input
stringlengths 1
3.7k
| output
stringclasses 12
values | instructions
stringclasses 3
values |
|---|---|---|
වංචා කිරීම ජස්ටින් බීබර්ගේ නවතම ගී පදය ද? කැතරින් ගැස්ඩාට සහ මෝස්තර නිරූපණ ශිල්පිනී චැන්ටල් ජෙෆ්‍රීස්ට ඔහු එකවර ආදරය කරනවාදැයි යන සැකය දැන් බොහෝ දෙනකුට මතු වී තිබේ. දහනව හැවිරිදි පොප් ගායකයාට දහඅට හැවිරිදි ගැස්ඩාව හඳුන්වා දෙන ලද්දේ බ්ලේක් කෙලී ඇතුළු මිතුරු මිතුරියන් පිරිසකි. ගැස්ඩා, බීබර් නිසා මවක වීමට අවශ්‍ය බව මිතුරු කැලට පවසා තිබේ. දෙදෙනා පසුගිය මාසයේ එකිනෙකාට තදින්ම ආදරය කර තිබේ. එහෙත් ඔවුන්ගේ ආදර සබඳතාව වරින් වර සුබ පැත්තටත් අසුබ පැත්තටත් දෝලනය වෙමින් පැවතිණි. දැන් ජස්ටින්ගේ ගති ගුණ ගැන නම් ගැස්ඩා කොහෙත්ම මනාප නැත. ඇය සැම විටම ජස්ටින් සුදු චරිතයක් සේ පෙන්වීමට නොගත් පියවරක් නැති තරම්ය. එහෙත් මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාර ගෙන රිය පැදවීම නිසා ජස්ටින් අත් අඩංගුවට ගනිද්දී ඔහුත් සමඟ සිට ඇත්තේ ජෙෆ්රීස්ය. විසි හැවිරිදි ජෙෆ්රි ගැන ජස්ටින්ගේ පවුලේ අය බියෙන් පසු වෙති. ඇය ගැන ඇත්තේ බරපතළ වාර්තාය.මෑතකදී ජස්ටින්, පිරිමියකු නොකළ යුතු තවත් දෙයක් කළේය. ඔහු හිටපු පෙම්වතිය සෙලීනා ගෝමස්ගේ චරිතයට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කළේ ආදරයට ද අවමානයක් වන අන්දමිනි. ඔහු කිසිදු අපහසුතාවක්, ලැජ්ජාවක් නැතිව සෙලීනාගේ පිරිසුදුභාවය නැති කළේ තමන් බව කියා සිටියේය. 2011 වසරේදී ඇය තමන් සමඟ නිවාඩුවක් ගත කිරීමට පෙලඹුණේ සබඳතාව වඩාත් සාර්ථක කිරීමට බව ද ඔහු පැවසුවේය.අසභ්‍ය වීඩියෝ දර්ශනයක් සම්බන්ධව ද සුපිරි ගැටවර ගායකයා වරදකරුවකු වී සිටියි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉපැරණි නගරයකි, කෝලම් නාට්‍ය කලාව පාරම්පරික උරුමයක් ලෙස පවතී. පැරණි ලන්දීසි උසාවියක නටඹුන් තානායම අසල දැකගත හැක. තානායම පිටුපස පිහිටා ඇති ස්භාවික නාන තටාකයේ දිය නෑම සෑම අතින්ම ආරක්ෂිතය.ස්භාවිකව ගල් පර වලින් වටවී ඇති හෙයින් සුනාමි බලපෑමට ලක්වූයේ සුළු වශයෙනි.නගරයක දක්නට ලබෙන සියළු පහසුකම් වලින් සමන්විත දර්ශනීය මුහුදු වෙරලක් සහිත මනස්කාන්ත නගරයක් නව මෙය සංචාරක ව්‍යාපාරය සදහා තෝතැන්නකි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රටට, වීරෝදාර රණවිරුවන්ට, ජනතාවට සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට සෙත්පතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මහා ජය පිරිත් දේශනය හත්වැනි වරට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පෙරේදා (3) පැවැති අතර එහිදී ජනාධිපතිවරයා අතින් මල් වට්ටියක් පූජා කොට මහ සඟරුවනට පිරිතට ආරාධනා කළ අයුරු..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පසෙකින් තිබුන රතු රොස මල් පොච්චියෙ එකම එක රතු මලක් පිපිලා තියෙන්නෙ ප්‍රර්තනාගොන්නක අරම්භය සටහන් කල හිමිදිරියට සුබ පතන්නට මෙනි. දහසකුත් හැගුම් මල් පොදි විකසිත වු දිනකහිරු කුමරු සිය නැවුම් රැස් දාරා එකිනෙකා තුරුල්ව සිටි ඔවුන් වෙත යොමු කලෙ ආශීර්වාද කරන්නාක් මෙන්.අවදි වු ඇගෙ කොන්ඩය දෙකලවා සිප ගත්තේ සෙනෙහසින්. හෙමිහිට ඇසුනු වතුර බිදු හඩ ඇගෙ ගත සිප ගෙන පොලවට වැටෙන අයුරු ඔහු සිත තුල පිලිරැව් දුන්නෙ මිල කල නොහැකි වස්තුවක් තම සතු විමේ අවිහින්සක ප්‍රිතිය සිත තොල ඔද්දල් කරමින්.ලැමද තෙක් වසා සිටි දනහිසින් මදක් කෙටි වු පොරවනය ඈගෙ පිරිපුන් දෙහ ස්බාවය කදිමට ඔප් නංවන්නට සමත් යැයි හැගුනෙඔහුගෙ දැස් මත වු අනුරාගී බැල්මෙන්.සුදු මුදු මද නලපවසාවී රහසක්නුබෙ සුවද සමගින්මා වටා දැවටී.......................නීල දෙනයනනුබ දන යුගල මතහෙලන බැල්මන්කියනා සුපෙම් කව................සෙමින් සැලෙනාසිනිදු මල් පෙතිසිනිදු නැ නුබෙ පා යුග තරම්......................අසා ඉමු අපි හදෙ ගැහෙනා පෙම් රටාසිතින් සිතුවිලි සයුරෙඈත දුරකට පියබලාසිනාසෙමු අපි හෙමින් මුමුනා පෙම් කතා...........................පතා ආ ලෙස ඈත බවයෙඑකතු වී අපි අපෙ ලොකයෙ තනි වෙලා.................දෙතුන් වතාවක් එකෙනෙකා තුරුල් වු ඔවුන් දවස පුරාම අදරයේ සොදුරු මායිම් හෙමින් පිරිමදින්නට සමත් වියසිතල නුවරඑලිය තවත් ඔවුන් එකිනෙකට තුරුල් කරන්නට වුයේ උපරිම රසයක් සොයා යැමට තව තවත් රුකුල් දෙමින්. පසෙකින් දැල්වෙමින් තිබු පොරනුවෙන් දිස් වෙන ඔවුන්ගෙ රුව තව තවත් ඇයගෙ ලමද තුල හිස හොවාගෙන සිටි ඔහුගෙ රුවපෙන්වුයෙ විටින් විටයි... හිරු කුමරු අවරට යමින් සද කුමරිය නැගෙනා මනරම් රාත්‍රිය හෙමිහිට උදා වෙමින් පැවතුනා.ඇතින් ඇසුනු බස්සෙකුගෙ හඩ බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් මැකි ගියා හෙමින් හෙමින් රාත්‍රිය ගෙවි ගියා.නැවුම් සුවද විහිදු රතු රොස මලත් එ රත්‍රිය සමගම පරවෙලා ගිහින් තිබුනා.....................................පසුදින පුවත්පත්............මදුසමය ගත කල තරුන යුවල කාබන් මොනොක්සයිඩ් විස විමකින් මරුට......................පසු වදන...සතය සිදු විමක් ඇසුරෙන්.............සිහිනයකි ජිවිතෙ..(මෙකත් බලලම යන්න..).
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මගේ අලුත්ම චිත්‍රපටය වන ‘සිහින ලොවක් සොයා’ නිර්මාණයේ සියලු කටයුතු අවසානයි. එහි පූර්ව ප්‍රචාරක කටයුතු කරගෙන යනවා. ඊට අමතරව අන්තර්ජාලයට එහි තොරතුරු ඇතුළත් කළා. ‘සිහින ලොවක් සොයා’ කියන්නේ පවුලේ ආදර්ශවත් කතාවක්. ඒත් සමඟම ඊළඟ චිත්‍රපටයටත් අපි සූදානම් වෙනවා.ඒ චිත්‍රපටය නම් විකට චිත්‍රපටයක් වේවි. දෙසැම්බර් මාසයේ එහි මුහුරත් උළෙල පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන අතරතුර මගේ සිනමා ගමනට වසර පනස් එකක්.ඒ අතර මගේ උපන් දිනයත් ඇවිල්ලා. ඒ සඳහා උත්සව ගන්නවා වෙනුවට මා කරන්නේ පන්සලකට ගොස් අටපිරිකර පූජා කරලා දානයක් දීමයි. ඒ වගේම දුප්පත් පවුල් කිහිපයක් තෝරා ගෙන ඒ අයට වියළි ආහාර මල්ලක් ලබා දෙන්නත් මා සූදානම්.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පිටපත් රචකසුනන්ද සිල්වාමම මේ දවස්වල පිටපත් රාශියක් ලියන නිසා බොහොම කාර්යබහුලයි. ‘අත්තම්මා’ ටෙලි නාට්‍යයේ අවසන් කොටස් කිහිපය ලියමින් සිටින අතරතුරම ප්‍රවීණ නිළි, අධ්‍යක්ෂ ශ්‍රියාණි අමරසේනගේ නිර්මාණයකටත්, චන්දන ධර්මප්‍රියගේ ටෙලි නිර්මාණයකටත් පිටපත් ලියනවා.ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ ටෙලි නාට්‍යයකට මගේ SI විසල් පිටපත අනුමත වෙලා. ජෝශප් සේරම් අධ්‍යක්ෂණය කරන මේ ටෙලි නාට්‍යයේ පිටපත ඉදිරියේදී ලියන්නත් මා සිතාගෙන සිටිනවා.තිලානි / යතේජාඡායාරූප –ටෙනී / මාලන්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ත්‍රිපිටකය/බුදු දහම වෙනස්කල නොහැක. පහසුවෙන් වෙනස්කලහැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කල හැක. ත්‍රිපිටකය ලබාදෙන විකිමූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවි වලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිලිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක්කරමු. බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිතා නොකරමු. ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු ! ත්‍රිපිටකයේ ඛුද්ධක නිකායට අයත් කොටසකි. අටුවාඡචරීන්ගේ නිර්මාණයක් ලෙස සැලකේ. ආගමික අගය[සංස්කරණය] ධර්මය අනුව අගය[සංස්කරණය] සාහිත්‍යමය අගය[සංස්කරණය]
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය තිරගත වී වසර හැට හතක් පිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා වසර හතළිස් දෙකක් පිරීම නිමිත්තෙන් ජනවාරි විසිඑක් වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී විශේෂ උත්සවයක් පැවැත්විණි. එහි විශේෂ ආරාධිත අමුත්තා වූයේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතායි. එහිදී ප්‍රවීණ රංගන ශිල්පී බොනිපස් ප්‍රනාන්දු වෙනුවෙන් උපහාර තිළිණයක් පිදීමට ද ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු කර තිබිණ.මෙම උළෙලේ තවත් සුවිශේෂ අංගයක් වූයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සිනමා උළෙලක් සංවිධානය කර තිබීමයි. ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් චරිත හේරත්, ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය, තිස්ස ලියනසූරිය ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය. කලා රසික රසිකාවන් රැසක් ද සහභාගි වූ මෙම උළෙලේ සුවිශේෂී අවස්ථා මාලන් කරුණාරත්නගේ කැමරා කාචයට හසුවූයේ මෙසේය.සටහන - සම්පත් බාලසූරිය
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සරසවිය තෝතැන්නවිය අපට හමුවෙන්න..මඟසර නොම දන්නදිනේ සිට පියමැන්න..වැටුනු විට හිනැහෙන්නකඳුලු පිස දිරි දුන්න..එක සිතින් ලඟ උන්නසොඳුරු හදවත් ගොන්න..අතැර පියඹා යන්නවාරු නෑ සමුගන්න..ලඟයි හිරු බැසයන්නහදයි නෙතු තෙත් වෙන්න.. 2009 ජූලි 21 වෙනිද ලස්සන උදෑසන පෝලිමේ ජෝඩු ජොඩු ගිහින් අයියල අක්කල ගෙන් ලැබුනුනෙළුම් මලබුදුසමිදුට පූජ කරල, කිරිබත් කෑල්ලක්කාල පටන් ගත්ත සරසවි ජීවිතය නිල වශයෙන් අවසන් කරපු දිනය අද. ඒ කියන්නෙ අවසන් වසරෙ අවසන් විභාගයේ අවසන් දවස.සිව් වසරක් කිව්වට අවුරුදු 4 කුත් මාස 7 ක් ගත කරල මතක සැමරුම් ගොඩකුත් එක්ක සොඳුරු හදවත් ගොඩකුත් එකතු කරගෙන මේ බිමෙන් බැහැල අපේම තනි තනි ලෝක හොයාගෙන යන්න කාලය ඇවිල්ල.තවදුරටත් මේ බිමේ ඇක දාපු, එක බත්පත කාපු, එක අඩුව කාපු, ප්ලේන්ටිය බීපු, නිදි නැතිව දින ගණන් පහන් කරපු, පිරිත් පිංකම්, පහන් පූජා, දන්සල් කරපු,ට්‍රිප් ගිය,සිංදු කියපු, නටපු, රණ්ඩු උනු, ගහගත්තු, ලේ දහඩිය හෙලපු, කී නොකී තව බොහෝ දේ කරපු ඒ සුන්දර කාලය අතීතයට බාරදීල අවුරුදු 25 කටත් වඩා කාලයක් කන්න බොන්න දීල, හදා වඩා ගත්තු අම්මා තාත්තාට යුතුකම් ඉටු කරන්න,නිදහස් අධ්‍යාපනයෙන් මේ තරම් දුරට ඉගෙනගන්න දීපු රට වෙනුවෙන් වගකීම් ඉටු කරන්න යා යුතුයි.මේ කාලය තුල අපට ශිල්ප කියාදුන් ලෙන්ගතු ආචාර්‍යය මණ්ඩලයට,නන් අයුරින් සහයෝගය දුන් අනධ්‍යයන කාර්‍යය මණ්ඩලය ඇතුලු සියලු දෙනාට ස්තුතියි.. ඉතින් අවසරයි සරසවි මවුනි ඔබෙන් සමුගන්න මට.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පුද්ගලයකුට පහර දී මරණයට පත්කිරිමේ චෝදනාවට වැරදිකරුවන් වු පැපිලියානේ පුද්ගලයන් සිව් දෙනකුට කොළඹ මහාධිකරණ විනසුරු පද්මිණි එන්. රණවක ගුණතිලක මහත්මිය ඊයේ (24) මරණිය දණ්ඩනය නියම කළාය.මරණයට පත් වු අළුත්ගේ දොන් හෙලේනිස් යන අයට පහරදීම, ඔහුගේ නිවසට පහර දී අළාභහානි කිරීම, නිවසේ කාන්තාවකට පහර දීම, එම කාන්තාවගේ රන් මාලයක් කොල්ල කෑම ඇතුළු චෝදනාවන්ට වැරැදිකරුවන් බව තීන්දු කළ මහාධිකරණය එම චෝදනාවන්ට වසර අටක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් දහතුන් දහස් පන්සීයක දඩයක් නියම කළ අතර එම දඩය නොගෙවන්නේ නම් වසර එකහමාරක ලිහිල් සිර දඬුවම් නියම කෙරිණි.පහර කෑමට ලක්වු කාන්තාවට රුපියල් හතළිස් දහසක වන්දියක් ගෙවන ලෙසද විනිසුරුවරිය චුදිතයන් සිව් දෙනාට නියෝග කළාය. 1988 පෙබරවාරි 24 දින පැපිලියානේ දී අළුත්ගේ දොන් හෙලේනිස් යන අයට පහර දී මරණය සිදු කිරීම ඇතුළු චෝදනා දොළහක් යටතේ නිතිපතිවරයා 2000 ජනවාරි මස මේ නඩුව පවරා තිබු අතර දීර්ඝ නඩු විභාගයකින් පසුව මේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.වීරසිංහ ආරච්චිගේ චන්ද්‍රදාස, නිහාල් ගෝමස්, ප්‍රේමසිරි කොස්තා, හා ජානක සම්පත්යන පුද්ගලයන්ට මේ දඬුවම නියම කෙරිණි. පහර කෑමට ලක්වු කාන්තාව පැමිණිල්ල නොදත් අයකු ලවා දූෂණයකිරිමේ සම්බන්ධයෙන් වු චෝදනාවලට දඬුවම් පමුණුවා නොමැති බව සඳහන් කළ විනිසුරුවරිය 5.6.හා 7 චෝදනා විකල්ප චෝදනා බැවින් දඬුවම් නියම නොකරන බවද විනිසුරුවරිය පැවසුවාය. චුදිතයන් වෙනුවෙන් රජයෙන් පත් කළ නීතිඥවරුන් පෙනී සිටි අතර විත්තියේ නීතිඥවරුන් සිය කාර්ය නොපිරිහෙලා ඉටු කළ බව පැවසු විනිසුරුවරිය නීතිඥවරුන්ට අධිකරණයේ ස්තුතිය ද හිමිවන බව පැවසුවාය.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හරියටම වසරකට පසු...වෙනස්ම වෙනස් පුද්ගලයෙකු ලෙසින්..ඔලුවට පෙර මුට්ටියක් දමා බලමි. කුඩු වේ නම් මුට්ටිය ය. ඔලුව බේරේ ය.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය පුරාණ රෝමය ලිපියේ ඡේදයක් ලෙස පැවතිම සහ මෙම අන්තර්ගතය එහි අඩංගු බැවිනි. නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න. %E0%B6%B8%E0%B7%99%E0%B6%B8+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%5B%5B%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB+%E0%B6%BB%E0%B7%9D%E0%B6%B8%E0%B6%BA%5D%5D+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A1%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%99%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B6%91%E0%B7%84%E0%B7%92+%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92.NA එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පිටුවෙහි කර්තෘ වෙත සටහන: ඔබ තවමත් ලිපි සාකච්ඡා පිටුව සංස්කරණය කර නොමැත. ඔබ මෙම ඉක්මන් මකාදැමීමට විරුද්ධ වීමට අදහස් කරයි නම්, ඉහත දැක්වෙන බොත්තම එබීමෙන් පසුව මෙම පිටුව මකා නොදැමිය යුත්තේ මක්නිසාදැයි කියා සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තැබීමෙන් අනතුරුව ප්‍රකාශ කරන්න. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ Salin813 (දායකත්ව| ලඝු) විසින් 2 වසර ගණනකට පෙර ට පෙරදීය කරුණාකර පහත සැකිල්ල කර්තෘගේ සාකච්ඡා පිටුව මත පිහිටුවීමකට භාජනය කරන්න: {{subst:db-reason-notice|රෝම කලාව, සංගීතය හා සාහිත්‍ය|header=1|මෙම ලිපිය පුරාණ රෝමය ලිපියේ ඡේදයක් ලෙස පැවතිම සහ මෙම අන්තර්ගතය එහි අඩංගු බැවිනි.}} ~~~~ රෝම කලාව, සංගීතය හා සාහිත්‍ය දැනට ඉතිරිව ඇති ඉපැරණි ගොඩනැගිලිවල බිත්තිවල හා වහලවල දැකිය හැකි රෝම බිතුසිතුවම් වල ග්‍රීක ආභාෂයක් දැකිය හැක. රෝම සාහිත්‍යයේ සඳහන්වන පරිදි එකල දැව සහ ඇත්දත් සිතුවම් නිර්මාණය කිරීම භාවිතා කර ඇත. මෙවැනි නිර්මාණවලට උදාහරණ කීපයක් දැනට රෝමයේ පොම්පේ (ඡදපචැස) හි ඉතිරිව ඇත. පළමුවන ශතවර්ෂයත් දෙවන ශතවර්ෂයත් අතර කාලයට අයත් මුල් යුගයේ රෝම නිර්මාණයන් පබළු සහ පාෂාණ උපයෝගී කොටගෙන නිමකොට ඇත. දෙවන ශතවර්ෂයේ මුල් යුගයේදී නිමවූ නිර්මාණවල ත්‍රිමාන ගති ලක්ෂණද දැකිය හැක. මුලසිටම ලතින් සාහිත්‍යයේ වැදගත් ස්ථානයකක් ග්‍රීත ගත්කතුවරුන්ට හිමිවිය. රෝම රාජ්‍යයේ ව්‍යාප්තියක් සමගම සාහිත්‍යකරුවන් විවිධ ශෝකය, හාස්‍යය වැනි මාතෘකා යටතේ විවිධ නිර්මාණ එළිදැක්විම වඩාත් කැපී පෙනිණි. එකල ග්‍රීක ආභාෂයෙන් පණපෙවුන රෝම සාහිත්‍යය සාමාන්‍ය ජන ජීවිතයේ වඩාත් කැපීපෙනෙන අංගයක් විය. විවිධ අවස්ථාවන් වලදී රෝම හමුදාවන්ද ට්‍රම්පට්ටුව (ඔරමපචයැඑ) වැනි සහිත භාණ්ඩ යොදාගෙන ඇති බවත් සඳහන් වේ. සමහර ඉතිහාසඥයන් පවසන ආකාරයට සාමාන්‍ය ජනතාව සහභාගී වූ විවිධ උත්සව අවස්ථාවන් වලදී සංගීතය වැදගත් අංගයක් විය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකා බොක්සිං තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවන්ගේ සංගමයේ ලේකම්වරයකු ලෙසත්, සභාපතිවරයකු ලෙසත් අඛණ්ඩව වසර 26 ක් කටයුතු කළ ප්‍රකට බොක්සිං පුහුණුකරුවකු වන ඩොනල්ඩ් මුණසිංහ මහතා බොක්සිං ක්‍රීඩාවේ සියලු ක්‍රියාකාරකම්වලින් ඉවත් වී ඇත.1985 වසරේ සිට බොක්සිං පුහුණුකරුවන්ගෙත් පුහුණුකරු ලෙස කටයුතු කළ ඒ මහතා 1966 වසරේ සිට 2000 වසර දක්වා මෙරට පාසල් බොක්සිං ක්‍රීඩකයන් පුහුණු කරමින් විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයන් රැසක් බිහිකිරිමේලා පුරෝගාමීව කටයුතු කළේය.ඔහු මෙසේ බොක්සිං ක්ෂේත්‍රයෙන් ඉවත්වීමට ආසන්නතම හේතුව වී ඇත්තේ පසුගිය වසරේ ජූනි මාසයේ පැවැති යුද හමුදා අන්තර් රෙජිමේන්තු බොක්සිං තරගාවලියෙන් පසුව ඇතිවූ සිදුවීමක් සම්බන්ධව අතිශය කළකිරීමකට පත්වීම නිසාය.එම තරගාවලියෙන් අනතුරුව නැවත පැමිණෙමින් සිටියදී මුණසිංහ මහතා යටතේම පුහුණුව ලැබූ එක්තරා තරග තීරකවරයකු ඔහුට අවිනීත ලෙස බැන වැදී ඇත. තරගාවලියෙන් පසුව පැවැති රාත්‍රී සාදයට ද සහභාගි වූ එම තරග තීරකවරයා බීමත්ව සිටි බැව් වාර්තා වේ.මේ සිදුවීම සම්බන්ධව මුණසිංහ මහතා විසින් ආධුනික බොක්සිං සංගමයට ලිඛිතව පැමිණිලි කළද ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගැනීමට ආධුනික බොක්සිං සංගමය උනන්දු වී නැත.බොක්සිං තරග තීරකවරයකු එම සංගමයෙහිම එවකට සභාපතිවරයා ලෙස කටයුතු කළ මුණසිංහ මහතාට මෙසේ අවිනීත ලෙස දෝෂාරෝපණය කිරීම ලිඛිත පැමිණිල්ලක් මගින් ඉදිරිපත් කොට තිබියදීත් ආධුනික බොක්සිං සංගමයේ පරිපාලනය විසින් නොසලකා හරිනු ලැබීම කනගාටුදායක සිදුවීමකි.ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ එම පැමිණිල්ල ආධුනික බොක්සිං සංගමයේ විනය කමිටුවට ඉදිරිපත් කිරීමය. බොක්සිං තේරීමේ කමිටු ප්‍රධානී මෙන්ම විනය කමිටුවේද ප්‍රධානියා ලෙස කටයුතු කරන හිටපු නියෝජ්‍ය පොලිස්පති ජේ. තංගවේලු මහතා වෙත මේ පැමිණිල්ල ඉදිරිපත් කළ යුතුව තිබිණි.දශක ගණනාවක් මෙරට බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් කැපවීමෙන් යුතුව කටයුතු කළ මුණසිංහ මහතා මෙසේ නොසළකා හැරීමේ අවසන් ප්‍රතිඵලය වූයේ මෙරට බොක්සිං ක්‍රීඩාව නඟාසිටුවීමෙහිලා විශිෂ්ට මෙහෙවරක නිරත වූ නිලධාරියකු ක්‍රීඩාවට අහිමි වීමය.මේ පැමිණිල්ල සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ආධුනික බොක්සිං සංගමය අසමත් වීමේ හේතුවෙන් පසුගිය ජනවාරියේ පැවැති ජාතික බොක්සිං සූරතාවලියෙන් පසුව බොක්සිං ක්‍රීඩාවේ සියලු ක්‍රියාකාරකම්වලින් මුණසිංහ මහතා ඉවත් විය. මේ හේතුවෙන් ඒ මහතා පසුගියදා පැවැති බොක්සිං තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවන්ගේ සංගමයේ නිලවරණයට ද සහභාගි වී නැත.50 දශකයේ බොක්සිං ක්‍රීඩකයකු ලෙස පිටියට පිවිසි මුණසිංහ මහතා 1960 වසරේ දී තර්ස්ටන් විද්‍යාලයේ බොක්සිං කණ්ඩායමේ නායකයා ද විය.කලක් ජාතික බොක්සිං කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කළ මුණසිංහ මහතා ක්‍රීඩාවෙන් ඈත්වීම ක්‍රීඩාවට සිදුවූ විශාල පාඩුවක් බව බොක්සිං පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් සඳහන් කරති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වෙස්ලි විදුහල වසර 43 කට පසුව කොළඹ රාජකීය විදුහල පරදා සර් ෆ්රෑන්ක් ගුණසේකර කුසලානය දිනා ගත්තේය.කැම්බල් ක්‍රීඩාංගණයේ පැවැති වෙස්ලි – රාජකීය අතර තරගයෙන් කඩුලු 10 ක ජයක් වෙස්ලි විදුහල දිනාගත් අතර අවසන් වරට 1969 දී මෙවැනි ජයක් ලබා තිබුණි. එවිට රාජකීය විදුහල අර්ඩ්ලි ලිවේරාසා හා වෙස්ලි විදුහල අමරේෂ් රාජරත්නම් මෙහෙයවූහ.රාජකීය විදුහල පළමු ඉනිම 89 - අනූප තිලකරත්න නොදැවී 25 (සදීම් තවුෆික් 17/5, සචින් සිරිවර්ධන 20/3) දෙවැනි ඉනිම 168 - මිලාන් අබේසේකර 44, සම්පත් ද සිල්වා 35, ඉමාල් ලියනගේ 18 (සචින් ජයවර්ධන 51/6, අශේල් කාරියවසම් 35/2)වෙස්ලි විදුහල පළමු ඉනිම 239 - අශේන් ෆොන්සේකා 88, අශේල් කාරියවසම් 70 (දේවින් පද්මනාදන් 77/7) දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී 19ගුරුකුලට ජයකැළණිය ගුරුකුල විදුහල හා ගාල්ල ඇලෝසියස් විදුහල අතර මහර බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගුරුකුල විදුහලට ලකුණු 196 ක ජයක් හිමිවිය.මෙවර පාසල් ක්‍රිකට් තරගවාරයේ ගුරුකුල විදුහල ලැබූ හත්වැනි ජයග්‍රහණය මෙයවීම විශේෂත්වයකි.මුල්වරට පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියට එක් වූ ගුරුකුල විදුහල වෙතින් මාරිස්ටෙලා, රේවත, කේරි, රද්දොළුව, පිළියන්දල සෙන්ට්‍රල් හා ගම්පහ බණ්ඩාරනායක විදුහල් පරාජයට පත් වූහ.ගුරුකුල විදුහල පළමු ඉනිම 105ෂෙහාන් ලක්ෂිත 23, ක්‍රිස්ටි අශාන් 27 (දිලුෂ මාලන් 34/6)ගාල්ල ඇලෝසියස් විදුහල පළමු ඉනිම 57තිසර සමරකෝන් 23 (නලින් පෙරේරා, 23/4, දුෂාන් ධනුෂ්ක 6/3)ගුරුකුල විදුහල දෙවැනි ඉනිම කඩුලු 6 කට 289ඉසුල ලක්ෂාන් 77, හෂාන් දුමිදු 75 චමෝද් සුලක්ෂණ 47, නලින් පෙරේරා 50 (දිනුෂ මාලන් 75/2)ගාල්ල ඇලෝසියස් විදුහල දෙවැනි ඉනිම 140දිනුෂ මාලන් 51, රුචිර සඳකැලුම් 21, (හෂාන් දුමිදු 27/3, දුෂාන් ධනුෂ්ක 20/3)සහිරාටලකුණු 335 ක ජයක්මරදාන සහිරා පිටියේ පැවැති සහිරා - ජනාධිපති කෝට්ටේ විදුහල් අතර තරගයෙන් සහිරා විදුහලට ලකුණු 335 ක ජයක් හිමිවිය.සහිරා විදුහල පළමු ඉනිම කඩුලු 8 කට 295 - ඉම්රාස් රෆී 62, ඩිල්ෂාඩ් හිල්මි 51, මහීර් මොහොමඩ් 42, මොහොමඩ් සල්මන් 39, ඩිල්ෂාඩ් උමාර් නොදැවී 26 (මොහොමඩ් හලාන් 59/2, යෂාන් කුරුවිට 73/2)දෙවැනි ඉනිම කඩුලු 1 කට 240 - මහීර් මොහොමඩ් නොදැවී 102, ඉම්රාස් රාෆි නොදැවී 111කෝට්ටේ ජනාධිපති විදුහල පළමු ඉනිම 131 - මල්ෂාන් ජයවර්ධන 55 (ප්‍රදීප් ආනන්ද 58/4, වසීම් සිනේන් 4/2, ඩිල්ෂාඩ් උමාර් 11/3 දෙවැනි ඉනිම 69 - (ප්‍රදීප් ආනන්ද 14/4, වසීම් සිනෙන් 18/4, බසිත් මරික්කාර් 24/2)නාලන්දා විදුහලටකඩුලු 10 ක ජයක්පනාගොඩ යුද හමුදා ක්‍රීඩා පිටියේ පැවැති නාලන්දා – කළුතර මහා විදුහල අතර තරගයෙන් කොළඹ නාලන්දා විදුහලට කඩුලු 10 ක ජයක් හිමිවිය.නාලන්දා පළමු ඉනිම 274 - ඉෂාන් රංගන 80, ළහිරු ජයකොඩි 66, ළහිරු විජේරත්න 39, මනුල ජයසේකර 33 (දිමුත් පසිඳු 24/4, නිමේෂ් මධුෂාන් 78/3) දෙවැනි ඉනිම කිසිවෙකු නොදැවී 52කළුතර විදුහල පළමු ඉනිම 118 - විනෝද් රසින්ද 63 (කුෂාල් ඩයස් 12/4, ප්‍රමෝද් හෙට්ටිවත්ත 26/2, කොෂාන් ධනුෂ්ක 47/2) දෙවැනි ඉනිම 204 - විනෝද් රසින්ද 29, නුවන් සංජීව නොදැවී 107 (කුසල් ඩයස් 44/4, නිකිල වීරසිංහ 49/2).
