input
stringlengths 1
3.7k
| output
stringclasses 12
values | instructions
stringclasses 3
values |
|---|---|---|
මහින්ද රාජපක්ෂ රජය යටතේ වයඹ පළාතට විදුලි යෝජනා ක්‍රම 400ක් හා විදුලි දිගු 7163ක් ලබා දී ඇති අතර, නිවාස 277835 ක් වෙනුවෙන් විදුලිය ලබාදීම සිදු කර ඇත.මේ සඳහා රුපියල් මිලියන 6473 ක් විදයම් කර ඇති අතර, 2014 වසර වන විට වයඹ පළාතම සම්පූර්ණයෙන් විදුලියනය කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන ඇත.කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගල්ගමුව මැතිවරණ කොට්ඨාසයේ බෝගහයාය, තිබ්බටුවාව, කටුගම්පොල යන ගම්මාන වෙනුවෙන් ඉදිකළ විදුලි යෝජනා ක්‍රම ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විවෘත කිරීමෙන් පසුව පැවැති උත්සවයේ දී මෙම කරුණු අනාවරණය විය. රුපියල් ලක්ෂ 200 ක් වැය කරමින් ඉදිකළ මෙම ව්‍යාපෘතිය මගින් නිවාස 500 කට විදුලිය සැපයේ. මෙමගින් ප්‍රදේශයේ සුළුකර්මාන්ත ඇතුළුව ජනතාවගේ ජනජීවිත නගාසිටුවීමට හැකිවන බව විදුලිබල හා බලශක්ති ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.2013 වර්ෂයේ ජූලි මස වනවිට වයඹ පළාතේ කුරුණැගල දිස්ත්‍රික්කයේ 92% ක් විදුලියෙන් ආවරණය කර ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයේ 84% ක ප්‍රතිශතයක් විදුලියෙන් ආවරණය කර තිබේ.මේ වනවිට වයඹ පළාත තුළ ප්‍රධාන නගර ආවරණය වන පරිද්දෙන් විදුලිය ලබාදී ඇති අතර ඉදිරියේ දී වයඹ දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ විදුලි අවශ්‍යතා 100% ක් සපුරාලීම සඳහා විදුලි දිගු රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බොස්ටිබානා සමුහාණ්ඩුව උද්යෝග පාඨය: Pula (Rain) ජාතික ගීය: Fatshe leno la rona (This Land of Ours) අගනුවර ගැබොරොන් 25°40′S 25°55′E / 25.667°S 25.917°E / -25.667; 25.917 විශාලතම නගරය capital නිල භාෂාව(න්) ඉංග්‍රීසි, Setswana ජාති නාමය Batswana රජය Parliamentary republic - President Ian Khama Independence from the United Kingdom - Date 30 September 1966 වර්ග ප්‍රමාණය - සම්පූර්ණ 581,730 කිමී2 (47th) 224,610 සතරැස් සැත - ජලය (%) 2.6 ජනගහණය - 2009 ඇස්තමේන්තුව 1,990,876[1] (146th) - 2001 ජන සංගණනය 1,680,863 - ඝණත්වය 3.4/කිමී2 (229th) 8.9/සතරැස් සැත GDP (PPP) 2009 ඇස්තමේන්තුව - සම්පූර්ණ $13.41 billion[2] - ඒක පුද්ගල $11,400[2] GDP (නාමික) 2009 ඇස්තමේන්තුව - සම්පූර්ණ $11.630 billion[2] - ඒක පුද්ගල $6,406[2] Gini (2007/08) 60.5 ඉතා ඉහළ HDI (2009) ▲ 0.694 bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 125th ව්‍යවහාර මුදල Pula (BWP) වේලා කලාපය Central Africa Time (UTC+02) - ගිම්හාන (DST) not observed (UTC) රිය පදවන්නේ left අන්තර්ජාල TLD .bw ඇමතුම් කේතය +267 බොට්ස්වානා සමුහාණ්ඩුව දකුණු අප්‍රිකාවේ පිහිටි රටකි. එහි රටවැසියන් බැට්ස්වානාවරු ලෙස හඳුන්වයි. බ්‍රිතාන්‍ය ආධිපත්‍යයේ පැවැති බෙචුආනලන්ඩ් බොට්ස්වානා 1966 සැප්තැම්බර් 30 වැනිදා පොදු රාජ්‍ය මණ්ඩලයෙන් නිදහස ලැබීමෙන් පසු තම නව නාමය භාවිතයට ගනු ලැබීය. එහි නිදහස් හා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ කිහිපයක් නිදහසෙන් පසුව පවත්වා ඇත. භූගෝලාත්මකව එරට සමතලා වන අතර 70% ක් කලහාරි කාන්තාරයෙන් වැසි ඇත. එය මායිම් වන්නේ දකුණින් දකුණු අප්‍රිකාවට හා ගිනිකොණින් නැම්බියාවේ ඊසාන දිශාවටය. එයට සැම්බියාව එක් තැනකදි හමුවේ. බොට්ස්වානා ආර්ථික නිදහසේ ප්‍රාදේශිය නායකයෙකි. තරඟකාරි බව හා නම්‍යශීලිත්වය බුද්ධිමත් ව්‍යාපාර පසුබිමක තිබෙන අතර, විදේශීය ආයෝජනයට හා වෙළෙඳාමට ඇති විවෘත බව සහ රැකියා පිළිබඳ ඇති නම්‍යශීලි නීතිරීති වලින් සමන්විත වේ. ආර්ථික කලාපය සංසන්ධනාත්මකව සංවර්ධනය වී ඇති අතර, නිදහස් මධ්‍යම බැංකුවක් රාජ්‍ය මැදිහත්වීම අවමයෙන් පවත්වාගෙන යයි. නිදහස් අධිකරණය, ශක්තිමත් ආරක්ෂාවක්, දේපළ අයිතිය පිළිබඳව තිබේ. බොට්ස්වානා 1966 නිදහස ලබන විට අප්‍රිකාවේ පිහිටි දිළිඳුතම රටවලින් එකක් විය. වර්තමානයේ එය ස්ථාවර දේශපාලන යාන්ත්‍රණයකින් හා නිරන්තරයෙන් ගොඩ නැගෙන ආර්ථිකයන්ගෙන් යුක්තය. දකුණු අප්‍රිකාව හා නිරන්තරයෙන් බැඳුණු ආර්ථිකයන්හි හා අප්‍රිකාව තුළ සාර්ථකම ආර්ථිකයකින් හා වේගයෙන් වර්ධනය වන සේවා පද්ධතියක් වන ලෝක ප්‍රචලිත මැණික් ව්‍යාපාරය, සංචාරක ව්‍යාපාරය සහ නිෂ්පාදන සඳහන් කළ හැකිය. බොට්ස්වානා හි ආර්ථික වර්ධන වේගය වර්තමානයේ ආසියාව හා ලෝක බැංකු නගර ද අභිබවා ගොස් ඇති අතර, එය ලෝකයේ සාර්ථකම රාජ්‍ය ගොඩනැඟීමක් ලෙස සඳහන් කල හැක. මූලාශ්‍ර[සංස්කරණය] ↑ Central Intelligence Agency (2009). "Botswana". The World Factbook. සම්ප්‍රවේශය February 3, 2010. ↑ 2.0 2.1 2.2 2.3 "Botswana". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දිලිප් කුමාර් රඟපෑ ඉන්සානියාත් හින්දි චිත්‍රපටය සිංහල දෙබස් කවා ප්‍රදර්ශනය කළ චිත්‍රපටයේ නම කුමක්ද?විමල් රණසිංහ – ග්‍රැන්පාස්මනුෂ්‍යත්වය.පියදාස ගුණසේකර, ලයනල් දැරණියගල, ඩොමී ජයවර්ධන, එච්. ඩී. කුලතුංග අතරින් වඩාත් කැමැති දුෂ්ට නළුවා කවුද?සරත් රණසිංහ – මාළිඳ.ඩොමී ජයවර්ධන.වික්ටර් හියුගෝ ගේ ‘ලේ මිසරාබ්ලේ’ නව කතාව, සිනමාස්ගේ ‘දුප්පතාගේ දුක’, අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ලගේ ‘මනුතාපය’, හා ජාතික රූපවාහිනියෙන් පසුගිය දා විකාශය වූ ‘දූලි පින්තාරු’, යන මේවා එකිනෙකට සමානයි නේද?ඩඩ්ලි ගෝමස් - මොරටුව.ඔව්, මේ සියල්ලටම පාදක වුණේ වික්ටර් හියුගෝ ගේ නව කතාවයි.ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා ගායනා කළ ‘අම්මා කියා කියත හැකි එකම ළඳකටයි’ යන ගීතයෙ පද රචනය කාගේද?වියානි ගුණවර්ධන - වෙන්නප්පුව.කරුණාරත්න අබේසේකර.දිලිප් කුමාර් තවම ජීවතුන් අතරද?සධානා බෙගම් – නුවරඑළිය.දිලිප් කුමාර් තාම ජීවතුන් අතර සිටිනවා. සී/ස සිනමාස් සමාගමේ නිපද වූ චිත්‍රපටත්, එහි අධිපති කේ ගුණරත්නම් මහතාත්, ඔහුගේ විජය චිත්‍රාගාරයත්, මරදාන ගාමිණී සිනමාහලත්, අපේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාත්, අප අතරින් නැතිවීම මා විටින් විට කනස්සල්ලට පත් වෙනවා. මෙයට කුමක් කළ යුතුද?සරත් - කපුගොඩමේ ලෝකයේ කිසි දෙයක් සදා කාලික නැහැනේ කියලා තේරෙන්නෙ නැද්ද සරත්.නොමියෙන මිනිසුන් චිත්‍රපටය කාගේ අධ්‍යක්ෂණයක්ද? වර්තමාන ජනාධිපතිතුමා එහි රඟපෑවා නේද?මාලිනී පිඹුරගේ - හෝකන්දර.මෙහි අධ්‍යක්ෂක ගාමිණී ෆොන්සේකායි. අතිගරු ජනාධිපතිතුමා එහි බ්‍රිගේඩියර් වරයකුගේ භූමිකාවකට පණ පෙව්වා.ප්‍රවීණ නිළි සෝබනී අමරසිංහ සුමනා අමරසිංහ ගේ සොයුරියක්ද?අනුලා වීරකෝන් – ගිනිගත්හේන.නැහැ.වඩාත් විකට නළුවකු වශයෙන් ජනප්‍රිය වූ හියුගෝ ප්‍රනාන්දු සංගීතය සැපයූ චිත්‍රපට මොනවාද?තිලකරත්න විල්වල – කෑගල්ල.පිටිසර කෙල්ල, සරදියෙල්.වීර පුරන් අප්පු චිත්‍රපටයේ වී.සී.ඩී. නිකුත් වී තිබේද?විජය ඉලංගකෝන් – ගම්පොළ.එය ටොරානා විඩියෝ මූවීස් ලේබලය යටතේ නිකුත් වුණා.සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ සුමනා අමරසිංහ පෙම් චරිත රඟ පෑ චිත්‍රපට තිබේද?සුදත් නිශාන්ත – මීගමුවනැහැනේ සුගත්.පසුගිය සතියක දී චන්ද්‍රරත්න මාපිටිගම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සම්බන්ධයෙන් දී තිබූ පිළිතුරට ‘සත්කම්පා’ චිත්‍රපටයත් ඇතුළත් විය යුතුයි නේද?රුවින්ද කොල්ලුරේ – මීගොඩ.ඔව්නෙ, රුවින්ද.අශෝක හඳගම ගේ ලිපිනය පළ කරන්න.ආනන්ද ප්‍රනාන්දු –නිට්ටඹුව.අශෝක හඳගම නො: 399/5, සමගි මාවත,හෝකන්දර දකුණ,හෝකන්දර.ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ ගේ ‘අහස පොළොව වට පිටාව‘ ගීතය රචනා කළේ කවුද? එය චිත්‍රපට ගීතයක්ද?එන්. සිරිපාල – උඩුගම්පොළ.එය චිත්‍රපට ගීතයක් නොවේ. ගීතය ප්‍රබන්ධ කළේ යමුනා මාලිනී පෙරේරා. සංගීතය රෝහණ වීරසිංහ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඔන්න අද කියලා දෙන්න යන්න ගෙදරකට ඕනේ වෙන ඇතුවත් බැරි නැතුවත් බැරි දේයක්. මට මේක හදන්න ඕනෑ උනේ විදුලියනඩත්තු කටයුතු කියලා විදුලිය විසඳි කරන වෙලාවට හා අනෙකුත් වේලාවන් වලට වතුර කොපමණ තියනවද කියලා දැනගන්න. විදුලියත් නැතුවවතුරත් නැතුව ගියහම හිතා ගන්න පුළුවන්නේ වෙන දේ.ඕක හින්දා තමා මේක හදන්න පෙලබුනේ.5V වලින් වැඩ කරන හින්ද කිසි කරදරයක් නැහැ.මේ තියෙන්නේ මුලින්ම ටෙස්ට් කරන්න හදපු ඒක wire දෙකම වතුරට දාපුවහම LED ඒක ON ඒකwire ඒකක් වතුරෙන් ගත්හම LED ඒක OFF.300*250මේක මම නෙට් එකෙන් ගත්තු ඒකක් මේ විදියට තමාමමත් හැදුවේ කිසි කරදරයක් නැතුව වැඩඅවශ්‍ය බඩු ටිකBC 547 or BC 548 733 Resistor 7470 Resistor 7470K Resistor 7LED 7 All Electronic Parts RS 100SUNBOX 1 RS 120SUNBOX Closer 1 RS 50Network wire 5M RS 650Veroboard 1 RS 80සිලිකන් ගම් 1 RS 170සුදු යකඩ ඇන RS 120වයරින් බට RS 80Total RS 1370728*90මේ තියෙන්නේ මම හදපු PCB ඒක මේ වගේ 7 නෙමේ තව ඕනේ තරම් වතුර මට්ටම්වැඩිකර ගන්න හදා ගන්න පුළුවන්.හදපු ඒක ටෙස්ට් run ඒකක් දුවලා බැලුවා .මෙන්න තියනවා සෙන්සර් ඒක හදන විදිය මේකට මම ගත්තේ වියරින් කරන්න ගන්න බටයක් මට ඕනේ ගානට වතුර ටැංකියට දාලා මාර්ක් කර ගත්තා ටැංකියේ වතුර එලියට යන බටේන්ටිකක් යටින් උඩම point ඒක තියාගන්න යටම point ඒක common ඒක පුළුවන් තරම් යටින් ගන්න. දැන් ඔය අතර මැදෙන් ඕනේ තරම් සෙන්සර් දාගන්න පුළුවන්. මම මේකට ගත්තේ සුදු යකඩ ඇන.ඊට පස්සේ Network Wire ඒක අරගන සුද්ද කරලා.සුදු යකඩ ඇන වටේ ඇනේට හොදින් ගෑ වෙන්න ඔතන්න.දැන්වියරින් බටය මැදින් හිලක් විදලා සිලිකන් ගම් දාල ඇනේ තද කර ගන්න.තද කර ගත් පසුත් එලියට පැනලා තියන කම්බි වැහෙන්නසිලිකන් ගම් හොදින් දාන්න. සිලිකන් ගම් දැමේ නැත් නම් ටික කලක් යනකොට කම්බිය වතුරට මලකඩ කාලා දිරනවා. Network Wire වෙනුවට රිබන් Wire වුනත් මේකට ගන්න පුළුවන්.250*250මේ විදියට වතුර ටැංකියට ඇතුලට දාල කෙලින් වෙන්න රදවා ගන්න.වතුර අඩුම වුනහම තනි රතු LED ඒක පමණක් දැල් වේ.Fully Tank වුනහම මේවිදියට තමා LED ටිකON වෙන්නේ.මේ circuit ඒක තව ටිකක් modify කරලා අපිට පුළුවන් වතුර මෝටරය Automate කරන්න Auto ON OFF වෙන්න හදන්න.Comment ඒකක් දාල යන්න අමතක කරන්න ඒපාගල් මුල් බාර ගනු ලැබේ.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බොහොමයක් පොදු නීති සම්පරritදායේ රටවල් (පාකිස්ථානය, සිංගප්පූරුව, ඉන්දියාව, කැනඩාව වැනි පොදු රාජ්යr මණ්ඩලීය රටවල්) ඉංගීරය්තසි ව්යිවස්ථාපිත පරෙන තිපාදනයන් හා නඩු තීන්දු අනුගමනය කරනු ලැබේ. ඉන්දියාව තවමත් පැරණි වික්ටෝරියානු නීතිය වන 1861 අද්මිරාල්ති අධිකරණ පනත අනුගමනය කරයි. පාකිස්ථානය සතුව තමන්ගේම වූ නීතියක් එනම් 1980 මහාධිකරණ අද්මිරාල්ති අධිකරණ බලය පිලිබඳ ආඥා පනත ඇතත් එරට තවමත් ඉංගීරනම්සි නඩු තීන්දු අනුගමනය කරයි. පාකිස්ථාන නීතිය පැරණි ඉංගීරනත්සි අද්මිරාල්ති නීතියේ අනුරුවක් වීමට හේතුවී ඇත්තේ එය 1956 අධිකරණ සංවිධාන පනත අනුගමනය කරමින් නිර්මාණ කරන ලද්දක් වීමයි. එංගලන්තයේ හා වේල්සයේ මහාධිකරණයන්හි අද්මිරාල්ති අධිකරණ බලය සම්බන්ධයෙන් වර්තමානයේ බලපවත්වන ව්යකවස්ථාපිත විධිවිධානය වන්නේ 1981 ශ්රේිෂ්ඨාධිකරණ පනතයි. මෙම පනත 1952 ජාත්යහන්තර අත්අඩංගුවට ගැනීමේ සම්මුතිය මත පදනම්ව ඇත. ඉංගීරානයසි ව්යකවස්ථාපිත පරධි තිපාදනයන් හා නඩු තීන්දු අනුගමනය නොකරන පැනමාව වැනි අනෙකුත් රටවල්ද ඉතා පර_c සිද්ධ සමුදීරධි ය අධිකරණයන් පිහිටුවා ඇති අතර ඒවායේද ජත්ය්න්තර නඩු නිතර විභාග කරනු ලබයි. අද්මිරාල්ති අධිකරණ අධිකරණ බලය තීරණය කරනු ලබන්නේ එය රටකට අයිතිද නැතිද, එය ලියාපදිංචි කොට ඇති නොමැතිද හෝ එහි හිමිකරුගේ නිත්යය වාසය කවර රටකද යන්න සලකා නොව, එය එම අධිකරණයේ අධිකරණ බලසීමාව තුල පවත්න්නේද නැතිද යන්න මත පිහිටාය. නඩු විභාගවන කාළය තුල අධිකරණ බලය නොවෙනස්ව පවත්වාගැනීම පිණිස සාමාන්යායෙන් නෞකාවක් අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලබයි. රාජ්යියන්ට අයත් නෞකාවන් සාමාන්යායෙන් අත්අඩංගුවට ගැනීමෙන් වැලකීමේ මුක්තිය ලබයි. http://en.wikipedia.org/wiki/Admiralty_law#Maritime_law_of_common_law_countries
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගායන ශිල්පී චාමර වීරසිංහසිංහල අලුත් අවුරුදු සතිය මට ගොඩක් ප්‍රීතිමත් සතියක්. අවුරුදු දවසට පවුලේ හැමෝම එක්ක විවෙකීව ගත කරන්න ලැබීම ගොඩක් සතුටුයි.අප්‍රේල් මාසය පුරාවටම සංගීත සංදර්ශන සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. ඒ නිසා නම් ගොඩක් කාර්යබහුල ජීවිතයක් මේ දවස්වල ගත කරන්නේ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මාතර, නිල්වලා ගඟ ආශි‍්‍රතව ජීවත් වන ජනතාවට කිඹුල් උවදුර හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ පෑමට සිදුවී ඇත.අහුන්ගල්ලේ සත්තු වත්තේ සිටිය නිල්වලා ගඟට මුදාහල කිඹුලන් හේතුවෙන් මේ ප්‍රශ්නය ඇති වී තිබෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.තිහගොඩ, මාලිම්බඩ, තුඩාව බණ්ඩත්තර, අතුරලිය, කපුදුව, ගල්බඩ, මාතර, පිලදූව, පරදූව, වැනි ප්‍රදේශවල නිල්වලා ගඟේ කිඹුල්ලු බහුලව ගැවසෙති.කිඹුල් කොටුද අද වන විට විනාශ වී ගොස් පැවැතීම නිසා මිනිස් ජීවිතවලට තර්ජනයක් එල්ල වී තිබේ.සුනිල් ගමගේ - අපිට අද ගඟට බහින්නවත් නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. වෙනදා අපි රෙදි ටික සෝදගන්නෙත් වතුර ටික නාගන්නේ මේ ගඟෙන්. එහෙත් අද මේ සියලු දේ වෙනස් වෙලා තියෙන්නේ.මීට මූලික හේතුව වෙලා තිබෙන්නේ අහුන්ගල්ලෙන් ගෙනත් මුදා හැරපු කිඹුලන් දරුණු යි. ඔවුන් තමයි මිනිසුන් දඩයම් කරන්නේ.ඒ. එම්. පියසිරි මහතා - නිල්වලා ගඟේ කිඹුලන්ගේ සංඛ්‍යාව අද වැඩි වෙමින් පවතිනවා. පොඩි කිඹුලන් පවා ගංවතුර අවස්ථාවලදී කුඹුරුවලට එනවා.ඩී. ඒ. සුනිල් - මේ උවදුරට කිඹුල් කොටු හදලා තිබෙනවා. එහෙත් දැන් බොහෝ කොටු කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒවායේ අලුත් වැඩියා සිදු කළ යුතුයි.අද වන විට කිඹුල් කරදරය මේ ප්‍රදේශයේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තිබෙනවා.බොහෝ දෙනා අද ගඟට බහින්නේ නැතිව තමයි ඉන්නේ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සාගරික දේශගුණික කලාප පෙන්නුම් කරන ලද ලෝක සිතියමක් සාගරික දේශගුණය යනු පෘථිවියේ මධ්‍ය දේශාංශික මහද්වීපවල හා නිරිතදිග ඔස්ට්‍රේලියාවේ බටහිර වෙරළ තීරයේ දේශගුණයයි. සාගරික දේශගුණය සමපාත දේශාංශ වල උෂ්ණත්ව වලට වඩා පටු උෂ්ණත්ව පරාසයක් මඟින් වර්ගීකරණය කරයි. මෙම කලාපයේ මධ්‍යධරණීය දේශගුණය මෙන් ඉතා වියළි ගිම්හාන සෘතුවක් දක්නට නොලැබේ. උෂ්ණත්වය අතින් මෙම තත්ත්වයට සමාන දේශගුණික තත්ත්ව වෙරළින් ඈත පිහිටි නිවර්තන උස් බිම්වල දැකිය හැක. සාමාන්‍යයෙන් මේවා Coppen දේශගුණික වර්ගීකරණයට අනුව CFb හෝ CWB ගණයට අයත් වේ. පටු උෂ්ණත්ව පරාසය සඳහා හේතුවන්නේ මෙම ප්‍රදේශ වෙරළින් ඈත්ව පිහිටීම නොවේ. සාගරික දේශගුණයේ නියමිත ස්වභාවය වෙනුවට මෙම තෙත් නිවර්තන දේශගුණික තත්ත්ව වලට මෙක්සිකෝ සිටි මෙන් පැහැදිලි ශීත සෘතුවක් පවතී. නමුත් සාගරික දේශගුණික තත්ත්වය යටතේ ශීත සමය සාපේක්ෂව වඩා උණුසුම් වන අතර, ගිම්හානයට වඩා සිසිල් වේ. එමනිසා කෘෂිකාර්මික තත්ත්වය අතින් සලකන විට සාගරික දේශගුණය තෙත් නිවර්තන කඳුකරය දේශගුණයට සමාන වේ. වර්ෂාපතනය සාගරික දේශගුණය පවතින ප්‍රදේශවල වර්ෂාපතනය නිසිකලට ප්‍රමාණවත්ව ලැබේ. සැවානා හා ස්ටෙප් දේශගුණයන් පවතින නිවර්තන උස්බිම් වලදී පමණක් මෙම තත්ත්වය වෙනස් වන අතර ශීත සෘතුවේදී වියළි කාලගුණයක් ඇති මෙම ප්‍රදේශ සිසිල් වන්නේ මුහුදු මට්ටමේ සිට ඇති උස හේතුවෙනි. (Koppen Cwb) වයඹ පැසිෆික්, දකුණු මධ්‍ය චිලී සාගරික දේශගුණයක් ඇති ප්‍රදේශ ලෙස සැලකුවද, මේවායේ සමහර කොටස් වල ඇතිවන වියළි ගිම්හානය වඩා ගැලපෙන්නේ මධ්‍යධරණී දේශගුණයටයි (Koppen Cwb). උෂ්ණත්වය සමස්ථයක් වශයෙන් ගත් කළ උෂ්ණත්වය විවිධාකාරවේ. පහත් මුහුදු මට්ටම්වල උපනිවර්තන ලක්ෂණ පෙන්නුම් කරන නමුත් වඩා ව්‍යාප්තව පවතින්නේ මධ්‍යම උෂ්ණත්ව තත්වයකි. එය සිසිල් නමුත් අධික ශීතලක් නොමැති ශීත සෘතුවකින් හා අධික උණුසුමක් නැති ගිම්හාන සෘතුවකින් යුක්ත වේ. තෙත් උපනිවර්තන කලාප වලට වඩා මෙම කලාපයේ ගිම්හාන සෘතුව සිසිල් වේ. උණුසුම් මාස වල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 C පමණ වන අතර සිසිල් කාලයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක -3 C පමණ වේ. (ඇමරිකානු විද්‍යාඥයෝ මෙම අගය සෙල්සියස් අංශක 0 Cලෙස අර්ථ දක්වති) ධ්‍රැවාසන්නයේ පවතින මෙවැනි ප්‍රදේශ උපධ්‍රැව සාගරික දේශගුණික කලාප (Koppen Cfc) ලෙස හඳුන්වන අතර මෙම ප්‍රදේශයේ සෞම්‍ය ශීත සෘතුවක් (අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක -3 C ට වඩා වැඩි ) හා සිසිල් ගිම්හාන සෘතුවක් (සමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 C/50 0F ) පවතී. ගිම්හාන සෘතුව පවතින්නේ මාස 4 කට වඩා අඩු කාලයකි. උදාහරණ ලෙස මෙම දේශගුණික තත්ත්වය උතුරු හා දකුණු අර්ධගෝල දෙකේම පවතින බැවින් උප ආර්ටික් හෝ උත්තර වායු ලෙස හැඳින්වීම යෝග්‍ය නොවේ. මෙම නම යොදන්නේ කෙටි වසන්ත කාලයක් සහිත දේශගුණික ලක්ෂණ හැඳින්වීමටය. නමුත් එමඟින් උතුරු අර්ධගෝලයට පමණක් සීමා වු තත්ත්වයක් යන අදහස ඇති වීම මෙයට හේතුවයි. බ්‍රිතාන්‍ය දුපත්වල සාගරික දේශගුණයට සමාන දේශගුණික තත්ත්වයක් ව්‍යාප්තව ඇති අතර එයට හේතුව අත්ලාන්තික් සාගරයෙන් නිරිත දිගින් හමන සුළං වේ. එක්සත් රාජධානියේ වාර්ෂික උෂ්ණත්ව පරාසය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 10 C පමණ වේ. ඇලස්කෝවේ බටහිර වෙරළ තීරයද, සාගරික දේශගුණික තත්ත්වයන් පෙන්නුම් කරයි. උණුසුම් පැසිෆික් දියවැල් ඉහළ මධ්‍ය දේශාංශවල නොමැතිවීම හේතුවෙන් ශීත සෘතුවේදී මෙම ප්‍රදේශ අධික ශීතලකින් යුක්ත වෙයි. මෙම ප්‍රදේශයට වර්ෂාපතනය වැඩිපුර ලැබෙන්නේ හිම ආකාරයෙනි. සියළුම මධ්‍ය දේශාංශ සාගරික දේශගුණ වර්ගයට අයත් වේ. අමරත වැහිටුවා දේශගුණික තත්ත්ව පවතින ප්‍රදේශ සාගරික දේශගුණයට සමාන ලක්ෂණ පෙන්නුම් කරන නමුත් ඒවා ස්ටේප් හෝ වර්ෂාපතනය අඩු කාත්තාර ලක්ෂණ පෙන්නුම් කරයි. මෙවැනි ප්‍රදේශ සඳහා උදාහරණ වන්නේ වොෂිංටන්හි පහළ තැනිතලා, කැප්කේඩි රේන්ජ් නැගෙනහිරින් පිහිටි ඔරිලන් සහ ආර්ජන්ටිනාවට දකුණින් පිහිටි පලැයෝනියාව උතුරු චිලී හි පිහිටි ඇටකාමා කාන්තාරයයි. බටහිර ඕස්ට්‍රේලියාවේ ගිනිකොණ වෙරළ තීරයද මෙයට තවත් උදාහරණයකි. සටහන්[සංස්කරණය] |Maritime_climate |-
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජාත්‍යන්තර බොක්සිං සංගමය මෙහෙයවනු ලබන 6 වැනි ලෝක කාන්තා බොක්සිං සූරතාවලිය අද (6) බටහිර ඉන්දීය කොදෙව් දූපත් බ්‍රිප්ටවුන් හී බාබඩෝස් නුවර දී ආරම්භ වේ. අද සිට 19 වැනිදා දක්වා දින 14 ක් පුරා පැවැත්වීමට නියමිත මේ බොක්සිං සූරතාවලියේ බර පන්ති 10 ක් යටතේ තරග ඉසව් 10 ක් පැවැත්වේ.අවුරුදු 19 – 34 අතර වයස් කාණ්ඩය යටතේ ලොව පුරා විසිරී සිටින විශිෂ්ඨතම බොක්සිං ක්‍රීඩිකාවෝ 360 ක් මේ සූරතාවලියට තරග වදිති.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු කාන්තා බොක්සිං සූරතාවලියේ රන් පදක්කම්ලාභී අනුෂා කොඩිතුවක්කු සහ රුසියානු ජාත්‍යන්තර කාන්තා බොක්සිං සූරතාවලියේ රන්පදක්කම් ලාභී නිල්මිණි ජයසිංහ මේ තරගාවලියට සහභාගී වෙති.ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරන මේ ක්‍රීඩිකාවෝ දෙදෙනාම 28 වන වියේ පසු වෙති. ජාත්‍යන්තර බොක්සිං රන් පදක්කමක් දිනූ ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන්නේ අනුෂා කොඩිතුවක්කුය.ඇය විසින් එම රන් පදක්කම දිනා ගනු ලැබුවේ 2006 වසරේ වියට්නාමයේ පැවැති ආසියානු කාන්තා බොක්සිං සූරතාවලියේ කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් තරග වදිමින්ය.රුසියානු ජාත්‍යන්තර කාන්තා බොක්සිං සූරතාවලියේ රන් පදක්කමට අමතරව වියට්නාම විවෘත සූරතාවලියේ කිලෝග්‍රෑම් 50 බර පන්තිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමටත් නිල්මිණි ජයසිංහ සමත්වූවාය.අද ඇරැඹෙන ලෝක කාන්තා බොක්සිං සූරතාවලියට ලෝක බොක්සිං සූරිය ලෙස දෙවතාවක්ම කිරුළ දැරූ අයර්ලන්තයේ කැතී ටේලර්, ඉන්දියාවේ මාරි කොම්, දෙවතාවක් ලෝක සූරියන්වූ කැනඩාවේ මාරි ස්පෙන්සර්,, ඇරියන් ෆෝටීන්, ස්විඩනයේ ඇනා ලොරේල් වැනි ප්‍රබල ක්‍රීඩිකාවෝ රැසක් තරග වදිති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඇසළ කළුවර ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කිරීමෙන් දිගු කාලයකට පසුව ජැක්සන් ඇන්තනී නැවතත් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරයි. ඒ ‘දස්කොන් හෙවත් කන්ද උඩ ගින්දර’ ටෙලි නාට්‍යයයි. මේ දවස්වල සෑම සෙනසුරාදාවකම රාත්‍රී 8.30 ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන ‘දස්කොන්’ හි තිර රචනය ද ජැක්සන් ඇන්තනීගේය.‘දස්කොන්’ සඳහා ජැක්සන් ඇන්තනී මූල බීජය බවට පත් කර ගන්නේ පේද්‍රෝදි ගැස්කනට් (දස්කොන්), ප්‍රමිලා, ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ සහ මොණරවිල කුමාරිහාමි පෙරටු කර ගත් ප්‍රේමණීය වෘත්තාන්තයයි.මෙම ප්‍රේමණීය වෘත්තාන්තයේ ප්‍රමිලා බිසවගේ චරිතයට පණ පොවන්නේ පූජා උමාශංකර්ය. දස්කොන්ගේ චරිතයට රංගනයෙන් දායක වන්නේ රොෂාන් රවීන්ද්‍රය. අකිල ධනුද්දර, මේනකා පීරිස්, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ලූෂන් බුලත්සිංහල, බුද්ධදාස විතානාරච්චි, ගිහාන් ප්‍රනාන්දු, සෝමවීර ගමගේ, කුමාරි මුණසිංහ, නිල්මිණි සිගේරා, ගාමිණී ජයලත්, සම්පත් තෙන්නකෝන්, ශ්‍රීමාල් වෙඩිසිංහ, හයිසින්ත් විජේරත්න, අවන්ති අපොන්සු, කුසුම් රේණු, ඩී. බී. ගංගොඩතැන්න, රොෂාන් පිලපිටිය, දිනූෂා රාජපතිරණ, සේනක ටයිටස්, විජිත් අබේවර්ධන, රුවන් පෙරේරා, මාධවි වත්සලා, මුදිත විජේසුන්දර, අයිවන් ඇන්තනී ඇතුළු නළු නිළියෝ රැසක් ‘දස්කොන්’ ටෙලි සිත්තම සඳහා රංගනයෙන් දායක වෙති.මේ ටෙලි නාට්‍යයෙහි ආලෝකකරණය සහ කැමරා අධ්‍යක්ෂණයෙන් ධම්මික රත්නායක ද, සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න ඉත්තෑපාන ද, සංගීත අධ්‍යක්ෂණය සමන්ත පෙරේරා ද, පසුතල නිර්මාණයෙන් ධම්මික හේවාදුවත්ත ද, ඇඳුම් නිර්මාණයෙන් වෙනුක යසස් ශ්‍රී වික්‍රමාරච්චි ද, වේශ නිරූපණයෙන් හර්ෂ මංජුල ද දායක වෙති.ඊට අමතරව රුචිර දිනේශ් කොණ්ඩා සැකසුමෙන් ද, හිමාල් ධර්මරත්න සංස්කරණයෙන් ද, ශ්‍රීලාල් වික්‍රමගේ නිෂ්පාදන කළමනාකරණයෙන් ද, මැජික් ලැන්ටර්න් තාක්ෂණික උපකරණවලින් ද ‘දස්කොන්’ ටෙලි නාට්‍යයට සහය වෙති. නිෂ්පාදනය ක්‍රියේටිව් හෙලන්කා මඟින් සිදුවෙයි.‘වර්තමාන ශ්‍රී ලාංකේය ජන සමාජයේ බල පවත්වන සකලවිධ සමාජ දේශපාලන ගැටලු සඳහා පළමු ගිනිහුල දල්වනු ලැබුවේ 1739 දී යයි මම විශ්වාස කරමි.මේ දේශපාලන ගිනි පුපුර වනාහි අතිශයින් සෞන්දර්යාත්මක වූත්, ආානන්දනීය වූත්, නාටකීය වූත් ප්‍රේම වෘත්තාන්තයක් වීම පුදුම එළවන සුළුය. එහෙයින් මම මේ වෘත්තාන්තය මෙසේ හඳුන්වමි.‘දස්කොන් හෙවත් කන්ද උඩ ගින්දර’ප්‍රේමය යනු කැඩපතකි. තමාට තමාවම පෙනෙන කැඩපතකි. මා ප්‍රේමයට පත් වුවහොත් පමණි මට මගේ කැඩපතෙන් ප්‍රේමය ලැබිය හැකි වන්නේ. දස්කොන් හරහා මා සමාජගත කිරීමට තතනන ප්‍රේමයේ විවරණය එයයි. දස්කොන් සමාජයට කැඩපතක් වේවි. සමාජය එයින් තමාව දකීවි.’ජැක්සන් ඇන්තනී නම් කලාකරුවා සිය නිර්මාණය හඳුන්වා දෙන්නේ මේ ලෙසිනි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රණවිරු හසලක ගාමිණී කුලරත්න අනුස්මරණ ශක්ති තරගාවලියේ හොඳම සවි ඔසවන්නා ලෙස හයිලෙන්ඩර් ක්‍රීඩා සමාජයේ සඳුන් වාසනා පෙරේරා සම්මානයට පාත්‍රවිය.වාද්දූව ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමය සමග එක්වී ආබාධ සහිත වූවන් සඳහා පසුගියදා පානදුර සුමංගල විදුහලේ පැවැති මේ තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ත්‍රිවිධ හමුදාවල ක්‍රීඩකයන් සමත්විය.කිලෝ ග්‍රෑම් 48 ට අඩු බර පංතිය1.ආර්.පී.සිසිර කුමාර (හයිලෙන්ඩන් ක්‍රී.ස.) 2. ඒ.ජී.එන් .එස්. අනුර කුමාර (විජයබාහු ක්‍රී.ස.) 3. කේ.එච්.පි‍්‍රයන්ත (සිංහ රෙජිමේන්තුව)කිලෝ ග්‍රෑම් 52 ට අඩු බර පංතිය:1.සඳුන් වාසනා පෙරේරා (හයිලෙන්ඩර් ක්‍රී.ස.) 2. ජේ.ඒ.ටී. නිශාන්ත ජයසිංහ(කමාන්ඩෝ රෙජිමේන්තුව)කිලෝ ග්‍රෑම් 56 ට අඩු බර පංතිය1. ඩී.ජේ.ප්‍රනාන්දු (ගැමුණු හේවා රෙජිමේන්තුව) 2. ආර්.ඒ.ජී.එම්.රාජපක්ෂ (සිංහ රෙජිමේන්තුව) 3.අයි.එම්.එස්. සම්පත් (විජයබාහු ක්‍රී.ස.)කිලෝ ග්‍රෑම් 60 ට අඩු බර පංතිය1. එච්.එන්.ඩී. හේවාවසම් (සිංහ රෙජිමේන්තුව) 2. ආර්.එම්.ජේ. රත්නායක (දිමුතු ක්‍රී.ස.) 3. ජේ.ඒ.එස්.එන්.එස්. ජයකොඩි (විජයබාහු ක්‍රී.ස.)කිලෝ ග්‍රෑම් 67 ට අඩු බර පංතිය1. වයි.ජී.එස්.එල්. කරුණාසේන (සිංහ රෙජිමේන්තුව ) 2. එස්.එස්.ඒ.කේ. සෝමසිරි (සිංහ රෙජිමේන්තුව)3. පී.එම්.හීන්දෙණිය (ගැමුණු සේවා ක්‍රී.ස.)කිලෝ ග්‍රෑම් 75ට අඩු බර පංතිය1. යූ.ජී.අයි.ජානක ජයලත්(කමාන්ඩෝ රෙජිමේන්තුව) 2. එච්.අබේතුංග(සිංහ රෙජිමේන්තුව) 3. එච්.එම්. ජී.ජී. එල්. කුමාරසිරි (විජයබාහු ක්‍රී.ස.)කිලෝ ග්‍රෑම් 82. 5ට අඩු බර පංතිය1. ආර්.එම්. චමින්ද රත්නායක (සිංහ රෙජිමේන්තුව ) 2. ඊ.එම්.එන්.එස්. ඒකනායක (ගැමුණුහේවා රෙජිමේන්තුව)කිලෝ ග්‍රැම් 90ට අඩු බර පංතිය1. ඩබ්ලිව්.පී.ඩී. එස්. විමලරත්න(සිංහ රෙජිමේන්තුව) 2. ටී.පී.එස්.ඩී. ජයතිස්ස (විජයබාහු ක්‍රී.ස.)කිලෝ ග්‍රෑම් 100ට අඩු බර පංතිය1. ඒ.ආර්.විනිංටන් (සිංහ රෙජිමේන්තුව).
