input
stringlengths 1
3.7k
| output
stringclasses 12
values | instructions
stringclasses 3
values |
|---|---|---|
කොහොමද කට්ටියට... ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා.. අද කියන්න යන්නේ Mobile Phone එකකින් කොහොමද සිංහල බ්ලොග් කියවන්නේ කියලා. දැන් ගොඩක් අයට Mobile Phone තියන නිසා ගොඩක් වැඩ එකෙන්මනේ කරන්නේ FB යන්න Mail යවන්න Radio අහන්නත් වගේම Games ගහන්නත් දැන් Mobile එක තමා ගන්නේ. දැන් මේ වැඩ මෙච්චර කරන්න පුලුවන් එකේ Sinhala Blog එකක් බලාගන්න බැරිනම් වැඩක්ද නේද...මේකට හොදටම ගැලපෙන Browser එක තමා Opera Browser එක මෙක දාගත්තම සිංහල අකුරු කියවන්න පුලුවන්.Opera Browserඑක ගන්න මෙතනින් යන්න.com/mobileදැන් අකුරු වල ඉස්පිලි ඇලපිලි එහෙම අවුල් වගේ නම් මෙන්න මේ කියලා තියන විදිහට කරන්න එතකොට හරි.Browser එක Open කරගන්නදැන් එකේ මෙන්න මේ විදිහට Type කරලා යන්න (WWW නෑ හොදද) opera:configදැන් පිටුවක් ලෝඩ් වෙයි දැන් මෙන්න මේ Use bitmap fonts for complex scriptsකියන එක Yes කරන්නදැන් Save කරන්නඑච්චරයි.. දැන් සිංහල කලින් පෙනුන් නැති සයිට් එකකට ගිහින් බලන්න සිංහල අකුරු දැන් කියවගන්න පුලුවන් වෙයි.එහෙනම් කට්ටියටම ජය වේවා ගිහින් එන්නම්.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ව්‍යාජ පුරා විද්‍යාව (විචිත්‍ර පුරා විද්‍යාව හෝ කල්ට් පුරා විද්‍යාව ලෙසද හදුන්වන) යනු ද්‍රව්‍ය අවශේෂ හා වැඩබිම් ප්‍රදේශ විද්‍යාත්මක නොවන ආකාරයෙන් අර්ථ නිරූපණය කිරීම වු ව්‍යාජ විද්‍යාත්මක පුරා විද්‍යාවයි. සම්මතව පිළිගත් පුරාවිද්‍යාත්මක ක්‍රම වලට නොගැල පෙන පුරා විද්‍යාත්මක සිද්ධාන්ත, වැඩබිම්, කැණීම් හා ප්‍රකාශන ව්‍යාජ පුරාවිද්‍යාව යන කාණ්ඩය යටතට වැටෙයැයි සැලකෙයි. ජන පුරා විද්‍යාවේ තතු නොදන්නා අදහස් එකතුවලට මුහුදෙන් එතෙර චාරිකා, ගිලුණු මහද්වීප, නැති වූ රාජධානි, අමතක වූ භාෂා මේ දක්වා හඳුනානොගත් ශිලා ලේඛණ හා පැරණි තක්සේරු හරහා නැවත සොයා ගැනීම ඇතුළත් වේ. 1990 දී මයිකල් ජී. මිචලොවික් මෙලෙස ප්‍රකාශ කර සිටි අතර තවදුරටත් ඔහු විසින් පවසා සිටියේ ජන පුරා විද්‍යාව, පුරා විද්‍යාවේ අතීතය තේරුම් ගැනීමේ ඒකාධිකාරයට අභියෝගයක් එල්ල කරන අතර රජය මඟින් මුදල් ලබා දෙන සහයෝගීත්වය මත වූ ඔවුන්ගේ පරාදීනත්වයේ ප්‍රතිඵලයක් ලෙස පුරා විද්‍යාඥයින් මේ සියල්ලටම ප්‍රතිචාර දැක්වීම සිදු කරන ලදී. ව්‍යාජ පුරා විද්‍යාව සිතා මතා හෝ නොසිතාම සිදු කළ හැක. පුරා විද්‍යාත්මක බොරු හා ප්‍රයෝග සිතාමතා සිදු කරන ව්‍යාජ පුරා විද්‍යාව ලෙස සැලකේ. නියම පුරා විද්‍යාත්මක සොයා ගැනීම් විද්‍යාත්මක නොවන තේරුම් ගැනීම් හරහා ව්‍යාජ පුරා විද්‍යාවට නොසිතා පරිවර්තනය විය හැක. ව්‍යාජ පුරා විද්‍යාව නිරන්තරයෙන් ජාතිකත්වයෙන් හෝ යම් විශේෂිත ආගමික, ව්‍යාජ ඓතිහාසික, දේශපාලනික හෝ මානව විද්‍යාත්මක සිද්ධාන්තයක් ස්ථිර කිරීම සඳහා වූ ආශාව මඟින් නිරන්තරයෙන් පොළඹවනු ලැබේ. බොහොමයක් අවස්ථාවලදී පූර්ව නිගමනයක් ප්‍රකාශයට පත් කරන අතර විස්තර සහිතව සිද්ධාන්තය සනාථ කිරීම සඳහා ක්ෂේත්‍ර කාර්යයන් යොදා ගනු ලැබේ. ව්‍යාජ පුරා විද්‍යාව අනුගමනය කරන්නන් සාමාන්‍යයෙන් අධ්‍යාපනික පුරා විද්‍යාඥයින්ට එරෙහිව යන අතර සාම්ප්‍රදායික විද්‍යාව වැදගත් සාක්ෂි ඕනෑවට වඩා නිරීක්ෂණය කරනවා යැයි පවසමින් විද්‍යාත්මක ක්‍රම ප්‍රකාශයට පත් කරයි. වැදගත් සාක්ෂිවල වංචා කිරීම, සැලසුම් කිරීම ඇතුළත් වන කුමන්ත්‍රණ සිද්ධාන්ත කැඳවීම සිදු විය හැක. ජන පුරා විද්‍යාවට ද පුළුල් ආධාරයක් ලැබෙනු ඇත. ප්‍රාග් ඓතිහාසික අස්ථිමය අවශේෂ නැවත වැළලීම සඳහාදේශීය ඇමරිකානුවන්ගේ ඉල්ලීමට ඇමරිකානු පුරා විද්‍යාඥයින් දැක්වූ ප්‍රතික්‍රියාව මඟින් මහජනතාව වෘත්තීමය අදහස් හා හැසිරීම්වලට නැමෙන ආකාරය හොඳින් නිරූපණය කරනවා යැයි මිකොලොවික් නිරීක්ෂණය කළේය. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Pseudoarchaeology
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය හෝ ලිපි කොටස මුල් කාලීන සංගීතය සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) 1600 ට පෙර ලිඛිත සංගීතය තුල එය වාදනය ට අවශ්යි වාද්යු භාණ්ඩ මොනවාදැයි සඳහන් නොවුණි. සියවසකට පෙර සංගීතය රචනා කළෝ එහි කුමන පේලිය සංධ්වනිගත විය යුතුද හෝ භාණ්ඩ මගින් වාදනය විය යුතුදැයි සෑම විට ම සඳහන් නොකළෝ ය. එමෙන් ම රචිත සංගීතය වාදනය කළ යුත්තේ කුමන සප්තකය තුලදැයි යන්න ද සෑම විටම සඳහන් නොවුනි. රිද්මය පිළිබඳ සඳහන් දිවෙන්නේ 1200 තරම් අතීතයකට පමණි. එමනිසා මධ්යසතන හා පුනරුද සමයේ සංගීත වාදනය කරන නූතන සංගීතඥයෝ අතර අනුමාන බහුලය. කෙසේ වුවද පුනරුද සංගීතඥයෝ ද්විදිශය තූර්යසංවාදය පිළිබඳ සුවිශේෂී ලෙස පුහුණුව ලැබූවන් විය යුතු අතර එමගින් සංගීතය කියවීම සඳහා අවශ්යූ අමතර කරුණු ලබාගත්තා විය හැක. 20 වන සියවසේ මුල් භාගයේ සිදුවූ සංගීත පිබිදීමත් සමග ඉතිහාස ආවේදිත රඟදැක්වීම් හෙවත් පවතින ලිඛිත හා වෙනත් සාධක ආශරnභායෙන් මුල් සංගීතයට හැකිතාක් සමාන ව සංගීතය පරවෙ තිනිර්මාණය කිරීම මුල් කාලීන සංගීතය වර්තමානයේ ඉදිරිපත් කිරීම සඳහා බොහෝ ඉවහල් විය. http://en.wikipedia.org/wiki/Early_music#Notation_and_performance
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පැමිණිලිකරු තරු පහේ හෝටලයක සේවය කරන සුපවේදියෙකි. දරුවන් තිදෙනෙක් සිටිති. රැකියාවෙන් ලැබෙන වැටුප පවුලේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නැත.ඉතාලි යෑමේ සිහිනය මිතුරෙක් ඔහුගේ සිතට ඇතුළු කෙළේය. අවුරුදු පහක් හිටියොත් උඹ ගොඩ. මිතුරා කීවේය. අනාගත බලාපොරොත්තු බිරිය සමඟ සැලසුම් කළහ.වසර තුනක් ඉතාලියේ දිගටම නතර වී මුදල් ඉපයීම ඔහුගේ අභිලාශය විය.ඉතාලියේ රැකියාව කරන අයෙක් දුරකතන මගින් පැමිණිලි කරුට සම්බන්ධ කර දුන්නේය. මාසික වැටුප, කෑම් බිම්, ඉඳුම් හිටුම් හා ලැබෙන නිදහසින් සතුටු වන ආකාරයද ඔහු කීවේය.විදේශ ගමන් බලපත්‍රය හා බැංකු ගිණුමක් විවෘත කර ගැනීම ගැනද කතාබහට ලක්විය. පැමිණිලිකරු මනසින් ඉතාලියේ ජීවත් වූයේ ඉදිරියේදී සිදුවන ඇත්ත ඉතාලි ගමනට පෙරහුරුවක් ලෙසිනි.ඉතාලියේ සිට දුරකථනයෙන් කතා කළ අයෙක් කොටුගොඩ ප්‍රදේශයේ කාන්තාවක් හඳුන්වා දුන්නේය. ලක්ෂ 6 ක් ඇයට දෙන ලෙසත් ගමනට කඩිනමින් සූදානම් වන ලෙසත් පැමිණිලිකරුට උපදෙස් ලැබුණි.කොටුගොඩ නිවසට ගොස් පැමිණිලිකරු එම හඳුන්වා දුන් කාන්තාවට ලක්ෂ 6 ක් දුන්නේය. මුදල් ලබාගත් බව ලියවිල්ලක්ද ඇය ලබා දුන්නාය.මසක් ඇතුළත ඉතාලියට යෑමට පැමිණිලිකරු ලහිලහියේ සූදානම් විය. ඇඳුම් ආයිත්තම්ද, සූදානම් කරගත් ඔහු නැදෑ හිතුමිතුරන් වෙනුවෙන් සාද ද පැවැත්වූයේය. ගමන් මලු වලට අවශ්‍ය කළමනා අසුරන ලද්දේ ගමනට දින කීපයක් තිබියදීය.පැමිණිලිකරු තමාගෙන් මුදල් ලබාගත් කාන්තාවගේ නිවසට ගියේ වීසා ලබා ගැනීමේ අදහසිනි. අසල නිවැසියන් පැවසුවේ එම කාන්තාව නිවෙසේ බඩුද රැගෙන ගොස් ඇති බවය.ජා-ඇළ පොලිසිය සමඟ එක්ව මීගමුව පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය සැකකාර කාන්තාව ජා-ඇළ ප්‍රදේශයේ කුලී නිවෙසක රහසේ පදිංචිව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සැකකාරිය ඉදිරිපත් කළ පසු ලබාගත් මුදල් ගෙවීමට එකඟ විය.පළමු වාරිකය වශයෙන් ලක්ෂ 3 ක්ද, ඉතිරි මුදල් රු. 50000 බැගින් කොටස් වශයෙන්ද, ගෙවන බවට පොරොන්දු වීම නිසා. මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා සැකකාරිය ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළාය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කලාකරුවන් සහ ලේඛකයින් හට සහනදායි මෝටර් රථ ණය යෝජනා ක්‍රමයේ සමාරම්භය සහ ඔවුන්ට ලැප්ටොප් පරිඝනකයන් ලබාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණ.එම ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් රැසක් ජනාධිපතිවරයා අතින් ලැප්ටොප් පරිගණක සහ ණය සහන පහසුකම් ලබා ගත්හ.ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, නිළි රැජන මාලිනී ෆොන්සේකා, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආරියරත්න ඇතුගල යන මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.- ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බලපිටිය රේවත ජාතික පාසලේ ශිෂ්‍ය භට භාරව කටයුතු කරන ගුරුවරයාටත් පුහුණු කිරීම් කටයුතු සඳහා පැමිණි ආදි ශිෂ්‍යයකුටත් පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනකු බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයකුට රුපියල් ලක්‍ෂ දෙක බැගින් රුපියල් ලක්‍ෂ අටක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.ශරීර ඇප මත මුදා හරින ලද්දේ බලපිටිය වැල්ලබඩ පදිංචි අලගියාහන්දි ආරියරත්න, අලගියාහන්දි සරත් කුමාර, අලගියාහන්දි සම්පත් ද සිල්වා සහ දනුෂ්ක ද සිල්වා නමැති සැකකරුවන් සිව් දෙනාය.මේ සැකකරුවන් පාසලට පැමිණ ශිෂ්‍ය භට භාර ගුරුවයාටත් පුහුණුවීම් කටයුතුවලට සහය වීමට පැමිණි විදුහලේ ආදි ශිෂ්‍යයකු වන විශේෂ කාර්ය බලකායේ නිලධාරියකුටත් පහර දී බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේය.අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති ඒ. මහින්ද මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උ. පො. ප. ජයසූරිය මහතා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සුපිරි පාපන්දු ක්‍රීඩක හා මෝස්තර නිරූපන ශිල්පි ඩේවිඩ් බෙකම් ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා බවට පත්වී සිටියි. ලොව ධනවත්ම පුද්ගලයන්ගේ නවතම ලැයිස්තුව පසුගියදා ලන්ඩන් නුවර දී නිකුත් කිරීමෙන් පසුව මේ බව අනාවරණය විය.ස්ටලිං පවුම් මිලියන 175ක වත්කමකට බෙකම් හිමිකම් කියන අතර දෙවැනි තැන සිටින ලයනල් මෙසී ස්ටලිං පවුම් මිලියන 115.5ක වත්කමකට හිමිකම් කියයි.ධනවත්ම පාපන්දු ක්‍රීඩකයන් අතර ක්‍රිස්ටියානෝ රොනල්ඩෝට හිමිවී ඇත්තේ තුන්වැනි ස්ථානයයි. ඔහුගේ වත්කම ස්ටලිං පවුම් මිලියන 112කි. බ්‍රසීලයේ ප්‍රබල ක්‍රීඩක කාකාට ලැයිස්තුවේ සිවුවැනි තැන හිමිවී තිබීමය. ඔහුගේ වත්කම ස්ටලිං පවුම් මිලියන 66.5කි.ඔහුගේ කණ්ඩායමේ සිටි රොනල්ඩීනෝ ස්ටලිං පවුම් මිලියන 63ක වත්කමකට හිමිකම් කියමින් පස්වැනි තැන පසුවෙයි.මැන්චෙස්ටර් යුනයිටඩ් පිලේ ප්‍රබල ක්‍රීඩක වේන් රූනි ස්ටලිං පවුම් මිලියන 50ක වත්කමකට හිමිකම් කියමින් 7වැනි තැන සිටින අතර ස්ටලිං පවුම් මිලියන 52ක වත්කමකට හිමිකම් කියන අන්සි මැකචෙකාලා 6වැනි තැනට පත්වී සිටියි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කෙසෙල් කෙඳි වලින් විවිධ විසිතුරු භාණ්ඩ නිපදවීමේ යෙදී සිටින අයකු වත්තේගම මීගම්මන ගම්මානයේදී මුණ ගැසුණි. ඇය නමින් විශාකා උදය භද්‍රාය.ඇය විසිතුරු භාණ්ඩ නිර්මාණය කිරීමට විශේෂ දක්ෂතාවයක් දක්වන්නීය. කෙසෙල් ගසකින් කැන කපාගත් පසු දිරාපත්වීමට ඉඩ හරිනු ලබන කෙසෙල් කඳන් රුපියල් ශතවලට පත් කිරීමේ උපන් හපන්කමක් ඇයට ඇත. ඇයට මේ කාර්යය සැබැවින්ම විනෝදාත්මකය. විශාකා මේ හැකියාව පුරුදු පුහුණු කර ගෙන ඇත්තේ පාතදුම්බර සංස්කෘතික මධ්‍යස්ථානයේ කෙටි කාලීන පාඨමාලාවක් හැදැරීමෙනි.විශ්‍රාමලත් විදුහල්පතිනියක වූ මීගම්මන ඩබ්ලිව්. එම්. පොඩිමැණිකේ මහත්මිය ඇයගේ මවය. ඇය ද මේ කර්මාන්තය සඳහා දියණියට ලබා දෙන්නේ අනගි සහයකි. නිවසේ එකතුවන කසළ දැමීමට කූඩ, කාන්තාවන් පළඳින සෙරෙප්පු, සපත්තු, වෙළෙඳ සල් වලට ගෙන යා හැකි විසිතුරු අත් බෑග්, විසිතුරු තොප්පි, එළවළු වට්ටි, පළතුරු බහාලන උපකරණ, විසිතුරු ගමන් මලු, වට්ටි පෙට්ටි, බිත්ති සැරසිලි ආදිය මැයගේ නිවසේදී නිමැවෙන අයුරු දැක ගත හැකිය.විශාකා උදය භද්‍රා කෙසෙල් කෙඳි වලින් භාණ්ඩ නිෂ්පාදනය රැකියාවක් වශයෙන් කරන්න පුළුවන්. ඒවා අලෙවියට කිසිදු ගැටලුවක් නෑ. ගමේ හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ සඳහා කැමැත්තක් දක්වන අයට නොමිලේම පුහුණුවක් ලබාදීමට සූදානම්. අවශ්‍ය වන්නේ ඉවත දමන කෙසෙල් කඳන් කීපයක් පමණයි.අවශ්‍ය අයට සංස්කෘතික මධ්‍යස්ථානයෙන්ද පුහුණුවක් ලබාගත හැකියි. කැණ කපාගෙන ඉවත දමන කෙසෙල් ගසක කෙදි ලබාගෙන නොයෙකුත් භාණ්ඩ නිපදවීමෙන් රුපියල් හාරදහසක පමණ ආදායමක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. රැකියාවක් නැතැයි කියා කාලය නාස්ති කරන කාන්තාවන්ට මෙය හොඳ ස්වයංරැකියාවක්..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශීත කාලයේ සවස් වේලාවක , මුල්ලා තම මිතුරන් දෙදෙනෙක් එක්ක සංවාදයේ යෙදෙමින් සිටියාලු. මුල්ලා කිව්වලු, "මම සීත රාත්‍රියට කැමතියි. මට මුලු රැයම කිසිඳු උනුසුමක් නැතිව එලිමහනේ සිටිය හැකියි " කියල.මිතුරන් ඔහුට අභියෝග කලාලු " හොඳයි, අද රෑ නගරය මැද ඔබ කිසිඳු උනුසුමක් නැතිව සිටියහොත් , හෙට ඔබට අප විසින් රාත්‍රී ආහාරය සපයනව. ඔබට බැරිවුනොත් ඔබඅපට කෑම ලබා දිය යුතුයි." කිව්වලු.අභියෝගය බාරගත් මුල්ලා නගරය මැද කුලුන අසල රැය පහන් කලාලු. පසුදා උදේමමුල්ලාතමන්ට අභියෝග කලමිතුරන් සොයා ගියාලු.මිතුරෙක් පැවසුවාලු " මුල්ලා, අප ඔබට පැවසුවේ කිසිඳු උනුසුමක් නැතිව රැය පහන් කරන්න. නමුත්, ඔබ අභියෝගය ආරම්බකරන අවස්ථාවේදීම මම දුටුවා මීටර් පන්සියයක් පමන ඈතින් වූ නිවසක ජනේලය අසල ඉටිපන්දමක් දැල්වෙමින් තිබුන අයුරු. ඔබට එයින් උනුනුසුම ලැබුනා. ඉතින් ඔබ අභියෝගය පරාදයි. "මඳක් නිහඬව සිටි මුල්ලා තම පරාජය බාරගත්තාලු. " හොඳයි , එහෙනම් පොරොන්දු පරිදි අද රෑ කෑම අපේ ගෙදරින් " මිතුරන්ට ආරාධනා කල මුල්ල පිටව ගියාලු.රාත්‍රියේ මීතුරන් නිවසට පැමිනියාලු. මිතුරන්ට ආසන පැනවූ මුල්ලා , ආහාර පිසීමට මුලුතැන්ගෙට ගියාලු.පැයක් ගතවුනාලු, පැය දෙකක් ගතවුනාලු.. කිසිඳු කෑමක් නැතිව මිතුරන් බඩගින්නේ සිටිනවලු.ඉවසීම ඉක්මවූ මිතුරෙක් මුල්ලා සොයා මුලුතැන්ගෙට ගියාලු.ඔහු දුටුවාලු, කෑම බාජනය ලනුවක ගැටගසා වහලයේ එල්ලා , ඊට යටින් ඉටිපන්දමක් දල්වා ඇති ආකාරය. මුල්ලා පසෙකින් ඉඳගෙන බලන් සිටිනවා ලු.කෝපයට පත් මිතුරා ඇසුවාලු " මුල්ලා , මොකක්ද මේ කරන්නෙ. ඔබ අද අපට කන්න දෙන්නෙ නැද්ද . "මුල්ලා පිලිතුරු දුන්නලු " මඳක් ඉවසන්න, මීටර පන්සියයක් දුරින් වූ ඉටිපන්දමකට මට උනුසුම දෙන්නට පුලුවන් උනානම්, වහලයේ ඇති කෑම හැලිය රත්කිරීමට මේ බිම ඇති ඉටිපන්දමට හැකිබව මට විශ්වාසයි. කෑම පිසුණු සැනින් මම පිළිගන්වන්නම්"රැවටීමට ආයුශ කෙටිය. ( ලාංකීය දේශපාලනයට අදාල නොවේ :) ).