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකාවේ ‘දඟ පන්දු රජා’ වන මුත්තයියා මුරලිදරන් නවසිලන්ත දේශීය විස්සයි20 තරගාවලියේ ලබන තරග වාරයට ක්‍රීඩා කරනු ඇත. ‘වෙලිංටන් ෆයර්බර්ඩ්ස්’ සමග ‘මුරලි’ගේ ගිවිසුම දැන් ස්ථිර වී තිබේ.ටෙස්ට් හා ජාත්‍යන්තර එක්දින තරගවල වැඩිම කඩුලුලාභියා ලෙස වාර්තා උසුලන මුරලිදරන් මෙසේ ක්‍රීඩා කිරීමට එකඟ වී ඇත්තේ ඔහු හිටපු නවසිලන්ත නායක ස්ටීවන් ෆ්ලෙමින් ට වූ පොරොන්දුවකට ගරු කිරීමක් ලෙසිණි.“නවසිලන්තයේ මා ගතකළ සෑම කාල වකවානුවකම මා සැමවිටම උපරිම සතුටක් ලැබුවා. සංචාරය කරන්නත් ක්‍රිකට් ක්‍රීඩා කරන්නත් එය හරිම සුන්දර රටක්” මුරලිදරන් නිවේදනයක් මගින් කියා සිටියේය. ‘මුරලි’ සමග ගිවිසුම නිවේදනය කළ වෙලිංටන් ප්‍රධාන විධායක ගැවින් ලාසන් එම ගිවිසුම හැඳින්වූයේ “මෙතෙක් බිහිවූ ශ්‍රේෂ්ඨතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සේවය ලබා ගැනීමට හැකි වීම ‘වෙලිංටන්’ ලැබූ අති විශිෂ්ඨ ශක්තියක්” ලෙසිණි.නවසිලන්ත දේශීය විස්සයි20 තරගාවලියේ කණ්ඩායම් 6 අතුරින් සිවුවැනි කණ්ඩායමට වඩා ප්‍රගතියක් කවදාවත් ලබා නැති ‘වෙලිංටන්’ පිලට මුරලිදරන්ගේ සේවය ඉතාමත් වටිනා එකකි. ඉන්දියා ප්‍රිමියර් ලීගයේ ‘චෙන්නායි සුපර් කිංග්ස්’ පිලට ක්‍රීඩා කරමින් සිටියදී ‘මුරලි’ හා ෆ්ලෙමින් අතර මිතුදමක් ඇති විය. ෆ්ලෙමින් පසුගිය තරගවාර දෙකේදී ‘චෙන්නායි’ පිලේ පුහුණුකරු වශයෙන් කටයුතු කොට තිබේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අරමුණක්නැතුව කොහේ හරි ගියොත් හැමෝම මට පිස්සු කියලා හිතයි ද. ඒත් අරමුණු, බැඳීම්, වගකීම්මේ හැමදේකින්ම හිර වෙලා ඉඳලා එපා වෙලා තියෙන්නෙ. ඒ වගේ වෙලාවට හුදෙකලා රස්තියාදුවක්තරම් තවත් දෙයක් නැහැ.හුදෙකලාරස්තියාදුවක් හැම වෙලාවෙම තනියම යන්න ඕනේ නැහැ. හුදෙකලාව රසවිඳින්න පුළුවන් තවත් කෙනෙක්මේකට හොඳටම ගැළපෙනවා. ඒත් නීති රීති, මේ වෙලාවට මෙතන්ට යන්න ඕනේ වගෙ වගකීම් වලින් බැඳුනේනැති කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කෙනෙක් එක්ක මෙහෙම රස්තියාදුවක් යන එක් හරිම රසවත්. ඒත්එහෙම කෙනෙක් නැත්තම් ගමන විනාස කරගන්නවට වඩා තනියම යන එක වටිනවා.බස් එකේයන ගමන් කරන්න පුළුවන් හොඳම දේ තමයි මනෝ ගහන එක. ඔය වගේ වෙලාවක කන් අඩි පුපුරන බස්සින්දුවක් නිසා මනෝ රාජ්‍යය සුනු විසුණු වෙලා යන එක නම් හරිම අවාසනාවක්. බස් එකේ ඉන්නමිනිස්සු, ට්‍රැෆික් එකේ නවත්තලා තියනකොට පාරේ යන මිනිස්සු ගැන එක එක කතා ගොතන එක මමකැමතිම වැඩක්. එයාලා මොනවා හිතනවා ඇත්ද. එයාලගේ ජීවිතේ මොන වගේ වෙන්න ඇත්ද. ඔන්න ඔයවගේ දේවල් හිතන එක හරිම රසවත් වැඩක්.මට මෙහෙමමනෝ ගහන්න සෙට් වෙන්නෙ කැම්පස් එකට යන එන ගමන් තමයි. ඔය වෙලාවට කතා කරන්න කැමති කෙනෙක්හරි කතා කරන්න කැමති මාතෘකාවක් හරි තිබ්බෙ නැත්තම් කතා කරනවා කියන්නේ මම අකමැතිම වැඩක්.අහන්න හොඳ සින්දුවක් තිබ්බේ නැත්තම් ඔහේ කල්පනා කර කර යනවා. පහු කරගෙන යන ගොඩක් තැන්ගැන කියන්න මට කතාවක් තියෙනවා. ඒ කතා සමහර වෙලාවට එකිනෙකට ගැළපෙන්නේ නැහැ. එහෙම ගළපගන්නඕනෙකමකුත් නැහැ. ඒත් ඒ හැම කතාවක්ම මට වටිනවා.ඔය වගේවෙලාවට තමයි මම හිතන්නෙ නැතුව කියපු දේවල් නිසා වෙන කෙනෙක්ගේ හිතක් රිදුනා නම් ඒ ගැනහිතන්නෙත්. හිතාමතා කරන සිත් රිදවීම් මේකට අදාළ නැහැ. ඒ වෙනුවට ඊට වඩා වෙනස් විදියටඒක කියන්න තිබුණා නම් කියලා හිතන්නේ ඒ වගේ වෙලාවට තමයි. ඒත් ඉතින් ඒ වෙද්දි හිත් රිදිලාඉවරයි.මට නම්ඉතින් හුදෙකලා රස්තියාදුවක් යන්න අවස්ථාවක් ලැබෙන්නේ පුස්තකාලෙට යන එන ගමන් විතරයි.ඔය වෙලාවට යන එන පාරෙ තියෙන පොත් සාප්පු ඔක්කොම කවර් කරන්න මට ඕනේ. සමහර වෙලාවට එකමකඩේ පැය ගානක්. එකම කඩේට දෙපාරක් යන වෙලාවලුත් තියෙනවා. ඔය වගේ ගමන් තව කවුරුහරි එක්කගියොත් එහෙම අනිවාර්යයෙන්ම මට පිස්සු කියලා හිතනවා.කතන්දරපොත් විතරක් නෙවෙයි, ලිපිද්‍රව්ය තියන කොටසටත් මට යන්න ඕනේ. මුළු පොත් කඩේම අවුස්සලාහරි මට ඕනේ ජාතියේ කඩදාසි වර්ගේ, පෑන් ජාතිය, සටහන් පොත් වගේ දේවල් මට හොයාගන්න ඕනේ.ඔය වගේ වෙලාවක වෙන කවුරුහරි එක්ක ගියොත් ඉතින් එයාලට එපා වෙලා “ ඔන්න ඔහෙ තියන එකක්අරන් එමු සිතූ” කියලා කියනවා. එතකොට ඉතින් එයාලා පව් නිසා තියන එකක් අරන් ආවත් මගේහිතට හරි මදි ඉතින්.ඔය වගේගමන් වලදි කැමති තැනකින් කන්න, බඩගින්න ගැන හිතන්නේ නැතුව අතට අහුවෙන ඕනේ දෙයක් කන්න,කකුල් රිදෙන එක ගැන හිතන්නේ නැතුව ඕනේ දේ හම්බ වෙනකල් ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ.ඔය එක එක අරුමෝසම් බඩු ගන්න ගියාමත් හරියන ඩිසයින් එක හම්බ වෙනකල් ඇවිදිනවා ඉතින් අපි.වැඩිය සල්ලි වියදම් කරන්න බැරි නිසා අතේ තියන ගානට ගැළපෙන හොඳ එකක් හොයන්න අපි කොච්චරනම් ඇවිදිනවද. ආවාට පස්සේ කොච්චර මහන්සි වුණත් ඇවිදිනකොට නම් හරිම විනෝදයි. ඔය හැමදේකටමගැලපෙන යාළුවෙක් මටත් ඉන්නවා. ඕනෙම රස්තියාදුවක් ගහන්න පුළුවන්, ඒ වගේම ඒකෙන් විනෝදයක්ලබන යාළුවෙක්. ඉතින් මේ පෝස්ට් එක එයා වෙනුවෙන්.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
විශ්ව විද්‍යාල ජීවිතයේ වසරක මතක සටහන් රූප පෙළකින් ඉදිරිපත් කරන්න බලවත් ආශාවක් කාලයක් තිස්සෙම තිබුණා ඒ වුණාට ඒක නිර්මාණය කරන්න වෙලාවක් තිබුණෙ නෑ.වසරක අධ්‍යයන කාලයක් ඉවර වෙලා නිවාඩු ලැබුණ නිසා වසරක මතක සටහන් අලලා රූප පෙළක් නිර්මාණය කරන්න අවස්ථාව ලැබුණා......පාසල් කාලය අවසන් කරලා තවත් වසරක් විතර ගෙදර ඉදලා කැම්පස් ආවම.....ඒක (කැම්පස් ) වෙනම ලෝකයක් වෙනම ජීවිතයක් වෙනම සංස්කෘතියක් .... තේරුම් ගන්න ටික කලක් යනවා..ඒ ටික කාලය තුල අපිගොඩක් දේවල් ඉගෙන ගන්නවා...විවිධ යහලුවෝ අඳුන ගන්නවා.....සම්බධතා ගොඩනැගෙනවා.....ගමන් බිමන් රටතොට සංචාර වැඩිවෙනවා ( Trip නම් වැඩිද මන්දා ) මේ ඔක්කොම කරන ගමන් ඉගෙන ගන්නත් ඕන lolz...........මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ වසරක මතක සටහන් වලට අපි ඒකේදි කරපු සහභාගි වුණු විවිධ අවස්ථා , අමතක නොවන අවස්ථා සහ ගියපු සංචාර ඇතුලත් වෙනවා..රූප පෙළට ඡායාරූප ලබා දුන් සියලු දෙනාට මගේ ස්තූතිය.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඕලැන්ඩෝ ජොනතන් බ්ලැන්චාඩ් බ්ලූම් (උපක 13 ජනවාරි 1977) යනු ඉංග්‍රීසි නළුවෙකි. 2001 දී ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් හී එල්ෆ්-කුමරු ලෙගොලාස් ලෙසින් සහ [1] 2003දී පයිරෙට්ස් ඔෆ් ද කැරිබියන් චිත්‍රපට පෙළෙහි කම්මල්කරු විල් ටර්නර් ලෙසින්ද අනාවෘත භූමිකා ලත් ඔහු, පසුව එළිසබෙත්ටවුන් හා කින්ග්ඩම් ඔෆ් හෙවන් ඇතුළු හොගිවුඩ් චිත්‍රපටයන්හී ප්‍රධාන චරිත රග පෑමට වරම් ලැබීය. ආශ්‍රිත[සංස්කරණය] ↑ ජෝන්ස්, ඇලිසන් (23 මැයි 2007). [asp?r=149902 "සෙලිබ්‍රිටි ඉන්ටර්වීව්: වෙයර් දෙයාර්ස් අ විල්..."]. TeenHollywood.com. asp?r=149902. සම්ප්‍රවේශය කෙරුණු දිනය 24 මැයි 2007.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
(ප්‍රවීණ ලේඛක චානුක වත්තේගම විසින් සිය වත්පොතේ තබන්නට යෙදුණු සටහනකි.)නලින් ද සිල්වා මාමාට ෆේස් බුක් බෑනාවරු බොහෝ වෙති. මේ බෑනාවරුන්ගේ දැනුමේ වපසරිය කෙතෙක් සීමාසහිතද යත් ඔවුන් සිතා සිටින්නේ 'ජාතික චින්තනය' යනු මාමාගේම, තනිව මාමාගේම වැඩක් බවය. මාමාගේ උදාහරණ, අදහස්, යෙදුම් නැතිව වාක්‍ය දෙකක් වත් ලියා ගන්ට බැරිකමින්ම එය පැහැදිළි වේ.අද අප 'ජාතික චින්තනය' නමින් දන්නා ඊනියා දර්ශනයක් වේද (එහි වලංගු අවලංගුභාවය මෙතැන සාකච්ඡා නොකෙරේ.) එහි ආරම්භය හැත්තෑ - අසූ ගණන් වලට හා සමහර ඊටත් පෙරට ට්‍රේස් කළ හැකි බව සඳහන් විය යුතුය. නලින් ද සිල්වා මේ බෑන්ඩ්වැගන් එකට පසුව ගොඩ වූ කෙනෙකි. ඉන් පෙර එය පෝෂණය කළ පිරිස බොහෝය."ජාතික චින්තනය" යනු හැත්තෑව දශකයේ මැද හරියේ ගුණදාස අමරසේකර විසින් නිර්මිත යෙදුමකි. ඔහු මේ තේමාව යටතේ ඇත්ත පත්තරයට දීර්ඝව ලිපි පෙළක් ලිව්වේය. එවක ඔහුට විරුද්ධ පිළේ ට්‍රොට්ස්කිවාදියකු වූ නලින් එහිදී අමරසේකර සමඟ ඍජුව ගැටුණේය. "අනගාරික ධර්මපාල මාක්ස්වාදීද." යනු නලින්, අමරසේකරට එරෙහිව ලියූ ලිපියක මැයෙකි. අමරසේකර මේ මාතෘකාවෙන්ම නලින්ට ලියූ පිළිතුරු ලිපි එකතුව පසුව පොත් පිංචක් ලෙස මුද්‍රණය කෙරුණේය. මීට අමතරව අසූවේ දශකයේ මැද හරියේ අමරසේකර ලියූ "ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු" අපේ කාලයේ "චින්තනකාරයින්ගේ" බයිබලය විය."ජාතික චින්තනය පෝෂණය කළ" තවකකු නම් ජී. අයි. ඩී. ධර්මසේකරය. පරණ (1971) ජේ. වී. පී. කාරයකු වූ ධර්මසේකර ඔහු මාක්ස්වාදයට විකල්පයක් සේ දුටුවේ ජාතික චින්තනයයි. ලිපි කිසිවක් මට වෙසෙසින් මතක නැතද ඔහුද දිගින් දිගටම ඒ ගැන ලියූ කෙනෙකි. 1994 මහ මැතිවරණයේදී නලින් හා ධර්මසේකර දෙදෙනාම මහජන එක්සත් පෙරමුණු ටිකට් එකට පිළිවෙළින් පානදුර හා බණ්ඩාරගම සංවිධායකයින් සේ කළුතර දිස්ත්‍රික්කයට තරග කළහ. ධර්මසේකර හැම තැනම කිය කියා ගියේ "මම චන්ද හද හද යනවා, එයා (නලින්) චන්ද කඩ කඩා යනවා" කියාය. අවසානයේ සත්‍ය වූයේ එහි පරස්පරයයි. පානදුරින් නලින් චන්ද 4,000 ක් පමණ ගනිද්දී බණ්ඩාරගමින් ධර්මසේකර ගත්තේ ඡන්ද 1,000 කට කිට්ටු සංඛ්‍යාවකි. මෙය මේ දෙදෙනාම ඍජු දේශපාලනයට එක් වූ අවසාන වතාවය.සුළුවෙන් දායකත්වය දුන් නම් කිහිපයක් අතැර ඊළඟට මම ලොකු දායකත්වයක් දුන් පුද්ගලයකුට පනිමි. නලින් ද සිල්වාගේ වත්මන් බෑනාවරුන් සමහරවිට අසාවත් නැති ඔහු ආචාර්ය සුසන්ත ගුණතිලකය. සුසන්ත ගුණතිලකගේ Crippled Minds හා Aborted Discovery පොත් දෙකෙහි අද නලින් ද සිල්වා හා බෑනාවරුන් කිය කියා යන බොහෝ දේ තිබේ. Crippled Minds යටත්විජිතවාදයෙන් ආසියාවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමෙරිකාවේ රටවල චින්තනය උඩුයටිකුරු වූ සැටි කියන පොතකි. Aborted Discovery යුරෝපීයයන්ගේ ආගමනයට පෙර මේ රටවල තිබුණු දැනුම් පද්ධති හා තාක්ෂණය විස්තර කරන පොතකි. පොත් දෙකම සීරියස් පර්යේෂණ ග්‍රන්ථය. (එකඟ වීම නොවීම ඔබ සතුය.) මේ දෙකම මම විදුසර ලිපි කිහිපයක් පිණිස පරිශීලනය කොට ඇත්තෙමි. පළමුවැන්න නම් මේ ලියන මොහොතේද අත ළඟින්ම ඇත. Aborted Discovery විදේශීය මුද්‍රණයක පිටපතක් සොයා ගන්ට ලැබුණේ (සාමාන්‍යයෙන් දේශීය ලේඛකයින්ගේ පොත් නොතිබුණු) බ්‍රිතාන්‍ය මණ්ඩල පුස්තකාලයෙනි. එය මේ පොත් වලට තිබුණු පිළිගැන්මට නිදසුනෙකි.මගේ මතකයට එන අවසාන නම (අද රාවණාවාදියකු වී ඇති) සූරිය ගුණසේකරගේය. හිටපු සිවිල් සේවකයකු වූ සූරිය ගුණසේකර දිවයින බදාදා අතිරේකයට ලියූ "ලන්ඩන් ගිය බණ්ඩා" ඒ යුගයේ ජනප්‍රිය ලිපි පෙළක් විය. කෙළින්ම නොපළ කළද නලින් තුළ මේ ලිපි පෙළෙහි ජනප්‍රියතාවය ගැන වූයේ එක්තරා අන්දමක ඉරිසියාවකි. එහි කියැවෙන කාරණා පට්ටපල් බොරු බව ඔහු නිතර පෞද්ගලික සංවාද වලදී කිව්වේ "අපිත් ඉතින් ලන්ඩන් ගිහින් නැතුවයැ" ශෛලියෙනි. මීට අමතරව මගේ මිතුරකු සූරිය ගුණසේකර සමඟම කළ සංවාදයක් ලිපි පෙළක් හැටියට ඩී. ජී. හපුතන්ත්‍රී නමින් දිවයිනටම ලියුවේය. (ආරූඪ නාමයකින් පෙනී සිටීමට ඔහුට ඇති අයිතිය සලකා ඔහුගේ නම හෙළි නොකරන අතර ඔහුට අවශ්‍ය නම් තම අනන්‍යතාව කමෙන්ටුවකින් දක්වන සේ ඇරැයුම් කරමි.) මේ නම් දෙකම මතක් වූයේ නලින් මෑතකදී ඔවුන් ගැන කළ සඳහනක් නිසාවෙනි.මීට අමතරව ජාතික චින්තනය කියන ඊනියා මතවාදයට දායක වූ තවත් බොහෝ දෙනා සිටිය හැකිය. ඔවුන් ගැන විශේෂයෙන් පර්යේෂණ කරන්නට තරම් කැක්කුමක් හෝ ඉසඹුවක් මට නොවේ. ඉහත විස්තර හුදෙක් මේ මාතෘකාව ගැන සංවේදී පුද්ගලයින් වෙනුවෙන් මගේ මතකය අවදි කිරීමක් පමණය.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඩේලි නිවුස් වර්ගය දිනපතා පුවත්පත ආකෘතිය පුළුල් පත්‍රය අයිතිකරු ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සංස්කාරක රාජ්පාල් අබේනායක ඇරඹුනේ 1918 (1918) භාෂාව ඉංග්‍රීසි මූලස්ථානය 35, ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ශ්‍රී ලංකාව සංසරණය 88,000 බුහුනණීය පුවත්පත් සන්ඩේ ඔබ්සර්වර් දිනමිණ සිළුමිණ තිනකරන් නිල වෙබ්අඩවිය dailynews.lk ඩේලි නිවුස් යනු, ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කෙරෙන ඉංග්‍රීසි භාෂා පුවත්පතකි. දැනට එය ප්‍රකාශයට පත් කෙරෙනුයේ, රජය-සතු සංස්ථාවක් වන, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක් හවුස්) විසිනි. මෙම පුවත්පත ප්‍රකාශය ඇරඹුනේ 1918 ජනවාරි 31 දිනදීය.[1] එහි ආරම්භකයා ඩී. ආර්. විජේවර්ධන මහතා විය. වර්තමාන පුවත්පත ලියැවෙන්නේ පුළුල් පුවත්පතක් ලෙසින් වන අතර, වර්ණයෙන් සහ කළු-සුදු යන දෙයාකාරයෙන්ම ඡායාරූප මුද්‍රණය කෙරෙයි. සතියේ දින මුද්‍රණයෙහි, ප්‍රධාන කොටස තුල ජාතික තොරතුරු පිළිබඳ ප්‍රවෘත්ති, විදේශීය තොරතුරු, ව්‍යාපාරික, දේශපාලන විශ්ලේෂනය, ක්‍රීඩා, කතුවැකි සහ මතිමතාන්තර ඇතුලත් වෙයි. සෑම බ්‍රහස්පතින්දා දිනයකම, "විස්ඩම්" නමැති කුඩා පුවත්පතක්, නොමිලේ අතිරේකයක් ලෙසින් නිකුත් වෙයි. මෙයට අමතරව, සෑම සිකුරාදා දිනයකම ඩේලි නිවුස් විසින් අතිරේකයක් ලෙසින් ද ශ්‍රී ලංකා ගැසට් පත්‍රය ප්‍රකාශය කෙරෙයි. ඩේලි නිවුස් පුවත්පතෙහි වත්මන් ප්‍රධාන-කතෘ වන්නේ රාජ්පාල් අබේනායක මහතාය.[2] මෙයද බලන්න[සංස්කරණය] ශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුව ආශ්‍රිත[සංස්කරණය] ↑ "නිවුස්පේපර්ස් ඉන් සිලෝන්". Ancestry.com. සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2012. ↑ "රාජ්පාල් එඩිටර්-ඉන්-චීෆ් ඔෆ් ඩේලි නිවුස්". ද නේෂන්. 28 ඔක්තොම්බර් 2012. http://www.nation.lk/edition/news-online/item/11965-rajpal-editor-in-chief-of-daily-news.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 29 ඔක්තොම්බර් 2012. බාහිර සබැඳි[සංස්කරණය] ඩේලි නිවුස් නිල වෙබ් අඩවිය
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මහාකෝණී ත්‍රිකෝණයක් යනු එක් කෝණයක් මහා කෝණයක් හෙවත් අංශක 90 ට වැඩි කෝණයක් වන ත්‍රිකෝණයකි. අනිවාර්යයෙන්ම අනෙක් කෝණ දෙක සුළු කෝණ විය යුතුය. සබැඳි පිටු[සංස්කරණය] ඍජුකෝණී ත්‍රිකෝණය සුළුකෝණී ත්‍රිකෝණය
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
"ප්‍රත්‍යාවේක්ෂා" යනු තමන් ව්සින් අතිතයෙ කල ක්‍රියා පිලිබන්ද සිහි නුවනින් යලි සිතා බෑලිම
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සාරංග මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණයක්අනුරහොරේෂස්ගේ ගිනි අවි සහ ගිනි කෙළි කෘති මාලාව ඇසුරෙන් සාරංග මෙන්ඩිස් නිර්මාණය කරනු ලබන ගිනිඅවි සහ ගිනි කෙළි ටෙලි සිතුවමේ මුහුරත් උළෙල පසුගියදා බොරැල්ල පුංචි තියටර්හිදී පැවැත්විණි.ශ්‍රියන්ත මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, පාලිත සිල්වා, ලකී ඩයස්, රෙක්ස් කොඩිප්පිලි, බුද්ධදාස විතානාරච්චි, සරත් කොතලාවල, නිරෝෂන් විජේසිංහ, කපිල සිගේරා, සහන් රන්වල, කුමාර තිරිමාදුර, ගාමිණී ජයලත්, වින්සන්ට් කරු, සෝමසිරි අලකොලංග, සෝමවීර ගමගේ, හේමන්ත ඊරියගම, මිහිර සිරිතිලක, බුද්ධික ලොකුකැටිය, අජිත් නානායක්කාර, නිමන්ති පෝරගේ, ශිරෝමිකා ප්‍රනාන්දු, ඉන්දිකා සුබසිංහ, අශිකා මතසිංහ සහ සුරංගි රුවන්මලී මෙහි චරිත නිරූපණය කරති.අයිවන් මහේන්ද්‍ර ද සිල්වා සහ චාමිකා මෙන්ඩිස් නිෂ්පාදනය කරන මෙම ටෙලි සිතුවමෙහි සහාය අධ්‍යක්ෂණය ඩබ්ලිව්. රවීන්ද්‍ර, සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ, ආලෝකකරණය හා කැමරාකරණය සුරේෂ් ධම්මික, සංස්කරණය සමන් සමරවික්‍රම සහ සුදේශ් කුමාරසිංහ, කලා අධ්‍යක්ෂණය බනුර ජයමාල් මානගේ, වේශ නිරූපණය ඊබට් විජේසිංහ සහ සටන් අධ්‍යක්ෂණය අජන්ත මහන්තආරච්චි විසිනි.මෙම අවස්ථාව සඳහා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්මකුමාර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ මහින්ද ඉලේපෙරුම, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ නළු නිළියන් රැසක් සහභාගි වූහ.අනුර හොරේෂස් විසින් රචිත පුවත්පත් ලිපි පෙළක් ඇසුරින් ගිනි අවි සහ ගිනි කෙළි කෘති පෙළ බිහි විය.පසුව මේ ආශ්‍රයෙන් උදයකාන්ත වර්ණකුලසූරිය විසින් ආන්දෝලනාත්මක චිත්‍රපටයක් ද නිර්මාණය කරන ලදී. පසුව අනුර සොඳුරු දඩබිම චිත්‍රපටයට පාදක කර ගත්තේ ගිනි අවි සහ ගිනි කෙළි කතාවේ කොටසකි.යතේජා ඥානරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිල් මානෙල් Nymphaea nouchali Scientific classification Kingdom: Plantae (unranked): Angiosperms Order: Nymphaeales Family: Nymphaeaceae Genus: Nymphaea Species: N. nouchali Binomial name Nymphaea nouchali Burm. f. Synonyms Castalia acutiloba (DC.) Hand.-Mazz. Castalia stellaris Salisb. Castalia stellata (Willd.) Blume Leuconymphaea stellata (Willd.) Kuntze Nymphaea acutiloba DC. Nymphaea cahlara Donn, nom. inval. Nymphaea cyanea Roxb. Nymphaea edgeworthii Lehm. Nymphaea henkeliana Rehnelt Nymphaea hookeriana Lehm. Nymphaea malabarica Poir. Nymphaea membranacea Wall. ex Casp., nom. inval. Nymphaea minima F.M.Bailey nom. illeg. Nymphaea punctata Edgew. Nymphaea rhodantha Lehm. Nymphaea stellata Willd. Nymphaea stellata var. albiflora F. Henkel & al. Nymphaea stellata var. cyanea (Roxb.) Hook. f. & Thomson Nymphaea stellata var. parviflora Hook. f. & Thomson Nymphaea stellata var. versicolor (Sims) Hook. f. & Thomson Nymphaea tetragona var. acutiloba (DC.) F. Henkel & al. Nymphaea versicolor Sims Nymphaea voalefoka Lat.-Marl. ex W. Watson, nom. nud. නිල් මානෙල් හෙවත් Nymphaea nouchali, මානෙල් වර්ගයකි. පෙරදී මෙය Nymphaea stellata යන උද්භිද නාමයෙන් හැඳින්විනි. මෙම මල නිල ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පයවේ. නුමුහුන් නිල් මානෙල් මල් ලා නිල් පැහැතිය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
චිත්‍රපට සම අධ්‍යක්ෂණයෙ යෙදෙන එතල් කොහෙන් - ජොඑල් කොහෙන්, ලැරී හා ඇන්ඩෲ වච්වොස්කි, අබ්බාස් - මස්තාන් වැනි සොහොයුරු සිනමාකරුවන් ලොව පුරා කොතැනක සිටිය ද හැට හය වසරක අපේ සිනමාවේ මුල්වරට එබඳු නිර්මාණයක යෙදෙන සොහොයුරන් දෙපොළගේ මුල්ම චිත්‍රපටයේ වැඩ නිම වි තිරගතවීමට සූදානම් වෙයි. ‘ප්‍රේමය නම්’ ලෙස නම තබා ඇති එය කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ දෙසොහොයුරන්ගේ අධ්‍යක්ෂණයකි. මේ දෙපොළ සම්මානනීය ගී පද රචකයකු වන කුලරත්න ආරියවංශයන්ගේ පුත්‍රයන් වේ. වින්දන කලක් සරසවිය පුවත්පතට ලේඛකයකු ලෙස දායක විය. සත්‍ය සිදුවීමක් පදනම් කර ගනිමින් මේ දෙසොහොයුරන්ම තිර කතාව සකස් කළ මෙහි ශ්‍යාම් ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, සුරංගා රණවක, සතිස් විජේමාන්න ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී ඇත.මහාචාර්ය සුනිල් ආරියරත්න ගේය පද රචනයෙන් ද, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, දුමාල් වර්ණකුලසූරිය ගීත ගායනයෙන් ද දායක වූ ‘ප්‍රේමය නම්’ හි කැමරා අධ්‍යක්ෂණය ජාන් ෂෙන්බර්ගර්ගෙනි.ප්‍රසන්න විතානගේ මෙහි විධායක නිෂ්පාදකවරයා වශයෙන් කටයුතු කළ අතර මනෝ විද්‍යා උපදේශනය වෛද්‍ය කපිල රණසිංහගෙනි.ප්‍රේමය නම් කල්පන ආරියවංශ ප්‍රේම් දිසානායක, අතුල මහවලගේ සහ සුජීව විජේසිංහගේ නිෂ්පාදනයකි.- ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජාත්‍යන්තර විවෘත රෝද පුටු ටෙනිස් තරගාවලියේදී දකුණු අප්‍රිකාවේ සයිඩ්වෙල් මැතොන්සි හා යුක්රේනයේ ඔලීනා ෂිංගරෝවා පිළිවෙළින් පිරිමි හා කාන්තා කේවල සූරතා දිනා ගැනීමට සමත් විය.පසුගියදා එස්. එස්. සී. පිටියේදී නිමාවට පත්වූ මේ තරගාවලිය ශ්‍රී ලංකා අංක 1 ක්‍රීඩක උපාලි රාජකරුණාට උරහිසේ ආබාධයක් හේතුවෙන් දෙවන තරග වටයේදී තරගයෙන් ඉවත්වීමට සිදුවිය. එම නිසා තරගයේ ජය මැතොන්සිට හිමිවිය.පෙරදින තරග හතරකට සහභාගි වීමෙන් දැඩි විඩාවට පත්වී සිටි රාජකරුණා පළමු වටයේ 6 - 4 ක් වශයෙන් මැතොන්සිට පරාජය විය.ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වන අනෝෂා අමරතුංග හා උමේෂා අලහකෝන් පරාජය කළ ඔලීනා කේවල කාන්තා තරගයේ ජය ලබා ගත් අතර අනුෂා දෙවන තැනටත් උමේෂා තෙවන තැනටත් පත්විය. පිරිමි යුගල තරගයේදී උපාලි රාජකරුණා හා ඩී. එම්. ගාමිණී දකුණු අප්‍රිකාවේ සයිඩ්වේල් මැතොන්සි හා මාර්ෂල් මාර්ෂ් පරාජයට පත් කළේ 7 - 5 ක් 6 - 2 වශයෙනි.තරග ප්‍රතිඵලසූරතාව - සයිඩ්වේල් මැතොන්සි (දකුණු අප්‍රිකාව), අනු සූරතාව - උපාලි රාජකරුණා (ශ්‍රී ලංකාව)සූරතාව - ඔලීනා ෂිංගරෝවා (යුක්රේනය) අනුසූරතාව - අනෝෂා අමරතුංග (ශ්‍රී ලංකාව)තෙවන ස්ථානය - උමේෂා අලහකෝන් (ශ්‍රී ලංකාව)සූරතාව - උපාලි රාජකරුණා /ඩී. එම්. ගාමිණී (ශ්‍රී ලංකාව) අනු සූරතාව - මාර්ෂල් වාර්ෂ්, සයිඩ්වෙල් මැතෝන්සි (දකුණු අප්‍රිකාව)සූරතාව- ඩබ්ලිව්. එච්. එස්. පුෂ්පකුමාර, අනුසූරතාව - කේ. ඩී. එම්. ධර්මරත්නසූරතාව - ඩී. එම්. ජයශාන්ත/එන්. ආර්. එල්. ජයසුන්දරඅනුසූරතාව - ඩබ්ලිව්. කේ. පී. නදීක/ඩබ්ලිව්. පී. ජේ. විජේසිරිසූරතාව - ඩී. එම්. ගාමිණී, අනුසූරතාව - වසන්ත බාලසූරිය.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 7 වන සියවස – 8 වන සියවස – 9 වන සියවස දශක: 680ගණන් 690ගණන් 700ගණන් – 710ගණන් – 720ගණන් 730ගණන් 740ගණන් වසර: 712 713 714 – 715 – 716 717 718 ක්‍රිස්තු වර්ෂ 715 (DCCXV) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, අඟහරුවාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 715 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද wrong language - NahidSultan (talk) 21:15, 21 දෙසැම්බර් 2014 (යූටීසී) නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න. wrong+language+-+%5B%5BUser%3ANahidSultan%7CNahidSultan%5D%5D+%28%5B%5BUser+talk%3ANahidSultan%7Ctalk%5D%5D%29+21%3A15%2C+21+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+2014+%28%E0%B6%BA%E0%B7%96%E0%B6%A7%E0%B7%93%E0%B7%83%E0%B7%93%29NA එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පිටුවෙහි කර්තෘ වෙත සටහන: ඔබ තවමත් ලිපි සාකච්ඡා පිටුව සංස්කරණය කර නොමැත. ඔබ මෙම ඉක්මන් මකාදැමීමට විරුද්ධ වීමට අදහස් කරයි නම්, ඉහත දැක්වෙන බොත්තම එබීමෙන් පසුව මෙම පිටුව මකා නොදැමිය යුත්තේ මක්නිසාදැයි කියා සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තැබීමෙන් අනතුරුව ප්‍රකාශ කරන්න. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ NahidSultan (දායකත්ව| ලඝු) විසින් 0 තත්පරයකට පෙර ට පෙරදීය කරුණාකර පහත සැකිල්ල කර්තෘගේ සාකච්ඡා පිටුව මත පිහිටුවීමකට භාජනය කරන්න: {{subst:db-reason-notice|Mahaweli writer|header=1|wrong language - NahidSultan (talk) 21:15, 21 දෙසැම්බර් 2014 (යූටීසී)}} ~~~~ mahawaly river
