input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
පසුගිය කාලය චිත්‍රපට තුනක රූ ගත කිරීම් සමඟින් කාර්යබහුල වෙලා හිටියෙ. ‘ඇහැලේපොළ කුමාරිහාමි’ චිත්‍රපටයේ වාරියපොල සුමංගල හිමි ලෙසත්, ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ මහා සිව මහරහතන් වහන්සේ ලෙසත්, ‘ආලෝකෝ උදපාදී’ චිත්‍රපටයේ කුප්පිකල තිස්ස හිමි ලෙසත් මා ඓතිහාසික භික්‍ෂු චරිත තුනක් නිරූපණය කළා.මේ දවස්වල නම් විවේකයෙන් ගත කළත් ලබන මාසයෙදි තව අලුත් චිත්‍රපටයක හා ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු යෙදිලා තියෙනවා.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දමිතා අබේරත්න උපත දමිතා බුද්ධිනී අබේරත්න සැප්තැම්බර් 14 කොළඹ සක්‍රීය වසර 1987–වර්ථමානය තෙක් තිළිණ සරසවිය හොඳම නිළිය සම්මානය (2003) සුමති හොඳම නිළිය සම්මානය (2006) දමිතා අබේරත්න (සැප්තැම්බර් 14) ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සහ සම්මානනීය චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියකි.[1][2] පටුන 1 මුල් අවධිය 2 වෘත්තීය දිවිය 3 රංගනයන් 4 සම්මාන 5 ආශ්‍රිත 6 බාහිර සබැඳි මුල් අවධිය[සංස්කරණය] දමිතා අබේරත්න, ඇගේ අධ්‍යාපන කටයුතු නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයෙනුත්, මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයෙනුත් හදාරණ ලදී. වෘත්තීය දිවිය[සංස්කරණය] 1987 වසරේදී (ඇයට වයස අවුරුදු 8ක් පමණ කාලයේදී) පස්සෙ ගෙනා මනමාලී ටෙලිනාට්‍යයේ රංගනයට එක්වෙමින් දමිතා සිය කලා දිවිය කුඩා කලදීම ඇරඹුවාය. පසුව 1993 වසරේදී තිරගත වූ අයි. හේවාවසම් විසින් අධ්‍යක්ෂණය කරන ලද මීහරකා චිත්‍රපටය, දමිතාගේ රංගනය ශ්‍රී ලංකා රිදී තිරයට මුහුකල මුල්ම චිත්‍රපටිය ලෙස සඳහන් වෙයි. 2003 වසරේදී දමිතා රංගනයෙන් දායක වූ ඉනෝකා සත්‍යාංගනීගේ සුළං කිරිල්ලී චිත්‍රපටිය, ඇගේ රංගන දිවියේ සුවිශේෂී සනිටුහනක් සළකුණු කල සංධිස්ථානයක් ලෙස හැඳින්වේ. මෙම සුළං කිරිල්ලී චිත්‍රපටියේ සිදුකල විශිෂ්ඨ රංගනය හේතුවෙන් දමිතාට, දේශීය මෙන්ම ජාත්‍යන්තර චිත්‍රපට උළෙලවල් හීදී සම්මාන රැසක් හිමිවිය.[3][4][5] රංගනයන්[සංස්කරණය] වසර චිත්‍රපටිය අධ්‍යක්ෂණය 1993 මී හරකා අයි. හේවාවසම් 2003 සුළං කිරිල්ලී ඉනෝකා සත්‍යාංගනී සම්මාන[සංස්කරණය] වසර සම්මානය පිරිනැමීම කරුණු 1995 හොඳම නිළිය සම්මානය O.C.I.C සම්මාන දඬුබස්නාමානය සඳහා 1995 හොඳම සහාය නිළිය ස්වර්ණ සංඛ සම්මානය මීහරකා සඳහා 1996 කුසලතා සම්මානය සරසවිය සම්මාන මීහරකා සඳහා 2004 හොඳම නිළිය සම්මානය සරසවිය සම්මාන සුළං කිරිල්ලී සඳහා 2004 හොඳම නිළිය සම්මානය SIGNIS සම්මාන සුළං කිරිල්ලී සඳහා 2004 හොඳම නිළිය සම්මානය 8වන ඩකා ජාත්‍යන්තර චිත්‍රපටි උළෙල සුළං කිරිල්ලී සඳහා 2004 හොඳම නිළිය සම්මානය තමිල්නාඩු ජාත්‍යන්තර චිත්‍රපටි උළෙල සුළං කිරිල්ලී සඳහා 2005 හොඳම නිළිය සම්මානය ජනාධිපති සම්මාන සුළං කිරිල්ලී සඳහා 2005 විශ්ව කීර්ති සම්මානය ජාත්‍යන්තර චිත්‍රපටි උළෙල 2 කදී සම්මාන හිමිකරගැනීම වෙනුවෙන් 2005 කැපීපෙනෙන තාරුණ්‍ය පෞර්ෂ්‍යය ජූනියර් චේම්බර් ශ්‍රී ලංකා කලාව වෙනුවෙන් දැක්වූ දායකත්වයන් උදෙසා 2006 හොඳම නිළිය සම්මානය සුමති සම්මාන කෙළි මඩල සඳහා ආශ්‍රිත[සංස්කරණය] ↑ "දමිතා'ස් "ඩේලි මිරර්" ප්‍රොෆයිල්". ඩේලි මිරර්(ශ්‍රී ලංකා). 25 ජනවාරි 2005. http://www.dailymirror.lk/2005/01/25/life/4.asp.  ↑ "සරසවිය අවෝර්ඩ්ස්:ඇන්ඩ් ද වර්ඩික්ට් ඉස්...". සන්ඩේ ඔබ්සවර් (ශ්‍රී ලංකා). 29 අගෝස්තු 2004. http://www.sundayobserver.lk/2004/08/29/fea16.html.  ↑ "වංසක්කාරයෝ එක්ස්පෝසස් ඊවිල්ස් ඔෆ් පොලිටික්ස්". TV ටයිම්ස්(ශ්‍රී ලංකා,ISSN:1391-0531). 15 ජුලි 2007. http://sundaytimes.lk/070715/TV/tv_8.html.  ↑ "සිල්වර් ග්ලිටර් ඉන් ඩාර්ක් ටයිම්". ද අයිලන්ඩ්(ශ්‍රී ලංකා). 19 ජනවාරි 2005. http://www.island.lk/2005/01/19/index.htm.  ↑ "දමිතා රීචස් ස්ටාඩොම්". ඩේලි නිව්ස් (ශ්‍රී ලංකා). 24 නොවැම්බර් 2004. http://www.dailynews.lk/2004/11/24/artscop01.html.  බාහිර සබැඳි[සංස්කරණය] දමිතා අබේරත්න'ස් බයෝග්‍රැෆි ඉන් සිංහල සිනමා ඩේටාබේස් දමිතා අබේරත්න at the Internet Movie Database ශ්‍රී ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාව - නිල වෙබ් අඩවිය සුළං කිරිල්ලී at the Internet Movie Database "සුළං කිරිල්ලී" (සිංහල) සත්‍යාංගනී ඔෆ් "වින්ඩ් බර්ඩ්'ස්" ෆේම් ක්ලේම්ස් විංග්ස් Persondata NAME අබේරත්න, දමිතා ALTERNATIVE NAMES SHORT DESCRIPTION රංගන ශිල්පිණිය DATE OF BIRTH සැප්තැම්බර් 14 PLACE OF BIRTH කොළඹ DATE OF DEATH PLACE OF DEATH
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මොරටුවේ සිට මුහුදු ගොස් අනතුරට පත් බෝට්ටුවක සිටි ධීවරයින් තිදෙනකුගේ මළ සිරුරු කොළඹ මෝදරදී නාවික හමුදාව මඟින් සොයාගනී.මොරටුවේ පදිංචිකරුවන් වන 46 හැවිරිදි සුදත් රවීන්ද්‍ර පීරිස් 42 හැවිරිදි ටී.සෝමසිරි මිල්ටන් පීරිස් සහ 59 හැවිරිදි බී.එම්. සිල්ටන් පීරිස් බවට ඔවුන්ගේ ඥාතීන් හඳුනා ගෙන තිබේ.මේ පිළිබඳ මරණ පරීක්ෂණ උතුරු කොළඹ කොට්ඨාස අතිරේක නාගරික හදිසි මරණ පරීක්ෂක සිරිමල් පීරිස් මහතා පැවැත්වීය.මෝදර පොලිසියේ කොස්තාපල් චන්ද්‍රකුමාර (67774) මහතාගේ මෙහෙයවීම යටතේ මෙහිදී සාක්කි දුන් නාවික හමුදා නිලධාරී මනෝජ් ජානක ජයසේකර මහතා මෙසේ කීය.මුහුදු ගිය ධීවර බෝට්ටු කිහිපයක් අතුරුදහන් වී ඇති සිද්ධිය එදින මොරටුව නාවික කඳවුරෙන් මෝදරට දැනුම් දුන්නා. ඔවුන්ට සහන සැලසීමට කටයුතු කරන ලෙසත් එම පණිවුඩයේ සඳහන් වුණා. ඒ අනුව මේ පිළිබඳ තොරතුරු සෙවීම 9 වැනි දින පාන්දර 7.45ට පමණ ආරම්භ කළා. අප ගිය නාවික යාත්‍රාවේ ලුතිනන් සමරතුංග මහතා ඇතුළු 14 දෙනකු සිටියා.අනතුරට පත් බෝට්ටුවක් මුනින් අතට පෙරළී තිබුණ බව උදේ 9.15ට පමණ මෝදර දී දැක්කා.එහි කොනක දැලක් ගැට ගසා තිබුණා. මියගිය අයකුගේ මළ සිරුරක් එහි පැටලී තිබුණු බව දැක්කා. එම තැනැත්තාගේ මළ සිරුර අපි මුහුදෙන් යාත්‍රාවට ගත්තා. එවිට වේලාව උදේ 10.15ට පමණ ඇති.ඉන් පසු බෝට්ටුව ඇදීමට ගියා. එවිට තවත් මළ සිරුරු දෙකක් බෝට්ටුව යට හිරවී තිබී සොයා ගත්තා. මළ සිරුරු තුනම ගොඩබිමට ගෙනැවිත් පොලිසියට භාර දුන්නා. ගොඩබිම සිට එතැනට මුහුදු සැතැපුම් 10ක් පමණ ඇති.මියගිය සිල්ටන් පීරිස්ගේ පුතාවන 26 හැවිරිදි ඩී. ඉන්දික පීරිස් නම් අය සාක්කි දෙමින් මෙසේ කියා සිටියේය.මගේ පියා 7වැනිදා තවත් දෙදෙනකු සමඟ මොරටුවේ සිට මුහුදු ගියා. “සමීර පුතා” නමැති මෙම බෝට්ටුවේ සුදත් රවීන්ද්‍ර සහ සෝමසිරි මිල්ටන් යන අයද සිටියා. එදින තද සුළං සමඟ මුහුද කැළඹිලි ස්වභාවයෙන් තිබ්බා.පසුදින උදේ 4ට පමණ මම තාත්තාගේ ජංගම දුරකථනයට කතා කළා. එය නාද වූ නමුත් තාත්තා කතා කෙළේ නැහැ. මට සැක සිතුනා. ඉන්පසු මේ ගැන මොරටුව නාවික කඳවුරට දැනුම් දුන්නා. එතැනින් කොළඹට දැන්නුවා. මේ අයගේ මළ සිරුරු නාවික හමුදාව මඟින් සොයා ගෙන ඇති බව එදින දහවල් මගේ මිතුරකු වන නිශාන්ත මෝදර වැල්ලේ සිට දුරකථනයෙන් මට කිව්වා.මියගිය අයවළුන්ගේ ඥාතීන් වන මධුරංග පීරිස් සහ ජී.බී. සුනීතා අපෝන්සු යන අයවළුන්ද සාක්කි දුන්හ.මෙම මරණ දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුව ඇති මරණ බවට මෘත ශරීර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ කොළඹ නියෝජ්‍ය අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන මුදිත කුඩාගම සහ එම්.එන්. රාහුල් හක් යන මහත්වරුන් නිගමනය කළහ.ඉදිරිපත් වූ සාක්කි සමඟ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සලකා බැලූ මරණ පරීක්ෂකවරයා මේවා දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදු වූ හදිසි අනතුරු බවට තම තීන්දුව ප්‍රකාශයට පත් කෙළේය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
විකිපීඩියාවේ මකාදැමීමේ ප්‍රතිපත්තියයට අනුගතව මෙම ලිපිය මකාදැමුමට සලකාබැලෙමින් පවතී. Please share your thoughts on the matter at this article's entry on the Articles for deletion page. අදාල සාකච්ඡාව නිමවන තුරු ලිපිය හිස්කිරීම හෝ මෙම දැන්වීම ඉවත්කිරීම නොකලයුතුය. නමුත් ලිපිය සංස්කරණය කිරීමෙ නිදහස ඔබ සතුය. For more information, particularly on merging or moving the article during the discussion, read the Guide to deletion.%5B%5BWikipedia%3AArticles+for+deletion%2FHuman+blood+transpiration%5D%5DAFD Steps to list an article for deletion: {{subst:afd}} Preloaded debate OR {{subst:afd2|pg=Human blood transpiration|cat=|text=}} ~~~~ (categories) {{subst:afd3|pg=Human blood transpiration}} (add to top of list) Please consider notifying the author(s) by placing {{subst:adw|Human blood transpiration}} ~~~~ on their talk page(s). Unregistered users placing this tag on an article cannot complete the deletion nomination and should leave detailed reasons for deletion on සාකච්ඡාව:Human blood transpiration. If the nomination is not completed and no message is left on the talkpage, this tag may be removed. Human blood transpiration [[ගොනුව:Blood circulation of kidney |thu
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
තිස් වසරක් මුළුල්ලේ පැවැති යුදමය වාතාවරණය අවසන්වීම, යුද අවදානමක් ඇති රටවල්වල නාම ලේඛණයෙන් ශ්‍රී ලංකාව ඉවත්වීම යනාදි කරුණු හේතුකොට රටේ ව්‍යාපාරික හා ආයෝජන අංශවල ඇති වී තිබෙන සුබවාදී තත්ත්වය නිසා ‘ජී. එස්. පී + සහනය’ නොලැබුණත් ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැකි යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.සමාජ, ආර්ථික සංවර්ධනයට සාමය පැවැතීම විශාල පිටුබලයක් බව කී කබ්රාල් මහතා එවැනි තත්ත්වයක් දැන් රටේ ඇති වී තිබෙන බව ද සඳහන් කෙළේ ය.රජය සහ එක්සත් ජාතික පෙරමුණ නායකයින් අතර නොබෝදා ඇරඹී සහයෝගිතා දේශපාලන ප්‍රවණතාවය හා සාකච්ඡා මෙන් ම මැතිවරණ ප්‍රතිඵල වලින් ලද දේශපාලන ස්ථාවර බව සැලකිල්ලට ගත් කළ නව ආයෝජකයින්ට විශ්වාසයකින් රටේ ආර්ථිකය පණගැන්වීමට ඉඩකඩ සැලැසී ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ ය.ජී. එස්. පී. + සහනය නොලැබුණහොත් අපේ ආයෝජකයින්ට අවාසි සිදුවන බවට නැඟෙන චෝදනාව බැහැර කළ කබ්රාල් මහතා,ගත වූ වසර පහ තුළ රටේ සර්ව ආර්ථිකයේ ඇති කළ පැහැදිලි වර්ධනය නිසා ඊට නොබියව මුහුණදීමට අපේ ආයෝජකයින්ට හැකියාව ලැබී ඇතැයි ද කීය.උද්ධමනය අඩු මට්ටමක පවත්වා ගැනීම නිසා යෙදවුම් පිරිවැය මත ඇති වන පීඩනය අඩුවීම, පොලී අනුපාත අඩු මට්ටමක පවතින නිසා ණය පිරිවැය අඩුවීම, විදේශ සංචිත ඉහළයෑම නිසා, ආයෝජකයින්ගේ විශ්වාසනීයත්වය වැඩිවීම සහ රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම නිසා විනිමය වෙළඳපොළේ පුරෝකථනය කිරීම පහසුවීම සිදු වී ඇතැයි අධිපතිවරයා පැහැදිලි කෙළේය.ජී. එස්. පී. + සහනය අහිමි වී අපට සිදුවන ආවාසිදායක තත්ත්වය මඟහැරලීමට මේ වන විටත් රජය විශාල වැඩකොටසක් සිදුකොට ඇත.ඒ වැඩපිළිවෙළ යටතේ මෙරට ආයෝජකයින්ට අවශ්‍ය නම් දෙස් විදෙස් මූල්‍ය වෙළඳපොළවලින් අඩු හා සරල කොන්දේසි යටතේ අරමුදල් සපයා ගැනීමට අවශ්‍ය වාතාවරණය සකස් කර දී තිබේ.රක්ෂණ අධිභාරය අහෝසි කිරීම, දේශපාලන ස්ථාවරත්වය ළඟාකරගෙන තිබෙන නිසා, ආයෝජකයින්ගේ විශ්වාසනීයත්වය වැඩිදියුණු වී තිබේ. ඒ අනුව ‘බය නැතිව‘ නව ආයෝජන සිදු කිරීමට ආයෝජකයින්ට ඉඩසලසාදී ඇත.මෙරට ආයෝජකයින්ගේ කර්මාන්ත ශාලාවල ඵලදායිතාවය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය පියවර ගණනාවක් රජය ක්‍රියාත්මක කොට ඇත. ඉකුත් වසරේ යුරෝපයට යැවූ ඇඟලුම්වල වටිනාකම සම්පූර්ණ ඇගලුම් වටිනාකමින් සියයට 50ක් වේ.මින් සියයට 60ක් බදු සහනය ලබාගෙන ඇත. ඉතිරි 40ට බදු සහනය ලැබී නොමැත. යුරෝපා සංගමයෙන් මෙරටට දළ වශයෙන් යූරෝ මිලියන 78ක ශුද්ධ වාසියක් ලැබී ඇතැයි ගණන් බලා තිබෙන බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කෙළේය.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සංඛ්‍යාංක රූපවාහිනී (DTV) යනු ප්‍රතිසම ටීවීවල ප්‍රතිසම සංඥාවලට සන්සන්දනාත්මකව සංඛ්‍යාංක සංඛ්‍යා භාවිතය චලනය වන රූප හා ශබ්ද යැවීම හා ලබා ගැනීමයි. 1990 පසුභාගයේ දී හඳුන්වාදුන් මෙම තාක්ෂණය රූපවාහිනී සම්ප්‍රේශණ ව්‍යාපාරයට හා ඉලෙක්ට්‍රොනික් කර්මාන්තයට නව වාණිජමය අවස්ථා ලබා දෙමින් පිවිසීය. සංඛ්‍යාංක රූපවාහිනී ප්‍රතිසම රූපවාහිනීවලට වඩා සුනම්‍ය හා කාර්යක්ෂම වේ. විකාශනකරුවන් විසින් නියම ලෙස භාවිතා කළ විට සංඛ්‍යාංක රූපවාහිනී වඩා හොඳ තත්වයෙන් යුත් රූප හා ශබ්ද ලබා දෙන අතර වැඩි වැඩසටහන්ගත කිරීමේ අවස්ථා ද ලබා දේ. කෙසේ නමුත් DTV වඩා සුපිරි තාක්ෂණික තත්වයක් සපයන මුත් සංඛ්‍යාංක සංඥාවක් ප්‍රතිසම සංඥාවක් තරම් තත්වයෙන් යුතු රූප හෝ ශබ්ද ගෙන යන්නේ නැත.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ජූලි 13, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 194 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 195 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 171 ඉතිරිව තිබේ . This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කාලය බොහෝ ඉක්මන් ගමනකය.ඒ සමඟ මම ද යමි.ආපසු හැරි සිදු වු දේ පිළිබඳව සිතන්නට කාලය දැන් නොවේයි.එයට තව කල් ඇතැයි සිතමින්, දැනට මා ඔබ පෙන්වන මඟ යමින් සිටිමි.ඒ විශ්වාසය පමණක් පෙරදැරි කොට ගෙන මගේ ගමන යන්නෙමි.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මුලින්ම මේ ක බලන්නකෝ.. දෙවනුව මේකත් බලලම ඉන්නකෝ.. තෙවනුව දැන් මම කියන දේ බලන්ට..ඔන්න උඩ දෙක බලන්නෙ නැතුව එන්නෙ නෑ... හරී.....මෙන්න මේකයි සිද්දිය..මේ සිද්දිය උනේ 2013.01.08 දින සවස 6.00 ට පමන නාවල විමල විහාරය අසල...ආ ඊට ඉස්සෙල්ල කියන්න සෑහෙන්න දේවල් තියෙනවා...ආ බෑ ඒව පස්සෙ කියන්නම්...මේ ටික බලන්නකෝ....මේ තියෙන්නෙ කාර් එක සහ එහි රියදුරුපොලෝසිය මහත්වරු මාර්ගය ලකුණු කරමින්...එම රියදුරු අතින් සිදුවූ අනෙක් අනතුර... ආ බැලුව නේද...01. මොකද කස්ටිය හිතන්නෙ .....02. කාගෙද වරද..03. මොකද්ද මේකට ගන්න ඕන පිළියම....04. හිතන්නෙ මොන වගේ පිළියමක් ගත්ත කියලද..05. අනතුරින් බයික් එකේ ගිය කෙනා ඉතුරු වෙයිද..06. බයික් එක හදන්න කීයක් විතර යන්න ඇද්ද..ප්‍රශන කෝටියක් නේද..උත්තර ඕන ප්‍රශ්ණය කොමෙන්ට් කරන්න... බුහා.....එපා වෙනව බොල ජීවිතේ... මේ වගේ දෙයක් වෙනව කියන්නෙ ඇත්තටම පූරුවෙ පවක් සහ ලොකු පිණක් කරල තියෙන්න ඕන...මම බයික් එකේ විස්තරේ කියන්නම්..→ බයික් එක ගත්තේ 2013.05.21 වෙනිදා...→ හැප්පුනේ 2014.01.08 වෙනිදා..→ මේ වෙනකොට කිලෝ මීටර් 17250 ක් දුවල තියෙනවා..→ අනතුරු 06 ක් වෙලා තියෙනවා...→ සුළු අනතුරු 03 ක් සහ සමාන්‍ය ගනයේ අනතුරු 02 ක් සහ බරපතල අනතුරු 01 ක් ලෙස වාර්තාගත වෙනවා..උබල බලාවි මූ පාරක යන්න දන්නෙ නැති එකෙක් කියල.... උබල ඔක්කොම වැරදියි.. අනතුරු 06 න් 05 ක් ම මා අතින් සිදු නොවූ අනතුරු...ඒ කියන්නෙ සිංහලෙන් කියනවනම් "අහක යන කුණ්ඩවාල මගේ ඇගේ වැදිල යන්නේ.."මගේ අතින් වූ අනතුර උනේ වැසි දිනයක ලිස්සල ගිහිල්ල වැටුන එක...අනිත් අනතුරු මගේ අතින් උනේ නෑ කියල ඔප්පු කරන්න මගේ ලග පොලිස් පැමිණිලි 05 ක් තියෙනව..උබල බලාවි මොකටද පොලිස් පැමිණිලි ගන්නෙ කියල... යකුණේ ඉන්සිවුරන්ස් ක්ලේම් කරන්න මිසක් වෙන ඇට මගලයකටද....වෙච්චි දේ උනා... දැන් මම මොකද්ද කරන්න ඕන යකුනේ... ඉන්සිවුරන් වල ඉන්න බුවාලයි ෆිනෑස් වල ඉන්න බුවාලයි ඒ ගැන දැනුම් තේරුම් තියෙන බුවාලයි මට උපදෙසක් දියල්ලකෝ.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ගාල්ල හියාරේ සුන්දර වන පියසෙහි ලංකාවේ ප්‍රථම වන සත්ත්ව රෝහලක් පසුගියදා විවෘත කරනු ලැබීය. මෙය ලංකාවේ ප්‍රථම වනජීවී රෝහල වේ.වනජීවී දෙපාර්තමේන්තුව, ගාල්ල මහ නගර සභාව, ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය එක්ව මෙම වනජීවී රෝහල හියාරේ ජෛව විවිධත්ව කේන්ද්‍රයේ දී පිහිටුවනු ලැබීය.මේ වන විට තුරුගොමු වලින් සපිරි හියාරේ වනයේ විවිධ වර්ගයේ සතුන් 10 දෙනෙක් නේවාසිකව ආරක්ෂිත කූඩුවල ප්‍රතිකාර ලබයි. මිනිසා සතා සිව්පාවා ගහකොළ එකම යායක එක් එක් පුරුක් මෙන් ජීවත් වේ. මේ සියල්ල එක්වූ තැන අප හිතන සොඳුරු ලෝකය මැවෙන්නාක් වැනිය.මේ පිළිබඳව අදහස් දැක්වූ ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා:– අපේ ගාල්ල මහ නගර සභාවෙන් තමයි මෙහි පාලන කටයුතු කරන්නේ. පැළ තවාන් ඇති කර පැළ ලබා දීම, පරිසරවේදීන්ට පාසල් විශ්වවිද්‍යාල දරුවන්ටත් මෙහි ප්‍රයෝජන තියනවා. මෙය බලන්න එන්න. මම දේශපාලනඥයෙක් වශයෙන් නොවෙයි ගුරුවරයෙක් වශයෙන් අපේ දරුවන්ට කියන්නේ සතුන්ට සලකන්න පරිසරයට ආදරය කරන්න. එවිට අප ලෝකයටම ආදරය කළා වගේ යැයිගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ මධුරද සිල්වා මහතා: වන සතුන් රැකගැනීම ආරක්ෂා කර ගැනීම ඒ සඳහා- පරිසරයක් සැකසීම අප මුලසිටම සිදුකළා. යම් අනතුරකට පත් වූ සතුන් නිරතුරුවම ගෙන ආවේ හියාරේ වනයටයි. එය අප කාලාන්තරයක් තිස්සේ සිදුකළා. ඔවුන්ට ප්‍රතිකාර කළා. වන සතුන් ගෙනවිත් ප්‍රතිකාර ලබා දුන්නද ශල්‍යකර්ම සිදුකළද ඒ සඳහා නියමිත ස්ථානයක් තිබුණේ නෑ. අවශ්‍ය කූඩු තිබුණේ නෑ. නමුත් දැන් ඒ සඳහා සියලු පහසුකම් නියමිත ස්ථානයක් සියලු පහසුකම් අද මෙහි තිබෙනවා. කුරුළු විශේෂ කිිහිපයක්, මුවෝ, කිඹුලෝ, සර්පයෝ දැන් හරි අපූරුවට නිදහසේ ආරක්ෂාකාරීව අපේ පරිසරවේදීන්ගේ ආදරයෙන් ප්‍රතිකාරයෙන් සුවපත්වෙමින් සිටිති..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙම ලිපිය නවීන වාර්ගික කණ්ඩායම් පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, පිග්මි (වක්‍රෝත්තිහරණය) බලන්න. අප්‍රිකානු පිග්මිවරුන් සහ යුරෝපියානු ගවේෂකයෙක්. කැමරූන්හී නැගෙනහිර පළාතේ බාකා නැටුම්කරුවෝ මධ්‍යන්‍ය උස අසාමාන්‍ය ලෙසින් අඩු ලෝක ව්‍යාප්ත බොහෝ වාර්ගික කණ්ඩායම් සඳහා පිග්මි යන නම ව්‍යවහාර වෙයි; වැඩිහිටි පුරුෂයන් 150 සෙමී (59 අඟල්) ප්‍රමාණයකට අඩු මධ්‍යයන උසක් දක්වා පමණක් වැඩෙන ඕනෑම කණ්ඩායමක් මානව විද්‍යාඥයින් විසින් පිග්මි ලෙසින් අර්ථ දැක්වෙයි.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඉලංගම් මඩුව හෙවත් අංගම් මඩුවක් ලක්‌දිව සෑම ගමකම අංගම් සටන් ක්‍රම පුරුදු කරන මධ්‍යස්‌ථාන ඈත අතීතයේ පැවැති බවට සාක්‌ෂි අපමණය.මෙම මධ්‍යස්‌ථාන හඳුන්වනු ලැබුවේ "ඉලංගම් මඩුව" හෙවත් "ඉලංගම" යනුවෙනි. මෙම "ඉලංගම්" මඩුව හරඹ ශාලාවකින්ද යුක්‌ත විය. ඒ ඒ පාර්ශ්වවල සටන්කරුවන් සටන් බිම වෙත පෙරහැරේ කැටිව යැම සඳහා අවශ්‍ය නැට්‌ටුවන් හා වාදකයන් පුහුණු කරන "ඉලංගම්" මඩුව හෙවත් "ඉලංගම" යනුවෙන් හැඳින්වුණු ශාලාවකින්ද යුක්‌ත විය. මෙම හරඹ ශාලාවල උසස්‌ තනතුරු ලබාගැනීමට කවුරුත් ඉතා කැමැත්තක්‌ දැක්‌වූ බව පෙනේ. ඉලංගම් මඩුව ආශ්‍රිතව විවිධ සටන් කොටස් පුහුණු කරවීම සඳහා තැනූ ගුටි පිටිය, ගුස්ති පිටිය, පිනුම් පිටිය, පැනුම් පිටිය, දැකුම් පිටිය, දුනු පිටිය, දුවුරුම් පිටිය, ඌරා ළිඳ ආදීය සකසා ඇත. එමෙන්ම සටන් පුහුණුවීමේදී සිදුවන අනතුරුවලට ප්‍රතිකාර කිරීම සඳහා ඉලංගම් මඩුව ආශ්‍රිතව ඔසු උයන් නිර්මාණය කර ඇත. හෙළ වාස්තු විද්‍යාවේ සුවිශේෂී නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැක. [1]. බාහිර සබැඳුම්[සංස්කරණය] ↑ අංගම් පොර ශාස්‌ත්‍රීය විමර්ශන, ජයතිස්‌ස තෙන්නකෝන්.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ සම්මානනීය සිනමාපටය නිකිණි වැස්ස මෙම මස පළමු වැනිදා එනම් අද දහවල් 12 ට හිරු නාළිකාවේ විකාශය වේ. චාන්දනී සෙනෙවිරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, සුලෝචනා වීරසිංහ, තුමිඳු දොඩම්තැන්න, කුමාර තිරිමාදුර ආදී පිරිස මෙහි චරිත මැවූහ. නිකිණි වැස්ස වෛද්‍ය කුසුම්සිරි ද සිල්වාගේ නිෂ්පාදනයකි. මෙය රූපවාහිනියකින් විකාශය වන පළමු අවස්ථාව මෙය වේ.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දඹුල්ල මැතිවරණ කොට්ඨාශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාශය නම් ලද්දේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ, දඹුල්ල නගරය අනුව යමිනි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි. එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ වූ කොට්ඨාශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී දඹුල්ල මැතිවරණ කොට්ඨාශය වෙනුවට මාතලේ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාශය තුල ඡන්ද කොට්ඨාශයක් ලෙස දඹුල්ල දිගටම පවතියි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු[සංස්කරණය] සූචිය   ස්වාධීන     ශ්‍රී ලංකා නිදහස් පක්ෂය     එක්සත් ජාතික පක්ෂය   මැතිවරණය මන්ත්‍රීවරයා පක්ෂය කාල සීමාව 1947 එච්. බී. තෙන්නකෝන් 1947-1956 1952 1956 ටිකිරි බණ්ඩා තෙන්නකෝන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956-1977 මාර්තු 1960 ජූලි 1960 1965 1970 1977 කේ. ඩබ්. ආර්. එම්. ඒකනායක එක්සත් ජාතික පක්ෂය 1977-1989 ආශ්‍රිත[සංස්කරණය] ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව. 
