input
stringlengths 1
3.7k
| output
stringclasses 12
values | instructions
stringclasses 3
values |
|---|---|---|
තරුණ දැරිවියන් පිරිසකට ජංගම දුරකථනයක් භාවිතයෙන් අසැබි දසුන් පෙන්වා ඔවුනට උසුළු විසුළු කරමින් බීමතින් හැසිරුණු පුද්ගලයකු වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු පන්විල සංචාරක උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් රෝහණ ජයවර්ධන මහතා රුපියල් 4000 ක දඩ මුදලක් නියම කරන ලදී.සැකකරු බස් රථයක ගමන් කරමින් සිටියදී මෙසේ අශෝභන අයුරින් හැසිරී ඇත. ඒ පිළිබඳව අවධානයෙන් සිටි කාන්තාවක විසින් දුරකථනයෙන් සිද්ධිය වත්තේගම පොලිසියට දැනුම් දී තිබේ.ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වු බව වත්තේගම පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයසිංහ මහතා කීවේය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
"ලෝයර්" නමැති මත්ස්‍යයා සඳහා, බර්බොට්.බලන්න බ්‍රිතාන්‍ය අධිනීතිඥයෙක් 16th century painting of a civil law notary, by Flemish painter Quentin Massys. A civil law notary is roughly analogous to a common law solicitor, except that, unlike solicitors, civil law notaries do not practise litigation to any degree. පටුන 1 ඉතිහාසය 1.1 ශ්‍රී ලංකාව 1.2 එක්සත් ජනපදය 2 බාහිර සබැඳි 3 ආශ්‍රිත ඉතිහාසය[සංස්කරණය] ශ්‍රී ලංකාවේ නීති වෘත්තියේ ඉතිහාසය 1833 දක්වා ඉතිහාසයකට දිව යන්නකි. 1833 දී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නීති වෘත්තීය පිළිබද මනා දැනුමක් ඇති, යහපත් කල ක්‍රියාවෙන් යුතු පුද්ගයින් විභාගයකින් පසු අධිනීතිඥවරුන් සහ නිතිඥවරුන් ලෙස නීති වෘත්තියට බදවා ගැනීමට අවසර ලබා දුන්නේය. මෙසේ කරන ලද්දේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් හඳුන්වා දෙන ලද නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සපයා ගැනීමේ එක අංගයක් ලෙසය. එකල නීති අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රමවත් පංති පැවැත්වීමක් සිදු නොවුන අතර පළපුරුදු නීතිඥයෙක් යටතේ ආධුනිකයෙකු ලෙස කටයුතු කිරීමෙන් අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට සිදු විය. මිට අමතරෙ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවත්වන ලද විභාග මගින් නවකයන්ගේ නීති දැනුම පිරික්සනු ලැබිණි. 1873 දී නීති අධ්‍යාපන කවුන්සිලය පිහිටුවන ලද අතර එම කවුන්සිලය මගින් 1874 දී ශ්‍රී ලංකා නීති විද්‍යාලය පිහිටුවන ලදී. නීතිඥයන්ට ක්‍රමවත් පුහුණුවක් ලබා දීම මෙහි මුලික අරමුණ වේ. ශ්‍රී ලංකාව[සංස්කරණය] එක්සත් ජනපදය[සංස්කරණය] බාහිර සබැඳි[සංස්කරණය] http://apli.org/ftp/SLLC%20Introduction.pdf http://www.sllc.ac.lk/ ආශ්‍රිත[සංස්කරණය] න සා සං නීතිය ප්‍රධාන විෂයන් පරිපාලන නීතිය · ව්‍යවස්ථා නීතිය · ගිවිසුම් නීතිය · අපරාධ නීතිය · සාක්ෂි නිතිය · බන්ධන නීතිය · දේපල නිතිය · ජාත්‍යන්තර නීතිය · රාජ්‍ය නීතිය · ප්‍රතිෂ්ඨාපනය · තෝරත නීතිය · භාර නීතිය වෙනත් විෂයයන් සමුද්‍රීය නීතිය · ගුවන් තරණ නීතිය · බැංකු නීතිය · බංකොලොත්භාවය · වාණිජ නීතිය · Competition law · නීති පිළිගැටුම · පාරිභෝගික ආරක්ෂණය · Corporate law · Entertainment law · පරිසර නිතිය · පවුල් නීතිය · මානව අයිතිවාසිකම් නීතිය · Immigration law · බුද්ධිමය දේපල නිතිය · ජාත්‍යන්තර අපරාධ නීතිය · කම්කරු නීතිය · මාධ්‍ය නීතිය · හමුදා නීතිය · Music law · අපරාධ නඩු පටිපාටිය · සිවිල් නඩු පටිපාටිය · Product liability · Space law · ක්‍රීඩා නීතිය · බදු නිතිය · අයුතු පොහොසත් වීම · අන්තිම කැමති පත්‍රය ලෝකයේ නීති පද්ධති ආගමික නීතිය · සිවිල් නිතිය · පොදු නිතිය · Comparative law · Halakha · රෝමානු නිතිය · ෂරියා නිතිය · Socialist law · Statutory law · Xeer Legal theory Critical legal studies · Economic analysis · History · International legal theory · Philosophy · Sociology Legal institutions Bureaucracy · Civil society · Executive · Judiciary · Legal profession · ව්‍යවස්ථාදායකය · Military · Police · Election management body Category · Portal
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කුරුණෑගල දිස්තිරික්කයේ බමුණාකොටුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ මූණමලේ, කොස්වත්ත, යහලේගෙදර යන ගම් තුනෙහි සීමා මායිම්හි පිහිටා තිබේ. නුවරයුගයට පෙර සිට පැවත එන බවට ජනප්රවාද පවතී.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වෛරස වර්ගීකරණය[සංස්කරණය] වර්ගය - (-) ssRNA ගෝත්‍රය - Mononegavirales කුලය - Paramyxoviridae ගණය - Morbillivirus රුබෙයෝලා නමින්ද හැදින්වෙන සරම්ප රෝගය මෝබිලි වෛරස් නම් ගණයට අයත් පැරාමික්සො වෛරසය මගින් ඇති කරනු ලැබේ. රෝගය ව්‍යාපත් වන්නේ ආසාදිත රෝගයකුගේ නාසයෙන් හා මුඛයෙන් පිටවන බිදිති කෙලින්ම හෝ වාතය මාර්ගයෙන් ව්‍යාප්තවීම මගිනි. රෝගය සදහා ප්‍රතිශක්තිකරණය නොමැති අය අතරින් 90% කටම අසාදිත රෝගයකු මාර්ගයෙන් රෝගය බෝවේ. ඒ නිසා සරම්ප රෝගය ඇතැයි අනුමාන කෙරෙන සෑම රෝගියකුහටම ඉහත ආකරයට වාතය මගින් බෝවීම වැලැක්වීම සදහා ආරක්ෂිත විධිවිධාන යෙදිය යුතුවේ. සරම්ප රෝගයෙහි බීජෞෂණ සමය වන්නේ රෝග ලක්ෂණ නොමැති දින 4 සිට 12 දක්වා වු කාල පරිච්ඡේදයයි. ආසාදිත රෝගීන්ට රෝග ලක්ෂණ ඇතිවු අවස්ථාවේ සිට සිරුර පුරා ලප ඇතිවී දින තුනක් සිට පහත් අතර කාලය ගතවන තෙක්ම තවෙකෙකුට රෝගය බෝ කිරීමේ හැකියාව ඇත. සරම්ප රෝග ය බුද්ධ වර්ෂ 600යෙන් ඔබ්බටද වාර්ථාවේ. කෙසේ වුවද රෝගය පිළිබදව මුල්ම විද්‍යාත්මක වාර්ථාවක් ඉදිරිපත් කරන ලද්දේ බුව . 860 –932 කාලයේදී විසු පර්සියානු ජාතික විද්‍යාඥයකු විසිනි. ඔහු විසින් රචිත ග්‍රන්ථයක වසුරිය හා සරම්ප රෝගය අතර වෙනස්කම් හා රෝගය හදුනාගන්නා ආකාරය විස්තර කර තිබිණි. පසුගිය වසර 150 තුල සරම්ප රෝගය හේතුවෙන් ලොව පුරා ජනාතාව මිලියන 200ක් පමණ මියගොස් ඇත. 1954 දී ඇමරිකානු ජාතික එකලොස් හැවරිදි ඩේවිඩ් එඩ්මන්ඩ්සන් නම් රෝගී පිරිමි ළමයාගේ සිරුරෙන් ලබාගන්නා ලද වෛරසය විද්‍යාඥයන් විසින් කුකුළු කලල මාධ්‍යයක වර්ධනය කරන ලදී. මෙලෙස මේ වන විට වෛරසයේ ප්‍රභේද 21ක් හදුනාගෙන ඇත. 1963 සිට බලපත්‍ර ලද රෝගය සදහා ප්‍රතිශක්ති එන්නත් භාවිතයට ගැනේ. ජර්මන් සරම්ප යනු රුබෙල්ලා වෛරසය මගින් ඇති කරන මෙයට අදාල නොවන රෝගී තත්වයකි. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Measels
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ළඟදී තිරගත වීමට නියමිත අති දැවැන්ත චිත්‍රපටයක් වන ඩොනල්ඩ් ජයන්ත අධ්‍යක්ෂණය කළ ‘ප්‍රවේගය’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අති විශාල ජනප්‍රියත්වයක් ලබා ඇති බව වාර්තා වේ.මේ දිනවල මහරගම ඇමටි ලයිට් සහ මාතර ස්ටාර් ලයිට් සිනමා ශාලාවල ප්‍රදර්ශනය වන මෙම පූර්ව ප්‍රචාරක පටය දුටු බොහෝ දෙනා ඒ පිළිබඳ ප්‍රසාදයෙන් කතා කළ බවත් එහි නිෂ්පාදක සදේශ් කුමාර් සරසවියට පැවසීය. ජැක්සන් ඇන්තනි, හේමාල් රණසිංහ, සනත් ගුණතිලක, ජයලත් මනෝරත්න, උදාරි පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා, මොරින් චාරුණි, දමිතා අබේරත්න, පුබුදු චතුරංග, ගජේෂන් රඟන මෙහි රන්ජන් රාමානායක ආරාධිත රංගනයකට සහභාගි වේ.යතේජා.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කැකිරාව අධ්‍යාපන කලාප ක්‍රීඩා තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලකුණු 127ක් ලබාගත් කැකිරාව මධ්‍ය විද්‍යාලය සමත්විය. අනුශූරතාව ලකුණු ලකුණු 67ක් රැස්කළ බස්තියන් සිල්වා මහා විද්‍යාලයටත්, තෙවැනි ස්ථානය හබරණ ඉසුරු විදුහලටත් (ලකුණු 46) හිමිවිය.මෙවර තරගාවලියේ විශේෂත්වය වුයේ අලගොල්ලෑව සාන්ත අන්තෝනි මහ විදුහල ක්‍රීඩා කටයුතු පුහුණු කිරීමට ශාරීරික අධ්‍යාපන ගුරුවරයෙකු නොමැතිව පාසල් 31ක් අතරින් පස්වැනි ස්ථානය දිනාගැනීමයි.කැකිරාව, පලාගල, පලුගස්වැව, ඉපලෝගම හා තිරප්පනේ අධ්‍යාපන කොට්ටාස 5 නියෝජනය කරමින් පාසල් තරගාවලියට එක්විය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වින්ඩෝස් ෆොටෝ විවර් මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වල අංගයකි තොරතුරු අඩංගුයි සමග වින්ඩෝස් එක්ස්පී, වින්ඩෝස් සර්වර් 2003 සහ වින්ඩෝස් 7 ප්‍රතිස්ථාපන ඉමේජින් ෆොර් වින්ඩෝස්, වින්ඩෝස් ෆොටෝ ගැලරි ආශ්‍රිත සංරචක වින්ඩෝස් ලයිව් ෆොටෝ ගැලරි වින්ඩෝස් ඉමේජින් කම්පනන්ට් වින්ඩෝස් ෆොටෝ විවර් යනු වින්ඩෝස් 7 සමග අඩංගු වන මයික්‍රොසොෆ්ට් සමාගම විසින් දියුණු කරන ලද ප්‍රතිබිම්බ දක්වන වැඩසටහනකි. එය වින්ඩෝස් පික්චර් ඇන්ඩ් ෆැක්ස් විවර් යන නාමය යටතේ වින්ඩෝස් එක්ස්පී සහ වින්ඩෝස් සර්වර් 2003 යන මෙහෙයුම් පද්ධති තුලද අඩංගු වුනි. මෙමගින් වින්ඩෝස් විස්ටා මත තිබු වින්ඩෝස් ෆොටෝ ගැලරි වැඩසටහන තාවකාලිකව ප්‍රතිස්ථාපනය කරන ලදී, නමුත් වින්ඩෝස් 7 තුලදී මෙය නැවත පිහිටුවන ලදී. මෙම වැඩසටහන ඉමේජින් ෆොර් වින්ඩෝස් විසින් සාර්ථක කරන ලදී.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගරු ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී වරාය සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රී බදුල්ල වෙනුවෙන් පුද්ගලික තොරතුරු උපත අප්‍රේල් 19, 1962 (1962-04-19) (වයස 52) ජාතිකත්වය ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය උගත් ශාස්ත්‍රාලයය රාජකීය විද්‍යාලය, කොළඹ ජීවනෝපායය දේශපාලනය වෘත්තිය නීතිඥයා Website www.dilanperera.com බෝධිය බුදුගේ ඩිලාන් ප්‍රියංජන් අන්ස්ලාම් පෙරේරා (1962 අප්‍රියෙල් 19) යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරයෙකි. ඔහු වර්ථමාන වරාය සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යවරයා වෙයි. මීට අමතරව ඔහු අධිකරණ නියෝජ්‍ය අමාත්‍යධූරයද හොබවා තිබෙයි. මුල් අවදිය[සංස්කරණය] 1962 වසරේ අප්‍රියෙල් 19 වන දින ජනපති උපදේශක මාෂල් පේරේරා සහ දයා පෙරේරාට දාව උපන් ඩිලාන් මහතා සිය මූලික අධ්‍යාපන කටයුතු කොළඹ, රාජකීය විද්‍යාලයෙනුත්, වැඩිදුර අධ්‍යාපන කටයුතු ශ්‍රී ලංකා නීති විද්‍යාලය වෙතිනුත් හදාරණ ලදී. ආශ්‍රිත[සංස්කරණය] බාහිර සබැඳි[සංස්කරණය] බයෝග්‍රැෆීස් ඔෆ් මෙම්බර්ස් ඔෆ් පාර්ලිමන්ට් රයිට් රෝයල් රැලී ඔෆ් ඕල්ඩ් රෝයලිස්ට් ඉන් ද ශ්‍රී ලංකන් පාර්ලිමන්ට් Persondata NAME පෙරේරා, ඩිලාන් ALTERNATIVE NAMES SHORT DESCRIPTION ශ්‍රී ලාංකික දේශපාලඥ DATE OF BIRTH 1962 අප්‍රියෙල් 19 PLACE OF BIRTH DATE OF DEATH PLACE OF DEATH
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඔබ රැවටුව හිත ඇතුලේකකියාගෙන එන දුක නම්තව නෑ කවුරුත් දන්නේ විදවන හැටි මා තනියෙන්..වෙන හිතක් දිහාවත් බලන්න බෑ මට ඔබ විතරයි පැතුවේ..හදවත ගැඹුරේ නැගෙන වේදනා මං විතරයි දන්නේ...නොලැබෙනා ඔබට මං තව තවත් පෙම් කලා..හිතකින්ද කීවේ ඔයා මා ඔබේමයි කියා..තේරුම් ගියාට පසු මගෙ සෙනෙහස මහමෙරක් කියාඔයා හඩයි සත්තකින් මං හැඬුවටත් වඩා..ආදරේ ඔබට නම් නොතැවුනේ ඇයි ඉතින්..මම තරම් වෙන කෙනෙක් ආදරේ නෑ ඉතින් තේරුම් ගියාට පසු මගෙ සෙනෙහස මහමෙරක් කියාඔයා හඩයි සත්තකින් මං හැඩුවටත් වඩා..ඔබ රැවටුව හිත ඇතුලේ...ගායනය :ලක්ෂ්මන් හේවාවිතාරනපද රචනය : සත්සර කසුන් පතිරණසංගීතය : සත්සර කසුන් පතිරණවීඩියෝව ගත්තෙ මෙතනින් - FM Derana.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
එප්පාවල කටියාව යාය 9 ජනපදයේ පදිංචි නුවන් චාමර සඳකැලුම් (10) දරුවා පැහැරගෙන ගොස් ලේ ගැනීමක් පිළිබඳව යාය නමයේ පදිංචි නුවන් චාමරගේ මිත්තණිය වන කව්අම්මා මහත්මිය විසින් එප්පාවල පොලිසියට කළ පැමිණිල්ල පිළිබඳ පොලිසිය පුළුල් පරීක්ෂණයක් කර ගෙන යන බව එප්පාවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාරසිරි මහතා පැවසීය.දෙපිරිසක් අතර හටගත් ආරවුලක් සහ නිධන් හෑරීමක් ගැන තොරතුරු ලැබී ඇති අතර නිධන් හෑරීමට සම්බන්ධ යැයි සැක කෙරෙන කීප දෙනෙක් ගමෙන් පලා ගොස් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.මේ දරුවාගේ ලේ ගැනීමේ කථාවට අදාළව දරුවා වෛද්‍ය පරීක්ෂණයකට යොමුකරන ලද නමුත් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වයට කිසිදු හානියක් සිදුවී නැති බව වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වූ බව ස්ථානාධිපතිවරයා පැවසීය.කෙසේ වුවද මේ පිළිබඳව අධිකරණයට වාර්තා කළ සිද්ධිය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන බවද හෙතෙම සඳහන් කෙළේය. මේ පැමිණිල්ල ලැබුණ වහාම තමන් පෞද්ගලිකවම කටියාව යායනමයට ගොස් ගමේ ජනතාව රැස්කොට මේ සිද්ධියගැන කරුණු සොයා බැලූ බවත් ඒ අනුව පරීක්ෂණ මෙහෙය වන බවත් පොලිස් ස්ථානාධිපති කුමාරසිරි මහතා කීවේය.එප්පාවල – කටියාව යායඅට ජනපදයේ දියමග අසල පිහිටි ඉඩමක තිබෙනවා යැයි කට කතා මගින්කියවෙන බහු භාණ්ඩ නිධානයක් කොල්ලකෑමට පෙළ ගැසුණු කණ්ඩායමක් විසින් දස හැවිරිදි පිරිමි දරුවෙකුගේ ‘ලේ උරා ගැනීමක්’ පිළිබඳ මේ සිද්ධිය වාර්තා වූයේ කටියාව ප්‍රදේශයෙනි.යායඅට ජනපදයේ වාරි ඇළට යාව බහු භාණ්ඩ නිධානයක් ඇතැයි ඇති කට කතාව පදනම් කොටමීට පෙරද මෙම ස්ථානයේ වළක් හාරා නිධන් ගැනීමට උත්සාහ කර ඇති නමුත් තුන් කුළුඳුල් දරුවකුගේ ලේ අවශ්‍ය බව කට්ටඬියන් කියා ඇති නිසා එම ලේ වර්ගය සොයා ගැනීමට නොහැකි වීමෙන් ඒ උත්සාහය අත්හැර දමා ඇති බව ගැමියෝ කියති.පසුගිය සතියේ මිතුරකු හමුවීම සඳහා බයිසිකලයකින් යමින් සිටි යායනමය ජනපදයේ නුවන් චාමර සඳකැලුම් (10) දරුවා නිල් පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගිය සැටි ඒ දරුවා මෙසේ විස්තර කෙළේය.මම යායනමය ඉස්කෝලේ පස්වෙනි වසරේ ඉගෙන ගන්නවා. මගේ අම්මා රට. තාත්තා යුද හමුදාවේ. මම කිරි අම්මා ළඟ තමයි හැදෙන්නේ. එදා මම මගේ යාලුවා වන ලක්ෂාන් හම්බ වෙන්න බයිසිකලෙන් යමින් හිටියා. හිටි හැටියේම පිටි පසින් පැමිණි නිල්පාට ලොකු වෑන් එකක් පාර හරස් කරලා නැවැත්තුවා. ඊට පස්සේ වෑන් එකෙන් තුන් හතර දෙනෙක් බැහැලා මාව අල්ලා ගත්තා.එක් කෙනෙක් මගෙ බයිසිකලය උදුරලා අරගෙන ඒ ළඟ තිබිච්ච සොහොන් පිටියට විසි කරල දැම්මා. තව අයකු මාව උස්සලා අරගෙන වෑන් රථයට දා ගත්තා. වෑන් එකට දාපු ගමන්ම මගේ ඇස් බැන්දා. ඊට පස්සෙ වෑන් එක ටික වෙලාවක් ගියා. ඊළඟට වෑන් එක එක තැනක නවත්තලා මාව උස්සගෙන ගිහින් එක තැනකට දැම්මා. එතැන දොරවල් අරින වහන සද්දෙ ඇහුණා. ඊට පස්සෙ ඇස් වහපු රෙදි කැබැල්ල ලෙහුවා.ඒක අඳුරු පාළු කාමරයක්. එක මිනිහෙක් ඇවිදින් මාව හිර කරල අල්ල ගත්තා. තව කෙනෙක් මගෙ වම් අත තදේට අල්ල ගත්තා. තවත් අයෙක් මගේ වම් අතේ මැණික් කටුව ළඟ විදල බටයකට ලේ ගත්තා.එයින් පස්සෙ මේ ගැන කීවොත් හෙම මාව මරණවාය කීවා. උල් පිහියක් අරගෙන මට අනින්න හැදුවා. මේ විදියට මාව බය ගන්නලා ආයිත් ඇස් දෙක බැඳලා වෑන් එකට ගිහින් දැම්මා. වෑන් එක ගියා. ටික වෙලාවක් ගිහිං වෑන් එක නවත්තලා මගේ ඇස්බැන්දුම ලෙහුවා.‘දැන් ඉතිං පල මේ ගැන කීවොත් හෙම මරණවා’ කීවා. එහම කියල වෑන් එක යන්න ගියා. ඒක පිටි පස්සෙ දෙන්නෙක් නැගගත්තු මෝටර් බයිසිකලයකුත් ගියා. මම බයිසිකලයත් අරගෙන ගෙදර ඇවිදින් වෙච්ච සිද්ධිය කිරි අම්මට කීවා. කිරි අම්මා ඒ වෙලාවෙම මාත් එක්ක එප්පාවල පොලිසියට ගිහිං පැමිණිල්ලක් දැම්මා.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රංගන ශිල්පිනීවිනූ සිරිවර්ධන‘ඇහැලේපොළ කුමාරිහාමි’ කියන ඓතිහාසික චිත්‍රපටයේ පුස්වැල්ලේ කුමාරිහාමිගේ දියණියගේ චරිතයටයි මම මේ දවස්වල රංගනයෙන් සහභාගි වෙන්නේ. මගේ පළමුවැනි චිත්‍රපටය වෙන්නෙත් මේ චිත්‍රපටයයි. මෙතෙක් චිත්‍රපට කිහිපයකට රංගනයෙන් සහභාගි වෙන්නට ආරාධනා ලැබිලා තිබුණත්, ඓතිහාසික චිත්‍රපටයකට පළමුවෙන්ම රංගනයෙන් සහභාගි විය යුතුයි කියලා මම තීරණය කරලයි තිබුණේ. මගේ ඒ පැතුම ඉටු වුණා. මේ වන විටත් ටෙලි නාට්‍ය දෙකකට පමණ ආරාධනා ලැබිලා තිබෙනවා.ඒ වගේම මම ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ජනමාධ්‍ය කළමනාකරණය කියන පාඨමාලාවත් හදාරන්නේ එය රංගන කටයතුවලට උදව් වන නිසයි. ඒ වගේම ජනමාධ්‍ය කියන අංශයෙනුත් ඉදිරියේදී අලුත් වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මූර්ති වර්ග සුලභ මූර්ති ආකාරයන් පහත දැක්වේ. x පූර්ණ උන්නත මූර්ති : මූර්තියේ පාදම හැරෙන්නට අන් සියලූ පැති නෙලා ඇත. මෙය ඕනෑම කෝණයකින් නිරීක්‍ෂණය කළහැක. x ආභරණ x උන්නත : මූර්තිය පසුතලයක් හා සම්බන්ධිතව ඇත. x පිිහිටන ස්ථානයට විශේෂිත කෘති x චාලක මූර්ති : භෞතික චලනයක කිසියම් පැතිකඩක් හෙළදරව් කරයි. වතුර මල - ජලය ගලායන ආකාරයෙන් නිමවන මූර්තිය. x පිළිමය : පුද්ගලයෙක්, අවස්ථාවක්, සතෙක් හෝ වස්තුවක් නිරූපනය කරන සංදර්ශකවාදී මූර්තියකි. ද ඌර්ධවකාය - කෙනෙකුගේ පපුවේ සිට ඉහල කොටස දැක්වෙන මූර්තියකි. ද අශ්වාරෝහක පිළිම - සුවිශේෂී තැන්තකු අවශ්වයකු පිට සිටින ආකාරය දක්වයි. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Sculpture#Types_of_sculpture
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලයිට්පීක්අධිවේගී තෙරතුරු හුවමාරු ක්‍රමයක්එළි දකී. පරිගණකඋපාංග අතර තොරතුරු හුවමාරුවට දැනට යොදා ගන්නේ තඹ කම්බි හෙවත් තඹ සන්නායක කොටස්ය.එහෙත් ඒ වෙනුවට ප්‍රකාශ තන්තු හෙවත් (Optical Cables) යොදා ගත හැකි ක්‍රමයක් ඉන්ටෙල්(Intel) සමාගම සොයා ගෙන තිබේ. ඒ නව තාක්ෂණය නම් කොටතිබෙන්නේ ‘ලයිට්පීක් (LightPeak)’ කියාය. ලයිට්පීක් ක්‍රමයේදී, සියුම් ප්‍රකාශතන්තු යොදා ගෙන දැන් තිබෙන ඕනෑම පරිගණක උපාංගයක් එකිනෙකට සම්බන්ධ කරන්නට පුළුවනමව්පුවරුවේ තඹ ලෝහයෙන් මුද්‍රිත පරිපථ හරහා කෙරෙන විදුලි හුවමාරුවීම් සියල්ල කරන්නටලයිට්පීක් ප්‍රකාශ තන්තු යොදාගත හැක. මෙතැන තිබෙන විශේෂ වාසි අතරින් කැපී පෙනෙන්නේ ලයිට්පීක් තන්තු හරහා තොරතුරු හුවමාරුකළ හැකි වේගයයි. එය තප්පරයට ගිගාබයිට් 10(10Gbps) කි.මේ වේගය අනුව තෙරතුතරු හුවමාරු වෙන විටබ්ලූරේ ඩිස්ක්(Blue Ray Disk) එකක රැදවිය හැකි ගිගා බයිට් 25ක් (25GB) තරම්තොරතුරු ප්‍රමාණයක් තවත් තැනකට Copy කරන්නට ගත වෙන්නේ තප්පර 30කි. දැන් තිබෙන අලුත්ම USB Port Interface එක වන USB3.0 Port එකක වේගය හෙවත් (Super speed USB) වේගය5Gbps කි.ඒ අනුව බලන විට ලයිට්පීක් තාක්ෂණය වේගවත්ය.2020 වන විට ලයිට්පීක් වේගය 100Gbps වැඩිකළ හැකි බව Intel සමාගමේ ජේසන් ෂීලර්ගේ මතයයි.ලයිට්පීක්ක්‍රමයේදී යොදා ගන්නා ප්‍රකාශ තන්තුව කෙස්ගසකින් භාගයක් තරම් සියුම් විෂ්කම්භය මයික්‍රොන 62.5 (62.5µ) වූ එකකි. සාමාන්‍ය ප්‍රකාශ තන්තුවක් වීදුරුවලින් තනා තිබෙන නිසා එය කැඩෙනසුලුය. එහෙත් ලයිට්පීක් තනා තිබෙන්නේ විශේෂප්ලාස්ටික් (UltemPlastic)වර්ගයකින් නිසා නැමෙනසුලු බව වැඩිය. දූවිලි සහ වෙනත් ගැස්සීම් වලට ඔරොත්තු දෙන මෙයමීටර් 100ක දුරකට තොරතුරු හුවමාරු කළ හැකිය.[Source: විජය පරිගණක].
