text
stringlengths
0
6.69k
</comment>
<comment>
<author>ශාන්ත</author>
<date>2016-08-06 15:29:59</date>
<index>21</index>
<phrase>පොඩි අතපසුවීම් මේ තරමට ගණන් ගන්නා රටට ජාතියට මේ තරම් ආදරය කරන මිනිස්සු ඉන්නවා කියන එකත් පුදුමයක්. පටන්ගන්න වෙලාවේම අඩුපාඩු දකින එක අපේ මිනිසුන්ගේ හැටියක්. එතනට ගියේ සාමාන්‍ය මිනිස්සු මිස රොබෝ යන්ත්‍ර නොවේ. වැරදීම කාටත් පොදුයි. තෙරුවන් සරණින් එක පදක්කමක්වත් අරන් එන්න දරුවනේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>මංගල</author>
<date>2016-08-06 18:09:42</date>
<index>22</index>
<phrase>දැන් ඉතින් ලංකාව මුළු ලෝකයේම නමක් රන්ඳයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ජයතු- සෞදි අරාබිය</author>
<date>2016-08-06 19:49:03</date>
<index>23</index>
<phrase>ශ්‍රී ලංකා කණ්ඩායමට ජය වේවා! අපේ ජාතික කොඩිය කණපිට හරවා ප්‍රදර්ශනය කිරීම ගැන මට දුකයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුපුන්</author>
<date>2016-08-06 20:11:45</date>
<index>24</index>
<phrase>කවුද කියලා තියනවා අපේ රට ගැන හරි ආඩම්බරයි කියලා. ඒ මොකද? මෙතන ක්‍රීඩකයන්ට වැඩිය නිලධාරියොයි එයාලගේ පවුලේ අයයි ගිහින්ද දන්නෙ නැහැ. අන්තිමට එක පදක්කමක්වත් අරන් අාවොත් ලොකු දෙයක්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චින්තක</author>
<date>2016-08-07 04:57:07</date>
<index>25</index>
<phrase>අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දස්කම් දක්වන්න ශක්තිය ලැබේවා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>මහාදේව</author>
<date>2016-08-07 04:59:47</date>
<index>26</index>
<phrase>ජයෙන් ජයවේවා!!! ක්‍රිකට් ජයමෙන්.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>බුද්ධික</author>
<date>2016-08-07 13:03:09</date>
<index>27</index>
<phrase>අපේ අයට ජය වේවා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>බුද්ධික</author>
<date>2016-08-07 13:05:28</date>
<index>28</index>
<phrase>ශාන්ත එකපාරට වැරැද්ද හඳුනා ගැනීම ගැන මමනම් සතුටු වෙනවා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>බටගල</author>
<date>2016-08-07 23:00:21</date>
<index>29</index>
<phrase>අපේ කණ්ඩායමට අපෙන් සුබ පැතුම්!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ගුණවර්ධන</author>
<date>2016-08-09 09:54:17</date>
<index>30</index>
<phrase>කොඩිය අපි කොහොම හරි හරවා ගමු ,වැඩ පෙන්වන්න කණ්ඩායම එකතුවෙලා අපේ කොල්ලන්ට, කෙල්ලන්ට ජයවේවා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>නිලන්ත</author>
<date>2016-08-10 08:52:36</date>
<index>31</index>
<phrase>ජාතික කොඩිය අල්ලාගෙන ඉන්නේ විදියේ එහෙම වැරද්දක් නෑ. කොඩිය දෙපැත්තම මුද්‍රණය කරලා තියෙනවා. එහෙනම් එක පැත්තක් හරියන කොට අනිත් පැත්ත හැම වෙලාවේම වැරදි වෙන්න ඕන. බොරුවට වැරදි දකින්නම පුරුදු වෙන්න එපා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>44501</articleId>
<title>සර්කස් කණ්ඩායමේ සිංහයා වළහාට කතා කරලා</title>
<author>ලංකාදීප කර්තෘ මණ්ඩලය</author>
<date>2012 මැයි මස 24 09:57:03</date>
<body>එදා රටේ නගරබද තැනින් තැන සර්කස් දර්ශන ප‍්‍රදර්ශනය කිරීම විලාසිතාවක් බවට පත්ව තිබුණි. මේ නගරයට ද සර්කස් කණ්ඩායමක් පැමිණ නගරයේ ඉඩකඩ ඇති පිට්ටනියක මඩු කූඩාරම්  ගසා ප‍්‍රදේශය පුරා මේ බැව් ප‍්‍රචාරය කෙරිණි.