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 1 වන සියවස – 2 වන සියවස – 3 වන සියවස දශක: 150ගණන් 160ගණන් 170ගණන් – 180ගණන් – 190ගණන් 200ගණන් 210ගණන් වසර: 180 181 182 183 184 185 186 187 188 189 ප්‍රවර්ග: උපත් – මරණ – වාස්තු විද්‍යාව සංස්ථාපන කිරීම් – විසංස්ථාපනය කිරීම්
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
යකඩ දෝලි දර්ශන තලයට ගිය සොඳුරු චාරිකාවතුසිතකැලණිය පූජා භූමිය අසල මා සිටි කුඩා අතු පාරෙහි වාහන දෙකක් මාරුවීමට ඉඩක් නොවීය. වාහනයක් යන සෑම මොහොතකම මෙඟහි කෙළවරටම වී සිටින්නට මට සිදු විය. හෝන් හඬ නංවමින් තවත් වාහනයක් පසුපසින් පැමිණෙයි. මම එයට ද යන්න ඉඩදී නැවතත් අයිනට වීමි.බරාස් . . . හඬ නංවමින් එය මා අසල නැවැත්වීය. හිස ඔසවා බැලූ මට එම වාහනය පොලිස් ජීප් රථයක් බැව් පෙනුණි. එහි ඉදිරි ද්වාරයෙහි වීදුරුව පාත් විය.තමා කොහෙද මේ යන්නේ? අවෙලාවේ ගමන් යන්න හොඳ නැහැ. නගිනවා ජීප් එකට.පොලිස් නිලදරුවකුගෙන් මට විධානයකි. ඔහුගේ වචනවල කිසිදු තෙතමනයක් නැත. අනික ‘අවේලාවේ’ යන වචන මට කිව්වේ ඇයිදැයි සිතා ගන්නට බැරිය. මන්ද යත් ඒ මොහොතේ කිසිදු අවෙලා ගතියක් නොතිබුණු හෙයිනි.මං මොකටද ජීප් එකට නගින්නෙ? මොකක්ද මං කළ වරද? මාව දන්නවද ඔයාලා?මගෙන් ප්‍රශ්න පත්‍රයකි.මම නම් ඔහේව අඳුරන්නේ නැහැ. ඒත් අපේ ලොකු මහත්තයා ඔය මූණ හොඳට දන්නවා.කෝ එයා?අන්න පිටිපස්සෙ ඉන්නවා.රථයේ පිටුපස දොරෙහි වීදුරුව පහත් විය. ඔහු කියූ දෙය නිවැරිදිය. පොලිස් ස්ථානාධිපතිවරයකු ලෙස සැරසී සිටි ඔහු බුද්ධදාස විතානාච්චිය.නගින්න නගින්න යං අපි යන තැනට.ඔහුගේ වචනවල කරුණාව ගැබ්ව ඇත.බුද්ධි අයියා කවදා ඉඳලද පොලීසියට බැඳුණේ?තුසිත ද සිල්වා තමයි මාව මේ සේවයට ඇතුළත් කළේ.ඔහු කියන නම මට හුරුය. ධවල කඩුල්ල, පුංචිරාල, පාරමිතා, පුනරාගමනය වැනි ටෙලි නාට්‍ය තැනුවේ ඔහුය.කතාබස් කරමින් අප පැමිණියේ ඔවුන් හඳුනන මා නාඳුනන තැනකටය.තුසිත පෙරමගට ඇවිත් සිටියේය.ආ . . . මේ යාළුවෙකුත් මුණ ගැහිලා තියෙන්නේ?ඔහු මගේ කරට අතක් දැමීය. මේක තමයි මගේ අලුත්ම නාට්‍ය නිර්මාණය වන තැන. ඒකේ නම යකඩ දෝලි.වට පිට බැලූ මට දර්ශන තලයේ සිටින වසන්ති චතුරානි ගිරිරාජ් කෞශල්‍ය, ප්‍රියංකා සමරවීර, එරංග ජීවන්ත යන අයව දැක බලා ගත හැකි විය. ඒ අතර උන්නු තවත් නව යෞවනියකි. දීපා මෙහ්තාගේ වෝටර් චිත්‍රපටයෙන් ඇයගේ පුංචි කාලයේ රංගන හැකියාවන් අත්වින්දෙමු. දීර්ඝ කාලයකට පසු ඇය රංගනයට අවතීර්ණ වී ඇත. ඇය සරලා කාරියවසම්ය.මෙයා තමයි නාට්‍යයේ මගේ දුව.වසන්ති සරලාව තුරුළට ගත්තාය.යකඩ දෝලි ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට හසු වූ කාන්තාවක් වටා ගොඩ නැගෙන්නකි. එම චරිතය වසන්ති රඟනු ලබයි. යකඩ දෝලි වසන්තිගේ නිෂ්පාදනයක් බව ද කිව යුතුයි.ගිරිරාජ් මෙහි පොලිස් නිලධාරියකු මෙන් වෙස් ගන්වා ඇති අයුරින් දෙවතාවක් බැලුවොත් මිසක හඳුනාගන්නට බැරිය.එනවද යන්න පොඩි ගමනක්? වැඩිදුර නෙවෙයි අල්ලපු වත්තට?ඔහු මගෙන් විමසයි. මම කැමැත්ත දෙන්නට ප්‍රථම තුසිත මාව එම ගමනට එකතුª කර ගත්තේය.ගිරිරාජ්ගේ අපූරු වැඩ ගැන මම මීට ප්‍රථම අසා ඇත්තෙමි. එහෙයින් මේ ගමන ද මට දෙගිඩියාවකි.ගිරා නැවතුණේ අසල ඇති ෆාමසියක් ළඟය. අපට එළියෙන් ඉන්නට යැයි පවසමින් ඔහු ඇතුළට ගියේය.නෝනා, මගේ ඔළුව පුපුරන්න වගේ. වෙලාවකට කොන්දට අකුණු ගහනවා වගේ. දෙන්නකෝ බෙහෙතක්?ගිරා එහෙම කියනු අපිට ඇසෙයි.එතැන සිටි තැනැත්තිය ගිරාගේ ක්‍රියාකාරකම්වලට අසරණ වී ඇත.මේකා මට කිව්වේ පැරසිටමෝල් පෙත්තක් ගන්න යනවා කියලානේ. මොනවද මේ කරන්නේ?තුසිත විමතියට පත්ව ඇත.මේ ෆාමසියට බලපත්‍ර තියනවද?ගිරා තවත් ප්‍රශ්න කරයි.අවසන ගිරා එළියට පැමිණියේ හිස් අතිනි.බෙහෙත් ගත්තද?මට ඕන බෙහෙතක් නැහැ. නිකම් ආවේ. කාවවත් බයිට් කෙරුවෙත් නැහැනේ, ඒකයි.අපි නැවත දර්ශන තලයට ආවේ හොඳට හිනාවෙමිනි.ප්‍රියංකාගේ අතෙහි තරමක් විශාල ජෝගුවකි.දන්නවද මේක ඇතුළෙ තියෙන්නේ මොකක්ද කියලා?නැහැ යනුවෙන් මම හිස දෙපසට සැලුවෙමි.මේකෙ තියෙන්නේ මගේ දත් සෙට් එක.මොකක්?ඔව් . . . ඔව් . . .ඇය නිවස තුළට ගොස් ආපහු ආවේ එය කටෙහි පැලඳය. දැන් ඇය මුව විවර කළ විට භයානක ස්වරූපයක් ගනී. ප්‍රියංකා මෙහි රඟන සිත්තම්මා චරිතයට අනුව එය මනාව ගැළපේ.මම ඇය සමඟ සරලාව සිටුවා සේයාරූ කිහිපයක් ලබා ගත්තෙමි.ප්‍රියංකා අක්කලෑ ගෙදර ඉස්සරහින් මිනිස්සු යන්න බයයිලු. මෙයා දත්සෙට් එක දාගෙන ඒ පැත්තෙ ඉන්න ගොඩක් අයව බය කරලා.සරලාගෙන් පුංචි විහිළුවකි.අප සැමට නිශ්ශබ්ද වන්නට යැයි විධානයක් ලැබිණ.ඇක්ෂන් . . .තුසිත, වසන්ති සහ එරංග සිටිනා දර්ශනයක් රූගත කරයි.ඒ ඇසිල්ලෙහි මම මෙහි සෙසු රංගන ශිල්පීන් සහ නිෂ්පාදන කණ්ඩායම ගැන සහාය අධ්‍යක්ෂවරයකුගෙන් අසා ගත්තෙමි.සටහන සහ ඡායාරූප – ප්‍රසාද් සමරතුංග
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අනුරාධපුර පූජා නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයේ ගම්මාන ගල්නෑව, ඉපලෝගම ඇතුළු ප්‍රදේශ රැසක රිළා උවදුර තදින් පැතිර යමින් පවතී. රිළා රංචු විසින් තම භව බෝග සම්පත් විනාශ කර දැමීම වළකාලීම සඳහා කඩිනමින් සහන සැලසීමේ වැඩපිළිවෙළක් අරඹන මෙන් ගොවි සංවිධාන හා ජනතා සංවිධාන වෙතින් අනුරාධපුර දිසා ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතාට සහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව වෙත බොහෝ පැමිණිලි ලැබෙමින් පවතී.කරදරකාරී හා විනාශකාරි රිළා රංචු ජන ශූන්‍ය ආරක්‍ෂිත ප්‍රදේශ හා රක්‍ෂිත තුළට පලවා හැරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා මෙන් දිසා ලේකම්වරයා විසින් දැනටමත් වනජීවි බලධාරීන්ට දැනුම් දී ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ බල පවත්නා අලි - මිනිස් ගැටුමට අමතරව රිළා - මිනිස් ගැටුම සමනය කිරීම සඳහා මැදිහත්වීමට වන ජීවි නිලධාරීන්ට සිදුව ඇතැයි සහකාර වන ජීවි සංරක්‍ෂණ අධ්‍යක්‍ෂ ඩබ්. එස්. වේරගම මහතා පැවසීය.මෑතක දී ගල්නෑව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තුළ සතියක් ඇතුළත 20 – 30 අතර පිරිසක් රිළවුන්ගේ සපාකෑම් වලට ලක්ව සිටිතැයි ප්‍රාදේශීය ලේකම් ස්වර්ණා එදිරිසිංහ මහත්මිය විසින් අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට වාර්තා කර තිබුණි.ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 508 තුලාන ඇතුලු ගම් නියම්ගම් රැසක රිළා උවදුර තදින් බලපවත්නා බව ගොවි නියෝජිතයෝ පෙන්වා දෙති.රිළා උවදුර සමනය කිරීම සම්බන්ධයෙන් වන ජීවි නිලධාරීන් සමග ඵලදායී සාකච්ඡා වලින් පසු හිංසාකාරී නොවන අන්දමින් මෙම සතුන් වනාන්තර ප්‍රදේශ තුළට පලවා හැරීමට කටයුතු යොදන මෙන් ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් රුවන් පාලිත සත්කුමාර මහතා හට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හරහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.මේ අතර අනුරාධපුර පූජා නගරය හා අවට රිළවුන් විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති අතර වන්දනාකරුවන්ට දෙස් විදෙස් සංචාරකයින්ට ජය ශ්‍රී මහා බෝ සමිඳු ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගැනීම හා නැරඹීමට යාමේ දී රිළවුන්ගේ සපාකෑම්වලට ලක්වීමට සිදුව ඇති බව ද වාර්තා වෙයි.කිරි ආහාර පලතුරු ඇතුළු විවිධ පූජා භාණ්ඩ උදුරා ගැනීම අපිරිසිදු කිරීම පිළිබඳ සිදුවීම් නිරන්තරයෙන් හට ගන්නා අතර පූජා නගර නීති රෙගුලාසි අනුව මේ සඳහා වනජීවි දෙපාර්තමේන්තුවට ඍජුව මැදිහත්වීමට නොහැකි බව වනජීවි අඩවි නිලධාරි ඩබ්. ඒ. සරත් මහතා සඳහන් කළේ ය.වඳුරු හා රිලා රංචු නිසා දිවි නැගුම, අපි වවමු රට නගමු හා දැයට කිරුළ ව්‍යාපෘති යටතේ තුලාන් මට්ටමින් දියත් කර ඇති භෝග වගා වැඩසටහන් කෙරෙහි ඉතා අහිතකර බලපෑමක් සිදුව ඇති බවද ගොවීහු අවධාරණය කරති.මේ අතර මිනිසුන් විසින් නීති විරෝධිව තනා ගත් ආයුධ මගින් රිළවුන්ට හා වඳුරන්ට වෙඩි තැබීම් සිදු කිරීම නිසා එම සතුන් දරුණු තුවාල සිදුවීමේ හා මිය යාමේ බලවත් තර්ජනයක් ද එල්ලවී ඇතැයි ඉපලෝගම ගොවි නියෝජිත සිසිර කුමාර මහතා සඳහන් කරයි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වැරදි කරන තැනකියන කියන කට.....කැපි කැපි විසිරෙනචීත්ත වාටි.....බලන බලන අතබිඳෙන බැඳෙන බැමි....වැටි වැටි නැගිටිනසිතිවිලි පේළි....ඇසෙන පෙනෙන සර...මුවග රැඳුනු තෙත....ඉපිලී සැඟවෙන....රේන්ද පේළි....අතර වැදුනු සිත.....නොදැන දැවෙන විස...යලි යලි වලිකයි....හිඳින්න පේවී.....මල් සුවඳට දහදියමුහුවී......අඳුන් දෙ ඉර යටගිනි ඇවිලී.....පනට වඩා පිනලෙන්ගතුවී.....ඉගිලෙන්න හදයිජය ටැඹ එසැවී....එළිය ඇවිත් අඳුරේසැතපී.....රවටන්න හදයිනෙත් අඳ මලැවී....හුයෙන් බැඳුනුරූපය බොඳවී.........පැන යන්න හදයිනොදැමුණු සිතැඟී.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ක්ෂිතිජ ඉමේ සිඳු ගැඹරේ කරදිය අඳුරු ජලාසේ අකුණු වැදී හබල බිඳී වැලපෙන අඳුරු තලාවේ රුවල් ඉරී ඔරුව කිඳී යාදෝ පවන් රැලේ මෙතෙර බලා ඒදෝ දියඹේ සත්වන රළ කැලඹේ ලන්තෑරුම් එළි නිවි නිවි දිලෙනා අගාධ සයුරේ තැවෙනා ඔරුවක ඡායා යළි නේන ගමනේ කළුවර විනිවිද ඇදේ . . . වෙරළේ කකියන වැලි කතරේ පෙරගිය උන්ගේ පියවර රේඛා කාටත් රහසේ මැකෙනා ලෙන්ගතු දෑසේ බෙලහීන බැල්මේ ඇදියන් රුව ඔරු කඳේ . . .පද රචනය – ආචාර්ය අජන්තා රණසිංහ සංගීතය – එච්. එම්. ජයවර්ධන ගායනය – පණ්ඩිත් අමරදේව ඇතුළු පිරිස
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
රංගන ශිල්පිනීරුවන්ති මංගලාමම නම් මේ දවස්වල වැඩි කාලයක් ගත කරන්නේ දේශපාලන කටයුතු සමඟයි. ඒ හැරුණාම සමාජ සේවා කටයුතු රැසකටත් දායක වෙනවා. මේ නිසා දැන් මමයි නාමලුයි දෙන්නම ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. දැන් අපේ දරුවෝ ලොකුයි.ඒ වුණත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් නිතරම හොයලා බලන්න ඕනෑ. ඒ හැරුණාම කලා කටයුතුවල ඉදිරියට ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියනවා. මෙ මාසයේ අන්තිමට එහි රූගත කිරීම්වලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.තිලානි / යතේජාඡායාරූප – ටෙනී / මාලන්  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මොසිල්ලා පදනම Logo of the Mozilla Foundation (See: the Mozilla mascot) ප්‍රාරම්භකයා(යන්) Mozilla Organization වර්ගය 501(c)(3) ස්ථාපිත වූවේ 2003 ජූලි 15 ස්ථානය Mountain View, California, USA මූලාරම්භය Mozilla Organization Products මොසිල්ලා ෆයර්ෆොක්ස් Mozilla Thunderbird e-mail client List of Mozilla Foundation products අවධානය යොමු කරන්නේ අන්තර්ජාලය ආදායම් $123.2 million (2010) Subsidiaries Mozilla Corp. Mozilla Messaging Inc. වෙබ් අඩවිය mozilla.org Entrance to downtown Mountain View office building currently home to both the Mozilla Foundation and the Mozilla Corporation Former office next to the Googleplex shared by both the Mozilla Foundation and the Mozilla Corporation until July 2009 මොසිල්ලා පදනම යනු විවෘත කේත මොසිල්ලා ව්‍යාපාරයට සහයෝගය දීමට සහ නායකත්වය සැපයීමට පවතින ලාභ නොපතන ආයතනයකි. එය 2003 ජූලි මස දී පිහිටුවන ලදී. එය විසින් සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති සැකසීම, යටිතල පහසුකම් පාලනය කිරීම, මොසිල්ලා සතු වෙළෙඳ ලකුණු සහ ප්‍රකාශන හිමිකම් ආරක්ෂා කිරීම වැනි කටයුතු කරනු ලැබේ.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වන අගමැති රත්නසිරි විත්‍රමනායක මහතාගේ දේශපාලන දිවියට වසර පනහක් සපිරෙයි. 1960 මාර්තු මස 19 වැනිදා සිය දේශපාලන ගමන ආරම්භ කළ වික්‍රමනායක මහතා එඩිතර හා අවංක නායකයකු වශයෙන් ජනාදරයට පත්ව සිටී. දේශාලන දිවියේ පනස්වැනි වර්ෂ පූර්ණය නිමිත්තෙන් සංවිධානය කෙරුණු උපහාර සියල්ල අගමැතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.සියලු උපහාර ලැබිය යුත්තේ ජනතාවට බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව එම සංවිධාන කළුතර දිස්ත්‍රික්කයේ පදිංචි වියපත් සුවිශේෂී පුද්ගලයන් වෙත වෛද්‍ය රක්ෂණවරණයක් පිරිනැමීමට තීරණය කර තිබේ.මේ සඳහා ඔවුන්ගෙන් වාරික මුදල් අය නොකෙරෙන අතර රාජ්‍ය මුදල් යොදා නොගැනේ. කළුතර ජනතාවට උපහාර දැක්වීමේ කමිටුව“ නමැති සංවිධානය විසින් මේ කටයුතු සංවිධානය කෙරෙන අතර එහි සභාපති ධූරය කලාශූරී අරිසෙන් අහුබුදු මහතා විසින් ද ලේකම් ධූරය ප්‍රවීණ ලේඛක ලීල් ගුණසේකර මහතා විසින් ද දරණු ලබයි.පාරම්පරික දේශීය වෛද්‍යවරුන්,, දහම් පාසල් ගුරුවරුන්, ධර්මාචාර්ය විභාග සමතුන් පෙර පාසල් ගුරුවරියන්, විශ්‍රාමික රාජ්‍ය සේවකයන්, මාධ්‍ය වේදීන්, සාමාදාන විනිසුරුවන්, සම්ප්‍රදායික නර්තන ශිල්පීන් දෛවඥයන්, පරිසර වේදීන්, මන්ත්‍රාචාර්යවරුන් සමූපකාර සේවකයන් හා අධ්‍යක්ෂවරුන්, රණවිරුවන් හා දෙමාපියන් (දැනට දීමනා නොලබන) වාද්‍ය ශිල්පීන්, ප්‍රසාංගික කලාකරුවන් ඇතුළු පිරිස් මේ සඳහා සුදුසුකම් ලබති.සම්පූර්ණ නම, ලිපිනය, උපන්දිනය, හැඳුනුම්පත් අංකය, නියෝජනය කරන ක්ෂේත්‍රය අඩංගු අයැදුම්පතක් ප්‍රදේශයේ විහාරස්ථානයේ නායක හිමියන්ගේ නිර්දේශය සහිතව “කළුතර ජනතාවට උපහාර දැක්වීමේ කමිටුව“ අංක 58 ශ්‍රීමත් අර්නස්ට්ද සිල්වා මාවත, කොළඹ 07 ලිපිනයට මාර්තු මස 05 දිනට පෙර එවන මෙන් ඉල්ලීමක් ද කෙරේ.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
.දන්නවද . ඇමරිකාවෙ එක්තරා නගරයක නගරාධිපති මිනිහෙක් නෙවෙයි පූසෙක්.ඇලස්කාවෙ Talkeetna කියන නගරයේ තමයි මේ අපූරු පූස් නගරාධිපති තුමා ඉන්නෙ. Stubbs යන නමින් හැඳින්වෙන මේ අපූරු පූස් නගරාධිපතිතුමා 1997 වසරේ සිට මේ දක්වාම (2014) අඛණ්ඩව Talkeetna නගරයේ නගරාධිපති ධුරය හොබවනවා.දේශපාලකයෙක්ව නගරාධිපති තනතුරට පත් කර ගත්තට වැඩක් නෑ කියල හිතපු නගර වැසියො එකතු වෙලා Stubbs කියන නැට්ටක් නැති පූසව නගරාධිපති තනතුරට පත් කර ගත්තලු. මේ ඉන්නෙ නැට්ට නැති නගරාධිපතිමේක විහිලුවට වගේ කරපු දෙයක් වුණත් මේ ගැන ආරංචිය පැතිරුණාම මේ අපූරු නගරාධිපතිවරයාව බලන්න සංචාරකයො වැල නොකැඩී එන්න පටන් ගත්තලු. ඒකෙන් සංචාරක කර්මාන්තය දියුණු වෙලා නගරය දියුණු වෙන්න පටන් ගත්තලු. ඉතින් නගර වැසියන්ටත් සතුටුයිලු. ඉතින් නගර වැසියො තීරණය කළාලු Stubbs ව යාවජීව නගරාධිපති හැටියට දිගටම තියා ගන්න.නගරාධිපති තැන්පත් ස්ටබ්ස් මැතිතුමාමේ නගරාධිපතිතුමාට එච්චර බරපතල වැඩ රාජකාරි පැවරිලා නෑ. සංචාරකයන් ඉදිරියේ පෙනී සිටල පුරු පුරු ගාන එකයි නගරෙ තියෙන වෙළඳසැල් වලට ගිහින් ඒවයින් දෙන භෝජන සංග්‍රහ භුක්ති විඳින එකයි තමයි නගරාධිපතිතුමට අයිති ප්‍රධානම සෙරමෝනියල් රාජකාරි. ඊට අමතරව වාර්ෂික අයවැය ලේඛනය වගේ වැදගත් ලියකියවිලි වලට මඩ ගෑවුණු බළල් අඩි සළකුණක් තියලා ඒවා අනුමත කරන එකත් නගරාධිපතිතුමාගෙ රාජකාරියක්.සංචාරකයෙක් නගරාධිපති තුමාව කුචි කුචි කරන අවස්ථාවක්නගරාධිපතිතුමාට පොඩ්ඩක් විතර තරහ ගිහින්අපේ නගරාධිපති තුමාට පහුගිය දවස් වල පොඩි අකරතැබ්බයකටත් මුහුණ දෙන්න වුණා. එතුමාගේ ආරක්ෂාවට හිටපු බ්ලැක් කැට් කොමාන්ඩෝස්ලගෙ සුලු අතපසුවීමකින් ප්‍රයෝජන ගත්ත මැර බවුවෙක් එතුමාව හපා කාලා. කොහොම වුණත් මේ වෙනකොට නගරාධිපතිතුමා සුවපත් වෙලා හොඳ සෞඛ‍ය තත්වයෙන් ඉන්නවලු.නගරාධිපතිතුමාට එල්ල වූ අමානුෂික ප්‍රහාරය ගැන CNN ප්‍රවෘත්ති සේවය ගෙන ආ Breaking News එකක් මේ.com/2013/09/04/us/alaska-cat-mayor-attacked/ ]Breaking News by CNNනගරාධිපති තැන්පත් ස්ටබ්ස් මැතිතුමාට චිරාත් කාලයක් යෙහෙන් වැජඹී දශරාජ ධර්මයෙන් නගරය පාලනය කිරීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා. අසා සිටි ඔබ සැමට ස්තූතියි. අපේ ස්ටබ්ස් මැතිතුමාට ජයශ්‍රී ...ඤාව් ඤාව් ඤාව් ඤාවෝ ... ප.ලි====** ලංකාවෙ ජනාධිපති විදිහට පූසෙක්ව පත් කර ගත්තනම් අපේ රටත් බලාගෙන ඉන්දෙද්දිම දියුණු වෙයි. [ 17 - Feb - 2014 ].
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මේ යුගය නිදහස් අධ්‍යාපනය බල්ලාට ගිය යුගයක් ලෙස හැදින්විය හැක. ඒ මන්ද යත් දැන් දැන් රජයේ අධ්‍යාපන ආයතන තුල සිසුන් අපහසුතාවයට ලක් කරන අශික්කිත අධම ක්‍රියාකලාපයක් පවතින බැවිනි. 1943 දී C. කන්නන්ගර ශ්‍රීමතානන් ලබාදුන් නිදහස් අධ්‍යාපනය දැන් දැන් වල පල්ලට යමින් තිබේ. එතුමානන් 1942 කොමිටියක් පත් කර 1943 වන විට පහත සදහන් වරප්‍රසාද සිසුන් හට ලබා දෙන ලදිබාලාංශ පංතිවල සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය නොමිලේ ලබාදීම.ප්‍රාථමික පාසල්වල ඉගැන්වීම් මාධ්‍යය මව්භාෂාව විය යුතු වීම.තුන්වන පංතියේ සිට ඉංග්‍රීසි සෑම පාසලකම ඉගැන්වීම.චිත්තවේගයන් පිළිබද අධ්‍යාපනය ප්‍රායෝගික හා බුද්ධිමය අධ්‍යාපනය තරම්ම වැදගත් වවීම.ඔහු ආදර්ශ සම්පන්න අධ්‍යාපන ඇමතිවරයෙක් විය. සිසුන් හට ශිෂ්‍යාධාර ක්‍රමයක්ද හදුන්වා දුන් ඔහු ඇත්තෙන්ම දෙවි කෙනෙක් හා සමාන මහත්මයෙකි. නමුත් වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා හුදෙක් විහිලු සපයන්නෙක් පමනක්ම වී තිබේ. විභාග අසමත් වන පිරිස වැඩි වන විට ඔහු කිවේ විභාගයේ පාස් කරන ලකුනු 30 සිට 15 දක්වා අඩු කරනවා කියාය ඔවු එවිට සංඛ්‍යාවක් ලෙස පාස් වන පිරිස වැඩිවේ. නමුත් ලමුන්ගේ ප්‍රගතියක් දැක ගැනීමට නොහැක ඒ වත්මන් අධ්‍යාපන ඇමති වරයාගේ ප්‍රතිපත්තියයි. මෙය ගෙන ආවේ සාමාන්‍ය පෙල ගණිතය ප්‍රශ්න පත්‍රය සදහායි.වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා ATI පද්ධතියට පැමිණි සෑම අවස්තාවකම කිවූයේ අපි මෙය විශ්වවිද්‍යාල බවට පත් කරන බවයි. ඒ යුනිවසිටි කොලේජ් බවට පත් කිරීමෙන් බව ඔහු පැවසූයේ රෙද්දක්ද ඇදගෙනය. නමුත් යුනිවසිටි කොලේජ් කෙසේ වෙතත් දැන් ATI පද්ධතිය කඩා වැටීමකට ලක්වෙමින් පවතී. ඔවුන් මුලින්ම සිදු කලේ ශිෂ්‍යයන් කප්පාදු කිරීමයි. අන් වසර වලට සාපේක්ෂව මෙම වසර තුල සියලුම පාඨමාලා වලට බදවා ගත් සිසුන් සංඛ්‍යාව අඩුවී තිබේ. දැන් අලුත්ම නාඩගම වී තිබෙන්නේ ප්‍රශ්න පත්‍රයක් නැවත ලිවීම සදහා එනම් රිපීට් කිරීම සදහා ගාස්තුවක් අය කිරීමට කටයුතු සලසා තිබීමයි. එයත් ලේසි පහසු මුදලක් නොව 500 ක මුදලකි. නමුත් සාකච්චා වලින් පසු එය 200 දක්වා අඩු කර තිබේ. සමහර ලමුන් හට විෂයයන් පහ හය රිපීට් කිරීමට වන අවස්තා අනන්තවත් ඇත. එවිට එම ශිෂ්‍යයෙකු රුපියල් 1000 කට වැඩි මුදලක් ගෙවිය යුතු වේ. මේ සිදු කර ඇත්තේ මුල් පියවරක් පමනි මෙම වසරේ මුලදී දෙහිවල ආයතන තුල මෙන්ම අනෙක් ආයතන තුලත් ප්‍රතිසංස්කරන කටයුතු කඩිනමින් සිදුකෙරුනි. පාරවල් පවා තාර දමා ප්‍රතිසංස්කරනය කරන ලදි. අප හට පවතින බියනම් මෙම ආයතන පද්ධතිය අර්ධ රජයේ හෝ පෞද්ගලික කරනය කිරීමට සැරසේදැයි කියායි. මන්ද යත් මෙය විශ්වවිද්‍යාල සිසුන් මර්ධනය කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල විවෘත කරන සමයක් නිසායි.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙම ලිපිය හෝ ලිපි කොටස 2001 සැප්තැම්බර් 11 ප්‍රහාර සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) ස්පාඥ්ඥ අධිකරණයට අනුව මොරොක්කෝ, සිරියා, සහ ඇල්ජිරියානු අල්කයිඩා සංවිධානය අනුගමනය කරන කණ්ඩායම්, ගාඩියා සිවිල් හි 02 හා ස්පාඥ්ඥ පොලිස් තොරතුරැ සපයන්නන් 02කු මෙම ප්‍රහාරය සිදු කර ඇති බව විශ්වාස කරයි. 2006 අප්‍රේල් 11 වනා හි විනිසුරැ ජුවාන් ඩෙල් ඔල්මෝ විසින් දුම්රිය බෝම්බ ප්‍රහාරයකට සැක පිට සැකකරැවන් 29 දෙනෙකු චෝදනාවට ලක් කර ඇත. අල්කයිඩා සංවිධානයේ සබදතාවක් පැවැති බවට සාක්ෂි හමු නොවුනත් අල් කයිඩා සංවිධානයේ අබු හෆ්ස් අල් - මස්රි බ්‍රිගේඩ් නම් ත්‍රස්තවාදියා විසින් ප්‍රහාරය දිනයේ දී ප්‍රකාශයක් නිකුත් කර ඇති බව අණාවරනය වී ඇත. කෙසේ වෙතත් ඇ.එ. ජ නිළධාරින් ප්‍රකාශ කරන්නේ මෙම කණ්ඩායම " නාහෙට අහන්නේ නැති " ( කිසි විටෙක විශ්වාස කළ නොහැකි ) කණ්ඩායමක් බවයි. 2007 අගෝස්තුවේ හීදී අල්කයිඩා ප්‍රකාශ කරන ලද්දේ මෙම ප්‍රහාරය පිළිබද තමන් ආඩම්බර වන බවයි. " ද ඉන්ඩිපෙන්ඩන්ට්" නම් පුවත්පත වාර්තා කරන අන්දමට " ප්‍රහාරය සදහා යොදා ගත් නවීන ගමන් මළු බෝම්බය පිළිබදව ඒවා නිෂ්පාදනය කළ අය පැවසුවේ එවන් උපකරණ මොරොක්කෝ රැඩිකල් ඉස්ලාමීය සටන්කාමීකණ්ඩායම් උපදෙස් මත ඇෆ්ගනිස්තානයේ ජලලාබාද් පුහුණු කදවුරේදි තමන් අවබෝධයක් ලබා ගත් බවයි. " ත්‍රස්තවාදය වැළැක්වීම් ජාතික අනුස්මරණ ආයතනයට (MIPT) අනුව මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් මොරොක්කෝ ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම හා සබදතා පවත්වා ඇත. මොහොමෙඩියාහි හසන් විශ්ව විද්‍යාලයේ දේශපාලන විදයාව පිළිබද මහාචාර්‍යයවරයෙකු වු මොහොමඩ් ඩරිෆ්ට එරෙහිව මොරොක්කෝ සටන්කාමී කණ්ඩායම් ඉතිහාසය ඇෆ්ගන්ස්තාන අල්කයිඩා සංවිධානයේ නැගී සිටිමත් සමග බැදී සිටී. ඩරිෆ්ට අනුව, "1990 අගභාගයේ සිට එනම් එහි ආරම්භයේ හා 2001 වන තෙක් මෙම සංවිධානයේ කටයුතු සීමා වුයේ මොරොක්කොවේ අල්කයිඩා සංවිධානයට උපකරණ / ආයුධ වලින් සහයෝගය ලබා දීම තම සාමාජිකයන්ට වාසය කිරිමට සුදුසු ස්තාන ලබා දීම ව්‍යාජ ලියකියවිලි සකසා දීම, මොරොක්කෝ ජාතිකයන් සමග විවාහා වීමට අවස්ථාවක් ලබා දීම සහ යුරෝපය පුරා ගමන් කිරිමට හැකි අයුරින් ව්‍යාජ හැදුනුම්පත් සකසා දීම ඒ අතරින් පුධාන වේ. සැප්තැම්බර් 11 නක දා තෙක්, කෙසේ වෙතත්, එතෙක් මෙම සංවිධානයට විරැද්ධව ක්‍රියා නොකල මොරොක්කෝව ත්‍රස්තවාදයට එරෙහි ව්‍යාපාරයට දායක වීමත් සමග තම උපක්‍රම වලට විරාමය තැබු මොවුන් මොරොක්කෝව තුළ ත්‍රස්තක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරිම ආරම්භ කරන ලදී. රොජෙලියෝ අලොන්සේ නම් විද්වතාට අනුව අනුව , " පරික්ෂණ කටයුතු තුලින් අල්කයිඩා සහ මැඩ්රිඩ් සැකකරැවන් අතර පැවති සබදතා හෙළි දරවු වී ඇති බව " ප්‍රකාශ කරන ලදී. ස්කොට් ඇට්රන් නම් විද්වතාට අනුව " අල්කයිඩා සංවිධානය සමග සබදතා ඇති බවට කිසිම සාධකයක් නැත. අප මේ ඉරයට සෙසෙන් බොහෝ දෙනෙකුගෙන් ප්‍රශ්ණ කලත් ඒ ආකාරයේ සබදතාවයක් අපට දැකගන්නට හැකි වුයේ නැත." යුරෝපීය උපක්‍රමික යුද්ධමය හා ආරක්ෂන මධ්‍යස්තානයට අනුව ඉස්ලාමීය නොවන සංවිධානයක් සමග ඉස්ලාමීය සංවිධානයක් එකතු වීම ඉස්ලාමීය ත්‍රස්ත ඉතිහාසය තුළ සිදුවු පළමුවැනි අවස්ථාව වේ.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සුදු නංගි කිව්වම කවුද ඇයව නොදන්නේ. ඇත්ත නම අයෝමි ශානිකා වුණත් මුළු රටම ඇයව හඳුනන්නේ සුදු නංගි කිව්වම.අයෝමි දැන් ආයුර්වේද වෛද්‍යවරියක්. ඒ වෘත්තිය හරි හැටි කරන ගමන් ඇය රංගනය ද හොඳින් කරගෙන යනවා.ඒ කටයුතු එලෙස වෙද්දී අයෝමි ජීවිතයේ තවත් වැදගත් සන්ධිස්ථානයකට පසුගියදා එළඹුණා. තවත් පැහැදිලි කළොත් අයෝමි විවාහ ගිවිස ගත්තා.ඒ පිළිබඳ ඇය ඉස්ඉස්සෙල්ලාම හෙළිදරව් කළේ ‘සරසවිය’ට. අයෝමි සිතේ උපන් සොම්නස වචනවලට පෙරළුවේ මෙන්න මෙහෙමයි.* අයෝමි හරිම සතුටින් වගෙයි මේ දවස්වල ඉන්නේ?ඇත්තෙන්ම. විවාහය කියන්නේ ජීවිතයේ අලුත් පිටුවක ආරම්භයයි. මනුෂ්‍යයකුගේ දෙවන උපතයි විවාහය. විවාහ වෙන්න දෙදෙනකුගේ අදහස් හොඳටම ගැළපෙන්න ඕනෑ.මටත් ඒ වගේ කෙනෙක් ලැබුණා. එයාගේ නම චින්තක දොළපිහිල්ල. චින්තකයි මමයි හිතන්නෙම එකම විදිහට.එයා කාලයක් මාධ්‍යයට සම්බන්ධ වෙලා හිටියා. දැන් එයා ඉවෙන්ට් මැනේජ්මන්ට් තමයි කරන්නේ.* කොහොමද චින්තක සහ ඔබ මුණ ගැසෙන්නේ?