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
විභීෂණ රජ විභීෂණ යනු රාවණා රජුගේ අර්ධ සහෝදරයකි. පුරාවෘත්තයට අනුව විභීෂන රාම කුමරයාට සිතා පැහැරගෙන යාමට උදව් කර ඇති බව දැක්වේ. මේ නිසා රාවණ රජු තම සොහොයුරු වන විභීෂන සමග අමනාප වී ඇත. රාම කුමරු රාවණා රජ මරා දැමූ පසු ලංකාපුර රජකම විභීෂණට ලබාදුනි. කෝට්ටේ යුගයේදී කෝට්ටේ රාජධානියේ ජනතාව විභීෂණ රජ දේවත්වයේලා වන්දනාකල අතර තවමත් කැළණිය ප්‍රදේශයේ සමහර ජනතාව විභීෂණ දේවියන්ට පුදපූජා පවත්වයි. ආශ්‍රිත ලිපි[සංස්කරණය] රාවණා රජ
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ක්‍රිකට් තරග මුදලට පාවාදීම සම්බන්ධ පුද්ගලයින්ගේ තොරතුරු හෂාන් තිලකරත්න මහතා හෙළි කිරීමට සූදානම් වන්නේ නම් උපරිම ආරක්ෂාව ලබාදීමට රජය සූදානම් බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.තරග පාවාදීමට සම්බන්ධ තොරතුරු හෙළි කිරීමට නිසි ආරක්ෂාවක් අවශ්‍ය බව හෂාන් තිලකරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධව රජයේ විශේෂ අවධානය යොමුව ඇති හෙයින් මේ තීරණය ගත් බව ක්‍රීඩා ඇමැතිවරයා අවධාරණය කළේය. වසර 1992 සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කී‍්‍රඩාවේ මුදලට තරග පාවාදීම සිදුවූවේ යැයි හෂාන් තිලකරත්න මහතා පසුගියදා පැවැසීය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දැක් වූ හෂාන් තිලකරත්න මහතා පැවැසුවේ තමාගේ ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලු ඇති හෙයින් සියලු තොරතුරු හෙළි කිරීමෙන් වළකින බවය.මේ ප්‍රකාශයට රජයේ විශේෂ අවධානය යොමුව ඇති හෙයින් ආරක්ෂාව සහතික කිරීම පිණිස ලිඛිත ඉල්ලීමක් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙසද ක්‍රීඩා ඇමැතිවරයා හෂාන් තිලකරත්න මහතාගෙන් ඉල්ලා සිටී.ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය ගැන සුබවාදී ආකල්පයක් හෂාන් තිලකරත්න මහතාට ඇත්නම් ක්‍රිකට් තරග මුදලට පාවාදීම පිළිබඳ බරපතල චෝදනාවට සම්බන්ධ පුද්ගලයන්ගේ සියලු තොරතුරු හෙළි කිරීම වැදගත් බව ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ආරක්ෂා කරදීම හිටපු ක්‍රිකට් නායකයෙකු ලෙස ඔහුගේ පරම යුතුකමක් බවද ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පැවැසීය.තරග පාවාදීම සිදු වී ඇතැයි හෂාන් තිලකරත්න මහතා මෙයට සති කිහිපයකට පෙර ප්‍රකාශ කළේය. නම් ගම් හා පුද්ගලයන්ගේ තොරතුරු හෙළි නොකර සිටීමෙන් ක්‍රීඩාවට විශාල හානියක් සිදුව ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පිරිසක් ද ප්‍රකාශ කරති.හෂාන් තිලකරත්න මහතා විසින් මුදලට තරග පාවාදුන් ක්‍රීඩකයන්ගේ නම් හෙළි කරන තුරු බොහෝ දෙනා විමසිල්ලෙන් පසුවෙති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දිවීම යනු පාද දෙකම් එකවරක පොළොවෙන් උඩ පිහිටමින් යාමයි. එසේත් නැත්නම් වරක ගුවන් ගතවීමයි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මායා දේවිය දුටු සුදු ඇතාගේ සිහිනය - සහ බුදුන්ගේ පිළිසිඳ ගැනීම - ගාන්ධාර - 2 - 3 සියවස්. ශාක්‍ය වංශික ‘මායා’ රැජින ගෞතම බුදුන් වහන්සේගේ නැතහොත් ගෞතම නම් ගෝත්‍රයේ සිද්ධාර්ථයන්ගේ මව වූවාය. එමෙන්ම ඇය පළමුවෙන්ම බුදුන් වහන්සේ විසින් භික්ෂුණි ශාසනයට ඇතුළත් කර ගන්නා ලද මහා ප්‍රජාපති ගෝතමියගේ සොහොයුරියයි. ‘මායා’ යන්නෙහි තේරුම මායාව යන්නයි. ඇය මහාමායා සහ මායාදේවි ලෙසින්ද හැඳින්වේ. ටිබෙට් භාෂාවෙන් ‘ග්යුත්රුල්මා’ (Gyutrulma) යනුවෙන් කියනු ලැබේ. පුරාණ නේපාල රාජ්‍යයේ දෙව්දහ හි ඇය උපන්නාය. විවාහය සහ දරු උපත[සංස්කරණය] මායා දේවිය කපිල වස්තු හි ශාක්‍ය වංශ පාලකයා වූ සුද්ධෝදන රජු හා විවාහ වූවාය. ඇය සුද්ධෝදන රජුගේ මාමාගේ දියණියයි. එහෙයින් රජුගේ නෑනාය. දෙව්දහ හි රජතුමා ඇයගේ පියා වූවේය. බෝධි සත්වයන්ගේ උපත[සංස්කරණය] මහාමායා දේවිය සිද්ධාර්ථ ගෞතමයන්ගේ උපත සඳහා ලුම්බිණි වෙත යාම - අටවැනි සියවස - බොරෝ බුදූර් - ඉන්දුනීසියාව.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බොස්නියානු පාපන්දු ලීග් තරගමාලාවේ දී ඇති වූ ගැටුමකින් පොලිස් නිලධාරීහු 8 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලැබූ බව එරට පොලිසිය පවසයි.සර්ජේවෝ සහ සිරෝකි කණ්ඩායම් අතර පැවැති තරගය 1 – 1 ක් ලෙස සමවීමෙන් අනතුරුව මෙම ගැටුම ආරම්භ වූ බව පොලිසිය ප්‍රකාශ කළේය.තම කණ්ඩායම් වල දස්කම් පිළිබඳව උරණ වූ දෙපිලේම ආධාරකරුවන් ක්‍රීඩාංගනයේ අසුන් ගලවා ක්‍රීඩා පිටියට වීසි කරමින් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගෙන ඇත.සර්ජේවෝ ආධාරකරුවන්ගෙන් බහුතරය මුස්ලිම් ජාතිකයන් වන අතර සිරෝකි ආධාරකරුවන් ක්‍රිස්තියානි ජාතිකයන් වෙති.ක්‍රොඒෂියාවේ සහ සර්බියාවේ ජනවාර්ගික ගැටුම වසර 15 කට අධික ඉතිහාසයක් කරා දිවයන අතර 1992 – 1995 කාලය තුළ දෙරට ඇතිවූ යුද්ධයෙන් පුද්ගලයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් විය.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කත්‍රිනා කායිෆ් නිළියක් ලෙස දොරට වැඩීමේදී පෙම්වත් සල්මන් ඛාන්ගෙන් ලැබුණු පිටිබලය සුළුපටු නැත. කත්‍රිනාට බැඳි පෙම තවමත් සල්මන්ගේ සිතෙහි ඇඳී පවතිනවා වාගෙයි. ඉසෙබලා කායිෆ්ටත් ඔහු අත දීමට සිතාගෙන සිටින්නේ ඒ නිසයි.ඉසෙබලා කායිෆ්, කත්‍රිනා කායිෆ්ගේ නැගණියයි. කත්‍රිනාට වඩා ඇය වසර තුනක් බාලය.විසි අට හැවිරිදි ඉසෙබලා වයස අවුරුදු දාහතරේ සිටම මෝස්තර නිරූපණයෙහි යෙදෙන්නීය. ඇයගේ කුලුඳුල් රංගනය ඇතුළත් වන්නේ කැනේඩියානු අධ්‍යක්ෂ ජීන් ෆ්‍රැන්කොයිස් පෝලියට්ස්ගේ ‘ඩොක්ටර් කැබී’ සිනමා පටයටයි. එහි සම නිෂ්පාදනය සල්මන් ඛාන්ගේයි.ඉසෙබලා බොලිවුඩයට පැමිණෙන ඕනෑම වේලාවක කත්‍රිනා කායිෆ් හැකි සෑම උපකාරයක්ම කිරීමට සූදානමින් සිටින්නීය.‘ඩොක්ටර් කැබී’ මේ වන විට කැනේඩියානු සහ අමෙරිකානු ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලබමින් ඇත.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගීත රචක රවී සිරිවර්ධනතව මාස කිහිපයකින් එළිදකින මගේ නිර්මාණ රැගත් සී. ඩී. එකේ ගීතවල පටිගත කිරීම් අතරයි මා මේ දවස්වල කාලය ගත කරන්නේ. ඒ සී. ඩී. එක නිර්මාණය වෙන්නේ ප්‍රවීණ පරපුර වගේම නව පරපුරේ ගායක – ගායිකාවන්ගේ සුසංයෝගයකින්. ඒ වගේම මගේ ගීත එකතුවක් මේ එළි දැක්වෙන්නේ වසර 5 කට පමණ පසුවයි. ඒත් සමඟම ගීත පොතක්ද එළි දක්වන්නටත් සිතාගෙන ඉන්නවා.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අමාත්‍යාංශවල දැනට සේවය කරන උපදේශකවරුන්ගේ සේවා කාලය ඊයේ (30) සිට අහෝසිකොට ඇත.ඇමැති මණ්ඩලය සඳහා අලුතින් පත් කරනු ලැබූ ඇමැතිවරුන් විසින් තම අමාත්‍යාංශ වෙත පවරනු ලැබූ විෂයයන් හා කාර්යයන් සැලකිල්ලට ගනිමින් තම අමාත්‍යාංශ සඳහා උපදේශකවරුන් පත් කිරීම අවශ්‍ය වන්නේද යන්න සමාලෝචනය කරන තෙක් අමාත්‍යාංශවල දැනට සේවයේ යෙදී සිටින උපදේශකවරුන්ගේ සේවය ඊයේ සිට අවසන් වන බව දන්වා ඇමැති මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ මහතා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇත.වෙනත් රාජ්‍ය ආයතනවලින් ද්විතීය පදනම මත පත් කරන ලද උපදේශකවරුන් වෙතොත් අද (01) සිට කලින් සේවය කළ රාජ්‍ය ආයතනයට ඔවුන් ආපසු යැවිය යුතු බවද තව දුරටත් එහි සඳහන් කර ඇත.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අබා චිත්‍රපටය නිපදවමින් සිනමා ලෝකයට පිවිසි නිෂ්පාදක ජස්ටින් බෙලගමගේ පසු ගිය වසරේදී අතිශය වැදගත් කටයුත්තකට අත තැබුවේය. ඒ සිනමාව සම්බන්ධ ශබ්දකෝෂය ක් මුල් වරට සිංහල බසින් එළි දැක්වීමයි.ඒ වගේම මේ වසරේ ඔහු තවත් දැවැන්ත කෘතියක් එළි දැක්වීය.ඒ ලෝක ඉතිහාසයේ මං සළකුණු නම් ග්‍රන්ථයයි.ලෝක ඉතිහාසයේ අතිශය වැදගත් ශිෂ්ටාචාර ගොඩ නැගීම පිළිබඳ ඔහු මේ කෘතිය මගින් ඉතා සුමට කතාවක් විලාසයෙන් ලියා ඇති ආකාරය අතිශය වර්ණනාත්මක බව කිව යුතුමයි.ප්‍රාග් ඵෙතිහාසික යුගයේ සිට මධ්‍යතන යුගයේ අවසානය දක්වා ලෝකයේ ඉතිහාස කතාව මෙයට ඇතුළත් ව තිබේ.හෝමෝ සේපියන් මානවයා තම දෙපා මත නැගීසිට අවුරුදු දෙලක්ෂයක පමණ කාලයක් මුළුල්ලේ මහ පොළව මත කළ දිගු සංචාරයේ දී ඔහුට හමුවූ අපූරු මිනිසුන් ඔහු ලැබූ චමත්කාර ජනක අත්දැකීම් සහ ඔහු පසු කළ අඳුරු යුග සහ විභූතිමත් ශිෂ්ටාචාර පිළිබඳව සුන්දර කතාන්තරය ජස්ටින් බෙලගමගේ මෙහි විශිෂ්ට අන්දමින් ලියා ඇත්තේය.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 8 වන සියවස – ක්‍රිපූ 7 වන සියවස – ක්‍රිපූ 6 වන සියවස දශක: ක්‍රිපූ 630ගණන් ක්‍රිපූ 620ගණන් ක්‍රිපූ 610ගණන් – ක්‍රිපූ 600ගණන් – ක්‍රිපූ 590ගණන් ක්‍රිපූ 580ගණන් ක්‍රිපූ 570ගණන් වසර: ක්‍රිපූ 608 ක්‍රිපූ 607 ක්‍රිපූ 606 – ක්‍රිපූ 605 – ක්‍රිපූ 604 ක්‍රිපූ 603 ක්‍රිපූ 602 ක්‍රිස්තු පූර්ව 605 වසර මාතෘකා අනුව දේශපාලනය රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය උපත් සහ මරණ ප්‍රවර්ග උපත් – මරණ සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග සංස්ථාපනයන් – විසංස්ථාපනයන් න සා සං ක්‍රිපූ 605 අනෙකුත් දින දසුන් වලින් ග්‍රෙගෝරියානු දින දසුන ක්‍රිපූ 605 අබ් ඌර්බෙ කෝන්ඩිටා 149 ආර්මේනියානු දින දසුන N/A ඇසිරියානු දින දසුන 4146 බෞද්ධ දිනදසුන −62 – −61 බහායි දින දසුන −2448 – −2447 බෙංගාලි දින දසුන −1197 බර්බර් දින දසුන 346 ඉංග්‍රීසි රාජ්‍යත්ව වසර N/A බුරුම දින දසුන −1242 බයිසැන්ටියානු දින දසුන 4904–4905 චීන දින දසුන 乙卯年 (දැව Rabbit) 2092 or 2032 — to — 丙辰年 (Fire Dragon) 2093 or 2033 කොප්ටික දින දසුන −888 – −887 ඩිස්කෝර්ඩියන් දින දසුන 562 ඉතියෝපියානු දින දසුන −612 – −611 හෙබ්‍රෙව් දින දසුන 3156–3157 හින්දු දින දසුන් - වික්‍රම් සම්වත් −548 – −547 - ශක සම්වත් N/A - කලි යුග 2497–2498 හොලොසීන දින දසුන 9396 ඉග්බො දින දසුන −1604 – −1603 ඉරාන දින දසුන 1226 BP – 1225 BP ඉස්ලාමීය දින දසුන 1264 BH – 1263 BH ජපාන දින දසුන N/A ජුච්චේ දින දසුන N/A ජූලියානු දින දසුන N/A කොරියානු දින දසුන 1729 මින්ගුවෝ දින දසුන 2516 before ROC 民前2516年 තායි සූර්ය දින දසුන −61 This box: නරඹන්න සාකච්ඡා කරන්න සංස්කරණය කරන්න විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්‍රිත මාධ්‍ය සතු වෙයි: 605 BC
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මහ දවල් නිවෙස්වලට පැන රන් භාණ්ඩ සොරකම් කිරිම සම්බන්ධයෙන් අමුණුගම ප්‍රදේශයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ගැන මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වයි.ලක්‍ෂ ගණනක් වටිනා මුදල් හා රන් භාණ්ඩ මොහු සොරාගෙන ඇති අතර සොරකම් 15ක් පමණ සිදු කර තිබේ. සැකකරු පදිංචි අමුණුගම ප්‍රදේශයේ හා නාවාන ප්‍රදේශයේ නිවෙස්වලින් මේ සොරකම් සිදු කර ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සියවරක් ඉකි බිදසෙවූ සිනහවමිතුරු වෙනකොටඔබම දුර හිඳකඳුල අයෙත්මගේ දෝතටඑවන ලස්සන.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව නොවැම්බර් 2006 උපත ශ්රී ලංකාව අන්වර්ථ නාම />බාලචන්ද්රුන්
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ෆ්ලෑෂ් නිර්මාණ ෆ්ලෑෂ් නිර්මාණයක් හෝ ෆ්ලෑෂ් කාටුනයක් යනු ඇඩෝබ් ෆ්ලෑෂ් නිර්මාණ මෘදුකාංගය මඟින් නිර්මාණය කරන ල ද swf යන ආකෘතිය ඇති චිත්‍රපටයකි. ෆ්ලෑෂ් යන වචනය ආකෘතිය විස්තර කිරීමට පමණක් නොව එක්තරා ආකාරයකට දෘශ්‍යය චලනය හා රටාව ද නිරූපනය කරයි. මෙවන් ෆ්ලෑෂ් නිර්මාණ සම්මාන ලබමින්ද බොහෝ රූපවාහිනී වැඩසටහන් පෙලවලට සම්බන්ධ වෙමින්ද පුනරුදයකට ලක්වී තිබේ. 1990 අගභාගයේදී අන්තර්ජාල කලාප පලල 56 කිලෝබයිට් / තප්පරයට සීමාවූ නිසා බොහෝ ෆ්ලෑෂ් නිර්මාණ නිෂ්පාදනය සීමා සහිත වී තිබිණ. උදාහරණයක් ලෙස 1999 දී 628 කිලෝබයිට් ප්‍රමාණයකට ප්‍රවාචනය කල "ද ගෝඩ්මන් ජෝර්ජ් ලිකර් වැඩසටහන" සැලකිය හැක. මෙවන් සමහර ෆ්ලෑෂ් නිර්මාණ ඉතා දුර්වල චලනයන්ගෙන් හා වේගවත් වෙනස්කම්වලින් යුක්ත වේ. බොහෝ ෆ්ලෑෂ් චිත්‍රපට දෛශික පදනම්වූ රූප වලින් යුක්ත අතර බොහෝවිට පැහැදිලි ග්‍රැපික් පෙනුමක් ගනි. ෆ්ලෑෂ් නිර්මාණ අන්තර්ජාලය හරහා බෙදාහරින අතර ඒවා බොහෝවිට අන්තර්ජාල කාටුන, ඔන්ලයින් කාටුන හෝ වෙබ්ටුන ලෙස හැඳින්වේ. වෙබ් ෆ්ලෑෂ් නිර්මාණ අන්තර් ක්‍රියාකාරීත්වයෙන් වැඩි අතර බොහෝ විට නිර්මාණ පෙළක් ලෙස දියුණුකරයි. වර්තමානයේ දී ෆ්ලෑෂ් නිර්මාණ ෆ්ලෑෂ් ජෙනරේටර හා එබ්බවු වීඩියෝ ආශ්‍රිතව අන්තර්ජාලය හරහා බහුලව භාවිතා වේ. බොහෝ ප්‍රසිද්ධ නැවත සෑදු වැඩසටහන් නැවත නැවතත් සාර්ථකත්වයට පැමිණ තිබේ. මෙම ෆ්ලෑෂ් ජෙනරේටරවල භාවිත යූටියුබ්, ගූගල් වීඩියෝ හා මගිස‍්පේස් වීඩියෝ වැනි දේවලට ද ඈඳී තිබේ. බොහෝ ෆ්ලෑෂ් ජෙනරේටර වෙබ් නිර්මාණවල ලේඛන ලැයිස්තු නිර්මාණයට යොදාගන්නා අතර වේගවත් ෆ්ලෑෂ් ගුණාංග හා මුද්‍රණ තවමත් ප්‍රමුඛස්ථානය ගනි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සිකුරු හතේ සිනමාපටයෙන් රටක් හිනැස්සූ ගිරිරාජ් කෞශල්‍ය සිය දෙවැනි සිනමා කෘතියෙහි මූලික වැඩ කටයුතු ඉකුත් සිකුරාදාවේ උදෑසන රාජගිරිය සවරින් හෝටල පරිශ්‍රයේ පැවති මුහුරත් උළෙලකින් අනතුරුව ආරම්භ කළේය.සිකුරු හතේ මෙන්ම ප්‍රහසන සිනමාපටයක් වන මෙය නම් කොට ඇත්තේ සුහද කොකා යනුවෙනි.ගිරිරාජ් කෞෂල්‍ය කලකට ඉහත දී පිටපත රචනා කළ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක් වූ එතුමා ටෙලි සිතුවමේ චරිතයන් මෙම චිත්‍රපටය හරහා රිදී තිරයට පැමිණෙනු ඇත.සුහද කොකා ටී. වී. ටී. ආයතනය වෙනුවෙන් රවීන්ද්‍ර ගුරුගේ නිෂ්පාදනය කරයි. මෙය එම ආයතනයේ පළමු නිෂ්පාදනය වේ.විජය නන්දසිරි, කුසුම් රේණු, ඩබ්ලිව්. ජයසිරි, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ, රොඩ්නි වර්ණකුල, ලාල් කුලරත්න, මිහිර සිරිතිලක, ගිරිරාජ් කෞශල්‍ය, ලලිත් ජනකාන්ත රංගනයෙන් සහ ප්‍රියන්ත සෙනෙවිරත්න, දමිතා අබේරත්න, පියුමි ශානිකා ගරු රංගනයෙන් සුහද කොකා හැඩ කරයි. ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයකි. රවීන්ද්‍ර ගුරුගේ සුහද කොකා සංස්කරණය කරයි.තුසිත අනුරාධගේ කැමරා අධ්‍යක්ෂණයකි. ඉමල් ශානක පීරිස් අංග රචනා ශිල්පියාය.කලා අධ්‍යක්ෂණයෙන් සිරිනාථ වික්‍රමසිංහ ද, ඇඳුම් නිර්මාණයෙන් මනෝජ් වික්‍රමසිංහ ද, රුවන් බණ්ඩාර සහ සුජිත් පෙරේරා සහාය අධ්‍යක්ෂණයෙන් ද, සනත් මැදිවක නිෂ්පාදන විධායකයෙන් මේ සඳහා එක් වෙයි.- ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කම්කරු ජාතික පෙරමුණේ සහයෝගය පළ කෙරේ.ජනාධිපතිතුමාගේ ජයග්‍රහණණය වෙනුවෙන් තම උපරිම ශක්තිය යොදා කැපවී කටයුතු කරන බව එම පෙරමුණ පවසයි.කම්කරු ජාතික පෙරමුණේ නායක නියෝජ්‍ය ඇමැති පී.දිගම්බරන් මහතා ඇතුළු එහි නියෝජිත පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (25) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී හමු වූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ කළේය.වතු ජනතාව නඟා සිටුවීම උදෙසා ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදදී අගය කළ මෙම පිරිස වතු ජනතාව දැනට මුහුණ දී සිටින ගැටලු කිහිපයක් පිළිබඳ ජනාධිපතිතුමා දැනුවත් කළහ.ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන එස්. සිදරන්, සරස්වති සිවගුරු, සිං කොන් පොන්නයියා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කැලණියේ වනවාසල ප්‍රගති අධ්‍යාපන ආයතනය මඟින් වාර්ෂිකව මෙහෙයවන, සය සාමාජික ක්‍රිකට් තරගාවලිය මෙවරත් පෙබරවාරි මස 27දා (බ්‍රහස්පතින්දා) පෙ.ව.8.00සිට වනවාසල නාගසේන විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.ප්‍රදේශයේ දූ දරුවන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීම් අරමුණෙන් ක්‍රීඩා කණ්ඩායම් 40කට අධික ප්‍රමාණයක් සහභාගි කරගෙන , කැලණි ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්.ඩී. සෝමවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය දවස පුරා පැවැත්වේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
එක් සාර්ථක සිනමාපටයක් තවත් සාර්ථක සිනමාවලියකට මුල පුරයි. ජේම්ස් කැමරන්ගේ අවතාර් (2009) නැරැඹූ රසිකයකුට එහි දෙවැන්නක්, තෙවැන්නක් සිතේ මැවීම අරුමයක් නොවෙයි. රසිකයන්ගේ සිහිනය සැබෑ කරමින් කැමරන් දෙවැන්න හා තෙවැන්න පිළිබඳව ද මේ දිනවල පිඹුරුපත් සකසමින් සිටියි.ඔහු දෙවැන්නට සහ තෙවැන්නට ජේක් සූලි සහ නෙය්තිරි චරිත රැඟූ වර්දිංටන් සහ සැල්ඩානා එක්කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියි. ඊළඟ කොටස්වලදී ඔවුන්ගේ දරුවන්ගේ කතාව රසිකයන්ට නැරැඹීමට අවස්ථාව ලැබෙනු ඇත.දෙවැනි අවතාර් සිනමාපටය 2016 වසරේ දෙසැම්බරයේදී ද, ඊළඟ කතාව 2017 වසරේ දෙසැම්බරයේදී ද තිරගත කිරීමට නියමිතයි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ෆවුස් මොහොමඩ්මෙරට පාසල් බොක්සිං කැලැන්ඩරයේ වසර අවසාන බොක්සිං සූරතාවලිය වූ ටී.බී. ජයා අනුස්මරණ සමස්ත ලංකා පාසල් බොක්සිං තරගාවලියේ සියලු ගෞරව අත්කර ගැනීමට මහනුවර පාසල් ක්‍රීඩකයන් සමත්වූහ.මහනුවර කිංග්ස්වුඩ් විදුහල ලකුණු 24ක් රැස් කරමින් සමස්ත සූරතාව දිනාගත් අතර ලකුණු 17ක් ලබා ගත් මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහලට අනුසූරතාව හිමිවිය.ධර්මරාජ විදුහලේ ජී.ඩබ්ලිව්.පී.කේ. ගුණතුංග තරගාවලියේ හොඳම බොක්සිං ක්‍රීඩකයා ලෙස සම්මාන දිනූ අතර හොඳම පරාජිතයා වූයේ විද්‍යාර්ථ විදුහලේ එස්.ජේ. පුෂ්පකුමාරයය.පාසල් 56ක ක්‍රීඩකයන් 216 දෙනෙකු තරග වැදුණු මේ සූරතාවලිය දින 4ක් පුරා පිළිමතලාව මැදි විදුහලේදී පැවැත්විණි.ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සහ ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ ටී.බී. ජයා අනුස්මරණ කුසලාන පාසල් බොක්සිං තරගාවලිය මෙවර පැවැත්වූයේ 42 වැනි වරටය.වසර 17ක් ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ ලේකම් ධුරය ඉසිලූ එස්.කේ. කරුණාරත්න මහතා මෙවර තරගාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.තරග ප්‍රතිඵල(අවුරුදු 13-14 වයස් කාණ්ඩය)කි.ග්‍රෑ. 33-35 සූරතාව - එස්.එන්. ජනදාස (මයුරපාද විදුහල මහනුවර) අනුසූරතාව - එස්.ජේ. පුෂ්පකුමාර (විද්‍යාර්ථ) කි.ග්‍රෑ. 35-37 සූරතාව - කේ.ජී. සුබසිංහ (පන්නල ජාතික පාසල) අනුසූරතාව - ඒ.එස්. බණ්ඩාර (කිංස්වුඩ්) කි.ග්‍රෑ. 37-39 සූරතාව -එච්.ඕ. දිනුසර (ධර්මරාජ – මහනුවර) අනුසූරතාව - එම්.ඒ. මිස්රි (කේරි විදුහල) කි.ග්‍රෑ. 39-41 සූරතාව - එස්.බී. බණ්ඩාර (සාන්ත සිල්වෙස්තර) අනුසූරතාව - වී.වී. පෙරේරා (පිළිමතලාව ම.ම.වි) කි.ග්‍රෑ. 41-43 සූරතාව - ටී.ඩී. මධුසංක (විද්‍යාරතන වි.වි. පීඨය - හොරණ) අනුසූරතාව ආර්.ඒ.එස්.චන්දු (සාන්ත සිල්වෙස්තර) කි.ග්‍රෑ. 43-45 සූරතාව - එස්.එම්. පිටියේගෙදර (විද්‍යාරතන වි.වි. පීඨය - හොරණ) අනුසූරතාව - කේ.එම්. කරුණාසිංහ (පේරාදෙනිය ම.ම.වි.)(අවුරුදු 15 – 16 වයස් කාණ්ඩය)කි.ග්‍රෑ. 44-46 සූරතාව - එම්.එන්.සී. කුමාර (ගාමිණි ම.ම.වි. ඉංගිරිය) අනුසූරතාව - ඩී.එම්.ජී.ඕ. වීරසිරි (සීවලි ම.ම.වි. රත්නපුර) කි.ග්‍රෑ. 46-48 සූරතාව - එල්.ආර්. දසනායක (කිංස්වුඩ්) අනුසූරතාව - ජේ.ඒ.එස්. ජනන්ජය (සාන්ත සිල්වෙස්තර) කි.ග්‍රෑ. 48-50 සූරතාව - එන්. පැල්පොල (ත්‍රිත්ව) අනුසූරතාව - සී.එස්. සමරනායක (ගන්තලාව ම.ම.වි.) කි.ග්‍රෑ. 50-52 සූරතාව - එන්.එන්. ජයසිංහ (කිංස්වුඩ්) අනුසූරතාව - එච්.එස්. මදුවන්ත (සාන්ත සිල්වෙස්තර)(අවුරුදු 17 – 18 වයස් කාණ්ඩය)කි.ග්‍රෑ. 52-54 සූරතාව - ඩබ්ලිව්.ඒ. සඳරුවන් (ගන්තලාව ම.ම.වි.) අනුසූරතාව - එම්.වී.ඩබ්ලිව්. සිල්වා (සුමංගල විදුහල පානදුර) කි.ග්‍රෑ. 46- 49 සූරතාව - එච්.එල්. ප්‍රනාන්දු (සුමංගල විදුහල පානදුර) අනුසූරතාව - බී.කේ. ද මෙල් (රාජකීය - මහනුවර) කි.ග්‍රෑ. 49-52 සූරතාව - එම්.පී. හේරත් (කිංස්වුඩ්) අනුසූරතාව - ඩී.එල්. හෙට්ටිආරච්චි (විද්‍යාර්ථ) කි.ග්‍රෑ. 52-56 සූරතාව - ඩී.එම්. පැල්පොල (රාජකීය - මහනුවර) අනුසූරතාව - පී. මධුශාන් (ජෝසප් වාස් වි. වෙන්නප්පුව) කි.ග්‍රෑ. 56-60 සූරතාව - පී.කේ. ගුණතුංග (ධර්මරාජ) අනුසූරතාව - එච්.ආර්. ප්‍රනාන්දු (සුමංගල විදුහල පානදුර) කි.ග්‍රෑ. 60-64 සූරතාව - ඩී.පී. අත්තනායක (සීවලි ම.ම.වි. රත්නපුර) අනුසූරතාව - එන්. කලුහැන්දිවෙල (ත්‍රිත්ව).
