| නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි | |
| නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි | |
| නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි | |
| නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි | |
| එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි | |
| යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි | |
| එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි | |
| යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි | |
| නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ | |
| නවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නෙ | |
| නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ | |
| නවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නෙ | |
| පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි | |
| හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි | |
| පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි | |
| හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි | |
| එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි | |
| යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි | |
| යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි | |
| යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි | |
| සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් | |
| පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් | |
| සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් | |
| පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් | |
| පලාපෙති බැඳන් ගෙලවට හංස පියාපත් සලමින් | |
| නුඹේ පා යටින් සඳකඩ පහන පායලා | |
| බ්‍රහස්පති තාරකාව මුදුන් වෙයි සරත් නුඹ ගැබ | |
| ස්වර්ණමාලී මහ සෑ අග කොත් පලන්ඳලා | |
| සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් | |
| පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් | |
| සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් | |
| පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් | |
| කලා වැව් දියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට | |
| අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා | |
| වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස | |
| ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා | |
| සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් | |
| පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් | |
| සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් | |
| පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් | |
| කොළොම්තොට නැත මහළු වී | |
| අවන් හල නැත පැරණි වී | |
| එදා හඳමයි අදත් යෞවනයේ | |
