text stringlengths 0 35k |
|---|
ගාල්ල, මාගාල්ල ප්‍රෙද්ශයේ ඉදිකර තිබූ ජාතික නිදහස් පෙරමුණේ දිස්ත්‍රික් කාර්යාලයට ඊයේ රාත්‍රී කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රහාරය එල්ල කළ පිරිස් විසින් එම කාර්යාලයේ තිබූ බැනර් සහ කටවුට්වලට කළුතෙල් දමා ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ ගාල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මේ අ... |
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීමේ අරමුණින් පළාත් රෝහල් සඳහා නවීන වෛද්‍ය උපකරණ ලබාදීමේ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර තිබේ. එම අමාත්‍යාංශය පවසන පරිදි මේ යටතේ රුපියල් කෝටි 250 ක නව වෛද්‍ය උපකරණ පළාත් රෝහල් වෙත ලබාදේ. පළාත් රෝහල්වල දැනට ඇති වෛද්‍ය උපකරණ යල් පැනගිය උපකරණ බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යාංශය නව උපක... |
එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති ධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට සහය පළකිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය අද නිල වශයෙන් නිවේදනය කරනු ලැබිණි.. එම සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා සඳහන් කළේ මෙරට ජාතික ගැටලුවට ස්ථිරසාර දේශපාලන විසඳුමක් ලබාදීමට වත්මන් ආණ්ඩුව අසමත් වීම මෙම තීරණය ගැනීමට හේතුව බවයි. ආර්.සම්බන්ධන් මන්ත්‍ර... |
වසර 20කට පසු මඩකළපුව - කල්මුණේ ඒ 4 ප්‍රධාන මාර්ගය අද යළි විවෘත කෙරුණි.. ආරක්ෂක හේතූන් මත මෙම මාර්ගය වසා දැමුණේ 1990 වසරේ දීය. මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරමින් කිලෝමීටර 2 ක පමණ දුරක් ගමන් කිරීමට ජනතාවට සිදුවූ බවයි වාර්තා වේ. පවතින සාමකාමී වාතාවරණයත් සමග මෙම මාර්ගය විවෘත කරන ලෙස අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් ... |
දේශීය ව්‍යාපාරිකයාට ලෝකයත් සමග ඉදිරියට ගමන් කිරීමේ පසුබිම සහ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම සඳහා පියවර ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද දේශීය ව්‍යාපාරිකයන් පිරිසක් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.. දියුණු වන ලෝකය සමග ඉදිරියට යාමේදී අනිවාර්යෙයන්ම දේශීය ව්‍යාපාරිකයාට නිසි ... |
�Y��X {y�x r��z� ���K {��r��x xf�l� S��Y�yp �xYhp�x� S���K{z�p� ��xp� WYY� �K {p �f R{~p� � ܻබි. cp��r� v�o� R�|x r{~න පරිදි W�� Yfx�l� Rn cp��r� v��p�n y�crY�} v�l��[� ��Y�}jxf zY�වී ඇත. p{ �x Yhpx S���v l���p� �Y��X {y��x� {�M}�Y t�ා�K o��l�{ �z�xp 7.5�p� S�� xp t{ ~n�p� ෙවි. �K {p �f {y��x� {�M}�Y t���K o��l�{ �... |
දියෙන් කිරි වෙන්කරගන්නාක් මෙන් සරත් ෙෆාන්සේකා මහතා බලයට පැමිණි විගස දූෂිතයන් වංචාකරුවන් ඇතුළු පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රේණුකා හේරත් මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ සරත් ෆොන්සේකා මහතාගේ පාලනය යටතේ දූෂණය සහ වංචාව සම්පූර්ණයෙන් තුරන් කිරීමට පියවර ගන්නා බවයි. මහනුවර ප්‍ර... |
දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාගැනීම සඳහා ඇතිකරගත් එකඟතා පිළිබඳ හෙළිකරන ලෙස අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විපක්ෂයට අභියෝග කරයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ දෙමළ සන්ධානෙය් සහය ලබාගැනීම සඳහා ජනාධිපති ධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා කරුණු රැසකට එකඟ වී ඇති බවට වාර්තා වී ඇති බවයි. එල්.ටී.ටී.ඊ... |
ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය දුර්වල වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රතිපත්තිමය මැතිවරණ ව්‍යාපාරයක නිරත වීමට ආණ්ඩුව අසමත් වී ඇති බවයි. එබැවින් විවිධ චෝදනා එල්ල කරමින් ආණ්ඩුව මඩ දේශපාලන ව්‍යාපාරයක නිරත වී සිටින බව ටිල්වින් සිල්වා මහතා කියා සිටියි. අද කොළඹ පැවති ... |
ගෝලීය තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර බාහිරකරණ ක්‍රියාවලි සේවා ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛ සේවා සපයන්නෙකු හැටියට ප්‍රචලිත එම්ෆසිස් ආයතනය සිය සේවා ජාලය පුළුල් කරමින් නව සේවා මධ්‍යස්ථානය කොළඹ පිහිටුවීමට සැලසුම් කරයි. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා ආයෝජන මණ්ඩලීය ශ්‍රවණගාරයේ දී පැවැත්විණි. ඉදිරි වසර 3 ඇතුළත 2000 ක පමණ... |
Effie - 2009 සම්මාන උලෙළේදී ජනශක්ති රක්ෂණ සමාගම �ආයතනික කීර්තිය / වෘත්තීය සේවා� අංශය සඳහා ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. ඒ සමඟ Effie සම්මානයක් දිනාගත් එකම රක්ෂණ සමාගම බවට ජනශක්ති රක්ෂණ සමාගම පත්විය. ජනශක්ති රක්ෂණ සමාගමේ විකුණුම් හා අලෙවි සාමාන්‍යාධිකාරී රවි ලියනගේ මහතා ඒ පිළිබඳ මෙසේ පැවසීය. අපේ 15 වැනි සංවත්සර වසරේදී ලද මේ... |
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික සංචාරක නිවාඩු නිකේතනය වන �බෙන්තොට ජාතික නිවාඩු නිකේතනයට 40 වසරක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවූ අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා සංවත්සර පලකය නිරාවරණය කළ අයුරු. සංචාරක අමාත්‍ය අචල ජාගොඩ, අමාත්‍යාංශ ලේකම් ජෝර්ජ් මයිකල්, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බර්නාඩ් ග... |
