text
stringlengths 1
3.7k
| label
class label 4
classes |
|---|---|
අම්පාර දිස්ත්‍රික්කයේ විපතට පත් පවුල් සංඛ්‍යාව 109,000 දක්වා වැඩිව තිබෙන බවද පුද්ගලයන් පස් දෙනෙකු මරණයට පත් වී 13 දෙනෙකු තුවාල ලබා ඇති බවද අම්පාර දිසාපති සුනිල් කන්නන්ගර මහතා දිනමිණ ට පැවසීය.තිස් දහසකට අධික නිවාස සංඛ්‍යාවක් අර්ධ වශයෙන් සහ පූර්ණ වශයෙන් විනාශයට පත්ව ඇත. දැනට සුබසාධන මධ්‍යස්ථාන 83 ක පවුල් 25457 ක් ජීවත්වන අතර ඥාතීන් සමග සහ මිත්‍රයන් ගේ නිවාසවල පවුල් 6941 ක් සිටින බවද හෙතෙම කීය.ජලය බැස යාම කඩිනම් නොවීම සහ වලනාපිටිය වැව බිඳීයාම නිසා කුඹුරු අක්කර 25,000 පමණ විනාශ වී ඇති බවත් ඉදිරි දින කීපය තුළ වර්ෂාව පැවතිය හොත් මෙම තත්ත්වය මීට වඩා වෙනස් වී කෘෂි ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් ඒ මහතා කීවේය.වෙරළබඩ කලාපයේ, කල්මුණේ, අක්කරපත්තු, පොතුවිල් ප්‍රදේශයන්හි ජනතාව ගංවතුර උවදුරට පත්ව සිටින අතර තවදුරටත් කාලගුණික තත්ත්වය නරක අතට හැරුණහොත් සුබසාධන කඳවුරු වැඩිකිරීමටත්, පුද්ගලයන්ට අවශ්‍ය ආහාර සහ ඇඳුම් පැළඳුම්, පානීය ජලය සෞඛ්‍ය පහසුකම්, සනීපාරක්ෂක සේවාවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමටත් සිදුවන බවද කීය.අම්පාර දිස්ත්‍රික්කයේ වැව් පද්ධතිය බේරාගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති බවද අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැළුණු මිලි මීටර් 300 ක වර්ෂාව මෙතෙක් වාර්තා වී ඇති වැඩිම වර්ෂාපතනය බව අම්පාර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ සමන් වීරසිංහ මහතා පැවසීය.අම්පාර කොන්ඩුවටුවාන, වීරගොඩ, වලනාපිටිය වැව්වල ජල මට්ටම ඉතාමත් ඉහළ ගොස් තිබුණා. එම නිසා වැව් බැමි වලටත් ඉහළින් ජලය ගලාගෙන යාමක් සිදුවුණා.වලනාපිටිය වැව පමණක් මේ වන විට බිඳී ගොස් තිබෙනවා. නවගිරියාව ජලාශයත් අවදානම් තත්ත්වයක පැවතියා. නමුත් අද වන විට ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව වැලි කොට්ට යොදා ගනිමින් අසීරු ප්‍රයත්නයක යෙදෙමින්, වැව ආරක්ෂාකර ගන්න හැකිව තිබෙනවා.ඉඟිනියාගල ජලාශය පිටාර මට්ටමට පැමිණීමට තවත් අක්කර අඩි තුන්ලක්ෂ විසි දහසක් පමණ ජල කඳක් වුවමනා වෙනවා.එම නිසා ඉඟිනියාගල ජලාශයේ පමණක් අවදානමක් නැති බව ඒ මහතා පැවසීය.අලහෙන, මලයාඩි වැව් වලත් මෙම අවදානම් තත්ත්වය පවතිනවා.මේ වන විටත් ජලාශවල අවදානම අවම කිරීමට කටයුතු යොදා තිබුණත් ඉදිරි දිනයන්හිදී අවදානම අඩු වැඩි වන්නට පුළුවන් බවද ඔහු කීය..
| 2NEWS
|
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. Fraxinus excelsior ගසක් පැහැදිලි ශක්තිමත් කඳක් සහිත ශාක ගස් නම් වේ. ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශාක වැල්
| 0ACADEMIC
|
කෙතරම් සුරූපී තාරකාවන් සමඟ රඟපෑව ද ෂාරුක් නම් සුපිරි තරුවට කිසි කලක අපචාර චෝදනා එල්ල වූයේ නැත. එහෙත් ඔහුගේ තරු බලයෙන් ෂාරුක්ගේ රියැදුරු රාජේන්ද්‍ර ගෞතම් (ජින්තු මිශ්‍රා) අපචාරයක් පවා කිරීමට පෙලඹී ඇත. තිස් හතර හැවිරිදි ගෞතම් පසුගියදා අත් අඩංගුවට ගැනිණි.ගෞතම්, ෂාරුක්ගේ පෞද්ගලික රියැදුරා නොවෙයි. ඔහුගේ දරුවන් පාසලට ගෙන ගොස් ඇත්තේ ගෞතම්ය. සුළු මෙහෙකාරියක් දූෂ්‍ය කිරීම සම්බන්ධයෙන් පොලිසියට කිසිදු කට උත්තරයක් දීම ගෞරී ඛාන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.චම්පිකා දීපානි රණසිංහ
| 1CREATIVE
|
පරිසරයට හානි වන අන්දමින් ක්‍රියාකිරීම හා පරිභෝජනයට අහිතකර ආහාර අලෙවිය සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු 01 දා සිට මේ දක්වා පොලිසිය මගින් විවිධ පුද්ගලයන්ට එරෙහිව නඩු 4585ක් පවරා තිබේ.කසළ නිසි පරිදි ඉවත් නොකිරීම, මදුරුවන් බෝවන සේ කටයුතු කිරීම, පදිකවේදිකා අවහිරවන අන්දමින් කටයුතු කිරීම අනවසර ඉදිකිරීම් ආදී කරුණු සම්බන්ධයෙන් ද පරිසරය සුරැකීමේ පොලිස් ඒකක මගින් මෙසේ නඩු පවරා ඇත. මෙවැනි පරිසරය සුරැකීමේ පොලිස් ඒකක රටපුරා ක්‍රියාත්මක වන පරිදි 136ක් පිහිටුවා ඇති බව පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා පවසයි.ඩෙංගු මර්දනය හා ජල කාණු පද්ධතිවල කසල සිරවීම වළකා ගැනීම මේ පොලිස් ඒකකවලට පැවරී ඇති ප්‍රධාන වගකීම් බව හෙතෙම කීය. නාගරික ප්‍රදේශවල වැසිජලය උතුරා පිටාර ගැලීමට මූලික හේතුව කසළ නිසිපරිදි ඉවත් නොකිරීම බව රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ පරීක්ෂණයකදී හඳුනාගෙන තිබේ. මේ අනුව නගර සභාව හා පොලිසිය එක්ව කසළ ඉවත් කිරීමට ක්‍රියාත්මක වියයුතු බවට තීරණය වී ඇත.‘ පරිසර ආරක්‍ෂණ කොට්ඨාස ‘ නමින් ඒකක පිහිටුවා පරිසරය සුරැකීම හා පිරිසිදුව තබාගැනීම සඳහා එම ඒකක අධ්‍යක්ෂක වරයෙකුගේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාමට මේ අනුව තීරණය කළබව පොලිස්පතිවරයා පවසයි..
| 2NEWS
|
ආදරණීය සුදු නංගි වෙතමට සමාවෙන්න නංගි......මම හිතුවේ නෑ මේ සම්බන්ධෙ මෙච්චර දුර යාවි කියලා...මට කවදාවත් ඔයාගේ මුණට කියන්න බැරි දේවල් (ඔයාගේ අහිංසක ඇස්දෙක දිහා බලාගෙන මට මේවා කියන්න බෑ) අඩුම තරමේ වචන වලටවත්....ඔව් ඔයාට තේරෙනවා..ඔයා දන්නවා මට ඔයා දුක්වෙනවා අඬනවා අහන ඉන්න බෑ කියලා ...ඒකයි මට කියා ගන්න ඕනේ හැමදේම වචන නොකර අකුරු කරේ...ඔයා මේවා කියවන කොට මම ගොඩක් දුර ගිහින් තියෙයි කියලා හිතෙන නිසා. ඒත් ඒත්...ඔයයි මමයි දෙන්නම තේරුම් ගන්න ඕනේ...නෑ ඇත්තටම ඔයා තේරුම් ගන්න ඕනේ මම ඔයාගේ කෙනා නෙවෙයි කියලා.මම ඔයාට ලං වෙච්ච මුල් කාලේ හිතන් හිටියේ ආදරේ හරියට මල් පිපුණ පොකුණක් වගේ කියලා.පීනන්න බැරි මට ඒ පොකුණේ ඔයාත් එක්ක ගිලෙන නොගිලෙන මානයේ පාවෙවී ඉන්න පුළුවන් කම ලැබුණාම මම හිතුවේ මගේ මුළු ජීවිතේම ඒ පොකුණ කියලා.ඒත් පොකුණ ගොඩක් ගැඹුරුයි පොකුණක් වගේ පෙනුනනට මම මුහුද වගේ කියලා දැනෙන්න ගන්නකොට , අපි ගිලෙන්න යන කොට , මට හිතුනේම ඔයාගෙයි මගෙයි මේ සම්බන්දෙට පැවැත්මක් නෑ කියලා.අපි දෙන්නටම පීනන්න බැරි හින්දම නෙවෙයි එහෙම හිතුනේ...දෙන්නටම හුස්ම අල්ලාගෙන තව දුරටත් යන්න බැරි වේවි කියලා හිතුන නිසා...අඩුම තරමේ මට පුළුවන් උනානම් මම ගිලිලා ඔයාව වතුර මට්ටමෙන් උඩට උස්සලා තියන්න...ඔයා දන්නවා මම එහෙම කරනවා කියලා...දන්නවා නේද.මට හිතෙනවා දැනටමත් ඔයාට මගේ වෙනස් වීම දැනෙන්න ඇති කියලා...පරණ මතක මතක් වෙලා දුක හිතෙනවා ඇති.....ඔයාට අඩන්න එපා කියන්න අයිතියක් නෑ මට.....ඒත් දැන්...... හැමදාම ඔයා බයවෙච්ච දේ වෙලා.අපි දෙන්න අතර තුන් වෙනියෙක් ඇවිල්ලා......මට ඒක වලක්වන්න ඕනේ උනත් දැන් ඒකට පරක්කු වැඩියි.....මම ඒක දන්නවා හොඳටම...ඔයාවත් එයාවත් සංසන්දනය කරන්න යන්නේ නෑ මම.මම කියන්නේ නෑ මට සමා වෙන්න කියලා.......මම ඉල්ලන්නේ මාව තේරුම් ගන්න කියලා විතරයි.... මීට ඔයාගෙම අයියාප.ලි - කලින් හිතුවේ තුන්වෙනියෙක් ගෙන් මේක නතර වේවි කියලා උනාට...අනේ මන්දා හතර වෙනියෙක්ටත් එනකන් දැන් හිත බලන ඉන්නවා වගේ. අවපසවු සරා සඳ...නුබ ගැබක් වගේ අද...අතීතයේ මතක මැද...තවම නුඹ හඬනවද...සුසුම් නම් දුකටමය...නෙතට හුරු කඳුලමය...නුඹෙන් ලද මල් සමය...හැඩ කරා පමණි ඇය...මල්ය නුඹ උයන් බිම...ඇය තරුය අහස් ඉම...සඳ එබෙන තුරු පෙමින...චන්චලයි තවම මම...සැලකිය යුතුයි - බොහෝ කලකට පෙර ලියු කවියකට පෙරවදනකි.පෞද්ගලික අත්දැකීමක් නොවේ.
| 3BLOG
|
මෙක පිටිසි ලොකයට අපු අලුත්ම සයිට් එකක්..මෙකෙන් සුපිරි ගානවල් හොයගන්න පුලුවන්.තවමත් මේක ගැන දන්නෙ නද්ද. එහෙනම්මෙතන ක්ලික් කරන්න...සියල්ල සිංහලෙන් සරලව ඉගෙන ගන්න.
| 3BLOG
|
බිඳක් රැඳී අසන් ළෙඳ් මියුරු ගායනා යුග නුවන් කොනේ රැහැන් ලිහා නොයන් මා දමා හද පැතුම් පුරේ නිරන්තරේ මැවෙයි ඔබේ ඡායා ඉඳුනිල් නෙත් කැල්මෙන් වෙළා මිහිලොල් රසේ දෙතොලේ තියා දහසක් නඟා රැඳෙන් ළඳේ දෑස මායිමේ අද සදා වාසනා හසරැල් විලේ සිහිලෙන් දොවා දිවි මං තලේ ගිම් හිම් නිවා රන් සළුව සලා පවන් සලන් ගායනා අසා සාරදා වාසනාපද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ සංගීතය - සරත් දසනායක ගායනය – එච්. ආර්. ජෝතිපාල අධ්‍යක්ෂණය – දයා විමලවීරසුලෝචන වික්‍රමසිංහ
| 1CREATIVE
|
ශ්‍රී ලංකාවේ මුහුදුබඩ පළාත් අමු සොහොනක් බවට පත්කළ සුනාමිය පැමිණ දශකයක කාලයක් ගෙවී යද්දී, මුහුදෙන් පැමිණි සුනාමි රළ මෙන් කිහිප ගුණයක ජල ධාරිතාවක් මේ මොහොතේ අහසින් මෙබිම මතට පතිතවෙමින් ඇත. එයින් පවුල් එක් ලක්‍ෂ අසූදහසක් අවතැන් වී ඇත. මුරණ්‌ඩු වැසි ජලය සමග හාදුවී කඳු බෑවුම්ද දඟ කරන්නට පටන්ගෙන ඇත.ඊයේ වන විට පස් කඳු කඩාවැටීම සහ එම අවදානමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය සහමුලින්ම අඩාල වී තිබුණි. බදුල්ල පැත්තේ නායයැමකින් කිහිප දෙනෙක් ජීවිත හැර ගොස් තිබුණි. නමුත් අහස කිසිදු ඉස්‌පාසුවක් හෝ සමාවක් නොදෙන අයුරකි. වර්ෂාව තව වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවන්නේය. නිවාස 3500 කට වැඩි සංඛ්‍යාවක් දැනටමත් ගංවතුර විසින් සමතලා කර ඇත. පොළොන්නරුවේ පමණක් කුඹුරු අක්‌කර 40,000 ක් විනාශ වී තිබේ. මෙය සැබැවින්ම ජාතික ආපදා තත්ත්වයක් නොවන්නේද.එහෙත් මේ දක්‌වා තමන් පත්ව ඇති අසරණ බව විමසන්නට කිසිවෙක් පැමිණ නැතැයි පොළොන්නරු ගොවීන් පවසන බව 'දිවයින' ඊයේ වාර්තා කළේය.ඒ කියන්නේ මේ රටේ ජනතාව ගැන උතුරා යන කැක්‌කුමකින් දේශපාලන වේදිකා මත, දේශපාලන වාද මණ්‌ඩපවල කෑ කොස්‌සම් ගහන දේශපාලනය, රට මතට අනෝරා වැසි ඇදහැලෙන බවක් නොදන්නා බවද. ඔවුන් සිතාසිටිනේ සිය සරුසාර අස්‌වැන්න ඉහළම මිලකට විකුණා කෝටිපතියන් බවට පත්ව සිටින පොළොන්නරුවේ ගොවීන් මේ මොහොතේ පවුල් පිටින් තරු හෝටලවල නිවාඩුව ගතකරන අතරවාරයේ සුද්දන් මෙන් අව්ව තපිමින් සිටින බවක්‌ද.රෝමය ගිනිගනිද්දී නීරෝ වීනා වාදනය කළා මෙන්, ශ්‍රී ලංකාව ගංවතුරේ ගිලෙද්දී දේශපාලකයන් වේදිකාවල බයිලා කියමින් සිටින්නේද.ඒ අතර හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් නිලධාරීන් දසදහසක් පමණ දෙනා සිය දීමනා වැඩි නොකිරීමට එරෙහිව ලබන අඟහරුවාදා සිට අඛණ්‌ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට සැරසෙන්නේය.ඒ කියන්නේ ගංවතුර නිසා ගහෙන් වැටුණු මිනිසාට ඇනීම පිණිස ගොනකු බවට පත්වීමට සෞඛ්‍ය සේවයේ මේ පිරිස් බලා සිටිනා බවය.ගොන්නු නොවන්නට, ලෙඩ රෝග බහුලව පැතිරයන මෙවැනි ආපදා මොහොතක මේ ආකාරයේ තීරණවලට නොඑළඹෙති.වර්ජනය පවත්වන කාලයේ හදිසි සේවාවන් පමණක් ක්‍රියාත්මක කරන බව හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය උන්නැහේ පවසා තිබේ.ඒ අනුව දෙගොඩතලා යන වතුරෙන් වගාබිම පාළුවී, ජීවිතයම නන්නත්තාර වී සිටින ගොවියා, වැස්‌සට, පින්නට හසුව උණ හෙම්බිරිස්‌සාව හැදී බෙහෙත් උගුරක් ගැනීමට රජයේ රෝහලට පැමිණි විට ඔහුව පිළිගෙන ප්‍රතිකාරයට මේ උන්නැහේලා සූදානම් නැත. නමුත් බෙහෙත් උගුරක් මුදලට හෝ ගැනීමට සතයක් නොමැතිව ඒ කළකිරීමෙන් ඒ ගොවියාම වසබී ආපසු රෝහලට පැමිණෙද්දී බෙහෙත් කිරීමට මේ උන්නැහේලා සූදානම්ය. අපූරුය...මේ රටේ සෞඛ්‍ය සේවාව, රෝගියාව ප්‍රාණ ඇපයට ගන්නා කාලකණ්‌ණි පිරිසකගේ ග්‍රහණයට හසුවන්නේ දේවත්වයෙහි ලා සමාජය විසින් සැලකූ ක්‍ෂේත්‍රයක වටිනාකම බල්ලාට බිල්ලක් කරමිනි. මිනිසුන්ව ප්‍රාණ ඇපයට ගැනීම ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියාවකි. රෝගියාව ප්‍රාණ ඇපයට ගැනීම ත්‍රස්‌තවාදියාටද පංතියක් පහළ ම්ලේච්ජ ක්‍රියාවකි. නමුත් අද මෙරට සෞඛ්‍ය සේවාව ඒ ම්ලේච්ජත්වයට ඇබ්බැහි වී ඇත්තේය.ජනාධිපතිවරණයක්, මහා මැතිවරණයක් යනු සිය ඉල්ලීම් ඉටුකරගැනීමට හොඳ අවස්‌ථාවක් බව බොහෝ වෘත්තීය සමිති දන්නේය. අදාළ සෞඛ්‍ය වෘත්තීය සමිතිය ද ඒ බව හොඳින් දනියි. අනෙක් අය පරිද්දෙන්ම කල දුටු කල වළ ඉහ ගැනීමට ඔවුන්ද සැරසෙන්නේය. නමුත් ඔවුන් මේ මාළු බාන්නේ රටම ආපදාවට ලක්‌කර ගලායන බොර වතුරක බව හිතට ගන්නේ නම් මැනවි.
