text
stringlengths
5.78k
8k
Radio ලමයි --‐-‐-------------------------------------- ඔයා ත් අපේ gen එකේ නම්, අනිවාර්යයෙන්ම ඔයා radio ලමයෙක්.. මුල්ම radio ව මතක ද ගෙදර තිබුණු? අපේ නම් දුඹුරු පාට පුංචි කැබිනට්ටුවක් වගේ එකක්.. ඒක බරසාර නිසා තියා තිබුනෙත් බිමට ආසන්නව. " කෝ මේ ප්‍රවෘත්ති අහන්න මීටරේ පොඩ්ඩක් අල්ලන්න " තාත්තගෙන් උදේම එහෙම ඇනවුම ක...
ිරියට යන්නට විය සියල්ල සිදුවනුයේ කිසිවෙකුගේ විධානයකින් මෙහෙයවීමකින් තොරව ස්‍වයංක්‍රීයව මෙනි. බොහෝ පුද්ගලයින් ඇතුලුවූ පසු මට ඉදිරියෙන් සිටි තුන්වැන්නාගේ වාරය පැමිනුණි. ඔහු අර රතු හිස්වැසුම පැලදි පුද්ගලයා ඉදිරියට යනු මට හොදින් දර්ශනය විය. "මේ පැත්ත යහපත් මිනිසුන්ගේ දිව්‍යලෝකය මේ පැත්ත අයහපත් මිනිසුන්ගේ අපාය." ඔහු එසේ පව...
රුව කට සෝදා දැමීම එතරම් අපහසු කාර්‍යයක් නොවන වග මා දැන් දනිමි. හැන්දෑ වරුවක අම්මා ද අප්පච්චි ද තේකක් බීවානම් හොදයි ලොකූ යැයි සිහි කැදවති. ඔවුන්ගේ තේ යනු පෙර කී Tea නොවන අතර ඒවාට කියන්නේ කහට කියාය. ඔවුන් සීනි භාවිතය සීමා කර ඇති බැවින් එම උනුවතුර මුසු කහට වලට සීනි දමන්නේ නැත. Plain Tea එකක් බොමු කියන නැන්දලාට මම සාදා ද...
අනෙකුත් දෑ සාමාන්‍ය පරිදි සිදු උනත් මා හා බොහෝ කිට්ටුව සිටි චුට්ටිගේ කුමක් හෝ දුක්මුසු බවක් , හැසිරීමක් අම්මාටත් අප්පච්චීටත් හොරෙන් පසුගිය දින කිහිපයක් පුරාවට මම දරා සිටියේ තරමක් වේදනාවකිනි. ඇගෙන් ඒ බව විමසා සිටියත් ඇය කීවේ එවැනි ප්‍රශ්නයක් නොමැති බවයි. එහෙත් ඒ දින කිහිපයේම ඇය පන්ති නොගිය බවත් අම්මා පැවසීය. මේ කල්පනාවන...
ිලධාරීන්ගෙ ඉඳන් රැඳවියන් වෙනකල් පුදුම විදිහට ආදරයක් ගෞරවයක් තිබ්බේ. බණ කියනවා පිරිත් කියනවා. එයා නිතරම කිව්වෙ මහණ වෙන බව. ඔය ගියේ ඒ ගමන" ඔහු කතාව අවසන් කරන විට මට පාල මාමාගෙ අවසන් දසුන වංගුවෙන් හැරී නොපෙනී යන්නට විය. පුදුමාකාරය... හරි හෝ වැරැද්දක් ගැන මම හිතින් වත් තර්ක කරන්නට නොගියෙමි. සියල්ලෝම ප්‍රතග්ජනයෝ ය. අංගු...
නේ ස්වාමිපුරුසයන් වුන අපි පිටිං බව බුද්ද දේසනාවෙත් සදහන් වෙන බව පන්සලේ හාමුදුරුවො දවසක් කිව්වා මට මතකය. අවසානයේ කොහොමින් කොහොම හරි නෝනාත් සැලූන් එකේ මල්ලිත් පාට පිලිඹදව එකගතාවයකට ආවේ සාකච්චා වට කීපයකට පසුවය. සැලූන් එකේ මල්ලී මං දිහා අනුකම්පාවෙන් බලා නෝනාගේ කොන්ඩේ පාට කරන වැඩේ පටන් ගත්තේය. නිවාඩු දවසට ගෙදර ඉන්නා වෙලාව...
්ට ගහන්න ඕනි මොළෙන්, ආය නැගිටගන්නම බැරිවෙන්න. මැදැඟිල්ලෙන් කිරිපලල්ට තට්ටුවක් දැම්මත් ඇති, කුජබල පරාක්‍රමයෙක් වුණත් යටිබඩ කොර වෙලා, බිම ඇදගෙන වැටෙනවා. මොන තරම් වීරයෙකුට වුණත්, දුරුවල තැනක් තියනවා. ඒ තැන හරියටම හොයාගෙන, පුන්චි තට්ටුවක් දැමමොත් ඇති, අත්තිවාරම් පිටින්ම කඩා වැටෙනවා. සුදට සුඳේ ඇඳගෙන, අතේ කරේ රත්තරණ් බැඳගෙන...
මට; "දුව කොළඹ ඉස්කෝලෙ යවනවා කියලා ගම වටේ පම්පෝරි ගැහුවාට, පෙනේ ද දෝණියැන්දැ ගේ කැරැට්ටුව. ගහක් ගලක් වගේ හිටපු මිනිහවත් මරාගෙන, ගම වටේ වේ-ස-කම් කර කර ඇවිදින පඳුරු වේ-සි. එනව මෙතන මගේ කොල්ලව දැලේ දාගන්ඩ. අම්මණ්ඩි වගේම නැතැයි දෝණිත්, ගහේ කටු උල් කරන්ඩ ඕනි ද…..” තමන්ට දකින්නට බැරි වුණු ලෝකය, තමන්ටත් වඩා ඉහළින් තමන්ගේ පුත...
ක් ඇදී එනව මේකට.ඇවිත් වාසස්තානය කරගෙන ඉන්නකොට කාලෙකදි මල මැරුනම උං ළඟම තියෙන භවබෝගවලට තමයි ඇදිල ගිහිං ඒවගෙ සාරෙ උරා බොන්නෙ.ඉතිං ඒ ගංවල මිනිස්සුන්ට සෑහෙන පාඩුවක් ඒක.ඒකයි අරම කථාවක් කියන්නෙ. කියන්න කවි කර අම්මෙනි අවසර මහතුන් නැති රට ඇයි උන් අවසර දෙවියෙක් නිදිනම් ඇහැරී වර වර බිම හෙලලා අර දෙනගම තලමල... සභාවක ම...
පහුවදා හවස අපි දෙන්න එක්ක කැස්බෑවෙන් බස් එකේ නැගලා කොහුවලට යන්න සෙට් වුණා. නුගේගොඩ නොලිමිට් එක තමා මුන් දෙන්නගෙ මුණගැහෙන තිත්පොල. එදා කවදාවත් නැතුව පැපිලියාන හරියෙ පට්ට භීශණේ. ලොකුම ට්‍රැෆික් එකක්. හේතුවක් දන්නෙ නෑ. වාහන සේරම හිර වෙලා. අපි බැස්ස බස් එකෙන්. බැහැල පයින් යමු කියලා. නැත්නම් වෙලාව පහු වෙන නිසා. බැහැල අපි ...
පවිත්‍රි, අසේලගෙ අම්මට එයා ගැන කියන්නෙ නෑ කියලා ඔයා අසේලට වුණු පොරොන්දුව, ඒ අම්මා වැරැද්ද ඔයාට පටවලා ඔයා එක්ක තරහ වුණත් ඔයා අදටත් ඒ පොරොන්දුව ඒ විදිහටම රකිනවනෙ. ඒක ගැන මතක් කරලා ඔයාටයි ගගනටයි යහපතක් වෙන්න කියලා සත්‍යක්‍රියා කරන්න" පවිත්‍රිගේ සිතට මහත් සැහැල්ලුවක් දැණුනි. යෙහෙළිය ගැන අප්‍රමාණ ආදරයකින් හදවත පිරී යද්දී ...
තිබෙන්නේ." මහී දිව්‍යාංගනාව සක් දෙවිඳුන්ට පිළිවදන් දුන්නා. එසේනම් ඇය තවත් මොනවා ඉල්ලුම් කරනවාද? කෙමෙන් දේව සභාව තුල ඝෝෂාවක් ඇති උනා.සක් දෙවිඳුන්ටත් ඇති වුනේ ඒ පැනයමයි. " ඉතින් මහී ඔබ ඔවුන් වෙනුවෙන් මේ තවත් ඉල්ලන්නේ මොනවාද ? " මතු සම්බන්ධයි. ගුණානී චන්ද්‍රමාලී සිරිසේන.“ආච්චි ඇයි ඔයා බොරු කියන්නෙ.” “බොරු නෙමෙයි කැටේ ...
