input
stringlengths 1
3.7k
| output
stringclasses 12
values | instructions
stringclasses 3
values |
|---|---|---|
අඩ්ඩලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත නැගෙනහිර පළාත දිස්ත්‍රික්කය අම්පාර දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) අඩ්ඩලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර[සංස්කරණය] Divisional Secretariats Portal මෙම ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, ස්ථානයක් පිළිබඳ ලිපිය අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අද සරසවිය ප්‍රශ්න පත්තරේට පිළිතුරු සපයන්නේ රංගන ශිල්පී කුමාර වඳුරැස්ස සමඟින් නිරංජලා ජයසිංහ.සැකසුම – යතේජා ඥානරත්නඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අසභ්‍ය වීඩියෝ දර්ශන නැරඹූ සැකකාර පුද්ගලයන් හතර දෙනෙකු සමඟ කාන්තාවක් පොතුහැර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් (08) වැනිදා රාත්‍රි කාලයේ පොතුහැර පොලිස් වසමේ හිරිපත්ඇල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයන් කාන්තාව සමඟ අශෝභන වීඩියෝ දර්ශන බලමින් සිටිය දී පොතුහැර පොලිසියට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ.පොතුහැර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් ජයසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, කලාසූරී ලතා වල්පොල, සුනිල් ලීනස්, හෙලන් සකුන්තලා යන කලාකරුවන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතින් පසුගියදා උපහාර තිළිණ ලැබූහ. ඒ කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ඔවුන් කරන ලද සේවය අගයමින් අගරදගුරු මැදුරේ පැවති වාර්ෂික කතෝලික සුහද හමුවදාය. රෝයි - සුමනා, ක්ලීටස් මෙන්ඩිස්, රන්ජන් රාමනායක, එඩ්වඩ් – චරිතා ඇතුළු කලාකරුවන් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.මෙයට සමගාමවීව ඇන්ටන් ජේ. ප්‍රනාන්දු විසින් රචිත නත්තල් ගීතිකා සංයුක්ත තැටිය, සාමයේ අරුණැල්ලහි පළමු පිටපත අගරුගුරුතුමන් වෙත ප්‍රදානය කරන ලදී.ප්‍රසාද් - සේයාරුව - අමිත් එස්. සේනාරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වික්ටෝරියා ජලාශයට කාලයක් තිස්සේ අපද්‍රව්‍යය සහිත ජලය බැහැර කළ තෙල්දෙණිය ගගසිරිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට තෙල්දෙණිය දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් ප්‍රසන්න ලියනගේ මහතා රුපියල් දසදහසක දඩයක් නියම කෙළේය.තෙල්දෙණිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක බී. එස්. කේ. පෙරේරා මහතා සමඟ පොලිස් සැරයන් දිසානායක මෙම ස්ථානය පරීක්‍ෂා කර නඩු පවරනු ලැබීය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ප්‍රතිඵල බැලීම සදහා - www.lk වෙත පිවිසෙන්න එස් එම් එස් මගින් ලබා ගැනීමට - Type EXAMS INDEX NO and send to Dialog - 7777Mobitel - 8884Etisalat - 3926Airtel - 7545Hutch - 8888.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඒ කඩවසම් තනිකඩ බවේ අසිරිය විඳගන්නට ලැබෙන තරුණියන්ගේ නාම ලේඛනය නම් එන්න එන්නම දිගුවන හැඩය. අයිශ්වර්යා රායි, කත්‍රිනා කායිෆ් ළඟට සල්මන් ඛාන්ගේ ජීවිතයට සමීප වෙන ඊළඟ බොලිවුඩ් තාරකාව කවුරුන් ද? මේ පැනයට පිළිතුර දැනටමත් ලැබී අවසන්ය. ඇය සුරූපී ඩේසි ෂාය. 2011 වසරේදීී ඇයට බොඩිගාඩ් සිනමාපටයේ දෙවැනි ප්‍රධාන චරිතය රඟන්නට ලැබුණත්, අවසානයේ හේසල් කීච් එම චරියට පණ පෙව්වාය.රංගනයට කළ පළමු ආරාධනය ප්‍රතික්ෂේප කළ තරුණියකට සල්මන් ඛාන් ලෙහෙසියෙන් පහසුවෙන් දෙවැනි අවස්්ථාවක් දෙන්නේ නැත. එහෙත් ඩේසිට ඔහු ඒ අවස්ථාව දී තිබේ.නවක තාරකාවන් තිරයට කැන්දාගෙන ඒමට සල්මන් කවදත් ප්‍රසිද්ධිය. ස්නේහා උලාල් (ලකී : නෝ ටයිම් ෆෝ ලව් : 2005) සහ සරීන් ඛාන් (වීර්, 2010) එවැන්නියන්ය. එහෙත් ඔවුන්ගේ රංගන ජීවිතයේ ඉදිරි අනාගතයට නම් ඔහුගෙන් කිසිදු පිටුබලයක් ලැබුණේ නැත. එවැනි වරමක් ලැබූ ප්‍රධානම තාරකාව කත්‍රිනා කායිෆ්ය. කත්‍රිනා කායිෆ් සිනමා ක්ෂේත්‍රයට පිවිසුණු පසු ඔහුගෙන් ඇයට ලැබුණු ගුරුහරුකම් බොහෝය.ජායි හෝ සිනමාපටයේ ප්‍රධාන තාරකාව වශයෙන් ඩේසි ෂා තෝරා ගෙන, ඇයට ක්ෂේ්ත්‍රය ගැන ‘අ’ යන්නේ සිට ‘අඞ’ යන්න දක්වාම සියලු කරුණු කියා දීමෙන් තව කත්‍රිනා කායිෆ් කෙනෙක් සල්මන් ඛාන් සිය ජීවිතයට සමීප කරගෙන ඇති බව බොහෝ දෙනාගේ අදහසයි.ඇයගේ සරල බව දිගටම පවත්වාගෙන යන ලෙසට සල්මන් ඇයට උපදෙස් දී තිබේ. ඇයගේ ‘සරලකම’ නමැති අනන්‍යතාව, ක්ෂේත්‍රයේ බොහෝ දුරට ඇය රැගෙන යනු ඇති බවට ඔහු විශ්වාස කරයි. ඔහු ඇයට සලකන ආකාරය බලා සිටින බොහෝ දෙනා පවසන්නේ කලින් කත්‍රිනා කායිෆ්ට දැක් වූ සැලකිල්ලම ඔහු ඩේසිටත් දක්වන බවයි.මේ ගෙවී යන්නේ සල්මන් ඛාන්ගේ ජීවිතයේ හතළිස් අට වැනි සැතපුම් කණුවයි. මූම්බායිවල බන්ද්‍රා හි ‘ගැලැක්සි’ නිවාස සංකීර්ණයේ නිවෙස, පර්වෙල්වල අක්කර 150, බංගලා තුන (පිහිනුම් තටාක, ජිම් සහිත) යන ඔහුගේ මහා දෑවැද්දට උරුමකම් කියන වාසනාවන්තිය ඩේසි ෂා වේවි ද?ඩේසිට ද මේ වන විට සල්මන් ජීවිතයේ වැදගත්ම කොටස්කරුවකු වී අවසන්ය. ක්ෂේත්‍රයට පැමිණි පසු පැවැත් වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ඇය කියා සිටියේ ‘සල්මන් ඛාන් සර්’ තමන්ගේ පියාට බෙහෙවින්ම සමාන බවයි. පවුලේ පිරිමි දරුවා බවට පත් වී සිටින්නේ ද ඩේසිය. තරුණියකට වඩා ඇය සිතන්නේ, ක්‍රියා කරන්නේ තරුණයකු සේය.ඩේසිට සිනමාවට පිවිසීමට මාර්ගය තනා දී ඇත්තේ ඩොම්බිවිල් රූප රාජිනී තරගයයි. ‘මිස් ෆොටෝජෙනික්’ කිරුල පැලඳූ ඇයට මුලින්ම ආරාධනා ලැබී තිබෙන්නේ සිනමාපටවල නර්තන අංගවල කොටස්කාරියක වීමටයි. භාඩ්‍රා කන්නඩ සිනමාපටයේ නම් ඇයට 2010 දී රඟන්නට ලැබී තිබේ.බොඩිගාඩ් සිනමාපටයේ කරීනා කපූර්ගේ මිතුරියට රඟපෑමට සල්මන් ඛාන් ඇය තෝරා ගත්ත ද ඒ චරිතය රැඟීමට තිබූ බිය නිසා ඩේසි එය ප්‍රතික්ෂේප කර ඇත. එහෙත් සල්මන් ඉන් පසු නොබෑවේය. ‘ජායි හෝ’ ප්‍රධාන චරිතය රැඟීමට ඇයට ආරාධනා කළාය.ඩේසිගේ පියා රෙදි සාප්පුවක කළමනාකරුවෙකි. සිනමාවට ඇයගේ පවුලේ සම්බන්ධයක් නැති නිසා පූර්ව දර්ශන සඳහා ඩේසිගේ රුව ඇතුළත් නොකරන ලෙසට සල්මන් උපදෙස් දී තිබේ. එහෙත් සිනමාපටය ප්‍රවර්ධනය කිරීමේදී ඇයත් ඔහුත් එක්වෙති.ගනේෂ් ආචාර්යා යටතේ නර්තන සහායක වශයෙන් ද කටයුතු කර ඇති ඩේසි මේ වසරේදී සපුරන්නේ තිස්වැනි වියයි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
යටිනුවර දන්තුරේ නගරයේ සතිපොළ සඳහා වැසිකිළි ජල හා වෙළෙඳ කුටි ආවරණ ඇතුලු පොදු පහසුකම් නොමැති බැවින් සතිපොළ වෙළෙඳුන් මෙන්ම පාරිභෝගික පිරිස් ද දැඩි අපහසුතාවයකට ලක්වී සිටිති.වසර සියයකට ආසන්න කාලයක් පැරැණි මෙම සති පොළ ගම් රැසක් කේන්ද්‍ර කොට ගෙන දන්තුරේ රජ මහා විහාරස්ථානය සතු භූමි භාගයක මෙය පවත්වාගෙන යයි.ග්‍රාමීය ආර්ථික වැඩසටහන යටතේ යටිනුවර ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීමෙන් ලබාගෙන මෙහි සතිපොළ සංවිධානය කිරීම සඳහා වත්මන් අගමැති දි. මු. ජයරත්න මහතා විසින් මේ සඳහා මුල්ගලක් ද තබා ඇති අතර තවමත් මෙහි ඉදිකිරීමක් අරඹා නැත.මේ පිළිබඳව අදහස් දැක්වූ පේරාදෙණිය මුරුතලාව පදිංචි ඩී. ජී. චන්ද්‍රදාස මහතා - මම අවුරුදු 20 ක් පමණ මෙම සතිපොළේ වෙළඳාම් කරනවා. අපෙන් සතිපොළ මුදල් අය කරනවා. නමුත් අපට බීමට වතුර ටිකක්වත් නෑ. වැසිකිළි පහසුකම් නෑ. වෙළෙඳ කුටි තාවකාලික ඒවා. ඇතැම් කොටස් ඉටි කොලවලින් ආවරණය කරලා වර්ෂා කාලයට අපට හිරිහැර.මෙම සතිපොළ දියුණු කිරීම යුගයේ අවශ්‍යතාවයක්.කඩුගන්නාව පදිංචි සිත්ති පරීඩා - සති පොළ දියුණු කරන්න කාලයකට පෙර මුල්ගලක් ද තැබුවා. නමුත් වැඩ ආරම්භ කර නැහැ. වර්ෂා දිනවලට අපිට හිරිහැර. මෙය දියුණු කරන්න වැඩ පිළිවෙළක් අවශ්‍ය යි.මෙය සංවර්ධනය කළොත් ජනතාවට මෙන්ම අපටත් විශාල පිටිවහලක්..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බුදු දහම නිදහස් චින්තනය අගය කරන දර්ශනයක්.විශ්වාසයෙන් යුතුව ඇදහීමකට වඩා කරුණු නුවණින් විමසා බැලීමට මඟ පෙන්වන්නක්.නමුත් බෞද්ධ වූ පමණින් සෑම කෙනෙක්ම මේ නිදහස් චින්තනයට හුරුවක් නැහැ. සාම්ප්‍රදායිකව එන දෙය ඒ ලෙසටම බාරගන්න අය වැඩියි, තමන් විසින්ම නුවණින් විමසා බලන්න පෙළඹෙන අයට වඩා.සිදුහත් චරිතය සහ බුද්ධ චරිතය හැදෑරීම කෙනෙකුට විශාල බුද්ධිමය ආස්වාදයක්,ජීවිත අවබෝධයක්, ආදර්ශයක් ගෙනදෙන කාර්යයක්.නමුත් පොත් පත්වල ඇති මේ චරිත කථාවල අඩුපාඩු ගොඩක් තියෙනවා. භක්තිය විසින් එකතු කළ සාහිත්‍යමය කොටස් වලින් නියම චරිත කථාව වැසී ගිහින්. යථාර්තවාදීව සිදුහත් චරිතය දිහා බලන්න, හදාරන්න එය බාධාවක්.සැබෑවටම සිද්ධාර්ථ ගේ ජීවිත කථාව කෙබඳු වන්නට ඇත්ද. මාටින් වික්‍රමසිංහයන් සිදුහත් චරිතය නවකථාවකට නැඟුවා. ඒ "බවතරණය". එය නිර්මාණයක්. පැරණි පොත පතේ සඳහන් දේ හදාරා ඒ අනුවත් සිය පරිකල්පනයෙන් මැවූ සිදුවීම් ඇසුරිනුත් වඩා යථාර්තවාදී සිදුහත් චරිතයක් මාටින් වික්‍රමසිංහයන්විසින්"බවතරණයෙන්" අප වෙත ගෙන එනවා.මෙය ලියැවී ඇත්තේ 1973 දී. මාටින් වික්‍රමසිංහයන්ගේ අවසන් නවකථාව.ඔහුගේ ලේඛක ජීවිතයේ වඩාත් පරිණත අවදියකදී තමයි ඔහු මේ බැරෑරුම් කාර්යයට අත ගසන්නේ.මේ මාටින් වික්‍රමසිංහයන් ලියූ පෙරවදනින්..."රහත් බව ලැබූ තෙරුන් අතර කැත්, බමුණු කුලවල ජනයා පමණක් නොව සැඬොලුන්, දාසයන් හා අපරාධකාරයන්ද වූ බව ථෙර ගාථාවලින් හා සූත්‍ර දේශනාවලින් හෙළිවෙයි. බුදුන්ගේ දහම නිසා පොදු ජනකාය අතර පිබිදුමක් හා විප්ලවයක්ද ඇතිවිය. සිදුහත් ගිහිගෙය හැරගියේ උපත,ජරාව, මරණය නිසා හටගත් කළකිරීමෙන් තමාගේ ආත්මය ගලවා ගැනීමට නොවන බව එයින් හෙළිවෙයි.කුලබේදය හා අසමාන සමාජ ජීවිතය ද නිසා අපමණ දුක් පීඩා විඳිමින් ජීවත්වන ජනකායට එකසේ උචිත මාර්ගයක් සොයනු පිණිස සිදුහත් ගිහිගෙය හැරගිය බවද මේ නවකථාවෙන් හෙළි කරන්නට මම වෑයම් කළෙමි."------------------------------------------------------------------මේ නිර්මාණයේදී යසෝදරා සහ සිදුහත් අතර වන අවබෝධය වඩාත් ගැඹුරු දෘෂ්ටියකින් විවරණය වෙනවා.යසෝදරා නින්දෙන් අවදි වූ රහල් කුමරා වඩාගෙන සිප අනතුරුව කුඩා මවගේ දෝතෙහි තැබුවාය."පියා පුතාත් අම්මාත් හැර වල් වදින්ට යනවා" යි කියමින් ගෝතමී, සිනාසෙන බිළිඳාගේ කම්මුල සිම්බාය."පුතා ටිකක් ලොකු නම් පුතාත් එක්ක මමත් පියා සමඟ තපසට යනවා" කියමින් යසෝදරා සිනාසුණාය."අම්මා තමයි පියාට අනුබල දෙන්නේ" කියමින් ගෝතමී යසෝදරාව දෙස බැලුවේ අමනාපයෙනි."කුඩම්මා සිදුහත් සමඟ තුන් හතර දවසක් කථා කළහොත් ඔය අදහස් වෙනස් කරගනීවි" යි යසෝදරා කීවාය.----------------------------------------------------------------------------අකුරැටියේ අමරවංශ හිමියන් පොත වෙනුවෙන් ලියූ පසුවදන..."සිදුහත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි. සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසී භාෂාවලින් ලියූ බුද්ධ චරිත හැම එකක්ම වාගේ මම කියවා ඇත්තෙමි. මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹු වන අයුරු ලියා තිබීම ආශ්චර්යජනකය.බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් දැන ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්ටද පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරීමට අතිශයින් සුදුසුය. බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම්වල තත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදු රදුන් ඇතිකළ සමාජ පෙරළියත් එක්වර මේ පොත කියවන්නෙකුට උගත හැකිය."-----------------------------------------------------------------------------අහසේ සක්මන් කරමින්, නාසයෙන් කටින් ඇඟෙන් ජල කඳ ගිනිකඳ පිට කිරීම් වැනිසිදුවීම්වලින් බුදුන්වහන්සේගේ ජීවිත කථාව පුරවා උන් වහන්සේ දෙවියෙකු, ඊශ්වරයෙකු කරන්නට තැත්දැරීම උන් වහන්සේට කරන නිගාවක්.වඩාත් යථාර්තවාදීව බුදුන් වහන්සේව හඳුනා ගැනීම,ඇදහීමෙන්ඔබ්බට ගොස්, එතුමන්ගේ දර්ශනය වඩාත් ගැඹුරින් හැදෑරීමට අපට පෙළඹවීමක් ඇති කරනවා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජනවාරි මස 08 වන දින පැවැත්වීමට නියමිතව තිබූ තාක්‍ෂණ නිලධාරි අදියර 4 පරීක්‍ෂණය නොවැළැක්විය හැකි හේතුවක් මත ලබන ජනවාරි මස 30 වන දිනට කල් තැබූ බව මලල ක්‍රීඩා සංගමය නිවේදනය කරයි.එහෙත් මෙයට අදාළව සංවිධානය කරන සම්මන්ත්‍රණය සහ වැඩමුළුව ලබන මස 15 සහ 16 යන දිනයන්හිදී කොළඹ 07, ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 8 වන සියවස – ක්‍රිපූ 7 වන සියවස – ක්‍රිපූ 6 වන සියවස දශක: ක්‍රිපූ 650ගණන් ක්‍රිපූ 640ගණන් ක්‍රිපූ 630ගණන් – ක්‍රිපූ 620ගණන් – ක්‍රිපූ 610ගණන් ක්‍රිපූ 600ගණන් ක්‍රිපූ 590ගණන් වසර: ක්‍රිපූ 628 ක්‍රිපූ 627 ක්‍රිපූ 626 – ක්‍රිපූ 625 – ක්‍රිපූ 624 ක්‍රිපූ 623 ක්‍රිපූ 622 ක්‍රිස්තු පූර්ව 625 වසර මාතෘකා අනුව දේශපාලනය රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය උපත් සහ මරණ ප්‍රවර්ග උපත් – මරණ සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග සංස්ථාපනයන් – විසංස්ථාපනයන් න සා සං ක්‍රිපූ 625 අනෙකුත් දින දසුන් වලින් ග්‍රෙගෝරියානු දින දසුන ක්‍රිපූ 625 අබ් ඌර්බෙ කෝන්ඩිටා 129 ආර්මේනියානු දින දසුන N/A ඇසිරියානු දින දසුන 4126 බෞද්ධ දිනදසුන −82 – −81 බහායි දින දසුන −2468 – −2467 බෙංගාලි දින දසුන −1217 බර්බර් දින දසුන 326 ඉංග්‍රීසි රාජ්‍යත්ව වසර N/A බුරුම දින දසුන −1262 බයිසැන්ටියානු දින දසුන 4884–4885 චීන දින දසුන 乙未年 (දැව Goat) 2072 or 2012 — to — 丙申年 (Fire Monkey) 2073 or 2013 කොප්ටික දින දසුන −908 – −907 ඩිස්කෝර්ඩියන් දින දසුන 542 ඉතියෝපියානු දින දසුන −632 – −631 හෙබ්‍රෙව් දින දසුන 3136–3137 හින්දු දින දසුන් - වික්‍රම් සම්වත් −568 – −567 - ශක සම්වත් N/A - කලි යුග 2477–2478 හොලොසීන දින දසුන 9376 ඉග්බො දින දසුන −1624 – −1623 ඉරාන දින දසුන 1246 BP – 1245 BP ඉස්ලාමීය දින දසුන 1284 BH – 1283 BH ජපාන දින දසුන N/A ජුච්චේ දින දසුන N/A ජූලියානු දින දසුන N/A කොරියානු දින දසුන 1709 මින්ගුවෝ දින දසුන 2536 before ROC 民前2536年 තායි සූර්ය දින දසුන −81 This box: නරඹන්න සාකච්ඡා කරන්න සංස්කරණය කරන්න විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්‍රිත මාධ්‍ය සතු වෙයි: 625 BC
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගැමි ජනතාව මුලාකරමින් නීති විරෝධී ලෙස පිරමීඩ ක්‍රමයට මුදල් රැස්කිරීමට සාමාජික සාමාජිකාවන් බඳවා ගනිමින් පිහිටුවාගෙන ඇති මූල්‍ය සංවිධානයක තොරතුරු හෙළිකර ගෙන ඇති පුත්තලම පොලිස් කොට්ඨාසයේ වංචා විමර්ශන අංශයේ නිලධාරීන්, ඊට සම්බන්ධ යැයි සැකපිට සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක සහ ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇත.සමාගම් ආඥා පනත යටතේ සමාගමක් වශයෙන් රජයේ ලියාපදිංචි කරගෙන ඇති මෙම සංවිධානයට බැඳීමෙන් අනාගතයේ ලබාගත හැකි වෙන මහා පරිමාණ ප්‍රතිලාභ රැසක් පෙන්වා දෙමින් ගම්වාසීන් මුලාකරමින් මෙම සංවිධානයට සාමාජික සාමාජිකාවන් බඳවාගෙන ඇති අතර, ඒ සඳහා එක් අයෙකුගෙන් අයකරගෙන ඇති සාමාජික ගාස්තුව රුපියල් 54500 කි.මෙම සංවිධානයට අලුතෙන් සාමාජිකයකු හෝ සාමාජිකාවක් බඳවා දෙන අයෙකුට රුපියල් 2500 ක මුදලක් හා තවත් වටිනා ත්‍යාගයක් බැගින් ලබාදීමේ උපාය ක්‍රම වැඩසටහනක් ද මෙහිදී ක්‍රියාත්මක වී ඇති බවටද තොරතුරු හෙළිකරගෙන ඇති පොලිසියේ වංචා විමර්ශන නිලධාරීන්, මේ වන විට එලෙසින් සාමාජික සාමාජිකාවන් 350 ත් 400 ත් අතර සංඛ්‍යාවක් බඳවාගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය කරගෙන ඇත.ඉහත තොරතුරු හෙළිකර ගත් විමර්ශන නිලධාරීන් මේ සම්බන්ධයෙන් සැකපිට පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක සහ ඇගේ සැමියාත් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.මෙසේ අත්අඩංගුවට ගෙන ඇති එක් අයකු සමෘද්ධි නිලධාරිනියක් බැවින්, ගම් මට්ටමේ සමෘද්ධිලාභීනුත් මෙයට සම්බන්ධ කරගෙන ඇත්දැයි සැකකරන පොලිසිය ඒ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් ක්‍රියාත්මක කර ඇත.වයඹ බටහිර නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන, පුත්තලම කොට්ඨාස පොලිස් අධිකාරි එච්. එම්. ධර්මසේන යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පුත්තලම සහකාර පොලිස් අධිකාරි අයි. ජී. සුගතපාල මහතාගේ අධීක්‍ෂණය යටතේ පුත්තලම කොට්ඨාස වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ආර්. අයි. ඩී. සේමසිංහ මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය වනාහි Fat ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. මේදය[සංස්කරණය] මේදය යනු පුළුල් කාණ්ඩයක පැතිර පවත්නා රසායනික ද්‍රව්‍යයක් වන අතර ඒවා කාබනික ද්‍රාවකයන්හි දියවන අතර ජලයෙහි අද්‍රව්‍යවේ. රසායනික විද්‍යාවට අනුව මේද යනු ග්ලිසරෝල් හා මේද අම්ලවල ට්‍රයිඑස්ටර වේ. මේදය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී එහි ව්‍යුහය සහ සංයුතිය අනුව ඝන හෝ තරලයක් වේ. තෙල්, මේද සහ ලිපිඩ යන වචන භාවිතා කළද තෙල් යනු ද්‍රවයක් වන අතර මේද යනු සාමාන්‍ය කාඹර උෂ්ණත්වයේදී ඝණයකි. ලිපිඩ යනු මෙම ඝණ හා ද්‍රව මේද සදහා භාවිතාවන පොදු නමකි. තෙල් යන්නෙන් අදහස් වන්නේ ජලය සමග මිශ්‍ර නොවන ග්‍රීස් , පෙට්‍රෝලියම් වැනි ද්‍රවයකි. මේද යනු ලිපිඩවල එක් වර්යක් වන අතර එය අනෙකුත් ලිපිඩ වලින් වෙන්කර හදුනාගත හැක්කේ එහි රසායනික ආකෘතිය සහ භෞතික ලක්ෂණ අනුවය. මෙම අණු විශේෂය ව්‍යුහ විද්‍යාත්මකව සහ පරිවෘත්තීය ක්‍රියාවලින් ඉටුකරන ජීවය සදහා ඉතා වැදගත් ස්ථානයක් දරයි. මිනිසුන් ඇතුළු විෂම පෝෂීන් බහුතරයකගේ ආහාර වේලෙහි විශේෂ ස්ථානයක් මේවා සදහා හිමිවේ. අග්න්‍යාසය මගින් ශ්‍රාවය කරන ලයිපේස් නම් එන්සයිමය මගින් ලිපිඩ බිදහෙලනු ලබයි. ආහාරයට ගත හැකි සත්ව මේදයන් වනුයේ ඌරු තෙල්, මත්ස්‍ය තෙල්, බටර් හෝ එළගිතෙල්ය. ඒවා කිරිවලින් , මස්වලින් සහ සතුන්ගේ සමට යටින් ඇති තෙල් මගින් ලබාගනී. ශාකවලින් ලබා ගන්නා ආහාරයට ගත හැකි මේද වර්ග වනුයේ රටකජු, සෝයා, සූරිය කාන්ත තෙල්, තලතෙල්, පොල්තෙල්, ඔලිව්තෙල් සහ එළවළු තෙල්ය. මාජරින් සහ අනෙකුත් එළවළු තෙල් වර්ග ආහාර ද්‍රව්‍ය පිලිස්සීම සදහා භාවිතා කරනු ලබයි. මේදය සදහා ලබාදී ඇති මෙම නිදසුන් සංතෘප්ත මේද සහ අසංතෘප්ත මේද ලෙස වර්ගීකරණය කරයි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
විවිධ ගුණාංග දක්වමින්, පරාවලයක රූපයක් පරාවලයක් යනු, රූපයේ ආකාරයට දිශා ගත කළ විට දළ වශයෙන් ඉංග්‍රීසි මහකුරු යූ-හැඩැති, එනමුදු, එහි තලයෙහි ඕනෑම අයුරකින් දිශාගත විය හැකි, ද්වි-මාන , දර්පණ-සමමිතික වක්‍රයකි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පේරාදෙණියේ ‘හර්මන්ඩ් බර්ඩ්’ ක්‍රීඩා සාජය වාර්ෂිකව පවත්වනු ලබන සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 22 වැනි වරටත් මේ මස 20, 21 දිනවල උදේ 9.00 සිට ඒදඩුවාව ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට විදි විධාන යොදා තිබේ.මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ වලට හා ක්‍රීඩා කණ්ඩායම් වලට මේ සඳහා ඉදිරිපත් විය හැකි බව සංවිධායක කමිටුව පවසයි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පන්ති තහනමකට ලක්ව සිටියදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව සළසා දෙන ලෙස ඉල්ලා එම සරසවි ජල ටැංකිය මත නැග උපවාස කළේ යැයි කියන සිද්ධියට අදාළව නොතීසි මත නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර සිසුවා රුපියල් ලක්‍ෂයක් වටිනා ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රෝහණ අනුර කුමාර හේරත් මහතා නියෝග කළේ ය.මෙසේ ඇප මත මුදා හැරුණේ, අඹන්පොළ එච්. එම්. නෙරංජන් එදිරිසිංහ නමැති සිසුවාය.ජයවර්ධනපුර සරසවියේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරී කේ. නිමල් චන්ද්‍රසිරි මහතා මේ සිද්්ධියේ පැමිණිලිකරු වේ. ජ’පුර සරසවියේ පන්ති තහනමට ලක්ව සිටි සිසුවකු වන සැකකරු එම භූමියට අයුතු ලෙස ඇතුළුව එහි ජල ටැංකියට නැග ඒ මත සිටිමින් තමාගේ විභාගයට වාඩි වීමට ඉඩකඩ සළසා දෙන ලෙස ඉල්ලා උපවාසයක් අරඹා ඇතැයි මිරිහාන පොලිසිය අධිකරණයට දන්වා තිබිණි. එය එම සිසුවාගේ ද අනෙක් සිසුන්ගේ ද ජීවිතවලට තර්ජනයක් වන්නේ යැයි ද තොරතුරු වාර්තාවෙන් පැවසිණි.මෙම සිද්ධිය නැවත කැඳවීම මැයි මස 25 දා තෙක් කල් තැබිණි. පොලිස් පරීක්‍ෂක එච්. එච්. සුමනරත්න මහතා පරීක්‍ෂණ මෙහෙයවයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රියැදුරු බලපත් අයැදුම්කරුවන් ව්‍යාජ වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමේ වංචාව මුළුමනින්ම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෛද්‍ය ආයතනයෙන් නිකුත් කරන වෛද්‍ය සහතිකය පමණක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට පියවර ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් එස්. එච්. හරිස්චන්ද්‍ර මහතා “දිනමිණ” ට කීය.පසුගිය සැප්තැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මේ නීතිය පනවා තිබෙන බව කොමසාරිස්වරයා කීය. ඒ අනුව මින් ඉදිරියට බර වාහන හෝ සැහැල්ලු වාහන හෝ සඳහා රියැදුරු බලපත් අයැදුම්කරුවන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල වෛද්‍ය සහතිකය පමණක් ඉදිරිපත් කළ යුතු වෙයි.මේ නිසා එම වෛද්‍ය ආයතනය මෙතෙක් පැවැති සේවා කටයුතු පුළුල් කරමින් වෛද්‍යවරුන් සහ සෙසු කාර්යාල කටයුතු ද වැඩි කැර තිබේ. රට පුරා පිහිටි මෙම ආයතනයේ ශාඛා 18 කින් අයැදුම්කරුවනට එම වෛද්‍ය සහතික ලබාගත හැකි වෙයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රට, ජාතිය හා ආගමේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරන්තරව කටයුතු කරමින් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගිහි පැවිදි සැමගේ ගෞරවාදරයට පත්ව සිටින බව, ඒ මහතාට දේශමාමක ජනප්‍රසාදන ලංකාපුත්‍ර ගෞරව නාමය පිරිනමමින් අස්ගිරි මහනාහිමි උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියෝ පැවසූහ.ගෞරව නාම සන්නස් පත්‍රය පිරිනැමීමේ උත්සවය ඊයේ (3) අස්ගිරි මහ විහාර මංගල උපෝෂතාගාරයේදී පැවැත්විණි. සියම් මහ නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක හිමි ප්‍රමුඛ විංශද් වර්ගික කාරක සංඝ සභාව මඟින් ඒකමතිකව අනුමත කොට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට මේ ගෞරව නාමය පිරිනමනු ලැබූහ.මල්වතු පාර්ශ්වය වෙනුවෙන් එහි අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි, නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත පහමුණේ සුමංගල හිමිවරුද මේ අවස්ථාවට සහභාගීවීම තුළින් මල්වතු මහ විහාර පාර්ශ්වයේ ප්‍රසාදයද මේ ගෞරව නාම පිරිනැමීමට එක්වීම විශේෂත්වයකි.