input
stringlengths 1
3.7k
| output
stringclasses 12
values | instructions
stringclasses 3
values |
|---|---|---|
වැහිලිහිණි, වරාමලී, හුස්ම හා ඔක්සිජන්, සිත්තරාවී හා කෝපි කඩේ යන ටෙලි නාට්‍ය හරහා රංගනයට පැමිණි ඇය දිල්කි ලියනගේ. රංගන ශිල්පිනියක නිවේදිකාවක හා ලේඛිකාවක ලෙස කලා ලෝකයේ ඉදිරියට යන ඇය කොටහේන උසස් බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි.“මම පාසල් කාලයේ නර්තනයටත් ක්‍රීඩාවටත් ගොඩක් දක්ෂයි. පාසල් වේදිකාව මට රංගනයට එන්න මුල් අඩිතාලම දැමුවා. මම රංගන ශිල්පිනියක් වෙන්නේ අහම්බයකින්. ඒ මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන්. මුලදි රංගනයට මගේ එතරම් කැමැත්තක් තිබුනේ නෑ. නමුත් දැන් ගොඩක් කැමතියි. මම කලක් නුගේගොඩ පෞද්ගලික පාසලක විශේෂ අධ්‍යාපන හා උපදේශන ගුරුවරියක් ලෙස වසර පහක් පමණ සේවය කළා. ඒ අවධියේදී තමයි මට කලා ක්ෂේත්රයට එන්න අවස්ථාව ලැබුණේ. ඒ වැහිලිහිණි ටෙලිනාට්‍යයයෙන්.ඊට පසුව නාට්‍ය කිහිපයකත් වෙළඳ දැන්වීම්වලත් මම රංගනයෙන් එක් වුණා. මේ දිනවල මම රඟපාන සබඳ බබානිස් ටෙලි නාට්‍ය විකාශනය වෙනවා. ඉදිරියේ මම රංගනයෙන් දායක වූ කුමාරිහාමි ඇහැළේපොල ටෙලිනාට්‍යය විකාශය වෙන්න තියෙනවා. එහි මම රඟපාන්නේ හබුලිනා කියන තලතුනා කාන්තාවකගේ චරිතයක්. මීට අමතරව චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලත් තියෙනවා.”මොස්තර නිරූපිකාවක් ද වන දිල්කි නිවේදන ක්ෂේත්රයට මෙන්ම ලේඛන කලාවටද දස්කම්පායි. ඇගේ කුළුදුල් නවකතා පොත අනුත්තරා යි. පසුගිය සැප්තැම්බර් මාසයේදී එය එළි දැක්විණි.“අනුත්තරා නවකතාව ලේඛිකාවක ලෙස දිගු ගමනක් යන්න මට විශාල පිටුබලයක් වුණා. තරු ඇස් හා නිල්දිය පවුර මම ලියලා ඉවර කළ අනික් පොත් දෙක ලබන අවුරුද්දේ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. තීර්ථ හා අරුන්දති කුමාරිහාමි කියන නවකතා දෙක මම තවම ලියමින් සිටින්නේ.875, ශාන්ත රීටා මාවත, වැලිගම්පිටිය, ජා ඇල දිල්කිගේ ලිපිනයයි. අම්මාත්, තාත්තාත් සොයුරියන් දෙදෙනාත් ඇතුලු පවුලේ සැම ඇගේ කලා ගමනට ශක්තියකි.“මගේ පවුලේ සියලු දෙනාට වගේම මට මුලින්ම රංගන ජිවිතයට පැමිණීමට අවස්ථාව ලබාදුන් කිත්සිරි හේවගේ මහත්මයාටත්, හැරී විමලසේන හා නන්දලාල් යන මහත්වරුන්ටත් මගේ ස්තූතිය පිරිනමන්න ඕනේ. ඒ වගේම මගේ ලේඛන කටයුතුවලට උපකාරකරන අසංක විජේවර්ධන දිල්රුක්ෂි ගමගේ හා මට මාධ්‍යයේදි, ටෙලිනාට්‍යවලදී උපකාර කළ සැමටත් ස්තුතිය පුදකරනවා.“- අමානි ඉරේෂිකා රූපසිංහඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මාලිනී රසික හවුලට අශෝකගෙන් ආරාධනාඅශෝක සෙනරත් මුදලිගේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ‘සිනෙ රූ තරු තොරතුරු’ රූපවාහිනී වැඩසටහන අඩංගු කළ ඩී. වී. ඩී. තැටියෙහි ග්‍රන්ථය එම නමින්ම මෙම මස 30 වැනිදා සවස 3.45 ට සිංහල සංස්කෘතික මධ්‍යස්ථානය එනම් සුදර්ශී ආයතනයේ ගාමිණී ෆොන්සේකා සමරු රඟහලේ දී එළිදැක්වේ.සිනෙ රූ තොරතුරු වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිතයන් වූයේ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සහ මාලිනී ෆොන්සේකාය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එය මෙහෙය වීය. එම වැඩසටහනෙහි සියලු සංවාදයන් ඒ අයුරින්ම සිනෙ රූ තරු තොරතුරු ග්‍රන්ථයේ සටහන්ව තිබේ.එය සරසවි ආයතනයේ ප්රකාශනයකි. මෙම කටයුත්තට අමතරව එදින මාලිනියගේ උපන් දිනය සැමරීම සහ ඇයගේ රසික හවුලක් පිහිටුවීම ද සිදුවේ. මෙම අවස්ථාවට සහභාගිවීම සඳහා අශෝක, ක්ෂේත්රයේ සහෘදයන්ට විවෘත ආරාධනාවක් කරයි. ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මේවාත් බලන්න: 1972 ගිම්හාන ඔලිම්පික් IV Paralympic Games German stamp: XXI. Weltspiele der Gelähmten Heidelberg 1972 (මුද්දරය මත ඇති රූපය සහ පාට 1972 ලාංචනයට අනුරුප වේ.) සත්කාරක නගරය හීඩ්ල්බර්ග්, බටහිර ජර්මනිය ජාතින් සහභාගී වන 41 සහභාගී වන ක්‍රීඩකයන් 1004 ඉසව් 187 in 10 sports සමාරම්භක උත්සවය අගෝස්තු 2 අවසන් දින උත්සවය අගෝස්තු 11 නිල වශයෙන් විවෘත කරන ලද්දේ ජනාධිපති ගුස්ටාව් හෙයිනමන් පැරාලිම්පික් ක්‍රීඩාගාරය Institute for Physical Training ගිම්හාන: < ටෙල් අවිව් 1968 ටොරන්ටෝ 1976 > ශීත ඍතු: ඕර්න්ස්කෝල්ඩ්ස්වික් 1976 > න සා සං පැරාලිම්පික් ක්‍රීඩා වරපත සත්කාරක නගර IPC NPCs පදක්කම් සටහන් පදක්කම් ලාභින් ක්‍රීඩා සංකේත ගිම්හාන ක්‍රීඩා රෝමය 1960 ටෝකියෝ 1964 ටෙල් අවිව් 1968 හිඩ්ල්බර්ග් 1972 ටොරොන්ටෝ 1976 ආර්න්හැම් 1980 නිව් යෝර්ක්/ස්ටෝක් මැන්ඩෙවිල් 1984 සියෝල් 1988 බාර්සිලෝනා/මැඩ්රිඩ් 1992 ඇට්ලන්ටා 1996 සිඩ්නි 2000 ඇතන්ස් 2004 බෙයිජිං 2008 ලන්ඩන් 2012 රියෝ ද ජැනයිරෝ 2016 ටෝකියෝ 2020 ශීත ඍතු ක්‍රීඩා Örnsköldsvik 1976 Geilo 1980 Innsbruck 1984 Innsbruck 1988 Tignes/Albertville 1992 Lillehammer 1994 Nagano 1998 Salt Lake City 2002 Turin 2006 Vancouver 2010 Sochi 2014 Pyeongchang 2018 ඔලිම්පික් ක්‍රීඩා යොවුන් ඔලිම්පික් ක්‍රීඩා පුරාණ ඔලිම්පික් ක්‍රීඩා
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අඩන හිනැහෙන උඹේ අභියසකිසිත් නොදැනෙන සෙල් රුවක් ලෙසඉන්න සැරසුන පෙම්වතා මමනොදැනුනා නොව උඹේ හැගුමන්නොසිතුවා නොව උඹ ගැනම මංරෑ දිවා මුළු හද පුරායන්න බැහැ මට උඹත් අරගෙනඅදුර පිරි දුර අනාගතයටඋඹේ දිවිමග සරසවන්නටඒවී කුමරෙකු එලිය අරගෙනසුරත බැඳ උඹේ පෝරුවක හිඳමනාලිය වී ඔහුගේ තුරුලටගියත් දවසක මගෙන් ඈතටදුරින් ඉද මං සිනාසෙන්නම්උඹේ සතුටත් එක්කලා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කොළඹ කේරී විද්‍යාලයේ සියවස් සමරුව පසුගියදා එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදි විවිධ ක්ෂේත්‍ර යටතේ රටේ ප්රගමනයට දායක වූ ආදි සිසුන්හට සම්මාන ප්‍රදානයද සිදු කෙරිණි.එම අවස්ථාවේදී අමාත්‍ය ජීවන් කුමාරතුංග, ඒ. ඩී. රන්ජිත් කුමාර, අමරනාත් රණතුංග, චන්න විජේවර්ධන, ජනිත් මාරසිංහ, සරත් ද අල්විස්, රම්සි රහමන් සහ ඩබ්ලිව්. එම්. කේ. විජයබණ්ඩාර යන අය කලා ක්ෂේත්රය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූහ.යතේජා
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නියඟයෙන් වගා හානි වූ ගොවීන්ට ඉදිරි කන්නයට අවශ්‍ය වගා කටයුතු සඳහා බිත්තර වී ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබේ.මෙම වර්ෂයේ ආරම්භයේ සිට පැවැති දරුණු නියං තත්ත්වය නිසා විනාශ වී ගිය කෘෂිකාර්මික වගාවන් යළි ආරම්භ කිරීම සඳහා එම පියවර ගෙන තිබේ.ඒ සඳහා අවශ්‍යය බිත්තර වී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත්කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය වනාහි Healthy diet ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අලුත් එළවුළු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක වැදගත් අංග අතර වෙයි. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් යනු හොද සෞඛ්‍ය තත්ත්වයක් වර්ධනය කර ගැනීමේ හෝ පවත්වා ගැනීමේ අරමුණින් ආහාරයට ගනු ලබන ද්‍රව්‍යය මොනවාදැයි තීරණය කිරීම හා සම්බන්ධ ප්රායෝගීකරණයකි. මෙය සිදු කරනු ලබන්නේ සියළුම ආහාර කාණ්ඩවලින් ප්‍රමාණවත් තරම් පෝෂ්‍ය පදාර්ථ ලැබෙන අන්දමින් පරිභෝජනයට ගැනීම මගිණි. මෙහිදී ආහාරයට ප්‍රමාණවත් පරිදි ජලය එකතු කර ගැනීම ද එකසේ වැදගත්ය. මානව පෝෂණය වඩාත් සංකිර්ණ මාතෘකාවක් වන අතර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් යන්න එක් එක් අවස්ථාවන්වලදී විවිධ වේ. ඒ සදහා පුද්ගලයාගේ ප්‍රවේනික සැලැස්ම, අවට පරිසරය සහ සෞඛ්‍ය තත්ත්වය බලපායි. මානව ජනගහනයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා නොගැනීම හේතුවෙන් ඇති වී ඇති ප්‍රධානතම අවහිරතාවය වී ඇත්තේ ආහාර ඌණතාවය සහ මන්ද පෝෂණයයි. මීට ප්‍රතිවිරුද්ධ වශයෙන් සංවර්ධිත රටවල ඇති ප්‍රධානතම ගැටළුව වනුයේ අධි ස්ථුලතාවයයි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කහ ගඟ (හොවැං හෝ) ප්‍රධාන නගර හරහා කහ ගඟේ වත්මන් ගමන් මග ප්රභවය බයාන් හාර් කඳු, කිංහයි පළාත මෝය බොහායි මුහුද ද්‍රෝණියේ පිහිටි රටවල් මහජන චීන ජනරජය දිග 5,464 කි.මි. (3,395 mi) ප්‍රභවයේ උස 4,500 m (14,800 ft) Avg. discharge 2,571 m3/s (90,800 cu ft/s) ද්‍රෝණියේ වර්ග ප්‍රමාණය 752,000 km2 (290,000 sq mi) කහ ගඟ හෙවත් හොවැං හෝ ගඟ යනු චීනයේ දෙවැනියට දිගම ගංගාව (යැංසි ගඟට පසුව) වන අතර ලෝකයේ හත් වැනියට දිගම ගංගාව වෙයි. මෙහි දිග කිලෝමීටර් 5,464 (සැතපුම් 3,395) කි[1][2]. බටහිර චීනයේ කිංහයි පළාතේ බයාන් හාර් කඳුවලින් ආරම්භ වන එය, චීනයේ පළාත් නමයක් හරහා ගලා ගොස් බොහායි මුහුදට වැටෙයි. කහ ගංගා ද්‍රෝණියට කි.මී. 1900 (සැ 1180)ක නැගෙනහිර-බටහිර පළලක් ද කි.මී. 1100 (සැ 684)ක උතුරු-දකුණු පළලක් ද ඇත. මුළු ද්‍රෝණි වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 742,443 (වර්ග සැ 290,520)කි. පැරැණි චීනයේ වඩාත්ම සශ්‍රීක ප්‍රදේශය වූ මෙහි ද්‍රෝණිය චීන ශිෂ්ඨාචාරයට නිජබිම වූ නිසා කහ කඟ "චීන ශිෂ්ඨාචාරයේ තොටිල්ල" ලෙස ද හඳුන්වනු ලැබේ. කෙසේ නමුත් ගඟේ පහළ ප්‍රදේශයේ උස් බව හේතුවෙන් නිරන්තර ගංවතුරු උවදුරු ඇතිවීම නිසා "චීනයේ ශෝකය" වැනි දුක්බර නම් ද මෙයට පටබැඳී ඇත[3]. ආශ්රිත[සංස්කරණය] ↑ Yellow River (Huang He) Delta, China, Asia ↑ Chinese history records that Yellow River has changed its course 17 times ↑ China's Sorrow." Times Past: Pausing to Remember
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නාට්‍යවේදී ඊ. එම්. ඩී. උපාලිඉඩමේදී විකිණේ වේදිකා නාට්‍ය වේදිකා ගත කිරීමේ කටයුතු යොදාගෙන තියෙනවා.මම 1998 වසරේදී නිර්මාණය කළ ‘එව බලව’ සහ 1985 වසරේදී නිර්මාණය කළ පියාඹන අශ්වයා වේදිකා නාට්‍ය පිටපත් මුද්‍රණය කරන්න බලාපොරොත්තු වෙනවා.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඛණ්ඩාංක: 7°22′N 80°33′E / 7.367°N 80.55°E / 7.367; 80.55 මාරුද්දන — ගම — රට ශ්‍රී ලංකාව පළාත මධ්‍යම පළාත පරිපාලන දිස්ත්‍රික්කය මහනුවර ප්‍රා.ලේ. කොට්ඨාශය පූජාපිටිය පාලනය / පරිපාලනය • ග්‍රාම නිලධාරී වේලා කලාපය ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) ඉතිහාසය[සංස්කරණය] මහනුවර රාජධානි සමය දක්වා ඉතිහාසයකට උරුමකම් කියන ගම්මානයකි. බෞද්ධාගම අදහන පිරිසක් සිටින මෙම ගම්මානයෙහි ගස්වැසියන් තම ආගමික කටයුතු සදහා ඒ අසලම පිහිටි දොඩම්ගස්තැන්න පුරාණ විහාරස්ථානය ගමන් කරයි. මෙම දොඩම්ගස්තැන්න පුරාණ විහාරයටද අවුරුදු 600 කට පමණ අධික ඉතිහාසයක් තිබේ. මහනුවර නගරයේ සිට මාරුද්දන ග්‍රාමයට ගමන් මාර්ගය[සංස්කරණය] මහනුවර ප්‍රධාන නගරයේ සිට AA9 මාර්ගයේ කටුගස්තොට වෙත පැමිණ, වමට හැරී පුත්තලම AA10 මාර්ගයේ කි.මී. 10 ක් පමණ ගියවිට අරඹේකඩේ හන්දියට ලගාවේ. එතැනින් දකුනට හැරී බොක්කාවල B15 මාර්ගයේ කි.මී. 04 ක් පමණ ගියවිට වලතැන්න මංසන්ධියෙන් දකුණට හැරී, දොඩම්ගස්තැන්න විහාරස්ථානය අසලින් මෙම ගම්මානයට පිවිසිය හැක.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
තවද බලන්න[සංස්කරණය] Catholic_Charismatic_Renewal අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය] කිතු දන පුබුදුව — කිතු දන පුබුදුවේ නිල වෙබ් අඩවිය සැකිල්ල:RC-stub
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නියමිත ගණනට වඩා වැඩියෙන් ගාස්තු අය කරන බස්රථ පිළිබඳව ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ වැටලීම් අංශය දවසේ පැය 24 පුරාම වැටලීම් සිදුකරන බව එහි අධ්යක්ෂ (ධාවන) විපුල හේවාවලිමුණි මහතා පවසයි.මෙවැනි බස්රථ පිළිබඳව දුරකතන අංක 0112 595555 ට දැනුම් දෙන ලෙසත් එසේ දැනුම් දුන් විට ක්ෂණිකවම ක්‍රියාත්මක වන බවත් ඒ මහතා කීය. නව බස් ගාස්තු චක්‍රය බස්රථවල ප්‍රදර්ශනය කළ යුතු නිසා වැඩිපුර ගාස්තු අයකිරීම් සිදු නොවනු ඇතැයි ද අධ්යක්ෂවරයා කීය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජීවන ගමන් මගේ සියවන සැතපුම් කණුව පසුකරමින් පසුගිය 22 දින 100 වැනි උපන් දිනය සැමරු ඩේසි රුද්‍රිගු මාතාව දරුවන් සත් දෙනෙකුගේ ආදරණීය මවයි. මුනුපුරු මිනිපිරියන් විසිදෙනෙකුගේ සහ මී මුනුපුරු මිනිපිරියන් තිස් දෙනෙකුගේ හා එක් මී මුනුපුරකුගේ ආදරණීය අත්තම්මායි.සතුටු කඳුලු පිරි දෙනෙතින් ලද විරාමයෙන් ඩේසි අත්තම්මාගේ ජීවිතයේ අතීත ආවර්ජනය අප සමග පැවසීය.මම උපන්නේ බණ්ඩාරවෙල නගරයට කිලෝමීටර් 2ක් පමණ දුරින් පිහිටි අමුණුදෝව කියන ගමේ. පියා ව්‍යාපාරිකයෙක් අම්මා ගෘහණියක් සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකු සිටියත් අද කවුරුවත් ජීවතුන් අතර නැහැ.බණ්ඩාරවෙල නගරයට මම නිතරම ගියේ පයින් ඇවිදගෙන. ඒ කාලේ ප්‍රවාහන පහසුකම් ඉතාමත් අඩුයි කඳුපල්ලම්වල, ඒ ඇවිදපු ශක්තිය මට තවම තියෙනවා. ආගම ධර්මය අනුවයි නිතරම ජීවත් වුණේ බෞද්ධ කාන්තාවක් ලෙස බුදු ගුණ කෙරෙහි මා නිතරම විස්වාස කළා.ඩේසි මහත්මිය ඇගේ විවාහ දිවිය ගැන ද අපට කීවා.මම විවාහ වුනේ 1930 වසරේ. ස්වාමිපුරුෂයා ආතර් රුද්‍රිගු මිය ගියේ 1971 වසරේ. එතුමා මිය යන විට වසර 70යි. මියගියේ මෙහෙදී. අපි අමුණුදෝව ගමෙන් කොළඹට ආවේ 1950 වසරේ. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහායි. අපට දරුවන් 7යි. වැඩිමහල් දියණිය ඉපදුනේ 1931 වසරේ ඇය තවම හොඳින් ඉන්නවා.දුවට දැන් අවුරුදු 80ක් අනෙක් අයත් හොඳින් ඉන්නවා. එක පුතෙකු මීට ටික කලකට පෙර මියගියා. “මට එදා හිතට ගොඩාක් දුක හිතුන දවසක්” බව ද, ඩේසි මහත්මිය පැවසුවේ දරු දුකට ඇතිවූ වේදනාව නිසා නෙතු අගට ආ කඳුලක් ද සමගිනි.මද නිහැඩියාවකින් පසු අම්මා කෙනෙකු සහ ආත්තම්මා කෙනෙකු වශයෙන් පරම්පරා 3ක දරු මුණුපුරන් දැකීමේ භාග්‍යය ලැබීම ගැන ඉතාමත් සතුටට පත් වන බව ද ඇය පැවසුවාය.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මගේ බ්ලොග් එක පටන් ගත්ත සංවත්සරය පහු උනා බන්ලා මම දන්නනෙත් නැතුවම.පහුගිය මාස දෙක කාලේ සිද්ද වුන තැන වෙනස්වීම මගේ ඕන ලයින් වැඩ හොදටම අඩාල කරලා දැම්ම. එහෙමයි කියල ඉතිං එව්වා නවත්තන්න අමාරු නිසා මම දැන් කරන්නේ උදේ පැය භාගයක් කලින් ඇවිත් ඔපීසියේ වැඩ ටික ඉක්මනින් කොරල දෙනවා.එතකොට මට මගේ වැඩක් දෙයියනේ කියල කරගෙන ඉන්න ඇහැකි.අර බුකියේ ඈයෝ නම් දන්නවා මම අපේ ලංකාවේ ( අපේ නොවෙන ලංකාවක් තියේද අහන්න එපා ඔන්න) දෙන්නෙක් ගෙනාවනේ මගේ වැඩ පොලට.එකෙන් එකෙක් ගෙනාවේ අපේ ක්ලයන්ට් තැනට.අනික කොන්තරක් කාරයට.ඉතින් ඔය ක්ලයන්ට්ට ගෙනාව එකා ලංකාවේ උතුරු පළාතේ මුස්ලිම් දෙමල කතා කරන ඩයල් එකක්.මට වඩා වඩාහොදට වැඩදන්නා කෙනෙක් නිසා මම එයාව දැම්මේ ක්ලයන්ට් ගාවට.මනුස්සය එන්න කලින් මට කතා කළා:මනුස්සය : මචං තැන හොදද මචන් .මම : නියම තැනක් මචං, ක්ලයන්ට් උබට ඕන විදියට ඉන්න පුළුවන් පඩියත් දැනට වැඩිනේ බන්මනුස්සය: සෙනසුරාද වැඩද බන් .මම : මචං මම සෙනසුරාදා කිසි වාහනයක් දැක්කේ නැහැ බන්මනුස්සය : ඒ කියන්නේ වැඩ නැත්ද .මම :නැතුව ඇති නේද .ඔන්න කාලය ගිහින් මිනිහ ආව, පලවෙනි දවස :උදේම මට කෝල් එක එනවා :මිනිහ : මචං මම ආව .උබ කොහෙද ඉන්නවා .මම : මචං මම ඉන්නවා අපේ ඔපීසියේ බං .මිනිහ: ඒක කොහෙද තියනවා මචංමම: උබලා ඔපිස් එක ඉස්සරහ දොරින් ඇවිත් දකුණට හරියේමම ඉන්නවාමෙන්න මිනිහ එනවා .දැන් ඔය ක්ලයන්ට් ගාව ඉන්නකොට හොදට ඇදල කරලා එන්න ඕන.මොකද ක්ලයන්ට් නේ:මිනිහ එනවා ෂර්ට් එකේ උඩබොත්තම නොදා. . .ටයි එකේ යට අර පොඩි කෑල්ල එලියට පැනල. . .ටයිගැටේ ඇද වෙලාමම ඇහුව :මොකද බන් ඔහොමද තැනකට එන්නේ. හරියට ලෑස්ති වෙල වරකෝ බන්.ඌ: මේක දාන්න දන්නේ නැහැ බන් . . වයිෆ්ට පුළුවන් විදියට තමා දැම්ම . . කැත නම් හදා දියන්, , ,ඔන්න කතා එක ඉවරයි ,. . .එයිට පස්සේ මිනිහ එනවා මයේ ඔෆිස් එකට,දවසක් මුගේ මුණ හරි නැහැ.මම ඇහුව මොකද බන් අවුල ."උබ කිව මට මේ කොම්පැනිය හොදටම හොදා කියල,බලපන් උබට ඉන්ටර්නෙට් තියනවා, කොන්තරක් කාරයට ඉන්ටර්නෙට් තියනව , , ක්ලයන්ට්ට නෙට් නෑ . .මොකක්ද බන් මේ. "මම : ඔය පොඩි පොඩි එව්වා හදා ගන්න පුළුවන් මචෝ . පොඩියක් ඉඳපන් . .ඌ: බලපන් මම කුණු එකදාන්න බාස්කට් යෙකක් ඉල්ලුව, A4 පෙට්ටියක් තමා දුන්න බන් .උබෙන් මම කී පාරක් ඇහුවද කොම්පැනිය හොදද . . . උබ කිව හොදා කියල . ..ඌ මේවා කිව විදියරස මෙහෙම කීවට වැඩක් නැහැ අහලම බලන්න එහෙනම් ( විනාඩියයි ඩේට 2.9 MB). .