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වයඹ පළාතේ ජනතාවට රාජ්‍ය නොවන සංවිධාන ලබාදෙන ඇස් කණ්ණාඩි කල්පැන ගිය ඇස් කණ්ණාඩි හේතුවෙන් ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇති බව වයඹ පළාත් සමාජ සේවා හා සමාජ සුබසාධන ඇමැති ගුණදාස දෙහිගම මහතා පැවැසීය.පසුගිය වසරේ සිට මේ දක්වා සමාජ සේවා හා සමාජ සුබසාධන අමාත්‍යාංශය හරහා වයඹ පළාතේ 10000කට ආසන්න පිරිසකට ඇස් කණ්ණාඩි ලබාදී ඇත.ව්‍යාජ ආයතනවලින් ඇස් කණ්ණාඩි ලබාදීමේ හේතුවෙන් ඇස්වල අතුරු ආබාධ හටගන්නා බැව් පැවැසූ පළාත් ඇමැතිවරයා, මේ තත්වය අවම කිරීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කොට තිබෙන බවත් ඒ සඳහා නවීන අලුත්ම ඇස් කණ්ණාඩි ලබාදීමට කටයුතු සලසා තිබෙන බවද කීය.රාජ්‍ය නොවන සංවිධානවලින් පරීක්ෂාවට ලක් නොකර ලබාදෙන ඇස් කණ්ණාඩි ලබා ගැනීමෙන් වළකින ලෙසත් මේ සඳහා රජය රුපියල් ලක්ෂ 20ක් වැයකොට තිබෙන බවත් පළාත් ඇමැති ගුණදාස දෙහිගම මහතා පැවැසීය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කොලසියමයෙහි LII (52) කොටසට ඇතුළුවන දොරටුව, සංඛ්‍යා තවමත් දර්ශනය වෙයි පුරාතන රෝමයේ භාවිතා කෙරුණු සංඛ්‍යා ක්‍රමය වූ රෝමානු සංඛ්‍යා යනු, අගයයන් විදහා පෑමට ලතින් හෝඩියේ අකුරු වල සංයෝජනයන් භාවිතා කල ක්‍රමයකි. . 1 සිට 10 දක්වා සංඛ්‍යා, රෝමානු සංඛ්‍යා විසින් දක්වන්නේ පහත ලෙසිනි: I, II, III, IV, V, VI, VII, VIII, IX, X. රෝමානු සංඛ්‍යා ක්‍රමය, එට්‍රස්කානු සංඛ්‍යා වලට ඥාතිත්වයක් දක්වයි. රෝමානු අධිරාජ්‍යයෙහි අභාවයෙන් පසුව වුද රෝමානු සංඛ්‍යා භාවිතය දිගටම පැවතිණි. 14වන සියවසෙන් පසුව, රෝමානු සංඛ්‍යා වෙනුවට, වඩාත් පහසු හින්දු-අරාබි සංඛ්‍යා ආදේශ වීම ඇරඹිණි; කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය ක්‍රමයෙන් සිදුවූවක් වූ අතර, වර්තමානයේ වුවද සමහරක් සුළු නියැලුම්හී රෝමානු සංඛ්‍යා භාවිතය දක්නට ලැබේ. රෝමානු සංඛ්‍යා කියැවීම[සංස්කරණය] MMXIV "2014" රෝමානු සංඛ්‍යාවක් ලෙසින් වර්තමානයේ භාවිතා කෙරෙන, රෝමානු සංඛ්‍යා පදනම්ව ඇත්තේ සංකේත හතක් මතය:[1] සංකේතය අගය I 1 V 5 X 10 L 50 C 100 D 500 M 1,000 සංඛ්‍යා සදනු ලබන්නේ සංකේත සංයෝග කිරීමෙන් සහ අගයයන් එකතු කිරීමෙනි. මෙලෙස, II යනු එකේ ඒවා දෙකකි, එනම් 2 වෙන අතර, XIII යනු දහයේ එකක් සහ එකේ ඒවා තුනකි, එනම් 13 වෙයි. මෙම ක්‍රමයෙහි ශුන්‍ය නොමැති අතර, එබැවින් 207, නිදසුනක් ලෙසින්, CCVII වන්නේ, සියයේ ඒවා දෙකක්, පහේ එකක් හා එකේ ඒවා දෙකක් සඳහා සංකේත භාවිතයෙනි. 1066 යනු MLXVI, එක් දහස්, පනහ සහ දහය, පහක් සහ එකක් වෙයි. ආශ්‍රිත[සංස්කරණය] ↑ 500,000 සඳහා Q භාවිතය වැනි වන්නාවූ, විශාල සංඛ්‍යා සඳහා හෝඩියේ අකුරු භාවිතයද විවිධ ප්‍රමිතිකරණයන්ට යටත්ව සිදු වෙයි.ගෝර්ඩන්, ආතර් ඊ. (1982). ඉලස්ට්‍රේටඩ් ඉන්ට්‍රඩක්ෂන් ටු ලැටින් එපිග්‍රෆි. බර්ක්ලි: කැලිෆෝනියා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 0520050797. මෙනින්ජර්, කාල් (1992). නම්බර් වර්ඩ්ස් ඇන්ඩ් නම්බර් සිම්බල්ස්: අ කල්චරල් හිස්ට්‍රි ඔෆ් නම්බර්ස්. ඩෝවර් ප්‍රකාශන. ISBN 978-0-486-27096-8.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
".........තත්ථ කතමෝ සම්මා වාචා? මුසාවාදා වේරමණී පිසුණාවාචා වේරමණී ඵරුසාවාචා වේරමණී සම්ඵප්පලාපා වේරමණී අයං වුච්චතී සම්මා වාචා........" නිවැරදි වචන යනු වාග් සුචරිතයයි.වචනයෙන් සිදුවන සිවුවැදෑරුම් වැරදි වලින් වැලකී ක්‍රියා කිරීමයි. එනම්, බොරු කීමෙන් වැලකීම කේළාම් කීමෙන් වැලකීම ඵරුස වචන කීමෙන් වැලකීම හිස් වචන කීමෙන් වැලකීම
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වරදක් කළොත් තරුවකට කියා නීතියෙන් සමාවක් නැත. වරද කර දඬුවම් ලබන තරු ඕනෑ තරම්ය. සායිෆ් අලි ඛාන්, කරීනා කපූර් සමඟ විවාහ වීමට පෙර ආපන ශාලාවකදී ඇති කරගත් දබරය සුළුපටු දබරයක් නොවෙයි. මීට දෙවසරකට පෙර, 2012 පෙබරවාරියේදී ඇතිකර ගත් දබරයට පසුගියදා සායිෆ්ට වන්දි ගෙවීමට සිදු විය.ටජ්මහල් හෝටලයේ ආපන ශාලාවේදී කරීනා, අම්රිතා ආරෝරා සමඟ සායිෆ් කෑ ගසමින් සිටියදී ඔවුන්ගේ ශබ්දය වැඩි බව පැවසුවායි ව්‍යාපාරික ඉක්බාල් ෂර්මාට සායිෆ් අසැබි වචනවලින් බැණ වැදුණේය. ෂර්මා පවසන පරිදි ඔහුව එසේ කෑගසන ලෙස පොලඹවා ඇත්තේ එහි සිටි කාන්තාවන් (එනම් තාරකාවන්) පිරිසයි. සායිෆ් සිරභාරයට ගත්ත ද දඩයක් පනවා නිදහස් කරන ලදී.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
86 වැනි ඇකඩමි සම්මාන උලෙළ පසුගිය 02 වැනිදා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රංග ශාලාවේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි.හොළිවුඩ් තරු පිරිවරා පැවැති මෙවර උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගන්නා ලද්දේ ස්ටීව් මැක්වීන් අධ්‍යක්ෂණය කළ ‘12 ඉයර්ස් අ ස්ලේව්’ චිත්‍රපටය යි.මෙවර ඔස්කාර් සම්මානයන් සඳහා නිර්දේශිත නාමයන් වැඩිම සංඛ්‍යාවකට හිමිකම් ලැබූයේ ග්‍රැවිටි චිත්‍රපටය යි. එය සම්මාන 10ක් සඳහා නිර්දේශ වූ අතර එයින් සම්මාන හතක් දිනා ගත්තේය.හොඳම අධ්‍යක්ෂණයඅල්ෆොන්සෝ ක්වෝරන් – ග්‍රැවිට්හොඳම නළුවාමැතිව් මැක්කොනහි – ඩලස් බයර්ස් ක්ලබ්හොඳම නිළියකේට් බ්ලාන්ෂේ – බ්ලූ ජස්මින්හොඳම සහාය නළුවාජෙරෙඩ් ලෙටෝ - ඩලස් බයර්ස් ක්ලබ්හොඳම සහාය නිළියලුපිටා නියෝජිඕ - 12 ඉයර්ස් අ ස්ලේව්පරිගණක සජීවකරණ වෘත්තාන්ත චිත්‍රපටයෆ්‍රෝසන්හොඳම කැමරාකරණයග්‍රැවිට් – එමානුවෙල් ලුබර්ස්කිහොඳම ඇඳුම් නිර්මාණයද ග්‍රේට් ගැස්ට්බි – කැතරින් මාර්ටින්හොඳම වාර්තා චිත්‍රපටය20 ෆීට් ෆ්‍රොම් ස්ටාර්ඩම් - මෝගන් නෙවිලිහොඳම සංස්කරණයග්‍රැවිටි – අල්ෆොන්්සෝ ක්වෝරන්, මාර්ක් සැන්ගර්හොඳම විදෙස් චිත්‍රපටයද ග්‍රේට් බියුටි – ඉතාලියහොඳම වේෂ නිරූපණයඩලස් බයර්ස් ක්ලබ් – අධුර්තා ලී, රොබින් මැතිව්ස්හොඳම ස්වීය සංගීතයග්‍රැවිටි - ස්ටීවන් ප්‍රයිස්හොඳම ගීතය‘‘Let It Go’ - ෆ්‍රෝසන්සංගීතය සහ පද රචනය – ක්‍රිස්ටීන් ඇන්ඩර්සන් ලෝපේස්, රොබර්ට් ලෝපේස්හොඳම නිෂ්පාදන සැලසුම්කරණයද ග්‍රේට් ගැට්ස්බි – කැතරින් මාර්ටින් (නිෂ්පාදන සැලසුම්කරණය), බෙවර්ලි ඩුන් (පසුතල නිර්මාණය)හොඳම කෙටි චිත්‍රපටය (පරිගණක සජීවකරණ)මිස්ටර් හියුබ්ලොට් - ලෝරන්ට් විට්ස්, ඇලෙක්සැන්ඩර් එසිපිගර්ස්හොඳම කෙටි චිත්‍රපටයහීලියම් – ඇන්ඩර්ස් වෝල්ටර්, කිම් මැගුන්සම්හොඳම සංගීත සංස්කරණයග්‍රැවිටි – ග්ලීන් ෆ්‍රීමන්ට්ල්හොඳම සංගීත සංයෝජනයග්‍රැවිටි - ස්කිප් ලිවර්සෙ, නිව් ඇඩ්‍රි, ක්‍රිස්ටෝපර් බෙන්ස්ටෙඩ්, ක්‍රිස් මුන්රෝහොඳම දෘෂ්ටි ප්‍රයෝගග්‍රැවිටි – ටිම් වෙබ්බර්, ක්‍රිස් ලෝරන්ස්, ඩේව් ශ්‍රික්, නීල් කෝබොල්ඩ්හොඳම අනුවර්තන තිර රචනය12 ඉයර්ස් අ ස්ලේව් – රූපරචනය - ජෝන් රයිඩ්ලිස්වීය තිර රචනයහ(ර්) – රචනය - ස්පයික් ජෝන්ලෙමෙවර උලෙළේ ජීන් හර්ෂොල්ට් මානුෂික සම්මානය ඇන්ජලීනා ජොලී වෙත පිරිනැමුන අතර ඇන්ජෙලා ලෑන්ස්බරී, ස්ටීව් මාර්ටින් සහ පීරෝ තෝෂි විශේෂ ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබූහ.යතේජා ඥානරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කොළඹ රාජකීය විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන 70 වැනි ඓතිහාසික ‘බ්‍රැඩ්බි’ පළිහ රගර් තරගයේ පළමු අදියර අද (10) පස්වරු රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.දේශීය පාසල් ක්‍රීඩා පිටියේ පැරැණිතම විදුහල් දෙකක් වන රාජකීය හා ත්‍රිත්ව විදුහල් අතර 1945දී පමණ ‘බ්‍රැඩ්බි’ පළිහ රගර් තරගය ආරම්භ වූ අතර පළමු තරගයේ ශූරයන්ට එවකට රාජකීය විදුහල්පතිවරයාව සිටි ඊ.එල්. බ්‍රැඩ්බි මහතා විසින් මේ පළිහ ප්‍රදානය කරනු ලැබීමෙන් වාර්ෂික බ්‍රැඩ්බි තරගයේ උපත සිදුවිය.එතෙක් මෙතෙක් පැවැති බ්‍රැඩ්බි තරග 69න් වැඩිම වාර ගණනක් පළිහට හිමිකම් කියනු ලැබුවේ ත්‍රිත්ව විදුහල විසිනි. ඔවුන් අවස්ථා 39ක දී බ්‍රැඩ්බි පළිහ දිනා ගත් අතර රාජකීය විදුහල අවස්ථා 30කදී බ්‍රැඩ්බි පළිහට හිමිකම් කීවේය.2011 වසරේ සිට පසුගිය වසර දක්වා පිට පිට වසර තුනක්ම බ්‍රැඩ්බි පළිහ දිනා ගැනීමට ත්‍රිත්ව විදුහල සමත්ව සිටින අතර මෙවර ත්‍රිත්ව විදුහල වෙතින් බ්‍රැඩ්බි පළිහ උදුරා ගැනීම රාජකීය විදුහල් ක්‍රීඩකයන්ගේ අරමුණය.තුන්වැනි වසරේ ක්‍රීඩකයකු වන නිම්ෂාන් ජයවර්ධන මෙවර රාජකීය විදුහල් පිල මෙහෙයවන අතර ත්‍රිත්ව විදුහල මෙහෙයවනු ලබන්නේ පසුගිය වසරේ දී බ්‍රැඩ්බි පළිහ දිනා ගැනීමට ත්‍රිත්ව විදුහල් පිලට නායකත්වය ලබා දුන් සිවුවැනි වසරේ ක්‍රීඩක තරිඳු රත්වත්ත විසිනි. මෙවර පාසල් ලීග් තරගාවලියේ දෙපිලම මෙතෙක් පැවැති තරග 4න් තරග 3ක් ජයගෙන සිටිති.දේශීය රගර් පිටියේ ප්‍රකට පුහුණුකරුවකු වන සනත් මාටිස් යටතේ රාජකීය විදුහල තරගබිමට පිවිසෙන අතර නවසීලන්ත ජාතික නීල් ෆුටීගේ පුහුණුකාරිත්වය යටතේ ත්‍රිත්ව විදුහල් පිල තරග බිමට එක්වේ.පසුගිය වසරේ පැවැති බ්‍රැඩ්බි තරගයේ පළමු අදියරේ ජය ත්‍රිත්ව විදුහල හිමිකර ගත් අතර දෙවැනි අදියරේ ජය හිමිවූයේ රාජකීය විදුහලටය. එහෙත් තරග 2දීම සමස්ත ලකුණු අනුව බ්‍රැඩ්බි පළිහ ත්‍රිත්ව විදුහල් පිලට අත්විය. මෙවර බ්‍රැඩ්බි පළිහ දෙවැනි අදියර ලබන 24වැනිදා පල්ලෙකැලේ පිටියේ දී පැවැත්වේ.රාජකීය විදුහල් කණ්ඩායම - නිම්ෂාන් ජයවර්ධන (නායක), ආකීල් ජමාල්දීන්, ආරෝෂ් එලිකේවෙල, ආකාශ් ඉද්දවෙල, අශෝක් විජේකුමාර්, අයේන්ද්‍ර සුබසිංහ, භානුක ගමගේ, චන්දුල ජයසුන්දර, ඩැනියෙල් ගුණසේකරම්, දෙවංක ජයකොඩි, දිනිත් ගුණවර්ධන, ගවේෂ් යාපා, ගයාල් ජයසිංහ, හරිත් ලොකුගමගේ, ඉෂ්ෆාක් නසීර්, කේෂාන් පීරිස්, මිනුර පුංචිහේවා, නඳුන් ජයවර්ධන, නිකිල ගුණධීර, පසිඳු පෙරේරා, ෂවුකත් ලාහීර්, සුපුන් වර්ණකුලසූරිය, තිවංක පෙරේරා, උමේෂ් මධුෂාන්, විනිත් ගුණවර්ධනත්‍රිත්ව විදුහල් කණ්ඩායම - තරිඳු රත්වත්ත (නායක), අනුරුද්ධ කරුණාතිලක, නෙත්මල් සකලසූරිය, සංඛ ඇතුල්ගම, නේදන් චිං, ශලීන්ද්‍ර අලහකෝන්, බුද්ධික දොඩම්තැන්න, පසිඳු හේමාල්, සුරේන් කරුණාතිලක, රාහුල් කරුණාතිලක, ඉමේෂ් රංගල, චමෝද් දිසානායක, නවීඩ් සෙනෙවිරත්න, උමේෂ් සමරසේකර, රංජිත් සමරසේකර, දුෂාන් පෙරේරා, නිපුන් අලහකෝන්, ඉසුරු රංගල, ගස්සාලි ඉස්මායිල්, සනුෂ්ක අබේවික්‍රම, නගීත රිදීමාලියද්ද, තුෂිල පෙරේරා, ශෙහාන් එලෝරි, රයන් වීරකෝන්, ලෝචන ගිරිහාගම, දිනුක් රත්වත්ත, රුක්ෂාන් සස්මින්, ට්‍රෙවීන් වීරසුරිය, සංචන ෂේක්, නිශාන් ඇන්තනී.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලයට හිඟ වැටුප්වලින් සියයට 50ක් ගෙවීම සඳහා කඩිනමින් කටයුතු කරන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි.ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවට ඇමැතිවරයා වෘත්තීය සමිති නියෝජිතයින් හමුවේ පොරොන්දු වී ඇත.අනධ්‍යයන සේවකයන්ට බලපාන විවිධ ගැටලු සම්බන්ධයෙන් සාධාරණ විසඳුම් ලබා දෙන බවටද ඇමැතිවරයා මේ නියෝජිතයින් හමු වූ අවස්ථාවේ දී ප්‍රකාශ කර ඇත.මේ සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, රාජ්‍ය සංස්ථා අංශයේ ලේකම් රංජිත් හෙට්ටිආරච්චි, විශ්වවිද්‍යාල ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ඩී.පී.ආර්. තඹවිට හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, අධ්‍යක්ෂ ජනරාල් කීර්ති මාවැල්ලගේ මහත්වරු සහභාගී වූහ.නව වැටුප් ක්‍රමයේ ඇති විෂමතාවන් වෙනස් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපත් කර ඇති වාර්තාව අධ්‍යයනය කර කඩිනමින් නිර්දේශ ඉදිරිපත් කරන ලෙස වැටුප් හා සේවක කොමිසන් සභාවේ සභාපතිවරයාට ඇමැතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ.වැටුප් කොමිසන් සභාවෙන් ලබා දෙන නිර්දේශයන් ද කඩිනමින් ක්‍රියාවට නැංවීමට මෙම සාකච්ඡාවේ දී එකඟතාවයකට පැමිණ ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සින්ඩරෙල්ලා සුරඟන මායාවෙන් හැඩවන හවහට ගෙදරදී යළි හඩු වන ප්‍රින්ස් චාමින් ව මග දී හමුවන සෙරෙප්පුව ගලවා අතට දී දුව යන ප්‍රින්ස් චාමින් නිතර අසු අරා සරණ ඈ යනෙන මග ගැවසෙන වෙනත් කෙල්ලන් දිහා නොබලන ඈ නිසාම මහ පාටියක් නටවන සෙරෙප්පුව නැතිබව කුඩම්මට අහුවන ඒ වෙනුවට දුන් මල් ලියුම පාවා දෙන ණයට ගත් අසු මතින් ප්‍රින්ස් චාමින් පැමිණෙන මහ රැයේ අසු අරා අබිනික්මනදැන් සින්ඩරෙල්ලාදැලි අඟුරු ගාගෙන රෑ දොළහ පසු වූ නිසා දැන්හඩු වෙන වැහැරෙන කැත වෙන කළු වෙන දරු පෝලිමක් එල්ලා ගෙන ප්‍රින්ස් චාමින් කිව්වට කලුහාමිලාගේ ප්‍රින්ස් චාමින් නමට කුමරෙකු වනණයට ගත් අසු අරා යන එන කුරුල්ලා මෙන් නිදැල්ලේ තටු සලනඒ ජීවිතේ අමතක ව යන අද කොහේ හෝ කඹුරන හැමදාම කටවනක් බීගෙන.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සුගත් තිලකරත්න (1973 ජූලි 30[1]) යනු ශ්‍රී ලංකාවේ, මීටර් 400 දිවීමේ ඉසව්ව නියෝජනය කල මළල ක්‍රීඩකයෙකි. 1998 වසර ඔහුගේ හොඳම සමය සේ සැළකෙයි. තිලකරත්න විසින් මීටර් 400 දිවීමේ ඉසව්ව සඳහා වාර්ථා කල පෞද්ගලික හොඳම කාලය වූ තත්පර 44.61 වාර්ථා කිරීමට එම වසරේදී ඔහු සමත් විය. එසේම එම වසර තුල ජාත්‍යන්තර තරගාවලි ත්‍රිත්වයක පදක්කම් හිමිකර ගැනීමටද ඔහුට හැකිවිය (පහත වගුව). 2001 වසරේ ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම, තිලකරත්නගේ හොඳම දස්කම ලෙස සැළකෙයි.[2][3] ජයග්‍රහණ[සංස්කරණය] වර්ෂය ක්‍රීඩා උළෙල පැවැත්වූ ස්ථානය ස්ථානය කරුණු ශ්‍රී ලංකාව නියෝජනය 1998 1998 ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය Fukuoka, ජපානය 1 වැනියා මීටර් 400 1998 ආසියානු ක්‍රීඩා උළෙල බැංකොක්, තායිලන්තය 1 වැනියා 1998 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ක්වාලාලම්පූර්, මලයාසියාව 3 වැනියා 2002 2002 ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය කොළඹ, ශ්‍රී ලංකාව 3 වැනියා [4] බාහිර සබැඳි[සංස්කරණය] ආශ්‍රිත[සංස්කරණය] ↑ "ඔලිම්පික්ස්". sports-reference. සම්ප්‍රවේශය 15 මැයි 2012. ↑ සුගත් තිලකරත්න ↑ Sugath Tilakaratne best athlete at CP meet ↑ Asian Games Statistics – Men’s 400m
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සංගීතමය ක්ෂණ නිර්මාණ යනු සංගීතය වාදනය වන අතරතුර සංගීතය නිපදවීමේ නිසඟ නිර්මාණාත්මක ක්‍රියාවලියයි. ක්ෂණ නිර්මාණය සියලු සංගීතවල පාහේ පවතින නමුත් එය බ්ලූස්, ජෑස්, බ්ලූග්‍රාස්, අරාබි තුර්කි සංගීතය, ඉන්දුනීසියානු ගේම්ලන් හා සාම්ප්‍රදායික ඉන්දියානු සංගීතය සමඟ විශේෂයෙන් සම්බන්ධ වේ. භාෂාමය ප්‍රතිසමතාවක් යොදා ගැනීමට ක්ෂණ නිර්මාණයක්, කතා කිරීමක් හෝ සාකච්ඡාවක් පැවැත්වීමක් වැනි ආකාර වේ. ජෑස් සංගීතඥයන් අතර “ක්ෂණ නිර්මාණ පබැඳීම වේගවත් කරනවා” යැයි අදහසක් පවතින අතර ප්‍රතිවිරුද්ධව ක්ෂණ නිර්මාණ පබැඳීම මන්දගාමී කරනවා යැයි ද අදහසක් පවතී.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
“ රා බොමු “පැසවා ලබා ගන්නේ කරිඤ්ඤං වන අතර හුමාල ආසවනයෙන් හැලි අරක්කු නිපදවයි. දෙවියන්ට ගහන වර්ගය “ පොල් “ වන අතර බල්ලන්ට ගහන්නේ “ගල්“ය. “මෙන්ඩිස්“ යනු මධ්‍යමා ප්‍රාන්තිකයන් අතර ඉමහත් ජනාදරයට පත් වූ අයෙකි. මල් තලා ගන්නා තෙලිජ්ජ පැණි රසින් වැඩි ඉමිහිරි පානයකි. තෙලිජ්ජ මුට්ටි කිහිපයක් වැඩි වේලාවක් ඝන වන තෙක් ලිපේ හැඳිගාමින් පැණි සාදා ගත හැකි සේම , තෙලිජ්ජ මුට්ටිය හොඳින් පැසුණු පසුව “ රා“ නිපදවා ගනී. රා බීමෙන් බඩ වැඩෙන අතර රා ගුඩ්ඩෙකු වූ මාගේ මිතුරෙකුට වෙච්චි ඇබැද්දියක් ද මතකයට නැගේ....එදින පොහොය දිනයකි. මාගේ මිතුරාත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුත් එක්ව කතිකා කර ගත් පරිදි වාද්දුව ප්‍ර දේශයේ රා ඉසව්වකට ඉව අල්ලන්නට විය. ගහෙන් බාපු ගමන් බඩු වලින් හොඳ පදම් සප්පායම් වූ මිතුරන් රෑන හවස් වද්දී වැනි වැනි ම නැවත නිවෙස් බලා ඒමට බස් රථයකට නැග්ගේ නිවෙස් වූයේ වාද්දුව සිට සැලකිය යුතු දුරකින් නිසා ය. පුර පුන් පොහෝ දිනයක් වූ එදින බසයේ වාඩි වීමට ඉඩ නැති වූයේ බසය පුරාම වාගේ වාඩි වී සිටි රා මෙන් සුදෝ සුදු ඇදුම් ඇද ගත් සිල් ඇත්තන් නිසාය. සිල් පවාරනය කර නිවෙස් බලා යමින් සිටි බහුතර සිල්ඇත්තන් වයසක උපාසකමාතාවන් විය.සිල් සුවඳ පරයා හරිමින් රා ගුඩ්ඩන්ගේ මත් සුවඳ බසය පුරා පැතිරී යන්නට විය. වාඩී වීමට ඉඩ නොමැතිව සිට ගෙන යන අනිකුත් මගීන් ද රා ගුඩ්ඩන් වෙත ළං නොවූයේ ඔවුන් වෙතින් වහනය වන සුවඳ නිසා වන්නට ඇත. බසයේ හරස් පොල්ලේ එල්ලී ගත් නොසන්ඩාල කොලු රැළ බසයේ පිටු පස හරියේ වාඩි වී සිටි කෙල්ලන් රෑනකට විහිළු කරමින් වැනි වැනිම එල්ලී එමින් සිටියි.ඔවුන්ගෙන් හුදකලා වූ මා මිතුරා බසයේ මැද හරියේ නිදහසේ පොල්ලේ එල්ලී ඒ පැත්තට මේ පැත්තට වැනි වැනී නමුත් නොවැටී ගමන් කරයි. එය බලා ඉන්නට නම් අපූරු දසුනකි. ඔහු විටෙක ඔහු අසල වාඩි වී සිටින උපාසකමාතාවගේ ඇගට වැටෙන්නට ඔන්න මෙන්නව මෙන් ය තවත් විටෙක අත ඇඹරී ගොස් අනිත් පසට වැටෙන්නට ඔන්න මෙන්නය. උපාසක මාතාව ද ඔහු වැනෙන වැනිල්ලේ ගානටම අසුනේ සිටම අපහුසෙවන් මෙන් එහා මෙහා වෙයි. ළඟ වාඩි වී සිටිනා සමවයස් උපාසිකා මාතාව දෙස බලා ඇස් වලින් රහසින් කතා කරයි. උරහිස් අකුලයි. නමුදු වචනයක් හෝ නොදොඩයි.වැනිල්ල වැඩි වූ නිසා දෝ මන්දා රා ගුඩ්ඩා ගේ උගුරට , රා පිරි රා බඩේ සිට ආවේ “ රා ගුඩුස් “ එකකි. වැනිල්ලත් සමඟ එකවර පැමිණී රා ගුඩුස් එකට බිය වූ උපාසකමාතාව එක්වරම හඬ නඟා මුළු බසයටම ඇසෙන්නට මෙසේ කීවා නොව කියවුනාය.“ අනේ බුදු පුතේ වමනේ කරන්න නම් එපා “තවත් රා කතා නම් අපමණය. එයට හේතුව වන්නේ , මාගේ උපත සිදු වූයේ රා මදින පොල් මණ්ඩිය ක මැද පිහිටි ඉපැරණි කුඩා නිවසක වීමයි. කුඩා අවදියේ සිටම රා ගුඩ්ඩන් , රා මදින්නන් , රා පීප්ප , මල් කතුර , අතුර මා දෑසට හොඳින් හුරු පුරුදුය. අදටත් රා සුවඳක් දැනුන විට දී දෑස් පියාගෙන මගේ කුඩා අවදියට දිව යාමට මට හැකි ය. එතරම්ම රා සුවඳ මා මතකයේ ඇති කර ඇත්තේ නොස්ටැල්ජියාවකි.මාගේ පියාගේ සේවා කාලය අවසන්ව රට තුළට ඔහුට ලැබුනු ස්ථාන මාරුවත් සමඟින් රා සුවඳින් පිරි පොල් වත්තේ කුඩා නිවසට සමු දීමට සිදු වූව ද ජීවිතයේ නොමැකෙන සොඳුරු අවදියක් සනිටුහන් කළ ඒ සුවඳට අදත් ප්‍රිය කරමි.ස්ථාන මාරුවත් සමඟින් ම තාත්තාට නොමිලේම උදයේ ම ලැබෙන “රා වඩිය“ නොලැබී යාම නිසා කිසිදා නොලැබෙන බබෙක් සිටි ඒ ලොකු බඩ ගෙඩිය සීශ්‍රෙයන් බැස ගොස් තාත්තා නැවතත් හැඩකාරයෙකු වූ බව නම් නොකියාම බැරිය.රා සුවඳට තවමත් ඇලුම් කරනමම෴ සොඳුරු ෴.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සුරංගනී චිත්‍රපටයේ ගීත ගායනා කළ ස්වර්ණා අබේරත්න දැන් කෝ?මිටියාගොඩ මරදාන වත්තේ එච්.එල්.තිලකසිරි ද සිල්වාඇය දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වනවා.සමහර ටෙලි නාට්‍යවල නිළියන් ගෙදර ඉන්නේත් සාරි ඇඳලා,කොණ්ඩ මෝස්තර දාලා අඩි උස පාවහන් දාලා.හරිම අතාත්විකයි නේද ?කඩවත සුජාතා ගුණවර්ධනතාත්වික ටෙලි නාට්‍යයත් තියෙනවාද සුජාතාටිකිරා චිත්‍රපටයේ ප්‍රධාන නළු නිෂ්පාදක බැප්ට්ස්ට් ප්‍රනාන්දු සමග එහි රඟපාන බොනිපස් ප්‍රනාන්දු සහෝදරයන්ද ?මාතලේ රාහුල මාවතේ ජයම්පති සෙනෙවිරත්නනැහැරූපවාහිනිය මෙලොවින් තුරන් වේවා යැයි පැවසූ අපේ විද්වතා කවුද?පිළියන්දල මිරිස්වත්ත චාමර හේමනාත් විජේසිංහමා එබඳු කතාවක් අසා නැහැ.චාමර.හැබැයි ඔහු කවර තරමේ විද්වතෙක් වුවත් එසේ පැවසුවා නම් මගේ මතය ඔහු වෘෂභ රාජයෙක් බවයි.මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන ඉස්සරහට යන්න ටෙලි නාට්‍යය රූප ගත කළ ඇල මාර්ගය සහිත ප්‍රදේශය කුමක්ද ?කැටපල සමන් ගාල්ලගේහැඳල හැමිල්ටන් ඇල පළාතේප්‍රවීණ සිනමා නිළි අභාවප්‍රාප්ත සීතා කුමාරි රංගනය උදෙසා ලබා ඇති සම්මාන කුමක්ද ?නක්කාවත්ත ගොඩගම ජනපදය කමල් ප්‍රියන්ත ජයසිංහඇය සරසවිය හා සුමති සම්මාන උළෙලේ කුසලතා සම්මාන දිනා ගත්තාසරසවිය පුවත්පතේ පළ වන චිත්‍රපට විස්තරයේ දී හිතත්හොඳයි වැඩත් හොඳයි චිත්‍රපටයේ නිෂ්පාදකගේ නම පළවූයේ නැත්තේ ඇයි ? එම චිත්‍රපටයේ නිෂ්පාදක රේමන්ඩ් වාස් යනුවෙන් සඳහන් විය යුතුයි නේද ?උස්වැටකෙය්යාව පුබුදුගම සුසිලා පතිරාජනම පළ නොවුයේ ප්‍රමාද දෝෂයකින්. ඔබ නිවැරැදියිජෝන් ඒබ්‍රහම් රඟපාන මැඩ්‍රාස් කැෆේ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ රූප ගත කළාද ?කෑගල්ල තටාකය පාරේ තිලකරත්න විල්වලඑය රූප ගත කර ඇත්තේ ඉන්දියාව,මැලේසියාව සහ ලන්ඩනයේ . ලංකාව පසුබිම් වන සියලු දර්ශන රූප ගැන්වූයේ තමිල්නාඩුවේ සහ කේරළයේ.යසපාලිත නානායක්කාර ගේ තුෂාරා චිත්‍රපටයේ ඇතුළත් හොඳම ගීතය කුමක්ද?උඩතලමත්ත සිසිර කුමාරසිංහමා නම් කැමතිම ගීතය එපා වුනත් හෙට ඕනෑ වේවි
