input
stringlengths 1
3.7k
| output
stringclasses 12
values | instructions
stringclasses 3
values |
|---|---|---|
කොහොමද කට්ටියට ගොඩකාලෙකට පස්සේ දිනපොත පැත්තේ ආවේ වැඩ නිසා ලිපි ලියන එක ගොඩක් අඩු උනා. ඉතින් අද කියන්න යන්නේ TSU ගැන මේ ටිකේ අපේ අයගේ ජනප්‍රියම දේ මෙන්න මේ TSU ඒක සමාජජාල වෙබ් අඩවියක් හරියට Facebook වගේ අපිට Profile එකක් Free හදාගෙන ඒක මාර්ගයේන් විවිධ ඡායාරූප අදහස් හුවමාරු කරගන්න පුලුවන්. එකම වෙනස මේකේ අපි කරන Post, Like, Comments අනුව අපිට යම් ගෙවීමක් කරනවා කියන එක. ඒයාලා කියන්නේ මේකේ උපයන මුදලින් 90% සමාජිකයන් අතරෙම බෙදලා දෙනවා කියලා. මෙන්න මේ ටික තමා දැනට දන්නේ මොකද ඒයාලා මේ එක ආරම්භ කරලා වැඩි දවසක් නෑ තාම. FB එකේ ගියාට අපිට සල්ලි වියදම් වෙනවා මිසක් ලැබෙන්නේ නෑනේ ඒ නිසා මෙිකත් කරල බලන්න මට හිතෙන විදිහට මේ ගොල්ලෝ මේ විදිහට කරගෙන ගියොත් ලගදීම FB වලට ලොකු බලපෑමක් වෙනවා.ඒ වගේම සැහෙන්න ජනප්‍රිය වෙයි කියලත් හිතෙනවා.මේ සයිට් එකේ කෙලින්ම ගිහින් රෙජිස්ටර් වෙන්න බෑහැ කලින් රෙජිස්ටර් උන කෙනෙක් හරහා ගිහින් විතරයි රෙජිස්ටර් වෙන්න පුළූවන් මෙන්න මගේ එක තියනවා ඔයාලත් ගිහින් ඉක්මනටම ගිණුමක් හදා ගන්න. කලින්ම ගිණුමක් හදලා තියා ගන්න කෝකටත් හොදයිනේ. ඉක්මනින්ම ගිණුමක් හදා ගන්න පුලුවන් වැඩේ හරිම ලේසියි.co/NadeeraChathurangaවැඩි දෙයක් දැනගන්න හමිබුනොත් කට්ටියට කියන්නම් එහෙනම් ඔක්කොටම ජය වේවා ගිහින් එන්නම්.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
"මහින්ද චින්තන ඉදිරි දැක්ම" දේශපාලන න්‍යාය පත්‍රයක් නොව රටේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය එන්.එල්.ඒ කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි. ඇතැමුන් මෙය දේශපාලන ලියැවිල්ලක් වශයෙන් හැදින්වීමට උත්සාහ දරන බව පෙන්වා දෙන ඒ මහතා වැඩි පිරිසක් මේ සම්බන්ධයෙන් දැනුවත් වී නොමැති බවද නොදැනුවත්කම හේතුවෙන් දේශපාලනඥයන්, රජයේ නිලධාරීන් දරන උත්සාහය දුෂ්කර කටයුත්තක් වී තිබෙන බවද පෙන්වා දෙයි.රටේ සංවර්ධනය සඳහා වන වත්මන් රජයේ මෙම සැලැස්ම ක්‍රියාත්මක කළයුතු බව පෙන්වා දෙන ආචාර්ය එන්.එල්.ඒ කරුණාරත්න මහතා යන ගමන සහ යායුතු ගමන අවබෝධ කරගත යුතු බවද රටක්, ජනතාවක් සංවර්ධනය අතින් ඉදිරියට පැමිණෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් සතුටු වියහැකි බවද කියාසිටී.පසුගිය 2005 වසරේදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 1,000ක්ව පැවැති බව සිහිපත් කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා එම අගය එළැඹෙන 2016 වනවිට ඇමෙරිකානු ඩොලර් 4,000 දක්වා ඉහළ නැංවීම රජයේ අරමුණ වී තිබෙන බවද සඳහන් කරයි.ආණ්ඩුවේ සංවර්ධන ප්‍රතිපත්තිය පාසල් විෂය මාලාවට මෙන්ම විශ්ව විද්‍යාල විෂය මාලාවටද ඇතුළත් කළයුතු බව සඳහන් කරන ඒ මහතා එවිට රටේ සිදුවන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබාගත හැකි බවද පෙන්වා දෙයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
විදෙස් රැකියාවල නියුක්තව සිට නැවත මවු රටට පැමිණෙන කාන්තාවන් සතු දේපළ කොල්ලකෑමේ යෙදෙන එක්තරා කල්ලියක් පිළිබඳ පසුගිය කාලය පුරා දඹුල්ල ආශ්‍රිත පෙදෙස්හි සිදු වූ සිදුවීම්වලින් අනාවරණය වෙයි.එවැනි එක් සිදුවීමක් ඉකුත් සෙනසුරාදා සීගිරිය නව නගරයට නුදුරු ස්ථානයකදී සිදුවී ඇත.මේ සම්බන්ධයෙන් විසිහැවිරිදි උදුමා ලෙබ්බේ නමැත්තා පැවැසුවේ මෙසේය.සෞදි අරාබියේ සිට පැමිණෙන ලොකු අම්මා ගෙනඒමට පසුගිය සිකුරාදා මම කොළඹ ගොස් එහි එදින රාත්‍රී නතරවී පසුදා එනම් සෙනසුරාදා කටුනායක ගුවන් තොටුපොළට ගොස් ලොකුඅම්මා සමඟ මම පිටකොටුව බස්නැවතුම් පොළට ආවා.එහි මූතුර් බසය එනතුරු අප සිටිනවිට අප ළඟට පැමිණි අයෙක් සුහඳව අපට කතාකර ඔවුන් ද වෑන් එකෙන් මූතුර් යන බැවින් අපට ද යන්ට පුළුවන් කීවා. පසුව අපි ඒවෙත යනවිට එහි තිබුණේ කාර් එකක්. එහිදී ඔවුන් කිවා තියෙන්නේ කාර් එකක් එයින් යමු කියලා.පසුව අපි කාරයට ගොඩවුණා. මෙහි රියැදුරත් තවත් දෙදෙනකුත් සිටියා. අතර මඟදී තෙල් ගහන්ට කියා ඔවුන් අපෙන් රුපියල් දෙදහක් ඉල්ලා ගත්තා.ඒ එන අතරමඟ මංසන්ධියකින් කාරය හරවා නතරකළා. පසුව ඔවුන්ගෙන් එක් අයෙක් කාරයෙන් බැස අසල කඩයකට ගොස් බීම බෝතල් තුනක් සහ බනිස් තුනක් ගෙනත් අපි දෙදෙනාට බිම බෝතල් දෙකක් සහ බනිස් දුන්නා. අපි ඒ බීම බිව්වා.පසුව සෑහෙන දුරක් එනවිට ලොකු අම්මට හොදට නින්ද ගියා. මටත් නිදිමත ආවා. ඒ සමඟම මට දැනුනා මා කව්දෝ අදින බව. පසුව මට යන්තම් සිහිය ඇවිත් බලනවිට පාළු පාරක් අයිනේ අපිදාලා කාරය ගිහිං. ලොකු අම්මා වැටී සිටියා. ඇයට සිහිය තිබුණේ නෑ. එහිදී මම ඇය අමාරුවෙන් රැගෙන පාරට ආවා. ටික වේලාවකට පසු එම ස්ථානයට මහත්තයෙක් ආවා.අප ඔහුට සියලු විස්තර කීවා. එහිදී පොලිසියෙන් ඇවිත් අපි රෝහලට ගෙනාවා.මේ පුද්ගලයන් මෙසේ අතරමඟ සිටිබව දැනගත් වහාම ක්‍රියාත්මකවූ පොලිසිය සිගිරිය තල්කොටේ ගම්මානයට නුදුරු තැනක සිටි මේ පුද්ගලයන් දඹුල්ල මුලික රෝහල වෙත රැගෙනවිත් ඇත. ඒවනවිට ඔවුන් සන්තකයේ තිබූ රුපියල් 23000ක් පමණ වටිනා මුදල් සහ භාණ්ඩ අතුරුදන්ව තිබුණි.මේ අතවරයට ගොදුරුව රෝහල් ගත කර ඇත්තේ මුතුර් පෙදෙසේ පදිංචි 53 හැවිරිදි සි. අදිෂා නමැති කාන්තාව සහ ඇගේ නැගණියගේ පුත්‍රයා වන යු. ලෙබ්බේ නමැත්තාය.මේ සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
එක කැලයක කොබෙයි කුරුල්ලෙක් සහ කිරිල්ලියක් වාසය කළා. මේ දෙන්නා සමඟියෙන් වැඩ කරලා ලස්සන කැදැල්ලක් හදා ගත්තා. දෙන්නම සමාදානයෙන් පියාඹා ගිහින් කෑම සොයාගෙන කාල සතුටින් ඉන්නවා. සුපුරුදු පරිදි මේ දෙන්නා කෑම සොයාගෙන පියඹා යනකොට දැක්කා එක ගමක ගමරාලයි ගමහාමිනෙයි මහන්සි වෙලා කැලෑව කොටලා හේනක් හදල බිම සකස් කරනවා. පසුව උඳු, මුං, තල, කුරහන් ධාන්‍ය වර්ග වපුරනවා දැක්කා.Óමේ හේනේ වපුරපු ධාන්‍ය වර්ග ටික ටික අරන් ගිහින් කැදැල්ලේ තැන්පත් කළොත් වැසි කාලයට සහ ඉඩෝර කාලයට අපිට ප්‍රයෝජනවත් වෙයි” කිරිල්ලි කීවා. පහුවැනිදා කුරුල්ලයි කිරිල්ලියි පුංචි හොටෙන් පස් පීර පීරා උඳු, මුං, තල, කුරහන් සොයාගෙන ටික ටික ගෙනල්ලා කැදැල්ලේ පැත්තක තැන්පත් කළා.ටික දවසක් යන විට තද ඉඩෝරයක් ආවා. කැදැල්ලේ තිබුණු ධාන්‍ය අඩුවෙන්න පටන් ගත්තා. කුරුල්ලා කිරිල්ලිගෙන් ඇසුවා,“ඔයා මේ ධාන්‍ය වර්ග හොරෙන් හොරෙන් කෑවා නේද.” කියල. කිරිල්ලි කීවා “නෑ නෑ මම හොරෙන් කෑවේ නෑ” කියල. කුරුල්ලා කිරිල්ලි කියපු කතාව පිළිගත්තේ නෑ.“ධාන්‍ය වර්ග හොරෙන් කෑවා මදිවට බොරු කියනවා” කියල තරහ ගිය කුරුල්ලා කිරිල්ලිට හොටෙන් අනින්න පටන් ගත්තා. කිරිල්ලිට හොඳටම තුවාල වුණා. කිරිල්ලී මේ නපුරු කුරුල්ලත් එක්ක කැදැල්ලේ ඉන්න බෑ කියල වෙන ගසක කැදැල්ලක් හදාගෙන තනියම හිටියා. ටික දවසක් යනකොට වැසි වහින්න පටන් ගත්තා. අව්වේ සැරට වේලිලා අඩුවුණු ධාන්‍ය වර්ග වැස්ස නිසා ඒ තෙතමනයට අර ධාන්‍ය මහත් වෙලා ධාන්‍ය ගොඩ ලොකු වුණා. මේ ධාන්‍ය ගොඩ දැකපු කුරුල්ලට හිතුණා “කිරිල්ලී හොරෙන් ධාන්‍ය කෑවා කියල ඉක්මන් වෙලා හොටෙන් කොටල කරදර කරපු එක මෝඩකමක්. හරි හැටි දෙයක් සොයා බලන්නැතුව වැඩ කරාම සිදුවන පාඩුව මේ නිසා මම හොඳ පාඩමක් ඉගෙන ගත්තා” කියල කුරුල්ලා හිතුවා “කිසි දෙයක් හරියට සොයා බලන්නැතුව කිරිල්ලිට කරදර කරා” කියල දුක්වුණා. ඉන්පසුව කුරුල්ලා කිරිල්ලී සොයාගෙන පියාඹා ගිහින් කරපු වරදට කිරිල්ලියගෙන් සමාව ගත්තා. ඉන්පසු කුරුල්ලයි කිරිල්ලියි ඉස්සර වගේම සතුටින් සමාදානයෙන් කැදැල්ලේ ජීවත් වුණා.(ජනකතාවක් ඇසුරෙනි)එනිඳු සුපසන් ප්‍රේමසුන්දර2 ශ්‍රේණිය ‘බී’,කේරි විදුහල,කොළඹ 8http://www.lk/2014/11/16/_art.fn=au141116.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කේයස් යන විරුදාවලියෙන් හැදින්‍වෙන් නේ අපේ රටේ බිහිවූ ඉතා දක්ෂ කවියෙකු වන සාගර පලන්සූරිය ශූරීන් වේ. 1908 ක් වූ මාර්තු මස 11 වැනිදා සබරගමුවේ පන්නිල්පත්තුවේ කළල්ඇල්ල බුංගිරියේ උපත ලද සාගර පලන්සූරිය මහතාගේ ලියා පදිංචි නාමය වූයේ පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයා යන්නයි. ඉතා සුන්දර කවියෙකු වූසාගර පලන්සූරියදේශපාලනය, පැවිදි දිවිය,ලේඛනය ආදී ක්‍ෂේත්‍ර ගනනාවක් ඔස්‍සේ ජීවන අත්දැකීම් ලබා සිටීය. සුදෝ සුදු කවි පන්තියමොහු විසින් රචනා කරන ලද අද්ද්විතීය කාව්‍ය රචනාව බවකිව හැක.ඇයි අම්මේ අඬන්නේ මේ කඳුළු සලාමට දැනෙනවා යයි මගෙ අත දිගට ගලානාඬන් අම්මෙ නාඬන් මා විහිළු කළාඑන්නද ගොසින් බොරු කී කොල්ලන්ට තළාසුදෝසුදු කවි පන්තියෙහි එන මෙම කවිය මතකයේ නැති කෙනෙකු නොමැති තරම්ය. කාලකණ්ණියා, මල්හාමි, කැලණි විත්ති, විසිවුණ තරු, අපේ ඇත්තන්ගෙ විත්ති ආදී විවිධ කාව්‍ය රචනා වලට අමතරව දම්පද සුගතවාණී ආදී ගද්‍ය කෘති ද මොහු විසින් රචනා කරනු ලැබීය. කේයස්‍ගේ කවි - කටුරොද ගමබඩවැටි මල් පඳුරු මුඩුබිම් පිසිමි න්නේකටුරොද ගම්මානයට මඳුනල එ න්නේපුර පසළොස්වකට පුන්සඳු පාය න්නේමැණිකේ නිසා බව ටික දෙනෙකුයි ද න්නේ වෙල බඩ මල් පඳුරු වල මල් පුබුදි න්ට මී මැස්සන්ට රස මීයක් බැඳ ග න්ටමිහිරි සිහින බැලුමට කිරි දරුව න්ටපුළුවන් වේද මැණිකේ මෙහි නොසිටි න්ටකටුරොද මඩ වගුරුවල මානෙල් ඕ ලුමැණිකෙගෙ මුහුණ බැලුමට පොර කනවා ලුපැල්පත තුළ තනිව වෙසෙනා ඇගෙ පා ලු කැපුමට සුළඟ රස ගී පවසනවා ලු රුවැත් තියක් මුත් කුලදම් සිරීත් සෙවීඇවැත් නොමැති මේ මැණිකෙට හිතැත් තිවීජගත් සිරී ඈ වෙනුවෙන් අළුත් වෙවීඅදුත් කියයි රස සංගීතවත් කවී නෙත් අඳ පුතා දුවසක් මව වෙත පැමිණසිප ගනිමින් නොපෙණෙතත් මවගේ මුහුණඅම්මේ මේ ළමයි හොඳු නැහැ බොරු කියනකිව්වම ඈ විතාළා මොකදැයි කරුණමල් ලස්සණයි හොඳ හොඳ පාටයි කීවාපෙනෙනවා දුකිනවා කියනා ඒවාමොනවද අම්මේ මම අහගන්නට ආවාතෝරා දෙන්න මම දන්නේ නැහැ මේවාමල්වල හොඳු සුවඳ මිස පාටක් කොහෙ දඒවා මොලොක් බව තේරෙනවා මට දඑලියක් කියා මොකවත් හෙම තියෙනව දමට තේරුම් ගන්ට අම්මේ බැරි මොක දඋණුසුම දැනේ දහවල් මට රැයට වඩාවෙනසක් හෙම තියෙනවද මෙහි මෙයට වඩාමට නොදැනෙන්නෙ මම කණ කොලුවෙක්ලු කුඩාලොකු වෙන කොට දැනේවිද මම අසමි අඬා ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති මෙලෙ ක මට දැනෙනවා එය අල්ලන හැම විටෙ කපාට කියා ඇත්නම් ගතියක් මල කඅම්මේ අත නොගෑවෙන එක තමයි දු කලස්සණ කියන දේ නැහැයට වත් කණ ටමගේ දිවට හරි මගෙ අතපය වල ටනොදැනෙන්නේ මොකද තෝරා දෙන කල ටඉවසාගෙන ඉන්ට අම්මේ බැරිය ම ට කේයස් පිලිබද විස්තරමුල් නම– පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්තයාපසු නම්– කළල්ඇල්ලේ පේමානන්ද, කළල්ඇල්ලේ ආනන්ද සාගරභාවිතා වූ පසු නම්- සාගර පලන්සූරිය (කේයස්)උපත– 1908 මාර්තු මස 11 දාවෘත්තීන්– ගුරු වෘත්තිය, පුවත්පත් කර්තෘ, පර්යේෂණ අධ්‍යක්ෂවෙනත්– පාර්ලිමේන්තු මන්ත්‍රී (ප්‍රතිභාපූර්ණ කවියෙකි)විවාහය– 1948 නොවැම්බර් මස 26 දාපුතුන්– තිදෙනෙකි. කීර්ති විජය සාගර පලන්සූරිය, ලක්විජය සාගර පලන්සූරිය සහ ගීතකුමාර සාගර පලන්සූරියබිරිය– ග්ලැඩිස් චන්ද්‍රා පෙරේරාවිපත– 1961 ජූනි මස 21 දා පිලපිටියේ දීකේයස් පිලිබද ලිපිසිළුමිණ -http://www.lk/punkalasa/20120311/_art.fn=ar12031111දැනුම -http://www.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
යොගරත්නකරය හෙවත් වෙදොප්පත්තිය නෑමති සින්හල වෙද පොතෙන් උපුටා ගත්තේ.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඔහු කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වේදිකා නාට්‍ය නළුවෙක් විදියට. ‘එය මෙසේ සිදු විය’, ‘සොක්කානෝ රජානෝ’, ‘සක්විති රාවණා’ නාට්‍ය සඳහා රංගනයෙන් දායක වූ ඔහු පසුව ‘මිනිසා සහ හුස්ම ටිකක්’ නමින් නාට්‍යයක් නිර්මාණය කළා. පසුව ජයන්ත චන්ද්‍රසිරිගේ ‘වෙස් මුහුණ’ නාට්‍යයෙන් සහාය කලා අධ්‍යක්ෂවරයකු ලෙසත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසියා.පිනිවැස්ස, සඳමැදියම, සිරිවාසල වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ප්‍රේක්ෂක පැසසුම් ලත් ඔහු ප්‍රියන්ත සමරකෝන්. වසර දහයකට පමණ පසු චන්න පෙරේරා සහ චතුරිකා පීරිස් යළිත් පෙම්වතුන් කරමින් ‘සත්‍ය’ ටෙලි නාට්‍යය ඔබ වෙතට ගෙන එන්නත් ඔහු සූදානම්.සත්‍ය ටෙලි නාට්‍යයේ අලුත්ම තොරතුරු ගැන මුලින්ම කියමු?‘සත්‍ය’ ටෙලි නාටයයේ රූගත කිරීම් පසුගිය දිනවල නුවරඑළිය හා කොළඹදී සිදු කෙරුණා. නොකළ මිනීමැරුමකට මැදිවන තරුණයකු එයින් මිදෙන්නට ගෙන යන සමාජීය හා මානසික අරගලයත් එයින් තම ප්‍රේමණීය ආදරයට සිදුවන ඉරණම තමයි මේ තුළින් දිග හැරෙන්නේ.චතුරිකා පීරිස් සමඟ චන්න පෙරේරා ප්‍රධාන භූමිකා නිරූපණය කරන මේ ටෙලි සිත්තම ළඟදීම සිරස රූපවාහිනිය ඔස්සේ විකාශයවීමට නියමිතයි.ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස ඔබේ දායකත්වය ලද නිර්මාණ?මම මුලින්ම අධ්‍යක්ෂණය කළේ ‘බක්මහේ සිහිනය’ නම් ඒකාංගික ටෙලි නාට්‍යයක්. එය 2000 වසරේදී විකාශය වුණා. ඊට පසුව පිනි වැස්ස සහ සඳ මැදියම විකාශය වුණා. ඊට පසුව මම එංගලන්තයේ නාට්‍ය කලාව පිළිබඳ වැඩිදුර අධ්‍යයන කටයුතුවල නිරත වෙලා සිටි කාලය තුළත් මම ටෙලි නාට්‍යයක් නිර්මාණය කළා. ශ්‍රී ලංකාව හා එංගලන්තයේදී එහි රූගත කිරීම් සිදු කළා. එයත් ඉදිරියේදී විකාශය කරන්න සූදානම්.වර්තමානයේදී එළිදකිනා බොහෝ නිර්මාණ මෙගා ටෙලි නාට්‍ය. මෙවැනි පසුබිමක් තුළ ඔබේ නිර්මාණ සීමිත කොටස් සංඛ්‍යාවකට සීමා වෙනවා. එයට විශේෂ වූ හේතුවක් තියෙනවාද?මගේ ටෙලි නාට්‍ය ය කොටස් 40, 50 හෝ 60 වැනි සංඛ්‍යාවකට සීමා වෙනවා. යම් නිර්මාණයක් අනවශ්‍ය ලෙස දීර්ඝ කිරීම තුළ එහි තියෙන ගුණාත්මකභාවය හීන වීමකට ලක්වෙනවා. ඒ තුළින් බිහි වෙන්නේ බාල වර්ගයේ නිර්මාණ. නමුත් කොටස් සංඛ්‍යාව දීර්ඝ වූ පමණින් අපට එය මෙගා නිර්මාණ ලෙස හඳුන්වන්න බැහැ. මෙයට හේතු වුණේ ඉන්දීය නිර්මාණ.නමුත් එංගලන්තය වැනි රටක මෙගා නිර්මාණ ලෙස සැලකෙන්නේ විශාල පිරිසක්, අධික පිරිවැයක් යොදා කෙරෙන නිර්මාණයි. ලංකාවේ වේදිකා නාට්‍ය සහ සිනමාවට වඩා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ලැබෙනවා. ලක්ෂ අසූවක් පමණ වන ඒ පිරිස ආමන්ත්‍රණය කරන්න උසස් ගණයේ නිර්මාණ බිහි විය යුතුයි. ඒ පිළිබඳ නිර්මාණකරුවන් දැනුම්වත් විය යුතුයි. වැඩි කොටස් සංඛ්‍යාවකින් යුතු බාල බොලඳ නිර්මාණ නිසා ප්‍රේක්ෂකයා සරල වින්දනයකටයි යොමු වෙන්නේ. එහිදී ඔවුන්ගේ රසඥතාව මොටවීමක් සිදු වෙනවා.ඔබේ මීළඟ ටෙලි නිර්මාණය ගැනත් සඳහන් කළොත්?එයත් තරමක වෙනස් ආකාරයේ කතා පුවතක් ගෙන එන ටෙලි සිත්තමක්. ‘අඩැසි සඳ’ කියල තමයි එයට නම යොදල තියන්නේ. සාම්ප්‍රදායික බෙර වාදන ශිල්පීන් වෙසෙන ගම්මානයක සිදුවන කතාවක් තමයි එහි ඇතුළත් වෙන්නේ. මේ දිනවල මම එහි ප්‍රධාන නිළි චරිතය සඳහා සුදුසු තරුණියක් සොයමින් ඉන්නේ.ඔබ ක්ෂේත්‍රයට පිවිසි කාලය තුළ මේ දක්වා ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?ඕනෑම කෙනකුට නිර්මාණ කරන්න අවකාශයක් ක්ෂේත්‍රයේ තියෙනවා. නමුත් බොහෝ නවකයන්ට ක්ෂේත්‍රය තුළ රැඳෙන්න නොහැකි බවක් පේනවා. එයට හේතුව ක්ෂේත්‍රයම නොවෙයි. බොහෝ අයට ජනප්‍රියත්වය දරා ගැනීමට නොහැකිවීමයි. කලා ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යන්න නම් සුහදශීලි බව, මිත්‍රශීලිත්වය වැනි මානුෂික ගුණාංග තිබිය යුතු වෙනවා. එහෙම නෙවන අය ඉක්මනින් ජනප්‍රිය වුණත් ඊටත් වඩා ඉක්මනට ජනප්‍රියත්වය අහිමි වී යනවා.පෞද්ගලික විස්තර ටිකකුත් කියමුද?මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. මේ වන විට ඔහු අප අතර නැහැ. අම්මා විශ්‍රාමික ගුරුවරියක්. මම තවම විවාහ වෙලා නැහැ. මට සහෝදරියන් තිදෙනෙක් ඉන්නවා.කලා ජීවිතයේ ඉදිරිය ගැනත් කියමු?වේදිකා නාට්‍යයක් සහ චිත්‍රපටයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ දිනවල මම චිත්‍රපටයේ තිර පිටපත ලියමින් ඉන්නේ. මේ වසර අවසානයේදී එහි රූගත කිරීම් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.ප්‍රියන්ත සමරකෝන්: 0712684713.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දේපල අයිතිවාසිකම් යනු අනෙකුත් තැනැත්තන්ට එරෙහිව බලාත්මක කළහැකි දේවල් පිලිබඳ වන අයිතිවාසිකම්ය. මීට වෙනස්ව ගිවිසුම්කර අයිතිවාසිකම් කිසියම් නිශ්චිත තැනැත්තකුට එරෙහිව පමණක් බලාත්මක කළහැක. කෙසේවෙතත් දේපල අයිතිවාසිකම් ගිවිසුමක් මඟින්ද පැනනැගිය හැක. මේ අනුව මෙම අයිතිවාසිකම් ක‍්‍රම දෙක අතර අතිච්ඡාදනයක්ද පවතී. උදාහරණයක් ලෙස ඉඩමක් විකිණීමේදී එකිනෙකට සමාන්තරව ගමන් කරන නෛතික සම්බන්ධතාවයන් දෙකක් පවතී. ගිවිසුම සම්බන්ධයෙන් අලාභයන්ට නඩු පැවරීම කළහැකි පුද්ගලික අයිතිවාසිකම් හා දෙයකට එරෙහිව කි‍්‍රයාවේ යෙදවිය හැකි හිමිකාරත්ව අයිතිවාසිකම මෙම නෛතික සම්බන්ධතාවයන්ය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
1965 වසරේ දී තිරගත වූ ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ සිනමාපටය සුරංගනා කතාවක් මෙන් සොඳුරු වුවත්, එය පොළොවේ පය ගසා ජීවත් වූ සැබෑ චරිත එකතුවකි. ඒ බව ලොවට හෙළි වුණේ මාරියා වෝන් ට්‍රැප් විසින් 1949 දී රචිත ‘ද සවුන්ඩ් ඔෆ් මියුසික්’ කෘතියෙනි. කන්‍යා සොයුරියක වීමට සිහින මැවූ ඇයට බිරිය මියගිය නාවික අණ දෙන නිලධාරී ජෝර්ජ් ජොහැන්නස් වොන් ට්‍රැප්ගේ දූ දරුවන් හත් දෙනා බලා ගැනීමේ භාරධූර වගකීම භාර ගැනීමට සිදුවිය.ඇය කෙතරම් හොඳින් දරුවන් බලා ගත්තා ද කිවහොත් රෞද්‍ර කපිතාන්වරයාගේ හදවත ආදරයෙන් වෙඬරු පිඬක් මෙන් උණු වන්නට ගත්තේය. ඇය ඔහුට ආදරය නොකරම විවාහ වීමට එකඟ වූවාය. එහෙත් ඇය දරුවන්ට ආදරය කළාය. මාරියා, කැප්ටන්ට ආදරය කිරීමට මුල පිරුවේ විවාහයෙන් පසුවයි. මාරියා හා කැප්ටන් ද දරුවන් තිදෙනකුට මාපියෝ වූහ. 1947 දී කපිතාන් පෙනහලු පිළිකාවකින් මිය ගියේය. මාරියා 1987 මාර්තු 28 වැනිදා මිය ගියාය.මේ සොඳුරු සිනමාපටයට පාදක වූ සහෝදර චරිත හත අතරින් ඉතිරි වූ එකම සැබෑ චරිතය ද පසුගිය දා ජීවිතයෙන් සමු ගත්තාය. ඇය පවුලේ දෙවැනි දියණිය වූ මාරියා ෆ‍්‍රැන්සිස්කා වොන් ට්‍රැප්ය. මිය යන විට ඇය අනූ නව හැවිරිදි වියේ පසු වූවාය.ඇයගේ මරණය ස්ථිර කළේ ඇයගේ අඩ සොයුරකු වූ ජොහැන්නස් වොන් ට්‍රැප්ය. එනම් ඔහු මාරියා වොන් ට්‍රැප්ගේ හා පියාගේ දරුවකුය. සිනමාපටයේ දරුවන් හත්දෙනා බලා ගත් මාරියාගේ චරිතය රඟපෑවේ ජූලී ඇන්ඩෲස්ය. දෙවැනි දියණිය මාරියාගේ නම චිත්‍රපටයේදී හැඳින්වුයේ ලුසියා ලෙසය. ලුසියා ලෙස රැ¼ගුවේ හීදර් මොන්සයිස්ය.සිනමාපටයේ පියා රෞද්‍ර දැඩි නීතිධාරියකු ලෙස පෙන් වුව ද, සැබෑ පියා එසේ නොවන බව මිය යාමට කලකට පෙර මාරියා පවසා තිබේ. ඔවුන් ජීවත් වූ ඔස්ට්‍රියා හි, සැල්ස්බර්ග් හි නිවස ප්‍රථම වරට කෞතුකාගාරයක් ලෙසින් 2008 වසරේදීී විවෘත කළේ ද ඇය විසින්මය. නාසිවරුන්ගෙන් බේරීම සඳහා පලා යාමට පෙර ඔවුන් සැම ජීවත් වූයේ ඒ නිවෙසේමයි.මාරියාගේ නික්ම යාමත් සමඟ ඉතිරි වී සිටින්නේ කපිතාන්ගේ දෙවැනි විවාහයේ දූ දරුවන් පමණි.- චම්පිකා
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පටුන 1 ප්‍රවේශය 2 දේශීයකරණය 3 ප්‍රජා සහය 4 සංරචක 5 ප්‍රකාශන 6 ලීබ්‍රා ඔෆිස් 7 බාහිර පුරුක් ප්‍රවේශය[සංස්කරණය] ඕපන් ඔෆිස් මිල අධික සංවෘත මූල මාදුකාංගයන්ට අමිල විසදුමකි. මෙම මෘදුකාංගය www.openoffce.org වෙබ් අඩවියෙන් නොමිලයේ බාගත කරගත හැක. මෙය මුදල් ගෙවා ලබාගතයුතු මයික්‍රොසොෆ්ට් ඔෆිස් මෘදුකාංගයට නොදෙවෙනි මෙන්ම එහි නොපවතින වර්ධිත ගති ලක්ෂණද සහිතයි. දේශීයකරණය[සංස්කරණය] මේ වන විට මෙම මෘදුකාංගය දේශීයකරණයටද ලක් වෙමින් පවතින අතර දැන්වනවිට (2010-04-14 දින වන විට) මෙම මෘදුකාංගයේ දේශීයකරණයට (සිංහල බසට) පරිවර්තිත OpenOffice.org 3.2 වර්ෂනයේ අවසාන නිකුතුව නොවන පිටපතක් ඉහත වෙබ් අඩවියේ http://සිංහල%20පිටුව ඔස්සේ ලබාගත හැක. ප්‍රජා සහය[සංස්කරණය] මෙම මෘදුකාංගය භාවිතා කරන්නන් වෙනුවෙන් කැපවුණු ගූගල් සමූහයක්ද ක්‍රියාත්මක අතර [1] ලිපිනයෙන් මෙම සමූහයට සම්බන්ධ විය හැක. මෘදුකාංගය භාවිතය පිළිබඳ ගැටලු වලට විසදුම් මේ හරහා ලබාගත හැක. පද සැකසුම් මෘදුකාංගය සංරචක[සංස්කරණය] ඕපන් ඔෆිස් මෘදුකාංගය පහත සංරචකයන්ලෙන් යුක්තයි පද සැකසුම් මෘදුකාංගය පැතුරුම්පත අභිනයන මෘදුකාංගය හෙවක් ඉදිරිපත්කරණ මෆදුකාංගය දත්ත පදනම ග්‍රැෆික් මෘදුකාංගය ගණිතමය කෘත්‍ය මෘදුකාංගය ප්‍රකාශන[සංස්කරණය] LAKapps ආයතනය මගින් ඕපන් ඔෆිස් සංරචක සඳහා ප්‍රකාශන අත්පොත් පෙළක් සම්පාදනය කරමින් පවතී. දැනට ඕපන් ඔෆිස් රයිටර් ( පද සැකසුම් මෘදුකාංගය) සහ ඕපන් ඔෆිස් කැල්ක් (පැතුරුම්පත) සඳහා අත්පොත් දෙකක් නිකුත් කර ඇත. මේවා PDF ගොනු ලෙස ලබා ගත හැකි අතර වීඩියෝ පුහුණු උදව් ලෙසද පවතී. මේවා LAKapps ආයතනයේ SVN සුරක්ෂිතාගාරයෙන් බාගත හැක. මෙය මොරටුව විශ්ව විද්‍යාලයයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු අධ්‍යනාංශය විසින් සම්පාදනය කර ඇත. ඕපන් ඔෆිස් රයිටර් - පදසැකසුම් මෘදුකාංගය නමින් ඉ-පොතක් දකුණු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති අතර එය මෙම විෂයය යටතේ වන පලමු සිංහල භාෂීය පුකාශනය වේ. එය PDF ගොණු ආකෘතියෙන් එම දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියේ අතත්‍ය පොත් හලින් බාගත කර ගත හැක. ලීබ්‍රා ඔෆිස්[සංස්කරණය] ඕපන් ඔෆිස් සඳහා සහය දැක්වූ ප්‍රධාන ස්වේව්චා සංවර්ධකයින් එම ව්‍යාපෘකියෙන් ඉවත්ව වඩා නිදහස් කාර්යයාල මෘදුකාංග කට්ටලයක් ඕපන් ඔෆිස් පාදකව නිර්මාණය කිරීම සඳහා ප්‍රලේඛන පදනම නම් ස්වේච්ඡා සංවිධානය නිර්මාණය කරන ලදී. මේ හරහා වඩා නිදහස් හා වානිජ ආයතන සම්බන්ධතාවයෙන් තොර කාර්යයාල මෘදුකාග කට්ටලයක් නිර්මාණය වනු ඇතැයි බලාපොරොත්තු විය හැක. බාහිර පුරුක්[සංස්කරණය] LAKapps LAKapps SVN සුරක්ෂිතාගාරය අතත්‍ය පොත් හල
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කොඩිය ජාතික ගීය "මගේ කසකස්ථාන්" අගනුවර සහ විශාලම නගරය ඇස්ටානා උතුරු අක්ෂාංශ 51°10′ නැගෙනහිරදේෂාංශ 71°30′ රාජ්‍ය භාෂාව කසාක්, රුසියානු (දෙවන රාජ්‍ය - කතා කිරීම විශාල වශයෙන් කසකස්ථානුවෙන්ගෙනි) ජනවර්ග (2009 ජන සංඛ්‍යාකය) 63.1% කසාක්, 1.1% - ජර්මානු, 4.5% වෙනත් රාජ්‍ය ජනාධිපති සමූහාණ්ඩුව ජනාධිපති නුර්සුල්තන් නසාර්බයෙව් අගමැති කරිම් මැසිමොව් කථානායක පර් ෆෙස්ර්බර්ජ් වර්ග ප්‍රමාණය එකතුව වර්ග කිලෝමීටර 2,724,900 වර්ග සැතපුම් 1,052,085 ජලය (%) 1.7 ජනගහනය 2009 තක්සේරුව 16,196,800 දළ දේශීය නිෂ්පාදිතය (PPP) 2008 තක්සේරුව එකතුව ඩොලර් බිලියන 177,835 දළ දේශීය නිෂ්පාදිතය (සාමාන්‍ය) 2008 තක්සේරුව එකතුව ඩොලර් බිලියන 135,601 ගිනි (2005) 28.8 (පහළ) මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.8041 (ඉහළ) මුදල් ටෙන්ජි (KZT) මං තීරුව දකුණ අන්තර්ජාල TLD .kz දුරකථන සංකේත +7-6xx,+7-7xy නිල වශයෙන් කසක්ස්තාන සමූහාණ්ඩුව වන කසක්ස්තානය යනු රුසියාවේ පිහිටි ලෝකයේ 9 වන විශාලතම රටයි. වර්ග කි.මි. 2,727,300 වන මෙය බටහිර යුරෝපයට වඩා විශාලය.එහි අසල්වැසියන් වන්නේ උතුරින් පිහිටි රුසියාව, චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටර්ක්මෙනිස්ථානය ය. මෙහි ජනගහනය ලෝකයේ 62 වන තැනට විශාල ජනගහනය වන අතර ජන ඝනත්වය වර්ග කි.මී. 1 කට 6 දෙනෙක් සිටිති. වර්තමාන කසකස්ථානයේ භූමිය, පෙර නෝමන් වරුන් විසූ ප්‍රදේශය විය. 19 වන ශතවර්ෂය වන විට කසකස්ථානය රුසියානු අධිරාජයේ කොටසක් විය. 1936 එය කසක් සොවියට් සමූහාණ්ඩුව විය. 1991 දෙසැම්බර් 16 වෙනිදා නිදහස ලැබීය. එහි ජනාධිපති ලෙස නර්සුල්තාන් නසාර්බසෙව් පත්විය. මෙහි හයිස්‍රොනබන් කර්මාන්තයේ දියුණුවක් ඇති විය. මෙය සමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, නෝමෝ, පොදු රාජ්‍ය මණ්ඩලය හා ෂැංග්හයි සංවිධානයේ වේ. මෙහි ජාතීන් වශයෙන් 131 වන අතර කසාක් රුසියානු, යුක්රේනියන්, අස්බෙන් හා ටාටාය මෙහි ජනගහනය මිලියන 16.0 වන අතර 63% කසාක් වරුන්ය. මෙය රාජ්‍ය ආගම් නිදහස අගය කරන අතර ඉස්ලාම් මූලික ආගම වේ. රාජ්‍ය භාෂාව වන්නේ කසාක්ය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලෝ වැසි කිතුනු බැතිමතුන්ටත්,ලක් වැසි කිතුනු බැතිමතුන්ටත්,සාමය සතුට සපිරිසුබ නත්තලක් වේවා .
