textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
වැට් බද්දේ අගය සියයට පහළොවක් වීම කඩවල් කරගන්න බැරිව වහල විරෝධය දක්වන තරමට අමාරු නම් ඒ අමාරුකම මහින්දගේ ආණ්ඩු කාලේ දීත් තිබිය යුතුව තිබිණි.
වැට් බද්දේ අගය 15%ක් වීම කඩවල් කරගන්න බැරිව වහල විරෝධය දක්වන තරමට අමාරු නම් ඒ අමාරුකම මහින්දගේ ආණ්ඩු කාලේ දීත් තිබිය යුතුව තිබිණි.
මහරගම හන්දියට එනකොට ගාන රුපියල් එකසිය දහයයි.
මහරගම හන්දියට එනකොට ගාන රු 110යි.
ඉසුරු උදාන - නොදැවී දහනවය
ඉසුරු උදාන - නොදැවී 19
කොළඹ වහල් දූපත ( එක දෙක)
කොළඹ වහල් දූපත ( 1 2)
තාත්තෙක් වුණාට එයාගෙ වයස විස්ස යි.
තාත්තෙක් වුණාට එයාගෙ වයස 20 යි.
දෙසැ එකයි මිනිත්තු හතළිස් අටයි, කළුතර, ත්‍රී රෝද රථ රු පන් ලක්ශ හතළිස් පන්දහස අපගේ
දෙසැම්බර් 1:48, කළුතර, ත්‍රී රෝද රථ රු 545,000අපගේ
මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් දෙදහස් තිස් තුන දෙනා අතරින් එක්දහස් හයසිය තිස් නවය දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් 2033 දෙනා අතරින් 1639 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමට දුන් පොරොන්දුවට පිටුපාමින් දහනව වන සංශෝධනයේදී විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීමට යෝජනා කළා. දහහත වන සංශෝධනයෙන් ගෙනාව කොමිසම් ගෙනවිත් තියෙන නිසාවත්, අවුරුද්දක් අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ බලය අවුරුදු හතරාමාරකට දිගු කරගත් නිසාවත් දහනව වෙනි සංශෝධනයට එකඟ වෙන්න බැහැ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකිරීමට දුන් පොරොන්දුවට පිටුපාමින් 19 වන සංශෝධනයේදී විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීමට යෝජනා කළා. 17 වන සංශෝධනයෙන් ගෙනාව කොමිසම් ගෙනවිත් තියෙන නිසාවත්, අවුරුද්දක් අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ බලය අවුරුදු හතරාමාරකට දිගු කරගත් නිසාවත් 19 වෙනි සංශෝධනයට එකඟ වෙන්න බැහැ.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු එකසිය අනූ එකක් ලබාගත්තාය.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 191ක් ලබාගත්තාය.
මම දෙදහස් දහය උසස් පෙළ කරපු ශිෂ්‍යයෙක්...මම ගණිත විෂය උසස් පෙළ සඳහා තෝරගත්තේ මට ඒ පැත්තෙන් යමක් කරන්න පුලුවන් කියලා හිතුන නිසා...නමුත් නීරස පාඩම් තිබ්බ වෙලාවට මම කලේ පුස්තකාලයට ගිහින් මානසික විද්‍යාව සහ මොළය ගැන ලියවුනු පොත් කියවීම...විස්මිත මොළය පොත කියවන්න ...ගොඩාක් දේවල් වැටහෙයි...දකුණත් කරුවා සහ වමත් කරුවා ගැන නියම...
මම 2010 උසස් පෙළ කරපු ශිෂ්‍යයෙක්...මම ගණිත විෂය උසස් පෙළ සඳහා තෝරගත්තේ මට ඒ පැත්තෙන් යමක් කරන්න පුලුවන් කියලා හිතුන නිසා...නමුත් නීරස පාඩම් තිබ්බ වෙලාවට මම කලේ පුස්තකාලයට ගිහින් මානසික විද්‍යාව සහ මොළය ගැන ලියවුනු පොත් කියවීම...විස්මිත මොළය පොත කියවන්න ...ගොඩාක් දේවල් වැටහෙයි...දකුණත් කරුවා සහ වමත් කරුවා ගැන නියමෙටම පහ...
(දහතුන) සැබැවින්ම මැවීම් හා දඬුවම පූර්වාදර්ශයකින් තොරව උත්පාදනය කළේ ඔහුය.
(13) සැබැවින්ම මැවීම් හා දඬුවම පූර්වාදර්ශයකින් තොරව උත්පාදනය කළේ ඔහුය.
රජය විසින් ප්‍රකාශිත දින සියය වැඩපිළිවෙළක්‌ සහ එහි නිශ්චිත දිනයක්‌ද ප්‍රකාශ කර ඇති පසුබිමක මෙසේ ඊට පිටින් රජයේ විවිධ ඇමැතිවරු ක්‍රියාකරන බවක්‌ද පෙනෙන්නට ඇත.
රජය විසින් ප්‍රකාශිත දින 100 වැඩපිළිවෙළක්‌ සහ එහි නිශ්චිත දිනයක්‌ද ප්‍රකාශ කර ඇති පසුබිමක මෙසේ ඊට පිටින් රජයේ විවිධ ඇමැතිවරු ක්‍රියාකරන බවක්‌ද පෙනෙන්නට ඇත.
ගුවන් සේවය පාඩු පිට පවත්වාගෙන යන මොහොතක මසකට රුපියල් ලක්ෂ තිහකට වඩා වැටුප් ගන්නා නිලධාරීන් සිව්දෙනෙක් පසුගිය වසර තුන පුරාම ගුවන් සේවය ගසා කමින් නොව උරා බොමින් සිටින්නේ කාගේ අවසරයකින්ද යන්න ගැටලුවකි.
ගුවන් සේවය පාඩු පිට පවත්වාගෙන යන මොහොතක මසකට රුපියල් ලක්ෂ 30කට වඩා වැටුප් ගන්නා නිලධාරීන් සිව්දෙනෙක් පසුගිය වසර 3 පුරාම ගුවන් සේවය ගසා කමින් නොව උරා බොමින් සිටින්නේ කාගේ අවසරයකින්ද යන්න ගැටලුවකි.
දුන් උපදෙස් වලට අනුව අවශ්‍ය ශාන්ති කර්ම සිදු නොකළ නිසා එම ජන්මියාට විශ්ව විද්‍යාලයට ඇතුල් වීමට ලකුණු දෙකක් අඩු වීමෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි විය .
