| sinhala_unicode,sinhala_romanized | |
| බස් එක එන්න තවත් වෙලාවක් යනවද?,bus eka enna thawath welawak yanawada? | |
| මම ටිකක් නිදාගන්න යන්නවා,mama tikak nidaganna yannawa | |
| මම දන්නෙ නෑ මොකක්ද කරන්නෙ කියලා,mama danne na mokakda karanne kiyala | |
| ඒක අපිට ලොකු පාඩමක් ඉගැන්නුවා.,eka apita loku padamak igennuwa. | |
| මම හිතුවෙ ඔයා අද එන්නෙ නැහැ කියලා.,mama hithuwe oya ada enne naha kiyala. | |
| ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි.,eka echchara loku deyak nemei. | |
| මගේ උපන්දිනය තියෙනවා ලබන සතියේ,"mage upandinaya thiyenawa labana sathiye, oyalath enna." | |
| අරක බැලුවට මට හරියට තේරිලා නෑ,araka baluwata matta hariyata therila nah | |
| මන් බැලුවෙ අදම මේක ඉවරයක් කරලා දාන්න,mn baluwe adama meka iwarayak karala daanna | |
| මම එයාගේ අම්මට කතා කරනවා.,mama eyage ammata katha karanawa. | |
| ඔයා මොනාද ඊයේ ගිහින් කරේ?,oya monada eeye gihin kare? | |
| හෙට එයා රට යනවලු ඔයා දන්නවද?,hetta eya rata yanawalu oya dannawada? | |
| හරියට හිතපන් බන් මොකක්ද හොද දේ කියලා,hariyata hitapan bn mokakda hoda de kiyala | |
| මේ වැඩේ ඉවර කරන්න ඕනේ.,meh wade iwara karanna one. | |
| දැන් ඔයා හිතන්නෙ මොකක්ද,dan oya hithanne mokakda | |
| මෙහෙ කාලගුණය නන් ගොඩක් හොදයි.,mehe kalagunaya nan godak hondai. | |
| වීඩියෝ එක හරිම වයිරල් වෙලා.,video eka harima viral wela. | |
| මන් අද ලොකු වැඩක් කරා,mn ada loku wadak kara | |
| ආයේ නැහැ බන් එතකොට,aaye naha bn ethakota | |
| හෙට උදේ පාන්දරින්ම යන්න ඕනෙද?,heta ude pandarinma yanna oneda? | |
| අයිස් ක්‍රීම් කන්න යන්න ආසයි.,ice cream kanna yanna asai. | |
| මේ පොත කොහෙන්ද ගන්න පුලුවන්?,meh potha kohenda ganna puluwan? | |
| මම හවස කඩේ ගියා.,mama hawasa kade giya. | |
| ෆයිල් එක අප්ලෝඩ් කරලා නේද තියෙන්නේ,file eka upload karala neda thiyenne | |
| අද නන් වහී වගේ නේද,ada nan wahi wage neda | |
| මේ මොකක්ද මේ තියෙන්නේ,meh mokakda meh thiyenne | |
| ඔයා කියපු දේට මට තරහා ගියා.,oya kiyapu deta matta tharaha giya. | |
| එයා අලුත් රස්සාවකට ගියා,eya aluth rassawakata giya | |
| ඔයාගේ දුරකථන අංකය දෙන්න පුලුවන්ද ?,oyage durakathana ankaya mata denna puluwanda? | |
| ඔයාට තාම තේරුනේ නැද්ද කියපු එක,oyata thaama therune nadda kiyapu eka | |
| අපේ ගෙදර එන්න.,apeh gedara enna. | |
| මේ වීකෙන්ඩ් එකේ බීච් යමු.,meh weekend eke beach yamu. | |
| මේ කෑම එක හරිම රසයි.,me kaama eka harima rasai. | |
| ඒකෙ ගනන් වැඩි අනිත් ඒවාට වඩා,eke ganan wadi anith ewata wada | |
| මට ගොඩක් බඩගිනි වෙලා ඉන්නෙ.,matta godak badagini wela inne. | |
| මම බත් කන්න කැමතියි,mama bath kanna kamathi | |
| මට මතකයි අපි කලින් ගොඩක් කතා කරා ඒක ගැන,mata mathakai api kalin godak katha kara eka gana | |
| බොරුවට වෙලාව නාස්ති කරගන්න එපා,boruwata welawa nasthi karaganna epah | |
| මට උදවු කරන්න පුලුවන්ද?,mata udawu karanna puluwanda? | |
| අපි හැමෝම එකට ඉන්න එක තමයි වටින්නේ.,api hamoma ekata inna eka thamai watinne. | |
| මම හෙට දොස්තර කෙනෙක් හම්බවෙන්න යනවා.,mama heta dosthara kenek hambawenna yanawa. | |
| කෝච්චිය අද පරක්කු වෙනවලු එන්න,kochchiya ada parakku wenawalu enna | |
| "අපි එයාට කේක් එකක් ගෙනාවා, ඔතන්ට ගෙන්නද?","api eyata cake ekak genawa, othanta gennada?" | |
| ඔයාට සුභ දවසක් වේවා.,oyata suba dawasak wewa. | |
| ඔයාලා මොකද කරන්නෙ?,oyala mokada karanne? | |
| අපේ අය දැන් ටිකකින් යනවා,apeh aya dan tikakin yanawa | |
| අය්යෝ ඒක ගැන හිතලා දුක් වෙන්න එපා.,aiyo eka gana hithala duk wenna epa. | |
| මම දැන් ගියා ටවුන් එකට,mama dan giya town ekaṭa | |
| ඔයා අදත් හරිම ලස්සනයි.,oya adath harima lassanai. | |
| මගේ හිතට ඒක ලොකු සතුටක්.,mage hithata eka loku sathutak. | |
| ආයේ ඒ වැරැද්ද කරන්න එපා හරිද?,aye a waradda karanna epa harida? | |
| එයා ටීවී බලනවා.,eya tv balanawa. | |
| ඇයි මේ මොකක්ද උනේ කියලා කියන්න.,ai meh mokakda une kiyala kiyanna. | |
| ඒකට අපිත් යමු නේද?,ekata apith yamu neda? | |
| මේක හොදයි කියලා හිතෙනවද?,meka hodai kiyala hithenawada? | |
| එයාට සනීප නෑලු එකයි අද ඇවිල්ලා නැත්තේ,eyata saneepa naalu ekai ada awilla natte | |
| ක්‍රිකට් මැච් එක බලන්න යමු නේද?,cricket match eka balanna yamu neda? | |
| මම පොතක් කියවනවා.,mama pothak kiyawanawa. | |
| දැන් තියෙන තත්වෙ හැටියට ජීවත් වෙන්න අමාරුයි.,dan thiyena thathwe hatiyata jeewath wenna amarui. | |
| එයා ගොඩක් හොද වෙලා.,eya godak hoda wela. | |
| ටීචර් කිව්ව එක අමතක කරන්න එපා,teacher kiwwa eka amathaka karanna epah | |
| එතන ගොඩක් ගැබුරුයි ඒකයි මන් යන්න එපා කිව්වේ,ethana godak gaburui ekai mn yanna epah kiwwe | |
| මට ඒක මහා හිසරදයක්,mata eka maha hisaradayak | |
| ඒක හරිම පුදුම කතාවක් නේ.,eka harima puduma kathawak ne. | |
| ඔයා කෝල් කරනවද දැන්?,oya call karanawada dan? | |
| එයා මගේ හොද යාලුවෙක්.,eya mage hoda yaluwek. | |
| මගේ ඩේටා පැකේජ් එක ඉවර වුනා,mage data package eka iwara wuna | |
| මම අහලා නෑ එයාගෙන්,mama ahala na eyagen | |
| මේක නම් හරි නෑ.,meka nm hari na. | |
| "කාර්ඩ්පතෙන් ගෙවන්න පුලුවන්ද, නැත්නම් සල්ලිම ඕනෙද?","cardpathen gewanna puluwanda, nethnam sallima oneda?" | |
| මන් බැලුවේ ඩිග්රි එක ඉවර වෙලාම රට යන්න,mn baluwe degree eka iwara welama rata yanna | |
| එයා දාපු ස්ටෝරි එක බලලා මට හිනා ගියා.,eya daapu story eka balala mata hina giya. | |