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කලනය සමග බැදි ඇති වර්ධනයක් හා විචලනයන් නිරූපණය කිරීම සදහා Nautilus කවචයේ ලඝුගණක සර්පිල ස්වරූපය දැක්වෙන රූප අතීතයේ සිටම භාවිතා විය. ගැටළුවක් ගණිතමය ලෙස ආදර්ශනය කල හැකි වන්නා වුත්, ප්‍රශංසී විසදුමක් බලාපොරොත්තු වන්නා වූත් ඕනෑම ක්ෂේත්‍රයක් සඳහා කලනය යොදා ගත හැක. මේ අතරට පරිගණක විද්‍යාව සංඛ්‍යාතය, ඉන්ජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව වෙළඳාම සහ වෛද්‍ය විද්‍යාව ආදි වු ස්වභාව විද්‍යාවන්ට අයත් සියළුම ක්ෂේත්‍ර අයත් වේ. මේ අතරින් භෞතික විද්‍යාවේදී කලනය විශේෂයෙන් භාවිතා වේ. ප්‍රතිස්ඨිත/පැරණි භෞතික විද්‍යාවේ සියළු සංකල්ප කලනය ඔස්සේ අන්තර්සම්බන්ධිත වේ. ඝනත්වය දන්නා වස්තුවක ස්කන්ධය, වස්තූන්ගේ ආවස්ථිති ඝුර්ණය මෙන්ම සංස්ථිති ක්ෂේත්‍රයක් තුළ අන්තර්ගත වස්තුවක ශක්තියද කලනය අසුරින් ගණනය කල හැක. විද්‍යුතය සහ චුම්භකත්වය පිළිබඳ උපක්ෂේත්‍ර වලදී විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර වලදී සම්පුර්ණ ස්‍රාවය සෙවීම සඳහා කලනය යොදා ගත හැක. තවද කලනයේ භාවිතය සදහා වඩාත් ඓතිහාසික උදාහරණයක් වන්නේ “විචලන සීඝ්‍රතාව” පිලිබඳ සෘජුව ප්‍රකාශ කරන නිව්ටන්ගේ චලිතය පිළිබඳ දෙවැනි නියමයයි. ඉන් කියවෙන්නේ වස්තුවක ගම්‍යතාව “වෙනස් වීමේ සීඝ්‍රතාව එය මත ක්‍රියාකල බලයට සමාන වන අතර ගම්‍යතාව වෙනස් වන දිශාව බලයේ දිශාව ඔස්සේම වේ” යන්නයි. එමෙන්ම ත්වරණය, ප්‍රවේගයේ ව්‍යුත්පන්නයක් සේ ප්‍රකාශ කළ හැකි බැවින් නිව්ටන්ගේ දෙවැනි නියමය ප්‍රකාශ කරන සාමාන්‍ය ආකාරය මත බලය = ස්කන්ධය x ත්වරණය යන සමීකරණයේද අවකලනය අන්තර්ගත වේ. මැක්ස්වෙල්ගේ විද්‍යුත්චුම්භකත්වය පිළිබඳ වාදය සහ අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂවාදය පවා ප්‍රකාශ කෙරෙනුයේ අවකලනය භාවිතයෙනි. විකිරණශීලි ක්ෂ්‍යවීමේ සීඝ්‍රතාවක් සහ ප්‍රතික්‍රියා සීඝ්‍රතා තිරණය කිරීම සඳහා රසායන විද්‍යාවේදී කලනය ප්‍රයෝජනවත් වේ. කලනය වෙනත් ගණිතමය සංකල්ප සමග එක්ව යොදා ගැනීමද කළ හැකි අතර වසමකට අයත් ලක්ෂ කලකයක් සඳහා රේඛීය සන්නිකර්ෂණයේ සුදුසුතම අනුසීනුව සොයා ගැනීම සඳහා රේඛීය වීජ ගණිතයේදී කලනයේ භාවිතයන් මෙවන් අවස්ථාවකට උදාහරණයකි. වෛද්‍ය විද්‍යාවේදී ලේ ගමණාගමනය උපරිම වීම සඳහා රුධිර වාහිණියක් සතුවිය යුතු ප්‍රසංගී ශාඛක කෝණය ගණනය කිරීම සඳහා කලනය යොදා ගත හැක. විශ්ලේෂි ජ්‍යාමිතියේ ශ්‍රිතයන් ප්‍රස්ථාරවල උපරිම හා අවම ලක්ෂයන්, බෑවුම, අවකලතාව සහ තිනි වර්තන ලක්ෂ සෙවීම සඳහා කලනය යොදා ගැනේ. ආර්ථික විද්‍යාවේදී කලනය ආන්තික වියදම සහ ආන්තික බදු ප්‍රමාණය ගණනය කිරීමට පහසු ක්‍රමයක් සැලසීම මගින් උපරිම ලාභය ගණනය කිරීමට ඉඩ සලසයි. නිව්ටන් ක්‍රමය, අචල ලක්ෂ ප්‍රතඃකරණය සහ රේඛීය සන්නිකර්ෂණය වැනි ක්‍රමයේදී සමීකරණ සඳහා සන්නිකර්ෂණ විසදුම් ගණනය කිරීම සඳහා කලනය යොදාගත හැක. උදාහරණයක් ලෙස අභ්‍යවකාශ යානා සඳහා ශුන්‍ය ගුරුත්ව අවකාශ තල වක්‍රාකාර ගමන්පත් සන්නිකර්ෂණය කිරීමට ඉයුලර් ක්‍රමයේ එක් ආකාරයක් යොදා ගැනීම පෙන්වාදිය හැක. http://en.wikipedia.org/wiki/Calculus#Applications
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සුමිත් ගල්හේන අධ්‍යක්ෂණය කරන මහා බ්‍රහ්ම සිනමාපටයෙහි රූගත කිරීම් පසුගියදා අවසන් විය. ඓතිහාසික කතා පුවතක් ඔස්සේ නිර්මාණය වන මහා බ්‍රහ්ම හි විමල් කුමාර ද කොස්තා, ක්ලීටස් මෙන්ඩිස්, අනූෂා දමයන්ති, ජයරත්න ගලගෙදර, සංජු රොඩ්‍රිගෝ, ශාන් කරන්නාගොඩ, නිපුන් ලංකා, සංජුල දිවාරත්න, ශ්‍යාමලී වරුසවිතාන, ෂර්ලි ජයසිංහ ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයේ යෙදෙති.ශාන් කරන්නාගොඩ කතාව, දෙබස්, තිර රචනයෙන් දායක වූ මෙහි නිෂ්පාදනයට ශාන් සමඟ ප්‍රදීප් චමින්ද එක්ව ඇත.මහා බ්‍රහ්ම සිනමාපටය සුමිත්ගේ දෙවැනි අධ්‍යක්ෂණය වන අතර සක්විති දඩයම ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි.- ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අකුළන බයිසිකලයක් කීවාම අලූත් දෙයක් නෙවෙයිx ඒත් විදුලි බැටරි බලයෙන් දුවන ඒ වගේ ම අකුළලා අතේ ගෙන යන මල්ලකට දා ගන්න පුලූවන් බයිසිකලයක් කීවාම අලූත් දෙයක්.ඒක හඳුන්වා දීල තියෙන්නේ ‘ඉම්පොසිබල් බයික්’ (Impossible bike) කියලයි. ඒකෙ තේරුම ‘විය නොහැකි බයිසිකලයක්’ යන්නයි.මේ ‘ඉම්පොසිබල් බයිසිකලය’ට පැයට කි.මී. 20ක (පැ.සැ.12.5ක) වේගයකින් ගියෑකි. වරක් බැටරිය ආරෝපණය කළා ම මිනිත්තු 45ක කාලයකින් යා හැකි දුරක් යන්න පුලූවන්.ඒ බයිසිකලයට කි.ග්රෑම් 85ක බර කෙනෙකු වුනත් ඔසවා ගෙන යන්නත් පුලූවන්.මේ අපූරු බයිසිකලයට මුදල් ආයෝජනය සඳහා නිර්මාණකරුවා ‘කික්ස්ටාටර්’ වෙබ් අඩවියේ සහය පැතුවා. ඔවුන් ඒ බයිසිකලයේ ප‍්‍රමාණය හා බර ගැන නොකීවත් බැලූ බැල්මට එය සැහැල්ලූ එකක් බව කිව හැකියි.මේ පින්තූරයේ දැක්වෙන ඉම්පොසිබල් බයිසිකලය චීනයේ බෙයිජිං නගරයේ ඉම්පොසිබල් ටෙක්නොලොජී ආයතනයේ නව නිපැයුමක්මේ අකුළන බයිසිකලය විවිධ උස ප‍්‍රමාණ 4කින් ඔබට භාවිත කළ හැකියි. මෙය ලබන වසරේදී වෙළඳපොළට එවීමට නිෂ්පාදකයන් බලාපොරොත්තු වෙනවා.මෙහි තිරිංග තද කිරීම සිදු කරන්නට විදුලි බොත්තමක් හැන්ඞ්ල් එකේ සවි කර තියෙනවා. මෙය දුවන්නේ තනිකරම විදුලි බලයෙන්.මෙහි අගුල බුරුල් කළ පසු අසුන ඉහළට ඇද හැන්ඞ්ල් දෙපසට ඇද රාමුව නිසි පරිදි සකස් කර ගතයුතුයි. ඒවා තමන්ගේ උසට සරිලන සේ සකසා ගත් පසු බයිසිකලය නැවත වෙනස් නොව සේ එහි මුරිච්චි සවිකළ යුතු වෙනවා. මේ බයිසිකලය අකුළා ඉහත බෑගයේ දමා ගෙන යන්න පුළුවන්.මේ බයිසිකලය නිපදවීමට අරමුදල් එක් රැස් කිරීම දැන් අන්තර් ජාලය හරහා පසුගිය දා පටන් ගත්තා කික්ස්ටාටර් මගින් තමයි මේ සඳහා ඔවුන් දැනටමත් අරමුදල් එක්කාසු කර හමාරයි. මුදල් එවූ අයට ලබන අවුරුද්දේ අගෝස්තු මාසයේ මෙය ලබා ගන්න පුළුවන්.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වන්ධල්‍යය යනු විකිපීඩියාවේ සමෝධානිත්වය අනතුරට ලක්කිරීමට හිතාමතාම සිදුකරන උත්සාහයක් ලෙසින් කිසියම් අන්තර්ගතයක් එක්කිරීම, ඉවත් කිරීම හෝ වෙනස් කිරීම වෙයි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත ඌව පළාත දිස්ත්‍රික්කය මොණරාගල දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, ඌව පළාතේ, මොණරාගල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. පටුන 1 ජනගහනය 2 ග්‍රාම නිළධාරි වසම් 3 ආර්ථිකය 4 ප්‍රාදේශීය ලේකම්වරුන් 5 ආශ්‍රිත ලිපි 6 මූලාශ්‍ර ජනගහනය[සංස්කරණය] ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය] ආර්ථිකය[සංස්කරණය] ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය] ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර[සංස්කරණය] Divisional Secretariats Portal
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පසුගිය දෙසැම්බර් 11 වැනිදා බොලිවුඩය සතුටු කඳුළින් සැමරූ දිනයෙකි. මහා නළු දිලිප් කුමාර් තවත් වසරකින් ජීවන ගමනේ සියවසට ළං වීම ඊට හේතුවයි. ඔහුගේ 91 වැනි උපන් දිනයට ධර්මේන්ද්‍ර, සලීම් ඛාන් (සල්මන් ඛාන්ගේ පියා), ආශා පරේක්, හෙලන්, රාණි මුඛර්ජි වැනි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් සහභාගි වූහ.‘ශෝකාන්තයේ රජු’ යන විරුදාවලිය ලද දිලිප් භාරත සිනමා රංගනයට පිවිසුණේ ‘ජ්වාර් භාතා’ සිනමාපටයෙනි.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කාලෙකට පස්සේ නිව්ස් බැලුවේ යාල්පානමට යන යකඩ මැණිකේගේ ලස්සන බලන්න අදත්.. මුළු ඇඟම හංකිති කවාගෙන ඇඟ පුරා හිරියක් යන අතරේ අනුරාධපුරෙන් කල දමිල නිවේදනය ඇහෙද්දී.... ඇඟ පුරා පිරිලා ඉතිරිලා ගිය හැඟීම් ඇස්දෙකෙන් දොරේ ගලන්න ගත්තා..දවසකට පැය හයක් කෝච්චියේ,ස්ටේෂන්වල ගත කල කාලයක් තිබුනා.. කෙල්ල එක්ක කෝච්චියේ ගමනක් ගියත්, එකේ වර්ගෙයි ගෙනාපු අවුරුද්දයි ඒක ගැන මගේ අදහස් ගුණ දොස් දේශනේ ඇරෙන්න වෙන දෙයක් කියන්න මගේ කටට එන්නේ නෑ. බැනුමක් අහගන්නකම් මගේ කියවිල්ල නවතින්නෙත් නෑ. හදවතක් නැති යකඩ මැණිකෙලාට ආදරේ කරන හදවත් තියෙන සප්‍රාණික මිනිස්සු බොහොමයි. ඒ මිනිස්සුන්ට ජීවිතේට අමතක නොවන දවසක් තමයි ඊයේ වගේම අද..යාල් දේවි හීන අරංයාල්පානමට වඩින්න..යාල් දේවි උඹ තරහදඅහිතක් නෑ මට කියන්නයකඩ හදට උඹේ රිදුනදමිනිස් අතින් නුඹ පෙලුවදලේ මස් කැටි කොට මිරිකුණුහද කාගේද උඹ හිතුවදසම් මස් ඇට ලේ විහිදුනුයදඬු අතින් නුඹ පෙළුනදතූ තූ කොට උඹ කෙලෙසුවඑවුන් තාම පණ පිටින් ද.යාල් දේවි හීන අරන්යාල්පානමට වඩින්නමෙච්චර කල් නාවේ මොකදහීන් සැරේ දැන් කියන්න.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
‘ඒ ආදරයත් ඉවරයි’. බොලිවුඩ් ප්‍රේම කථා බොහොමයකට එක් කිරීමට සිදු වී ඇත්තේ ඒ වගන්තියයි. සෝනම් කපූර් සහ සහීර් බෙරි මෙසේ පෙම් කථාව නිම කළ නව යුවළයි. මෝස්තර නිරූපණ ශිල්පී, ව්‍යාපාරික සහීර් බෙරිට කාර්යබහුලකම සහ දිල්ලි, ලන්ඩන්, ගෝවා සංචාර නිසා ප්‍රේමය දිගින් දිගටම පවත්වාගෙන යාමට නොහැකි වී තිබේ.සෝනම්, සහීර් මුණ ගැසුණේ සමාජ වෙබ් අඩවියකිනි. එහෙත් දෙදෙනා ප්‍රේමවන්තයන් කිරීමේ අනංග කාර්යය සොයුරිය රියා විසින් සිදු කරන ලදී. දෙදෙනා සමාජයෙන් ප්‍රේමය රහසක් කර තබා ගත්ත ද ජුනි 9 වැනිදා සහීර්, සෝනම්ගේ උපන් දින සාදයට පැමිණි පසු මාධ්‍යයේ උකුසු ඇසින් ගැලවීමට ඉඩක් ලැබී නැත. මීට පෙර ඇයගේ පෙම්වතා වූයේ පූනිත් මල්හෝත්‍රාය. ඒ ප්‍රේමය ද උපන් තැනම වැළලුණකි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වර්ථමානය වන විට සිංහල Unicode අන්තර්ජාලය තුල නැතිවම බැරි දෙයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ඔබ Ubuntu සමඟ මීට කලින් වැඩ කරලා නැහැ වෙන්න පුළුවන්, ඒ නිසා ඔබට ප්‍රශ්ණයක් මත් වෙන්න ඇති, අපි කොහොමද Ubuntu සදහා සිංහල Unicode Install කරගන්නෙ කියලා. ඇත්තටම ඔයාලා සිංහල Unicode Install කරනවා කියලා, Keyboard Layout එක තමයි Install කරගන්න ඕනේ, Ubuntu අලුත් එලිදැක්වීම් සමඟ අපිට සිංහල Font එක Default Install වෙනවා වගේම Phonetic Layout එකත් Install වෙනවා. ඒත් Wijesekera (m17n) Layout එක අපිට Default ලැබෙන්නෙ නැහැ. අපි බලමු මේ (m17n) Layout සියල්ල Install කරගන්නෙ කොහොමද කියලා.ගොඩක් අය Sinhala Unicode Install කරන්න හදන්නෙ මේ Command එකෙන් වෙන්න ඕන .sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contribසමහර විට (ttf-sinhala-lklug නැතුව ගහනවා ඇති) කොහොම හරි :)Siyabas Site එකේ Linux(Installing Sinhalese) Guide එකේ තියෙන විදිහටම තමයි ඕක ගොඩක් වෙලාවට හැමෝම කරන්නෙ (ඇයි එහෙම කරන්නෙ Command එක මතක නැතිව ඇති)Ubuntu අලුත් වෙන්න අලුත් වෙන්න, Lklug.ttf එකත් System එකේම අමුනලා එවනවා.. ඒ නිසා ආයේ ttf-sinhala-lklug Command කෑල්ලෙන් අපිට ඇති වැඩක් නෑUbuntu 14.04 එක්ක iBus Pre-Installed කරලා එන සිනා, ibus Command එකෙනුත් ඇපිට ඇති වැඩක් නැහැඑතකොට මොකක්ද මේ im-switch කෑල්ල.. මේ Input Method Switch Framework එක, මේ වෙනුවට දැන් Ubuntu එක්ක Text Entry Interface එක එන නිසා ඒකත් වැඩක් නෑ.. (මේ ගැන මම වැඩිදුර තොරතුරු දන්නෑ මම හිතන්නෙ ITU-T text entry එකම UTouch වලටත් ගත්ත නිසා Ubuntu වලටත් එහෙමම බැස්සද නැත්තම් im-Switch කියන්නෙත් Text Entry වල තාත්තද කුඩප්පද කියලා හරියට හොයාගන්න බැරි උනා)ඔය Siyabas.lk Web Site එක දැන් දැන් Update වෙන්නෙ නෑ මට පේන විදිහට, ඒ Command එකම දීලා m17n Layout බස්සන්න ගියොත් වැඩේ ඔක්කොම බකල් වෙනවා, අන්තිම ibus වලට බැන බැන ඉන්නවා.. පරණ Command එකෙන් Install කලොත්, ඔයාලාට Text Entry Setting වලට ගිහිල්ලා, බැළුවට එතන Sinhala Wijesekara Layout එකක් නැහැ, ඒත් ඔයා Terminal එක Open කරලා ibus-setup Command එක Run කරවලා, Alt + F2 වලින් unity-control-center Command එකෙන් ගිහිල්ලා, බලන්න එතකොට ඔයාට පුළුවන් Wijesekara Layout එක Add කරගන්න :PUbuntu සදහා සිංහල Install කරමු පහල Command එක භාවිත කරලාsudo apt-get install ibus-m17n m17n-db m17n-contribසමහරු කියනවා Ubuntu වලින් Sinhala Unicode හරි කැතයි කියලා, ඒක ඇත්තටම වෙන්නෙ Lklug කියන Font එක නිසා.. ඒකට කරන්න තියෙන්නෙත් Ubuntu එක්ක එන Lklug කියන Font එක Delete කරන එක, ඒකට කලින් Terminal එක Open කරලා, මේ Command එක දුවවන්නfc-list :lang=siඑතකොට ඔයට Font 3ක් විතර පෙන්වයි, ඒ Font තුන අපි Delete කරන්න ඕනේ.. ඒත් ඒක කරන්න නිකම්ම බෑ.. Sudo ආත්තට ආයුබෝවන් කියන්න ඕනි, නැතුව Delete කරන්න බැස්සොත් ඌ අපිට පයින් ගහනවා :PTerminal එක Open කරගෙන මෙහෙම කොටන්න -sudo nautilusEnter Key එකට වැද නමස්කාර කරලා උඩපැනලා පයින් එකක් ගැහුවට ඔයාගෙ Password එක ඉල්ලනවා.. ඒක උඩ පැන පැන ටයිප් කලාම ඔයාට Sudo තාත්තා Nautulus එක දෙනවා උඹට ඕනෙ මගුලක් කරපන් එහෙනම් කියලා, දැන්/usr/share/fonts/truetype/freefont වලට ගිහිල්ලා Terminal එකෙන් පෙන්වන ඒ Freeserif.ttf Font දෙක නගර සභාවට බාර දෙන්න, ඊටත් පස්සෙ /usr/share/fonts/sinhala මේතනට යන්න, එතන තියෙනවා lklug.ttf කියන Font එක, ඒකත් නගර සභාවට බැරිනම්, කුණු කූඩෙට හරි දාන්න.දැන් මොකක්ද කරන්න.. අපිට ලස්සන බෝල බෝල අකුරු තියෙන Font එකක් ඕන වෙනවා දැන්, ඒකට හොදම එක Maliti Web Font එක මේක Download කරගන්න.ttfRun කරාම Home Directory එකට Download වෙනවා, ඒක ඔයා /usr/share/fonts/sinhala මෙතනට Copy කරගන්න. දැන් හරි (Linux වලට Font එක Copy කරනවා = Install කරනවට)දැන් ඔයා Chrome/Chromium/Firefox/Opera ඔය ඕන එකකින් ගිහින් බලන්න, Sinhala Type කරන්න කරන්ත් පුළුවන්, ඇස් වලට හෙන ගහගන් නැතුව බලන්නත් පුළුවන් :).
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජාතික තලයට විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුන්වා දෙන ආධුනික බොක්සිං පිටියේ මෙවර තරගාවලියේ හොඳම ක්‍රීඩකයාත්, හොඳම ක්‍රීඩිකාවත් බිහිකිරීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.පොලිසිය නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 56 බැන්ටම් බර පන්තියෙන් තරග වැදුණු එම්. ඩී. වී. වීරසිංහ හොඳම බොක්සිං ක්‍රීඩකයා ලෙසත්, කිලෝග්‍රෑම් 54 කාන්තා බැන්ටම් බර පන්තියෙන් තරග කළ පි‍්‍රයංකා ගුනෙත්ති හොඳම බොක්සිං ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනා ගත්හ.ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ආධුනික බොක්සිං තරගාවලියේ හොඳම පරාජිත ක්‍රීඩකයා වූයේ යුද හමුදාවේ කේ. ටී. රමේෂ් ය. ලීනියා ක්ලෝතින් බොක්සිං සමාජයේ ටී. එල්. ඩී. එම්. අබේවර්ධන හොඳම පරාජිත ක්‍රීඩිකාව වූවාය.පිරිමි තරග ඉසව්ව සඳහා බර පන්ති 10 ක් ද, කාන්තා තරග ඉසව්ව සඳහා බර පන්ති 8 ක් ද, ඇතුළත් වූ මෙවර තරගාවලියට අති විශාල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ප්‍රමාණයක් සහභාගි වූහ.ඉන් වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඉදිරිපත් කර තිබුණේ ත්‍රිවිධ හමුදාවෙන්ය.පිරිමි තරග ඉසව්වේ බර පන්ති 10 ක් අතරින් බර පන්ති 5 ක ජයග්‍රහණයන් යුද හමුදාවට හිමි වූ අතර ස්ලිම්ලයින් බොක්සිං පිලට බර පන්ති 3 ක ජය හිමි විය. බර පන්ති 2 ක ජය අත්කර ගැනීමට පොලිසියට හැකි විය.කාන්තා තරග ඉසව්වේ බර පන්ති 8 අතරින් බර පන්ති 2 බැගින් ජය ගැනීමට නාවික හමුදාව, පොලිසිය සහ මාස් සදර්න් බොක්සිං පිල සමත් විය. ලීනියා ක්ලෝතින් සහ මාස් කණ්ඩායම එක් බර පන්තිය බැගින් ජයග්‍රහණය කළහ.පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා වූයේ නාවික හමුදා බොක්සිං කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ විධායක කමිටු සාමාජික කපිතාන් කස්සප පෝල් මහතාය.(පිරිමි)කි. ග්‍රෑ. 48 - සී. ඒ. ඩී. මධුසංක (ස්ලිම්ලයින්)කි. ග්‍රෑ. 52 – එම්. වී. ආර්. එස්. බණ්ඩාර (යුද හමුදා රතු පිල)කි. ග්‍රෑ. 56 – එම්. ඩී. වී. වීරසිංහ (පොලිසිය)කි. ග්‍රෑ. 60 – ඒ. ජේ. විමුක්ති කුමාර (යුද)කි. ග්‍රෑ. 64 – එම්. එම්. ජේ. මුවාද් (යුද හමුදා රතු පිල)කි. ග්‍රෑ. 69 – එන්. එම්. හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින්)කි. ග්‍රෑ. 75 – ප්‍රසන්න (පොලිසිය)කි. ග්‍රෑ. 81 - කේ. වී. පි‍්‍රයන්ත (යුද)කි. ග්‍රෑ. 91 – එල්. ඩී. අල්විස් (ස්ලිම්ලයින්)කි. ග්‍රෑ. 91 ට වැඩි – එම්. එම්. එරංග (යුද)(කාන්තා)කි. ග්‍රෑ. 48 – ජී. ඩී. එල්. සඳකැළුම් (පොලිසිය)කි. ග්‍රෑ. 51 - ජේ. ඩී. මධුෂිකා (නාවික)කි. ග්‍රෑ. 54 – පි‍්‍රයංකා ගුනෙත්ති (පොලිසිය)කි. ග්‍රෑ. 57 - කේ. ඒ. කේ. හංසිකා (මාස්)කි. ග්‍රෑ. 60 – එල්. උදයංගනී (ලීනියා)කි. ග්‍රෑ. 64 – පී. සී. කේ. ජයසේකර (මාස් සදර්න්)කි. ග්‍රෑ. 69 – එස්. සී. එස්. සිරිවර්ධන (නාවික)කි. ග්‍රෑ. 75 – ටී. එන්. ධර්මසේන (මාස් සදර්න්).