දුන් උපදෙස් වලට අනුව අවශ්‍ය ශාන්ති කර්ම සිදු නොකළ නිසා එම ජන්මියාට විශ්ව විද්‍යාලයට ඇතුල් වීමට ලකුණු 02ක් අඩු වීමෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය අහිමි විය .
ප්‍රධාන පෙලේ හමාස් යුධ නායකයන් තිදෙනෙකු ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදාව හා බුද්ධි අංශ විසින් ඝාතනය කෙරේ.දකුනු ගාසා දේශ සීමාවේ ත්‍රස්තවාදි ක්‍රියා වලට මෙන්ම, ගිලාඩ් ශලීට් රනවිරුවා පැහැර ගෙන යාමට මුල්වූ රීඩ් අල්- අටා හා මොහමඩ් අබු ශමාලා මෙසේ ඉලක්ක ඝාතනවලට ලක්වූ දෙදෙනෙකි.
ප්‍රධාන පෙලේ හමාස් යුධ නායකයන් 03කු ඊශ්‍රායෙල් ආරක්ෂක හමුදාව හා බුද්ධි අංශ විසින් ඝාතනය කෙරේ.දකුනු ගාසා දේශ සීමාවේ ත්‍රස්තවාදි ක්‍රියා වලට මෙන්ම, ගිලාඩ් ශලීට් රනවිරුවා පැහැර ගෙන යාමට මුල්වූ රීඩ් අල්- අටා හා මොහමඩ් අබු ශමාලා මෙසේ ඉලක්ක ඝාතනවලට ලක්වූ 2 නෙකි.
ශුභ මැණික්:- පච්ච වර්ණ ශුභ අංකය:- තුන, පහ, නවය
ශුභ මැණික්:- පච්ච වර්ණ ශුභ අංකය:- 3, 5, 9
එසේ නොවුණහොත් තමන් වෙඩි තබාගෙන මිය යන බව පවසමින් උණ්ඩ තිහ ක් සහිත ටී පනස් හය ගිනි අවිය ද සමඟ ඔහු තෙබුවන හන්දියට පැමිණියේය.
එසේ නොවුණහොත් තමන් වෙඩි තබාගෙන මිය යන බව පවසමින් උණ්ඩ 30 ක් සහිත ටී 56 ගිනි අවිය ද සමඟ ඔහු තෙබුවන හන්දියට පැමිණියේය.
ඇතැම් අවස්ථාවල පාසල් යන්න පුළුවන් කමක් නැහැ අසූ නවය භීෂණයත් එක්ක තමයි මගේ ඒ අවධිය ගෙවෙන්නේ.
ඇතැම් අවස්ථාවල පාසල් යන්න පුළුවන් කමක් නැහැ 89 භීෂණයත් එක්ක තමයි මගේ ඒ අවධිය ගෙවෙන්නේ.
ලෝන් සේවාව වෙනස් කර කෝටි ගණන් ගසාකන මොබිටෙල් - ජනයුගය අවුරුදු දොළහ ක පමණ කාලයක් තිස්සේ #දෙසිය හතළිස් හත# අමතා රුපියල් තිහ ක ලෝන් එකක් ගැනීමට පුරුදු වී සිටි මොබිටෙල් පාරිභෝගිකයන් හට කිසිදු දැනුම් දීමක් නොකර සිය සම්පූර්ණ ලෝන් සේවාවම වෙනස් කරන්නට මොබිටෙල් ආයතනය කටයුතු කර ඇත.
ලෝන් සේවාව වෙනස් කර කෝටි ගණන් ගසාකන මොබිටෙල් - ජනයුගය අවුරුදු 12 ක පමණ කාලයක් තිස්සේ #247# අමතා රුපියල් 30 ක loan එකක් ගැනීමට පුරුදු වී සිටි mobitel පාරිභෝගිකයන් හට කිසිදු දැනුම් දීමක් නොකර සිය සම්පූර්ණ loan සේවාවම වෙනස් කරන්නට මොබිටෙල් ආයතනය කටයුතු කර ඇත.
ජපානයේ දුම්රියක් තත්පර විස්සකට පෙර ධාවනය වීම ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි
ජපානයේ දුම්රියක් තත්පර 20කට පෙර ධාවනය වීම ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි
තමන්ට රාජ්‍ය අමාත්‍යධුරය ලැබී පැය විසි හතරක් ගතවෙන්නටත් පෙර එය අවභාවිත කිරීමට උත්සහ දැරීම අනුමත කල හැක්කක් නොවේ.
තමන්ට රාජ්‍ය අමාත්‍යධුරය ලැබී පැය 24ක් ගතවෙන්නටත් පෙර එය අවභාවිත කිරීමට උත්සහ දැරීම අනුමත කල හැක්කක් නොවේ.
ඉස්ලාම් දහම තුල සෑම මුස්ලිම්වරයෙකුම විශ්වාස කලයුතු කරුණූ හයක් ඇත.
ඉස්ලාම් දහම තුල සෑම මුස්ලිම්වරයෙකුම විශ්වාස කලයුතු කරුණූ 06ක් ඇත.
අකුණු පහරකින් පිනි මුවන් තුන්සියට වඩා මිය ගිය පුවතක් නෝර්වේ රාජ්‍යයෙන් වාර්තා වනවා.
අකුණු පහරකින් පිනි මුවන් 300ට වඩා මිය ගිය පුවතක් නෝර්වේ රාජ්‍යයෙන් වාර්තා වනවා.
තම ආණ්ඩුව වැඩ වරද්ද ගත්තේ දින සියය ඉස්සරහට දාගෙන ක්‍රියා කල නිසා බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
තම ආණ්ඩුව වැඩ වරද්ද ගත්තේ දින 100 ඉස්සරහට දාගෙන ක්‍රියා කල නිසා බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
කරුණානිධි ප්‍රකාශ කර තිබුණේ මොවුන්ගේ මරණ දඬුවම ඉවත් කර ඇති නිසා මේ අයව නිදහස්‌ කරන ලෙසයි. එක්දහස් නවසිය අසූ හතර සිට එක්දහස් නවසිය අනූ එක දක්‌වා ඉන්දියාවේ අගමැති ලෙස කටයුතු කළ රජීව් ගාන්ධි චෙන්නායි හි ශ්‍රී පෙරුම්බුදුර්හි දී කොටි මරාගෙන මැරෙන බෝම්බකාරියකට ගොදුරු වූයේ එක්දහස් නවසිය අනූ එක මැයි විසි එක් වැනිදා ය.
