text
stringlengths
5.78k
8k
යිට ඇතෙක් බරට තෑගි දුන්නා.අපේ මිසුත් ඒ උත්සවේ කතාවක් කරල ආපහු සැරයක් මාව මුරුංගා අත්තට ගොඩ කරා.අකලංකත් එදා කොහේදෝ අස්සක හිටං මං තෑගි ගන්නකොට අප්පුඩි ගහන්න ඇති.අනේ එයාටත් තෑග්ගක් හම්බුනා නම් කොච්චර ශෝයිද ..මට එහෙමත් හිතුනා.එදා ගෙදර ගියාම අකලංකගෙ සිස්සත්තෙ ලකුන ගැන මං අපේ අම්මාට කිව්වා.ඒ වෙලාවෙ අම්මා මට හෙන හැඩ කතාවක් ...
්වා කෙසේ විසඳේ දැයි දන්නේ අන්ධකාර රාත්‍රියම පමණි. එනිසාම ඔවුන්ගේ බියමුසු සැඟවීම අප තවත් අපහසුතාවට ඇද දමන ලදැයි කීවොත් නිවැරැදිය. අහම්බයක් මෙන් තම නිවෙස කරා පියමනින අයෙකු අපට හමුවිණි. දහවල අවසන්ව නිෂාකාලය ලැබීම යනු මේ ගම් වාසීන් ඔවුන්ගේම ඇඳිරි නීතියට අනුගත වූවා සේය. එවැනි මොහොතක හදිසියේ මුණගැසුණු ඔහුගෙන් නිවැරැදි තො...
ටියේ අසරණ වෙලා.ඔක්කොම දේවල් වෙනස් වෙන්න මහ වෙලාවක් ගත උනේ නෑ.සේදර අන්ද මන්ද වෙලා කවදාවත් නොදුටු සුනන්දා මැණිකෙගේ මේ අරුමේ දිහා බලන් හිටියෙත් ලොකු තෘප්තිමත් හිනාවකින් මූණ පුරෝගෙන සුනන්දා මැණිකේ ඒ රතු පැහැ සලකුණ රැඳුණු සේපාලි වෙනුවෙන් බාගෙට හද හදා තිබුණු ඔසරි රෙද්දත් ගුලි කර ගෙන ගෙට දිව්වෙත් එක මොහොතේ. "අම්මේ මට සේදරව බ...
ම ලොකු කාලයක් .ඔයා අද වෙනස් ඇයි මට කියන්න බැරි .ඔයා දන්නව මං එක්ක ඔයාට ඕනෙ දෙයක් කතා කරන්න පුළුවන්" "මං යන්නත් දැන් හුඟක් වෙලා හිටියා .call එකක් දෙන්නං .පරිස්සමෙන් ඉන්න .මං නැතත් ඔයා හොදින් ඉදීවි. මට ඒක විශ්වාසයි" "පිස්සු කතා කියන්න එපා අනු...... ඔයා නැතුව මං හොඳින් නෑ හොඳද? ඒක විහිළුවක් විතරයි. මං හොඳින් ඉන්නේ නෑ ඒ...
තුව පුටුවකට වාරු උනා.විශ්වාස කරන්න මගෙ ඇස් වලින් එක කඳුලක් වත් වැටුනෙ නෑ . ඇත්තටම කුසුම්සිරි ට වෙච්චි දේ අහන්න මගේ දිව නැමුනේනෑ. කුමක් හෝ හේතුවකට ඔහු තවත් දරුවෙකුට පියෙක් වෙලා .මගේ දරුවන් මෙන් නොව අගහිඟකම් මැද ගෙවන ජීවිතයක් ඔවුන් ගෙවනා බව පමණක් මට දැනුනා .එහෙත් ඇයි මේ අපිව අත්හැර මෙවන් දිවියක් ගෙවීමට කුසුම්සිරි ට සිදු...
...... "ඒ මොන විකාරයක් ද?"නාරදට කියවුණේය. "ඔව්........අක්කා ඒ වෙලාවෙ තමා අඬ අඬ මේනක දාලා තියෙන නීති ඔක්කෝම විස්තර කිව්වෙ. තාත්තා වහාම මේනකට එන්න කිව්වා දෙමාපියොත් එක්ක.......ඒ මිනිස්සුත් පුතාගෙ පැත්තෙ. අක්කා රට වටේම එක එක ගෑණු මිනිස්සු එක්ක ඇවිදින හැදිච්චකමක් නැති කෙල්ලක් නිසාලු පුතා එයාව හොඳ විදියට හදල ගන්න හැදුවෙ, ව...
සල සිටි කාන්තාවකගෙන් විමසූවිට කියාසිටියේ වටේම සිටිනා බල්ලන් රාත්‍රියට ට්‍රැෆික් රාජකාරී සදහා මේ ස්ථානයට වාර්තා කොට උදෑසන පිටවී යන බවයි. හිමිදිරි පාන්දර තහ්තහ් තප තප ගගා රෝල්වෙන මෙවුන්දලා දැක බල්ලෝද වික්ශිප්ත වන්නට ඇත. "කාපු බල්ල හොයාගංඩ බැරිනං ඉතිං ඉංජෙක්ශන් කෝස් එකට යංඩ වෙනවා" ඒ දොස්තර මහතාගේ හඩය. මට සිනහව නවතාගත ...
ුනන්නෙ නැති මිනිස්සු ගොඩක් එක්ක යාලුවො නැතුව.." ( ඔහු කීවේ මට නැවතත් අත දිග් කරන ගමන් ) " සේම් විශන් ඩියර් " (ඔහු නැවතත් කිව්වෙ මම ඔහු දිහාත් දිගු කරන් ඉන්න අත දිහත් මාරුවෙන් මාරුවට බලද්දි ) ඒ පාරත් වෙන විකල්පයක් නැති කොට මම ඔහුට අත දෙනකොටම ඔහු ඇසිල්ලකින් මගෙ අත අත් ඇරල ආයෙමත් අත දිගුකලා. " නව්??? " ඒ මම හිනා උ...
මම දුක් උනා. යුනි එකට මාදම්පේ සෙන්ට්‍රල් එකෙන් ආපු ළමයි හොය හොය ඇවිද්ද. අනිතිමට කැම්පස් එකේ ළමයින්ට මම විහිලුවක් උනා. සමහර විට අද කසුන්ටත් මාව විහිලුවක් වේවි.වීදුරුවෙන් එලියෙ බස් එකට පහුවෙන ගස් කොලන් ගෙවල් දොරවල් මගෙ හිතේ චකිතය තවත් වැඩි කරනව.උදේ කැම්පස් එක ගාවදිම ෆෝන් එක ඔෆ් කලේ අම්මට බොරු කියන්න බැරි හින්ද.අ...
චිත්‍රපට වලින් බලන ක්‍රියාදාම හා සමානම සත්‍යයක්.ඝන වනාන්තර වලින් සහ කදු නිම්න වලින් පිරුණු මේ දේශසීමා පාලනයකින් තොර සම්පුර්ණයෙන් Drug Cartel නැත්නම් සංව්ධානාත්මක මත්ද්‍රව්‍ය කල්ලි වල ආදිපත්‍යක්.එයට ඒ අවට රාජ්‍ය වල දූශිත සන්නද්ධ අංශවල සහය ලැබෙන්නේ විසිවෙන අසිමිත ඩොලර් කන්දරාව නිසා. මේ හා සමානයි කොළොම්බියාව සහ මෙක්සිකෝවේ...
ාලි රසකැවිලි කැවිලි නිපදවීමේ ව්‍යාපාරයක් පටන් ගන්නවා.ෆේස්බුක් එකේ බොහෝ දෙනෙක් ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් වගේ අය ව්‍යාපාර පටන් ගත්තේ තමන්ගේ ගෙදරින්මයි කියලා පෝස්ට් ෂෙයාර් කරාට ඒ බොහෝ දෙනෙක් උපාලි විජේවර්ධන තමන්ගෙ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නෙත් ගෙදරින් කියලා දන්නේ නැහැ මේ රස කැවිලි ව්‍යාපාරය දිගටම කරගෙන යද්දි තමයි del...
ණා.ඔහුගේ ගුවන් යානයේ යැයි සැක කළ හැකි රෝදයක් වැනි කොටස් හමු වූවත් පසුව කළ පරීක්ෂණවලින් හෙළි වූයේ ඒවා ලියර් ජෙට් යානයේ කොටස් නොවන බවයි. අවසානයේ දී උපාලි විජේවර්ධනගේ බූදලය පිළිබඳව අයිතිය ලබා ගැනීමට පාර්ශව දෙකක් නීතිය ඉදිරියට ගියා.ඒ උපාලි විජේවර්ධන මහතාගේ බිරිඳ වුණු ලක්මිනී රත්වත්ත මහත්මිය සහ ඔහුගේ සහෝදරියන් දෙදෙනා වූ අ...
රකැවිල්ලක් එක්ක ඔක්කාරයක් ආවා. වජිර නොසෑහෙන්න කලබල වුණා. මාව ඉක්මණින්ම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරා. " නිර්මලා ඔයාගෙ ටිකට් කැපුවම අපි මෙහෙන්ම ගෙදර යමු. මට තව දුරටත් හොටෙල් එකේ ඉන්න තරම් මානසිකත්වයක් නෑ.." " මට කියන්න මොකක්ද වෙලා තියෙන්නෙ කියලා... !" " ම⁣ටත් හිතාගන්න බෑ නිර්මලා.. උදේම මිශෙල් කතා කරා. අපි ඉක්මණි...
එදා රෑ දහය වෙද්දි මවුන්ට් ස්ප්‍රිංග් රෙස්ට් හවුස් එකට එන්න කිව්වා කියලා. නිර්මලාට හොරෙන් එතනට යන්න විදියක් හිතාගන්න බැරුවයි මම හිටියේ. මම ඉතින් අපේ තේ පෝච්චියට නිදි පෙති දැම්මා. ඒත් කරුමෙටම නිර්මලා මටත් ඒකෙන්ම තේ වත් කළා. රෑ කළුවරේ බැල්කනියේ හිටි නිසාත් , ලොකු කතාවක හිටිය නිසත් මම තේ බොන බව අඟවන ගමන් හෙමිට තේ ටික ළඟ ...
බල වුණා. පහුවදා මම ගෙදර ආවම මගෙ නිවුන් සහෝදරියව සම්බන්ධ කරගන්න උත්සහ කරත් මට බැරි වුණා. මේ සිදුවීම් සේරම වෙලා මම වජිරගෙන් දික්කසාද වෙලා මාසයක් ගිය තැන මගෙ සොයුරිය මට කතා කළා. එවිට මම ඇයට කිව්වා මම ඇයව එදා දැක්කා කියලා. මගෙ ඒ අනපේක්ෂිත ප්‍රකාශයෙන් බය වුණ සොයුරිය සියල්ල වැමෑරුවේ මම මගේ පැත්තෙ කතාව කිව්වට පස්සෙයි. " නි...
දෙතොලින් මට පවසා සිටියේ. "උබ හරිම රොමෑන්ටික් මිනිහෙක්,මේ අනුරාධපුරේ ඉතිහාස කතාවට වඩා මට සිත්ගත්තේ උඹේ කතාව. හෙට උදේ උඹව දකින්න නොයිවසිල්ලෙන් ඉන්නවා,සුභ රාත්‍රියක් " මේ වගේ කතා මේ වෘත්තියේ සාමාන්‍ය දේවල් නිසා මම ඒ හැටි ගනංගත්තෙ නෑ. නමුත් ඇයගේ නිල් දෑසනම් මගේ හිතේ කොහේ හරි කොනක හිර උනා වගේ දැනුනා. දින දින ගෙවෙද්දී අප...
චාමර ඔයා මට බත් කවද්දි..මට මගේ තාත්තා ව මතක් වෙනවා. එයත් ඔහොම හොදට බත් ගුලි කරලා අපිට කවන්නේ..අපි හරි ආසය් තාත්තා කවද්දී..ඔයාට හොදට කවලා..එක්ස්පීරියන්ස් තියනවා වගේ" දිනිති සිනහ මුසු මුහුනෙන්..චාමර දෙස බලාගෙනම සිටිය්..ඔහු නිහඩ බව රැක ගෙනම දිනිතිට තවත් බත් කටක් කැව්වේය.. "අපි හෙට මූවි එකක් බලන්න යමුද" චාමර දිනිතිගෙන ඇසුව...
තල ටික සුද්ද බුද්ද කොරල ලිපේ තියන කොට දෙවෙනිය පොල් ගාන්න ගත්ත. ඌට ඉතිං ඒව තමයි පුළුවං. ගොං ගහ. මයි රත්තරං කොල්ලට ඉක්මං කොරල කෑම ටික දෙන්නෝන හිංද මං තව පොල් කට්ටක් ලිපේ දැම්ම. වේලුනා මදි හින්දද මන්ද ඒව පත්තු උනේ නෑ. "උඹ මේ කටු ටික අව්වට දැම්මෙ නැද්ද?" මං ගොතය ගෙන් ඇහුව. ඌ කෙල බේර බේර ඇඟිල්ලක් කටේ ගහං මයෙ දිහා බලං හිට...
ිමත්ව කලයුතු කාර්‍යක්. විශේෂයෙන් බිරිඳට බොරුවක් වැනිදෙයක් කර ඇති විටෙක. මන්දයත් බිරිඳ ප්‍රශ්ණ කරන්නට පටන් ගන්නේ ඒ පිලිබද සියලූම දත්ත තොරතුරු රහසේ රැස්කරගැනීමෙන් අනතුරුවය. එය වටහානොගෙන බොරුකීමට යෑමෙන් අතේ කෝට්වී වැඩේ අච්චාරුවක් බවට පත්වී නිතැතින්ම වරදකරු බවට පත්වීමට සිදුවේ. එකෙන් දෙකෙන්ම එන්නේ මොකාටදැයි තේරුම් ගෙන ගැ...
ල්මන් කරනා පසුම්බියෙන් ඒ කටයුත්තට බාධා එල්ල කරන්නට විය. කෙසේ හෝ සිකුරාදා දිනය ඉවර වූයේ මාගේ මුරණ්ඩු සිත මා පරදවා සති අන්ත නිවාඩු දිනයක් වූ හෙට දිනයේ‘ක්වින්ස්ටවුන්’ වෙත ගොස් පසුම්බිය එහි අයිතිකරුට ලබා දීමට දැඩි තීරණයක් ගැනීමෙන් අනතුරුවය. ‘ක්‍රීංංංංංංංංංං’ පුරුද්දක් වශයෙන් සෙනසුරාදා දින වලදී දහවල් වනතෙක් නිදාගැනීමට පුරුද...
නම් වුණා, "අනේ අනේ ලේන් යාලුවේ, බලන්න ඔයා මහන්සිවෙන තරම?, ඔයාටත් පුලුවන්නෙ මම වගේ නිදහසේ ඉන්න කාලා බීලා" "ඔයාට තේරෙයි ශීත කාලේ ආවාම වඳුරු යාලුවේ, මම මේ දැන් මහන්සි වෙන්නේ ශීත කාලේ සතුටින් ඉන්න තමයි වඳුරු යලුවේ" ලේන් යාලුවා බොහෝම හොඳින් කිව්වා, "ලොකු ශීත කාලයක් තියන එකක් නෑ ලේන් යාලුවේ" "වඳුරු යාලුවේ ඔබට මා දුන්නේ ම...
ැන්න වත්තේසිට මාදංවලට පයිංම ගොස් යලි නෙත්ති කානු අයින දිගේ, තේපදුරු අස්සේ අඩි පාරවල් මතින් කළුගල් උඩින් සහ දළු ලොරිය යන පාරෙන්ද කොන්දොස්තර බංගලාවට එන ඈ, ලොකු වීමල්ලක් හිස තබාගෙන විත් එය තම්බා වේලා කොටා ,ඉන්පසු කුල්ළෙන් පොලා සහල් කොට බත් පිස රෑට කෑමට මේසය ට ගෙනෙන්නේ, හරියට විෂ්මකර්ම...
ට ෆෝන් එකත් ඕෆ්.! මේ මනුස්සයා කොහේ ගියාද කියලා හිතාගන්න බැරිව මම අමිතට කතා කරා. ඒ මිනිහගෙ ෆෝන් එකත් ඕෆ්. ඉඳලා ඉඳලා ඔළුව නිදහස් කරගන්න කියලා එළියට බැස්සම මේ විදියට ඔළුව අවුල් වෙන දෙයක් නම් මම කොහෙත්ම බලාපොරොත්තු වු⁣ණේ නැහැ. ඉක්මණින් වොෂ් එකක් දාගෙන උදේ කෑමට පහළට යන ගමන් මම එතන හිටි සේවක මහත්තයෙක්ට කතා කරලා ඇහුවා මගෙ හ...
ඉන්පසු නිතර නිතර ගෙදර ආවාය. දෙවන වර ලැබෙන්න ඉන්නේ නිවුන්නු නිසා හොඳින් පරිස්සම් වෙන්න යයි අම්මා නිරන්තරයෙන් උපදෙස් දුන්නාය. තුෂාරිත් අම්මාත් ඇයට ඉහළම සත්කාර කළ බව නාමල් දැන සිටියේය.තාත්තා නැති දුක ටිකක් හෝ තුනී වූයේ නාදනාත් දරුවාත් නිසාය.තාත්තාගේ තුන් මාසයේ දානය අවසන් වූ පසු නාදනා මහ ගෙදර පදිංචියට ම ආවාය.මයිකල් වැඩ කළ...
දත් තමා තුල වූ ලැජ්ජාකාර ගති විසින් පස්සට අදිනු ලැබීම නිසාත් සිරිදාසට කසාද ය මගහැරී හියේය. රස්සාව දේව කාරියක් සේ සැලකූ සිරිදාසට හැමෝගෙම ආදරය සහ කරුණාව ලැබීම නිසා ඔහුගේ බැදීම් රහිත තනිකඩ ජීවිතය අතීශයින්ම චමත්කාරජනක අත්දැකීමක් විය. මේ අරාජික මනෝලෝකය තරමක් දෙදරා ගියේ අලුතින් කසාද බැදපු කුරුළු ජෝඩුව උඩ...
් ගේ මාසයයි. 13 යනු ලෝකෙටම අසුබ අංකයකි. බොහෝ හෝටලවල 13 අංකය ඇති තට්ටුවක් නැත . 12 ට පසු 14 ය. ඇපලෝ 13 ද කඩාගෙන වැටුනේය .බොහෝ දෙනා 13 දවස මගහරිති. ගිය වසරේදී කොළඹ මහජන පුස්තකාල පොත් ප්‍රදර්ශනයේදී අපි (අනුහස්, ශ්‍රීලාල් ,අයිවෝ විරන්ත සහ කුරාකූඹි මිනිසා ) ඉතාමත් කැමැත්තෙන් 13 කුටිය ඉල්ලාගතිමු. ...
ොක්ටර් තීරණය කරල කියන්නෙ. කරන්න හොඳම නැති වැඩක් නෙ පුතේ ඒක. ඔයා අකිල මල්ලිත් එක්ක කතා කරල බලන්න, එයත් දන්නව ඇතිනෙ දැන් එයා මෙඩිකල් කොලේජ් එකේ නිසා” නයනා කීවේ බැරෑරුම් හා ආයාචනාත්මක හඬකිනි. එදින රෑ නින්දට යාමට පෙර සයුරි අම්මාට කීවේ “අම්මි හෙට උදෙන් ඔයා නැගිටින්න එපා, මම නැගිටලා අත්තම්මාට තේ දීලා අනිත් හැමෝටමත් තේ හදන්නම...
ර සුභම සුභ උපන් දිනයක් අම්මාට කියා අම්මාව වැළඳ ගෙන ඔහුගේ තෑග්ග දුන් විට අම්මා ඉතා පුදුමයෙන් තම පුතා දෙස බලන අන්දමත් ඇස් දෙකෙන් කඳුලු කැට වැටෙන්නට ආසන්න බවත් සයුරි දුටුවාය. එම තරමක් විශාල පෙට්ටිය මේසය මත තබා කඳුලු පිරි දෑසින්ම සයුරි වෙත හැරෙද්දී සුනිතා දුටුවේ ඇය අතද තෑග්ගක් තිබෙන බවයි. එය අම්මාට දී ඇයව බදා වැළඳගෙන සයුරි...
ලාව වසා දමන ලදි. මම කුඩා කාලයේ සිටම මෝස්තරයට ඇඳීමට ප්‍රිය කලෙමි. මගේ අම්මා අසල්වැසියන්ට ඉතා හැඩටඇඳුම් මසා අමතර ආදායමක් ඉපැයුවාය. මින් ඉතුරු බිතුරු රෙදි කෑලි වලින් ඇය මට මම කියන කියන මෝස්තරයේ ඇඳුම් මසා දුන්නාය. අයියා සහ මල්ලීගේ විශේශ ඉල්ලීමකට, එකල ඉතා ජනප්‍රිය ඇබා බෑන්ඩ් ඒකේ ABBA ලෝගෝව එම්බ්‍රොයිඩර් කර කැප් තොප්පි මසා ...
න කම් කියන මේ තරුණයා පිලිබදව යම් සැකයක් ඔහුට දැනෙන්නට විය. බොහෝ වෙලා බලා සිටි පලිහවඩන සෙනග අඩු මොහොතක තරුණයාට නොදෙනෙන්නට ඔවුන් අසලට ගොස් වාඩිවි, “මම ඔයාලා දිහා ටික වෙලාවක් ඉදන් බලාගෙන ඉන්නේ, ලොකු බණ්ඩාර පැමිලි එකත් එක්ක ඔයාලාගේ සම්බන්දයක් තියෙනවද? පලිහවඩන මහතාගේ වචනයෙන් තරුණයන් මදක් තැති ගැන්වී....... නෑ...... අපි නැ...
ොට ලොකු වෙනසක් වෙලා නෑ.. එදා විදිහමයි. ඇත්තටම මම කැමති වුණේ එයාගේ හුරුබුහුටි කමට .., හිනාවට..,සුදුත් නැති කලුත් නැති ඒ පාටට.. කාවවත් ගණන් නොගන්න ඒ අමුතු හැසිරීමට ... හැබැයි හැමෝටම එක වගේම කරන ආදරණීය සැලකිල්ලට..ඔව් කල්පනා කියන්නේ වෙනස් කොලිටි එකක් තිබුන කෙල්ලෙක්. වෙන කෙල්ලෝ හිතන දේවල් එයා හිතුවේ නෑ. ඒ තමයි මම ආස කරපු ම...
ිහිප සැරයක් උන නිසා මනුස්සකමට ඇයට මගේ ගානේ ලොකු මාළු ඔලුවක් ගෙනත් දීමේ යුතුකමක් තිබුණත්, මොකක්දෝ අහේතුවකට එහෙම හිතුනේවත් මතක් උනේ වත් නැහැ.කොහොමත් ඉතිරි වන නිසා හවස යන විට පිසින ලද මාළු ඔලුවෙන් යම් ප්‍රමාණයක් ඇයට අනෝමා දෙන බව මං හොඳින් දන්නව.ඇයට ද මාළු ඔලුවක් අවශ්‍ය වී ඇත්තේ එය රස වැටී විය යුතුය. ඊළඟ දවසේ මං ගෙනා ලොක...
ර මේසය පමණක් තනිකර අප තිදෙනා එකිනෙකා බැගින් එතනින් ඉවත්ව නිල නිවස ඇතුළට ගොස් ඉන්පසු සිදුවන දේ බලාගෙන සිටියෙමු. වයසක කාන්තාව ව මිදුලේ ගස්වැල් අතගාමින් හෙමින් මේසය අසළට ආවාය. අරාබි චායාතාලේරා අරාබියා බොලොරේ ඊස්න උපං ලකනීපංඬේ මංගරාසේ මනෝරේ ඩොමාක් වෙදලගිය..... වැනි ගීයක් ගයමින් වටපිට බලා අරක්කු බෝතලය ගෙන කොටසක් වීදුරුවට...
ාබාදයේ මධ්‍යම ක්‍රිකට් මණ්ඩලයේ විධායක නිළධාරියෙකු ලෙස සේවය ෂා ගුජරාටි ක්‍රිකට් සංගමයේ සම ලේකම් ධූරයට පත්වූයේ 2013 දීය. ගුජරාටි ක්‍රිකට් සංගමය ( GCA) විසින් මහ විශාල නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණය ඉදිකරන යුගය වන විට ජෛ ෂා ගුජරාටි ක්‍රිකට් සංගමයේ සභාපති බවට පත්ව තිබිණි. 2015 දී ෂා ඉන්දීය ක්‍රිකට් පාලන මංඩලයේ මුදල් සහ ප්‍රව...
්නකෝ මේවා සහගහන අපරාධ... ඇත්තෙන්ම වන විනාශයකි.පාසලක දරුවන්ගේ ගෙල කපා දමා ඇති පරිද්දෙන් දැවැන්ත තේක්ක ගස් යායක් කපා බිම හෙළා තිබේ. ඒවායේ හොඳින් වයිරම ඇතැයි සැලකෙන මුල් කොටය පමණක් වෙන් කර තිබේ. ඊයේ රාත්‍රියේ පැවති අනෝරා වර්ෂාව අපරාධකරුවන්ට ආශිර්වාදයක් වී තිබේ. ගස් මුල් වලින් තවමත් දිය වෑහෙයි. වන අපරාධ පිළිබඳව හොඳ ඉව...
ාරු කරන්න අවදානමක් ගන්න එච්චර බයක් හිතුනෙත් නෑ. අනෙක රස්සාව ඉගෙනගන්න කාලෙ ආයතනික පුහුණුවට දැම්මම දෙයියනේ කියල කට්ට කාල කරන දේ හරියට කරන්න ඉගෙනගත්ත නිසා රස්සාවකට ඉන්ටවීව් යනව කියන එක මට නං ඒ තරං බය හිතෙන දෙයක් උනෙත් නෑ. ඒ එක්දහස් නවසිය අනූ ගණන්වල මුල් කාලෙ…. රත්මලානෙ මැලිබන් බිස්කට් ෆැක්ටරියෙ රැයක් දවාලක් නැතුව වැඩ ...
ුතු කටුක සෞන්දර්‍යයක් තිබුණ. සමහර තැන් වල මම නියාස් ට ටුක් ටුක් එක නවත්තන්න කියල පොටෝ ගත්ත.* *ඔහොම ඔහොම ගිහින් අපි කලින් වතාවෙ ආපු පාරට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් පෙරියකුලම් වැව් කණ්ඩියට ආවා. කිඹුල අදත් හැංගිලා හිටියත් ජපන් ජබර අයින් කරල වැඩි හරියක් සුද්ද කරපු වැවේ තැන් තැන් වල ලස්සනට සුදු නෙළුම් මල්, ඕළු මල් පිපිල තිබුණ...
වක් හෝ පාඩුවක් සිදු නොවන බව ඔහුගේ අදහස විය. සිව්වන පුද්ගලයා යෝජනා කළේ ඔබේ දෑතින් පැටවා ගර්භාෂයෙන් ඇදගෙන එළදෙනට ප්‍රසූතිය සඳහා සහාය වන ලෙසයි. " එම උපදෙස් සියල්ල සිත්ගන්නා සුලුයි, එහෙම නේද? ඔවුන්ගේ අදහස් එකිනෙකාට බොහෝ වෙනස්. ඉතින් ඔබ හිතන්නේ මා ඉන් අනුගමනය කළ යුත්තේ කවරක්ද?" පියා යලිත් සිය පුතු වෙතින් විමසීය. "මට...
්මාට දේශනාවක් පවත්වා ඇති බව සිතී සයුරි තනිවම සිනාසුනාය. බැංකුවක මානව සම්පත් අංශයේ කළමණාකාරිනියක් ලෙස සේවය කළ අම්මා ඉතා ගුණවත්, කරුණාවන්ත සහ උපායශීලී කාන්තාවක් ලෙස හැමෝම හඳුන්වති. එයට හේතුව ඇය ලැබූ අධ්‍යාපනයත්, කාර්යාලයේ වැඩ කිරීම තුලින් ලැබූ පන්නරයත්, සහභාගී වූ පුහුණු වැඩ සටහන් තුලින් ඉගෙන ගත් කරුණුත් සහ විවේක ලැබෙන හැ...
ිස්ටර් වෙලා තිබ්බ. මට කිවේ අන්තිම වෙලාවේ. මම හොයල බැලුව මම ඉන්න රටේ එයාට මාස්ටර් එකක් කරන්න බැරිද කියල, සම්පුරන මුදල හම්බෙන ශිෂ්‍යත්වයක් නැති උනත්, කොටසක් ගෙවන ශිෂ්‍යත්වයක් හොයාගන්න බැරි වෙන එකක් නෑ වගේ පෙනුන. ඉතිරි මුදල මගේ ජොබ් එකෙන් සහ සලනි ඇවිල්ල කරන පාර්ට් ටයිම් වැඩ වලින් කරගන්න බැරි වෙන එකක් නැහැ කියල පෙනුන. ඉතින...
සසරීස් ගන්නෙ.මේ පැත්තෙ ශොප් එකකින් නම් වෙන්න බෑ." ඇයගේ මේසයට අල්ලපු මේසයේ සිටි නදීකා බොහෝ දෙනෙක් වෙනුවෙන් ඇසුවාය. "හස්බන්ඩ් ඔන්ලයින් ඕඩර් කරන ඒවා අනේ මේ.කොහෙන්ද කීයද කියලවත් මම දන්නෙ නෑ.ගෙදරටම පාර්සල් එකක් ගෙනත් දෙනකොට තමා මම දන්නෙ"ඇය සිනා සී කීවාය. "ෂා……… නියමයි ඔයාගෙ හස්බන්ඩ්. ලකී ගර්ල් ඔයා නං" නදීකා පිළිතුරු දුන්නාය...
ක කටයුත්තක් බැවින් තව ටික මොහොතක් මෙහිම රැඳී සිටිය යුතු යැයි නිගමනයට පිවිසුනෙමි. කෙසේ හෝ සඟවා තිබූ දුම්වැටි කිහිපයක් ⁣සොයාගත් බැවින්, මගේ කාර්යය තවත් පහසු වනු පෙනී ගියේ ය. විනූ කොළඹ හැදී වැඩුන ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක බාල දියනිය යි. ඇය කුඩා කල සිටම සැපදායී ජීවිතයකට උරුමකම් කීවා ය. ඇගේ දෑත මල් පෙති තරම් ම සුසිනිදු ය,...
ැස් වී මීටර් 300ක් උස යකඩ කුළුණක් නිර්මාණය කිරීම ප්‍රයෝගික නොවන බවත් එය සුළි සුළඟට ඔරොත්තු නොදී එහාට මෙහාට පැද්දී කඩා වැටිය හැකි බවත් පවසමින් මතවාදයක් සමාජගත කරනවා. ග්‍රන්ථ කතුවරයෙක් ලෙස ලොව ප්‍රසිද්ධ වූ ගීද මෝපසාං එවැනි විරෝධතා ව්‍යාපාර මෙහෙයවූ පුද්ගලයෙක්. මෙම විරෝධතා හමුවේ ඇලෙක්සැන්ඩර් කියා සිටින්නේ කුළුණ සුළඟට සෙලවු...
අම්මා සමග වන හුරතලය දැකීමෙන් ය. වැස්සී අපි ට දෙන කිරි පංගුව ගෙදර අම්මා හෝ තාත්තා විසින් උදයේම දොවාගනී. වැස්සීද නිසොල්මනේ තම පැටියාගේ පංගුව සගවාගෙන , ඉතිරිය අනුකම්පාවෙන් අපට දේ. ඒ නිසා ගමේ අපි කවදාවත් පිටිකිරි බීවේ නැත . මා කුඩා කාලයේ මට කිරිදුන් කිරි අම්මා වියපත්වැ මියෙන තුරු අප හා එක්ව ...
තික මව් පියන් බොහොම යක් අද දවසේ කාමර හතර පහේ නිවාස වලට වී අවිනිශ්චිත හෙට දවස පිළිබඳ ව මනස්ථාප යෙන් පසු වනු පෙනේ. ර්‍ඒ එසේවූවත් අද දවසේ දී බේබි බෲමර්ස් අවසාන පරපුරේ අපටත්, XY පරපුරේ මව් පියන්ටත් ඉතිරිව ඇති එකම බලාපොරොත්තු ව වන්නේද මේ තාක්ෂණයේ Z පරපුරේ දරුවන් ය. ඔවුන් තර්කානුකූල ව...
්නට ඉඩ ඇති බව හදිසියේ වැටහී ගිය මම කතාව වෙනස් කිරීමට කල්පනා කළෙමි.එය වටහා ගත්තාක් මෙන් ඔහුම කතාවේ දිශාව මාරු කළේය. "ඉඳගන්ඩ වත් එකක් නෑ පුතා" "කමක්නෑ.බාප්පා ඇයි මේකෙ ඉන්නෙ? ගෙදර ඉන්නැත්තෙ?" "මං මේ මේක ටිකක් හදාගන්න ඉන්නෙ.පුතා කවද්ද ආවෙ?" "පෙරේද.බාප්පා.." පිඟන් දෙකකින් වසා ගත් බත් එකක් රැගෙන කඩුල්ල පැන ආ ගමෙහි කෙල්...
වී ගුවන් ගත වන්නෙමි. මගේ පියාට ලක්ෂ විසි පහක් අහිමිව ඇත. හෙට පාසකාරන් චිත්තප්පාගේ විවාහය ලියාපදිංචි වෙයි.මගේ ස්නේහවන්තිය ඒ උදෙසා ඉනිදුමට යනු ඇත.කිරි අත්තාගේ ඇඟිල්ල යට කළ සමන් පිච්ච වැල පසුපස ඔහුගේ කැදැල්ල තැනෙනු ඇත.නිසි ආදරය ලද කිරි අත්තාගෙ එකම එක ශරීර කොටස වන එම ඇඟිල්ල හේතුවෙන් පමණක් වුවද ඔහුට සැනසීම හිමි වනු ඇත. ...
ත් හොඳයි, අරක ගනන් අඩුයි" "හෝම්ස් අංකල්, තාත්තාට එන්න කියමු නේද එහෙනම්?" රජ කුමරා නිහඬතාවය බින්දේය. "හොඳමයි කුමාරයාණෙනි" කියූ හෝම්ස් රජ වාසලට දුරකථන ඇමතුමක් ගත්තේය, ----- රජ කුමරා සහ සින්ඩරෙල්ලා නිවසේ ඉදිරිපස මිදුලේ තිබූ සිමෙන්ති බංකුව උඩ හිඳගෙන අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේය, සින්ඩරෙල්ලාගේ පියාද මේ සිදුවීම සැලවූ වහා...
ඨයි හෝම්ස්" මම පැවසුවෙමි, "මම බියුටි කල්චර් කෝස් එකකුත් කරලා ඉන්නේ, විකාර කියවන්න එපා, මොකද්ද වෙන්න ඕනේ කෙටියෙන් කියන්න අංකල්ලා දෙන්නා" "හරි, ඔබේ වටිනා කාලය නාස්ති කෙරුවාට සමාවෙන්න, මේක තියාගන්න මිස්, අපි රහස් පරීක්ශක කණ්ඩාමයමක්, අපිට විස්තර ටිකක් ඕනේ" හෝම්ස් රුපියල් 5000ක මුදලක් ඇගේ අතේ තැබුවාය, ඇගේ දෑස් ප්‍රීතියෙන්...
"හා හා එකම ඇක්සන්ට් එක හැම කතාවෙම දෙන්න ඕනේ නෑ, තව පොඩ්ඩෙන් පෙපරමින්ට් ටික හැලෙනවා" නැවත සිනාසුනේය. "හෝම්ස් පඩිපෙළෙන් අඩි ශබ්දයක් ඇසෙනවාද?" මා එදෙසට කන් යොමා ඇසුවෙමි, "ඔව් වොට්සන්, කවුරුන් නමුත් ප්‍රභූ පැලැන්තියේ කෙනෙක්, බොහොම කලබලෙන් එන්නේ" කියූ විගසම අපගේ දොරට තට්ටු දමනු ඇසුණි, මම විගසින් ගොස් දොර විව්ෘත්ත කලෙමි, ...
රයාණෙනි, වොට්සන් එක්ක බලාගන්න ඕවා, වොට්සන් එකවුන්ට් නම්බරේ දෙනවානම් දෙන්න, මට කියන්න එපා" මදෙස බලා ඇසක් ගැසූ හෝම්ස් ඉතිරි 85 කොට සිගරට්ටුව පත්තු කලේය, මා විගසින් එකවුන්ට් නම්බරය සහිත විසිටින් කාඩය කුමාරයාට දිගු කලෙමි, කුමාරයා එය බලා තම ජංගම දුරකථනය ගෙන ඔබන්නට ගත්තේය. Credit for Rs. 1,500,000.00 to ***0038138 at 11:19 ...
ියන්න සුදුසුම වෙලාවෙයි මම ඒක කිව්වේ" "සුභද්දිය හාමුදුරුවන්ගෙන් සමාව ගන්න ඕනි.ආයේ පන්සලට වඬින්න කියන්න හාමුදුරුවනේ" "ආයෙ සුභද්දිය හාමුදුරුවෝ මෙහෙ වඩින්නේ නෑ කියලා තීරණය කරලා ඉවරයි.කසුන් කොල්ලවත් ඒ ඉන්න පන්සලට එක්කරගෙන හාමුදුරුවෝ මෙහෙන් පිට වෙලා ගියේ ඊයේ හවසමයි" "ඉන්න තැනක් කියන්න හාමුදුරුවනේ.අපි ගිහින් කතා කරගෙන එන්නම්"...
වස මට අද වාගෙ මතකයි. නුපුරුදුම සිද්ධි දාමයකට මූණ දුන්නු දවසක්. දවස උදා වුණේ නම් සාමාන්‍ය විදිහට. අපි උදේට කාලා දෙයියනේ කියලා කතාබහ කරමින් හිටපු වෙලාව. එකපාරටම මෝටර් සයිකලයක් ඇවිත් පෝටිකෝව යට නතර කළා. ඔහුගේ කාර්යාලීය සගයෙක් වන රංජිත්. "හා .. රංජිත් මොකද මේ උදේ පාන්දර? මොකක් හරි ප්‍රශ්නයක්ද? උඹ උදේට කාලද ඉන්නේ ...
ි ගෙදර එනතුරු මම බලා හිටියේ පුදුමාකාර නොඉවසිල්ලකින්. මොකද අර මේසෙ උඩ තිබුණ සෙන්ට් කුප්පිය කීර්තිත් එක්කම එලියට ගිහින් තිබුන නිසා. වෙන ගෑනියෙක් නම් මිනිහා ගෙදර ආපු ගමන්ම " කොහෙද ඕයි සෙන්ට් කුප්පියක් අරගෙන ගියේ..කාව බලන්නද" කියලා අහන්න හොඳටම තිබුණා ඒත් ඉතිං ඉස්සර කාලේ ඉගෙනගෙන තියනවනේ 'ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය'...
වන් හමුවේද ඉන්ද්‍රකීලයක් බඳු උත්තම කාන්තාව මව් පමණක් බව පසක් කරද්දි, මවක, දරුවන් වෙනුවෙන් නොකරනා දෙයක් නොමැත, එසේ වීනම් සිය පතිවෘතාව බිල්ලට නොදී ඇයත් මවක් වන්නේය. කිසි දිනක තනේ කඩා පත්තිනියක නොවී, සිය දරුවන් වෙනුවෙන් නේක දුක් උසුලන්නීය. ගල්පතුරු කැපුම් ඇගිලි හිල් කරන ඉටුකටු පැලුම් වලට වග නොකියන්නීය.. යන්න ඊට තවත් සාක...
බූ සුන්දරත්වය නොනැසී තිබිණි. ඇය මා හා හොඳින් කතාබස් කළා ය. අම්මාගෙන් තමා ට යම් සීමා පැනවී ඇති බව ඇය කෙටියෙන් කීවා ය. දාන ගෙදරින් අප දෙදෙනා පිටතට විත් පාර දෙපස බිම වැටී කරවී තිබූ කොළ මතින් ගස් හෙවණේ නිහඬව ඇවිදගෙන ආවෙමු. කොළ පෑගෙන හඬ හැර වෙනත් හඬක් නොවී ය. ඇයට බසයකට ග‌ොඩ වී යන්නට හැර මම ඊළඟ බසයෙන් ගම්පහට ගියෙමි. ඇයට හි...
යෙන් පසුව ඔහු ගේ කල්ක්‍රියාව ද වෙනස් විය. වොරන්ට්සෝවා ගේ දුරකතනය පවා තමා භාරයට ගත් ඔහු වොරන්ට්සෝවා තම මව හෝ සොහොයුරන් සමඟ හෝ කතා කරනු දැකීමට පවා අකමැති වූයේ ය. රිය අනතුරකින් ඔවුන් ගේ පළමු දරුවා ද කුඩා කාලයේදී ම මිය ගිය අතර ඉන් පසුව ඔවුන්ට කුමක් වූවාදැයි මට ආරංචියක් නොවී ය. වොරන්ට්සෝවා විවාහ වූ පසු මට නිවස අලෙවි කළ යුව...
ගෙනාව ලොකු මල්ලිගෙ ළමාතැනී ඒ කාලෙ මෙහේ පස් පෑගුවෙ නෑ." කස පුපුරන්නාක් මෙන් තරහට දත් මිටි කමින් නයනා කෑ ගැසූ හැටි දැක ඉස්කෝලෙ නෝනාට උතුර දකුණ මාරු වුනා මෙන් දැනුනි. තමාගේ දියණිය කිසි දින තමාට මෙසේ කතා කර නැත. සුමිත් ඇසින් ඉඟි කළේ නයනාට සන්සුන් වන ලෙසය. මේ කතාවෙන් සයුරිට ඇඬීමත් අමතක වී ආත්තම්මා දෙසත් අම්මා දෙසත් මාරුවෙන...
ේය. ---------------Shanika Tennakoon-----------------------------සීමාව. ( දෙවන සහ අවසන් කොටස ) ඇත්තටම මගෙ යෙහෙළියගෙ මරණය මට නොසෑහෙන්න කම්පනයක් සහ භීතියක් ඇති කළ මුත් මම ඒ ගැන හොයන්නට යන්නෙ නෑ කියලා හිතාගත්තා. මොකටද ඔළුවට අනවශ්‍ය ප්‍රශ්ණ සහ කරදර..? මම හිත නිදහසේ තියාගන්නට හිතා ගත්තා. නමුත් ඔබ මට එයට අවසර දුන්නෙ නෑ..!...
ස්සෙ තමයි ඒ මිනිහා දකින දකින ගෑණි එක්ක යන්න පටන් ගත්තෙ.. සැලීනාට එතනදි පුළුවන් වුණා මිනිහව හිරකරලම අල්ලගන්න..! නමුත් මැණිකෙටයි මටයි හැමදාම හොරෙන් මුණගැහෙන්න සිදු වුණා. ඇත්තටම එදා මගෙ අතින් වුණෙත් ලොකුම වරදක්..! මම බයට ඇයවත් තල්ලු කරලා දිව්වා. සෑහෙන්ඩ දුරක් දුවලයි මට මතක් වුණෙ මොකක්ද ඒ කළ කැත වැඩේ කියලා. මම ආපහුත් එද්...
." චීත්තයක් පොරවාගෙන මැසි.විලි නඟමින් ඉස්තෝප්පුවට ආ ආරියවතීගේ කට වැසී සැමියා දෙස බැලවුණේ ද ඉබේටමය. "හත්දෙයියනේ.... මේ මොන අපරා-ධයක්ද...?" " මේකිව අල්ල/පන් ගේ ඇතුලට ගන්න... හා... ඉස්සර වෙලා ඔය පොඩි එකාව ගනිං...." නිවස තුළට වත්තම් කරගෙන ගිය හිච්චි හාමිනේව බූරු ඇඳ උඩ හාන්සි කරවීය. " ඒයි... මේ නොදරුවා බයවෙලා, හෙම්බත්ව...
ා ඈ කහ සිවුරු දරාවි..... ....... මීට සතියකට විතර කලියෙන් කඳුකරේ පැත්තෙන් ගඟේ නාන්න ගියපු දැරිවියක් අතුරුදහන් වෙලා වග මෙහෙට ආපු උපාසක ඇත්තෙක් කිව්වා.. බලාපල්ලා මේ මි-.නිය ඒ ඇත්තිගෙ වත්ද කියලා....." ඇසිලින් සියලු වෙර යොදා මෙහෙණි ආරණ්‍ය සේනාසනය දෙසට දිව ගියේ දරු කැක්කුම ඉහවහා ගිය නිසාය. තේමිස් හා ගුණදාස ඒ පසුපසින් දිව ගි...
මාසෙ යනව” ගහෙන් ගෙඩි එන්නා වගේ දවසක් රාජිකා කිව්වේ අම්මයි කාමලීයි දෙන්නම ඉන්න තැන. “අපේ ගෙවල් වල ගෑණු බඳින්න කලින් ඔහොම යන්නේ නෑ, යන තැනක බැඳලා පලයං” අම්ම මන්තරේ වගේ කියපුවා රාජිකා කණකටවත් ගත්තේ නෑ. අන්තිම මොහොතේ යනවා කියන්න වඳිද්දි ඇරෙන්න අම්ම එක්ක කතාවට ආවෙත් නෑ. ----------------------------------- ඒ ගියපු ගමන අවුරුද...
්විතයක තිබෙන මූලික ලක්ශනය වන්නේ වෙනස් උපක්‍රම රාශ්‍යක් එකිනෙක සමඟ බද්ධ කර ක්‍රියාත්මක වීමත්,ඒඑවා මොනවාද යන්න සහ එකතු කරන්නේ කිනම් ආකාර වලටද යන්නත් යුද්ධය අනුව තීරනය කර ගැනීමයි.එසේම මහිදී යොදා ගන්නා අවි-ආයුධ මොනවාද යන්න තීරනය වන්නේ බලාපොරොත්තු වන ප්‍රතිඵලය හෝ ඇති කිරීමට බලාපොරොත්තු වන බලපෑම් මත වේ.එහි තිබෙන තවත් ලක්ශනයක...
මිනිසා ට ජීවත්විම අසීරු බවය. දරුවා කුඩාම අවදීයේදී ආදරය අසීමිත ව ඕනෑවේ. ඊට පසු කාලානුරූපව ආදරයේ විවිධ කඩඉම් කරා මිනිසා ගමන් කරයි. ඒ අතර යොවුන් වියේදී ඇතිවන්නාවූ ප්‍රේමය සුවිශේෂී එකකි. එය නැවත ඉපදීමක් වැනිය . ආදරණීය හැගීම් උද්දීපනය කරන්නේ ස්වභාව ධර්මය සහ පරිසරය යයි. ප්‍රේමණීය හැගීම් ප්‍රකාශනයේදී කතා නොක...
.ආර්.ගේ පුත්‍රයා වීම තුළ පහසුවෙන්ම ඉහළ අමතර සැලකිලි ලබා ගැනීමේ හැකියාවක් ටෝකියෝ හිදී ඔහුට තිබුණ ද ඔහු එසේ කළේ නැත. එම ඔලිම්පික් උලෙළට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයකු හට ලැබුණේ රුපියල් හැත්තෑපහක දීමනාවක් පමණි. ආර්ථිකව ශක්තිමත් නොවන පවුලක කෙනකුට එය ඒ හැටි ප්‍රමාණවත් නොවීය. ශ්‍රී ලංකා කණ්ඩායම තුළ එවැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු...
බැලුවේ නැද්ද? සියලූම කර්තව්‍යයන් කර දීමට අතට පයට සිටින කාර්‍ය මංඩලයේ කවුරුන් හෝ මෙම උපකරණ පරීක්ෂා කලේ නැද්ද? ඉදිරියේදි අපිට හෙල්මට් වල අත් ආවරණ වල පත්තෑයින්,සර්පයින් සිටියා යයි අසන්නට නොලබේවා යයි පතමු. පෙර සූදානම යටතේම අප දන්නා එක උදාහරණයකින් මේ ලිපිය අවසන් කරමි. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාමයි. ඔහු නාල...
රන්න බලාපොරොත්තු වෙන්නෙ..? " " සැලීනාත් එක්ක එකතු වෙලා ඒක කරන්න පුළුවන්.." " සැලීනා මිනීමැරුමට සම්බන්ධ නම් කිසිසේත් ඒ ගැන කතා කරන්නෙ නෑ. කවුරුත් ඉල්ලගෙන කන්නෙ නෑ බං. අනික කෝ සාක්ෂි..? අවුරුදු හතරකට පස්සේ කොහොමද ඔප්පු කරන්⁣නෙ..? එයත් අනුබල දීලා නිහඬව ඉඳලා දැන් එහෙම කරන්නෙ ඇයි..? මොකක්ද හේතුව..? නිකම් පොලිසි උසාවි ව...
හඬ වූවාය. "දීග ගියපු ගෑනි.යෙක් දීගෙ කඩාගෙන ගෙදර එන එක නම්බුවක් නෙවෙයි. මිනිහා පිට යනවනම් යන්නේ ඒ ගෑනිගෙත් වරදක් තියෙන නිසා නෙව...." ".... කවුරු දන්නවද මේ ළමයා උගේ නෙමෙයි කියලා ඌ හිතනවද කියලා...." "දෙයියනේ ඕක නවත්ත ගනි.ල්ල කෝ බං, මේ පොඩි එකී මරා.ගෙන ක.න්ඩ හදන්නැතුව.... කරදරයක් වුණාම ඒකි තමන්නේ අම්මා අප්පා ගාවට නෑවිත්...
ුබායි පොලිසියට සම්බන්ධ වෙන..හයි වේ එකේ ඔටොමැටික් කැමරා වලින් හයි ස්පිඩ් දඩය ක්ශනිකව එන්නේ එස්.එම්.එස් එකින් මොබයිල් එකට සහ ඊ මේල් එකට... කෙටි සටහනක් Dubai Security System ගැන.. සවිස්තරාත්මකව Dubai Airport Terminal 1,23 ගැන සහ දැවැන්ත ඩුබායි ප්‍රොජෙක්ට් සිකියුරිටි සිස්ටම් ගැන ලියන්න ඕන දැනගැනීම සදහා.. එකක් ඩුබායි පොලිස...
ා විචාර තරගයෙහි විවෘත අංශයේ අවසන් වටයට නිර්දේශිත විචාරය ඔබගේ රසවින්දනයට මෙසේ ඉදිරිපත් කරමි) සිංහල සුභාවිත ගීතයට නොමියෙන ගීත කිහිපයක්ම දායාද කළ සොඳුරු පන්හිඳක හිමිකරුවකු ලෙස රණ්බන්ඩා සෙනවිරත්නයන්ව හඳුන්වා දිය හැක. බොහෝ විට ගීතය ගායනා කරන පුද්ගලයාගේ නම පමණක් ප්‍රචලිත වන සිංහල ගීත රසික රසිකාවියන් අතර, එතුමා මියැදී වසර ව...
අවසන මේ විප්පයෝගය නැමැති පරාජයෙන්, එසේත් නොමැති නොමැති නම් පරාජය නමැති විප්පයෝගයෙන් පීඩා ලැබ හඬන මේ උලලේනාට රන්බණ්ඩා සෙනෙවිරත්නයන් උපදෙස් දෙනුයේ බෞද්ධ දර්ශනය ඇසුරෙනි. සසරේ ගමන් කරන්නා වූ සත්වයා වියෝග දුක් උරුමය නිතැනින්ම ලැබෙනු නියතය. විප්ලවවාදියටද එසේමය. විප්ලවවාදියකු සෑම විටම ජය මෙන් පරාජයද එක සේ බලාපොරොත්තු විය යුත...
නොදිය යුතු බවත්. ඉතින් නොලැබෙන ආදරයන් නිසා ඔබ ඔබේ සිතේ සතුට, නිදහස, ඔබේ වටිනාකම් අහිමි කරගන්න එපා. ජීවත් වෙලා ඉන්න තියෙන සීමිත කාලයෙන් විනාඩි ගණනාවක් වත් මේ වගේ අඬමින්, හූල්ලමින් නාස්ති කරගන්න එපා. ඔබට ආදරය කරන තව අය ඔබ වටා ඉන්නවා. ඒ කාලය ඔබ වෙනුවෙනුත් ඒ වගේම ඔබට සැබෑවටම ආදරය කරන අය වෙනුවෙනුත් වැය කරන්න. සතුටෙන් සැහැල...
කියල ද" සති දෙක්කට කලින් අලුත් ස්තානාදිපති විදියට වැඩ බාරගත් IP අජිත්, DIG ව හමුවීමට ආවේ නගරයේ අනසක පතුරවාගෙන සිටි පාතාල කන්ඩායම් දෙක මර්දනය සදහා සැලසුමක් අරගෙන. DIG විමලසූරිය කියන්නේ මුදලට නොවිකුනු කීර්තිමත් අවංක නිලදාරියෙක් . ප්‍රතිලාභ හින්ද පාතාලයට රැකවරනය දෙන කාලකන්නි දේශපාලනඤයනුයි මුදලට විකුනුනු පොලිස් දෙපාර්ත...
නන නම්බරයකින්. "හෙලෝ" "වසන්ත අය්යා පොඩි තොරතුරක් දෙන්න කතා කලේ" " කවුද උඹ , මොකද්ද ආරන්චිය" " රෝශාන් ඉන්නවා තැනක" " කොහෙද යකෝ මගෙ එකා ඉන්නේ" " ඒවා ඉතින් නිකන් කියන්න බෑ, ඒවට ගෙවන්න ඕනේ” “තෝ යකෝ මගෙන්ම කප්පම් ඉල්ලනවද , මේ පලාතෙම එවුන්ගෙන් කප්පම් ගන්න වසන්තගෙන්..... " " දෙනවද නැද්ද කියලා ඔයා තීරනේ කරන්න, හැබ...
අනුව, ඒකක 46 න් මුල් ඒකක 0 සිට 30 වෙනකල් අයකිරීම ඒකකයකට රුපියල් 10/= ගානෙ මුලු මුදල රුපියල් 300 යි. දෙවන ඒකක 31 සිට 46 දක්වා ඒකකයකට රුපියල් 25/= ගානෙ ඒකක 16 කට මුලු අයකිරීම රු. 400යි. එවිට පාවිච්චි කල මුලු ඒකක 46ටම ගෙවිය යුතු ගාස්තුව රු. 700යි. දැන් පරණ අයකිරීම් වගුවේ හැටියට මේ පාරිභෝගිකයා පාවිච්චි කරල තියන මුලු ...