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දේශපාලකයන්ට ක්‍රීඩා සංගම්වල නිලතල දැරීම තහනම් වුවහොත් ශ්‍රී ලංකාවට ආසියානු වොලිබෝල් සම්මේලනයේ සභාපති තනතුර අහිමිවන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අනතුරු අඟවා සිටියි.ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ඉදිරියේ සිදුකිරීමට නියමිත නීති රෙගුලාසි සංශෝධනයේදී දේශපාලකයන්ට ක්‍රීඩා සංගම්වල නිලතල දැරීම තහනම් කෙරෙනු ඇත.එසේ වුවහොත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ඇමැති ඩිලාන් පෙරේරා මහතාට වොලිබොල් මුල් පුටුවෙන් ඉවත් වීමට සිදුවේ.ආසියානු වොලිබෝල් සම්මේලනය මීළඟ සභාපති තෝරා ගැනීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛතාවක් හිමිවන අතර ඒ සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලන සභාපති ඇමැති ඩිලාන් පෙරේරා මහතා නම් කිරීමට යෝජිතය.”ක්‍රීඩා ඇමැතිවරයා ගන්නා තීරණවලට අප එකඟ විය යුතුයි. ක්‍රීඩාවේ දියුණුවට ගන්නා ඕනෑම තීරණයකට අප සහය දෙනවා. මා වොලිබෝල් මුල් පුටුවෙන් සමුගත්තොත් මීළඟ ආසියානු වොලිබෝල් විධායක සමුළු සභාපතිකම ශ්‍රී ලංකාවට නැතිව යනවා” ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.ක්‍රීඩා නීති රෙගුලාසි කෙටුම්පත මේ වන විට සකසා ඇති අතර එහි අවසන් තීරණය මේ මස 16 වැනිදා ක්‍රීඩා සංගම් නියෝජිතයන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවකදී ගනු ඇත. අනතුරුව එම නීති රෙගුලාසි සංශෝධන කෙටුම්පත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පින්වත්ත යනු පානදුර නගරයේ පිහිටා ඇති ගමකි. එය විශේෂ වන්නේ එහි තුල පිහිටා ඇති “මීගහ කෝවිල“ නැමති කෝවිල නිසාය. වාර්ෂිකව අප්‍රේල් මස මුල් සතියේ විශේෂ උත්සවයක් කෝවිල තුල පවත්වන බැවින් විශාල ජනකායක් ඒ සඳහා සහභාගී වේ. පානදුර සිට කිලෝමීටර 2 පමණ දුරින් පින්වත්ත පිහිටා ඇත.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙවර අය වැය සම්බන්ධව විවිධ කතා බහ ඇති වී ඇත. සමස්ථ අයවැයම අර්බුධයක් බව ඒ අතර ඇතමෙක් පවසා ඇත. සෞක්‍ය, අධ්‍යාපනය, ආර්ථිකය මෙවර අයවැයෙන් වැඩි වශයෙන් අර්බුධයට ලක්ව ඇත. උසස් අධ්‍යාපනය නගා සිටුවීමට වෙනුවට මෙවර අය - වැය මගින් රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපනය කප්පාදු කිරීමට පියවර ගෙන ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. වර්ෂ 2013දී රුපියල් මිලියන 12413ක් වූ ප්‍රාග්ධන වියදම මෙවර අය-වැය මගින් රුපියල් මිලියන 10144 දක්වා එනම් මිලියන 2269කින් කප්පාදු කර ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැදවුම්කරු සංජීව බණ්ඩාර මහතා පැවසීය.උසස් අධ්‍යාපනයට පෙනී සිට විශ්ව විද්‍යාලයට සුදුසුකම් සපුරන සිසුවාට විශ්වවිද්‍යාල අහිමිවීමත් එසේ අධ්‍යාපනය අතර මග නවතා දැමීමට සිදුවීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතු බව ප්‍රකාශ කරයි. අය- වැය මගින් උසස් අධ්‍යාපනයේ ප්‍රාග්ධන වියදම් මෙන්ම පුනරාවර්තන වියදම් ද කප්පාදු කර ඇතැයි කී සංජීව බණ්ඩාර මහතා තව දුරටත් මෙසේද කීහ..ඒ නිසා බලධාරීන් කළ යුත්තේ උසස් අධ්‍යාපනය සදහා ප්‍රමාණවත් මුදලක් වෙන් කර විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කිරීමයි. නමුත් මේ අයුරින් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අර්බුදය කරා තල්ලු කිරීම මගින් පුද්ගලික විශ්ව විද්‍යාල පුළුල් කිරීමේ සිය අරමුණු ඉටු වන බව බලධාරීන් හොදින්ම දන්නවා. ඒ ඔවුන්ගේ වක්‍රාකාර ඉලක්කයක් යැයි ද තවදුරටත් පවසන ලදි. .උපුටා ගැනීම.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හල්කඳවිල සිට මතුගම දක්වා ධාවනය වූ මතුගම ඩිපෝවට අයත් බස් රථය යළි ලබා දෙන්නැයි ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.දැනට වසර දෙකකට පමණ ඉහත සිට නවතා දමා ඇති මෙම බස් රථය නොමැති වීමෙන් පාසල් ළමයින් හා රැකියා ස්ථාන කරා ගමන් ගන්නා බොහෝ දෙනෙක් දැඩි අසීරුතාවකට පත්ව සිටිති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිරන්තරයෙන්ම වේදිකා නාට්‍ය, සම්මාන උත්සව ආදිය පැවැත්වෙන අතර, එයට දිනපතා එන පිරිස ද විශාලය. එහෙත් එහි පවස නිවා ගැනීමට හෝ සුළු ආහාරයක් ගැනීමට මෙහි ආපන ශාලාවක් (කැන්ටින් එකක්) නැත. එම ආහාර අවශ්‍යතාවයට අප ඇස්වාට්ටුව හන්දියටම යා යුතුය. එහෙත් ලැබෙන කෙටි විරාමයේදී එය කළ නොහැක.වියදම ද කාලය ද ප්‍රශ්නයකි. ජෝන් ද සිල්වා රඟහල් භූමියේම සුළුවෙන් හෝ කුඩා ආපන ශාලාවක් ඇරැඹියොත් එය ප්‍රේක්ෂක අපට මහත් අස්වැසිල්ලකි.මොරටුව, කටුබැද්දේ - ඩඩ්ලි ගෝමස්සතියේ දින පහ පුරාවටම සවස 7.30 ට සිරස නාලිකාවේ විකාශය වන සිහින පුරය ටෙලි වෘතාන්තය හරවත්ය. නාගරික මිනිස්සුන්ගේ ජීවන රටාවන් තුළ පවතින ගති සොභාවයන් මනා ලෙස කැටි කොට එන මෙය ගිරිරාජ් කෞෂල්‍යගේ කතා සංකල්පයකි. ඔහුගේ රංගනයත් මෙම ටෙලි නාට්‍ය හරය බව මගේ හැඟීමයි. විශාල නළු නිළි පිිරිසක් කතාවට උචිත ආකාරයට මෙහෙය වන රන්ජන් ප්‍රසන්න අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවය ද මෙහිදී කැපී පෙනෙයි. හාස්‍ය නම් සැබෑ හාස්‍යය ඇත්තේ මෙවැනි ටෙලි නාට්‍ය තුළය. අවසන කිව හැකි වන්නේ සිහින පුරය මරේ මරු යන්නයි.අජිත් ලක්මාල් - මීගමුව.කිසියම් පුද්ගලයකුගේ නාමයෙන් පාරක් නම් කරනවා නම් ඒ මියගිය පසුවයි. බලපං මචං මං මැරුණේ නැහැ. ඒත් මගේ නමින් පාරක් තියෙනවා. අපි දැන් යන්නේ ඒ පාරේ තමයි. එදා එහෙම කිව්වේ බොරැල්ල කොටා පාරෙහි ගමනක් යන අතරතුරදීය.එයට ප්‍රධානතම හේතුව වූයේ ඔහුගේ මාධ්‍ය මිතුරන් මෙන්ම සමහර රසිකාවන් ඔහුව ඇමතුවේ කොටා යන නමිනි. ඔහුට එය ප්‍රියජනක නමක් වූයේය. කරුණාරත්න අබේසේකරයන්ගෙන් පසුව ලංකාවේ වැඩිම ගී ප්‍රමාණයක් රචනා කළේ ඔහුය. ඒවා බොහොමයක් රචනා කළේ කල්යල් බලා නොව ක්ෂණිකවය.ඒ පදවැල් සිතුවිලිවල තිබුණේ මිණි කැටවන් අපූරු අදහස්. එදා ඔහු දිග හරින ලද සිගරට් පෙට්ටියක ලියූ බැහැයි කියල බැහැයි කියලා බෑ නම් කාටුන් ළමා ගීතය ළමා ළපටි කොයි කාටත් ඉතාමත් ආදර්ශවත් ගීතයකි. ප්‍රේමකීර්ති ජීවයෙන් සමුගෙන වසර 22 ක් වුව ද ඔහුගේ නාමයෙන් අපට ඉතිරි කළ නිර්මාණ සැමදාමත් අප අතරය.ලක්ෂ්මන් රණසිංහ- වත්තල.ශ්‍රී ලාංකික සිනමාකරුවකු විදේශීය රටක විශේෂ ආරාධනාවක් උඩ ඉන්දියාවේ බෙංගාල සිනමාවේ චත්‍රක් නමින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කොට එම චිත්‍රපටය ඉන්දියාව නියෝජනයෙන් කෑන්ස් චිත්‍රපට උළෙලට ඉදිරිපත් කිරීමට වරම් ලැබීම ගැන මාගේ ප්‍රණාමය එහි අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දරට පිරිනමමු.කෑගල්ල තටාකය පාරේ - තිලකරත්න විල්වලනන්දන උයනේ ජනති වනමියුරසින් ගී ගැයූ ඔබේ ගී සරඅප හද තුළආදරය මුසු හැඟීම්උද්දීපනය කරන බව නොරහසකිසිංහල සිනමා ගිරි ශිඛරය මතින් වෑහෙනගී නදියක උල්පත වන්නේ ඔබයිඔාබ් මෘදු හඩින් ගැයූ ගීතදහස් ගණන් රසික රසිකාවන්ආදරයෙන් වැළඳ ගත් බව සැබෑයඔබේ හඬ මෙන්ම සුහදශීලිත්වයවචනවලට පෙරළිය නොහැකඇන්ජලින් නොහොත් අපේ ඇන්ජිඔබේ හඬ මේ ලක් අඹරේසදාකල් වැජඹේවි.කසුනි නදීකාපානදුර.නවක ගායික ගායිකාවන් සජීවි ප්‍රසංගවලදී තැටියක් ධාවනය කොට ගීිතයේ වචනවලට කට සෙලවීම අනුමත කළ නොහැක. ගයනවා නම් සජීවීව ගයන්න. එහෙම නොවන අය ගායකයන් කියා අප පිළිගන්නේ නැහැ.නුවන් ධර්මවර්ධනකුරුඳුවත්ත.ඉස්සර තරම් උසස් නිර්මාණකරුවන් බිහි නොවන්නේ ඇයි ද යන්න මට සිතා ගන්න බැහැ. අපේ නව පරපුරේ අය දැනුමෙන් මොට වෙලාද මන්දා.කරුණාරත්න නිමල් ශාන්තහෝකන්දර.ප්‍රතිචාර සැකසුම ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඔන්න අද ඔයාලට අරගෙන ආවේ පොඩි FB Trick එකක් මේගැන කියනවනම් ඉතින් ෆේස් බුක් එකේ සමහර අය ඉතින් ප්‍රෝ පික් එක ඔන්ලි මී කරලනේ තියෙන්නේ.. ඉතින් ඒ වගේ තියෙන ෆොටෝ එකෙක් බලන විදිය තමයි අද කියලා දෙන්නේ. පොඩි දෙයයි කරන්න තියෙන්නේ මේ විදියට කරන්නකෝ 1. අදාල කෙනාගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකට යන්න 2. ප්‍රෝ පික් එක උඩ රයිට් ක්ලික් කරලා save image as ක්ලික් කරන්න. 3. දැන් image එක save කරන්නද කියලා එන ඩයලොග් බොක්ස් එකේ File Name කියනතැන n අකුරෙන් පස්සේ .JPG කියලා ටයිප් කරන්න. දැන් ඒ ටික කොපි කරගන්න. පහල තියෙන පික් එක බලන්න. [ඉමේජ් එක සේව් කරන්න අවශ්‍ය නැහැ.] 4. දැන් මේ ලින්ක් එකට යන්න මෙතනින් ඊට පස්සේ කලින් කොපි කරගත්ත filename එක ඔය URL එකේ අන්තිමට තියෙන ස්ලෑෂ් එකෙන් පස්සේ පේස්ට් කරලා එන්ටර් කරන්න. ඔය තියෙන්නේ ෆොටෝ එක දිලිසි දිලිසි ... එනම් අපි ගියා.. තවත් පොස්ටුවකින් හමුවෙමු.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බියගම විලේජ් හොටෙල් අධිපති කෝටිපති ව්‍යාපාරික බර්නාඩ් ජයරත්න (65) මහතා ඝාතන සිද්ධිය පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ දී යළි කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නොතිසි නිකුත් කර සිටි ජින්ටෙක් ආයතනයේ අධ්‍යක්ෂවරයාට අධිකරණයට නොපැමිණීම නිසා පූගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු පී. එම්. තිලකරත්න බණ්ඩාර මහතා විසින් ඔහුට (11) වරෙන්තුවක් නිකුත් කරනු ලැබීය.නාරංවල පදිංචි පොලිස් විශේෂ කාර්ය බළකායේ සුදත් වික්‍රමසිංහ හා බියගම පදිංචි මියගිය අයගේ පුත් සුරංග ජයරත්න යන දෙදෙනා මේ ඝාතන සිද්ධියේ සැකකරුවෝ වෙති.මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක සුසිල් සරණපාල මහතා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේ මෙහි විමර්ශන කටයුතු ගැන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන බවත් ජින්ටෙක් ආයතනයට යවනු ලැබූ භාණ්ඩවල විශ්ලේෂණ වාර්තාව තවම ලැබී නොමැති නිසා විමර්ශන කටයුතු අවසන් වී නැති බවත්ය.සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත් සිරිවර්ධන මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ හැමදාම විමර්ශන කටයුතු තවම අවසන් නැහැ කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා. නමුත් ඔවුන්ට එම විමර්ශන කටයුතු අවසන් කිරීමට නොහැකි වී තිබෙන්නේ ජින්ටෙක් ආයතනයේ වාර්තාව ලැබී නැති නිසයි.එම වාර්තාව ඉක්මනින්ම ලබාදෙන්නට කියලා එම ආයතනයට සිහිගැන්වීම් කළා.ඒත් එම වාර්තාව තවම ලබාදී නැහැ. ඒ නිසා මේ සම්බන්ධව අධිකරණයට කරුණු කියන්නට ජින්ටෙක් ආයතනයේ අධ්‍යක්ෂවරයාට අද දින අධිකරණයට පැමිණෙන්නට කියලා නොතිසියක් ද නිකුත් කර තිබුණා.එහෙත් ඔහු පැමිණ නැහැ. එබැවින් ඔහුට වරෙන්තුවක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේ දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත්වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහෙස්ත්‍රාත්වරයා ජින්ටෙක් ආයතනයේ අධ්‍යක්ෂවරයාට වරෙන්තුවක් නිකුත් කරමින් මෙහි විමර්ශන කටයුතු කඩිනමින් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි. තවද එම සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. වැඩිදුර විභාගය ලබන 23 වැනි දිනට කල් තැබීය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක සුනිල් සරණපාල මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර, සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන අසිත් සිරිවර්ධන, සංජය රණතුංග හා කමල් සම්මන්දප්පෙරුම යන මහත්වරු ද මියගිය අයගේ දියණියගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ ලලිත් දහනායක මහතා ද පෙනී සිටියහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 1 වන සියවස – 1 වන සියවස – 2 වන සියවස දශක: ක්‍රිපූ 10ගණන් ක්‍රිපූ 0ගණන් 0ගණන් – 10ගණන් – 20ගණන් 30ගණන් 40ගණන් වසර: 14 15 16 – 17 – 18 19 20 ලීමෙස් ට්‍රිපොලිටනුස් නටබුන් ( අප්‍රිකාව) 17 වසර (XVII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ, ෆ්ලැක්කුස්ගේ සහ රූෆුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 770 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 17 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
9.47 මාර්බල් ආර්ක් සිට හැක්නිවික් දක්වා දිවෙන ස්ටේජ්කෝච් ගංඩන් මගින් ක්‍රියාත්මක කරන LXO3BUF ලියා පදිංචි අංකයක් ඇති තට්ටු දෙකේ බස් රථයක් තුල පිපිරිමක් ඇති විය. මීට ප්‍රථම, හැක්නිවික් සිට "මාර්බල් ආර්ක්" දක්වා " කින්ග්ස් ක්‍රෝස් " ප්‍රදේශය පසු කරමින් ගමන් කරයි. "මාර්බල් ආර්ක්" හි දි බස් රථය හරවා නැවත හැක්නිවික් වෙත ගමන් ආරම්භ කරන ලදි. එය "මාර්බල් ආර්ක්" වෙතින් උදෑසන 9ට පමණ පිටත්වු අතර ඉයුස්ටන් බස් නැවතුම් පොළට 9.35ට පමණ ළගා වු අතර එහිදී බසයේ මගින් උමං දුම්රිය පොළෙන් බස් රථයට නැගුනු අතර " කින්ග්ස් ක්‍රෝස් " මාවත වසා දමා ඇති හෙයින් පොලිසිය බස් රථය සාමාන්‍ය දිනවල භාවිතාකරන මාර්ගයෙන් බාහිරව වෙනත් මාර්ගයක ධාවනය කරවුහ. බිම්ගත මාර්ගවල සිට ජනතාවද බසයට ගොඩ විය. පිපිරිම සිදුවන වේදාවේදී බසය "ටච්ස්ටොක්" චතුරස්‍රය හරහා ඉහළ "වොබර්න් පෙදෙස" දක්වා ගමන් කරමින් සිටියේය. පිපිරිමෙන් බසයේ ඉහළ මහලේ වහලය ගලවා දමන ලද අතර බසයේ පිටුපස ද විනාශ විය. සිද්ධිය ඇසින් දුටුවෙකු ප්‍රකාශ කරන ලද්දේ "බසයේ භාගයක් අහසේ පියාසර කරමින් තිබු බවයි." පිපිරිම සිදුවුයේ "බිත්‍රාන්‍යය වෛද්‍ය සංගම් ගොඩනැගිල්ලට ආසන්නව වන අතර ගොඩනැගිල්ලට ආසන්න වෛද්‍යවරැැන්ට හදිසි වෛද්‍ය සේවය ගලා දීමට හැකියාව ලැබුනි. " BBC ගුවන් විදුලිය 5" සහ " ද සන්" පුවත්පත පසුව වාර්තා කර තිබුණේ බසය තුළ සිටි පුද්ගලයෙකු බෝම්බයක් පුපුරවා ගත් බව බසයේ මගින් දුටු බවයි. පුවත්පත් වාර්තා "හසීබ් හුසේන් " (Hasib Hussain) නම් පුද්ගලයා එම පිපිරවීම සිදු කළ පුද්ගලයා හදුනා ගෙන ඇත. මෙම බස් බෝම්බය පිපිරි ඇත්තේ වාහනයේ ඉහළ තට්ටුව පිටුපසදී වන අතර බසයේ ඉදිරිපසට ඉන් දැඩි හානියක් වී නොතිබුණී. බසයෙ ඉදිරිපස සිටි පිරිස් ප්‍රහාරයෙන් නිරුපද්‍රිතව බේරි ඇති අතර පහළ හා ඉහළ තට්ටුවල පසුපස සිටි බොහෝ මගින් ප්‍රමාණයක් ප්‍රහාරයෙන් පිළිස්සුම් තුවාළ ලබා ඇත. මිය ගිය ප්‍රමාණය කොපමණදැයි ගණනය කිරිමට ටික කාලයක් ගතවු අතර පොලිසිය විසින් මිය ගිය පිරිස අතර ඝාතකයාගේ මළ සිරුරත් තිබේදැයි පරික්ෂා කරන ලදී. මෙම පිපිරිමෙන් එහා මෙහා ගමන් කරමින් සිටි කිහිප දෙනෙකුට තුවාල සිදු වු අතර වටපිටාවේ තිබු ගොඩනැගිලිද අනතුරට පත් විය. උමං දුම්රිය මාර්ගයේ තිබි ගවත් සැක කටයුතු පාර්සල් 02 සොයා ගන්නා ලදී. මේව පොලිසිය විසින් පුපුරුවා හැරිය නමුත් පසුව සනාථ වුයේ ඒවා බෝම්බ නොවන බවයි. සන්දර්භය මෙම බෝම්බ සිදු වීම වාර්තා වුයේ බ්‍රිතාන්‍යය විසින් 31වන G8 සමුළුව පැවැත්වු පළමු දිනයේ දීය. එමෙන්ම 2012 ගිම්හාන ඔලිම්පික් උළෙල සදහා ලංඩන් නගරය සුදුසුකම් ලැබීමට දිනකට ප්‍රථමයෙන්ද මුලධර්මවාදී පුජකයෙකු වන අබු හම්සා අල් - මස්රි ගේ නඩු විභාගයට දින දෙකකට කලින්ද " Live 8" ප්‍රසංගයට දින 05ක් තිබිය දීද සහ යුරෝපීය සංගම් කවුන්සිලයේ සභාපතිත්වය බ්‍රිතාන්‍යය විසින් භාර ගැනීමෙන් ස්වල්ප වේලාවකට පසුව ද ආදී වශයෙන් වු සිද්ධි දාමයකට පස්ව මෙම බෝම්බ පිපිරීම වාර්තා විය. එමෙන්ම වර්ගවාදී පෙළඹවීමකින් බිහිවු " බ්‍රැඩ්ෆිර්ඩ් කැරැල්ල"එම සිදු වීමේ හතරවන සංවත්සරය යෙදුණු දිනම මෙම ප්‍රහාරය ද වාර්තා විය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහරේ 6 වන පෙරහර අදයි (12).අද පෙරහර ආරම්භ කිරීමට ප්‍රථම පෞරාණික චාරිත්‍ර රැසක් ඉටුකරන දිනයකි. රුහුණු කතරගම මහා දේවාලය ඉදිරිපිට ඇති අතු පන්දලමට අලුතින් අතු දමා සකස් කිරීම මහා දේවාලය අභ්‍යන්තරයේ ඇති දුටුගැමුණු රජතුමාගේ මංගල හස්තිරාජයා වූ කඩොල් ඇතාගේ දළ දෙක කතරගම මහා දේවාලයේ දේවාල තිරය දෙපස මණ්ඩපයේ තැන්පත් කිරීම රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමාගේ නිල නිවාසයේ බස්නායක වලව්වේ ගොම මැටි ගාන ලද කාමරයේ මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානමය පින්කමක් පැවැත්වීම.රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා චාරිත්‍රානුකූලව ඇසළ පෙරහරේ ගමන් කිරීම ඇරඹීම සිදුකෙරේ.අද පෙරහරට උඩරට වෙස් නැටුම්, පන්තේරු කණ්ඩායම්, මොනර, සිංහ, ඛ්නුමන්තා භක්ති කණ්ඩායම් ඇතුලු නර්තන කණ්ඩායම් 30ක් පමණද අලි ඇතුන් රැසක්ද ගමන් කරති.අද කතරගම මහා දේවාලයෙන් ඇරඹෙන ‘දේව පෙරහර’ ගණ දේවාලය, කිරි විහාරය ඉදිරිපිටින් අෂ්ටඵල බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිණාකර මහා වාසල් දොරටුවෙන් පිට වීදියට පිවිසේ.එම වීදියේ සතර මහ දේවාලය භද්‍රකාලි අම්මා දේවාලය ඉදිරිපිටින් ගමන් කැර පෙරහර වල්ලිඅම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේදී පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටුකර පෙරහර මහවීදියේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය ඉදිරිපිටින් ගමන්කර පෙරහර මහා දේවාලයට ගෙවදිනු ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අයියාට මේ රජගේ මල්ලි හදාලාඔබෙ මල්ලි හදාලාරජගේ වත් නැත මේ ලස්සනට තියාලානිවිහැල්ලේ සැනසිල්ලේ ඉන්න හොඳේකරදර නැතුව පාඩුවේ//අතීතය වර්තමානයේ ද එක ලෙසින් කාගේත් සිත් සතන් තුළ පිළිරැව් දුන් 1959 දශකයේ සිනමාවට නැං වූ පුරුෂරත්නය චිත්‍රපටයේ ‘අයියාට මේ රජගේ මල්ලි හදාලා - පොඩි මල්ලි හාදාලා’ යන ගීතය එල්. ඒ. ඩී. ජෙනට් ඩොරින් නොහොත් සිනමාවේ බේබි ඩොරින් කලාකාරිනිය විසින් ගායනා කළාය.එම ගීතය අප මුවින් මිමිණෙන්නේ නිරායාසයෙනි. එම ගීතය මුල් වරට ඇසූදා පටන් මිය යන තුරුම අප හදවතේ කොතැනක හෝ ඒ මිහිරි නම පිළිබඳ මතකය නිදන්ව ඇති නිසාය.බේබි ඩොරින් නාමය ගීත කලා ලොවේත් සිංහල සිනමා ඉතිහාසයෙත් එක්තරා පරිච්ඡේදයක ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම නැඟි නාමයකි.කලා දිවියට උරුමකම් කියූ පෙළපතකින් උපන් ඇය කඳාන, ගාලු ශ්‍රී මාවතේ මුල් ගම් බිම් වූවාය. සිප්සතර හදාරමින් සිටි 13 – 14 කුඩා අවදියේදී බේබි ඩොරින් නම් ඇය රම්‍යලතා චිත්‍රපටයේ රම්‍යලතා නම් යෞවනියගේ චරිතය රඟපෑවාය.මෙම චිත්‍රපටයට අමතරව කුරුලුබැද්ද, නළඟන වැනි චිත්‍රපට දහයක පමණ රංගනයෙන් දායක වූ බව අපට දැනගන්නට ලැබිණ.සිනමාවෙන් ජීවය ලැබ චිත්‍රපට ගණනාවකට රංගන දායකත්වය ලබා දුන් ඇය වයස අවුරුදු 15 වේදී පමණ ‘පුරුෂ රත්නය’ චිත්‍රපටයේ මුල් ගීතය පමණක් ගායනා කර හෙළ සිනමාවේ පමණක් නොව මුළුමහත් රසික රසිකාවන්ගේ ජනාදරයට පත් වූ සිනමා ඉතිහාසයේ නොමියෙන චරිතයක් බවට පත්වූවාය.ගීත ලොවේ කලා තරුවක්ව බැබළෙන වාද බයිලා ගායක මාස්ටර් මොරීන් ඇයගේ මාමා විය.කලා දිවියේ නොයකුත් කඩඉම් පසුකරමින් පැමිණි එම යෞවනිය 1964 පමණ කාලයේදී දුම්රිය දෙපාර්තමේන්තු සංඥා අංශයේ සේවයේ නියුතුව සිටි එල්. එච්. ජී. වික්ටර් මහතා සමඟ අතිනත ගෙන 1969 පමණ වකවානුවේදී රජරටට පැමිණ අනුරාධපුර ගල්වල පාර පොතානේගම ප්‍රදේශයේ තම කැදැල්ලේ ජීවිකාව ගෙන ගියාය.1955 කාල වකවානුවේදී සිනමා රංගනය හා ගීත ගායනයට පිවිසි ඇය පුරුෂරත්නය චිත්‍රපටයේ මුල් ගීතය ගායනයෙන් පසු රංගනයෙන් ඉවත්වීමට තීරණය කළාය. ඒ වන විට ඇය චිත්‍රපට ගණනාවක විවිධ භූමිකාවන්ට පණ දී තිබිණ.බේබි ඩොරින්ගේ සිනමා ජීවිතයේ අමරණීය මෙන්ම අමතක නොවන ගීත ගායනය හැටියට සලකනු ලබන්නේ ‘පුරුෂ රත්නය’ චිත්‍රපටයේ ‘අයියාට මේ රජගේ මල්ලි හදාලා - ඔබෙ මල්ලි හදාලා’ යන ගීතයයි. ‘පුරුෂ රත්නය’ සිංහල චිත්‍රපටයේ එම ගීතය එදත් අදත් යොවුන් පරපුරේ කා අතරත් ඒ මිහිරි හඬ සදා නොමැකෙනු ඇතැයි අපේ හැඟීමය.බේබි ඩොරින් එකල සිනමාවට සම්බන්ධ වී සිටියත් රංගනයෙන් ගීත ගායනයෙන් ඈත් වූවාට පසු ඉතා නිහඬ ජීවිතයක් ගත කළ බේබි ඩොරීන් පසුකාලීනව දරු මුනුපුරන් සමඟ කාලය ගතකර අවුරුදු 69 ක් ආයු වළඳා 2012. 12. 21 දින අප කා අතරත් ඇයගේ සුමිහිරි මතකය රඳවා තබා මෙලොවින් සමු ගත්තාය.බේබි ඩොරින් සමඟ සිනමා ජීවිතය ගත කළ බොහෝ කලාකාමීන් හට ඇයගේ සමු ගැනිමේ වියෝව දරාගත නොහැකි වනු ඇත.අපට යළි කෙදිනකවත් බේබි ඩොරින් නම් චරිතය හමුවන්නේවත් මුණ ගැහෙන්නේවත් නැත.කලා ලොවෙන් සදහටම සමුගෙන ගිය කලාකාරිනියට මොක් සුව පතමු.සටහන – ගයාන් රාජපක්ෂඡායාරූප – අමිල ප්‍රභාත් වනසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අද මම ඔයාලට දෙන්න යන්නේ Cary Brothers විසින් ගායනා කරන "Can't Take My Eyes Off You" කියන ගීතයයි. Cary Brothers විසින් නිර්මාණය කරපු, 2010 වසරේ Release වුන Under Control කියන ඇල්බම් එකේ ඇතුලත් වෙන මේ ගීතය Smallville කියන රූපවාහිනී කතාමාලාවෙදිත් අපිට දැකබලා ගන්න පුලුවන්. ඒ Smallville කතා මාලාවේ 10 වන සීසන් එකේ 9 වෙනි කොටස හෙවත් Harvest කියන Episode එකෙන්.........