ගෞරව සන්නස් පත්‍රය අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ සභාවට ඉදිරිපත් කළ අතර, මේ අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝසභික හිමිවරු ප්‍රමුඛ සෙසු භික්ෂූන්වහන්සේද, අගමැති දි. මු. ජයරත්න, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති අර්ල් ගුණසේකර, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. බී. ගනේගල, ජාතික ආරක්ෂක මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂ්මන් හුළුගල්ල, රූපවාහිනි සභාපති සරත් කෝන්ගහගේ, ස්වාධීන රූපවාහිනි සභාපති රොස්මන්ඩ් සේනාරත්න, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සීලරත්න සෙනරත් මහත්වරු ඇතුළු කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ උදවියද සහභාගි වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වූ ජනතාවට කඩිනම් සහන ලබාදීම සඳහා සියලු පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු අදාළ අංශ මඟින් සහන සැලසීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක සිදුව ඇති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් වෙත සහන සැළසීම සඳහා කඩිනම් පියවර ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් ලැබී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.අධික වර්ෂාව, ජල ගැල්ම හා නායයෑම් වැනි ස්වභාවික තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාව 6,000ක් පමණ වන අතර මේ වනවිට පුද්ගලයින් 18 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිත හානියට පත්වූවන්ගේ පවුල් වෙත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කනගාටුව පළ කරයි.අවතැන් වූ පවුල් සඳහා පිසූ ආහාර පාන සහ වියළි ආහාර හිඟයකින් තොරව ලබා දීමට කටයුතුකර තිබෙන අතර අවතැන් වූවන් වෙනුවෙන් සහන සැළසීමට යුද හමුදාව සහ ගුවන් හමුදාව සීරුවෙන් තබා තිබේ. මේ අතර එම සහන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ හෙලිකොප්ටර් යානා ද යොදාගෙන ඇත.ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කළ හැකි අතර, අවට මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සිය දරු දෙදෙනාගේ අනාගත වගකීම බාර ගැනීම පිණිස ලේක් හවුස් ආයතනය කැප වී සිටීම පිළිබඳ තමා සදා ණය ගැති වන බව චමිලා ද සිල්වා මහත්මිය පැවැසුවාය.සේවයේ යෙදී සිටියදී හෘදයාබාධයකින් හදිසියේ මියගිය ලේක්හවුස් ආයතනයේ ප්‍රවාහන අංශයේ රියැදුරු ඩබ්ලිව්. යූ. එස්. සිල්වා මහතාගේ බිරිය වන චමිලා ද සිල්වා මහත්මිය එසේ පැවැසුවේ ලේක්හවුස් සේවක පිරිස විසින් එකතු කරන ලද මුදල් ප්‍රදානයක් සහ ත්‍යාග භාණ්ඩ ලේක්හවුස් සභාපති , ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අතින් පසුගියදා (27) ලබාගත් අවස්ථාවේදීය.නිසි ජීවනෝපාය මාර්ගයක් නොමැතිව අවුරුදු 3ක් හා මාස 7 ක් වයසැති දරුවන් දෙදෙනෙකු ජීවත් කරවමින් ඉතා දුෂ්කර දිවියක් ගෙවන චමිලා ද සිල්වා මහත්මිය මෙම මුදල් සහ පරිත්‍යාගයන්ගෙන් මහත් අස්වැසිල්ලක් ලැබුවාය.මෙම අවස්ථාවට එක් වූ ලේක්හවුස් සභාපති බÁදුල පද්මකුමාර මහතා පැවැසුවේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු පිණිස මසකට රුපියල් 2000/- බැගින් ළමා ගිණුම්වල මුදල් තැන්පත් කිරීමට පාලන අධිකාරිය තීරණයක් ගෙන ඇති බවයි.මෙහිදී එම කුඩා දරුවන් සඳහා රුපියල් 25000/- බැගින් රන් කැකුළු ළමා ගිණුම් දෙකක් අරඹා එම ගිණුම් පොත්ද දරු දෙදෙනාට පිළිගැන්වීම සිදු කෙරිණි. මෙම සද්කාර්යයේ සංවිධාන කටයුතු ලේක්හවුස් මෙහෙයුම් හා සුබසාධන කළමනාකරු මහේන්ද්‍ර රුද්‍රිගු මහතා විසින් සිදුකරන ලදී..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මිනිස් කපාලය Human skull Human skulls side simplified Human skull front bones ලතින්(Latin) cranium මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. මිනිස් කපාලය අස්ති 22 යුත් මස්තිස්කය ආවර්නය කරනු ලබන අස්තති පන්ජරයෙ කොටස
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බොක්සිං ක්‍රීඩාවෙන් මේ වසරේ දී ශ්‍රී ලංකාවට පළමු ජාත්‍යන්තර පදක්කම් ද්විත්වය අත්කර දීමට මලිත් ප්‍රභාෂ්වර හා කෝසලා නිල්මිණී සමත්වූහ. රටවල් 16ක සහභාගිත්වයෙන් චීන තායිපේ හී පසුගියදා පැවැති චීන තායිපේ බොක්සිං ශූරතාවලියේ ලෝකඩ පදක්කම් දිනා ගනිමින් ඔවූහූ මේ දස්කම් දැක්වූහ.මේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වැදුණු ප්‍රභාෂ්වර එහිදී තරග වට 3-0කින් මැකාවෝ ක්‍රීඩකයා පරාජයට පත්කළ අතර අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත්වූයේ එම බර පන්තියේ රන් පදක්කම දිනාගත් ඉන්දුනීසියානු ක්‍රීඩකයා හමුවේ ය. ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ප්‍රභාෂ්වර මෙවර චීන තායිපේ බොක්සිං ශූරතාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩකයා ද විය.කාන්තා තරග අංශයේ කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් තරග වැදුණු කෝසලා නිල්මිණී හොංකොං ක්‍රීඩිකාව තරග වට 3-0කින් පරාජයට පත්කිරීමට සමත්වූවාය. අවසන් පූර්ව තරගයේ දී ඇය උතුරු කොරියානු ක්‍රීඩිකාව හමුවේ පරාජයට වූවාය. සිය මංගල ජාත්‍යන්තර පදක්කම දිනූ කෝසලා මාස් සදර්න් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩිකාවකි.මේ අතර කිලෝග්‍රෑම් 51ක බර පන්තියෙන් තරග වැදුණු එරන්දි ද සිල්වා මූලික වටයේ දී ඉන්දුනීසියානු ක්‍රීඩිකාව පරාජයට පත්කළ අතර අර්ධ අවසන් පූර්ව වටයේ දී කොරියානු ක්‍රීඩිකාව හමුවේ පරාජයට පත්වූවාය. සමස්ත තරගාවලියේ ශූරයන් ලෙස තායිලන්තය කුසලානය අත්කර ගත් අතර ඉන්දුනීසියාව දෙවැනි ස්ථානයත්, සත්කාරක චීන තායිපේ තුන්වැනි ස්ථානයත් අත්කර ගත්තේය. ශ්‍රී ලංකාවට 7වැනි ස්ථානය හිමිවිය.ලේට්න් කුසලාන තරගාවලියේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6ක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ පුහුණුකරු ලෙස හර්ෂ කුමාර මහතාත්, ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරු ලෙස චම්පක මාතර ආරච්චි මහතාත් කටයුතු කළ අතර කණ්ඩායමේ කළමනාකරු ලෙස ආධුනික බොක්සිං සංගමයේ හිටපු ලේකම් හේමන්ත වීරසිංහ මහතා කටයුතු කළේය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අතුරුගියේ ඉඳන් මාලඹේ පැත්තට චුට්ට දුරක් එන කොට බක්මීගහ පාර ඇහුවම කවුරුත් දන්නවා. එදා ඉඳලම ඒ පාර අතුරුගිරිය පැත්තේ ජනප්‍රියයි, ප්‍රසිද්ධයි. මෑත කාලේ ඒ පාර ජනප්‍රිය වුණේ නොයෙල්ගේ ගෙදර නිසා.බක්මී ගහ පාරේ හැරිලා පේන දුර ගිය තැන කාගෙන් හරි නොයෙල්ලාගේ ගෙදර ඇහුවොත් නොකිය නොපෙන්වා ඉන්නේ නැහැ. ඒ තරමටම නොයෙල් ජනපි‍්‍රය චරිතයක්. වත්තක් මැද ඉදිවුණු සුන්දර නිහඬ නිසසල, ශාන්ත බව තවරා ගත්තු නොයෙල්ගේ ගෙදරට ගොඩ වෙද්දී උදේ දහය හමාරට විතර ඇති. ගහ කොළවලින් පෙරීගෙන බිමට වැටෙන හිරු කිරණ දැන් ප්‍රචණ්ඩ වෙන්නත් ළඟයි.තේ එකක් බීලම පටන් ගනිමු නේද?ගෙට ගොඩ වුණු ගමන්ම නොයෙල් මහත්තයගෙන් ආරාධනාවක්. අරාධනාව ප්‍රතික්ෂේප කරන්න බැරි නිසා නොවෙයි ගමන් මහන්සිය නිසාම අපි තැන තැන තිබුණු පුටුවලට බර දීලා ඉඳ ගත්තා.‘නොයෙල් මහත්තයා මාර ජනප්‍රියයිනේ . . .කතාව පටන් ගත්තේ මං. මේ නොයෙල් මහත්තයා මං වගේම හැම දෙනාම දන්නවා. තූර්යා ටෙලි නාට්‍යයේ තමයි මේ නොයෙල් ඉන්නේ. මං අද ආවේ තූර්යා දර්ශන තලයට.‘ඔව්, ඔව් නොයෙල් කිව්වම ජනක කිව්වට වඩා දන්න තත්ත්වෙට පත් වෙලයි තියෙන්නේ.’ජනක කුඹුකගේගේ සුන්දර හිනාව ඇවිස්සුණේ මේ කටයුත්තට සුබ මං ලකුණු පහළ කරමින්.තේ වෙලාවට එකතු වුණු හැමෝම විවිධ කතාන්දරවල. ගිහාන් ප්‍රනාන්දු ආවේ ටිකක් පරක්කු වෙලා තේ පෝලිමට.‘අපි ඉතිං සත් ගුණවත්ව හැදෙන කොල්ලොනෙ. ප්ලේන්ටියත් සීනි නැතුවයි බොන්නෙ’ගිහාන් පිරිසට එකතු වුණේ හැමෝටම සිනහවේ පෙර මඟ ලකුණු පහළ කරමින්. ගිහාන්, අපෝන්සු වගේ අය ඉන්න තැනක කොහෙද හිනා නැත්තේ. හැමෝටම කරන කියන හැමදේටම හිනා.‘තරංගයක් ලෙසින් ඇදී . . .’ගිහාන් ගීතයක් පටන් ගත්තේ තරංග කියන කෑල්ලට හඬ මුසු කරමින්. ඒ හඬට තරංග ‘ඇයි’ කියලා ඇහුවේ හැමෝම ආයෙත් හිනාවේ ගිල්වමින්.මේ වගේ පුංචි පුංචි විහිළුවලින් පිරිච්ච තූර්යා තේ පැන් සාදය නිමා වේගෙන එන වෙලාවේ තමයි අධ්‍යක්ෂ රවීන්ද්‍ර විජේරත්න එතනට පැමිණියේ.කට්ටිය කතා ටික ඔක්කොම කිව්වද? අර ඇණ ඇනිච්ච කතාව කිව්වද එරන්ද රවී ඇහුවේ සහාය අධ්‍යක්ෂවරුන්ගෙන්.‘මේ නාට්‍යයේ තියෙනවා අපෝන්සු අයියට මිනී පෙට්ටියක ඇලවෙලා ඉන්න. අපේ කට්ටිය ඔක්කොම දේවල් හදල පෙට්ටිය ගාණට තියලා ඔන්න ෂූට් එකට රෙඩි වුණා. අපෝන්සු අයියත් ඇවිත් පෙට්ටියේ නියමෙට දිගා වුණා.මේ ෂූට් එක බලන්න ගමේ පිරිසකුත් ඇවිත් හිටියා. දැන් ඉතිං වැඩේ පටන් ගත්තා.කැමරා ඔක්කොම රෙඩි කරලා ෂූට් කරන්න ගත්ත විතරයි අපෝන්සු අයියා දඟලන්න පටන් ගත්තා. මිනිය දඟලන කොට බලන් හිටිය මිනිස්සුත් බය වුණා. බලද්දී අපෝන්සු අයියගේ පිටිපස්ස පැත්තේ ඇණයක් ඇනිලා.එරන්ද කතාව නිමා කළේ රවීට කතාවකට ඉඩ සදමින්.‘ඇයි දවසක් අපෝන්සු අයියා මිනී පෙට්ටි කඩේ ගාව උදේම ඉඳන් ඉඳලා. ගමේ ගෑනු බැන බැන යනවලු මිනී පෙට්ටි දැකලා. පස්සේ තමයි ඒ අය දැනගෙන තියෙන්නේ මේක ටෙලි නාට්‍යයකට හැදුව පෙට්ටි කඩයක් කියලා.මෙ වගේ වැඩ අතරේ තූර්යා ගලාගෙන යන්නේ හරිම ලස්සනට. දර්ශශන තලේ හැමෝගෙන්ම තරංගට නං මඩ ප්‍රහාර එමටයි.රම්‍යා වනිගසේකර, ජයසේකර අපෝන්සු, සුනීතා විමලවීර, හෂිනිකා කරලියද්ද, ගිහාන් ප්‍රනාන්දු, ජනක කුඹුකගේ, දීපානි සිල්වා, තරංග දිසානායක, චලනි බාලසූරිය, ජී. ආර්. පෙරේරා, නාමෙල් වීරමුණි, තිසුරි යුවනිකා, ඉරේෂා රණසිංහ වගේම මාධව විජේරත්නත් මේ පිරිස අතරේ ඉන්නේ හරිම සතුටෙන්.කතාවෙන් කතාවෙන් තරංග පිරිසටම පහර දුන්නේ කාටවත් නොපෙනෙන්න.තූර්යා කියන්නේ වෙනස්ම තේමාවකට පෙළ ගැහෙන ලස්සන නාට්‍යක්. මේ නාට්‍ය ඇතුළත තියෙන කණ්ඩායම් හැඟී¼ම වචනවලට පෙරලන්න බැහැ.රවීන්ද්‍ර විජේරත්න හැමෝටම ස්තුති කළේ මමත් එක්ක.ලියන්න පුළුවන් කතාන්දරවලට වඩා ලියන්න බැරි කතාන්දර එමටයි. ‘ගිහාන්ගේ කතා’ කියල පෙතක් ලියන්න කියලා රවීන්ද්‍ර මට කිව්වේ එන්න සූදානම් වෙද්දි. ඒ තරමටම මිහිරි කතා පෙට්ටියක් තමයි ගිහාන්.හැමෝගෙම කැපවීමෙන්, දහදිය මහන්සියෙන් තූර්යා හැදෙන හැටි හරිම අපුූරුයි. මේ ඡායාරූපෙ ඊට සැමට සාක්ෂි සපයාවි.- චතුර ගීතනාත් බණ්ඩාර
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පුනර්කාරී සැලසුම යනු කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක නිශ්පාදනයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා යොදා ගනු ලබන සංකල්පයකි. මෙය බොහෝ විට චක්‍රීය ස්වරූපයක් ගන්නා ක්‍රමවේදයකි.ඒ කෙසේද යත්, විශ්ලේෂණය, අනුරූ සැකසීම, නිර්මාණය, අත්හදා බැලීම, ප්‍රතිඵල විශ්ලේෂණය යන පියවරයන් ගෙන් පටන්ගෙන විශ්ලේෂිත ප්‍රතිඵල අනුව මීලඟ නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම හෝ අවසන් නිශ්පාදනය නිකුත් කිරීමට පලමුව නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට මෙම ක්‍රමවේදය භාවිතා කළ හැකිය. මෙම සංකල්පය ගැන මෘදුකාංග නිශ්පාදන අංශ වැඩි අවධානයක් යොමු කොට ඇත.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කොහොමද කට්ටියට අද කියන්න යන්නේ Chrome Browser සිංහල අකුරු පේන්නේ නැති එක හදාගන්න විදිය ගැන FB Blog මේ ඔක්කොගෙම සිංහල අකුරු වෙනුවට කොටු කොටු වැටෙනවා. අපේ සර් කෙනෙක්ගේ පරිගණකයේ මේ දේ වෙලා මට බලන්න කිවා මටත් එක පාරටම හොයා ගන්න බැරි උනා පස්සේ ඉක්මන් ප්‍රතිකාරය විදිහට Firefox install කරල දීලා අවා. මම ඇවිත් Lap එක දාලා බලද්දී හොදට තිබුන මගේ Lap එකෙත් වැඩේ අවුල් හොයල හොයල අන්තිමේ හොයාගත්තා විසදුම. මේක මම ගත්තෙත් සිංහල වෙබ් සයිට් එකකින් මම Code එක Notepad එකේ save කරල තිබ්බා ඒත් සයිට් එකේ නම හොයාගන්න බැරි උනා. කොහොම හරි මුල් ලිපිය ලියපු කෙනාට ස්තුති වෙනවා.හරි දැන් වැඩේට බහිමු මෙන්න මේ එක එකේ ගහලා Enter Button ඔබන්නchrome://flags/#disable-direct-writeදැන් මේ පහල දාලා තියන පින්තූරෙ වගේ කරන්න දැන් Browser එක Close කරල ආයෙම Open කරගන්න වැඩේ හරි.Enable Chrome sinhala font not showingඑහෙනම් ගිහින් එන්නම් කට්ටියටම ජය වේවා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දොරකඩ මාරාව Dorakada Marawa අධ්‍යක්ෂණය කළේ වසන්ත ඔබේසේකර නිෂ්පාදනය කළේ සරත් අබේසේන නළු නිළියෝ සංගීතා වීරරත්න සනත් ගුණතිලක නිකුතුව 1998 රට ශ්‍රී ලංකාව භාෂාව සිංහල දොරකඩ මාරාව යනු 1998 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ වසන්ත ඔබේසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද, අළුතින් විවාපත් වූ යුවලකගේ මරණයක් ගැන කියැවෙන සිංහල චිත්‍රපටයකි. රංගන ශිල්පීන්[සංස්කරණය] රංගන ශිල්පියා චරිතය සංගීතා වීරරත්න සුභාෂිණී සනත් ගුණතිලක ප්‍රියන්ත මේවාද බලන්න[සංස්කරණය] ශ්‍රී ලංකීය සිනමාව බාහිර සබැඳි[සංස්කරණය] ශ්‍රී ලංකා සිනමා ඩේටාබේස්
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න. ක්‍රිශාන් ඉල්යුම්zසිනොවු Kirsan Nikolayevich Ilyumzhinov Кирса́н Никола́евич Илюмжи́нов 1st කල්මීකියා ජනාධිපති වත්මන් තනතුරුධාරි තනතුර දැරීම 24 October 2004 පූර්වප්‍රාප්තිකයා පෙර නොතිබුනු තනතුරකි පුද්ගලික තොරතුරු උපත අප්‍රේල් 5, 1962 (1962-04-05) (වයස 52) Elista, Kalmyk ASSR, USSR ජාතිකත්වය Kalmyk දේශපාලන පක්ෂය United Russia කලත්‍රයා(යන්) Danar Davashkina වෘත්තිය Businessman ආගම බෞද්ධ Kirsan Nikolayevich Ilyumzhinov (රුසියානු: Кирса́н Никола́евич Илюмжи́нов) (born April 5, 1962, in Elista) is a Kalmyk multi-millionaire businessman and politician. He is the President of the Republic of Kalmykia of the Russian Federation, and has been the President of FIDE (or the "World Chess Federation"), the world's pre-eminent international chess organization, since 1995. He has also been in the forefront of promoting chess in schools in Russia and overseas.[1] He is the founder of Novy Vzglyad Publishing House.[2] Ilyumzhinov has drawn world-wide attention for claiming he has met and travelled with aliens.[3][4] FIDE career[සංස්කරණය] පූර්වප්‍රාප්තික Florencio Campomanes සභාපති FIDE (ලෝක චෙස් පර්ෂදය) 1995–present Incumbent ↑ Perkins, Miki (April 7, 2009). "Russia-bound to make their moves". Melbourne: Theage.com.au. http://www.theage.com.au/national/russiabound-to-make-their-moves-20090406-9uuy.html. Retrieved March 18, 2010. ↑ "Команда «Нового Взгляда»". Newlookmedia.ru. සම්ප්‍රවේශය March 18, 2010. ↑ "Russian president asked to investigate alien claims". BBC News Online (British Broadcasting Corporation). May 5, 2010. http://news.bbc.co.uk/2/hi/europe/8662822.stm. Retrieved May 5, 2010. ↑ Ed Vulliamy (October 29, 2006). "The man who bought chess". Guardian.co.uk (London: Guardian News and Media Limited). http://observer.guardian.co.uk/osm/story/0,,1931027,00.html. Retrieved May 6, 2010.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී හා එස්.එස්.සී කණ්ඩායම් අතර අවසන් මහා තරගය අද ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.උපුල් තරංගගේ නායකත්වයෙන් එන්.සී.සී පිල අවසන් සටනට පිවිසෙන අතර එස්.එස්.සී කණ්ඩායම කෞෂාල් ලොකුආරච්චි මෙහෙයවයි.එන්.සී.සී පිල මෙවර තරගාවලියේ ලකුණු ලබාගැනීමේ පෙරමුණේ පසුව නිරෝෂන් දික්වැල්ල, පස්වැනි ස්ථානයේ පසුවන ඇන්ජලෝ පෙරේරා හා උපුල් තරංග පිතිකරන අංශය ශක්තිමත් කරන අතර පන්දු යැවීමෙන් තෙවැනි ස්ථානයේ පසුවන තරිඳු කෞෂාල් එක්වේ.එස්.එස්.සී පිල අවසන් තරගයට පිවිසෙන්නේ තරගාවලියේ ලකුණුලාභීන් අතර දෙවැනි තැන පසුවු කෞෂාල් සිල්වා හා ප්‍රවීණ පිතිකරු මහේල ජයවර්ධන නොමැතිව වීම එන්.සී.සී පිලට වාසිදායක වනු ඇත. ඔවුන් දෙදෙනා මේ මස 31වැනිදා පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවන ටෙස්ට් තරගාවලියට එක්වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් සිටී.මේ කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරග කළ කණ්ඩායම් දෙකක් වීම විශේෂත්වයකි. මූලික වටයේදී එස්.එස්.සී ලකුණු සටහනේ පෙරමුණේ පසුවු අතර එන්.සී.සී දෙවැනි ස්ථානයේ පසුවිය. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී තරගාවලියේ අපරාජිතයන් වු කෝල්ට්ස් කඩුලු 7කින් පරාජය කරමින් එන්.සී.සී පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.පසුගිය වසරේ ශූරයින් වු රාගම පිල දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුලු 2කින් පරාජය කිරීමට එස්.එස්.සී පිල සමත්විය. එස්.එස්.සී පිල පසුගිය වසරේ අවසන් තරගයේදී රාගම පිල හමුවේ පරාජයට පත්වී අනුශූරතාව හිමිකරගත් කණ්ඩායම විය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මාතලේ සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල මේ මස හෙට (02) පෙරවරු 9.00ට මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මුඛර්ජි පවුලේ සහ දේව්ගන් පවුලේ සියලු විරෝධතා මැද කාජල්ගේ නැගණිය ටනීෂා විවාහවීමට තීරණය කර ඇත.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පිටකොටුවේ මධ්‍යම බස් රථ පොළේ පිහිටි වැසිකිළියට ශරීර කෘත්‍ය කිරීමට ගිය කතරගම සිට පැමිණි ගැමියන් දෙදෙනෙකුගෙන් රුපියල් 30 ක මුදලක් වැසිකිළිගාස්තු වශයෙන් අය කර ගෙන ඇති බව ඔවුහුපැවසූහ. මේ දෙදෙනා කොළඹ මහරෝහලේ රෝගියෙක් බැලීමට ගොස් කතරගමට පැමිණීම සදහා අගහරුවාදා (25) දවල් 11 ට පමණ ශරීර කෘත්‍ය සදහා මෙම වැසිකිළියට ගොස් ඇති අතර එක් අයකුගෙන් රුපියල් 15 බැගින් රුපියල් 30 ක් දෙදෙනාගෙන් අය කර ගෙන ඇත.මෙහිදී එක් පුද්ගලයකු “ඇයි මේ වෙන තැන්වල රුපියල් 10 නෙ අය කරන්නෙ මොකද මෙහෙ විතරක් මෙච්චර වැඩි ගාණක් අයකරන්නේ යයි ඇසූ කල වැසිකිළි භාරකරු වශයෙන් සිටි තරුණයා පවසා ඇත්තේ මේ ලොකු උන්නැහැ තමුසෙලා මේ වැඩේ කරන්නේ නොමිලේ බැද්දට ගිහිල්ල අපිට මේ වැසිකිළි නඩත්තු කරන්න සල්ලි උවමනා බවයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දීර්ඝ කාලයක් පුරා පාකින්සන් රෝගයෙන් පීඩා විඳිමින් සිටින ලෝක බොක්සිං වළල්ලේ හිටපු ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා වන මොහොමඩ් අලිගේ තත්ත්වය දරුණු අතට හැරී ඇතැයි ඔහුගේ සොයුරු රහ්මාන් අලි පවසයි.72 හැවිරිදි වියේ පසුවන මොහොමඩ් අලිගේ ජීවිත කතාව අළලා සැකසුණු 'අයි ඈම් අලි' චිත්‍රපටය මේ වසර අවසානයේ හොලිවුඩ් තිරයේ දිග හැරෙන අතර ඒ සඳහා ඔහුගේ සහභාගීත්වය ද සැක සහිත බව රහ්මාන් අලි වැඩි දුරටත් පවසයි.හිටපු හෙවිවේට් ශූර මොහොමඩ් අලිට මේ වනවිට හරි හැටි කතා බහ කිරීමට පවා අසීරුවී ඇතැයි ද ඔහු අමෙරිකාවේ පළවන 'සන්ඩේ පීපල්' පුවත්පතට ප්‍රකාශ කර සිටී. 'මේ චිත්‍රපටය මගේ සොයුරා ගැන නිර්මාණය වූ හොඳම චිත්‍රපටයයි. ඒත් ඒ ගැන ඔහු සමග කතා බහ කිරීමට තරම් නිරෝගී තත්ත්වයක දැන් ඔහු නෑ. ඔහුට දැන් කතා කිරීමට පවා අපහසුයි. නමුත් අප නිතරම ඔහු වටකර සිටීම ඔහුට විශාල ශක්තියක් බව දැනෙනවා.'රහ්මාන් අලි පවසයි.කතා බහ කිරීමට පවා නොහැකි තත්ත්වයට අලිගේ පාකින්සන් රෝගය දරුණු අතට හැරී තිබේ. ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ 2012 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයටය. මොහොමඩ් අලි පාකින්සන් රෝගයට ගොදුරුවී ඇතැයි මුල්වරට අනාවරණය වූයේ 1984දීය.එදා සිට අද දක්වා එම රෝගය සමග හුදෙකලාව අමෙරිකාවේ ඇරිසෝනා හී තම මන්දිරයට වී කාලය ගත කරන මොහොමඩ් අලිගේ තනියට සිටින්නේ ඔහුගේ සොයුරු රහ්මාන් අලි පමණි. ඔහුගේ දියණිය මරියම් සහ පුතා වන මොහොමඩ් අලි (කනිෂ්ඨ) හැරුණු විට අලිගේ දුක සැප විමසන්නට කිසිවකු නැතැයි රහ්මාන් අලි කියයි.බොක්සිං වළල්ලේ අපරාජිත වීරයා ලෙස කලක් වැජඹුණු මොහොමඩ් අලි පාකින්සන් රෝගය හමුවේ පරාජයට පත්වෙමින් සිටින බවත් මේ වසර අවසානයට පෙර ඔහු ජීවිතයෙන් සමුගනු ඇති බවත් අලිගේ පුතනුවන් මෙන්ම දියණිය ද පවසති.බොක්සිං ක්‍රීඩාවට අමතරව අලි ලොව පුරා ජනාදරයට පත්වූයේ වර්ගවාදයට එරෙහිව හඬක් නැගූ නිසාය. කළු ජාතිකයකු වන මොහොමඩ් අලි ලොව පුරා ජීවත්වන සියලුම කළු ජාතිකයක් වෙනුවෙන් පෙනී සිටි අතර ඔවුන් සඳහා වන සුබසාධන කටයුතු රැසකම නිරතවිය.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මේ වර්ෂයේ ප්‍රථම උල්කාපාත වර්ෂාව හෙට (03) සහ අනිද්දා (04) පෙරවරු 4 ට පමණ ශ්‍රී ලංකාවාසීන්ට දැක ගත හැකි බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.එහි අභ්‍යවකාශ අංශයේ තාරකා විද්‍යාඥ ජනක අඩස්සුරිය මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ නැගෙනහිර අහසේ උතුරට වෙන්නට බූට්ස් (Bootes) නමැති තාරකා මණ්ඩලය නිරීක්ෂණය කිරීමෙන් මේ උල්කාපාත වර්ෂාව දැකගත හැකි බවයි. සෙනසුරු ග්‍රහයාට ආසන්නව එම තාරකා මණ්ඩලය පිහිටා ඇති බව ද ඒ මහතා පැවසීය. පැයකට ග්‍රහක 20 - 30 අතර ප්‍රමාණයක් කඩා වැටෙන බව දැකගත හැකි බව ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පසුගිය වකවානුව තුළ විවිධ ප්‍රදේශයන්හි වෙළෙඳ සැල් හා ගෙවල් බිඳුම් රැසක් සිදු කැර රුපියල් ලක්ෂ දෙසීයක පමණ භාණ්ඩ තොගයක් සොරාගත් බව කියන “හතර දෙනාගේ කල්ලිය” රුපියල් ලක්ෂ සියයක පමණ භාණ්ඩ තොගයක් සමග මධ්‍යම දිසා බුද්ධි හා තොරතුරු ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.කුලී පදනම මත ලබාගන්නා වාහන යොදා අදාළ ස්ථාන පිළිබඳ දිවා කාලයේ ඔත්තු බැලීමෙන් අනතුරුව සැකකරුවන් රාත්‍රියට මෙම ගෙවල් හා වෙළෙඳ සැල් බිඳුම් සිදුකැර ඇත.2007 වසරේ සිට මාවනැල්ල, වරකාපොළ පේරාදෙණිය, නාරම්මල, කටුගස්තොට, මහනුවර, ගලගෙදර ආදී පොලිස් බල ප්‍රදේශ රැසක මෙම ගෙවල් හා වෙළෙඳ සැල් බිඳ භාණ්ඩ සොරා ගැනීම “හතර දෙනාගේ කල්ලිය” මඟින් සිදු කැර ඇති අතර ඉන් සිද්ධීන් 22 ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.මධ්‍යම දිසා බුද්ධි හා තොරතුරු ඒකකයේ පොලිස් කොස්තාපල් ඩී. පී. හේරත් මහතාට ලද බුද්ධි තොරතරු මත පුළුල් පරීක්ෂණ පැවැත්වූ එම ඒකකය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අදාළ භාණ්ඩ තොගය සොයාගෙන ඇත.මෙහිදී සොයාගත් භාණ්ඩ අතර ත්‍රීරෝද රථයක්, යතුරු පැදි 05 ක්, විශාල ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍ර 03ක්, ලැප්ටොප් පරිගණක 13ක්, ගෘහ විදුලි උපකරණ රැසක්, ස්වර්ණාභරණ තොගයක් ඇතුළු භාණ්ඩ තොගයක් සොරාගෙන තිබේ.මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි. එම්. කරුණාරත්න යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත මධ්‍යම දිසා බුද්ධි හා තොරතුරු ඒකකයේ ස්ථානාධිපති ටී. එම්. යූ. තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක එම්. ඒකනායක, පොලිස් සැරයන්වරුන් වන එස්. බී. තෙන්නකෝන්, පී. ජයසූරිය, ඒ. කරුණාරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන හේරත්න ඩී. පී. ෙ;හ්රත්, ඒ. එස්. දසනායක මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙහි පරීක්ෂණ පවත්වති.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කරන විදිය කියන්නම්..දීලා තියෙන ලින්ක් එකෙන් Download කරලා Open උනාට පස්සේඔතන තියෙනවා Change Logon Screen කියලා.. එතන Click කරලා තමන්ට කැමති Wallpaper එකක් දෙන්න......බලන්න වැඩද කියලා...