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
(2012-08-14 8:45) ඇල්පිටිය මූලික රෝහලේ අලුයම රෝගීන් බලන වේලාව කප්පාදු කරලාඇල්පිටිය මූලික රෝහලේ අලුයම රෝගීන් බැලීමේ වේලාව පැය භාගයකින් අඩු කිරීම නිසා රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් දැඩි අපහසුතාවට පත්වී සිටිති.දිවයිනේ සෑම රජයේ රෝහලකම නේවාසික රෝගීන් බැලීමේ වේලාව අලුයම 6 සිට 7 දක්වාත් දහවල් 12 සිට 01 සහ සවස 5 සිට 6 නියම කර තිබියදී ඇල්පිටිය මූලික රෝහලේ පමණක් රෝගීන් බැලීමේ වේලාව අලුයම 6 සිට 6.30 දක්වා හිතුවක්කාර ලෙස අඩු කර තිබීම අපරාධයක් බව බොහෝදෙනා පැමිණිලි කරති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඔහු ජූඩ් සීමන් ෆ්‍රැන්සිස්. දැන් බොහෝ දෙනෙක් ඔහු අමතන්නේ ඇමතිතුමා කියලයි. ඒ වුණත් ඔහු ඇමතිවරයෙක් නම් නොවෙයි. ජූඩ් සීමන් වෘත්තියෙන් ගුරුවරයෙක්. ඒ වගේම රංගන ශිල්පියෙක්. ඔහුට දැන් හැමෝම ඇමතිතුමා කියලා හඳුන්වන්නේ ඇන්ඩ් කොම්පැනි රූපවාහිනි නාට්‍යයේ බී. එස්. අධ්‍යක්ෂතුමාගේ චරිතය නිසා. ප්‍රේක්ෂක උණුසුම් ප්‍රතිචාර මැද ජූඩ් සරසවිය හමුවෙන්නත් අමතක කළේ නැහැ.දැන් ඔබ කාර්යබහුල රංගන ශිල්පිියෙක්?මම රංගන කටයුතුවලට දායක වෙන්නේ ගුරු වෘත්තියේ නියැළෙන අතරතුරේදියි. ඒ නිසා යම් යම් අවස්ථාවල කාලය වෙන්කර ගැනීම පිළිබඳ ප්‍රශ්න නම් ඇති වෙනවා. ඒ වුණත් ක්ෂේත්‍ර දෙකටම අපහසුවක් ඇති නොවන්නට වග බලාගෙන කටයුතු කරන්න තමයි හැම තිස්සෙම උත්සාහ කරන්නේ.බී. එස්. ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ පිළිබඳ ලොකුª සතුටක් හිතේ තියෙනවා. මම උගන්වන පාසලේ ළමයි, ගුරුවරුන් වගේම මග තොටේදී හමුවන අයත් බී. එස්. චරිතය ගැන අදහස් දක්වනවා. ඒ වගේම බී. එස්. චරිතය අපේ රටේ ජනප්‍රිය පුද්ගලයෙකුගේ චරිතයක්නේ. පර්සි කියලා මහත්තයෙක් මාව එතුමාට හඳුන්වලා දුන්නා. එතුමා මගේ රංගනයට සුබපැතුවා.ඔබ දායක වූ අනෙනකුත් නිර්මාණ ගැනත් සඳහන් කළොත්?දූවරු, මලී, සිහින පියාපත්, මට ආසයි පියාඹන්න ටෙලිල නාට්‍ය සඳහා රංගනයෙන් දායක වුණා. ඊට අමතරව සූරබාහු, මල්මි, වීදිය බණ්ඩාර නාට්‍ය ඉදිරියේදී විකාශය වෙන්න නියමිතයි. මම කිතුණු බැතිමතෙක්. මං ආසයි පියාඹන්න ටෙලි නාට්‍යයේ මම භික්ෂුවකගේ චරිතයක් නිරූපණය කළේ. ඒ චරිතය මගේ රංගන ජීවිතයේ ආසාවෙන් කළ චරිතයක්. ඒ වගේම මම රංගනයෙන් දායක වුණු චිත්‍රපටය තමයි ‘ප්‍රවේගය’ එයත් මගේ රංගන ජීවිතයේ සුවිශේෂ ස්ථානයක්.ජූඩ්ගේ පවුලේ විස්තරත් කියමු?මගේ පවුලේ මමයි පුතාලා දෙන්නයි විතරයි ඉන්නේ. බිරිඳ ජීවතුන් අතර නැහැ. ලොකු පුතා රනිත, උසස් පෙළ හදාරනවා. පොඩි පුතා රසිඳු 8 වසරේ ඉගෙනුම ලබනවා. ලොකු පුතා නම් ඉදිරියේදී රංගනයට එන්න ආසාවෙන් ඉන්නේ.රංගන ක්ෂේත්රයට පිවිසෙන්න ලැබීම ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?ඇත්තටම ගොඩක් ලොකු සතුටක් හිතේ තියෙනවා. පොඩි කාලේ් රංගනයට ලොකු ආසාවක් තිබුණා. පාසැලේ කලා උළෙලවල් සඳහා සහභාගි වුණා. අම්මාගේ හීීීනය සැබෑ කරමින් අනූව දශකකයේදී මට ගුරු පත්වීමක් ලැබුණා. ඒ නිසා සෑහෙන කාලයක් ගතවන තුරු රංගනය ගැන හිතන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වුණත් මට දැන් ඒ සඳහා අවස්ථාව ලැබී තියෙනවා. දරුවන්ට අධ්‍යාපනය ලබා දිමෙන් මම විශාල සතුටක් ලබනවා. එයට බාධාවක් නොවන්න රංගන කටයුතුවලත් දිගටම නියැළීමට බලාපොරොත්තු වෙනවා. 0775854466 දුරකථන අංකයට මගේ රංගනයන් පිළිබඳ අදහස් දක්වන්න රසික ඔබට ආරාධනා කර සිටිනවා.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අවුරුද්දකටත් වැඩි කාලෙකට පස්සේ ආයෙම මේ පැත්තේ එන්න හිතුනා හැමෝම කතා වෙන "සමනල සංධ්වනිය" ගැන මගේ අදහසකුත් කියාගෙනම.හැමෝම මේ ගැන එක එක දේවල් කියනවා.සමහර අයට හොඳයි.සමහර අයට නරකයි.සමහර අයට මධ්‍යස්තයි.මට දැනෙන හැටියට මේ චිත්‍රපටිය බලන්න යන කාණ්ඩ කිහිපයක් ඉන්නවා.මේ වගේ..සංධ්වනිය කියන එකේ මහප්‍රාණ "ද" ගැන හිත හිත මහප්‍රාණ විදියට යන අයසමනළ කෑල්ල ඔලුවේ තියාගෙන කොල්ලොන්ගේ ෆන් එකක් බලන්න යන අයමෙලෝ අදහසක් නැතුව කවුරුවත් කිව්වට යන අය"මට මගේම නොවන ආදරයක්" සින්දුව තියන ෆිල්ම් එක බලන්න යන අය"සමනළ සංධ්වනිය" බලන්න යන අයහොඳයි..මේකෙන් මුල් කොටසේ අයට මේක දිරවන්නේ නෑ..හේතුව ඒ අයට එකේ තියන හාස්‍ය වටහාගන්න අමාරුයි..ඒවා ඒ අයට කුණුහර්ප..දෙවෙනි කොටසට තේරෙන්නේ ඒ හාස්‍යජනක කොටස විතරයි.ඒ අයට ෆිල්ම් එකේ අනිත් ඔක්කොම ගොන්.අනිත් අයට හිතෙන්නේ දුන්න සල්ලි අපරාදේ..හතරවෙනි අයට සින්දුව ෆිල්ම් එක පුරාම යන එක අවුල්..ටක් ගාල එක පාරින් ඉවර වෙන්නේ නැති නිසා..අන්තිමට සමනළ සංධ්වනිය බලන්න යන අය.අන්න ඒ අයට මේකේ උපරිම වින්දනය ලබාගන්න පුළුවන්..මේකේ මතුපිට කතාව බොහොම සරළයි..අහම්බෙන් හමුවෙන ලියුමක් වටා තමයි මේ කතාව ගෙවෙන්නේ.කෙනෙක් මේක මහා විකාරයක් විදියට දකින්න පුළුවන්.ඒත් මට දැනෙන හැටියට මේ කතා සාරය හරි ප්‍රබලයි.ඒකෙ බොහොම සියුම් විදියට ඒක ස්පර්ශ කරනවා..දෙවනුව යථෝක්ත ගීතය..මට හිතෙන්නේ මේ කතාවට උපරිම සාධාරණයක් කරන්නේ මේ ගීතය..ගීතයේත් මෙන මේ කොටස.. "මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා"පොඩි එකා අතට අහම්බෙන් ලියුම ආපු වෙලාවේ ඉඳල ඌ ඒක කියවන ගමන එකේ ඉන්න "පුණ්‍යා" ව හිතෙන් උගේ කරගන්නවා.ඒක ආදරය නෙවේ.ඒක ඒ කාලෙට එන අමුතු හැඟීමක්.මේක සරලවම අදාළ කාලේදී ඕනෑම පිස්සු නටන කොල්ලෙක්ට වෙන දෙයක්.(එහෙම නොවෙන කෙනෙක් ඉන්නවනම්,කොලු භාවය ගැන ප්‍රශ්නයක්) එතන ඉඳං වෙන කාගේවත් ආදරයක් ඒ කොල්ලා උගේ ආදරයක් (වගේ දෙයක්) කරගෙන පසුතැවෙනවා.ඒ අතරේම ඒ කොල්ලට තමන් කරපු දේ නිසා මේ නාඳුනන "පුණ්‍යා"ට වැරද්දක් වුනා කියන හැඟීමත් තියනවා.මොකද තමන්ගේ අතේ තියෙන්නේ කුළුඳුලේ ප්‍රකාශ කරපු ආදරයක්.මෙන්න මේ හේතුන් එක්ක "මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා" කියන වචන ටික උඩ මේ අපූරු නිර්මාණය දිග හැරෙනවා..එකක් මේ කොල්ල හිතන විදියට ඒ කොල්ලගේ ළඟ තියෙන්නේ වෙන කාගේවත් ආදරයක්..හැබැයි ඒක ඒ කොල්ලට අයිති නෑ.ඉතින් තමන් කාට හෝ බරපතල වැරද්දක් කරා නේද කියන හැඟීමක් මේ කොල්ලට තියනවා.මේක අවසානයේ කතා කෙරෙන "වේදනාව" ඒ පසුතැවීම හරහා ආපු දෙයක් වෙන්නත් පුළුවන්..දෙවනුව මේ කොල්ල හිතින් "පුණ්‍යා" ට ලං වෙලා ඒ ආදරය නොලැබීම ගැන විරහවෙන් උපන්න "වේදනාව" ත් යම් ප්‍රමාණයකට වෙන්න පුළුවන්..මට හිතෙන්නේ මේ චිත්‍රපටියේ අන්ත දෙක මේකයි..මම වැරදි වෙන්නත් පුළුවන්..අන්තිමේ මම දකින්නේ ජයන්ත චන්ද්‍රසිරිට පින්සිද්ධ වෙන්න ලස්සන නිර්මාණයක් රස වින්දා..මට දැනෙන හැටියට නළු නිළියන් සියල්ලම උපරිම සාධාරණයක් කරනවා..ලස්සනයි..හොඳයි..කතාව තාත්විකයි..බලන්න වටිනවා..ප.ලි :කරුණාකර මෙම චිත්‍රපටිය තිරගත වන අවස්ථාවේ ප්‍රචාරය වන්න වූ පූර්ව ප්රචාරක පටි පචාරය වද්දී "රන්ජා" නම් අසහාය වීර කාව්‍යයේ පූර්ව ප්රචාරක පටය පෙන්වද්දී ඇස, කන යන දෙක තදින් වසාගන්න..මක්නිසාද යත් "සමනළ සංධ්වනිය" හරහා ලැබෙන්නා වූ වින්දනය සුන්නද්දුලි වී ලාංකීය සිනමාව ගැන බරපතල දුකක් ඇති වනු ඇත.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සෞඛ්‍ය ක්ෂේත්රය පූර්ණ ප්රතිසංවිධාන කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.සෞඛ්‍ය ක්ෂේත්රයේ තිබෙන ගැටලු පිළිබඳව පී.බී. ජයසුන්දර කමිටු වාර්තාව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බව කී ඇමැතිවරයා එම වාර්තාවට අනුව මෙම ක්ෂේත්රය පූර්ණ ප්‍රතිසංවිධානගත කරන බවද කීවේය.වෛද්‍ය හා හෙඳ ගැටලුවලට පමණක් සීමා නොවී සෑම ක්ෂේත්රයක්ම ආවරණය වන පරිදි ප්රතිසංවිධාන කටයුතු සිදු කරන බවද ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ගොඩනැඟීමට වත්මන් රජය කැපවී සිටින බවද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කීවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඇහැට ඇහැක් විස වීම බොලිවුඩයට අලුත් දෙයක් නොවෙයි. මුහුණට මුහුණ නොබලන අලුත්ම තාරකා යුවළ බවට පත් වී සිටින්නේ අනුෂ්කා ෂර්මා සහ පරිනීතා චාප්රාය.අනුෂ්කා මෙන්ම පරිනීතා ද මේ වන විට සුපිරි තාරකාවක් වෙන බවට පෙරනිමිති පහළ කර අවසන්ය.‘ලේඩිස් වර්සස් රිකී බාල්’ කුලුඳුල් රංගනයට පරිනීතා සම්මාන ගණනාවක්ම නැඟී එන නවක නිළිය ලෙසින් දිනා ගත්තාය. වැඩි දෙනෙක් පවසන්නේ අනුෂ්කා, පරිනීතාට ඊර්ෂ්‍යා කරන බවයි.මේ දෙදෙනා මූණට මුණ ගැසුණත් ඇසට ඇස නොබලන බව ඇසින් දුටුවෝ පවසති.අනුෂ්කාගේ නොමනාපයට පරිනීතාගේ රංගනයට ඊර්ෂ්‍යා කිරීමට වැඩි යමක් පවතී. ඇයගේ පෙම්වතාව සිටි රන්වීර් සිං පරිනීතාට ළං වීම අනුෂ්කාගේ දෙනෙත් රතු පැහැ කරන කරුණක් වී තිබේ.සිනමා පටයක් රූගත කරද්දී සියල්ලෝම එකම පවුලේ සාමාජිකයෝ බවට පත් වෙති. මෙසේ වාසය කිරීමේදී එකිනෙකා ගැන දැනගත යුතු දේ මෙන්ම දැන නොගත යුතු දේ ද දැනගන්නට ලැබේ.සනී ලියෝන් කිසිසේත්ම හෙළි කිරීමට අකැමැති පුවතක් ‘ජිස්මි 2’ රූගත කිරීමේදී හෙළි වී ඇත. එය නම් ඇය ග්‍රස්ථිය (OCD) නම් රෝගයෙන් පීඩා විඳින බවයි.ඇය මේ උමතු රෝගයෙන් පීඩා විඳින බව අනෙක් අයට වැටහී ඇත්තේ නිතර නිතරම පාද සේදීම නිසයි. ඇය මිනිත්තු 15 – 20 කට වරක් ද, සෑම රූගත කිරීමකම අවසානයේදී ද දෙපා සෝදා තිබේ.බන්ද්‍රා පෙදෙසට මූම්බායි රැජන යන අනවර්ථ නාමය ලැබී ඇත්තේ එය සුපිරි තරු යායකට නවාතැන් සපයන පුරවරයක් නිසයි.මෙහි ජීවත්වන ඛාන් රජවරුන් අතර අමීර් ඛාන් ද වෙයි.ඔහු ‘බෙලා විස්ටා’ තට්ටු නිවාසයේ පදිංචිකාරයෙකි. තට්ටු නිවාසයක කොටු වී සිටීමට ඇති අකැමැත්ත නිසාදෝ අමීර් ඛාන් උත්තර ප්‍රදේශයේ, ෂහබාද්වලින් නිවෙස් විසි දෙකක් මිලදී ගෙන තිබේ.ඔහු මිලදී ගෙන ඇත්තේ ජනප්‍රිය චිත්‍රපට අධ්යක්ෂවරයකු වී සිටි නසීර් හුසේන් ඇතුළු සිය මාමලාගේ නිවෙස්ය.ඔලිම්පික් උණුසුම බොලිවුඩයට තදින්ම දැනෙන්නේ සමාරම්භක උළෙල බච්චන්, ඒ.ආර්. රහමන් වැනි මෙගා තරුවලින් වර්ණ ගැන්වුණු නිසා පමණක් නොවෙයි. ක්ෂේත්රයට සම්බන්ධ අය ද ක්‍රීඩාවට දායක වන නිසයි.ලාරා දත්තා ලන්ඩන් ඔලිම්පික් උළෙලට ගියේ ටෙනිස් ක්‍රීඩකයකු වූ සිය සැමියා මහේෂ් භූපතිට සුබ පැතීමටයි. ලාරා සමඟ සානියාගේ මව ද ගොස් තිබේ.ලාරාගේත්, මහේෂ්ගේත් දියණිය සයිරා තවමත් මාස ගණනක සිඟිත්තියක නිසා මුල දී ලන්ඩන් නොයා සිටීමට ඇය තීරණයකර තිබුණත් පසුව එය වෙනස්කර ගත්තාය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඵලදායිතාව වැඩිදියුණු කිරීම සඳහා ඉහළ සාධණීය පියවර ගෙන තිබීම හේතුවෙන් ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව තරගකාරීත්වය අතින් වාසි ළඟාකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය සහයෝඟීතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.බටහිර රටවල් හා සංසන්ඳනය කරන කළ දකුණු ආසියානු කලාපයට අයත් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව පවසන ඒ මහතා මේ හේතුවෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට හැකිව තිබෙන බවද අපනයන වෙළෙඳාමේ දී වාසි සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවද කියා සිටී.ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී ආරම්භ වූ ජාතික ඵලදායීතා ආයතනයන්හි ප්‍රධානීන්ගේ වාර්ෂික සමුළුවේ 55වැනි සැසිවාරයට එක්වෙමිනි. ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සහ ආසියානු ඵලදායිතා සංවිධානය එක්ව සංවිධානය කළ මේ සඳහා බංග්ලාදේශය, කාම්බෝජය, චීනය, ෆීජි, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ජපානය, කොරියාව, මැලේසියාව, මොන්ගෝලියාව, නේපාලය, පාකිස්තානය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය හා වියට්නාමය යන රටවල නියෝජිතයෝ සහභාගි වෙති.ලෝක බැංකුවේ ද සහාය ඇතිව සංවිධානය කරන මේ සැසිවරයා අද (23) අවසන් වෙයි.මෙහිදී වැඩි දුරටත් අදහස් පළ කළ ඒ මහතා, පසුගිය දශක තුනක කාලයක් අනතුරුදායක රටක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාව අද මේ කලාපයේ ඉතාම සාමකාමී රට බවට පත්ව තිබෙන බව කී සරත් අමුණුගම මහතා ඵලදායිතාවය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සාධනීය පියවර රැසක් ගෙන තිබෙන බවද අධ්‍යාපන හා තාක්ෂණික ක්ෂේත්රයේ සිදුකර ඇති සංවර්ධනය ඵලදායිතාව වැඩිකර ගැනීමට රුකුලක් වී තිබෙන බවද කීවේය.මේ හේතුවෙන් තරඟකාරීත්වය අතින් අපට සාපේක්ෂ වශයෙන් වාසියක් අත්කර ගැනීමට හැකිව තිබෙන බව කී ඇමැතිවරයා ඵලදායිතාව සම්බන්ධයෙන් මෙය ඉතාම තීරණාත්මක සාධකයක් බවද බටහිර රටවල් හා සංසන්දනය කරන කළ චීනය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල් ඉදිරියෙන් සිටින බවද පෙන්වා දුන්නේය.දල දේශීය නිෂ්පාදිතය පිළිබඳ සලකා බලන කළ යුද ගැටුම් හේතුවෙන් විනාශයට පත් උතුරු හා නැඟෙනහිර පළාත් ඉදිරියෙන් සිටින බවද ඵලදායිතාව වැඩිදියුණු කිරීමෙන් ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීමෙන් පමණක් අප සෑහීමට පත් නොවන බවද කී ඒ මහතා සමාජ සාධාරණය වැදගත් බවද ප්‍රකාශ කළේය.මෙහිදී අඳහස් දක්වමින් ඵලදායිතා ප්‍රවර්ධන ඇමැති බශීර් සේගුදාවුද් මහතා සඳහන් කළේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ අපේ රට විශාල සංවර්ධනයකට ලක්ව තිබෙන බවත් ආර්ථික හා සමාජයීය වශයෙන් විශාල සංවර්ධනයක් ලබා තිබෙන බවත්ය. ආසියාවේ ආශ්චර්යය බවට අපේ රට පත්කිරීම වත්මන් රජයේ අරමුණ වී තිබෙන බව සඳහන් කළ ඒ මහතා අනාගත අභියෝග ජයගැනීම වෙනුවෙන් පියවර ගෙන තිබෙන බවද කීවේය.ආසියානු ඵලදායිතා සංවිධානයේ මහලේකම් මාරි අමානෝ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අනේ දෙවියනේ මට උන වියෝ යාතිබුන එකත් අද මට නැති උනෝ යාලණු දුන් එකා යන්තම් ගොඩ ගියෝ යාමේ වන් දුකක් කාටත් සිඳු නොවේ යාගම් මට්ටමෙයි බිම් මට්ටමෙයි සැරි සැරු වාපන්සල් පල්ලි ගොස් ගොන් රැල රැවටූ වාකොළඹ ඉන්න යක්කුත් එක්ක බෑ එව් වාවැඩි වේගය කැඳවනවා නොවැ මරු වා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජීවිතේ සිහින ගොඩක්.අවුරුදු ගාණක් ආපස්සට ගිහින් මතක් කරනකොට හැබෑ කරගන්නට නොහැකිවුණු ,මගහැරී ගිය සිහින ,කරත්තයක පුරවාගන්නට තරම්. හැබෑ කරගන්නට නොහැකි වුණු ඒ හීන හිතට ගෙනෙන්නේ දුකක්මත් නෙමෙයි. . මොකද්දෝ තේරුම් ගන්නට බැරි වචනයෙන් පහදා දෙන්නට අපහසු ශාන්තමය සන්තුෂ්ටියක් ඒ මතක ස්මර්ණ වල හැංගිලා තියෙනවා වාගෙයි.වළා පිරුණු අහස මතින්යාන්තමට හඳ පායපු.ටිකක් ඇදිරි- ටිකක් එළියතියෙන රෑක ඇවිද යන්න.තනිපංගලමේ සොයන්නහාංකවිසියක් නොතියාඈත එපිට දුර කාලෙකඅමතක වී අතහැර ආසොඳුරු සිහින සාප්පුවක්.....මූදු නිල්ල තරම් සතුට.ගොඩගලාපු මතක ගොඩයි.පබළු වගේ එකින් එකටඅමුනාගන්නට බැරි හැටි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
තමා විසින් ආදරයෙන් ඇති දැඩි කළ එළදෙන සපාකෑම නිසා තද බල ලෙස තුවාල ලැබූ ගලඋඩ ප්‍රදේශයේ ගොවි මහතෙකු බදුලු මහ රෝහලට ඇතුළත් කර ඇත.මේ ගොවි මහතාට ඉතා කීකරුව සිටි මේ එළදෙන මෑතකදී පැටවෙකු වදා ඇත. සිද්ධිය වූ දින මොහු එම පැටවා සුරතල් කරමින් සිටියදී එකපාරම එතනට කඩා වැදුණු එම එළදෙන මොහුට ඇන බිම පෙරළා මොහුගේ දෙපා සපා කා ඇත.නිවැසියන් එම ස්ථානයට පැමිණ එළදෙන එළවා දමා ඔහු බේරා නොගත්තේ නම් තත්ත්වය මීට වඩා බරපතළ වීමට ඉඩ තිබුණු බව පැවසේ.අශ්වයින් විසින් ඉඳ හිට මිනිසුන් සපා කන බව අසා ඇති මුත් හරකකු විසින් මිනිසෙකු සපා කෑම ඉතා විරල ගණයේ සිද්ධියකි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත උතුරු මැද පළාත දිස්ත්‍රික්කය අනුරාධපුර දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. පටුන 1 ජනගහනය 2 ග්‍රාම නිළධාරි වසම් 3 ආර්ථිකය 4 ප්‍රාදේශීය ලේකම්වරුන් 5 ආශ්රිත ලිපි 6 මූලාශ්‍ර ජනගහනය[සංස්කරණය] ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය] ආර්ථිකය[සංස්කරණය] ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය] ආශ්රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර[සංස්කරණය] Divisional Secretariats Portal
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කළුතර මහා විදුහල හා කළුතර තිස්ස විදුහල අතර 53වන වරටත් පවත්වනු ලබන මැංගුස් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 9-9 දිනයන් හි කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවිදුහල් අතර මේ දක්වා පැවැති තරග 52කදී කළුතර තිස්ස විදුහල තරග 6ක් ද කළුතර මහා විදුහල තරග 22ක් ද ජයලබමින් ඉදිරියෙන් සිටී.මෙවර කළුතර විදුහලේ නායක ලෙස චාමර විතානගේ හා තිස්ස විදුහලේ නායකයා ලෙස කසුන් තිවංක කටයුතු කරයි.කළුතර මහා විද්‍යාලයේ ප්‍රබල ක්‍රීඩකයන් වන චාමර විතානගේ (නායක) , ඉසුරු බුද්ධික, හෂාන් හර්ෂණ, ළහිරු සංගීත් කැපී පෙනෙන අතර නායක චාමර විතානගේ ලකුණු 500 සීමාව සහ කඩුලු 34ක් ලබා ගනිමින් තුන්ඉරියව් දස්කම් දක්වා ඇති අතර මොහු හයවන වසරේ ක්‍රීඩකයෙකි.ඉසුරු බුද්ධික කණ්ඩායමේ නිත්‍ය කඩුලු රකින්නා වන අතර පිත්තෙන් ලකුණු 500 සීමාව ඉක්මවා ඇත. හෂාන් හර්ෂන තුන් ඉරියව් ක්‍රීඩකයා පිත්නේ ලකුණු 500 ඉක්මවා ඇත. පන්දුවෙන් කඩුලු 31ක් ද ලබා ඇත. ළහිරු සංගීත් පන්දුවෙන් කඩුලු 50 සීමාව ඉක්මවා ඇති අතර කලුතර මහා විද්‍යාලයේ වැඩිම කඩුලුලාභියා ද වේ.ඊට අමතරව පිත්නේද ලකුණු 250සීමාව ඉක්මවා ඇත. කළුතර විදුහල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස නිමල් දාබරේ මහතා කටයුතු කරයි.කළුතර තිස්ස විදුහල් කණ්ඩායම කසුන් තිවංක මෙහෙයවන අතර මෙවර තරගාවලියේදී එක් තරගයක් සහ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ 7ක් ද තරග 2ක් පරාජය වූ අතර තරග 2ක් ජයපරාජයෙන් තොරව නිමා විය.මෙවර තරගාවලියේදි නායක කසුන් තිවංක එක් ශතකයක් හා අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 750 සීමාව ඉක්මවා ඇත. තිස්ස මධ්‍ය විද්‍යාලයේ කැපී පෙනෙන පිතිරුවෙක් ලෙස යසිත් චමෝද ශතක 2ක් හා අර්ධ ශතක 4ක් සමගින් ලකුණු 800 සීමාව ඉක්මවා ඇත. පන්දු යැවීමේදී තුෂාර සම්පත් හා රසින්ද ගයාෂාන් කඩුලු 50 සීමාව ඉක්මවා ඇත.තිස්ස විදුහලේ ක්‍රිකට් පුහුණුකරු ලෙස රවීන්ද්‍ර සිමන් මහතා කටයුතු කරයි. .
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වසර විසි පහක් තිස්සේ මෙරට පදිංචි වී සිටින ජර්මානු ජාතිකයකු ශ්‍රී ලංකාවේ සොබාදහම පිළිබඳව හා මෙරට සුන්දරම ස්ථාන රැසක් චිත්‍රයට නගමින් සිටී.ඔහු මිනුවන්ගොඩ මාතම්මන පදිංචි ඩීටර් වෙන්ඩ්ලන්ඩ් මහතාය.1985 දී මෙරටට පැමිණි වෙන්ඩිලන්ඩ් මහතා ශ්‍රී ලාංකික කාන්තාවක් වන ඒ. පී. රත්නශීලී මහත්මිය සමඟ විවාහ වී මෙරට පදිංචිව සිටියි. කෘතිම පාද නිෂ්පාදිත ආයතනයක් පවත්වාගෙන යන ඔහු විවේකයට කරන්නේ චිත්‍ර ඇඳීමය. ඔහු මේ වනවිට අලංකාර චිත්‍ර සියයකට වැඩි සංඛ්‍යාවක් නිමකර ඇති අතර ඒවායේ බහුතරය මෙරට සෙබාදහම පිළිබඳව ය.වෙන්ඩ්ලන්ඩ් මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ සොබාදහමට තමා බෙහෙවින් ප්‍රියකරන බවයි. මෙරට පරිසරය හා අලංකාර ස්ථාන ලොව කිසිදු රටකට දෙවැනි නොවන බවද වෙන්ඩ්ලන්ඩ් මහතා පවසයි.මේ චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශනයක් ඉදිරියේදී පැවැත්වීමට අපේක්ෂා කරන බවත්, තමාගේ මේ කලා කටයුතු වෙනුවෙන් තම බිරිය වන රත්නශීලීගෙන් ලැබෙන සහයද විශාල බව වෙන්ඩ්ලන්ඩ් මහතා පැවැසීය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙරට අග්‍රගණ්‍ය කලාකරුවන් අතරෙහි ලා ගැණිය හැකි පණ්ඩිත් අමරදේව, මාලිනී ෆොන්සේකා, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ආචාර්ය වික්ටර් රත්නායක, රවීන්ද්‍ර රන්දෙණිය, සුනිල් එදිරිසිංහ ආදී කලාකරුවන් 14 දෙනෙකුගේ ජීවමාන ඉටි රූප ප්‍රදර්ශනයක් මෙම 9 වැනිදා සිට 11 වැනිදා තෙක් කොළඹ කලා භවනේදී පැවැත්වේ.මහාචාර්ය සුනිල් ආරියරත්න, රවීන්ද්‍ර රන්දෙණිය, ආචාර්ය වික්ටර් රත්නායක, බණ්ඩාර ඇහැලියගොඩ සහ ප්‍රේම් දිසානායක එකතුව මෙම ඉටි රූ දැක්ම සංවිධානය කරයි.අතුල හේරත් සහ මහීම හේරත් යන පිය පුතු යුවළ විසින් නිර්මාණය කරනු ලබන මෙම ඉටි රූ ලොව අති පරිසිඳු ඉටි රූ කෞතුකාරගය වන බ්‍රිතාන්‍යයේ මැඩම් ටුසුවුඩ්ස් අනු රූ පරදන බැව් ඒ දුටු බොහෝ දෙනා පවසති.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මාතලේ දිසා වොලිබෝල් සංගමය මුල්වරට සංවිධානය කළ පරාක්‍රම දිසානායක රන් කුසලාන මාතලේ දිසා විවෘත වොලිබෝල් තරගාවලියේදී බාලක සූරතාව යටවත්ත වීර පරක්‍රම මැදි විදුහලට සහ බාලිකා සූරතාව අකුරම්බොඩ වීර කැප්පෙට්පොළ මැදි විදුහලට ද විවෘත පිරිමි සූරතාව වේරගම සන්ෂයින් ක්‍රීඩා සමාජයට ද හිමිවූහ.පසුගියදා මාතලේ අළුවිහාරේ ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගාවලිය පාසල් බාලක බාලිකා සහ ක්‍රීඩා සමාජ පිරිමි වශයෙන් අදියර තුනක් යටතේ පැවැත්විණි.මේ තරගාවලියේ දක්ෂතම වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස බාලක – නාලක විජේසිංහ (වීර පරාක්‍රම මැදි විදුහල) බාලිකා - නදීකා ගුණසේකර (නාමිණිඔය ම.වි) සහ විවෘත පිරිමි - උපාලි රත්නදිවාකර (සන්ෂයින් ක්‍රීඩා සමාජය) සම්මාන ලැබූහ.බාලක අනුසූරතාව මාතලේ අනු සූරතාවද බාලිකා අනු සූරතාව නාමිණඔය මහ විදුහලට සහ විවෘත පිරිමි අනු සූරතාව නාඋල ශ්‍රී නාග ක්‍රීඩා සමාජයට ද හිමිවූහ. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පරාක්‍රම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හායි.. 8.47p.mහායි .. 8.47p.mකොහොමද. 8.48p.mහොදින්,ඔයාට කොහොමද. 8.49p.mමාත් හොදින් 8.49p.mහි හි ඔය හරි ලස්සනයිනේ. 8.50p.mමන් ඇත්තටම කිව්වේ. බොරුවටනෙවේඇයි මුකුත් කියන්නේ නැත්තේ.. 8.52p.mOffilne"මේක මොකෙද්ද දන්නේ නෑ, හායි කිව්වා ගමන් මං ලස්සනයි කියනවා. මාව දන්නෙත් නෑ,"හායි.. 6.07p.mහායි .. 6.07p.mකොහොමද ඉතින්. 6.08p.mහොදයි 6.11p.mඇයි අපිත් එක්ක තරහද. 6.12p.m තරහ වෙන්න මම යාලු වෙලා හිටියද. 6.14p.mඅපෝ ඔයාගේ සැර කොච්චි කරලක්වගේහිකිස්ඔහොම තරහ ගන්න එපා ඉක්මනටම නාකි වෙයි 6.16p.mඇයි ඔයාට මොකද ඉතින් 6.19p.mOffline" එයා නම් හරිම විහිළුවෙන් වගේ, කවුද දන්නේ නෑ" කෝකටත් හෙට කතාකරල විස්තර අහල බලන්න ඕනනේ.හායි 4.31p.mහායි හායි කොහොමද ඉතින් 4.31p.m හොදින් ඔයාට කොහොමද බබෝ 4.32p.m බබා. අනේ යනවා යන්න , මං බබෙක්ද 4.31p.mඉතින් ඉතින් මොනවා හරි කියන්නකෝ අනේ... 4.32p...........කාලය කොතරම් මිහිරිද සොදුරිය .ඔයා එනකම් මම මග බලාගෙන හිටියේ 5.00 a.m*****************තවත් facebook ආදර කතාවක ආරම්භයක්. නොදැකපු, නොසිතු කෙනෙක්ට ආදරේ කිරීමේ කලාව.මතු සම්බන්දයි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සොදුරු වළාකුළුමිරිගුපාට පාට දේදුනුඅවුරෝරා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සියලුම දේශීය නිෂ්පාදන ජනතාවට බෙදා හැරීමේ අරමුණෙන් නිෂ්පාදන රැගත් ජංගම වෙළෙඳ රථ ප්‍රධාන නගරවලට පිටත් කර යැවීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර තිබේ.මෙම වෙළෙඳ රථවලින් දේශීය පලතුරු බීම, ඔසු පැන්, තේ, කෝපි, කොළ කැඳ වැනි පාන වර්ග පහසු මිලට ලබා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබේ.පාරම්පරික සහල් වර්ග, සහල් පිටි මෙන් ම එදිනෙදා ප්‍රයෝජනයට ගත හැකි පෝෂ්‍යදායි ආහාර වර්ග ද මෙම වෙළෙඳ රථවලින් මිලදී ගැනීමට හැකියාව ඇත.වස විස නැති ආහාර ජනතාවට ලබා දීමේ අරමුණෙන් කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවේ.මෙහි ප්‍රධාන වෙළෙඳසල නාරාහේන්පිට කිරි මණ්ඩල මාවතේ ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ ප්‍රධාන මූලස්ථානයේදී පසුගියදා (06) කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිනි කුමුදුනී ගුණසේකර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ. ඊ. කරුණාතිලක මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