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඕමන්තෙයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානය Omanthai දුම්රියපල සංඛ්‍යාලේඛන ලිපිනය ඕමන්තෙයි ශ්‍රී ලංකාව ඛණ්ඩාංක 8°52′13.80″N 80°30′03.50″E / 8.8705°N 80.500972°E / 8.8705; 80.500972ඛණ්ඩාංක: 8°52′13.80″N 80°30′03.50″E / 8.8705°N 80.500972°E / 8.8705; 80.500972 මාර්ග(ය) උතුරු දුම්රිය මාර්ගය වෙනත් තොරතුරු ප්‍රතිස්ථාපනය 2011 මැයි 27 විද්‍යුතනය නැත හිමිකාරත්වය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රියපල තත්වය ක්‍රියාත්මක සේවාවන් යාල්දේවි ඕමන්තෙයි දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ඕමන්තෙයි නගරයේ පිහිටා ඇති දුම්රිය නැවතුම්පොලකි. මෙම දුම්රිය ස්ථානය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ පවතින අතර මෙය කොළඹ සහ උතුර සම්බන්ධ කරන්නාවූ උතුරු දුම්රිය මාර්ගයේ පවතින එක් දුම්රිය ස්ථානයකි. යාල් දේවී සහ රජරට රැජින යන දුම්රියන් මඟින් මෙම දුම්රිය ස්ථානය වෙත සේවාව ලබා දේ. මෙම දුම්රිය ස්ථානය වර්ෂ 1990 සහ 2009 අතර කාලය තුලදී උතුරේ ත්‍රස්තවාදය හේතුවෙන් ක්‍රියාත්මක නොවු අතර නැවත එය වර්ෂ 2011, මැයි මස 27 වෙනි දින සිට නැවත විවෘත කරන ලදී. සේවාවන්[සංස්කරණය] Preceding station ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව Following station තාණ්ඩිකුලම් උතුරු දුම්රිය මාර්ගය පුලියන්කුලම්
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජනප්‍රිය නිළි කිම් කාර්ඩෂියන් ගේ නිරුවත් ඡායාරූපයක් අන්තර් ජාලයට එක් වී ඇතැයි පසුගිය දිනවලදී ආරංචියක් පැතිරී ගියා. මෙය දැනගත් කිම්, එය තමන්ගේ ඡායාරූපයක් නොවන බවයි ප්‍රකාශ කර තිබුණේ.මේ අතර කිම්ගේ නිර්දෝශී බව තහවුරු කරන්නට අමියා මිලේ නම් වූ ඉතාලි නිරූපිකාවක් ඉදිරිපත් වෙලා. ඇය ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ අසභ්‍ය චිත්‍රපටවල රඟපාන නිළියක හැටියටයි. ඇය වෙබ් අඩවියකට පවසා ඇත්තේ තමන්ගේ නිරුවත් සිරුරට කිම්ගේ මුහුණ එකතු කරමින් මේ පින්තූරය නිර්මාණය කර ඇති බවයි. ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ගේ එම ඡායාරූපය ගෙන ඇත්තේ එක්තරා හෝටල් කාමරයක් තුළදී බවයි.කිම් ගේ මේ ව්‍යාජ ඡායාරූපය අන්තර් ජාලයට එක් කළ බවට චෝදනා ලබා සිටින්නේ කන්යේ වෙස්ට් නම් වූ ගායකයායි. ඔහු කිම් සමඟ පසුගිය කාලය තුළ සමීප ඇසුරක් පැවැත්වූවා.ෆෝබ්ස් සඟරාවට අනුව වැඩි මුදලක් අය කරන හොලිවුඩ් නිළියන් -1. ක්‍රිස්ටීන් ස්ටුවර්ට් – ඩොර් මිලියන 34.52. කැමරන් ඩයස් -ඩොලර් මිලියන 343. සැන්ඩ්‍රා බුලොක් -ඩොලර් මිලියන 254. ඇන්ජලිනා ජොලී -ඩොලර් මිලියන 205. චාලිස් තෙරන් - ඩොලර් මිලියන 186. ජූලියා රොබට්ස් - ඩොලර් මිලියන 167. සාරා ජෙසිකා පාකර් - ඩොලර් මිලියන 158. මෙරිල් ස්ට්‍රීප් - ඩොලර් මිලියන 129. ක්‍රිස්ටන් විග් -ඩොලර් මිලියන 1210. ජෙනිෆර් ඇනිස්ටන් - ඩොලර් මිලියන 11 සුප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව මෑතකදී හොලිවුඩ් සිනමා නිළියන්ගේ රංගන ගාස්තු හෙළිදරව් කර තිබුණා. ඒ අනුව චිත්‍රපටයක රඟපෑම වෙනුවෙන්වැඩිම මුදලක් අය කරන නිළිය හැටියට අංක 01 ට පැමිණ සිටින්නේ කිස්ට්‍රීන් ස්ටුවර්ට්.ඇයගේ ගාස්තුව ඇමරිකානු ඩොලර් මිලියන 34.5 ක්. ක්‍රිස්ටීන් මේ මුදල මෑතකදී අය කර තිබුණේ ‘ස්නෝ වයිට් ඇන්ඩ් ද හන්ට්ස්මෑන්’ චිත්‍රපටයේ රඟන්නයි.ෆෝබ්ස් සඟරාව සඳහන් කරන ආකාරයට කැමරන් ඩයස්, ඇන්ජලිනා ජොලී, ජූලියා රොබට්ස්, මෙරිල් ස්ට්‍රීප් ඇතුලු ජනප්‍රිය සහ ප්‍රවීණ නිළියන් සිටින්නේ ක්‍රිස්ටීන්ට වඩා පහළින්. ඔවුන් සියලු දෙනාට වඩා ක්‍රිස්ටීන්ගේ ගණන සැරයි.- සුජීව තේවහෙට්ටිගේසල්ලි කොළවලින් මාල ගොතා පළඳින්න හැකි තරම් ධනවත් පවුලක උපන්, සැබෑවටම කුමාරයකු වූ රාජේශ් ඛන්නා, බොලිවුඩයේ පෙම් කුමරා වී පැළැඳුවේ පෙම් මල්මාලාමය.යුගයක් භාරත සිනමාවේ සුපිරි තරුව වූ, ආදරවන්තයා වූ ඔහු දැන් පසු කරන්නේ ජීවිතයේ හැට නව වැනි සැතපුම් කණුවයි. තෙවැනි වරටත් සීයා කෙනකු වන්නට ඔහු බලා සිටින්නේය.හිටිහැටියේම රාජේශ් ඛන්නා ගැන අසන්නට ලැබුණේ හිත බියෙන් ත්‍රස්ත කරන පුවතකි. ‘රාජේශ් ඛන්නාට අසාධ්‍යයි’ යන ඒ අසුබ පුවත කන් වැකුණු සැනින් රසික රසිකාවන් ඔහුගේ ආශිර්වාද් මැදුර වටා එක් රැස් වී ඉක්මන් සුවය පතා යාඥා කිරීමට පටන් ගෙන තිබේ. පසුගිය අප්‍රේල් මාසයේ රාජේශ් ඛන්නාව රෝහල් ගත කෙරුණේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය නිසයි.මෙවර ද ඔහු දින තුන හතරක්ම ආහාර ගෙන නැත.සිනමා ක්ෂේත්‍රයේදී ‘කකා’ ලෙසින් ආදරයට පාත්‍ර වූ රාජේශ් චිත්‍රපට 163 ක රඟපා ඇත. හොඳම නළුවා ලෙසින් ෆිල්ම් ෆෙයාර් සම්මාන 3 ක් දිනාගෙන තිබේ. 1966 දී ‘ආක්රී ඛාත්’ සිනමාපටයෙන් ඔහු රංගනයට අත්පොත් තැබුවේය. හැටේ දශකයේ අවසාන භාගයේත්, හැත්තෑව දශකයේත් සිනමාවේ රජු වූයේ ඔහුයි.එරට සිනමාවේ පළමු සුපිරි තරුව ලෙස නම් දරන්නෙත් රාජේශ්මය. මේ දිනවල රාජේශ් අසලින්ම සිටින්නේ හිටපු නිළි බිරිය ඩිම්පල් කපාඩියායි. අක්ෂේ කුමාර් සහ ගර්භණී ට්වින්කල් ඛන්නා ද ඔහුගේ සුවය පතා යාඥා කරති. පුංචි දෝණි, රින්කි ද දැන් නිිවෙසට පැමිණ ඇත. රින්කි විවාහ වී සිිටින්නේ ව්‍යාපාරිකයකු වූ සමීර් සාරන් සමඟයි.ඇය එක් දරු මවකි. ඩිම්පල්, රාජේශ් දික්කසාද වූයේ 1984 දීයි. එහෙත් ඔහුගේ සැප දුක බැලීමට නිතර නිතර ඩිම්පල් ආශිර්වාද් මැඳුරට පැමිණියාය. මෑතකදී රාජේශ් රූපවාහිනී විදුලි පංකා දැන්වීමකට පෙනී සිටි අතර එයින් ලැබුණු මුදලින් රින්කිට ඕ ර් එ කාරයක් තෑගි කර තිබේ. ඒ ඔහුගේ මංගල රූපවාහිනී දැන්වීමයි.ළඟදී පැවැත්වුණු සම්මාන උළෙලකදී තමන්ගේ සෞඛ්‍ය පිරිහුණේ මත්පැන් නිසා බව ඔහු ප්‍රකාශ කර තිබේ.පසුගිය බදාදා සිට රාජේශ් ඛන්නා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බවට රාවයක් පැතිර ගියේය. බිරිය සහ බෑණා සමඟ ‘ආශිර්වාද්’ සදලු තලයට පැමිණි, සුවය ලබමින් සිටින රාජේශ් ඛන්නා ජයග්‍රාහී ලකුණ රැස්ව සිටින්නන්ට පෙන් වූයේ ඔවුන්ට සැනසුම් සුසුම් හෙළන්නට ඉඩක් ලබා දෙමිනි.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගාල්ල අක්මීමන සිට කතරගම බලා ගමන් ගත් වෑන් රථයක් ඊයේ (14) දින මාතර වල්ගම ප්‍රදේශයේ තාප්පයක හැපීමෙන් රියැදුරා ඇතුළු තිදෙනෙකු බරපතළ තුවාල සහිතව මාතර රෝහලට ඇතුළත් කර ඇත.තුවාලකරුවන් අතර අවුරුදු 4, 7, 10 යන වයස්වල පසුවෙන ළමයින් තිදෙනෙකු සිටින බව හෙළිවේ. අක්මීමන තල්ගම්මල ප්‍රදේශයේ සිට කතරගම බලා 16 දෙනෙකු රැගෙන ගමන් කරමින් සිටි මෙම වෑන් රථයේ රියැදුරාට නින්ද යාම නිසා එම වාහනය තාප්පයක ගැටී මෙම අනතුර සිදු වී ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සෑම් විට්රිකි හට පාසැල් වියේදීම පියාගෙන් ලැබෙන වටිනා ත්‍යාගයක් වෙන්නේ සුපිරි මෝටර් රථයකි. එය කාර් එකක් වුව ද එයටත් වඩා නිර්මාණශීලී වූ රොබෝ කෙනෙකු බවට පත්වීමට හැකියාවක් ඇති බව පසුව සෑම් දැනගනියි. බබ්ල්බී නම් වූ මේ රොබෝ පිටසක්වලින් පැමිණි රොබෝවෙකි.මේ රොබෝවට අමතරව තවත් එවැනිම වූ රොබෝවරුන් විශාල පිරිසක් පෘථිවිය වෙත පැමිණ සිටින්නේ ඕල්ස්ට්‍රාක් නම් වූ ඔවුන්ගේ ආත්මයන් ඇතුළත් වූ උපකරණය අයිති කර ගැනීමටය. මෙහිදී යහපත් වූ රොබෝවරුන් සහ නපුරු වූ ක්‍රියාවන්ට යොමු වූ රොබෝවරුන් අතර අරගලයක් සිදු වන විටදී සෑම් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ද මේ අතරට මැදි වෙන්න සිදු වේ.ඉන් අනතුරුව සෑම් උසස් අධ්‍යාපනය හදාරණ විටදී ඩිසෙස්ටිකොන්ස් නම් වූ දරුණු රොබෝ යළි පැමිණෙන්නේ ඊජිප්තු පිරමිඩයක් තුළ සඟවා තිබෙන පිටසක්වල ජීවීන් හට අයිති වූ යමක් රැගෙන යාමටය. ඔවුන් ඒ වෙනුවෙන් සෑම්ගේ බුද්ධිය අයුතු අන්දමින් යොදා ගැනීමට තැත් දරයි. පිටසක්වල ජීවින්ට අයත් වූ එම උපකරණයෙන් සූර්යයා පවා විනාශ කළ හැකි බව ඔවුන් වටහා ගනියි. මේ නිසා සෑම් ගේ පවුලේ සාමාජිකයන් යළිත් භීතියට පත් වේ.මෙම සිදුවීම්වලින් නොනැවතෙන දරුණු රොබෝවන්ගේ මීළඟ අරමුණ බවට පත් වෙන්නේ සඳමත දී සැඟවුණු රොබොවරුන්ට අයත් අභ්‍යවකාශ යානාවක් සොයා ගැනීමයි. එහිදී ද ඇතිවන රොබෝවරුන්ගේ ගැටුමට සෑම් හට මැදිවන්නට සිදු වේ. මේ සෑම අවස්ථාවකදීම තම මෝටර් රථය වූ බබ්ල්බී ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්නේය.මෙම ත්‍රාසජනක සිදුවීම් මාලාව ගෙන එන්නේ මයිකල් බේ විසින් අධ්‍යක්ෂණය කළ Transformers (2007) Transformers : Revenge of the Fallen Transformers : Dark of the Moon (2011) යන චිත්‍රපට ත්‍රිත්වයෙන් එය රූ ගන්වා ජනතාව හමුවට ඉදිරිපත් කළේය. Transformers : Dark of the Moon තිරගත කර වසර තුනකට පසු මේ රොබෝවන් යළිත් මිනිසුන් අතරට පැමිණේ. එහෙත් මේ වන විට වාහන නිර්මාණ ශිල්පියෙක් තම දියණිය සමඟින් රොබෝවන් විනාශ කිරීමේ යන්ත්‍රයක් නිර්මාණය කරමින් සිටියි. ඒ සමඟින් මෙහි ඉදිරිය කෙලෙස සැකසේවිද?ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපට මාලාවේ සිව්වැනි චිත්‍රපටය වන Transformers : Age of Extinction ගෙන එන්නේ එම කතා පුවතයි. මේ වන විට එය ලොව පුරා අති සාර්ථක අයුරින් තිරගත වෙමින් පවතී. පසුගිය ජූනි 27 වැනිදා සිට තිරගත වීම ආරම්භ කළ මෙම චිත්‍රපටය අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ ඉහළින්ම රැඳී සිටින්නේය.මාර්කි වෝබර්ග්, නිකොලා පෙල්ට්ස්, ජැක් රේනොර්, කෙල්සෙ ග්‍රැමර්, ටයිටස් වෙලිවර්, සොෆියා මයිල්ස් ඇතුළු රංගන ශිල්පීන් රැසක් මේ සඳහා රංගන දායකත්වය ලබා දෙති. Transformers : Age of Extinction මිනිත්තු 165 ක ධාවන කාලයකින් යුතු වේ.අමෙරිකා එක්සත් ජනපදයේ 4 D තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවල ආරම්භය සනිටුහන් කළේ ද Transformers 4 චිත්‍රපටයයි. පසුගිය ජූනි 19 වැනිදා ලොස් ඇන්ජලීස්හිදී එය සිදු කෙරිණි. තවද මෙම චිත්‍රපටය හරහා චීනයේ නිෂ්පාදිත සුපිරි ක්‍රීඩා වාහන එකතුවක් ද ලොව පුරා ප්‍රචාරයට සූදානමින් සිටියි. Trumpchi E-Jet නම් වූ සුපිරි මෝටර් රථය මේ වන විට ඉහළ ආකර්ශනයක් දිනාගෙන ඇති බවත් වාර්තා වේ. මිට අමතරව චීනයේ නිෂ්පාදිත රූපවාහිනි, පරිගණක අදී බොහොමයක් දේවල ප්‍රචාරණය මේ දිනවල Transformers 4 හරහා සිදු කෙරෙන බව නොරහසක්.- යතේජා
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පිටකොටුව පෞද්ගලික බස් නැවතුම්පොළ හා ලංකා ගමනාගමන මණ්ඩල නැවතුම්පොළ ඒකාබද්ධ කරමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට නුදුරුව ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා රජය තීරණය කර තිබේ.කොළඹ ජාත්‍යන්තර මට්ටමේ වානිජ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ මෙය ඉදිකරයි. මෙම ප්‍රවාහන මධ්‍යස්ථානයට කොටුව දුම්රිය ස්ථානය ඒකාබද්ධ කරමින් යෝජිත ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීම සඳහා සුදුසුම ස්ථානය ලෙස තෝරාගෙන ඇත්තේ මැනිං වෙළෙඳපොළ පිහිටි භූමියයි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගොඩනැඟිලි අබලන්වීම හා පහසුකම් නොමැතිකම යන කරුණු මත වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වැලිසර වෙළෙඳ සංකීර්ණ පරිශ්‍රයට ගෙන යෑම සඳහා නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකරමින් පවතී. ඒ සඳහා අඩු තරමින් වසර දෙකක්වත් ගතවේයයි ගණන් බලා තිබේ. එහෙත් වසර දෙකක් දැනට පවතින උසාවි සංකීර්ණයේ ගොඩනැගිලි පවතීදැයි සැකයක් මතුවී තිබේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සිප්සල හිතවතුන් හට හැමදාමත් සිප්සල ලබාදෙන්නේ ජීවිතයට වැදගත් දෙයක්.අද ඉදිරිපත් කරන්නේ මනසට සිසිලසක් ගෙනදෙන පුංචි නිර්මාණයක්.මේක නිර්මාණය කලේ මම නොවේ.නමුත් තම දක්ශතා රටටම සහ ලෝකෙටම ඉදිරිපත් කිරීමට වෙරදරන නැගනියකගේ උත්සහයට සිප්සල අතදීමක් ලෙස මෙය සිප්සල හරහා ඔබට ලබා දෙන්නෙමි.මේ නිර්මාණයේ ගුනදොස් කියන්න කියල ඇය පුන්චි ඉල්ලීමකුත් කර තිබෙනවා.එය ඇයගේ ඉදිරි නිර්මාණ වලට මහත් රුකුලක් වේවි යැයි හැඟේ.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බ්‍රිට්නි ස්පියර්ස් තමන්ගේ ජීවිත කතාව සිනමාපටයකට නැගෙනවාට දැන් සිටම කැමැත්තෙන් පසුවන්නීය. ඇය සිය චරිතය නටාලි පෝට්මන් විසින් රඟනු දකින්නට කැමැතිය. තිස් එක් හැවිරිදි බ්‍රිට්නි තමන්ගේම වයසේ පසුවන නටාලි චරිතය රඟනු දැකීමට කැමැති වීම පුදුමයක් නොවෙයි.දෙදෙනාම ඉපදී ඇත්තේ 1981 වසරේදීයි. බ්‍රිට්නි පොප් ගී ලොවේ කුමරියයි. සංගීත ලොවේ සරාගීම තාරකාව වන ඇය පසුගිය වසරේ වැඩිම මිලක් අය කළ ගායිකාව ලෙස ෆෝබ්ස් සඟරාව මඟින් නම්කර තිබිණි. ඇයගේ ආදායම ඩොලර් මිලියන පනස් අටක් විය. දෙදරු මවක් වන බ්‍රිට්නි දැන් ජීවත් වෙන්නේ තෙවැනි සැමියා සමඟයි.ග්‍රැමී සම්මාන, එම්ටීවී වීඩියෝ සංගීත සම්මාන, බිල්බෝඩ් සංගීත සම්මාන ගණනක්ම බ්‍රිට්නිගේ හැකියාවට පිරිනැමී තිබේ. නටාලි පෝට්මන් ද සම්මානනීය නිළියකි. 2011 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නිළිය ඇයයි. ඇය එක් දරු මවකි. බෙන්ජමින් මිලේපීඩ් ඇයගේ සැමියායි.නටාලිගේ අලුත්ම සිනමා රංගනය ‘තෝර් : ද ඩාර්ක් වර්ල්ඩ්’ සිනමා පටයේ ජේන් ෆොස්ටර් ලෙස නුදුරු අනාගතයේදී දකින්නට ලැබෙනු ඇත. ඇය වර්තමානයේ වැඩිම ඉල්ලුමක් ඇති තාරකාවකි.- චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
උස්සංගොඩ උස්සන්ගොඩ වනාහි දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි සුවිශේෂී පරිසර පද්ධතියකි. කොළඹ - වැල්වාය (AA2) මාර්ගයේ නෝනාගමට සමීපව පිහිටා ඇත. අභය භූමියේ හෙක්ටයාර 111 ක් ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප‍්‍රදේශයකි. පටුන 1 පාශාණ 1.1 වර්ණය 1.2 යකඩ 2 ජීවීන් 2.1 ශාක 2.2 සත්තු 3 ජනප්‍රවාද 4 උස්සංගොඩ ජාතික වනෝද්‍යානය පාශාණ[සංස්කරණය] උස්සංගොඩ පොළොව වර්ණය[සංස්කරණය] උස්සංගොඩ පොළොව ඇල්ලූ පසු පාට ගෑවුනු අතක් පස පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන්ගේ අවධානය ඒ කෙරේ යොමු වූයේ රතු පස්, සුවිශේෂී පාෂාණ නිසාය.උස්සන්ගොඩ බිමෙහි ඇත්තේ තද රතු පැහැති පස් ස්ථරයකි. එය හෙක්ටයාර් ගණනාවක් පුරා පැතිර පවතී. උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15 කට පමණ ඉහත දී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවකි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පස ද උණු වූ පාෂාණ ද ඒ සඳහා සාක්‍ෂි සපයයි. යකඩ[සංස්කරණය] උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ඉතා බරැතිය. ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටින ලාවා වැනිය. රතු පස් නිසාමදෝ මෙහි ශාක නොවැඬේ මෙම භූමිය පුරා පිහිටි කටු වන ලැහැබ කතරක පිහිටි ක්‍ෂෙම භූමියක අසිරිය ගනියි. මෙම අපූරු භූමියෙහි ශාක පැළවන්නේ නැත. නමුත් සුළඟ ආදියෙන් එම සුවිශේෂී රතු පස් මත වෙනත් පස් ස්ථර තැන්පත්වීමෙන් කළමැටිය අභය භූමියේ ඇති කරඹ, පතොක්, එරමිණියා ආදී ශාඛ ශුෂ්ක පරිසරයට ඔරොත්තු දී සිටින ඒවා තැනින් තැන වන ලැහැබක් සේ විටෙක දිස්වෙයි. උස්සන්ගොඩ එක් අර්ධයක් කෙළවර වන්නේ මහ සයුරෙන්ය. එය ඉතා ශීඝ‍්‍ර ලෙස මුහුදු රකුසාට බිලිවන ප‍්‍රදේශයකි. ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන්ම ජනප‍්‍රවාද රැසකට ම තෝතැන්නක් වූ උස්සන්ගොඩ අද ලෝක උරුමයක් වැනිය. ජීවීන්[සංස්කරණය] ශාක[සංස්කරණය] උස්සංගොඩ ශාක වැවෙන්නේ ඉතාම මද වශයෙනි. උස්සංගොඩ ශාක වැවෙන්නේ ඉතාම මද වශයෙනි. ඒවාද මෙවැනි ඉතා කුඩා පැලෑටි වේ සත්තු[සංස්කරණය] ජනප්‍රවාද[සංස්කරණය] කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප‍්‍රදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය. සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන උස්සන්ගොඩ අද ජනප‍්‍රවාද සකටද උරුමකම් කියන දිවයිනේ පිහිටි සුවිශේෂී ම පොළෝ තලයකින් සමන්විත පාරිසරික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දුර්ලභ උරුමයකි. උස්සන්ගොඩ පිළිබඳ ජනප‍්‍රවාද, පුරාවිද්‍යාත්මක නටඹුන් මෙන්ම සාහිත්‍යගත තොරතුරු ද රැසක් වෙයි. ඉන් සමහරක් මෙම භූමියේ පවතින සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් බිහි වී ඇත. නමුත් ඇතැම් ජනප‍්‍රවාද පවසන්නේ අතීතයේ සිදු වූ වෙනත් සිදුවීම් නිසා මෙම භූමිය සැකසුණු බවකි. උස්සංගොඩ ජාතික වනෝද්‍යානය[සංස්කරණය] උස්සංගොඩ සහ ආශ්‍රිත ප්‍රදේශයේ ක්‍රි.ව.2010දී ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කෙරිනි. මෙම ලිපියට තවත් ප්‍රවර්ග අවශ්‍ය වේ. කරුණාකර ප්‍රවර්ග එක්කිරීමෙන් සහායවන්න. එවිට මෙය මීට සමාන තවත් ලිපි සමග ලයිස්තුගත වනු ඇත. (අගෝස්තු 2011)
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 9 වන සියවස – ක්‍රිපූ 8 වන සියවස – ක්‍රිපූ 7 වන සියවස දශක: ක්‍රිපූ 800ගණන් ක්‍රිපූ 790ගණන් ක්‍රිපූ 780ගණන් – ක්‍රිපූ 770ගණන් – ක්‍රිපූ 760ගණන් ක්‍රිපූ 750ගණන් ක්‍රිපූ 740ගණන් වසර: ක්‍රිපූ 776 ක්‍රිපූ 775 ක්‍රිපූ 774 – ක්‍රිපූ 773 – ක්‍රිපූ 772 ක්‍රිපූ 771 ක්‍රිපූ 770 ක්‍රිස්තු පූර්ව 773 වසර මාතෘකා අනුව දේශපාලනය රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය උපත් සහ මරණ ප්‍රවර්ග උපත් – මරණ සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග සංස්ථාපනයන් – විසංස්ථාපනයන් න සා සං ක්‍රිපූ 773 අනෙකුත් දින දසුන් වලින් ග්‍රෙගෝරියානු දින දසුන ක්‍රිපූ 773 අබ් ඌර්බෙ කෝන්ඩිටා −19 ආර්මේනියානු දින දසුන N/A ඇසිරියානු දින දසුන 3978 බෞද්ධ දිනදසුන −230 – −229 බහායි දින දසුන −2616 – −2615 බෙංගාලි දින දසුන −1365 බර්බර් දින දසුන 178 ඉංග්‍රීසි රාජ්‍යත්ව වසර N/A බුරුම දින දසුන −1410 බයිසැන්ටියානු දින දසුන 4736–4737 චීන දින දසුන 丁卯年 (Fire Rabbit) 1924 or 1864 — to — 戊辰年 (Earth Dragon) 1925 or 1865 කොප්ටික දින දසුන −1056 – −1055 ඩිස්කෝර්ඩියන් දින දසුන 394 ඉතියෝපියානු දින දසුන −780 – −779 හෙබ්‍රෙව් දින දසුන 2988–2989 හින්දු දින දසුන් - වික්‍රම් සම්වත් −716 – −715 - ශක සම්වත් N/A - කලි යුග 2329–2330 හොලොසීන දින දසුන 9228 ඉග්බො දින දසුන −1772 – −1771 ඉරාන දින දසුන 1394 BP – 1393 BP ඉස්ලාමීය දින දසුන 1437 BH – 1436 BH ජපාන දින දසුන N/A ජුච්චේ දින දසුන N/A ජූලියානු දින දසුන N/A කොරියානු දින දසුන 1561 මින්ගුවෝ දින දසුන 2684 before ROC 民前2684年 තායි සූර්ය දින දසුන −229 This box: නරඹන්න සාකච්ඡා කරන්න සංස්කරණය කරන්න විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්‍රිත මාධ්‍ය සතු වෙයි: 773 BC
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පසුගිය සතියෙන්...සැමුවෙල් රුදිගූට හොඳට ළමා චරිතත් කරන්න පුළුවන්. එක වැඩ සටහනකදී මම තාත්තා, විදුහල්පති ඇනස්ලි, ළමයා සැමුවෙල්. අපේ වැඩසටහනේ තේමාව ළමයා ඉස්කෝලෙට බාරදීම. එදා වැඩ සටහන පටිගත කරන දවසේ ගුවන් විදුලියේ හය වන මැදිරිය අතුරු සිදුරු නැතුව රසිකයන්ගෙන් පිරිලා. අපි ස්ටේජ් එකට එන්න කලින් ඉඳලම විසිල් පාර. ඔන්න තේමා වාදනය ඇහෙන්න පටන් ගත්තා. වැඩ සටහනේ හඳුන්වා දීම ඉදිරිපත් වුණා. මම සැමුවෙල්ව එක්කගෙන එනවා වේදිකාවට. වේදිකාව මත විදුහල්පති ලෙස ඇනස්ලි ඉන්නවා.විදුහල්පති - මොකද මේ දෙන්නා?තාත්තා (මම) - සර් ළමයාව ඉස්කෝලෙට දාන්ටයි ආවෙ. විදුහල්පති – දුරකථනය නාද වෙයි.ආ හලෝ පස්සෙ කතා කරන්න. මේ ළමයෙක් දාගන්න ඇවිල්ලා දෙන්නෙක්.ආ හරි . . . පියා එන්න මෙතෙන්ට (සැමුවෙල්, ළමයා එයි)විදුහල්පති – පියාටනේ එන්න කිව්වෙ. ළමයා ඉන්න අහරෙන් (සැමුවෙල් - ළමයා යයි)විදුහල්පති – පියා එන්න.නැවත සැමුවෙල් එයි.විදුහල්පති - ළමයා ඉන්න අහරෙන්.ළමයා පොඩි ළමයෙක් මෙන් එන්න කියනවා. යන්න කියනවා.දුහල්පති – පියාටනෙ එන්න කිව්වේ.ළමයා - මම තමයි පියා.විදුහල්පති – මා දෙසට අත දිගු කොට මේ කවුද?ළමයා - ඒ අපේ තාත්තා.විදුහල්පති - කෝපයෙන් හැරී මේක මහ අණ්ඩර දෙමළයක්නෙ. ඔහේ තාත්තා නම් මෙයා කොහොමද පියා වෙන්නේ.පියා - සර් මේකනෙ මෙයාගේ නම පියදාස. කවුරුත් ආදරේට කියන්නේ පියා කියලා.විදුහල්පති – හරි හරි ඉල්ලුම් පත්තරයක් ගෙනාවද?පියා - ගෙනාව සර් පිරෙව්වෙ නෑ.විදුහල්පති – හරි මට කියන්නකො නමපියදාස.විදුහල්පති - ළමයා උපන් ස්ථානය.පියා - ඒව මොකටද සර් චැක් . . .විදුහල්පති – හලෝ මේ අහන්නේ ළමයා ඉපදුණේ ගෙදරදී ද නැත්නම් ඉස්පිරිතාලෙදි ද කියලා දැනගන්නයි.පියා - ගෙදරදි ගෙදරදි සර්. වින්නඹු අම්මා කඹයක් ගෙනාවා. බාල්කෙ බැන්දා. පුවක් ගහෙන් බහිනවා වගේ පිරිමි පුතෙක් ජබෝස් ගාලා.විදුහල්පති – හරි හරි, මේ ළමයා මේ රටේ පුරවැසියෙක්ද?පියා - නෑ නෑ මහත්තයී අපි ගම්වැසියෝ මහත්තයෝ.විදුහල්පති - මේ ළමයා ලංකාවෙද?නෑ නෑ මහත්තයෝ සඳලංකාවේ.විදුහල්පති – හරි . . . මේ පෝර්මයේ ඉතුරු ටිකත් පුරවල (ඊළඟ පිටුව පෙරලමින්) කලින් ආධාර ලබාගෙන තිබේද?පියා - අයියෝ නෑ සර්.විදුහල්පති – ඒකත් හරි.අන්තිමට පෝර දැම්මේ කවදාද? හලෝ මේක මේ පොහොර ආධාර ලබා ගැනීමෙ අයදුම්පතක්නේ පටලවගෙන තියන්නේ. හරි ඒක පුරවන් එනවා.චන්දන දයාසිරිවර්ධනඡායාරූපය - ශාන් රඹුක්වැල්ලපසුගිය සතියෙන්...