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ as a very short article lacking sufficient context to identify the subject of the article නිසාවෙනි. CSD A1 බලන්න.%5B%5BWP%3ACSD%23A1%7CA1%5D%5D%3A+Not+enough+context+to+identify+article%27s+subjectA1 එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පිටුවෙහි කර්තෘ වෙත සටහන: ඔබ තවමත් ලිපි සාකච්ඡා පිටුව සංස්කරණය කර නොමැත. ඔබ මෙම ඉක්මන් මකාදැමීමට විරුද්ධ වීමට අදහස් කරයි නම්, ඉහත දැක්වෙන බොත්තම එබීමෙන් පසුව මෙම පිටුව මකා නොදැමිය යුත්තේ මක්නිසාදැයි කියා සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තැබීමෙන් අනතුරුව ප්‍රකාශ කරන්න. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ තඹරු විජේසේකර (දායකත්ව| ලඝු) විසින් 3 වසර ගණනකට පෙර ට පෙරදීය කරුණාකර පහත සැකිල්ල කර්තෘගේ සාකච්ඡා පිටුව මත පිහිටුවීමකට භාජනය කරන්න: {{subst:empty-warn|පොමි|header=1}} ~~~~ මෙම ශෛලිය සංයුක්ත සෑම ආකාරයකම නර්තනයන්ට රංග ප්‍රයෝගික නිර්මාණයට පහ මුලිකව විනෝදය ඇති කරන අර්ධකාලීන දර්ශනයන්ට උපයෝගි වේ. පොඩි මිනිසුන් 6 සිට 45 දක්වා දර්ශනයන්ට උපයෝගි වේ. පොමි මිනිසුන් 6 සිට 45 දක්වා යුත් නරාඩයම් ලෙස ගෙදක්වන අතර ' පොදු රගදැක්විම්' අතර මුලික රංගනයකි. තරගකාරිත්වය දරැණු ලෙස මෙම නිෂෙත්‍රය තුළ තිබෙන අතර රග දක්වන්නේ ආකාරය විනිශ්චය මත ම නොව නමුත් කරාඩයම් සමානන්තවය, අලංකාර කොට දැක්විමේ සමාර්ථය, නිරවද්‍යවතාවය සහ නැටුම් ශාස්ත්‍රය මත පදනම් වේ.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකවරයා (Quantity Surveyor) වනාහි ඉදිකිරිම් ක්ශේත්‍රයේ වෘත්තිය උපදේශක වරයෙකි. .ඉදිකිරිම් ආර්ථික විදයාඥ (Construction Economists), ඉදිකිරිම් මුල්‍ය කලමනාකරු(Construction Cost Manager) හා මුල්‍ය ඉන්ජිනේරු(Cost Engineer) යන නම් වලින්ද හදුන්වන්නේ මෙම වෘත්තිකයාමය. උපදේශකයෙකු වශයෙන් ඉදිකිරිම් ව්‍යාපෘතියක ශක්‍යතා අධයනයේ (Feasibility study) සිට ඉදිකිරිම් නිමවෙනතුරු ඇස්තමෙන්තු(Estimates) පිලියෙල කිරිම හා මුලය සුපරික්ශනය(Cost monitoring) තුලින් ඔහු වයාපෘතිය සදහා දායක වෙයි. . තවද වයාපෘතිය අවසන්විමෙන් පසුවද සමථකරණය(Mediation) , බේරුම්කරණය (Arbitration) හා රක්ෂණ ඇස්තමෙන්තු පිලියෙල කිරිමද ඔහු සිදු කරයි. ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන් ප්‍රධාන වශයෙන් කොන්ත්‍රත් ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන්(Contractor Quantity Surveyor) ලෙස ඉදිකිරිම් ආයතනවල හා උපදේශක ප්‍රමාණ ප්‍රමාණ සමික්ෂකයන් (Consultant Quantity Surveyor) ලෙස ඉදිකිරිම් උපදේශක ආයතනවල රැකියාවන්හි නිරත වේ.ඉට අමතරව බැංකු, රක්ශණ සමාගම්, දේපල සංවර්ධන සමාගම්, ආරක්ෂක අංශ හා අධ්‍යාපන ආයතනද ඔහුගේ සේවය ලබාගනි. උපදේශක ප්‍රමාණ සමික්ශක යන්ගේ (Consultant Quantity Surveyor) වගකිම් අතර පහත ඒවා ප්‍රධානවේ 1. මුලික ඇස්තමෙන්තු පිලියල කිරිම (Preparation of preliminary Estimating) 2. ශක්‍යතා අධයනයන් සිදු කිරිම. (Undertaking feasibility studies ) 3. ප්‍රමාණ පත්‍ර පිලියෙල කිරිම (Preparation of Bill of Quantities) 4. මිලදි ගැනිමේ ක්‍රමවේදයන් පිලිබදව උපදේශනය සැපයිම (Advising on procurement strategy) 5. ටෙන්ඩර් ඇස්තමෙන්තු පිලියල කිරිම(Preparation of Consultants Estimates) 6. ටෙන්ඩර් ලියකියවිලි පිලියල කිරිම (Preparation of Tender Documents) 7. ටෙන්ඩර් ඇගයිම ( Tender evaluation) 8. කොන්ත්‍රත් ලියකියවිලි පිලියල කිරිම(Preparation of Contract documents) 9. අන්තර්වාර ගෙවිම් පරික්ශා කිරිම (Evaluating Interim valuation) 10. විචලතා පරික්ශා කිරිම (Evaluating Variations) 11. අවසාන ගිණුම් පරික්ශා කිරිම (Evaluating Final accounts) කොන්ත්‍රත් ප්‍රමාණ සමික්ෂකයන්ගේ (Contractor Quantity Surveyor) වගකිම් අතර පහත ඒවා ප්‍රධානවේ 1. ටෙන්ඩර් සදහා පිරිවැය පිලියෙල කිරිම හා විශ්ලේශනය කිරිම. (Preparing and analyzing costing for tenders) 2. අන්තර්වාර ගෙවිම් පිලියෙල කිරිම (Preparation of Interim valuation) 3. විචලනයන් පිලියෙල කිරිම (Preparation of variations) 4. අවසාන ගිණුම් පිලියෙල කිරිම (Preparation of final accounts) 5. කොන්ත්‍රත් හිමිකම් පිලියෙල කිරිම (Preparing contractual claims 6 උප කොන්ත්‍රත් ගෙවිම් අනුමත කිරිම(Approve sub contractors payments) ප්‍රමාණ පත්‍රය(Bill of Quantities) යනු ඉදිකිරිම් ව්‍යාපෘතියකට අවශ්‍ය අමුද්‍රවය අයිතමයන් ලෙස අඩංගු කර ඇති ලියවිල්ලකි. වාස්තුවිද්‍යාඥයා විසින් සැලසුම්කරලද සැලසුමට අනුව පිලියෙල කරනා මෙය ටෙන්ඩර් කටයුතු සදහා මෙන්ම ඉදිකිරිම් කොන්ත්‍රත්කරුගේ ගෙවිම් සදහා,විචලනයන්(Variations) සදහාද යොදාගනි.මෙම ලියවිල්ල පිලියල කරනු ලබන්නේ ප්‍රමාණ සමික්ෂවරයා විම ඔහුට එම නාමය ලැබිමට හේතුවයි. සාමානයෙන් ප්‍රමාණ සමික්ෂකයන් කාර්යාල අශ්‍රිතව රැකියාව කරන අතර සේවා යෝජකයා හා අනෙකුත් ඉදිකිරිම ව්‍යාපෘතියේ සාමාජිකයින් සමග වැඩ බිම් නිරික්ශනයද සිදු කරයි. ප්‍රමාණ සමික්ෂකවරයා යනු ප්‍රමාණ සමික්ෂකවරයෙකු වන්නේ කෙසේද?
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
යංග් ස්ටාර් ක්‍රීඩා සමාජය 5වැනි වරට සංවිධාන කරන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය මේ මස 21-22 දෙදින මාගම්මන මහ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.අකාකි ට්‍රේඩිං පුද්ගලික සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන තරගාවලියේ ශූරතාව සඳහා රු.30000ක්ද, අනුශූරතාවට රු.20000ක්ද පිරිනැමෙන බව සංවිධායකයෝ පවසති.තරගාවලියේ වීරයා, හොඳම පිතිකරු හා හොඳම පන්දු යවන්නා සඳහාද මුදල් ත්‍යාග හිමිවේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොසොන් පොහෝ දින නිරාවරණය කිරීමට නියමිත මිහින්තලා ඓතිහාසික සේල චෛත්‍යයේ තැන්පත් කරනු ලබන චූඩා මාණික්‍යය වෙනුවෙන් පවත්වනු ලබන සති පිරිත මිහින්තලා උඩමළුවේ දී මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වලවාහැංගුනවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි අද (13) දින ආරම්භ කෙරේ.අද ආරම්භ වන සති පිරිත ලබන 19 වන දින දක්වා පැවැත්වෙන අතර 20 වන දින චූඩා මාණික්‍යයන් වහන්සේ සේල චෛත්‍යයේ කොත් වහන්සේ මත තැන්පත් කරනු ලබයි. තැන්පත් කරනු ලැබූ චූඩා මාණික්‍යය පොසොන් පොහෝ දින ජනාධිපතිතුමා ඇතුළු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් නිරාවරණය කෙරේ.මිහින්තලා පුදබිමේ 1979 වසරෙන් පසු පැවැත්වෙන ප්‍රථම සති පිරිත මෙය වන බවද ධම්මරතන නාහිමියෝ සඳහන් කළහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දැනට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පදිංචිව සිටින ලේඛක, ගීත රචක, සංගීතඥ සහ ගායක භද්‍රජී මහින්ද ජයතිලකයන්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් මෙම මස 08 වැනිදා සවස 2.30 ට ගම්පහ නවලෝක තරුණ සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.මෙයින් ලැබෙන සියලුම ආදායම කෝට්ටේ සුහද පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ලබාදෙන අතර මෙම ගී සැඳෑව භද්‍රජී කළණ මිතුරු සංසදයේ ඉදිරිපත් කිරීමකි.ගම්පහ කාන්ති වික්‍රමනායකගේ සංවිධානයෙන් ඉන්ද්‍රසිරි සුරවීර සහ තිළිණි අතුකෝරාලගේ නිවේදනයෙන් ඔප් නැංවෙන ප්‍රසංගයේ සහය ගායනා චන්න කස්තුරිසිංහ, විමානි කපුරු බණ්ඩාර, සඳුනි රශ්මිකා, ධනුෂ කුලරත්න සහ සජිත් කපුරු බණ්ඩාරගෙනි.රුක්ෂාන් කරුණානායක ප්‍රමුඛ චයිම්ස් ඔෆ් ද සෙවන්ටීස් සංගීත කණ්ඩායමේ සත්සර රටාවෙන් හැඩවන ප්‍රසංගය අතරතුර භද්‍රජීගේ නවතම සංයුක්ත තැටිය වන ගමෙන් ආ කෙල්ලේ එළිදැක්වීමට නියමිතය.ආනන්ද විද්‍යාලයේදීගීත රචක නිරිමාණ කේන්ද්‍රය මඟින් සංවිධානය කරනු ලබන ඔස්කා රිද්ම රැයක් විචිත්‍රවත් සංගීත සැඳෑව සැප්තැම්බර් 07 වැනිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.සංගීත් නිපුන් සනත් නන්දසිරි විශාරද නන්දා මාලනී, විශාරද අමරසිරි පීරිස්, සෝමතිලක ජයමහ, විශාරද සමිතා මුදුන්කොටුව සහ විශාරද නෙළු අධිකාරි යන ගායක ගායිකාවන්ගේ ගැයුමින් එදින ප්‍රසංගය වර්ණවත් වනු ඇත.සමන්ත පෙරේරා සංගීතය මෙහෙයවනු ලබයි. නර්ථන වින්‍යාසය ජාතික තරුණ සේවා සභාවේ නර්ථන කණ්ඩායමෙනි.විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී ඒක පුද්ගල ගී ප්‍රසංගය මේ මස 08 සහ 09 දෙදින තුළ ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.නාවුක හමුදාපති රියර් අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා සහ එම මැතිණිය ප්‍රධාන ආරාධිත අමුත්තන් වන මෙම ප්‍රසංගයේ යුග ගායනා විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, විශාරද ශ්‍රියා කාරියවසම් සහ ශාරණ්‍යා ජයකොඩි යන අයගෙනි.වසන්ත රෝහණ ප්‍රසංගය නිවේදනයෙන් මෙහෙයවනු ලබයි.විශේෂ අමුත්තා රවිබන්දු විද්‍යාපතිනර්ථන ශිල්පිනී රෂාන්ති හෙට්ටිආරච්චි කැනඩාවේ පවත්වාගෙන යනු ලබන රන්ගාරා කලා ආයතනයේ සිවු වසරක් බෙර වාදනය සහ නර්තනය හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කලඑළි මංගල්‍යය ‘රන්ගාරා රංග අභිෂේකය’ මේ මස 08 වැනිදා සවස කැනඩාවේ දොන් බොස්කෝ රංග ශාලාවේදී පැවැත්වේ.ජ්‍යෙෂ්ඨ නර්ථනවේදී රවිබන්දු විද්‍යාපති සහ බෙර වාදන ශිල්පී ප්‍රසන්න රූපතිලක එම අවස්ථාවට විශේෂ අමුත්තන් ලෙස සහභාගිවීමට නියමිතය. මෙයට සමගාමීව රවිබන්දු විද්‍යාපතිගේ කලා නිර්මාණ ඇතුළත් කෙටි වැඩසටහනක් ද දිග හැරෙනු ඇත.රුවන් හේවගේ අධ්‍යක්ෂණයක්රුවන් හේවගේ අධ්‍යක්ෂණය කරන ‘පුංචි එවුන් සූරයෝ’ සිනමාපටය මීගොඩ පාදුක්ක සහ හෝමාගම යනප්‍රදේශයන්හි මේ දිනවල රූගත වෙමින් පවතියි.මෙය අයුක්තියට විරුද්ධව නැඟී සිටින කුඩා දරුවන් සිවු දෙනෙකු වටා ගෙතී ඇති කතාවකි.රංගන ප්‍රේමරත්න, සඳුන් විජේසිරි, අජිත් ලොකුගේ, ප්‍රසන්න ෆොන්සේකා, සුමිත් මුදන්නායක, රුවන් හේවගේ, චලිනි ප්‍රතිභා, නිහාල් ප්‍රේමචන්ද්‍ර, ගාමිණී කොස්තා, සරත් පීරිස්, කුමාරි එක්නැලිගොඩ, සම්මි හේමචන්ද්‍ර, කුමාරි සංජීව දහනායක, කැළුම් නිරෝශන්, ශානිකා පද්මකාන්ති, දම්මි රත්නාවලී, මධු නිසංසලා, නන්ද පින්නවල, ක්‍රිෂාන්ත ද සිල්වා, සුදේශ් මධුසංඛ, සනත් කුමාර, රිද්මා තරංගනී සෙහානි ප්‍රේෂිකලා, උපුල් රාහුබද්ධ, නුවන් විජේසිරි සහ ළමා නළුවන් වන වෙහාන් ලංකජ, සහන් ගිමන්ත, සජිත් රන්සිරි, තීක්ෂණ සඳරු සසංක, කනිෂ්ක ජයරුවන් සහ ගීත්මා ලියනආරච්චි රඟන පුංචි එවුන් සූරයෝ හි සහය අධ්‍යක්ෂණය නිහාල් ප්‍රේමචන්ද්‍රගෙනි. කැමරාව මංජුල කුමාරගේ මෙහෙයවයි.සරත් රන්වැල්ල කලා අධ්‍යක්ෂණයෙන් ප්‍රදීප් පෙරේරා නිශ්චල ඡායාරූපකරණයෙන් සහ අශෝක පීරිස් පසුබිම් සංගීතයෙන් මේ සඳහා එක්වෙති. ගාමිණී කොස්තාගේ අංග රචනාවකි.ඩී. එල්. නිහාල් පුංචි එවුන් සූරයෝ නිෂ්පාදනය කොට තිබේ.ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකාවේ නම බොලිවුඩයේ ගෞරවනීය ලෙස රැන්දූ ජැකලින් ෆර්නැන්ඩස් දැන් සූදානම් වන්නේ ‘ඩෙෆිනිෂන් ඔෆ් ෆියර්’ සිනමාපටයේ රඟපෑමටයි. මෙය වාර්තා සිනමාපට නිපදවන්නකු වූ ජේම්ස් සිම්සන්ගේ නිර්මාණයකි.අල් පැසිනෝ, පෙනිලෝප් කෲස් වැනි විශිෂ්ට නළුවන් සමග වැඩකර ඇති මෙවන් අධ්‍යක්ෂවරයකු යටතේ වැඩ කිරීමට ලැබීම සැබවින්ම ජැකලින්ගේ රංගනයේ පෙර පින් පලඳීමකි.දැනට ඇය මලයාසියාවේ ‘රෝයි’ බොලිවුඩ් සිනමාපටයේ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටින්නීය. එහි රූගත කිරීම් නිම වූ සැණින් ඇය කැනඩාව බලා යන්නේ එම හොලිවුඩ් සිනමාපටයේ රූගත කිරීම් සඳහායි. මාසයකට වැඩි කාලයක් ජැකලින් රූගත කිරීම්වලට සහභාගි වනු ඇත.රෝයි සිනමාපටයේ ඇය රඟන්නේ ද්විත්ව චරිතයකි. ‘කික්’ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටි නිසා ‘රෝයි’ හි රංගනයට වෙනත් නිළියක් යොදා ගැනීමට මුලින් අදහසක් තිබුණ ද පසුව ප්‍රධාන නළුවා ලෙස රඟන රන්බීර් කපූර් ඇයට විවේකයක් ලැබෙන තුරු බලා සිට ඇත. ශ්‍රී ලංකික රූමතියක වන ජැකී සැබැවින්ම අපට ආඩම්බරයකි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වමේ දේශපාලනයේ මහා පෙරළිකාරයකු , මන්ත්‍රීවරයකු , ඇමැතිවරයකු මෙන්ම , සුළු කලක් අගමැති ධූරය ද හෙබවූ විජයානන්ද දහනායක එකල නිකම්ම දහනායකය. බණ්ඩාරනායක ඝාතන නඩුව ඉදිරියේ ඔහු පෙනී සිටියේ නීතිඥ සහාය ද නොමැතිව තනිවමය.රිවිරැස පුවත්පත මඟින් එකල ලොකු ලොක්කන්ගේ හපන්කම් අළලා ‘තරුණ කාලෙ හපන්කම්’ මැයෙන් විචිත්‍රාංගයක් පටන් ගෙන තිබුණි. මේ විශේෂාංගය ලියන්නට පැවැරුණේ ගුණදාස ලියගේට ය. ගුණදාස ලියනගේ කිහිප දිනක් ම දහනායක මහතා මේ විශේෂාංගය සඳහා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කෙළේ ය.වෑයම අසාර්ථක විය. බණ්ඩාරනායක ඝාතන කොමිසම ඉදිරියේ දහනායක මහතා පෙනී සිටි නිසා ඒ දින ඔහුට ඉතා කාර්ය බහුල විය. කොමිසම තේ විවේකය සඳහා කල් තබන අවස්ථාවේ , ගුණදාස ලියනගේ දහනායක ළඟට කිට්ටු වුණේ ය.‘ අපි ‘තරුණ කාලෙ හපන්කම්’ ගැන ලිපි පෙළක් ලියනවා. පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න..මේ.. තමුසෙ යකාගෙ මිනිහෙක්නෙ ඕයි. මං මේ රැවුල ගිනි අරං දඟලනවා. තමුසෙ එනවා සුරුට්ටු පත්තු කරන්න’’ දහනායක කතා කළේ යක්ෂාවේෂයෙනි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බේරුවල නිවසකින් රුපියල් ලක්ෂ හතළිහක් (40) ක් වටිනා මැණික් ගල් තොගයක් සොරාගත් ව්‍යාපාරිකයෙකු ඊයේ (16) උදේ බේරුවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.බේරුවල වටරවුම් පාරේ පදිංචි මොහොමඩ් අන්සාර් නැමැති මැණික් ව්‍යාපාරිකයෙකු විසින් බේරුවල පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මේ සැකකාර ව්‍යාපාරිකයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකාර ව්‍යාපාරිකයාද පැමිණිලිකාර ව්‍යාපාරිකයාද යන දෙදෙනාම ව්‍යාපාරිකයන් වන අතර ව්‍යාපාරිකයාගේ නිවසට ගිය සැකකරු ඔහුගේ නිවසට ඇතුළු වී නිවසේ තිබූ රුපියල් ලක්ෂ හතළිහක් (40) වටිනා මැණික් ගල් තොගයක් සොරාගෙන ඇතැයි බේරුවල පොලිසිය පවසයි.පොලිසිය පවසන අන්දමට පස්සර, රත්නපුර හා බේරුවල චීනකොටුව ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන්ට විකුණා තිබූ වටිනා මැණික් ගල් තුනක්ද (3) සොයාගත් බව බේරුවල පොලිසිය පවසයි.සැකකරු ඊයේ (16) සවස කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය පිළිබඳව බේරුවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද රාජපක්ෂ මහතා ඇතුළු අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.එම්. ගුණතිලක යන මහත්වරුන් වැඩිදුර පරීක්ෂණ පවත්වති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඕවිටිගලවිධානගේ සමන්ත සිසුවාට පහර දී බරපතළ තුවාල සිදු කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් විසි දෙදෙනාගෙන් 11 දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදිනි වික්‍රමසිංහ මහත්මිය ඊයේ (2) නියෝග කළාය.නිදහස් කළ සැකකරුවන්ට එරෙහිව සාක්ෂි නොමැති බවට රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ තුසිත් මුදලිගේ මහතා කළ කරුණු දැක්වීමෙන් පසුව ඔවුන් නිදහස් කෙරිණි.2011 නොවැම්බර් 7 දින ගංගොඩවිල දී අයුතු ජනරාශියක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් සමන්ත සිසුවා ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබිණි.නාලක ලියනගම, චන්ද්‍රසෝම දේශප්‍රිය, වසන්ත චන්ද්‍රකුමාර, සංඛ ශාන්ත ප්‍රසාද්, ඉන්දික කුමාර, චමින්ද ගුණසේකර, දිනේෂ් සුසන්ත, රුවන් වසන්ත, නාමල් ජගත් පතිරාජ, ගාමිණී සෙනෙවිරත්න සහ විජිත කුමාර යන සැකකරුවන් මෙසේ නිදොස් කොට නිදහස් කෙරිණි. ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ලසන්ත මනෝජ් නානායක්කාර, නිමල් වීරක්කොඩි මහතා ඇතුළු නීතිඥ පිරිසක් නඩුවට පෙනී සිටියහ. නඩු විභාගය පසුවට කල් තැබිණි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සරසවිය පුවත්පත හා සිටි එෆ්. එම්. ගුවන් විදුලිය එකමුතුවෙන් ඇරැඹී තරු තොරතුරු වැඩසටහන සෑම සෙනසුරාදාවකම රාත්‍රී 9 ට ප්‍රචාරය වේ.මෙය මෙරට සිනමාවේ රස තොරතුරු ගෙනෙන සුහද කතාබහකි. 89.6/89.8 යන සංඛ්‍යාන ඔස්සේ මෙය ශ්‍රවණය කළ හැකිය. තරු තොරතුරු මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් විසිනි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අහස් මායා අතර හැංගුනඔබට නොපෙනෙන ප්‍රේමයේ තරු කැටය මංස්නේහයේ මුදු එලියනොරිදවයි මුත් දුරයි නුඹසඳක එළියට බයෙන්පුර පසට අහසට ඇවිත්සඳ දිලෙන අරුමය දුරින්බලාගෙන නෙත් පිනා සැනසෙනකුමුදු මල නුඹනම්අමාවක අහසකත් පායනතරු කැකුල මම නුඹ නොදත්සහස් සියවස් ගනන් රෑ වලදිලිසුනා මම නුඹ නමින්.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දිවා රාත්‍රි ටෙස්ට් තරග පැවැත්වීමේ ජගත් ක්‍රිකට් කවුන්සිලයේ අත්හදා බැලීම ක්‍රියාවට නංවාලීමේ පළමු අදියර දියත් කරමින් මෙරලිබෝන් ක්‍රිකට් සමාජය (එම්. සී. සී.) සහ ඩර්හෑම් ප්‍රාන්ත පිල අතර සිවු දින දිවා රාත්‍රි ක්‍රිකට් තරගයක් මාර්තු 29 සිට අප්‍රේල් 1 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ෂේක් සෙයිඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.එංගලන්ත ප්‍රාන්ත අතර පැවැත්වෙන පළමු පෙළ ක්‍රිකට් තරගයක් එංගලන්තයෙන් පිට පවත්වනු ලබන ප්‍රථම අවස්ථාව ද මෙය වේ. ටෙස්ට් ක්‍රීඩාවේ පුනර්ජීවය රඳවා තබා ගැනීමේ ක්‍රමයක් ලෙසින් රෝස පැහැති පන්දුව උපයෝගී කර ගෙන දිවා රාත්‍රී ටෙස්ට් තරග පැවැත්වීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කරමින් සිටියේය.එක් දින තරග සහ පන්දු වාර විස්සයි – 20 තරග සඳහා අති විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් ඇදී යාමේ ප්‍රවණතාව නිසා ටෙස්ට් ක්‍රීඩාවට බොහෝ දුරට බලපෑම් එල්ල වෙමින් තිබෙන බව ජගත් ක්‍රිකට් කවුන්සිලයේ මෙන්ම හිටපු සහ වත්මන් ක්‍රිකට් කී‍්‍රඩකයන්ගේද අදහස වී තිබේ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