කරුණානිධි ප්‍රකාශ කර තිබුණේ මොවුන්ගේ මරණ දඬුවම ඉවත් කර ඇති නිසා මේ අයව නිදහස්‌ කරන ලෙසයි. 1984 සිට 1991 දක්‌වා ඉන්දියාවේ අගමැති ලෙස කටයුතු කළ රජීව් ගාන්ධි චෙන්නායි හි ශ්‍රී පෙරුම්බුදුර්හි දී කොටි මරාගෙන මැරෙන බෝම්බකාරියකට ගොදුරු වූයේ 1991 මැයි 21 වැනිදා ය.
එතැන සිට කතරගමට තිස් තුන කි.
එතැන සිට කතරගමට 33 කි.
ටොෂීබා සමාගම එහි කාර්තුවක ක්‍රියාකාරී ලාභයෙන් සියයට හැත්තෑ දෙකක පහත වැටීමකට මුහුනපෑ අතර තම වාර්ෂික ලාභ අනාවැකිය තුනෙන් එකකින් කපා හලේය.
ටොෂීබා සමාගම එහි කාර්තුවක ක්‍රියාකාරී ලාභයෙන් 72% පහත වැටීමකට මුහුනපෑ අතර තම වාර්ෂික ලාභ අනාවැකිය තුනෙන් එකකින් කපා හලේය.
අද රෑ ඔහු කමතේ දී බාර්ලි ගොයම් පොළන්නේ ය. තුන ඒ නිසා දැන් ඇඟපත සෝදාගෙන, සුවඳ විලවුන් ටිකක් ගල්වාගෙන, හොඳ ම ඇඳුම්වලින් සැරසී ඔහු සිටින කමතට යන්න.
අද රෑ ඔහු කමතේ දී බාර්ලි ගොයම් පොළන්නේ ය. 3 ඒ නිසා දැන් ඇඟපත සෝදාගෙන, සුවඳ විලවුන් ටිකක් ගල්වාගෙන, හොඳ ම ඇඳුම්වලින් සැරසී ඔහු සිටින කමතට යන්න.
දෙදහස් දහහත සුමති සම්මාන උළෙ‍ලේ වඩාත්ම කැපී පෙනුණ සම්මාන ලාභියා වූයේ සුමිත් රත්නායකයි කීවොත් වැරදි නැහැ.
2017 සුමති සම්මාන උළෙ‍ලේ වඩාත්ම කැපී පෙනුණ සම්මාන ලාභියා වූයේ සුමිත් රත්නායකයි කීවොත් වැරදි නැහැ.
ජුනි විසි හතර වන දින, ජල තටාක පරීක්ෂණය සංධිස්ථානයකට ළඟා විය.
ජුනි 24 වන දින, ජල තටාක පරීක්ෂණය සංධිස්ථානයකට ළඟා විය.
අප්‍රේල් දහතුන, දෙදහස් දහය හයයි මිනිත්තු පනස් එකයි
අප්‍රේල් 13, 2010 6:51
පළමු මහල වැනි කොටසේ සිට පහළට ගොස් නැවත් පැමිණීමට මොවුන් දෙදෙනාට පැය තිහක් පමණ ගතවී තිබෙන අතර එම කාලයටම මොවුන් සතුව තිබී ඇත්තේ වතුර ලීටර තුනක් පමණක් බවත් කියනවා.
පළමු මහල වැනි කොටසේ සිට පහළට ගොස් නැවත් පැමිණීමට මොවුන් දෙදෙනාට පැය 30ක් පමණ ගතවී තිබෙන අතර එම කාලයටම මොවුන් සතුව තිබී ඇත්තේ වතුර ලීටර 3ක් පමණක් බවත් කියනවා.
දෙදහස් දහහත වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජකයාට...
2017 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජකයාට...
එරට ආපදා පාලන මධ්‍යස්ථානය නිවේදනය කළේ තුවාලකරුවන් පන්සිය හතළිහක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
එරට ආපදා පාලන මධ්‍යස්ථානය නිවේදනය කළේ තුවාලකරුවන් 540ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
හැබැයි ඉතිං කියලා තියෙන ටික නම් සියයට අනූ පහක් විතරම සහතික ඇත්ත.
හැබැයි ඉතිං කියලා තියෙන ටික නම් 95%ක් විතරම සහතික ඇත්ත.
අද ඉන්ජිනේරුවරයාටත්, දේශපාලනඥයාටත්, අනෙකුත් විද්වතුන්ටත් මුහුණදීමට තිබෙන අභියෝග ශ්‍රී ලංකාව වගේම මේ කලාපයේ රටවල් තුළ එක හා සමාන මුහුණුවරක් ගන්නවා. දෙදහස් දහසය පැරිස්වල තිබූ එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස පිළිබඳ විශේෂ සමුළුවට මා සහභාගි වුණා.
අද ඉන්ජිනේරුවරයාටත්, දේශපාලනඥයාටත්, අනෙකුත් විද්වතුන්ටත් මුහුණදීමට තිබෙන අභියෝග ශ්‍රී ලංකාව වගේම මේ කලාපයේ රටවල් තුළ එක හා සමාන මුහුණුවරක් ගන්නවා. 2016 පැරිස්වල තිබූ එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස පිළිබඳ විශේෂ සමුළුවට මා සහභාගි වුණා.
එහෙත් කිව යුතු වැදගත් ම දේ නම් මෙහි ජනගහනයෙන් සියයට හැට පහක්‌ නැතහොත් තුනෙන් දෙකක්‌ම නියෝජනය කරන්නේ විදේශිකයන් වීමයි.
එහෙත් කිව යුතු වැදගත් ම දේ නම් මෙහි ජනගහනයෙන් 65%ක්‌ නැතහොත් තුනෙන් දෙකක්‌ම නියෝජනය කරන්නේ විදේශිකයන් වීමයි.
නමුත් ලංකාවෙ තව කොටස් වෙළඳ පළක් නැති නිසා රජයේ මුදල් ඇමතිවරයා හතර දෙනෙක් පත් කරනව කොටස් වෙළඳපළ අධ්‍යක්ෂක මණ්ඩලයට.
නමුත් ලංකාවෙ තව කොටස් වෙළඳ පළක් නැති නිසා රජයේ මුදල් ඇමතිවරයා 04 දෙනෙක් පත් කරනව කොටස් වෙළඳපළ අධ්‍යක්ෂක මණ්ඩලයට.
මේ දේවල් හැම දෙයක්ම ඔයාලට බලාගන්න පුළුවන් සිංහල අලුත් අවුරුදු දවසේ උදේ අට සිට දොළහ දක්වා “දෙරණ කලා ගමේ අවුරුදු” උත්සවය බැලුවෝතින්.