| 3BLOG
|
වෛද්‍යවරයෙක් ගාවට රෝගියෙක් මුලින්ම ආ විටෙක දී කරන්නේ රෝගියාගේ රෝගයේ විස්තරය දැන ගැනීමයි. රෝගියා ආවේ මොන හේතුවකට ද, රෝග ලක්ෂණ මොනවද, සැක කරන රෝගය ඇති හෝ නැති බවට සැක හැර ගන්නට වෛද්‍යවරයා විසින් විමසනු ලබන ප්‍රශ්න ආදිය මෙයට ඇතුලත් වනවා. මෙවන් විස්තරයකට කියන්නේ "clinical history" කියලයි."History" එකෙන් පසුව එන්නේ රෝගියා පරීක්ෂා කිරීම (examination). රෝගී පරීක්ෂාව මට්ටම් හතරකින් සිදු වෙනවා. පළමුවෙන්ම කෙරෙන්නේ නිරීක්ෂණය (inspection). උදාහරණයක් ලෙස කීවොත් රෝගියෙකුගේ පපුවේ යම් කොටසක් අඩුවෙන් චලනය වීම පෙණහැල්ලේ එම කොටසේ රෝගයක් අති බවට සාක්ශි සපයනවා. දෙවව කරන්නේ අල්ලා බැලීම (palpation). මතු පිට සමේ සහ සමට එතරම් නොගැඹුරුව පිහිටන අවයව (උදා. හෘදය වස්තුව, අක්මාව සහ ප්ලිහාව) ගැන යම් තොරතුරු දැන ගන්නට පුළුවන්. තෙවනුව එන්නේ තට්ටු කර බැලීම (percussion). මෙහිදී වෛද්‍යවරයා තමන්ගේ ඇඟිලි විහිහිදවූ අත රෝගියාගේ උරස හෝ උදරය මත තබා එහි මැද ඇඟිල්ලට අනෙක් අතෙ ඇඟිල්ලකින් තට්ටු කිරීම සිදු කරනවා. එයින් නැගෙන ශබ්දයෙන් යම් යම් කාරණා දැන ගන්න පුළුවන්. අවසනයේ කරන්නේ වෙද නළාවෙන් පරීක්ෂා කිරීම (auscultation).සාමාන්‍යෙන් මේ මූලධර්ම යෙදෙන්නේ රෝගියකු පරීක්ෂාවට වුණත්, මේ විදියට කාර් පරීක්ෂා කරන බැචෙකුත් බඩාගේ විශ්ව විද්‍යාල සමයේ සිටියා. මුලින්ම මේ බැචා ගැන කියනවා නම්, මනුස්සයා බොහොම සිහින් සිරුරක් තියෙන මිටි පුද්ගලයෙක්. මෙයට සමාන නමක් තියෙන උස මහත බිත්තරයාගෙන් වෙන් කරලා අඳුනා ගන්න කොල්ලට කිව්වේ "ඇට්‍රොපියා" කියල. "Atropy" කියල ලතින් භාෂාවෙන් කියන්නේ යම් ඉන්ද්‍රියක් හෝ පටකයන් හායනය වීම එහෙම නැත්න කුඩාවීමට. ඒ නිසා අපේ මිතුරාට "හායනයා" හෙවත් "ඇට්‍රොපියා" යන්නයි භාවිතා වුණේ.ඇට්‍රොපියාට තිබුණේ පරණ 11 ශ්‍රී ලාන්සර් කාර් එකක්. සතිය පුරා නේවාසිකාගාරයේ ඉන්න ඇට්‍රොපියා, සති අන්තයේ ගෙදර යන්නේ කාර් එකෙන්. සෙනසුරාදා දවල්ට. ඇට්‍රොපියාගේ කාර් පරීක්ෂාව අපට සතියකට සැරයක් බලන්න හම්බ වෙන්නේ එහෙමයි.ඇට්‍රොපියා මුලින්ම කරන්නේ කාර් එක වටේ රවුම් තුනක් යන එක (inspection). ඊට පස්සේ කාර් එකේ බොඩිය අත ගගා තව රවුමක් යනවා (palpation). ඊට පස්සේ රෝද හතරට අතින් ගහල බලනවා (percussion), ඊට පස්සේ එන්ජිම පණ ගන්වලා මිනිත්තුවක් පමණ කන්දීගෙන ඉන්නවා (auscultation). හැම සති අන්තයකම ක්‍රියාව ඔය විදියයි.මේ වගේම නොවුණත් කාර් එකට පණ හා සමාන ලෙස ආදරය කරන මහාචාර්යතුමෙක් පෙරාදෙණිය සරසවියේ හිටියා. මේ මහාචාර්යතුමා සති අන්තයේ පැය හතරක් වාහනය හෝදලා, වැකුම් ක්ලීන් කරලා, කාපට් හෝදලා ඇතුලට පත්තර එහෙම දානවා. ඊට පස්සේ කාර් එක ගෙනත් පේරාදෙණිය සරසවියේ රථ නැවතුමේ නවත්තලා තියෙනවා. වහින දවසට මහාචාර්යතුමා වාහනෙන් යන්නේ නෑ. යනෙන ත්‍රී වීලරයෙන්. වැස්ස නැති දාට හෙමින් සැරේ වාහනය ලඟට එන මහාචාර්ය තුමා, මුලින්ම වාහනය වටේ වටයක් යනවා. ඊටපස්සේ ඩිකිය ඇරලා සෙරෙප්පු දෙකක් එළියට ගන්නවා. ඉස්සරහ සීට් එකට ගිහින් ඉඳ ගන්නවා, ඒත් කකුල් දෙක එළියේ හිටින්න. සපත්තු ගලවල්ල කකුල් අතුලට ගන්න මහාචර්යතුමා සෙරෙප්පු පැලඳ ගන්නවා. ගලවපු සපත්තු දෙක සෙරෙප්පු දාපු කවරෙට දාලා ඇතුලෙන් තියා ගන්නවා.කාර් ගැන ගොන් පාට් ලියපු සරසවි ආචාර්යවරුත් නැතුවා නොවේයි. තමන්ගේ කෙටිකතාවක සරසවි ඇදුරන්ගේ ජීවිත විසංයෝජනය කරන ශිෂ්‍ය මුරකරුවෙක් ගැත කතාවක් තියෙනවා. අදාල මහාචාර්යතුමාට එක වගේ කාර් දෙකක් තිය්නවාලු. විසංයෝජකයා කරනෙන ඒවායේ කීටැග් මාරු කිරීම. විසංයෝජකයාගේ ගෘහ භාණ්ඩ විසංයෝජනය නිසා තුවාල වෙන පීඨාධිපතිව රෝහලට ගෙනියන්න බැරි වෙනවා මොකද කාර් දෙකම පණ ගැන්වෙන්නේ නැති නිසා. හැබැයි අමරකීර්ති උන්නැහේට අමතක වෙන්න ඇති වැරදි යතුරෙන් වැරදි කාර් එකේ දොර ඇරෙන්නේත් නැති විත්තිය. ඒවගෙම "unlock" බොත්තම තද කළාම අදාල කාර් රථයේ විදුලි පහන් දැල්වී නිවෙන බව. හැබයි අමරකීර්ති මහත්තයාගේ ගෝලයන්ට නම්, 1992 කාලය ගැන කියන චිත්‍රපටියක වන ජයන්ත චන්ද්‍රසිරිගේ සමණල සංධවනියේ මෝටර් සයිකලයක ඉංගිරිසි අකුරු නොම්මර තියෙන එක නම් මහම ලොකු දොසක්.
| 3BLOG
|
‘ඒ ආදරයත් ඉවරයි’. බොලිවුඩ් ප්‍රේම කථා බොහොමයකට එක් කිරීමට සිදු වී ඇත්තේ ඒ වගන්තියයි. සෝනම් කපූර් සහ සහීර් බෙරි මෙසේ පෙම් කථාව නිම කළ නව යුවළයි. මෝස්තර නිරූපණ ශිල්පී, ව්‍යාපාරික සහීර් බෙරිට කාර්යබහුලකම සහ දිල්ලි, ලන්ඩන්, ගෝවා සංචාර නිසා ප්‍රේමය දිගින් දිගටම පවත්වාගෙන යාමට නොහැකි වී තිබේ.සෝනම්, සහීර් මුණ ගැසුණේ සමාජ වෙබ් අඩවියකිනි. එහෙත් දෙදෙනා ප්‍රේමවන්තයන් කිරීමේ අනංග කාර්යය සොයුරිය රියා විසින් සිදු කරන ලදී. දෙදෙනා සමාජයෙන් ප්‍රේමය රහසක් කර තබා ගත්ත ද ජුනි 9 වැනිදා සහීර්, සෝනම්ගේ උපන් දින සාදයට පැමිණි පසු මාධ්‍යයේ උකුසු ඇසින් ගැලවීමට ඉඩක් ලැබී නැත. මීට පෙර ඇයගේ පෙම්වතා වූයේ පූනිත් මල්හෝත්‍රාය. ඒ ප්‍රේමය ද උපන් තැනම වැළලුණකි.චම්පිකා දීපානි රණසිංහ
| 1CREATIVE
|
එළකිරි එළකිරි (වෙබ්අඩවිය)
| 0ACADEMIC
|
පල්ලේවෙල නගරයේ පානීය ජල යෝජනා ක්‍රමය ලබන වසරේ ක්‍රියාත්මක කරන බව මීරිගම ප්‍රාදේශීය සභාව පවසයි.මේ වසරේ සභාවේ අරමුදල් යොදවා ළිඳ කපා බැඳ ඇති අතර ලබන වසරේ එහි ජල ටැංකිය ඉදිකර නළ පද්ධතිය එළීමට සැලැසුම් කර තිබේ.මීරිගම ප්‍රාදේශීය සභාවේ නිපදවන කොම්පෝස්ට් පොහොර යොදා පල්ලෙවෙල උප කාර්යාල භූමියේ කාබනික ගොවිපළක් ආරම්භ කිරීමට ද සැලැසුම් කර ඇතැයි මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ම. ආ. පියතිලක පැවැසීය..
| 2NEWS
|
ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා අතින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අද (8) පස්වරු 1.00 ට නිල වශයෙන් විවෘත කෙරේ.අනතුරුව පකිස්තානය හා නවසීලන්තය පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ ඓතිහාසික මංගල එක්දින තරගයට සහභාගි වනු ඇත..
| 2NEWS
|
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.‘කිලින්ග් දෙම් සොෆ්ට්ලි’ හොලිවුඩ් චිත්‍රපටය ඇන්ඩෘ ඩොමිනික්ගේ අධ්‍යක්ෂණයකි. අපරාධයක් පිළිබඳ කතා පුවතක් රැගත් කිලින්ග් දෙම් සොෆ්ට්ලි හි බ්‍රැඩ් පීට්, ස්කොට් මැක්නයිරි, බෙන් මෙන් ඩෙල්සන්, රිචඩ් ජෙන්කින්ස්, ජේමිස් ගැන්ඩොල්ෆිනි, ලියොටා සහ සැමී ෂෙපර්ඩ් චරිත නිරූපණය කරති. මෙය ජෝර්ස් හිගින්ස්ගේ ‘කේෂන්ස් ට්‍රේඩ් කෘතිය ඇසුරින් නිර්මාණය කර තිබේ.‘ස්මයිලි’ සාහසික අබිරහස් මරණයක් පිළිබඳ කතා පුවතක් ඇතුළත් චිත්‍රපටයකි. මයිකල් ගාල්හර් විසින් අධ්‍යක්ෂණය කළ මෙම මනෝ විද්‍යාත්මක චිත්‍රපටයේ කැත්ලින් ජෙරාඩ්, මෙලනි පපාලියා, ෂේන් ඩෝසන්, ඇන්ඩ්‍රෘ ජේම්ස්, ලීසා වෙයිල්, රොජර් බර්ට් සහ කිත් ඩේවිඩ් චරිත නිරූපණය කරති.‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ කරන් ජොහාර්ගේ නවතම නිර්මාණයයි. ආදරය හාස්‍ය සපිරි මෙම චිත්‍රපටයේ නවක බොලිවුඩ් රංගන තරු ත්‍රිත්වයක් වන සිද්ධාර්ත් මල්හෝත්‍රා, ආලියා බට් සමඟ වරුන් ධවන් ප්‍රධාන චරිත නිරූපණය කරති. රිෂි කපූර්, රොනිිට් රෝයි, රාම් කපූර්, ෆරිඩා ජලාල්, සුෂ්මා සෙන් ද සෙසු චරිත සඳහා පණ පොවති.ඩේවිඩ් කෝප් විසින් අධ්‍යක්ෂණය කළ ‘ප්‍රිමියම් රෂ්’ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. බයිසිකල් පණිවිඩකරුවකු වටා ගෙතුණ මෙම චිත්‍රපටයේ ජෝෂප් ගෝඩ්න්, මයිකල් ෂැනෝන්, ආරෝන් ට්විට්, ඩාහියා රමීර්ස් ප්‍රදාන චරිත නිරූපණය කරති.‘ද කැම්පේන්’ හොලිවුඩ් හාස්‍යමය චිත්‍රපටයකි. එකිනෙකා පිළිබඳ අමනාපයෙන් පසුවන එකම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු වටා ගෙතුන කතා පුවතක් මෙහි ඇතුළත්වේ. ජේ. රොච්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි විල් ෆෙරල්, සෑම් ගලිෆිනකිස්, ජේසන් සුඩිකිස්, කැතරින් ලානසා, ඩිලන් මැක්ෙඩ්‍රිමොට්, ජෝන් ලිත්ග්‍රෝ, ඩැන් ආකොයිඩ් සහ බ්‍රයන් කොක්ස් ප්‍රධාන චරිත නිරූපණය කරති.‘ටෝටල් රිකෝල්’ හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයකි. 1990 වසරේදී තිරගත වූ ‘ටෝටල් රිකෝල්’ හි නැවත නිෂ්පාදනයක් ලෙස නිර්මාණය කළ මෙය ලෙන් වයිස්මන්ගේ අධ්‍යක්ෂණයකි. කොලින් ෆැරෙල්, කේට් බෙකින් සෙල්, ජෙසිකා බියෙල්, බ්‍රයන් ක්‍රැන්ස්ටන්, ජෝන් වෝ සහ බිල් නයිගි රංගන දායකත්වය ලබා දෙති.2003 වසරේදී තිරගත වූ ‘භුත්’ චිත්‍රපටයේ තවත් කොටසක් ලෙස ‘භූත් රිටර්න්ස්’ නිර්මාණය කර ඇත. ත්‍රාසය, භීතිය රැගත් මෙම චිත්‍රපටය රාම් ගෝපාල් වර්මාගේ අධ්‍යක්ෂණයකි. දිගු කලක් සිනමාවෙන් ඉවත්ව සිටි මනීෂා කොයිරාල භූත් රිටර්න්ස් සමඟ නැවත ක්ෂේත්‍රයට පිවිසි අතර මනීෂා සමග ජේ. ඩී. චක්‍රවර්ති, මධු ෂලිනි, අල්යානා ෂර්මා මෙහි රංගනයෙන් දායක වෙති.නිඛිල් අද්වානි විසින් අධ්‍යක්ෂණය කළ ‘දිල්ලි සෆාරි’ ත්‍රිමාණ සජීවිකරණ පවුලේ චිත්‍රපටයක්. මූම්බායි නගරයේ සිට දිල්ලි නගරය දක්වා ගමනක යෙදෙන සතුන් පිරිසක් වටා ගෙතුණ අපූරු කතා පුවතක් මෙහි ඇතුළත් වේ. ආක්ෂේ ඛන්නා, ගෝවින්දා, සුනිල් ෂෙට්ටි, බෝමන් ඉරානි සහ උර්මිලා මාටොන්ඩිකා විසින් මේ සඳහා හඬ දායකත්වය ලබා දෙති.යතේජා ඥානරත්න
| 1CREATIVE
|
මේ දිනවල මම වෙනුවට ව්‍යාජ ජොලි සීයලා බිහි වී සිටින නිසා එයාලට විරුද්ධව නඩු මාර්ගයකට පිවිසිලා ඉන්නේ.ඊට අමතරව මගේ දුව උපේඛායි ‘ඇරෝස්ටාර්’ සංගීත කණ්ඩයමයි සමඟ ලබන දෙසැම්බරයේ ප්‍රසංගයකට විදේශ ගත වෙනවා.
| 1CREATIVE
|
හොරණ සිට ධාවනය වන මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථවලින් 90%කට වැඩි ප්‍රමාණයක මගීන්ගේ ගමන් ගාස්තු සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව මගී ජනතාව පවසති. පෞද්ගලික මගී ප්‍රවාහන සේවයට අයත් ප්‍රධාන මාර්ගයන්හි අංක 120 හොරණ - කොළඹ, බස්රථවල ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබන්නේ රු 20ට වැඩි බස් ගාස්තු සඳහා පමණක් බවද ඔව්හු පවසති.විශේෂයෙන් අතුරු මාර්ගයන්හි ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන අතරම මේ නිසා ඉඳහිට ගමන් කරන මගීන්ගේ රු 1, 2, 3, ගෙවීමෙන්ද ලිස්සා යන බවද ගම්බද මගීහු පවසති. එහෙත් ඇතුළත බස් රිය තුළ ප්‍රවේශපත්‍රයක් නොගෙන ගමන් කරන මගීන්ගෙන් දඩ මුදල් අය කරන බව සඳහන් දැන්වීම් ද ප්‍රසිද්ධ කර ඇතැයි මගීහු පවසති.මෝටර් රථවාහන පනතේ 186 (4) වගන්තිය යටතේ බස් මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් නොකර ගාස්තු ලබා ගැනීම ඔවුන්ට දඬුවම් ලැබිය හැකි වරදක් බව සඳහන් වේ. බස් රථය ඇතුළට ගොස් ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීමක් පෞද්ගලික බස් රථවල සිදු නොවන අතර ඉඳහිට තුංමං හංදිවල සිටින මාර්ග පරීක්ෂකවරු ලොග් පත්‍රය පරීක්ෂා කිරීම පමණක් සිදු කරන බව මගීහු පවසති.පෞද්ගලික බස් රථවල අඩුපාඩු සහ විෂමතා ගැන ගමනා ගමන කොමිෂන් සභාවට දන්වන්න යැයි මාධ්‍ය මඟින් දැනුවත් කරන නමුත් බොහෝ බස් රථවල ඇතුළත බස් රථ අංකය සඳහන් කර නැතැයි මගීහු පවසති.අතරමග හන්දිවල මගී බස් රථය බොහෝ වේලාවක් නතර කර තැබීම, මගීන් සහිත බස් රථ සඳහා ඉන්ධන ලබා ගැනීමට පිවිසුම් පොළවල නතර කිරීම, බසය ධාවනය කරමින් මොබයිල් ෆෝන්වලින් අනෙක් බස් රියේ රියැදුරුට පණිවුඩ ලබා දීම ආදී අවස්ථා පරීක්ෂා කිරීමට විධිමත් ජංගම පරික්ෂවරුන්ගේ හිඟයක් පවතින බව ද අධිකාරියේ නිලධාරිහු පවසති.කෙසේ වෙතත් ජනතාව පීඩනයට සහ අපහසුතාවට පත් කරන මෙබඳු ක්‍රියා මාර්ග නතර කිරීමට අදාළ බලධාරින් පියවර ගෙන නැතැයි මගී ජනතාව පවසති..