යුද්ධය දිනා රටට සාමය උදාකළ අභිමානවත් නායකත්වය පිළිගන්නවා වෙනුවට එම නායකයා එළවන්න පුළුවන්ද කියා විවිධ කණ්ඩායම් මාන බලන යුගයක අපට මේ පළාත් සභා ජයග්‍රහණය වැදගත් වෙන්නේ; ජනතාව අතරින් මතුවී අභිමානවත් ලෙස ත්‍රස්තවාදය අතුගා දමන්නට ඔබ කළ සේවය කොතරම් වැදගත්ද? එපමණටම එම ශ්‍රේෂ්ඨ නායකත්වය රැකගන්න අප සැවොම සූදානම්ය, කියන පණිවුඩය ලොවටම කියන්න හැකි මැතිවරණය මෙය බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය.ඒ මහතා එසේ කීවේ මෙවර බස්නාහිර පළාත් සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ධුරාපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියට සහයෝගය දැක්වීම සඳහා කොටිකාවත්ත ලියන්කි හෝටලයේ පැවැති ජනහමුවකට සහභාගීව කරන ලද කතාවේදීය.ඒ මහතා මෙසේද කීවේය. අපිට මේ මැතිවරණයේදී දකුණේ ගේමක් නැහැ. මැච් එක දිනලා. ඒකයි අපි එහෙත් බැට් කරලා මෙහෙත් බැට් කරන්න එන්නේ කොළඹට එන්න සුළු වෙලාවයි යන්නේ. එදා මාතර ඉඳලා මෙහාට එනවා නම් හාල් පොල් කරගහගෙන එන්න ඕනෙ. අද වෙනස එහෙමයි. ඒකයි ආශ්චර්ය කියන්නේ.මෙවර දකුණ බස්නාහිර පළාත් සභාවල ඡන්දය කියන්නේ අපි බලයට පත්වෙලා අවුරුදු 20ක් පිරෙන තැනයි. එදා මේ කොළොන්නාව මැතිවරණ තියන්න නිදහස තිබුණු ප්‍රදේශයක් නොවෙයි. මල්ලිමාරච්චිගේ හිංසාකාරී පාලනයට මුහුණ දුන්නේ අභීතවත් නායකයෙක් වුණ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රයි. ඔහු ඉටුකළ එම මෙහෙය ගැන දැනුවත් වූ සියලු දෙනා ඔහුගේ ගුණ සිහිපත් කරනවා. ජනපතිගේ සෙවණැල්ල වගේ රට බේරා ගන්න ශ්‍රේෂ්ඨ නායකයෙකු ගොඩනගන්න ඒ වෙනුවෙන් කැප වූ “භාරත” අවාසනාවන්ත ලෙස අපට නැතිවුණාට අද එතුමාගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය පියා වෙනුවෙන් මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන්න ජනාධිපතිතුමාගේ ආශීර්වාදය මැද ඇවිත් තිබෙනවා.යුක්තිගරුක, එඩිතර, දේශපාලනය ගැන කැක්කුමක් තිබෙන තරුණ තරුණියන් අවශ්‍ය කාන්තා නියෝජනය ගැන හැම තැනම කතා කරන අවදියක මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින කාන්තාවන් අතර ඉහළින්ම දිනන තරුණිය තමයි මේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය ඇය මෙවර පළාත් සභා මැතිවරණය දිනන්නේ 93දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තැබූ වාර්තාවද කඩා දමමිනුයි.නියෝජ්‍ය ඇමැති එම්.කේ. ඩී.එස්. ගුණවර්ධන මහතා-මමත් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාත් ක්‍රියා කළේ නිවුන් සහෝදරයින් වගෙයි. එතුමාගේ මරණයෙන් මහපාරේ ගලා ගියේ රතුදිය දහරා නොවෙයි, නිල්වන් දියදහරාවයි තිබුණේ. මිනිස් දම්වැල් උද්ඝෝෂණ, රිය පෙරහැරවල ගිය ලක්ෂ සංඛ්‍යාත ජනතාව අදත් ශ්‍රී ල නි ප යේ ඉන්නවා. රට බේරාගත් නායකයාට ගෞරවයක් ලෙස භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය අද එතුමාගේ ධජය ගෙන යන්න ක්‍රියා කිරීම අපට සතුටකි.හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය- මම අද තමයි කොළොන්නාවේ මගේ සටන ආරම්භ කළේ. මොන මොන ප්‍රශ්ණ තිබුණත් මම දන්නවා මැරිච්ච ලකී අය්යා මෙන් එම මරණය අමරණීය කරන්න එදා තාත්තා සමග හිටපු පිරිස එකාවගේ එකතුවන බව. අද එය මේ ජන ගංගාව සනාථ කර තිබෙනවා.මෙතැන මගේ තාත්තා සමඟ හිටපු අය ඇති. වෙනත් දේශපාලන පක්ෂවල අයත් ඇති. අද කොළොන්නාව ආසනයට වෙලා තිබෙන තත්ත්වය කවුරුත් දන්නවා. නොයෙකුත් දේට රැවටිලා ඡන්දය දීපු අයත් මේ අතර ඇති. සමහරුන් ඒ අයව ගෙදර යවලා හොඳ පිරිසක් පත්කර ගන්නත් ඇඟිලි ගැන ගැනයි ඉන්නේ.ඡන්දය දීමේ අයිතිය මුදලට ගන්න මා සූදානම් නැහැ. ඕනෑම අයෙක් මොනව හරි දෙනවානම් ඒවා පරිහරණය කරලා උයාගෙන කාලා ලබන 29දාට මගේ අංක 41ටත් බුලත් කොළයටත් කතිරය ගසන ගමන් තවත් හොඳ පිරිසකුත් පළාත් සභාවට තෝරා යවන්න. මගේ වැඩිහිටියන් කවුරුත් මට කතා කරන්නේ දුව කියලයි. මාව මගේ ගෙදරට ඇවිත් ඔඩොක්කුවේ තබාගෙන නලවපු අයත් හදාපු වඩාපු අයත් ඔක්කොම එකතුවෙලා ලකී අය්යාට වූ අසාධාරණයට සාධාරණය ඉටුකරගෙන කොළොන්නාව ආසනය ගොඩනගමු. මා මොන තත්ත්වයකට ගියත් ඔබ සමඟයි. භාරතට වැඩ කරනවා කියා සිතා ගෙන මට වැඩ කරන්න. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියගේ මැතිවරණ උපදේශක සීලරත්න සෙනරත් මහතාද මෙහිදී අදහස් පලකළ අතර, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චි හා හිටපු කොළඹ නාගරික මන්ත්‍රී ගාමිණී රම්‍යකුමාර, තිලක් හිත්තැටිය හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ සභාපති යුක්ති ඒකවීර මහත්වරුද මෙහිදී අදහස් දැක්වූ අතර ජනාධිපති උපදේශක සුමණා ප්‍රේමචන්ද්‍ර මහත්මියද මෙම අවස්ථාවට සහභාගි වූවාය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මිනුවන්ගොඩ රෝහල මූලික රෝහලක් බවට පත් කෙරේ. මේ සඳහා අවශ්‍ය කටයුතු බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කෙරේ.මේ රෝහල සඳහා ශල්‍යාගාර සංකීර්ණයක් සහ ලේ බැංකුවක්ද රුපියල් මිලියන 130ක වියදමින් ස්ථාපනය කෙරුණේ ඉකුත් වසරේදීය.ගම්පහ වතුපිටිවල මීගමුව රෝහල් මධ්‍යයේ පිහිටුවා ඇති බැවින් එම රෝහල්වල ප්‍රසව හා නාරිවේදි අංශවල ඇතිවන තදබදය බෙහෙවින් අඩු වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ගම්පහ දිස්ත්‍රික්කයේ වතුපිටිවල රෝහලේ මූලික ප්‍රතිකාර ඒකකයේ වැඩද අවසන් වෙමින් පවතින බවද පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දෙසැම්බර් මාසය යනු ලොව ඕනෑම රටක් උත්සවශ්‍රියක් ගන්නා කාලයක්.මේ කාලය වාණිජ ලෝකයට නම් ඉතාමත් කාර්ය්‍යබහුල සමයක්.තම වෙළදපල ලාභ මට්ටම තර කර ගැනීම මෙන්ම තම තමන්ගේ ඉතිරි කුණු ලොට්ටයන් කාගේ හෝ ඇගට හේත්තු කිරීමට ඇති හොදම අවස්ථාවද මෙය වීම ඊට හේතුවයි.අවුරුද්ද පුරාවටම අපේක්ෂාවෙන් වුන් බෝනස් එකට තට්ටු කරගැනීමට මෙන්ම සුපිරි කුණු ගොඩවල් වල හිමිකරුවන් වීමට මෙම අවධිය සුපර්ය.නමුත්, මා ඉහත පැවසූ සියල්ල දැන් දැන් පුස්සක් වෙමින් පවතී.ඒ සදහා උදාහරණයක් ලෙස වර්තමාන ඉලෙක්ට්‍රොනික වෙළදපලේ වේගවත් මිල බැස්ම හැදින්විය හැක.මීට හය හත් මාසයකට පෙර තිබූ විදුලි උපකරණ මිළ මට්ටම වර්තමානයේ ඉන් හරි අඩක්වත් නොගන්නා බව ඔබ දන්නවාද.පසුගිය අයවැය හරහා සිදුවු බදු අඩු කිරීම මේ සදහා වූ මූලික අඩිතාලම ලෙස අපට හැදින්විය හැකි අතර නව තාක්ෂණය පෙර නොවූ අයුරින් වෙළදපල ආක්‍රමණය කර ගැනීමත් මෙයට හේතුවක්.මේ මිල අඩුවීම කණවැකුණු මමත් සුප්‍රසිද්ධ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සපයන ප්‍රදර්ශණාගාරයකට ගොඩවුනේ දෙසැම්බරයේ අවසාන සතියේදීයි.නමුත්, සාප්පුව තුළට ගොඩවැදුනු මා හට දකින්නට හැකි වූයේ හිස් රාක්ක කිහිපය හා ප්‍රදර්ශණ පුවරු පමණයි.ඒ වන විටත් ඔවුන්ගේ සියලූම භාණ්‍ඩ ( ප්‍රදර්ශණයට තිබූ භාණ්ඩ පවා) විකිණි අවසන්ව තිබිණ.ඒ ශාඛාවේ මෙන්ම දිවයින පුරා විසිරී ඇති අනෙකුත් ප්‍රදර්ශණාගාරද ඔවුන් නොසිතූ වෙළදාමක් ඒ වන විටත් ලබා සිටියා.අපි එළවලු මිළ වැඩියි කියා කෑ ගසමු.නමුත්, මේ තත්වය. ඔව්.මෙම අසාමාන්‍ය ඉලෙක්ට්‍රොනික වෙළදාමට (ඇත්තෙන්ම අතීතයට සාපේක්ෂව අසාමාන්‍ය වෙළදාමක්) මූලික වූ හේතුවක් ඇත.ඒ නම් Credit Card භාවිතයෙන් පොළී රහිතව මාස 24 ඇතුලත ගෙවීමේ පහසුකම ලබාදීමයි.සල්ලි නැතත් ණයට හෝ LCD TV , HIFI SETUP, BLUERAY PLAYERS, WASHING MACHINE, REFRIGERATORS පාවිච්චි කරන්න අකමැති කවුද.නමුත්, මේ මිළ අඩුවීමට කෙලවීමට නව තාක්ෂණය සමත් වෙමින් පවතී.LCD TV එකක් වෙනුවට LED TV ආදේශකයකි.නමුත්, එය මිලෙන් අධිකය.අනාගතයේ තව තව සොයාගැනීම් බිහිවනු ඇත.ඒවා මීටත් වඩා මිලෙන් අධික වනු ඇත.මිල කෙසේ වුවද නව තාක්ෂණය අනෙක් දියුණු රටවලට සාපේක්ෂ අවධියේම මෙහි පැමිනීම පිළිබදව අප සතුටු විය යුතුමය.අනාගත ශ්‍රී ලංකාවේ තාක්ෂණ අවශ්‍යතා සපුරාගැනීම මෙතරම් දුෂ්කර නොවනු ඇත.එහි පෙරමග ලකුණුයි මේ.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බිරිය, දරුවන් දෙදෙනා හා නැන්දනිය මරා දැමීමට වතුර කලයට අධික විස සහිත කෘෂි රසායනයක් මිශ්‍ර කළ බවට සැකපිට පුද්ගලයකු මහවිලච්චිය පොලීසිය මගින් ඊයේ (9) අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්සල පාර, පේමඩුව, මහවිලච්චිය ලිපිනයේ පදිංචි 47 හැවිරිදි දෙදරු පියෙකි. සැකකරු පේමඩුවේ පිහිටි නිවසේ සැඟව සිටිය දී මහවිලච්චිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.වස මිශ්‍ර ජලයෙන් තේ සාදා පානය කළ 24 හැවිරිදි බිරිය, 65 හැවිරිදි නැන්දම්මා සහ වයස අවුරුදු 4 මාස 6ක් වන සැකකරුගේ දියණිය මේ වන විට මහවිලච්චිය රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය කියයි.සැකකරුගේ බිරිය ඉකුත් 7දා ඔහු සමඟ අමනාප වී දරුවන් දෙදෙනා සමඟ තන්තිරිමලය දන්ගහවැවැ ප්‍රදේශයේ පිහිටි මවගේ නිවසට පැමිණ ඇත.සැකකරු එදින රාත්‍රීයේ දන්ගහවැව පිහිටි නිවසට පැමිණ දරුවන් දෙදෙනා රුගෙන යෑමට උත්සහ දරා ඇති අතර දරුවන් දෙදෙනා රැගෙන යෑමට බිරිය ඉඩ නොදීම නිසා දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවී ඇත.ඉන්පසු සැකකරු නිවසේ මුලුතැන්ගෙයි තිබු බීමට ගන්නා ජලය සහිත කලයට වස මුසු කරන්න ඇති බවට පොලීසිය සැක පහළ කරන අතර දෙදෙනා අතර බහින් බස් වීම සිදු වු අවස්ථාවේ මව නිවසින් බැහැරව හේනට ගොස් සිටි බවද පොලීසිය පවසයි.පසු දා උදෑසන වස මුසු කළ කලයේ තිබු ජලයෙන් නිවසේ සිටි පිරිස තේ සාදා පානය කරද් දී සැකකරුගේ බිරියට තේ කෝපප්යේ යම් වෙනස් රසයක් ඇති බවට දැනීම නිසා වතුර කලය පරීක්ෂා කර බලද් දී එහි ජලය රතු පැහැ ගැන්ව තිබී ඇත.ස්වල්ප වේලාවකින් මෙම තිදෙනාට ක්ලාන්ත ගතිය ඇති වී තිබෙන අතර ප්‍රදේශවාසීන්ට මේ බව පැවසීමෙන් පසු ඔවුන් තිදෙනාව රෝහල් ගත කර ඇත. කෘමි සතුන් මර්දනය කිරීමට යොදන අධික විෂ සහිත කැට වර්ගයක් ජලයට මුසු කර තිබු බව පරීක්ෂණ කරන පොලීසිය පවසයි.වස මුසු ජලය පානය කිරීමෙන් රෝගීව ඇත්තේ දන්ගහවැව තන්තිරිමලය ලිපිනයේ පදිංචි වන්නිහාමිගේ රන්මැණිකා (65) ගුණවර්ධනගේ ශ්‍රියානි ගුණවර්ධන (24) හා ඉර්ෂනී රාජපක්ෂ (4 ) අයවලුන්ය.සැකකාර සැමියා ඊයේ (9) අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර මහවිලච්චිය පොලීසියේ ස්ථානාධිපතිපති පොලිස් පරීක්ෂක ඩී.එම් කුමාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මේ වසරේ ගෙවුණු මාස කිහිපය තුළ මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සඳහා උපාධිධාරින් ඇතුළු පිරිස් දහසකට අධික ප්‍රමාණයකට රැකියා ලබාදී තිබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගියදා ගන්නෝරුවේදී පැවසීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොබ්බෑකඩුව මහතා" යහපත් මහජන සේවාවක් ලබාදීම සඳහා පළාතක් විදියට අපි දැඩි කැපවීමකින් කටයුතු කරනවා. පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතාගේ කැපවීම සහ සහයෝගය මේ සඳහා උපරිම ලබාදී තිබෙනවා.අපි මේ මාස කිහිපය තුළ ඉංග්‍රීසි ගුරුවරුන්, තරුණ අරුණ උපාධිධාරීන්, ආදායම් පරීක්ෂකවරුන්, තාක්ෂණ නිලධාරීන්, කෘෂි උපදේශකවරුන් ඇතුළු පිරිස් පවතින පුරප්පාඩු සඳහා බඳවාගනු ලැබුවා.මහජනතාව තම සේවා අවශ්‍යතා ලබා ගැනීමේදී ඔවුනට බාධාවකින් තොරව තම සේවාව ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසිය යුතුයි. ඒ සඳහා අපි අවධානය යොමු කළ යුතු වෙනවා..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නවදිල්ලි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දුෂණ චෝදනාවලින් අපකීර්තියට පත් ඉන්දියාවේ සුරේෂ් කල්මාඩි මහතා ඡන්ද දෙකකින් පරාජයට පත්කළ කටාර් හී දහලාන් අල් හමාඩ් මහතා ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ඊයේ තේරී පත්විය.අල් හමාඩ් මහතා ඡන්ද 20ක් ලබාගත් අතර සුරේෂ් කල්මාඩි මහතාට ඡන්ද 18ක් හිමිවිය. ආසියාවේ රටවල් 45ක නියෝජිතයන් ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණ සිටි අතර ඡන්ද 7ක් ප්‍රතික්ෂේප විය.ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පුනේහිදී පැවැති මේ නිලවරණයේදී ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ විධායක කමිටු සාමාජික තනතුරට තරග කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ප්‍රේමා පින්නවල මහතා පරාජයට පත්විය. ඒ මහතා වසර ගණනාවක් විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කළද මෙවර එම තනතුරට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය නොලැබුණි.ජන්ද දායකයන් 45කින් පින්නවල මහතාට ජන්ද 19ක් ලැබී තිබුණි.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු මලල ක්‍රීඩා කාන්තා කමිටුවට තරග කළ ඔලිම්පික් ශූරී සුසන්තිකා ජයසිංහද රට හරහා දිවීමේ හා මාර්ග ධාවන කමිටුවට තරග කළ ජී.එල්.එස් පෙරේරා යන මහත්ම මහත්මීහූ එම කමිටු වලට තේරී පත් වූහ.සුසන්තිකා මුල්වරට එම තනතුරට පත්වූ අතර පෙරේරා මහතා දෙවැනි වරට එම තනතුරට සුදුසුකම් ලැබීය.අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙනගාලයේ ලැමීන් ඩියැක් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ නිලවරණයේදී සභාපති ලෙස ජය ලැබු කටාර්හී අල් හමාඩ් මහතා මෙයට කලින් ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස කටයුතු කළේය.ඒ මහතා අන්තර්ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ උප සභාපතිවරයෙකුද වේ.මෙවරත් ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ ලේකම් තනතුරට සිංගප්පූරුවේ මොරිස් නිකලස් මහතා තේරීපත් වීමද විශේෂත්වයකි. සුරේෂ් කල්මාඩි මහතා වසර 13ක් අඛණ්ඩව ආසියානු මලල ක්‍රීඩා මුල් පුටුව හෙබවු අතර 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඉදිකිරීම් හා භාණ්ඩ කුලියට ගැනීමේදී දුෂණ චෝදනා එල්ලවී මාස 10ක් රිමාන්ඩ් බන්ධනාගාරගතවී සිටියේය. කල්මාඩි මහතා පුනේහී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කරයි.20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ සමාරම්භය මහරාෂ්ඨ ප්‍රාන්තයේ ප්‍රධාන ඇමැති ප්‍රීති විරාජ් චවාන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 5.00ට පූනේ ශිව චත්‍රාපති ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ.රටවල් 43ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 650ක් පමණ සහභාගීත්වයෙන් මේ සමාරම්භක උළෙල ඉතා උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය වී ඇත. ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයට වසර 40ක් සම්පූර්ණ වීම හේතුවෙන් සමාරම්භක උළෙලට විශේෂ අංග එක්කර ඇතැයි සංවිධායකයෝ පවසති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඇවිනොන් යනු අග්නිදිග ප්‍රංශයෙහි පිහිටි ප්‍රංශ ජන ප්‍රදේශයක් වන අතර එය Vaucluse නම් ප්‍රංශ පරිපාලන ඒකකය තුල හෝනා ගංගාවේ වම් ඉවුරට මායිමව පිහිටියේය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සියලු ආගම් ඒකරාශී කරගනිමින් 2600 වැනි බුද්ධ ජයන්තියට සමගාමීව ලෝක බෞද්ධ සම්මේලනය පළමුවරට ශ්‍රී ලංකාවේදී පවත්වනු ලබන බව අගමැති දි.මු ජයරත්න මහතා පැවැසීය.ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ වනවිටත් ආගමික නායකයන් සමඟ ආරම්භ කර ඇති බව හෙතෙම කීවේය. අම්පාර දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (14) පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේය. මීට සමගාමීව සර්වආගමික මධ්‍යස්ථාන සංවර්්ධනය කිරීමේ ජාතික වැඩසටහන අගමැති දි.මු.ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආගමික මධ්‍යස්ථාන කේන්ද්‍රීය කරගනිමින් පැවැත්විණි.සම්බුද්ධ ජයන්ති උළෙල සැමරීම තමන්ට ලැබුණු රාජකාරියක් පමණකැයි නොසිතා ඉන් ඔබ්බට ගොස් රටට සිදුකරන සේවයක් බව සිතමින් එම කාර්යයේ යෙදෙන ලෙස අගමැතිවරයා නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කෙළේය.සම්බුද්ධ ජයන්තිය පිළිබඳ ජනතාව තුළ මේ වන විට මහත් උද්යෝගයක් ඇතිවී ඇති බවද එම තත්ත්වය මේ උළෙල සාර්ථක කර ගැනීමට සුබ පෙර නිමිත්තක් බව ද ඒ මහතා කීය.දිස්ත්‍රික්ක මට්ටමින් ගොස් එකවර සර්වාගමික මධ්‍යස්ථාන දියුණු කිරීමේ වැඩසටහනක් මීට පෙර පැවැති කිසිදු රජයක් ආරම්භකර නොතිබුණ බව පැවැසූ අගමැතිවරයා වත්මන් රජයට එවැන්නක් කිරීමට ලැබීම භාග්‍යයක් බව කීය.වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එකම අරමුණ රට දියුණුකිරීමේදී අධ්‍යාත්මික හා භෞතික සංවර්ධනය එකට ගෙන ගොස් මෙරට ආසියාවේ ආශ්චර්ය කිරීම යැයි ද ජයරත්න මහතා කීවේය.මෙම ඉලක්කය සාර්ථක කර ගැනීමට සමස්ත ජනතාවගේම සහය ලබාදෙන්න යැයිද හෙතෙම ඉල්ලා සිටියේය.මේ අවස්ථාවට මැති ඇමැතිවරුන් වන පී. දයාරත්න, එම්.කේ. ඩී.එස්. ගුණවර්ධන රියර් අදමිරාල් සරත් වීරසේකර, ඒ.එච්.එම්. අස්වර්,, ශ්‍රියාණි විජේවික්‍රම, ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම දිසාපති සුනිල් කන්නන්ගර මහත්ම මහත්මීන් ඇතුළු රජයේ නිලධාරීහු රැසක් සහභාගි වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඉන්දීය පි‍්‍රමියර් ලීග් ක්‍රිකට් තරගමාලාවේ පුනේ වොරියර්ස් කණ්ඩායම ලකුණු 21 කින් පැරදවූ මුම්බායි ඉන්දියන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටී.මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මේ තරගයේදී ලබා ගත් කඩුලු තුනත් සමඟ පි‍්‍රමියර් ලීග් තරගමාලාවේ කඩුලු 22ක් ලබා වැඩිම කඩුලු ලාභියා වීමට එක් කඩුල්ලක් පිටුපසින් සිටී.මාලිංග දැනට තරග 9 කට සහභාගි වී කඩුලු 22 ක් ලබා සිටින අතර 2009 තරග වාරයේදී ඩෙකෑන් චාර්ජස් පිලේ රුද්‍රා ප්‍රතාප් සිං තරග 16 කට සහභාගි වී ලකුණු 417 කට කඩුලු 23 ක් ලබා වැඩිම කඩුලු ලාභියා වී සිටී.පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන් කණ්ඩායම නියමිත ඕවර 20 තුළදී කඩුලු 7 ක් දැවී ලකුණු 160 ක් රැස්කරනු ලැබීය. ටී. සුමන් ලකුණු 36 ක් ද, කිරන් පොලාඩ් ලකුණු 28 ක් ද, අම්බාට් රෙයිදු ලකුණු 27 ක් ද, සචින් තෙන්ඩුල්කාර් ලකුණු 24 ක් ද බැගින් රැස් කළහ.පන්දු යැවීමේදී දක්‍ෂ ලෙස පන්දු යැවූ රාහුල් ෂර්මා ලකුණු 7 කට කඩුලු 2 ක් ද, යුවරාජ් සිං ලකුණු 22 කට කඩුලු 2 ක් ද, ජෙරොම් ටේලර් ලකුණු 34 කට කඩුලු 2 ක් ද බැගින් දවා ගත්හ. ලකුණු 161 ක ඉලක්කයක් කරා හඹා ගිය පුනේ වොරියර්ස් කණ්ඩායමට නියමිත ඕවර 20 තුළදී කඩුලු 7 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 139 ක් පමණි.මනේෂ් පාණ්ඩේ ලකුණු 59 ක් ද, රොබින් උත්තප්පා නොදැවී ලකුණු 34 ක් ද, රැස්කළහ.පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 25 කට කඩුලු 3 ක් ද, හර්බජන් සිං, මුනාෆ් පටෙල් හා කිරොන් පොලාඩ් එක කඩුල්ල බැගින් ද දවා ගත්හ.තරගයේ වීරයා සම්මානය රාහුල් ෂර්මාට හිමිවිය.මුම්බායි ඉන්දියන් පිල කඩුලු 7 ක් දැවී (ඕවර 20) 160 - ටී. සුමන් 36, කිරන් පොලාඩ් 28, අම්බාටි රෙයිදු 27, සචින් තෙන්ඩුල්කාර් 27, (රාහුල් ෂර්මා 7/2, යුවරාජ් සිං 22/2, ජෙරොම් ටේලර් 34/2)පූනේ වොරියර්ස් පිල කඩුලු 7 ක් දැවී (ඕවර 20) 139 - මනේෂ් පාණ්ඩේ 59, රොබින් උත්තප්පා නොදැවී 34, (ලසිත් මාලිංග 25/3)චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල් කණ්ඩායම අතර පැවැති තරගයේදී කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හැකි විය.පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල් කණ්ඩායම නියමිත ඕවර 20 තුළදී කඩුලු 6 ක් දැවී ලකුණු 147 ක් රැස්කර ගනු ලැබීය.රාහුල් ඩ්‍රාවිඩ් ලකුණු 66 ක් ද, ෂේන් වොට්සන් ලකුණු 32 ක් ද රැස්කළහ. පන්දු යැවීමේදී ෂබාබ් ජකාති ලකුණු 22 කට කඩුලු 2 ක් ද, අල්බේ මෝකල් ලකුණු 24 කට කඩුලු 2 ක් ද දවා ගත්හ.ජයග්‍රාහී ලකුණු 148 ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඕවර 18.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී ජයග්‍රහණය අත්කර ගනු ලැබීය.මයිකල් හසි නොදැවී ලකුණු 79 ක් ද, සුරේෂ් රයිනා ලකුණු 61 ක් ද, රැස්කළහ.පන්දු යැවීමේදී ජොහාන් බෝතා හා සිද්ධාර්ත් ට්‍රිවාඩි කඩුලු 1 බැගින් දවා ගත්හ.තරගයේ වීරයා සම්මානය මයිකල් හසීට හිමිවිය.රාජස්ථාන් රෝයල් කණ්ඩායම කඩුලු 6 ක් දැවී (ඕවර 20) 147 - රාහුල් ඩ්‍රාවිඩ් 66, ෂේන් වොට්සන් 32, (ෂබාබ් ජකාති 22/2, අල්බේ මෝකල් 24/2)චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 2 ක් දැවී (ඕවර 18.4) 149 - මයිකල් හසි 79, සුරේෂ් රයිනා 61, (ජොහාන් බෝතා 22/1, සිද්ධාර්ත් ට්‍රිවාඩි 37/1).