මේ දේවල් හැම දෙයක්ම ඔයාලට බලාගන්න පුළුවන් සිංහල අලුත් අවුරුදු දවසේ උදේ 8.00 සිට 12.00 දක්වා “දෙරණ කලා ගමේ අවුරුදු” උත්සවය බැලුවෝතින්.
ඔහු භාරගන්නා ලද්දේ යුද්ධාවසානයේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ අණ යටතේ පැවති ශ්‍රී ලංකා යුද හමුදාවේ පනස් අටවැනි සේනාංකයට බව ආනන්දි ශෂිධරන් දෙදහස් දා හතරේ පෙබරවාරියේ ගොනු කළ හබයාස්කෝපුස් පෙත්සම මගින් අධිකරණයට පවසා තිබුනි.
ඔහු භාරගන්නා ලද්දේ යුද්ධාවසානයේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ අණ යටතේ පැවති ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි සේනාංකයට බව ආනන්දි ශෂිධරන් 2014 පෙබරවාරියේ ගොනු කළ හබයාස්කෝපුස් පෙත්සම මගින් අධිකරණයට පවසා තිබුනි.
ඇ.එ.ජ මෙය නීතිගතකර නොමැති වුවද සියදිවි නසාගැනීමට උත්සාහ කරන අයට දඩුවම් පැමිණවේ. [එකසිය එකොළහ]වෛද්‍ය නිර්දේශවලට අනුව සියදිවි නසාගැනීම ඔරිජින් .[එකසිය විසි දෙක]
ඇ.එ.ජ මෙය නීතිගතකර නොමැති වුවද සියදිවි නසාගැනීමට උත්සාහ කරන අයට දඩුවම් පැමිණවේ. [111]වෛද්‍ය නිර්දේශවලට අනුව සියදිවි නසාගැනීම ඔරිජින් .[122]
බටහිර බලවතුන් පමණක් නොව ඉන්දියාව පවා දෙදහස් පහ ජුනි මස විසි හතර වන දින අත්සන් කරන ලද සුනාමි සහන මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටියේය.
බටහිර බලවතුන් පමණක් නොව ඉන්දියාව පවා 2005 ජුනි මස 24 වන දින අත්සන් කරන ලද සුනාමි සහන මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටියේය.
අප සංවිධානයට වාර්තා වී ඇති තොරතුරු අනුව අප ප්‍රදේශයේ නිවාස, පන්සල්, පාසල්, පල්ලි, ව්‍යාපාරික ස්ථාන ඉරිතලා, පුපුරා, විනාශවී ඇති ප්‍රමාණය හත් දහස් තිස් හත කි.
අප සංවිධානයට වාර්තා වී ඇති තොරතුරු අනුව අප ප්‍රදේශයේ නිවාස, පන්සල්, පාසල්, පල්ලි, ව්‍යාපාරික ස්ථාන ඉරිතලා, පුපුරා, විනාශවී ඇති ප්‍රමාණය 7037 කි.
ඇටවල්ලා, කෙලවල්ලා, යනාදී මාළුවල මිල ඉහළ ගොස්‌ ඇති ඇති අතර මාළු ග්‍රෑම් පන්සිය ක මිල රුපියල් පන්සිය ක්‌ හයසිය ත් අතර දක්‌වා ඉහළ නැග ඇතැයිද පාරිභෝගිකයෝ පවසති.
ඇටවල්ලා, කෙලවල්ලා, යනාදී මාළුවල මිල ඉහළ ගොස්‌ ඇති ඇති අතර මාළු 500 g ක මිල රුපියල් 500 ක්‌ 600 ත් අතර දක්‌වා ඉහළ නැග ඇතැයිද පාරිභෝගිකයෝ පවසති.
කුජීතයි නේද මහත්තයෝ ( එක දෙක)
කුජීතයි නේද මහත්තයෝ ( 1 2)
ඒ යටතේ කාන්තා පාවහන් නිෂ්පාදනය පිළිබඳ දින පහක තාක්ෂණික පුහුණු පාඨමාලාවක් දෙදහස් දහහතර අගෝස්තු මාසයේදී පැවැත්වීමට කටයුතු සලසා ඇත.
ඒ යටතේ කාන්තා පාවහන් නිෂ්පාදනය පිළිබඳ දින 5ක තාක්ෂණික පුහුණු පාඨමාලාවක් 2014 අගෝස්තු මාසයේදී පැවැත්වීමට කටයුතු සලසා ඇත.
එසේත් නැතිනම් ජනවාරි අටදායින් පසු තත්ත්වය ‘වෙනස්‘ උනත් දැන් ‘ආපසු‘ හැරෙන බවට සංඥාවක්ද යැයි අතුරුදහන් කළ වූවන් සොයා යන ඒ අම්මාවරුන්ට, පියවරුන්ට සහ සහෝදර සහෝදරියන්ට සිතෙනු ඇති.
එසේත් නැතිනම් ජනවාරි 8දායින් පසු තත්ත්වය ‘වෙනස්‘ උනත් දැන් ‘ආපසු‘ හැරෙන බවට සංඥාවක්ද යැයි අතුරුදහන් කළ වූවන් සොයා යන ඒ අම්මාවරුන්ට, පියවරුන්ට සහ සහෝදර සහෝදරියන්ට සිතෙනු ඇති.
මේ අතර සිදුවූ වැදගත්ම සිද්ධියක් වූයේ ලෙනින් සමග විප්ලවයේදී උරෙනුර ගැටී ක්‍රියාකළ ප්‍රථම රතු හමුදාවේ අණ දෙන්දනා වූ ලියොන් ට්‍රොට්ස්කි නමැති රුසියානු -යුදෙව් විප්ලවවාදියා වසර එක්දහස් නවසිය හතළිහ දී සෝවියට් පාලක ජෝර්ජියානු ජාතික ස්ටාලින් ගේ අණින් මරා දමනු ලැබිය.
මේ අතර සිදුවූ වැදගත්ම සිද්ධියක් වූයේ ලෙනින් සමග විප්ලවයේදී උරෙනුර ගැටී ක්‍රියාකළ ප්‍රථම රතු හමුදාවේ අණ දෙන්දනා වූ ලියොන් ට්‍රොට්ස්කි නමැති රුසියානු -යුදෙව් විප්ලවවාදියා වසර 1940 දී සෝවියට් පාලක ජෝර්ජියානු ජාතික ස්ටාලින් ගේ අණින් මරා දමනු ලැබිය.