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
"මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ......" එකල මා අකමැතිම ගායකයෙකුගේ හඬගුවනේ පැතිරී යමින් තිබිණි. පියාගේ මුවින් ඊට සහාය නාදයක්ද ඇඟිලි තුඩින් දණහිස මතතාල ඇල්ලීමක්ද සිදු වූයේ නිරායාසයෙනි. කීර්ති පැස්කුවෙල්, රූකාන්ත හරහා සන්ෆ්ලවර් රැල්ලටයටවුණු ගායකයන්ගේ හඬටද, BnS හා ඉන් පසුව බොරු පොෂ් ගතියක් මවාගනිමින් රොක් හිපොප්රැප් සංගීත රටාවන්ගෙන් දෙසවන පිරෙන දේශීය විදේශීය ගීත, රේඩියෝ චැනලයෙන් කැසට් පීසයටදපසුව පරිගණකය හරහාද රැව් පිළිරැව් දුන්නේ පෙරකී අසහාය ගායකයාගේ හඬට ඇති තැන අවමකරමිනි. මෙකල ගීතයේ කොටසින් කොටස පටිගත කලද හරියාකාරව ගායනා කරගැනීමට නොහැකි ගායකයින් සිටිද්දී කිසිම පෙරහුරුවකින් තොරව පළමු වතාවෙන්ම නව ගීතයක්පටිගත කිරීම සඳහා හඬ දායකත්වය ලබා දුන් ගායකයාගේ පුරාජේරුව පවසන තාත්තාගේ හඬ ඒකනින් ඇතුල්ව මේ කනින් පිටව ගියේ ඔළු ගෙඩියේ ඇති පුස්ස මොනවට පෙන්වමින්.ගී හඬ නැවතත් පැතිරෙයි...."මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ......" දෑස පියා ගතිමි... සිහි වනුයේ ඒ රුවයි. නැවතත්.. නැවතනැවතත් ගී හඬ දෝංකාර දෙයි. සිහි වනුයේ ඇයගේ හඬයි."මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ......" දෙසවන පිරී යන්නේ ගී හඬින්ද ඇගේ හඬින්ද යන්න කිසිවිටෙකත් නොහැඟෙයි. පියා ගත් දෑසින් යුතු වත කමලෙහි මද සිනාවක් පිරී යන්නේආඩම්බරයෙනි."ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ..." ලෝකයම පරදා ඇය උරුම කරගත් ආඩම්බරය..... ඒ හා පල නොකෙරෙනතරවටුව..."මිහි බට දෙවඟන ඇවිදින තාලෙට ඔහොමද ඇවිදින්නේ...." කවුරුවත් දකීදෝ’යි නැගෙන නෝක්කාඩු සිත යටින් මගේ කර ගත්ඇගේ ලාලිත්‍යය, ආඩම්බරයෙන් කාට හෝ පෙන්වීමේ උවමනාව..."ලා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නලවන්නේ...." ලොවක් දිනූ පෙම්වතෙකුගේ හඬින් මිමිණෙන පද වැල..... එදා නොරිස්සූ හඬ සමඟ මෙකල දැහැන් ගතවූ අපූරුව...... පලා ගිය නිදිදෙව් දුව වෙනුවට තුරුලට පැමිණි ඇය.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් බිහි කිරීම ඉලන්ෙෙග තමිල් අරසු කච්චි (අයි.ටී.ඒ.කේ.) දේශපාලන පක්ෂයේ ප්‍රධාන අරමුණක් බවත් එම පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධනයේ 4 සහ 5 වැනි ව්‍යවස්ථාවන්ට යටත් වන දේශපාලන පක්ෂයක් බවත් ප්‍රකාශ කරන්නැයි ඉල්ලමින් කැලණිය, පොල්හේනේ පදිංචි එච්.කේ.ඩී.චන්ද්‍රසෝම මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගියදා විශේෂ පෙත්සමක් ගොනු කළේය.ලියාපදිංචි ඕනෑම දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් බිහි කිරීම එහි එක් අරමුණක් ලෙස සලකන්නේ නම් එම පක්ෂයේ ලේකම්වරයාට හෝ වෙනත් බලධාරින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධනයේ 4 වැනි ව්‍යවස්ථාව අනුව නිතීමය ප්‍රතිපාදන පවතින බව පෙත්සම්කරු සඳහන් කරයි..අයි.ටී.ඒ.කේ. පක්ෂයේ ලේකම් මාවෙයි සේනාධිරාජා ,මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්වරුන් සහ නීතීපතිවරයා වගඋත්තරකරුවන් කරමින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීම ඔවුන‍්ගේ අරමුණක් බව අයි.ටී.ඒ.කේ. පක්ෂ ව්‍යවස්ථාවේ පැහැදිලිවම දක්වා ඇති බවත් පක්ෂයට නීතිමය පිළිගැනීමක් ලබා දෙන ලියවිල්ල පක්ෂ ව්‍යවස්ථාව බවත් පෙත්සම්කරු සඳහන් කරයි.එම පක්ෂයේ ව්‍යවස්ථාවේ පිටපතක් මැතිවරණ කොමසාරිස්වරයාටත් ලබා දී ඇතැයි සඳහන් කරන පෙත්සම්කරු දෙමළ කතා කරන ජනතාව වෙනුවෙන් ස්වයං තීරණ ගැනීමේ අයිතිය ඇති දේශපාලන,ආර්ථික,සංස්කෘතික වශයෙන් නිදහස් රාජ්‍යයක් බිහි කිරීම පක්ෂයේ අරමුණක් බව එම පක්ෂ ව්‍යවස්ථාවේ සඳහන් වන බව පවසයි.ජාත්‍යන්තර නිතීයේ සංකල්පය අනුව ස්වයං තිරණ ගැනීමේ අයිතිය යනු පුද්ගලයන් සිය දේශපාලන තත්ත්වය ආර්ථික ,සමාජයිය ,සංස්කෘතික සංවර්ධනයක් ඔවුන්ට සුදුසු යැයි සිතෙන ලෙස සාක්ෂාත් කර ගැනීම බවද පෙත්සම්කරු සඳහන් කරයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය නිවැරදිව ප්‍රවර්ගකරණය කර නැත. විෂයය පිලිබඳව ඔබ දැනුවත්නම් කරුණාකර ප්‍රවර්ගකරණයට දායකවන්න. මෙම රාජවංශයෙන් නිර්මාණය කරන ලද්දේ ඊට පෙර පැවති ශිෂුනාග රාජවංශයට අයත් රජෙකු වු මහානන්දින් රජුගේ අනියම් පුත්‍රයෙකු විසිනි. ඔහු මහා පද්ම නන්ද වු නම් වු අතර මෙම රාජ වංශයේ වසර 100 ක පාලන කාලයෙන් වැඩි කොටසක් ඔහු විසින් පාලනය කරන ලදී. ඔහු මිය යන විට වයස අවුරුදු 88 ක් විය. නන්ද රාජ වංශයේ අවසානයත් සමග මෞර්ය රාජවංශය ආරම්භ විය. මෞර්ය රාජවංශය මෙහි දැක්වෙන්නේ මෞර්ය රාජවංශය එහි උච්චතම අවධියේ පැතිරි තිබු ආකාරයයි. ක්‍රි.පු. 321 දී පිටුවහල් කරන ලද හමුදා ජනරල් වරයෙකු වු චන්ද්‍රගුප්ත මෞර්ය විසින් මෞර්ය රාජ වංශය ආරම්භ කරන ලද අතර ඔහු විසින් එවකට පාලකයාව සිටි නන්ද රාජ වංශික දාන නන්ද රජු සිහසුනෙන් පහ කොට මෞර්ය අධිරාජ්‍ය ආරම්භ කළේය. මෙම කාලය තුළදී ඉන්දියා උප මහද්වීපයෙන් වැඩි කොටසක් පළමුවරට තනි රාජ්‍යයක පාලනයට නතුවිය. මේ අතර පර්සියානු සහ ග්‍රීක බලපෑම් හේතුවෙන් උතුරු ඉන්දියාව අස්ථාවරවීම තම වාසියට හරවා ගත් චන්ද්‍ර ගුප්ත තම පාලන සමය තුළ දී මෞර්ය අධිරාජ‍්‍යයේ දේශ සීමාවන් පර්සියාව සහ මධ්‍යම ආසියාව දක්වා ව්‍යාප්ත කිරීමට සමත්විය. මේ ඔස්සේ ඔහු ඉන්දියානු උප මහද්වීපයෙන් වැඩි කොටසක් ද ගන්ධාරා ප්‍රදේශය ද තම පාලනයට නතු කර ගැනීමට සමත්විය. චන්ද්‍ර ගුප්තට පසුව ඔහුගේ පුත් බින්දුසාර සිහසුනට පත්වු අතර ඔහු තම රාජධානිය වර්ථමාන ඉන්දියාවේ බහුතර ප්‍රදේශයක් ආවරණය වන සේ පැතිරවීමට සමත් වු අතර ඔහුට තම රාජධානියට ඇදාගත නොහැකි වූයේ වර්තමාන ඉන්දියාවේ වඩාත්ම දකුණින් සහ නැගෙනහිරින් පිහිටි ප්‍රදේශ පමණි. මෙහි දැක්වෙන්නේ එහි උපරිම තත්ත්වයේදී නන්දා අධිරාජ්‍යයේ පැතිරීමයි. මූලාශ්‍ර[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Magadha#Nanda_dynasty
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඇගේ නම චතුරිකා. නර්තනය, රංගනය වගේම නිරූපණ ක්ෂේත්‍රයටත් ඈ උපන් හපනියක්. ගම්පහබණ්ඩාරනායක පරාක්‍රම විද්‍යාලයෙන් බිහි කළ මේ රුවැත්තිය සැබෑම වාසනාවන්තියක්.පිල් විදහා රඟන මොනරියකගේ මනරම් නැටුම් පාන ඈ රංගනයට දක්වන ලැදියාව වචනයට පෙරළන්නට අමාරුයි.පුංචිම කාලේ ඉඳන් ඇයට උවමනා වෙලා තිබුණේ නර්තන ශිල්පිනියක් වෙන්න. කණ්ණාඩිය ඉදිරිපස කාටත් නොතේරෙන සේ පෑ රැගුම් ඈ ප්‍රසිද්ධියට පත් කරන්නේ සිරස නාලිකාවේ නේත්‍රා, දෙරණ නාලිකාවේ සිටි ඔෆ් ඩාන්ස්, ස්වර්ණවාහිනියේ මෙගා ස්ටාර් හරහා.මේ දවස්වල ඈ රිදී තිරයේත් අපට හමු වෙනවා. ඒ සුපර් සික්ස් චිත්‍රපටයේ නර්තන ශිල්පිනියක් විදියට. නර්තනයෙන් එහාට ගියාම චතුරිකා දේදුන්නෙන් එහා, අළුපාට හීන වැහි පබළු සේල වගේ ටෙලි නාට්‍යවලත් අපට හුරුයි. පුරුදුයි. ටෙලි නාට්‍ය චිත්‍රපටය පමණක් නොවෙයි වේදිකාවේදී ඈ අප හමු වන්නේ ටෙනිසන් කුරේගේ ධ් චථ ඉපඪ ඹ්චදඬච හරහා.විදේශීය නර්තන ප්‍රසංග නිසාම කාර්යබහුල චතුරිකා, අලුත්ම රංග ක්‍රම පිළිබඳ ගවේශණය කරන්නියක ලෙසටත් ප්‍රකටයි.රංගනයෙන්, නර්තනයෙන් වගේම නිරූපණ ක්ෂේත්‍රයේ දිගුª ගමනක් අරඹන්නට සිහින දකින ඇගේ හිත ලොකු බලාපොරොත්තු ගොන්නකින් පිරිල.කලාවේ ඕනෑම අතකින් ඉදිරියට යමින් ප්‍රේක්ෂක සිත් සනසන්නට පෙරුම් පුරන ඈට ඒ ගමන යන්නට ලැබේවා කියල අපිත් ප්‍රාර්ථනා කරන්නේ ඈ සැබෑ දක්ෂියෙක් නිසාමයි.- චන්ද්‍රකාන්ති රත්නායකලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත. අපිට හුරු පුරුදු මේ කියමන වෙනස් කළ ඇය වේදිකාව තිඹිරි ගෙය කර ගනිමින් සිනමාව, පුංචි තිරය තුළ තම හැකියාව විදහා දැක්වූවා පමණක් නොව ලියන්න, කියන්න, නටන්නට, ගයන්නට ද උපන් හපන්කම්වලින් හෙබි අපූරු ශිල්පිනියක්.ඇය රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් දිනාගත් පියසීලි හේමලතා සුරවීරයි.බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා. එක බලාපොරොත්තුවක් නැති වෙලා යනකොට තවත් එකක් එතනට එනවා. මටත් හීනයක් තිබුණා. ඒ හීනේ හැබෑවක් කර ගන්න ගොඩාක් දුක් වින්දා.කවදාවත් මම ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගත්තේ නෑ. මේ ඇය ඇගේ ගමන පැමිණි අයුරුයි. සැබවින්ම ඇගේ ධෛර්ය, ආත්ම විශ්වාසය ඇගේ ගමනට ආශිර්වාදයක් වූවාය.වෙලගෙදර මහ විදුහල් වේදිකාව ඇගේ ආරම්භයයි. එතනින් පටන් ගත් ඈ වේදිකාව, සුබ සහ යස, ස්ත්‍රී, හැංගි මුත්තෝ හැංගියෝ, පැංචා, වීදුරු බිත්ති, මැක්බත්, ගිමන් හල, කඳුළු දියේ මල් පිපිලා යන වේදිකා නාට්‍යවලටද, දෙවෙනි අම්මා, ලක් කුටුම්බය, සසර දුටිමි, වියපත් අඩවිය, ගිරි දෙරණ, තට්ටු ගෙවල්, සංසාරේ පිය සටහන් යන ටෙලි නාට්‍යවලට ද, භව දුක, භව තරණය, ක්ෂේම භූමි යන සිනමා නිර්මාණවලට ද රංගනයෙන් දායක විය.මේ සියලු දෙයින් ලත් අත්දැකීම් මත ඇය 2011 ඔක්තෝබර් මස ‘රඟ සොබා’ නමින් නාරාහේන්පිට චිත්‍රාලේන් පාසලේ ප්‍රසංගයක් පැවැත් වූවාය. අද ඇය තම තනිකම, හුදෙකලාව මකා ගන්නේ කවි නිර්මාණයන්, සුදු පිරියම් කළ බිත්තියේ අදින සිතුවම්වලිනි.කලා ලොව ඇගේ මුළු ජීවිතයමය. ආදරණීය මවගේ චරිතයට ඇය තාමත් ආදරය කරයි. ඉතින් පියසීලි හේමලතා සුරවීර තම ජීවිතයේ ඉදිරිය කැප කරන්නෙත් රංගනයටමයි.- මධුශානි රත්නායක- චන්ද්‍රකාන්තිරත්නායකඇය රෝසි ප්‍රනාන්දුයි.ජය අපටයි සිනමානිර්මාණයට නළු නිළියන් අවශ්‍යයි යනුවෙන් සරසවිය පුවත්පතේ පළ වූ දැන්වීමකට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇය සිනමාවට එක් වූවාය.බම්බලපිටියේ ඉපිද බම්බලපිටිය ශාන්ත මරියා විදුහලෙන් සිප් සතර හැදෑරූ ඇයට පාසල් වේදිකාව නම් නුහුරු නුපුරුදු තැනක් නොවීය.එයින් ලත් අත්දැකීම්, ආභාෂය මත මවගේ විරෝධය මැදම චිත්‍රපට නළු සේන ප්‍රේමබන්දු (ගායක සමන් පුෂ්පවර්ණගේ පියා) බිරිය රාණි ප්‍රේමබන්දු, කඳපොල කුමාරතුංග මහතාට හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙසින් එතුමන්ගේ හිම රාත්‍රිය ටෙලි නාට්‍යයට දායක විය.පසුව පිංකඳ සිමෝනා, ඉක්බිති, දූ දරුවෝ, මනාප ප්‍රේමය, සඳුන්ගිර ඇතුළු ටෙලි නාට්‍ය 25 කට පමණ රංගනයෙන් දායක වී ඇත. දැනට කෝපි කඩේ ටෙලි නාට්‍යයට තම රංගනය මුසු කරයි.චෙරියෝ ඩොක්ටර්, ජය කොතැනද, සොමි බෝයි, සිහින දෙව්දුව, ටාසන් 2, අංගුලිමාල, ගුඩ් බායි ටෝකියෝ, මවුබිමේ වීරයෝ, කිව්වද නහී නොකීවද නහී යන සිනමා නිර්මාණයන්ගෙන් ද, සොල්දර ගෙදර, ඇමතිකම, ඉසුරු සොයා ඇතුළු වේදිකා නාට්‍ය 15 ක පමණ ඇය රඟපෑවාය.වසර 30 ක් පුරාවට ඇගේ ගමනට ශක්තියක් වූ ඇගේ ආදරණීය දෙමාපියන්, සුනිල් සෝම පීරිස්, සුරේෂ් කුමාරසිංහයන්, එරංග සේනාරත්නයන් අද ද ඇය සිහිපත් කරන්නේ සැබෑම කෘතවේදිත්වයකිනි.අපේ වැඩ වෙඩි වගේ, සිනමා නිර්මාණ තුළින් ඉදිරියේදී ඇය ඔබ හමුවට ඒමට නියමිතය.සේයාරූ - ප්‍රසාද් සමරතුංගසටහන –මධුශානි / චන්ද්‍රකාන්තිසේයාරූ - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බලපත්‍ර නොමැතිව නීති විරෝධි ලෙස සෞඛ්‍යයට අහිතකර ඖෂධ තොගයක් අළුත්ගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.මේ අත්අඩංගුවට ගත් ඖෂධ තොගය සමඟ සැකකරුවන් තුන්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලිසිය පවසන අන්දමට කිසිදු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධි අන්දමින් මේ බෙහෙත් ගබඩාව අළුත්ගම දර්ගා නගරය කුරුඳුවත්ත ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.මේ ඖෂධ කළුතර, බේරුවල, අළුත්ගම, ඇල්පිටිය, අම්බලන්ගොඩ, ගාල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ඖෂධ අලෙවිහල්වලට සහ ෆාමසිවලට අලෙවිකර ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.මෙම ඖෂධ ව්‍යාජ ආයතනවලට හා නිල ලාංඡන, නිල මුද්‍රා යොදාගෙන කාලයක් තිස්සේ නීති විරෝධි අන්දමින් අලෙවි කර තිබේ.ළදරු ඖෂධ හා විටමින් විශාල තොගයක් මේ අතර තිබූ බව අළුත්ගම පොලිසිය පවසයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අධ්‍යක්ෂණය:ගැහැනු ළමයි (1978-03-17)ගඟ අද්දර (1980-08-01)යහළු යෙහෙළි (1982-12-24)මායා (1984 -09-28)සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා (1988-02-30)ලොකු දුව (1996-0816)දුවට මවක මිස (1997025-14)සක්මන් මළුව (200311-28)යහළුවෝ (200712-20)වෛෂ්ණාවීසහාය අධ්‍යක්ෂණය:සංදේශය (1960)ද ගෝඩ් කිං (1976)සංස්කරණය:ගම්පෙරළිය (1963),දෙලොවක් අතර (1966),රන් සළු (1967)අක්කර පහ (1970),ගොළු හදවත (1968),දෑස නිසා (1975),ද ගෝඩ් කිං (1976),මඩොල් දූව (1976),අහසින් පොළොවට (1978),වෛෂ්ණාවීසම නිෂ්පාදනය:බැද්දේගම(1981)සංස්කරණය (කෙටි වාර්තා):හෝම් ෆේරාම් ද සී (මුහුදෙන් ගෙදරට) (1962), ෆෝර්ටි ලීග්ස් ෆේරාම් පැරඩයිස් (සුරපුරට හතළිස් ගව්වක් මෙහා) (1970), කැන්ඩි පෙරහැර (නුවර පෙරහැර) (1971)අධ්‍යක්ෂණය (වාර්තා):සැළලිහිණිගම, පමා නොවී එමි අකුරට, නිවසේ හදිසි අනතුරු, වින්කල් පැංචා, සේරිවාණිජ ජාතකය, ඉල්ලීස ජාතකය, සස ජාතකය(ටෙලි නාට්‍ය):අධ්‍යක්ෂණයගැහැනු ළමයිසම අධ්‍යක්ෂණයගොළු හදවත
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මාහේනගම නැණසල 2011-07-22 දින රංජිත් සියඹලාපිටිය ඇමතිවරයා විසින් විවෘත කරණ ලදි. පාඨමාලාවන් හැදැරිමට 50 ට අධික පිරිසක් පඅම්ණේ
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජාතික ඉතිරි කිරීමේ බැංකුව National Savings Bank වර්ගය රාජ්‍ය සංස්ථා ස්ථාපිතය ක්‍රි.ව. 1971 මූලස්ථානය කොළඹ, ශ්‍රී ලංකාව සේවා සරිය ශ්‍රී ලංකාව කර්මාන්තය මූල්‍යමය නිෂ්පාදිතයන් බැංකු, මූල්‍යමය සහ සම්බන්ධිත සේවා වෙබ්අඩවිය nsb.lk ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB), යනු ශ්‍රී ලංකා ඇති ආණ්ඩුවට අයත් ඉතිරිකිරීමේ බැංකුවකි. එය 1971 වර්ෂයේදී අංක.30 ජාතික ඉතිරි කිරීම් බැංකු පනත යටතේ ලංකාව තුල සංසථාපිත කරන ලදී. එසේම 1988 වසරේදී අංක.30 බැංකුකරණ පනත යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව, අවසරලත් විශේෂඥ බැංකුවක් බවට පත් විය. බැංකුව සතුව දිවයින පුරා ශාඛාවන් 227 ක් පමණ පවතියි. ශ්‍රී ලංකා තැපෑලට අයත් තැපැල් කාර්යාල 643 ක් හා උප තැපැල් කාර්යාල 34012 පමණ ප්‍රමාණයක් සම්බන්ධ කරමින්, තැපැල් බැංකු සේවාවක්ද ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් ක්‍රියාවට නංවා තිබෙයි.[1] ආශ්‍රිත[සංස්කරණය] ↑ http://www.nsb.lk/Why_bank_with_us.php බාහිර සබැඳි[සංස්කරණය] වෙබ් අඩවිය
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බැග්ඩැඩ් යයනු ඉරාකයේ අග නගරයයි. එ‍්වාගේම බැග්ඩැඩ් පොදු දේශ සාමිවේය. එයි නාගරික ජනගහනය මිලියන 7 ත් 7.5 ත් අතර වන අතර එය ඉරාකයේ විශාලතම නගරය වන අතර අරාබිකරයේ දෙවන විශාලතම නගරයයි. මෙම නගරය ක්‍රි.ව 8 වන සියවසේ ටිග්‍රිස් නදිය අසබඩ බිහි විය. අබාසිඩ් කැලිපේට් වකවානුවේ බැග්ඩැඩය අරාබියේ හා මුස්ලිම් රටවල කේන්ද්‍රස්ථානය විය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පුදුකුඩිඉරිප්පු සටනේ දී දිවිපිදූ 23 වැනි පාබල හමුදාවේ රණවිරු ධම්මික සේනාරත්න විරුවාගේ බිරිය හා දියණියට හිසට සෙවණක් ලබා දීමට බියගම සමෘද්ධි සමාජ සංවර්ධන අංශය විසින් ගත් මහඟු වෙහෙසට ගෝනවල බතලහේනවත්ත ප්‍රදේශවාසීහු සිය ප්‍රසාදය පළකරති.මේ රණවිරුවාගේ් දේහය තබා ගැනීමට පවා එදා ඔහුගේ බිරියට නිසි ස්ථානයක් නොතිබුණි. අවමංගල්‍ය උත්සවය පැවැති දිනදී ප්‍රතිඥාවක් ලබාදුන් බියගම දිරිය වනිතාවෝ සංවිධානයේ සභාපතිනි තිමල්කා පොත්තේවෙල මහත්මිය සමෘද්ධි සමාජ සංවර්ධන අංශයට මේ බැව් දන්වා ඔවුන්ගේ අනුග්‍රහයෙන් රුපියල් ලක්ෂ 2 1 / 2 ක වියදමින් නව නිවසක් තනා භාර දීම සිදු කෙරිණි.බතලහේනවත්ත ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති නිල්දණ්ඩාහීන්නේ ආරියසිරි හිමියන් විසින් සෙත් පිරිත් සජ්ඣායනා කරද්දී ගෝනවල සමෘද්ධි බැංකු කළමනාකාර එම්. ධර්මදාස මහතා විසින් නව නිවෙස පීත්ත පටියක් කපා විවෘත කරන ලදී.මෙදින පැවැති චාම් උත්සවයට සමෘද්ධි සමාජ සංවර්ධන සහකාර නිෂාන්ත පරණමාන්න, එම්. එම්. එම්. ඉස්මායිල්, ගෝනවල සමෘද්ධි සංවර්ධන නිලධාරීනී චන්ද්‍රලතා දිසානායක සහ ගල්ඒදණ්ඩ ග්‍රාම නිලධාරී විජිත පනාපිටිය මහත්ම මහත්මීහු ද සහභාගී වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ප්‍රීතිරාජ්ගෙන්අලුත් වැඩක්ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක ප්‍රීතිරාජ් වීරරත්න පළමුවරට ටෙලි සිතුවමක් නිෂ්පාදනය කරන්නට සූදානම් වනවා. ඒකේ නම රශ්මි. එය ඔහුගේ අධ්‍යක්ෂණයක් වීම තවත් විශේෂත්වයක්. රශ්මි හි කතාව, දෙබස්, තිර රචනය ද නිම වී ඇත්තේ ප්‍රීතිරාජ්ගේ අතින්මයි. රශ්මි ටෙලි නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂණය බාර දී ඇත්තේ ඔහුගේ පුතු වන ඉරාජ් වීරරත්නට. මේ වන විට එහි තේමා ගීතය ද නිර්මාණය කොට ඇති බව ද ආරංචි වෙනවා.ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්, නොම්මර 17, සූරවීර චණ්ඩියෝ, පුදුමයි ඒත් ඇත්තයි, ප්‍රීතිරාජ් නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයක්.සිංහල සිනමාවට නව පරපුරේ අලුත් අධ්‍යක්ෂවරයකු හඳුන්වා දෙමින් ඉදිරියේ රූගත කිරීමට නියමිත ‘ZOOM’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා පිටකෝට්ටේ ‘සෝලිස්’ උත්සව ශාලාවේදී චාරිත්‍රානුකූල පොල්තෙල් පහන් දල්වා වැඩ ඇරැඹීය. ‘ZOOM’ වූ කලී ත්‍රාසය හා භීතිය කැටි කොට ගත් සිනමාපටයකි. මෙහි අධ්‍යක්ෂවරයා සමීර වක්වැල්ලයි. ධම්මික අබේසේන මෙහි නිෂ්පාදකවරයායි.ආත්ම දෙකක් හා ජීවන රටා දෙකක් අතර දෝලනය වන එක් මනුෂ්‍ය ශරීරයක් හා එහි ශරීරය තුළ විටින් විට ඉස්මතු වන ඉහත කී ආත්ම දෙකෙහිම සතු මනෝභාවයන් මෙම සිනමා කෘතියේ ප්‍රධානතම ප්‍රකාශනයයි.මෙහි තිර රචනය ද අධ්‍යක්ෂවරයා සතුය. ඔහුට අධ්‍යක්ෂණයෙන් සහාය වන්නේ චන්දන ඉරුගල් බණ්ඩාරයි. කැමරා අධ්‍යක්ෂණය උපුල් ප්‍රියනාත්ගෙනි. ‘ZOOM’ හි වේෂ නිරූපණය ප්‍රියන්ත තිලක් රත්නායකගෙනි. මෙහි කලා අධ්‍යක්ෂවරයා චමින්ද උඩගෙදරයි. දීපිකා කලුආරච්චිගේ ගීත රචනාවලට සංගීත නාද රටා මුසු කරන්නේ සංගීත අධ්‍යක්ෂ ගයාන් මංජුල පෙරේරායි. ගීත ගායනයෙන් ‘ZOOM’ චිත්‍රපටයට දායක වන්නේ නෙලූ අධිකාරි, සඳුන් විජේවර්ධන සහ සමීර වක්වැල්ලයි. මෙහි නිෂ්පාදන සම්බන්ධිකරණය දීපිකා කලුආරච්චියි. නිෂ්පාදන කළමනාකරු ලෙසින් කටයුතු කරන්නේ නුවන් සමීර විජේසිංහයි. මහීදි අත්තනායක මෙහි නර්තන අධ්‍යක්ෂවරියයි.ජීවන් කුමාරතුංග, හේමාල් රණසිංහ, ශේෂාද්‍රී ප්‍රියසාද්, ජයලත් මනෝරත්න, ඩිනක්ෂී ප්‍රියසාද්, චමිලා පීරිස්, චමින්ද උඩගෙදර, තිලිණි මහේෂිකා ඇතුළු නළු නිළියන් රැසක් ‘ZOOM’ චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නෝයි.සටහන / සේයාරූ - ටෙනිසන් එදිරිසිංහප්‍රධාන භූමිකාව ගෙනෙන හේමාල්, ශේෂාද්‍රී සහ ඩිනක්ෂීචිත්‍රපටයට සම්බන්ධ වන නළු නිළි සහ කාර්මික ශිල්පීන්ජීවන්, ශ්‍රියන්ත, වීණා, මොරීන්, රංගනයේ - සියලු ළමා චරිත ඕස්ට්‍රේලියාවෙන්මහින්දාගමනය සහ තිරගතවීමට නියමිත සිරි දළදාගමනය යන සිනමාපටයන් අධ්‍යක්ෂණය කළ සනත් අබේසේකරයන් තවත් දැවැන්ත සිනමා කෘතියක මූලික වැඩ කටයුතු ගරුතර සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ගංගාරාම විහාරස්ථානයේ පැවති චාම් මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ කෙරිණ.පුංචි කැංගා ලෙසට නම තබා ඇති එය විනීතා විජයරත්න කුලතුංගගේ කැංගරු හදිය ළමා නවකතාව ඇසුරෙන් නිර්මාණය වන ළමා චිත්‍රපටයකි. පුංචි කැංගා සම්පූර්ණයෙන් රූගත වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේය. වර්තමානයේ එරට ජීවත්වන කපිතාල් අතිල් ගුණසේකර සහ ආචාර්ය තරංගා ගුණසේකර යුවළ පුංචි කැංගා නිෂ්පාදනය කරනු ලබයි.ජීවන් කුමාරතුංග, ශ්‍රියන්ත මෙන්ඩිස්, වීණා ජයකොඩි, අනර්කලී ආකර්ශා, මොරීන් චාරුනී මෙම සිනමාපටයෙහි රංගනය සඳහා මෙරටින් තෝරා ගෙන ඇත. ළමා චරිතයන් නිරූපණය කිරීමට ඇති සියලු ළමෝ ඕස්ට්‍රේලියාවේ වෙසෙන්නෝ වෙති.ප්‍රසන්න ඉත්තෑපාන සහාය අධ්‍යක්ෂණයෙන් ද, අනුර ජයසේකර අංග රචනයෙන් ද, සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂණයෙන් එක්වන මෙහි කැමරාව පී. කේ. ලෙනාඩ් මෙහෙයවයි. ආචාර්ය රෝහණ වීරසිංහ පුංචි කැංගා සංගීතයෙන් ඔපවත් කරයි. බන්දුල නානායක්කාරවසම් ගී පද රචනා කරයි. රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන් දායක වෙයි. මෙහි ග්‍රැෆික් නිර්මාණය නිලාන් කුරේගෙනි.පාර්ලිමේන්තු මන්ත්‍රී, පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ සහ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී සීලරත්න සෙනරත් යන මහත්වරුන් ඇතුළු කලා ලොවේ සහෘදයන් සමඟින් පැවැත් වූ පුංචි කැංගා හි මුහුරත් උළෙලේ අවස්ථා කිහිපයකි මේ.සේයාරූ - නිශ්ශංක විජේරත්නජීවන් කුමාරතුංගයන් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දල්වමින්. අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සීලරත්න සෙනරත් යන මහත්වරු ද සේයාරුවේ වෙති.සනත් සහ නිෂ්පාදකවරුන් දෙපොල අතර ගිවිසුම හුවමාරු වූ මොහොත. අමාත්‍ය බන්දුල, ජීවන්, සහය අධ්‍යක්ෂ ඉත්තෑපාන පසෙකින් සිටිති.පුංචි කැංගා හි පිරිස.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
1846 දෙසැම්බර් හෝ 1847 මුලදි මවුන්ට් හොලිඕක් හීදි (රසායන ආලේපිත තහඩුවක මුද්‍රණය කරන ලද) පින්තූරයකින් ගන්නා ලද්දකි. මෙය ඩිකින්සන්ගේ ළමා වියට වඩා පසු කාලයක යයි විශ්වාස කෙරෙන පින්තූරයකි. එමිලි ඩිකින්සන් (1830.12.10 - 1886.05.15) ඇමෙරිකානු කිවිඳියකි. මැසචුසෙට්හි, ඇම් හර්ට්ස් හි දැඩි සමාජ සම්බන්ධතා සහිත සාර්ථක පවුලක දැරියක වූ ඇය විරාගි හුදෙකලා ජීවිතයක් ගත කළාය. තරුණ කාලයේ අවුරුදු හතක් ඇම්හර්ස්ට් විද්‍යායතනයේ අධ්‍යාපන ලැබීමෙන් අනතුරුව මවුන්ට්හෝල් යෝක් සෙමනේරියේ සුලු කාලයක් ගත කළාය. අනතුරුව ඇයගේ පවුලේ නිවස වූ හෝම්ස්ටඩ් හි නතර වූවාය. ඇයගේ වැඩිහිටි ජීවිත කාලය පුරාම ඇය ඇම්හර්ට්ස් වලින් පිටතට ගියේ ඉතා කලාතුරකිනි. එසේම නිවසින් ඈතට ගමන් කළේ නැත. ඇයගේ අසල්වාසීන් සහ එම ප්‍රදේශයේ අය ඇය සාමාන්‍ය ලෝකයාගෙන් වෙනස් වූ ගති පැවතුම් ඇති තැනැත්තියක ලෙස සැලකූ අතර ඇය සුදු ඇඳුම් ඇඳීම රුචි කළාය. ඇය අමුත්තන් හමුවීමට කැමැත්තක් නොදැක්වූවාක් මෙන්ම පසු කාලයේ ඇගේ කාමරයෙන් පිටතට හෝ නොගියාය. එබැවින් ඇය මිතුරු සබඳතා පවත්වාගෙන ගියේ ලිපි හුවමාරු කිරීමෙනි. ඩිකින්සන් විශාල කෘතින් ප්‍රමාණයක් කළ කිවිඳියකි. ඇයගේ එක්දහස් අටසීයකට ආසන්න ප්‍රමාණයකින් ඇය ප්‍රකාශයට පත් කළේ දුසිමකට අඩු ප්‍රමාණයකි. ඇය ජීවත්ව සිටියදි ප්‍රකාශයට පත් කළ ඇගේ කෘතින් ප්‍රකාශකයින් විසින් සැළකිය යුතු ප්‍රමාණයකට වෙනස් කරන ලද්දේ එම යුගයේ සම්ප්‍රදායික කවියේ නීති රීති ආරක්ෂා කිරිම සඳහාය. යුගයේ හැටියට ඇගේ කවි සුවිශේෂි විය. ඒවායේ අඩංගු වූයේ කෙටි පදයි. සාමාන්‍යයෙන් මාතෘකාවලින් තොරය එමෙන්ම බොහෝ විට ඇගේ කාව්‍ය රචනා මරණය සහ අමරණීයත්වය කේන්ද්‍ර කොට රචනා විය. ඇය විසින් මිතුරන්ට ලියු ලිපි වලින් මෙම කාරණා ඔවුනට කා වැද්දුවාය. ඇය දැන හඳුනාගෙන සිටි මිතුරන් ඥාතීන් බොහෝ දෙනෙකු ඇයගේ කෘතින් සහ ඇය විසින් කරන ලද රචනා ආදිය ගැන දැන ගෙන සිටින්නට ඇත. එසේ වුවත් 1886 දී ඇගේ මරණයෙන් පසු ඇයගේ සොයුරිය වු ලැවිනියා විසින් ඩිකින්සන්ගේ කෘතින් එකතුව සොයා ගන්නා තෙක් ඇයගේ කෘතින් වල ප්‍රමාණය පිළිබඳ කිසිවෙකු දැන සිටියේ නැත. ඇයගේ ප්‍රථම කවි එකතුව 1890 දී ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇයගේ පෞද්ගලික හිතවතුන් දෙදෙනෙකු වූ තෝම්ස් වෙන්ට්වර්ත් හිගින්සන් සහ මේබල් ලුමිස් ටොඩ් විසිනි. ඔවුන් දෙදෙනාම ඒවා බොහෝ සෙයින් සංස්කරණය කළහ. 1955 වර්ෂයේ දි ප්‍රථම වරට සම්පූර්ණ වූත්, වෙනස් නොකරන ලද්දාවූත් ඇයගේ කවි එකතුවක් පළ විය. එය ද පොයම්ස් ඔෆ් එමිලි ඩිකින්සන් නම් වූ අතර විද්වතෙකු වූ තෝමස් එච්.ජෝන්සන් විසින් ප්‍රකාශයට පත් කරන ලදි. 19 සියවසේ අග සහ 20 සියවසේ මුල ඇයගේ කෘතින් අසතුටු දායක ලෙස විවේචනයට භාජනය වුවද දැනට ඩිකින්සන් සළකනු ලබන්නේ ප්‍රධාන පෙළේ ඇමෙරිකානු කිවිඳියක ලෙසිනි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගොඩක් දවසකින් මුකුත්ම ලියන්න උනේ නම් නෑ.... කලෙකට කලින් නම් ඉතින් සතියකට පොස්ට් දෙක තුනක් වත් ලිවනේ දෑන් මාසෙකට එකක් වත් ලියවෙන්නේ නෑ.. බිසි කියලා කියන්න තරම් වැඩක් කරන්නෙත් නෑනේ... මගේ බ්ලොග් එකේ කාලෙකට කලින් ලියපු පොස්ට් වල තාක්ශනික පැත්ත්ට බර උනු පොස්ට් එහෙමත් තිබුනනේ.. මෙක එහෙම එකක් නම් නෙමේ ගොඩාක් දෙනක් පාවිච්වි කරන එකෙනෙක් හරි නොදන්නවා නම් දැන ගන්න කියලා ලියන්න හිතුන දෙයක්...ගොඩාක් අය මොබයිල් බිල් එකට බර ගානක් යට කරනවනේ.. මමත් එහෙමයි... එත් ගොඩක් අය ගොඩක් කල් ඉදන් වයිබර් පාවිච්චි කරනවා නේද එකට ඉතින් හැබයි සිම්බියන් ෆොන් වල නම් මම හිතන්නේ බැ.. ඈන්ඩ්‍රොයිඩ් වත් ෆොන් එකක් ඔනනේ.... ස්කයිප් පාවිච්චි කරනවනම් අපිට ස්කයිප් අයි ඩි එකකටම ගන්න වෙනවනේ ෆොන් එකට උනත් ඉතින් එක අර ඔප්ශන් ම තියෙන්න ඔනනේ... එත් වයිබර් එහෙම නෑනේ... කෙලින්ම මොබයිල් නම්බර් එකට ගන්න පුලුවන් නිසා එකත් ගොඩාක් වටිනවනේ.. මෙ මොන කතා කිවත් බ්ලොගර්ස්ලා ගොඩාක් දෙනෙක් දෑනටමත් වයිබර් පාවිච්චි කරනවා කියලා මම දන්නවා... එහෙම අය මුට පිස්සු ඔවා අපි දන්නේ කොයි තරම් කාලෙක ඉදන්ඩ කියලා නොකියා තවත් එක්තරා බ්ලොග් පොස්ට් එකක් කියලා නොසලකා ඉන්නකො...සාමන්යෙන් වයිබර් තහනමක් මම දන්න විදිහට සයිප්‍රස් වල නම් තියනවා මොකද ලොකල් කොල් වලටත් ගොඩාක් දෙනා වයිබර් පාවිච්චි කරලා දුරකතන සමාගම් වලට පාඩු වෙන නිසා.. ලන්කාවෙත් දවසක එහෙම වෙවිද නම් දන්නේ නෑ.. එත් එතකන් මෙක පාවිච්චි කරන්න පුලුවන්නේ... තාම ඉතින් අයි ඩි ඩි කොල් වලට අවුල් කියලා ස්කයිප් වලට තහනමක් දාලා නෑනේ..වයිබර් විඩියො කොල් පහසුකමක් තියනවා උනාට තාම නම් මට එක කරගන්න විදිහ හොයා ගන්න බැරි උනා.. එත් වොයිස් කොල් වලට නම් මම ගොඩාක් වෙලාවට වයිබර් පාවිච්චි කරනවා එකට හොදම දේ තමා වයිබර් මොබයිල් එකට ඉන්ස්ටොල් කරගෙන පස්සේ එ ගමන්ම ලැප් එකටත් ඉන්ස්ටොල් කර ගන්න එක..එකෙන් ඈත්තටම මොබයිල් එකකට කොල් ගන්න එ වගෙම හරිම ලෙසියෙන් ටෙක්ස්ට් කරන්න ෆොටො ශෙයා කරන්න විඩියො ශෙයා කරන්න හරිම ලෙසියි..තවත් එක වාසියක් තියනවා තාම සමහරු ඉන්නවනේ ඇන්ඩ්‍රොයිඩ් වගේ ෆොන් එකක් නැති අය ඒ අය කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයයි... ලැප් එකට වයිබර් සොෆ්ට් එක ඉන්ස්ටොල්ඩ් කරගන්න... යාලුවෙකුගේ වයිබර් තියන ෆොන් එකට ඔයාගෙ සිම් එකක් දාලා එකෙන් වයිබර් ලොග් වෙන්න... ලොග් වෙලා ලැප් එකෙ ඔයගෙ වයිබර් නම්බර් එක විදිහට එක දෙන්න එතකොට එවන කොඩ් එක ලැප් එකෙන් දිලා එක කන්ෆම් කරගන්න දැන් ඉතින් සිම් එක ගලවගෙන යාලුවට ෆොන් එක දෙන්නඔයාටත් ඔයාගෙ ඔනාම වයිබර් ඉන්න යාලුවෙකුට නොමිලේ කොල් කරන්න ටෙක්ස්ට් කරන්න පුලුවන් එතකොට... සරලයි පහසුයි..මෙකට ඩෙටා වියදම් වෙනවා තමා එත් ඉතින් අපි මොබයිල් එකට වියදම් කරන එකෙන් දහයෙන් එකක්වත් එකට නම් යන්නේ නැ එ නිසා පාඩුවක් නැ ට්‍රයි කරලම බලන්න...මෙතනින් යන්න වයිබර් අඩවියට* කොල් කරන අය ඉතින් දැන් කොල් කරන්නකො වයිබර් වලින්ම *.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය United Nations Security Council(ඉංග්‍රීසි) مجلس أمن الأمم المتحدة (Arabic) 联合国安全理事会 (Chinese) Conseil de sécurité des Nations unies (French) Совет Безопасности Организации Объединённых Наций (රුසියානු) Consejo de Seguridad de las Naciones Unidas (Spanish) නිව්යෝක් හී එජා ආරක්ෂක මණ්ඩල සභා ශාලාව, නෝවීජියානු මැදිරිය ලෙසද හැඳින්වේ සංවිධාන වර්ගය ප්‍රධාන සංවිධානය ප්‍රධානියා එක්සත් ජනපද (දෙසැම්බර 2010 සඳහා) තත්ත්වය සක්‍රීය පිහිටුවීම 1946 වෙබ්අඩවිය www.un.org/sc එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (එජආම) යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංග සයෙන් එකක් වන අතර එයට පැවරී ඇත්තේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යෑමය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි සටහන් කොට දක්වා ඇති පරිදී , එහි බලතල අතර සාමය පවත්වා ගෙන යෑමෙහි ක්‍රියාන්විතයන් සංස්ථාපනය කිරීම, ජාත්‍යන්තර සම්බාධක පැනවීම, සහ හමුදාමය ක්‍රියාමාර්ග සඳහා බලය ලබා දීම යන දේ වෙයි. එහි බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා ඔස්සේය. ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජීකයන් 15 දෙනෙකු සිටිති. දෙවන ලෝක යුද්ධයෙහි ජයග්‍රාහකයන්වී මහා බලවතුන් වීම මත පදනම්ව නිෂේධ-බලය-හිමි ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකුද —චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය, සහ එක්සත් ජනපද— මෙයට ඇතුලත් වෙති. [1] ස්ථීර-නොවන සාමාජීකයෝ 10 දෙනෙකුද සිටින අතර, සැම වසරකදීම ඔවුන්ගෙන් පස්දෙනෙකු තෝරාපත් කර ගනු ගබන්නේ වසර දෙකක සේවා කාලයකටය. මෙම මූලික ව්‍යුහය එජා ප්‍රඥප්තියෙහි පස් වන පරිච්ඡේදයෙහි දක්වා ඇත. වර්තමාන ස්ථීර -නොවන සාමාජීකයන් වන්නේ ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, චෑඩ්, චිලි, ලක්සම්බර්ග්, ජෝර්දානය, ලිතුවේනියාව, රුවන්ඩා, දකුණු කොරියාව, සහ නයිජීරියාව යන රටවල් වෙති. ආශ්‍රිත[සංස්කරණය] ↑ දි යූඑන් සෙකියුරිටි කවුන්සිල්, http://www.unfoundation.org/what-we-do/issues/united-nations/the-un-security-council.html, retrieved 15 මැයි 2012
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
– Hebrews 4:9-10.

ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ගොඩක් දවසකින් තමා බ්ලොග් එක අප්ඩේට් කරන්නේ.. ඔන්න එහෙනම් මුලින්ම වැදගත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා... Facebook Page වල ඇඩ්මින් අයට නම් මේක ගොඩක් වැදගත් වේවි..Facebook Page වල Likes වැඩි කරගන්නත් තමන්ගේ ගිණුමේ ඉන්න හැමෝටම invite කරන්නත් ලේසිම හා ඉක්මන්ම ක්‍රමය තමා මේ.. කොහොමද කරන්නේ කියල බලන්නකෝ...එකටම තමන්ගේ Facebook Page ගිණුමට යන්න.. ඊට පස්සේ උඩම තියෙනේ Invite Friends තෝරාගන්න.ඊට පස්සේ එන ලිස්ට් එකෙන් යටටම Scroll කරගන්න.ඊට පස්සේ මවුස් එකෙන් Inspect Elements තෝරාගන්න.ඉන් පසු එන වින්ඩොව් එකෙන් Console තෝරාගන්න..ඊට පස්සේ මේ කෝඩ් එක කොපි කරලා එකට පේස්ට් කරලා Enter බටන් එක ඔබන්න..var _0x63e0=["\x6C\x3A\x32\x20\x33\x3D\x30\x3B\x32\x20\x31\x3D\x6D\x2E\x63\x28\x27\x68\x20\x6B\x27\x29\x3B\x34\x28\x32\x20\x69\x3D\x30\x3B\x69\x3C\x31\x2E\x6F\x3B\x69\x2B\x2B\x29\x7B\x31\x5B\x69\x5D\x2E\x61\x28\x29\x3B\x33\x2B\x2B\x7D\x62\x28\x22\x39\x20\x64\x20\x65\x20\x22\x2B\x33\x2B\x22\x20\x66\x20\x67\x20\x5C\x6E\x20\x6A\x20\x36\x3A\x2F\x2F\x37\x2E\x38\x2F\x31\x2E\x35\x20\x5C\x6E\x20\x34\x20\x70\x22\x29\x3B\x71\x2E\x72\x2E\x73\x3D\x22\x36\x3A\x2F\x2F\x37\x2E\x38\x2F\x31\x2E\x35\x22\x3B","\x7C","\x73\x70\x6C\x69\x74","\x7C\x6B\x68\x61\x6C\x69\x6C\x7C\x76\x61\x72\x7C\x6B\x68\x61\x6C\x69\x6C\x73\x68\x72\x65\x61\x74\x65\x68\x7C\x66\x6F\x72\x7C\x73\x68\x72\x7C\x68\x74\x74\x70\x7C\x66\x61\x63\x65\x62\x6F\x6F\x6B\x7C\x63\x6F\x6D\x7C\x59\x6F\x75\x7C\x63\x6C\x69\x63\x6B\x7C\x61\x6C\x65\x72\x74\x7C\x67\x65\x74\x45\x6C\x65\x6D\x65\x6E\x74\x73\x42\x79\x43\x6C\x61\x73\x73\x4E\x61\x6D\x65\x7C\x68\x61\x76\x65\x7C\x49\x6E\x76\x69\x74\x65\x64\x7C\x4F\x66\x7C\x46\x72\x69\x65\x6E\x64\x73\x7C\x75\x69\x42\x75\x74\x74\x6F\x6E\x7C\x7C\x4C\x69\x6B\x65\x7C\x5F\x31\x73\x6D\x7C\x6A\x61\x76\x61\x73\x63\x72\x69\x70\x74\x7C\x64\x6F\x63\x75\x6D\x65\x6E\x74\x7C\x7C\x6C\x65\x6E\x67\x74\x68\x7C\x6D\x6F\x72\x65\x7C\x77\x69\x6E\x64\x6F\x77\x7C\x74\x6F\x70\x7C\x6C\x6F\x63\x61\x74\x69\x6F\x6E","\x72\x65\x70\x6C\x61\x63\x65","","\x5C\x77\x2B","\x5C\x62","\x67"];eval(function (_0x672bx1,_0x672bx2,_0x672bx3,_0x672bx4,_0x672bx5,_0x672bx6){_0x672bx5=function (_0x672bx3){return _0x672bx3._0x63e0[5][_0x63e0[4]](/^/,String)){while(_0x672bx3--){_0x672bx6[_0x672bx5(_0x672bx3)]=_0x672bx4[_0x672bx3]||_0x672bx5(_0x672bx3);} ;_0x672bx4=[function (_0x672bx5){return _0x672bx6[_0x672bx5];} ];_0x672bx5=function (){return _0x63e0[6];} ;_0x672bx3=1;} ;while(_0x672bx3--){if(_0x672bx4[_0x672bx3]){_0x672bx1=_0x672bx1[_0x63e0[4]]( new RegExp(_0x63e0[7]+_0x672bx5(_0x672bx3)+_0x63e0[7],_0x63e0[8]),_0x672bx4[_0x672bx3]);} ;} ;return _0x672bx1;} (_0x63e0[0],29,29,_0x63e0[3][_0x63e0[2]](_0x63e0[1]),0,{})); ඊට පස්සේ වෙන්නේ මේ Script එකෙන් Auto Invite කිරීමයි.. ටික වෙලාවකින් ඔයාගේ අරමුණ ඉටු වේවි..උපුටා ගැනීම - Khalil-Shreateh.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් සියාම් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කැර සිටින උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කළ ඇප අයදුම් පෙත්සම සලකා බැලීම ලබන නොවැම්බර් 07 වැනිදාට කල්තැබූ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා එදිනට වගඋත්තරකරුවනට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කළේය.බස්නාහිර පළාත් උතුරු කොට්ඨාසයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු වූ ලක්මිණ ඉන්දික බමුණුසිංහ හා පොලිස් කොස්තාපල්වරුන් වන රංග දිසානායක, ප්‍රියන්ත සංජීව, ගාමිණී සරච්චන්ද්‍ර යන සැකකරුවනට ඇප නියම කරන ලෙස ඉල්ලමින් ඔවුන්ගේ ඥාතීන් විසින් මෙම ඇප අයදුම් පෙත්සම් කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කැර තිබුණි.නීතිඥ රවින්ද්‍ර ද සිල්වා මහතා මඟින් අධිකරණයට ඉදිරිපත් කැර තිබූ මෙම ඇප අයදුම් පෙත්සම්හි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා හා රහස් පොලිසියේ විශේෂ ඒකකයේ ස්ථානාධිපතිවරයා නම් කොට ඇත. පසුගිය මැයි මස 22 වැනිදා කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් සියාම් මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද බව පෙත්සම් මඟින් පවසා ඇති පෙත්සම්කරුවන් තමනට ඇප නියම කරන ලෙසට ඉල්ලා ඇත.මොහොමඩ් සියාම් මහතා ඝාතන නඩුවේ සිව්වැනි, හත්වැනි, හයවැනි හා පස්වන සැකකරුවන් විසින් මෙම ඇප අයදුම් පෙත්සම කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කැර තිබුණි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගම්පහ දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් සංවර්ධනයට රජය රුපියල් මිලියන් 6,000ක් වෙන්කර ඇති බවත් දිස්ත්‍රික්කයේ මහාමාර්ග 80% ක් කාපට් කර අවසන් කර ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා කීවේය.මහජන බැංකුවේ ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය බැංකු නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ ඵලදායිතා සංවර්ධන වැඩමුළුව අමතමින් දිස්ත්‍රික් ලේකම්වරයා එසේ කීවේය.ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සමඟ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මෙම වැඩමුළුව මෙහෙය වූ අතර ඵලදායිතා කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුරංග ගුණරත්න මහතා සම්පාදනය කළ ‘කයිසෙන් උපාය මාර්ග‘ කෘතිය දිස්ත්‍රික් ලේකම් ජේ’ ජේ. රත්නසිරි මහතා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු විය.තවදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ කීවේය.ගෙවී ගිය වර්ෂයේ ඵලදායිතාව තුළින් ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණ රැසක් ලබා තිබෙනවා. ඒ අතරින් හොඳම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දොම්පේ ප්‍රා:ලේ: කාර්යාලය බවට පත්වුණා. අධ්‍යාපනය තුළින් සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලය, මීගමුව ශාන්ත ආනා විද්‍යාලය ප්‍රථමස්ථානවලට පැමිණියා.ආසියාවේ ආශ්චර්ය ශ්‍රි ලංකාව බවට පත්වනවිට භෞතික සම්පත් පමණක් නොව ඒකපුද්ගල ආදායම 2016 වර්ෂය වන විට ඩොලර් 4,000ක් කිරීම ඉලක්ක වී තිබෙනවා. රාජ්‍ය බැංකු ඒ සඳහා ප්‍රමුඛව දායක විය යුතුයි.දිස්ත්‍රික්කයේ මාතෘ සායන 72 කම අන්තර් ජාතික මට්ටමට දියුණු කිරීමට කටයුතු කරමින් තිබෙනවා. ඉන් 08ක් අවසන් කර තිබෙනවා. ළදරු පාසල් සියල්ල සංවර්ධනය කරනවා. පාසල් සනීපාරක්ෂාවට ලක්ෂ 220 ක් වෙන්කර තිබෙනවා.ලක්ෂ 23ක ජනගහනයක් ගම්පහ දිස්ත්‍රික්කයේ සිටිනවා. එය රටේ ජනගහනයෙන් 10% ක් වෙනවා. රටේ අධ්‍යාපන ලැබූ වැඩි උගතුන් පිරිසක් සිටින්නේ ගම්පහයි. ඵලදායිතා වශයෙන් ඔවුන්ගේ දැනුම රටේ දියුණුවට යොදාගත යුතු වෙනවා. රාජ්‍ය බැංකුවක් වශයෙන් මහජන බැංකුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ඉලක්ක ජයගැනීමට සහාය වෙයි කියා බලාපොරොත්තු වෙනවා.මහජන බැංකුවේ ගම්පහ ප්‍රාදේශීය කළමනාකරු අයි. ඩී. එස්. ඉලුක්කුඹුර, නියෝජ්‍ය කළමනාකරු ඒ. එම්. ජයසේකර ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් ද වැඩමුළුව ඇමතූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය වනාහි Engineering ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. ඉංජිනේරු විද්‍යාවේ දී පරිගණක භාවිතය අභ්‍යවකාශ යානාවක් නැවත ඇතුලුවීමේ දී එය වටා ඉහළ ප්‍රවේශයක් සහිත සුළග හමායන අයුරු පරිගණකයකින් අනුරූපනය කර ඇති අයුරු. නවීන විද්‍යාත්මක හා තාක්ෂණික කටයුතු සදහා පරිගණක හ පරිගණක මෘදුකාංග බෙහෙවින් වැදගත් වේ. ව්‍යාපාර කටයුතු වල දී භාවිතා කරන මෘදුකාංග මෙන්ම ඉංජිනේරු කටයුතු වල දී ද ඒ සඳහාම විශේෂිත වූ පරිගණක ආශ්‍රිත මුලික භෞතික ක්‍රියාවලීන් හි ආකෘතීන් සෑදිය හැකි අතර ඒවා සංඛ්‍යාත්මක ක්‍රම මගින් විසදිය හැකි වේ. ඉතා පහුලව භෘවිතා කරන CAD (Computer - aided design) මෘදුකාංගය ඉංජිනේරුවන් හට ත්‍රිමාණ ආකෘතීන් හා ද්විමාන රූප නිර්මාණය කිරිමට ද තම නිර්මාණයන් හි දළ නිරූපණය සඳහා උපකාරී වේ. CAD මෘදුකාංගය, DMU (Digital mockup) සහ CAE මෘදුකාංග (Finite element method analysis වැනි) ඉංජිනේරුවන් හට තමා නිර්මාණයන් හි ආකෘතීන් ගොඩනගා ඒවා අධ්‍යයනය කිරීමට උපකාරී වේ. මෙහිදී අධික වියදමක් දරමින් හා වැඩි කාලයක් ගත කරමින් භෞතික මුලාකෘතින් සෑදීම අවශ්‍ය නොවේ. මෙමගින් නිෂ්පාදනයන් සහ උපාංග වල ඇති දුර්වලතා නිරීක්ෂණය, යෝග්‍යතාව පරීක්ෂා කිරීම, ඒවා එකට එකතු කිරීම සහ ඒවා අධ්‍යයනය කිරීම සිදු කළ හැක. තවද පද්ධතියක උෂ්ණත්වය, ආතතිය, විද්‍යුත් චුම්බක විමෝචනය, විද්‍යුත් ධාරාවන් හා වෝල්ටීයතාව, ඩිජිටල් ලොජික් ලෙවල්ස්, තරල ප්‍රවාහයන් හා ප්‍රගතිය (kinematics) යන ස්ථිතික හා ගතික ගති ලක්ෂණ ද මෙහි දී අධ්‍යයනය කළ හැක. මෙම තොරතුරු පරිශීලනය හා බෙදා හැරීම සාමාන්‍යයෙන් සංවිධානය කරනු ලබන්නේ නිෂ්පාදන දත්ත කළමණාකරණ (Product data management) මෘදුකාංග මගිනි. ඉංජිනේරු වෘත්තිය සදහා විශේෂ වූ තවත් මෙවලම් අතුරින් කිහිපයක් ලෙස CNC යන්ත්‍ර ආශ්‍රිත පුහුණුව සදහා භාවිතා වන CAM මෘදුකාංගය, නිෂ්පාදන ඉංජිනේරු අංශය සදහා වන නිෂ්පාදන ක්‍රියාවලි කලමණාකරණ (Manufacturing process management) මෘදුකාංගය, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන් සදහා PCB (Printed circuit board) සහ පරිපථ සටහන් සදහා වූ EDA, නඩත්තු කලමණාකරණය සදහා MRO භාවිතය සහ සිවිල් ඉංජිනේරු වෘත්තියේ දී AEC මෘදුකාංගය දැක්විය හැක. මෑත කාලයේ දී නිෂ්පාදනයන්ගේ වර්ධනය සදහා පරිගණක මෘදුකාංග භාවිතය PLM (Product Lifecycle Management) ලෙස හඳුන්වනු ලැබේ.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කන්ද උඩරට ඓතිහාසික රාජධානි සමය පාදක කර ගනිමින් සුදත් රෝහණ නිර්මාණය කරනු ලබන සෙංකඩගල රාජසිංහ සිනමා නිර්මාණයේ රාජසිංහ රජුගේ යොවුන් අවධිය නිරූපණය කිරීම සඳහා නවක ශිල්පියකුව තෝරා ගැනීමට අදහස් කරයි. මෙහි රාජසිංහ රජුගේ චරිතයට බිමල් ජයකොඩි පණ පොවන අතර ඔහුගේ පෙනුමට සමාන වූ වයස අවුරුදු 17 – 19 අතර සිටින යොවුන් රංගන ශිල්පීන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකිය.මෑතකදී ගත් වර්ණ ඡායාරූපයක් ඇතුළත් විස්තර සඳහන් කළ අයැදුම්පතක් සුදත් රෝහණ, අංක DV2/L මැනිංටවුන් මහල් නිවස, වික්ටෝරියා පෙදෙස, කොළඹ 08 ලිපිනයට යොමු කිරීමෙන් මෙහි මූලික පරීක්ෂණයට සහභාගිවීමට පුළුවන.ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගාන් දිවයිනේ (හඩ්ඩුන්මතී අතොළුව) කුරුහින්නා හී බෞද්ධ ස්ථූපය. බටහිර පැත්ත මාලදිවයිනේ බුද්ධාගමෙහි ඉතිහාසය[සංස්කරණය] මාලදිවයිනට බුද්ධාගම පැමිණියේ අශෝක අධිරාජ්‍යයාගේ බුද්ධාගම ප්‍රවර්ධනය කිරීමේ සමයෙහිදී වන අතර මාලදිවයින් ජනතාවගේ ප්‍රමුඛ ආගම ලෙසින් බුද්ධාගම ක්‍රි.ව. 12 වන සියවස වන තුරු පැවතිණි. මාලදිවයිනේ මුල් සංස්කෘතීන්ගේ පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂයන් පිළිබඳ බටහිර ජාතීන්ගේ විමසිල්ල ඇරඹුනේ ලංකා සිවිල් සේවයෙහි බ්‍රිතාන්‍ය කොමසාරිස්වරයෙකු වූ එච්. සී. බී. බෙල් මහතාණන්ගේ කර්තව්‍යයන් හා සමගිනි. නැව් බිඳීමක් නිසාවෙන් 1879දී දිවයිනට පැමිණි බෙල්, පුරාතන බෞද්ධ නෂ්ටාවශේෂ අධ්‍යයනය සඳහා කිහිප වතාවක් යළි පැමිණියේය. බොහෝ අතොළු වල දක්නට ලැබුණු හා මාලදිවයින් ජාතිකයන් විසින් හාවිත්ත හෝ උස්තුබු (මෙම නම් චෛත්‍යය හෝ ස්තූපය යන්නෙන් බිඳී ඇත) (මාලදිවියානු: ހަވިއްތަ) ලෙසින් හැඳින්වුනු පුරාතන ගොඩැලි ඔහුගේ අධ්‍යයනයට පාත්‍ර විය.[1] පුරාතන මාලදිවයින් වැසියන් අනුගමනය කළේ ථේරවාද බුද්ධාගම යැයි බෙල් පැවසුවද, දැනට මාලේ කෞතුගාරයෙහි තැන්පත් කොට ඇති බොහෝ පරිස්ථානීය බෞද්ධ පුරාවිද්‍යාත්මක නටබුන් දක්වා සිටින්නේ ඇත්ත වශයෙන්ම මහායාන සහ වජ්රායාන රූපවේදයන් වෙති.[2] ආශ්‍රිත[සංස්කරණය] ↑ HCP Bell, The Máldive Islands: An account of the Physical Features, History, Inhabitants, Productions and Trade. Colombo 1883 ↑ Xavier Romero-Frias, The Maldive Islanders, A Study of the Popular Culture of an Ancient Ocean Kingdom. ISBN 84-7254-801-5 Windows on Asia - Religion in Maldives Conversion of the Maldives to Islam