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ෆ්‍රෝස්න් දාහතර වැනි සතියේඅමෙරිකානු බොක්ස් ඔෆිස් හොඳම චිත්‍රපට දහයේ මෙවරත් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන සිටින්නේ The Lego Movie චිත්‍රපටය යි. බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ තෙවැනි සතිය ගත කරන පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 31.4ක ආදායමක් වාර්තා කළේය. ජෝසප් මැක්ග්‍රිනිටි නිකෝල් අධ්‍යක්ෂණය කළ 3 Days To Kill ඩොලර් මිලියන 12.3ක ආදායමක් ලබමින් දෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටියි. ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි කෙවින් කොස්ටර්, අම්බර් හර්ඩ්, හේලී ස්ටේන්ෆ‍්‍රීල්ඩ්, කොනී නෙල්සන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.තෙවැනි ස්ථානයේ සිටින්නේ පාවුල් ඩබ්ලිව්. එස්. ඇන්ඩර්සන් අධ්‍යක්ෂණය කළ Pompeii චිත්‍රපටය යි. එය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 10ක ආදායමක් වාර්තා කළේය. විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන RoboCopචිත්‍රපටය ඩොලර් මිලියන 9.4ක ආදායමක් ලබමින් සිව්වැනි ස්ථානයේ පසු වේ. ජෝර්ජ් ක්ලූනි අධ්‍යක්ෂණය කළ he Monuments Men ඩොලර් මිලියන 8.1ක ආදායමක් වාර්තා කරමින් පසුගිය සති අන්තයේදී පස්වැනි ස්ථානයට පැමිණියේය. ආදරය හා හාස්‍ය රැගත් About Last Night චිත්‍රපටය හයවැනි ස්ථානයේ පසුවේ. එය පසුගිය සති අන්තය වනවිට ඉපැයූ ආදායම ඩොලර් මිලියන 7.4ක්. අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට දහයේ හයවැනි සතිය ගත කරන Ride Along හත්වැනි ස්ථානය සහ දාහතර වැනි සතිය ගත කරන Frozen අටවැනි ස්ථානයට පැමිණ තිබේ.ෂානා ෆේස්ට් අධ්‍යක්ෂණය කළ Endless Love අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට අතර නමවැනි ස්ථානය දිනා ගන්නා විටදී අකීවා ගෝල්ඩ්මන් අධ්‍යක්ෂණය කළ Winter’s Tale හට දසවැනි ස්ථානය හිමිවී ඇත.යතේජා
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙයවන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියට සමගාමීව මොනරාගල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් අතර පැවැති මලල ක්‍රීඩා තරගාවලියේ දී නෙට්බෝල් ශූරතා ද්විත්වයක් හිමිකර ගැනීමට මොනරාගල මහනාම මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩිකාවෝ සමත්වුහ.මොනරාගල ප්‍රාදේශිය සභා ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති තරගාවලියේදී මහානාම විදුහල් ක්‍රීඩිකාවන් විසින් අවුරුදු 17න් පහළ සහ අවු.19න් පහළ වයස් කාණ්ඩයන්ගේ ශූරතා හිමිකර ගත්තේය. තරගාවලිය මොනරාගල ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.එන්.බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මිනුවන්ගොඩ සියඹලාපිටිය කනිෂ්ඨ විද්‍යාලය නඟාසිටුවීමට ක්‍රියාකළ විදුහල්පති එස්. එම්. පී. උදයකුමාර මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් පසුගියදා එම පාසලේදී පැවැත්විණි.ඒ මහතා මිනුවන්ගොඩ කොට්ඨාසයේ හොඳම විදුහල්පතිවරයා වශයෙන්ද අධ්‍යාපන අධීක්‍ෂණ ඇමැති මොහාන් ලාල් ග්‍රේරෝ මහතා අතින් සම්මාන ලැබීය.විදුහල්පති එස්. එම්. පී. උදය කුමාර මහතා එහිදී මෙසේ කීය.මම 2007 ඔක්තෝබර් 15 මේ පාසලේ විදුහල්පති වශයෙන් වැඩ භාරගන්නා විට සිසුන් 22ක් සහ ගුරුවරු තිදෙනෙක් හිටියා. පහ වසර ශිෂ්‍යත්වය සමත් සිසුන් වෙනත් පාසල්වලට ගිය පසු ඉතිරිවුණේ 13යි. 2009 වසරේ ශිෂ්‍යත්ව විභාගයට 11 දෙනකු පෙනී සිටියා ඉන් 05 දෙනකු සමත්වුණා. ක්‍රමයෙන් පාසලේ අධ්‍යාපන තත්ත්වයේ ගුණාත්මක බව වැඩිවී සිසුන් ශීඝ්‍රයෙන් අප පාසලට එක්වී සිසුන් 140 දක්වා වැඩි වුණා.2012 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ද ඉහළ මට්ටමක තිබුණා.මා එනකොට වැසීයාමට තිබූ පාසලට දැන් අලුතින් සිසුන් ඇතුළත් කිරීමට ප්‍රදේශයේ මවුපියන්ගේ තරගකාරිත්වය දක්නට ලැබෙනවා. මම මේ පාසල ගුරුමණ්ඩලයේ ද සහයෙන් තවත් දියුණු කරනවා..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පඬියා හේතුවාදියෙක්. හැම එකකම හේතුවක් හොයන, හැම එකකටම හේතුවක් තියෙන්න ඕන කියල හිතන එකෙක්. හැම එකක් ගැනම ඕනවට වඩා හිතන එකෙක්. එක එක විධියෙ පඬියො අතරෙ එහෙම උන්ටත් පඬියො කියල කියනව.පඬියාගෙ බිරිඳ පඬියට කැමති වුණේ ඒ ලක්ෂණවලට වෙන්න බෑ. ඒ වුණාට පඬියගෙ තියෙන බිරිඳ විතරක් දන්න සුවිශේෂත්වයක් ඈව තාමත් ඔහුත් එක්ක රඳවගෙන...මට හිතන්න ඕන තනියම. ඒ නිසා මට සමහර දවස්වලට තනියම ඉන්න වෙයි.පඬියා වෙනම කාමරයක පදිංචි වුණා. පදිංචි වුණාම නෙවෙයි. පඬියට එහෙම තනිකමක් උවමනා වුණා.දෙන්නා අතරෙ ලෝකාස්වාද ගණුදෙනුව පවා ටිකෙන් ටික කෘතිම වෙන්න ගත්තා. ජීවිතේ ඇතුලෙ හැම දේම එලාම් එකක් වදිනව වගේ ක්‍රමාණුකූලව දෛනිකව සිද්ධ වුණා. උස් වීමක් පහත් වීමක් පේන්නෙ නැති හරි මැදකට ළඟින් තියෙන තනි හීනි සරළ රේඛාවක් උඩ... ඔව් අර 'මධ්‍යස්ථය' ගැන දාර්ශනික අදහස. පඬියා හිතුව.ඒක හරිම බෝරිං එකක්. බිරිඳ හිතුවා.ජීවිතේට උස් පහත්වීම් ඕන.පඬියා කාටවත් සුභ පතන එකෙක් නෙවෙයි. අඩු ගානෙ අළුත් අවුරුද්දකට, උපන් දිනේකටවත් මිනිහ සුභ පැතුවෙ නෑ. මිනිහට සුභ පතනවට කැමති වුණෙත් නෑ.සුභ පැතීම් හරි කෘතිමයි.පඬිය හිතුවෙ එහෙම. නමුත් තමන් ගෙවන ජීවිතයත් නිර්වචනය කරගත්තු අර්ථ දැක්වීම් අස්සෙ කෘතිම වෙලා කියල පඬියට තේරුණේ නෑ. නමුත් මිනිහට ඒක තේරෙන්න අරන් තිබුණා. තමන් සැලකිය යුතු තරම් කෘතිම වෙලා කියල ඔහුට තේරෙන්න අරන් තිබුණා.මිනිහගේ උපන් දිනේ ලබපු දවසෙ රෑ දොලහට බිරිඳ අනිත් කාමරේ ඉඳන් ඇමතුමක් අරන් සුභ පැතුවා.ස්තූතියි. ඒත් ඒක ගොඩක් කෘතිමයි.ඔහු බිරිඳට කිව්වා.විස නසන්න ඕන විසෙන්බිරිඳ පඬියට කිව්වා.පඬියට ඒක තේරුම් යන්න ටිකක් වෙලා ගියා. බිරිඳගෙන් තමන්ගෙ කෘතිම බව නැති කරන්න කෘතිම උත්තේජනයක්.පඬියට යමක් තේරුම් ගියා. බිරිඳට අඩි කීපෙක දුරක ඉඳන් රෑ දොළහට තමන්ව දුරකථනයෙන් අමතන්න සිද්ධ වෙන තරමට තමන් ගෙවන්නෙ කෘතිම ජීවිතයක්ය කියන එක ඔහුට දැණුනා. ඔහුගෙ හිරි වැටුණු, හැඟීම් අවම ජීවිතේට කඳුළු බින්දුවක්.ඔහු බිරිඳ හොයාගෙන ගියා... ඈව වැළඳගත්තා.ඔයා ආයෙත් ඕනවට වඩා හිතන්න අරන්...බිරිඳ කිව්වා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පසුගිය වසරේ විදුලිබල මණ්ඩලයට බිල්පත් නොගෙවීම නිසා සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන හත්සිය අනූ හතක් (797)ක් බව විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.විදුලිය පාරිභෝජනය කිරීමේ දී එක් දිනයක පාරිභෝජනය කරන විදුලිය සඳහා බිල පාරිභෝගිකයාට ලැබෙන්නේ මාසයකට පසුව බවත්, එම බිල ගෙවීම සඳහා පාරිභෝගිකයාට තවත් මාසයක කාලයක් තිබෙන බවත්, පාරිභෝගිකයා එම බිල නොගෙවන්නේ නම් විදුලිය විසන්ධි කිරීමට තවත් මාසයක් ගත වන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය.එම නිසා පාරිභෝගිකයා අද භාවිතා කරන විදුලි ඒකකයට මාස තුනක් විදුලිබල මණ්ඩලය බලා සිටිය යුතු බව ද පාඨලී චම්පික රණවක මහතා කීවේ ය. දැනට ලෙකෝ ආයතනයේ බිල දින දහහතරක් (14) ඇතුළත ගෙවිය යුතු බවට පාරිභෝගිකයන් දැනුවත් කර තිබෙන අතර ඉදිරියේ දී මණ්ඩලය ද බිල්පත් ගෙවීමට ඇති දින ගණන අඩු කිරීමට පියවර ගන්නා බව කීය. කර්මාන්තකරුවන් සඳහා මාස දෙකක තැම්පතු මුදලක් අයකිරීමට පියවර ගැනීමට යෝජනා කෙළේ මේ ප්‍රමාදය නිසා බවද ඇමැතිවරයා වැඩිදුරටත් කීවේ ය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රාවය වර්ගය සතිපතා පුවත්පත සංස්කාරක වික්ටර් අයිවන් ඇරඹුනේ 1987 (1987) භාෂාව සිංහල මූලස්ථානය 83, පිළියන්දල පාර, මහරගම, ශ්‍රී ලංකාව නිල වෙබ්අඩවිය ravaya.lk රාවය යනු, වික්ටර් අයිවන් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන ශ්‍රී ලංකාවේ සතිපතා සිංහල භාෂා පුවත්පතකි. 1987 වසරේදී ආරම්භ කරනු ලැබූ රාවය පුවත්පත එහිලා වූ රැඩිකල් දේශපාලන අදහස් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත. මෙයද බලන්න[සංස්කරණය] ශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුව ආශ්‍රිත[සංස්කරණය] බාහිර සබැඳි[සංස්කරණය] Ravaya ඔන්ලයින් එඩිෂන්
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජාතික රූපවාහිනියේ නාට්‍ය අංශ ප්‍රධානි වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – වැඩසටහන්වරයා විදියට හිටිය තිලක් ගුණවර්ධනගේ පාඨමාලාවේ ශිෂ්‍යයෝ අලුත් වැඩක් කරලා.ඒ නර්තන නිර්මාණ සංකලනයක් සමඟ කෙටි නාට්‍ය දෙකක් අධ්‍යක්ෂණය කිරීමයි. චම්මි අසංකාගේ නර්තන නිර්මාණ සංකලනයෙන් වේදිකා ගත වෙන්නේ දිලුක්ෂ මනෝජ්ගේ ‘ඔන්න හොරෝ කවි’ හා ධනුෂ්ක අනුරාධගේ ‘දෛවයේ ගමනාන්තයක්’ කෙටි නාට්‍යය ද්විත්වයයි. ‘ඔන්න හොරෝ කවි’ කෙටි නාට්‍යයේ ෂර්මිලා, දිලුක්ෂ, බන්දු යන අය වගේම ‘දෛවයේ ගමනාන්තයක්’ කෙටි නාට්‍යයේ ක්‍රිෂාණි, විරාජ්, ජාලිය, දුමිඳු, පවිත්‍රා, මල්ක කියන ශිෂ්‍ය ශිෂ්‍යාවන් රඟපානවා. ඊට අමතරව ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු නාට්‍යයයේ ජවනිකාවක් ද එදාට වේදිකා ගත වෙනවා.ඒ මේ මාසයේ 22 වැනිදා ඉරිදා පෙරවරු 10.30 ට හැව්ලොක් ටවුන්වල ලුම්බිණි රඟහලේ. එදාට මේ දරු දැරියන්ගේ දස්කම් බලන්න සම්මානනීය ලේඛක සෝමවීර සේනානායකත් එතැනට එන බව ආරංචි වුණා.ඔහුගේ ප්‍රධානත්වයෙන් විශාරද ජයන්ත අරවින්ද, ජ්‍යෙෂ්ඨ ඉන්ජිනේරු කේ. එන්. ගුණවර්ධන, සුමින්ද සිරිසේන, ලියෝනි කොතලාවල, එස්. විශ්වනාදන්, දයාරත්න රටගෙදර, එස්. පී. ජයසුන්දර යන විශේෂ ආරාධිත ශිල්පීන් එදාට පැමිණීමට නියමිතයි. බක්මහේදී නොමිලේ පැවැත්වෙන මේ කටයුත්ත බලන්න ඔබටත් ඔවුන් ආරාධනා කරනවා.ඡායාරූප ශිල්පිනියක හා ලේඛිකාවක වන ශ්‍යාමා විතාන ගේ ‘ප්‍රතිභා සංකලන’ ඡායාරූප ප්‍රදර්ශනය සහ චිත්‍ර ප්‍රදර්ශනයත් ‘සෙව්වන්දියක්’ නම් නවකතාව සහ ‘පොරොන්දු දේශය’ චිත්‍ර කතාව දොරට වැඩීමේ උත්සවය පසුගියදා ජාඇල සමීර උත්සව ශාලාවේදී පැවැත්විණ.‘ප්‍රතිභා සංකලන’ ඡායාරූප ප්‍රදර්ශනය සඳහා ශා්‍යාමාගේ විසිපස් වසරක් කලා දිවියේ තෙවැනි ඇසින් දුටු රස මුසු තැන් එළි දැක්වීම විශේෂත්වයකි.ඡායාරූපයෙන් දැක්වෙන්නේ ලේඛිකාව සිය කෘති එම උත්සව අවස්ථාවට සහභාගි වූ ‘ආරෝග්‍යා’ පුවත්පතෙහි කර්තෘ දීප්ති ෆොන්සේකාට පිළිගන්වන අයුරුයි.අප කවුරුත් දන්න හඳුනන ප්‍රවීණ ගායක ශිල්පී අමරසිරි පීරිස්ගේ අනුමැතිය ඇතිව කෙරෙනා ‘ශාස්ත්‍රා භූමි’ කලායතනයේ ශිෂ්‍යාවන් බක් මහේ 25 වැනිදා සවස 6.30 ට හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේ නර්තන ප්‍රසංගයක් පවත්වන්නයි මේ සූදානම් වෙන්නේ.‘ශාස්ත්‍රා’ කියන මේ නර්තන ප්‍රසංගය පැවැත්වෙන්නේ අමාලි දීපිකා දහනායකගේ ඉදිරිපත් කිරීමක් ලෙසින්.නිරෝජිත් මනෝරත්නගේ කුළුඳුල් ගී කළඹ ‘සුන්දරයි ජීවිතේ’ නම් සංයුක්ත තැටියපසුගියදා දොරට වැඩිණ.මෙහි ගීතවල පද රචනා හා තනු නිර්මාණයන් බන්ධුල කේ. ජාගොඩ, ජයන්ත ගමගේ යන ශිල්පීන්ගේයි. සංගීත සංයෝජනය ජයන්ත ගමගේ සිදු කර ඇත. රංජිත් මනෝරත්නගේ නිෂ්පාදනයකි.‘ඕලු ටෙලි නාට්‍ය පාඨක මෙන්මපේ‍්‍රක්ෂකයන්ගේ අවධානයට පාත්‍ර වුණු කුමාර කරුණාරත්නගේ ‘ඕලු’නවකතාවේ කාණ්ඩ පහ නැවතත් ඔබ අතට රැගෙන එන්නට මේ දිනවල සූදානම්.ඒ මේ අවුරුදු මාසයේ 24 වැනිදා පෙරවරු 10.00 ට දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී.අප්‍රේල් 21 සහ 22 වැනිදාබක් මහේ නැඟෙන අසිරියත් අරගෙන සරත් කුලාංග ගේ ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යය තැන් දෙකක වේදිකා ගත කරන්නයි ඔහු සූදානම් වෙන්නේ.ඒ 21 වැනිදා මීගමුව නගර ශාලාවේත්, 22 වැනිදා මරදාන ටවර් රඟහලේත්.- තිලානි ශානිකා විතානාච්චි
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කුරුණෑගල පොලිසියේ සැරයන්වරයෙක් වැසිකිළිය තුළදී රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන බරපතළ තුවාල සිදුකරගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. මෙසේ වෙඩි තබාගෙන ඇත්තේ කුඹුක්ගැටේ සිසිල් ජයසුන්දර නැමැති 51 හැවිරිදි දරු දෙදෙනකුගේ පියෙකි.වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. දැනට කුරුණෑගල හදිසි අනතුරු වාට්ටුවේ ප්‍රතිකාර ලබන පොලිස් සැරයන්වරයාගේ තත්ත්වය ඉතාමත්ම අවදානම් බැව් රෝහල් ආරංචි මාර්ග පවසයි. ගිනි අවිය පත්තුවුනා ද නැද්ද යන්න පිළිබඳවද පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මුල රූපයක් තැනීමේ පෙර ක්‍රම වේදයක් ලෙස ශ්‍රමය, විවිධ උපකරණ මෙන්ම පුහුණු ශ්‍රමයද යොදා ගත්හ. උදාහරණයක් ලෙස බබලන වීදි ලාම්පුවක් (digitally) සැලසුම් කල පසු එම සැලසුම් පුහුණු ශිල්පියෙකුට යවනු ලබන අතර එහි දී දැඩි වෙහෙසක් දරා සැලසුම් ඇති අනුරුව ත්‍රිමාණ ලෙස දැවයෙන් තනයි. මෙහි දී අධික මිල ඇති දැව, ක්‍රියාකාරී යන්ත්‍රෝපකරණ හා උපකරණ යොදා ගැනීම සිදුවේ. මෙය කිසිසේත් ම වේගවත් ක්‍රමවේදයක් නොවන අතර ම පුහුණු ශිල්පීයන්ට යන වියදම ද අධික වේ. මේ නිසා වේගවත් ම මෙන්ම ලාභදායී මුලරූප තැනිමේ ක්‍රමවේදයක අවශ්‍යතාව ය ඇති විය. එයට පිළිතුරු වශයෙන් (Repaid prototype) බිහි විය. ත්‍රිමාණ මුද්‍රණයේ එක් වෙනසක් වන්නේ (Inject printing system) ඉතා තුනී කුඩු අංශු (ප්ලාස්ටර්, මැලියම් කැඳ) තෝරා බේරා මැලියම් /පාප්ප මත යොදා ගෙන (Cas file) ඒ අනුව සිරස් කැපුම් මුද්‍රණය කරනු ලැබීමයි. වර්ණවත් මුලරූප මුද්‍රණයට කිරීමට හැකි එකම ක්‍රමවේදය මෙයයි. එමෙන්ම මෙය වේගවත් මුල රූප තැනීමේ ක්‍රමයක් ලෙසද සැලකේ. විකල්පයක් ලෙස මෙම යන්ත්‍රෝපකරණ වලට (photopolymer) වැනි ද්‍රාවණ (inkjet type print head ) යොදා ගනිමින් ඇතුළත් කර අනුරුවේ තට්ටු ඇඹීමක් සිදුකරයි. එය (photopolymer phase machine) දම්පාට කිරණ (UV) යොමුකරණ ලාම්පුවක් යොදා ගනිමින් තට්ටුවෙන් තට්ටුව වේලනු ලබයි. (FDM) යනු සාම්ප්‍රදායික මුල රූප තැනීමේ ක්‍රමවේදයකි. මෙම ක්‍රමයේදී උණුකරණ ලද ද්‍රාවණ (poyer) ආධාරකයකට තට්ටු ලෙස තැන්පත් කරනු ලබයි. මුද්‍රණ මාධ්‍යයේ කුඩා කැට වලින් යුක්ත අතුරනයකට එක් කිරීම තවත් ක්‍රමවේදයකි. මෙම වෙනස් වීමේ දී එක් නොවන මාධ්‍ය නිෂ්පාදනය වූ උපාංගයේ කොටස් වලට හා තුනී බිත්ති වලට ආධාරක ලෙස ක්‍රියා කරයි. මේ හේතුවෙන් තාවකාලික ආධාරකයන්ගේ අවශ්‍යතාව අවම වේ. RepRap version 2.0 (Mendel) අවසාන වශයෙන් ඉතා සියුම් අංග ලක්ෂණ යෙදීමේ (3D michrofabricaton ) ක්‍රමවේදය හා (2 photon ) ක්‍රමවේදය යොදා ගනී. මෙහි දී අවශ්‍ය ත්‍රිමාන අනුරුව ලේසර් කිරණ යොදා ගනිමින් ජෙලි මාධ්‍යයක ඇඹීම සිදුකෙරේ. එහි දී ජෙලි මාධ්‍ය ඝණ බවට පත් වන්නේ ලේසර් කිරණ පතිත වූ තැන පමණි. එය සිදුවන්නේ (photo exudation) වල ඇති රේඛිය නොවන බව හේතුවෙනි. පසුව ඉතිරිවන ජෙලි සොදා හරිනු ලැබේ. 100mn වලට කුඩා ආදර්ශ ඉතා පහසුවෙන් නිම කිරීමට සමත් මෙම ක්‍රමවේදය සංකීර්ණ චලන වන ව්‍යුහ හා එකිනෙකට පැහෙන ව්‍යුහ ද නිර්මාණය කිරීමට සමත් වේ. සෑම ක්‍රමවේදයකට ම එයට ආවේණික වූ වාසි හා අවාසි පවතී. ඒනිසා සමහර ආයතන කුඩු හෝ අංශු හෝ (polymer) මාධ්‍ය ලෙස තෝරා ගනී. සාමාන්‍යයෙන් එසේ තේරීමේ දී සැලකිල්ට ගන්නා කාරණා වන්නේ වේගවත් බව, මුද්‍රණ ත්‍රිමාන මුලරූපයේ වියදම, ත්‍රිමාණ මුද්‍රණ යාන්ත්‍රයේ වියදම, මාධ්‍යයේ තේරීම, වර්ණ යෙදීමේ හැකියාව ආදියයි. සාම්ප්‍රදායික ක්‍රමයක් වන (stercolitho graphy) ත්‍රිමාන මුද්‍රණයෙන් වේගවත් බව, අඩු වියදම, පහසුව හා සාදන අවධියේ ම නියමාකාරයෙන් දර්ශනය කර ගැනීමට හැකියාව ඇත. විෂ සහිත රසායනික ද්‍රව්‍ය යොදා ගැනීමක් (stercolitho graphy) ක්‍රමවේදයේදී නොකෙරෙන බැවින් හා මුද්‍රණයෙන් පසු කෙරෙන නිමා සැකසුම් අවම වෙන නිසා වඩාත් වාසිදායක වේ. අවශ්‍ය වන්නේ මූලික ක්‍රියාවලියෙන් පසු ඉතිරි වී ඇති අතිරික්ත කුඩු හෝ අංශු මුල රූපයෙන් ඉවත් කිරීම පමණි. කුඩු හෝ අංශු වලින් බැදෙන ලද මුද්‍රණ තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉටි හෝ (Thermost polymer) යොදා ගත හැක. (FDM) උපාංග තව ශක්තිමත් කිරීම සඳහා තවත් ලෝහ කොටස් එම උපාංගයට ඇතුලත් කළ හැක. සටහන්[සංස්කරණය] 3D_modeling#Scene_setup