| 2NEWS
|
එදා 2011 ජනවාරි 4 වැනිදා.....නංගි දීලා අක්කා ගන්න උන ඓතිහාසික අවස්ථාවට ලෙස්ලි අයියා හා මා හට උදව් දුන් නුඹ.... විදුහලට දරුවන් ඇතුල් කරද්දී විදුහල්පතිනියගේ කාමරයේ අවුරුද්දට විසි තිස් දෙනෙකු තීන්ත ගෑ ක්‍රමය වෙනස් කළ නුඹ....දරුවන් උසිගන්වා උන් ලවා විදුහල්පතිතුමා ඉදිරියට රතිඤ්ඤා දැමූ යුගය වෙනස් කළ නුඹ....පාසල පාසලක් ලෙස දකින්නට දරුවන්ට දෙමාපියන්ට ගුරුවරුන්ට හුරුකරවා ආදි සිසුන්ගේ අවධානය යොමු කරවා ගොඩනගන ලද අලුත් පාසල බලන්නට ලස්සනයි... අලුත් දරුවන් බදවා ගැනීමේදී සිත් ඇදගන්නා ලෙස උත්සව පවත්වන්නට, ශිෂ්‍යත්ව ජයගත් දරුවන්හට සහතික ත්‍යාග පිරිනමන්නට, අවුරුදු උත්සව, ළමා දින උත්සව එකී නොකී දහසක් දේ කළ නුඹ...අවසන් වශයෙන් විද්‍යාලයේ රුව හා නම අඩංගු අභ්‍යාස පොත් මුද්‍රණය කරවා දුන් නුඹ...හෙට දින අවසන් ගමන් යන්නේය..හෝ/පහත්ගම රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ලෙස උන් වනසිංහ මුල් ගුරුතුමනි සසර කෙළවර අමාමහ නිවනට පත්වේවායි පැතුම් පතන්නෙමි...එහෙත් නුඹ මිය යන්නේ ඕනාවට වඩා බීමත්කම හේතුවෙන් බව පිළිනොගෙන ඉන්නට වෙර දරන්නම්...ප.ලි. ඔහුගේ මළගමේදී කෙරුණු කථාවන් අතර කුඩාකළ ඇතිවූ සෙංගමාල(කහඋණ) රෝගී තත්ත්වය මත සිදුවිය යුතුව තිබූ පරිස්සම නැතිවීම හා තමා ගැන සෙවීමට වඩා රාජකාරිය ගරුකොට සලකා ලෙඩට අවැසි ප්‍රථිකාර මඟහැරීම ගැන සියල්ලන් කථා කථා කරන්නට යෙදුණි. ඒ සියල්ල උවමනාව තිබුනේනම් ඔහුටම වලකා ගත හැකිව තිබුනත්, අවසාන මොහොතේ පැමිණ තිබූ පිළිකාවෙන් කෙසේනම් ගැලවෙන්නද.
| 3BLOG
|
සරසවිය පුවත්පතට සමගාමීව අන්තර් ජාලය ඔස්සේ ‘සරසවිය’ නැරඹිය හැක.දිනපතා උණුසුම් පුවත් ක්ෂණයෙන් අන්තර් ජාලයට මුදා හැරීම හා පුවත්පතෙහි අන්තර්ගතව ඇති ප්‍රවෘත්ති හා විශේෂාංග ඔබ සැමට නැරඹීමට හැකි වන සේ සරසන්නේ වෙබ් අංශයෙනි.වෙබ් අංශයේ පිරිස:1. නදීක සෙනරත් පතිරණ2. මංජුල මහින්ද3. බුද්ධික ජයමහ4. විජිත ජයසිංහ5. රේඛාවෝ මාවතගම6. උපේක්ෂා සමරසිංහ7. තනුෂිකා සෙනෙවිරත්න8. එරන්දි වීරකෝන්9. මනේෂ් වෙත්තසිංහ10. ඩිරේෂ් ඇලෙක්සිස්
| 1CREATIVE
|
වෙලඟපළ සෞඛ්‍ය මධ්‍යස්ථානය දැනට වසර 12ක් තිස්සේ වසා දමා ඇති බවට තොරතුරු ලැබී තිබේ. මේ සෞඛ්‍ය මධ්‍යස්ථානය වසා දැමීමෙන් පවුල්500ක් පමණ අසීරුවට පත්ව සිටිති.මේ පිළිබඳව ගම්වැසියෝ කීප දෙනෙක් මෙසේ අදහස් දැක්වූහ.වෙලඟපල පදිංචි එන්. ජී. රූපසිංහ මහතා - මේ ගොඩනැගිල්ල වහලා වසර 12ක් වෙනවා.දැන් දිරාපත්වෙන්න ඇරලා. මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානය අලුත්වැඩියා කරදෙන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.අම්මඩුව පදිංචි පී. ඩබ්. කරුණාරත්න මහතා - “මේ ගමේ පවුල් 500ක් පමණ ජීවත් වනවා. මේ ගොඩනැගිල්ල අලුත්වැඩියාකර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ලබාදීමට කටයුතු කළත් මේ දුෂ්කර ප්‍රදේශවල ජනතාවට විශාල සේවයක් වේවි.දැනට මවුවරුන්ට එම සේවා ලබාගන්න කි.මී. 4 – 5 ක් දුර ගෙවාගෙන යන්න සිදුවෙලා.වෙලඟපල ගමේ පදිංචි ඩී. ආර්. යමුණා සංජීවනී මහත්මිය මෙසේ කීවාය.මවක්හැටියට අපට මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානය නැවත අලුත්වැඩියා කර එම සේවය ලබාගන්න හැකි වුණොත් විශාල පහසුවක් වේවි.හිටපු නිලධාරිනියට උසස්වීමක් ලැබිලා වසර 12කට කලින් මාරුවෙලා ගියා.ඊට පස්සේ කවුරුත් පැමිණියේ නැහැ. පහසුකම් පවතින මේ සෞඛ්‍ය මධ්‍යස්්ථානයේ සේවය ලබාදෙන්න කියලා අපි බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.වෙලඟපල සෞඛ්‍ය මධ්‍යස්ථානය අද වල්බිහිවෙලා. අද වටිනාකමින් බැලුවොත් රුපියල් ලක්‍ෂ 10 කටවත් මෙවන් අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට බැහැ.මෙවැනි සම්පත් වල්වැදෙන්න ඉඩහැරීම ජාතික අපරාධයක්. මෙම ගොඩනැගිල්ලේ වහලය අලුත්වැඩියාකර පාවිච්චියට ගැනීමේ හැකියාව පවතිනවා. මෙය අලුත්වැඩියාකර පවුල් සෞඛ්‍ය නිලධාරිනියකගේ සේවය ලබාදෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.
| 2NEWS
|
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.Holy Motorsලියස් කැරැක්ස් විසින් අධ්‍යක්ෂණය කළ ‘හෝලි මෝටර්ස්’ ප්‍රංශ විනෝදාත්මක චිත්‍රපටයකි. 65 වන කාන් චිත්‍රපට උළෙල සඳහා ඉදිරිපත් කළ මෙම චිත්‍රපටය එකිනෙකට වෙනස් සමාන්තර ජීවිත දෙකක් අතර ගමන් කරන මිනිසෙක් පිළිබඳ සඳහන් කතා පුවතකින් සමන්විත වේ. ඩෙනිස් ලැවැන්ටි, එඩිත් ස්කොබ් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.TheOrangesආදරය, හාස්‍ය ඇතුළත් ‘ද ඔරේන්ජස්’ චිත්‍රපටය ජුලියන් ෆරෙයිනෝ ගේ අධ්‍යක්ෂණයකි. හග් ලවුරින්, ලෙයිතන් මිස්ට්‍රර්, කැතරින් කීනර්, ඇඩම් බ්‍රෝඩි, ආලියා ෂෝකට්, ඔලිවර් ප්ලැට්, ඇලිසන් ජෙනි මෙහි චරිත නිරූපණය කරති.ResidentEvil . Retribution‘රෙට්රිබ්යුෂන්’ රෙසිඩන්ට් එවිල් චිත්‍රපට මාලවේ පස් වැනි කොටසයි. විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය සඳහා මිලා ජෝවි, මයිකල් රොඩ්ඩ්‍රිකියුස්, කෙවින් ඩුරැන්ඩ්, සීනා ගිලරි, ෂෝන් රොබට්ස් ඇතුළු පිරිසක් දායකත්වය ලබා දෙති.Looper‘ලූපර්’ තවත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි. රේන් ජොන්සන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ බෲස් විලීස්, ජෝෂප් ජෝඩ්න්, එමිලි බ්ලන්ට් ප්‍රධාන චරිත නිරූපණය කරති. ලූපර් මේ වසරේ ටොරෙන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ආරම්භක චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය කරන ලදී.MoonriseKingdomහාස්‍ය ආදරය රැගත් ‘මූන්රයිස් කිංග්ඩම්’ ගිම්හාන කඳවුරක සිටින ළමුන් පිරිසක් වටා ගෙතුන කතා පුවතකින් සමන්විත වෙයි. වෙස් ඇන්ඩර්සන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි ජෙරඩ් ගිල්මන්, කාරා හෙවාර්ඩ්, බෲස් විලිස්, එඩ්වර්ඩ් නොර්ට්න්, බිල් මරී ඇතුළු පිරිසක් දායකත්වය ලබා දෙති.PitchPerfectවිනෝදාස්වාදය රැගත් සංගීතමය චිත්‍රපටයක් වන ‘පිච් පර්ෆෙක්ට්’ ජේසන් මෝරේගේ අධ්‍යක්ෂණයකි. මිකි රැජකින්ගේ ‘පිච් පර්ෆෙක්ට්’ කෘතිය ඇසුරින් මෙය නිර්මාණය වී ඇත. ඇනා කෙන්ඩ්‍රික්, රැබෙල් විල්සන්, බ්‍රිට්නි ස්නෝ, ඇනා කැම්ප්, ස්කයිලර් ඇස්ටින්, ෆ‍්‍රිඩ්ල් ස්ට්‍රෝමා මෙහි චරිත නිරූපණය කරති.Argo‘ආගෝ’ ඇමෙරිකානු ත්‍රාසජනක චිත්‍රපටයකි. බෙන් ඇෆ්ලෙක්ගේ අධ්‍යක්ෂණයක් වන ආගෝ හි බෙන් ඇෆ්ලෙක් ඇතුළු බර්ගන් ක්‍රාන්ස්ටන්, ඇලන් ආකින්, ජෝන් ගුඩ්මැන් චරිත නිරූපණය කරති.Chittagong‘චිතගොන්’ බොලිවුඩ් චිත්‍රපටය ජුන්කු නමැති අවුරුදු 14 ක ලැජ්ජාශීලී පිරිමි ළමයෙක් වටා ගෙතුන කතාවකින් සමන්විත වේ. බෙඩාබ්‍රාටා ජෙන්ගේ අධ්‍යක්ෂණයක් වන චිතගොන් හි මනෝජ් බජ්පායි, වේගා තමෝතියා, ජායිදීප් අල්වට් රංගන දායකත්වය ලබා දෙති.යතේජා ඥානරත්න
| 1CREATIVE
|
පටුන 1 සිංහල ඉතිහාසය 2 විජයට පෙර යුගය 3 විජයගේ පැමිණීම 3.1 පණ්ඩුකාභය රජතුමා 4 අනුරාධපුර යුගය 5 පොලොන්නරු යුගය 6 අනෙකුත් රාජධානි 7 මහනුවර යුගය 8 පරංගින්ගේ පැමිණීම 9 ලන්දේසින්ගේ පැමිණීම 10 ඉංග්රීසින්ගේ පැමිණීම 11 නිදහසෙන් පසු ශ්‍රී ලංකාව සිංහල ඉතිහාසය[සංස්කරණය] සිංහල ඉතිහාසය ගැන නොයෙකුත් ප්‍රවාද ඇත. මෙයින් ප්‍රධාන වන්නේ විජයගේ පැමිණීම හා සිංහබාහු කතාවයි. නමුත් ඊට පෙර සිටම ලංකාවේ උසස් සංස්කෘතියක් තිබී ඇත. බුදු රජුන් තෙවතාවක් ලංකාවට පැමිණ ධර්මය දේශනා කර ඇත. ලංකා ඉතිහාසය ගැන ලියවී ඇති මහාවංශය හා චූලවංශය ඉතා චටිනා සාක්‍ෂි සපයයි. විජයට පෙර යුගය[සංස්කරණය] විජයගේ පැමිණීම[සංස්කරණය] විජය රජු ලංකාවට ඇතුළු වී ඇත්තේ තම්බපන්නියෙනි. මෙහිදී කුවේණි නම් සිංහල රැජිනියක් කපුකටිමින් සිටින අයුරු විජය රජු දෙක ඇත. අසවානයේ කුවේණිය මේ විජය රජු ඇතුළු පිරිස ජීවග්‍රහයෙන් අල්ලාගෙන ඇත. නමුත් පසුව විජය රජු කුවේණිය සමග ආදරයක් ආරම්භාකරමින් කපටි ලෙස ලංකාව වටලා ලංකාවේ ප්‍රථම රජු ලෙස ලිකිත සාහිත්‍යයේ රජ වී ඇත. පණ්ඩුකාභය රජතුමා[සංස්කරණය] මහාවංසයට අනුව මෙම රජු ක්‍රි.පූ.437 දී ප්‍රථම වරට අනුරාධපුර රාජධානිය පිහිටුවා ගත් අතර වසර 70ක් පමණ අනුරාධපුරය අගනුවර කොට ගනිමින් ලක්දිව පාලනය කළහ.මොහු අනුරාධපරයේ වාරිකර්මාන්තයේ ආරම්භක රජු ලෙස සලකන අතර මොහු විසින් වැව් 3ක් කළ බව මහාවංසයේ දැක්වේ.ඒවා ලෙස අභය වැව ජය වැව ගාමිණී වැව හදුන්වා දිය හැකිය. අනුරාධපුර යුගය[සංස්කරණය] පොලොන්නරු යුගය[සංස්කරණය] අනෙකුත් රාජධානි[සංස්කරණය] මහනුවර යුගය[සංස්කරණය] පරංගින්ගේ පැමිණීම[සංස්කරණය] 1505 දී මොවුන් ලංකාවට පෑමිනිනි. ලන්දේසින්ගේ පැමිණීම[සංස්කරණය] ඉංග්රීසින්ගේ පැමිණීම[සංස්කරණය] නිදහසෙන් පසු ශ්‍රී ලංකාව[සංස්කරණය] කව්රුත් දන්නේ නැද්ද මේක?
| 0ACADEMIC
|
පසුගිය සතියෙන්...දැන් ඔන්න විස්කි ග්ලාස් කීපයක් හිස් කරල ටික වෙලාවක් යන කොට මගේ ඇස් දෙකෙන් ගින්දර පිටවෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා. වටපිට බලපුවහම කැරකෙනවා. ගුවන් සේවිකාවන් එක්නෙකා දෙන්න වෙලා පේන්න පටන් ගත්තා. යානය ඇතුළේ ඉන්න අනික් මඟීන් මට ඩබල් ට්‍රිබල් වෙලා පේන්න ගත්තා. යානයේ ජනෙල් කවුලුවෙන් එබිල බැලුවහම වලාකුළු අතරින් ඉගිලිලා යනවා වගේ මට දැනෙන්න වුණා. හරියට රූබර ලලනාවන් ගොඩක් සමඟ ඇලී ගැලී ඉගිල්ලිලා යනවා වගේ මට දැනෙන්නට වුණා. දැන් මට ඉන්න තැනුත් අමතක වෙලා. කියන්නේ මොනවද, කරන්නේ මොනවද කියලවත් මට දැන් නිච්චියක් නැති තරම්.ඔය අතරේ හිතට ආපු ජොලියට හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා කියලා මම කෑගැහුවා. මෙහෙම කියලා බලන කොට ප්ලේන් එකේ හැමෝම මගේ දිහා බලාගෙන ඉන්නවා මට පේනවා. මේ අයගේ මුහුණු මට දෙක වෙලා පේනවා. ගුවන් යානයට ගොඩ වෙන වෙලාවේ මගේ හිතේ තිබුණ ලැජ්ජා භය චකිතය දැන්නම් මගේ හිතේ කොනකවත් ගෑවිලා නෑ.දැන් මට මේ විදියට කෑගහල තියෙන්නේ සැබෑ සිහියෙන් නොවන බව මට තේරුණේ මේ කවුරුත් මම දිහා බලා ඉන්න විදියෙන්. මගේ මේ වෙනස් හැසිරීම නිසාම මගේ අසලින් ගුවන් යානයේ වාඩි වෙලා හිටිය අයත් පුදුම විනෝදයක් ලබනවා කියලා මට දැනුණා. ඒ හින්දම මමත් ඒ අයට තව තවත් විනෝදයක් ලැබෙන විදියට හැසිරෙන්න පටන් ගත්තා. රූබර ගුවන් සේවිකාවන්ටත් මගෙ හැසිරීම හරිම විනෝදජනක වුණා.එක පාරක් සීතලටත්, තවත පාරක් උෂ්ණත්වයටත්, තවත් පාරක් සෙම් කෝපයටත් එක එක වර්ගයේ සැර බීම වර්ග තරම ඉක්මවා බීම නිසාම මගේ හැසිරීම වෙනස්ම මුහුණුවරක් අරගෙන තිබුණා. ඔය අතරේ ගුවන් යානයේ පාලක මැදිරියෙන් නිවේදනයක් නිකුත් වෙන්න පටන් ගත්තා. දැන් අපේ ගුවන් යානය ඩුබායි රටට ළං වෙනවා කියලා. මම ටක් ගාලා ජනෙල් කවුළුවෙන් බිම බැලුවා.මොන ගොඩබිමක් ද වලාකුළු ගොඩක් ඇරෙන්න වෙන කිසිම දෙයක් පේන්න නෑ. ටික වෙලාවක් යන කොට වලාකුළු අතරින් චුටි කලා මැදිරි එළි ගොඩක් දිස්වෙන්න පටන් ගත්තා. ඒ තමයි ඩුබායි නගරය. ක්‍රමක් ක්‍රමයෙන් ගුවන්යානය රට ඇතුළට ළං වෙන කොට ආයෙත් ගුවන් යානයේ පාලක මැදිරියෙන් නිවේදයක් නිකුත් වුණා.ගුවන් යානය ගොඩ බසින්න සූදානම්. ආසන පටි තද කර ගන්න කියලා. ඒ වෙන කොටත් මම පටිරෝල් කරගෙන තිබුණ නිසා තව මොන පටි ද තද කර ගන්න තියෙන්නෙ කියලා හිතලා මම වටපිට බලමින් හනික වෙරි හින්දම පටිය උපරිමයෙන් තදකර ගත්තා.මෙතෙක් වෙලාවක් මුහුද උඩින් ආපු අපිට ක්‍රමයෙන් ගොඩ බිමත්, එහි අලංකාරයත් දිස් වෙන්නට පටන් ගත්තම යානයේ හිටිය හැමෝම සතුටින් ඉන්න බව මට පේන්න පටන් ගත්තා. ඒත් මට නම් හිතට දුකක් ඇති වෙන්න පටන් ගත්තේ හරියට දිව්‍ය ලෝකේ ඉඳලා ආයෙත් මනුෂ්‍ය ලෝකයට ගොඩ බහින්න වුණානේ කියලා හිතුණ නිසා. සිහින ලෝකයක අතරමං වෙලා හිටිය මට ගොඩබිමට ළං වෙන කොටම මතක් වුණේ අරාබි රටවල පවතින දැඩි නීති රීති. ඒ රටවල තියෙන දඬුවම්වල භයානකකම. මේවා මගේ හිතට මතක්වෙන කොට මගේ වෙරි ඉබේටම බැස්සා. වෙරි මරගාතේ යානයෙන් බහින්නේ කොහොමද?අපේ රටේ පොලීසි වගේ බීල ඉන්න අයව අල්ලයිද? ඩුබායි පොලීසිය දෙකක් ඇනලා මාව කූඩුවට දමයිද? දඩ ගහයිද? මට ඇප තියන්න වෙයි ද? එහෙම වුණොත් මට වෙන වස ලැජ්ජාව. දැන් මම ප්‍රශ්න රාශියකට මැදි වෙලා. ඔන්න ඔය අතරේ පාන්දර හතරට විතර ගුවන් යානය ඩුබායි ගුවන්තොටුපළට ගොඩ බැස්සා. මගේ හිතේ බය තවත් වැඩි වුණා.අපේ රටේ පොලීසියේ අය නම් මේ වෙලාවට හොඳට නිදියන වෙලාව. ඩුබායි රටේ පොලීසියේ අයත් එහෙම වුණොත් මට චාන්ස් එකක් තමයි කියලත් මට හිතුණා. දැන් ඉතිං මොනව කරන්නද. මම කරගත්ත දේවල්වලට මමම විඳවන්න එපායැ. ඕනෑ දේකට මුහුණ දෙන්න කියලා හිතලා හිතට ධෛර්ය ගත්තා. කවුරු නැතත් මට ඇනස්ලි, සැමුවෙල් ඉන්නවා. මම හිත ආයෙත් හදාගෙන බැරි බැරි ගාතේ වෙරිමර ගාතේ ගුවන් යානයෙන් හෙමින් සැරේ බැහැ ගත්තේ මගේ හැසිරීමෙන් විමෝදයක් ලබපු පිරිසගේ මුවඟ රැදුණ සිනාවන් අතරින්.චන්දන දයාසිරිවර්ධනඡායාරූප - ශාන් රඹුක්වැල්ල
| 1CREATIVE
|
වසර ගණනාවක් වසා දමා තිබූ අම්පාර සිනී කර්මාන්ත ශාලාව සිය නිශ්පාදන කටයුතු අරම්භ කරනු ලැබුවේ මීට වසර දෙකකට පෙරය. 2014 වර්ෂයේ උක් ඇඹරැම පසුගියදා උත්සවශ්‍රීයෙන්සිදු වුණි.නැගෙනහිර නවෝදය යටතේ 2007 වර්ෂයේ දී උක් වගා කිරීම ආරම්භ කෙරිණි. එදා එක් ඉඩමකින් පටන් ගත් උක් වගාවේ මේ වන විට උක් අක්කර 4000 කට ආසන්න ප්‍රමාණයක් උක් වගා කර තිබේ.මේ වර්ෂය අවසාන වන විට අක්කර 5200ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබේ.2012 වර්ෂයේ උක් ඇඹරුම පර්යේෂණ මට්ටමේ සිදුවු අතර 2012 වර්ෂයේ සිනී ටොන් 35000ක් නිෂ්පාදනය කර තිබුණී. එය 2013 වර්ෂය වන විට සිනී ටොන් 10000 ක ඉලක්කයට යාමට කර්මාන්ත ශාලාව ශක්තිමත් වී තිබේ.2014 වර්ෂයේ සිනී නිශ්පාදනය ටොන් 20000 දක්වා වැඩි කර ගැනීමට ඉලක්කකර තිබෙන බව ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ගාමිණි රත්නායක මහතා පැවැසීය. එය 2015 වන විට සිනී ටොන් 30000 දක්වා වැඩි කිරීමටත් එතනෝල නිශ්පාදනය ආරම්භ කිරීමටත් කටයුතු සූදානම් කර තිබේ.කර්මාන්ත ශාලාවේ මුළු සේවක පිරිස 1000කට ආසන්න වන අතර උක් ගොවින් 4000ක් පමණ උක් වගාවට යොමු වී තිබේ. විවිධ බාධක මධ්‍යයේ ආරම්භ කරනු ලැබූ හිගුරාණ උක් කර්මාන්ත ශාලාවෙන් ප්‍රදේශයේ ආර්ථකය නගා සිටුවීමට හැකි වීම පිළිබද ප්‍රදේශයේ ගොවි ජනතාව සතුට පළ කර සිටිති.ඇඹරැම් උත්සවයට සහභාගි වූ ගල්ඔය වැවිලි සමාගමේ විධායක අධ්‍යක්ෂ හා ඇඹිලිපිටියේ නගර සභාවේ උප නගරාධිපති ලලිත් ගමගේ මහතා මෙසේ කීය.2007 වර්ෂයේ එම කර්මාන්ත ශාලාව නැරඹීට ආපු මට දැකගන්න ලැබුණේ යකඩ ගොඩක්මේ යකඩ ගොඩ නැවත ක්‍රමවත් කරන්න කියලා ජනාධිපතිතු මට උපදෙස් දුන්නා. මම බය නොවි මේ භාර්ය දූර්ය කාර්යට අත තැබූවේ ජනාධිපතිතුමාගේ විශ්වාසය නිසා. එදා අපට උක් වගා කරන්න ගොවියෙක් සොයාගන්න බැරි යුගයක් තිබුණා.බෙහෝම අමාරුවෙන් අක්කර 2 1/2 කින් වගාව ආරම්භ කළේ. මෙය නගා සිටුවීමට කළ යුතු කාර්යක් නිසා. සේවකයන් 1000ක් පමණ මේවන විට බදවාගෙන තිබෙනවා.වක්‍ර රැකියා අවස්ථා 20000ක් පමණ ඇතිවෙලා තියෙනවා. පාන් රාත්තලක් විකුනන්න බැරිව සිටිය හිගුරාණ නගරය අද නොනිදන නගරයක් වෙලා.අපේ ඉලක්කය 2015 වන විට රටේ සීනී අවශ්‍යතාව 5% ක් මේ කර්මාන්ත ශාලාවෙන් ලබා දෙන්නයි. මේ වන විට මේ කර්මාන්ත ශාලාවට ලක්ෂ 290000 ක් පමණ ආයෝජනය කරලා තියෙනවා.සෑම වර්ශයකම කර්මාන්ත ශාලාව නවීකරනය කරන්න ලක්ෂ 200000 ක් විතර වියදම් වෙනවා මෙවැනි විශාල මුදලක් පෞද්ගලික ආයතනයක් විසින් ආයෝජනය කරන්න රජය පිළිබදවත් ජනාධිපතිතුමා පිළිබදවත් විශ්වාසයක් තිබිය යුතුයි..