| පොඩි වැඩක් කරගන්න ලොකු මහන්සියක් වෙන්න ඕනේ.,podi wadak karaganna loku mahansiyak wenna one. | |
| හිනා වුනා වැඩි නේ අදනන්.,hina wuna wadi neh adanan. | |
| පොල් සම්බොල් ටිකක් හදාගන්න ඕනේ.,pol sambol tikak hadaganna one. | |
| ගොඩක් ස්තූති මේ කරපු උදව්වට,godak sthuthi me karapu deyata. | |
| බස් එකේ ගොඩක් සෙනග හිටියා.,bus eke godak senaga hitiya. | |
| මම කලින් ගියා ඒ තැනට,mama kalin giya a thanata | |
| මම ඒක ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්නගත්තා.,mama eka online order karala gennagaththa. | |
| මේ ගැන තවත් හිතලා බලන්න.,meh gana thawath hithala balanna. | |
| ඔයා මේල් එක බැලුවේ නැද්ද?,oya mail eka baluwe nadda? | |
| රෑට කන්න මොනවහරි ගේන්න ඕනේ.,raata kanna monawahari genna one. | |
| මගේ ෆෝන් එක ස්ලෝ වෙලා.,mage phone eka slow wela. | |
| එහෙම උනේ කියලා හිතන්න බෑ,ehema une kiyala hithanna bah | |
| මන් හිතුවා ගමනක් යනවා කියලා,mn hithuwa gamanak yanawa kiyala | |
| හෙට අරෙහෙ යන්න තියෙනවා මතකයි නේ,hetta arehe yanna thiyenawa mathakai ne | |
| ළග පාත හොද කෑම කඩයක් තියෙනවද ?,langa paatha hoda kaama kadayak thiyenawada? | |
| එයා හරි හදිස්සියෙන් කටයුතු කරන්නේ,eya hari hadissiyen kaṭayuthu karanne | |
| ප්‍රශ්න ඇති වෙනවා තමයි.,prashna athi wenawa thamai. | |
| මේක ඔන්ලයින් ගත්තනම් ලාබයි.,meka online gaththanam labai. | |
| ඩෙඩ්ලයින් එක ලන් වෙන කොට ටෙන්ෂන් වැඩී.,deadline eka lun wena kota tension wadi. | |
| මම ඒක අහපු ගමන්ම කත කරා.,mama eka ahapu gamanma katha kara. | |
| හොස්පිට්ල් එකෙන් චෙක්ප් එකක් කරගත්තා.,hospital eken checkup ekak karagaththa. | |
| අද මොනවද කරන්නෙ?,ada monawada karanne? | |
| මේ දේවල් වලින් මම ගොඩක් ස්ට්රෙස් වෙලා ඉන්නේ.,meh dewal walin mama godak stress wela inne. | |
| මම ගෙදර වැඩ කරලා නැහැ.,mama gedara wada karala naha. | |
| ඔව් ඔයා තමයි හැම වෙලාවෙම මතක් වෙන්නේ,owu oya thamai hama welawema mathak wenne. | |
| "කමක් නෑ, ඒක ප්‍රශ්නයක් නෙමේ","kamak na, eka prashnayak nemei." | |
| ඒක මගේ ජීවිතේ ලොකු වෙනසක් කරා.,eka mage jeewithe loku wenasak kara. | |
| මට දැන් ගොඩක් මහන්සි වගේ.,matta dan godak mahansi wage. | |
| මන් විභාගයෙන් සමත් වුනා,mn wibahagayen samath wuna | |
| මගේ ඔලුව රිදෙනවා උදේ ඉදලා,mage oluwa ridenawa ude idala | |
| මම කිව්වනේ ඔහොම එකක් වෙයි කියලා,mama kiwwane ohoma ekak wei kiyala | |
| එයාට වැරදි ඩිලිවරි එකක් හම්බෙලා තියෙන්නේ,eyaṭa waradi delivery ekak hambela thiyenne | |
| අද මන් මගේ අලුත් ගෙදරට ගියා,ada mn mage aluth gedarata giya | |
| "එලකිරි වගේ වැඩක්, නියමයි.","elakiri wage wadak, niyamai." | |
| මේ දවස් ටිකෙ නන් මන් බිසී පුලුවන් වුන ගමන් දාන්නන්,meh dawas tike nan mn busy puluwan wuna gaman dannan | |
| එහෙම කරලා මොකද්ද වෙන්නෙ කියලා හිතුවද,ehema karala mokadda venne kiyala hithuwada | |
| සුභ උදෑසනක් වේවා!,subha udaasanak wewa! | |
| ඒක ඉවර වෙන්නේ කීයටද ?,eka iwara wenne kiyatada? | |
| හිතුවට වඩා ඒක ගොඩක් ලේසි උනා.,hithuwata wada eka godak lesi una. | |
| සේල් එකෙන් බඩු ගොඩක් ගත්තා.,sale eken badu godak gaththa. | |
| ඔයා රට ගියාද අයියේ?,oya rata giyada ayye? | |
| එකෙන් ඩොක්ට කිව්වේ මට එන්ඩෝමෙට්‍රිඔසිස් කියලා,eken doctor kiwwe matta endometriosis kiyala. | |
| අපි මේක කොහොමහරි ගොඩ දාගමු මචං.,api meka kohomahari goda dagamu machn. | |
| මම මාකට් යනවා.,mama market yanawa. | |
| ඒකට ගැලපෙන ඇදුමක් තාම හම්බුනේ නෑ,ekata galapena adumak thaama hambune na | |
| මේ දවස් ටිකේ නන් එච්චර ෆිට් එකක් නෑ,meh dawas tike nan echchara fit ekak nah | |
| ඉස්කෝලේ යන කාලය ආවා.,iskole yana kaalaya aawa. | |
| හොයලා බැලුවනන් මේවා ගන්න තැන් තියෙනවා,hoyala baluwanan mewa ganna than thiyenawa | |
| මම අලුත් ජොබ් එකක් හොයනවා.,mama aluth job ekak hoyanawa. | |
| හොදි ටිකක් දෙන්න.,hodi tikak denna. | |
| කමක් නෑ බන් අපි ඉතින් බලමු,kamak nah bn api ithin balamu | |
| හැම දේම සිද්ද වෙන්නෙ හේතුවක් ඇතුව.,hama dema sidda wenne hethuwak athuwa. | |
| හිත හරියට අවුල් වෙන්න පටන් ගත්තා,hitha hariyata awul wenna patan gatta | |
| මට දැනෙන්නේ මම තනි වෙලා වගේ.,mata danenne mama thani wela wage. | |
| කොන්දොස්තරට කියලා ටිකට් එකක් ගන්න.,kondostharata kiyala ticket ekak ganna. | |
| මම වගේ මිනිස්සු එහෙම කරන්නේ නෑ,mama wage minissu ehema karanne na | |
| ඉස්සර ඒක වහගෙන සල්ලි ගන්නේ පිටිපස්සේ එක්කෙනා බෑන්ක් බැලන්ස් දකී කියලා,issara eka wahagena salli ganne pitipasse ekkena bank balance daki kiyala | |
| එයා කියන්නෙ ඒක නෙවෙයි බන්,eya kiyanne eka newei bn | |
| ඒක දැක්කම මට අප්පිරියා හිතුනා.,eka dakkama mata appiriya hithuna. | |
| මම කලින් කිව්ව එක මතකද?,mama kalin kiwwa eka mathaka da? | |
| හුළං පොඩ්ඩක් වැඩි වගේ දැනෙනවා.,hulan poddak wadi wage danenawa. | |
| ඔයා හරියට තෙරුම් ගන්න ඕනේ,oya hariyata therum ganna one | |
| අපි දෙන්නා ගොඩක් කල් ඉදන් ආදරෙන් හටියා.,api denna godak kal idan adaren hitiya. | |
| ඔයා නැතිව ගොඩක් පාලුයි වගේ.,oya nathiwa godak palui wage. | |
| එයා ඔන්ලයින් හිටියට රිප්ලයි කරන්නේ නෑ.,eya online hitiyata reply karanne na. | |
| සමාවෙන්න අද ගොඩක් පරක්කු වුනාට ආයේ එහෙම වෙන්නෙ නෑ,samawenna ada godak parakku wunata aye ehema wenne na | |
| එයා කියපු දේ හරි කියලා හිතෙනවා.,eya kiyapu de hari kiyala man hithanawa. | |
| අපි කලින් හම්බුන තැනම නේද,api kalin hambuna thanama neda | |