පල්ලේකැලේ ආයුර්වේද රෝහලේ ආයුර්වේද සම්බන්ධ වැඩසටහනක් තිබුණා.චින්තක තමයි එය රූගත කරන්න බාර අරගෙන තිබිලා තියෙන්නේ. එතෙන්දියි ඔහුට මාව මුලින්ම මුණ ගැසුණේ.* ඒ හමුව මෙච්චර දුර යාවි කියා නිකමටවත් හිතුණේ නැතිද?අනේ නැහැ. අපි දෙන්නට දෙන්නා දුරකථන අංක දෙක ඉල්ල ගත්තා.එදා හවස එයා මට කෝල් කළා.එත් අපි කතාබහ කළේ ආයුර්වේද වැඩසටහන ගැන විතරයි.* ඒ මිතුදම ආදරයකට පෙරළුණේ කොතෙන්දිද?අපි ටිකක් කල් ආශ්‍රය කෙරුවා. ඔන්න එක දවසක් චින්තක අයියා කතා කරද්දී මට දැනුණා අමුත්තක්.එයා එදා දුරකථනය තිබ්බේ මට ආදරෙයි කියලා.* මොකද හිතුණේ එතකොට?ගොඩක් බය හිතුණා. මාව කරකවලා අතැරියා වගේ. මං එක පාටරම උත්තරයක් දුන්නේ නැහැ.මාස තුනක් විතර ඔහු ගැන විස්තර හොයලා බැලුවා.* ඊට පස්සේ?එයා හරි ජෙනුයින්. මගෙන් කෙළින්ම ඇහැව්වා. ඒකට මට මුලින්ම ප්‍රසාදයක් ඇති වුණා ඔහු පිළිබඳව.ඒ වගේම චින්තකගේ පවුලේ උදවියව මට හඳුන්වා දුන්නා. ඇත්තටම ඔහුව මං හොඳින් තේරුම් ගත්තා. මමත් කැමැත්ත ප්‍රකාශ කළා. මේ හමු වුණේ මට ගැළපෙනම කෙනා. සියයට දාහක් ඒක මට ෂුවර්.* ඔබේ ජීවිතේ නොයෙක් ප්‍රශ්න ඇති වුණා ගෙවුණු කාලයේ?ඇත්ත. ගැහැනු ළමයකු විදිහට මං ගොඩක් මානසික කරදරවලට මුහුණ පෑවා. මට දැැනෙන්නේ දැන් මගේ ජීවිතයට වසන්තය එළඹුණා වගේ.මේ සමය හැමදාම පවතීවි. චින්තක අයියා මං ගැන ඒ සිදුවීම් ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. ඔහු මට ලබාදෙන දිරිය අපමණයි.* කවදා විතර ද ඔබලාගේ විවාහ මංගල්‍යය සිදුවන්නේ?ළඟදීම ගන්නවා. මහනුවරින් ගෙයක් අරගෙන පදිංචි වෙන්නයි හිතාගෙන ඉන්නේ. අයියගේ ගම මහනුවර නිසා එහෙ ඉන්නයි මං ආස.* එතකොට ඔබේ රංගන කටයුතු?ඒවා නවත්වන්නේ නැහැ.බැන්දට පසුව ගෘහිණියක විදිහට මගේ වගකීම නොපිරිහෙලා ඉටු කරන අතරම මගේ අනිත් වෘත්තීන් දෙකත් මනාව කළමනාකරණය කර ගනිමින් පවත්වාගෙන යනවා.* ඔබ වෛද්‍යවරියක ලෙස පත්වීම ලැබුවට තවම සේවය කිරීමට රෝහලකට අනුයුක්ත කරලා නැහැ. බැරි වෙලාවත් දුෂ්කර පළාතකට යන්න සිදු වුණොත්?ලංකාවේ ඕනැම තැනක සේවය කිරීම අපේ වගකීමක්. කොහේ ගියත් චින්තකවත් අරගෙනම තමයි යන්නේ.* මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?චින්තකයි මමයි පුද්ගලික මට්ටමේ පුංචි හෝ ආයුර්වේද රෝහලක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නව. බලමු ඒක ගැන හිතමින් තමයි මේ දිනවල ඉන්නේ.* අවසන් කොට පවසන්න යමක්?මට මේ වෙලාවේ මගේ අම්මවයි තාත්තවයි චින්තකගේ අම්මවයි, තාත්තාවයි මතක් කරන්න ඕනෑ. ඔවුන්ගේ ආශිර්වාදය නිසයි අපි මෙතුවක් දුර ආවේ. ජීවිතේ තව ගොඩක් දුර යන්න තියෙනවා. ආදරණීය බලාපොරොත්තු රැසක් සමඟ ඉදිරිය ගෙවන්න හිතාගෙන ඉන්නවා.සටහන – ප්‍රසාද් සමරතුංග  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වූ ශ්‍රී ලංකා විවෘත අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලියේ ඊයේ පළමු දිනයේ තරග 56කට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 112ක් තරග බිමට පිවිසියහ.රටවල් 18ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 190ක සහභාගිත්වයෙන් දින තුනක් පුරා පැවැත්වෙන මේ තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ දැවැන්තම අන්තර්ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ලෙස ද සැලකේ.ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා නැටුම් ගැයුම් මැද ආරම්භ වූ මේ අන්තර්ජාතික බැඩ්මින්ටන් තරගාවලියට ලොව මුල් පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වී සිටිති. ‍ලෝක බැඩ්මින්ටන් සම්මේලනය අනුමත කළ මුල් පෙළේ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් බැවින් ‍මේ තරගාවලිය වඩාත් උණුසුම් ස්වරූපයක් ගෙන ඇත.ඊයේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකුම ජය අත්කර ගැනීමට සමත්වූහ.පිරිමි ඒකල තරගයක දී ඉරන්ත කුකුලගේ 11-21, 21-15 හා 21-10ක් ලෙස තායිලන්තයේ කොරාවි විකුම් පරාජය කළ අතර කාන්තා ඒකල තරගයකදී ඕෂධී කුරුප්පු 21-15ක් හා 21-18ක් ලෙස මැකාවෝ ක්‍රීඩිකා ටෙන් ලොක්ලූ පරාජයට පත් කළාය.කාන්තා ඒකල තරගයක දී බුත්මි හෂිනි ගල්ගමගේ 21-13, 19-21 ක් හා 21-8ක් ලෙස මැකාවෝ රාජ්‍යයේම සොක් මෙන් වොන් ක්‍රීඩිකාව පරාජයට පත් කළාය.පිරිමි ඒකල තරගයකදී චාමික දිනූෂ කරුණාරත්න 19-21, 21-14ක් හා 21-18ක් ලෙස තායිලන්තයේ ටජ්රා‍පොල් නිපුර්මාන් ද, තවත් පිරිමි ඒකල තරගයකදී ප්‍රමෝද්‍ය රණවීර 21-7, 21-12ක් ලෙස ඔස්ට්‍රියාවේ ඇලෙක්සැන්ඩර් සර්වෝ ද පරාජය කළහ.කාන්තා ඒකල තරගයක දී තිළිණි ප්‍රමුදිකා හේන්දහේවා 21-13ක් හා 21-12ක් ලෙස ශ්‍රී ලංකාවේම බුත්මි අසිනි පරාජය කළාය. පිරිමි ඒකල තරගයක දී හර්ෂ පෙරේරා හා උමේෂ් ප්‍රනාන්දු මැලේසියාවේ හා තායිලන්තයේ ක්‍රීඩකයන් දෙදෙනකු පරාජයට පත් ක‍ළහ.පළමු දිනයේ කාන්තා ඒකල තරගයක දී හිටපු ජාතික ශූරියක වන රේණු චන්ද්‍රිකා ලකුණු 11-3ක් ව තිබියදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවතට ගිය අතර තායිලන්තයේ කාන්වෙනි ගුසිනෝ වූන් ජය හිමිකර ගත්තාය.ඊයේ තරගවලදී අංජන මධුසංඛ, මධුෂ ද සිල්වා, ඉල්මි වරංගනා චරිත ප්‍රනාන්දු, කවින්දි බිනරි, රුවිනි චතුරිකා හා නදීෂා ගයන්ති පරාජයට පත්වූහ.තරගාවලියේ දෙවැනි දිනය වන අද ඔලිම්පික් ක්‍රීඩක නිලූක කරුණාරත්න තරග බිමට පිවිසීම කාගෙත් අවධානයට ලක්වී තිබේ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කොටින් අතින් මිය ගිය අය ගැන තොරතුරු නෑඑල්ටීටීඊ සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාවලට එරෙහිව රජය විසින් ගෙන යන ලද මානුෂීය මෙහෙයුමේ සමාප්තිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ අවසන් වාර්තාවද පදනම් විරහිත හා සාවද්‍ය එකක් බවත් එය පක්ෂග්‍රාහී බවත් රජය අවධාරණයෙන් කියා සිටී."ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ කාර්යභාරය පිළිබඳ මහ ලේකම්වරයාගේ අභ්‍යන්තර සමාලෝචන මණ්ඩල වාර්තාව" නැතහොත් පෙට්ට්‍රි වාර්තාව පූර්ව නිගමනවලින් බහුල පක්ෂග්‍රාහී වාර්තාවක් වන අතර එය ත්‍රස්තවාදය පරාජය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දොස් පැවරීමට දැරූ උත්සාහයක් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය තව දුරටත් පෙන්වා දෙයි. මේ වාර්තාව ශ්‍රී ලංකාවේ යුද ගැටුම් පැවැති සමයේදී මෙරට එක්සත් ජාතීන්ගේ ක්‍රියාවලිය ගැන අභ්‍යන්තර සමාලෝචනයක් බව පෙන්වා දෙන විදේශ කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකා රජයට එල්ල කර ඇති නිරවද්‍යතාව ඔප්පු නොකළ, වැරැදි සහගත සහ අනුමාන කිරීම්වලින් මෙන්ම පක්ෂපාතිත්වයෙන් යුතු චෝදනා සම්බන්ධයෙන් ඇති ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් කෙරෙහි විශේෂ අවධානය යොමුකර තිබෙන බවද කියයි.අහිංසක සිවිල් වැසියන් පළිහක් ලෙස යොදා ගනිමින් එල්.ටී.ටී.ඊ සංවිධානය එදා ක්‍රියාකළේ මුරන්ඩු ප්‍රතිපත්තියක් වන අතර නිදහස පතා පළායාමට උත්සාහ කළ දමිළ ජාතිකයන් විශාල පිරිසක් වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් අදාළ වාර්තාවේ කිසිඳු තොරතුරක් අන්තර්ගතකර නොමැති බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.මේ නොමනා ක්‍රියාව මාධ්‍ය වෙත හෙළිදරව් කිරීමට එරෙහිව මහලේකම්වරයාගේ කාර්යාලය වෙත ශ්‍රී ලංකා රජය විරෝධය පළකර තිබෙන අතර පෙට්ට්‍රි වාර්තාව යනු දරුස්මාන් වාර්තාව හා සමාන වාර්තාවක් බව මහලේකම්වරයා විසින් ප්‍රකාශ කර ඇත.මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ මේ වාර්තා දෙකම එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා අභ්‍යන්තර වශයෙන් උපදෙස් ලබාදෙන වාර්තාවක් වන අතර මේ වාර්තාවේ අඩංගු සියලු කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීම ශ්‍රී ලංකා රජයේ අපේක්ෂාව නොවන අතර එම වාර්තාව මඟින් මතුකොට ඇති ඇතැම් ගැටලු පිළිබඳව ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ලවන බවද ඒ ගැටළු පිළිගත් ස්ථාවරයන් ලෙස අර්ථකථනය නොකළයුතු බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.යුද ගැටලු පැවැති අවසන් අදියරේදී මරණයට පත්වූ සාමාන්‍ය ජනතාවගේ සංඛ්‍යාව වැඩිකර දක්වමින් දරුස්මාන් වාර්තාවේ ඇතුළත්කර තිබූ පදනම් විරහිත හා අපකීර්තිය ගෙන දෙනු ලබන චෝදනා අනුමත කර ගැනීමක් මේ වාර්තාව මඟින් පෙන්නුම් කරන අතර පෙට්ට්‍රි වාර්තාවේ එන සංඛ්‍යාත්මක අඟයන්, දරුස්මාන් වාර්තාවේ උපුටා දක්වා ඇති නම් සඳහන්කර නොමැති ප්‍රභව මත හා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම එක්සත් ජාතීන්ගේ පහළ මට්ටමේ ඇතැම් නිලධාරීන් මඟින් සිදුකරන ලද ඇතැම් සාවද්‍ය චෝදනා මත පදනම්ව තිබෙන බවද එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.මේ අතර එල්.ටී.ටී.ඊය තම කාලතුවක්කු සාමාන්‍ය ජනතාව අතර රඳවා තිබූ බව "ශ්‍රී ලංකාව තුළ එක්සත් ජාතීන්ගේ කාර්යභාරය පිළිබඳ මහලේකම්වරයාගේ අභ්‍යන්තර සමාලෝචන මණ්ඩල වාර්තාව" නැතහොත් පෙට්ට්‍රි වාර්තාව මඟින් පිළිගන්නා නමුත් සාමාන්‍ය ජනතාව රැසිවී සිටින ස්ථානවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබුවා යැයි රජයට ඇති චෝදනා සම්බන්ධයෙන් ස්වයං ආරක්ෂණ මූලධර්ම හෝ ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ සාධාරණත්වය හෝ ෂෙල්වෙඩි එල්ල කරන ලද්දේ කුමන ස්ථානයක සිටද යන්න සොයා ගැනීම සඳහා එල්ල කරනලද ෂෙල්වෙඩි වල ගමන් මාර්ග පිළිබඳ තාක්ෂණික විශ්ලේෂණයක් කිරීම පිළිබඳ සැලකිල්ලට ගෙන නොමැති බවද කියා සිටී.උතුරු පළාතට යැවූ ආහාර සහ ඖෂධවලින් වැඩි කොටස අවසානයේදී ත්‍රස්තවාදීන් අතට පත්වන බව නිසැකයෙන්ම දැන සිටියද එම පළාතට ආහාර හා ඖෂධ ලබාදීමට වගකීමක් ඇති රජයක් වශයෙන් ගන්නා ලද ප්‍රයත්න ගැටුමේ මුල් කාලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇඟයීමට ලක්වූ බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාව මේ අවධියේ නිකුත් කරන ලද සමකාලීන වාර්තා මඟින් එය තහවුරු වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
4pt 0in 5...........රලු බොරලු මාවතක හිඳ ජීවිතේ පොත කියවන්න..........මල් මාවතක් දිගේඑපා පය ඔසවන්න...............රත් වෙච්ච වැලි මගකඔබේ පා ඔසවන්න...........ජීවිතේ කිසි දිනෙක මලක් ලෙස නොසිතන්න...........ඉවත් කර ආවරනඑහි අරුතදැන ගන්න.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මීට අවුරුදු තුනකට විතර ඉස්සර වෙලා ලියන්න පටන් ගත්ත “පුංචි හිතට දැනෙන දේ“ ,අපේ බ්ලොග් පිටුව පහුගිය කාළෙ පුරාවටම පුංචි පුංචි වෙනස්කම් වෙමින් ආ මගේ තවත් වෙනස්කම් කිහිපයක් වෙන බව අපිට ආදරේ නැන්දල මාමල , අයියල අක්කල හැමෝටම කියන්නයි මේ හදන්නේ .ඒ වෙනස්කම් මෙන්න මේවා , මුලින්ම අපේ වෙබ් ලිපිනය වෙනස් කළා , දැන් අපේ dinithimithili.com ලිපිනයට අමතරව www.net වෙබ් ලිපිනයෙනුත් “පුංචි හිතට දැනෙන දේ“ පිටුවට එන්න ඔයාලට පුළුවන් .අනෙක් වෙනස තමයි අපේ යුටියුබ් චැනලයක් හැදුවා , නිවඩු දවසට අපි හදන වීඩියෝ ඔක්කොම ඒ චැනලයේ තියනවා . මෙන්න අපේ යූටියුබ් චැනලයේ වෙබ් ලිපිනයhttps://www.com/user/TheRaindropschannel මෙතනට තව විදියකින් යන්න පුළුවන් ඒ තමයි මේ බ්ලොග් පිටුවේ තිබෙන අපේ චැනලයේ subcribe button එක ක්ලික් කරලා .එහෙම නම් මෙන්න ආයෙත් ඒ වෙබ් ලිපින දෙක , ඔය නැන්දල මාමල , අයියල අක්කල හැමෝටම ආරාධනා කරනවා , එන්න ඇවිත් අපේ බ්ලොග් පිටුව , අපේ වීඩියෝ පිටුව බලන්න කියලා .අපි දෙන්නා දිනිතියි මිතිලියි.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෑතක දී සීගිරියෙන් සොයා ගත් මැටි කලය තේමා කර මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ කළ සමයේ සිට වර්තමානය දක්වා ගවේෂණ හා පුරාවිද්‍යාත්මක කැණීම් තුළින් හමු වී තිබෙන විවිධ මාදිලියේ මැටි භාණ්ඩ වර්ගීකරණයන් මත ප්‍රදර්ශනයක් කිරීමට සැලසුම් කරමින් පවතියි.මෙම ප්‍රදර්ශනය මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සීගිරිය කෞතුකාගාරයේදී අද දින සිට නැරඹීමට විධි විධාන සලසා ඇත. එය මේ මස 31 දින නිමාවේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ‍ක්ෂේත්‍රය තුළ ප්‍රථම වරට එකම වර්ගයේ පුරාවස්තු එකම තැනකදී ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙය වෙයි. මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සියලුම ව්‍යාපෘතිවලින් සොයාගෙන තිබෙන මැටි භාණ්ඩ එකම තැනකදී දැකබලා ගැනීමට ලැබෙන මහඟු අවස්ථාව ද මෙයයි.මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන සති‍ දෙක තුළ කලය හා මැටි භාණ්ඩ පිළිබඳ සංස්කෘතික ප්‍රසංග ගණනාවක් පැවැත්වීමට ද නියමිතය. මීට සමගාමීව කලාත්මක මැටි භාණ්ඩ පොළක් ද පැවැත්වෙයි. ප්‍රදර්ශනය විවෘතව තැබෙන වේලාව පෙ. ව. 7.00 හවස 5.00 අතර කාලයයි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
4pt 0in 5. ඒ තමයි ටිබෙට් ජාතික එස් මහින්ද හිමියෝ. උන් වහන්සේ ඉපදුන වර්ෂය ගැන නිශ්චිත සදහනක්නැතත් 1901 කියලා තමයි කියන්නේ.උන්වහන්සේගේ ගිහි නම තමයි ඇස්. කේ. තෂිනම් ග්‍යල්. ඒ නම අපට නුහුරු නුපුරුදු එකක් වුනේඋන්වහන්සේගේ උපන් රට හා ජාතිය වෙනස් නිසයි.උන්වහන්සේ සිකිම් රටේ උපන්නෙක්.වයස අවුරුදු 12ක් වෙනකොට ලංකාවට ඇවිත් හොදින් ශිල්ප ශ්‍රාස්ත්‍රය හදාරලාපසුව මහින්ද නමින් මහණ වෙලා තියෙනවාඋන්වහන්සේ කවි ලියන්න බොහෝම දක්ෂයි. මේ කවි ලිවීම පටන් අරගෙන තියෙන්නේ මහණ වුනාටපසුවයි. වෙනත් රටක ඉපදුනත් උන්වහන්සේවැඩිපුරම කවි ලියුවේ අපේ රට, ජාතිය, ආගම ගැන.ජාතිය රන් විමනක් වේආගම මිණි පහනක් වේඑය රැක ගන්නට මෙලො වේසමත් වෙතොත් පුත නුඹ වේඋන්වහන්සේගේ අතින් ලියැවුන කවි පොත් රාශියක්තිබුණා. ඒවා අතර ළමුන් සදහාම ලියු පොතුත්තිබුණා. ළමා කව් කලඹ, කව්මිණ, කව්මුතු වගේපොත්වල තියෙන කවි බොහෝම සරළයි වගේම හරිම අර්ථවත්.හොද ළමයාපාට සුවද එක ව ගේතිබෙන රෝස මල ව ගේකීකරු පොඩි ළමය ගේකවුරුත් පවසති අ ගේමව්පියන්ට ගුරුවරුන් ටගුණවත් වැඩි මහල්ලන් ටකීකරු වන පොඩිත්තන් ටපුළුවනි ලොව බබලවන් ටරෝස මලගුමු ගුමු ගාමොකද හො රෝඅහකට පල වන ඹම රෝරෝස මලේ ළගට ව රෝඅපිය නුඹේසොහෝයු රෝසමන් පිච්ච මල්ඉහිරුණුනිල් තණකොළපිට්ටනියක්වගෙයි අහස අන්නබලනුකොච්චර ලස්සනදරෑටබකමූණෝ පියාඹතීඅනෙක් කුරුල්ලෝනිදතිබෝ අතුවලඑල්ලීගෙන මා වවුලෝකෑගසතීමගේ සුරතල්අක්කාගේ මාලේ මුතු ඇටවාගේඅර පෙනෙන්නේපිණි බිංදුත්හදමු එකක් ඒවාගේලේනාටිං ටිං ලේනාදැන් දැන්පැන්නාහුරතල් පානාඌ මගේ ලේනාමහින්ද හිමියන්ලංකාවේ සිටිය කාලයේදී අපේ රට ඉංග්‍රීසීන්ට යටත් වෙලයි තිබුනේ. ඔවුන්ගෙන් මේ සිරිලක බේරා ගන්නට අපේ රටේ සිංහලවගේම දෙමළ නායකයොත් බොහෝම වෙහෙස මහන්සි වුනා.සටන් කලා. තමන්ගේ ජීවිත පවා පරිත්‍යාගකලා. මේ සටන් ව්‍යාපාරයේදී මහින්දහිමියන්ගේ කවි වලින් සිදුවන මෙහෙය කියලා නිම කරන්නට බැහැ. උන්වහන්සේ මිනිසුන්ගේ ජාතිකාහිමානී හැගීම්ඇතිවන ආකාරයේ කවි ලියුවා. මොන කරුමයද තවඇහැරුණු බවක් නැහැතැන තැන බියවමුලු වැදුමෙන් පලක් නැහැදිනුමත්පැරදුමත් කොකත් කමක් නැහැඑනු ඉදිරියටනැතහොත් නිදහසක් නැහැමේ වගේ සිංහලලේ කකියවන කවි තියෙන්නේ නිදහසේ දැහැන කියන කවි පොතේ. නිදා සිටින සිංහල ජාතිය අවදි කරන්නටඋන්වහන්සේගේ කවි වලින් ලොකු පිටුවහලක් ලැබුනා.පරාධීන ජාතියක් ලෙස සිටීමේ ආදිනව උන්වහන්සේ කියා දුන්නේ කවි වලින්. කෙස් ගහ පවාවෙන රටවල මිනිසුන් නේඋස් නිදහසපිණිස සටනට සැරසෙන් නේහිස් මොළතිබෙද්දිත් මේ වග නොතකන් නේඇස් ගෙඩි දෙකටහෙණ ගැහිලද සිහලුන් නේටිබෙට් ජාතිකඑස් මහින්ද හිමියන් අපවත් වුනේ 1951 මාර්තු 16 වෙනිදා. උන්වහන්සේ වගේ ශ්‍රේෂ්ට පඩිවරුන් බිහිවෙන්නේඉතාමත් කළාතුරකිනුයි.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ජයතිස්ස අතුලසිරි. මේ නම ඔබට හුරු පුරුදු නොමැති වුවත් ‘සමනළ සංධ්වනි’ චිත්‍රපටයේ බෝඩිමේ අයියා නම් අමතක වන්නට විදියක් නොමැත. ‘දළදාගමනය’ චිත්‍රපටයේ මහ ඇමැති ලෙසත් ‘රණා’ ටෙලි නාට්‍යයේ වෙද හාමුදුරුවන් ලෙසත් ‘සූරිය භානු ‘ ටෙලි නාට්‍යයේ හේරත් හාමි ලෙසත් ඔබ හමුවට පැමිණි ජයතිස්ස අතුලසිරි සිය ජීවිතය කැප කළේ කලාව වෙනුවෙනි. අනුරාධපුරයේ පොතානේගම තම දිවිය ගෙනි යන ඔහු වේදිකාව, රිදී තිරය, පුංචි තිරය ජයගත්තෙකි. මේ ඔහු තම කලා දිවියේ ආරම්භයත්, මෙතෙක් කුමන නිර්මාණවලට දායක වූයේදැයි ඔහු මෙසේ සිය අදහස් දැක් වූයේය.‘නුවරඑළියේ ඉපැදුණු මම කලාවට ආදරය කරන්න පටන් ගත්තේ පාසල් යන කාලයේදීමයි. පාසල් වේදිකාවේ රඟපෑ ‘රෙදි හෝදන මහත්වරු’ මගේ මතකයෙන් නොගිලිහෙන වේදිකා නාට්‍යයක්. ඒ සඳහා ලැබුණු ප්‍රතිචාරත් සමඟ මට දැනුණු සතුට කියලා නිම කරන්නට බැරි තරම්. ඉන් පස්සේ ප්‍රසිද්ධ වේදිකාවට පිවිසීමට මට වරම් ලැබෙන්නේ ජයසේකර අපොන්සුගේ ‘මඟුල් සක්වල’ වේදිකා නාට්‍යයෙන්. එතැනින් ඇරැඹුණු මගේ රංගන ගමන ‘නීතිය’, ‘වරිග සංගය’, ‘පෙම්වතියක් ඇවිල්ලා’ ආදී වේදිකා නාට්‍ය (දිගු හා කෙටි) දක්වා දිව යනවා.ඒ වගේම ‘භවාන්තරය’, ‘දියවරට මෙහෙවර’ කියන මුද්‍රා නාට්‍ය දෙකකට ද මා සහභාගි වුණා. මේ අතර පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ දයානන්ද ජයවර්ධනගේ ‘හිමගිරි අරණ’ කියන ටෙලි නාට්‍යයෙන්. ‘ස්වයංජාත’, ‘රිදී ඉට්ටංකරය’, ‘ගඟ අද්දර’, ‘චක්‍රාංගි’, ‘සතර දෙනෙක් සෙන්පතියෝ’, ‘රැජන’, ‘පවර මෙනුවර’ ආදී ටෙලි නාට්‍ය හැටපහක පමණ මේ වන විට රංගනයෙන් දායකවීමට මට හැකි වන්නේ මගේ තිබුණු යම් දක්ෂතා නිසයි. ඒ වගේම කලාවට පිවිසීමේදී යමෙකුට ඉවසිම වගේම කැප කිරීමක් තිබිය යුතු අත්‍යවශ්‍ය අංග වෙනවා. මේ දවස්වල මම රඟපාන ‘උඩු සුළඟ’, ‘ගිරිකුල’, ‘සුළඟ මත මොහොතක්’, ‘සඳපානාගල’, ‘සූරිය භානු’ ටෙලි නාට්‍යවල චරිත ටෙලි නාට්‍ය නරඹන්නන් අතර ජනප්‍රියයි. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර මා වඩාත් දිරිමත් කරනවා.මේ සියලු කටයුතු අතර රිදී තිරයට රඟපෑමෙන් සම්බන්ධවීමට ද මට අවස්ථාවක් හිමි වෙනවා. ඒ විජය ධර්ම ශ්‍රී ගේ ‘සූරිය භානු’ චිත්‍රපටයෙන්. එතැනින් ඇරැඹුණු රිදී තිරයේ පිවිසීම ‘ඉර මැදියම’, ‘අළු යට ගිනි’, ‘සුදු සහ කළු අළු’, ‘බහුභූතයෝ’, ‘ගරිල්ලා මාර්කටින්’, ‘මහින්දාගමනය’, ‘කුස පබා’, ‘චැලේන්ජස්’, ‘සිරි දළදාගමනය’ ආදී චිත්‍රපට රැසක් දක්වා පැමිණීමට මට හැකියාව ලැබීම මා සලකන්නේ මගේ වාසනාවක් ලෙසයි. ඒ වගේම ඉදිරියේදී මා රඟපෑ ‘අජාසත්ත’, ‘මහරජ ගැමුණු’, ‘අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ’, ‘ආලෝකෝ උදපාදි’ ඇතුළු චිත්‍රපට රැසක් තිරගත වීමටත් නියමිතයි.එමෙන්ම මේ දවස්වල තිරගත වන ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටයේ මා රඟපෑවේ භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ චරිතයක්. මගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමක් වන්නේ විදේශ ටෙලි චිත්‍රපටයකට ද සහභාගි වීමට ලැබීමයි. ඒ අපේ රටේ රූගත කළ ‘දාවාරියා’ චිත්‍රපටයයි. මම කළ මේ සියලු රඟපෑමට තුති පුද කිරීමක් ලෙස ලැබුණු කලා කීර්ති සම්මානය ද මම මතක් කළ යුතුයි. එය මට මහ මෙරක් වගේ. එය මට ලබාදීමට මුල්වුණු පල්ලේගම හේමරතන හිමියන්ට වගේම අනුරාධපුර දිසාපතිතුමා ඇතුළු පිරිසට ද ස්තුති කළ යුතුයි.මගේ කලා ගමනට කිසිදු කන්කෙඳිරිගෑමක් නොමැතිව මගේ සෙවනැල්ල වගේ සිටින බිරිය නන්දා මාංපිටියගෙන් ලැබෙන සහයෝගය නොවන්න මේ තරම් දුරක් මට එන්නට නොහැකි වන බවත් සත්‍යයක්. ඒ වගේම මගේ නිර්මාණ රස විඳිමින් ඒවායේ හොඳ නරක කියමින් මා දිරිමත් කරන දරුවන් දෙදෙනාත් මගේ කලා ගමනට ආලෝකයක්.මේ තරමක් දුර රංගනයෙන් පැමිණීමට මට හැකි වන්නේ කලා නිර්මාණකරුවන් මට ලබාදුන් නිර්මාණ නිසයි. ඒ නිසා මට උදව් කළ සියලු දෙනාටම ස්තුති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. මට ලියන්න කැමැති කෙනෙක් වේ නම් නො. 11, පාසල් මාවත, පොතානේගම, අනුරාධපුරය යන ලිපිනයට මට ලිපි එවිය හැකියි. නැතිනම් 0715788889 දුරකථන අංකයට මා ඇමැතිය හැකියි.තිලානි ශානිකා විතානාච්චිසේයාරුව -මාලන් කරුණාරත්න  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ජැක්සන් ඇන්තනී අපූරු චරිතාංග රංගන ශිල්පියෙක්. සුසීමා, ඉරට මුවාවෙන්, ඇසළ කළුවර, අකාල සන්ධ්‍යා,කඩුල්ලවැනි ටෙලි සිතුවම් හි නොමැකෙන රංගන ප්‍රතිභාව ටෙලිවිශනයේ විකසිත කළ ඔහුගේ හැකියාව වැඩි වශයෙන් අප දුටුවේ රිදී තිරයේ බව අමුතුවෙන් කිව යුතු නොවේ.කලකට පසු ජැක්සන් පුංචි තිරයේ රඟන මව අහිමි දියණියන් සිවු දෙනෙකුගේ වගකීම් ඉටු කරන ධම්ම නම් වූ දිරිය පියකු පිළිබඳ ගෙතී ඇති කතා පුවතකි.ලූෂන් බුලත්සිංහල, චාන්දනී සෙනෙවිරත්න, ප්‍රියා රණසිංහ, අතුල පතිරණ, පද්මිණී දිවිතුරුගම, විශ්වජිත් ගුණසේකර, බිම්සරා ප්‍රේමරත්න ආදීහු අප්පච්චී රංගනයෙන් හැඩ ගන්වති.කැමරාව ධම්මික රත්නායකගෙනි. අශෝක අතාවුදහෙට්ටි සහාය අධ්‍යක්ෂවරයා වේ. කසුන් කල්හාර සංගීතයෙන් එක්ව තිබේ. හර්ෂ අංග රචනා ශිල්පියාය. සෝමදාස මල්දෙණියගේ නිෂ්පාදන කළමනාකරණයකි.සෙරනිට් නිෂ්පාදන ආයතනය වෙනුවෙන් එච්. ඩී. ප්‍රේමසිරි, බන්දුල ඒකනායක, චන්න ප්‍රනාන්දු සමඟ බණ්ඩාර ඇහැලියගොඩ අප්පච්චි නිෂ්පාදනය කර ඇත.ජීවිතයට ඉඩ දෙන්න, රම්‍ය සුරම්‍ය, තක්සලාව, අහසකින් වැටුණා ආනන්ද අබේනායක මීට ප්‍රථම නිර්මාණය කළ ටෙලි නාට්‍ය අතරින් කිහිපයකි.සටහන සේයා - ප්‍රසාද්
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
[[ගොනුව:උදාහරණ.jpg]] නිස්සන්

මහ වැහි වැහැලා ගං දිය උතුරා දෙගොඩ තලා යයි රන් කෙත් කලඹා අකාලයට නිල් ගගනත හඬලා ගේ දොර වතුපිටි වතුරට සින්න වෙලා රන් අස්වනු නෑ - හිතට සතුට නෑ පිල් සෙවනේ අද සිනහ කවඩි නෑ පංති කාමරේ කොමල කතා නෑ හීන් නගා පාසල් ඇවිදින් නෑ වට වැහි ගොයමේ අස්වනු අරන් ගියා මුකුළු කතා මල් තුරු මත පරව ගියා සොඳුරු මිතුරු සිතුවිලි අඩ අඳුරෙ තියා හීන් නගා සැම හදවත් අරන් ගියා.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මත්තේගොඩ මහ වැව ප්‍රතිසංස්කරණය කර ඇතත්, වැවේ විශාල කොටසක වල් පැළෑටි හා අපද්‍රව්‍ය වලින් පිරී පවතින බව මත්තේගොඩ ප්‍රදේශවාසීහු පවසති.අක්කර හයකින් පමණ සමන්විත මත්තේගොඩ මහ වැව සතු ඉඩම් විවිධ පුද්ගලයන් විසින් අල්ලා ගනු ලැබ සිටීම සහ වැවේ විශාල ලෙස වල් පැළෑටි වැවී ඇති නිසා, වැව අක්කර හතරකට පමණ සීමා වී වැව පරිහානියට පත්ව ඇතැයි, ප්‍රදේශවාසීහු චෝදනා කර සිටිති.ඩී. එම්. සමරසිංහ මහතා - පසුගිය වසරේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට පළාත් සභාව මගින් රුපියල් ලක්ෂ අටකට අධික මුදලක් වෙන් කර දී තිබුණා.එය වැවේ ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය ඇද්ද – නැද්ද කියා පැවසීමට ප්‍රදේශවාසීන් වශයෙන් දන්නේ නැහැ. වැව ප්‍රතිසංස්කරණය කළත් වැවේ ප්‍රධාන සොරොව්ව නිසි ලෙස සකසා නැහැ. වැවේ ප්‍රධාන සොරොව්ව නිසි ලෙස සකසා නැහැ. වැවේ වැඩි ජලය මුදා හරින ලබන පිට ඇළ මාර්ගයේ එක් පැත්තක කෙටි බැම්මක් ඉදි කර ඇතත්, අවශ්‍යම පැත්තේ කඩා වැටුණු බැම්ම සාදා නොමැතිව එලෙසම පවතිනවා.ජී. ඩී. ගමගේ මහතා - මේ වැවේ රක්ෂිතයේ දුර්ලභ ගස් වර්ග තිබෙන අතර, සතුන් වර්ග ද රැසක් සිටිනවා. වැවේ සුළු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්තක් පමණයි සිදු කර ඇත්තේ, වැවේ 50%ක් පමණ වීමට වල් පැළෑටි අපද්‍රව්‍ය වලින් පිරී පවතිනවා. මේ පිළිබඳව අදාළ ආයතනවල අවධානය යොමු කර මත්තේගොඩ මහ වැව නිසි ලෙස ප්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා සිටිනවා.  .