දෙදහස් පහළොවන් පසු ලබා ගෙන ඇති සමස්ත ණයවලින් සියයට හතළිස් අට පමණ ම භාවිත කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය තුළ ලබා ගත් ණය ආපසු ගෙවීම සඳහා ය. දෙදහස් පහළොව දී මෙවැනි ණය බරකට මෙම රජයට කර ගසන්නට සිදු වුව ද සංවර්ධන කටයුතු එදාටත් වඩා වේගයෙන් හා ජනතාවට ප්‍රතිලාභ අත්වන අයුරින් සිදු කිරීමට පියවර ගෙන ඇත.
2015න් පසු ලබා ගෙන ඇති සමස්ත ණයවලින් 48% පමණ ම භාවිත කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය තුළ ලබා ගත් ණය ආපසු ගෙවීම සඳහා ය. 2015 දී මෙවැනි ණය බරකට මෙම රජයට කර ගසන්නට සිදු වුව ද සංවර්ධන කටයුතු එදාටත් වඩා වේගයෙන් හා ජනතාවට ප්‍රතිලාභ අත්වන අයුරින් සිදු කිරීමට පියවර ගෙන ඇත.
එහි ගමන් කළ හැකි වූ මඟීන් ගණන එකසිය විසි අට කි. එක්දහස් නවසිය හැත්තෑ හය දී මෙවැනි යානා හැට දෙක ක්‌ සාදන ලද අතර, ඒවා මඟීන් ගෙනයාම සඳහා යොදවන ලදී.
එහි ගමන් කළ හැකි වූ මඟීන් ගණන 128 කි. 1976 දී මෙවැනි යානා 62 ක්‌ සාදන ලද අතර, ඒවා මඟීන් ගෙනයාම සඳහා යොදවන ලදී.
මෙලෙස මියගොස් ඇත්තේ මූදුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි විසි හත් හැවිරිදි තරුණයෙකි.
මෙලෙස මියගොස් ඇත්තේ මූදුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.
වල්ගම්පොලගේ රවීන්ද්‍ර පද්මසිරි පෙරේරා නඩුවේ දහනවවැනි විත්තිකරුය.
වල්ගම්පොලගේ රවීන්ද්‍ර පද්මසිරි පෙරේරා නඩුවේ 19 වැනි විත්තිකරුය.
දින සියයක් එහෙ ඉන්න බලාපොරොත්තුවක් නෑ, මං ඉක්මනින් එනවා.
දින 100ක් එහෙ ඉන්න බලාපොරොත්තුවක් නෑ, මං ඉක්මනින් එනවා.
බස්නාහිර පළාත මූලික කරගෙන අවු. දහඅටත් පහත් අතර ළමා ගීත රියැලිටි වැඩසටහනක් තමයි මා සංවිධානය කළේ.
බස්නාහිර පළාත මූලික කරගෙන අවු. 18ත් 05ත් අතර ළමා ගීත රියැලිටි වැඩසටහනක් තමයි මා සංවිධානය කළේ.
යන්තම් පිබිදෙන ඔහු එක දිගට විනාඩි පහක් පමණ නාදකර නැවතත් කඩින් කඩ නාදකරයි.
යන්තම් පිබිදෙන ඔහු එක දිගට විනාඩි 5ක් පමණ නාදකර නැවතත් කඩින් කඩ නාදකරයි.
දැන් පෙබරවාරි දහනවවැනිදා මාසයකුත් දවස් දහනවයක් කල් ඉකුත් වූ ආණ්ඩුවක් බවට ආණ්ඩුව පත්වෙලා.
දැන් පෙබරවාරි 19 වැනිදා මාසයකුත් දවස් 19ක් කල් ඉකුත් වූ ආණ්ඩුවක් බවට ආණ්ඩුව පත්වෙලා.
දින දහය යේ වාර්ෂික නිවාඩුව ලබාගෙන මුද්දර කෞතුකාගාරය පැත්තේත් යායුතුයැයි සිතාගෙන සිටියෙමි.
දින 10 යේ වාර්ෂික නිවාඩුව ලබාගෙන මුද්දර කෞතුකාගාරය පැත්තේත් යායුතුයැයි සිතාගෙන සිටියෙමි.
පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් “පලාත් සභා මැතිවරණයේදි කාන්තා නියෝජනය සියයට තිහ තිබිය යුතුය” යයි ගැසට් කල කෙටුම්පතට සම්පූර්ණයෙන් ඉවත් කොට අලුත් මැතිවරණ ක්‍රමයක් ආදේශකරන කෙටුම්පතක් හරහා පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අන...
පසුගිය දා පාර්ලිමේන්තුවේ දි සම්මත් කරගත් “පලාත් සභා මැතිවරණයේදි කාන්තා නියෝජනය 30% තිබිය යුතුය” යයි ගැසට් කල කෙටුම්පතට සම්පූර්ණයෙන් ඉවත් කොට අලුත් මැතිවරණ ක්‍රමයක් ආදේශකරන කෙටුම්පතක් හරහා පලාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනිම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව උල්...
පසුගිය දෙදහස් නවයදී අවසන් වරට පැවති දකුණු පළාත් සභා මැතිවරණයෙන් සන්ධානය හැට හතයි දශම අටයි අටක ප්‍රතිශතයක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන තිස් අටක් ලබාගෙන තිබුණි.
පසුගිය 2009දී අවසන් වරට පැවති දකුණු පළාත් සභා මැතිවරණයෙන් සන්ධානය 67.88ක ප්‍රතිශතයක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 38ක් ලබාගෙන තිබුණි.
කොළොන්නාව, මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ කටයුතු සඳහා බාහිර ආයතක වෙත ගෙවා ඇති මුදල් දෙදහස් පහළොව සහ දෙදහස් දහසය වසර තුළ අසාමාන්‍ය අයුරින් වර්ධනය වී ඇති බව කමිටු වාර්තාව පෙන්වා දෙයි.
කොළොන්නාව, මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ කටයුතු සඳහා බාහිර ආයතක වෙත ගෙවා ඇති මුදල් 2015 සහ 2016 වසර තුළ අසාමාන්‍ය අයුරින් වර්ධනය වී ඇති බව කමිටු වාර්තාව පෙන්වා දෙයි.
අද දිනය ආරම්භ වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු දෙකකට ලකුණු විසි හතරක් රැස් කරගෙන සිටියේ ය.
අද දිනය ආරම්භ වන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය කඩුලු 2කට ලකුණු 24ක් රැස් කරගෙන සිටියේ ය.
ඒ වෙලාවේ මේ මියගිය දරුවා ඉදලා තියෙන්නේ තමන්ගේ වයස අවුරුද හතරක් වුනු මල්ලී එක්කයි.
ඒ වෙලාවේ මේ මියගිය දරුවා ඉදලා තියෙන්නේ තමන්ගේ වයස අවුරුද 4ක් වුනු මල්ලී එක්කයි.
දෙදහස් දහහත ජුලි එකොළහ වන අඟහරුවාදා සිදුවන ප්‍රභල කුජ මාරුව ඔබට කොහොමද ?
2017 ජුලි 11 වන අඟහරුවාදා සිදුවන ප්‍රභල කුජ මාරුව ඔබට කොහොමද ?
කොහොම හරි අන්තිමට එංගලන්තෙ ඉනිමක් සහ ලකුණු හැත්තෑ අට ක පරතරයක් ඇතුව දිනුව.
කොහොම හරි අන්තිමට එංගලන්තෙ ඉනිමක් සහ ලකුණු 78 ක පරතරයක් ඇතුව දිනුව.
කොහෙද ඉතිං අපි ඔක්කොම මෙහේ ඉඳන් කිලෝ මීටර් සියයක් විතර ඈත ගෙයක් හදන්න පුළුවන්ද?
කොහෙද ඉතිං අපි ඔක්කොම මෙහේ ඉඳන් 100 km ක් විතර ඈත ගෙයක් හදන්න පුළුවන්ද?
මෙහි රූගත කිරීම් සිදුවූ ස්ථාන අතරට බෝල්පූර් සහ කොල්කතා යන ප්‍රදේශ අයත් වේ.[දෙක]
මෙහි රූගත කිරීම් සිදුවූ ස්ථාන අතරට බෝල්පූර් සහ කොල්කතා යන ප්‍රදේශ අයත් වේ.[2]
තරගාවලියේ ජය දෙකෙන් එකක් ලෙස ඔස්ට්‍රේලියාවට හිමිවිය.
තරගාවලියේ ජය 1/2 ක් ලෙස ඔස්ට්‍රේලියාවට හිමිවිය.
මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවලට මීටර් සවිකිරීම දෙදහස් දහහත වසරේදී අනිවාර්ය කළද ත්‍රිරෝද රථ හිමියන්ට හය මසක සහන කාලයක් ලබාදුන් බව පැවැසූ සභාපති වෛද්‍ය සිසර කෝදාගොඩ මහතා එම සහන කාලය අප්‍රේල් පළමු වැනිදා අවසන් වුවද මීටර් සවි නොකළ ත්‍රිරෝද රථ සඳහා තවත් මාසයක පමණ සහන කාලයක් ලබාදී මැයි විසි වැනිදා සිට මීටර් අනිවාර්ය කරන බවද හෙතෙ...
මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවලට මීටර් සවිකිරීම 2017 වසරේදී අනිවාර්ය කළද ත්‍රිරෝද රථ හිමියන්ට හය මසක සහන කාලයක් ලබාදුන් බව පැවැසූ සභාපති වෛද්‍ය සිසර කෝදාගොඩ මහතා එම සහන කාලය අප්‍රේල් 01 වැනිදා අවසන් වුවද මීටර් සවි නොකළ ත්‍රිරෝද රථ සඳහා තවත් මාසයක පමණ සහන කාලයක් ලබාදී මැයි 20 වැනිදා සිට මීටර් අනිවාර්ය කරන බවද හෙතෙම සඳහන් කෙළ...
වයස අවු.නවය දැරියක්ව චීන ජාතිකයින් හතර දෙනෙක් විසින් මරා අනුභව කොට ඇත.
වයස අවු.9 දැරියක්ව චීන ජාතිකයින් 4 දෙනෙක් විසින් මරා අනුභව කොට ඇත.
බ්‍රිතාන්‍ය අගමැති කැමරන් පවුලේ අය සහ මිතුරන් ඇතුලූ එකසිය තිස් එක ක්‌ රැගෙන චීනයට යයි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සිය පවුලේ ඥාතීන් සහ මිතුරන් ඇතුළු එකසිය තිස් එක ක්‌ සමග චීනයේ සංචාරයක යෙදී ඇත.
බ්‍රිතාන්‍ය අගමැති කැමරන් පවුලේ අය සහ මිතුරන් ඇතුලූ 131 ක්‌ රැගෙන චීනයට යයි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සිය පවුලේ ඥාතීන් සහ මිතුරන් ඇතුළු 131 ක්‌ සමග චීනයේ සංචාරයක යෙදී ඇත.
පළාත්සභා වල පුහුණු කෘෂිකර්ම උපදේශක (පුහුණු ශ්‍රේණි) - ශිෂ්‍යත්ව විස්ස
පළාත්සභා වල පුහුණු කෘෂිකර්ම උපදේශක (පුහුණු ශ්‍රේණි) - ශිෂ්‍යත්ව 20
එබැවින් ධනුෂ්ක චන්දිමාල් ගේ ගැයුම් වල මා දුටු උත්කර්ශය වූ පසු ගිය සැප්තැම්බර් විසි හය දා ඔහු ගැයූ ගීයෙන් මා මෙම සටහනට විරාමයක් තබමි.
එබැවින් ධනුෂ්ක චන්දිමාල් ගේ ගැයුම් වල මා දුටු උත්කර්ශය වූ පසු ගිය සැප්තැම්බර් 26 දා ඔහු ගැයූ ගීයෙන් මා මෙම සටහනට විරාමයක් තබමි.
මේ වනවිට ලෝකයේ රටවල් එකසිය හතළිස් දෙකක් මරණ දණ්ඩනය පැනවීම හා ක්‍රියාත්මක කිරීම අහෝසි කර ඇති අතර, ආසියා ශාන්තිකර කලාපයේ රටවල් දහනවයක් කිසිම වරදකට දඬුවම් වශයෙන් මරා දමන්නේ නැති බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි.
මේ වනවිට ලෝකයේ රටවල් 142ක් මරණ දණ්ඩනය පැනවීම හා ක්‍රියාත්මක කිරීම අහෝසි කර ඇති අතර, ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 19ක් කිසිම වරදකට දඬුවම් වශයෙන් මරා දමන්නේ නැති බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි.