කොළඹ කොටස් වෙළඳ පොළ ඉතිහාසයේ වඩාත් සාර්ථකම වසර ලෙස 2009 වසර තමා නම් කරන බව කොළඹ කොටස් වෙළඳ පොළෙහි සභාපති නිහාල් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටිෙය්ය. කොළඹ කොටස් වෙළඳපොළෙහි ප්‍රධාන මිල දර්ශකය වන සමස්‌ථ මිල දර්ශකය 2009 වසරෙහි මුල් මාස කිහිපය තුළ සුළු විචලනයක් දැක්‌වුවද, යුධමය තත්ත්වය අවසන් වීමත් සමගම එය වාර්තාගත අගයක... |
සිය ප්‍රථම වර්ල්ඩ් ඔෆ් හේලීස්" ප්‍රදර්ශණාගාරය යාපනයේ පිහිටුවමින් හේලීස් සමූහය ශ්‍රී ලංකාවේ උතුරු පළාත හා පැවති දශවර්ෂ කිහිපයක සබඳතාව යළි වරක් අලුත් කර ගෙන ඇතැයි සඳහන් ෙවි. විවිධ ව්‍යාපාර වල නිරත වී සිටින සමූහය සතු නානාප්‍රකාර නිෂ්පාදන හා සේවා එකම වහලක් යටතේ ප්‍රදර්ශනය සහ අලෙවිය සඳහා නිර්මාණය කර ඇති මෙම වර්ල්ඩ් ඔෆ... |
සරත් ෙෆාන්සේකා මහතාගේ බෑනා වන ධනුන තිලකරත්න මහතා සිදුකළ බව කියන අවි ගනුදෙනු සම්බන්ධයෙන් ඕනෑම අයෙකු සමග විවාදයකට ඒමට තමන් සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ එවැනි අවි ගනුදෙනු සිදු නොකළ බවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයට... |
ජනතා විමුක්ති පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයට පහර දීමට මැර කණ්ඩායම් පැමිණි වාහනය හඳුනාගෙන ඇත්නම් එහි අයිතිකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන ෙපාලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ අතිරේක දිසා විනිසුරු දර්ශිකා විමලස... |
බංග්ලාදේශයේ දී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු තරගය අද පැවැත්‍ෙවි.. තරගය බංග්ලාදේශයේ දකා නුවර දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය. මීට පෙර පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 5කින් පරාජයට පත්විය. බංග්ලාදේශ කණ්ඩායම ද ඔවුන් මුහුණ දුන් පළමු ත... |
රාජ්‍ය සේවකයින් සඳහා වැඩිකරන ලද ජීවන වියදම් දීමනාව හෙට දිනයේ දී ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය මුදල් රාජ්‍ය ආයතන වෙත මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති බවයි. නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලට අදාළ ජීවන වියදම් දීමනාව ද මේ සමග ගෙවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය... |
පොඩි මිනිසුන් නොසලකා හැරි යුගය අවසන් වී ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.. මැද මුලන නිවසේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කෙළ්ය.. ගෙවී ගිය සිව් වසරක කාලය තුළ ධීවර, ගොවි සහ කම්කරු ජනතාව වෙනුවෙන් නව ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළ බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ය. අ... |
රජයේ මාධ්‍යවල විකාශය කෙරෙන වැඩසටහන් අපක්ෂපාතී ලෙස මෙහෙයවන්නැයි තමා උපදෙස් දී ඇති බව රාජ්‍ය මාධ්‍ය අධීක්ෂණය කිරීම සඳහා පත්කෙරුණු නිසි බලධාරී ජයම්පති හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු පවසන්නේ දැනටමත් ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය සහ ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශය කෙරෙන වැඩසටහන් කිහිපයක් පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධා... |
ජීව අත්බෝම්බයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අහුංගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අහුංගල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසි කිරීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.කරුණාරත්න මහතා පවසයි. අත්අඩංගුවට ගත් මෙම සැකකරු අහුංගල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව වාර්ත... |
ජනාධිපති ධුර අපේක්ෂක සරත් ෙෆාන්සේකා මහතාට සහය දැක්වීමට තමා කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. සරත් ෙෆාන්සේකා මහතාට සහය දැක්වීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිඳු සත්‍යතාවයක් නොමැති බව නවීන් දිසානායක අමාත්‍යවරයා කියා සිටියි. පසුගිය දා ගාම... |
නියෝජ්‍ය තැපැල් ඇමති එම්.ෙසල්වසාමී මහතා සරත් ෙෆාන්‍ෙස්කා ට සහය දීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. අද මේ මොහොෙත් පැවැත්‍ෙවන ජෙනරාල් සරත් ෆොන්ස්කා ෙග් මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ දැනුම් දී ඇත. |
එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියා අභාවප්‍රාප්ත වී තිබේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පවසන පරිදි ඔහු හමුදා භාරයේ සිටියදී ඊයේ රාත්‍රී ෙය් මිය ගිය ගොස් ඇත. වීරස්වාමි තිරුවෙන්ගඩම් වේළුපිල්ලේ නැමැති මොහු කලක් අංශ භාග රෝගයෙන් පෙළුණු බව බ්‍රිෙග්ඩියර් උදය නානායක්කාර මහත... |
.. ජනාධිපති ධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් පිරිසක් අතර ඇතිවීමට ගිය ගැටුමක් පාලනය කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. ඊයේ රාත්‍රී හලාවත නගර මධ්‍යයේ සැරසිලි කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු පිරිසකට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් පිරිසකග... |