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දිනය මීට දවස් 2කට පමණ ඉහතය.හරියටම කිව්වොත් ටෙස්ට් මැච් එකේ අන්තිම දවසය.හවස් වරුවේ තිබ්බ වැඩ සබ්බ සකලමනාවම ඉවර කර ඉඳගත්තේ මැච් එක බලන්නටය.ඕවරයක් දෙකක් ඕනනම් බලන්නට ඇත.ඉස්සරහා ගෙදර පොඩි එකා ගෙදරට දිව්වේය.ඒකා ලඟපාතක ඉන්නාවිට ප්‍රශ්න අසා නම් අවසනක් නැත.එපමණක් අසන්නට දේවල් ඒකාට ඇත.ඔහොම ටික වෙලාවක් ගියේය.වැරදීමකින් remote එක එබී TV එක හිරු එකට මාරු විය.එතකොට ගියේ Ben 10 ය.ඒක දැක්කා විතරය...කොල්ලා මෙහෙම ඇහුවේය....“අයියේ...පොඩි ලමයින්ට මේක බලන්න හොඳ නැහැ නේද.... “මට නිකම් මඥ්ඥං වගේ විය.මොකද දන්නා තරමින් Ben 10 කියන්නේ 18+ එකක් කියා කවුරුත් කියා නැත.එ වගේම පොඩි එකා පහුගිය කාලයේ Ben 10 කාටුන් අතනොහැර බැළුවේය.“අර මොකෝ.. ““අර සූර වීර බට්ටා එකත් බලන්න හොඳ නැහැල්ලු ලමයින්ට...“වැඩේ නම් අදහන්නට බැරිය.පොඩි එකෙක් මෙහෙම කියනවා ඇහුවාමය.“ඈ...කවුද එහෙම කිව්වේ.. ““ඉස්කෝලෙන්...අයියා දන්නවද ඇයි කියලා.. “පොඩි එකා යන්නේ මාද කුඩා කල ගිය පාසලටමය.හැබැයි අපිට නම් කවදාවත් කාටූන් බලන්නට එපා කියා නැත.“ඇයි.. ““අර සූර වීර බට්ටා එකේ ‘සැන්ඩෝ‘ සර් ඉන්නේ...එයා ප්‍රින්සිපල් නේ...ඒක නිසා එපා කිව්වේ.“වැඩේ මීටර් උනේ දැන්ය.බට්ටා සැන්ඩෝ සර්ගේ යටිකූට්ටු වැඩ හෙලි කරමින් සැන්ඩෝ සර්ට අම්බානකට නෙලන්නේය.බලන්නට එපා කියා ඇත්තේ ඒ නිසාය.විදුහලේ ඉන්නේ අළුතෙන් ආ විදුහල්පතිතුමෙකි.විදුහලට පැමිණීමේදි දෙමව්පියන්ගෙන්ද විරෝධතා එල්ලවූ ඔහුට එකාතකට බලන විට “බට්ටා භීතිකාව“ වැළඳීම අරුමයක් නොවන වග මට නිකමට සිතුනි.පොඩි උන්ට cartoon බලන්නට එපා යැයි කීවේ පාසලේ වැඩද නොකරමින් cartoon බැලීම වැලක්වීමේ අරමුණින් නම් එය ඉතාමත් හොඳය.එහෙම නැතිව ලමයින් හදන්නට සිතා එසේ කීවා නම් එය අතීසාරයට අමුඩය ගැහුවා වගේ වැඩක්ය....මොකද cartoon වලටත් වඩා ලමා මනසට ගෝචරනොවන බොහෝ දේ උන් TV එකෙන් දකින නිසාය.අනික් අතට බලන විට අයුක්තියක් හෝ අසාධාරණයක් හමුවේ කොන්ද පණ ඇතිව කතා කිරීමට දරුවන් හුරු කල යුත්තේ කුඩා කල සිට බව මට දැනෙන හැඟීමයි.නැතිනම් වත්මන් සමාජය හැසිරෙන විදිය අනුව උන් ලොකු වූ පසු මේ සමාජයේ ජීවත් වීම වඩා අසීරු වනු ඇත...නොමලවුන් මලවුන් සේ නිදිගත් රටක තමන් වෙනුවෙන් සේම අනෙකා වෙනුවෙන්ද අසාධාරණයකදී නැගි සිටිය යුතු බව උන්ට තේරුම් කල යුතුය.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වි‍ශ්‍රාම ගන්නා හෙද හෙදියන්ගේ කැමැත්ත මත කොන්ත්‍රාත් පදනම යටතේ නැවතත් සේවයට කැඳවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.‍රෝහල්වල පවතින හෙද හිඟය මඟ හැරීමේ අරමුණෙන් මේ තීරණය ගත් බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සි‍රිසේන මහතාපවසයි.වෛද්‍යවරුන්, හෙද හෙදියන් විදේශගත වීම සහ වාර්ෂිකව විශාල පිරිසක් විශ්‍රාම ගැනීම යනාදී හේතූන් නිසා මේ හිඟය පවතියි.හෙද හෙදියන් සහ වෛද්‍යවරුන් විදේශගත වීම සඳහා ඉල්ලා ඇති ලිපිගොනු 50 ක් සතියකට අත්සන් කිරීමට තමාට සිදු වන බවත් තමා කැමති රටක‍ට ගොස් රැකියාවක් කිරීමේ මානව හිමිකම ඔවුන්ට තිබෙන නිසා එම ලිපිගොනු අත්සන් කිරීමට සිදු වන බවත් ඇමැතිවරයා කීය.රට පුරා රෝහල්වල හෙදියන්ගේ හිඟය දස දහසකට වැඩි බවත් මේ අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා කුමන හෝ වැඩපිළිවෙළක් යෙදිය යුතු බවත් ඇමැතිවරයා පවසයි.හෙද හෙදියන් සහ වෛද්‍යවරුන් වි‍ශාල සංඛ්‍යාවක් වාර්ෂිකව විශ්‍රාම ගන්නා අතර විශ්‍රාම ගන්නා පුද්ගලයන්ගේ අඩුව පිරවීමට අවශ්‍ය මානව සම්පත නොමැතිකම බරපතළ ගැටලුවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. අදාළ පුරප්පාඩු පිරවීම සඳහා අයදුම්පත් කැඳවූ විට පුරප්පාඩු පිර‍වීමට අවශ්‍ය පිරිසගෙන් සියයට 50 ක්වත් අයදුම් නොකරන බවත් උසස් පෙළ විද්‍යා විෂය හැදෑරු පිරිසගෙන් බොහෝ පිරිසක් වෙනත් රැකියාවලට යොමු වීම ඊ‍ට හේතුව බවත් අමාත්‍යාංශය පෙන්වාදෙයි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
නිදහසේ වැඩ කරන්න පුළුවන් දවසක් හින්දා හැම ඉරිදකම වැඩ කරන මම මගේ ඩේ ඕෆ් එක සාමාන්‍ය යෙන් ගන්නේ සති මැද දවසක.. අදත් ඒ වගේ දවසක්.. මගේ නිවාඩු දවසක්. කරන්න අමුතු වැඩ මොකුත් නැති ප්ලෑන් නැතුව පටන් ගත්ත අද දවස අපේ ජිවිත වලට ආයෙමත් මතක සටහනක් ඉතිරි කරපු දවසක් වෙයි කියල උදේ අට වෙනකල් නිදා ගනිද්දි මට වැඩිය හිතුනේ නෑ...අපේ ගෙදර බලු ගෙදරක්. පොඩ්ඩක් විතර එහෙම කිව්වම අවුල් හැඟීමක් ආවත් කරන්න දෙයක් නෑ.. අපේ ගෙදර ඉන්නේ ඩෝග් පීපල්ලා වගේම ගෙදර ඉන්න මිනිස්සු ගාණට වඩා බල්ලෝ ඉන්නවා.. ඒ කියන්නේ මිස්ට බව්වෙක් හා මිසිස් බව්වියෝ තුන් දෙනෙක් ඉන්නවා.. මිස්ට බව්වා කොලින්.. නැත්තං බුකු බුකු.. අයිති අපේ අම්මට.. එයාගේ මමා ඩොගී මිකී එයා මගේ.. එතකොට රෝස් හෙවත් රෝසි අපේ තාත්තාගේ.. ඒ පවුලෙම කරදර වලට වැඩියම මූණ දීලා ඉන්න පොඩ්ඩිත් මගේ.මුලින්ම කුස්සයටම බඩ ගාගෙන ගිහිල්ලා පොඩි කාලේ ළිදේ වැඩිලා.. එතකොට කණ්ඩි වලින් පැනලා.. මාළු ටැංකියේ වතුර බොන්න ගිහින් කණේ වතුර යවාගන්න වැඩ ගොඩක් දේවල් හින්දා රෙකෝඩ් තියන්න පොඩ්ඩිට පුළුවන් වෙච්ච නිසා එයා කාගෙත් අවධානය ඉහලින්ම දිනාගෙන හිටි කෙනෙක්. මේ දවස් වල එයා ප්‍රෙග්නන්ට්.. හරි ආයේ මගේ නිවාඩු දවසට.උදේ කෑම බීම වලින් පස්සේ පොතකුත් අරන් මම මගේ ඇඳේ හරි බරි ගැහුනා.. සුපුරුදු විදියට බලූලා සෙට් එකත් එයාලා මගේ කාමරේ කැමති කැමති තැන් වල හරි බරි ගැහිලා නින්දට සෙට් උනා.. මම පොත් කියවනවා එයාලා එයාලගේ වැඩ වල.. කොහේදෝ ඉදන් කාමරේට දුවගෙන ආව බුකු බුකු අයියා ඇඳ යට ඉව කලා විතරයි.. මේ ලෝකයේ කෙනෙකුට අහන්න පුළුවන් නැවුම්ම නැවුම් හඬ මගේ ඇඳ යටින් ඇහුනා.. මම දැනගත්තා.. මට දැනුනා.. පොඩ්ඩි පැටව් දානවා.. මගේ ඇඳ යට... මුලින්ම එළියට ආව පැට්ටා මේ ලොකෙට එයාගේ සම්ප්‍රාප්තිය දැනුම් දුන්නා.. ටක් ටක් ගාලා අනිත් බලු සාමාජිකයන්ව එළියට යවලා පොඩ්ඩිට එයාගේ වැඩේ කරගන්න දීලා මම ආයෙත් පොත කියවන්න හිතුවා.. පොතට වඩා ඇඳ යට බිහිවෙන අළුත් ජීවය ගැන හොයන්න මට ආස හිතුනා.. ඇඳේ ඉදගෙනම බෙල්ල විතරක් දාලා හොරෙන් වගේ බලන් හිටියා ම්හ්... මොකුත් නෑ... එක පැටියෙක් විතරද. මට හිතුනා.. නිමේශයකින් ජෙලි ආවරණයක් වගේ බෑග් එකක් ඇතුලේ තව පැට්ටෙක් එළියට ඇවිත්.. පොඩ්ඩි මේ ලෝකේ සිහියක් නැතුව ඒ පැට්ටව පිරිසිදු කරනවා...මගේ කොඳු ඇට පෙළ කෙලවරින් පටන් ගත්තු හිරියක් මුළු ඇඟ පුරාම දිව්වා.. කණ් දෙකට ලේ පිරෙනවා දැනුනා.. ඇස් තෙත් උනා.. මේ මහා විශ්වයෙන් මගේ කාමරය පිරිලා ගියා .. මම මට පුළුවන් තරම් ලොකු හාදුවකින් ස්භාවධර්මය වැළඳ ගත්තා.. ගොර්කිගේ “මිනිසෙකුගේ උපත“ කියවද්දි දැනුන හැඟීම මගේ මුළු ඇඟටම දැනුනා..මේ දේවල් මේ තරම් පිළිවෙලට සිද්ද වෙන්නේ කොහොමද. කවුද මේ දේවල් මේ සත්තුන්ට කියල දෙන්නේ.. මම මේක ලියද්දි පොඩ්ඩිගේ පළවෙනි අදියරේ වැඩ නිමයි කුක්කු පැටව් ටිකක් පොඩ්ඩිගේ තුරුල්ලට වෙලා කෙඳිරිලි මුණුමුණුවකින් හොර රහසේ පොඩ්ඩිගේ කිරි බුරුල්ලේ කිරි වලින් බංඩි පුරෝ ගනිමින් ඉන්නවා.. ඒ මිමිණුම අළුත උපන් මිනිස් දරුවන්ගේ කෙඳිරල්ලෙන් වැඩි වෙනසක් නැහැ.. විශ්වයේ භාෂාව කාටත් පොදුයි මට දැනෙනවා..මගේ හදවත ආයෙමත් ආනන්දයකින් පිරී යනවා.. මට නිදා ගන්න ඇඳක් නැති වෙනවා ටික කාලෙකට.. මගේ කාමරේ කිරි කැටියන්ට දීලා මම කෙරවලේ පොඩි කාමරේට මාරු වෙනවා.. මම කොහෙමද මේ විශ්වයේ කලාව වෙනස් කරන්නේ.පිංතූරේ.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පරිවර්ති ගෝලය වායු ගෝලයේ පහලම ස්තරයයි සමකය ආසන්නයේදි කිලොමිටර් 15ක් පමණද ද්‍රවාසන්න ප්‍රදේශ වලදී කිලොමිටර් 8ක් පමණද වපසරියක විහිදි පවතී
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු පළමු එක්දින තරගයේ දී මෙන්ම දෙවැනි තරගයේ දීත් පිත්තෙන් දස්කම් දැක්වූ ප්‍රබල දකුණු අප්‍රිකානු පිතිකරුවන් වන ජැක් කලීස් සහ හෂීම් අම්ලා තරගාවලියේ ඉතිරි එක්දින තරග 3ට සහභාගි වන්නේ නැත. දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තරගාවලියක් අතරතුර ක්‍රීඩකයන් මාරුකිරීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් කලීස් විවේක ගන්වා ඇති අතර අම්ලා කුළුඳුල් දරු ප්‍රසූතිය බලාපොරොත්තුවෙන් පසුවන තම බිරිය හා කාලය ගතකිරීමට අවශ්‍ය බැවින් ඉදිරි තරගවලින් ඉවත් වී සිටියි.මේ අතර දකුණු අප්‍රිකානු එක්දින සංචිතයට නම්කොට සිටි වේග පන්දු යවන ක්‍රීඩක රොරී ක්ලීන්වෙල්ට් ද ආබාධයකට ලක්වී සිටීමේ හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කර ඇත.කලීස් හා අම්ලා වෙනුවට ඇල්වීරෝ පීටර්සන් සහ කොලින් ඉන්ග්‍රෑම් ද, ක්ලීන්වෙල්ට් වෙනුවට වර්නන් ෆිලෙන්ඩර් ද කණ්ඩායමට එක්වී සිටිති..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දුම්කොළ විරෝධී වැඩපිළිවෙළ ප්‍රබලව ක්‍රියාත්මක වන රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳීන්විය හැකි බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පැවසීය.දුම්කොළ වගාව, දුම්කොළ ආශි‍්‍රත නිෂ්පාදන රට තුළින් ඉවත් කිරීම එක රැයකින් කෙරිය නොහැකි බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එසේ ප්‍රකාශ කළේ, “ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය කෙරෙහි දුම්කොළ හා විකල්ප බෝග වගාවන්හි බලපෑම” පර්යේෂණ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේදී මෙම උත්සවය ඊයේ (22) පැවැත්විණ. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබිණ.දුම්කොළ ආශි‍්‍රත නිෂ්පාදන හා මද්‍යසාර නිෂ්පාදන මානව විරෝධී ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකි බව මෙම අවස්ථාවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. දුම්කොළ හා මද්‍යසාර හේතුවෙන් රටට විශාල හානියක් සිදුවන බව ද, උන්වහන්සේ ප්‍රකාශ කළහ.සිගරට් භාවිතය නිසා පිළිකා සෑදුන ජනතාව සඳහා රෝහලක් සාදන ලෙස දුම්කොළ ආශි‍්‍රත නිෂ්පාදන කරන සමාගම්වලින් ඉල්ලා සිටිය යුතු බව ද රතන හිමියෝ මෙහිදී පැවසූහ.දුම්කොළ හා මද්‍යසාරවලින් ජනතාවට සිදුවන විනාශය පිළිබඳව අපි කතා කරන්න ඕනෙ. එම මානව විරෝධී ක්‍රියාව පිළිබඳව මානව හිමිකම් සංවිධාන ද කතා කළ යුතුයි. මත්පැන්, මත්ද්‍රව්‍ය, සිගරට් භාවිතය අඩු කළහොත් එමඟින් සමාජයට සිදුවන යහපත ගැන ඒවා භාවිතා කරන්නන් සිතිය යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.මහාචාර්ය එච්. එම්. එස්. පි‍්‍රයනාත් මහතා - “ගොවීන්ගේ සමාජ ආර්ථික තත්ත්වය කෙරෙහි දුම්කොළ හා විකල්ප බෝග වගාවන්හි බලපෑම” කෘතිය ඉතා සරලවයි රචනා කර තිබෙන්නෙ. අපි මෙමඟින් බලාපොරොත්තු වන්නෙ සමාජයට යම් දැනුමක් ලබා දීමටයි. දුම්කොළ වගාවේදී ගොවීන්ට අධික කායික හා මානසික වෙහෙසක් දැරීමට සිදුවෙනවා. ඒ සඳහා ගොවීන් යොමු වී ඇත්තේ සමාගම් ක්‍රියාත්මක කර ඇති ආකර්ෂණීය පහසුකම් හේතුවෙන්. එමෙන්ම දුම්කොළ වගාව ගොවීන්ට අහිතකර බව අද ඔප්පු වී තිබෙනවා. අප රටේ දුම්කොළ වගාවේ නියැලෙන ගොවීන් හයදහසක් පමණ සිටින බව සිතිය හැකියි. සමහර ගොවින් දුම්කොළ හඳුන්වන්නෙ “දුක්කොළ” නමින්..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ලෝකයේ වෙන්දේසියක දී වැඩි ම වටිනාකමක් ලැබූ පොත ලෙස සැලකන්නේ ලියනාඩෝ ඩාවින්චිගේ ‘කෝඩෙක්ට් ලීෙසෙස්ටර්’ යනුවෙන් හැඳින්වෙන අතින් ලියූ සටහන් පොතකටයි. එකම එකක් පමණක් ඇති එය වෙන්දේසියක දී අලෙවි වී ඇත්තේ ඩොලර් මිලියන 30.8ක් වැනි මුදලකටයි.ඒ වගේ ම එංගලන්තයේ රජුගේ බලය සීමා කිරීම සඳහා අතීතයේ ප‍්‍රභූන් ගෙන ආ ‘මැග්නා කාට’ ප‍්‍රඥප්තියේ පැරණි පිටපතක් ද ඇමරිකාවේ මුලින්ම මුද්‍රණය කළ පොත වූ ලෝකයේ ඉපැරණි බයිබලයක් හා යාඥා පොතක් ද මිලෙන් වැඩිම පොත් අතරට අයත් වෙනවා. එහෙත් වත්මන් ලෝකයේ වැඩි ම මිලකට අලෙවි වී ඇත්තේ ජෝන් ජේම්ස් ඕඩුබොන් (John James Audubon) ගේ ‘ඇමරිකාවේ කුරුල්ලෝ’ (Birds of America) නම් පොතෙහි පිටපතක්. එය ලන්ඩන් නගරයේ පැවති වෙන්දේසියක දී පවුම් මිලියන 7.3කට (ඩොලර් මිලියන 11.5කට) අලෙවි කෙරුණා. එය දළ වශයෙන් රුපියල්වලින් නම් මිලියන 1150ක්, එනම් රුපියල් බිලියන 1.5ක් විතර වෙනවා. ඒ අනුව එය ලෝකයේ මෙතෙක් වැඩිම මිලකට අලෙවි වූ පොත හැටියට වාර්තා වෙනවා. පොතක් කීවාට මෙය ඇත්තෙන්ම පොත් හතරක කට්ටලයක්. 19 වන සියවසට අයත් ඉතාමත් සුරක්ෂිතව, උසස්ම තත්වයෙන් පැවති ශ්‍රේෂ්ඨ කෘතියක් හිමි කරගන්නට මේ වෙන්දේසියෙන් හොඳ අවස්ථාවක් උදා වුණා. එදා මුද්‍රණයෙන් පිටවූ තත්වයෙන් ම පවතින මෙහි වර්ණ පින්තූර 435ක් තියෙනවා. මෙය මිල දී ගැනීමට හතරදෙනකු ඒ වෙන්දේසියට එක් වුණා. අනෙක් තරගකරුවන් පරදවා මේ ගණනට මේ විශිෂ්ට කෘතිය මිල දී ගත්තේ ලන්ඩනයේ ව්‍යාපාරිකයෙක්. ඔහු වටිනා කලාකෘති එක්රැස් කර අලෙවිකරන්නෙක්. වීඩියෝව සඳහා පහත බලන්න. ඕඩුබොන්ගේ මේ කෘතියෙහි අතින් වර්ණ ගැන්වූ විශාල ප‍්‍රමාණයේ චිත‍්‍ර 435ක් තියෙනවා. දැනට සම්පූර්ණයෙන් ම සුරැකිව ඇත්තේ පිටපත් 120ක් පමණයි. ඒවායින් 107ක් ම ඇත්තේ පුස්තකාල වැනි ආයතන තුළයි. මෙහි සම්පූර්ණ පිටපතක් අවසන් වරට වෙන්දේසි කරනු ලැබුවේ 2012 ලන්ඩනයේ සූත්බි ආයතනයේදියි. එය එතෙක් තනි කෘතියක් විකිණුණු වැඩිම ලෙසින් වාර්තා වුණා. ඒ බව ගිනස් ලෝක වාර්තාවල සඳහන් වෙනවා. ”ඇමරිකාවේ කුරුල්ලන් ගැන ලියැවුණු මේ පොත ඉතාමත් අලංකාරවත් එකක්. එහි සන්නිදර්ශන අති විශිෂ්ටයි, අනභිභවනීයයි.” යැයි රිචඞ් ඬේවිස් කියනවා. ඔහු ඉපැරණි දුර්ලභ පොත් හා අභිලේඛන පිළිබඳ ජගත් විශේෂඥයෙක්. එහි ඇති පැරණිකමටත් වඩා එහි ඇති ඓතිහාසික වටිනාකමත් කුරුලු විද්‍යාත්මක අගයත් මෙතෙකැයි කිව නොහැකි තරම්. මෙහි ඇතුළත් ඇතැම් කුරුල්ලන් අද වඳ වී ගොසින්. ඒ වගේම එදා ලෝකයට අලුතින් හඳුන්වා දුන් කුරුල්ලන් ද සිටිනවා. අඩි 3ක් උස දැවැන්ත පොත් හතරකින් යුත් කට්ටලයක් වන මේ අගනා කෘතිය නිර්මාණය කර ඇත්තේ 1827ත් 1838ත් අතර කාලයෙදියි. ප‍්‍රංශ නැව් කපිතන් කෙනකුගේ අවජාතක පුතකු වූ ඕඩුබොන් දක්‍ෂ චිත‍්‍රශිල්පියෙක්. ඔහු සිය රතු ඉන්දියානු සම්භවයක් ඇති සහකාරිය සමග ඇමරිකාව පුරා වනගතව සංචාරය කරමින් මේ චිත‍්‍ර ඇන්දා.මේ සෑම මුද්‍රිත පොතක ම චිත‍්‍ර අතින් වර්ණ ගන්වා ඇති අතර එය අතිශය වෙහෙසකර කටයුත්තක් වුණා. අද දියුණු ක‍්‍රම වේදයන් යටතේ වුවත් මෙවැනි විචිත‍්‍ර කෘතියක් නිර්මාණය කිරීම පහසු දෙයක් නොවෙයි. 1880 ගණන්වල මෙය නිකුත් වූ අවස්ථාවේදී සියලුදෙනාම මවිතයට පත් වුණා. මෙම පොත ලිවීම සඳහා ඕඩුබොන් අනුගමනය කළේ ඇඟ කිලිපොළා යන ක‍්‍රමවේදයක්. ඔහු කළේ අවශ්‍ය කුරුල්ලන් දඩයම් කර ගෙන අවුත් ඔවුන් කම්බියක එල්ලා ඒ දෙස බලා ගෙන චිත‍්‍ර ඇඳීමයි. මෙම එක් චිත‍්‍රයක් සම්පූර්ණ කිරීමට ඔහුට පැය 60ක පමණ කාලයක් ගත වුණා. අවාසනාවකට වාගේ ඔහුගේ චිත‍්‍රවලට බඳුන් වූ කුරුල්ලන් අද වඳ වී ගොසින්. කැරොලිනා පැරකීටයන් (ගිරවුන්), පැසෙන්ජර් පිජන් (පරෙවියන්), ලැබ‍්‍රඩෝ ඩක් (තාරාවුන්), ගේ‍්‍රට් ඕක්, එස්කිමෝ කිරලූන් හා පිනේටඞ් ග‍්‍රවුස් (වලිකුකුළන්) ආදී කුරුල්ලන් දක්නට නැහැ.‘මෙම පොත පෙරළීමට නම් දෙදෙනකු අවශ්‍ය වෙනවා’ යයි වෙන්දේසියට පෙර සූත්බිහිදී මෙය පරීක්‍ෂා කළ ගෙකෝස්කි නම් අයකු ප‍්‍රකාශ කර තිබුණා. ඔහු කීවේ, ‘අපි දෙන්නෙක් දෙපැත්තෙ ඉඳගෙන පිටුවෙ දෙපැත්තෙන් අල්ලා ගෙන පරෙස්සමින් පෙරළුවේ, මේ දැවැන්ත පොත කෝටි ගානක් වටින එකක් නෙවැ.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සංචාරක එංගලන්ත පිල සමග පැවැති දෙවැනි විස්සයි20 තරගය කඩුලු 5කින් ජයගත් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම දෙපිල අතර තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස ජය ගත්තේය. දෙපිල අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් කොදෙව් පිල ලකුණු 27ක ජයක් වාර්තා කළේය.බ්‍රිජ්ටවුන් හී පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 152ක් රැස් කළ අතර ඕවර 18.5කදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට කොදෙව් පිල සමත්විය.ඉනිමේ අවසන් මොහොතේ වේගවත් පිතිහරඹයක නිරත වූ ඩැරන් සැමී පන්දු 9කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමග නොදැවී ලකුණු 30ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයමාවතට යොමු කළේය.එංගලන්තය – 152/7 (ඕවර 20) ජොස් බට්ලර් 67, ඇලෙක්ස් හේල්ස් 40 ( ක්‍රිෂ්මර් සාන්තෝනී 21/4, ඩ්වේන් බ්‍රවෝ 34/2)කොදෙව් පිල – 155/5 (ඕවර 18.5) ක්‍රිස් ගේල් 36, ඩැරන් සැමී නොදැවී 30, ඩ්වේන් ස්මිත් 30, මාලන් සැමුවෙල්ස් 28 ( ටිම් බ්‍රෙස්නන් 51/2).