ඒ අනුව ඊළඟ අවුරුදු තුන ඇතුළත බදුල්ල, මහනුවර, ත්‍රිකුණාමලය හා අනුරාධපුර නගරවල අලුත් තාක්ෂණික සහ වෘත්තීය පාසල් හතර ක් ජර්මානු හා ස්විස් ආධාර මත පිහිටුවීම සදහා දැනටමත් සැලසුම් කර ඇති බව ගරු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව ඊළඟ අවුරුදු 3 ඇතුළත බදුල්ල, මහනුවර, ත්‍රිකුණාමලය හා අනුරාධපුර නගරවල අලුත් තාක්ෂණික සහ වෘත්තීය පාසල් 04 ක් ජර්මානු හා ස්විස් ආධාර මත පිහිටුවීම සදහා දැනටමත් සැලසුම් කර ඇති බව ගරු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ගිනි ගැනීමේ අවදානමක් හේතුවෙන් එක්සත් ජනපදය තුළ අලෙවි කරන ලද හොන්ඩා මෝටර් රථ ලක්ෂ දොළහ ක් යළි කැඳවීමට සමාගම විසින් පියවර ගෙන තිබේ.
ගිනි ගැනීමේ අවදානමක් හේතුවෙන් එක්සත් ජනපදය තුළ අලෙවි කරන ලද හොන්ඩා මෝටර් රථ ලක්ෂ 12 ක් යළි කැඳවීමට සමාගම විසින් පියවර ගෙන තිබේ.
අන්තර්ජාලයෙන් මුදල් සොයා ගන්නා ක්‍රම දහයක් ගැන දැන ගැනීමට පිවිසෙන්න.
අන්තර්ජාලයෙන් මුදල් සොයා ගන්නා ක්‍රම 10ක් ගැන දැන ගැනීමට පිවිසෙන්න.
දෙදහස් පහළොව පාර්ලිමේන්තු මැතිවරණයේදී තේරී පත්වුණු සියළුම මන්ත්‍රීවරුන් ජනතාව ඉදිරියේ පෙනී සිටයේ දෙදහස් පහළොව ජනවාරි අට කුමන්ත්‍ර‍ණයට විරුද්ධවය.
2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී තේරී පත්වුණු සියළුම මන්ත්‍රීවරුන් ජනතාව ඉදිරියේ පෙනී සිටයේ 2015 ජනවාරි 08 කුමන්ත්‍ර‍ණයට විරුද්ධවය.
කොටින්ම කියනවනං අපේ ඔය අනූ අට කොස් එකේ හිටිය දාහක් වගේ පිරිසෙන් බස්නාහිර පළාතෙන් හිටියේ නැහැ තිහක්වත්...
කොටින්ම කියනවනං අපේ ඔය 98 කොස් එකේ හිටිය දාහක් වගේ පිරිසෙන් බස්නාහිර පළාතෙන් හිටියේ නැහැ තිහක්වත්...
මීට පෙරද අවස්ථා රාශියකදී ආණ්ඩුව ඉන්දියාව සහ දෙමළ ජාතික සන්ධානය සමග මෙවැනිම සාකච්ඡුා පවත්වා ඇති බවත් ඒවායේදීද මේ ආකාරයෙන්ම දහතුන්වැනි සංශෝධනයට එහා ගිය විසදුමක් ලබා දෙන බවට ලිඛිත ගිවිසුම් පවා අත්සන් කළ බවත් නමුත් අවසානයේදී ඒ කිසිවක් ක‍්‍රියාවට නොනැගුණු බව ඒ මහතා පෙන්වා දුන්නේය.
මීට පෙරද අවස්ථා රාශියකදී ආණ්ඩුව ඉන්දියාව සහ දෙමළ ජාතික සන්ධානය සමග මෙවැනිම සාකච්ඡුා පවත්වා ඇති බවත් ඒවායේදීද මේ ආකාරයෙන්ම 13 වැනි සංශෝධනයට එහා ගිය විසදුමක් ලබා දෙන බවට ලිඛිත ගිවිසුම් පවා අත්සන් කළ බවත් නමුත් අවසානයේදී ඒ කිසිවක් ක‍්‍රියාවට නොනැගුණු බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ඉන් විශේෂ පනස් නවයක්‌ ලංකාවට ආවේණික වෙයි.
ඉන් විශේෂ 59ක්‌ ලංකාවට ආවේණික වෙයි.
සති නවයකට පෙර මාර්තු විසි අටදා එරට ආන්ඩුව, අසාන්ජ්ගේ සියලු සන්නිවේදන කපා දමා අමුත්තන් හමුවීම වලක්වාලී ය.
සති 9කට පෙර මාර්තු 28දා එරට ආන්ඩුව, අසාන්ජ්ගේ සියලු සන්නිවේදන කපා දමා අමුත්තන් හමුවීම වලක්වාලී ය.
බුදු දහමට හා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි වෙත මුදාහැර ඇති බව කියමින් පොලීසිය විසින් සැකකරු පසුගිය මස දහසය් වැනි දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
බුදු දහමට හා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි වෙත මුදාහැර ඇති බව කියමින් පොලීසිය විසින් සැකකරු පසුගිය මස 16දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මැයි පහ, දෙදහස් එකොළහ දින පස්වරු අටයි මිනිත්තු තිස් හය ට
මැයි 5, 2011 දින ප.ව. 8:36 ට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ලබන මස අට වනදායින් පසුව පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැදවා තීන්දුවක් ගැනීමට ඊයේ රාත්‍රියේ පැවැති මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් ලබන මස 8 වනදායින් පසුව පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැදවා තීන්දුවක් ගැනීමට ඊයේ රාත්‍රියේ පැවැති මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.
අවුරුදු හැට හයක නාකි අවුරුදු විසි හයක විවාහක කාන්තාවන්ගෙන් කුක්කු බොන්න ඉල්ලනවානම් ඒගොල්ලො කොයි ස්ටාර්ලාද?
අවුරුදු 66ක නාකි අවුරුදු 26ක විවාහක කාන්තාවන්ගෙන් කුක්කු බොන්න ඉල්ලනවානම් ඒගොල්ලො කොයි ස්ටාර්ලාද?
පුත්තලම ප්‍රදේශයම ගතහොත්, සියය කට අධික ප්‍රමාණයක් තියනවා වගේ දැක්කේ.
පුත්තලම ප්‍රදේශයම ගතහොත්, 100 කට අධික ප්‍රමාණයක් තියනවා වගේ දැක්කේ.
සිම්බාබ්වේ දෙවන ඉනිමේදී සිකන්දර් රාසා (එකසිය විසි හත), මැල්කම් වොලර් ((හැට අට) හා නායක ක%ීමර් (හතළිස් අට) මුල් ඉනිමේදී මෙන්ම අගපෙළ පිතිකරුවන් ලෙස දස්කම් පෑම විශේෂත්වයකි.