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සල්ලි කියන්නේ ජීවිතේ එක දෙයක් විතරයි.අපි හැමෝම සල්ලි පස්සේ දුවනවා මමත් ඇතුලුව එත් සල්ලි වලට ජීවිතේ ගන්න බෑනේ ඒක ඔයත් මමත් දන්නවා.සල්ලි වලට බේත් ගන්න පුලුවන් ඒත් ජීවිතේ සල්ලි වලට ගන්න බෑ ඒක තේරුම් ගන්නේ අපි අපිට මොකක් හරිම දෙයක් වුනහම.මට මතකයි එක පුද්ගලයෙක් කිවුවා සල්ලි පස්සේ අපි යන්න ඔනේ නෑ සල්ලි අපි ලගට ගෙන්න ගන්න පුලුවන් කියලා ඒ කිවුව ඔයත් මාත් ඔයා අර එදා අපි ලගට ගෙන්න ගන්න හදපු දේ පස්සේ හති දා ගෙන දුවනවා නෙද .මගේ වැරැද්ද කාටවත් දෙන්නේ නැතිව මම ම තියා ගන්නවා.මොකද මම් කරපු දේ වලට කවුරුවත් වග නොකිව යුතු නිසා.එදා හැම දේම මට නැති වුනා මම ඔයා වෙනුවෙන් ගොඩාක් දේ හීන මැවුවත් ඒ හීන බොද වුනා ඒ හීන හීන විතරක්ම වුනා ඒකට කමක් නෑ.ඔයාට හොදක් වෙනවනම් මම යන්නම්.ඒත් මට අද ඒක හොදක් කියලා හිතෙනවා මැඩම් මොකද අද ඔයා මම ලග හිටියා නම් මගේ මේ දුක ඔයාගේ කරගෙන ඔයත් දුක් විදිනවා නේද ." ආදරෙට කදුළු තරම් වෙන කිසි දෙයක් කිට්ටු නෑ "මේ හැම දේම වෙලා ඉවර වෙලා ඔයා අද සතුටින් ඉන්නවා ඒ සතුට නිකන් විහිලුවටවත් නැති කරන්න ඔනේ නෑ කවදාවත් මොකද් මම ඔයාට ඒ තරමට ම ඔයාට මම ආදරය කල නිසා මැඩම්.අනික මතක තියා ගන්න කොල්ලෙක් කියල කියන එකාටත් හැගීම් දැනීම් දුක කියන එක තියෙනවා ඉවසන්න පුලුවන් ප්‍රමාණයක් තියෙනවා.ඔය හැම දේම ඉවර වෙලත් මම ජීවත් වුනා මොකද ඔයා ලස්සනට ඉන්නවා දකින්න මම හැමදාම ඉන්න ඔනේ කියලා හිතුන නිසා,ඒත් අද ඒ හැම් දේම වෙනස් වෙලා මොකද කාටත් හොරෙන් මට යන්න වෙන නිසා.එදා මට ඇති වුන තද ඔලුව කැක්කුම ඉවසා ගන්න බැරි තැන ගියා දොස්තර කෙනෙක්ව හම්බ වෙන්න. ඒ දොස්තර මාමා මට දෙන්න පුලුවන් උපරිම දස වද දුන්නා අරෙහෙට පෙරලනවා මෙහෙට පෙරලනවා පස්සේ ගුහාවක් වගේ එකක් අස්සටත් දාලා පුදුම වදයක් දුන්නේ.ඔක්කොටම පස්සේ මට තව දවසක් එන්න කියලා කිවුවා රිපොට් ගන්න.කොහොමෙන් කොහොමෙන් හරි දින ටික ගෙවිලා ගියා දොස්තර මාමා හමුවෙන්න වෙන් කර ගත්තු වෙලාවට ගියා මම අනේ දෙයියනේ කියලා දොස්තර මාමා කියපු වෙලාවට විනාඩි 15 විතර පරක්කු වෙලා ආවා .-සොරි පුතා පොඩ්ඩක් ලේට් වුනා ,අද ගොඩාක් ට්‍රැෆික් එකයි.පුතා මම ඔයාගේ රිපොට් ටික අපේ ටීම් එකත් එක්ක (තව දොස්තරලා ටිකක් එක්ක ) බැලුවා පුතා ඔයාගේ රිපොට් ටිකක් අප්සට් ඒත් අපිට ඒක හදා ගන්න පුලුවන් බය වෙන්න එපා.මට ටික දවසක ඉදලා තේරුන දේ අද මම මගේ කන් දෙකෙන්ම අහ ගත්තා.මේ දේවල් මම මහ ලොකු මිනිහා වගේ තනියම කර ගත්තා එකට කාපු බීපු බෝඩිමේ හිටපු වුන් තුන් දෙනා දන්නෙත් නෑ.ගෙදරට කියන්න කොහොමත් බෑ මොකද අම්මාත් ලොකු අසනීප තත්වෙක ඉන්න නිසා.මේ හැම දේම වෙන අතරේ මම හේතුවක් නැතිවම බෝඩිම් ජීවිතෙන් මිදෙන්න තීරනය කලා කාටවත් මුකුත් නොකියා යන්න ගියා.යාළුවන්ගෙන් හිමින් සැරේ ඈත් වුනා.තනියම් ඉන්න එකත් මහා අමාරු දෙයක් කරන්න දෙයක් නෑ.ඔය දේවල් අතරේ කාළයත් ගෙවිලා ගියා පස්සේ අන්තිම තැනටත් අවා .එදා මාත් එක්ක කතා කරපු දොස්තර මාමාලා මාත් එක්ක කතා කරලා මගේ ඔලුව අත ගාලා යද්දි දැනුන දේ වචනෙන් කියන්න බෑ.ඒකමහා දුකක් කරන්න දෙයක් නෑ මම අරගෙන ආපු කාලේ ඉවර ඇති නෙහ්.පස්සේ පස්සේ දොසතර මාමලා අන්තිම තීරනෙත් අරගෙන කියන්නේ අන්තිමට කිවුව පුතා ඔයා දිගටම බේත් බොන්න.මට ඒ දේ ඇහෙද්දි මට වෙන කාවවත් නෙමෙ අතක් වුනේ ඒ ඔයාව.මට දාලා යන්න් බැරි දෙයක් තියෙනවා නම් ඒ ඔයා විතරයි මැඩම් .ජීවිතේ සමහර දේවල් වලදි අපි ගොඩාක් බොලදයි කියලා කියන කතාව් ඇත්ත."ආදරේ කියන්නේ මහ අමුතු දෙයක් අනේ මන්දා ඇයි බන් මට ආදරේ දැනුනේ ඇයි ඒක දැනිලත් දුක වැඩි බන් "ප:ලි :- මමත්වය ආරූඩ කර ගෙන ලියන ලද්දක්++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++රිදවන්න ආයේ හමු වෙන්නෙපා..හිනහෙන්න පෙර සේ යලි ඔබ එපා..ආදරය මාගේ හිත යට තියා..නවතින්න ලෝකේ ඔහුගේ වෙලා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හෙළ නිළි රුජනගේ රංගන දිවියට පනස් වසරක් සපිරීම නිමිති කර ගන්මින් විශේෂ කර්තව්‍යයන් කිහිපයක් එළැඹෙන නොවැම්බරයේ සිදු කිරීමට දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානය මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටී. ඒ අනුව ඇයට උපහාර පිදීමේ උළෙලක් සහ ඇය රංගනයෙන් දායක වූ සිනමා පට හතක් ඇතුළත් කොට සිනමා සතියක් ද පැවැත්වෙනු ඇත.දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානයේ පසුගිය මහ සභාවේ දී මෙම යෝජනාව සම්මත වී තිබේ. එහිදී මෙයට අමතරව දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් තවත් තීරණ කිහිපයක් සම්මත වූ බව සංධානයේ කැඳවුම්කරු එරංග සේනාරත්න වැඩිදුරටත් දන්වා සිටියි.- ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කොඩිය අගනුවර' කාටොවුම් - 150 37.983 N 320 31.9831E විශාලතම නගරය ඔම්දූර්මන් රාජ්‍ය භාෂාව අරාබි සහ ඉංග්‍රීසි රාජ්‍යය ඒකාබද්ධ ජනාධිපති ප්‍රජාතන්ත්‍ර සමූහාණ්ඩුව ජනාධිපති සමාර් අල්-බෂිර් උප ජනාධිපති සල්වා කීර් මයර්ඩිට් උප ජනාධිපති අලි ඔස්මාන් ටානා ව්‍යවස්ථා උපදේශ මින්නි මින්නාව් නීති සම්පාදක ද මැජ්ලිස් බලය පවත්නා පක්ෂය රාජ්‍ය කවුන්සිලය විපක්ෂය ජාතික සභාව ස්ථාපිත කිරීම හියුබියා රාජධානිය - 2000 BC ඊජිප්තුව සමඟ එක්සත් කිරීම 1821 නිදහස ඊජිප්තුව සහ එක්සත් රාජධානිය සිට - 01 ජනවාරි 1956 වර්තමාන ව්‍යවස්ථාව 9 ජනවාරි 2005 වර්‍ග ප්‍රමාණය එකතුව - 2,505,813/km2 967,495 /sqmi ජලය (%) 6% ජන ගහනය 2009 තක්සේරුව - 42,272,000 ඝනත්වය 16.9 km2 43.7 /sq mi GDP (PPP) 2009 තක්සේරුව එකතුව $ 92,037 බිලියන ඒක පුද්ගල අදායම $ 2,309 GDP (සාමාන්‍ය) 2008 තක්සේරුව එකතුව $ 58,029 බිලියන ඒක පුද්ගල ආදායම $ 1,522 HDI (2007) 0.531 (මධ්‍යම) මුදල් සූඩාන පවුම් කාල මණ්ඩලය නැගෙනහිර අප්‍රිකානු වේලාව(UTC+3) ග්‍රීෂ්ම සෘතුව(DST) නිරීක්ෂණ නැත(UTC+3) ඊසාන අප්‍රිකාවේ හා අරාබි ලෝකයේ පිහිටි විශාලතම රටයි. වර්ගඵලයෙන් ලොව විශාලතම 10 වන රටයි. එහි මායිම් උතුරින් ඊජිප්තුව, ඊසානින් රතු මුහුද, නැගෙනහිරින් එරිත්‍රියා සහ ඉතියෝපියාව, ගිණිකොණින් කෙන්යාව, උගන්ඩාව, නිරත දෙසින් කොන්ගෝ රාජ්‍ය, මධ්‍යම අප්‍රිකාව, බටහිරින් චැට්, වයඹ දෙසින් ලිබියාවද වේ. ලොව දිගම ගඟ වන නයිල්, මෙම රට නැගෙනහිරින් හා බටහිරින් දෙකඩ කරයි. මෙය ලෝකයේ පැරණිතම අඛණ්ඩ ජනාවාසයක් පවතින රටකි. එය අවුරුදු 3000 දක්වා ඈතටදිවයයි.වර්ෂ 1956 දී ඊජිප්තුවෙන් හා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය. මෙරට අවුරුදු 17 ක සිවිල් යුද්ධයක් පැවතිණි.උතුරු හා දකුණු සුඩානය අතර පැවති ජනවාර්ගික, ආගමික හා ආර්ථික අරගලයන් 1983 සිවිල් යුද්ධයට හේතු විය. පෙට්‍රොලියම් සහ ශුද්ධ නොකළ ඛනිජ තෙල් මෙහි ආර්ථිකය වර්ධනය ට දායක වෙයි. චීනය හා ජපානය මෙහි වෙළඳ ගණුදෙනුකරුවන්ය. ඉස්ලාමීය නීති පද්ධතියක් හඳුන්වාදීමෙන් පසු ජාතික කොංග්‍රසය රජයේ එකම පක්ෂය ලෙස අරාබි හමුදාවන්ට ගරිල්ලා සටනේ දී සහයෝගය දැක්වීය. එය ඩෆුර්හි අද පවතින අරගලයට හේතුවිය. එයින් ජාත්‍යන්තර අවධානය ඩෆුර් වෙත යොමු විය. එම නිසා සුඩාන රාජ්‍ය වෙත යුධ අපරාධ චෝදනා එල්ලවූ අතර, 2008 මාර්තු 4 වැනි දින ජාත්‍යන්තර යුධ අධිකරණය යුධ අපරාධ හා මානව අපරාධ හේතුවෙන් ජනාධිපති ඔමාඅල්, බාෂිර් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කෙරිණි. මෙය අධිකරණයක් විසින් රටක නායකයකු අත්අඩංගුවට ගැනීමට නිකුත්කළ ප්‍රථම වරෙන්තුව විය. මෙහි ජනගහනයෙන් 17% ක් ඇ.ඩො. 1.25 ට වඩා අඩු ආදායමකින් ජීවත් වෙති. මෙම රට එක්සත් ජාතීන්ගේ AU,LUS,OIC,NAM හා WTO යන සංවිධානවල සාමාජිකත්වය දරයි.සුඩානයේ මිලියන 42 ජනතාවත් ජිවත් වන අතර ඔබිඩුමන් හා සුන්නී ඉස්ලාම් නිල ආගම් වේ.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
තෛ‍්‍රභාෂික ශ්‍රී ලංකාවක් සඳහා වූ දස අවුරුදු වැඩපිළිවෙල එළිදැක්වීම හා 2012 වසර ශ්‍රී ලංකාවේ තෛ‍්‍රභාෂික වසර ලෙස ප්‍රකාශයට පත්කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පෙරේදා (21) සිදුකෙරිණි.ශ්‍රී ලාංකේය ජාතිය සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි යන භාෂා ත්‍රිත්වයෙන් සන්නද්ධ කිරීම මෙන්ම විවිධ ජන වර්ග අතර සහයෝගය හා එකමුතුකම ඇති කිරීමට මේ මඟින් හැකි වනු ඇත. ඉදිරියේදී ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කිරීමේ පියවර සඳහා විශාල පිටිවහලක් මේ නිසා අත්වනු ඇත.උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා උත්සව සභාව අමතමින් කියා සිටියේ සමාජයේ උදාරත්වය රඳා පවතින සමහර ප්‍රායෝගික අංගයන් වන්නේ දිළිඳු බව, කුසගින්න හා ලෙඩ දුක් තුරන් කිරීම බවයි. මේ සඳහා ජාතියේ මූලික ශක්‍යතාවන් මත පදනම් වූ සංවර්ධන න්‍යාය පත්‍රයක් අවශ්‍ය බව ද ආචාර්ය කලාම් මහතා පෙන්වා දුන්නේය.ලොව පුරා සටන්, වෛරය හා ප්‍රචණ්ඩත්වය වැපිරීමට දරිද්‍රතාවය, නූගත්කම, විරැකියාව හා අහිමි කිරීම් හේතු වී ඇති බව පෙන්වා දුන් හිටපු ඉන්දීය ජනාධිපතිවරයා ජාතියක් ලෙස එකට බැඳී සිටීමට නම් සංවර්ධනයේ ප්‍රතිලාභ එම ජාතිය නිර්මාණය වී ඇති සියලු කොටස්වලට ලැබීම සහතික කිරීම අවශ්‍ය බව ද පැවසීය.ලොව පුරා අන්තවාදය වැපිරීමට ඉහත කරුණු බලපාන බව ද, ඒ සම්බන්ධව ?ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට ද අත්දැකීම් ඇති බව ද කලාම් මහතා සඳහන් කළේය.උත්සවයේ පිළිගැනීමේ කථාව කළ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා තෛ‍්‍රභාෂික ?ශ්‍රී ලංකාවක් පිළිබඳ සංකල්පය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුලින්ම සඳහන් කළේ 1971 දී බව පැවසීය. 1972 දී අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ අයවැය විවාදයට එක්වෙමින් “දකුණේ දරුවන් දෙමළ හා උතුරේ දරුවන් සිංහල උගත යුතු බව“ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටි රාජපක්ෂ මහතා පැවසූ බව ද හෙතෙම සිහිපත් කළේය.2005 දී එළිදැක්වූ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි මෙන්ම 2010 මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි ද තෛ‍්‍රභාෂික ?ශ්‍රී ලංකාවක් පිළිබඳ සංකල්පය ගැබ්ව ඇති බව ද ලේකම්වරයා පැවසුවේය. පාලම් යොදාගන්නා සේ ජාතීන් අතර අන්‍යෝන්‍ය සහෝදරත්වය වර්ධනය කර ගැනීමට භාෂාව උපයෝගී කරගැනීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභිප්‍රාය බවද වීරතුංග මහතා පැවසීය.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශ ප්‍රධානි මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස මහතා සිංහල හා දෙමළ භාෂා සාහිත්‍යය අතර පවතින සම්බන්ධතාව පිළිබඳ දේශනයක් කළේය.සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් ජන කොටස් නියෝජනය කරමින් පාසල් සිසුන් පිරිසක් විසින් ඉදිරිපත් කළ සංස්කෘතික අංගයකින් උත්සව සභාව අලංකාර වූ අතර මුන්දලම දෙමළ විද්‍යාලයේ ආර්. සහනා සිසුවිය සිංහල භාෂාවෙන් ද, තෙල්දෙණිය මහා විද්‍යාලයේ ඩබ්ලිව්. ඒ. ලක්මාලි විජේසූරිය සිසුවිය දෙමළ භාෂාවෙන් ද අක්කරෙයිපත්තු මුස්ලිම් විද්‍යාලයේ ෆාතිමා ජෙමීමා සිසුවිය ඉංගී‍්‍රසි භාෂාවෙන් ද ස්තූති කථා පැවැත්වූහ.මෙම අවස්ථාවට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර, විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් ඇතුළු අමාත්‍යවරු, පළාත් ආණ්ඩුකාරවරු, විදේශ තානාපතිවරු ඇතුළු සම්භාවනීය පිරිසක් එක්වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සෞදි අරාබියාවේදී මරණ දණ්ඩනයට නියම වී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා විශේෂ දූත කණ්ඩායමක් මේ සතියේදී සෞදි අරාබියාව බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතාගේ නායකත්වයෙන් යුතු එම නියෝජිත කණ්ඩායමට විදේශ කටයුතු අමාත්‍යාංශ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරී කණ්ඩායමක් මෙන්ම රිසානා නෆීක්ගේ මවුපියන්ද අයත්වන බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.රිසානා නෆීක් නැමති ශ්‍රී ලාංකික ගෘහ සේවිකාව සෞදි අරාබියාවේ සේවය කළ නිවෙසේ කුඩා බිලිඳකු ඇය අතින් මරණයට පත් වීමෙන් පසුව පසුගිය 2007 වසරේදී එරට අධිකරණයක් මඟින් ඇයට මරණ දඬුවම නියම කරන ලද අතර එතැන් පටන් මේ දක්වා ඇය දමාම් බන්ධනාගාරයේ සිරගතව සිටී.මෙම ශ්‍රී ලාංකික තරුණිය නිදහස් කර ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එරට රජුගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර එම ඉල්ලීම සැළකිල්ලට ගනිමින් ඇයගේ දඩුවම ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.කෙසේ වුවද සෞදි අරාබියාව බලා මේ සතියේ පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම මියගිය බිලිඳාගේ මවුපියන්, මියගිය බිලිඳා අයත් ගෝත්‍රික නායකයන් සහ වගකිව යුතු පාර්ශවයන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අපිත් බෙදාගමුවසන්තය සිසිරය ලෙසකාලයවසරක් දිග වැඩි නැත්දඑතකොට එක ඉර්තුවක් සතුටෙන්තව ඉර්තුවක් දුකකින්ඉර්තුවක් මැදහත් සිතින්හරි හරි තව එකක් ප්‍රේමෙන්.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
තරු සිය බැබළීමේ අනන්තය ලෙස දකින්නේ දේශපාලනය ද? බොහෝ සුපිරි තරුවල අවසන් ඉලක්කය දේශපාලනයයි. එහෙත් ඒ ඉලක්කයම කඩා වැටීමට ද හේතුවක් කර ගත්තෝ ඕනෑ තරම්ය.රාජ්‍ය සභාවට ලක්ෂ 13.3 ක ඡන්ද ලබාගෙන විජයග්‍රහණය කළ සිහින කුමාරිය, හේමා මාලිනී, ලක්ෂ 11.4 ක් ලබා ගත් විනෝද් ඛන්නා, ලක්ෂ 12.7 ක් ලබා ගත් ශස්තෘගන් සිං, කුලුඳුල් අපේක්ෂකත්වයෙන්ම ලක්ෂ 13.3 ක් ගත් පරේශ් රාවල් අයත් වන්නේ ඒ කාණ්ඩයට නොවෙයි. අනූපම් ඛේර්ගේ නිළි බිරිය කිරන් ඛේර් ද ලක්ෂ 169 ක ඡන්ද ලබා ගත්තාය. චන්දිගාර් අසුනේ ජයග්‍රාහිකාව වූයේ ඇයයි. තවදුරටත් ඇය රංගනයේ යෙදෙන බව අනූපම් ඛේර්, බිරියගේ ජයග්‍රහණයෙන් පසුව පැවසුවේය.හේමා මාලිනී ජය ලැබුවේ මතුරා ආසනයයි. ඇය ජල, විදුලි, මාවත් ආදී බොහෝ ප්‍රශ්න විසඳීමට බලාපොරොත්තු වන්නීය. සෑම මාසයකම ඇය මතුරා ගියත්, පදිංචිය මූම්බායිහිය. නර්තන දර්ශන සහ හොඳ සිනමා අවස්ථා තවමත් ඇයගේ බලාපොරොත්තුවයි. විනෝද් ඛන්නා පස්වරක්ම ජය ලැබූවෙකි. ශස්තෘගන් සිං බිහාර් හි ප්‍රධාන ඇමැතිට පසු සිටින බලවන්තයායි. ඔහු සිව්වරක් ජය ලබා ඇත. තිරයේනරේන්ද්‍ර මෝදිගේ චරිතය පණ ගන්වන්නේ පරේශ් රාවල්ය. එපමණක් නොව හා හා පුරා කියා මෝදිගේ පක්ෂයෙන්, භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලන පොර පිටියට පිවිස ඔහු ලැබූ ජය ද සුවිශේෂය.මේ අතර බප්පි ලහිරි, නග්මා, රාජ් බාබර්, ජයප්‍රදා, රාඛි සාවන්ත්, ස්මිරති අයිරානි (මහ ගෙදර තුල්සි) ඡන්ද සටනේ පරාජිතයන්ය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මඩකළපු දිස්ත්‍රික්කයේ වැන්දඹුවන් 29,000 ක් සිටින බව මඩකළපු දිසාපති පී. එස්. එම්. චාල්ස් මහත්මිය පැවැසුවාය.සාම විනිසුරුවරුනගේ සමාජ සංවර්ධන පදනමේ විශේෂ හමුව ඊයේ සකුරුකොන්ඩාර සර්වෝදය ශාලාවේදී පැවැති අවස්ථාවේදී ඇය මේ බව පැවැසුවාය.තවද සැමියන් අත්හරින ලද කාන්තාවන් විශාල වශයෙන් සිටිති.සැමියන් අත්හරින ලද කාන්තාවන් තවමත් ගණනය කර නොමැත. හේතුව මොවුන්ගෙන් සමහර අයගේ විවාහය ලියාපදිංචි නොවීමයි.මේ දිස්ත්‍රික්කයේ වැඩිපුර මත්ද්‍රව්‍ය විකුණනු ලැබේ.කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය, පවුල් ප්‍රචණ්ඩත්වය, ළමා දූෂණ, පාසල් නොයන ළමුන් ආදී සමාජ දූෂණ මඩකළපු දිස්ත්‍රික්කයේ අධිකව සිදුවන බව ද එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළාය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අපේ සිනමාවේ දැවන්ත සිනමාකරුවකු වූ කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරාගේ මුනුපුරු බිනුර යසස්වින් පෙරේරා සිංහල සිනමාව පිළිබඳ වෙබ් අඩවියක් පසුගියදා අන්තර්ජාලයට මුදා හැරිණි.www.cineshoplank.com නමින් නම් කොට ඇත. බිනර යනු කේ.ඒ.ඩබ්ලිව් විසින් ‘ජනක හා මංජු’ චිත්‍රපටයේ දී සිනමාවට හඳුන්වා දුන් ඔහුගේ පුත් ජයන්ත දාස් ගේ පුත්‍රයෙකි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රංගන ශිල්පී මලින්ත විජේවර්ධනමේ සතියම මම කැම්පස් එකේ දේශන සමඟ කාර්යබහුල වෙලා ඉන්නේ. ෂූටින් යොදාගෙන නැහැ.මීට පෙර කෙටි චිත්‍රපටයකට දායක වුණා. ඒ හැර වෙළෙඳ දැන්වීම් කිහිපයකට දායක වුණා. දැන් නම් අධ්‍යාපන කටයුතු කෙරෙහි තමයි වැඩි අවධානයක් තියෙන්නේ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
තුරුහිස්පත්සැලෙයිමඳ පවන වැදුනාමගඟවුවත් සැරයි දිය ඇල්ල ලඟ දාටතරුකැටත් බයයි ඉර අහසේ රැඳුනාමනුබටනැහැ කිසි වගක් මගේ හදේ මුරගෑම සුදුවුවත් කුමුඳු මලට, නෑ සොඳක් ඉර ගාවරතුවුවත් නෙළුම් මලට පැසසුම් හැමදාමවිල්පතුල දුර වුවත් සසලයි මල ගාවකවිපදත් මදි වේයි ඔබේ නෙත දුටු දාකපිනිපොදත් හැඩ වෙයි රෝස මලට වැටුනාමවිල්තලය සැනසෙන්නේ දිය රැල්ල නැගුනාමඉරවුනත් බැස යන්නේ සඳ එලිය දුටුවාමහදවතත්විමසන්නේ ඔබ එන්නේ කවදාදවිහඟුන්ටගී කියන්න වසන්තයම ඔනෑදරංචුවටඉගිලේන්න අරමුණක්ම තිබුනාදමැනගන්න ආදරය මිනුම් දඬු ලැබුනාදඑහෙනම්....නුඹහදටපෙම් කරන්න අවසරම ඕනෑදචතුරඅශාන්දෙවනවසරකළමනාකරණඅධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජාතික සවිය ‘ගම නැගුම’ වැඩසටහන යටතේ කරන්දෙනිය ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන දෙකක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.කරන්දෙනිය ප්‍රදේශයේ දිරිය පියස හා රණවිරු නිවාස ජනතා අයිතියට පත් කෙරුණු අතර රුපියල් 12,22965 ක් වටිනා ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රදානය කිරීම, රණබිම ඉඩම් ඔප්පු 200ක් ප්‍රදානය කිරීම, දිරිය පියස නිවාස 09ක් හා රණවිරු නිවාස 03ක්් ජනතා අයිතියට පත් කිරීම ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමති ගුණරත්න වීරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.දිරිය පියස නිවාස ක්‍රමය යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 60,000ක් බැගින් ද, රණවිරු නිවාස ක්‍රමය යටතේ රුපියල් 1, 25000ක් බැගින් වූ දිරි දීමනාවක් ද ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය විසින් ලබාදී තිබේ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කොඩිය ජාතික ගීය Pátria Amada(formerly Viva, Viva a FRELIMO) සිතියම අගනුවර සහ විශාලම නගරය මැපුටෝ දකුණු අක්ෂාංශ 25 57' නැගෙනහිර දේෂාංශ 32 35' රාජ්‍ය භාෂාව පෘතුගීසි ස්ව භාෂාව ස්වාහිලි, මැක්නුවා, සේනා රාජ්‍ය සමුහාණ්ඩුව ජනාධිපති ආමන්ඩෝ ගබුසා අගමැති අයිරස් අලි නිදහස පෘතුගාලය සිට ජුනි 25, 1975 වර්ග ප්‍රමාණය එකතුව වර්ග කිලෝමීටර 801 590 /වර්ග සැතපුම් 390 496 ජලය (%) 2.2 ජනගහනය 2009 තක්සේරුව 22 894 000 2007 ජන සංගණනය 21 397 000 ඝනත්වය වර්ග කිලෝමීටර 28.7 වර්ග සැතපුම් 74.3 දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව එකතුව ඩොලර් 18.740 බිලියන සාමාන්‍ය ඩොලර් 903 දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව එකතුව ඩොලර් 9.897 බිලියන සාමාන්‍ය ඩොලර් 477 ගිනි (1996 – 97) 39.6 (මධ්‍යය) මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.402 (පහළ) මුදල් මොසැම්බිකන් මෙට්කල් (M + n) (MZN) මං තීරුව වම අන්තර්ජාල TLD .mz දුරකථන සංකේත 258 මොසැම්බික් නිළ වශයෙන් මොසැම්බික් සමුහාණ්ඩුව, දකුණු අප්‍රිකාවේ පිහිටි රටකි. එහි මායිම් වන්නේ නැගෙනහිරින් ඉන්දියානු සාගරය, උතුරින් ටැන්සානියා, වයඹින් මලාවි සහ සැම්බියා, බටහිරින් සිම්බාබ්වේ, නිරිත දිගින් ස්වාසිලන්තය හා දකුණු අප්‍රිකාවටයි. 1498 වස්කෝද ගාමා විසින් මෙය ගවේෂණය කළ අතර, 1505 දි පෘතුගාලය මෙරට ජනාවාස පිහිට වීමට දායක විය. මොසැම්බික් 1975 නිදහස් රාජ්‍යයක් වු අතර ටික කලකට පසු මොසැම්බික් සමුහාණ්ඩුව විය. එය 1977 සිට 1992 දක්වා පැවති සිවිල් යුද්ධයක ප්‍රතිඵලයකි. මෙම රට පෘතුගීසින් විසින් නම් කල අතර මුසා ඇල්බින් නම් අරාබි වෙළෙන්දාගේ නම එයට යොදා ඇත. මොසැම්බික් පෘතුගීසි භාෂා ප්‍රජා රටවල් හා පොදු රාජ්‍ය මණ්ඩලය සහ ප්‍රැන්කෝෂොනෝ නිරීක්ෂක යන සංගම්වල සාමාජිකයෙකි. මොසැම්බික් සමුහාණ්ඩුවෙහි ජිවිතාපේක්ෂා කාලය සහ ළදරු මරණ අනුපාතය යන දෙකම ලොව බොහෝ රටවලට සාපේක්ෂව ඉතා පහළ මට්ටමක පවතී. මෙයට මුලික හේතුව මැලේරියාවයි. එහි මානව වර්ධන දර්ශකය ද ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉතා පහළ මට්ටමක පවතී.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
7.5.0ඔන්න මම අලුත් දෙයක් ගෙනාවා....මම අද ගෙනාවේ ඔයාලගේ Computer එකේ Drivers පටස්ගාලා ගන්න පුළුවන් පොඩි Software එකක් අරගෙන....මේක පොඩි කියන්නත් බෑ...ඔයාලගේ Computer එකේ Drivers නැත්නම් තත්පර 10 ක් ඇතුලත් නැති Drivers ටික පෙන්නලා Download කරන්නත් නිකන්ම දෙනවා....මතක ඇතුව KEY එකත් ගන්න හොදේ.නැත්තම් Drivers Download කරගන්න බෑ....සොෆ්ට්වෙයාර් එක හොදයි කියලා හිතෙනවානම් මගේ බ්ලොග් අවකාශයට Like එකක් දාලා Join වෙලා Comment එකක් එහෙම දාලා යන්න....සුභ දවසක්.....