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
එච්. ආර්. ජෝතිපාල කියන්නේ මෙරට සංගීත ලෝලීන් කාගේත් හිත් දිනා ගත් ගායකයෙක්. පරම්පරාවෙන් පරම්පරාවට ජනප්‍රිය වන ඔහුගේ ගීතවලට අදත් තියෙන්නේ එදා වගේම ජනප්‍රියත්වයක්.වර්තමාන පරම්පරාවට ඔහු හැබැහින් දැක ඇසුරු කරන්න වරම් නොලැබුවත්, එදා ඔහුට ආදරය කළ රසික ජනතාව වගේම ඔහුගේ ළඟින් හිටපු හිතවතුනුත් හැමදාම කියන්නේ ඒ අසහාය ගායකයා ඇසුරු කරන්නට ලැබීමත් විශාල භාග්‍යයක් කියලයි.දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් වන අමාත්‍ය මර්වින් සිල්වා මහතාත් ජෝතිට ළෙන්ගතු අය අතර ප්‍රධාන චරිතයක්.ජෝතිට වගේම එතුමා කලාවට දක් වන්නේත් විශාල ළෙන්ගතුකමක්. ඇමතිතුමා ජෝතිට කෙතරම් ඇළුම් කළා ද කියනවා නම් පසුගිය කාලයේ දවසක එතුමා පවසා තිබුණේ තමන් කවදා හරි මියගිය දිනයක එච්. ආර්. ජෝතිපාලයන්ගේ සොහොන් කොත අසලින් භූමිදානය කරන ලෙසයි.ඒ වගේම ජෝතිගේ සොහොන් කොත අසල බිම්කඩ තමාටම වෙන් කර ගන්නත් එතුමා මේ ළඟදී දවසක කටයුතු කළා.මිය යන්නත් කලින් භූමදානය වෙනුවෙන් බිම් කොටසක් වෙන් කර ගන්න කිසිවෙකු හිතන්නේවත් නැති කාරණාවක්. ඒත් මර්වින් ඇමැතිතුමා එහෙම කළේ ජෝතිට තියෙන ළෙන්ගතුකම නිසාමයි.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කුසල් ජනිත් පෙරේරා හා තිලකරත්න ඩිල්ෂාන්ගේ ලකුණු 100ක ආරම්භක කඩුලු සබඳතාව මත ශ්‍රී ලංකාව ඊයේ රාත්‍රියේ ඩුබායි ක්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිව පැවැති දෙවැනි හා අවසාන ජාත්‍යන්තර විස්සයි20 තරගයේ මුලින් පන්දුවට පහර දෙමින් කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 211ක දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළේය.ආරම්භක පිතිකරු යුගළය මෙන්ම සීකුගේ ප්‍රසන්න හා කුමාර් සංගක්කාර ද ඉතාමත් ප්‍රවේගකාරී ඉනිම ක්‍රීඩා කළ අතර ඊයේ දක්නට ලැබුනේ හාත්පසින්ම වෙනස් ශ්‍රී ලංකා කණ්ඩායමකි.කුසල් ජනිත් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින් පන්දු 59කින් ලකුණු 84ක් ලබා ගත්තේය. ඩිල්ෂාන් පන්දු 33කින් ලකුණු 48ක් රැස් කළේ හතරේ පහර 8ක් එල්ල කරමිණි. ප්‍රසන්න අංක 1 පිතිකරුවා ලෙසින් පැමිණ පන්දු 8කින් ලකුණු 21ක් ලබා ගත්තේය. හතරේ හා හයේ පහර 2 බැගින් ඒ කෙටි ඉනිමට ඇතුළත්ව තිබිණි. සංගක්කාර හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින් පන්දු 21කින් නොදැවී ලකුණු 44ක් වාර්තා කළේය.සීකුගේ ප්‍රසන්න ට මංගල ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් වරම් ලබා දෙමින් ශ්‍රී ලංකාව ඊයේ තරගය සඳහා අජන්ත මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කර තිබිණි. පාකිස්තානය, පළමු තරගය ජය ගත් කණ්ඩායම ම නම් කර තිබිණි.පළමු තරගයේ මෙන්ම ඊයේ දෙවැනි තරගයේදීද කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායක මොහමඩ් හෆීස් පෙර පරිදිම පළමුව පන්දු යැවීමට තීරණය කළේය. උස්මාන් ඛාන් යැවූ තරගයේ පළමු ඕවරයේදී ලකුණු 13ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එම ඕවරයේදී කුසල් ජනිත් පෙරේරා පිට පිට හයේ සහ හතරේ පහරක් එල්ල කිරීමට සමත් විය.10 වැනි ඕවරයේදී ෂහිඩ් අෆ්රිඩිගේ පන්දුවලට කුසල් ජනිත් පිට පිට හතරේ පහර 2ක් සහ හයේ පහරක් එල්ල කිරීමට සමත් වූ අතර ඉනිමේ අඩක් නිමා වන විට ශ්‍රී ලංකාව ලකුණු 90ක් ලබා ගෙන සිටියේය. ශ්‍රී ලංකා පළමු කඩුල්ල බිඳ වැටෙන විට කුසල් ජනිත් හා ඩිල්ෂාන් ඕවර 12කදී ලකුණු 100ක් රැස්කර තිබිණි. කුසල් ජනිත් ඔහුගේ තෙවැනි ජාත්‍යන්තර විස්සයි20 අර්ධ ශතකය වාර්තා කිරීමෙන් පසුව යැවුනු පන්දුවේදී ඩිල්ෂාන්, ‘ස්වීපර් කවර්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි උමාර් අමින් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. මේ අගනා ආරම්භක කඩුලු සබඳතාව බිඳ දැමුවේ සයීඩ් අජ්මාල් ය. හතරේ පහර 8ක් එල්ල කළ ඩිල්ෂාන් පන්දු 33කින් ලකුණු 48ක් රැස් කළේය.සැවොම විස්මයට පත් කරමින් අංක 1 පිතිකරු ලෙසින් ඊයේ කඩුල්ලට පිවිසියේ සිකුගේ ප්‍රසන්න ය. ඔහු, ඔහුගේ මංගල විස්සයි20 තරගයේ මුලින්ම මුහුණ දුන්නේ පළපුරුදු නායක මොහමඩ් හෆීස්ගේ ඕවරයකටය. එහෙත් ප්‍රසන්න නොබියව එම අභියෝගයට මුහුණ දෙමින් පාකිස්තාන නායකයාට සංග්‍රහ කළේ හතරේ පහරක් හා පිට පිට හයේ පහර දෙකකිණි. එම ඕවරයේදී ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 24ක් එක් විණි.වැනි ඕවරයේදී ප්‍රසන්න, ‘පොයින්ට්’ හි උස්මාන් ඛාන් වෙත උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. ඒ කඩුල්ලේ හිමිකාරයා වූයේද අජ්මාල් ය. සීකුගේ ප්‍රසන්නගේ පළමු ජාත්‍යන්තර විස්සයි20 ඉනිම පන්දු 8කින් ලකුණු 21ක් ලෙසින් සටහන් වූ අතර හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් ඊට ඇතුළත්ව තිබිණි. කුසල් ජනිත් පෙරේරාගෙන් ඊයේ ප්‍රදර්ශනය වූයේ අති විශිෂ්ට ඉනිමකි. 19 වැනි ඕවරයේදී ඔහු, උස්මාන් ඛාන් ට පිට පිට හයේ පහර 2ක් එල්ල කළේය. අවසාන ඕවරයේදී කුමාර් සංගක්කාර, සොහේල් ටන්විර්ගේ පන්දුවලට පිට පිට හයේ සහ හතරේ පහරක් එල්ල කළේය. කුසල් ජනිත් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවේදී දුවද්දී දැවී ගියේය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
හැම අවුරුද්දකම වගේ පැවැත්වෙන Sri Lanka Cyber Games (SLCG) ඔන්න මේ මාසේ පැවත්වෙනවා. ඔයාලා දන්නවනේ මේක තමයි ලංකාවේ විශාලතම Gaming Competition එක. ලංකාවේ ඉන්න හොඳම gamers ලා මේකට සහභාගී වෙනවා. හැමදාම වගේ COD 4, DOTA 2, Counter-Strike, Most Wanted වගේ games රැසක් මේ පාරත් ඇතුලත්. ඔයාටත් මේ කියන games වලට දක්ෂතාවයක් තියෙනවා කියලා හිතෙනවානම් 5 දෙනෙක්ගේ කණ්ඩායමක් හදාගෙන අදම අයදුම් කරන්න පුළුවන්.Competition එක පැවැත්වෙන්නේ ප්‍රධාන අධියර දෙකකට. පළවෙනියට Kandy වලින් කණ්ඩායමක් තෝරා, දෙවනුව Colombo වලින් තේරී පත් වුනු කණ්ඩායම අතර ඒ කණ්ඩායම් අවසාන තරඟය පවත්වනවා. ඔයාලට ආසන්නම Colombo or Kandy මධ්‍යස්ථාන වලින් එකක් තෝරලා Register වෙන්න පුළුවන්. මෙවර තරඟ පැවැත්වෙන වේලාවන් හා මධ්‍යස්ථාන.KANDY6th, 7th December 2014Kandy City CenterCOLOMBO19th, 20th, 21st December 2014BMICH Main Banquet Hall වැඩි විස්තර සඳහා පහත link වෙත පිවිසෙන්න.lkFacebook Pageඔයා game වලට අසා කරන කෙනක් නම්, මේකට තරඟ කරුවෙකු හැටියට සහභාගී නොවුනත් Competition එක බලන්න හරි යන්න. මොකද ඒක ඔයාට හොඳ අත්දැකීමක් වේවි කියලා මන් විශ්වාසයෙන් කියනවා. ඔයා ගෙදරට වෙලා පුටුවේ වාඩි වෙලා සෙල්ලම් කරනකොටයි, Competition එකක සිය ගණනක් මැද්දේ තරඟ වදිනකොටයි දැනෙන වෙනස ඔයාට එතැනදී දැනේවි.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ගොනුව:Shutter speed pool.jpg අවම සංවාරක වේගයක් යටතේදී ගත් ඡායාරූපයක් සංඛ්‍යාංක තිරයේ හෝ සේයා පටලය මත පතනය වන ආලෝක ප්‍රමාණය පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස සංවාරක වේගය හැඳින්විය හැක. මෙය අවසාන ප්‍රතිබිම්බයේ දෘශ්‍ය කාර්යය මෙහෙයවීමටද භාවිතා කරයි. චලනය වන වස්තුවක් නිශ්චල ඡායාරූපයකට නැගීමේදී වස්තුවේ චලනය පෙන්වීම සඳහා මන්දගාමී ෂටර වේග භාවිතා කරයි. අධිවේගී ෂටර භාවිතයෙන් චලනය වන වස්තුවක් වුවද ගල් ගල් ගැසී ඇති වස්තුවක් මෙන් ඡායාරූප ගත කල හැක. උදාහරණයක් ලෙස දුවන පුද්ගලයෙකුගේ පාද දෙකම අහසේ ඇති අවස්ථාවක් පවා මෙමඟින් ඡායාරූප ගත කළ හැක. මන්දගාමී ෂටර වේග භාවිතා කල විට චලනය ගබඩා කර ගැනීම සඳහා වැඩි කාලයක් ලැබේ. මන්දගාමී ෂටර වේග භාවිතයෙන් ඇතැම් කොටස් බොඳ කොට දැක්වීමට ඡායාරූප ශිල්පියාට ඉඩ සලසා දෙයි. උදාහරණයක් ලෙස මෙසේ මඳක් මන්දගාමී ෂටර වේග භාවිතයෙන් ඇවිදින මිනිසෙකුගේ ඡායාරූපයක් ගැනීමේදී වේගයෙන් චලනය වන පාද කොටස් බොඳ කොට දැක්විය හැකි අතර අනෙක් කොටස් තියුනු ලෙස දිස්වීමට සැලැස්විය හැක. පසුතලය හා වස්තුව බොඳවීම ආරම්භ වන නිශ්චිත මොහොත වස්තුව චලනය වන ශීඝ්‍රතාවය, කැමරාවේ සිට ඇති දුර සහ කාචයේ නාභිදුර සහ සේයාපටලයේ ප්‍රවාහයේ සම්බන්ධතාව යන කරුණු මත පදනම් වේ. තත්පර භාගය ඉක්මවු ෂටර වේගයක් භාවිතා කොට ගලායන දියදහරයේ ඡායාරූප ගත කල විට එය හොල්මන් බදු සුදු පැහැයකින් දිස්වේ. විශාල පිපිරීම යනු නිරාවරණය වී පවතින මොහොතේදී නාභිදුර විචලනය හසුකරගන්නා තාක්ෂණයකි.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේඉරි: ජූනි 27, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 178 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 179 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 187 ඉතිරිව තිබේ . This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
හිකප් සම්ප්‍රදායෙන් බැහැරව නව අදහස් සිතුම් පැතුම් වලින් යුතු වූ දරුවෙක්. ඔහු වයිකින්වරුන්ගේ ළාබාලතම පරම්පරාවේ සාමාජිකයෙක්. තම වර්ගයා බිහිසුණු මකරුන් සමඟින් සටනට එළැඹෙන විටදී හිකප් එම මකරුන් සමඟ සමගියෙන් සමාදානවීමට උත්සාහ දරයි. සැම විටම ඔහුට අවශ්‍ය වන්නේ මකරුන් මිනිසුන්ගේ මිතුරන් කිරීමටය. එම අභියෝගය ජය ගනිමින් ඔහු මිතුරු කර ගන්නා ටුත්ලස් නම් මකරා සමඟින් දරුණු මකරුන් වෙසෙනා ප්‍රදේශයක් සොයා ගනී. එහි වෙසෙමින් අනෙකුත් මකරුන් ගෙන් දරුණු ආකාරයෙන් වැඩ ගන්නා මකරා විනාශ කරමින් මිනිසුන් හා මකරුන් අතර සමගියක් ඇති කිරිමට කුඩා හිකප් හට හැකියාව ලැබෙන්නේ ටූත්ලස් නම් මකරා හා හිකප්ගේ මිතුරු මිතුරියන්ගෙන් ලද විශාල සහයෝගය ද සමඟිනි. ඒ මීට වසර පහක පමණ කාලයකට පෙරදීය.දැන් හිකප් සහ ඔහුගේ මිතුරු මිතුරියන් ගත කරන්නේ යෞවනයයි. මිතුරු මකරා වූ ටූත්ලස් සමඟින් ගවේෂණයේ යෙදීම ඔහුගේ විමෝදාංශයයි. නව ප්‍රදේශ සොයා හිකප් යන ගමන වරෙක බිහිසුණුය. තවත් වරක සුන්දරය. එහිදී හමුවන විවිධ පුද්ගලයන් අතරේ සුවිශේෂී අයෙක් හිකප් හට මුණ ගැසෙයි. යළිත් බිහිසුණු යුද්ධයකට මැදි වන ඔහුගේ අනාගතය ගැන කියන්නේ ‘How to Train Your Dragon -2’ චිත්‍රපටයයි.මේ දිනවල ලොව පුරා අති සාර්ථක අයුරින් තිරගත කෙරෙන ‘How to Train Your Dragon -2’ චිත්‍රපටය How to Train Your Dragon චිත්‍රපටයේ දෙවැනි චිත්‍රපටය ලෙස එළිදක්වා තිබේ. මෙම චිත්‍රපටය තිරගත වෙන්නේ පළමු චිත්‍රපටයෙන් වසර පහකට පසුවය. පසුගිය ජූනි 13 වැනිදා සිට තිරගත වීම ආරම්භ කළ එය මේ වන විට උපයා ඇති ආදායම ඩොලර් මිලියන 171 කි.How to Train Your Dragon -2 අධ්‍යක්ෂණය සහ තිර රචනය ඩීන් ඩිබ්ලොයිස් විසිනි. එයට පාදක කරගෙන තිබෙන්නේ ක්‍රොසිකා කොවෙල් විසින් රචිත How to Train Your Dragon කෘතියයි. ජේ. බර්චෙල්, ජෙරාඩ් බට්ලර්, ක්‍රෙග් ෆර්ගියුසන්, අමෙරිකා ෆෙරේරා, ජොනා හිල්, ක්‍රිස්ටින් විග්, කිට් හැරින්ග්ටන් ඇතුළු පිරිසක් මෙහි හඬ දායකත්වය ලබා දෙති. මිනිත්තු 102 ක කාලයක් පුරා දිවෙන මෙම චිත්‍රපටය සඳහා ඩොලර් මිලියන 145 ක පිරිවැයක් දරා ඇත.ඩ්‍රීම් ඇනිමේෂන් විසින් මෙම චිත්‍රපටය විචිත්‍රවත් අයුරින් නිමවා තිබේ. මෙම චිත්‍රපටය රූ ගැන්වෙන විටදී අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා 2013 වසරේ ඩ්‍රීම් වර්ක් ඇනිමේෂන් හි කළ සංචාරයකදී කාටුන් චරිතයක් වෙනුවෙන් සජීව රංගනයක අංග චලනය ලබා ගැනීමේ අවස්ථාවක් අත්හදා බලන්නට එක් වී තිබේ.යතේජා
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ලෝක හා ආසියානු රන් හා රිදී පදක්කම්ලාභී කායවර්ධන සූර ප්‍රසන්න පීරිස් පිළිගැනීමේ උත්සවයක් පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදුකෙරුණි. එහිදී ප්‍රසන්න පීරිස්ට රුපියල් මිලියන 4ක් හා තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ද හිමිවිය. ජනාධිපතිවරයා සමඟ ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, කායවර්ධන සම්මේලනයේ සභාපති කපිල කුමාර, ලේකම් චන්දන අලුත්ගේ, භාණ්ඩාගාරික රනිල් පෙරේරා, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න, ප්‍රසන්න පීරිස්ගේ පුහුණුකරු රෝහණ ජයසුන්දර යන මහත්වරු ද මෙහි වෙති..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වෙනසක් ඇති කරමු. මවුබිම තහනම් කරනු ලැබ ඇති කවියන්ට තටු දෙමු. මිත්‍රවරුනි, පැමිණෙන්න අපි කතා කරමු.කතා කරනු වෙනුවට කෙරෙනා දේවල් ඇති කොටලියනවා වෙනුවට ලියැවෙන දේවල්ඇති කොටඅඬනවා වෙනුවට ඇඬෙන දේවල්ඇති කොටපැමිණෙන්න අපි කතා කරමුසීතල කුණාටුවකදිත්පන්නරය ලබන හැටි වානේඑන්න, අපි කතා කරමුමිතුරනි, පුවත්පත් කරනාකොතරම් දුක්ඛිතද ඔබේ අකුරුව්‍යාජයන් පසුපස හඹා යන කලසොයා ගත නොහැකි තරමටගනඳුරක්ද හදවතහඬා වැළප ගෙවුණු යුගවලසිටි නමුත් ඉන්නක් මෙන් සිටගෙන නොසැල එක දිගටදියාරුව යන්ට නොදෙනෙක හදවතමොනතරං අපහසුද දුෂ්කරදමල් පවා නැවී ගඟ දියටපෙති විසිර යන කල දිය සැඩටආදරය සෙනෙහස පවා රිදුම් දෙනවැති මිතුරදුයිෂෙන්ලා එලවලා ඈතටරජවෙලා පල්හොරුන් ගුරු ගෙයඉහළ අස්සනින් තටු ලැබකවරක් උගන්නන්නෙහුදසොරකම පටන්ගන්නා 'යුරුදකුණාටුවක් වෙලා වත් අපටපුළුවන්ද ශුද්ධ කරන්නටතැන තැන ලෙය පිරුණුකිණිසි තුඩු විසිරි බිමඑන්න, අපි කතා කරමු මිතුරPicture -Ikenaga Yasunari (Japanese, Contemporary, b.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ක්‍රි. පූ. හයවැනි සියවසේ මෙරට රජ කළ මණිඅක්ඛිත සහ මහෝදර චූලෝදර නා රජවරුන්ගේ ජීවිත කතාවන් ඇසුරෙන් දැවැන්ත ඓතිහාසික සිනමා පටයක වැඩකටයුතු ළඟදීම ඇරැඹෙනු ඇත.සුනිල් ටී. ප්‍රනාන්දුගේ හැටඑක්වැනි සිනමා නිෂ්පාදනය වන මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සනත් අබේසේකර විසිනි. සුනිල් ටී. සමඟ රවීන්ද්‍ර ගුරගේ සහ සනත් අබේසේකර මෙහි සම නිෂ්පාදකවරුන්ය.මහෝදර චූලෝදර හී පිටපත කැලණි විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද බුද්ධරක්ඛිත, පුරා විද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද සහ ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකාරක පූජ්‍ය ගලගම ධම්මරංසි යන හිමිවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ නිමවන අතර උන්වහන්සේලාගේ ආශිර්වාදය මත මෙම සිනමා කෘතිය නිර්මාණය වනු ඇත.- ප්‍රසාද්
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
එංගලන්ත පාපන්දු පිලේ සහ මැන්චෙස්ටර් යුනයිටඩ් පිලේ ප්‍රහාරාත්මක ක්‍රීඩක වේන් රූනි ප්‍රිමියර් ලීග් තරගමාලාවේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නම් කිරීමත් සමග සම්මාන ත්‍රිත්වයක් සම්පූර්ණ කිරීමට සමත් විය.24 හැවිරිදි රූනි පසුගියදා වෘත්තීය පාපන්දු ක්‍රීඩකයන්ගේ සංගමය පිරිනැමූ වසරේ හොඳම ක්‍රීඩකයා සම්මානය සහ පාපන්දු ලේඛකයන් පිරිනැමූ වසරේ හොඳම ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තේය.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
නර්තන ශිල්පිනී දයා නෙල්ලම්පිටියඉදිරියේදී පැවැත්වීමට නියමිත ‘විශාඛා මේලා’ වැඩසටහනට ළමයි තෝරා ගැනීමේ විනිශ්චය මණ්ඩලයට පසුගිය දවස්වල මා සහභාගි වුණා. ඒ අතරම බම්බලපිටිය මෙතෝදිස්ත විද්‍යාලයේ ජන ගී ගැන දේශනයක් කළා.ඒ වගේම අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය වී සිටි මිසිස් අබේරත්නට වසර අසූ නවයක් පිරීම නිමිත්තෙන් ගුරුවරු හා ආදි ශිෂ්‍යාවන් කළ උත්සවයකටත් මා සහභාගි වුණේ බොහොම කැමැත්තෙන්.මේ අතරතුර සාමාන්‍ය පෙළ හා කුඩා ළමයින් වෙනුවෙන් නර්තනය උගන්වනවා.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පැගෝඩාව හෙවත් චීන දාගැබ් යනු මහල් රාශියකින් හා පියසි වලින් යුත් කුළුණකි. මෙය බහුලව පිහිටා ඇත්තේ නේපාලය, චීනය, ජපානය, කොරියාව වැනි ආසියානු රටවල් වලය. පැගෝඩා බොහොමයක් ඉදිවුයේ බෞද්ධ ආගමික කටයුතු සදහා නිසා එය සාමාන්‍යයෙන් පන්සලක් තුළ හෝ ආසන්නයේ පිහිටා ඇත. මියන්මාරය හා තායිලන්තය වැනි රටවල පැගෝඩා යන නාමය සාමාන්‍ය චෛත්‍යයක් හෝ ස්ථූපයකට භාවිතාවන අතර වියට්නාමයේ එම නම වැදුම් පිදුම් කරන ඕනෑම ස්ථානයකට යෙදේ. නූතන පැගෝඩාව ඵෙතිහාසික ඉන්දියානු ස්ථූපයේ විකාශනයකි. ස්ථුපයේ ගෘහනිර්මාණ ශිල්පය ආසියාව පුරා ව්‍යාප්තව ඇති අතර ප්‍රදේශවල විවිධත්වය අනුව විවිධ ලක්ෂණ එයට අඩංගු වී තිබේ. පටුන 1 පැගෝඩාවේ ඉතිහාසය 2 සංකේත භාවිතය 3 ගෘහ නිර්මාණ ශිල්පය 4 පැගෝඩා රාජ්‍යය 5 ප්‍රසිද්ධ පැගෝඩාවන් සමහරක් පැගෝඩාවේ ඉතිහාසය[සංස්කරණය] ජපානයේ ඇති පැගෝඩාවක් පැගෝඩාව ගොඩනැංවූයේ ධාතු තැන්පත් කිරීමට හා ආගමික ග්‍රන්ථ තැන්පත් කර තැබීමටය. බුදුරජාණන් වහන්සේගේ ධාතු වන්දනා කිරීමට කැමැත්තක් දැක්වූ බෞද්ධ භික්ෂූන්, වන්දනාකරුවන්, පාලකයන් හා සාමාන්‍ය බැතිමතුන් අතර මෙය ඉතා ජනප්‍රිය ‍විය. සංකේත භාවිතය[සංස්කරණය] චීන හා අනෙකුත් නැගෙනහිර ආසියානු පැගෝඩා ගෘහනිර්මාණ ශිල්පයේ චීන ප්‍රතිමා ශිල්පීය ලක්ෂණ පෙන්වයි. බුදුරජාණන් වහන්සේගේ අභය මුද්‍රාවට අනුව තැනුනු පැගෝඩාවද දක්නට ලැබෙන අතර සමස්තයක් වශයෙන් බුද්ධ ප්‍රතිමාශිල්පය සෑම පැගෝඩාවකම සංකේතවත් කර ඇති බව නිරීක්ෂණය කළ හැක. ගෘහ නිර්මාණ ශිල්පය[සංස්කරණය] වියෙට්නාමයේ හැ‍නොයි හි එක් කුලුනක් සහිත පැගෝඩාවක් පැගෝඩාව එහි උස හේතුවෙන් අකුණු සැර වලට ලක්වේ. බොහෝ පැ‍ගෝඩා වල මුදුනේ අලංකාර කොත් කැරැල්ලක් දක්නට ලැබේ. මෙම කොත් කැරැල්ලද බුදු දහමට සම්බන්ධ සංකේත උදා :- නෙළුම් මල වලින් යුක්තය. කොත්කැරැල්ල අකුණු සන්නායකයක් ලෙසද ක්‍රියාකරන බැවින් අකුණු හානි වලින් පැගෝඩාව ආරක්ෂා වේ. අතීතයේ දී පැගෝඩා තැනුවේ දැවයෙන් වුවද ගින්නෙන් හා දිරායාමෙන් ආරක්ෂාව සදහා එය ලෝහයෙන් තනයි. පැගෝඩා රාජ්‍යය[සංස්කරණය] බුරුමය හෙවත් මියන්මාරය එහි පැගෝඩා බහුල භූමිය හේතුවෙන් පැගෝඩා රාජ්‍යය නම් වේ. ප්‍රසිද්ධ පැගෝඩාවන් සමහරක්[සංස්කරණය] ගොනුව:Iron Pagoda d.jpg ක්‍රි.ව. 1049 දී තනන ලද චීනයේ ලෝහ පැගෝඩාව තායිවාන් නුවර පිහිටි තායිපේ 101 ස‍්වෙදගොන්, යැන්ගොන් , මියන්මාරය නේපාලයේ භක්තපූර් හි මහල් 5 කින් යුත් Nyatopol වියට්නාම සංස්කෘතික සංකේතයක් වන හැ‍නොයි හි තනි කුළුණු පැගෝඩාව ක්‍රි.ව. 636 දී තනන ලද චීනයේ Xumi පැ‍ගෝඩාව කොරියානු සමූහාණ්ඩුවේ මිර්සුකා පැගෝඩාව, Baekje පැගෝඩාව වියට්නාමයේ පාලම් පැගෝඩාව වියට්නාම බෞද්ධ නායකයින්ගේ රැස්වීම් ශාලාව, හෝචි මින්ග් නගරය අතීත ක්‍රිස්තියානීන් විසින් ක්‍රි.ව. 640 දි තැනූ චීන පැගෝඩාව ක්‍රි. ව. 652 චීනයේ සියදන් හි ඉදිකල විශාල පාත්ත පැගෝඩාව ක්‍රි. ව. 709 චීනයේ සියදන් හි ඉදිකල කුඩා පාත්ත පැගෝඩාව ක්‍රි.ව. 1045 චීනයේ Zhengding හි Lingxiao පැගෝඩාව ක්‍රි.ව. 1162 චීනයේ Suzhou හි Beisi පැගෝඩාව ජපානයේ උසම දැව නිර්මාණය, ටෝ - ජි චීනයේ නැන්ජින්ග් නුවර පවතින මධ්‍යතන යුගයේ ආශ්චර්යක් වන තැන්ජින්ග් පොසිලේන් කුළුණ වියට්නාමයේ ලාඕස් නුවර Pha that Luang පැගෝඩාව ක්‍රි.ව. 1049 චීන සොන්ග් රාජ්‍ය සමයේ කයිෆොන්ග් හි ඉදිකළ වානේ පැගෝඩාව ක්‍රි.ව. 1165 සොන්ග් රාජ්‍ය සමයේ Hangzbou හි ඉදිකළ Liune පැගෝඩාව තායිලන්තයේ නතොන් පතොන් නුවර පිහිටි ‍ලෝකයේ උසම පැගෝඩාව වන Phra pathum chedi ගෝලීය පැගෝඩාව ලෝකයේ විශාලතම ආධාරකයක් රහිත, ගලින් තැනූ ‍ගෝලාකාර නිර්මාණය 11 වන සියවසේ චීනයේ ලින්ග්යැන් විහාරයේ ඉදිකළ Pizhi පැගෝඩාව 2007 අප්‍රේල් හි දී තනා නිම කළ 137.7m උස changzhou Tianning Baoh ලෝකයේ උසම පැගෝඩාව ක්‍රි.ව. 523 චීනයේ සොන්ගී කන්දේ තනා ඇති සොන්ග්යු පැගෝඩාව ක්‍රි.ව. 961 තනන ලද චීනයේ Suzhou ට පිටතින් පිහිටි Hugiu කුළුන ක්‍රි.ව. 1056 චීනයේ යින්ග් හි තැනූ ෆුගොන්ග් විහාර පැ‍ගෝඩාව පැගෝඩා ගෘහ නිර්මාණ ආකෘතියට අනුව තැනු නූතන ගොඩනැගිලි 1998 ඉදිකළ මැලේසියාවේ ක්වාලා ලම්පූර් නුවර පිහිටි පෙට්රොනාස් ගොඩනැගිලි වර්තමානය වන විට ලෝකයේ උසම ගොඩනැගිල්ලක් වන 508m උසැති තායිවානයේ තායිපේ 101
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
බාඳුරා කෙණ්ඩියකමදු සොයා පිහිනාවෙර දරා - වෙරි මතින්විත බිඳුණු - දිවි රැකුනුමලට රවන බඹරු.......මදාරා මල් සොයාඅමෘත මදු සොයාහිරුරැසට - කඳුලින්පිපාසය සිඳුවාආකාසෙට පියඹනමලට හඬන බඹරු......සුපුෂ්පිත විශ්වයකදහසක් පැහැයෙන් අතරමංවඅනන්ත වූ සුවඳින් මත්වසිත නිවන - මදු සොයනමලින් මලට බඹරු....අනන්ත වූ මල් වත්තකකුරුමිනියකු සේ........තවත් බඹරකු සොයාඅනන්තයට පියඹනමලට නොඑන බඹරු.....(එක එක ජාතියේ බඹරු අතරින් අමුතුම ජාතියේ බඹරුන් පිරිසක් ගැන කතාකරන විශිෂ්ට චිත්තරපටයක්.).