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මතුගම මෝල්කාව හරහා කෙළින්කන්ද මාර්ගයේ පාසල් සේවා බස්රථයක් යොදවන්නැයි ප්‍රදේශවාසීහු ඉල්ලති.මතුගම , අගලවත්ත, බෙල්ලන කඹුරාවල ආදි විදුහල් කරා අධ්‍යාපන කටයුතු සඳහා යන මෝල්කාව , කපුගෙදර, පැලෑඳ , කොස්ගුලන කෙළින්කන්ද මේ ආදි ප්‍රදේශ රැසක දැරු දැරියෝ මේ නිසා ගැටලු රැසකට මුහුණ පා සිටිති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නවක වදය ලබාදීම හේතුවෙන් අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය ඊයේ (22) කටයුතු කෙළේ ය.වදහිංසාවන් පැමිණවීම නිසා එම හිමිවරුන්ගේ ආරක්ෂාව උදෙසා විශ්වවිද්‍යාල අංශ ප්‍රධානීන් හා පාලනාධිකාරිය එක්ව මෙම තීරණය ගත් බව අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝ්‍යාධයයන් වහන්සේ වන තුඹුල්ලේ සීලක්ඛන්ද නාහිමි පැවැසූහ.මෙසේ ශිෂ්‍ය භික්ෂූන්ට අමානුෂික වදහිංසා පැමිණවීම නිසා එක් ශිෂ්‍ය භික්ෂුවක් රෝහල් ගත කිරීමට සිදුවූ බවත් පලමුවන වසරේ හිමිවරුන් රැසක් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය හිමිවරුන් තමන්ට ලබාදෙන අමානුෂික වදහිංසා පිළිබඳව ලිඛිතව පැමිණිලිකර ඇති බව ද මහෝපාධයයන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මාතලේ අධ්‍යාපන කලාපීය අන්තර් විද්‍යාලයීය මලල ක්‍රීඩා උළෙලේදී මේ වසරේ සමස්ත බාලක සූරතාව ලකුණු 167 ක් ලැබූ සාන්ත තෝමස් ජාතික පාසලට සහ සමස්ත බාලිකා සූරතාවය ලකුණු 109 ක් ලැබූ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසලට හිමිවූහ. කලාප ක්‍රීඩා ආරම්භයේ සිටම අඛණ්ඩව මේ දක්වාම සමස්ත බාලක සහ බාලිකා මලල ක්‍රීඩා සූරතාවන් සාන්ත තෝමස් සහ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහල් විසින් හිමිකර ගැනීමද විශේෂත්වයෙකි.මෙවර සමස්ත බාලක මලල ක්‍රීඩා අනු සූරතාව ලකුණු 77 ක් ලබමින් කුරීවෙල මහින්ද රාජපක්ෂ නවෝද්‍යා පාසල විසින් ද සමස්ත බාලිකා මලල ක්‍රීඩා අනු සූරතාව ලකුණු 106 ක් ලබමින් ක්‍රිස්තුදේව ජාතික පාසල විසින්ද හිමිකර ගත්හ. මේ තරගාවලියේදී වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලේ වයි.ජී.නදුල දර්ශන (17න් පහළ බාලක මීටර් 110 කඩුලු , තත් : 15.9) සහ දක්ෂතම මලල ක්‍රීඩිකාව ලෙස මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලේ පාරමී රඹුක්වැල්ල (17න් පහළ බාලිකා මීටර් 100,තත්.12.8) සම්මාන ලැබූහ.මෙහිදී සූරතාවන් හිමිකරගත් පාසල් මෙසේ යි.කනිෂ්ඨ බාලක සූරතාව - ක්‍රිස්තුදේව ජාතික පාසල (ලකුණු 21)අනු සූරතාව - සාන්ත තෝමස් ජාතික පාසල (ලකුණු 20)කනිෂ්ඨ බාලිකා සූරතාව - ක්‍රිස්තුදේව ජාතික පාසල (ලකුණු 38)අනු සූරතාව - වීර පරාක්‍රම ම.ම.වි. - යටවත්ත (ලකුණු 14)ජ්‍යෙෂ්ඨ බාලක සූරතාව - සාන්ත තෝමස් ජාතික පාසල (ලකුණු - 147)අනු සූරතාවය - මහින්ද රාජපක්ෂ නවෝද්‍යා පාසල (ලකුණු - 77)ජ්‍යෙෂ්ඨ බාලිකා සූරතාව - ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල (ලකුණු - 96)අනුසූරතාව - මහින්ද රාජපක්ෂ නවෝද්‍යා පාසල (ලකුණු -77)මේ තරගාවලියේ වයස් සීමා යටතේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස සම්මාන ලැබුවෝ මෙසේ යි.11න් පහළ බාලක - පද්මනාදන් සංජීවන්(දුර පැනීම මීටර් 3.36 - පාක්‍ය.වී.11න් පහළ බාලිකා - චමෝදි දිල්රුක්ෂී) (මීටර් 100 තත්: 16.0 - වීර පරාක්‍රම ම.ම.වි. - යටවත්ත)13 න් පහළ බාලක - ඩී.එම්. පුංචිහේවා (දුර පැනීම, මීටර් 4.16 - සාන්ත තෝමස් ජා.පා.)13න් පහළ බාලිකා - සඳමාලී අප්සරා සඳනායක(මීටර් 100, තත්:14.5 - ක්‍රිස්තුදේව ජා.ප.)15 න් පහළ බාලක - කේ.ඩී.එස්.අරවින්ද (මීටර් 100 කඩුලු තත්: 18.9 - සාන්ත තෝමස් ජා.පා.)15 න් පහළ බාලිකා - දිල්රාදිතා මිස්කින් (මීටර් 200, තත්:29.6 - ක්‍රිස්තුදේව ජා.ප.)17න් පහළ බාලක - වයි.ජී.නදුල දර්ශන (මීටර් 110 කඩුලු, තත්: 15.9 - ක්‍රිස්තුදේව ජා.පා.)17න් පහළ බාලිකා - පාරමී රඹුක්වැල්ල (මීටර් 100 තත්: 12.8 - ක්‍රිස්තුදේව ජා.ප.)19න් පහළ බාලක - අයි.යූ.දන්දෙණිය (දුර පැනීම, මීටර් 5.89 - සාන්ත තෝමස් ජා.පා.)19 න් පහළ බාලිකා - ලිලානි උපේක්ෂා කලුධීර (මීටර් 100, තත්14.3 ශ්‍රී සංඝමිත්තා බා.ජා.පා.)21 න් පහළ බාලක - සී.ජී.එස්.ටී.සෙනවිරත්න (තුන් පිම්ම, මීටර් 13.76 - මහින්ද රාජපක්ෂ න.පා.)21 න් පහළ බාලිකා - පුෂ්පිකා දිල්රුක්ෂි විජේසිංහ (මීටර් 800 - වි.2 තත්: 25.3 - ක්‍රිස්තුදේව ජා.ප.).
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කොපර් විසින් පහත දැක්වෙන ස්ථායි ක්ලෝරයිඩ දෙක සාදයි: තොපර්(I) ක්ලෝරයිඩ් (කියුප්‍රස් ක්ලෝරයිඩ්), CuCl, ඛණිජමය නාමය නැන්ටොකයිට්. කොපර්(II) ක්ලෝරයිඩ් (කියුප්‍රික් ක්ලෝරයිඩ්), CuCl2, ඛණිජමය නාමය එරියොචැල්සයිට්. මෙම එක් එක් සංයෝගය පිළිබඳ වඩාත් විස්තර ඉහත සබැඳි පිටු වෙතින් දැක බලා ගත හැකිය. මෙම වක්‍රෝත්තිහරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි ය. යම් අභ්‍යන්තර බැඳියක් ඔබ මෙහි ගෙන ආයේ නම්, අවශ්‍ය ලිපිය වෙත සෘජුව එල්ල වන පරිදි බැඳිය වෙනස් කිරීමට ඔබට අවකාශ ඇත.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන එමින් සිටි ඉන්දියා ජාතිකයෙකු ඊයේ (21) කටුනායක ගුවන්තොටුපලේදී ශ්‍රි ලංකා රේගු නිළධාරින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා මෙම හෙරොයින් තොගය ඊයේ (21) අලුයම 5.00 ට පමණ මෙරටට පැමිණි සැකකරු සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත.මෙම ඉනිදීය ජාතිකයා රැගෙන පැමිණි හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 720 ක් පමණ අත් අඩංගුවට ගත් බව ගුවන්තොටුපල රේගුව සඳහන් කරයි.ගමන්මලු රහිතව පැමිණෙන පර්යන්තයෙන් පිටවීමට උත්සාහ කිරීමේ දී ඇති වු සැකයක් හේතුවෙන් රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සැකකරු පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී ඔහුගේ ගමන් මල්ලේ තිබු මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර සැකකරු මීට පෙර අවස්ථා කිහිපයක දී ද දිවයිනට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇත.සිදුධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රේගුව පරීක්ෂණ සිදුකරයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය හෝ ලිපි කොටස පළමුවන පරාක්‍රමබාහු රජ සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) පරාක්‍රමබාහු පොළොන්නරුවේ තම බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව 1153 සිට මුළු ශ්‍රී ලංකාවම ඉදිරි අවුරුදු තිස් තුනක කාලය මුළුල්ලේ පාලනය කළේය. (චූලවංශයේ පොළොන්නරුව ගැන සඳහන් වී ඇත්තේ පුලත්ති නගර වශයෙනි) මෙම කාලය තුළ ඔහු ආගම නැවත නගා සිටු වීම, ගොඩනැගීම් කර්මාන්ත, හා යුද්ධ යනාදී අංශවල කරන ලද කාර්යයන් කිසිවෙකුගේ මතකයෙන් ගිලිහී නොයයි. වටදාගෙය පරාක්‍රමබාහු රජතුමා දන්ත ධාතුව තැන්පත් කරන ලද විහාරය. වට්ටගාමිණි අභය රජතුමාගේ කාලයේ (ක්‍රි.පූ 104-88-76) ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා එකිනෙකාට විරුද්ධ නිකායන් 3 කට බෙදී සිටියහ. ඒ මහාවිහාරික ථෙරවාදී, අභයගිරි පාර්ශවය සහ දක්ඛිණ විහාර පාර්ශවය වශයෙනි. පරාක්‍රමබාහු රජතුමාගේ එකම අරමුණ වූයේ දුටුගැමුණු රජතුමාගේ කාලයේ පැවතියාක් මෙන් මෙම නිකායන් තුනම ඒකාබද්ධ කිරීමයි. ඒ වන විට භික්ෂු සමාජය බොහෝ සෙයින් දූෂිත වී තිබුණේය. ඇතැම් භික්ෂූහු විවාහ වී දරුවන්ද ලැබ සිටියහ. බොහෝ ක්‍රියාකාරකම්වලදී ලෞකික සැප සම්පත් සොයමින් ඔවුන් කටයුතු කළේ ගිහියන් මෙනි. 1165 දී පමණ භික්ෂු සමාජය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සාකච්ඡා කිරීමට පොළොන්නරුවේදී සමුළුවක් කැඳවන ලදී. මෙයට පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රධාන නියෝජිතයා ලෙස පලපුරුදු මහාතෙර කාශ්‍යප හිමියන් සහභාගී වූහ. ඒ හිමියෝ අති දක්ෂ වූද ත්‍රිපිටකය ගැනද විශේෂයෙන් විනය පිටකය පිළිබඳව ද මනා දැනීමක් ඇතිව සිටියහ. පරාක්‍රම රජුගේ මෙම උත්සාහයට බාධාවන් එල්ල වූයේ අභයගිරි පාර්ශවයෙනි. අභයගිරි පාර්ශවය ඒ වන විට වෛතුල්‍යවාදය නම් ධර්ම විරෝධී ව්‍යාපාරයක් කෙරේ බැඳී සිටියහ. පරාක්‍රමබාහු එම පාර්ශවය වඩාත් දූෂිතව සිටි බැව් තේරුම් ගෙන සිටියේය. මෙම සමුළුවට සහභාගී වනවාට වඩා වෙනත් රටකට යාම මැනවැයි කල්පනා කළ ඇතැම් භික්ෂූහු එසේ කළහ. ඇතැමෙක් සිවුරු හැර ගිහි බවට පත් වූහ. මෙසේ කිරීමට පරාක්‍රමබාහු රජු ඔවුන් උනන්දු කරන්නට ඇතැයි සිතිය හැක. දූෂිතයන්ට තහනම් නියෝග පැනවීම හෝ ශාසනයෙන් නෙරපීමද සැබෑ ධර්මානුකූලව ගත කරන්නන්ට තෑගි දීමෙන් හා ධෛර්ය දීමෙන්ද යනාදී කරුණු මත ශාසනය පිරිසිදු කිරීම රඳා පවතින්නේ යයි ඔහු සිතු බව පෙනේ. අවසානයේ නිකායන්වල නායක හිමිවරුන් වර්ෂයකට වරක් කැඳවා මහවැලි නදී ඉවුරේ මධ්‍යස්ථානයක හිඳුවා ප්‍රගතිය සහ ප්‍රමිතිය විමසා බැලුවේ ප්‍රායෝගික තත්වය පරීක්ෂා කිරීම පිණිසයි. 1157 දී සුගලා දේවිය පරාජය කිරීමෙන් පසු පරාක්‍රමබාහුට දන්ත ධාතුව සහ පාත්‍ර ධාතුව හිමි විය. ඔහු දන්ත ධාතුව මැණිකක් තුළ ඔබ්බවා පොළොන්නරුවේ දළදා මන්දිරයේ වැඩ හිඳුවේය. මෙවැනි ගොඩනැගිලි පරාක්‍රමබාහු යුගයේ අගනා සිහිවටන විය. ඔහු සංඝයා වහන්සේ උදෙසා කළ ගොඩනැගිලි ගැන බොහෝ විස්තර ද ගල් විහාරය වැනි තැන්වල ඔහුගේ අභිප්‍රායයන් සහ වෙනත් සිද්ධීන් පිළිබඳ තොරතුරු ද බොහෝ විට අඩංගු කරමින් චූලවංශය විස්තර දක්වා ඇත.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ ආරවුල් සම්බන්ධව දීර්ඝ ලෙස කරුණු සොයා බලා කායවර්ධන, ජිම්නාස්ටික් හා හෑන්ඩ්බෝල් සංගම් විසුරුවා හැරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එම ක්‍රීඩා සංගම්වලට තාවකාලික අතුරු කමිටු පත් කිරීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ පියවර ගත්තේය.විවිධ අර්බුද හේතුවෙන් කායවර්ධන, ජිම්නාස්ටික් හා හෑන්ඩ්බෝල් යන සංගම් තුනේ නිලවරණ පැවැත්වීමට නොහැකි වු අතර පාර්ශව කිහිපයක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.ඒ අනුව කායවර්ධන අතුරු කමිටුවේ සභාපති ලෙස එම සංගමයේ හිටපු සභාපතිවරයෙකු වු කපිල කුමාර මහතා, ජිම්නාස්ටික් අතුරු කමිටුවේ සභාපති ලෙස සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ අධ්‍යක්ෂ කර්නල් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් අතුරු කමිටුවේ සභාපති ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි.පී.විජේරත්න මහතා පත්කොට ඇත.නම් කරන ලද අතුරු කමිටු සභාපතිවරු හා සාමාජික සාමාජිකාවන් බහුතරය ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්වීම කැපී පෙනේ. මෙම අතුරු කමිටුවලට එලෙස ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් බහුතරය පත්කිරීමට හේතුවී ඇත්තේ ඉතා ඉක්මනින් නිලවරණ පැවැත්වීමේ අවශ්‍යතාව මත යැයි වාර්තා වේ. එමෙන්ම අදාල ක්‍රීඩාවට සම්බන්ධ බොහෝ පිරිස් බලයට පැමිණීම උදෙසා විවිධ ගැටුම් ඇතිකරගෙන තිබීම තවත් හේතුවක් බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.කායවර්ධන සම්මේලන නිලවරණය පැවැත්වීමට නියමිතව තිබියදී අතුරු තහනම් නියෝගයක් මගින් එය වැලක්වු අතර ජිමිනාස්ටික් නිලවරණය ආරම්භ වු අවස්ථාවේ දෙපිරිසක් අතර ගැටුමක් දුරදිග ගොස් ඡන්ද විමසීම කල් දැමිණි. හෑන්ඩ්බෝල් සම්මේලනයේ නිලවරණයද අධිකරණ නියෝගයක් මත අත්හිටුවීමට සිදුවිය.මේ අතර මෝටර් රථ ධාවකයන්ගේ සංගමය, කරාටේ, බැඩ්මින්ටන්, වුෂු, බේස්බෝල්, වෙඩි තැබීම, මේස පන්දු, ටෙනිස් හා ජුඩෝ යන ක්‍රීඩා සංගම්වල නිලවරණ සම්බන්ධයෙන්ද පැමිණිලි ලැබී තිබුණු අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය විසින් එම පැමිණිලි විභාග කිරීමට සය පුද්ගල කමිටුවක් නම් කළාය.එම කමිටු වාර්තාව හා නිර්දේශ පෙරේදා සවස ක්‍රීඩා ඇමැතිවරයාට භාරදී ඇති අතර වුෂු සම්මේලනයට හා මෝටර් රථ ධාවකයන්ගේ සංගමයට එල්ල වු චෝදනා පිළිබඳ තීරණ ගැනීමට ඇමැතිවරයාට භාර කොට ඇත. අනෙක් සංගම්වලට එල්ල වු චෝදනා ඡන්ද විමසීම්වලට අදාල නොවන බව සය පුද්ගල කමිටු වාර්තාව පෙන්වා දී ඇත.ශ්‍රී ලංකා කායවර්ධන අතුරු කමිටුවකේ.එන්.කපිල කුමාර (සභාපති), වෛද්‍ය ධම්මික සේනානායක (ලේකම්), කේ.පද්මසිරි පෙරේරා, ආර්.බී.වික්‍රමසිංහ, පී.එම්.ෆාරීන් (සාමාජිකයන්).ශ්‍රී ලංකා ජිම්නාස්ටික් අතුරු කමිටුවකර්නල් මහින්ද රාජපක්ෂ (සභාපති), ඇන්ටනී ඩයස් (ලේකම්), ශිලා ද සේරම්, අයි.පී.පද්මලතා, අශෝක ජයසුන්දර (සාමාජිකයන්).ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් අතුරු කමිටුවඅයි.පී.විජේරත්න (සභාපති), බී.ඩී.එල්.කුලරත්න (ලේකම්), වෛද්‍ය ශිරෝමි පිලපිටිය, ලක්මිණි සමරසිංහ, ගිහාන් දල්පදාදු (සාමාජිකයන්)..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මේනක රාජපක්ෂ, හිමාලි සයුරංගි, ධනංජය සිරිවර්ධන, නෙහාරා පීරිස්, පුබුදු ගමගේ, උදයන්ති කුලතුංග යන තාරුණ්‍යය නියෝජනය කරනා නළු නිළි පිරිස රංගනයෙන් පුංචි තිරයේදී එකට එක්වන ‘සංසාර සක්මන’ටෙලි සිත්තමේ මුහුරත් උළෙල පසුගියදා නුගේගොඩ සන්හිඳ උත්සව ශාලාවේදී පැවැත්විණ.මෙම ටෙලි සිත්තම අධ්‍යක්ෂණය කරන්නේ ‘ආදරෙයි අහස තරම්’, ‘වසූදා’, ‘සිහින සිතුවම්’ අධ්‍යක්ෂණය කළ මොහොමඩ් සෆ්රාස් වේ. නිෂ්පාදනය ප්ලස් වන් ප්‍රඩක්ෂන්ස් වෙනුවෙන් හෙරල්ඩ් විජේසිංහයි.ඡායාරූපයෙන් දැක් වෙන්නේ ‘සංසාර සක්මන’ ටෙලි සිත්තමට සහභාගි වන නළු නිළි පිරිස ඇතුළු කණ්ඩායමයි.තිලානි / යතේජා
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකයට අනුව ශ්‍රී ලංකාව දකුණු ආසියා කලාපයේ ප්‍රථම ස්ථානයට පත්ව තිබේ. ලෝකයේ රටවල් 105ක් සම්බන්ධකර ගනිමින් මේ දර්ශකය සකස්කර තිබෙන අතර එහි දී ශ්‍රී ලංකාවට 62වැනි ස්ථානය හිමිව තිබේ.ලාභදායී ලෙස ආහාර මිලඳී ගැනීමට ඇති හැකියාව, ආහාර සුලබ වීම ගුණාත්මකබාව ආදී කරුණු සැළකිල්ලට ගෙන මේ ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකය සකස්කර ඇත. එම දර්ශකයට අනුව අමෙරිකා එක්සත් ජනපදය, ඩෙන්මාර්කය, නෝර්වේ, ප්‍රංශය යන රටවල් දර්ශකයේ ඉහළම ස්ථානයට පැමිණ තිබෙන අතර කොංගෝ රාජ්‍යයට හිමිවී ඇත්තේ 105වැනි ස්ථානයයි.සංවර්ධිත රටවල් මෙන්ම ලෝකයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවල් ද සම්බන්ධකර ගනිමින් මේ දර්ශකය සකස්කර තිබෙන අතර ලොව පුරා ආහාර සුරක්ෂිතතාව කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන කරුණු රැසක් ද මෙහි දී සැළකිල්ලට ගෙන තිබේ.ගෝලීය ආහාර සුරක්ෂිතතා දර්ශකයට අනුව ඉන්දියාවට හිමිවී තිබෙන්නේ 66 වැනි ස්ථානයයි. කලාපීය රටවල් අතරේ තෙවැනි තැන හිමි පාකිස්තානයට දර්ශකයේ හිමිව ඇත්තේ 75වැනි ස්ථානයයි. ඊට අමතරව දකුණු ආසියානු කලාපයට අයත් බංග්ලාදේශය දර්ශකයේ 81වැනි ස්ථානයට පැමිණ ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සෙත්ති සිහින බේබිට ගොඩක් ආදරෙයි. ඒ ආදරය නිසාම සෙත්ති සිහිනබේබිගෙන් බැණුම් අහන වාර ගණන කොයි තරම් ද කියලාඔහුම දන්නේ නෑ.‘ඉතිං සෙත්ති’මේ දවස්වල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘රන් සමනලයෝ’ ටෙලි නාට්‍යයේ සෙත්තිත් සමඟ අප කතාබහ ආරම්භ කළා. ඒ දෙමළ ජාතිකයෙක් කැඩිච්ච සිංහලෙන් කතා කරයි කියන සිතිවිල්ලත් පෙරදැරිවයි. මෙන්න සෙත්ති හොඳට සිංහල කතා කරනවා.‘මම මේ ක්ෂේත්‍රයට ඇවිත් මේ ගත වෙන්නේ විසි අට වැනි අවුරුද්ද. ඒ කාලය ඇතුළත මට පුංචි තිරයේදී වැඩිපුරම රඟපාන්න ලැබුණේ දෙමළ සහ මුස්ලිම් චරිතයි. පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් හමුවට මා එන්නේ මේ චරිත ඔස්සේ නිසා ඔවුන් සිතාගෙන ඉන්නේ මම දමිළ ජාතිකයෙක් කියලා. සමහර වෙලාවට මා මුණ ගැසුණොත් ඔවුන් කතා කරන්නේ කැඩිච්ච සිංහලෙන්. මම වචනයක් දෙකක් කතාබහ කළාට පස්සේ තමයි ඔවුන් ඇත්ත දැන ගන්නේ. මගේ ජීවිතයේදී ඒ වගේ අකරතැබ්බයන්ට මුහුණ දුන් අවස්ථාවන් නම් අතේ ඇඟිලි ගණනටත් වැඩියි.’සෙත්ති හෙවත් සජීව මල්මාල ආරච්චි කිව්වා.‘ඒ විතරක් නෙමෙයි, දෙමළ චරිතවලට යම් සාධාරණයක් ඉෂ්ට කරන්නටත් මට පුළුවන් වුණු හේතුවක් තිබෙනවා. පුංචි කාලයේ ඉඳලා මට ඇසුරු කරන්නට ලැබුණේ දෙමළ ජාතික ළමයින්. දෙහිවල ප්‍රදේශයේ ඉපදිලා හැදුණු වැඩුණු මම පාසල් ගියේ දෙහිවල ශාන්ත මරියා විද්‍යාලයටයි. මේ අතර කාලයකදී මට යාපනයට යන්න සිදු වුණ නිසා මගේ ඇසුරට වැටුණේ දෙමළ ළමයින්. ඕලෙවල් කාලයේදී මගේ හොඳම යහළුවා වුණේ පිල්ලේ. මේ නිසා දමිළ භාෂාව මට නුපුරුදු භාෂාවක් නම් නොවෙයි. කුඩා කාලයේ පටන්ම රගංනයට ආරාධනා කළ නිසාම සිනමාව, වේදිකාව, පුංචි තිරයට මම බොහොම ආදරය කළා. මේ වෙනකොට චිත්‍රපට විස්සක පමණ රඟපාලා තිබෙනවා. එක් කාලයකදී වේදිකාව කියන්නේ මගේ ජීවිතය වගේ වුණු මාධ්‍යයක්. ඒනිසාමදෝ 1996 වසරේදී මා අධ්‍යක්ෂණය කළ ‘මායා දොරටුව’ වේදිකා නාට්‍යයට යෞවන සම්මාන උළෙලේදී හොඳම නිළිය, හොඳම පිටපත් රචනය - දෙවන ඇතුළු ජූරියේ කුසලතා සම්මාන පහක් දිනා ගැනීමට හැකි වුණා.’සජීව මල්මාල ආරච්චිට වේදිකාව කොයි තරම් අමතක කළ නොහැකි ද කිව්වොත් පුංචි තිරයේ රඟපෑම අතරතුරදීම අලුත් වේදිකා නාට්‍යයක් කරළියට රැගෙන එන්නට මේ දවස්වල සූදානම් වෙනවා.‘රොම්බ තෑන්ක්ස්’ නමින් යුත් මේ වේදිකා නාට්‍යයේ රොඩ්නි, අදීෂ, නිලංගනී ආදී නළු නිළියන් රැසක් රඟපෑමට නියමිතයි. මේ වෙනකොට සංගීතය, පසුතල ආදී සියලු කටයුතු සම්පූර්ණ කිරීම කරගෙන යනවා. ඊට පසුවයි පුහුණුවීම ආරම්භ කරන්නේ.’2000 වසරේදී ඔහු අධ්‍යක්ෂණය කළ රතු රුවල් නම් පරිවර්තන වේදිකා නාට්‍යයේ රඟපෑ වෙහිබ් නම් අබ්බගාත චරිතය සඳහා ඔහුට ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා. එහෙත් තවමත් තම දක්ෂතා ඉදිරිපත් කිරීමට සුදුසු චරිතයක් ඇති නිර්මාණයක් නොලැබුණු බවයි ඔහු තවදුරටත් පැවසුවේ. මේ නිසා අපූරු සිහිනයක් ඔහුගේ සිත පතුළේ සැඟවිලා.‘මොකක්ද මේ සිහිනය?’‘මගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් චරිතයක් රැගත් සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණය කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ අධ්‍යක්ෂණයට තිබෙන්නා වූ ආශාව නිසා නම් නෙමෙයි. රඟපෑමට වගේම මගේ රංගන දක්ෂතාව පෙන්වීමට ඇති ආශාව නිසයි.’සහය අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදන කළමනාකාරවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් කියන භූමිකාවන් අතර සැරිසැරූ සජීවගේ හද රැඳුණු අලුත්ම සිහිනය මල්ඵල ගැන්වීමට කාලය ඉක්මනින් උදාවේවා.සරසවියේ අපි ඔහුට සුබ පැතුවා.සේයාරූ - ටෙනිසන් එදිරිසිංහතිලානි ශානිකා විතානාච්චි