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 8 වන සියවස – ක්‍රිපූ 7 වන සියවස – ක්‍රිපූ 6 වන සියවස දශක: ක්‍රිපූ 640ගණන් ක්‍රිපූ 630ගණන් ක්‍රිපූ 620ගණන් – ක්‍රිපූ 610ගණන් – ක්‍රිපූ 600ගණන් ක්‍රිපූ 590ගණන් ක්‍රිපූ 580ගණන් වසර: ක්‍රිපූ 619 ක්‍රිපූ 618 ක්‍රිපූ 617 ක්‍රිපූ 616 ක්‍රිපූ 615 ක්‍රිපූ 614 ක්‍රිපූ 613 ක්‍රිපූ 612 ක්‍රිපූ 611 ක්‍රිපූ 610 ප්‍රවර්ග: උපත් – මරණ – වාස්තු විද්‍යාව සංස්ථාපන කිරීම් – විසංස්ථාපනය කිරීම්
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගල් යුගයේ ආහාර රටාව[සංස්කරණය] ගල් යුගයේ ජීවත් වූ මිනිසුන්ගේ ආහාර වූයේ ඔවුන් ජීවත් වූ ස්වභාවික පරිසරයෙන්ම සොයාගත් ශාක හා සතුන්ය.මොවුහු සතුන්ගේ අක්මාව,වකුගඩු සහ මොලය වැනි කොටස් ඇතුලත්ව සත්ව මාංශ කෑමට වැඩි ප්‍රියතාවයක් දැක්වුහ. ඔවුහූ කිරි ආහාර, ධාන්‍ය මෙන්ම කාබෝහයිඩ්‍රේට් අධික ශාක ආහාරද ආහාරයට ගත්හ.එසේම කොල වර්ග හා අල වර්ගද එළවළු, පලතුරු සහ දඩයම් කරගත් සතුන්ද ආහාරයට ගෙන ඇත. දැනට හමුව ඇති සාක්ෂිවලින් පිළිබිඹු වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හා ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම අතර සම්බන්ධය අවුරුදු 23000 ක් තරම් ඈත අතීතයට දිව යන බවකි. විස්කොන්සින්හි හිම දිය වීමට ආසන්න කාලයේ , එනම් වසර 15000 කට 9000 කට පෙර ආසියාව, යුරෝපය , උතුරු අමෙරිකාව, සහ ඕස්ට්‍රේලියාවේ මෙගෆවුනා ඇති විය.මෙය ප්‍රථම හොලෝසිනේ හි අභාවය විය. මෙම සිදුවීම එකල විසු මිනිසුන්ගේ ආහාර ගැනීමේ පුරුදු වෙනස් කිරීම කෙරෙහිද, නව කෘෂිකාර්මික ක්‍රමවේදයන්ගේ වැඩි දියුණුව කෙරෙහි ද බලපාන ලදී. එසේම ශාකමය ආහාර ,ආහාර වේලේ ස්ථිර කොටසක් බවටද පත් විය. සමහරවිට මෙම අභාවයට හේතු වන්නට ඇත්තේ මිනිසුන් විසින් ලොම් සහිත මැමත් වැනි විශාල සතුන් වැඩියෙන් දඩයම් කිරීම නිසා එම සතුන් අභාවයට පත්විය. නමුත් වෙනත් විද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට නම් කාලගුණ විපර්යාසයක් නිසා මේ තත්ත්වය ඇතිවිණි. පේලියොලිතික් මානවයා ප්‍රථම වරට සකස් කරගත් බීම වර්ගය බීර ලෙස සැලකේ. සත්ව හමින් සෑදු මලු තුළ හෝ ලී බදුන් තුළ ස්වභාවිකව මිදි පැසවා පානය කිරීමට ඔවුන් පුරුදු වී සිටියහ. සටහන[සංස්කරණය] | Stone_Age |}
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියේදී රන් පදක්කම් දිනා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ශිවන්ති රත්නායකට හා දුලාජ් මධුෂංඛට දහසින් බැදි පියලි සමග නිවාස 2ක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ අරලිය ගහ මැදුරේ පැවති උත්සවයකදී තිළිණ කෙරුණි.එයට අමතරව වසර 2ක කාලයක් මසකට රුපියල් 20,000බැගින් පෝෂණ දීමනාවක් ද පිරිනැමුණි.කොළඹදී නිමාවට පත්වු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියේදී රන්,රිදී හා ලෝකඩ පදක්කම් දිනු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය උපහාර පිරිනැමීම උදෙසා මේ උත්සවය සුදානම් කර තිබුණි.රන් පදක්කම් දිනු ශිවන්තිට හා දුලාජ්ට රුපියල් ලක්ෂ 5 බැගින් පිරිනැමුණු අතර රිදී පදක්කම් දිනු නිමේෂා සිරිවර්ධනට රුපියල් ලක්ෂ 3ක් හා මීටර් 400 සහය දිවීමේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්ෂ 4.5ක් පිරිනැමුණි.එමෙන්ම ලොකඩ පදක්කම් දිනාගත් චාමිකා මුණසිංහ හා සුපුන් විරාජ් රන්දෙනියට ලක්ෂ එකහමාර බැගින් සහ පදක්කම් දිනු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන්ට මුදල් තැගි පිරිනැමිණි.ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත් ගමගේ මහතාගේ ආරාධනාවෙන් පැවති මේ උත්සවයට නිවාස හා ඉදිකිරිම් පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා ද එක් විය.ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මව්පියන්, විදුහල්පතිවරුන්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීහු ඇතුලු පිරිසක් ද මේ උත්සවයට එක්වුහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දෙසැම්බර් 17 ප‍්‍රහාරයේන මිය ගිය අය සඳහා පවත්වන ලද ඉස්ලාම් ආගමික දේවමෙහයකට එක්වු පිරිස.එරට සිරගෙවල් වල මරණ දඬුවම නියමවු 3000කට අධික තලෙයිබාන් සංවිධානයේ ‘‘ත‍්‍රස්ථවාදින්’’ සිටින බව ප‍්‍රකාශ කරන ස්වදේශ කටයුතු ඇමති අලි ඛාන්, ඔවුන් සියලූ දෙනාට මරණ දඬවම ක‍්‍රියාත්මක කරන බවත්, ඉදිරි සතිය තුල 500කට මරණ දඬුවම පමූණූවන බවත් කියා තිබේ.මෙම තීරණය ගන්නා ලද්දේ දෙසැම් 17වන දින පේෂ්වර් හි හමුදා පාසලකට ඇතුලූවු තලෙයිබාන් මරාගෙන මැරෙන කණ්ඩායමක් එහි ඉගෙනුම ලබමින් සිටි දරුවන් 133කු ඇතුලූ 149කු ඝාතනය කිරමෙන් අනතුරුවය.ඉස්ලාමීය රජයක් පිහිටුවන්න, වසර 7ක් පුරා සටන් වදින තලෙයිබාන් ත‍්‍රාස්ථවාදීන් විසින් ඝාතනය කරන ලද සංඛ්‍යාව 60,000ක් බව වාර්තා වේ.දෙසැම්බර් 17 ප‍්‍රහාරයේන මිය ගිය අය සඳහා පවත්වන ලද ඉස්ලාම් ආගමික දේවමෙහයකට එක්වු පිරිස.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හොල්සිම් එෆ්.ඒ.කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය යුද හමුදාව හා නාවික හමුදාව අතර නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී අද පස්වරු 3.15ට ආරම්භ වේ.වසර 1945 සිට එෆ්.ඒ.කුසලාන පාපන්දු ඉතිහාසයේ පළමු වරට ආරක්ෂක හමුදා කණ්ඩායම් දෙකක් අවසන් මහා තරගයට පිවිසීම මෙවර විශේෂත්වයකි. පසුගිය වසරේ ශූර යුද හමුදාව හා 2010 වසරේ ශූර නාවික හමුදාව අතර මෙවර අවසන් තරගය ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇත.යුද හමුදා පිලට සංඛ ධනුෂ්ක හා නාවික හමුදා පිලට අජිත් කුමාර නායකත්වය ලබා දෙති.කණ්ඩායම් 139ක් තරග138ක් වෙනුවෙන් මාස 5කට අධික කාලයක් රටපුරා තරග වැදුණු අතර අවසන් පුර්ව වටයේදී නාවික හමුදාව වෙතින් ගෝල් 1-0කින් රත්නම්ද, යුද හමුදාව වෙතින් දඩුවමි පහර 5-3කින් රිනවුන්ද පරාජය වුණි.එෆ්.ඒ.කුසලාන පාපන්දු තරගාවලි වැඩිම ජයග්‍රහණයක් සෝන්ඩර්ස් පිල හිමිකරගත් අතර වසර 22ක් එම ගෞරවය ලබා තිබුණි. අනතුරුව රත්නම් ක්‍රීඩා සමාජය හයවතාවක්, රිනවුන් ක්‍රීඩා සමාජය පස්වතාවක් එෆ්.ඒ.ශූරතාව දිනා සිටියහ.අද අවසන් මහා තරගය ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එෆ්.ඒ.ශූරයන්ට මුදලින් රුපියල් ලක්ෂ7ක් හා අනුශූරයන්ට රුපියල් ලක්ෂ 5ක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හෙනම ඉස්සරඅපේ බස් නැවැත්තුවේකොටුව ස්ටෑන්ඩ් එක ඇතුලේඒ කාලේඅපෝ වලවල් මඩ හෙනම චාටර්පස්සේස්ටෑන්ඩ් එක හැදුවාහැබැයි අපේ බස් ටිකබැස්ටියන් පාරට වැටුනාබැස්ටියන් පාරේ තිබුනේතොග කඩ පේළියක්කරපිංචා.. පළතුරු..එක පාරට දවසක්ඒ කඩ කැඩිලා..කඩ වලට පිටිපස්සේජිවිතේට දැකලා නැතිපොඩි පොකුණක් තිබිලා.හප්පා.. මාර ගතිරේල් පාරවතුර පාරබස් හෝල්ට් එකබස් එකේ ඉඳන්ම කෝච්චි පොටෝ ගත්තැහැකිපොකුණටත් එක සැරේආස්චර්‍ය වඩින්න ගත්තාඅඩු ගානේ වැස්සට ඉන්නවත්හෝල්ට් එකට වහලක් එයිඅපි හිතුවාපොකුණෙන් එහා වීදුරු කඩ හැදුනාපොකුණ මැද ලී කඩ හැදුනාඅයින් දිගේ මල් වැවුනාඅද වගේ නෙවෙයි හෙටපොකුණ වටේ දියුණු උනාබස් එකේ ඉදන් අපිබලං හිටියා..ෆ්ලෝටින් මාර්කට් එකපොකුණ මැද හැදුනාපොඩි කික් එකකින්අපිත් බලන් උන්නාබස් එක යනකල්බස් එකේ ඉදං..දැන්රෑට රෑට ෆ්ලෝටින් මාර්කට් එකට හරි සෙනඟටේක් අ‘වේ කප් වල ඩ්‍රින්ක්ස් බිබීස්ලිපස් දාපු - පෑන්ට්ස් ඇඳපු නෝනලානගර සිරි නරඹනවාබැස්ටියන් පාරත් දැන් මොඩ් වෙලාටාටා ලේලන්ඩ් රෝසා බස් නැතුවකාර්..ජීප් නැවතිලාබැස්ටියන් දැන් පොශ් වෙලාබස් එකේ ඉදං බලන් හිටි අපිටඋන් හිටි තැන් නැති වෙලාපොශ් කොළඹ කොන් වෙච්චි අපිහෝල්ට් හොය හොය තාමමහ මඟ.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නායක උපුල් තරංග සමගින් මාධව වර්ණපුර දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැගු ලකුණු 134ක නොබිඳි සබඳතාව හේතුවෙන් එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායම සමග පැවැත්වෙන තෙවැනි නිල නොවන සිවුදින තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම දෙවැනි දිනය නිමාවනවිට ලකුණු 166ක් රැස්කරගෙන සිටියේය.ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමු ඉනිමට එංගලන්තය ලකුණු 461ක් රැස්කළේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල කඩුලු 9ක් අතැතිව තවත් ලකුණු 295ක් පිටුපසින් සිටී.ඊයේ දිනය නිමාවනවිට උපුල් තරංග නොදැවී ලකුණු 102ක් හා මාධව වර්ණපුර නොදැවී ලකුණු 47ක් ලබාසිටියේය. තරංගගේ ඉනිමට පන්දු 136කදී හතරේ පහර 18ක් ඇතුළත් විය. ශ්‍රී ලංකා පිලේ දැවී ගිය පිතිකරුවා වුයේ දිමුත් කරුණාරත්නය. ලකුණු 11ක් ලබාසිටියදී ග්‍රැහැම් ඔනියන්ස්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට දිමුත් හසුවනවිට මුළු ලකුණු සංඛ්‍යාව 32ක් විය.. ලකුණු 130කින් හයවැනි කඩුල්ලට ගොඩනැගී තිබු එංගලන්ත පිලේ සබඳතාව ඊයේ දිනයේදී තවත් 197 දක්වා ඉදිරියට ගෙන යෑමට ක්‍රිස් වොකස් හා ස්කොට් බ්‍රොත්වික් සමත්විය. විශ්ව ප්‍රනාන්දු ශතකයට එක් ලකුණක් පසුපසින් සිටි බ්‍රොත්වික් දවාගැනීමෙන් එම සබඳතාව බිදි ගියේය. ඔහුගේ ඉනිමට පන්දු 161කදී හතරේ පහර 15ක් ඇතුළත් විය. ලයාම් ප්ලන්කට් හා වොකස් එකතුව හත්වැනි කඩුල්ලට ලකුණු 72ක් එක් කළේය. වොකස් ලකුණු 137කට දැවී ගිය අතර ප්ලනකට්ට රැස්කළ හැකි වුයේ ලකුණු 40ක් පමනි. වොකස් පන්දු 232කට මුහුණදී හතරේ පහර 16ක් එල්ල කර තිබිණි. සුරාජ් රන්දිව් කඩුලු 5ක් දවාගත් අතර ළහිරු ගමගේ කඩුලු 2ක් දවාගත්තේය.අද තරගයේ තෙවැනි දිනයයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පරිනීතා චොප්රාට, චරිතයක් නිසා දිවට පුදුම දුකක් දීමට සිදු විය. ඇය කැමැති සියලුම කෑමවලින් ඈත් වී සිටින ලෙසට පරිනීතාට තහංචි පනවා තිබිණි. ඇයට මේ අමිහිරි අත්දැකීම ලබා දෙන චරිතය ඇතුළත් සිනමාපටය ‘හසී තෝ ෆසී’ ය.චොකලට්ස්, කප්කේක්ස්, පීසා සිනමාපටය රූගතකර අවසන් වෙන තුරුම ඇයට කෑමට තහනම් කර තිබුණේ අධ්‍යක්ෂ විනිල් මැතිව්ය. මේ ඔහුගේ කුලුඳුල් අධ්‍යක්ෂණයයි.රූගත කිරීම අවසන් වන දිනයේදී ඔහු ඇයට විශාල කප්කේක්ස් පෙට්ටියක් තෑගි දෙන බවට පොරොන්දු වී තිබේ. ඒ පොරොන්දුව රූගත කිරීම අවසන් වූ දිනයේදී ඔහු එලෙසින්ම ඉටුකර තිබේ. චිත්‍රපටයේ චරිතයට පරිනීතා සිහින්ව තබා ගැනීමට අවශ්‍ය වීම නිසා ඔහු මෙසේ තහංචි පැන වූවේය. මේ පෙබරවාරි 7 වැනි දින සිනමාපටය තිරගතවීමට නියමිතයි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මේ යුගයේ අතිශය ජනප්‍රිය ටෙලි සිතුවම් කිහිපයක තේමා ගීතයන්හි පදමාලා අප ඔබට මෙසේ ගෙන එන්නෙමු. අප එලෙස සිතුවේ එම ටෙලි නාට්‍යයන් තරමටම ඇතැම්විට ඒවාටත් වඩා ඒවාහි තේමා ගීය පේ‍්‍රක්ෂකයන් ආදරයෙන් වැලඳගෙන ඇති නිසාය.කියවා බලන්න, ඔබ ප්‍රියකරන ටෙලි නාට්‍යයෙහි ගීතය අනිවාර්යයෙන්ම මෙතන සනිටුහන් වී තිබෙන්නට පුළුවන.සැකසුම – ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi;}අමාවකයි සදළුතලේ සදළුතලෙන්ඔබ - එබිකම්කෙරුවාපෙරමග යන දා - වීදි ඉමේ හැමදාමත්ඔබ - දකින්න ආවේ සෙනෙහසපිරි - ලය හදිනි ප්‍රියේ හොරහින්බලනා - පුoචි කුමාරිය නුබකව්රුන්දෝ - කියනු මැනේ අදඒ දසුනත් - දකින්න නැත්තේ කොහිසැගවුණිදෝ- හොර රහසේ යළිඔබ දැකුමට - පෙර මග ආ මා එබිකම්කෙරුවා - සදළුතලේනොයනගමන් ඔබ - යන්න ගියේ ඇයි තනිකරමා මේ - විදී කොනේ දකින්නආසයි - ඔබ රුව සැමදා තනිවි ගිය ඒ - සදළුතලේජයාමේමගේ පළමු නිර්මාණය හොදයි නම් comment කොටලම යන්න.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම පැනයට පහත සදහන් පිලිතුර ලබා දෙන ලද්දේ ප්‍රසිද්ධ විද්‍යාඥයෙකු සහ හිටපු ඉන්දීය ජනාධිපතිවරයෙකු වන අබ්දුල් කලාම් විසිනි...ඔබේ ප්‍රශ්ණයට පිලිතුරු ලෙස මම මගේම අත්දැකීමක් ඔබට පවසන්නම්. මම 1973දී ඉන්දීය චන්ද්‍රිකා වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක ලෙස තේරී පත්වුනා. අපේ අරමුණ වුනේ 1980 වන විට ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කිරීම.ඒ සදහා අවශ්‍ය කරන සියළුම ප්‍රතිපාදන සහ මානව සම්පත් මා වෙත ලබා දුන් අතර ඉතා පැහැදිලිව මට උපදෙස් ලබා දුන්නේ 1980 වන විට අනිවාර්යෙන්ම ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත විය යුතු බවයි. ඉතින් ඊළග වසර හය පුරාවටම ඉංජිනේරුවන් තාක්‍ෂණික නිළධාරීන් සහ කම්කරුවන්ගෙන් සමන්විත වූ අප කණ්ඩායම ඒ අරමුණ වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස වී වැඩ කලා.1979 වසරේදී,මට මතක හැටියට ඒ අගෝස්තු මාසය,අපි හිතුවා අපි අපේ අරමුණට සූදානම් බව,එනම් ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට. ව්‍යාපෘති අධ්‍යක්‍ෂකවරයා ලෙස මම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට නියමිත දිනයේදී පාලක මධ්‍යස්ථානයට පැමිනියා.චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට පෙර ප්‍රධාන පාලක පරිගණකය නියමිත පරීක්‍ෂාවන් ආරම්භ කල අතර මද වේලාවකින් පරිගනක තිරයේ රතු පැහැයෙන් සටහන් වූයේ යානයේ ඉන්ධන පිලිබද වූ ගැටලුවක්,එම ගැටළුව නිසා චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීම පරිගණකය විසින් නවතා දැමුවා. නමුත් මා සමග පාලක මධ්‍යස්ථානයේ ඒ මොහොතේ සිටි ඉංජිනේරුවන් ඔවුන් ඒ සියලුම දත්ත කලින් පරීක්‍ෂා කර ඇති බව පැවසූ නිසාත් ඒ පිලිබදව ගැටලුවක් නොමැති බව පැවසූ නිසාත් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකලා. පලමු විණාඩිය ඇතුලත සියලුම දේ හොදින් සිදුවූවත් දෙවණ විණාඩිය ඇතුලත එය පුපුරා විනාශ වුනා,අපේ උත්සාහය ව්‍යර්ථ වුනා.එදින ඉන්දීය අභ්‍යාවකාශ ආයතනයේ සභාපති සතිෂ් ධාවන් මහතා චන්ද්‍රිකාව විනාශ වීම පිලිබදව මාධ්‍ය හමුවක් කැදවූවා. චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත වුනේ උදෑසන 7ට වූ අතර මාධ්‍ය හමුව පැවැත්වූවේ උදෑසන 7.45ටයි. 7.45 වන විට ලොව පුරා මාධ්‍යවේදීන් සිය ගනනක් ඉන්දීය අභ්‍යාවකාශ ආයතනයට රැස් වුනා.නියමිත වේලාවට මාධ්‍යහමුව ආරම්භ වුනා,ඉන්දීය අභ්‍යාවකාශ ආයතනයේ සභාපති සතිෂ් ධාවන් මහතා මාධ්‍ය හමුව ඇමතූ අතර අපේ පරාජයේ සියලුම වගකීම ඔහු බාර ගත්තා. අප කණ්ඩායම බොහෝ වෙහෙසී වැඩ කලත් තාක්‍ෂණික අංශයේ සුලු වරදක් නිසා චන්ද්‍රිකාව විනාශ වූ බව පැවසූ ඔහු ලබන වසරේදී අප කණ්ඩායම අනිවාර්යෙන්ම සාර්ථක වන බවට බොහෝ විශ්වාසයෙන් පැවසුවා. ව්‍යාපෘති අධ්‍යක්‍ෂකවරයා ලෙස චන්ද්‍රිකාව විනාශ වීම මගේ වගකීමක් වූවත් ඔහු අප ආයතනයේ සභාපතිවරයා ලෙස චන් ද්‍රිකාව විනාශ වීමේ වගකීම භාර ගත්තා.ඊලග වසරේ,එනම් 1980 ජූලි මාසයේදී අප නැවතත් චන්ද්‍රිකාවක් අභ්‍යාවකශ ගත කිරීමට උතාසාහ ගත් අතර එය සාර්ථක වුනා,ප්‍රථම ඉන්දීය චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතවුනා,මුලු ජාතියම ප්‍රීති ප්‍රමෝදයට පත් වුනා. සතිෂ් ධාවන් මහතා නැවතත් මාධ්‍ය හමුවක් කැදවූවා,මාධ්‍ය හමුව ආරම්භ වීමට මොහොතකට පෙර මා අසලට කැදවූ ඔහු මාධ්‍ය හමුව ඇමතීම මට භාර කලා.එදින මම ජීවිතයේ විශාල පාඩමක් ඉගෙන ගත්තා. ආයතනයේ ප්‍රධානියා පරාජයේ වගකීම භාර ගත් අතර ජයග්‍රහනයන් ඔහු තම කණ්ඩායමට භාර කලා. මා ජීවිතයේ උගෙන ගත් හොදම කලමනාකරණ පාඩම උගත්තේ පොතකින් නොවේ,මගේම එම අත්දැකීමෙන්.උපුටා ගත් මෙම post 1 ට නිමිත්ත : පසුගිය මස ශ්‍රී ලංකාවට පැමිනි මොහොතේ අප සරසවියට පැමිණ කරන ලද දේශනය වෙනුවෙන් උපහාරය පිණිසයි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අඟහරු ග්‍රහයාගේ අනෙක් චන්ද්‍රයා වන ෆෝබෝස් මෙන්ම ඩෙයිමෝස් සතුවද C හෝ D ආකාර ග්‍රහක වල දක්නට ලැබෙන වර්ණාවලි, ඇල්බීඩෝ සහ ඝනත්ව ඇත. ඩෙයිමෝස්ගේ ප්‍රමාණයේ වෙනත් බොහෝ වස්තු මෙන්ම ඩෙයිමෝස් ද ගෝලාකාර නොවන අතර එහි පරිමාණයන් වන්නේ 15 x 12 x 10 km අඟහරුගේ සමක තලයේ දී වෘත්තයකාර කක්ෂයට ආසන්න කක්ෂයක් එය සතුව පවතී. ඩෙයිමෝස් යනු බ්‍රහස්පති ග්‍රහයාගෙන් කක්ෂයට විසිවුනු ග්‍රහකයක් වන්නට ඇති බවත් අඟහරු ග්‍රහයා විසින් එය ග්‍රහණය කර ගන්නට ඇති බවටත් මතයක් පවතී. ඩෙයිමෝස්ගේ පෘෂ්ඨයේ සිට බලන කල අඟහරු ග්‍රහයා පෘථිවියේ සිට චන්ද්‍රයාගේ දිස්වන දීප්තිය මෙන් හාරසිය ගුණයක් දීප්තිමත් වන අතර දහස් ගුණයක් විශාලව පෙනේ. අඟහරුගේ සිට බලන කල ඩෙයිමෝස්ට 2.5 කට අඩු කෝණාකාර විෂ්කම්භයක් ඇති අතර එබැවින් එය තරුවක් ලෙස බොහෝ දුරට පියවි ඇසට දිස්වේ.ඩෙයිමෝස්ගේ දීප්තිමත්ම අවස්ථාවේ දී එය පෘථිවියේ සිට සිකුරු තරුව දිස්වන තරම් දීප්තියක් දිස්වුනු ඇත. දින 1.2648 ක් ගත වන ඩෙයිමෝස්ගේ අවධි කුඩා දුරදක්නයක් මගින් අගහරු නිරීක්ෂණය කරන්නෙකු ට දැකගත හැකිය. ඉතා වේගයෙන් කක්ෂගත වන ෆෝබෝස් බටහිරෙන් නැග නැගෙනහිරෙන් බැස ගියත්. ඩෙයිමෝස් නැගෙනහිරෙන් නැග බටහිරෙන් බැසයයි. ඩෙයිමෝස්ගේ කක්ෂය අඟහරු ග්‍රහයාට සාපේක්ෂව ඉතා ආසන්න බැවින් සහ අඟහරුගේ සමකයට කුඩා ආනතියකින් පිහිටන බැවින් එය අඟහරැගේ 82.70 කට වැඩි අක්ෂාංශ වලදී දැක ගත නොහැකිය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සිනමාවට සහ සිංහල සාහිත්‍යයට ඉමහත් සේවාවක් කළ කලාසූරී අරිසෙන් අහුබුදු විද්වතාණන් සදා සිහිපත් කිරීමට හෙළබස අගයන්නන්ගේ යුතුකමකි.සුනිල් චන්ද්‍රසේකරයාගොඩමුල්ල,කොටුගොඩකමල් අද්දරආරච්චිටඑදා සිට අද දක්වා ජීවන ගමනේ නොයකුත් බාධක අවහිරයන්ට මුහුණ දුන් ඔබ, ඒ සියල්ල විඳදරා මෙතෙක් දුර පැමිණියා සේ, තව තවත් ධෛර්ය සම්පන්නව ආදර බිරිය අනුරානි සමඟ ඉදිරියටත් මේ ගමන යන්න අපි ධෛර්ය ශක්තිය ලබා දෙමු.මොරටුවේ - උමංගා ද සිල්වා.ඔබට ලැබෙන ගල් මුල්වලට සැලෙන්න එපා. ජෝතිගේ ගී ගයමින් මුදල් හම්බ කළේ ඔබ පමණක් නොවෙයි. මහමග යාචකයාගේ පටන් ඇතැම් ප්‍රවීණ ගායකයන් පවා ජෝති ගී ගැයුවා.නමුත් ඔබ ජෝතිගෙ ගී ඉතාමත් කන්කළු ලෙස ගැයීම බොහෝ දෙනකුට හිසරදයක් වුණා. ඒකයි සත්‍යය.ඔබේ හඬ හඳුනාගත් අය සමඟ හොඳ නිර්මාණයන් බිහි කරන්න.මුලින් ජෝතිට මෙන් ඔබටත් කලකදී ලැබුණු ගල් මල් වී ඔබේ දෙපා සිප ගනීවි.වල්පොළරංජනී අමරසිංහ.ඇදුරු තුමෙණි සරච්චන්ද්‍ර පිං ඇති සරසවි වරම් ලබාලා සාහිත මල් අප හදතුළ ඔබ අතුරාලා මනමේ සිංහබා මතකය කියාලා වැළපෙයි වේදිකාව ද දුක දැනීලා පන්හිඳ අසයි කෝ මාගේ සුවාමියා වැළපෙයි සිතාරය සුසුමන් සළාලා ඔබෙ පොත පත ද අසයි මාගේ සුවාමියා නැත අන් වචන ඔබවේ මහ ප්‍රාඥයා කුසුමකි ඔබ අප ලක් දෙරණ පිපුණු ජාතියේ පිනෙන් මෙරටෙහි ජනිත වුණු ඔබෙ රූ මඬල සුපුරුදු සේ වුණත් සුණූ ඇත ඔබෙ රුව ඇතේ මතකයේ අප නොවී අළුජයනාත් ඉන්ද්‍රජිත්රෝහල පාර කළුබෝවිලනදීෂා හේමමාලි ‘ආදරියේ’ ටෙලි සිතුවමෙ හි දක්නට නැත්තේ ඇයි. ඇය නොමැතිව හරිම පාළුයි. නැවත ඇය ආදරියේ සඳහා නොඑන බව අපි දනිමු. ඔබ නොමැතිව නාට්‍යය බලන්න කම්මැලි යැයි ද මෙහි දී සඳහන් කරන්නට කැමැත්තෙමි.උමේෂා- මාතරබී. පී. ගම්මුදලි -මාළිගාතැන්න - කමල් - බෙලිහුල්ඔය.නිළි රැජන මාලිනියට තව තවත් නිර්මාණයන්ට දායක වන්න ලැබේවා.උදය.සුමින්ද සිරිසේනව ඉක්මනින් ටෙලි සිතුවම් හරහා දැක ගන්නට ඕනේ.ගම්ලත් - පාදුක්ක.තරුපිරි අහස ටෙලි සිතුවමෙහි කඩවසම් මේනක රාජපක්‍ෂ කැපී පෙනෙන තරුවකි.ධම්මික, කෑගල්ල - ජානක ප්‍රේමනාත් ,ඇල්පිටිය.කේෂාන් ශෂින්ද්‍රට සුදුසු වෘත්තිය ගායනය නොව රංගනයයි. පිපෙන මල් ටෙලි සිතුවම නරඹන අපට එය පැහැදිලිවේ.පවිත්‍රා, බෙලිඅත්ත.බොලිවුඩ් රිදී තිරයේ දුඹුරු රුව කාජල්, සැබෑ ජීවිතයේ මවකගේ භූමිකාව ද රඟමින් ඇගේ හැඩය ද මනාව කළමනාකරණය කරගෙන සිටින අයුරු අනර්ඝයි.සමන්ති - මහනුවරඅමා ටෙලි සිතුවමේ විශ්ව, ශෙරිල් මෑත කාලයේ පුංචි තිරයේ අප දුටු හොඳම පෙම්වතුන් යුවළයි.තිළිණි මධුශිකා,කන්නිමහරදිස්නා, සඳලංකාවජෝති සදා කාලිකයි. ඔහුව අනුකරණය කරන්නෝ තාවකාලිකයි.අමා-කෑගල්ලගීතා කුමාරසිංහ නිපැයූ ‘ලොකු දුව’ චිත්‍රපටය ඩී. වී. ඩී. කොට වෙළඳ පොළට නිකුත් කරන්න.විත්‍රානන්දු, අහුංගල්ල.රොෂාන් රණවනව ප්‍රධාන චරිතයට යොදලා නැවතත් චිත්‍රපටයක් කළොත් හැරගිය ප්‍රේක්‍ෂකයින් යළි සිනමා ශාලාවලට ඒවි.මධු, කොළඹ.බිඳුණු හදවත් චිත්‍රපටයෙන් සිනමාවට පිවිස නිර්මාණ රැසකින් රසික සිත් පින වූ ලුවී වැන්ඩස්ට්‍රාටන් නිහඬවීම ලොකු අඩුපාඩුවකි.විරාජ් හර්ෂනාථබණ්ඩාර-නිකවැරටිය.මෑත කාලයේ බිහි වූ විශිෂ්ටතම දුෂ්ට නළුවා ගයාන් වික්‍රමතිලකයිකරු -මීරිගමහිමාලි සිරිවර්ධනගේ නර්තනයට මං කැමතියි.තිළිණි නුවන්තිකාගනේමුල්ල
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
............