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ලෝක ප්‍රසිද්ධ ඉන්දීය සිතාර් වාදක හා සංගීතඥ රවිශංකර් එක්සත් ජනපදයේ දි සැත්කමකට භාජනය වීමෙන් පසු පෙරේදා මිය ගිය බවඔහු‍ගේ ඥාතීහු ඊයේ ප්‍රකාශකළහ.මියෙන විට ඔහු 92 හැවිරිදි වියේ පසුවිය. කැලි‍ෆෝර්නියාවේ සැන්දියගෝ රෝහලේදී ඔහුගේ හදවත්කපාටයක් බද්ධකිරීමේ සැත්කමක් සිදුකර ඇත.ර‍විශංකර් උතුරු ඉන්දියාවේ වරානසි පූජනීය නගරයේ බෙංගාලි බ්‍රාහ්මණ පවුලක උපත ලද්දේ 1920 අප්‍රේල් 7 දාය.ඉන්දීය සම්භාව්‍ය සංගීතය ලොවපුරා ප්‍රචලිත කිරීමට මුල්වූ ඔහු ඉන්දීය අගමැති මන්මෝහන්සිං විසින් හඳුන්වා ඇත්තේ' ජාතිකසම්පතක් හා ඉන්දිය සංස්කෘතික උරුමය ලොකයේ ප්‍රචලිත කළ තානාපතිවරයෙකු ලෙසය.අන්තර් ජාතික සම්මානයන් රැසකින් පුද ලද රවිශංකර් සිය අවසන සංගීත ප්‍රසංගය පවත්වා ඇත්තේ නොවැම්බර් මස 4 දා කැලිෆෝර්නියාවේ ලෝන් බීචි හිදීය. ඔහුගේ අවසන් කටයුතු පසුව ප්‍රකාශ කරන බව පලව තිබේ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වෙනත් ගැටළු අත්පත් කර ගත් ප්‍රදේශ වල තත්වය අත්පත් කර ගත් පලස්තීන භුමියන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බටහිර ඉවුර හා ගාසා තීරය පදන්ම කරගෙන යොදා ගන්නා යෙදුමකි. මෙම ප්‍රදේශය 1967 දින හයේ යුද්ධයේ දී ඊශ්‍රායලය විසින් ඊජිප්තුවෙන් හා ජෝර්දානයෙන් අත්පත් කර ගන්නා ලද්දකි. ඊශ්‍රායල රජය විසින් යොදා ගන්නා යෙදුම වන්නේ . මතබේදාත්මක භුමි ප්‍රදේශ ˝ වන අතර එම යෙදුම භාවිතයට‍ හේතුවක් වන්නේ එම ප්‍රදේශ පිළිබද පැහැදිලි අයිතියක් කීමට හැකි රාජ්‍යයක් නොවීමයි. එමෙන්ම ඊශ්‍රායලය 1967 දී මෙම ප්‍රදේශය තම බලයට යටත් කර ගන්නා විට ක්‍රියාකාරි තානාපති සේවාවක්ද එහි ක්‍රියාත්මක වුයේ නැත. සමහර ඊශ්‍රායල ජාතිකයන් විසින් පුරතීතයේ සිට පැවත එන ඓතිහාසික නම් වන ජුඩියා හා සමේරියා ( Judia and Samaria) යන නම් වලින් මෙම ප්‍රදේශ ආමන්ත්‍රණය කරති. 1980 දි ඊශ්‍රායලය විසින් සම්පුර්ණයෙන්ම නැගෙනහිර ජෙරැසලම අල්ලා ගන්නා ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධාන හා එම අවුරැද්දේ අගෝස්තු 20 වැනිදා මෙම ඈදා ගැනීම අනුමත කිරිම ප්‍රතික්ෂේප කරන ලදී. ඊශ්‍රායලය කිසිවිටෙක බටහිර ඉවුර‍ හෝ ගාසා තීරය ඈදා ගනු ලැබුවේ නැත. එමෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානය ඉල්ලීම් කරනු ලැබුවේද ˝ සියළුම සතුරැ ඉල්ලීම් හා ප්‍රචණ්ඩත්වයන් අවසන් තර ස්වාධිපත්‍යය භෞමික අඛණ්ඩතාවය හා මෙම ප්‍රදේශය තුළ සැළකිය යුතු සියළු රටවල් ‍දෙශපාලන නිදහසට ගරැ කිරිම සහ තර්ජන හෝ බලහත්කාර ක්‍රියාවන්ගෙන් මිදුණු ආරක්ෂාකාරි හා පිළීගනු ලැබු දේශ සිමා තුළ සාමයෙන් ජිවත් වීමේ හැනියාව ට ගරැ කල යුතු වේ. එමෙන්ම ඊශ්‍රායල හමුදාව මෑත කාලිනව ගැටුම් වලින් තම බලය ට නතු කර ගත් භූමි ප්‍රදේශ වලින් ඉවත් කර ගත යුතු වේ. අවසානයේ ඉදිරිපත් කළ වාක්‍යයේ තේරැම හා අභිලාෂය විවාදාත්මකය. ඊශ්‍රායලයේ ස්තාවරය වී තිබුනේ බටහිර ඉවුරේ බහුතර අරාබි ජාතිකය්න වෙසෙන ප්‍රදේශ ( විශාල යුදෙව් ජනාවාස හැරෙන්නට ) සහ සම්පුර්ණයෙන්ම ගාසා තීරය නිදහස් පලස්තීන රාජ්‍යයකට එක් විය යුතු බවයි. කෙසේ වෙතත් මෙම රාජ්‍යයේ නිශ්චිත දේශ සිමා මොනවද යන්න ගැටළු සහගතයි. වර්ෂ 2000 දී උදාහරණයක වශයෙන් ඒහුඩ් බරාක් විසින් යසර් අර්පත් වෙත සම්පුර්ණ ගාසා තීරය හා 92% ක් වන බටහිර ඉවුර ඇතුළත් ස්වාධීන පලස්තිනයක් නිර්මාණයට කැමැත්ත පළ කරන ලදී. ආරක්ෂක සීමා කිරිම් හේතුවෙන් බරාක් විසින් පුළුල් නැවත සිය රට පැමිණිමට දැක්වු වි‍රෝධතාවයන් නිසා අර්ෆත් විසින් මෙම යෝජනාව පුතික්ෂේප කරන ලදි. සමර පලස්තීනුවන් පුකාශ කරන්නේ මේවා සියළු බටහිර ඉවුර ගාසා තිරය හා නැගෙනහිර ජෙරැසලම අදාල බවයි. ඊශ්‍රායලය බවස්නනේ විවිධ ආරක්ෂක හේතුන් නිසා මෙම සියළු ප්‍රදේශ ඇදැගැනීම නොකරන බවටත් එමෙන්ම එම කාලවකවානුවේදී පිලිගත හැකි කානාපති සම්මුතිය ක් නොමැතී වීම හේතු කොට ගෙන මෙම ප්‍රදේශ වල අයිතිය හා දේශ සිමා සංවාදයට විවෘත වන බවයි. පලස්තිනය පවසනිනේ මෙම කොන්දේසිය සීමා කිරිම ඔවුන්ගේ අයිතිය බරපතලව කඩ කරනු ලබන බවයි. සාකජ්ජා ක්‍රියාමාර්ග වලදී ඔවුන් පවසන්නේ මෙම භුම් ප්‍රදේශ වල දේශ සිමා අඩු කිරිමට උත්සහ කිරිමට කටයුතු කිරිම ඔවුන්ගේ ප්‍රධාන අභිලාෂයන්ට එරෙහිව සිදුවන සතුරැ ක1ියාවක්බවයි. ඊශ්‍රායලය මෙම භුමිය පිළිබදව වාද විවාද පැවැත්විය යුතු බවත් අවසානයේ දී අවසන් දේශ සීමා පිලිබද එකගත්වයට පත් විය යුතු බවයි. හමාස් වැනි අනෙක් පලස්තීන කණ්ඩායම් අවධාරණයකරනු ලබන්නේ පලස්තීනය විසින් බටහිර ඉවුර ගාසා තීරයය හා නැගෙනහිර ජේරැසලම පමණක් පාලනය කිරිම නොකළ යුතු බවත් සියළු සැබැ ඊශ්‍රායල භුමිය ද ඊට අදාල විය යුතු බවත්ය. මෙම හේතුව මත හමාස් සංවිධානය සාම ක්‍රියාවලිය දකින්නේ ˝ආගමිකව අකැප හා දේශපාලනිකව ලගා කර ගත නොහැකි දෙයක් ලෙසයි.˝
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
රජයේ හමුදා කඳවුරු සඳහා අත්පත් කරගත් යාපනය අර්ධද්වීපයේ පිහිටි අක්කර 21,000 ක ඉඩම් ප්‍රමාණයක් නැවත මුල් පදිංචිකරුවන් වෙත බෙදාදීමට රජය තීරණය කරයි. හමුදාවන් පරිහරණය කළ මේ ඉඩම් ප්‍රමා‍ණය දැනටමත් රජය වෙත බාරදී තිබෙන බවද එම ඉඩම් හිමිකරුවන් සෙවීමේ කටයුතු මේ වනවිට සිදුකරගෙන යන බවද ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.ඇමැතිවරයා මේ බව සඳහන් කළේ යාපනය සහ කිළිනොච්චිය ප්‍රදේශයන්හි ස්ථාපිත කළ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ දිස්ත්‍රික් කාර්යාල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. යාපනය ප්‍රදේශයේ සියලූම රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාකළ ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම ඉඩම්වල පදිංචිකරුවන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ.උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධීපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරය වඩා විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් මේ දිස්ත්‍රික් කාර්යාල ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ මඟින් ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාවගේ ඉඩම් ගැටළු සඳහා විසඳුම් ලබාගැනීමට හැකියාව ලැබෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.උතුරු හා නැඟෙනහිර පළාත්හි යුද්ධයෙන් ඇවතැන්වූ ජනතාවගේ ඉඩම් ගැටලු 250,000 ක් පමණ විසඳීමට සිදුව තිබෙන බව පෙන්වාදුන් ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැතිවරයා රජයේ හමුදා කඳවුරු ඉදිකිරීම සඳහා එම ප්‍රදේශවලින් පවරාගත් පෞද්ගලික ඉඩම් නැවත හිමිකරුවන්ට පැවරීම හා වන්දි ගෙවීමේ කටයුතු විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් යාපනය සහ කිළිලිනොච්චිය ප්‍රදේශයන්හි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ දිස්ත්‍රික් කාර්යාල ආරම්භ කළ බව පැවසීය.මේ ප්‍රදේශයන්හි ඉඩම් ගැටලු විසඳීම සඳහා ප්‍රමුඛතා පදනම මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශ පියවර ගෙන ඇත..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සමථ මණ්ඩලයට ලැබෙන ආරවුල් වලින් එක් ආරවුලක් විසැඳීමට රජයට වැය වන්නේ රුපියල් දෙකකටත් වඩා අඩු මුදලක් බවත් ඒ නිසා රජය දැඩි අවධානයක් සමථ මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා යැයි කළුතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී කේ. ඉඳුනිල්ද සිල්වා මහතා පවසයි.බණ්ඩාරගම සමථ මණ්ඩලයට වසර 23ක් සැපිරීම නිමිති කොට ගෙන හා රයිගම්, සල්පිටි, හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ බණ්ඩාරගම සමථ මූල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ධර්මකීර්ති ශ්‍රී ගල්කුඩේ පඤ්ඤාකිත්ති නාහිමිපාණන් වහන්සේට උපහාර පැවැත්වීමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ. ඉඳුනිල් මහතා රජය අධිකරණයක ක්‍රියාදාමය පවත්වාගෙන යෑමට ඉතා විශාල මුදලක් වැයකරන අතර අධිකරණයේ ගොඩ ගැසෙන නඩු ඉක්මනින් විසැඳීමේ අරමුණින් කටයුතු කරනවා. සුළු ආරවුල් එහි විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව වාර්තා අනුව පෙනී යනවා. ඒ ආරවුල් ඉක්මනින් විසැඳලීමේ අරමුණින් සමථ මණ්ඩලය පිහිටුවා තිබෙනවා. සමථ මණ්ඩලනිලධාරීන් එම ආරවුල් වලින් සියයට 65%කට වැඩි ප්‍රමාණයක් විසඳාතිබීම අගය කළ යුතුයි.අපේ රටේ සමථ මණ්ඩල නිලධාරීන් හත්දහසක් පමණ දෙනා සේවය කරන්නේ නිෂ්සරණාධ්‍යාසයෙන්. අපේ රටේ වගේ නොවේ විදේශ රටවල සේවය කරන සමථ නිලධාරියකුට රජයෙන් නිල වාහන පවා ලබා දී තිබෙන බව මට හමුවූ විදේශ නිලධාරියෙක් මෙරට සමථ මණ්ඩල පිළිබඳව නිරීක්ෂණ චාරිකාවකදී පැවසුවා. අපේ රටේ නිලධාරීන් 7000ක් දෙනා නොමිලේ සේවයක් ඉටුකරන බව මා ඔහුට දැනුම් දුන් විට ඔහු පුදුමයට පත් වුණා. සමථ මණ්ඩල ක්‍රමය අපට බටහිරින් පොම්ප කරපු දෙයක් නොවේ. මේක අපේම උරුම ක්‍රමයක විකාශනයක්. අපේ ආරවුල් විසඳාලීමේ ක්‍රම පිටරටට ගෙන ගොස් ඒ ක්‍රම මොඩි ෆයි කරලා (නවීකරණයකට ලක් කර) ඒවා ඔවුන්ගේ බසින් අපට ලබා දී තිබෙනවා.මෙම උත්සවයේ මූලාසනය හෙබවූ බණ්ඩාරගම ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති කර්ම වාගාචාර්ය අරුග්ගොඩ සිරිරතන හිමිපාණන් අනුශාසනාවක් කරමින්. බොහෝ දෙනා අද තනතුරු ලබාගන්නේ එර් තනතුරුවලින් වැජඹීමටයි. නමුත් අපේ පඤ්ඤාකිත්ති හිමිපාණන් වහන්සේ නිසා අද සාසනය බැබලෙනනවා. පඤ්ඤාකිත්ති හිමිපාණන් වහන්සේ ධර්මය පිළිබඳ හොඳ දැනීමක් හා අවබෝධයක් ඇති කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ හැම ගුණයකින්ම පිරිපුන් කෙනෙක්. එතුමන්ගේ සේවාව තවදුරටත් ඉදිරියට කරගෙන යෑමට ශක්තිය ධෛර්ය ලැබේවා. මුළු කළුතර දිස්ත්‍රික්කයටම ඉමහත් සේවාවක් ලැබේවා යැයි පතමු.අභිනව අධිකරණ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ බණ්ඩාරගම සමථ මූල මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති පූජ්‍ය ගල්තුඩේ පඤ්ඤාකිත්ති හිමිපාණන් අනුශාසනාවක් කරමින්. මට අද ඉතා සතුටක් මෙන්ම හැම පැත්තකින්ම ප්‍රසංසා ගලා එනවා. මේ තරම් දෙයක් ලැබීමට මා අධ්‍යාපනය ලැබූ හොරණ විද්‍යාරත්න පිරිවෙන ප්‍රධාන වශයෙන් මූලික වුණා. එදා ඔක්තෝම්බර් 4දා මට මේ තනතුර පිරිනමන අවස්ථාවේ මා ප්‍රකාශ කළේ මා තනතුරු සොයා ගෙන ගියේ නැහැ. මා වැඩ කරපු කෙනෙක් නිසා ඒ තනතුර මම වෙත පිරිනමා තිබෙනවා.බණ්ඩාරගම සමථ මූල මණ්ඩලයේ සභාපති ශාස්ත්‍රපති හේම නිශාන්ත ලියනගේ මහතා කතා කරමින් බණ්ඩාරගම සමථ මණ්ඩලයේ 23 වැනි වසර සැමරීමත්, බණ්ඩාරගම ශාසනාරක්ෂක මණ්ඩලයේත් වසර 18ක කාලයක් සේවය කරමින් ඉමහත් ජනප්‍රසාදයට පත් අපේ පඤ්ඤාකිත්ති හිමිපාණන් වහන්සේට තවදුරටත් එම සේවාවන්වල නිරත වීමට නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කරනවා.පානදුර ප්‍රාදේශීය ලේකම්, කේ.ජී. විජේසිරි, බණ්ඩාරගම සමථ මූල මණ්ඩලයේ ප්‍රථම සභාපති කේ. එච්.පී. විජේවර්ධන, මහත්වරුන් ඇතුළු කීප දෙනෙකු උත්සව සභාව ඇමතූ අතර ස්තූති කථාව බණ්ඩාරගම සමථ මූල මණ්ඩලයේ සාමාජික සාමවිනිසුරු බී. ආරියවර්ධන මහතා විසින් සිදුකරනු ලැබීය. බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.ටී. සෙනරත් මහතා අතුළු නිලධාරී මණ්ඩලයද මෙම අවස්ථාවට සහභාගි වූහ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
12 යිප්‍රගීත් විජේසුරියෂා එෆ් එම් ගුවන් විදුලි නාලිකාව පසුගිය 21 වැනිදා සිය 12 වැනි උපන්දිනය සැමරුවා. ‘ෂා නම් සිංදු විතරමයි‘ තේමාව කරගනිමින් එදා මෙදාතුර වයස් භේදයකින් තොරව 90.9 සහ 91.1 තරංගමාලා ඔස්සේ පැය විසිහතර පුරාවටම සංගීත රසය බෙදූ ෂා එෆ් එම් සිය දොළොස් වැනි උපන්දිනය සැමරුවේ සුවිශේෂ අන්දමින්.එදින ෂා වැඩසටහන් සියල්ලම ඔබ වෙතට ගෙන ආවේ ඔබට ළබැඳී කලා හිතවතුන්. කවදත් වෙනසක් කරමින් ඔබට ළංවන ෂා ගැන කතා කරන්න පැමිණියේ එහි ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරු ප්‍රගීත් විජේසුරිය.උණුසුම් ප්‍රතිචාර මැද ෂා අද සිටින තැන ගැන මොකද හිතෙන්නේ ?ඇත්තටම ගොඩක් සතුටුයි. අපි කවදත් අලුත් දේ කරන්න තමයි උත්සාහ ගත්තේ. අණුකරණයෙන් තොර වූ ඒ උත්සාහයෙන් සෑමවිටම සාර්ථක වුණා. ඒ ගැන තියෙන්නේ ආඩම්බරයක්. එහෙම නොවුණා නම් දොළොස් වසරක් පුරා මෙවැනිගමනක් එන්න ලැබෙන්නේ නැහැ.ෂා එෆ් එම් කියන්නේ කවදත් වෙනසක් කළ නාලිකාවක් ?ඇත්තටම ඔව්. අපි හැමදාම කළේ අලුත් දේවල්. ඒ නිසාම ශ්‍රාවකයන් අපට බොහෝ ළෙංගතු වුණා. ෂා විදියට අපි ලොකුම වෙනස ඇති කළේ සංගීතයෙන්. ෂා බංකරය, ෂා කොමියුනිකේෂන්, ෂා නොන්ස්ටොප් නයිට් වැනි වැඩසටහන් ගුවන්විදුලි ක්ෂේත්‍රෙය් වෙනසක් කළා කිව්වොත් හරි. මේ තුළින් පසුගිය කාලයේ අපි විශාල වෙනසක් සිදු කළා.පූජා, මාෂි, ටීනා, සෝනු, දුමින්ද, ආශිඛි, මිෂෙල්, ආක්ෂි, ඇලෙක්ස්, ඩිලන්, ප්‍රකාශ්, ෂෙවාන්, රයන්, නිෂු, අඛිල්, සිචින්, කෙවින් ඇතුළුව අපි හැමෝම මේ වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතාගේ සංකල්පයන්ට අනුව ප්‍රධාන විධායක නිළධාරි ධම්මික තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි තමයි මේ සියලු කටයුතු පෙළගැස්වෙන්නේ. එහිදි ප්‍රවෘත්ති, ප්‍රවර්ධන, අලෙවි අංශ ගැනත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි.ෂා එෆ් එම් හි ඉදිරිය ගැන සඳහන් කළොත් ?ඇත්තටම කවදත් වෙනසක් කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. සංගීත රසාස්වාදය තමයි ෂා හි මූලික අරමුණ. යුගයෙන් යුගයට ජනප්‍රිය වූ ගීත ශ්‍රාවක ඔබට තිළිණ කිරීම ඉදිරියටත් එලෙසමයි. දිවයිනේ ඕනෑම තැනක සිට සිංහල, දෙමළ, ඉංග්‍රීසි ඇතුළුව තවති විවිධ භාෂාවලින් යුතු ගීතයන් සමගින් ෂා ඔබට හැමදාම සමීපව ඉන්නවා කියලා කියන්න ඕනි. ඒ වෙනුවෙන් 011 2346722 දුරකථන අංකය වගේම sha (හිස්තැනක්) කෙටිපණිවුඩය සමග 7766 සහ තැ. පෙ. 1833, කොළඹ යන ලිපිනයත් ඔබ වෙනුවෙන් විවෘතයි.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ගමනාගමනය අද මෙන් අතීතයේ සුඛෝපභෝගී නොවීය. අතීතයේදී මගී ප්‍රවාහනය සිදුවූයේ ලොරි රථ උපයෝගී කර ගෙනයි. ඒ සිදුවීම වත්මනේ අපට ඇස ගැසෙන අවස්ථාවක් උදාවනුයේ පැරැණි මෝටර්රථ හිමියන්ගේ සංගමය මෙහෙයවන මෝටර් රථ රැලිය තුළිනි.පසුගිය 7දා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයෙන් ආරම්භ වූ මේ රැලිය ‍ගාලුමුවදොර ටාජ් සමුද්‍ර හෝටලය අසලින් නිමාවට පත්විය. 1945 වර්ෂයේ නිෂ්පාදිත මෙරට ඇති පැරැණිම බස්රථය වූ පාණදුරේ සමන්ත කරුණාරත්න මහතාට අයත් මේ මෝටර් රථය ගංගාරාම නවම් මාවතේ ගාමිණි මාතා වැඩිහිටි නිවාසයේ පියවරුන් රැගෙන රැලියට සූදානම් වූ අයුරු.‍ මේ රැලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලංකාවේ සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර (ලේක්හවුස්) සමාගමෙනි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වෙනත් දේශපාලන පක්‍ෂයකට සහයෝගය දීමේ අරමුණින් යම් පක්‍ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ පළාත් පාලන ඡන්දයේදී නාමයෝජනා ඉදිරිපත් කරවීමෙන් වළකින්නැයි මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා සියලුම පිළිගත් දේශපාලන පක්‍ෂ ලේකම්වරුන්ට දන්වා ඇත.දේශපාලන පක්‍ෂයකට සහයෝගය දීමට එසේ තවත් පක්‍ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් හෝ ඉදිරිපත් කරවීම අනවශ්‍ය පරිදි මහජන මුදල් විනාශ කිරිමක් විය හැකි බැවින් එම ක්‍රියාව නොකරන ලෙස ද කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.පිළිගත් දේශපාලන පක්‍ෂයක ඕනෑම පළාත් පාලන ආයතනයකට නාම යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් හෙතෙම පෙන්වා දී ඇත. පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරගැනීම බ්‍රහස්පතින්දා (27) දහවල් 12.00 ට අවසන් වේ. ස්වාධින කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කිරීම හෙට (26) දහවල් 12.00 ට නිම වේ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
නිකවැරටිය තරංග ක්‍රීඩා සමාජයට 40 වසරක් පිරීම නිමිත්තෙන් සංවිධාන කරනු ලබන සමස්ත ලංකා විවෘත වොලිබෝල් සූරතාවලිය මේ මස 28 -29 දිනවලදී නිකවැරටිය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.මේ මස 14 දිනට පෙර තරගාවලිය සඳහා කණ්ඩායම් ලියාපදිංචි විය යුතු අතර තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට සූරතා කුසලානය සමඟ මුදලින් රුපියල් 50000ක් හමිවේ. අනුසූරතාව දිනා ගන්නා කණ්ඩායම කුසලානය සමග රුපියල් 20000ක් හිමිවන අතර තරගාවලියේ දක්ෂතම ප්‍රහාරකයා, දක්ෂතම පන්දු ඔසවන්නා සහ දක්ෂතම ක්‍රීඩකයා සඳහා මුදලින් රුපියල් 5000 බැගින් පිරිනමන බව සංවිධායක කමිටුව දන්වා සිටියි. ලියාපදිංචිය සඳහා තරග සංවිධායක, තරංග ක්‍රීඩා සමාජය, 285/ඒ, මැද ඇල පාර, නිකවැරටිය ලිපිනයයෙන් සහ දුරකතන අංක 0754686739 විමසිය හැකිය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අමෙරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණි කෝටිපති ව්‍යාපාරිකයකු සතු ඉතා උසස් වර්ගයේ පරිගණක කැමරා හා ලැප්ටොප් ඇතුළු ලක්‍ෂ 12 1/2 ක් වටිනා තාක්‍ෂණ උපකරණ සොරාගත් අයෙකු එම සොරකමෙන් පැය 24ක් යාමට මත්තෙන් අත්අඩංගුවට ගැනීමට නාවලපිටිය පොලිසිය සමත්විය.නාවලපිටිය නගර සීමාවේ උපන් 29 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකු වන පැමිණිලිකරු අමෙරිකාවේ පුරවැසිභාවය ලද පුද්ගලයකු වන අතර ඉදිකිරීම් සම්බන්ධ ව්‍යාපාර කටයුත්තක් සඳහා ලංකාවට පැමිණි අවස්ථාවේ නාවලපිටිය නිවසේදී මෙම මංකොල්ල කෑමට හසුව තිබේ.මෙම සිද්ධියෙන් පසු එම ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිලි කොට ඇති අතර ඒ අනුව නාවලපිටිය පොලිස් ස්ථානාධිපති උදය වික්‍රමසේකර මහතා සකස් කළ සැලසුමකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම සොරකම් කරනලද තාක්‍ෂණ උපකරණ සමඟ සැකකරු කොටු කර ගැනීමට සමත්ව තිබේ.මෙසේ සොරාගන්නා ලද උපකරණ අතර එකක් ලක්‍ෂ 3 1/2 ක් වටිනා ඇපල් වර්ගයේ ලැප්ටොප් දෙකක්, තාක්‍ෂණයෙන් උසස් වීඩියෝ කැමරාවක්, ඩිජිටල් කැමරාවක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන හා සෝනි වර්ගයේ කැමරා ආදිය වේ.මෙම ව්‍යාපාරිකයාගෙන් සොරාගන්නා ලද උපකරණ අතර තිබූ එකක් රුපියල් 15,000ක් පමණ වටිනා ඔර්ලෝසු තුනක් ගඟට විසිකර දැමූ බවද සැකකරු පවසා තිබේ.රුපියල් ලක්‍ෂ 12 1/2 කට වඩා වටිනා මෙම උපකරණ සැකකරු විසින් රුපියල් තිස්දහසකට (30,000) අලෙවි කිරීමට සූදානම්ව සිට ඇති අතර, මේවාහි වටිනාකම නොදත් මොහු ඒවාට හානිකර තිබූ බවද පරීක්‍ෂණ පවත්වන පොලිස් කණ්ඩායම අනාවරණය කරගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.ගම්පොළ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ප්‍රනාන්දු, පොලිස් අධිකාරී බී. විමලදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත නාවලපිටිය පොලිස් ස්ථානාධිපති උදය වික්‍රමසේකර, උ. පො. ප. සුගත් විජේසිංහ, පො. සැ. ජයසේකර, පො. කො. හේරත්, පො. කො. සම්පත් යන නිලධාරීහු පරීක්‍ෂණ කටයුතු සිදු කළහ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වත්තේගම ලංගම ඩිපෝවේ දීර්ග කාලයක් විවිධ අංශ යටතේ සේවය කොට විශ්‍රාම ගිය, සේවකයන්ට ලැබිය යුතු පාරිතෝෂික දීමනා මෙතෙක් නොලැබී යාම හේතුවෙන් එම සේවකයන් ඇතුළු පවුලේ සාමාජිකයන් අසරණ තත්ත්වයකට පත්ව සිටිති.රියැදුරු, කොන්දොස්තර, ලිපිකරු, කාර්මික, ඩිපෝ හා මාර්ග පරීක්‍ෂකවරු මේ අතර වෙති. මේ අය සමහරක් විශ්‍රාම ගොස් වසර පහ, හය, ආදි වශයෙන් ගතවී ඇති බවත්, සමහරු අද ජීවතුන් අතර නොමැති බවත් කියති.වියපත් වියේ පසුවන මොවුන්ට වෙනත් රැකියාවක් කිරීමට ශක්තියක් නොමැති බව කියති..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කොමියස් යනු, මුලින්ම ගෝල් දේශයෙහිද, ඉන්පසුව බ්‍රිතාන්‍යයෙහිද, ඇට්‍රබේට්ස් නම් බෙල්ජීය ජාතිය ක්‍රිපූ පළමුවන සියවසෙහිදී පාලනය කල ඓතිහාසික රජෙකු විය. වින්චෙස්ටර් නිධානය (ක්‍රිපූ 50 පමණ). මෙම ආභරණ, ඇට්‍රිෙබ්ට්ස්හී කොමියස්ට බොහෝ විට සබැඳි, දක්ෂිණ බ්‍රිතාන්‍යය පාලනය කළ වර්ග නායකයෙකුට ප්‍රදානය කෙරුණු රාජ්‍යතාන්ත්‍රික ත්‍යාගයක් විය හැකිය. , සීසර්ගේ මිත්‍ර පාක්ෂිකයා[සංස්කරණය] ක්‍රිපූ 57දී, ජුලියස් සීසර් විසින් ඇට්‍රබේට්ස් යටත්කරගැනුමෙන් පසුව, [1] ඔහුගේ කොමෙන්ටාරි ඩි බෙල්ලො ගාලිකෝ ප්‍රකාර, ඔහු විසින් ගෝත්‍රයෙහි රජු ලෙසින් කොමියස් පත් කෙරිණි. ක්‍රිපූ 55 දී බ්‍රිතාන්‍යය වෙත සීසර්ගේ පළමු ගවේෂණයට පෙර, සීසර්ට ප්‍රතිරෝධ සටන් නොකරන ලෙසට බ්‍රිටන්වරුන් කැමැති කරවා ගැනීමට සීසර්ගේ රාජ්‍යතාන්ත්‍රික තානාපතියෙකු ලෙසින් කොමියස් යැවුනේ, දිවයිනෙහි කිසියම් අධිකාරියක් තමන් වෙත ඇති බව සීසර් විශ්වාස කල හෙයිනි. [2] කෙසේවෙතත්, ඔහු සපැමිණි විගසින් අත්අඩංගුවට ගැනිණි. සීසර් ගොඩබැසීම වලක්වා ගැනුමට බ්‍රිටන්වරු අපොහොසත්වූ විට, ගනුදෙනු කතිකාවන්හී කොටසක් ලෙසින් කොමියස් බාර දෙන ලදි. [3] තවදුරටත් පැමිණි බ්‍රිතාන්‍ය ප්‍රහාර පරාජය කිරීමට, සහාය වනු ලෙස තම ගෝත්‍රයෙන් කුඩා අශ්වාරෝහක සෙබල කණ්ඩායමක් සැපයීමට කොමියස්හට හැකි විය. [4] බ්‍රිතාන්‍යය වෙත සීසර්ගේ දෙවන ගවේෂණය තුලදී, කොමියස් විසින්, බ්‍රිතාන්‍ය නායක කැසිවලෝනස්ගේ යටත්වීම පිළිබඳ කතිකාකොට මන්ත්‍රණය කරන ලදි.[5] ආශ්‍රිත[සංස්කරණය] ↑ ජුලියස් සීසර්, කොමෙන්ටාරි ඩි බෙල්ලො ගාලිකෝ පොත 2 ↑ සීසර්, ඩි බෙල්ලො ගාලිකෝ 4.21 ↑ සීසර්, ඩි බෙල්ලො ගාලිකෝ 4.27 ↑ සීසර්, ඩි බෙල්ලො ගාලිකෝ 4.35 ↑ සීසර්, ඩි බෙල්ලො ගාලිකෝ 5.22
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ශ්‍රීලනිපය ශක්තිමත් කළ නායකත්වයසැප්තැම්බර් මස 02 වැනි දිනට යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 61 වැනි සංවත්සරය නිමිත්තෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.* ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බිහිවීම ඔබ දකින්නේ කොහොමද?අපේ රට වසර 500 කට අධික කාලයක් විදේශීකයෝ පාලනය කළා. ඔවුන් මේ රටට නාමමාත්‍රික නිදහසක් පිරිනමා රටින් බැහැර වුණා. ඒ සමඟ රටේ පාලන බලය ලැබුණේ සුදු ජාතිකයෝ වෙනුවට සුදු ජාතික හැඟීම් තිබූ කළු සුද්දන් පිරිසකටයි. මේ පිරිසගේ පාලනයේත් පොදුවේ රටටත්, මහජනතාවටත් විශාල සේවාවක් සිදු වුණේ නැහැ. මේ බරපතළ අඩුපාඩුව දුරුකිරීමටයි අපේ පක්‍ෂය බිහිවුණේ.* ශ්‍රී. ල. නි. පක්‍ෂය බිහි වී රට, ජනතාව ඉල්ලා සිටි දේශපාලනික, ආර්ථික ජයග්‍රහණ සපුරාලීම ඉටු කළාද?ඔව්. 1956 මහා මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ අප පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණ රටේ විශාල ඉදිරි ගමනකට අදාළ වන දැවැන්ත පියවරයන් ගත්තා. අදටත් 56 න් බිහිවූ දරුවෝ අපි යැයි වැඩිහිටි පරම්පරාව බොහොම අභිමානයෙන් කියනවා. අපේ රටේ අධ්‍යාපනයේ, දේශීය කර්මාන්ත අංශයේ, සේවා අංශවල විශාල වෙනසක්, පරිවර්තනයක් මේ කාලයේ ඇති කළා.* ආරම්භක යුගයේ තිබූ අභියෝග මොනවාද?අද වාගේම එදත් දෙස් - විදෙස් අභියෝග තිබුණා. දේශීය වශයෙන් පරගැති අදහස්, හැඟුමන් තිබෙන පිරිසක් හිටියා. ජාත්‍යන්තර වශයෙන් රට ඉදිරිය එන එක ඉවසා ගන්න බැරි පිරිසක් සිටියා. මේ අය රටේ ඉදිරි ගමන වැළැක්වීමට නිතරම කුමන්ත්‍රණ සිදු කළා.* ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයායි. අද රටේ තිබෙන දැවැන්ත දේශපාලන පක්‍ෂ සන්ධානයේ නායකයා ඔහුයි. ඒ යටතේ රටට, ජනතාවට ලැබුණු ජයග්‍රහණ ගැන කතා කළ හැකිද?අපේ රට තිස් අවුරුද්දක් තිස්සේ ම්ලේච්ඡ කුරිරු කොටි ත්‍රස්තවාදයෙන් බැට කෑවා. මේ ත්‍රස්තවාදය පරාජයට පත්කොට රටට සාමය උදාකළේ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. එය රටට කළ විශිෂ්ට සේවාවක්. ඒවාගේම මානුෂීය මෙහෙයුම්වලින් නිදහස ලැබුණේ සියලු ශ්‍රී ලාංකිකයින්ටයි.එදා කොටි යකඩ සපත්තු පාලනයෙන් මිරිකී සිටි දමිළ, මුස්ලිම් වැසියෝ මානුෂීය මෙහෙයුම්වලින් පසු නැවත පදිංචි කළා. ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ දේවල් සිදු කළා. එයත් ජයග්‍රහණයක්.ආර්ථික ජයග්‍රහණ ලබාගන්න නම් රටේ මහාමාර්ග, විදුලිබල, බලශක්ති, වරාය, ගුවන් සේවා, සන්නිවේදන, තොරතුරු තාක්ෂණ වගේම නිවාස, පානීය ජලය, සෞඛ්‍ය, අධ්‍යාපන වැනි යටිතල පහසුකම්, මහජන උපයෝගීතා පහසුකම් දියුණු කරන්න අවශ්‍යයි.මේ සඳහා ඉතිහාසයේ වැඩිම මුදලක් ආයෝජනය කළ ආණ්ඩුව, මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ආණ්ඩුවයි. එතුමා රට භෞතික සම්පත් අතින් දියුණු කරන අතරම මානව සම්පත් කුසලතා දැනුම, නංවාලීමටත් කටයුතු කරනවා. ඒ වාගේම තවත් ඉතා ප්‍රබල කාර්යයක් ඉටු කරනවා. ඒ තමයි ගුණ දහමින් පිරි සමාජයක් බිහිකිරීමට ඉවහල් වන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම. මතට තිත එවැන්නක්. මහින්ද චින්තනයත්, මහින්ද චින්තන ඉදිරි දැක්මක් අනුව රට, ජනතාව දියුණු කිරීම, නගාසිටුවීම සිදු කරනවා.* ජාත්‍යන්තරයෙන් එල්ල වන අභියෝග මොනවාද?අපි ස්වාධීන රටක් නිසා කාගේවත් යටත්වැසියන් ලෙස සිටින්නට උවමනා නැහැ. අපි සෑම ප්‍රශ්නයකටම බටහිරින් විසඳුම් සෙවූ යුග තිබුණා. අද ඒ තත්ත්වය වෙනස්. ජනාධිපතිතුමා රටේ, ජනතාවගේ ප්‍රශ්නවලට තිරසාර විසඳුම් ගෙනෙන්නේ දේශීය චින්තනයට අනුවයි.අපේ රටේ ජනතා අපේක්‍ෂා ඉටුවන ආකාරයේ විසඳුම් තමයි ලබා දෙන්නේ. ඒකට ඇතැම් රටවල් අකැමැති වෙන්න පුළුවන්. ඒ වගේම අපි අද ශීඝ්‍රයෙන් ආර්ථික, සාමාජීය අංශ දියුණුවක් ලබමින් සිටිනවා. එයත් සමහරුන්ට ඉවසන්න බැරිව ඇති. ඒ අය අපිට ප්‍රශ්න, අභියෝග එල්ල කරනවා. අපිට ඒවාට නොබියව මුහුණ දීමට හැකියි.* ජාත්‍යන්තරව එල්ල වන අභියෝගවලට මුහුණ දීමේදී ආණ්ඩුවට තිබෙන ශක්තිය කුමක්ද?එකම ශක්තිය රටේ ජනතාව අපි සමඟ සිටීමයි. ශ්‍රී‍ ලංකා නිදහස් පක්‍ෂය ගම හා ගමේ ජනතාව අතුරින් බිහිවූ එකක්. ඒ නිසාමදෝ අපිට ජනතාව සිටිනවා. අද රටේ ජනතාව අපේ ආණ්ඩුවේ ආර්ථික, සමාජයීය, සංවර්ධන වැඩපිළිවෙළ පිළිගෙන තිබෙනවා. එය අපිට ජාත්‍යන්තර බලවේගවලට නොබියව මුහුණ දෙන්න පුළුවන් විශාලම ශක්තියයි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අපට සිටින ජ්‍යෙෂ්ඨතම රංගධරයෙක් වූ රවීන්ද්‍ර රන්දෙණියට පසුගියදා අභියෝගයක් ලැබුණා.ඒ සිංහල සිනමාවට වසර හැට හයක් ලැබූ පසුගිය 21 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේදීයි.අභියෝගය තමයි විනාඩි දහයක් තුළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියා ගැන කතාවක්.රවී මොන තරම් සංයමයකින් ඉතා හරවත්ව සාරාංශගතව, ආකර්ෂණීය ලෙස කතාව කළා ද යන්න හැඟුණේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා Perfect රවී කියලා කතාව අවසන් වූ සැනින් රවීගේ දෙඅත්ල අල්ලා සුබපැතූ නිසයි.රවීගේ විනාඩි දහයක කතාවේදී මුලු සභාවම දැහැනකට සම වැදුනා සේ නිහඬව කතාවට සවන් දුන්නා.පසුගියදා ගුවන් විදුලි වැඩ සටහනකට සහභාගී වූ ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන් හරි අපූරු කතාවක් කිව්වා. කතාව මෙහෙමයි.එම ගුවන් විදුලි වැඩසටහන ඉදිරිපත් කරන නිවේදක විමසුවේ, ‘නිල්මිණි ඔයාට වෙබ් අඩවිවල මඩ පැතිරුණා නේද?’ කියලයි.එවිට නිල්මිණි උත්තර දුන්නේ ‘මම කිසිම දවසක වෙබ් අඩවි බලලත් නැහැ, බලන්නෙත් නැහැ. අනික ඔය දේවල් බලලා කාලය විනාශ කරන්න මට වේලාවකුත් නැහැ’ යනුවෙනුයි.කුමාර තිරිමාදුර මේ දිනවල හරිම කාර්යබහුලයි.උදේ අවදි වූ ගමන් එක තැනක ෂූටිං යනවලු. ආයේ දහයට තව තැනකලු. හවස තුනට බල්ලොත් එක්ක බෑ, නරි බුරති නාට්‍යවල රඟපානවලු. ආයේ රාත්‍රියේ තවත් ටෙලි නාට්‍යයක ෂූටිංලු. පාන්දර දෙකට විතර ගෙදර එන කුමාර ආයේ උදේ හයට මේ කාල සටහනටම වැඩලු.මේ විදියට දවස ගෙවන කුමාරට දැන් හැමෝම කියන්නේ ‘බිසි නළුවා’ කියලලු. ඒ කාලේ ඉන්දියාවේ හිටපු මේ වගේ නළුවන්ට කිව්වේ ‘ටැක්සි ඇක්ටර්’ කියලලු. හැබැයි මේ මොන කාර්ය බහුලකම තිබුණත් කුමාර කරන රංග කාර්යත් හරියටම කරන නළුවෙක් කියලත් අපට අමතක කරන්න බැහැ.සංජීව සම්පත් බාලසූරියඡායා - ටෙනිසන් එදිරිසංහ