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනයේ විධායකයන්ගේ ක්‍රීඩා උළෙලේ සූරතාව දිනාගැනීමට “සුලු වොරියර්ස්” නිවාසය සමත් විය. වික්ටෝරියස් සීක්‍රට් සහ වයිකින්ස් නිවාස සම ලකුණු ලබා අනු සූරයින් වූහ.පසුගියදා කොළඹ සී. එස්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩා පිටියේ පැවැති මේ ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ටෙස්ට් ක්‍රීඩක චමින්ද වාස් සහභාගි විය. මේ ක්‍රීඩා උළෙලට එම ආයතනයේ අංග 30ක් නියෝජනය කරමින් නිවාස 8 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1600 ක් පමණ සහභාගි වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කුමන පුරවරයට ගියත් බොලිවුඩයේ මිතුදම් වෙනස් නොවෙයි. ආර්යන් ඛාන්ට, නව්‍යා නවේලිත්, නව්‍යාට ආර්යන්වත් අමුත්තන් නොවන්නේ ඒ නිසයි. දැන් දෙදෙනාම උසස් අධ්‍යාපනය ලබන්නේ ලන්ඩනයේ සෙවනෝක්ස් පාසලේය.ආර්යන්, ෂාරුක්ගේ වැඩිමල් පුතුය. නව්‍යා, අමිතාබ් බච්චන්ගේ මිනිබිරියයි. එනම් අමිතාබ් බච්චන්ගේ එකම දියණිය ශ්වේතාගේ දියණියයි. නව්‍යාගේ බොලිවුඩ් නෑකම වඩාත් ශක්තිමත් වන්නේ ශ්වේතා විවාහ වී සිටින්නේ නැසීගිය විශිෂ්ට සිනමා අධ්‍යක්ෂ සහ රංගධර රාජ් කපූර්ගේ දියණියගේ පුතු, නිඛිල් නන්දා සමඟ වී සිටීම නිසයි. කොටින්ම නව්‍යා අමිතාබ්ගේ මිනිබිරිය මෙන්ම රාජ් කපූර්ගේ මී මිනිබිරිය ද වන්නීය.අමිතාබ් සහ ෂාරුක් හොඳ මිතුරන් සේම ආර්යන් සහ නව්‍යා ද දැන් එකිනෙකාට නැතිවම බැරි මිතුරෝය. ඔවුන්ගේ මිතුදම කැමරා ඇසට අසු වී තිබෙන්නේ විනෝද ගමනක් ගිය විටදීය. මාධ්‍ය නම් මේ මිතුදමට ‘ආදරය’ යන නිර්වචනය ද දී අවසානය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මඩොල් දූව මඩොල් දූව නවකථාවේ මුල් කෘතියේ පිටකවරය කර්තෘ මාර්ටින් වික්‍රමසිංහ රට ශ්‍රී ලංකාව භාෂාව සිංහල ප්‍රභේදය(න්) ළමා සාහිත්‍යය ප්‍රකාශිත දිනය 1947 මාධ්‍ය වර්ගය මුද්‍රිත මඩොල් දූව (ඉංග්‍රීසි: Madol Doova [maˌɖol ˈduːʋə]) සිංහල ළමා නවකථාව ශ්‍රී ලාංකික මහා ගත්කතු මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචනා කොට ඇත.1947 දී ප්‍රථමවරට ප්‍රකාශයට පත්කොට ඇත.1890 ගණන් වල ලංකාවේ දකුණු පලාතේ වෙරළබඩ ජීවත්වූ උපාලි ගිනිවැල්ලලේ යන යොවුන් තරුණයා මෙහි ප්‍රධාන චරිතයයි.ඔහු හා ඔහුගේ මිතුරා වන ජින්නා නොහොත් ජිනපාළ සමඟ සිදු කල අපූරු ක්‍රියා මෙම කථාවට පාදක වී තිබෙනවා.උපාලි සිය මිතුරා සමඟ පාළු දූපතක ජීවත් වීම සඳහා සිදුකරන ලද ඉමහත් කැපවීම මෙහි හොදින් විස්තර කෙරෙනවා.මෙම කෘතිය පසුව දෙමළ,ඉංග්‍රීසි,ලන්දේසි,රුසියන්,චීන,රුමේනියන්,බල්ගේරියන් ඇතුළු ලොව පුරා භාෂා රාශියකට පරිවර්තනය කර තිබෙනවා.1976 දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මෙම කථාව චිත්‍රපටයකටද නඟා තිබෙනවා.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජුපිටර් XXXVI ලෙසින්ද හැඳින්වෙන, ස්පොන්ඩී යනු, බ්‍රහස්පතිගේ ස්වභාවික චන්ද්‍රිකාවකි. 2001 දී ස්කොට් එස්. ෂෙපර්ඩ්ගේ නායකත්වය දැරූ, හවායි විශ්වවිද්‍යාලයීය තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් සොයා ගත් එයට, S/2001 J 5 යන තාවකාලික නිල නාමය ලබා දෙන ලදි. [1][2] කිලෝමීටර 2 ක පමණ විෂ්කම්භයක් සහිත ස්පොන්ඩී චන්ද්‍රයා, එහි ග්‍රහ ලෝකය වන බ්‍රහස්පතීට කිලෝමීටර මිලියන 24.253 පමණ සාමාන්‍ය දුරකින්, දින 771.604 ක කාලයක් ගනිමින් එය වටා පරිභ්‍රමණය වන්නේ, කක්ෂතලයට 154° ක (බ්‍රහස්පතිගේ සමකයට 156° ක) ආනතියක් සහිතව, ප්‍රතිගාමී දිශාවට සහ 0.443 ප්‍රමාණයක උත්කේන්ද්‍රියතාවයක් සහිතවය. හොරීවරුන් (පැය) අතුරින් සත් වන පැය (දිවා ආහාරයට පසුව මත්පැන් පිළිගැන්වීම) අරක්ගන්නා දේවතාවිය අනුව යමින්, 2003 අගෝස්තු මාසයේදී එය නම් කෙරිණි. [3] දිනයෙහි පැය මෙන්ම වසරෙහි සෘතුන් ද අරක්ගන්නා හොරී දේවතාවියන් සියුස් (බ්‍රහස්පතී) සහ තෙමිස් යන්නන්ගේ දියණියන් වෙති. අක්‍රමවත් ලෙසින් හා ප්‍රතිගාමී චලිතයෙහි යෙදෙමින්, 22.8 සහ 24.1 ගිමී අතර පරාසයක දුරක් බ්‍රහස්පති ග්‍රහ ලෝකයේ සිට තබමින් සහ, 144.5° සහ 158.3° අතර වන පරාසයක ආනතීන් දරමින් එය වටා පරිභ්‍රමණය වන චන්ද්‍රයින් අඩංගු පැසිෆේ කාණ්ඩයට මෙම චන්ද්‍රයා අයත් වෙයි. න සා සං බ්‍රහස්පතිගේ චන්ද්‍රයෝ බ්‍රහස්පති සිට දළ වශයෙන් දුර වැඩි වන ආකාරයට ලැයිස්තු ගත කර ඇත. තාවකාලික නම් ඇලකුරු වලින් දක්වා ඇත. ඇතුළු චන්ද්‍රයෝ මෙටීස් ඇඩ්‍රස්ටීයා ඇමල්තීයා තේබී ගැලිලියානු චන්ද්‍රයෝ අයෝ යුරෝපා ගැනිමීඩ් කලිස්ටෝ තෙමිස්ටෝ කාණ්ඩය තෙමිස්ටෝ හිමාලියා කෘණ්ඩය ලීඩා හිමාලියා ලයිසිතියා ඊලරා S/2000 J 11 කාපෝ කාණ්ඩය කාපෝ S/2003 J 12 S/2011 J 1 අනන්කී කාණ්ඩය මධ්‍යය අනන්කී ප්‍රක්සිඩිකී හාර්පැලිකී අයිඕකාස්ටී යුවන්තී තයෝනී පර්යන්ත යුපෝරී S/2003 J 3 S/2003 J 18 S/2010 J 2 තෙල්ක්ස්සිනෝවී හෙලිකී ඕර්තෝසිය S/2003 J 16 හර්මිපී නීමී S/2003 J 15 කාමී කාණ්ඩය හර්ස් S/2003 J 10 පසිතී කැල්ඩීනී ආකී අයිසොනොවී එරිනමී කේල් ඇට්නී ටේජටී S/2003 J 9 කාමී S/2003 J 5 S/2003 J 19 කැලිකී යූකෙලිඩී කලිකරී පැසිෆේ කාණ්ඩය යුරිඩමී S/2003 J 23 හිජෙමනී පැසිෆේ ස්පොන්ඩී සිලීනී මෙගක්ලයිටී S/2003 J 4 කලිරොහී සිනෝපී ඕටොනොවී එයීඩී S/2011 J 2 S/2010 J 1 කෝරේ S/2003 J 2 බ්‍රහස්පතිගේ වළලු ප්‍රබන්ධයෙහි ආශ්‍රිත[සංස්කරණය] ↑ IAUC 7900: සැටලයිට්ස් ඔෆ් ජුපිටර් 2002 මැයි 16 (සොයාගැනීම) ↑ MPEC 2002-J54: ලෙවන් නිව් සැටලයිට්ස් ඔෆ් ජුපිටර් 2002 මැයි 15 (සොයාගැනීම සහ ග්‍රහචාරය) ↑ IAUC 8177: සැටලයිට්ස් ඔෆ් ජුපිටර්, සැටර්න්, යුරේනස් 2003 අගෝස්තු 8 (චන්ද්‍රයා නම්කිරීම)
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
විහාරාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව 2013 ජනවාරි මාසයේ සිට මාස හයකට ආසන්න කාලයක් වෙඩි තබා ඝාතනය කරන බව ඇතුලු තර්ජන රාශියක් හේතුවෙන් තමන් වහන්සේ දැඩි අවධානමකට පත්ව සිටින බව දන්වමින් මිහින්තලා රජමහ විහාරයේ විහාරාධිපති හා භාරකාර ගෞරව ශ්‍රාස්ත්‍රවේදී වලවාහැංගුනවැවේ ධම්මරත්න හිමිපාණන් එම තර්ජන සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කරන ලෙස ඉල්ලමින් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට ලිපියක් යොමු කර ඇත.විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමිපානන් පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ මෙසේ සදහන් වේ. මිහින්තලා පුජා භුමියට වන්දනාවේ පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් හට හිරිහැර වන අන්දමින් හැසිරෙන්නන්ට විරුද්ධව , විහාරාධිපති වහන්සේ ලෙස මා මිහින්තලය පොලිස් ස්ථානයෙන් පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ගෙන් සහාය පතා තිබෙනවා.මේ නිලධාරීන් නීතියට පටහැනිව ක්‍රියාකරන්නන් වැළැක්වීමට අවස්ථා ගණනාවකදී පියවර ගත්තත් යම් බලවේගයක් නිලධාරීන්ගේ ක්‍රියාවන් අසාර්ථක කරමින් නීති විරෝධී ක්‍රියා වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බව මට හැගී යනවා. මේ බලවේගයන් මත්කුඩු ජාවාරම , අභය භූමිය තුළ සතුන් දඩයම් කිරීම වැනි දුෂිත ක්‍රියා දැඩි ලෙස ක්‍රියාත්මක කර තිබෙනවා.මේ සිද්ධීන්ට එරෙහි වන මාහට විටින් විට විවිධාකාරයේ මරණීය තර්ජන එල්ල වී තිබෙන බව මතක් කල යුතුයි. මා විහාරාධිපති ධුරයට පත් වීමෙන් පසුව 2013 ජනවාරි මාසයේ පමණ මිහින්තලා රජ මහ විහාරයේ දේපළ අයුතු ලෙස පරිහරණය කළ එක්තරා භික්ෂුවක් සහ එම භික්ෂුවගේ හිතවතුන් කිහිප දෙනෙකු මට වෙඩි තබා ඝාතනය කරන බවට කළ තර්ජන හේතුවෙන් මා විසින් මිහින්තලේ පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.මීට අමතරව 2013 ජුලි මස අගදී මා ගමන් කළ රථය අනතුරට ලක් කිරීමේ උත්සාහයක් ගත් තැනැත්තෙකුට විරුද්ධව පොලීසියේ පැමිණිලි කළ අතර එසේ ක්‍රියාකළ රියැදුරා ඉහත කී භික්ෂුවගේ රියැදුරෙකු බවද පොලිස් පරීක්ෂණවලින් හෙළි දරව් වී තිබෙනවා.2013 ජුලි මාසයේ මුල් භාගයේදී මාගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි උනන්දුවකින් ක්‍රියාකරන මාගේ රියැදුරා වන අසංක සුධීර නානායක්කාරට රැකියාවෙන් ඉවත් වී ප්‍රදේශයෙන් බැහැර වී යන ලෙස තර්ජනය කර තිබෙනවා. ඔහුගේ බිරිය සහ දරුවන්ට විවිධ ජීවිත තර්ජන එල්ල වීම නිසා පොලීසියට පැමිණිලි කළ අතර එහිදී එකී තර්ජන කර ඇත්තේද භික්ෂුවක් බව අනාවරණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක්ද පවරා තිබෙන බව මා සිහිපත් කරනවා.ප්‍රධාන පිය ගැටපෙළ දෙපස, මැද මලුව ආශ්‍රිතව නීති විරෝධී ලෙස වෙලදාමේ යෙදෙමින් බැතිමතුන්ට හිරිහැර වන අයුරින් ක්‍රියා කරන වෙළදුන් පොලීසිය හා පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් විසින් වරින් වර ඉවත් කලත් අදාළ භික්ෂුවගේ මෙහෙයවීම මත නැවත නැවත නීති විරෝධී ක්‍රියාවල යෙදෙමින් මා ඝාතනය කරන බවට තර්ජනය කරමින් සිටිනවා. ඔවුන් නිරතුරුවම පිහියා වැනි ආයුධ තබාගෙන පියගැටපෙලේ පළතුරු වෙළදාම් කටයුතු වල නිරත වෙමින් සිටින අතර මා දිනකට අවස්ථා ගණනාවක් පියගැටපෙළ හරහා එහා මෙහා යාම නිසා මගේ ජීවිතය දැඩි අවධානමකට ලක්ව තිබෙන බවද මේ අවස්ථාවේ ඔබතුමන් හට දන්වා සිටිනවා.මේ සියලු බලවේග එක්තරා භික්ෂුවක් හා දේශපාලඥයකු විසින් මෙහෙයවන නිසා මිහින්තලය පොලීසියට මේ පරීක්ෂණ ස්වාධිනව කිරීමේ අපහසුතාවක් පවතින බව මට පෙනී යනවා. එම නිසා මේ භයානක තත්ත්වයෙන් මා මුදවා ගැනීම සඳහාත් මරණීය තර්ජන හා බැඳුනු කුමන්ත්‍රණයන් පිළිබඳ සොයා බලා විහාරාධිපති වශයෙන් මාගේ කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීමට අවස්ථාව ලබා දෙන මෙන් ඉල්ලා සිටින අතර ප්‍රදේශයේ නොවන වෙනත් දක්ෂ පොලිස් නිලධාරීන් කණාඩායමක් විමර්ශනයේ යොදවන ලෙසද මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා යැයි එම ලිපියේ සඳහන් වේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය හෝ ලිපි කොටස ජාන සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය ජාන ලිපියේ ඡේදයක්ව පවතින බැවිනි. නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න. %E0%B6%B8%E0%B7%99%E0%B6%B8+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%5B%5B%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%5D%5D+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A1%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92.NA එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පිටුවෙහි කර්තෘ වෙත සටහන: ඔබ තවමත් ලිපි සාකච්ඡා පිටුව සංස්කරණය කර නොමැත. ඔබ මෙම ඉක්මන් මකාදැමීමට විරුද්ධ වීමට අදහස් කරයි නම්, ඉහත දැක්වෙන බොත්තම එබීමෙන් පසුව මෙම පිටුව මකා නොදැමිය යුත්තේ මක්නිසාදැයි කියා සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තැබීමෙන් අනතුරුව ප්‍රකාශ කරන්න. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ 123.231.8.118 (දායකත්ව| ලඝු) විසින් 2 වසර ගණනකට පෙර ට පෙරදීය කරුණාකර පහත සැකිල්ල කර්තෘගේ සාකච්ඡා පිටුව මත පිහිටුවීමකට භාජනය කරන්න: {{subst:db-reason-notice|ප්‍රවේණිගත ද්‍රව්‍ය ජාන සංවිධාන ගත වීම්|header=1|මෙම ලිපිය ජාන ලිපියේ ඡේදයක්ව පවතින බැවිනි.}} ~~~~ සෛලයක සියලුම ප්‍රවේණිගත ද්‍රව්‍යය, ඒ සෛලිකයන් හෙවත් ප්‍රෝක්‍රැරියෝටාවන්ගේ බොහෝමයක් ජාන වලයාකාර තනි දික්, DNA අණුවක් තුළ ගබඩා වි ඇත. යු-කැරියෝටාවන්ගේ තනි දිගු DNA රාශියක් හෙලික්සයක් ලෙස සැකසී ඝන ප්‍රෝටීන සංකීර්ණයක් ලෙස ගබඩා වී ඇත. මෙය ප්‍රවේණි ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. DNA ප්‍රවේණි ද්‍රව්‍යයට අමතරව තවත් තැන්වල ප්‍රෝක්‍රැරියෝටාවන්ගේත්, ඉයුකැරියෝටාවන්ගේත් ප්ලාස්විට නම් කුඩා වලයාකාර ප්‍රවේණි ද්‍රව්‍ය තුළ කුඩා ජාන සංඛ්‍යාවක් අඩංගු වී ඇත. සාමාන්‍යයෙන් පාලක ප්‍රදේශ හා DNA කොටස් ජීවියාගේ ප්‍රවේණි ද්‍රව්‍ය ලෙස හඳුන්වයි. නමුත් ටෙලොම්යර් නම් වු ව්‍යුහික කොටස් එසේ නොහඳුනයි. ජානයක හා ප්‍රවේණි ද්‍රව්‍යවල තැන්පත් වීම් අහඹු ලෙස සිදුවේ. එක් විශේෂයක ජීවීන්ගේ ප්‍රවේණි ද්‍රව්‍යවල එක ළඟින් තිබෙන කොටස් අනෙක් විශේෂයක වෙන වෙනම තිබේ. එක් ළඟ පිහිටි ජාන දෙකක් එකම සෛලික ක්‍රියවලියකට මෙන්ම සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රියාවලි 2කට කේත නිපදවයි. උදාහරණයක් ලෙස Y ප්‍රවේණි දේහය තුළ ශුක්‍රාණු ජනනය සඳහා අවශ්‍ය සියලු ජාන අඩංගුව ඇත. බොහෝ විශේෂ තමන්ගේ ප්‍රවේණි ද්‍රව්‍යයේ එක් කොපියකට වඩා ඔවුන්ගේ දෛනික සෛලම අඩංගුව ඇත. එක් කොපියක් ඇත්නම් (haploid) ඒක ගුණ ද ලෙස ද එකකට වඩා ඇත්නම් (polyploidy) බහු ගුණ ද ලෙස ද හඳුන්වයි. එක කොපියකට වඩා ඇත්නම් කොපි දෙකම සර්ව සම්පූර්ණ ලෙස සමාන නොවේ. ලිංගිකව වර්ගයා බෝ කරන ජීවීන්ගේ එක් කොපියක් එක් මවගෙන් ද අනෙක් කොපිය පියාගෙන් ද හිමි වේ. මෙම කොපි වෙන වෙනම ඇලිලවලට විකේත කරන DNA කොටස්වලින් යුක්තය. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Gene#Chromosomal_organization
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සැප්තැම්බර් 2011 යනු එම වසරෙහි නවවන මාසයයි. එය ඇරඹුනේ බ්‍රහස්පතින්දා දිනයකින් වන අතර දින 30 කට පසුව එය අවසන් වූයේ සිකුරාදා දිනයකිනි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වරකාපොළදී යුද හමුදා ට්‍රක් රථයක විදේශිකයන් ගමන් ගත් ප්‍රාඩෝ ජිප් රථයක් ගැටීමෙන් ජිප් රථය පැදවූ රියැදුරු මියගොස් විදේශිකයින් හතර දෙනකු සහ මගපෙන්වන්නා ද තුවාල ලැබ කැගල්ල මූල්ක රෝහලට ඇතුළත් කර ඇත.මෙසේ මියගොස් ඇත්තේ පානදුර වලාන පදිංචි කේ. ඩී. අජිත් දේශප්‍රිය රුද්‍රිගු නමැති තරුණයෙකි. ජීප් රථයේ ගමන් ගත් ජපන් ජාතික පියකු සහ ඔහුගේ බාල පුතුන් දෙදෙනා සහ තවත් අයකු තුªවාල ලබා ඇත. ජීප් රථය හෝමාගම සිට යාපනය දක්වා ගමන් කරමින් තිබියදී දුම්මලදෙනියේ දී ඉදිරියෙන් පැමිණි කාරයක ගැටී ඇති අතර එම අනතුර වලක්වාලීමට උත්සාහ කරද්දී ඉදිරියෙන් පැමිණි ට්‍රක් රථයේ ගැටී ජිප් රථය ඇළ මාර්ගයට පෙරළී තිබේ. පසුව පොලිස් නිලධාරීන් විසින් යන්ත්‍රෝපකරණ යොදා රථ දෙකම ගොඩ ගෙන ඇත. ප්‍රාඩෝ රථයේ සිරවී සිටි තුවාලකරුවන් ද මහත් පරිශ්‍රමයක් දරා එළියට ගෙන ඇත.මෙම අනතුර නිසා පැය දෙකක පමණ කාලයක් වාහන තදබදයක් ද ඇති විය. හමුදා ට්‍රක් රථය පැදවූ රියැදුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ වරකාපොළ පොලිස් ස්ථානාධිපති නිහාල් කුලතුංග මහතාගේ උපදෙස් පරිදි සිදුවෙමින් පවතී..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දෑස මානේ නැඟූ හසරැල්ගොලු වෙලා අද හැංගිලා ..නොපෙනෙනා දුරකට යවා හිතඇයිද නුඹ මෙහි තනි වෙලා ..නිහඞ අරණක කෙළි දෙලෙන් අපිගෙවූ යාමය පහු වෙලා ..ඉදින් යනු මැන නුඹේ ලොව වෙතසොයුරු පෙම නිමලව තියා .