| මූවි එකක් බලන්න යන්න ආසයි.,movie ekak balanna yanna asai. | |
| ඒ මනුස්සයාගේ තත්වෙ තෙරුම් ගන්නවා.,a manussayage thathwe therum gannawa. | |
| එහෙම අඩු කරනවා දැන්,ehema adu karanawa dan | |
| මට දැන් හොද ප්ලෑන් එකක් ඕනේ,matta dan hoda plan ekak one | |
| "පොඩ්ඩක් බිසී බං, ඒත් රිප්ලයි කරන්නම්","poddak busy ban, eth reply karannam" | |
| කවුරුවත් මට තෙරුම් ගන්න බෑ,kawuruwath mata therum ganna bah | |
| මේක තමයි යන්න තියෙන ශොර්ට් කට් එක.,meka thamai yanna thiyena short cut eka. | |
| මේක කීයද?,meka keeyada? | |
| දැන් මට කිසිම දෙයක් කරන්න ඕනේ නෑ,dan mata kisima deyak karanna one nah | |
| මේ ෆොටෝ එක එඩිට් කරලා ලස්සනයි.,me photo eka edit karala lassanai. | |
| අද ගොඩක් හොද දවසක්,ada godak hoda dawasak | |
| කොහෙද ඔයා ඉන්නෙ දැන්?,koheda oya inne dan? | |
| මේ දවස් ටිකේ රෑට මට නින්ද යන්නෙ නෑ,meh dawas tike raata matta ninda yanne nah | |
| අද්නන් කියල දුන්න ටික තේරුණා,ada nan kiyala dunna tika theruna | |
| ට්‍රැෆික් එක නිසා තමයි පරක්කු උනෙ.,traffic eka nisa thamai parakku une. | |
| හෙට ආයේ සෙට් වෙමු එහෙනම්,heta aye set wemu ehenam. | |
| ටිකක් වෙලාව දෙන්න මම පැහැදිලි කරන්නන්,tikak welawa denna mama pahadili karannan | |
| ඉන්ටවිව් එක නන් මරු එක්ස්පීරියන්ස් එකක් වගේ උනා,interview eka nan maru experience ekak wage una | |
| හැබැයි නිකන් හරි එහෙ මෙහෙ බැලුවොත් හරි නින්දක් ගියොත් බිල 40 ක් විතර කරලා නවත්තන්නෙ.,habai nikan hari ehe mehe baluwoth hari nindak giyoth bila 40k withara karala nawattanne. | |
| අදනම් පොඩ්ඩක් එළියට ගිහින් එන්න ඕන.,adanam poddak eliyata gihin enna ona. | |
| දානකම් බලාගෙන හිටියේ නෛස් මරු ඩබලක්,daanakam balagena hitiye nice maru dabalak | |
| මාව ඒ තැනට එක්කන් යන්න.,mawa a thanata ekkan yanna. | |
| බලාගෙන යන්න.,balagena yanna. | |
| හරියට හිතලා වැඩේ කරන්න,hariyata hithala wade karanna | |
| ඔෆිස් එකේ අය හෙට ගමනක් යනවලු,office eke aya heta gamanak yanawalu | |
| ඔයා කිව්ව එක ඇත්ත හැබැයි මේක ඉක්මනට කරගන්න ඕන,oya kiwwa eka atta habai meka ikamanata karaganna ona | |
| මන් අද රස්සාවෙන් අයින් වුණා දැන්නන් පොඩ්ඩක් නිදහසේ ඉන්නවා,mn ada rassawen ain wuna dannan poddak nidahase innawa | |
| කම්පැනි එකෙන් බෝනස් එකක් දුන්නා.,company eken bonus ekak dunna. | |
| ඔයා එනකොට පුලුවන්නන් චොක්ලට් එකක් ගේනවද,oya enakota puluwannan chocolate ekak genawada | |
| ගොඩක් ලෝඩ් එක දාන්න එපා ඉස්සරහට.,godak load eka danna epah issarahata. | |
| මම ගෙදර ඉන්නෙ මේ දවස් ටිකේ.,mama gedara inne meh dawas tike. | |
| පොඩ්ඩක් ඉදලා මට කතා කරන්න.,poddak idala matta katha karanna. | |
| කොහොමද ඉතින්? ජීවිතේ හොදට යනවද ?,kohomada ithin? jivithe hondata yanawada? | |
| හවසට පොඩි සීතලක් දැනෙනවා නේද?,hawasata podi seethalak danenawa neda? | |
| මම මෙතන වැඩ කරනවා,mama methana wada karanawa | |
| ගෙවල් ලග තුන් දෙනෙක් විතර එකතු වෙලා ගත්තනන් හරි ගෙවාගෙන යන්ඩ එකට,geval laga thun denek vitara ekatu vela gattanan hari gevagena yanḍa ekaṭa | |
| අද ඇදුම් ටික වැලට දැම්මද. එද්දි වේලලා තියන්න,ada adum tika walata dammada. eddi welala thiyanna | |
| මම එයාව දන්නවා අපේ පැත්තෙමයි ඉන්නෙ,mama eyawa dannawa apeh pattemai inne | |
| හරි දේ කරන කොට බය වෙන්න එපා.,hari de karana kota baya wenna epah. | |
| මේ තත්වෙ මට නම් තේරුම් ගන්න බෑ.,meh thathwe matta nm therum ganna ba. | |
| මේ මාසෙ සැලරි එක තවම වැටුනේ නෑ.,meh mase salary eka thawama watune na. | |
| කාර් එක කීයක් කියලද කිව්වේ,car eka keeyak kiyalada kiwwe | |
| අපි කැන්ඩි වල ට්‍රිප් එකක් ගියා.,api kandy wala trip ekak giya. | |
| අද උදේ ඉදන්ම ඉන්ටනෙට් ස්ලෝ.,ada ude idanma internet slow. | |
| පන්ති එනවද ඔයා ඊළග සතියේ,panthi enawada oya elaga sathiye | |
| උඩුකය සුදු ඇදුමකින් එන්න,uḍukaya sudu adumakin enna | |
| ඔයා නෝට්ස් ටික දැන් බැලුවද?,oya notes tika dan baluwada? | |
| අම්මා බත් උයනවා.,amma bath uyanawa. | |
| දැක්කද ළගදි ඉදන් යන ඩාන්ස් ට්‍රෙන්ඩ් එක,dakkada lagadi idan yana dance trend eka | |
| හැමදේම වෙන්නෙ හොදට කියලා හිතමු.,hama dema wenne hodata kiyala hithamu. | |
| අරයා අලුතෙන් සින්දුවක් හදලා ගොඩක් අය එක බලලා,araya aluthen sinduwak hadala godak aya eka balala | |
| ඒක වෙනස් කරන්න මට පුලුවන් කමක් නෑ.,eka wenas karanna mata puluwan kamak na. | |
| එළවලු ගණන් අඩුයි අද.,elawalu ganan adui adha. | |
| හිනා වෙලා ඉන්න එක තමයි හොද.,hina wela inna eka thamai hoda. | |
| යාලුවගෙ බර්ත්ඩේ පාටි එකට යනවා.,yaluwage birthday party ekata yanawa. | |
| එහෙම වෙන්න පටන් ගත්තෙ කවද්ද?,ehema wenna patan gaththe kawadda? | |
| ඔයා ඒක දුන්නද?,oya eka dunnada? | |
| මම ඒක අප්ඩේට් කරා ආයෙ,mama eka update kara aaye | |
| අපි දෙන්නා බෙදාගෙන ගෙවමු.,api denna bedagena gewamu. | |
| ඔයා හොදින් නේද සද්දයක් නැති නිසා බැලුවේ,oya hodin neda saddayak nathi nissa baluwe | |
| එයා ජනාධිපති වුනාට වඩා හොදයි නිකන් හිටියනන්,eya janadipathi wunata wada hodai nikan hitiyanan | |
| විදුලි බිල ගෙවන්න යන්න මතක තියාගන්න.,widuli bila gewanna yanna mathaka thiyaganna. | |
| මේ පාර ගේම් එක අපි දිනනවා.,meh para game eka api dinanawa. | |
| මට මේක කරගන්න පොඩි උදව්වක් ඕනේ.,mata meka karaganna podi udawwak one. | |
| "අහස අදුරු වෙලා, වහින්න යන්නෙ.","ahasa aduru wela, wahinna yanne." | |
| ඔයා ඒක සිම්ප්ල් විදියට හිතනවා වැඩී.,oya eka simple widiyata hithanawa wadi. | |