‘සිරි දළදා ගමනය’ චිත්‍රපටයේ පණ්ඩු රජුගේ බ්‍රාහ්මණයකුට පණ දුන් අශෝක නවරත්න කුමාරසිංහ තම රංගන ගමන ආරම්භ කරන්නේ දිගු කලකට පෙරය. අනුරාධපුර ප්‍රදේශයේ ජීවත් වන ඔහු රංගනයට අමතරව ජ්යෝතිෂයවේදියෙකි. ගායකයෙකි.ඔබේ රංගන ගමනේ ආරම්භය සනිටුහන් වෙන්නේ කොහොමද?පාසල් යන කාලයේ පටන්ම මට ගීත ගයන්නට තිබුණේ පුදුම ළැදියාවක්. මම හිතන්නේ ගායන හැකියාව වගේම රංග හැකියාවත් මට ආවේ මගේ පියාගෙන් කියලයි. ඔහු බස් රථ ව්‍යාපාරිකයෙක් වුණත් තියටර් යුගයේ හිටිය අපූරු නළුවෙක් කියලා කිව්වොත් නිවැරැදියි. තියටර් ගීත කියන්න ඔහු බොහොම හපනෙක්. සර්පිනාව, තබ්ලා වාදනය කරන්න ඔහුට අපූරුවට පුළුවන්. අපි හැමෝම එකතු කරගෙන ඔහු නිවෙසේදී තියටර් ගීත කියනවා. ඒවා රඟනවා. මේ පසුබිම මගේ කලා ජීවිතයේ ආරම්භ කරන්න හේතු වෙන්න ඇති කියලා හිතනවා.රංගනයට ප්‍රථම ඔබ කලාවට පිවිසෙන්නේ ගායකයෙක් ලෙස නේද?මම මේ වනවිට ‘සුන්දර් සංගීත්’ නමින් ඒක පුද්ගල හින්දි ගී ප්‍රසංගයක් කරලා තිබෙනවා. මගේ කලා කටයුතුවලට අපූරු සහයෝගයක් වුණේ රජරට සේවයෙන් ඇරැඹි ‘රජරට කැකුළු’ වැඩසටහනයි . ඒ ඔස්සේ ලැබුණු සහයෝගය මට ගායකයෙක් වගේම නළුවෙක් වෙන්නත් උදව් කළා.ඔබ රංගනයට පිවිසෙන්නේ කොයි ආකාරයෙන්ද?මුලින්ම රඟපාන්නේ නිහාල් කියන මහත්තයාගේ ‘රජ දහන’ ඒකාංගික ටෙලි නාට්‍යයේ. ඊළඟට මහාචාර්ය ආරියරත්න ඇතුගල මහත්තයාගේ ‘රම්‍ය නගරේ’ ටෙලි නාට්‍යයේ. ඒ වගේම රංග බණ්ඩාරගේ ‘ස්නේහ සැමරුම’ ඒකාංගික ටෙලි නාට්‍යයේ පොලිස් පරීක්ෂකයෙක් විදියට රඟපෑවා. මොහාන් නියාස්ගේ නිර්මාණයකටත් මා රංගනයෙන් දායක වුණා.ළඟදීම ඔබගේ රඟපෑම දැකගත හැක්කේ කුමන නිර්මාණ ඔස්සේද?මම රඟපෑමෙන් දායක වුණු චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒ අතර සනත් අබේසේකරගේ ‘අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ’ චිත්‍රපටයේ ගම්භාර ඇත්තෝ විදියට මා රංගනයෙන් දායක වුණා. මාත් සමඟම මගේ බිරියත් එහි රඟපෑවා. සුගත් සමරකෝන්ගේ ‘ඇහැලේපොළ කුමාරිහාමි’ චිත්රටයේ නායක ස්වාමීන් වහන්සේ ලෙසත්, ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මහ රජ දුටුගැමුණු’ චිත්‍රපටයේ ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ චරිතවලටත් මා පණ පෙව්වා. මගේ පුතුª ගයාන් මධුෂංකත් එහි සෙබල චරිතයකට රංගන දායකත්වය දැක්වූවා. මේ සියලු නිර්මාණ මඟින් මගේ රංගනය ඉදිරියට දැක ගත හැකියි.රංගනයෙන් ඉදිරියට යන්නට අදහස් කරගෙන සිටින අශෝක නවරත්නට ඔහුගේ රසිකයකුට කතා කිරීමට අවශ්‍ය නම් 0724666219 යන දුරකථන අංකයට හෝ අංක 2923, 3 වෙනි පියවර (රුක් සෙවණ), අනුරාධපුරය යන ලිපිනයට ලිපි එවිය හැකියි.තිලානි ශානිකා විතානාච්චිසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සියපතක පෙතිඑකින් එක විද ලු,සිහිනයක පැටලි රූදසුන් මත සිඳ ලූ,අදුර රැඳී උඩු වියන්මනස් දොළ පිර වූ,තුගු සිරින් මන් මත්වහද තුටින් කැළඹු,විඩාපත් නෙත් යුගසෙමි සෙමින් පිය වූ,තොල් අගට මීවිතෙන්බිඳෙන් බිඳ පැමිණු,නුඹ සමග සෙනෙහසින්හදින් හද තැවරූ,දහවලින් රැයක් ගෙනදහවලම සැනසූ,මායිමක් නොදැන සිටමායිමේ දුර සෙවූ,මා නුඹේනුඹ මගේනොවුණු දින ඇරඹු.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රජයේ ජාතික ආර්ථික සංවර්ධන සැලැස්ම යටතේ 2014 වසරේ කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධනයට අයවැයෙන් වෙන්කර ඇති මුදල රුපියල් දසලක්ෂ 2233 කි.පුද්ගලයා, පවුල, ගම හා නගරය කේන්ද්‍ර කරගනිමින් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ වෙන්කර ඇති මේ මුදල් ප්‍රතිපාදන ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, අධ්‍යාපනයේ භෞතික මෙන්ම හා ගුණාත්මක සංවර්ධනයක් ඇතිකිරීම, පුද්ගලයාගේ ජීවන තත්ත්වය සංවර්ධනය කිරීම, සුළු වාරිමාර්ග හා පුරන් කුඹුරු සංවර්ධනය තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීම හා මාතෘ සායන, සතිපොළ, බස් නැවතුම්පොළ, වාරිමාර්ග ප්‍රතිසංස්කරණය ආදී ව්‍යාපෘතීන් සඳහා පහත සඳහන් වැය ශීර්ෂ යටතේ මේ මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇත.එක ගමකට එක වැඩක් යටතේ රුපියල් මිලියන 573 ක්, ගම නැඟුම වැඩසටහන යටතේ රුපියල් මිලියන 311 ක්, ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම් යටතේ රුපියල් මිලියන 54 ක් ද, මහජන නියෝජිතයන්ගේ සංවර්ධන යෝජනා ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 200 ක්, විමධ්‍යගත අයවැය වැඩසටහන් සඳහා රුපියල් මිලියන 50 ක් ද, පළාත් නැඟුම ව්‍යාපෘතීන් යටතේ රුපියල් මිලියන 1045 ක් ද, වශයෙන් කෑගල්ල දිසා ලේකම්වරයා වෙත යොමුකර ඇති මුළු මුදල් ප්රතිපාදනය රුපියල් මිලියන 2233 කි.එය කෑගල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන 9 ක අවශ්‍යතා වෙනුවෙන් මේ වන විටත් යොදවමින් පවතී.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කමල් අද්දරආරච්චි වසර අටකට පසු රඟන ‘කලර්’ සිනමාපටය ‘විජය කුවේණි’ගෙන් අනතුරුව සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හීතිරගත වීම ඇරැඹෙයි. මේ සිනමා සිතුවම අධ්‍යක්ෂණය කරමින් තවත් අධ්යක්ෂවරයෙක් හෙළ සිනමාවට එකතු වේ. ඒ ඉසුරු වීරසිංහ මුදළිය.කලර් ඔහුගේ පළමු අධ්‍යක්ෂණයයි.ඇන්ජලා සෙනෙවිරත්න, උදයන්ති කුලතුංග, සඳනි සුලක්නා, ජයනි සේනානායක, ශ්‍රීමාල් වෙඩිසිංහ, ප්‍රියන්ත මංසිළු, දුෂාන් මෙන්ඩිස් ඇතුළු පිරිස කලර් හි රගංන දායකත්වය සපයති.මෙය නෙත්සුඛ ෆිල්ම්ස් වෙනුවෙන් හිරාන්ති සමරසිංහ සහ පාලිත සමරසිංහගේ නිෂ්පාදනයකි.ප්‍රියන්ත මලවිගේ කැමරා අධ්‍යක්ෂණයෙන් අරුණ ඩයස් ගේ කලා අධ්‍යක්ෂණයෙන්, ඉමල් ශානකගේ අංග රචනයෙන් හැඩ වූ කලර් හි සංගීතය සංඛ දිනෙත්ගෙනි. තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් එක් වෙති. චලිත මනුරංග සහාය අධ්‍යක්ෂවරයාය.ප්‍රචාරණ සැලසුම සිතුවිලි ක්‍රියේෂන් වෙනුවෙන් මාලක නන්දනගෙනි.කමල් අද්දරආරච්චි, සමිතා මුදුන්කොටුව, සංඛ දිනෙත් සමඟ මීනා ප්‍රසාදිනි කලර් ගායනයෙන් විචිත්‍රවත් කොට තිබේ. නාලක විතානගේ රූපාන්තරණඅරඹයි පසුගිය දිනවල මහත් ආන්දෝලනාත්මක චරිතයක් වූ රංගන ශිල්පිනී ඇන්ජලා සෙනෙවිරත්න සහ තිස්ස විජේසුරේන්ද්‍ර පළමුවරට එකට රංගනයේ යෙදෙන චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට නාලක විතානගේ සූදානම් වෙයි.‘රූපාන්තරණ’ නම් වූ එය පර්යේෂණාත්මක චිත්‍රපටයකි.ළඟදීම රූගත කිරීම් ඇරැඹෙන මෙහි තිස්ස, ඇන්ජලා යුවළට අමතරව රවීන්ද්‍ර රන්දෙණිය, අංජුලා රාජපක්ෂ සහ අයේෂා දිසානායක දැනට රංගනය සඳහා තෝරා ගෙන ඇත. පී. බාලසූරිය කැමරා අධ්‍යක්ෂවරයාය. නිවුටන් ගුණසේකර සහය අධ්‍යක්ෂණයෙන් එක් වෙයි. නිමල් රාජපක්ෂ අංග රචනා ශිල්පියා වේ. කලා අධ්‍යක්ෂණයෙන් රෝහණ හේවාවිතාරණ, සංස්කරණයෙන් ඒෂාන් මොටාගෙදර, සංගීත නිමැවුමෙන් මලික් පෙරේරා ද ‘රූපාන්තරණ’ හැඩ කිරීමට දායකත්වය සපයති.මෙම සිනමා සිතුවම සමඟින් නව පරපුරේ කිහිප දෙනකුව රිදී තිරයට කැඳවා ඒම නාලක බලාපොරොත්තුවකි. නො: 14, ආනන්ද බාලිකා මාවත, පිටකෝට්ටේ යන ලිපිනයෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගත හැකි අතර තෝරා ගන්නා නවකයන් සඳහා ක්ෂේත්රයේ ප්‍රවීණයන් ලවා විධිමත් පුහුණුවක් ලබා දීමට ද නියමිතය.රූපාන්තරණ හි සංකල්පය සහ පිටපත නාලකගෙනි. මෙය ඔහුගේ දෙවැනි සිනමා කෘතිය වන අතර පළමුවැන්න වූ අනිත්‍යා තව නොබෝ දිනකින් රිත්මා මණ්ඩලයේ තිරගත වනු ඇත.නාලක ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල විතානගේ ගේ පුත්‍රයා වේ.- ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අවුරුදු ගානක් තිස්සේ කිරි විදුරුවකින් හරි තේ කොප්පයකින් හරි දවස පටන් ගත්ත ලංකාවේ අපේ අය දැන් වෙනත් පානයන්ගේන් ඒ පුරුද්ද පිරිමසා ගන්න උත්සහ දරනවා. එ කිරිපිටි වල DCD කියලා Chemical එකක් අඩංගු වෙලා කියලා ලංකාවේ ITI එකෙන් මෙන්ම විදෙශිය පරික්ෂනාගරවලින්ද තහවුරු කරපු කාරනාව හින්දයි. ලංකාවම වෙනස් කල කිරිපිටි වලට මිශ්‍ර වු මේ DCD Chemical එක කියන්නේ මොකක්ද. අපි DCD ගැන වැඩි දුර යමක් දැන ගනිමු.DCD වල රසායනික ව්‍යුහය හා ලක්ෂනඅවුරුදු 30කට විතර කලින් නිපදවා සංවර්ධනය කරපු මේ DCD කියලා කෙටි නමකින් අපි හදුන්වන්නේ Dicyandiamide කියන එමයිඩයකි. එනම් සරලව කිව්වොත් කාබනික සංයොගයක්. රසායනික ව්‍යුහය C2H4N4 වන DCD භෞතික ලෙස සුදු පැහැති පවුඩර් එකක් ලෙස හෝසුදු පැහැතිඝන කැබලි (crystals) ලෙස දැක ගන්න පුලුවන්. DCD වල තවත් රසායනික හා භෞතික විස්තර නම්,IUPAC නම - 2-cyanoguanidineසාපේක්ෂ අනුක ස්කන්ධය - 84.08g/molඝනත්වය - 1.400 g/cm3ද්‍රවාංකය - 209.5 Cතාපාංකය - 252 Cජලයේ ද්‍රාව්‍යතාවය - 41.3g/lමේම DCD රසායනිකය රසායනාගරයකදි භාවිතකරන විට සමේ සහඇස්වල දැවිල්ල ඇතිවිය හැකි බව වාර්තාවෙනවා.DCD (Dicyandiamide වල භාවිතයන්.DCD ලංකාවට කිරිපිටි වලට කවලම් කරලා එව්වට DCD වැඩිපුරම රසායන ද්‍රව්‍යක් ලෙස ඉලෙක්ට්‍රොනික කර්මාන්තයේදි, ඔව්ෂධ ද්‍රව්‍ය සකසිමේදි හා. ආහාර ඇසුරුම් කරනයේදි භාවිතා වෙනවා. එසේ ආහාර ඇසුරුම් කරනයට භාවිතාවුනත්. ආහාර වලට මිශ්‍ර විම ආරක්ෂිත කාරනයක් නොවන බව රසායනික විද්‍යාඥයන් තරයේ තහවුරු කර සිටිනවා.ගවයන්ගේ මුත්‍රා ගඳ වැලැක්විමට DCDඅපිට කිරිපිටි එවපු නවසිලන්තය දිහා බැලුවොත්. එ අය DCD විශාල ලෙස භාවිතාකරනවා. DCD කිරිපිටි වලට මිශ්‍ර කරලා අපිට එව්වට, එ කට්ටිය DCD තණබිම් වලට යොදන්නේ ගවයන් මුත්‍රා කිරිමේන් ඇති වන ගඳ පැතිරිම වැලැක්විමට. එ DCD වලනයිට්රිකරනය නිශේධනය කිරිමේ හැකියාවනිසා. මුත්‍රා වල තියේන යුරියා නයිට්රිකරනයට ලක්විම නිසා පිටවන ඇමොනියා නිසා තමයි අපිට ගඳක් දැනෙන්නෙ. DCD වලින් මේ නයිටිකරනය වලක්වන නිසා මුත්‍රා වල යුරියා නයිට්‍රිකරනය විම නැවති ඇමොනියා පිට විමත් නවතිනවා.එමෙන්ම මේ DCD වල නයිට්‍රිකරනය නිශේධනය කිරිමේගුනය නිසා එවා නවසිලන්තයෙදි මෙන්ම වෙනත් රටවල දිද විශාල ලෙස කෘෂිකර්මාන්තයට යොදාගන්න්නවා. ඒ පසේ තියෙන නයිට්‍රිජන් මුලාශ්‍ර ඉක්මනින් ක්ෂය වි පස නිසරු විම වැලැක්විමටයි.තවදDCD හරිතාගාර ආචරනයවැලැක්විම සදහා තාක්ෂනිකරසායනිකයක්ලෙස භාවිතයටගනු ලබනවා. එහෙත් DCD සෞඛ්‍යට හානිකර නිසාමෙවෙනකොට හරිතාගාර ආචරනය වලැක්විමටගැනිමෙනුත්ක්රමයෙන් නතර කරමින් පවතිනබවයි පෙනෙන්නේ.දැන් DCD ගැන ඔයාට යම් දැනුමක් ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. DCD කිරිපිටි වලට යෙදිම අවුරුදු ගානක් තිස්සේ එ අය කරගේන ගියත්. ලංකාවට අනාවරනය වුනේ මේ අවුරුද්දෙදි. එතකොට මේ වෙනකන් අපෙ ශරිරයට කොපමන DCD ප්‍රමානයක් ඇතුල්වුනාද කියලා අපිවත් දන්නේ නැ. අපිට රටින් DCD නැ කියලා ඉදිරියෙදි කිරිපිටි එව්වට එ අය කිරි හදන්න ගන්න ගවයන්ට කන්න දෙන තණකොල වලටත් DCD ගහලයි තියෙන්නේ. ඉතින් අපිට එ ගැන විශ්වාසයක් තියන්න පුලුවන්ද. තිරනය ඔයාගේ අතේ. මෙලමයින් වලින් මට්ටු නොවුනු අපි මේ DCD අත් දැකිමෙන්වත් මට්ටු වෙලා ලංකාවේ අපේ පැරනි දේවල් අගය කරලා කරලියට ගත්තොත් මේ වගේ හොර දේවල් වලින් අපිට ඉදිරියේදිවත් ආරක්ෂා වෙන්න පුලුවන් වෙයි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
‘රඟපාමු’කලා ක්ෂේත්රය ඉතා සුන්දර ලෝකයක්. කලා ලොවට පිවිස දිදුලන තරු බවට පත්වන්නට බොහෝ දෙනෙක් පෙරුම් පුරති. බොහෝ දෙනෙකුගේ ඒ පැතුම ඉටුකර දෙන්නට සරසවිය අත්වැලක් වී ඇත. නර්තනයට, රංගනයට මෙන්ම ගායනයට ද උපන් හපන්කම් දක්වන ඇය අද සරසවිය තුළින් ඒ වාසනාවට උරුමකම් කියා තිබේ.කුඩා කල සිටම කලා ලොව ජය ගන්නට පෙරුම් පුරන ඇය දුලානි කාංචනා පෙරේරා. ගම්පොල ප්‍රදේශයේ උපත ලද දුලානි ගම්පොල ශාන්ත ජෝෂප් විද්‍යාලය හා මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. මේ වන විට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ඇය සරසවියේ රඟපාන්න ආසයි තුළින් රංගන වරම් හිමිකර ගෙන තිබේ.පාසල් වේදිකාවෙන් රංගන අත්පොත තබන දුලානි, සමස්ත ලංකා නර්ථන, ගායන මෙන්ම භාෂා තරඟවලදී ද ප්‍රථම ස්ථාන රැසකට හිමිකම් කීමට සමත්ව ඇත. පාසල් වේදිකාවේ ප්‍රතිනිර්මාණය වූ නරි බෑණා, ජසයා සහ ලෙන්චිනා වැනි නාට්‍යවල චරිතවලට පණ පෙවූ ඇය රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් කෙරෙන නාට්‍යයක ප්‍රධාන චරිතයකට සිය දායකත්වය ලබා දීමට සූදානම් වන්නීය.එසේම මේ වන විට ස්වර්ණවාහිනියේ විකාශය වන ශිවගුරුනාදන්ගේ පිණි වැස්සක්’ ටෙලි වෘත්තාන්තයෙන් ඔබ හමුවට එන දුලානි හට ලීලානන්ද ගජනායකගේ ‘සස දියණි’ ටෙලි වෘත්තාන්තයෙහි ද රංගනය සඳහා ආරාධනා ලැබී ඇත. මීට අමතරව ඇය සිය නර්ථන කුසලතා දක්වමින් දුෂ්යන්ත් වීරමන්ගේ නර්ථන ප්‍රසංගයක් සඳහා එක්වීමට නියමිතය.ලීල් ගජනායක යටතේ වේදිකා නාට්‍ය කලාව හා රංගනය පිළිබඳ වැඩිදුර හදාරමින් සිටින දුලානිගේ බලාපොරොත්තුව අනාගතයේදී කලා අංශයෙන් මෙන්ම වෘත්තීය වශයෙන් ජනමාධ්‍ය ක්ෂේත්රයේ ද ඉහළ ස්ථානයක් ලබා ගැනීමයි. රංගනයේ දොරටු විවර කර දුන් සරසවිය දුලානි කෘතගුණ පූර්වකව සිහිපත් කළාය. දුලානිට කලා ක්ෂේත්රයේ දිගු ගමනක් යාමට සරසවියේ සුභපැතුම්.යතේජා ඥානරත්නසේයාරුව- මාලන් කරුණාරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වසර ගණනාවක් තිස්සේ අගාදයට යමින් වසා දමා තිබූ ගාල්ල මලල්ගොඩපිටිය සිරි සීවලී විද්‍යාලයට නව ජීවයක් ලබා දෙමින් හබරාදූව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක පා. ම. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි හා ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. වී. සරත් කුමාර හා මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් එහි ආදි සිසුන් හා ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් සිසුන්15 දෙනකුගෙන් ආරම්භ කර දැනට පවත්වා ගෙන යනු ලැබේ.1956 ජනවාරි මස 4 දින එවකට මලල්ගොඩ පිටියේ විසූ දානපතියකු මෙන්ම පළපුරුදු ගුරුවරයකු වන පී. ඩී. ජයවීර මහතාගේ ධන පරිත්‍යාගයෙන් මේ පාසල ආරම්භ කරන ලදී. සිසුන් 400 කින් ඇරැඹි සිරිසීවලී විද්‍යාලය ප්‍රදේශය පුරා ජනප්‍රිය මෙන්ම දියුණු තත්ත්වයකට පත්වී තිබිණි. මෙහි සිසු දරුවන් සමස්ථ ලංකා ජාතික මට්ටමේ තරගවලින් ප්‍රමුඛස්ථාන ලබා ගෙන ඇත. ආරම්භක විදුහල්පතිවරයාගේ විශ්‍රාම ගැනීමත් සමග මේ විදුහල වරින් වර පත්ව ආ ඇතැම් විදුහල්පතිවරුන්ගේ අත්තනෝමතික පාලනය නිසා වසර 55 පවත්වා ගෙන ආ සිරි සීවලී විද්‍යාලයට කණ කොකා හඬන්නට විය. එකට සිටි විදුහලප්ති සහ ගම්මුන් අතර ඇතිවූ මත ගැටුම් නිසා සිය දරුවන් අස්කර ගෙන නෙත් පාසල්වලට යැවීමට ගත්හ. අන්තිමට සිසුන් 4 දක්වා පහල බැසීම නිසා අධ්‍යාපන බලධාරීන් විසින් පාසල වසා දමා ඇත. එහි තිබුණු සියලුම සම්පත් දික්කුඹුර නවෝද්‍යා විද්‍යාලයට බාරදී ඇත.විද්‍යාලයේ මෙම තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූ විදුහල්පති චන්දන විජේවික්‍රම මහතාආදි සිසුන්ගේ හා ගම්වාසීන්ගේ කැපවීම මත මේ පාසල ගුරුවරු 3 දෙනකුගෙන් හා පළමු වසරේ සිසුන් 15 දෙනකුගේ සහභාගීත්වයෙන් ආරම්භ කිරීමට ලැබිම ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ වාසනාවකි. වසා දමා තිබුණ කාලයේ මුළු පාසල් වත්ත කැලෑවෙන් වැසී තිබුණා. ප්‍රදේශයේ ජනතා සහභාගීත්වයෙන් හා ඔවුන්ගේධනය මෙන්ම ශ්‍රම දායකත්වය මත දරුවනට ඉංග්‍රීසි (ප්‍රාථමික) ශිරෝමනී දීපාල් මහත්මිය හා විලේගොඩ යන ගුරු භවතුන්ගේකැපවීම මත අධ්‍යාපනය ලබා දෙනවා. පාසලට විදුලිය නැති නිසා පරිගණක ක්‍රියා කරවීම සඳහා අල්ලපු ගෙදරින් විදුලිය ලබා ගන්නවා. ගුරුවරු 3 දෙනාට වාඩි වීමට පුටුවක් වත් පොත්පත් ආරක්ෂිතව තබා ගැනීමට අල්මාරියක් වත් නෑ.ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රමිතින්ට අනුකූලව පෙළ පොත් මාලාව මෘදුකාංග ගත කර ඇති අතර 1 සහ 5 වසර දක්වා ලෝකයේ පිළිගත් ප්‍රමිතින්ට අනුව සකස් කර ඇති පාඩම් මාලාව පරිගණක ගත කර ඒ මගින් සිසුනට අධ්‍යාපනය ලබා දෙනවා.දැනට පන්ති පවත්වා ගෙන යන ගොඩනැගිල්ල අලුත් වැඩියාවට හා චිත්‍ර ඇදීමට හා වයරින් කිරීමට මෙන්ම ගෙවත්ත එලි පෙහෙලි කිරීමට ගම්වාසීන් රුපියල් එක් ලක්ෂ පනස් දාහකට වැඩි මුදලක් වැය කර තිබේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සිනමා ශාලාවල O. D. C යනුවෙන් නම් කරන ලද වචනයේ ඉංග්‍රීසි අදහස කුමක්ද?සුරවීරධර්ගා නගගරයO. D. C කියන වචනය පැරැණි ඔපෙරා රංග ශාලාවලින් බිඳී ආ එකක්. එකල එහි සාමාන්‍ය ජනතාවගේ ආසන වෙනමත් හොඳින් ඇඳ පැළඳ ගත් ඉහළ පැලැන්තියේ අයගේ ආසන වෙනමත් සකස් කෙරුණා. එය හැඳින් වූයේ Outer Dress Circle යන නමින්. පසුකලෙක සිනමා ශාලාවලට පරිවර්තනය වුණේ නෘත්‍ය ශාලා බැවින් ඒ ආසන පංතිය එනමින්ම හැඳින්වූවා.එදා චිත්‍රපටවල බොහොමයක මොහිදින් බෙග් ගායනා කළ පසුබිම් ගීතයක් ඇතුළත් වුණා. අද නැත්තේ ඇයි?සරත් රණසිංහකපුගාඩ මාළිඳදැන් මොහිදින් බෙග්ගේ ගීත ඇතුළත් කරන්නේ කොහොමද? ඔහු අභාවප්‍රාප්ත වෙලා ගොඩක් කල් ගත වෙලානේ.ගීත වැඩිම ප්‍රමාණයක් ඇතුළත් චිත්‍රපටය ‘හිතට හිත’ චිත්‍රපටයද?නීටා මාසලින්කැළණිය, වරාගොඩදේව සුන්දරී චිත්‍රපටයේ.ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ ට සම්බන්ධ වූ සියලුම පිරිස් අතරින් අදට ජීවත් වන්නා වූ වාසනාවන්තයින් කවුරුන් ද?කමලා සෙනෙවිරත්නහෝකන්දර දකුණමේ වන විට කිසිවෙකුත් ජීවතුන් අතර නැහැ.‘විශාඛාව ඔබ මා දුටු බුදු සිරිතේ’ නම් බොදු ගීතය ගායනා කරන ගායකයා කවුද?මහින්ද වෑකඩබෙලිගලවිජයසුන්දර පොළොන්ඕවිට.විලාස්නී තම්පෝ මහත්මිය ලියූ තම පියා වූ රොබින් තම්පෝගේ චරිතාපදානය පොත ලබා ගත හැක්කේ කෙසේද?විමල් සොයිසාග්රෑන්ඩ්පාස්පොත් අලෙවි සැල්වලින් ලබා ගත හැකියි.බයිලා චක්‍රවර්ති එම්. එස්. ප්‍රනාන්දු චිත්‍රපටවල ගීත ගායනය හැර නාට්‍යයක හෝ චිත්‍රපටයක රඟපා තිබේද?එස්. එල්. වික්රමසිංහමාවනැල්ලඑම්. එස්. ප්‍රනාන්දු වේදිකා නාට්‍යවල රඟපෑව බව නම් දන්නේ නැහැ. හැබැයි ඔහු ‘දැන් මකතද’, ‘හතර දෙනාම සූරයෝ’, ‘එදත් සූරයා අදත් සූරයා’, ‘සිංගප්පූර් චාලි’ වැනි චිත්‍රපට රැසක රංගනයෙන් දායක වුණා.ජනප්‍රිය නළු සජිත අනුත්තර ඇන්තනීගේ ලිපිනය පළ කරන්න.සමන් පෙරේරාහැඳල.90 ඒවනිගසූරිය වත්ත,රාගම පාර,කඩවත.භාරත සිනමාවේ අග්‍රගණ්‍ය විකට නළුවකු වූ භගවාන් සිංහල චිත්‍රපටයක රඟපා ඇත්ද?ජයම්පති නවරත්නමාතලේඔව්. දොස්තර චිත්‍රපටයේ රඟපෑවා.සිනමා නිළි අනෝජා වීරසිංහ පවසා තිබුණා ඇය ‘කෙළි මඬල’ නිෂ්පාදනය කළේ ‘මල්දෙණියේ සිමියොන්’ තුළින් ජාත්‍යන්තර සම්මානයක් අත් කර දුන් අධ්යක්ෂවරයාට කෘතගුණ සැළකීමක් හැටියට බවයි. ඒ ගුණය අපේ සමහර නළු නිළියන්ට තිබුණා නම් ධර්ම ශ්‍රී, සුගතපාල සෙනරත් යාපා වැන්නවුන්ගෙන් තව එක සිනමා නිර්මාණයක් හෝ අපට දැක ගන්නට ලැබෙනවා නේද?ජානක ඉලුක්කුඹුරකඩවතඑහෙම වෙන්න ඉඩ තිබුණා.දේශීය සිනමාවේ ප්‍රථම චිත්‍රපට නිෂ්පාදිකාව වූ රුක්මණී දේවිය නිපද වූ චිත්‍රපටය කුමක්ද?නිමල් කුලසේකරඅඟුලානදේශීය සිනමාවේ ඇය ‘සිරියලතා’ චිත්‍රපටයට සම නිෂ්පාදනයෙන් ගායක වුණා. කොහොම වුණත් තනිව චිත්‍රපටයක් නිපද වූ කාන්තාව වන්නේ චිත්‍රා අබේගුණවර්ධනයි. ඇය ‘පුරුෂ රත්නය’ චිත්‍රපටය නිෂ්පාදනය කළා.රංගන ශිල්පිනී අනෝමා ජනාදරී ගැන යමක් කියන්න.චාමර හේමනාත් විජේසිංහපිළියන්දලඇය රඟපානවානේ.දේශපාලනය ගත්තත් කලා ලෝකය ගත්තත් සාමාන්‍ය සමාජය ගත්තත් දවසින් දවස සාරධර්ම, ගුණධර්ම පිරිහිලා යනවා. ඇත්තටම අද මිනිසුන් තිරිසන් ගනයට ඇවිදින් නේද අර්ජුන්?කරු මන්දාවලනාත්තන්ඩියමට නම් හිතෙන්නේ එදත් අදත් ලෝකයේ එහෙම විශාල වෙනසක් නැහැ. අද තියෙන්නේ ඒ සියල්ල දැන ගැනීමේ හැකියාව පමණයි. දරුවන් වනේ ලා කෙටුවේත්, එක හිසට හිස් දහසක් ගෙන ආවේත් අප දන්නා ඉතිහාසයේ හෙළි වූ කතා කිහිපයක් පමණි. ඒ නිසා මම හිතන්නේ ලෝකයේ එතරම් වෙනසක් වෙලා නැහැ කියලයි.සැකසුම – යතේජා ඥානරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රජය සතුව පවතින වී සංචිත සහල් කිරීමට රජය තීරණය කර තිබේ. මේ වන විට රජය සතුව වී මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිඅට දහසක සංචිතයක් පවතී. රජය මඟින් සකසන සහල් තොග විශාල වශයෙන් සහල් පරිභෝජනය කරන ත්‍රිවිධ හමුදාව,බන්ධනාගාරය, සමෘද්ධි ප්‍රතිලාභීන් සහ රෝහල් වෙත ලබාදීමට ද පියවර ගෙන තිබේ.පසුගිය කාලයේ වෙළෙඳපොළේ සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා මේ වී සංචිතවලින් සුළු වශයෙන් සහල් සකසා වෙළෙඳපොළට සපයනු ලැබිණි. රජයේ වී සංචිත සහල් බවට පත්කරමින් විදේශීය සහල් ආනයනය සීමා කිරීමටත්, දේශීය ගොවියාගේ නිෂ්පාදන මිලදී ගනිමින් නව වී සංචිතයක් සකස් කර ගබඩා කර තැබීමටත් තීරණය කර තිබේ.මෙවර යල කන්නයේ වී අස්වැන්න ඉතා ඉහළ තත්ත්වයක පවතින බව වී අලෙවි මණ්ඩලය පවසයි. මේ වන විට වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික්ටොන් හැත්තෑ පන්දහසක් මිලදී ගෙන තිබේ. වී මිලදී ගැනීම සඳහා රජය රාජ්‍ය බැංකු හරහා බිලියන 5.5 ක ණය මුදලක් වෙන්කර තිබේ.සහල් තොග අලෙවි කිරීමෙන් රජයට තවත් විශාල ආදායමක් ලැබෙන අතර ඒවාද වී මිලදී ගැනීමට යෙදවීමට තීරණය කර තිබේ. වී සංචිත සහල් කිරීමෙන් යල කන්නයේ වී සංචිත තැන්පත් කිරීමට ගබඩා පහසුකම් ද සැලසෙයි. දැනට සම්බා වී කිලෝවක් රුපියල් තිහටත්, නාඩු වී කිලෝවක් රුපියල් 28 මිලදී ගනු ලබයි.පොලොන්නරුවෙන් වී මෙට්‍රික් ටොන් පහළොස් දහසක්, අනුරාධපුරයෙන් පහළොස් දහසක්, අම්පාර දාහත්දහසක්, දකුණ දසදහසක්, වයඹ දොළොස්දහසක්, උතුර හාරදහසක්, නැඟෙනහිර දෙදහසක් වශයෙන් ද වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබේ.2006 වසරේ සිට ක්‍රියාත්මක වන පොහොර සහනාධාරය වී නිෂ්පාදනය වැඩිවීමට හේතු වී ඇති බව රජය පවසයි. මේ නිසා ගොවීන්ට පොහොර වෙනුවෙන් ගිය වියදම සියයට අනූවකින් අඩු වී තිබේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බහු වගාව (Polyculture) යනු විවිධාකාර වගාවන් ප්‍රයෝජනයට ගනිමින් එකම ප්‍රදේශයක ස්වාභාවික පරිසරයේ විවිධත්වය අනුකරනය කරමින් එකම වගාවකට විශාල බිම් ප්‍රදේශයක් යොදා ගැනීමේ ක්‍රමයෙන් ඉවත් වී කරන කෘෂි කර්මාන්තයයි. මෙම ක්‍රමයට ශෂ්‍ය මාරුව ,විවිධ වගාවන් අන්තර් වගාවන් (අතුරුවගාවන්) සහායක තෝරාගත් හිතකර පැලෑටි, alley වගාවන් ඇතුලත්වේ. බහු වගාවන් සඳහා වැඩි කම්කරු ශ්‍රමයක් අවශ්‍ය වුවද තනි වගාවකට වඩා වාසිදායක පැති කිහිපයක් තිබේ. වගා විවිධත්වය හේතුවෙන් තනි වගාවකට පහසුවෙන් වැළඳෙන ලෙඩ රෝගවලින් මිදීමේ හැකියාව ලැබේ.මේ සඳහා නේචර් (Nature) සඟරාවේ පළවූ වාර්ථාවක් උදාහරණයක් ලෙස ගත හැක. එම වාර්ථාවට අනුව චීනයේ එකම බිමක විවිධ වර්ගයේ වී වර්ග වගා කිරීමෙන් 89%ක අස්වැන්නක් ලැබී ඇත. මෙයට හේතුව අධික ලෙස කෘමිනාශක භාවිතා කළ යුතු පළිබෝධ රෝග වැලඳීම 94% ක ප්‍රමාණයක් අඩු වීමයි. විවිධ වගාවන් තිබීමෙන් විවිධාකාර සත්ව ගනයට වාසභූමි සැපයේ එයින් ප්‍රදේශයේ ජෛව විවිධත්වය වැඩිවේ.මෙය පරිසර හිතකාමී වීම නැතහොත් ජෛව විවිධත්වය සඳහා මනාව බිම් කඩවල් වල ඉඩකඩ සැලසීමේ එක් අවස්ථාවකි. බහුවගාව යනු permaculture(ස්ථිරවගා ක්රමයේ ) ක්රමයේ එක් මූලධර්මයකි. ආශ්‍රය[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Polyculture බාහිර සම්බන්ධ[සංස්කරණය] Crop rotation and polyculture Polycultures in the Brazilian drylands Polyculture and disease prevention PolyCultures: Food Where We Live