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නුඹට ගල් ගසන විටඔහු නුඹට පිදුවේප්‍රේමයද අසල්වැසියාට පුදන...පෙම් කළේ නුඹදෙවියෙකුටදනැත හද දිනූ මිනිසාටය...ඔහු මෙන් නුඹදිය මතුපිට නොඇවිද්දෙහිය...එහෙත් ඔහු හාපතුල තෙක් කිමිදීරස සෙවුවෙහිය...ඔහුට දේවත්වය උරුම වනු රිසිනුඹ රහස රැක්කෙහිය...රාජ ද්‍රෝහියෙකු වූ ඔහුනිවැරදි බව නුඹ දැන සිටියෙහිය...එහෙත් දෙවියෙකු මිනිසෙකු බව කීමටනුඹට නොහැකි වූවෙහිය...ඒ මිනිසුන් දෙවියන්ට වඩාහොඳ යැයි නුඹ සිතු නිසාද...නැතිනම්,මලවුන්ගෙන් නැගිටුවා'මිනිසා' සමඟ පැන යාමටද...෴ රන්දු ෴.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අද ලිපිය නම් ගොඩක්ම වැදගත් වෙන්නෙ Computer භාවිතයට අලුත් අයට තමයි. අනිත් අයටත් මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි. ඒත් මං මේක ලියන්නෙ අලුත් අයට උදව්වක් විදියට. අපි හැමෝම Use කරන OS එකක්නෙ Windows කියන්නෙ. මොකද Windows කියන්නෙ පරිගණකය හුරු හා නුහුරු දෙගොලොන්ටම එක වගේ පහසුවෙන් ඉගෙනගන්න පුලුවන් OS එකක්නෙ. ඒ නිසා තමයි බොහෝ දෙනාWindows භාවිතා කරන්න පෙලඹිලා තියෙන්නෙ.ඉතින් මං අද ඔයාලට කියන්නෙ Windows පරිගණකයක තියෙන්නම ඕන ඒත් වැඩිය ප්‍රසිද්ධ නැති Softwares (මෘදුකාංග) කිහිපයක් ගැන.1. AudacityAudacity කියන්නෙ ඕනම කෙනෙක්ට පහසුවෙන්ම තේරුම් අරන් වැඩ කරන්න පුලුවන් Audio Editing Software එකක්. මේක අලුත් කෙනෙක්ට උනත් ලේසියෙන්ම භාවිතා කරන්න පුලුවන්. මේක පොඩි සොෆ්ට්වෙයා එකක් උනාට මේකෙන් ඔයාට ගොඩක් දේවල් කරගන්න පුලුවන්. සිංදුවකින් කටහඩ වෙන් කරන්න වගේ සියුම් දේවල් උනත් පහසුවෙන් කරගන්න මේ Software එක යොදාගන්න පුලුවන්. Media Player ClassicMedia Player Classic කියන්නෙ ගොඩාක්ම Light සොෆ්ට්වෙයා එකක්. මේකෙන් අපිට ඕනම Format එකක Video එකක් පහසුවෙන්ම Play කරන්න පුලුවන් වගේම Full HD Videos උනත් හිරවෙන්නෙ නැතුව Play කරන්න පුලුවන්.VLC, KM Player වැනි Players වලින් Play වෙනකොට Lags ඇතිවෙන Videos මේ Media Player එක හරහා කිසිම Lag එකකින් තොරව කරන්න පුලුවන්. RecuvaRecuva කියන්නෙ Free දෙන ඒත් ගොඩක් Powerful File Recover Programme එකක්. ඒ කියන්නෙ ඔයාගේ අතින් වැරදීමකින් සදහටම Delete උන ඕනම File එකක්ආපහු Restore කරගන්න පුලුවන්. ඒක නිසා Recycle Bin එකෙන් Delete උනත් බය වෙන්න ඕන නෑ. 3DP Chip3DP Chip කියන්නෙ ඔයාගේ Computer එකට ඕන Drivers හොයාගන්න උදව් වෙන Sofware එකක්. මේක තියෙනවා නම් ඔයාට Drivers හොය හොයා කරදර විදින්න ඕන නෑ. ඒ වගේම Drivers Update කරන්නත් මේ 3DP Chip එකෙන් පුලුවන්. 7 Zip7 Zip කියන්නෙ WinRAR වගේ, ඒත් WinRAR වල නොමැති පහසුකම් සහිත Zip File Manager වැඩසටහනක්. මේක .zipx වැනි විවිධ Compressed File Type වලට සහයෝගය දක්වන Programme එකක් නිසා බොහෝ දෙනා මේක භාවිතා කරනවා. C Cleanerපරිගණකයක් දිගින් දිගටම භාවිතා කිරීමේදී ඒ තුල එක් රැස් වෙන අනවශය Files, Folders නිසා පරිගණකයේ වේගය අඩු වෙනවා. C Cleaner කියන්නෙ ඒ වගේ Files,Folders මකා දමා පරිගණකයේ වේගයනැවතත්වැඩි කරන Sofware එකක්. AdBlock Plusඅපි අන්තර්ජාලයේ ගැවසෙනකොට අපිට බොහෝ කරදරකාරී Pop-Ups වැනි Adds මතු වෙනවා නේද. ඒ නිසා අපේ Page එක Loadවෙනවේගය අඩුවෙනවා විතරක් නෙවෙයි, අපේ Data වගේම කාලයත් නාස්තිවෙනවා. ඉතින් මේ AdBlock Plus වගේ මෘදුකාංගයක් යොදාගැනීමෙන් අපිට පුලුවන් මේ කරදරකාරී ඇඩ් වලින් බේරෙන්නDownload AdBlock Plus for Free8. SoftwareUpdaterමේ කුඩා Software එක යොදාගෙන ඔයාට පුලුවන් ඔයාගේ Computer එකේ තියෙන අනිත් Softwares වල Updates තියෙනවද කියලා Check කරගන්න. එහෙම Updates තියෙනවා නම් ඒව Update කරන්නත් මේ මෘදුකාංගය හරහා පුලුවන් වෙනවා. LastPassLastPass කියන්නෙ භාවිතයට ඉතාමත් පහසු සහ හොද ආරක්ශාවක් තියෙන Password Manager Sofware එකක්. මේකෙන් පුලුවන් ඔයාගේ විවිධ Accounts වල Usernames/E mails සහ Passwords ගබඩා කරලා තියන්න. Blue StacksBlue Stacks කියන්නෙ ඕනම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් Windows පරිගණකයක් තුල Run කරන්න පුලුවන් Software එකක්.Download Blue Stacks for Freeමේ වගේ ඔයාලට ඕන Softwares තියෙනවා නම්ඒ ගැන Comment එකක් දමා විමසන්න.මේ ලිපි පල කරන්න අපිට ඔයාලගෙ අදහස් වැදගත් වෙනවා.ඒ නිසා මේ පිලිබද ඔබේ අදහස් පහලින් Comment කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.එහෙනම් නැවතත් මෙවැනි ලිපියකින් හමුවෙමු . . .
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙවර රාජ්‍ය සාහිත්‍ය උළෙලේ ඉංග්‍රීසි සාහිත්‍ය අංශයෙන් හොඳම යොවුන් කෘතියට හිමි සම්මානය හිමි වූයේ ලුවී වැන්ඩස්ට්‍රාට්න් විසින් රචිත බුද්ධි නම් කෘතියටයි.ලුවී වැන්ඩස්ට්‍්‍රාට්න් කියන්නේ කාලයක් පුරා අපේ සිනමා ක්ෂේත්‍රයේ කටයුතු කරන සිනමාකරුවෙක්. ඔහු සිනමා නිර්මාණ තිහකට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළත් ඒවාට මේ දක්වා සම්මාන නම් හිමි වුණේ නැහැ. එපමණක් නොවෙයි කාම රැල්ල නමින් ඒ කාලයේ ජනප්‍රිය චිත්‍රපට රැල්ලේ නිර්මාතෘ ලෙස චෝදනා ලැබුවෙත් ලුවී. ඒ වුණාට ඔහු රචනා කළ පළමුවන කෘතියට නම් සම්මාන හිමි වුණා. ඒක තමයි ලුවීගේ විශේෂත්වය.ලුවී වැන්ඩස්ට්‍රාට්න් කියන්නෙ සෙට් එකේදී විවේකයක් ලැබුණොත් ඩ්‍රින්ක් එකක් එහෙම අරගෙන කාලය ගත කරන පුද්ගලයෙක් නොවෙයි. විවේක වෙලාවකදී ඔහු අතේ නිතරම ඉංග්‍රීසි නවකතා පොතක් නම් දැකගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉංග්‍රීසි සාහිත්‍ය ගැන බොහෝ දැනුවත් අයෙකුටවත් ලුවී එක්ක කතා කරලා දිනන්න අමාරුයි. ඒ ගැන හැමෝම දන්නා දෙයක්. එපමණක් නොවේ විදේශ චිත්‍රපට පිළිබඳ ලුවීගේ දැනුමත් ඉතා ඉහළයි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පෙර පෙර කඳුළු කැටි දැන දැන තියන සෙනේතිරසර ගතිය ගැන මම සිහි කරමි පණේජය පැරදුම දෙකම ඔබ හට එකද අනේමහ මෙර සෙලවෙතත් නොසැලේ සුදන ගුණේකුළුණු ගුණේ සුදන සෙණේ - හිත උණුවන තරම අනේමේවාට පිටුපෑවද ආදරේ - වෑවේද මේවාට පිටුපෑවද ආදරේඔබේ හද විමණේද කරුණාව මැවුණේ දුටු විට වත ඔබේ - සෝ දුක නිවුණේ සෝ දුක නිවුණේ....බේර බේර කඳුලු කැටී - වේදනාවෙ අඬමි වැටීසීනේකි මායාවකි ආදරේවෑවේද මේවාට පිටුපෑවද ආදරේ....ඇට කටු මස් මාගෙ සටනක යෙදිලාඔබ ගුණ කියනු දැනේ - ඇඟ ලේ මිදිලා සටනක යෙදිලා....සුර්‍ය රජුගෙ ගගන ගැබේතීරසාර ගතිය ඔබේමේවාට පිටුපැවද ආදරේ.....බැරිවුණු විටදී පිහීටට පැමිණීදෙවියකු වැනී ඔබ ලඟ තනි නැසුණී මගෙ තනි නැසුණී .
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ලබන 30 වැනි දින ඇරැඹෙන 2010 විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය විසින් මාධ්‍ය අනුග්‍රාහකත්වය පිරිනැමීම ඊයේ එම ආයතන මූලස්ථානයේදී සිදුකෙරිණි.එහිදී, ලේක්හවුස් ආයතනය වෙනුවෙන් මාධ්‍ය අනුග්‍රහය ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ විකුණුම් සහ බෙදාහැරීම් ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී චන්දික විතාරණ මහතා (දකුණේ සිට දෙවැනියට) විසින් ලේක්හවුස් ආයතනයේ ආයතනික සබඳතා ප්‍රධානී වරුණ මල්ලවාරච්චි මහතාට පිරිනැමූ අයුරු. ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ ප්‍රචාරණ කලමණාකරු ජූඩ් සිල්වා මහතා (දකුණේ) සහ වර්නන් ගුණසේකර හා චින්තන වාසල යන ක්‍රීඩා මාධ්‍යවේදීහු ද මෙහි වෙති.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පළමුවරට හිරු නාලිකාවේ ඉදිරියේදී ඇරැඹීමට නියමිත ඓතිහාසික ටෙලි නාට්‍යය වන සුගලා දේවියගේ චරිතය ආශ්‍රය කර ගනිමින් නිමවන ‘දේවිය සුගලා’ ටෙලි නාට්‍යයෙහි වැඩ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. ඒ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ කැලුම් පාලිත මහීරත්නයි.හිරු රූපවාහිනියේ ආරම්භයේම විකාශය වූ පළමු ටෙලි නාට්‍යය වන ‘විසුල අහස යට’ ටෙලි නාට්‍යයේ මෙන්ම මේ දිනවල රූපවහිනි නරඹන්නන් අතර වඩාත් ජනප්‍රිය ‘ස්නේහා’ ටෙලි සිත්තමේ අධ්‍යක්ෂවරයා වන්නේ ද කැලුම් පාලිත මහීරත්නය.තිලානි
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඔබේ රඟපෑමේ සිහිනය සැබෑ කර දීම අපගේ උත්සාහයයි
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සති පූජාතිරගත කළ දිනය – 1984 නොවැම්බර් 16 ඉදිරිපත් කිරීම - ටොප් රෑන්ක් ෆිල්ම්ස් නිෂ්පාදනය - සුදත් ඇලෝසියස්, කීර්ති හේවාවසම් කතාව, දෙබස් සහ අධ්‍යක්ෂණය – විමල් රංජිත් ප්‍රනාන්දු තිර නාටකය සහ කැමරාකරණය – ඇන්ඩෲ ජයමාන්න කැමරා සහාය – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර සහාය අධ්‍යක්ෂණය - හෙක්ටර් ජයමාන්න සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු සහාය - සුනිල් අංග රචනය – හිල්ටන් මෙන්ඩිස් කලා අධ්‍යක්ෂණය – එස්. එච්. සරත් සහාය රූපසිංහ කංකානම්ගේ ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්රසායනාගාර කටයුතු - හොකොං කලර් මූවී ලැබ් සම්බන්ධිකරණ කටයුතු - ඩිල් ෆිල්ම්ස් - ෆොටෝ ෆෝකස් සැකසුම – විජය චිත්‍රාගාරය නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ නිශ්චල ඡායාරූප – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර නිෂ්පාදන කළමනාකරණ සහාය - සුමිත් ප්‍රනාන්දු නිෂ්පාදන විධායක – විමල් රංජිත් ප්‍රනාන්දු / ඇන්ඩෲ ජයමාන්න කැමරා උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිසස් / දිසානායක චිත්‍රපටගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් (නෙළූ ස්ටුඩියෝ) නිෂ්පාදන සැලසුම – ඇන්ඩෲ ජයමාන්න පිටපත් මුද්‍රණය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා රසායනාගාරය සම්බන්ධීකරණය - හෙක්ටර් ජයමාන්නප්‍රචාරක කළමනාකරු - විමල් රංජිත් ප්‍රනාන්දු සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ ගායනය – නීලා වික්‍රමසිංහගීත - මතකයි සැඳෑවක් බොඳ වී ගියා - නීලා වික්‍රමසිංහ රංගනය – චාන්දනී සෙනෙවිරත්න (සුනීතා), සනත් ගුණතිලක (කපිල), සුවිනීතා කෝන්ගහගේ (විජේසේකර මැතිනිය), ජේ. එච්. ජයවර්ධන (මාටින්), ඇලෝසියස් පෙරේරා, සිරිල් ජයසූරිය, ලැරීන් ප්‍රනාන්දු, සුදත් ජයමහ මංගල දර්ශනය අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී.ජය සිකුරුයිතිරගත වූ දිනය – 1984 නොවැම්බර් 30 ඉදිරිපත් කිරීම – වයි. එන්. චිත්‍රපට කතාව - දෙබස් - තිර නාටකය – නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය – යසපාලිත නානායක්කාර සහාය අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස් / උපාලි පියරත්න කැමරා අධ්‍යක්ෂණය - ජේ. ජේ. යෝගරාජා සංස්කරණය – කාලිංග ද සිල්වා අංග රචනය - ඩබ්ලිව්. සෙල්වරාජ් කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එම්. එච්. ජයවර්ධන, සෝමරත්න පෙරේරා සැකසුම - ලංකා චිත්‍රාගාරය /විජය චිත්‍රාගාගරය / රාජ්‍ය චිත්‍රපට සංසථා චිත්‍රාගාරය විශේෂ දෘෂ්ඨි ප්‍රයෝග - දිනේෂ් පි‍්‍රියසාද් නාමාවලිය – ජී. තිලක් තොටහගේ නිශ්චල ඡායාරූප – විජිත වික්‍රමරත්න නිෂ්පාදන කළමනාකරණය - කුමාරදාස ජයසිංහ නිෂ්පාදන සහාය – ජෝර්ජ් ජයකොඩි / චන්ද්‍රදාස කොඩිතුවක්කු / සෝමරත්න කොණ්ඩා සැකසුම - සෑම් පෙරේරා කැමරා උපකරණ සැපයීම - සිනෙක්විප් කැමරා සහාය – බන්දුල කුරේ, නිමල් නාකන්දල, එම්. ඇරෆන් ගීත පටිගත කිරිම – මර්වින් බෙන්ස් (නෙළූ චිත්‍රාගාරය), ජෝර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය) නිෂ්පාදන සම්බන්ධීකරණය - එස්. එස්. ධනරත්නම් සංගීතය - සරත් දසනායක ගීත පායා දිනිඳු පායා – ඇන්ජලින් ගුණතිලක – පද – දයාසේන ගුණසිංහ නන්දන උයනේ මියුරස - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක – පද - සුනිල් ගුණවර්ධන මල් සිනහා පෑවේ - ග්‍රේෂන් ආනන්ද – පද – බණ්ඩාර කේ. විජයතුංග අද නැතිවද අවිමානා - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක – පද – නිහාල් ජයසිංහ නොගැයූ ගීතේ – එච්. ආර්. ජෝතිපාල / ඇන්ජලින් ගුණතිලක – පද – බණ්ඩාර කේ. විජයතුංගරංගනය – විජය කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, ෆේරඩී සිල්වා, සමන්ති ලැනරෝල්, මර්වින් ජයතුංග, අජිත් ජිනදාස, ශිරාණි නුගේරා, සුවිනීතා කෝන්ගහගේ, මාක් සමරනායක, ජීවන් කුමාරතුංග, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, ජී. ගුණපාල, සුනිල්සෝම පීරිස්, සුරම්‍යා මාපිටිගම, කුසුමා කොන්දේගම, කුමාරදාස ජයසිංහ, මහේෂ් ජයසිංහ, මානෙල් චන්ද්‍රලතාඇන්ටන් ජේ. ප්‍රනාන්දු
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වික්ටෝරියා ජලාශය නැරඹීමට ඊයේ (26) සවස එහි ගිය කොළඹ මහානාම විද්‍යාලයේ සිසු පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව ඉන් සිසුන් 80ක් පමණ ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.බස් රථ 12කින් අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණි සිසු පිරිස ඊයේ (26) සවස 4.00ට පමණ වික්ටෝරිය ජලාශය නරඹමින් සිටියදී වික්ටෝරියා වේල්ල අසළදී මෙම බඹර ප්‍රහාරයට ලක්ව තිබේ. වයස අවුරුදු 12 – 15 වයස්වල සිසු පිරිසක් මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇතැයි තෙල්දෙණිය පොලිසිය පවසයි.මේ අතර මහානාම විද්‍යාලයේ ගුරුවරුන් පිරිසක්ද මෙම ප්‍රහාරයට ලක්ව ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලිනක්ස් බෙදාහැරීම සඳහා, හන්තාන (මෙහෙයුම් පද්ධතිය) බලන්න. For other uses, see හන්තාන (disambiguation) ශ්‍රි ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නයේ පිහිටා අති හන්තාන කඳුවැටිය ශ්‍රි ලංකාවේ සුන්දරම කඳුවැටියකි. මහවෑලි ගඟේ අතු ගංගා නිම්න වලින් වෙන්වීඈති මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 1240 දක්ව විහිදි ඈත. මෙය මහවෑලි ගඟේ ජල පෝෂක ප්‍රදේශයකි. කඳුවැටිය හරහා ගලා බසින ගැරඬි ඔය, මහ ඔය,ගොල්ල ඔය, දොඩම් ඔය, කුඩා ඔය වැනි අතු ගංගා රෑසකට ජලය ලබා දේ. මෙම කඳුවැටියට ඈතුලු වීම සදහා මර්ග හතරක් ඈත. ශ්‍රි ලංකාගුවන් විදුලි සංස්ථා විකාශනාගාරයට පිවිසෙන මාර්ගය උඩවලව හන්තාන් තේ වත්ත හරහා වෑටී ඈති මාර්ගය මහකන්ද සරසවිගම හරහා වැටී ඇති මාර්ගය පේරාදෙනිය හරහා වෑටී ඈති ගලහ -දෙල්තොට මාර්ගයයේ දෙල්තොට නගරයෙන්ද ඈතුලුවිය හෑක. පාරිසරික තත්වය[සංස්කරණය] දේශගුණය[සංස්කරණය] හන්තාන කඳුවැටිය මධ්‍ය කඳුකරයේ අතර මැදි තෙත් කලාපයට අයත්ය,මිලි මීටර් 2000 ක් පමණවන වාර්ෂික වර්ෂා පතනය වසර පුරා.නිරිත දිගාහා ඊසාන දිග මෝසම් මගින් පෝශනය ලබයි. ඒ නිසා සෙල්සියස් අංශක 23 ත් 25 අතර උෂ්ණත්වයක් ඈත.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කිරිවෙහෙර දාගැබ කිරිවෙහෙර පන්සල ශ්‍රී ලංකාවේ ඇති පූජනීය පුදබිමකි. ශ්‍රී ලංකාවේ කතරගම ගමේ පිහිටා ඇත. ජනප්‍රවාදයන්ට අනුව ක්‍රි.පූ. 580දී බුදුන්වහන්සේගේ තුන්වන සහ අවසන් ලංකාගමනයේදී කතරගම ප්‍රදේශය හෝ කතරගම උද්‍යානය පාලනය කළ මහාසේන නම් රජ හෝ පුග්ලයා මුණගැසුණු බව විශ්වාස කෙරේ. එහි කියවෙන පරිදි මහාසේන (රජු) බුදුන්වහන්සේ මුණගැසී බුද්ධ දේශනාවට සවන්දී ඊට කළගුණ සැලකීමේ සංකේතයක් ලෙස දාගැබ ඉදිකල බවයි. මෙලෙස මෙරට සිංහල බෞද්ධයන් කතරගම බුදුන්වහන්සේගේ පහසින් පවිත්‍රත්යට පත්වූ බව විශ්වාස කරනු ලබති. දැනට හමුවී ඇති පුරාවිද්‍යා සාක්ෂි වලට අනුව පිළිගන්නා පරිදි "කිරි වෙහෙර" ක්‍රි.පූ. 1 වන සියවසේදී පමණ ඉදිකර අති අතර පසුව මහාසේන රජතුමා විසින් දැනට පවතින තත්වයට ප්‍රතිසංස්කරණය කොට ඇත. මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් නටබුන් පවතින අතර ශිලා ලේඛනද හමු වී ඇත. ආශ්‍රිත ලිපි[සංස්කරණය] රුහුණු කතරගම දේවාලය
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
විල්හෙල්ම් රොන්ට්ජන් උපත විල්හෙල්ම් කොන්රඩ් රොන්ට්ජන් 27 මාර්තු 1845(1845-03-27) ලෙන්නෙප්, රයින් පළාත, ජර්මනිය විපත පෙබරවාරි 10 1923 (වයස 77) මුනිච්, ජර්මනිය ජාතිකත්වය ජර්මන් ක්ෂේත්‍රය භෞතික විද්‍යාව එක්ස් කිරණ ආයතන ස්ට්රැස්බර්ග් විශ්ව විද්‍යාලය ඔහෙන්හේම් විශ්ව විද්‍යාලය ගීස්සෙන් විශ්ව විද්‍යාලය වුර්ස්බුර්ග් විශ්ව විද්‍යාලය මියුනිච් විශ්ව විද්‍යාලය ඉගෙනීම ලත් ශාස්ත්‍ර ශාලාව ETH සුරිච් සුරිච් විශ්ව විද්‍යාලය ආචාර්ය උපදේශක ඔගස්ට් කුන්ඩට් ආචාර්ය සිසුන් හර්මන් මාර්ච් ආබ්රම් ලොෆී අර්නස්ට් වැග්නර් රුඩොල්ෆ් ලැඩෙන්බර්ග් ප්‍රසිද්ධ වන ක්ශේත්‍රය එක්ස් කිරණ සංගණ්ය ත්‍යාගයන් රම්ෆර්ඩ් පදක්කම (1896) එලියට් රෙස්සොන් පදක්කම (1897) බර්නාඞ් පදක්කම (1900) භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය (1901) අත්සන විල්හෙල්ම් කොන්රඩ් රොන්ට්ජන් (German: [ˈvɪlhɛlm ˈʁœntɡən]; 27 මාර්තු 1845 – 10 පෙබරවාරි 1923) යනු, 1895 නොවැම්බර් 8 දිනදී, X-කිරණ හෝ රොන්ට්ජන් කිරණ ලෙස හැඳින්වුනු තරංග ආයාම පරාසයක විද්‍යුත් චුම්බක විකිරණයන් නිෂ්පාදනය කොට ඒවායේ පැවැත්ම නිර්ණය කල, ජර්මානු ජාතික භෞතික විද්‍යාඥයෙක්, වන අතර, මෙම සාධනය නිසා 1901දී ඔහුට, භෞතික විද්‍යාව සඳහා පළමු නොබෙල් ත්‍යාගය පිරිනැමිණි. රොන්ට්ජන් ඉගෙනුමට දස්කම් දැක්වූ පුද්ගලයකු විය. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබද උපාධිය පළමුවෙන් ලබා ගත් ඔහු ඉන්පසු D.S.C උපාධිය ලබා ගත්තේය. උපාධිය ලබාගත් පසු ඔහු “ස්ට්‍රැස්බර්ග්” සහ “ගීසන්”යන සරසවිවල මහාචාර්්‍යවරයා ලෙස කටයුතු කළේය. ගීසන් සරසවියේ සේවය කරන විට ඔහු විවාහ වූයේය. ඉන්පසු භෞතික විද්‍යාව පිළිබද මහාචාර්්‍යවරයා වශයෙන් “මියුනිව්” හා “වුග්බර්ග්” යන සරසවිවල තනතුරැ දැරීය. වුග්බර්ග් සරසවියේ සිටින කළ ඔහු දිගින් දිගටම නොයෙකුත් පර්යේෂණවල නිරත විය. 1895 නොවෙම්බර් 08 වන දින ඔහු වැකියුම් නලයක් තුලින් විදුලිය යවමින් පර්යේෂණයක් කරමින් සිටියේය. හදිසියේම නලය තුලින් ගමන් කල විදුලිය කාමරයේ බිත්ති මත දීප්තිමත් ආලෝකයක් ඇති කලේය. ඔහු නම අත්ල එම ආලෝක ධාරාවට මැදි කල විට බිත්තිය මත පතිත වූයේ අත්ලේ ඇටසැකිල්ල පමණකි. මෙම අසාමාන්‍ය කිරණ විශේෂය “X කිරණ” යනුවෙන් නම් කල රොන්ට්ජන් ඒ පිළිබද තවත් පර්යේෂණ කොට 1895 දෙසැම්බර් 28 දින තම සොයා ගැනීම පිළිබද වාර්තාවක් භෞතවේද හා වෛද්‍ය සංගමයේ සභාපති වෙත ඉදිරිපත් කළේය. රොන්ට්ජන්ගේ මෙම අනගිතම සොයා ගැනීම වෙනුවෙන් 1896 දී වුග්බර්ග් සරසවිය මගින් ඔහුට M.D උපාධිය පිරිනැමූ අතර තවත් සම්මාන කිහිපයකින්ම ඔහුට ගෞරව පුද කෙරිණි. මිනිස් පරපුර වෙනුවෙන් රොන්ට්ජන්ගෙන් සිදුවූ මෙහෙය නිසා 1910 නොබෙල් ත්‍යාගයෙන් පුදනු ලැබු ඔහු 1923 පෙබරවාරි 10 දින මෙලොවින් සමු ගත්තේය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කාන්තාවන් තිදෙනකු යොදාගෙන නිල් චිත්‍රපටියක් නිෂ්පාදනය කළ බෙන්තර ප්‍රදේශයේ හිමිනමක් ඊයේ (12) බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස (27) දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ නිල් චිත්‍රපටියේ අධ්‍යක්ෂ බෙන්තර කහගල්ල විහාරස්ථානවාසී පානදුරේ චන්දිම නමැති හිමිනමකි.මේ සැකකාර හිමියන් කාන්තාවන් තිදෙනෙක් යොදාගෙන නිල් වීඩියෝ පීස් එක සකස්කර ඇති අතර මේ කාන්තාවන් අතර එක් කාන්තාවක් අවුරුදු දාහතරේ සිටම මේ සඳහා සැකකාර හිමිනම යොදා ගෙන තිබෙන බව පැමිණිල්ල ඉදිරිපත් කළ පොලිස් නිලධාරියා අධිකරණයට කියා සිටියේ ය. සැකකාර හිමි නම තමන් වීඩියෝ කැමරා සූදානම් කර තබා මේ කාන්තාවන් සමග තිදෙනා ලිංගිකව හැසිරී ඇත.සැකකාර හිමි නම කාන්තාවන් තිදෙනා සමඟ හැසිරෙන වීඩියෝ පටිය නිෂ්පාදනය කර ඇති අතර එම වීඩියෝ පටිය ප්‍රදේශය පුරා ගොස් ඇති බව ද පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.මේ හිමිනම මීට පෙර ද මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ බවට වාර්තා වී ඇත.මේ හිමිනමට මේ සම්බන්ධ වෙනත් නඩු ද තිබෙන බවත් මේ භික්ෂුව භික්ෂුවකට ගැලපෙන ආකාරයන් නොවන හැසිරීමක් නිසා ප්‍රදේශයේ මේ වන විටත් අඛණ්ඩ උපවාසයක් ඇති බැවින් මේ භික්ෂුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.