2012 මැයි 10 වනි සිකුරාදා නම වන පිටුවේ පළ වූ මහීල් ආර්. පෙරේරාගෙන් රොහාන් වැලිවිටට පිළිතුරක් ලිපියට රොහාන් වැලිවිට මහතා විසින් පිළිතුරක් එවා ඇත.එම ලිපියේ සඳහන් පරිදි අධි තාක්ෂණ චිත්‍රපට මි මි 35 පිටපත් කරනු ලබන්නේ ඉන්දියාවේ වුවද එය ඉන්දියානු තාක්ෂණය භාවිත කිරීමක් නොවේ. මි මි 35 පිටපත් මුද්‍රණය කරනු ලබන යන්ත්‍ර ‘සිනෙවටා’ නමින් හඳුන්වන අතර එය මෝර්වේ රටේ නිපදන වන ලද මුද්‍රණ යන්ත්‍රයකි.මෙවැනි යන්ත්‍රයක් අද දිනය වන තෙක් නිපදවා ඇත්තේ නෝර්වේ රට පමණි. එම යන්ත්‍රය ඉන්දියාවේ Film Lab හිමි සංජය පටෙල් මහතා විසින් මිලදී ගෙන ඇත. මුදල් තිබේ නම් ශ්‍රී ලංකාවේ ඕනෑම අයෙකුට මෙම යන්ත්‍රය මිලදී ගත හැක. මහීල් මහතා සඳහන් කොට තිබෙන ඔහුගේ යන්ත්‍රය පිළිබඳ මා නොදනිමි. නමුත් එම ක්‍රියාවලිය සිදු කළ හැකි උපකරණ ඇත්තේ ලෝකයේ තුන් වර්ගයකි. එනම් Arri Leser, Definity, Cinevator පමණි.එවැනි යන්ත්‍රයක් මෙතුමා විසින් නිර්මාණය කර තිබේ නම් එය ශ්‍රීී ලංකාවට ඉතාම ගෞරවයකි. නමුත් එතුමාගේ යන්ත්‍රයේ මුද්‍රණය කරන ලද එක් චිත්‍රපටයක වැරැදුන පිටපත අප ආයතනය විසින් නිවැරැදි කර මුද්‍රණය කරන ලදී. වැරැදුන පිටපතට රු: 1175000.00 ක් අය කර තිබෙන අතර නිවැරැදි පිටපතට අප විසින් අය කළ මුදල වන්නේ රු: 190000.00 ක් පමණි. එම පිටපත් දෙකේ වෙනස කැමැති ඕනෑම කෙනෙකුට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ හැක. සිනමා පටයක් වර්ණ නිවැරැදි කිරිම (Colour Correction) සහ වර්ණ සංයෝජනය (Colour Grading-DI) දෙකකි. මෙම දෙකෙන් වර්ණ සංයෝජනය කටයුත්ත කළ හැක්කේ ශ්‍රී ලංකාව තුළ ෆයින් විෂන් ආයතනයේ පමණි. එය සිදු කරනු ලබන්නේ Davinci Resolයන්ත්‍රයෙනි. මෙම කටයුත්ත මහිල් මහතා ඉටු කරන යන්ත්‍රය පෙන්වන ලෙස අභියෝග කරමි.එසේම අප ආයතනය සතු උපකරණ 2008 වසරේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේත් 2010 වසරේ රාජගිරියේ සවරින් හෝටලයේත්, 2011 වසරේ රූපවාහිනී අභ්‍යාස ආයතනයේත් මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කොට ඇත. මහීල් මහතා සතු උපකරණ ප්‍රදර්ශනය කරන ලෙසද අභියෝග කරමි. එසේම අධි තාක්ෂණ සංස්කරණය සහ වර්ණ සංයෝජන උපකරණ කොළඹ 05, විජය කුමාරතුංග මාවතේ අංක 122 දරණ ස්ථානයේත් අනෙකුත් අධිතාක්ෂණ උපකරණ කොළඹ 05, ඇවරිහේන පාර, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනයේදීත් ඕනෑම අයකුට ඕනෑම වේලාවක ප්‍රදර්ශනය කිරීමට සහ ක්‍රියා කර පෙන්වීම කළ හැක.මහීල් මහතා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නා යැයි කියන රෙඩ් කැමරාවේ සංස්කරණ කටයුතු කළ හැක්කේ අප ආයතනයේ පමණි. එම මෘදුකාංග මහීල් මහතා සතුව තිබේ නම් පෙන්වන ලෙස අභියෝග කරමි. සිනමා සහ රූපවාහිනී ක්ෂේත්‍රය සම්බන්ධ හෝ පිටස්තර ඕනෑම අයකුට මෙම උපකරණ සහ අපගේ සේවාවන් දැක ගැනීමට අවශ්‍ය වන්නේ නම් 0773831849 යන අංකයෙන් මා අමතක ලෙස ඉල්ලා සිටිමි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වසරකට වැඩි කාලයක් ටෙනිස් පිටියෙන් ඉවත්ව සිටි සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් යළි පිටියට අවතීර්ණ වීමෙන් පසුව සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.ඔහියෝ සින්සිනම් ටෙනිස් තරගාවලියේ පළමුවැනි වටයේදී චෙක් රාජ්‍යයේ ලුසී රැඩේකා ලකුණු 6-3ක් සහ 7-6ක් ලෙස පරාජය කිරීමට සෙරීනා සමත්විය. ඒ අනුව පළමු වාර දෙකෙහිම ජය අත් කර ගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට කලෙකට පසුව ඇයට හැකිවිය. ග්‍රෑන්ඩ් ස්ලෑම් සූරතා 13ක් ජයගත් සෙරීනා ජාත්‍යන්තර ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ දිගු කලක් සිටි ක්‍රීඩිකාව වන්නීය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගොඩක් අය power supply එක ගන්න ගියාම බලන්නේ ගාන විතරයි . තවත් සමහරු තියෙන ලොකුම watt ගැන තියෙන power supply එක ගන්නවා. ඒත් ඇත්තටම power supply එකක් ගද්දි බලන්න ඕනේ මොනවාද.පලවෙනි දේ තමයි තමන්ගේ PC එකට කොච්චර power ඕනෙද කියල බලන එක. ගොඩක් අය අහපු නිසා පොඩි update ekak. CPU Socket තෝරන්නේ මෙහෙමයි.Old dual core/Core 2 series - LGA7751st Gen i7 X58 - LGA13661st Gen - LGA11562nd Gen/3rd Gen - LGA11552nd Gen/3rd Gen i7 X79 - LGA20114th Gen - LGA1150Watt ගාන ගැන කිවයුත්තක්. watt වැඩිවුණා කියල performance වැඩි වෙන්නේ නැ. ඉතින් ලොකු power supply එකක් ගන්න එක සල්ලි අපරාදයක්. වැදගත්ම දේ තමයි watt ගාන මදි නොවෙන එක. ගොඩක් අය හිතන්නේ watt මදි වුනාම performance අඩු වෙනවා කියලා. එහෙම නෙමෙයි. හොඳ power supply එකක්නම් watt මදි වුනාම off වෙනවා. චාටර් එකක් නම් ඉතින් watt මදි වුනාම ගහල යනවා. ඒත් එක්කම VGA, motherboard, hard disk ඔක්කොම යන්න පුළුවන්. PC එකට ඕනේ කරන watt ප්‍රමාණය හොයාගත්තා කියමු. Power supply එකේ ඇත්ත watt ප්‍රමාණය හොයාගන්නේ කොහොමද. හැම power supply එකේම පැත්තක ගහල තියෙනවා මේ වගේ sticker එකක්.ඔය sticker එකේ තියෙනවා නේද 12v maximum load value එකක්. ඒකෙන් තමයි power supply එකේ ඇත්ත usable watt ප්‍රමාණය පෙන්නනේ. අපි කලින් හොයාගත්ත ප්‍රමාණය ගැලපෙන්න ඕනේ ඔය value එකට, පෙට්ටියේ ගහල තියෙන watt ප්‍රමාණයට නෙමෙයි. මේකේ නම් 528W.watt ප්‍රමාණය ගහල නැත්තන් grade 10 science ටිකක් භාවිතා කරලා 12V amp ප්‍රමානය 12න් වැඩි කලාම watt ප්‍රමානය ලබාගන්න පුළුවන්. මෙහෙම කලොත් මතක තියාගන්න, සමහර power supply වල 12V1, 12V2 වගේ 12V rails ගොඩක් තියෙනවා. ඒවාගේ එකතුවෙන් 80% විතර ගත්තා නම් ඇත්ත amp ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්.Eg: 12v1 - 20A, 12V2 - 18Atotal wattage would roughly be 20A + 18A = 38A x 80% x 12V = 364.8W(this is not an exact figure, but just a rule of thumb)ඒත් ඇයි පෙට්ටියේ ගහල තියෙන watt ප්‍රමාණයයි ඇත්ත ප්‍රමාණයයි දෙකක්. ඇත්ත්තම කියනවනම් marketing. හොඳ brands වල සාමාන්යෙන් ඇත්ත ප්‍රමානය ගහල තියෙනවා. ගොඩක් දුරට බාල brands වල තමයි ඇත්ත ප්‍රමාණයයි advertise කරන ප්‍රමාණයයි අතර ලොකු වෙනසක් තියෙන්නේ. නොදන්නා කමින් ගන්න කට්ටිය රවට්‌ටන්න.Ex:Corsair RM450 450WCooler Master Extreme Power 500Wඑතකොට සමහර power supply වල real watt, maximum watt දෙකක් තියෙන්නේ මොනවද.ඒ අර කියපු බොරුවේ ඊළඟ අවස්ථාව. Power supply එකක තියෙන්නේ එක watt ප්‍රමාණයයි. අනිත් ඔක්කොම වංචාව. සාමාන්යෙන් ඕක කරන්නේ ගොඩක්ම බාල brands . එහෙම ගහල තියෙන brands නොගන්න තරමට හොඳයි.ඇත්තම කියනවනම් gaming power supply කියල දෙයක් නැහැ. ඒක අපේ කට්ටිය PCI -express connectors තියෙන power supply වලට දාගත්ත නමක්. ඕනෑම හොඳ 350W වලට වැඩි power supply වල PCI -express connectors තියෙනවා. ගොඩක් අය normal power supply කියන්නේ බොරුවට 450W කියල ගහපු බාල power supply වලට. ගොඩක් වෙලාවට මේවයින් 250W වත් අදින්න කලින් පිච්චෙනවා.ඔක්කොම හරි, එතකොට හොඳ power supply එකක් බලන්නේ කොහොමද.හොඳ power supply එකක අනිවාර්යෙන් efficiency rating එකක් දාලා තියෙනවා. ECOS ආයතනයෙන් certify කරපු එකක්නම් අනිවාර්යෙන් 80+ rating එකක් තියනවා සරලව කියනවනම් rating එක වැඩි වෙන තරමට efficiency එක වැඩි, efficiency වැඩි වෙන තරමට quality වැඩි වෙනවා. ඉතින් පුළුවන් හැම අවස්ථාවේම rating වැඩි එකක් ගන්න.දැනට අපේ market එකේ තියෙන brands වලින් හොඳම ඒවා වශයෙන් සලකන්න පුළුවන් මේ ටික. මේ brands වලින් එන power supply ඔක්කොම හොඳ quality කියන්න පුළුවන්. බය නැතුව ගන්න.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මම මේ දවස්වල සිරස ටීම් එකේ සුපර් ෆයිටර් වැඩ සටහනේ අලුත් තේමා ගීතයක් නිිර්මාණය කරමින් සිටින්නේ. ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ මගේ හිතවතෙක් වන නලීන් ජයවර්ධනගේ ගීත 16 ඇතුළත් සංයුක්ත තැටියක ගී තනු නිර්මාණය කරනවා.එහි ගීත රචනය සියල්ලම අමෙරිකාවේ වෙසෙන මහාචාර්ය විකුම්ප්‍රිය පෙරේරා විසින්. ගී තනු සියල්ල ලංකාවේ සිට මම නිර්මාණය කරනවා. ගායකයා ඕස්ට්‍රේිලියාවේ ජීවත් වෙන්නේ. මෙහි විශේෂත්වය අපි තිදෙනාම හමු නොවී අන්තර්ජාලය හරහායි මේ නිර්මාණ කටයුත්ත සිදු කරන්නේ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ෂාරුක් නමින් එළුවෙක් සිනමාපටයක නම් කෙරුණේ මෑතකදීය. දැන් වාහනයක් බොලිවුඩ් තිරයේ වීරයකුගේ චරිතයක් නමින් නම් කෙරේ. ඔහු ජේම්ස් බොන්ඩ් වීරයා තරමටම රසිකයන්ට සමීප වන ‘24’ සිනමාපටයේ ත්‍රස්ත විරෝධී ඒකකයේ ප්‍රධානියා ජායි සිං රතෝඩ්ය.ජායිට රඟපෑවේ ප්‍රවීණ නළු අනිල් කපූර්ය. අගමැති අපේක්ෂක ආදිත්‍ය සිංහෙනා ඝාතනය කිරීමට උත්සාහ කරන මිනීමරුවන් ඇල්ලීමට ඔහු වේගයෙන් පදවාගෙන ගිය වාහනය ‘ද ජායි සිං රතෝඩ්’ නමින් මෙසේ නම්කර තිබේ.වාහනවලට අනිල් කොහොමටත් කැමැතිය. එහෙත් මේ වාහනය ඔහු සතු අනෙක් වාහනවලට වඩා සුවිශේෂී බව අනිල් පවසා තිබේ.‘24’ සිනමාපටයේ රූගත කිරීම් අවසාන වුයේ මෑතකදීය. විවේකයක් ලැබුණු සැනින් චරිතයේ නමට ලැබුණු වාහනයෙන්, චරිතයේ හිමිකරු දිගු දුර ගමනක් යාමට බලාපොරොත්තු වෙයි.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දෙස් විදෙස් ආයෝජකයන් දිරිගන්වන වැඩසටහන් රැසක් මෙවර අය වැය යෝජනා තුළ අන්තර්ගත බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.වසර 30ක යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය වී තිබෙන බවත් ආයෝජන දිරිගැන්වීම් සඳහා රජය දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බවත් හෙතෙම අවධාරණය කරයි.ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවට පැමිණි බෙල්ජියානු වෙළෙඳ හා ආයෝජන නියෝජිත පිරිසක් හමු වී පැවැති සාකච්ඡාවකදී ය.ඉදිකිරීම්, ධීවර, කෘෂි නිෂ්පාදන, මැණික්, තොරතුරු තාක්ෂණය, ජල සම්පාදන, රෙදිපිළි, සංචාරක ආදී ක්ෂේත්‍රයන්ට අයත් බෙල්ජියානු සමාගම් 40ක නියෝජිතයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.යුද ගැටුම් පැවැති පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ සිටි ඇතැම් විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාව හැරගිය බව සිහිපත් කළ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ඇතැම් බෙල්ජියානු ආයෝජකයන් ගැටුම්කාරී තත්ත්වය තුළද ශ්‍රී ලංකාවේ රැඳී සිටි බවත් ඒ වෙනුවෙන් ඔවුනට තම ප්‍රණාමය පිරිනමන බවත් සඳහන් කළේය.ශ්‍රී ලංකාවේ උගත් හා දක්ෂ ශ්‍රම බළකායක් සිටින බැවින් සේවා යෝජකයන් හා සේවා දායකයන් අතර මනා සම්බන්ධතාවයකින් යුතුව කටයුතු කළ හැකි බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා කොළඹ වරාය නවීකරණය, හම්බන්තොට වරාය ඉදිකිරීම, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම, අධිවේගී මාර්ග ඉදිකිරීම ආදිය මඟින් ආයෝජකයන්ට වාසි රැසක් අත්වී තිබෙන බවද පැවැසුවේය.ඉතාම සුන්දර රටක් සේම ශ්‍රී ලංකාව කුඩා රටක් වන හෙයින් කෙටි කාල සීමාවකදී විවිධ දේ නැරැඹීමට සංචාරකයන්ට ඉඩ කඩ ලැබෙන බවත් ශ්‍රී ලාංකීය ජනතාව මිත්‍රශීලී නිසා සංචාරක කර්මාන්තයට ලංකාව උචිත රටක් බවත් කී ඇමැතිවරයා කිසිදු බාධාවකින් තොරව ලොව ඕනෑම අයකුට ලංකාවේ ආයෝජන කළ හැකි බවත් පෙන්වා දුන්නේය.පවතින බදු ගැටලු විසඳීමට බදු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා ඕනෑම ආයෝජකයකුට සීමාවකින් තොරව ශ්‍රී ලංකාව තුළ බැංකු ගිණුම් විවෘත කිරීමට අවස්ථාව සලසා දී තිබෙන බවද කීය. තවද ඒ මහතා සඳහන් කළේ දැනට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 8කට ආසන්න මට්ටමක පවතින බවත් රැකියා වියුක්තිය හා දිළිඳුකම පහත වැටෙමින් තිබෙන බවත්ය.මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා නව ආයෝජකයන්ට ආරාධනා කරන බවයි.්‍රී ලංකාවේ බෙල්ජියම් තානාපති ජෝන් ඩෙබෝ හා බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මාතලේ, රත්තොට, අලවතුගොඩ, නගර අතර හෙරොයින් බෙදා හරින පුද්ගලයකු අලවතුගොඩ පොලිසිය මගින් හෙරොයින් තොගයත් සමග අත්අඩංගුවට ගෙන ඇත.අලවතුගොඩ පොලිස් ස්ථානයට මෙම පුද්ගලයා ගැන මතුවූ සැකයක් නිසා පරීක්ෂා කිරීමේදී සිරුරේ සඟවා තිබූ හෙරොයින් සොයා ගෙන ඇත. සැකකරුගෙන් ප්‍රශ්න කරන විට තොරතුරු රාශියක් හෙළිවී ඇති නිසා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග මත වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි අයකු බවටද තොරතුරු හෙළිවී ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජ්‍යෙෂ්ඨ කලාකරුවන් හඳුනා ගැනීම සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සම්පාදනය කරනු ලැබූ ජාතික කලාකරුවන්ට හැඳුනුම්පත් ප්‍රදාමෝත්සවය පසුගියදා මරදාන ටවර් රඟහලේදී පැවැත්විණි.සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උළෙලේදී ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 500 දෙනෙකුට ජාතික කලාකරු හැඳුනුම්පත් ලබාදීම සිදු කෙරිණි. එහිදී ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ, ප්‍රවීණ රංගනවේදී හා ජනාධිපති උපදේශක රවීන්ද්‍ර රන්දෙණිය, රංගන ශිල්පී හා දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත් යන ශිල්පිීීන් තමන්ට හිමි හැඳුනුම්පත අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා අතින් ලබා ගත්තේය.ඊට අමතරව නාලන් මෙන්ඩිස්, රොඩ්නි වර්ණකුල, ජයලාල් රෝහණ, රශ්මි සංගීතා, සුදත් රෝහණ, සුරේෂ් ද අබේසේකර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සමන්ත පෙරේරා, සෝමසිරි මැදගෙදර, ජනනාත් වරකාගොඩ, අජිත් ලොකුගේ, බණ්ඩාර ඇහැලියගොඩ, අනුර මාධව ජයසේකර, ශ්‍රියානි අමරසේන, අමිත්ත වීරසිංහ, නවරත්න ගමගේ, විනීතා කරුණාරත්න, ප්‍රියා රණසිංහ, රැජිනි සෙල්වනායගම්, චන්දන වික්‍රමසිංහ, පී. ඥානසිරි පීරිස්, වික්‍රමසිංහ බණ්ඩාර, මහාචාර්ය මුදියන්සේ දිසානායක, එස්. විලබඩගේ යන ශිල්පීහු හා ශිල්පිනියෝ එදින වේදිකාවේදී තම හැඳුනුම්පත ලබා ගත්හ. මේ සමඟම භික්ෂූන් වහන්සේලා සිව් නමකට ද ජාතික කලාකරු හැඳුනුම්පත ලැබිණි.මෙම හැඳුනුම්පත නව තාක්ෂණයට අනුව ජාත්‍යන්තර පිළිගැනීම ලැබෙන පරිදි හා රාජ්‍ය මට්ටමින් හඳුනා ගත හැකි පරිදි සකස් කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි.ජාතික කලාකරු හැඳුනුම්පත් උළෙල සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විජිත් කණුගල, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක ඇතුළු කලාකරුවන් රැසක් සහභාගි වූහ.තිලානි ශානිකා විතානාච්චිඡායාරූප සරසවිය වෙබ් අඩවියේ www.sarasaviya.lkසෙනසුරාදා දවල් එකේ සිට සිංහ ගුවන් විදුලියේ ප්‍රචාරය වන සිනෙ රූ ගී වැඩ සටහනෙහි මෙවර කතාබහ කෙරෙනුයේ ටී. ආර්. සුන්දරම් අධ්‍යක්ෂණය කළ වනමෝහිණි පිළිබඳවය.කේ. ගුණරත්නම් ගේ නිෂ්පාදනයක් වන මෙහි හර්බි සෙනෙවිරත්න, කාන්ති ගුණතුංග, හියුගෝ ප්‍රනාන්දු, රිචඩ් ඇල්බට්, රෝහිණී ජයකොඩි ඇතුළු නළු නිළියන් රැසක් රඟන ලදී.සිනෙ රූ ගී වැඩ සටහනට සවන්දීමෙන් වනමෝහිණී සිනමාපටය ගැන තවත් තොරතුරු රැසක් දැන ගත හැක.- ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
විස සහිත ආහාර සහ ජලය පරිභෝජනය හේතුවෙන් රටේ ජනතාවගේ ජාන වෙනස් වීමට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි. මේ හේතුවෙන් රටේ ජනතාව අතර බෝ නොවන රෝග තත්ත්වයන් බහුල ලෙස දක්නට ඇතැයි ඒ මහතා පෙන්වාදෙයි.දියවැඩියාව, පිළිකා, වකුගඩු රෝගීන් වාර්ෂිකව ඉහළ යාම පසුගිය වසරවල අඛණ්ඩව සිදු වී ඇති බවත් රෝගීන්ගේ සංඛ්‍යා ලේඛන පරීක්ෂා කිරීමේදී ඒ බව පැහැදිලිව දැක ගත හැකි බවත් හෙතෙම කීය.ආහාරවල සහ ජලයේ අන්තර්ගත විස ද්‍රව්‍ය ඇතුළු බැර ලෝහ පරීක්ෂා කිරීම සඳහා මෙරට රසායනාගාරයක් නොතිබීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ ගැටලුවක් බව ද ඒ මහතා පෙන්වාදෙයි.මෙවැනි රසායනාගාරයක් නොතිබීම හේතුවෙන් විස ද්‍රව්‍ය සහ බැර ලෝහ කොපමණ ප්‍රමාණයක් ආහාරවල හා ජලයේ අඩංගු වන්නේදැයි තීරණය කිරීමට නොහැකි වීමෙන් පරිභෝජනයට සුදුසු හා නුසුදුසු ආහාර මොනවාදැයි තීරණය කළ නොහැකි යැයි ද ඔහු පවසයි.අතීතයේ පරිභෝජනය කළ ආහාරවලට වඩා ක්ෂණික ආහාරවලට මෙරට ජනතාව ක්‍රමයෙන් හුරු වීම ද මේ තත්ත්වය ඇතිවීමට හේතු වී ඇතැයි හෙතෙම කීය. දිනකට වකුගඩු රෝගීන් හතර දෙනකු මරණයට පත් වන අතර වස විස සහිත ආහාර හා ජලය පරිභෝජනය මීට හේතු විය හැකි යැයි ද ඔහු පෙන්වාදෙයි.ආහාර හා ජලයේ පවතින භාවිතයට සුදුසු හා නුසුදුසු සංඝටක මොනවාදැයි තීරණය කිරීමට හැකි වන්නේ නම් බෝ නොවන රෝග බොහොමයක් වළක්වා ගැනීමට හැකි වන බවත් වෛද්‍ය පාදෙනිය මහතා පවසයි.වාර්ෂිකව අලුතින් පිළිකා රෝගීන් 20,000 ක් පමණ වාර්තා වන අතර වසර 2010 දි රෝගීන් 21,517 ක් ද, 2011 දි රෝගීන් 25,457 ක් ද, 2012 දි රෝගීන් 26,303 ක් ද ලෙස වාර්තා වී ඇත.බෝ නොවන රෝග තත්ත්වයන් හේතුවෙන් දිනකට පුද්ගලයන් 650 දෙනකු මරණයට පත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා මඟින් පෙන්වාදෙයි.මේ පිළිබඳ විමසීමට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් යන මහත්වරුන් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔවුහු සම්බන්ධ කර ගැනීමට නොහැකි වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අහම්බෙන් වගේ දකින්න උන වීඩියෝවක්... දැකලා අහක බලං ඉන්න එක හොඳ වැඩක් නොවන හින්දා මේ මැතිවරණ කටේ මහින්ද අයියට හෝ මෛත්‍රී මහත්තයට පාඩුවක් වෙන විදියේ මොනවත් නොලියා ඉන්න හිතං හිටියා උනත්... මේක නොලියා ඉන්න එක මට හිතට හරි මදි කාරණාවක්...අවංකවම මෙන්න මේ තත්වයනං හොඳ දෙයක් නෙවෙයි.. මහින්ද අයියා වහාම අවධානය යොමු කල යුතු දෙයක් මේක... මොකද මේ මිනිස්සුන්ගේ හයිය තමා මහින්ද අයියට තියෙන ලොකුම ධනය... මේ මිනිස්සුන්ව ඇස් දෙක වගේ බලා ගැනීම මහින්ද අයියගේ යුතුකමක්...මහින්ද අයියට කලින් හිටිය චන්ද්‍රිකාලා රනිල්ලා හින්දා මේ මිනිස්සුන්ගේ අයියලා තාත්තලා බාප්පලා මහප්පලා වහ බිබී මැරුනා.. සමහරුන්ට වහ කුප්පියක් සල්ලි දීලා ගන්නවත් වත්කමක් නැතිව ගිය හින්දා කනේරු ඇටයි සීනියි කකා මැරුනා.. යන්තං ඒ වහ කාලා ගොවීන් මැරුන යුගය නිමා උනේ මහින්ද අයියගේ ආණ්ඩුව යටතේ... ඒ විතරක් නෙවෙයි..මේ මිනිස්සු අත්වල කරගැට දානකලං කුඹුරු කොටද්දී.. බිම පෙරලද්දි.. රෑට නිදි නැතිව සතා සරුපයාගෙන් වෙන අනතුරු මැද්දේ ගස් උඩ ගල් උඩ නැගගෙන නැහීගෙන වගාවන් ආරක්ෂා කරගෙන ඉද්දී... අලියා ගහලා මැරෙද්දී.. කොටියා ගහලා මැරෙද්දී... මේ මිනිස්සුන්ගේ ළමයි තමා යුද්දේට ගිහින් මැරුනේ.. එහෙම නැතිව මේ කොළඹ ඉන්න මිනිස්සුන්ගේ ළමයි නෙවෙයි... එදා උතුරේ කඳවුරු එකින් එක බිමට බිමට පාත් වෙද්දි අලිමංකඩ.. පුනරින් වගේ කදවුරු වලදී සෙබළු තුන් හාර දහ එක ගොඩේ වතුර ටිකවත් නැතිව පිපාසෙන් වැටිලා ඉද්දි කොටින්ගේ මන්නා පාරවල් කාලා මලේ මේ මිනිස්සුන්ගේ දරුවෝ... මේ මිනිස්සු එදා නොසෑහෙන දුකක් වින්දා.. ළමයි නැති උනා.. වහ කාලා මලා.. දැන් ආයෙම එහෙම කාලයක් උදා වෙන්න දෙන එක යුතු නැහැ... වහාම මේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න... රජයේ පැත්තෙන් හෝ.. නිලධාරීන්ගේ පැත්තෙන් මොන යම්ම හෝ අකටයුතුකමක් වෙනවනං වහාම ඒ දේවල් හරි ගස්සලා මේ මිනිස්සුන්ගේ අත්වල තියෙන කරගැට වලට සාධාරණයක් කරන්න... මේ මිනිස්සු ඒ සැලකීම ලබන්න සුදුසුකං ඇති මිනිස්සු... ඒ අයට යුතුකම් ඉෂ්ඨ කරන්න පරක්කු වෙන්න එපා... එහෙම නොවුනොත් මේ මිනිස්සු හෙට මහින්ද අයියා වෙනුවට රනිල් චන්ද්‍රිකාලට මේ කර ගැට පාලනය කරන්න බලය දෙන්න බැරි නැහැ.. එහෙම උනොත් වැඩි දවසක් නොගිහින් ආයෙම මේ මිනිස්සු කනෙරු කන... වහ බොන... යුගයක් එයි... ඒ තත්වෙට මේ මිනිස්සුන්ට වැටෙන්න දෙන්න එපා.. මොවුන්ව රැක ගන්න... ඡන්ද කටේ තියං ප්‍රශ්න අදිනවා කියලා නොහිතා ඔවුන්ව මේ විපතෙන් ගලවා ගැනීම ඔබට බාර වූ රාජකාරියක්... ඒ රාජකාරිය දේව කාරියට වඩා ලොකු එකක් බව අමතක නොකරන්න.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලංකා හොස්පිට්ල් ප්‍රයිවට් ලිමිටඩ්හි නව රසායනාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (16) විවෘත කෙරුණු අවස්ථාව. අගමැති ආචාර්ය දි. මු. ජයරත්න, සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මහත්වරු ඇතුළු රෝහල් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවෝ පිරිසක් මෙහි වෙති. ඡායාරූපය - උදේශ් ගුණරත්න