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය හෝ ලිපි කොටස ත්රස්තවාදයට එරෙහි යුද්ධය සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) 2004 වර්ෂයේදී ෆෙඩරල් පාලනය යටතේ තිබු පාකිස්ථානයේ ගෝත්‍රික කණ්ඩායම් වාසය කරන කලාපයක් වූ වසිරිස්ථානයට 80000 ක භට හමුදාවක් යවමින් පාකිස්ථාන් හමුදාව සටන් ආරම්භ කළේය. මෙහි අරමුණ වූයේ එම කලාපයේ සිටි තලේබාන් සහ අල්ඛයිඩා කණ්ඩායම් ප්‍රදේශයෙන් ඉවත් කිරීමයි. තලේබාන් පාලනය බිඳ වැටුනු පසු තලේබාන් සටන්කාමී සාමාජිකයින් බොහෝ ප්‍රමාණයක් ඇෆ්ගනිස්ථානයේ උතුරු දේශසීමා කලාපයට සහ පකිස්ථානයට පලා ගියහ. පකිස්ථානයේ මෙම ප්‍රදේශ පකිස්ථාන් හමුදාවේ පාලනයට යොමු වී තිබුනේ අඩුවෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ලැබුනු ද්‍රව්‍යමය හා ගුවන් ආධාර උපයෝගි කර ගෙන කාලිඩ් ෂෙයික් මොහොමඩ් වැනි අල්ඛයිඩා ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනීමට හෝ මරා දැමීමට පකිස්ථාන් හමුදාවට හැකි විය. මෙම ඛාලීඩ් ෂෙයික් මොහොමඩ් USS COLE බෝම්බ ප්රහාරයන් ඔබ්ලන් බොජින්කා කුමණ්ත්‍රනයේ සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාකරුවන් ඩැනියෙල්ගේ ඝාතණය යනාදිය සම්බන්ධයෙන් අවශ්‍ය වී සිටි තැනැත්තෙකි. කෙසේ වෙතත් තලේබාන් සටන් කාමීන් හජි ඕමාර් යටතේ ෆෙඩරල් පාලනයක් පවතින ගෝත්‍රික ප්‍රදේශ වල තවමත් ක්‍රියාකාරිව සිටිති. ගිණිකොන ආසියාව[සංස්කරණය] 2002 දී සහ නැවත 2005 දී ද ඉන්දුනිසියාවේ බාලි දූපත මරාගෙන මැරෙන හා මෝටර් රථ බෝම්බ ප්රහාරයන්ට ගොදුරු විය. මෙහි ප්‍රතිඵලය ලෙස 200 කට අධික සංඛ්‍යාවක් මිය ගිය අතර 300 කට අධික සංඛ්‍යාවක් තුවාල ලදහ. 2002 දී සිදු වූ බෝම්බ ප්රහාරයන්ට ‘සාරි ක්ලබ්’ ඉදිරිපිට සිදු වුනු කාර්බෝම්බ පිපිරීමද ඇමෙරිකානු කොන්ස්යුලේට් කාර්යාලය ඉදිරිපිට සිදු වුනු දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක කළ කාර් බෝම්බය සහ ‘පැඩ්ස් බාර්’ ඇතුලත සිදු වු තවත් බෝම්බ පිපිරීමක්ද ඇතැලත් විය. 2005 දී සිදු වූයේ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන් දෙකකි. පළමුවැන්න අහාර ද්‍රව්‍ය විකුණන(ජම්බරන්හි) වෙළඳ සැළක ඉදිරිපිට සිදු වූ අතර දෙවැන්න කුටාහි ප්‍රධාන චතුරස්රයේ සිදු විය. මෙම ප්රහාරයන් දෙකම සිදු කරන ලද්දේ ජෙමා ඉස්ලාමියා නම් කණ්ඩායම බවට ඉන්දුනිසියානු බලධාරින් සැක කළහ. 2004 සැප්තැම්බර් 9 වැනි දින ජකාර්ථා හි ඕස්ට්‍රේලියන් තානාපති මන්දිරයට පිටත කාර් බෝම්බයක් පිපිරුනි. මෙයින් ඉන්දුනිසියානු ජාතිකයින් 10 දෙනෙකු මිය ගිය අතර 140 කට වඩා පිරිසකට තුවාල සිදු විය. මුලින් ලැබුනු විපරිත තොරතුරු හැරුනු විට සිද්ධියෙන් මිය ගිය ඕස්ට්‍රේලියානු ජාතිකයින් ගැන වාර්තා නොවේ. අබුබකර් බෂිර් සිරෙන් නිදහස් නොකළහොත් මෙම ප්‍රහාරය එල්ල කරන බව ඉන්දුනිසියානු බලධාරින්ට ජංගම දුරකථනයක ලඝු පණිවුඩයක් මගින් දැනුම් දී තිබුනු බව විදේශ අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩව්නර් වාර්තා කළේය. 2002 සහ 2005 දි සිදු වූ බාලි බෝම්බ ප්‍රහාරයට රාජ ද්‍රෝහි චෝදනා නගා අබු බකර් බෂිර් සිර ගත කර තිබුනේය. දැනට මෙම ප්රහාරයන් දියත් කිරීම සම්බන්ධයෙන් ජෙමාහ් ඉස්ලාමියා සංවිධානය සැකකරන ලබන අතර ප්‍රධාන සැකකරු වන්නේ නුර්දින් මොහොමඩ් ටොප් නම් වූ තැනැත්තාය. ටොප් වනාහි බෝම්බ නිෂ්පාදකයෙකු මෙන්ම ජෙමාහ් ඉස්ලාමියා සංවිධානයේ සිටි පිපිරුම් කටයුතු විශේෂඥයෙකි. පිලිපීනය[සංස්කරණය] 2002 ජනවාර්යේදි ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමට පිලිපීනයට උපදෙස් හා උපකාර කිරීම සඳහා එක්ත් ජනපද විශේෂ මෙහෙයුම් බලකායක් වූ පැසිෆික් පිලිපීනය වෙත යවන ලදී. මෙම මෙහෙයුම ප්‍රධාන වශයෙන් යොමු වූයේ බායිලන් දූපතේ සිටි අබු සායෆ් කණ්ඩායම හා ජෙමා ඉස්ලාමීය කණ්ඩායම් ඉවත් කිරිමයි. අබු සායෆ් කණ්ඩායමේ සාමාජිකයින්ගේ 80% ක ප්‍රමාණයක් එම කලාපයෙන් ඉවත් කළ බව එක්සත් ජනපද හමුදා වාර්තා කළේය. මෙම මෙහෙයුම් දෙවැනි කොටස මෙහෙයවන ලද්දේ වඩාත් මානූෂීය ආකාරයටයි. එහි නම ඔපරේෂන් ස්මයිලිස් (සිනා මෙහෙයුම) යන්නයි. මෙම ව්‍යාපෘතියේ ඉලක්කය වූයේ බායිලන් කලාපයට වෛද්‍ය ආධාර සැපයීම සේවා සැපයීම යනාදියයි. මෙහි පරමාර්ථය වූයේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එම ප්‍රදේශ නැවත ස්ථාපිත වීමට ඇති හැකියාව වැළැක්වීමයි. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/War_on_terror#Waziristan
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඉදිරි දෑ සමග පටලවා නොගන්න : රක්තස්ථිතිය . සමස්ථිතිය (ග්‍රීක: ὅμοιος, hómoios, "සමාන"[1], සහ στάσις, stásis, "නොවෙනස්ව පවතින"[2] වෙතින්) යනු පද්ධතියක අභ්‍යන්තර පරිසරය නියාමනය කරමින් උෂ්ණත්වය හෝ pH අගය වැනි ගුණාංගයන්හී ස්ථායි, නියත තත්ත්වයක් නඩත්තු කෙරෙන පද්ධති ගුණාංගයකි. විවෘත හෝ සංවෘත පද්ධතියක් විෂයයෙහි මෙම ගුණාංගය පැවතිය හැක. පටුන 1 අනෙකුත් ක්ෂේත්රයන් 1.1 අවදානම 2 ආශ්රිත 3 බාහිර සබැඳි අනෙකුත් ක්ෂේත්රයන්[සංස්කරණය] මෙම පදය අනෙකුත් ක්ෂේත්රයන්හීද භාවිතා කිරීම ඇරඹි ඇති අතර, නිදසුන් වශයෙන්: අවදානම[සංස්කරණය] මූලික ලිපිය: අවදානම් සමස්ථිතිය ආයු ගණකයක් විසින් අවදානම් සමස්ථිතිය වෙත සඳහනක් සිදු කල හැකි අතර, මෙහිදී (නිදසුනක් වශයෙන්) අගුලු වැටුම සිදු නොවන තිරිංග භාවිතා කරනුවුන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ වාර්තාව අගුලු වැටුම සිදු නොවන තිරිංග භාවිතා නොකරනුවුන්ගේ එම වාර්තාවට වඩා හොඳ නොවන්නේ, මුලින් සඳහන් කල අයවලුන් සුරක්ෂිත වාහන භාවිතා කිරීම නිසාවෙන් අවිඥානිකව සුරක්ෂිතභාවය මද රිද පැදවීම් පරිචයන්හී නියැලෙන බැවිනි. ආශ්රිත[සංස්කරණය] ↑ ὅμοιος, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus. ↑ στάσις, Henry George Liddell, Robert Scott, A Greek-English Lexicon, on Perseus. බාහිර සබැඳි[සංස්කරණය] Homeostasis
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කවිමුතුමල් පේස්බුක් පිටුවේ ටික කාලේකට කලින් පළවුණ කවියක් කවිමුතුමල් බ්ලොග් පිටුවෙත් ඇමිණුවා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
5 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන හෙට (26) දින කිසිදු ප්‍රදේශයකට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.ඒ අනුව සියලුම ප්‍රදේශවලට විදුලිය ලබා දීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරනු ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නර්තන ආචාරිණීපද්මිණී දහනායකමම නම් සුපුරදු පරිදි මගේ නර්තන පංති කරගෙන යනවා. මේ පංතිවල මම විසින්මයි ඉගැන්වීම් කටයුතුª කරගෙන යන්නේ. ඒක ඒ දරුවන්ගේ දෙමවුපියන්ගේ බලාපොරොත්තුවක්. නර්තනය ඉගැන්විම මගේ වෘත්තිය. මම ඉගෙන ගත් ඒ දැනුම දරුවන්ට හොඳින් ලබා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ වගේම දැනට ඉගෙනුම ලබන ළමුන් කළඑළි මංගල්‍යයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ දවස්වල ඔවුන් ඒ වෙනුවෙන් පුහුණුවීම්වල යෙදෙනවා.ඒ වගේම ඉදිරි සතියේ මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා. ලෝක කාන්තා දිනයේදීම මගේ උපන් දිනයත් යෙදී තිබීම මට ලොකු සතුටක්. මම හැමදාම බුදුන් සරණ යන කෙනෙක්. උපන් දිනයටත් නිවෙසේ සෙත් පිරිත් සක්ජායනයක් පවත්වා ළමා නිවාසයකට දානයක් දෙන්න සූදානම් වෙනවා.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජනප්‍රිය රංගන ශිල්පිනී අනර්කලී ආකර්ෂා රංගනයේ යෙදෙන ‘ඉටිමල්’ ටෙලි නාට්‍යයෙන් ඇය ඉවත් වී ඇති බවට පසුගියදා ක්ෂේත්රයේ කතාවක් පැතිරුණා. ඉන් පැවසුනේ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක සමඟ ඇති කරගත් ප්‍රශ්නයක් ඊට මුල් වූ බවයි.කෙසේ වෙතත් ඉටිමල් හි අධ්යක්ෂ නාලක වෙදමුල්ල පවසන්නේ රන්ජන් සමඟ එසේ ගැටලුවක් ඇතිකර ගත් නමුත් එය නිරාකරණය වී අනර්කලී ‘ඉටිමල්’ ටෙලි නාට්‍යයෙන් ඉවත් නොවුණ බවයි.ඉටිමල් හී රන්ජන් හා අනර්කලී සුපෙම්වතුන් ලෙස රංගනයේ යෙදෙයි.- සංජීව සම්පත්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
භාෂාවන් භාවිතය, විශ්ව විද්යාෙලයට සිසුන් තේරීම, සිංහල මහ ජාතිය හා සුළු ජාතිය වූ දෙමළ ජාතීන් දෙක අතර ඇති වූ කළකෝලාහල, යනාදී කරුණු සම්බන්ධයෙන් ඇති ව තිබුණු නොගැළපීම් ශ්‍රී ලංකාව තුළ අභ්‍යයන්තර යුද්ධයක් ඇති වීමට බල පෑ මූලික හේතු විය. 1920 වර්ෂයේ සිට මේවා ක්රිම ක්රවමයෙන් එහෙත් නොකඩවා උත්සන්න වි 1983 දී අභ්යින්තර යුද්ධයක් පැන නැගුනේය. යටත් විජිතයුගයට පෙර දකුණු ඉන්දීය දෙමළ රජෙකු වූ එල්ලාලන් නොහොත් එළාරගේ ශ්රී් ලංකා ආක්ර මණය හේතු කොට ගෙන එක් කාල පරිච්ඡේදයකදී සිංහල සහ දෙමළ දෙපිරිස අතර යුද්ධයක් ඇති වූ බවත් එහි ප්‍ර ථිඵලයක් ලෙස කෙටි කාලයකට උතුරේ ද්රුවිඩ පාලනයක් ඇති වූ බවත් මහාවංශය විස්තර කරයි. කෙසේ වෙතත් පසුව ශ්රීස ලංකා රජෙකු වූ දුටුගැමුණු විසින් එළාර පරාජය කරන ලදී. ඉන් පසුව පල්ලව, චෝල, පාණ්ඩ්යක සහ කාලිංග නම් ඉන්දීය රාජ්යනයන්ද ලංකාව ආක්රලමණය කළෝය. ඔවුහු කාලයෙන් කාලයට තම ආධිපත්යණය සමග දැඩි සංස්කෘතික හා වාණිජ කටයුතුද සමගාමිව පවත්වා ගෙන ගියහ. පසු කාලීන ඉතිහාසඥයින් මෙම ආක්රකමණය හඳුන්වා දෙමින් කියන්නේ ජනවාර්ගික දෙපක්ෂයක් අතර කාලාන්තරයක් මුළුල්ලේ පවත්නා හතුරු තත්වයකට එම ආක්රෙමණය හේතු වූ බවයි. යටත් විජිත යුගය බ්‍රිතාන්‍ය පාලනය යටතේ (1796-1948) දෙමළ ජනතාවට විශේෂ වරප්‍රසාද ලැබුණි. නිදහස ලැබෙන විට මිෂනාරිවරුන් විසින් ගොඩනගන ලද ඉංග්‍රීසි පාසල් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට වඩා දෙමළ ජනයා වැඩි වශයෙන් සිටින යාපනයේ තිබුණි. මෙයින් තේරුම් ගත හැකි වූයේ නිදහස් ශ්‍රී ලංකාව තුළ ලංකා සිවිල් සේවය, වෛද්‍ය ක්ෂේත්රය සහ නීතීඥ වෘත්තිය යනාදී සේවාවල විෂමානුපාතික වශයෙන් ලාංකික දෙමළ ජනතාව සිටීමයි. සිංහල-දෙමළ දෙපිරිස් අතර අර්බුදවලට හේතු වූයේ බ්‍රිතාන්‍යයන්ගේ බෙදා පාලනය කිරීමේ ප්‍රතිපත්තිය බව බොහෝ ඉතිහාසඥයෝ පිළිගනිති. http://en.wikipedia.org/wiki/Origins_of_the_Sri_Lankan_civil_war
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කටුගස්තොට , මඩවල, සහ වත්තේගම,යන රජයේ රෝහල්වල කලක සිට දැඩි ඖෂධ හිඟයක් පවතී. දෛනිකව ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන රෝගීන් පරීක්ෂාවෙන් පසු පෞද්ගලික ඔසුසැල්වලින් ඖෂධ මිලදී ගන්නා ලෙසට වෛද්‍යවරු රෝගීන්ට තුන්ඩු ලියාදීම සිදුකෙරෙන බව ජනතාව පවසති.මෙනිසා ආර්ථික අගහිඟකම් පවතින රෝගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටී. මේ පිළිබඳ නිසි අවධානය යොමු කරන්නැයි ජනතාව ඉල්ලා සිටිති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මාවනැල්ල බැමිණිවත්ත මහා විද්‍යාලයට බලවත් අඩුපාඩුවක්ව පැවති නව ගොඩනැගිල්ලක් ලබාදීම පිළිබඳව බලවත් සතුටට පත්වන බවත්, “සිංහල මුස්ලිම් මිත්‍රත්ව සමිතිය” මගින් ඉටුකර තිබෙන වැදගත් කාර්යය සෙසු අයටත් ආදර්ශයක් බවත් මාවනැල්ල කලාප අධ්‍යාපන අධ්යක්ෂ දෙමලහීරියේ අනෝමදස්සි හිමියෝ පැවසූහ.රුපියල් දසලක්ෂයක වියදමින් සිංහල මුස්ලිම් මිත්‍රත්ව සමිතිය මගින් ඉදිකළ නව පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවයේදී අනෝමදස්සි හිමියෝ එසේ පැවසූහ.බැමිණිවත්ත මහා විදුහලේ විදුහල්පති උස්සාපිටියේ ධම්මදින්න හිමියන් ද, මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති පී. පී. වික්‍රමසිංහ, නාංකූරුගම සිංහල මුස්ලිම් සහයෝගිතා පෙරමුණේ සභාපති ඇලෙක්සැන්ඩර් කරුණාරත්න, ව්‍යාපාරික ඩබ්ලිව්. එච්. එස්. කමල්දීන් මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පොල්ගහවෙල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් යටිහේන මංසන්ධියේ සිට මාවතගම ගංගොඩ දක්වා ඇති අතුරු මාර්ගය කාලයක් මුළුල්ලේ සිට අබලන් වී ඇත.මෙම අතුරු මාර්ගය ඔස්සේ දිනපතා විශාල පිරිසක් ගමන් බිමන් යති.වැසි දිනවලට කිසිසේත් මෙම මාර්ගයේ ගමන් කළ නොහැකිය.මඩගොහොරු නිසා මගීහු මහත් අපහසුතාවට පත්වෙති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
37 වන ජාතික ක්‍රීඩා තරගාවලියේ මැරතන්, පා පැදි හා ඇවිදීමේ තරග පෙරේදා (4 දා) පුත්තලම නගරය කේන්ද්‍ර කරගෙන පැවැති අතර එහිදී කාන්තා මැරතන් ධාවනයේදී තත්පර 2 : 56 : 00 කින් එම තරගය නිම කළ 2007 වසරේදී සූරතාව දිනූ බස්නාහිර පළාතේ කේ. කේ. ඒ. මංජුලා කුමාරසිංහ නව තරග වාර්තාවක් තබමින් දෙවන වරටත් ජයගනු ලැබුවාය.කාන්තා මැරතන්1. කේ. කේ. ඒ. මංජුලා කුමාරසිංහ (බස්නාහිර) පැය 2.56.00, 2. බී. ජී. එල්. අනුරාධි (මධ්‍යම) පැය 2.59.39, 3. එම්. ඒ. රුවිනා දීපානි (දකුණ) පැය 3.03.16, 4. ශ්‍යාමලී අනුෂා ලමාහේවා (ඌව) පැය 3.08.55, 5. ඒ. එම්. දිස්නා මල්කාන්ති (වයඹ) පැය 3.11.46පිරිමි මැරතන්1. ඒ. එම්. අජිත් බණ්ඩාර (වයඹ) පැය 2.31.460, 2. ආර්. එම්. ඉන්දික අජිත් රත්නායක (වයඹ) පැය 2.32.09, 3. ඩබ්. ඒ. එස්. පී. කේ. චන්ද්‍රපාල (මධ්‍යම) පැය 2.35.03, 4. කේ. ජී. අයි. කේ. විජේතිලක (මධ්‍යම) පැය 2.36.16, 5. ඩබ්. ජයරත්න (වයඹ) පැය 2.36.33තරග ඇවිදීම (පිරිමි)1. අයි. ඩී. රත්නපාල (මධ්‍යම) පැය 1.47.33, 2. පී. ඩී. උපුල් මංචනායක (වයඹ) පැය 1.50.35, 3. ආර්. ආරියරත්න (වයඹ) පැය 1.51.12, 4. ආර්. ඒ. එස්. ඒ. රාජපක්ෂ (සබරගමුව) පැය 1.52.13, 5. එම්. ඒ. එන්. ජී. මාරසිංහ (උතුරුමැද) පැය 1.52.26තරග ඇවිදීම (ගැහැණු)1. ජී. ජී. ගීතා නන්දෙනි (බස්නාහිර) පැ. 1.59.13, 2. ඩබ්. එච්. ලක්ෂ්මි කල්‍යාණි (දකුණ) පැ. 2.03.04, 3. පී. බී. ද ගයානි (දකුණ) පැ. 2. 05. 32, 4. ඩබ්. පී. ඒ. පවිත්‍රා ප්රබෝධිනි (දකුණ) පැ. 2.07.10, 5. එල්. එම්. මිහිරි සඳමාලි (උතුරුමැද) පැ. 2. 08. 14රේසිං පාපැදි (පිරිමි)1. ජීවන් එම්. ජයසිංහ සිල්වා (බස්නාහිර) පැ. 3.23.39, 2. සුවාරිස් ප්‍රේමචන්ද්‍ර (බස්නාහිර) පැ. 3.23.39, 3. නවීන් රුචිර (බස්නාහිර) පැ. 3.29.39, 4. ආර්. එස්. චන්දන ප්‍රනාන්දු (වයඹ) පැ. 3.29.39, 5. ඒ. එම්. වීරසේකර බණ්ඩාර (උතුරු) මැද පැ. 3.29.39රේසිං පා පැදි (කාන්තා)1. නිලුකා ශ්‍යාමලී (බස්නාහිර) පැ. 1.36.02: 2. කේ. ජී. මනෝමි කුමාර බණ්ඩාර (නැගෙනහිර) පැ. 1.36.02, 3. ටී. නිරෝෂිනි පෙරේරා (වයඹ) පැ. 1.38.27, 4. එස්. එම්. ඩී. කාංචනා ලක්මාලි (බස්නාහිර) පැ. 1.38.27, 5. ඒ. එම්. දිනුෂා දිල්රුක්ෂි (වයඹ) පැ. 1.38.27.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලොව දැවැන්තම රණවිරු රියල් ස්ටාර් සංගීත ප්‍රසංගයේ අවසන් මහා තරගයේ ප්‍රථම ස්ථානයට හිමි කිරුළ ලබා ගනිමින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් ඩේමියන් ප්‍රනාන්දු ය.එහි දෙවැනි ස්ථානය යුද හමුදාවේ සාමාන්‍ය සෙබළ ඉන්දික අමරංගට හිමි විය.තෙවන ස්්ථානය යුද හමුදාවේ කෝප්රල් ලලිත් වික්‍රමනායකට හිමිවූ අතර සිවු වැනි ස්ථානය නාවික හමුදාවේ උප ලුතිනන් තරංග ලහිරු සම්පත් සහ පස්වන ස්ථානය යුද හමුදාවේ කාර්මික සෙබළ ධනුෂ්ක ලක්මාල් ටද හිමි විය. රණවිරු කිරුළ ලබාගත් කපිතාන් ඩේමියන් ප්රනාන්දුටරුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් වටිනා අංග සම්පූර්ණ නිවසක් ත්‍යාග වශයෙන් ලැබිණි. අනු ශූරතාවයට රුපියල් ලක්ෂ 35 ක් වටිනා මෝටර් රථයක් සමග මිලියන දෙකක ත්‍යාගයකි. තෙවන ස්ථානයට මිලියන දෙකක මුදල්ද සිවුවන සහ පස්වන ස්ථානවලට ලක්ෂ පහ බැගින් ත්‍යාගද පිරිනැමිණි.මෙතෙක් කිසිම රියැලිටි තරගයකට නොලැබුණ තරම් කෙටි පණිවුඩ ප්‍රමාණයක් ලැබීමට මෙම රණවිරු රියැලටි ස්ටාර් තරගයේ තරඟකරුවෝ සමත් වූහ. එය කෝටි දෙකකට ආසන්න වෙයි. ඩයලොග් ජාලය හරහා යවන ලද කෙටි පණිවුඩවල ආදායම එම සමාගම මගින් රණවිරු අරමුදලට පිරිනමන බව එහි නියෝජිතයෝ එම උත්සවය අවසානයේ දැනුම් දුන්හ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ ආර්යාව, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම මැතිනිය අයෝමා රාජපක්ෂ මහත්මිය, මැති ඇමැතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු සහ ඔවුන්ගේ බිරියන් රණවිරු ඥාතීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.රණවිරු කිරුළ හිමි නාවික හමුදාවේ කපිතාන් ඩේමියන් ප්‍රනාන්දු ඇතුළු අවසන් තරගයේ තරගකරුවන් පස් දෙනාට කිරුළ සහ ත්‍යාග පිරිනැමීම ජනාධිපති ආර්යාව සහ ආරක්ෂක ලේකම්වරයා අතින් සිදු විය. මෙම සංගීත ප්‍රසංගයේ රණවිරුවන්ගේ දක්ෂතා නිසාම ඔවුන් වෙනුවෙන් විදේශ ශිෂ්‍යත්ව ලබා දෙමින් ඔවුන්ගේ කලා හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට රජය විසින් අවස්ථාවක් ලබා දෙන්නේ නම් එය සුවිශේෂ පරිත්‍යාගයක් බව විනිශ්චය මණ්ඩලයේ සිටි සංගීත විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.එම ඉල්ලීමට එවලේම ප්‍රතිචාර දක්වමින් එම අවසන් තරගකරුවන් පස් දෙනාට විදේශ ශිෂ්‍යත්ව ලබාදීමට ජනාධිපතිවරයා විසින් පියවර ගත් බව දැනුම් දෙනු ලැබිණි. මෙම තරගාවලියේදී යුද්ධයට මුහුණ දී ආබාධිත වු රණවිරුවන් නියෝජනය කරමින් සහභාගි වූ යුද හමුදාවේ බ්‍රිගේඩියර් අම්පෙමොහොට්ටි මහතාට සහ කාන්තා අංශය නියෝජනය කල ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්රල් සුභාෂිනි ගමගේ මහත්මියට රුපියල් ලක්ෂ දහය බැගින් විශේෂ ත්‍යාග මෙහිදී පිරිනැමිණි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය සියවස්: 19 වන සියවස – 20 වන සියවස – 21 වන සියවස දශක: 1940ගණන් 1950ගණන් 1960ගණන් – 1970ගණන් – 1980ගණන් 1990ගණන් 2000ගණන් වසර: 1975 1976 1977 – 1978 – 1979 1980 1981 ක්‍රිස්තු වර්ෂ 1978 (MCMLXXVIII) නම් ග්‍රෙගෝරියානු දින දසුනේ, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 1978 වන වසර, 2 වන සහශ්‍රවර්ෂය තුල 978 වන වසර, 20 වන සියවස තුල 78 වන වසර, සහ 1970ගණන් දශකයෙහි 9 වන වසර ලෙසිනි. .
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙය ද මාගේ සොදුරියගේ නිර්මාණයක්ආයුබෝවන්ඩ , බොහෝ කාලෙකින් , ඊයේ එයයි මමයි මොකක්දෝ පටලැවිල්ලක් දා ගත්තා , මම නිදියනවා යැයි කියපු මම නිදියගෙන අද ඇහැරිලා බලද්දී මෙන්න මේ මැසේජ් එක විතරක් තිබුනා .. ලොකු අක්කගේ නිර්මාණය ක් විය යුතුයි සිතා මම මේක මගේ බ්ලොග් පිට්ටේ අලවනවා, මොකද මගේ ආදරවන්තිය නිර්මාණශීලී වෙච්චි එක ගැන මම මේ හරි ආඩම්බරයෙන් ඉන්නේ .උදේ වෙනකොට ,රෑ තිබුණු කළුවර...අමතක වෙනවාඒත්ආයිත් රෑ නොවී තියෙයි ද .හොයාගෙන එනකොට ,තනිකරලා ගිය හැටි...අමතක වෙනවාඒත්ආයිත් තනි නොකරයිද .ආදරෙයි කිවුවම,එපා කිවුවේ ඇයි ...අමතක වෙනවාඒත්ආයිත් එපා නොකියයිද .ඒ වගේ...හිතට දැනෙනකොටමට මාවත්අමතක වෙනඒත්කොයි වෙලේනැති වෙයිද මුළු හිතටම වද දෙන ,අමුතුම දෙයක්, මට දැනෙන මේ ආදරේ ......ඔය උඩ තියෙන චිත්‍රයත් ඇගේම නිර්මාණයක් .
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මහා යෙලෝස්ටෝන් පරිසර පද්ධතිය යනු පෘථිවියේ උතුරු සෞම්‍ය කලාපයේ අවසානයට ඉතිරිව පවතින විශාල, බොහෝදුරට යථාස්ථ පරිසර පද්ධතීන් අතුරින් එකකි. එහි කොටසක් යෙලෝස්ටෝන් ජාතික වන උද්‍යානයේ පිහිටා ඇත. කළමණාකරනය පිළිබඳ පවතින විරෝධයන් විවාදාත්මක වී ඇත. පරිසර පද්ධති කළමණාකරණය ප්‍රචලිත කරන සංරක්ෂණ කණ්ඩායම් වල ප්‍රධාන භූමි භාගයකි යෙලෝස්ටෝන් පරිසර පද්ධතිය යනු භූදර්ශන පරිසර විද්‍යාව සහ භූ විද්‍යාව සඳහා ලෝකයේ අග්‍රගන්‍ය විද්‍යාගාරයක් වන අතර ලෝකයේ කීර්තිමත් විනෝදය සඳහා වූ භූමි භාගයක්ද වේ. එමෙන්ම එය යෙලෝස්ටෝන්හි වෙසෙන සතුනට නිවසකි යෙලෝස්ටොන් ජාතික උද්‍යානයේ, ගිබන් නදිය අසබඩ ගැවසෙන බයිසන් ගවයින්. ඉතිහාසය[සංස්කරණය] යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයේ මායිම් 1872දී ප්‍රදේශයේ සියලු භූතාප ද්‍රෝණි ඇතුලත් කිරීමේ අදහසින් අභිමතානුකූල ලෙස අඳින ලද අතර වෙනත් භූ දර්ශණ කිසිවක් ඇතුලත් කර නොනන්නා ලදී. කෙසේ උවත් 1970 දශකයේදී අලු පැහැ වලසුන්ගේ(Ursus arctos) හැසිරීමේ සීමාව සළකුණු කිරීම මහා යෙලෝස්ටෝන් වනෝද්‍යානයේ ප්‍රථම අවිධිමත්,අවම, සීමා සළකුණු කිරීමයි. එය අවම වශයෙන් 16000km2 (අක්කර 4000000 ) ක් විය . එතැන් සිට මේ මහා පරිසර පද්ධතියේ ප්‍රමාණය ක්‍රමයෙන් විශාල විය. වර්ෂ 1994දී කරන ලද අධ්‍යයනයකින් එහි ප්‍රමාණය 768890km2 (අක්කර 1900000 )ක් ලෙස වර්තා විය. සමස්ථයක් ලෙස මහා යෙලෝස්ටෝන් වනෝද්‍යානයේ ඒකාබද්ධ පාලක මණ්ඩල ප්‍රදානීන් කියන පරිදි එහි ප්‍රමාණය 80000 km2 (අක්කර 20000000 ) දක්වා වැඩිවී ඇත. එක්සත් ජනපදයේ පොදු ඉඩම්, වනෝද්‍යාන හා විනොඅදාත්මක කටයුතු පිළිබඳ මන්ත්‍රී මණ්ඩල නියෝජිතයින්ගේ අනුකාරක සභාවන් 1985දී යෙලෝස්ටෝන් වනෝද්‍යානය පිළිබඳව ඒකාබද්ධ අනුකාරක සභාවක් පවත්වන ලදී.එහි ප්‍රතිඵලයක් ලෙස 1986දී පර්යේෂණ සේවය පිළිබඳ සම්මේලනය හා නියොජිත ආයතන අතර සමායෝජනයේ අඩු ලුහුඬුකම් සහ ප්‍රදේශයේ අත්‍යාවශ්‍ය අගයන් අන්තරාදායක තත්වයක පවතින බවට වර්තාවක් ඉදිරිපත් කලේය. ගැලටින්, කස්ටර්, කරිබුටාර්ගී, බ්‍රිජර් ටෙටන් සහ ශොෂොන් යනු සාමූහිකව කළමණාකරනය කරන යෙලෝස්ටෝන් පරිසර පද්ධතිය තුල ඇති වේනත් ජාතික වනාන්තරවේ. යෙලෝස්ටෝන් පරිසර පද්ධතියට පෞද්ගලිකව පවත්වාගන්නා ඉඩම් කිහිපයක් වටවී ඇති අතර ඒවා කළමණාකරනය කරන්නේ එ.ජ. රජය විසිනි.සාමාන්‍යයයෙන් නියෝඅග කර ඇති ප්‍රමණයටත් වඩා හොඳ මට්ටමකින් වාසස්ථාන ආරක්ෂා වීම සහතික කිරීමට යෙලෝස්ටෝන් වනෝද්‍යානයේ පිටතින් ජාතික වනාන්තර තුල වෙන් වෙන් වශයෙන් නොඉඳුල් වනාන්තර ප්‍රදේශ 10ක් පිහිටුවන ලදී.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඔපෙරා මිනි විකාශකය(න්) Opera Software ප්‍රථම නිකුතුව අගෝස්තු 10, 2005; 9 වසර ගණනකට පෙර (2005-08-10) ප්‍රවර්ධන තත්වය ක්‍රියාකාරී ලියන ලද්දේ C++, ජාවා, Pike[1] කරළිය Java ME, ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය), bada, Windows Mobile, iOS (Apple) ලැබිය හැකියි Various[2] වර්ගය ජංගම උපාංග සඳහා වන බ්‍රවුසර බලපත්‍රය Proprietary, freeware වෙබ් අඩවිය opera.com/mobile/ ඔපෙරා මිනි යනු වෙබ් බ්රවුසරයකි. එය මූලික වශයෙන් ජංගම දුරකථන, ස්මාර්ට් ජංගම දුරකථන සහ පී.ඩී.ඒ (Personal digital assistant/ PDA) සඳහා නිර්මාණය කර ඇත. ජාවා එමඊ (en: Java ME) ඇප්ලිකේෂන් ධාවනය කල හැකි පැල්ටපෝමයක් සහිත ජංගම උපාංග එයට 4 අනුවාදය තෙක් අවශ්‍ය විය. 5 වන අනුවාදයේ සිට එය ඇන්ඩ්‍රොයිඩ් (මෙහෙයුම් පද්ධතිය), bada, iOS, සිම්බියන් මෙහෙයුම් පද්ධයතිය හා වින්ඩෝස් මොබයිල් සඳහාද හඳුන්වාදෙන ලදී. ඔපෙරා මිනි මෘදුකාංගය නොමිලේ ලබා දෙන්නක් වන අතර, ඇතැම් සමාගම් මගින් එය ජංගම දුරකථනවලට ඇතුළත් කරම ලබා දේ, එසේම ආදායම් ලැඛෙන තවත් ක්‍රමයක් වශයෙන් සෙවුම් දැන්වීම්, මුදල් ගෙවන ලද bookmarks හා speed dail දැක්විය හැක. ඔපෙරා මිනි පැමිණියේ 1996 දී ප්‍රකාශයට පත් වූ පෞද්ගලික පරිගණක සඳහා වූ ඔපෙරා වෙබ් බ්‍රවුසරය මගිනි. 2005 දී නියමු ව්‍යාපෘතියක් ලෙස පටන්ගත් ඔපෙරා මිනි සීමිතව යූරෝපයට නිකුත් කිරීමෙන් පසුව 2006 ජනවාරි මස 24 වන දා ලොවටම නිල වශයෙන් නිකුත් කෙරිණි. 2012 මාර්තුවන විට ක්‍රියාකාරී භාවිතාකරුවන් මිලියන 168ක් හා පිටු නරඹන්නන් බිලියන 117ක් එම මාසය ඇතුළත සිටිනා බව ඔපෙරා විසින් වාර්ථා කරන ලදී. මෙය 2011 මාර්තුවල පටන් 60.4%ක සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරෙ.[3] ↑ Lextrait, Vincent (January 2010). "The Programming Languages Beacon, v10.0". සම්ප්‍රවේශය 14 March 2010. ↑ "Opera Mini translated into over 50 languages; 15 more to come later this month". 2007-11-07. සම්ප්‍රවේශය 2007-12-29. ↑ State of the Mobile Web, March 2012 http://www.opera.com/smw/2012/03/ ඔපෙරා මිනි වල සිංහල යුනිකෝඩ් දර්ශනය කර ගැනීම[සංස්කරණය] ඒ සඳහා පහත ක්‍රම අනුගමනය කරන්න 1. Opera mini බ්‍රව්සරයේ ලිපිනය සඳහන් කරන තීරුව (address bar) තුල config: ලෙස සඳහන් කර Go බොත්තම ඔබන්න. 2.Use bitmap fonts for Complex scripts (විවෘත වන නව පිටුවේ අවසානයට ඇති තීරුව) ඇති තීරුවේ තිබෙන චෙක් බොක්ස් එක YES සකසා SAVE බොත්තම ඔබන්න මෙම ආකාරයට සැකසුම් සෑදීමෙන් වෙබ් පිටුවල ඇති සිංහල අක්ෂර කියවීමට හැකි අතර මෙම ක්‍රමය මගින් සාර්ථක ලෙස සිංහල අක්ෂර ලබා ගැනීමට නොහැකි වූවත් එය යම්තාක් දුරට සිංහල අක්ෂර කියවීමට ඔබට උපකාරී වේ. බාහිර සබැඳි[සංස්කරණය] විකිමාධ්‍ය කොමන්ස් හි Opera Miniට අදාළ මාධ්‍ය ඇත. නිල වෙබ් අඩවිය
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දෙමව්පියො වගේම හුඟක් ගුරුවරුත් තමන් උගන්නපු ළමයි සමාජයේ උසස් තැන් වලට පත් වෙනවට ආසයි. නමුත් හැම තිස්සෙම ඒක එහෙම වෙන්නෙ නැහැනෙ. විශේෂයෙන්ම මම කොළඹදි වැඩ කරපු කොට අදින ඉස්කෝලෙ. ඒකට ඉස්කෝලෙ පිහිටපු පරිසරයත් බලපානවා මම හිතන්න. හැමෝම නැතිවුනත් ඒකට ආපු සමහර ළමයි, අපි කුඩු කාරයො, බෝම්බ කාරයො, පාතාලයො කියලා හඳුන්වන සමාජ ස්ථරයෙ ජීවත් වුනු 'වතු' වලින් ආපු ළමයි. මුළදිම මේ ඉස්කෝලෙ ගැන මගෙ තිබුන හැඟීම කෙසේ වෙතත්, අවුරුදු දහයක් මේකෙ උගන්නන කොට මම සහ මගෙ ආකල්පත් සෑහෙන්න වෙනස් වුනා. මේ ළමයිනුත් මාත් අතර ඇති වුනු බැඳීම, බොහෝ විට කොළඹ උසස් යයි සම්මත ඉස්කෝලවල වැඩ කරපු මගෙම සගයොයි ඒ අයගෙ ගෝලයොයි අතර ඇතිවෙච්ච බැඳීමට වඩා හුඟක් සමීපයි, අව්‍යාජයි. මේ ළමයින්ගෙන් සමහරු පේව්මන්ට් එකේ රෙදි විකිණුවා. සමහරු මැනිං මාකට් එකේ එළවලු විකිණුවා. මම එක කාලයක් මේන් ස්ට්‍රීට් එකේ පයින් යන්නෙ නෑ. මොකද මගෙ ගෝලයෙක් ඉන්න නිසා රෙදි වෙළඳාම් කරකර. වැරදිලාවත් මම ගියොත් මේකා මාව දැක්ක ගමන් අතින් අල්ලා ගන්නවා. ඊට පස්සෙ රෙදි ගොඩ ළඟ ඉන්න තව වෙළෙන්දෙකුට බලා ගන්න භාර දීලා, මාවත් ඇදගෙන යනවා ලඟම තියෙන කූල් ස්පොට් එකට. ඊට පස්සෙ නොයෙකුත් කෑම ජාති ඕඩර් කරලා මට කන්න පෙරැත්ත කරනවා. නොකෑවොත් තරහා වෙනවා. හැබැයි එයා කන්නෙ නෑ. ඒ මොකද සෑහෙන බිලක් එන නිසා වෙන්නැති. ඉතින් මම පුදුම අපහසුතාවයකට මුහුණ දෙනවා. ඔන්න ඒ ළමයා ගුරු ගෞරවය පෙන්නන හැටි.මම ඉස්කෝලෙට ගියේ කිලෝමීටර් තිහක් විතර දුර ඉඳලා. මගෙ එක ගෝලයෙක් හිටියා ජූඩ් කියලා. ජූඩ් හිටියෙත් ඔය පාරෙමයි නමුත් කොළඹට කිලෝමීටර් 15. විතර දුරකින්. ජූඩ් වැඩකලේ මැනිං මාකට් එකේ. ජූඩ් පාන්දරම බස් එකේ කොළඹ ගිහින් අන්තිම බස් එකේ තමයි ගෙදර යන්නෙ. දවසක් උදේ නවයට විතර මම කොළඹ යන්න බස් එකකට නැග්ගා අපේ ගේ ගාවින්. සීට් එකකුත් තිබ්බ නිසා ඉඳත් ගත්තා. මට ඇහුනා පිටිපස්සෙ සීට් එකේ හිටපු කවුරු හරි “ගුඩ් මෝනිං, සර් ” කියලා කියනවා.මම ඔලුව හරවලා බැලුවම මෙන්න ඉන්නවා ජූඩ්.“ගුඩ් මෝනිං. ජූඩ් කොහේද මේ ගියේ.” මම ඇහුවා.“ඒක දිග කතාවක් සර්.” ජූඩ් කිව්වා.“මේ බස් එක කොට-කොට කොළඹට යන්න පැයක් හමාරක් ගත වෙනවනෙ. ඉතිං කියන්න බලන්න, ජූඩ්.”“සර් විශ්වාස කරයිද දන්නෙ නෑ.”“ආඩම්බර නැතුව කියපං, මිනිහෝ.”ඔන්න ජූඩ්ගෙ කතාව.“මම සර් ඊයෙ රෑ ලාස්ට් බස් එකට නැග්ගා පිටකොටුවෙන්. වෙනදට ෆුට්බෝඩ් එකේ එල්ලිල යන්න වුනාට ඊයෙ ඉඩ තිබ්බා. ඉතිං මාත් සීට් එකක් අල්ලාගන පොඩි නින්දක් ගැහුවා. ඇයි සර් මම උදේ පාන්දරනෙ එන්නෙත්.”“ඉතිං ඉතිං.”“ඉතිං සර් ඇහැරෙන කොට බස් එක පූගොඩ. කොන්දා තමයි කතා කලෙත්”“මටත් ඔයවැඩේ වෙලා තියෙනවා ජූඩ්.”“මං කවදාවත් පූගොඩට ගිහිල්ලත් නැ සර්. ඉතිං ඇරලා තිබ්බ නයිට් කඩේකින් කාලා, සිගරට් දෙක තුනකුත් අරගෙන, එකක් පත්තු කරගෙන ගියා බස් ස්ටෑන්ඩ් එකට, උදේ හතරයි කාල අල්ලන්න. හිටගෙන පොඩ්ඩ පොඩ්ඩ නිදත් ගත්තා.”“මාර වැඩනෙ ජූඩ්ටත් වෙන්නෙ. ඉතිං ඊට පස්සෙ.”“ඉතිං හතරයි කාලෙ නැගලා ටිකට් එකකුත් අරගෙන ටික දුරක් යනකොට ආයෙත් නින්ද ගියානෙ. ඇහැරිලා බලනකොට පිටකොටුවෙ.”"ඉතින් ජූඩ්ට වැඩට යන්න තිබ්බනෙ.”“අද ඉරිදනෙ සර්.”“ඉතිං ආයෙම නැග්ගා පූගොඩ බස් එකකට. නැගලා කොන්දටත් කිව්වා අහවල් තැන මං බහිනවා, නින්ද ගිහින් හිටියොත් හෙම මතක් කරන්න කියලා. ඒ වගේම කාපු කට්ට හන්දා ආයෙ නම් නිදාගන්නෙ නෑයි කියලා උන්නෙ. සර් විශ්වාස කරන්න මේ යන්තම් පොඩ්ඩක් ඇහැ පියවුනා විතරයි. ඇහැ ඇරලා බලනකොට ආයෙම පූගොඩ. කොන්දටත් අමතක වෙලා. ‘අනේ, සොරි මල්ලි’ කිව්වා.”මම මේ පාර නම් හිනාව නවත්තා ගත්තෙ අමාරුවෙන්.“ජූඩ් උඹටම වෙන දේවල් බං මේ.”“ඊට පස්සෙ සර් මේ බස් එකේ නැගලා ගෙදර යන ගමන්. මට වැරදිලාවත් ආයෙ නින්ද ගියොත් සර් පොඩ්ඩක් කතාකරන්න ඈ.”මේ කතාව අහලා මාත් හිනාවෙලා ආයෙත් ඉස්සර බලාගෙන යනවා. බස් එක ජූඩ්ලගෙ හෝල්ට් එක ලඟට එනකොට මම නිකං හැරිලා බැලුවා. අනේ මූ හොඳටම නිදි ආයෙත්.“ඒයි ජූඩ් නැගිටපං නැගිටපං” කියලා මම කිව්වම මූ ගැස්සිලා ඇහැරිලා දඩි බිඩි ගාල නැගිටලා,“හරි, තැන්ක් යූ සර්” කියලා බස් එකෙන් බැස්සා.මේ කතාවෙ හාස්‍ය රසය වගේම මගෙ සමහර ගෝලයන්ගෙ ජීවිත ඔහොමයි. උදේ පාන්දරම බස් එකේ ඇවිත් අන්තිම බස් එකේ ගෙදර යන ජූඩ්ලා, සතියෙ අග වෙනකොට නිදි එකවුන්ට් එකට සෑහෙන ණයයි. ඉතිං නින්ද යන එක අහන්නත් දෙයක්ද.Originally published @ මට හිතෙන හැටි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සමුද්‍ර ගවේෂණ හා මැනුම් කටයුතු සඳහා රුපියල් කෝටි 25 ක් වටිනා නව පර්යේෂණ යාත්‍රාවක් මිලදි ගැනීමට නාරා ආයතනය කටයුතු යොදා ඇත.මේ සම්බන්ධයෙන් වූ ගිවිසුම අස්සන් කිරීම ධීවර හා ජලජ සම්පත් ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සහ ඹ්භදඨ ඊඩඥ ඉඩඪන ඕභඪතඤඥපඵ ආයතනයේ සභාපති ෂෙල්ඩොන් හුඈන්ග් මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.නාරා ආයතනය සතුව තිබූ සයුරී මැනුම් යාත්‍රාව පසුගිය සුනාමි ව්‍යසනයෙන් විනාශයට පත්වූ අතර එතැන් පටන් ධිවර හා ජලජ සම්පත් අමාත්‍යංශය සිදු කළ මුහුදු මැනුම් හා පර්යේෂණ කටයුතු මන්දගාමීව විවිධ බාධක මධ්‍යයේ සිදුකරන ලදි.නව යාත්‍රාව මගින් සිදුකරන මුහුදු මැනුම් කටයුතු වඩා කාර්යක්ෂමව හා ඵලදායිව සිදුකිරීමට නවීනතම බහු කදම්බ (ර්භතබඪ ඡඥචථ) එකෝ සවුන්ඩරයක්ද එක් කර තිබේ.මෙම සූක්ෂම මුහුදු පතුල සිතියම්ගත කිරීම සිදු කරන අතර එම දත්ත භාවිතයෙන් ජාත්‍යන්තර නාවුක කටයුතු සඳහා අත්‍යවශ්‍ය නාවික සිතියම් නිර්මාණය කාර්යක්ෂමව කිරීමේ හැකියාව ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයට ලැබෙනු ඇත.මෙයට අමතරව සාගර දත්ත සංචිතයක් පවත්නා ගෙන යාමේ හැකියාව ද ලැබෙන අතර එය අනෙකුත් පරියේෂණ ආයතන හා විශ්වවිද්‍යාල පර්යේෂකයනට මහත් රුකුලක් වේ.සාගර විද්යාපර්යේෂණ සහ සමුද්‍රජීවී පර්යේෂණ කටයුතු සඳහාම වූ පර්යේෂණාගාරයකින් ද මෙම යාත්‍රාව සමන්විත වන අතර එය පර්යේෂණ කටයුතු කාර්යක්ෂමතාවය හා ඵලදායිතාව ඉහළ නංවනු ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ හැත්තෑ දහසක් පමණ දායක වී ඇති බවත්, ඒ අතුරින් එක් දහස් හත්සිය දෙනෙකු දැනට විශ්‍රාම වැටුප් ලබාගන්නා බවත් එකී මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි එච්. එම්. එම්. රංජිත් දිසානායක මහතා පැවැසීය.ඒ මහතා මෙසේ කීවේ සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්රමයේ හිමිකම්පත් ලබාදීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ උත්සවයකදීය.මෙදින දෙසියකට ආසන්න පිරිසකට විශ්‍රාම වැටුප් හිමිකම්පත් පිරිනමනු ලැබිණ.සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපතිනි සුමනා ආරියදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්විණි.එහිදී දිසානායක මහතා මෙසේද කීය.දැනට මසකට 300 – 400 අතර පිරිසක් විශ්‍රාම වැටුපට හිමිකම් ලබනවා.මේ වසරේ දැයට කිරුළ වැඩසටහනට සමගාමීව සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් ක්‍රමය පුළුල් ලෙස ජනතාව අතරට ගෙන යෑමට සැලසුම් කර තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්වරු, සමාජ සේවා නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් හරහා මේ කාර්යය සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් එච්. එම්. ටී. හිටිසේකර මහතාද මේ අවස්ථාවට සහභාගි වූ අතර, අතිරේක දිස්ත්‍රික් ලේකම් එච්. එන්. තිලක බණ්ඩාර හා උපදේශන නිලධාරිනී කුමාරි චන්ද්‍රසේකර යන මහත්ම මහත්මීහු විශ්‍රාම වැටුප් ක්රමයේ වැදගත්කම පිළිබඳ දේශන පැවැත්වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අතිඋතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට පළමුවන ශුද්ධවන්තයා ලෙස භාග්‍යවත් ජුසේ වාස් පියතුමන්ව ශුද්ධවරයට ඔසවනු ලබන බව වතිකානය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව ලබන ජනවාරි 14 දින ගාලුමුවදොර ක්‍රීඩාංගණයේදී පවත්වනු ලබන ශුද්ධවරයට ඔසවන විශේෂ දේව මෙහෙයේදී පාප් වහන්සේ විසින් ජුසේ වාස් පියතුමන්ව ශුද්ධවරයට පත් කරනු ලබන අතර උන්වහන්සේගේ මැදිහත්කමින් ප්රාතිහාර්යන් රැසක් මෙරට හා පිටරට සිදුවීම හේතු කොට ඉක්මනින් භාග්‍යවරයට ඔසවනු ලැබූ බව ද ප්‍රකාශ කර ඇත.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දීපිකා පදුකෝන් සහ සෝනම් කපූර් හොඳම මිතුරියන් වීමට රන්බීර් කපූර්ට ඇති නොකැමැත්තම හේතුවක් විය නොහැකි ද? දෙදෙනා එකම වසරේ හා හා පුරා කියා බොලිවුඩයට දොරට වැඩීම තවත් හේතුවකි. එහෙත් මේ සියල්ල අබිබවා ඔවුන් අතර සීීතල යුද්ධයක් ඇරැඹී ඇත. ඒ ගැන සක්සුදක් සේ දැනගන්න ලැබුණේ ‘කොෆි විත් කරන්’ වැඩසටහනේදී සෝනම් පැවසූ කරුණු නිසයි.සෝනම් කපූර්, දීපිකා පදුකෝන්ට එරෙහිව කතා කරන්නේ හිටපු පෙම්වතා රන්බීර් ‘යේ ජවානි හෛ දීවානි’ සිනමාපටයේ දීපිකා සමඟ රැගූ නිසා සහ රන්බීර්ගේ උපන් දින සාදයට තමන්ට නැතිව දීපිකාට ආරාධනා කළ නිසා ද කියා නම් කිසිවකු නොදනී. කෙසේ වුවත් සෝනම් මෙහි දී දීපිකාගේ ඇඳුම් විලාසිතා විවේචනය කර ඇත. ඒ වාගේම කත්රිනා කායිෆ්ගේ විලාසිතා සහ කිසිවකු අනුගමනය නොකර යන සිනමා ගමන වර්ණනා කර තිබේ. කත්රිනාගේ ගුණ වැනීම ම දීපිකා ගැන සෝනම්ගේ සිතේ ඇති නොකැමැත්තට තිබෙන හොඳම සාක්ෂියකි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රමණී බර්තෝලමියුස් Ramani Bartholomeusz උපත රමණී එලිසබෙත් බර්තෝලමියුස් 1 සැප්තැම්බර් 1966(1966-09-01) ශ්‍රී ලංකාව මරණය 30 ජුනි 1987 (වයස 20) කොළඹ, ශ්‍රී ලංකාව උස අඩි 5 අඟල් 08 (මීටර 1.73) [1] අභිධානය ශ්‍රී ලංකා රූ රැජින 1985 රමණී එලිසබෙත් බර්තෝලමියුස් (1966 සැප්තැම්බර් 1 – 1987 ජුනි 30) ශ්‍රී ලංකාවේ හිටපු නිළියක සහ නිරූපිකාවකි. 1985 වසරේ ශ්‍රී ලංකා රූ රැජින වූවේද ඇයයි.[2] එම වසරේ පැවැති විශ්ව රූ රැජින තරඟයටද රමණී සහභාගී වූවාය.[3] පටුන 1 කලා දිවිය 2 මරණය 3 මූලාශ්‍ර 4 භාහිර සබැදි කලා දිවිය[සංස්කරණය] 1983 දී රමණී ප්‍රථම වරට, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ යුගාන්තය චිත්රපටයෙහි චමරී නමින් චරිතයක් රඟපාමින් රිදී තිරයට පිවිසුනු අතර මේ අවධියේදී ඇය ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ශිෂ්‍යාවකව සිටියාය. 1985 විශ්ව රූ රැජින තරඟයට සහභාගී වීමෙන් අනතුරුව ඇය, ධර්මසිරි බණ්ඩාරණායකගේ මාරාක්ෂයහී සහ කමල් අද්දරාරච්චි සමග හිම කුමාරි හී රඟපෑවාය.[4] ඇය විසින් රංගනයෙන් දායක වූ භාග්‍යා ටෙලි නාට්‍යයේ ආජුතපර ගීතය එකල කා අතරත් අතිශය ජනප්‍රිය විය.[5] මරණය[සංස්කරණය] 1987 ජුනි 30 වන දිනදී, කමල් අද්දරාරච්චි පදවාගෙන යමින් සිටි රථයට හසුවී බරපතල තුවාල ලැබීම නිසා රමණී මිය ගියාය. ඇය රථයට හසුවීම සම්බන්ධව, එකල කා අතරත් කුකුසක් ඇති කිරීමට සමත් විය. මියයන විට ඇගේ වයස අවුරුදු 20 ක් විය.[6] මූලාශ්‍ර[සංස්කරණය] ↑ Death of Ramani Bartholomeusz-Lakbima ↑ http://www.pageant-almanac.com/miss-universe/parade/sri-lanka.php ↑ http://www.jimmyspageantpage.com/MU1985.htm ↑ http://www.sundaytimes.lk/000625/tv.html#1LABEL3 ↑ http://athal.info/Ramani-Bartholomeusz'-Story.php ↑ http://www.gossiplankanews.com/2012/11/the-post-mortem-of-ramani-bartholomeusz.html භාහිර සබැදි[සංස්කරණය] Ramani Bartholomeusz in Sri Lanka Cinema Database The Sunday Times: Article by Ramesh Uvais රමණී බර්තෝලමියුස් at the Internet Movie Database YouTube: Miss Universe 1985 - Parade of Nations Persondata NAME බර්තෝලමියුස්, රමණී ALTERNATIVE NAMES SHORT DESCRIPTION ශ්‍රී ලාංකික රංගන ශිල්පිනී DATE OF BIRTH 1966 PLACE OF BIRTH ශ්‍රී ලංකාව DATE OF DEATH ජුනි 30, 1987 PLACE OF DEATH කොළඹ, ශ්‍රී ලංකාව
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නියගය දවස්වල වගාවට වතුර නැහැ කියලා උද්ඝෝෂණ, පෙළපාලි, උපවාස කළා ගොවීන්ට අද ඇති වෙන්න වතුර තියනවා. ඉතින් වගා කටයුතු අරඹන්න පුළුවන් යැයි මැදිරිගිරිය පිනාමංකඩ ගොවි ගම්මානයේ බී.ඒ. ඇම්. පුංචිබංඩා ගොවි මහතා කීය.ස්වභාවික විපත්වලට කවුරුවත් පලි නැහැ. පසුගිය නියඟය කාලේත් මගේ කුඹුර සරුවට අස්වැද්දුවා.ජලය නැතිව වී වගාව මැරෙන්න මම ඉඩ දුන්නේ නැහැ. ළිදෙන් ඇදලා වගාවට වතුර දැම්මා. උද්ඝෝෂණ , පෙළපාලි උපවාස කළා නම් මට වතුර ඇදල වගාව බේරා ගන්න බැරි වෙනවා.ඔය නියඟයට කලින් ලොකු ගංවතුරක් ඇවිත් මේ පාලම් පාරවල් කුඹුරු කඩාගෙන ගියා.ඒ දුක්ගැටලු මැද තමයි පසුගිය නියඟයටත් මම මුහුණ දුන්නේ. මේ පාර ලොකු වැසි අපිට ලැබුණා. කුඩා වැව් පිරිලා. ඒ අවට අයට පුළුවන් වී වගා කටයුතු කරන්න. මේ බලන්න මේ කුඩා වැවත් පිරිලා. අපි කවුරුත් එක්ක එක්වෙලා වගා කරමු. ජලය අරපිරිමැස්මෙන් උපරිම ප්‍රයෝජනයට ගනිමු..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රීලංකාවේ ඉංග්‍රීසි භාෂා කථනය තවදුරටත් ප්‍රචලිත කිරීමේ අරමුණෙන් මූලික ඉංග්‍රීසි සහතික පත්‍ර විභාගයක් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.දේශීය ඉංග්‍රීසි භාෂා පුහුණුකරුවන් විසින් සකසන ලද විෂයය මාලාවකට අනුව පවත්වන මූලික ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව අවසානයේ දී මේ ප්‍රසිද්ධ විභාගය පැවත්වීමට නියමිතය.විභාග කොමසාරිස් ජෙනරාල් අනුර එදිරිසිංහ මහතා මේ විභාගය පැවැත්වීම සම්බන්ධව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (19) දැනුම් දුන්නේය.ඒ ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් ක්‍රියාවට නංවන ලද “ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි” වැඩසටහනේ දෙවැනි අදියර ඇරඹීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයකදීය.විශේෂ ශාස්ත්‍රීය කණ්ඩායමක් විසින් සකසන ලද පැය සියයක මූලික ඉංග්‍රීසි පාඨමාලා සංග්‍රහයේ පළමු පිටපතද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි වැඩසටහනේ දෙවැනි අදියර ලෙස මෙය ක්‍රියාත්මක අතර පාසල් හැර යන්නන්, රජයේ සේවකයන්, ගුරුවරුන්, සේවා නියුක්තිකයන්, රැකියා අපේක්ෂකයන් හා ඉංග්‍රීසි කථනය පිළිබඳ අවධානය යොමු කරන්නන් මෙමඟින් ඉලක්ක කෙරේ. පළමු වැනි අදියරේ දී පාසල් සිසුන් කෙරෙහි අවධානය යොමුකෙරුණු අතර පළමු අදියරේ නිමාව සහ දෙවැනි අදියරේ ඇරඹුම මේ උත්සවයේදී ප්‍රකාශයට පත්කෙරිණි.අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ ජනාධිපති කාර්ය සාධක බළකායේ කැඳවුරුම්කරු ආචාර්ය සුනිමල් ප්‍රනාන්දු මහත්වරු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නොමිලයේ ලබා ගත හැකි මෘදූකාංග සහ පරීක්ෂා කිරීමේ පිටපත් සඳහා ලබාදෙන මෘදූකාංග ලෙහෙසියෙන් මෙම PDF ගොනුවෙන් ඔබ වෙත ගෙන එනු ලබයි මෙහිදී ගූගල් තුල සර්ච් කිරීමක් අවශ්‍ය නොවන අතර ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය වෙබ් පිටුව තප්පර 5ක් වැනි කෙටි කාලයකින් පෙන්වනු ලබයි මෙහි මෘදූකාංගය හා එයින් කරනු ලබන කාර්්‍යයන් කෙටියෙන් විස්තර කර ඇති බැවින් අවශ්‍ය මෘදූකාංගය ඉතා පහසුවෙන් ඔබට සොයාගත හැකියපහත ලින්ක් එක මගින් අදාල ගොනුව ඩවුන්ලෝඩ් කර ගන්න (ධාරිතාවය 290KB වේ.com/v/22658122/file.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු වන ජාතික ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය මහතාගේ සංකල්පයක් අනුව යාපයන සාන්ත පැට්රික් විදුහල් ක්‍රීඩාංගණයේ ඉදිකළ උතුරු පළාතේ පළමු තණ තිල්ල (ටර්ෆ් විකට්) ඊයේ පෙරවරුවේ සනත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. මේ අවස්ථාවට විශේෂ ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග, විශේෂ බලකා අණදෙන නිලධාරී ජෙනරාල් උදය පෙරේරා, සාන්ත පැට්රික් විදුහල්පතිවරයා සහභාගි වූහ. තණ තිල්ල විවෘත කිරීමෙන් පසුව ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහ උතුරු නැගෙනහිර පළාත් අවුරුදු 23න් පහළ කණ්ඩායමක් අතර ඕවර විස්සයි20 සුහද ක්‍රිකට් තරගයක් ද පැවැත්විණි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සැකිල්ල:දිනදසුන/ඉරුදිනපළමුමසඇරඹෙන්නේබදා: ඔක්තොම්බර් 30, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 303 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 304 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 62 ඉතිරිව තිබේ .
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පොළොවේ තරුවක් නමින් ගුවනේ තරුවක් නම් කෙරුමට නම් ඒ තරුව, තරුවකටත් වඩා සුවිශේෂී ය යුතුයි. බොලිවුඩ් පුරයේ එවැනි තරු රැසකි. මධුරී ඩික්සිත් නම් තාරකාව අසූව දශකයේ අග භාගයේ සිට තාරකා ලොව ආධිපත්‍ය සියතට ගත් රාජිනියයි.විවාහයෙන් පසු සිනමාව සමඟ එතරම් පයිරු පාසානමක් නොදැක් වුව ද තවමත් ඇය බැස නොගිය තරුවකි. ඇයට උමතු වූ රසිකයන් තාරකාවක් ඇයගේ නමින් නම් කිරීමට සිතීමම එයට ඇති කදිම සාක්ෂියකි.මධුරී නමින් නම් කර ඇති තරුව පායන්නේ අහසේ ඔරායන් තාරකා රාශියේයි.මධුරී ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස වැඩිම වාර ගණනක් සම්මාන සඳහා නිර්දේශ වී ඇති තාරකාවයි. දැන් යළි ඉන්දියාවේ පදිංචියට පැමිණ සිටින ඇය මෑතකදී රසිකයන්ට වඩාත් සමීප වූයේ ‘ජලක් දික්ලා ජා 4’ රියැලිටි නර්තන වැඩ සටහනෙනි.හතළිස් පස් හැවිරිදි මධුරී සිනමා දෙවැනි ගමනට ද මුල පුරා අවසන්ය. විශාල් භාරද්වාජ්ගේ ‘දේ ඉෂ්කියා’ සහ අනුභව් සිංහගේ ‘ගුලාබ් ගෑන්ග්’ සිනමාපටවලට මේ වන විට මධුරී මානපය දී ඇත.සල්මන් ඛාන් හෙවත් රසිකයන්ගේ ආදරණීය සාලු කවදත් ක්ෂේත්රයේ ප්‍රවීණයන්ට ගරු කරන්නෙකි.රූගත කිරීම් දහසක් මැද්දේ වුවත් ඔහු ජ්‍යෙෂ්ඨ නළු රාජේශ් ඛන්නාව බැලීමට ලීලාවතී රෝහලට ගියේ එනිසාය. එහෙත් තරු බලයට රෝහලේ නීතිමය බලය හරස් වූයේ සල්මන්ගේ හද පාරවමිනි.අවේලාවේ රෝගීන් බැලීමට ඉඩ නොදීම තදින් ක්‍රියාත්මක කරන ලීලාවතී රෝහල සල්මන්ටත් බෙදුවේ සාමාන්‍ය පුරවැසියකුට බෙදන හැන්දෙන්මය.පළමු සුපිරි නළුවා වූ රාජේශ් ඛන්නා බැලීමේ බලාපොරොත්තුව අත්හැර දමා සල්මන් තම නිවෙසට ගොස් තිබේ.නැන්දම්මා සහ ලේලී අතර සැබෑ ජීවිතයේදී මෙන්මසිනමාවේදීත් අපට දකින්න ලැබෙන්නේ එතරම් සුහද සබඳතාවක් නොවෙයි. එහෙත් සැබෑ ජීවිතයේදී දිගු කාලයක සිට සමාජයේ මුල් බැස ගත් මේ තිත්ත ඇත්ත බොරුවක් කිරීමට හිටපු සුපිරි තාරකාවක් හා දැනට සිටින සුපිරිතාරකාවක් සමත් වී තිබේ.මේ නිළි නැන්දණිය, ෂර්මිලා තාගෝර්ය. ලේලිය කරීනා කපූර්ය. දෙදෙනා අතර කෙතරම් දැඩි ළෙන්ගතුකමක් ගොඩ නැඟී තිබෙනවා ද කිවහොත් වසර හතළිස් තුනකට පෙර ෂර්මිලා ඇන්ද මංගල ඇඳුම, තම මංගල ඇඳුම ලෙසින් තෝරා ගැනීමට කරීනා කැමැත්තෙන් සිටින්නීය.ඔක්තෝබර් 16 වැනිදා කරීනා - සායිෆ් විවාහය පැවැත්වීමට නියමිතයි.මේ වන විට කරීනා ඉන්දියානු රුපියල් ලක්ෂ හතළිහක රන් මාලයක් ඇනවුම් කර ඇත. පුදුමය නම් ෂර්මිලා පුතුගේත්, කරීනාගේත් විවාහය තහවුරු කරද්දී මනාල යුවළ මුනිවත රැකීමයි.සායිෆ් අලි ඛාන්ගෙන්වත් ෂර්මිලාගෙන්වත්, කරීනාගේ රංගන ජීවිතයට නම් කිසිදු බාධාවක් එල්ල වන්නේ නැත. විවාහයෙන් පසු ඇය රඟන්නේ සංජේ ලීලා බන්සාලිගේ ‘රාම් ලීලා’ සිනමා පටයේයි. සිනමා පටයේ ඇයගේ පෙම්වතා වන්නේ රන්වීර් සිංය.රංගනයට පමණක් නොව කරීනා අදහන හින්දු ආගමට ද බලපෑම් නොකිරීමට තරම් සායිෆ්ගේ සිත විවෘතය. ෂර්මිලාට විවාහයෙන් පසු මුස්ලිම් ආගම වැළැඳ ගැනීමට සිදු වුව ද, කරීනාට ඒ දෛවය උරුම නැත. සායිෆ් කියන්නේ ආගම් දෙකක දෙදෙනකු විවාහ වීමේදී එකිනෙකාගේ ආගම් වෙනස් නොකරන ලෙසට නීතියක් රජයෙන් ගෙන ආ යුතුª බවයි.ෂර්මිලා මුස්ලිම් ආගම වැළැඳ ගත් පසු ඇයට අයේෂා බෙගම් ලෙස නම වෙනස් කිරීමට සිදු විය. සායිෆ්ගේ හිටපු බිරිය අම්රිතා සිං ද සායිෆ් නිසා මුස්ලිම් ආගම වැළැඳ ගත් නිළියකි.අලි ඛාන් පවුලට කපූර් පවුල කෙතරම් සමීප ද කිවහොත්, කරීනාගේ අක්කණ්ඩිය, කරිෂ්මා සිය තිස් අට වැනි උපන් දිනය ජූනි 25 වැනි දින සැමරුවේ ද පතාවුදිලාගේ එනම් සායිෆ්ගේ මන්දිරයේයි. ෂර්මිලා, කරීනා, සායිෆ්, සංජේ කපූර්ගෙන් දික්කසාද වූ පසු පෑරුණු සිතින් සිටින කරිෂ්මා හා දරුවන් දෙදෙනා සතුටු කිරීමට ඔවුන් ලන්ඩනයේ උපන් දින සවාරියක් ද රැගෙන ගොස් තිබේ. කරිෂ්මාගේ නවතම සිනමා පටය ‘ඩේන්ජරස් ඉෂ්ක්’ එතරම් සාර්ථක නොවුණත් ඇය සිනමා පට ගණනාවකටම රඟපෑමට අස්සන් තබා අවසන්ය.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඉස්සෙල්ලාම කියන්න ඕනේ.මේක මගේ බ්ලොග් එක.ඒ හින්දා ලියන්නේ මට හිතෙන මම දකින විදිහ.වෙන කෙනෙකුට එකම දේ දිහා වෙනස් විදිහකට බලලා වෙනස් කමෙන්ට් එකක් දෙන්න පුළුවන්. ඒත් මේ මම දකින විදිහ.මේ දක්වා මේ ෆිල්ම් එක පිලිබඳ කිසිම රිවිව් එකක් කියවන්න ලැබුනේ නැ.ඉතින් තනිකරම මගේ අදහස පමණයි.කුස පබා බැලුවට පස්සේ බලපු එකම සිංහල චිත්‍රපටිය. වෙන සිංහල චිත්‍රපටි ආවෙත් නැද්ද මන්දා. කොහොම හරි ඕනෙම දෙයක් ගැන විචාරයක් දෙනකොට හොඳ ටික කියලා ඉන්න එපැයි.මහින්දාගමනය , කුසපබා වගේ කඩේ යන ෆිල්ම්ස් වලට වඩා හුඟාක් හොඳයි. තරුණ අධ්‍යක්ෂකවරයෙකුගේ හොඳ උත්සාහයක්. චිත්‍රපටියේ සංගීතය ලස්සනයි. ඒගොල්ලොන්ට මියුසික් ඇල්බම් එක කලින් රිලීස් කරන්න තිබුනා. එහෙම වුනා නම් තවත් මිනිස්සු අද්දගන්න තිබුනා බලන්න. ලස්සන සින්දු 3ක් තියනවා. උදයන්ති කුලතුංග, සඳනි සුලක්කනා දෙදෙනාටම හොඳින් රඟපෑමේ හැකියාව තියනවා කියලා පේනවා. කමල් අද්දරාරච්චිට රඟපාන්න පුළුවන් කියලා හැමෝම දන්නවනේ. රූපගත කරන්න අරගෙන තිබුණු තැන් (ගෙවල් සහ ආර්ට් ගැලරි එක ) උසස් තේරීමක් තියනවා.ෆිල්ම් එක මුල ටික බලාගෙන යනකොට ෂෝර්ට් ෆිල්ම් එකක ගතියක් දැනුනා.කමල් අද්දරාරච්චිට අතීතය මතක් වෙන්න පටන් ගන්න තැන දක්වා තියන කාලය ටිකක් වැඩියි කියලා හිතුනා. ඒ ටික ටිකක් කම්මැලියි.ඒ මුල ටිකේ විතරක් සින්දු 2ක් තියනවා. අනිත් එක ඒ එක සින්දුවක් රූපගත කරලා තිබුන කොන්සේප්ට් එක මට තේරුනේ නැ මම හිතන්නේ. පෝසත් කොල්ලෙක්, ඩෙට් එකකට ගෑනු ළමයෙක්වකුණු ඇලක් උඩින් තියන පාලමකට අරන් යයි කියලා මම හිතන්නේ නැ.කන්න සයිවර් කඩේකටත්. සමහර විට එතන මට නොතේරෙන මොකක් හරි කොන්සේප්ට් එකක් ඇති. කොහොම උනත් උදයන්තිගේ පෙම්වතාට වැඩ උදයන්තිගේ රඟපෑම නම් ඉතාම උසස්.ෆිල්ම් එකේ මුල බලන කොට අග තේරෙන නිසා එතනින් එහාට බලාගෙන ඉන්න කම්මැලියි. ඉවරවෙන්නේ කීයටද වගේ නොසන්සුන් ගතියක් දැනුනා. මුලයි අගයී සම්බන්ධතාවය දුරස් වගේ දැනුනා.කමල්ව අරගෙන තියෙන්නේ ෆිල්ම් එක විකුනගන්නද දන්නෑ කියලා හිතුනා. මොකද කමල්ට වඩා තරුණ නළුවෝ ඉන්න නිසා. බිමල් හරි ධනංජය හරි ගත්තත් අවුලක් නැ.කොහොම වුනත් මුළු ෆිල්ම් එකම බලලා ඉවර වුනාම හොඳයි කියලා හිතුනා. බලන්න ගියේ අපරාදේ කියලා හිතුනේ නැ. වෙනසකට තිබුනේ මම බලන්න බලාපොරොත්තුවෙන් ගිය තරම් බාවාත්මක එකක් නොවුන එකයි.ෆිල්ම් එකේ වර්ණ ලස්සනට පෙනුනේ නැත්තේ මම බලපු ෆිල්ම් හෝල් එකේ අවුලක් කියලා හිතනවා. මොකද පෝස්ටර්ස් වල පාට මාර ලස්සනයි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සෝමරත්න රාමනායක අධ්‍යක්ෂණය කළ ‘සතියකට මට රට බාර දෙන්න’ හාස්‍යෝත්පාදක සිනමාපටය ළඟදීම තිරගත වීමට නියමිතය. විජේරත්න වරකාගොඩ, වසන්ත කුමාරසිරි, රිචාඩ් වීරක්කොඩි, කපිල සිගේරා, විනූ වෙත්තමුනි, ගාමිණී කොස්තා, රිචඩ් අබේවර්ධන, සඳරේඛා වීරසිංහ, රෝහණ සුමනසිරි ඇතුළු නළු නිළියන් මෙහි චරිත නිරූපණය කරති.අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනය සහ කැමරාව මෙහෙයවීම සෝමරත්න විසින්ම සිදුකොට ඇත. සන්ෆලවර් නායක නීල් වර්ණකුල සහ කපිල මැද්දෙගොඩ ගේ සංගීත අධ්‍යක්ෂණයකි. එම්. එස්. අලිමාන් සතියකට මට රට බාර දෙන්න සංස්කරණය කොට තිබේ.ඇනස්ලි, බර්ටි, සැමුවෙල් යන විකට තුන් කට්ටුවෙන් දැනට ජීවතුන් අතර සිටින බර්ටි ගුණතිලකයන් වෙනුවෙන් ලබන 27 වැනිදා රාත්‍රී 10.00 ට ජාතික නාළිකාවෙන් විකාශය වන ආලකමංදාව වෙන්වේ. ගොඩකවෙල පිහිටි ඔහුගේ නිවසේදී එය රූගත කොට තිබේ.ආලකමංදාව විනීතා කරුණාරත්නගේ නිෂ්පාදනයකි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලොව වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලුලාභී මුත්තයියා මුරලිදරන් හා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්ට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පන්දු යවන්නන් පුහුණුකිරීමේ තනතුරු ලබාදීමට සුදානම් වෙයි.එමෙන්ම ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක බන්ධුල වර්ණපුර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක තනතුරට එක්කර ගැනීමට පසුගියදා සාකච්ඡා පැවැත්විණි.ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දඟපන්දු යවන්නන් පුහුණුකිරීම මුත්තයියා මුරලිදරන්ට භාර කිරීමටත් වේගපන්දු යවන්නන් පුහුණුකිරීම චමින්ද වාස්ට භාර කිරීමටත් තීරණයවී ඇත. මේ ක්‍රීඩකයන් දෙදෙනා සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීහු එකඟතාවකට පැමිණියහ.ඒ සඳහා සාකච්ඡාවේදී ක්‍රීඩකයන් දෙදෙනා සඳහන්කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් නඟා සිටුවීමට දායකවීම උදෙසා කැමැත්තෙන් පසුවන බවයි. මේ දෙදෙනාගේ සේවය ඉක්මනින්ම ලබාගැනීමට ක්‍රිකට් විධායක සභාවේ අනුමැතිය හිමිවී ඇතැයි වාර්තා වේ.ක්‍රිකට් ප්‍රධාන විධායක තනතුරේ දැනට කටයුතු කරන අජිත් ජයසේකර මහතාගේ කාලය මේ වසරේ මාර්තු මාසයේදී අවසන් වන හෙයින් ඒ වෙනුවට බන්ධුල වර්ණපුර මහතාගේ නම යෝජනාවී ඇත. බන්ධුල වර්ණපුර මහතා ක්‍රිකට් ප්‍රධාන විධායක තනතුර භාර ගැනීමට කැමැත්ත පළකොට තිබේ.රුපියල් ලක්ෂ පහකට අධික මාසික වැටුපක් හා පහසුකම් රැසක් ලබාදීමටද ක්‍රිකට් පරිපාලනය එකගවී ඇතැයි ද වාර්තා වේ. වර්ණපුර මහතා දැනට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් සංවර්ධන කළමනාකරු ලෙස කටයුතු කරන අතර ලබන ජුලි මාසයේ එම ධුර කාලය අවසන් වීමට නියමිතය. ඒ මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවර්ධන කළමනාකරු ලෙස වැඩ භාර ගත්තේ 2008 ජුලි මාසයේදීය.වසර 1994දී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවු වර්ණපුර මහතා 2001 සිට ක්‍රිකට් පුහුණුකරු අධ්‍යක්ෂක හා ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂක ධූරවල කටයුතු කළේය. 2006දී පැවැති 19න් පහළ ලෝක ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂක ලෙසද ඒ මහතා කටයුතු කළේය.මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකාරිත්වයේ වෙනසක් කිරීමටද අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අනිද්දා මවුබිමට පැමිණි පසු එම වෙනස් කිරීම් ගැන සාකච්ඡා ආරම්භ වේ.බංග්ලාදේශය සමග ලබන මාසයේ ආරම්භවන ක්‍රිකට් තරගාවලියට පෙර කළමනාකාරිත්වයේ වෙනස සිදුවනු ඇතැයි වාර්තා වේ. බංග්ලාදේශ ක්‍රිකට් පිල පෙබරවාරි 28වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ටෙස්ට් තරග 2කට හා එක්දින තරග 3කට සහභාගී වේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අපේ සුබපැතුම්ගායනවේදිනී විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් පිලිපීනයේ ජාත්‍යන්තර කමිටුව මගින් වසරක් පාසා පිරිනමන ගුසි සාම ත්‍යාගයෙන් පිදුම් ලබයි. මේ සඳහා ඇය ඉදිරිපත් කොට තිබුණේ මාතොටින් එන උතුරු සුළෙඟ් (සරෝජා) නම් වූ ගීතයයි. එය මහින්ද චන්ද්‍රසේකරගේ පද රචනයක් වන අතර සංගීත නිර්මාණය රෝහණ වීරසිංහගෙනි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිඛිල කුලකය දැක්වීම සඳහා භාවිතා කරන සංකේතය Integers can be thought of as discrete, equally spaced points on an infinitely long සංඛ්‍යා රේඛාව. ධන නිඛිල (purple) and Negative Integers (red). වීජීය ගුණ[සංස්කරණය] ප්‍රකෘති සංඛ්‍යා මෙන් නිඛිල (z) ද ආකලනය ගුණිතය යන කර්මයන් සඳහා සංචරණය වේ. එනම්, ඕනෑම නිඛිල දෙකක එකතුව හෝ ගුණිතය ද නිඛිලයකි. කෙසේ නමුත් සෘණ එකතුව හෝ ගුණිතය ද නිඛිලයකි. කෙසේ නමුත් සෘණ සංඛ්‍යා හා ශුන්‍යය අන්තර්ගත වන හෙයින් නිඛිල (ප්‍රකෘති සංඛ්‍යා මෙන් නොව) ව්‍යාකලනයට ද සංචරණීය වේ. නිඛිල දෙකක ලබ්ධිය (උදා - 1 , දෙකෙන් බෙදූ විට) නිඛිලයක්ම විය යුතු නොවන බැවින් z බෙදීමේ කර්මය සඳහා සංචරණීය නොවේ. පහත දක්වා ඇත්තේ ඕනෑම a,b, හා c යන නිඛිල තුනක් සඳහා වූ ආකලනය හා ගුණිතයේ මූලික ගුණාංග වේ. ආකලනය ගුණිතය සංවරණය a + b නිඛිලයකි. a × b නිඛිලයකි. සංඝටනාව a + (b + c) = (a + b) + c a × (b × c) = (a × b) × c න්‍යාදේශ්‍යතාව a + b = b + a a × b = b × a සර්ව සාම්‍ය අංගයක පැවැත්ම a + 0 = a a × 1 = a ප්‍රතිලෝම අංගයක පැවැත්ම a + (−a) = 0 ව්යාජනතාව a × (b + c) = (a × b) + (a × c) ශුන්‍ය භාජක නොමැත ab = 0, නම් එවිට a = 0 හෝ b = 0 (හෝ a = b = 0) වේ. අමූර්ත වීජ ගණිතයේ දී ආකලනය සඳහා ඉහත ලැයිස්තුගත කොට ඇති මුල් ගුණාංග පහ මඟින් ආකලනය යටතේ z ආබෙල් සමූහයක් බව කියැවේ. සෑම ශුන්‍ය නොවන නිඛිලයක්ම 1+1+..........1 හෝ (-1) + (-1) + ........ (-1) වැනි පරිමිත එකතුවක් ලෙස ලිවිය හැකි බැවින් ආකලනය යටතේ z යනු චක්‍රීය සමූහයකි. තවද ඕනෑම අනන්ත චක්‍රීය සමූහයක් z ට සමරූප වන බැවින් z යනු ආකලනය යටතේ පවතින එකම අපරිමිත චක්‍රීය සමූහය ද වේ. ගුණනය සඳහා ඉහත ලැයිස්තුගත කොට ඇති මුල් ගුණාංග හතර මඟින් , ගුණනය යටතේ z න්යායදේශ ඒකාභයක් බව කියැවේ. කෙසේ නමුත්, සෑම නිඛිල සංඛ්‍යාවකටම ගුණන ප්‍රතිලෝමයක් නොමැත. උදා -2x =1 ආකාරයේ නිඛිලයක් නොපවතී. මන්දයත් දකුණු පස ඔත්තේ වන අතරතුර වම්පස ඉරට්ටේ වන බැවිනි. මින් අදහස් වන්නේ ගුණනය යටතේ z සමූහයක් නොවන බවයි. ඉහත වගුගත කොට ඇති ගුණවලින් අවසාන ගුණය හැර අනෙක් සියල්ල එකට ගත් කළ ඉන් කියනු ලබන්නේ ආකලනය හා ගුණනය එක්ව ගත් විට ඒවා සඳහා z යනු ඒකීයත්වය සහිත න්යායදේශවලියක් වන බවයි. අවසන් ගුණාංගයක් සමඟ ගත් විට, එමඟින් z නිඛිල වසමක් බව කියැවේ. ඉහත ආකාර ගුණ සහිත ව්‍යුහයක් අර්ථ කථනය සඳහා අවශ්‍ය කරන පෙළඹවීම z මඟින් සැපයේ. z සඳහා ගුණන ප්‍රතිලෝමයක් නොමැති වීම, එය බෙදීමේ කර්මය සහ සංචරණ නොවේ යන්නට තුල්‍ය වන අතර ඒ හෙයින් z ක්ෂේත්රයක් නොවේ. නිඛිල අඩංගු වන කුඩාම ක්ෂේත්රය වන්නේ පරිමේය සංඛ්‍යා ක්ෂේත්රයයි. මෙම ක්‍රියාවලිය අනුකරණයෙන් සියලු නිඛිල සහ ඒවායේ භාග අයත් වසමක් නිර්මාණය කරගත හැකි අතර එය ක්ෂේත්රයක් ද වේ. සාමාන්‍ය බෙදීම z මඟින් අර්ථ කථනය කර නොමැති නමුත් ඇල්ගොරිතමය නම් වැදගත් ගුණයක් එය සතු වේ. එනම්, a හා b ,( b ≠ 0 ) ආකාර නිඛිල යුගලක් සඳහා a = q × b + r සහ 0 ≤ r < |b| වන ආකාරයට q හා r නම් අනන්‍ය නිඛිල යුගලක් පවතී. මෙහි |b| මඟින් b හි නිරපේක්ෂ අගය දැක්වේ. මෙහි a හා b ගෙන් බෙදූ විට ලැබෙන ප්‍රතිඵලයෙහි ඇති q නිඛිලය ලබ්ධිය ලෙස ද r ශේෂය ලෙස ද හැඳින්වේ. මෙය මහා පොදු භාජකය ගණනය කිරීම සඳහා වූ යුක්ලීඩ් ඇල්ගොරිතමෙහි පදනම වේ. තවද අමූර්ත වීජ ගණිතයට අනුව ඉහත ගුණාංග නිසා z යනු යුක්ලීඩ් වසමක් ද වේ. මින් අදහස් කරනුයේ z යනු ප්‍රධාන පරමාදර්ශීය වසමක් බවත් ඕනෑම ධන නිඛිලයක් අත්‍යන්ත ආකාරයට පරමාදර්ශීය ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් ලෙස ලිවිය හැකි බවත්ය. මෙය අංක ගණිතයෙහි මූලික ප්‍රමේයය වේ.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ළමා ගීත මට ඇසෙන්නට ගත්තේ කවදාදැයි නොදනිමි. ඒ තරමටම ඒ මතකය පැරණිය, එහෙත් ඒ මතකය අදටත් රසවත්ය. මායිම් තාප්ප නොවූ බිම් කැබලි අතරින් හිරු අවරට යන්ට සැරසෙද්දී ඇසෙන්නට පටන් ගත් ඒ ගී රාව කෙසේ නම් මතකයෙන් බැහැර වෙත්ද. "අම්මාගේ උකුළේ නැලවී" නිදන්නට සවස් කාලයේම ආසාවක් ඇතිවේ. හෙට දින "උදේ පාන්දර පාසැල් යන්නට බසයක් ඇවිදින් කථාරනවා" යැයි මතක් කිරීමක්ද වෙයි. "පුළුං කොට්ට අත් දෙක තබලා" උකුලට පනිනා බලල් හාමිත්, "කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා"වත්, "දණ ගාද්දි ඇවිදින්නට මට අත දුන්න" පියාණනුත් ඒ මතකයන්හි මිහිරිම තැන්ය.සිංහල ලමා ගීත සාහිත්‍යයද එදා මතුමහලයක රැඳවූයේද අන් කවරකුවත්ම නොව සිංහල ගීත සාහිත්‍යය එදා හෙබැවූ චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්විස්, කරුණාරත්න අබේසේකර, සුනිල් ආරියරත්න, ආදී මෙකි නොකී වියතුන්, කලාකරුවන්ම වෙති. මෙහිදී අමතක කල නොහැකි නමක් නම් සංගීතවේදිනී නන්දා මාලිනියයි. ගායනාව පෙරට ආ නිසා ඒ සංගීත වේදිනිය මුකුලිත වූවා වැනිය. ළමා ගීත නිර්මාණයන් තුල නන්දා මාලිනි නම් සංගීත වේදිනියගේ කාර්යය සුවිශේෂය. "පාට පාට සමණල තටු මද පවණේ පාවෙනවා", "ඒයි මොකද මාව කෑවෙ", "බයනූ අල්තයනූ මට තව දියෝ දියෝ", "බල්ල පිදුරු කන්නෙත් නෑ", "සරුංගලේ උඩ නැග" ඇගේ ළමා ගීත නිර්මාණ ගොන්නෙන් ශේෂයකි. ඒවා අතර මා දකින අපූරුම නිර්මාණය නම් "ඔබ සැමදෙන හට තෙරුවන් සරණයි, මීට ඔබේ නංගී, රෝහිණී" ලෙස අවසන් කෙරෙන පොඩි නංගීගේ ලියමනෙහි තනුවය. සරල ලිපියකින්, වදන් පෙලකින් අපූරු ගීයක් බිහිකල අයුරු නම් විශිෂ්ඨය.ළමුන් විසින්, ළමුන් වෙනුවෙන් ගී ගැයුනු යුගය මිලිනව ගියද, අතරින් පතර යහපත් නිර්මාණද අසන්නට ලැබේ. මෙහි ඇතුලත් නොකලද "මල් පිපෙයි දෙනෙත් හැරෙයි", "පාර කියන්නෑ තෝනෙන්", "පාන තියා බුදු සාදුට හිමිදිරියේ", "අත්තම්මා නිවන් ගිහින්" වැනි ගීත, නියං සාය මැඩ වටනා පොද වැසි වැනිය. එකලද තරමක් ග්‍රාම්‍ය ආකාරයට නිමැවුණු "කොහෙද යන්නෙ රුක්මණී" වැනි ළමා ගීතද විණි. එම සංකල්පයම "මල් පිපෙයි දෙනෙත් හැරෙයි" ලෙස මෑත යූගයේ රමණීයව ප්‍රතිනිර්මාණය වීම යහපත් ප්රවණතාවයකි. මෙහි ඇතුලත් කර ඇති ගීත ගොන්න එක දිනකින් බිහිවූ ඒවා නොවේ; යහපත් නිර්මාණකරණයට අවශ්‍ය කාලය නොමසුරුවම ගෙන බිහි කල ඒවා වෙති. අද අප කාටත් නැත්තේ එම ඉස්පාසුවමය.සමහරක් ගීත උපුටාගත් "ළමා ගී" වෙබ් අඩවියටත්, "පින්තාලිය" වෙබ් අඩවියටත් ස්තුතිවන්තවෙමි. හිතේ නොමැකෙන්නටම මේ ගී සටහන් වූයේ ඒවා ශ්‍රවණයට සුදුසුම කල වූ කුඩා කලම ඒවා අසන්නට හැකිවූ නිසාය. ගුවන් විදුලි යන්ත්‍රයක් ගෙන තබා අපට ඒවා අසන්නට සැලැස්වූ දෙමාපියනටද පින්.ගීත අසන්න...ගීත පොත බාගන්න මෙතැනින්....ගීත සියල්ල බාගන්න මෙතැනින් 220 MB ගොනුවකි[පද වැල් වල අඩුපාඩු හෝ සඳහන් නොවුනු පද /තනු නිර්මාණකරුවන්ගේ විස්තර සඳහන් කලහොත් කෘතඥ වෙමි].
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
25වැනි මහවැලි ක්‍රීඩා උළෙල අද වැලිඔය මහවැලි ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ ක්‍රීඩා උළෙලට වලව, වික්ටෝරියා/කොත්මලේ, හුරුළුවැව, මැදිරිගිරිය රඹකැන්ඔය, මහවැලි බී, සී, ජී හා එල් කලාපයන් නියෝජනය කෙරේ.වාර්මාර්ග හා ජලසම්පත් කළමණාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.බී. ඒකනායක, අමාත්‍යාංශ ලේකම් කේ. ඩබ්ලිව්. අයිවන්ද සිල්වා හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඩි.එම්.ඩී. දිසානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උළෙල ආරම්භ වේ.මෙදින ජවන හා පිටිය පිරිමි තරග ඉසව් 15ක්ද කාන්තා තරග ඉසව් 14ක් ද පැවැත්වීමට නියමිතය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පාසල් ක්‍රීඩා උත්සව සඳහා සිසු සිසුවියන් යොදා ගැනීමට පෙර ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් වහාම සකසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට ඊයේ (27) උපදෙස් දුන්නේය.අරණායක ප්‍රදේශයේ පාසලක සිසුවියක් නිවාසාන්තර ක්‍රීඩා උළෙලකට පුහුණු වීම් සඳහා සහභාගී වෙමින් සිටියදී මිය යාමේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමැතිවරයාට මෙසේ උපදෙස් දී තිබේ.මෙම සිදුවීම දිනමිණ පුවත්පත ඊයේ සිය ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස පළ කර තිබුණු අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමැතිවරයා වෙත මෙම උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් විජයානන්ද හේරත් මහතා පැවසීය.මෙවැනි සිදුවීම් යළි වාර්තා වීමට ඉඩ නොතබන ලෙස අවධාරණය කර ඇති ජනාධිපතිවරයා මේ කටයුතු සඳහා ක්‍රීඩා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ දායක කර ගන්නා ලෙසත් ඇමැතිවරයාට උපදෙස් දුන් බව ඒ මහතා දිනමිණට ප්‍රකාශ කළේය.පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවවලට සහභාගී වෙමින් සිටි සිසුවියන් දෙදෙනකු මිය යාමේ සිදුවීම් මේ වසර තුළ වාර්තා වූ අතර අරණායක රිවිසඳ ජාතික පාසලේ සහ හලාවත ආනන්ද විදුහලේ සිසුවියෝ දෙදෙනක් මේ අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දුන්හ. .