| එහෙත් අප දෙදෙනා | |
| බලන් කැඩපත සොඳුරියේ | |
| පෙරුම් පුරමින් හමුවෙලා | |
| උනුන් රහසින් බැන්ද ආදර පෙම් | |
| බලන් කැඩපත සොඳුරියේ | |
| පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා | |
| කොළොම්තොට නැත මහළු වී | |
| අවන් හල නැත පැරණි වී | |
| එදා හඳමයි අදත් යෞවනයේ | |
| එහෙත් අප දෙදෙනා | |
| බලන් කැඩපත සොඳුරියේ | |
| කුඹ ගසක් උඩ නැවතිලා | |
| සිනහා තලමින් සඳේ ඇයි සරදම් | |
| බලන් කැඩපත සොඳුරියේ | |
| කුමන අරුමද නර කෙසත් නැගිලා | |
| කොළොම්තොට නැත මහළු වී | |
| අවන් හල නැත පැරණි වී | |
| එදා හඳමයි අදත් යෞවනයේ | |
| එහෙත් අප දෙදෙනා | |
| බලන් කැඩපත සොඳුරියේ | |
| කුමරියක පා සළඹ සැලුනා | |
| වසා සිටි නෙතු පියන් ඇරුණා | |
| කුමර බඹසර අසපුවේ මා | |
| සම වැදී උන් දැහැන් බිඳුනා | |
| කුමරියක පා සළඹ සැලුනා… | |
| උකුල ළැමහස මලවි කරලිය | |
| මුවා කල ඇගේ දුහුල් සළු තිර | |
| විවර කෙරුවා මනස් සලෙළුන් | |
| උමතු වු දෙනුවන් දැහැන් ඇද | |
| මා අබියස මැවුණු තුසිතය | |
| සුරන් නැළවූ සුයාමය | |
| කුමරියක පා සළඹ සැලුනා… | |
| නිසල ජීවන තපෝ වන මැද | |
| හැඟුම් ගජසෙන් යදම් බිඳ වැද | |
| තලා සිඳ කම්පනය කරවයි | |
| ළපලු තුරුවැල් කැකුළු මල් පෙති | |
| මා හඬවයි බිඳුනු තුසිතය | |
| සුළං නැලවූ සුයාමය | |
| කුමරියක පා සළඹ සැලුනා… | |
| ගිමන් හරින දියඹ දිගේ | |
| සුසුම් හෙලන වෙරළ ඉමේ | |
| බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා | |
| සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා… | |
| හිත් දැහැනේ වෙලී තිබුණු | |
| නෙත් දැහැනේ ගලා හැලුණු | |
| මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ | |
| හිරු රහසේ කියා දුන්න ආදරයද මේ… | |
| නිල් කටරොළු නිල නැහැවුන | |
| මල් ගව මුදු සුව රැඳවුණ | |
| තොල් පෙති කල් හල දාලන ආදරයද මේ | |
| නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ… | |
| ගිමන් හරින දියඹ දිගේ | |
| සුසුම් හෙලන වෙරළ ඉමේ | |
| බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා | |
| සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා… | |
| ගිලෙම් ඔබේ ගුණ මූදේ | |
| විඳිම් ඔබේ දම් සාධු | |
| වඳිම් වඳිම් ඔබ පාදේ | |
| තිලොවග බුදු සමිඳේ | |
| තිලොවග බුදු සමිඳේ….. | |
| සිඳ බිඳ මෝහදුර පාප | |
| සිඳ බිඳ මෝහදුර පාප | |
| දැල් වූ දහම් ප්‍රදීප | |
| සිඳ බිඳ මෝහදුර පාප | |
| දැල් වූ දහම් ප්‍රදීප | |
| හෙළි කළ අප හෙළ දීප | |
| තිලොවග බුදු සමිඳේ | |
| තිලොවග බුදු සමිඳේ…… | |
| සිල්ගත් දිනිඳුන් සේම | |
| සිල්ගත් දිනිඳුන් සේම | |
| සිල් තෙද ගුණ ඇති සෝම | |
| සිල් තෙද ගුණ ඇති සෝම | |
| සිල්ගත් දිනිඳුන් සේම | |
| සිල්ගත් දිනිඳුන් සේම | |
| සිල් තෙද ගුණ ඇති සෝම | |
| සිල් තෙද ගුණ ඇති සෝම | |
| සත හට පෑ මව් ප්‍රේම | |
| තිලොවග බුදු සමිඳේ | |
| තිලොවග බුදු සමිඳේ……. | |
| ගිලෙම් ඔබේ ගුණ මූදේ | |
| විඳිම් ඔබේ දම් සාධු | |
| වඳිම් වඳිම් ඔබ පාදේ | |