යාපනය, නුවර ඒ 9 මාර්ගය විවෘත කිරීමත් සමග ඕමන්තේ සීමා මුරපොල හරහා ගමන් කරන වාහන සංඛ්‍යාව ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. සාමාන්‍ය ජනතාව මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යන වාහන ද විශාල වශයෙන් මෙම මාර්ගය ඔස්සේ ගමන් කරන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. ඕමන්තේ සීමා මුරපොළ හරහා ගමන් කරන පුද්ගලික වාහන වව්නියාව තේක්කවත්ත ප්‍රදේශෙ... |
සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම යනු උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට සහය ලබාදීමක් බව ජාතික හෙළ උරුමය පවසයි. ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අතුරලියේ රතන හිමියන් පවසන්නේ උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට සරත් ෙෆාන්සේකා මහතා දෙමළ ජාතික සන්ධානය සමග එකගතාවක් ඇතිකර ගෙන ඇති බවයි. පරාජය කරන ලද සන්නද්... |
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම සඳහා තමා අාණ්ඩුවට එක්වන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි. හෙතෙම පවසන්නේ මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරවා හැරීමෙන් ආණ්ඩුවේ බංකොලොත්භාවය ප්‍රදර්ශනය කෙරෙන බවයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී... |
හෙරොයින් ජාවාරමකට සම්බන්ධ පකිස්ථාන ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව දෝහා කටාර්වල සිට මෙරටට පැමිණි පාකිස්ථාන ජාතිකයා ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් මෙම සැකකරු රාගම රෝහලට ඇතුළත් කර පරීක්ෂා කිරීමේ දී ඔහුගේ උදරයේ තිබී හෙර... |
රිමාන්ඩ් බාරයේ පසු වූ පූජ්‍ය දඹර අමිල හිමියන් අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප පිට නිදහස් කිරීමට පියවර ගෙන තිබේ. පුද්ගලයින් විදෙස් ගත කරන බවට මුදල් ලබා ගෙන වංචා කරන ලදැයි උන්වහන්‍සේ පසු ගිය දා අත්අඩංගුවට ගනු ලැබිණි. දේශ හිතෛෂී ජාතික මධ්‍යස්ථානයේ සභාපති ... |
රජයට සම්බන්ධ දේශපාලන මත දරන පුද්ගලයන්ට පමණක් මේ රටේ ජීවත් විය හැකි බවට මතයක් ගොඩ නැගී ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විවිධ දේශපාලන මත දරන්නන් එක්ව රටේ යහ පාලනය ගොඩ නැගීම සදහා පෙරමුණ ගෙන කටයුතු කරන බවයි. සුදුස්සාට සුදුසු තැන ලබා දෙමින් යහ පාලනයකට අනුව කටයුතු කිරීමට ඉදිරි... |
විභාගය සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා සුදුසුකම් නොලැබූ ලක්ෂ 2ක පමණ තරුණයන්ට විෙද්ශ රැකියා ලබා දීමට තීරණය කර ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.. රජයේ රැකියා සදහා බදවා ගත් උපාධිධාරීන් ජනතා සේවයට ඵලදායි ලෙස යොදා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන... |
මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට ධීවර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.. "දිය සැරිය" නිමින් හදුන්වන මෙම බෝට්ටු සේවාව අමාත්‍ය ෆීලික්ස් පෙරේරා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කෙරුණි. ඒ අනුව ජා-ඇල , සුදුවැල්ල , තුන්මෝදර , දෑලතුර , තාරකුලිය සහ ලීනස් වේල්ල ඇතුළු ප්‍රදේශ වල ධීවර ජනතාවට මෙම බෝට්ටු සේවාව ඔස්සේ මගී ප... |
මඩකලපුව, නගරාධිපතිනි ෂිවගීතා ප්‍රභාකරන් මහත්මිය මෙවර ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා මහතාට සහය පළකිරීමට තීරණය කරයි අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව අනාවරණය කළාය. තමන්ට ඡන්දය දුන් ජනතාවගේ ඉල්ලීම මත මෙම තීරණය ගත් බව ඇය එහිදී පැවසුවාය. කෙසේවුව ද තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හෝ නගරාධිපති ධුරයෙන් ඉවත් නොවන බව ෂිවග... |
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිංහ රෙජිමේන්තුවෙි සිට කොටි රෙජිමෙින්තුවෙි සේවය කරන තත්ත්වයට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක,පාර්ලිමෙින්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ද්‍රවිඩ ජාතික සන්ධානයේ බෙදුම්වාදී ඉල්ලීම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර තිබියදී එකී ඉල්ලීම් දිනා දීමට සරත් ෆොන්සේකා මහතා එකග වීමෙන් ඒ... |
සරත් ෆොන්සේකා මහතා බලයට පත්වූ පසුව පුවත්පත් මණ්ඩලය අහෝසි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මන්ත්‍රීවරයා පවසයි. ඔහු පවසන්නේ මෙම ආයතනය මගින් ලංකාවේ මාධ්‍ය නිදහසට බලපෑම් එල්ල කර ඇති බවයි. පුවත්පත් මණ්ඩලය අහෝසි කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන සියලු දේශපාලන පක්ෂ නායකයින් එකගත්වය පළ කර ... |
එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා පැවසුවේ සුළු චෝදනා එල්ල වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 712 දෙනෙකු අද නිදහස් කරන බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාවේ පැවැත්වෙන උත්සවයකදී මෙම පිරිස නිදහස් කෙරෙන බව උදය නානායක්කා... |
උපවාසයක නිරත වී සිටින යාපනය බන්ධනාගාරෙය් රැඳවුම්කරුවන්ගෙන් දෙදෙනෙකු රෝහල් ගතකර තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක කෙනත් ප්‍රනාන්දු මහතා පැවසුවේ අදාළ රැඳවුම්කරුවන් දෙදෙනා යාපනය මහරෝහලට ඇතුළත් කර ඇති බවයි. උපවාසය සඳහා රැඳවුම්කරුවන් 12 දෙනෙකු සහභාගී වී සිටින බව ද කෙනත් ප්‍රනාන්දු මහතා පැවසුවේය. තමන්ට එරෙහි නඩ... |