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කළුතර අධ්‍යාපන කලාප අන්තර් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ බාලිකා වොලිබෝල් ශූරතා තුනම දිනාගැනීමට පානදුර අගමැති බාලිකා විද්‍යාලයීය කණ්ඩායම් සමත්විය.තරගාවලියේ අවු.15, 17, 19න් පහළ ශූරතා තුන පානදුර විදුහලත්, අනුශූරතා පිළිවෙළින් නාගොඩ මහා විද්‍යාලය, පානදුර බාලිකා විදුහල සහ කළුතර බාලිකා විදුහල්වලට හිමිවිය.කළුතර කලාප අධ්‍යාපන කොට්ඨාස තුනක (පානදුර, කළුතර, බේරුවල) පාසල් කණ්ඩායම් 24ක් එක්වු තරගාවලිය පසුගියදා පොතුපිටිය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අතීතයේ මුළුතැන්වී සිටි තාත්තාව නූතන සමාජයේ සෑම අංශයකින්ම පෙරමුණ ගෙන සිටී. විවිධ බාධක මධ්‍යයේ තම ජීවිතය ජයගන්න කාන්තාවන් පිළිබඳ නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ.එවැනි කාන්තාව‍න් අභියෝග ජයගන්නා අයුරු සටහන් වූයේ මෙලෙසිනි. පුත්තලම - පාලවිය ප්‍රදේශයේ සංවර්ධනය කෙරෙන මාර්ගයට කාන්තාවක් විසින් තාර දමන අයුරු මෙහි දැක්වේ.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මට නම් පෙබරවාරි මාසය ඉතාම වාසනාවන්ත මාසයක්. මේ සතියේදී මම අපේ පවුලේ සියලු දෙනා සමඟින් සිරීපාදය කරුණා කරන්න බලාපොරොත්තුවෙන් සිටින්නේ.ඒ වගේම ලබන එකොළොස් වැනිදාට මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. ඒ වෙනුවෙන් නම් මොනවද කරන්නේ කියලා තවම තීරණය කරලා නැහැ.පුණ්‍ය කටයුත්තක් සිදු කරන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. ඊට පසුව අලුත්ම ටෙලි නාට්‍යයක කටයුතුª සූදානම් කරන්නත් කාලය වෙන් කෙරෙනවා. ඒ වගේම ‘සඳ සාවි’ රූගත කිරීම්වලටත් දායක වෙන්න තියෙනවා. තවත් සංගීත ප්‍රසංග සහ නර්තන ප්‍රසංගත් කිහිපයක්ම යෙදිලා තියෙනවා.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳු අභියස දී ඊයේ (3) උදෑසන මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.ශ්‍රී මහා බෝ සමිඳු ලක්දිවට වැඩමවීමත් සමඟ ඇරැඹුණු බවට සැළකෙන අලුත් සහල් මංගල්‍ය පුරාණ චාරිත්‍රය වසර 47ක් තිස්සේ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන අතර කෘෂි රසායනික ද්‍රව්‍යවලින් තොර සහල් යොදා ගැනීම මෙවර මංගල්‍යයේ සුවිශේෂී ලක්ෂණය වේ.පසුගිය වසරේ අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපතිතුමා දුන් උපදෙසක් අනුව අලුත් සහල් මංගල්‍යයට කෘෂි රසායනවලින් තොර සහල් යොදා ගැනීමට කටයුතු යොදා තිබිණ.ඈත අතීතයේ දී ජනී ජනයා තමන් වෙත අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත අස්වැන්නේ ප්‍රථම කොටස පූජා කිරීම සිරිතක් වශයෙන් කරගෙන ආ අතර එය සංකේතවත් කරමින් වර්තමානයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස වාර්ෂිකව අලුත් සහල් මංගල්‍ය පැවැත්වේ.නිසි කලට වර්ෂාව ලබා ගැනීම, කන්නය සාර්ථකව පවත්වා ගැනීම, සහලින් රට ස්වයංපෝෂිත වීම යනාදී කරුණු රැසක් ඉටු කර ගැනීමට අලුත් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳු පුදන ගොවියෝ ප්‍රාර්ථනා කරති.හෙළ චාරිත්‍රානුකූලව මඟුල් බෙර සහ හේවිසි නාද මැද නැගෙනහිර වාහල්කඩින් ඇතුළු වුණු පෙරහැරින් රැගෙන එන ලද අලුත් සහල් ජය ශ්‍රී මහා බෝ සමිඳු පැදකුණු කරවන ලද්දේ රැස්ව සිටි ජනතාවගේ සාදුකාර මධ්‍යයේය.අනතුරුව ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියස වැලි මළුවේ උඩු වියනින් සහ පාවඩින් සරසන ලද විශේෂ පීඨිකාවේ තැන්පත් කර තිබුණු පාත්‍රයට ප්‍රථම සහල් මිට දමන ලද්දේ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් සහ ඇමැතිවරුන් වන තිස්ස කරල්ලියැද්ද, එස්. එම්. චන්ද්‍රසේන, නියෝජ්‍ය ඇමැතිවරුන් වන ඩබ්ලිව්. බී. ඒකනායක, වීරකුමාර දිසානායක, එස්. සී. මුතුකුමාරණ, නගරාධිපති එච්. පී. සෝමදාස මහත්වරුන් ප්‍රමුඛ ගොවීන් විසිනි. ඒ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා සහ මඟුල් බෙර නාදය මධ්‍යයේය.අනතුරුව උත්සව භූමිය වෙත සපැමිණි ජනාධිපතිතුමා පාත්‍රයට සහල් දැමීමට එක් වූ අතර ජය ශ්‍රී මහා බෝ සමිඳු වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.හෙළ සිරිතට අනුව ආදි වාසී නායක ඌරු වරිගේ වන්නිලැත්තෝ මහා සංඝරත්නය වෙත මී පැණි පූජා කළ අතර ගිතෙල් පූජාව ද සිදු කෙරිණ. මහා සංඝරත්නය ජනාධිපතිතුමා ප්‍රමුඛ රටටත් ජාතියටත් සෙත් පැතීමෙන් අනතුරුව මෙම ඵෙතිහාසික අලුත් සහල් මංගල්‍ය නිමාවට පත් කෙරිණ. වැඩම කළ මහා සංඝරත්නය සමඟ මෙන්ම පැමිණ සිටි ජනතාව සමඟ සුහද කතා බහක නියැලීමටත් ජනාධිපතිතුමා අමතක කළේ නැත. රුවන්වැලි සෑය විහාරාධිපති පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන්, නියෝජ්‍ය ඇමැතිවරුන් වන ඩබ්.බී. ඒකනායක, වීරකුමාර දිසානායක, සරත් චන්ද්‍රසිරි, හේමාල් ගුණසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මීට එක්ව සිටියහ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. ජීවත්ව සිටියදී නම = අප්පු සිංඤෝ රැකියාව = කැළණි නදියේ රංවල තොටුපලේ තොටියා මියගිය දිනය = 1862 ප්‍රධාන දේවාලය = පුවක්පිටිය දේවාලය, අවිස්සාවේල්ල
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හරින ලදී.පළාත් මහඇමැතිවරුන්ගේ ඉල්ලීම පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ආණ්ඩුකාරවරු මෙම පළාත් සභා විසුරුවා හැරියහ.පළාත් සභා විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට ආණ්ඩුකාරවරු ඊයේ දහවල් අස්සන් තබා තිබේ.උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, සබරගමු පළාත් ආණ්ඩුකාර වි.ජ.මු ලොකුබණ්ඩාර, නැ‍ෙඟනහිර පළාත් ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහත්වරු මෙසේ අස්සන් තැබූහ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවක් විසුරුවා හැර මාස තුනක කාලයක් තුළ මැතිවරණයක් පැවැත්විය යුතු අතර ඒ අනුව සැප්තැම්බර් මාසයේ මැතිවරණය පැවැත්වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසීය. ආණ්ඩුකාරවරයා වශයෙන් තමන්ට පැවරී ඇති බලතල අනුව පළාත් සභාව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට තමා අස්සන් තැබූ බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා දිනමිණට පැවසීය.උතුරු මැද, සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය මුද්‍රණයට යැවූ බවත් ඒ අනුව එම පළාත් සභා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හරින ලද බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ටෙලි සිනේ යන්ත්‍රයක් කියන්නේ චිත්‍රපටයක්, ටෙලි මාධ්‍යයට පරිවර්තනය කරන යන්ත්‍රය. ඒ යන්ත්‍ර අපේ රටේ තිබෙන්නේ එකක් නැත්නම් දෙකකි. එහි මිලත් අධිකය.එහෙත් පිටරට යන්ත්‍රයට කිසි සේත් දෙවන නොවන එබඳු යන්ත්‍රයක් තැනූ තැනැත්තෙක් අපට හමු වුණා. ඔහු ලලිත් පාලිත සිල්වා.මාස කීපයක් පුරා නිර්මාණය කරනු ලබන චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක් මි. මි. 35 පටයක ඇති රූප පෙළක් ලේසර් කිරණයක් ආධාරයෙන් ප්‍රිස්මයක් හරහා කැමරාවකට කෙළින්ම යොමු කිරීම මඟින් මෙහි ක්‍රියාකාරිත්වය සිදු කරන අතර ඕනෑම පලුදු වූ විකෘති වූ පැරැණි රූප රාමු, චිත්‍රපට මේ හරහා නැරැඹිය හැකිවීමත් අද තිබෙන නවීනතම තාක්ෂණික පටිගත කිරීමකට එය නැවත පටිගත කර ගැනීමටත් මේ උපකරණය හරහා කළ හැකිවීමත් මෙහි ඇති තවත් සුවිශේෂී අංගයන් කිහිපයකි.රාගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී සිනමාව ගැන උනන්දු වූ නිසාම ඉවත දමන දේ එකතු කොට ප්‍රේක්ෂණ යන්ත්‍රයක් තැනූ ලලිත් පාලිත එහි ක්‍රියාකාරිත්වය අපේ සිනමාවේ පතාක යෝධයන් වූ ඩී. බී. නිහාල්සිංහ, ටයිටස් තොටවත්ත ආදීන්ට පෙන්වා දෙනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට චිත්‍රපට සංස්ථාවේ කාර්මික ශිල්පියෙක් ලෙස රැකියාවක් ලැබුණි.මම වගේ සුළු සේවකයෙක් කොච්චර දක්ෂ වුණත් ඒ අයට වටිනාකමක් දැනුණේ නෑ. එවක චිත්‍රාගාරයේ හිටියා සාරංගරාජා කියලා ඉංජිනේරුවෙක්. මේ මහත්තයා මට මේ උපකරණ අත පත ගාන්න, ඒවා කැඩුනාම හදන්න වගේ දේවල් සඳහා සම්බන්ධ කර ගත්තා. දවසක් චිත්‍රපටවල ශබ්දය පටිගත කරන උපකරණයක සින්ක් මෝටරය පිච්චුණා.මේක හදන එක ලොකු ප්‍රශ්නයක් වුණා. එදා නම් දරා සිටි සන් ඉලෙක්ට්‍රිකල් ආයතනයට ඒ මෝටරය හදන්න නොහැකි වුණා. සාරංගරාජා ඉංජිනේරු මහත්තයා මට ගොඩක් හිතවත් හින්දා මම මේක හදන්න උත්සාහ ගත්තා.අවසානයේ මගේ උත්සාහය හරි ගියා. එදා නම් දරපු ඉංජිනේරුවන්ටවත්, නම් දරපු කොම්පැනිවලටත් බැරි වුණ ඒ අලුත්වැඩියාව මම කරලා උපකරණය නැවත හැදුවා. ඒක අදටත් සරසවි චිත්‍රාගාරයේ ක්‍රියා කරනවා. එදා එහි ශබ්ද පරිපාලක වශයෙන් කටයුතු කළේ ජෝර්ජ් මනතුංග මහත්තයා.ටෙලි සිනේ යන්ත්‍රයක වටිනාකම ලක්ෂ පනහක් පමණ වෙයි. එහෙත් එය නිපදවන්නට කිසිවකු හෝ මුදල් දුන්නේ නැත. රුපියල් විසි පන්දහසක් පොලියට ගත් ඔහු එයින් කටයුත්ත ඇරැඹුවේය.ඒ සඳහා ලක්ෂයකට අධික මුදලක් වැය විය. කෙසේ වෙතත් ඔහුගේ අලුත් ටෙලි සිනෙ යන්ත්‍රය පිළිබඳ වගකිවයුත්තන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. මේ කර්තව්‍යයට ඔහු පසුපසින් සිටින්නේ ඔහුගේ බිරිය මාලා පමණය.මේ ටෙලි සිනේ යන්ත්‍රය පිළිබඳ වගකිවයුත්තන් බොහෝ දෙනාට දැනුම් දුන්න ද කිසිවකුගෙන් ප්‍රතිචාරයක් ලැබී නැත. චිත්‍රපට සංරක්ෂණය කරන වැනි වැඩකටවත් මේ උපකරණය ප්‍රයෝජන ගන්නේ නැත්තේ ඇයි දැයි කියන එක මට ප්‍රශ්නයක් යැයි ඔහු ශෝකයෙන් යුතුව පැවසීය.චන්දනඡායාරූප – මාලන් කරුණාරත්න  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සමීර එදිරිසිංහඅමනාප නෑ නුඹ මගෙ ආදරී පිටුපාලා හැරදාලා සිත් යායේ පා වුණා මා තනි වුණා . . . මා තනි වුණා . . . නුඹ ආයෙ නේනා ටජ් මහලෙ දොර වැසුණා නොදැනීම වාගේ මා තනි වුණා සඳ වාගේ පායලා මට පේන ආකාසේ රාත්‍රිය පුරා ඉන්නකෝ ඔයා සංතාපෙ පාලා මල් පාර සලිත වුණා පැරදීලා වාගේ මා මැල වුණා වෙන කාගේ හෝ වීලා ඉනූ ප්‍රේම සල්ලාපේ ජීවිතේ පුරා ආදරී ඔයා . . . අමනාප නෑ ආදරී මේ දවස්වල බොහෝ දෙනා ප්‍රිය කරන අලුත්ම ගීතයක්. ගුවන් විදුලි නාලිකාවල වගේම රූපවාහිනි නාලිකාවලිනුත් නිතරම අසන්න ලැබෙන මේ ගීතය ගයන්නේ සමීර එදිරිසිංහ.සමීර තමන්ගේ අලුත්ම ගීතයට ලැබෙන උණුසුම් ප්‍රතිචාර සමඟින් මේ දවස්වල ඉන්නේ හරිම සතුටින් නේද?ඔව්. ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අමනාප නෑ ආදරී ගීතයේ පද රචනය රිතාෂ් මොහොමඩ් ගේ. සංගීතය රොමේෂ් සුගතපාල විසින් කළේ. ගීතය නිිර්මාණය කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකල්ම මේ වෙනුවෙන් රොමේෂ් අයියාගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම වයිඩ් ඈන්ගල් සහ දර්ශන ක්‍රිෂාන් අයියාගෙනුත් ලැබුණු සහාය විශේෂයි. රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකාවල චාර්ට් ෂෝවල වගේම අන්තර්ජාලය හරහාත් ගීතයට ගොඩාක් ප්‍රතිචාර ලැබෙනවා.මේ වන විට ඔබ ගීත කිහිපයක්ම රසිකයන්ට තිළිණ කර අවසන්. කලා ක්ෂේත්‍රයට පිවිස මේ දක්වා පැමිණි ගමන ගැන මොකක්ද හිතෙන්නේ?ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ ගම කොටපොල. කොටපොල මධ්‍ය මහා විද්‍යාලය හා දෙනියාය මධ්‍ය මහා විද්‍යාලවලින් මම අධ්‍යාපනය ලැබුවේ. පාසල් යන කාලයේදීම සංගීත ක්ෂේත්‍රයට ලැදියාවක් දැක් වූයේ. එහිදී ඔස්කාර් ගුණරත්න හා බියුටිස් තිලකරත්න ගුරුවරුන් යටතේ මම සංගීතය හැදෑරුවා. ඒ හරහා පැමිණි ගමන තමයි මේ.2007 වසරේදී ස්වාධීන රූපවාහිනි සේවය පැවැත් වූ ITN රන්තරු සංගීත කණ්ඩායම් තරගයේ දක්ෂතම ගායකයා වෙන්නත් මට වරම් ලැබුණා. එහිදී මාතර ‘සී’ සංගීත කණ්ඩායම නියෝජනය කරමින් තමයි මට ඒ ජයග්‍රහණය ලැබුණේ. මම ජනතාව අතරට ගෙන ගියේ ‘ආඩම්බර සඳවතී’. 2011 වසරේදී එළි දැක් වූ එය මගේ ප්‍රථම ගීතය. ඊට පසුව වාවන්න බැරි වේදනා ගීතය එළි දැක්වූවා. මේ ගීත දෙකටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.පූර්ණකාලීනව ගායනයෙන් ඉදිරියට යන්න ද සමීරගේ බලාපොරොත්තුව?කලාවට මම ගොඩක් ආදරෙයි. ඒ වගේම මම දැනට ස්ටුඩියෝ එකක ග්‍රැෆික් නිර්මාණ ශිල්පිියෙක් විදියට සේවය කරනවා. ඒකත් මගේ හැකියාවක්. එය තවදුරටත් වැඩි දියුණු කරගන්න මට ආසයි. රැකියාවේ නිරත වෙමින් සංගීත කටයුතු කරන්න මට අවස්ථාව තියෙනවා. ඒ ආයතනයේ රොෂාන් ජයතිලක, පියල් මද්දුමගේ මහත්වරු ඇතුළු හැම දෙනාගෙන්ම මට ඒ වෙනුවෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ නිසා පූර්ණකාලීනව සංගීත ක්ෂේත්‍රයට දායක නොවුණත් මේ ක්ෂේත්‍ර දෙකේම කටයුතු සමබරව කරගෙන යන්න මම කැමැතියි.ඉදිරියේදී එළි දකින්නට නියමිත තව අලුත් නිර්මාණත් ඔබ සතුව ඇති?ඔව්. ගීත කිහිපයක්ම එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල ඒ ගීතවල නිර්මාණ කටයුතු සිදු කරගෙන යනවා. කලින් ගීත වගේම මේ ගීතත් රූප රචනා සමඟින් එළි දක්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ආයුර්වේදය යනු රෝගයන්ට ප්‍රතිකාර කිරීමේ විද්‍යාවක් පමණක් නොවන අතර නීරෝගී හා තෙදැති දිවියක් ලබා දීමේ විද්‍යාවද වන අතර මෙම අවස්ථා දෙකෙහිදීම අනුපාන සඳහන් වෙයි. රෝග ප්‍රතිකාර ලෙසින් ගැණෙන ඔසු හා එදිනෙදා පරිභෝජනය වන ආහාර සම්බන්ධව අනුපාන භාවිතය විස්තර වන අතර, ඉතා සරල සිට මහත් අපැහැදිලි දක්වා පරාසයක වන කෘත්‍යයන් රැසක් එයින් සිදුවන බවක් පෙනෙයි. ශබ්ද නිරුක්තිය[සංස්කරණය] ඖෂධ හෝ ආහාර හෝ පරිභෝජනය හා සමගින් හෝ පරිභෝජනයෙන් අනතුරුව හෝ පානය කරන්නාවූ ද්‍රව්‍යයන් අනුපාන ලෙසින් හැඳින්වෙයි. රසතරංගනී නම් ග්‍රන්ථය පරිදී ඖෂධ හා සමගින් පරිභෝජනය කිරීම හේතුවෙන් ඖෂධයෙහි හැකියාව ආවර්ධනය කරලීමෙන් ආබාධය අවප්‍රමාණ කරගැනුමට ඉවහල් වන්නාවූ දෙය අනුපාන ලෙසින් අර්ථදැක්වෙයි. අවශ්‍යතා[සංස්කරණය] අනුපානයක තිබිය යුතු අවශ්‍යතා අතර ආහාරයට ප්‍රතිවිරුද්ධ ගුණාංග සහිත විය යුතුයි. ධාතු සම්බන්ධයෙන් විරෝධක ලෙසින් ක්‍රියා නොකල යුතුයි. නිදසුනක් ලෙසින් ස්නිග්ධ (තෙල් සහිත) ආහාර සඳහා රූක්ෂ (රළු) අනුපානද, මධුර රස සඳහා අම්ල රස අනුපානද, උෂ්ණ ආහාර සඳහා ශීත අනුපානද භාවිතා වෙයි. වැසි ජලය හොඳම අනුපානය ලෙසින් සැලකෙයි. මාත්‍රාව[සංස්කරණය] අනුපාන පරිභෝජනයේදී මාත්‍රාව හෝ ලබා ගත යුතු ප්‍රමාණය දෝෂය අනුව වෙනස් වෙයි. වාත රෝග සඳහා පලා එකක්ද, පිත රෝග සඳහා පලා දෙකක්ද, සෙම් රෝග සඳහා පලා තුනක්ද මාත්‍රාව ලෙසින් භාවිතා වෙයි.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ලබන 19 දා සිට සෑම බදාදා දිනකම දිනමිණ පුවත්පත සමඟ වර්ණ සෙත්මිණ ඡ්‍යොතිෂ අතිරේකය නිකුත් කෙරේ. ඡ්‍යොතිෂමය අනාවැකි, ලග්න පලාපල, සුබ මුහුර්ත, දේව හාස්කම් ආදී ලිපි රැසක් සෙත්මිණ හි අන්තර්ගත ය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
යාන්තමට හෝ දකින්නට ඔබේ රුවනෙත් පොපියා සිටි'මුත්සැගව ගොසින්ය කාටත් හොරාදැවටෙන්නට සිත්දරා උණුසුමට නෙත් පියාවෙලා ගන්නට නොහකි'මුත් ඔබේ ගතනික්ම ගොසින්ය කාටත් හොරාසියොතුන්ද සැඟව ගොසින්යනිමක්නැති ගඟනපුරා තනිකමයි හද රැඳුනකියන්නට සිත් නොවනදකින්නට රිසි නොවනහනික පිය නගනු මැනහද පැලී මි'යැන්නට මත්තෙන්.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ලකුණු 6 ක තියුණු ජයක් අත්කර ගැනීමට මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් කොචි ටස්කර්ස් පිල සමත්විය.පළමුව පන්දුවට පහරදුන් කොචි පිල ඕවර 20 අවසානයේ කඩුලු 7 කට ලකුණු 137 ක් රැස් කළේය. රවින්ද්‍ර ජඩේජා පන්දු 18 කදී ලකුණු 29 ක් ලබාගත් අතර නායක මහේල ලකුණු 25 ක් රැස් කළේය. පන්දු යැවීමේදී යුසුෆ් පතාන් ලකුණු 20 කට කඩුලු 3 ක්ද ශකීබි අල් හසන් ලකුණු 28 කට කඩුලු 3 ක්ද දවාලීය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කල්කටා පිලට ඕවර 20 අවසානයේ රැස්කරගත හැකිවූයේ කඩුලු 9 කට ලකුණු 126 ක් පමණි. එම්. තිවාරි ලකුණු 46 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී ආර්. පී. සිං සහ ජඩේජා කඩුලු 2 බැගින් දවාලූහ.කොචි පිල – 132/7 (ඕවර 20) රවින්ද්‍ර ජඩේජා 29, මහේල ජයවර්ධන 25 (යුසුෆ් පතාන් 20/3, ශකීබ් අල් හසන් 28/3)කල්කටා පිල – 126/9 (ඕවර 20) එම්. තිවාරි 46, (ආර්. පී. සිං. 25/2, රවීන්ද්‍ර ජඩේජා 25/2)මුම්බායි පිලට කඩුලු 7ක ජයක්මේ අතර මුම්බායි පිල හා පුනේ වොරියර්ස් පිල අතර පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් මුම්බායි පිලට හිමිවිය.මුම්බායි පිලේ පන්දු යවන්නන් වන මුතාෆ් පටේල් කඩුලු 3 ක්ද, අලි මුර්මසා, ලසිත් මාලිංග සහ අබු නෙචීම් කඩුලු 2 බැගින්ද දවාලමින් පුනේ ඉනිම ඕවර 17.2 කදී ලකුණු 118 කට සීමා කළහ.නමුත් තරගයේ ජයග්‍රහණය අත්කර ගැනීමට මුම්බායි පිලට ඉනිමේ අවසන් පන්දුව දක්වා සටන් වැදීමට සිදුවිය. අවසන් පන්දුවේදී හයේ පහරක් එල්ල කරමින් රෝහිත් ෂර්මා ජයග්‍රහණය තම පිලට ලබා දුන්නේය.පූනේ – 118 (ඕවර 17.2) රොබින් උත්තප්පා 45(මුතාෆ් පටේල් 8/3, අබු නෙචිම් 13/2, අලි මුර්ටසා 18/2, ලසිත් මාලිංග 28/2)මුම්බායි – 124/3 (ඕවර 20) අම්බත් රයිදු 37, සචින් තෙන්ඩුල්කාර් 35.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබු ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් සුපිරි තරුව නිලුක කරුණාරත්නට අවශ්‍ය සියලු පහසුකම් ඉදිරියේදීත් ලබාදෙන බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.මේ අතර ඔලිම්පික් ගමන සාර්ථක කර ගැනීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබා දෙන මුල්‍ය අනුග්‍රහය හා අනෙකුත් පහසුකම් පිළිබඳ ස්තූතිය පළ කරන බව බැඩ්මින්ටන් ශූර නිලුක කරුණාරත්න ප්‍රකාශ කළේය.එමෙන්ම වසර කිහිපයක සිට අනුග්‍රහය ලබා දෙන මැක්ලරන්ස් ආයතනයටද ප්‍රණාමය පුද කරන බව හෙතෙම පැවැසීය.ක්‍රීඩා අමාත්‍යාංශයේ හා මැක්ලරන්ස් ආයතනයේ අනුග්‍රහය ගෙවී ගිය කාලයේ තරගාවලි රැසක දස්කම් දැක්වීමට ශක්තියක් වූ බව ද ඔහු සදහන් කළේය.ඔලිම්පික් පරිසාධන මට්ටම පසු කිරීමෙන් අනතුරුව නිලුක කරුණාරත්නට සුබ පැතීමේ හමුවක් පෙරේදා කොළඹදී පැවැති අතර එම අවස්ථාවට ක්‍රීඩා ඇමැති ඔලිම්පික් කමිටු සභාපති හා අනුග්‍රාහක මැක්ලරන්ස් ආයතනයේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.මෙහිදී අදහස් දැක්වූ නිලුක කරුණාරත්න පැවැසුවේ ලන්ඩන් ඔලිම්පික් තරගාවලියට මුහුණදීම උදෙසා තමා හොඳ සූදානමකින් පසුවන බවයි.‘මා දැන් උපරිම තලයට පිවිස සිටිනවා. ඔලිම්පික් උළෙලට කලින් විශේෂ පුහුණුවක් සඳහා පෝලන්තයට යෑමට බලාපොරොත්තු වෙනවා. එහිදී තවදුරටත් ඉදිරියට යෑමේ ශක්තිය ගොඩනැගෙනවා.ලෝකයේ දියුණුම රටවල් 2012 ඔලිම්පික් තරගාවලියට සූදානම් වුණේ වසර කිහිපයකට පෙර සිටයි. අපට එලෙස අවස්ථාවක් නොමැති වුවත් දැන් ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වෙනවා’ නිලුක පැවැසීය. ලන්ඩන් ඔලිම්පික් උළෙලේ තරග කාලසටහන ජුලි 22 දා සකස් කෙරෙන හෙයින් නිලුක පරාජය කළ යුතු මුල්ම ක්‍රීඩකයා කවුරුන්ද යන්න එදින ප්‍රකාශ වනු ඇත.මේ අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවැසුවේ නිලුක වයිල් කාඩ් ක්‍රමයට නොව සැබෑ දක්ෂතා ප්‍රදර්ශනය කර පරිසාධන මට්ටම පසු කිරීම නිලුක ලැබූ සුවිශේෂ ජයක් වන බවයි.‘නිලුක අද බැඩ්මින්ටන් ලෝකයේ ශ්‍රී ලංකා වීරයා බවට පත්ව තිබෙනවා. මුළු රටේම ගෞරවය ඔහුට හිමි විය යුතුයි’ ප්‍රනාන්දු මහතා පැවැසීය. මැක්ලරන්ස් ආයතනයේ සභාපති රොහාන්ද සිල්වා මහතා ද මෙහිදී අදහස් දැක්වීය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
බොහෝ වේලාවක් ඇද හැලුනු මල් වැස්ස අනෝරාවක් වුණා.සෙමින් පියවර එස වූ මගේ දෙපා දුවන්න පටන් ගත්තා. ඒ දිවිල්ල නතර වූයේ ඇගේ නිවසේ ඉස්තෝප්පුවෙන්.මා යා යුතුව තිබුණේ එතැනට.මා පැමිණි වග ඉවෙන් මෙන් දැනගත් ඈ දොරටුව විවර කළේහුරු පුරුදු සිනහ ගගුල දෝරේ ගලා හරිමින්.ඇය ටිකක් මහත් වෙලා. හේතුව නම් දැන් රහසක් නෙවෙයි. තව නොබෝ දිනකින් උත්තරීතර මව් පදවිය ලබන්නට ඈ සූදානමින්. වෙනදා දකින දඟකාරිය අද ඇගෙන් පළා ගොසින්.උවන පුරාම ශාන්තකම පිරිලා.උදාරි වර්ණකුලසූරිය. එහෙම කියනවාටත් වඩා ‘සංසලා’ කිව්වොත් ඔබ තවත් හොඳින් ඇයව හඳුනාවි.උදාරි පසුගිය කාලයේ සිටියේ විවේකීව විදේශගතව. සතියකටයි ඇය මේ ලංකාවට ඇවිත් තියෙන්නේ. කතා කරන්නට නම් තොරතුරු බොහොමයි. ඇය ගැන අලුත් තතු දැනගන්නට ඔබත් බොහොම ආසාවෙන් පසු වෙනවා ඇති.ඉතිං උදාරි ජීවිතේ සුන්දරයි නේද?ඇත්තටම ඔව්. ජීවිතේ බොහොම සුන්දරයි, ආදරණීයයි. බලාපොරොත්තු මල්ලක් කර පින්නා ගෙන ජීවත් වෙනවා. බබාට දැන් මාස අටයි. දරුවකු පිළිබඳ පළමු අත්දැකීම මෙය නිසා ආසයි බයයි. දැන් ටිකක් බබා බණ්ඩියේ දඟ කරනවා. එතකොට නම් ඉහිලුම් නැති සතුටක් සිතට දැනෙනවා. සිංගප්පූරුවේදී බබා මෙලොව එළිය දකියි. ඒක නිසා ලබන සතියේ මං ආයෙත් රට යන්න ඕනේ.ජීවිතයේ මෙවන් වූ සුවිශේෂී මොහොතකට ඇයි ඔබ සිංගප්පූරුව තෝරා ගත්තේ?මගේ සැමියා සුජිත් සිංගප්පූරුවේ වෛද්‍යවරයකු වශයෙන් සේවය කරන එක රහසක් නෙවෙයි. ඒ හින්දා අපට ලැබෙන පහසුකම් වැඩියි. සුජිත් එහෙ ඉන්න නිසා තමයි පසුගිය කාලයේ ඒ රටට ගියේ. මං මෙහෙම කිව්වට මගේ රට අවතක්සේරු කළා කියාල හිතන්න එපා. සුජිත් ළඟ ඉන්න එක මගේ ආරක්ෂාවටත් හොඳයි.තව කොපමණ කලක් විදෙස්ගතව ඉන්න බලාපොරොත්තුවක් තියනවද?බබා ලැබිලා මාස තුනක් විතර යනකම් එහෙ ඉන්නවා.දුවෙකුටද පුතෙකුටද වැඩිපුර කැමැති වුණේ?දරුවා පිළිසිඳ ගත් මුල් කාලයේ මගේ මුහුණ හරියට කැත වුණා. අපේ අනුමානය වුණේ කුසේ ඉන්නේ පිරිමි දරුවෙක් විත්තිය. අපි ප්‍රාර්ථනා කළෙත් පිරිමි දරුවෙක්.ඒ වුණාට දැන් දුවෙක් නේද ලැබෙන්න ඉන්නේ?හ්ම්ම් . . ස්කෑන් එකකින් අපි දැනගත්තා දුවෙක් බව. පුතා වුණාම මොකද, දුවෙක් වුණාම මොකද අනේ. මමත් පවුලක දුවෙක්නේදුවෙක් ඉන්න මවකට වගකීම් වැඩියි නේද?එහෙම එකක් නම් තියනවා තමයි. හරි දේ කියා දෙමින් ඇයට මං විසින් ඉටු කළ යුතු වගකීම් හැම එකක්ම බොහොම හොඳින් ඉටු කරනවා. කොහොම වුණත් අද සමාජය එක්ක බලන කොට දුවෙක් හිටියත් පුතෙක් හිටියත් ඒ ඒ අය වෙනුවෙන් ඉටු කරන්න ඕන වගකීම් සම සමව තියනවා කියලයි මං හිතන්නේ.බබාට නමක් එහෙම තියලද තියෙන්නේ?තවම නැහැ. ‘ස’ අකුරෙන් නමක් යොදනවා. ඒ සැමියගේ නම ‘ස’ යන්නෙන් පටන් ගන්න හින්දා.උදාරි ආයේ රංගනයට එන්නේ කවදද කියලා පේ‍්‍රක්ෂකයෝ අහනවා?හැකිතාක් ඉක්මනට රංගනයට එනවා කියලා කියන්න.නිළියක්, මවක්, ගෘහණියක් වූ පසු ජනප්‍රියත්වය අඩු වෙන බට මතයක් තියනවා?මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. මගේ ජීවිතයට හරි ගියේ විවාහයෙන් පස්සේ. මං බැන්ද කියලා මගේ ජනප්‍රියත්වය අඩු වුණේ නැහැ. වැඩි වුණා මිසක. පසුගිය අවුරුද්දේ සුමති සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය ලෙස සම්මානයට පාත්‍ර වෙද්දිත් මට බබා ලැබෙන්න ඉන්නවා. මේ අනුව බලද්දී මං මවක් වුණු පසුත් ජනප්‍රියත්වය අඩු නොවේ කියලා මං විශ්වාස කරනවා.ඔබේ දියණිය කවදා හෝ දිනයක රඟපාන්න යන්න හැදුවොත්?ඇයගේ ආසාවට ඉඩ දෙනවා. හැබැයි තව අවුරුදු විස්සකින් විතර මේ ක්ෂේත්‍රය කොයි වගේ තැනක තියේවිද දන්නේ නැහැනේ. ඒ තත්ත්වය බලලයි රඟපාන්න යවන්නේ.ඔබ සාර්ථක බිරිඳක්, ගෘහණියක් කියලා හිතනවාද?අනිවාර්යෙන්ම. අපේ පුංචි කැදැල්ලට දරුවකුගේ අඩුවයි තිබුණේ. දැන් ඒකත් හරි.උදාරිගේ බලාපොරොත්තුª මල්ලේ තියෙන තවත් බලාපොරොත්තු මොනවද යන්න මං ඇහැව්වේ සමුගන්න මොහොතකටකලින්. ‘හැම අම්මා කෙනෙකුගේ පැතුම වගේ මගේ පැතුමත් මගේ දූ පැටියා සමාජයේ යහපත් පුරවැසියකු කරන්න’ උදාරි එහෙම කිව්වේ සැබෑ වූ මාතෘ ස්නේහයෙන් යුතුව සිය කුස දෑතින් පිිරිමදින ගමන්.සටහන සහ ඡායාරූපය – ප්‍රසාද් සමරතුංග
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
විසි දෙවැනි වරටත් ලේක්හවුස් බෞද්ධ සංගමය සමඟ බුදුසරණ පුවත්පත එකමුතුවෙන් සංවිධානය කළ අමා දහර වෙසක් කළාපය තෙදිනක් පුරා ලේක්හවුස් ආයතන පරිශ්‍රයේදී පැවැත්විණ.එහිදී සරසවිය පුවත්පතේ ආරාධනයෙන් පැමිණි කලාකරුවන්ගේ බොදු බැති ගී හඬින් අමා දහර බුද්ධාලම්භන ප්‍රීතියෙන් ප්‍රබෝධමත් වූහ.ප්‍රසංගයේ සම්බන්ධීකරණය සරසවිය පුවත්පතෙහි මාධ්‍යවේදී අසංක දේවමිත්‍ර පෙරේරා ගෙනි.මෙහි සංගීතය මෙහෙයවීම රෝහණ ධර්මකීර්ති ගෙනි.සටහන - සංජීව සම්පත් /සේයා - ප්‍රසාද් සමරතුංගලේක්හවුස් ගායන වෘන්දය   
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුයේ දිනෙන් දින එයට එකතුවන නිර්මාණ (Content) හේතුවෙනි. ෆේස්බුක් පරිශීලකයන් විසින් එක් කරන ලද ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ හරහා ජනප්‍රියත්වයට පත් ෆේස්බුක් ඒ තුලින් විශාල වශයෙන් ආදායම් ඉපයියුවද පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට උත්සුක වී තිබුනේ නැත.එම අඩුපාඩුව පෙන්වා දෙමින් ඔබේ නිර්මාණ වලට (Content) වලට වටිනාකමක් ලබාදෙන නවතම සමාජ ජාල වෙබ් අඩවික් මේවනවිට සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබේ. මෙම සමාජ ජාලය හඳුන්වා ඇත්තේ TSU නමිනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිශීලකයන්ගේ නිර්මාණ මගින් උපයන මුදලින් 90% ක් ම පරිශීලකයන්ට ලබාදීමට TSU කටයුතු කිරීමයි. මෑතකදී පැමිණි ෆේස්බුක් තරඟකරුවා වන Ello ට වඩා මෙහි මුහුණත ඉතා දැකුම්කළු හා හැසිරීමට පහසු එකක් වේ. එසේම alexa ශ්‍රේණිගත කිරීම අනුව පරිශීලකයන්ගේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.මෙම සමාජ ජාලයේ ඔබට ෆේස්බුක් මෙන්ම Status දැමීම, ඡායාරූප එක්කිරීම කල හැකි අතර ඒවාට Like, Comment, Share, වටෙන් විට ඔබට ගෙවීමක්ද සිදුකරනු ලැබේ. මෙහි ඔබ බෙදාහැරිය යුත්තේ ඔබගේ නිර්මාණ පමණි. වෙනත් අයගේ හිමිකාරිත්වය සහිත ඒවා දැමු විට ඒවා ඉවත් කිරීමට මෙම සමාජ ජාලය කටයුතු කරනු ලැබේ. TSU වෙබ් අඩවිය අන්තර්ජාලය වෙත එක්කොට ඇත්තේ පසුගිය 13 වනදාය. සාමාජිකයන්ට මුදල් ගෙවීම සඳහා මෙහි ඩොලර් මිලියන හතක අරමුදලක් දැනටමත් තිබේ. වෙබ් අඩවියට පිවිසීම මගින් මෙහි සාමාජිකයෙකු වීමට නොහැකි අතර වෙනත් TSU පරිශීලකයෙකුගේ ගිණුමක් හරහා TSU ගිණුමක් ඇරඹීමේ පහසුකම තිබේ.TSU ගිණුමක් අරඹන්න පිවිසෙන්න පහත සබැඳියෙන් http://tsu.co/SinhalaBuddhistඉහත දැක්වෙන්නේ සිංහල බෞද්ධයා ෆේස්බුක් පිටුවට අදාල tsu ගිණුමයි. member's short code එකක් ඉල්ලයිනම් SinhalaBuddhist ලෙස යොදන්නයම් හෙයකින් ඉදිරියේදී මෙම සමාජ ජාලය ජනප්‍රිය වුවහොත් අප ෆේස්බුක් වෙනුවට එය ප්‍රධාන කොට භාවිතා කරන්නෙමු. "Follow" සහ "Add Friend" කර ඔබත් අප හා එක් වන්න.ෆේස්බුක් සාමාජිකයින් විශාල වශයෙන් tsu ට එකතු වෙමින් සිටිනවා, එහෙත් මෙම සමාජ ජාලය විසින් ෆේස්බුක් බංකොලොත් කරවාවි කියල අපිට හරියටම විශ්වාස නෑ. ඒත් අපි සියල්ලම ඒකට එකතු වුවහොත් අනාගතයේදී ෆේස්බුක් එකෙනුත් එහි පරිශීලකයින්ට තම ලාභය ගෙවන්න කටයුතු කරාවි. අපේ රටේ සමහර තරුණ තරුණියන් ෆේස්බුක් එකේ ඉන්න හැටියට රටට ලොකු ආදායමක් වේවි. ඒක නිකම්, චම්පික රණවක මහත්තයාව අපි සිංහලයන් අතර ප්‍රසිද්ධ කලාම මහින්දටයි රනිල්ටයි සිංහලයන් ගැන හිතන්න ඇස් ඇරෙනවා වගේ දෙයක්, නද්ද මං අහන්නෙ.[[මේ ගැන මේ පේජ් එකේ පළ කළේ ඇයි. එනම් එහි අපගේ tsu පිටුව කුමක්දැයි මෙහි සහෘදයින්ට දැන්වීමටයි. නැතිනම් සිංහල විරෝධියෙකුට ෆේක් tsu එකක් හදලා අපි වගේ පෙනී ඉන්න පුළුවන්.]]Share කර යාළුවන් අතරේ බෙද හරින්න.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සහශ්‍රවර්ෂය: 3 වන සහශ්‍රවර්ෂය සියවස්: 20 වන සියවස – 21 වන සියවස – 22 වන සියවස දශක: 1970ගණන්  1980ගණන්  1990ගණන්  – 2000ගණන් –  2010ගණන්  2020ගණන්  2030ගණන් වසර: 1999 2000 2001 – 2002 – 2003 2004 2005 ක්‍රිස්තු වර්ෂ 2002 (MMII) නම් ග්‍රෙගෝරියානු දින දසුනේ, අඟහරුවාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 2002 වන වසර, 3 වන සහශ්‍රවර්ෂය තුල 2 වන වසර, 21 වන සියවස තුල 2 වන වසර, සහ 2000ගණන් දශකයෙහි 3 වන වසර ලෙසිනි. .