| රිසිප්ට් එක අරන් එතනම විසි කරනවා,receipt eka aran ethanama visi karanawa | |
| එයා බොරුවක් කරන්නෙ කියලා හිතෙන්නෙ නැද්ද,eya boruwak karanne kiyala hithenne nadda | |
| මම හිතන්නේ අප්ලෝඩ් කරන්න කලින් පෙන්නනවා,mama hithanne upload karanna kalin pennanawa. | |
| ඔයාට මේ වගේ දෙයක් කලින් වෙලාම නැද්ද?,oyata meh wage deyak kalin welama nadda? | |
| හරිම ෂෝක් අපි ගිය පැත්ත,harima shok api giya paththa | |
| ඒ පැත්ත නිකන් කැලෑව වගේ,a paththa nikan kalawa wage | |
| පන්තියේ හිටියට හිත වෙන තැනක.,panthiye hitiyata hitha wena thanaka. | |
| අපේ දෙයක් දකිද්දි එන සතුට වචන වලට පෙරලන්න බෑ. මාරම ආඩම්බරයි,ape deyak dakiddi ana sathuta wachana walata peralanna bah maarama adambarai. | |
| ඒක කරපු එක නම් මෝඩකමක්.,eka karapu eka nm modakamak. | |
| ට්‍රිප් එක යන්න සෙට් එක එකතු කරගන්න ඕනේ.,trip eka yanna set eka ekathu karaganna one. | |
| මේක ඔන්ලයින් නැද්ද?,meka online nadda? | |
| එයා ගොඩක් බුද්දිමත් වගේ,eya godak buddimath wage | |
| මොකක්ද බන් වෙලා තියෙන්නෙ කෝල් ආන්ස කරන්නෙත් නෑ,mokakda bn wela thiyenne call answer karanneth nah | |
| පැය තුනක් විතර නිකන් හිටියේ,paya thunak withara nikan hitiye | |
| "ඒකනන් කම්මැලි වැඩක්, වෙන දෙයක් කරමු.","eka nam kammeli wedak, wena deyak karamu." | |
| ගෙදර යනකොට පරක්කු වෙයි වගේ.,gedara yanakota parakku wei wage. | |
| මේක තමයි මේ සතියට ගියපු හොදම කතාව,meka thamai meh sathiyata giyapu hodama kathawa | |
| මාකටින් නම් ඉතින් මුන් ඩබල තමා,marketing nm ithin mun dabala thama | |
| මේ වගේ දේවල් වලට හිත යනවා.,meh wage dewal walata hitha yanawa. | |
| එහෙනන් මම ඔයාට පස්සේ කතා කරන්නන්,ehenam mama oyaata passe katha karannan. | |
| එයා කතා කරපු ගමන්ම යන්න පුලුවන්.,eya katha karapu gamanma yanna puluwan. | |
| කලින් ගිය කැෆේ එක හොදටම හිත ගියා,kalin giya cafe eka hodatama hitha giya | |
| පරිස්සමින් ගිහින් එන්න,parissamin gihin enna. | |
| මේ සතියෙ ගොඩක් වැඩ තියෙනවා.,meh sathiye godak wada thiyenawa. | |
| හෙට උදේ නැගිටිනකොට මට කෝල් එකක් දෙන්න.,heta ude nagitinakota mata call ekak denna. | |
| හරිිම වෙලාවට හොයපු දේ දුන්නා,harima welawata hoyapu de dunna | |
| ඔයාගේ පොස්ට් එකට ක්මෙන්ට්ස් ගොඩක් ඇවිල්ලා.,oyage post ekata comments godak awilla. | |
| මම අමතක නොකර බිල් එක ගෙව්වා ඔන්න.,mama amathaka nokara bill eka gewwa onna. | |
| ඔයා වගේ හොද යාලුවෙක් මට හම්බුනාමද කොහෙද,oya wage hoda yaluwek matta hambunamada koheda | |
| ඔයා ඒක ගැන වැඩිය හිතන්න එපා.,oya eka gana wadiya hithanna epah. | |
| වැස්ස නිසා රෙදි ටික වේලෙන්නේ නෑ.,wassa nisa redi tika welenne na. | |
| අදත් කරන්ට් එක කපයි වගේ.,adath current eka kapai wage. | |
| එයාට හරියටම මතකයි එදා උගන්නපු ටික,eyaṭa hariyatama mathakai eda ugannapu tika | |
| මම එතකොට කොහොමද යන්නේ,mama ethakota kohomada yanne | |
| අපි මේ ප්‍රශ්නේ විසදගන්න ඕනේ.,api me prashne wisadaganna one. | |
| ගොඩක් කාලෙකින් ඔයාව දැක්කේ.,godak kalekin oyawa dakke. | |
| එයා නම් දැන් ලොකු කතාවක් දෙනවා.,eya nm dan loku kathawak denawa. | |
| අදනන් හොදටම පායයි වගේ රස්නෙයි මාර විදිහට,adanan hodatama payai wage rasnei maara widihata | |
| මේක ගැන හිත හිතම හිටියේ මන් මොකක්ද කරන්න ඕන කියලා,meka gana hitha hithama hitiye mn mokadda karanna ona kiyala | |
| ඊයේ මරු වැඩක් වුනේ පාරෙදි තව ටිකකින් මන් හැප්පෙනවා,eeye maru wadak wune paaredi thawa tikakin mn happenawa | |
| ඔයා පිළිවෙලට මේසෙ තියන් ඉන්නවනේ,oya piliwelata mese thiyan innawane | |
| "ඕගොල්ලොන්ට බඩගිනි නැද්ද, අපි මොනහරි කමු","ogollonta badagini nadda, api monahari kamu" | |
| අපිට කරන්ට් කපනවා කියන එක අලුත් දෙයක් නෙවෙයිනේ,apitta current kapanawa kiyana eka aluth deyak neweine | |
| මට කිව්වෙ නෑනේ ඒ නිසා ඕන නෑ,matta kiwwe naane a nissa ona na | |
| එයාගේ වට්සප් එකේ ලාස්ට් සීන් එක බලන්න.,eyage whatsapp eke last seen eka balanna. | |
| ෆෝන් එක චාජ් එකට ගහන්න ඕනේ.,phone eka charge ekata gahanna one. | |
| මෙයා පොඩි වැඩි එච්චර බඩු ටිකක් අරන් යන්න,meya podi wadi echchara badu tikak aran yanna | |
| අනිද්දා ට්‍රිප් එක යන්න කලින් නැගිටින්න වෙයිද දන්නේ නෑනේ,aniddata trip eka yanna kalin nagitinna weida danne naane | |
| දවසකට වතුර කොච්චරක් බොන්න ඕනෙද?,dawasakata wathura kochcharak bonna oneda? | |
| ඒක තේරෙන්නෙ නැත්නම් අහලා ඉගෙන ගන්න.,eka therenne nathnam ahala igena ganna. | |
| මම නම් එහෙම හිතන්නෙ නෑ,mama nm ehema hithanne nah | |
| දැන් යන්න ලෑස්ති වෙන්න නැත්තන් පරක්කු වෙනවා,dan yanna lasthi wenna nattan parakku wenawa | |
| ප්‍රායෝගික පරීක්ෂණය සදහා රියදුරු පාසල වෙත පැමිණෙන්න,prayogika parikshaṇaya sadaha riyaduru paasala vetha pamiṇenna | |
| අපේ වැඩේ හෙට වෙද්දි කරලා දෙන්න ඕන,apeh wade hetta weddi karala denna ona | |
| මම ස්ටේෂන් එකට යනකන් පොඩ්ඩක් ඉන්න.,mama station ekata yanakan poddak inna. | |
| කෝපියක් බීලම වැඩේ පටන් ගන්නවා,kopiyak beelama wade patan gannawa | |
| දරුවන්ට ලේසි විදිහට කියලා දෙනවා.,daruwanta lesi widihata kiyala denawa. | |
| බඩගිනි. මොකක් හරි කොත්තු එකක් ගෙන්න ගමු.,badagini. mokak hari kottu ekak gennagamu. | |
| දැනටමත් හෙන වෙලාවක් ගිහින්,danatamath hena welawak gihin | |
| "මූට නම් පිස්සු, මොනා කියනවද මන්දා.","muta nm pissu, mona kiyanawada mnda." | |
| මම වෙන ෂෝර්ට් වීඩියෝ එකකට සින්දුවක් දැම්මා ඒක තමා.,mama wena short video ekakata sinduwak damma eka thama. | |
| අඩේ මේක බලලා ඉවර උනා විතරයි ගූගල් එකේ ඇඩ් එකක් ප්ලේ උනා,ade meka balala iwara una witharai google eke ad ekak play una | |
| ඒ කොණ්ඩෙ කපනකන් මන් ඉවසන් හිටියෙ හරි අමාරුවෙන්,a konde kapanakan mn iwasan hitiye hari amaruwen | |
| මට ඉතින් ගොඩක් දුක හිතුනා එහෙම කිව්වැන් පස්සෙ,matta ithin godak duka hithuna ehema kiwwan passe | |
| ඒකට ගිහින් සල්ලි අරන් ඉස්සරහා නවත්තලා තිබුණ බස් එකට නැග්ගා.,ekata gihin salli aran issaraha nawaththala thibuna bus ekata negga | |
| ඒක කොහොමහරි ගොඩ දාගත්තා,eka kohomahari goda daagatta | |
| අන්තිම ටිකනන් ඇත්තටම අනාගතේ වෙන්න බැරි කමක් නෑ,anthima tikanam aththatama anagathe wenna bari kamak na | |
| එහෙම උනොත් එයාට අවුලක් වෙයිනේ,ehema unoth eyaṭa awulak weine | |
| මේ අවුරුද්දෙම එකතු කරපු සල්ලි ෂොපින් වලටම වියදන් වුනා,meh awuruddema ekathu karapu salli shopping walatama wiyadan wuna | |
| පොඩි බබාව ස්කූල් එකෙන් ගන්න යනවා.,podi babawa school eken ganna yanawa. | |
| ඒක මගේ වැරැද්ද කියලා පිළිගන්නවා.,eka mage waradda kiyala piligannawa. | |
| දැන්නන් ටැක්ස් එක හොදටම වැඩි කරලා නේද,dannan tax eka hodatama wadi karala neda | |
| පාස්වර්ඩ් එක අමතක වෙනවනන් කොහෙ හරි ලියාගන්න,password eka amathaka wenawanan kohe hari liyaganna | |
| මම ලංකාවේ රූපවාහිනී නාලිකා බලන එක නතර කරා.,mama lankawe rupavahini nalika balana eka nathara kara | |
| උදෙන්ම මන් ඇවිදින්න ගියා බර අඩුවෙන්නත් එක්ක කියලා,udenma mn awidinna giya bara aduwennath ekka kiyala | |
| හොද සින්දුවක් අහමුද වෙනසකටත් එක්ක,hoda sinduwak ahamuda wenasakatath ekka | |
| අවුලක් නෑ ඔයා හෙටම එන්න.,awulak nah oya hetama enna. | |
| කීබෝඩ් එක හරියට වැඩ කරන්නේ නෑ,keyboard eka hariyata wada karanne nah | |
| වෙඩින් එකට අදින්නේ මොනවද කියලා හිතාගන්න බෑ.,wedding ekata adinne monawada kiyala hithaganna bah. | |
| ඔහොම හිතන්න හිතන්න ඔයා ලෙඩ වෙන්න පුලුවන්.,ohoma hithanna hithanna oya leda wenna puluwan. | |
| හොද දෙයක් කරොත් හොද දෙයක් ලැබෙනවා,hoda deyak karoth hoda deyak labenawa | |
| ශ්‍රී ලංකාව ඉතා ලස්සන රටක්,sri laṅkava itha lassana raṭak | |
| කොහොමද රස තේකක් හදන්නෙ?,kohomada rasa thekak hadanne? | |
| දැන් බලන්න ඔය කවුරුවත් විශ්වාස කරන්න බෑනෙ,dan balanna oya kawuruwath wishwasa karanna baane | |
| ජරා වැඩ කරන්න එපා.,jara wada karanna epah. | |
| අලුත් කඩයක් දාලා කොළබ යන්ද වෙලාවක?,aluth kadayak daala colaba yanda welawaka? | |
| මම කැවුම් කන්න කැමතියි.,mama kawum kanna kamathi. | |
| මේ බලන්න අර මහත කාලේ තිබුන ලස්සන නැහැ දැන්,me balanna ara mahatha kale thibuna lassana nahane dan | |
| වාවු මන් මෙච්චර කාලෙකට කියවල තියෙන ලස්සනම ට්‍රාන්ස්ලේෂන් සීරීස් එක.,wow mn mechchara kaalekata kiyawala thiyena lassanama translation series eka. | |
| ඔයා ඒ ගැන මොනවද හිතන්නෙ?,oya a gana monawada hithanne? | |
| එයා සතුටින් ඉන්නේ හැමතිස්සෙම,eya sathutin inne hamathissema | |
| ඇයි මොකක් හරි අවුලකින්ද ඉන්නෙ?,ai mokak hari awulakinda inne? | |
| එයා අහනවා අපි එනවද කියලා.,eya ahanawa api enawada kiyala. | |
| ඔයාගේ මුරපදය මොකද්ද ?,oyalage password mokakda? | |
| කාඩ් එක දාපු ගමන් රිසිප්ට් එකක් ඕනෙද අහනවා...ඔව් කිව්ව ගමන් කාඩ් එක එලියට එනවා...,card eka daapu gaman receipt ekak oneda ahanawa…ow kiwwa gaman card eka eliyata enawa… | |
| එක එක කෙනාට එක එක මත තියෙනවා.,eka eka kenata eka eka matha thiyenawa. | |
| එයා හැමතිස්සෙම භාගෙට වැඩේ ඉවර කරල දෙන්නෙ අනිත් ටික වෙන කවුරුහරි කරන්න ඕන,eya hamathissema bageta wade iwara karala denne anith tika wena kawruhari karanna ona | |
| තෙල් කෑම අඩු කරන්න වෙනවා.,thel kaama adu karanna wenawa. | |
| එයා තාම පොඩි තෙරුන් ගන්න අමාරුයි එයාට,eya thaama podi therun ganna amarui eyata | |
| නැන්දා කොටුවෙන් බඩු ගන්න ගියා,nanda kotuwen badu ganna giya | |
| අපි කට්ටිය යන්ද රැල්ල පාගලා එන්න,api kattiya yanda ralla pagala enna | |
| සෑම මසකම පන්ති කාඩ්පත් එම කාලය තුලදී ම ලබාගන්න,saama masakama panti kaḍpath ema kaalaya thuladima labaganna | |
| අද දවසට මෙ සින්දුව කීවෙනි පාරටද අහන්නෙ කියලා මතක නෑ,ada dawasata meh sinduwa keeweni paaratada ahanne kiyala mathaka na | |
| අපි හැමෝම වැරදි කරන මිනිස්සු නේ.,api hamoma waradi karana minissu ne. | |
| මම ඔයාව බස් ස්ටෑන්ඩ් එකෙන් බස්සන්නන්.,mama oyawa bus stand eken bassannan. | |
| එයා ටික්ටෝක් එක පැත්තේ අන්තිමට ගිහිල්ලා තිබ්බේ,eya tiktok eka patte anthimata gihilla thibbe | |
| ඉකමනටම සනීප වෙන්න. බුදු සරණයි,ikmanatama saneepa wenna. budusaranai | |
| ඔයාගේ නංගි ඊයේ මේක ඔයාට දෙන්න කියලා කිව්වා,oyage nangi eeye meka oyata denna kiyala kiwwa | |
| මන් එක පිරිසිඩදු කරාට වැඩක් නෑ ආයෙ හැඩි වෙනවා,mn eka pirisidu karata wadak nah aaye hadi wenawa | |
| ක්මෙන්ට් එක අයින් කරලා නේද?,comment eka ain karala neda? | |
| හොද කෙනෙක් එයා අපරාදේ එහෙම වෙච්ච එක,hoda kenek eya aparade ehema wechcha eka | |
| මේ ශොප් එකේ බඩුවල කොලිටි එක හොදයි.,me shop eke baduwala quality eka hodai. | |
| ඩොලර් එක අඩු වුනාට බඩු මිල අඩු නෑ.,dollar eka adu wunata badu mila adu na. | |
| මේ තත්වෙ ගොඩක් සීරියස් වෙන්න පුලුවන්.,me thathwe godak serious wenna puluwan. | |
| සූම් කෝල් එක පටන් ගත්තා,zoom call eka patan gatta | |
| මට දුකයි ඔයා යන එක ගැන,matta dukai oya yana eka gana | |
| සර් කිව්වා දැන් අප්ලෝඩ් කරන්න කියලා,sir kiwwa dan upload karanna kiyala | |
| ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා.,jeewithe godak dewal igena gaththa. | |
| ඒක නිසා තමයි මම එහෙම කිව්වේ.,eka nisa thamai mama ehema kiwwe. | |
| කෑමට වැඩිය තියෙන්නේ මේකෙ බීම ජාති නෙ,kaamata wadiya thiyenne meke beema jathi ne | |
| "පින්තුරෙට හරි කැතට පේන්නේ මාව, එඩිට් පාරක් දාලා හදන්නකො.","pinthureta hari kathata penne maawa, edit paarak daala hadannako." | |
| මේ පාර යනකොට මැප් එක පාවිච්චි කරන්න.,me para yanakota map eka pawichchi karanna. | |
| මන් ඕනවට වඩා හිතනවා ඒක කොහොම නවත්තගන්නද මන්දා,mn onawata wada hithanawa eka kohoma nawattagannada mnda | |
| හිත හදාගන්න ටිකක් කල් යයි.,hitha hadaganna tikak kal yai. | |
| අච්චිලා සීයලා ගොඩක් ආදරෙයි ළමයින්ට.,achchila seeyala godak adarei lamainta. | |
| එයා පලතුරු ටික කනවා,eya palathuru tika kanawa | |
| එය බස් එකෙන් කොළබට බැහැලා ත්‍රීවීල් එකෙන් ගෙදරට ගිහිල්ලා,eya bus eken colabata bahala threewheel eken gedaraṭa gihilla | |
| ඇති යාන්තන් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ,athi yanthan goda kalekin video ekak damme | |
| මාත් ආසාවෙන් හිටියේ ඒත් වැඩිය කවුරුත් යන්නේ නැහැ ගොඩක් අලුත්ම අය ඉන්නේ,math asawen hitiye eth wadiya kawruth yanne naha godak aluthma aya inne | |
| ඔයාගේ අදහස මරු අපි ඒක ගැන දවසක හම්බෙලා කතා කරමු,oyage adahasa maru api eka gana dawasaka hambela katha karamu | |
| මේ පැත්තෙ ට්‍රැෆික් එක එපා වෙනවා.,meh patte traffic eka epa wenawa. | |
| අද කරන්ට් කපනවා කිව්වා හැබැයි හොද වෙලාවට කැපුවෙ නෑ,ada current kapanawa kiwwa habai hoda welawata kapuwe nah | |
| මගේ චාජර් එක හැමදාම අතුරු දහන් වෙනවා,mage charger eka hamadama athuru dahan wenawa | |
| වෙබ් අඩවියක් නිර්මාණය කරන්න යන අය හැම කෙනෙක්ටම ඉතාම වැදගත් ලිපියක්,web adawiyak nirmanaya karanna yana aya hama kenektama ithama wadagath lipiyak | |
| මම ඊයේ කාර්යාලයේ හිටියේ ලොක්කා මට කතා කරලා කිව්වා ඉකමනට වැඩේ කරලා ඕන කියලා,mama iye karyalaye hiṭiye lokka maṭa katha karala kivva ikmanaṭa vade karala ona kiyala | |
| එහෙමයි බන් ලයිෆ් එක අපි බලාගන්න ඕනේ,ehemai bn life eka api balaganna one | |
| මේ මටත් ඒ ලෙඩේ තියෙනවා මන් හිතුවෙ මට විතරයි කියලා එහෙම,meh matath a lede thiyenawa mn hithuwe mata witharai kiyala ehema | |
| අදනන් ජිම් ගිහිල්ලා ඇගටත් අමාරුයි වගේ,adanan gym gihilla agatath amarui wage | |
| පුතා මනසට ඉඩ දෙන්න එපා ඔයාව පාලනය කරන්න,putha manasata ida denna epa oyawa palanaya karanna | |
| ඒක හිමින් සැරේ ඉවර කරගන්න බලන්න.,eka himin sare iwara karaganna balanna. | |
| බලමු ඉස්සරහට මොන වෙයිද කියලා.,balamu issarahata mona weida kiyala. | |
| මට ඒක දරාගන්න බැරි තරම් දුකයි.,matta eka daraganna bari tharam dukai. | |
| දැනට ස්කිප් කරා බන් ඒ මෙසේජ් එක,danaṭa skip kara bn a message eka | |
| එයා හරියටම මගේ ටයිප් එක,eya hariyatama mage type eka | |
| දැන් මම ගෙදර යනවා,dan mama gedara yanawa | |
| මේ පහනට වොරන්ටි එකක් තියෙනවද?,me pahanata warranty ekak thiyenawada? | |
| එයා පරිප්පු හදනවා.,eya parippu hadanawa. | |
| අපේ රෑ කෑම එක කලින් ඕඩ කරලා දාන්න,ape ra kaama eka kalin order karala danna | |
| හෙට සදුදා නේද අය්යෝ මට නන් බෑ යන්න,heta saduda neda aio mata nan bah yanna | |
| ගොඩක් කාලේකට පස්සේ මන් හිතන්නේ මේ වගේ කතාවක් ආයෙත් එන්නේ,godak kalekata passe mn hithanne meh wage kathawak ayeth yanne | |
| හිත හොදින් තියාගන්න එක වටිනවා.,hitha hodin thiyaganna eka watinawa. | |
| ඔයා මේ සබ්ජෙක්ට් එකට ගොඩක් දක්ෂයි.,oya meh subject ekata godak dakshai. | |
| මේ මෙසේජ් එක අනිත් අයත් එක්ක ශෙයා කරන්න.,meh message eka anith ayath ekka share karanna. | |
| ඒක ඉතිහාසයේ ලියවෙන දවසක් වෙයි.,eka ithihasaye liyawena dawasak wei. | |
| දැක්කද කට්ටිය එකට ක්මෙන්ට් කරලා තිබ්බ විදිහ,dakkada kattiya ekata comment karala thibba widiha | |
| සතියෙන් මට සල්ලි ටික දෙන්න.,sathiyen matta salli tika denna. | |
| රෙදි ටික හෝදලද තියෙන්නේ,redi tika hodalada thiyenne | |
| දැන් අප්ඩේට් එකක් තියෙනවා ඇප් එකේ,dan update ekak thiyenawa app eke | |
| පොත් ටික ඔයා කියෙව්වද?,poth tika oya kiyewwada? | |
| එයා දැන් මල වදයක් වෙන්න යන්නෙ,eya dan mala wadayak wenna yanne | |
| එයාට ලොගින් වෙන්න පුලුවන් නේද?,eyaṭa login wenna puluwan neda? | |
| ඕගොල්ලො සීගිරිය බලන්න ගියාද?,ogollo sigiriya balanna giyada? | |
| ඒ පාරෙන් ඉක්මනට යන්න පුළුවන්.,a paren ikmanata yanna puluwan. | |
| මම ඔයාව පික් කරන්න එන්නම්.,mama oyawa pick karanna ennam. | |
| අනේ මගේ අතේ පොත් සෙට් එකම තියෙයි හරිම ලස්සන කතාවක්,ane mage athe poth set ekama thiyei harima lassana kathawak | |
| ඊයේ නන් මට හොදටම නින්ද ගියා. පරක්කු වෙලානේ ගෙදර ආවේ.,eeye nan matta hodatama ninda giya. parakku welane gedara awe. | |
| "ඒකනන් මාර නාට්‍යක්, අනිවාර්යෙන් බලන්න.","eka nam maara natyak, aniwaryen balanna." | |
| ඒක නම් පට්ට වැඩක් මචං.,eka nm patta wadak machn. | |
| මේක ටීම් එෆට් එකෙන් කරපු වැඩක්.,meka team effort eken karapu wadak. | |
| හරියට බලන්න කොච්චරක් දුන්නද කියලා,hariyata balanna kochcharak dunnada kiyala | |
| අනේ මන්දා සෙනසුරාදා ඉරිදා පියාබනවා වගේ,aneh mnda senasurada irida piyabanawa wage | |
| සීට් එකක් හොයාගන්න බැරි උනා.,seat ekak hoyaganna bari una. | |
| අපි ඉස්සර හරියට කතා කරා,api issara hariyata katha kara | |
| කියන්නකෝ රිසල්ට්ස් කොහොමද?,kiyannako results kohomada? | |
| මොනවා කරන්නද බන් දැන් මේ තත්වෙත් එක්ක,monawa karannada bn dan meh thathweth ekka | |
| වරදක් නැහැ ඉන්නවා. ඔයාලා වගේ හොදට හිටපු අය මතක් වෙනවා. හරිම සතුටුයි,waradak naha innava. oyala wage hodaṭa hiṭapu aya mathak wenava. harima sathutui | |
| මන් හිතන්නේ මගේ ආසම රට එහෙ වෙයි මොකද මන් ගොඩක් ආසයි එහෙට,mn hithanne mage aasama rata ehe wei mokada mn godak aasai eheta | |
| බීච් සයිඩ් රෙස්ටොරන්ට් එකකට යමු.,beach side restaurant ekakata yamu. | |
| දැනට යන්නෙ බස් එකක නැති වුනොත් ට්‍රේන් එකේ යනවා,danaṭa yanne bus ekaka nathi wunoth train eke yanawa | |
| ඩොක්ටර් කෙනෙක් හමු උනත් ප්‍රශ්නයක් නැති බවට දැනගැනීමට ලැබුනා.,doctor kenek hamu unath prashnayak nathi bawa danaganimata labuna. | |
| පාර වහලා තිබුනෙ.,paara wahala thibune. | |
| එයා කිව්ව නම් ඔයාට එන්න කියලා එහෙනන් යන්න,eya kiwwa nm oyata enna kiyala ehenan yanna | |
| මන් අද පූසෙක් ගත්තා නංගිට දෙන්න,mn ada pusek gatta nangita denna | |
| දැක්කද එයා අලුතෙන් කඩයක් ඇරලා ඕගොල්ලොන්ගේ ගෙවල් ගාව,dakkada eya aluthen kadayak arala ogollonge gewal gaawa | |
| වැඩක් නෑ කියලා හිතුවට වැඩක් තියෙනවා,vadak na kiyala hithuwata vadak thiyenawa | |
| ඩිස්කවුන්ට් එකක් දෙන්න බැරි වෙයිද?,discount ekak denna bari weida? | |
| වැස්ස දවස් වලට නැගිටින්නත් කම්මැලි,wassa dawas walata nagitinnath kammeli | |
| "හීන ගොඩක් තියෙනවා ඉතින්, බලමුකො ඉස්සරහට","heena godak thiyenawa ithin, balamuko issarahata" | |
| මන් ළගදි ටැටූ එකක් ගහගත්තා,mn lagadi tattoo ekak gahagatta | |
| මේ රස්නෙට මොනවත් කරන්න හිතෙන්නෙ නෑ.,me rasneta monawath karanna hithenne na. | |
| පාටි එක හරිම ෆන් වුනානේ.,party eka harima fun wunane. | |
| ගෙදර යනකොට පාන් ටිකක් අරන් යන්න ඕනේ.,gedara yanakota paan tikak aran yanna one. | |
| මට එයා එවපු ඊමේල් එක හොයාගන්න වෙනවා,matta eya ewapu email eka hoyaganna wenawa | |
| "මොකද්ද බන් මේ, ඇයි මේවා මටම වෙන්නෙ.","mokadda bn meh, ai mewa matama wenne." | |
| ඔයා කතා කරපු විදිහ හරිම හොදයි.,oya katha karapu widiha harima hodai. | |
| ෆෝන් එකේ බැට්රි නැහැ කොයි වෙලාවෙත්,phone eke battery naha koi welaweth | |
| එක වැඩක් නිසා මගේ මුළු දවසම ඉවරයි,eka wadak nissa mage mulu dawasama iwarai | |
| හෙට හවස අපි සෙට් වෙමුද?,heta hawasa api set wemuda? | |
| සතියක්ම ඉවර උනා දැනුනෙවත් නෑ.,sathiyakma iwara una danunewath na. | |
| හෙට එනකොට අර බෑග් එක අරන් එන්න,hetta enakota ara bag eka aran enna | |
| අය්යා කෙනෙක් වගේ මට උදවු කරා.,ayya kenek wage mata udawu kara. | |
| ඇත්තටම කියන්න අද දවසටම ඔයා මුකුත් කෑවේ නෑ නේද,attama kiyanna ada dawasatama oya mukuth kaawe na neda | |
| ඩිලිවරි ෆී එක දැන් ගොඩක් වැඩි.,delivery fee eka dn godak wadi. | |
| රිපෝට් එක තවම හදලා ඉවර නෑ.,report eka thawama hadala iwara nah. | |
| ජාතික හැදනුම්පත සහ රියදුරු බලපත්‍රය රැගෙන එන්න,jathika hadanumpatha saha riyaduru balapatraya ragena enna | |
| කියපන් බන් කවුද මේ වැඩේ කරේ කියලා,kiyapan bn kawuda meh wade kare kiyala | |
| අපේ ගෙදර හදන ගමන් හැබැයි කවදා ඉවර වෙයිද දන්නේ නැහැ,ape gedara hadana gaman habai kawada ivara weida danne naha | |
| "අවුලක් ගන්න එපා, අපි ශේප් කරගමු.","awulak ganna epa, api shape karagamu." | |
| මේ වීකෙන්ඩ් එකට මොනවද ප්ලෑන්?,meh weekend ekata monawada plan? | |
| යන්නේ නැතුව ඉන්න බලුවේ,yanne nathuwa inna baluwe | |
| "අය්යෝ, ඔයා නිසා තමයි පරක්කු උනේ","aiyo, oya nissa thamai parakku une." | |
| මේ ඇදුම ඔයාට හරියටම ගැළපෙනවා.,me aduma oyata hariyatama galapenawa. | |
| එයා ලයිව් වීඩියෝ එකක් දාලා තිබුනා.,eya live video ekak daala thibuna. | |
| අපි චීස් කොත්තු එකක් කන්න යමුද?,api cheese kottu ekak kanna yamuda? | |
| අද දිනයේ පන්ති පැවැත්වේ,ada dinaye panthi pavathwe | |
| ඔයාට පුලුවන්නන් තැන් දෙක තුනක බලන්න ඊටපස්සෙ තීරණයක් ගන්න,oyata puluwannan than deka thunaka balanna eetapasse theeranayak ganna | |
| අලුත් බජට් එකෙන් මොනවා වෙයිද දන්නේ නෑ.,aluth budget eken monawa weida danne na. | |
| මන් ඉන්නෙ ගොඩක් දුර ඒ නිසා ළග බෝඩිමක් දන්නවද,mn inne godak dura a nissa laga bodimak dannawada | |
| හොදට බලපන් බන් නිව්ස් එක,hodata balapan bn news eka | |
| එයා කිව්ව එක ඇත්ත වෙන්න පුලුවන්.,eya kiwwa eka aththa wenna puluwan. | |
| එයා දැන් ටික්ටොක් වල හරිම ෆේමස්.,eya dan tiktok wala harima famous. | |
| හැමෝම මේක බලන්න...අපි කතා වුනා විතරයි නේ එක ගැන,hamoma meka balanna...api katha wuna witharai neh eka gana | |
| එයා කතා කරපු විදිහට මට අප්සට් ගියා.,eya katha karapu widihata mata upset giya. | |
| ට්‍රේන් එක ප්ලැට්ෆෝම් එකට ඇවිල්ලද?,train eka platform ekata awilla da? | |
| මන් කෝච්චිය එනකන් කොළ කැද එකක් බොනවා,mn kochiya enakan kola kada ekak bonawa | |
| පළවෙනි වතාවට මන් ප්ලේන් එකේ යන්නේ,palaweni wathawata mn plane eke yanne | |
| ඔයා දැන් කලින් වගේ නෙමෙයි ගොඩක් වෙනස් වෙලා,oya dan kalin wage nemei godak wenas wela | |
| හෙට ඉදලා ව්‍යායාම කරන්න පටන් ගන්නවා.,heta idala wiyayama karanna patan gannawa. | |
| ඔව් මචං! මොකක් ද ෆිල්ම් එක?,ow machn! mokak da film eka? | |
| "මාර බඩගින්නක් අප්පා තියෙන්නේ, කොහෙ හරි යමුද අද.","mara badaginnak appah thiyenne, kohe hari yamuda ada." | |
| ගෘප් එකට මාව ඇඩ් කරන්න.,group ekata mawa add karanna. | |