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්..සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්..කඳුලකට අත වනන හදවත කොනින්..මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..මට හරිම පාළුයි මගේ රත්තරන්..බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..මට හරිම පාළුයි මගේ රත්තරන්..හුරතල් වෙවී කනට කෙදිරූ වදන්..මගෙ හිතම පිරවූඑදා..එක වචනයක් වත් කියන්නට තරම්..හිත දෙන්නෙ නැතිවද මෙදා..ආ..දරෙන් දෑත අල්ලන්.. අපි එදා උන්නු සෙනෙහේ නමින්..සිනහවී ඉන්න දැන්වත් ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්..සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා..අද නම් ඔයා ලස්සනයි..ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා..මගෙ හිතට දැන් හරි බයයි..පාළුවේ මාව තියලා දැන් එපායන්න එපායන්න එපා..මේ තරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා..හිමි නොවුන නෙතු ඇඳුනු...ගායනය : බාචි සුසාන්වීඩියෝව ගත්තෙ මෙතනින් - neranjana abeysinghe.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඩයලොග් චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ පළමු වටය නිමා වෙද්දී වැඩිම ගෝල්ලාභියා ලෙස පෙරමුණ ගැනීමට යුද හමුදාවේ මොහොමඩ් ඉසෙදීන් සමත්ව සිටී. ඉසෙදීන් නිමාවු දකුණු ආසියානු පාපන්දු තරගාවලියේදීද ගෝල් 4ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ගෝල් ලබාගත් ක්‍රීඩකයාද වේ.චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ පළමු වටයේදී මොහොමඩ් ඉසෙදීන් ගෝල් 11ක් ලබා සිටින අතර ඔහුට පසුපසින් ඇත්තේ කොළඹ ක්‍රීඩා සමාජයේ ජෙඩිබර් ෆ්රෑන්ක් හා බෙඩ්රික් දිමිත්‍රි ගෝල් 8ක් වාර්තා කරමිනි. මේ දෙදෙනාම විදේශීය ක්‍රීඩකයන් වෙති.ෆ්රෑන්ක් නයිජීරියානු ජාතිකයකු වන අතර දිමිත්‍රි කැමරූන් ජාතික ක්‍රීඩකයෙකි.මේ දෙදෙනාට පසුව චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේදී ගෝල් 6බැගින් ක්‍රීඩකයන් පස්දෙනෙකු ලබා සිටින අතර බ්ලූස්ටාර් පිලේ අෆීස් ඔලියාම්, රත්නම් පිලේ මුරුගන් යෝගරාජ, දොන් බොස්කෝ පිලේ ප්‍රියංකර සිල්වා, පෙළිකන්ස් ක්‍රීඩා සමාජයේ ධම්මික නන්දසිරි හා සිවිල් ආරක්ෂක බළකායේ අනුෂ්ක ජයශාන් එම ක්‍රීඩකයන් වෙති.ගෝල් 5 බැගින් සොලිඩ් ක්‍රීඩා සමාජයේ ශානක ප්‍රබෝද්, අප් කන්ට්‍රි ලයන්ස් පිලේ නිරංජීව රාජපක්ෂ හා නාවික හමුදා පිලේ සමන් චතුරංග ලබා සිටිති.චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ දෙවැනි වටය අද සිට ආරම්භ වන අතර තරගාවලිය අවසානයේ වැඩිම ගෝල් වාර්තා කළ ක්‍රීඩකයාට ‘ගෝල්ඩන් බුට්’ සම්මානය ප්රදානය කරයි.අවසන් වරට පැවැති ප්‍රධානමත අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියේදී වැඩිම ගෝල්ලාභියා ලෙස ‘ගෝල්ඩන් බුට්’ සම්මානය හිමි වුයේ ද මෙවර දැනට ඉදිරියෙන්ම සිටින යුද හමුදාවේ මොහොමඩ් ඉසෙදීන්ටය. .
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සම්පූර්ණ ටැබ්ලට් යන්ත්‍රයක් ටැබ්ලට් යන්ත්‍රයේ එක් පසකට ගමනාගමනය සඳහා වෙන් වූ කොටස මෙය ටයර්ගේ ටැබ්ලට් ක්‍රමය (Tyers Electric Train Tablet) ලෙසද හඳුන්වනු ලබයි. 1874දී පුද්ගලයින් 21 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ දුම්රිය අනතුරකින් පසු නැවත එවැන්නක් සිදු නොවීම පිණිස 'එඩ්වඩ් ටයර්' නම් ඉංජිනේරුවෙක් විසින් මහා බ්‍රිතාන්‍යයේදී මෙම ක්‍රමය නිර්මාණය කරන ලදි. මෙය ඉතා පැරණි ක්‍රමයක් වුවද ශ්‍රී ලංකාවේ තවමත් පාවිච්චියට ගැනෙන අතර, ආරක්ෂිතම සංඥා ක්‍රමය ලෙසද සැලකෙයි. තනි දුම්රිය මාර්ගයක ගමන් කරන දුම්රියකට එම මාර්ග කොටස ආරක්ෂිතද යන්න පිළිබඳ භෞතික සහතිකයක් ලබාදීම මෙම ක්රමයේ අරමුණයි. ටැබ්ලටයක් අතැතිව දුම්රියක් දුම්රිය මාර්ගයේ ගමන් ගනිද්දී කිසිම විටෙක අනෙක් පසින් දුම්රියක් පැමිණිමට ඉඩක් නැත. පටුන 1 ක්‍රියාකාරීත්වය 1.1 ඇරඹීම 1.2 යන්ත්‍ර විසන්ධි කිරීම 2 භාවිතා වන ප්‍රදේශ ක්‍රියාකාරීත්වය[සංස්කරණය] ඇරඹීම[සංස්කරණය] යන්ත්‍ර දෙකම Closed (“වසා ඇති“) තත්ත්වයේ තිබිය යුතුයි. A දුම්රිය ස්ථානාධිපති සිට B දුම්රිය ස්ථානාධිපතිට බෙල් සංඥාවක් යවා දුම්රියක් සඳහා මාර්ගය බාධාවකින් තොරදැයි විමසයි. බාධා රහිත නම් B දුම්රිය ස්ථානාධිපති විසින් A දුම්රිය ස්ථානාධිපතිට ඒ බව බෙල් සංඥාවකින් දැනුම් දෙයි. ඉන්පසු A දුම්රිය ස්ථානාධිපති විසින් බෙල් ප්ලන්ජරය තද කරගෙන සිටී එවිට B දුම්රිය ස්ථානාධිපති එක් අතකින් ස්විච් ප්ලන්ජරය ඔබාගෙන සිටින අතර අනිත් අතින් පහළ ඇති ටැබ්ලට් රඳවනය මඳක් එළියට අදිනු ලැබේ. මෙවිට යන්ත්‍රය "Train Approaching" (“දුම්රියක් ළඟාවෙයි“) යන්න පෙන්වයි. ඉන්පසු B දුම්රිය ස්ථානාධිපති බෙල් ප්ලන්ජරය ඔබනු ලබයි. එවිට A දුම්රිය ස්ථානාධිපති එක් අතකින් ස්විච් ප්ලන්ජරය ඔබාගෙන සිටින අතර අනිත් අතින් පහළ ඇති ටැබ්ලට් රඳවනය සම්පූර්ණයෙන්ම එළියට අදිනු ලැබේ. මෙවිට යන්ත්‍රය "Train On Line" (“දුම්රියක් මාර්ගයේ ඇත“) යන්න පෙන්වයි. මෙවිට ටැබ්ලටය එළියට එයි. දැන් A දුම්රිය ස්ථානාධිපති ටැබ්ලටය B කරා යන දුම්රියේ රියදුරුට ලබාදෙයි. යන්ත්‍ර විසන්ධි කිරීම[සංස්කරණය] දුම්රිය රියදුරා B දුම්රිය ස්ථානයට පැමිණි පසු ස්ථානාධිපතිට ටැබ්ලටය බාරදෙයි. B දුම්රිය ස්ථානාධිපති යන්ත්‍රෙය් ඉහළ කොටස එළියට ඇද ටැබ්ලටය එහි තැන්පත් කරනු ලබයි. ඉන් පසු ඉහළ සහ පහළ කොටස් දෙකම ඇතුළට යවයි. මෙවිට යන්ත්‍රය "Line Closed" “මාර්ගය වසා ඇත“ යන්න පෙන්වයි. B දුම්රිය ස්ථානාධිපති බෙල් සංඥාවක් මගින් A හි ක්‍රියාකරුට, දුම්රිය අදාළ කොටසින් ඉවත්ව ගිය බව දැනුම් දෙයි. A දුම්රිය ස්ථානාධිපති සවිච් ප්ලන්ජරය ඔබා යන්ත්‍රෙය් යට කොටස වසා දමනු ලබයි. මෙවිට යන්ත්‍රය "Line Closed" “මාර්ගය වසා ඇත“ යන්න පෙන්වයි. භාවිතා වන ප්‍රදේශ[සංස්කරණය] උඩරට මාර්ගයේ රඹුක්කනින් එපිට, කැළණි වැලි මාර්ගයේ මරදාන හා අවිස්සාවේල්ල අතර, උතුරු, ත්‍රි‘මලේ, මඩකලපු මාර්ගවල පොල්ගහවෙලින් එහා සහ වෙරළබඩ මාර්ගයේ කළුතරින් එපිට.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඉන්දික ජයසූරියවසන්ත කුමාරසිරිඅජිත් පි්රයන්තරුක්මන්තසෑම ඉරුදිනකම රාත්‍රි 10. 00 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ ඔබ හමුවට රට විරුවෝ ටැලන්ට් ස්ටාර් වැඩසටහන පැමිණෙන්නේ විදෙස්ගත වූ සහෝදර සහෝදරියන් ගේ කලා හැකියාවන් ගොන්නක් සමඟිනුයි. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශය සහ විදෙස් රැකියා නියුක්ති කාර්යාංශය එක්ව ක්‍රියාවට නැංවූ මෙම සුවිශේෂ රියැලිටි වැඩසටහන ඔස්සේ මේවන විටත් විශාල පිරිසක් තම කලා කුසලතා දක්වා අවසන්.මේවන විට එය ක්‍රියාත්මක වෙන්නේ කටාර් රාජ්‍යයේ ය. මේ පිටුව වෙන් කෙරෙන්නේ එහි සිව්වන අදියරට එක්වන රට විරුවන් ඔබට හඳුන්වා දෙන්නයි. මොවුන් ගේ ගායන කුසලතා ලබන 12, වැනි දා රට විරුවෝ ටැලන්ට් ස්ටාර් ඔස්සේ ඔබට දැක ගැනීමට ලැබෙනු ඇත.ඉන්දික ජයසූරිය රට විරු වේදිකාවේ සිය ගායන කුසලතා දැක්වීමට වාසනාව ලද රට විරුවෙක්. පාසල් කාලයේ සිටම ගායන ක්ෂේත්රයට දැඩි උනන්දුවක් දැක් වූ අතර පාසල් කාලයෙන් පසුව සංගීත කණ්ඩායමකට සම්බන්ධව ගායකයකු ලෙසද කටයුතු කළ තරුණයෙක්. කටාර් හි රියැදුරකු ලෙස සේවයේ නිරත රත්නපුර පදිංචි ඉන්දික ජයසූරිය විදෙස් සේවයට එක් වී ඇත්තේ 2012 වසරේදී ය.හලාවත පදිංචි වසන්ත කුමාරසිරි සංගීත හැකියාවන් ගෙන් යුතු තවත් රට විරුවෙක්. කටාර් හි රියැදුරකු ලෙස සේවයේ නිරත ඔහු විදෙස් සේවයට එක්වී ඇත්තේ පසුගිය 2012 වසරේදී ය. කුඩා කාලයේ සිටම ගායනයට ලැදියාවක් දැක් වූ වසන්ත සිය වාදන හැකියාවන් දක්වමින් සංගීත කණ්ඩායමක ගිටාර් වාදන ශිල්පියකු ලෙසද කටයුතු කර තිබේ.මීළඟට කටාර් හි රට විරුවෝ වේදිකාව ගීතවත් කරන්න එක්වන්නේ මිනුවන්ගොඩ පදිංචි අජිත් පි‍්‍රයන්ත. පාසල් අවදියේ සිටම ගායනයට උන්නදුවක් දැක් වූ ඔහු විවිධ අවස්ථාවන්හි දී තම ගායන කුසලතා එළි දක්වා තිබේ . කටාර් හි විදුලි කාර්මික ශිල්පියකු ලෙස ඔහු විදෙස් සේවයට එක් වී ඇත්තේ පසුගිය වසරේ අගභාගයේදී ය.හලාවත පදිංචි රුක්මන්ත වර්ණකුලසූරිය රට විරුවෝ වේදිකාව ගීතවත් කිරීමට සූදානම්. කටාර් හි ආරක්ෂක කළමනාකරුවකු ලෙස කටයුතු කරන ඔහු විදෙස් සේවයට එක්වී ඇත්තේ 2009 වසරේදී ය. පාසලේදී සංගීතය විෂයයක් ලෙස හැදෑරූ රුක්මන්ත පාසල් තරගවලට පවා සහභාගි වී සිය දස්කම් දක්වා තිබේ. ඊට අමතරව සංගීත කණ්ඩායමක සාමාජිකයකු ලෙස කටයුතු කර ඇති ඔහු ඩුබායි හි ‘පවන’ රූපවාහිනී සේවයේ නිවේදකයකු ලෙස ද කටයුතු කර තිබේ.නිෂාන් උදය කුමාරනුවන් සම්පත්කෑගල්ලේ නිෂාන් උදය කුමාර කටාර් හි රට විරුවෝ වේදිකාවේ ගායන තරුවක්. කුඩා කාලයේ සිටම ගායනයට දැක් වූ ලැදියාව නිසාම ඔහු පාසල් විෂයයක් ලෙසද සංගීතය හදාරා ඇත.‘සුපර් ස්ටාර්’ දෝහා කටාර් හි පැවැති තරගයෙන් අවසන් දොළෙස් දෙනා අතරට තේරී පත්වීමට ද නිෂාන් සුදුසුකම් ලැබුවේය. ඔහු 2010 වසරේ දී තත්ත්ව පරිපාලකයකු ලෙස කටාර් හි සේවයට එක්වී ඇත.නුවන් සම්පත් පෙරේරා රට විරු වේදිකාවට එක් වෙන්නේ ගායන තරුවක් ලෙසයි. කටාර් හි රියැදුරකු ලෙස සේවය කරන පිළියන්දල නුවන් සම්පත් විදෙස් සේවයට එක් වී ඇත්තේ 2008 වසරේදී ය. කුඩා කාලයේ සිට සංගීත ක්ෂේත්රයට වූ ලැදියාව සමඟින් ගායනය විනෝදාංශය බවට පත්කරගත් ඔහු අද රට විරුවෝ වේදිකාව ගීතවත් කරන්න සැරසේ.යතේජා ඥානරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපතිනි කුමුදුනී ගුණසේකර මහත්මිය සමඟ සිදු කළ සාකච්ඡාවක් ඇසුරිනි.අතීතය සමඟ සසඳද්දී වර්තමානයේ මිනිසුන්ට ලෙඩරෝග වැළදීමේ වැඩි ප්‍රවණතාවක් තිබේ. වයස අවුරුදු හතළිහ ඉක්මවා යාමත් සමඟ බොහෝ දෙනා දියවැඩියාව, කොලෙස්ටරෝ, පිළිකා, අධිරුධිර පීඩනය ආදී රෝගාබාධයන්ට ගොදුරුවන අතර ඒ සඳහා ප්‍රධාන ලෙස බලපා ඇත්තේ ශරීරයට අහිතකර නොගැලපෙන ආහාරපාන පරිභෝජනයයි.අතීතයේ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් අපේ පැරැන්නන් වසවිසෙන් තොර ස්වාභාවික පෝෂණයෙන් යුතු ආහාර ලබාගත් නිසා රෝගාබාධ රැසකින්ම ඔවුන්ට ආරක්ෂා වීමට හැකි විය. නමුත් අද බොහෝ දෙනා සීනි, ලුණු, තෙල් අධික ලෙස යොදා ආහාර සකස් කර ගැනීමට පුරුදු වී සිටිති.එපමණක් නොව අද වැඩිදෙනා පරිභෝජනය කරන්නේ කෘත්‍රිම රසකාරක යෙදු ක්ෂණික ආහාරයන්ය. එම ආහාර පරිභෝජනය කරන කෙනකුට නිරෝගී දිවියක් අපේක්ෂා කළ නොහැකිය.පවුලේ සාමාජිකයන්ට නිවැරැදි සෞඛ්යාරක්ෂිත ආහාරවේලක් සකස් කර දීමේ වගකීම පැවරෙන්නේ ගෘහණියන්ටයි. ආහාර වේලක වැදගත්කම ගෘහණිය දැනගත යුතුය.තම පවුලේ අනෙකුත් සාමාජිකයන් නිදුක් නිරෝගී පිරිසක් බවට පත්කිරීමට නම් ඇය අනිවාර්යයෙන්ම ස්වාභාවික ආහාර රටාවක් අනුගමනය කිරීම වැදගත් වේ.මේ කරුණු පිළිබඳ අවධානය යොමුකරමින් නිවැරැදි ආහාර පරිභෝජනයකට ජනතාව යොමු කිරීමේ පරමාර්ථය පෙරදැරිව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මේවන විට වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබේ.ග්‍රාමිය ප්‍රදේශවල සරුවට වැඩෙන එළවළු, පලතුරු නාගරික ප්‍රදේශවල ජනතාවගේ පාරිභෝජනයට ලැබෙන්නේ ඉතා අවම වශයෙනි. එම නිසා ස්වභාවික ගුණයන්ගෙන් අනුන එළවළු පලතුරු නාගරික ජනතාවට ලබාගත හැකි ආකාරයේ වැඩසටහනක් “ ගමින් නගරයට” නමින් මේ වනවිට ක්‍රියාත්මක කෙරේ.අපේ රටේ ගොවීන් අතින් නිෂ්පාදිත මෙම එළවළු , පලතුරු ඕනෑම පුද්ගලයෙකුට වස විසක් පිළිබඳ කිසිදු සැකයකින් තොරව පරිභෝජනය කළ හැකිය. එසේ එය මෙරට ගොවීන් දිරිමත් කිරීමකි.තිරිඟු පිටි ආනයනයට අපේ රට වාර්ෂිකව වැය කරන මුදල අතිවිශාලය. නමුත් මේවනවිට වී නිෂ්පාදනය ඉහළගොස් ඇති නිසා හාල් නිෂ්පාදනයේ අතිරික්තයක්ද පවතී. ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය තිරිගු පිටිවලට සමාන හාල්පිටි නිෂ්පාදනයක් හඳුන්වා දී ඇත්තේ තිරිඟු පිටි පරිභෝජනය අවම කර, අතිරික්ත හාල්වලින් උපරිම ප්රතිලාභයන් ලබා ගැනීමේ අරමුණිනි.රොටි ප්‍රධාන ආහාරය කරගත් වතුකර ජනතාව දැනටමත් මෙම විශේෂිත හාල්පිටි නිෂ්පාදනය තිරිඟු පිටිවලට ආදේශකයන් ලෙස භාවිත කරති. මේ හාල්පිටිය මඟින් රොටි පමණක් නොව කොත්තු, ඉඳීආප්ප, ආප්ප , පිට්ටු වැනි ආහාරද පහසුවෙන් සකස් කරගත හැකිය.මීට අමතරව ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හඳුන්වා දී ඇති හාල් පිටි තෝසේ මිශ්‍රනය වතුකරය හා උතුරු, නැඟෙනහිර ප්‍රදේශවල ජනතාවට විශේෂ වූවකි. 50%ක් උඳු යොදා සකස් කර ඇති හාල්පිටි තෝසේ මිශ්‍රනයේ අඩංගු ස්වාභාවික රසායනික සංයෝග හේතුවෙන් පහසුවෙන් සකස් කරගත හැකි අතරට එය රසයෙන් සහ ගුණයෙන් ඉතා ඉහළය.“සුවපෝෂ” ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හඳුන්වා දී ඇති තවත් විශේෂ නිෂ්පාදනයකි. ස්වාභාවික පෝෂණ ගුණයෙන් යුතු සෝයා, රතු කැකුළු සහ මුං ඇට යොදා සකස් කරන ලද මෙම අතිරේක ආහාරය කුඩා දරුවන් හා ගැබිණි මව්වරුන් වෙනුවෙන් ලබාදෙන ත්‍රිපෝෂවලට සමානය. සුවපෝෂ ගුලි දෙකකින් දිනකට දරුවෙකුට අවශ්‍ය සම්පුර්ණ - පෝෂණය ලබාදෙයි. ලොකු කුඩා කාටත් එකසේ රසවිඳීය හැකි “ සුවපෝෂ” රසයෙන් මෙන්ම ගුණයෙන් යුතු දේශීය නිෂ්පාදනයකි.සරු පසක් මෙන්ම ගස්වැල්වලට අවශ්‍ය දේශගුණික, කාලගුණික ස්වභාවයන්ගෙන් යුතු අපේ රටේ පලතුරුවල නම් කිසිදු අඩුවක් නැත. වැල්ලවාය, මොනරාගල, බුත්තල, හම්බන්තොට වැනි ප්‍රදේශවල පලතුරු අතිරික්තයක් පවතින අතර ආහාර ප්‍රවර්ධන මණ්ඩලය “ සන්මැක්” නමින් පලතුරු බීම නිෂ්පාදනයක් හඳුන්වා දී ඇත්තේ අපතේ යන පලතුරුවලින් ප්‍රයෝජන ගැනීම උදෙසාය. කෘත්‍රිම රසකාරකවලින් තොරව ශරීරයට හිතකර පරිදි 100% ස්වාභාවික පලතුරු ආශ්රයෙන් නිෂ්පාදිත “ සන්මැක්” පවස නිවන රසවත් පානයකි.ඔබත් අධික ලුණු, අධික සීනි යෙදු ආහාර පරිභෝජනය කරනවාද, මෙතෙක් එයින් ඔබේ සෞඛ්‍යයට සිදුවන හානිය පිළිබඳ ඔබ නොසිතුවේද? ආහාර ප්‍රවර්ධන මණ්ඩලය දේශීය නිෂ්පාදන හඳුන්වා දෙමින් මේ උත්සාහ කරන්නේ් සෞඛ්යාරක්ෂිත ආහාර පරිභෝජනයකට ඔබ යොමු කිරීමටයි. ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හඳුන්වා දී ඇති සෑම නිෂ්පාදනයක්ම සතොස අලෙවිසැල්වලින් මිලදී ගැනීමේ හැකියාව තිබේ. මෙතැන් පටන් හෝ දේශීය ස්වාභාවික නිෂ්පාදනයන්ට හුරුවී ඔබේ සෞඛ්‍ය රැකගැනීම ඔබේ වගකීමකි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කන්ට්‍රි මියුසික් හෙවත් පසල් සංගීතය යනු මූලිකව ම දකුණු දිග එක්සත් ජනපදවල සහ ඇපාචියන් කඳුකරයේ බිහිවූ ජනල්රිය සංගීත මිශ්‍රණයකි. එහි මුල් සාම්පරයු දායික ජන සංගීතය කෙල්ටික් සංගීතය බ්ලූස් ගොස්පල් සංගීතය හෝකුම් සහ පැරණි යුගයේ සංගීතය දක්වා දිවෙන අතර 1920 දශකයේ දී මෙය සීඝරතයකයෙන් ව්යාපප්ත විය. මේ සඳහා මුලින් භාවිත වූ හිල්බිලි මියුසික් යන්න බැහැර වන විට 1940 දශකයේ දී කන්ටිරවූ මියුසික් යන්න ආදේශ විය. මෙම වදන 1970 දශකයේ දී වඩාත් ව්යාබප්ත වූ අතර ඉන් පසුව කන්ටිර්ට සහ වෙස්ටර්න් සංගීතය කර්ස මයෙන් පහව යන්නට විය. කෙසේ වුවද එක්සත් රාජධානියේ තවමත් මෙම සංගීත රටාව බහුලව භාවිතා වේ. වයඹදිග එක්සත් ජනපදවල විවිධ ජාතීන් ට අයත් කණ්ඩායම් විසින් නිමැවූ වෙස්ටර්න් මියුසික් යන්න ත් සමග කන්ටිරරණ සහ වෙස්ටර්න් මියුසික් යන්න පොදු වදනක් සේ භාවිතා විය. කන්ටිර/e සංගීතය එදා මෙදා තුල වැඩිම අලෙවියක් වාර්තා කළ ගායකයෝ දෙදෙනෙක් බිහිකිරීමට සමත් විය. ඉන් එක් අයෙකු වූ එල්විස් ප්රෙමස්ලි මුල් කාලයේ හිල්බිලි කැට් යන නාමයෙන් හැඳින්වූ අතර ලූසියානා හේරයිඞ් නම් රූපවාහිනී වැඩසටහනේ නිරන්තර පෙනී සිටින්නෙක් විය. ඔහු පසුව එකල නැගී එන සංගීතයක් වූ රොක් ඇන්ඞ් රෝල් අර්ථ නිරූපණය කළ ශිල්පියා බවට පත් විය. අනෙක් අලෙවි වාර්තා තැබූ ගායකයා වූයේ ගාර්ත් බෲක්ස් ය. වැඩිම ආදායමක් ලැබූ කන්ටිරයි ගායකයෙකු වූ ඔහු 1990 දශකයේ අග භාගයේ කුඩා කාලයකට හැරුණු කොට සම්පූර්ණයෙන් ම කන්ටිරයු ගායකයෙකු ලෙස කටයුතු කළේ ය. බොහෝ සංගීත කර90 ම වල අලෙවිය අඩු වූවද 2006 වසරේදී කන්ටිරන් සංගීතය එහි හොඳම වසරක් වාර්තා කළේ ය. අමෙරිකාවේ කන්ටිරපව ඇල්බම අලෙවිය සියයට 17.7 කින් වැඩිවූ අතර එය පරරණ මාණාත්මකව මිලියන 36 ක් විය. මීට අමතරව ගුවන් විදුලි වර්ගීකරණ සමාගම් දත්ත අනුව එක්සත් ජනපදය පුරා කන්ටිරනා සංගීතයට සවන් දෙන්නෝ පරඩා මාණය පසුගිය දශකය පුරාම සතියකට වැඩිහිටියන් මිලියන 77.3 ක ඒකාකාරී තත්වයකින් පැවතිණ. කන්ටිරීා මියුසික් යන පදය බොහෝ ශෛලීන් පරයය භේදයන් සහ අනු පරුව භේදයන් වෙනුවෙන් භාවිත කරනු ලබයි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශිල්පියා ශිල්පියෙකු යන්නට තවත් සමාන පදයක් වනුයේ කර්මාන්තකරුවා යන්නයි. එහි අර්ථය වන්නේ නිපුණත්වයෙන් යුතු ක්රියාකරුවෙකුවන අතර ඔහු විසින් නිමවන දෑ බොහෝ විට අතිශය නිර්මාණශීලී වේ. එවන් නිමැවුම් අතර ගෘහ භාණ්ඩ, ඇඳුම්, ආභරණ, ගෘහ උපකරණ සහ ආයුධ ප්‍රධාන වේ. මෙම නිමැවුම් කිරීමෙහි ලා විශේෂයෙන් අත් යන්ත්‍ර සහ දෑත් යොදා ගනී. ඔවුන් සාම්ප්‍රධායිකව ලී, සෙරමික්, වීදුරු සහ විවිධාකාර ලෝහ වර්ග මත නිර්මාණ මවන අතර රෙදි සහ ලෙදර් අමුද්‍රව්‍යය යොදා ගනිමින්ද කිර්මාණය කරයි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දෙපහර අන්තර් දහන එන්ජිම, සුලභව දක්නට ලැබෙන සිව්පහර එන්ජිමෙන් වෙනස් වන්නේ, මෙහි, චූෂණය(intake), සම්පීඩනය(compression), දහනය(combustion) සහ පිටාරය(exhaust) යන ක්‍රියාවලීන් හතර පිස්ටන පහර දෙකක් තුලදී සම්පූර්ණ කිරීමයි. සිව්පහර එන්ජිමක මේ සඳහා පිස්ටන පහර හතරක් අවශ්‍ය වේ. දෙපහර එන්ජිමක සිදුවන්නේ, සම්පීඩන පහරේ ආරම්භයේදී සහ දහන පහර අවසානයේදී චූෂණය සහ පිටාරය යන ක්‍රියාවලීන් සිදුකිරීමයි. මේ නිසා සිව්පහර එන්ජිමේ මෙන් ක්‍රෑන්කයේ(crank) සෑම චක්‍රයකදීම තවත් අමතර චක්‍රයක් ඇති නොවී ඒ වෙනුවට බල පහරක්(power stroke) ඇතිවේ. මේ නිසා දෙපහර එන්ජිම මගින් වැඩි බලයක්(high specific power) සපයන අතර එය තැන තැන ගෙනයාහැකි දම්වැල් කියත වැනි උපකරණ සඳහා මෙන්ම දුම්රිය එන්ජිම වැනි මහා පරිමාණ කාර්මික යෙදවුම් සඳහාද යෝග්‍ය වේ. වර්ෂ 1880 දී පමණ ඩුගල්ඩ් ක්ලාක්(Dugald Clerk) විසින් නිර්මාණය කරන ලද විශේෂ දහන සිලින්ඩරයක් සහිත එන්ජිම, දෙපහර එන්ජිමෙහි සොයා ගැනීමට මුල් වූ බව කිව හැකියි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඉංගිරිය පොලිසියේ සේවය කරන බව පවසා ඉංගිරිය බස් නැවතුම්පළේ පසුගියදා අළුයම නිදා සිටි අයකුගෙන් රුපියල් හය දහස් දෙසිය අනූවක මුදලක් කොල්ලකා පලාගිය තිදෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා ඉංගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.මේ අකරතැබ්බයට මුහුණ පා ඇත්තේ අඟුලාන මුහුදුබඩ පාරේ මුතුතන්ත්‍රී බස්තියන්ගේ ජානක ප්‍රනාන්දු නමැති ධීවර කාර්මිකයෙකි.ඔහු බැලුම් අලෙවි කරන අයෙක් බවත්, රාත්‍රියේ ඉංගිරියේ පොසොන් තොරණ අසල රාත්‍රියේ බඩු වෙළඳාම් කර නිවෙස බලා යාමට බස් නොමැති නිසා ඉංගිරිය බස් නැවතුම්පළේ නිදා සිටි අවස්ථාවේ පැමිණ පොලිසියෙන් බව පවසා හැදුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේ එය ඉදිරිපත් කළ පසු පොලිසියට යමු යැයි පවසා ටික දුරක් ගෙන ගොස් රු. 6290 ක් කොල්ල කාගෙන ගිය බවට පැමිණිලි කර තිබේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග ඇතුළු මේ දිනවලදී පැවැත්වෙන පෙරහුරු තරග සඳහා පොලීසිය යුද හමුදාවේ ද සහාය ඇතිව දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර තිබේ.ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු , නියෝජ්‍ය පොලිස්පතිවරු, පොලිස් අධිකාරිවරු ඇතුළු පොලිසියේ විශාල පිරිසක් මේ ආරක්ෂක වැඩපිළිවෙළට සහාය වෙති.ඊයේ (15) සිට මේ ආරක්ෂක වැඩපිළිවෙළ ආරම්භ විණි.ලබන මාර්තු 29 වැනිදා දක්වා එය ක්‍රියාත්මක වෙයි. ආරක්ෂක හේතු මත පොලිසියේ සහ හමුදාවේ යොදවන ප්‍රමාණය හෙළි නොකෙරේ. තරග සඳහා පැමිණෙන විදේශීය ක්‍රිකට් කණ්ඩායම්වලට පූර්ණ ආරක්ෂාවක් සලසා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා කීය. ආරක්ෂක වැඩපිළිවෙළ අදියර තුනකින් ක්‍රියාත්මක වේ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ඇතුළු ආරක්ෂක නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මේ දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මාර්ග සංවර්ධනය - ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ,පළාත් මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මොරාවත්ත රත්තාගල මාර්ගය පුළුල් කොට කාපට් දැමීමට රුපියල් ලක්ෂ 700ක වියදමින් කිලෝ මීටර 5.5 ක් සංවර්ධනය කිරීමේ වැඩ අරඔ ඇත.මෙයින් වැද්දාවල, රත්තාගල, මොරතොට ආදී ගම් 15 කට හා පවුල් 1500 කට සෙත සැලසේ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හොරණ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මේ වසරේ පොල් වගාව සංවර්ධනයට සදහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධනය අමාත්‍යාංශය සැලසුම් සකස් කර ඇත.ඒ අනුව අක්කර 25ක නැවත යටි වගාව සිදු කිරීමට නියමිත අතර පොල් පුනරුත්ථාපන, කප්රුක පුරවර, කප්රුකයි සිප්නැනයි, කප්රුකයි පරපුරයි යන වැඩ සටහන් යටතේ පොල් පැල 10000ක් නොමිලේ බෙදා දෙයි. එමෙන්ම වගාවට තාක්ෂණික උපදෙස් ලබාදීම, ඒ සදහා කාබණික පොහොර යෙදීමට ගොවින් දිරිමත් කිරීම, ගවගාල් දෙකක් තැනීම සදහා එක් ගව ගාලකට රුපියල් 35,000 බැගින් ගවගාල් දෙකකට රු 70,000ක් ලබාදීම, අක්කරයට රුපියල් 75,000 බැගින් අක්කර 05ක් දක්වා සහන ණය ලබාදීම, 2014 වර්ෂයට බීජ පොල් 30000ක් මිල දී ගැනීම සහ ප්‍රජා පැළ තවාන් 05ක් පිහිටුවා බිජ පොල් 30000ක් තවාන් කිරීම ඉලක්කය බව පොල් සංවර්ධන නිලධාරී ජේ.වල්පිට මහතා පවසා සිටියි.මෙය ක්‍රියාත්මක කාලරාමු පිළිබද සවිස්තර වාර්තාවක් පසුගියදා හොරණ පුරවර සංවර්ධන කමිටුවේ සභාපති කළුතර දිසා මන්ත්‍රී හොරණ ශ්‍රීලනිප ප්‍රධාන සංවිධානය විදුර වික්‍රමනායක මහතාටත් හොරණ ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ඩි. ආර් නිශාන්ති ජයසිංහ මහත්මියටත් ඒ මහතා විසින් බාරදෙන ලදී..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු ක්‍රීඩා වෛද්‍ය සායනය මීගමුව දිසා මහ රෝහලේ දී විවෘත කිරීම, නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රීඩා ඒකකයේ අධ්යක්ෂ ජෙනරාල් ගීතාංජන මෙන්ඩිස් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා මෙසේ පැවැසීය.ක්‍රීඩාවෙන් වන අනතුරුවලින් වළක්වා ගැනීම, එම අනතුරුවලට ප්‍රතිකාර කිරීම සහ පුනරුත්ථාපනය කිරීම මේ සායන තුළින් සිදු කරනවා.ජාතික මට්ටමේ ක්‍රීඩකයන් ගම තුළින් බිහිකිරීම මෙහි තවත් ඉලක්කයක් වී තිබෙනවා. ක්‍රීඩාවට බලය අවශ්‍යයි. එම බලය තහනම් උත්තේජනක මගින් ලබාගැනීමට ඇතැම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් උත්සහ කරනවා. එය වළක්වාලීමට අවශ්‍ය ප්‍රතිකාර විදි මෙහි දී සිදුවෙනවා.මෙය මීගමුව දිසා මහ රෝහලේ පැරණි ගොඩනැගිල්ල තුළ ‘රක්තවාතවේද හා පුනරුත්ථාපන අංශය හා ක්‍රීඩා වෛද්‍ය සායනය’ ආරම්භ කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්න, ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ලින්ටන් පද්මසිරි යන මහත්වරු ද කතා කළහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අවයය පද අවයය පද උපසර්ග නිපාත යනුෙවන් දෙකොටසකට බෙෙද් # උපසර්ග නාම පදයක ෙහා් කියා පදයක මුලට පමනක් යෙෙද් උපසර්ග පදෙ අර්තය ෙවනස් නරයි..............උදා ෙද්ශ-පරෙදශ උපසර්ග පදෙ අර්තය බබළවයි.........................උදා මිහිරි-සුමිහිරි ඇතැමි විට උපසර්ග පදෙ අර්තය අනුව ම පවතී.............උදා රහිත-විරහිත ෙමවැනි උපසර්ග රැසක් සිංහල භාෂාෙවි ඇත ප, පැ ,,අව, අනු, නි ,ස ,වි ,උප ,අප, පස්, පිළි ,අ, පරි, උ, ඔ, අති, කු . ෙමි හැරැනු විට සංස්කෘත භාෂාෙවන් සිංහලයට එක් වු උපසර්ග ඇත නිර් , නිස්, ප, අභි, සං, අධි,,,,, ෙවි නිපාත වාකයය යල මුල මැද අග යන කවර තැනක වුව ද යෙෙද් යලි;;; නුඔ ෙමහි;;; ෙනා;; එතියි pradeep sanjeewa 11-c 2013-o\l r\udagam m.v pinnawala sanjeewaigp@gmail.com