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සීදූව ලියනගෙමුල්ලේ ලයන් සිටි නිවාස ක්‍රමයේ සිටි ඉන්දියන් ජාතිකයකු සතුව තිබූ රුපියල් එක් ලක්ෂ හැත්තෑ අට දහසක් වටිනා ලැප්ටොප් පරිගණක දෙකක් ඇතුළු උපකරණ කීපයක් කිසියම් අයකු විසින් සොරකම් කිරීමෙන් පසු එම භාණ්ඩ හිමි ඉන්දියන් ජාතිකයා සීදූව පොලිසියට පැමිණිල්ලක් කිරීමෙන් පසු සීදූව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ලියනගේ මහතාගේ උපදෙස් පිට අපරාධ විමර්ශන අංශය විසින් සැකකරු මිනුවන්ගොඩ දී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කරුණු සියල්ල සොයා ගැනිණි.සැකකරුට විරුද්ධව නඩු පවරා මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මීගමුව මහේස්ත්‍රාත් ඊ. එම්. එන්. පී. අමරසිංහ මහතා ඉදිරියේදි සැකකරු වරද පිළිගත්තේය.වරදකරුට මුදලින් රුපියල් 5000ක් හා ලක්ෂ දෙකක ශරීර ඇපමත මුදා හැරිණි.නැවත ලබන වසරේ ජනවාරි 16වැනි දින උසාවියට ඉදිරිපත් වන ලෙස වරදකරුට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය ජල සම්පාදනයලිපියේ ඡේදයක්ව පවතින බැවිනි. නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න. %E0%B6%B8%E0%B7%99%E0%B6%B8+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%5B%5B%E0%B6%A2%E0%B6%BD+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%5D%5D%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A1%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92.NA එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පිටුවෙහි කර්තෘ වෙත සටහන: ඔබ තවමත් ලිපි සාකච්ඡා පිටුව සංස්කරණය කර නොමැත. ඔබ මෙම ඉක්මන් මකාදැමීමට විරුද්ධ වීමට අදහස් කරයි නම්, ඉහත දැක්වෙන බොත්තම එබීමෙන් පසුව මෙම පිටුව මකා නොදැමිය යුත්තේ මක්නිසාදැයි කියා සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තැබීමෙන් අනතුරුව ප්‍රකාශ කරන්න. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ Rmcbanda (දායකත්ව| ලඝු) විසින් 2 වසර ගණනකට පෙර ට පෙරදීය කරුණාකර පහත සැකිල්ල කර්තෘගේ සාකච්ඡා පිටුව මත පිහිටුවීමකට භාජනය කරන්න: {{subst:db-reason-notice|වාරිමාර්ග කටයුතු වල වර්තමාන පැතිරීම|header=1|මෙම ලිපිය ජල සම්පාදනයලිපියේ ඡේදයක්ව පවතින බැවිනි.}} ~~~~ 20 වැනි ශත වර්ෂය වන විට ඩීසල් සහ විදුලි මෝටර් වල පැතිරීමත් සමග පලමු වතාවට භූගත ජලය පොම්ප කිරීමෙන් පොළව මතුපිටට ලබාගැනීම පෙරට වඩා කාර්යක්ෂම අන්දමින් සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස භූගත ජල ප්‍රමාණය විශාල ලෙස අඩුවීම, ජලයේ තත්වය බාල වීම, පොළව ගිලා බැසීම සහ වෙනත් ගැටලු මතු වයි. එමෙන්ම උතුරු චීන තැනිතලාව පන්ජාබ් ප්‍රදේශය සහ එක්සත් ජනපදයේ මහා නැති තලා ප්‍රදේශය වැනි කලාපයන්හි අනාගත ආහාර නිෂ්පානදය තර්ජනයට ලක්විය. වර්ෂ 2000 දී පමණ ලෝක මට්ටමින් වර්ග කිලෝ මීටර් 2788000 (අක්කර මිලියන 689) ක කෘෂි කාර්මික ඉඩම් වලට වාරිමාර්ග පහසුකම් සදහා සුදානම් කළ 68% ක ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේ ආසියාවේ වන අතර 17% ක් ඇමෙරිකාවේ ද, 9% ක් යුරෝපයේද, 5% අප්‍රිකාවේ ද, 1% ඕස්ට්‍රේලියානු කලාපයේද පිහිටා ඇත. මේවා යින්ද ඉතා හොඳින් වාරි පහසුකම් සපයා ඇති ඒකාබද්ධ ප්‍රදේශ වශයෙන් උතුරු ඉන්දියාවේ සහ පකිස්තානයේ ගංඟා සහ ඉන්දු නදී අසබඩ ප්‍රදේශ, චීනයේ හායි හෙ හුආන්ග් හෙ සහ සැංග්සි ද්‍රෝණියේ ප්‍රදේශ, ඊජිප්තුවේ සහ භූතානයේ ගඟබඩ ප්‍රදේශ, මියුරි - මිසිසිපි ගංඟා ද්‍රෝණිය සහ කැලිෆෝනියාවේ සමහර ප්‍රදේශ හඳුනාගෙන ඇත. ලෝකයේ ජන ගහණය වැඩි ප්‍රදේශ සියල්ලේම වාගේ කුඩා වාරිමාර්ග පහසුකම් වලින් යුත් ප්‍රදේශ පැතිරී ඇත. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Irrigation#Present_extent
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
1950 දස්කොන් නාට්‍ය රචනා කරමින් හා නිෂ්පාදනය කරමින් කලා ක්ෂේත්‍රයට පැමිණි ප්‍රේමලාල් චන්ද්‍රසිරි නාට්‍ය රචකයකු, නිෂ්පාදකවරයකු හා නළුවකු ලෙසින් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණියේය. ටවර්හෝල් නාට්‍යවල මුල්පෙළ නියෝජනය කළ ප්‍රේමලාල් සිංහල වේදිකා නාට්‍ය ගණනාවකට සිය කුසලතාවයන් එක්කර ඇත. සුරා සූදු අන්තුවා, කලාකාරයෝ, පුදුම යක්කු, පංච කල්‍යාණි, පිළිගත් වරද ආදී වේදිකා නාට්‍ය රැසකින් ඔහු පේ‍්‍රක්ෂකයන් අතරට එක්විය. වසන්ත කුමාර සමඟ දේව විමුක්ති නාට්‍ය නිර්මාණය කළ ඔහු රුක්මණී දේවි, එඩී ජයමාන්න සමඟ මතභේදය චිත්‍රපටයේ ද රඟපෑවේය.පනහ දශකයේ පටන් හැත්තෑව දශකය තෙක් කලා ලෝකයේ පතාකයන් සමඟ උරෙන් උර ගැටුණු ප්‍රේමලාල් චන්ද්‍රසිරි විශ්ව කළාලය ළමා පදනම හරහා සිය කලා කටයුතු යළිත් අරඹා ඇත.බොහෝ විට කලාකරුවකු මිනිසුන් තුළ රැඳී සිටිනුයේ තම නිර්මාණත් සමඟය. බොහෝ කලක් නිර්මාණයන් ඔහු අතින් නිර්මාණය නොවීම මත ඒ කලාකරුවා මිනිසුන් තුළින් ඈත් වී යයි. එවන් වූ පසුබිමක් තුළ ප්‍රේමලාල් වැනි කලාකරුවන්ට අද කලා ක්ෂේතත්‍රයේ දොරටු විවර වීමද ගැටලු සහගතය. මෙවන් පසුබිමක් තුළ ළමා පරපුර දැනුවත් කිරීමේ එක් පියවරක් ලෙසින් ඔහු විශ්ව කළාලය ළමා පදනම ආරම්භ කොට ඇත. ඒ තුළින් ඔහු ළමා පරපුර සමාජ විරෝධී ක්‍රියාවන්ගෙන් බේරා ගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දියත් කොට ඇත. කලාවට තිබෙන ආදරය නිසාම යම් යම් ශාරීරික අපහසුතා තිබුණ ද ජීවිතයේ ඉදිරි කාලයත් කලාව වෙනුවෙන් කැප කිරීමට ප්‍රේමලාල් චන්ද්‍රසිරි අධිෂ්ඨාන කොට ඇත.නො. 181, ජයගත් මාවත, දළුපිටිය, කඩවත ඔහුගේ ලිපිනයයි.- චන්දනඡායාරූප – මාලන්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් ආරක්ෂා කිරීමට අදාළ සුබසාධන කටයුතු ඉටු කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇමැතිවරුන්ගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.දුකසැප දෙකම ජීවිතයේ දී බලාපොරොත්තු විය යුතු බව බෞද්ධ දර්ශනය තුළ අපිට උගන්වා ඇති බවත් පසුගිය කන්නය තුළ හොඳ අස්වැන්නක් වගේම හොඳ මිලක් අපේ ගොවි නිෂ්පාදනවලට ලැබී තිබෙන බවත් ඇමැතිවරයා කීය.පොළොන්නරුව අලුත් සහල් මංගල්‍යය අති උත්කර්ශවත් ලෙස පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය අසල දී පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.ඇමැතිවරයා එහිදී මෙසේ ද පැවැසුවේය. ඊළගට එන්නේ යල් කන්නය. නමුත් දැනට තිබෙන දැඩි නියඟය සහිත වියළි කාලගුණික තත්ත්වය නිසා යල් කන්නයේ දී ගොවිතැනට අවශ්‍ය ජලය ප‍්‍රමාණවත් නොවිම පිළිබඳ ගැටලුවට පොළොන්නරුව ඇතුළු දිස්ත‍්‍රික්ක කිහිපයක ජනතාව මුහුණ පා සිටිනවා.පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා. එහි ප‍්‍රතිපලයක් විදියට පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා අපහසුතාවයට පත්වන ගොවි ජනතාව රැක ගැනීමේ සුබසාධන වැඩපිළිවෙළක් අරඹන්නට කැබිනට් මණ්ඩලය තීරණය කළා.අලුත් සහල් මංගල්‍යය පැවැත්වීමෙන් අපි බලාපොරොත්තු වන්නේ ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගනිමින් සම්මා සම්බුදුපියාණන්වහන්සේට අලුත් සහල් පුජා කිරීමටයි.අපි අලුත් සහල් පුජා කරන කොට ගොවි මහතෙක් මගේ කණට කොඳුරලා කීවා, ඇමැතිතුමා අපේ ජලාශ ජලයෙන් පිරෙන්න කියලා ප‍්‍රාර්ථනා කරන්න කියලා. මම අද විතරක් නොවෙයි. අවුරුද්දේ දවස් 365 දීම උදේ හවා ත‍්‍රිවිධ රත්නය වඳිනකොට කරන ප‍්‍රාර්ථනාව තමයි භවබෝග සම්පතෙන්, සියලු සම්පතින් පිරුණු සමෘද්ධිමත් රටක් ගොඩනැගෙන්න ඕන කියන එක. අගහිඟකම් දුප්පත්කම් නැති වෙන්න ඕන. සියලු ජනතාවම සමෘද්ධිමත් ජාතියක් වෙන්න ඕන කියන ප‍්‍රාර්ථනාව.නියඟය නිසා වැව්වල ජලය හිඟ වුනාමත් සමහරු ආණ්ඩුවට බැන වදිමින් පෙළපාලි යනවා. වැව්වල ජල හිඟය ඇතිවුනාම ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. ඒක ආණ්ඩුවට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. කාලගුණය හා දේශගුණය අනුව ඇතිවෙන තත්ත්වයක්. ආණ්ඩුවට බැන්නට වහින්නේ නැහැනේ. ඒ නිසා කාලගුණික හා දේශගුනික තත්ත්වයන් අපි සැලකිල්ලට ගන්න ඕනැ.පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වුණා යෝජනා දෙකක්. ජලාශ දෙකක් අලුත්වැඩියා කිරිමට. පවතින නියඟයත් එක්ක ඒ ජලාශ අලුත්වැඩියා කළොත් බරපතල ජලහිඟයකට දිස්ත‍්‍රික්ක කිහිපයක් ලක්වෙනවා. නමුත් ඒ ජලාශ අලුත්වැඩියා කළ යුතුයි. දැන් පවතින්නේ ඊට සුදුසු තත්ත්වයක් නොවෙයි. එම නිසා ඒ යොජනාවට අමාත්‍ය මණ්ඩලයේ විරුද්ධතාව පළ වුණා. අපි සෑම විටම තීරණ ගන්නේ අපේ පැත්තෙන් හිතලා නොවෙයි. ජනතාවගේ පැත්තෙන් හිතලායි.අද අපිට තිබෙන ගැටලුවක් තමයි ජල හිඟයක් තිබෙන විට අතිරේක බෝග වගාවට යොමු නොවීම. තිබෙන ජල ප‍්‍රමාණය අරපරිස්සමින් පාවිච්චි කිරිම සඳහා අතිරේක බෝග වගාවට යොමු වෙනවා නම් වැඩි ආදායමක් ලබන්නත් පුළුවන්.දැන් අපි ත‍්‍රිපෝෂ හදන්න සෝයා බෝංචි හා බඩ ඉරිඟු ගන්නවා. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ හොඳට අතිරේක බෝග වගාව කළත් පොළොන්නරුවේ අතිරේක බෝග වගාව කෙරෙන්නේම නැහැ. ජලාශවල තිබෙන ජලය වගාවට යොදා ගැනීමේදී අනිවාර්යයෙන්ම රජය හා ගොවි සංවිධාන එක මතයක ඉඳලා කටයුතු කළ යුතුයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිමල් අල්විස්ගේ ගම හෝකන්දර. ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ මාදිවෙල රාහුල විද්‍යාලයෙන්. පාසල් අධ්‍යාපනය ලබන කාලයේදීම නිමල්ගේ දෙමාපියන් දෙදෙනා හදිසියේම ජීවිතයෙන් සමු ගත්තා. ඒ හේතුවෙන්ම නිමල්ට උසස් අධ්‍යාපනයට යන්න බැරි වුණා.ඔහුගේ අතරමඟ නතර වූ ජීවිතය යළි ගොඩ නැගුණේ බිරිඳ ප්‍රියංකා සිය ජීවිතයට හවුල් වූවාට පසුවයි. එතැන් සිට ඇරැඹූ ගමන ඔහු රංගන ශිල්පියෙක් ලෙසින් රටම හඳුනා ගත්තා.මගේ හිතේ පොඩි කාලේ ඉඳලම රංගනයට කැමැත්තක් තිබුණා. ඒ නිසාම මම සුජීව පරණහේවා නැමති කලා අධ්‍යක්ෂවරයාගේ මඟ පෙන්වීම යටතේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒ සමඟම හඳුනා ගත්ත සුනන්ද සිල්වා, දමින්ද මඩවල, සෝමරත්න දිසානායක, සුරංජන් විජේනායක යන අය මට බෙහෙවින් උදව් කළා.මේ වන විට මොහු මහතලා හටන, සතර දෙනෙක් සෙන්පතියෝ, සරා, දොරටු පාලකයෝ, මෙගා, ෂෝට් කට්, නිල් දිය රැල්ල, සුළඟ එෆ්. එම්, යර්ස් මැඩම් ඇතුළු ටෙලි නාට්‍ය දහ අටකට රංගනයෙන් දායක වී තිබෙනවා.ව්‍යාපාරිකයෙකු වශයෙන් වෘත්තීය තෝරා ගත් නිමල් බින්දු චිත්‍රපටයේ ‘රතුහාමි’ චරිතයෙන් සිනමා රංගනයට ද යොමු විය. ඊට අමතරව මොහු ආකාස කුසුම්, බඹර වළල්ල, හීරෝ නම්බර් වන්, බර්ත් ඩේ වැනි සිනමා නිර්මාණවලට ද රංගනයෙන් දායක වී තිබේ.මනුෂ්‍යත්වයෙන්, සුහදශීලී බවින් මෙන්ම එකමුතුකමින් ක්ෂේත්‍රයේ රැඳුණු නිසාම ඔහුට රංගන ශිල්පිියක් ලෙසින් මේතාක් දුර පැමිණීමට හැකි වූ බව පවසන නිමල් නව නිර්මාණ කිහිපයකට ද සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටී.මගේ කලා කටයුතුවලට බිරිඳ ප්‍රියංකා වගේම නිෂාදි, සඳලි දියණියන් දෙදෙනාගෙන් ලැබෙන්නේ වචනයෙන් කියන්න බැරි තරම් සහයෝගයක්. ඒ නිසාම මගේ ව්‍යාපාර කටයුතුත් සාර්ථක කරගෙන කලා කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.ඉදිරියේදීත් කලා නිර්මාණ තුළින් රංගන ශිල්පියෙකු ලෙසින් ඔබ හමුවට එන නිමල් අල්විස්ගේ ලිපිනය මෙයයි. නො: 138/1, හෝකන්දර දකුණ, හෝකන්දර.සටහන – දීපිකා ජයලත්ඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පසුගියදා නිමාව දුටු කොයින්ස් කෙටි චිත්‍රපට උළෙලේ ප්‍රතිපල සටහනයි මේ.හොඳම චිත්‍රපටය – රන් සම්මානය මනෝජ් ලයනල් ජොන්සන්ගේ ස්කයි ලැබ් ඉස් ෆේලින්ග් – ඉන්දියාවහොඳම චිත්‍රපටය – ජූරි සම්මානය – නයනි චන්ද්‍රසිංහගේ ඩීම්ස් වේවර්ස් ඇන්ඩ් වීවර්ස් - ශ්‍රී ලංකාවවෘතාන්ත නොවන අංශයහොඳම අධ්‍යක්ෂ - සුජිත් රාජපක්ෂ – බියාන් ද රියැලිටි - ශ්‍රී ලංකාවහොඳම කැමරාකරණය – අබේසිංහ ආරච්චිගේ මහින්ද - ෆෝන් ක්‍රොස්ස්ට්‍රීට්- ශ්‍රී ලංකාවහොඳම සංස්කරණය – අප්පු භට්ටත්‍රිරි - රේඩියෝ වුමන් ඔෆ් පටාරා - ඉන්දියාවහොඳම ශබ්ද සංයෝජනය - සංඛ මල්වත්ත – බියෝන්ද රියැලිටි - ශ්‍රී ලංකාවපර්යේෂණ අංශයහොඳම අධ්‍යක්ෂ - මනෝජ් ලයනල් ජොන්සන් - ස්කයි ලැබ් ඉස් ෆේලින්ග් – ඉන්දියාවහොඳම කැමරාකරණය - කර්තික් මුතුකුමාර් - ස්කයි ලැබ් ඉස් ෆේලින්ග් – ඉන්දියාවහොඳම සංස්කරණය – විනායක් ගුහනාරායක් - ස්කයි ලැබ් ඉන් ෆේලින්ග් – ඉන්දියාවහොඳම ශබ්ද පරිපාලනය - ජෝර්ජ් වර්ගීස් - ස්කයි ලැබ් ඉස් ෆේලින්ග් – ඉන්දියාවවෘතාන්ත අංශයහොඳම අධ්‍යක්ෂ - විරාජ් ලියනාරච්චි - වෙන් ටර්කොවිස්කි මිට්ස් ගොඩ්ස් - ශ්‍රී ලංකාවහොඳම කැමරාකරණය - ෙරෝන්ග් හේක් කියොන්ග් – ඉන් ද නේම් ඉන් ලව් - හොංකොංහොඳම අධ්‍යක්ෂණය – ශාරත්්‍යා ඒ – බියේවියර් ඩෝග්ස් - ඉන්දියාවහොඳම ශබ්ද පරිපාලනය - සචිත්‍ර විජේසුන්දර - වොකින්ග් ඉන් ටු ද ස්පේස් - ශ්‍රීී ලංකාවහොඳම ප්‍රේක්ෂක සම්මානය හිමි සිනමාපටය – මුටාන්ට් - ශ්‍රී ලංකාවයාවජීව සම්මානය - ජ්‍යෙෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකරලේඛනය සැකසුම – ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ටින්ටින්ගේ වීර ක්‍රියා ( French title "Les Aventures de Tintin et Milou" /English title "The Adventures of Tintin" ) තවද බලන්න[සංස්කරණය] ටින්ටින් පොත්, චිත්‍රපට හා මාධ්‍ය අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය] Listen to this article ( info/dl) Sorry, your browser either has JavaScript disabled or does not have any supported player. You can download the clip or download a player to play the clip in your browser. මෙම හඩ පටය සකසන ලද්දේ ටින්ටින්ගේ වීර ක්‍රියා පිටුවේ 2006-02-20 දිනට අදාල සංස්කරණයෙනි, පිටුවට මෙදිනට පසුව සිදුකල සංස්කරණ අහෝසි කිරීමෙන් වලකින්න. ( හඩ පට උදවු) තවත් කතාකරන ලිපි විකිමාධ්‍ය කොමන්ස් හි ටින්ටින්ගේ වීර ක්‍රියාට අදාළ මාධ්‍ය ඇත. ටින් ටින් නිල වෙබ් අඩවිය
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දිනපතා විශාල ජනතාවක් පැමිණෙන ගම්පහ දුම්රිය ස්ථානයේ දුම්රියප්‍රවේශ පත්‍ර ලබාගැනීමට යෑමේදී අසීරුතාවට පත්වන බව මගී ජනතාව පවසති.ඉහළ හා පහළ මාර්ග බලා ධාවනය වන දුම්රියක් සඳහා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට විවෘත කර ඇත්තේ ප්‍රවේශ පත්‍ර කවුළු දෙකකි. එය මගීන්ට ප්‍රමාණවත් නොවන බව ඔව්හු පෙන්වා දෙති.පෝලිමේ දිගු වේලාවක් ගත කර ප්‍රවේශ පත්‍රය ලබාගෙන දුම්රිය වේදිකාවට යන විට අදාළ දුම්රිය පිටත්ව ගොස් ඇති බව පවසන ජනතාව, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට තවත් කවුළු දෙකක් විවෘත කර දෙන මෙන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිදහස් හා සාමකාමී පරිසරයක ඉදිරියට ගමන් කරන ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල කියයි.ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනය උදෙසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති කාර්යභාරය ගැන ප්‍රසාදය පළ කරන බවදඅන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂ ආචාර්ය අනුප් සිං මහතා ප්‍රකාශ කරයි."ශ්‍රී ලංකා ආර්ථික සමුළුව" ට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මූල්‍ය අරමුදලේ ආසියා ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂවරයා අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී පැවැති සාකච්ඡාවේ දී මේ බව අනාවරණය කළේය."කෙටි කලක් ඇතුළත ඔබ ශ්‍රී ලංකාව ඉහළ සංවර්ධන මට්ටමකට ගෙනවිත් තිබෙනවා" යැයි පැවසූ ආචාර්ය සිං මහතා ආර්ථික සංවර්ධනයේ දී දිගුකාලීන ස්ථාවරත්වය අත්කර ගැනීමට දැන් අවධානය යොමු කළ යුතු බවද පැවසීය.ශ්‍රී ලංකා ආර්ථිකය ගත වූ අවුරුදු තුන හතර ඇතුළත සතුටුදායක ස්ථාවරත්වයක් අත්කර ගෙන ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය. අපේ ප්‍රශ්නය අධික තෙල් වියදම සහ කාලගුණ විපර්යාස බවද රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේ ය.වසර කිහිපයකට පෙර තමා ශ්‍රී ලංකාවට පැමිණි අවධිය සමඟ සසඳන විට රටේ විශාල ප්‍රගතියක් දක්නට ඇතැයිද අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ මාර්ග, විදුලිය සහ විදුලි සංදේශ වැනි යටිතල පහසුකම් දියුණු කිරීමට රජය ප්‍රමුඛත්වය දුන් බවත් ජනතාව දැන් එහි ප්‍රතිඵල භුක්ති විඳීන බවත්ය.විසිඑක් වැනි සියවසේ ගෝලීය ආර්ථික වර්ධනයේ කේන්ද්‍රය ආසියාව බැවින් විනය ඇතුළු නැඟෙනහිර ආසියානු රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගැනීමට රාජපක්‍ෂ මහතා ගෙන ඇති තීරණය නිවැරදි බවද ආචාර්ය අනුප් සිං මහතා ප්‍රකාශ කළේය.මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ආචාර්ය කොෂී මතායි සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහත්වරුද මේ අවස්ථාවට එක්වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මම මේ දවස්වල සූරිය භානු ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සමඟ තමයි කාලය ගත කරන්නේ. ලබන මැයි මාසයේදී මගේ කුළුඳුල් සිනමා නිර්මාණයේ වැඩ කටයුතු ආරම්භ කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.මේ දවස්වල එහි පූර්ව නිෂ්පාදන කටයුතුවලටත් කාලය වෙන් කරලා තියෙනවා. ඒ වගේම වර්තමාන ටෙලි නාට්‍ය ගමන් මඟ පිළිබඳ කෘතියකුත් රචනා කරමින් සිටිනවා. එය ලබන ජූලි මාසයේදි විතර එළි දක්වන්න සූදානම් වෙනවා. ඒ හැරුණාම එදිනෙදා ජීවිතය සුපුරුදු විදියට ගත කරනවා. මේ සතියේ මගේ උපන් දිනය යෙදී තියෙනවානේ. එදාට බෞද්ධ සම්මේලනයේ වැඩිහිටි නිවාසයට දානයක් පිරිනමන්නත් කටයුතු සූදානම් කරලා තියෙන්නේ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රිතයක විශේෂිත ආදානයක්, ශ්‍රිතයේ ස්වායත්ත විචල්‍ය ලෙස හඳුන්වයි. එක් එක් ස්වායත්ත විචල්‍ය අගයන් x ට අනුරූප කොඩොමේන් අනන්‍ය y , x හි දී ශ්‍රිතයේ අගය ලෙස හෝ f යටතේ x හි ප්‍රතිබිම්භ ලෙස ලිවිය හැකිය. (අංකනය පිළිබඳ කොටස බලන්න) f ශ්‍රිතයේ ප්‍රස්ථාරය යනු x, වසමේ සියලු x සඳහා , සියලු පටිපාටිගත යුගල (x,f(x) වල කුලයයි. x හා y යනු තාත්වික සංඛ්‍යා R හි උප කුලක වේ නම් මෙම අර්ථ දැක්වීම, පටිපාටිගත යුගල, ලක්ෂවල කාටීසියානු ඛණ්ඩාංක බවට පත් වී ශ්‍රිතයක රූපයක් හෝ රූප සටහනක් ලෙස වන ප්‍රසතාරවල සාමාන්‍ය හැඳින්වීම සමඟ සමපාත වේ. ප්‍රතිබිම්භ පිළිබඳව සංකල්පයේදී ලක්ෂ්‍යක ප්‍රතිබිම්භයේ සිට කුලකයක් ප්‍රතිබිම්භය දක්වා ව්‍යාප්ත වේ. වසමේ ඕනෑම උපකුලකයක් A නම් , A අවයවයේ සියලු ප්‍රතිබිම්භ අඩංගු පරාසයේ උප කුලකය f(A) යන්න f යටතේ උපකුලකයකි. f ශ්‍රිතය යටතේ Y කොඩොමේන් හි B උපකුලකයේ පෙර ප්‍රතිබිම්භය (හෝ ප්‍රතිලෝම ප්‍රතිබිම්භය හෝ වඩාත් නිරවද්‍යව සම්පූර්ණ ප්‍රතිලෝම ප්‍රතිබිම්භය) X හි උපකුලකයක් යන්න අර්ථ දැක්වෙන්නේය. එම නිසා උදාහරණ ලෙස වර්ගජ ශ්‍රිතය යටතේ (4,9) හි පූර්ව ප්‍රතිබිම්භය {−3,−2,+2,+3} කුලකයයි. සාමාන්‍යයෙන් ඒකජ කුලකයක (එක් අවයවයක් පමණ ඇති කුලකයක්) පූර්ව ප්‍රතිබිම්භයෙහි අවයව ඕනෑ තරමක් අඩංගු විය හැකිය. උදාහරණ ලෙස ƒ(x) = 7 නම් , (5) හි පූර්ව ප්‍රතිබිම්භය අභිශුන්‍ය කුලකයක් වන අතර (7) හි පූර්ව ප්‍රතිබිම්භය මුලු වසමම වේ. ඒ අනුව කොඩොමේන්හි අවයවයක පූර්ව ප්‍රතිබිම්භය, වසමෙහි උප කුලකයක් වේ. අවයවයක පූර්ව ප්‍රතිබිම්භය ගැන සාමාන්‍ය සම්මතයක් වන්නේ ƒ−1(b) මඟින් කියැවෙන්නේ ƒ−1({b}) යන්න බවයි. වැදගත් ශ්‍රිත වර්ග තුන වන්නේ ආක්ෂේපණ (හෝ ඒකජ - ඒකජ ශ්‍රිත) , ƒ(a) = ƒ(b) නම් a, bට සමාන විය යුතුය. එම ගුණය ඇති ශ්‍රිත, සර්ජෙක්ෂන් (මතට වූ ශ්‍රිත) ƒ(x) = y ලෙස කොඩොමේන්හි සියලු y අගයයන් සඳහා වසමෙහි x අගයක් තිබේ. මෙම ගුණය ඇති ශ්‍රිත , හා සමක්ෂේපණ ශ්‍රිත ඒකජ හා මතට වූ ශ්‍රිත ද්විත්වයම මෙම නාමකරණය හඳුන්වා දුන්නේ බොර්බාකි කණ්ඩායම විසිනි. සීමා කිරීම් හා ව්‍යාප්ත වීම් අවිධිමත් ලෙස ශ්‍රිතයක් සීමා කිරීම යනු එහි වසම කප්පාදු කිරීමේ ප්‍රතිඵලයකි. වඩා නිරවද්‍ය ලෙස , ƒ , x සිට y ට ඇති ශ්‍රිතයක් නම් හා S , x හි ඕනෑම උප කුලකයක් නම් , f, S දක්වා සීමා කිරීම යනු S සිට Y ට වූ ƒ|S ශ්‍රිතයයි. එලෙස S හි සියලු S සඳහා ƒ|S(s) = ƒ(s) වේ. g යනු f හි ඕනෑම සීමා කිරීමක් නම්, අපි f , g හි ව්‍යාප්ත වීමක් යැයි සිතමු. සටහන්[සංස්කරණය] mathematics Vocabulary