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 5 වන සියවස – 6 වන සියවස – 7 වන සියවස දශක: 520ගණන් 530ගණන් 540ගණන් – 550ගණන් – 560ගණන් 570ගණන් 580ගණන් වසර: 553 554 555 – 556 – 557 558 559 ක්‍රිස්තු වර්ෂ 556 (DLVI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සෙනසුරාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 556 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 9 වන සියවස – ක්‍රිපූ 8 වන සියවස – ක්‍රිපූ 7 වන සියවස දශක: ක්‍රිපූ 780ගණන් ක්‍රිපූ 770ගණන් ක්‍රිපූ 760ගණන් – ක්‍රිපූ 750ගණන් – ක්‍රිපූ 740ගණන් ක්‍රිපූ 730ගණන් ක්‍රිපූ 720ගණන් වසර: ක්‍රිපූ 757 ක්‍රිපූ 756 ක්‍රිපූ 755 – ක්‍රිපූ 754 – ක්‍රිපූ 753 ක්‍රිපූ 752 ක්‍රිපූ 751 ක්‍රිස්තු පූර්ව 754 වසර මාතෘකා අනුව දේශපාලනය රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය උපත් සහ මරණ ප්‍රවර්ග උපත් – මරණ සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග සංස්ථාපනයන් – විසංස්ථාපනයන් න සා සං ක්‍රිපූ 754 අනෙකුත් දින දසුන් වලින් ග්‍රෙගෝරියානු දින දසුන ක්‍රිපූ 754 අබ් ඌර්බෙ කෝන්ඩිටා 0 ආර්මේනියානු දින දසුන N/A ඇසිරියානු දින දසුන 3997 බෞද්ධ දිනදසුන −211 – −210 බහායි දින දසුන −2597 – −2596 බෙංගාලි දින දසුන −1346 බර්බර් දින දසුන 197 ඉංග්‍රීසි රාජ්‍යත්ව වසර N/A බුරුම දින දසුන −1391 බයිසැන්ටියානු දින දසුන 4755–4756 චීන දින දසුන 丙戌年 (Fire Dog) 1943 or 1883 — to — 丁亥年 (Fire Pig) 1944 or 1884 කොප්ටික දින දසුන −1037 – −1036 ඩිස්කෝර්ඩියන් දින දසුන 413 ඉතියෝපියානු දින දසුන −761 – −760 හෙබ්‍රෙව් දින දසුන 3007–3008 හින්දු දින දසුන් - වික්‍රම් සම්වත් −697 – −696 - ශක සම්වත් N/A - කලි යුග 2348–2349 හොලොසීන දින දසුන 9247 ඉග්බො දින දසුන −1753 – −1752 ඉරාන දින දසුන 1375 BP – 1374 BP ඉස්ලාමීය දින දසුන 1417 BH – 1416 BH ජපාන දින දසුන N/A ජුච්චේ දින දසුන N/A ජූලියානු දින දසුන N/A කොරියානු දින දසුන 1580 මින්ගුවෝ දින දසුන 2665 before ROC 民前2665年 තායි සූර්ය දින දසුන −210 This box: නරඹන්න සාකච්ඡා කරන්න සංස්කරණය කරන්න විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්‍රිත මාධ්‍ය සතු වෙයි: 754 BC
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. 2005 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඇමරිකානු තොරතුරු තාක්ෂණ ආයතනයේ (ITAA) අර්ථ දැක්වීමට අනුව තොරතුරු තාක්ෂණය (17) යනු “පරිගණක මත පදනම් වූ තොරතුරු පද්ධති, විශේෂයෙන්, මෘදුකාංග හා පරිගණක දෘඩාංග පිළිබද අධ්‍යයනය, සැලසුම් කිරීම, දියුණු කිරීම , ගොඩ නැංවීමට , උදව් කිරීම හා කළමනාකරණයයි. තොරතුරු තාක්ෂණය තොරතුරු පරිවර්තනය කරන , ගබඩා කරන , ආරක්ෂා කරන , සකසන , සම්ප්‍රේෂණය කරන සහ තොරතුරු ආරක්ෂිතව නැවත ලබා දෙන විද්‍යුත් පරිගණක හා පරිගණක මෘදුකාංග සමග සම්බන්ධ වේ. තවද පරිගණකය භාවිතා කරමින් සිදු කරනු ලබන ඕනෑම කටයුත්තක් තොරතුරු තාක්ෂණය ලෙස හැදින්විය හැක. (අදහස: රොෂාන් මුණසිංහ) වර්තමානයේ දී තොරතුරු තාක්ෂණය යන වදන පරිගණක විද්‍යාවේ හා තාක්ෂණයේ අංශ බොහොමයක් අයත් වන පරිදි ප්‍රසාරණය වී ඇත. තවද අන් කවර කලකටත් වඩා ප්‍රචලිත තත්වයට පත්ව ඇත. තොරතුරු තාක්ෂණය යන්න ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරයි. තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් මෘදුකාංග ස්ථාපනය කිරීමේ සිට සංකීර්ණ පරිගණක ජාල හා තොරතුරු දත්ත සමුදායන් සැලසුම් කිරීම දක්වා වූ විශාල කාර්ය පරාසයක් ආවරණය කරයි. තොරතුරු තාක්ෂණය වෘත්තිකයන් ඉටු කරන කාර්යයන් අතරට දත්ත කළමනාකරණය , ජාලකරණය , ඉංජිනේරුමය පරිගණක දෘඩාංග, දත්ත සමූදායන් හා මෘදුකාංග නිර්මාණය කිරීම මෙන්ම සම්පූර්ණ පද්ධති කළමනාකරණය හා පරිපාලනය ඇතුළත් වේ. පරිගණක හා සන්නිවේදන තාක්ෂණය එකට එකතු වූ විට නිර්මාණය වන්නේ තොරතුරු තාක්ෂණය නැත්නම් “ඉන්ෆොටෙක්”ය. තොරතුරු තාක්ෂණය (IT), තොරතුරු නිෂ්පාදනයට , ක්‍රියාවෙහි යෙදවීමට, ගබඩා කිරීමට , සන්නිවේදනය කිරීමට හෝ ව්‍යාප්ත කිරීමට රුකුල් දෙන ඕනෑම තාක්ෂණයක් හැදින්වීමට යෙදෙන සමාන්‍ය වදනකි. තොරතුරු තාක්ෂණය ගැන කතා කිරීමේ දී සිතෙන්නේ එය පරිගණක හා තොරතුරුවල භාවිතය සමග බැඳී තිබෙන බවයි. ශ්‍රී ලංකාව[සංස්කරණය] ශ්‍රී ලංකාවේ තොරතුරැ තාක්ෂණය පවතින්නේ සමහර රටවල් හා සැසදීමේ දී අඩු මට්ටමකිනි. ඇමරිකා එක්සත් ජනපදය වැනි අධි ආදායම් රටවල කෘතිම බුද්ධිය වැනි තාක්ෂණය අතින් දියුණු පද්ධති පවා භාවිතාවේ. වර්තමානයේ දී ශ්‍රී ලංකාව තුළද තොරතුරු තාක්ෂණයේ කැපී පෙනෙන දියුණවක් දක්නට ඇත. බාහිර සබැදී[සංස්කරණය] ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායනය
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මගේ මහත්තයා මට නීති දාන්නේ නැහැ - අනුරුද්ධිකා පාදුක්කගේhttp://www.lk/Published on Saturday, 16 August 2014 16:29Hits: 802පුංචි තිරයෙන් නිතරම දකින රුවක් නොවුණත් අනුරුද්ධිකා පාදුක්කගේ කියන්නේ පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක්. කලකට පසුව ඇයව ‘රිවිසරසි’ කතාබහකට එකතු කරගන්න අපි කල්පනා කළා.අනුරුද්ධිකා මේ දවස්වල නිදහසේ කාලය ගතකරනවාද.දරුවගේ වැඩකටයුතු එක්ක නිදහසේ කාලය ගත කරන්න නම් වේලාවක් නැහැ. පුතාගේ වයස දැන් අවුරුදු දෙකයි මාස හතයි. එයාගේ නම පෘථිවි. දැන් දඟයි. දරුවා ලැබුණට පස්සේ වැඩිපුරම එයා එක්ක කාලය ගතකරනවා.අලුත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද.නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ අතරින් සන්තුස ලියනගේ ගේ ටෙලි චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. තාත්තා සහ පුනරාගමනය කියන නිර්මාණ දෙකට. ඒ නිර්මාණ දෙකේම ලස්සන කතා තේමාවක් තියෙනවා. නිර්මාණාත්මකයි. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. තෝරා බේරාගෙන ඒවාටත් සම්බන්ධ වෙනවා.නිතරම නොදකින්න හේතුව විවාහය කියන සංකීර්ණ බැඳීමේ සීමා මායිම් ද.අනේ නැහැ. මගේ හස්බන්ඩ් නාලක විජේවර්ධන ශ්‍රීපාලි විශ්ව විද්‍යාලයේ මාධ්‍ය පිළිබඳ කථිකාචාර්යවරයෙක්. මගේ මහත්තයා මට නීතිරීති දාන්නේ නැහැ. ඉස්සර ඉඳලම මම සම්බන්ධ වුණේ ගුණාත්මක නිර්මණවලට විතරයි. මට හුඟක් ඇරයුම් එන්නේ හොඳ නිර්මාණවලට. ඒ නිසා ඒ වගේ ගැටලු තවම මතුවෙලා නම් නැහැ.රූපවාහිනී තිරයේ නිතරම නොදැකීම ජනප්‍රියත්වය අඩුවෙන්න හේතුවක් කියලා හිතෙන්නේ නැද්ද.නිතරම නොදැක්කොත් ජනප්‍රියත්වයේ අඩුවීමක් වෙනවා කියලා මම හිතන්නේ නැහැ. අවුරුදු පහකට වතාවක් හොඳ නිර්මාණයකට සම්බන්ධ වුණත් ඇති. ඒ චරිතය හා නිර්මාණය මිනිසුන්ගේ හදවතට දැනෙනවා නම් රඟපෑවත් නැතත් මිනිස්සුන්ට නම කිව්ව ගමන් මතක් වෙනවා මේ අහවලා කියලා. එහෙම නිර්මාණ එකකට දෙකකට සම්බන්ධ වුණ අදටත් ජනප්‍රිය ප්‍රවීණ කලාකරුවෝ ඕනතරම් ඉන්නවා. ඒ නිසා මට ඒක ගැටලුවක් නැහැ. මාව ප්‍රේක්ෂකයින්ට අමතකයි කියලා මම හිතන්නෙත් නැහැ.වේදිකා නාට්‍ය රඟපෑමෙන් ඈත්වෙලාද ඉන්නේ.ඈත්වෙලා නම් නැහැ. ඒත් ලොකු කාලයක් ඒ සඳහා වැය කරන්න ඕන. හොඳ නිර්මාණයක් නම් කාලය කැප කරන්න බැරිකමකුත් නැහැ. ඒත් දැනට වේදිකාවෙන් ටිකක් ඈත්වෙලා ඉන්නේ දරුවගේ වැඩ නිසයි.අනුරුද්ධිකා පාදුක්කගේ මෙගා නාට්‍ය විරෝධියෙක් ද.විරෝධයක් නැහැ. ඒත් මම අද වනතුරුම මෙගා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා නැහැ. මෙගා කියන්නේ වාණිජ පරමාර්ථයෙන් නිර්මාණය වන ඒවා. මම මුදල් මත යැපෙන නිළියක් නමෛයි. මම වටිනාකම හා මගේ කාලය දෙන්නේ ගුණාත්මක නිර්මාණවලට විතරයි.අනුරුද්ධිකාට චෝදනාවක් තියෙනවා සම්මාන බලාපොරොත්තුවෙන් රඟන නිළියක් කියලා. ඒක ඇත්තක්ද.මම නම් සම්මාන බලාගෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔය චෝදනාව මට අදාළ නැහැ. නමුත් මම සම්බන්ධ වුණ බොහෝ නිර්මාණ සම්මාන සඳහා නිර්දේශ වුණා. සමහරක් ඒවාට සම්මාන ලැබුණා. මට ඒ ගැන සතුටුයි. සම්මානය ලැබුණත් නැතත් නිර්දේශ වීමම වටිනවා.විකාශය වීමට නියමිත නිර්මාණ හුඟක් තියෙනවා නේද.චිත්‍රපට කිහිපයක් තියෙනවා. තේජා, කරදිය, අපරාධය හා දඬුවම නවකතාවේ අනුවර්තනයක්, ඩස්ට්, මායා කියන නිර්මාණවලින් ඉදිරියේ දී දකින්න පුළුවන්.අනුරුද්ධිකා රඟපෑමෙන් ඉවත් වෙනවා කියලා රාවයක් පැතිරෙනවා.මට කරන්න පුළුවන් හොඳම රැකියාව රඟපෑම. ඒ නිසා මම සම්පූර්ණයෙන්ම රඟපෑමෙන් දැන්ම ඉවත් වෙන්නේ නැහැ. ඉස්සර වගේම අදටත් රඟපාන්න මම ආසයි.හර්ෂණී වීරරත්නඡායාරූප - චමිල කරුණාරත්නNext >.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අද ලක්බිම පත්තරේ අපේ සිංහල බ්ලොග් 6ක ලිපි පළවෙලානෙ. ඒ බ්ලොග් අඩවි 6 තමයි,කැටපත් පවුරසිතූගේ සිතුවිලිමනුසත් උයනඅරුණි ශපිරෝ වෙතින්සංකල්පනාඅච්චාරුඉතින් ඒ අතරේ මගේ බ්ලොග් ලිපියකුත් තියනවා. මට දැනෙන්නෙ පුදුමාකාරසතුටක්.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
“අයිෆා” සිනමා උළෙල වෙනුවෙන් අද (03), හෙට (04) සහ අනිද්දා (05) තෙදින පුරා විශේෂ රථවාහන සැලැස්මත් ක්‍රියාත්මක කරන බව වැඩ බලන පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පැවසීය.බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (03) පැවැත්වෙන විලාසිතා ප්‍රදර්ශනය සඳහා ලේක්හවුස් වටරවුම, ගාලුමුවදොර, වට රවුම, කොල්ලුපිටිය වට රවුම, රතුකුරුස හන්දිය, ධර්මපාල පාර, ග්‍රින්පාත්, ඇලෙක්සැන්ඩර මාවත, මේට්රන් පෙදෙස, රාජ්‍ය පරිපාලන හන්දිය හරහා බෞද්ධාලෝක මාවත හරහා, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන දොරටුවෙන් ප්‍රභූ පිරිස් ඇතුළු කරන බව හෙතෙම කීවේය.04 වන දින සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවැත්වෙන ක්‍රිකට් තරගය සඳහා පහත සඳහන් මාර්ග උදෑසන 10.00 සිට වසා තැබේ.මේටලන්ඩ් ක්‍රසන්ට් හන්දියේ සිට රාජ්‍ය පරිපාලන වටරවුම, මේට්ලන්ඩ් ක්‍රසන්ට් පාර, නිදහසේ මාවත වරටවුමේ සිට මේට්ලන්ඩ් පෙදෙස හන්දිය, විද්‍යා මාවත, විජේරාම හන්දිය සිට රාජ්‍ය පරිපාලන වටරවුම මේ දින උදෑසන 7.00 සිට ප්‍රදේශය තුළ රථ වාහන නවතා තැබීමද නතර කර තිබේ.සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ 05 වන දින පැවැත්වෙන සිනමා සම්මාන උළෙල හේතුවෙන් එදින සවස 3.00සිට වාහන ගමනා ගමනය සීමා කෙරේ.සම්පූර්ණයෙන් මාර්ග වසා තැබෙන ස්ථානවේල්ස්කුමාර මාවත - ඉ¼ගුරුකඩේ හන්දියේ සිට ආමර්වීදිය හන්දිය දක්වා මාර්ගය.වරාය පිවිසුම් මාර්ගය - බේස්ලයින් මාවතේ බණ්ඩාරනායක වටරවුම අසල සිට ඉ¼ගුරුකඩේ හන්දිය දක්වා මාර්ගය.ලෙයාර්ඩ්ස් බ්‍රොර්ඩ්වේ මාර්ගය - කොස්ගස් හන්දියේ සිට වේල්ස්කුමාර මාවත දක්වා ලෙයාර්ඩ්ස් බ්‍රොර්ඩ්වේ මාර්ගය.පරාක්‍රම මාවත - කොස්ගස් හන්දියේ සිට වේල්ස්කුමාර මාවතට ඇතුළුවීමට ඇති පරාක්‍රම මාවත.සිරිල් සී පෙරේරා මාවත (බ්ලූමැන්ඩල් පාර) - සංඝරාජ මාවතේ සිට මැටිපාක් හන්දිය දක්වා සිරිල් සී පෙරේරා මාවත.රථවාහන ගමනාගමනයේ වෙනස්වීම් සිදු කරනු ලබන ස්ථාන.01. කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ කොල්ලුපිටිය මංසන්ධියෙන් සියලුම වාහන දකුණට හරවනු ලබන අතර කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගෝල්පේස් වටරවුම, එන්.එස්.ඒ. වටරවුම, සෙරමික් හන්දිය, ලේක්හවුස් වටරවුම, ගාමිණී වටරවුම, මරදාන විදුලි සංඥා පංචිකාවත්ත මාර්ගය, සංඝරාජ වටරවුම, සංඝරාජ මාවත, ආමර් වීදිය හන්දිය දක්වා 2010.06.05 වන දින පැය 15.00 සිට ප්‍රභූන් ගමන් ගන්නා මාර්ගයේ එක් පසක් සාමාන්‍ය රථවාහන ධාවනය සදහා සම්පූර්ණයෙන් වසා තබනු ඇත. එම මාර්ගයේ අනෙක් පස සාමාන්‍ය පරිදි වාහන ගමනාගමනයට ඉඩ සලසා ඇත.02. පෑලියගොඩ නවලෝක වටරවුමෙන් ඇතුළු වී ජපන් මිත්‍රත්ව මාවත හරහා කොළඹ දෙසට ගමන් කරන වාහන 2010.06.05 වන දින පැය 15.00 සිට මාදම්පිටිය හන්දියෙන් දකුණට හරවා බෝගස් හන්දියට පැමිණ එතනින් වමට හැරී හෙට්ටියාවත්ත රෙක්ලමේෂන් පාර දෙසින් කොළඹට ගමන් කරවනු ඇත.03.කොටුව සෙරමික් හන්දියේ සිට ලෝටස් මාර්ගය හරහා ගෝල්පේස් දෙසට සාමාන්‍ය රථවාහන ගමනාගමනය සඳහා වසා තබනු ඇත.පොලිස් නිලධාරීන්ගේ පාලනය සහිතව ප්‍රධාන මාර්ගය හරහා රථවාහන ගමන් කරන ස්ථාන..ලේක්හවුස් වටරවුම.මරදාන පාලම හන්දිය.සංඝරාජ වටරවුමවිකල්ප මාර්ග2010.06.05 වන දින පැය 15.00 සිට පහත සඳහන් විකල්ප මාර්ග රථවාහන ගමනාගමනය සඳහා යොදා ගැනීම කරන ලෙසට මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටියි.01.මීගමුව දෙස සිට කොළඹට ඇතුළුවීමට පැමිණෙන වාහන හැදල හන්දියෙන් හැරී හේකිත්ත මාර්ගය දිගේ ගොස් අළුත්පාර දිගේ මට්ටක්කුලිය හරහා කොළඹ දෙසට ගමන් කළ හැක.02.නුවර පාරෙන් කොළඹට පැමිණෙන වාහනවලට බැලුම්මහර හන්දියෙන් හෝ කිරිබත්ගොඩ හන්දියෙන් වමට හැරී බියගම හරහා කඩුවෙලට ගොස් එතනින් මාලබේ, බරත්තරමුල්ල හරහා කොළඹ දෙසට ගමන් කළ හැක.03.කොළඹින් පිටව යන වාහන සඳහා ඉහත ගමන් මාර්ගම භාවිතා කිරීම වඩාත් පහසුවේ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකා පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගූ මහතාගේ 50වැනි උපන්දිනය යෙදෙන අද දිනයේ ආසියානු පාපන්දු සම්මේලනය සංවිධානය කරන බටහිර ආසියා පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීමට ආරාධනාවක් ලැබී ඇත.එම අවසන් මහා තරගය දෝහා හී දී පැවැත්වෙන අතර කටාර් හා ජෝර්දාන පාපන්දු කණ්ඩායම් අවසන් මහා තරගයට එක්වේ.ජගත් පාපන්දු සම්මේලන උප සභාපති අලි බින් අල් හුසේන් රාජකීය කුමරු ද ප්‍රධාන ආරාධිතයකු ලෙස සහභාගී වන අතර ඔහු බටහිර ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ද වෙයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වැලිවේරිය පොලිස් බල ප්‍රදේශයේ ජුබිලි මාවත ආසන්නයේදී පාරේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ මුහුණ බලෙන් සිප ලිංගික අතවරයක් කළ පුද්ගලයෙකු චෝදනාවට වරද පිළිගත් හෙයින් රුපියල් 1500/- ක දඩයක් නියමකළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මැකි මොහොමඩ් මහතා මාස 06 ක සිරදඬුවමක්ද නියම කර එය වසර 10 කට අත්හිටුවීමටද නියෝග කළේය.පැමිණිල්ල වැලිවේරිය පොලිසියේ උ. පො. ප. නන්දසිරි මහතා ගෙනු කර තිබුණි. දඬුවම් නියමවූවේ එස්. මොහොමඩ් නැමැත්තෙකුටය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිමිත්ත - 2014 ජුලි මස 18 දිනට යෙදුණු නෙල්සන් මැන්ඩෙලා නම් වූ යුග පුරුෂයාගේ ජන්ම දිනය වෙනුවෙනි.1918 ජුලි මස 18 වන දින උපත ලැබූ දකුණු අප්‍රිකාවේ මුල්ම ස්වදේශික ජනාධිපතිනෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලාප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා විය. ජනාධිපති ධූරයට පත්වීමට ප්‍රථම මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව කටයුතු කළ අතර අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයා මෙන්ම එහි සන්නාහ සන්නද්ධ දේශපාලනඥයකු ලෙස කටයුතු කරන ලදී. 27 වසරක සිර දඬුවමක් විඳි මොහු ඉන් වැඩි කාලයක් රොබින් දූපතේ ගත කරන ලදී. විවිධ අපරාධවලට සම්බන්ධ වීම හා දේපල අලාභ හානි කිරීම යන කරුණු සිරගත වීමට බලපෑ අතර වර්ණ භේදයට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කිරීම ද ඊට බෙහෙවින් බලපෑ කරුණක් විය.දකුණු අප්‍රිකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද වර්ණ භේදයට එරෙහි විරුද්ධවාදීන් අතර මැන්ඩෙලා ස්වාධීනත්වයේ හා සමානාත්මභාවයේ සංකේතයක් බඳු විය. නමුදු එවකට පැවති රජය විසින් ඔහුව බොහෝසේ විවේචනයට භාජනය කරන ලදී. ANC ය විසින් මැන්ඩෙලා ඇතුළු පිරිස කොමියුනිස්ට්වාදීන් හා ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසූ අතර ඇමරිකාව තවමත් හඳුන්වනුයේ ත්‍රස්තවාදියෙකු සේය.1990, පෙබරවාරි මස 11 වන දින සිරෙන් නිදහස් වීමත් සමඟම මැන්ඩෙලා සමඟි සන්ධානවීමට හා සාකච්ඡා මාර්ගයට පිවිසීමේ ප්‍රතිපත්තියට අවතීර්ණ විය. දකුණු අප්‍රිකාවේ බහු ජාතීය ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනසක් ඇති කිරීමට එය ඉවහල් වන බව ඔහුගේ විශ්වාසය විය. වර්ණභේද යටතේ අවසාන දක්වාම මැන්ඩෙලා අතීත විරුද්ධවාදීන්ගේ පවා පැසසුමට පුළුල් ලෙස භාජනය විය.දශක හතරක් පුරාවට සම්මාන සියයකට අධික ප්‍රමාණයකින් පිදුම් ලැබූ මොහු 1993 වසරේ නොබෙල් සාම ත්‍යාගයට හිමිකම් කීමට තරම් වාසනාවන්ත විය. එපමණක් නොව වර්තමානයේ නෙල්සන් මැන්ඩෙලාව හඳුන්වනු ලබන්නේ කාලෝචිත මාතෘකා වෙනුවෙන් තම කටහඬ හා අදහස් පුබුදු කළ ශ්‍රේෂ්ට දේශපාලනඥයෙකු වශයෙනි. දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලාගේ වංශයේ වැඩිහිටියන් විසින් මැන්ඩෙලාට තිළිණ කළ ගරු නම්බුනාමය “මැඩිබා” නම් වේ. එකී නාමය නෙල්සන් මැන්ඩෙලා යන නාමයන් සමඟ අපූරුවට පෑහිණි.මහත්මා ගාන්ධි යනු මැන්ඩෙලාගේ ජීවිතයේ පරමාදර්ශය කොට ගත් විශිෂ්ට චරිතයකි. මැන්ඩෙලා එකී චරිතය තම ජීවතයට නව අදහස් හා හැඟීම් ජාතික කරවීමට සමත් වූ වටිනා සම්පතක් ලෙසින් සලකනු ලබයි. එමෙන්ම මහත්මා ගාන්ධිතුමාගේ අවිනිසොවාදී දර්ශනයත්, විරුද්ධ පාර්ශවයන් කෙරෙහි ගෞරවයෙන් කටයුතු කිරීමේ හැකියාවක් මැන්ඩෙලා විසින් ස්වකීය ජීවිතයට ද ඈඳා ගත් යහපත් ගුණාංග වේ.උපුටා ගැනීම විකීපීඩියා නිදහස් විශ්ව කෝෂයෙන්.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මගේ ජිවිතය නුබකදුලු, හසරැල්මතින් හෙට දිනපිය නගන එ සොදුරැ ලොවඅපේ පැතුමන් ඇතගොනුවෙලා..අඩක් නිමවුනකලයේ බොහොඅ දුරයන්න ඇත අපසමග එක්වමියේනාතුරා....අදහස: චුටි දොනි...බ්ලොග් ලියන්නේ :සුදු අයියා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දීපිකා පදුකෝන් බොලිවුඩයේ අලුත්ම සිහින තාරකාවයි. අධ්‍යක්ෂවරුන්ගේ ධන නිධානයයි. මේ සුපිරි තාරකාවගේ හද රන්වීර් සිං සොරා ගෙන ඇති බව රහසක් නොවෙයි. දීපිකා මේ ආදරය ලොවට අංශු මාත්‍රයකින්වත් හෙළි නොකළත් රන්වීර් නම් අවස්ථා දෙක තුනකදී සිය ආදරය ගැන පවසා තිබේ.එහෙත් දැන් නම් ඔවුන්ගේ විවාහය සඟවන්නට කිසිදු අයුරකින් ඉඩ නොලැබෙනු ඇත. මේ වන විටත් ඔවුන් විවාහ වී අවසන්ය. එහෙත් ඔවුන් විවාහකයන් ලෙස දකින්න ලැබෙන්නේ හැබැහින් නොවෙයි. රිදී තිරයෙනි.ඔවුන් හොමි අඩජානියාගේ ඊළඟ සිනමාපටයේ රඟපාන්නට නියමිත සැමියා සහ බිරිය ලෙසිනි. එහි අර්ජුන් කපූර් ද රඟපායි. එහෙත් වැඩිපුරම ඇත්තේ දීපිකා සහ රන්වීර් එකට රඟන දර්ශනයි.දීපිකා ජනවාරි 5 වැනිදා විසි අට වැනි උපන් දිනය රන්වීර් සිං සමඟ නිව්යෝර්ක් හි දී සැමරූහ.රන්බීර් කපූර්ට ආදරය කිරීමට ගත් තීරණය වැරැදි තීරණයක් බව ‘කොෆී විත් කරන්’ වැඩ සටහනේදී දීපිකා පසුගිය දිනක පැවසුවාය. රන්වීර් ද අනුෂ්කා ෂර්මා සමඟ කලින් සබඳතාවක් පවත්වා තිබුණ ද එය මල් පල දැරුවේ නැත.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නූගේගොඞ රේවත තෙරණුවෝ උපත ශ්‍රී ලංකා ජාතිකත්වය ශ්‍රී ලාංකික අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ ආගම බෞද්ධ නූගේගොඞ රේවත තෙරණුවෝ යනු බෞද්ධ භික්ෂුවක් වන්නාහ. බෙල්ලන්විල රජමහා විහාර වාසිව වැඩවසයි. චරිතාපදානය[සංස්කරණය] සංක්‍ෂිප්ත විස්තරය[සංස්කරණය] නූගේගොඞ රේවත තෙරණුවෝ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය] 50 ස් වසරක ශ්‍රී බෝධිරාජ දහම් පාසැල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු බෞද්ධ භික්ෂූන්
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඇත්තටම මොකද්ද මේ.....එහෙම ඇහුවට හිනා වෙන්ට එපා..මේ... සිංහල සහ හින්දු අවුරුද්දලු...ම්..අන්න අපට වැරදුන තැන...නෑ..මේසිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද...මේ අවුරුද්ද අයිති...මේ පුංචි රටේ ...සිංහල , දෙමළ කථාකරන හැමෝටම...ඒ කියන්නෙ ..බෞද්ධ, හින්දු , ක්‍රිස්තියානි,මුස්ලිම් ...කියනආගම් වල හැමෝටම....මොකදඅපි සේරම කතා කරන්නෙ සිංහල නැත්තම් දෙමළ....ඉතින් මෙදා අවුරුද්ද .මේ පුංචි රටේ අපි හැමෝම ආදරයෙන් සමරමු....ඔයාල හැමෝටම සුභ නව වසරක් වේවා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය සහ සෞන්දර්ය විෂයන් සඳහා, පෙනීසිටීමට නොහැකි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පෙබරවාරි 9, 10 දෙදින තුළ නැවත විභාගය පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍යපෙළ) විභාගයේ විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 19ක් සඳහන් කොටස පිටකිරීමට උදව් කළේ යැයි සැකකරන විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය මුද්‍රණාලයේ සේවකයාගේ වැඩ තහනම් කොට ඇත.මෙවර විභාගයේ පිටවූ ප්‍රශ්න 19 වෙනුවට නැවැත විද්‍යාව විෂය විභාගයක් නොපවත්වා, විභාගයට පෙනී සිටි පන්ලක්ෂ හතළිස් දෙදහසටම ලකුණු 19ක් ලබාදීමට ප්‍රශ්න පත්‍රය සකස්කළ ශාස්ත්‍රීය සභාවේ විද්වත්හු තීරණය කළ බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.“ප්‍රශ්න පත්‍රයක කොටසක් පිටවිණැයි කියන සිද්ධිය මුල් කොට අධ්‍යාපන ඇමැතිවරයා අස්කරනු කියා පිරිසක් කියනවා. එයට අධ්‍යාපන ඇමැතිවරයා අස් කිරීමට උවමනාවක් නැහැ. මොකද? අධ්‍යාපන ඇමැතිවරයා විභාග දෙපාර්තමේන්තුවේ ක්‍රියාදාමයට කිසිසේත්ම සහ සම්බන්ධතාවයක් නැහැ.“අපේ රටේ විභාග දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු ඉතා විශ්වාසනීය ලෙස සිදු කරනවා. ඊට විභාග පනත උදව් කරනවා. විභාග ;දපාර්තමේන්තුවේ කටයුතුවලට දේශපාලනඥයින් ඇඟිලි නොගැසිය යුතුයි. අපි ඉන්නේ ඒ ස්ථාවරයේයි. මම පමණක් නොව මතු මතුවේත් මේ විෂයභාර ඇමැතිවරුන්ට මේ විභාග කටයුතුවලට ඇඟිලි ගහන්නට ඉඩ නොදිය යුතුයැයි ඇමැතිවරයා පැහැදිලි කෙළේය.විභාග ප්‍රශ්න පත්‍රයේ පිටවීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් පස් දෙනෙක් රිමාන්ඩ් කර තිබෙනවා. අපි ඔවුන්ට එරෙහිව කිසිදු තරාතිරමක් නොබලා දැඩි දඬුවම් ලබා දෙනවා. නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා.පොලිස්පතිතුමාටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අපි මේ සිද්ධිය වාර්තා වූ වහාම දැනුම් දුන්නා. පැමිණිලි කළා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධිය පිළිබඳව ඉතා ඉක්මනින් තොරතුරු හෙළිකර ගත්තා. අපි පොලිස්පතිතුමාටත් ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා. මින් ඉදිරියට මෙවන් වංචා සිදු නොවන තැනට අපි වග බලාගන්න ක්‍රියා කරනවා.විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එස්.එන්.පුෂ්පකුමාර මහතාමේ සිද්ධියට අපේ දෙපාර්තමේන්තුවේ එක් අයෙක් සැකපිට අත්අඩංගුවට ගත්තා. ඔහුගේ වැඩතහනම් කළා. කිසිම පූර්ව අවසරයකින් තොරව ඔහුට දෙපාර්තමේන්තුවට එන්නටවත්, රටින් පිටවන්නටවත් බැරිවන විදිහට අපි නීතිය ක්‍රියාත්මක කළා. ස්වභාවික ව්‍යසනය හේතුවෙන් ගණිතය සහ සෞන්දර්ය විභාග ප්‍රශ්න පත්‍රවලට උත්තර ලියන්නට නොහැකි වූ සිසුන් වෙනුවෙන් ලබන වසරේ පෙබරවාරි 9,10 විභාග යළි පවත්වනවා. ඒ පිළිබඳව අවශ්‍ය අවසාන තීරණය ගැනීමේ සුවිශේෂී සාකච්ඡාවක් ලබන සිකුරාදා පළාත් හා කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු සමඟ පවත්වනවා.අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. ගෝඨාභය ජයරත්න මහතාවිනයගරුක නැති මිනිසුන් සිටින පිට රටේ, සමාජයේ මෙවැනි අභාග්‍ය සම්පන්න දේ සිදු වෙනවා. අපි රට, සමාජය විනයගරුක පුරවැසියන්ගෙන් සැදුම්ලත් කරන්නට ඕනෑ. ප්‍රශ්නයට විසඳුම එයයැයි කීය.ඤ25දදඡ55 ඨන 11.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
එකම භූමියක අයිතිය වෙනුවෙන් ඊශ‍්‍රායල - පලස්තීන අර්බුදය පැන නැගී ඇත. පලස්තීනය සටන් කරනුයේ ඊශ‍්‍රායලයෙන් මිදුණු නිදහස් භූමියක් සඳහාය. පලස්තීන ජාතිකයින් බටහිර ඉවුර සහ ගාසා තීරය තම භූමියට අයත් බවට හඬ නගයි. නමුත් බොහෝ විශ්ලේෂකයන්, බුද්ධිමතුන් ප‍්‍රකාශ කරනුයේ මුළු ඊශ‍්‍රායෙලය, ගාසා තීරය සහ බටහිර ඉවුර ප‍්‍රදේශය ජාතීන් දෙකටම අයත් සම අයිතිවාසිකම් ඇති ප‍්‍රදේශ විය යුතු බවයි. 2006 වකවානුවේ සිට පලස්තීන කණ්ඩායමේ අභ්‍යන්තර අර්බුද ද නිර්මාණය වු අතර ඒ අනුව ෆටා සංවිධානය සහ හමාස් සංවිධානය බිහිවිය. මේ අනුව පලස්තීන මධ්‍යම බල අධිකාරිය බිඳ වැටුණු අතර ෆටා වෙස්ට් බෑන්ක් සඳහාද හමාස් ගාසා තීරය සඳහාද පෙනී සිටින්නට විය. මෙයින් හමාස් සංවිධානය ලෝකයේ බොහෝ රටවල් පිළිගෙන ඇත්තේ ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙසය. 2007 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදයේදී රටවල් දෙක අතර සාම සාකච්ඡා ඇරඹිණ. මෙහිදී අංශ 6 වුයේ ජෙරුසලම, සරණගාතයින්, ආරක්‍ෂාව, දේශ සීමා, ජලයේ අයිතිය සහ පොදු ප‍්‍රදේශයන්හි අයිතියයි. සටහන්[සංස්කරණය] | [1] |}
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගාල්ල – අලුත්ගම දුම්රිය ධාවනය හෙට (1) සිට තාවකාලිකව අත්හිටුවනු ලැබේ.දක්ෂිණ අධිවේගී දුම්රිය මාර්ගයේ 2 වැනි අදියර ආරම්භ කිරීම නිසා මේ පියවර ගෙන තිබේ.දෙවැනි අදියර ලෙස ගාල්ල සිට ඉඳුරුව දක්වා කොටස නවීකරණ කෙරේ.දෙවැනි අදියර යටතේ කිලෝමීටර් 53 ක් නව දුම්රිය මාර්ගයක් ලෙස සැලකේ.මේ නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය මගීන්ට දුම්රිය ප්‍රවේශපත් දෙකක් නිකුත් කරන අතර ගාල්ල සිට අලුත්ගම දක්වා මගීන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංගම විශේෂ බස් සේවා යොදවන බව ප්‍රවාහන අමාත්‍යාංශය කියයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
විසල් ෆර් ගසෙකපත් සෙළවෙනු දුටිමිසුළගට පාව විත්බිම සිපගන්නමොහොතකට පෙරාතුව....නොසිතුවෙමි එවිට වුවමරණය නිත් බැව්නුඹේ වියපත් සිරුරඉදුණ ෆර් පතක් මෙන්දුබලව වැනෙන තුරුම.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය තනතුර පිළිබඳ ජනාධිපති තුමා සහ රජය ගනු ලබන තීන්දුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු පළාත් පාලන ආයතනයක නියෝජිතයකු එරෙහි වන්නේ නැතැයි ඔවුහු එකහඬින් පවසති.උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය කාට ලබා දුන්නත් ඒ තීරණය අප සියලු දෙනා ඒකමතිකව අනුමත කරන බවද එයට විරෝධය පා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර සභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වෙන බවට ගෙනයන ප්‍රචාරය අමූලික බොරුවක් බවද ඔවුහු පවසති.අනුරාධපුර මහ නගර සභාවේ හා ප්‍රාදේශීය සභා විසි එකකට අයත් සභාපතිවරු ඇතුළු මන්ත්‍රීවරු එකසිය පනස් හතර දෙනෙකුගෙන් එකසිය තිස් දෙනකු ඉල්ලා අස්වන බවට දිව්රුම් ප්‍රකාශ ලබා දී නැතැයි ද පළාත් පාලන නියෝජිතයෝ පවසති.අනුරාධපුර මහ නගරාධිපති එච්.පී. සෝමදාස මහතා - ජනාධිපතිතුමා ගන්නා කිසිදු තීරණයකට පළාත් පාලන නියෝජිතයන් එරෙහි වන්නේ නැහැ. ජනතාව ප්‍රතික්ෂේප කළ පුද්ගලයන් පක්ෂයේ අර්බුදයක් නිර්මාණය කරනවා. ජනාධිපතිතුමාට අනියම් ආකාරයෙන් සිදු කරමින් සිටින තර්ජනය අප තරයේ හෙළා දකිනවා.පදවිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත තිලකරත්න මහතාඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංසදයක් තියෙනවා. එහි රැස්වීමකට සහභාගි වී පැමිණීමේ ලේඛනයක අත්සන් කළා. මහ ඇමැති තනතුර ලබා නොදුන්නොත් තනතුරුවලින් ඉල්ලා අස්වන බවට අත්සන් කළා යැයි කියන කථාව ගැන අපි දන්නේ නැහැ. ජනාධිපතිතුමා නිවැරදි තීරණ ගන්නා නායකයෙක්. අපිට එතුමා විශ්වාසයි. එතුමා ගන්න තීරණය අප මන්ත්‍රීවරුන් සියලු දෙනාම පිළිගන්නවා.හොරොව්පොතාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්.පියතිස්ස මහතාමන්ත්‍රී සංසදය එවැනි තීන්දුවක් ගෙන නැත. අමූලික බොරු කියා ජනාධිපතිතුමා මුලා කරන්න ගන්නා උත්සාහ අප තරයේ හෙළා දකිනවා. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභාපති දේශකීර්ති යූ.බී. සිරිසේන මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව ගෙන ඇති තීරණටත් ජනාධිපතිතුමා ගනු ලබන තීරණයටත් අප හිස නමනවා. මහ ඇමැති තනතුර නිසා කිසිම මන්ත්‍රීවරයකු පක්ෂය හැරදා යන්නේ නැත. තමන් ගොඩ යන්න අනුන් බිල්ලට දීම කැත වැඩක්. නැඟෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රීනී කුමුදිනී බස්නායක මහත්මියප්‍රාදේශීය සභා මන්ත්‍රී සංසදයේ මමත් ඉන්නවා. ජනාධිපතිතුමා ගන්නා තීරණය අප අවිවාදයෙන් පිළිගන්නවා. මේ සංසදය අප පිහිටුවා ගත්තේ අපේ අවශ්‍යතාවට මිසක් දේශපාලන චරිතවලට කඩේ යන්න නෙවෙයි. මෙහිදී ප්‍රාදේශීය සභා සභාපති හා මන්ත්‍රීවරු රැසක් අදහස් දැක්වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
67 වන මහනුවර ත්‍රිත්ව - කොළඹ රාජකීය විදුහල් අතර පැවැත්වෙන බ්‍රැඩ්බි කුසලාන රගර් තරගය මැයි මස 28 වනදා පස්වරු 4.45 සිට මහනුවර බෝගම්බර ක්‍රීඩාපිිටියේදී පැවැත්වේ.මීට කලින් පැවැති තරග 66 න් තරග 35 ක් ත්‍රිත්ව විදුහල දිනා ඇත. රාජකීය විදුහල තරග 30 ක් දිනා ඇති අතර 1992 තරගය කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ඇත.රාජකීය විදුහල මේ රගර් සමය තුළ තරග 6 ක් ජයගෙන අපරාජිත තත්ත්වයේ පසුවෙයි. ත්‍රිත්ව පිල මෙවර තරග 6 ක් ජයගෙන එක් තරගයක් පරාජය වී ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රුහුණේ දුක් විඳි ජනතාව වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළ ඩී. ඒ. රාජපක්‍ෂ ශ්‍රීමතාණන්ගේ 44 වැනි ගුණ සමරුව අදට (7) යෙදී ඇත.ශ්‍රී ලාංකේය දේශපාලන ගමන් මෙඟ් සුවිශේෂී නැම්මක් සනිටුහන් කළ මේ ශ්‍රේෂ්ඨ දේශපාලනඥායාගේ ගුණ සමරමින් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම එතුමන්ගේ ආදරණීය පුත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර මධ්‍යයේ දී අද සිදු කිරීමට නියමිතය.ඩී. ඒ. රාජපක්‍ෂ ශ්‍රීමතාණන්ට පින් පමුණුවනු වස් පිරිත් දේශනයක් මැදමුලන මහ ගෙදර දී ඊයේ (06) පැවැත්වුණු අතර මහා සංඝරත්නය විෂයයෙහි දානමය පින්කම අද පැවැත්වේ.එතුමන් ගේ ගුණ සමරුව නිමිත්තෙන් වාර්ෂිකව සිදු කරන සයුර ශිෂ්‍යත්ව ප්‍රදානය ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර ශාලාවේ දී අද පැවැත්වීමට නියමිතය. මෙවර ඩී. ඒ. රාජපක්‍ෂ ගුණ සමරු දේ්ශනය පවත්වනු ලබන්නේ හිටපු කතානායකවරයකු මෙන්ම වත්මන් සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා වන වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා විසිනි.ඩී. ඒ. රාජපක්‍ෂයන් සමරනු පිණිස ලේක්හවුස් ආයතනය විසින් මුද්‍රණය කරන ලද ‘මැදමුලන මහ රුක’ විශේෂ සමරු කලාපය එහි සංස්කාරක ගාමිණී ජයලත් මහතා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට නියමිතය. මේ අතිරේකය අද (07) දිනමිණ පුවත්පත සමඟ නොමිලේ බෙදා හැරේ.ඩී. ඒ. රාජපක්‍ෂයන් ගේ ජ්‍යෙෂ්ඨ පුත් චමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ දූ දරුවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වෙති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
උපතින් සුබ්‍රමනියම් ශිවනායි නම්වූ මැය තමිලිනී නමින් එ.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදී සංවිධානයේ සාමාජිකාවක් වූවාය. පසුව ඇය එහි දේශපාලන අංශයේ නායිකාව බවට පත්විය. මූලාශ්‍ර[සංස්කරණය] තමිලිනී ගෙදර
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පසුගිය සතියෙන්...අපි දෙන්නා බොහොම ආදරණිය පෙම්වතුන් යුවළක් බවට පත්වෙද්දී තමයි ‘දුහුලු මලක්’ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ වුණේ. ඒත් ඒ චිත්‍රපටයේ රවී පෙම් කළේ නීටා ප්‍රනාන්දුටයි මට ෂූටිං නැති දවස්වලටත් සුමිත්‍රා අක්කා (සුමිත්‍රා අමරසිංහ) ඇවිත් අම්මගෙන් අහලා මාව ෂූටිං බලන්න එක්කරගෙන යනවා. සමහර දවස්වලට නීටා අක්කගෙයි රවීගෙයි ප්‍රේම ජවනිකා බලලා මම අඬ අඬා ගෙදර ගියා. රවී කොයි තරම් තේරුම් කළත් ඒ රඟපෑම බොරුවක් කියලා තේරුම් ගන්න මම අපොහොසත් වුණා. මං ගත්තෙ වැරදි තීරණයක්ද? මට හැමදාම මෙහෙම අඩ අඬා ඉන්න වෙයිද කියලා මම හුඟාක් දුක් වුණා. එහෙම අවස්ථාවලදී රවී මාව සැනසුවේ ලොකුම බොරුවක් කියලා.රවී කිව්වා මම මේක දිගටම කරගෙන යන රස්සාවක් නෙමෙයි පී‍්‍රති. මගෙ අම්මා තාත්තා කැමැතිත් නැහැ පවුලේ ව්‍යාපාරවලින් අයින්වෙලා දිගටම චිත්‍රපටවල රඟපාන්න යනවට. මගේ ආසාවට චිත්‍රපට දෙක තුනක රඟපාලා මමත් අයින් වෙනවා. ඔයත් ෆිල්ම්ස්වල රඟපාන්න ඕනෙ නැහැ. මමත් අයින්වෙන නිසා ඔයත් අයින් වෙන්න. නැත්නම් අපිට හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න හම්බවෙන එකකුත් නැහැනේ.රවී කියපු දේ මම ඉහ මුදුනින්ම පිළිගත්තා. මම විවාහ වෙනතුරුවත් නොඉඳ ඒ මෙහොතෙ ඉඳන්ම ඒ පොරොන්දුව පොරොන්දුවක් විදියටම රැකගත්තා. ඉන් පස්සේ සුප්‍රසිද්ධ අධ්‍යක්ෂවරු ප්‍රධාන චරිතයට කතා කරපු හැම චිත්‍රපටයක්ම ප්‍රතික්ෂේප කළේ හිතේ කොනකවත් පුංචි දුකක්වත් ඉතුරු නොකර මා බොහොම සතුටෙන්. ඒ රවීගේ ආදරෙන් මගේ හිත පිරිලා ඉතිරිලා තිබුණ නිසා. ඒත් රවී නම් එහෙම පොරොන්දුවක් නොවුණ ගානට ඒක දවසින් දවස කල් ඇරලා පොරොන්දුව දිය වෙලා යන්න ඉඩ හැරියා.දුහුලු මලක් චිත්‍රපටයේ රවී නීටා අක්කට ආදරේ කරන්නේ බොරුවට කියලා කොච්චර හිතුවත් ඒ ගැන මං හිටියේ ඊරිසියාවෙන්. චිත්‍රපටයේ එක ජවනිකාවක මට තිබුණා නීටා අක්කට බනින්න. මම ඒ ජවනිකාව කරලා ඉවර වුණාම සුමිත්ත අයියා, නීටා අක්කා, විජය ධර්ම ශ්‍රී අයියා හොඳටම හිනා වුණා. මම හිතුව ඒ කොටස මම හරියට කළේ නැතිව ඇති කියලා. මම ඒ අය දිහා බලලා ඇස් දෙකට කඳුළු පුරව ගත්තා.නීටා අක්කා මගේ ළඟට ඇවිත් කිව්වා අනේ කෙල්ලේ දුක් වෙන්න එපා, අයියෝ ප්‍රීති ඔයා මාත් එක්ක කොච්චර තරහක් තියෙනවද කියලා ඒ බැනපු විධියට අපිට තේරුම් ගියා. ඒකයි අපි හිනා වුණේ. ඒ සීන් එක ඔයා හොඳටම කළා ළමයෝ. ඇත්තටම ඒ වෙලාවේ මගේ හිතේ තරහ ඒ විධියට පිට වෙන්න ඇති. නීටා අක්කා නම් මාව තේරුම් අරන් මං ගැන අනුකම්පාවෙන් මට ඉතාම කරුණාවෙන් සැලකුව බව සඳහන් නොකරම බැහැ. ඒ නිසාම නීටා අක්කා එදා වගේම අදත් හොඳ හිතවතියක්.‘බොඳ මීදුම් කඳුරැල්ලේ’ ගීතය රූපගත කිරීමට නුවරඑළියේ ගත කළ කාලසීමාව මගේ හිතේ ඉතාම සුන්දරව තාමත් නොමැකී තියෙනවා. මට රූගත කිරීම් නැති වුණත් ඒ ගමනට සුමිත්ත අයියත් සුමිත්‍රා අක්කත් ඒ දෙන්නගෙ වාහනයෙන්ම මාවත් නුවරඑළියට එක්කරගෙන ගිය නිසා ඒ දෙන්නගේ රැකවරණය මැද මම අලුතෙන් අත්තටු ලැබුණ කිරිල්ලියක් වගේ රවීගේ උපරිම ආදරය සෙනෙහස ලබමින් අපිටම වෙන් වෙච්ච අපේම ලෝකෙක පියාඹන්න අවස්ථාවක් ලැබුණා.පී‍්‍රති රන්දෙණියපසුගිය කොටස්* පවස නිවන දිය පොදක් නොවී ඔබ*අත්තිකාරම්වලින් අල්මාරියක්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කොළඹට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාවෙන් කොළඹ වරායේ මුළුතැන්ගෙය සහ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පිහිටා ඇති වරාය අධිකාරියේ නිල නිවාස 350 ක් පමණ ජලයෙන් යට වී ඇති බව වරාය අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ ප්‍රසන්න කළුතරගේ් මහතා පැවසීය.දිනමිණ ඊයේ (17) කළ විමසීමකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එම නිල නිවාස වල පදිංචිකරුවන් වෙත අත්‍යවශ්‍ය කෑම වර්ග සහ වෙනත් පහසුකම් වරාය සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාගේ උපදෙස් පරිදි යැවීම ක්‍රියාත්මක කර ඇති බවද කළුතරගේ් මහතා පැවසුවේය.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
“මිනිසාගේ තනතුරු, බලතල, වත්කම් ඉවත් කළ පසු ඔහු තුළ සිටින්නේ සාමාන්‍ය මිනිසකු පමණි.” යන සුප්‍රසිද්ධ කියමනට අනුරූපීව ගාමිණි හත්තොටුවේගම ගුරු පියාණන් තම ශේස වූ ආයුකාලය තුළ ඉහතින් සඳහන් කළ වංචල සියලු ආභරණ පසෙක ලා සාමාන්‍ය මිනිසකු වශයෙන් තම ජීවිතය ගත කිරීම කොපමණ ආශ්චර්යජනකද යන්න ඔහු ළඟින් ඇසුරු කළ අපි කවුරුත් ප්‍රත්‍යක්ෂයෙන් දනිමු.ඔහු සතු ධනය වුයේ අසාමාන්‍ය නව චින්තාවනුත්, සමාජානුයෝගී බවත්, කිසි භේදයකින් තොර සමාන සමාජ සිතුවිලිත්, අඩුම කුඩුම, පොත්පත්, පෑනක් හා ඇඟලුම් කිහිපයක් පුරවාගත් ‘හචා’ මල්ලත්, ගමනට හා කුස පුරවා ගැනීමට අවශ්‍ය කාසි කිහිපයකුත් පමණි.නවසිය ගණන්වල මැද භාගයේ පමණ විදුලකර සරසවියට අ ඇතුල් වී සති කිහිපයක් යාමට ප්‍රථම ගුරුන් අතර සුවිශේෂ ගුරුතුමෙක් දළුගම සරසවි මණ්ඩපයේ සැරිසරනු මම දුටුවෙමි.උඩුකය අඳුරු වර්ණයකින් හා බොත්තම් පිරි සාක්කු කිහිපයකින් සැදුම්ලත් කමිසයකින්ද, එම කමිසයේ ලිහුණු බොත්තම් අතරින් නිරාවරණය වූ පපු ප්‍රදේශයේ කලු ලේස් නූලකින් ගැටගැසුණු තඹ පැහැති රෝම කාසියද පෙරළෙමින් තිබුණි. සෙන් පරපුරේ රජ කුමරුන්ගේ දිගටි නෙත්, ඉහළ සිට පහළට ඇදුණු තලෙළු වර්ණවත් වූ දිගටි යුදෙව් මුහුණකින් හෙබි උස් වූ කෙසඟ සිරුර ඈතින් අඩි තබමින් ගමන වේගවත් වූයේ ‘ට්‍රෑම්’ රථයක් මෙනි. ඔහුට ආභරණ වූයේ ඔහු සතු සුවිශේෂ වූ පෞරුෂයයි.දළුගම බණ්ඩාරනායක ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිසුන් පිරිවරාගෙන ඔහු ගත කළේ ශිෂ්‍යයකු මෙනි. වෙනසකට වූයේ ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ හසල දැනුම හා නව නාට්‍ය චින්තාවන්, සංකල්පයන් පිළිබඳ පැවැති පර්යේෂණාත්මක අදහස් පමණි. ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක් මහමඟට වැයවූයේ අන් කිසිවක් නිසා නොව ඔහු සතු අත්දැකීම්, සාමාන්‍ය ජීවිතයෙන් උරා ගැනීමට ගත් උත්සාහයයි.සිසුන් පිරිවරාගෙන සම්භාව්‍ය ඉංග්‍රීසි චිත්‍රපට හා නාට්‍ය නැරඹීම, සාහිත්‍ය නාට්‍ය වැඩමුළු සඳහා උචිත තානාපති කාර්යාල කරා පියනැගීම, පුවත්පත් කාර්යාල, ගුවන් විදුලිය, ලුම්බිණි රඟමඩල, ගම් නියම්ගම්, වෙල්එළි, කමත්, ගොවීන්, කම්කරුවන්, සාමාන්‍ය ජනතාව මෙකී නොකී පරිසරයන් හා පුද්ගලයන් මුණගැසී ඔහුටත්, සිසුන්ටත් ළඟා කර දුන් අත්දැකීම් අපමණය.1966 දළුගම විශ්වවිද්‍යාලයේ ප්‍රථම කලා උළෙලේ නාට්‍ය තරගයට පෙර වදනක් සපයමින් සරසවි සිසුන් කිහිප දෙනෙකු එක්රැස් කර ගෙන ජී. කේ. සර් “කොබෙයි රැළක් රංචු ගසා නගින්නේ...// නිල් අහස කඩා යන පිළිහුඩුවා....// වනයේ ගිරවා හොට රතු කෙරුවා...// කොබෙයි රැළක්....” යන කෙටි නාට්‍යෝචිත කෙටි පිවිසුම අවසන් වනවිට මහ සිසු කැළ අත්පොලසන් දෙමින් ගෞරවය පල කළ සැටි අද මෙන් මතකයට නැගේ. එතුමාගේ වීදි නාට්‍යවල මූලාරම්භය මෙය බව ඊට සහභාගි වූ මා සමඟ එතුමා කීපවාරයක් පවසා තිබේ.නවසිය හැට ගණන්වල විදුලකර සරසවියේ ක්‍රිකට් ක්‍රීඩාව ශක්තිමත් කිරීමට එතුමා ශ්‍රමයත්, ධනයක් නොතිබුණු සිය වේතනයත් කැප කළේය. 1966/67 විදුදය – විදුලකර මහා ක්‍රිකට් ගැටුමේ විදුලකර ක්‍රීඩකයන් ප්‍රදර්ශනය කළ ශක්තිමත්භාවය එකල පුවත්පත්වල පළවීමේ ගෞරවය එතුමාට හිමිවේ. Jaffna College සමඟ කළ ක්‍රිකට් සටන්, Daily News Trophy ක්‍රිකට් සටන් සදා අමතක නොවේ.1973 මා අනුරපුර විදුහලක උගන්වන අවදියේ ජී. කේ. සර්. පරාක්‍රම නිරිඇල්ලගේ කළමනාකාරිත්වයෙන් එච්. ඒ. පෙරේරා, දීපානී සිල්වා, හෙට්ටිආරච්චි ආදීන්ගේ සහභාගිත්වයෙන් පුන් පොසොන් පෝ දින සඳඑළියේ හරිස්චන්ද්‍ර ක්‍රීඩාපිටියේ සහ ජනාකීර්ණ අනුරාධපුර දුම්රියපොළේ රඟ දැක්වූ වීදි නාට්‍ය සංදර්ශන ආරම්භක සංදර්ශන ලෙස ඉතිහාසයේ සනිටුහන් වී ඇත.මෙම අසාමාන්‍ය සත්පුරුෂයාට මා පෙර සඳහන් කළ පරිදි බුද්ධිය හා ඔහුගේ ගෝලබාලයන්ගේ, සොයුරියන් හා දරු දෙදෙනාගේ (දැනට ඕස්ට්‍රේලියාවේ ගත කරන) සත්කාර හැර අන්කිසි දේපළක්, වත්කමක් නොවීය. ඔහු මනරම් මාලිගා තැනූ බ්‍රේස්ලට්, මාල පැළඳූ යානවාහන හිමිකරුවකු නොවීය. ඔහු සතු වූයේ ඔහුම පමණි.නමුත් අගය කළ යුත්තක් ඇත. විදුලකර සරසවියේ මේ අන්දමට ගෙවී ගිය ස්වර්ණමය යුගයේ සිටි ජ්‍යෙෂ්ඨයන් හා වත්මන් පාලක මණ්ඩලය මෙතුමා මියයන්නට පෙර මෑත අතීතයේ පැවැත් වූ උපාධි ප්‍රදානෝත්සවයේදී එතුමාට ආචාර්ය උපාධියක් පිරිනැමීම කොපමණ අගය කළ යුත්තක්ද කෘතගුණ සැලකීමක්ද!ශ්‍රී ලංකා ද්වීපයට වීදි නාට්‍ය හඳුන්වා දී එය සංස්කෘතික අංගයක් බවට පත්කිරීමට වෙරදැරූ අපේ ගුරුතුමාට නිවන් සුව අත්වේවා!.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හම්ප්ටි ෂර්මා කී දුල්හානියා (Humpty Sharma Ki Dulhania)බොලිවුඩ් සිනමාවේ ඉතා ජනපි‍්‍රය චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ කරන් ජොහාර් ගේ නවතම නිෂ්පාදනයයි හම්ප්ටි ෂර්මා කී දුල්හානියා. කාව්‍යා ප්‍රතාප් සිං (අලියා බහාට්) නම් වූ රූමත් කෙලිලොල් තරුණිය අම්බාලි නගරයේ සිට දිල්ලි නුවරට විනෝද චාරිකාවක යෙදී සිටියදී ඇතිවන සිදුවීම් රැසකින් නිර්මාණය වී ඇති හම්ප්ටි ෂර්මා විකට සහ ශෲංගාරාත්මක චිත්‍රපටයකි.