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මේ වසර අවසන්වීමට පෙර ශ්‍රී ලංකාව පුරා තිබෙන ‘විදතා’ මධ්‍යස්ථාන වලින් පරිගණක හා තොරතුරු තාක්ෂණය පිළිබඳව සිසුන් 30,000 කට නොමිලේ පුහුණුව ලබාදීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත.පසුගිය වසරේ විදතා මධ්‍යස්ථාන වලින් පරිගණක හා තොරතුරු තාක්ෂණය පිළිබඳ සිසු සිසුවියන් 15000 කට නොමිලේ පුහුණුව ලබාදී ඇත. දිවයින පුරා තිබෙන විදතා මධ්‍යස්ථාන 257 ක නිලධාරීන් මේ පිළිබඳ දැනුම්වත් කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී වැඩපිළිවෙළක් සකස් කිරීමට තාක්ෂණ හා පර්යේෂණ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ මහතා උපදෙස් ලබාදී ඇත.තොරතුරු තාක්ෂණ විෂයට වඩා ඇල්මක් දක්වන ඕනෑම කෙනෙකුට විදතා මධ්‍යස්ථාන වලින් නොමිලේ පුහුණුවීමටද කටයුතු සම්පාදනය කර ඇත. මහින්ද චින්තන සංකල්පයට අනුව ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව තාක්ෂණය සමඟ ඉදිරියට ගෙනයාම මෙහි අරමුණ වේ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
‘එක්සත් ජනතා නිදහස් සන්ධානය රජය පත්කළ ජනතාවට තිබූ අභියෝගය ජාතිය ගොඩනැඟීමයි. එය ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය පිහිටුවා ජනාධිපතිතුමා විසින් ඉතා සාර්ථකව ඉටුකර ඇතැයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්කාර මහතා පැවැසීය.ඇමැතිවරයා එසේ පැවසුවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා එයට අදාළ නෛතික ප්‍රතිපාදන හා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම, අමාත්‍යාංශ ලේකම්වරු දැනුම්වත් කිරීම, පළාත් සභා ප්‍රධානීන්, දැනුම්වත් කිරීමේ ගම්පහ දිසා ලේකම් කාර්යාලයේ පැවැති වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.ඇමැතිවරයා මෙසේ ද කීවේය.හෘදයංගම එක්සත්කමක් ඇතිවන්නේ, සෑම කෙනෙක්ගේම ගෞරවයට හේතුවන පරිදි කටයුතු කිරීමෙනි. ජාතිය ගොඩනැගීමට ඇති බාධා හඳුනාගත යුතුයි. උසස්වීම් ලබා දෙන්නේද, භාෂා ප්‍රවීණත්වය අනුවයි. අපේ අමාත්‍යාංශය විවිධ අංශ මගින් පුහුණුව ලබා දෙනවා. අපිට පුහුණුවට ගුරුවරු 600 ක් ඉන්නවා. වෘත්තිය සමිති ඉල්ලන පරිදි ඒ ඒ අයට අපි භාෂා දැනුම ලබා දෙනවා.පාසල් ගුරුවරුන්ට දෙමළ භාෂාව පුහුණු කරනවා. ත්‍රිභාෂා සමාජයක් අපිට තිබෙනවා. ලෝකයට යන්න ඉංගී‍්‍රසි භාෂාව අවශ්‍යයි.ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් එම්. එස්. වික්‍රමසිංහ, ගම්පහ දිසාපති ජේ. ජේ. රත්නසිරි, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක කරන්තක යන මහත්ම මහත්මීහුද අදහස් දැක්වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හම්මියෝ....... කාලෙකට පස්සේ....ඉස්සෙල්ලාම කියන්නෝනි බ්ලොග් පාලක දෙය්යන්ගෙ පරම්පරාවම කුණු වෙන්නෝනි... -_- එක බ්ලොග් එකක් ඕපන් කරගන්න බෑ බීච් පාර්ටියේ පෝස්ට් බලන්න මේ ටිකේ මට :/හරි... කෝමෙන් කෝමෙන් හරි කරලා ඔන්න 10ට පටන් ගන්න තිබ්බ බීච් පාර්ටියට උදේ 7ට ගියාලු, නොහික්මුණු ඇහැ, සුදු මාතියා, දිල් ස්පීඩි,බට්ටා, අපි සේරෝම අදාල තැනට ගියාම එතනින් තිළිණ මලයාත් එකතු වුනා.. එතනදි අසංක අය්යාව දැකලා කිසි කෙනෙක් ආන්න මුදියා ඉන්නවා මුදියා ඉන්නවා කීවේ නැතිලු :D කොහොමන් කොහොමින් හරි ටික ටික කස්ටිය එකතු වෙලා සතුටු සාමිචියේ යෙදිලා ඒම ඉද්දි, නැටි ඇල්ලීමේ තරඟයක් තිබ්බාලු, ඒකේදි නරි කණ්ඩායම සහ කපුටු කණ්ඩායම අවසන් වටයට පැමැණියත් නරි කපුටු ජාතකයේ (අර කේජු කෑල්ලෙ කතාව ඇ) අතීත කතා වස්තුව වෙනස් කිරීමට අදහස් නොවූ අපේ නරි පැටව්/පැටික්කියෝ ටික කපුටන්ට දිනුම දුන්නාලු ඇ ^_^ඊළඟට මුකක්ද පොලු කෑල්ලක් වටේ කැරකෙන තරඟයක් තිබුණා,ඒක බලන් නොහිටිය හින්දා වැඩි විස්තර නොදනී.. :3ආ හරි දැන් සදාචාර සම්පන්න විදියට සුපුරුදු මඩ දිහාට හැරෙමු ^_^+++++++++++++++++++++++++++++++තරියාතුමෝ මුහුදු වතුර ස්නානය කල, ඒ අසිරිමත් අවස්තාව..අඩවි රජා අවසන් වතාවට සිය ජංගමයත් සමග..සිතිවිලි හන්තානෙට දාන්න ක්ෂ්ද්‍ර ජීවින්ගේ පොටෝ ගන්න රන්දු..Any Body Can Dance (ABCD) හඳයා විත් නාඩියා..නයි සුරතල්.. භූමි අය්යා සමග චන්දන අය්යා..චන්දන වන්නම..සුදු මහත්තයා is@ මලක් කඩමින්මුහුදේ ගිය ජංගමය ගැන විස්සෝප වෙන අඩවි රජා..සාස්තර දුලාන්... :3ෆුට් බෝලෙන් රගර් ගැසීම..+++++++++++++++++++++++++++++ඔව්වා ඔයාලටම භාරයි පිංවතුනි... :3+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++දැනට මඩ අහවරයි පිංවතුනි... :Dබලාසිටි ඔබ සමට ස්තූතියි ^_^සැ.යු - පින්තූර වල අයිතිය ඒ ඒ අය සතුය -_-.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඥාන විභාගයේදී (ඥාන විමාංසාවෙහිදී), ස්වයං-ප්‍රත්‍යක්ෂය ප්‍රස්තූතයක් යනු, සාධනයෙන් තොරව සහ එහි අර්ථය පමණක් වටහා ගැනීමෙන් සත්‍යය බවට තේරුම්ගත්තකි. ඕනෑම ප්‍රස්තූතයක් ස්වයං-ප්‍රත්‍යක්ෂය යන්න, සමහරක් ඥාන විභාග වේදීන් ප්‍රතික්ෂේප කරති. අනෙකුත් බොහෝ අය විසින්, යමෙකු සවිඥානක යන බවට විශ්වාසය, ස්වයං-ප්‍රත්‍යක්ෂයෙහි නිදසුනක් ලෙසින් දැක්වෙයි. කෙසේවෙතත්, අන් යමෙකු සවිඥානක බවට යමෙකුගේ විශ්වාසය ඥාන විභාග ප්‍රකාර ස්වයං-ප්‍රත්‍යක්ෂ නොවේ. පහත දැක්වෙන ප්‍රස්තූතය ස්වයං-ප්‍රත්‍යක්ෂ බවට සැලකෙයි: පරිමේය සමස්තයක්, එහි ඕනෑම කොටසකට වඩා සමාන හෝ විශාල හෝ වෙයි
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සිනමා නිර්මාණයක රැඟුමන් පිළිබඳ නළු නිළියන්ට, අධ්‍යක්ෂවරයාට වඩා බලයක් හිමි රැඟුම් පාලක මණ්ඩලයේ ලොක්කන්ටයි. ඔහුගෙන් එල්ල වෙන වෙඩි උණ්ඩ තිිරයේ දකින්න ලැබෙන උණ්ඩවලට වඩා නිර්මාණකරුවාට බෙහෙවින් භායනකය.මෑතකදී භාරතයම කැලඹ වූ පුවතක් වූයේ රැඟුම් පාලක මණ්ඩලයට එල්ල වූ අල්ලස් චෝදනාවයි. එහි ප්‍රධාන පරිපාලන නිලධාරියා වූ රාකේෂ් කුමාර් දැනටමත් මේ හේතුව මත අත් අඩංගුවට ගෙන අවසන්ය. ඉන්දියානු රේල්ලු නිලධාරියකු වූ ඔහු රැඟුම් පාලක මණ්ඩලයට බැඳුණේ මේ වසරේ ජනවාරි මාසයේදීය.බොහෝ විට පුවත්පත්වල සිරස්තල මැවෙන්නේ රැඟුම් පාලක මණ්ඩලයේ කැපිලි පිළිබඳවයි.‘ෆයින්ඩිං ෆැනි’ කපන මණ්ඩලයේ නවතම ගොදුරයි. ඔවුන් අධ්‍යක්ෂ හොමි අදජේනියාට පවසා ඇත්තේ සිනමාපටයේ දීපිකා පදුකෝන් අර්ජුන් කපූර්ට ‘මං නොඉඳුල් තරුණියක්’ (වර්ජින්) යන කොටස ඉවත් කරන ලෙසයි. එහෙත් හෝමිගේ තර්කයට අනුව ‘දිල්සෙ’ (1998) සිනමාපටයේදී නොඉඳුල් (වර්ජින්) යන වචනය භාවිත කර තිබේ.ප්‍රීති සින්තා, ෂාරුක් ඛාන්ගෙන් ඔබ නොඉඳුල් ද කියා අසා ඇත. මෑතකදී තිරගත වූ ‘ටූ ස්ටේට්ස්’ (2014) සිනමාපටයේ ද එවන් අදහසක් පළ කරන වාක්‍යයක් තිබිණි.කෙසේ වුවත් කපන මණ්ඩලය නැවත නැවත හෝමිගෙන් ඉල්ලා සිටින්නේ එම වාක්‍ය කපා දමන ලෙසයි. ඩිම්පල් කපාඩියාගේ දර්ශනයකට ද මණ්ඩලයේ විරෝධතාව එල්ල වී තිබේ. ඩිම්පල් පවසන්නේ නිරුවත් දර්ශන, හාදු දර්ශන අනුමත කරන කපන මණ්ඩලය තමන් හොඳින් ගත ආවරණය කරගෙන කරන රඟපෑම කපා දමන්නේ ඇයිදැයි නොතේරෙන බවය. ‘මේ මිනිස්සුත් එක්ක කතා කරන්න ඕනෑ’යි ඩිම්පල් පවසන්නේ සිරුරේ උෂ්ණත්වය දෙගුණයකින් තෙගුණයකින් ඉහළ නංවාගෙනය. දිල්ලි බෙලි, මිස් ලව්ලි, දේධ් ඉෂ්කියා, ජිස්ම් 2, රාගිනි එම්එම්එස් 2 වැනි සිනමාපට ගණනකටම කපන මණ්ඩලයෙන් සැනසුමක් නොලැබිණි. අවසන කපන මණ්ඩලය ද අල්ලස් චෝදනා මත කැපිල්ලකට අසු වී තිබේ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
‘සිරීගෙ ඉරණම’ හදන ලක්ෂමන් මත්තුමගල හමුවෙමුසිරීගේ ඉරණම මේ දවස්වල කියැවෙන්නේ ජනප්‍රියම නාට්‍ය ගොන්නේ නමක් විදියට. ඒකාකාරී නාට්‍ය රැල්ලෙන් මංමුලා වෙලා හිටිය රසික ජනතාවගේ සිත් වෙනස් මානයක් වෙතට ගෙන ගිය සිරීගේ ඉරණම බාල, මහලු කොයි කා අතරත් අතිශය ජනප්‍රියයි. මේ කතාව සිරීගේ ඉරණම තීරණය කරන නියමුවා සමඟ. එහෙමත් නැතිනම් සිරීගේ ඉරණම අධ්‍යක්ෂවරයා සමඟ.ක්ෂේත්‍රයට ප්‍රවීණ වුවත් ඔහු නිරතුරුවම අපට හමු වන්නේ ඒකාංගික හා ළමා නාට්‍ය සමඟ. ලක්ෂ්මන් මත්තුමගල. ‘සත්සර රංගන’, ‘කෝපිකඩේ’, ‘අන්දර වැට’ වැනි ඒකාංගික නාට්‍ය හරහාත්, ‘සෙල්ලම් ගෙදර’ ළමා නාට්‍යය තුළිනුත් අප හමු වූ සුන්දර හිත ලක්ෂ්මන් හමුවෙමු.මේක වෙනස් නාට්‍යයක් ?ඔව්. ඒකාකාරී නාට්‍ය රැල්ල දිහා බලන් ඉදලා හෙම්බත් වෙලා හිටිය රසිකයන්ට අලුත් රසයක් දෙන්න තමයි අපට උවමනා වෙලා තිබුණේ. ඒ අනුව හිතලා තමයි මේ නාට්‍යය සංකල්පය හැඳුණේ. මේ නාට්‍යය තුළ කාර්යාල පද්ධතියේ තිබෙන කරුණු ඉතා මනාව රූපයට නඟන්න තමයි අපට උවමනා වෙලා තිබුණේ. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය කිත්සිරි. කිත්සිරිට දැන් හැමෝගෙම අවධානය යොමුවෙලා තියෙනවා.ඔබ වැඩිපුරම ප්‍රසිද්ධ ඒකාංගික හා ළමා වැඩසටහන්වලට ?මම කාලයක් තිස්සේම වැඩ කළේ ඒකාංගික හා ළමා නාට්‍ය සමඟ. නමුත් ප්‍රාසාංගික නාට්‍යයක් කිරීමේ උවමනාව නොතිබ්බා නොවෙයි. කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් සිරීගේ ඉරණම වැනි ජනප්‍රිය වූ නාට්‍යයක් හරහා ජනතාවට ළං වීමට ලැබීම සතුටක්.සිරීගේ ඉරණම ඉතාමත් ඉක්මණට ජනගත වෙනවා ?මා හිතන්නේ අපේ රටේ ප්‍රේක්ෂකයා සමීප අත්දැකීම් ඇසුරෙන් නිර්මාණ බිහි වෙනවාට කැමැතියි. සිරීගේ ඉරණම තුළ අපට සමීප පොදු චරිත දකින්නට ලැබෙනවා. ඒ නිසාම ප්‍රේක්ෂකයාට ඒ තුළ ජීවත් වීමේ ඉඩ තිබෙනවා. මේ හේතුව තුළ නාට්‍යය ජනප්‍රිය වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම සිරීගේ ඉරණම ක්‍රමානුකූලව ගලා යන පිළිවෙළක් ඇති නාට්‍යයක්. ජනප්‍රියත්වයට එයත් බලපෑවා.දර්ශන තලවල ගෙවුණු කාලය කොහොමද ?අපි කණ්ඩායමක් විදියට ඉතාමත් කාර්යශූරව කටයුතු කළා. කොතරම් ඉක්මනට වැඩ කළත් නිර්මාණයට අවශ්‍ය කාලය ලබා දෙන්නටත් බැඳී හිටියා. කුලියාපිටිය ආසන්නව තමයි රූගත කිරීම් සිදුවුණේ. දවස් එකසිය පහක් අපි ඉතාමත් සමගියෙන්, සන්තෝෂයෙන් කටයුතු කළා. මා එක් දෙයක් කිව යුතුමයි. අපේ කණ්ඩායම මේ කටයුත්ත තමාගේම කටයුත්තක් කරගෙන බැඳුණු නිසා තමයි මෙවැනි සාර්ථක නිර්මාණයක් ජනතාවට තිළිණ කරන්නට ලැබුණේ.දැන් ඉතාමත් වේගයෙන් ටෙලි නාට්‍ය හැදෙනවා ?මේ කොටස් සියය හැදුවේ දවස් එකසිය පහකින්. එහෙම නැතුව වියදම පියවා ගන්න අමාරුයි.ඒ වේගය නිර්මාණයට හානියක් නොවෙයි ද ?නැහැ. නිකරුනේ ගත කරන කාලය ඈත් කලාම ඉතා ඉක්මනින් කටයුතු කරන්න පු¼ථවන්. මා හිතනවා ටෙලි නාට්‍ය්‍යය නිර්මාණයට නොවෙයි ඕනෑම කටයුත්තකට ඒක පොදු කාරණයක්. වේගයෙන් කටයුතු කිරීම් තුළ නිර්මාණයට අසාධාරණයක් වෙන්න මම ඉඩ තිව්වේ නැහැ.මොනව ද රසබර තැන් ?ඇත්තටම අපි ඉතාමත් කැපවීමෙන් නිර්මාණය සඳහා වෙහෙසුණා. නිදහසේ ඉන්න වෙලාවට රසබර කතන්දර කිව්වා. විනෝද වුණා. ගෙවුණු හැම මොහොතම රස බරයි. නමුත් විශේෂ සිද්ධි කියලා කියන්න දෙයක් නැහැ. මොකද කුලියාපිටියේ අපි නැවතිලා හිටියේ නැහැ. හැමදාම න¼ථ නිළියෝ කොළඹට ආවා ගියා.දැන් ලංකාවේ ඒකාංගික නාට්‍ය හැදෙන්නෙ ඉතාමත් අඩුවෙන් ?හැමෝම කැමැති ලාබ ගන්න. ඒකාංගික ටෙලි නාට්‍ය කිරීමෙන් අපේක්ෂිත ලාබ ලබන්න අමාරුයි. ඒ වගේම විකාශන කාලයක් ලබා ගැනීමත් දුෂ්කර කටයුත්තක්.මෙවැනි කරුණු කාරණා නිසා දැන් ඒකාංගික නාට්‍ය බිහි වෙන්නේ ඉතා කලාතුරකින්.ඔබ ස්වාධීන රූපවාහිනි සේවයේ ළමා වැඩසටහන් අංශයේ අධ්‍යක්ෂවරයෙක් ?දරුවන් සමඟ කටයුතු කිරීම හිතට ලොකු ප්‍රීතියක්. ඒ වගේම අනාගතය බාර ගන්නට ඉන්න පිරිසට යමක් කිරීම අපේ වගකීමක්. ළමා වැඩසටහන් අංශයේ කටයුතු කිරීම මට ගෙන දෙන්නේ තෘප්තියක්.ඉදිරිය කොහොම ද?ලොකු සැලසුම් නැහැ. ළමා නාට්‍යයක් සඳහාත් සාකච්චාවක් සිදු වෙමින් පවතිනවා. තවත් ටෙලි නාට්‍යටක් සඳහාත් ආරධනා ලැබිලා තියෙනවා. කෙසේ වෙතත් සමාජයට ඵලදායී නිර්මාණයක් කිරීම තමයි මගේ අරමුණ. නිර්මාණකරුවෙක් විදියට මා ඒ සඳහා බැඳී ඉන්නවා.සටහන – චතුර ගීතනාත් බණණ්ඩාරසේයාරුව -මාලන් කරුණාරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හැට පැන්න ද වඳුරෝ බිමින් නොයති. ඒවාගේම තරුවල ආදර කතා ද වයසත් සමඟ නිමා නොවෙයි. ජොනී ඩෙප් පසුගිය ජූනි නව වැනිදා පසු කළේ ජීවිතයේ පනස් වැනි උපන් දිනයයි. පනස් එක් වැනි උපන් දිනය උදාවීමට පෙර ඔහු යළිත් මනාලයකු වෙයි.ජොනී, ඇම්බර් හර්ඩ් පෙම්වතිය විවාහ කර ගන්නා බව පසුගියදා තහවුරු කළේය. ඇම්බර් විසි හත් හැවිරිදිය. මෑතකදී ඇය ද මිතුරියන්ට ළඟදීම පවත්වන්නට යන විවාහ ගිවිස ගැනීම ගැන පවසා තිබේ. ඇය දැනටමත් ඩෙප්ගේ පළමු විවාහයේ දරුවන් දෙදෙනා සමඟ විනෝදයෙන් පසුවන බව ද රහසක් නොවෙයි.විවාහ ගිවිස ගැනීම ගැන මාධ්‍යයෙන් ප්‍රසිද්ධ වූවාට පසු ඇම්බර්, වෙදැඟිල්ලේ විශාල මුද්දක් දමාගෙන සිටින්නීය. ඇය මුලින්ම සබඳතාවක් පැවැත්වූයේ ටාස්යා වෑන් රී නම් ඡායාරූප ශිල්පියා සමඟයි. 2011 වසරේදී ඇය ස්ත්‍රී පුරුෂ සබඳතා ගැන මතභේදාත්මක ප්‍රකාශයක් කළාය. ‘මම පිරිමින් සමඟ වගේම ගැහැනුන් සමඟ ද සබඳතා පවත්වනවා. ආදරය කරන්නේ කවුරුන්ද? ඔහුට / ඇයට මං ආදරෙයි.’ ඇය ජොනී ඩෙප් සමඟ මිතුරු වුණේ ‘ද රම් ඩයරි’ සිනමාපටයේ රඟපාද්දියි.ජොනී 1983 වසරේ සිට 1985 වසර දක්වා විවාහ වී සිටියේ ලෝරි ඇන් ඇලිසන් සමඟයි. ජොනීගේ දුවත්, පුතත් ඇම්බර්ට වඩා වසර ගණනාවක් බාලය.ඔහු තමන්ගේ වටිනාම පුද්ගලයන් ටැටූ ලෙසින් සිරුරේ සනිටුහන් කරගෙන සිටින්නෙකි. ඒ ටැටූ අතරට ඇම්බර් හර්ඩ්ගේ ටැටූව එක්වන්නට තරම් ඇයගේ ආදරය ප්‍රබල වේවිද?චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කප්පම් කල්ලි හෝ සංවිධානාත්මක අපරාධ කල්ලිවලට ක්‍රියාත්මක වීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බවත් එවැනි කල්ලි වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. වැරදි හෝ අසාධාරණ ක්‍රියාවක් සිදු වන ඕනෑම අවස්ථාවක එයට එරෙහිව නැගී සිට සාධාරණය ඉටු කිරීමට රජයේ සහ තම අමාත්‍යාංශයේ වගකීම බවද ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය.පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ කප්පම් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘ දිනමිණ’ ට විශේෂ ප්‍රකාශයක් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා මෙසේද කීය.කොළඹ ශාන්ත ජෝන් මාළු වෙළඳ සංකීර්ණයේ මීට ඉහතදී මේ කප්පම් මුදල් ගැනීමේ සිද්ධීන් වාර්තා වුණා. ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් කිසිසේත් ඇති වන්න ඉඩ තබන්නේ නෑ.පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳුන්ට ඔවුන්ගේ වෙළදාම සිදු කර ගෙන යාමට අවශ්‍ය පරිසරය මේ වන විට සකස් කොට අවසන්.පාරිභෝගිකයන්ට එහි ගොස් තමන්ට අවශ්‍ය මාළු ලබා ගැනීමට හැකියාවක් ඇති බව අවධාරණයෙන් පැවසිය හැකිය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කෑගල්ල රජයේ රෝහල දිසාවේ වෙනත් රෝහල්වලින් එවන රෝගීන්ට වැඩිදුරටත් ප්‍රතිකාර අවශ්‍ය වූ අවස්ථාවලදී සේවා සපයන මුලික රෝහල බවට පත් කැර තිබේ.එහෙත් එම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා සහ විකලාංග රෝග සඳහා ප්‍රතිකාර ලබාදෙන වෛද්‍ය විශේෂඥවරයාද මේ වනවිට විදේශ ගතව කාලයක් ගතවීම නිසා එම අංශ දෙකෙහි වෛද්‍ය සේවා අඩපණව ගොස් ඇති බව වාර්තා වෙයි.මෙම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ සේවය අත්‍යවශ්‍යයම අංගයකි. විවිධ අපරාධවලින් පීඩාවට පත්වන පිරිස්ද මෙම රෝහල වෙත ගෙනවුත් අදාළ වෛද්‍ය වාර්තා ලබා ගැනීමද මෙහිදී සිදු කරනු ලබයි.ප්‍රදේශයේ සිදුවන අපරාධවලදී අදාළ අපරාධ පිළිබඳව පොලිස් ස්ථානයන් විසින් අධිකරණ වෙත ඉදිරිපත් කරන නඩුවලට අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගේ සාක්කිය ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙයි. එහෙත් මෙම රෝහල වෙතින් දිගු කලක් තිස්සේ ලබා ගන්නා ලද එම වෛද්‍ය වාර්තා ලබාගැනිමේ සේවය අධිකරණ වෛද්‍ය විශේෂඥ වරයා රෝහලේ සේවය නොකරන නිසා අසීරුව ඇති බවද එම ප්‍රශ්නයට පිළියම් ලබා ගන්නටද පොලිස් ස්ථානයන්ටද ගැටලු සහගතව පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.මෙහිදී අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගේ සේවය අවශ්‍ය වූ අවස්ථාවලදී එසේ අධිකරණ සාක්කි ලබා ගන්නට සිදුවන පුද්ගලයන් කුරුණෑගල, මහනුවර, පේරාදෙණිය ආදී රෝහල් වෙත යවා එම අධිකරණ වෛද්‍ය වාර්තා එම රෝහල්වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරයා වෙතින් ලබා ගන්නට සිදුව ඇති බව පොලිස් නිලධාරිහුද පවසති.කෑගල්ල මුලික රජයේ රෝහලේ උද්ගතව ඇති මෙම තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා මෙසේ පැවැසීය.කෑගල්ල රජයේ මූලික රෝහලට අවශ්‍ය හැම අංගයක්ම අප විසින් ලබාදී එමඟින් විපුල ඵලදායක සේවාවක් ජනතාවට ලබාදෙන්න අප රජය පියවර ගනු ලැබුවා.එහෙත් එහි උද්ගතව ඇති මෙම තත්ත්වය ගැන අප දැනුවත් කැර නැහැ. මම වහාම ඒ ගැන සොයා බලනවා..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පිටපතත් මගේලොකේෂන් මගේයනෙන තැනකඉන්න තැනකමම රඟනවාමොකද මේකරඟ මඩලක්කවුරු කවුරුත්පොඩි චරිතලොකු චරිතරඟපාන...අපි අතරේසබඳකමතමයි උඹලටමගෙන් ලැබෙනසම්මානේ.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. ලක්ෂණ ඕනෑම වර්ග පදයක් ශූන්‍ය හෝ ධන සංඛ්‍යාවක් වන නිසා විචලතාව ඍණ අගයක් නොගනී. සසම්භාවී විචල්‍යයක විචලතාව ශූන්‍ය වනුයේ විචල්‍යයේ යම් දෝශ සහගත තත්වයන් පැවතුනහොත් පමණක් එනම් එය සම්භාවිතාව 1වන නියත අගයක් ගනී. තවද විචල්‍ය දත්ත සමූහයක විචලතාව o වෙන්නේ සියලුම විචල්‍යවලට එකම අගය පැවතුණහොත් පමණි. ස්ථානීය පරාමිතිය අනුව විචලතාව විචලනය නොවේ. එනම් යම් නියත අගයක් සියලුම විචල්‍යයන්ට එකතු කළ විට විචලතාව වෙනස් නොවේ. සියලුම විචල්‍යයන් නියත අගයකට අනුව පරිමාණ ගත කළ විට විචලතාව එම නියත අගයේ වර්ගයට අනුව පරිමාණ ගතවේ. මෙම ගති ලක්ෂණ දෙක පහත සූත්‍රයෙන් ප්‍රකාශ කළ හැක. සහසම්බන්ධයක් රහිත සසම්භාවී විචල්‍යවල පරිමිත ඓක්‍යයක විචලතාව ඒවායේ විචලතාවල ඓක්‍යයට සමාන වේ. 1. කිසියම් නිරීක්ෂණයක් තවත් දෙවන විචල්‍යයක් ඇසුරෙන් වෙනත් උප සමූහවලට බෙදිය හැකි යයි උපකල්පනය කරමු. එවිට සමස්ත ඒකකයේ විචලතාව උප සමූහවල විචලතාවයන්ගේ මධ්‍ය නිසා සහ උප සමූහවල මධ්‍යන්‍යයයේ විචලතාවය යන දෙකේ එකතුවට සමාන වේ. මෙම ලක්ෂණය විචලතා විහේදනය නැත්නම් , සමස්ත විචලතාව පිළිබද නීතිය ලෙස හැදින්වෙන අතර එය විචල්‍ය විෂ්ලේෂණයේ දී වැදගත් ක්‍රියාදාමයක් ඉටු කරයි. උදාහරණයක් ලෙස කිසියම් කණ්ඩායමක් සමාන පිරිමින් හා ගැහැණුන් ප්‍රමාණයකින් සමන්විත උප සමූහ දෙකකින් සෑදී ඇතැයි උපකල්පනය කරමු. තවද පිරිමින්ගේ උසෙහි මධ්‍යන්‍යය 180 යැයි ද විචලතාව 100 යැයිද ගැහැණුන්ගේ උසෙහි මධ්‍යන්‍යය 160 යැයි ද විචලතාව 50 යැයි ද සිතමු.මෙවිට විචලතාවයන්ගේ මධ්‍යන්‍ය (100 + 50) / 2 = 75 වේ. මධ්‍යන්‍යවල විචලතාව 180 හා 160 විචලතාව වන 100 වේ. එවිට සමස්ත ඒකකයේම උසෙහි විචලතාව 175 වේ. වඩාත් සාධාරණ අවස්ථාවක දී උප සමූහයන් ප්‍රමාණයෙන් අසමාන වන විට මධ්‍යන්‍ය සහ විචලතාව නිර්ණය කිරීමේ දී ඒවායේ ප්‍රමාණයන්ට සමානුපාතික වන පරිදි බර තැබිය යුතුය. ඉහත සූත්‍රය උප සමූහ දෙකකට වඩා පවතින අවස්ථාවලදී ද උප සමූහ බෙදී යාම දිගින් දිගටම සිදුවන අවස්ථාවලට ද අනුකූලවේ. සමස්ත කණ්ඩායමේ විචලතාව උප සමූහයන්ගේ විචලතාවයන්හි මධ්‍යන්‍යයට වඩා කුඩා විය නොහැකි බව මෙම සූත්‍රයෙන් ගම්‍ය වේ. එහෙත් සමස්ත විචලතාව එක් එක් උප සමූහයේ විචලතාවයට වඩා අනිවාර්යෙන්ම විශාල විය යුතු නැත. ඉහත දක්වන ලද උදාහරණයෙහි උප සමූහයන් වෙන් වෙන් වශයෙන් විශ්ලේෂණය කළ විට විචලතාවට බලපාන්නේ පිරිමි - පිරිමි අතර සහ ගැහැණු - ගැහැණු අතර පවතින වෙනස්කම් පමණි. නමුත් කණ්ඩායම් දෙක එකතු කළ විට ගැහැණු - පිරිමි අතර පවතින වෙනස්කම් ද විචලතාවට බලපායි. 2. විචලතාව පිළිබද බොහෝ ආගණන සූත්‍ර “විචලතාව , වර්ගවල මධ්‍යන්‍යයෙන් මධ්‍යන්‍යයේ වර්ගය අඩු කළ විට ලැබෙන අගයට සමාන වේ” යන ගුණය මත රදා පවතී. උදාහරණයක් ලෙස අපි 1,2, 3, 4 යන ඉලක්කම් සලකමු. මෙවිට වර්ගවල මධ්‍යන්‍යය (1 x 1 + 2 x 2 + 3 x 3 + 4 x 4) / 4 = 7.5 වේ. මෙම සංඛ්‍යාවල මධ්‍යන්‍යය 2.5 වේ. එමනිසා මධ්‍යන්‍යයේ වර්ගය 6.25 වේ. එමගින් විචලතාව 7.5 – 6.25 = 1.25 වේ. මෙම අගය අර්ථ දැක්වීම් මගින් ගොඩනගන ලද සූත්‍ර මගින් ගණනය කරන අගයට සමාන වේ. ඇල්ගෝරිතමවලදී මෙම ක්‍රමය භාවිතාවේ. එමගින් ඔවුන්ට ආගණනයන් සිදු කිරීමේ දී සියලුම දත්ත මතකයේ නොතබා ගෙන දත්ත ඇතුල් කරන අතරතුරේදීම විචලතාව ලබා ගැනීමට ඉඩ සැලසේ. ඇල්ගෝරිතමවලදී තව දත්තයක් ඇතුල් කිරීමේ දී වෙනස් කළ යුතු වන්නේ විචල්‍ය තුනකි. ඇතුළත් කරන ලද දත්ත ප්‍රමාණය (n) ඇතුළත් කළ සියලු දත්තයන්ගේ ඓක්‍යය (s) ඇතුල් කළ සියලු දත්තයන්ගේ වර්ග පදවල ඓක්‍යය (ss) උදාහරණයක් ලෙස දත්තයන් 1,2,3,4 ලෙස සලකමු. ප්‍රථම දත්තය ඇතුල් කළ පසු n = 1 , s = 1 සහ ss = 1 වේ. දැන් දෙවන දත්තය වන (2) ඇතුල් කළ විට n = 2 , s = 3 සහ ss = 50 සියලුම දත්ත ඇතුල් කළ පසු n = 4 , s = 10 සහ ss = 30 වේ. මධ්‍යන්‍යය M = s/n ලෙස ගණනය වේ. මෙම උදාහරණයේ දී අවසාන ප්‍රතිඵලය 30/4 – 2.5 x 2.5 = 7.5 – 6.25 = 1.25 වේ. නොනැඹුරු දත්තයන් සමූහයක් ආගණනය කිරීමේ දී අවසාන ප්‍රතිඵලය n/(n-1) න් ගුණ කළ යුතුය. මෙම උදාහරණයේ දී 1.667 වේ. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Variance#Properties
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රෙදිපිළි ඉංජිනේරු විද්‍යාව (TE) හෝ තාක්ෂණය කටයුතු කරනු ලබන්නේ තන්තු රෙදිපිළි හා ඇගලුම් ක්‍රියාවලි, නිෂ්පාදන හා යන්ත්‍ර සුත්‍රවල සියලුම අංග සැලසුම් කිරීමට හා පාලනයට යොදා ගන්නා විද්‍යාත්මක හා ඉංජිනේරුමය න්‍යායන්ගේ යෙදීම් සමගය. මෙයට ස්වාභාවික හා කෘත්‍රීම අමුද්‍රව්‍ය, අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සුත්‍ර අතර අන්තර් ක්‍රියාකාරීත්වය, ආරක්ෂාව හා සෞඛ්‍ය, ශක්ති සංරක්ෂණය හා අපද්‍රව්‍ය හා දුෂණ පාලන ඇතුළත් වෙයි. මීට අමතරව රෙදිපිළි ඉංජිනේරු වරුන්ට කර්මාන්ත ශාලා සැලසුම් කිරීම, යන්ත්‍ර සුත්‍ර හා තෙත් ක්‍රියාවලි සැලසුම් කිරීමේ හා වැඩි දියුණු කිරීමේ හා රෙදිපිළි නිෂ්පාදන සැලසුම් කිරීමේ හා නිර්මාණය කිරීමේ පුහුණුව හා අත්දැකීම් ලබාදෙනු ලැබේ. සාමාන්‍ය TE වැඩසටහනක ඇති පාඨමාලාවලට රෙදි පිළි ඉංජිනේරු පද්ධති, රෙදිපිළි ඉංජිනේරු සැලසුම්, තන්තුමය ව්‍යුහවල යාන්ත්‍ර විද්‍යාව රෙදිපිළි ඉංජිනේරුමය තත්ත්ව වැඩිදියුණු කිරීම, රෙදි පිළි තොරතුරු පද්ධති සැලසුම් කිරීම, බහුඅවයවික ඉංජිනේරු විද්‍යාව, බහු අවයවික ජෛව අමුද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව, පටක හා රෝපණ අවශ්‍යතා යාන්ත්‍රණ විද්‍යාව, තන්තු ගොඩනැංවීමේ යාන්ත්‍රණ, රෙදිපිළි ඉංජිනේරු විද්‍යාවේ විශේෂ මාතෘකා, තන්ත්‍ර නිෂ්පාදන පද්ධති වල ගතිකය , රෙදිපිළි සංයෝග, කර්මාන්තමය රෙදිපිළි, වෛද්‍ය විද්‍යාවේ රෙදි පිළිවල යෙදීම්, ඉංජිනේරුමය ආර්ථික විද්‍යාව, රෙදිපිළි නිපදවීමේ හා තත්ත්ව පරීක්ෂා කිරීමේ යන්ත්‍රෝපකරණවල මූලික ඉලෙක්ට්‍රෝනික් විද්‍යාව, සායම් තැබීම මුද්‍රණය හා අනෙකුත් රෙදිපිළි වර්ණ ගැන්වීමේ ක්‍රම හා කර්මාන්තමය සැලසුම් කිරීම් හා සංවිධානය කිරීම් ඇතුළත් වෙයි. (මොයි විශ්ව විද්‍යාලය, 1991) රෙදිපිලි ඉංජිනේරු විද්‍යාව විෂය මාලාව පුරාවටම ශිෂ්‍යයන් විසින් අනෙකුත් ඉංජිනේරුමය හා විෂය පන්තිවලින් පාඩම් ලබා ගැනීම් සිදු කරයි. ඒවාට යාන්ත්‍රික, රසායනික, ද්‍රව්‍යමය හා කර්මාන්තමය ඉංජිනේරු විෂය පථ ඇතුළත් වෙයි. TE විෂය මාලාව මගින් ශිෂ්‍යයන්ට රෙදිපිලි ඉංජිනේරු විද්‍යාවේ අඩිතාලමක් ලෙස මූලික ඉංජිනේරුමය පාඨමාලාවල පුළුල් පාදමක් සපයා දෙයි. ශිෂ්‍යයන් විසින් තාපගති විද්‍යාව, ද්‍රව්‍යමය විද්‍යාව, කර්මාන්තමය කළමනාකරණය, ව්‍යවහාරමය යන්ත්‍ර විද්‍යාව හා ඉංජිනේරුමය ඇදීම් හා සැලසුම්කරණය වැනි මූලික පාඨමාලාද ඉගෙන ගනියි. රැකියා තත්ත්වය[සංස්කරණය] රෙදිපිලි ඉංජිනේරු වරයෙක්, රෙදිපිළි අමුද්‍රව්‍ය (තන්තු , නූල්, රෙදි හා නිමැවුම්) සමග කටයුතු කරයි. බොහොමයක් රෙදිපිළි ඉංජිනේරුවරුන් නිෂ්පාදන පර්යේෂණ හා දියුණු කිරීම පිළිබඳව කටයුතු කිරීම සිදු කරනු ලබයි. එය ඔවුන් සිදු කරන්නේ දැනට පවතින රෙදිපිළි නිෂ්පාදන වැඩි දියුණු කිරීමෙන් හෝ නව නිෂ්පාදන නිර්මාණය කිරීමෙන් විය හැකිය. තවද ඔවුන් නව තන්තු, නූල්, රෙදි හෝ රෙදිපිළි නිමවුම් සදහා භාවිත සොයා ගැනීම සමග ද සම්බන්ධ විය හැකිය .