පොලිසිය කරන ලද ඉල්ලීම සලකා බලමින් නිල් පටියේ අධ්‍යක්ෂ සැකකාර හිමිනම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වර්තමානය වන විට තරුණ තරුණියන් වැඩි වශයෙන් සංගීත ක්ෂේත්‍රයට යොමු වීමෙ ප්‍රවණතාවයක් තියෙනවා. ඉන් වැඩි දෙනෙක් සංගීත කටයුතුවල නියැලෙන්නේ විනෝදාංශයක් විදිහට. චන්ක ගයශාන් කියන්නෙත් අන්න ඒවගේ කෙනෙක්. මේ දිනවල ජනප්‍රියත්වයට පත් වූ ගීතයක් වන ‘කවිකාරකම්’ ගයන්නේ ඔහු. අප මේ තරුණ තරුව හඳුන්වා දෙන්න හිතුවා. සංගීත ක්ෂේත්‍රය ගැන උනන්දු වන ඔබ චන්ක පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඇති. කියවලා බලන්න. මෙතැන් පටන් ලියවෙන්නේ ඔහු ගැනයි.* චන්ක, ඔබ ක්ෂේත්‍රයට පැමිණි අයුරු මතක් කළොත්?මං ව්‍යාපාර අංශයෙන් ඉදිරියට යන්න හිතාගෙන හිටියේ. ඒ හින්ද වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට ගියා. එහිදී ගායන තරගයක් තිබුණා. හරියට සුපර් ස්ටාර්ස් වගේ රියැලිටි තරගයක්. මං ඊට සහභාගි වී දෙවැනි තැන දිනා ගත්තා. මං ඒ තරගයෙනුයි මගේ දක්ෂතාවන් හඳුනා ගත්තේ. ඊට පස්සේ මට හිතුණා ලංකාවට ආවට පස්සේ ගීතයක් කරන්න. ‘කවිකාරකම්’ තමයි ඒ ගීතය.* කවුද කවිකාරකම් ලිව්වේ? සංගීතය සැපයුවේ?මනුරංග විජේසේකර අයියගේ පද. සංගීතය දිලුම් තේජනගෙන්.* මෙය තරමක් විරහවට බර ගීයක්?හිතන තරම් විරහවක් මේ සිංදුවේ නැහැ. මට රැල්ලට යන්න බැරි හින්දයි මෙවන් ගීතයක් කළේ.* පවතින රැල්ලට සිංදුවක් කළා නම් මිට වඩා ජනප්‍රිය වන්න තිබුණා නොවේද?මං ආස ස්ටයිල් එක මේකයි. මට වුවමනා වුණේ ගීතය හරහා මට ජනප්‍රියත්වය ළඟා කර ගන්න නොවෙයි. පවතින රැල්ලෙන් මිදිලා හොඳ නිර්මාණයක් සිදු කිරීමේ අවශ්‍යතාවය මතයි මෙවැනි ගීයක් හා හා පුරා කියලා මං ගැයුවේ.* මනුරංග විජේසේකර කියන්නේ රම්බරි, රතු රට කජු, මොට්ටු වැනි ගීත ලියූ අයෙක්. එවැනි අයකුගෙන් ඔබ ඉහත කුලකයේ ගීතයක් ලියාගන්න තිබුණනෙ?ඕස්ට්‍රේලියාවේදී අර තරගයේ වගේම ප්‍රසංග වේදිකාවලදී මං ගයන්නේ මිල්ටන් මල්ලවාරච්චි වැනි අයගේ ගී. මගේ ශෛලිය ඒකයි. ඉතින් මං රම්බරි වගේ ගීතයක් කිව්වා නම් කවුරුත් අහන එකකුත් නැහැ.* සංගීතය ඔබේ විනෝදාංශය?ඔව්.* කලාව විනෝදාංශයක් කරගන්න පුළුවන්ද?මෙහෙමයි. ව්‍යාපාර පරිපාලනය පැත්තෙනුයි මං ඉගෙන ගන්නේ. ඒ අතතුරදී අහම්බෙන් ගායනට යොමු වුණා. මං හිතුවා ඒ මාර්ගයෙන් ගිහිල්ලත් මට යමක් කරන්න පුළුවන් කියලා. විනෝදාංශයක් විදියට සංගීතය කරන්න පටන් ගත්තා. ක්‍රම ක්‍රමයෙන් යද්දී ව්‍යාපාර පැත්තට සියයට පණහයි, සංගීතයට සියයට පණහයි වශයෙන් ජීවිතය වෙන් වන්න පුළුවන්.* ඔබ ඇයි පැරැණි ගීතයක් රීමිකිස් කරමින් ක්ෂේත්‍රයට ආවේ නැත්තේ? අද අලුත් පරපුරෙ අය වැඩි දෙනෙක් එන්නේ එහෙමනෙ?අලුත් ගීත රීමික්ස් කරන එක හොඳයි. හැබැයි ගීතයට හානි කරන්න හොඳ නැහැ. මටත් එහෙම කරන්න තිබුණා. නමුත් මං කවුද කියන එක හරියටම රසික රසිකාවන් හඳුනා ගත්තේ මගේම ගීතයක් කළොත් විතරයි.* කවිකාරකම් වීඩියෝව නිර්මාණය කළේ කවුද?අනූප, සමීර සහ මනුරංග යන මිතුරන්.* වීඩියෝව කරද්දී වෙච්ච අමතක නොවන අත්දැකීම් කිහිපයක් මතක් කළොත්?අපි මෙහි දර්ශන තල ලෙස යොදා ගත්තේ මීගමුව හෝටලයක වටපිටාවක්. අපිට වීඩියෝව සඳහා අවශ්‍ය ලයිට්වලට කරන්ට් එක ගත්තෙත් ඒ හෝටලයෙන්. අප අතින් සිදු වූ අත්වැරදීමකින් මුළු හෝටලයේම විදුලිය විසන්ධි වුණා. ටුවරිස්ට්ලා එළිය පැනලා හරිම ජරමරයක් කළේ. අපි බය වුණා. ඒ වෙලේ ඉඳලා ටුවිරිස්ට්ලා අපි ළඟට ඇවිත් එක එක ප්‍රශ්න අහන්න ගත්තා. ඒවාට උත්තරදිදී වීඩියෝව කළා. වෙලාවකට වදයක් වුණා ඔවුන්ව.* කවිකාරකම් රිඟිංටෝන් දැම්මද?රිඟිං ටෝන්වලට නෙවෙයි මේ සිංදුව කළේ. මං එහෙම රිඟිංටෝන් වලට සිංදු හදන්නේ නැහැ. සිංදු තියෙන්න ඕන අහන්න. ගීත කියන්නේ රස විඳින මාධ්‍යයක්.* ඔබේ පෞද්ගලික විස්තර කියමු?මගේ පවුලේ මල්ලිලා දෙන්නයි අම්මයි තාත්තයි. තාත්තා බිස්නස් කරන්නේ. ඉගෙන ගත්තේ ජෙනිග්ස් ජාත්‍යන්තර පාසලේ. ගම වෙන්නප්පුව.* ඔබේ ඊළඟ නිර්මාණය මොන වගෙ එකක් වේවිද?වෙස්ටන් නිර්මාණයක් කරන්නයි හිත. බලමු නේද.මේ චන්කගේ දුරකතන අංකයයි 0776705435.කවිකාරකම් කියාමා ගැනම ලියූ නිසාපෙර වැරදි නෑ කියාඔබ එක්ක එක් වුණා ගැරහුම් එපා ඔබෙන්පැරැදෙන්න මා සිතෙන්සරතැස නිවා මගෙන්හැර යන්නෙ දැන් ඉතින් වරැදුන තැනක් මුලින්මට මතක නැහැ ඉතින්ඔබ ගැයූ ගී වලින්මට උරුම නෑ ඉතින්සටහන – ප්‍රසාද් සමරතුග සේයාරුව - නිරෝෂ් ප්‍රියංක
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අපේ ජැකී දැන් බොලිවුඩයේ උපන් තරු තරමටම එහි ජනකාන්තය. ඇය පසුගිය දා ශ්‍රී ලංකාවේ සිනමාපටයක රඟපෑවාය. ඒ ‘අකෝඩිං ටු මැතිව්’ සිනමාපටයේයි.බොලිවුඩය ජයගත් ඇයගේ ඊළඟ අරමුණ අන්තර් ජාතික තාරකාවක වීමටයි. දැනටමත් ඇය ලංකාවෙන් ලැබෙන තිර පිටපත් කියවන්නීය.ඇයගේ සිනමා ජීවිතයට බලපෑ බොලිවුඩ් තාරකාව වී ඇත්තේ කති‍්‍රනා කායිෆ්ය. හින්දි බස කතා කිරීමට හැකියාවක් නැතිව බ්‍රිතාන්‍යයේ සිට පැමිණි ඇය දැන් සියලු සුපිරි තරු අභිබවා සිටින්නීය.ජැකලයින් නොපැවසුවත් තවත් කරුණු ගණනාවක් නිසාම මේ දෙදෙනා සමාන වෙති. ඛාන් වාසගම දෙදෙනාගේම ජීවිතවලට සමීපය. ජැකලයින් මිතුරු වී සිටින්නේ සජීඩ් ඛාන් සමඟය. කත්‍රිනා මිතුරු වී සිටියේ සල්මන් ඛාන් සමඟයි. කත්‍රිනා මෙන්ම ජැකලයින් ද අමීර්, ෂාරුක් සහ සල්මන් යන රජ ඛාන් ත්‍රිත්වයම සමඟම රඟපා තිබේ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බොහෝවිට පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලෙස වරදවා සිංහලයට පරිවර්තනය කෙරෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ආණ්ඩු ප්‍රධානින්ගේ රැස්වීම පොදු රාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ ආණ්ඩු ප්‍රධානීන් ද්වී වාර්ශික සමුළු රැස්වීමයි. මෙම රැස්වීමට නිල වශයෙන් සහභාගිවන ආණ්ඩු ආණ්ඩු ප්‍රධානයකු එකම තැනැත්තා වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය නායක දෙවන එලිසබෙත් රැජින (හෝ ඇයගේ නියෝජිත රාජකීයයා) වේ.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රේෂ්ඨ ගත්කතුවරයෙකුවූ විලියම් ශේක්ස්පියර්ගේ ලෝ ප්‍රකට "මැක්බත්" නාට්යතයෙහි කථානායකයා වන්නේ මැක්බත්ය .(1603–1607). ස්කොට්ලන්තයේ ජීවත්වූ "මැක්බත්" රජු මත පදනම් වූ මෙම චරිතය නිර්මාණය සඳහා "හොලින්ශෙඩ්ගේ වංශකථා" නම්වූ බ්‍රිතාන්‍ය ඵෙතිහාසික ග්‍රන්ථයෙහි ඵන්නාවූ තොරතුරු මූලික වශයෙන් යොදාගෙන ඇත.මැක්බත් යනු ස්කොට්ලන්තයේ නායකයකු (ජෙනරාල් කෙනෙකුට සමාන) හා වංශවතෙකු වේ. නාට්‍ය පුර ඔහු ප්‍රතිවිරයෙක් (Ani Hero) ගේ භූමිකාව රග පාන ඔහු තම බිරිද (මැක්බත් ආර්යාව) ගේ බලකිරීම මත රජතුමාව මරා ස්කොට්ලන්තයේ රජු බවට පත් වෙයි. එයින් පසු බියෙන් හා පසුතැවිල්ලෙන් ජිවත් වන ඔහු තමන්ගේ වංශවතුන් කෙරෙහි නිරන්තර අවිශ්වාසයෙන් ජිවත් වෙයි. ඔහු භීෂණයෙන් පිරුන පාලනයක් ගෙනියන අතර මැක්ඩෆ් විසින් පරාජය කිරීමත් සමග ඔහුගේ පාලනය අවසන් වේ. ඔහු විසින් මරා දැමුණු ඩන්කන් රජුගේ පුතා වන මැල්කම් ඔහුට පසු ස්කොට්ලන්තයේ රජකමට පත් වෙයි. මුලය[සංස්කරණය] ශේක්ස්පියර් විසින් ප්‍රබන්ධිත මැක්බත් චරිතය ස්කොට්ලන්තයේ මැක්බත් රජු ගේ ජීවිතය මුල් කොටගෙන සැකසුන එකකි. මෙය ඉතිහාස පොතක් වන හොලින්ශේ ක්රෝනිකල්ස් හි ඩෆ් රජු හා මැල්කම් ගේ චරිත අනුව ගොඩ නැගී ඇත. නාට්‍යයේ චරිතය[සංස්කරණය] මැක්බත් ආරම්භයේ ග්ලාමිස් හි තෙන්වරයා (Thane of Glamis) වන තර පසුව කොදෝර් හි තෙන් වරයා වන අතර අවසානයේ ස්කොට්ලන්තයේ රජු වේ. මැක්බත් නාට්‍යයේ ප්‍රධාන චරිතයයි. නාට්‍ය ආරම්භවන්නේ සිවිල් යුද්ධයක් පසුබිම් කරගෙනය. රජු හමුවට එන තුවාල ලද සොල්දාදුවෙකු බක්බත් ගේ වීරත්වය හා යුද්ධයේ සමත්කම් විස්තර කරයි. එම යුද්ධය දිනීමෙන් පසු (මෙම සටන ජය ගන්නේ මුලික වශයෙන් මැක්බත් හා ඔහුගේ ලුතිනන් බැංකො ගේ සහයෙනි) රජු විසින් මැක්බත්ව පසසන අතර , මරා දැමීමට නියමිතව සිටින ද්‍රෝහියෙක් වන කොදෝර් හි තෙන්වරයා ගේ තනතුර රජු මැක්බත් ට පවර දෙයි. මැක්බත් මායාකාරියන් හමු වීමෙන් පසු ඔහු රජු මරා දැමීම මගින් ඔහුගේ තනතුර ගැනීමට සිත යොමු කරයි. (මධ්‍යතන යුගයේ රජු මරා දැමීම මරණයෙන් දඩුවම් හිමි වන වරදකි). මායාකරින් තම අනාගත වාක්‍ය මගින් දිනෙක මැක්බත් ස්කොට්ලන්තයේ රජු වන බව ප්‍රකාශ කරයි. මේ ගැන ඔහු දෙගිඩියාවෙන් පසු වෙමින් සිටින අතර විටෙක රජු මැරීමට සැලසුම් කරන ඔහු විටෙක රජකම වාසනාව මත ඔහුට ලැබේ යයි සිතා ඒ ගැන කිසිවක් කිරීම අවශ්‍ය නැති බව කියයි. තම නිවෙස වෙත යන මැක්බත් වර මැක්බත් ආර්යාව විසින් රජු මරා දැමීම සදහා පොලබවනු ලැබේ. මැක්බත් ආර්යාව මේ සදහා සැලසුමක් සකස් කරන අතර මැක්බත් ගේ සිතුවිලි තම බිරිද ගේ බලකිරීම් , මායාකාරි මැහල්ලන් ගේ අනාවැකි හා තමන් ගේ සිතුවිලි අතර දෝලනය වේ. රජු මරා දැමීමට මුලික වූ බලය කුමක්දැයි යන්න අදටත් විවාදිත කරුණකි. රජු මරා දැමීමට පෙර ඔහුට "මැක්බත් තව දුරටත් නිදා නොගනී , මැක්බත් නින්ද මරා දම ඇත" (“Macbeth shall sleep no more. Macbeth does murder sleep”) යනුවෙන් ඔහුට ඇසේ. නින්ද පිඩාවට පත් මනසේ සහනය බව මැක්බත් පවසයි. මෙය අනාගතයේ මැක්බත් විසින් ගෙවන පීඩා කාරී ජීවිතය ගැන පෙර ලකුණකි. රජු මරදමුනද , මිනිසුන් රැසක් මරා දැමු නිර්භීත සෙබළකු වන මැක්බත් සැලසුමට අනුව රජුගේ ආරක්ෂකයින් මෙම මරණයට හසු කිරීමට පැකිලේ. මෙය ඔහු තුල ඇතිවෙන සන්තසය පිලිබිබු කරයි. අවසානයේ මැක්බත් ආර්යාව විසින් එය සම්පුර්ණ කරයි. මැක්බත් වසර 10 ක් රජකමෙහි සිටින අතර , ඔහුගේ පාලනය භීෂණයෙන් පිරුන එකක් වෙයි. ඔහු තම රහස දන සිටි බැංකො , තමාට විරුද්ධව සටන් කරන මැක්දෆ් ගේ විරිද හා දරුවා ඇතුළු බොහෝ පිරිසක් මරා දමයි. මැක්බත් කිසිවෙක් විශ්වාස නොකරන අතර , මරා දැමීම් නවතා සතුටින් ජිවත් වෙන ලෙස මැක්බත් ආර්යාව කරන ආයාචනය ඩ නොසලකා භීෂණයෙන් පිරිනැ පාලනයක් ගෙන යයි. ඔහු මායකාරියන් හා ඔවුන්ගේ අනාවැකි වලට වහල් වේ. මැක්දෆ් ගේ බිරිද හා දරුවා මරාදැමීම ඔහු විසින් කරන දරුණු වැරදීමක් වන අතර මැක්දෆ් ඔහුට විරුද්ධව සංවිධානය වීමට පල යයි. නාට්‍යයේ පස්වෙනි කොටසේදී "බර්මිනම් කලාව ඩන්සිනන් වෙත ඇවිදින තෙක්" ඔහු පරාජය කල නොහැකි බව මායකාරියන් අනාවැකි පල කරයි. මෙයින් ඔහු රැවටීමට පත් වන අතර සටනේදී ඔහු මියයයි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
උතුරු පළාතේ පහ වසර ශිෂ්‍යත්වය සමත් සිසු සිසුවියන් 1647කට රුපියල් මිලියන 8ක මුදලක් ප්‍රදානය කිරීමට රජය කටයුතු කර තිබේ.උතුරු පළාත් සභාව මගින් රුපියල් 5000 බැගින් මේ මුදල් ප්‍රදානය කර තිබේ.පසුගිය යුද්ධය අවසන් වී ඉතා කෙටි කළක් ඇතුළත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ සිදු කරන අධ්‍යාපන සංවර්ධන කටයුතු හේතුවෙන් උතුරේ දරුවන් විශාල පිරිසක් 5 වසර ශිෂ්‍යත්වය සමත්වී ඇතැයි සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පවසයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මාතෘ දිව්‍ය රාජයා උදෙසා බුදුන් වහන්සේ කල දේශනය. එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්‍රතිපාදනය කිරිම නිසා මෙම පිටකය අභිධම්ම ලෙස නම් කරයි. සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා යැයි ද කියනු ලැබේ. මෙහි ග්‍රන්ථ 7ක් ඇතුලත් වේ. 1. ධම්මසංගණිප්පකරණය 2. විභංගප්පකරණය 3. කථාවත්ථුප්පකරණය 4. පුද්ගලපඤ්ඤත්තිප්පකරණය 5. ධාතුකථාප්පකරණය 6. යමකප්පකරම්ණය 7. පට්ඨානප්පකරණය
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
1.0.7.0).7.5..

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා සහල් එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන් වෙත සාධාරණ මිල ගණන් යටතේ අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරයි.අතරමැදියන් වෙළෙඳපොළ තුළ දරනු ලබන සංවිධානාත්මක බල අධිකාරිය බිඳහෙළීම මෙහි අරමුණ වේ.මෙම නව වැඩපිළිවෙළ ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ උපදෙස් පරිදි රටපුරා ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන 556 ක් තුළදී සිදුකෙරේ. ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන ප්‍රදේශවල සිට පාරිභෝගිකයා අතට එම ද්‍රව්‍ය පත්වෙන විට තුන් ගුණයකින් පමණ මිල ඉහළයාම සිදුවීම නිසා පාරිභෝගිකයාට සහනයක් ලබාදීමට මෙම පියවර ගන්නා බවත් අමාත්‍ය චන්ද්‍රසේන මහතා පවසයි.මෙම ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකිරීමට සැලසුම් සකසා තිබෙන බවත් ඊයේ (02) බත්තරමුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා පැවසීය.එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී සියයට තිහක් සියයට හතළිහක් පමණ අපතේ යෑමේ පිරිවැයක් පාරිභෝගිකයාගෙන් අය කිරීමට වෙළඳුන් කටයුතු කිරීම මේ ක්‍රමයෙන් මගහැරෙන අතර පාරිභෝගිකයා ආරක්ෂාවීමක් සිදුවෙන බවද ඇමැති චන්ද්‍රසේන පෙන්වා දුන්නේය.ගොවියාටත් පාරිභෝගිකයාටත් සහනයක් සැලසීමේ අරමුණින් අතරමැදියන්ගෙන් තොරව ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවියා හා පාරිභෝගිකයා අතර සෘජු සම්බන්ධතාවක් පවත්වා ගැනීමත් වෙළඳපොළ මිළ කෙරෙහි බලපෑමක් ඇති කිරීම මෙම ක්‍රමයේ ප්‍රධාන අරමුණය.ආරම්භයේ කොළඹට එළවළු කිලෝ 6000-7000 අතර ප්‍රමාණයක් ගෙන ඒමට පියවර ගන්නා බව සඳහන් කළ ඇමැතිවරයා එදින ගොවිජන මධ්‍යස්ථාන 10 කදී එම ආහාර අලෙවි කිරීමට නියමිත බවද කීය.මේ අනුව කොළඹ, කෝට්ටේ, මාලඹේ, කොළොන්නාව, කැස්බෑව, හෝමාගම, කහතුඩුව, පාදුක්ක, කොස්ගම හා කොළඹ අමාත්‍යාංශ කාර්යාලය යන ස්ථානවල පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානවල මෙම ආහාර ද්‍රව්‍ය අලෙවි කෙරේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
"Rajini" මෙතැනට යළියොමුවෙයි. වෙනත් භාවිතා සඳහා, Rajini (වක්‍රෝත්තිහරණය) බලන්න. රැජිනිකාන්ත් Rajinikanth during the audio launch of Enthiran in Mumbai in 2010. උපත ශිවාජි රාඕ ගයික්වඩ් Bangalore, Mysore State, India නිවහන Chennai, Tamil Nadu, India වෘත්තිය Film actor, producer, screenwriter සක්‍රීය වසර 1975–present කලත්‍රයා(යන්) Latha Rangachari (1981–present) දරුවන් Aishwarya Rajinikanth Soundarya Rajinikanth [[Image:Rajinikanth_2010_-_still_118766_crop.jpg|thumb|ශිවජි රඕ ගෑක්වඩ් (Tamil: ரஜினிகாந்த்; Kannada:ರಜನೀಕಾಂತ್; Marathi: रजनीकांत) යන වේදිකා නාමයෙන් හඳුන්වන ශිවජි රඕ ගෑක්වඩ් (1949 දෙසැම්බර් 12 උපත ලැබූ) ඉන්දීය සිනමා රංගන ශිල්පියෙකු සහ මාධ්‍ය වේදියෙකුද වන්නේය. ඉන්දීය සිනමාව වෙනුවෙන් ඉටුකළ සේවාව වෙනුවෙන් ඉන්දියානුවෙකුට හිමිවන තෙවන විශිෂ්ටම ගෞරව සම්මානය වන පද්ම භූශන සම්මානයෙන් පිදුම් ලද්දේය. ඔහුටම විශේෂිත දෙබස් උච්ඡාරණ විලාසය ඔහුගේ ප්‍රබල ජනප්‍රියත්වයට සහ ප්‍රේක්ෂක ආකර්ෂණයට තුඩු දුන්නේය. රංගනයට අමතරව රැජිනිකාන්ත් තිර රචකයෙකු, චිත්‍රපට නිෂ්පාදකයෙකු මෙන්ම පසුබිම් ගායකයෙකු ලෙසද කටයුතු කර ඇත. රංගන ජීවිතයට අමතරව ඔහු තමිල්නාඩුවේ ප්‍රබල දේශපාලන චරිතයකි. 1975 දී පුට්ටන්න කනගල් අධ්‍යක්ෂණය කළ කන්නඩා චිත්‍රපටය රැජිනිකාන්ත්ගේ මංගල චිත්‍රපටය විය. පසුකාලීනව දමිළ චිත්‍රපටයන්හි දුෂ්ඨ චරිත නිරූපණයෙහි යෙදුනු ඔහු ක්‍රමයෙන් ප්‍රධාන චරිත නිරූපණයෙහි යෙදුණි. 1978 බිහි වූ "භෛරවි" නම් දමිළ චිත්‍රපටයෙහි රඟපෑමෙන් පසුව ඔහු දමිළ සිනමාවේ "සුපිරි තරුව" ලෙස, චිත්‍රපට නිෂ්පාදක S. තනු විසින් හඳුන්වනු ලැබු අතර අද වනතුරුද ඔහු හැදින්වීමට මෙය යොදා ගනී. ඇමරිකානු සිනමාව ඇතුලු වෙනත් ජාතීන්ගේ සිනමා කෘති සඳහාද ඔහුගේ දායකත්වය ලැබුණි. "සිවජි" චිත්‍රපටයේ ඔහුගේ රඟපෑම වෙනුවෙන් ඔහු හට ඉන්දියානු රුපියල් කෝටි 26 ක මුදලක් (දළ වශයෙන් ඇ.ඩො. මිලියන 6ක්) ගෙවන ලද අතර ජැකී චෑන්ට පසුව ආසියාවේ මිල අධිකම රංගන ශිල්පියා බවට පත් විය. සටහන[සංස්කරණය] Rajinikanth
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
0 ඔයාලගේ කොම්පියුටරේට අලුත්ම ඇපල් ඉන්ටෆෙස් එක දාමුද .කොහොමද යාලුවනේ ඔන්න ඉතින් මම ඔයාලට අද තවත් බඩුවක් අරගෙන ආව.වැඩිය කියන්න දෙයක් නෑ නේ නම දැක්කම පේනවා නේ මොකද්ද කියල...වැඩි කයි කතන්දර ඕන නෑ... මෙන්න ලින්ක් එක බාගෙන දාල බලන්න....
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කරෙයිනගර් කඳවුරට පුළුල් කිරීමේදී රජයට පවරාගත් ඉඩම් සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීමට රජය පියවර ගෙන ඇත.ඉඩම් අක්කර 78 ක් මෙහිදී රජය වෙත පවරාගෙන ඇති අතර වන්දිලාභීන් 56 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 573 ක මුදලක් වන්දි වශයෙන් පිරිනැමීම ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.මෙම වන්දි මුදල් සඳහා පොළියක් ද ගණනය කර ඇති අතර ඉඩම් පවරා ගැනීම ගැසට් කළ දිනයේ සිට වන්දි ගෙවීම අනුමත කළ දිනය දක්වා එම පොළිය ගණනය කර ඇත. ඊට අමතරව වර්තමාන තක්සේරුව පදනම් කරගෙන වන්දි මුදල තක්සේරු කර ඇත. ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා - ත්‍රස්තවාදීන් උතුරේ වෙනම නිජබිමක් ඉල්ලා සිටි අවස්ථාවේදී ත්‍රස්තවාදය පරාජය කිරීමට යාපනයේ දමිළ ජනතාව තම පාරම්පරික ඉඩම් රජයට ලබාදීම රට වෙනුවෙන් කළ පරිත්‍යාගයක් බව කීය.මේ අතර උතුරේ ඉඩම් වෙනත් අයට විකුණන බවට ඇතැමුන් නොයෙක් ප්‍රචාරයන් ගෙන යන බව කී ඒ මහතා, රජය කිසි විටෙකත් එවැන්නක් සිදු නොකරන බව සඳහන් කළේය. ජනතාවගේ ඉඩම් නිකරුණේ රජයට පවරා නොගත් බව පෙන්වා දුන් ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැතිවරයා යුද ගැටුම් පැවති අවදියේදී එම ඉඩම්වලට වන්දි ලබාදීම අපහසු කටයුත්තක් වූ බව ද සිහිපත් කළේය.වසර 25 ක කාලයක් එම ඉඩම් හිමියන්ට තම ඉඩම් වෙනුවෙන් සාධාරණයක් ඉටු නොවූ නිසා ඔවුන් තුළ ඇති වී තිබෙන අප්‍රසාද සිතුවිල්ල තවදුරටත් ඇතිවීමට ඉඩ නොදෙන බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම ඉඩම් සඳහා සාධාරණ වන්දි මුදලක් ලබාදීමට පියවර ගෙන තිබෙන බවත් කී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දමිළ ජනතාවගේ ගැටලු විසඳීමට රජය සැබෑ ලෙසම කැප වී සිටින බව ද කීවේය.ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් හා එම අමාත්‍යාංශයේ ලේකම් ටී. අශෝක පීරිස් මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය සියවස්: 10 වන සියවස – 11 වන සියවස – 12 වන සියවස දශක: 1020ගණන් 1030ගණන් 1040ගණන් – 1050ගණන් – 1060ගණන් 1070ගණන් 1080ගණන් වසර: 1054 1055 1056 – 1057 – 1058 1059 1060 වසර 1057 (MLVII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ඇතුළු ප්‍රධාන ක්‍රීඩකයන් ආබාධයන්ට ගොදුරු වී සිටිය ද විශ්වාසනීයත්වය හා කැපවීමේ සුසංයෝගය එක්කළ කණ්ඩායමක් එළැඹෙන ලෝක කුසලාන තරගමාලාව සඳහා ඉන්දීය තේරීම් කමිටුව නම් කර ඇත.පාදයේ ආබාධයක් හේතුවෙන් මේ දිනවල දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඉන්දීය - දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියෙන් ඉවත්වී යළි ඉන්දියාව බලා යාමට 37 හැවිරිදි තෙන්ඩුල්කාර්ට සිදුවිය. විරේන්ද්‍ර ෂෙවාග්, ගෞතම් ගම්භීර් සහ ප්‍රවීන් කුමාර් ද විවිධ ආබාධයන්ට ගොදුරු වී සිටිති.නමුත් ලෝක කුසලාන තරගාවලිය සඳහා ඊයේ නම් කළ 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය පිලට මේ ක්‍රීඩකයන් 4 දෙනාම ඇතුලත් කර තිබේ.නමුත් ජාත්‍යන්තර එක්දින තරග 444 කට ක්‍රීඩා කොට ලකුණු 17629ක් ලැබූ තෙන්ඩුල්කාර් ටෙස්ට් තරග සඳහා වැඩි කාලයක් යෙදවීමට අවශ්‍ය බව කියමින් පසුගිය මාස 12 තුළ සහභාගි වූයේ එක්දිනතරග 4 කට පමණි.පිතිකරුවන් 8 දෙනෙකුගෙන් සමන්විත මේ කණ්ඩායමට රෝහිත් ෂර්මා ඇතුළත් කර නොමැත. ලෝක කුසලානයට නම් කළ මේ කණ්ඩායමේ විමතිය දනවන සුලු කරුණ වන්නේ වසර 2 කට පෙර සිය අවසන් එක්දින තරගයට සහභාගි වූ 22 හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩක පියුෂ් චවුලා නම් කර තිබීමය. දඟ පන්දු යවන්නන් 4 දෙනකු ඇතුළත් මේ කණ්ඩායමට චවුලා සමඟ හර්බජන් සිං, රවිචන්ද්‍රන් අෂ්වින් යන දඟ පන්දු යවන්නෝද ඇතුළත් වෙති.ඉන්දීය පිලමහේන්ද්‍ර සිං දෝනි (නායක) විරේන්ද්‍ර ෂෙවාග් (උපනායක) ගෞතම් ගම්භීර්, සචින් තෙන්ඩුල්කාර්, විරාත් කෝලි, යුවරාජ් සිං, සුරේෂ් රයිනා, යුසුෆ් පතාන්, හර්බජන් සිං, පියුෂ් චවුලා, රවිචන්ද්‍රන් අෂ්වින්, සහීර් ඛාන්, ආශීස් නේරා, ප්‍රවීන් කුමාර්, මුනාෆ් පටේල්.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.