පාකිස්ථානයේ කරච්චි නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි. කරච්චි නගරයේ වෙළඳ මධ්‍යස්ථානයේ මෙම පිපිරීම සිදුව තිබේ. පිපිරීමෙන් මියෙගාස් ඇති බහුතරය ආරක්ෂක අංශ සාමාජිකයින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බෝම්බ පිපිරීමෙන් තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා ඇත. පාකිස්ථාන ආරක්ෂක ප්‍රධානීන් පවසන්... |
ගුවන් යානයක සැක කටයුතු පුද්ගලයෙකු සිටින බවට ලැබුණු තොරතුරකට අනුව එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඩුබායිහි සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානයක් සම්බන්ධයෙන් මෙම තොරතුර ලැබී ඇති බව ගුවන්තොටුපළ බලධාරීන් පවසයි. ගුවන් යානය තුළ සිටි පුද්ගලයෙකුගේ සැක කටයුතු හැසිරීම පිළිබඳව ගුවන්යානයේ මගියෙක... |
ආබාධිත වූ රණවිරුවන්ට උසස්වීම් හා වැටුප් වර්ධක ලබාදීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා පියවර ගෙන තිබේ. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා සදහන් කළේ ඊට අදාළ නියෝග හමුදා රෙජිමේන්තු වෙත ලබා දී ඇති බවයි. යුද හමුදාවේ අනෙකුත් ශ්‍රේණිවලට සමාන්තරව මෙම වැටුප් වර්ධක හා උසස්වීම් හිමිවන බව උද... |
බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් බංග්ලාදේශය පරදවා කඩුළු 9ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. බංග්ලාදේශයේ මීර්පූර්හිදී ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාරගේ... |
නීතිවිරෝධී බැනර් සහ කටවුට් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද ලබන 13 වැනිදා වන විට වාර්තාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. මැතිවරණ මහලේකම් කාර්යාලය පවසන්නේ නීතිවිරෝධී බැනර් සහ කටවුට් සම්බන්ධයෙන් දිනෙන් දින පැමිණිලි ඉදිරිපත් වන බවයි. ඒ අනුව අදාළ කටවුට් සහ බැනර් ඇති ස්ථාන පිළිබද තොර... |
දකුණේ ජනතාවට ඇති නිදහස උතුර සහ නැගෙනහිර ඇතුළු සියලු ජනතාවට ලබා දිය යුතු බව තම විශ්වාසය යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙරට සියලු ජනතාවට බියෙන් හා සැකෙන් තොරව ජිවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට තමන්ට හැකි වු බවයි. ඊයේ යාපනය ප්‍රදේශයේ කළ සංචාරයේදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කරන ල... |
ජනාධිපතිවරණ නීරීක්ෂණ කටයුතු සදහා විදේශීය නිරික්ෂණ කණ්ඩායම් දෙකක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. එහි ප්‍රකාශකයෙකු සදහන් කරන පරිදි පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලයේ සහ අසියානු මැතිවරණ අධිකාරීන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් මීට සහභාගි වේ. මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතාගේ ... |
මෙරට වසා දමා ඇති කර්මාන්ත ශාලා යළි විවෘත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ධූර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තේ , රබර් , ෙපාල් ඇතුළු බෝග වගාකරුවන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයටද පියවර ගන්නා බවයි. පිටබැද්දර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ෆොන්සේකා මහතා ෙම් අදහස් පළ කරන ලදී. දූෂණය හා වංචාව නිසා ම... |
බංග්ලාදේශෙය් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව සමග පැවති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරගය පැවැත්වුණේ බංග්ලාදේශ මිර්පුර් ක්‍රීඩාංගණයේදීය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 46යි එක් පන්දුවක දී සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 213ක් පමණි. කුමාර් සංගක... |
ආනයනය කළ සහල් තොග අද සිට දිවයින පුරා බෙදා හැරීමට කටයුතු කරන බව වෙෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.. සමුපාකාර සමිති හරහා මෙම සහල් තොග බෙදා හැරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි. අවශ්‍ය ඕනෑම මොහොතක වෙෙළඳපළට නිකුත් කිරිමට ප්‍රමාණවත් ආරක්ෂිත සහල් තොග ගබඩා කර ඇති බව අද දෙරණ කළ විමසීමකදී ඔහු... |
මහියංගනය-ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ ගිරාලගොල්ල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. ට්‍රැක්ටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසයි.. අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක සහ 21ක තරුණයන් දෙදෙනෙකි.. ඔවුන් නුගේකොටුව සහ මිලැත්තෑව ප්‍රදේශවල පදිංචිකර... |
හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත තැපැල් ඡන්ද සලකුණු කිරීම සදහා අදාල සේවා ස්ථානවල පහසුකම් සලසන ලෙස තේරීම් භාර නිලධාරීන් මගින් සියලු සහතික කිරිමේ නිලධාරීන්ට දන්වා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ජනාධිපතිවරණ තැපැල් ඡන්ද සලකුණු කිරීම නීරීක්ෂණය සදහා ආයතන දෙකකට පමණක් අවසර දී ඇති බව එම කාර්යාලය සඳහන් කරයි. ඒ අනුව පැෆ්ර... |