අඩි අසූවක් උඩ සිට ගිනි තබාගෙන ළිඳට පැනීම, මාරක ළිඳේ සයිකල් ධාවනය, කැරකෙන ඔන්චිල්ලා පැදීම, කම්බිය මත සයිකල් පැදීම, කම්බියේ යෑම, සිංහයා හා වළසා සමග පොරබැදීම හා විකට ජවනිකා ආදී දහසකුත් එකක් විචිත‍්‍රාංග මෙම සර්කස් කණ්ඩායම සතු විය.
දහවල් තිස්සේ වෙහෙස මහන්සියෙන් තම රැකියාවන් කරන කොයි කවුරුනුත් තම අඹුදරුවන් ද සමග රාතී‍්‍ර කාලයේ මෙම සර්කස් දර්ශන නැරඹීම සඳහා සුළු මුදලක් වැය කිරීමට අදි මදි නොකරන ලද්දේ හුඟ කලෙකින් මෙවැනි විනෝදයක් නොලැබුණ බැවිනි. මේ අතරතුර එක් දිනක සර්කස් කණ්ඩායමට එදිනම අලූතෙන් එක්වූ ගැටවරයකුට වළස්ලෝගුව ඇඟලාගෙන වළහා ලෙස රංගනයේ යෙදීමට සර...
දිනපතා වළහා ලෙස රංගනයේ යෙදෙන මාටින් අයියා එදින රාති‍්‍රයේ හිටිහැටියේ අසනීප වූ නිසා එම රංගනයට වෙන අයකු සිටියේ නැත. එහෙත් බොරු සිංහයින් හා වළසුන් ගැන මෙලෝහසරක් නොදන්නා ගැටවරයාට දෙළෝ රත් වූයේ කූඩුවේ සිටින්නේ ඇත්තම සිංහයෙක් යයි සිතුන නිසාය.
එහෙත් දැන් කුමක් කළ යුතුද? තම ස්වාමියාගේ අණ පිළිපැදීම හැර වෙනත් විකල්පයක් නැත. මේ වෙන විට නරඹන්නෝ ”සිංහ වළස් පොරය” නැරඹීමට කෑකෝ ගසමින් විසිල් ගසමින් පී‍්‍රති ප‍්‍රමෝදයෙන් බලා සිටිති.
මේ නිසා දෙවියන් බුදුන් සිහි කරගත් ගැටවරයා වළස් ලෝගුවට බැස හෙමින් සීරුවේ ඉමහත් බියකින් හා චකිතයකින් සිංහයා සිටි ඉසව්ව කරා පියමැන්නේ ”වෙන දෙයක් වුණාදෙන්” යයි තම ජීවිත ආශාව ද තුරන් කරගෙනය. ගෙරවිලි හඬ සමග ආ සිහින් කෙඳිරිලි හඬකින් සිංහයා පැවසුවේ
”ඈ බං මාටියෝ උඹට මේ හැටි ඉක්මනට සනීප වුණා”දැයි කියමිනි. ගැටවරයාගේ සිත තුළ මෙතෙක් පැවැතියා වූ මරණ බිය පහව ගියේ සිංහ ලෝගුව තුළත් ඉන්නේ තමන්ගේම සගයකු බව හැඟුණු බැවිනි.</body>
<comments>
<comment>
<author>බාතිය</author>
<date>2012-05-24 10:02:23</date>
<index>0</index>
<phrase>ඇයි දැන් දාන්න දේවල් නැතුවද බොරු කතා දාන්නෙ</phrase>
<sentiment>NEGATIVE</sentiment>