අඩවිය මගින් පණිවුඩයක් යවන යුක්‍රේන් අගමැති ආර්සෙන් අෆ්කොෆ්, එම ආක්‍රමණය සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා බවයි කියා සිටින්නේ. තුන් දහසක පා ගමන ‘දනියෙෂ්'...
බ්‍රිතාන්‍ය අභාවකාශගාමී ටීම් පීක් විසින් ජාත්‍යන්තර අභ්‍යාවකාශයේ සිට පටිගත කළ මනස්කාන්ත උත්තරාලෝක ධාරාවන් අඩංගු වීඩියෝවක් එවනු ලැබ තිබේ.
සෑම තත්පරයක දීම එකදිගට ලබාගත් ඡයාරූප රාශියක් එකට අමුණා විසිපස් වාරයක් වේගවත් ව මෙම වීඩියෝව සකස් කර තිබේ. අභාවකාශගාමී ටීම් පීක් "උත්තරාලෝකය අභ්‍යවකාශ මධ්‍යත්නයේ සිට දිස්වන අයුරු, කෙලවරේ දිස්වන චනද්‍රිකා යානා දෙක දුටුවාද?" යනුවෙන් ලියා මෙම වීඩියෝව බෙදාහැර තිබිණි. කොළ පැහැයට හුරු නිල් පැහැයෙන් යුත් උත්තරාලෝකය ඇතිවන්නේ හිර...
ඉන්දීය සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට ගොඩ බැස්සේ 1987දී ය. ඒ, දෙමළ කොටි සටන්කරුවන් සහ ශ්‍රී ලංකා රජය අතර ගිවිස ගත් සටන් විරාමය බිඳෙන්නට නොදී පවත්වාගෙන යාම සඳහා අතරමැදියන් ලෙස කටයුතු කිරීම සඳහාය. නමුත් එය කුරිරු යුද්ධයක් බවට පෙරැළුණි. මානව හිමිකම් උල්ලංඝනය වූ බවට චෝදනා එල්ල විය. ඉන්දීය සාම සාධක හමුදාව සමඟ 1987 දී ශ්‍රී ලං...
ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) ශ්‍රී ලංකාවට පැමිණියේ එල්ටීටීඊය නිරායුධ කර සාමය ස්ථාපනය කිරීමට ය. නමුත් සිදු වූයේ වෙනත් දෙයකි "පලාතම වෙනස් වෙලා" "මම කවදාවත් හිතුවේ නැහැ ආපහු ලංකාවට ඒවි කියල." පලාලි ගුවන් හමුදා කඳවුර පුරා පවතින හරිත කලාපයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට දෙනෙත් යොමු කරමින් විශ්‍රාමික මේජර් ජෙනරාල් ශියෝනන් සිං...
යමෙකු සතුව මෝටර් රථයක් නොමැති නම්, ගම් ප්‍රදේශයට නිසි මාර්ග පහසුකම් නොමැති නම් නිෂ්පාදන වෙළෙඳපොළට රැගෙන යාම හෝ දරුවන් පාසල් ගෙන යාම දුෂ්කර කටයුත්තක් වනු ඇත.
ඒ සඳහා උත්තරය පාපැදියක් ද? මේ සැම්බියානු ජාතිකයෝ එසේ සිතති. සැම්බියාවේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනයාගෙන් 83% ක් දිවි ගෙවන්නේ නිසි මාර්ග පහසුකම් සහිත පෙදෙස්වල සිට කිලෝමීටර 2 ට වැඩි දුරකිනි. එබැවින් ඔවුන්ගේ කෘෂි සහ පශු නිෂ්පාදන වෙළෙඳපොළ වෙත ගෙන යාම දැඩි අභියෝගයක් වී තිබේ. මේ එම අභියෝගය ජය ගනුවස් ආරම්භ කළ වැඩසටහනකින් ප්‍රති...
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට බද්දේගම දිසා මහේස්ත්‍රාත් නියෝග කර තිබේ.
ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට ගැනීමට ද බද්දේගම දිසා මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න නියෝග කර ඇති බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බද්දේගම සිට වාර්තා කරන්නේ. සැකකරුට ඇප ලබා දී ඇත්තේ බද්දේගම අධිකරණ බල ප්‍රදේශයේ කිසිදු පොලිස් ස්ථානයකට ඇතුළු වීම වැළැක්වීමේ අධිකරණ නියෝගයක් ද සහිතව යි. මෛත්‍රිපාල සිරිසේනගේ වඳුරඹ වේද...
"අලුත් ටෙලිනාට්‍යයකට ගැලපෙනම මුහුණක් මට තියනවා කිව්වා. ඇත්තටම සතුටක් දැනුණා චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් එහෙම කිව්වම. පසුව මට තිර පරීක්ෂණයකට එන්න කිව්වා ඇතුල් කෝට්ටේ තැනකට. එදා ඔහුම කැමරාවකුත් අරන් ඇවිත් මගේ ඡායාරුප ගන්න පටන්ගත්තා. එක්වරම ඔහු රස්නෙයි කියලා ඇඳගෙන හිටපු ටී ෂර්ට් එක ගැලෙව්වා. ටික වෙලාවකින් තමන් ඇඳ සිටි...
ශ්‍රී ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සේම නළුවකු ද වන අයෙක් තමන් හමුවේ පළ කළ හැසිරීම නම හෙළි කිරීමට අකමැති නවක ටෙලිනාට්‍ය නිළියක් බීබීසී සිංහල සේවයට එළෙස විග්‍රහ කළාය. සිය හැඩි දැඩි සිරුර සහ සමාජය තුළ කලාකරුවෙකු කෙරේ පවතින පිළිගැනීම උපයෝගී කරගනිමින් ඔහු තමන් අවනත කරගැනීමට උත්සාහ කළ බව එම තරුණිය කියා සිටියාය. කාන්තාවකට ස...
පුනරුත්තාපනය ලද එල්ටීටීඊ හිටපු නායකයකු වන රාම් නැමැත්තා සිය භාරයේ පසු වන බව පොලිසිය තහවුරු කරයි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටින බවයි පොලිසිය කියා සිටියේ පසුගිය සෙනසුරාදා සිට සිය සැමියා අතුරුදහන් වී ඇති බවට රාම්ගේ බිරිඳ පොලිසියට පැමිණිලි කොට තිබිණි. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටින බවයි පොලිසිය කියා සිටියේ. පුනරුත්තාපනය ලබා නිදහස් වී සිටි එල්ටීටීඊ ...
රජයේ ඇමතිවරුන් තිදෙනකු විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ තමාට කරන ලද පෞද්ගලික අපහාස සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමාව ඉල්ලා සිටි බව නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය හෙළිදරව් කළාය.
ඇය ඒ බව කියා සිටියේ බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දීයි. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය විවාහ කර ගැනීමට කැමති බව මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා ප්‍රකාශ කර තිබුණි. ශ්‍රී ලංකා රජයේ ඇමතිවරුන් තිදෙනකු විසින් ‘එක්සත් ජාතීන්ගේ සං...
දැඩි වේදනාවකින් පෙළෙන එක්තරා පුද්ගලයෙකු රෝහලට රැගෙන විත් තිබිණි. දැඩි හිසරදයට අමතරව උදරයේ සහ ගෙළ ප්‍රදේශයේ දරාගත නොහැකි වේදනාවකින් ඔහු පෙලුණි. මොහුට සිදු වී ඇත්තේ කුමක්දැයි සොයා ගැනීමට වෛද්‍යවරු යුහුසුළු වුහ.
මේ 'කට දැවිල්ල' සමඟ අපට ඇති ප්‍රේම සම්බන්ධය වසර දහස් ගණනක් අතීතයට දිව යන්නකි. මේ දක්වාම ඒ ප්‍රේමය මදකට හෝ අඩු වී නොමැත CT ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක විය. මුත්‍රා පරීක්ෂාව ද සිදු විය. රුධිර පීඩනය මැන බැලීය. සිරුර පුරා පරීක්ෂාවට ලක් කළේ කිසියම් හෝ සැක සහිත බාහිර ලක්ෂණයක් වේදැයි සොයා බැලීමට ය. අවසාන නිගමනය වුයේ මොහු වස ප...
නියමිත බලපත් නැතිව රැඳී සිටින විදේශීය ශ්‍රමිකයන් නෙරපා හැරීමට, සෞදි අරාබි ආණ්ඩුව ගෙනයමින් පවතින මෙහෙයුම නිසා වෙළෙඳ සල් ,ව්‍යාපාරික ආයතන සහ පාසල් ආදිය වසා දැමෙන තත්වයක් උද්ගතව තිබේ.
ජෙඩා වරායේ ව්‍යාපාරික කටයුතුවල නිරත වෙන්නන්, ප්‍රාදේශීය මාධ්‍ය ආයතනවලට කියා තිබුනේ, වරාය සේවකයන්ගෙන් පහෙන් හතරක්ම රැකියාවන්ට වාර්තා නොකිරීමත් සමඟ, කල්තබා ගත නොහැකි ආහාර වර්ග කුණු වෙන්නට පටන් ගෙන ඇති බවයි. සෞදි බලධාරීන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇති නව නීති රීති යටතේ, විදේශීය ශ්‍රමිකයන්ට අනුග්‍රහ දක්වන හාම්පුතුන් දැඩි කොන...
තමන්ගේ දුරකතනයට ඔස්ට්‍රේලියාවේ බුද්ධි සේවා රහසේ සවන් දීම පිළිබඳ ව ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබට් ප්‍රමාණවත් ලෙස කනගාටුව පල නො කිරීම සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ ජනාධිපති සුසිලෝ බැන්බැන් යුදයානෝ චෝදනා කොට සිටි අතර මෙම දුෂිත ක්‍රියාව වේදනාව ගෙන දෙන්නක් බව පැවසීය.
ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබට්- ජනාධිපති සුසිලෝ බැන්බැන් යුදයානෝ සමග පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශයක් කළ ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් සමාව ඉල්ලා සිටීම ප්‍රතික්ෂේප කළේය. ‘මේ පිලිබඳව ඔස්ට්‍රේලියාවේ බුද්ධි තොරතුරු පිළිබඳව හෙළිදරව්වක් කරලා ඒ ගැන සමාව ඉල්ලා සිටීමේ ඉල්ලීම් ඉදිරිපත් වෙලා තියෙනවා. ඕනෑම ආණ්ඩුවක පළමු වගකීම ර...
'විම්බල්ඩන්' තරඟාවලියේ මාධ්‍ය හමුවක දී ලෝක ටෙනිස් ක්‍රීඩා ශූරියක වන මරියා ෂරාපෝවා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් ඉන්දීය ක්‍රිකට්ලෝලීහු කැළඹීමට පත්ව සිටිති.
ඇය ක්‍රීඩා කළ තරඟයක් නැරඹීමට පැමිණි ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා තරු ගැන කළ විමසීමකදීයි, මරියා ෂරාපෝවා එම ප්‍රකාශය කර තිබෙන්නේ. පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් ඉතා හොඳ ක්‍රීඩකයෙකු බව කියා සිටි මරියා ෂරපෝවා, 'ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ නම් තැබූ සචින් තෙන්ඩුල්කාර් ද ඔබේ තරඟය නැරඹුවා නේදැයි' මාධ්‍යවේදියා විමසූ විට 'සචින් කියන්නේ කවූද...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි පසුගියදා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමත් සමඟ ජනාධිපති සමාව පිළිබඳ සමාජය තුළ ප්‍රබල සංවාදයක් මතු විය.
ජනාධිපති සමාව ලබා දිය යුත්තේ කිනම් වරදකට සිරගත වූ පුද්ගලයන්ටදැයි ශ්‍රී ලංකා නීතියේ සඳහන් වී නොමැත අධිකරණයට අපහාස කළ බවට එල්ල වූ චෝදනා හතරකට 2018 අගෝස්තු 08 වෙනිදා වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවමක් නියම කළ අභියාචනාධිකරණය එකී දඬුවම වසර 6 කින් ගෙවී යන සේ දඬුවම් නියම කළේය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්...
කළු සල්ලි ජාවාරම සහ බදු මුදල් වංචා කිරීම පිළිබඳව එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් ස්පාඤ්ඤයේ හුවාන් කාර්ලෝස් රජතුමාගේ බාලම දියණියට වරෙන්තු නිකුත් කොට තිබේ.
ජනතා හද ගැස්ම නොහඳුනන බවට රජ පවුලට චෝදනා අදාළ නඩුවේ සැකකරුවකු ලෙසින් නම් කෙරුණු ක්‍රිස්තිනා කුමරිය ලබන මාර්තු මාසයේ මැයොර්කා දූපතේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතයි. ඇයගේ සැමියා වන ඉනාකි උර්දන්ගරින් විසින් පවත්වා ගෙන යනු ලබන පුණ්‍යායතනයකට ලබා දුන් මහජන මුදල් අනිසි ලෙස භාවිතා කළ බවට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව ඔහුට ව...
1915 ''සිංහල-මුස්ලිම් කෝලාහලය'' යනුවෙන් ඉතිහාසයට එක්ව ඇති ගැටුමින් පසු ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව දුෂ්කර සහ අභියෝගාත්මක සමාජ උදහසට ලක්වූ ඊලඟ ප්‍රධාන විරසකය ප්‍රදර්ශනය වූයේ 2019 අප්‍රේල් 21 දින කිතුනු දේවස්ථාන කීපයක් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරය සමඟය.
ගැටුමක් මැද මුස්ලිම් ජනයා සතු දේපොලක් ගිනිබත් කර තිබුණ අවස්ථාවක් ''පාස්කු ඉරිදා ප්‍රහාරය'' ලෙස ඉතිහාසයට එක්ව ඇති එම ප්‍රහාරය මගින් විනාශ කෙරුණු ජීවිත සංඛ්‍යාව තුන්සියයකට ආසන්න වෙයි. ශ්‍රී ලංකාවේ ජාතික දේශසීමාවන් ඉක්මවා ගොස් ජාත්‍යන්තර මට්ටමින් පවා හෙලා දැකීමට ලක්වූ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවන්නේ ඉස්ලාමීය අන්ත...
ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ හමුදා කඳවුරකට ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේදැයි යන්න සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට ජ්‍යේෂ්ඨ ඇමතිවරු අතර හමුවක් පැවැත්වේ.
පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීර කලාපයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි ඉන්දීය හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් ඉන්දීය ආරක්ෂක භටයන් දාහත් දෙනකු මරුමුවට පත් විය ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය හමුදාවේ කෝපය පළ වන බවයි ආරක්ෂක කටයුතු පිළිබඳ විශ්ලේෂක රාහුල් බේඩි පවසන්නේ. පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීරයේ දේශ සීමාව ආසන්නයේ පිහිටි ඉන්දීය හ...
ලොව බිහි වූ කලා නිර්මාණ අතරින් වැඩි වශයෙන්ම ප්‍රතිනිර්මාණය වූ කලා කෘතිය කුමක්ද?
'මහා රළ පෙළ' එසේ ලොව වැඩි වශයෙන්ම ප්‍රතිනිර්මාණය වී ඇති කලා කෘතිය ලෙස සැලකෙන්නේ ජපාන ජාතික කට්සුෂීකා හොකුසායි විසින් සිතුවම් කරන ලද නිර්මාණයකි. 'මහා රළ පෙළ' නමැති සිතුවම ඔහු විසින් නිර්මාණය කරන ලද්දේ 1830 ගණන්හි මුල් භාගයේදීය. ඒ සිතුවම් මාලාවක එක් කොටසක් වශයෙනි. "මහා රළ පෙළ සිතුවම් මාලාවක කේන්ද්‍රයයි. එය ලොව වැඩි වශයෙන...
ජනාධිපති වික්තර් යනුකොවිච්ට සහ යුරෝපා සංගමය සමඟ සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව උද්ඝෝෂණයේ යෙදී සිටින විරෝධතාවාදීන් සිය ගණනක් යුක්රේනයේ කියෙෆ් අගනුවර නගර සභා ගොඩනැගිල්ලට කඩා වැදුනහ.
මෙම උද්ඝෝෂණය පැවැත්වෙන්නේ උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණය නිකුත් කළ නියෝගයක්ද නොතකා හරිමින් 'කියෙෆ් අපේ' යනුවෙන් හඬ නගමින්, ගොඩනගිල්ලේ වීදුරු කඩා එහි ඇතුළු වූ උද්ඝෝෂකයෝ, එහි ජනේලයක යුක්රේන ජාතික කොඩිය එස වූහ. පොලිස් නිලධාරීන් දුසිම් ගණනක් ගොඩනැගිල්ල පිටුපස රැස් වී සිටින බව පවසන එහි සිටින බීබීසී වාර්තාකරුවෙක්, ප්‍රදේශයෙන් ...
2013 පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නැති බව පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ශර්මා තහවුරු කරයි.
ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලයේ අද (සිකුරාදා) පැවති මාධ්‍ය හමුවකදී මහ ලේකම් කමලේෂ් ශර්මා මේ බව ප්‍රකාශ කළේය. මේ අතර, 2013 පොදු රාජ්‍ය මණ්ඩලයේ නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට විරෝධය පල කිරීම සඳහා සංවිධාන කළ විරෝධතාවක් ද පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණ.
හේලීස් ව්‍යාපාර සමූහයේ අත් වැසුම් කම්හලකින් පිට කෙරෙන අපද්‍රව්‍ය මගින් පානීය ජලයට විෂ රසායන එකතු වන බව පවසමින් උද්ඝෝෂණයේ යෙදුන රතුපස්වල වාසීන් ට එල්ල වූ ප්‍රහාරයෙන් මේ වන විට හත් දෙනකු මිය ගොස් ඇති බව ප්‍රධාන විපක්ෂය පවසයි.
තුවාල ලැබූ තවත් දෙදෙනකු රෝහලේදී මිය ගිය බව කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂවරයා පවසයි "වතුර ටිකක් ඉල්ලූ ජනතාවට උණ්ඩයෙන් හිත් පිත් නැති ලෙස පිළිතුරු දුන්," ආණ්ඩුව මියගිය සංඛ්‍යාව ද වසන් කරමින් සිටින බවයි, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශයේ ප්‍රධානී මංගල සමරවීර මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. හමුදා ප්‍රහාරයේදී වෙඩි වැදුණු ...
මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව පෙළ ගැසී සිටින්නේ එරට සාමාන්‍ය වැසියන්ය.
වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු සියලුම ආකාරවල ජනතාව විරෝධතාවන්ට සහභාගී වෙති ඔවුන්ගේ දැවැන්ත විරෝධතාවන්ට එරෙහිව හමුදා පාලනය දක්වන්නා වූ මර්දනකාරී ප්‍රතිචාර දිනෙන් දින ඉහළ යමින් පවතින අතරේ එරට සාමාන්‍ය වැසියන්ට දුෂ්කර වූ තීන්දු තීරණ ගැනීමට සිදුව ඇත. පසුගිය වසරේ පැවති මැතිවරණයේදී විශාල වශයෙන් වංචා සිදුව ඇතැයි චෝදනා කරන මිය...
2021 සඳහා ඇස්තමේන්තුගත රජයේ ආදායම රුපියල් බිලියන 1961ක් වන අතරේ මුළු වියදම රුපියල් බිලියන 3,525ක් වන බැවින් රුපියල් බිලියන. 1,564ක ආදායම් වියදම් පරතරය ජාතික ආදායමෙන් සියයට 9කට තරමක් අඩු අයවැය හිඟයක් පවත්වා ගැනීමට සැලසුම් කර තිබෙන බව ආණ්ඩුව පවසයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නව රජයේ පළමුවෙනි අයවැය අද (නොවැම්බර් 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේ ගෝලීය කොරෝනා වසංගතයෙන් බැටකෑ ආර්ථිකය ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලම සහිතව ආයෝජන අවස්ථා වැඩි කරමින් රටේ අදායම වැඩිකරන යෝජනා ඉදිරිපත් කරන බවය. මෙය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ම...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හුනයිස් ෆාරුක් එක්සත් ජාතික පක්ෂයට එක් වෙයි.
මේ සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට විපක්ෂයට එක්වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහල යයි. විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන හා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් අතර හමුවක් ‘සිරිකොත’, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද, බදාදා පැවැත්වුණු අතර එහිදී පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලය පිහිටුවා ගන්නා ලදී. හුනයිස් ෆාර...
ඇය සිංගප්පූරුවේ මහා ධන කුවේරයකුගේ නිවසෙහි මෙහෙකාර වෘත්තියේ යෙදී සිටි ඉන්දුනීසියානු ජාතික ගෘහ සේවිකාවකි. මාසික වැටුප සිංගප්පූරු ඩොලර් 600කි.
පාර්ති සිය හාම්පුතා වන ලීව් මුන් ලියොන්ග් නිවසේ වසර කීපයක් ම සේවය කළාය ඇයගේ හාම්පුතා වන ව්‍යාපාරිකයා සිංගප්පූරු ව්‍යාපාරික සමාජයේ මහා කුළුණක් තරම් ප්‍රබල ව්‍යාපාරිකයකු මෙන්ම,රටේ සමාගම් කීපයක අධිපතිවරයා ද වෙයි. එක්තරා දිනයක, පාර්ති ලියනි (Parti Liyani) නම් ඉහත කී ගෘහසේවිකාවට සිය ජීවිතයේ කනගාටුදායක දෙයකට සවන්දීමට සිදුවිය...
දහස් ගණනක් ජනතාව හමුවේ 2009 දී ශ්‍රී ලංකා රජයේ යුද හමුදාවට භාර දුන් හිටපු එල්ටීටීඊ නායකයකු වන තම සැමියා මෙන් ම සාක්ෂි කරුවන් දෙදෙනකු ද අතුරුදහන් වී ඇතැයි උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සසිධරන් ජනාධිපති කොමිසමක් හමුවේ ප්‍රකාශ කළාය.
කිලිනොච්චියේ දී කොමිසම හමුවේ ඇය පවසා ඇත්තේ තම සැමියා වෙනුවෙන් යුක්තිය පතා අධිකරණය හමුවට යාමෙන් අනතුරුව තමනුත් තර්ජනයට ලක් වී සිටින බවයි. එසේ හෙයින් කොමිසමින් තමන් ආරක්ෂාව ඉල්ලා සිටි බව ද උතුරු පළාත් සභා මන්ත්‍රී වරිය බීබීසී යට කියා සිටියාය. එලිලන් 2006 ත්‍රිකුණාමල යේදී ආනන්දි සසිදරන්ගේ සැමියා වන්නේ වවුනියාව, ත්‍රිකුණාම...
ඉන්දියාවේ මී ළඟ මහ මැතිවරණයේදී සිය අගමැති ධූර අපේක්ෂකයා වන්නේ නරේන්ද්‍ර මෝඩි බව භාරතීය ජනතා පක්ෂය විසින් නිවේදනය කරනු ලැබුණි.
දැඩි මතධාරී හින්දු ජාතිකවාදියකු වන නරේන්ද්‍ර මෝඩි මහත් විවාදයට මාතෘකාවක් වූ දේශපාලනඥයෙක්. බහුතරය මුස්ලිම් ජනයා වූ දහසකට අධික ජීවිත විනාශයකට හේතු වුන 2002 වාර්ගික ගැටුම් නතර කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් නරේන්ද්‍ර මෝඩි බලවත් විවේචනයට ලක් වූ දේශපාලනඥයෙක්. මූඩිගේ ආධාර කරුවන් ඔහු ශූර ව්‍යාපාරිකයකු හැටියටයි සලකන්නේ.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ඕස්ට්‍රේලියාව වර්ජනය කළ යුතු බව ශ්‍රී ලංකාවේදී රඳවා ගනු ලැබීමෙන් අනතුරුව යලි සියරට පැමිණ සිටින ලී රියනන් සෙනෙට් සභිකාව ප්‍රකාශ කරයි.
'පැය තුනකට මගේ නිදහස පැහැර ගත්ත එක ගැන මගේ අවධානය පළ වෙලා තිබුනේ' ඇය සහ නවසීලන්ත ජාතික ජෑන් ලොගී මන්ත්‍රීවරිය ඉරිදා කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබියදී රඳවා ගත් ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීහු පැය තුනකට ආසන්න කාලයක් ඔවුන්ගෙන් ප්‍රශ්ණ කළහ. ශ්‍රී ලංකා ආණ්ඩුව දිගින් දිගටම රටවැසියන්ගේ මානව හිමිකම් උල්ලං...
මැලේසියානු අගමැති නජීබ් රසාක් (Najib Razak) නීති විරෝධී ලෙස ඩොලර් මිලියන ගණනක මුදලක් ලබා ගැනීමේ චෝදනාවෙන් නිදහස් කිරීමට ගත් තීරණය යළි සලකා බැලීමට අවශ්‍ය බව එරට දුෂණ විරෝධී නියෝජිත ආයතනය පවසනවා.
ඔහු චෝදනාවෙන් නිදහස් කිරීම බොහෝ දෙනෙකු විසින් අනුමත කරනු ලැබ ඇති බවයි සඳහන් වන්නේ අඟහරුවාදා මැලේසියානු නීතිපතිවරයා පැවසුවේ අගමැතිවරයා විසින් නීතිය උල්ලංඝණය කර ඇති බවට කිසිදු සාක්‍ෂියක් සොයා ගෙන නැති බවයි. 2013 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නජීබ් රසාක් සෞදි අරාබි රජ පවුලෙන් ඩොලර් මිලියන 700 ක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ....
ශ්‍රී ලංකාව තුළ මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහළ යමින් පවතී.
ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් බොහෝ දෙනෙක් මේ වන විටත් තම තමන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන ජනගත කර ඇත. ඒවායේ විවිධ පොරොන්දු ඇතුළත්ය. ඒ අතරින් ආරක්ෂාවට ප්‍රධාන ස්ථානයක් හිමිව තිබෙන බව එම ප්‍රතිපත්ති ප්‍රකාශන පරිශීලනය කළ විට පැහැදිලි වේ. ඊට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ පසුගිය පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර...
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩ මුළුවකට සහභාගී වීම පිණිස යාපනයේ සිට කොළඹ බලා ගමන් ගනිමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක් සංවිධානය කිරීම හේතුවෙන් තමන්ට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල වූ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර පවස...
ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සහභාගී වන මෙන් මාධ්‍ය ආයතන වලට දැන්වීමෙන් අනතුරුව යම් කිසි පුද්ගලයකු තමාට දුරකතනයෙන් කතා කර ප්‍රවෘත්ති සාකච්ඡාව නොපවත්වන ලෙස මරණීය තර්ජන කළ බවයි සුනිල් ජයසේකර පවසන්නේ. ඉරණම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීම එල්ටීටීඊ ඩයස්පෝරාවට හා ශ්‍රී ලංකාවේ දෙමළ අන්තවාදයට කරන අනුග්‍රහයක් ලෙස හඳුන්වා ඇති තර්ජනය කළ...
ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට එකතු වීම සඳහා බටහිර යුරෝපීය රාජ්‍යවලින් කාන්තාවන් පන්සිය පනහක් පමණ ඉරාකයට සහ සිරියාවට ගොස් ඇති බව ස්වාධීන සමීක්ෂණ වාර්තාවක් සඳහන් කරයි.
ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් වෙනුවෙන් මුදල් රැස් කළ බවට චෝදනා ලත් ජර්මානු ජාතික කාන්තාවක් උසාවියේදී ජිහාඩ් කැරැල්ලට එක් වුණු කාන්තාවන් ගැන ස්වාධීන ආයතනයක් (Institute for Strategic Dialogue) සිදු කළ ප්‍රථම සමීක්ෂණය මෙය බවට විශ්වාස කෙරෙයි. තම ජීවිතය අවදානමක තබමින් බටහිර යුරෝපීය කාන්තාවන් මෙවැනි තීරණයක් ගැනීමට හේතුව මෙම සම...
2012 දී මාලඹේ ප්‍රදේශයේ පිහිටි කල්වරි නමැති කතෝලික යාඥා මධ්‍යස්ථානයකට පහර දී අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් දහතුන් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට එරෙහි අභියාචනය නොවැම්බර් මස 23 වෙනි දින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළේය.
මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් කොළඹ මහාධිකරණය විසින් ලබා දුන් එම තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ තිබෙන අභියාචනය දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබිණ. නීතිපතිවරයා සිය අභියාචනයෙන් පෙන්වා දී සිටින්නේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය...
ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුව සන්ධානයේ ආධාරකරුවන්ට හිංසා පීඩා සහ පහර දීම් සිදු කර ඇති බව නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අද (ඉරිදා) අම්පාර නගර සභා තානායමේ පැවති මාධ්‍ය හමුවකදීයි. දෙහි අත්ත කණ්ඩියේ දෙදරු මවකට තර්ජනය කර ඇති බවත් සබරගමු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයාට පහර දී ඇති බවත් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ටද තර්ජනය කර ඇති බවත් නැගෙනහිර පළාත් සභාවේ අමාත්‍ය විමලවීර දිසානායක පැවසීය. මෙහිදී අදහස් දැක්වූ නැගෙනහිර පළාත සභා මන...
ජනමාධ්‍යවලට තොරතුරු ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථා අහුරා දමමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙසින් කටයුතු කරන බව ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පත කිහිපයක කර්තෘවරු අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට චෝදනා කරති.
ආණ්ඩුවේ කටයුතු ගැන 'සංවාදයකට ඉඩ දෙන්න' අගමැති මෝදිගේ පරිපාලනය අමාත්‍යවරුන්ගෙන් සහ රජයේ නිලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීමට බාධා කරන බවයි, ඉන්දියාවේ කර්තෘ සංසදය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. එමෙන්ම සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීමේදී ඉහල මට්ටමේ බලධාරීන්ගේ හඬට පමණක් අවස්ථාව සලසන බව කර්තෘ සංසදයේ තවත් චෝදනාවක්. මීට වඩා විවෘතභා...
සමරිසි ප්‍රජාව කෙරෙහි දක්වන ලද ආකල්පය සම්බන්ධයෙන් කතෝලික සභාව සමාව ඉල්ලා සිටිය යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසති.
ආමේනියාවේ සංචාරය නිම කොට නැවත පැමිණෙමින් සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ උන්වහන්සේ මාධ්‍යවේදීන් අමතා ඒ බව ප්‍රකාශ කළේ ආර්මේනියාවේ සිට ගුවන් යානයකින් නැවත පැමිණෙමින් සිටින අතරතුරදී. "මම පළමු සංචාරයේ කියන ලද දේ නැවත කියා සිටිනවා. මම කතෝලික සභාවේ ධර්ම සංවාදය මගින් පැවසෙන දේ නැවත අවධාරණය කරනවා," උන්වහන්සේ පැවසූහ. "...
ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ වැසියන්ගේ ප්‍රශ්න වලට සාධනීය විසදුමක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් දෙදෙනාගෙන් ම මෙතෙක් ප්‍රකාශ නො වීම නිසා දෙමළ ජාතික සන්ධානයත්, ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයත් සහාය පළ කරන්නේ කා හට දැයි යන්න ස්ථිරව ම තීරණය කොට නැතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේ...
අපේක්ෂකයින් දෙදෙනා ඉදිරියේ දී කරණු ලබන ප්‍රකාශයන් දෙස දැඩි අවධානයෙන් බලා සිටින බවයි දෙමළ ජාතික සන්ධානය පවසන්නේ මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම 06 වෙනිදා දහවල් වවුනියාවේ ස්වර්කා හෝටලයේ දී පවැත්වීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය. ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ ලේකම් ව...
පසුගියදා නාඳුනන පිරිසක් විසින් හානි කරන ලද ගාල්ලේ කොටුව ඇතුළත කොටු බැම්මට පිටත මුහුද ආසන්නයේ පිහිටා තිබෙන මුස්ලිම් ජාතික සාන්තුවරයෙකුගේ සොහොන මුස්ලිම් ප්‍රජා නායකයන් විසින් යළි ප්‍රතිසංස්කරණය කරනු ලැබ තිබේ.
පිළිසකර කෙරුණ සාන්තුවරයාගේ සොහොන පසුගිය අප්‍රේල් මාසයේ කිසියම් පිරිසක් එම සොහොන වටා තිබුණු බීරළු වැට කඩා දමා තිබුණි. යුද හමුදා කඳවුරක් ආසන්නයේ ආරක්‍ෂිත භූමියක පිහිටා ඇති එම සොහොන සියවස් ගණනක් පමණ පැරණි බව විශ්වාස කෙරෙන අතර, සාලිහ් වලියුල්ලාහ් සාන්තුවරයා සිහිකරමින් මුස්ලිම් ජනතාව එම ස්ථානයේ වාර්ෂික උත්සවයක්ද පවත්වති. මී...
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන "ශ්‍රී ලංකන් ගුවන් සේවය එයාර්බස් මිලදී ගැනීමේ දී සිදු වූ මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනවල ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයා කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගන්නා ලෙස ...
යුක්‍රේනයට සපයන ගෑස් මිල දැනට පවතින තත්වයට වඩා දෙගුණයකට ආසන්න මට්ටමකින් වැඩි කිරීමට රුසියාව ගෙන ඇති තීන්දුව යුක්‍රේන් අගමැති අර්සේනියි යත්සෙන්යුක් විසින් බලවත් දෝෂ දර්ශනයට ලක් කරනු ලැබ ඇත.
යුක්‍රේන් අගමැතිවරයා චෝදනා මුඛයෙන් පවසන්නේ රුසියාව ආර්ථික ආක්‍රමණයක නිරත වෙන බවයි. රුසියානු හිතවාදී හිටපු ජනාධිපති වික්තර් යනුකොවිච් නායකත්වය දුන් යුක්‍රේන් ආණ්ඩුව පසුගිය මාසයේ නෙරපා හරිනු ලැබීමෙන් අනතුරුව, රුසියාව දැන් තම රටට දඬුවම් කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවයි අගමැති අර්සේනියි යත්සෙන්යුක් පවසන්නේ. දේශපාලන අ...
ග්ලාස්ගෝ නුවර අසල අධිවේගී මාර්ගයක පාපැදිවලින් ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවු දෙනකු පොලිසිය විසින් නතර කරනු ලැබිණ.
එංගලන්ත ඔලිම්පික් ශූර ඇලිස්ටර් බ්‍රවුන්ලී ට්විටර් ජාලයට එක් කළ ඡායාරූපයක් ඔවුන් ස්කොට්ලන්තයේ නීතිය උල්ලංඝණය කොට ඇති බැවින් වහාම සිය පාපැදිවලින් බසින මෙන් උපදෙස් දුන් බවයි, ස්කොට්ලන්ත පොලිසිය පවසන්නේ. "එම ස්ථානයට ලඟා වූ පොලිසිය ඔවුන්ට උපදෙස් සහ උපකාර ලබා දුන්," බව පොලිසිය පැවසීය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවු දෙනා අධිවේගී ...
ඉන්දීය අගමැති නරේන්ද්‍ර ශ්‍රී මෝඩි පකිස්තානයට ලඟා විය.
ඉන්දු -පකිස්තාන් නායකයන් මෝඩි පසුගිය වසරේ අගමැති පදවියට පත් වීමෙන් පසු පකිස්තානයේ සිදු කරන පළමු සංචාරයයි මේ. අගමැති මෝඩි ඉතා හදිසියේ සිදු කෙරුණ සිය පකිස්තාන් සංචාරය පිළිබඳව හෙළි කරන ලද්දේ ‘ට්විටර්’ පණිවුඩයක් මගිනි. පකිස්තාන් අගමැති නවාෂ් ෂරීෆ් මුණ ගැසීම සඳහා තමා ලාහෝර් නගරයට ‘ගොඩ වදින’ බවයි අගමැති මෝඩි සිය ‘ට්විටර්’ පණ...
කොවිඩ් 19 ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ගැන ඉදිරිපත් කෙරෙන දත්තවලින් එම රෝගය පිළිබඳ නිවැරදි තත්ත්වය පෙන්නුම් නොකරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
පීසීආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ''බිමේ පවතින තත්ත්වය මීට වැඩිය බැරෑරුම් සහ අවදානම්'' බවය. සඳුදා (මැයි 10) බදුල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු එම අදහස් පළ කළේය. මේ අතර පීසීආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා, හදිසි ප්‍රතිචාර සහ පෙර සූදානම් ඒකකයේ ප්‍රධානී...
විපක්‍ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය දීමට සිය පක්ෂය ගත් තීන්දුවට විරෝධය පළකිරීමක් වශයෙන් ජනපතිවරණය වර්ජනය කරන බව දෙමළ ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශසීහරන් පවසයි.
"මම කොහොමද දෙමළ ජාතික අනන්‍යතාවය සහ දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතියට විරුද්ධ කෙනෙකුට ඡන්දය දෙන්නේ?" දෙමළ ජාතික අනන්‍යතාවය සහ ස්වයං පාලන අයිතිය පිළිබඳව පසුගිය උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සිය පක්ෂය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වන බව බීබීසී දෙමළ සේවය සමඟ කියා සිටි පළාත් සභා මන්ත්‍රීවරිය, තමන් මැත...
තුවාල ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ කෞෂාල් සිල්වා ඕස්ට්‍රේලියාවට එරෙහි තෙවන ටෙස්ට් තරඟයේදී ලකුණු 115 ක් රැස් කිරීමට සමත් විය.
සිය වම් අතේ තුවාලයට මැහුම් හයක් දමා තිබුණත් ධෛර්යෙන් යුතුව පිටියට පිවිසි බවයි ඔහු පවසන්නේ. ''ඊයේ මැහුම් 6 දැම්මා මගේ අතට. ඊට පස්සේ නෙට් එකට ගිහිල්ලා බැට් එක අතට ගත් විට අපේ පළමු කඩුල්ල බිඳ වැටුනා. පුහුණුකරු ඇහුවා දැන් පිටියට යන්න පුළුවන්ද කියලා. මම කිව්වා මම යන්නම් කියලා" ඔහු පැවසීය. කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඕස්...
සාගර පතුලේ දක්නට ලැබෙන විශ්මිත ලෝකය රැක ගැනීම සඳහා වැඩිහිටියන් මීට වඩා අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව, වයස අවුරුදු 10දී අන්තර්ජාතික කිමිදුම් සහතිකයක් (PADI -Professional Association of Diving Instructors) හිමි කරගත් ඇම්බර් රෝස් මාතරගේ දැරිය බීබීසී සිංහල සේවයට කියා සිටියාය.
සාගර විද්‍යාඥවරියක් වීමට සිහින දකින ඇය 2021 පෙබරවාරි මාසයේදී PADI විවෘත කණිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය හිමි කර ගත්තාය. එම ප්‍රවීණතාව ලබාගත් ශ්‍රී ලංකාවේ 'ළාබාලම' දැරිය ඇය බව තමන් විශ්වාස කරන්නේ යැයි ඇගේ පුහුණුකරු ෂර්ලි කෝරලගේ බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයකදී පැවසුවේය. ඒ පිළිබඳව කළ විමසීමකදී PADI ආසියානු-පැසිෆික් ප්‍රාද...
කොවිඩ් -19 වසංගතය ආරම්භයේ සිටම, එන්නත් ගැන විශාල කතාබහක් ඇති විය. මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක එන්නත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබේ.
කෙසේනමුත්, එන්නත ලබා ගැනීම සහ එහි අඩංගු දෑ පිළිබඳ විවිධ මිත්‍යා මත, ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වනු දැකිය හැකිය. මෙම පුවත්වල සත්‍යය, අසත්‍යබව ගැන බීබීසී 'රියලිටි චෙක්' කණ්ඩායම ද මාස ගණනාවක් පුරා කරුණු පරීක්ෂා කරමිනි සිටිති. මෙවැනි ව්‍යාජ කරණු අඩංගු පුවත් බොහොමයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලවලින් ඉවත් කර තිබ...
වැසිකිලි ගණනාවක් එක් කොට ගණිකා නිවාසයක් සකස් කොට තිබුණු සාප්පු සංකීර්ණයක් වැටලූ බව හොංකොං පොලිසිය ප්‍රකාශ කරයි.
ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් තිබෙන්නේ සාපරාධී කල්ලියක් විසින් අසූවකට වැඩි පිරිසක් එම වැටලීමේදී අත් අඩංගුවට ගෙන තිබෙන අතර එයින් පනස්‌ එක් දෙනකුම කාන්තාවන්. පසුගිය මාස දහය මුළුල්ලේ සාපරාධී කල්ලියක් විසින් එම ගණිකා නිවාසය පවත්වා ගෙන ගොස් ඇති බවයි, පොලිසිය පවසන්නේ. අත් අඩංගුවට ගැනුණු කාන්තාවන් ගෙන් වැඩි දෙනා චීනයේ සිට පැමි...
මීට සියවස් ගණනාවකට ඉහත දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ කතෝලිකයන් බෞද්ධ වෙහෙර විහාරස්ථාන විනාශ කරමින් සහ 'බෞද්ධයන් මරා දමමින්' බුදු දහමට කරන ලද විනාශය සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමාව ඉල්ලා සිටිය යුතු බව බොදු බල සේනා සංවිධානය පවසයි.
කතෝලික පූජකවරුන්ට එරෙහි ළමා අපචාර චෝදනා සම්බන්ධයෙන් පාප් වහන්සේ සමාව ඉල්ලා සිටියහ ලබන ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පාප් වහන්සේ එසේ සමාව ඉල්ලා සිටිනු දකින්නන්ට තමන් කැමති බවයි, සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසන්නේ. කොළඹදී විදේශීය මාධ්‍ය ජාලවල වාර්තාකරුවන් හමුවුන බොදු බල සේනා දූත පිරිස තවදුරටත් ...
දහතුන් වෙනි ආණ්ඩු ක්‍රම සංශෝධනයට කෙරෙන වෙනස්කම් පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවකදී සාකච්ජා කිරීමකින් තොරව කෙරෙන වෙනස්කම් වලට තමන් එරෙහිවන බව මුස්ලිම් කොන්ග්‍රසය කියා සිටී.
මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවූෆ් හකීම් බී සී සංදේශයට කියා සිටියේ මේ පිළිබඳව තමන් ජනාධිපති වරයාට දැන්වීමට කටයුතු කොට ඇතිව බවයි. මේ අතර වාරයේ .දහතුන් වෙනි සංශෝ ධනය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම පිණිස ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමින්වන්සේ ඉදිරිපත් කළ යෝජනාවට සහයෝගය ලබා ගැනීම සඳහා ජාතික හෙළ උරුමයේ නි...
යුධ ගැටුම්වලින් සිදු වූ මානව විනාශය සහ හානියට පත් දේපොළ පිළිබඳව නිසි තක්සේරුවක් කිරීම පිණිස පැවැත්වෙන දීප ව්‍යාප්ත සංගණනය පිළිබඳව අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්තන් පැවසුවේ මරණයට පත් වූ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව දැන ගැනීම වැදගත් වන බවයි.
මේ අවස්ථාවේ දී මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්විය නොහැකි බවත් සංගණනය කෙරෙන පදනම හෝ එය ක්‍රියාත්මක කෙරෙන පදනම පිළිබඳව තමන් නොදන්නා බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා පැවසීය. සාමාන්‍යය වැසියන් යුධ මුක්ත කලාපය යනුවෙන් හඳුන්වා දුන් ප්‍රදේශ වලත් මරණ සිදුවී ඇති අතර එම කලාපයෙන් පිටතට පැමිණි දෙලක්ෂ අසු දහසත්-අනු දහසත් අතර පිරිසට අම...
දැඩි මතභේදයට තුඩු දුන් රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේ තරුණියක මරාදැමීමේ චෝදනාව සම්බන්ධයෙන් විත්තිකාර තරුණයකුට පනවා තිබූ වසර 14 ක සිරදඬුවම අහෝසිකළ අභියාචනාධිකරණය ඔහුට එරෙහිව මරණීය දණ්ඩනය නියම කරයි.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා පැවසුවේ මෙම තීන්දුවට එරෙහිව විත්ති පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවයි. 2005 වසරේ දී එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි එම තරුණිය මරා දැමීමේ චෝදනාවට වරදකරු කළ, 21 හැවිරිදි ජූඩ් ජයමාන්න නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය මගින් වසර 1...
ප්‍රංශයේ නීස් නගරයට ප්‍රහාර එල්ල කළ පුද්ගලයා හා සබඳතා පැවැත්වූ බවට විශ්වාස කෙරෙන පස් දෙනකු පොලිස් රැඳවුම් භාරයේ සිටින බව එරට නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
ප්‍රංශ නිදහස් උත්සවය සැමරීම පිණිස පැවති ගිනි කෙළි සංදර්ශනයක් වෙත සිය ට්‍රක් රථය ධාවනය කළ Mohamed Lahouaiej-Bouhlel නමැති පුද්ගලයා පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් විය. ට්‍රක් රථයට යට වීම හේතුවෙන් අසූ හතර දෙනකු මරුමුවට පත් වී ඇති බව බලධාරීහු පවසති. ට්‍රක් රථය ධාවනය කරන ලද පුද්ගලයා සිය අනුගාමිකයකු බව ඉස්ලාමීය රාජ්‍ය සටන් ස...
කොළඹ නගර සීමාවට අයත් කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද ජාඇල රජයේ ඉඩමකට බැහැර කිරීමේ සැලසුමට විරෝධය පා ජාඇල ඒකල ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක නිරත වූහ.
කුණු කන්ද සිය ප්‍රදේශයට බැහැර කිරීමේ සැලසුමට එරෙහිව පෙළ ගැසෙන බවයි මහජනයාට එක්ව සිටි ආගමික නායකයන් අවධාරණය කළේ. ඒකල මඩම මංසන්ධියේ පැවති විරෝධතා ව්‍යාපාරය සඳහා ප්‍රදේශයේ ආගමික නායකයන්, දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ. එම විරෝධතාව හේතුවෙන් පැය දෙකක පමණ කාලයක් ගමනාගමනයට බාධා එල්ල වූ බවයි ප්‍රසාද් පූර්ණමාල් ජ...
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය මගින් රෝගය පැතිරීම ඉතාමත්ම දරුණු වන අතර තරුණ අයට ද දරුණු රෝග ලක්ෂණ මතුවන බව මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවාය.
එමෙන්ම රෝග ලක්ෂණ මතුවන අයගේ ප්‍රතිශතය ඉහළ යන බව ද සිකුරාදා (අප්‍රේල් 23) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී ඇය කියා සිටියාය. මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ දැනට පවතින තත්ත්වය හමුවේ රට 'ලොක් ඩවුන්' කිරීමට හෝ වෙනත් දැඩි පියවරක් ගැනීම සිදු නොකරන බවය. කෙසේ වෙතත් දීර්ඝ සති අන්තයක් එළඹෙන බැ...
රට පුරා සුළු ජන කොටස් සහ අනාගමික පුරවැසියන් ඉලක්ක කොට සිදු කෙරෙන ඝාතන නැවත්වීම සඳහා සිය ආණ්ඩුව හැකි උපරිම පියවර ගන්නා බව බංග්ලාදේශ අගමැතිනි ෂේක් හසිනා පවසයි.
අනාගමික මාධ්‍යකරුවන්, විද්වතුන් සහ සමලිංගික ක්‍රියාධරයන් ඇතුළු 40 දෙනෙකුට වැඩි පිරිසක් පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ඝාතනයට ලක්වී තිබේ අග්‍රාමාත්‍යවරිය ඒ බව කියා සිටියේ බංගලාදේශයේ ඉස්ලාමීය අන්තවාදීන් ඉලක්ක කර ගනිමින් පොලිස් මෙහෙයුමක් දියත් කොට දිනකට පසුවයි. බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ ඉහත කී මෙහෙයුම දියත් ක...
විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථයක් පැදවීමට තවම ඔබට අවස්ථාවක් නොලැබුණා විය හැකියි. විදුලි මෝටර් රථයක් මිල දී ගැනීමට මෙතෙක් ඔබට සිතුවිල්ලක් හෝ පහළ නොවූවා විය හැකියි. එවැනි තත්ත්වයක් යටතේ මේ අනාවැකි දෙස ඔබ සරදම් බැල්මක් හෙළන්නේනම් එය පුදුමයක් නොවේ.