ඇයට දිල්ලි නගරයේදී හමුවන විනෝද කාමී තරුණයකු වූ හම්ප්ටි ෂර්මා නම් තරුණයකු (වරුන් දාවන්) කාව්‍යා විසින් හඳුනා ගැනීමත් ඒ තුළින් ඇතිවන සිදුවීම් මාලාවක් අඩංගු හම්ප්ටි ෂර්මා කී දුල්හානියා හි වරුන් දාවන් අලියා බාට් අශූ ටෝෂ් රානා, කෙනස් දෝශි සමඟ හඳුන්වා දෙන සිද්ධාර්ථ ශුක්ලා රංගනයෙන් දායක වෙති.මෙය ශසින්ක් කේහේටාන් ගේ අධ්‍යක්‍ෂණයකි.ඩිවර්ජන්ට් (DIVERGENT)වෙරෝනිකා රූත් ගේ ජනපි‍්‍රය නවකතාව ඇසුරෙන් නීල් බගර් විසින් අධ්‍යක්‍ෂණය කළ නවතම ක්‍රියාදාම චිත්‍රපටයයි ඩිවර්ජන්ට්ශලේන් වුඩ්ලි, තියෝ ජේම්ස්, රේ ස්ටීවන්සන් සමඟ සම්මානනීය නිළි කේට් වින්ස්ලට් රඟන ඩිවර්ජන්ට් ඩී. වී. ඩී. තැටි මේ දිනවල වෙළඳපළට නිකුත් වී ඇති නවතම ඉංගී‍්‍රසි චිත්‍රපටයකි.ලෝක ජනගහනය එක් එක් කාණ්ඩවලට වෙන් කරනු ලබන අතර තම කාණ්ඩය සොයා ගැනීමට ගන්නා වෙහෙස සහ ඒ නිසා ඇතිවන සිදුවීම් මාලාව වටා ගෙතුණ ඩිවර්ජන්ට් අපූර්වතම ක්‍රියාදාම චිත්‍රපටයකි.මන්ජාපායි (MANJAPAI)එන්. රගවන් අධ්‍යක්‍ෂණය කළ මන්ජාපායි චිත්‍රපටය බොහෝ ද්‍රවිඩ චිත්‍රපටවලට වඩා වෙනස් වූ මානුෂික විවරණයකින් හෙබි ද්‍රවිඩ චිත්‍රපටයකි.ගමේ ඉපිද වැඩිදුර අධ්‍යාපනයක් ලැබ ඉහළ රැකියාවකට එන තරුණයකු තමා කුඩා කල සිට හදා වඩා ගත් තම සීයාව ගමේ තනි නොකර තම මහල් නිවාසයට රැගෙන ඒමත් ඒ නිසා නාගරික සමාජය ඉදිරියේ ගැමිකම හාස්‍යයට සහ ඔච්චමට ලක්වීමත් මනාලෙස චිත්‍රපට ගතකර ඇති මන්ජාපායි කාටත් රස විඳිය හැකි අපූර්ව චිත්‍රපටයකි.කන්ගා බහාට්, රාජ් කුමාර් යාදේව්, ලිසා හේඩන් සමඟ විජේ සින්ග් රංගනයෙන් දායක වී ඇති මන්ජාපායි සංගීතය අනිට් ත්‍රිදේව් විසිනි. වික්‍රමදිත්‍ය මොට්ටරන් විසින් නිෂ්පාදනය කර ඇති මන්ජාපායි චිත්‍රපටය ප්‍රේක්‍ෂක අවධානයට ලක්වූ අපූර්වතම චිත්‍රපටයකි.වඩකරි (VADACURRY)ස්වාති රෙඩ්ඩි සහ බාලාජි කස්තුරි රංගනයෙන් එක්වන අලුත්ම දෙමළ චිත්‍රපටය වඩකරි සරවන රාජන් ගේ අධ්‍යක්‍ෂණයකි.ස්වාති සහ බාලාජි සමඟ සනී ලියෝන්, අරුල්දාස් මීෂා, වෙන්කට් ප්‍රභූ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන වඩකරි කැමරාකරණය එස්. වෙන්කටේෂ් විසිනි.ක්වීන් (QUEEN)ක්වීන් චිත්‍රපටය ආරම්භ වනුයේ දිල්ලි නගරයේ ජීවත්වන විසි හතර හැවිරිදි රාණි නම් වූ යුවතිය මුල් කරගෙනය.රාණි ගේ එකම ආරක්‍ෂකයා වනුයේ ඇගේ සොහොයුරාය. මෙහිදී රාණි මුහුණදෙන සිදුවීම් රාශියකින් අපූර්වතම චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ක්වීන් චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ විකාශ් බහාල් සමත් වෙයි.අමිත් ත්‍රිදේව් ගේ ලයාන්විත සංගීතයෙන් ඔපවත් වී ඇති ක්වීන් නිෂ්පාදනය වික්‍රමාදිත්‍ය මොට්වානි විසිනි.රංගනයෙන් රාණි ලෙස කන්ග්නා රානට් රඟන අතර මීට අමතරව රාජ් කුමාර් යාදේව්, ලීසා හේඩන්, විජේ සිං ඇතුළු නළු නිළියන් රැසක් ක්වීන් සඳහා දායක වී ඇත. මෙය 2014 වසරේ වැඩිම ආදායම් ලත් ඉන්දියා චිත්‍රපටයකි.නෝආ (NOAH)ලෝක විනාශය තවත් පරිච්ඡේදයක ආරම්භයයි. ජල ගැල්මෙන් ලෝකය විනාශ වීමට පෙර තෝරාගත් මිනිසුන් කොට්ඨාසයක් ඉන් බේරා ගැනීම සඳහා දෙවියන් වහන්සේ එක් මනුෂ්‍යයකු තෝරා ගනියි. ඔහු නෝආ ය.බයිබලයේ සඳහන් කතාවක් ඇසුරෙන් තැනුන ඕනෑම ජාතිකයකුට හෝ ඕනෑම ආගමිකයකුට නරඹා රස විඳිය හැකි චිත්‍රපටයක් නිර්මාණය කරලීමට අධ්‍යක්‍ෂ ඩැරන් අරෝනොෆ්ස්ක් සමත් වී ඇත.දක්‍ෂ චරිතාංග නළු රසල් ක්‍රෝ සමඟ ඇන්තනි හෝප්කින්ස්, රේ වින්ස්ටන්, ජෙනිෆර් කොන්ලි, එමා වොට්සන් ඇතුළු නළු නිළියන් රැසකගේ රංගනයෙන් ඔපවත් වී ඇති නෝආ මේ දිනවල සිනමා ප්‍රේක්‍ෂකයන් අතර ඉමහත් කතාබහට ලක් වූ චිත්‍රපටයකි.ඉහත සියලු චිත්‍රපටවල ඩී. වී. ඩී. තැටි දැන් වෙළඳපළෙන් ලබාගත හැක අතර සෑම තරාතිරමකම ප්‍රේක්‍ෂකයන්ට නැරඹීමට සුදුසු චිත්‍රපට වේ.ලිව්වේ – කල්‍යාණ චන්ද්‍රසේකරබ්ලූ රේ චිත්‍රපට අනුග්‍රහය මූවි වර්ල්ඩ් HDඩී. වී. ඩී. අනුග්‍රහය නීරෝ සී. ඩී. හවුස් මල්වත්ත පාර
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
* ඔබ කවුද?යසස් රත්නායක.* වර්තමාන යුද හමුදාපති දයා රත්නායකයන්ගේ පුතා?ඔව්. ඒත් මං කැමැති නැහැ එහෙම හඳුන්වනවාට.* ඒ මොකද?තාත්තගේ තරුවලින් මට බැබලෙන්න ඕනෑ නැහැ. මං තාත්තාගේ නමින් අයුතු ප්‍රයෝජන ගන්නෙත් නැහැ. ඒකයි එහෙම කිව්වේ.* යසස් රත්නායක තමයි සිංහල සිනමාවේ අලුත් කතානායකයා. එහෙම කිව්වොත් හරිද?හප්පේ එච්චර ලොකුවට මාව හඳුන්වන්න එපා. මං තවම සිංහල සිනමාවට පුංචි කෙනෙක්.* නමුත් ඔබ සුනෙත් මාලිංග ලොකුහේවාගේ නවතම චිත්‍රපටය වන ආකර්ෂා හී ප්‍රධාන චරිතය රඟපානවා නේද?ඒක නම් එහෙම තමයි. ඒක ළඟදීම රූගත වෙනවා. එහි කර්නල් වික්‍රමසිංහ කියලා චරිතයක් මම රඟපාන්නේ. පූජා තමයි පෙම්වතිය.* පළමු චිත්‍රපටයේම පූජා වගේ කෙනෙක් පෙම්වතිය වීම ගැන මොකද හිතෙන්නේ?ටිකක් ලැජ්ජයි. ඒත් සතුටුයි. පුළුවන් උපරිම සාධාරණය ඉටු කරනවා.* මොනවද රංගනය සඳහා ඔබට තියෙන සුදුසුකම?මං ලංකාවේදී ඉංග්‍රිසි වේදිකා නාට්‍යවල රඟපාලා තියෙනවා. 2008 වසරේ වයි. එම්. සී. ඒ. මඟින් සංවිධානය කළා ෂේක්ෂ්පියර් නාට්‍ය තරගාවලියක්. එහි හොඳම නළුවා වුණෙන් මම මුළු ලංකාවෙන්ම. ඊට පසුව මං උසස් අධ්‍යාපන කටයුතුවලට අමෙරිකාවට ගියා.* කොහොමද ඔබට ආකර්ෂාව හමුවන්නේ?සමන් වීරමන් මහතා හරහායි මට සුනෙත් මාලිංග ලොකුහේවා හමු වන්නේ. ඔහු මට පිටපත දීලා චරිතයට කතා කළා. මමත් වැඩේට සෙට් වුණා. මට මීට ප්‍රථම සමන් මහත්මා ඔහුගේ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ සිනමාපටයේ නන්ද කුමාරයාගේ චරිතයට ඇරැයුම් ලැබුණා. ඒත් කාර්යබහුලකම නිසා මට ඊට දායකවන්න වුණේ නැහැ. ඒත් මේ කාලය හොඳයි. ඒකයි කර්නල් වික්‍රමසිංහ චරිතය භාර ගත්තේ.* සැබෑ ජීවිතයේදී ඇයි හමුදා නිල ඇඳුමට ප්‍රිය නොකළේ?මං කොහොමත් සටන්කාමී පුද්ගලයෙක් නෙවෙයි. ඒක නිසා හිතුණේ නැහැ හමුදාවට බැඳෙන්න. ඒත් චිත්‍රපටය වෙනුවෙන් හමුදා නිල ඇඳුම ඇන්දා.* තාත්තගේ නම පාවිච්චි කරලා බේරුණු අවස්ථා මොනවද තියෙන්නේ?කවදාවත් මං තාත්තගේ නම පාවිච්චි කරලා අයුතු ප්‍රයෝජනයක් අරගෙන නැහැ. පාසල් කාලේ එක පාරක් මං හෙල්මට් නැතුව ගිහින් පොලීසියට අහු වුණා. එදා මට අවවාද කරලා මුදා හැරියා. එවලේවත් මං තාත්තගේ නම පාවිච්චි කළේ නැහැ බේරෙන්න.* සාමාන්‍යයෙන් ඔබ චණ්ඩි වැඩ කරලම නැද්ද?මම සාමාන්‍යයෙන් නිවුණු කෙනෙක්. ඒ වගේම භාවනා කරන්නත් මං ආසයි. මං ආරණ්‍යවලට ගිහින් මාස ගණන් ඉඳලා තියෙනවා.* ඉදිරියේදී දිගටම භාවනාවේ නියැලෙයිද?තවම තීරණයක් නැහැ. හැබැයි මට කලාවෙන් ඉදිරියටම යන්න හිතක් තියෙනවා. බලමු. ආකර්ෂා චිත්‍රපටයෙන් පසුව ඒ හැම දෙයක්ම තීරණය වේවි.* එත් මට දැනගන්නට ලැබුණා ඔබ අධ්‍යක්ෂණයටත් පිවිසෙන්න සූදානමක් තියෙනවා කියලා?ඔව්. මං කරනවා නම් කරන්නේ අමෙරිකාවේ තාක්ෂණයයි ලංකාවේ ශිල්පීනුයි දාලා වෙනස්ම සිනමාපටයක්. කාලයට ඉඩ දීලා බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා.* පොඩි කාලේ ඉඳලා ඔබ නීත්‍යනුකුල පරිසරයක හැදෙන්න ඇති?හරියට හරි. අපේ ගෙදර හමුදා නීතිය තිබුණා. ඒක නිසා මං නීට් එකට වැඩ කරන්න පුරුදු වුණා. කිසිදු අයහපත් වැඩකට යොමු වෙන්න තිබුණු ඉඩකඩ වැලකුණා. අදටත් මගේ කාමරය පොඩ්ඩක් හරි හැඩිවෙලා තිබුණොත් තාත්තා කෑගහනවා.* මේ වෙන කොට සිංහල සිනමාවට ඇල්මක් ඇති වෙලාද තියෙන්නේ?බොරු කියන්න ඕන නැහැනේ, ලංකාවේ සිනමාව ගැන මට ලොකු අවබෝධයක් නැහැ. ලංකාවේ චිත්‍රපවලට වඩා හොලිවුඩ් චිත්‍රපටයි මං බලලා තියෙන්නේ. ඒ වුණත් මේක මගේ රට. සිංහලකම මගේ ලේවල තියෙනවා. ඒකයි මම කිව්වේ කවදා හරි මේ රට වෙනුවෙන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා කියාලා.* ඔබේ පියා ඔබ කලා කටයුතුවල නියැලෙනවාට කැමැතිද?ඔව්. ඔහු මට නිරන්තරයෙන් ආශිර්වාද කරනවා.* ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරුත් සඳහන් කරමු?මං ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ. මගේ උපන් දිනය 1988. 05. 04 වැනිදා. මට මල්ලියෙකුයි නංගියෙකුයි ඉන්නවා. ඒ ඇති නේද?* මේ වන විට ආකර්ෂාට අතරව තවත් සිනමාපට හෝ වෙනත් නිර්මාණ සඳහා ආරාධනා ලැබිලා තියෙනවාද?චිත්‍රපට දෙක තුනකට කතා කළා. තවම කන්ෆෝම් නැහැ. ටෙලි නාට්‍ය ගැන නම් ලොකු පැහැදීමක් නැහැ. ඒත් හොඳ චරිතයක් ලැබුණොත් භාර ගන්නවා.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල තුළ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය මඟහරවා ගැනීම සඳහා විශ්වවිද්‍යාල බහුතරයක් හා අනුබද්ධ ආයතන කිහිපයක් ඊයේ (21) සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට රජය තීරණය කළේය.ඒ අනුව කොළඹ, පේරාදෙණිය , ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, යාපනය, රුහුණු, රජරට හා නැඟෙනහිර විශ්වවිද්‍යලවල වෛද්‍ය පීඨ හැර අනෙකුත් සියලු පීඨ වසා දැමේ.මොරටුව, සබරගමුව, වයඹ විශ්වවිද්‍යාල මෙන්ම සෞන්දර්ය විශ්වවිද්‍යාලය හා විවෘත විශ්වවිද්‍යාලවල සියලු පිඨ වසා දමා ඇති අතර දේශීය වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනය, ස්වාමී විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපන ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය, මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනය, ශ්‍රී පාලී මණ්ඩපය, ත්‍රීකුණාමල මණ්ඩපය හා වව්නියා මණ්ඩපයද මේ අනුව වසා දමා තිබේ.බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, බුද්ධශ්‍රාවක විශ්වවිද්‍යලය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය, යක්කල ආයුර්වේද ආයතනය වල ගැටලුකාරී තත්ත්වයන් නොමැති නිසා එම විශ්වවිද්‍යාල හා ආයතන සුපුරුදු පරිදි විවෘත තැබීමට තීරණය කර තිබේ.දැනට විශ්වවිද්‍යාලවල පවතින වතාවරණය තවදුරටත් ඉදිරියේදී නරක අතට ගමන් කිරීම වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ආයතන අධ්‍යක්ෂකවරුන් සමඟ සාකච්ඡා කර උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා මෙම තීරණය ගෙන ඇත.විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ වෘත්තීය ක්‍රියාමාර්ගය පිටුපස කිසියම් දේශපාලන හස්තයක් හෝ උවමනාවක් නොමැතියි යන උපකල්පනය මත පසුගිය මාස 2 ක් පුරා රජය එය මිත්‍රශ්‍රීලීව හා අන්‍යනෝන්‍ය අවබෝධයෙන් විසදා ගැනීමට හැකි උපරිම උත්සහය දරමින් අවශ්‍ය පරිසරය සකස් කරමින් ක්‍රියාත්මක වු බව උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.එහි ප්‍රතිඵලයක් ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශය මට්ටමින් ද දෙවනුව ජනාධිපති ලේකම්තුමා හා තෙවනුව බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා සමඟ ද මට්ටම් තුනකින් සාකච්ඡා වාර දහයකට ආසන්න සංඛ්‍යාවක් මෙන්ම ලිබි හා අවබෝධතා ගිවිසුම් ආකෘති හුවමාරු වට රැසක්ම ආචාර්ය සමිති සම්මේලනය සමඟ පවත්වා ඇති නමුත් ආචාර්ය සමිති සම්මේලනය මෙම ගැටලුව ධනාත්මකව විසඳා ගැනීමට පියවර නොගන්නා බව සියලු පාර්ශවයන්ට හොදින් විද්‍යාමාන වී ඇති බවත් දිසානායක මහතා කියයි.මේ අනුව විශ්වවිද්‍යාල අර්බුදය ඔස්සේ රටේ දේශපාලන හා සමාජ ගැටලුවක් නිර්මාණය කරමින් යම් යම් සැගවුණු දේශපාලන කුමන්ත්‍රණ හා යම් අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා අහිංසක සිසුන්ගේ ජීවිත හා අනාගත අපේක්ෂා බිල්ලට දීමට සුදානම් වන බවත් ඒ හරහා රටේ කැළඹිලි තත්ත්වයක් දේශපාලන අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට ප්‍රයත්න දරණ බව සියලු දෙනාට පැහැදිලි වන බවත් ඇමැතිවරයා කියා සිටියි.විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලීම් 6ක් මුල් කර ගෙන මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන අතර ආචාර්යවරුන්ගේ පළමු ඉල්ලීම වන සියයට 20 ක වැටුප් වැඩි කිරීම හැර අනෙක් ඉල්ලීම් පහට රජය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවය පළ කර තිබේ. දැනටමත් විශ්විවද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් සියයට 36 සිට සියයට 83 දක්වා වැඩි කර තිබෙන බැවින් තව දුරටත් වැටුප් වැඩි කිරීම මඟින් රටේ වැටුප් ව්‍යුහය ව්‍යාකූල වන බව ඇමැතිවරයා පෙන්වා දෙයි.මේ බව ආචාර්යවරුන් පිලිගෙන තිබෙන නමුත් එම ඉල්ලීම ඉදිරියේදී ධනාත්මකව සළකා බලන කරුණක් හැටියට පිළි ගන්නැයි ආචාර්යවරු රජයට දන්වා ඇතැයි කියන ඇමැතිවරයා මෙම ගැටලුව දිගුකාලීන විසදීමට ඉදිරියේදී රජය විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට හා අංග සම්පුර්ණ පශ්චාත් උපාධි විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කටයුතු කිරීමටද යෝජනා වී ඇතැයි කියා සිටියි.මේ නිසා දැනට විශ්වවිද්‍යාලවල පවතින තත්ත්වය වහාම සමාන්‍ය අතට පත් කළ යුතු බැවින් මෙසේ නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාල වසා දැමීමට තමන්ට පැවරී ඇති බලතල අනුව තීරණය කළ බවත් දිසානායක මහතා අවධාරණය කර සිටියි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මැලේ බසින් ඇති සිංගප්පූරුවේ ජාතික ගීය මජාලා සිංහපුරාවේ. මජාලා සිංහපුරා Sorry, your browser either has JavaScript disabled or does not have any supported player. You can download the clip or download a player to play the clip in your browser. මෙම ගොනුවට සවන්දීමේ ගැටලුවක්ද? බලන්න මාධ්‍ය උදව්.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඔන්න අදත් සුපුරුදු මතෘකාවම තමා ඉතින් අද අලුත් සයිට් දෙකක් හදුන්වලා දෙන්න තමා හඩන්නෙ ඕන් වැඩිය පැහැදිලි කිරීම් ඕන නැහැනේ දන්න කට්ටිය දන්නවනේ නොදන්න අය මුල ඉදලා මේ ගැන ලියපු ලිපි ටික කියවන්න.මේ සයිට් එකෙන් දවසට සතොෂි 2000 ගන්න පුලුවන්පැය 24 සැරයක් මෙකේ Free කොයින් අරන් Extra කියලා එකක් තියනවා එකෙනුත් ගන්නVisit Siteමේ සයිට් එකෙන් විනාඩි 15 15 Free දෙනවා ඔයලාත් ට්‍රයි කරලා බලන්න.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජයට පත් කර අපේ මාතෘ භූමිය නිදහස් කර ගැනීමේ දී එක් එක් රටවල විශාලත්වය හෝ බලවත්කම පිළිබඳව තැකීමක් නොකළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.ලොව දරුණුම ත්‍රස්තවාදීන් ලෙස සැලකෙන එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කිරීමට යාමේදී ඔවුන්ගේ ජාත්‍යන්තර සහයෝගිතාව මූල්‍ය හැකියාව ආදී කිසිවක් කෙරෙහි අවධානය යොමු නොකර එකම ඉලක්කයක් කරා ගමන් කළ නිසාම එයින් ජයගත හැකි වූ බවද හෙතෙම සඳහන් කළේය.ඒ මහතා මේ බව සඳහන් කළේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ඉදිකළ පිහිණුම් තටාකය හා ජීවිතාරක්ෂක ක්‍රමවේද පුහුණු කිරීමේ අභ්‍යාස මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීම නිමිත්තෙන් ඊයේ (28) පැවැති උත්සවයක් අමතමිනි.හිරු නොබසින අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අපේ රට වසර සිය ගණනක් සටන් කර තිබෙන බව සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා සෑම අවස්ථාවකදීම අපේ රටවැසියන් ධෛර්ය සම්පන්නව කටයුතු කර තිබෙන බවද කීවේය. සෑම අංශයකින්ම ලෝකය දෙස බලා කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා පැමිණෙන අභියෝග පිළිබඳව අවධානය යොමු කර ඒ සියල්ල තමාට ජය ගත හැකි යැයි ආත්ම ශක්තිය ගොඩනඟා ගත යුතු බවත් එවිට ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවත් සඳහන් කළේය.අනාගත ජීවිත ජය ගන්නට තම බාල කාලය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම අතිශය වැදගත් බව කී රාජපක්ෂ මහතා සුන්දර ළමා කාලය යළි කිසිදිනෙක නොලැබෙන බවද අවධාරණය කළේය.පාසල් අධ්‍යාපනය පමණක් නොව බාහිර කි‍්‍රයාකාරකම් කෙරෙහිද සෑම දරුවෙක්ම අවධානය යොමු කළයුතු බවත් ඒ හරහා දරු දැරියන්ගේ අනාගතය වඩා යහපත් කරගත හැකි බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.ළමා කාලය නිකරුණේ ගෙවා දමන්නෙකුට අනාගතයක් පිළිබඳව හිතන්න බැරි බවත් ඒ නිසාම ළමා කාලය හොඳින් ගත කිරීම අවශ්‍ය බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මේ රටේ ඉහළම තලවලට පැමිණි පුරවැසියන් විශාල ප්‍රමාණයක් සිටින බවද කීවේය.මවුපියන්ගෙන් දරුවන්ට කොතරම් සැප සම්පත් ලැබුණද ඒ සියල්ල පසෙකලා මේ රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදිය යුතු බවත් එමගින් දරුවන්ට ඉදිරියට යාමට හැකි බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ලෝකයේ ඇති සොරකම් කළ නොහැකි එකම දෙය උගත්කම බවද සිහිපත් කළේය.ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ, කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ගාමිණී ලොකුගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති කේ. ජී. විමලසේන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වර්ජනයට එක්ව සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහත්වරුන් අද (4) සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇත.විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඊයේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ රැස්වීමකදී මේ බව අනාවරණය විය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදියක් හොරොව්පොතාන දියතිත්තවැව මාර්ගයේ හඹගමදී පෙරේදා (15) රාත්‍රී 8 ට පමණ ගසක හැපීමෙන් එහි ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු මරුමුවට පත්වී ඇත.මෙසේ මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු රණසිංහගේ ජයලත් රණසිංහ (20) සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ නියුතු අමරසේනගේ මදුත සංජීව අමරසිංහ (22) හැවිරිදි සහ අඹගස් වැව ගමෙහි පදිංචි ඥාති සොහොයුරන් දෙදෙනෙකි.පරංගියාවාඩිය ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එම්. එස්. මහනාම මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිදුකරනු ලබයි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බැරිවීමකින් හෝ නැවත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත්වුවහොත් මුලින්ම මේ රටින් අකාමකා නැතිකර දමන්නේ සමෘද්ධි ව්‍යාපාරය බව උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායක මහතා කියා සිටියි.උතුරුමැද පළාත් සභා මැතිවරණයේදී හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් කාර්යාල භූමියේ (12) පැවැති ජනහමුවක් අමතමින් එස්. බී. දිසානායක මහතා මේ බව පැවසීය.එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.රනිල් වික්‍රමසිංහ මහතා එදා “යළි පුබුදමු ශ්‍රී ලංකා” හරහා මේ රටේ හත්ලක්ෂ අනූදහසක් වූ රාජ්‍ය සේවය හාර ලක්ෂය දක්වා අඩු කළා. වසර පහක් යනතුරු රාජ්‍ය සේවයට තාවකාලික හෝ කොන්ත්‍රාත් පදනමින්වත් අඩුම තරමේ කිසිවෙකුත් බඳවා ගත්තේ නෑ.අද රනිල් වික්‍රමසිංහ මහත්තයා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළ ඉල්ලීම සාධාරණ බව කියනවා. වැටුප් වැඩිකරන්න කියනවා. නමුත් වසරින් වසර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ් වැටුප් වැඩිකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවයි.රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව කාලේ එක සතයකින්වත් එහෙම වැටුප් වැඩිකළේ නෑ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ ජනතාවගේ ලෙයින් කඳුලින් දහදියෙන් ගොඩනැගුන පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂයේත් ජනතා විමුක්ති පෙරමුණේත් මහා භීෂණකාරී ප්‍රචණ්ඩත්වයක් අපේ අයට එදා එල්ල වුණා. ඒ තුළ ජීවිතත් එක්ක මරණයත් එක්ක දිගුකාලීන සටනක් කරලයි පොදු ජන එක්සත් පෙරමුණ ගෙන ආවේ.ලොව දරුණුතම ගරිල්ලා සංවිධානයක් විනාශ කර දමා අතිගරු ජනාධිපතිතුමන් අද මේ රට තීරණාත්මක තැනකට ගෙනවිත් තිබෙනවා.අද මේ රට වේගයෙන් දියුණුවේගෙන යනවා. තවත් වසර පහක් යනකොට මේ රට දුප්පත්කමින් මිදුනු රටක් තත්ත්වයට පත්වෙනවා.ඒක නිසා රට ඉදිරියට ගමන් කරද්දී සංවර්ධනය කරා, වේගවත් දියුණුවක් කරා ගමන් කරමින් සිටි මොහොතක සියලු දෙනා එක්ව ඒ ගමන යන්න පෙරට එන්න යැයි ද ඇමැතිවරයා කීය.උතුරුමැද හිටපු මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක, යෞවන කටයුතු හා නිපුනතා සංවර්ධන නියෝජ්‍ය ඇමැති දුමින්ද දිසානායක යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයින් හා අති විශාල ජනතාවක් මෙම අවස්ථාවට සහභාගි වූහ. .
