text stringlengths 0 6.5k |
|---|
ගෙදරින් කිව්වේ මට භෞතීය විද්‍යා අංශයට යන්න , මොකද ආපහු විභාගේ කරන්න ලෑස්තිවෙන්න තරං කාලයක් තිබුණේ නෑ වගේම පලවෙනිපාර මම මහන්සිවුනු තරමත් එක්ක දෙවෙනි පාරක් කළත් ප්‍රතිඵලවල වෙනසක් නොවෙයිදෝ කියන සිතුවිල්ල තිබුනු නිසා වෙන්නැති. |
ඒත් මම හිත හදාගත්තා. විභාගේ ආපහු කරනවා කියලා! ඒ වෙලාවේ හිත හදාගන්න මට ගොඩාක් උදව්වුණේ ,හැම මොහොතකම මගේ ලඟින් උන්නු,මගේ පෙම්වතිය.එයා මාව ගොඩාක් ධෛර්යමත් කලා.මට විභාගේ ඉහලින්ම කරගන්න පුලුවන් බව පෙන්නලා දුන්නා.මට, මං ගැනම විශ්වාස නැතිව උන්නු වෙලාවක මට ලොකු හයියක්වුණේ එයා. |
ඉතිං මම ආපහු විභාගෙට ලෑස්තිවෙන්න පටංගත්තා.ඒ වෙනකොට අප්‍රේල් මාසෙටත් කිට්ටුවෙලා තිබුණේ.මාස 4යි ඉතුරුවෙලා තිබුනේ.කොහොමහරි විභාගේ ගොඩදාන්න ඕනි කියන හැඟීමෙන් මම වැඩකලා. |
අපේ අම්මා මට ඕනිකරන පොත්පත් ආදී මෙකී නොකී, මට අවශ්‍ය දෑ සියල්ල ගෙනත් දුන්නා.කොහොමහරි විභාගෙත් කලා.මම විභාගේ ලියනකං අපේ අම්මා වජිරාරාමෙට ගිහින් බෝධිපූජා තිබ්බා. |
අවසානේ ප්‍රතිඵල ආවා. |
භෞතික විද්‍යාවට- A : |
රසායන විද්‍යාවට- A ; |
D-Rank : 109 ( දිස්ත්‍රික්ක සමාර්ථය ) |
I-Rank : 383 ( සමස්ත දිවයිනෙන් ) |
ඉතිං මේ වතාවේ මගේ හීනය සැබෑවුණා.මගේ අම්මගෙයි,තාත්තගෙයි වගේම මගේ පෙම්වතියගෙත් උත්සාහය මලඵල ගැන්වුනා. |
( අර කිඹුල් කඳුලු හෙලාපු නෑයන්ටයි , මාව දාල ගිය යාළුවන්ටයි කටඋත්තර නැතිවුණා.අළු ගසාදාලා , ආපහු මම නැගිටපු නිසා! ) |
මම දැන් මේ 29 වනදා ආරම්භවෙන කටුබැද්ද ඉංජිනේරු පීඨයේ 2010/2011 අධ්‍යයන වර්ෂයට ඇතුළත්වෙන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. |
ඔන්න ඔය අතරේ , ගිය සතියේ දවසක අපේ අම්මා මට කවියක් ලියපු කොලයක් දීලා කිව්වා; |
"පුතේ,ඔය කවිය මම ලිව්වේ ඔයගේ පලවෙනිපාර A/L ප්‍රතිපල ආපු වෙලාවේ" කියලා. |
ඒ කවිය කියවපු මට හිතුණේ අම්මල අපිට නොපෙන්නුවාට,අපේ අනාගතය ගැන කොච්චර ගින්දරක් හිතේ තියාගෙන ඉන්නවද කියලා! |
මෙන්න ඒ කවිය : |
ඔබ ගැන සිතනා, |
දවසින් දවස දැනෙනා මේ දුක, |
ඔබට නෑසෙනා ලෙස.... |
කෙසේ වෙතත් අම්මට හැකිවෙයි, |
ඒ දුක ඉවසන්නට... |
අනාගත දවසක , |
කවිය කියවලා මගේ හිතට දැනුණේ පුදුම දුකක් වගේම ලොකු සතුටක්. |
දුක හිතුනේ අම්ම කොච්චර මං ගැන බලාපොරොත්තු තියාගෙන හිටියාද,ඒක මට පලවෙනිපාර ඉෂ්ඨ |
කරන්න බැරිවීම ගැනයි. |
අම්මලා අපිට නොපෙන්නුවාට අපි ගැන ගොඩාක් බලාපොරොත්තු , හීන ගොඩගහගෙන ජීවත්වෙනවා කියන එක මට හරියටම තේරුනේ මේ කවිය දැක්කාමයි. |
මම මගේ අම්මාගේ බලාපොරොත්තු ඉෂ්ඨකලා. |
ඔයාලත් මේ ගැන ටිකක් හිතන්න. |
වර්ගීකරණය : අම්මා, දුක, බලාපොරොත්තු, මම |
වර්ගීකරණය : අහිමි සෙනෙහස, කඳුළු, දුක |
~~~ මොහොතක මතකය ~~~ |
මොහොතකට වුණත්, |