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඉඩම් ක්ෂේත්රයට අදාළ ප්‍රධාන පනත් සියල්ල කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාට ඊයේ (1) උපදෙස් දුන්නේය.අතීතයේදී සම්මත කරන ලදුව ජනතාවට බාධාවක් වන ලෙස ක්‍රියාත්මක වන පැරණි නීති සියල්ල අදට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.රජයේ ආයතනවල ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් පුවත්පත්වල පළ වන වාර්තා සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කර අදාළ පියවර ගැනීමටත් ඒවායේ වැරැදි, නිවැරැදිභාවය දන්වා යැවීමටත් කටයුතු කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා නිලධාරියකු යොදවන ලෙස උපදෙස් දුන්නේය.ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එම අමාත්‍යාංශයේදී ඊයේ එක්වෙමිනි.අමාත්‍යාංශයේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි වැඩපිළිවෙළ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර රජයේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරිණ. එවැනි කටයුතු වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.ඉඩම් අත්පත් කර ගැනීමේදී ඒවායේ මුල් හිමිකරුවන්ට කඩිනමින් වන්දි ගෙවීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා හිමිකරුවන් වයසට යන තුරු නොසිට වන්දි ගෙවීමට පියවර ගන්නා ලෙස උපදෙස් දුන්නේය.ඉඩම් සංවර්ධන ආඥා පනත, ඉඩම් ප්‍රධාන විශේෂ විධිවිධාන පනත, ඉඩම් අත්පත් කර ගැනීමේ පනත, හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත හා රජයේ ඉඩම් ආඥා පනත යන පනත් පහ සංශෝධනයට මේ වන විටත් පියවර ගෙන ඇති බව අමාත්‍යාංශයේ ලේකම් ටී. අශෝක පීරිස් මහතා පැවසීය.මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් කැබලි 100000ක් බෙදා දීමට යෝජනා කර තිබුණු අතර 2010-2012 වර්ෂ හැර අනෙක් වර්ෂ තුළ බෙදා දී ඇති ඉඩම් කැබලි සංඛ්‍යාව 136000ක් බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.රජයේ මිනින්දෝරු සේවාවට බඳවා ගැනීමේදී මතුව ඇති වැටුප් ගැටලුවක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා මිනින්දෝරු සේවාවට පමණක් වෙනත් නීතියක් තිබිය යුතු නැති බවත් ඉල්ලීම සාධාරණ නම් පනත වෙනස් කොට හෝ අවශ්‍ය සහන සැලසීමට පියවර ගන්නා ලෙසත් උපදෙස් දුන්නේය.පෞද්ගලික ඉඩම් කොටස් කර විකීණීමේදී අවිධිමත් ගොඩකිරීම් නිසා ජලය බැස යාමේ ගැටලු පැන නැඟී ඇති බවට චෝදනා ඉදිරිපත්ව ඇති බව පැවසූ ජනාධිපතිවරයා එවැනි ඉඩම් පවරා ගැනීමට කටයුතු කළ යුතු බව ප්‍රකාශ කළේය.ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්, නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකාවේ දහ හතර වැනි අගමැති වරයා වශයෙන් දි. මු. ජයරත්න මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (21) සවස 6.04 ට යෙදුණු සුබ මොහොතින් අරලියගහ මන්දිරයේ පැවැති චාම් උත්සවයක දී දිවුරුම් දුන්නේය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු වන ජයරත්න මහතා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු මෙන්ම පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම්වරයා ද වේ.ගම්පොළ දොළුව ග්‍රාමයේ දී වර්ෂ 1931 ජුනි මස 04 වන දින උපත ලද ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13වැනි සාමාජිකයා වශයෙන් පක්ෂයට බැඳුණේ හිටපු අග්‍රාමාත්‍ය, දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ඇරයුමෙනි. 1970 වර්ෂයේ දී සමඟි පෙරමුණු රජයේ මන්ත්‍රීවරයකු ලෙස ප්‍රථමයෙන් පාර්ලිමේන්තුවට පත් වුණේ ගම්පොළ ආසනය නියෝජනය කරමිනි. 1977 දී පැවැති මැතිවරණයෙන් පරාජයට පත් වූ ඒ මහතා 1989 මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කොට එහි වැඩිම මනාප සංඛ්‍යාව ලෙස මනාප 54290 ක් ලබා ගත්තේ ය.1994 මහ මැතිවරණයේ දී පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි ඒ මහතා එම රජයේ ඉඩම්, කෘෂිකර්ම සහ වන සම්පත් ඇමැතිවරයා වශයෙන් කටයුතු කෙළේ ය.කෘෂිකර්ම, ආහාර සහ සමුපකාර, තැපැල්, විදුලි සංදේශ සහ උඩරට සංවර්ධන, තැපැල්, විදුලි සංදේශ සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධන, වැවිලි කර්මාන්ත වැනි අමාත්‍ය ධුර හෙබවූ ඒ මහතා පාර්ලිමේන්තුවේ දක්ෂ කථිකයෙකි.එල්ලාවල මේධානන්ද හිමියන් සහ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක, හිටපු ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, අතාවුද සෙනෙවිරත්න, ඩලස් අලහප්පෙරුම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරු සහ දි. මු. ජයරත්න මහතාගේ බිරිඳ වන අනුලා යාපා ජයරත්න මහත්මිය ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රටතුල දේශපාලනය පිළිබඳ අවබෝධයක් හෝ දැනුමක් ඇති ජනතාව තුල පවතින ප්‍රධානතම ප්රශ්නය වන්නේ විපක්ෂය විසින් ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා කව්ද යන්නයි. ආසන්නතම ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන පරිදි එම පොදු අපේක්ෂකත්වය සඳහා පාර්ශව ගණනාවක එකඟත්වය මත පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා තෝරාගැනීමට තීරණය කර ඇති බවයි. තවමත් එය සම්පූර්ණයෙන්ම තහවුරු කරගැනීමට නොහැකි වුවත් බොහෝ දුරට සිදුවන්නට යන්නේ මෙය බව පැහැදිලිය. 1963 දෙසැම්බර් මස 1 දින ගම්පහදී උපත ලබන අර්ජුන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යෙයෙක් වේ. 1996 ලෝක කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේත් ඔහුයි. වර්තමාන පාර්ලිමේන්තුව තුල ස්වාධීනව ක්‍රියාකාරන අර්ජුන විපක්ෂය තුල පොදු අපේක්ෂකයා වශයෙන් අවධානය ලැබීමට හේතුව වූයේද එම කාරණයමයි. එසේම විපක්ෂයේ බොහෝ පක්ෂ සමග සබඳතා පැවතීම හේතුවෙන් එය අර්ජුනට වාසි සහගත කාරණයක් විය. මුලින්ම විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සෝභිත හිමියන්ගේ බලාපොරොත්තුවක් තිබුණත් සුළු ජාතික ඡන්ද නොලැබීයාමේ අවදානම නිසාවෙන් එම බලාපොරොත්තුව අකර්මණ්‍යය විය. ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා පොදුවේ විපක්ෂය ඒකරාශී කරගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂාකලත් කාලයක් තිස්සේ පරාජයවීම නිසා සිදුවූ අපකීර්තිය මෙන්ම පක්ෂය තුලද පැනනැගි විරෝධතාව හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාටද පසු බසින්නට සිදුවිය. ඉන් අනතුරුව සරත් ෆොන්සේකා මහතා පිළිබඳ එතරම් අවධානයක් නොවූයේ පසුගියවර උරඟා බැලූ කාසියම වීම නිසාය. ඉන් පසුව කරූ ජයසූරිය මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට පෙළබීමක් තිබුණත් විපක්ෂයේ ඇතැම් පක්ෂ එයට විරුද්ධවීම නිසා එයද ඉවතට විසීවීයාමක් තිබෙන බව පෙනෙන්නට ඇත. අවසානයේ 09 වනදා රැස්වි සාකච්ඡා කිරීමෙන් අනතුරුව සහ ඉන් අනතුරුව පැවති සාකච්ඡා වටවලදී පැමිණි එකඟතාවල ප්‍රතිඵලයක් ලෙස බොහෝ දුරට අර්ජුන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සූදානමක් ඇතිබව වාර්තා වේ. එසේ වුවහොත් මැතිවරණයේ ස්වභාවයට සිදුවන වෙනස්කම් පිළිබඳව මෙන්ම මහින්ද සමග කරට කර තරඟයක් දියහැකි මට්ටමකට අර්ජුන පැමිණේවිද යන්න ඉදිරියට තැබිය යුතු ප්‍රශ්නාර්ථයකි..
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සිය දෙවැනි ජාත්‍යන්තර එක්දින තරගයට සහභාගිවෙමින් විශිෂ්ට ශතකයක් රැස් කළ දිනේෂ් චන්දිමාල් තුන්කොන් එක්දින තරගාවලියේ දෙවැනි වටයේදී ඉන්දීය පිලට එරෙහිව කඩලු 6 ක ජයක් ශ්‍රී ලංකාවට ලබාදීමට සමත් විය.පන්දු 118 කට මුහුණ දෙමින් හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් වාර්තා කළ 20 හැවිරිදි චන්දිමාල් ජාත්‍යන්තර එක්දින ශතකයක් රැස්කළ ළාබාලතම ශ්‍රී ලාංකික පිතිකරුවා ද වේ.මීට පෙර 2005 දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු105 ක් රැස්කරමින් මේ වාර්තාවට හිමිකම් කීවේ උපුල් තරංගය. ඒ වනවිට ඔහුගේ වයස අවරුදු 20 යි. දින 212 ක් විය. චන්දිමාල් පෙරේදා ශතකය රැස් කරන විට ඔහුගේ වයස අවුරුදු 20 යි දින 200 ක් විය.මේ ජයග්‍රහණ හේතුවෙන් ශ්‍රී ලංකාව අනිද්දා (9) සිම්බාවේ පිල සමඟ තුන්කොන් කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ අතර ඉන්දීය පිලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 9 ක් දැවී ලකුණු 268 ක් රැස් කළේ ය. ඉන්දියා පිලේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරනු ලැබුවේ විරාත් කෝලි විසින්. ඔහු ලකුණු 68 ක් රැස් කළ අතර යූසුප් පතාන් ලකුණු 44 ක් වාර්තා කලේය.පන්දු යැවීමේදී තිලාන් තුෂාර කඩුලු 3 ක්ද සුරාජ් රන්දිව් කඩුලු 2 ක් ද බිඳ දැමූහ.ලකුණු 269 ක ඉලක්කයක් හඹා ගිය ශශ්‍රී ලංකා පිල පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී ලකුණු 270 ක් රැස් කිරීමට සමත් විය.තරගයේ වීරයා වූ චන්දිමාල්ට අගනා සහයක් ලබාදුන් චාමර කපුගෙදර ලකුණු 42 ක් රැස් කළ අතර තුන්වැනි කඩුල්ල සඳහා චන්දිමාල් සමඟ එක්වී ලකුණු 114 ක සම්බන්ධතාවයක් ද ගොඩ නැංවීය.ජීවන් මෙන්ඩිස් නොදැවී ලකුණු 35 ක් සහ තිලාන් සමරවීර නොදැවී ලකුණු 28 ක් රැස් කළහ.ශ්‍රී ලංකාව අද සිම්බාබ්වේ පිල සමඟ මේ තරගාවලියේ දෙවැනි වටයේ අවසන් තරගයට සහභාගි වේ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 8 වන සියවස – ක්‍රිපූ 7 වන සියවස – ක්‍රිපූ 6 වන සියවස දශක: ක්‍රිපූ 650ගණන් ක්‍රිපූ 640ගණන් ක්‍රිපූ 630ගණන් – ක්‍රිපූ 620ගණන් – ක්‍රිපූ 610ගණන් ක්‍රිපූ 600ගණන් ක්‍රිපූ 590ගණන් වසර: ක්‍රිපූ 630 ක්‍රිපූ 629 ක්‍රිපූ 628 – ක්‍රිපූ 627 – ක්‍රිපූ 626 ක්‍රිපූ 625 ක්‍රිපූ 624 ක්‍රිස්තු පූර්ව 627 වසර මාතෘකා අනුව දේශපාලනය රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය උපත් සහ මරණ ප්‍රවර්ග උපත් – මරණ සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග සංස්ථාපනයන් – විසංස්ථාපනයන් න සා සං ක්‍රිපූ 627 අනෙකුත් දින දසුන් වලින් ග්‍රෙගෝරියානු දින දසුන ක්‍රිපූ 627 අබ් ඌර්බෙ කෝන්ඩිටා 127 ආර්මේනියානු දින දසුන N/A ඇසිරියානු දින දසුන 4124 බෞද්ධ දිනදසුන −84 – −83 බහායි දින දසුන −2470 – −2469 බෙංගාලි දින දසුන −1219 බර්බර් දින දසුන 324 ඉංග්‍රීසි රාජ්‍යත්ව වසර N/A බුරුම දින දසුන −1264 බයිසැන්ටියානු දින දසුන 4882–4883 චීන දින දසුන 癸巳年 (ජලය සර්පයා) 2070 or 2010 — to — 甲午年 (දැව අශ්වයා) 2071 or 2011 කොප්ටික දින දසුන −910 – −909 ඩිස්කෝර්ඩියන් දින දසුන 540 ඉතියෝපියානු දින දසුන −634 – −633 හෙබ්‍රෙව් දින දසුන 3134–3135 හින්දු දින දසුන් - වික්‍රම් සම්වත් −570 – −569 - ශක සම්වත් N/A - කලි යුග 2475–2476 හොලොසීන දින දසුන 9374 ඉග්බො දින දසුන −1626 – −1625 ඉරාන දින දසුන 1248 BP – 1247 BP ඉස්ලාමීය දින දසුන 1286 BH – 1285 BH ජපාන දින දසුන N/A ජුච්චේ දින දසුන N/A ජූලියානු දින දසුන N/A කොරියානු දින දසුන 1707 මින්ගුවෝ දින දසුන 2538 before ROC 民前2538年 තායි සූර්ය දින දසුන −83 This box: නරඹන්න සාකච්ඡා කරන්න සංස්කරණය කරන්න විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්රිත මාධ්‍ය සතු වෙයි: 627 BC
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ප්‍රේම පරාදීසේසිනහ බිඳුව ඔබකඳුළු බිඳුව ඔබප්රේම පරාදීසේ...විකල් මතක මැද පහන් තරුව ඔබබොඳවුණු සිහිනෙක අරුණෝදය ඔබවැළපුන වෙරළක දිය බිඳුව ඔබගොළුවුණු දෙතොලක සිනහ සිහිල ඔබ...ගිණි දන කතරක පවන් රළකි ඔබවිළි ලන අඳුරක නැවුම් ඉරකි ඔබනොහැඟෙන නොලැබෙන නොවිඳි සුවකි ඔබවියරුව ඈ මෙන් නො එන දුකකි ඔබ...පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායකMp3 - Prema ParadiseYouTubeවැදගත් - මුල් වීඩියෝව සම්භන්ධ කල නොහැකි නිසා බාගත කර නැවත මෙහි ඇතුලත් කරන ලදී.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අභ්‍යවකාශ ගවේෂණයට අවශ්‍ය අති විශාල පිරිවැය හේතුවෙන් ජාතික අභ්‍යවකාශ ඒජන්සි බිහිවුනි. මෙහි විද්‍යාත්මක හා කාර්මික අවශ්‍යතා අරමුණු කරගත් වැඩසටහන් සංවර්ධනය කිරීමට ඇමරිකා එක්සත් ජනපදය හා සෝවියට් දේශය ක්‍රියාත්මක වුහ. 1958 ජුලි 29 දින ජනාධිපති අයිසන් හොවර් විසින් ජාතික ගගනගාමී හා අභ්‍යවකාශ පනතට අත්සන් තැබූ අතර ජාතික අභ්‍යාවකාශ යාත්‍රා විද්‍යා සහ අභ්‍යාවකාශ පරිපාලන ය (National Astronautics and space Act/NASA) පිහිටු වනු ලැබීය. 1958 ඔක්තෝබර් පළවෙනිදා අරඹන ලද නාසා ආයතනය සතුව විද්‍යාගාර 4 ක් ද 46 ක් වයසැති රජයේ ආකාශ යාත්‍රා විද්‍යා ඒජන්සියේ (NACA) සේවකයින් 8000 ක් ද සිටියහ. ඇමරිකානු ඩොලර් මිලියක 5 ක මුලු අයවැකයට ක්‍රියාත්මක වූ (NACA) ඒජන්සිය වසරකට ඩොලර් මිලියන 5 ක අයවැයක් සහිත NASA ආයතනය බවට හැරිණි. ඇපලෝ යානාව චන්ද්‍රයා මතට ගොඩබැස්වීම NASA ආයතනයේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව වූ අතර ඒ සදහා ඩොලර් බිලියන 20 – 25 ක් පමණ වැය වුනි. විශ්වාසදායී සංඛ්‍යාලේඛන වල හිගකම නිසා ඇමරිකානු සහ සෝවියට් දේශයේ අභ්‍යාවකාශ වියදම සංසන්දනය කිරිමට අපහසු ය 1989 වසරේ දී සෝවියට් දේශය විසින් රූබල මිලියන 6.9 ක් අභ්‍යාවකාශ වැඩසටහන් සදහා වැය කල බව එරටින් වාර්තා විය. සෝවියට් දේශයේ අභ්‍යාවකාශ වෑයම සදහා රට අභ්‍යන්තරයේ ඇතිවුනු විරුද්ධවාදීකම් බලපාන්නට විය. NASA වැනි සංවිධානයක් එවකට සෝවියට් දේශයේ බිහිවී තිබුනේ නැත. විද්‍යාව සමග දේශපාලනය ඕනෑවට වඩා සම්බන්ධ වීම නිසාත් එකිනෙකාගේ පෞද්ගලික මතිමතාන්තර නිසාත් සොව්යට් දේශයේ අභ්‍යාවකාශ දියුණුව කඩාකප්පල් වුනි. 1964 දී අභ්‍යාවකාශ යානා නිර්මාණය කිරිමේ වැඩසටහන් 30 ක් විවිධ නිරමාණකරුවන් ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරුණි. කෙසේ නමුත් ඇමරිකාව සමග කරට කර සටනක් ගෙනයාටම සොව්යට් දේශයට නැවතත් අවස්තාවක් ලැබුනු අතර 1974 දී එනර්ජියා නමැති ව්‍යාපෘතිය මගින් ඇමරිකානු අභ්‍යාවකාශය ෂටලය වැනිම ෂටලයක් (බියුරාන් ෂටලය) නිර්මාණය කිරිමට ඔවුන්ට හැකි වුනි. සෝවියට් දේශය ක්‍රියාත්මකවුයේ ආර්ථික වාසියක් ද ඇති වය. ඇමරිකානු ආර්ථික ය ලොව පළමු තැන ගත් අතර සෝවියට් ආර්ථිකයට හිමිවුයේ දෙවෙනි ස්ථානනයි. අභ්‍යවකාශ තරගය සදහා වැය වුනු විශාල ආර්තික පිරිවැයද 1970 අගභාගය සහ 1980 අතර ඇති වූ සෝවියට් ආර්ථිකයේ බිද වැටීමට දායක වූ බවත් ආර්ථිකය බිද වැටීමට එක් හේතුවක් බවත් ඇතැමි නිරීක්ෂකයින් විසින් පෙන්වා දෙන ලදි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හකාවති කෙටිකතා සංග්‍රහය පාඨකයන් අතට දැනටමත් කාන්දුවන්නට සලස්වා ඇත. කාන්දුවන්නට සලස්වා ඇත්තේ යැයි යෙදුවේ හකාවති කෘතිය කියවන්නන් අතරට යන විදිය මේ අවස්ථාවේ හැඳින්විය හැකි හොඳම යෙදුම ඒ යැයි මට සිතුනු බැවිනි.හකාවති කෙටිකතා ලියැවුනේ මීට වසර හතරකට පහකට පමණ පෙරය.හරියටම කීවොත් 2009 වසරේ අගෝස්තු හතරවැනිදා එහි පළමු සටහන පළ විය. ඉන්පසු විටින් විට 2012 වසර දක්වා එම කාල පරාසය තුළ ලියැවුනු කතා හකාවති බ්ලොග් අඩවියේ එල්ලා තැබුණි.හකාවති ජනප්‍රිය බ්ලොගයක් නොවුණි. මගේ අත්වල ඇඟිලි ගාණටත් අඩු පිරිසක් වෙනුවෙන් ඒ කතා මම ලියා පළ කළෙමි.කියවූ අය අතර පමණක් මෙය මුද්‍රිත මාධ්‍යය වෙත යොමු කළ යුතු යැයි අදහසක් ගොඩනැගුනේ මීට වසර ගණනාවකට පෙර සිටම ය. ඒ මන්දැයි කිසිවෙකුත් පැහැදිලි නොකළද මට ඒ වදන් ඇසූ වාරයක් පාසා ඇති වූයේ අතිවිශාල භීතියකි. මේ මා ලියන්නේ සාහිත්‍යයක් නොවන බැව් මම ඉඳුරා දත් නිසාවෙනි.හකාවති ලියන්නට මා හට රුකුලක් වූයේ තරංග ජයසේන ය. හකාවති බ්ලොග් අඩවියේ ප්‍රථම පසුතලය සාදා දුන්නේ ද ඔහුය. ඔහු මාගේ කතා කියවා මා දිරි ගැන්වීය. මා ලියූ දැයක රහක් ඇතත් නැතත් තලුමරා අගේ කොට මා රවටා ඇති බැව් මා දැන ගන්නා විට බොහෝ කතා මා ලියා අවසානය. ඒවා දැං ඒ ලියූ තැංවලම එල්ලී පණ අදිමින් සිටිති. තවත් කතා එලෙස එල්ලී සිට මැරී ගොස්ය.මේ පණ අදිමින් මැරි මැරී ඉපදෙමින් හුන් කතා වස්තුවලට නව ජීවයක් පිඹින්නට සහෘදයන් පිරිසකට වුවමනා විය.ඒ හමු වූ ස්වල්ප අය අතරින් බොහෝ අය හකාවතිය සමග බැඳුනි. ඒ අය අතර හෂිත අබේවර්ධන සහ සචී පනාවල ද මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ද සුවිශේෂී වෙති. මේ අය මගේ කතාවලට සැබැවින් ම එබී බැලූ අය වූහ. මුල්ම ලියැවිලිවල මගේ ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස සකස් කර මා දිරි ගැන්වූවෝ ද ඔව්හු ය.ලිෂාන් පුවක්ඕවිට හකාවතියේ පසුතල සකස් කරමින් මට උදව් වූයේ සෑහෙන කලක සිටය.තවත් බොහෝ අය මට නොයෙක් ආකාරයෙන් සමීප වන්නට මේ හකාවති කතා හිණිමගක් විය.කෙසේ වුවත් මුද්‍රිත මාධ්‍යයට මේ හකාවතිය ගෙන ඒමේ ප්‍රමුඛයෝ කීප දෙනෙක් වෙති. හෂිත අබේවර්ධනගේ අතිමහත් කැපවීමෙන් සකස් කෙරුනු අත් පිටපත සම ප්‍රකාශකයන් විසින් මුද්‍රිත මාධ්‍ය යෙන් එළි දක්වන්නේ සංජීව වඩිගමංගාව මංජුල වෙඩිවර්ධන සහ සනත් බාලසූරිය යන සොහොයුරන්ගේ අප්‍රමාණ කැප වීමෙනි.මේ මුහුණු පොත් සමූහය වෙන් වන්නේ හකාවති කෙටිකතා සංග්‍රහය කියවන්නන් අතරට යොමු කිරීමේ ප්රයත්නයක් ලෙසිනි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දවසක් අපේ කන්තෝරුවේ මගෙත්තෙක්ක එකට වැඩ කරන එකෙක්,"උබලා දන්නවද.. ජංගල් කියන්නේ හින්දි වචනයක් කියලා" කිව්වා.ඒකා එහෙම කිව්වට අපි හැමෝම වාගේ ඒ කතාව එකසැරේටම පිළිගන්න කමති උනේ නෑ. ඒකට හේතුව අපි පොඩි කාලේ ඉදලම අහලා තියෙන්නේ ජංහල් කියන්නේ ඉංග්‍රීසි වචනයක් ය කියලා.J - u - n - g - l - e (ජංගල්)"පිස්සුද බං ඒක ඉංග්‍රීසි වචනයක් ." තවේකෙක් කිව්වා."නෑ ඒක හින්දි වචනයක්. හින්දි භාෂාවේ කැලෑවට කියන්නේ ජංගල් කියලා. මම ඉස්සර හින්දි චිත්රපටිවලත් කැලෑවට ජංගල් කියලා කියනවා අහලා තියෙනවා." අරූත් ගේම අතෑරියේ නෑ. දිගටම පැහැදිලි කලා.ජංගල් කියන වචනයේ සම්භවය හොයාගෙන යනකොට ඒ වචනය ඇවිත් තියෙන්නේ සංස්කෘත භාෂාවේ එන ජංගාලා කියන වචනයෙන් බිඳිලා ආපු එකක් ය කියලා.මේ සම්භවය ගැන කතා වෙනකොට අපේ තව එකෙක් කිව්වේ,"සුද්දා එංගලන්තේ ඉදලා ඉන්දියාවට එනකන්ම කැලෑ හම්බ වෙලා නෑ. එක්කෝ කැලෑ හම්බ වෙලා තිබුනට කැලෑවට කියන වචනයක් හම්බ වෙලා නෑ.." කියලා.(කැලෑවට ෆොරෙස්ට් කියලා කිව්වත් ඒකත් ඉංග්‍රීසියට ආගන්තුක වචනයක්. ඒ වචනේ ඇවිත් තියෙන්නේ ප්‍රංශ භාෂාවෙන්. )ටිකක් නැවතිල්ලේ හිතනකොට ප්‍රංශ භාෂාවයි හින්දියයි නැති උනා නං සුද්දට කැලෑවට කියන්ඩ වචනයක් නැති වෙනවා නෙව. :)එහෙම බලනකොට ගියහම දියුණු සංස්කෘතියක් තියෙන පෙරදිග රටවල් අල්ලගෙන තියෙන්නේ කතා කරන්න හරියට භාෂාවක්වත් නැති බටහිර ජාතියක් නෙහ්. :).
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.