ගාල්ල ප්‍රදේශයේ බැංකුවකින් මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු ගාල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. බැංකුවේ සවිකර තිබු ආරක්ෂක කැමරා වල සටහන්ව තිබු දර්ශන ඔස්සේ සිදුකළ පර්යේෂණ වලින් අනතුරුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. ලක්ෂ 35 ක මුදලක් මෙසේ වංචා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.එම්... |
මරදාන ප්‍රෙද්ශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මරදාන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කොළඹ මධ්‍යම දිසා බුද්ධි ඒකකය සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. එම ගණිකා නිවාසය පවත්වාගෙන ගිය නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ... |
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ වලට සිසුන් ඇතුළත් කිරීමේ ප්‍රවීණතා පරීක්ෂණ මේ මස 17 වන දින පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ පාඨමාලා වල ප්‍රවීණතා පරීක්ෂණ මෙදිනට පැවැත්වීමට නියමිතය. ඒ සඳහා අයදුම්කළ අයදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරියේ දී නිකුත් කරන බව අධ්‍යාප... |
යතුරු පැදි ෙසාරකමේ යෙදුනු පුද්ගලයෙකු අනුරාධපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි අයි.එම් කරුණාරත්න මහතා සඳහන් කරයි. අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ විමර්ශන වල දී ඔහු ව... |
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ජාතික ගුවන් සේවය වන එට්හාඩ් එයාවේස් ජනවාරි 01වනදා සිට නැවත ශ්‍රී ලංකාවට ගුවන් ගමන් අරඹා තිබේ. A320 ගුවන් යානා යොදාගනිමින් අබුඩාබි සහ කොළඹ අතර සතියකට සිව් වරක් ගුවන් ගමන් පැවැත්වේ. මෙම ගමන් වේලාවන් සකස් කර ඇත්තේ මොස්කව් සහ උතුරැැ ඇමෙරිකාව ඇතුළු වෙනත් ප්‍රධාන නගරවලින් එට්හාඩ් ගුවන් යානාවල ගමන... |
සිටි ඇන්ඩ් ගිල්ස් ඉන්ටනැෂනල් ආයතනය සිය ශ්‍රී ලාංකීය සංවිධායකයා වන �ස්කිල්ස් ඉන්ටනැෂනල්� හා එක්ව �ඉංග්‍රීසි ජීවන කුසලතාවක් ලෙස� ව්‍යාපෘතිය යටතේ ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇති �සිටි ඇන්ඩ් ගිල්ස්� ඉංග්‍රීසි භාෂා සහතික සඳහා ශිෂ්‍යයන් සූදානම් කිරීමට පිළිගත් වෘත්තීමය අධ්‍යාපනික ආයතන හඳුන්වාදෙයි. මෙම ව්‍යාපෘතිය දිවයින පුරා ඉංග්... |
රටක අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට විදෙස් තානාපතිවරුන්ට අයිතියක් නැති බව විදෙස් කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසයි. ද්‍රවිඩ සන්ධානය සමග ෙජනරාල් සරත් ෆොන්සේකා ගිවිසුමක් අත්සන් කරන ලදැයි කියනු ලබන අවස්ථාවට විදෙස් තානාපතිවරුන් දෙදෙනෙක් සහභාගී වූ බවට පළ වූ වාර්තා සත්‍යයනම් එය ඉතා වැරදි ආදර්ශයක් බව ඇමතිවර... |
එල්.ටී.ටී.ඊ නායක වී.ප්‍රභාකරන්ගේ මව ට සහ නැන්දණියට ඉන්දියානු බලධාරීන් කැමැත්ත දක්වන්නේ නම් ඉන්දියාවට යන්නට අවසර ලබා දෙන්නට සූදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසූ බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි. එහෙත් ප්‍රභාකරන් ගේ මව වන පාර්වතී පිල්ලෙය... |
ඊයේ (11) මාතර දිස්ත්‍රික්කයේ තොටමුණ ප්‍රදේශයේ නිවාස 2කට නාඳුනන පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරැවන් විසින් සිදුකරන්නට ඇතැයි නිවැසියන් සැකකරයි. තමන් ජනාධිපතිධූර අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සහයෝගය ලබාදීම නිසා ඊට විරෝධය පෑම මෙම ප්‍රහාරයේ අරමුණ වන්නට ඇතිබව ... |
හුංගමුව-තංගල්ල ප්‍රදේශයේදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමකින් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සඳහන් වේ. ෆොන්සේකා මහතාගේ ආධාර කරුවන් පිරිසක් රැගත් බස් රියකට වෙඩි තැබීමකින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර පසුව එයින් එක් යෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 60 හැවිරිදි කාන්තාවක් බවද වාර්... |
ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය ග්ලවුස් දමාගෙන බොක්සිං ක්‍රීඩාවේ නිරත වන විට තමන් විසිල් ගසන විනිසුරු ලෙස ක්‍රියා කරන බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අද පැවති මාධ්‍ය හමුවකදී ජ.වි.පෙ හා එ.ජා.ප ය අතර ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ එකඟතාවයක් නොමැති වීම හේතුවෙන් ගැටුමක් ඇතිවිය හැකි බවත් ,එහිදී ගන්නේ කුමන ක්‍රියා... |
රහස් ගිවිසුම් මගින් මේ රට කිසිවෙකුට පාවා දීමට ඉඩ නොතබන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රණවිරුවන් දිවිහිමියෙන් මව් බිම ත්‍රස්තවාදයෙන් මුදා ගත්තේ තවත් පාර්ශවයකට පාවා නොදීමට බව හෙතෙම අවධාරණය කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ඇතැම් දුෂ්ඨ බලවේග රට තුළ ප්‍රචණ්ඩකාරී වාතාවරණයක‍් ගොඩ නැඟීමට ක්‍රියාත්මක වෙමින් ස... |
2010 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම දෙවැනි දිනටත් අද සිදුකෙරේ.. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ ආරම්භ වු අතර මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය සඳහා හාර ලක්ෂ 58,154 ක් අයදුම් කර තිබුණි.. ඒ අතුරින් අයදුම් පත්‍ර 57,036 ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන ලදී.. මෙවර ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන... |
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව හයිටියේ සේවයේ නියුතු ශ්‍රීලංකා යුද හමුදාවේ 950 කගෙන් යුතු භට පිරිසට කිසිදු හානියක් නැති වග යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩයර් උදය නානයක්කාර මහතා පවසයි. ඊයේ සන්ධ්‍යාභාගයේ හයිටි රාජ්‍යයේ අග නගරයේ දරුණු භූමි කම්පාවක් හට ගෙන තිබුණු අතර එයින් විශාල ලෙස හානි සිදුව තිබේ. යුද හමුදා... |
අද ඕනෑම පුද්ගලයෙකුට රටේ ඕනෑම තැනකට නිදහසේ ගමන් කළ හැකි වාතාවරණයක් උද්ගත වී ඇති බව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය මහතා පවසයි. මීට කාලකට පෙර මාතර සිට කොළඹ බලා ගමන් කිරීම අවිනිශ්චිත වුවක් බව හෙතෙම පෙන්වා දෙයි. රටේ පැවති භීෂණකාරී වාතාවරණය මීට හේතු වු බව සනත් ජයසුරිය මහතා පවසයි. එය තමාගේ ක්‍රීඩා දිවියට ද දැඩි ලෙස බලප... |
විෙද්ශයන්හි වෙසෙන ශ්‍රි ලාංකිකයින්ට මැතිවරණ වලදී ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලැබෙන නව ක්‍රමවේදයක් සකස් විය යුතු බව මිලින්ද මොරගොඩ අමාත්‍යවරයා පවසයි. මෙම යෝජනාව විදෙස් ගත ශ්‍රි ලාංකිකයින්ට ඉරිපත් කර ඔවුන්ගේ අදහස් සහිත මහජන පෙත්සමක් සකස් කිරිමට පියවරගෙන ඇති බව අමාත්‍යවරයා කියා සිටියි. විදේශයන්හි පදිංචිව සිටින තාවකාලික... |
මැතිවරණය පැවැත්වෙන කාල සීමාව තුළ රටේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. ඊයේ තංගල්ල ප්‍රදේශයේදී ජනාධිපතිවරණ අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් පිරිසක් රැගත් බස් රථයකට එල්ල වූ ප්‍රහාරය රජයේ මෙම තීරණයට හේතුවී ඇතිබව සඳහන්ය. එක් කාන්තාවක් මරණයට පත්කළ හා කිහිපදෙනෙකුට තුවාල සිදුකළ මෙම ප්‍රහාරය රජය දැඩිසේ හෙළ... |
2011 වර්ෂය සංචාරක වර්ෂය ලෙස නම් කර ඇති බව සංචාරක කටයුතු අමාත්‍යාංශය පවසයි. එම වසර අර්ථවත් කර ගැනීම සදහා දැනටමත් පියවර ගනිමින් සිටින බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.. සංචාරක හෝටල් කාමර සංඛ්‍යාව ඉහළ නැංවීම , දෙස් විදෙස් සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම මෙහිදි ප්‍රමුඛත්වය ගෙන ඇති බව සඳහන් වේ. පාසිකුඩා , නිලාවේලි ,කල්පිටිය ... |
තැපැල් ඡන්ද නිරීක්ෂණ කටයුතු සඳහා අද දිනයේ පමණක් 160 දෙනෙකුට ආසන්න පිරිසක් යොදවන බව පැෆ්රල් සංවිධානය පවසයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඊයේ දිනයේ දී සියයට 65 කට ආසන්න පිරිසක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හේතුවෙන් අද දින නිරීක්ෂණ කටයුතු සඳහා අඩු පිරිසක් යෙදවීමට තීරණය කළ බවයි. ඊයේ සිදුකළ නිරීක... |
ද්‍රවිඩ ජාතික සන්ධානය හා ජෙනරාල් සරත් ෆොන්සේකා අතර ආණ්ඩුව පවසන අකාරයේ ගිවිසුමක් නැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. එවැනි ගිවිසුමක් ඇති බවට අාණ්ඩුව විසින් එල්ල කරනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්,ජෙනරල් සරත් ෆොන්සේකා දුර්වල අපේක්ෂකයෙකු නම් මෙවැනි මඩ ප්‍රහාර එල්ල කළ යුතු නැති බවත් ඔහු පවසයි.... |
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ එක්සත් ජාතික පෙරමුණේ දෙපිරිසක් අතර පොළොන්නරුව නගරයේ ගැටුමක් හට ගෙන ඇතැයි අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. මෙම ගැටුමෙන් වාහන කිහිපයකට අලාභ හානි සහ කිහිපදෙනෙකුට තුවාල සිදුවී ඇතැයිද වාර්තා වේ. පොළොන්නරුව රෝහල් අධිකාරී එම්.ආර්.බෙල්ලන මහතා සඳහන් කරන පරිදි මෙි වන විට ගැටුමෙන් තුවාල ලැබූවන් දෙදෙනෙ... |
මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතා අද බන්ධනාගාරයෙන් නිදහස් ව පිටත්ව ගිය බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් වී.ආර්.ද සිල්වා මහතා පවසයි.. ඔහු සඳහන් කරන පරිදි අදාල ලිපිලේඛන අත්සන් තැබීමෙන් පසු තිස්සනායගම් මහතා රඳවා සිටි වැලිකඩ බන්ධනාගාරයෙන් පිටත්ව යාමට අද අවසර ලබා තිබේ. තිස්සනායගම් මහතා ඇප මත නිදහස් කිරීමට අධිකර... |
පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂණ කටයුතු සඳහා කැනඩා රජය විසින් සිය සහයෝගය පළ කර තිබේ. කොළඹ පිහිටි කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ තම රට පැෆ්රල් සංවිධානයේ නිරීක්ෂණ ව්‍යාපෘතියට මූල්‍යාධාර සපයන බවයි. ඒ අනුව රුපියල් මිලියන 3.3කට වැඩි මුදල් ප්‍රමාණයක් පැෆ්රල් සංවිධානය වෙත ලබාදීමට නියමිතය. ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයින් දැ... |
පකිස්ථානයෙන් ආනයනය කළ කැකුළු සහල් කිලෝවක් රුපියල් 50 බැගින් මිලදී ගැනීමට පහසුකම් සලසා ඇති බව වෙෙළඳ හා පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කරන‍්නේ සමූපකාර සහ සතොස අලෙවි සැල් හරහා ජනතාවට එම සහල් මිලදී ගත හැකි බවයි. පකිස්ථානයෙන් සහල් මෙට්‍රික් ටොන් පන් දහසක් ආනයනය කර ඇති බව නාරා... |
ජනාධිපති අපේක්ෂක සරත් කෝන්ගහගේ මහතා විසින් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ඊට හේතු වී ඇත්තේ සරත් ෆොන්සේකා මහතා ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගත් තැනෙත්තෙකු වීමයි. විදෙස් රටක පුරවැසිභාවය ලබා ගත් තැනැත්තෙකු මෙරට ජනාධිපතිවරණය ට ඉදිරිපත් වීමෙන් තමන්ද ජනාධ... |
අන්තර්ජාල සේවා සපයන ලොව ප්‍රමුඛම ආයතනයක් වන ගූගල්, චීනය තුළ සිය සේවා සැපයීමෙන් ඉවත් වීම පිළිබඳ අවධානය යොමු කර තිබේ. චීන රජයේ ප්‍රතිපත්ති සහ වාරණ සලකා බලා මෙම තීරණය ගැනීමට සූදානම් බව ගූගල් බලධාරීන් ප්‍රකාශ කර ඇත.. කෙසේ වෙතත් තම සේවාදායකයින් වෙනුවෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ චීන රජය සමග සාකච්ඡා කිරීමට තවදුරටත් සූදානම්... |
පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය නිසා වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ඇමරිකාව සිය විශේෂ අවධානය යොමුකරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම ඊයේ තංගල්ලේ සිදුවූ මාරාන්තික ප්‍රහාරය මෙම තීරණයට හේතු වූ බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කර ඇත. ඊයේ සිදුවූ සිදුවීම මෙන්ම අ... |
පොළොන්නරුවේ ඇති වූ ගැටුමෙන් බී.බී.සී මාධ්‍ය ආයතනයේ සේවයේ නියුතු මාධ්‍යවේදිනියක ද තුවාල ලබා ඇතැයි සඳහන් වේ. බී.බී.සී ලෝක සේවයේ "සංදේශයේ" සේවයේ නියුතු තක්ෂිලා දිල්රුක්ෂි ජයසේන ගේ හිසට තුවාල සිදුවීමෙන් දැනට පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂ එම්.ආර් බෙල්ලන මහතා පවසයි. අද දහවල් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ... |
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් රැගත් බස් රියකට තංගල්ල ප්‍රදේශයේදී වෙඩි තැබූ පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති කිංස්ලි ඒකනායක මහතා පවසයි. හුංගමුව-රොටවැව පොල් ඉඩමක සැඟව සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව හෙතෙම සඳහන් කරයි. තිස්සමහාරාමයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ රැළි... |
ඉන්දීය වෙරළ ආරක්ෂකයින් බාරයේ සිටි ශ්‍රීලාංකික ධීවරයින් 186 දෙනෙකු නිදහස් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා පවසයි. දැනට මාස 06 ක් පමණ කාලයත් තිස්සේ විටෙන් විට ඉන්දීය මුහුඳු සීමාවේදී අත්අඩංගුවට පත් වූ මෙරට ධීවරයින් පිරිසක් මෙසේ නිදහස් කර ඇත. කන්කසන්තුරෙයි වලට උතුරින්... |
ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයේදී ඉන්දියාව පන්දුවාර 48 යි පන්දු 2 දී ලකුණු 245 ක් රැස්කිරීමට සමත්විය. බංග්ලාදේශයේ පැවැත්වුණු තුන්කොන් තරඟාවලියේ අවසන් තරඟයේදී කඩුලු 3 ක් දවා ගැනීමට නුවන් කුලසේකර සමත්විය. |
තමන් නිදහස් කරන ලෙස ඉල්ලා උපවාස කළ යාපනය බන්ධනාගාරයේ ඇතුළු දිවයිනේ බන්ධනාගාර කිහිපයක දේශපාලන රැඳවියන් සිය උපවාසය තාවකාලිකව අත්හැරීමට තීරණය කර ඇතැයි කියැවේ. අධිකරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා දින දෙකක් ඇතුළත මොවුන් පිළිබඳ ගනු ලබන තීරණය කියා සිටින බවට නියෝජිතයන් පිරිසක් මගින් දැනුම් දී තිබීම ඊට හේතු වී ඇත. අද සවස් වන විට... |
බංග්ලාදේශයේ පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීමට මීට ස්වල්ප මොහොතකට පෙර ශ්‍රීලංකා කණ්ඩායම සමත්විය. ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර පැවති අවසන් තරඟයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලුදෙනාම දැවී ලබා ගත්තේ ලකුණු 245 ක් පමණි. ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි ශ්‍රීලංකා කණ්ඩායම ලකුණු 249 ක් ... |
අදට යෙදී තිබෙන තෛපොංගල් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් ආරම්භ කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දෛනිකව ධාවනය වන දුම්රියට අමතරව කොළඹ කොටුවේ සිට හැටන් දුම්රිය ස්ථානය දක්වා අතිරේක දුම්රිය දෙකක් ධාවනය කෙරෙන බවයි. එහි පළමු දුම්රිය ඊයේ රාත්‍රී 9 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ අතර අලුයම 2.30 වන විට හැටන් දුම්රිය ... |
හයිටි රාජ්‍යයට බලපෑ භූකම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් මියගිය සංඛ්‍යාව නිශ්චිතවම කිව නොහැකි බව එරට ජනාධිපති රෙනේ ප්‍රිවල් සඳහන් කරයි. මියගිය අය අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එරට මූලස්ථාන ප්‍රධානියා සහ තවත් සාමජිකයින් 14 දෙනෙකු ද වන බව ද වාර්තා වෙයි. සියවස් දෙකකට ... |
වාරියපොල නගරයේ වෙළඳ සැලක හටගත් ගින්නකින් එම ෙවළඳසැල සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ. අද අලුයම 3 ට පමණ ඇතිවූ මෙම ගින්න පාලනය කිරීම සඳහා ප්‍රාදේශීය ගිනිනිවන ඒකකය මැදිහත් වූ බව කොළඹ ගිනි නිවන ඒකකය සඳහන් කළේය. වාරියපොළ නගරයේ රෙදිපිළි වෙළඳසැලක මෙම ගින්න හටගෙන ඇති බව කොළඹ ගිනි නිවන ඒකකය කියා සිටියේය. ගින්නට හේතුව මෙතෙක් අ... |
එක් පුද්ගලයකු මරණයට පත්කරමින් තංගල්ලේදී සිදුවූ ප්‍රහාරය, ජනාධිපතිවරණය ඉතාමත් අයහපත් තත්වයට හැරෙමින් පවතින බවට කෙරෙන සංඥාවක් බව ආසියානු මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරයි. විරැද්ධ පාක්ෂික අපේක්ෂිකයකයෙකුගේ ආධාරකරුවන් රැගත් බස් රථයක් ඉලක්ක කර ගනිමින් සිදූවූ මෙම ප්‍රහාරය පූර්ව මැතිවරණ සමය සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වයක් කරා රැගෙ... |
ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට තීරණය කරයි. තමා ඇතුළු තම පක්ෂයේ සියලු සහය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන බව උන්වහන්සේ අවධාරණය කළේය. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. |
යටි නුවර, ගංතුරේ උපතැපැල් කාර්යාලයේ සේවයේ නිරත තැපැල්කරු සතුව තිබූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 67ක් අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. කඩුගන්නාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ෙරාහාන් වනිගසේකර මහතා සඳහන් කළේ මෙම ඡන්ද පත්‍රිකා තොගය කිසියම් දේශපාලන පක්ෂයක් අතට පත් වී ඇති බවට ත... |
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඉන්දියාවේ සංචාරයක නිරත වෙයි. එම සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්.සම්බන්ධන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මාවේ සේනාධිරාජා, සෙල්වන් අෙඩෙක්කලනාදන්, ගජේන්ද්‍ර පොන්නම්බලම් යන මන්ත්‍රීවරුන් මෙම පිරිසට අයත් වේ. මොවුන් ඊයේ ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වෙයි. ඔව... |
වටිනා සංස්කෘතික උරුමයකින් බැඳීසිටින හින්දු ජනතාව, දීජ ව්‍යාප්තව තෛපොංගල් සමරන අද වැනි දිනෙක එම උත්සවය වඩාත් ප්‍රීතිජනකව සැමරිය හැකි බව තෛපොංගල් දින පණිවිඩයක් නිකුත්කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් දක්වා තිබෙන්නේ අප රටේ හින්දු ජනතාවට සිය අනාගත අපේක්ෂා වෙනුවෙන් කටයුතු කිරීමේ හැකි... |
ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ නීතී උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි මේ වන විට 518 ක් ලැබී ඇති බව පොලිස් මැතිවරණ කාර්යාංශය පවසයි. ඊයේ දිනය තුළ පමණක් පැමිණිලි 31 ක් ලැබී ඇති බව පොලිස් මැතිවරණ කාර්යංශය භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා සදහන් කලේය. එම පැමිණිලි අතරින් සියයට හැත්තෑපහක් පමණ මැතිවරණයට අදාළ ප... |
ශ්‍රී ලංකාවාසීන්ට සූර්යග්‍රහණයක් නැරඹීමේ අවස්ථාව හෙට උදාවන බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. හෙට පෙරවරු 11 . 11 සිට පස්වරු 3 . 12 දක්වා කාලය තුළ මෙය නිරීක්ෂණය කළ හැකි බව හෙතෙම පවසයි. මෙය පූර්ණ සූර්යග්‍රහණ, අර්ධ සූර්යග්‍රහණ හා වලයාකාර සූර්යග්‍රහණ වශයෙන් ආකාර තුනකින් නිරීක්ෂණය කළ හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා කිය... |
සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අඩුපාඩු සකස් කීරීමේ දී පරිපාලන ගැටලු මතු වීම බාධාවක් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. පරිපාලනය තමන්ට අයත් නොවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා එය වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ද කියා සිටියේය. මහනුවර මහ රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් සදහා මුල් ගල් තැබීමේ උත්සවයකට එක් වෙමි... |
ජනාධිපතිවරණයට අදාළ තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා වෙන් කර තිබූ කාලය අදින් අවසන් ෙවි. ජාතික හැඳුනුම්පත හෝ පිළිගත හැකි වෙනත් හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයන්ට මෙතෙක් ඒ සඳහා අවස්ථාව ලබා දී තිබුණි.. මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරන්නේ ග්‍රාමනිලධාරීන් මාර්ගයෙන් අද දිනයේ තුළ පමණක් තාවකාලික හැඳුනුම්පතක් ලබා ගැනීමේ ... |
දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීමේ දී මෙතෙක් අය කළ ආරක්ෂක ගාස්තු අද සිට ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රිය වානිජ අධිකාරි විජය සමරසිංහ මහතා පැවසුෙවි රටේ ආරක්ෂක තත්ත්වය යහපත් අතට පත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. දුම්රිය මගින් කිරි මුට්ටි ප්‍රවාහනයේ දී ද මෙම තීරණය ක්‍රියාත්මක වන බව පැවසේ.. ද... |
ගලේවෙල නගරයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. ට්‍රක් රථයක් යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි. බුලනවැල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ දේවහූව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බව සඳහන් වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන අයුරින... |
අයි. සී . සී එක් දින ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර සමත් වී තිබේ. පසුගිය දා නිමාව දුටු බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දී දැක් වූ දස්කම් අනුව ඔහු ශ්‍රේණිගත කිරීම් වල දහවන ස්ථානයට පත් ව ඇති බව සඳහන් වේ. 2009 වසරේ පෙබරවාරි මාසයේ සිට ශ්‍රේණිගත කි... |
දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 2004 වසරේ ලැබුණු ජනවරමෙන් බව ජනාධිපති ජේ්‍ය්ෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පවසයි.. ඔහු පෙන්වා දෙන්නේ එම ජනවරම ඔවුන්ට හිමි වූයේ එල්.ටී.ටීඊ සංවිධානයේ එකම නියෝජිතයා ලෙස පෙනී සිටීම සඳහා බවයි. එල්.ටී.ටීඊ සංවිධානයේ බලපෑම මත දෙමළ ජනතාව නියෝජනය කරමින් වෙනත් ... |
බුලත් කොළයේ ජයග්‍රහණය ජනතාවගේ ජයග්‍රහණයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එය ඒකීය රටක් පවත්වා ගෙන යාමට ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කිරීමට සහ බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට හේතු වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. අම්පාර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කරන ලදී. එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ... |
End of preview. Expand in Data Studio
- Downloads last month
- 4