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ස්වාමීන් වහන්සේලා හැට නමකට එකවර දන් වැළදීමේ දාන ශාලාවක් අම්පාර නාමල්තලාව ශ්‍රී සෛල බිම්බාරාම ධර්මායතනය තුළ ඉදිකොට ඇත.සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් ඉදිකිරන ලද මෙම දාන ශාලාව එහි අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා අතින් හෙට විවෘත කර සඟ සතු කිරීමට නියමිතයි.මෙහිදි හැටනමකට දන් පිළිගන්වා අෂ්ඨ පරිස්කාර පූජා කිරීම ද සිදුකරන බව එහි විහාරාධිපති පූජ්‍ය ගම්පහ නාරද හිමියෝ පැවසූ බව ඉඟිනියාගල දිනමිණ සිටි එෆ්.එම්. වාර්තාකරු ජේ.පී. ලයනල් ප්‍රේමසිරි මහතා පැවසීය.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඔන්න කාලෙකට පස්සෙ ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා,ගොඩක් අය ඉල්ලිම් කරලත් තිබුනා මේක දෙන්න කියලා.මේ චිත්‍රපටයෙ නළුවව නම් (Paul Walker) නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ.ඒ තරමටම ඔහු ජනප්‍රිය චරිතයක්.සුප්‍රකට The Fast and the Furious චිත්‍රපට බලපු කෙනෙක් නම් මොහුව හොදාකාරවම දන්නවා.2013 වසරෙ නොවැම්බර් 30 වැනි දින කාර් අනතුරකින් මෙම අසහාය නළුවා මිය ගියා.ඔහුගෙ මිය යාමෙන් පසුව තමයි Hours හා Brick Mansion චිත්‍රපට නිකුත් කරේ.මොහුගෙ අවසන් චිත්‍රපටය වන නිකුත් වෙන්නෙ 2015 අප්‍රේල් 3 වැනි දිනයි.චිත්‍රපටයෙ කතාව ගැන කියනවනම්, බ්‍රික් මෑන්ෂන් කියන්නෙ දරුණු ගණයෙ අපරාධකරුවන් ඉන්න ඩෙට්‍රොයිට් නගරයෙ කොටසක්.මේ බ්‍රික් මෑන්ෂන් තුල සිදුවන අපරාධ මැඩලීමට පොලීසිය අසමත් වන හින්දා නගරයෙ සෙසු කොටස් ආරක්ෂා කිරීම තකා විශාල තාප්පයක් මගින් බ්‍රික් මෑන්ෂන් හුදකලා කරලයි තියෙන්නේ.ඩේමියන් කොලියර් (Paul Walker) කියන්නෙ පොලීසියෙ සේවය කරන කෙනෙක්,එතකොට ලිනෝ (David Belle) කියන්නෙ වරදකරුවෙක්. බ්‍රික් මෑන්ෂන් වල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ඇලෙක්සැන්ඩර් ට්‍රෙමේන් ලිනෝගෙ පෙම්වතියව පැහැරගන්න්නෙත්, රජයට අයිති ප්‍රවාහනය කරමින් තිබූ අවියක් යැයි සිතූ යම් දෙයක් සොරාගන්නෙත් එක වගෙ වෙලාවක.පසුව පැහැරගත් පෙට්ටිය විවෘත කිරීමෙන් අනතුරුව තමයි දැනගන්නේ ඒක ඇතුලෙ තියෙන්නෙ මුළු නගරයම විනාශ කල හැකි න්‍යෂ්ටික බෝම්බයක් කියලා.පසුව එම බෝම්බය නිශ්ක්‍රීය කිරීම සදහා ඩේමියන් කොලියර් හට ලිනෝ ගෙ උදව් ඇතිව බ්‍රික් මෑන්ෂන් වෙත යන්න සිදුවෙනවා ඉහළින් ලැබෙන නියෝග හින්දා.ඇත්තටම කවුද නියම සතුරා. රජයට අයිති රහස් අවියක් එහෙම ලේසියෙන් පැහැරගන්න පුලුවන් ද. ඩේමියන් කොලියර් හට බෝම්බය නිශ්ක්‍රීය කරන්න පුලුවන් වෙයිද. කියලා දැනගන්න නම් බ්‍රික් මෑන්ෂන් වලට යන්නම වෙනවා.කෝකටත් පූර්ව ප්‍රචාරක පටය බලලම ඉන්නකෝ.ත්‍රාසය හා සටන් ජවනික නො අඩුව ඇති බොක්ස් ඔෆීස් වාර්තාවලට ඇතුලු වූ මෙම චිත්‍රපටය ක්‍රියාදාම රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුත්තක්.තවත් නවතම චිත්‍රපටයක් සමගින් ලගදීම හමුවෙන තෙක් ඔබට ජය .සිංහල උපසිරැසි මෙතනින් ගන්න1.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
රංගන ශිල්පිනීනිල්මිණි තෙන්නකෝන්මේ දවස්වල අලුත් ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම්වලට දායක වෙලා ඉන්නවා.ඒ වගේම මේ දවස් බොහොමයක්ම නැකැත් දිනයන් නිසා සැලෝන් එකෙත් කාර්යබහුල වෙලා තමයි මම ඉන්නේ. ඒ වගේම අද මට සුවිශේෂ දිනයක්. ඒ වෙනුවෙන් පුණ්‍ය කටයුත්තක නිරත වෙනවා. පවුලේ ඥාතීන් සමඟ තමයි අද දවස මම ගත කරන්නේ.තිලානි / යතේජාඡායාරූප - ටෙනී / මාලන්
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් අඩුමිලට විදුලිය මිලදී ගැනීමේ ප්‍රතිප ත්තිය ක්‍රියාත්මක කරවා ගැනීමට හැකි නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ නඩු පැවරීය.විදුලි ඒකකයක් රුපියල් 3.48සිට රුපියල් 14 දක්වා මිලදී ගැනීමට හැකි වාතාවරණයක් රට තුළ ස්ථාපිත කිරීමට හැකියාව තිබියදී රුපියල් 60ක් වැනි අධික මුදලකට විදුලිය මිලදී ගැනීම ජාතික ආර්ථිකයට මෙන්ම, පොදු මහජනතාවට සිදුකරන අගතියක් බව පෙන්වාදෙන එම කොමිසම අදාළ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකර සිටීමට එරෙහිව නියෝගයක් නිකුත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා ඇත. ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ජේ. එල්.එස්. ප්‍රනාන්දු මහතාට එරෙහිව මේ නඩුව පැවරීය.පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මඟින් විදුලිය මිලදී ගැනීම තුළින් පොදු මහජනතාවටත් ජාතික ආර්ථිකයටත් මහත් සෙතක් සිදුවන බව පෙන්වා දුන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විත්තිකාර විදුලි බල මණ්ඩලය මෙකී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පසුගිය පෙබරවාරි 27 දින සිට කල් දමමින් සිටින බව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ නඩුව කැඳවීය.නීතිඥ නිමල් ඩි. කුරුවිට බණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මතා කරුණු ඉදිරිපත් කළේය.ශ්‍රී ලංකා විදුලි බල පනතේ ව්‍යවස්ථාපිත බලය යටතේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති මඟින් විදුලිය මිලදී ගැනීමේ තීරණය ක්‍රියාත්මක කරන ලෙසට බලාත්මක කිරීමේ නියමයන් මගින් විත්තිකාර මණ්ඩලයට අභියාචනාධිකරණය නියෝග කර ඇති බවත් කරුණු ඉදිරිපත් කෙරිණි.ඉන්ධන මඟින් විදුලිය නිපදවන ව්‍යපෘති මඟින් විදුලිය මිලදී ගැනීමට වඩා සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්තිය මඟින් විදුලිය මිලදී ගැනීම වඩා ලාභදායී වන බව පැවසූ නීතිඥයා මේ නියමයන් විදුලි බල මණ්ඩලය මඟින් ක්‍රියාවේ යෙදවීම රටේ ජාතික ආර්ථිකයට හා ‍ෙපාදු මහජනතාවට හානිය අවම කිරීමට හේතු වන බවද පැවසීය.විදුලි බල මණ්ඩලය පුනර්ජනීය බලශක්තිය මිලදී ගන්නේ කුමන මිලකටද යන්න මෙතෙක් අනාවරණය නොකිරීම මෙරට හා විදේශීය ආයෝජනයන්ට (විදුලිය නිපදවන සමාගම්වලට) බාධාවක් බව පෙන්වාදුන් ‍ෙකාමිෂන් සභාව විත්තිකාර සමාගමේ ස්ථාවරය පිළිබඳව විමසිය යුතු බවද පැවසීය.රජයේ බලශක්ති ප්‍රතිපත්ති ඉලක්ක ළඟාකර ගැනීමටත් විදුලි උත්පාදන වියදම අඩු කිරීම, ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම යන කරුණු ඉටුකර ගැනීමට විදුලි බල මණ්ඩලයේ ක්‍රියාකාරකම් තුළින් නොහැකි වී ඇති බව පෙන්වා දෙන කොමිසම 2020 වන විට පුනර්ජනනීය බලශක්ති ක්‍රම මඟින් මෙරට විදුලි උත්පාදනය සියයට 20ක් කරා ළඟාවීමට බලාපොරොත්තුව බවද පැවසීය.2015 වන විට මෙරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මගින් විදුලිය නිපදවීමට බලාගාර ක්‍රියාත්මක කිරීම විදුලිබල මණ්ඩලයේ ක්‍රියා තුළින් ඇහිරී යා හැකි බව පෙන්වාදෙන කොමිසම අදාළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවා ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තිබෙන බව අවධාරණය කළේය.කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකාර මණ්ඩලයට ලබන 19දින අධිකරණයේ කරුණු දක්වන ලෙසට නියෝග කළේය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
[2014-08-11 පෙ.ව 10.30]යුධ ගැටුම් හේතුවෙන් විනශයට පත්වූ උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන 29 ක් සඳහා රුපියල් මිලියන දහ දහස් හත්සිය පනහන් වෙන්කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව පුර නැගුම ව්‍යාපෘතිය යටතේ මෙම සංවර්ධන නටයුතු ක්‍රියාත්මක වේ.මේ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන අසූ හයක් වැයවන බව පැවසේ.ඩොලර් මිලියන පනහක් අන්තර්ජාතික සංවර්ධන ඒජන්සියේ ණය ආධාරයක් ලෙස ලැබෙන අතර ඕස්ට්‍රේලියානු රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියවන 18.8 ක් ලබාදීමට නියමිතය.ඉතිරි මුදල ශ්‍රී ලංකා රජය මඟින් ලබාදෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාපක්ෂ මහතා පවසයි.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දින දෙකක සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවෙන් බියගම මැතිවරණ කොට්ඨාසයේ පහත් බිම් යට වී මේ වන විට පවුල් 1786ක සාමාජික සාමාජිකාවන් 7796 දෙනෙක් අනාථවී සිටිති.දි‍ෙය් ගිලීමෙන් එක් අයෙකුද මිය ගොස් සිටින අතර නිවාසයක් සම්පූර්ණයෙන්ම හා නිවාස 70ක් අර්ධවශයෙන් ද හානියට පත් වී ඇත. මේ අතර ජල ගැලීමෙන් අවතැන් වූවන් සඳහා මල්වාන, යබරලුව, බියන්විල, බියගම හා මාකොළ යන ප්‍රදේශවල කඳවුරු පහක් පවත්වා ගෙන යන අතර ඒවායේ පවුල් 1369 හා 5958 දෙනෙක් සිටිති.දියේ ගිලීමෙන් මිය ගියේ පහළ බියන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි යු. ඒ. අඛිල සංජීව පෙරේරා නමැති 31 හැවිරිදි විවාහක තරුණයෙකු වන අතර ජල ගැලීමෙන් මල්වාන, බියගම, යබරලුව මාබිම පුර මාකොළ හා පට්ටිවිල යන ප්‍රදේශවලට දැඩි අලාභහානි සිදු වී ඇත.මේ අතර බියගම කොට්ඨාසයේ ශ්‍රි ලනිපක්ෂ ප්‍රධාන සංවිධායක හා අපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර, එ.ජා. පක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන හා බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල යන මහත්වරුන් ජල ගැලීමෙන් විපතට පත් ප්‍රදේශවලට පැමිණ විපතට පත්වූවන්ට සහන ලබාදීමට කටයුතු කළහ.තවද බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් විපතට පත්වූවන්ට හා අවතැන්වූවන්ට පිසු ආහාර ලබා දීමට ද පියවර ගෙන තිබිණි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පළාතේ සෑම ප්‍රාදේශීය රෝහලකම මූලික ප්‍රතිකාර සහ හදිසි ප්‍රතිකාර ඒකක ආරම්භ කිරීමට බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනී.සැමට සාධාරණ ප්‍රවේශයක් ඇති කිරීමේ සැලැස්මක් එම අමාත්‍යාංශය මගින් සකසා ඇති අතර ඊට මෙම නව අංග එක් කිරීමද අයත්වෙයි. රෝගීන් ප්‍රාථමික සෞඛ්‍ය සේවය ලබා නොගෙන උසස් මට්ටමේ රෝහල්වලින් සහ පෞද්ගලික විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සේවා ලබා ගැනීමට පෙලඹී තිබීම සෞඛ්‍ය සේවාවට ගැටලුවක් ලෙස පළාත් අමාත්‍යාංශය හඳුනාගෙන ඇත. ඒ නිසාම සෞඛ්‍ය සේවය සඳහා දරන වියදම ඉහළ යාමට හේතුවී ඇති බවද එම අමාත්‍යාංශය කියයි.දැනට අනුගමනය කරන ශල්‍යකර්ම ක්‍රමයට වඩා දියුණු ක්‍රමවලට වෛද්‍යවරුනට හුරුවක්ද මධ්‍යම රජයේ අනුග්‍රහයෙන් ලබා දී ඇති අතර දියුණු ශල්‍යකර්ම කිරීමේ යන්ත්‍ර රැසක්ම ලබා ගැනීමටද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කර ඇත. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 50කි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ත්‍රස්තවාදයෙන් මුදාගත් මවුබිම ගොඩනැගීමේ හැකියාව ඇත්තේ කියන දේ කරන, කරන දේ කියන නායකයකුට පමණක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කෙළේය.වසර 40 ක් තිස්සේ දේශපාලනයේ නියැලෙන තමා කියන දේ කරන, කරන දේ කියන මිනිසෙකු බව ඔප්පු කර ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කෙළේය.තමා කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව, කළ යුත්තේ කුමක්දැයි දැනටමත් තීන්දු කර තිබෙන බවද ජනවාරි විසිහත් වැනිදා සිටින්නේත්, ජනවාරි විසිහය වෙනිදා සිටින ජනාධිපතිවරයාම බවද එතුමා පැවැසීය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ අදහස් ප්‍රකාශ කෙළේ 2010 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තහවුරු කිරීමට ඇඹිලිපිටිය නගරයේදී ඊයේ (06) පැවැති ජන රැලියට එක්වෙමිනි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය, විජයග්‍රහණයක් කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය දිවයින පුරා සංවිධානය කරන ජන රැලි මාලාවේ සයවැනි ජන රැලිය පනස් දහසකට අධික ජනතාවකගේ සහභාගීත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී ඊයේ (06) පැවැත්විණි.එදා; 2005 ජනාධිපතිවරණයේදී ජනතාව තමාගෙන් ඉල්ලා සිටි ප්‍රධාන කාරණය වූ, රටේ ඒකීයභාවය සුරැකි තමන්ට රට ගොඩනැගීම අපහසු කරුණක් නොවේ යැයිද ජනාධිපතිතුමන් පැවසීය.රට නිදහස් කර ගැනීමේ සටනේදී බාධා කළ සියලුදෙනා එකට එකතු වී සිටීම කණගාටුවට කරුණක් බවත් ජනාධිපතිතුමන් සඳහන් කෙළේය.ඇමැතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ඩබ්ලියු. ඩී. ජේ. සෙනෙවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, මර්වින් සිල්වා, ජයතිස්ස රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, හිටපු එජාප ජාතික සංවිධායක එස්. බී. දිසානායක, නව වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වයෝවෘද්ධ, රෝගාතුර කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ‘පොදු අරමුදලක්’ පිහිටුවීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කොට තිබේ.ජනාධිපතිවරයා ඊයේ (01) පුවත්පතක පළවී තිබූ ප්‍රවීණ ගායක හරූන් ලන්ත්‍රා සහ ප්‍රවීණ නිළි ලැටීෂියා පීරිස්ගේ වර්තමාන තත්ත්වය පිළිබඳ පුවත දැකීමෙන් පසු දුරකතනයෙන් තමා අමතා මේ බව ප්‍රකාශ කළ බව, ප්‍රවීණ සිනමාවේදී රවීන්ද්‍ර රන්දෙනිය මහතා ප්‍රකාශ කෙළේය.සියයට අනු අටකට වැඩි (98%) කලාකරුවන් පිරිසක් එකම වේදිකාවකට නැග ජනාධිපති අපේක්ෂකයකු වෙනුවෙන් සහය පළ කිරීම ඓතිහාසික සිදුවීමක් බව පෙන්වා දුන් රවීන්ද්‍ර රන්දෙනිය මහතා, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවීමට පෙර සිටම කලාකරුවන් වෙනුවෙන් දක්වන සංවේදීකම හා කලාවත් සමඟ පවත්වාගෙන යන සම්බන්ධතා මත මහින්ද රාජපක්ෂ මහතා වෙත කලාකරුවන් මේ අයුරින් එක්රොක් වී ඇති බවද කීය.ඒ මහතා මේ අදහස් පළ කෙළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (01) පැවැති ඇසිදිසි විද්වත් හමුවේදීය.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ගොනුව:Puja ceremony at start of seismic survey india 2008.jpg ආන්ද්‍ර ප්‍රදේශ්හි කාකින්දා නගරයේ සිදුවන පුජාවක් පුජා (සංස්කෘත - ගෞරවය, භක්තිය හෝ වන්දනාව) දෙවියන් හා ගුරුන් කෙරෙහි පවතින ගෞරවය පෙන්වීම සඳහා හින්දුන් විසින් සිදුකරති. පුජාවේ අරමුණ වන්නේ දෙවියෙක්, දෙවියන් හෝ සත්ගුරුන් සමඟ සම්බන්ධ වි භෞතික ලෝකය හා අපට නොපෙනෙන අභ්‍යන්තර ලෝකය සමඟ නොකඩවා බැඳීම් පවත්වාගෙන යාමයි. පුජාවන් දෙවියන් කෙරෙහි භක්තිය, පැසසුම හා ස්තූතිය ප්‍රකාශ කිරීමටද යොදාගනිති. පුජාවන් පවත්වන්නේ ‘දෙවියනි ‍මම ඔබතුමාටම අයත් මේ දෙය ඔබතුමාට පුජා කරමි’ යන වාක්‍ය කීමෙන් අනතුරුවය. ඒ අනුව පුජාවකින් පැවසෙන්නේ යමෙකුගේ නිරහංකාරබව පුජාවෙන් මානය දුරුවන අතර එමඟින් දියුණුවට මග සැලසේ. මෙලෙස නිරහංකාර බව ‍හා ‍ලෝකය සමඟ සැසැඳුවිට තමාගේ කුඩා බව අවබෝධ කරගැනීමේ ක්‍රමය හින්දුන් විසින් ගන්නා උත්සාහයකි. නිදසුනක් ලෙස පුජනීය සත්වයෙකු ලෙස සලකන ගවයාට පුද පුජා දැක්වීමෙන් ‍යමෙකුගේ ආධිපත්‍යයට උපකාරිවේ. ගව මුත්‍ර පරිභෝජනය වැනි ක්‍රියා මෙයට හේතුවේ. නමුත් බොහෝ හින්දු මෙය පුජාවක් ලෙස නොසලකති. මුර්තියක් වෙත සිදුකරන පුජාව උතුම් බව පංචතන්ත්‍රයේද සඳහන්වේ. පුජාවන් ප්‍රමාණය අනුව වෙනස්වේ. පුජාවේ ප්‍රමාණය එය සඳහා ගතවන කාලය, පුජා ලබන දෙවියන් ගණන, එය සිදුකරන්නේ පෞද්ගලික හෝ පොදු කරුණක් හේතුවෙන්ද යන ලක්ෂණ මත රඳාපවතී. හින්දුන් දිනකට වරක් හෝ දෙවරක් පුජා පවත්වති. පුජාවන් පැවැත්විය යුත්තේ ස්නානයෙන් අනතුරුව වන අතර, යහපත් හැසිරිම් හා පුර්ණ අවධානය (ධ්‍යාන) සඳහා ආහාර ගැනීමේදී සැලකිලිමත් විය යුතුය. දෛනික චාරිත්‍රයකට අමතරව විශේෂ අවස්ථාවලදී ද පුජා පවත්වති. මේ අතරට දුර්ගා පූජා, පොන්ගල් හා ලක්ෂ්මි පූජා ඇතුලත්ය. දෛනිකව දේවාලයක හෝ නිවසක පවත්වන පුජා හා විශේෂ පුජා වෙනස්වේ. එය සඳහා විශාල සම්පත් ප්‍රමාණයක් හා මිනිසුන් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේ සඳහා ප්‍රමාණය කෙසේ වුවද සියළුම පුජා එකම මුලධර්මයක් අනුගමනය කරයි. එනම් දෙවියන් ගෞරවනීය අමුත්තෙක් ලෙස සැලකීමය. පුජා යන නම ප්‍රසිද්ධ හින්දු ගැහැණු නමකි. පූජා චාරිත්‍ර[සංස්කරණය] පූජාවක් ආරම්භ වීමට පෙර සංකල්ප හෙවත් පොරොන්දුවක් වීමේ චාරිත්‍රයක් ඉටුකළ යුතුය. මෙම චාරිත්‍රයේදී බැතිමතා පුජාව සිදුවන වේලාව, ස්ථානය, අවස්ථාව, දෙවියන්ගේ නම, බැතිමතාගේ නම හා පුජාව සිදු කිරීමේ අරමුණ පවසනු ලැබේ. අවශ්‍ය අවසරය පුජකතුමාගෙන් ලැබුණු පසු පුජාව සිදුකළ හැක. පුජාව යනු දෛනික වතාවන් කිරීමක්ද විය හැක. ‍ගෘහමුලිකයා විසින් තෝරාගන්නා ලද දෙවියෙකුට හෝ දෙවඟනකට දිව්‍ය ලෝකයෙන් පැමිණ තමන් හා එක්වන ලෙස ආරාධනා කරයි. පූජකතුමා සහභාගි වීම අනිවාර්ය නොවුවද, එය පුජාවට වටිනාකමක් එක් කරයි. මෙයට හේතුව පුජකයා දෙවරක් උපත ලබා තිබිමයි. වරක් මනුෂ්‍යයෙක් ලෙස හා දෙවනුව වේද අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ජීවිතය ආරම්භකළ විට. එමනිසා ඔහු වේදයේ නිපුනභාවය හඟවන පුජනීය නුල දරයි. එම හේතුවෙන් ඔහුට පුජාභණ්ඩ වලට ආශිර්වාද කළ හැකි අතර දෙවියන් හා නියම ආකාරයන් සම්බන්ධ විය හැක. පුජාව භාවනාව (ධ්‍යාන), තපස (තාප), යාඥාව (මන්ත්‍ර), ධර්ම පාඨ කියවීම (ස්ව ධ්‍යාන), ආහාර පුජාව ‍(භෝග) හා දණ්ඩ නමස්කාරය (ෂඨංග හෝ අෂ්ඨංග පුණාම, දෘණ්ඩවාත්) යන කොටස් අඩංගුය. බැතිමතුන් තම නළලේ සඳුන් වලින් නතන ලද තිලකයක් තබා ගන්නා අතර, එය මධ්‍යයේ කුංකුම තබනු ලැබේ. මෙය සර්ව බලධාරි දෙවියන් කෙරෙහි භක්තිය හා එතුමන් සංකේතවත් කරයි. පුජාවක් අවසාන වන්නේ දෙවියන් වෙත ආරති පුජා කිරීමෙන් පසුවයි. විශාල පුජාවන් සඳහා බැතිමතුන් රාශියකගේ සහභාගීත්වයෙන් දෙවියන්ට හෝ දෙවඟනට යාඥා කරනු ලැබේ. සාමාන්‍යයෙන් මෙය දවස පුරාම පැවැත්වෙන අතර පුජා චාරිත්‍රයෙන් පසුව ප්‍රසාදම් බෙදා දීම, භජන් ගායනය හා අවසානයේ සම්පුර්ණ නිර්මාංශ ආහාර වේලකින් බැතිමතුන්ට සංග්‍රහ කරනු ලැ‍බේ.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා අද මම කියන්නේ Mobile Application එකක් ගැන මෙම App එක අපේ Android Phone එකේ ස්ථාපනය කර ගත්තම මේ හරහා Apple, PC වගේ ඕනිම Device එකක් එක්ක File Share කරගන්න පුලුවන්. ඒ කියන්නේ Apple එක්ක Android එකකට File share කරගන්න Connect වෙන්න බැනේ මේ විදිහට File Share කරගන්න පුලුවන්. මේ App එකේ නම තමා "Zapya".මේකේ File Share කරගැනීමට වඩා ගොඩක් දේවල් තියනවා. 5MB වගේ File එකක් තත්පර 2 කින් විතර යවන්න ගන්න පුලුවන්. මේම මෘදුකාංගය මගින් කරන්නේ අදාල ජංගම දුරකථන හෝ උපකරන දෙක අතර Wi-Fi සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන ඒ මගින් Data හුවමාරු කර ගැනීමයි. දන්නවනේ Bluetooth වඩා කොහොමත් Wi-Fi වේගවත් කියල. මම හිතනවා ජංගම උපකරනයක තිබිය යුතුම ඇප් එකක් මේක කියලා.මෙන්න මෙතනින් ගිහින් එක කරගන්නඑහෙනම් ගිහින් එන්නම්.. කට්ටියටම ජය වේවා.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සෙංකඩගල ආසනයේ ගඟවටකෝරළේ 2014 ප්‍රාදේශීය සභා අයවැය පසුගියදා සභාවට ඉදිරිපත් කරන ලදී. මෙම අයවැය ඉදිරිපත් වූ අවස්ථාවේ ඊට එ. ජා. ප. ය ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් කිසිවකු විරුද්ධ වූයේ නැත.මේ නිසා ගඟවටකෝරළේ ප්‍රාදේශීය සභා අයවැය ඒකමතිකව සම්මත කර ගැනීමට එහි සභාපති ඩී. ඒ. ධර්මසේන මහතා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩු පක්ෂ කණ්ඩායමට හැකි විය.මෙම සෙංකඩගල ආසනයේ ශ්‍රී. ල. නි. ප. ප්‍රධාන සංවිධායකවරයා වන්නේ මහනුවර දිස්‍ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාය..