input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
ගීතාගැ - ලාලා ලාලා ල ලා . . . පි - දකින දසුනේ දෙනෙත ඇඳුණේ සොඳුරු ඔබ රුව වේ පවනෙ ඇසුණේ සවනෙ රැඳුනේ ඔබගෙ කට හඬ වේ පි - මහද විමනේ කැකුළු යහනේ ඔබයි සැතපෙන්නේ සිතක සිතුමේ පතන පැතුමේ ඔබයි හිනැහෙන්නේ ගැ - ලලලාලා . . . ලාලා . . . පි - දෙපස ගංගා දෙකක එක් වී එකතැනට ආවේ එකට ඒ ගං ජලය මුසු වී සයුර තුළ පාවේ . . . පි - අඳුරු ගල් මුල් ඉවුරු මායිම් පළිගු අසුවෙනවා සෙනෙහෙ ජය මල් තිරය ඇත රන් විජය දජ ලෙළවාපද රචනය – කරුණාරත්න අබේසේකර සංගීතය – ගලගෙදර එම්. එම්. හක් ගායනය – එච්. ආර්. ජෝතිපාල සමඟ සුජාතා අත්තනායක අධ්‍යක්ෂණය – ජෝ දේව් ආනන්ද්සුලෝචන වික්‍රමසිංහ
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය මෙහෙයවනු ලැබූ 83 වැනි කාන්තා හා පිරිමි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං සූරතාවලියේ රන් පදක්කම් 4 ක් දිනාගනිමින් ක්ලිෆර්ඩ් කුසලාන අභියෝගතා සූරතාව වසර 30 කට පසුව අත්කර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් විය.සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පසුගියදා දින 4 ක් පුරා පැවැති මේ සූරතාවලියේ රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කම් 3 ක් දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදාවට දෙවැනි ස්ථානය හිමිවූ අතර රන් පදක්කම් 2 ක් දිනූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තෙවැනි ස්ථානය හිමි විය.පිරිමි තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ එස්. එන්. හීල්බත්දෙණිය සම්මාන දිනූ අතර හොඳම පරාජිත ක්‍රීඩකයා වූයේ නාවික හමුදාවේ ආර්. පී. එස්. කුමාරසිංහය.මාස් සදර්න් පිලේ කෝසලා නිල්මිණි හොඳම ක්‍රීඩිකාව ලෙසත්, තුරුලී ක්‍රීඩා සමාජයේ ඩී. ඒ. ජයසිංහ හොඳම පරාජිත ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනා ගත්හ.නාවික හමුදාව ක්ලිෆර්ඩ් සූරතාව අවසන් වරට දිනාගනු ලැබුවේ 1980 වසරේදීය. 2003 වසරේදී යුද – ගුවන් හමුදා සමඟ නාවික හමුදාව සම සූරයන් බවට පත් වූහ.2007 වසරේ සිට නොකඩවා 2009 වසර වනතුරු ක්ලිෆර්ඩ් සූරතාවට හිමිකම් කියනු ලැබුවේ යුද හමුදාව විසිනි.තරග ප්‍රතිඵලපිරිමිකි. ග්‍රෑ. 49 ට අඩු - එච්. එම්. එස්. පී. ගමගේ (නාවික) කි. ග්‍රෑ. 52 ට අඩු - එම්. පී. ජී. සී. එස්. බණ්ඩාර (යුද) කි. ග්‍රෑ. 56 ට අඩු - ටී. ඩී. එන්. ටී. ජයකොඩි (ගුවන්) කි. ග්‍රෑ. 60 ට අඩු - ඩී. එස්. කේ. ප්‍රනාන්දු (නාවික) කි. ග්‍රෑ. 64 ට අඩු - එස්. එන්. හීල්බත්දෙණිය (ස්ලිම්ලයින්) කි. ග්‍රෑ. 69 ට අඩු - ඒ. පී. ජී. චන්ද්‍රකුමාර (යුද) කි. ග්‍රෑ. 75 ට අඩු - එම්. ඒ. දිවාරත්න (යුද) කි. ග්‍රෑ. 81 ට අඩු - සී. ඒ. එන්. ප්‍රනාන්දු (නාවික) කි. ග්‍රෑ. 91 ට අඩු - බී. එන්. එස්. සම්පත් (නාවික) කි. ග්‍රෑ. 91 ට වැඩි - ඩබ්. ළහිරු සඳුම් (ගුවන්)කාන්තාකි. ග්‍රෑ. 48 ට අඩු - කෝසලා නිල්මිණි (මාස් සදර්න්) කි. ග්‍රෑ. 51 ට අඩු - එම්. එම්. වී ප්‍රබන්ධි (තුරුලී) කි. ග්‍රෑ. 54 ට අඩු - බී. එල්. එස්. සඳරේකා (මාස් සදර්න්) කි. ග්‍රෑ. 57 ට අඩු - එම්. පී. කේ. සල්ගාදු (යුද) කි. ග්‍රෑ. 60 ට අඩු - එස්. ඩී. එන්. එස්. කරුණාරත්න (යුද) කි. ග්‍රෑ. 64 ට අඩු - බී. අයි. පද්මමාලී (පොලිසිය) කි. ග්‍රෑ. 69 ට අඩු - කේ. ඒ. සාරිකා (නාවික) කි. ග්‍රෑ. 75 ට අඩු - ඩී. ඩී. එස්. වීරරත්න (පොලිසිය) කි. ග්‍රෑ. 81 ට වැඩි – අයි. එම්. වීරසිංහ.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සෙනග පිරුණු ඝෝෂාකාරී පරිසරයක, ඈත සිට කතා කරන ඔබේ යාළුවකු, ඈත සිට කියන දෙයක් ඔබට සිටි තැන ම සිට, වෙනත් කටහඬ අතරින් තෝරා බේරා අසා ගන්නට ලැබෙනවා නම් එය ඔබේ සතුටට හේතු වෙනවා ඇති.දැන් සැලසුම්කරුවකු ඒ සඳහා අපූරු උපකරණයක් සැලසුම් කරල තියෙනවා. තව වසරකින් හෝ දෙකකින් ඒක වෙළඳ පොළට ඒවි.මේ අපූරු උපකරණය විශේෂයෙන් ම ප‍්‍රසිද්ධ ස්ථානවල සෙනග අතර ගැවසෙන පොලිස් නිලධාරිනට අපරාධ වැළැක්වීමේ කටයුතුවටලත් ප‍්‍රයෝජනවත් වේවි.ඇමරිකාවේ කලිෆෝනියාවේ ආගෝඩිසයින් ආයතනයේ මාක් රොල්ස්ටන් කියන්නේ අනිත් අයට නොදැනෙන්නට ඈත සිටින අයකුගේ කතාවට ඇහුම්කන් දිය හැකි ‘සුපිරි ඇසීමේ බලයක්’ සහිත උපකරණයක් පලඳින්නට අනාගතයේ දී අප කාටත් ලැබෙන බවයි.අනාගතයේ දී අපට පලඳින්නට ලැබෙන ‘සුපිරි ඇසීමේ බලයක්’ සහිත උපකරණය ‘ලාලාලා‘ පලඳින අයුරු. අවට සියලූම ශබ්ද වළක්වා තමන්ට අවශ්‍ය ශබ්දය පමණක් හොඳින් ඇසෙන සේ මේ සුපිරි ශ‍්‍රවණාධාරය ඒ සඳහා සුසර කළ හැකියි.මාක් රොල්ස්ටන් තමයි මේ ‘ලාලාලා’ යන අලූත්ම ශ‍්‍රවණාධාර උපකරණය නිපදවීමට සැලසුම් කරල තියෙන්නේ.ආගෝඩිසයින් ආයතනයේ මෙහෙයුම් කළමනාකරු රෙනේ ඔල්සොබෲක් කියන්නේ, ‘මෙ ලාලාලා කියන ශ‍්‍රවණාධාරය සුවිශේෂී එකක්. ඒකට පුළුවන් දුර ඉන්නා අයකුගේ කටහඬට ඔබ තෝරාගන්නා කැමති විධියකට ඇහුම්කන් දෙන්න. අනෙක් ශබ්ද කපා හැරලා විතරක් නෙවෙයි, ඒ හඬ වැඩි කරලා අසන්නත් පුළුවන්.’ කියායි.මේ නව අදහස ප‍්‍රායෝගිකව කි‍්‍රයාවට නංවා මේ නව මෙවලම වෙළඳපොළට ආවාම ඒ මගින් ඔබට අවශ්‍ය පුද්ගලයා තෝරාගෙන ඒ දිහාට කන හරවා ඔහුගේ කටහඬ ඔබට අවශ්‍ය පරිදි වැඩි කර ඇහුම්කන් දෙන්න පුළුවන්.ඒ විතරක් නෙවෙයි, එයාගෙ කැමැත්ත නැතුව වුවත් එයාට නොදැනුවත්ව එයාගෙ හඬට හොඳින් සවන් දීමේ හැකියාව ඔබට ලැබෙනවා. හැබැයි මෙහි ඇති මානව හිමිකම් උල්ලංඝනය වන පැත්තකුත් අපට පෙනෙනවා. එයින් කෙනකුගේ පුද්ගලිකත්වයට පහර වැදීමක් සිද්ධවෙනවා. මෙයින් අනුන්ගේ රහස් කතාබහට හොරෙන් සවන් දෙන්නත් පුළුවන් වන නිසා. කනට සවි කළ හැකි වන සේ හැඩයකින් තනා ඇති ලාලාලා උපකරණය. ශබ්දය වෙන් කර හඳුනා ගැනීමට මෙහි සූක්‍ෂම මයික්‍රොෆෝන පෙළක් තියෙනවා. අසා ගත යුතු ශබ්දය අයත් අයගේ රූපය හඳුනා ගැනීමට කැමරාවකුත් මෙහි අන්තර්ගතයි.මෙහි මූලික මෙවලමෙහි කටහඬට සවන්දීමට ඇති හැකියාව පමණක් ඇතුළත් වුනත් පසුව එන නව්‍යකරණවල දී ඒ හඬ එන්නේ ඔබ නොදන්නා බසකින් නම් එය පර්වර්තනය කර දීමටත් හැකි වන සේ සකසාදීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.එවිට වෙනත් භාෂා දෙකක් කතා කරන දෙදෙනකු අතර එවේලේම අදහස් හුවමාරු කර ගත හැකි පරිවර්තකයකු ලෙසටත් මෙය යොදා ගන්නත් පුළුවන්.‘ඉතා දියුණු තත්වයේ මයික්‍රෝෆෝන මේ සඳහා යොදා ගන්නවා.ඒ වගේම චලන සංවේදී සූක්‍ෂම කැමරාවක් මෙහි සවි කර තියෙනවා. ඒ නිසා ලාලාලාට පුළුවන් ඔබ අසල ඇති උස් හඬ ඇති කතාබහ මග හැර කැමරාවෙන් ඔබ තෝරා ගන්නා අයගේ හඬ විතරක් ඔබට ඇහෙන්න සලස්වන්න.’ යැයි ඔල්සොබෲක් පැහැදිලි කරනවා.‘මේ මෙවලම කනේ ගහන කුඩා බ්ලූටූත් එකක් වගෙයි. එහි ඇති නැනෝ මයික්‍රෝෆෝන පොකුරෙන් තමයි ශබ්ද වෙන් කරන්නෙ. රූප හඳුනා ගන්නත් ඔබ කරන ඉඟි අනුව කි‍්‍රයාත්මක වෙන්නත් එයට පුළුවන්. ඒ මේ තුළ ඇති කැමරාවෙන්. ඔබට අවශ්‍ය පින්තූර ගන්නත් ඔබේ කතාබහ පටි ගත කරන්නත් එයට හැකියාව තියෙනවා.’ ඔහු වැඩිදුරටත් කියනවා.රොල්ස්ටන් කියන්නේ මේ නව උපකරණය අනාගතයේ දී ස්මාට් ෆෝන්වල තැන ගන්නා බවයි. ‘අනාගතයේ දී වැඩිදෙනකුට මේ මෙවලම පැලඳ සිටින්නට නිසැකවම සිදුවේවි’ ඔහු කියනවා.‘අනාගතයේ දී අපේ මෙවලමට ටෙලි සමුළුවල විශෙෂ තැනක් හිමි වේවි. ඒ වගේම බොහොමයක් මෙවලම් ස්මාට්ෆෝන්වලින් කරන කාර්යයභාරයත් කරන්න පටන් ගනීවි. කුඩයක් වැනි මෙවලමක් කාලගුණ අනාවැකි කියන්න, වහින බව කල්තියා කියන්න පටන් ගනීවි.’ යයි ඔල්සොබෲක් තවදුරටත් කියනවා.ලාලාලා මගින් කෙනෙකුට ප‍්‍රසිද්ධ මත්පැන්හල් වැනි ස්ථානවල ඇති වන කතාබහට හොර රහසේ සවන් දෙන්නත් පුළුවන්. මෙහි නිර්මාණකරුවන් කියන්නේ මේ මෙවලම අනාගතයේ ස්මාට් ෆෝනවල තැන ගනීවි කියලයි.අනාගතයේදී තමන් අසන බස තමන්ට තේරෙන බසට එසැණ පරිවර්තනය කිරීමේ පහසුකමත් මෙයට එක් වේවි. ඒ වගේම රහස් පරීක්‍ෂකයන්ගේ අංක එකේ මෙවලම වෙන්නත් පුළුවන්.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ සභාපති ලෙස චමින්ද ද සිල්වා හා ලේකම් ලෙස ජගත් ප්‍රේමචන්ද්‍ර යන මහත්වරු නිතරගයෙන් පත්වෙති.කොළඹ ලුම්බිණි විදුහලේ ආදි ශිෂ්‍යයකු වන චමින්ද ද සිල්වා මහතා 'ක්‍රික් ඉන්ෆෝ' ආයතනයේ ශ්‍රී ලංකා දත්ත කළමනාකරු ලෙස කටයුතු කරන අතර අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහලේ ශිෂ්‍යයකු වන ජගත් ප්‍රේමචන්ද්‍ර මහතා ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් පිලේ නිල ලකුණු සටහන්කරු වේ.ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේ පැවැති මේ නිලවරණයේ දී භාණ්ඩාගාරික ලෙස අනුර රත්නායක මහතා පත්විය.ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගම‍යේ නිලධාරී මණ්ඩලය මෙසේය.සභාපති - චමින්ද ද සිල්වා, (ක්‍රික් ඉන්ෆෝ), ප්‍රධාන ලේකම් - ජගත් ප්‍රේමචන්ද්‍ර (පොලිස් ක්‍රි.ස.), භාණ්ඩාගාරික – අනුර රත්නායක (ශ්‍රී ලංකා ක්‍රිකට්), තරග පැවැරුම් ලේකම් - සංජය ජයසිංහ (පානදුර ක්‍රි.ස.), උපසභාපතිවරු - තුෂාර කුරේ (සා.තෝමස් වි.), ඒ.ෆ්‍රැන්කි (නිදහස්), උපලේකම් හා උප තරග පැවැරැම් ලේකම් - හේමන්ත ආරියවික්‍රම (කලුතර න.ක්‍රි.ස.), උප භාණ්ඩාගාරික – චානක ක්‍රිෂාන්ත (බ්ලූම්ෆීල්ඩ් ), කමිටු සාමාජිකයන් - නන්දලාල් මානික්කගේ (සී.සී.සී.), චාමර ද සිල්වා (වරාය), චාමර පෙරේරා (ක්‍රික්.එච්.කියූ), උදේශ් පීරිස් (බදුරඑලිය), රංජිත් සේනාරත්න (කැන්ඩි යූත්), ගණන් පරික්ෂක – අශෝක චන්ද්‍රසේකර (ශ්‍රී ලංකා ක්‍රිකට්)
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූ ඕවර විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා අවුරුදු 20න් පහළ පිල කඩුලු 9කින් පරදවා සූරතාව දිනාගැනීමට යුනිචෙලා කණ්ඩායමට හැකිවිය. තුන්වැනි ස්ථානය හැටන් නැෂනල් බැංකු කණ්ඩායමට හිමිවිය. යුනිචෙලා කණ්ඩායමේ මලින්ද වර්ණපුරගේ තුන්ඉරියව් දස්කම් කැපී පෙනුණු අතර අවසන් තරගයේ වීරයා සම්මානය ද ඔහුට හිමිවිය.ශ්‍රී ලංකා අවුරුදු 20න් පහළ පිල සියලු දෙනා දැවී (ඕවර 19) 98 චතුරංග කුමාර 24, ශෙහාන් ජයසූරිය 16 (මාලිංග බණ්ඩාර12/4, මලින්ද වර්ණපුර 18/2)යුනිචෙලා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී (ඕවර 11.1) 99 මලින්ද වර්ණපුර නොදැවි 41, දිල්රුවන් පෙරේරා නොදැවි 38.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දිවයින පුරා සියලුම සතොස වෙළෙඳ සල් මේ වසර අවසානයට පෙර යළි විවෘත කෙරේ.පසුගිය රජය සතොස වසා දැමූ අතර වෙළෙඳ සල් පවත්වාගෙන ගිය ගොඩනැගිලිද රහසිගතව විකුණා දමා තිබේ.එවැනි ගොඩනැගිලි වෙනුවට අලුතින් ගොඩනැගිලි ලබාගෙන සෑම නගරයකටම සතොස ප්‍රධාන ශාඛාවක්ද ඒවාට සමගාමීව කුඩා නගරවලට සතොස ශාඛා පිහිටුවීමට ද පියවර ගැනේ.බොහෝ දුරට සතොස හරහා අලුතින් රැකියා ලබාදීමට හැකි වෙතැයිද විශ්වාස කෙරේ.සතොස මගින් මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ ආනයනය කිරීමේ කටයුතු සිදු කිරීමටද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පියවර ගනු ලැබිණි. ඒ සඳහා මූලික කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතී.ස. තො. ස. හරහා භාණ්ඩ ආනයනය කර අඩු මිලට පාරිභෝගිකයන්ට පාරිභෝගික ද්‍රව්‍ය ලබා දීමත් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට සිතැඟි පරිදි භාණ්ඩ අලෙවි කිරීමට ඇති අවස්ථාව නැති කිරීමත් එම වැඩපිළිවෙළ දියත් කිරීමේ ප්‍රධාන අරමුණ වෙයි.සතොස විශාල වශයෙන් ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමත් පාරිභෝගිකයාට එමගින් විශාල සහන මිලකට බඩු ලබා ගැනීමට අවස්ථාව සැලසීමටත් තම බලාපොරොත්තුව බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
නිලාන් මලිගැස්පේ විසින් නිර්මාණය කර එළි දක්වන ‘කුවේණි සහ විජය’ බැලේ රංගනය සහ විවිධ නර්තන අංග ඇතුළත් නර්තනයේ විශ්මය (Power of Dance II)  මේ මස 08 වැනිදා මරදාන ටවර් රඟහලේ දී වේදිකා ගත කෙරේ.නිලාන් මලිගැස්පේ ආර්පෙජියෝ නර්තන ඇකඩමියට විසි වසරක් සපිරීම නිමිතෙන් මෙය සංවිධානය කර ඇත.කුවේණි සහ විජය බැලේ රංගනය මීට පෙර 2012 වසරේ ඉන්දියාවේ දී වේදිකා ගතකර ඇති අතර එය ඉන්දියාවේ ලඩාක් ප්‍රදේශයේ පැවැත්වූ මුල්ම දේශීය නැටුම් සංදර්ශනය වීමද සුවිශේෂී වේ. මෙම නර්තන නිර්මාණය, පිටපත සහ ඇඳුම් නිර්මාණය නිලාන් මලිගැස්පෙ විසිනි.සංගීත නිර්මාණය සංජීව පරණමාන ගෙනි. ප්‍රදීප් ගුණරත්න, ඉරෝෂනා පෙරේරා මුද්‍රා නාට්‍ය හා බටහිර නර්තනයෙන් සහාය වෙති.කුවේණි සහ විජය බැලේ රංගනය සඳහා ආර්පෙජියෝ ඇකඩමියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැත්තෑවක පමණ පිරිසක් දායක වීමට නියමිතය.නිලාන් මලිගැස්පේ විසින් ආර්පෙජියෝ නර්තන ඇකඩමිය හරහා අඩු ආදායම් ලාභී පවුලවල දරුවන්ට තම කලා කුසලතා එළි දැක්වීමට අවස්ථාව ලබා දී තිබේ.වසරක් පාසා ළමුන් බඳවා ගනිමින් නොමිලයේ ඔවුන් හට නර්තන පුහුණුව ලබාදෙන අතර අධ්‍යාපන කටයුතු සඳහා ද ගෙවීම් සිදු කිරීමට කටයුතු යොදා ඇත.පාසල් සහ සරසවි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහ රැකියාවන් හි නියුතු වූවෝද මේ හරහා නර්තනයට දායකත්වය ලබා දෙති. සෑම වසර එකහමාරක් පාසා පැවැත්වෙන නිෂ්පාදන අතරේ මෙවර සිදු කෙරෙන්නේ දසවැනි නිර්මාණයයි.යතේජා
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙම ලිපිය හෝ ලිපි කොටස එක්සත් ජනපදයේ ඉතිහාසය සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) වර්ෂ 1970 මුල් කාලයේදී එක්සත් ජනපද නාවික F-4 F-4 Phantom II යානය විසින් සෝවියට් Tu-95 Bear D අහස් යානය මුරකිරීම 1960 සහ 1970 දශකවල ශීතල යුද්ධය අඛන්ඩව පැවතුණි. ඒ අතර එක්සත් ජනපදය වියට්නාම් යුද්ධයට අවතීර්ණ විය. ඒ කෙරෙහි ජනතාව තුළ ජන අප්‍රසාදය වර්ධනය වෙමින් පැවති බව වඩාත් හොඳින් ප්‍රකට විය .1960 සහ 1970 දශකවල ඇති වූ සමාජ ප්‍රතිසංස්කරණයන්හි විශාල පරාසයකට ජනාධිපති ලින්ඩන් ජොන්සන්ගේ මහා සමාජයේ (Great Society)සමාජ වැඩසටහන් සහ වොරන් අධිකරණයේ ක්‍රියාමාර්ගද හේතුවිය. ස්ත්‍රී සමානාත්මවාදය සහ පාරිසරික ව්‍යාපාර,දේශපාලන බලවේග බවට පත්වුණු අතර සියලු ඇමෙරිකානු පුරවැසියන් සඳහා සිවිල් අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා වූ වැඩ පිළිවෙල නොකඩවා ක්‍රියාත්මක විය. හැටේ දශකයේ අග භාගයේ වනවිට ප්‍රතිසංස්කෘතික විප්ලවය මුළු ජාතිය පුරා සහ බටහිර ලෝකයේ බොහෝ ප්‍රදේශවල පැතුරුණි. එහිදී ඒ වනවිට පැවති සතුරු වාතාවරණයද කොටස්වලට බෙදිණි. එහෙත් වඩා ස්වාධින සමාජ දර්ශනයක් ඉදිරියට ගෙන එමින් තිබිණි. 1970 දශකයේ මුල් කාලයේ දී ජොන්සන් ගේ අනුප්‍රාප්තික ජනාධිපති රිචඩ් නික්සන්ට වියට්නාම් යුද්ධය අවසන් කරනට කටයුතු කරන ලෙසට කොංග්‍රසය විසින් බල කරන ලදී. අනතුරුව ඇමෙරිකාවේ අනුග්‍රහය ලද දකුණු වියට්නාම්ය ඇද වැටුණි. යුද්ධය නිසා ඇමෙරිකානු හමුදාවේ 58000 ක්ද වියට්නාමයේ මිලියන ගණනකගේද ජීවිත අහිමි විය. ඔපෙක් තෙල් තහංචි සහ මන්දගාමි ආර්ථික වර්ධනය හේතුවෙන් රැකියා විරහිත යුගයකට යොමු විය. වෝටර්ගේට් සිද්ධියත් සමග නික්සන්ගේ පාලනය අපකීර්තිමත් ලෙස අවසාන විය. ශීතල යුද්ධයේ ඉතිහාසය (1980 – 1991)[සංස්කරණය] 1980 සහ 1984 ලත් පරාජයන් සමග රොනල්ඩ් රේගන් නැවතත් යථා තත්ත්වයට පත් වීම සඳහා ඉතා වැදගත් කාර්යයක් කළේය. 1980 දී රේගන්ගේ පරාජය යනු සිදුවිය හැකිව තිබුණු කාරණයකි. මක් නිසාද යත් ඩිමොක්‍රටික් පක්ෂය බොහෝ සමාජ ආර්ථික ගැටලුවලදි අසමත් වූ හෙයිනි. රේගන් ප්‍රජාතන්ත්‍රවාදින් යනු ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දුන් අයයි. ඔවුහු රේගන්ගේ ප්‍රතිපත්තිද,පෞරුෂත්වයද නායකත්වය ද, විශේෂයෙන් ඔහුගේ තීක්ෂණ ඥාණයෙන් යුත් විදේශ ප්‍රතිපත්ති මෙන්ම පවතින සමාජ ක්‍රමය නොවෙනස්ව පවත්වාගෙන යාමද අගය කළ අය වූහ. විදේශ සම්බන්ධතාවලදි පක්ෂ දෙකේ සහභාගීත්වය දැකිය නොහැකි විය. නිකරගුවාහි කොන්ට්‍රාස්වරුනට උදව් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති දැරූ උත්සාහයන්ට ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ බලවත් සේ විරෝධය පළ කළහ. න්‍යෂ්ටික ක්‍රියාවලින් නැවැත්වීමට ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ට අවශ්‍ය වූ නමුත් ඔවූනටද අනතුරු අඟවමින් ඔහු සෝවියට් සංගමයට එරෙහිව ඵලදායි නොවුවද දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එහෙත් ඔහු යුද කටයුතු වෙනුවෙන් අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ගැනීමට සමත් විය. එමෙන්ම වියදම් අධික සහ ඉතා සංකීර්ණ මිසයිල ආරක්ෂක පද්ධතියක් ආරම්භ කිරීමට වැඩ පිළිවෙලක් දියත් කළේ සෝවියට් දේශය බිය ගැන්වීමටයි.මෙය තාරකා යුද්ධය “Star wars” ලෙසින් හැඳින්වුනි. මෙය කිසිදාක වර්ධනය නොවු නමුත් එහිදි යොදා ගත් තාක්ෂණය හා කරන ලද පර්යේෂණ අද පවතින ප්‍රති බැලැස්ටික් මිසයිල පද්ධතිය පිහිටුවීමට මග පෙන්වීය. මොස්කව්හි පාලකයා ලෙස මිහායිල් ගොර්බචෝෆ් බලයට පත් විය. ඔහු සහ රේගන් අතර මිත්‍රත්වය සම්බන්ධයෙන් බොහෝ කොන්සර්වේටිව් රිපබ්ලිකන් පාක්ෂිකයින් සැක පහළ කළහ. අතිශය වියදම්කාරී අයුධ තරඟය අවසාන කරමින් ගොර්බචොෆ් උත්සාහ කළේ රුසියාවේ කොමියුනිස්ට් වාදය ආරක්ෂා කිරීමටයි. දෙවනුව ඒ සඳහා නැගෙනහිර යුරෝපා අධිරාජ්‍යය අත් හැරීමයි. අවසානයේදි 1991 දී රුසියාවේ කොමියුනිස්ට් වාදය බිඳ වැටුණේ එක්සත් ජනපදයේ සෝවියට් ශීතල යුද්ධය හමාර කරමිනි. සටහන්[සංස්කරණය] |History_of_the_United_States Cold_War 1964-1980 |}
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. මෙම පිළිම වහන්සේ බුදුන් වහන්සේගේ සමාධි මුද්‍රව විදහා දක්වයි. අනුරාධපුරයේදි 1900 දි සොයා ගන්නා ලදි.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සෑම ඉරු දිනකම රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ඔබ හමුවට එන්නේ ‘රටවිරුවෝ ටැලන්ට් ස්ටාර්’ වැඩ සටහනයි. විදේශයන්හි රැකියාවල නිරතවූවන් වෙනුවෙන් වෙන් වූ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් ඔස්සේ මේ වන විට කුවේට්, කටාර් සහ ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් සිය ගායන නර්තන දස්කම් දක්වා අවසන්. අද රටවිරුවෝ වේදිකාව ඉදිවෙලා තියෙන්නේ ජෝර්දානයේ. මේ එහි ප්‍රථමයෙන් සිය කලා කුසලතා පෙන්වන රටවිරුවන්.ජෝර්දානයේ රටවිරුවෝ වේදිකාවට ප්‍රථමයෙන් පැමිණෙන්නේ මාදූවගේ සිසිල් ජයලත් ද සිල්වා. ගායනයට තිබූ සහජ හැකියාවෙන් පාසල් කාලයේ සිටම ගායනයට උනන්දු වූ ඔහු සංගීත කණ්ඩායම් සමඟ සිය ගායන හැකියාවන් පෙන් වුවත් අද එය රටවිරුවෝ වේදිකාවෙන් ලොවටම පෙන්වන්න සූදානම්. අම්බලන්ගාඩ පදිංචි සිසිල් ජයලත් විදෙස් සේවයට එක් වී ඇත්තේ 2007 වසරේ සිටයි.ජෝර්දානයේ තත්ත්ව පරීක්ෂකවරයෙකු ලෙස සේවයේ නිරත එස්. ප්‍රමුක් ප්‍රියදර්ශන මීළඟට රටවිරුවෝ වේදිකාවට එක්වන ගායන තරුවයි. පාසල් කාලයේ සිට ගායනයට තිබූ උනන්දුවෙන් ඒ කෙරෙහි යොමු වූ ඔහුට සිය ගායන හැකියාව එළිදක්වන්න අවස්ථාව උදා වුණේ රටවිරුවෝ වේදිකාව හරහායි. පානදුර පදිංචි ප්‍රමුක් විදෙස් සේවයට එක්වෙන්නේ පසුගිය වසරේදීය.ගාල්ලේ පදිංචි අරුණි බුද්ධිකා සිය විචිත්‍රවත් නර්තනයෙන් ජෝර්දානයේ රටවිරුවෝ වේදිකාව අලංකාර කරන්න සූදානම්. පාසල් කාලයේ සිට නර්තනය විෂයක් ලෙස හැදෑරූ ඇය එම දස්කම් එළිදක්වන්න තෝරා ගත්තේ ජෝර්දානයේ ඉදි වූ රටවිරුවෝ වේදිකාවයි.එරංගා සංජීවනී රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න එක්වෙන තවත් ගායන තාරකාවක්. පාසලේදී විෂයක් ලෙස සංගීතය හදාරා ඇති ඇය පාසැල් මට්ටමේ ගායනා තරඟවලදී ප්‍රථම ස්ථානයන් ද හිමිකර ගැනීමට සමත් වූ අයෙක්. මේ වසරේ සිට ජෝර්දානයේ සේවයට එක් වූ එරංගා සංජීවනීගේ අනාගත බලාපොරොත්තුව සංගීත ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්නයි.හල්මි සුභාෂණි ද සිල්වා අද රටවිරුවෝ වේදිකාව හැඩ කරන්න එක්වන නර්තන තරුවක්. කුඩා කාලයේ සිටම නර්තනයට යොමු වූ ඇය තම නර්තන හැකියාවන් එළි දක්වන්නට ලැබුණේ රටවිරුවෝ වේදිකාවෙන්. බලපිටියේ පදිංචි හල්මි සුභාෂිණි ද සිල්වා ජෝර්දානයේ සේ්වයට එක් වන්නේ මේ වසරේ මුල සිටයි.හෙට්ටිපොල පදිංචි චානක ජයසූරිය සිය මියුරු ස්වරයෙන් ජෝර්දානයේ රටවිරුවෝ ටැලන්ට ස්ටාර් වේදිකාව ගීතවත් කරන්න සූදානම්. පාසල් කාලයේ සිට ගායන හැකියාවන් වගේම කථික තරඟවලින්ද සමස්ත ලංකා මට්ටම දක්වා ගමන් ගත් දක්ෂයෙක්. ගායනයට වාගේම ක්‍රීඩාක්ෂේත්‍රයේ ද දස්කම් දක්වන චානක ජෝර්දානයේ විදෙස් සේවයට එක් වෙන්නේ 2007 වසරේ සිටයි.යතේජා ඥානරත්න
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
බයිලා ගී ලොවේ චක්‍රවර්ති ලෙස කිරුළු පැලඳුවේ එම්. එස්. ප්‍රනාන්දුය. මේ ඒ ගී හඬට සමීප වූ ගී ස්වරයකි. ඔහු එම්. එස්. ප්‍රනාන්දු නොවන මුත් කේ. එම්. එස්. ප්‍රනාන්දු වෙයි.ගුවන් විදුලියේ ශ්‍රේණිගත ගායකයෙකු ද, සංගීත සැඳෑවන්හි ගායකයෙකු ද වන කේ. එම්. එස්. ප්‍රනාන්දු වේග රිද්ම ගීත ගැයීමෙහි සුදක්ෂය.ඔහු සන්ෆ්ලවර්, මේරියන්ස්, සන්ෂයින්, ෂිලනියස් හා සියනෑ වැනි සංගීත කණ්ඩායම්වල ගීත ගායනා කර ඇත්දැකීම් ඇත්තෙකි. මෑතකදී රෙජිනෝල්ඩ්ි කුරේ අමාත්‍යවරයාගේ ජීවිත කතාව බයිලා ගීතයකින් එළි දැක් වූ ඔහු ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් දේවප්‍රිය මහතාගේ ‘අග්නි කංකාරිය’ ටෙලි නාට්‍ය මාලවේ සහය කලා අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේය.ඔහු 90 දශකයේ ගුවන් විදුලි සංස්ථාවේ සරල ගී පරීක්ෂණයට ඉල්ලුම් කර සී ශ්‍රේණීයේ සාමාර්ථයක් ලබා ගත්තේය.ෂෙල්ටන් මුතුනමගේ, ප්‍රියංකර පෙරේරා, මයිකල් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, එඩ්වඩ් – චරිතා වැනි ගායකයන්ගේ සමකාලීන ගායකයෙක් වන කේ. එම්. එස්. ප්‍රනාන්දු යුද සමයේදී ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් උපහාර ගී ගායනා කර වඩාත් ප්‍රචලිත විය.ඔහුගේ ගායන ගමන් මඟ එළිපෙහෙළි කිරීමට ඒ. එල්. කාසීම්, මැණික් ගුරුගේ, ලයනල් සිල්වා, ඒ. ජේ. කරීම්, සරත් ද අල්විස්, නෙවිල් පෙරේරා, චිත්‍රා කුමාරි පත්තප්පෙරුම වැනි අයගෙන් ලැබුණු සහයෝගය සුවිශාලය.අමානි ඉරේෂිකාඡායාරූපය - මාලන්  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මම මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් නිසා කාර්යබහුල වෙලා. බ්‍රහ්ම මූර්තිය, ආදර සංධ්වනිය, සුසමට පවා රහසින්, මුතු, කුටු කුටු මාමා, දිල් නේත්‍ර, සඳ දියවර ටෙලි නාට්‍යවල රූගත කිරීම් සමඟිනුයි දැන් කාලය ගත කරන්නෙ.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
හැදින්වීම[සංස්කරණය] හිසරදය / ඔළුවෙ කැක්කුම මිග්‍රේන් සෑදුනු පුද්ගලයෙක් ICD-10 G43.-G44., R51. ICD-9 339, 784.0 DiseasesDB 19825 MedlinePlus 003024 eMedicine neuro/517 neuro/70 MeSH D006261 හිසරදය, ඔළුවේ කැක්කුම යනු හිසෙහි ඇතිවන වේදනාවයි. මෙය රෝගයක් නොව රෝග ලක්‍ෂණයකි. මෙය මිනිසුන් අතර බහුලවම දක්නට ලැබෙන අතර ඇතැමුන්ට නිතරම පාහේ හිසරදය හටගනී. බොහෝ අවස්ථාවලදි මෙය බැරෑරුම් තත්වයක් නොවන අරත එය කෙටි කාල සීමාවකට පමණක් සිමා වේ. හිසරදය ඇතිවීම සදහා ප්‍රධාන හේතුවන්නේ මානසික ආතතිය, ඉරුවාරදය , ඇස් වෙහෙසවා කටයුතු කිරීම , විජලනය , රුධිරයේ සීනි මට්ටම පහත යාම ,සහ කෝටර ප්‍රදාහයයි. ජීවිතයට අවදානමක් එල්ල කරන හිසරදය ඇති කරන දුර්ලභ හේතුවන්නේ මො‍ළේ උණ , මෙනින්ජි ප්‍රදාහය, මොළයට රුධිරය සපයන රුධිර වාහිනී වල අසාමාන්‍යතා, අධි රුධිර පීඩනය හා ‍මොළේ ඇතිවන පිළිකාවන් නිසාය. හිසට ඇතිවන අනතුරක් නිසා හිසරදය ඇතිවන අවස්ථාවන්හදී හිසරදයට හේතුව ‍පැහැදිලිය. කාන්තාවන් බහුතරයක් තුල හිසරදය ඇතිවීමට හේතුව ඔවුන‍්ගේ මාස් ශුද්ධිය ඇතිවන කාලවලදි සිරුර තුළ ඊස්ට්‍රජන් නම් හෝමෝනයේ සිදුවන වෙනස් වීමයි. මෙය ඔසප් වීමට පෙර හෝ ඔසප් චක්‍රය අතරතුර ඇති විය හැකිය. සංකූලතා ඇති නොකරන සාමාන්‍ය හිසරදයක් සදහා වේදනා නාශකයක් වන ඇස්ප්‍රීන් , පැරසිටමෝල් හෝ ඉබියුප්‍රොෆෙන් භාවිතා කළ හැකි අතර ඉරුවාරදය වැනි විශේෂිත අවස්ථාවන්හිදී ඒ සදහා වඩාත් සුදුසු ප්‍රතිකාර ක්‍රමයන් භාවිතා කළ යුතු වේ. හිසරදය ඇතිවු අවස්ථාවකදී එසේ වීමට හේතු සාධක වු මානසික ආතතිය හෝ ඇතැම් ආහාර වර්ග හෝ වෙනයම් සාධකයක් ඇති නම් එය හදුනාගැනීම වැදගත් වන්නේ ඊළග අවස්ථාවේදී එම හේතු කාරකයයන් ම හරවා ගැනීමට හැකියාව ඇති බැවිනි. ප්‍රතිකාර ක්‍රම[සංස්කරණය] සියලුම හිසරදයන් සදහා වෛද්‍ය ප්‍රතිකාර ගැවීම අත්‍යවශ්‍ය නොවේ. ඒවායින් බහුතරයක් පැරසිටමෝල් , ඇස්ප්‍රීන් හෝ ඉබුයුප්‍රොෆෙන් වැනි සරල වේදනා නාශකයන් සදහා ප්‍රතිචාර දක්වයි. හේතුවක් නොමැතිව නිතරම හිසරදය ඇතිවන අවස්ථාවන්හිදී හිසරදය ඇතිවන වේලාව කුමන ආකාරයේ හිසරදයක්ද යන්න ඒ හා ආශ්‍රිතව ඇතිවන අනිකුත් රෝග ලක්ෂණ හ එම හිසරදය තව දුරටත් වැඩි කරන සාධක මොනවාද යන්න සදහන් කරමින් දිනපොතක් පවත්වාගෙන යාම වෛද්‍යවරුන් විසින් අනුමත කොට ඇත. මෙමගින් එය කිනම් විශේෂිතවු ආකාරයකින් ඇතිවන්නේද යන්‍න පිළිබදව අවබෝධයක් ලබාගත හැකිය. උදාහරණයක් ලෙස සමහර ඖෂධ , ඔසප් වීම, ඇතැම් ආහාර හෝ හේතුවක් නොමැතිව වුවද හිසරදය ඇතිවෙයි. 2007 මාර්තු මාසයේදී වෙනස් සමීක්ධණ කණ්ඩායම් දෙකක් මගින් සිදු කරන ලද පරීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඉලෙක්ට්‍රෝඩ දෙකක යොදා ගෙන සිදු කරන මොළය උත්තේජන කිරීමක් මගින් පොකුරු හිසරදයට (Cluster headaches) සහනයක් ලබාගත හැකිය. වලක්වා ගැනීම[සංස්කරණය] ඉරුවාරදයෙහිදී ඇතිවන හිසරදය වලක්වා ගැනීමේ ප්‍රතිකර කුම ඇත. දිගු කලීනව වේදනා නාශකයන් භාවිතා කිරීම මෙහිදී දිරිමත් නොකරන අරත මෙමගින් ඖෂධ භාවිතයේන වැලකුණු පසුව නැවතත් හිසරදය සෑදීමත සිදුවිය හැකිය. ඉරුවාරදයේ උච්චතම අවස්ථාවන් වලදී ඇතැම්විට රුධිරවාහිනී සං‍කෝචනය කිරීමත් සිදුකරනු කැෆේන් අන්තර්ගත පානයන් ඖෂධ වර්ගයන් සමගම භාවිතයට ගැනීම අනුමත කෙ‍ෙර්. මෙමගින් කැෆේන් සහිත වේනා නාශකයන් ඇතිවීම කෙරෙහි අවදනයක් යොමුවී ඇත. Feverfew ඉරුවාරදය සදහා භාවිතාවන ජනප්‍රිය ශාකසාර ඖෂධයකි. මැග්නීසියම් විටමින් B2 සහ එන්සයිම Q10 යනු ඉරුවාරදය වැලැක්වීම සදහා ස්වාභාවිකවම පවත්නා මුලද්‍රව්‍යයන් වේ.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මාවනැල්ල හතරමංහන්දිය පාරේ මානින්කාව පෞද්ගලික ආයතනයක් අසල සැක කටයුතු අයුරින් ගැවසුණු කාන්තාවක් හා පුද්ගලයන් දෙදෙනකුගෙන් අවට ප්‍රදේශවාසීන් ප්‍රශ්න කිරීමට යාමේදී සැක කටයුතු තිදෙනාගෙන් එක් අයකු අසල්වැසි තරුණයකුට පිහියෙන් ඇන පලාගොස් ඇතැයි මාවනැල්ල පොලිසිය පවසයි.කාන්තාව සහ අනෙක් පුද්ගලයා අල්ලා ප්‍රදේශවාසීන් විසින් පොලිසියට භාරදී තිබේ. පිහියා ඇනුමට ගොදුරු වූ මානික්කාව හිඟුල පදිංචි ගයාන් උඩුගලගෙදර නැමැත්තා රෝහල්ගත කර ඇති අතර අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඇය මුදා හැර ඇත.අනෙක් සැකකරු මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් අසෝක ජයවීර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඔහු..,දියනියගේ බඩගින්න නිවන්නට"හොරෙන්" අරගත්රුපියල් දහස නිසාපොලිසියෙන් ගුටි කාඅද සිරගෙදරයඑතුමා..,තම පුතුට සැප රියක් අරන් දීමටජනතාවට "පාඩු" කලරුපියල් මිලියන සියය නිසාපොලීසියෙ ආචාර මැදඅද නම්බුනාම ලබයිඑකම වරදය දඩුවම වෙනස්යවැරදිකරුවෙක් බුහුමන් ලබන විටඅනිකා සිරගෙදරය වරද එතනමය.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ගනේමුල්ල - ජාඇළ මාර්ගය සුළු වැස්සටත් යන ශීර්ෂ පාඨය යටතේ පසුගියදා දිනමිණ පුවත්පතේ පළවූ වාර්තාව ඵලදරමින් එම මාර්ගයේ හොරගොල්ල මහින්දාරාම විහාරස්ථානය අභියස අබලන්වූ බෝක්කුව ඉවත්කර නව බෝක්කුවක් දමා කානු පද්ධතියක් දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.මේ වනවිට ගනේමුල්ල - ජාඇළ, ගම්පහ - කඳාන ප්‍රධාන බස් මාර්ගය වසාදමා බැකෝ යන්ත්‍රයක් මාර්ගයෙන් අඩි අටක් පමණ ගැඹුරට කාණු කපා නැවත බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා ඇත..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අරඹමි නැවත, නව මාවතක් විවර වී ඇත ජීවිතයට, හැරෙන දිගහැරෙන, නැවෙන මේ ජීවිතයේ අරුත සිහින පසුපස දිව යේමක්ම පමනක් බව හැගුනත්, එය සගවා වෙර දරමි සිහින පසුපසම දිව යන්නට. කලක් IT සහ Computer science ජීවිතයම වූ මාහට එය සිහිනයක්ම වූ දිනසිට තිබූ කෝශගත වකවානුව නිමා කරන්නට අවසරයි.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පරිසර කළමණාකාරිත්වයේදී යෙදෙන පදයකි දුෂණය පාලනය. ඉන් අර්ථ දැක්වෙන්නේ ජලයට, වාතයට සහ පසට විමෝචනය වීම හා අපවහනය වීම මගින් එකතුවන දේ පාලනය කිරීමයි. පරිසර දුෂණය පාලනයෙන් තොර වූ විට මිනිස් පරිභෝජනයෙන් කර්මාන්තවල නිෂ්පාදනයෙන්, කෘෂිකාර්මික ක්‍රියාවලීන්ගෙන් පතල් කැණීමෙන්, ගමනා ගමනයෙන් සහ අනෙකුත් විවිධ ක්‍රියාවලීන්ගෙන් පරිසරයට අහිතකර වූ අයෝග්‍ය සහ අප්‍රසන්න වූ දේ පරිසරයට එකතු වේ. මේවා පරිසරය තුල එක්රැස් වීම හා පරිසරය තුල පැතිරියාම නිසා ස්වාභාවික පරිසරයේ තත්වය පහල යා හැක. පද්ධති පාලනයේදී දුෂණය වැළැක්වීමේ සහ අපද්‍රව්‍යය අඩුකර ගැනීම දුෂණය පාලනය කිරීමට වඩා යෝග්‍ය වේ.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අපේ රටේ සතර අත පැතිර ඇති තාරුණ්‍යයේ ප්‍රතිභාව එක්තැන් කරන ජාතික යෞවන සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා නිමාවිය.ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්‍රයත්නයක් හැටියටයි.අපේ වෑයම ඒසොයා ගත් තාරුණ්‍යයේ ප්‍රතිභාව ඔබට හදුන්වා දෙන්නයි. මේ ලිපි මාලාව ඒ යොවුන් පෙළ වෙනුවෙනුයි.යංග් ටැලන්ට් තීරුවෙන් අද ඔබට හදුන්වා දෙන්න බලාපොරොත්තු වන්නේ හොරණ යෞවන සමාජයේ ,කළුතර දිස්ත්‍රික්කයේ, බස්නාහිර පළාතෙන්, අසංදෘශ වන්නම ඉදිරිපත් කරමින් උඩරට නැටුම් මිශ්‍ර කාන්තා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් වටරැක පදිංචි ජී.ධම්මිකා දමයන්ති පිළිබදවයි.මීගොඩ ධර්මරාජ, පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයන් ගෙන් මූලික අධ්‍යාපනය ලබා කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ ප්‍රාසාංගික කලා අධ්‍යයන ඒකකයේ නර්තන අංශයේ තුන්වන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටියි.කුඩා කල පටන් තම පියාගෙන් පහත රට නර්තනය ප්‍රගුණ කළ ඇය, දුර්ගා බොතේජු, ලක්ෂ්මි වීරකෝන් යන ගුරු මැණිවරුන් යටතේ උඩරට නර්තනයේ මුල් අත්පොත් තැබිනි.2009 වර්ෂයේදී රූසිරු කලා අරණ ට සම්බන්ධ වි ප්‍රගීත් අනුරාධ ගුරුපියාණන්ගේ මග පෙන්වීමෙන් 2010 වර්ෂයේදී හොරණ රජ මහා විහාරයේදීපායිම්පත් පැලද වු ධම්මිකා ට “අනුකාර්“ 2011 සහ 2013 යන නර්තන ප්‍රසංග වලදී නර්තන දක්ෂතා එළිදැක්වීමට හැකි විය.කැලණිය විශ්වවිද්‍යාලය මගින් පැවැත්වූ බිහිදොර අබියස 2003 ප්‍රාසංගික උළෙල, 2007,2008,2009,2010 යන වර්ෂවලදී පවත්වනු ලැබූ සමස්ත ලංකා නර්තන හා මුද්‍රා නාට්‍ය තරග අංශයෙන්, සංස්කෘතික අමාත්‍යාංශය පැවැත් වූ ජාතික නැටුම් තරග යන්ට සහභාගි වී විශිෂ්ට ජයග්‍රහණ රැසක් දිනාගැනීමට හැකි වී තිබේ.ඇය ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණය ලෙස හදුන්වනු ලබන්නේ 2012 වර්ෂයේදී ශ්‍රී ලංකා යූත් ජාතික යෞවන සම්මාන තරගයෙන් රූසිරු කලා අරණ යටතේඋඩරට මිශ්‍ර ප්‍රථම ස්ථානය දිනා ගැනීමයි.මංගලිකා ජයතුංග, ප්‍රශාන්ති නාරංගොඩ, ඊෂානි රංගනාථ, මනෝරි මනම්පේරිය, නිශාන්ත දේවසිංහ, ජගත් රණසිංහ, දිල්කුෂි විජේරත්න යන ගුරුවරුන් යටතේඋඩරට, පහතරට, සබරගමු හා විදේශීය නර්තනයන් හදාරන ඇයගේ අනාගත බලාපොරොත්තුව වන්නේ සම්ප්‍රදායයන් රැකගෙන නව නිර්මාන බිහි කරමින්මේ නැටුම් කලාවන් තවත් අය අතරට ගෙන යාමට නැටුම් ගුරුවරියක් වන්නටයි.තම අනාගතය සාර්තක කරගැනීමට අත දෙන සියලු ගුරුභවතුන්ට,ඉන්ද්‍රානි දමයන්ති, සරත් නන්දසිරි මව් පියන්ට, තම බාල සොහොයුරු ලහිරු රංගනා නන්දසිරිට, හිත මිතුරන්ට, ගෞරවනීය ස්තුතිය පුද කරන්නට ඇය අමතක නොකළාය.තිස්ස ධම්මිකඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මගේ කෝස්තාපල් පුඤ්ඤසෝම කියන අලුත්ම චිත්‍රපටය මේ මැයි මාසේ 02 වැනි දා රිලීස් වෙනවා. ඒ නිසා මේ දවස්වල වැඩියෙන්ම මම ගතකරන්නේ චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුත් එක්ක.මොකද චිත්‍රපටය තිරගත කරගන්න වගේම බෙදා හැරීමටත්, ප්‍රචාරණ කටයුතුත් සඳහාත් විශේෂ අවධානයක් යොමු කරන්න සිදුවෙනවා. ඒ නිසා මම තරමක් කාර්යබහුලයි. ඒ මේ සතියේ මම විදේශ ගතවෙන්නත් සූදානමින් තමයි ඉන්නේ.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
‘කාල්ටන් ක්‍රීඩා සමාජය’ හා ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය ඒකාබද්ධව තෙවැනි වසරටත් සංවිධානය කරන දිවයිනේ ප්‍රධානතම බාස්කට්බෝල් තරගාවලිය වන ‘කාල්ටන් කුසලාන 2011 බාස්කට්බෝල් සූරතාවලිය’ ලබන සැප්තැම්බර් 2 සිට ඔක්තෝබර් 1 දක්වා කොළඹ තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන බාස්කට්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.‘ඒ’, ‘බී’ හා සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 13න් පහළ බාලක බාලිකා වශයෙන් අදියර 3කින් තරගාවලිය පැවැත්වේ. ශ්‍රී ලංකාවේ අංක 1 බාස්කට්බෝල් කණ්ඩායම තෝරා ගැනෙණ ‘ඒ’ කාණ්ඩයේ තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගි වෙති. මෙය ශ්‍රී ලංකා බාස්කට්බෝල් කැලැන්ඩරයේ ප්‍රමූඛතම තරගාවලිය වෙයි.‘බී’ කාණ්ඩයේ තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් සහභාගි වීමට නියමිතය. යුද හමුදාව හා පොලිසියට අමතරව යාපනය (ප්‍රථම වතාවට), මඩකලපුව, අම්බලන්ගොඩ, මොරටුව, කොළඹ, මොරටුව, වත්තල ඇතුළු දිවයිනේ සතර දිගින් කණ්ඩායම් මේ තරගාවලියට පිවිසෙනු ඇත.පාසල් අවුරුදු 13න් පහළ තරගාවලිය සඳහා බාලක කණ්ඩායම් 22ක්ද, බාලිකා කණ්ඩායම් 18ක්ද මේ වන විට ඔවුන්ගේ සහභාගිත්වය ස්ථිර කර තිබේ. ජාත්‍යන්තර පාසල් කිහිපයක්ද මේ අතර වෙති. පාසල් තරගාවලිය සැප්තැම්බර් 24 හා 25 දිනවල පැවැත්වෙනු ඇත.‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවල ජයග්‍රාහකයන් සඳහා පිරිනැමෙන සම්පූර්ණ ත්‍යාග මුදල රුපියල් හාර ලක්ෂ විසිපන් දහසකි. ‘ඒ’ කාණ්ඩයේ සූරතාවට රුපියල් 200,000ක්ද, අනුු සූරතාවට රුපියල් 100,000ක්ද, ‘බී’ කාණ්ඩයේ සූරතාවට රුපියල් 75,000ක් හා අනු සූරතාවට රුපියල් 50,000ක්ද වශයෙනි. මීට අමතරව තරගාවලිය පුරා හොඳම විනය පවත්වා ගෙන එන කණ්ඩායමට ‘හොඳම ක්‍රීඩාශීලීත්වය’ නමින් විශේෂ කුසලානයක්ද පිරිනැමේ.සීමාසහිත සොලෙක්ස් ඉන්ජිනියරින්ග් (පුද්ගලික) සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, සීමාසහිත ඒවියන් ටෙක්නොලොජීස් (පුද්ගලික) සමාගම හා කොළඹ ගාලු මුවදොර හෝටලය තරගාවලිය සඳහා අනුග්‍රහය දක්වති. මේ තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැති අතර එහිදී කරුණු දැක්වූ ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයේ අධ්‍යක්ෂ වෛද්‍ය චූලා සෙනරත් මහතා, ශ්‍රී ලංකාවේ බාස්කට්බෝල් ක්‍රීඩාව ජාත්‍යන්තරයේ උපරිම තලයට ගෙන ඒමේ අරමුණ පෙරදැරි කොටගෙන ‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හා උප සභාපති යෝෂිත රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ‘කාල්ටන් ක්‍රීඩා සමාජය’ මේ තරගාවලිය සංවිධානය කරන බව පැවසීය.2009 වසරේ ආරම්භ කළ මේ තරගාවලියේ ප්‍රධාන ඉලක්කය වනුයේ දිවයින පුරා විසිරී සිටින බාස්කට්බෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෙෘශල්‍යය වැඩි දියුණු කිරීම හා එම ක්‍රීඩාව ප්‍රචලිත කිරීම බවද ඒ මහතා කියා සිටියේය. ‘කාල්ටන් බාස්කට්බෝල් සමාජයේ’ පුහුණුකරු ශ්‍රියන්ත ජයවීර මහතා අදහස් දක්වමින්, පාසල් තරගාවලිය පවත්වන්නේ පසුගිය වසරේ වයස අවුරුදු 13න් පහළ වයස් සීමාවේ සිටි බාලක බාලිකාවන් වෙනුවෙන් බව ප්‍රකාශ කර සිටියේය. “ශ්‍රී ලංකා බාස්කට්බෝල් සංගමයට ගිය අවුරුද්දේ වයස අවුරුදු 13න් පහළ තරගාවලිය පවත්වන්න බැරිවුණා. ඒ අයට සිදුවූ ඒ අසාධාරණය පියවීමට මේ තරගාවලිය මෙලෙස මේ වසරේ පවත්වන්න අපි තීරණය කළා” යැයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දිවි නැඟුම සහන අරුණ වැඩසටහන යටතේ ඇප රහිත සහන පොලී පදනම මත ණය ලබාගැනීම සඳහා රටපුරා පවුල් ලක්ෂ 50ක් සුදුසුකම් ලබා තිබෙන බව රජය ප්‍රකාශ කරයි.මෙම විශේෂ යෝජනා ක්‍රමය සඳහා මේ රටේ ග්‍රාමසේවා වසම් 14,022ක පිහිටි ගම්මාන 35,440ක ජීවත්වන දිවි නැඟුම සංවර්ධන ප්‍රතිලාභී පවුල් 15ලක්ෂයක් ඇතුළුව දිවි නැඟුම ජාතික වැඩසටහනේ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 50ක් සුදුසුකම් ලබා ඇති අතර එම වැඩසටහන එළඹෙන සැප්තැම්බර් 01දා සිට ආරම්භ වන බව ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා පිහිටි දිවිනැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිවි නැඟුම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු 1,073ක් මඟින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් ප්‍රතිලාභීන් වෙත ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා රුපියල් 5,000 සිට 50,000 දක්වා සහන පොලී ණය ලබාදීම සිදුකෙරෙන බවද එම අමාත්‍යාංශය කියයි.දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණක් වූ දිළිඳු බව තුරන් කිරීම සඳහා ජනතාව සවිබල ගැන්වීමට ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා 'අසුරු සැණින් අතට මුදල්' යන තේමාව යටතේ ඇපකරුවන් නොමැතිව වාර්ෂික සියයට 4ක විශේෂ සහනදායී පොලී අනුපාතයක් යටතේ රුපියල් 50,000ක් දක්වා උපරිමයකට යටත්ව ණය ලබාදෙයි. ප්‍රතිලාභීන්ගේ පාරිභෝගික අවශ්‍යතා සඳහා ණය අයදුම්පත් ලබාදුන් දිනයේදීම මුදල් ලබාගත හැකි අතර අනෙකුත් අවශ්‍යතා සඳහා අයදුම්පත ලැබී තෙදිනක් ඇතුළත මුදල් ලබාගත හැකිවීම මෙහි විශේෂත්වයකි.සැප්තැම්බර් 01දා පෙරවරුවේ දිවි නැඟුම සහන අරුණ වැඩසටහනේ ප්‍රධාන උත්සවයට සමගාමීව රටපුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 327ක පිහිටි දිවි නැඟුම ක්ෂුද්‍ර මූල්‍ය බැංකු 1,073දී උත්සවයන් දවස පුරා පැවැත්වීමට සැලසුම්කර තිබෙන අතර මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වනුයේ ප්‍රතිලාභීන් විසින් ආරම්භ කිරීමට අපේක්ෂිත ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිවල ද්‍රව්‍ය මිලදී ගැනීම්, මූලික උපකරණ මිලදී ගැනීම් සහ ශ්‍රමය සඳහා වන ගෙවීම් වැනි කටයුතු සඳහාය. ඊට අමතරව පාරිභෝගික අවශ්‍යතා, ණය මුදලක් පියවීම සහ හදිසි අවශ්‍යතා සඳහාද මෙම ණය ලබාදීමේ අපේක්ෂිත කාර්යයන් වේ. මෙය ක්‍රියාත්මක වනුයේ දිවි නැඟුම ප්‍රජා මූල බැංකු සහ බැංකු සමිති මඟින් දැනට ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම්වලට අමතර වීම විශේෂත්වයකි.ගමේ මුදල් ගමටම ආයෝජනය කිරීමේ අරමුණින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන අතර ඇතැම් ජනතාව වැඩි පොලියට මූල්‍ය සංවිධාන සහ ආයතන මඟින් අධික පොලී අනුපාත යටතේ ණය ලබාගෙන ණය බරින් මිරිකී සිටින බවද ඔවුනට එම ණය බරින් මිදීමට ද මෙම ණය ලබාගත හැකි බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.පාරිභෝගික අවශ්‍යතා සඳහා ලබාදීය හැකි මුදල රුපියල් 5,000කට සීමාවන අතර අනෙකුත් ණය වර්ග සඳහා රුපියල් 50,000ක උපරිමයක් දක්වා ණය ලබාදෙයි. පාරිභෝගික ණය සඳහා වසරක සහන කාලයක් ලබාදෙන අතර ඉන් පසුව වාරික 24කින් ගෙවිය යුතු වෙයි. ජීවනෝපාය සංවර්ධන ණය සඳහා වසරක සහන කාලයක් ලබාදෙන අතර ඉන් පසුව සමාන වාරිකවලින් අදාළ ණය මුදල ගෙවිය යුතු වේ. ප්‍රතිලාභීන්ට ණය ලබාදීමේ දී වයස් සීමාවක් නොමැත.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
එන්න....මා නුඹව රැගෙන යමි.දෑතිතින්ම අල්ලාන.....මගේ ෆැන්ටසියට..එන්න...රැගෙන යමිසුරත ගෙන..මා දකින සුන්දර ලෝකයට...ඉතින් විදින්න ..ඒ.. සුන්දරත්වය...සත්තයි නුඹ ලොබ බදියි දැන්..මේ ෆැන්ටසියට....ඔව් නුබට ලෝබයි..දැන් මේ ලෝකය නුඹේ...ඉදින් තව දුරටත් ... නුඹ නරඹන්නකු නොවේ...මේ ෆැන්ටසිය නුබේ......දැන් නුඹට දැනෙනව..දැන් නුඹ පිය නගනව..දැන් නුඹට තියෙනව..අරමුණක් .. මාවතක්..මේ......ෆැන්ටසියෙන් උත්තේජනය වුනු.උඹම තොරගත්...දැන් ඉතින් කෝ .. කොහිද .රැගෙන ආ මා සුරත..අත හැරිල නේද .නොදැනීම........දැනුනද නුඹට අතහැරැණු බව...සත්තයි නුඹ උරණ වෙයි..මා එක්ක..නාවාට... පිය නගන්නට..ඒ නුඹේ මාවතේ.. නුඹ සමග... නුබේ ෆැන්ටසියට..සත්තයි නවතිමි මම..නුඹට අවසරයි යන්නට..නුඹේ මාවත දිගට..රැගෙන එමි තවකෙක් හැකිනම්...මේ ෆැන්ටසියටවාරු තිබුනොත් දෙපයට..තව දුරටත්..එයයි මාගේ කාර්යය.සුභ ගමන් අල්තීනායී...පොප්ලරයෝ සිටියෙතින්...කියයි ලෝකයට..අප ද සිටි වග.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
“මම දැන් යූ. ඇන්. පී. කාරයෙක් නෙමෙයි. රජයට පක්ෂපාතී කෙනෙක්. මාව මේ තත්ත්වයට පත්කළේ එ. ජා. පක්ෂයේම පිරිසක්” යැයි සීතාවකපුර නගර සභාවේ සභාපති ආර්. එම්. එස්. ප්‍රේමලාල් මහතා පැවැසීය. ඒ මහතා ඊයේ (24) දින පැවැති නගර සභා මාසික රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ දැන් පිරිසක් පෙත්සම් යවමින්, තැනින් තැන කියමින් යනවා සභාපතිවරයා දූෂණ ක්‍රියා රැසක් සිදුකර තිබෙනවා, ඒ ගැන සොයා බලන්න කියා. මම වැරදි වැඩ කරලත් නැහැ, පෙත්සම්වලට බයත් නැහැ. මට උදව් කරපු, උදව් කරන සියලු දෙනාටම මගේ ස්තූතිය මේ අවස්ථාවේ පළකර සිටිනවා..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙම ලිපිය හෝ ලිපි කොටස බෞද්ධ ධර්ම සංගායනා සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) හෝ මෙම ලිපිය හෝ ලිපි කොටස ධර්ම සංගායනා සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) ධර්ම ග්‍රන්ථ වලට අනුව බුද්ධ පරිණිර්වානයෙන් පසුව පළමුවන ධර්ම සංඝායනාව පැවැත්විය. ඉන්දියානු සම්ප්‍රදායට අනුව ඉගැන්වීම් පරපුරෙන් පරපුරට පැවතුනේ මුඛ වහරෙනි. මෙම සමළුවු මුලික අරමුණ වුයේ කරැණු වල වැරදි තබේදැයි පරික්ෂා කිරීමයි. පළමුවන ධර්ම සංඝායනාවේදී බුදුරජාණන්වහන්සේ ‍ගේ උපස්ථායක වන ආනන්ද තෙරැන් විසින් පාලි සුත්‍ර හා අභිධර්මය කියවු අතර උපාලි මහරහතන් වහන්සේ විනය නීති දේශනා කළ සේක දේවන ධර්ම සංඝායනාවෙන් යම් කාලයකට පසුව සංඝ සමාජය විවිධ නිකාය බෙදීම් වලට ලක්විය. මෙම නිකාය භේදය ඇතිවුයේ කිනම් කාලයකදී දැයි නිශ්චිතව කිව නොමැකි නමුත් දීපවංශයට අනුව එය දෙවන ධර්ම සංඝායනාව අවසන් වු වහාම සිදු විය. නිකාය භේදය හටගතතේ ස්ථිවර හා මහාසාඝික යන කොටස් දෙක අතරය. මෙම දෙපාර්ශවයේම ජනශ්‍රැතිය එකිනෙකට වෙනස් අදහස් දක්වයි. ථෙරවාදි ග්‍රන්ථයන් වන දීප වංශයට අනුව දෙවන ධර්ම සංඝායනාවේ අති වු මතභේදයේ දී පරාජයට පත් වු පිල විරෝධය දැක්වීමක් වශයෙන් වෙන්ව ගොස් මහසාංළික ලෙස නිකායන් පිහිටුවා ගත් බවයි. උතුරැ පරම්පරාවක් වන සරස්වතිවාදය හා පුග්ගලවාද (අතීත ස්ථිවිර කොටසින් බෙදුනු කොටස්) නිකායට අනුවමෙම භේදය රහතන් වහන්සේලාගේ තත්ත්වය පහළ බැසීමට හේතු වු කරැණු 5 න් එකකි. ස්ථිවිර කොටස් තුළින් සම්ප්‍රදායන් කිහිපයක් හටගත් අතර තේරවාද සම්ප්‍රදාය ඉන් එකකි. මුල් යුගයේදි මෙම මතවාද විනය නිසා හටගත් අතර විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරන භික්ෂුන් වහන්සේලා එකම ආර‍ාමයේ සමගිව විසුහ. නමුත් ක්‍රි.ව. 100 දි පමණ ආගමික කරැණු මුල් කරගෙනද මතභේද හටගැනීමට අරම්භ විය.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ගමත් පන්සලත් අතර පැවතුණු බැඳීම ශ්‍රී ලංකාවේ ජනතාව සමගිව සිටීමට හේතුවක් වූ බව දැනගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් එදා එම සමගිය බිඳ හෙලීමට සිංහල උගත් ජෝන් ඩොයිලි වැනි සුද්දන් යොදා ගත්තා. අදත් අපේ ජාතික සමගිය බිඳදමා රට යටත් කරගන්න සූදානම් බලවේග රට තුළ හා විදේශ රටවලද ක්‍රියාත්මක වනවා යැයි නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා ඇමැති විමල් වීරවංශ මහතා පැවැසීය.ඒ මහතා එසේ කීවේ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොට අංගොඩ ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ ඉදිකිරීමට කටයුතු යොදා ඇති “ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සැමරුම් සෑරදුන්” ඉදිකිරීමේ කටයුතු අරඹමින් මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගී වෙමිනි.එහිදී ඇමැතිවරයා මෙසේද කීවේය.බෞද්ධාගමික ශිෂ්ඨාචාරයකින් යුත් මේ රටේ ජීවත්වෙන ජනතාව ඒ හා බැඳුණු සංස්කෘතියකට උරුමකම් කියන පිරිසක් රාජ්‍යත්වය සමඟ බැඳී පරපුරෙන් පරපුරට රැකගෙන ආ එම උරුමය මතු උපදින පරම්පරාවටත් රැකදීමට වර්තමාන පරපුර කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේද කැපවීමෙන් සිදුකරනු ලබන කාර්ය භාරය ජාතික හා ශාසනික වශයෙන් අගැයීමට ලක්වෙනවා.2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය ලෙස නම් කොට ඇති මේ වර්ෂය බුද්ධ ශාසනය පෝෂණය කරමින් ඉදිරියට යන මහා වැඩ කොටසක් ඉටුකරන කාල පරිච්ඡේදයක් වෙනවා. ඊට සමගාමීව කෙරෙන මේ සුවිශේෂ කටයුත්ත ඉතා ඉක්මණින් අවසන් කිරීම සඳහා රජයෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදීමට මා සූදානම්..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
”සත්තයි ගසේ ඉදුණු අඹ” කියලා පාර අයිනේ බොඞ් එකක් දමාගෙන පිරිසක් අඹ විකුණනවා. ටිකක් අමතු තාලේ දැන්වීමක් හින්දා මමත් එකේ පින්තූරයක් ගන්න අමතක කළේ නැහැ. මේ පහළින් තියෙන්නේ ඒ පින්තූරය.තවත් දවසක තවත් කට්ටියක් ”සත්තම සත්තයි මේ ගහේ ඉදුණු අඹ” කියලා බොඞ් එකක් පාර අයිනේ තියාගෙන අඹ විකුණනවා. මෙයාලාගේ වෙළෙඳ උප්පරවැට්ටි දැන දැන උනත් මම අඹ ගෙඩි කිහිපයක් මිල දී ගත්තේ අඹ ගෙඩියක් කන්න තිබිච්ච ආසාවටත් එක්කම යි.”මහත්තයා මේවා ගහේ ම ඉදිලා කඩපු අඹ” කියලා ඒ මුදලාලි ඔහු ළඟ ම තියාගෙන සිටිය අඹ ගෙඩියෙන් පොඩි කෑල්ලක් කපලා මට කන්න දුන්නා. ගසෙන් කඩන ලද නැවුම් අඹ ගෙඩියක තරමට නොමැති වුණත් යම් රසයකුත් එහි තිබුණා. ***”සත්තම සත්තයි මේ ගහේ ඉදුණු අඹ” කියලා බොඞ් ගහගෙන අඹ විකුණුවට මම හිතා සිටි විධියට ම ඒ අඹත් මෙලෝ රහක් නැති, කෘත‍්‍රීම ලෙස ඉදවන ලද අඹ බව වැටහුණේ ගෙදර ඇවිත් කපලා කන්න හදනකොට යි. ඇත්තට ම මේ අඹ කන්න ම බැහැ. කිසිම රහක් නැහැ. සමහර ගෙඩි ඇතුළේ පැත්තක් අමුයි. ඒ මදිවවට ඇඹුල්. කොටින් ම අඹ ගෙඩියෙන් පොත්තවත් ගළවා ඉවත් කරන්න බැහැ. ***මේ පහළ පින්තූරයේ තියෙන්නේ ගහේ ම ඉදුණු විලාට් වර්ගයේ අඹ ගෙඩියක්. මේ ගෙඩියේ තිබුණු රහ වචනවලින් කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරමට ම පුදුම රහක් තියෙන්නේ.අඹ වාරෙට ව්‍යාපාරිකයන් කරන්නේ අඹ තියන පළාත්වලට ගිහිල්ලා ගස් පිටින් අඹ මිල දී ගන්නවා. සාමාන්‍යයෙන් රු.1000ට, 1500, 2000ට වගේ තමයි මෙයාලා ගහේ මිල තීරණය කරන්නේ. ඊට පස්සේ ඒ ගහේ තියන ලොකු පොඩි බේදයක් නැති ව සියලූ අඹ කඩා ගන්නවා. හොදින් පැසුණු, අඹ වගේ ම නොපැසුණු, ගැට පවා කඩා ගන්නවා. ඊට පස්සේ කාබයිට්, මැජික් (වස කඩවලින් මිල දී ගත යුතු හෝමෝනයකි) වැනි කෘත‍්‍රීම දේ යොදා මේ අඹ ඉදවනවා. දවසක් දෙකක් යනවිට ලොකු පොඩි සියලූ අඹ එක ම විධියට ලස්සනට රන්වන් පාටට ඉදෙනවා. හොඳට පැහී තිබෙන ගෙඩියක් දෙකක් ඇරෙන්නට අනිත් ගෙඩි කිසිම රහක් නැත්තේ ඒකයි.පාර දිගට බොඞ් දාගෙන අඹ විකුණන අය කරන්නේ හොදින් පැසුණු අඹ ගෙඩියක් තියාගෙන කෑලි කපා කපා කන්න දීලා ශේප් එකේ අනිත් අඹ ගෙඩි ටික විකුණ ගන්න එකයි. මිහින්තලේ අඹ, ඇඹිලිපිටියේ අඹ, මොනරාගල අඹ කිය කියා ඔය විකුණන කව්රුත් කරන්නේ මේ ටික ම තමයි. ඒ අතරේ මට එක් අයෙක් හමුවුණා ඔවුන් කරන්නේ ඇත්තටම ගහ බදු අරගෙන පැසෙන පැසෙන අඹ විතරක් කඩා ගන්නවා. එක අඹ ගහකින් එවිට අඹ කඩා ගන්න පස් හය පාරක් විතර පැමිණෙනවා. එහෙම අවංක ව බිස්නස් එකක් කරන අයගෙන් ඇත්තට ම ටිකක් වැඩි ගාණක් ගෙවලා අපිට කිසි ම පාඩුවක් වෙන්නේ නැහැ.මරදාන ප‍්‍රදේශයේ මගේ මිත‍්‍රයෙක් කියූ දෙයක් මා මවිත කරන්නට සමත් වුණා. ඔහු කිසිම දිනෙක අඹ ගහකින් ඉදුණු අඹ ගෙඩියක් කඩාගෙන කාලා නෑලූ. ඔහුට මම දවසක් ගහේ ඉදී කඩාගත් අඹ ගෙඩි කිහිපයක් දුන්නට පස්සේ ඔහු පුදුම වුණා අඹ මෙච්චර රස ද කියලා. ගමේ හැදුණ වැඩුණ අපිට නම් ඉතින් මේවා අමුතු දේවල් නෙමේ. කොහොම ද හොඳින් ඉදුණු කර්තකොළොම්බන් අඹ ගෙඩියක් එහෙම ගහේ ඉදගෙන කනකොට දැනෙන සනීපේ... අම්මෝ මතක් වෙනකොට කටට කෙළත් වුණනවා...හොඳ අඹ වෙළෙඳ පොළේ දී හඳුනා ගත හැකි ක‍්‍රම තියනවා. හොඳින් පැසුණු අඹ ඉදෙන්නේ ගෙඩියේ නැට්ට පැත්තේ සිට පහළට ය. නොපැසුණු අඹවල ඇටය පිහියෙන් කපන්න පුළුවන් වුවත් හොඳින් පැසුණු අඹ එසේ පහසුවෙන් කැපිය නොහැකි ය. තව ද අඹ පොත්තේ මතුපිට රැළි වැටුණු ස්වභාවයක් පවතී නම් ඒවා හොද අඹ නොවේ. ඉතින් වෙළෙඳ පොළෙන් අඹ මිල දී ගන්නා විට මේ තොරතුරු ඔබට සමහර විට වැදගත් වේවි. ඔක්කොටමත් වඩා අඹ පැලයක් ඔබේ නිවසේ හිටවා ගන්න පුළුවන් නම් හරිම වටිනවා.වලී08.01.2014.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ව්‍යාකරණ, ‍ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. ලිපියේ මාතෘකාව ලිපියට නොගැලපෙන බැවින් හෝ විකිපීඩියා ලිපි නාමකරන සම්මතයන්ට පටහනි බැවින් හෝ අක්‍ෂර වැරදි බැවින්..... මෙම ලිපියේ මාතෘකාව වෙනස් කලයුතුව හෝ නිවැරදි මාතෘකාව ඇති ලිපිය සමග ඒකාබද්ධ කලයුතුව ඇත. "ගෙනයන්න" විධානය භාවිතාකර මෙම ලිපියේ මාතෘකාව නිවැරදි කරන්න. නැතහොත් අදාල ලිපිය සොයා ඒකාබද්ධකරන්න. This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න ; යෝජනා මෙහි තිබිය හැක. මෙම ලිපිය නිවැරදිව ප්‍රවර්ගකරණය කර නැත. විෂයය පිලිබඳව ඔබ දැනුවත්නම් කරුණාකර ප්‍රවර්ගකරණයට දායකවන්න. මෙම ලිපිය වෙනත් බසකින් ගත් ඍජු පරිවර්ථනයකි. සිංහල සහ ලාංකික සංකල්ප වලට ගැලපෙනසේ සංස්කරණයට දායකවන්න. (එසේ නොමැති නම් මෙම ලිපිය අදාලවන සංස්කෘතිය හෝ ප්‍ර දේශය ලිපි සිරසෙහි හෝ ලිපිය ආරම්භයේ සඳහන් කරන්න) ලොවපුරා ජනමාධ්‍යවේදීන් සිය රාප්‍යයන් පිළිබදව වාර්තාකරන අතර එක් එක් රජයන්වල ජනමාධ්‍ය ප්‍රතිපත්තතින් එකනෙකට වෙනසය. බොහෝ බටහිර රටවල මාධළ්‍ය නිදහස ලබාදී ඇති අතර මාධ්‍ය අයිතිවාසකම් හා නිදහස සිමා කිරීමක් සිදු නොවී එහෙත් වෙනත් රටවල පත්‍රකලාවේදීන් පළ කරන හෝ පරේක්ෂණ කරුනු සිමා කර හැක. පොදු උත්සතවය,අපරාද,ස්ථාන,මාධ්‍ය සාකච්චා වලට සහභාගිවීමේ අවස්ථාව මහජන නියෝජිතයක් සහ වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයන් සමග සම්මුක සාමචචා පැවැත්වීමේ අවස්ථාව වැනි සාමාන්‍ය ජනයාට නොලෙබෙන අවස්ථා පත්‍රකලා වේදීන්ට හිමි වේ එසේ හිමි විද්නේ රජයකට හෝ එහි ප්‍රතිපත්ති වලට පක්ෂව හෝ විපක්ෂව ජනමතයන් ගොඩ නැගිමට සහ ජනතාව නියෝජනය කිරීමට මාධ්‍ය ඇතැයි පිළිගෙන හැකියාව නිසා මේවා පත්‍රකලාවේදීගේ ෙෙනතික අයිතවාසකම් ද වුවද මගින් සුරක්ෂනය කර නැත. සමහර අවස්ථා වලදී එයට අයතින් ලබා නොදීම පත්‍රකලාවේදනට දඩුවම් පැමිළණවීමට උත්සාහ කිරීමටරජය ක්‍රියා කරයි. පත්‍රකලාවේදීන්ට නිල බලපත්‍ර ලබාදෙන රජයන් වල එම බලපත්‍ර වල හරහා අයිතිවාසිකම් සහ වගකිම් පැවැරිය හැකි වුවද එක්සත් ජනපදයේ නිදහස් මාධ්‍ය සම්ප්‍රදාය නිසා රාජ්‍ය මගින් බලපත්‍ර පැවැරීමක් සිදු නොකෙරේ. සමහර ප්‍රාන්ත වල සමහර රාජ්‍ය විමර්ශන වලන් පත්‍රකලාවේනය සුරකිමට නීත පැවතූ රාජ්‍ය එක් එක් ප්‍රාන්තය පත්‍රකලාවේදනය නිර්වචනනය වන ආකාරය වෙනස්වේ. මෙවැන නීතයක් ජාතික මට්ටමෙන් අවශ්‍ය යැයිද අදහසක් නොතබූ ඇත. සමහර රට වල පත්‍රකලාවේදීන් සෘජුවම රජයෙන් බදවා ගැනිමට,පාලනය කිරීම සහ වාරනය සිදුකෙරේ. තවත්‍ රටවල රාජ්‍ය මාද්‍ය නිදහස සුරෙකෙන්නේ යැයි පැවසුවද, අත්ටඩංගුවට ගැනිම,දේපල විනාශ කිරීම,වධහිංසනය,ඝාතණය ආදී තර්ජන හරහා ඔවුන්ට බලපෑම් එල්ල කරයි. රාජ්‍ය අතර ගැටුම් හෝ සිවිල් යුද්ධ වාතාරන පත්‍රකලාවේදීන් රජයෙද් ආරක්ෂාවක් බලාපොරොත්තු වීමට අතහරී. ගැටුමක් අතරදී අත්තඩංගුවට ගත් මාධ්‍ය වේදීන්ට සාමාන්‍ය ජනයා ලෙස සලකන අතර ඔවුන්ගේ මවුරටේ රාඡ්‍යට භාර දෙනු ලබයි.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
විදේශිකයන්ට ඉතා ඉහළ මිලකට සුපිරි තේ අලෙවි කරන මහනුවර පිළිමතලාවේ ප්‍රමුඛ පෙළේ තේ නිෂ්පාදන සමාගමක කලක් තිස්සේ පවත්වාගෙන යන බාල වර්ගයේ තේ මිශ්‍ර කිරීමේ මහා පරිමාණ ජාවාරමක් අනාවරණය කර ගැනීමට මධ්‍යම දිසා විශේෂ මෙහෙයුම් ඒකකය සමත්ව ඇත.මෙහිදී එහි කළමනාකරු ඇතුළු සිවු දෙනකු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගැණුනු අය අතර එහි සේවකයන් තිදෙනෙකු ද සිටින අතර, මිශ්‍ර කළ බාල වර්ගයේ තේ අඩංගු පැකට් කිහිපයක් ද මෙහිදී සොයාගෙන ඇත.මේ සූක්ෂම ජාවාරම මුළුමනින්ම එහි කළමනාකරු විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය අනාවරණය කරගන ඇත. ඔහු වෙනත් ප්‍රදේශවලින් බාල වර්ගයේ තේ ගෙන්වා ඒවා සුපිරි තේ හා මිශ්‍ර කර මෙරට ඉස්තරම් තේ ලෙසින් කිලෝවක පැකට්ටුවක් රුපියල් තිස් දහසින් ඉහළ මිල ගණන්වලට අලෙවි කර තිබේ.අදාළ තේ නිෂ්පාදන සමාගමේ පාලනාධිකාරිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකින් පසු මෙහි පරීක්ෂණ ආරම්භ කර ඇත. ජාවාරම හේතුවෙන් කළමනාකරු හට දිනකට රුපියල් පනස් දහසක පමණ අමතර ආදායම් හිමිව ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.මධ්‍යම පාළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. එන්. බී. අඹන්වල නියෝජ්‍ය පොලිස්පති නිහාල් සමරකෝන් මහත්වරුන්ගේ උපදෙස් මත මධ්‍යම දිසා විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණරත්න බණ්ඩා මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙහි වැඩිදුර පරීක්ෂණ පවත්වති..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඉන්දියානු සාගර ටූනා කොමිසමේ (IOTC) 18 වන සැසිවාරය ඊයේ (01) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විණි. එම සමුළුව වෙනුවෙන් සැකසුණු ‘දිනමිණ - ඔරුවැල්ල’ විශේෂ කලාපය ධිවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහත්වරුන්ට පිළිගැන්වූ අවස්ථාව..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මේ මස අවසන් වනවිට දිවයිනට පැමිණි විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවනු ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.මේ වනවිට මෙරටට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව 904,000ක ඉක්මවා ඇති බවද එම අධිකාරිය කියයි.සැප්තැම්බර් මාසය අවසන්වනවිට 801,210ක් සංචාරකයන් දිවයිනට පැමිණ සිටි බවත් වසරේ මුල් මාස 9 තුළ සංචාරක ආගමනයේ වර්ධනය සියයට 15. 5 ක් බවත් අධිකාරිය ප්‍රකාශ කරයි.මේ වසර තුළ ලක්ෂ 12ක් සංචාරකයන් ශ‍්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව පැවැසු සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පසුගිය වසරේ දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව දශ ලක්ෂයක් බව පවසයි.සංචාරක ව්‍යාපාරයෙන් මේ වසරේදී ඩොලර් බිලියන 1.5ක ආදායමක්ද අපේක්ෂා කෙරේ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මේ දවස්වල ගෙදරට වෙලා චිත්‍රපට නරඹන එක මගේ විනෝදාංශයක් වෙලා. පසුගිය කාලයේ ලාල් ප්‍රියදේවගේ ‘අන්දුන් කුන්දුන්’ චිත්‍රපටයේ රඟපෑවා. මේ සියලු කටයුතු අතර ව්‍යාපාරයක් ලෙස කරගෙන යන මුද්‍රණ කර්මාන්තයත් කරගෙන යනවා.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
හ්ම්ම් ඉතින් කාර්යබහුල කාලෙකට පස්සේ ලැබුණ දිග නිවාඩුවේදී තමයි ආයෙත් blog ලෝකේ පැත්තේ එන්න හම්බුණේ ..හැබැයි එද්දී එතකොට මට මුණගැසුණ පරණ යාලුවෝ නෑ .. දැන් ඉන්නේ අලුත් පිරිසක් :) එත් මොනදේ උනත් blog කලාව තාමත් ඉදිරියටම ගමන් කරනවා අභිමානයෙන් ...අහ්හ් දැන් ඉතින් තව පොඩ්ඩෙන් කියන්න ගිය දේත් අමතක වෙනවනේ ..කොහෙද ඉතින් :)මෙන්න මේකයි මම දැන් ඉන්නේ කටුබැද්දේ තියෙන විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නේ .. ඉතින් මාස 4 ක් විතර ඉගෙන ගත්ත අපිව අපේ ජිවිතේ තීරණය කරනවයි කියන විභාගයකින් පස්සේ විවිධ department වලට අපි කැමති විදියට දානවලු ..... :) ජිවිතේ අපි එක එක දේවල් පස්සේ යනවා ඒ යද්දී සමහර දේවල් මග ඇරෙනවා .. සමහර දේවල් මග අරිනවා .. අපිට යම් කිසිදෙයක් ලබාගන්න යම්කිසි කැපකිරීමක් කරන්න වෙනවා :) එක නම් සදාතනික සත්‍යක් ... ඉතින් මුලින් ලොකු GPA කට යන්න හීනයක් තිබුනත් අන්තිමට ඊට පොඩ්ඩක් අඩු අගයකින් නවතින්න සිද්ද උණා .. මොනවා කරන්නද හැමදේම වෙන්නේ මිනිස්සුන්ට නේ .... මෙතන තමයි මගේ ජිවිතේ ඊලග අවුරුදු 3.5 ගත වෙන්නේ :) uni ගියපු මුල් දවස් වලත් අපිට මේකට තමයි යන්න උණේ .. ඒ නිසා නුපුරුදු තැනක් නම් නෙවෙයි ... :)හැබැයි ඒ දවස් වල කිව්වත් වගේ මගේ හීනේ තිබ්බේ ඉංජිනේරුවෙක් වෙන්න නෙවෙයි .. :( එක අපේ අම්මලාගේ හීනෙකුත් නෙවෙයි හැබැයි මව එතනට තල්ලු වෙලා ඇවිත් :( හීනේ එන්න එන්න ඈතට ගියා .. නීතිඥයෙක් වෙන්න අසාවෙන් හිටපු මට මෙතනින් නවතින්න වෙලා .. වාසනාව / ප්‍රතිපල හරහට හිටලා :) එත් තාමත් සතුටින් නීතිඥයෙක් වෙලා යන්න හිටපු තැනට අද වෙනකොට ඉන්ජිනේරුවොත් ගිහින් තියෙනවා .. මොරටුවෙන් ම ඉගෙන ගත්ත චම්පික රණවක කියන්නේ ඒ වගේ පුද්ගලයෙක් :) මහින්ද රාජපක්ෂ වගේ වෙන්න බැරි නම් චම්පික වගේ හරි එතනට යන්න තමයි ආසාව :) (හුගාක් අය යන්න අකමැති තැනක් ..අනේ මන්ද ඇයි කියලනම් ) .. ජීවිතේට රස්සාවක් ඕනෑ හැබැයි එක සතුටින් කරන්න පුළුවන් වෙන්නත් ඕනෑ :) ඉතින් සමහර වෙලාවට හීන වලට යන්න බැරි වෙනවා සමහර වෙලාවට පුළුවන් වෙනවා :) ඉතින් අපි බලමු 20 වෙනිදායින් පටන් ගන්න අවුරුදු 3.5 මාව මගේ හීන වලට අරන් යයි ද කියලා :) ඉතින් අවසරයි ජිවිතේ තවත් හැරවුමකට :) :).
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
රංගන ශිල්පීජයරත්න ගලගෙදරසවර්ණවාහිනියේ “පරා වළලු” ටෙලි නාට්‍යයේ ලොකු සර්ගේ චරිතයට පණ පොවනවා. ඒක මේ දවස්වල කතාබහට ලක්වෙන චරිතයක්.ඊට අමතරව හඬ කැවීම් කිහිපයකට සම්බන්ධ වුණා. චිත්‍රපටි දෙකකටත් සහභාගී වුණා. රැකියාවක් කරන ගමන් කලා කටයුතු කරන නිසා බොහෝ ඉල්ලීම් තිබුණත් මම ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
බස් ගාස්තුවල කිසිදු සංශෝධනයක් නොකරන බව පෞද්ගලික ප්‍රවාහන ඇමැති සී.බී. රත්නායක මහතා පවසයි.ඉකුත් වසරේ පෙබරවාරි මස 14 වැනිදා බස් ගාස්තු සංශෝධනයක් සිදුවූ නමුත් මෙවර එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.ඉකුත් වසරේ පෙබරවාරි 14 වැනිදා සිටමේ දක්වා කාලය තුළ ඉතා සුළු ප්‍රමාණයකින් ධාවන පිරිවැය වැඩිවී ඇති නමුත්අදාළ ධාවන පිරිවැය සම්බන්ධයෙන්ඇමැතිවරයා , ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරින් සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් පසුව ගාස්තු සංශෝධනයක් නොකිරීමට තීරණය කර තිබේ.බස් කර්මාන්තය හා මගී ජනතාව, යටිතල පහසුකම් සංවර්ධනය, සේවා උපයෝගිතාවය ආදී කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කැරිණි.ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව සෑම වර්ෂයකම ජූලි මස 1 වැනිදා බස් ගාස්තු සංශෝධනය කළ යුතු නමුත්ඉදිරියේදී බස් ධාවකයන්ට දරාගත නොහැකිප්‍රමාණයකින් ඩීසල් මිල වැඩි වුවහොත්පමණක් ඇමැති මණ්ඩල අනුමැතියකින් ගාස්තු සංශෝධනය කිරීමට කටයුතු නිරිමට සිදුවන බවද ඇමැතිවරයා කීය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ආගම් අනුව ප්‍රඥ්ඥාව[සංස්කරණය] බුදු දහම[සංස්කරණය] ප්‍රධාන ලිපිය: ප්‍රඥ්ඥාව (බුදු දහම)
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
 සෞදිඅරාබියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් කිසිවකු අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි. ඔවුන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබෙන අතර කඩිනමින් නිදහස්කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා දිනමිණ ට පැවසීය.මෙවැනි අනවසර ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1,300ක් පමණ සෞදි අරාබියාවේ රැදී සිටින බව සඳහන් කළ ඒ මහතා මේ වනවිට ඔවුන් සියලුදෙනා සුරක්ෂා රැදවුම් මධ්‍යස්ථානයේ තාවකාලිකව රඳවා සිටින අතර අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් ලබාදීමට පියවර ගෙන තිබෙන බවද සඳහන් කළේය.මෙම ශ්‍රී ලාංකිකයන් කඩිනමින් මෙරටට එවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස විදේශ රැකියා ප්‍රවර්ධන හා ශුභසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙන අතර ඒ අනුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවද මංගල රන්දෙනිය මහතා ප්‍රකාශ කළේය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
1994 ලොකයේ ජන ඝනත්ව සිතියම ජනගහණ භූගෝල විද්‍යාව, මනුෂ්‍ය භූ විද්‍යාවේ අංගයකි. එය යම් ස්ථානයක ස්වභාවය අනුව ජනගහණ වර්ධනය, ව්‍යාප්තිය, සංයුතිය හා සංක්‍රමණය පිළිබඳ අධ්‍යයනයකි. එය ජනවිකාශ විද්‍යාව දෙස භූගෝලීය දාෂ්ටිකෝණයකින් අධ්‍යයනය කරයි. එය අවකාශීය මට්ටමෙන් ජනගහණයක ලක්ෂණ ව්‍යාප්තියේ වෙනස්කම් අධ්‍යයනය කරයි. මෙය සඳහා උදාහරණයක් ලෙසජනගහණ සිතියම් දැක්විය හැක. ක්ලෝරොප්ලෙන්, අයිසෝලයින් හා තිත් සිතියම් මෙවැනි ජනගහණයක අවකාශීය පැතිරීම පෙන්වන සිතියම් වර්ථා කිහිපයකි. ජන විකාශන විද්‍යාවේ අංග, අවකාශිය ව්‍යාප්තිය හා ඝනත්වය අනුව පුද්ගලයින් අධ්‍යයනය ජනගහණයේ වර්ධනය හා අඩුවීම ජනගහණයේ චලනය හා ජංගමතාවය ජනාවාසවල මිනිස් කණ්ඩායම ස්ථානයක භූවිද්‍යාත්මක ලක්ෂණ අනුව උදා:- ජනාවාස රටා ජනගහණ සිද්ධි වෙත ස්ථානවාසින් දක්වන ප්‍රතිචාර උදා:- සංක්‍රමණ ඉහත සියළු කරුණු අධ්‍යයනය කරන්නේ අවකාශය හා කාලය පදනම් කරගෙනය. සැලකිය යුතුයි :- ජනගහණ භූවිද්‍යාව හා ජනවිකාශ විද්‍යාවේ වෙනස ක්‍රමයෙන් අඩු වෙමින් පවතී.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
බොහොමයක් CPU හා අනුක්‍රමික තාර්කික උපාංග ස්වභාවයෙන්ම සමමුහුර්තිත වේ. එනම් ඒවා නිර්මාණය කර ඇත්තේ සමමුහුර්ත කරණ සංඥාවක් පිළිබඳ උපකල්පනයක් මත ධාවනය වන ලෙසයි. ස්පන්ද සංඥාව ලෙස හඳුන්වන මෙය සාමාන්‍යයෙන් ආවර්තිත හතරැස් සංඥාවක ආකාර ‍ගනී. CPU හි බොහොමයක් පරිපථවල විවිධ අංශවල විද්‍යුත් සංඥාව චලනය වන උපරිම කාලය ගණනය කිරීමෙන්, CPU සැලසුම්කරුවන්ට ස්පන්ද සංඥාව සඳහා සුදුසු ආවර්තය තෝරා ගත හැක. මෙම ආවර්තය අන්ත බරපතල අවස්ථාවලදී සංඥාවට යෑමට හෝ ව්‍යාප්ත වීමට ගතවන කාලයට වඩා වැඩි විය යුතුයි. අන්ත තත්වයේ ව්‍යාප්ති සීමාවට වඩා සැලකිය යුතු තරම් වැඩි අගයකට ස්පන්ද ආවර්තය සකස් කිරීමෙන් මුලු CPU එක හා උස පහත් වන සප්න්ද සංඥාවේ මුළු අවට දී එය දත්ත හසුරවන ආකාරය නිර්මාණය කළ හැකි වේ. විශේෂිතවම මෙහි දී සැලසුම් කිරීමේ අංශයෙන් හා සංරචක ගැනුම් අංශයෙන් යන අංශ දෙකේම CPU සරල වීමේ වාසිය ලැ‍බේ. කෙසේ නමුත් මෙහි අවාසියක් වන්නේ CPU හි සමහරක් අවයව වලට වඩා වේගයෙන් ක්‍රියා කළ හැකි වුවත් මුලු CPU ට එහි මන්දගාමීව අවයවය තෙක් බලා සිටිය යුතු වීමයි. මෙම සීමා කිරීම් CPU අනුවර්තීවාදය ඉහල නැංවීමේ විවිධ ක්‍රම මඟින් විශාල ලෙස හානි පූර්ණයට ලක් වේ.(පහත බලන්න) කෙසේ නමුත් නිර්මිත දියුණු වීම් පමණක්, විශ්වීයම සමමූර්තිත CPU වල සියලු දුබලතා නිරාකරණය නොකරයි. උදාහරණයක් ලෙස ස්පන්ද සංඥාවක් අනෙක් ඕනෑම විද්‍යුත් සංඥාවක පමාවට හේතු වේ. සංකීර්ණ CPU වල අධි ස්පන්ධ සීඝ්‍රතා , මුළු ඒකකය පුරාම ස්පන්ද සංඥාව කලාවේ (සමමූර්තිත) පිහිටුවා ගැනීම අපහසු කරවයි. මෙය CPU හි දෝශ ක්‍රියාකාරීත්වයට ප්‍රමාණවත් වන තනි සංඥාවක ප්‍රමාද වීම වැළැක්වීම සඳහා සමාන බහු ස්පන්ද සංඥා ඇති කරවීමට බොහොමයක් නූතන CPU මෙහෙය වීය. ස්පන්ද සීඝ්‍රතාව වැඩි වීමේ තවත් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ CPU මඟින් උත්පාදනය වන තාප ප්‍රමාණයයි. නිතර වෙනස් වන ස්පන්ද, බොහොමයක් උපාංග ඒවා ඒ අවස්ථාවේ දී භාවිතා වේ ද යන්න නොසලකා ක්‍රියාත්මක වීමට සලස්වයි. සාමාන්‍යයෙන් ක්‍රියාත්මක උපාංගයක් එය ස්ථිතික අවස්ථාවේ ඇති විට දී ට වඩා වැඩි ශක්තියක් භාවිතා කරයි. එම නිසා ස්පන්ද සීඝ්‍රතාව වැඩි වීමත් සමඟ CPU තාප විමෝචනය ද වැඩි වන අතර එම නිසා වඩා කාර්යක්ෂම සිසිලන පද්ධතියක් අවශ්‍ය වේ. අනවශ්‍ය උපාංග ක්‍රියාත්මක වීම වැළැක්වීමේ එක් ක්‍රමයක් ස්පන්ද ද්වාරකරණය (clock gating) ලෙස හඳුන්වයි. එහි දී සිදු කෙරෙනුයේ අනවශ්‍ය උපාංගවලට ස්පන්ද සංඥාව කපා හැරීමයි. (වඩාත් නිරවද්‍යව ඒවා ක්‍රියා විරහිත කිරීම) කෙසේ නමුත් මෙය ක්‍රියාත්මක කිරීමට අපහසු ලෙස සැලකෙන නිසා ඉතා අඩු බල සැලසුම්වල හැර පොදු භාවිතයේ දක්නට නැත. විශ්ව ස්පන්ද සංඥාවේ සමහරක් ගැටලුවලට විසඳුම් සෙ‍වීමේ තවත් ක්‍රමයක් වනනේ සියල්ල සමඟම ස්පන්ද සංඥාව ඉවත් කිරීමයි. ස්පන්ද සංඥාව ඉවත් කිරීම සැලසුම් කිරීමේ ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වන නමුත් අසමකාලික (asynchronous) නිර්මාණ ‍(‍හෝ ස්පන්ද රහිත) ඒ හා සමාන සමමූහුර්තිත නිර්මාණ හා සැලකීමේ දී ජව භාවිතයේ දී හා තාප විමෝචනයේ දී වාසි ගෙන දේ. යම් තාක් දුරකට නොගැලපෙන වුවත්, ස්පන්ද සංඥාවකින් තොරව සම්පූර්ණ CPU පවා නිර්මාණය කර ඇත. මේ සඳහා උදාහරණ දෙකක් වන්නේ ARM ට අනුකූල AMULET හා MIPS R3000 සමඟ ගැලපෙන මිනි MIPS ය. සමහරක CPU සැලසුම් ස්පන්ද සංඥාව සම්පූර්ණයෙන් ඉවත් කරනු වෙනුවට , අංක ගණිතමය කාර්යඵල ලාභ ලබා ගැනීමට සුපිරි ගණයේ පයිප් ලයින් සමඟ අසමකාලික ALU යොදා ගැනීම වැනි, CPU හි යම් කොටස්වල උපාංග පමණක් අසමකාලික කිරීම සිදු කරයි. සම්පූර්ණව අසමකාලික සැලසුම්වලට ඒවාට අනුරූප සමමුහුර්තිත සැලසුම්වලට සමානව හෝ ඊට වඩා හොඳින් ක්‍රියා කළ හැකිය යන්න සම්පූර්ණයෙන් පැහැදිලි නැති වුවත් අවම තරමින් සරල ගණිත ක්‍රියාවලිවල දී වඩා උසස් වන බවට සාක්ෂි ඇත. මෙය ඔවුන්ගේ අනර්ඝ ජව පරිභෝජනය හා තාප විමෝචන ගුණ සමඟ සම්බන්ධ මේවා කාවැද්දූ පරිගණක සඳහා සුදුසු බවට ප‍ත් කරයි. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/CPU#Clock_rate
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කුරුවිට, රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. ඛණ්ඩාංක: 06°46′N 80°22′E / 6.767°N 80.367°E / 6.767; 80.367 සබරගමුව පළාතේ ස්ථානයක් හා බැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. න සා සං