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හම්බන්තොට නගරයේ නව කෞතුකාගාරයක් ඉදිකිරීමට කටයුතු සූදානම් කර තිබ්.ඉදිකරනු ලබන කෞතුකාගාරය හම්බන්තොට කච්චේරි භූ®මියේ පිහිටි ඉපැරණි වටිනාකමකින් සමන්විත භූමියේ ඉදිකිරීමට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය සත්‍යාපනය සඳහා අමතර උපහරණ අවශ්‍ය වෙයි. විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාරී කිරීමෙන් කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (ඔක්තෝම්බර 2009) පළමුවන විජයබාහු රජ විසින් කළ පොළොන්නරුවේ වේලක්කාර සෙල් ලිපිය රජරට රාජධානියේ අගනගරය ලෙස පොළොන්නරුව නගරය පැවති කාල පරාසය වන 8වන සියවසෙහි සිට ක්‍රියු 1310 දක්වා කාලය පොළොන්නරු යුගය නම්වේ. ආරම්භය[සංස්කරණය] මෙම නගරය පිහිටා ඇත්තේ මහවැලි නදියෙහි වම් ඉවුර මතය. පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ඓතිහාසික ලේඛන [1][2] දක්වා සිටින ආකාරයට මෙම නගරය අනුරාධපුරය තරම් පැරණිය. ක්‍රිපූ 400 දී විජිත විසින් මූලිකත්වය ගෙන පිහිටවූ විජිතගම ජනපදය මෙම නගරය අසබඩ පිහිටියේ යැයි විශ්වාස කෙරෙයි. ආශ්‍රිත ලිපි[සංස්කරණය] පොළොන්නරුව පෞරාණික නගරය සිංහලේ රාජාවලිය චෝල අධිරාජ්‍යය මූලාශ්‍ර[සංස්කරණය] ↑ මහා වංශය ↑ චූල වංශය
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 1 වන සියවස – 2 වන සියවස – 3 වන සියවස දශක: 70ගණන් 80ගණන් 90ගණන් – 100ගණන් – 110ගණන් 120ගණන් 130ගණන් වසර: 100 101 102 – 103 – 104 105 106 වසර 103 (CIII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල එය හැඳින්වුනේ, ට්‍රයානුස්ගේ සහ මක්සිමුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 856 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 103 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දිගු කලක් නිහඬව සිටි මේරියන්ස් නායක නලින් පෙරේරා අලුත් වැඩකට අත ගසා තිබෙනවා. ඒ ‘ෆයිව් පොයින්ට් වන්’ තාක්ෂණයෙන් යුතු අංග සම්පූර්ණ ශබ්දාගාරයක් නිර්මාණය කිරීමයි.ලෝකයේ ඇති අති නවීන පටිගත කිරීමේ තාක්ෂණයෙන් යුතු මෙම ශබ්දාගාරය පසුගිය අට වැනිදා විවෘත වූයේ පණ්ඩිත් ආචාර්ය ඩබ්. ඩී. අමරදේවයන්ගේ මධුර ස්වරයෙන් ගැයුන සරස්වතී අභිනන්දන ගීතයට හඬ මුසු කරමින්.‘මේ අවස්ථාවට ජාතියේ සම්පතක් වූ පණ්ඩිත් ආචාර්ය අමරදේවයන් අසූ හතර වියේ පසු වෙද්දීත් ජවසම්පන්න තරුණයකු ලෙස හඬ මුසුකිරීම පරම්පරා දෙකක සම්බන්ධය ගොඩ නැඟීමක්. එය ඓතිහාසික අවස්ථාවක්.මේරියන්ස් සංගීත කණ්ඩායම හැටියට මේ අවස්ථාවට එතුමන් සහභාගිවීමම අපට ආශිර්වාදයක්’ යනුවෙන් නලින් පෙරේරා හැඟුම්බරව මේ අවස්ථාව ගැන පවසයි.මෙම ශබ්දාගාරයේ සියලුම සංගීත කටයුතු හා පටිගත කිරීම් සිදු කරන්නේ සංගීතවේදී රංග දසනායකගේ සුරතින්.පසුගියදා නිමාව දුටු දෙරණ සිනමා සම්මාන රාත්‍රියේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය දෝත දරා ගත්තේ අපේ හිතවත් කුමාර තිරිමාදුර.සම්මානය ලබා ගනිමින් කුමාර අදහස් දැක්වීමට පටන් ගත්තේ හරිම සංවේදී ආකාරයට.‘මේ සම්මානය හිමි මගේ අම්මට. එතුමිය තමයි මට පුංචි කාලේ තාත්තට හොරා චිත්‍රපටි බලන්න සල්ලි දුන්නෙ. මේ මොහොත වන විට මගේ අම්මා ඉතාමත් අසනීප තත්ත්වයෙන් ඉන්නෙ.ඇගේ ඇස් දෙකේ පෙනීමත් අඩු වෙලා. මේ සම්මානය මට ලැබුණෙ අපේ අම්ම නිසා. මේ රාත්‍රියේ මගේ පළමු රාජකාරිය මේ සම්මානය මගේ අම්මගෙ පින්වන්ත දෑත මත තබන එක. මං අද පළමුවෙන්ම කරන්නේ ඒක.කුමාර කතාව නිමා කළේ තමාගේ දෑසේ වගේම සභා ගැබේ හැමෝගෙම දෑස් අග කඳුළක් ඉතිරි කරමින්. ඇත්තටම මේ වගේ දක්ෂකමින් සපිරි පුතකු බිහි කළ ඒ අම්මා උත්තරීතරයි. එදා සභා ගැබේ හැමෝම හිතින් කුමාරගේ අම්මාට ඉක්මන් සුවය පතන්නට ඇති. ඒ කතාව ඒ තරමට සංවේදීය. හැගුම්බරයි.- චතුරකොමඩි ස්ටාර් රියැලිටි වැඩසටහනින් ප්‍රථම ස්ථානය දිනූ නන්දන හෙට්ටිආරච්චි ගැන පසුගිය කාලයේ හාවක්හූවක් අහන්නට ලැබුණේ නැහැ. ඔහු ඒ නිහඬ බව බිඳිමින් නන්දන සහ සොබාලක් ක්‍රියේෂන් එක්ව කොමඩි සෙවන් නමින් අලුත්ම වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්නට සැරසෙනවලු.‘මිනිසෙක් වී බල්ලෙක් වෙනවද, බල්ලෙක් වී මිනිසෙක් වෙනවද’ යනතේමාව යටතේ ඔහු මේ නාට්‍ය නිර්මාණය කරන බව ආරංචියි. මෙහි මංගල දර්ශනය මේ මස 23 දින දෙහිවල එස්. ද එස්. ජයසිංහ රංග ශාලාවේදී ප. ව. 6.30 ට වේදිකා ගත කරන්න සූදානම් බවත් ආරංචියි.නන්දනගේ මේ කතාව නරඹන්නට සැමටම ඔහු ආරාධනා කරනවලු.සේයා - ටෙනී/මාලන් / ප්‍රසාද්සංජීව සම්පත් බාලසූරිය
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
එකමත් එක රටක හිටපු මෝහන විද්‍යාඥයෙක් කොට ජීවිතයක් ගෙවපු පිරිමි ළමයෙක්ව මෝහනය කරා. එයාට ඕන වුණේ ඒ කොට ජීවිතේ පෙර ආත්මෙ මොන වගේ ද කියල බලන්නයි. එයා ඒ පිරිමි ළමයගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා.වි - හොඳයි. ඔයා කවු ද. කොහෙ ද ඉන්නෙ.පි - මං දෙයියෙක්. ඉන්නෙ දිව්‍ය ලෝකෙවිද්‍යාඥයගෙ කට මෙහෙම ඇරුණා. එයාට පුදුම හිතුණා. දැන් දිව්‍ය ලෝකෙ මොන වගේ ද කියල දැනගන්න පුලුවන්. එක එක ප්‍රශ්න අහන ගමන් එයා මෙහෙමත් ඇහුවා.ඔයාට කොහොම ද දැනෙන්නෙ. මොනව ද පේන්න තියෙන්නෙ.පි - උහ්.. මට බඩගිනියි. ලොකු බිල්ඩිමක් පේනවා. හරි ම නුහුරු ගතියක් තමා දැනෙන්නෙ. මං මෙහෙට අලුත්. මගේ ඉස්සරහට දෙයියෙක් ඇවිදන් එනවා. මං එයාට කතා කරන්නයි යන්නෙ.වි - හා.. ඉතිං මොනව ද කියන්නෙ.පි - “ ඒ යාළුවා. මෙහේ කැන්ටිමක් එහෙම නැද්ද. බඩගිනී බං. “ කියලා.වි - ඉතිං.පි - ඒකා මාත් එක්ක හිනාවෙලා අර ලොකු බිල්ඩිමට අත දික් කරලා ලතාවට කියනවා, “ මිතුර. තෙල පෙනෙන්නේ කප් සුවහස් කලක් තිස්සේ මෙම තුසිතයෙහි විරාජමානව වැජඹෙන මහ බොජුන්හල යි. නේකවිධ ලෙස පිළියෙල කරන ලද අමෘතය එහි හිඟ නො වේ. තොපට අවැසි වේලාවක ගොස් අවැසි තරම් අනුභව කරව. “වි - හාපි - ඒක ඇතුළට යනවා මම. ඇතුළේ ලොකු බුෆේ එකක් වගේ. ලොකු මුට්ටි පේලියට තියලා බෝඩ් ගහලා.වි - බෝඩ්. මොනව ද.පි - අමු අමෘතය, තම්බපු අමෘතය, තෙම්පරාදු අමෘතය, අමෘත සුප්, කලවං අමෘතය... අම්මට හුඩු. ඇඬෙනවා බං. මුට්ටි කෝච්චියක්. මට හිතෙනවා මුලින් ම අමු අමෘතය කාලා බලන්න.වි - හා හා එළ.. ඉතිං.විද්‍යාඥයගෙ කුතුහලය අහස උසට නඟිනවා. ඇයි අමෘතය හදන විදිය හොයාගන්න පුලුවන් වුණොත් සෙල්ලංයැ. ලෝකෙ ම ප්‍රසිද්ධ වෙන්න වුණත් පුලුවන් වෙයි සමහර විට. පි - ඉතිං මම ගිහින් මුට්ටියට එබෙනවාවි - ඉතිං. මොන වගේ දෙයක් ද ඒකෙ තියෙන්නේ. මොනවයින් ද හදල තියෙන්නේ.එතකොට ම පිරිමි ළමයා “හුග්.“ ගාගෙන ගැස්සිලා බය වෙලා ඇහැරුණා. එයා ඉහිං කනිං දාඩිය මුගුරු පෙරාගෙන මෙහෙම කිව්වා. “ පරිප්පු බං.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ළමුන්ගේ සහ ගේදොර කථා හෝ ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා කථා ග්‍රිම් සෙහොයුරන්ගේ කින්ඩර්- උන්ඩ් හවුස්මෙයාෂන් (1812) හී පළමු වෙළුමෙහි ආමුඛ චිත්‍රය කර්තෘ යාකොබ් සහ විල්හෙල්ම් ග්‍රිම් රට ජර්මනිය භාෂාව ජර්මානු ප්‍රභේදය(න්) සුරංගනා කථා ජනශ්‍රැතිය ප්‍රකාශක බොහෝ ප්‍රකාශිත දිනය 1812 ISBN අ/නැ කින්ඩර්- උන්ඩ් හවුස්මෙයාෂන් (සිංහල: ළමුන්ගේ සහ ගේදොර කථා) යනු ග්‍රිම් සොහොයුරන්, යාකොබ් සහ විල්හෙල්ම් විසින් 1812 දී පළමුව ප්‍රකාශයට පත් කෙරුණු ජර්මානු ජන කථා එකතුවකි. එම එකතුව ඌරාපොල නන්දාලෝක විසින් ග්‍රීම් කථා නමින් සිංහල බසට පරිවර්තනය කරඇත.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වැඩිම කණ්ඩායම් ලකුණු එකතුව කෙන්යා කණ්ඩායමට එරෙහිව 1996 දී ලකුණු 398/5. තුන්වන විකට්ටුව සඳහා හොඳම සම්බන්ධතාවය ලකුණු 183 ක් බටහිර ඉන්දීය පිළට එරෙහිව සනත් ජයසුරිය (115) හා මහේල ජයවර්ධන (82) 2007 දී. පළමු විකට්ටුව සඳහා හොඳම සම්බන්ධතාවය ලකුණු 183 ක් 1996 දී කෙන්යාවට එරෙහිව අසංක ගුරුසිංහ (84) හා අරවින්ද ද සිල්වා (145) . වැඩිම ලකුණු සංඛ්‍යා තරඟ 38 කදී සනත් ජයසූරිය ලකුණු 1165. වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව අරවින්ද ද සිල්වා ලකුණු 145 ක් 1996 දී කෙන්යාවට එරෙහිව. වැඩිම තරඟ සංඛ්‍යාවකට සහභාගී වීම, තරග 38 සනත් ජයසූරිය. හොඳම පන්දු යවන්නා ලකුණු 25 විකට් 6 කට චමින්ද වාස් 2003 වසරේදී බංග්ලාදේශයට එරෙහිව. වැඩිම දවාගැනීම් සංඛ්‍යාව (කඩුලු රැකීම ඇතුළුව) - කුමාර සංගක්කාර (32) තරඟ 21 කදී. වැඩිම විකට් සංඛ්‍යාවක් ලබාගැනීමට විකට් 53 ක් තරඟ 31 කදී මුත්තයියා මුරලිදරන්. ලෝකයේ එකම පන්දුයවන්නා එකම පන්දුවාරයක පන්දු හතරකදී විකට් හතරක් පිළිවෙලින් ලබාගැනීම. ලසිත් මාලිංග දකුණු අප්‍රිකාවට එරෙහිව 2007 වසරේදී . බංග්ලාදේශයට එරෙහිව 2003 වසරේදී එකම පන්දු වාරයකදී විකට් තුනක් දවාගත් (Hatrick) ප්‍රථම ශ්‍රී ලංකික ක්‍රීඩකයා වීමට චමින්ද වාස් සමත්විය. • ප්‍රථම පන්දු වාරයක ප්‍රථම පන්දු 3න් විකට් තුනක් දවාගත් ලෝකයේ එකම පන්දු යවන්නා වීමට චමින්ද වාස්ට හැකිවිය. ඒ 2003 වසරේදී බංග්ලාදේශයට එරෙහිවයි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
උතුරු ඉන්දියානු භාණ්ඩයකි, ( ඩොලැක්කිය, a taal (clap) instrument) මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. ඉන්දියානු සංගීතය ඉන්දීය සම්භාව්‍ය සංගීතය කර්නාඨක සංගීතය හින්දුස්ථානී සංගීතය මූලික හරය ස්‍රැති · ස්වර · රාග · තාල
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
එදා තෙල් ගහන්න ගිහින් වෙච්ච දේ වගේම, ඊට පස්සෙ කතාවත් කියන එක යුතුකමනෙ.. නැත්නම් සාධාරණ නෑනෙ.පැමිණිල්ල කරන්න මම උදේ ගත්ත කෝල් එකක්. ඒ ගමන පිරවුම්හලේ කළමණාකරු ආපහු ගත්ත මට.අරගෙන සම්පූර්ණ සිද්ධියම මගෙන් අහගෙන, අදාල පුද්ගලයට කතා කරල, ආයෙ මට ගන්නම් කියල තිබ්බ.ඊට විනාඩි 10කට විතර පස්සෙ ආයෙම ආව දුරකථන ඇමතුම.අදාල සිද්ධි දෙකම හොයල, කතා කරල මට ගත්ත කියල තමා කීවෙ.සිද්ධි දෙකේම වරද පිළිගත්ත. ආයතන සේවකයො හොර කරල කියල පිළිගත්ත. දෙන්න ඕනෙ දඬුවම මොකද්ද කියලත් මගෙන් ඇහුව. ඔවුන් රැකියාවෙන් නෙරපන්න තීරණය කලා කියල තමා කීවෙ. ඒත් මගෙ අදහස උනේ අවවාද කරල, තියා ගන්න එක රස්සාවක් නැති කරනවට වඩා. හැබැයි ඒ සිද්ධිය ආයෙ වෙන්න බෑ.ඒ ගමන ඒකට එකඟ උනා. ඒ වගේම මේ වගේ දේවල් වලක්වන්න පියවර 2ක් ගැන කීව. එකක් ආරක්ෂක කැමරා සවි කරන එක. අනික තෙල් සංස්ථාවට දන්වා යන්ත්‍ර වල වෙනසක් සිදු කිරීම. ඒ දෙකම ඉදිරි සතිය ඇතුලත වෙන බවත් සඳහන් කලා.එසේ නොවුනහොත්, ඒ පිළිබඳව පියවර ගන්න බව මා සඳහන් කල විට ඔහු එයටද එකඟ උනා.තව එක දෙයක් ඔයාල වෙනුවෙන් සඳහන් කරන්න ඕනෙ.එම යන්ත්‍රයක,ඕනෑම වෙලාවක, අන්තිම ඉන්ධන සැපයුම් 5 නැවත පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බව ඔහු සඳහන් කලා. (වැදගත් පුවතක්)දැන් ඒ සුදුසු පියවර ගන්නේදැයි මම ඇහැ ගහගෙන ඉන්නෙ... බලමුකො...කොහොම වෙතත් වරද පිළිගැනීම ගැන සතුටු වෙනව. ඒක ලොකු දෙයක්.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන අභියෝගතා කුසලානය සඳහා අන්තර් පළාත් බාලිකා ක්‍රිකට් (ලෙදර්) තරගාවලියක් අද (7) සහ හෙට (8) දෙදින මහරගම මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.මහරගම මැදි විදුහල් ක්‍රිකට් සංගමය මේ තරගාවලිය සංවිධානය කරනු ලබයි.තරගාවලිය කොටස් දෙකකින් යුක්ත වේ. ඒ කොළඹ දිස්ත්‍රික් පාසල් බාලක ක්‍රිකට් තරගාවලිය සහ අන්තර් පළාත් බාලිකා ක්‍රිකට් තරගාවලිය එම කොටස් දෙකයි.සියලුම තරග ඕවර් 20 කට සීමා වේ. කොළඹ දිස්ත්‍රික් බාලක තරගාවලියට මහරගම මැදි විදුහල, පිළියන්දල පිලිප් ආටිගල විදුහල, කොට්ටාව ධර්මපාල විදුහල, පිටිපන මහින්ද රාජපක්ෂ විදුහල, කොළඹ ඉසිපතන විදුහල බාලක තරගාවලියට ඉදිරිපත් වී සිටිති.අන්තර් පළාත් බාලිකා තරගය සඳහා කොළඹ ගෝතමී බාලිකා, රත්නපුර සුමන බාලිකා, මහනුවර මහමායා බාලිකා, ඌව පල්වත්ත මහ විදුහල හලාවත විජය කටුපොත විදුහල සහ මන්නාරම (නැගෙනහිර දිස්ත්‍රික් කණ්ඩායම බාලිකා තරගාවලියට ඉදිරිපත් වී සිටිති.හෙට (8) පස්වරු 4 ට අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානය සිදු කෙරේ.තරගාවලි දෙකේදීම දක්ෂතම පිතිකරු පන්දු යවන්නා සහ දක්ෂතම ක්‍රීඩකයා යන අංශ සඳහා විශේෂ ත්‍යාග පිරිනැමීමට නියමිතය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හින්දුස්ථානී සංගීතය පාරිභාෂික වදන් ස්‍රැති · ස්වර · අලංකාර · රාග තාල · ඝරණ · ථාට· වාදී· සංවාදී සංගීත භාණ්ඩ ඉන්දීය සංගීත භාණ්ඩ ප්‍රභේද ධ්‍රැපද් · ධමාර් · ඛ්‍යාල් · තරාණා ඨුම්රි · ධද්‍රා · කව්වාලි · ගzසල් ථාට බිලාවල් · ඛමාජ් · කාෆි · ආශාවරී · භෛරව භෛරවී · තෝඩි · පූර්වි · මාර්වා · කළ්‍යාණ තාල දාදරා · ත්‍රිතාල් · කෙහෙර්වා · ඣප් · දීප්චන්‍දි · ලාවණී · ඒක් රාග බිලාවල් · ඛමාජ් · කාෆි · ආශාවරී · භෛරව · භීම්පලාශ්‍රී · යමන් භෛරවී · තෝඩි · පූර්වි · මාර්වා · භූපාලි රාග විවරණ[සංස්කරණය] පූර්වි රාගය රාග විවරණ ථාටය (මේලය) ආරෝහණ ස, රි, ග, ම', ප, ධ, නි, ස අවරෝහණ ස, නි, ධ, ප, ම, ග, රි, ස ජාතිය ඖඩව සම්පූර්ණ වාදී ස්වරය ග සංවාදී ස්වරය නි න සා සං හින්දුස්ථානී සංගීතය සංකල්ප ස්වර · තාල · ලය · රාග · ශ්‍රැතිය · Bandish · අලංකාර · Riyaz සංගීත භාණ්ඩ තාම්පුරාව · තබ්ලාව · බන්සුරි · සිතාරය · සරෝදය · සාරංගිය · සර්පිනාව · සන්තූරය · ෂෙහ්නායි ප්‍රභේද ධ්‍රැපද් · ධමාර් · ඛ්‍යාල් අර්ධ පෞරාණික ප්‍රභේද ථුම්රි · දධ්‍රා · ටප්පා · ඛජ්රි · චෛටි · භජන් · Abhang · නාට්‍ය ගීත · කව්වාලි · ගසල් ථාට බිලාවල් · ඛමාජ් · කාෆි · ආශාවරී · භෛරව · භෛරවී · තෝඩි · පූර්වි · මාර්වා · කළ්‍යාණි
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කරතිවු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත නැගෙනහිර පළාත දිස්ත්‍රික්කය අම්පාර දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) කරතිවු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර[සංස්කරණය] Divisional Secretariats Portal මෙම ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, ස්ථානයක් පිළිබඳ ලිපිය අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මීගහතැන්න තැපැල් කාර්යාලයට තිබූ ෆැක්ස් යන්ත්‍රය ක්‍රියා විරහිතවී ඇති අතර එය අලුත්වැඩියා කිරීම සඳහා රැගෙන ගොස් වසරකට ආසන්න කාලයක් ගත වුවද මේ දක්වා එම යන්ත්‍රය අලුත්වැඩියා කොට ආපසු බාර දී නොමැත.ෆැක්ස් යන්ත්‍රයක් නොමැතිකමින් මීගහතැන්න තැපැල් කාර්යාලයට පැමිණෙන මහජනතාව දුෂ්කරතාවකට පත්වී ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පාණදුර ලංගම ඩිපෝව මගින් ධාවනය කරණු ලබන මාර්ග අංක 451 පාණදුර සිට නිව්ඩාව දක්වා ගමන් කරන බස් සේවය රාත්‍රී 8.00 න් පසු නිව්ඩාව සිට පැමිණෙන ගමන් වාර මාර්ග අංක 452 රුක්ගහ පාරෙන් ගමන් කිරීම නිසා ප්‍රදේශවාසීන් මහත් අසීරුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ.පිංවල, වඳුරාමුල්ල, මාලමුල්ල, කිරිබේරිය, අරුග්ගොඩ ජනපදය යන ප්‍රදේශවල ජනතාවගේ ප්‍රයෝජනය සඳහා මේ බස් සේවය යොදවා ඇත. රාත්‍රී කාලයේ දී වෙනත් මාර්ගයකින් ධාවනය කිරීම නිසා මගීහු අසීරුවට පත්ව සිටිති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සුන්දර දෙසැම්බර් මාසයේ ගොඩක් යුරොපීය රටවල් වලටනම් ටිකක් කටුක කාලයක් මොකද මේ කාලයේ එයාලට අධික සීතලක් තියන නිසා එත් බලන්නකෝ ලස්සන.මේ ලස්සන පින්තූර ටික ගත්තේ එළකිරියේ තිබිලා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සංගීතවේදියාණන් සංගීත ලොවට පිවිසෙන්නන්ට පහන් ටැඹක් බඳු යැයි පැවසීම වරදක් නැත. මන්ද යත් ඔහු තම සංගීත ඥානය නොමසුරුව ලබාදීමට කැප වී සිටින අයකු වග හැමෝම දන්නා කරුණකි.සනත්ගේ නිවස පරිශ්‍රයේ පිහිටි ගාන්ධාරි සංගීත අසපුවෙන් බොහෝ පිරිසක් සංගීත දැනුමෙන් පොහොසත් වෙනවා. ඒ පිළිිබඳ සනත් කතා කරන්නෙත් ඉමහත් සතුටින්.මේ ගාන්ධර්ව සංගීත අසපුවට මේ දිනවල නවක සිසු සිසුවියන්ව බඳවා ගන්නා බව ආරංචි වී අප කළ විමසීමකදී ඔහු ‘සරසවියට’ට පැවසුවේ ඉන්දියාවේ භාත්ඛණ්ඩයේ සංගීත විද්‍යා පීඨය මඟින් පවත්වන ප්‍රථම සහ මධ්‍යම විශාරද විභාග සහ 1 සහ 2 ඉලක්ක කොට ගෙන මෙහි ඉගැන්වීම් කටයුතුª සිදු කරනු ලබන බවත් ඊට අමතරව තබ්ලා වාදනය ද ඉගැන්වීමට පහසුකම් සලසා තිබෙන බවත්ය.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හෝටලයේ රාත්‍රී කාලයේ පැවති මංගල සාදය වර්ණවත් කිරීමට පත්තු කරන ලද මල් වෙඩි ඇදවැටීමෙන් කඹුරුගමුව නිවාස දෙකකට දැඩි අලාභහානි සිදු වී ඇත.පසුගිය දින රාත්‍රියේ කඹුරුගමුව රන්දිම හෝටලයේ පැවති මංගල සාදයක් සඳහා හික්කඩුව ප්‍රදේශයෙන් පැමිණි කණ්ඩායමක් විසින් මල් වෙඩි සංදර්ශනයක් පවත්වා ඇත.මේ මල් වෙඩි වැදීමෙන් කඹුරුගමුව ගාලු පාර බණ්ඩාරවත්ත ලිපිනයේ ඇති එක් නිවසක පිටුපස වහලයේ උළු කැට 05 ක් බිඳී නිවාසයේ බිත්තිවලට ද අලාභහානි සිදු වී ඇත. අනිත් නිවාසයේ ඉදිරිපස මල් පෝච්චි පහක් සහ නිවස තුළ කබඩ් එකක වීදුරු බිඳී ඇති අතර නිවස තුළට පස් කුට්ටි විසිවී ඇත.මේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වය පවසන්නේ නිවාසවලට දුම් බෝම්බ දමා ගසා ඇති බවයි. මේ හෝටලයේ පවතින උත්සව අවස්ථාවේදී අධික ශබ්ද තරංගයන්ගෙන් යුක්තව සංගීත රාවයන් නිසා දැඩි අපහසුතාවයකට පත්වී තිබෙන බව ද අවට නිවෙස් හිමියන් මාතර පොලිසියට පැමිණිලි හයකට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇති බව හෙළිවේ.මේ මල් වෙඩි සිද්ධිය සම්බන්ධයෙන් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මාතර සුළු පැමිණිලි අංශයේ උ. පො. ප. ගුණරත්න මහතා සහ මාතර අපරාධ ස්ථාන පරීක්‍ෂණාගාරයේ ස්ථානාධිපති පො. ප. රුවන් පතිරණ යන මහත්වරුන් ප්‍රමුඛ නිලධාරීන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇත. මල් වෙඩි සංදර්ශනය පැවැත්වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඡන්ද හිමි නාමලේඛනය මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඇතුළත් කිරීමට කටයුතු කරන බව ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කළේය.ඒ සඳහා මැතිවරණ නීතිය සංශෝධනය කළයුතු අතර මැතිවරණ නීතිය සංශෝධනය කිරීමේ කටයුතු දැනට සිදුවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.ඡන්ද හිමි නාමලේඛනය වෙබ් අඩවියට ඇතුළත් කිරීමට හැකිවන සේ මැතිවරණ නීතිය වෙනස්විය යුතු අතර දැනටමත් එහි මූලික කටයුතු සිදු කෙරේ.හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා විසින් අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හැඩැති රුවැති පුවතක්මේ ඡයාරූපයේ සිටින්නේ රූප සුන්දරියන් තිදෙනෙක්. එදා පැවැති ඒ තරගයෙන් ජයග්‍රහණය කළේ ජනප්‍රිය නිළි සුමනා අමරසිංහ. සුමනා අමරසිංහ රූප සුන්දරිය ලෙස අභිෂේක ලබද්දී දෙවැනි ස්ථානය දිනා ගත්තේ අපේ සිනමාවේ තවත් නිළියක් වූ සුජීවා ලලී. මේ ඡායාරූප සිහි කරන්නේ අපේ සිනමාවේ සොඳුරු මතක සටහන්.රැජනකගේ මුල පිරුමමේ විශේෂ දවසකදී ගත් ඡායාරූපයක්. 1968 වසරේ පැවැති පළමු ගුවන් විදුලි සම්මාන උළෙල. අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා එදි සිය පළමු චිත්‍රපට සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ ‘පුංචි බබා’ චිත්‍රපටය වෙනුවෙන්. එදා ඒ අවස්ථාවට අනුලා කරුණාතිලක, ලිලියන් එදිරිසිංහ, ටෝනි රණසිංහ, වික්‍රම බෝගොඩ, ඩොමී ජයවර්ධන, ශ්‍රියා පෙරේරා, විමලා ජයවර්ධන එක්ව මාලිනී සමඟ සතුට බෙදා ගත්තේ මේ අයුරින්.පාඨක ඔබ ළඟත් මෙවැනි වූ සොදුරු මතක සටහන් තිබේ නම් ඒවා තවත් අමරණීය මතකයන් බවට පත් කිරීමට සරසවියට එවන්න. එවිට ඒ මතක ඔබ අප කා අතරත් සුන්දර මතකයන් ලෙස රැඳෙනු ඇත.- යතේජා ඥානරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මුල්ලේරියාව මානසික රෝහලේ දී හදිසියේ රෝගාතුර වූ නේවාසික රෝගියකු කොළඹ ජාතික මහ රෝහල වෙත රැගෙන එමින් තිබූ ගිලන් රථයක් මගදී තවත් බස් රථයක් හා ගැටී පෙරළීමෙන් ගිලන් රථයේ සිටි මානසික රෝගියා බරපතළ තුවාල ලැබ මියගොස් ඇත.මෙලෙස මරණයට පත් මේරියන් සපරමාදු (32) නම් මෙම මානසික රෝගියාගේ මරණය පිළිබඳව කොළඹ අතිරේක හදිසි මරණ පරීක්ෂක එම්. අෂ්රොෆ් රූමි මහතා හමුවේ මරණ පරීක්ෂණය පැවැත්විණි.එහිදී සාක්කි දුන් ගිලන් රථයේ රියැදුරු වන පි‍්‍රයන්ත රෝහාන් ජයතිලක මහතා මෙසේ කීය.මම ගිලන් රථය පදවාගෙන කොළොන්නාව පසුකර දෙමටගොඩ දෙසට ආවා. එහි උඩ ලයිට් දැල්වෙමින් තිබ්බා. මගේ වාහනය බේස්ලයින් ප්‍රධාන පාරට දමන විට කොළොන්නාව පැත්තෙන් පැමිණි බස් රථයක් නතර කර මට යන්නට ඉඩ හැරියා.මම ගිලන් රථය ඉදිරියට දමනවාත් සමගම වම් පැත්තෙන් පැමිණි බස් රථයක් මගේ වාහනයේ හැපී නොනවත්වා ඉදිරියට ගියා. පැත්තකට හැරුණු ගිලන් රථය ඉන්පසු පෙරලුණා.මුල්ලේරියාව මානසික රෝහලේ හෙද නිලධාරිනියක වන ඒ. පී. චූලා පද්මිණි මහත්මිය - මේ මානසික රෝගියා වසර 10 කට ඉහතදී රෝහලට ඇතුළත් කර තිබෙන්නේ. ඔහු බැලීමට මෙතෙක් කිසිවකු පැමිණියේ නැහැ. උණ රෝගයෙන් පෙළෙමින් සිටි මොහු කොළඹ ජාතික රෝහලට ගෙන යමින් සිටියදී මේ අනතුර සිදු වූවා.නියෝජ්‍ය අධිකරණ වෛද්‍ය නිලධාරි අලි මොහොමඩ් හරූන් මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විය.මෙය මාරක රිය අනතුරක් බවට තීන්දු විය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
උතරු ඇමරිකානුවන්ගේ සමකාලීන අත්දැකිම් අනුව ඔවුන්ගේ ඉතිහාසය සංස්කෘතිය, දේශපාලනය සහ ඔවුන්ගේ නිකුත්වන පිළිබද අන්තර්කශේත්‍ර අධ්‍යයනයක් ස්වදේශීය ඇමරිකානු අධ්‍යයනයෙන් (ඇමරිකානුඉන්දියානු හෝ ස්වදේශිය ඇමරිකානු හෝ මාතෘ ජාතිය ගැන අධ්‍යයනය) සිදුවේ. ඇමරිකානු අධ්‍යනය සහ ලතින් අධ්‍යයනය වැනි අනෙකුත් ජනවාර්ගික අධ්‍යනයක් සමග ඇති වෙනස ගැන ඒවා සමග ඇති සමානකම්වලට වඩා වාද විවාද බිහිවී ඇත. එක්සත් ජනපදයේ සහ කැනඩාවේ. අනෙකුත් ජාතිවාදි සහ ජනවාර්ගික කණ්ඩායම් වල ස්වදේශිය ජාතින් සමග ඇති දේශපාලන පාරමාධිපත්‍ය සහ ඔවුන්ගේ ඉතිහාසගත අත්දැකිම් මෙමගින් ලකුණු කරයි. මානව විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය, සාහිත්‍යය, චේශපාලන විද්‍යාව සහ ලිංගික විද්‍යාව වැනි අංශවලින් විවිධ දෘෂ්ඨිකෝණවලින් නොයකුත් විෂ්ලේෂණ මෙවලම් යොදාගනකිමින් උගතුන් මේ පිළිබද අධ්‍යයනය කරයි. මෙම අධ්‍යනයේ නියුක්ත මිනිසුන් ස්වදේශිය මිනිසුන්ගේ කොලොනිය කරණය දේශපාලන ස්වාධීනත්වය ස්වදේශිය මිනිසුන්ගේ සමකාලින ගැටලු නිරාකරණයට ගෙන ඇති පියවර ගැන පක්ෂව කතා කරයි. ඉතිහාසය[සංස්කරණය] යුරෝපියානු සම්බන්ධතා ඇතිවීමට පෙර, ඇමෙරිකාවේ ස්වදේශීය පෞරාණික ඇත්දැකිම් බලහත්කාරයෙන් සටහන් කෙරිණි. ඇතැමුන් විසින් යුරෝපියානු ඇමෙරිකානු සංස්කෘතියේ මුඛ්‍යධාරාවද උරාගැනීමට තැත් කරන ලදි. මිෂනාරීන්ගෙන් ආරම්භ කර පසුව ෆෙඩරල් පාලනය දක්වා වර්ධනය වු පාසල් වල මුලික අරමුණ වූයේ ඇමෙරිකානු ඉන්දියානුවන්ට අධ්‍යාපනය සලසා දී ඔවුන් නැවත ඔවුන්ගේ සමාජවලට යවා සමාග්‍රහණ ක්‍රියාවලින් වර්ධනය කිරීමයි. ඩේවිඩ් බෙක්(David Beck) ඔහුගේ “1974 පෙර ඇමෙරිකානු ඉන්දියානු උසස් අධ්‍යාපනය කොලොනියකරණයේ සිට ස්වයං නිර්ණය තෙක්” යන ලිපියෙහි දක්වන පරිදි පාසල්, සමාග්‍රහණයට මෙවලමක් ලෙස යොදා ගන්නා ලදි. ඒවායේ මුලික අරමුණ වුයේ බුද්ධිමතෙකු බිහි කිරීම නොව රැකියා සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීමයි. සමාග්‍රාහකයාගේ මුඛ්‍යධාරා ප්‍රතිපත්තියේ අධිශීක්ෂණය සහ එක්සත් ජනපදය පුරාවට K -12 පාසල් වල සහ විශ්වවිද්‍යාලවල උගන්වා ඇති දේ ගැන 1950 -1960 මිනිස් අයිතිවාසිකම් පිළිබඳව පැවැත්වුණු සම්මේලනයේදී ප්‍රශ්න කෙරිණි. ඇමෙරිකානු ඉන්දියානු ශිෂ්‍යයන් දයාබර මහාචාර්යවරුන්ගේ සහය ඇතිව නව අරමුණු සහිත නව වැඩසටහන් සෑදීමට පොළඹ විණි. ඉන්දියානුවන් ඔවුන්ගේ සමාජයට ගොස් සමාග්‍රහණයට පුහුණු කරවනවාට වඩා බලය පැවරීමට ඔවුන්ව පුහුණු කරවන ලදී. සමාජය පුරා පැතිරි යන සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට ධාරණය කරගත හැකි වැඩසටහන් ඉහත කී සම්මේලනය විසින් ගොඩනඟා ඇත. තවදුරටත්, පාසල් වල ඇති එවැනි සටහන් ඇමෙරිකානු ඉන්දියානු ඉතිහාසයට, සමාජ විද්‍යාවට සහ දේශපාලනයට නව අරුතක් ගෙන දුණි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බීච් වොලිබෝල් සඳහා “මිකායා”නැමති පන්දු නිළ වශයෙන් භාවිතා කරයි. සාමාන්‍යයෙන් කෙරෙන අනිකුත් වොලිබෝල් ක්‍රීඩාව සඳහා නිළ වශයෙන් වොලිබෝලය පාචිච්ච් කරයි. වොලිබෝල් කාණ්ඩ 3ක් ඇත. පිළිගත් ගෘහස්ථ වොලිබෝල් තරුණ ගෘහස්ථ වොලිබෝල් බීච්(Beach) වොලිබෝල් සියළුම වොලිබෝල රවුම් හැඩයෙන් යුත් හුලං පිරුණු අවකාශයක් තුළ සම් තට්ටු 18 කින් යුත් බොලයකි. සෑම කොටසක්ම තට්ටු තුනකින් හෝ පේළි තුනකින් යුක්ත වේ. පිළිගත් වොලිබෝලයකින් (ගෘහස්ථ වැඩිහිටි) සහ සුදුපාට හෝ පැහැදිලිව හඳුනාගත හැකි වර්ණ තුනකින් සමන්විත වේ. බාල වයස් කාණ්ඩ සඳහා ඇති වොලිබෝලය සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩාවට තනා ඇති අතර ළමයින්ට එය පහසුවෙන් පාචිච්ච් කළ හැකිය. බෝහෝ දෙනෙකු විශ්වාස නොකලත් සාමාන්‍ය වොලිබෝලය හා බීච් වොලිබෝලය බරින් එක හා සමාන වේ. වෙනසකට ඇත්තේ බීච් බෝලය තරමක ප්‍රමාණයෙන් වැඩි වීමත්, වඩා මෘදු වීම හා දීප්තිමත් වර්ණයන්ගෙන් යුතු වීමත්ය. ගති ලක්ෂණ[සංස්කරණය] ගති ලක්ෂණ Circumference cm (inches) Mass grams (ounces) Internal pressure kgf/cm² (psi) පිළිගත් ගෘහස්ථ 65-67 (25.5-26.5) 260-280 (9.2-9.9) 0.3-0.325 (4.3-4.6) තරුණ ගෘහස්ථ 63-65 (25-26) 240-260 (8.5-9.2) 0.3 (4.3) බීච් 66-68 (26-27) 260-280 (9.2-9.9) 0.175-0.225 (2.5-3.2) ප්‍රධාන වෙළඳ නාම[සංස්කරණය] තරගකාරී වොලිබෝල් වෙළඳ නාම කිහිපයක් භාවිතයේ ඇත. ඒවා අතර පහත වෙළඳ නාම ඇතුළත් වන අතර ඒවාට සීමා ද නොවේ. “ටකිකාරා” Tachikara “මෝල්ටන්” Molten “විල්සන්” Wilson “මිකාසා” Mikasa “බේඩන්” Baden “ස්පේල්ඩින්ග්” Spalding බොහෝ වර්ගීකරණයන් නැවත කුඩා කොටස්වලට විනෝදාස්වාද ක්‍රීඩා සඳහා යොදා ගනු පිණිස වෙන්කරනු ලැබේ.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජන සෙවණ නිවාස දස ලක්ෂයේ වැඩසටහන යටතේ කිලිනොච්චිය අරවියල් නගර්හි ඉදිකළ නිවාස ව්‍යාපෘතිය, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි.නිවාස 50කින් යුත් අරවියල් නගර් හි එක් නිවසක් සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ලබාදුන් මුදල රුපියල් තුන් ලක්ෂ පනස් දහසකි.සුබ සාධන මධ්‍යස්ථානවල සිට උතුරේ නැවත පදිංචියට ගිය ජනතාව වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහන ණය පදනම යටතේ ඉදිකළ ප්‍රථම ගම්මානය ද මෙය වන අතර නිවාසලාභීන්ගේ ශ්‍රම දායකත්වය ද සමඟ ක්‍රමවත් හා සාර්ථක අයුරින් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම සුවිශේෂත්වයකි.මුල්ගල තැබීමෙන් පසු මාස 08ක් වැනි කෙටි කාලයක් තුළ මංමාවත් විදුලිය, ජල, වැසිකිළි පහසුකම් ප්‍රජා ශාලා හා ක්‍රීඩා පිටිය ඇතුළු පොදු පහසුකම් ද සමඟ අරවියල්නගර් ජනතා අයිතියට පත්වීම ජනතා ජයග්‍රහණයකි.ජාති, කුල, ආගම්, පක්ෂ බේදයකින් තොරව මේ රට සංවර්ධනයක කරා රැගෙන යන ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මෙවැනි නිවාස ව්‍යාපෘති උතුරේ නැඟෙනහිර පමණක් නොව රටපුරා ඉදිකෙරෙන බව පැවැසූ අමාත්‍ය විමල් වීරවංශ මහතා ත්‍රස්තවාදී භීෂණය නිමාකොට ජීවිත හා රට ගොඩනඟන මෙහෙයුම දැන් ආරම්භ වී ඇතැයි ද කීය.මෙම නිවාස ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට හැකිවීම ජයග්‍රහණයක්. කැප වී ක්‍රියා කළ සැමට ස්තූතිය පළ කළ අමාත්‍ය වීරවංශ මහතා අනාගතය යහපත් කිරීමට රටට දැයට ආදරය කරන කැපවන දරු පිරිසක් නිර්මාණය කළ යුතු බව ද පැවැසීය.උත්සව සභාව අමතා අමාත්‍ය ගුණරත්න වීරකෝන්, විනයාගමූර්ති මුරලිදරන් තාරුණ්‍යයට හෙටක් සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුද කතා කළහ.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නැවත පදිංචි ඛ්ල;ම් අමාත්‍ය ගුණරත්න වීරකෝන්, නියෝජ්‍ය අමාත්‍ය, විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරු සහ රජයේ නිලධාරීහු හා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පළාත් පාලන ඉංජිනේරු සංගමයප්‍රථම වරට ඉදිරිපත් කරන ‘ඉඳු මිණි සර’ සංගීත ප්‍රසංගය හෙට (5 වැනිදා) පස්වරු 6.30 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.ගීත කෝකිලාවිය ලතා වල්පොල, විශාරද එඩ්වඩ් ජයකොඩි, ඉෂාක් බෙග් සමඟ දයාන් විතාරණ ගී ගයන මේ ප්‍රසංගයේ සංගීතය යුද හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම මෙහෙයවයි. කථනය කැළුම් ශ්‍රීමාල්ගෙනි.රූපවාහිනී මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල් විසින් රචනා කරන ලද කෘති දෙකක් පසුගිය දා ප්‍රකාශයට පත් කෙරිණි.එහි පළමු වැන්න ‘ආකර්ශනීය ලෙස කතා කිරීමේ සහ කථා පැවැත්වීමේ ක්‍රම’ නම් කෘතියේ නිවැරදිව, නිරවුල්ව, නිර්මාණාත්මකව සහ ආකර්ශනීය ලෙස කථා කිරීම සහ කතා පැවැත්වීමට පුහුණු වීමට අපේක්‍ෂා කරන, සමාජයේ සියලු තරාතිරමේ මෙන්ම විවිධ වයස් මට්ටම්වල පිරිස් ඉලක්ක කර රචනා කර තිබේ.අ.පො. ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග මෙන්ම විශ්ව විද්‍යාල සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන සිසුන් ඉලක්ක කර රචිත අනෙක් කෘතිය ‘සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය’ නමින් එළි දක්වා ඇත.ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් දර්ශනය හා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් හිමිකරගෙන සිටින හරීන්ද්‍ර සම්මාන ලාභී රූපවාහිනී නිවේදකයෙකි. මෙම කෘති දෙකම ඔහුගේ ‘ඕඥඵබ මධඪජඥ’ප්‍රකාශන ආයතනය මඟින් එළිදක්වා තිබේ.නව පරපුරේ කිවිඳියක වන නාලිනී තල්පිටිය ගේ කවි ගී රචනා නිර්මාණ තුන්සියයක් රැගත් පොත් ත්‍රිත්වයක් ‘රන්පත් ඉරු’ නමින් ලබන 10 වැනි දා සවස 3.00 ට ටොරින්ටන් හි පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී දොරට වැඩීමට නියමිතය. මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ආචාර්ය අජන්තා රණසිංහ, බණ්ඩාර ඇහැළියගොඩ, නිහාල් ජිනසේන ගේ කෙටි දෙසුම් පැවැත්වීමට නියමිත අතර නාලිනී තල්පිටිය ගේ නව ගීත රචනා ඇතුළත් සරල ගීතාවලියක් ද පැවැත්වේ. මෙම කෘති දොරට වැඩීමේ උළෙල මෙහෙයවීම වසන්ත රෝහණ විසිනි.තිලානි/යතේජා
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තම 'ස්ට්‍රීට් වීව්' (Street View) වැඩසටහන සඳහා මෙරට මහා මාර්ගවල සිට ඡායාරූප ගැනීම 12දා සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසයි.ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ශක ජෙනරාල් ඩී.එස් ජයවර්ධන මහතා පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන මෙම ගූගල් ව්‍යාපෘතිය යටතේ අන්තර්ජාලයට එකතුවන අතර ඒ අනුව විදෙස් සංචාරකයින් හට ශ්‍රී ලංකාව වඩාත් ආකර්ශණීය වනු ඇති අතර ශ්‍රී ලාංකිකයින් හටද අපරටේ සුන්දර ස්ථාන පිලිබඳව සවිස්තර තොරතුරු දැනගත හැකිවනු ඇත.මේ පිළිබඳව දැනුම්වත් කරමින් දෙසැම්බර් 11 කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගූගල් ආසියා පැසිෆික් හි ගිනිකොණදිග ආසියාව සහ චීනය සඳහා මහජන කටයුතු අධ්‍යක්ෂිකා ඈන් ලැවින් මහත්මිය මෙය නිවේදනය කළාය.ඇය පවසන ආකාරයට සුප්‍රකට පෞරාණිකග්‍රීක නගරයක් වන පොම්පෙයි නුවර ගූගල් ස්ට්‍රීට් විව් වලට ඇතුලත්වූ පසු සංචාරකයින් පැමිණීමේ 25% වර්ධනයක් පෙන්වා ඇත.ඒ අනුව, අද පටන් විශේෂ කැමරා සවිකළ ගූගල් කාර් රථ මගින් දිවයිනේ විවිධ මාර්ගවල අංශක 360ක ඡායාරූප ගැනීම සිදුකිරීමට නියමිතය. ගූගල් ස්ට්‍රීට්-විව් සඳහා ඡායාරූප ගන්නා මෝටර් රථවල සවිකොට ඇති කැමරා මගින් ලබාගන්නා අංශක 360ක පරිදර්ශක ඡායාරූප [360 panoramic images] මගින් ස්ට්‍රීට් විව් පරිහරණය කරන්නාට තමන් එම මාර්ගයේ හෝ එම ස්ථානයේ සිටිනා විට පෙනෙන ආකාරයට හාත්පස දර්ශණය කල හැක.ගූගල් ස්ට්‍රීට් විව් සඳහා අවශ්‍ය ඡායාරූප ලබාගැනීමට කැමරා සවිකල මෝටර් රථ, හිම පතනය ඇති ස්ථානවල හිමේ යා හැකි ස්නෝ මොබයිල් වාහන මෙන්ම පයින් පමනක් යාහැකි ස්ථානව වලදී ගූගල් ස්ට්‍රීට්විව් කැමරා පිටේ බැඳගත් ගූගල් සේවකයින්ද යොදවා මෙම සේවාව සකස් කොට ඇත.මුහුදු වෙරළක් ගූගල් ස්ට්‍රීට් විව් වලට හසුකර ගන්නා ගූගල් ස්ට්‍රීට් විව් සේවකයෙකුයාපනය, මාතර සහ ආරුගම්බේ යන ප්‍රදේශවලින් ආරම්භ වන මෙය දිගුකාලීන ආයෝජනයක මුල් පියවර වන බවත්, ස්ට්‍රීට් වීව් වැඩසටහන යටතේ ඉදිරි වසර කිහිපය තුළ සමස්ත දිවයිනම ඡායාරූප ගැනීමට කටයුතු කරනු ඇති බවත් එහිදී සඳහන් විය.ගූගල් ස්ට්‍රීට් විව් සේවාවට ඇතුලත්වන 65වන රට ශ්‍රී ලංකාවයි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ළමා වියේදීම රංගනයට අවතීර්ණ වූ මේ පුංචි දඟකාරයා දරුවනේ චිත්‍රපටයේ දිලුකගේ චරිතයෙන් අපි වඩාත් හඳුනා ගත්තෙමු. නිර්මාණ කිහිපයකම ප්‍රධාන නළුවාගේ ළමා කාලය නිරූපණයට අවස්ථාව ලද හෙතෙම වෙළෙඳ දැන්වීම් ගණනාවක් ඔස්සේ සිය නිසඟ හැකියාව විදහාලීමට සමත් විය.යොහාන් පෙරේරා.ඒ මේ කතාව ලියවෙන තැනැත්තායි.යොහාන්ගේ රුව නෙත ගැටෙද්දී ඔහු රංගනයෙන් කළ තවත් බොහෝ දේ ඔබට මතක් වේවි. ඉතින් අපි දැන් ඔහුගේ සුරතල් සිත කියවමු.යොහාන්, ඉස්සර තරම් වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින්නේ නැහැ නේද?දැන් මං ලොකුයිනේ. ගිය අවුරුද්දෙයි අ.පො.ස සාමාන්‍ය පෙළ ලිව්වේ. ඇඩ්වල රඟපාද්දි මං බොහොම පුංචියි. ඒ කාලේ මං බෝලයක් වගෙයි. හරිම හුරතල් පාටයි. ඒක නිසා වෙළෙඳ දැන්වීම් බහුලව ලැබුණා.වර්තමානයේ නම් වැඩිපුර ටෙලි නාට්‍යවලටයි චිත්‍රපටවලටයි දායක වුණේ.ඊළඟට මං අහන්නේ ඔබව වඩාත් ජනප්‍රිය කළ දරුවනේ චිත්‍රපටය ගැන?දරුවනේහි දිලුකගේ චරිතයයි මං කළේ. එහි නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු, අධ්‍යක්ෂ වී. සිවදාසන් සහ සුනිල් ටී.චිත්‍රපට සමාගමේ සුනිල් ධර්මසිරි මාමලා තමයි මාව ඊට ගත්තේ. අදටත් නැන්දලා මාමලා මාව දන්නේ දිලුක යන නමින්. දිලුක චිත්‍රපටය ඇතුළේ හරිම සැරයි. ඒත් මම නම් සැබෑ ජීවිතයේ එහෙම නැහැ.දරුවනේ රූගත කරද්දී ඔබ ඇතුළු දරුවන් පිරිස බොහොමත් දඟ වැඩ කළාලු?ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. මගේ වයසේ ගොඩක් අය හිටියා. හොරෙන් කෑම කෑවා. නැවතිලා හිටිය ලොජ් එකේ බාත්රූම්වල දොරවල් ගැලෙව්වා. මහ රෑත් හයියෙන් සිංදු කිවවා. හරිම ජොලි ඉතින්.ඔබ රඟපෑ අනෙකුත් නිර්මාණ මතක් කළොත්?ටෙලි නාට්‍ය කිව්වොත් ටිකිරි හපන්නු, අහස සේ නුඹ අනන්තයි, උපුලි. චිත්‍රපට ටික මෙහෙමයි. ආසයි මං පියාඹන්න, රෝස කැලේ, මහින්දාගමනය, තැන්ක්‍යු බර්ටි.යොහාන්ගේ පාසල මොකක්ද? ගම කොහෙද?මගේ ගම මිගමුව. ඉගෙන ගන්නේ මීගමුව මාරෙස්ටලා විදුහලේ එකොළහ වසරේ.දිගටම රඟපාන්නද හිතාගෙන ඉන්නේ.ඔව්. ඒ අතරතුරදී ඉගෙනුම් කටයුතු කරනවා. නළුවෙක් වෙන්නයි හිතාගෙන ඉන්නේ.ගෙදර අය ඔබ රඟපානවට ආසද?මෙකද නැත්තේ. අම්මා තමයි මාව හැම වැඩකටම එක්කගෙන යන්නේ. ගෙදර අය මට උපරිම සහයෝගය දෙනවා.ඔබේ ගමනට උදව් කළ අය කවුද?රාජසිංහ ලෝලුවාගොඩ, රෝහිත බී. පෙරේරා, සුනිල් ටී. ප්‍රනාන්දු, නුවන් ද අල්විස්, කපිල, උදයකාන්ත වර්ණසූරිය, ඩොනල්ඩ් ජයන්ත, සංජය නිර්මාල්, සුනිල් ධර්මසිරි, වී. සිවදාසන්, තිස්ස ලියනසූරිය, චන්න පෙරේරා, මංජුලා කුමාරි, සනත් අබේසේකර, සම්පත් ශ්‍රී රෝෂණ් සමඟ මගේ පාසලේ විදුහල්පති සුනන්ද අල්විස් සොහොයුරුතුමා ඇතුළු ගුරුවර ගුරවරියන්.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - ටෙනිසන් එදිරිසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රුහුණ විශ්වවිද්‍යාලයය ආදර්ශ පාඨය පඤ්ඤා නරානං රතනං (Pali) පිහිටුවන ලද්දේ ක්‍රි.ව. 1978 වර්ගය රාජ්‍ය කුලපති Venerable Pallattara Sumanajothi Thero උපකුලපති Prof. Gamini Senanayake පරිපාලන කාර්ය මණ්ඩලය 1144 (366 teaching) ශිෂ්‍යයන් 6366 පශ්චාත් උපාධි අපේක්ෂකයා 100 පිහිටීම , Sri Lanka අධ්‍යයන මණ්ඩප මාතර & කරාපිටිය වෙබ් පිටුව http://www.ruh.ac.lk/ රුහුණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පිහිටි විශ්ව විද්‍යාලයකි. දකුණු පළාතෙහි ඇති එකම විශ්වවිද්‍යාලයයි. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය අනුව, මෙම විශ්ව විද්‍යාලය හිමිකරගෙන ඇත්තේ 6 ස්‌ථානයයි. ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව, මෙම විශ්ව විද්‍යාලය හිමිකරගෙන ඇත්තේ 3483 ස්‌ථානයයි. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2014 පටුන 1 ආරම්භය 2 අධ්‍යයන මණ්ඩප 2.1 ප්‍රධාන මණ්ඩපය 2.2 වෙනත් මණ්ඩප 3 සබැඳි පිටු 4 බාහිර සබැඳුම් ආරම්භය[සංස්කරණය] අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා වශයෙන් ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතා ගේ අදහසක් අනුව 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතින් රුහුණ විශ්වවිද්‍යාලයය 1978 දි ආරම්භය කරන ලදි. අධ්‍යයන මණ්ඩප[සංස්කරණය] ප්‍රධාන මණ්ඩපය[සංස්කරණය] රුහුණ විශ්වවිද්‍යාලයයෙහි ප්‍රධාන මණ්ඩපය මාතර මැද්දවත්තෙහි පිහිටා තිබෙන අතර එහි, මානව ශ්‍රාස්ත්‍ර, විද්‍යා සහ වාණිජ පීඨයන් සහ උපකුලපති කාර්යාලයය ඇතුළු ප්‍රධාන කාර්යාලයයන් ද ප්‍රධාන පුස්තකාලයය, ගෘහස්ත ක්‍රීඩාගාරය සහ පරිගණක විද්‍යාගාරයද පිහිටා ඇත. ඉතාම දැකුම්කළු ගෘහ නිර්මාණ සැලැස්මකින් ඉදිව ඇති රුහුණ විශ්වවිද්‍යලයයෙහි ප්‍රධාන මණ්ඩපය ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියෙකුව සිටි ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කෙරිණි. ඉදිකිරීම් බැල්පර් බියැටි නම් ඕලන්ද සමාගම විසින් සිදු කරන ලදී. වෙනත් මණ්ඩප[සංස්කරණය] විශ්වවිද්‍යාලයයෙහි කෘෂිකර්ම පීඨය කඹුරුපිටිය ප්‍රදේශයේ මාපලානෙහිද, වෛද්‍ය පීඨය ගාල්ල කරාපිටියෙහිද පිහිටා ඇති අතර මෑතදී සරසවියට එක්වූ නව පීඨය වන ඉංජිනේරු පීඨය පිහිටා ඇත්තේ ගාල්ල වක්වැල්ලෙහිය. සබැඳි පිටු[සංස්කරණය] ආචාර්ය නිශ්ශංක විජයරත්න ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2014 "ලංකා යුනිවර්සිටි නිව්ස්” වෙබ් අඩවිය බාහිර සබැඳුම්[සංස්කරණය] රුහුණ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පිටුව
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මනෝ විද්‍යාවේ ජීව විද්‍යාත්මක මනෝ විද්‍යව නොහොත් ජීව මනෝ විද්‍යාව / මනෝ විද්‍යාව යනු මානසික ක්‍රියාවන් හා හැසිරීම් අධ්‍යයනය සඳහා ජීව විද්‍යාත්මක සිද්ධාන්තයන් යොදා ගැනීමයි. උදාහරණයක් ලෙස මනෝ ජීව විද්‍යාඥයෙක් පාත්ත පැටවනුගේ හැසිරීම් ළදරුවන්ගේ හැසිරීමට ආදේශ කර ඒවා මත සිද්ධාන්ත බිහි කරයි. මීට අමතරව ඔහු ජීව විද්‍යාත්මක විචල්‍යයන් මැනීමටද විශේෂ කැමැත්තක් දක්වයි. ඒවා ගුණාත්මක හා සංඛ්‍යාත්මකව හෝ මනෝ විද්‍යාත්මක හෝ හැසිරීම විචල්‍යයකන්ට සම්බන්ධ කිරීමට උත්සාහ කරයි. අනතුරුව එය සාක්ෂි මත පදනම් වූ පුහුණුවට උපයෝගී කරයි. ඉතිහාසය[සංස්කරණය] මෙම අධ්‍යනයන් පර්සියාවේ මනෝ විද්‍යාඥ Avicenna (980-1037 A.D.) සහ අනුබද්ධ වෛද්‍යවරයෙක් දක්වා දිවෙයි. මොවුන් දෙදෙනා විසින් චිත්ත සංවේදන ආශ්‍රිත මනෝ රෝග සඳහා ප්‍රතිකාරයන්ට කායික මනෝ විද්‍යාවේ වටිනාකම හඳුනාගන්නා ලදි. අකුරු ආශ්‍රිත පර්යේෂණය මඟින් ශරීර අභ්‍යන්තරයේ සිදුවන නාඩිවල වෙනස්කම් කායික රෝග සඳහා හේතුවන බව මේ දෙපළ අවබෝධ කරගති.මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීම් කළ අතර සෑම විටම කායික සහ මානසික රෝග එකිනෙකට සම්බන්ධ කරන ලදී. ඔහු විසින් මොළය තුළ පවතින ආර්ද්‍රතාවය මනෝභාව රෝග සඳහා බලපාන බව පැහැදිලි කරන ලදී. සතුට වැඩි වූ විට හුස්ම ගැනීමේ ප්‍රමාණය වෙනස් වන (වැඩිවන) බවත් එමඟින් මොළය තුළ ආර්ද්‍රතාවය වැඩි කරන බවත් හඳුනාගන්නා ලදී. නමුත් එම තෙතමනය සීමාව ඉක්මවා යෑම මඟින් මොළයේ කල්පාන්විත පාලන හැකියාව නැති කිරීම මඟින් මානසික රෝග ඇති වන බව පහදා දෙන ලදී. 18 වැනි සහ 19 වැනි සියවස්වලදී විවිධ විද්‍යාත්මක සහ දර්ශනාත්මක සම්ප්‍රදායන්වලින් ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාව විද්‍යාත්මක ක්ෂේත්‍රයක් ලෙස පැන නැගිණි. දර්ශනවාදයේ දී, Rene Descartes විසින් භෞතික අනුරූපක මඟින් මිනිස් සහ සත්ව හැසිරීම් පහදා දීමට යෝජනා කරන ලදී. උදාහරණයක් ලෙස ඔහු බොහෝ ජීවීන්ගේ මොළයේ මධ්‍යගතව පවතින පීනයිල් ග්‍රන්ථිය මිනිස් සිත හා දේහය අතර සන්ධිය ලෙස පවසන ලදී. මීට අමතරව දේහ තරලවල පවතින වායු ස්වභාවය මඟින් ප්‍රතීකයන් සහ අනෙක් චාලක ක්‍රියාවන් පහදන සිද්ධාන්තයක් ද ගොඩ නඟන ලදී. අනෙක් දර්ශනවාදීන් ද මනෝ විද්‍යාවේ උපත සඳහා විවිධ අයුරින් සහාය ලබා දෙන ලදී. මුල් කාලයේ එන පාඨ ග්‍රන්ථයක් වන William James (1890) “මනෝ විද්‍යාවේ මූලධර්ම” මනෝ විද්‍යාවේ විද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා ජීව විද්‍යාවේ මූලික අවබෝධයක් තිබිය යුතු බවට තර්ක කරන ලදී. “ සිරුරේ ක්‍රියාකාරකම් සහ අත්දැකීම් විශේෂයෙන් මොළය සම්බන්ධ අත්දැකීම් සම්බන්ධයෙන් වන මනෝ විද්‍යාව සැළකිල්ලට ගත යුතු වෙයි. අධ්‍යාත්මවාදීන් සහ සංඝටනවාදීන් යන දෙදෙනාම අවම වශයෙන් ඔවුනගේ මූලධර්ම විස්තර කරන අසාමාන්‍ය ආකාරය සහ ඒවා පහදා දිය හැක්කේ මොළය සම්බන්ධ නීති මඟින් පමණක් වීම නිසා ද මොවුන් 'cerebralists,' (මස්තිෂ්කයින්) ලෙස හැඳින්විය යුතුය. අපගේ ප්‍රථම නිගමනය වනුයේ මොළයේ භෞතවේදය මනෝ විද්‍යාව තුළ යම් තාක් දුරට හෝ අන්තර්ගත කළ යුතු බවය. ” ජේම්ස්හට, අනෙකුත් මුල් කාලීන මනෝ චිකිත්සකයින් මෙන් කායික විද්‍යාව ගැන පුළුල් පුහුණුවක් ලද්දෙකි. ව්‍යුහ විද්‍යාවේ (විශේෂයෙන්ම ස්නායුක ව්‍යුහ විද්‍යාවේ) ආශ්‍රිතව කායික විද්‍යාව පැන නඟී. ඒ අනුසාරයෙන් මනෝ විද්‍යාව සහ ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාව යන දෙඅංශයම නිත්‍යානුකූල විද්‍යාවන් ලෙස බිහි වී ඇති බව ප්‍රකාශ කළ හැකිය. විශේෂයෙන්ම කායිකවේදීන් විසින් ජිවීන් ඇසුරින් පර්යේෂණ කරන ලැබුව ද ඒවා සමකාලීන ව්‍යුහවේදීන් විසින් අනුමත නොකරන ලදහ. ක්ලෝඩ් බර්නාඩ් , චාර්ලිස් බෙලි , විලියම් හාර්වි වැනි විද්‍යාඥයින්ගේ පරීක්ෂණ “ජීවීන් ඇසුරින් කරන පර්යේෂණවලින් විශ්වාසදායී දත්ත” යන මතය විද්‍යාත්මක සමාජය තුළ ඇති කිරීමට උපකාරී විණි. මනෝ ජීව විද්‍යාව යන පදය විවිධ ක්ෂේත්‍රයන්හි යොදා ගත්ත ද එය ප්‍රථම වරට යොදා ගත්තේ නයිට් ඩන්ලැප් විසින් රචිත “මනෝ ජීව විද්‍යාව පිළිබඳ විග්‍රහය” යන ග්‍රන්ථයේය. ඔහු විසින් මනෝ ජීව විද්‍යා සඟරාව ආරම්භ කරන ලදී. එහි ප්‍රථම එළි දැක්වීමේ දී ඔහු විසින් මානසික සහ කායික ක්‍රියාවලීන් අතර ඇති සම්බන්ධතාවය විදහා දක්වන සඟරාව ලෙස හඳුන්වා දී ඇත. එමඟින් ඔහු ජීව විද්‍යාත්මක මනෝ විද්‍යාව හඳුන්වා දී ඇත. සටහන්[සංස්කරණය] Biological_psychology
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අන්තර් පාසල් 15න් පහළ ක්‍රිකට් තරගාවලිය යටතේ ආනන්ද විදුහල, සාන්ත ජෝන් විදුහල සහ මාරිස්ටෙලා විදුහල පරාජය කිරීමට පසුගියදා තර්ස්ටන් විදුහල සමත්විය.තර්ස්ටන් – ආනන්දතිමිර ජයසිංහගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ආනන්ද විදුහල සමඟ පැවැති තරගයෙන් කඩුළු 4ක ජයක් හිමිවිය.ආනන්ද විදුහල-254(සියළුදෙනා දැවී) අෂේන් දසනායක 43, නිසාල් ෆ්‍රැන්සිස් 41, පසිඳු ලක්ෂාන්ත 38 (සෙනාල් විජේසිංහ 62/3)තර්ස්ටන් විදුහල-255/6-තිමිර ජයසිංහ 101, සජිත් ගුණතිලක 62, චරණ නානායක්කාර නොදැවී 52 ( චමෝද් උදයංග 32/2 )තර්ස්ටන් - සාන්ත ජෝන්සෙනාල් පෙරේරා, ගිහාන් ශෂිර සහ තිමිර ජයසිංහගේ පන්දු යැවීමේ දස්කම් හේතුවෙන් සාන්ත ජෝන් විදුහලට එරෙහිව ලකුණු 95ක ජයක් අත්විය.තර්ස්ටන් විදුහල-267/8- උදාර මල්වරගේ 70, තිමිර ජයසිංහ 32 ( නලින් ධනුෂ්ක 48/3 )සාන්ත ජෝන් විදුහල – 172 (සියළුදෙනා දැවී) නලින් ධනුෂ්ක 44 (සෙනාල් පෙරේරා 26/4, ගිහාන් ශෂිර 31/3, තිමිර ජයසිංහ 35/3 )තර්ස්ටන් – මාරිස්ටෙලාතිමිර ජයසිංහ සහ රවීන් සමරසිංහ කඩුළු 4 බැගින් දවාලමින් මාරිස්ටෙලා විදුහලට එරෙහිව ලකුණු 163ක දැවැන්ත ජයක් තර්ස්ටන් විදුහලට හිමිකර දීමට සමත්විය.තර්ස්ටන් විදුහල- 288 (සියළුදෙනා දැවී ) සජිත් ගුණතිලක 66, තිමිර ජයසිංහ 62, තනුර සිල්වා 52 (අශේන් ප්‍රනාන්දු 36/3 )මාරිස්ටෙලා විදුහල – 125 (සියළුදෙනා දැවී ) නවෝද් ප්‍රනාන්දු 35 (තිමිර ජයසිංහ 13/4, රවීන් සමරසිංහ 30/4).
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට පෙන්ටාවේලන්ට් එන්නත (Pentavalant) නැවතත් හඳුන්වාදීම පෙරේදා (01 දා) සිදුවිය.ගැවි (GAVI) සංවිධානයේ සහයෝගය මත නැවතත් ආරම්භ කළ මේ එන්නතෙහි ත්‍රිත්ව, හෙපටයිටීස් බී, හිබ් එන්නත්වල අඩංගු සංඝටක ද ඇතුළත් වේ.හිමොෆිලස් ඉන්ෆ්ලුවෙන්සා ඕ (හිබ්) නමැති බැක්ටීරියාව ළදරුවන්ගේ සහ කුඩා දරුවන්ගේ ආසාදනයන් ඇතිකරන අතර ඊට ප්‍රතිකාරයක් ලෙස මේ එන්නත හඳුන්වා දී තිබේ.සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පී. ජී. මහීපාල මහතා ඊයේ (02) මේ බව ප්‍රකාශ කෙළේය.වයස මාස 2, 4 හා 6 සම්පූර්ණ කරන දරුවන් සඳහා මේ එන්නත ලබාදෙන බව ද, මුඛ පෝලියෝ එන්නතේ මුල් මාත්‍රා තුන ද, පෙන්ටාවේලන්ට් එන්නත සමඟ ලබා දෙන බව ද ඔහු පැවැසුවේය.හිබ් ආසාදන සඳහා ආරක්‍ෂිත සහ ඵලදායී එන්නතක් ලෙස මේ එන්නත ලබා දෙන අතර, මස්තිෂ්ක පටල ප්‍රදානය හා නියුමෝනියාව ඇතුළු උග්‍ර “හිබ්” ආසාදන වැළැක්වීමට මේ එන්නත ඉතා ආරක්‍ෂාකාරී හා ඵලදායී බව මේ එන්නත පිළිබඳ අත්දැකීම්වලින් පෙනී යන බව ද වෛද්‍ය මහීපාල මහතා පැවැසීය.ශශ්‍රී ලංකාවේ මතු වී ඇති මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස “හිබ්” ආසාදන සැළකිය හැකි බව 2004 දී සිදුකෙරුණු “හිබ්” රෝග නිසා සිදුවන පීඩාව පිළිබඳව අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.මේ අධ්‍යයනයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 5 ට අඩු දරුවන් අතර “හිබ්” මස්තිෂ්ක පටල ප්‍රදානය වැළඳීමේ ප්‍රවණතාව ලක්‍ෂයකට 20.1 ක් ද, සියලු “හිබ්” ආසාදන වැළඳීමේ ඇස්තමේන්තුගත ප්‍රවණතාව වයස අවුරුදු 5 ට අඩු ළදරුවන් ලක්‍ෂයකට 124.5 ක් ලෙස ද ගණන් බලා තිබේ.මේ රෝග ප්‍රවණතාව අවම කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් මත ළදරුවන්ට මේ පෙන්ටාවේලන්ට් එන්නත ලබාදිය යුතු බව ද, වෛද්‍ය මහීපාල මහතා අවධාරණය කළේය.මේ අවස්ථාවට වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂිකා පබා පළිහවඩන, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් පෙරේරා, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් අමුණුගම යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නුගේගොඩ ‘සැරිසර’ සංගීත ශාලිකාව මේ දවස්වල හරිම කාර්යබහුල තැනක් වෙලා.අපි ඒ ගැන විමසුවේ සැරිසර සංගීත ශාලිකාවේ ලේඛකාධිකාරී විශාරද චරිතා පි‍්‍රයදර්ශනී ගෙන්. මේ කාර්යබහුලත්වයට හේතුව එහි නව වසරට අලුත් සිසුන් බඳවා ගැනීම නිසා කියලා ඇය අපිට කිව්වා.ඉන්දියාවේ ලක්නව් භාත්ඛන්ඩ සංගීත විද්‍යාපීඨය හා සම්බන්ධ ප්‍රවේශිකා, ප්‍රථමා, මධ්‍යම, විශාරද ගායන හා වාදන පංති සඳහා තමයි මේ නවක සිසුන් බඳවා ගන්නේ. ඒ වගේම පෙර පාසල් ළමුන්ට මෙන්ම වැඩිහිටියන් වෙනුවෙන් රසවින්ඳන හා කටහඬ පුහුණු කිරීම් පංතිත් පැවැත්වෙනවා. කියලයි චරිතා අපට කිව්වේ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
විමුක්ති ජාතික තරුණ සේවා සභාව හරහා රංගනයට එක්වූ විමුක්ති මධුශංක, විතානමුල්ල විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවෙකි. කෝපි කඩේ ටෙලි නාට්‍යය විජය කුවේණි, ඇහැලේපොළ කුමාරිහාමි, රාස්ස කැලේ ආදී චිත්‍රපට ඔහුගේ සිනමා රංගනයන් හි කඩඉම්ය.තිලක් කුමාර රත්නායක, සුගත් සමරකෝන්, පි‍්‍රයන්ත ලලිත් ආදීන්ගෙන් හෙතෙම රංගනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලද්දෙකි.නො. 18, මඩුගස් ලන්ද, නයිවල, වේයන්ගොඩ ලිපිනයේ පදිංචි විමුක්ති ලේත් මැෂින් ක්‍රියාකරුවකු ලෙස රැකියාවක ද නිරත වෙයි. 071-3563035 අංකයෙන් ඔහුට ඇමතිය හැකිය.සටහන - සංජීවසේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 7 වන සියවස – 8 වන සියවස – 9 වන සියවස දශක: 690ගණන් 700ගණන් 710ගණන් – 720ගණන් – 730ගණන් 740ගණන් 750ගණන් වසර: 725 726 727 – 728 – 729 730 731 ක්‍රිස්තු වර්ෂ 728 (DCCXXVIII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 728 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය සාංචියේ බෞද්ධ ස්මාරක ලෝක උරුම ලැයිස්තුවෙහි දක්වා ඇති පරිදී නම රට ඉන්දියාව වර්ගය සමාජ පංති නිර්ණායක (i)(ii)(iii)(iv)(vi) ආශ්‍රය 524 යුනෙස්කෝ කලාපය ආසියා-ශාන්තිකර ශිලාලේඛන ඉතිහාසය ශිලාලේඛන 1989 (13වන සැසිය) ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් තුල සාංචිය හී පිහිටුම.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කර්නල් හෙන්රි ස්ටිල් ඕල්කට්තුමා විසින් පිහිටවන ලද බෞද්ධ විද්‍යාල අතර වාර්ෂිකව පැවැත්වෙන පාසල් හා ආදි ශිෂ්‍ය ක්‍රිකට් තරඟාවලියේදී මෙවර පාසල් සූරතාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයත්, ආදි ශිෂ්‍ය සූරතාව ගාල්ලේ මහින්ද විද්‍යාලයත් දිනා ගැනීමට සමත් විය.ගාල්ලේ මහින්ද විද්‍යාලයීය ආදි මහින්ද ක්‍රිකට් පදනම විසින් සංවිධානය කළ මෙවර තරඟාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඒ 12 වැනි වරටය. පාසල් අංශයේ අවසන් තරගයට මහින්දය පරදවා ධර්මපාලයත් රාහුල පරදවා ආනන්දයත් සුදුසුකම් ලැබීය.ආනන්ද 67/3 (පන්දුවාර 05) - තුෂාර සමරකෝන් 31, හේෂාන් විමලධර්ම නොදැවී 25 (හසිත නිර්මාල් 8/1, රසික ගමගේ 10/1)ධර්මපාල 70/2 (පන්දුවාර 4.5) - හසිත නිර්මාල් නොදැවී 35, දිල්රුක්ෂාන් ජයසුන්දර 16 (සචිත්‍ර පෙරේරා 10/1, රසිත් ජයරත්න 8/1) තරගයේ වීරයා ධර්මපාලයේ හසිත නිර්මාල්ය.ආදි ශිෂ්‍යයන්ගේ සූරතාවට අදාළ අවසන් තරඟයට ආදි ධර්මපාල පරදවා ආදි මහින්දයත් ආදි ධර්මරාජ පරදවා ආදි මලියදේවයත් සුදුසුකම් ලැබීය.ආදි මහින්ද 110/1 (පන්දුවාර 12) - දිලීප වික්‍රමසිංහ නොදැවී 36, සමන් පොන්සේකා 33, දුමින්ද වික්‍රමසිංහ නොදැවී 25ආදි මලියදේව 95/6 (පන්දුවාර 12) - රොහාන් දළුවත්ත නොදැවී 31, ටී. එන්. කේ. සිල්වා නොදැවී 26 (බී. පී. නිලාන් 14/2, ගයාල් ලංකා 17/3, අවසන් තරගයේ වීරයා ආදි මහින්ද කණ්ඩායමේ ගයාල් ලංකා ය.ශශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකගේ පාසල් පුහුණුකරු වූ මහින්දයේ හිටපු පුහුණුකරු මේජර් ජී. ඩබ්ලිව්. එස්. ද සිල්වා මහතා ද මෙම අවස්ථාවට එක්වූහ.ත්‍යාග ප්‍රදානය මහින්ද විද්‍යාලයීය ආදි සිසුන් වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක ජයනන්ද වර්ණවීර හා හිටපු මහින්ද ක්‍රීඩක ආචාර්ය චිත්‍රාල් අඹවත්ත මහත්වරු අතින් සිදුවිය.ආනන්ද, නාලන්ද, මහින්ද, ධර්මරාජ, මලියදේව, ධර්මපාල, ධර්මාශෝක හා රාහුල යන දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ පාසල් මෙම තරගාවලිය සඳහා එක්වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මිරිස් වගා කිරීම ගැන උනන්දුවක් ආවෙ අපේ ගෙවල් පැත්තෙ මිරිස් වගා කිරීම සම්බන්දයෙන් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක වෙනව කියල දැනගත්තහම.නොමිලේම පොතිලින් බදුන් - මිරිස් බීජ දෙනව කීව නිසාම ආසාව තවත් වැඩි උනා. නිකන් දෙන එකේ හදලා බලනව කියල හිතුව.මිරිස් ගැන මම් කලින් ලිව්ව බ්ලොග් පෝස්ට් තමයි මේ තියෙන්නෙ , මිරිස් වගා කිරීම මිරිස් තවාන් දැමීමමේ වෙද්දි එක සැරයක් මිරිස් කඩලත් ඉවරයි. මේ දවස් වල මෙහෙට ගොඩක් පායන නිසා පැල වලට ටිකක් සාත්තුව වැඩි කරන්නත් වෙනව. මේ පැල පොඩිම කාලෙ
.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අල්ට්‍රාටොප් තනි ගීත 40 නැත්නම් අල්ට්‍රාටොප් 40 යනු බෙල්ජියමේ වොලෝනියා ප්‍රදේශයේ සතිපතා වඩාත්ම අලෙවි වන තනි ගීතවල දර්ශකයයි. එහි ෆ්ලාන්ඩර්ස් ප්‍රදේශයේ පර්යාය ගීත දර්ශකය වන්නේ අල්ට්‍රාටොප් 50 යි. මෙම ගීත දර්ශක දෙකම සම්පාදනය කොට ප්‍රකාශයට පත් කරන්නේ අල්ට්‍රාටොප් සංවිධානයයි. එක්සත් රාජධානියේ තනි ගීත දර්ශකය මෙන්, අල්ට්‍රාටොප් සංවිධානය ගීත දර්ශක සම්පාදනය කරන්නේ වෙළෙඳසැල් 500 ක පමණ තැටි අලෙවිය සහ නිත්‍යානුකූල අංකිත බාගැනීම් මත පදනම්වය.[1] ජී.එෆ්.කේ. අලෙවි පර්යේෂණ ආයතනය ගීත දර්ශකයේ වර්තමාන වෙළෙඳපොළ නිරීක්ෂකයායි. ගීත දර්ශකය රේඩියෝ කන්ටැක්ට් හි සෙනසුරාදාවන්හිදී 1200 සිට 1400 දක්වා විකාශනය කෙරේ. අල්ට්‍රාටොප් දර්ශකවල විවිධ ගුවන් විදුලි සහ රූපවාහිනි නාලිකාවන්හි මුළු ප්‍රේක්ෂක සංඛ්‍යාව සෑම සතියකම මිලියන දෙක ඉක්මවා යයි. දර්ශකවල දසවන සංවත්සරය සැමරීමට 2005 දී සංවත්සර ග්‍රන්ථයක් එළිදක්වන ලදී. මෙහි එතෙක් විකාශය වූ සියළු කලාශිල්පීන් 5,882 කගේ ගීත 15,282 ම අන්තර්ගත විය.[1] මූලාශ්‍ර[සංස්කරණය] ↑ 1.0 1.1 "Who is Ultratop?". Ultratop. Ultratop and Hung Medien. සම්ප්‍රවේශය 25 July 2010.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඉන්දුනීසියාවේ දූපතකි

සහශ්‍රවර්ෂය: ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 9 වන සියවස – ක්‍රිපූ 8 වන සියවස – ක්‍රිපූ 7 වන සියවස දශක: ක්‍රිපූ 760ගණන් ක්‍රිපූ 750ගණන් ක්‍රිපූ 740ගණන් – ක්‍රිපූ 730ගණන් – ක්‍රිපූ 720ගණන් ක්‍රිපූ 710ගණන් ක්‍රිපූ 700ගණන් වසර: ක්‍රිපූ 739 ක්‍රිපූ 738 ක්‍රිපූ 737 ක්‍රිපූ 736 ක්‍රිපූ 735 ක්‍රිපූ 734 ක්‍රිපූ 733 ක්‍රිපූ 732 ක්‍රිපූ 731 ක්‍රිපූ 730 ප්‍රවර්ග: උපත් – මරණ – වාස්තු විද්‍යාව සංස්ථාපන කිරීම් – විසංස්ථාපනය කිරීම්
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගීත කෝකිලා, නිළි රැජන රුක්මණී දේවිය ගේ 91 වැනි ජන්ම දිනය නිමිත්තෙන් රුක්මණී දේවි අනුස්මරණ සංගමය විසින් 26 වැනි වරට ඉදිරිපත් කරන “රුක්මණී දේවි සැමරුම් ගී ප්‍රසංගය” හෙට (17 වැනි දා) පෙරවරු 10.00 ට සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලන ශාලාවේදී පැවැත්වේ.බස්නාහිර පළාත් ප්‍රවාහන හා සංස්කෘතික අමාත්‍ය උපාලි කොඩිකාර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේ ප්‍රධාන දේශනය පවත්වන්නේ ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය විසිනි.ප්‍රවීණ ගායිකා අයිරින් ලියනගේ, සහකාර පොලිස් අධිකාරී වජිර එදිරිමාන්න, අනුර ඇහැලේපොළ, චන්දු ඉඹුලාන ලියනආරච්චි, එඩ්වින් පෙරේරා, ඊ. ජී. ඒ. චිත්‍රා කාන්ති, සිරිමා මර්සිලීන්, ඇන්ටන් වේවැල්දෙණිය, ශ්‍යාමා ඔකඳපොළ, සනී ප්‍රනාන්දු, ස්වර්ණලතා මෙන්ඩිස්, සුසිල් වික්‍රමසූරිය, ශි‍්‍රයාණි සේනානායක, එන්. ජේ. ලාලිත ද සිල්වා, අනෝමා ලාසරස්, ශීලා වර්ණකුලසූරිය, පුෂ්පා මල්දම් ධනපාල, රමණී පනාගොඩ, ජයන්ති කරුණාරත්න, ජානක ඉලුක්කුඹුර, ශිරාණි චන්දිමා, රූපානි ඩයස්, මංගලා පෙරේරා, පි‍්‍රයා මුදලිගේ, වසන්ත බොතේජු, ගී ගයන මෙහි සංගීතය රංජිත් ඩයස් ප්‍රමුඛ වාදක මණ්ඩලයෙනි.මාධ්‍යවේදී හෙන්රි පි‍්‍රයශාන්ත මැන්දිස් ගේ සභාපතිත්වයෙන්, සම සභාපති අයිරින් ලියනගේ, උප සභාපති චාන්දනී ජයසිංහ මෙම සැමරුම් ගී ප්‍රසංගය සංවිධානය කරන අතර අනිල් ශ්‍රී විජයලාල් සමඟ ශ්‍යාමා ඔකඳපොළ නිවේදන කටයුතු කරති.- යතේජා
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රෝයල් චැලෙන්ජර්ස් පිලට එරෙහිව සුපිරි පන්දු ඕවරයේ දී ජය අත්කර ගැනීමට කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් සන්රයිස් හයිදාබාද් පිල සමත්විය.හයිදාබාද් නුවර පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංග්ලෝර් පිල ඕවර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 130ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදාබාද් පිලට ලබාගත හැකිවූයේ ද ඕවර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 130ක් පමණි.ඒ අනුව වසර හතක අයි.පී.එල්. තරග ඉතිහාසයේ තුන්වැනි සුපිරි පන්දු ඕවරය ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි.හයිදාබාද් පිල වෙනුවෙන් සුපිරි ඕවරයට මුහුණදීමට තිසර පෙරේරා හා කැමරොන් වයිට් පිටියට පිවිසි අතර ප්‍රවීන් කුමාර් යවනු ලැබූ එම ඕවරයේ දී ලකුණු 20ක් ලබාගැනීමට ඔවූහූ සමත්වූහ.ප්‍රවීන්ගේ ඕවරයට දැවැන්ත හයේ පහර දෙකක් එල්ල කිරීමට ද වයිට් සමත්විය. බැංග්ලෝර් පිල වෙනුවෙන් ක්‍රිස් ගේල් හා විරාත් කෝලි පිටියට පිවිසි අතර පන්දු යැවිම භාරවූයේ ඩේල් ස්ටේන්ටය. ඒ ඕවරයේ දී බැංග්ලෝර් පිලට ලබාගත හැකිවූයේ ලකුණු 15ක් පමණි.බැංග්ලෝර් - 130/8 (ඕවර 20) විරාත් කෝලි 46, මොයිසස් හෙන්රිකස් 44 (ඉෂාන්ත් ෂර්මා 27/3)හයිදාබාද් -130/7 (ඕවර 20) හනුමා විහාර් නොදැවී 44 ( හෙන්රිකස් 14/2, උනද්කට් 24/2).
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කළුතර ප්‍රාදේශීය සභාවට අයත් පනාපිටිය සුසාන භූමියේ සුසාන ගෙය කලකට ඉහත දී කඩා වැටී බිමට සමතලාවී වසර ගණනාවක් ගතවී ඇතත් තවමත් පිළිසකර කර නැත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ආදර කතාවෙ පළවෙනි කොටස ---> මෙතනින්මගේ ආදරවන්තියව මට හමු වීම මම ඒ වෙනකොට මගෙ ජීවිතේ ගොඩක් දේවල් නැති කරගෙන තිබුනෙ... සමහර දේවල් මගෙ කැමැත්තෙන්ම අත ඇරිය. මගෙ යාලුවො මට කතා කලේ ෆේස්බුකා කියල... මට අත අරින්න බෑ කිවුව ෆේස්බුක්. මම ෆේස්බුක් අත ඇරිය. ෆෝන් එක අත අරින්න බෑ කිවුව, ෆෝන් එකත් විකුණල දැම්ම.. කොණ්ඩෙට තියෙන ආසාව අත අරින්න බෑ කිවුව... තට්ටෙම ගෑව.. ඒ විතරක් නෙමෙයි මගෙ කායික මානසික සෞඛ්‍යයයත් මම බොහොම දරුණු විදියට නැති කරගෙන තිබුන.. මේ ඒ කාලය --> විදවීමයි වින්දනයයි එකතු වෙන තිත.. ආයෙමත්.... මට ගෙදර කරන්න තරම් විශේෂ වැඩක් නොතිබුන අතර වර්ක්ශොප් එකේ වැඩට ගියා. ඒ අතර මම අපේ ප්‍රදේශයේ ජනප්‍රිය ආයතනයක තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවක් හදාරන්න ගියා. ඒ කාලයේ පංති එන යහලුවන් එක්ක සම්බන්ධ වෙන්න ජංගම දුරකතනය සහ ෆේස්බුක් නැවත භාවිතය පටන් ගත්ත. ඔන්න ඔය කාලෙ මගෙ නෑදෑ වෙන අක්ක කෙනෙක් එයාගෙ දුව ගැන ලැබුන තොරතුරක් මත මගෙන් උදවුවක් ඉල්ලුව. එයාගෙ දුව එයාට හොරෙන් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන ද කියල බලන්නයි කියල. ඔන්න ඉතින් මම හොයන්න පටන් ගත්ත. එයාගෙ නම ශලිනි. මම කොයි තරම් හෙවුවත් එහෙම එකක් හම්බ උනේ නෑ, ඒ කිවුවෙ අර මගෙ නංගි කෙනාගෙ කියල සැක කල හැකි එකවුන්ට් එකක්. ඒත් මට දෙයක් හම්බ උනා.. ඒ ශලිනි කියල ෆේස්බුක් එකවුන්ට් එකක්, මගෙ ලිස්ට් එකේ යාලුවො කීපදෙනෙකුත් ඒ එකවුන්ට් එකේ හිටිය. මේ අර නංගිද කියල පොඩි සැකයක් තිබුන නිසා කෝකටත් කියල රික්වෙස්ට් එකක් දැම්ම. ඔන්න මගෙ ආදර කතාවෙ ආරම්භය... මීට වසර 3,4කට පමණ පෙර ශලිනි නම් අන්වර්ථ නාමයකින් මුහුණු පොතේ සැඟවී සිටි මගේ ආදරවන්තිය හමු වීම.මුලදි මම ඈ එක්ක මැසේජ් කලේ ඇගේ පිංතූර වලට කමෙන්ට් කලේ මේ අර මට හොයන්න කියපු නංගි ද කියල පුංචි සැකයකුත් එක්ක. ඒත් පසුකාලීනව ඒ සැකය දුරු වෙලා මේ කියපු ශලිනි මගෙ හොඳම යාලුවෙක් උනා. මේ කාලය ඇතුලත මම ගොඩක් දේවල් මගෙ ආදරවන්තිය පිළිබඳව දැනගත්ත. ඈ ගැන ගොඩක් අධ්‍යයනය කලා.මීළඟට ඈ පිළිබඳව මගේ අධ්‍යයනය, ඇගේ විස්තර, ඇගේ අතීතය.... මීළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න...සැ. යු. - මෙම පෝස්ටුව තුළ මෙයට සම්බන්ධ ලින්ක් කීපයක්ම දමා තිබේ.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පසුගිය කාලයේ එළි දැක්වුණු මගේ ගීත රැගත් සී. ඩී. පටයට ලැබෙන ප්‍රතිචාර ගැන දැනෙන්නේ සතුටක්. ඒත් සමගම කළ මගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයත් දිගින් දිගටම ප්‍රසංගයක් ලෙස කරගෙන යන්නත් මා අදහස් කළා.ගෘහස්ථ ප්‍රසංගවලට සහභාගි වන ගමන්ම මම රැකියාව කරන සිංගර් පිනෑන්ස් ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර සංවර්ධන කළමනාකරු විදියට එහි කටයුතුවලට පූර්ණ අවධානය යොමු කරලයි ඉන්නේ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සම්මා සම්බුදු සේමයි මා වැඩු මගේ අම්මානම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මාඅම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මාසම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මාපේම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මාවම්මා කඳුලැල් ඉස ඉස හැදුවයි මගේ අම්මාඅම්මා අපිව හැදුව නිසා මේ වැඩකර නෙම්මාසම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මාටික ටික වතුර අරගෙන පොල් කටුවකටනාවපු අයුරු මතකයි ඇගෙ උකුල මතඅම්මේ ඔබේ පා පියුමන් සිඹින කොටවැටෙනවා කඳුලු මගේ දෑසින් ඔබෙ නමටඋයලා බත බිමට බෑ සැටියෙම වාගේබෙදලා පිගානට ගෙන රන්තැටිය මගේවෙනදා වගේ නොවෙයි අම්මේ බත රස්නේකියපු ගමන් මට ගැහුවා අම්මා මගේලේ ටික කිරට හරවා මා හට පෙව්වදිවරෑ නොබල මා වෙනුවෙන් වෙහෙසෙව්වමැදියම් රුයේ දෝතට ගෙන නලවව්වඅම්මේ ඔබයි කප්රුක මගේ සැමදාමඇසට නින්ද ඇතිව නොවෙලු මා හැදුවේ අම්මාකුසට අහර ඇතිව නොවෙලු මා වැදුවේ අම්මාකයට නියම සැප නොගෙනලු මා වැඩුවේ අම්මාබුදුන් දැක නිවන් දැක නිවන් දැකපන් ආදර මගේ අම්මාගියා ඈත පිටිසර ගම් වලට පියාසොයා ගෙනත් මිල මුදලුත් දුන්නු පියාමෙයාකාර සැපතක් මට දුන්නු පියාසම්මා සම්බුදු සරණයි මගේ පියාඅල්ලා සෙමින් සුරතල් උනු මගේ අතමිඳුලේ වටේ සෙල්ලම් කරනවා ඇතසිහිවන විටදි පියතුම ඔබේ පුරුදු අතවාවාගන්න කොහොමද මගෙ බොලඳ හිත.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අගෝස්තු 14, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 226 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 227 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 139 ඉතිරිව තිබේ . This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රවන් ඇල්ල රවන් ඇල්ල පිහිටීම උඩුහාවර, ශ්‍රී ලංකාව ඛණ්ඩාංක 6°57′34″N 80°51′16″E / 6.95944°N 80.85444°E / 6.95944; 80.85444 (Rawan Ella)ඛණ්ඩාංක: 6°57′34″N 80°51′16″E / 6.95944°N 80.85444°E / 6.95944; 80.85444 (Rawan Ella) සමස්ථ උස මීටර 40[1] රවන් ඇල්ල යනු ශ්‍රී ලංකාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ උඩුහාවර ග්‍රාමයේ පිහිටා තිබෙන දිය අැල්ලකි[2]. එය වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 12 ක් පමණ දුරින් පිහිටයි. රවන් ඇල්ල, රාවණ කථා පුවත සමගද බැඳී පවතින බැව් සඳහන්ය.[3] රැවැන් ඇල්ල, රවැන් ඇල්ල හා රාවන ඇල්ල යන නම් වලින්ද මෙම දියඅැල්ල හඳුන්වනු ලැබේ. රත්රන් වන් දිය දහර යන අරුතෙන් දිය අැල්ල, රවන් යන නමින් ප්‍රචලිත වූ බව පැවසෙයි.[4] මේවාද බලන්න[සංස්කරණය] ශ්‍රී ලංකාවේ දිය ඇලි ආශ්‍රිත[සංස්කරණය] ↑ http://amazinglanka.com/wp/ravan-ella-falls/ ↑ "බෝඹුරුඅැල්ල වෝටර්ෆෝල්ස් ඉන් ශ්‍රී ලංකා". ↑ "Rawan Ella". ↑ http://www.silumina.lk/2011/04/03/_art.asp?fn=av11040313
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බීමත් රියැදුරන් පරීක්ෂා කිරීම සඳහා රථවාහන අංශ පොලිස් නිලධාරින් භාවිත කරන වායු බැලුන (Alcolizer) නොමැති වීමෙන් දිවයිනේ පොලිස් කොට්ඨාස රැසක බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම අසීරු වී ඇතැයි වාර්තා වෙයි.මේ ඇල්කොලයිසර් උපකරණ ඇතැම් පොලිස් ස්ථානවල පවතින නමුත් ඒවා කල් ඉකුත් වී තිබීම නිසා භාවිත කළ නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ. මේ තත්ත්වය හේතුවෙන් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගත්විට ඔවුන් වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට සිදුව තිබෙන අතර, එහිදී මතුවන දුෂ්කරතා හේතුවෙන් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බව ද දැන ගන්නට ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ අධීක්‍ෂණය මත මතුගම ලංගම ඩිපෝවේ බස් රථ 30ක් අලුත්වැඩියා කර ධාවනයට යෙදවීමට ක්‍රියා කර ඇත.මතුගම ඩිපෝවේ වෙන්දේසි කිරීම සඳහා තිබූ බස්රථ 30ක් මාසයක් තුළ අලුත්වැඩියා කර ධාවනයට යෙදවිය. මේ සඳහා රු. ලක්‍ෂ අනුවක් වැය කැර තිබේ.එම බස් රථ ධාවනයට යෙදවීමේ අවස්ථාවට සහභාගි වූ ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා මෙසේ කීය.ලංගමය භාර ගන්නා විට තිබුණේ අඩු ආදායම් තත්ත්වයක්. එහෙත් දැන් එය ක්‍රමයෙන් වැඩිවෙනවා.පසුගිය කාලේ දෛනික ආදායම තිබුණේ රුපියල් ලක්ෂ 380ක් පමණයි. මේ අගෝස්තු මාසය වන විට ඒ ප්‍රමාණය ලක්‍ෂ 430 දක්වා වැඩි වෙලා . මේ වසර අවසන්වීමට ප්‍රථම දෛනික ආදායම රුපියල් ලක්‍ෂ 500 දක්වා ඉහළ දැමීමට කටයුතු කරනවා.දැනට ලංගමය සතුව ඇත්තේ බස්රථ 5183ක් පමණයි. මේ වසර අවසන්වීමට කළින් ලංගමය සතු බස්රථ සංඛ්‍යාව 7000 දක්වා ඉහළ දැමීමට කටයුතු කරනවා.ලබන මාසයේ අලුත් බස්රථ 500ක් ධාවනයට යෙදවීමටද පියවර ගෙන තිබෙනවා.ඉදිරියේදි 30% අඩුමිලට බස්රථ අමතර කොටස් ගන්න ජනාධිපතිතුමාගෙන් අනුමැතිය ඉල්ලු විට එය වසර තුනකට ලැබුණා. අපේ ලංගමය ගොඩගන්න එය ඉතාමත් වැදගත් තීරණයක්.ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති එච්. ඩී. බන්ධුසේන මහතාලංකා ගමනා ගමන මණ්ඩලය ගොඩගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. අපි මේ ලංගමය කෙසේ හෝ නගා සිටුවනවා.බස්නාහිර පළාත් සභා මන්ත්‍රී චÁද්‍රබානු අදිකාරම් , ඇමතිවරයා ගේ සම්බන්ධිකරණ ලේකම් පියන්ත විජේසිංහ උප සභාපති ඩී. විමලරත්න මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
‘බිම් සවිය’ වැඩසටහන යටතේ රටපුරා ඉඩම් කැබැලි 80,175 ක් සඳහා හිමිකම් සහතිකපත් නිකුත්කර තිබෙන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.පසුගිය 2008 වසරේ සිට මේ දක්වා කාලය තුළ නිරවුල් ඉඩම් වෙනුවෙන් මෙලෙස හිමිකම් සහතික නිකුත්කර තිබෙන අතර එය මූලික වශයෙන් බලපත්‍ර සහ දීමනාපත්‍ර වශයෙන් බෙදාදී තිබෙන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.ඒ අනුව බලපත්‍ර 53,455 ක්ද සහ දීමනාපත්‍ර වශයෙන් 26,720 ක්ද බෙදාදී තිබෙන බව සදහන් කරන ඇමැතිවරයා මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන බිම් සවිය වැඩසටහන යටතේ මෙම හිමිකම් සහතිකපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයිද කියාසිටී.බිම්සවිය වැඩසටහන මේ වනවිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 23ක් ආවරණය කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 72ක ක්‍රියාත්මක වන අතර එය එළඹෙන 2014 වසරේදී තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 20 ක ක්‍රියාත්මක කිරීමට සැළසුම්කර තිබෙන බව සඳහන් කරයි. බිම් සවිය වැඩසටහන තුළින් ඉඩමේ නිරවුල් බව සුරක්ෂිත කරන අතර වඩාත් සවිමත් බිමක් ශ්‍රී ලාංකීය ජාතිය වෙත ප්‍රදානය කෙරේ.යල්පැන ගිය ඔප්පු ක්‍රමය (ලේඛන ලියාපදිංචිය) වෙනුවට ඉඩමේ හිමිකම තහවුරු කිරීම සඳහා නොමිලේ, රජයේ වගකීම සහිතව ක්‍රියාත්මක වැඩසටහනක් වන බිම් සවිය වැඩසටහන මඟින් ඔප්පුව වෙනුවට හිමිකම් සහතිකයක් ලැබීම, ඉඩම සඳහා පිඹුරක් සකස්වීම, වෙනස් නොවන ස්ථිර මායිම්, ඉඩමේ හිමිකම වෙනුවෙන් රජයේ වගකීම සහ ගණුදෙනු කිරීමේදී වඩා ඉහළ වටිනකමක් ලැබීම ආදි ප්‍රතිලාභ හිමිවෙයි.කෙටි කලකින් ශ්‍රී ලංකාව පුරා ඉඩම් සඳහා හිමිකම් ලියාපදිංචිකර නිම කිරීමේ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක මේ වැඩසටහන ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බීමත්ව අපරීක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කර පුද්ගලයෙකු මරණයට පත් කර තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකළ විත්තිකරුවකුට අදාළ පාර්ශ්ව වෙනුවෙන් රු. දශ ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසට හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විත්තිකරුට නියෝග කළේය.ඒ අතර රු. 10,000ක දඩ මුදලක් ගෙවීමටත් වසර පහකට අත්හිටවූ වසර දෙකක බරපතළ වැඩසහිත සිර දඬුවමක් ලබාදීමටත් රියැදුරු බලපත්‍රය අවලංගු කිරීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.පසුගිය වසරේ අප්‍රේල් මස 04 වැනි දින ඉංගිරිය – පාදුක්ක – මාර්ගයේ ආරකාවිල ප්‍රදේශයේදී බීමතින් අපරීක්ෂාකාරීව රිය පදවා එරික් ෂෙල්ටන් කුමාරසිරි යන අයගේ මරණය සිදු කිරීමත් මාන්නගේ ළහිරු ජයනාත් සහ මාන්නගේ මධුසංඛ යන අයට බරපතළ තුවාල සිදු කිරීමත් සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය විත්තිකරුට එරෙහිව මේ නඩුව පවරා තිබිණි.හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා ඉදිරියේ මේ නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකරු විසින් මරණකරුගේ මවට රු. ලක්ෂ පහක වන්දි මුදලක් ද බරපතළ තුවාල ලැබූ දෙදෙනාට රු. 2,50,000 බැගින් වන්දි මුදලක් ද ගෙවීමට එකඟ වී චෝදනාවලට වරද පිළිගත් නිසා මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විසින් ඉහත සඳහන් දඬුවම් නියම කළේය. පැමිණිලි පක්ෂය වෙනුවෙන් ඉංගිරිය පොලිස් ස්ථානාධිපති උදය කුමාර මහතා සමග නීතිඥ සරත් ලියනගේ සහ නීතිඥ තුෂාර ගුණරත්න මහත්වරු පෙනී සිටියහ. විත්තිකරු වෙනුවෙන් නීතිඥ අබේසිංහ සියඹලාගොඩ මහතා පෙනී සිටියේය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලක්ෂ්මන් මානවඩුහඳුනාගත්තොත් ඔබ මාබොඳ මීදුම්හි මුදලාලි මේ දවස්වල අතිශය කාර්යය බහුල වෙලා. මුදලාලිට රහස්පරීක්ෂක රස්සාවක් හම්බවෙලා. මේ මුදලාලි රහස්පරීක්ෂකයෙක් වෙන්නේ මේ දවස්වල විකාශය වන සයුරි ටෙලිනාට්‍ය හරහා. එදා මුදලාලි වෙමින් සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ සිත් ආදරයෙන් ඇඳ බැඳ තබාගත් ඔහු මේ වන විට ජනප්‍රිය තලයේ යොවුන් නළුවකු වී හමාරයි.ලක්ෂ්මන් මානවඩුඉතිං ඊටපස්සේ ටෙලි නාට්‍යයේ මහානාමගේ චරිතය අපූරුවට නිරූපනය කරමින් ටෙලි ලොවට පෑයූ ලක්ෂ්මන් මානවඩු බොඳ මීදුම් හි මුදලාලි චරිතය අපූරුවට මවමින් තම රංගන හැකියාව ප්‍රකට කළේය. ඉන්පසුව ජනප්‍රිය රැල්ලේ ටෙලි සිතුවම් රැසක ප්‍රධාන භූමිකා කීපයක් මැවූ ඔහු සිහින පියාපත් හි නීතීඥයා ලෙස කැපී පෙනෙන චරිතයක් මැව්වේය.කලාත්මක ටෙලිනාට්‍ය තලයට පැමිණි මානවඩු මිණිපුරහටනෙහි ප්‍රේමපාලගේ චරිතය මවමින් සියලු ප්‍රේක්ෂක සිත් තමාවෙත නතු කර ගත්තේය. මුතු පලස , රන්තරු, චායා, මලී වැනි ටෙලිසිත්තම්හි ප්‍රබල චරිත නිරූපණය කළ ලක්ෂ්මන් මානවඩු මේ දිනවල රූගත වන දේවී ටෙලිනාට්‍යයෙහි ජන්තු ලෙස වෙනස්ම චරිතයකට පණ පොවමින් සිටී. මායා පටල ටෙලිනාට්‍යයේ ප්‍රධාන පොලිස් නිළධාරියාගේ චරිතය නිරූපනය කරන මානවඩු ඉදිරියේදී උතුම් පැතුම් සහ ආදර දෑසක්හි ප්‍රබල චරිත මැවීමට නියමිතය.“ඇත්තටම මෙතුවක් ආ ගමන ගැන තියෙන්නේ සන්තෝෂයක්. මම නළුවෙක් වුණේ අහම්බෙන්. ඒ වුණත් පුංචි කාලෙ ඉඳලම රංගනයට වගේම නළු නිිළියන්ටත් මං ආදරේ කළා. ගාමිණී ෆොන්සේකා මහත්මයට වගේම නිළි රැජන මාලිනියටත් මම එක ලෙස ඇලුම් කළා. ඒ වගේම චිත්‍රපට බලන්න පුංචි කාලේ ඉඳන්ම තිබුණේ පුදුම ආශාවක්. ටෙලි නාට්‍ය බලන්න ටී. වී. එකක් හම්බවෙන තැනක් තියෙන්නේ කොහෙද කියලා හිතපු කාලෙකුත් අපට තිබුණා. කොහොම හරි මම අහම්බෙන් නළුවෙක් වුණා.පළවෙනි දවසේ චකිතයක්, බියක් දෙකම එකට එකතු වෙලා මට අමුතුම හැඟීමක් දැනුණා. මං හිතුවේ නැහැ කවදාවත් මට මෙච්චර රසික පිරිසක් ආදරය කරන නළුවෙක් වෙන්න ලැබේවි කියලා. කොහොම හරි ඒ හීනය ඉටු වුණා. මේ වෙලාවේ චන්දික විජේසේන, සඳුන් රාජකරුණා, ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සංජීව සමරවීර, මංජුල කරුණාරත්න, ධනංජය සිරිවර්ධන වගේම මෙතුවක් කල් මට අත හිත මෙන්ම දිරිය දුන් සියලු දෙනාව මතක් කළ යුතුමයි.මුල් කලේ ප්‍රේමනීය කතාවල ජනප්‍රිය චරිතයක් වූ නිසාම රසික රසිකාවන් මා වටේ එක් වුණා. ඉන් පස්සේ මට වෙනස්ම චරිත ලැබෙන්න පටන් ගත්තා. මං කැමැතිම ගැමි චරිත රඟපාන්න. ඒ වගේම සටන් ජවනිකා තියෙන චරිතවලටත් කැමැතියි. චිත්‍රපටයක රඟපාන්නට මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අවස්ථාව නුදුරේදීම උදා වේවි. මෙතෙක් කල් දිරිය දුන් සැමටම ස්තුතියි.ඔහු කතාව අවසන් කළේ දිගු ගමනක මං පෙත ගැන අපට ඉඟි කරමින්. සිනමාවට පිවිසීම මානවඩුගේ බලාපොරොත්තුවයි. එමෙන්ම ටෙලිනාට්‍යයන්හි ගැමි චරිත මැවීමට මානවඩුගේ පැතුමයි.ඉදිරියේදීත් කලා මං පෙතේ මානවඩු කැපී පෙනෙන චරිතයක් ලෙස අපට හමුවේවි.manawadu@gmail.com විද්‍යුත් ලිපිනයෙන් සහ 077- 3779703 අංකයෙන් ඔබටත් මානවඩුට සුභපැතිය හැකිය.චතුර
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රම්බොඩ උමඟේ පිවිසුම් කොනක් රම්බොඩ උමං මාර්ගය ශ්‍රී ලංකාවේ දිගම උමං මාර්ගයයි. ගම්පොළ - නුවර එළිය මහා මාර්ගයේ පිහිටා ඇති මෙය රම්බොඩ කපොල්ලට විකල්ප මාර්ගයක් වශයෙන් ඉදි කරන ලද්දකි. උමග මීටර 225 දිගකින් හා මීටර 7 පළලකින් හා ධාවන මං තීරු දෙකකින් සමන්විතය.[1] රම්බොඩ කපොල්ල හා රම්බොඩ ඇල්ල මේ උමං මාර්ගය ආසන්නයේ පිහිටා ඇත. මධ්‍යම පළාතේ ගම්පොළ - නුවරඑළිය(B 13), ගම්පොළ - නාවලපිටිය(A 5) මාර්ග සංවර්ධනය කිරීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක ප්‍රථිඵලයක් වශයෙන්, මෙම උමං මාර්ගයේ වැඩ කටයුතු 2006 ජූනි අරඹන ලද අතර 2008 පෙබරවාරි වන විට එහි වැඩ කටයුතු නිම විය.[2] 2008 පෙබරවාරි මස 24 වැනිදා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම උමං මාර්ගය විවෘත කරන ලදී. 2008 මාර්තු දෙවන දින මෙම උමං මාර්ගය මහ ජනතාව වෙනුවෙන් විවෘත විය.[3] මෙම මහා මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා බැංකුව හරහා ජපන් රජය විසින් ජපන් යෙන් මිලියන 3,078 ක(ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.1 ක) අරමුදලක් සපයා ඇත.[4] උමං මාර්ගය සඳහා පමණක් වැය වූ මුදල රුපියල් මිලියන 200 කි.[5] ආශ්‍රිත[සංස්කරණය] ↑ මාර්ග සංවර්ධන අධිකාරිය ↑ මාර්ග සංවර්ධන අධිකාරිය ↑ මාර්ග සංවර්ධන අධිකාරිය ↑ ශ්‍රී ලංකා රජයේ නිල පුවත් වෙබ් අඩවිය ↑ සිළුමිණ බාහිර සබැඳි[සංස්කරණය] රම්බොඩ උමඟේ භූ ගෝලීය පිහිටීම - විකිමැපියා
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
තිහගොඩ පොලිස් වසමේ අපරැක්ක ප්‍රදේශයේදී වල් ඌරන්ට ඇටවූ විදුලි රැහැනකට හසුවීමෙන් වයස අවුරුදු 11ක පාසල් දැරියක් ඊයේ (25) මියගොස් තිබේ.ඊයේ (25) පෙරවරුවේ සිය ඉඩමේ වැටී තිබූ පොල් ගෙඩියක් ඇහිඳීමට යාමේදී මේ අනතුරට පත්ව ඇත.මාතර යටියන මහ විදුහලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්. ඒ. නිසංසලා නමැති දැරිය මෙලෙස මරණයට පත්ව තිබේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සිරිල් එදින කුලී වැඩ නිමකර ගෙදර එනවිට දැක්කා පාරෙ ධාවනය වුණු වාහනයකට යටවී මැරී සිටිය තලගොයි පැටියෙක්. වටපිට බැලූ සිරිල් කාටවත් නොපෙනෙන්න අර තලගොයි පැටිය කඩදාසියක ඔතාගෙන ගෙදර ගෙනාවා. මේක දැක්ක බිරිය සිරියාවතී ඔය මොනවද කියල ඇහැව්ව. සිරිල් බිරියට විස්තරය කිව්වා. මේක හොඳ ඖෂධයක් බව මම අහල තියෙනව. පොඩි එකාටත් හොඳයි ඒකයි මම වැඩියෙන්ම හිතල ගෙනාවෙ.තමුන් මට බොරු කියන්න එපා. අනුමානයක් නැහැ ඕක මරාගෙන එන්න ඇති.කෑ නොගහ හිටපං යෝදියෙ, මම වෙනදත් සත්තු මරලා ගෙදර ගෙනාවදැයි සිරිල් කීය. මට නම් බැහැ ඕවට මිරිස් අඹරන්නවත් උයන්නවත්. මම ඕව කටහරියෙ තියන්නෙත් නැහැ. උයාගෙන තාත්තයි පුතයි එහෙනම් කන එකයි ඇත්තේ කියමින් සිරියාවතී රෙදි පොට්ටෙනියත් රැගෙන නිවස අසල ඇළට ගියේ රෙදි ටික සෝදල නාගෙන එන්න.අවුරුදු 3ක පමණ පුංචි පුතා මේ පිළිබඳ හොඳින් බලාගෙන හිටිය. ගෙදර පූස් පැටියත් ඉව වැටිල ඇවිත් සිරිල්ගෙ කකුල් දෙකේ දැවටෙනව. සිරිල් මන්න පිහිය මුවහත් තියල හට්ටියකුත් රැගෙන සූදානම් වුණේ තලගොයි පැටිය සුද්ද කරන්න. කෑමට අවශ්‍ය ටික හට්ටියේ දමල අනවශ්‍ය ටික එකතු කරල උදලු කෙටියත් රැගෙන ගේ පිටුපසට ගියේ ඒ ටික වළ දමන්න.සිරිල්ට කල්පනා වුණේ අල්ලපු වත්තෙ ගුණපාල. දෙන්න හොඳ යාළුවෝ. ඉඳල හිටල දෙන්න එක්ක අඩියකුත් ගහනව. අදනම් ටිකක් බොන්න ඕන කියල හිතල ªගුණපාලට කථා කළා. මස් හට්ටිය ළඟ චූටි පුතයි පූස් පැටියයි විතරයි.පොඩි එකා තාත්ත තලගොයි පැටිය මස් කරපු හැටි දැක්කෙත් පළවෙනි දවස. මස් කපපු මන්න පිහිය අතට ගත්ත පුතා පූස් පැටියට මන්න පිහියෙන් කෙටුව. ඌ ලේ ගලමින් ද¼ඟලනව. ගුණපාලත් ආව විතරයි. දැන් මොකද ගුණේ කරන්නෙ. ගෙදර ආපු ගමන් ගෑනි දැනගත්තොත් මස් නෙවෙයි කන්න වෙන්නෙ කියමින් මැරුණ පූස් පැටියත් වළට දමල වැහැව්ව. සිරිල් පුතාගෙ ඔලුව අතගාල පූසා මැරුණ එක අම්මට කියන්න එපා කියල ඒක අමතක වෙන්න ටී. වී. එකේ කාටුන් දාල දුන්න. දැන් සිරිල් හා ගුණපාල මිරිස් තුනපහ අඹරල හොද්ද හදනව. පුතා ටී.වී. එක බලනව.බිරිය සෝදපු රෙදිටික වැලට දාල ගෙට ගොඩවුණා.සිරිල් හා ගුණපාල මස් හොද්ද ළ¼ඟ. වෙනද නම් මාළු ගෙනා දවසට පූස් පැටියගෙ සද්දෙ ඉවරයක් නැහැ. ඒත් අද සද්දයක් නැත්තෙ මොකද කියල පුතාගෙන් ඇහැව්ව. පුතා විස්තරේ කියන්න ගත්ත.සිරියාවතීට තරහ ගියා. පුතාටත් දෙකක් ගහල ලිප ළඟට ගියා. මේ මල ඉලව්වක් ගෙනල්ල ගෙදර හිටිය පූස් පැටියත් නැතිවුණා. අහිංසක දරු පැටියත් ගුටිකෑව. ගුණපාල අයියටත් ලැජ්ජ නැහැනේ මේ පව්කාර වැඩවලට හවුල් වෙන්න. පුංචි එකත් මේවට පුරුදු වෙනවා කියමින් සිරියාවතී මස් හොද්ද විසිකළා.සිරිල් හා ගුණපාල ගෙයින් එළියට බැස්සෙ ගොළුවො දෙන්නෙක් වගේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රෝමයේ අවසන් අධිරාජ්‍යයා වු Torqin the proud මිය ගිය පසුව වාර්ෂිකව පත්කර ගන්නා ලද මහේස්ත්‍රාත්වරුන් හා විවිධ නියෝජිතයන් කොට්ඨාසයක් විසින් රාජ්‍යය පාලනය කරන ලදි. රාජතන්ත්‍රිකයන් දෙදෙනෙක් සිටි අතර ඔවුන් ප්‍රධානතම මහේස්ත්‍රාත්වරැන් ලෙස විධායක බලතල තුළින් රාජ්‍යය පාලනය කරන ලදි. රාජතාන්ත්‍රිකයන් දෙදෙනා හට සෙනට් මඩුල්ල හා කටයුතු කිරිමට සිදුවේ. මෙම සෙනේට් මඩුල්ල රාජ්‍යයේ සිටින ප්‍රබලතමයන්ගෙන් නිර්මාණය වී ඇති අතර කාලයක් සම සෙනෙට් මඩුල්ලේ ප්‍රමාණය සහ ප්‍රබලත්වය ද වැඩි විය. අනෙකුත් මහේස්ත්‍රත්වරුන් ලෙස Praetors, Quediles සහ Quastors p අයත් වු අතර රෝමයේ ජීවත් වු අඩු කුල පුරවැසියන්ට මෙම තනතුරු දැරීම මුල් කාලීනව තහනම් වුවද පසුව සාමාන්‍ය ජනයාට සහ Plebeians හට මෙම තනතුරු දැරිමේ හැකියාව ලැබුණි. ජනරජයේ නිළධාන් පත්කර ගැනිම ඡන්ද විමසිමක් සිදු විය. ක්‍රි.පු. 5 වන සියවසේ දී රෝමය ගෝල් දේශයක් අත්පත් කර ගැනිමේ සටනින් පසුව ක්‍රි.පු තුන්වන සියවසේදී පැවති Punic Hispania Macdonian සහ Selcid දේශයන් රෝමය විසින් අත්පත් කර ගැනිණි. මෙම නිසා ක්‍රි.පු. 2 වන සියවසේ දි මධ්‍යධරණි මුහුදේ බලවත්ම දේශය බවට රෝමය පත්විය. විදේශ රාජ්‍යයන් යටතේ කර ගැනිමක් සමග අභ්‍යන්තර ගැටුම් ඇතිවිය. සෙනෙට් මණ්ඩලයට සාමාන්‍ය ජනයාගේ මුදලින් පොහොසත් වු අතර සාමාන්‍ය ජනයා සිටින තත්ත්වයට වඩා තවත් දුප්පත් විය. මෙම සමයේදි නව වෙළදද සමාජයක් බිහි වු අතර ඔවුන් Equestrians ලෙස හදුන්වනු ලැබිය. ක්‍රි.පු. 2 වන සියවසේදි මහජනයා ඉඩස් ප්‍රතිසංස්කරණය නීති ඉල්ලමින් කැරලි ගැසු අතර සටන් කරන ලද සහර ඉඩම් ප්‍රතිසංස්කරණය නිති ඔවුන්ට ලබා ගැනිමට හැකි විය. මෙහි දී සිදු වු විශේෂි සිදුවිමක් නම් සමාන්‍ය ජනතාවගේ කැමැත්ත සහ පක්ෂපාතිත්වය සෙනට් මඩුල්ලට වඩා Gaius Marius නම් සේනාධිනායකයා හට ලැබිමයි. මෙයින් පසුව එවකට සිටි ප්‍රබලතම සේනාධිනායකයන් තිදෙනෙකු වන ජුලියස් සීසර් පොම්පේ සහ ක්‍රාසස් :First Triumuirate" නම් රහසිගත කණ්ඩායමක් ආරම්භ කරන ලදි. රෝමයේ පාලන බලය තමන් අතරට ගැනීම මෙම කණ්ඩායමේ අරමුණ විය. මේ අතර තුරු පොම්පේගේ නායකත්වයෙන් සෙනෙට් සභාව සීසර්ට එරෙහිව සිවිල් යුද්ධයක් ආරම්භ කරන ලදි. පොම්පේ මෙහිදි පරාජයට පත් වු අතර සීසර් ඒකාධිපති පාලකයා බවට පත් විය. නමුත් ක්‍රි.පු. 44 දී සෙනට් මණ්ඩලය සීසර්ව මරණයට පත් කර නව ජනරජයක් බිහි කිරිමට උත්සහ දරණ ලදි. ඉන්පසු ඔක්ටේපියස් සීසර් බලයට පැමිණ මාර්ක් ඇනතනි හා ලෙපිඩස් හා එක්ව රොම්යේ බලය නැවතත් තමන් සතු කර ගත්තේය. සමම තිදෙනා අතර ඇති වු ගැටුම් හේතුවෙන් පසුව ලෙපිඩන් රටෙන් පිටුවහල් කරනු ලැබු අතර ක්‍රි.පු 31 දී ඇක්ටියම් හි පැවති සටනින් ක්ලියෝපැට්රා සහ මාර්ක් ඇන්තනි පරාජයට කොට ඔක්ටේපියස් නැවතත් ඒකාධිපති නායකයා බවට පත්විය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දෙවැනි ලෝක සංග්‍රාමය ආරම්භ වීමෙන් පසු නිදහස ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිස් බ්‍රිතාන්‍යයන්ගේ යුද්ධ ප්‍රයත්නයන්ට අමාත්‍යවරු සහයෝගය දැක්වීම ගැන විරුද්ධ වූහ. බ්‍රිතාන්‍ය යුද යාන්ත්‍රණයට ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදල් පරිත්‍යාග කිරීම සඳහා ඇමතිවරු ඉදිරිපත් කළ යෝජනාවලට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හුන් නිදහස ලබා ගැනීමට පක්ෂ මන්ත්‍රීවරු විරුද්ධ වූහ. යුද්ධයට එරෙහි වූ සෑහෙන පිරිසක් ලංකාවේ සිටියහ. ඒ විශේෂයෙන් වැඩකරන ජනතාව සහ ජාතිවාදීන් අතරයි. පසුව කී අයගෙන් වැඩි දෙනෙක් ජර්මන්වරුන්ගේ ජයග්‍රහණය අපේක්ෂා කළහ. මේ අතර ජර්මන් සම්භවයක් ඇති බෞද්ධ භික්ෂුවක් 'සතුරු හමුදාවේ' යයි සැක කොට සිර ගත කරන ලදී. එම සිද්ධිය බෞද්ධයින්ගේ නොමනාපයට හේතු වූයේ ඉතාලි, ජර්මන්, රෝමන් කතෝලික පූජකයින්ට එසේ නොකිරීම නිසාය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වූ ජූනියස් රිචඩ් ජයවර්ධන සහ ඩඩ්ලි සේනානායක, බ්‍රිතාන්‍යයන් පලවා හැරීමේ අපේක්ෂාව ඇතිව ජපනුන්ගේ සහයෝගය අපේක්ෂාවෙන් ඔවුන් සමග සාකච්ඡා පැවැත්වූහ. වතු කම්කරුවන්ගේ වර්ජන රැල්ල තම සංවිධානයේ අයිතිවාසිකම් දිනා ගැනීමේ මූලික අභිප්‍රාය ඇතිව 1939 නොවැම්බර් මාසයෙන් පටන් ගෙන 1940 පළමු හය මාසය දක්වා බ්‍රිතාන්‍යයන්ගේ වතුවල වර්ජන රැල්ලක් ඇති විය. අයියර්ගේ සිලෝන් ඉන්ඩියන් කොන්ග්‍රස් (Ceylon Indian Congress) සහ සමස්ත ලංකා වතුකම්කරුවන්ගේ සංගමය (පසුව ලංකා වතුකම්කරුවන්ගේ සංගමය) යනුවෙන් ප්‍රධාන වතුකම්කරුවන්ගේ වෘත්තීය සමිති දෙකක් විය. සමස්ත ලංකා වතුකම්කරුවන්ගේ සංගමය මෙහෙයවන ලද්දේ සම සමාජ පක්ෂය විසිනි. මධ්‍යම පළාත් වර්ජන රැල්ල උච්චාවස්ථාවකට පත් වූයේ 'මූල්' ඔය වත්තේ වර්ජනයේය. එය සම සමාජ පාක්ෂිකයන් විසින් මෙහෙයවන ලදී. මෙයට වතුකම්කරුවන්ගේ සංගමයේ ලේකම් වේලුසාමිද ඇතුළත් විය. මෙම වර්ජනයේදී 1940 ජනවාරි 19 දින පොලීසිය විසින් වෙඩි තබන ලදුව කම්කරුවෙකු වූ ගෝවින්දන් මිය ගියේය. රාජ්‍යය මන්ත්‍රණ සභාවේ දී සහ පිටතදී කරන ලද උද්ඝෝෂණයන්හි ප්‍රථිපලයක් ලෙස පරීක්ෂණ කොමිෂමක් පත් කිරීමට රජයට බල කෙරුණි. මිය ගිය ගෝවින්දගේ වැන්ඳඹු බිරිය වෙනුවෙන් කොල්වින් ආර් ද සිල්වා පෙනී සිට සුදු වතු අධිරාජ්‍යයේ ස්වාමිවරුන්ගේ සහ පොලීසියේ ඒකාබද්ධ රඟපෑම නිරාවරණය කළේය. මුල් මාසයෙන් පසු වර්ජන රැල්ල දකුණු දෙසින් ඌව දක්වා පැතිරුණේය. වර්ජන රැල්ල දිගින් දිගට ඇදී ගිය අතර කම්කරුවන් දිගින් දිගටම සම සමාජ පාක්ෂික සටන්කාමී නායකත්වයක් අපේක්ෂා කළහ. විලී ජයතිලක, එඩ්මන් සමරක්කොඩි සහ වී.සිත්තම්පලම් ඇතුළු සම සමාජ පාක්ෂිකයෝ නායකත්වය දැරූහ. වතු අධිරාජ්‍යවාදීන් විසින් රැස්වීම් තහනම් කිරීම සඳහා බදුල්ල මහේස්ත්‍රාත්වරයාගෙන් නියෝගයක් ලබා ගත්හ. ඇන්.ඇම්.පෙරේරා එම නියෝගයට කඩ කරමින් මැයි 12 දින බදුල්ලේදී විශාල රැස්වීමක් ඇමතුවේය. පොලීසිය ඊට විරුද්ධව ක්‍රියාකිරීමට බලයක් නොමැතිව අසරණ විය. කම්කරුවෝ වේවැස්ස වතුයායේදී තෝරාගත් කවුන්සලයක් පිහිටුවා ගත්හ. කම්කරුවන්ගේ කවුන්සලය සමග සාකච්ඡා කොට උපදෙස් ලබාගෙන ක්‍රියා කිරීමට වතු අධිකාරී තැන එකඟ විය. සාමය ආරක්ෂා කිරීමට ගිය ආයුධ සන්නද්ධ පොලිස් පිරිස් කම්කරුවන් විසින් නිරායුධ කරණු ලැබූහ. පසුව පොලීසිය විසින් දියත් කරන ලද බිහිසුණු ක්‍රියා සහ ඒ දිනවල ඇතිවූ ගංවතුර හේතුවෙන් ඌව පළාත සෙසු පෙදෙස්වලින් සතියකට වැඩි කාලයක් වෙන්වීමද නිසා වර්ජනය නතර විය. එහෙත් යටත් විජිත පාලකයින් එයින් තේරුම් ගත්තේ නිදහස් අරගලය ක්‍රමයෙන් බලවත්වන බවයි. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Sri_Lanka_independence_struggle#Second_World_War
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හුස්ම නොහෙලමිපියා නොවිදමිඉටි පහන වටනොම සරන්නෙමිඅඩක් පිච්චීදැවී අළු වුනුපියාපත් දෙසබලා ඉන්නෙමිදුර හිඳන් මමපෙම් කරන්නෙමිනුඹට නොපෙනීනුඹට නොදැනී...ප. ලි. : ඉටි පහනක් 1.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා කලා පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නාට්‍යවේදී මංගල සේනානායක පත්වීම් ලබා ඇත. ඔහු මීට ප්‍රථම නාට්‍ය, මුද්‍රා නාට්‍ය සහ නර්තන අධ්‍යාපන අංශයේ අංශාධිපතිවරයා ලෙස කටයුතු කළේය.නාට්‍ය රචකයකු, අධ්‍යක්‍ෂවරයකු, රංගන ශිල්පයකු හැටියට වසර ගණනාවක් ක්ෂේත්‍රයට මහඟු සේවාවක් කළ ඔහු පිදුම් ලැබූ තනතුරට සරසවිය අපි සුබ පැතුම් එක්කරමු.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බාලවයස්කාර දැරියක අපහරණය කිරීම සහ දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි චූදිතයකු මහාධිකරණය මග හැර සිටීම නිසා චූදිත නොමැතිව නඩුව විභාග කළ හලාවත මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. එම්. එම්. මාලනී ගුණරත්න මහත්මිය චූදිතට අවුරුදු 17 ක සිර දඬුවම් සහ රුපියල් 15000 ක දඩ මුදලක් නියම කළාය.චූදිත වූයේ මණ්ඩලාන ඉහළ තම්මන විසූ විජේසිංහ ආරච්චිලාගේ ජානක දීපාල් තිලකරත්න නම් අයෙකි.අධිචෝදනා බාරදීමට චූදිතට සිතාසි නිකුත් කර ඇතත් චූදිත ප්‍රදේශය අතහැර ගොස් සිටියෙන් ඔහුට අධිචෝදනා බාරදීමට නොහැකිව තිබේ.මේ සිද්ධිය වන විට පැමිණිලිකාර දැරියට වයස අවුරුදු 14 ක්ද චූදිතට අවුරුදු 24 ක්ද වී තිබේ. චූදිතට වරෙන්තු නිකුත් කළද චූදිත සොයා ගත නොහැකි වූයෙන් චූදිත නොමැතිව මේ නඩුව විභාග කර ඇත.පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබූ පසු සාක්ෂි පිළිගත හැකි බවට තීරණය කරන ලද මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්. එම්. එම්. මාලනී ගුණරත්න මහත්මිය චූදිත චෝදනා දෙකටම වරදකරු කරනු ලැබුවාය.බරවැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් 5000 ක දඩයක් පළමුවන චෝදනාවට ද බරවැඩ සහිත වසර පහළොවක සිර දඬුවමක් හා රුපියල් 10000 ක දඩයක් දෙවන චෝදනාවටද නියම කළ මහාධිකරණ විනිසුරුවරිය දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හය බැගින් සාමාන්‍ය සිර දඬුවම්ද නියම කළාය.සිර දඬුවම් සමගාමීව ගෙවී යාමටද නියම කරනු ලැබූ අතර පැමිණිලිකාරියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් ගෙවීමටද නියම කර වන්දි මුදල නොගෙවන්නේ නම් බරවැඩ සහිත වසර තුනක සිර දඬුවමක්ද නියම කළාය.මේ දඬුවම් චූදිත අත්අඩංගුවට ගෙන මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබු දින සිට ක්‍රියාත්මක විය යුතු බවටත් නියම කර චූදිතට විවෘත වරෙන්තු නිකුත් කළාය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
එවරස්ට් කන්ද නේපාලයේ කාල පතාර් හි සිට එවරස්ට් කන්ද දිස්වන අන්දම නේපාල-ටිබෙට් දේශසීමාවේ එවරස්ට් කන්දේ පිහිටීම උස ප්‍රමාණය මීටර 8848 (අඩි 29,029) මුල් ම තරණය 1953 මැහි 29 වැනි දා එඩ්මන්ඩ් හිලරි ටෙන්සිං නෝර්ගේ න සා සං එවරස්ට් කන්ද ලොව උසම කඳු මුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 8,848 (අඩි 29,029) කි. ආසියාවේ හිමාල කඳුකරයේ කොටසක් වන මෙය නේපාලයට අයිති සාගරමාතා ප්‍රදේශයේ සහ චීනයට අයිති ටිබෙටයේ මායිමේ පිහිටා ඇත.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගමාලාවේ සිවුවැනි ටෙස්ට් තරගය හෙට (26) මෙල්බෝර්න් නුවරදී ආරම්භ වේ.තරග මාලාවේ බ්‍රිස්බේන් නුවර පැවැති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වූ අතර ඇඩිලේඩ් හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 71 ක ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය. පර්ත් හි පැවැති තුන්වැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 267 ක ජයක් ඔස්ට්‍රේලියාවට හිමි විය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වින්ඩෝස් ඉන්ස්ටෝලර් සාමාන්‍ය කවුළුව (msiexec.exe ධාවනය වූ පසුව) නියම කතුවරය(න්) මයික්‍රොසොෆ්ට් ස්ථාවර නිකුතුව 5.0 මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් වර්ගය පිහිටුවනය බලපත්‍රය හිමිකාර වින්ඩෝස් ඉන්ස්ටෝලර් (මීට පෙර මයික්‍රොසොෆ්ට් ඉන්ස්ටෝලර් ලෙස හදුන්වන ලද) යනු ස්ථාපන, නඩත්තු කිරීම්, සහ නවීන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල මෘදුකාංග ඉවත් කිරීම සඳහා භාවිතා කරන මෘදුකාංග සංරචකයකි. අනුවාද[සංස්කරණය] අනුවාදය අඩංගු වන්නේ එසේම ලබාගත හැකි 1.0 ඔෆිස් 2000 - 1.1 වින්ඩෝස් 2000 RTM, SP1, SP2 වින්ඩෝස් 95/98 වින්ඩෝස් NT 4.0 SP6 1.2 වින්ඩෝස් Me - 2.0 වින්ඩෝස් එක්ස්පී RTM, SP1 වින්ඩෝස් 2000 SP3, SP4 වින්ඩෝස් සර්වර් 2003 RTM වින්ඩෝස් 95/98/Me වින්ඩෝස් NT 4.0 SP6 වින්ඩෝස් 2000 RTM, SP1, SP2 3.0 වින්ඩෝස් එක්ස්පී SP2 වින්ඩෝස් 2000 SP3, SP4 වින්ඩෝස් එක්ස්පී RTM, SP1 වින්ඩෝස් සර්වර් 2003 RTM 3.1 වින්ඩෝස් එක්ස්පී SP3 වින්ඩෝස් සර්වර් 2003 SP1, SP2 වින්ඩෝස් එක්ස්පී Professional x64 Edition RTM, SP2 වින්ඩෝස් 2000 SP3, SP4 වින්ඩෝස් එක්ස්පී RTM, SP1, SP2 වින්ඩෝස් සර්වර් 2003 RTM 4.0 වින්ඩෝස් විස්ටා RTM, SP1 වින්ඩෝස් සර්වර් 2008 RTM - 4.5 වින්ඩෝස් විස්ටා SP2 වින්ඩෝස් සර්වර් 2008 SP2 වින්ඩෝස් එක්ස්පී SP2, SP3 වින්ඩෝස් සර්වර් 2003 SP1, SP2 වින්ඩෝස් එක්ස්පී Professional x64 Edition RTM, SP2 වින්ඩෝස් විස්ටා RTM, SP1 වින්ඩෝස් සර්වර් 2008 RTM 5.0 වින්ඩෝස් 7 RTM වින්ඩෝස් සර්වර් 2008 R2 RTM - දැනටමත් ස්ථාපිත කොට ඇති අනුවාදය කුමක් දැයි පරික්ෂා කිරීම සඳහා, msiexec /? ලෙස වින්ඩෝස් රන් කොටුවෙහි හෝ කමාන්ඩ් ප්‍රොම්ට් හි යතුරු ලියනය කරන්න.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිම්න මෙන්ඩිස් Part of a series of articles on ක්‍රිස්තියානි ආගම කිතු දහමේ ඉතිහාසය Timeline of Christianity අපෝස්තුළුවරුන් Ecumenical councils Great Schism කුරුස යුද්ධ Reformation ශුද්ධවූ ත්‍රීත්වය පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ (ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ) ශුද්ධාත්මයානන් වහන්සේ බයිබලය පැරණි ගිවිසුම නව ගිවිසුම Apocrypha සුවිශේෂ ප්‍රකාශන දස පණත් කන්ද උඩ දේශනාව නයිසියානු ඇදහිල්ල දේව ධර්ම ශාස්ත්‍රය මිනිසාගේ වැටීම · Grace විමුක්තිය · Justification කිතු වන්දනාව Antichrist ක්‍රිස්තියානි සභාව කතෝලික ධර්මය සාධාර්මික කිතු දහම ප්‍රොතෙස්තන්ත වාදය Christian denominations ක්‍රිස්තියානි ව්‍යාපාර ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය Christian ecumenism This box: view talk edit කිතුනුවන්ගේ පූජනීය පොත වන ශුද්ධවූ බයිබලයේ ක්‍රි.ව. 01 වන වසරට පෙර ඉතා ඈත අතීත යුගය පිළිබදව ලියැවුනු කොටස් ඇතුළත් ඛන්ඩයයි. යේසුස් වහන්සේ පොළවට වැඩීමට පෙර කාලයේ යුදෙව් ජාතිකයන්ගේ ඉතිහාසය පුරා දෙවියන් වහන්සේ ක්‍රියා කළ ආකාරය හා යුදෙව් ආගමික නීති පිළිබදවද මෙහි සදහන් වේ. බයිබලය යුදෙව් ආගම ‘Tanakh ’යන පදය පොදුවේ භාවිතයට ගත්තේය. මෙය පසුව ක්‍රිස්තියානු පැරණි ගිවිසුම මඟින්ද තෝරා ගනු ලැබුණි. හෙබ්රව් බයිබලය ද පැරණි ගිවිසුම නමින් හෝ Tanakh ලෙස ප්‍රකාශ කෙරේ. ක්‍රිස්තියානු බයිබලයේ ආගමික නීති සම්බන්ධ ග්‍රන්ථ දෙකෙන්, පැරණි ගිවිසුම එකකි. විවිධ ක්‍රියාවන් සම්භාරයකින් යුක්ත මෙය හෙබ්රව් බයිබලය හා අනුරූපීය. නැගෙනහිර යුරෝපය හා මැදපෙරදිග සම්ප්‍රදායික සභාවට සමගාමී වන මෙම ග්‍රන්ථ ග්‍රීක පරණ තෙස්තමේන්තුව (Septuagint) යනුවෙන් ද හඳුන්වනු ලැබේ. හෙබ්රව් බයිබලය නිර්මාණය කිරීම හා සකස් කිරීම කරනුයේ 12 වන සහ 2 වන සියවසේ ජේසු උපතට පෙරය යන්න බොහෝ ශාස්ත්‍රවන්තයින්ගේ පිළිගැනීමයි. ජේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඔවුන්ගේ ඉගැන්වීම් මෙහිදී ප්‍රකාශ කළහ. (මොසෙස්තුමන්ගේ නීති පොත, දිවැසිවරු, ශිත හා ශුද්ධ ලියිවිලි) (ලුක් 24:44) ජේසුස් වහන්සේ සහ ඔවුන්ගේ ශ්‍රාවකයෝ පිළිබඳව සටහන් හෝ වාර්තාද නව ගිවිසුමේ අඩංගුව තිබේ. පැරණි ගිවිසුමට අයත් පොත් ගණන 39 කි. ඒවා නම්, උත්පත්ති නික්මයාම ලෙවී ව්‍යවස්ථාව ගණන් කථාව ද්විතීය නීතී සංග්‍රහය ජොෂුවා වීරාවලිය රූත්ගේ කථාව 1 සාමුවෙල් 2 සාමුවෙල් 1 රාජාවලිය 2 රාජාවලිය 1 වංශාවලිය 2වංශාවලිය එස් රා නෙහෙමියා එස්තර් ජෝබ් ගීතාවලිය හිතෝපදේශ ධර්මදේශකයා ප්‍රේම ගී විලාප ගී යෙසායා ජෙරමියා එසකියෙල් දානියෙල් හොසියා ජොවෙල් ආමොස් ඔබදියා ජෝනා මීකා නාහුම් හබක්කුක් ශෙපනියා හග්ගයි සෙකරියා මලාකි නව ගිවිසුමට අයත් පොත් ගණන 27 කි. ඒවා නම්, මතෙව් මාක් ලූක් යොහාන් ක්‍රියා රෝම 1 කොරෙන්ති 2 කොරෙන්ති ගලාති එපීස පිලිප්පි කොලොස්සී 1 තෙසලෝනික 2 තෙසලෝනික 1 තිමෝති 2 තිමෝති තීතස් පිලමොන් හෙබ්‍රෙව් ජාකොබ් 1 පේදෘස් 2 පේදෘස් 1 යොහාන් 2 යොහාන් 3 යොහාන් ජූදාස් එළිදරව්
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය ලියා ඇත්තේ පුද්ගලික අදහසක් හෝ රචනයක් ලෙස වන අතර පිරිසිදු කිරීමක් අත්‍යාවශ්‍යයි. කරුණාකර විශ්වකෝෂ ඌරුවට නැවත ලියමින් වැඩිදියුණු කිරීමට සහාය වන්න. (පෙබරවාරි 2014) පයිතගරස් (Πυθαγόρας) උපත c. 570 ක්‍රිපූ මරණය c. 495 ක්‍රිපූ යුගය පූර්ව-සොක්‍රටීය දර්ශනවාදය ප්‍රදේශය පයිතගරස් ගුරුකුලය පයිතගෝරියානුවාදය ප්‍රධාන ලැදිකම් පාරභෞතික විද්‍යාව, සංගීතය, ගණිතය, ආචාරධර්මය, දේශපාලන විද්‍යාව සංගණ්‍ය අදහස් මියුසිකා යුනිවර්සාලිස්, ස්වර්ණමය අනුපාතය, පයිතගෝරියානු සුසරනය, පයිතගරස් ප්‍රමේයය බලපෑම ලදුයේ තේල්ස්, ඇනැක්සිමැන්ඩර්, ෆෙරෙසිඩස් බලපෑමට නතු වූයේ ෆිලෝලස්, ඇල්මායොන්, පැරමෙන්ඩිස්, ප්ලේටෝ, යුක්ලිඩ්, ඉම්‍පෙඩොක්ලස්, හිප්පසස්, කෙප්ලර් පයිතගරස් සැමොස්හි (උපත - ක්‍රි. පු. 580-572 අතර මිය යාම ක්‍රි. පු. 500- 490 අතර) අයෝතියානු ග්‍රීක ගණිඥයෙකි. ඔහු පයිතගෝරියානු ආගමික ව්‍යාපාරයේ නියමුවාය. ඔහු විශිෂ්ඨ ගණිතඥයෙක්, විද්‍යාඥයෙක් හා මුනිවරයෙක් වශයෙන් පිදුම් ලබා ඇත. කෙසේ වුවත් ගණිතය හා ස්වභාවික දර්ශනය කෙරෙහි ඔහුගේ දායකත්වය පිළිබඳව සමහරුන් ප්‍රශ්නකර ඇත. ග්‍රීකයන් අතර “වඩා දර්ශනවාදී තැනැත්තා” ලෙස හෙරඩොටස් විසින් ඔහුව සලකන ලදී. ඔහුගේ නම, පයිතත් හිරුදෙවියා සමග සැසදීමට යොමු කරන ලදී. ඇරිස්ටිපස් ඔහුගේ නම පහත පරිදි විවරනය කරයි. ඔහු පයිතත් ඉරු දෙවියාට සමානවම සත්‍ය පවසයි. පයිතියා සිය ගැබිණි මව අතිශය ලස්සන වූද , ඥානවන්ත වූද, මිනිසුන්ට වැඩදායී වූද මිනිසෙකුට උපත දෙන බවට අනාගත වාක්‍ය පැවසූ පුවත ඉම්බිලිකස් විසින් වාර්තා කොට ඇත. පයිතගරස් ඔහුගේ නම අඩංගු පයිතගරස් ප්‍රම්යෙ සදහා ප්‍රචලිතය “අංක ශාස්ත්‍රයේ පියා” වශයෙන් සැලකෙන පයිතගරස් ක්‍රිස්තු පුර්ව 6 වන සියවසේ අගභාගයේ දාර්ශනික හා ආගමික ඉගැන්වීම් කෙරෙහි දායකත්වයක් දක්වා ඇත. පුරාවෘත හා අවුල් කිරීම් පෙර සොක්‍රටීයන්ටත් වඩා ඔහුගේ කාර්යයන් අඳුරු කල නිසා ඔහුගේ ඉගැන්වීම් හා ජීවිතය පිළිබද යමෙකුට විශ්වාසයෙන් කිවහැක්කේ ඉතා ස්වල්පයක් පමණි. සෑම දෙයක්ම ගණිතය හා සැබැඳි බවත් අංක ශාස්ත්‍රය සර්ව සත්‍ය බවත් ගණිතය තුලින් සෑම දෙයක් පිළිබඳව අනාවැකි පලකල හැකි බවත් ගණිතය මාර්ගයෙන් සෑම දෙයක්ම රිද්මයානුකූල රටාවන් හෝ චක්‍රයන් මගින් මැනිය හැකි බවත් පයිතගරස් හා ඔහුගේ අනුගාමිකයන් විශ්වාස කලහ. ඉයම්‍බලිකස්ට අනුව, පයිතගරස් වරෙක “අංක ශාස්ත්‍රය අදහස් හා ආකෘති වල ස්විමියා හා දෙවියන් හා යක්ෂයන් ඇතිවීමට හේතුව” බවත් පවසා ඇත. ඔහු තමා දාර්ශනිකයෙක් හා ඥානයට ආලය කරන්නෙක් යැයි කී පළමු මිනිසා විය. පයිතගරස්ගේ අදහස් වලින් ප්ලේටෝ දැඩි ආභාෂයක් ලැබීය. අවාසනාවකට මෙන් පයිතගරය ගේ සටහන් කිසිවක් අද වන විට නැති නිසා ඔහු පිළිබඳව දැනගැනීමට ඇත්තේ ස්වල්ප වශයෙනි. ඔහු ගේ සොයාගැනීමි පිළිබඳ ඔහුට ගෞරව කිරීම් සියල්ලම පාහේ ඔහුගේ අනුප්‍රාප්තිකයන් හා සගයන් විසින් සිදුකරනු ලැබුවා විය හැක.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගිරිරාජ්ගේ අලුත්ම නිර්මාණය වන ‘සුහද කොකා’ චිත්‍රපටයේ රූගත කිරීම් අවසාන වුණා. ඒත් එක්කම මේ දවස්වල ජාතික රූපවාහිනියේ ‘කොළඹ අහස’ ටෙලි නාට්‍ය විකාශය වෙනවා. එහි රූගත කිරීම්වලටත් සහභාගි වන නිසා මම වැඩ කටයුතු ගොඩකට හිර වෙලා.ඒ අතර බල්ලොත් එක්ක බෑ, දෙයියොත් දන්නේ නෑ, රූකඩ රාජ්ජේ කියන වේදිකා නාට්‍යත් සමඟ රට වටාම සැරිසරනවා. ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයත් සමඟ ළඟදීම ඔස්ට්‍රේලියාවේ සංචාරයක් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
උදාරි වර්ණකුලසූරිය මේ දිනවල කාලය ගත කරන්නේ සිංගප්පූරුවේ සෙන්තොසා දූපතකිට්ටුව නිවාස සංකීර්ණයක කුලුඳුල් දරු ප්‍රසූතියට සූදානම්වයි.සිංගප්පූරුවේ නැෂනල් යුනිවර් සිටි රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරන සිය සැමියා සමඟ සතුටින් නිවාඩුව ගත කරන බවයි ආරංචිය.උදාරිගේ දියණිය මෙලොව එළිය දකින්නට සූදානම් වන්නේ එම රෝහලේදීම බව ඈ වැඩිදුරටත් පවසනවා.උදාරි සිංගප්පූරුවේ සිට සරසවිය පුවත්පතට එවා තිබූ ඡායාරූප කිහිපයකි මේ.- ප්‍රසාද්සිද්ධාර්ථ රූගත කිරීම්කොළඹ අවටසිදුහත් චරිතය ඇසුරෙන් තැනෙන අලුත්ම චිත්‍රපටය සිද්ධාර්ථ හී රූගත කිරීම් කැලණිය පැලවත්ත අවටප්‍රදේශයන්හි මේ දිනවල සිදුවේ. සමන් වීරමන්ගේ අධ්‍යක්ෂණයක් වන එය වෙනුවෙන් රන්ජන් රාමනායක රජ වෙස් ගෙන තිබේ.රන්ජන් එහි නිරූපණය කරනුයේ සුද්ධෝදන රජුගේ චරිතයයි.සිද්ධාර්ථහි සිද්ධාර්ථ කුමරුගේ, මහමායා දේවියගේ, යශෝධරා දේවියගේ සහ දෙව්දත් චරිත රඟනුයේ ඉන්දියානු නළු නිළියන් පිරිසකි. ඒ අයට අමතරව බුද්ධදාස විතානාච්චි, ඩග්ලස් රණසිංහ, සාරංග දිසාසේතර, රොෂාන් රණවන මෙරටින් මේ සඳහා රංගනයෙන් දායක වේ.නවීන් ගුණරත්න සහ ජෙෆ් ගුණවර්ධන සිද්ධාර්ථ සිනමා සිතුවම නිෂ්පාදනය කොට තිබේ.- ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය දේශපාලනය පිළිබඳ ලිපිමාලාවෙහි කොටසකි දේශපාලනය දේශපාලන මාතෘකා ලැයිස්තුව රට අනුව දේශපාලනය උපබෙදුම අනුව දේශපාලනය ආර්ථික ක්‍රමය අනුව දේශපාලනය ඉතිහාසය අනුව දේශපාලනය ලෝක ඉතිහාසය අනුව දේශපාලනය දර්ශන විද්‍යාව අනුව දේශපාලනය දේශපාලන විද්‍යාව දේශපාලන ක්‍රම කොමියුනිස්ට් වාදය නගර-රාජ්‍යය ඒකාධිපතිවාදය ඒකාධිපතීය වැඩවසම් ක්‍රමය රාජාණ්ඩුව පාර්ලිමේන්තු ජනාධිපති අර්ධ-ජනාධිපති අන්තර්-ජාතීය සබඳතා (න්‍යාය) දේශපාලන විද්‍යාඥයන් සංසන්දනාත්මක දේශපාලනය රාජ්‍ය පරිපාලනය නිලධාරිවාදය මහමඟ-තලයේ නිලධාරිවාදය ආවස්ථික වාදය මහජන ප්‍රතිපත්තිය බල බෙදීම ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය ස්වෛරීත්වය දේශපාලන චර්යා පිළිබඳ න්‍යායයන් උප ලිපිමාලාව ඡන්ද මැතිවරණ ක්‍රම ඡන්දය ප්‍රකාශ කිරීම සන්ධීය වාදය ආණ්ඩු වර්ග මතවාදය දේශපාලන ව්‍යාපාරයක යෙදීම දේශපාලන පක්ෂ දේශපාලනය ද්වාරය න සා සං දේශපාලන සිදුවීම්, අදහස, ව්‍යාපාර හා නායකයන් පිළිබඳ විස්තර කිරීම හා විශ්ලේෂණය කිරීම දේශපාලන ඉතිහාසයට ඇතුළත් වේ. මෙය සාමාන්‍යයෙන් ජාතික රාජ්‍ය සංකල්පය වටා ව්‍යුහගත වී පවති. ඉතිහාසය පිළිබඳ අනෙකුත් ක්ෂේත‍්‍රයන් වන සමාජීය ඉතිහාසය, ආර්ථික ඉතිහාසය හා යුද ඉතිහාසය යන විෂයයන්ගෙන් මෙය වෙනස් වන නමුත්, ඒවා අතර සම සම්බන්ධතාවයක් ද පවතී. සාමාන්‍යයෙන්, දේශපාලන ඉතිහාසය තුළ අධ්‍යයනය කරන්නේ ජාතික රාජ්‍ය හා විධිමත් දේශපාලන ක‍්‍රියාවලීන්ට අදාළ සිදුවීම් ය. හෙගල්ට අනුව, දේශපාලන ඉතිහාසය යනු, ‘භෞතික අවශ්‍යතාවයන්ට එහා ගිය සදාචාරාත්මක හා ආත්මීය බලවේග සහිත රාජ්‍යයක් පිළිබඳ ව වන සංකල්පයකි. ඉතිහාසය වෙනස් කිරීමේ ප‍්‍රධාන නියෝජිතයා රාජ්‍යය වේ.’ මෙය සමාජීය ඉතිහාසය (සාමාන්‍ය ජනතාවගේ ක‍්‍රියාකාරකම් සහ ජීවන විලාසයන් පිළිබඳ ව මූලිකවම අධ්‍යයනය කරන) හෝ ජනතා ඉතිහාසය (සාමාන්‍ය ජනතාවගේ දැක්ම තුළින් ඓතිහාසික ක‍්‍රියාකාරකම් අධ්‍යයනය කර) සමග සැසඳෙයි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඕරියා සාහිත්‍යය[සංස්කරණය] ඕරියාවට 13 වන සියවස තෙක් දිවෙන පොහොසත් සාහිත්‍යය උරුමයක් ඇත. 14 වන සියවසේදී ජීවත් වු සරලා දාස ඔරිස්සාහි වයිසා ලෙස හැදින්වේ. ඔහු මහා භාරතය ඕරියානු භාෂාවට පරිවර්ථනය කරන ලදී. එමෙන්ම මහා භාරතය, රාමායනය හා ශ්‍රීමඩ් භාග්යභභගම් වැනි සම්භාව්‍යය සංස්කෘතික ලේඛන පරිවර්ථනය කිරීමේ ක්‍රියාවලිය තුලින් එම භාෂාව සම්මත කරණයට පත් විය. ජගන්නාත් ඩෑස් විසින් ශ්‍රීමඩ් භගභතම් ඕරියානු භාෂාවට පරිවර්ථනය කළ අතර ඔහුගේ පරිවර්ථනය තුලින් භාෂාවේ ලිවීම් ආකාරය සම්මත කරණයට භාජනය විය. ඕරියා රාජ්‍යයට පද්‍යය පිලිබදව බලවත් සම්ප්‍රදායයක් ඇත. (විහේෂයෙන් ආගමික භක්තිය පිලිබද පද්‍යය) වෙනත් ප්‍රසිද්ධ පුරාථන ඔරියා කවීන් අතරට කබි සම්රන් උපේනද්ර් බන්ජා හා කබි සුර්යයා බාලා දේවි රතා ඇතුළත්ය. 19 වන සියවසේ දී ඕරියානු සාහිත්‍යයේ ගද්‍ය හා පද්‍යලිවීමේ සුප්‍රසිද්ධ පුද්ගලයන් වුයේ ෆකිර් මෝහන් සේනාපති (1843 – 1918), ගෞරි ශන්කර් රේ, ගෝපාල් චන්ද්රධ ප්රවහාරාජ්, පණ්ඩිත් නිල්මානි විද්‍යාරත්න, කබිබාර් රාධානාත් රේය. 20 වන සියවසේ ඔරියානු සාහිත්‍ය්‍ය හා ඔරියානු භාෂාවට වටිනාකමක් ලබාදුන් පුද්ගලයන් අතරට ගොඩ භාෂි මොහොප්පත්රා , කාලිංග චරණ පණිභ්රෂහි, ඛණ්හු චාරන් මොහන්ති (1906 – 1997), ගොපිනාත් මොහන්ති, සචින්ද නන්ද රෞද්ද්‍රේ, සුාර්න්ද්‍ර මොහන්ති, මනෝජ් දාස්, ක්රිගෂෝරි චරන්දාස්, සීත කාන්තා මොහොප්පත්රා , රාමකාන්ත රාත්, බිනපානි මොහන්ති, ජගදිස් මොහන්ති, සරෝජනි සචෝ, රාජේන්ද්ර ක්රිතෂෝර් පාණ්ඩ, පද්මජ් පාල්, රාම චන්ද්‍ර බිහේරා හා ප්‍රතිබා සත්පති අයත්ය. http://en.wikipedia.org/wiki/Indian_literature#Oriya_literature
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධාන කළ 'ටේප් බෝල්' ක්‍රිකට් තරගාවලියේ පුත්තලම දිස්ත්‍රික් තරගාවලියේ අවු.17න් පහළ ශූරතාව හිමිකර ගැනීමට හලාවත කාර්මෙල් බාලිකා විද්‍යාලය සමත්විය. තරගාවලිය පසුගියදා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාර්මෙල් බාලිකාවේ ක්‍රීඩා උපදේශිකා සුනේත්‍රා දමයන්ති මෙනවිය සමග ජයග්‍රාහී කණ්ඩායම..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අලගක්කෝනාර නැතහොත් අලකේශ්වර( දෙමළ:அழகக்கோன் ) මධ්‍යතන යුගයේ ශ්‍රී ලංකාවේ සිටි සේනාධිනායක වැනි ප්‍රධාන නිලයන් දැරු ප්‍රමුඛ පවුලකි. සමහර විද්වතුන්ගේ මතය වන්නේ ඔවුනට මලයාලම් සමිභවයක් ඇති බවයි , සමහරෙක් ඔවුන්ගේ ආරමිභය ඉන්දියාවේ තමිල්නාඩු වල කාංචිපුර යයි පවසති. 13 වන සියවසේ පමණ ශ්‍රී ලංකාවට පැමිණි ඔවුන් , ශ්‍රී ලංකාවට අනුව හැඩගැසුණි. එම පවුලේ එක් සාමාජිකයෙක් ශ්‍රී ලංකාවේ වර්තමාන අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරමිභයට මූලික විය. එකල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ , යාපන රාජධානියෙහි ආර්ය චක්‍රවර්ති ගේ ආක්‍රමණයන්ට එරෙහි බලකොටුවක් ලෙස භාවිතා කරන ලදි. ක්‍රි: ව 1411 දි චින අද්මිරාල් ෂැන් හේ විසින් අලගක්කෝනාර පවුලේ නායක වු වීර අලකේශ්වර ඔවුන්ගේ සිර භාරයට ගත් පසු එම පවුලේ බලය බෙහෙවින් පිරිහුණි. පටුන 1 පවුල් සම්භවය 2 මේවාත් බලන්න 3 මූලාශ්‍ර 4 අඩවියෙන් බැහැර පිටු පවුල් සම්භවය[සංස්කරණය] එම පවුලේ ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම සාමාජිකයා නිශ්ශංක අලගක්කෝනාර නම් විය. ඔහු ඉන්දියාවේ වාංචිපුර හෝ කාංචිපුර සිට පැමිණියේය. එකල ඔහුගේ මව්බිම මුස්ලිම් ආක්‍රමණ වලට ලක්වී තිබුණි. ප්‍රධාන වශයෙන් වෙළදාමට හිත යොමු කල අලගක්කෝනාරවරු එයින් ධනවතුන් බට පත් විය. අවසානයේදි 14 වන සියවසේ ගම්පොළ රාජධානියේ ප්‍රමුඛ දේශපාලන බලයක් ඇති වුවන් බවට පත් විමට ඔවුනට හැකියාව ලැබිණ. මෙයට ඔවුන් බෞද්ධයන් බවට පත්වීමද මහඟු පිටුවහලක් විය. මේවාත් බලන්න[සංස්කරණය] පස්වන බුවනෙකබාහු රජ තුන්වන වික්‍රමබාහු රජ මූලාශ්‍ර[සංස්කරණය] de Silva, K. M. (2005). A History of Sri Lanka. Colombo: Vijitha Yapa. p. 782. ISBN 9-55-809592-3. Rasanayagam, Mudaliyar (1926). Ancient Jaffna, being a research into the History of Jaffna from very early times to the Portuguese Period. Everymans Publishers Ltd, Madras (Reprint by New Delhi, AES in 2003). p. 390. ISBN 81-206-0210-2. අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය] Kings of Gampola, Sri Lanka The new Parliament
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
යුදෙව් සම්ප්‍රදායය ප්‍රකාර, ලෙවීවරයෙක් යනු, (හෙබ්‍රෙව්: לֵוִי, සම්මතය ලෙවී ටයිබේරියානු Lēwî ; "සම්බන්ධිත") යනු ලෙවී.නම් හෙබ්‍රෙව් ගෝත්‍රයේ සාමාජිකයෙක් විය. ජොෂුවා සහ ඊශ්‍රායෙල්වරු කානාන් දේශයට ඇතුළුවූ විට (ජොෂුවා13:33), පරිහරණය සඳහා නගර ලැබුුනද, ඉඩම් හිමියන් වීමේ වරම නොලැබුනු එකම ඊශ්‍රායෙල ගෝත්‍රය වූයේ ලෙවීවරුන් වූ අතර, එසේ වූයේ, "ඔවුන්ගේ උරුමය වන්නේ ඊශ්‍රායෙලයේ දෙවියන්වහන්සේගේ භූමිය පමණක්ම වන බැවිනි" (Deuteronomy 18:2).[1][2] ආශ්‍රිත[සංස්කරණය] ↑ Joshua 13:33, cited in "Levites". Catholic Encyclopedia. New York: Robert Appleton Company. 1913. ↑ Deuteronomy 18:2
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිලේන්ද්‍ර දේශප්‍රියගේ තන්හා රති රඟා සිනමාපටය එකම සතියක් තුළ ජාත්‍යන්තර සිනමා උළෙලයන් දෙකක හොඳම චිත්‍රපටය ලෙස නිර්දේශ වූහ. ඒ කැලිෆෝනියාවේ ලෝන්ග් බීච් සහ එංගලන්තයේ අයි විල් ටෙල් යන සිනමා උළෙලයන්හිය.එමෙන්ම එම සිනමාපටය ලබන සෙනසුරාදා දවල් එකට කොළඹ ජාත්‍යන්තර උළෙල නියෝජනය කරමින් රීගල් සිනමා ශාලාවේදී තිරගත වනු ඇත. තණ්හා රති රඟා මෙම නෙවැම්බරයේ සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී සමස්ථ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ප්‍රදර්ශනය වනු ඇත.- ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
4pt 0cm 5....සේ.......... තරුවක් ගා....නේ...........මා ළග උන් ඒ තා..රුකුමරී නැහැ නේසද ළග උන්..........තරු කුමරී.....සද වෙනුවෙන්......උන් කුමරී.....සද අතහැර............ගිය කුමරී.....සද හැඩුවා...........මයේ කුමරී.....සද නැති නම්.......මා නැතිවා.....සද විතරයි.........මයේ කුමරා.....සද තුරුලේ..............කී ඒවා.....සද නැහැ අම.......තකකරලා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මාත් මේ විෂයට සෑහෙන උනන්දු හින්ද අන්තර්ජාලයේ සැරිසරද්දී හම්බවුන සැහෙන වටිනා පාඩම් මාලාවක් තමා මේක.ඡායාරූපශිල්පය ගැන උනන්දු,ඒ සඳහා අලුතින්ම පියමනින ඔබ සැමට මෙය ගොඩක් වැදගත් වේවි.තේරුම් ගැනීමටත් මහා ලොකු අපහසුවක් නෑ.ඔන්න මම මේ පාඩම් මාලාව pdf විදිහට සකස් කරලා පල කරනවා.මෙහි පාඩම් වලට පහලින් සටහන් කර ඇති කමෙන්ටු වලිනුත් ඔබට සැහෙන දෙයක් ඉගනගන්න පුළුවන් වේවි.එහෙනම් ජය වේවා.බලලා ඔබේ අදහසුත් දක්වලා යන්න.මෙතනින් පාඩම් මාලාව බාගන්න.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
1.

සුනිල් විමලවීර ගේ දියණිය අභිෂේකා මේ දිනවල රූපවාහිනියේ ජනප්‍රිය නිවේදිකාවක්.ඇය තමන් ලත් සාහිත්‍ය ඥානයෙන් මෑතකදී කවි පොතක් ද එළි දැක්වූවා. ඇය ගැන අලුත්ම ආරංචිය තමයි කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබපු එක . මීට පෙර ඇය භාත්කණ්ඩ සංගීත විශ්ව විද්‍යාලයෙන් සංගීත විශාරද උපාධිය ද දිනා ගත්තියක්.ඇයගේ ඊළඟ අධ්‍යාපන ගමන වන්නේ ශාස්ත්‍රපති උපාධියලු. ඒ සඳහා ද අභිෂේකා දැන්ම සිට මහන්සිවෙන බවත් ආරංචියි.ලාල් හරීන්ද්‍රනාත් කොටුව පැත්තේ පැරැණි සැලූන් එකකට හදිසියේ ගොඩ වැදුණා. සාමාන්‍යයෙන් කෙනෙක් සැලුන් එකකට යන්නේ කොණ්ඩය කපන්න.නමුත් ලාල් කලබලයෙන් සැලුන් එකට ගියේ කොණ්ඩය කපන්න නම් නෙමේ. ඔහුගේ අලුත්ම කලා අධ්‍යක්‍ෂණය ඇතුළත් චිත්‍රපටයට අවශ්‍ය පැරැණි පුටුවක් සොයා ගන්නටයි.කොහොම හරි ලාල් අරන්ගිය මේ සලුන් එකේ පැරැණි පුටුව ආයෙත් ගෙනත් දීලා. සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටයක කලා අධ්‍යක්‍ෂණයට යම් භණ්ඩයක් රැගෙන ගිය විට ආපසු ලැබෙන්නේ නැති තරම්.නමුත් ලාල් නැවත එම පුටුව ගෙනත් දීමට තරම් කෘතඥ වූවා.රංගනයට දක්‍ෂ මහේන්ද්‍ර පෙරේරා මේ දිනවල ගොවිකම්වලට සැරසෙනවා කියලා ක්‍ෂේත්‍රයේ හාවක් හූවක් තියෙනවා.ඒ මේ දිනවල රටපුරා සූර ගොවියා තෝරණ තරගයේ දී බස්නාහිර පළාතේ සූර ගොවීන්ගේ නායකයා වීම.ඒ නිසාම මහේන්ද්‍ර මේ දිනවල වැඩි වශයෙන්ම බස්නාහිර පළාතේ කීර කොටුවල, එළවළු කොටුවල ඇවිදිනවලු.’මම පොඩි කාලේ ඉඳළාම ගොවිතැනට ආසයි. බස්නාහිර පළාතේ සූර ගොවියන්ට නායකත්වය දෙන්න ලැබීම මට හරිම සන්තෝෂයි. හැබැයි උඩරට, රජරට වගේ ගොවිතැනට උපන් සූර ගොවීන් ඉන්න පළාත් සමඟ බටහිර අපිට තරගයක් දෙන්න උපරිම කැපවීම අවශ්‍ය වෙනවා. ඒ නිසා බස්නාහිර පළාතේ එළවළු කොරටුවල වැඩි කාලයක් ගතකරන්න මට සිද්ධවෙලා තියෙනවා. කොහොම හරි අපේ බටහිර ගොවියෝ මොඩර්න් සූර ගොවියා කරන්න මම උපරිම උත්සාහ කරනවා’. යැයි මහේන්ද්‍ර පවසන්නේ ගොවිකම ගැන උපන් සිතේ සතුටත් සමඟ.ජයසේකර අපොන්සු කියන අපේ නාට්‍යකරුවා ඔහුගේ නවතම වේදිකා නාට්‍යය වුණු ‘සකෝ දේවා’ ත් සමඟ පසුගිය දවස්වල රට වටේම යන බව අපට ආරංචි වුණා. ඔහු මේ සූදානම් වෙන්නේ කොළඹ ප්‍රදේශයෙන් ඈත රඟහලවල වේදිකා ගත කළ ‘සකෝ දේවා’ වේදිකා නාට්‍යය පළමුවරට කොළඹ වේදිකාවක රඟ දක්වන්නයි. ඒ මෙම මස 14 වැනිදා ඉරිදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදීයි.වර්තමාන සමාජ විෂමතාවය සහ එවැනි වාතාවරණ සිදුවීමට – අතීතයේ සිට මිනිසුන් පොට වරද්දා ගත් තැන් පිළිබඳ කෙරෙන විමසුමක් ‘සකෝ දේවා’ නාට්‍ය ඔස්සේ ජයසේකර අපොන්සු කතාබහ කිරීමට ලක් කරනවා.බන්දුල විජේවීර, හසිත ශ්‍රී ගුණවර්ධන, තුසිත වීරසිංහ, සූරිය බණ්ඩාර, ගාමිණී කුලරත්න, ගාමිණී කුලසේකර, නදීකා හෙට්ටිආරච්චි, පුබුදු වල්පිට, සුමිත් සුභසිංහ, ඉරේෂා නාමලී වෙත්තසිංහ, ප්‍රභාෂිනී දන්තනාරායන, ප්‍රභා දුෂාන්ති යන ශිල්පීන් ‘සකෝ දේවා’ වේදිකා නාට්‍යයට රංගනයෙන් සහාය වෙනවා. එහි සංගීතය ජගත් වික්‍රමසිංහගෙන්. ගීත රචනය සමන් චන්ද්‍රනාත් වීරසිංහයි. ‘සකෝ දේවා’ නාට්‍යය නිෂ්පාදනය හා රචනය සිදු කරන්නේ ජයසේකර අපොන්සු විසින්මයි. මනීෂා නාමල්ගම රඟපෑමට අමතරව තවත් අලුත්ම වැඩකට අතගහලා කියලා ආරංචියි. ඒ රූපලාවන්‍ය කටයුත්තකටඇය ඇගේම සැලුන් එකක් මේ ළඟදී ආරම්භ කළා. ඒ නිසාම මනීෂා වෙනදට වඩා කාර්ය බහුලයිලු.මොන කාර්ය බහුලකම තිබුණත් රඟපෑමට නම් කාලය කොහොමහරි යොදවනවා කියලා කියන්නේ මනීෂාමයි.සංජීව සම්පත් බාලසූරියසේයාරූ : ටෙනී, මාලන්, ප්‍රසාද්.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සාමය සහෝදරත්වය සහිත අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට පියවර තබන විට ඒ සඳහා මුස්ලිම් ප්‍රජාව ලබා දෙන සහයෝගය විශේෂයෙන් අගය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊදුල් ෆීතර් උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.ශුද්ධ කුරාණයේත්, මුහම්මද් නබි නායකතුමන්ගේත් ඉගැන්වීම් අනුව යන මුස්ලිම් ජනතාව එකමුතුකමින් පිරුණු රටක් හා සමෘද්ධිමත් ජන ජීවිතයක් ගත කිරීමට පෙළ ගැසිය යුතුව ඇතැයිද ඒ මහතා පවසයි.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊදුල් ෆීතර් උත්සවය නිමිත්තෙන් නිකුත් කැර ඇති සුබ පැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ. ඉස්ලාම් බැතිමතුන් මහත් උද්යෝගයෙන් සමරන ඊදුල් ෆීතර් උත්සවයට සුබ පැතුම් එක් කරන්නේ හද පිරි සතුටින් යුක්තව ය.ඉස්ලාම් දහමේ ඇති පූජනීය මාසයේ සාම්ප්‍රදායික උපවාසය සහ ආගමික චාරිත්‍ර පවත්වා එය නිමා කිරීමේ අවස්ථාව ඊදුල් ෆීතර් ය. මේ ඉතා වටිනා ආගමික අවස්ථාවට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ලෝකවාසී සහෝදර මුස්ලිම් ජනතාව සමඟ එක් වන්නේ මහත් ප්‍රීතියෙනි. ශුද්ධ වූ කුරාණයේ සහ මුහම්මද් නබි නායකතුමාගේ ඉගැන්වීම්වලට අනුව මුස්ලිම් බැතිමතුන් මේ සමය ගත කරන්නේ දැඩි ආගමික පිළිවෙත් පුරමිනි.ශ්‍රී ලංකාවේ දිගු ඉතිහාසය දෙස බැලීමේදී මුස්ලිම් ප්‍රජාව සියලු ජාතිකයන් සහ ආගමිකයන් සමඟ දැඩි සහෝදරත්වයෙන් ජීවත් වූ බව අපි දනිමු. ඒ සඳහා ඔවුන් ඉස්ලාමීය දහමේ මඟ පෙන්වීම ගුරු කොට ගෙන තිබේ. රටේ සංවර්ධනයට සේම රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට ඔවුන් ලබා දෙන්නේ විශාල දායකත්වයකි. මේ රටේ මුස්ලිම් ජනතාව උතුරු, නැඟෙනහිර, දකුණ, බටහිර ආදී සියලු පළාත්වල අද නිදහසේ ඊදුල් ෆීතර් උත්සවය සමරති. ඔවුන් ඒ පිළිබඳ මහත් සතුටට පත් වන්නේ උදා කරගත් නිදහස වෙනුවෙන් කළ දැඩි කැපකිරීම් ද සිහිපත් කරමිනි.ඊදුල් ෆීතර් උත්සවය ශ්‍රී ලංකාවේ සියලු ඉස්ලාමීය බැතිමතුන්ට පී‍්‍රතියෙන් සැමරීමට හැකිවේවා! යි මම ප්‍රාර්ථනා කරමි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය හෝ ලිපි කොටස යුද්ධය සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) යුද්ධයන් මූලාරම්භයන් පිළිබඳව විවිධ එකඟවීම් දැකිය හැක. සමහරු විශ්වාස කරන පරිදි අප සමඟ සැමවිටකම යුද්ධය බද්ධව තිබුණි. අනෙක් අය අවධාරණය කරන පරිදි ප්‍රාග් ඓතිහාසික යුගයන්හි යුධ තත්ත්ව පිළිබඳව ඇති සාධක හිඟ බවයි. තවද තවමත් බොහෝ සාමකාමී, යුධකාමී සමාජ පද්ධතීන් සිටිනු දැකිය හැකි වීම තවත් සාධකයකි. ආරම්භයේ දී යුද්ධය කුඩා ප්‍රමාණයක වටලෑමක් සේ පිළිබිඹු විය. වසර 5000කට පෙර ජනපද ආරම්භයේ සිටම ගෝලීයව විවිධ මට්ටමින් යුධ කටයුතු ඇති විය. වෙඩි බෙහෙත් සොයා ගැනීම සහ තාක්ෂණික දියුණුව යුධ කටයුතු නූතනයට ගැලපෙන සේ ඉදිරියට ගෙන ඒමට සමත් විය. 2005 මානව ආරක්ෂණ වාර්තාවේ සටහන් වන්නේ 1990 ගණන්වල සීතල යුධ සමයේ අවසානයේ සිට යුධ ගැටුම්හි ක්‍රමානුකූල පසුබෑමක් ඇති බවය. කෙසේ වෙතත් 2008 දී පළමු යුද්ධය හා සාමය නම් අධ්‍යයනයේ දී පිරික්සුමට බඳුන් සාධකවලට අනුව එම පසුබෑම මේ වන විට අවම වී ඇති බවට සඳහන්ය. http://en.wikipedia.org/wiki/War#History_of_war
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.