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මහේෂ් සදරුවන් ලියයි.පියාපත් සගවලා,සිටියාට නුබ හොරෙන්,සගවන්න බෑ නුබේසොදුරු මල් සිනහවන්,පියාපත් දිගහරන්පිනි බින්දු විසුරුවාසද දියෙන් නැහැ වෙන්න,පියබලා නුබ එන්න.සිහින මල් නෙලා ගෙන,පෙම් දියෙන් දොවාගෙන,පරවෙන්න ඉඩ නොදී,එන තුරා නුබ ළගට,මග බලා සිටිමි මම.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මේ දවස්වල මගේ මූලිකම අවධානය යොමුවෙලා තියෙන්නේ සංගීත පංතියටයි. ඒක නම් කරලා තියෙන්නේ ‘සිඟිති සින්දු අරණ’ කියන නමින්. මේ සංගීත පංතියේ තිබෙන විශේෂත්වය වෙන්නේ ළමයි වෙනුවෙන් පමණක් පංතිය ආරම්භ කිරීමයි. කුඩා දරුවන්ට සොඳුරු ලෙස ළමා ගීත ගයන්න උගන්වන එක තමයි මේ දවස්වල මගේ රාජකාරිය වී තිබෙන්නේ. ඊට අමතරව ආරාධනා ලැබෙන රූපවාහිනී වැඩ සටහන්වලට සහභාගි වීමටත් මම අමතක කරන්නේ නැහැ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අදලිපියෙන් කතා කරන්න යන්නේ අපේ රටේ තරමක් විතර බහුලව හමුවෙන සර්පයෙක් ගැනයි. තුරු හාල්දන්ඩා කියලා සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසිභාෂාවෙන් Common Bronze යනුවෙන් හදුන්වන මේ සර්පයා විද්‍යාත්මකව Dendrelaphistristis යන නමින් හදුන්වනවා. මෙයා Colubridae කියන සර්ප කුළයට අයිත්සර්පයෙක්. මෙන්න මේ විදිහට මෙයාව වැඩිදුරටත් වර්ගීකරණය කරන්න පුලුවන්.4pt 0in 5. ශ්‍රී ලංකාවහැරනු විට ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල් කිහිපයකින් විතරයි මේ සර්පයාවදැකගන්න පුලුවන් වෙන්නේ.මේ සර්පයා අලු පාටට හුරු දුඹුරු පාට ශරීරයක් දරනවා.උල්වූ හිස හා එහි සිට පහලට ගමන් කරන ලෝකඩ පාට රේඛාවක් දැක ගන්න පුලුවන්. හිසේපිහිටි විශාල ඇසේ පැහැදිලි කණිනිකාවක් පිහිටනවා. තුරු හාල්දන්ඩා කියන්නේ ක්‍රියාශීලීමෙන්ම ආක්‍රමණශීලී සර්පයෙක්. ගස් අතර වේගයෙන් සංචරණය කිරීමේ හැකියාවක් තියෙනවා.වේගයෙන් පැන ගොදුරු අල්වා ගන්නවා. මෙයාවිෂ රහිත සර්පයෙක්. 70- 90 cm පමණදිගකට වැඩෙනවා. සැප්තැම්බර් සහපෙබරවාරි අතර කාලවලදී වරකට බිත්තර 6ත් 7ක් අතර සංඛ්‍යාවක් දමනවා. කුඩා කුරුලුබිත්තර ආහාරයට ගනී.4pt 0in 5.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ as an article that contains no content whatsoever, or consists only of external links, category tags, a "see also" section, a rephrasing of the title, an attempt to correspond with the person or group named by its title, chat-like comments and/or images නිසාවෙනි. Disambiguation pages and redirects are not eligible for this criterion. A very short article may still be a valid stub if there is sufficient context to identify the subject. CSD A3 බලන්න.%5B%5BWP%3ACSD%23A3%7CA3%5D%5D%3A+Article+has+no+meaningful%2C+substantive+contentA3 එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පිටුවෙහි කර්තෘ වෙත සටහන: ඔබ තවමත් ලිපි සාකච්ඡා පිටුව සංස්කරණය කර නොමැත. ඔබ මෙම ඉක්මන් මකාදැමීමට විරුද්ධ වීමට අදහස් කරයි නම්, ඉහත දැක්වෙන බොත්තම එබීමෙන් පසුව මෙම පිටුව මකා නොදැමිය යුත්තේ මක්නිසාදැයි කියා සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තැබීමෙන් අනතුරුව ප්‍රකාශ කරන්න. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ Shwetha (දායකත්ව| ලඝු) විසින් 14 මාස ගණනකට පෙර ට පෙරදීය කරුණාකර පහත සැකිල්ල කර්තෘගේ සාකච්ඡා පිටුව මත පිහිටුවීමකට භාජනය කරන්න: {{subst:nocontent-warn|පොදු රාජ්‍ය මණ්ඩල රජයේ ප්‍රධානින්ගේ රැස්වීම 2011|header=1}} ~~~~
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පළාත් පාලන ආයතන ඡන්දයක දී පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයකු රුපියල් පන්දහසක් ද ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු රුපියල් විසිදහසක් ද බැගින් ඇප මුදල් තැන්පත් කළයුතු බව පාර්ලිමේන්තුව ඊයේ (20) ඉදිරිපත් කළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනතෙහි සඳහන් වේ.පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයන්ගෙන් පළාත් පාලන ඡන්දයකදී දැනට තිබෙන ක්‍රමය අනුව ඇප මුදල් තැන්පත් කිරීමක් සිදු නොවේ. ස්වාධීන අපේක්ෂකයකු වෙනුවෙන් දැනට තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් දෙසිය පනහකි. නව සංශෝධන පනත සම්මත වු පසු මේ ඇප මුදල රුපියල් විසිදහස වනු ඇත.පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක හෝ අපේක්ෂකයකු තෝරා පත්කර නොගත් අවස්ථාවක එම තැනැත්තා ලබා ගන්නා ලද ඡන්ද සංඛ්‍යාව තරග කළ ඡන්ද කොට්ඨාසයේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් විස්සෙන් එකක් නොඉක්මවන අවස්ථාවක ඇප මුදල රාජසන්තක කැරේ.පළාත් පාලන ඡන්ද විමසීම සමානුපාතික නියෝජනය සහ කොට්ඨාස ක්‍රමය යටතේ සිදු කැරෙන බවත් ඒ සඳහා ඡන්ද කොට්ඨාස සීමා නිර්ණය සඳහා ජාතික සීමා නිර්ණය කමිටුවක් පත් කරන බවත් පනතෙහි සඳහන් ය.සභා නායක, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන විශේෂ (විධිවිධාන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කෙළේ ය. පළාත් පාලන ආයතන ඡන්ද ගණන් කිරීම එක් එක් ඡන්ද පොළෙහි සිදු කරන බවත් පනතෙහි සඳහන් වේ.කොට්ඨාස ක්‍රමය යටතේ නියෝජිතයන් සියයට 70ක් ද සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ නියෝජිතයෝ සියයට 30ක් ද පත්කර ගැනීමට නව සංශෝධනයෙන් හඳුන්වා දී තිබේ.යම් පළාත් පාලන ආයතනයක අයවැය ලේඛනය පරාජයට පත් වූ විට නැවත ඉදිරිපත් කරනු ලැබ දින දහහතරක් ඇතුළත සම්මත නොවුවහොත් එම දින ගණන අවසානයේ ආයතනයේ ප්‍රධානියා ඉල්ලා අස්විය යුතු බවට පළාත් පාලන ආයතන විශේෂ විධිවිධාන පනතෙහි දැක් වේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වු පොලිස් පරික්ෂණයන්ට අදාළව පිටු 33කින් යුතු රහස් පොලිස් සාක්කිය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් ඊයේ (4) ප්‍රතික්ෂේප කරනු ලැබීය.විත්තිය විසින් අධිකරණය වෙත පුරා පැය තුනකට ආසන්න කාලයක් රහස් පොලිසියේ සාක්කිය සම්බන්ධයෙන් මතු කරන ලද විරෝධතා සළකා බලමින් මහෙස්ත්‍රාත්වරයා මේ නියෝග කළේය.සාක්කි අංක 28 යටතේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වු නිලධාරියා වන රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතා ලඝු නොවන විභාගය වෙත ඉකුත් (2) වන දින දිවුරුම් ප්‍රකාශයක් මඟින් සිය සාක්කිය අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.මෙය අසම්පූර්ණ දිවුරුම් ප්‍රකාශයක් හා සාක්කිකරුවන් නොකැඳවා ඔහුන්ගේ සාක්කි ඇතුළත් කොට ඇති බවට විත්තියමූලික විරෝධය දක්වමින් අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියේ ය.මේ දිවුරුම් ප්‍රකාශයේ මූලික නීතිමය අවශ්‍යතා ඉටු කර නොමැති බව පැවසු මහෙස්ත්‍රාත්වරයා දේපළ සොයාගැනීම සම්බන්ධයෙන් තහවුරු සාක්කි හා දිවුරුම් ප්‍රකාශය ආරම්භයේ දිවුරා ප්‍රකාශ කරමි ,ප්‍රතිඥා දෙමි යන මුද්‍රිත කොටස් ඒ ආකාරයෙන් ම ගොනු කර ඇති බවත් දිවුරුම් ප්‍රකාශය අවසානයේ දී ද දිවුරා ප්‍රකාශ කරමි හා ප්‍රතිඥා දෙමි යනුවෙන් සඳහන් කොට ඇති බව පැවසී ය.තවද දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණු දිවුරුම් ප්‍රකාශයකින් හෝ සාක්කියකින් තහවුරු කර නැති බව පැවසු මහෙස්ත්‍රාත්වරයා සාක්කි අඥා පණතේ ප්‍රතිපාදනවලට අනුකුලව නැවතවරක් නීත්‍යානුකුල දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියම කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා හැර සෙසු විත්තිකරුවන් ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඝාතනයට ලක් වු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිය හා සහෝදරිය අධිකරණය වෙත පැමිණ සිටියා ය.විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය , ,අනිල් සිල්වා , ජයන්ත වීරසිංහ ,අනුජ ප්‍රේමරත්න,ලීලාන් වීරකොන් ,සංජය ගමගේ ,හසිත විපුලනායක,ප්‍රේමසිරි පෙරේරා ,ජීවනී කාරියවසම් ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීනිඥ තුසිත මුදලිගේ සමඟ රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර හා ස්ථානාධිපති මෙරිල් රංජන් ළමාහේවා ,පොලිස් පරික්ෂක සුදත්, කොස්තාපල් සුරංග ,සිල්වා ,කුමාර යන අය පෙනී සිටියහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රීලංකාවේ සියලුම පාසල් ජනප්‍රිය පාසල් බවට පත්කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.මෙම වසර අවසන්වීමට පෙර අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරන බව ප්‍රකාශ කළ ඇමැතිවරයා ඒ සඳහා සියලුම පාසල් නිරීක්ෂණය කරන බවත් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසු දරුවන්ගේ අදහස් විමසීමක් සිදුකර එම කරුණු උපයෝගී කර ගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කෙළේය.ජනප්‍රිය සහ ජනප්‍රිය නොවන පාසල් ඉදිරියේ දී වර්ග නොකරන බව පැවසූ අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රාථමික සහ ද්විතීයික ලෙස පමණක් පාසල් වර්ග කිරීම සිදු කරන බවත් කීය.මධ්‍යම රජය යටතේ පාසල් 344 ක් පවතින බව ද පැවසූ ඒ මහතා මධ්‍යම රජයේ මෙන්ම පළාත් සභා යටතේ තිබෙන සියලුම පාසල්වල ගුණාත්මක මෙන් ම ව්‍යුහාත්මක වෙනසක් ද සිදු කරන බවත් කීය.මහින්ද චින්තන ජාතික පුනර්ජීවන වැඩපිළිවෙළ පාදක කරගෙන උතුරු නැඟෙනහිර ඇතුළු සියලුම පාසල් වැඩිදියුණු කිරීමට කඩිනම් පියවර ගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කෙළේය.ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ පෙරේදා (5) මාරවිල ‘ක්ලබ් පාම් බේ’ හෝටලයේ පැවති 27 වැනි මහ ඇමැති සමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදීය.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 6 වන සියවස – 7 වන සියවස – 8 වන සියවස දශක: 600ගණන් 610ගණන් 620ගණන් – 630ගණන් – 640ගණන් 650ගණන් 660ගණන් වසර: 635 636 637 – 638 – 639 640 641 ක්‍රිස්තු වර්ෂ 638 (DCXXXVIII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 638 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දියමන්ති හා මිනිරන් යනු කාබන්හි බහුරූපී ආකාර වේ. ඒවා එකම මූලද්‍රව්‍යයේ සංශුද්ධ ආකාර වන නමුත් ව්‍යුහයෙන් එකිනෙක වෙනස් වේ. බහුරූපීතාව යනු සමහර මූලද්‍රව්‍ය ව්‍යුහ 2ක් හෝ වැඩි ගණනක් ලෙස ස්වභාවයේ පැවතීමේ සංසිද්‍ධියයි. මෙම විවිධ ආකාරවල පරමාණු සැකැස්ම එකිනෙකට වෙනස් වනඅතර ඒ සඳහා බන්ධන ස්වභාවය බලපායි.මෙම වෙනස් ආකාර ඒවා තැනී ඇති මූලද්‍රව‍්‍යයේ බහුරූපී ආකාර සේ සැලකේ. බහුරූපීතාවය සඳහා උදාහරණයක් ලෙස කාබන්හි බහුරූපී ආකාර දෙකක් වන දියමන්ති හා මිනිරන් සැලකිය හැක. දියමන්තිවලදී කාබන් පරමාණු එකිනෙක වසුත්කලීය බැදී ත්‍රීමාණ දැලිසක් සාදන අතර මිනිරන්වලදී කාබන් පරමාණු ෂඩාස්‍රාකාරව තලීයම සකස් වී තිබේ. බහුරූපීතාව සඳහා යොදාගන්නා ඉංග්‍රීසි වචනය “Allotropy” ග්‍රීක භාෂාවෙන් බිඳී ආ වචනයක් වන අතර එය “allos” හා “tropos” යන වචන යුගලෙහි එකතුවෙන් සෑදී ඇත. “allos” යන්නෙන් “අනෙක” යන්න හැඟෙන අතර “tropos” යන්නෙන් “ක්‍රමය” යන්න අදහස් වේ. බහුරූපීතාව අදාල වන්නේ එකම මූලද්‍රව්‍යයේ එකම භෞතික ස්වභාවයේ පවතින වෙනස් ආකාර සඳහා පමණි. එබැවින් එකම මූලද්‍රව‍්‍යයේ ඝන , ද්‍රව හා වායු කලාප එකිනෙකෙහි බහුරූපී ආකාර ලෙස නොසැලෙක්. සමහර මූලද්‍රව්‍යවල බහුරූපී ආකාර ඉහත අවසාන 3 හිම පැවතිය හැක. උදා - ඔක්සිජන් මූලද්‍රව්‍යයේ O2 ඩයිඔක්සිජන් හා O3 ට්‍රයිඔක්සිජන් / ඕසෝන් යන බහුරූපී ආකාර යුගල ඝන ද්‍රව හෝ වායු වන අවස්ථා 3න් ඕනෑම එකක පැවතිය හැක. අනෙකුත් මූලද්‍රව්‍යවල බහුරූපී ආකාර එක් කලාපයකට පමණක් සීමා වේ. උදාහරණයක් ලෙස ගතහොත් පොස්පරස්හි ඝන කලාපයේ බොහෝ බහුරූපී ආකාර පවතින නමුත් ද්‍රව තත්වයට පත් කළ විට ඒ සියල්ලෙන්ම එකම P4 ව්‍යුහ දරණ ද්‍රව පොස්පරස් ලැබේ. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Allotropes
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නීති විරෝධී ලෙස මෙක්සිකෝව හරහා අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 6 දෙනකු ඇතුළු පුද්ගලයන් 219 දෙනෙකු මෙක්සිකෝ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.ට්‍රක් රථයක ආධාරයෙන් ගමන් ගත් මේ පිරිස මෙක්සිකෝවේ චෙයා ප්‍රාන්තයේ දී අත්අඩංගුවට පත්ව තිබෙන අතර ටෙක්ස්ට්ලා ආසන්නයේ පිහිටි පොලිස් මුරපොළ අසලින් නොනවත්වාම ගමන් කිරීම හේතුවෙන් ඒ පසුපස හඹා ගොස් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.මෙලෙස අත්අඩංගුවට පත් පිරිස පොලීසිය වෙත සඳහන් කර ඇත්තේ තමන් බලහත්කාරයෙන් රැගෙන යන බවත්, නිදහස් කර ගැනීමට සහාය දෙන ලෙසත් ය. මේ අතර අදාළ ට්‍රක් රථයේ රියැදුරා සහ රිය සහායකයා පොලිස් නිලධාරීන් වෙත අල්ලස් ලබා දීමට උත්සාහ කළ බවද තානාපති ආරංචි මාර්ග පවසයි.මෙහිදී නීති විරෝධී ලෙස අමෙරිකාවට ඇතුළුවීමට උත්සාහ කළ අය අතර ගෝතමාලා ජාතිකයන් 169 ක් ද එල්සැල්වදෝර් ජාතිකයන් 22ක් ද අයත්වන අතර හොන්ඩියුරාස් ජාතිකයන් 18 දෙනකුද වන බව සඳහන් වේ. ඊට අමතරව නේපාල ජාතිකයන් සිවු දෙනකුද වෙති.ට්‍රක් රථයක නැඟී අමෙරිකාවට යාම සඳහා ඔවුන්ගෙන් අමෙරිකානු ඩොලර් 7319.6 ක් අය කරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බවද තානාපති වාර්තා පෙන්වා දෙයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලූනා ප්‍රොස්පෙක්ට ඉලෙක්ට්‍රෝන පරාවර්තකමාපක පරීක්ෂණය මගින් ව්‍යුත්පන්න කරන ලද චන්ද්‍ර පෘෂ්ටය මත මුළු චුම්බක ක්ෂේත්‍රය දැක්වෙන රූපයක්. චන්ද්‍රයාගේ බාහිර චුම්බක ක්ෂේත්‍රය , පෘථිවියෙහි එම චුම්භක ක්ෂේත්‍රය හා සැසඳූ කල අතිශයින් දුර්වලය. අනෙකුත් ප්‍රධාන වෙනස් කම් වන්නේ, චන්ද්‍රයා සතුව දැනට ද්වී ධ්‍රැවීය චුම්බක ක්ෂේත්‍රයක් (එහි ගර්භයෙහි භූ-ඩයිනමෝ ආචරණයක් නිසා ජනිත වන්නාවූ) නොමැති වීම සහ සම්පූර්ණයෙන්ම පාහේ කබොළීය සම්භවයක් සහිත විචල්‍ය චුම්බනයක් පැවතීමයි. එක් උපකල්පිතයක් දක්වන්නේ, චන්ද්‍ර ඉතිහාසයේ ආදි අවදියෙහිදී,එනම් භූ-ඩයිනමෝ ක්‍රියාවලිය සක්‍රීයව පැවැති කල, මෙම කබොළීය චුම්බකනයන් අත්කරගත් බවකි. කෙසේවෙතත්, චන්ද්‍ර ගර්භය ප්‍රමාණයෙන් කුඩාවීම, මෙම වාදයට එල්ල වන බලවත්ම බාධකය වෙයි. විකල්ප වශයෙන්, චන්ද්‍රයා වැනි වාතය විරහිත වස්තුවකදී ඇතිවන්නාවූ, විසල් ගැටුම් සිද්ධීන් තුළදී, අනිත්‍ය චුම්බක ක්ෂේත්‍රයන් ජනනය වීම සිදුවිය හැකිය. මෙයට රුකුල් වශයෙන් දැක්වෙන්නේ, යෝධ ගැටුම් ද්‍රෝණිවල ප්‍රතිවිරුද්ධ දේශයන් අසබඩ විශාලතම කබොළීය චුම්බනයන් පිහිටන බවක් පෙනීමයි. යෝජනා කොට ඇති පරිදි ගැටුම්-ජනිත ප්ලාස්මා වලාවක්, පරිමණ්ඩිත චුම්බක ක්ෂේත්‍රයක් පැවතියදී, චන්ද්‍රයා වටා නිදහසේ පැතිරීම හේතුවෙන් මෙවන් සංසිද්ධියක් ඇතිවිය හැකිය. දළ වශයෙන් පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයේ අන්තය හරහා ගමන් කිරීමට චන්ද්‍රයාට දින 6 ක් පමණ ගතවේ. ප්ලස්මා තලය සමඟ වූ අන්තර් ක්‍රියාකාරීත්වය චන්ද්‍රයා මතුපිට සෘණ ලෙස ආරෝපණය වීමට හේතු පාදක වී ඇත. චන්ද්‍රයාගේ දිවා පැත්තේ දී මෙම ආචරණය සූර්යාලෝකය මඟින් යම්තාක් දුරකට මන්දගාමී කරනු ලබයි. පාරජම්බුල ප්‍රෝටෝන මතුපිටෙහි වූ ඉලෙක්ට්‍රෝනවලට පහර දෙමින් ආරෝපණ ගොඩ නැගීම සාපේක්ෂව අඩු මට්ටමක පවත්වා ගනී. නමුත් චන්ද්‍රයාගේ රාත්‍රී පැත්තෙහි වූ ඉලෙක්ට්‍රෝනවලට එලෙස බාධාවක් නොමැති අතර මතුපිට වූ වෝල්ටීයතාවය වෝල්ට් සිය ගණනකට හෝ දහස් ගණනකට ඉහළ නැඟිය හැක. ස්ථිති විද්‍යුතයට විකර්ශනය වීම නිසා චන්ද්‍රයා මතුපිටින් ඉහළට එසවී පාවෙන චන්ද්‍ර දූවිලි අංශු පිළිබඳව ගොඩ නැගෙන සාක්ෂි ද දක්නට ඇත. මෙම වළාකුල තාවකාලික රාත්‍රී කාලීන දූවිලි වායු ගෝලයක් නිර්මාණය කරයි. ස්ථානවල ආරෝපනයේ වෙනස් වීම් නිසා පාවෙන දූවිලි සාමාන්‍යයෙන් අධිකව සෘණ ආරෝපිත වේ.රාත්‍රී පැත්තේ සිට දුබලව සෘණ ආරෝපන දහවල් පැත්ත දක්වා ගමන් කරයි. මෙම දූවිලි කුණාටු ආචරණය සඳෙහි කෙළවරවල්වලදී ප්‍රබලම වේ. මෙම බොහෝමයක් කරුණු තවමත් කාල්පනික වන නමුත් ලූනාර් ප්රෝස්පෙක්ටර් අභ්‍යවකාශ යානය පෘථිවි චුම්භක ක්ෂේත්‍රයේ අවසාන කොටස හරහා යනවිට එහි රාත්‍රී පැත්තේ වූ ආරෝපණය -200V සිට -1000V දක්වා වෙනස් වන බව අනාවරණය කර ගෙන ඇත. ප්ලස්මා තලය අතිශය ගතික ව්‍යුහයක් වන අතර එය නියත චලිත තත්ත්වයක පවතී. එමනිසා චන්ද්‍රයා චුම්භක ක්ෂේත්‍රයේ අවසාන කොටස හරහා කක්ෂගත වන විට ප්ලාස්මා තලය බොහෝ වරක් මිනිත්තු ගණන් සිට පැය ගණන් හෝ ඇතැම්විට දවස් ගණන් පවතින ගැටුම් සමඟ එය හරහා ගමන් කරයි. මෙයද බලන්න[සංස්කරණය] චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය චන්ද්‍රයාගේ භූ-ලක්ෂණ ආශ්‍රිත[සංස්කරණය] න සා සං චන්ද්‍රයා භෞතික ලක්ෂණ අභ්‍යන්තර ව්‍යුහය · ගුරුත්වාකර්ෂණ ක්සේත්‍රය · භූ-ලක්ෂණ · චුම්බක ක්ෂේත්‍රය · වායුගෝලය කක්ෂය චන්ද්‍රයාගේ කක්ෂය · කලාවන් · සූර්යග්‍රහණය · චන්ද්‍රග්‍රහණය · උදම් චන්ද්‍ර පෘෂ්ඨය Selenography · Near side · Far side · Lunar mare · Craters · South Pole-Aitken basin · Shackleton crater · Water · Soil · Peak of eternal light · Space weathering · Transient lunar phenomenon චන්ද්‍ර විද්‍යාව Geology (timescale) · Giant impact hypothesis · Moon rocks · Lunar meteorites · KREEP · ALSEP · Lunar laser ranging · Late Heavy Bombardment ගවේෂණය Exploration of the Moon · Apollo program · Robotic exploration · Future missions · Lunar colonization · Moon Landing hoax accusations අනෙකුත් මාතෘකා Calendar · Month · The Moon in art and literature · The Moon in mythology · Moon illusion · Lunar effect · Craters named after people See also Solar System · Natural satellite
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පසුගිය අගොස්තු මස 30 වන දින සවස 6 ට පේරාදෙණිය, පැණිදෙණිය භාරතී විද්‍යායතන මහ පිරිවනේ පැවති අසූ මහ ශ්‍රාවක පූජාව. රන් ආලේපිත බුද්ධ පතිමා වහන්සේ පිරිවරාගත් අසූමහ ශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා මොහොතකට බුදුන් දවස අප දෙනෙත් ඉදිරියෙහි මවා පෑහ. ඔබ සැමට දළදා සමිඳු පිහිටයි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කුමන අන්දමේ මතවාද ගොඩනැඟීමට විරුද්ධ පාර්ශ්ව ප්‍රයත්න දැරුවද තිස් වසරක යුද්ධයකට මැදිව තිබූ උතුරට සාමය උදාකර පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකිවීම සමස්ත ශ්‍රී ලාංකික ජාතිය ලැබූ ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි.මේ නිසාම උතුරේ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව සියලු දෙනා සතුටට පත්විය යුතු බව එම පක්ෂයේ නායකයෝ අවධාරණය කරති.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් එම පක්ෂ මූලස්ථාන නව ශ්‍රවණාගාරයේ ඊයේ (19) පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ කරුණු අවධාරණය කැරිණි.උතුරු පළාත් මැතිවරණය මෙන්ම මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණ ද ලබන සැප්තැම්බර් මසදී පැවැත්වීමට නියමිත බවත්, යුද්ධය අවසන් කර රටට සාමය උදා කළ පරිද්දෙන් එම මැතිවරණ සියල්ල ද නිදහස්, සාධාරණ, අපක්ෂපාතී හා යුක්තිගරුක අන්දමින් පවත්වන බවට රජය සහතික වන බවත් මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.රනිල් වික්‍රමසිංහ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානය යුද්ධයකින් පරාජය කළ නොහැකි බව පිළිගනිමින් ප්‍රභාකරන් සමඟ ගිවිසුමක් අස්සන් කර රජයේ හා එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශ ලෙස වෙනම හැඳින්වෙන සිතියම් ද සකසා රට කොටස් දෙකක් ලෙස පාලනය කළ අන්දම කිසිවකුටත් අමතක නොමැති බව කී ඇමැතිවරයා මෙවැනි තත්ත්වයක් තිබූ උතුරු පළාතට යළි සාමය උදා කර මැතිවරණයක් පැවැත්වීමට හැකිවීම ජාති, ආගම් බේදයකින් තොරව සමස්ත රටවැසියා ලැබූ විශාල ජයග්‍රහණයක් බවද ඒ මහතා පැවැසීය.ප්‍රභාකරන් අහිමි කළ උතුරේ ඡන්ද දායකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යළි ලබා දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී පැවැසීය.උතුර, මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරයේදී තම පක්ෂයේම හෝ විරුද්ධ පක්ෂවල අපේක්ෂකයන් සමඟ කිසිදු කලබලයක් ඇති කර නොගෙන එම පළාත් සභා ජයග්‍රහණය කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව කී ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ අනුව තම අපේක්ෂකයන්ගේ ක්‍රියාකලාපය සමීපව අධීක්ෂණය කරනු ඇති බවත් කීය.උතුරු පළාත් සභා තුනේ මැතිවරණය පැවැත්වෙන්නේ නිදහස් සාධාරණ අන්දමින් බවද කී ඒ මහතා එම මැතිවරණය අයථා අන්දමින් පැවැත්වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ රජයට ලැබෙන කිසිදු වැසියක් නොමැති බවද අවධාරණය කළේය.ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතවී ඇති බැවින් උතුරේ අවතැන්වූ ජනතාවට ද ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබෙන බවත්, එම ජනතාව වෙනුවෙන් සකස් කෙරෙන විශේෂ ඡන්ද නාම ලේඛනයට නම් ඇතුළත් කිරීමෙන් එම අවස්ථාව ලබා ගත හැකි බවත් කීය.උතුරේ ජනතාගේ දේශපාලන අයිතිය ආරක්ෂා කරදීම තහවුරු කිරීමේ ක්‍රියාවලිය රජය විසින් ඉෂ්ඨ කැර ඇති බවට ජාතික හා අන්තර්ජාතික ප්‍රජාව වෙත මෙමඟින් රජය විශේෂ පණිවුඩයක් ලබා දී ඇති බවද සඳහන් කළේය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සහ එම පක්ෂයේ භාණ්ඩාගාරික ඇමැති ඩලස් අලහප්පෙරුම මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
"ටුසූ" මෙතැනට යළියොමුවෙයි. සමාගම සඳහා, ටුසූ සමූහය බලන්න. මැඩම් ටුසූ සහ ලන්ඩන් ග්‍රහලෝකාගාරය මැඩම් ටුසූ යනු, ප්‍රධාන නගර කිහිපයකද ශාඛා පිහිටි, ලන්ඩනයේ ඉටි කෞතුකාගාරයකි. මෙයද බලන්න[සංස්කරණය] මැඩම් ටුසූ ලන්ඩනය මැඩම් ටුසූ හොංකොං මැඩම් ටුසූ හොලිවුඩ් රොක් සර්කස්
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.