| 2NEWS
|
මවුබිම ත්‍රස්තවාදයෙන් මුදාගැනීමේ විස්මිත විජයග්‍රහණය සැමරීමට කොළඹ, ගාලු මුවදොර ක්‍රීඩාංගණයේදී ඊයේ (18) පැවැත්වුණු උළෙල වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකයන් තීරණය කළත් එම පක්ෂයේ ප්‍රබලයෝ කිහිප දෙනෙක් එහි පැමිණ සිටියහ.විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග, සජිත් පේ‍්‍රමදාස, මහත්වරු මෙන්ම එජාප මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතාද මේ අවස්ථාවට එක්ව සිටියහ.මීට අමතරව එජාපයෙන් තරග කර පාර්ලිමේන්තු වරම් ලැබූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ද මේ අවස්ථාවට එක් විය.
| 2NEWS
|
හබරණ කන්තලේ මාර්ගයේ හතරැස් කොටුව ගල්වංගුව අසලදී ලොරියක් පෙරලීමෙන් මාර්ගයේ නිදා සිටි ගවයන් නව (09) දෙනෙකු මියගොස් තිබේ.පෙරේදා (22) අලුයම අනතුර සිදුව ඇති අතර මාර්ගය මැද ගවයන් නිදාසිටි බව රියදුරු පවසයි. කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථයක් මෙසේ අනතුරට පත්ව තිබේ.ලොරියේ සෙවිලිතහඩු රැගෙනවිත් තිබේ. අධික මීදුම හේතුවෙන් මාර්ගය අපහැදිලි වීමෙන් අනතුර සිදුව ඇති බව පරීක්‍ෂණ පවත්වන හබරණ පොලිසිය පවසයි.ලොරියේ රියදුරු හබරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට විරුද්ධව නඩු පවරන බව හබරණ රථවාහන පොලිසියේ නිලධාරියෙක් කීය.මියගිය ගවයින් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා හබරණ පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව 22 සවස පුලුස්සන ලදී..
| 2NEWS
|
සිරස TV මෙරට රියැලිටි ටෙලිවිෂන් වංශ කතාවේ සමාරම්භය සනිටුහන් කරමින් 2005 වසරේ ආරම්භ කළ “සිරස සුපර් ස්ටාර්” වැඩසටහන් මාලාවේ හයවන අදියර මේ වනවිටත් ප්‍රේක්ෂක රසවින්දනයට තිළිණ කර ඇති බව දැනුම් දෙනුයේ ඉමහත් සතුටිනි.ඉදිරිපත් කිරීමේ ස්වභාවය අතින් ද ආකෘතිමය වශයෙන් ද සිරස සුපර් ස්ටාර් හයවන අදියර නැවුම් ස්වරූපයක් ගෙන තිබේ.සිරස සුපර් ස්ටාර් වැඩසටහන තුළින් ම ජනාදරයට පත් සුපිරි තරු රෑනක දීප්තියෙන් සුපර් ස්ටාර් වේදිකාව ඒකාලෝකවත්වීම මෙවර දැකිය හැකි සුවිශේෂිතාවකි. ඒ අනුව සිරස සුපර් ස්ටාර් පස්වන අදියරේ සුපිරි කිරුළට හිමිකම් කී සුපිරි තරුව දසුන් මධුෂාන් සිය නිසඟ ගායන හැකියාව අතික්‍රමණය කරමින් නිවේදක භූමිකාවට ප්‍රවිෂ්ට වීමේ දුර්ලභ අවස්ථාව මෙවර සිරස ප්‍රේක්ෂකයාට අත්විඳීමට ලැබෙනු ඇත.පුහුණුකරුවන්ගේ මණ්ඩලයේ ද සුවිශේෂී වෙනසක් සිදුව ඇත. එනම් කලකට පෙර සුපිරි ස්ටාර් වේදිකාව හැඩ කළ, අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනූ ගායන ශිල්පිනී අමිලා නදීශානි සහ සුවිශේෂී, ප්‍රතිභාපූර්ණ හඬකට හිමිකම් කියන සංගීතවේදී දුමාල් වර්ණකුලසූරිය මෙවර සුපර් ස්ටාර් පුහුණුකරුවන්ගේ මණ්ඩලයේ අසුන්ගෙන ඇත. එය ද ප්‍රේක්ෂක අවධානය දිනාගන්නා සුවිශේෂීතාවකි. ඔවුන් දෙපළට අමතරව ප්‍රවීණ සංගීතවේදී හේෂාන් ගමගේ මෙවර ද පුහුණුකරුවන්ගේ මණ්ඩලයට එක්ව එම කාර්යභාරයට උරදෙනු ඇත.එමෙන්ම පුහුණුකරු තෝරා ගැනීමේ ස්වයංවරය තරගකරුට හෝ තරගකාරියට ලැබීම තවත් සුවිශේෂීතාවකි.ප්‍රේක්ෂක මනාපයෙන් තේරී පත්වුණු විශිෂ්ටතම හඬ පෞරුෂයට මෙවර ද අතිවිශාල ත්‍යාග මුදලක් වන රුපියල් කෝටියක් හිමිකර ගැනීමේ භාග්‍යය උදා වෙයි. අනුශූරතාව සඳහා රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් පිරිනැමේ.දහස් සංඛ්‍යාත තරගකරුවන් අතරින් තේරී පත්වූ 170 දෙනෙකු ආරම්භක වටය නියෝජනය කරමින් මෙවර සුපර් ස්ටාර් වේදිකාවට පිවිසෙන අතර තීරණාත්මක තරග වට ගණනාවකට පසුව අවසන් 18 දෙනාට ඉදිරියට යාම සඳහා පුහුණුකරුවන්ගේ තීරණය හා සමගාමීව ජනතා මනාපය ද වැදගත් වේ.පියෙන් පිය ඉදිරියට පිය නඟමින් ජාත්‍යන්තර වේදිකාවට පිය නඟන්නට වරම් ලබන, අතිවිශාල මුදල් ත්‍යාගයකට හිමිකම් කියන ඒ සුවිශේෂී වූ විශ්වීය හඬෙහි හිමිකරු කවුරුන්දැයි දැනගන්න, ඔක්තෝබර් 19 වනදා සිට විකාශය ආරම්භ වූ සිරස සුපර් ස්ටාර් 6 වන අදියර සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනක ම රාත්‍රී 9 ට සිරස TV ඔස්සේ ද, රාත්‍රී 7 ට සිරස FM ඔස්සේ ද රස විඳින්න.චිත්‍රපටයට සංඝරත්නයෙන් සම්මානයක්ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමා පටයෙහි විශේෂ දර්ශනයක් පසුගියදා වියට්නාමයේදී පැවැත්විණි. එහිදී එම සිනමාපටය අගයා එරට ගරුතර සංඝරත්නයගෙන් විශේෂ සම්මානයක් ද ලබා දෙන ලදී. මෙම මොහොතෙන් පසු ශ්‍රීී සිද්ධාර්ථ ගෞතම සිනමාපටය වියට්නාමයේ ප්‍රදර්ශනය සඳහා ආරාධනා ලැබිණි. ඒ අනුව ලබන වසරේ මාර්තු මාසයේ සිට වියට්නාමයේ සිනමා ශාලා හතළිස් පහක තිරගත වනු ඇත.ගගන් මලික් ප්‍රධාන චරිත මවන මෙහි රන්ජන් රාමනායක, අචල් සිං, රොෂාන් රණවන, සාරංග දිසාසේකර, අංජනි පෙරේරා, ඇතුළු පිරිස චරිත මැවූහ.ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ආචාර්ය නවීන් ගුණරත්නගේ දැවැන්ත නිෂ්පාදනයක් වන අතර නීතිඥ සමන් වීරමන්ගේ අධ්‍යක්ෂණයකි.- ප්‍රසාද්
| 1CREATIVE
|
වෙසෙක් කාලයත් සමඟ විවිධ වූ සාකච්ඡාවලට සහභාගි වීම මේ වෙසක් සමයේදී සිදු වූ විශේෂ කටයුත්තයි. ගිහියන් මේ සති කිහිපය වෙසක් අසිරියෙන් උදම් වී ආමිස හා ප්‍රතිපත්ති පූජාවල යෙදෙන අතරම භික්ෂූන් වහන්සේලා විදියට ඔවුන්ගේ කටයුතුවලට සහයෝගය දැක්වීම අපගේ යුතුකමක්.ඒ කටයුතුවලට අමතරව උපන් දිනයත් යෙදෙන අද වගේ දවසක කිසිවකුගේ ඇස නොගැටුණු වැඩිහිටි නිවාසයකට ගොසින් දානමාන කටයුත්තක නියැළෙන්නයි මා අදහස් කරගෙන සිටින්නේ.
| 1CREATIVE
|
.........
| 3BLOG
|
ගල්ගමුව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු ශිෂ්‍යයකුට කන තුවාල වන ලෙස පහරක් එල්ල කර තිබේ.මේ විදුහල්පතිවරයා ගල්ගමුව පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.පහර කෑමට ලක් වූ ශිෂ්‍යයා 9 වසර පන්තියේ ඉගෙනු ලබන බවත් මේ වන විට ඔහු රෝහල්ගත කර ඇති බවත් ගල්ගමුව පොලීසියේ නිලධාරියකු දිනමිණට පැවැසීය. එම විදුහලේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී අදාළ විදුහල්පතිවරයා එම ස්ථානයට පැමිණ මේ ශිෂ්‍යාට බැණ වදිමින් පහරදී ඇතැයි දෙමවුපියන් පොලිසියට පැමිණිලි කර තිබේ.ගල්ගමුව පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති..
| 2NEWS
|
මොසිල්ලා පදනම Logo of the Mozilla Foundation (See: the Mozilla mascot) ප්‍රාරම්භකයා(යන්) Mozilla Organization වර්ගය 501(c)(3) ස්ථාපිත වූවේ 2003 ජූලි 15 ස්ථානය Mountain View, California, USA මූලාරම්භය Mozilla Organization Products මොසිල්ලා ෆයර්ෆොක්ස් Mozilla Thunderbird e-mail client List of Mozilla Foundation products අවධානය යොමු කරන්නේ අන්තර්ජාලය ආදායම් $123.2 million (2010) Subsidiaries Mozilla Corp. Mozilla Messaging Inc. වෙබ් අඩවිය mozilla.org Entrance to downtown Mountain View office building currently home to both the Mozilla Foundation and the Mozilla Corporation Former office next to the Googleplex shared by both the Mozilla Foundation and the Mozilla Corporation until July 2009 මොසිල්ලා පදනම යනු විවෘත කේත මොසිල්ලා ව්‍යාපාරයට සහයෝගය දීමට සහ නායකත්වය සැපයීමට පවතින ලාභ නොපතන ආයතනයකි. එය 2003 ජූලි මස දී පිහිටුවන ලදී. එය විසින් සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති සැකසීම, යටිතල පහසුකම් පාලනය කිරීම, මොසිල්ලා සතු වෙළෙඳ ලකුණු සහ ප්‍රකාශන හිමිකම් ආරක්ෂා කිරීම වැනි කටයුතු කරනු ලැබේ.
| 0ACADEMIC
|
මේ දවස්වල කලාකරුවන්ට ටිකක් අපලයි. වෙන්නෙම කරදර. නයනා කුමාරිටත් එහෙම නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණපාන්න සිදු වෙලා. ආරංචියේ හැටියට ඇයගේ නිවෙසට හොරු පැනලලු. අප කලාකරුවකුට ඇබැද්දියක් සිද්ධ වුණොත් සරසවිය නිරන්තරයෙන්ම ඔවුන් සමඟ හිටියා. ඒ හින්දාමයි අපි නයනට කතා කරලා මේ පිළිබඳ හොයලා බැලුවේ. ඇය සංවේදීව තමන් මුහුණපෑව ඒ සිදු වීම ගැන කතා කළේ මෙන්න මේ අයුරිනුයි.* නයනා ඇත්තද ඒ කතාව?අපේ ගෙදරට හොරු පැනපු එකද?* ඔව්.කතාව ඇත්ත.* කවදාද?හරියට පසුගිය තුන්වැනි අඟහරුවාදා පාන්දර.* කොහොමද ඔවුන් ඔබේ නිවසට ඇතුළු වෙලා තියෙන්නේ?කුස්සියේ දොරවල් කඩාගෙන.* කවුද ඒ වෙලේ නිවසේ හිටියේ?මමයි, මහත්තයයි, බබයි.* ඒ කාටවත් හොරු එන වග දැනුණේ නැද්ද?එදා පාන්දර මහ වරුසාවක් වැටුණනෙ. වැසසත් එක්ක අපි කාටවත් ඇහැරිලා නැහැ. හොරුත් නිවෙසට ඇතුළු වෙලා තියෙන්නේ මේ සියල්ල ප්ලෑන් කරලා.* මොනවද ඔවුන් ඔබ නිවසෙන් අරගෙන ගිහින් තියන්නේ?මගේ ආභරණ සහ තව පොඩි පොඩි බඩු වගයක්.* ඒවායේ වටිනාකම?ලක්ෂ තුනක් හතරක් විතර.* ඊට වඩා වැඩි යමක් අරගෙන ගිහින් නැද්ද?මගේ ගෙදර මහා ලොකු බඩු භාණ්ඩ නැහැනෙ. තිබුණේ ඒ ටික විතරයි. උන් අරගෙන ගිහිල්ලත් තියෙන්නේ ඒවා.* ඒ අතර ඔබේ මංගල මුදුවත් තිබුණා කියලා ආරංචියි?ඔව්. නැති වූ දේවල් අතර මට වැඩියෙන්ම වටින්නේ ඒක. ඒ විතරක් නෙවෙයි මගේ හස්බන්ඩ් මට මුලින්ම අරන් දීපු තෑගිත් හොරු ගෙන ගිහිල්ලා. මම මෙතුවක් කල් ඒවා ආරක්ෂා කළේ පණ වගේ.* මේ සිද්ධියට සැක කවුරු හරි ඉන්නවද?අනේ නැහැ.* සමහර විට ඔබේ ඊර්ෂි්‍යාකාරයෝ . . .?පිටින් පෙනෙන්න නම් මට එවැනි අය නැත්තටම නැති තරම්. මම මිනිස්සුන්ව ඇසුරු කරන්නේ හරිම පරිස්සමින්. මුහූණට පේන්න හොඳට හිටියට හිත් ඇතුළේ මොනවද තියෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැනේ. ඒත් මම කලින් කිව්වා වගේ මට කිසිම කෙනෙක්ව සැක කරන්නේ නැහැ මේ සිද්ධියට.* ඔබ එවලේම පොලීසියට මේ ගැන දන්වන්න ඇති?ඔව්. මම ඒ මොහොතේම එකසිය දහනවය ගහලා මෙය වාර්තා කළා. පොලීසිය මේ වෙන කොට පරීක්ෂණ පවත්වනවා. ඔවුන් හොරුවන්ව හොයා ගනීවි.* මේ සිදුවිමෙන් පසුව ඔබට යම් ජීවිත අවධානමක් දැනුණේ නැතිද?දැනුණා. හොඳටම දැනුණා. ඒ හින්දම මේ වෙන කොට නිවසට ආරක්ෂක පද්ධතියක් සවි කළා.* තවමත් ඔබේ සිත කම්පා වෙච්ච ගමන්ද?දැන් ටිකක් ෂේප්. මිනිස්සුන්ටනෙ හැම දෙයක්ම වෙන්නේ. අනික මීට වැඩිය කරදර වුණ අය ඕනෑ තරම් ඉන්නවනේ. ඒවා ගැන හිතලා හිත හදාගත්තා. හොරුන්ට රජ මැදරත් එකයි දුගී පැලත් එකයි. තැනක් නොතැනක් නැතුව හොරු පනිනවා. ඒ ගැන හිතලා ආරක්ෂාව ගැන තවත් හොඳින් සැලකිලිමත් වුණොත් හරිනෙ. මේ මොහොතේ හොරුන්ව මට හසු වුණොත් මොනවද දන්නවද කරන්නේ?* නැහැ?මම ඔවුනට අනුකම්පා කරලා මුදා හරිනවා.* ඒ මොකද?මම පුවත්පත්වල දැකලා තියෙන විදිහට හොරු හොරකම් කරන්නේ නැති බැරිකමට. එදා වේල හොයා ගන්න වෙන්න ඇති අපේ ගෙදරටත් හොරු පැනලා තියෙන්නේ. මේ වෙන කොට සමහර විට මගේ ආභරණ විකුණගෙන දරුවන්ට පාන්, පරිප්පු ගෙනිහිල්ලා දීලා ඇති. ඒක හින්දායි මම ඔවුන්ට අනුකම්පා කරනවා කිව්වේ.* ඔබ මෙවර පොසොන් පොහොයට දන්සැලක් සංවිධානය කරන්න හිතාගෙන හිටියා. මේ අලකලංචිය මැද ඒ පුණ්‍ය කටයුත්ත සිද්ධ වෙනවද?අනිවාර්යයෙන්ම කරනවා. මොන දේ වුණත් මම කරන පින් අතේ වැඩ අත අරින්නේ නැහැ. මම කලික් කිව්වා වගේ මගේ රත්තරං බඩුත් දන් දුන්නා කියලා හිතනවා. එහෙම බලද්දී මම දන්සැල් දෙකක් දීලා.* නයනගේ අඹ යාළුවා ගයාත්‍රි ඔබේ නිවසට හොරු පැනලා කියලා දැනගත්තාම මොනවද කිව්වේ?ඇයටත් හරි දුකයි. ගයාත්‍රි දන්නවා මම මුදල් හම්බු කරන්නේ මගේ සැලොන් එකෙන් මගේ මහන්සියෙන් කියලා. වෙනදා වගේම මේ වෙලාවෙත් ඇය මාත් එක්ක හිටියා. මගේ හිත හැදුවා.* මේ සිදුවීමත් එක්ක ඔබ ගැන තවත් සාවද්‍ය තොරතුරු පළවන්නට ඇති?මොකද නැත්තේ. මගෙන් අහන්නේ නැතුව මේ සිද්ධිය ගැන නොයෙකුත් මාධ්‍යවලින් වාර්තා කරලා. එක පුවතක සඳහන් වෙලා තියෙනවා මගේ නිවෙසින් හොරු ලක්ෂ දොළහක් අරගෙන ගිහින්ලු. මේවා දැකලා හොරු මාව හොයාගෙන එයි අපේ ගෙදර ලක්ෂ දොළහක් තිබුණේ කොහෙද කියලා අහගන්න. මම අපේ හිත මිත්‍රයින්ගෙන් ඉල්ලීමක් කරනවා මගෙන් අහන්නේ නැතුව මේ සිද්ධිය ගැන කිසිම විස්තරයක් පළ කරන්න එපා කියලා.සටහන සහ සේයාරුව – ප්‍රසාද් සමරතුංග
| 1CREATIVE
|
සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේබදා: මෑත වර්ෂයන්හී නොවැම්බර් 23 2012 (සිකුරාදා) 2011 (බදාදා) 2010 (අඟහරුවාදා) 2009 (සඳුදා) 2008 (ඉරිදා) 2007 (සිකුරාදා) 2006 (බ්‍රහස්පතින්දා) 2005 (බදාදා) 2004 (අඟහරුවාදා) 2003 (ඉරිදා) නොවැම්බර් 23, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 327 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 328 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 38 ඉතිරිව තිබේ .
| 0ACADEMIC
|
මේකත් අදඡායාරූපශිල්පයේ ගොඩ දෙනෙක් අත්හදා බලන දෙයක්.මමත් අන්තර්ජාලයෙන් හොයලා බැලුවා.ඔයාලටත් දැනගැනීම පිණිස ඒක මම පල කරන්නම්කො..මම දන්නා පරිදි HDR කිරීමේදී යොදා ගන්නේ එකම ස්ථානයකදී සාමාන්‍ය විදිහට හා Explosure එක අඩු හා වැඩි කරන ලද ඡායාරූප 2ක් හෝ වැඩි ගණනක් ගෙන එකතු කර HDR ඡායාරූපය සකස් කිරීමයි..මෙම තාක්ෂණය ගැන හරියටම දන්නා කෙනෙක් ගේ අදහස මට නම් සැහෙන වටිනවා.මම ඉදිරිපත් කරන්නේ ෆොටෝෂොප් මගින් මේ දෙය සිදු කරන අන්දම පමණි.මෙහිදී යොදාගන්නේ ඉහත පරිදි ඡායාරූප කීපයක් නොව,එකම ඡායාරූපය Explosure අඩු වැඩි කිරීමෙනි.මුලින්ම ඔබ ළඟ ඇතිඡායාරූපයක් තෝරාගන්න.ඉන්පසු එමඡායාරූපයේම copy 2ක් හදාගන්න.ෆොටෝෂොප් මත එම ඡායාරූප 2ක open කර ගන්න.ඉන්පසු එකඡායාරූපයක් වෙත යන්න.ඉන්පසු Image->Adjustments->Explosure වෙත ගොස් එහි Explosure අගය -2 ලෙස ලබාදෙන්න.ඉන්පසු එම ඡායාරූපය save කරගන්න.අනෙක් ඡායාරූපයයටද ඉහත පිළිවෙලටම ගොස්Explosure අගය +2 ලෙස ලබාදෙන්න.ඉන්පසු එයත් save කරගන්න.මෙන්න උදාහරණයක්...දැන් ඔබ සතුව මුල් ඡායාරූපයට අමතරව ඊට සාපේක්ෂව අඳුරු සහ දීප්තිමත් ඡායාරූප දෙකක් ඇත.දැන් ෆොටෝෂොප් මත ඇති ඡායාරූප 2ක close කරාට කම් නැත..වෙත යන්න..ලැබෙන popup box එකෙන් අපි පෙරදී සකස් කරගත් චායාරූප 3 තෝරාගෙන ok කරන්න.ඉන්පසු තවත් popup box එකක් ලැබෙයි,එහි ද ඔබට ගැලපෙන පරිදි Preset,Mode,Edge Glow සහ Tone and Detail තෝරා ok කරගන්න..අවසානයේ ඔබට සකස් වූ HDR රූපය ලැබේ.ඉහතදී Preset එක Custom විදිහට ලබා දී Remove Ghost කියන තැන Tick එක යෙදීමෙන් රූපය අලංකාරවත් වෙයි...ජය වේවා.
| 3BLOG
|
ඇකිරියන්කුඹුර, කඩපල්ල ගම්මානයේ හේනක වැඩ කරමින් සිටි ගොවි මහතකුට වල් අලියකු පහරදීමෙන් මියගොස් ඇති බව පොලිසිය කියයි. ඇකිරියන්කුඹුර කඩපල්ල ගමේ පදිංචි ආර්. එම්. සෙනෙවිරත්න (38) නැමැති තිදෙරු පියා මෙසේ මිය ගොස් ඇත.කඩපල්ල ගම්මානයේ හේනක වැඩකරමින් සිටිය දී මාදුරා ඔය වනයෙන් පැමිණි වල් අලියා ගොවියාට පහර දී තිබේ. බරපතළ තුවාල ලැබූ සෙනෙවිරත්න ගොවි මහතා ඇකිරියන්කුඹුර රෝහලට ගෙන යන විටත් මිය ගොස් තිබේ.ඇකිරියන්කුඹුර පොලිස් මුරපොළේ නිලධාරිහු පරීක්ෂණ කටයුතු පැවැත්වීය..
| 2NEWS
|
එය වැහි මෝරාවට පිටාර හැලෙන වැවකින් හෙබි සිංහල ගමකි. හේන, ගමේ උන්ගේ බඩවියත රැකදෙන එකම වෘත්තියයි. මෙහි ඉතිහාසය ශත වර්ෂ ගණනාවක් ඔඩු දුවා ඇත. එහෙයින් ගැමියන්ගේ ජනප්‍රවාදය ඉතා පරණය, ගැඹුරුය. එනමුත් නාකපන වැස්සට නාඬන ඔවුන් මැට්ට පැලෙන පෑවිල්ලටත් ඔරොත්තු දෙයි.ගමට, හොඳට, නරකට, කඳුලට, සොම්නසට ඇති පන්සල ද ඓතිහාසිකය. ගම රැක ගන්නට පන්සලේ විසූ හිමිවරුන්ගේ පරපුර ද ඉහළ දායකත්වයක් සැපයූ බව දන්නෝ දනිති. පන්සල වෙත ගම්මු නිතර නාවත් ගමේ බොහෝ දේ සිදු වන්නේ පන්සල දැනුවත්වය.එහි වැඩ වාසය කරන වයෝවෘද්ධ ලොකු හාමුදුරුවෝ ගමේ කාගේත් ගෞරවය ලැබූ හිමි නමකි. උන්වහන්සේගේ ගෝල හිමිනමක් වෙයි. එම ගෝල හිමි නම ලොකු හාමදුරුවෝ මෙන් ගම්මුන් සමඟ වැඩි භජනෙට නොයයි. ගෝල හිමියන් ගුප්තය.මේ අතර ගම වෙත විටින් විට ආගන්තුකයන් පැමිණෙයි. ඉන් බහුතරයක් යහපත් අරමුණින් මෙහි ආවෝ නොවෙති. කෙසේ නමුත් වනවියනින් දඬුවම් ලැබුවෝ ද ඔවුන් අතර සිටියි.මේ කටයුතු මෙසේ සිදුවෙද්දී ගමේ වයෝවෘද්ධ නා හිමි අපවත් වේ. වසර ගණනාවකට පසු නිහඬව පැවති ගම මහා කාලගෝට්ටියක් බවට පත් වේ.තවත් අමුත්තන් ගමට එන්න පටන් ගැනේ. පන්සලේ නායකකම ගෝල හිමිට පැවරේ. එහෙත් බලාපොරොත්තු නොවූ මොහොතක ලද මේ තනතුර උන්වහන්සේට දරාගත නොහැකි වේ.එහෙයින් හිමි නම සිත සන්සුන් කර ගැනීමට වනගත වේ. එහිදී උන්වහන්සේට අපූරු සහ අද්භූත අත්දකීම් රැසකට මුහුණදීමට සිදු වේ. මේ ඇසළ මහ නිකින්නයි.තව ඉදිරියට කුතුහලය රඳවන සිදුවීම බොහොමයක් සිදුවීමට නියමිතය. මෙම මස 25 එනම් එන සෙනසුරාදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනකම රාත්‍රී 7.30 ට ටී. එන්. එල්. නාලිකාව ඔස්සේ ඇසළ මහ නිකින්න දිග හැරීමට නියමිතය. මෙය සමීර හසුන්ගේ අධ්‍යක්ෂණයකි.ඔහු අපට පළමුව මුණ ගැසෙන්නේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙසිනි. එලෙස සමීර ටෙලි සිතුවම් පහළොවකට ආසන්න ප්‍රමාණයක සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන ලදී. අනතුරුව අධ්‍යක්ෂණයට පිවිසෙන ඔහු සේලා නම් වූ අංගම්පොර සටන් ශිල්පය උගත් තරුණියක පිළිබඳ කතා පුවතක් රැගත් ටෙලි සිතුවමක් අධ්‍යක්ෂණය කරයි.නිබිබිදාව සහ ස්නේහ අවකාශය දෙවැනි සහ තෙවැන්න විය. ඇහැළ මහ නිකින්න සමීරගේ සිව්වැනි ටෙලි සිතුවමයි. මෙය සමඟින් ඉතා දිගු කාලයකට පසු රටක් ආදරය කළ රංගන ශිල්පියකු අපට දැකගන්න ලැබෙයි.ඔහු ඉන්ද්‍රජිත් නාවින්නයි. මේ දිනවල තරමක් රෝගාතුරව සිටියත් ඒ බව යටපත් කොට ඔහු අප වෙනුවෙන් ඇහැළ මහ නිකින්නේ රංගනයේ යෙදෙයි. එමෙන්ම ගාමනී සිනමා සිත්තම අංගම්පොර සටන් ශිල්ප ක්‍රමවලින් හැඩ ගැන් වූ රිටිගල සුමේධ මෙහි ප්‍රධාන චරිතයක් මවමින් පුංචි තිරයට අවතීර්ණ වෙයි.ඇහැළ මහ නිකින්නහි ප්‍රධාන නළු නිළියන් මෙසේය. පොඩි හාමුදුරුවෝ - අතුල ජයසිංහසුමේධ – රිටිගල සුමේධඉස්කෝලේ මහත්තයා - අශේන් මංජුලවාසි අක්කා - දුලීකා මාරපනහෝමි – අශිකා මතසිංහහීන්රාල – රිචඩ් වීරක්කොඩිතම්බි මුදලාලි - දිමුතු චින්තකසිරියා - නයනා හෙට්ටිආරච්චිඅන්වර් - ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමිජීවාගේ මව - නිල්මිණි කෝට්ටේගොඩවාසිගේ ස්වාමියා - ඉන්ද්‍රජිත් නාවින්නග්‍රාම සේවක – ආනන්ද කුමාරුන්නැහෙඅගුතා - සෝමසිරි කොළඹගේඅප්පුහාමි – දයා වයමන්නිෂ්පාදන කණ්ඩායම -නිෂ්පාදනය – තරංග රාජකරුණා රාජපක්ෂරචනය - සශ්‍රික වීරක්කොඩිකැමරාකරණය - පැතුම් ධනංජනකලා අධ්‍යක්ෂණය - බන්දුල වීරසේකරඅංග රචනය – වසන්ත පූර්ණවංශසංගීත අධ්‍යක්ෂණය – දිනේෂ් සුබසිංහසටන් අධ්‍යක්ෂණය - රිටිගල සුමේධසංස්කරණය - වාසුර එදිරිසූරිය / මධුවන්තනිෂ්පාදන කළමනාකරණය - මංජුල ගුණවර්ධනසහාය අධ්‍යක්ෂණය - උදය ප්‍රසන්නගායනය – දුමාල් වර්ණකුලසූරියතාක්ෂණික උපකරණ සැපයීම - ස්ටුඩියෝ ආර්ට්බීට්සටහන – ප්‍රසාද් සමරතුංග
| 1CREATIVE
|
මේ දවස්වල ඡන්ද උණුසුම නේ. මැතිවරණ කියන්නේලංකාවට ඉංග්‍රීසීන් ලබා දුන් දෙයක්. සර්වජන ඡන්ද බලයත් එහෙමයි. ඒ නිසා මැතිවරණහේතුවෙන් අපට ලැබුණු ඉංග්‍රීසි වචන රැසක් ම තිබෙනවා. මැතිවරණයට ඉලෙක්ෂන්, ඉලැක්සොං වගේ වචන කවුරුත්පාවිච්චි කරනවා. ඉස්සර මිනිස්සු කිව්වෙ ඡන්දෙ ඉල්ලන්නෙ කවුන්සලේටයන්න කියලායි. මේ කවුන්සලේ තමයි 1931 සිට 1947 දක්වා තිබුණු රාජ්‍ය සභාව හෙවත් StateCouncil. කට්ටියක් එකතු වෙලා කතා කර කර ඉන්නකොට ඒකටකවුන්සලේ දාලා කියලා උපහාසයෙන් කියන ව්‍යවහාරෙකුත් ගමේ ගොඩේ තිබෙනවා.ඉන් පසු ආවේ පාර්ලිමේන්තුවයි. මේ parliamentකියන ඉංග්‍රීසි වදනේ තත්භව ස්වරූපයක්.පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇම්පී, එම්පී (MP) වගේවචන පාවිච්චි කරනවා. එක්තරා කාලෙක ගම්වල මැම්බර් (member) මහත්තුරු හිටියා. හැබැයි මේ අය ගම් සභාවේසාමාජිකයෝයි. මැම්බර් අයියා, මැම්බර් මාමා කියලාත් ව්‍යවහාර වුණා. කොමිටිය (committee),බජට්ටෙක (budget), හැන්සාඩ් වාර්තාව (hansard) වගේ නාම පද මෙන් ම ‘හැන්සාඩ්ගත කරනවා’ වැනි ක්‍රියාපදත්භාවිතයට ආවේ පාර්ලිමේන්තුවෙන්. මන්ත්‍රීවරු පාර්ලිමේන්තු යන්නේ එස්කොඩ් එකදාගෙන. මේ තත්භව වචනයක්. මුල් ඉංග්‍රීසි වචනය escortඋච්චාරණය කරන්නේ එස්කොට් කියලායි. හල් ටයන්න අගට එන ඉංග්‍රීසි වචන සිංහලට තත්භවවෙද්දි හල් ඩයන්න වෙන අවස්ථා තවත් තිබෙනවා. වොලිබෝල් පිටියට (court) සිංහල ඉංගිරිසියේ කෝඩ්ඩෙක කියනවා. වයර් කෝඩ්ඩෙකකියනකොට නම් එතන තිබෙන්නේ නම් වදනයි. ඡන්ද කාලෙට රැස්වීම් තිබෙනවා. මේවාට රැළි කියනවා.මෙයත් රැලී (rally) නම් ඉංග්‍රීසිවදනේ තත්භව ස්වරූපයක්. මීටිං (meeting) කියන සිංහල වදනේඒක වචන ස්වරූපය ලෙස භාවිතා වන්නේ මීටිමයි. දැන් පුංචි රැස්වීමට පොකට් මීටිමකියලාත් කියනවා.පිකටිං කියන වචනෙත් දේශපාලනය එක්ක සම්බන්ධයි. එහිඉංග්‍රීසි මූලික ස්වරූපය picket වුණත් සිංහලේදී පිකට් කරනවා කියන්නේ නැහැ.කියන්නේ පිකටිං කරනවා කියලායි. පෝස්ටර්, බැනර්, කටවුට්, හෑන්ඩ් බිල්, ලීෆ්ලට්වගේ වචනත් දේශපාලනය එක්ක සිංහල වුණ ඉංග්‍රීසි වචනයි. මේ සටහන අවසන් කරන්න පුංචි විහිළු කතා දෙකක්සඳහන් කරනවා. 1977 මැතිවරණයේදී සිරිමා බංඩාරනායක අගමැති ධුරය දැරූ සමගි පෙරමුණුආණ්ඩුව ජනතාවට කොයි තරම් එපා වෙලා තිබුණා ද කිව්වොත් එක්සත් ජාතික පක්ෂයෙන්පොල්පිත්තක් තිබ්බත් පාර්ලිමේන්තුවට තේරෙන තත්වයක් තිබුණා. 77ට කලින්පාර්ලිමේන්තුවේ සිටියේ තරමක් දැන උගත් මිනිස්සු. ඒත්, 77න් පසුව තත්වය වෙනස් වුණා.77දි පාර්ලිමේන්තුවට තේරී පත් වුණ මන්ත්‍රීවරුන්ගේ ඉංග්‍රීසි දැනුම ගැන හිනා වෙනකතන්දර නිර්මානය වුණා. එක් කතාවකට අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවකලබල ඇති වුණා ම එජාප නායකයා එක් අලුත් මන්ත්‍රීවරයෙකුගෙන් ඇහුවලු ඔය පැත්තටකර්ෆිව් දාන්න ද කියලා. එතකොට ඒ මන්ත්‍රී කිව්වලු “අනේ සර්, කව්පි නම් කාලා ඇතිවෙලා තියෙන්නේ. දානව නම් මයිසූර් පරිප්පු ටිකක් දාන්න” කියලා. ඊට ටිකක් පස්සෙ කාලෙක ජේ.ආර්.ගෙ ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන්ටවාහන දෙන්න පටන් ගත්තා. ඔය කාලෙම තමයි, ඒ කාලේ ලෝක බැංකුවේ සභාපති ධුරය දැරූසයිරස් වෑන්ස් ලංකාවට ආවේ. සයිරස් වෑන්ස් එන බව ඇසූ ඇතැම් මන්ත්‍රීවරු තමන්ටත්වෑන් එකක් ඕනෑ කියලා කිව්වාලු.මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
| 3BLOG
|
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සාමාජිකයින් 187 කාගෙන් සමන්විතවේ. පහත අරමුණු සාක්ෂාත් කරගැනීමේ අරමුණින් පිහිටුවා ඇත. 1. ගෝලීය මූල්‍ය සහයෝගිතාවය ශක්‌තිමත් කිරීම 2. මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂාකිරීම 3. අන්තර්ජාතික වෙලඳාමට අවශ්‍ය පහසුකම් සැලැස්වීමව 4. සේවා නියුක්තිය වැඩි කිරීම 5. තිරසාර ආර්ථික වර්ධනය 6. ලෝකය පුරාම දුප්පත්කම අඩු කිරීම අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය] අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිල වෙබ් අඩවිය
| 0ACADEMIC
|
ලෝ ප්‍රකට ජනමත විමසුම් ආයතනයක් වන ස්ලීම් නිල්සන් මඟින් වසරක් පාසා පවත්වනු ලබන ජනතා සම්මාන (2014) උළෙල පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වුණා. මේ එහි දී කලා ලොව නියෝජනය කරමින් ලද සම්මාන නාමාවලියයි.ජනතා ගායකයා - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවගායිකාව - විශාරද නන්දා මාලනීජනතා නළුවා - රන්ජන් රාමනායක සහ සාරංග දිසාසේකරනිළිය – ආචාර්ය මාලිනී ෆොන්සේකාජනතා චිත්‍රපටය – ආචාර්ය සෝමරත්ත දිසානායක ගේ සිරි පැරකුම්ජනතා ගීතය – අම්මාවරුනේ (නන්දා මාලනී)තාරුණ්‍ය නියෝජනය කළ ජනතා නළුවා - රන්ජන් රාමනායක සහ සාරංග දිසාසේකරනිළිය - නෙහාරා පීරිස්ජනතා නාට්‍යය – පද්මසිරි කොඩිකාර ගේ කෝරලේ මහත්තයාජනතා වැඩසටහන - අටපට්ටමජනතා රූපවාහිනී නාළිකාව - ස්වාධීන රූපවාහිනියජනතා ගුවන් විදුලි නාළිකාව - හිරු- ප්‍රසාද්
| 1CREATIVE
|
“මම දැන් යූ. ඇන්. පී. කාරයෙක් නෙමෙයි. රජයට පක්ෂපාතී කෙනෙක්. මාව මේ තත්ත්වයට පත්කළේ එ. ජා. පක්ෂයේම පිරිසක්” යැයි සීතාවකපුර නගර සභාවේ සභාපති ආර්. එම්. එස්. ප්‍රේමලාල් මහතා පැවැසීය. ඒ මහතා ඊයේ (24) දින පැවැති නගර සභා මාසික රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ දැන් පිරිසක් පෙත්සම් යවමින්, තැනින් තැන කියමින් යනවා සභාපතිවරයා දූෂණ ක්‍රියා රැසක් සිදුකර තිබෙනවා, ඒ ගැන සොයා බලන්න කියා. මම වැරදි වැඩ කරලත් නැහැ, පෙත්සම්වලට බයත් නැහැ. මට උදව් කරපු, උදව් කරන සියලු දෙනාටම මගේ ස්තූතිය මේ අවස්ථාවේ පළකර සිටිනවා..
| 2NEWS
|
නිදි ඇඳේ සිටියදී සිදුකළ ගිනි තැබීමෙන් අසාධ්‍ය තතත්වයේ පසුවූ පියාද මරුමුවට පත්විය.ඒ අනුව එකම පවුලේ මවත්, පියාත් 11 හැවිරිදි දියණියත් මේ අවාසනාවන්ත සිදුවීමෙන් මරුමුවට පත්වූහ. මවගේ සහ දියණියගේ අවසන් කටයුතු සිදුවූදා රාත්‍රී පියාද සදහටම සමුගත්තේය.රත්නපුර මහ රෝහලේ 10 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි ධනපාල (51) මහතා ඊයේ 18 රාත්‍රී මියගිය බව පොලිසිය පවසයි. බලන්ගොඩ මොරකැලේ නිවෙසක රාත්‍රී නින්දට ගොස් සිටි මව, දියණිය හා පියාට ඉන්ධන දමා ගිනි තබා තිබුණි.බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති අතුල පෙරේරා මහතා පරික්ෂණ මෙහයවයි..
| 2NEWS
|
මිනිසා කියන්නේ දේශපාලන සත්වයෙක් කියා කියනවා මම කොහේදී හෝ දැක හෝ කියවා තිබෙනවා.කොහොමත් අපි එක එක්කෙනාට විවධ දේශපාලන මත තියෙනවනේ.මටත් එහෙමයි.මේ දිනවල අපේ බස්නාහිර පලත් සභාවේ ඡන්දය නිසා අපේ දුක,සැප හොයාගෙන අපේ ගෙවල් දොරවල් වලට එන අයත් බොහොමයි.මේ අය අපේ පවුල් වල අයටත් වැඩියෙන් අපේ ප්‍රශ්න ගැන සංවේදී වෙන විධිය දැක්කාම හිතට එන්නේ අප්‍රමාණ ප්‍රීතියක්.එත් අවංකවම එයාලා අපේ ප්‍රශ්න ගැන මේ තරම් සංවේදීද... මම කොළඹ දිස්ත්‍රීක්කයේ ඡන්දදායකයෙක්,ඉතින් මේ දිනවල මැතිවරණයේ කැන්වසින් යන අය හරි,හරියට අපේ ගෙවල් වලට එනවා.හරියට අලුත් අවුරුද්දට නෑදෑයෝ එනවා වගේ.ඉතින් මේ එන අය අපිට දීලා යන ලිෆ්ලට් දැක්කාම මේ අය අපට කරන්න හදන මේ සේවයම ඇති එයාලාට නිවන් දකින්න.දැන් එක්කෙනක් කියනවා"හරි මග ගෙන යන උදය ගම්මන්පිල" කියලා.ඒ කියන්නේ මේතාක් කාලයක් අපි ගිහින් තියෙන්නේ නොමග වෙන්න ඇති.:Dහැබැයි ඉතින් ඕනෙම හොද දෙයක් නිකන් ලබෙන්නේ නැහැ වගේ අපිව හරි මග ගෙනියන්න එතුමා අපෙන් රුපියල් 100 බලාපොරොත්තු වෙනවා.තවත් කෙනෙක් එන්නේ "හිරු උදාවූ වගයි" කියමින්.ඒ කියන්නේ මේ දක්වා අපි හිටියේ අදුරේ කියන එක වෙන්න ඇති."මනුෂ්‍යත්වයේ නාමයෙන්,සත්‍ය වෙනුවෙන් පෙනි ඉන්න"එන ඇය වගේම තවත් බොහොදෙනෙක් විවිධ පාඨ කියාගෙන එනවා.සමහරු එන්නේ "අතිශයින්ම ජනතා සේවයට" කියමින්,තවත් අය "දුෂණයට,අවනිතියට එරෙහිව,එකාධිපති වියරුව පරදවන්න,කල දේ ඉදිරියටත් කරන්න,නොකළ දේ කරන්න එනවා.සමහරු "දුප්පතාගේ හිතවත්තු"තවත් ඈයෝ "දුප්පතුන්ගේ ගැලවුම්කාරයෝ"වෙලා.ඒ විතරක් නෙමේ සමහරු එන්නේ "අහවලාගේ ආශීර්වාදයෙන්,මෙයාගේ උරුමයෙන්" කියලයි.තවත් අය "බුද්ධියේ පෙර ගමන්කරුවෝ" ඇවිත් අපේ බුද්ධිමත් මනාපය ඉල්ලා හිටිනවා.හැබැයි ඉතින් මේ කවුරු කොහොම අවාත් මෙවරත් සුපුරුදු පරිදිම එත් එක වෙනසක් සහිතව මෙවර මැතිවරණයේ මගේ ඡන්දය භාවිතා කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ.සුපුරුදු පරිදි කිවේ මම කොහොමත් විපක්ෂයේ ඡන්දදායකයකු නිසයි.වෙනසක් කිවේ මේවර ජවිපෙ වෙනුවෙන් දෙන්න තීරණය කර ඇති නිසයි.මට හිතෙන විදියට දැන් මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය ජිනීවා ගැටලුව හෝ ජිවන වියදම ඉහළ යාමවත් රජයේ තියෙන මහා පරිමාණ දුෂණ,වංචාවත් නෙමේ ශක්තිමත් විපක්‍ෂයක් නොමැති කමයි.මොකද මේ ආණ්ඩුව මේ තරම් බල වියරුවකින් ක්‍රියා කරන්නේ විපක්ෂයෙන් තමන්ට අභියෝගයක් නැති නිසායි.එසේ වුවත් මේ වෙලාවේ ආණ්ඩුව පෙරළීමට වඩා ශක්තිමත් විපක්ෂයක් ගොඩ නැංවීමයි ප්‍රමුඛ කාරණාව ලෙස ගත යුත්තේ .දැන් මේ වෙනකොට මේ රජය මොන තරම් ජනතාව මර්දනකාරී ලෙස හැසිරුනත් එක ඒතරම් රටේ ජනතාවට නොදැනෙන්නේ ජනතාව මේ වෙනකොට රජයේ දැවැන්ත මාධ්‍ය ප්‍රචරණ ඉදිරියේ නිර්වින්දනය වෙලා තියෙන නිසා වෙන්න ඕනේ.එතකොට ඒ නිර්වින්දනය නැති කරන එක තමයි විපක්ෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.නමුත් අවාසනාවකට වගේ අපි බලාපොරොත්තු වෙන ඒ දේ දැන් යු.එන්.පි යෙන් නොවෙන ගණයි.එක්සත් ජාතික පක්ෂයත්,රජයටත් දෙකක් නොවේ එකක් කියා හිතෙනවා සමහරක් විට මේ අයගේ හැසිරීම දැක්කාම.එක නිසා ඉතින් මේ වෙලවේ මට හිතෙන විදියට ශක්තිමත් විපක්ෂයක් ගැන අපේ බලාපොරොත්තු තියා ගන්න වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ සමගින් තමයි.දැන් එතකොට තවත් කෙනෙකුට අහන්න පුළුවන් එකම විකල්පය ජනතා විමුක්ති පෙරමුණ විතරද..ඇයි ෆොන්සේකා මහත්තයාගේ "ප්‍රජාතන්තවාදී පක්‍ෂය"හොද නැතිද කියා.නමුත් මට පේන්න තියෙන විදියට ප්‍රජාතන්තවාදී පක්‍ෂය දුෂණයට එරෙහි හඩක් නැගුවත් ඔවුන් තුළ තවමත් පිළිගත් ප්‍රතිපත්තියක් නොමැති වීම විශාල අඩුවක්.අනික් අතින් එම පක්ෂයේ සිටින බහුතරයක් දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් ගැලවී ආ පිරිස්.ඉතින් ඒවැනි අයගෙන් මේ පවතින ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ.අනික් අතට ෆොන්සේකා මහත්තයාගේ ආඥදායකත්වය මම පිළිගන්නේ නැහැ.මේ ආණ්ඩුව තනි පුද්ගලයෙක් වටා කේන්ද්‍රගතව තිබුණාත් ශක්තිමත් රජයක් බව අපි පිළිගන්න ඕනේ.ඉතින් එහෙම රජයකට අභියෝග කරන්නත් ඒ තරම්ම ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුමයි.දිනෙන් දින රට ගමන් කරන්නේ ආරාජිකත්වයට.ඒ ගමන ආපසු හැරවීම අපහසු නමුත් අනිවාර්යෙන්ම කළයුත්තක් වී තිබෙනවා.ඉතින් ඒ උදෙසා මට කල හැකි එක දෙයක් තමයි මේ.නිහඩව බලා සිටීම මේ ප්‍රශ්න වලට විසදුමක් නොවේ.කළයුත්තේ ක්‍රියාත්මක වීමයි.අපිට හැකි අයුරින්,අපිට හැකි පමණින්.ප.ළි.ය:-මා ජවිපෙ කරුවෙකු නොවන වග සැලකුව මැනවි.පිංතුරයගුගල්ගෙන්.නුෂ්‍යත්වයේ නාමයෙන්,සත්‍ය වෙනුවෙන් පෙනි ඉන්න.
| 3BLOG
|
ලාංකිය දේශපාලනය සහ යාචකිකරණය විමයාචකයා සිගමන් යදිමින් මහජනයා ලබාදෙන ආඬාර උපකාර මත ජිවත් වේ දේශපාලකයා මහජනයාගේ චන්දය සිගාකමින් මහජනයාගේ ආඬාර උපකාර මත ජිවත් වේ මේ දෙදෙනම කරන්නෙ එකමය මෙ දෙදෙනටම අදාර උපකර ලැබුනුපසු රිසිසේ ක්‍රියාකල හැකරිසිසේ අනුබවකල හැකරිසිසෙ ගමන් කල හැකඔව්න්ට අවශදෙ මිලදි ගතහකයානවහන ගේදොර ඉඩකඩම් මිලදිගතහකඅයොජන කලහැකවියාපාර කල හැකපරිත්යාග කල හැකහොරකම් කල හැකකප්පම්/කොමිස් ගතහැකස්ත්‍රි දුශන ලමා අපචාර කල හැකස්ත්‍රින් සමග යහන් ගතවියහැකමුදලට විකිණිය හැකවෙනත් පර්ශව සමග එකතුවිය හැකඔහුගේම සංවිදානයක නායකයා විය හැකමොහොතකට සිතන්න මොඋන් දෙදෙනා ජිවත් කල ජනතාව මොඋන්ගෙන් සිගමන් යදිනා දිනය වැඩි ඇතක නොවන බව.
| 3BLOG
|
කාමෝද්දීපන චිත්‍රපට හුදෙක් නරඹන්නාගේ ලිංගික හැඟීම් උද්දීපනය සඳහා වූ, ලිංගික ක්‍රියාවලිය සහ අනෙකුත් ලිංගික ක්‍රියාවන් විවෘතව ප්‍රදර්ශණය කෙරෙන චිත්‍රපටයි. මෙම චිත්‍රපටි, 1900 මුල් භාගයේ සිනමා නිර්මාණ බිහි වී ඉතා කෙටි කලකට පසු නිර්මාණය විය. අසභ්‍ය ගණයට වැටෙන අනෙකුත් නිර්මාණ සහ මෙම චිත්‍රපට අතර පොදුවේ ගත් කළ බොහෝ සමානතා පවතී. “Pornography” යන්න බොහෝ විට “porn" ලෙස හඳුන්වන අතර එම ඝණයේ නිර්මාණ "porno” ලෙස හඳුන්වනු ලැබේ. මෙම චිත්‍රපට හැඳින්වීමේ පැරණි නම් අතර "adult film," (වැඩිහිටි චිත්‍රපට) "stag film," සහ "blue movie” ඇතුළත් වේ. සාමාන්‍යයෙන් "softcore" යන්න ලිංගික ක්‍රියාවලිය හෝ “අත්‍යන්ත ලිංගික ආශ්වාදය” ඇතුළත් දර්ශන පෙන්නුම් නොකරන එහෙත් කාමෝද්දීපන දර්ශන හැඳින්වීම සඳහා භාවිතා කරන අතර, "hardcore" යන්න ලිංගික ක්‍රියාවලිය සහ “අත්‍යන්ත ලිංගික ආශ්වාදය” සහිත දර්ශන හැඳින්වීම සඳහා යොදා ගනු ලැබේ. සිනමා කැමරාව, එහි ඉතිහාසයේ සිටම කාමෝද්දීපන දර්ශන රූගත කිරීම සඳහා භාවිතා කර ඇත. බොහෝ අවස්ථාවල දී ඒවා රහසේ බෙදා හැරුණු අතර නිවසේ හෝ පෞද්ගලික සමාජ ශාලා සහ රාත්‍රී සිනමා ශාලාවල ප්‍රදර්ශණය සඳහා මේවා යොදා ගැණුනි. මෙම චිත්‍රපට අර්ධ වශයෙන් නීත්‍යානුකූල කරනු ලැබුවේ 1970 දශකයේ දීය. 1980 දශකයේ දී අසභ්‍ය වීඩියෝ පිටපත් මීට දශක කිහිපයකට පෙර නොසිතූ පරිදි බෙදාහැරුණි. 1990 දශකයේ අගභාගයේ දී සහ 2000 මුල් භාගයේ දී අන්තර්ජාලයේ ව්‍යාප්තියත් සමඟ අසභ්‍ය නිර්මාණ බෙදා හැරීම ද වැඩි විය. එසේම එයින් අසභ්‍යත්වය පිළිබඳ නීතිමය පැමිණිලි ද සංකීර්ණ බවට පත් කළේය. අසභ්‍ය නිර්මාණ යනු සාර්ථකභාවයට පත්වන මූල්‍යමය වශයෙන් ලාභදායී ව්‍යාපාරයකි. 2004 වර්ෂයේ පළ වූ රොයිටර් ලිපියකට අනුව දැක්වෙන්නේ, ඩොලර් මිලියන ගණනක් උපයන මෙම ව්‍යාපාරය මඟින් සෑම වසරකම මෙවැනි DVD තැටි 11,000ක් බෙදා හරිනු ලබනු බවයි. මෙමඟින් අලුත් පරම්පරාව චිත්‍රපට රසවිදීම සඳහා යොමු කිරීමට තරඟ කරන චිත්‍රාගාර සහ තාක්ෂණ ආයතන කණ්ඩායම් දෙකක් අතර සටනක් ගෙන යාමට විශාල උත්සාහයක් ගනු ලැබේ. න සා සං ලිංගිකත්වය ඉතිහාසය History of erotic depictions · Sexual revolution කාම චර්යා ලිංගික සංසර්ගය (ලිංගික සංසර්ගයට පෙර උත්තේජනය · positions) · මුඛ සංසර්ගය · ගුද සංසර්ගය · ගුද-මුඛ ලිංගික ක්‍රියා · සමූහ සංසර්ගය · Sexual sublimation · Barebacking · Dirty talk · Facial · Fisting · ස්වයං වින්දනය · Non-penetrative sex (Fingering/Handjob · Sumata) · Quickie Physiological events ලිංගික ආවේගය · උදර්ජනය · සුරතාන්තය · ශුක්‍ර මෝචනය · Insemination · ගර්භනීතාව සෞඛ්‍යය and අධ්‍යාපනය උපත් පාලනය · කොන්ඩම් · ප්‍රජනක වෛද්‍යවේදය (Andrology · නාරිවේදය · මූත්‍රල වෛද්‍යවේදය) · Safe sex · Sexual dysfunction (Erectile dysfunction · Hypersexuality) · ලිංගිකත්ව අධ්‍යාපනය · Sex therapy · ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග Identity ලිංගික අනන්‍යතාව · ලිංගික දිශානතිය නීතිය Age of consent · Obscenity · ව්‍යාභිචාරය · Public indecency · ලිංගික අපයෝජනය (Sexual harassment · Rape · Sexual assault · ලිංගික ප්‍රචන්ඩත්වය Relationships and society BDSM · පවුල් සංවිධානය · විවාහය · පරාකාමභෝගය · Religion and sexuality · Romance · Sexual abstinence · Sexual attraction · Sexual ethics · Sexual objectification · ගබ්සාව ලිංගිකත්ව කර්මාන්තය (Sex Industry) Adult video game · Erotica · Lubricant · Paddle · කාමෝද්දීපක ප්‍රකාශන · ගණිකා වෘත්තිය · Sex toys (කෘත්‍රිම යෝනි · කෘත්‍රිම ශිෂ්ණ · Sex doll · Vibrator) · Sex shop · Sex tourism Human sexual behavior · Human sexuality · Sexology · Sexual slang · Animal sexual behavior
| 0ACADEMIC
|
මේ සුන්දරත්වයේ කතාන්දරයකි. ප්‍රේමයේ සදා සුන්දරත්වයේ හරිම අපූරු කතාවකි. මේ සේයාරුව සරසන යුවළ ඔබට මට මෙන්ම අපට ළෙන්ගතුම යුවළකි. ‘නොදැක ඉන්න බෑ’ ගීතයෙන් අතිශය ජනාදරයට පත් රුවන් හෙට්ටිආරච්චි සහ අමා ටෙලි නාට්‍යයේ අමා වෙමින් මාස ගණනක් අප සමඟ ජීවත් වූ රුවැත්තිය ඇයයි.නොසිතූ මොහොතක රුවන් සහ ෂෙරිල් විවාහ ගිවිස ගත්තේ දුරුතු හීතලින් මුළු රටම සැනසෙන, නැලවෙන අලුත් බලාපොරොත්තු පොදි බැඳගත් දිනෙකය. එකවරම මේ විවාහ ගිවිස ගැනීම කිසිවකු නොපිළිගන්නේ ඔවුන් ගැන ආරංචියක් කට කතාවක් හෝ ඉඟියක්වත් පළ නොවුණු හෙයිනි.ගායනයෙන් අප සැනසූ රුවන්ටත් රංගනයෙන් අප නැල වූ ෂෙරිල්ටත් සුබම සුබ යුග දිවියකට මේ පැතුම සරසවිය අපෙන්.ඡායාරූපය - ඉන්දික මල්ලවාරච්චි
| 1CREATIVE
|
ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 3.8 දක්වා පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයට අනුව පසුගිය 2011 වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමන අගය සියයට 4.9 ක් වූ බවද මේ වසරේ ජනවාරි මාසය අවසන් වනවිට එය තවදුරටත් පහළ යමින් සියයට 3.8 දක්වා පහත වැටී තිබෙන බවද එම බැංකුව පෙන්වා දෙයි.ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසය වනවිට පැවති සියයට 6.7ක්ව පැවැති වාර්ෂික සාමාන්‍ය උද්ධමනයද මේ වසරේ ජනවාරි මාසය වනවිට සියයට 6.5 දක්වා පහත වැටී තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.ඊට අමතරව සියයට 6.7ක අගයක් වාර්තා කළ ලක්ෂ්‍යමය මූලික උද්ධමනය සියයට 4.7 දක්වාද පහත වැටී තිබේ. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේ දී ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග අයත් උප කාණ්ඩයේ මිල ගණන්හි සියයට 0.3ක පහළ යාමක් සිදුවී තිබෙන බවත් ආහාර උප කාණ්ඩයේ ඇතුළත් ඇතැම් එළවළු වර්ග, අර්තාපල්, ලොකු ළුණු, දෙහි, අමුමිරිස්, වියලි මිරිස් හා සීනි ආදියෙහි මිල ගණන් සැපයුමෙහි සිදුවූ වර්ධනය හේතුවෙන් පහළ වැටුණු බවත්ය..
| 2NEWS
|
අම්මා . . . මේ වචනය ඇහෙනකොට හිතට දැනෙන සෙනෙහස වචනයෙන් කියන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලොව තාම බිහිවෙලා නැහැ. ඒත් ඒ තරම් උත්තරීතර හැඟීමක් ඇතිකරවන අම්මලා අපේ සමාජයේ කෙතරම් දුක් විඳිනවද. ගිය සිකුරාදා මම අවාසනාවන්ත උනා තවත් එක් අම්මා කෙනෙකුගේ ජීවිතයේ අවසාන කාලය ගෙවුන හැටි දැනගන්න. මේ අම්මා ගිය සිකුරාදා මියගියා. ඒ මියගියේ ඇයගේ පොඩි පුතුගේ ගෙදරදී. මෙම පුතු එයාගේ බිරිඳව කැන්දාගෙන ආවට එම අම්මා දැඩි ලෙස විරුද්ධ උනා. පුතාට හිමි විය යුතුව තිබූ පවුලේ දේපොල පවා ඇය තමාගේ අනෙක් දියණියන්ට හා පුතුන්ට නීතියෙන් පවරා දුන්නා. නමුත් ඇයගේ අවසාන කාලය ගෙවීමට අවශ්‍ය වටපිටාව මෙම දරුවන් කිසි දිනක පිළියෙල කර දුන්නෙ නැහැ. ජීවිතයේ සැඳෑ සමයේ සිටින මෙම මව අවසානයේදී තීරණය කලා තමන්ගේ බාල පුතා ලඟට යන්න. ඇය එහි ගිය විට මෙපමණ කලක් තමන් වටහා නොගෙන සිටි සත්‍යයක් ඇයට වැටහෙන්න ඇති. තමන් අවුරුදු 80වකට අධික කාලයක් ජීවත් වූ තමාගේ නිවස අතහැර තම මරණය තෙක් මෙම පුතුගේ නිවසේ ගත කිරීමට අම්මා තීරණය කර තිබුණා. එය ඇය විසින් අනෙක් දූ දරුවන්ටද දන්වා තිබුනේ "මගේ මරණය කොහේවත් ගෙනියන්න එපා. මෙම පුතාට ඕන විදියට කරගන්න දෙන්න. " යන පණිවිඩය මගින්. හිතන්න ඇය කොපමණ දුකක් විඳින්න ඇතිද ඇය විසින් නොසලකා හරින ලද ඇයගේ ලේලිය විසින් දෙවියන්ට සළකනවා වගේ තම දරුවන්ටත් වඩා හොඳින් සැලකුම් ලබනකොට... මට හිතාගන්න බැරි දරුවන්ට අම්මා කෙනෙකු මරණාසන්න ඇඳේ සිටින විටත් ඇය බැලීමට නොපැමිණ සිටිය හැකිද . මෙම අනෙක් දරුවන් එසේ කරන ලද අතර අම්මා විසින් ඇයගේ මරණයේ වැඩ කටයුතු සඳහා ඉතිරි කරන ලද මුදලද මව මියගිය වහාම ඇය බැලීමටවත් නොපැමිණි දියණියක විසින් රැගෙන ගොස් තියනවා. මෙම සිදුවීම ආරංචි වූ විට මා හට සියළු දෙනා ගැන වෛරයක් ඇති වුනත් එම දරුවන්ට ඔවුන්ගේ දරුවන් සළකන ආකාරය සිත්තමක් ලෙස මනසේ ඇඳී යාමෙන් සිත සන්සුන් කර ගන්න හැකියාව ලැබුනා.දයාබර සහෝදරය / සහෝදරිය කවදාවත් ඔබගේ අම්මට මෙහෙම වෙන්න දෙන්න එපා. එහෙම කරන්න දෙන්නත් එපා.
| 3BLOG
|
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනතාවට වැළඳී ඇති වකුගඩු රෝග සමනය කිරීම සඳහා පියවර ගැනීමට රජය තීරණය කරයි.වකුගඩු රෝගය සමනය කිරීම සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලය විසින් පත්කළ සථාවර නිලධාරී කමිටු වාර්තාවේ දීර්ඝකාලීන හා මධ්‍යකාලීන යෝජනාවන් ක්‍රියාත්මක වන අතරතුර කෙටිකාලීන යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම මඟින් අදාළ ප්‍රදේශවල ජනතාවට සහන සැලසිය යුතු බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා පවසයි.දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාවට වැළදෙන වකුගඩු රෝගය සමනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ සථාවර නිලධාරී කමිටු වාර්තාවේ කෙටුම්පත සාකච්ඡාවට භාජනය කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා පැවසූවේ සංවිධිත පාසල් ජාලය උපයෝගී කර ගනිමින් සිසු පරපුර හරහා අදාළ ප්‍රජාව දැනුවත් කිරීම වඩාත් ඵලදායී වන බැවින් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ නිලධාරීන් අදාළ ප්‍රදේශවල පාසල් වෙත යොමු කරවමින් සිසු ප්‍රජාව හා ගුරුවරුන් දැනුවත් කොට ඒ හරහා සමස්ථ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරන බවයි.දැනටමත් පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර ප්‍රාදේශීය රෝහල් වෙත දැනටමත් අදාළ ඖෂධ යොමුකොට රෝගය හඳුනාගන්නා අවස්ථාවේදීම සුවපත් කිරීමට කටයුතු යොදා ඇති බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙහිදී පැහැදිලි කළහ.ඒ අනුව තෙමසක විශේෂ වැඩසටහනක් සකස් කොට සෑම පාසලකින්ම හඳුනාගත් ගුරුවරයකු, සෞඛ්‍ය සේවා නිලධාරීන් හරහා පුහුණු කොට, කඩිනම් දැනුවත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ කිරීමටද මෙහිදී තීරණය විය.ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද මඩිහහේවා මහතා ඇතුළු අදාළ අමාත්‍යාංශ වල ලේකම්වරු හා ආයතනවල නියෝජිතයින් රැසක්ද සහභාගී වූහ..
| 2NEWS
|
පැලැටියක් රෝග කාරයක් තුළින් ආපාදනය විමට කරැණු තුනක් හේතු විය හැකිය. රෝග ත්‍රිකෝණය ලෙසින් මෙය හදුන්වයි. හෙහිදි රෝග කාරකය හා පවත්වන අන්තර් සම්බන්ධතාවය රෝග කාරක බීජයක් තුළින් හෝ ස්වාභාවික පරිසර ත්ත්වය පැලෑටියක් රෝගයකින් ආසාදනය විය හැකිය. දීලිරබොහොසයක් ශාඛා ව්‍යාධි විද්‍යාවට අයත් දීලිර අස්කොවස්ටේස් ඛණ්ඩය හෝ බයිඩියොම්සේටේස් ඛණ්ඩයට අයත් වේ. ශෘඛ බීජානු නිස්පාදනය කරන අවස්ථාවේදි ලිංගිකව හෝ අලිංගිකව දිලිර ද නැවතනිපද වේ. මෙම දීලිර බොහෝ දුරක් වායුවෙන් ජලයෙන් හෝ පස තුලින් පැති යාම සිදු විය හැකිය. පස තුළින් ව්‍යාප්ක වන බොහෝ දිලිර තම ජිවින වක්‍රයේ මුල් අවධිය පස් තුළ ගත කරයි. දීලිර රෝග දීලිර නාශක යෙදිම තුලින් පානය කර ගත හැකිය නමුත් වර්තමානයේ බොහෝ දිලිර මෙම දිලිර නාශක වලටද ක්‍රමයෙන් විකසනය වී ඇත. බැක්ටිරියා[සංස්කරණය] ශාක අනුසාරයෙන් ඇති බොහෝ බැක්ටිරියාවන් මෘක්‍යවීයන් වන අතර එම බැක්ටිරියාවන් ශාක වලට හානි සිදු කරන්නේ නැත. නමුත් ඉතා අල්ප බැක්ටිරියා ප්‍රමාණයක් රෝග ඇති කිරිම සිදු කරනු ලබයි. බැක්ටිරියා ආසාදන නිර්වර්තන සහ අර්ධ නිර්වර්තන කලාබ වල පැතිරිම යාම බහුල වේ. වෛරයිරසයන් සහ වෛරසන් වැනි වු ජීවින්[සංස්කරණය] ශඹාක වෛරස බොහෝ ප්‍රමාණයක් පවතින අතර සමහර ශාක වෛරසයන් ස්පර්ශනේ ව්‍යාප්ත වේ. බොහෝ අවස්ථවන්හිදි ශාක වෛරසයන් අස්වැන්න ලබා ගැනිම අහිමි කරයි. ශාක වෛරසයන් රෝග වාහකයන් තුළින් ව්‍යාප්ත වේ. බොහෝ විට කෘමි සත්ත්වයන් මගින් මෙය ව්‍යාප්ත වුවුද සමහර අවස්ථාවන්හි දි දිලිර පණුවන් මගින් සහ මුල සත්ත්වයන් තුළින් රෝගය ව්‍යාප්ත වේ.
| 0ACADEMIC
|
උතුරෙත් දකුණෙත් නැගෙනහිරත් කඳුකරයෙත් ජනතාව තමාගේ ජනතාව බවත් මේ සියළු ජනතාවගේ ජනාධිපති තමා බවත් රටේ සෑමකෙනකුටම එකසමාන සැලකීම තම ප්‍රතිපත්තිය බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පෝරාව ඊළාම්වාදයේත් බෙදුම්වාදයේත් රට බෙදීමේත් පදනම අතහරින දවසට විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට තමා තරම් සූදානම් වූවකු තවත් නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම් සම්බන්ධයෙන් දකුණේ අය මෙන්ම දෙමළ ඩයස්පෝරාවත් කථා කරන බව පැවසූ ජනාධිපතිවරයා එහෙත් ඒ කථා කරන කිසිවකුත් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට තමා තරම් සූදානම් නොමැති බවත් අවධාරණය කළේය.යුරෝපා රටවල ජීවත් වන ඩයස්පෝරාව ඔවුන්ගේ රාජ්‍යයක් හදා ජනාධිපති, අගමැති, ඇමැති මණ්ඩල පත්කර ගෙන සිටින අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද එහි ගොස් සාකච්ඡා කර ඇති බව කී ජනාධිපතිතුමා ඔවුන් කොතරම් සාකච්ඡා කළත් කිසිදිනෙක ඊළම දෙන්නේ නැති බවත් බෙදුම්වාදය ඇති කරන්නට ඉඩ නොතබන බවත් පැවසීය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ උතුරු පළාතේ ජනතාවට ඉඩම් හිමිකම් පත්‍ර සහ එල්. ටී. ටී. ඊ බැංකුවල තිබී රාජසන්තක වූ රන් භාණ්ඩ හිමිකරුවන්ට නැවත ප්‍රදානය කිරීමේ අවස්ථාවට කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේ දී ඊයේ (12) එක්වෙමිනි.නිසි ලෙස අයිතිය තහවුරු කර ගත් උතුරේ 20,000කට මෙහිදී ජනාධිපතිතුමාගේ අතින් ඉඩම් හිමිකම් පත්‍ර ප්‍රදානය කෙරුණු අතර රන් භාණ්ඩ හිමිකම් ලැබුණු සංඛ්‍යාව 2352කි.උතුරු පළාතේ ජනතාවට සහන සැලසීමට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ කළ නිර්දේශ නිර්දේශ ක්‍රියාත්මක කරමින් උතුරේ පවුල් 1218කට රුපියල් මිලියන 115ක සහනාධාර බෙදාදීමේ කටයුතු ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) උදෑසන කිලිනොච්චිය නෙළුම් පියස ශාලාවේ දී සිදුකෙරිණි.රටේ සියලු ජනතාව සහෝදරත්වයෙන් එකට අත්වැල් බැඳගෙන සිටින රටක් ගොඩනැගීම රජයේ අරමුණ බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා උපනූපන් දරු පරපුරට හොඳ රටක් බිහිකරන්නට තමන් සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.උතුරේ ඡන්දය පරදින බව දැන දැනත් පළාත් සභා මැතිවරණය තියන්නට තමා කටයුතු කළේ උතුරේ ජනතාවටත් තමන්ගේ නියෝජිතයන් තෝරා ගැනීමේ අයිතිය ලබා දීමේ අරමුණ ඇතිව බව පැවසූ ජනාධිපතිතුමා මේ ජනතාවට වඩා විශ්වාසදායී නියෝජිතයන් පළාත් සභාවට තෝරා යැවුවේ රජය සමඟ අරගල කරමින් සිටින්නට නොව ජනතාව වෙනුවෙන් වැඩ කරන්නටය යන්න කවුරුත් සිහිතබා ගත යුතු බවත් අවධාරණය කළේය.තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් සියල්ල තමා රට වෙනුවෙන් ඉටු කරන්නට සූදානම් බව අවධාරණය කළ ජනාධිපතිතුමා එම නියෝජිතයනුත් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු බව පැවසීය.වැඩ කරන්න පුළුවන් කෙනාට වැඩ කරන්න දෙන්නෙත් නැතිව තමන් වැඩ කරන්නෙත් නැතිව සිටීම හරියට බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ යන සිංහල කියමන සිහිපත් කරන්නක් බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.උතුරෙත් දකුණෙත් නැගෙනහිරත් කඳුකරයෙත් ජනතාව තමාගේ ජනතාව බවත් මේ සියළු ජනතාවගේ ජනාධිපති තමා බවත් රටේ සෑමකෙනකුටම එකසමාන සැලකීම තම ප්‍රතිපත්තිය බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.ඇමැතිවරුන් වන චන්ද්‍රසිරි ගජධීර, ඩග්ලස් දේවානන්දා, රිෂාඩ් බදියුදීන්, පාර්ලිමේන්තුවෙන් නියෝජ්‍ය කාරක සභා සභාපති මුරුගේසු චන්ද්‍රකුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උනයිස් ෆාරුක්, සිල්වෙස්ටර් ඇලන්ටීන්, උතුරු පළාත් ආණ්ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි, කිලිනොච්චිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකා ගීතාංජලී නගුලේෂ්වරන් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.