| තිලොවග බුදු සමිඳේ | |
| තිලොවග බුදු සමිඳේ….. | |
| තිලොවග බුදු සමිඳේ | |
| තිලොවග බුදු සමිඳේ | |
| තිලොවග බුදු සමිඳේ | |
| තිලොවග බුදු සමිඳේ | |
| බිංදු බිංදු රන් – ගෝ්මර මාලා | |
| බන්දා ගෙල වට – ඔමරි ලතාවට | |
| කන්දෙන් පාවී – ලන්දට බසිනා | |
| රන් වන් රන් වන් – මගෙ රන් කිකිළි | |
| රන් වන් රන් වන් රන් කිකිළි | |
| හුරු නැති මගක ගොස් උගුලක වැටෙනු එපා | |
| කළුවර ගළද්දී තනි මග ඇදෙනු එපා | |
| සිරිකත මැවූ සිරි දෙනයන වසනු එපා | |
| පිරිවර සොයා මා තනි කර යන්න එපා | |
| කුන්ද සමන්පෙති -සුවද හළාලා | |
| රන් හිරු රැස් කෙදිි – දෙරණ සිඹින විට | |
| මන්දැයි තවමත් – ලන්දට නාවේ | |
| රන් වන් රන් වන් – මගෙ රන් කිකිළි | |
| රන් වන් රන් වන් රන් කිකිළි | |
| විකසිත පෙම් පොකුරු පියුම් | |
| ඔබේ පයට පොඩි වී ගියාදෙන් | |
| පතිකුලයට අද මට පිටුපා යන | |
| මගේ සොඳුරු ළඳුනේ | |
| විකසිත පෙම් පොකුරු පියුම් | |
| ඔබේ පයට පොඩි වී ගියාදෙන් | |
| පතිකුලයට අද මට පිටුපා යන | |
| මගේ සොඳුරු ළඳුනේ | |
| හිතේ කඳුලු බිඳු රෑ තනි යහනේ | |
| ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ | |
| ආදර සැමරුම් ප්‍රේම පුරාණේ | |
| ඔබට විරහ ගිනි නොගෙනේවා | |
| විකසිත පෙම් පොකුරු පියුම් | |
| ඔබේ පයට පොඩි වී ගියාදෙන් | |
| පතිකුලයට අද මට පිටුපා යන | |
| මගේ සොඳුරු ළඳුනේ | |
| තනිකම රජයන පාළු විමානේ | |
| ගොම්මන් කළුවර හඬා වැටෙද්දී | |
| ඔබෙ දිවි අරණේ පැතුම් විජිතයේ | |
| මැණික් පහන් වැට දැල්වේවා | |
| විකසිත පෙම් පොකුරු පියුම් | |
| ඔබේ පයට පොඩි වී ගියාදෙන් | |
| පතිකුලයට අද මට පිටුපා යන | |
| මගේ සොඳුරු ළඳුනේ | |
| ආදර හැඟුම් ආදර හැඟුම් | |
| නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම් | |
| ආදර හැඟුම් ආදර හැඟුම් | |
| කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම් | |
| ආදර හැඟුම් ආදර හැඟුම් | |
| ආදර හැඟුම් | |
| සැඳෑ අඳුරේ සැළෙන තරු එළි | |
| මගේ හද තුළ කරයි විමසිලි | |
| සැඳෑ අඳුරේ සැළෙන තරු එළි | |
| මගේ හද තුළ කරයි විමසිලි | |
| නැගෙන ගනඳුර වඩයි සිතුවිලි | |
| මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි | |
| ආදර හැඟුම් | |
| ආදර හැඟුම් | |
| ආදර හැඟුම් | |
| කිමද ඔබ මල් කුමරියන්නේ | |
| පෙති විදා සතුටින් නොඉන්නේ | |
| රහස නැතිවද මං නොදන්නේ | |
| තුරුළෙ බමරුන් නොවෙද ඉන්නේ | |
| ආදර හැඟුම් | |
| ආදර හැඟුම් | |
| ආදර හැඟුම් | |
| ආදර හැඟුම් | |
| ආදර හැඟුම් | |
| ආදර හැඟුම් | |
| සුදු නෙළුම කෝ | |
| සුදු නෙළුම කෝ සොර බොර වැවේ | |
| මල් සුවඳ දුන් මහියංගනේ | |
| පුන් පෝයදා පාළොස්වක | |
| මල් නෙළා විකිණූ පන්සලේ | |
| වැවට කළුවර යා වුනා | |
| සංසාර දුක බෝවුණා | |
| වැවට කළුවර යා වුනා | |
| සංසාර දුක බෝවුණා | |
| නෙළූ මල් මිට ඉහිරුණා | |
| එහා ඉවුරට පා වුණා | |
| සුදු නෙළුම කෝ සොර බොර වැවේ | |
| මල් සුවඳ දුන් මහියංගනේ | |
| සිහින් සිරි පොද වෑහුණා | |
| ඉවුරු දෙකොපුල සේදුනා | |
| සුදු නෙළුම් මල දෑස පියවී | |
| මෙහා ඉවුරට පාවුනා | |
| සුදු නෙළුම කෝ සොර බොර වැවේ | |
| මල් සුවඳ දුන් මහියංගනේ | |
| පුන් පෝයදා පාළොස්වක | |
| මල් නෙළා විකිණූ පන්සලේ | |
| සුදු නෙළුම කෝ | |
| නිම් හිම් සෙව්වා මා සසරේ | |
| හමුවී, යුගයෙන් බැඳි යුගයේ | |
| ලංවී වෙන්වී වරින් වරේ | |
| ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ | |
| දිවියේ ආශා, ගැඹුරින් ගැඹුරේ | |
| ළයගින් සනහා, අපමයි තැවුනේ | |
| ජන්මෙන් ජන්මේ රැව්දීලා | |
| ඔබ මා නෙතඟේ රැඳුනා | |
| ඉර හඳ සේ මා, පැතුමන් පැතුවා | |
| සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා | |
| අතරින් පතරේ වියැකීලා | |
| සටනින්, අද මා දිනුවා | |
| නිම් හිම් සෙව්වා මා සසරේ | |
| හමුවී, යුගයෙන් බැඳි යුගයේ | |
| ලංවී වෙන්වී වරින් වරේ | |
| ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ | |
| සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා | |
| වලා රොදක සැඟවිලා | |
| අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා | |
| අසා සිටිනවා | |
| කඳුළු බිඳු ගලා සඳේ, තුරු ලතා පුරා | |
| සියොලඟම සැලී මගේ නොහිම් සීතලේ | |
| ඔබේ නෙත යදී, ම්… | |
| ම හද වියරුවෙන් | |
| සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා | |
| වලා රොදක සැඟවිලා | |
| අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා | |
| අසා සිටිනවා | |
| කියඹු වැල් ලිහී ඔබේ, මාරුතේ සැලී | |
| කොපුල් තල ගැටී, මගේ සිතුම් සසලවයි | |
| නිවාලන්න මා, ම්… | |
| ඔබේ සිසිලසින් | |
| සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා | |
| වලා රොදක සැඟවිලා | |
| අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා | |
| අසා සිටිනවා | |
| පෙර දිනයක මා පෙම් කළ යුවතිය | |
| සිය පුතු නලවනවා | |
| මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් | |
| ඈතින් මතු වෙනවා | |
| නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන | |
| දයාව වෑහෙනවා | |
| නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන | |
| දයාව වෑහෙනවා | |
| සිනාසුනෙමි මම අවිහිංසක ඇය | |
| කෝල බැලුම් හෙලුවා | |
| හිරුට සදුට නොකියා හොර රහසේ | |
| කාලය වියැකෙනවා | |
| හිරුට සදුට නොකියා හොර රහසේ | |
| කාලය වියැකෙනවා | |
| නෙත් අදහා ගන්නට බැරි ලෙස රූසිරු | |
| කෙමෙන් මැකී යනවා | |
| එදා වගේ තවමත් වැට අද්දර | |
| නාමල් පුබුදිනවා | |
| එදා වගේ තවමත් වැට අද්දර | |
| නාමල් පුබුදිනවා | |
| නොකා නොබී දුක් වින්ද අතීතය | |
| යළි මට සිහිවෙනවා | |
| පෙර දිනයක මා පෙම් කළ යුවතිය | |
| සිය පුතු නලවනවා | |
| මගේම ගීයක් නැලවිලි ස්වරයෙන් | |
| ඈතින් මතු වෙනවා | |
| තණ්හා ආශා | |
| තණ්හා ආශා ඔලොගු කරේ ලා | |
| මඟ තොට නොබලා වගතුග නොසොයා | |
| එළිය දකින්නද මේ යන්නේ | |
| ඒ… සැපත සොයන්නද මේ යන්නේ | |
| කතරේ… ඒ… | |
| ගිනිගත් වැලි තලයේ | |