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඩේවිඩ් බෙන් ගූරියොන් דָּוִד בֶּן-גּוּרִיּוֹן ඊශ්‍රායෙලයේ අග්‍රාමාත්‍යවරයා නිලය දැරීම 17 මැයි 1948 – 26 ජනවාරි 1954 ජනාධිපති හයිම් වෙයිස්මාන් යිට්සක් බෙන්-සවි පූර්වප්‍රාප්තිකයා නව නිලය අනුප්‍රාප්තිකයා මොෂේ ෂැරේට් නිලය දැරීම 3 නොවැම්බර් 1955 – 26 ජූනි 1963 ජනාධිපති යිට්සක් බෙන්-සවි සල්මන් ෂසාර් පූර්වප්‍රාප්තිකයා මොෂේ ෂැරේට් අනුප්‍රාප්තිකයා ලුවී එෂ්කෝල් ඊශ්‍රායෙල යාවකාලීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභාපති නිලය දැරීම 14 මැයි 1948 – 16 මැයි 1948 පූර්වප්‍රාප්තිකයා නව නිලය අනුප්‍රාප්තිකයා හයිම් වෙයිස්මාන් ආරක්ෂක අමාත්‍ය නිලය දැරීම 14 මැයි 1948 – 26 ජනවාරි 1954 අග්‍රාමාත්‍යවරයා තමන්ම පූර්වප්‍රාප්තිකයා නව නිලය අනුප්‍රාප්තිකයා පින්හාස් ලවොන් නිලය දැරීම 21 පෙබරවාරි 1955 – 26 ජූනි 1963 අග්‍රාමාත්‍යවරයා මොෂේ ෂැරේට් තමන්ම පූර්වප්‍රාප්තිකයා පින්හාස් ලවොන් අනුප්‍රාප්තිකයා ලුවී එෂ්කෝල් පුද්ගලික තොරතුරු උපත ඩේවිඩ් ගෲන් 16 ඔක්තෝම්බර් 1886(1886-10-16) ප්ලොන්ස්ක්, කොංග්‍රස් පෝලන්තය මරණය 1 දෙසැම්බර් 1973(1973-12-01) (වයස 87) රමාත් ගන්, ඊශ්‍රායෙලය ජාතිකත්වය රුසියානු අධිරාජ්‍යය ඔටෝමාන් අධිරාජ්‍යය එක්සත් රාජධානිය ඊශ්‍රායෙලය දේශපාලන පක්ෂය ඹාෆයි, රාෆි, නැෂනල් ලිස්ට් කලත්‍රයා(යන්) පෝලා බෙන්- ගූරියොන් දරුවන් 3 උගත් ශාස්ත්‍රාලයය වෝර්සෝ විශ්වවිද්‍යාලය ඉස්තාන්බුල් විශ්වවිද්‍යාලය අත්සන ඩේවිඩ් බෙන් ගූරියොන් (හෙබ්‍රෙව්: דָּוִד בֶּן-גּוּרִיּוֹן, උපතේදී ඩේවිඩ් ගෲන්; (16 ඔක්තොම්බර් 1886 – 1 දෙසැම්බර් 1973) යනු, ඊශ්‍රායෙලයේ ප්‍රමුඛ ආදිකර්තෘ සහ ඊශ්‍රායෙලයේ පළමු අග්‍රාමාත්‍යවරයා විය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සන්නිදර්ශනයකින් : කථාවක චරිතවලට රූප ලබාදීමට; යම් කෘතියක දැක්වෙන යමක් විස්තර කරනුවස් උදාහරණ ලබා දීමට; තාක්ෂණික අත් පොතක් තුළ දැක්විය යුතු උපදෙස් මාලාවන් නිවැරදි ලෙස ක්‍රියාත්මක කිරීමට දෘශ්‍ය රූප නිදසුන් ලබා දීමට; යම් ආඛ්‍යානයක ඉතා සියුම් එනම්, තේරුම් ගැනීමට අපහසු තැන් ඉදිරිපත් කිරීමට; මානුෂික හැඟීම් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට; ආඛ්‍යානයක් භාවිතා කරන්නෙකු හට සංවේදීව එය වටහා ගැනීමට උපකාර වේ; References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Illustration#Function
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රම්බරී සින්දුව ගායනා කරන්නේ කවුද කියලා ඇහුවොත් ඕන කෙනෙක් උත්තර දෙන්නේ ළහිරු පෙරේරා කියලා. ඒක තමයි නිවැරැදි පිළිතුර. ළහිරු කියන්නේ කාලෙත් එක්ක නියම විදියට වෙනස් වන නිර්මාණශීලී තරුණයෙක්. එයා රම්බරී වගේම ළබැඳියේ වගේ ගීතත් රතු රට කජු වගේ ගීතත් කාලයත් එක්ක රසිකයන්ට තිළිණ කළේ හරිම අපූරුවට.මෙහෙම වෙනස් වෙච්ච ළහිරු පසුගිය දවසක තමන්ගේ නම වෙනස් කළා.* සිඤ්ඤෝ කියලා. පොඩි සිංඤ්ඤෝලා, ලොකු සිංඤ්ඤෝලා, අප්පු සිංඤ්ඤෝලා අපට හොඳට හුරුයි. පුරුදුයි. ඒත් මේ ල සිංඤෝ කියන නම ළහිරු පට බැඳ ගත්තේ මොකටද?ඒ කතාව අපි ඇහුවේ ළහිරුගෙන්.ළහිරු පෙරේරා වැඩ කරන්න පටන් අරන් දැන් ටික කාලයක් ගත වෙනවා. ළහිරු ගොඩක් වැඩ කළා. ඉතිං දැන් ළහිරුගෙ වැඩ ඉවරයි. ළහිරු පෙරේරා කරපු වැඩ ටික ඉවරවුණාම ඉස්සරහට යන්න බෑ. ඒ නිසා වෙන විදිහේ චරිතයක් හදන්න අපි තීරණය කළා.මේ ඉන්නේ ළහිරු පෙරේරාම තමයි. ඒත් ඉන්නේ වෙන නමකින්. ල සිංඤෝ කියන නමින්. මේක හැමදාම වෙනස් වෙන්න කැමති මං කරපු වෙනස් වැඩක්.* ල සිංඤෝ කියල දැම්මේ ඇයි?ල කියන්නේ ළහිරු එහෙමත් නැතිනං ලංකන්. මේක ළහිරු සිංඤෝ වගේම ලංකන් සිංඤෝ කියලා අර්ථකථනය කරන්න පුළුවන්.මේක අමුතු ඇඳුමක්?ඔව්. මොඩර්න් ආරච්චි කියන කන්සෙප්ට් එක තමයි අපි පාවිච්චි කළේ. මේ ඇඳුමෙ සංස්කෘතික කිහිපයක අංග එකතු වෙලා තියෙනවා. ඒ නිසා මේ ඇඳුම ඇඳගෙන ජාත්‍යන්තර තලයට යන්න තමයි හිතන් ඉන්නේ.* මේක ඇත්තටම නම වෙනස් කිරීමක්ද?නෑ. ල සිංඤෝ කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්. ල සිංඤෝ ඉන්නේ වේදිකාවේ ප්‍රසංගවල. මේ ඉන්නේ අතිශය සරල නිහතමානී ළහිරු පෙරේරා.* මේ ඇඳුම නිර්මාණය කළේ කවුද?මම තමයි. ඒ වගේම මගේ කල්‍යාණ මිත්‍ර මනුරංග විජේසේකර ගේ අදහසුත් මේ කන්සෙප්ට් එකේ තියනවා.* කොහොමද මුලින්ම මේ කන්සෙප්ට් එක ආවේ?අපි සින්දුවක් කළා පොඩි සිංඤො මරං කියලා. ඒකට විෂුවල් එකක් ගැන හිතන කොට තමයි මේ මොඩර්න් ආරච්චි ඔළුවට ආවේ. අපි ඒ ආරච්චිව නැවත පණගහලා ගත්තා.* දැන් අපි කතා කරන්න ඕනේ කවුරු කියලද?ල සිංඤෝ කියනවට මං කැමැතියි.* මේ ඇඳුම ඔබේ ගීතවලට ප්‍රායෝගිකද. උදාහරණයක් විදියට ළබැඳීයේ?ඔව්. මේ වෙනස කොහොම එකක්ද කියලා ඉදිරියේදී බලාගන්නට හැකි වේවි.* මේ ඇඳුම විතරද ඔබ භාවිත කරන්නේ?නැහැ. මේ ඇඳුමේ විවිධ මෝස්තර ඇඳුම් තියෙනවා. තැනට ගැළපෙන විදිියට ඒ ආකෘතිය ගත්තු විවිධ වර්ණයේ ඇඳුම් අඳිනවා.* සාමාන්‍ය ගමනට බිමනටත් මේ ඇඳුම අඳීන්න බලාපොරොත්තු වෙනවා කියලා ආරංචියි?හප්පේ කවුද කිව්වෙ. එහෙම කිසිම බලාපොරොත්තුවක් නැහැ. සාමාන්‍ය ජීවිතේ මං ළහිරු පෙෙරේරා. සංගීත ජීවිතේ ල සිංඤෝ කියල කෙනෙක්.* මේ හැම දේම කරන්න් ජනප්‍රිය වෙන්නද?ජනයාට ප්‍රිය උපදවන දේ කිරීම තමයි නිිර්මාණකරුවකුගේ යුතුකම. නිර්මාණකරුවන් එය තේරුම් ගත යුතුයි. එක තැන පල්වේවී ඉන්නවට වඩා යමක් කිරීමට උත්සාහ කිරිම තමයි වැදගත්.- චතුර
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රාජපක්ෂ පවුලට මඩ ගැසුවාට ඒ මඩ තැවරුණේ ගැසූ අයගේ ඇඟේම බවත් මඩ බ්‍රෝකර්ලාට ගමේ කාන්තාවන් තරුණ තරුණියන් රවටන්න බැරි වූ බවත් ගම්පහ දිස්ත්‍රික් සන්ධාන නායක ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. මතට තිත තැබූ, දුම්වැටියට වැට බැඳි, ගොවියාට පෝ්ර දුන්, කොටියට මරණෙ දුන්, රට වැසියාට නිදහසත් සැනසීමත් ලබා දුන් මහින්ද රාජපක්ෂ ජනපතිගේ සේවය දිගු කිරීමට කාන්තා පරපුර විශේෂයෙන් ඇපවී කැපවී ක්‍රියා කළ බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.බැසිල් රාජපක්ෂ මහතා එසේ පැවසුවේ බියගම ආසනයේ සපුගස්කන්ද ගෝනවල පාරේ පිහිටි ශාලිත විජේසුන්දර මහතාගේ කාර්යාලය බැසිල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් ලෙස විවෘත කිරීමේ රැස්වීමට සහභාගී වෙමිනි.අනතුරුව පැවති ජනහමුවේදී බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. ජනපති මහින්ද රාජපක්ෂ මහතා රට කරවනුයේ හදිසියේම එකතු කර ගත් යෝජනා වලියක් මැතිවරණයේදී ජනතාවට පෙන්නමින් නොව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා විද්වත් ජනතා අදහස් මැනවින් සැළකිල්ලට ගෙන දීර්ඝ කාලීනව බලපාන ආකාරයට සැකසූ සැලැස්මක් අනුවයි.විපක්ෂයේ සමහරුන් පළාත් සභා මැතිවරණයට එක් ප්‍රතිපත්ති මාලාවක් හදනවා. ජනාධිපතිවරණයට තව එකක් හදනවා. පාර්ලිමේන්තු මැතිවරණයට වෙනත් එකක් ජනතාවට ඉදිරිපත් කරනවා. දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කරන සැලැස්මක් ඔවුන්ට නැහැ. ඔවුන්ගේ වේදිකාවේ සිදු වන්නේ චරිත ඝාතනය කිරීමයි.මහින්ද චින්තන දෙවන පියවර ඉතා ගැඹුරින් සලකා බලා ජනතාවට යොමු කළ සංවර්ධන සැලැස්මක්. එය ග්‍රාමීය යටිතල පහසුම් ලබාදීමේ සිට මේ රට ආසියාවේ පූර්ණ සංවර්ධිත දේශයක් බවට පත් කිරීම දක්වා ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩපිළිවෙළක්.ජාතික ආගමික, අධ්‍යාපනික, සංස්කෘතික, අංශයන්ගෙන් මානසික සංවර්ධනයත් කෘෂිකර්මය, කර්මාන්ත, දේශීය විදේශීය වානිජ ක්‍රියාවලිය, ස්ථාවර ආරක්ෂක උපක්‍රම, පෞද්ගලික අංශයටද සහාය දෙමින් රාජ්‍ය අංශය විධිමත්ව ශක්තිමත් කිරීම සහ දේශයේ අභිමානය කීර්තිය රැක ගැනීම වැනි පුළුල් සැලැස්මක් එහි අන්තර්ගතයි.මේ සියල්ලම කළ හැකි දේවල් මිස මනං කල්පිත වූ රැවටිලි යෝජනා වලියක් නොවෙයි.ජන ජීවිතය නගා සිටුවමින් ආසියාවේ ආශ්චර්යය බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ සැලැස්මක් එහි අන්තර්ගතයි.පළාත් සභා මන්ත්‍රී නීතිඥ ශාලිත විජේසුන්දර, බියගම ශ්‍රීලනිප සංවිධායක අපේක්ෂක ඩුලිප් විජේසේකර, පළාත් සභා මන්ත්‍රී ගුණසිරි ජයනාත් මහත්වරුද සභාව ඇමතූහ. පුෂ්පා රාජපක්ෂ මහත්මිය අතින් පාසල් සිසුනට අභ්‍යාස පොත් බෙදා දීමද සිදු කැරිණි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගීත හය දහසකටත් වැඩියෙන් තම රසික දනන් හට තිළිණ කළාය. ඒ ගීත සිංහල, හින්දි, දෙමළ, බෙංගාලි, නේපාල්, උර්දු භාෂාවන්ගෙන් ගායනා කළ ඒවා විය. චිත්‍රපට 352 ක පසුබිම් ගීත ගායනා කළාය. ඉන් 19 ක් දෙමළ චිත්‍රපට විය. ඇය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරියක් ද වන්නීය. ඕ නමින් සුජාතා අත්තනායකය. එසේ නැතහොත් විශාරද සුජාතා අත්තනායකය.සිය උපන් බිමට දශක 60 ක් මධුර ස්වරූයෙන් මහත් ආනන්දයක් එක්කළ මේ මහා ගාන්ධර්ව වරිය දශක දෙකකට පසු නැවූතත් සිය රසික දනන් සිය මධුර හඬින් කුල්මත් කරූන්නීය. ඒ මෙම 18 වනදා සවස 6.30 ට “ජීවන විල මැද” නමින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදීය. මේ සටහන ඒ නිමිත්තෙනි.සුජාතා අත්තනායක ගීත ගායනය ආරම්භ කළේ හිරිමල් ළදැරියක ලෙස වයස අවුරුදු 11 දීය. වයස අවුරුදු 14 වන විට ඕ චිත්‍රපට පසුබිම් ගායනයට එක්වූවාය. ඒ සෝබා චිත්‍රපටයෙනි.එතැන් පටන් චිත්‍රපට 352 ක පසුබිම් ගී ගායනා කළ සුජාතා සරල ගීත, ශාස්ත්‍රීය ගීත, ගී තැටි, කැසට්, සංයුක්ත තැටි සහ ගුවන් විදුලි වැඩසටහන් ආදියට ගීත 6000 කට වැඩියෙන් ගායනා කළාය.ළමා වියේ සිටම ගීත ගායනයට පිවිසි සුජාතා ජනප්‍රිය ගායිකාවක ලෙස වයස අවුරුදු 18 වෙද්දී සංගීතය හැදෑරීමට රජයේ සංගීත විද්‍යාලයට ඇතුළු වූවාය. පසුව ඇය ඉන්දියාවේ ලක්නව් හි සංගීත විද්‍යාලයට ඇතුළු වී ශාස්ත්‍රීය සංගීතය හදාරා සංගීත විශාරද සහතිකය දිනා ගත්තාය.එවකට ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ශාස්ත්‍රීය සංගීත වැඩසටහන් ඉදිරිපත් කළ එකම ගායිකාව වූයේ සුජාතා අත්තනායකය.බටූහිර සංගීතය පිළිබඳවද මහත් දැනුම් සම්භාරයක් ඇති සුජාතා අත්තනායක සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූයේ බටහිර සංගීතයට අනුව ස්වර ප්‍රස්ථාර සකස් කිරීමෙන් වීම ද විශේෂත්වයක් වන්නේය.සුජාතා අත්තනායක මහත් ජනප්‍රියත්වයට පත් වූයේ ටවර්හෝල් නිළියක වූ සිය මව විමලා කාන්තා ගැයූ ටවර් හෝල් ගීතයක් වන “සාදු දන්ත දා” ගීතයෙනි.සුජාතා අත්තනායක ගුවන් විදුලියේ සිංහල, දෙමළ සේවාවන් හි විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පිනියක වන්නීය. ඇගේ ගායන විශිෂ්ටත්වය වෙනුවෙන් සරසවි සහ ස්වර්ණ සංඛ සම්මානයන්ගෙන් ද ඈ පිදුම් ලැබුවාය.මෙවන් කුසලතා පිරි අග්‍රගන්‍ය ගායිකාවක වූ සුජාතා අත්තනායකගේ “ජීවන විල මැද” සත්සර ගී ප්‍රසංගය මෙම 18 වනදා සවස 6.30 නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ වේදිකා ගතවේ.සුජාතා අත්තනායක එදා මෙදා දශක 6 ක් තුළ ගැයූ සිය ජනප්‍රියතම ගීත 25 ක් මෙහිදී ගායනා කෙරෙනු ඇත. මෙහි සංගීතය මෙහෙයවීම ජගත් වික්‍රමසිංහගෙන් වන අතර සුජාතා අත්තනායක සිය මුණුපුරු මිනිපිරියන් සමඟ ද මෙහිදී යුග ගායනා ඉදිරිපත් කරනු ඇත.සුජාතා අත්තනායක සිය මියුරු සත්සර නද “ජීවන විල මැද” සංගීත ප්‍රසංගය නැරූඹීමට ඔබටද ආරාධනා කරයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මිරිසවැටිය චෛත්‍යය (ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ නිල වෙබ් අඩවිය ඇසුරෙනි) ක්‍රිස්තු පූර්ව 161 - 137 කාලය තුළ ලංකාවේ රජ කළ දුටුගැමුණු මහ රජතුමා ඉදි කළ ප්‍රථම චෛත්‍යය ලෙස මිරිසවැටිය චෛත්‍යය හැඳින් වේ. සර්වඥ ධාතු සහිත රජතුමාගේ කොන්තය (රජුගේ රාජ්‍ය බලය සංකේතවත් කරන ආයුධය) නිධානයක් වශයෙන් පූජා කොට දහනව කෝටියක් ධනය ද වැය කර ඉදි කර ඇති මෙම චෛත්‍යය ආරම්භයේදී උසින් අඩි හැටක් සහ වට ප්‍රමාණයෙන් අඩි පන්සිය හැටකි. පසු කාලීනව මෙය ලංකාවේ රජ කළ විවිධ රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කොට, විශාල කර ඇත. මෙම චෛත්‍යය එකල පැවති අග්‍රගණ්‍ය චෛත්‍යයක් ලෙස ඓතිහාසික පුරාවෘත්තවල සඳහන් වේ. පටුන 1 පිහිටීම 2 පුරාවෘත්ත 3 ප්‍රතිසංස්කරණ 4 වන්දනා ගාථාව 5 සේයා රූ එකතුව පිහිටීම[සංස්කරණය] ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර පූජා නගරයට අයත් පෙදෙසේ පිහිටා ඇති මෙම චෛත්‍යය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් අතිපාරිශුද්ධ වූ ස්ථානයක ඉදිකර ඇතැයි සැළකේ. මෙම චෛත්‍යය සාදා නිමවා පූජා කිරීමේදී රහතුන් වහන්සේලා එක්ලක්ෂ අනූදහසක් එම ස්ථානයට වැඩම කර වූ බව ඉතිහාසයේ සඳහන් වේ. මෙම චෛත්‍යය ඉදි වූ ක්‍රිස්තු පූර්ව 161 - 137 කාලයේදී ලංකාවේ අගනුවර ලෙස පැවතියේද අනුරාධපුරය යි. පුරාවෘත්ත[සංස්කරණය] තමන් අනුභව කරන කවර ආහාරයකින් වුවද මුල් කොටස සංඝයා වහන්සේලාට පූජා කරන සිරිතක් දුටුගැමුණු රජතුමාට තිබූ බවත්, එක් දිනක රජතුමා යම්කිසි ප්‍රමාද දෝෂයකින් සඟුන් නොපුදා මිරිස් මාළුවක් අනුභව කළ බවත්, සිදු වූ එම දෝෂයට වන්දි වශයෙන් මෙම චෛත්‍යය ඉදි කළ බවත් මහාවංශයේ සඳහන් වේ. නමුත් තවත් මතයක සඳහන් වන්නේ දිය කෙළිය සඳහා තිසා වැවට ගිය රජතුමා එක් දිනක එතුමාගේ සර්වඥ ධාතු සහිත ජය කොන්තය මෙම ස්ථානයේ තබා ගිය බවත්, දිය කෙළි නිමවා නැවත පැමිණ එම කොන්තය ගැනීමට උත්සාහ කිරීමේදී එය එතැනින් සෙලවීමටවත් නොහැකිව තිබූ බවත්, පසුව රජතුමා එය වට කොට මෙම චෛත්‍යය ඉදි කරවූ බවත් ය. එහිදී රජතුමා කොන්තයේ වූ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් සයවර්ණ බුදුරැස් කොන්තය වටා වැටියක්, වළල්ලක් ලෙස විහිද යනු දුටු නිසා රැස් වළල්ල යන තේරුම ඇති (රැස් යන තේරුම සහිත පාළි සහ සංස්කෘත භාෂාවේ එන "මරිචි" යන්න චරිචි -> මරිස -> මිරිස ලෙසත්, වළල්ල යන තේරුම සහිත සංස්කෘත භාෂාවේ එන "වෘත්ත" යන්න වට්ට -> ඉවට්ටි -> වැටි ලෙසත් බිඳී අවුත්) "මිරිසවැටිය" යන නම එයට යෙදූ බව එම මතයෙන් කියවේ. ප්‍රතිසංස්කරණ[සංස්කරණය] ඉදි කරන ලද දින සිට මෙරට රජකම් කළ රජුවරුන්ගේ වන්දනා මානවලට පාත්‍ර වූ මිරිසවැටිය චෛත්‍යයට අටවන, නමවන සහ දහවන ශතවර්ෂවල ලංකාවට පැමිණි ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් හානි සිදු විය. මෙම චෛත්‍යය කිහිප වරක්ම කඩා බිඳ දමන ලදි. ක්‍රිස්තු වර්ෂ 114 - 136 අතර කාලයේ රජ කළ පළමුවන ගජබා රජු මෙම ථූපයට ආරක්ෂිත ආවරණයක් ඉදි කර ඇති අතර ක්‍රිස්තු වර්ෂ 209 - 231 කාලයේ රජ කළ වෝහාරිකතිස්ස රජු එහි ඡත්‍රය ප්‍රතිසංස්කරණය කළේ ය. පසුව ක්‍රිස්තු වර්ෂ 914 - 923 අතර කාලයේ රජ කළ පස්වන කාශ්‍යප රජු මෙහි සියළුම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ අතර පොළොන්නරුවේ රජ කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා මෙය අඩි දෙසිය හයක් දක්වා උස් කොට ආරාම විහාර ආදිය ද පූජා කර ඇත. පසුව 1888 වර්ෂයේ දී ගරා වැටී ඇති මෙම චෛත්‍යය වර්තමානයේ දී රජය විසින් ප්‍රතිසංස්කරණය කොට බැතිමතුන්ට වන්දනා මාන කළ හැකි පරිදි සංරක්ෂණය කොට ඇත. මෙම ස්ථානයට අයත් ගොඩනැගිලි අතර දුටුගැමුණු රජතුමා විසින් තනවන ලද උපෝසථාගාරයක් ද, දෙවන කාශ්‍යප රජු (ක්‍රිස්තු වර්ෂ 650 - 659) විසින් තනවන ලද විශාල මන්දිරයක් ද, හතරවන කාශ්‍යප රජු (ක්‍රිස්තු වර්ෂ 898 - 914) විසින් තනවන ලද බුදු රජාණන්වහන්සේගේ කේශ ධාතුව තැන්පත් කිරීම සඳහා වූ "චන්දන ප්‍රාසාද" නම් වූ ගොඩනැගිල්ලක් ද වේ. වන්දනා ගාථාව[සංස්කරණය] අභය රාජ සධාතුක කුත්තවරං - සුනිඡායකතං බහුමාණිකං සකලහිතං පණමේසදා - මරිච්වට්ටික චෙතිය මුත්තමං තේරුම දුටුගැමුණු රජතුමා විසින් සර්වඥධාතු සහිත වූ උතුම් ජය කොන්තය නිධාන කොට කරවන ලද මිරිසවැටිය චෛත්‍යය නමදිමි. සේයා රූ එකතුව[සංස්කරණය] මිරිසවැටිය මිරිසවැටිය මිරිසවැටිය ක්‍රි.පු 800 කාලයට අයත් මිරිසවැටිය ස්ථුපයේ යැයි සැලකෙන සැලැස්මක්. මිරිසවැටිය ස්ථුපය සෑදවු දුටුගැමුණු රජතුමාගේ පිලිරුවක් ප්‍රති සංස්කරණයන්ට පෙර මිරිසවැටිය ස්ථුපය 1980 ප්‍රති සංස්කරණයට පසු මිරිසවැටිය ස්ථුපය 1990 ප්‍රති සංස්කරණයට පසු මිරිසවැටිය ස්ථුපය වර්තමාන මිරිසවැටිය ස්ථුපය රාත්‍රියට දිස්වන අයුරු
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලොව පවතින සමහරක් දැණුම සම්භාරයන්, ශිල්ප ක්‍රමයන් විශ්වාස සහ ව්‍යවහාරයන් පහත සඳහන් හේතුවලින් එකක්ක හෝ කිහිපයක් නිසා නවීන විද්‍යාවට අනුකූල නොවන ලෙස සැලකේ. නවීන විද්‍යාත්මක ක්‍රමයට අනුගත නොවීම lacks supporting evidence or plausibility විශ්වාසනීය ලෙස පරික්‍ෂනයට බඳුන්කල නොහැකිවීම වෙනත් හේතු නිසා නවීන විද්‍යාත්මක තත්වය නොමැතිවීම.[1] ආශ්‍රිත ලිපි[සංස්කරණය] නවීන විද්‍යාව අවිද්‍යාව
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පාඨක ඔබට සැම විටම අලුත් අත්දැකීමක් ගෙන එන සරසවිය මෙවර අලුත්ම තරගය හඳුන්වා දෙයි. මෙවර විශේෂත්වය නම් එයට පුවත්පත් මෙන්ම අන්තර් ජාලය ඔස්සේ ද එයට හවුල් වන්නට ඇති හැකියාවයි. ඔබ කළ යුත්තේ මේ සමඟ පල කරන ඡායාරූපයට රසවත් දෙබසක් ලියා අපට එවීමයි. නැතහොත් www.sarasaviya.lk වෙබ් අඩවියට එක් කිරීමයි.තැපැල්පත් මඟින් හෝ වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරන ඔබේ දෙබස ඊළඟ සතියේ බදාදා එනම් මැයි 21 වැනිදාට පෙර ‘කියන්නේ මොනවාද?, සරසවිය, ලේක්හවුස්, කොළඹ ලිපිනයට එවන්න. නැතිනම් www.sarasaviya.lk වෙබ් අඩවියේ සඳහන් කරන්න.හොඳම දෙබසට ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කරන ආදරණීය කතාවක් චිත්‍රපටයේ අනුග්‍රහයෙන් සතිපතා රු: පන්සියයක තෑගි වව්චරයකි.මෙවර ඡායාරූපයේ අනුව ආදරණීය කතාවක් මුහුරත් උළෙලේදී සුනිල් ආරියරත්න, උපුල් ශාන්ත සන්නස්ගලට පවසන්නේ කුමක්ද?
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: 3 වන සහශ්‍රවර්ෂය සියවස්: 20 වන සියවස – 21 වන සියවස – 22 වන සියවස දශක: 2000ගණන් 2010ගණන් 2020ගණන් – 2030ගණන් – 2040ගණන් 2050ගණන් 2060ගණන් වසර: 2030 2031 2032 – 2033 – 2034 2035 2036 ක්‍රිස්තු වර්ෂ 2033 (MMXIV) වනු ඇත්තේ ග්‍රෙගෝරියානු දින දසුනේ, බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 2033 වන වසර, 3 වන සහශ්‍රවර්ෂය තුල 14 වන වසර, 21 වන සියවස තුල 14 වන වසර, සහ 2030ගණන් දශකයෙහි 5 වන වසර ලෙසිනි. .
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලසන්ත මනිලාල් වික්‍රමතුංග ලසන්ත වික්‍රමතුංග සම-මාධ්‍යවේදිනි සුනාලි රත්නායක හා සමගින් 2007දී උපත 5 අප්‍රේල් 1958 කොළඹ, ශ්‍රී ලංකාව මරණය 8 ජනවාරි 2009(2009-01-08) (වයස 50) කොළඹ, ශ්‍රී ලංකාව අනෙකුත් නම් සුරනිමල වාර්ගිකත්වය සිංහල අධ්‍යාපනය නීතිය, කොළඹ විශ්වවිද්‍යාලය වෘත්තිය මාධ්‍යවේදි සහ දේශපාලනඥ සංවිධානය ද සන්ඩේ ලීඩර් කලත්‍රයා(යන්) රේනි වික්‍රමතුංග (1985-2007) සොනාලි සමරසිංහ (2008-) දරුවන් අවිනාශ් වික්‍රමතුංග අහිම්සා වික්‍රමතුංග ආදේශ් වික්‍රමතුංග වෙබ් අඩවිය www.thesundayleader.lk
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මියන්මාරයේ පැවති බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම සමුළුව අතරතුර ඉන්දීය අගමැති මන් මෝහන් සිං සමඟ ඊයේ (04) ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.නේපිටෝ හි මියන්මාර අන්තර්ජාතික සම්මන්ත්‍රණ කේන්ද්‍රයේ පැවති මිත්‍රශීලී හමුවේ දී දෙරටට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකයෝ දෙපල සාකච්ඡා කළ අතර උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දිය අගමැතිවරයා දැනුවත් කළේය.රජය සහ උතුරු පළාත් සභාව අතර අන්තර් සහයෝගීතාව පිළිබඳ මන් මෝහන් සිං විමසූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරය සඳහන් කළේ, සිය රජය උතුරු පළාත් සභාව සමඟ හැමවිටම සහයෝගයෙන් ක්‍රියා කරන බවයි.දෙරටේ ධීවරයන්ට අදාළ කරුණු පිළිබඳ ද රාජ්‍ය නායකයෝ දෙපළ සාකච්ඡා කළහ. ඉන්දීය දූත පිරිසේ අදහස්වලට පිළිතුරක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඉන්දීය ධීවර බෝට්ටු 1,500ක් පමණ දිනපතා ශ්‍රී ලංකා මුහුදු සීමාවට යාත්‍රා කිරීම සැළකිය යුතු මට්ටමේ ගැටළුවක් බවයි.මුහුදෙහි වඩාත් ගැඹුරට ගමන් කළ හැකි ට්‍රෝලර් යාත්‍රා භාවිතය සම්පත් ක්‍ෂය වීමට හේතුවන බවද එම තත්ත්වය අවසානයේ උතුරේ ධීවරයන්ට අහිතකර ලෙස බලපාන බවද ඒ මහතා අගමැතිවරයාට පැවසීය.ද්විපාර්ශ්වික සාකච්ඡාවට ඉන්දීය අගමැතිවරයා සමඟින් එරට විදේශ ඇමති සල්මන් කුර්ෂිද් මහතා ද එක්ව සිටියේය.ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති එච්.ආර්. පියසිරි මහත්ම මහත්මීහු ද ද්විපාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දිවි නැගුම වැඩසටහනට සම්බන්ධ පවුල් සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත තනතුරු පිරිනැමීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.මේ වැඩපිළිවෙළ යටතේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් සුදුසුකම් සපිරූ පවුල් 5 ක් සඳහා ලොතරැයි අලෙවි නියෝජිත තනතුරු ලබාදීමට සැලසුම් කර තිබේ.මේ පවුල් තෝරා ගැනීම අදාළ කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරෙනු ඇත.නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මේ සඳහා තෝරාගත් හතලිස් දෙනෙකුගේ නම් මේ වන විට ආර්ථික කටයුතු අමාත්‍යාංශය වෙත යවා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතා කීය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මිල ඉල්ලුම් නම‍්‍යතාවය[සංස්කරණය] අනෙකුත් සාධක ස්ථාවරව තිබියදි භාණ්ඩයක මිල වෙනස්විමට සාපෙක්ෂව ඉල්ලුමෙහි සිදුවන ප්‍රතිචාරත්මක වෙනස ගණනය කිරිම මිල ඉල්ලුම් නම‍්‍යතාවය මගින් සිදුවෙ.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන අසනීප තත්ත්වයේ පසුවන නිසා තරගාවලියෙන් ඉවත් කොට තිබේ. ශෂිකලා වෙනුවට පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරග මාලාවට සහභාගි වූ දකුණතින් මද වේග පන්දු යවන චමරි පොල්ගම්පොල කණ්ඩායමට එක් කර ගැනීමට ජගත් ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලි තාක්‍ෂණික කමිටුව අනුමැතිය ලබාදී ඇත.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලක්බිම නිවුස් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදි නීතිඥ රාජ්පාල් අබේනායක මහතාගේ සුවදුක් විමසීම සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (06) උදෑසන කොළඹ ජාතික රෝහලට ගියේය.නීතිඥවරුන් සඳහා පැවැති උත්සවයකට සහභාගි වී එහිදී තම අදහස් ප්‍රකාශ කිරීම නිසා තවත් නීතිඥවරයකුගේ පහරදීමකට ලක්වීමෙන් රාජ්පාල් මහතාට රෝහල්ගත වීමට සිදුවිණ.ඔහුගේ සුවදුක් විමසමින් ඇමැතිවරයා කියා සිටියේ මේ සිදුවීම ඉතා අවාසනාවන්ත සිදුවීමක් බවත් මේ සිදුවීමට එරෙහිව නීතිමය පැත්තෙන් ගත යුතු සියලු පියවර ගත යුතු බවත් ය.නීතිඥවරුන් විසින් වාර්ෂිකව පවත්වන මේ සාදයට ඕනෑම නීතිඥවරයකුට සහභාගි විය හැකි බවත් එහිදී ඕනෑම ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමේ අයිතියක් නීතිඥවරුන්ට පවතින බවත් පැවැසූ ඇමැතිවරයා මෙවැනි සිදුවීමක් නීතිඥවරයකුම අතින් සිදුවීම හාස්‍යයට කරුණක් බවත් කීය.ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මේ රටේ ජනතාව වෙනුවෙන් යුක්තිය හා නීතිය ඉටුකිරීමට සැදී පැහැදී සිටින නීතිඥවරයකු විසින් මේ පහරදීම සිදුකිරීම යුක්තියට හා නීතියට සිදු කරන අගෞරවයක් යැයි ද ඒ නිසා මේ සිදුවීමේ වරදකරු සොයා නීතිමය වශයෙන් දඬුවම් ලබාදිය යුතු යැයි ද ඇමැතිවරයා පැවැසුවේය.ඕනෑම කෙනකුට කතා කිරීමේ මූලික අයිතිවාසිකමක් පවතින මේ රටේ මූලික අයිතිවාසිකම් ගැන නීතිමය වශයෙන් කතා කරන නීතිඥවරයකු විසින් පහරදීම සැබැවින්ම හාස්‍යජනක යැයි ද ඇමැතිවරයා කීය.මේ අවස්ථාවට ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සුජාතා සේනාරත්න, රෝහලේ කමිටු සාමාජික වෛද්‍ය ශෙහාන් අෂීස් මහත්ම මහත්මීහු ද සහභාගි වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඌරු කොටුවක් පවත්වාගෙන යන මුවාවෙන් අස්ගිරිය බුලත්කඩේ හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් වැටලූ ගම්පහ පොලිසියේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීහු ගෝඩා මිලිලීටර් තුන්ලක්‍ෂ හැටදහසක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.