ඩ ටික කරගන්න බැරිද? මේ ළමයා ඔයාගෙ අතේ ඉන්නෙ නෑ කියලා ඔයා හොඳටම දන්නවනේ.” “අනිත් ගෑණුත් ඔහොම තියෙන වැඩ සේරම පැත්තකට දාලා ළමයව අතේ තියාගෙන ඉන්නවද?” “අනිත් ගෑණු ගැනවත් ළමයි ගැනවත් නම් මම දන්නේ නෑ. හැබැයි මේ ළමයා නම් බිම තිබ්බ ගමන් අඬනවා..” “ඔව් බිම තිබ්බ ගමන් අඬනවා. එහෙම අඬන්නේ ඇයි දන්නවද? ඔයා ඒ ළමයව අතට පුරුදු කරගෙන...
මයත් අරන් ගෙදර එනවා.” පසුදා උදෑසන තුෂාන්ගෙන් ඇමතුමක් ලැබුණේය. “දැන් තමයි මිනිහට ගෑනිගෙ අගේ තේරිලා තියෙන්නේ. තව ටික දවසක් ඔහොම ඉඳියි. ඊට පස්සෙ අපූරුවට මෙහෙටම එයි එක්ක යන්න . අන්න එතකම් යන්න එහෙම එපා උඹ. තුෂාන්ගේ ඇමතුම අසා සිටි අම්මා එසේ කීවාය. සුමේධාටද දැනුණේ සතුටකි. තුෂාන් තමා ඉදිරිපිට දණ නවා තිබේ. තව ටික දවසකින් ...
ුණු හොඳම විදිහ මේක වෙන්න ඇති. අපි යන්නම්..” මහා සෑය වෙත යන්නට පෙළ ගැසී සිටි සුදු පැහැති මිනිස් පොදිය අතරට ඊළඟ මොහොතේ තුෂාන් සහ ජයනි එකතු වනුත් මොහොතකින් ඒ මහා ජන ගංගාව මැද ඔවුන් දෙදෙනා නොපෙනී යනුත් සුමේධා හිස් බැල්මකින් යුතුව බලා සිටියේ සිදු වූයේ කුමක්දැයි අදහා ගත නොහැකිවය. —---------සමාප්තයි—------------ ...
න වැඩේ කරන්නේ යුමීගෙ දුව කියලා ෆේ කිව්වා. ඒ නිසා මං ඇඳේ තියෙන බෙඩ් ශීට්ස් කොට්ට උර අයින් කරලා අලුත් බෙඩ් ශීට්සුයි කොට්ට උරයි ටික පිළිවෙලට ඇඳ උඩින් තිබ්බා. කාමරේ ඇඳ පුටු මේස වල දූවිලි පිහදාලා ෆ්‍රිජ් එකේ අඩුපාඩු බලලා ඒවා පුරවලා එතකොට ටී කොෆි හදන තැන අඩුපාඩු බලලා ඒවාත් පුරවලා ඉවර වෙලා බෙඩ් රූම් එකයි බාතෲම් එකයි දෙකම වැකි...
ි ඕක මොකක්ද මට . කිරි කජු නේ මට ඕක .මම ඉන්නං බේබි නැන්දා ලඟ ඉන්න කොට කටට ඇඟිල්ල තියාන. ඕක මොකක්ද නොදන්න දෙයක්යෑ මම. අපේ ඉස්කොලේ හාමිනේත් ළමායි කටට ඇඟිල්ල තියා ගන්න . එකෙක් හ්ම් කියන්නෙ නෑ ... ඔහොම කියලා ඔය ඕනි තරං ගොරෝ ගොරෝ නිදාගෙන ඉන්නෙ . "අනේ නගේ... බලහං කෝ වෙච්චි දෙයක් මයෙ මලයට. හැමෝටම උදව් කොරාගෙන හිටපු එකා නෑ බ...
ika Wickramaarachchi 17/01/2024මගේ චිත්‍රපට ජීවිතය-- තවත් එක් පරිච්ඡේදයක් එක් අවධිකදී මා නිවසේ සිට සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයයේ පාසැල් නේවාසිකාගාරයට ගිය බස් රථය ධාවනයකල රියදුරා චිත්‍රපට නළුවෙක් විය. එදවස එය මගේ හිතටද ලොකු ආඩම්බරයක් ගෙන දුනි. ඒ නළුවකු විසින් ධාවනය කල බසයක නැගී යාමට ලැබීමයි. හෙතෙම හොඳ උස ම...
png හෝ වෙනත් ඩිජිටල් හෝ මුද්‍රිත ආකාරයෙන් වාර්තා තුලට ඇතුලත් කිරීමේ තාක්ශනයක් 1977 වන විට සොයා ගෙන තිබුනේ නැහැ. Voyager හි පරිගණක පද්ධතිය තුල කිලෝබයිට් 69 ක පමණ තොරතුරු ප්‍රමාණයක් පමණක් තබා ගත හැකි අතර එම ඉඩ ප්‍රමාණය එක් රූපයක් සඳහා ද යන්තම් ප්‍රමාණවත් වේ. මේ හේතුව නිසා NASA ආයතනය විසින් මෙම ඇනලොග් තැටි තුළට රූප දත්තයන...
දුලගෙයි ගෙවල් දෙක තිබුනේ ළඟ ළඟ. කොල්ලෝ දෙන්නා ඉස්කෝලෙ ගියේ එකට .සෙල්ලම් කරේ එකට. ලොකු වුනේ එකට. හැබැයි උන්දෙන්නා ලොකු උනේ දෙවිදියකට. රන්දුලගේ අම්මා ගුරුවරියක්. තාත්තා තැපෑලේ වැඩ කළා.සුකිත් ගේ අම්මා රස්සාවක් කලේ නෑ නෑ. එයා, තාත්තා මැරෙනකොට ඉතිරි කරලා ගියපු දේවල් වලින් බොහෝම පරිස්සමෙන් සුකිත්වයි නංගිවයි හදාගෙන ජීවත් වු...
ස්පිරිතාලෙට අරගෙන යනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි. ඔව් සුකිත් යන්නම ගියා. අඩි පහකට වඩා උස ගියපු තරුණ කම උතුරන පුතෙක්ගේ මිනියක් දකින්න සිද්ධ වෙන අම්ම කෙනෙක්ගේ ඇස් දිහා බලන එක සංවේදී හිතක් තියෙන මනුස්සයෙක්ටක සෑහෙන අමාරුයි.රන්දුලට සුකිත්ගෙ අම්මගේ ඇස් දිහා බලන්න හිතුනෙම නෑ. සුකිත්ගෙ අම්මට හිටියේ එක පුතයි. ඒකත් හොඳම ප...
දෙවේලේ සංසන්දනය කරන්න ඔයාලටත් පුළුවන්. ===== සුජාතා මැණිකේ ඉහළගෙදර#මං_තාම_පණපිටින්_සදමාලි... ඒ කාලේ මට දහ අටක් විතර ඇති ය. ඒ කියන්නේ පුත්තලං බූරුවෙකුගේත් තවත් පැටියෙකුගේත් වයස ය. ලක්ස් සබන් කොලේටත් පෙම් කෙරුවේ ඒ නාඹර කාලයේ ය. ජීවිතේ සුන්දරම කියා කාලයක් තිබුනානම් ඒත් ඔය කියන කාලයම ය...... ................................
දෙන්නෙක් වගේ කතා කරන්න පටන් ගත්තා.. කඩුගන්නාවෙ කන්ද පහුකරන් කෝච්චිය හෙමින් හෙමින් නුවර දිහාවට ඇදිල යන අතරෙ රාධි මට "Sweet November" පොත ගැන එයාගෙ මතකය විස්තර කරා.. ඒ තමයි මගෙත් රාධිගෙත් පළවෙනි හමුවීම.. ඒ හමුවීමේ මතක අස්සෙ සැරිසරමින් ඉන්න අතරෙ හැන්ඩ්ස් ෆ්‍රී එකෙන් ඇහුන සින්දුවෙ මැද සංගීත ඛණ්ඩයක් වාදනය වෙලා ඉවර වෙලා ආ...
යගානක් ඉස්සරහා සින්දු කියන දිහා බලන් ඉන්නකොට එදත් මං ඉදගෙන හිටියෙ මේ මේසෙමයි." මං බොහොම උනන්දුවෙන් ඒ මනුස්සය දිහා බලන් හිටියා.. එහෙම බලන් ඉන්නකොට ඒ මනුස්සයගෙ ඇස් වලට ටිකෙන් ටික කඳුලු උනන හැටි මට පෙනුනා.. ඒ ඇයි කියන ප්‍රශ්නෙන් මාව අතරමං වෙන අතරෙ මං ආයෙමත් හෙමිහිට ඔළුව හරවලා ‍රාධි දිහා බැලුවා.. "Come away with me in th...
්තිය ක් ලැබී නැත . අවසානයේදී ඈ මාගේ පිහිට පැතුවාය . ඇයගේ සිත වෙළාගත් ඒ බියකරු සිතුවිලි මකාදැමීමට ඉතාමත් සුළුවේලාවකදී එදා මට හැකිවුනේය. නතාෂා සැනසුම් සුසුමක් හෙළුවාය. සුනිමල්ලෑ තර්ජන පුස්වෙඩි බව සාක්ෂි සහිතව ඈට ඒත්තු ගැන්වීමට එදා මට හැකි වුනේය. "අනේ අයියේ මේක මගෙ ජීවිතේටම හොඳ පාඩමක්. ආයෙ...
" මෙතෙක් වෙලාවක් මුර කුටියට වී එළිසහාමිනේ දෙස බලා උන් තරුණ මුර කරුවා ඈ වෙතට පියනඟන්නට වූයේ කෝපයෙන් පුපුරා යමින් ය. " අනේ මහත්තයෝ…" එළිසහාමිනේට කියා ගැනීමට හැකි වූයේ එපමණක්ම ය. සිය හැඩිදැඩි දකුණතින් ගස බදා උන් ලේන් පැංචකු මෙන් තාප්පය බදාගන උන් එළිසහාමිනේව ඇද දැමූ මුරකරුවා ඈ කාණුවකට තල්ලු කර දැමූයේ ...
නෙලුංදෙනියෙං හරෝගෙන ආපහු එනවා මේ මොන බාධක තිබ්බත් රේස් එක මට ජයග්‍රහනය කරන්න පුලුවන් කියල මම දැඩිව විශ්වාස කලා. නෙලුංදෙනිය දක්වා තුන් හතර පාරක් කරපු මගේ සාර්ථක පුහුනුවීමෙන් පස්සෙ ගමේ ක්‍රීඩකයන් පරාජය කරල දිනන්න මං දැඩිව අදිශ්ඨාන කරගත්තා. ටිකෙන් ටික අපේ ගමේ මහා බයිසිකල් ධාවන තරගය පවත්වන දවසත් ලං උනා. ඒ දවස්වල රෑට හරි...
තරම් නෑ. මං ඉස්කෝලෙ යන කාලෙ ඇත්ලටික්ස් කළා. ඔය මෙඩ්ල්ස් කීපයක් තියෙනවා ඉතින්" මිතුරු පිරිස වෙරළ දිගේ ඉදිරියට ඇවිද ගියහ. කතා බහ අතර නොදැනුවත්වම දේව් වර්ෂා සමග සියල්ලන්ටම පිටුපසින් ගමන් කළේය. අනෙක් සිව් දෙනා යුවළට ඉදිරියෙන් ගමන් කළ අතර සෑමවිටම ගගන පවිත්‍රිට සමීපව සිටීමට උත්සාහ කළේය. දීර්ඝ සති අන්තයක ඉරිදා දිනයක් බැවින්...
වත් නැත. බැලීමට පත්තරයක් වත් නැත. ටීපෝව මත ඇත්තේ කාන්තා රූප සහ විලාසිතා සහිත සඟරා කිහිපයක් පමණි. දුරකතනයද දරුවන් රුගෙන ගොස්‍ ය. දැන්නම් මඟුලට යාමත් මට එපා වන තරමය. මංගලී මඟුලට ලෑස්තිවුයේ මාස දහයක සිටය. ඒ ලොකු අක්කාගේ දුවගේ මංගල්‍යට දින තීන්දු වු දා සිටය. “ ලොකු අක්කා ගේ දුවගේ මඟුලට දින තීන්දු වෙලා” යැයි පවසමින්, තේ ක...
එපා' කියලා.. මං පොඩි කාලෙ අපේ බැටරි හතරෙ වෑර්ලස් කට්ට කට කැඩෙනකං කිව්ව දේ උංට ඇහිල නෑනෙ කියල මං තව දුම් වලල්ලක් කොළඹ අහසට යැව්වා! මේ මොන උලව්වක්ද මං කරන්නෙ කියලා.. බාගෙට බිව්ව ඒක බිම දාල පෑගුවා. 'ඌයි' සෙරෙප්පු දාං ඉඳල නෑ වලාමෙ!Aussi අයිශා - 26 කොටස මසර් බ්‍රේක් එකට එන්න තව වෙලාව තියෙන නිසා මේ ගමන්ම රංගිට කෝල් ...
්...අපේ ගෙවල් පාරට එහා පැත්තේ පාරෙ තියෙන මොටෙල් එකනේ." "ආ...ඒක තමයි...එතන හවුස් කීපින් ජොබ් එකක් තියෙනවා. සතියට දවස් තුන හතරක් තමයි වැඩ තියෙන්නේ. හවුස් කීපින් වලට තව දෙන්නෙකුත් ඉන්නවා කියලා තමයි කිව්වේ. ඔයාට වැඩ තියෙන්නේ උදේ අට හමාරෙ ඉඳලා එකොළහමාර වගේ වෙනකම්. පැයට ඩොලර් 29ක් දෙනවා කිව්වා. මොකද කියන්නේ.." "මං කැමතියි ...
ස්සේ රාවණ රජ්ජුරුවන්ගේ පොල් වත්තේ ගෙඩි පූද්දපු කතාව කටින් කට ගිහින් කුවේර රජ්ජුරුවන්ටත් ආරංචි වෙනවා. කුවේර රජ්ජුරුවොත් ඊට පස්සෙ ඒ කෙල්ලව ගෙන්නගෙන කෙහෙල්හේනාව ප්‍රදේශයේ තිබුණ තමන්ගේ අක්කර 500 ක් විතර වෙන පීදෙන්නෙ නැති ගස් තිබුණ කෙහෙල් වත්තේ ගස් වලටත් පා පහර දීගන්නවා. නමුත් ඒවගේ නම් පීදෙන්නේ නැතුව යනවා....... ඕවා බොරුයි...
ිසා වෙන්න ඇති..ං මා නිහඩව බිම බලා ගත්තේ දසසිල් උවැස්සෙකු ලෙසිනි. මන්ද වාද කිරීම මේ අවස්ථාවේ මට අලාභයක් බව අත්දැකීමෙන් ලත් හෙයිනි..කෙසේ හෝ අපි සීගිරිය බලා පිටත් වූයෙමු. සීගිරියට පය තැබූ විගසින් මා කලේ දුරකථනය ගෙන පෙරදා නැරඹූ වීඩියෝව යලි ක්‍රියාත්මක කිරීමයි..ඉන් පන්නරයක් ලද මා සියල්ලන් අමතමින්.. "මේ..මම නම් උඩට නැගලා ...
ින් මා දෙස බලා සිටියේය. (දෙවියනේ කැම්පස් එකේ හොස්ටල් එකේද එතකොට මම මේ ඉන්නේ..ඔහ්..ශිට්..මම මැණික කියලා..කියලා..) මා උස් හඩින් සිනාසෙමින් කාමරයෙන් පිටතට දිව ආවේ මනූෂගේ දෑත් මිට මොලවෙනු දැකි හෙයිනි.." ✒️ Chamari P Senarathne❤️🍃 සොබාදහමට ඇබ්බැහි වෙනව කියන එක මට අනුව නම් වචන වලින් කියල නිම කරන්න බැරි හැඟීමක්..උදේට ⁣ඉර...
. කෑමෙන් පසු අවශ්‍ය කරන සෝඩා වතුර, කෝලා වර්ග සහ රටකජු, බැදපු අලපෙති, හල්දිරාම් ලාගේ ස්නැක්ස් මිලදී ගත්තේ ෂිම්ලා දක්වා යන අතරතුර හීනියට සප්පායම් වීමටයි. එක් බස් රථයක රියදුරා අමිත් සිං වූ අතර, අපේ බස් රථයේ රියදුරා සර්ෆරාස් ය. බස් රථයේ රියදුරාගේ විස්තර ඇතුලත් දැන්වීමක් වීදුරුවේ අලවා තැබිය යුතුය. ඒ විස්තර වල රියදුරාගේ ප...
ගට කොන්ඩෙ හද හද ,මාර චූන් එකෙ මිනිහා ඩ්‍රයිව් කරන්නෙ..ඔව්.උන් දෙන්නා ලව්.අනික ඒ ඩබල පට්ට මැචින්. සෙනසුරාද පෝය නිවාඩුයි,ඉරිදායි දවස් දෙකක නිවාඩුවෙන් පස්සෙ දවසෙ නිකේශලයා උදෙ හිටියෙ නෑ.ඒ වෙනුවට නාකියෙක් හිටියෙ.මං හිතුවෙ නිවාඩු අරන් කියල.එදා අර ගෑල්ලමයා හිටියෙත් නෑ.පස්සෙ දැනගන්න ලැබුනා නිකේශල ඇක්සිඩන්ට් එකකින් යන්නම ...
පහලියට යන්න උවමනාව තදේටම .බර ඉවසාන කටත් අතින් තදකොරානම දෙවි⁣යන් යැද්දෙ වෙන කොරන්න දෙයක් නැති නිසාමයි.මහ සද්දෙ ගේ ඇතුලෙන්.එක මිනිහෙක් එනවා පේනවා අපේ දිහාට.ලපයත් හරියට සද්දෙ දානව.ටිකක් ඉවසපන් රත්තරනෙ උන් ටික යනකම්.දෙවියනේ සමන් ඉකමනටම එන්න මගේ පපුව පිච්චෙනවා දෙයියෝ.තව ටිකක් ගුලි උනා මං වතුර බේසොම එහා පැත්තේ.මහා කෙරුමක්කා...
ි නම්, මේ පේළියේ මට තවමත් හොයාගන්න බැරිවෙච්චි යටි පෙළ අර්ථයක් තියෙන්නෙ ඕනෙ. “Yet until brown clay has been crammed down my larynx,/ only gratitude will be gushing from it.”-මේ තමයි මේ කවියෙ ලස්සනම සහ ප්‍රබලම තැන. මගේ ස්වාරාලය පස් වලින් පිරිල වැහිල යනකල්ම , ඒකෙන් කෘතඥතාවය විතරයි ගලාගෙන එන්නෙ කියල ඔහු අවසාන පේළියෙදි ලිය...
උනන්දුවක් නැහැ. නිරර්ථක යුද්ධයක් වෙනුවෙන් තම බදු මුදල් යෙදවීම පිළිබඳව ජනතාව අතරින් දැඩි විරෝධතා එල්ල වෙනවා. එකී විරෝධතා නිසා ඒ ඒ රටවල ආණ්ඩු යුක්‍රේනයට යුද ආධාර ලබා දීම පිළිබඳව දෙවරක් සිතන ස්වහාවයක් පෙනෙන්නට තිබෙනවා. නේටෝ සාමාජිකයන් තුළද යුක්‍රේනයට යුද ආධාර ලබා දීම පිළිබඳව පරස්පරතා රාශියක් තිබෙනවා. යුරෝපය තුළ ලිබරල් ක...
ා ගැනීමට පැරණි සෝවියට් දේශයට හැකි වුණා. වර්තමාන රුසියානු ආර්ථිකය පවා සම්බාධකවලට ඔරොත්තු දීමේ විශ්මිත හැකියාවක් පෙන්නුම් කරනවා. තවදුරටත් එය යුද පදනම මත පවතිනු ඇති. ඔවුන් යුද්ධය මැද වුවත් සියයට පහක පමණ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගෙන තිබෙනවා. ඒ රුසියානු නිෂ්පාදන චීනය හා ඉන්දියාව වැනි නැඟී එන දැවැන්ත වෙළඳපොළවල්වලට යොමු ...
ක් ඉතිරි නොකරමිනි. මගේ ආදරණීය සැමියා වෙනුවෙන් මා සිත පිලිසිඳ ගත්තේ ගෞරවනීය සෙනෙහසකි. මද්දුගේ විවාහය කතාබහට ලක්වෙද්දී මා සිටියේ මුල්වරට මවක වීමට පෙරුම් පුරමිනි. මද්දු උසස්පෙල අවසන් කල පසු රැකියාවකට යාමට තීරණය කලේ නිවසේ ආර්ථිකයට උර දීමට වඩා, නා නා විදියේ රූපලාවන්‍ය සත්කාර වෙනුවෙන් මද්දුම දියණියට සහය වීමට බැරි බ...
මට රහසක් නොවේ. " මේ ළමයි ඕක පරිස්සම් කරගනීවි නේද..? අද කාලෙ බඩු මුට්ටු නොඇඳ යන තරමට ඇඟට ගුණයි.." මා කීවේ මල්ලීත් වත්සලාත් යතුරුපැදියෙන් යාමේ අනාරක්ෂිත බවද සිහියට නංවා ගනිමිනි. " ඔයිට කලිනුත් කීප සැරේ දාගෙන ගිහින් තියෙනව..යනකොට පර්ස් එකේ දාගෙන ගිහින් එතනට කිට්ටු වෙලා තමයි දාගන්නෙ මයෙ හිතේ.. ඔය වගේ හැඩ වැඩ ඇති ඒවා ...
" දෙයියනේ..ඔයා ආසාවෙන් ගත්ත බයිසිකලේ..මාලෙ හැදෙව්වෙ ඒ සල්ලි වලින්ද මල්ලියේ.." මගේ දෑසට කඳුළු පිරුණේ අපේ අසරණකම වෙනුවෙනි.මට මහ හඬින් හැඬෙන්නට ආ නමුත් අසීරුවෙන් මා එය වලකා ගත්තේ මල්ලී තව දුරටත් අසරණ වනු දකින්නට අකමැති වූ බැවිනි. " කමක් නෑ අක්කේ..පස්සෙ බයික් එකක් ගන්න බැරියැ..මට ඊට වඩා මේකෙන් නිදහස් වෙන එක සැනසිල්ලයි.." ...
ති සේ ය. එහෙව් අවස්ථාවක ඇයට ජීවිතයක ගත හැකි බරපතළ ම තීරණයක් ගැනීමට සිදුව ඇත. සිය සැමියා ප්‍රමුඛ දරු පවුල ද? නැත්නම් සිය අනාගත ජීවිතය හා ප්‍රේමවන්තයා ද? මේ හැඟීම් ඝට්ටනය මාගෙ වචන අතර කෙතරම් සාර්ථක ලෙස ලියවිණි දැයි නො දනිමි. නමුදු මෙයින් අනතුරු ව නන්දා මාලිනියගෙ විරහී හඬින් ගැයෙන මේ පදවැල් ඔබට එය පසක් කරන බව නම් නිසැක...
්‍රීට් කානු කිසිම ආවරණයක් නොමැතිව නිහඩ මර උගුල් සේ දැකිය හැකියි. අඩ අදුරේ පැමිනෙමින් සිටි මේ මහලු මිනිසා ඉදිරියෙන් තවත් බසයක් සමග තරඟයට මගීන් නැමැති කෑලි සොයා පැමිණි බසයකට බියවී පාරෙන් මදක් අයිනට වෙනවාත් සමගම මර උගුලක් බදු විශාල කොන්ක්‍රීට් කානුවකට ඇදවැටී පය වලලුකර ලගින් බිදී ගොස් ගොඩ ඒමට නොහැකිව අසරණව සිටියදී එතැනින්...
වර්ෂා රහසින් කෙටි පණිවිඩ හුවමාරු කර ගනිමින් තවත් පැයක් පමණ දේව් හා ගත කළාය. .... .... .... දේව් හා ගගන මඩකලපුවට එනවිට පාන්දර වී තිබුණි. එදින ඔවුන්ගේ චාරිකාව ඇරඹීම උදෑසන දහය පමණ වනතුරු කල් දැමූයේ මිතුරන් දෙදෙනාට විවේකයක් ලබා දීමේ අදහසිනි. දෙමිතුරන් සිහි කරමින් ගැහැණු දරුවෝ සි...
ල් හැඟීමක්. මේ අපේ දවස්. අපි අපි ගැනම ඉගෙන ගන්න ඕනේ වයස මේ... ඒ කාලෙදී අපි ජීවිතේ විදින්න හේතු මිසක් විදවන්න හේතු එකතු කරන්න නරකයි නදූ...." නඳුනි යළිත් වහා වහා කන් ඇඹ දෙසවනෙහි රුවා ගත්තේ මිතුරියගේ කන් කරච්චලයෙන් මිදීමේ පරමාර්ථයෙනි. සියපත් ගැන උපන් මුඩු මුග්ධ හැඟීමෙන් ඇගේ මුලු වුවනම රත් පැහැ ගැන්වී තිබිණි. " අනේ වහගනි...
ියණී වූ හැටි රූපෙ දැක්කම මතක් උනෙ මට මටද මේ වැනි සිහින තිබු හැටි අහනවා මම දැනුත් මාගෙන් මගේ සිහිනය ගිලිහුනිද මට . 🥲 ~බුද්ධි~ෂිම්ලා හරහා මනාලි සොයා - 3 කටුනායකින් චෙන්නයි හරහා දිල්ලිට ( 1864 දී බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ගිම්හාන අගනුවර ලෙස ප්‍රකාශනයට පත් කරන ලද ෂිම්ලාව වර්තමානයේ උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රා...
ප්‍රතිකාර ගත් ඔහු මහ රෝහල වෙත එන්නේ ගමේ දොස්තර මහත්තයාගේ පෙරැත්තය මතය. ඔහු,තමාගේ අවශ්‍යතා වෙනුවෙන් නිවාඩුවක් ගන්නටවත් නොපෙළඹුනේ ඇයි දැයි ඔහුටම ප්‍රශ්නයකි. " වකුගඩු දෙක නම් හොඳ මදි.....මෙහෙ බෙහෙත් කරන්න ටිකක් අමාරුයි දැන් තියන තතත්වෙට.ටවුන් එකේ හොස්පිටල් එකේ ක්ලිනික් එකට රෙජිස්ටර් වෙන්න.මං ලියුමක් ලියලා දෙන්නම් එහෙට...
ම ඉල්ලුවා..... කවුද .? මොකක්ද වුනේ.? ගහලා එමු සර් ගිහින්. ඉස්සෙල්ලා කියන්න මොකක්ද වුනේ.? මාව මරනවා කිව්වා... කවුද .? ධම්මිකයා. ඌ නයා වගේ එකා. ඌට තරහා තියෙනවා මම එක්ක. මම කරපු ඒවට.... ඔකා කිව්වොත් කරනවාම තමයි . කමල් අපි මොකද මේකට කරන්නෙ.? සර් බයවෙන්න එපා. මම සර් එක්ක ඉන්නවා. මගෙත් එක්ක හොද සෙට් එකක්...
ි ළමයෙක්ට කලන්තේ දාලා වැටිලා. බාප්පාට තේරුණද?”** **“අ….කියන්නකෝ එහෙනම්.”** **“ඉතිං ගමරාළයි ගමහාමිනෙයි ඒ ළමයාව ඉස්පිටිතාලේට එක්කන් ගිහින් දැම්මා. ඊට පස්සේ එයාලා ගෙදර ඇවිත් ලබු ගෙඩිය උයාගෙන කාලා සතුටීන් ජීවත් වුණා. ඉවරයි. කොහොමද බාප්පේ මගේ කතාව.”** **“අ…ඒක සුරංගනාකතාවක්ද?”** **“අයියෝ බාප්පේ…දැන් මගේ කතාවේ සුරංගනාවියක...
හගෙන ගහගෙන යනවා පොල් මල කෑලි වෙනකන්.. පස්සෙ තමා ත්‍රාස ජනකම කෑල්ල.. නටන කෙනා වටේටම දුම්මල ගහගෙන දුවන්න ගන්නවා.. ආය ඉතිං බලාන ඉන්න අයත් ඔලුව හැරිච්ච අතේ දුවනවා.. ආවතේවකාරයෙක් දුම්මල මුට්ටිය උස්සන් පස්සෙන් දුවනවා. ආවතේවකාරයා ප්‍රමාද උනොත් හෙම දුම්මල පාර ඌට ගහනවා.. හප්පේ ... ඒක .ඇඟේ මයිල් කෙලින් වෙනවා ඈහ්... ඒකාලෙ අපි හරි...
කාලෙ අපේ විනෝදාංශවලින් එකක්. දවසක් අපිට ලොකු අකරතැබ්බයක් උනා. අපි කියපු කවියක් තමන්ට ඔච්ච්මට කියපු දෙයක් හැටියට ගණන් ගත්ත, අපේ ගමේ කෙනෙක් අපේ තාත්තට ඒ ගැන කියල. ඒ මාමා පාරෙ යනකොට අපි විහිලු කළා කියල! ඒ මාමගෙ නම අප්පුහාමි. එයා අපේ ගෙවල් ගාවින් යනකොට ඇහිල තියෙන්නෙ මෙහෙම කවියක් . ' අප්පුහාමි පිට්ටුහොරා...
් මං දන්නෙ නෑ.." "ඔයා මෙච්චර බොරුවක් කියලා තියෙද්දි ඔයා ඔය කියන කතා මං කොහොමද විශ්වාස කරන්නේ...මතකද ඔයා මට කිව්වේ නැන්දා ඔයාව පොඩි කාලෙ ඉඳලා බලාගත්ත නිසා නැන්දට ගේ ලියලා දුන්නා කියලා... දැන් ඔයා කියන්නේ වෙනම කතාවක්. ඔන්න කරීමාවත් හිටියනම් මං එයාගෙන් අහගන්නවා මේකෙ ඇත්ත නැත්ත. ඒ කෙල්ලත් කොහේ අතුරුදහන් වුණාද මන්දා...." ...
්නා බව මා දනිමි. "එහෙනම් මලියා... රෑ වෙන්ඩත් එනවා. මම දැන් යන්ඩ ඕනේ. අනිවා වෙඩින් එක උඹට කියනවෑ..." ගාමින්ද මගෙන් සමුගෙන පිටව ගියත් මා දිගින් දිගටම කල්පනා කරන්නට වූයේ මාත්, සිතාරිත් පිළිබඳවයි. අවසානයේ ඇයට කරුණු පහදා දී දැන්ම වෙන්වීම ලේසි බව මගේ හිත කී බැවින් මා එවෙලෙහිම ඈ කැඳවූයේ මේ පිළිබඳව කථිකා කර ගැනීමටයි...
කරන ගීතයයි. ඉතා සුන්දර පද වැලකින් සමන්විත මෙම ගීය වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුගේ සිත්ගත් ගීතයකි. ප්‍රේමය පිලිබදව එක් ප්‍රකට කරුණක් වනුයේ බොහෝ ප්‍රේමයන් යම් දුක්මුසු අවසානයකට පත් වෙන බවය. මේ නිසා වසන්තයේ හටගන්නා ප්‍රේමයන්, විරහවෙන් අවසන් වීම මනාව දක්වන ගීත ගණනාවක් අපට මුණ ගැසේ. මෙයින් ෂෙල්ටන් පෙරේරා ගායනා කරන " මිහිර...
ඉස්සරහ ඉන්නෙ අපේ එවුන්..' ' අහ් මරු මරු...' ' ඔයා ගෙදර යන්නෙ ? මොකක් හරි ජොබ් එකක් කරනවද..' ' ම්ම්ම්.. ' ම්ම්ම් එහෙමත් නෑ. තවම ටේනින්..ඔයා.? ' ' මං ජොබ් එකක් කරනවා ප්‍රයිවට් කම්පැනි එකක..' ' ගුඩ්.. සොරි ඔයාට හොදට නින්ද ගිහින් හිටියෙ නේද මං ඇහැරෙනකොට..' ' අහ් ඒකට කමක් නෑ. කරන්න දෙයක් නැති නිසා නිදාගත්තෙ. යාල...
සුඛෝපභෝගී නවාතැන්පොළේ මධුවිත සාදයකය. ස්වකීය උපන්දිනය වෙනුවෙන් පැවැත්වූ එම සාදය ඔහුගේ පියාගේ සැලසුමකි. හිතාමතාම නම් ඒ ගාම්භීර පිරිමි පෞර්ෂ්‍යය මෙවන් නිමේෂයන් උදාකර නොගන්නා වග ඉතා හොඳින්ම දැන වුන් පියාණන් ඔහුගේ මිතුරන්ද කැටිව මෙය සංවිධානය කරවූයේ, රොබෝවෙකු මෙන් හැඟීම් මරා දමා ව්‍යාපාරික ලෝකය අණසක පැතිරවීමම ජීවිතය කරගත් ඔ...
ම දුරකතන නොවුණේ ය. ඈ ඉන්නා තැනකින් මතුකරගන්නට තරම් තාක්ෂණය දියුණු නොවූ යුගයක.... පුරා මාසයක් මුළුල්ලේ ඔහු පිස්සෙකු පරිද්දෙන් ඈ සොයනු රිසින් වෙහෙසුණේ ය. නමුත් අවසන.... ඒ සියල්ලටම නිමාව තබමින් ඇයගෙන් ඔහු නමට ලිපියක් ලැබිණි. ආපිට ලියන්නට ලිපිනයක්ද නොවූ, අදටත් ඔහුගේ කමිස සාක්කුවේ සුරැකිව තැබෙන කුඩා ලියුම ඔහුම තිළිණ කලාවූ ස...
දෙකක් වැදුනා ය. ඒ තරහට ඌ පන්තියේ තිබුණු වේ වැලත් විකුවේ එදා ය. ඒ විකපු විකිල්ලට උගේ "චරස්පූර්වක" දතක් ගැල වුනා ය. "චරස්පූර්වක" කීවේත් උගේ බාසාවෙන් ය. ................................ විකුමගේ පරම හතුරා සිරිසේන මාමා නෙමේ ය. ඒත් සිරිසේන මාමාගේ පරම හතුරා විකුමා ය. සිරිසේන මාමා තුන්සිය හැට පස් දවසම බීවා ය. හැමදාම මත්වෙන ...
රහනයයි. නමුත් ඔබ සිතනා තරම් ලේසියෙන් සාග්ලා කිරිල්ලිය පහරදීම නවත්වන්නේ නැත බොහෝවිට ජයග්‍රාහකයාගේ පිහාටු බහුතරය ගැලවී ගොස් මුහුනේ සහ ශරීරය පුරා ලේ ගලන තුවාල දැකිය හැකිය මා දුටු එක් ජයග්‍රාහකයෙකුගේ ඇසක් ගැලවී එලියට පැන තිබිනි. ජයග්‍රාහකයාට මරණීය තුවාල ඇතත් කිරිල්ලී හා සංසර්ගයට අවස්තාව උදාවේ නමුත් සමහර කුරුල්ලන් සටන ජය...
්න බැරි නිසා මන් කන්න කියලා ගත්තේ බිස්කට්. ඒ ඇරුනම උදේම හොදට බඩ පිරෙන්න පාන් වගේ දෙයක් කාලා යනවා කියලා හිතා ගත්තා. උදේ 7.30 ට තමා කෝච්චිය ජෝද්පූර් වලින් පිටත් වෙන්න තිබුනේ. මන් කෝකටත් 7 වෙද්දිම ස්ටේශන් එකට ආවා. කොච්චිය 8.00 ට වගේ ආවා. මන් ඉතින් ඉක්මනට ගිහින් මගේ සීට් එකත් හොයාගෙන හරි බරි ගැහිලා වාඩි වුනා. මොකෙක් මගේ...
දැනෙන්නේ එයා මා ගාව ඉන්නවා කියලා... ~ප්‍රභාගේ අඩවිය~ඩෙන්මාර්ක් ජාතික හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ කෙටි කථාවක් කියවා හෝ නොඅසා ඇතිනම් ඒ පුදුමයට කරුණකි. නමුත් එසේ නොවීමටද ඉඩ ඇත. ජනකතා, කෙටි කථා කියවීම විසිවෙනි ශතවර්ෂය ලැබීමට පෙර සිත් ගත්තද ඉන්පසු එය ක්‍රමක් ක්‍රමයෙන් සන්නිවේදන දියුණුවත් සමඟ ඇසීමට පොළඹවා පොත පතින් ඈත්...
කොන්ඩය ඉහලට කොට බඳිමින් සිටින ඇය හඬ අවදිකරන්නට විය. "ඔයා හැමදාම මෙහෙම ඉන්නද කල්පනාව මටත් අනාගතයක් තියෙන්න ඕනේ නේද" මේ ඈ කියන්නේ කුමක්ද,ගැහැනුන් නම් කිසිදා විස්වාසකල නොහැකි සත්වයන් කොටසකි. "හරි හරි ඉතිං ඔයාට මං ඉන්නේ." "ඔයා ඉන්නේ ඔයාගෙ වැඩේ කරගන්න විතරනේ මට යන කලදසාව මොකක්ද" වැඩිදුර කතාවට ගොස් බැබෑරුම් මාතෘකා දක්ව...
ීර් වගේ ඉරිදට නිවාඩු ගත්තනම් හරිනේ...එතකොට පිට වාහන වලට ගෙවන්න වෙන්නෙ නෑනේ..." "අනේ මේ අයිශා...නසීර් කියන්නේ මෙහෙ PR තියෙන එකෙක්. ඉරිදට හොටෙල් එකේ නිවාඩු වුණාට ඌ හවසට වෙන තැනක වැඩ. මට එහෙමද. මට කරන්න පුළුවන් මේ රස්සාව විතරයි. ඉරිදාට කරගත්තොත් මට හම්බෙන ගාන වැඩියි. ඔයා රස්සාවක් කරනවද නෑනේ...ඔයාගෙ මේ පාළු මකන්නත් මමනේ ...
ක වන්නෙ ඇයි? ඒ මට ඇති ඊ ළඟ ගැටළුවයි. එයට ද කාලයේ ඇවෑමෙන් ලද පිළිතුරක් මට ඇත. මහත් ලොබින් කළ ප්‍රේමයක් අහිමි වූ කල, විරහ වේදනාවක් දැනීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි. නමුත් විරහව යනු තමන්ට තමන් හීන මැවූ සතුටුජනක ලෝකය අහිමි වීමේ වේදනාව විනා, ඒ වේදනාව හිමි කරවූ,විටෙක තමා ප්‍රේමයෙන් නැහැවූ ප්‍රේමණීයා මත වෛරයක් ඇති කර ගැනීම ...
සානයේ දෙදෙනා එකතුව වැදගත් තීරණයක් ගන්නා මොහොත උදා විය. පවිත්‍රි දික්කසාද ලියවිලි වලට අත්සන් තැබුවාය. ඇයට ආපසු ගෙන යාමට මහ ලොකු දෙයක් නොවීය. විවාහ ජීවිතයේ ගෙවුණු මාස දෙකක කාලය තුළ අසේල රැගෙන දුන් ඇඳුම් කිහිපයත් රන් වළල්ලත් සමග පෝරු මස්තකයේදී ඔහු විසින් පැළඳූ මංගල මුදුවත් මාලයත් එක්තැන් කොට කුඩා බෑගයක දමා අසේලගේ ඇඳ මත ත...
අවයව සේරම පුච්චලා.. ලොකු වීදුරු බෝතල් ඒ ළමයාගේ ලිංගික අවයවයට ඇතුල් කරලා දවස් ගාණක් දස වද දීලා තියෙනවා කෑම බීම මොකුත්ම දෙන්නෙ නැතුව.. මේ දරුවාගේ දිවට යකඩ ඇණ ගහලා තියෙනවා.." හදිසි මරණ පරීක්ෂකවරයා පැවසූ වදන් උල් හීසර ලෙස පැමිණ සිත දැඩි පුද්ගලයෙක් වූ යේශ්ගේ හදවතම පසාරු කළේ ය. එසේම ඇයගේ අමානුෂික මරණය දකිනා ඕනෑම කෙනෙක් කම්ප...
"ඒ..ඒකී..ඒකී.. මට වද දෙනවාහ්..! මාව මේ මඟුලෙන් එළියට ගනියව්හ්..!" බලධාරීන් කිහිප දෙනෙක් ඔහුගේ මෙම කඨෝර කෑගැසීම් නිසාම හදිස්සියෙන් සිර කුටිය වෙත ගියද ඔවුන්ට පෙණුනේ පොළොවේ හිඳගෙන ගල් පිළිමයක් ලෙස හිඳිනා ඩේවිඩ්ව ය. පෙර උමතුවෙන් කෑගැසූ ඔහුම මෙලෙස නොසෙල්වී ඇසිපිල්ලමක්වත් නොගසා සිටීම පිළිබඳව ඔවුන්ට ඇතිවූයේ කුතුහලයක් සේම ක...
මම ඒක ඉගන ගත්තෙ අම්මගෙන්. අම්මා ඉන්න කාලෙ අම්මට පුළුවන් කම තිබුණා දකින හැමදේකම ලස්සක් දකින්න, අම්මා කියන විදියට නම් ඒක අපේ මනසට සැහැල්ලුවක් කියලා තමයි අම්ම කියන්නෙ. අම්මගෙන් ආපු ඒ පුරුද්ද මට හීනයක් නිසාම රස්සාව විදියට මම තෝර ගත්තෙත් ඒකමයි. මං මුලින්ම කරපු වෙඩින් එක වුනේ සාමාන්‍ය තරුණ යුවලක් නෙවෙයි. අවුරුදු පනස් දෙකක ...
හැ කම්මුල් දිගේ රූරා විත් මගේ පපුවට වැටෙද්දී ඈට පිහිට වීමට තීරණය කලෙමි. දින දෙකක් මගේ කාමරයට ආ ඈ ඊට මාස කීපයකට පසු සැමියාත් සමග අපේ නිවසින් සමුගත්තේ සුභ ආරංචියක් මටත් මගේ බිරිදටත් පවසමින්. "අයියේ අප්සරාට බබෙක් ලැබෙන්න ඉන්නේ,අන්තිමට අල්ලපු දොස්තරගෙ වෙදකම හරිගියා මම මෙයාව එයාගෙ මහගෙදර ඇරලවන්න යන්නේ"යැයි අප්සරාගේ සැමියා...
ු කුරුස සංවිධානයට සේවය කළ අතර 1916 නොවැම්බර් 21 වෙනිදා උදැසන එච්එම්එච්එස් බ්‍රිටැනික් නම් වයිට් ස්ටාර් නෞකා සමාගමට අයත් රෝහලක්‌ බවට පරිවර්තනය කළ නෞකාවට ගොඩ වීය. පැහැදිලි කළ නොහැකි පිපිරීමක් හේතුවෙන් ඒජියන් මුහුදේදී නෞකාව ගිලීමට පටන් ගත් අතර වයලට් නැග තිබූ ජීවිතාරක්ෂක බෝට්ටුව නෞකාවේ ක්‍රියාත්මකව තිබූ අවර පෙත්ත දෙසට ඇදී ...
බැරි වුනා එයාව දවසකටවත් මා ගාවට ගන්න. අඩුගානෙ දැන්වත් එයාට ඉන්න තැනක සතුටක් ලැබෙන්න ඕනෙ" මම කීවෙමි. මගේ දෑසින් කඳුළු කඩා හැලෙන්නට ඇත. "දීක්ශා මේ බලන්න, අර ඈත තරුවෙ ඉන්නෙ ඔයාගෙ අම්මා ඔයා දිහා බලාගෙන. අම්මා සතුටු වෙන්නෙ ඔයා සතුටින් හිටියොත්. අම්මා ජීවිතේම ගෙව්වෙ, හැම දුකක්ම වින්දෙ ඔයා වෙනුවෙන්. ඔයා සතුටින් ඉන්න දීක්ශා. ...
්ක මේ උලව්වේ ඉන්න උන්... ඉංගිරීසී තියා සිංහල හෝඩියවත් පුළුවන්ද..තව එකෙක් බඩේ, අනික් එවුනුත් එයි ඉතින් ඔහේ මාර සේනාව වගේ දැන්. අපේ හරකා ඉන්නවනේ වටෙන් බෝ වෙන එවුන්ටත් කන්ඩ දෙන්ඩ එක්කම... මිදුලේ රෙඳි වනමින් සිටින නිර්මලාට සිය නැන්දණියගේ කතාව හොඳින් ඇසිණි . එහෙත් ඈට මේවා නුපුරුදු දේවල් නොවන නිසා ඈ ඉවසා දරා උන්නාය...
් හරහා. 4. වීසා ගාස්තුව එක්ක ඒජන්ට්ගෙ ගාස්තුවත් ගෙවන්න වෙන නිසා අවම වශයෙන් එක්කෙනෙකුට රුපියල් 75,000ක් වගේ මුදලක් මේ වැඩේට වැයවෙනවා. 5. ඒජන්ට් කෙනෙක් හරහා නිසා දවස් තුනක් වගේ ඇතුළත වීසා එක ලැබෙනවා. (ලංකන් පාස්පෝට් එකෙන් ගිය අයගෙ අත්දැකීම් සහ ගූගල් එකට අනුව මේ ටික ලිවුවේ.) බාලි පළතුරු සහ වෙනත් කෑම බාලි ගොඩක් දුරට ලංකා...
මෙන් එහි වු ප්‍රහේලීකාවක් මුණ ගැසුණි. පද හතලිහකට වඩා සෙවිය යුතු වු එය අත් හැර වෙනත් පිටුවකට යෑමට මාගේ සිත ඉඩ නොදුන්නේ අපොයියාව මා තුළ ඇති කළ ගැඹුරු ආශාව නිසා විය යුතුය. පදෙන් පදේ, අපොයියාවේ කුඩා පිරිමි දරුවා මෙන් මා සෙව්වේ වචන කොතරම් බලවත් දැයි තව තවත් පසක් කර ගනිමිනි. මා පිරවු ප්‍රහේලීකාව තැපැල් කර ඇරිමෙන් අනතුරුවද ...
ගත ගුරු පාඨය. යම් හෙයකින් වල්තාරා පව්ල ජලය මතු පිට සිටියේ නම් නිසැකයෙන් ම උකුස්සා ඉන් එකෙකු හෝ දෙන්නෙකු රැගෙන යනවා ඇත . .ඉහත සිදුවීම් දෙක , මිනිසා සහ තිරිසනා යන සතුන් දෙවර්ගය ම පාදක කොටගෙන උපන් සැබෑ කතා වෝය. එහිදී වල් තාරා පවුල සේම අර ආරක්ෂාව සැලසූ නෑදෑයාද ගැන සිතන විට තම...
තෙ මොනවද?"විරාජ් විමසුවේ විසල් කරලත් දෙනෙතින් යුතුවය. "ඒ ගැන හිතන්න එපා.අපි කන්ද මුදුනෙදි කබරු කාල විනාස වෙච්ච මිනියක් විතරයි දැක්කෙ."මම කීවෙමි."දැන්ම ගිහින් මේ ගැන ග්‍රාමසේවක රාළහාමිට කියමු. "අපි සද්ද නැතුව ඉදිමුද බං?"විරාජ් විමසුවේ වටපිට බලමිනි."මේක ඉතිං අපි තුන්දෙනා විතරයිනෙ දන්නෙ." "නෑ මේක හතර දෙනෙක් දන්නව.ඒ නිස...
ගැහි ගැහී හිටිය ලස්සන කෙල්ලගෙ ඇස්වලත් කදුලු.. අසූ නමය කාලෙ පොලීසියෙන් මහ රෑ අපේ ගෙට පැනල බලෙංම මාව බල්ලෙක් වගේ කුදලං ගිය හැටිත් ඒ වෙලාවෙ අම්ම විලාප දුන්න හැටිත් මට මතක් උනා. මේ කෙල්ල මේ ගෙදරින් එලියට ගෙනිච්චොත් එතනින් එහාට සුභ දේවල් වලට වඩා අසුභ දේවල් සිද්දවෙන්න ඉඩ වැඩිබව මට තේරුම්ගියා. මම ටිකක් අවදානම් වැඩක් කලා.. ම...
ම්පු අතේ තියාගෙන කුජීත වෙන්න පුලුවන්. කතාවෙන් පිට ගිහින් ඔය අන්තිම ටික ලිව්වෙ පපුවෙ අමාරු ගැන ඔයාලටත් දැන කියා ගන්න. මම දොස්තර විභාගෙ පාස් නොකලට බුකියෙ යාලු ලිස්ට් එකේ ඇති පදමට දොස්තරල ඉන්නව. ඒ නිසා ඔය ලියපු ඒවයෙ කිසි ඇදයක් පළුද්දක් නැති බව ටක්කෙටම දැනගෙනයි ලිව්වෙ. දොස්තරලට උනත් නෝන්ඩි වෙන්න බෑ... ඔහේල ලයික් එකක් ...
න්වනු වස් තදින් හැඟීම් පාලනය කර ගැනීමට උත්සාහ ගනිමින් සිටියේය​. ඊසම්මා නම් සියල්ල නිදහසේ දෝරේ ගලා යන්නට ඉඩ දුන්නාය​. ඇගේ මුහුණේ වූයේ ඉතා උණුසුම්, පුළුල් සිනාවකි. සුපුරුදු පරිදි ආඬියප්පන් නා කියා ගැනීමට වත්ත පහළ ළිඳට ගොස් වැඩි වේලාවක් එහි ගතකළේ, වෙනදා බාල්දි ගණන ගණන් කරමින් ස්නානය කරන ඔහුට අද ඉතා කලබලකාරී, උද්‍යෝගීමත්, ...
ල්වි කවුළුව අතරින් අහස දෙස බැලුවාය​. කර්කශ හිරු රැසින් මුළු අහසම තවමත් දැවෙන නමුදු මෝසම් වැස්ස අද හෙටම එන්නට බැරි නැත​. සියළු පුද පූජා බාරහාර වලදී ආඬියප්පන් ඉල්ලා සිටියේ පුතෙකු වුවද​, අන්බු සෙල්වි ගේ එකම පැතුම වූයේ දියණියක පමණක් බව දැන සිටියේ ඈම පමණකි.Aussi අයිශා - 23 කොටස "ආහ් හා ඔව්නේ...නසීර්ට කිව්වා කියලා මසර් මට...
කියලා බලන්නවත් කවුරුත් එන්නෙ නෑනේ. මාකට් එකට ඇතුලු වෙන තැනම අර ගෑනිගේ ස්වීට් ජාති දැක්කට පස්සේ මගෙ ස්ටෝල් එක දකිද්දි මිනිස්සුන්ට කිසිම එක්සයිට්මන්ට් එකක් දැනෙන්නේ නැතුව ඇති. අට අටහමාර වගේ වෙනකොටනම් යන්තම් තුන් හතරදෙනෙක් ස්ටෝල් එකට ආවා. එතනිනුත් එක්කෙනයි කෑම ගත්තේ. අනිත් අය ටික වෙලාවක් බල බල ඉඳලා යන්න ගියා. උදේ නමයට වි...
පසුතැවෙමිනි. නාගෙන පැමිණ ඇඳේ හාන්සි වී රිදුම් දෙන දෙපා දිගහැර ගත් ඇය ජංගම දුරකථන අතට ගත්තේ දේව් කෙහේදැයි බැලීමටය. ක්‍රියා විරහිත කර තිබුණු ජංගම දුරකථනය ක්‍රියාත්මක කළ පසු එහි තිරය මත පවිත්‍රිගේ මග හැරුණු ඇමතුම් හයක් සමගින් දේව්ගේ කෙටි පණිවිඩයක් සටහන් වී තිබෙනු දුටු ඇය මුලින්ම දේව් අමතා ඔහු ප්‍රවේසමෙන් මීගමුවට ගොස් ගග...
පොළොන්නරුවෙන්, මාතලෙන්, කුරුණෑගලින්, හලාවතින් කටුනායක බලා පිටත්වෙන්නට පටන්ගෙන තිබිණි. ඒ අතර තුර ඔවුන්ගේ වාහන නවත්වන තැන්වලත් සුහද සාදය. සතුටු සමීචිය. " එහෙ ගිහිල්ලත් සප්පායම් වෙන්න ඉඩ තියාගන්න . " සුමිත් ගෙන් අවවාදයකි. " දැන් ඉන්දියාවේ බොන්න දෙන්නේ නැහැ කීවා නේද ? " "ඔව් එහෙම ප්‍රශ්ණයක් තිබ්බා . දැන් මෝඩිට කෙලි...
වට පිට බැලුවේ නීල්ස් පේන්න නැත්තේ ඇයි කියල. දුවත් මහත්තයත් නොඉවසිල්ලෙන් මගෙයි කැස්පර්ගෙයි කෝලම් ටික බලන් ඉඳලා බැරිම තැන මගෙන් අහනව "අර ඈත ඉන්නේ නීල්ස්ද ? හැබැයි එයාට නම් තියන්නේ ඔයා කියු තරම් වයසක පෙනුමක් නෙවෙයි" කියල. ඒක ඇහිලා මමත් බලු සුරතලය නවත්වලා ඈත බැලුවා. ඔව් ඒ නීල්ස් නෙවෙයි, "කැස්පර් මෙහේට එන්න" කියමින් තරම...
රණ වුවද, නොපසුබට උත්සාහය පල දරමින්, ඉතා හොඳ පෙනුමක් සහිත, මල නොකන වානේ වලින් නිෂ්පාදිත සාම්පරදායික වර්ගයේ ටින් කටර් එකක් ඇමසන් අඩවියෙන් ඩොලර් 15 කට පමණ (තැපැල් ගාස්තුව රහිතව) ගෙන්වා ගැනීමට හැකි බව දෘශ්‍යමාන විය. එය ඇමරිකාවේ මිසෝරි ප්‍රාන්තයේ පිහිටි ඇමසන් ගබඩාවක සිට පැමිණෙන බැවින්, මා හට එය ලැබීමට සති දෙකක් පමණ ගතවන බ...
මැද්දෙන් ගියහම මට මගේ පරණ මිත්‍රයෙක් ගේ නිවසට ළඟයි, බොහෝ විට ඔහුත් මම වගේම උදෑසන එලියට යනව, මේ වෙලාව වන විට ඔහු මට එතනදි මුණ ගැහෙන්න පුලුවන්, කෝපි එකක් බොන ගමන් ඔහු එක්ක කතා කරලා තරමක් ඉර උදා වෙද්දි මට ගෙදර යන්න පුලුවන්" ඔහු ඉතා සතුටින් මගේ යෝජනාවට එකඟ උනා. "ඉතින් කළු ඇස් ඇති මගේ කුඩා මිතුරිය, ඔබ මාත් එක්ක කියකගෝ එක දක...
ඒ වැඩේ හරිගියෙත් නෑ. කට්ටිය උත්සහය අත් අරින පාටකුත් නෑ. අපි නොගිය පාරවල් වල ගිහින් බලමු අලුත්ම යෝජනාව. දැන් නම් පාන්දර එකටත් ලඟයි. අය්යෝ ආපු මෝඩකම් කියල හිතිල මට දැන් නම්.ඒ අස්සෙ හෙට තියෙන වැඩ තොගය මතක් වෙනව. හාෆ් ඩේ එකක් වත් දානව මම හිත සනස ගන්නව. දැන් ගාල්ලෙ තියෙන පාරවල් ගානේ රථය ගමන් කරනව. අන්න මල ගෙයක් බුදාම්මෝ ...
ට වඩා දිගයි බඩු 'රිටර්න්' කරන පෝලිම! ඔය හේතුව නිසාම දැන් කාලෙක ඉඳන් මම අලුත් ක්‍රමයක් තෝර ගත්තා. උපන් දිනේට​, නත්තලට 'සර්ප්‍රයිස්' නැතුවට කමක් නෑ. මට ඕනෙ දේ මම කියනවා. බඩුව ගන්නත්, ඕඩර් කරන්නත් ඕනෙ නම් උදව් වෙනවා. අනවශ්‍ය තෑගි ගොඩ ගහගන්නවාට වඩා ඒ විදිහට මම කැමතියි. තවත් දෙයක් කියන්න ඕනෙ! මොනවා වුණත් ඔය ගෑණුන්ගේ ඉඟි බිඟ...
ොරං ගියේ . දැන් ඉන්නවා මෙතන කැකිරි පල පල . කෙල්ල ඔය සරකසයක් කරලා මොනා හරි කොරගෙන තිවුනොත් අන්න එදාට තමයි ඔහෙටත් ඔහේගේ ගෑණිගෙ හැටි පෙන්නන්නේ . ඔන්න නොකීවයි කියන්න එපා මං . මං ඉන්න එපෑ දැන් හිතේ ගැස්මෙන් .. මේකි මේ සරකස් කෙරිල්ල කොරන්න ගිහිං මොනා කර ගනීද කියලා බයේ. ආයේ ඔය පැත්ත පලාතක යන්නෑ ." මදෑ.. මම ආයෙමත් සැරයක්...
ණීය සිප වැළඳ ගැනීම් පිළිබඳ අත්දැකීම් ඈ ලැබුවාය. සීතා ඔහුගේ දෙතොල් පහසින් උමතු විය. ඇයට දැනුනේ තමා වෙනම ලෝකෙක සැරි සරන බවය. මින් පෙර නිදි යහනේ මන්දගාමී අත්දැකීම් ඈති තමා මෙසේ ක්‍රියාශීලී වූයේ කෙසේ දැයි සිතන විට ඇයට තමා පිළිබඳව ලැජ්ජාවක් ඈතිවුණි.සියල්ල අවසානයේ ඔහුට මුහුණ දීමට නොහැකි කෝල බවක් දැනුණි. "උ"$ඹ මගේ...මතක ති...
ගිය පවුලකට මුක්කුව ගසාගෙන සිටින මා වැනි තරුණයෙකුව තේරුම් ගැනීමට මීට වඩා ඈ දක්ෂ විය යුතුයැයි මගේ සිතිවිල්ල විය. වඟකීම් හා සිත්තැවුල් වලින් සීරිගිය මගේ සිත තුළ ඈ කෙරෙහි වූ ආදරය මඳක් එදින හීන වී ගියේය. ඒ වෙනුවට ඇය ක්‍රියාකළා වූ ආකාරය පිළිබඳ උපන් පිළිකුළක් මගේ සිත තුළ රජයන්නට වූවේය. ඈ , මා හමුවූ අළුත මා වෙත සිහිවටනයක...
දෙක තුනක් වෙනකම් හිටියේ නෑ එකෙක්වත්.මේං අද උදේ නැගිටලා කුස්සියේ ලයිට් එක දානකොට මෙන්න ජනේලයේ ළඟ ඉන්නවා එකෙක්.අම්මෝ.... මගේ කෑගැහිල්ලට ගෙදර අය ඔක්කොම නැගිටලා එතැන. චික්..මහා අප්‍රසන්න සත්තු වගයක්." මාලිකා කීවේ මුහුණ ඇඹූල් කරගනිමිනි. "ඉතින් ඌව කොහොමහරි අල්ලගන්නනේ තිබ්බේ මිස්ට. නැත්නම් අතට අහුවෙච්ච දෙයකින් මැරිලම යන්න ...
න්න නැවතුනාම ඔයා සැරින් සැරේ කෝල් කර කර කරදර කරනවා" "අප්පා, මගෙ කෝල් එක තමයි මෙයාට කරදරේ. මෙච්චර වෙලා මල් කැඩුවෙ කාත් එක්කද දන්නෙ නෑ" වර්ෂාට කියන්නට දේවල් ඕනෑවටත් වඩා සිහියට නැගුණද ඇය කට පරෙස්සම් කරගත්තාය. රජීව තරහා කර ගැනීම අනතුරකට අත වැනීමක් බව ඇය දැන උන්නාය. ඇය රජීවට ඕනෑ තරම් කියවන්නට දී නිහඬ වුවාය. විනාඩි කිහිපය...
නස් එකක් කරන්නලු හිතාගෙන ආවේ..." "නෑ ඉතින් බිස්නස් එකක් කරනවා කියලා විතරනේ කිව්වේ. වැඩි විස්තර කියන්න ගියෙ නෑනේ...මෙහෙ එනකොටම බිස්නස් එකක් කරන්න හිතන් ආවා කියලා කිව්වෙ නැත්නම් ෂුවර් එකටම ඔය ගෑනි හිතයි මං එයත් එක්ක ගේමට මේක පටන් ගන්න යන්නේ කියලා..." බ්‍රහස්පතින්දායි සිකුරාදායි දවස් දෙකම ඉංග්ලිෂ් ක්ලාස් එකේ වැඩත් එක්ක ...
ක් නැති වගත් මාටින් මීට කලින් දීගෙ ගෑනිට තඩි බාලා ගෙයින් පන්නාපු දරු මල්ලො අතෑරපු මිනිහෙක් වගත් සුගතෙට හවහා කීවෙ අල්ලපු හේනෙ පුංචි සිඤ්ඤො. මෙව්වා දනී නං ඩිංගි මැණිකයෙ පපු කැනැත්ත පැලිලා යන හන්දම සුගතෙ මේ කාරණේ නොකියාම උන්නා. අනික සොබනි උනත් මෙව්වා හාංකවිසියක් නොදැන රැවටිච්චි වග සුගතෙට තහවුරුයි. දෙයියනේ කෙලී ඌ එක්ක වහංග...
ෙට ගියානං! මං ආයෙ උඹලට කියන්නෑ" සුගතෙව දවා අලු කොරන්ඩ වාගෙ ඔරෝපු පුන්නා හැරමිට්ට ගහහා ගෙට ගොඩ වැදිච්චි. මනුස්සයට උඩිං කට කියෝන පුරුද්දක් නැති හන්දා ඩිංගි මැණිකත් කරබා ගත්තා මිසක්කා කෝප ගිනි නිවිලා නොවෙයි. දූ ගාවට ගොහිං ඈව උරස්සෙං ඇදලා පිල දිහාට්ට තල්ලු කොරාපු එහෙව් දෙයක් නොහිතාපු සොබනි කෙහෙල් කඳක් කපා දැම්මා හේ බිම ඇ...
මට වායෙ වෙළෙඳං නඩේ වැටිලා ආවා කියාලා තමුං එක්ක කී බව පුන්නාගෙ අතීත විත්ති අහලා අහලාම දැන් සොබනිටත් කට පාඩම්. ගමේ ගැටිස්සියො එක්කලා තාං රෙදි පිළි තෝරන්නැහේ ගෙහුං පුන්නා වැඩියත්ම බලන්ඩ යෙදුනෙ හේතුපාලගෙ හැඩි දැඩි පෙනුම විනා වෙන මක්කවත් නෙවෙයි. හේතුපාලත් උන්නෙ පුන්නාට දපනෙ වැටිලා. "නගා මයෙ එක්ක පාතරට යන්ඩ මනාපෙයි?" බංගල...
ෙරට වඩා වියදමකි. කළ යුත්තේ කුමක්දැයි මුදලාලි දහ අතේ කල්පනා කළේය. මුදලාලි ගේ ටිකිරි මොළයට මහානර්ඝ අදහසක් ආවේ මේ අතරය. --------*---------*-------*-------*-------*---------*-------- "මුන්නැහේට කියන්ට ඒ උදවිය තරං වැදගත් පවුලක් ඒ අහල ගං හතකවත් නෑ ඕං.... සල්ලිය බාගේ තිබ්බ කියල අහංකාරකමක් ලෝභකමක් ගෑවිලාවත් නෑ. ඒ ගෙදර ගෑනු ද...