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කතාව බෝම ලස්සනට ඉවර කරන්න හිතන් උන්නත්... හිත ඒ තරම් පිරිල නෑ... ඒ මතකයෙ යම් යම් තැන් අලුත් කලත් සම්පූර්ණ මතකයම අලුත් කරන්න මගෙ හිතක් නෑ... ඒක හරිම සුවිශේෂී වසරක්... මගෙ උපන්දිනයත් සමඟ නොසිතූ ආකාරයේ අවථාවන් මා වෙත ආපු වසරක්... මම ඉගෙනගත් ආයතනයේම පළමු පංතිය කරන්න මට හම්බ වෙන්නෙත් හරියටම මගෙ උපන් දිනය දවසෙමයි.... මට මතකයි... මම මේ කතාවෙ පලවෙනි කොටසෙදිම කිවුව කොහොමද මට එයාව හම්බ උනෙ කියල මුලින්ම... ---> "මම කොයි තරම් හෙවුවත් එහෙම එකක් හම්බ උනේ නෑ, ඒ කිවුවෙ අර මගෙ නංගි කෙනාගෙ කියල සැක කල හැකි එකවුන්ට් එකක්. ඒත් මට දෙයක් හම්බ උනා......" මුලින්ම මම ඈ ව අධ්‍යයනය කලා. ඒ ගැන මම කලින් පෝස්ට් තුනේදිම කතා කරල තියෙනව... ඈ අහිංසක කෙල්ලක්... අදටත් ඈ එසේමැයි.... මම මුහුණු පොත තුළින් කවදාවත් දැකල නොතිබුන හිතකට ආදරය කලා... ඒ හිතත් ඒ තරමටම ආදරය කලා, ඒත්... ඒ හිත ආදරය කියල කරපු නිර්වචනයයි මගෙ ආදරය පිළිබඳ නිර්වචනයයි ගොඩක් වෙනස්.... මුලදි අපිට ඒක නොදැනුනත් අපේ සම්බන්ධතාවෙ යම් යම් ගැටලු ඇති වෙච්ච තැන් වලදි වගෙම අවසන් කාලෙදිත් ඒක අපිට හොඳටම තේරුනා.. මේ කතාව ලස්සන, කියවන්න ආස හිතෙන විදියෙ කතාවක් විදියට ලියන්න කොයි තරම් උත්සහ කරත් මට ඒකට හිත හදාගන්න බෑ... ඒ ගැන නම් කියවන ඔයාල මට සමා වෙන්න ඕන.. :-( අපි එකිනෙකාට ආදරය ප්‍රකාශ කරල මුල් වරට අපි හමු උනේ, මීගමුව නගරයෙ එක්තරා ප්‍රසිද්ධ අධ්‍යාපන ආයතනයක ඇතුලුවන ගේට්ටුව ළඟ... :) නෑ නෑ, ඔයා හිතුව විදිය නෙමෙයි.... අපි එකට පංති ගියෙ නෑ.... ඈ ජීවිතේ පළවෙනි වතාවට ගෙදරින් පිටත පංතියකට ගිය ආයතනය ඉස්සරහ තමයි අපි හම්බ උනේ... පියවි ඇසින් අපි එකිනෙකාව දැන හඳුනගත්තෙ එදා... මහ වෙලාවක් වගේ දැනුනත් අපි කතා කලේ වචන කීපයයි, විනාඩි කීපයයි....එදා ඉඳන් අපි ගොඩාක් දුර ගමනක් ආව බෝම සතුටින්.... ගැටීම් දෙදරා යෑම් ඇති නොවුනාම නොවෙයි... මගෙ අතින් වැරදි නොවුනාම නොවෙයි, ඇගෙ අතින් වැරදි සිදු නොවුනාම නොවෙයි.... ඒත් ඒ කිසි දෙයක් අපිව ඈත් කරන්න සමත් උනේ නම් නෑ... ඒත් අර ආදරය පිළිබඳ නිර්වචනයෙ වෙනස්කම් නිසා අපි අතර හිත් පළුදු වීම් ගොඩක් සිදු උනා. විශේෂයෙන්ම මේ කතා කරන කතානායකය ගෙ. කතානායකය තමන් ගෙ ආසාවන්, බලාපොරොත්තු වගෙ දේවල් වචන වලින් කිවුවට කතානායිකාව තමන්ගෙ ආසාවන්, බලාපොරොත්තු ආදිය වචන වලින් ප්‍රකාශ කලේ බෝම අඩුවෙන්... ඒ ගොඩක් දේවල් ඇගේ හැසිරීමෙන්, කතාබහින් තේරුම් ගනීවි යැයි ඈ බලාපොරොත්තු උනත් කතානායකයා ඒ දේවල් තේරුම් ගැනීමට සමත් උනෙ නෑ... පසුව සිදු වූ දේවල් ඉතාමත්ම කනගාටුදායක උනා. තමන් කොයි තරම් අඟවන්න උත්සාහ කලත් තමන් අඟවන දේ තේරුම් ගන්නට තම ආදරවන්තය සමත් නෑ කියල නයනි ට තේරුනා. ඒත් ඒ අඟවන්නට උත්සහ කරපු දේවල් නයනි ගෙ හිත දිනාගැනීමේ උත්සහයකින් පසු වුනු මේ කතාවෙ තෙවන හා සිවු වන පාර්ශවයට තේරුම් ගන්නට, නයනි අඟවන්නට උත්සහ දරන දේ කුමක් ද යන්න තේරුම් ගන්නට හැකි වුනා.එතැන් පටන් සියලු දේවල් ඉතාමත් කනගාටුදායක් වුනා. මත ගැටුම්... සිත් රිදවාගැනීම් ආදියත් ඇති උනා.මෙහි කතාකල, ඈ අඟවන්නට උත්සහ කල දේවල් වැරදි දේවල් නොවේ, සාමාන්‍ය කෙල්ලෙකුගෙ හිතේ ඇතිවෙන අහිංසක ආසාවන් බව සලකන්න.. ඉන්පසු සිදු වූ සියල්ලෙන්ම ඈ හට ඇගෙ ආදරවන්තයාව විකර්ශනය වීමක් සිදු උනා. තම සතුටට තම ආදරවන්තයාගෙන් ඉඩක් නැති බව තේරුම් ගත් ඈ ඔහුගෙන් වෙන් වීමට උත්සාහ දැරුවා. යහපත් උත්සාහයක් සියල්ල අසාර්ථක වූ තැන ඈ විසින් නොකල යුතු ආකාරයේ අයහපත් උත්සාහයක් දරා ඈ අවසානයේ ජය ගන්නට සමත් වුනා. නමුත් ඈ ජයගත්තත් ඈ ජය ගැනීමට කල අයහපත් උත්සාහය නිසා කීප දෙනෙක්ම ඈ පිළිබඳ කළකිරීමටත්, හොඳම මිතුරන් දෙදෙනෙකු ඇගේ ක්‍රියාව නිසා විරසක වීමකුත් සිදු වූවා....බෝම කෙටියෙන් සංක්ෂිප්තව මේ කතාව අවසන් කරන්න ට සිදු වීම පිළිබඳ සමාවන සේක්වා... මේ කතාව 100%ක්ම සත්‍ය චරිත හා සත්‍ය සිදුවීමක් වටා ගෙතුණු එකක්.. මේ සිදුවීම... එහෙමත් නැතිනම් මේ සම්බන්ධය අවසන් වී මේ වන විටත් මාස හතක් පමණ ගත වී අවසන්..අවසන් වශයෙන් කතානායකයගෙ ඉල්ලීම "සමාවෙන්න.." කියන එක පමණයි....නයනි විසින් අවසාන කාලයේදි වත් තම ආදරවන්තයා තමන් ව තේරුම් ගනීවි යැයි සිතා ඔහු හට එවූ ගීතයක් සමගින් මේ කතාව අවසන් කරනව....සිත නිදි නෑ.... මගෙ ළඟ නෑ....ඔබ දුර ඈත ගිහිල්ලා........සිටිනා තැනක නිදුකින් නිරෝගීව යෙහෙන් බෙලෙන් වැජබේවා.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මේ සතියත් බොහොම සාමාන්‍ය විදියට ගත කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේම නිවාඩුවකට බිරිඳ සමඟින් විදෙස් ගත වෙන්නත් කටයුතු සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව මගේ උපන් දිනයත් පෙබරවාරි දොළොස් වැනිදාට යෙදිලා තියෙනවා.හැම අවුරුද්දකම උපන් දිනය වෙනුවෙන් මගේ පවුලේ අය මට පුදුම හිතෙන දෙයක් සූදානම් කරනවා. ඉතිං මේ අවුරුද්දෙත් උපන් දිනයට මං වෙනුවෙන් පුදුම හිතෙන දෙයක් සූදානම් කරලා ඇති.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ශ්‍රී ලංකාවේ චිත්‍ර කතාව ප්‍රබල මාධ්‍යයක් වූයේ 70 දශකයේ දී ය. 1972 අගෝස්තු 25 වැනිදා ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍ර කතා පත්‍රය ලේක් හවුස් ආයතනය මඟින් “සතුට” නමින් දොරට වඩී. බන්දුල සමරසිංහ මහතාගේ සංස්කරණයෙන් වූ එම පත්‍රය ඉතාම ජනප්‍රිය මෙන්ම නවතම රසාස්වාදන මාධ්‍යයක් විය.“ සතුට” පත්‍රයේ “ගෝන බැද්ද” නම් වනගත වීර චිත්‍ර කතාවක් පළවිය. එහි චිත්‍ර හා කතාව බන්දුල කුමාර යන නමින් සඳහන් විය. බන්ධුල කුමාර ඩයස් මහතා කැකුළි වැනි චිත්‍ර කතා සතුට පත්‍රයට සැපයූ අතර ඒවා රසිකයන්ගේ හද බැඳ ගත්තේය.පසුව 1976 දී තරුණි පත්‍රයට “සේපාලිකා” , “නියඟලා මලක්” වැනි චිත්‍ර කතාද නිර්මාණය කළේය. වන සතුන් ගස්වැල් දිය ඇළි ස්වභාවික පරිසරය ඉතා රමණීය ලෙස චිත්‍ර කතාවට ඇඳි බන්ධුල කුමාර මහතාගේ පසුව නිමැවූ “සිකරි” හර්කියුලිස්” චිත්‍ර කතා ඉතා ජනප්‍රිය විය.ඔහු නිතරම පැවසූවේ මල්ලි අපේ චිත්‍රකතා ශිල්පීන්ට විශේෂ තැනක් හරිගස්සන්න. චිත්‍ර ශිල්පීන්ගේ මුල් නිර්මාණ ඡායාරූප, විස්තර, පුවත්පත් පළවූ කොටස් ඇතුළත් කර චිත්‍ර කතා කෞතුකාගාරයක් ඕනෑ යනුවෙනි. වෙනත් රටවල චිත්‍ර කතාවට සහ ශිල්පීන්ට මීට වඩා ඉහළ අගයක් ඇති බව ඔහු පැවසූ වදන් නිරන්තරයන් දෝංකාර දෙයි.සොබාදහමට අසීමිතව ආදරය කළ අයෙක් වූ බන්දුල කුමාර ඩයස් මහතා පුතුන් දෙදෙනෙකු හා දියණියකගේ ආදරණීය පියෙකු වූ අතර 2013 පෙබරවාරි 25 වැනිදා හදිසියේ අප අතරින් වෙන්විය.වනගත චිත්‍ර කතා ඇඳීමේ බන්දුල කුමාරයන්ගේ හිඩැස පිරවීමට සමත් කෙනෙකු කවදාවත් බිහිනොවෙනු ඇත.බන්දුල අයියාට නිවන් සුව අත්වේවා..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ක්‍රීඩා සංගමය සංවිධානය කරනු ලබන දීප ව්‍යාප්ත රාජ්‍ය හා පළාත් රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන, රාජ්‍ය බැංකු හා අර්ධ රාජ්‍ය ආයතන සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් මස 05 දා මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0714821800, 0714422818 අංකවලින් විමසිය හැකිය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
8 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සත්කාරකත්වය කත්මණ්ඩු,  නේපාලය සහභාගී වූ රටවල්  බංග්ලාදේශය  භූතානය  ඉන්දියාව මාල දිවයින  නේපාලය  පාකිස්ථානය  ශ්‍රී ලංකාව ඉසව් ප්‍රමාණය 13 යි සමාරම්භක දිනය 1999 සැප්තැම්බර් 25 නිල ආරම්භය සිදුකලේ Birendra of Nepal 1999 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (8 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේදී නේපාලයේ, කත්මණ්ඩු අගනුවර පැවැත්විණි. ක්‍රීඩා ඉසව්[සංස්කරණය] 1999 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරඟ ඉසව් 13 ක් පැවැත්විණි. මලල ක්‍රීඩා බොක්සිං පා පන්දු පිහිනුම් බර එසවීම මල්ලව පොර කබඩි කරාටෙ ටෙනිස් මේස පන්දු වොලි බෝල් වෙඩි තැබීම හොකී පදක්කම් සටහන[සංස්කරණය] සටහන      සත්කාරක රාජ්‍යය වගුවේ නිල් පැහැයෙන් දක්වා තිබෙයි. ස්ථානය රට රන් රිදී ලෝකඩ එකතුව 1  ඉන්දියාව 102 58 37 197 2  නේපාලය 32 10 24 65 3  ශ්‍රී ලංකාව 16 42 62 120 4  පාකිස්ථානය 10 36 30 76 5  බංග්ලාදේශය 2 10 35 47 6  භූතානය 1 6 7 14 7 මාල දිවයින 0 0 4 4 මූලාශ්‍ර[සංස්කරණය] න සා සං දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දකුණු ආසියානු ක්‍රීඩා උළෙල කත්මණ්ඩු 1984 ඩකා 1985 කොල්කටා 1987 ඉස්ලාමාබාද් 1989 කොළඹ 1991 ඩකා 1993 චෙන්නායි 1995 කත්මණ්ඩු 1999 ඉස්ලාමාබාද් 2004 කොළඹ 2006 ඩකා 2010 රංචි 2013 කත්මණ්ඩු 2014 හම්බන්තොට 2016 දකුණු ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල Dehradun-Auli 2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල හම්බන්තොට 2011 මාලේ 2013
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අපේ වාහනේ හැප්පුණා පුංචි තිරේ මල් බෝනික්කි යන ආදරණීය නාමයෙන් පිදුම් ලද ඔබෙත් මගෙත් ආදරණීය ඕෂධී හේවාමද්දුම නම් වූ මේ තාරකාවිය පසුගියදා හදිසි රිය අනතුරකට මුහුණ දුන්නාය. එහිදී ඇගේ ජීවිතය දෙස දෙවියන් බලා මහා නපුරක් සිදු නොකළ ද, එදා පටන් ඇගේ සුව දුක් අසා සරසවියට එන ඇගේ රසික ප්‍රජාවේ දුරකථන ඇමතුම් ප්‍රමාණය අප ද පුදුම කර ඇත. මේ නිසාම අප ඕෂධීව සම්බන්ධ කර ගත්තේ මේ හදිසි රිය අනතුරේ මුල මැද අග ඇගෙන්ම දැනගන්නට අවැසි නිසාය.* ඕෂධී මොකද මේ එකපාරටම සිදු වුණු කරදරය?කරදර එන්නේ කලින් කියලා නෙමේ කියන දේ යළිත් මට පසක් කළා. දෙවෙනි වතාවටත් මම රිය අනතුරකට මුහුණ දුන්නා. මේ ඇක්සිඩන්ට් එක වුණේ පසුගිය පස් වැනිදා. කොළඹ රීගල් එකේ තිබුණු Film Festivel එකට සහභාගි වෙලා යන අතරතුර. අපේ වාහනේ මමත් ප්‍රදීප් හා තව හිතවතෙකුත් සිටියා. මම වාඩි වෙලා හිටියේ පිටුපස සීට් එකේ. බත්තරමුල්ලේදී රෝන් සයිඩ් කාර් එකක් ඇවිත් අපේ වාහනේ හැප්පුණා. මාව එහාට මෙහාට කැරකිලා ගියා. ඔළුව, කකුල්, අතපය වාහනේ ඇතුළේම වැදුණා. මට නැගිට ගන්න බැරි තරම් අමාරුවක් දැනුණා.ඇය මොහොතක් නිහඬ වෙයි. ඒ බිහිසුණු රිය අනතුර ඇගේ දෑස් ඉදිරිපිට මැවෙනවා ඇත.*ඔබව රෝහල් ගත කළා?ඔව්. වේදනාවෙන් ඇඟපත රිදුම් දෙන්න ගත්තා. දෙවියෝ බලලා බාහිර තුවාල නැති වුණත් ඇඟ ඇතුළෙන් තැලිලා වාගේ. වෛද්‍යවරු මම වෙනුවෙන් හුඟක් මහන්සි වුණා. ඉල ඇටවල ප්‍රශ්නයක් තමා දැන් තිබෙන්නේ. පරීක්ෂණ කරගෙන යනවා.* මේ අනතුර සිදු කළ පුද්ගලයා වාහනය පදවලා තිබෙන්නේ බීලා කියලා ආරංචියි?ඒකනේ . . . බීපු රියදුරෙක් මේ අනතුර සිදු කළේ. ඔහුත් තුවාල ලබා සිටියේ. සැකකරු කොස්වත්ත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගොස් තිබුණා. පසුව අත් අඩංගුවට අරගෙන. හැබැයි ඔහු ඇප ලබලා එළියේ ඉන්නවා. මම කියන්නේ එකම දෙයයි. ඒ නීතියෙන් සාධාරණයක් ඉටු කරන්න. බීලා රිය පදවලා අනිත් අයගේ ජීවිත ගැන සිතන්නේ නැති මෙවැනි රියදුරන්ට ලොකු දඬුවමක් දිය යුතුයි.* මේ හදිසි අනතුර නිසා ඔබේ වැඩ කටයුතුත් අතරමඟ නවතින්න ඇති නේද?ඔව්. රූගත කරමින් තිබුණු නාට්‍ය දින නියමයක් නැතිව කල් දමන්න සිදු වුණා. බලන්න එය මට විතරක්ම නෙමේ මුළු නාට්‍ය කණ්ඩායමම අපහසුතාවයකට පත් කිරීමක්නේ. ස්වර්ණවාහිනියේ මම කරන නිවේදන කටයුතුත් නතර වුණා. කාලය – මූල්‍ය මේ හැම දෙයක්ම පාඩුවීමක් ඉන් සිදු වුණේ. මම මුදල් ගැන ලොකුවට හිතන්නේ නැහැ. ඒත් ඉතිං මම යළි යථා තත්ත්වයට එනතුරු කරගෙන ආ වැඩ කටයුතු අතරමඟ නතර වීම අපරධයක්. තත්ත්පරය හරි ගෙවන කාලය ආපසු අරගන්න බැහැනේ.* ඔබ රෝහල් ගත වී ඉන්න අතරේ පුතා ඔබ නැතුව ගෙදර ඉන්නවාද?තාම පැටියාට අවුරුදු දෙකයි. එයාට දැන් මම ළඟ ඉන්නම ඕනේ. ෂූටිං ගියත් රෑ වෙන්න කලින් මම ගෙදර එනවා. මට දුක ඒකමයි. ගෙදර අය හොස්පිටල් එකට පුතා අරන් එනවා. එයා එක්ක දඟලන්න මට අමාරුයි.* ඔබේ සැමියා සුමිත් මේ වෙලාවේ ඔබ ළඟම ඇති නේද?ඔව්. සියලුම වැඩ පැත්තකට දාලා එයා මම ළඟින්ම ඉන්නවා. බලන්න මේ නිසා අපි හැමෝගේම වැඩ කටයුතු අතරමඟනේ. බිරියකට තම සැමියා ගැන ඇති ආදරය තව තව වැඩි වෙනවා මෙවැනි කරදර සිදු වුණහම. සුමිත් කියන්නේ මගේ පෙර වාසනාවකට බේරුණේ කියලා.* ඕෂධී මේ වෙලාවේ කලා ලොවේ අය ඔබව බලන්න ආවාද?අනේ ඔව්. මට නම් කියන්න බැරි එක් කෙනෙක් හරි මඟ හැරෙයි කියලා. හැමෝම වාගේ ආවා. අදටත් දුරකථනය ඔස්සේ සුව දුක් විමසනවා හැමෝම. කලා ලොවේ මට ඉන්නේම මිතුරු මිතුරියන්. මොකද මම හැමෝම එක්ක සුහදයි.* ඔබේ රසික රසිකාවියනුත් මේ අතර ඉන්නවා නේද?අප්පේ . . . නැතුව රසික ආදරයට විශේෂයෙන්ම මම ස්තුති කරනවා. හැමදාම ඔවුන් මම ගැන සොයා බලනවා. මේ වෙලාවේ මා අනතුරට පත් වූ මොහොතේ පටන් මා ගැන සොයා බලන මගේ පවුල් අයට, ඥාතීන්ට, මාධ්‍යවේදීන් සැමට, වෛද්‍යවරුන් හා හෙද - හෙදියන්ට ස්තුතියි කියලා කියනවා. දුකේදී බලපු අය තමා ඇත්තටම ජීවිතේ වටින්නේ.* ඕෂධීට අවසාන වශයෙන් කියන්න දෙයක් තිබෙනවාද?ඔව්. මේ රිය අනතුර නිසා දුක් විඳින්න සිදු වුණේ පාඩුවේ සිටි අපට. ඒ නිසා මම නීතියෙන් සාධාරණයක් පතනවා. විශේෂයෙන් දෙයක් කිව යුතුමයි. ඒ කලාකරුවන් වෙනුවෙන් පොදු රක්ෂණයක් තිබිය යුතුයි. මොකද නිතරම කලාකරුවන් මෙවැනි කරදරවලට මුහුණපානවා.එහෙම නම් අපි ඉක්මනින්ම ඔබට නිරෝගී සුව පතනවා. සනීප වෙලා යළිත් තිරයට ඉක්මනින් එන්න ඕෂධී. සියළු දෙවියන් ඔබ රකිත්වා! ඔබට තුණුරුවන් සරණයි.කතාබහ – මංජුල ප්‍රසාද් වීරසිංහ  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi;}රොබින් හුඩ්අය්යලාදැන් සටනඅතහැරලාගල්ගුහාවකටවෙලා බුම්මගෙනඉන්නවලුආරංචියේහැටියටජනතාව දැන්හරි වෙනස්ලුඉස්සරවගේ ඒගොල්ලොන්ටසපොර්ට් එකදැන් නෑලුනොටින්හැම්බලකොටුවෙහැමදාමනත්තල්ලුරෑට රෑටහැමදාමමල් වෙඩිපෙන්නනවාලුගිස්බන්ගෙනුත් දැන් කරදරයක් නෑලුසිරියාවබේරෙන්න හිනාවෙන්නත් දන්නවලුබබාලත් වඩාගන්නව්ලු ඉඳ හිටහැබැයි තාමත්එහේ එල්ලලාමරණවාලුඒ උනාට ජනතාවප්‍රීතියෙන්ඉන්නවලුමහ රජාත් ළඟදිඑහේ ඇවිත්ගිහින් ලුරොබින් හුඩ්අය්යලාදැන් සටනඇතහැරලාකණ්ඩායමටබැඳෙන්න ගිය මංෂර්වුඩ් කැලේතනි වෙලා.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඕස්ට්‍රේලියාවේ ධජය නිල් පැහැති පසුබිමේ ඉහළ දකුණු කොනේ (ඉහළ ඔසොව්වේ පළමු වම් හතරෙන් කොටස ) එක්සත් රාජධානියේ ධජයක් සහ පහත ඔසොව්වේ දෙවන වම් හතරෙන් කොටසේ පැති හතකින් සමන්විත විශාල සුදු පැහැති තාරකාව මගින් සමුහාණ්ඩුවේ තාරකාවක් පෙන්වයි. ධජයේ දකුණු කොටස මගින් පෙන්නුම් කරනුයේ කුරුසයක ස්වරුපයේ සුදු පැහැති තාරකා පහකින් සැදුම්ලත් තාරකා මණ්ඩලයකි - එක් පැති පහකින් සමන්විත කුඩා තාරකාවක් සහ පැති හතකින් සමන්විත විශාල තාරකා හතරක්. ධජයේ මුල් නිර්මාණය (පැති හයක් ඇති සමුහාණ්ඩුවේ තාරකාව සමඟ) තෝරාගෙන ඇත්තේ 1901දී සමුහාණ්ඩුකරණය නිමිති කරගෙන පැවති ලෝක ව්යාණප්ත තරඟයට ඇතුළත් වීමේදී , සහ ධජය ප්‍රථමයෙන්ම ලෙලවූයෙ 1901 සැප්තැම්බර් 3 වෙනිදා මෙල්බර්න්හිදීය. එම දිනය ඔස්ට්‍රේලියවේ ජාතික කොඩි දිනය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. 1902 දී VII වන එඩ්වඩ් රජතුමා විසින් නිර්මාණයේ සුළු වෙනස්කම් අනුමත කරන ලදී. මීළග අවුරුදු කිහිපය තුල, ධජයේ නියම ස්වරුපය කිහිප වරක්ම අරමුනුගතව මෙන්ම වයාකුලයන් වල ප්‍රථිපලයක් ලෙසත් වෙනස් විය. දැන් පවතින ධජයේ ස්වරුපය 1934 දී විධිමත් ලෙස ගැසට් කිරීම , සහ 1954 දී 1953 වන ධජ පනත අනුව “ඔස්ට්රේවලියාවේ ජාතික ධජය ” ලෙස නිතයානුකූලව හදුනා ගැනීම සහ නියම කිරීම සිදු විය.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
උපුල්වන්භවන තව්තිසාව ශක වර්ෂ 2014 ස්වර්ග රාජ්‍ය දයාබර අල්ලා දේවේන්ද්‍රවෙත ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්භන්දවයි ලංකාවේ ආරක්ෂාව භාර දෙවියන් ලෙස මා ඔබ හට මෙමලිපිය යොමු කරනුයේසමාන පරිපාලන මට්ටමේ (දේව ) අයකු ලෙස මා හට ඔබගෙන් ඉල්ලීමක් කිරීමට ඇති නීතිමය හා සමාජමය අයිතිවාසිකම ගොනු කොට ගෙනයි . ඔබ ඉපදීමට බොහෝ කාලයකට පෙර සිටම ලංකාවේ ආරක්ෂාව සම්බන්ධ දෙවියන් ලෙස මා කටයුතු කල බව ඔබ ඉතාමත් පැහැදිලිව දන්නා බව මා හට නොරහසකි . මින් පෙර අප අතරේ පැවති ගිවිසුම් ප්‍රකාරව ඔබගේ අනුගාමිකයන්ට මාගේ පාලන ප්‍රදේශයේ සාමකාමීව සිටීමට ඉඩදුන් බව හා ඔවුන් ආරක්ෂාකළ බවද ඔබට නොරහසක් බව තරයේ විශ්වාස කරමි . 1915 දී ඔබ විසින් අප අතරේ තිබුණු ගිවිසුම සාපරධීව කඩකරමින් සහ ඔබගේ ඥාති වූ ක්‍රිස්තුන් හා එක වී කුමන්ත්‍රණ කරමින් මාගේ ආරක්ෂාව යටතේ පවතින ප්‍රදේශයේ ගැටුම් ඇති කල අතර එම නිසා දෙපාර්ශවයේම අවංක මිනිසුන් සහ අන්තවාදී මිනිසුන් විපතට පත් කල බව ඔබට අමතක වී නැතැයිද සිතමි . එම සිද්ධිය හෙලා දකින අතරම මධ්‍යස්ත මතාදාරියෙකු ලෙස මා විසින් ඔබගේ සියලු වැරදි නොසලකා හැර නැවතත් මාගේ පාලන ප්‍රදේශයේ ඔබගේ ව්‍යාපාර පවත්වාගෙන යෑමට ඉඩ හසර ලබා දුන් බවද ඔබට නැවතත් අමතක වී ඇති බැව් පෙනී යාම කණගාටුවට කරුණකි.ඔබගේ පුද්ගල වාර්තාවන් දෙසබැලුකල ඔබ විසින් නොයෙකුත් රටාවල ඇති කරන ලද ගැටුම්කාරී ක්‍රියා ගැනද මා විසින් දැනුවත් වී ඇති අතර මාගේ පාලන ප්‍රදේශයේඑවැනි ක්‍රියාසඳහා කිසිවිටෙකත් ඉඩ ලබා දිය නොහැකි බවද තරයේ ප්‍රකාශ කරමි. මෑත කාලයේදීද ඔබගේ අනුගාමින්ගේ ( වෙනත් රටවලින් පැමිණි )නොයෙකුත්ක්‍රියා නිසා මාගේ පාලන ප්‍රදේශයේ ව්‍යාකුල තත්වයන් ඇතිවී ඇති අතර එම ක්‍රියා හෙලා දකින අතර තුරම එවැනි ක්‍රියා නැවතත් ඇති නොවීමට වගබලා ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි .මාගේ රැකියා විස්තරයේමාගේ රැකියාවේ කාර්ය භාරය ලෙස සටහන්වන්නේ බෞද්ධ දර්ශනය ,ශ්‍රී ලංකාව සහ එහි ජීවත් වන බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නන්කොන්දේසි විරහිතව ආරක්ෂා කිරීමයි .මෙතැන් සිට ඔබ විසින්අනුබල දෙනු ලබනසියලුම කඩාකප්පල් කාරී ක්‍රියා මාගේ රැකියාවේ කොන්දේසි වලට පටහැනි ක්‍රියාසේ සලකනු ලබන අතර ඒවා මැඩපැවැත්වීමට කෝටි තිස් තුනක් වන මාගේ දේව කාර්යමණ්ඩලය යොදා ගැනීමට පසුබට නොවන බවද මෙයින් දන්වා සිටිමි .අවසාන වශයෙන් මෙවැනි පරිපාලනමය ගැටළුවල ප්‍රතිපලබිම් මට්ටමේ අනුගාමිකයන් අතරට නොයාමට තරයේ වග බලා ගන්නාමෙන්ද ගෞරවයෙන් ඉල්ලා සිටිමි .මෙයට විශ්වාසී උපුල්වන් දේවේන්ද්‍ර.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 69 වන ජන්ම දිනය අදට (30) යෙදී ඇත.වර්ෂ 1964 ජූනි 10 දින වාහලනාග නාමයෙන් උතුම් වූ උපසම්පත්තිය ලද අප මහනාහිමියෝ 1992 වසරේදී මල්වතු පාර්ශ්වයේ අනුනායක ධුරයට පත් වූහ.ඉන් දොළොස් වසරකට පසු එනම් 2004 ජූනි 20 දින මල්වතු පාර්ශ්වයේ උත්තරීතර මහනායක පදවියට කාරක සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් තේරී පත්වූ උන්වහන්සේ මෙරට ජාතික, ආගමික ගැටලු හමුවේ සෘජුව අදහස් පළකරමින් සිදුකරන්නා වූ මෙහෙවර බෞද්ධ අබෞද්ධ සැමගේ ප්‍රශංසාවට ලක්ව තිබේ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වෙරළාශ්‍රිත භූගෝල විද්‍යාව වනාහි, වෙරළෙහි භෞතික භූගෝල විද්‍යාව (එනම් වෙරළාශ්‍රිත භූ-රූප විද්‍යාව, භූ විද්‍යාව සහ සාගර විද්‍යාව) සහ මානව භූගෝල විද්‍යාව (සමාජ විද්‍යාව සහ ඉතිහාසය) යන ද්වයයම ඇතුළත්ව, සාගරය හා භූමිය අතර ගතික අතුරු-මුහුණත පිළිබඳ අධ්‍යයනය වේ. වෙරළාශ්‍රිත ඛාදන ක්‍රියාවලිය, විශේෂයෙන්ම රළ තරංග ක්‍රියාව, අවසාදිත සංචලනය සහ කාලගුණය පිළිබඳ සහ මානවයන් වෙරළ හා සමගින් අන්තර්ක්‍රියා පවත්වා ගෙන යන්නේ කෙලෙසද යන දේ ගැන අවබෝධයක් ලබා ගැනුම, මෙයට ඇතුලත් වෙයි. රළ තරංග ක්‍රියාව සහ අනුතීර ප්ලාවිතය[සංස්කරණය] දකුණු ඕස්ට්‍රේලියාවේ කැම්ප්බල් වරාය අධි-ක්‍රියාකාරී වෙරළ තීරයකි. වෙරළතීරය සංචලනයෙහි හා එය හැඩතල ගැනුමෙහි ප්‍රාථමික හේතුකාරක වන්නේ විවිධවූ ශක්ති ප්‍රමාණයෙන් යුතුවූ රළ තරංග නිරන්තරයෙන් (තොරතෝංචියක් නොමැතිව) වෙරළ තීරය හා ගැටීමයි. මෙම ක්‍රියාවලිය බෙහෙවින් සරල බවක් දැක්වූවද, රළ තරංගයන්හී හා ඒවා ගැටෙන ගල් පර්වතයන්හී විවිධත්වයන් නිසා අතිශයින් විවධාකාර හැඩතල නිර්මාණය වෙයි. රළ තරංග විසින් ඇති කරන බලපෑම ඒවා‍ සතු ශක්ති ප්‍රමාණය මත රැ‍ඳේ. ප්‍රබල හා විනාශකාරී ලෙසින්ද හැඳින්වෙන රළ තරංග ජනිත වන්නේ අධි-ක්‍රියාකාරී වෙරළ තීරයන්හී වන අතර, සාමාන්‍යයෙන් ශීත සෘතුයෙහි ඇති වේ. වෙරළෙහි ඇති අවසාදිත නැවත මුහුදු පත්ලට රැගෙන යමින් එහි ප්‍රමාණය අඩු කරන ප්‍රවණතාවයක් ඒවා දක්වයි. සංස්කරණාත්මක, දුබල රළ තරංගයන් සුලබ ලෙස හමුවන්නේ අව-ක්‍රියාකාරී වෙරළ තීරයන්හී වන අතර ඒවා බොහෝ විට ජනිත වන්නේ ග්‍රීෂ්ම සