title stringlengths 0 67 | lyrics stringlengths 50 1.3k | artist stringclasses 213
values | writer stringclasses 249
values |
|---|---|---|---|
ආලේ | කළු පාට හමට දෙන්නෙ නැද්ද හාදුවක්
අද ලස්සන උනෙ කොහොමද වෙනදට ටිකක්
මනමාල කමට නෙමෙයි කලේ විහිළුවක්
හදේ ගැඹුරේ සැගවී තිබෙනා
කල් යන්න යන්න පපුවට දැනෙනවා බයක්
ලඟ ඉන්නා විට සිහින දකිමි කෝටියක්
හිත රිද්දන විට උනනව කඳුළුත් ටිකක්
හදේ ගැඹුරේ සැගවී තිබෙනා ඒ
ආලේ නෑ නේ ඕනේ
ආලේ නෑ නේ ඕනේ
අපි ආදරේ කරනවා දැන් දිගුකාලයක්
බැරි... | ඩැඩී | ඩැඩී |
ආදරයේ වේදනාව | ආදරයේ වේදනාව හදට දැනුනු යම් දවසක
හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා… එන්න මා සොයා
දේදුනු පැහැයෙන් දිදුලන ආදර විජිතය හැරදා
රැජින පලා ගිය මොහොතක
නොතැවී යලි ඈ සිහිකර
එන්න මා සොයා… එන්න මා සොයා
ජීවිතයට මිහිර ලතැවුල ඔබ තුරුලට ලංවූදා
නොතැවී හිද තනියහනේ
මතක සුලං රොදක එතී
එන්න මා සොයා… එන්න මා සොයා
| නන්ද මලනි | කිත්සිරි නිමල් ශාන්ත |
ආදරයේ උණුසුම ළඟ | ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ
තොල් අග මදහස දල්වා ප්රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී ප්රාර්ථනාවන් වැළලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ
දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන්... | සෝමතිලක ජයමහා | විජේසරි අමරතුංග |
ආදරයේ උල්පත වූ | ආදරයේ උල්පත වූ අම්මා මා ඔබගේ පුතු වූ… ඔබ මතු බුදුවන දවසේ මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී
සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා
තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා ... | වික්ටර් රත්නායක | ප්‍රේමකීර්ති ද අල්විස් |
ආදරයේ පාවෙන | ආදරයේ පාවෙන හැඟුමක් ජීවිතයක් සෙව්වා
ආදරයේ පාවෙන හැඟුමක් ජීවිතයක් සෙව්වා
පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
මිරිඟුවක් තනිකමක් විතරමයි
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටූ මායාවී
මා ළඟින් ලංවෙලා ඔබ එදා කී කතා
මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා
ඒ තැනූ මාළිඟා සුන්වෙලා ගිය දිනේ
අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා
වස්සානයේ තනිවෙලා ... | ප්‍රදීප් රංගන | ප්‍රදීප් රංගන |
ආදරයක හැඟුමක් | ආදරයක හැඟුමක් සිතෙහි
නොතිබුණු කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිතිකැවුණු හැටි
දෙමාපියන් සොහොයුරන් වෙතේ
හද පිදි ආදරෙ ඉමක් නැති
එහෙත් ඔයා මගෙ අනාගතේ
මිහිර ගෙනේවිය හැඟුම් හිතේ
මදහස පා හිනැහෙන විටදී
සුමුදු වදන් පවසන විටදී
මා හද තුල මින් පෙර නොරැඳී
ආදරයක හැඟුමක් උපදී
| මලනි බුලත්සිංහල, විජය කුමරතුංග | |
ආදරය සුන්දර වරදකි | ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක් නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොදටම ඇති
ඉදුවර නුවන් දෑලේ වැටී පැගී
දැහැනේ වෙලී උන්මාද වුයේ මා
වෙනෙකෙකූ දිහා බැලුමට යලි
මට නෙත් නැතැයි කෙදුරැවේ කවුරුන්දෝ
පුළුවර තාලා වීණා බදින් දැවැටී
රතගැලි බැදී නින්නාදයේ අනුරා
හද ස්වර තලා කම්පිත වේවි
මට මා පවා නැති කලේ කවුරුන්දෝ
| කරුණාරත්න ඩිවුල්ගනේ | යමුනා මලනි පෙරේරා |
ආදරණීය වස්සානේ | හා හ හ හ හා
හා හ හා හා
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්
හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්ම්
හීනයකි මට ආදරේ හැඟෙනවා මට ජීවිතේ
හීනයට ළඟ ජීවිතේ හැඟෙනවා ඔබේ ආදරේ
වැටෙනකොට කඳුළු ඇවිලිලා
සුවඳ මල් පෙති පරවෙලා
සුවඳ මල් පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිලිලා
සුසුමේ තවරා සැඟවූ සිහිනේ
සුසුමේ තවරා සැඟවූ සිහිනේ
ආ ආදරණීය වස්සානේ
ආ ආදරණීය වස්සානේ
| කසුන් කල්හාරා, උරේෂා රවිහාරි | උපුල් ශාන්ත සනස්ගල |
ආදරණීය නේරංජනා | ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා ආදරණීය නේරංජනා
ඔබ මුදු මදහස් රැළි මාලාවේ
වෙලී බැදුණු දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ
අප හමු වූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමණකි තනි වූයේ
මටම ම පුදුමයි අදහන්නට බෑ
මම ම නොවේ යළි ඉන් පිට වූයේ
කවුදෝ මා පසු පස එනු ද... | ප්‍රියා සූරියසේන | ප්‍රේමකීර්ති ද අල්විස් |
ආදර සීනුව | ආදර සීනුව පෙම්ලොව දොර ළඟ රැව් දෙන්නේ
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
ලස්සන හදවත් පමණයි ආලය හඳුනන්නේ
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ
සංසාරේ හුරු සුවඳයි මට ඈ ගෙන එන්නේ
මාගේ දුප්පත් කමටයි ලොව එදිරිව ඉන්නේ
ජය ටැඹ පෙනුනත් ජය හිමි වේදෝ නැහැ දන්නේ
යා යුතු මාවත කොයි අත වේදෝ නෑ දන්නේ
කාගේ වේවා ලේ එක වාගේ දිස් වන්නේ
අහසයි මුහු... | ග්‍රේෂන් ආනන්ද | කේ.ඩී.කේ ධර්මවර්ධන |
ආදර සැමරුම් | ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය
යමුනා තීරේ යමුනා තීරේ
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ
දහසක් මිණි මල් ලිය කම්
පෙම පිදු වූ රන් කැටයම්
යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා
චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා
අපගේ පෙම් පුරාවතින්
දෙරණ හෙළු කඳුළු ගලා
මැදුරත කිරිගරු... | සනත් නන්දසිරි | අජන්තා රණසිංහ |
ආදර මල් පවනේ | ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ
කොහෙදෝ යන්නේ කව්දෝ දන්නේ
දුලීකා…… දුලීකා
වේදනා කන්දේ ඉඳලා ආදරේ දැක අත වනලා
සුළඟේ පාවී සුසුම් හෙළා වී
දුලීකා… දුලීකා…
චංචල සිතුවිල්ලේ මංගල ඕවිල්ලේ
නැළ වී යන්නේ ඈ මෙසේ
පෙම් මල් උයනට දෝ කඳුලැලි මුහුදට දෝ
| එච්.ආර්.ජෝතිපාල | ධර්මසිරි ගමගේ |
ආදර මගෙ ජේසුනී | ආදර මගෙ ජේසුනී කලකින් ඔබ අමතමී
කොහොමද ඔබගේ තතූ සමිඳේ
සිතු සිතු දේ මම කළා ඔබෙ දහමේ ගුණ නසා
අද ඔබ ළඟ වැඳ වැටී හඬමී
මා හසුවී මාරුතේ මඟ වැරදී මාවතේ
මේ ලියමන ලියමි මා සමිඳේ
මහ කරුණා සාගරේ ඔබ පමණයි ආදරේ
සැනසුම මට දෙන්නකෝ සමිඳේ
ජේසුනි මම ආදරෙයි ඔබෙ පෙම ඊටත් වැඩියි
සැමදා මම ණයගැතියි ඔබට
ඔබ දුන් හැම දේටමත් මට දුන් නැති දේ හටත්
... | රූකාන්ත ගුණතිලක | රූකාන්ත ගුණතිලක |
ආදර හැඟුම් | ආදර හැඟුම් ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
ආදර හැඟුම්
සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
නැගෙන ගනඳුර වඩයි සිතුවිලි
මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි
කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නොඉන්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුළෙ ... | ඩබ්ලිව්.ඩී අමරදේව | දයානන්ද ගුණවර්ධන |
ආදර ගඟුලෙහි | ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලු
මල් වැල් වන විල් පිරී ගියේ සෙවණ දෙවන්නලු
බිඟු නඳ විහඟුන් ඉගිල්ලුනේ මිහිරෙ රැඳෙන්නලු
පුන් සඳ නැගුනෙත් අහස් තලේ අපට බලන්නලු
දෙනෙතට කඳුලැලි තුරුල් කලේ පෙමට අඬන්නලු
පෙමට අඬන්නලු
මී වද මී පැණි පිරී ගියේ දෙතොලෙ රඳන්නලු
දේදුනු ඕවිලි මැවී ගියේ ලොවම පිනන්... | ශ්‍රීමතී තිලකරත්න, වික්ටර් රත්නායක | ප්‍රේමකීර්ති ද අල්විස් |
ආදර දුරුතු මහේ | ආදර දුරුතු මහේ ජීවිතයක් තිබුණා
ඊලඟ බිනර මහේ තනිකම මට දැනුනා
ආදර මල් පිපුනා ආදර මල් මැරුණා
මා හද ඔබ පිලිරුව රදවා
වෙන්වුනි අප දෙදෙනා
කාලය පියඹනවා පාළුව වැලපෙනවා
ජීවිතයෙන් පිරි ආදර හමුවක
සැමරුම් සිහිවෙනවා
ඒ පෙම් සුවද ලයේ තාමත් මතක තියේ
සිහිනෙක හෝ ඔබ ආයෙත් එනු මැන
ඊලඟ දුරුතු මහේ
| ඇනස්ලි මලවානා | |
අමා රන් හැඟුම් | අමා රන් හැඟුම් පිරී සෙනෙහේ බිඳීලා
කඳුලැල් ගලා යාවී දෙනුවන් විඩා වූවා
අමා රන් හැඟුම් පිරී
නල වැල් වැදීලා රුවලත් ඉරීලා
රල වැල් ගැටීලා නෙෳකා බිඳී
වැනසී ගියා
වන මල් පිපේදෝ බඹරුන් හඬා දෝ
මේ දුක් ඇසේදෝ ඔබගේ හදේ
කිසිදා ලඳේ
| මිල්ටන් මල්ලවරාච්චි | කේ.ඩී.කේ ධර්මවර්ධන |
ආලෝකේ පතූරා | ම්…… ම්…… ම්…… ම්……
ආලෝකේ පතූරා මුළු ලෝකේ ඔපලා
චන්ද්රා භෙමින් එයි නැගි
ලොව මිහිර නොබලා රස සිහින පෙනීලා
මගේ මැණික සුවසේ නිදී
කොවුලන්ගේ මුධු ගීත සුලගින් ගෙනා සීත
සුවදායකයි රෑ මෙහි
ම්…… ම්…… ම්…… ම්……
සියතුන් හඬන්නේ මොණරුන් රඟන්නේ
නෑ ඔවුනුත් නිදියාගනී
කොඳ මල් සිනාසේ විල් නිල් ජලාශේ
රණ හංසයෝ පීනති සඳකැන් බිබී නැහැවෙති
කි... | සිසිර සේනරත්න | හර්බට් එම් සෙනෙවිරත්න |
ආලයේ ගාථා | ආලයේ ගාථා සජ්ජායනා කලා
ආලයේ මන්ත්ර සිය වරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධු තර ස්වප්නය ට නිගා දී ඔබ ගියා
ස්නේහයේ චුම්බනය නලල මත වගුරුවා
ආලිංගනය සුරස මතක පොත පුරව්වා
ප්රේම ආරාමයේ කැනි මඩළ බිම හෙලා
සාර තර වසන්තය නිමා කර ඔබ ගියා
සුපුෂ්පිත හදවතේ සුගන්ධය විහිදුවා
සුරක්ෂිත දොරටුවේ සෙබළ මුළු විසුරුවා
ප්රේමයේ අභය භ... | කසුන් කල්හාරා | සුනිල් ආරියරත්න |
ආලවන්ත නෙත් විදා(මුතු පලස) | ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා
සඳකින්නරී සුන්දරී මුතුපලස මත දිදුලනා
මනබන්දිනී නන්දිනී මුතු පලස මත හිනැහිලා
සඳකැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගවුමකින් ගත සරසලා
ඉදිකඩ උඩින් තරුනෙත් වසා
මතකයි තවත් අපි හිනැහුනා
මතකයි තවත් ඔයා හිනැහුනා
සිහිලැල් සුලං රැල්ලක එතී
වනමල් උයන් හැරදා අප සිටී
මතකෙන් මකා අපි පෙම්කල හැටි
මතකයි ඔයා... | දයාසිරි ජයසේකර | බුද්ධක කුලසේකර |
අකුරු සතරකින් | අකුරු සතරකින් මනස පැටලිලා
වැලි පිල්ලේ ලිය ලියා
ගළපන්න ට බැරිව ළතැ වුණා
ආදරයයි අකුරු සතර ඒ
ආ යන්නෙන් මා පැතු ආදරේ
ද යනු ගිනි තියාලා දව දවා ගින්දරේ
ර යනු රළු බැවින් සවන් යුග වසා
ය යනු කීවේ යන්න ඔබ හැරා
වි යනු වියෝගේ මැව්වා සිතේ
වා යනු වාවන්න ට පෙළඹුවා නිරතුරේ
හ යනු හසරැළී නගන්නෙමි කියා
ය යනු යළි කීවේ එන්න ඔබ කරා
| මර්වින් පෙරේරා | ප්‍රේමකීර්ති ද අල්විස් |
අකුරු මැකී නෑ | අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ
බොඳ වී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්
මේ ඊරී බිම සීරී කුණ්ඩුමණී හිස පීරී
දීසිය පුරවා දෝසී දමා කුමුදුමතී හිනැහේවී
අපි දුවමු අපි පනිමු ගී කියමු අපි නටමු
ඇත් පොරයට අපි ඇහැ යවමූ බාළ වියට පා නගමු
| එඩ්වඩ් ජයකොඩි | කුමාරදාස සපුතන්ත්‍රි |
අක්කෙ අර බලන්නකෝ | අක්කෙ අක්කෙ අර බලන්නකෝ
වැස්සක් නොවැ එන්නේ
හෝ හෝ හෝ ගා ගෙන එන්නේ
ගස් ගල් පෙරළෙන්නේ
සුළං තදයි විදුලියද කොටයි හෙණ හඬ පැතිරෙයි
මහ වලාකුළක් මේ එන්නේ
අක්කේ වී පැදුරත් මිදුලේ අකුලා ගෙට ගන්නේ
අම්මත් අර නාගෙන එන්නේමල්ලි තවම කුඹුරේ
නංගි සුදෝ මගෙ හඬන්ටෙපා අම්ම හනික දැන්එයි
බිල්ලො නොවෙයි ඔය ගොරවන්නේ
අහසේ හෙණනාදේ
අක්කේ දර ටික ගෙට ග... | සූරිය ශංකර් මොලිගෝඩා | ආනන්ද සමරකූන් |
අහසින් තරුවක් | අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නෑ අහසයි වැළපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නෑ සුළඟයි වැළපෙන්නේ
පෑහිමක් නෑ නොකෙරෙණ දීගේ
සෙවණැල්ලත් ඇදලූ
දවල් වැටුණු වල මෙදා වැටුණෙ රෑ
හිත හොඳ වැඩිකමලූ
මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම්
ඔබේ මඟුල් දවසේ
| මලනි බුලත්සිංහල | ලුෂාන් බුලත්සිංහල |
අහසයි ඔබ මට | අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
හිනිමන් බදිනු බැරි
පොළොවයි ඔබ මට තරුවක් විලසට
රෑකල පතිත වෙමි
ගඟේ වතුර නැ ඉහලට ගලා ගියේ
අසනි හඩින් නැ කදුබිම් සසල වුනේ
ගඟ කවදා හෝ මුවදොර හමුවෙනවා
ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා
අනාත සයුරක වැහිදිය දෝත ඔබයි
අගාත අඳුරක දොල රන් සිළුව ඔබයි
ඔබ මට ලඟ බව ඉදුරා මම දනිමි
ඔබ වට කහවනු පවුරට මහ දුරකි
| දීපිකා ප්‍රියදර්ශනී, සුනිල් එඩිරිසිංහ | බන්දුල නනායකකරවසම් |
අහස උසට | අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ
අහසේ මාලිගා තැනුවට අපි පොළොවේ සිටින්නේ
අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ
අහසේ මාලිගා තැනුවට අපි පොළොවේ සිටින්නේ
ලඹ කැටයේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහලට යනකොට අපි පොඩියට පෙනෙන්නේ
සිමෙන්ති කඳුලින් දියකර සත් මහලයි තනන්නේ
පලංචියේ කිරි කිරියයි අපේ දුකට හඩන්නේ
| ගුණදාස කපුගේ | සමන් ගුණ හේරත් |
අහස සේ ඔබ | අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි
මේ විශ්වයේ මා දකින්නේ… ඒ
ඔබමැ පමණයි ඔබ අනන්තයි
අනන්තයි
වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
මදුවිතක් උතුරන තැනත් ඔබ
තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ
අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ
සිසිලසක් දනවන තැනත් ඔබ
උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ
| නන්ද මලනි | සුනිල් ආරියරත්න |
අහස පොළව | අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ
හඬාවැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
නැහැනේ තනිකමක්
කනට මිණක තරුවක රුව
නොපෙනුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා
ඔබෙ සෙනෙහස ලබන තුරා
විලක දොලක සුව නොලදිමි
ඔබ මා හා රැඳෙන තුරා
මලෙක සුවඳ ඇත මසිතේ
ඔබ මා ළඟ සිටින තුරා
| සුනිල් එඩිරිසිංහ | යමුනා මලනි පෙරේරා |
අහස නුඹ මෙතරම් | අහස නුඹ මෙතරම් සැඩ යැයි
දැනුනෙ මහ වැසි වැටුනාමයි
පොළොව නුඹ මෙතරම් රළු යැයි
හැඟුනෙ නියඟය ආවාමයි
රෑට තරු ඉසිනා අහසට
අඳුරු සිත් ලැබුනේ කොහොමද
නේක මල් සදනා පොළොවට
නපුරු සිත් කොයිබින් ලැබුණිද
නීල ඉඳුවර පෑ අහසට
කඳුළු වැසි දුන්නේ කවුරුද
පලා පෑ ඉසිලූ මිහිමත
නියං ඇතිරූයේ කවුරුද
| දීපිකා ප්‍රියදර්ශනී | ආනන්ද හේවරන්හින්දගේ |
ඇහැල මල් පිපෙනා | ඇහල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්
වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා
ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී
බහක් නොදී ගියත් අහක බලා සිනා සී
මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී
මඟ බලමින්... | චන්දන ලියනාරාච්චි | නිහාල් ගම්හෙවා |
ඇගේය ඔබ දැන් | ඇගේය ඔබ දැන් ඇගේය සිරුරින් ඇගේය
මගේය එනමුත් මගේය හදවත මගේය
අගේය ඔබ මට අගේය කඳුළැලි නැගේය
මගේය ඔබ නම් මගේය සැමදා මගේය
ඔබ මට ජල ධාරාවක් වගේය
සීතල ජලධාරාවක් වගේය
ඒ ජල ධාරාවම දැන් ඇගේය
එනමුත් ජලයේ සිසිලස මගේය
ජලයේ සිසිලස මගේය
ඔබ මට මිනිවීනාවක් වගේය
ඔකනද මිනි වීනාවක් වගේය
ඒ මිනි වීනාවම දැන් ඇගේය
එනමුත් වීනා නාදය මගේය
වීනා න... | දීපිකා ප්‍රියදර්ශනී | සුනිල් ආරියරත්න |
ඇගෙ සිනහව තහනම් | ඇගෙ සිනහව තහනම් ගෙදරින් මට තහනම්
සැලවෙයි ගෙදරට ඇය හමුවුණොතින්
චරපුරුෂයෝ දැන් මා වටලා
යන එන හැම තැන් මුර දාලා
යන එන හැම තැන් මුර දාලා
යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ
පෙළපත කුලගොත වෙනස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
පෙළපත කුලගොත වෙනස් වෙලා
| චන්ද්‍රකුමාර් කන්දනරාච්චි | කේ.ඩී.කේ ධර්මවර්ධන |
ඈ නීල වරල | ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා
ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා
පුන්සඳ රැස් කැළුම් හෙලා
ඈ සුර දෙව් ලියක් වෙලා
කුසුම් නටයි පවන් සල සලා
සුරංගනාවි සුරංගනාවි
සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී
වසන්ත සමය ළං වෙලා කෝකිල නදින් මත් වෙලා
සිසිල් සුළං යාවි පාවෙලා
දඟ පුළුලුකුල සල සලා ඈ මග යන්නෙ හිනැහිලා
නිල් නෙත් යුග මහද මත් කලා
හැඩවැඩ ග... | ධනපාල උදයත්ත | කරුණාරත්න අබේසේකර |
ඈ නීල නෙතු සලා | ඈ නීල නෙතු සලා මා දෑස මත් කළා
සේයා මවා ඒ ආදරේ ආයාචනා… ආ
ඈ නීල නෙතු සලා
පාවී ගියා ඒ වේදනා දෑසේ මවා මේ චේතනා
ආරාධනා
පාවී ගියා ඒ වේදනා දෑසේ මවා මේ චේතනා
ආරාධනා
පාවී ගලා පවනේ පවා රාවේ ඇසේ ඒ ගීතිකා
ආරාධනා
පාවී ගලා පවනේ පවා රාවේ ඇසේ ඒ ගීතිකා
ආරාධනා
| ටී.එම්.ජයරත්න | මලනි ජයරත්න |
අඩු කුලේ කියාලා | අඩු කුලේ කියාලා අසරණයා
මැඩලන්නෙ මේ ලෝකේ වසලයා
වංසේ කුල බේදේ මේ ලොවේ
නොම වේ බමුණා හෝ වසලයා
පුහු මානය හෘදේ පුරවන්නේ
දස පාප ක්රියාවේ පැටලනේනේ
යුතුකම් සුසිරී මග නොම දන්නේ
ඔහු නොවෙ ද මේ ලෝකේ වසලයා
වංසේ කුල බේදේ …………
එක ලේ මස නහරින් බැඳුණු තදේ
මුළු ජීවිත කාලේ විඳින වදේ
අවසානේදී මරු සමඟ ඇදේ
මෙය නොදැන සිටින්නේ වසලයා
වංසේ කුල බ... | ||
අඩවන් වූ | අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා
තෙමා තෙමා හද ගලා ගලා යන
ලොව්තුරු ගුණ මහිමේ
මහමෙව්නා උයනේ …………
සමාධි බුදු පිළිමේ
අඩවන් වූ දෙනෙතින් ගලනා
මෙත් මුදිතා කරුණා ධාරා
පිරි' ඉතිරී යන මහ වතුරක් සේ
ගලා හැලෙන සිහිළැල් ගඟුලක් සේ
ගිමන් නිවාලන මේ භව කතරේ
නිවන් සදා ලන බුදු ගුණ මහිමේ
මහමෙව්නා උයනේ …………
සමාධි බුදු පිළිමේ
| ||
අඩවන් දෑසින් | අඩවන් දෑසින් පවසනු රහසින්
ජීවිතයේ රස මේ යැයි විගසින්
පමා වෙවී ඉඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
පමා වෙවී ඉඳිනට නැත වේලා
කාලය ඉගිලී යයි ඉගිලී යයි
සුපුල් දෙතොල් රතු පැහැයෙන් තවරා
සුපුල් දෙතොල් රතු පැහැයෙන් තවරා
මීවිත උතුරා යයි උතුරා යයි
අවුල් දුහුල් වල සිහිල් පහස වැද
රංගනා රංගන නොනවත්වනු මැන
ඒ ගී හඩ මුලු ජීවිතයම සත... | වික්ටර් රත්නායක | මහගම සේකර |
ආදරේට කියන කතා | ආදරේට කියන කතා බොලඳ වුනාට
සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට
තටු සිඳිලා වැලපෙනවා
සිත බැඳිලා හිනැහෙනවා
මල් ඇතුරූ සුව යහනේ
මල් අතුරා පවන් සැලු
ආදරවන්තයින් පෙලූ
බොලඳ කතා
මල් ගොමුවේ තුරු සෙවනේ
හමුවෙනවා වෙන්වෙනවා
උයන් කොනේ අවන් හලේ
උයන් කොනේ හමුවෙනවා
අවන්හලේ වෙන්වෙනවා
බොලඳ කතා
| ක්ලැරන්ස් විජේවර්ධන | ක්ලැරන්ස් විජේවර්ධන |
ආදරේ සිත සනසන | ආදරේ සිත සනසන ආදරේ
සද සිසිලේ තරු එළියේ මද පවනේ හමු වෙනවද
ආදරේ ලොව නලවන ආදරේ
ආදරේ රස වෑහෙනා ජීවිතේ සනසා
නිරන්තරේ යොවුන් හදේ හගුමන් පුබුදාලා
වසන්තයේ කුසුම් විලේ බිගුන් මුවේ
මධු බිදුවකි ආදරේ නිම් හිම් නැති ආදරේ
ආදරේ හිත යා වෙලා වේදනා මවනා
තෙමා නුවන් මවා සුසුම් කදුලක සැගවෙනවා
කදු මුදුනේ මීදුම සේ බොදවන්නේ
නෙතු රවටන ආදරේ ලොව... | කීර්ති පැස්කුවෙල් | |
ආදරේ රන් බිඟුන් | ආදරේ රන් බිඟුන් නැසූ
බාදුරා මල ඔබයි ලදේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලදේ
ගලන ගඟුලක් ලෙසින් දුටු
ඔබයි මිරිගුව මුවන් නැසූ
රසය ඇතිකර පනත් නැසූ
ඔබයි පැණි බිද විසක් මුසූ
රුදුරු ලෙස කැළබිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ
ලෙවන් කීවත් ලදේ සෙනේ
සුපුන් සඳ ඔබ තමයි මගේ
| මර්වින් පෙරේරා | කේ.ඩී.කේ ධර්මවර්ධන |
ආදරේ මන්දිරේ | ආදරේ මන්දිරේ සඳළු තල එළිවෙලා
ජීවිතේ මී පිරී පිටාරය එයි ගලා
සුවඳ අරගෙන ඔබේ සුළඟ මා වෙත එබේ
සුහද ඔබ කිම පමා සුසුම් වැල් යයි හමා
ගඟක බිහි වන සුළී වැනිය හද සිතුවිලි
නයන සනහන පුරා කොහෙද මගෙ පෙම්බරා
| සුජාතා අත්තනායක | කරුණාරත්න අබේසේකර |
ආදරේ හිතෙනවා | ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මං එනවා ළඟටම දැන් හොඳයි
ඔබ සොයා ඉගිළ එයි මා හදේ භෘංගයා
හැංඟුවේ ඇයි ප්රියේ මල් විලේ හංසයා
හැංඟුවේ ඇයි ප්රියේ මල් විලේ හංසයා
හැංඟුවේ නෑ කිසිත් ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ
මා සෙවූ මා පැතූ ආදරේ දැන් ලැබේ
| ඇන්ජලින් ගුණතිලක, එච්.ආර්.ජෝතිපාල | නිහාල් ජයසිංහ |
ආදරේ බිඳී | ආදරේ බිඳී හදවත වේදනා දෙනවා
පාළුවේ තබා මගේ මේ දෙනුවන් හඬවනවා
ජීවිතේ සදා වැළපේ වේදනා පිරිලා
මා ඔබේ නොවේ කඳුළක් රහසින් පවසනවා
ආදරෙන් පැතු සියල්ල සුන් වුණේ
වේදනා ගෙනෙන්න ඇයිද ළංවුණේ
ජීවිතේම තනිවෙනවා වේදනාවේ වැළපෙනවා
දෑස මෙන් සදා රකින්නෙමි කියා
මා පැතු ඔයාම දේවී වේදනා
පාළුවේම තනිවෙන්නම් වේදනාව විඳගන්නම්
| නාමල් උඩුගම | හේමසිරි හල්පිටා |
අඬන්නෙ ඇයි | අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
ඔයාව ජීවිතයේ මට හමුවුණු මුල් දවසේ
සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුණේ
කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගේ
ප්රියාවි රැකගන්නම් හද බලකොටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ ප්රේමේ
දිනන්නේ යන යන තැන ඔබ හින්දය... | එච්.ආර්.ජෝතිපාල | ධර්මසිරි ගමගේ |
අද වෙයි ඉරු දින | අද වෙයි ඉරු දින ඔබ හමුවේවිද
ඔබ හා බැඳි හද අද නොතැවේවිද
මගෙ හද විල මැද සැලෙන ඕළු කොඳ
අද සුපිපිපේවිද මගෙ සිත තුටු වේවිද
සතියේ දින හත ගැන ගැන මගෙ සිත
ඉරිදා දින මත මගෙ පැතුම් රැඳි ඇත
සඳ පායන තුරු කුමුදු පිපෙන තුරු
මම ඉමි නිරතුරු එන ඉරිදා එන තුරු
ඔබෙ සියුමැළි වත පන ගන්වයි සිත
පැටලී හදවත සැමදා පවතිනු ඇත
ඉරිදා දින මත ඇති මගේ ... | අනිල් භාරතී | |
අද හෙට ඔබ මා | අද හෙට ඔබ මා අත හැරයන බව
දැන ගන්නට ලැබුනා රහසින් මට හැඬුනා
ඔබ රවටා නැත ඔබ හඬවා නැත
දැන දැන මා නම් වැරදි කළේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොහැඟෙයි
යොමුවී වෙනතක ඔබ තනිවූ දින
තනියට සිටියේ මා පමනකි ලඟ
දැන් ඔබ මා රිදවා
යලි වෙනතක බැඳිලා
| මිල්ටන් මල්ලවරාච්චි | කේ.ඩී.කේ ධර්මවර්ධන |
අද හවසට මා | අද හවසට මා හමු වනු මැනවී
රැඟුම් බලන්නට කලාගාරයේ
මගෙ මේ ඇරයුම ඉවත නොලා
මගෙ මේ ඇරයුම ඉවත නොලා
නර්තන රංගන සිතුවම් එනවා
ඔබ එහි රස විඳිනට මැළිවෙනවා
එක දවසක් හෝ ඔබ මා සමගින්
රැඟුම් බලන්නට යන්නට එනු මැන
කෙල්ලක සතු නිදහස සීමාවෙයි
සිතු සේ දිව ඇවිදින්නට බැරිවෙයි
එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන
රැඟුම් බලන්නට හවසට එනු මැන
| සුජාතා අත්තනායක | කේ.ඩී.කේ ධර්මවර්ධන |
අද දීගෙක | අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
මා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුළු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා
කව... | සුනිල් එඩිරිසිංහ | ධර්මසිරි ගමගේ |
අද අමුතුම රැයකි | අද අමුතුම රැයකි හොඳ සීතල පැයකි
අඳුරු වළා වැලපී මගෙ හිත සතුට දකී
ඝන නිල් වරලින්නේ මල් සුවදකි එන්නේ
හද විනිවිද යන්නේ නෙත් සිත පිබිදෙන්නේ
නිලිපුල් වැනි දෑසේ සැතපී ඇති රහසේ
තේරුම තොරාලා දෙනු මැන හිනහීලා
සුරලිත මුතු වරලේ අඩවන් සඳ බැබලේ
නා දළු බදු දෙතොලේ බිහිවෙයි මදු කොතොලේ
| එච්.ආර්.ජෝතිපාල | කරුණාරත්න අබේසේකර |
අභිසාරිකාවන්ගේ | අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
අභිසාරිකාවන්ගේ
රාග ගිනි ජාලාවේ
ප්රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ… ඒ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
ආදරය යන වදනේ
මනුලොවේ මිනිසත් භවයේ
මහිම ඔබෙනි හැඟුනේ… ඒ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි ඵල ගැනුනේ
| ගුණදාස කපුගේ | සුනිල් ආරියරත්න |
අමර පෙම් ලතාවේ | …… … ……
අමර පෙම් ලතාවේ රන් මලක් උදාවේ
අඳුන් සඳුන් සුව මැවේ මනෝ මන්දිරේ
ඉසුරුමුනි කතාවේ යුවළ දැන් සිනාවේ
කසුන් සඳක් ජනිත වේ ජී… වන අඹරේ
ඔබෙ දෙපා ළඟ මගේ තුරුණු හද පිදේ
හිමවතේ සිසිල දී ගිමන සංසිදේ
හා හ හ හා හ හා ම් ම් ම් ම්… ම් ම්
ආදරේ ආදරේ මී බඳුන් පිරේ
පිපෙන මල් විල් තලේ දියට බර නැතේ
දෝත දී පිළිගමී ඔබගෙ ජීවිතේ
හා හ හ... | ඇන්ජලින් ගුණතිලක, එච්.ආර්.ජෝතිපාල | කරුණාරත්න අබේසේකර |
අපි හැඟුම් වලට | අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබාගනිමු තරමින් වියතක්
හඳ පානේ මද අඳුරේ අත් පටලා යමු ආයේ
අත් පටලා යමු ආයේ
ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී
අවුදින් හිමින් රහසින් මුමුණා
හඳ පානේ මද අඳුරේ
හඳ පානේ මද අඳුරේ……
හිරකර හසරැල්ලෙන් හැඩුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්
මතු ආත්මයේ හමුවෙන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳ ... | වික්ටර් රත්නායක | ප්‍රේමකීර්ති ද අල්විස් |
අපි දෙන්නා පොකුණයි | අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ
ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ
ඔබගේ සිත මා නැත හඳුනන්නේ
වරදක් නැතුවයි පිටුපා යන්නේ
තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි
සුභ සැන්දෑවක් වේවා
වැලි අහුර කන්දක් කියාලා
දිය බඳුන ඟඟකැයි සිතාලා
මල් අත්තෙ කටුවක් සොයාලා
ලත වෙන්න සිදුවෙයි කිපීලා
සඳ මඬල සා ලපය ඇතිදෝ
මද දිගට සම සමව ඇ... | එච්.ආර්.ජෝතිපාල | |
අපි ආයෙත් හමු | අපි ආයෙත් හමු නොවුණා නම්
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවුණා නම්
ඔබ නාඳුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විඳින්නේ මා පමණයි
සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමුවන්නේ
ආදරයේ කඳුළින් මිය යන්නද
ජීවිත ඉරණම විසඳෙන්නේ
| සෝමතිලක ජයමහා | අජන්තා රණසිංහ |
අපි ඈතට ඈතට | අපි ඈතට ඈතට පා නඟලා ඝණ වනන්තරේ
අතර මං වෙමු වසන්ත මල් ගොමුවේ
කාත් කවුරුවත් නෑ එන්නේ
ඉදුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බමරුන් විතරයි තනියට ලඟ ඉන්නේ
කෙසේද අත්බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ
| වික්ටර් රත්නායක | සුනිල් ආරියරත්න |
ආපසු එනවා | ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්
ඔබ නැවතුන තැන මගේ හිත ඔබෙ ළඟ
වෙනතක නැතේ ලැගුම්
කවුරු දකින්නද කෙලෙස පතන්නද
අද මා හෙලන සුසුම්
ඉහට වහල සේ තරු පිරි අහසේ
නිවහන වූ පොළවයි
හමුවූ තැන් වල ගස් වැල් වැළපෙයි
නොහඬමු ඔබයි මමයි
| ප්‍රියා සූරියසේන | දයා ද අල්විස් |
අප හමුවීම වෙන්වීම | අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්
පෙම්වන්තියේ මා හැඬුවා දරා
ප්රේමේ නමින් වේදනා
ඒ සිත යාමේ සැමරුම් කියා
ලියවේවි මගෙ චේතනා
රන් තාරකාවෝ දිලුණා එදා
ගෙනදී නැවුම් කල්පනා
මේ ආදරේ නාමයෙන් වේදනා
මතුදා ගෙනේ ප්රාර්ථනා
| නාමල් උඩුගම | ධර්මරත්න පෙරේරා |
අනෝතත්ත විල | අනෝතත්ත විල නෙළුම නෙළාලා
පීරා වරළස මල් ගවසාලා
නාග ලොවින් බැස නාළිය ගමනින්
වරඟන පිරිවරිනා එරන්දතිය එනවාසිතක උපන් දොල සංසිඳුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
හිතට තුරුළු වෙනවා එරන්දතිය එනවා
කෝමළ ගමනින් කෝළ හැඟුම් හල
කාල ගිරෙන් සිතුවිලි සේනා ගෙන
වරඟන පිරිවරිනා එරන්දතිය එනවා
නළලත කුංකුම තිලක තියාලා
නීල... | අමිතා වෙඩිසිංහ, ඩබ්ලිව්.ඩී අමරදේව | සුනිල් සරත් පෙරේරා |
අන්න බලන් ඉදිකඩ ළග | අන්න බලන් ඉදිකඩ ළග
කොක්කු රෑන වගේ ඇවිත්
පුන්චි එවුන් නුඹ එනකල් පාර බලන්නේ
හීන් සැරේ ගිහින් උන්ට එකතු වෙයන්නේ
පුන්චි දුවේ නුඹ යනකොට
සුදු පාටින් ඉස්කෝලෙට
පුන්චි මගේ අතීතයේ මං තනිවෙනවා
දන් දෙනි මැද දෙවැට දිගේ
දොළ පාරින් එතෙර වෙලා
මගේ හිතින් මං ආයෙත් පාසල් යනවා
එක පුටුවක වාඩි වෙලා
එක පැන්සල දෙකට කඩා
අකුරු කෙරුව කාලය නෑ ආයෙ... | දීපිකා ප්‍රියදර්ශනී | බන්ඩාරා අහලියගොඩ |
අංගනාවෝ | °
අංගනාවෝ ගීතේ ලීවා තාලේ දැමුවා
සිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
අංගනාවෝ
රූපිකාවෝ රැගුමන් රැගුවා මට අම මී පෙව්වා
ඉන්නේ ඔබේ ලෝකේ දැන්
ඉන්නේ මං ඔබගේ ලෝකේ
මං මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ
කියන්නෙ මේ කතන්දරේ
නෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ
ඔයාගෙ ආදරේ
සීත සීත රෑක පාට පාට තාරුකාව
මම කඩා ගෙනත් දෙමි නගේ
ඔය සීනු සීනු මල් හිනාව දේව... | රූකාන්ත ගුණතිලක | රූකාන්ත ගුණතිලක |
ආනෙ ඩිංගක් ඉන්නකෝ | ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය
දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල අහක බලබල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ
පුංචි මාමගෙ කුඹුරෙදී
පැලක් ඉන්දන දවසෙදී
දනක් මඩයේ එරි එරී
එදා පැල සිට වූ සැටී
තාම මතකයි රීයෙ වගෙමයි
දෙතොල් අව්වේ සැලි සැලී
කුඹුක් ගහ යට බටකැලේ
නාන විටදී ඔබ දොලේ
හිසක් ජලයේ ගිලි ගිලී
එදා දියඹුන් කෙලි සැටී
දැස නලවා සිනහා සැලුවා
ලපටි මුහුනේ මල... | සී. ටී. ප්‍රනාන්දු | |
අදුරු කුටිය තුල | අදුරු කුටිය තුල දොරගුළු ලාගෙන
ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ
ඒ…… දෙවියන් හට නෑසේ
පොලව කොටන තැන පාර තනන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ
ඒ…… දෙවියෝ වැඩ ඉන්නේ
බලන් කඩතුරා හැර දෑසේ
සිනිදු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළි ගත පලදා
දෙවියන් රුව දක්නට හැක්කේ
හ හා…ආඅආඅ ආඅආඅ ආඅආඅ ආ
කුසුම් සදුන් ... | ටී.එම්.ජයරත්න | පී.එස්.අලවත්තගේ |
අඳුර නසන්නට | අඳුර නසන්නට පහනක් ලෙස දැල්වී
හත්දින්නත් තරු පොකුරේ ඔබ සැඟවේ
මට අහිමිව යන ඔබේ සිනා කැකුලයි
සමු ගන්නට බෑ හිතේ හැඟම් සසලයි
හිත් රිදවන්නට සෙනෙහස මෝදු වෙලා
අපි දෙන්නා අද දෙතැනක නතර වෙලා
දෙසිතක සැඟවුණ සෙනෙහස මතක තියේ
හඬා වැටෙන්නට අපි නොදරුවන් නොවේ
මට දුන් සවියම ඔබට සවිය වේවා
තහනම් බැමි නැති ලොවකදි හමුවේවා
| පුන්සිරි සොයිසා | A.D.S. ඉන්ද්‍රානි |
අඳුර ඉරා | අඳුර ඉරා සඳ නිදි මේලාවේ
පබලු වළා විහිරුනු වේලාවේ
අඳුර පුරා අමරස වෑහීලා
බිඳුනු සෙනේ කඳුලැලි පාවීලා
කටුක ලොවේ ඝනදුරු සීමාවේ
සතුට රැඳේ මතු මත් මායාවේ
මනස නිවේ සැනසෙන හෝරාවේ
දසත නැගී හසරැල් ගී රාවේ
සොඳුරු රැයේ බොඳවුනු චායාවේ
එලිය නිවී ඇගෙ රූ සේයාවේ
දැහැල බැඳී සිතුවිලි මායාවේ
කැකුලු පිපී මදහස රේඛාවේ
| ක්ලැරන්ස් විජේවර්ධන | කුලරත්න ආරියවන්සන් |
අඳුර බිඳින්නට | අඳුර බිඳින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳහැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
මතකය නම් වූ මළපොත පෙරලා
මළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොලවාගත්
දෑතෙහි දසැඟිලි දිගහැරලනු මැන
එහි මොනවද ඇත්තේ කිසිත් නැත
හිස් බවෙකිය ඇත්තේ
සමුදුර ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස්වන හදවිත සපුරා ල... | වික්ටර් රත්නායක | ප්‍රේමකීර්ති ද අල්විස් |
අන්දර යායේ | අන්දර යායේ වැව්තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී
වළාකුලේ දා බිදු තවරා
මහපොළවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුලැලි සලනා
තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
සිදාදියට යන මං තැනුවා
| කරුණාරත්න ඩිවුල්ගනේ | කුමාර ලියනගේ |
අවසන් ලියුමයි | අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහා කඳුළු රැඳි පෑනෙන්
කියවා හැඬුවත් මට නම් කම් නැ
මගෙ හිත අද තද නින්දේ
එයා පැලැන්දූ මංගල මුදුවේ
ආඩම්බරකම මම දුටිමී
ගෙල වට කරගෙන ළමැදේ ලගිනා
මංගල මාලය මම දුටිමී
අබරණ අන්දන රන්වන් විහිලුව
සදාතනික ආදරය නොවේ
කියවා හැඬුවත් මට නම් කම් නැ
මගෙ හිත අද තද නින්දේ
පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද ... | ||
අවපස අහසක | අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳුණේ
මාවත අවහිර නිමවා
දළ රළ පෙල සැතපෙනවා
සැළමුතු සෙනෙහස මඳ පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා
දෝතක අසෙනිය ගවසා
ඔබ පෙරමඟ හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක් වී
දෙනෙතේ සිත ලියැවෙනවා
| සුනිල් එඩිරිසිංහ | කුලරත්න ආරියවන්සන් |
ආවාදෝ | ආවාදෝ සංසාරේ
මා හා බැදී සැමදා… පාවි මාගෙ
සෙවනැල්ල සේ
ආවාදෝ සංසාරේ
ඔරුවක් පාවුනා පාලුවේ සාගරේ
තොටියෙක් යාවුනා සිරුවේ සීතලේ
මිහිරේ ගී ගැයුනාවේ තනිය නසා
තනිය නසා
කතරේ වාලුකා පැයුමෙන් වේලුනා
වැහැලා ඒ බිමෙ මී මලක් පිදුනා
සිහිල ලබා සිහිලැල්ලෙ නිවී ගියා
නිවී ගියා
| ගුණදාස කපුගේ | මහින්ද දිසනායක |
ආවා සොයා ආදරේ | රන් මසුරන් කිරි ගරුඬ තලාවක
හැලෙන හදින් ඔබ අමතන්නේ
පායුග එසවෙනවා මා ඔබ වෙත එනවා
ආවා සොයා ආවා සොයා
ආවා සොයා ආදරේ
දෙසවන් වැසුවද දෙනුවන් වැසුවද
ඔබෙ හඬ ඔබෙ රුව මට සිහිවේ
හිනැහී ආකාසේ දිනිදා නැගෙනා සේ
ආවා සොයා ආවා සොයා
ආවා සොයා ආදරේ
ලස්සන මල් දහසක් අතරෙන්
ඔබගේ දසුන පෙනෙයි
කුංකුම චන්දන සුවඳ මැදින්
ඔබගේ සුවඳ දැනෙයි
මා ලයේ කුළු... | ඇන්ජලින් ගුණතිලක, එච්.ආර්.ජෝතිපාල | කරුණාරත්න අබේසේකර |
අතීතයේ පවා | අතීතයේ පවා මගේ ලඟින් සිටී
භවෙන් භවේ පැතූ මා
ඔබේය සෑමදා
දවසක මා……අමතා… නොපෙනී……කතා කලා
දිනකදි මා… හඬවා… මා පෙලා……නිහඬ වුනා
කෙදිනක හෝ… ඔබගේ… නොයිඳුල්… සෙනෙහෙ විලේ
සිනාසෙන්නම් නැවතී ආදරෙන් සිතූ ලෙසින්
| මිල්ටන් මල්ලවරාච්චි | කේ.ඩී.කේ ධර්මවර්ධන |
අතීතය සිහිනයක් පමණයි | අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නැ
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නැ
තැනූ මන්දිර බිදී වැටුනත්
නෙතේ කදුලක් නැ
සිනහවෙන්නට වරම් නොලදත්
හිතේ කිළුටක් නැ
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නැ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නැ
| කරුණාරත්න ඩිවුල්ගනේ | පල්ලෙගම හේමරතන හිමි |
අතැඟිලි බැඳුනේ | අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං
ඔබ ළඟ ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ …
සිත සිත ඔබ ගැන දින දින ළතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණෙ ඇයි අපි ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
සෙනෙහස ඔබගේ …
සිතු පැතු සැම... | ඉන්ද්‍රානි පෙරේරා | අර්නස්ට් සොයිසා |
ඈත වන්නියේ | ඈත වන්නියේ ගුරු ගෙයි පාර අසා
නුඹෙ ඉසව්වට එන්නට හිතෙයි ළමා
සාර සියක් දොම්නස් මැද දෝර ගලා
ඔය උණුහුම මට දැනුණේ දෝස නසා
රේණු සුවඳ අහසට බොඳවී යා නම්
සීත හිමේ මල් නො පිපී පරවීයන්
කීරි ගැහෙන හිත තිස්සෙම කකියයි නම්
මූණ නුඹේ නොදැක කෝම වෑවෙන්නෙම්
හීන් හඳට තරුවක් වත් නැති වේ නම්
රෑ පුරාම ඇයි ඇහැරී සැඟවීයන්
පුර පෝයට මං එනතුරු ඉවසා... | අබේවර්ධන බාලසූරිය, නිරංජල සරෝජිනී | නිලාර් එන් කාසිම් |
ඈත රන් විමන් | ඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා
හහ හා හහ හා හහ හා හ හා
මේ ලොවින් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා
හහ හා හහ හා හහ හා හ හා
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
හහ හා හහ හා හහ හා හ හා
ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
ඔබ ක... | ප්‍රියා සූරියසේන | |
ඈත එපිට | ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ
මලානිකව හඳ එලිය ගලා එන
අම්බලමක හෙවණේ
බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර
දැල්වෙන එළිය බඳේ
වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ
නීල නුවන් තරු කැට බොඳ වෙනවා
කාටත් හොර රහසේ
| සනත් නන්දසිරි | සුනිල් සරත් පෙරේරා |
ඈත දුරක | ඈත දුරක දෑස පාවෙලා
ඈත දුරක දෑස පාවෙලා
ගොළු වීලා ඔහේ තනිවෙමූ
පාළු ලොවක ඈත දුරක දෑස පාවෙලා
පාසැල් යාමේ බැඳීලා
මා නෙතු දෑලේ වෙලීලා
පෑ මදහාසේ ජීවිත කාලේ
මා සිත යාවේ සදා
ඒ සිහිනේදී උදා වී
මා කවදා හෝ ළඟා වී
මේ භවයේදී මේ දිවියේ දී
යා වෙමී දෑතේ ඔබේ
| ග්‍රේෂන් ආනන්ද, නීලා වික්‍රමසිංහ | කුලරත්න ආරියවන්සන් |
ඇසුවේද කවුරුන් | ඇසුවේද කවුරුන් හෝ නුඹෙන්
හැඬුවේ ඇයි ද ප්රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුලින් තුරන්වූ ප්රේමයක්
සතුටේ උපත කඳුලයි සදා
හද වේදනා දෝතින් ගෙනා
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්රාර්ථනා විදදා ගෙනා
පිපි මල් මතින් පියමන් කලෝ
දිනුවේද කවදා ප්රේමයෙන්
විදි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්
| සුනිල් එඩිරිසිංහ | කුමාරදාස සපුතන්ත්‍රි |
ඇසුරෙන් මිදීලා | ඇසුරෙන් මිදීලා ඔබගේ ලොවෙහී
සැඟවී හිඳිම් මා වෙන් වී මෙසේ
නොමැකී තියේනම් ඔබගේ සිතේහී
මගෙ ආදරේ මා යළි එන තුරා
රැකවල් සදාලා සීමා මවාලා
වෙන් වේවිදෝ ආදරේ
දෙසිතේ කතා වී දළු ලා වැඩී යාවී
රහසේම ඒ ආදරේ
කඳුලැල් නිවාලා දෑසින් සිනාසී
සැඟවී ඉමු මේ ලෙසේ
කවදාක හෝ මා එනතුරු ඔබේ දෑසේ
සඟවා තබා ආදරේ
| ප්‍රියා සූරියසේන | කුලරත්න ආරියවන්සන් |
අශෝක මාලා | අශෝක මාලා මමයි ස්වාමිනී
අශෝක මල් වනයේ
රනේ රුවට රූ සපුව දිලෙන මුත්
මා චණ්ඩාලියකී
මා චණ්ඩාලියකී
නොලැබෙන පෙමකට හඬා පලක් නෑ
එපා රජුණි මට රාජ සුවේ
තල් අතු මැදුරයි මේ වන අරණයි
අපට අගේ අපෙ හීන කුලේ
රජකුල පෙළපත එයින් කමක් නෑ
එන්න එපා අතු පැලට මඟේ
ඈතින් දිදුලන හඳට වඩා මට
ලඟ ඉන්නා ඝණඳුරයි අගේ
| චන්ද්‍රලේඛ පෙරේරා | උපාලි ධනවලවිථන |
අසෝක මල් මාල | අසෝක මල් මාල නෙළාලා
අසෝක මල් උයනට වැදිලා
සෝක නිවන ගීත ගයාලා
ඔබ කවුරුද කියන්න මාලා
බලන්න ලක්ෂනයි
වනයේ පිපුණ මලට දෙවෙනි නෑ වගෙයි
සුරංගනාවියක්ද මේ
කියන්න ආදරී
කවුද මෙ ඔබ තනිව වනේ ගී ගයා
ප්රීති වෙලා ප්රීති වෙලා
ඔබේ දුගී පැලේ
සතුට සැපත මිහිරි සුවය ඇත ළදේ
නැතේ ම රාජ මංදිරේ
නොයන්න ආදරී
ප්රේමණීය පෙම්වතෙක් දුකේ තියා
එපා එපා රජ... | එම්.එස්. ප්‍රනාන්දු | |
ආශාවේ ආශාවේ | ආශාවේ ආශාවේ පායා රෑ සිහින මායාවේ සේයා
දෑසේ සිනා හද සීතල මේ සිත
මී පැණි දේ මට තව ළං වෙලා
මේ යාමේ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ හෝ හෝ
ආශාවේ ආශාවේ පායා පා වේවී පා වේවී සේයා
ප්රේමේ අමා රස වෑහෙන මීවිත
මා දෙතොලේ ඇත මට ළං වෙලා
මේ යාමේ… හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ හෝ හෝ
මා ඔබ හා අද යාළු වෙලා ඒ සතුටේ සිත මෝදු වෙලා
මා සනසාලා මා සතපාලා වෑහීලා ... | ග්‍රේෂන් ආනන්ද, එච්.ආර්.ජෝතිපාල | හේමසිරි හල්පිටා |
ආශා නිරාශා මැවූ | ආශා නිරාශා මැවූ ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් ප්රේමේ තැවුල්
මැවූ ඉන්ද්රජාලේ ඇයයි
දවාලන්න පෙම්මාරුතේ
ඇයයි ළංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ළඟයි මගේ අරුම පෙම් අංගනා
නෙතේ හැංගි හැංගී හිඳී
සිතේ ස්වර්ණ යහනේ නිදී
මුවේ මන්දහාසේ දිදී මගේ නින්ද ආයේ බිදී
දිවා රැයේ මා ළඟයි මගේ අරුම පෙම් අංගනා
| වික්ටර් රත්නායක | අජන්තා රණසිංහ |
ආශා දෑසින් දකිනා | ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා
ඒ සිහිනේ පුතු තනිකම ඉපදී
හද තුල තෙරපෙනවා
ආ මග දෑලේ පිපි මල් පරවී
නෑ ඵල හටගන්නේ
සිතුවිලි මී මැසි පොදි නැත මී බැඳ
උන්මය රිදවන්නේ
තන්හා දෑතින් පැතු මේ වරපට
ගිලිහී බිම වැටිලා
දෛවයෙ ගොනු ඇද ජීවන ගැල ගෙන
ආ මග දිග යනවා
ඈත අතීතයෙ සිහින මැදින් යලි
ජීවනයට යනවා
| දේවානන්ද වෛද්‍යසේකර | ස්වර්ණ ශ්‍රී බණ්ඩාරා |
ඇසට අසුවන | ඇසට අසුවන මායිමේ
බඹර සැණකෙළි මල් විලේ
ලසෝ ලැව් ගිනි ඇව්ලුනා සිත
ඔබ මගෙන් වෙන් වූ දිනේ
සියපතක් මත විසුල පිණි කැට
සැඩ සුළං වැද සර සරින් හෙත
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට
සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමණයුරු දැක
ඔබේ ලවනත සැදුන මීවිත
මත් කලා මතකයි මගේ සිත
| කරුණාරත්න ඩිවුල්ගනේ | මහින්ද දිසනායක |
ඇස රැඳුන රැඳුන | ඇස රැඳුන රැඳුන තැන් වල මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා
දුක් පැදුර දිගැර අලසව ඇත හද ගිමන් හලේ
නින්දකට නොවැටී තැවි තැවි මුළු රැය පහන් කළේ
රෑ කවුද හෙමින් එළැඹී මගෙ කණට මුව තියා
මින්දදගේ දුන්නෙ මල් හී පහකැයි කියා ගියා
වැසු විමන් පියන් පියවා රඳවන්න මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි
| මිල්ටන් පෙරේරා | කරුණාරත්න අබේසේකර |
ඇස් දෙක පියාන | ඇස් දෙක පියාන නිදාගන්න මට
බෑ බෑ බෑ මට නිදන්න බෑ
සිත තුළ දඟලන මනසේ ඇවිදින
ඔබ මට නිදන්න දෙන්නේ නෑ
සිත එක්තැන් කර නිදන්න හැදුවත්
එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ
තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට
මටත් නිදන්නට ඕනෙම නෑ
රහසක් කියන්න තියෙනවා ඔයාගෙ
කන්පෙති මත මගෙ දෙතොල් තියා
ඔබ ඈතින් හිටියොත් කියන්න බෑ මට
අනික් අයට එය ඇහෙන නිසා
අනේ රත්තරන් හ... | රූකාන්ත ගුණතිලක | සිඩ්නි චන්ද්‍රසේකර |
අරුණ කිරණ සැලී | අරුණ කිරණ සැලී
පිපුන මලක් වැනි තුරුනු වියේ වෙලී
තරුන ජීවෙ මගේ
තරුන ජීවෙ මගේ
කුරුල්ලෙකු සේ නිදහසේ
ඉගිල යන්නට නුඹ කුසේ
නිමක් නැති සිහිනයක සේ
සිතේ ඉමිහිරි ගී ඇසේ
පිපෙන මල් ගොමු සොය සොයා
ගීතයෙන් ගීතය ගයා
සොදුරු සමනල කැළ සොයා
තුරුණු විය මා ගෙන ගියා
| ක්ලැරන්ස් විජේවර්ධන | ක්ලැරන්ස් විජේවර්ධන |
අරලිය ලන්දට | අරලිය ලන්දට සඳ පායන කොට
තුරුලිය මල් වට බඹරු බමන විට
සිව් සිය සිය දහසට ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා එතකොට
ගී පද ලියැවෙනවා
රඹවන් හේනේ කරල් පැසෙන කොට
අඹ මල් ගානේ
ගිරව් හඬන විට දොඹ තුරු මානේ
සෙවන දකින මට
ඔබ ගැන සිහිවෙනවා එතකොට
සි ති විලි ඉගිලෙනවා
දඬුවැල් බෑ මී සුවඳ දැනෙන කොට
පඬුවන් අහසේ
තරු පායන විට හැඬුමට නොහැකිව
දෙඇස ... | නන්ද මලනි | ප්‍රියන්ත ධර්මවන්සන් |
ආරාධනා | …… …………
ආරාධනා…… ආරාධනා
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා ආරාධනා
නෙලූ සුපෙම් කැටයම් හද පවුරැ තලාවේ
මැකී ගියාදෝ……………කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා ආරාධනා
එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ
ඔබේ උ... | ||
අපි ඔක්කොම රජවරු | අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ
තුන් සිංහලයම නෑදෑයෝ
අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු
තුන් සිංහලයම දූ දරුවෝ
තුන් සිංහලයම දූ දරුවෝ
ජය දද බන්දා හහා හා හා
සිරිදුව කැන්දා හහා හා හා
ජය දද බන්දා සිරිදුව කැන්දා
රුපු සෙන් ඔද තෙද සින්දා
හද අරවින්දා හහා හා හා
කර සිරි නන්දා හහා හා හා
හද අරවින්දා කර සිරි නන්දා
පර ගැති සිත ගත බින්දා
ප... | වික්ටර් රත්නායක | සුනිල් ආරියරත්න |
අපි කවුරුද | සී සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙණ කැටි වා ගේ නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම
සිහින ආකරේකට වැටුනා වගේ නිමක් නෑ
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදියට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනව හොයනවා මේ අපි කවුරුද
ගී ඇති ලොව සිතුවම් කල
අතරේ අහනව බලනවා මේ අපි කවුරුද
ඉර බැස යන ගොම්මන් යාමේ
තරු එක දෙක ... | වායෝ | සේනක බටගොඩ |
අනාත මාරුතේ | අනාත මාරුතේ කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
අනාත මාරුතේ කුණාටු සාගරේ
අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙදෙනා හැඬූ හැඬුම් දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ ඔබයි ආදරේ
සිතරිදවන වදන් වලට හඬන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා
සසර සරන තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ... | රූකාන්ත ගුණතිලක | රූකාන්ත ගුණතිලක |
අනන්තයක් වී ඔබේ | අනන්තයක් වී ඔබේ ආදරේ ඔබේ ආදරේ
මේ සුරම්ය පාරාදීසේ හදවතින් උමතුවූ
සදානන්ද කර සරාග සුවඳ විජිතයේ
නීල දිලෙන නිම්නයේ සුමුදු සයනයේ
නෙතු පියන් වැසී වැසී වැසී
ස්වප්නයක්ද මේ තරම් පුදුමවූ
ඔබේ අදරේ ඔබේ අදරේ
කැකුළු හදින හිරිපොදේ පිපුන සීතලේ
දෙතොල් පෙති ලිහී ලිහී ලිහී
මධුවිතක්ද මේ තරම් මධුරවූ
ඔබේ අදරේ ඔබේ අදරේ
| චන්ද්‍රලේඛ පෙරේරා, රූකාන්ත ගුණතිලක | සමන්ත හේරත් |
ආනන්ද මේ රෑ | ආනන්ද මේ රෑ හරි හැඩයි
කවුද පාවෙන මලක් වගෙයි
හෝ ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වෙයි
මමනෙ ඔබගේ ඒ පෙම් කුමාරී
ආනන්ද මේ රෑ හරි හැඩයි
හෝ හෝ හෝ……හෝ හෝ හෝ
මාගේ සෙනේහේ මල් පිපුණෙ අදනේ
නෑනේ නිවෙන්නේ ආශාව මාගේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
ඒ මුත් සෙනේහේ නිදන්නෙ නැහැනේ
නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ
ඒ වාගේ ජීවිත බැඳේවි රහසේ
කියන්න වාගේ අ... | හරූන් ලන්ත්‍රා, සුජාතා අත්තනායක | සිරිල් ඒ සීලවිමාල |
අම්මාවරුනේ | අම්මා ආ… වරුනේ ඒ
අම්මා ආ… වරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා…… ආ
ඒ කඳුළැලි පිසිනා
අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ
සෙනෙහස වැඩි දා සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණ... | නන්ද මලනි | ධර්මසිරි ගමගේ |
අම්මප මගේ | අම්මප මගේ හද පතුලෙන් ගලනව ආලේ
කැළණි ගඟෙන් මහ මුහුදට ගලනව වාගේ
ගලනව වාගේ
ජේන් මගේ රන්තැඹිලිය ජෝන් මගේ ගොන්තැඹිලිය
තැඹිලි ගහට වහපු කපුට කොර කොර ගානා
එතකොට තැඹිලි ගහේ කුරුමිණියත්
කොර කොර ගානා කොර කොර ගානා
ලස්සන ඔබ තැඹිලි ගෙඩිය වගේ සොඳ බාරියේ
ලස්සන නැති දාට පිරිමි අහක බලනවා
එතකොට උස්සල මම කරේ තියන්
පෙරහැරෙ යනවා පෙරහැරෙ යනව... | සමන් ද සිල්වා | |
අම්මා සඳකි | අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එලිය වුනී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවි බර මට දැනුනේ
මහමෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
මවකට මුවාවී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා ... | ටී.එම්.ජයරත්න | මලනි ජයරත්න |
අම්මා නැති මට | අම්මා නැති මට කිරි අම්මා වී
කළුවර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරුවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ
පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
උදේට ලිප ලග කඩයප්පන් ගොඩවේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පනමට දී මට නැණනෙත් පෑදූවේ
මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ
ලීලා බද වට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හද වැහැරී ගේ ඇතුල... | වික්ටර් රත්නායක | ලුෂාන් බුලත්සිංහල |
අම්බරේ බලන්න | අම්බරේ බලන්න පුන් සඳේ අම්බරේ බලන්න පුන් සඳේ
මැදින්ම සුදු ලපේ පෙනේ
රෝස මලේ නටුවෙ කටු කවුද නොදන්නේ
ඇත්තමයි කියන්නෙ ඇත්තමයි
ඇත්තමයි කියන්නෙ ඇත්තමයි
දිවෙන් කියන්නෙ ඇත්තලූ
කොහොඹ කොළේ පැණි ගෑවත් තිත්ත තිත්තලූ
කලියුග කාලේ මාළු නටයි සෝඩ බෝතලේ
මේ වගෙ කාලේ දෙල් හැදෙන්න බැරිද පොල් පැලේ
පාවෙනා කළු වලාකුළේ පාවෙනා කළු වලාකුළේ
රිදී ඉ... | ධර්මදාස වල්පොල, ලතා වල්පොල | කරුණාරත්න අබේසේකර |
🎵 SynhalaAI — Ultimate Sinhala Song Lyrics Dataset (Gold Mix)
Dataset Description
The SynhalaAI Lyrics Corpus is a meticulously engineered, high-fidelity dataset of Sinhala song lyrics. It was designed specifically to train Large Language Models (LLMs) and advanced tokenizers on the poetic, colloquial, and structured linguistic patterns of the Sinhala language.
Unlike standard web-scraped datasets that are littered with English guitar chords, metadata, and HTML noise, this dataset has undergone a "Sinhala-First" Surgical Scrub. It is pristine, purely Sinhala, and spans decades of Sri Lankan music history.
🌟 Key Features
- AI-Grade Cleanliness: All English characters, guitar chords (e.g.,
[Am],G,Dm), beat markers (e.g.,Beat: 4/4), invisible Unicode ghost characters, and web links have been surgically removed. - Strict Deduplication: Songs are aggressively deduplicated using a 150-character lyric fingerprinting algorithm combined with title cross-referencing.
- Generational Span: Contains everything from classic 1960s hits to fresh 2024-2026 releases.
🏗️ The 3-Pronged Data Strategy
This Master Dataset is a conglomerate of the best Sinhala archives available, gathered through a three-phase data engineering pipeline:
- The Mega Conglomerate (History Archive): Aggregated data from 8+ of the largest open-source Sinhala search engine projects on GitHub, bringing in the bulk of classic and popular songs.
- Sources: Repositories by DilanSachi, BhanukaD610, Rashmini, Tharindu KW, rpjayasekara, Nirmal Gamage, and Thilina TLM.
- Linguistic & Metaphor Integration: Integrated high-quality, human-curated data from Kaggle (
pasinduudawatta/sinhala-songs-and-metaphors). - DIY Fresh Mixer (2024-2026): A custom, polite web scraper targeted at the "Gold Standard" (
Sinhalasongbook.com) to extract the absolute latest releases omitted from older static archives.
📊 Dataset Structure
The dataset is provided as a unified JSON array (sinhala_lyrics_MASTER.json) and a flat text corpus (sinhala_lyrics_corpus_MASTER.txt) optimized for tokenizer training (BPE/SentencePiece).
Data Fields
title(string): The title of the song (usually in Sinhala or Singlish).lyrics(string): The deeply cleaned, Sinhala-only text of the song lyrics.artist(string): The artist or singer of the song.source(string): The original source of the data (e.g.,github_archive,kaggle_metaphors,fresh_scraper).
Sample Entry
{
"title": "Bambareku Anduwa",
"lyrics": "බඹරෙකු ඇඬුවා මලක් ළඟදි බඹරෙකු ඇඬුවා\nඇඬුවා... මලක් ළඟදි බඹරෙකු ඇඬුවා \nඇහේ කඳුලු ඇති ඒ බඹරිඳු දැක\nඅඬන්නෙ ඇයිදෝ මල ඇසුවා... මල ඇසුවා...",
"artist": "Niranjala Sarojini",
"source": "fresh_scraper"
}
- Downloads last month
- 122