| මේ අවුරුද්ද නන් ඉක්මනට යනවා වගේ,meh awurudda nan ikmanata yanawa wage | |
| මෙයා ඔයාගේ යලුවෙක්ද?,meya oyage yaluwekda? | |
| මගේ වැඩේ ක්න්ෆ්ර්ම් වෙනකන් මන් බැලුවේ වෙන වැඩක් පටන් ගන්න,mage wade confirm wenakan mn baluwe wena wadak patan ganna | |
| පන්තිභාර ගුරුතුමියට කියන්න පුලුවන්ද මේ දුරකථන අංකය ක්‍රියා විරහිත බව,panthibara guruthumiyata kiyanna puluwanda me durakathana ankaya kriya wirahitha bawa | |
| ඕඩර් එක එන්නෙ නෑ වගේ,order eka enne na wage | |
| මන් නිදිමත ආව ගමන් මේසෙට ඔලුව තියාගන්නවා,mn nidimatha awa gaman meseta oluwa thiyagannawa | |
| අපි ඇල්ල වල ලස්සන තැන් බලන්න ගියා.,api ella wala lassana than balanna giya. | |
| දොස්තර කිව්වා බේත් ටික හරියට ගන්න කියලා,dosthara kiwwa beth tika hariyata ganna kiyala | |
| මම හැමදාම දවස පටන් ගන්නේ මේක අහලා.,mama hamadama dawasa patan ganne meka ahala. | |
| මේ නිව්ස් එක බොරු වෙන්න ඉඩක් තියෙනවා.,me news eka boru wenna idak thiyenawa. | |
| එයා නැටුම් ඉගෙන ගන්න කැමති,eya natum igana ganna kamathi | |
| මේ දවල් වෙලා ඒ පැත්තේ ගිහින් එමුද.,me dawal wela a patte gihin emuda. | |
| "ගොඩ කාලෙකින් දැක්කේ, මොනවද අලුත් තොරතුරු?","goda kalekin dakke, monawada aluth thorathuru?" | |
| තම මතකයි නේ ඒවා,thama mathakai ne ewa | |
| වතාවට දැන් හිතෙනවා ඒක තෝරගත්ත එක හොදයි කියලා,dan hithenawa eka thoragatta eka hodai kiyala | |
| දැන් වීඩියෝ එක එඩිට් කරන්න පටන් ගන්න,dan video eka edit karanna patan ganna | |
| මේ අපි එයාව පුදුම කරමුද එයාගේ බ්ත්ඩේ එක දවසට,meh api eyawa puduma karamuda eyage birthday eka dawasata | |
| ටිකක් රිලැක්ස් වෙන්න ඕනේ මචං.,tikak relax wenna one machn. | |
| "බස් එක පිරිලා, හිර වෙලා යන්න වෙන්නේ.","bus eka pirila, hira wela yanna wenne." | |
| ආවුරුදු ගානක් ආපස්සට අරන් ගියා,avurudu ganak apassaṭa aran giya | |
| අද අපි එළියෙන් කෑම ගෙනල්ලා කෑවා,ada api eliyen kaama genalla kaawa | |
| සූම් කෝල් එකේ මියුට් කරන්න අමතක වුනා,zoom call eke mute karanna amathaka wuna | |
| අපේ වයසේ අය විතරයි නේ එන්නේ ?,ape wayase aya witharai ne enne? | |
| ගෙදර ඉදන් වැඩ කරන එක ලේසී වගේ,gedara idan wada karana eka lesi wage | |
| සුෂී කන්න ආසාවක් ආවා යන්ද කන්න,sushi kanna asawak awa yanda kanna | |
| එයා එන්න කලින් වැඩේ ඉවර කරමු.,eya enna kalin wade iwara karamu. | |
| ඉක්මනට ඒක කරලා දෙන්න ඕන නැත්තන් කරගන්න බැරිවෙයි,ikmanata eka karala denna ona nattan karaganna bariwei | |
| ඒක හරි ගියා නේද මන් කිව්වේ,eka hari giya neda mn kiwwe | |
| බන් ස්ටෝරි එක හිතපු තරම් ලස්සන නෑ,bn story eka hithapu tharam lassana na | |
| ඒක නම් හරිම අපරාදයක් නේද?,eka nm harima aparadayak neda? | |
| කට්ටියත් එක්ක රවුමක් ගහන්න යන්ද මේ සෙනසුරාදා,kattiyath ekka rawumak gahanna yanda meh senasurada | |
| මේක අපි දෙන්නා අතරේ විතරක් තියාගමු.,meka api denna athare witharak thiyagamu. | |
| මම දැන් ගොඩක් ආසාවෙන් ඉන්නෙ මේක කරන්න,mama dan godak asawen inne meka karanna | |
| මන් දැන් ඒක දහ සැරයකටත් වඩා බැලුවා,mn dan eka daha sarayakatath wada baluwa | |
| කලින් කිව්වනෙ මන් ඔයාට,kalin kiwwane mn oyata | |
| දේශපාලනය ගැන දැන් ලොකුවට කතා වෙන්නේ නෑ නේද,deshapalanaya gana dan lokuwata katha wenne na neda | |
| කිරිබත් තමයි හොදම.,kiribath thamai hodama. | |
| බලාගෙන පොලීසිය ඉන්නවා ඉස්සරහින්.,balagena policiya innawa issarahin. | |
| මගේ තරහට මොනවා කියවුනාද දන්නේ නෑ.,mage tharahata monawa kiyawunada danne na. | |
| එයා ගොඩක් වෙලාවට ඔන්ලයින් ඉන්නවා.,eya godak welawata online innawa. | |
| ඔයා ළග ඉන්නකොට මට සැනසීමක් දැනෙනවා.,oya laga innakota mata sanaseemak danenawa. | |
| එයා මගේ හිත බිදලා ගියා.,eya mage hitha bidala giya. | |
| මගේ නංගිගේ වෙඩින් එක ළගයි.,mage nangi ge wedding eka lagai. | |
| කොහෙද නවතින්න හොද තැනක් තියෙන්නෙ?,koheda nawathinna hoda thanak thiyenne? | |
| එක සතියයි ගියෙ හැබැයි දැන් හොදටම කරනවා වැඩ,eka sathiyai giye habai dan hodatama karanwa wada | |
| ඒක දැක්කොත් ඔයා බය වෙනවා.,eka dakkoth oya baya wenawa. | |
| දැනට එහෙම ලොකු සම්බන්ධයක් නෑ වගේ,danaṭa ehema loku sambandayak na wage | |
| ඒකෙ අනිත් පැත්ත ගන හිතුවේ නැද්ද?,eke anith paththa gana hithuwe nadda? | |
| මේක නම් බොරුවක් වගේ මට පෙන්නේ.,meka nm boruwak wage matta penne. | |
| මේ පාර එක්සෑම් එක ලේසි උනේ නෑ.,meh para exam eka lesi une na. | |
| ජොබ් එක දැන් ගෙදර ඉදන්මද කරන්නේ?,job eka dan gedara idanmada karanne? | |
| වැඩ ඉවර වෙලා කෝල් එකක් දෙන්නම්.,wada iwara wela call ekak dennam. | |
| අනේ චූටි පැටියා ඇත්තටම හරිම හුරතල් අප්පා,ane chuti patiya aththatama harima hurathal appa | |
| මට රස්සාව හම්බුනා,matta rassawa hambuna | |
| "මම ගියා බෑන්ක් එකට, අම්මෝ පෝලිමේ දිග","mama giya bank ekata, ammoh polime diga" | |
| බයික් එක පොඩ්ඩක් පැත්තකට කරන්න.,bike eka poddak paththakata karanna. | |
| මොකද්ද ඒ ඩ්‍රාමා එකේ නම,mokadda a drama eke nama | |
| මම දැනටමත් ලන්ච් එක කාලා ඉවරයි.,mama danatamath lunch eka kala iwarai. | |
| අපේ ගෙදර අයත් ඔයාව මතක් කරා.,ape gedara ayath oyawa mathak kara. | |
| ඊට කලින් බස් එක මිස් උනා.,eeta kalin bus eka miss una. | |
| බෙහෙත් ටික වෙලාවට බොන්න ඕනේ.,beheth tika welawata bonna one. | |
| එයා ගානේ අද පාටියක්ලු.,eya gaane ada partyaklu | |
| මම ඒ ෆිල්ම් එකට ගොඩක් ආස උනා.,mama a film ekata godak asa una. |