| තණ්හා ආශා | |
| උතුරන ගංගා නියඟය ආදා | |
| උතුරන ගංගා නියඟය ආදා | |
| වියළී යනවා ගහකොල මැලවී | |
| වියළී යනවා ගහකොල මැලවී | |
| මල් හට ගන්නා වසන්තයම නෑ | |
| මල් හට ගන්නා වසන්තයම නෑ | |
| හැමදා… | |
| අප යන මේ ගමනේ | |
| තණ්හා ආශා | |
| අඳුරෙන් ගැළවි | |
| එළිය සොයන්නෝ | |
| හැමදා අඳුරේ අඳුර දකින්නෝ | |
| අඳුර දකින්නෝ | |
| දිවියේ සාරය | |
| දිවියේ සාරය මෙපමණි ඇත්තේ | |
| අඳුරේ… ඒ… | |
| අප හැම වල්මත් වී | |
| තණ්හා ආශා | |
| සැපත විනෝදේ උපත කඳුළ වේ | |
| විපත පියා වේ මේ ලොව සැපතේ | |
| සැපත විනෝදේ උපත කඳුළ වේ | |
| විපත පියා වේ මේ ලොව සැපතේ | |
| පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ | |
| කිසිදා… ආ… | |
| නැත උන් වෙන් වන්නේ | |
| තණ්හා ආශා ඔලොගු කරේ ලා | |
| මග තොට නොබලා වගතුග නොසොයා | |
| එළිය දකින්නද මේ යන්නේ | |
| ඒ… සැපත සොයන්නද මේ යන්නේ | |
| කතරේ… ඒ… | |
| ගිනිගත් වැලි තලයේ | |
| තණ්හා ආශා | |
| ආරාධනා | |
| ආරාධනා | |
| ජීවිතයේ තනි මංසල අතරමං වෙලා | |
| හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා | |
| අතීතයේ ගිලිහී ගිය සතුට | |
| රැගෙන යළි වඩින්න | |
| ආරාධනා | |
| ආරාධනා | |
| නෙළු සුපෙම් කැටයම් හද පවුරුතලාවේ | |
| මැකී ගියාදෝ – කාලයේ වෙරළේ | |
| ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා | |
| සෙනේහයේ සත් පියුමන් යළිඳු පිපේවා | |
| ආරාධනා | |
| ආරාධනා | |
| එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ | |
| ඔබේ උණුසුමේ යළිදු උපන්නෙම් | |
| බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යනදා | |
| ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා | |
| ආරාධනා | |
| ආරාධනා | |
| මින්දද හීසර වැදී සැළෙන හද | |
| නංවන දුක් ගී ඔබට ඇසෙනවද | |
| නන්දන මල් අතුරා ඇති යහනට | |
| කන්ද කපා පායන් රන් පුන් සඳ | |
| මින්දද හීසර වැදී සැළෙන හද | |
| නංවන දුක් ගී ඔබට ඇසෙනවද | |
| නන්දන මල් අතුරා ඇති යහනට | |
| කන්ද කපා පායන් රන් පුන් සඳ | |
| තුරඟෙකු පිට නැගි නීල වලාකුළු | |
| ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ | |
| තුරඟෙකු පිට නැගි නීල වලාකුළු | |
| ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ | |
| පිබිදුනු දෑසින් බලා හිඳිමි මම | |
| පිබිදුනු දෑසින් බලා හිඳිමි මම | |
| කුසුම් සිනා කැන් හද පුරවා | |
| මින්දද හීසර වැදී සැළෙන හද | |
| නංවන දුක් ගී ඔබට ඇසෙනවද | |
| නන්දන මල් අතුරා ඇති යහනට | |
| කන්ද කපා පායන් රන් පුන් සඳ | |
| මෙතුවක් කල් මුව මඬල වසා සිටි | |
| අන්ධකාර සළු පටින් මුදා | |
| මෙතුවක් කල් මුව මඬල වසා සිටි | |
| අන්ධකාර සළු පටින් මුදා | |
| නෙත් මිණි පහනින් පහන් කරනු මැන | |
| නෙත් මිණි පහනින් පහන් කරනු මැන | |
| අනාගතේ මන් පෙත පාදා | |
| මින්දද හීසර වැදී සැළෙන හද | |
| නංවන දුක් ගී ඔබට ඇසෙනවද | |
| නන්දන මල් අතුරා ඇති යහනට | |
| කන්ද කපා පායන් රන් පුන් සඳ | |