ජගුවාර් මෝටර් රථ සමාගම සැලසුම් කර ඇත්තේ 2025න් පසු විදුලි මෝටර් රථ පමණක් අලෙවි කිරීමට ය හෙන්රි ෆෝර්ඩ් විසින් 1913 දී මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව මෝටර් රථ ලෝකයේ සිදු වෙමින් පවතින විශාලතම විප්ලවය දැන් සිදුවෙමින් තිබේ. එය ඔබ සිතුවාට වඩා ඉක්මණින් සිදුවන හැඩක් පවතී. පෙට්‍රල් සහ ඩීසල් වාහන අභිබවා විදුලි වා...
ව්‍යාකූල තත්වයක් පවතින ඉන්දීය කාශ්මීරයෙන් ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ පළමු ක්‍රීඩකයා හැටියට පර්වේෂ් රසූල් (Parvez Rasool) ක්‍රිකට් ඉතිහාසයට එක් වෙයි .
විසිහතර වැනි වියේ පසුවෙන මුස්ලිම් ජාතිකයකු වන පර්වේෂ් රසූල් , ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මී ළඟ සිම්බාබ්වේ සංචාරයට එක්වීමට නියමිතයි. මෙයින් අවුරුදු හතරකට පෙර බැංගලෝර් නගරයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් අසල එල්ල කෙරුණ බෝම්බ ප්‍රහාර මාලාවක් සම්බන්ධයෙන් පර්වේෂ් රසූල්ගෙන් ඉන්දීය පොලිසිය ප්‍රශ්න කළත් ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් නොකෙර...
"මම සෙරෙප්පුව අතට ගන්නද? නැත්නම් ඊළඟ හෝල්ට් එකෙන් බැහැල යනවාද?"
බස් රිය තුළ දී එක්තරා පුද්ගලයෙකුගෙන් දිගින් දිගටම සිදු වූ හිංසා ඉවසා ගත නොහැකිව කොළඹ පෞද්ගලික බැංකුවක ලේකම්වරියක ලෙස සේවය කරන කේශිකා රණසිංහ එසේ පැවසුවාය. ශ්‍රී ලංකාවේ දිනපතා සිය ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන පුද්ගලයන්ට මෙවැනි සිද්ධීන් සුලභව දැකිය හැකිය, ඇසිය හැකිය. ශ්‍රී ලංකාවේ බස්රථ හා දුම්රිය වැනි පොදු...
ජපන් මුහුදේ ඩොල්පින් දඩයම පරිසරයට අන්තරායකාරී තත්වයකට පත්ව ඇති අතර එය එම කලාපයේ ඇතැම් ජීවීන් වර්ග විනාශ වීමට හේතුවක් වී ඇතැයි පරිසර සංවිධානයක් පෙන්වා දෙයි.
පරිසර ගවේෂක ආයතනය නම් සංවිධානය පෙන්වා දෙන්නේ, දහසය දහසක් ඩොල්පින් සහ කුඩා තල්මසුන් දඩයමට ජපානයට දී ඇති වාර්ෂික කෝටාව එම ජීවීන්ගේ සංඛ්‍යා සම්බන්ධයෙන් සිදු කෙරෙන අධිතක්සේරුවක් පදනම් කර ගනිමින් නිර්මාණය කෙරෙන්නක් වන බවයි. ඩොල්පින් සහ කුඩා තල්මසුන් දඩයමට ජපානයට හිමි වෙන වාර්ෂික කෝටාව තීන්දු කරනු ලබන්නේ අවුරුදු විස්සක් තරම්...
චැම්පියන්ස් කුසලානය සඳහා සූදානම් බව පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දන්වා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසයි.
ජුනි මාසයේ එංගලන්තයේ දී ආරම්භවීමට නියමිත චැම්පියන්ස් කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (අප්‍රේල් 24) කොළඹ ක්‍රිකට් ආයතනයේ දී ප්‍රකාශයට පත් කෙරිණි. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය කියා සිටියේ තමන් "සියයට සියයක් යහපත් ශරීර යෝග්‍යතාවෙන්" පසුවන බව ලසිත් මාලිංග ක්‍රිකට් ආයතනය වෙත ලිඛිත...
ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ දී පොලිස් නිලධාරියකුට පිහි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙසින් පොලිසිය විග්‍රහ කරන සිදුවීමේදී කාන්තාවක ද මරුමුවට පත් වී තිබේ.
වෙස්ට්මින්ස්ටර් පාලම මතදී ඕනෑකමින්ම පදිකයන් වෙතට සිය රිය පදවාගෙන ගිය බව සැලකෙන ප්‍රහාරකයාට පොලිසිය වෙඩි තබා ඇත. එහිදී අවම තරමින් සිව් දෙනෙකුවත් තුවාල ලබා ඇති බව වාර්තාවල දැක්වේ. ඉන් අනතුරුව සිය රථය වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ වැටේ ගැටුණු අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරියාට පිහි පහර එල්ල කළේය. වෙඩි හඬ ඇසෙත්ම, අගමැතිනි තෙර...
"මේක වෙන කොට අපේ ගෙදර එකොළොස් දෙනෙක් හිටියා. අපේ ලොකු දුවත් ඇවිත් හිටියා. එයාට බබා හම්බ වෙලා ඒ වෙන කොට දවස් 15 යි. අපේ ගේ ඉස්සරහෙන් කීප දෙනෙක් කෑ ගහහෙන දිව්වා මුහුද එනවා කියලා. අපි ඉතිං විශ්වාස කළේ නැහැ. කවුද හිතන්නෙ මුහුද ගොඩට එයි කියලා. අපේ ගේ වටේට තාප්පෙ නිසා අනිත් අයට වතුර එද්දිත් මුලින් ටික ආපු වතුර පාර අපිට ආවෙ න...
'මගෙත් ඔළුව අවුල් වුනා. කාලයක් බෙහෙත් ගත්තා. බෙහෙත් කළේ දෙමළ දොස්තර කෙනෙක්. මගෙන් සතයක්වත් ගත්තෙ නැහැ.' 2004 වසරේ දෙසැම්බර් 26 වනදා තමා ඇතුළු පවුලේ සාමාජිකයන් සුනාමියට ගොදුරු වූ අයුරු සිහිපත් කරමින් ඒපී සෝමදාස සිය මතකය අවදි කළේ එලෙසින්. එවකට තංගල්ල කුඩාවැල්ලේ පදිංචිව සිටි හැටහතර හැවිරිදි ඒපී සෝමදාස කලක් කුඩාවැල්ල සමූපක...
මුලතිවු දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් විශාල පිරිසක් මුලතිවු කේපාපිලවු ගම්මානය ඉදිරිපස සහ වෙනත් ස්ථානවල විරෝධතාවල නිරතව සිටියහ.
ඔවුන් එසේ විරෝධතාවක නිරත වූයේ මුලතිවු දිස්ත්‍රික්කයේ කේපාපිලවු පුදුකුඩීරිප්පු ඇතුළු ගම්මාන රැසක ඉඩම් ආපසු ලබාදෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමිනි. මුලතිවු දිස්ත්‍රික්කයේ පාසල් සිසුන්ගේ විරෝධතාවට සහාය දැක්වීම සඳහා කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් ද පාසල් ඉදිරිපසත් මහාමාර්ගවලත් උද්ඝෝෂණවල නිරතව සිටියහ. විරෝධතා හේතු...
කොස් කොළ, ක්‍රෝටන් කොළ, ජපන් බටු කොළ හා කෝප්ප කොළ ද අවශ්‍ය නම් ආහාරයට ගතහැකි යැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කරන ලද ප්‍රකාශය මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.
ඒ සම්බන්ධයෙන් අද (ජන.25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න පැවසුවේ සිය අමාත්‍යංශයේ අයෙකු එවැනි ප්‍රකාශයක් කළේ නම් මුලින් ම අදාළ පුද්ගලයාට ක්‍රෝටන් කොළ කවන බවය. මේ අතර හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් රජයේ තනතුරු හොබවන බවට එල්...
ලොව පුරාම කෝටි සියයක ජනතාවට තවමත් වැසිකිලියක් නැති වීම කොලරාව, පාචනය සහ සෙංගමාලය වැනි මාරාන්තික රෝග පැතිර යාමට හේතු වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.
ඉන්දියාවේ කෝටි හැටක ජනකායකට තවමත් වැසිකිලි නැහැ ලොව පුරා ඉතාමත් දිළිඳු ජනතාවට සනීපාරක්ෂක සේවා සැපයීමේ වැඩසටහනේ කොටසක් වශයෙන් වැසිකිලි සපයා දී තිබෙන නමුත් බොහෝ විට එම වැසිකිලි භාවිතයට නොගන්නා බවයි, යුනිසෙෆ් සහ ලෝක සෞඛ්‍ය සංවිධාන පවසන්නේ. ඉන්දියාවේ පමණක් කෝටි හැටක ජනකායකට තවමත් වැසිකිලි නැහැ. ඉන්දියාවේ වැසිකිලි ප්‍රශ්නය ...
කොවිඩ්-19 රෝගය වැළඳීම තුළින් තමන්ට සැබෑ මිනිසුන් හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණු බව කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනා ගැනුණු පළමු ශ්‍රී ලාංකිකයා වූ ජයන්ත රණසිංහ බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
''දැන් ඉස්සර වගේ අපේ ගෙදරට කවුරුවත් එන්නේ නෑ. ඥාති, හිතමිතුරු බැඳීම් ගැන මේ මාස 11ට අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බුදු දහම අනුව ජීවත් වෙන මම මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලනවා'' යනුවෙන් ඔහු පැවසුවේය. තමන් මෙන්ම බිරිඳ මුහුණදුන් අත්දැකීම් ද ජයන්ත රණසිංහ බීබීසී සිංහල සේවයට විස්තර කළේය. කොරෝනා-19 රෝගය ඔහුට වැළඳී ඇති බව 2020 මාර...
නීතිය පමණක් නොව ජනතාවගේ ආකල්ප සහ චර්යාවන් වෙනස් කිරීම, දූෂණය සහ වංචාව පිටුදැකීමට ඉවහල් වන බව ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව ප්‍රකාශ කරයි.
දූෂණය සඳහාවූ දර්ශකයේ රටවල් එකසිය හැත්තෑ හතකින් අනූ එක්වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන්නේ වසර විස්සක් වංචා අල්ලස් දූෂණ නීතිය යාවත්කාලීන නොකිරීම හේතුවෙන් බවයි එම ආයතනයේ කළමනාකාරිනී සසී ද මෙල් කියා සිටින්නේ. ස්වාධීනත්වය රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය යටපත්වීම දූෂණය වර්ධනය වීමට ඉවහල්වී ඇති බවත් ඇය පැවසුවාය. ‘’රාජ්‍ය සේවයට ගොඩක් ද...
ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම අද උදෑසන ආරම්භ වූ අතර මේ වන විට ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනූව ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටියි.
දැනට ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්ෂයට තනි ආණ්ඩුවක් ඉන්දියාවේ පිහිටුවිය හැකි ලකුණු පෙනෙන්නට ඇති බවයි ඉන්දියාවෙන් ලැබෙන නවතම වාර්තාවල සඳහන් වන්නේ. මේ වන විට ආසන 460ක ප්‍රතිඵල නිකුත් වී ඇති අතර එයින් ආසන 231කම බලය හිමිව තිබෙන්නේ භාරතීය ජනතා පක්ෂයටයි. කොංග්‍රස් පසු බසී පාලක කොංග්‍රස් පක්ෂය මේ මොහොත වන ...
ඇමරිකානු ශ්‍රී ලංකා ද්විපාර්ශ්වීය සබඳතා ඉතිහාසයේ ශක්තිමත්ම අවදිය වර්තමානයේ දක්නට ලැබෙන අතර ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්මයන් අනුගමනය කරමින් දෙරට පොදු ඉලක්ක සපුරා ගැනීමට ක්‍රියාත්මක වන බව දකුණු ආසියානු කටයුතු සම්බන්ධ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් පවසයි.
ඇය ඒ බව කියා සිටියේ නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොව්ස්කි සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සමග කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ප්‍රතිසංස්කරණ උදා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියා න්‍යාය පත්‍රය...
මෙතෙක් නිකුත් වී ඇති ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵලවලට අනුව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන ඉදිරියෙන් සිටියි. මෛත්‍රිපාල සිරිසේන 51.28% ඡන්ද6,217,162 මහින්ද රාජපක්ෂ 47.58% ඡන්ද 5,768,090 08.45
පොලොන්නරුව දිස්ත්‍රික්කය මින්නේරිය මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 32,744 (50.22%) මහින්ද රාජපක්ෂ 31,747 (48.69%) 08.42 කොළඹ දිස්ත්‍රික්කය රත්මලාන මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 29,554 (55.76%) මහින්ද රාජපක්ෂ 23,144 (43.66 08.38 නුවරඑලිය දිස්ත්‍රික්කය වලපනේ මැතිවරණ කොට්ඨාශය මෛත්‍රිපාල සිරිසේන 32,340 (50.59%) ම...
එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජික සාමාජිකාවන් හැත්තෑඅටදෙනෙක් අද නිදහස ලැබුවා. මේ පිරිස නිදහස් කරන ලද්දේ වසර දෙක හමාරක් පමණවූ යුද හමුදා පුනරුත්තාපන වැඩසටහනකින් පසුවයි.
අද නිදහස ලැබූ කණ්ඩායම සමග හිටපු එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් 11,000 සමාජ ගත කොට ඇති බව බන්ධනාගාර සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ඒ.එස්. දිසානායක පැවසුවා. මීට අමතරව තවත් 700 දෙනකු පුනරුත්තාපන මධ්‍යස්ථාන හතරක සිටින බව සදහන් කල ඔහු එම පිරිසද නොබෝ දිනකින් සමාජ ගත කරන බව ප්‍රකාශ කළා. බන්ධනාගාරගතව සිටින 600 පමණ සැකකරුවන් ...
ලිච්ඡවි රජ දරුවන් ඉන්දියාවේ විශාලා මහනුවර පාලනය කළ සමයේ මෙන් සාමයෙන් සහ සමාදානයෙන් සාකච්ඡා කොට රටේ ගැටළු විසඳා ගන්නා මෙන් රාමඤඤ නිකායේ මහනායක හිමිපාණෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටිති.
අතිපූජ්‍ය නාපාන ශ්‍රී පේමසිරි මහනායක හිමියන් එම ප්‍රකාශය කළේ මල්වතු, අස්ගිරි සහ අමරපුර මහා නායක හිමිවරුන් සමඟ එක්ව අධිකරණය සහ විධායකය අතර මතුවී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය පිළිබඳව බීබීසී සංදේශය කරුණු විමසූ අවස්ථාවේදී. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් විසින් අත්සන් තබා පසුගිය සතියේ කතානායක වරයාට භා...
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක් දින කාන්තා ශූරතාවලියේ පිට පිටම තුන් වැනි තරගයත් ජයග්‍රහණය කරමින් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශූරතාවලියේ ජයග්‍රහණය අත්කර ගත්හ.
එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකාරිය ටැමි බර්මොන්ට් පන්දු 79 කින් ලකුණු 78 ක් රැස්කිරීම කැපී පෙනින කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 161 කට දැවී ගියහ. ඉන් අනතුරුව පිටියට පැමිණි එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකාරිය ටැමි බර්මොන්ට් පන්දු 79 කින් ලකුණු 78 ක් රැස්කිරීම කැපී පෙනින...
රෝමානු කතෝලික සභාවේ ප්‍රධානී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු කොරියාවේ සියාවුල් අගනුවරදී කොරියානු අර්ධද්වීපයේ සාමය හා සමාදානය වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත් වූහ.
එකිනෙකාට සමාව දී එකම පවුලක එක් ජාතියක් ලෙස සමගි වන මෙන් බෙදී සිටින කොරියනුවන්ගෙන් උන්වහන්සේ ඉල්ලා සිටියි. සිය ප්‍රථම ආසියානු නිල සංචාරය නිමා කරමින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියහ. උතුරු කොරියානු බලධාරීන්ට දේව මෙහෙය සඳහා ආරාධනා කර තිබූ නමුත් ඊට සහභාගී වීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි පැවසෙන්නේ. පාප් වහන්සේ...