ඇස් දෙක මාව මඟහැරියත්, |
හිත ගැස්සුනා කියලා, |
මිරිකගත්තේ ඒ නිසා නේද? |
නමවත් දන්නේ නෑ, |
දැනගෙන හිටියා වගේ, |
මමත් ඔයාගේ, |
හිතට දැනුනු නිසා, |
සුවපත් වෙන්න තිබුණා, |
තවත් ආත්ම ගානකට.... |
මං දිහා බැලුවා මතකද? |
ඒත් ඇස් මට කීව කතාව, |
හරිම දිගයි, |
මගෙ හිත ඔයාට දැනුණා, |
"ඔයා මට ආදරෙයි නේද?" |
එහෙම නේද ඇහුවේ? |
මාව දාලා යන්න ගියා.... |
නමවත් කිව්වේ නෑ! |
මගේ නම ඇහුවෙත් නෑ! |
ඒත් මට හිතුණා, |
මතක් කරන්නම් හමුවීම, |
ඔයාට අමතකවෙලා තිබුණොත්, |
ඒ පුංචි කාලෙට.... |
වර්ගීකරණය : ආදරේ, ඇස්, ඔබ, කතා, මගේ හිත, මම |
ඔහු එනතුරා... |
අපේ රටේ සුවහසක් ජනයාගේ සාම පාරමිතාව උදෙසා,තම සතුට පූජාකළ ඒ දිරිය මවුවරුන්ට අපගේ උත්තමාචාරය!! |
වර්ගීකරණය : ඈ, ඔහු, තනිකම |
නොගිහිං ඉන්න බැරි තැනක්.... |
යන්නම වෙන තැනක්.... |
බැරි තැනක්... |
ඒ වගේම මමත්, |
ඒ අන් තැනක් නොවෙයි! |
පොදු උරුමය වූ, |
අපි මැරෙන මිනිස්සු බව දැනගෙන ජීවත්වෙමු! |
වර්ගීකරණය : උරුමය, ඔබ, මම, මරණය |
~~~ මම ඉඳීවී... ~~~ |
ඔබට තනි රකිමී, |
ඈත දුර අහසේ, |
ඔබ සිටිද්දී... |
නිල් සයුර වී, |
~~ මගේ තනිකම ~~ |
අසන්නට ඔබ නෑ , |
ඔබ මා දමා ගිහිං... |
ඔබ නැතිව මම හඬනවා දුකිං... |
මගේ සොඳුරිය |
මගේ සිත ස්නේහෙං... |
වර්ගීකරණය : ඔබ, කඳුළු, තරු, පොරොන්දු, මම |
මා හැරදමා ඔහු වෙත ගිය නුඹ... |
~~ ඔහු වෙත ගිය නුඹ ~~ |
ඔහු වෙත ගිය |
වර්ගීකරණය : ඔහු, කුණු, නුඹ, මම |
වර්ගීකරණය : අහිමි සෙනෙහස, ආදරේ, පුංචි හිනාව, මම |
~~ වැටි වැටී නැගිටපන්! ~~ |
උං හිතන් ඉන්නේ |
වැටෙන්නේ නෑ කියලා! |
හිටගෙන ඉන්න පුළුවන් වෙනකන්ම! |
වර්ගීකරණය : උඹ, ජය, නැගිටපන් |
~~~~~~ නුඹ ~~~~~~ |
ගැස්ම වූ නුඹ, |
බඩ සහ රට දෙකෙන් හොඳ තීරණය ගැනීම තම තම නැණ පමණින් කල යුතුයි .... ආඩම්බරයි සහෝ .... |
මොනවා කිව්වත් වැඩක් නෑ බන් මයියා උඩින්ම දිනනවා. |
අන්න ඒක තමයි මම කියන්නේ ගලවා බලාපන් පාට කණ්නාඩිය කියලා .. |
ප්‍රදේශ රැසකින් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම්... - hari |
Home » Hot » Local » police » ප්‍රදේශ රැසකින් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම්... |
ප්‍රදේශ රැසකින් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම්... |
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශවීමත් සමග ප්‍රදේශ රැසකින් මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම් පිළිබදව තොරතුරු වාර්තාවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. |
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ බොහෝ ප්‍රදේශවල පෙළපාලි සංවිධාන කිරීම පිළිබදව තොරතුරු වාර්තාවන බවයි. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.