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ආසියානු හොකී සම්මේලනය තෙවැනි වරටත් සංවිධානය කරන ආසියානු හොකී සම්මේලන කුසලාන අවුරුදු 21න් පහළ පිරිමි ජාත්‍යන්තර හොකී තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා අවුරුදු 21න් පහළ පිරිමි හොකී පිල හෙට (21) හොංකොං බලා පිටත්ව යාමට නියමිතය.මේ තරගාවලිය මේ මස 23-31දක්වා හොංකොංහි දී පැවැත්වේ. රටවල් නවයක සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේදී ශ්‍රී ලංකාව, ඉරානය, හොංකොං, චීන තායිපේ, ඕමානය, උස්බෙකිස්තානය, සිංගප්පූරුව, තායිලන්තය හා චීනය යන රටවල් තරග වදිති.මේ සංචාරයට එක්වෙන 21න් පහළ පිරිමි ශ්‍රී ලංකා හොකී කණ්ඩායමේ නායකත්වය මාතලේ හොකී සංගමය නියෝජනය කරමින් කණ්ඩායමට එක්වී සිටින මුදිත බණ්ඩාර මාරපනට හිමිවී තිබේ. මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙකු වන මුදිත කණ්ඩායමේ ඉදිරිපෙළ ආක්‍රමණික ක්‍රීඩකයෙකි.කණ්ඩායමට එක්වී සිටින ගිමාල් සංදීප ඩයස් කණ්ඩායමේ උප නායකයායි.කොළඹ ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයෙකුවන ගිමාල් මෙවර කණ්ඩායමට එක්ව සිටින දක්ෂ මැද පෙළ ආරක්ෂක ක්‍රීඩකයෙකි.ශ්‍රී ලංකා 21න් පහළ පිරිමි හොකී පිලේ පුහුණුකරු ලීලානන්ද ඉත්තෑපාන මහතායි. ජී.ජී. ධර්මරත්න මහතා සහාය පුහුණුකරු ලෙස කටයුතු කරයි.දහඅට දෙනෙකුගෙන් සමන්විත වයස අවුරුදු 21න් පහළ ශ්‍රී ලංකා හොකී පිලමුදිත බණ්ඩාර මාරපන (නායක), ගීමාල් සංදීප ඩයස් (උප නායක) නදුන් ලක්ෂිත වීරක්කොඩි, දමිත් මධුශංඛ බණ්ඩාර, රාජිත කුලතුංග, ශානක රත්නපාලගේ, කුසල් ප්‍රියනාත් සේනානායක, ජනිත් ඉසුරු විතාරණගේ, අමිල රත්නසිරි, ගැමුණු පි‍්‍රයදර්ශණ බොකරගොඩ, හේෂාන් තිළිණ ප්‍රනාන්දු, චාමිකර නිලවීර, සංජය අලස්, සුපුන් ඉරුගල් බණ්ඩාර, නුවන් දර්ශන ප්‍රේමතිලක, කසුන් දුනුවීර, මධුරංග විජේසිංහ සහ පුෂ්පකුමාර හේන්දෙණිය,කණ්ඩායම් ප්‍රධානී කේ. ජයරත්නම් මහතා, කළමනාකරු දර්ශන විජේසිංහ මහතා, උප කළමනාකරු ගයා පෙරේරා, ප්‍රධාන පුහුණුකරු ලීලානන්ද ඉත්තෑපාන මහතා සහ සහාය පුහුණුකරු ජී.ජී. ධර්මරත්න මහතා, ආසියානු හොකී සම්මේලනයේ ආරාධනයෙන් මේ තරගාවලියේ විනිසුරුවරයෙකු ලෙස චන්දන හේරත් බණ්ඩාර මහතා සහ තරග තීරකවරයෙකු ලෙස එම්.එෆ්. ලාහීර් මහතා ද සහභාගී වෙති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මාවනැල්ල කෝන්දෙණිය ප්‍රදේශයේ අවන්හලකට ගෙන ගොස් 16 හැවිරිදි දැරියක් කෙලෙසී යයි සැක පිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සබරගමුව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී උපුල් ශ්‍යාමන් බණ්ඩාර ඇතුළු දස දෙනාට මාවනැල්ල දිසා විනිසුරු එස්. යු. බී. කරල්ලියද්ද මහතා ඇප නියම කොට 28 වෙනි දින මුදා හරින ලදී.එහිදී එක් අයකුට රුපියල් 50000 බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප ද නියම කෙරිණි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වෙන්ගලචෙඩ්ඩිකුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත උතුරු පළාත දිස්ත්‍රික්කය වවුනියාව දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) වෙන්ගලචෙඩ්ඩිකුලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ, වවුනියාව දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. පටුන 1 ජනගහනය 2 ග්‍රාම නිළධාරි වසම් 3 ආර්ථිකය 4 ප්‍රාදේශීය ලේකම්වරුන් 5 ආශ්‍රිත ලිපි 6 මූලාශ්‍ර ජනගහනය[සංස්කරණය] ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය] ආර්ථිකය[සංස්කරණය] ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය] ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර[සංස්කරණය] Divisional Secretariats Portal
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සතියකට තෙවරක් යවත්කාලීන වූ බ්ලොගක් සම්බන්ධයෙන් නැගෙන්නේ උක්ත වූ ගැටළු තුනය. අයෙක් අසන්නේ සෑමාගේ බ්ලොග නැවතිලාද කියලාය. තවකෙකු නවත්තලාද කියා අසන්නේය. එකවර ඇගට කඩා පනිමින් සමහරු අසන්නේ හිටලාද කියලාය. සියල්ලට පිළිතුරු සමඟින් සෑමාගේ ආගමනය මෙසේ සටහන් වන්නේය.නැවතිලාද.නැවතිලා කියන්නේ ඔටෝ වෙන දෙයක්ය. ඒ කියන්නේ හිතලා කරන දෙයක් නොවේය. ටැප් එකක වතුර නැවතිලා කියන්නේ එක්කෝ ජල සම්පාදනයෙන් දෙන වතුර නවත්තලාය, නැතිනම් ටැංකියේ වතුර අහවර වෙලාය. කොටින්ම සරලව ගතහොත් වයසක සියා කෙනෙක් සෙල්ලම් කරන එක නවත්වනවා නොව සෙල්ලම නැවතිලාය. ඔහුට සෙල්ලම් කිරීම නැවැත්වීමට අවශ්‍යතාවයක් නොමැති වුවත්, සිතාමතාම සෙල්ලම නැවැත්වූවේ නැති වුවත්, කාලය සමඟ සෙල්ලම ස්වක්‍රීයවම නවතින්නේය. ඒකට කියන්නේ නැවතිලා කියලාය.ඒ අනුව සෑමා බ්ලොග් එක නවත්වන්නට අදහස් කර, අදහස් කරගෙන නැති නිසා බ්ලොග් එක නැවතිලා යැයි කියන එක සම්පූර්ණ වැරදිය. එසේම ලියන්නට දෙයක් නොමැති වීමේන්ද බ්ලොග් නවතින නිසා, සෑමාට ලියන්නට දෙයක් නොමැතිව බ්ලොග නැවතිලා යැයි සිතීමද අසාධාරණය. මන්ද ලියන්නට දේවල් තවමත් ඇති නිසාය. ඒ නිසා සරලව කිව යුත්තේ සෑමාට තාම නැවතිලා නැති බවක්ය.නවත්තලාද.සමහරුන් කළකට සමහර දේවල් නවත්වන්නෝය. සියළු දස්කම් දක්වාගෙන සිටින විවාහක ජෝඩු නවත්වන්නේ නැතිය. කාලාන්තරයකට එක ලෙසම ක්‍රීඩා කරන්නෝය. එහෙත් එසේ ඔවුන් කීවත් මසකට අනිවාර්යයෙන් දින කිහිපයකට නවත්වන්නට වන්නේය. ඒ ස්වාභාවික ව්‍යසනයකට ඉඩකඩ ලබා දීමට සිදු වීම නිසාය. එවිට සෙල්ලම් කරන එක නවත්වලා යැයි කියන්නට වන්නේය. එලෙසම බොහෝ අය බාර හාර ඔප්පු කිරීමට මස් මාලු අනුභවයෙන් වැලකෙන්නෝය. එවිට සරලව කියන්නේ මම මස් මාළු කන එක නවත්වලා යැයිය. සමහරු බොන එක නවත්වන්නේ නැවත බෝතලයක් දකින තුරුය. අනුන්ගේ මුදලින් බොන උත්තමයෝ වියදම් කරන්නට සිදුවෙද්දී බොන එක නවත්වලා යැයි පිළි වදන් දී, නැවත නොමිලේ බෝතලයක් දුටු විට බීම ආරම්භ කරන්නෝය. කිසිම පැකිලීමකින් තොරව දිනපතා අඩියක් ගසන ඇත්තෝ බීම නොනවත්වන්නෝය. එහෙත් බීම නවතින්නේ අග හිඟ කමක් ආවොත් පමණක්ය. එතැනින්ද නවත්වනවා සහ නවතිනවා යන වචන දෙකේ වෙනස හොඳින් පෙනෙන්නේය.ඒ අස්සේ සෑමාට සිහිවන්නේ කිටියා නිර්මාංශ වූ ආකරය හෙවත් මස් මාළු අනුභවයෙන් තොර වූ හැටිය. මේ දිනවල සෑමාගේ නිවසේ අලුත් වැඩියා කටයුතු කිහිපියක් සිදුවෙන නිසා ඇත්තටම බ්ලොග් එකට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වූයේය. එකී අලුත් වැඩියා කටයුතු ඉවර වෙන තුරු කිටියා මස් මාළු අනුභවයෙන් තොර වෙන බව කියමින් මසට තිත තිබ්බාය. එවැනි කැප කිරීමක් අගය කළ යුත්තේය. (සමහර වෙලාවට ඇය බ්ලොග බලන නිසා ඒ වචන ටික සඳහන් විය යුතුය.) අලුත් වැඩියා කටයුතු අහවර වෙන තැන බාරය ඔප්පු කොට මස් මාළු අනුභවය ඇරඹිය යුතුය. බාරය ඔප්පු කරන්නට දිනක් කිටියා සහ සෑමා එළි බැස්සේ දහවල ආහාරයද පිටින් ගන්නට බලාගෙනය. නිවසින් එළියට බහින විටදීම තිබුණු දැඩි බඩගින්න නිසා සෑමා යෝජනා කළේ දහවල ආහාරය අරගෙන බාරය ඔප්පු කිරීමට යමු කියාය. එහෙත් ඇය තරයේ කියා සිටියේ සියළු වැඩ අවසන කෑමට යමු කියාය. සියල්ලට පෙර බාරය ඔප්පු කළ හේතුව සැමාට අවබෝධ වූයේ ඇය දහවල ආහාරයට දෙදෙනාටම චිකන් ඕඩර් කළ නිසාය. නැතිනම් ඕඩර් කරන්නට වෙන්නේ චිකන් එකක් සහ වෙජිටබල් එකක්ය.හිටලාද.සමහරු නිතර ඇසුවේ මචං හිටලාද කියාය. ඒ ප්‍රශ්නයට පිස්සු කොර වෙන සෑමා අනිත් පැත්තට අසන්නේ “මොනවාද.“ කියාය. හිටනවා කියද්දී එහි ප්‍රෙභේද රැසක් ඇත්තේය. කොටින්ම කිවහොත් හිටිනා දේවල් රැසක්ය. මුලින්ම ජෝතිපාල මහතා කිව්වේ “ඔබ එනතුරු මා තනියෙන් හිටියා“ කියලාය. එතැන කිව්වේ නැවතිලා බලා සිටින එක ගැනය. දැන් කාලේ මචං හිට්ටා නේද. හිටියා නේද. කියා ඇසුවොත් පිළිතුරු දෙන්නට පෙර නැවත ප්‍රශ්නයක් නගන්නට වෙන්නේය. සෑමාට කිව හැක්කේ “මචං බ්ලොග් එක නම් හිටලා නැහැ“ කියාය. වෙන කිසිවක් හිටලාද. හිට්ටාද කියා නොඅසන්නේ නම් අගනේය.මාසයක් පමණ නිහඩව සිට නිදහසේ ගලාගොස් ලැබුණු ලක්ෂ හයක හිට්ස් සමඟ, සෑමා නැවත නොනැවතී ලියන්නට සූදානම් වන්නේ මෙතුවක් රැදී සිටි සියළු බ්ලොග්කරුවන්ට, සියළු රසිකයන්ට ස්තූති කරමින්ය.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මම අද කියලා දෙන්න හදන්නෙ යාළුවන්ව පුදුමයට පත් කරවීමට හැකි අනාගත දිනයක හෝ අතීත දිනයක, දිනය විමසා දවස ප්‍රකාශ කල හැකි අතිශය පහසු ගණිත ක්‍රමයක්. මෙය ප්‍රගුණ කිරීමෙන් පිරිසක් සිටින තැනක ඔබට යම් අවධානයක් ලබා ගැනීමට හැකිවේවි. ඒ වගේම මම මේ ළඟකදී යම් රූපවාහිනි නාලිකාවක මෙම දවස කියන ක්‍රමය දිව්‍යමය බලයකින් ලැබූ බව ප්‍රකාශ කල පුද්ගලයෙක් දුටුවා. ඔහු ගැන දුක්වන අතරම මෙම ක්‍රමය ඔබත් අත්හදා බලා දිව්‍යමය බලයක් ලබාගනු ඇතැයි සිතමි.ඔබ මේ සඳහා මුලින්ම මෙම වගුවේ ආකාරයට මාස සඳහා ලැබෙන අගයන් 12 මතක තබා ගත යුතුයි.ජනවාරි 0පෙබරවාරි 3මාර්තු 3අප්‍රේල් 6මැයි 1ජුනි 4ජුලි 6අගෝස්තු 2සැප්තැම්බර් 5ඔක්තොබර් 0නොවැම්බර් 3දෙසැම්බර් 5මෙය 033-614-625-035 ලෙස දුරකථන අංකයක් ලෙස මතක තබා ගත් විට මට පහසුවෙන් මතක හිටියා. තමන් කැමති ආකාරයකට මෙම අංක මතක තියා ගන්න.පියවර 1:ඔබ මිතුරකුගෙන් දිනයක් විමසන්න. උදා - 04-නොවැම්බර්-1975පියවර 2:පළමුව මාසයට අදාල අගය මතක තබා ගන්න. උදාහරණයට අනුව නොවැම්බර් මසට අගය 3 වේ.පියවර 3:දැන් මාසයේ අගයට ඔබ විමසා දැනගත් දිනයේ අගය එකතු කරන්න. 3 + 4 = 7පියවර 4:එම ලැබුන අගයට විමසා දැනගත් දිනයේ අවුරුද්ද සඳහන් වන කොටසේ අනතිම අගය එකතු කරන්න.7 + 75 = 82පියවර 5:දැන් වර්ෂය සඳහන් අන්තිම අංක දෙක 4න් බෙදා කොපමණ අධික වර්ෂ ප්‍රමාණයක් ගතකර ඇත්දැයි දැනගෙන එය පෙර ලැබුන අගයට එකතු කළ යුතුයි.75/4 = 18මෙහිදී ඉතිරිය නෙසලකා හරින්න.82 + 18 = 100පියවර 6 :දැන් මෙම අගය 7න් බෙදා ලැබෙන ඉතිරිය අනුව පෙර විමසූ දිනයේ දවස ඔබට ප්‍රකාශ කළ හැකිය.උදාහරණයේ දිනයට අනුව නම් 100/7 = 14 ඉතිරි 2 යි. එනම්04-නොවැම්බර්-1975 වැනිදා අඟහරුවාදා දිනයකි.***** 2000 වර්ෂයෙන් පසුව සෙනසුරාදා අගය 0 ලෙස ගෙන ඉදිරියට යන්න. - ස්තූතිය සුදීකටඉරිදා 0සඳුදා 1අඟහරුවාදා 2බදාදා 3බ්‍රහස්පතින්දා 4සිකුරාදා 5සෙනසුරාදා 6.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කහ පැහැති වොක්ස්වෑගන් රථය ගුරු පාර දිගේ ඇදී ගියේ දූවිලි වලා නංවමිනි. ගුරු පාරෙහි ඇවිද යමින් සිටි මහලු මිනිසෙක් ඒ දෙස පුදුමයෙන් බැලුවේ තම ගමට පැමිණි මේ අලුත් වාහනය කුමක්දැයි දැනගනු පිණිසය. ඊළඟ මොහොතේ සෙමෙන් ඇඳී ගිය රථය නතර වූයේ සුන්දර නවතැනකය.රථයෙන් බැස්සේ මනබඳින රූ සපුවකින් යුත් තරුණයෙකි. වරක් දුටුවකු තවත් වරක් හැරී බලන තරම් කඩවසම් රූ සපුවක් හිමි හේ සිය නවාතැන දෙස බලා සිටියේ දිගු කලකින් මුණ ගැසුණු හිතවතකු දෙස නෙත් හෙළන්නා සේය.කල්ප මහත්තයා යමු’ඔහු අසලට පැමිණි අයෙකු හඬ නඟා පැවසූයෙන් තරුණයාගේ සිතුවිලි දාමය බිඳිණි.‘හ්ම්’යන ශබ්දයෙන් පිළිතුරක් සැපයූ කල්ප සිය සේවකයා දෙස බලා පිළිතුරු සිනාවක් පළ කරන්නට ද අමතක නොකළේය.තුරුලතාවලින් ගහන අවට පරිසරය එතැනට පැමිණෙන කාගේ වුව ද සිත් ගනියි. ඒ නිසා අවට පරිසරයේ වූයේ සිසිල් බවකි.ඒ සිසිල වඩාත් අර්ථවත් වූයේ තුරුලතා පිස හමන මදනල නිසාය. සීතල මදනලෙහි පහස විඳිමින් සිටි කල්පගේ නෙත රැඳුණේ තම නවාතැන්පොළ අසලින් ගලා යන නදිය දෙසටය. අවට සුන්දරත්වය තීව්‍ර කරමින් ගලා යන නදියට කල්ප කවදත් ප්‍රිය කළේය.කාලයකට පෙර මෙහි මේ නවාතැන ඉදිවීමට හේතු වූයේ ද මේ සුන්දර මනස්කාන්ත පරිසරය බැව් කල්පට සිහිපත් වූයේ සැනෙනි. ඔහු නවාතැන ඇතුළට ගියේ සිය ගතේ මහන්සිය දුරලනු සඳහා තේ කෝප්පයක් පානය කිරීමටය.නවාතැනෙහි අවට ඇති පරසරය නිර්මාණවලට කදිම තෝතැන්නකි. එහි වූ හාන්සි පුටුවෙහි ඈදි ගත් ඔහු දෙනෙත් පියා ගත්තේ සුසුමක් ද හෙළමිනි.නදිය ගලා බසිනා හඬට සවන් යොමු කළ ඔහුට එහි අපූරු සංගීතයක් මුසු වී ඇතැයි සිතුණි. වන ගොමුවෙන් නැඟෙන රැහැයියන්ගේ හඬ ඒ සොඳුරු සංගීතයට තරමක් බාධාවක් බව සැබෑවකි.ඒ බාධාවට යළිත් වරක් එකතු වූ ජල චක්‍රය කැරැකෙන ශබ්දය ඔහු සතු තාක්ෂණික දැනුම කියාපාන්නකි. ඒ මඟින් නවාතැනට සපයා ගත් විදුලිය තව නොබෝ වෙලාවකින් මුළු පෙදෙසම ආලෝකවත් කරනු ඇත.‘දඬුමොනරය හැදුව තාක්ෂණය සොයා ගත්තොත්’කල්ප කෙඳුරුවේ තමාටමය. ඒ ඔහුගේ සිතේ රජ කරන අලුත්ම අදහසයි.‘කවදා හරි ලෝකෙන් තුරන් වන තෙල් සම්පතට ඒක අපූරු පිළිතුරක් වේවි’තවදුරටත් ඒ සිතුවිලිවලම එල්බ ගෙන සිටි මේ තරුණයාගේ සිතෙහි ඇඳුණේ ඇගේ රුවයි.සොඳුරු ගම්මානය තවත් සුන්දර කරන මේනකාගේ රුව ඔහුගේ හදවත බැඳුණේ ඈ හදිසියේම දුටු මොහොතෙහිමය. ඇගේ සොඳුරු රුව නෙතට රසඳුනකි.‘ඈව ආයෙත් මුණ ගැහෙන්න ඕන’කල්පගේ උවන මත නැඟුණු හසරැල්ලේ කතා බොහොමයක් ගැබ් වී තිබිණි.‘මේනකාවත් මගේ වැඩේට සම්බන්ධ කර ගන්න පුළුවන්’ඔහු නෙත් විවර කළේ තමා කියූ කාරණය කිසිවකුටත් ඇසුණාදැයි දැනගනු සඳහාය.රාවණාගේ උරුමය ඇති පරපුරකින් පැවැත එන මේනකා සිටියේ ද තමාට අහම්බයෙන් මුණ ගැසුණු මේ තරුණයා පිළිබඳ සිතමිනි.ඔහු අපූරු කලාකාමී හිත හොඳ තරුණයකු වගට අටුවා ටීකා අනවශ්‍යය. දුටු මනතෙන් ඔහු කෙරෙහි තම හදවත බැඳුණද කතාබහෙන් ඒ රුව තව තවත් තම හදවත පත්ලේ තැන්පත් වූ වග නොරහසකි.ඔහු ක්‍රියාත්මක කරන්නට යන ඒ අපූරු අදහසට ඇය ද එක සිතෙන් කැමැතිය.‘මගේ සහයෝගය එයාට තමයි’ඈ කෙඳිරුවාය.ඔවුන් දෙදෙනා පිළිබඳ විමසිලිමත් වන තවත් කණ්ඩායමක් වේ යැයි කල්පට කිසි විටෙක නොසිතිණි. ඔවුන්ගේ ද අරමුණ රැදී තිබෙන්නේ මේ දඬුමොනරය වටා බව දැන් ඔහුට සක් සුදක් සේ පැහැදිලිය. ඔවුන් සිය අරමුණ ඉටුකර ගැනීමට ඕනෑම දෙයක් කරන්නට ද සූදානම් වග කල්පට වැටහුණේ කරන ලද තර්ජනය හමුවේය.‘ඕක ඔතනින්ම අල්ලලා දානව’ඉන් එකෙකුගේ තර්ජනය ඔහුට තවමත් ඇසෙන්නා සේය.කල්පටත්, මේනකාටත් තම අදහස ඉටු කර ගත හැකි වේද?‘අංජලිකා’ චිත්‍රපටය තුළින් ආදර කතා අතරට නවආරක් එක් කළ රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයකු වන චන්න පෙරේරාගේ අලුත් ආදර අන්දරය ‘කල්පාන්තේ සිහිනයක්’ ලෙසින් මේ මස 31 වැනිදා සිට රිද්මා හා සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමාහල්වල සිත්තම්වීමට නියමිතය.නළු නිළි පිරිස -චන්න පෙරේරා, චයිත්‍රා චන්ද්‍රනාත් (ඉන්දීය නිළි), අයිරාංගනී සේරසිංහ, සනත් ගුණතිලක, හේමසිරි ලියනගේ, නිහාල් ප්‍රනාන්දු, හිමාලි සයුරංගි, ගයානා නිර්මන්ති (ළමා නිළි)අධ්‍යක්ෂණය – චන්න පෙරේරා, කැමරාකරණය – පුෂ්ප කුමාර රාජගුරු, චන්දන ජයසිංහ, උපුල් ප්‍රජාත්, තිර රචනය – කපිල කුමාර කාලිංග, කලා අධ්‍යක්ෂණය – චන්දන වීරසිංහ, ශබ්ද පරිපාලනය - සෂික රුවන්, ගීත රචනය – වසන්ත කුමාර කොබවක, සුනිල් වීමලවීර, කපිල කුමාර කාලිංග, ගීත ගායනය – උරේෂා රවිහාරි, උදය වික්‍රමසිංහ, රන්ජන් සාලිය, සංගීතය - රෝහණ වීරසිංහ, නිෂ්පාදනය - ෆර්ලි විජේසිංහ, සුනේත්‍රා බාලසූරිය, හර්ෂ ගමඇතිගේ, වෛද්‍ය අසේල අමරසිරිතිලානි ශානිකා විතානාච්චි
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කටුගස්තොට රණවන - කොටුවවත්ත ප්‍රදේශයේදී ඊයේ (26) දහවල් පෞද්ගලික බස් රථයක ගැටී වයස අවුරුදු එකහමාරක දැරියක් එම ස්ථානයේම මියගොස් ඇත.අනතුරින් මියගොස් ඇත්තේ හෂිණි තරුෂිකා පීරිස් නැමැති දැරියකි. මියගිය දැරිය තම මිත්තණිය සමඟ නිවසේ සිට එක්වරම ප්‍රධාන මාර්ගයට දිවගොස් ඇති අතර එම අවස්ථාවේ මහනුවර සිට මැදවල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයට යට වී තිබෙන බව පොලිසිය පවසයි.මෙම දැරියගේ මව සහ පියා දෙදෙනාම රැකියාවන්හි නිරතව සිටින බැවින් දිවා කළ ඇය මිත්තණිය සමඟ නිවසේ සිටින බව පොලිස් පරීක්‍ෂණ මගින් අනාවරණය වී තිබේ.කටුගස්තොට පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුජීව ගුණතිලක මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් (26467) එස්. එම්. පී. බණ්ඩාර මහතා අනතුර පිළිබඳ පරීක්‍ෂණ පවත්වා බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මේ දිනවල නිතර එෆ්. එම්. නාලිකා සහ රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය වන ‘අසුබ ලකුණ’ ගීතයේ හිමිකරුවා පසුගියදා සරසවියට පැමිණියා. ඔහු නව පරපුරේ දක්ෂ සංගීත ශිල්පියක් වන මධූන් දිසානායකයි.මධූන් මේ ඔයාගේ ප්‍රථම ගීත නිර්මාණයද?නැහැ. පසුගිය වසරේ පැවැත් වූ දෙරණ මියුසික් අවෝඩ් තරගාවලියේදී විශේෂ සම්මාන කිහිපයක්ම ගත් නිර්මාණයක් කළා. මීට පෙර ගීත කිහිපයක්ම නිර්මාණය කළා. ඒත් ‘අසුබ ලකුණ’ තරම් නිර්මාණශීලී වුණේ නැහැ. ඒ වගේම ජනප්‍රිය වුණෙත් නැහැ.මොකක්ද ‘අසුබ ලකුණ’ ගීතයේ තියෙන විශේෂත්වය?අපි ප්‍රථමයෙන්ම රුසිරු පන්නිලගේ කියන නිර්මාණකරුවත් සමඟ එක්වෙලා රූප රචනයක් කළා. ඒ රූප රචනයට ගැළපෙන ආකාරයට පද රචනය කලන ගිහන්ත අතින් නිමැ වුණා. මේ දෙකටම ගැළපෙන විදියට අර්ථය වඩාත් තීව්‍ර වන විදියට සංගීතය නිර්මාණය කරලා හැඩ මුසුව මම කළා.මෙහි සංගීතය ගැන යමක් පවසන්න?මෙහි සිම්පනී රොක් ස්ටයිල් එක තමයි මම භාවිතා කළේ. ඒ වගේම රටේ නමගිය දක්ෂ වාදන ශිල්පීන් සමූහයක් මේ සඳහා සහභාගී කර ගත්තා.මේ ගීතය තුළින් යම් අර්ථයක් ගම්‍ය වෙනවාද?මෙහි මතුපිට අර්ථය හරිම සරලයි. නමුත් ලෝකයේ ඉපදීම, ජීවිතය, මරණය, දරුවන් ඒ වගේම බැඳීම් මේ හැම දෙයක් ගැනම ඉතා ගැඹුරින් මේ තුළ කියවෙනවා.මෙහි රූප රචනය ගැන යමක් කිව්වොත්?රුසිරු පන්නිලගේ, කුමාර කත්‍රී ඇතුළු අපේ පිරිවර මෙය නිර්මාණය කළේ හරියට කෙටි චිත්‍රපටයක් හා සමානව. ඒ වගේම ‘අර්ත්’ ප්‍රඩක්ෂන් එකක් විදියට තමයි මෙය එළි දකින්නේ. ඒ වගේම මෙය රූගත කළේ දුම්රියක. ඒ නිසා ලොකුª වෙහෙසක් දරලා හොඳ නිර්මාණයක් බිහි කරන්න අපේ පිරිවරට හැකි වුණා. අනෙක් කරුණ තමයි බොහෝ අය පද රචනයට සංගීතය යොදලා ඊට පසු වීඩියෝ එක හදනවා. අපි කළේ වීඩියෝ එක හදලා ඊට පස්සේ සංගීතය යෙදුවා. එය හරියටම හරි ගියා.පද රචනය ගැන යමක්?අපි හැමෝටම දැනෙන දුක සතුට, ආදරය හැඟීම මේ හැම දේම තියෙනවා. මේ හැඟීම් ගැන ගැඹුරින් ලියැවුණු සරල පද රචනයක් තමයි ‘අසුබ ලකුණ’.මේ දිනවල ඔබේ ජීවිතය කොහොමද ගෙවෙන්නේ?ටෙලි නාට්‍යක හා චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කරනවා. ඊට අමතරව පෙර පරිදි සංගීත නිර්මාණ කටයුතුවල නියැලෙනවා.අරුත් සුන් සමාජයක ගීතයට නව අරුතක් ලබා දෙන්නට වෙර දරන මේ තරුණ සංගීතවේදියාගේ ජීවිතය යහපත් වේවායි අපේ පැතුමයි.සටහන - සංජීව සම්පත් බාලසූරියසේයාරුව - හිරන්ත ගුණතිලක
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
එංගලන්ත සභා වාදය ද්වාරය රොබට් බෙන්ට් නොක්ස් DD LLD (උපත 25 සැප්තැම්බර් 1808, මරණය 23 ඔක්තොම්බර් 1893) යනු 1849 සිට 1886 දක්වා අයර්ලන්ත සභාවේ ඩවුන්, කොනර් සහ ඩ්‍රොමර් හි රදගුරුවරයා සහ, ඉන්පසු 1886 සිට එතුමාගේ මරණය දක්වා ආර්මා හී අගරදගුරුවරයා සහ සමස්ත අයර්ලන්තයේ අග්‍රධරයා වූ තැනැත්තේය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බත්තරමුල්ල සෙත්සිරි පායේ පිහිටි අමාත්‍යංශ අධිකාරි වලට අයත් ඉතා වටිනා වාහන දිරාපත් වෙමින් පවතී. මේ වාහන අතර සුඛෝපභෝගී වාහන පන්තිවලට අයත් වාහන ද ඇත. කාර් සහ ජීප්රථ ගණනාවක් ඇති අතර මේ වාහන වල කොටස් වෙනත් වාහනවල අලුත්වැඩියා කටයුතු සඳහා භාවිතයට ගැනීමට පුළුවන. එවැනි හැකියාවක් තිබියදී මෙසේ දිරාපත්වීමට ඉඩහැර තිබීම අපරාධයක් බව ජනතාව පවසති.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ගැටළුව විසඳාගැනීමට ක්‍රම ගණනාවක් අන්තර්ජාලයේ පැහැදිලි කර තියෙනවා දැක ගන්න පුළුවන්. ඒ අතරින් වඩාත් පහසු ක්‍රමයක් තමයි මේ.මෙහිදී මුලින්ම කුඩා මෘදුකාංගයක් තියෙනවා භාගත කර ගන්න. ඒක භාගත කරගෙන run කර ගැනීමෙන් මෙම ගැටළුව පහසුවෙන්ම විසඳා ගන්න පුළුවන්.එම මෘදුකාංගය භාගත කර ගන්න මෙම යොමුවට යන්න...එම මෘදුකාංගය පිළිබඳ විස්තර දැන ගැනීමට සහ භාවිත කරන ආකාරය බලා ගැනීමට ඔවුන්ගේ ප්‍රධාන අඩවයට යොමු වීමට මෙම යොමුව භාවිත කරන්න...පහත වීඩියෝව මෙම ගැටළුව විඳාගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරයි. වැඩි දුර උදව් අවශ්‍ය නම් එය නරඹන්න.මේ පිළිබඳව ඔබේ අතිදැකීම් හෝ වෙනත් ක්‍රම භාවිත කර ඇත්නම් කමෙන්ට්ස් ලෙස ඉදිරිපත් කරන්න කාරුණික වන්න.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පන්නිපිටිය ධර්මපාල විදුහලේ බොක්සිං පුහුණුවක දී සිසුවෙකු මිය ගියේ පුහුණුව සිදුවූ ස්ථානයේ අනාරක්‍ෂිත තත්ත්වයක් හේතුවෙන් දැයි සැකයක් මතුවී තිබේ. මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් පාසල් ක්‍රීඩා අධ්‍යක්‍ෂ රෝහණ කරුණාරත්න මහතා ඇතුළු පරීක්‍ෂණ කමිටුවක් ධර්මපාල විද්‍යාලයේ බොක්සිං පුහුණුව සිදු වූ ස්ථානයට ගොස් අද විශේෂ විමර්ශනයක් සිදු කරයි.මේ අතර බොක්සිං පුහුණුවෙමින් සිටිය දී ප්‍රතිවාදියාගේ පහරකින් මිය ගිය බුද්්ධි ඉන්දීර සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා මේජර්වරයකු හා සෙබළෙකු හෝමාගම අධිකරණය වෙත අද (13) ඉදිරිපත් කරන බව කොට්ටාව පොලිසිය පවසයි.පාසල් ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයාගේ මූලිකත්වයෙන් අද පැවැත්වෙන පරීක්‍ෂණයේ දී බොක්සිං පුහුණුකරුගේ පත්වීමට පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය හා පුහුණුකරු බඳවා ගැනීම සිදු කළ ආකාරය ද සොයා බලන බව පාසල් ක්‍රීඩා අධ්‍යක්‍ෂ රෝහණ කරුණාරත්න මහතා පැවැසී ය.එයට අමතරව ක්‍රීඩාවට සම්බන්ධ කර ගැනීමේ දී මව්පියන් දැනුවත් කර අනුමැතිය ලබා ඇත්දැයි සොයා බැලීම ද සිදුකිරීමට නියමිත ය.බොක්සිං ක්‍රීඩකයාගේ මරණය සිදුවූ දිනයේම පාසල් ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා විදුහලට ගොස් කරුණු විමර්ශනය කර ඇති අතර අද දිනයේ දී ලිඛිත සටහන් ලබා ගැනීමට නියමිත ය.පාසල් ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයාගේ වාර්තාව ඉක්මනින් ම අධ්‍යාපන ඇමැතිවරයාට ලබාදීමට බලාපොරොත්තු වේ.පසුගිය 5 වැනි ඉරිදා මිය ගිය ශිෂ්‍යයා බොක්සිං පුහුණුව ලබමින් සිටිය දී හිසට තුවාල සිදු වී රෝහල්ගත කෙරුණු අතර 10 වැනිදා අළුයම ඔහු මිය ගියේ ය.බොක්සිං ක්‍රීඩකයාට තුවාල සිදු වූ දිනයට පසුදාම අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයා පරීක්‍ෂණයක් ආරම්භ කළ අතර එය තවමත් අවසන් කර නැතැයි එම අධ්‍යක්‍ෂවරයා ‘දිනමිණ’ ට පැවැසීය.එම පරීක්‍ෂණයේ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවසරයකින් තොරව ලබාදිය නොහැකි බවද ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවැසීය.මිය ගිය බුද්ධි ඉන්දීර පන්නිපිටිය ධර්මපාල විදුහලේ උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලැබූ අතර වුෂු ක්‍රීඩාවෙන් ද දක්‍ෂතා දැක්වූවෙකි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සූ චි සූ චි හී නෙළුම්-හැඩැති ලාංඡනය. සාම්ප්‍රදායික චීන 慈濟基金會 සරල චීන 慈济基金会 පිටපත්කිරීම් මැන්ඩරින් - හැන්යූ පිනියෙන් Cíjì Jījīnhuì මිං - හොකියෙන් POJ Chû-chè ki-kim-hōe සූ චි පදනම හෝ සූ චි, වචනාර්ථය "දයාබර සහනය", යනු ජාත්‍යන්තර මානවවාදී සංවිධානයක් වන අතර එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සාමාජීය මණ්ඩලයේ විශේෂ උපදේශක තත්ත්වයක් උසුලන චීන බස-කථා කරන ලෝකයේ විශාලතම රාජ්‍ය-නොවන සංවිධානය වෙයි.[1] ආශ්‍රිත[සංස්කරණය] ↑ ඔනෙයිල්, මාර්ක් (2010), සූ චි: සර්විං විත් කම්පැෂන්, ජෝන් විලී සහ සහෝදරයෝ බාහිර සබැඳි[සංස්කරණය] නිල අඩවිය (ගෝලීය අඩවිය) සූ චි ඇඑජ සූ චි රෝහල (ප්‍රධාන අඩවිය) සූ චි සරසවිය, තායිවානය සූ චි පදනම මලයාසියා ශාඛාව (චීන) සූ චි පදනම මලයාසියා ශාඛාව (ඉංග්‍රීසි) සූ චි පදනම සිංගප්පූරු ශාඛාව (චීන) සූ චි පදනම සිංගප්පූරු ශාඛාව (ඉංග්‍රීසි) සූ චි පදනම ඉන්දුනීසියා ශාඛාව සූ චි පදනම පිලීපීන ශාඛාව සූ චි සන්තත අධ්‍යාපනය කේන්ද්‍රය TIMA - සූ චි ජාත්‍යන්තර වෛද්‍ය සංගමය දා අයි (මහා ආදරය): සූ-චි හට අයත් රූපවාහිනි නාලිකාවකි ජිං-සි පොත් හා කෝපි කඩේ සබැඳි වෙළෙඳ සල (ඉංග්‍රීසි) සූ චි ප්‍රකාශන UN ReliefWeb ලොව වටා සූ චි මානවනාදී දූත මෙහෙවර සූ චි මලයාසියා පුවත් (සදෘශ්‍ය) Tzu-Chi.html 慈濟සූ චි සූචිය US ජිංසි වෙබ් වෙළෙඳ සල (ඉංග්‍රීසි) US ජිංසි වෙබ් වෙළෙඳ සල (චින) සූ චි ඉන්දුනීසියා (භාෂා)
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කාලෙකට පස්සේ ඔන්න බ්ලොග් පැත්තට ආවා.... අද පුංචි කතන්දරයක් කියන්න තමයි යන්න....එහෙනම් ඔන්න ළමායි දග නොකර කතන්දරේ අහන්න ඕනේ....ඔන්න සීයෙකුයි ආච්චියෙකුයි ඉන්නවා.මේ දෙන්නා හරිම ආදරෙන් ජීවත් වෙන්නෙ.දෙන්නගෙම එකගතාවෙන් තමයි හැම දෙයක්ම වෙන්නෙ.දවසක් මේ ගෙදරට එන අමුත්තෙක් මේ දෙන්නා ආදරෙන් ජීවත් වෙනවා දැකලා මෙහෙම අහනවා."ඔයාලා මේ තරම් ආදරෙන් ජීවත් වීමේ රහස මොකක්ද කියලා මටත් කියන්නකෝ"එතකොට සීයා,ආච්චි දිහා බලාගෙන මෙහෙම කියනවා."අම්මා,තාත්තා,බිරිද,සහෝදර සහෝදරියෝ මේ අයට නොකියන ගොඩක් දේවල් අපි යාලුවන්ට කියනවා.මෙයා මගේ ජීවිතේට ආපු දවසේ ඉදන් මගෙ හොදම යාලුවා උනේ මෙයා.එදා ඉදන් අපි අතර කිසිම රහසක් තිබුනෙ නෑ.එයා කැමති හැම දේම මගේ කැමැත්ත උනා.මම කැමති හැම දේම එයාගෙ කැමති දේවල් උනා.ඉතින් අදටත් අපි ආදරෙන් සතුටින් ජීවත් වෙනවා.ආදරේ කරන කාලේ කියලා වෙනම කාලයක් අපිට නෑ අපි අදටත්,හැමදාමත් ආදරෙන් ඉන්නවා.කළු ගල් දෙකක් වගේ අපෙ හිත් හයියයි.කාටවත් බිදවන්න බැරිතරම් අපෙ විශ්වාසය ශක්තිමත්"ඒ පිලිතුරෙන් ගොඩක් සතුටු උන අමුත්තා ආච්චිගෙන් මෙහෙම අහනවා."වරමක් දුන්නොත් ඔයා මොනවද ඉල්ලන්නෙ."ක්ෂනකයකින් ආච්චි මෙහෙම කියනවා සීයගෙ මූන බලාගෙන."මට කලින් මගෙ ආදරණීය සැමියා මැරෙන්න ඕනෙ"මේ වචන වලට අමුත්තා පුදුම වෙනවා.ඔහු සිතනවා "ආදරය කරන කෙනා තමන්ට කලින් මැරෙනවට කැමති වෙනවා,පුදුමයිනෙ"ඔහු දකිනවා සීයගෙ මුහුණෙ සුපුරුදු හිනාව ආච්චිගෙ මේ වචන වලට පස්සෙත් තිබෙන බව.අමුත්තගෙ මුහුණේ ඇතිඋන කුතුහලය දැක්ක ආච්චි මෙහෙම කියනවා."අපි එක වහලක් යටට ආපු දවසෙ ඉදන් මම නැතුව එක දවසක්වත් මෙයා ඉදලා නෑ.දත් මදින බුරුරුවට දාන ටූත් පේස්ට් ටිකේ ඉදලා මෙයාගෙ හැම දෙයක්ම කරේ මම.ඉතින් මම නැතිව මෙයා කොහොම ඉදීද කියලා හිතෙනකොට මගෙ හිතට ගොඩක් අමාරුයි,දුකයි.මට මොහොතකට කලින් හරි මෙයා මැරෙන්න ඕනෙ.ඊලග මොහොතෙ මම කොහොමත් මැරෙනවා."අමුත්තා මේ හැම වදනක්ම හිතට අරන් ආදරණීය යුවලගෙන් වෙන්වෙලා ගියේ ජීවිතේ නැවුම් ආකල්ප ගොඩකුත් එක්ක.ජීවිතේ හැම දේකටම වඩා වටින්නෙ මානුෂීය බැදීම්.රස්සාව,කාර්ය බහුලත්වය මේ කිසිම දෙයක් නිසා ඒ බැදීම් අමතක කරන්න එපා.ඔයාට ඔයාගෙ රැකියාවෙදි,නිවසින් පිටතදි මුනගැහෙන බොහෝ දෙනෙක්ට ඔයා බොහොම ආචාරශීලීව සැලකුම් කරනවා නේද.අන්න ඒ ආචාරශීලීබව,ෙගෳරවය ඔයාගෙ ආදරණීය පෙම්වතියට,බිරිදටත් ලබා දෙන්න.උදවුවක් ලැබුන විට ස්තූති කරන්න.ඇයව,ඔහුව අගය කරන්න.දුරකථන ඇමතුමකදී ආචාරශීලී වන්න,ආදරණීය වන්න.ඇය සකස් කරන ආහාර රසවත් බව ඇයට පවසන්න.ඔහු ඔබ වෙනුවෙන් ආහාරයක් පිලියෙල කලවිට ඇතැම් විට එය රසවත් නොවුනත් ඔහුව අගය කරන්න.අලුත් ලස්සන ඇදුමක් ඇන්දවිට ඇයව,ඔහුව අගය කරන්න.විවාහයට පෙර පෙම්වතුන්ව,පෙම්වතියන්ව සිටි කාලයේ මෙන් ආදරණීයව හැසිරෙන්න.ආදරයේ නැවුම් බව හැමදාමත් පවත්වාගෙන යන්න.ආදරණීය ජීවත වල ආදරණීය බව රැක ගන්න මේ හැම වචනයක්ම ප්‍රයෝජනවත් වේවි.ආදරණීය බැදීම් තර වේවා,ශක්තිමත් වේවා.ජීවිතයේ හැම අස්සක් මුල්ලක්ම ආදරයෙන් පිරේවා.පින්තුර ගූගල් ගෙනි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අපේ රට ත්‍රස්තවාදින්ගෙන් මුදා ගැනීම සඳහා සිදු කළ මානුෂික මෙහෙයුමේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අතින් මානව හිමිකම් උල්ලංඝණය වීම් සිදු වූ බවට ඝෝෂා කරන පිරිස් පලස්තීනයේ මේ වන විට සිදුවෙමින් පවතින යුද අපරාධ පිළිබඳ මුනිවත රැකීම පිළිකුල්සහගත බව පලස්තීනයේ වත්මන් ඛේදවාචකය පිළිබඳ නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ අස්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.පලස්තීනයේ සිදුවී තිබෙන මහා මානව ඛේදවාචකයට අප රට ඇතුළු සාමය අගයන මුළු මහත් ලෝකයම ගැඹුරින් සංවේදී විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයයි. ඊශ්‍රායල් හමුදා ප්‍රහාර නිසා පසුගිය ජුනි මාසයේ 1800ක් පමණ පලස්තීන වැසියන් ඝාතනයට ලක් විය. මිය ගිය අය අතර අතදරුවන්ද කාන්තාවන්ද බොහෝ වෙති. 9000ක් පමණ දෙනා තුවාල ලබා ඇත. දහසකට වැඩි නිවාස හා වාසස්ථාන අලු දූවිලි බවට පත්ව ඇත. ගාසා තීරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සරණාගත කඳවුරුවලට ඊශ්‍රායල් හමුදා ප්‍රහාර එල්ල විය.ජලය සහ විදුලි සැපයුම්වලට ප්‍රහාර එල්ල විය. මේ සිදුවීම් සම්බන්ධයෙන් අපගේ බලවත් ශෝකය පලස්තින ජනතාව වෙත අප පුදකර සිටිමු. එසේම හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයේ අහිංසක සිසු දරුවන් කිහිප දෙනෙකු ඝාතනය කරනු ලැබීමද එපමණම පිළිකුලකින් යුතුව හෙළා දැකිය යුතු ඛේදවාචකයකි.ශ්‍රී ලංකාව ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා අතර අප පක්ෂයේ නායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පලස්තීන ජනතාවගේ ජාතික අරගලයට සහයෝගය දුන් ඔවුන්ගේ විශ්වාසනීය මිතුරෙකි. එසේම අප පක්ෂය ත්‍රස්තවාදයටත් ආක්‍රමණයටත් සෑම මට්ටමකදීම විරුද්ධව සිටින පක්ෂයකි. මේ සිලු පොදු හා විශේෂ කරුණු පලස්තීනයේ සිදුවීතිබෙන මානව ඛේදවාචකය පිළිබඳ අපගේ සංවේදීතාවය තීව්‍ර කර ඇත.රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ මානුෂික මෙහෙයුමේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අතින් සිදු වුණේ යැයි කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ගැන මහා විශාල වශයෙන් ඝෝෂාවක් කරන බොහෝ දෙනෙකු පලස්තීනයේ සිදුවී තිබෙන යුද අපරාධ මට්ටමට තක්සේරු කළ හැකි මිනිස් ඛේදවාචකයේදී මුනිවත රකිමින් පලස්තීනයේ සිදුවූ ආක්‍රමණය ගැන දෙබිඩි පිළිවෙතින් කටයුතු කිරීම පිළිකුල් සහගත ලෙස ප්‍රදර්ශනය කරමින් සිටින බව මෙහිදී සඳහන් කළ යුතුව තිබේ.පලස්තීනයේ තිරසාර සාමයක් පිහිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු සාමය අගයන සියලු දෙනා පලස්තීනයේ පාලන අධිකාරිය ශක්තිමත් කිරීමට කටයුතු කළ යුතු බව අපි අදහස් කරන්නෙමු. ත්‍රස්තවාදය හෝ ආක්‍රමණය කිසි ලෙසකත් මැද පෙරදිග මේ ඇතිවී තිබෙන සංකීර්ණ අර්බුදයට විසඳුමක් නොවන බව අප විශ්වාස කරමු. එහිදී දෙබිඩි පිළිවෙත් අතහැර දමා පලස්තීනයේ සිදුවී තිබෙන මානව ඛේදවාචකයට අවංකවම සංවේදී විය යුතු බව ජාත්‍යන්තර ප්‍රජාවේ අදාළ පාර්ශ්වයන්ට අපි මතක් කර සිටිමු.නිදහස් පලස්තීන රාජ්‍යයක් එහි ජනතාවත් ආරක්ෂා කර ගැනීම සඳහා මහා ජනතා සහයෝගීතාවක් ලෝක පරිමාණව ගොඩනැංවිය යුතු බව අප පක්ෂය දරන ස්ථාවරයයි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 397 ගලහිටියාව, ගණේමුල්ල සහ පහළ ඉඹුල්ගොඩ ස්ථාපිත කර තිබූ යූ. එස්. එස් ඉංජිනියරින් සමාගම සතු වැඩබිම් දෙක වසා දැමීම නිසා 500කට අධික සේවක සංඛ්‍යාවක් අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිති.ගණේමුල්ල වැඩබිම අසල පදිංචි අයකුගේ පෞද්ගලික අවශ්‍යතාව මත තවත් පවුල් තුනක් සාවද්‍ය ලෙස ගොනු කරන ලද නඩුවක් නිසා වැඩබිම් දෙක වැසීමෙන් තමාට මේ දුක්ඛිත තත්ත්වය උදාවූ බව ඔවුහු පවසති.රැකියා අහිමිවීම නිසා මෙම සේවකයන් 500කට අධික සංඛ්‍යාවකට සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන්ට ජීවත්වීම සඳහා ආදායම් මාර්ගයක් නොමැති වී ඇති බව පවසා සාධාරණයක් කරන ලෙස ඉල්ලා සමස්ත සේවක පිරිස ගම්පහ කච්චේරි සංකීර්ණය අසල සිට කම්කරු කාර්යාලය දක්වා විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.කොස් පැලෑන කඳාන පදිංචි ජයසිරි ඩයස් මහතා - මගේ පවුලෙ හතර දෙනෙක් ඉන්නවා. දරු දෙදෙනාටත් තවම කිසිම ආදායම් මාර්ගයක් නැහැ. ඒ නිසා මම මුලු පවුලම නඩත්තු කරන්නෙ මෙම ආයතනයේ සේවයෙන් ලැබෙන වැටුපෙන්. අද මේ පාරට බැහැලා ඉන්න සියලු දෙනාම මා වගේ රැකියාව අහිමිවීමෙන් දුකට පත් වූ අය.මේ ආයතන දෙක නැවත විවෘත කර දෙන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.ඩබ්ලිව්. ඒ. රංජිත් මහතා - 500 ක් දෙනා පාරට ඇද දමලා මේ වැඩ බිම් දෙක වසා දැමීමට ආධාර කිරීම වැරැදියි.ඒ නිසා මේ පිළිබඳව අපි රජයේ බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු කරලා මේ වැඩබිම් දෙක නැවත විවෘත කර දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
1945 දී ඇරඹි ඩර්ඩන්ස් රෝහල, ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි බහු-විශේෂඥ පෞද්ගලික රෝහලකි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 9 වන සියවස – ක්‍රිපූ 8 වන සියවස – ක්‍රිපූ 7 වන සියවස දශක: ක්‍රිපූ 730ගණන් ක්‍රිපූ 720ගණන් ක්‍රිපූ 710ගණන් – ක්‍රිපූ 700ගණන් – ක්‍රිපූ 690ගණන් ක්‍රිපූ 680ගණන් ක්‍රිපූ 670ගණන් වසර: ක්‍රිපූ 705 ක්‍රිපූ 704 ක්‍රිපූ 703 – ක්‍රිපූ 702 – ක්‍රිපූ 701 ක්‍රිපූ 700 ක්‍රිපූ 699 ක්‍රිස්තු පූර්ව 702 වසර මාතෘකා අනුව දේශපාලනය රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය උපත් සහ මරණ ප්‍රවර්ග උපත් – මරණ සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග සංස්ථාපනයන් – විසංස්ථාපනයන් න සා සං ක්‍රිපූ 702 අනෙකුත් දින දසුන් වලින් ග්‍රෙගෝරියානු දින දසුන ක්‍රිපූ 702 අබ් ඌර්බෙ කෝන්ඩිටා 52 ආර්මේනියානු දින දසුන N/A ඇසිරියානු දින දසුන 4049 බෞද්ධ දිනදසුන −159 – −158 බහායි දින දසුන −2545 – −2544 බෙංගාලි දින දසුන −1294 බර්බර් දින දසුන 249 ඉංග්‍රීසි රාජ්‍යත්ව වසර N/A බුරුම දින දසුන −1339 බයිසැන්ටියානු දින දසුන 4807–4808 චීන දින දසුන 戊寅年 (Earth Tiger) 1995 or 1935 — to — 己卯年 (Earth Rabbit) 1996 or 1936 කොප්ටික දින දසුන −985 – −984 ඩිස්කෝර්ඩියන් දින දසුන 465 ඉතියෝපියානු දින දසුන −709 – −708 හෙබ්‍රෙව් දින දසුන 3059–3060 හින්දු දින දසුන් - වික්‍රම් සම්වත් −645 – −644 - ශක සම්වත් N/A - කලි යුග 2400–2401 හොලොසීන දින දසුන 9299 ඉග්බො දින දසුන −1701 – −1700 ඉරාන දින දසුන 1323 BP – 1322 BP ඉස්ලාමීය දින දසුන 1364 BH – 1363 BH ජපාන දින දසුන N/A ජුච්චේ දින දසුන N/A ජූලියානු දින දසුන N/A කොරියානු දින දසුන 1632 මින්ගුවෝ දින දසුන 2613 before ROC 民前2613年 තායි සූර්ය දින දසුන −158 This box: නරඹන්න සාකච්ඡා කරන්න සංස්කරණය කරන්න විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්‍රිත මාධ්‍ය සතු වෙයි: 702 BC
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
4pt 0in 5.

මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න. This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න. This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න ; යෝජනා මෙහි තිබිය හැක. (අප්‍රේල් 2014) හබන් කුකුළා (Sri Lanka Spurfowl) Conservation status Least Concern (IUCN 3.1) Scientific classification Kingdom: Animalia Phylum: Chordata Class: Aves Order: Galliformes Family: Phasianidae Genus: Galloperdix Species: G. bicalcarata Binomial name Galloperdix bicalcarata (Forster, 1781) හබන් කුකුළා පහත රට තෙත් කලාපීය වනාන්තර වල හා කඳූකරයේ මීටර් 1800 දක්වා ඉහළටත් වියළි කලාපීය වනාන්තර වලත් වාසය කරයි. අතිශය වනවාසී,තුළෑටි,භූමිවාසී පක්‍ෂියෙකි. විවිධ බීජ වර්ග, බිම වැටුණු පළතුරු, වේයන් සහ වෙනත් කෘමීන් ආහාරයට ගනී. ආහාර සොයමින් ප්‍රබල ලෙස වනයේ බිම පහුරුගායි. හබන් කුකුළා ප්‍රමාණයෙන් අඩක් වැඩුණු ගම් කුකුළෙකු තරම්ය. නොවැම්බර්-මාර්තු සහ ජුලි-සැප්තැම්බර් කාලවලදී අභිජනනය කරන හබන් කුකුළාගේ කැදැල්ල ගලක් හෝ පඳුරක් යට බිම සූරා සාදා ගනු ලබන මඳ අවපතනයකි. මෙය තුළ සාමාන්‍යයෙන් බිත්ත්ර දෙකක් දමනු ලැබේ. කිතුල්ගල සහ සිංහරාජ වනාන්තර මෙම පක්‍ෂියා දැකගැනීමට ඇති හොඳම ප්‍රදේශයන් ලෙස වාර්ථා වී ඇත.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඔක්තෝබර් 20 වැනිදා* ජයලත් මනෝරත්නගේ ‘පුත්‍ර සමාගම’ කටුගස්තොට ශාන්ත අන්තෝනි රඟහලේ21 වැනිදා* උදයසිරි වික්‍රමනායකගේ ‘සුද්දෙක් ඔබ අමතයි’ ටවර් රඟහලේ23 වැනිදා* සරත් කුලාංග ගේ ‘දෙයියොත් දන්නේ නෑ’ ත්‍රිකුණාමලය චීන වරාය ශාරීරික පුහුණු මධ්‍යස්ථානයේ24 වැනිදා* සයිමන් නවගත්තේගමගේ ‘සුභ සහ යස’ තංගල්ල නගර ශාලාවේවීදි නාට්‍ය ප්‍රවර්ධනය සඳහා රට පුරා විසිරී සිටින වීදි නාට්‍ය කණ්ඩායම් සහ වීදි නාට්‍ය ළැදි පිරිස් එකමුතු කොට ජාතික වීදි නාට්‍ය සංසදයක් පිහිටුවීමට අදහස් කරයි.මෙම වීදි නාට්‍ය සංසදය පිහිටුවීම පිළිබඳ කතිකාවක් මේ මස 20 වැනිදා සෙනසුරාදා පෙරවරු 10.00 ට බෞද්ධාලෝක මාවතෙහි පිහිටි සුදර්ශී ශාලාවේදී පැවැත්වේ. මෙහිදී සියලු නාට්‍ය කණ්ඩායම්වල සහභාගිත්වය අපේක්ෂා කරයි. විමසීම් සඳහා පරාක්‍රම නිරිඇල්ල, හේමසිරි අබේවර්ධන යන අය අමතන්න.මායදේවි, නාග ගුරුළා, දෝන කතරිනා, දෙවැනි මහින්ද, ජගන්මා වැනි රාජ්‍ය සම්මාන දිනූ ස්වතන්ත්‍ර නාට්‍ය වේදිකාවට රැගෙන ආ සම්මානලාභී කේ. බී. හේරත්ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘කළු කුමාරී’ මේ මස 24 වැනිදා බදාදා බොරැල්ල පුංචි තියටර්හිදී වේදිකා ගත වේ.නලීන් ප්‍රදීප් උඩුවෙල, මාධනී මල්වත්තගේ, සුමිත් රත්නායක, ෆර්නි රෝෂිණී, චන්ද්‍රසෝම බින්දුහේවා, යන රංගන ශිල්පීහු මෙහි රංගනයෙන් දායක වෙති. දුලංජලී විජේසේන, පින්සර සමරසේකර, නිහාන් දේශප්‍රිය, උදිත සමීර, කැලුම් කල්හාරි යන ශිල්පීන් ගායනයෙන් ද, ශාන්ත පීරිස් ගේ සංගීතයෙන් ද ‘කළු කුමාරි’ හැඩ වෙති. වෙස් නිර්මාණයෙන් සුවිනීතා පෙරේරා සහ කමල් කාන්ති බෝගොඩ ද, රංග වින්‍යාසයෙන් මහේෂ් උමගිලිය ද, රංග භූමි අලංකරණයෙන් ප්‍රදීප් චන්ද්‍රසිරි ද, අංග රචනයෙන් බුද්ධදාස ගලප්පත්ති සහ ප්‍රකාශ් ගලේවෙල ද, වේදිකා පරිපාලනයෙන් හා සහාය අධ්‍යක්ෂණයෙන් කීර්ති කේ. රත්නායක ද සහභාගි වෙති. විධායක නිෂ්පාදනය බණ්ඩාර ඇහැලියගොඩ ගෙනි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කුරුණෑගල දැදුරුඔය පාලම අසලදී පසුගිය (27) දා සිදුවුණු රිය අනතුරින් මියගිය එකම පවුලේ හයදෙනාගේ මළසිරුරු උහුමීය සඳගල දම්පිටිය පොදු සුසාන භූමියේදී ඊයේ (29) දස දහස් ජනතාවගේ සෝ සුසුම් මැද එකම වළක මිහිදන් කෙරිණි.කුරුණෑගල සඳගල පදිංචි එකම පවුලේ ඩී. එම්. ඇග්නස්, තිලක් සුසන්ත, ඉන්ද්‍රානි කුමාරි, මල්ෂා මීදුම් මනහර, කපිල ප්‍රදීප්, පසිඳු දිල්ෂාන් යන අය මේ අනතුරින් මරුමුවට පත්වූහ.මළසිරුරු රැගත් අවමංගල පෙරහර දසදහස් ජනතාවගේ දුක් කඳුළු මැදින් සඳගල දම්පිටිය පොදු සුසාන භූමිය කරා ගෙන එන ලදී.මළහිරු බසින හෝරාවේදී සඳගල දම්පිටිය ප්‍රදේශයේ ජනතාවගේ විලාප මැද එකම පවුලේ සයදෙනාගේ මෘත දේහ මිහිදන් කෙරිණි.එහිදී අනුශාසනාවක් කළ වයඹ අධිකරණ සංඝනායක ජනාධිපති ආගමික උපදේශක රැකව ජිනරතන නාහිමියෝත් මෙසේ පැවැසූහ. රියදුරා තම වගකීම හරිහැටි ඉටුකළා නම් මෙවන් අකල් මරණ සිදුවෙන්නේ නැහැ.ලෝක ධර්මතාව අනුව කවුරුත් මියයනවා. මේ අය නාගදීප පුදබිම වැඳපුදා ගෙන නිවෙස් බලා ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුවුණේ කල්පනාවෙන් කටයුතු නොකළ නිසයි.නැෙඟනහිර දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක මහතා - වාහන ලක්ෂ 3-4 මාර්ගවල ධාවනය වෙනවා. අපි ප්‍රවේශමෙන් වැඩකළ යුතුයි. වෙනදා පැයකින් යන ගමන අද පැය 2-3 ක් ගත වෙනවා. පොලිසියට මාර්ගවල රාජකාරි සඳහා නිලධාරි වැඩියෙන් යොදන්න සිද්ධ වෙලා. රිය පදවන අය කරන වැරදි දිනෙන් දින වැඩි වෙනවා.මෙම අවමංගල උත්සවයේදී වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන්, කුරුණෑගල නාගරික මන්ත්‍රීවරු, පොල්ගහවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් කතා කළහ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වසර 25 කට පසුව උතුර පළාත් සභාව සදහා නාමයෝජනා බාර ගැනීම අනිද්දා (25) සිදුකෙරේ.එදිනම වයඹ සහ මධ්‍යම පළාත් සභා සදහාද නාමයෝජනා බාරගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.නාමයෝජනා බාරදීම මේ මස 25 සිට අගෝස්තු 01 දක්වා සිදුකෙරේ.මීට අමතරව තැපැල් ඡන්ද සදහා ඉල්ලුම් පත්‍ර භාරගැනීම මේ දිනවල සිදු කෙරෙන අතර ඒ සදහා වැඩි විස්තර රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ දුරකතන අංක 1919 ඇමතීමෙන් ලබාගත හැකි බවද මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.නාමයෝජනා භාරදීමෙන් පසුව කිසිදු පෙළපාළියක් යෑමට අවසර නොදෙන බවත් ඒ සදහා නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට තමා උපදෙස් දී ඇති බවත් මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.උතුරු පළාත් සභා ඡන්දය පැවැත්වෙන නාමයෝජනා බාර ගැනීම සිදු කෙරෙන යාපනය, කිළිනොච්චිය,මුලතිව්,වව්නියා,මන්නාරම යන දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාල අසල ආරක්ෂාව සදහා විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇති බවද මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පවසයි.මෙම පළාත් තුනේ මැතිවරණය සදහා විදේශ මැතිවරණ නිරීක්ෂකයන් ගෙන්වීමට අදාළ පාර්ශ්වයන් සදහා සාකච්ඡා කර ඇති අතර ඒ සදහා ආසියානු හා දකුණු ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංගම් දෙකට ආරාධනා කොට තිබේ.නාම යෝජනා භාරදීමෙන් පසු මැතිවරණය පැවැත්වෙන කාලය තුළ සිදුවන නීතිවිරෝධී ක්‍රියා පිළිබද දැනුම් දීම සදහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රධාන පැමිණිලි භාරගන්නා ස්ථානයකුත් දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති පැමිණිලි භාරගන්නා ස්ථාන මේ වනවිටද ක්‍රියාත්මක කර තිබේ ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.