සිම්බාබ්වේ දෙවන ඉනිමේදී සිකන්දර් රාසා (127), මැල්කම් වොලර් ((68) හා නායක ක%ීමර් (48) මුල් ඉනිමේදී මෙන්ම අගපෙළ පිතිකරුවන් ලෙස දස්කම් පෑම විශේෂත්වයකි.
වමේ සිට දකුණට - කේප්ලර් විසි දෙක බී, කෙප්ලර් හැට නවය සී, කෙප්ලර් හැට දෙක ඊ, කෙප්ලර් හැට දෙක එෆ් හා පෘථිවිය.
වමේ සිට දකුණට - කේප්ලර් 22 B, කෙප්ලර් 69 C, කෙප්ලර් 62 E, කෙප්ලර් 62 F හා පෘථිවිය.
එහි දී හෙළි වූයේ පාසල් ළමයින් ගෙන් සියයට හැත්තෑවකට පමණ ම වරින් වර මාංශපේශි වේදනා දැනී ඇති අතර එයට හේතුව බරෙන් වැඩි පාසල් බෑග් ඔසොවාගෙන යැම විය හැකි බවයි.
එහි දී හෙළි වූයේ පාසල් ළමයින් ගෙන් 70%කට පමණ ම වරින් වර මාංශපේශි වේදනා දැනී ඇති අතර එයට හේතුව බරෙන් වැඩි පාසල් බෑග් ඔසොවාගෙන යැම විය හැකි බවයි.
දකුණු ෆ්ලොරිඩාවේ අසල්වාසීන් ලෙසින් දහතුන හැවිරිදි වියේ සිටම ඉතා කුලුපග මිතුරුදමක් ඇති මේ දෙදෙනාම ආබාධවලට ගොදුරුවී සිට නැවත පිටියට සේන්දු වුයේ මීට මාස තුනකට පෙරය.
දකුණු ෆ්ලොරිඩාවේ අසල්වාසීන් ලෙසින් 13 හැවිරිදි වියේ සිටම ඉතා කුලුපග මිතුරුදමක් ඇති මේ දෙදෙනාම ආබාධවලට ගොදුරුවී සිට නැවත පිටියට සේන්දු වුයේ මීට මාස තුනකට පෙරය.
අවුකන බුදු පිළිම වහන්සේ අකුණු අවදානමකට ලක්ව ඇතැයි විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් උපුටා දක්වමින් නෙත් නිවුස් කළ අනාවරණයට අධ්‍යාපන අමාත්‍යාංශය අද (දහහතර) ප්‍රතිචාර දැක්වුවා.
අවුකන බුදු පිළිම වහන්සේ අකුණු අවදානමකට ලක්ව ඇතැයි විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් උපුටා දක්වමින් නෙත් නිවුස් කළ අනාවරණයට අධ්‍යාපන අමාත්‍යාංශය අද (14) ප්‍රතිචාර දැක්වුවා.
රොනී ද මැල් ලෙසින් හැඳින්වුනු) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු, සිවිල් සේවකයෙකු සහ වර්තමානයේ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක වරයෙකි. එක්දහස් නවසිය හැත්තෑ හත සිට එක්දහස් නවසිය අසූ අට දක්වා, ඔහු, මුදල් කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වූ අතර නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියා විය. දෙදහස් හතර දක්වා, ඔහ...
රොනී ද මැල් ලෙසින් හැඳින්වුනු) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු, සිවිල් සේවකයෙකු සහ වර්තමානයේ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක වරයෙකි. 1977 සිට 1988 දක්වා, ඔහු, මුදල් කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා වූ අතර නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියා විය. 2004 දක්වා, ඔහු, මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකාවේ පාර...
මේ වගේ ටෙස්ටිං ලැබ් එකක් පවත්වන්න නම් අවුරුද්දට ටෙස්ට් තුන දහස ක් වත් කරන්න වෙනවා.
මේ වගේ ටෙස්ටිං ලැබ් එකක් පවත්වන්න නම් අවුරුද්දට ටෙස්ට් 3000 ක් වත් කරන්න වෙනවා.
ඒ ඊයේ (එකොළහ) පැවැත්වූ විනය පරීක්ෂණයකට අනුවයි.
ඒ ඊයේ (11) පැවැත්වූ විනය පරීක්ෂණයකට අනුවයි.
නාම්පමුණුව මිනීමැරුම් නඩුවේ තින්දුවෙන් ඔහු ඇතුළු චූදිතයන් සිව්දෙනාට වසර දහයකට අත්හිටවූ බරපතල වැඩ සහිත මාස පහක සිරදඬුවම්ද නියමවිය.
නාම්පමුණුව මිනීමැරුම් නඩුවේ තින්දුවෙන් ඔහු ඇතුළු චූදිතයන් සිව්දෙනාට වසර 10කට අත්හිටවූ බරපතල වැඩ සහිත මාස 5ක සිරදඬුවම්ද නියමවිය.
එළැඹෙන මහමැතිවරණයට තරග කරන සිය පක්ෂයේ අපේක්ෂකයින් නාමයෝජනා සඳහා අත්සන් තැබීම ලබන අඟහරුවාදා (හත)ආරම්භ කරන බව එක
එළැඹෙන මහමැතිවරණයට තරග කරන සිය පක්ෂයේ අපේක්ෂකයින් නාමයෝජනා සඳහා අත්සන් තැබීම ලබන අඟහරුවාදා (07)ආරම්භ කරන බව එක
දෙවන වැඩසටහන ලබන විසි හතර දා කොලොන්නාවේ දී පැවැත්වීමට නියමිත ය.
දෙවන වැඩසටහන ලබන 24 දා කොලොන්නාවේ දී පැවැත්වීමට නියමිත ය.
තේ දළු නෙළීම සහ ගණීකා වෘත්තිය කියන්නේ එක නොවේ දෙක ක්.
තේ දළු නෙළීම සහ ගණීකා වෘත්තිය කියන්නේ 1 නොවේ 2 ක්.
(විජේසිරිවර්ධන, සුනිල් දෙදහස් නවය, පි.එකසිය හතළිස් හත).
(විජේසිරිවර්ධන, සුනිල් 2009, P.147).
මම සහ මගේ බිරිඳ ආචාර්ය අංජලී මිෂා ඉන්දියාවේ සිට පැමිණෙන්නේ දෙදහස් පහ දී.
මම සහ මගේ බිරිඳ ආචාර්ය අංජලී මිෂා ඉන්දියාවේ සිට පැමිණෙන්නේ 2005 දී.