| 2NEWS
|
වර්තමානය වන විට තරුණ තරුණියන් වැඩි වශයෙන් සංගීත ක්ෂේත්‍රයට යොමු වීමෙ ප්‍රවණතාවයක් තියෙනවා. ඉන් වැඩි දෙනෙක් සංගීත කටයුතුවල නියැලෙන්නේ විනෝදාංශයක් විදිහට. චන්ක ගයශාන් කියන්නෙත් අන්න ඒවගේ කෙනෙක්. මේ දිනවල ජනප්‍රියත්වයට පත් වූ ගීතයක් වන ‘කවිකාරකම්’ ගයන්නේ ඔහු. අප මේ තරුණ තරුව හඳුන්වා දෙන්න හිතුවා. සංගීත ක්ෂේත්‍රය ගැන උනන්දු වන ඔබ චන්ක පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඇති. කියවලා බලන්න. මෙතැන් පටන් ලියවෙන්නේ ඔහු ගැනයි.* චන්ක, ඔබ ක්ෂේත්‍රයට පැමිණි අයුරු මතක් කළොත්?මං ව්‍යාපාර අංශයෙන් ඉදිරියට යන්න හිතාගෙන හිටියේ. ඒ හින්ද වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට ගියා. එහිදී ගායන තරගයක් තිබුණා. හරියට සුපර් ස්ටාර්ස් වගේ රියැලිටි තරගයක්. මං ඊට සහභාගි වී දෙවැනි තැන දිනා ගත්තා. මං ඒ තරගයෙනුයි මගේ දක්ෂතාවන් හඳුනා ගත්තේ. ඊට පස්සේ මට හිතුණා ලංකාවට ආවට පස්සේ ගීතයක් කරන්න. ‘කවිකාරකම්’ තමයි ඒ ගීතය.* කවුද කවිකාරකම් ලිව්වේ? සංගීතය සැපයුවේ?මනුරංග විජේසේකර අයියගේ පද. සංගීතය දිලුම් තේජනගෙන්.* මෙය තරමක් විරහවට බර ගීයක්?හිතන තරම් විරහවක් මේ සිංදුවේ නැහැ. මට රැල්ලට යන්න බැරි හින්දයි මෙවන් ගීතයක් කළේ.* පවතින රැල්ලට සිංදුවක් කළා නම් මිට වඩා ජනප්‍රිය වන්න තිබුණා නොවේද?මං ආස ස්ටයිල් එක මේකයි. මට වුවමනා වුණේ ගීතය හරහා මට ජනප්‍රියත්වය ළඟා කර ගන්න නොවෙයි. පවතින රැල්ලෙන් මිදිලා හොඳ නිර්මාණයක් සිදු කිරීමේ අවශ්‍යතාවය මතයි මෙවැනි ගීයක් හා හා පුරා කියලා මං ගැයුවේ.* මනුරංග විජේසේකර කියන්නේ රම්බරි, රතු රට කජු, මොට්ටු වැනි ගීත ලියූ අයෙක්. එවැනි අයකුගෙන් ඔබ ඉහත කුලකයේ ගීතයක් ලියාගන්න තිබුණනෙ?ඕස්ට්‍රේලියාවේදී අර තරගයේ වගේම ප්‍රසංග වේදිකාවලදී මං ගයන්නේ මිල්ටන් මල්ලවාරච්චි වැනි අයගේ ගී. මගේ ශෛලිය ඒකයි. ඉතින් මං රම්බරි වගේ ගීතයක් කිව්වා නම් කවුරුත් අහන එකකුත් නැහැ.* සංගීතය ඔබේ විනෝදාංශය?ඔව්.* කලාව විනෝදාංශයක් කරගන්න පුළුවන්ද?මෙහෙමයි. ව්‍යාපාර පරිපාලනය පැත්තෙනුයි මං ඉගෙන ගන්නේ. ඒ අතතුරදී අහම්බෙන් ගායනට යොමු වුණා. මං හිතුවා ඒ මාර්ගයෙන් ගිහිල්ලත් මට යමක් කරන්න පුළුවන් කියලා. විනෝදාංශයක් විදියට සංගීතය කරන්න පටන් ගත්තා. ක්‍රම ක්‍රමයෙන් යද්දී ව්‍යාපාර පැත්තට සියයට පණහයි, සංගීතයට සියයට පණහයි වශයෙන් ජීවිතය වෙන් වන්න පුළුවන්.* ඔබ ඇයි පැරැණි ගීතයක් රීමිකිස් කරමින් ක්ෂේත්‍රයට ආවේ නැත්තේ? අද අලුත් පරපුරෙ අය වැඩි දෙනෙක් එන්නේ එහෙමනෙ?අලුත් ගීත රීමික්ස් කරන එක හොඳයි. හැබැයි ගීතයට හානි කරන්න හොඳ නැහැ. මටත් එහෙම කරන්න තිබුණා. නමුත් මං කවුද කියන එක හරියටම රසික රසිකාවන් හඳුනා ගත්තේ මගේම ගීතයක් කළොත් විතරයි.* කවිකාරකම් වීඩියෝව නිර්මාණය කළේ කවුද?අනූප, සමීර සහ මනුරංග යන මිතුරන්.* වීඩියෝව කරද්දී වෙච්ච අමතක නොවන අත්දැකීම් කිහිපයක් මතක් කළොත්?අපි මෙහි දර්ශන තල ලෙස යොදා ගත්තේ මීගමුව හෝටලයක වටපිටාවක්. අපිට වීඩියෝව සඳහා අවශ්‍ය ලයිට්වලට කරන්ට් එක ගත්තෙත් ඒ හෝටලයෙන්. අප අතින් සිදු වූ අත්වැරදීමකින් මුළු හෝටලයේම විදුලිය විසන්ධි වුණා. ටුවරිස්ට්ලා එළිය පැනලා හරිම ජරමරයක් කළේ. අපි බය වුණා. ඒ වෙලේ ඉඳලා ටුවිරිස්ට්ලා අපි ළඟට ඇවිත් එක එක ප්‍රශ්න අහන්න ගත්තා. ඒවාට උත්තරදිදී වීඩියෝව කළා. වෙලාවකට වදයක් වුණා ඔවුන්ව.* කවිකාරකම් රිඟිංටෝන් දැම්මද?රිඟිං ටෝන්වලට නෙවෙයි මේ සිංදුව කළේ. මං එහෙම රිඟිංටෝන් වලට සිංදු හදන්නේ නැහැ. සිංදු තියෙන්න ඕන අහන්න. ගීත කියන්නේ රස විඳින මාධ්‍යයක්.* ඔබේ පෞද්ගලික විස්තර කියමු?මගේ පවුලේ මල්ලිලා දෙන්නයි අම්මයි තාත්තයි. තාත්තා බිස්නස් කරන්නේ. ඉගෙන ගත්තේ ජෙනිග්ස් ජාත්‍යන්තර පාසලේ. ගම වෙන්නප්පුව.* ඔබේ ඊළඟ නිර්මාණය මොන වගෙ එකක් වේවිද?වෙස්ටන් නිර්මාණයක් කරන්නයි හිත. බලමු නේද.මේ චන්කගේ දුරකතන අංකයයි 0776705435.කවිකාරකම් කියාමා ගැනම ලියූ නිසාපෙර වැරදි නෑ කියාඔබ එක්ක එක් වුණා ගැරහුම් එපා ඔබෙන්පැරැදෙන්න මා සිතෙන්සරතැස නිවා මගෙන්හැර යන්නෙ දැන් ඉතින් වරැදුන තැනක් මුලින්මට මතක නැහැ ඉතින්ඔබ ගැයූ ගී වලින්මට උරුම නෑ ඉතින්සටහන – ප්‍රසාද් සමරතුග සේයාරුව - නිරෝෂ් ප්‍රියංක
| 1CREATIVE
|
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. (Rajasthan) බටහිර ඉන්දියාවේ ප්‍රාන්තයකි. අගනුවර: ජායිපූර්.
| 0ACADEMIC
|
සම්මත ආවර්තිතා වගුව[සංස්කරණය] ආවර්තිතා වගුවේ මෙම සාමාන්‍ය සැකස්මේදී ලැන්තනයිඩ හා ඇක්ටිනයිඩ අනෙකුත් මූලද්‍රව්‍යවලින් වෙන් කර ඇත. පුළුල් ආවර්තිතා වගුවට f ගොණුව ද ඇතුළත්වේ. ආවර්තිතා වගුවේ දීර්ඝ ආකාරයේ f ගොණුව හා සෛද්ධාන්තික g - ගොණුව අන්තර්ගත වේ. විකල්ප සංස්කරණ (වගුවේ නිරූපණය)[සංස්කරණය] පුළුල් වගුවෙහි අනෙකුත් මූලද්‍රව්‍ය සමගම ලැන්තනයිඩ හා ඇක්ටිනයිඩ ද ඇතුළත් වේ. සම්මත වගුවෙහි (ඉහත දක්වා ඇත) මූලික තොරතුරු සපයයි. සිරස් වගුව පටු පිටු සදහා පහළට රෝල් කර ඇත. විශාල වගුව මූලික කරුණු මෙන්ම මූලද්‍රව්‍යවල මුළු නම් ද ප්‍රදර්ශනය කරයි. අති විශාල වගුව ඉහත ඒවා හැරුණු කොට පරමාණුක භාර ද ලබා දේ. විස්තර වගුවෙහි ප්‍රදර්ශනය වන්නේ අති විශාල වගුවේ කුඩා කළ සංස්කරණයකි. විද්‍යුත් සෘණතා වගුව මූලද්‍රව්‍යවල විද්‍යුත් සෘණතා සපයයි. ඉලෙක්ට්‍රෝන සැකැස්ම ලෝහ හා අලෝහ ශ්‍රේණි වෙනුවට කාණ්ඩ වර්ණ ගන්වා ඇත. ශ්‍රේණි වෙනුවට සංයුජතා වර්ණ ගන්වා ඇත. වෙනත් විකල්ප ආවර්තිතා වගු ද පවතී. සමහර ආවර්තිත වගුවල ලෝහාලෝහ දිගේ අදුරු පිය ගැට පෙළ රේඛාවක් දක්වා ඇත. රේඛාවෙන් වම් පැත්තේ ලෝහ ද දකුණු පැත්තේ අලෝහ ද තිබේ. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Periodic_Table_of_the_Elements#Methods_for_displaying_the_periodic_table
| 0ACADEMIC
|
කොටකෙතන මවක හා දියණියක ඝාතනය කළ පළමු සිදුවීමේ සැකකාරිය සහ සැකකරුවන් සිවුදෙනා ලබන 6වැනි දා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය ඊයේ (25) නියෝග කළාය.ජනවාරි මස 31වැනි දා කොටකෙතන දී සිදු වූ මේ ද්විත්ව ඝාතනය සම්බන්ධව නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (25) දන්වා සිටියේය.ද්විත්ව ඝාතනයේ නීතිමය ලේඛන නීතිපතිවරයාට යොමුකර තිබේ.පසුගිය ජනවාරි 31දා කහවත්ත විහාරස්ථානයට නුදුරුව පදිංචිව සිටි නයනා නිල්මිණී (51) සහ කාවින්ද්‍යා සෙල්ලහේවා (18) මවත් දියණියත් ඝාතනය කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් තිදෙනකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සොහොයුරා වන ලොකුගම්හේවගේ දර්ශන නොහොත් රාජු, රාජුගේ බිරිය වන රසිකා චාන්දනී, ත්‍රිරෝද රථ රියදුරකු වන සනත් නන්දන සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලොකුගමහේවගේ ධර්මසිරි යන සැකකරුවන් නැවත රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණි.කහවත්තේ පළමු ද්විත්ව ඝාතනයට අදාළව සොයාගත් විද්‍යාත්මක පර්යේෂණ සාක්කි කිහිපයක් බොරැල්ල ජින්ටෙක් ආයතනයට හා රජයේ රසපරීක්‍ෂකවරයා වෙත යොමු කර තිබුණු අතර එහි පරීක්‍ෂණ වාර්තා කිහිපයක නිගමන ලැබී ඇතැයි ද රහස් පොලිසිය කියයි..
| 2NEWS
|
මෙරට සියලු දෙනාගේ උපන්දින සැමරුම් ආදී සියලු කරුණු විනෝදාංශයක් ලෙස එක් රැස් කර තබන ආණ්ඩුවේ කන්තෝරුවක්වත් නැත. එහෙත් ඒ අඩුව පිරිමසන්නේ සිරි කහවලයි. එපමණක් නොව ඕනෑම කලාකරුවකුගේ උපන් දිනයදාට ඔහුට හෝ ඇයට උදෑසනින්ම සුබ පතන්නට සිරි කහවල අමතක කරන්නේ නැත.ලංකාවේ කලාකරුවන්, විද්වතුන් ඇතුළු ප්‍රසිද්ධ ජනප්‍රිය පුද්ගලයන්ගේ උපන් දින, ලිපින හා දුරකථන ඇමතුම් අවශ්‍ය ඕනෑම අයෙක් කතා කරන්නේ ඔහුටය. එසේම ඔහුගෙන් උපන් දින සුබ පැතුමක් නොලද කලාකරුවෙක්, විද්වතෙක් හෝ ජනපි‍්‍රය පුද්ගලයෙක් මෙරට නැති තරම්ය. ලංකාවේ සියලුම ජන මාධ්‍යයන් මෙන්ම රාජ්‍ය ආයතන පවා උපන් දින, ලිපින හෝ දුරකථන අංක අවශ්‍ය වූ විට අමතන්නේ ඔහුටය.හොරණ මිල්ලනිය බෞද්ධ මිශ්‍ර පාසලෙන්, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන්, පානදුර ශාන්ත ජෝන් විදුහලෙන් හා පානදුර සිරිල් ජෑන්ස් විදුහලෙන් අධ්‍යාපනය ලද ඔහු සිය පාසල් අධ්‍යාපනය අවසන් කරන්නේ කොළඹ ආනන්ද විදුහලෙනි.ආනන්ද විදුහලේ සමකාලීනයන් වූ ආනන්ද ගුණතිලක සමඟ සංස්කරණය කළ සිසු පෙරමුණ පුවත්පත ඔහුගේ පුවත්පත් කලා දිවියේ එක් සන්ධිස්ථානයකි. ඒ වකවානුව ඔහුගේ සහෘදයන් වූ තිලක් කරුණාරත්න, සුනිල් මාධව ප්‍රේමතිලක, වික්‍රමබාහු කරුණාරත්න, ආනන්ද අබේසිංහ, ආනන්ද එරත්න, දයා රණවීර, අතුල මංචනායක ආදී විවිධ අදහස් ඇති සමකාලීනයන්ගෙන් ආනන්දය ආලෝකමත් වූ යුගයකි.මේ කාලයේ සුදේශ් ගුණරත්න විසින් ජේ. සෙල්වනායගම් මහතාට ඔහු හඳුන්වාදීමත් සමඟම හතර ග්‍රහයෝ නම් තිර රචනය ඔහු අතින් බිහි විය. මේ වකවානුවේ කවියෙක්, විචාරකයෙක්, හින්දි ගීත පරිවර්තකයෙක් වශයෙන් ඔහු සරසවිය ඇතුළු පුවත්පත් රාශියක කටයුතු කළේය. උපාධිධාරියෙක් වශයෙන් විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් පිට වූ සිරි ඉන් පසු පොහොර සංස්ථාවේ ගබඩා පාලකයෙක් වශයෙන් දිවයිනේ නන් දෙස සේවය කළේය. දේශපාලනයේදී සැමදාමත් ප්‍රගතිශීලී අදහස් දැරූ ඔහුට ඒ නිසාම බදුල්ල, හම්බන්තොට, අම්පාර, පොලොන්නරුව ආදී අති දුෂ්කර පළාත්වල සේවය කරන්නට සිදු විය.අවුරුදු කිහිපයක් පොහොර සංස්ථාවෙන් මිදී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ සහකාර කථිකාචාර්යවරයෙක් වශයෙන් එක් වූ ඔහු දේශීය වෛද්‍ය ආයතනයේත්, චිත්‍රසේන වජිරා කලායතනයේත් හින්දි භාෂා කථිකාචාර්යවරයෙක් වශයෙන් සේවය කළේය.1973 වසරේදී ප්‍රකාශයට පත් වූ ඔබේ ගීත මගේ කඳුළු කවි පොත ඔහුගේ කාව්‍යමය කුසලතාවය පෙන්නුම් කළ කෘතියකි.1982 වන විට දේශපාලනයට පිවිසි සිරි කහවල හෙක්ටර් කොබ්බෑකඩුව මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේදී කලාකරුවන් එක්රැස් කරන්නට විශාල මෙහෙවරක් කරන ලදී. මේ වන විට ඔහු ට්භඪඤඥ නම් කෘතිය හින්දි භාෂාවෙන් සිංහලට පරිවර්තනය කළ ද එය පාඨකයා අතට පත් නොවීය. පසුකාලීනව යසපාලිත නානායක්කාර සමඟ එක් වූ ඔහු නැවත හමුවෙමු, රෝසි, සුරනිමල යන චිත්‍රපටවල තිර රචනා කළේය. ඔහු ආදරයේ රන් දම්වැල් තිර රචනය කළේ ඇලරික් ලයනල් ප්‍රනාන්දු වෙනුවෙනි.හින්දි චිත්‍රපට සිංහලෙන් උපසිරැසි ගැන්වීමේ පුරෝගාමී මෙහෙවරක් කළේ ඔහුය. ස්වාධීන රූපවාහිනී සේවය විසින් විකාශය කළ හින්දි චිත්‍රපට ඔහු විසින් සිංහලයට නගන ලද අතර මෙය වසර 10 කට ආසන්න කාලයක් පුරා අඛණ්ඩව කෙරිණි. දිගු කලකට පසු ඔහු යළි සරසවියට එක් විය. විශ්ව ලේඛා ආයතනයේ ප්‍රකාශනයක් වූ විශ්ව තරංග සඟරාවේ නියෝජ්‍ය සංස්කාරක වශයෙන් කටයුතු කල සිරි කහවල ඉන් පසුව දිනකර පුවත්පතට ද සම්බන්ධව සේවය කළේය. සිය ජීවිතයෙන් වැඩි කාලයක් ප්‍රගතිශීලී දේශපාලනයක් දිනවීමට සෘජුවම මැදිහත් වූ සිරි කහවල මේ වන විට ටවර් හෝල් රඟහල පදනමේ උපදේශකයෙක් වශයෙන් කටයුතු කරයි.ක්ෂේත්‍ර ගණනාවක සිය කුසලතාවන් මැනවින් විදහා දැක් වූ චිත්‍රපට තිර රචකයෙක්, ගුරුවරයෙක්, ලේඛකයෙක් මෙන්ම මානව හිතවාදී දේශපාලනයක් වෙනුවෙන් අවංකවම කැප වූ පුද්ගලයෙක් වශයෙන් ඔහු කළ සේවය අපි ඉතසිතින් සිහිපත් කරමු. මේ වනවිට සිය ආරණීය බිරිඳ මල්ලිකා වික්‍රමආරච්චි මහත්මිය සමඟ රත්මලාන සිරිමල් උයනේ වෙසෙන සිරි කහවල චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට මෙලෙස උපන් දින සුබපැතුම් එක් කරමු. සිරි කහවල සුබ උපන්දිනයක්
| 1CREATIVE
|
මට පුදුමත් හිතෙනවාඒ ඔබ හරි පුදුම නිසාමට පුදුමත් හිතෙනවඒ ඔය සිත පුදුම නිසාකදුලක රහ නොදුටූව දෙනෙත් යුගකදුලින් තෙත් වෙලා..හැමදාමත් දිලිසුනු ඔය නෙත් යුගරතු වී මැළවිලා..මට පුදුමත් හිතෙනවාඒ ඔය සිත මෙලෙක් වෙලාකවදාවත් ආදෙරේ නැතැයිකියූඔබමගේ ආදරය පතයි..මිය යනතුරු නොදකින්න පැතූඔබමා සොය සොය ලතවෙයි..මට පුදුමත් හිතෙනවාඒ ඔබ දැන් වෙනස් නිසා.
| 3BLOG
|
End of preview. Expand
in Data Studio
README.md exists but content is empty.
- Downloads last month
- 1