ගම්පහ විජිත ඩී. කොමසාරු, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චරිත ජයසුන්දර මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඩබ්. එච්. රණසිංහ, පො. කො. චන්දන, ජයමාන්න, මුණසිංහ, රත්නායක, මනෝර, තෙන්නකෝන් යන නිලධාරීහු මේ වැටලීම සිදු කළහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (9) උදේ කාලයේ ජෙරුසලම් නුවර ජනාධිපති කාර්යාලයේ දී ඊශ්‍රායල් ජනාධිපති ෂිමොන් පෙරෙස් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය. ජනාධිපති රාජපක්‍ෂ මහතා මැද පෙරදිග රටවල් තුනක සිය චාරිකාවේ අවසන් අදියර සඳහා ඊයේ ජෙරුසලම වෙත ළඟා විය.ජනාධිපති රාජපක්‍ෂ මහතාගේ නායකත්වයට පැසසුම් කළ ජනාධිපති පෙරෙස් මහතා, “රාජපක්‍ෂ මහතාගේ පාලන සමය තුළ අත්කර ගෙන ඇති ප්‍රගතිය ඉතා ආකර්ශනීය වාර්තාවක්” යයි හැඳින්වීය.දශක තුනකට ආසන්න ත්‍රස්තවාදී යුද්ධයේ අවසානයෙන් පසු සංවර්ධනය හා සමගි සන්ධානය අතින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ඊශ්‍රායල් ජනාධිපතිතුමාගේ ප්‍රසාදයට ලක් විය. 2004 සුනාමි ව්‍යසනයේ දී ඊශ්‍රායලයෙන් ලැබුණු ආධාර උපකාර පිළිබඳ ස්තුතිය පළ කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, යුද්ධය අවසන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති සංවර්ධන ප්‍රගතිය විස්තර කළේය. මහාමාර්ග, විදුලිය, සෞඛ්‍යය, අධ්‍යාපනය, සේවා නියුක්තිය වැනි මූලික අවශ්‍යතා සපුරාලීමට ශ්‍රී ලංකාව අවධානය යොමු කළ බව කී එතුමා, ත්‍රස්තවාදය පරාජය කොට සිව් වසරක් වැනි කෙටි කාලයක් තුළ යළි ඉදිකිරීම්, යළි පදිංචි කිරීම්, පුනරුත්ථාපනය, පැරණි සටන්කරුවන් සමාජගත කිරීම හා සමගි සන්ධානය වැනි අංශවලින් ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව පෙන්වා දුන්නේ ය.පොහොසත් ඉතිහාසයක් සමඟ ඉතා බුද්ධිමත් ජනතාවක් ශ්‍රී ලංකාව සතුව ඇතැයි පැවසූ පෙරෙස් ජනාධිපතිතුමා, ධනාත්මක ජයග්‍රහණ කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් බව සඳහන් කළේය.ඊශ්‍රායල්-පලස්තීන තත්ත්වය ගැන සාකච්ඡා කරමින් ඊශ්‍රායලයට සහ පලස්තීනයට සාමයෙන් විසිය හැකි වන අයුරින් ඊශ්‍රායල්-පලස්තීන ගැටුමට විසඳුමක් ලෙස රාජ්‍ය දෙකක් බිහි කිරීමේ එක්සත් ජාතීන්ගේ නිර්දේශයට ශ්‍රී ලංකාවේ සහයෝගය ලැබෙන බව ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා පැවසීය.“අප සෑම විටම සාමයට උදව් කරනවා, අපි හැම විටම රාජ්‍ය දෙකේ ප්‍රතිපත්තියට සහය දුන්නා. සියලු ජනතාවන් උදෙසා සාමය සහතික කිරීමට අපේ සහය ලැබෙනවා” රාජපක්‍ෂ මැතිතුමා කීය.ඊශ්‍රායල් ජනාධිපතිතුමා සමග සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා දැනට ශ්‍රී ලංකාව සමඟ ව්‍යාපාරික කටයුතුවල නිරත ඊශ්‍රායල් ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයන් පිරිසක් හමුවිය. ඊශ්‍රායල් ව්‍යාපාරිකයනට ආයෝජනයට ඉඩ ලැබෙන අංශ ගණනාවක් සොයා බැලීමෙන් ව්‍යාපාරික සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳ අවධානය යොමු කෙරිණ. කෘෂිකර්මය, කිරි නිෂ්පාදන, වාරි කර්මාන්තය, තේ කර්මාන්තය සහ දුරස්ථ ඉගෙනුම සාකච්ඡාවට භාජන වූ ක්ෂේත්‍ර කිහිපයකි.අනතුරුව ජෙරුසලම් නුවර ජාතීන්ගේ වනෝද්‍යානය වෙත ගිය ජනාධිපති රාජපක්‍ෂ මැතිතුමා සිය චාරිකාව සිහිවනු පිණිස එහි ඔලිව් පැලයක් රෝපණය කළේය. සාමය හා සහජීවනය සඳහා අභිලාශය පළ කරනු වස් යුනෙස්කෝවේ හා යුරෝපා මණ්ඩලයේ මුල පිරීමෙන් ස්ථාපිත ඔලිව් ගස් මාවත ජෙරුසලම් ජාතීන්ගේ වනෝද්‍යානයේ කොටසකි.විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, විදේශ අමාත්‍යංශයේ අධීක්‍ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති සරත් ඩී. විජේසිංහ සහ නවදිල්ලියේ නේවාසික ශ්‍රී ලංකා ඊශ්‍රායල් තානාපති ඇලෝන් උෂ්පිස් යන මහත්වරු හමුවට එක්ව සිටියහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අවැසි ලිපිය තොරාගන්න සංඝ නිකායන් සහ පාර්ශව පන්සල පිළිම ගේ
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
එංගලන්තය සමග ලබන මස ඇරැඹීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගමාලාවේ දී එංගලන්ත පිලට සාර්ථකව මුහුණදීමේ අරමුණින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් හයදෙනකුට එංගලන්තයේ සසෙක්ස් ඇකඩමියේ සති දෙකක විශේෂ පුහුණුවක් ලබාදීමට කටයුතු යොදා ඇතැයි ජාතික තේරීම් කමිටු ප්‍රධානී නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය මහතා 'දිනමිණ'ට ප්‍රකාශ කළේය.ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය ලබන මස 12වැනිදා ලෝඩ්ස් හී දී ආරම්භ වන අතර ඊට සති දෙකකට පෙර තරගමාලාවට එක්වන ක්‍රීඩකයන් 6කට එරට දේශගුණික තත්ත්වයට හා ක්‍රීඩා රටාවට හුරුවීම අරමුණු කර ගනිමින් මේ දෙසතියක විශේෂ පුහුණුව ලබා දීමට තීරණය කළ බව ජයසූරිය මහතා පැවැසීය.පසුගිය මාස කීපයක් තුල ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රීඩාවෙන් යම්කිසි ප්‍රගතියක් අත්කරගත් බවත්, එය තවදුරටත් වර්ධනයක කරගත යුතුබවත් කී ජයසූරිය මහතා එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගමාලාවට ක්‍රීඩකයන් 18කගෙන් යුත් සංචිතයක් නම් කොට ඉන් ක්‍රීඩකයන් 6ක් මේ පුහුණුව සඳහා තෝරාගන්නා බව සඳහන් කළේය.සනත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික තේරීම් කමිටුව ගත් මේ තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය ලැබී ඇති අතර ඉදිරි සතියේ දී තෝරාගනු ලබන ක්‍රීඩකයන් 6ක් පුහුණුව සඳහා එංගලන්තය බලා පිටත්වීමට නියමිතය.ලබන මස ඇරැඹෙන ටෙස්ට් තරගමාලාවේ පළමු තරගය ලෝඩ්ස් පිටියේ දිත්, දෙවැනි තරගය ජූනි 20වැනිදා හෙඩිංග්ලී හී දිත් පැවැත්වේ. දෙරට අතර ඊට පෙර විස්සයි 20 තරගයක් සහ ජාත්‍යන්තර එක්දින තරග 5ක් පැවැත්වීමට නියමිතය.විස්සයි20 තරගය මේ මස 20වැනිදාත්, පළමු එක්දින තරගය22වැනිදාත් ඕවල් පිටියේ දී පැවැත්වේ. දෙවැනි එක්දින තරගය 25දා රිවර්සයිඩ් පිටියේදිත්, තුන්වැනි එක්දින තරගය 28දා ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදිත් පැවැත්වෙන අතර සිවුවැනි එක්දින තරගය මැයි මස 31දා ලෝඩ්ස් පිටියේ දි පැවැත්වේ. පස්වැනි හා අවසන් එක්දින තරගය ජූනි මස 3දා එජ්බැස්ටන් හී දි පැවැත්වීමට නියමිතය.ඊට පෙර ශ්‍රී ලංකාවට තවත් පුහුණු තරග 2ක් ඉතිරිව ඇත. ලබන 16වැනිදා කෙන්ට් ප්‍රාන්ත පිල සමග තරග වදින ශ්‍රී ලංකාව 18වැනිදා සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම් සමග පුහුණු තරගයට එක්වේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ප්‍රවීණ සාහිත්‍යධරයකු වූ කලාසූරී පණ්ඩිත වෙ.වි. අභයගුණවර්ධන මහතාගේ අවසන් කටයුතු හෙට (25දා) සවස 5 ට බොරැල්ල කනත්තේදී සිදුකෙරේ.මියයන විට අනූඑක් වැනි වියෙහි පසු වූ ඒ මහතාගේ දේහය නුගේගොඩ, මහසෙන් මාවතේ අංක 27 බී දරන නිවසේ තැන්පත් කර තිබේ.බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියාමකවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක්වූ හෙතෙම මිල පාලන පරීක්ෂකවරයකු ලෙස ද, පෙරමුණ, සවස, සියරට පුවත්පත්වල කර්තෘවරයෙකු ලෙසද සේවය කළේ ය.සිංහල ශබ්ද කෝෂයේ සංස්කාරක වරයෙකු ලෙසද, මහාවංශ සම්පාදක මණ්ඩලයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළ ඔහු ප්‍රවීණ මාධ්‍යවේදියෙකි.සාහිත්‍යධරයෙකි. ගත්කතුවරයෙකි. අභයගුණවර්ධන මහතා සාහිත්‍ය ඇතුළු විවිධ විෂයයන් යටතේ ග්‍රන්ථ 15ක් පමණ රචනා කර තිබේ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ආර්ථීක විද්‍යාව සහ මානව විද්‍යාව යන අංශ දෙක ඇසුරින් මිනිසාගේ චර්යාවන් හඳුනාගැනීමට භාවිතා කරන විද්‍යාව ලෙස ආර්ථික මානව විද්‍යාව හැඳින්වීමට හැකිය. මෙහිදී සලකා බැලෙන ප්‍රධාන කරුණු 3 නම් : විවිධ තත්ත්වයන් යටතේ කරුණු හැදෑරීම, මූලික කාරණා කොතෙක් දුරට ප්‍රාමාණික ද යන්න සොයා බැලීම සහ වෙනත් සංස්කෘතිකමය කරුණුය. පහත දැක්වෙන කාරණා මූලිකවම සළකා බැලේ. පුද්ගලයන් විසින් භාණ්ඩ හා සේවාවන්වල තෝරාගැනීමක් සිදුකරයි. මෙහිදී එක්දෙයක් තෝරාගැනීමටත් තවත් දෙයක් අත්හැරීමටත් සිදුවෙයි. එය එක් එක් පුද්ගලයාගේ රුචිකත්වය මත සිදුවේ. මෙම තෝරාගැනීම්වල දී පුද්ගලයන් විසින් භාණ්ඩවල විවිධ තොරතුරු ලබාගෙන ඒවා සංසන්දනාත්මකව අධ්‍යයනය කරනු ලැබේ. නිසි තෝරා ගැනීම සිදු කරනුයේ තමා විසින් සාධාරණ යැයි සිතන ආකාරයටය. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. පුද්ගල අවශ්‍යතා අසීමිතවේ. එහෙත් එම අවශ්‍යතා සපුරා ගැනීමට පවතින සම්පත් ප්‍රමාණය සීමිතය. යම් තෝරා ගැනීමක දී පුද්ගලයෙක් මුලින්ම සිතා බලන්නේ තමාගේ මූලික ම අවශ්‍යතා සපුරා ගැනීමටයි. මෙහිදී අවශ්‍යතාවයන්ගේ පෙළගැස්මක් සිදු කෙරෙන අතර අත්‍යාවශ්‍යම දේ මුලින්ම සළකා බැලේ. පෙළගැස්මෙහි අවසානයට යත්ම පුද්ගලයා හට යම් භාණ්ඩයක් හෝ සේවාවක් නිසා ලැබෙන තෘප්තිය අඩුවේ. රේමන්ඩ් ෆර්ත් සහ හැරල්ඩ් කේ. ෂ්නයිඩර් විසින් හදුන්වා දෙන ලද පරිදි, ඉහත කරුණු යම් යම් සුළු වෙනස්කම් සහිතව ඕනෑම අවස්ථාවක් සඳහා ආදේශ කරගත හැකිය. පුද්ගලයෙකුගේ සෑම ක්‍රියාවක්ම ඔහුගේ අවශ්‍යතා සපුරා ගැනීමට කරන ලද තෝරාගැනීමක ප්‍රතිඵලයකි. මෙම අවශ්‍යතාව ආර්ථීක අවශ්‍යතාවක්ම වීම අනිවාර්ය නොවේ: (බර්ලින්ග් 1962:උපුටා ගැනීම 1982:307) මානව විද්‍යාමය පදනමකින් බලන කල, ඉහත කී සිද්ධාන්ත සියල්ල යොදාගෙන එක් එක් සංස්කෘතීන් අධ්‍යයනය කළ හැකිය. පුද්ගලයන්ගේ තේරීම් සැමවිටම ඔහුගේ හෝ ඇයගේ හෝ අභිප්‍රායන් මත පදනම් වේ. සමහර විට මෙම අභිප්‍රායන් ඔහුගේ සංස්කෘතිකමය අරමුණු මතම පදනම් නොවිය හැකිය. (උදාහරණයක් ලෙස සමහර තේරීම් අනුන්ගේ තේරීම් මත ද පදනම් විය හැකිය. මේ පිළිබඳව ද කෙරෙන පූර්ණ අධ්‍යයනයකින් යම්කිසි සමාජයක / සංස්කෘතියක සිද්ධාන්ත පිළිබඳව අවබෝධයක් ද ලබා ගත හැකිය.) (උදා:- ෆර්ත් 1961: ලාෆින් 1973) මීට අමතරව තේරීම් සඳහා වෙනත් මනෝ විද්‍යාත්මක බලපෑම් ද ඇතිවේ. සටහන්[සංස්කරණය] Economic_anthropology
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට විරුද්ධව සැකසෙන සාක්කි සම්පිණ්ඩන වාර්තාව ඉදිරි දින කීපය තුළදී සකසා අවසන් කිරීමට නියමිතව ඇත.මේවන විට සිවිල් හා යුද හමුදාවේ පුද්ගලයන් 31 දෙනකුගේ සාක්කි සටහන් කැර අවසන් බවද තාක්ෂණික සාක්කිද මේ දිනවල ලබා ගනිමින් ඇති බවද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.යුද අධිකරණය මඟින් ඉකුත් දා අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින හිටපු හමුදාපතිවරයා හමුදා සේවයේ යෙදී සිටියදී සිදුකළ බවට සැකකෙරෙන වැරැදි සම්බන්ධයෙන් යුද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා මේ සම්පින්ඩන වාර්තාව ගොනු කෙරෙයි.මෙසේ අත්අඩංගුවට පත් ඕනෑම පුද්ගලයකුට විරුද්ධව සාක්කි සම්පිණ්ඩන වාර්තාව සැකැසෙන තෙක් හා යුද අධිකරණය වෙත ඉදිරිපත් කරන තෙක් යුද නීතිය ක්‍රියාත්මක කළ හැකි අතර අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ මාස හයක කාලය යුද අධිකරණය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බල නොපාන බව යුද නීතියේ සඳහන් වේ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කුරිරු ත්‍රස්තවාදය පරාජය කර සිවු වසරක් සපිරුණු මොහොතේ රට තුළ වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බලවේග අද සිදු කරන්නේ මිය ගොස් සිටින ත්‍රස්තවාදයට යළි ජීවය ලබාදීමට උත්සාහ කිරීමක් යැයි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්ථදස්සී හිමිපාණෝ පවසති.දශක තුනක ත්‍රස්තවාදය පරාජය කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන් සිහි කළ යුතු මේ මොහොතේ රට අරාජික කර වැඩ වර්ජන දියත් කිරීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම් එය ජාතියේ රණවිරුවනට සිදු කරන නිගාවක් බවද උන්වහන්සේ කීහ.රටට එල්ලවන ජාත්‍යන්තර බලවේග ගැන අවදියෙන් සිටින මොහොතක මෙවැනි ක්‍රියාකාරකම් සිදු වන්නේ නම් එය එම බලවේගයන්ට උඩගෙඩි දීමක් යැයි අනුනාහිමියෝ පැවසූහ.විශේෂයෙන් උතුම් වෙසක් සතිය අද (21) සිට ක්‍රියාත්මක කෙරෙන අවස්ථාවක මෙවැනි වැඩ වර්ජන රට තුළ ක්‍රියාත්මක වීම පිටුපස පැහැදිලි කුමන්ත්‍රණයක් ඇතැයිද අත්ථදස්සි අනුනාහිමියෝ කීහ.අවස්ථාව නොදැන මෙලෙස වැඩවර්ජන රට තුළ ක්‍රියාත්මක කිරීමට නායකත්වය ලබා දෙන උදවිය ඉතිහාසයේ සෑම විටම සිදු කළේ අවස්ථාව නොදැන රට අරාජික කිරීමට කටයුතු කිරීම යැයි උන් වහන්සේ පැවසූහ.විදුලි බිල වැඩි වන්නේ නම් එය සැමටම බලපාන බවත් එයට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් එහෙත් එයට එරෙහිව මේ මොහොතේ රට තුළ වැඩවර්ජන ක්‍රියාත්මක කිරීම කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැකි බවද අනුනාහිමියෝ පවසති.මේ නිසා සම්බුද්ධ ශාසනයට රටට ජාතියට මෙන්ම උදාරතර රණවිරුවනට ගෞරව කරන කිසිවකු හෝ මේ වර්ජන සඳහා මේ මොහොතේ සහභාගී නොවෙනු ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමියෝ පැවසූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පුරාශිලා යුගය යනු, ඉතා ප්‍රථමතම ගල් මෙවලම් සොයා ගැනුම හා ප්‍රවර්ධනය කිරීම (ග්‍රැහැම් ක්ලාක්ගේ ආකාර I සහ II) යන ලාක්ෂණික ගුණාංග වලින් හෙබි සහ, මානව තාක්ෂණික ප්‍රාග් ඉතිහාසයෙන් දළ වශයෙන් 99% ක් පමණ කාල ප්‍රමාණයක් ආවරණය කරන, මානව ඉතිහාසයේ ප්‍රාග්-ඓතිහාසික යුගයකි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වයඹ පළාත් අන්තර් දිස්ත්‍රික් පිහිනුම් තරගාවලිය හෙට (25) පෙ.ව.9.00ට කුලියාපිටිය ජනාධිපති ශිල්ප ශාලිකා පිහිනුම් තටාකයේදී පැවැත්වේ.මේ සඳහා කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික් නියෝජනය කරමින් තරගකරුවන් රැසක් එක්වීමට නියමිතය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජගත් ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල තුන්වැනි ස්ථානයේ පසුවන නොවැක් ඩ්ජොකෝවික් සහ 30 වැනි ස්ථානයේ පසුවන වික්ටර් ට්‍රොයිකිගේ සුපිරි දස්කම් හේතුවෙන් නව වතාවකදීම ඩේවිස් කුසලාන සූරයන් වූ ප්‍රංශය 3 – 2 න් ලෙස පරදවා ඓතිහාසික ප්‍රථම ඩේවිස් කුසලානය හිමිකර ගැනීමට සර්බියාව සමත් විය.ප්‍රංශයේ ගයිල් මොන්ෆයිල්ස් ලකුණු 6 – 2 ක්, 6 – 2 ක් සහ 6 – 4 ක් ලෙස පරාජය කරමින් ලකුණු තත්ත්වය සම කිරීමට ඩ්ජොකෝවික් සමත්වීමෙන් අනතුරුව ට්‍රොයික් ලකුණු 6 – 2 ක්, 6 – 2 ක් සහ 6 – 3 ක් ලෙස මයිකල් ෆියෝඩ්‍රා පරාජයට පත් කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 20 ක ඩේවිස් කුසලාන ජය මල්ල සිය රටට අත් කර දුන්නේය.“රටක් හැටියට, කණ්ඩායමක් හැටියට හා ක්‍රීඩකයන් හැටියට මේ ජයග්‍රහණය අප ලැබූ විශාලතම ජයග්‍රහණය” සතුටින් උද්දාමයට පත් 23 හැවිරිදි ඩ්පෝකෝවික් පැවැසීය.ප්‍රථම වරට ඩේවිස් කුසලානය හිමිකර ගැන්මේ ප්‍රීතිය සමරමින් සර්බියානුවන්ගෙන් ඇතැමකු හිස බූ ගාමින් සතුට ප්‍රකාශ කළහ.මේ අතර පරාජයට පත්වූ ප්‍රංශ පිලේ නායක ගයි ෆොගේට් සිය කඳුළු සඟව ගැන්මට වෑයම් නොකළ අතර හැඬු කඳුලින්ම මාධ්‍ය හමුවේ පෙනී සිටියේය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කළු සුදු අළු - ඉරි රටා හැඩතල - බකන් නිලමු.හරි කළු සුදු අළු එක්තරා විදියකට වර්ණ තුනක්.කළු පාටට බහුතරයක් මිනිස්සු කැමති නැහැ ඒ ඒකේනමයි පෙනුමයි නිසාම, කළු ජීවිත අඳුරු ජීවිත කියන හැඟීමක් කළු පාටින් මතු උනාට කළුකියන්නෙත් මේ ලෝකේ තියෙන තවත් එක පාටක්, කළු පාටේ ප්‍රකාශනය තදයි, ඒ වගේ ම ප්‍රබලයි,ඕනෑම දෙයක් අතරින් එකවර ඉස්මතු වෙන්න ඒ පාටට පුදුම හැකියාවක් තියෙනවා, විද්‍යාත්මකව බැලුවම සියලු ම වර්ණයන් ඒ වර්ණය අවශෝෂණය කර ගන්න නිසා පරිවර්තිත වර්ණයක් නැහැ,ඉතින් දර්ශනය වෙන්නේ කළු විතරයි. එක එක්තරා අන්දමක ඇස රැවටීමක්.ඔව් ඔබත් මමත් ඒරැවටීමේ කොටස් කරුවෝ, පාට රැවටීම තෝරා ගත්තා, අපි රැවටෙන එක තෝරා ගත්තා, ඒ තේරීම වෙනස්කල දා ඔබ කිසිම පාටක් නො දකිනු නියතයි.සුදු ගැන මොකද හිතෙන්නේ, පන්සල ද මතක් වෙන්නේඑහෙමත් නැත්තන් ලණුවකින් ලයිට් කණු දෙකක ගැට ගහපු කොඩියක් ද මතක් වෙන්නේ.අළු පාට සුදුත් කළුත් කලවම් උනාම ඒවා පාටක් උනාට ඒවර්ණයට ඊට ආවේණික වෙච්ච ම අනන්‍යතාවයක් තියෙන වර්ණයක්, මිනිස්සුත් අළු පාට උනාටහැබැයි අඩු වැඩි වශයෙන් කළු සුදු පාටට බරයි.පාට තිබුණාට පාට හුදකලා වෙනවා ඒවාට මතු වෙන්නේඉරි රටා හද තල නැත්නම්, ඉතින් ඒ සියල්ලේ සංකලනය තමා දෘශ්‍ය මායාව මමත් ඔබත් දකින.ඉතින් මම අන්දපු ඒ මායාවල් ටිකක ඔබත් එක්ක බදාගන්නයි මේ සුදානම. හැමදාම ලියන එකේ චිත්‍ර ටිකක් ඔබට කියන කතා ටික පුලුවන්නම් කියවලා යන්න.මතක තියා ගන්න ඔබ දකින දෙය නොවන බව ඔබට පෙනෙන්නේඑහි වෙනස බවත් වෙනසක් නොමැතිව ම ඔබේ ඉඳුරන් එය ග්‍රහණය කොට ඔබ මුලා කරන බවත්.ඒ දේ හොඳින් මතක තියන් එහෙනම් ඉතින් බකන් නිලමු.1. නිව්ටන්ගේමොලේ පිටකොටුව පොලේ - වැටුණු ඇපල්2. දහසකුත් කටු අතර තවමත් පිපෙන - කළු රෝස3. හිනාවෙයන් - උඹටම4. සන්ධ්‍යා කාලෙනතැබෑරුම් අසලේනබහුජන හිතායබහුජන සුඛායකාල(කන්නි)5. උඹලා දිව්වට සමහරු තාමත් එකතැන - අස්පයා6. සැපය සොයා - එක මිනිහෙක්7. පළමු තොටිල්ල - දෙතන7.නුඹේ කැඩපත - මුහුණහරි මේ සියලුම මායාවල් වලින් ටිකක් ඇන්දේ මෙහෙමයි කොම්පීතරෙන්, ඉතාම සතුටින් දැනුම් දෙන වගනම් මේ ක්‍රියාවලියෙන් පසු මූසිකයේ වමත් බොත්තම ක්‍රියා විරහිත වී ඇත.හරි එහෙනම් බකන් නිලන්න ආවට ස්තුතියි, මීට වඩා යමක් කරන්නයි උත්සාහ කලේ, මොනවා කරන්නද වයධම්මා සංකාරා නේ , ඉතින් මවුස් ඒකටත් ඒ දේ පොදුයිනේ.ආ තවදෙයක්, මේ ටිකෙන් රසම සිතුවම මොකක්ද කියලා යනවා නම් ලොකු උදව්වක්, මටනම් කාලේ බෝතලේ.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ත්‍රස්තවාදය තුළින් රටපුරා මතුවූ අපරාධ ජාලය සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී තිබේ.මේ සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරීමට සියලු උපදෙස් ලබාදී ඇතැයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරයි.අවි ආයුධ හා මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාලය සහ කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැල්ලක් රටපුරා ක්‍රියාත්මක වන අපරාධ ජාලයට ඇතුළත් වෙයි.ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තොරතුරු අනාවරණය කෙළේ පොලිස් නිලධාරීන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට ශ්‍රී ලංකා පොලිස් විද්‍යා පීඨය කටානේ විවෘත කළ උත්සව අවස්ථාවේදීය.ත්‍රස්තවාදී උවදුරින් මතුවූ මෙම අපරාධ ජාලය විනාශ කිරීමට නොහැකි වූයේ වසර 30 ක් ආරක්ෂක හමුදාවට සහාය වීමට පොලීසියට සිදුවූ නිසයි.නොයෙක් අවස්ථාවල අපරාධ ජාලය විනාශ කිරීමට පොලීසිය කටයුතු කළත් සම්පූර්ණයෙන්ම පොලිස් බලය යෙදීමට කාලයක් නොතිබුණ බවද මෙහිදී රාජපක්ෂ මහතා කීය.දැන් ත්‍රස්තවාදය අවසන් වී ඇත. පොලීසියට දැන් අවශ්‍යතරම් කාලයද තිබේ. ඒ නිසා අපරාධ ජාලය විනාශ කර දැමීමට තමා පොලිස්පතිට උපදෙස් දුන් බවද ආරක්ෂක ලේකම්වරයා කීය.එම අපරාධ ජාලය විනාශ කර දැමීමත් සමඟම මහජනතාවට පොලීසියෙන් සිදුවන අඩුපාඩු තවදුරටත් ඇති නොවන ලෙස කටයුතු කිරීමටද ආරක්ෂක ලේකම් උපදෙස් දී තිබේ. විශේෂයෙන් පැමිණිලි විභාග කිරීම, එතුළින් නඩු ප්‍රමාද වීම නිසා මහජනතාවට සිදුවන විවිධ අපහසුතා වළක්වා ගැනීමට ක්‍රියා කළ යුතු බවද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. පොලීසියේ දැනට සේවය කරන වැඩි පිරිසක් ත්‍රස්තවාදී උවදුර සමයේ සේවයට බඳවා ගත් අයයි. ඔවුන්ට ලැබුණ පුහුණුවද ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ ඉලක්කය මත ලැබුණ එකකි.සමාජයට සේවය කිරීමේදී පොලිස් නිලධාරියාට මීට වඩා විධිමත් පුහුණුවක් ලැබිය යුතු බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. පොලිස් නිලධාරීන්ගේ අඩුපාඩු නිසා මාධ්‍ය මගින් ද ඔවුන්ට චෝදනා එල්ල වන අවස්ථා බොහෝය.ශ්‍රී ලංකා පොලිස් විද්‍යා පීඨය තුළින් පොලිස් නිලධාරීන්ගේ එම අඩුපාඩු මකාගෙන මනා අධ්‍යයනයක් ලබා ක්‍රියා කිරීමට අවස්ථාවක් හිමිවෙයි.සමාජයට වැඩදායක සේවයක් සිදු කිරීම තුළින් පොලිස් නිලධාරියා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන්ද ගෞරවයට පාත්‍ර වන බවද ආරක්ෂක ලේකම්වරයා තවදුරටත් පෙන්වා දුන්නේය.මේ අතර ඊයේ කටානේ විවෘත කළ ශ්‍රී ලංකා පොලිස් විද්‍යා පීඨයෙන් පොලිස් නිලධාරීන්ට උසස් අධ්‍යාපනයක් ලබාගත හැක. ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය, පුහුණුව සහ ඒ මගින් විදේශ පුහුණු ලබා ගැනීමට ද හැකි වනු ඇත. පොලිස් නිලධාරීන් 600 ක් එකවර පුහුණු කිරීමේ පහසුකම් මෙහි තිබේ.පොලිස් විද්‍යාව / ජ්‍යෙෂ්ඨ අපරාධ විමර්ශන, කණිෂ්ට අපරාධ, සුළු පැමිණිලි, නඩු මෙහෙයවීම, රිය අනතුරු අපරාධ ස්ථාන, වෝහාරික විද්‍යාව, අධිකරණ වෛද්‍ය විද්‍යාව, නඩු මෙහෙයවීම ඇතුලු ඩිප්ලෝමා පුහªුණු පාඨමාලා රැසක්ම හැදෑරීමට පහසුකම් සලසා තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයට අනුයුක්ත කර ඇති එම විද්‍යා පීඨයේ දේශන සඳහා දිවයිනේ් දක්ෂ කථිකාචාර්යවරු සම්බන්ධ කර තිබේ.පොලිස් නිලධාරීන්ට ඩිප්ලෝමා සහ උපාධි පාඨමාලාවේ සිට පශ්චාත් උපාධිය දක්වා හැදෑරීමට අවස්ථාව සලසා ඇත. ඉදිරි වසර කීපය තුළ එම විද්‍යා පිඨය පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව පොලිස්පති මහින්ද බාලසූරිය මහතා එම විවෘත කිරීමේ උත්සවයේදී ප්‍රකාශ කෙළේය.එම විවෘත කිරීමේ අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය, නාවික හමුදාපති රියර් අද්මිරාල් තිසර සමරසිංහ ඇතුලු ආරක්ෂක නිලධාරීන් ද, පොලිස් දෙපාර්තමේන්තුවේ
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
= කිති මහත්තයා සහ කුණුහරුප =අපේ ගමේ ඉන්නවා මැදිවිය පහු කරපු තලතුනා මනුස්සයෙක්. කොයි තරම් තලතුනා උනත් එයාගේ කිතිය නම් තාමත් ළාබාලයි. කොයි තරම් බාලද කියනව නම් කෙනෙක් එයාට ලං වෙලා අත තියන්න හැදුවත් එයාට කිති. ඉතින් ගමේ ඉන්න තක්කඩි කොල්ලෝ මේ මනුස්සය ලගට කිට්ටු වෙලා අරහෙන් මෙහෙන් අතදානව . ඔන්න ඉතින් ඒ වෙලාවට කිතිය කොච්චර වැඩි වෙනව ද කියනව නම් ලංකාවෙ තියන ඔක්කම කුණුහරුප මුළු ගමටම ඇහෙන්න කියලා තමයි ඒ මනුස්සය කිතිය පිට කරන්නේ. කොටින්ම කුණුහරුප කියනව නෙමේ කියැවෙනවා..තක්කඩි කොල්ලන්ට මේක හරිම විනෝදය ගේන ක්‍රියාවක්. කොයි මොහොතක කොතනක හමුවුනත් මේ මනුස්සය තක්කඩි කොලු රැලට ගෙනාවේ විනෝදය. සමහර වචනර කොල්ලෝ , පන්ති ඇරිල යන කෙල්ලෝ රංචු පිටින් යන වෙලාවක අර මනුස්සය ලග පාත හිටියොත් අනිවාර්යෙන්ම කිති ක්‍රීඩාව පටන් ගන්නවා.ඒ වගේම තමා අපේ ගමට ටිකක් ආසන්නයේ තියෙනව මාළු ලෑල්ලක්. ගමේ කඩපිලේ මැද්දට වෙන්න තියෙන මේ මාළු ලෑල්ලේ කොයි වෙලේ බැලුවත් මාළු පැටව් ගැහැවු වගේ මාළු පිරිලා. මාළු මුදලාලිලත් පිරිලා. මාළු ගන්න අයත් පිරිලා. හැබැයි මාළු ගන්න ගොඩාක් අය නැති අල්ල පනල්ලක ගැහැණු කෙනෙක් මාළු ගන්න ගියොත් හෙම ඒ මාලුමුදලාලිලා එකිනෙකාට කතා කරන්නෙත් අමු තිත්ත කුණුහරුපෙන්. මේකට කැමැති සමහර ගෑණු උදවිය ඒ මාළු ලෑල්ලට මාළු ගන්න යන්නෙම කවුරුවත් නැති වෙලාවක් බලල.ඔන්න ඔය අතරේ තනිකඩකම ඉහලින් අගය කරපු මැදිවියේ මනුස්සයෙකුත් මාසෙකට සැරයක් මුළු ගමටම ඇහෙන්න කුණුහරුප කියලා කාටදෝ බයිනවා.ඇත්තම කියනවා නම් අද වෙනකම් ගමේ කිසිකෙනෙක් දන්නෙ නැහැ ඒ මනුස්සය මෙහෙම තරහින් බනින්නේ කාට ද කියලා. මාසෙකට සැරයක් බීගෙන ,ගමටම කුණුහරුප කියල බයිනෙක හැරුණම ඒ මනුස්සය තරම් හොඳ මනුස්සයෙක් ඒ මුළු ගමටම නැහැ.අපි හැමෝම කුණු හරුප දන්නවා.ඒ උනත් දැන ගත්ත පමණින් කට ඇරල කුණුහරුපයක් කියන්න ධෛර්ය හැමෝටම පිහිටන්නෑ. ඒ ධෛර්ය තියෙන්නේ කුඩා දරුවන්ට සහ වැඩියෙන්ම තරහ ගියපු නහර කාරයන්ටත් හොඳටම බීපු මිනිස්සු සමහරුන්ට ඇතුලු තවත් කිහිපදෙනෙකුට විතරයි.අපි කොයි තරම් කුකුල් කේන්තියකින් හිටියත් කටක් ඇරල කුණුහරුප කියල බයින්නබැරි අවස්ථාවක දි රටේ බලාධිකාරියේ ලොකු පුරුකකට කුණුහරුප කියල බයින කෙනෙක් වීරයෙක් වෙන එක සහ එහෙම බැනපු එක ගැන හිත යටින් සතුටු වෙන එක කොයි තරම් හරිද වැරදිද කියන්න මට දැනුමක් නැහැ.ලස්සනම කතාව මේකයි , දවසක් මම පත්තරේක “සිරියහනේ නැහැ සහනේ “ බලද්දි දැක්ක රෑට රෑට කෙරෙන සුන්දර ගනුදෙනුවෙදි කුණුහරුප කියන තමන්ගේ ස්වාමියා හිතට වදයක් වෙච්චි බිරිදක් ගැන. එහෙම බැලුවම කුණුහරුප කියන්නේ ආදරය වැඩි කමට කියන දෙයක් දෝ කියලත් සාධාරණ සැකයක් මතු වෙනව නේද .
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මූලික භාවිතයේදී “පරමාණුව” (Atom) යනුවෙන් අදහස් වන්නේ බෙදා වෙන්කළ නොහැකි අංශුව යන්නයි. නමුත් වර්තමානයේ විද්‍යාඥයෝ පරමාණුව තව දුරටත් උප පරමාණුක අංශු ලෙස බෙදා වෙන් කරති. උප පරමාණුක අංශු අතරට ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන ද ප්‍රධාන වශයෙන් අයත් වේ. මේ අතරින් කුඩාතම අංශුව වන්නේ ඉලෙක්ට්‍රෝනයයි. එහි ස්කන්ධය 9.10938291(40)×10−31 kg වන අතර[1] එහි ප්‍රමාණය දැනට පවතින ක්‍රම මගින් මිණිය නොහැකි තරම් කුඩා වේ. ඉලෙක්ට්‍රෝන සෘණ ආරෝපිත වේ. ප්‍රෝටෝනයක ස්කන්ධය 1.672621777(74)×10−27 kg වන අතර[2] එය ආසන්න වශයෙන් ඉලෙක්ට්‍රෝනයෙහි ස්කන්ධය මෙන් 1836 ගුණයක් පමණ වේ.[3] එහෙත් ප්‍රෝටෝනයක ස්කන්ධය ඒම ප්‍රෝටෝන බැඳී ඇති න්‍යෂ්ටික බන්ධන ශක්තිය අනුව විචල්‍ය වේ. ප්‍රෝටෝන ධන ආරෝපිත වේ. නියුට්‍රෝනවලට විද්‍යුත් ආරෝපණයක් නොමැති අතර දළ වශයෙන් ඉලෙක්ට්‍රෝනයක් මෙන් 1839 ගුණයක් පමණ,[4] එනම් 1.674927351(74)×10−27 kg ක ස්කන්ධයක් සහිත වේ.[5] ප්‍රෝටෝන හා නියුට්‍රෝන යන අංශු දෙවර්ගයම ආසන්න වශයෙන් 2.5 x 10-15 m ගණයේ විශාලත්වයකින් යුක්ත වේ.[තහවුරු කරන්න] එහෙත් ප්‍රෝටෝන හෝ නියුට්‍රෝනවල මතු පිට ස්වභාවය මේ වන තෙක් පැහැදිලිව අධ්‍යයනය කිරීමට නොහැකි වී තිබේ. භෞතික විද්‍යාවේදී දැනට පිළිගත් සම්මතයන්ට අනුව නියුට්‍රෝන හා ප්‍රෝටෝන සෑදී ඇත්තේ ක්වාක් අංශු යනුවෙන් හැඳින්වෙන වඩාත් කුඩා අංශු වලිනි. ක්වාක් අංශු ෆර්මියෝන යනුවෙන් හැදින්වෙන උප පරමාණුක අංශු වර්ගයට අයත් වන අතර මෙම ෆර්මියෝන සහ ලෙප්ටෝන ලෙස හැඳින්වෙන තවත් උප පරමාණුක අංශු වර්ගයක් සියලුම පදාර්ථයේ මූලික තැනුම් ඒකකය බව පිළිගැනේ. ඉලෙක්ට්‍රෝන ලෙප්ටෝන සඳහා එක් උදාහරණයකි. ක්වාක් අංශු වර්ග 6 ක් පවතින අතර ඒවා සියල්ලම +2/3 ක හෝ -1/3 ක මූලික ආරෝපණයක් දරණ අංශු වේ. ප්‍රෝටෝනයක් සමන්විත වන්නේ උඩු-අත් ක්වාක් අංශු (up quark) දෙකක් හා යටි-අත් ක්වාක් අංශු (down quark) එකකිනි. උඩු-අත් ක්වාක් අංශුවක් හා යටි-අත් ක්වාක් අංශු දෙකකින් නියුට්‍රෝනයක් සමන්විත වේ. මෙම මූලික සැකසුම අනුව නියුට්‍රෝනයක් හා ප්‍රෝටෝනයක් අතර පවතින ස්කන්ධයේ හා ආරෝපණයේ වෙනස පැහැදිලි කළ හැක. ක්වාක් එකිනෙක බැඳ තබාගැනීම සඳහා ඉතා ශක්තිමත් න්‍යෂ්ටික බන්ධන ආධාර වේ. බන්ධන හටගැනීම හා පවත්වා ගැනීමට මාධ්‍යය ලෙස ග්ලූවොන නමින් හැඳින්වෙන අංශු ක්‍රියාකරයි. එනම් එම අංශු ඔස්සේ මෙම බන්ධන ශක්ති සම්ප්‍රේෂණය සිදු වේ. ග්ලූවෝන, බොසෝන යන අංශු වර්ගයට අයත් වන අතර බොසෝන භෞතික ශක්තීන් සම්ප්‍රේෂක ලෙස ක්‍රියාකළ මූලික අංශු වර්ගයයි. References[සංස්කරණය] ↑ "CODATA value: electron mass". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-07-01. ↑ "CODATA value: proton mass". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-06-24. ↑ "CODATA value: proton-electron mass ratio". 2006 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2009-07-18. ↑ "CODATA value: neutron-electron mass ratio". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-07-01. ↑ "CODATA value: neutron mass". 2010 CODATA recommended values. National Institute of Standards and Technology. සම්ප්‍රවේශය 2011-06-24.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රණවිරුවන් අනුස්මරණ ඉරුදිනය රණවිරුවන් අනුස්මරණ ඉරුදිනය සමයෙහි පොපි මල පලඳිනු ලැබේ 2013 දිනය නොවැම්බර් 10 2014 දිනය නොවැම්බර් 9 නිසැදිය වාර්ෂික එක්සත් රාජධානියේදී, රණවිරුවන් අනුස්මරණ ඉරුදිනය පවත්වනු ලබන්නේ, 1918 නොවැම්බර් 11 දින පෙ.ව. 11 වේලාවට පළමු ලෝක යුද්ධයේ එදිරිවාදිකම් අවසන් වීමේ සංවත්සරය වශයෙන්, නොවැම්බර් 11 වන දිනදී පැවැත්වෙන සටන්විරාම දිනයට සමීපතම ඉරිදා දිනය වන, නොවැම්බර මාසයේ දෙවන ඉරිදා දිනයේදීය [1]. ආශ්‍රිත[සංස්කරණය] ↑ මෙම ප්‍රකාශයන් දෙකම පවසන්නේ එකම දෙයයි: දෙවන ඉරිදා දිනය පතිතවන්නේ එම දිනයන් දෙකම ඇතුළුව නොවැම්බර් 8 වනදා සිට නොවැම්බර් 14 දින දක්වා වන අතර, එබැවින්, දෙවන ඉරිදා දිනය, නොවැම්බර් 11 වනදා සිට දින තුනකට වඩා ඈතින් නොවන අතර, එබැවින්ම සැමවිටම නොවැම්බර් 11 දිනට සමීපතම ඉරිදා දිනය වෙයි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජිබ්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය හෝ ලිපි කොටස මහමෙව්නාව සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) මහාමෙව්‍නා උයනේ දර්ශනයක් මහාමේඝ ගැන මහා වංශයෙන් [සංස්කරණය] නන්දන වන උයන[සංස්කරණය]
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
යුද්ධායුධයක් ලෙස සැලකෙන මෙය ඇණීමට භාවිතා කරන පිහියකි. අංගම්පොර සටන් වලදී මෙන්ම බොහෝ සටන් කලාවන්හිදීද මෙය භාවිතා කරයි. බාහිර සබැඳුම්[සංස්කරණය]
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මේ තියෙන්නේ මම ඇන්ඩ්‍රොයිඩ් ගැන කරපු presentation එකක්.......
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බිල්ලන් පෙන්වමින් සාක්කි සාධක නැතිව විද්‍යුත් මාධ්‍ය තාක්ෂණය භාවිතා කරමින් සිදු කරන ප්‍රෝඩාවන් ප්‍රතික්‍ෂේප කරන බව අටපට්ටම සංස්කාරක මාධ්‍යවේදී හසන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි.තමන් නිවැරැදි නම් චැනල් 4 නාලිකාවට සම්බන්ධ මිනිසුන් නොපෙන්වන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන හෙට්ටිආරච්චි මහතා ඒ සඳහා ඉදිරිපත් වූවන්ගේ නම් නොකියන්නේ ඇයිදැයි විමසා සිටී.රටක් හෝ පුද්ගලයකුට එරෙහිව මෙවැනි මඩ ව්‍යාපාර ගෙනයන්නේ නම් මාධ්‍යවේදීන් ලෙස ඊට විරුද්ධත්වය පළ කළ යුතුයැයි පවසන ඒ මහතා දේශපාලන, පක්ෂ, පාට, ජාති බේදයකින් තොරව එවැනි සිද්ධීන් පිළිකුලෙන් හෙළා දකින බවද කියයි.හසන්ත හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසුවේ ඊයේ (02) චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ වීඩියෝ පටයට එරෙහිව මාධ්‍යවේදීන්, කලාකරුවන් ඇතුලු පිරිසක් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට සිදු කළ උද්ඝෝෂණයට සහභාගී වෙමිනි. රටට නිදහස උදාකළ රාජපක්ෂවරුනි රට සංවර්ධනය කරා ගෙන යන වෑයම ඉවසිය නොහැකි පිරිස් මෙවන් පහත් ක්‍රියා සිදුකරන බව රංගන ශිල්පී අර්ජුන් කමලනාත් මහතා පැවසීය.මෙම අවස්ථාවට සහභාගි වූ ගලගම ධම්මරංසි හිමියෝ පැවසුවේ ශ්‍රී ලංකාවට සාමය උදාවීමත් සමඟ ආවේශයෙන් සිත් පුරවාගත් අය එල්ල කරන චෝදනාවලට පිළිතුරු දීමට සමස්ත ශ්‍රී ලාංකිකයන්ම එක්විය යුතු බවය. ඒ සඳහා භික්‍ෂුන් වහන්සේලාද පෙරමුණ ගෙන සිටින බවද උන්වහන්සේ පැවසූහ. චැනල් 4 ප්‍රෝඩාවට එරෙහිව ජාත්‍යන්තරයට යාමට පවා සූදානමින් සිටින බව එම අවස්ථාවට එක්වූ සරත් හෙට්ටිආරච්චි පියතුමා පැවසූහ. මෙවැනි යහපත් ක්‍රියා ජාති, ආගම්, කුල භේදයකින් තොරව හෙළා දකින බවද පියතුමා සඳහන් කළහ. .
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය හෝ ලිපි කොටස ලුහුඬු දැන්වීම් සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. ලුහුඬු දැන්වීම් - දියුණුව මුද්‍රිත ප්‍රකාශන වල වෙළඳ දැන්වීම් මෙන්ම පරිගණකය, ගුවන් විදුලිය, රූපවාහිනිය (කේබල් රූපවාහිනිය සහ විකාශන රූපවාහිනිය) ආදී සියලු මධ්‍ය වලට අද ලුහුඬු දැන්වීම් ව්‍යාප්ත වී ඇත. මුද්‍රිත මාධ්‍යයේ බොහෝ අංශ මෙන් ලුහුඩු දැන්වීම් ද අන්තර්ජාලයට ඇතුලුවී ඇත. අන්තර්ජාල ලුහුඬු දැන්වීම් පේළි ගණනට අය නොකරන බැවින් දිගින් වැඩිවේ. ඒවා සොයාගැනිමට පහසුය. ප්‍රාදේශිය මට්ටමෙන් ක්‍රියාත්මක වන අතර වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ආමන්ත්‍රණය කරයි.ස්වයං ප්‍රතිපත්ති නිර්ණය කිරීම සහ අඩංගු අඩු වියදම් ව්‍යූහය නිසා එ. ජනපදයේ’ ක්‍රෙලිස්ට මෙන්ම ගම්ට්‍ර’ සහ කජිජි වැනි ජාත්‍යන්තර වෙබ් අඩවි නොමිලේ ලුහුඬු දැන්වීම් පලකිරීමට පවා අවස්ථාවක් ලබා දේ.බොහෝ ආයතන සිය ප්‍රදේශියකයන් හෝ නාගරික ප්‍රදේශ ආවරණය කරයි. ක්‍රෙලිලිස් ලොව ප්‍රථම අන්තර්ජාල ලුහඩු දැන්වීම් වෙබ් අඩිවි අතුරින් එක්වූ අතර මසකට ප්‍රේකෂකයන් මිලියන 14 ක් පමණ ඇදගන්නා ලොව විශාලතම ලුහුඬු දැන්වීම් මූලාශ්‍රය බවට අද පත්ව ඇත.‘අැග්‍රීෙග්ටර්ස් ‘ නම් අන්තර්ජාල සේවා වෙනත් මූලාශ්‍රයන්ගෙන් ලබා ගත් ලුහුඬු දැන්වීම් එක් වෙබ් අඩවියක දක්වාය. උදාහරණ උෘඩිල්, වාස්ට් සහ එඩ්ගියෝ එසේම සමහර ආයතන මගින් සැපයෙන අන්තර්ජාල ප්‍රචාරණ සේවා සහ මෙවලම් හරහා සිය සාමාජිකයන්ට අන්තර්ජාල වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමට සහ ඒවා ස්වයංක්‍රීයව අන්තර්ජාල වෙබ් අඩිවලට යැවීමට ඉඩ සැලසේ.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මම ඉස්සරඉඳන්ම ආසා කලා හඳ දිහා බලාගෙන ඉන්න. පෝය දවසට හඳ දිහා බලාගෙන සීමාවක් නැති කල්පනාලෝකෙක තනිවෙලා ඉන්න එකට මම ගොඩක් ආසා කලා. එහෙම ටික කාලයක් යද්දී මම පුරුදු වුනාකළුවරට වෙලා තනියම ඉන්න. හැමදාම රෑට හඳ නැති නිසා වෙන්නැති ඒකට පුරුදු වෙන්නඇත්තේ. එහෙම කල්පනා කරන්න පටන්ගත්තම නවතින්නේ පටන්ගත්ත තැනින් නෙවෙයි. ඊටසම්පූර්ණයෙන්ම වෙනස් තැනකින්.පොඩි කාලේ මම කරපු කියපු දේවල්, ඉස්කෝලෙයන කාලේ කරපු පිස්සු වැඩ, උ/පෙළට පන්ති යන කාලේ ගත්ත ආතල්, එතනින් එහාට එක එක කෝස්කරද්දී කරපු වැඩ ගැන එහෙම මතක් වෙද්දීත් හිනා යනවා. මොකද ඒ කාලේ කොයි තරම්සැහැල්ලු විදියටද ජීවත් වුනේ කියලා. කිසිම බරක් පතලක් නෑ හිතෙන හිතෙන දේ කරනවා.හැබැයි මොන දේ කරත් මොකක්හරි හේතුවකට ගෙදරින් එළියට යනවා කියන්නේ ගොඩක් අමාරුදෙයක්. අද කාලේ තරමටම ඒ කාලෙත් සමාජය දූෂණය වෙලා තිබුනේ නැති වුනාට යාලුවො එක්කඑහේ මෙහේ යන්න අවසර දුන්නෙම නැති තරම්. ඒක නිසා එහෙම ගමනක් බිමනක් සෙට් වුනොත්ඉතිං අනිවා දානෙ ගෙදරක් හරි මළගෙයක් හරි තමයි ඉතිං. එක පාරක් යාළුවෙකුට උගේ කෙල්ලගේඋපන්දිනේට දෙන්න තෑග්ගක් ගන්න මාතර යන්න සෙට් වුනා අපි තුන්දෙනෙක්. ඉතිං අපිතුන්දෙනාම ගෙදට බොරු කියලා තමා ගියේ. මොකද ඇත්ත කියන්නේ කොහොමද.. (අපේ අම්මලාටතාත්තලාට පාරම්රික අදහස් තියෙන අය නිසා අපි “ආදරය”කියන වචනය ගැන ගෙදරදී කතා කලේ නැති තරම්. දැනට වුනත් ඒක එහෙමයි.) ඒක නිසා මොකක්හරි බොරුවක් ගහලා තමා ගියේ. හොඳම දේ වුනේ ඊට දවස් දෙකකට පස්සේ... ඒ තමා මුලුලංකාවම අඬවපු සුනාමිය ආවේ අපි තුන්දෙනා ගිය දවසට දවස් දෙකකට පස්සේ. බැරි වෙලාවත්සුනාමිය තව දවස් දෙකක් කලිං ආවා හරි හෝ අපේ ගමන තව දවස් දෙකක් පහුවෙලා ගියා නම්,අපේ අම්මලා තාත්තලා වත් දන්නේ නෑ අපිට මොනවද වුනේ කියලා. එහෙම වුනා නම් සමහරවෙලාවට අනුමාන කරයි සුනාමියට අහු වුනා කියලා. ඒත් කෙහේදි, කොයි වෙලාවෙදි, අහුවුනාදකියලා කවමදාවත් දැන ගන්න වෙන්නේ නෑ. එහෙනං ඉතිං මේ බ්ලොග් එකත් නෑ... :D ඔහොම ගොඩක් සැහැල්ලුවෙන්තමා හිටියේ. පනින් පෙර හිතා බැලුවෙම නෑ ඒ කාලෙ නම්. ඔය විදියට ඒවා ගැන කල්පනා කර කර ඉන්නකොටආයේ එතනින් ලිංක් වෙනවා ඒ කාලේ මම ආදරේ කරපු අය, මට ආදරේ කරපු අය, යාඵ මිත්‍රයෝගැන, නෑදෑයෝ ගැන. විතරක් නෙවෙයි සීමාවක් නැතුව එක එක චරිත ගැන. චිත්‍රපටි වල චරිත,කාටුන් වල චරිතත් ඒ අතර ඉන්නවා. සමහර වෙලාවට කළුවරේ හිඳගෙන තනියම මනසින් වීඩියෝගේම් පවා ප්ලේ කරනවා. එහෙම නැත්තං ප්ලේ කරපු ඒවගේ වැරදි වුන තැන් ගැන කල්පනාවෙනවා, අපරාදේ මට එහෙම නැතුව මෙහෙම කරන්න තිබුනනේ, එහෙම කලා නම් අවුට් වෙන්නේ නෑනේද කියලා... :Dඊට පස්සේ කල්පනා වෙනවා ජීවිතේ තීරණාත්මකඅවස්ථා වලදි මම ගත්ත තීරණ. ඒ ගත්ත තීරණ වලින් මම ගොඩ ගියපු තීරණ, මට වැරදුනු තැන්වගේම කිසිම තීරණයක් නොගෙන කාලය විසින් විසඳුමක් දෙනකං බලාගෙන හිටුපු සහ ඉන්න තීරණවගේ නානාප්‍රකාර දේවල්.සමහර වෙලාවට හිතට දුකක් ශෝකයක් දැනෙන්නගන්නවා සමාජය ඉන්න තැනයි මම ඉන්න තැනයි දිහා බැලුවම. එහෙම තැනක් ආවම එතනින් කල්පනාවනැවතලා අනිත් දේවල් ගැන හිතුවට වඩා වැඩි කාලයක් ඒවා ගැන කල්පනා වෙනවා. ඊට පස්සේඉබේම පියවි ලෝකෙට එනවා. ඒ ඇවිත් සමහර වෙලාවට ආයෙම කල්පනාවට වැටෙනවා, එහෙම නැත්තංඑතනින් මේ ලෝකේ නවතිනවා.සමහර දවස් වලට කාමරේ ලයිට් එක නිවාගෙනඇඳට වෙලා ඕවා කල්පනා කර කර ඉන්නකොටදන්නෙමනැතුව නින්ද යනවා. ආයෙම නැගිටිනනේ පස්සේ දවසේ උදේට තමයි ඉතිං. ඔය විදියට හඳ තියෙනනැති රැයක් කියන්නේ මගේ ජීවිතේට ගොඩක් සමීප දෙයක්. හැබැයි හිත හරි අවට පරිසරය හරිකලබල දවසක් නම් කල්පනාව අහලකටවත් එන්නේ නෑ.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
*චිත්‍රය:- ගුස්ටාව් ක්ලිම්ට්*උල්පත් මුසු වේය ගං හෝ දිය සමග,ගං දිය මුසු වේය මහ සයුරත් සමග;දිව පවන් මුසුව ඇත මිහිරි හැඟුමන් සමගතනිව ඇති කිසිවක් නැත්තේය මේ ලොවදෙව් නියමයකට අනුව මුසුව ඇත තවෙකක් සමගඉතින් මා ඔබ එලෙස නොකරනු ඇයිද .බලනු මැන, අර කඳු සිඹිනයුරු නුබ ගැබ,නොපෙනේද දියරැළි එක්වන අපූරුව;හැකිද මලකට ඉතින් තව මලක් පිළිකුල් කරන්නට;වැලඳ ගෙන හිරු රැස් ඇත්තේය මහ පොළොව,සඳ කිරණ හාදු දෙයි සිඳු ජල තලය මත;--සිප නොගන්නේ නම් ඉදින් මා ඔබ,කවර පලයක් වේද ඒ සියලු හාදුවල . පර්සි බිෂ් ෂෙලී (1792- 1822).
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පෙනහළුවල ඇති ශ්වසන පෘෂ්ඨය යි. ව්‍යුහය[සංස්කරණය] සරල ශල්කමය අපිච්ඡදයෙන් සෑදී ඇති බැවින් තුනී ය. අධික ලෙස වාහිනීමත් ය. තෙත් ය. ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් සඳහා පාරගම්‍ය වේ.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රංග බණ්ඩාරනායකගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ‘භවාන්තර’ සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වේ.හේමසිරි ලියනගේ, පාලිත සිල්වා, විශ්වජිත් කරුණාරත්න, පුබුදු චතුරංග, රශ්මි රූත් අබේකෝන්, මධුවන්ති ලියනගේ, තුසිත ලක්නාත්, දුලංජලී සංකල්‍යා, තුමිදු දොඩම්තැන්න, අතුල ජයසිංහ ආදීහු මෙහි රංගනයෙන් දායක වේ.භවාන්තර තිස්සවීර වර්ණපුරගේ නිෂ්පාදනයකි. චාමර ප්‍රසන්න කොඩිතුවක්කු රූපවාහිනී රචනයෙන් එක්වෙයි. දේශක සම්පත්ගේ සංගීත අධ්‍යක්ෂණයකි. කුලරුවන් ගමගේ කැමරාව මෙහෙයවයි. දුමිත් කුමාර දංගාරගොඩගේ සංස්කරණයක්ය. අරුණ මැදකුඹුර කලා අධ්‍යක්ෂවරයාය. ප්‍රියන්ත එස්. වන්නිනායක අංග රචනයෙන්ද, සමන් ප්‍රේමරත්න සහාය අධ්‍යක්ෂණයෙන් ද, මධුසංඛ බණ්ඩාර නිෂ්පාදන කළමනාකරණයෙන් ද මෙයට එක් විය.ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මහියංගණ නගරයේ සංවර්ධනයත් සමඟම ඌව පළාතේ ප්‍රමුඛ නගරයක් බවට පත්ව ඇත. ඓතිහාසික වශයෙන්ද ඉමහත් ප්‍රසිද්ධියට පත්ව තිබුණු මහියංගණය මෑතක් වනතුරුම කිසිම සංවර්ධනයක් දක්නට නොතිබුණ නරගයක් විය.මහින්ද චින්තන වැඩසටහන යටතේ මගනැඟුම, ගම නැඟුම, ජාතික සවිය යන සංවර්ධන වැඩසටහන් මගින් මහියංගණ නගරයේ සංවර්ධනය ආරම්භ විය.පිට පළාත්වලින් වර්න්වර කලින් කලට මහියංගණයට පැමිණෙන දේශපාලනඥයන් ජනතාවගේ ඡන්දය ලබාගෙන ජනතාව රැවටූ යුගය නිමාකරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මහියංගණයට මහියංගණයේම උපන් අනුර විදානගමගේ මහතා මහියංගන ශ්‍රීලනීප සංවිධායක ලෙස පත්කිරීමෙන් නගරයේ පිබිදීම ආරම්භ විය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමක්වත් නොමැතිව ඔහු නගරයේ සංවර්ධනයට අතගැසුවේය.මහියංගණ බස් නැවතුම්පොළේ පිහිටි පෙට්ටිකඩ වෙනුවට ඒවා ඉවත්කොට දින 10කින් නව වෙළෙඳ සංකීර්ණයක් ඉදිකරන්නට හැකිවිය. හැටේ දශකයේ මුල්බාගයේ එවකට මහියංගණ මන්ත්‍රීවරයාව සිටි සී. පී. ජේ. සෙනවිරත්න මහතා විසින් ඉදිකළ බස්නැවතුම් පොළ මේ වන විට ගරා වැටී අබලන්ව තිබිණි.අබලන් බස්නැවතුම් පොළ ගලවා ඉවත් කොට ලංකාවේ නවීනකරන ප්‍රධාන පෙළේ බස්නැවතුම් පොළක් ඉදිකිරීමට සමත්විය. මහියංගණ නගරයේ තැනින් තැන ඉදිකොට තිබුණු පෙට්ටි කඩ දැන් දකින්නට නැත.නගරයට කඩකාමර 70ක වෙළෙඳ සංකීර්ණ දෙකක් ඉදිකොට ඇත. මහියංගණ නගර මධ්‍යයේ ඉදිවන අඩි 60ක් උස හා අඩි 40ක් පළල සමාධි බුදු පිළිමය ලක්‍ෂ 200ක වියදමින් ඉදිකරගෙන යයි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මිත්තසේන රජ, පස්වන සියවසෙහිදී අනුරාධපුරයේ රජ ලෙසින් සිටිමින් 435 සිට 436 දක්වා රාජ්‍යය පාලනය කලේය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දඹදිව වන්දනාවේ යෙදී සිටියදී රිය අනතුරකින් ආබාධිත වූ උනපාන අරියධම්ම හිමියෝ, අරෝග්‍යා ආබාධ සහිත වූවන් සඳහා වන පදනම පිහිටුවාගෙන ආබාධිත වූවන්ගේ සුබසාධනය සඳහා සමාජ සත්කාර වැඩවල නිරත වෙමින් සිටී.එම උත්සවය පතිරගොඩ නාලන්දාරාමයේදී පසුගියදා සිදුකෙරිණි.ආබාධිත වූවන්ට ස්වයං රැකියා ආධාර සහ පුහුණුව ලබාදීම බතික් කර්මාන්තයෙන් ජීවත්වන පිරිසකට ඒ සඳහා අවශ්‍ය උපකරණ සහ භාණ්ඩ ලබාදීමත් එදින සිදු කෙරිණි.පොළොන්නරුව, මොනරාගල, ඇඹිලිපිටිය ප්‍රදේශවල ආබාධිත රෝගීන්ට රෝදපුටු, අත්වාරු, කිහිලිකරු උපකරණ ලබාදුන්නේය.දෘශ්‍යාබාධිත පවුල් හතරකට ස්වයං රැකියා ආරම්භ කිරීමට මුදල් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු විය.ස්වයං රැකියා ආරම්භ කිරීමට මුදල් පරිත්‍යාග ලබාදුන් අතර එම පවුල්වල දරු දැරියන් සඳහා රෙදිපිළි පරිත්‍යාගයක් ද සිදු කෙරිණ.මේ පදනම මගින් ඉදිකිරීමට යෝජිත ස්නායු රෝහලට සහාය විය හැකි පින්වතුන්ට උන්වහන්සේ ඇරයුම් කර සිටිති.අධ්‍යක්ෂ උනපාන අරියධම්ම හිමි, නාලන්දාරාමය, පතිරගොඩ, මහරගම ලිපිනයෙන් අරෝග්‍යා පදනම පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.මේ අවස්ථාවට විහාරාධිපති ශාස්ත්‍රපති තලපත්පිටියේ පුණ්‍යාලෝක, ශාස්ත්‍රපති ඕමාරේ පුණ්‍යසිරි හිමිවරු සහ පදනමේ විදේශ ලේකම් තුසිත වීරවර්ධන, භාණ්ඩාගාරික ගාමිණී දහනායක ආබාධිත සම්බන්ධීකාරක පී. ඒ. ගුණවර්ධන, කථිකාචාර්ය අමිත කුමාර කීල්ස් ආයතනයේ නිරෝෂා ගමගේ මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.