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කළුතර නගර සභා බල ප්‍රදේශය තුළ සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීම සඳහා 2013 කළුතර නගර සභා අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බව සභාපති දේශකීර්ති අල්හාජ් එම්.එම්.එම්. ජවුෆර් මහතා ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම එළඹෙන 2013 වර්ෂය ඇතුළත කළුතර නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති අතර ඓතිහාසික වටිනාකමකින් යුත් කළුතර නගර ශාලාව නවීකරණය කිරීම සඳහා කටයුතු කිරම ඒ සඳහා රුපියල් 5000000 /- මුදලක් වෙන් කර තිබේ.පලාතොට හිමිදිරියාව ආදාහනාගාරයේ වැඩ නිම කිරීම සඳහා රුපියල් 5000000 /- ක්ද, කටුකුරුන්ද වෙට්ටුමකඩ වෙළඳ සංකීර්ණයේ මුල් අදියර සඳහා රුපියල් 47500000 /- ක්ද, එමෙන්ම එහි කඩ කාමර සහිත ස්ථානයේ අවශ්‍යතා සඳහා තවත් රුපියල් 1800000 /- ක්ද වෙන් කර ඇත.එමෙන්ම ඉතාමත් අවශ්‍යවන ව්‍යාපෘතියක් වන කළුතර උතුර සතිපොළ සංවර්ධනය සඳහා මෙවර කළුතර නගර සභා අය වැයෙන් (2013) රුපියල් 6500000 /- ක් සහ කළුතර නගර සභා උද්‍යානය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් 2500000 /-ක් ද වෙන් කර තිබේ. මීට අමතරව කළුතර නගර සභාවේ පක්‍ෂ විපක්‍ෂ සියලු නාගරික මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් කළුතර නගර සභා බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාව වෙනුවෙන් අති විශාල මුදලක් වැය කරමින් 2013 වර්ෂයේදී ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව කළුතර නගර සභා සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මා අධ්‍යක්ෂණය කරන ‘ස්වර්ණපාලි’ ටෙලි නාට්‍ය දෙරණ රූපවාහිනියේ විකාශය වෙනවා. ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරත් කදිමයි. ඒ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සමඟ කාලය ගත වන නිසා මේ දවස්වල නියැලෙන එකම කලා කටයුත්ත වන්නේ මේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණයයි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කාගේත් වැඩි අවධානයක් දිනා ගත් 2014 පාපන්දු ලෝක කුසලානය අද බ්‍රසීලයේදී ආරම්භ වෙනවා. ඉතින් බොහෝ විට මෙහි තරග පවත් වෙන්නේ ලංකාවේ වේලාවෙන් රාත්‍රී කාලයේ. ඉතින් Android දුරකථන භාවිතා කරන ඔයාට පුළුවන් මෙහි Updates, Scores, Teams මේ වගේ ගොඩක් විස්තර දැනගන්න.පහලින් FIFA Official App එක Install කරගන්නඑහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න.ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..සියලු දෙනාටම සුභ දවසක්.....
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
තලෙයිමන්නාරම උතුරු මුහුදු තීරයේ ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංගනය කර ධීවර කටයුතවල යෙදුන ධීවරයන් 08 දෙනෙකු හා ටෝලර් යාත්‍රා 02 ක් නාවික හමුදාව විසින් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන ඇත.තලෙයිමන්නාරම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. මෙම පිරිස නීතිමය පියවර ගැනීම සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. ටෝලර් යාත්‍රා දෙක ආරක්ෂා සහිතව තලෙයිමන්නාරම නාවික හමුදා කඳවුරේ තබා ඇත.අත්අඩංගුවට ගන්නා ලද ධීවරයන් 08 දෙනා ඊයේ (16) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
එම්.ආර්.අයි. (MRI) පරීක්ෂණය සිදු කර ගැනීමට නොහැකිව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන දරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් පොරොත්තු ලේඛනයේ සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.රෝහලට එම්.ආර්.අයි. යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් දරුවන්ට මෙසේ පොරොත්තු ලේඛනයේ සිටීමට සිදුවන අතර දිනකට එක් දරුවකු පමණක් කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි. පරීක්ෂණයට යොමු කෙරේ. සාමාන්‍යයෙන් දිනකට දරුවන් පස් දෙනකුටවත් මේ පරීක්ෂණය සිදු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා පවසයි.පිළිකා, හෘද රෝග, ස්වසන රෝග, මොළයේ ආබාධ යනාදී ඕනෑම භයානක රෝගයක් පවතින දරුවන් මේ පරීක්ෂණයට යොමු කිරීමෙන් රෝගය කල් තියා හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීමෙන් දරුවාගේ ජීවිතය බේරා ගත හැකි බව වෛද්‍යවරු පවසති.රිජ්වේ ආර්යා ළමා රෝහල ආරම්භ කර වසර 117 ක් ගත වී තිබුණත් මේ වන තෙක් එම්.ආර්.අයි. යන්ත්‍රයක් රෝහලට ලබාදීමට කිසිම රජයක් උනන්දු වී නැති අතර එහි අවශ්‍යතාව තේරුම් ගත් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය මඟින් එම්.ආර්.අයි. යන්ත්‍රයක් ලබාදීමට පියවර ගෙන ඇති බව ද වෛද්‍ය හේවගේ මහතා ප්‍රකාශ කළේය.එම යන්ත්‍රය ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 135 කට අධික මුදලක් වියදම් කර ගොඩනැඟිල්ලක් සාදා අවශ්‍ය උපාංග ද සවි කර ඇති අතර රුපියල් මිලියන 250 ක් වටිනා එම්.ආර්.අයි. යන්ත්‍රය එම ගොඩනැඟිල්ල තුළ මේ වසර අවසානයේදී ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. මෙරට රජයේ ඉල්ලීමකට අනුව චීන රජයෙන් මේ යන්ත්‍රය ස්ථාපිත කිරීමට ආධාර ලබා දී ඇත.රෝහලට එම්.ආර්.අයි. යන්ත්‍රයක් පවතින්නේ නම් දිනකට දරුවන් 15 දෙනකු පමණ මේ පරීක්ෂණයට ලක් කළ හැකි බවත් එමඟින් දරුවන්ගේ භයානක රෝග මූලිකව හඳුනාගෙන ප්‍රතිකාර ලබාදී ඔවුන්ගේ ජීවිත බේරා ගත හැකි බවත් වෛද්‍ය හේවගේ මහතා පැවැසීය.ජාතික රෝහලේ පවතින ඉඩකඩ අනුව එම්.ආර්.අයි. පරීක්ෂණය සඳහා දිනකට එක් දරුවකු යොමු කිරීම සිදු කරන අතර මේ වන විට වසර 2014 දින කැලැන්ඩරය අනුව දින ලබාදීම ද අවසන් වී ඇති බව හෙතෙම කීය. .
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
එක දවසක්,ලස්සන හැන්දෑවක්කොහේදෝ යන රස්තියාදුකාරයෙක්ඇවිත්අවුල් කල ජිවිතයක්,I wish if that hug never happened,I wish If I never knew you,I wonderWhy did u crossed my road in a middle of a life puzzle.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
4pt 0in 5.බලන්න මේ ගැන ඔබත් අහලා තියෙනවාද කියලා.ඉන්දියාවේ රාජස්තාන්හි බිකනාර් කියන නගරයෙන්සැතපුම් 16ක් විතර ඈතට වෙන්න දෙවොලක් පිහිටා තිබුණා. (තිබුනා කිවුවේ දැන් තියෙනවාද යන්න නොදන්නානිසයි)ග ඒ දෙවොලේ පූජාවස්තුවක් විදියටමීයන්ට සලකනවා කිවුවොත් පුදුම හිතෙනවාද. මේ දේවාලයේ ඉතාමත් පරිස්සමෙන් උන් ආරක්ෂාකිරීමට නීතියකුත් පනවා තිබුනාලු. ඒ කාලයේඋන්ගේ කෑම බීම සදහා පමණක් රු. 20,000ක පමණ මුදලක් වැය කල බවයි සදහන් වෙලා තිබුනේ.මේ දේවාලයට වන්දනාවේ එන බැතිමතුන් මෙහිගැවසෙන මීයන්ට කිසිදු කරදරයක් හිරිහැරයක් නොවන්නට වග බලාගත්තාලු. එක විදියකින් එය දේවාලයේ තියෙන නීතියක්නිසා. ඇගේ මීයෙක් යන එකත් සුබ ලකුනක්විදියටවි මේ දේවාලයට වන්දනාවේ එන මිනිසුන් හිතාගෙන ඉදලා තියෙන්නේ. බැරිවෙලාවත් කෙනෙක් මීයෙක් මැරුවොත් එහෙම ඒවෙලාවෙම එයට නිසි දඩුවම් ලැබෙන බවටයි මෙහි වැසියන්ගේ විශ්වාසය.කාලයකට පෙර බික්නාරිහි රජ පවුලක් හිටපු බවත්ඒ රජ පරම්පරාවේ කර්නි දේවි නම් කුමරිය ආගමට ලැදි කාන්තාවක් විදියටත් සදහන්වෙනවා. මර්වාර්හි දීප කුමරු සමග මේ කුමරියවිවාහ වෙලා තියෙන්නේ ඇයට අවුරුදු 27 දීයි.නමුත් ඒ විවාහය එතරම් සාර්ථක එකක් වූයේ නැහැ. ඒ නිසා එම කුමරිය තමන්ගේ බාල නැගණිය විවාහ කරගන්න යැයි තමන්ගේ ස්වාමියාගෙන් ඉල්ලාසිටියලු. පසුව මේ කුමරු ඇගේ කීමට එකග වෙලා ඇයගේ නැගණියවිවාහ කරගෙන බොහෝම සතුටින් ජීවත් වුනා කියලයි කියන්නේ.මේ කර්න දේවි කුමරිය ඇයගේ අවසන් කාලයේදීආරාමයක් හදාගෙන ආගමට බොහෝම ලැදියාවෙන් කටයුතු කල අතරම දුගී මගියන්ට අසරණයන්ට පිහිටවුනා. ඇය මිය ගිය දිනයේ ඇගේ මල සිරුරින්නිකුත්වුනාය කියන ගිනි දැල්වලින් ඇගේ ශරීරය පිළිස්සි ගිය බවක් සදහන් වෙනවා. එදා ඉදන් ඒ ප්‍රදේශයේ වැසියන් ඇය ශාක්ති කියනදෙවියන්ගේ අවතාරයක් ලෙසින් විශ්වාස කරන්නට පටන් ගත්තා.ඉන් වසර ගණනාවක් ඉකුත් වුනාට පස්සේබික්නාර්හි රජ කල එක්තරා රජ කෙනෙකුට දෙව් කුමරියක් සිහිනෙන් පෙනී කියා සිටියේදෙවොලක් තනා එහි මීයන් ඉතා ආරක්ෂා සහිතව ඇති කරන ලෙසයි. ඉන් පස්සේ ඒ රජු දෙමහල් ගොඩනැගිල්ලක් සාදවා එහිමැද ඇති කුටියක කුඩා කුටියක් හදලා එහිමුදුන රනින් සෑදූ කුඩයකින් අලංකාර කලාලු.ඉන් පස්සේ දෙවොල ගංගායිං මහාරාජ්‍ය විසින්කිරිගරුඩින් අලංකාර ලෙස කැටයම් කරලා හදවලා තියෙනවා. පසුව දිනපතාම එම දෙවොලට එන බැතිමතුන් කර්තිදෙවියන්ගේ ආරක්ෂාව ඉල්ලා පුද පූජා පවත්වනවා.ඉතින් මීයන්ගේ පාරාදීසයක් වෙලා තියෙන්නේ මේ දෙවොලයි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සුගත් සමරකෝන් අධ්‍යක්ෂණය කරන ඇහැලේපොළ කුමාරිහාමි ඓතිහාසික සිනමාපටයේ මුහුරත් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය මෙහිදීී ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගී වූ අතර මාදුලුවාවේ සෝභිත හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද මේ සඳහා ආශිර්වාදය ලබා දීමට වැඩම කොට සිටියේය.ගයාන් රණධීරගේ නිෂ්පාදනයක් වන ඇහැලේපොළ කුමාරිහාමි සඳහා පාදක වනුයේ ඇහැලේපොළ කුමාරිහාමි නම් ඉතිහාසගත චරිතයයි. දුලානි අනුරාධා ඊට පණ පොවනු ඇත.ජැක්සන් ඇන්තනී, ලකී ඩයස්, බුද්ධදාස විතානාච්චි, නදීකා ගුණසේකර, ක්ලීටස් මෙන්ඩිස්, සඳුන් විජේසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රින්ස්ලි වීරරත්න, අනුර ධර්මසිරිවර්ධන, විනු සිරිවර්ධන, සාරංග දිසාසේකර, සරත් දික්කුඹුර, ප්‍රමුදිත උදය කුමාර, ස්ටැන්ලි ඛ්2ෂ්ණරත්න, ලලිත් රාජපක්ෂ, ක්‍රිස් හැරිස්, සුසිල් පෙරේරා, සුගත් විජේසේකර ඇහැලේපොළ කුමාරිහාමි හි නළු නිළි පිරිවරයි.කැමරාව චන්දන ජයසිංහ මෙහෙයවයි. ජයන්ත අබේරත්න සහාය අධ්‍යක්ෂවරයාය. ශ්‍රීලාල් වික්‍රමගේ නිෂ්පාදන කළමනාකරණයකි. වසන්ත විට්ටච්චි අංග රචනා ශිල්පියාය. ධම්මික හේවාදූවගේ කලා අධ්‍යක්ෂණයෙන් ද, සනත් රණවීර කොණ්ඩා සැකසුමෙන් ද ඇහැලේපොළ කුමාරිහාමි හැඩ කරයි. සේයාරූ - සමන් ශ්‍රී වෙදගේ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
උතුරු - නැඟෙනහිර පළාතේ පිහිටි සියලුම රෝහල් සංවර්ධනය කිරීම සඳහා චීන රජය ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 741ක ආධාරයක් ලබා දෙයි. මෙම මුදලින් උතුරු - නැඟෙනහිර පිහිටි සියලු රෝහල් ප්‍රතිසංස්කරණය කිරීමටත්, රෝහල්වලට නව වාට්ටු සංකීර්ණ ඉදිකිරීමටත්. නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.රෝහල්වලට නවීන වෛද්‍ය උපකරණ ලබාදීමටත්, රසායනාගාර ස්ථාපිත කිරීමටත්. හදිසි අනතුරු සේවා හා භාහිර රෝගී අංශවල පහසුකම් වැඩි දියුණු කිරීමත් යෝජිත බව අමාත්‍යාංශ නිලධාරියෙක් ‘දිනමිණ’ ට ප්‍රකාශ කෙළේ ය.දශක තුනක කාලයක් පැවැති යුද්ධ හේතුවෙන් රෝහල් රැසක් විනාශයට පත්ව ඇති බවත් ඒවා එම මුදලින් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බවත් එම නිලධාරියා කීය.ඊට අදාළ අවබෝධතා ගිවිසුම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා හා චීන රජය නියෝජනය කරමින් චීනයේ ඉලෙටේරානික තාක්ෂණය සංස්ථාවේ සභාපති යැං ලිජින් පසුගියදා අස්සන් තැබූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රංගන ශිල්පී උපාලි කීර්තිසේන පසුගිය දවසක දුම්රියක් හොයා ගන්න බැරුව මරදාන දුම්රිය ස්ථානයේ හැම තැනම ඇවිද ඇවිද හිටියා කියලා ආරංචි වුණා. පසුගිය සතියේ උපාලිට යම් කටයුත්තකට ගම්පහ යන්න වුවමනා වෙලා.ඉතිං උපාලි මේ ගමන දුම්රියෙන් යන්න තීරණය කරලා. මරදාන දුම්රිය ස්ථානයට ගිය උපාලි ගම්පහට යන්න ප්‍රවේශ පතකුත් අරගෙන. ඒ වෙලාවේ දුම්රිය කිහිපයක්ම තිබුණත් ගම්පහට යන්නේ මොන එකද කියලා ඔහුට හොයා ගන්න බැරි වෙලා.සෑහෙන වේලාවක් ගතවන තුරුත් උපාලි එහාට යනවාලු. මෙහාට එනවාලු. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ. උපාලි ඒ ගැන අහන කවුරුවත් ඒ ගැන හරියටම දන්නේ නැති අය. දැන් සෑහෙන වෙලාවකුත් ගත වෙලා. බැරිම තැන උපාලි එතැන සිටි නිලධාරියෙකුගෙන් ගම්පහට යන්නේ මොන දුම්රියද කියලා අහලා.ඔහු උපාලිට මීරිගම යන දුම්රිය පෙන්නලා, එතැනටම එක්කරගෙන ඇවිත් ගනේමුල්ල පහුවුණාම දුම්රිය ස්ථානයෙන් බහින්න කියලා ගියාලු. හරියටම දන්නේ නැතුව උපාලි ගිය මේ ගමනේදි ඔහු ගම්පහ දුම්රිය ස්ථානයෙන්ම බැහැගත්තාද කියලා නම් තවම ආරංචි නැහැ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බොහෝ කාලයක නිහඬතාවයෙන් පසු ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද දමයන්ති ජයසූරිය මියුරුතම ගායනයක් සමඟින් කලා ලොව ගීතවත් කරන්නට එක්ව සිටිනවා.‘හතර මහ නිධන් ළයේ නිධන් කර නින්දේ පසුවන හඳපානාගල දූදරු සම්පත අතපානා කළ කොපුල් තෙමා ගත් හඳපානාගල . . .මේ දිනවල සිරස රූපවාහිනි නාලිකාව ඔස්සේ විකාශය වන හඳපානාගල ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනය සමඟින් ඇය සිය හඬ ගුවනට මුදාලන්නීය.ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කරන හඳපානාගල ටෙලි නාට්‍යයේ තේමා ගීතයේ රචනය රත්න ශ්‍රී විජේසිංහ විසිනි. සංගීතය ගයාන් ගණකධාරගේය.දමයන්ති ජයසූරිය මෙලෙස ටෙලි නාට්‍ය තේමා ගීත ගායනයට එක් වූයේ වසර තුනකට පමණ පසුවය. හිරුට මුවාවෙන් ටෙලි නාට්‍යයේ තේමා ගිත ගායනයෙන් ටෙලි තේමා ගී ගායනයට එක් වූ ඇය තේමා ගී තිහකට අධික ප්‍රමාණයක් ගායනා කර තිබේ.සිය මියුරු ස්වරයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වූ ගීත රැසක් ගීත ක්ෂේත්‍රයට දායාද කළ ඇය මේ දිනවල බෞද්ධ ගී එකතුවක් ආදරණීය රසික ඔබට තිළිණ කරන්නට සූදානම් වෙමින් සිටින්නීය.- යතේජා
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙන්න audio එකhttps://www...mp3.

හමුදාවේ "Commando" පදය තනි පුද්ගලයෙකුට කනණ්ඩායමකට හෝ කඩාපැනි සිදු කරන අක්‍රමන් මෙහෙයුම් වලය යොදයි. සමහර අවස්ථාවන්හි "Commando" කණ්ඩායමකට මෙවැනි විශේෂ මෙහෙයුම් කිරිමට අවශ්‍ය දක්ෂතා රැසක් ඇති පුද්ගලයින් අඩංගුවේ. මෙහිදි පැර්ෂුම් (Parachute) භාවිතය, කදු බැසීම, fest roping Amphioxus leading (මුහුදේ සිට වෙනත් දේශයකට ඇතුරැව සිමාවක් ලබාගැනීම) ආදි දක්ෂතා අඩංගුවේ. පොදුරාජ්‍ය මණ්ඩල රටවල මෙම කමාන්ඩෝකණ්ඩායම් අතර විශේෂ වෙනස්කම් ඇත. සමහරක් කණ්ඩායම් යුධ ටැංකි උපයෝගි කරගෙන ආක්‍රමණ වලට දක්ෂතාවය දක්වන අතර අනෙක් කණ්ඩායම් ත්‍රස්තවාදීන්ට විරැද්ධව සටන් කිරිම, ඔන්තු බැලිම, සතුරාගේ දේපල වලට හානි කිරිම ආදි මෙහෙයුම් වලට යොදා ගනී. සාමාන්‍යයෙන් බෙහෝ රටවල කමාන්ඩෝලෙස හදුන්වන්නේ හමුදා කණ්ඩායමකි. සටහන්[සංස්කරණය] | Commando |- ආශ්‍රිත[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Commando
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 6 වන සියවස – 7 වන සියවස – 8 වන සියවස දශක: 640ගණන් 650ගණන් 660ගණන් – 670ගණන් – 680ගණන් 690ගණන් 700ගණන් වසර: 668 669 670 – 671 – 672 673 674 ක්‍රිස්තු වර්ෂ 671 (DCLXXI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 671 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලෝක දියවැඩියා දිනය අදට (14 දා) යෙදී ඇත. බෝ නොවන රෝගයක් වන දියවැඩියා රෝගය පාලනය කිරීම සඳහා බෝ නොවන රෝග වැළැක්වීමේ ජාතික ප්‍රතිපත්තිය මේ වන විට සකස් කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.ඒ අනුව වෙළඳපොළේ අලෙවි කරන ආහාරවල සීනි ප්‍රමාණය සියයට 10 කට වඩා අඩු කිරීමේ නීති රීති මේ ජාතික ප්‍රතිපත්තිය මඟින් ඉදිරි කාලයේ දී ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වෙළඳපොළේ දැනට අලෙවි කරන සිසිල් බීම, පැකැට් කළ කිරි වර්ග හා වෙනත් ආහාර වර්ගවල සියයට 80 ක් පමණ සීනි අඩංගු වන බවත් දියවැඩියා රෝගයට ගොදුරු වන පුද්ගලයන්ගේ ප්‍රමාණය ඉහළ යාම කෙරෙහි වෙළඳපොළේ අලෙවි කරන මේ ආහාර භාවිතය ප්‍රධාන හේතුවක් බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.අධික ලෙස සීනි භාවිතය දියවැඩියා රෝගයට ගොදුරුවීම කෙරෙහි බලපාන්නේ යැයි ද දියවැඩියා රෝගය සියලුම රෝගවල මව ලෙස හැඳින්විය හැකි බවත් ඇමැතිවරයා කීය.මෙරට ජනගහනයෙන් සියයට 10 ක් පමණ දෙනා දියවැඩියා රෝගයට ගොදුරු වී ඇත.වසර 2025 වන විට මේ ප්‍රමාණය දෙගුණ වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි. මේ සියවසේ දරුණුම රෝගය ලෙස දියවැඩියා රෝගය හඳුන්වයි. ඒ අනුව වසර 2050 වන විට ලෝක ජනගහනයෙන් හරි අඩක් දියවැඩියාවට ගොදුරුවීමේ අවදානමක් ද පවතියි.ආහාර හා චර්යා රටාවන්හි ඇතිව තිබෙන වෙනස්කම් විශේෂයෙන්ම දියවැඩියා රෝගයට හේතුවන බවත් ආහාරවල අඩංගු කාබෝහයිඩ්‍රේට් හා සීනි අවම කර ගැනීම රෝග පාලනයට ප්‍රධාන හේතුවක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.සමබල ආහාර වේලක් ලබාගැනීම, අවශ්‍ය පරිදි ශාරීරික ව්‍යායාම්වල යෙදීම හා උසට සරිලන බර පවත්වාගෙන යාම දියවැඩියාව පාලනය කිරීමට හැකි හොඳම ක්‍රමවේදය වේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.PROMISEDLAND‘ප්‍රොමිස්ඩ් ලෑන්ඩ්’ ගස් වැන් සන්ට් අධ්‍යක්ෂණය කළ නවතම හොලිවුඩ් චිත්‍රපටයකි. ඩේව් එගර්ස් තිර රචනය කළ මෙම චිත්‍රපටයේ වෙළෙඳ නියෝජිතයන් දෙදෙනෙකු වටා ගෙතුන කතා පුවතක් ඇතුළත් වේ. මැට් ඩමොන්, ජෝන් කරන්ස්කි, ෆාන්ස් මැක්ඩ්‍රොමාන්ඩ් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘ප්‍රොමිස් ලෑන්ඩ්’ මිනිත්තු 106 ක ධාවන කාලයකින් යුතු වේ.DJANGOUNCHAINEDඩිජන්ගෝ අන්චේන්ඩ් හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. ක්වෙන්ටින් ට්‍රැන්ටිනෝ විසින් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 165 ක ධාවන කාලයකින් යුතු වේ. ජෙමි ෆොක්ස්, ක්‍රිස්ටෝප් වොල්ට්ස්, ලියනාඩෝ ඩිකැප්රියෝ, කෙරී වොෂින්ටන්, සැමුවෙල් එල් ජැක්සන්, වෝල්ටන් ගොගින්ස්, ඩෙනිස් ක්‍රිස්ටෝපර්, ජේම්ස් රේමර්, මයිකල් පාර්ක්ස්, ඩොන් ජොන්සන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.MYUNCLERAFAEL‘මයි අන්කල් රෆායල්’ මිනිත්තු 102 ක ධාවන කාලයකින් යුතු හාස්‍යමය චිත්‍රපටයක්. මාර්ක් ෆස්කෝ විසින් අධ්‍යක්ෂණය කළ මයි අන්කල් රෆායල් හි ජෝන් මයිකල් හිගින්ස්, මිසි පෙයිල්, රැචෙල් බ්ලැන්වර්ඩ්, චාර්ලි චේකින් ප්‍රධාන චරිත නිරූපණය කරති.ONTHEROAD‘ඔන් ද රෝඩ්’ වොල්ටර් සෙලීස් විසින් අධ්‍යක්ෂණය කළ නවතම හොලිවුඩ් චිත්‍රපටයක්. ජැක් ක්රෙවොක් විසින් 1957 වසරේදී එළි දක්වන ලද ‘ඔන් ද රෝඩ්’ නවකතාව ඇසුරින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය මිනිත්තු 137 ක ධාවන කාලයකින් යුතුවේ. සැමී රිලේ, හැරියෙට් හෙඩ්ලවුන්ඩ්, ක්‍රිස්ටීන් ස්ටෙවාර්ට්, ඇමි ඇඩම්ස්, ටොම් ස්ටුරයිඩ් රංගනයෙන් දායක වෙති.MIRRORMIRRORමිනිත්තු 106 ක ධාවන කාලයකින් යුතු ‘මිරර් මිරර්’ හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්. ස්නෝ වයිට් නම් සුරංගනා චරිතය තේමා කර ගනිමින් නිර්මාණය කළ මිරර් මිරර් හි අධ්‍යක්ෂණය ටර්සෙමි සින්ග් විසිනි. ලිලී ;කාලින්ස්, ජුලියා රොබර්ට්ස්, අර්මි හාමර්, නාදන් ලැරේ, මරේ විනින්ග්හැම්, මයිකල් ලර්නර් මේ සඳහා දායකත්වය ලබා දෙති.BLOODMONEY‘බ්ලඩ් මනි’ ත්‍රාසකජනක හින්දි ක්‍රියාදාම චිත්‍රපටයක්. තරුණ යුවලක් වටා ගෙතුන කතා පුවතක් ඇතුළත් ‘බ්ලඩ් මනි’ විෂාල් මහන්ද්කාර් ගේ අධ්‍යක්ෂණයක්. කුනාල් ඛේමු, අම්රිතා පූරි මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරති.AFTER‘ආෆ්ටර්’ ත්‍රාසජනනක සිදුවීම් ඇතුළත් විද්‍යා ප්‍රබන්ධ හොලිවුඩ් චිත්‍රපටයක්. රයන් ස්මිත් අධ්‍යක්ෂණය කළ ‘ආෆ්ටර්’ චිත්‍රපටයේ ස්ටීවන් ස්ට්‍රෙයිට්, කැරොලිනා වයිඩ්‍රා, සැන්ඩ්‍රා ලාෆර්ට්, චේස් ප්‍රෙස්ලි, ජැක්සන් වෝල්කර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.JACK REACHER2005 වසරේදී එළිදැක්වුණ ලී චයිල්ඩ්ගේ ‘වන් ෂොට්’ නව කතාව ඇසුරින් නිර්මාණය වූ ‘ජැක් රීචර්’ ත්‍රාසජනක ක්‍රියාදාම හොලිවුඩ් චිත්‍රපටය මිනිත්තු 130 ක ධාවන කාලයකින් යුතු වේ. අපරාධයක් පිළිබඳ කතා තේමාවක් ඇතුළත් වූ ජැක් රීචර් ක්‍රිස්ටෝපර් මාකාරිගේ අධ්‍යක්ෂණයක්. ටොම් කෲස්, රොසැමන්ඩ් පේක්, රිචඩ් ජෙන්කින්ස්, වර්නර් හර්සොග්, ඩේවිඩ් ඔයෙලොවෝ මේ සඳහා රංගනයෙන් දායක වෙති.යතේජා ඥානරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
2006 මාර්තු අග වන විට වැට දිස්වුනු අයුරු. කාඩ්රෝනා තනපට වැට යනු නවසීලන්තයෙහි, මධ්‍යම ඔටාගෝහී පිහිටියාවූ ආන්දෝලානාත්මක සංචාරක ආකර්ෂණයක් වූ අතර, මෙහි ගම්බද වැටකට එය පසුකරයන්නන් විසින් තනපට එක් කිරීමට පටන් ගැනුම නිසා, අවසානයේදී පුද්ගලික තනපට සිය ගණනක් සහිත සංචාරක ආකර්ෂණයක් බවට මෙම වැට වර්ධනය වීම සිදුවිය. වසන්කා හට නිරිත දිග ප්‍රදේශයෙහි කාඩ්රෝනා නිම්නයෙහි ගොවිපල දේපලක් අසබඩ මාර්ග අවශේෂිතයක මෙම වැට පිහිටා තිබුණි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මානව වංශ ජනනය (ග්‍රීක් එත්නොස් ἔθνος, "මානවයන් කණ්ඩායම" හෝ "ජාතිය", සහ ජෙනසිස් γένεσις, "ඇරඹුම, උපත", බහු. එත්නොජෙනසිස් වෙතින්) වනාහි, කිසියම් පුළුල් සමාජ පසුතලයක් තුලින් පැනනැගුනු යම් මානවයන් කණ්ඩායමක් තමන් ජනවාර්ගික අයුරින් වෙනස් බවට තේරුම් ගෙන හෝ තේරුම් ගනිමින් හෝ සිටින ක්‍රියාවලියයි. ඊ. පී. තොම්ප්සන් ගේ වදන් අනුව, මෙම ස්වයං-පරිකල්පනය තුලින් ජනවාර්ගීක කණ්ඩායම් "ඔවුන් විසින්ම ජනනය කරගැනුමෙන් කරලියට එති". මෙම සංස්කෘතික ජනනය පිළිගැන්මට ලක්වීම හේතුවෙන්, වරෙක අවිචාරවත් ලෙසින් ඓතිහාසික සිද්ධාන්ත ලෙසින් පිළිගැනුනු සාම්ප්‍රදායික සාධ්‍යතාමය ජාතීන්-ජනනයේ වෘත්තාන්තයන් ජනප්‍රවාද පරිගතයට අනුයුක්ත කෙරුමට සමහරක් ඉතිහාසඥයින් පෙළඹී ඇත. පටුන 1 නිෂ්ක්‍රීය හෝ සක්‍රීය මානව වංශ ජනනය 2 අන්තහ්කෘත හෝ බහිෂ්කෘත ජාතිවාදය 3 භාෂා පුනර්ජීවනය 4 සටහන් නිෂ්ක්‍රීය හෝ සක්‍රීය මානව වංශ ජනනය[සංස්කරණය] වැරදි ආකාරයේ අන්තර්ක්‍රියා තුළින් භෞතික පරිසරය තුළ අකර් මනස ජාතියේ ෙගාඩනැගිම විය හැක. එමෙන්ම සංස්කෘතික හා ආගමික අංශ, ආගමනය ආශ්‍රිත ක්‍රියාවලින් වැනි දේ තුලින් අපේක්ෂා නොකරන විදිවට ජනවාර්ගික කණ්ඩායම් ඇතිවය හැකි. දේශපාලන ගැටලුවක් නිරාකරණය කිරිමට සෘජුවම සිතාමාතා වෙනස් අනන්‍යතාවයනක් ගොඩනැගීම මගින් ඉහත කී ජතාකි ගොඩනැගිම ක්‍රියාකාරි වේ. මෙහි දේශපාලන ගැටලු ලෙස සංස්කෘතිකව වටිනා දේවල් ආරක්ෂා කිරිම සම්බන්ධ ගැටලු , බලය බෙදිම සම්බන්ධ ගැටලු පෙන්වා දිය හැක. 18 වන සියවසේ අවසාන භාගයේදී එවැනි උත්සාහ මගින් භාශාවේ දියුණුවක් හෝ නව භාෂා සෑදිමක් සිදු වු අතර, අවසානයේ එය "ජාතික සාහිත්‍යය' බවට පරිවර්තනය විය. පසුව විසියෙවන ශතවර්ෂයේදි එවැනි කතන්දර සමාජයන් තුළ අභාවයට ගිය අතර එවුන්ගේ අනන්‍යතාවයන් නැවත ඔපනොදැමුවොත් ජනවාර්ගික අඛායාන වල පැහැදිලිමත්ය නැතිවන බවද වටහා ගන්නා ලදී. අන්තහ්කෘත හෝ බහිෂ්කෘත ජාතිවාදය[සංස්කරණය] භාෂා පුනර්ජීවනය[සංස්කරණය] සටහන්[සංස්කරණය]
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ දිරිගන්වන්නා ලෙස මොහොමඩ් නිලාම් සහභාගී වෙයි.ක්‍රීඩාංගණය වටා ශ්‍රී ලංකා ධජය ගෙන යමින් ක්‍රීඩාගාරවල සිටින ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට ආශ්වාදයක් හා ක්‍රීඩකයන්ට ධෛර්යයක්දීම නිලාම්ගේ බලාපොරොත්තුවවී තිබේ.වසර 12ක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ක්‍රීඩා පිටියේ ධෛර්ය දෙන නිලාම් ක්‍රිකට් ක්‍රීඩාව තම ජීවිතය සේ සලකයි. මෙවර තරගාවලියට යෑම සඳහා ශ්‍රීනා පැලස් ආයතනය දුන් සහයෝගය ඔහු මහත්සේ අගය කරයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මේ දවස්වල කලාකරුවන්ට ටිකක් අපලයි. වෙන්නෙම කරදර. නයනා කුමාරිටත් එහෙම නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණපාන්න සිදු වෙලා. ආරංචියේ හැටියට ඇයගේ නිවෙසට හොරු පැනලලු. අප කලාකරුවකුට ඇබැද්දියක් සිද්ධ වුණොත් සරසවිය නිරන්තරයෙන්ම ඔවුන් සමඟ හිටියා. ඒ හින්දාමයි අපි නයනට කතා කරලා මේ පිළිබඳ හොයලා බැලුවේ. ඇය සංවේදීව තමන් මුහුණපෑව ඒ සිදු වීම ගැන කතා කළේ මෙන්න මේ අයුරිනුයි.* නයනා ඇත්තද ඒ කතාව?අපේ ගෙදරට හොරු පැනපු එකද?* ඔව්.කතාව ඇත්ත.* කවදාද?හරියට පසුගිය තුන්වැනි අඟහරුවාදා පාන්දර.* කොහොමද ඔවුන් ඔබේ නිවසට ඇතුළු වෙලා තියෙන්නේ?කුස්සියේ දොරවල් කඩාගෙන.* කවුද ඒ වෙලේ නිවසේ හිටියේ?මමයි, මහත්තයයි, බබයි.* ඒ කාටවත් හොරු එන වග දැනුණේ නැද්ද?එදා පාන්දර මහ වරුසාවක් වැටුණනෙ. වැසසත් එක්ක අපි කාටවත් ඇහැරිලා නැහැ. හොරුත් නිවෙසට ඇතුළු වෙලා තියෙන්නේ මේ සියල්ල ප්ලෑන් කරලා.* මොනවද ඔවුන් ඔබ නිවසෙන් අරගෙන ගිහින් තියන්නේ?මගේ ආභරණ සහ තව පොඩි පොඩි බඩු වගයක්.* ඒවායේ වටිනාකම?ලක්ෂ තුනක් හතරක් විතර.* ඊට වඩා වැඩි යමක් අරගෙන ගිහින් නැද්ද?මගේ ගෙදර මහා ලොකු බඩු භාණ්ඩ නැහැනෙ. තිබුණේ ඒ ටික විතරයි. උන් අරගෙන ගිහිල්ලත් තියෙන්නේ ඒවා.* ඒ අතර ඔබේ මංගල මුදුවත් තිබුණා කියලා ආරංචියි?ඔව්. නැති වූ දේවල් අතර මට වැඩියෙන්ම වටින්නේ ඒක. ඒ විතරක් නෙවෙයි මගේ හස්බන්ඩ් මට මුලින්ම අරන් දීපු තෑගිත් හොරු ගෙන ගිහිල්ලා. මම මෙතුවක් කල් ඒවා ආරක්ෂා කළේ පණ වගේ.* මේ සිද්ධියට සැක කවුරු හරි ඉන්නවද?අනේ නැහැ.* සමහර විට ඔබේ ඊර්ෂි්‍යාකාරයෝ . . .?පිටින් පෙනෙන්න නම් මට එවැනි අය නැත්තටම නැති තරම්. මම මිනිස්සුන්ව ඇසුරු කරන්නේ හරිම පරිස්සමින්. මුහූණට පේන්න හොඳට හිටියට හිත් ඇතුළේ මොනවද තියෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැනේ. ඒත් මම කලින් කිව්වා වගේ මට කිසිම කෙනෙක්ව සැක කරන්නේ නැහැ මේ සිද්ධියට.* ඔබ එවලේම පොලීසියට මේ ගැන දන්වන්න ඇති?ඔව්. මම ඒ මොහොතේම එකසිය දහනවය ගහලා මෙය වාර්තා කළා. පොලීසිය මේ වෙන කොට පරීක්ෂණ පවත්වනවා. ඔවුන් හොරුවන්ව හොයා ගනීවි.* මේ සිදුවිමෙන් පසුව ඔබට යම් ජීවිත අවධානමක් දැනුණේ නැතිද?දැනුණා. හොඳටම දැනුණා. ඒ හින්දම මේ වෙන කොට නිවසට ආරක්ෂක පද්ධතියක් සවි කළා.* තවමත් ඔබේ සිත කම්පා වෙච්ච ගමන්ද?දැන් ටිකක් ෂේප්. මිනිස්සුන්ටනෙ හැම දෙයක්ම වෙන්නේ. අනික මීට වැඩිය කරදර වුණ අය ඕනෑ තරම් ඉන්නවනේ. ඒවා ගැන හිතලා හිත හදාගත්තා. හොරුන්ට රජ මැදරත් එකයි දුගී පැලත් එකයි. තැනක් නොතැනක් නැතුව හොරු පනිනවා. ඒ ගැන හිතලා ආරක්ෂාව ගැන තවත් හොඳින් සැලකිලිමත් වුණොත් හරිනෙ. මේ මොහොතේ හොරුන්ව මට හසු වුණොත් මොනවද දන්නවද කරන්නේ?* නැහැ?මම ඔවුනට අනුකම්පා කරලා මුදා හරිනවා.* ඒ මොකද?මම පුවත්පත්වල දැකලා තියෙන විදිහට හොරු හොරකම් කරන්නේ නැති බැරිකමට. එදා වේල හොයා ගන්න වෙන්න ඇති අපේ ගෙදරටත් හොරු පැනලා තියෙන්නේ. මේ වෙන කොට සමහර විට මගේ ආභරණ විකුණගෙන දරුවන්ට පාන්, පරිප්පු ගෙනිහිල්ලා දීලා ඇති. ඒක හින්දායි මම ඔවුන්ට අනුකම්පා කරනවා කිව්වේ.* ඔබ මෙවර පොසොන් පොහොයට දන්සැලක් සංවිධානය කරන්න හිතාගෙන හිටියා. මේ අලකලංචිය මැද ඒ පුණ්‍ය කටයුත්ත සිද්ධ වෙනවද?අනිවාර්යයෙන්ම කරනවා. මොන දේ වුණත් මම කරන පින් අතේ වැඩ අත අරින්නේ නැහැ. මම කලික් කිව්වා වගේ මගේ රත්තරං බඩුත් දන් දුන්නා කියලා හිතනවා. එහෙම බලද්දී මම දන්සැල් දෙකක් දීලා.* නයනගේ අඹ යාළුවා ගයාත්‍රි ඔබේ නිවසට හොරු පැනලා කියලා දැනගත්තාම මොනවද කිව්වේ?ඇයටත් හරි දුකයි. ගයාත්‍රි දන්නවා මම මුදල් හම්බු කරන්නේ මගේ සැලොන් එකෙන් මගේ මහන්සියෙන් කියලා. වෙනදා වගේම මේ වෙලාවෙත් ඇය මාත් එක්ක හිටියා. මගේ හිත හැදුවා.* මේ සිදුවීමත් එක්ක ඔබ ගැන තවත් සාවද්‍ය තොරතුරු පළවන්නට ඇති?මොකද නැත්තේ. මගෙන් අහන්නේ නැතුව මේ සිද්ධිය ගැන නොයෙකුත් මාධ්‍යවලින් වාර්තා කරලා. එක පුවතක සඳහන් වෙලා තියෙනවා මගේ නිවෙසින් හොරු ලක්ෂ දොළහක් අරගෙන ගිහින්ලු. මේවා දැකලා හොරු මාව හොයාගෙන එයි අපේ ගෙදර ලක්ෂ දොළහක් තිබුණේ කොහෙද කියලා අහගන්න. මම අපේ හිත මිත්‍රයින්ගෙන් ඉල්ලීමක් කරනවා මගෙන් අහන්නේ නැතුව මේ සිද්ධිය ගැන කිසිම විස්තරයක් පළ කරන්න එපා කියලා.සටහන සහ සේයාරුව – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සිය බිරිය හා ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමට තැත් දැරූ බවට චෝදනා ලබා සිටින ඔලිම්පික් මැරතන් සූර කෙන්යාවේ සැමුවෙල් වන්ජිරු ඇප මත නිදහස ලැබුවේය.චිකාගෝ මැරතන් සූරතාව ද දෙවරක් දිනා ගැනීමට සමත් වූ 24 හැවිරිදි සැමුවෙල් බීමතින් පැමිණ බිරිය හා දබර වී ඇයට හා නිවසේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තැබීමට උත්සහ කළ බවට චෝදනා ගොනුකර තිබිණි.2008 වසරේ බීජිං ඔලිම්පික් උළෙලේ මැරතන් සූරයා වූ සැමුවෙල් කෙන්යාවෙන් බිහිවූ පළමු ඔලිම්පික් සූරයා වේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රන් පදක්කම්ලාභි මංජු වන්නිආරච්චි විසින් කුරුණෑගල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් තමා මීට මසකට පෙර ප්‍රතිකාර ලබාගත් පෞද්ගලික වෛද්‍යවරයාගේ සුදුසුකම් පරීක්ෂා කරන ලෙස ඉල්ලා ඇත.එම පැමිණිල්ල අනුව ඊයේ (25) කුරුණෑගල නගරයේ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරයෙකුගෙන් කුරුණෑගල පොලිසිය විසින් කටඋත්තර සටහන් කර ගත්තේය.එම වෛද්‍යවරයා එම්. බී. බී. එස්. (MBBS) නොවන බව මෙතෙක් කළ පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති බවත්, එම සහතිකය ඉදිරිපත් කිරීමට වෛද්‍යවරයා අපොහොසත් ව සිටින බවත්, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් වංශනාථ මහතා පවසයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය අමෙරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට උළෙල තුනක තිරගත කිරීම සඳහා ආරාධනා ලැබී ඇත.ඒ අනුව ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය අපේ‍්‍රල් 18 වැනිදා කැලිෆෝනියාවේ අන්තර් ජාතික ටිබුරෝන් චිත්‍රපට උළෙල, අප්‍රේල් 25 වැනිදා සිට මැයි 02 වැනිදා දක්වා පෙන්සිල්්වේනියාවේ පැවැත්වෙන පිට්ස්බර්ග් සිල්ක්ස්ක්‍රීන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සහ මැයි 05 වැනිදා සිට 10 වැනිදා තෙක් පැවැත්වෙන නිව්යෝර්ක් ඉන්දීය චිත්‍රපට උළෙලත් නියෝජනය කිරීමට නියමිතය.ඉන්දීය අන්තර් ජාතික සිනමා උළෙලේදී හොඳම නිළිය සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනූ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය මොන්ට්‍රියල්, වැන්කුවර්, සැන්ෆ‍්‍රැන්සිස්කෝ, චිකාගෝ ඇතුළු ජාත්‍යන්තර චිත්‍රපට උළෙල රැසක් නියෝජනය කර තිබේ.- යතේජා
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අකිරා කුරෝසාවා උපත මාර්තු 23, 1910(1910-03-23) ෂිනගාවා(Shinagawa), තෝකියෝ (Tokyo), ජපානය මරණය සැප්තැම්බර් 6 1998 (වයස 88) සෙතගායා (Setagaya), තෝකියෝ, ජපානය වෘත්තිය චිත්‍රපට අධ්‍යක්‍ෂක, නිෂ්පාදක, තිර පිටපත් රචක, චිත්‍රපට සංස්කාරක. සක්‍රීය වසර 1936–1993 කලත්‍රයා(යන්) යෝකෝ යගුචි (Yōko Yaguchi) (1921–1985) (ඇගෙ අභාවය තෙක්); දරුවන් දෙදෙනයි. අකිරා කුරෝසාවා 1910 මාර්තු 23 දින ටෝකියෝහි නියම්ගමක උපත ලැබීය. කුරෝසාවාගේ පියා කණිෂ්ඨ උසස් පාසලක අධ්‍යයක්ෂකවරයකු විය. ඔහුගේ දෙමාපියන් වුයේ ඉසාමු කුරෝසාවා හා ෂිමා කුරෝසාවා වේ. ඉසාමු කුරෝසාවා බටහිර සංස්කෘතිය තමන් අධ්‍යක්ෂණය කල වැඩසටහන් වලට යොදාගත් අතර පසුකාලයේ චිත්‍රපට ධනාත්මක අධ්‍යාපනික අත්දැකීමක් ඇතිකරන බව වටහා ගත්තේය. පාසල් කාලයේදී අකිරා කුරෝසාවා චිත්‍ර ඇඳීමට ඔහුගේ ගුරුවරයකු විසින් උනන්දු කරවන ලදී. මෙයට ඔහුගේ සහෝදර හීගෝගේ බලපෑම ද ඇතිවිය. 1936 දී කුරෝසාවා අධ්‍යයක්ෂකවරුන් සඳහා ආධුනික පාඨමාලාවක් හැදෑරීය. අනතුරුව තිජිරෝ යමාමටෝ ගේ සහයක අධ්‍යයක්ෂවරයකු වශයෙන් කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබිණි. ඔහු පළමුව අධ්‍යක්ෂණය කල චිත්‍රපටය වුයේ සන්හිරෝ සුගාටා" වේ. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය ජාතිකත්ව තේමාවන් නිරූපණය කරයි. ඔහුගේ පළමු පසු-යුධ සමයේ චිත්‍රපටය වුයේ නෝ රිග්‍රෙට්ස් ජො අවර් යුත්" චිත්‍රපටයයි. තුරෝසාවා ඩුන්කන් එන්ජල්", "ස්ට්‍රේ ඩෝග්" වැනි වර්තමාන ජපානය නිරූපණය කරන චිත්‍රපට ගණනාවක් නිපදවන ලදී. ඔහුගේ රෂොමොන්" චිත්‍රපටය අන්තර්ජාතික ප්‍රසිද්ධියට පත්වූ අතර ගෝල්ඩන් ලයන්" සම්මානය දිනා ගැනීමට ද සමත් විය. එය පිරිනමන ලද්දේ වේනිස් චිත්‍රපට උළෙලදීය. කැමරාව නළුවන්ගෙන් බොහෝ ඈතින් තබා ගැනීමෙන් හොඳ රංගනයක් නිපදවිය හැකි බව ඔහු විශ්වාස කළේය. කැමරා රාශියකින් හා දිගු නාභි දුර ඇති කාච සහිත කැමරා වලින් යුක්ත කට්ටල ඔහු භාවිතා කළේය. ඔහුගේ මෙම කුසලතාවයන් නිසා ඔහුව ටෙනෝ" (අධිරාජ්‍යයා) යන නාමයෙන් හඳුන්වන ලදී. නළුවන්ට අළුත් වේශ ඇඳුම් (costumes) ලබාදීමෙන් චරිත ව්‍යාජබවින් අඩු කල හැකි බව ඔහු විශ්වාස කළේය. සමහර අවස්ථාවල ඔහු නළුවන්ට වේශ ඇඳුම් රංගනයට දින ගණනකට කලින් ලබාදී ඒවා නිතරම අඳින ලෙසත්, එමඟින් එම ඇඳුමට බැඳීමක් ඇතිකරගන්නා ලෙසත් අවවාද කළේය. එලෙසම ඔහු තම චිත්‍රපටවල සංගීතය ලෙස අවසානයක් නොමැති සංගීත ඛණ්ඩ යොදා ගන්නා ලදී. ජපන් විවේචකයන් ඔහුව ඕනාවට වඩා බටහිරට ලැදි යැයි වර්ග කලත්, ඇත්ත වශයෙන්ම කුරෝසාවා ජපන් සංස්කෘතියෙන් තදින්ම බලපෑමට ලක්වු අයෙකි. උදාහරණ ලෙස කුබුකි හා නෝහ් යන නාට්‍ය ශාලා රංගනයන් හා ජිදෙයිගති නම් ජපන් සිනමාවේ බලපෑම් සැලකිය හැක.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බෙලමි බ්‍රදර්ස් යනු 80 දශකයේ සිටම ඉතා ජනප්‍රිය ද්විපුද්ගල ඇමෙරිකානු සංගීත කණ්ඩායමකි. ඔවුන්ගේ බෙහෙවින් ජනප්‍රිය වූ ගීතයක් ඇත.බයිකි උප සංස්කෘතියේ ආශ්වාදනයේ ප්‍රකාශනයක් බදු ඉහත ගීතයට සාර්ථක සිංහල පරිවර්තනයක් ලබා දීමට තරම් ලියුම්කරු නිර්මාණශීලියෙකු නොවේ.එහෙත් කතාව සැකෙවින් ගතහොත් සරලය..සරාගී කන්තාවකි..දිගු කඩා හැලෙන කෙස්...නිල්වන් අහස වැනි දෙනෙත්..ඇඟෙන් කියැවෙන සරාගීත්වය සැබෑ යථාර්තය වූ ඇඳ මත උඩ සෙල්ලමේදී ලබා දීමට ඇයට පුලුවන්ද. පොතේ කවරය ලස්සන උනාට අන්තර්ගතය ඒ අයුරින්ම ලස්සනද. බෙලමි බ්‍රදර්ස්ලා ගීතයෙන් අසන්නේ එයයිමෛත්‍රිපාල සිරිසේන...ඔහුද ගීතයෙන් කියැවෙන සරාගී කාන්තාව වැනිය. ඇත්ත වශයෙන්ම ගත්හොත් සිරිසේන නොව ඔහුගේ නායකත්වයෙන් යුතු මෛත්‍රී පාලනය ගැන කියැවෙන කථා, මවන චිත්‍රය ඉහත සරාගී ලඳගේ පෙනුම වැනිය..සාපේක්ශ නිකැලැල් දේශපාලන ඉතිහාසය, සිංහල බෞද්ධ ගැමි මූලය..අන්තගාමි නොවුනු දේශපාලන දර්ශනය..බැලු බැල්මට මහින්දට එරෙහි හොද විකල්පයකි.අනිත් අතිත් යහපාලනය, සාධාරණත්වය, නීතීයේ සමානාත්වතාවය වැනි ඉදිරි මෛත්‍රී පාලනයක අංග උපාංගද පොදු මහජනතාව නැමැති ගණුදෙනුකරුවාගේ අවධානය දිනා ගැනීමට සමත්ය.බෙලමි බ්‍රදර්ස්ලාට සාරාගී කාන්තාව හමු උනා සේ මහින්දගේ පාලනයෙන් හෙම්බත් වී සිටින ලාංකිකයාට මෛත්‍රී පහලවීම එයාකාරය.එහෙත් සිරිසේන මහතා සහ ඔහුගේ මැතිවරණ මෙහෙයුමේ නායකයන් ජනතාවට ලබා දිය යුතු පිලිතුරු රාශීයක් උකටලීව තවමත් ආමන්ත්‍රණය කර නැත.මෛත්‍රී පාලනයක් යටතේ රටේ ඉදිරි ස්ථාවරත්වය, පාර්ලිමේන්තුව හා විධායකය අතර සම්භන්ධතාවය වැනි කරුණු පිලිබද සැලකිය යුතු අවධානයක් මෛත්‍රී මැතිවරණ යාන්ත්‍රනයෙන් යොමු වී ඇති බවක් නොපෙනේ.රටේ ඉදිරි දේශ්පාලන ආර්ථික ස්ථාවරත්වය ගැන ඔවුන්ගේ ප්‍රශ්ණය සීරීයස් එකකි. මධයම පාන්තික උගත් පාවෙන චන්දදායකයන්ගේ තීරනයෙහි සැලකිය යුතු බලපෑමක් කෙරෙන ඉහත කාරනා ගැන යම්තාක් දුරකට හෝ ආමන්ත්‍රනය කෙරෙන්නේ මෛත්‍රී මැතිවරණ වේදිකාවේ කෝකටත් තෛලය බදු මුකරි කට ඇති පාඨලී චම්පිකයන්ගෙන් පමනි. ඒ වෙනුවට මෛත්‍රී මැතිවරණ උපක්‍රම ස්ථානගත වී ඇත්තේ හුදෙක් මහින්ද විරෝධය වටා පමනි. එහෙත් ජනතාවට වැදගත් වන්නේ මහින්දගෙන් ඒ ඒ දේශපාලන චරිත වලට සිදු වූ කෙනෙහිලිකම් නොව මහින්දගේ ඇස් බැන්දුම් වලින් සිදුවන සැබෑ හානිය ගැන දැන්වත් වීම හා එයට විකල්පය වූ මෛත්‍රි පාලනයේ ස්ථාවරත්වය හා ඉදිරි වැඩ පිලිවෙලය.මහින්ද මැතිවරණ යාන්ත්‍රනයේ ලක්ශනයක් වන්නේ බහුතරයක් වූ ගැලරිය ට සරිලන මැතිවරන උපක්‍රම රාජ්‍ය බලය යටතේ උපරිමව යෙදෙන අතරේ පාවෙන චන්ද තිරනය කිරීමේහි සමත්, යම්තරමකට බුද්ධිමත්, ඉහත කී ප්‍රශ්ණ ද තිවෘරව මතු කිරිමේහි එය දක්වන සමර්ථකමයි.නොදන්න දෙයියට වඩා දන්න යකා හොද යැයි කියති..දෙයියා ගැන නොදන්නේ ජනතාවගේ වරදින් නොව දෙයියගේ මැතිවරන යාන්ත්‍රණයේ ඇති අඩු ලුහුඩුකම් නිසාය . එම නිසාම, බෙලොමි බ්‍රදර්ස්ලා සරාඟි බයිකි ලඳගෙන් නැගූ ප්‍රශ්ණයම සිරීසේන මහතාගේන් අපට විමසීමට තිබේ. පොතේ අන්තර්ගතය එහි පිටකවරය තරම් ලස්සනද. ඇගේ ලස්සන ඇදේදී පෙන්වන්න පුලුවන්ද.එය මෙරට පාලනය වෙනස් කිරීමේ ගාමක බලවේගය වූ මැද පාංතික චන්ද දායකයා නගන සීරියස් ප්‍රශ්ණයයි.කල යුත්තේ පශ්චාත් මැතිවරනයෙන් පසු පශ්චාත් වීම නොව වඩ වඩා කාර්‍යක්ශමව මැතිවරණ මෙහෙයුම හරි පීල්ලට ගැනීමය.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අයිතිවාසිකම් දිනා ගත්තා සේම දිනාගත් අයිතිවාසිකම් ආරක්ෂා කර ගනිමින් රට ගොඩනැඟීමේ කාර්යයට උරදී සිටින ශ්‍රී ලාංකික කම්කරු ජනතාවට ප්‍රණාමය පුදකරන බව කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කෙළේය.ලෝක කම්කරු දිනය සමස්ත ශ්‍රී ලංකාවාසී වැඩකරන ජනතාවද මහත් ඉහළින් සමරන බව කියා සිටින ගාමිණී ලොකුගේ ඇමැතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ මෙසේද සඳහන් වේ.පැය අටක වැඩමුරයක් ඉල්ලා හඬ නැඟූ ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරු ජනතාවගේ ලෙයින්, කඳුළින්, දහදියෙන් සලකුණු කරනු ලැබූ මැයි පළමුවන දින ලෝක කම්කරු දිනය ලෙස සමස්ත ශ්‍රී ලංකාවාසී වැඩකරන ජනතාවද මහත් ඉහළින් සමරති.යුද බිය නැති රටක වැඩබිම් තුළ ඇතිවූ කාර්මික සාමය හා සංහිඳියාව රටේ සංවර්ධනයට මහත් පිටිවහලක් විය. ශ්‍රම ඵලදායිතාව හා කාර්යක්ෂමතාව ඉහළයාම තුළින් රාජ්‍ය අංශය ශක්තිමත් වූවා සේම පෞද්ගලික අංශය ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලෙස වර්ධනය විය. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනට එය හොඳ අත්වැලක් වනු ඇත.රට තුළ ගොඩනැඟෙන සංවර්ධනය ඉවසිය නොහැකි දේශීය හා විදේශීය සතුරු බලවේග ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ මහා මෙහෙයුමක නිරතව සිටින මොහොතක ශ්‍රී ලංකාවාසී වැඩකරන ජනතාවගේ කාර්යභාරය විය යුත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් ප්‍රමුඛ රණවිරුවන් අපට දිනාදුන් රට හා ලබාදුන් නිදහස දිවි හිමියෙන් සුරැකීමයි. ඒ සඳහා කැපවන බවට මෙම මැයි දිනයේදී අපි ප්‍රතිඥා දෙමු..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රණවිරු දරුවන් අනෙක් ළමයින්ට ආදර්ශවත් අය ලෙස දැයට හිතැති අති දක්ෂයන් බවට පත් කළ යුතු බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.සිසුවා පොතේ දැනුමෙන් මෙන්ම බාහිර ක්ෂේත්‍රවලින් ද පෝෂණය කර රටට වැඩදායී යහපත් පුරවැසියකු කිරීමට මවුපියන් ද ඉතා වගකීමෙන් සහාය විය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේ ය.කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ඊයේ (20) දහවල් පැවති 2011 විරුදරු සිතුවම් දැක්ම හා පහ වසර ශිෂ්‍යත්ව හපනුන් වෙත ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේය.මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානය ලබාගත් සිසුවිය ඇතුළු රණවිරු පවුල්වල දූ දරුවන් 90 කට ඊයේ එහි දී ශිෂ්‍යාධාර පරිත්‍යාග කරන ලදී. රණවිරු සේවා අධිකාරියේ අනුග්‍රහයෙන් පරිත්‍යාග සිදු කෙරුණු අතර මියගිය හා ආබාධිත රණවිරු පවුල්වල හා ආරක්ෂක සේවා විද්‍යාලයෙන් මෙවර ශිෂ්‍යත්වයට ඉදිරිපත්ව හපන්කම් දැක්වූ දක්‍ෂයන් වෙත මෙසේ ආධාර පිරිනැමිනි.ආරක්ෂක සේවා පාසලේ දරුවන් විසින් අඳින ලද චිත්‍ර ඇතුළත් සිතුවම් දැක්මක් ද එදින පැවැත්විණි.ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ සංකල්පයක් අනුව 2006 වර්ෂයේ දී ආරම්භ කළ ආරක්ෂක සේවා පාසලේ ළමයින් ප්‍රථමයෙන්ම පහ ශිෂ්‍යත්වයට ඉදිරිපත් වුණේ මෙවර. ඒ දරුවො තමයි අද පාසලේ ඉහළ පන්තියෙ ළමයි. මේ දරුවො තමන්ගෙ දක්ෂතා දක්වා අද අනෙක් දරුවන්ටත් ආදර්ශයක් වී සිටිනවා.මෙවර ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලබාගත් වෙනත් පාසල්වල සිසුන්ටත් ආරක්ෂක සේවා පාසලට ඇතුල්වීමට අවස්්ථාව උදාවෙලා තිබෙනවා. ශිෂ්‍යත්ව සමත්ව සිටින කැමති දරුවන්ට මේ පාසලට ඇතුල්වී ඉගෙන ගැනීමට හැකියාව තිබෙනවා. සියලු අංශ වලින් සම්පූර්ණ මේ පාසලේ ඉගනීම ලබන දරුවන්ට පොත පතේ දැනුම පමණක් නෙවෙයි ක්‍රීඩා ඇතුළු විවිධ ක්ෂේත්‍ර පිළිබඳ බාහිර දැනුම අනිවාර්යයෙන්ම ලබා දෙනවා.රට දැය වෙනුවෙන් දිවි පූජාවෙන් කටයුතු කළ අභීත විරුවන්ගෙ දරුවෝ මේ පාසලේ ඉගෙනගන්නෙ.අති දක්ෂ පිරිපුන් දරු පිරිසක් රටට දායාද කිරීමේ අරමුණෙන් මේ පාසල ආරම්භ කළේ. ඒ යුතුකම ඉටුකරන්න පාසලේ ගුරු මණ්ඩලය කැපවී ක්‍රියා කරනවා. මෙහි ඉගනුම ලබන්න අවස්ථාව ලබන දරුවන්ට බාහිර සියලු අංශවලින් ඉදිරියට යෑමට අවශ්‍ය සියලු පහසුකම් පාසල තුළින්ම ලබාදීම වැදගත් කරුණක්.අද වනවිට රටේ තිබෙන ඉහළ පෙළේ යැයි කියන පාසල් වලට සමාන තත්ත්වයෙන් ආරක්ෂක සේවා පාසල ක්‍රියාත්මකයි. මේ පාසල සියලු පාසල්වලින් ප්‍රමුඛ බවට පත්කිරීමට අනාගතයේ දී අපට හැකිවේවි.දැනට රණවිරු දරුවන් වෙනුවෙන් මෙවැනි පාසලක් කුරුණෑගල ප්‍රදේ්ශයෙත් ආරම්භ කර තිබෙනවා.රට පුරාම සිටින රණවිරු දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමට සෑම නගරයකම පහසුකම් සැලසීමට සැලසුමක් තිබෙනවා.රණවිරුවා දැය වෙනුවෙන් සිදුකළ මෙහෙවරට උපහාරයක් ලෙස එම දරුවන් වෙත උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීම අප සැමගේ ම යුතුකමක්. ඒ යුතුකම ඉටු කිරීමට අප බැඳී සිටිනවා.ආරක්ෂක සේවා පාසලට අඩුපාඩුවක්ව පැවැති ඉහළ පන්ති පවත්වාගෙන යාමට නව ගොඩනැගිල්ලක් මේ වනවිට තනා නිමකර අවසන්. ප්‍රාථමික පන්ති සඳහා ද නව ගොඩනැගිල්ලක් ඉදිකෙරෙන අතර විද්‍යාගාර පහසුකම් ආදී සියලු දෑ මෙන්ම ගුරු හා සිසු දෙපාර්ශ්වයට ම නේවාසික පහසුව ද ඉදිරියේ දී ලබාදීමට පියවර ගන්නවා. මේ පාසලෙන් ලබාදෙන අධ්‍යාපනය නිසි අයුරින් ලබාගෙන විශ්වවිද්‍යාලය දක්වා ගොස් සියලු කඩඉම් ජයග්‍රහණ ලබා ආදර්ශවත් පුරවැසියන් වන ලෙස සිසු දරුවන් ගෙන් ඉල්ලා සිටිනවා.ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මහතා ද අදහස් දැක්වීය. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීහු රැසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
විජය කුවේණි නිර්මාණය කළ සුගත් සමරකෝන් ගේ නවතම සිනමාපටය ඇහැලේපොළ කුමාරිහාමි තිරගත කරන්නට මත්තෙන් ඔහු තවත් සිනමා සිතුවමක් අධ්‍යක්‍ෂණය කිරීමට සූදානම්වේ.එය මහා රාවණා රජුගේ ජීවිත කතාවේ සුවිශේෂී සන්ධිස්ථාන අළලා නිර්මාණය වන සිනමා සිතුවමකි. මහා රාවණා කතා පුවත ද නිෂ්පාදනය කරනුයේ ගයාන් රණධීර විසිනි.මෙය ගයාන් ගේ සිව්වැනි සිනමා නිෂ්පාදනයයි. මේ වන විට මහා රාවණා හි තිරපිටපත සැකසෙමින් පවතියි. එහි පෙර නිෂ්පාදන කටයුතු ළඟදීම ඇරැඹෙන බව සුගත් සරසවියට දන්වා සිටියි. චිත්‍රපටයේ නළු නිළියන් තෝරා ගැනීම මේ දිනවල සිදුවෙමින් පවතින අතර ළඟදීම මහා රාවණා හි රූගත කිරීම් ඇරැඹෙනු ඇත.- ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පරිගණක විද්‍යාව යන නමින් හැදින්වුව ද මෙයින් සැළකිය යුතු ප්‍රමාණයක් පරිගණක පිළිබද අධ්‍යයනයට ඇතුළත් නොවේ. මේ නිසා වෙනත් විකල්ප නම් කිහිපයක් යෝජනා වී ඇත. ඩෙන්මාර්ක ජාතික විද්‍යාඥයා පීටර් නෝර් (Peter Naur)ඩේටා ලොජි යන වදන යෝජනා කළ අතර එමගින් පරිගණක සම්බන්ධව නොව දත්ත හා දත්ත සමග වැඩ කිරීම සමග බැදී ඇති විද්‍යාත්මක ශික්ෂණය වඩාත් මතු කර දක්වයි. මෙම වදන භාවිතා කළ ප්‍රථම විද්‍යාත්මක ආයතනය වූයේ 1969 දී ආරම්භ කරන ලද කෝපර්හේගන් විශ්ව විද්‍යාලයේ ඩේටා ලොජි දෙපාර්තමේන්තුවයි. එහි ඩේටා ලොජි සම්බන්ධ ප්‍රථම මහාචාර්යවරයා වූයේ පීටර් නෝර්ය. මෙම වදන වැඩිපුර භාවිතා කරන්නේ ස්කැන්ඩිනේවියානු රටවලය. මුල් කාලයේ දී පරිගණක යෝජනා කරන ලදී. ටූරින්ග්ජිනියර් (turingineer) ටියුරොලොජිස්ට් (turologist) , ගැලීම් සටහන්කරු (floq – charts – man) ව්‍යවහාරික මෙටා ගණිතඥයා (Applied meta – mathematician) හා ව්‍යවහාරික ඉපිස්ටොමොලොජිස්ට් (Applied epistemologist) වැනි යෙදුම් ඒ අතර වේ. තුන් මසකට පසු එම ජර්නලයේම කොම්ප්ටොලොජිස්ට් (comptologist) යන්න යෝජනා කර තිබිණි. ඊළග අවුරුද්දේ හයිපොලොජිස්ට් (hypologist) ලෙස යෝජනා කෙරිණි. වර්තමානයේදී කම්පියුටිකස් (compatics) යන්න යෝජනා වී ඇත. යුරෝපයේ වඩාත්ම භාවිතා වන වදන වන්නේ ඉන්ෆොමැටික් (Informatic) යන්නයි. ප්‍රවීන පරිගණක විද්‍යාඥ එඩ්ස්ගර් ඩික්ස්ට්‍රා (Edsger Dijkstra) කියා සිටින්නේ “තාරකා විද්‍යාව දුර දක්න ගැන නොවන ලෙසට පරිගණක විද්‍යාව ද පරිගණක ගැන නොවේ” යන්නය. පරිගණක හා පරිගණක පද්ධති සැලසුම් කිරීම හා ඒවා ප්‍රයෝජනවත් ලෙස සේවයෙහි යෙදවීමට පරිගණක විද්‍යාවේ කොටස් ලෙස නොසැලකේ. උදාහරණයක් ලෙස පරිගණක දෘඩාංග පිළිබඳ අධ්‍යයනය පරිගණක ඉංජිනේරු විද්‍යාවේ අංශයක් ලෙස සැලකෙන අතර වාණිජ පරිගණක පද්ධති හා ඒවා සේවයේ යෙදවීම පිළිබද අධ්‍යයනය තොරතුරු තාක්ෂණය හෝ හෝ තොරතුරු පද්ධති ලෙස හැදින්වේ. අවශ්‍ය තරම් විද්‍යාත්මක නොවේ යයි සමහරක් විට පරිගණක විද්‍යාව විවේචනයට ලක්වේ. ස්ටැන් කෙල් බුටල් (Stan Kelly – Bootle) ගේ පහත වාක්‍ය එම අදහස තවදුරටත් සනාථ කරයි. “පරිගණක විද්‍යාවට විද්‍යා ජලනල එළීමට තරල ගතිකය මෙන්ය” කෙසේ නමුත් පරිගණකයට සම්බන්ධ විවිධ ක්ෂේත්‍ර අතර බොහෝ අදහස හුවමාරු වීම් සිදුවී ඇත. පරිගණක විද්‍යා පරීක්ෂණ , ප්‍රජානන විද්‍යාව,ආර්ථික විද්‍යාව , ගණිතය , භෞතික විද්‍යාව (ක්වොන්ටම් පරිගණනය බලන්න) හා වාග් විද්‍යාව වැනි අනෙකුත් ක්ෂේත්‍ර සමග ද ඡේදනය වේ. සමහරුන් පරිගණක විද්‍යාව අනෙකුත් සියලු විද්‍යාත්මක ක්ෂේත්‍රවලට වඩා ගණිතය සම්බන්ධ ලෙස සලකනු ලැබේ. මුල් කාලීන පරිගණක විද්‍යාවට කර්ට් ගෝඩෙල් (Kart Godel) හා ඇලන් ට්‍යුරින්ග් (Alan Turing) වැනි ගණිතඥයන්ගේ වැඩ කටයුතු වලින් විශාල බලපෑමක් එල්ල වූ අතර ගණිතමය තර්කනය , ප්‍රවර්ග කිරීමේ සිද්ධාන්තය (domain) , වසම පිළිබඳ සිද්ධාන්තය හා වීජ ගණිතය යන අංශවලදී ක්ෂේත්‍ර දෙක අතර ප්‍රයෝජනවත් අදහස හුවමාරුවක් සිදු විණි. පරිගණක විද්‍යාව හා මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව අතර සම්බන්ධය මතභේදනයට තුඩු දෙන කරුණක් වන අතර “ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව” යන පදයෙන් අදහස් වන දෙය හා පරිගණක විද්‍යාවේ අර්ථ දැක්වීම ගැන ඇති වාදය නිසා මෙය තව දුරටත් උත්සන්න වී ඇත. ඩේවිඩ් පර්නාස් (David Parnas) අනෙකුත් ඉංජිනේරු විද්‍යා ක්ෂේත්‍ර අතර ඇති සබඳතාවයන්ගෙන් ඉගියක් ගෙන පරිගණක විද්‍යාවේ ප්‍රධාන අරමුණු පරිගණකයේ ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය බවත් මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවේ ප්‍රධාන අරමුණ ප්‍රායෝගික අරමුණු සාක්ෂාත් කර ගැනීමට විශේෂ පරිගණක සැළසුම් කිරීම බවත් ප්‍රකාශ කළ අතර එමගින් මෙම අංශ දෙක එකිනෙකින් වෙන්වූ නමුත් අනුපූරක අංශ 2ක් බවට පත් කරන ලදී. පරිගණක විද්‍යාවේ අධ්‍යාපනික , දේශපාලනික හා මූල්‍යමය පැතිකඩවල ආරම්භය එක්සත් ජනපදයේ පිහිටුවන ලද ඉංජිනේරු විද්‍යාව හෝ ගණිතය පිළිබද ආයතනයක් හා බැදේ. සාමාන්‍යයෙන් විදුලි ඉංජිනේරු ශිල්පය මත පදනම් වු පරිගණක විද්‍යා දෙපාර්තුමේන්තු , පරිගණක විද්‍යා හෝ හා / හෝ ඉංජිනේරු ශිල්ප දෙපාර්තමේන්තු ලෙස සාර්ථක වීමේ ප්‍රවණතාවක් පවතී. ගණිතය පිළිබද විශේෂතාවයක් ඇති හා සංඛ්‍යාමය හැඩ ගැසීමක් ඇති පරිගණක විද්‍යා දෙපාර්තමේන්තු පෙළ ගස්වන ලද පරිගණක විද්‍යාව පිළිබද සැලකිල්ලක් දක්වයි. දෙපාර්තමේන්තු වර්ග 2කට අධ්‍යාපනික අතින් කේෂ්ත්‍ර දෙක යා කිරීමට උත්සාහ ගනී. එසේ නොවුණ හොත් පර්යේෂණ හරහා එය සිදු කෙරේ.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මේ දවස්වල මම ඉන්නේ බොහොම විවේකයෙන්. ඒ පසුගිය දවස්වල දිගින් දිගටම ටෙලි නාට්‍ය බොහොමයකට සම්බන්ධ වුණු නිසයි. දිගින් දිගටම රඟපෑ ඒ ටෙලි නාට්‍යය කිහිපය ඉදිරි කාලයේදී විකාශය වේවි. ඒ වගේම වාසිත සමරනායකගේ ටෙලි නාට්‍යයකටත් රඟපෑමෙන් සහයෝගය දක්වන්න මට ආරාධනා ලැබුණා. එහි මුහුරත් උළෙලටත් පසුගිය දිනෙක මා සහභාගි වුණා.ළඟදීම ජාතික රූපවාහිනියේ ආරම්භ කරන ජපන් ටෙලි නාට්‍යය සඳහා හඬ කැවීම් කටයුතුත් කරනවා. මේ අතර ලැබෙන විවේකය මගේ මහත්තයත් සමඟ බෙදා හදා ගන්නේ බොහොම සතුටෙන්.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔගොල්ලො ජර්මන් භාෂාව ඉගෙන ගනිද්දී බොහෝම ගැටලුවකට මූන පාන ගැටලුවක් විසදා ගන්නා ආකාරය. මුලින්ම කියන්නම්කො අපේ සිංහල ඉංග්‍රීසි භාෂා වගේ නෙමේ මේ ජර්මන් භාෂාව එහෙම කියන්නේ මොකද මේ භාෂාවේ නාමපද වල ලිංග බේද තුනක් පහසුවෙන් හදුනා ගන්න පුලුවන් ඒ තමා ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග හා නපුන්සක ලිංග කියලා. der (Masculine පුරුෂ ලිංග) der Mann, der Tisch the man(මිනිසා) the table(මේසය) die (Feminine ස්ත්‍රී ලිංග) die Frau, die Tür the woman(ගැහැණිය) the door(දොර) das (Neuter නපුන්සක ලිංග) das Kind, das Fenster the child(දරුවා) the window(ජනේලය)මෙහෙම ලිංග බේදයක් අපිට අනිත් භාෂාවල දකින්න ලැබෙන්නෑ මොකද අපි සිංහල භාෂාවෙදි පන නැති දේවල් එකම ලිංග බේදෙකින් තමයි හදුන් වන්නේ. නමුත් මෙහිදී මේසය පුරුෂ ලිංග වශයෙන්ද දොර ස්ත්‍රී ලිංග වශයෙන්ද ජනේලය නපුන්සක ලිංග වශයෙන්ද හදුන්වලා තියෙනවා. ඉතින් මෙහිදී ඕගොල්ලො වගේම ගොඩක් දෙනෙක් ලොකු අමාරුවක වැටෙනවා කොහොමද අපි මේ ලිංග බේදය පැහැදිලිව හදුනා ගන්නෙ නැත්තම් කොහොමද අපි ආර්ටිකල් යොදන්නේ කියලා. ගොඩක් දෙනෙක් මේක නිසාම නාමපදයත් එක්කම ආර්ටිකල් එකත් කටපාඩම් කරනවා. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ බොහොම ලේසි වගේම නිවැරදි ක්‍රමයක් මේ ලිංග බේදය හොයාගන්න ඉතින් අද පාඩම අපි පටන් ගමු.පුරුෂ ලිංග නාමපද හදුනා ගමුපහත අකුරු වලින් අවසන් වෙන නාම පද අපට පුරුෂ ලිංග නාමපද හැටියට හදුනා ගන්න පුලුවන් Normal 0 false false false EN-US X-NONE SI-LK /* Style Definitions */ table.4pt 0in 5.4pt 0in 5.0pt; font-family:"Calibri",sans-serif; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;} -er der Computer, der Wecker Computer, alarm clock -ig der Honig, der Käfig Honey, cage -ismus der Idealismus, der Kapitalismus Idealism, capitalism -ling der Früling, der Schiling Spring, shilling -or der Motor, der Reaktor Engine, reactor ඒවගේම පහත දැක්වෙන නාමපද කාණ්ඩ ද අපට හදුනා ගන්න පුලුවන් පුරුෂ ලිංග නාමපද හැටියටපුරුෂයන් der Vater, der Shon තාත්තා, පුතා මාස හා දවස් der Montag, der August සදුදා, අගෝස්තු කාර් නිෂ්පාදකයන් der BMW, der jaguar බීඑම්ඩබ්ලිව, ජැගුවාර් ඍතු der Sommer, der Winter ග්‍රීෂ්ම සෘතුව, සිසිර කාලයඇල්කොහොල් වර්ග der Whisky, der Wein විස්කි, වයින්නමුත් මෙතනදී මතක තියා ගන්න තව දෙයක් තියෙනවා ඒ තමා අපි බියර් හදුන්වද්දී විතරක් "das Bier " ලෙස හදුන්වනවා . අදට මම මෙතනින් නවතිනවා ඊලග පාඩමෙන් ස්ත්‍රී ලිංග නාමපද හදුනාගන්නෙ කොහොමද කියලා බලමු.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වීනා මලික්ගේ වෘත්තීය ජීවිතය වඩාත් බැබළෙන්නේ ඇයගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු නිසයි. මේ වන විට වීනාගේ නමින් සෑම වෙබ් අඩවියකම පුවත් මැවෙයි. ඇයගේ ට්විටර් ගිනුම හිටපු පෙම්වතා වන ප්‍රෂාන්ත් සිං විසින් භාවිත කරමින් වැරැදි පණිවුඩ යවන බවට වීනා මෑතක දී චෝදනා එල්ල කළාය. දැන් ඇය නව ට්විටර් ගිනුමක් අරඹා ඇත.මේ සියල්ල බරපතළ තත්ත්වයකට පත් වී ඇත්තේ වීනා ඩුබායි හි ව්‍යාපාරිකයකු වූ අසාද් බහීර් සමඟ විවාහවීමෙන් පසුවයි. ඉන් පසුව ද ඇයගේ හිටපු පෙම්වතා ප්‍රෂාන්ත් ඇයගේ ගිනුම භාවිතා කර ඇති අතර, වීනාගේ අතිශය පෞද්ගලික ඡායාරූප පවා එම ගිනුමට මුදාහැර ඇත. මේ ව්‍යාජ ගිනුම පිළි නොගන්නා ලෙස සැමියා ද ඇයගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටියි.පාකිස්තානු නිළි වීනාගේ නම කැළැල් කරන තවත් හේතුවක් වී ඇත්තේ ඇය ඉන්දියානු විරෝධී අදහස් වෙබ් අඩවියට මුදා හැරීමයි. මේ නිසාම ඇයගේ ජනප්‍රියභාවය ද දිනෙන් දිනම අඩු වෙමින් පවතී.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මම රචනා කළ ‘සෞම්‍යවන්තී’ දෙවැනි මුද්‍රණය දැන් නිකුත් වෙලා තියෙනවා. ඉදිරියේදී ‘වැව රවුම’ කෙටි කතා සංග්‍රහය සහ ‘දින පොතක අන්දරය’ යොවුන් කෙටි කතාව එළි දක්වන්න නියමිතයි.ලබන සතියේ සාහිත්‍ය සම්මාන උළෙල සඳහා සහභාගි වෙන්න තියෙනවා. ඒ හැරුණාම අලුත් ගායක ගායිකාවන් වෙනුවෙන් ගීත කිහිපයක් රචනා කරමින් සිටිනවා. මගේ මුළු ලෝකයම කලාව සහ දරුවන්. ලොකු දුව විවාහ වෙලා. මම පොඩි දුව සමඟින් කාලය ගත කරනවා.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අප නිළි රැජන මාලිනී ෆොන්සේකා යළිත් වරක් දේශීය සිනමාවට ජාත්‍යන්තර කීර්තිය අත් පත්කර දෙමින් ප්‍රංශයේ ඩොවිලි ඒෂියා සිනමා උළෙලේදී බුහුමනට පත් වුූවාය. වසර පනහකට ආසන්න ඇයගේ සිනමා රංගනය ජාත්‍යන්තරයේ පවා ඇගැයීමකට ලක් වනුයේ වරක් දෙවරක් නොවේ.දහසය වැනි ඩොවිලි ඒෂියා සම්මාන උළෙලේදී මාලිනී වෙනුවෙන් යාවජීව සිනමා සම්මානය පිරිනැමුණු අතර එහිදී ඇයගේ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් ද පැවැත්විණ. එහිදී ඇය සම්මානය දෝතට ගත්තේ ඩෙවිලි නගරයේ නගරාධිපතිගේ සුරතිනි.මාලිනී මේ ලද සම්මානය වෙනුවෙන් සරසවිය අප ද ඉත සිතින් සුබපැතුම් එක් කරමු.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සුවිසල් සිටු මැදුරක, සුව යහනක් මත ප්‍රේමාලිංගනයක යෙදෙන යොවුන් පෙම් යුවළකි. පෙම්වතා පෝල් කාල්සන් නම් වෙයි. හදිසියේම යමක් සිහිපත් වූ ලෙසින් යහනින් බිමට පනින පෝල් වහ වහා සිය ඇඳුම් ඇඳ ගනිමින් පහත මාලයට දුවයද්දී ඔහුගේ ප්‍රියාවිය ඔහු පසු පස හඹා යන්නේ රෙදි කඩක් පමණක් අතැතිව නිරුවතිනි. ඇගේ ඇවිටිල්ල ගණනකටවත් නොගෙන ඇය හැරදමා පළායාමට තරම් ඔහුට වැදගත් වූ සුවිශේෂ කටයුත්ත කුමක්ද? ඒ සාරා ෆ‍්‍රැම්සන් ගේ උපන් දින සාදයයි. සුරූපී සාරා, පෝල් ගේ එකම සොහොයුරාගේ ආදරබර පෙම්වතියයි.ගරා වැටුණු පාළු මන්දිරයේ ආලින්දය මැද වූ ශෛලමය පුවරුව මත විසිරී ඇත්තේ දුර්වර්ණ වී ගිය අළු ගොඩකි. අමිහිරි හඬක් නඟමින් එතැනට පියඹා එන හිරිකිත මා වවුලෙකුගේ මුවඟින් වැගිරෙන ලේ බිඳු කිහිපයක් අළු ගොඩ මතට වැටෙයි. සුදු දුම් වලාවක් නඟමින් අළු ගොඩෙහි ස්වරූපය ඇට සැකිල්ලක් බවට පත්වෙයි. ඒ මතින් නිශාචරයන්ගේ අධිපති ඩ්‍රැකි්‍යුලා ගේ රුව ජීවමාන වන්නට ගත වන්නේ සුළු කාලයකි.තමා හැරගිය පෙම්වතා තමා දූෂණය කොට පළාගිය බවට පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පෝල් පසු පස හඹා එන නිලධාරීන්ගෙන් ගැලවීම සඳහා වන වැදුණු ඔහුගේ ගමන නිමා වන්නේ ඩ්‍රැකි්‍යුලා ගේ මන්දිරයෙනි.ඔහු පිළිගැනීමට මඟ බලා සිටින්නේ ඩ්‍රැකි්‍යුලා ගේ මනමාලියක් වන සුරූපී ටානියායි. දුහුල් නිදන ඇඳුමකින් සැරසුන ඇය එදින රාත්‍රියේ කාටත් හොරා පොල්ගේ යහන් ගැබට පිවිසෙයි.පෝල්ගේ අතුරුදන් වීමත් සමඟ ඔහු සොයා යන සයිමන් සහ සාරා යුවළ ඩ්‍රැකි්‍යුලා ගේ ඊළඟ ගොදුර බවට පත්වෙයිද? බ්‍රිතාන්‍යයේ හැමර් චිත්‍රපට සමාගම විසින් 1970 වසරේ දී නිපැයූ ‘සුකාර්ස් ඔෆ් ඩැකි්‍යුලා’ චිත්‍රපටය තුළින් එම පැනයට පිළිතුරු ලබාගත හැකිය.රෝයි වෝඩ් බේකර් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘ස්කාර්ස් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ චිත්‍රපටය හැමර් චිත්‍රපට සමාගම වෙනුවෙන් අයිඩා යන්ග් ගේ නිෂ්පාදනයකි. බ්‍රෑම් ස්ටෝකර් ගේ ඩ්‍රැකි්‍යුලා නවකතාවේ චරිත යොදා ගනිමින් තිර රචනය කළේ ඇන්තනි හින්ඩ්ස් විසිනි. මෙවරත් ක්‍රිස්ටෝපර් ලී ඩ්‍රැකි්‍යුලා චරිතයට පණ පෙව්වේය. ඩෙනිස් වෝටර්මන් සහ ක්‍රිස්ටෝපර් මැතිව්ස්, සයිමන් සහ පෝල් කාල්සන් දෙසොහොයුරන් ලෙස රඟපෑවෝය. අතිශය සුරූපී නිළියක් වන ජෙනී හෙන්ලි සාරා ෆ‍්‍රැම්සන් ගේ චරිතය නිරූපණය කළාය. අනුස්කා හෙම්පල් ඩ්‍රැකි්‍යුලා ගේ මනාලිය වූ අතර පැට්‍රික් ටෲටන් ඩ්‍රැකි්‍යුලා ගේ කීකරු අතවැසියා ගේ චරිතයට පණ පෙවීය.අමෙරිකන් ඩොලර් 200,000 ක පිරිවැයක් දරා නිපද වූ චිත්‍රපටය වෝනර් සමාගම විසින් බෙදා හැරීමේ කටයුතු සඳහා ප්‍රතික්‍ෂ්ප කරන ලද හෙයින්, ඊ. එම්. අයි. සමාගම හරහා බෙදාහැරීමට සිදුවිය. ප්‍රධාන නළු ක්‍රිස්ටෝපර් ලී විසින් සම්පූර්ණයෙන්ම නැරඹූ චිත්‍රපටය ලෙස මෙය වාර්තාගත වෙයි. 1970 නොවැම්බර් මස චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ විය.ආදායම් වාර්තා අතින් එතරම් සාර්ථකත්වයක් ලබා නොගත් ‘ස්කාර්ස් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ චිත්‍රපටයේ ච්ඍච් පිටපතක්, ඇන්කර් බේ සමාගම විසින් 2004 වසරේ දී වෙළඳපොළට නිකුත් කළ අතර එහි සීඝ්‍ර අලෙවිය නිසා අද වනවිට එයින් එක් පිටපතක් හෝ මිල දී ගැනීමට නොමැති බව වාර්තාවේ. එම ඩී. වී. ඩී. තැටියට අධ්‍යක්‍ෂ රෝයි වෝඩ් බේකර් සහ ක්‍රිස්ටෝපර් ලී ගේ සම්මුඛ සාකච්ඡාද ඇතුළත් කර තිබුණි.ලන්ඩනයේ විනෝද කාමී කොල්ලන්, කෙල්ලන් ගේ ‘හිපි’ සමාජය වෙතට පැමිණෙන ‘ඩ්‍රැකි්‍යුලා’ ගේ ශාපය, ඩ්‍රැකි්‍යුලා ඒ.ච්. 1972 ලබන සතියේ....
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දස හැවිරිදි දැරියක් දූෂණය කිරිමේ චෝදනාවන්ට බදුල්ල මහාධිකරණය මගින් වසර දහයක සිර දඩුවමක් නියමව සිටි භික්ෂුන් වහන්සේ එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරිමට අභියාචනාධිකරණය නියෝග කළේය.බදුල්ල මහාධිකරණය ලබාදුන් වසර දහයක බරපතල සිරදඩුවම සහිත තීන්දුව බල රහිත කළ අභියාචනාධිකරණය නියමකර තිබු රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දියද ලබාදීම අත්හිටුවීය.අදාල නඩු විභාගය අවසන් කර එහි නීන්දුව ප්‍රකාශ කිරිමට වසරකට අධික කාලයක් ගෙන ඇති අතර එය මූලික නීතිමය සිද්ධනාන්ත වලට පටහැනි බවත් , විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරිමට අසමත් වීමත් නඩු විභාගය අතර වාරයේදි විසිසුරුවරයා පක්ෂග්‍රාහිව කටයුත්කිරිමත් යන හේතු මත විත්තිකරු නිදහස් කරන බව අධියාචනාධිකරණය විසින් සඳහන් කර ඇත.2009 දෙසැම්බර් මස 17 දින බදුල්ල මහාධිකරණය විනිසුරුවරයා විසින් ප්‍රකාශ කළ නඩු තීන්දුව එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සමකට අවසර දෙමින් මෙම තීන්දුව ප්‍රකාශ කර ඇත. අභායාචනාධිකරණ සභාපති විනිසුරු ඒ ඩබ්ලිව් ඒ සලාම්, ඩබ්ලිව් ඩි සි ජයතිලක යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශ කර ඇත.වැලිගම පුඥ්‍යසාර හිමි හෙවත් සමන් උපුල්සේන නමැත්තා මෙලෙස නිදහස් කර න ලදි.විත්තිකාර හිමිනම වැඩසිටි පන්සලෙහි ගණිතය පන්තියක් පැවැත්වු බවද 1988 එම පන්තියට පැමිණි අවස්ථාවකදි දස හැවිරිදි දරිය දූෂණය කල බවට විත්තිකරුට චෝදනා එල්ල වී තිබිණි.මෙම නඩු විභාගය 2005 වසරේ ආරම්භ කර ඇති අතර 2008 වසරේදි අවසන් කර ඇත. එහෙත් විත්තිකරු චෝදනාවලට වැරදි කරු කරමින් එහි තීන්දුව ප්‍රකාශ කර ඇත්තේ 2009 වසරේ දෙසැම්බර් මාසයේදිය.නඩු විභාගයක් අවසන් කළ වහාම සාධාරණ කාලයක් තුළදි ඒ පිළිබද තීන්දුව ප්‍රකාශ කළ යුතු බව මූලික නීතිි මුලධර්මයන් බවද, යුක්තිය පසීදලීම මෙන්ම ඒ බව පෙනෙන්නට පැවතීමද මූලික නීකිමය සින්ධාන්තයක් බව අභියාචනාධිකරණ නඩු තීන්දුවේ සඳහන්වේ.දුෂණයට ලක්වුවායැයි කියන දැරිය ලබාදුන් සාක්කියද පරස්පර බව එම තීන්දුවේ සඳහන් වේ.එම කරුණු මත විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බව ද දක්වා ඇත.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
චන්දික විජේසේන දැන් කාර්යබහුල ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්. ‘බොඳ මීඳුම්, ඉතින් ඊට පස්සේ’ වැනි ටෙලි නාට්‍ය කිහිපයක්ම ඔහු රසිකයන්ට තිළිණ කළා. මේවා සියල්ලක්ම ඉහළ ජනපි‍්‍රයත්වයක් ලැබූ නාට්‍ය වීමත් විශේෂත්වයක්. ඔහුගේ අලුත්ම ටෙලි නාට්‍යය ‘සිහින සින්ඩරෙල්ලා මේ දිනවල ඔබේ ආලින්දයේ සරසනවා.ඒ අතරෙ අපට ආරංචි වුණා චන්දික මේ දවස්වල කැම්පස් එකක් ළඟ නිතර නිතර ගැවසෙනවා කියලා. මේ ගැන අපි ටිකක් හොයලා බැලුවම තමයි තේරුණේ මොකක්ද කාරණය කියලා.මේ විදියට එයා ඉඳලා තියෙන්නේ ලොකේෂන් එකක් හොයන්න. ඒ සිහින සින්ඩරෙල්ලා ටෙලි නාට්‍යයේ ඉතිරි රූගත කිරීම් සඳහා. ඒ වෙනුවෙන් ඔහු තෝරා ගෙන තියෙන්නේ හොරණ ශ්‍රීපාලි මණ්ඩපය. දැන් ජයටම එහි ‘සිහින සින්නඩරෙල්ලා’ රූගත කිරීම් සිදුවෙනවා.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
1.දුම්පානය කරන්න එපා - පරික්‍ෂනයන් වලට අනුව විශේෂඥයන් ඔප්පු කර තිබෙනවා ආහාර ගැනිමෙන් පසු දුම් වැටි පානය කිරිම සමාන කළ හැකි බව දුම් වැටි 10ක් පානය කිරීමට (අවස්ථාවන් තිබෙනවා ඇති විමට පිළිකාවන්)2. එකවරම පළතුරු කන්න එපා - එකවරම පළතුරු කෑම ආහාර ගැනිමෙන් පසු හේතුවක් වේවි ආමාශය ඉදිමිමට වාතයත් සමග.එම නිසා පළතුරු අරගන්න 1-2 පැයකින් ආහාර ගැනීමෙන් පසුව හෝ පැයකට කලින් ආහරයන් ගැනිමට3.තේ පානය කරන්න එපා - මක්නිසාද තේ කොළ වල අඩංගු වි තිබෙනවා විශාල වශයෙන් අම්ලයන්.මේ තත්ත්වය හේතු වේවි අපි කාදමන සියගණනක්ආහාර තුළ අඩංගු වි ඇති ප්‍රෝටීන් වලට... මේ නිසා එය අපහසු වෙනවා ආහාරයන් දිරවිමට4.ඔබගේ බඳපටි පළදින්න එපා - බඳපටි පැළදිම ආහාරයන් ගැනිමෙන් පසුව හේතු වේවි බඩ වැල ඇඹරුමට සහ අවහිර විමට5.නාන්න එපා - ආහර ගැනිමෙන් පසු නෑම හේතු වේවි වැඩි කිරීමට ලේ ගලා යෑම අත්වලට,කකුල් වලට හා එලේසම ශරීරයේ ආමාශය වටා ඇති ලේ ප්‍රමාණය එමනිසා අඩුවේවි,මෙය දුර්වල කරාවි ජීරක පද්ධතිය අපේ ආමාශය තුළ ඇති6.පමණට වඩා ඇවිදින්න එපා - මිනිසුන් නිතරම කියනවා ආහාර ගැනිමෙන් පසුව පියවර 100ක් ඇවිදින්න සහ ඔබ ජිවත් වේවි අවුරුදු 99ක් තෙක්.ඇත්ත කරුණ මෙය නෙවෙයි .ඇවිදිම හේතු වෙන් ජීරක පද්ධතියට බැරි වේවි උරා ගැනිමට පෝෂණය අපි අරගන්නා ආහාරයන් වල7.ඉක්මණින් නිදා ගන්න එපා - අපි අරගන්නා ආහාරයන් නියම ලෙස දිරවන්නේ නැති වේවි.මෙලෙස ප්‍රධාන වේවි ආමාශයික සහ ලෙඩ බෝ විමට අපේ අභ්‍යන්තරයේ.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඔයාගේ PC එකේ Windows Os එක පිහිටවපු දිනය හා වෙලාව මතකද. මතක නැත්නම් මතක් කරගන්න පොඩි tip එකක් මෙලිපියෙන් ඔයාට දැනගන්න පුලුවන්.How to know windows install dateඉස්සෙලා command prompt එක open කරගන්නඉට පස්සේ පහත තියෙන command එක type කරලා enter press කරන්න.systeminfo | find/i "install date"තත්පර කිහිපයකින් පහත තියෙන විදිහට ඔයාගේ Windows OS එක install කරපු දිනය හා වෙලාව නිවැරදිව පෙන්වාවි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගම්පහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිහක පමණ පුද්ගලයෙකි. ඔහුට සිය පදිංචි ඉඩමේ පවතින ගැටලුවක් නිරාකරණය කර ගැනීම සඳහා හදිසියේම උප්පැන්න සහතිකයක පිටපතක් ලබාගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා නියමිත අයැදුම්පත් පත්‍රයක් රැගෙන එය සම්පූර්ණ කර ගැනීම සඳහා ප්‍රදේශයේ පදිංචි ගුරුවරයකු ළඟට ගියේය.පුද්ගලයාගේ සියලු තොරතුරු සටහන් කළ ගුරුතුමා ඔහුගෙන් මවගේ නම විමසීය.හෙතෙම උඩ, බිම, බැලීය. ගුරු මහාතටද වෙනස වැටහිනි. ඇයි මොකවත් ප්‍රශ්නයක්දැයි ගුරුතුමා විමසීය. සර් අම්මගේ නම දාන්නම ඕනදැයි ඔහු විමසීය. ඔව්, ඔව්, මෙතන මවගේ නම ලියන්න ඕනෑ ගුරුතුමා කීවේය.එහෙනම් සර් ඉතිරිටික හෙට පුරවමු. මොකද මට අම්මගේ නම මතක නෑ. ගෙදර පොතක ලියලා තිබුණා. මම ඒක බලාගෙන හෙට එන්නම් කියා ඔහු යන්න ගියේය. දැන් ඉන්න උං අම්මගෙ නමවත් දන්නෙ නෑ. ගුරුතුමා අසල සිටි බිරියට පැවැසීය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කෙල්ලන් බෙල්ලේ වැල දාගන්න ප්‍රධානම හේතුවක් විදියට බොහොම කෙටි කාලයකින් හැමෝගෙම අවධානය දිනා ගන්න සමත් උන අපි කවුරුත් දන්නා වෙබ් අඩවිය තමයි ෆේස්බුක් කියන්නේ. දැන් දැන් මේක අපේ මහින්ද මාමටත් තේරිලා තියෙනවා. ඇත්තටම මෙතන වරද තියෙන්නේ ෆේස්බුක් භාවිතා කරන කෙල්ලන්ගේ උනත්, රජය හදන්නේ "බෙල්ලේ වැල දාගන්නේ සාරි වලින්ද, එහෙනම් සාරි තහනම් කරන්න ඕනේ" වගේ වැඩක් කරන්න. මේකට ෆේස්බුක් තහනම් කලාට වැඩක් නෑ. මොකද ෆේස්බුක් වල විතරද ඔහොම සීන් දාන්න පුළුවන්. පිස්සු හැදෙයි. එතකොට Skype, VK, WhatsApp මේ ඔක්කොගෙන්ම කරන්නේ ෆේස්බුක් වල වගේ චැට් කරන එක තමයි. එතකොට එහෙනම් ඔක්කොම තහනම් කරන්න ඕනේ. නැත්තම් අන්තරජාලයම තහනම් කරන්න ඕනේ. ෆේස්බුක් තහනම් කලත් ,එන මිනිහා මොකක් හරි ක්‍රමේකින් එනවා. දෙමාපියෝ දැනගන්න ඕනේ තමන්ගේ දුවව හදාගන්න. නැතුව මේ ෆේස්බුක් වහන්න කියලා විලාප තියන එක නෙවෙයි. මේක මේ අපේ රටේ පලවෙනි ෆේස්බුක් මරණය නෙවෙයිනේ. ඔයිට කලින් කොච්චර මැරුණද. Skype නිසා කොච්චර මලාද. එතකොට Skype නවත්තලා හරි යනවද. වරද තියෙන්නේ මිනිස්සු අතේමයි. ලංකාවේ මිනිස්සු වැඩි දෙනෙක් තාක්ෂණය නිවැරදිව භාවිතා කරන්න දන්නේ නෑ. හදන්න ඕනේ අන්න එතන, මිනිස්සුන්ගේ සිතුම් පැතුම් තමයි වෙනස් කරන්න ඕනේ. මේ එල හරක්ට ඒක තේරෙන්නේ නෑ. මුන් හදන්නේ ෆේස්බුක් තහනම් කරලා තව චන්ද ටිකක් කඩාගන්න. හරි, ඒ අපතයන්ට බැන්නා ඇති. දැන් මේ මී හරක් ෆේස්බුක් තහනම් කලොත් එහෙම, ෆේස්බුක් වලින් නිවැරදි ප්‍රයෝජනේ ගන්න යටත් ඒක අහිමි වෙනවා. ඒ නිසා මම අද කියලා දෙන්නේ බැරි වෙලාවත් ෆේස්බුක් තහනම් කලොත් එහෙම, ෆේස්බුක් වෙත හොරෙන් රිංගන විදිය. ඔයාලා මුලින්ම https://www.org/ වෙබ් අඩවිය වෙත පිවිසිලා Tor Browser Bundle එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඉන්ස්ටෝල් කරගන්න. මේක මගින් බ්ලොක් කරපු ඕනෑම වෙබ් අඩවියකට යන්න හැකියාව තියෙනවා. Tor කියන්නේ ලොව පුරාම ගොඩක් ප්‍රචලිත නොමිලේ ලබාදෙන ව්‍යාපෘතියක්. මේකෙදි අපි ෆේස්බුක් වලට එනකොට අපිව ෆේස්බුක් වලට එවන්නේ ලොව පුරා ඇති Tor Server වලින් එකක් හරහා. ඒ කියන්නේ Tor ජාලය හරහා. එතකොට අපේ ISP ඒ කියන්නේ ඉන්ටනෙට් දෙන සමාගමට පෙන්නේ අපි Thr ජාලයට විතරක් විසිට් කරනවා කියලා විතරයි. ISP දාල තියෙන කිසිම බ්ලොක් එකක් Tor වලට වලංගු වෙන්නේ නෑ. ඒ කියන්නේ ඕනෑම තාප්පයක් කඩාගෙන යන්න පුළුවන්. මෙය නිවැරදිව භාවිතා කරන හැටි දැනගන්න ඕන අය මෙන්න මෙතන ක්ලික් කරන්න. එතකොට වීඩියෝවක් මගින්ම මේක පාවිච්චි කරන හැටි ඉගෙනගන්න පුළුවන්. දැන් මම කිව්වනේ කොහොමද ෆෙස්බුක් තහනම් කලොත් එහෙම ෆේස්බුක් යන්නේ කියලා. හිතනවා කට්ටියට තේරෙන්න ඇති කියලා. ඕනෑම ගටල්වක් තියේනම් කමෙන්ට් එකක් දාන්න. දැන් ඉතින් හරියට නින්ද නොයන ලේදෙටත් පිලියමක් ලැබෙන්න ඇතිනේ :D. කොල්ලෝ කෙල්ලන්ට Tor ඔයාලගේ android phone එකටත් දාගන්න පුළුවන්. ඒ සදහා මෙන්න මේ ලින්ක් එකට යන්න - https://www.org/docs/androidඑහෙනම් ඔබට ජය. තවත් මේ වගේ පොස්ට් එකකින් පසුව හමුවෙමු.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අප මෙලොව උපන්නේ කුමකටද? ජීවිතය විඳින්න ද? විඳවන්නද ? ඒ දෙකටම නොවේ.තායිලන්තයේ අජාන් චා හිමිපාණන් පවසන්නේ අප මෙලොව උපන්නේ මේ දිගු සසර මඟ කෙටි කරගනු පිණිසම බවය.එහෙත් එසේ සසර මඟ කෙටි කරගන්නා ක්‍රමවේද පිළිබඳ හොඳ දැනුමක් අප සතු ද? ඒ දැනුම අත්පත් කරගන්නා වුවමනාව ඇත්තේ අප අතරින් කීයෙක් කී දෙනකුට ද?‘සඳ කැන් අරණ’ බුදු දහම ඉතා සරලව ලොවට පහදා දුන් තායිලන්ත ජාතික අජාන් චා හිමිපාණන් ගේ දේශනා ඇසුරින් සැකසී ‘තරුණී’ පුවත්පතේ කොටස් වශයෙන් පළ වූ ලිපි පෙළකි.එම ලිපි පෙළ එක් කොට කුමාර සිරිවර්ධන රචනා කළ ‘සඳ කැන් අරණ’ කෘතිය දැන් සහෘද පාඨක හිතවතුන් වෙත තිළිණ වී තිබේ.‘සඳ කැන් අරණ’ කිංකිණි ප්‍රකාශනයකි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිවේදිකාවරුණි උත්පලාසුපුරුදු පරිදි හැම ඉරිදාවකම “භාරත ගී වින්දන” වැඩසටහන කරනවා.නුගේගොඩ හින්දි ගුරුකුල් ආයතනයේ උගන්වන අතරම ලබන පෙබරවාරියේ පවත්වන එහි ප්‍රසංගයටත් සූදානම් වෙනවා. ඊට අමතරව ගුවන් විදුලි සංස්ථාවේ හින්දි අංශයේ වැඩසටහන් ඉදිරිපත් කරනවා.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලේඛකයා මරා දැමූ තැනින්රන් නෙළුමක් උපන්නෙයඑක අකුරක් පවා වැළපෙනසමුදුරු ගොසක් ඇසෙන්නෙයළය පත්ල බිඳ වැගිරෙන්නෙයමා මරා රන් කගක් උපන්නෙයළය පත්ල බිඳ වැගිරෙන්නෙයනිදහසක් ඉල්ලා වැළපෙනඑක අකුරකුදු නොම විරත විලසටමහ හඬින් හඬන්නෙයදුරුතු වැසි වසින්නෙයරන් මලක් පිපෙන්නෙයමිය යන්ට ඉඩ නොදෙනරන් මලක් පිපෙන්නෙයPicture -Karen Hollingsworth, from Atlanta, Georgia.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඉන්ද්‍රගේ ලෝකඩ ප‍්‍රතිමාවක් ඉන්ද්‍ර වනාහි යුද්ධයට මෙන් ම කාලගුණයට ද අධිපති දෙවියාය. හින්දුසමය අනුව හෙතෙම දෙවියන්ගේ රජුය. එසේම ස්වර්ගයට ද අධිපති වෙයි. ඉන්ද්‍ර පිළිබදව ප‍්‍රථම වරට සඳහන් වන්නේ හින්දු පූජනීය ග‍්‍රන්ථය වන ඍග්වේදයෙහි සදහන් වේ. ඒ අනුව හෙතෙම ප‍්‍රධාන දෙවියා වන අතර ආක‍්‍රමණශීලී චරිත ලක්ෂණවලින් යුක්තය. පශ්චාත් කාලීන හින්දු සමයෙහි පැන නැගි ති‍්‍රමූර්තිය අනුව ඔහුගේ ගෞරවය සහ කාර්යභාරය මදක් අඩු වී ඇතත් වෛදික යුගයේ සිට පුරාණ යුගය දක්වා ම ඉන්දීය පුරාණෝක්තීන්හි දෙවියන්ගේ ප‍්‍රධාන පාලකයා වශයෙන් ඉන්ද්‍ර හැම විට ම වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇත. සටහන්[සංස්කරණය] Indra
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දේශය දිනා දුන් රාජ්‍ය නායකයා සමඟින් විජයග්‍රහණයේ අභිමානය සමරන්නට ඉතිහාසයේ මෙතෙක් නොපැමිණි ජනගඟක් මාතර පුරවරයට ගලයි.ශ්‍රී ලංකාවේ දෙවැනි නිදහස දිනා වසර පහක් සපුරමින් වියජග්‍රහණයේ පෙළපාලිය මාතර දී මුළුදුන් ඵෙතිහාසික දිනය ඉතිහාස පොතට එකතු කරමින් මේ ජනතාව රාජ්‍ය නායකයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වටා එක් රොක් වූයේ රටත් ජාතියත් දින වූ නායකයා සමඟින් මුළු රට සිටින බව ලොවටම කියමිනි.මාතර සමුද්‍ර මාවත ඊයේ(18) උදෑසන ලක්ෂ සංඛ්‍යාත පිරිස් වලින් පීරි ගොස් තිබිණි.කොළඹින් බැහැරව පැවැති ප්‍රථම අවස්ථාවම එහි අතිසාර්ථක අත්දැකීමක් බවටද පරිවර්තනය විය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අලුත විවාහ වූ යුවළකට නවාතැන් පහසුකම් දී නිදි යහනේ දර්ශන කැමරාවක් ආධාරයෙන් පරිගණකයෙන් නරඹමින් සිටි පාසල් වෑන් රියදුරකු පාණදුර සෝමානන්ද මාවතේ නිවසකදී අත්අඩංගුවට ගත් බව පානදුර හිරණ පොලිසිය කියයි.යුවළ සිටි කාමරයේ සුළං කවුලුව මත තිබූ කුඩා ඩිජිටල් කැමරාව යුවළගේ නිරුවත් දර්ශන ඇතුළත් පරිගණකය සහ අසභ්‍ය සංයුක්ත තැටි 29ක් පොලිස් බාරයට ගෙන ඇත.යුවළ කාමරය පවිත්‍ර කරමින් සිටියදී දොරට ඉහළ සුළං කවුලුවේ අවහිර වන සේ රදවා තිබූ කාඩ් බෝඩ් කැබැල්ල ඉවත් කිරීමේදී බිමට වැටුණු කැමරාව වයරයක් මාර්ගයෙන් රියදුරැ සිටින කාමරයට සම්බන්ධකර ඇති බව දැක ගත හැකි වූ බව යුවළ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.රියදුරු නිවසේ නොමැති අවස්ථාවක රියදුරුගේ කාමරයේ තිබූ පරිගණකයක ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් එම නිවසට ආ දිනය් සිට පෙර දින රැය දක්වා නිදි යහනේ දර්ශන එම පරිගණකයේ තැන්පත්ව තිබූ බව පොලිසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.සැකකරු සහ දේපළ පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.එම්. ධර්මසේන සහකාර පොලිස් අධිකාරි (අපරාධ) රංජිත් සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත හිරණ පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සචිත රණවණ පොලිස් සැරයන් ප්‍රේමසිරි, පොලිස් සැරයන් රුවන්, - විජේරත්න - උපුල් මහත්වරු පරීක්ෂණ පවත්වති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
තවමත් වසන්තය නිමා වී නැත. කුඹුකේ වලව්ව අවට පරිසරය වසත් සිරිය තවරා ගත් ආඩම්බරයෙනි. වලව්ව ඉදිරිපිට සුවිසල් අඹ ගස රාජකාරියක් බාර ගත් අවංක සේවකයකු වැනිය. වලව්ව දෙසට නැවුණු අත්තේ බැඳී ඔංචිල්ලාව මත ළමෝ සෙල්ලමේය. දැඩි නිහැඬියාවකින් වෙළි ගිය පරිසරය සියලු ශබ්දයන් පවා එකවර ඇසෙන තරමට නිස්කලංකය.ලිය කැටයමින් ඔපවත් වූ වලව්වේ ආලින්දයේ ඇය බර කල්පනාවකය. සුදු පැහැති ඇඳුමකින් සැරසුණ මේ තැනැත්තිය අහස දෙස බලමින් සිතුවම් මවන්නීය. තවත් වරෙක උපැස් යුවළ සීරුවට ගලවා කනප්පුව මත තබන ඇය මඳක් නිදහස් වන්නට දිගු සුසුමක් පිටමං කරන්නීය.ඔන්චිල්ලාව මත දඟ කරන දරුවන්ගේ සුන්දර කෑ මොරදීම ඇයට බාධාවක් නැති සැටියකි. මම ඇගේ දැහැන නොබිඳෙන්නට ආලින්දයට ගොඩ වුණෙමි.ඉන්ද්‍රාණි විජේසේකර . . .මේ සිංහල සිනමාවේ අලුත්ම අධ්‍යක්ෂවරියයි. ඈ අධ්‍යක්ෂවරියක බවට පත් කළේ ‘දුවන මුවන්’ චිත්‍රපටයයි. ගුරු භූමිකාව හෙබ වූ ඈ තමන්ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය සඳහා තෝරා ගන්නේද ඉංග්‍රීසි අධ්‍යාපනය හා ඒ වටා ගෙතුණ කතාන්දරයකි. ඉංග්‍රීසි අධ්‍යාපනය හැදෑරීම තමාගේ ජීවිතය බවට පත් කර ගත යුත්තේ කෙසේද යන්න මේ චිත්‍රපටය මනාවට සංයමයෙන් කතා බහ කරයි. මෙහි තිර රචනය ද ඉන්ද්‍රාණිගේමය.ඇය නිස්කලංක අධ්‍යක්ෂවරියකි. එබැවින් දර්ශන තලය පුරාවට පැතිරී ඇත්තේ නිස්කලංක බවක්.‘ඉතිං . . .’මම නිහඬතාව බිඳ දැමුවෙමි.‘ගොඩක් හොඳයි. සන්තෝෂයි. මම අලුත් කෙනෙක් හැටියට මෙතනට ආධුනිකයි. ඒත් මේ චිත්‍රපටයේ ඉන්න පිරිස මේ කටයුත්තට හොඳ සහායක් දෙනවා. ඉන්ද්‍රාණි පවසන්නේ සැහැල්ලුවෙනි. වෙනස්ම කතා තේමාවක් ගත් චිත්‍රපටයක් වන දුවන මුවන් හි අමර ලෙස සියුම් චරිතයක් බාරව ඇත්තේ උද්දික ප්‍රේමරත්නටය. ඔහු වලව්වේ එක් කොනකට වී බර කල්පනාවකය. වෙනදා උද්දිකගේ පැහැසර කෙළිලොල් බව අද නැත. ඔහු හැඟීම්බරවය. ඔහු චරිතයට ආරෝපණය වූ සෙයකි. උද්දික මෙම චිත්‍රපටයේ මවන්නේ පියකුගේ චරිතයකි. ඒ උද්දික ප්‍රථම වරට තිරයේ පියකු බවට පත්වන්නේ මෙම චිත්‍රපටයෙනි.නැවත වලව්වේ මැද මිදුලට පැමිණෙමින් සිටි අපට මුහුණට මුහුණ හමු වූයේ මොරීන් චාරුණීය. ඉතා අලංකාර ඔසරියකින්සැරැසුණු ඈ තවමත් සෝදිසි ගමනකය.‘කෝ මේ තාත්තයි දුවයි . . .’චිත්‍රපටයේ රඟපෑමක් ලෙසට ඈ විපරම් කරන්නීය.මැද මිදුලට මඳක් ඈතින් තාත්තෙකු සහ දුවක කතාබහකය. තාත්තා නිශ්ශංක දිද්දෙණිය බව හඳුනා ගත්ත ද දෝණි කවුරුන්දැයි නිනව්වක් නැත.‘ඒ ඇත්තටම තාත්තයි දුවයි. නිශ්ශංක අයියගෙ දුව තමයි අර ඉන්නේ. පබසරා. එයා මේ ෆිල්ම් එකේ මේන් රෝල් එකක්. පළමුවැනි රඟපෑම.මොරින් පබසරා හඳුන්වා දෙන්නේ හරිම අපූරුවටය. ඒ හඳුනා ගැනීම අතරතුරදී හිටි හැටියේ අපගේ සාකච්ඡාව අතට පැමිණියේ ඩොනල්ඩ් ජයන්තය. ඩොනල්ඩ් දර්ශන තලයට ප්‍රකට කථාකරුවෙකි. සංවේදී කතා, සත්‍ය කථා මෙන්ම අසභ්‍ය කථා ගොතන්නට ඩොනල්ඩ් නම් දැරූවෙකි. ඩොනල්ඩ්ගේ කථා රස විඳිමින් ඊළඟ මොහොත අප වෙන් කර ගත්තේ මේ නිර්මාණයට දායක වූ පිරිසෙහි සමූහ ඡායාරූපයක් ලබා ගැනීමටය.වලව්වේ කෙළවරේ නවතා තිබූ පැරැණි කාර් රිය දුටු අප තීරණය කරනු ලැබුවේ පිරිස එම කාරය වටා තබා ඡායාරූපයක් ගැනීමටය. නමුදු සියල්ලෝම පිරී ගිය පසු කාර් රිය පෙනෙන්නේ නැත.‘ෆොටෝ එකේ අපි කාර් එකක ඉන්නව කියල නියමෙට පෙනේවි. හරියට මී වදේ වට කර ගත්තුª මී මැස්සො වගේනෙ අපේ කට්ටිය කාර් එක වට කළේ’. ඒ අශෝක ආරියරත්නය.දෙරණ ලිට්ල් ස්ටාර් තරගයේ මෙවර ජනප්‍රියතම තරුව වූ කෞෂල්‍ය නිර්මාණ ‘දුවන මුවන්’ හි ප්‍රධාන චරිතයකි. ඒ මේ අත දඟ කරමින් ඔන්චිල්ලාවේ එල්ලෙමින් කෞෂල්‍ය දර්ශන තලයේ නිහැඬියාව බිඳ දමයි. ඒ අතර කෞෂල්‍ය පබසරාට ද ඔන්චිලි පදින්නට ඇවිටිලි කරයි. නමුදු ඒ ඔන්චිල්ලාව පැදීමේ ආනිසංස හොඳ හැටි අවබෝධ කර ගත් පබසරා ඊට කැමැත්තක් නොමැති බව නොපෙන්වා පුංචි දරුවන් සමඟ සෙල්ලමේය.මේ අතරතුර ඇතැම් දර්ශන රූගත වන්නේ කාට හෝ නොදැනෙන ගාණටය. පැය කිහිපයක් ගෙවී ගිය ද අපට ද මහන්සියක් නොමැති ගානය.නමදු දැන් යා යුතුය.මේ දර්ශන තලයෙන් නික්මිය යුතුය.කතාව, දෙබස් සහ තිර රචනය – ඉන්ද්‍රාණි වීරසේකර සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත නිෂ්පාදනය – මමෝ වීරසේකර කැමරා අධ්‍යක්ෂණය – ආයුෂ්මන්ත හෙට්ටිආරච්චි කලා අධ්‍යක්ෂණය – ඇහැලියගොඩ සෝමතිලක වේශ නිරූපණය - ඉන්දික උදාර ලංකා නිෂ්පාදන කළමනාකරණය - අසෝක ආරියරත්න සංගීතය – ධනේෂා ගයාත්‍රි කේමදාස රංගනය - සනත් ගුණතිලක, නිශ්ශංක දිද්දෙණිය, මොරින් චාරුණී, චාන්දනී සෙනෙවිරත්න, උද්දික ප්‍රේමරත්න, පබසරා දිද්දෙණිය, කෞෂල්‍ය නිර්මාණචතුර ගීතනාත් බණ්ඩාර ඡායාරූප – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
යුදෙවු Star of David (ඉහලම), ක්‍රිස්තියානි කුරුසය (මැද), ඉස්ලාම් crescent moon with star (පහලම) බටහිර ආසියානු සම්භවයක් සහිත ඒකදේවවාදී විශ්වාසයන් පොදුවේ ඒබ්‍රහමීය ආගම් ලෙස හැඳින්වේ.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්ානය දිනා ගනිමින් මෙරටට කීර්තියක් රැගෙන පැමිණි රංගන ශිල්පී ජගත් චමිලට නව නිවෙසක හිමිකම් පත්‍රය ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුතු නව නිවෙසක හිමිකම් පත්‍රය මෙහිදි ජගත් චමිලට පිරිනැමූ අතර ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ යටතේ ක්‍රියාත්මක ජන සෙවණ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන යටතේ මෙම අංග සම්පූර්ණ නිවෙස ලබාදීමට නියමිතය.ශ්‍රී ලාංකිකයන් ලෙස ජාත්‍යන්තර වශයෙන් මෙන්ම කලාපීය වශයෙන් ද විවිධ ජයග්‍රහණ රැගෙන එනවිට අප රට මහ සමතුන්ගෙන් පිරුණ රටක් බවට වන පණිවුඩය ලොවට දෙන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කියා සිටියේය. තවද තම හැකියාවෙන්, දක්ෂතාවයෙන් රටට ජයග්‍රහණ ගෙන එන්නන් අගැයීමක් ලෙස ඔවුන් වෙනුවෙන් නිවාස ලබාදෙමින් ඔවුන්ට ශක්තියක් වීමට ඉදිරියේදී ද කටයුතු කරන බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ ය.මේ අවස්ථාවට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනී ෆොන්සේකා, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජනාධිපති උපදේශක හා ජාතික කලා සංගමයේ සභාපති රවීන්ද්‍ර රන්දෙණිය ඇතුථ පිරිසක් සහභාගි වූහ.යතේජා
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ව්‍යාපාරයන්ට ආගමික වශයෙන් කළ හැකි ඓතිහාසික හා ලෝක ව්‍යාප්ත බලපෑම වර්තමානයේ අවතක්සේරැ කර ඇත. ආසියානු හා මැද පෙරදිග රටවල ව්‍යපාරයන්ට, ආගමික වශයෙන් විශාල බලපෑමක් ඇත. උදාහරණ ලෙස ඉස්ලාමීය බැංකුකරණය- ඉස්ලාමිය ආගමට අනුව ණයකට පොලියක් අයකිරිම වරදකි. එබැවින් පොලි රහිත බැංකු ක්‍රමයක් එහි ඇත. Confucian අනුගාමිකයෝ ලාභ පරමාර්ථ කරගෙන පමණක් ක්‍රියාත්මක වන ව්‍යාපාර අනුමත නොකරයි. Chucker (ක්‍රිස්තියානු වර්ගයක්) භක්තිකයන්ගේ සාධාරණ ගනුදෙනු පිළිබද ආකල්ප අදාළ වු විනය කරුණු ව්‍යාපාර සදාචාර ප්‍රතිපත්ති, ව්‍යාපාර දර්ශකයන් මගින් සැදී ඇත. එම දර්ශනයන්ගෙන් දාර්ශනික දේශපාලනික හා සාදාචාර සම්පන්න කරුණු එයට උපයෝගී වී ඇත. ව්‍යාපාර ආචාර ධර්ම පද්ධතියක් ප්‍රතිඥාවක් වේ. උදාහරණයක් ලෙස පුද්ගලික ව්‍යාපාරයකට විනය මාලාවක් ක්‍රියාත්මක කරවිම කළ හැකි පුස්තකාලයක සාමාජිකයෙකු වඑහි නීතින්ට අවනත නොවේ නම් ඔවුන් එම ව්‍යාපාර රාමුවෙන් ඉවත් කළ හැකිය. ව්‍යාපාර දර්ශනයේ සමාජ වගකිම් ගැනද හදුන්වයි (Business management theory – ව්‍යාපාර කළමනාකරණ සිද්ධාන්ත theory of idtiduclism Collectivem, selfintrest තමාගැන සිතන )පුද්ගලයෙකුගේ කාර්යය Invisible hand (Requirement of social justice) Property rights ආදි න්‍යායන් රාශියක් ඇත) ව්‍යාපාර ආචාර ධර්ම දේශපාලනික අර්ථ ක්‍රමයටත් සමබන්ධවේ. එහිදි ආර්ථික විශේලේෂණය දේශපාලනික හා ඓතිහාසික කාරණයකින් කරයි. දේශපාලනික අර්ථ ක්‍රමය ඔවුන්ගේ ආර්ථික සම්බන්ධ තිරණ වල බලපෑම් සම්බන්ධව ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ තිරණ වලින් වාසි ලැබුවන් හා අලාභ වුවන් හා එම තිරණයේ සාධාරණ භාවය විශ්ලේෂණය "දේශපානික ආර්ථික " (Political Economy)මගින් සොයා බලයි. ව්‍යාපාරයේ ප්‍රතිපත්ති සැකසීම[සංස්කරණය] ව්‍යාපාරයේ දැක්ම මගින් එහි අභිලාෂය හා ගමන්ගන්නා දිශාව පිලිඹිබු වේ. ව්‍යාපාරයේ අභිලාශයන් මගින් එහි කර්තවයන්ගේ අරමුණු පිළඹමු වේ. ව්‍යාපාරයේ ප්‍රතිපත්ති මාලාව යනු, එහි සකසාගත් නීති, රෙගුලාසි හා අභිලාෂයන්ම මග පෙන්වන්නා වු දැයි තිරණ ගැනිමේදි මෙය සැලකිලම කරන බැවින් එය නම්‍යශිලි , තේරැම් ගැනිමට පහසු හා ක්‍රියාකිරිමට පහසු ලෙස සැකසි තිබිය යුතුයි. ව්‍යාපාරයේ මුලෝෂය යනු එහි දැක්ම හා දිගු කාලින අභිලාෂයන් සාර්ථක කර ගැනිමට සැලසුම් කිරිම, සම්පත් භාවිතා කරන්නා වු ක්‍රමයයි .මෙය කලමණාකරැවන්ට ව්‍යාපාරයට වැඩිවන පරිදි නිෂ්පාදනයේ මුලික සාධක සොයා ප්‍රයෝජනයට ගන්නා අයුරැ පැහැදිලි කරයි. මුලික වශයෙන් ව්‍යාපාරයේ ස්වභාවය තිරණයට මෙය පිටුවහල් වේ. ප්‍රතිපත්ති හා මුලෝපායන් ක්‍රියාවට නැංවිම මේවා සියල්ල කලමනාකාරි මට්ටේ පුද්ගලයින් හා සාමාන්‍ය සේවාදායකයන් සමග සකච්ඡා කල යුතුය. කලමණාකරැ ප්‍රතිපත්ති හා මුලෝපායයන් නියම වේලාවේදි භාවිතා කල යුතුය. ප්‍රතිපත්ති හා මුලෝපයන් නිතර සලකා බැලීම බාහිර පරිසරයේ වෙනස්විමේදි අවිනිශ්චිත තත්ත්ව වල ක්‍රියා සැලසුමක් තිබිම ප්‍රගතිය නිතර සමාලෝචනය ව්‍යාපාරයට හොද බාහිර පරිසරයක් අවශ්‍යවේ. ප්‍රතිපත්ති හා මුලෝපායන් වැඩ දියුණුව පුරොකථන ක්‍රම මගින් ව්‍යාපාරයේ ඉදිරිය ගැන අදහසක් ලබා ගැනීම සැලසමේ කිරිමේ අංශයක් මගින්, සියළු සැලසුම් වලින් ව්‍යාපාරයේ පරමාර්ථයන් හා අභිලාශයන් සාර්ථක කර ගැනීම අරමුණු කර ගැනීම හදිසි වෙනස්විම් වලදි කල යුතු නියමිත සැලසුම් සකස් කර තිබිමට ව්‍යාපාරයේ තුල සිටින සියල්න් ප්‍රතිපත්තින් ගැන දැනගත යුතුය. සටහන් 1 Ethics the easy way (සාදාචාර වල පහසු ක්‍රමය) 2 BBC පුවත්/ එක්සත් රාජධානිය/ Milibern ගේ නව හරිත බදු සැලසුම 3 Mition Fridemen " The social responsibility of business is to increase its profits" (ව්‍යාපාරයේ පරම අරමුණ විය යුත්තේ ලාභයයි) New York Times සගරාව 1970 සැප්තැම්බර් 13 4 Erron ආචාර ධර්ම පද්ධතිය 5 R.M. Hore (1979) "වහල් සේවයේ වැරැද්ද කුමක්ද?"Philosophy & Public Affairs 103-12 6 Enderle Georges (1999) - අන්තර්ජාතික ව්‍යාපාර ආචාර ධර්ම 7 ව්‍යාපාර ආචාරධර්මවලට ආර්ථිකයේ ආචාර ධර්ම ඇතුළත් වේ. Gerose, Richand (1999) – Busness Ethics 6 හා 7 පරිච්ඡේදයන් Religious views on business ethics
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
විදුලිය ජනනය කිරිමේ ක්‍රම ශ්‍රී ලංකාවේ දැනට බලාගාර වර්ග කිහිපයක් ක්‍රියාත්මක වේ නැවත ජනනය කල නොහැකි සම්පත් යොදා ගන්නා බලාගාර 1ගල් අගුරු 2ඩිසල් 3ගෑස් 4වෙනත් ඉන්දන වර්ග නැවත ජනනය කල හැකි සම්පත් යොදා ගන්නා බලාගාර 1ජලය 2සුලන් බලය 3සුර්ය බලය පුනර්ජනනය කල නොහැකි ගල් අගුරු බලාගාරයේ නම දාරිතාව දැනට පවතින තත්වය ලක්විජය විදුලි බලාගාරය 3 x 300 MV උපරිමයෙන් ක්‍රියාත්මක වේ සාම්පුර් විදුලි බලාගාරය 2 x 500 MV ඉදිකරමින් පවතී ඩිසල්,ගෑස් වෙනත් ඉන්දන වර්ග බලාගාරයේ නම දාරිතාව දැනට පවතින මට්ටම කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ මට ආපහු ලියන්න හිතුනා. යන්තම් තෙවැනි වසරේ විභාගේ ඉවර උනා විතරයි. නිවාඩු කාලයක් තියෙනවනේ. ඉතින් නිදහසේ එකක් දෙකක් ලියන්න කාලය තියනවා. ඔය වයලිනෝ සහ සිංදුවා මට අපහාස කොලාට නොසැලී නැවත මේක ලියන්න අදහස් කරගත්තේ විභාගේ පටන් ගත්ත දවස් වලමයි. කාලෙන් කාලෙට එක එක ඒවා පටන් අරගෙන ටික කලක් ගියාම එපා වෙන එක මගේ හැටියක්. එහෙව් එකේ මේක අවරුදු දෙක තුනක් ලිව්වා කිව්වමත් මට පුදුම හිතෙනවා.කෙසේ වෙතත් ඉඳල හිටලා හරි ලියන්න එපැයි. එතෙක් මෙතෙක් කාලේ තුර සෑහෙන ලිපි ගොඩක් මා අතින් මග ඇරිලා නම් තියනවා.ඒ හැම එකක්ම කියවන්න නම් බැහැ. නමුත් ඉදිරියට යන ඒවා නම් ඔක්කොම කියවන්නම්.සිද්ධ උන සිදුවීම් නම් බොහොමයි. ඒ උනාට ඔක්කොම එක පාර බැහැනේ. ටික ටික ලියන්නම්. අද ලියන්න යන්නේ කාලයක් තිස්සේ මට මතුවෙන ප්‍රශ්නයක් ගැන. මේකට විසඳුමක් හොයන එක නම් සෑහෙන අමාරු වැඩක්. එක පැත්තක් ගැන විතරක් හිතල නම් විසඳුමක් ලබාගන්න පුළුවන්. එත් අපි ජීවත් වෙන හැටියට එහෙම කරලා ගන්න විසඳුම් සාර්ථක නැහැ.අපි හැමෝම ඉපදෙනවා. ඊට පස්සෙ ඉස්කෝලේ යනවා.සමහර අය උසස්පෙළ එහෙම සමත් වෙලා සරසවියට යනවා.එහෙම නැති අය මොනවා මොනවා හරි කරලා රස්සාවක් හොයා ගන්නවා. ඇත්තටම ඉගෙන ගැනීමේ අවසාන පරමාර්ථය රැකියාවක් සොයා ගැනීම තමයි. ඊට පස්සෙ විවාහ වෙනවා. දරුමල්ලෝ හදනවා. වයසට යනවා. මැරෙනවා. අපේ රටේ ඉන්න ගොඩක් අයගේ ජීවන රටාව මේක තමයි. මීට වඩා වෙනස් විදියක් ඇත්තෙම නැද්ද.මේ දවස් වල සිංදුවා රස්සාවට යන හින්දා කියන කතා වලින් රස්සා වල තරම හිතා ගන්න පුළුවන්. උදේම යනවා, කැන්ටිමට ගිහින් කනවා, වැඩ පටන් ගන්නවා, දවල්ට ආයිමත් කනවා, වැඩ කරනවා, හවසට ගෙදර එනවා, කනවා, නිදා ගන්නවා, උදේ නැගිටිනවා යනාදී වශයෙන් හැමදාම ඒකාකාරී ජීවන රටාවක්. මීට වඩා වෙනස් ක්‍රමයක් තියනවද. අපේ රටේ හැටියට වෙන ක්‍රමයක් නැද්ද.ඔහොම හිතාගෙන යනකොට ඇයි මිනිස්සු සසර ගැන කලකිරිලා මහන වෙන්නේ කියලා අවබෝධ උනා. එහෙම කරන්නත් සෑහෙන හිතේ හයියක් තියෙන්න ඕන. මම කියන්නෙ ලැබ සත්කාර බලාපොරොත්තුවෙන් හෝ ක්ෂණික කලකිරීමක් හින්දා මහන වෙලා ටික කලකින් ආයිමත් ගිහි වෙන අය ගැන නොවෙයි.සැබෑ ලෙසම කලකිරිලා අවබෝධයෙන් මහන දම් පුරන්න එකතු වෙන අය ගැන. ගොඩක් අය මේ වගේ තීරණයක් ගන්න බැරුව කලකිරීමෙන්ම ජීවිතේ ගෙනියනවා.මට පහුගිය අවරුදු කිහිපය තුල සෑහෙන්න දේවල් ඉගෙන ගන්න පුළුවන් උනා. ඒ බොහොමයක් දේවල් මිනිස්සු ගැන. මිනිහගේ හිත කොච්චර වෙනස් වන සුළුද කියන එක ගැන හොඳ තේරුමක් තියනවා දැන් නම්. ජීවිතේ සමහර පැති ගැන වෙනස්ම ආකාර වලින් බලන්නත් මට පුළුවන් උනා. එහෙම නිසා මගේ ඉස්සර තිබුන සමහර නොගැලපෙන ගති පැවතුම් පවා වෙනස් කරගන්න පුළුවන් උනා. ගොඩක් මිනිස්සු ජීවිතේ කියල ගත කරන්නෙ කිසිම හරයක් නැති, වටිනාකමක් නැති මහා පුස් දෙයක් කියන එක දැන් මට තේරෙනවා.මෙකෙන කියන්නෙ හැමෝම මහන වෙන්න ඕන කියන එක නෙමෙයි. මම තවමත් බොහොම විනෝදෙන් ඉන්න කෙනෙක්. මගේ යහළු මිත්‍රයින් ඒ ගැන දන්නවා. සමාජෙ ඉන්න මිනිස්සු එකිනෙකාට වෙනස් හින්ද ජීවිතේ දිහා බලන ආකාර විවිධයි. මගේ කෝණය සමහර අයට විහිළුවක් වෙන්නත්, සමහර අයට බැරෑරුම් දෙයක් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඒ ගැන ඉතින් කරන්න දෙයක් නෑ. මිනිස්සු විවිධාකාරයි නේ....හැම මිනිහම එකිනෙකාට වෙනස්, ඒ හින්දා ඒ ඒ අයගේ මතවාද ගැන අපිට අදහසක් පල කරන්න පුළුවන් උනාට ඒ මිනිස්සුන්ව විවේචනය කරන්න අපිට අයිතියක් නෑ කියන එක මට කියා දුන්නේ සිංදුවා. මිනිහට නම් දැන් ඕවා මතක නැතුව ඇති. ඒ උනාට ඒ කාලේ ඉඳල හිටලා ඔය වගේ වැදගත් දේවලුත් කියවෙනවා ඕකා අතින්.ඔහොම කියාගෙන යනකොට වෙනස්ම ආකාරයේ ජීවිත ගෙවන අයත් අපි අතරේම ඉන්නවා. මගේ මිතුරෙක් ඉන්නවා ඔහු තවම විවාහ වෙලා නැහැ. දැන් වයස 42ක් විතර වෙනවා මට මතක හැටියට. නමුත් විවාහ නොවුනා කියලා ඔහු කිසිම විදියකින් දුක් වෙන්නේ නැහැ.බොහොම විනෝදෙන් ඉන්නවා. තමන් කැමති තැනක යනවා. වෘත්තියෙන් නිවාස සැලසුම් ශිල්පියෙක්. ඒ අතරේ හැම දහම් කටයුත්තකටම සම්බන්ධ වෙනවා. ඒ ඔහුගේ ජීවිතය. ඔහු කියන්නෙ ජීවිතේ බැඳීම් නැති හින්ද හරිම සැහැල්ලුයි කියල. ඒත් සමහර අය නම් කියනවා ඔහොම ජීවත් වෙලා ඇති පලේ මොකක්ද කියල. ඒ උනාට ඒ ඔහු කැමති ජීවිතය.මට නම් සමහර වෙලාවට මෙන්න මෙහෙමයි පේන්නෙ.ජීවිතේ කවියක්ආදරේ....සොඳුරුතම වදනක්.කඳුලැලි බිඳක්...හසරැලි පොදක්...එකට එක්වූ විට දැනේ...පෙර නොවිඳි රසයක්.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
................

අපට ඇති ප්‍රබලම ශක්තිය සිතයි. අපි මුහුණ දෙන නොයෙක් සිදුවීම් අපට විඳදරා ගන්න පුළුවන් වෙන්න ඕනෑ. එවැනි බැරි අය හා විඳදරාගත නොහැකි අවස්ථා තිබෙන බව මෙවැනි සියදිවි නසාගැනීම් තුළින් පෙනෙනවා. සිත් තුළ ඇති වන වේදනාවන් අපට විඳදරා ගන්නට බැරිනම්, ඒ සඳහා අපි පුරුදු පුහුණුවී නැත්නම් මෙවැනි බේදජනක සිදුවීම් අපට වලකා ගන්නට බැහැ.ජීවිතයට ප්‍රශ්න එනවිට ඒවාට අභීතව මුහුණ දෙන්නට සැරසෙනවා විනා ඒවාට මුහුණ නොදී පලායාම නොකළ යුතුයි. එසේ වුවහොත් එය ජීවිතයෙන් පරාජය වූවා වෙනවා යැයි හොරවඩුන්න ශ්‍රී ශෛලබිම්බාරාම පුරාණ විහාරාධිපති ශාස්ත්‍රපති නවගත්තේගම පඤ්ඤාරතන හිමියෝ පැවැසූහ.උන්වහන්සේ එසේ පැවැසූයේ, තම සිඟිති දියණියද මරණයට පත්කරමින් දුම්රියට පැන සියදිවි නසාගත් පන්නල හොරවඩුන්නේ මංජුලා එරන්දිගේ අවමඟුල් උළෙලේ ප්‍රධාන අනුශාසනාව කරමිනි. එම අවමඟුල් උළෙල විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් හොරවඩුන්න නිවසේ දී පසුගියදා සිදුකෙරිණි.එහිදී දෙවන පැවිදි අනුශාසනාව කළ කොටුවැල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිකාරී දළුපොතවත්තේ ධම්මසිද්ධි හිමියෝ මෙසේද පැවැසූහ.කෙනෙක් අභාවයට පත්වුණාට පසු අපි, නොයෙකුත් තීන්දු තීරණ ගන්නවා. මනුෂ්‍ය ජීවිත ලබන අයගෙන් බොහෝමයක් පරමායුෂ විඳ මිය යනවා. තවත් කොටසක් අකාලයේ මිය යනවා. කර්ම ශක්තිය අනුව, අනතුරුවලිනුත් මිය යනවා. ඒ අතරතුර මෙවැනි සියදිවි හානි කර ගැනීමත් සිදුවෙනවා.අපි ජීවත්වෙද්දි, විවිධ ගැටලු එනවිට මැරෙන්න හිතෙන සිද්ධි ඕන තරම් තිබෙනවා. නමුත් දරුවන්ගේ මුහුණු, ඥාතීන්ගේ මුහුණු දකින විට ඔවුන්ගේ ඇසුරේ ඉන්නා විට ඒ සිතුවිලි ඉවත් වී යනවා. මිනිස් ජීවිතයක් කියන්නේ බොහෝම අමාරුවෙන් ලබාගන්න වටිනා දෙයක්. අපි මේ සියල්ල කර්මයට භාරදීලා හිත හදා ගන්නවා.නමුත් බුදුහාමුදුරුවන් සියල්ල කර්මයට දාල බලා ඉන්න එපා කියලා දේශනා කළා. ඒ මිනිසා අධෛර්යමත්ව කටයුතු කරන නිසයි. අපි උත්සාහ කරල ජීවිත ජයගන්න ඕන. මිනිස් ජීවිත කුඹල්කරුවෙක් හදන මැටි භාජන වගේ කියලයි බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ.ඒවා ඕනෑම වෙලාවක කැඩී බිඳී විනාශ වී යා හැකියි. මිනිස් ජීවිතත් ඒ වගෙයි. තියන ගැටලු විසඳගෙන හැම කෙනෙකුම ජීවත්වෙන්න උත්සාහ කරන්න ඕනෑ. එලෙස ජීවත්වීමයි වැදගත්. එවිට ඔබ ජීවිතය ජයගත්තා වෙනවා. මේ අයට සංසාර ගමනෙදි කොහේදි හරි වරදක් වෙන්න ඇති. ඒ නිසයි මෙවැනි දෙයක් සිදුවූයේ. මින් ඉදිරියටවත් එවන් තත්ත්වයක් උදානොවී නිවන් සැපත ලබා ගැනීමට හැකිවේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.පන්නල ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේමසිරි නයනානන්ද මහතා,මංජුලා බොහෝම දක්ෂ පෙර පාසල් ගුරුවරියක්. ඇය ඒ දරුවන්ගේ කටයුතු නොපිරිහෙලා ඉටුකළා. පසුගිය සතියේ ඇය පෙර පාසල තුළ දෙමාපිය වන්දනාවක්ද සිදුකර තිබෙනවා. පන්නල ප්‍රාදේශීය සභා පෙර පාසල් සංගමයේ සියලුදෙනා මේ අවස්ථාවට සහභාගි වුණා. දැනුත් සමහර අය මෙහි සිටිනවා. පන්නල ප්‍රාදේශීය සභාවේත්, පෙර පාසල් පාලිකාවන්ගෙත් ශෝකය මම මෙහිදී පළකර සිටිනවා.මෙහිදී ඉහළ හොරවඩුන්න, කූඩළුපොත්ත එක්සත් මරණාධාර සමිතිය වෙනුවෙන් එහි සභාපති විමලසේන මහතා, ගම්වාසීන් වෙනුවෙන් සාමවිනිසුරු එස්. බී. චන්ද්‍රපාල, වැඩිහිටි සංගමය වෙනුවෙන් බණ්ඩාර මහතා සහ ඥාතීන් වෙනුවෙන් නීතිඥ ජගත් කුලවංශ මහතා යන අයද කතා කළහ.මෙම අවමඟුල් උළෙලට මියගිය මංජුලාගේ ගම වන නාරම්මල මැටියගනේ ඥාතීන් කිසිවකුත් සහභාගි වූයේ නැත. මංජුලා විසින් ලියන ලද ලිපියක් පදනම් කරගෙන එම ඥාතීහු දේහය මැටියගනේට ගෙන යාමට ඉල්ලා තිබිණි. එහෙත් ස්වාමිපුරුෂයා වන ඉන්දිකගේ ඉල්ලීම මත වතුපිටිවල හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා දේහය ඔහුට භාරදී තිබුණි.එහෙත් මියගිය මංජුලාගේ වැඩිමහල් දියණිය චාරුණ්‍යා මංජුලාගේ මව, සහෝදර සහෝදරියන්ට මිනියට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය ඔවුන් වෙත භාරදීමට ඉන්දික හා හොරවඩුන්නේ ඥාතීහු එකඟ වූහ. ඒ අනුව එම ඥාතීන් නැවත හදිසි මරණ පරීක්ෂකවරයාගෙන් ලබාගත් අවසරයක් මත පන්නල හා ගිරිඋල්ල පොලිසිවල මැදිහත්වීමෙන් 15 දින පස්වරු 4.45ට දේහය හොරවඩුන්න නිවසින් පිටකර ඔවුන්ට භාරදුන්හ. ඉන්දික හෝ හොරවඩුන්නේ කිසිදු ඥාතියකු ඒ සමඟ නොගියහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිෂ්පාදකවරු තාත්තාටලක්ෂ 35 ක් ණයයිගෆූර්ගේ දියණියගෆූර් යන නම ඇසෙන විට මට මුලින්ම සිහිපත් වූයේ කොළඹ නගරයේ එනමින් ඇති දැවැන්ත පැරැණි ගොඩනැගිල්ලකි. අපේ පුවත්පත් වැඩිහිටියන්ට අනුව එනමින් සුප්‍රකට පොලිස් නිළධාරිවරයකු ද එකල සිටියහ.ගෆූර් ගොඩනැගිල්ල අති දැවැන්ත වූ සේම පොලිස් නිළධාරියා ද උස මහත යෝධයකු විය. අපේ කතානායකයා අපට හිතවත් ගෆූර් ද දැවැන්ත මිනිසෙකි. නමුත් පෙනුමෙන් නම් නොව කළ වැඩවලිනි. සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ගණනක කැමරාව මෙහෙය වූයේ මේ ගෆූර්ය. ඔහු සිරුරෙන් උස මහත නොවූව ද හදවතින් දැවැන්ත මිනිසෙකි. වැඩෙන් පතාක යෝධයකි. මේ සටහන ලියවෙන්නේ ගිය සඳුදා එනම් 17 දා පාන්දර නිළි රැජන මාලිනී ෆොන්සේකා විසින් අපට දන්වා සිටි එදින අප අතරින් සදහටම සමුගත් එම්. ඒ. ගෆූර් ගැනය. එම්. යනු මොහොමඩ්ය. ඒ. කියන්නේ අබ්දුල්ය. සම්පූර්ණ නම මොහොමඩ් අබ්දුල් ගෆූර්. මිය යන විට අසූ වැනි වියෙහි පසු විය.එයින් පණස් හය වසරක් ගෙවුනේ සිනමාවත් සමඟය. අප දන්නා තරමින් ඔහුට නිෂ්පාදකයින් ලක්ෂ විසි පහකටත් වඩා ‘පොලු’ තබා ඇත්තේය. ඒ මුදලින්ය. එහෙත් ඔහු කැපවීමෙන් කළ දායකත්වය මිල කළ නොහැකිය. ගෆූර් උපන්නේ මන්නාරමේය. පාසැල් ගියේ මන්නාරම ශාන්ත සේවියර් විද්‍යාලයටය. ඔහු ඒ කාලයේ සිටම ආස කළේ සිනමාවටය. එහෙයින් නගරයට පැමිණි කිසිදු චිත්‍රපටයක් ඔහු මඟ හැරියේ නැත.මේ සිනමා පිස්සුව නිසාම පාසල් අධ්‍යාපනය පසෙකටලූ හෙතෙම ඒ කාලයේ පැවැති කූඩාරම් සිනමා ශාලාවකට ගියේය. ගෆූර්ට ප්‍රක්ෂේපණ යන්ත්‍ර සහායකයකු ලෙස මුලින්ම රස්සාව ලැබුණේ මාතලේ කූඩාරම් සිනමා ශාලාවකය. පසුව 1957 දී ලංකා චිත්‍රගාරය ආරම්භයේදී ගෆූර් එහි රැකියාවට යන්නේ රියදුරකු ලෙසටය. ඉඩ ලද හැම විටම චිත්‍රාගාරයේ ඇතුළට රිංගන ඔහු එහි කැමරාව අතපත ගාන්නට පටන් ගත්තේය. මේ ඉලන්දාරියාගේ අධික උනන්දුව දුටු ලංකා චිත්‍රාගාරයේ සාමාන්‍යාධිකාරී සී. ඊ. ඊ, ඇන්තනී පිල්ලේ, ගෆූර්ව එහි ශබ්ද අංශයට ද, දෙවනුව සංස්කරණ මැදිරියට යොමුකොට අනතුරුව කැමරා අංශයට එක් කළේය.ඔහුගේ මුල්ම කැමරා ගුරුවරයා වූයේ එවකට චිත්‍රාගාරයේ සේවය කළ ටී. වයි. එම්. සාමිය. එම්. එස්. ආනන්ද දෙවැනි ඇදුරාය. ඔහු මුල් වරට දායක වනුයේ ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ සංසාරේ චිත්‍රපටයටය. පසුව හඳපාන චිත්‍රපටය නිර්මාණය කරන විට ඔහු එහි කැමරාව ක්‍රියා කරවන්නා විය. ගෆූර් මුල්වරට කැමරාව අධ්‍යක්ෂණය කළේ හිතට හිත චිත්‍රපටයේය.එතැන් පටන් චිත්‍රපට දෙසීයකට වැඩි ගණනක කැමරා අධ්‍යක්ෂවරයා විය. ඇතැම් විට එය වාර්තාවක් ද වන්නට ද ඇත. මෙරට නිර්මිත දමිළ චිත්‍රපට 23 න් 12 කම කැමරාව මෙහෙය වූයේ ගෆූර්ය. නිධානය, ගොළු හදවත වැනි චිත්‍රපට ලංකා චිත්‍රාගාරයේ තැනෙද්දී එම්. එස්. ආනන්දගේ සහායකයා වන්නේ ගෆූර්ය. මේ පුංචි මිනිසා තරම් චිත්‍රපට ක්ෂේත්‍රයේ හැම දෙනා සමඟම හොඳින් වැඩ කළ කෙනෙක් සොයා ගත නොහැකි තරම්ය. ඉතා ඉක්මනින් චිත්‍රපට රූපගත කිරීම් සම්බන්ධයෙන් ඔහුට තිබුණේ අසමසම හැකියාවකි.අව්ව ද වැස්ස ද කුසගින්න ද ඔහුගේ නිර්මාණ කර්තව්‍යට බාධාවක් නොවිණ. ඔහු ලංකාවේ හතර කොණේ චිත්‍රපට රූගත කළ ඔහුගේ අතින් කැමරාවට හසු නොවුණු කිසිදු සිනමා නළුවකු නිළියක නොවීය. 1973 දීපශිකා සම්මානයෙන් ද පසුව 1990 දී චණ්ඩින්ගෙත් චණ්ඩියා සිනමාපටය වෙනුවෙන් සරසවිය සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවේ මේ අප්‍රමාණ මිනිසා අගයමිනි. සිනමාව වෙනුවෙන් වෙහෙසුණ ඔහු මේ සම්මාන හැර ලද දෙයක් නැත.පසුගිය සමය වන විට ඔහු සිනමාවෙන් ටෙලිවිෂනයට ද පැමිණියේය. අප දන්නා තරමින් ඔහු අවසන් වරට රූගත කළේ කෝරළේ මහත්තයා ටෙලි නාට්‍යයයි. එහි නිෂ්පාදක මෙන්ම අධ්‍යක්ෂ පද්මසිරි කොඩිකාර පෞද්ගලිකව සහ මුදලින් තමන්ට බොහෝ උපකාර කළ බව සරසවිය සමග ඔහු පැවැත් වූ අවසාන සාකච්ඡාවේදී කියා සිටියේය. ඒ පෙර සඳහන් කළ සේම බොහෝ නිෂ්පාදකවරු ඔහුට මිය යන තුරුම ලක්ෂ ගණනක මුදලින් පොලු තැබූ යුගයකය. ගෆූර් අද අප අතර නැතත් ඔහු විසින් තිරයට ගෙනා රූප සදාකල් පවතිනු ඇත. ගෆූර් මිය යන විට දියණියන් පස් දෙනෙකු සහ එක් පුතකුගේ පියකු වූයේය. අභිමානනීය මුත්තණුවකු විය. ගෆූර් විවාහ දිවියේ පණස් වසර සැමරුවේ ද මේ වසරේදීය.ගෆූර් සමඟ සිනමාවට එක් වූ බොහෝ දෙනා අද අප අතර නැත. එහෙත් රුවින් පොඩි, වැඩෙන් ලොකු ගෆූර්ගේ රුව ද අප අතර රැෙඳනු ඇත.ගෆූර්ගේ කැමරාවට හසු වූ සිනමාපට කිහිපයක්... සටහන - ප්‍රසාද් සමරතුංගසේයාරුව -අමිත් එස්.සේනාරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දන්ත මධ්‍යස්ථාන තුළට පැතලි IU සර්වර් රාක්ක විශාල ප්‍රමාණයක් ඇතුළත්ව තිබේ. ඒවායේ ඉදිරිපසින් වායුව ඇද ගන්නා අතර පිටුපසින් පිටකර දමයි. එසේ සකසා ඇත්තේ දන්ත මධ්‍යස්තාන තුළ පරිගණක සහ බලය භාවිතා කරන තවත් උපාංග විශාල සංඛ්යාතවක් අන්තර්ගතව ඇති හෙයිනි. එසේම එම උපාංග අදීක රත්වීමක් ඇති වුවහොත් එමගින් ඇති විය හැකි අමතර අවධානම වළක්වා ගනු වස් එවැනි පියවර භාවිතා කොට ඇත. මෙම හේතූන් නිසා ඉතා සංකිර්ණ HVAC පද්ධති භාවිතා කර ඇත. එසේම එම උපකරණ සදහා ඉහළ තැංවු බිමක් භාවිතා කර ඇත්තේ ද එම පරිශ්‍රයන්ට පහල බිම් සිසිල් කරණ කටයුතු සදහා විශාල පුරීනයක් [large plenum] ලෙස භාවිතයටය. http://en.wikipedia.org/wiki/Computer_cooling#In_high_density_computing
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නීති විරෝධී ලෙස ප්‍රවාහනය කළ රුපියල් ලක්ෂ 88 ක් වටිනා රත්රන් තොඟයක් සමඟ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ඉන්දියාවේ චෙන්නායිහිදී අත්අඩංගුවට ගෙන ඇත. චෙන්නායි ගුවන් තොටුපළ වෙත පැමිණි මේ තිදෙනා ගුවන් තොටුපළ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කිරීමේදී අදාළ රත්රන් තොඟය සොයාගෙන තිබෙන අතර එය සූක්ෂම ලෙස සඟවාගෙන සිටි බවද වාර්තා වෙයි.මේ රත්රන් තොඟය රැඟෙන යාමට උත්සාහ කළේ කොතැනකටද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබේ.මේ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා පසුගිය 16 දා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇතැයි අනාවරණය කරගෙන ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වේදාංග (Vedamga) සම්ප්‍රධායික වශයෙන් වේද ශාස්ත්‍රයට සම්බන්ධ සැකසුන ශිල්පිය විෂයන් හයක් ඇත. මේවා වේදාංග වශයෙන් හදුන්වයි. වී.එස්. අප්තේ විද්වතා විසින් වේද්‍රාංග නිර්වචනය කරන්නේ මෙසේය. නිවැරදි උච්චාරණය නිවැරදි අර්ථය දැක්විම සහ අත්සව අවස්ථාවන් හිදි උචිත ලෙස මන්ත්‍ර ගයනා කිරිමට උපකාරි වන සේ පිළියෙළ කර ඇති වර්‍ග කිහිපයකට අයත් උපකාරී සංග්‍රහ ග්‍රන්ථය වේ" වේද යුගයේ අවසානයේ දසිට මෙගසී යුගය දක්වා මෙම විෂයන් සූත්‍ර සාහිත්‍යයෙහි ඇතුලත්ව ඇත. වෛධික සංස්කෘත භාෂාවේ සිට ශාස්ත්‍රි සංස්කෘති භාෂාව දක්වා භාෂා විකාශ යද දක්නට ලැබේ. වේදාංග විෂය සය මෙලෙස දැක්වියහැකිය ශබ්ද /වාග් විද්‍යාව කාව්‍ය චන්දස් ව්‍යාකරණ නිරැක්තිය ජ්‍යෙතිෂ්‍ය ඇදහිලි වත් පිළිවෙත් කල්ප
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රෝස්මේරි සිගින්ස්… ඔබ බොහෝ දෙනෙකුට ඇය අමුත්තියක් නොවෙන්න පුළුවන්… අන්තර්ජාලේ රස්තියාදුවලදීත්, වරක් හෝ දෙවරක් රූපවාහිනීයේ ට්‍රේලර් එකකදීත් මම ඇයව අහලා දැකලා තිබුණත් වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නෑ… ඒත් අද විවේකී හැන්දෑවේ නරඹන්නට යෙදුන වීඩියෝවකින් ඇය මට මුණගැහුනා… නැවත අමතක නොවෙන්නම… ඔබ රෝස් ගැන තවමත් අසා නැතිනම් ඇය ඇමෙරිකානු ජාතික කාන්තාවක්… ඔබට මට වගේම ඇයටත් එදිනෙදා ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන එක ස්වභාවිකයි… ටෝස්ටරයේ පාන් කරවෙන තැන ඉඳන්… වෘත්තියෙන් මෝටර් මිකෑනික්වරියක් වන ඇයට, විටෙක එය තරඟයක් සඳහා තමන් වැඩිදියුණු කරන මෝටර් රථය නියමිත වේගයට ලඟාවෙයිද කියන ප්‍රශ්නය වෙන්න පිළිවන්… තවත් විටෙක එය තමන්ගේ දරුවාගේ පාසැලේ ප්‍රශ්නයක් වෙන්නට පිළිවන්… තවත් විටෙක එය තම සැමියා විසින් ඔහුට, ඇය දක්වන ආදරය සීමාවීම ගැන පවසන නෝක්කාඩුවක් වන්නටත් පිළිවන්… තවත් විටෙක එය මනසින් වැඩී නැති තම සහෝදරයාගේ අවශ්‍යතාවයක් කලට වේලාවට ඉටුකිරීමට අතපසුවීම නිසා ඇතිවුණ ප්‍රශ්නයක් වෙන්නත් පිළිවන්… තවත් විටෙක එය තම රෝගී පියාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නත් පිළිවන්… නමුත් කිසිවිටෙකත් එය, අනෙක් මව්වරු මෙන්ම ගමට හිරු වඩින්නට කලින් මුළුතැන්ගෙට යන්නට නැඟිටිද්දී තමන්ගේ ශරීරයෙන් හරි අඩක් අහිමි බව සිහිවීම නිසා ඇතිවුන ප්‍රශ්නයක් නම් නෙවෙයි… අතිශය අභියෝගාත්මක ලෙස ශරීරය ආබාධිත(.) වූවන්, තම ජීවිතය පමණක් නොවේ ලෝකයම ජයගන්නා ධනාත්මක කතන්දර කඳුළු සලමින් නරඹන්නට අන්තර්ජාලයේ ඕනෑතරම් තිබෙනවා… ඒ නිසා මේ වීඩියෝව ඒනයින් අරුමයක් නෙවෙයි… “බලන්නකෝ කකුලුත් නැතුව මේ ගෑනු කෙනා අපිටත් කොච්චර ආදර්ශයක්ද” වගේ බක්කක් නෙමෙයි මම මේ කියන්න ට්‍රයි කරන්නේ… පවුල කියලා අපි හඳුන්වන මේ පුංචි ඒකකය තුළ වෙසෙන සාමාජිකයින්ගේ සබඳතා කෙතරම් සංකීර්ණද කියන කාරණයත්, අම්මා නම් තනි වචනයෙන් හඳුන්වන අරුම පුදුම ජීවියා ගැනත්, තම පවුලට එල්ලවෙන අභියෝග වලදී ඇය ඒවාට මුහුණ දෙන අසමසම ශක්තිය ගැනත් මේ වීඩියෝව ලොකු කතාවක් පවසනවා යැයි මට දැනුනා… විනාඩි පනහකට ආසන්න කාලයක් වැයකරන්නට වේලාව සහ ඩේටා ඇත්තෙකුට… වීඩියෝව මෙතැනින් නරඹන්න වීඩියෝවෙන් එහා ඇය ගැන විමසිලිමත් වන්නෙකුට මේ ඇයගේ මුහුණුපොත… දැන් ගජ ඉලන්දාරියෙක් වෙන ලූක්ගේ සහ ඔවුන්ගේ දෙවැනි දරුවා ෂෙල්බීගේ පිංතූරත්, රෝස්ගේ සෙමෙන් පිරිහෙන ශරීර සෞඛ්‍ය ගැන ඇය සඳහන් කරන වර්තමාන විස්තරත් එහි අඩංගුයි….
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකා බිලියඩ් හා ස්නූකර් සංගමය මෙහෙයවනු ලබන ජාතික බිලියඩ් ශූරතාවලිය මේ මස 17දින සිට 22දක්වා සුගතදාස හෝටල් සංකීර්ණයේ පිහිටි බිලියඩ් හා ස්නූකර් සංගම් මූලස්ථානයේ දී පැවැත්වේ.61වැනි වරටත් පැවැත්වෙන මේ තරගාවලියට කොළඹ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩකයන් 51ක්. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ක්‍රිඩකයන් 12ක්, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්වලින් ක්‍රීඩකයන් 11බැගින් තරග වදිති. කොළඹ දිස්ත්‍රික් තරග සුගතදාස හෝටල් සංකීර්ණයෙත්, සෙසු දිස්ත්‍රික් තරග අදාල දිස්ත්‍රික් සංගම්වලත් පැවැත්වේ.වරාය අධිකාරියේ කේ.එච්.සිරිසෝම පසුගිය වසරේ බිලියඩ් ශුරතාව දිනූ අතර අනුශූරතාව දිනාගනු ලැබුවේ මුවර්ස් ක්‍රීඩා සමාජයේ එස්.එච්.එම්.අස්ලම් විසිනි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වැඩිහිටි හැඳුනුම්පත් හිමි ග්‍රාමීය වැඩිහිටි කමිටු සාමාජික සාමාජිකාවන්ට බෙහෙත් ලබා ගැනීම සඳහා වතුපිටිවල, මූලික රෝහලේ බාහිර රෝගීන්ගේ අංශයේ වෙනම කවුළුවක් ස්ථාපිත කර දෙන මෙන් අත්තනගල්ල වැඩිහිටි බලමණ්ඩලය වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියි.වැඩිහිටි රෝගීන් පැය ගණන් පෝලිමේ සිට ක්ලාන්තවී ඇදවැටෙන අවස්ථා ඇතැයිද, මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂකවරයා වෙත කරුණු ඉදිරිපත් කර ඇතත් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැතැයිද වැඩිහිටි බල මණ්ඩලයේ ප්‍රකාශකයකු පැවැසීය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත උතුරු පළාත දිස්ත්‍රික්කය යාපනය දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) නල්ලූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ, යාපනය දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. පටුන 1 ජනගහනය 2 ග්‍රාම නිළධාරි වසම් 3 ආර්ථිකය 4 ප්‍රාදේශීය ලේකම්වරුන් 5 ආශ්‍රිත ලිපි 6 මූලාශ්‍ර ජනගහනය[සංස්කරණය] ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය] ආර්ථිකය[සංස්කරණය] ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය] ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර[සංස්කරණය] Divisional Secretariats Portal
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගායන ශිල්පී රොම්ලස් පෙරේරාගේ සංගීත ජීවිතයට වසර පණහක් නිමිත්තෙන් විශේෂ උපහාර සංයුක්ත තැටිය ‘පැතුම් සමුදුරේ’ මෙම මස 18 වැනිදා ගුවන් විදුලි සංස්ථාවේදී එළිදැක්වේ. මෙයට සමගාමීව ලලිත් ප්‍රියංකර විසින් රචනා කරන ලද ඔහුගේ ගීත සහ ඡායාරූප මෙන්ම විස්තර ඇතුළත් ග්‍රන්ථයක් එදිනම දොරට වඩිනු ඇත.ඇයි නාවෙ මා සොයලා, රුහුණු කතරගම කඳ දෙව් ස්වාමිනේ, නිල් ජලේ යමුනා සමීරේ රොම්ලස් ගැයූ ජනප්‍රිය ගීත අතර වේ.- ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
” (Matthew 15:17). – 2 Peter 3:16-18.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලෝක එක්සත් කරාතේ පාලක මණ්ඩලයේ ආසියාතික කලාපයේ උප සභාපතිධුරය යුරෝපා ශ්‍රී ලංකා කරාතේ දෝ සංවිධානයට ලැබීමත් , 2016 ආසියා කරාතේ ශූරතාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලැබීමත් මෙරට කරාතේ ක්‍රීඩාව ලැබූ අභිමානයක් බව එම සංවිධානයේ සභාපති මනෝජ් ආරච්චිගේ මහතා කියයි.2016 ආසියා කරාතේ ශූරතාවලිය සාර්ථක කරගැනීමට එම සංවිධානය හා අත්වැල් බැඳගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යංශයටත්, ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාටත් ආරච්චිගේ මහතා ඇරයුම් කරයි.ලෝක කරාතේ පාලක මණ්ඩලයට නිලධාරීන් පත්කිරීම පසුගියදා රුමේනියාවේ බුකරෙස්ට් නුවරදී සිදුකෙරිණි. එහි දී යුරෝපා ශ්‍රී ලංකා කරාතේ දෝ සංවිධානයේ නිර්මාතෘ හා ප්‍රධාන උපදේශක ආර්.එස්.කේ.විජේමාන්න මහතා ආසියාතික කලාපයේ උප සභාපතිධුරයට පත්විය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශාන්ත ලුක්ස් මහා විද්‍යාලය, රත්නපුරය ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලය, බලංගොඩ ඇඹිලිපිටිය මහා විද්‍යාලය, ඇඹිලිපිටිය ඇලපාත මහා විද්‍යාලය, ඇලපාත ෆර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලය, රත්නපුරය ගන්කන්ද මධ්‍ය විද්‍යාලය, පැල්මඩුල්ල සීවලි මධ්‍ය මහා විද්‍යාලය, හිදැල්ලන, රත්නපුරය ශාන්ත ඇලෝසියුස් විද්‍යාලය, රත්නපුරය සුමන බාලිකා විද්‍යාලය, රත්නපුරය රඹුක ඊ ගම්මානය විද්‍යාලය, රත්නපුරය සුමන සමන් මහා විද්‍යාලය, රත්නපුර
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජැක්සන් ඇන්තනි මගේ මල්ලි. එයා මට වැඩිය ගොඩක් ජනපි‍්‍රයයි. ඒත් මං ආසා නැහැ මාව ජැකාගෙ අයියා හැටියට හඳුන්වනවට. ඔහුත් එක්ක තියෙන තරහකට නෙවෙයි මං එහෙම කියන්නේ. තව බොහෝ කාලයක් එහෙම හැඳීන්නුවොත් සේනක ටයිටස් කියන මගේ නම යටපත් වෙලා යාවි. මට ඕන ඒ නමින්ම සමාජයට යන්නයි.සේනක ඒ අපූරු ඉල්ලීම කරන ගමන් මා ඉදිරියේ වාඩිවුණා. පුවත්පත් කලාව හරහා වඩාත් අප හඳුනාගත් ඔහු වර්තමානය වනවිට පූර්ණකාලීනව රංගන ශිල්පියකු ලෙස ජීවන ගමන් මඟ වෙනස් කරගෙන සිටිනවා.ඇයි සේනක අයියෙ පුවත්පත් කලාව අතහැරියේ?නොයෙක් ප්‍රශ්න මල්ලි. ඒත් මං සිතින් කවදාවත් පුවත්පත් කලාව අතහරින්නේ නැහැ. අළුයට ගිනි වගේ සිත ඇතුළේ ඒක තියෙනවා. පුවත්පතක් ආරම්භ කරන්නත් අදහස් කරගෙන ඉන්නවා. කෙසේ නමුත් දැන් මගේ වෘත්තිය නම් රංගනයයි.ඔබ නම් දරාපු ළමා පවත්පත් සංස්කාරකවරයෙක්. මල්ලි රංගනයෙන් ඉදිරියට යද්දි ඇයි ඔබ පුවත්පත් කලාව තෝරගත්තේ?මං ආසා කළේ ලියන කියන කටයුතුවලට. මල්ලි රංගනයට, ගායනයට දක්‍ෂයා. ඔහු ඒ මාවත තෝරා ගනිද්දි මා ආශීර්වාද කළා. මගේ දක්‍ෂකම හඳුනාගෙන මං පුවත්පත් කලාවෙන්ම ඉදිරියට ගියා.කවුද ඔබට අතහිත දුන්නේ?මල්ටි ෆැක්ස් ආයතනයයි මගේ පුවත්පත් කලාවේ තිඹිරිගෙය. ගුණදාස ලියනගේ, ආතර් යූ. අමරසේන, චන්ද්‍රසේන කිරිවත්තුඩුව, ඇයි ඔබ ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර, චන්ද්‍රරත්න මාපිටිගම වැනි මහත්වරු මගේ දක්‍ෂතාවන් හඳුනාගෙන ඉදිරියට යන්න පාර කැපුවා. ඔවුන් එළිපෙහෙළි කළ මඟෙහි මං සාර්ථකව ඉදිරියට ගියා.ඒ අතරේ ඔබ වරින්වර රංගනයටත් එනවා?මලයා තමයි මාව නළුවකු කරන්නේ. ඒ ඔහුගෙ ‘ඇසළ කළුවර’ ටෙලි නාට්‍යයෙන්. ඊට පසුව ‘අපූරු සහෝදරයා, හතර දෙනෙක් සෙන්පතියෝ’ වගේ නාට්‍යවල රඟපෑවා.පුවත්පත් කලාව නිසා ඔබට වැඩිය රංගන කටයුතුවල නියැළෙන්නට නොහැකි වන්නට ඇති?ඒක නම් එහෙම වුණා තමයි. මට රංගනයට ලැබුණු අවස්ථාවන් ගොඩක් මඟ හැරුණා පුවත්පත් කලාව නිසා. මං මගේ වෘත්තියටයි මූලිකත්වය දුන්නේ. ඒ ගැන පුංචි කනස්සල්ලකුත් නැතුවාම නෙවෙයි.ඒත් අද ඔබේ වෘත්තීය රංගනය?ඒක සිදධ වුණේ මෙහෙමයි. සියලු වෘත්තීන් අතැර හිටපු යුගයක මට මලයා කතා කළා. එයාගෙ අලුත්ම චිත්‍රපටය වන ‘ඇඩ්‍රස් නෑ’ සඳහා.එයටද ඔබේ ස්වරූපය වෙනස් කරගත්තේ?ඔව්, මේ ස්වරූපය මාව වෘත්තීය නළුවකු කළා කිව්වොත් නිවැරැදියි. ඇඩ්‍රස් නෑ එකෙන් පස්සේ මගේ මූණ දැකලා ආනන්ද අබේනායක මාව ඔහුගේ ‘චෙස්’ නාට්‍යයට ගත්තා. සුජීව ගුණරත්නගේ ‘කාල’ නාට්‍යයේ මස්වැද්දෙකුගේ චරිතයට ගත්තෙත් මේ ස්වරූපය නිසා. එහි මේ දවස්වල ෂූටිං. සුගත් සමරකෝන් ගේ ‘ඇහැලේපොළ කුමාරිහාමි’ සිනමාපටයේ කපුවත්ත නිලමෙගෙ චරිතයත් ලැබුණෙ මේ මූණ හින්දයි.වෘත්තීය නළුවකු වන්න ඇයි පමා වුණේ?කිසිම පමාවක් නෑ. මේ තමයි සුදුසුම කාලෙ.ජැක්සන් ඇන්තනි ඔබට වඩා හුඟක් ජනපි‍්‍රයයි. ඔහුගේ ඒ ජනපි‍්‍රයකම ඔබට නැති නිසා දුකක් එහෙම නැද්ද?ඔහුගේ ජනපි‍්‍රයකම ඔහුට උරුම වෙච්ච එකක්. ඒක මට දුකක් නෙමෙයි සන්තෝෂයක්. මලයා මට වඩා රංගනය ගැන හැදෑරුවා. ඔහු මූලිකත්වය දුන්නේ රංගනයට. ඒ ලද ජයග්‍රහණ මට ලබන්න බැහැ. ඔහුගේ වාසනාව තමයි ඒක.ඔබ සහ ජැක්සන්ව එකම නිර්මාණයක දකින්න ප්‍රේක්‍ෂකයො ආසාවෙන් ඇති?ඒක මගෙත් ආසාවක්. ජෝ මහත්තයා දවසක් මටයි මලයටයි කිව්වා ‘උඹලා දෙන්නව අයියටයි මල්ලිටයි දාලා මට බයිස්කෝප් එකක් කරන්න ඕන’ කියලා. අවාසනාවට ඒක කෙරුණෙ නෑ.ඔබවයි ජැක්සන්වයි මාරුවී වෙච්ච අලකලංචියක් ගැන මතකයක් නැද්ද?තියෙනවා, ඒක අලකලංචියක්ම නෙවෙයි. කාල නාට්‍යය කරද්දි මාව දැකපු කෙනෙක් අධ්‍යක්‍ෂවරයාගෙන් අහලා තියෙනවා අර ඉන්නේ ජැක්සන් ඇන්තනි නේද කියලා. අධ්‍යක්‍ෂවරයාත් ඔව් කිව්වලු. ටික වෙලාවකට පසු අර මනුස්සයා කියව කියවා යනවලු ‘මොන පිස්සුද මේ ඉන්නෙ ජැක්සන් ඇන්තනි වගේ වෙන්න හදන කෙනෙක්’ කියලා.ඔබ අධ්‍යක්‍ෂණයට පිවිසේවිද ඉදිරියේදී?කොහෙත්ම නෑ. මං අර කලින් කිව්වා වගේ මගෙ ශක්තිය තියෙන්නෙ පෑනෙ. මට ලියන්නයි ඕනෙ. ඒක නිසා තිර පිටපතක් ලියන්න හිතාගෙන ඉන්නවා.අපට යළි සේනක ටයිටස් කියන පුවත්පත් කලාවේදියාව හමුනොවේවිද?කොයි වෙලාවක හරි අළුයට ගිනි මතුවෙනවා. මට පුළුවන් වෙලාවක් ආවොත් අධ්‍යාපනික ළමා සඟරාවක් අරඹනවා. ඒ වගේම පුවත්පතකුත් පටන්ගන්නවා. එතකොට නැවතත් මගෙ වෘත්තිය මාරුවේවි. මගෙ මලයා ජැක්සන්, ජයන්ත චන්ද්‍රසිරි, හේමශ්‍රී අමරසිංහ, තිලක් සේනාසිංහ ඇතුළු පිරිවරත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනා.ඔබේ පවුලෙ විස්තරයක් සඳහන් කරමු?මගෙ බිරිය ශාන්ති උදය කුමාරි. ඇය ගෘහණියක්. පුතා කවිඳු ඇන්තනි. ඔහු ඡායාරූපකරණයෙන් ඉදිරිය දකින්නයි උත්සාහ කරන්නේ.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සැප්තැම්බර් 03 වැනිදාරීගල් සිනමා ශාලාවපෙ.ව. 10.00 Killa (The Fort) අවිනාශ් අරුන් (ඉන්දියාව)ප.ව. 1.00 La belle et le bete (Beauty and the Beast) ක්‍රිස්ටෝෆර් ගැන්ස් (ප්‍රංශය)ප.ව. 4.00 Liar’s Dice ගීතු මොහාන්දාස් (ඉන්දියාව)ප.ව. 7.00 Annayum Rasoolum (Anna and Rasool) රජීව් රවී (ඉන්දියාව)ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවපෙ.ව. 10.00 Working Holiday කොයිච් ඔකමොතෝ (ජපානය)ප.ව. 1.00 Mauvais sang (The Night is Young) ලියොස් කැරැක්ස් (ප්‍රංශය)ප.ව. 4.00 This or that particular person සුභාෂි ක්‍රිෂානන්Own Night With A shooting Star කැට්සුයා ටොම්ටෙබිප.ව. 7.00 Copie Conforme (Certified copy) අබ්බාස් කියරොස්ථාමි (ප්‍රංශය)ප.ව. 10.00 Japon (Japan) කාලෝස් රෙගෙදාස් (මෙක්සිකෝව)මැජෙස්ටික් සිනමා ශාලාවපෙ.ව. 10.00 La Jaula de Oro (The Golden Dream) දියාගෝ ක්වේමදා ඩයස් (මෙක්සිකෝව)ප.ව. 1.00 Grzeli nateli dgeebi (In Bloom) නාන එක්විට්ග්ලි / සයිමන් ග්‍රොබ් (ජෝර්ජියාව)ප.ව. 4.00 Les Anges de Misere (Miles of a Dream)උදය ධර්මවර්ධන (ශ්‍රී ලංකාව)ප.ව. 7.00 I’m not Angry රේසා දෙර්මිසියාන් (ඉරානය)එම්පයර් සිනමා ශාලාවප.ව. 1.00 Los Insolitos Peces Gato (The Amazing Catfish) ක්ලෝඩියා සෙන්ට් ලුස් (මෙක්සිකෝව)ප.ව 7.00 Youth ටොම් සෝවල් (ජර්මනිය – ප්‍රංශය)ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයපෙ.ව. 10.00 අධ්‍යක්ෂ/කැමරා ශිල්පී රජීව් රවී විසින් පවත්වන වැඩමුළුවප.ව. 1.00 Cronaca Di Unamore(Story of a Love Affair) (ඉතාලිය)ප.ව. 4.00 II Deserto Rosso (Red Desert) මයිකලාආන්ජිලෝ අන්තෝනියෝනි (ඉතාලිය)ප.ව. 7.00 Master of the Universe මාක් බෙගඩර් (ජර්මනිය)සැප්තැම්බර් 04 වැනිදාරීගල් සිනමා ශාලාවපෙ.ව. 10.00 Fiddlesticks වෙල්ට් හෙල්මර් (ජර්මනිය)ප.ව. 1.00 Qissa අනුප් සිං (ඉන්දියාව - ජර්මනිය – ප්‍රංශය - නෙදර්ලන්තයප.ව. 4.00 Le hussard sur le toit (The Horseman on The Roof) ශාන් පෝල් රැපානෝප.ව. 7.00 O Sol nos Meus Olhos (The Sun Against My Eyes) ෆ්ලෝරා ඩයස් (බ්‍රසීලය)ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවපෙ.ව. 10.00 Comme un lion (Little Lion) සැමුවෙල් කොලඩි (ප්‍රංශය)ප.ව. 1.00 Die Brucke am lbar (My Beautiful Country) මයිකේලා කෙසේල් (ජර්මනිය – සර්බ්යාව)ප.ව. 4.00 Jauja (Land of Plenty) ලිසන්ඩෝ ඇලොන්සේ (ආජන්ටිනාව - ප්‍රංශය)ප.ව. 7.00 Liberta (සිංගප්පූරුව - ඔස්ට්‍රේලියාව)ප.ව. 10.00 Batalla en el cielo (Battle in Heaven) (ප්‍රංශය - මෙක්සිකෝව - ජර්මනිය)මැජෙස්ටික් සිනමා ශාලාවපෙ.ව. 10.00 Apur Panchali කෙගයි ගංගුල් (ඉන්දියාව)ප.ව. 1.00 CR No:89 සුදේවන් (ඉන්දියාව)ප.ව. 4.00 El futuro (The Future) ලුයිස් ලුලෝපස් කාරැස්කෝ (ස්පාඤ්ඤය)ප.ව. 7.00 Titli කනුබේල් (ඉන්දියාව)එම්පයර් සිනමා ශාලාවප.ව. 1.00 Choco ජොනි හෙන්ඩ්‍රිකස් (ඉතාලිය)ප.ව. 4.00 Lal gece (Night of Scilence) රෙයිස් සෙලික් (තුර්කිය)ප.ව. 7.00 Uroki Garmonii ( Harmony Lessons) එමීර් බයිගසින් (කසකස්ථානය)ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයප.ව. 1.00 Men at Work කීසග ත්සෙන්සාන් (නේපාලය)ප.ව. 4.00 Zinda Bhaag මීනු ගෙනූර් (පාකිස්ථානය)ප.ව. 7.00 Indentificazione di una donna (Indentification of a Woman) මයිකලාආන්ජිලෝ අන්තෝනියෝනි (ඉතාලිය)ශ්‍රී ලංකා පදනම් ආයතනයපෙ.ව. 10.00 චිත්‍රපට අධ්‍යක්ෂ කාලෝස් රෙගදාස් විසින් පවත්වනසිනමාව පිළිබඳ වැඩමුළුවප.ව. 1.00 Facing the Goliath(ලෝක සිනමාවට මුහුණදීම පිළිබඳ විවෘත සාකච්ඡාව)05,06,07 දිනවල වැඩසටහන් විස්තරය 04 වැනිදා සරසවිය පුවත්පත කියවන්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කොළඹ මහල් නිවාස ආශි‍්‍රත පිළිසකර කටයුතු සිදුකැර එම නිවාසලාභීන්ගේ ජන ජීවිතය නඟා සිටුවීමේ වැඩසටහනක් අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති මිලින්ද මොරගොඩ මහතාගේ දායකත්වයෙන් අරඹා තිබේ.ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන්ගේ ජන ජීවිතය නඟා සිටුවීම සඳහා ක්‍රියාත්මක “නඟමු පුරවර” සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව මේ වැඩසටහන ක්‍රියාවට නැංවේ.කොළඹ නගරයේ විවිධ අපරාධ සහ සිවිල් ගැටුම් වැඩි ප්‍රමාණයක් මේ අඩු ආදායම් ලබන ජන කොටස් අතර සිදුවන බව පෙන්වා දෙන අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය එවන් ගැටලු ඇතිවීමට බොහෝදුරට හේතු වී ඇත්තේ අදාළ නිවාස ව්‍යාපෘතිය ආශි‍්‍රතව ඇති මූලික සේවා පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ එමඟින් එම ජනකොටස් අතර පවතින අසහනකාරී තත්ත්වය බවද පෙන්වා දෙයි.මෙයට විසඳුමක් ලෙස මෙවැනි නිවාස ව්‍යාපෘතිවල නිවාසලාභීන් සහාය කර ගනිමින් අදාළ නිවාස ව්‍යාපෘතින්හි මූලික හිමිකම පවත්නා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව වැනි ආයතන දායක කර ගනිමින් අදාළ මහල් නිවාස තුළට බීමට ජල පහසුකම්, වැසිකිළි, කැසිකිළි පහසුකම් සහ අභ්‍යන්තර මාර්ග පද්ධති පිළිසකර කිරීම්, ප්‍රජාශාලා සහ පෙර පාසල් අලුත්වැඩියා කිරීම සිදුකෙරේ.මේ වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දායකත්වයෙන් පාලනය වන කොළඹ බොරැල්ල සර්පන්ටයින් නිවාස ක්‍රමයේ පොදු සේවා සහ යටිතල පහසුකම් පිළිසකර කිරීමේ වැඩසටහනක් ඇමැති මිලින්ද මොරගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකැරිණි.නිවාස ක්‍රමය ආසන්නයේ පිහිටි මැගසින් බන්ධනාගාර නේවාසිකයන්ගේ සහභාගිත්වයෙන් සහ සර්පන්ටයින් නිවාස ක්‍රමයේ නිවාසලාභීන්ගේ දායකත්වයෙන් මේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක විය. නිවාස ක්‍රමයේ මාර්ග සහ පොදු සේවා පිළිසකර කිරීම, පෙර පාසල සහ ප්‍රජාශාලාව ප්‍රතිසංස්කරණය කිරීම මේ වැඩසටහන යටතේ සිදුකැරිණි.මෙහිදී අදහස් දැක් වූ ඇමැති මිලින්ද මොරගොඩ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වැනි ආයතන මෙවන් නිවාස ව්‍යාපෘති ඉදිකර නිවාසලාභීන්ට ලබාදීමෙන් අනතුරව ඒවා නිසි අයුරින් ප්‍රතිසංස්කරණය සහ නඩත්තු සඳහා ඔවුන්ට පූර්ණ දායකත්වය ලබාදිය යුතු බව පැවැසීය.ඒ සඳහා අදාළ නිවාස ව්‍යාපෘති ආශි‍්‍රත නිවාසලාභීන්ගේ සහභාගිත්වයෙන් කළමනාකරණ සංස්ථා සකස් කර නිවාසලාභීන් එම සංවිධාන මඟින් ප්‍රතිසංස්කරණ සහ නඩත්තු කටයුතු සඳහා විධිමත්ව දායක කරගතයුතු බවත් පෙන්වා දුන්නේය.එවන් ප්‍රජා දායකත්වයක් ලබාදෙන විට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව වැනි ආයතන සියලු දායකත්වය ලබාදී අදාළ නිවාස ව්‍යාපෘතින්හි පොදු පහසුකම් වැඩිදියුණුව සහ නඩත්තු කටයුතු සඳහා දායක විය හැකි බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී එල්. එස්. පලන්සූරිය, අධිකරණ සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උපදේශක ගාමිණී කාරියවසම් මහත්වරුද, අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව යන ආයතනයන්හි කාර්ය මණ්ඩලද නිවාසලාභීන් සහ ප්‍රදේශවාසීහු රැසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලෝක රුධිර දායකයන්ගේ දිනය අදට (14) යෙදී තිබේ."සෑම රුධිර පරිත්‍යාගයක්ම දිවි තිළිණයකි" යන්න මෙවර එහි තේමාව වේ.මෙවර එහි සැමරුම් උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරියේ (14) පැවැත්වේ.ශ්‍රී ලංකාවේ සියලු රෝහල්වලට අවශ්‍ය ආරක්ෂිත රුධිරය ජාතික රුධිර පාරවිලයන සේවාව විසින් ලබා දෙනු ලැබේ. ආසියාවේ විශිෂ්ටතම රුධිර පාරවිලයන සේවාව වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික රුධිර පාරවිලයන සේවාව අන්තර්ජාතික වශයෙන් අගැයීමට ලක්ව තිබේ.දැනට මෙරට රෝහල් පද්ධතියට අවශ්‍ය රුධිර ඒකක ගණන ලක්ෂ 4කි. මේ වනවිට මෙරට සිටින ස්ථිර රුධිර දායකයන්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ පනස්දහසක් පමණ වේ.මේ වනවිට ජාතික රුධිර පාරවිලයන සේවා පනත සකස් කිරීමේ කටයුතු අවසන් කර ඇති බවත්, මින් පෙර එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරිපත් වූ සංශෝධන ද ඇතුළත් කර නව පනත සකස් කර තිබෙන බවත් කී ඇමැතිවරයා, එය නැවත වරක් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත බවත්, ඉන්පසු එය නීතියක් ලෙස ක්‍රියාත්මක වීම මඟින් මෙරට රුධිර පාරවිලයන සේවාව ශක්තිමත් සේවාවක් ලෙස තව දුරටත් පවත්වා ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බවත් ලෝක රුධිර දායකයන්ගේ දිනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගිනි රස්නෙට ඉර පායනඉර අව්වට අපි පිච්චෙනකඳුළු වතුර මැද දූපතඅපි කොයි කවුරුත් උපන්නමල් පිපුණේ මේ ඉර යටලේ හැළුණේ මේ ඉර යටපරවෙන මල් මහ පොළවටඅපිත් අයිති මහ පොළවටක්‍රෝමසෝම එකතුවෙලාමං උපන්න ලෙසට නේදබෂීර්, කුමරන්, සමන්තඋඹල ආවෙ මේ ලෝකෙටමොට්ටැක්කලි, නළල් තිලක,රෙද්ද හැට්ට යට විඳවනගැහැණුන් හටවිළිරුදාව එක විදිහටලේ ගැලුවේ එක විදිහටඒ ලේ උල්පත් පාමුලකාබන් කැටි කැටි විදිහටලේ පාටට කෑ ගහගෙනඅපි ආවේ එක විදිහටඕනෙම නම් යමු එහෙනම්කාගෙත් අගමුල හොයන්නඋතුරුදිගට නැගෙනහිරටවිජය ළඟට භාරතයටබලංගොඩටනියැන්ඩතාල් ඉරෙක්ටස් දපසුකොට වානරයින් වෙතබලමු කිසිත් හම්බවෙයිදකාපු බීපු දෙයක් මිසකඉඳපු හිටපු කලක් මිසකඅඩහඳ තරු, තුන්නූර්දදම් සක් තව ත්‍රීශූලදමැටි අනන්න රන් හදන්නරජ කරන්න බිම් කොටන්නඉපදෙන කොට ගෙනා වගක්ඉතිහාසෙන් ඉතිරි වෙච්චඅස්ථි කැබැල්ලක තියේද.බලෙන් අරන් උන් උකුලටබලෙන් යවා ඉස්කෝලෙටබලෙන් පොවපු දෙයක් මිසකඅරන් ආපු වෙනස කොහෙද.උන් කියනව අපි අහනවාඋන් කියනව අපි ගහනවාඋන් කියනව අපි මරනවාඋන් දිනනව අපි මැරෙනවාඑකිනෙකාගෙ දෑස් තුළටඑක මොහොතක් එබුණෝතින්මිනිසෙක් හැර වෙන කවුරුත්පෙනෙනවාද මට කියන්න.බලන විටදි පර දෙමළෙක්පර සිංහල වල් බල්ලෙක්හම්බ තම්බි පෙනෙනා තුරුඅපට හැකිය මරාගන්නඋන් හදාපු මේ උගුලෙන්අපි ගැළවෙන යම් දවසකඔබෙයි මගෙයි ඇස් ඇතුළේමිනිසෙක් දකිනා දවසකබලෙන් ඔතපු හැව විසි කොටසොහෝයුරනි සෝයුරියනිඅපට හැකිය බදාගන්න[Photo Credit goes to Ishara Kodikara-Getty Images].
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
"මහින්දට බෑ...."කවුද ඕයි කියන්නෙ.. මහින්දට පුළුවන්... මහින්දට කොච්චර දේවල් පුළුවන් ද... මහින්දට පුළුවන් සුනාමි සහන මණ්ඩලේට විවේචන එල්ල වුණාම සරත් එන්. ද සිල්වා ව සාක්කුවෙ දා ගන්න.. මහින්දට පුළුවන් හලාවත ධීවර උද්ඝෝෂණේදි වෙඩි කාපු කොල්ලගෙ මළගෙදර ගිහිං සංවේදීව අඬන්න.. මහින්දට පුළුවන් මර්වින් දම්මලා රූපවාහිනියෙ පෝද්දල ජයන්‍තට ගස්සවලා ඒ මනුස්සයගෙ රවුළ කපලා ඌටම කවන්න.. මහින්දට පුළුවන් රතුපස්වල උද්ඝෝෂණේදි වෙඩිකාලා මැරුණු ඕලෙවල් කොල්ලා, අකිලගෙ මළගේ රාජ්‍ය වියදමෙන් කරවන්න.. මහින්දට පුළුවන් චීනෙන් ණයට අරං පලස්තීනෙට ඇමරිකන් ඩොලර් මිලියනයක් දෙන්න.. මහින්දට පුළුවන් හම්බන්තොටයි කොළඹයි වරායවල් දෙකම අවුරුදු අනූ නවයකට චීනෙට ලියල දෙන්න.. මහින්දට පුළුවන් අට පාස් නැති විමල් ගොබ්බයා දම්මවලා රටේ අගවිනිසුරුවරියට මෝඩ ගෑණි කියල කියවන්න.. මහින්දට පුළුවන් සුද්දො ඉස්සරහ ලංකාව වෙනුවෙන් අච්චර කඩ්ඩ වනපු ක්‍රිස් නෝනිස්ව අස් කරල දාන්න.. මහින්දට පුළුවන් යකඩ හොරුන්ට සමාව දීල මාධ්‍ය අංශය බාරදෙන්න.. මහින්දට පුළුවන් බෞද්ධයාගෙ මුදුන් මල්කඩ වන් දළදා මාළිගේ ඉස්සරහ හෙළුවැලි සුද්දියො නටවන කාර් රේස් බල බල චියර් කරන්න..ඔක්කොටම වඩා මහින්දට පුළුවන් අරන්‍තලාවෙදි භික්ෂුන් වහන්සේලා පණහකට ආසන්න ගණනක් බල්ලො බළල්ලු වගේ කපා කොටා මරා දාපු කරුණා අම්මාන්ට පක්ෂ උපනායකකම දෙන්න..දැන් කවුද ඕයි කියන්නෙ මහින්දට බෑ කියල. මීට පස්සෙ මාත් කියන්නෙ,"මහින්දට පුළුවන්.. ඔව්.. ඔය කියපුවා සහ නොකියපුවා එක්ක, තව ඔයිටත් වඩා දේවල් කරවන්න, එක පාරක් නෙමෙයි තුන් පාරක් පුළුවන්..".
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිදහස් දිනය ඩියා ඩා ඉන්ඩිපෙන්ඩෙන්ෂියා බ්‍රසීලියා නගරයේ නිදහස දින පෙළලාලිය මෙලෙසද හැඳින්වේ සෙටේ ඩෙ සෙටෙම්බරෝ (සැප්තැම්බර් 7) ඩියා ඩා පාත්‍රියා (ජාතියේ දිනය) සමරනු ලබන්නේ බ්‍රසීලය වර්ගය ජාතික වැදගත්බව බ්‍රසීලයේ නිදහස ප්‍රකාශ කිරීමේ දිනය දිනය සැප්තැම්බර් 7 උත්සවාංග පෙළපාලි සහ සංදර්ශන බ්‍රසීලයේ නිදහස් දිනය (පෘතුගීසි: ඩියා ඩා ඉන්ඩිපෙන්ඩෙන්ෂියා), පොදුවේ හැඳින්වෙන්නේ සෙටේ ඩෙ සෙටෙම්බරෝ (සැප්තැම්බර් 7), යනු සැම වසරකම සැප්තැම්බර් 7 දිනදී බ්‍රසීලයේ සැමරෙන ජාතික නිවාඩු දිනයකි. 1822, සැප්තැම්බර් 7 දිනදී, පෘතුගාලය වෙතින් බ්‍රසීලයේ නිදහස ප්‍රකාශ කිරීම මෙම දිනයෙහිදී උත්සවශ්‍රීයෙන් සිහිකෙරෙයි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මාලක සිල්වා නම් එකෙක් 2013 දී ඔඩෙල් එක ඉස්සරහදී හමුදාවෙන් අම්බානක කාපු වෙලේ, එකී රණවිරුවන්ට සෙත්පතා ලියන ලද පැරැණි කන්නලව්වකි මේ.. එය එදා මෙන්ම අදට ද ගැළපේ යැයි සිතමු.."ඕං නමෝ නාරායන හනුමා මාර්තණ්ඩ වර වරේස්වාහා.. එදා මිහිඳු රජුන් කල ජම්බුද්දීපයට දකුණින් මූද මැද්දේ ආසියාවේ ආස්චරියාවේ උපන් සහෝදර තුංකට්ටුවේ ආනුභාවයෙන් හඬගසා වදාරන්නේ, අහස ගුගුරුවාගෙන වර වර, මුහුද දෙබෑ කරගෙන වර වර, පොළොව මිහිකත් දෙදරවාගෙන වර වර, සක්වළ ගල උපුටාගෙන වර වර, ඉරහඳ උගුළුවාගෙන වර වර, ශිව තාන්ඩවේ නටාගෙන වර වර, මෙමා කී බස් අසාගෙන වර වර, පස්මල් පස්විළඳ පස්ගෝරස පස්දූප පස්තෙල් පස්පහන් පස්ආලත්ති විලත්ති පංචෝපහාර දී පූජාකළ මෙමල් යහනට වර වර, ඕං නමෝ මහින්දාය නමඃ, ඕං නමෝ ත්‍රිසහෝදරාය නමඃ, ඕං නමෝ ත්‍රිපුත්‍රාය නමඃ, ඕං නමෝ දෙසියපනහක් අමාත්‍යාය නමඃ, ඕං නමෝ අට අසූවක් ලේකමාය උප ලේකමාය නමඃ, ඕං නමෝ අහවල්සේනාය නමඃ, ඕං නමෝ උලාමාය නමඃ, මෙකී නොකී සියලු අල්පේශාක්‍ය මහේශාක්‍ය දේවතාවුන්නේ.. මා කී කන්නලවුව අසා වදාරා මෙකී නරප්‍රාණියා දෙස බලා සිටින්නේ, මෙකුන්ගේ කන්නලවුව දිව කණින් අසා දිව නෙතින් බලා වදාරන්නේ හොඳා.. මෙකී නරප්‍රාණියා හට කොලම්බනාමනගරප්‍රවරාසන්නගත, ඔටාරා ඩෙල්ට අයත් හෙයින් ඔඩෙල්ය නාමධාරී සළුපිළි කඩේ අබියස සළුපිළි උනා ගැසූ උන් දෙස බලා වදාරා, මෙකුන්ට පහර දුන් උන්දෙලාට දිව සළු දිව යහන් දිව අමුර්ත දිව යානා, දිව සැපත් ලබාදී වදාරන්නේ.. රාජකෝප පිතෘකෝප ආචාර්ය ප්‍රාචාර්ය කෝප මාධ්‍යකෝප ධවලවර්ණ රථාපහරණ ගුටිකෙළි පොලිස්කෙළි හමුදාකෙළි, අස්ථිභග්න දෝස ශීර්ෂභග්න දෝස වෘක්ෂබන්ධන දෝස පක්ෂබන්ධන දෝස, සංධිභේදක දෝස, කෙටුම් දෝස, කැපුම් දෝස, ගැහුම් දෝස, වැටුම් දෝස, ගිලුම් දෝස, ආයුද පෙන්නන්ට යන දෝස, මාංචු පිටින් පීනන්ට යන දෝස යනාදී අට අනුවක් දෝස නව අනුවක් ව්‍යාධි එකසිය එකක් අතුරු ආන්තරා වලින් වළක්වා දී සර්වදෝස සර්වාන්තරා වලින් වළකා දෙන්නේ යහපති දේවනේ බලන්ඩ බලා වදාරන්ඩ රකින්ඩ රක්කවන්ඩ ය කියා බැගෑපත්ව ඉල්ලා හිටින්නේ පස්වාන් දහසකට ආවඩා ආයිබෝවා අයිබෝවා ආයිබෝවා.. "හා පුතාල දැන් ගෙහුං හරියට සති දෙකක් හැංගිලා ඉන්ට හොඳා.. සති දෙකෙන් ඔක්කොම අමතකයි.. එදාට ආයෙම ඇවිත් බාරහාර ඔප්පු කොරන්ට.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මේ සතියේ දී මගේ ජීවිතයේ ලොකු වෙනසක් සිදු වෙන්නට නියමිතව තියෙනවා. මේ දක්වා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කළ රැකියාවෙන් විශ්‍රාම කාලයට පෙර ඉවත් වෙන්න තීරණය කළා.කෙතරම් කාර්යබහුල වුණත් මම රැකියාවට බොහෝ සෙයින් ආදරය කළ කෙනෙක්. ඒ වුණත් අද එයින් ඉවත් වන්නට හේතු යෙදිලා තියෙනවා. මේ වන විට මම සීගිරියේ දෙළුම් වගාවක් පටන් ගත්තා. මේ දවස්වල වැස්ස නැති නිසා ටිකක් දුකෙන් ඉන්නේ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජීවයට සුදුසු ලෙස ජලය ද්‍රව තත්වයේ පැවතීමට අවශ්‍ය උෂ්ණත්වය පැවතීමටනම් ග්‍රහලොවක් තාරකාවක සිට පැවතිය යුතු දුර.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.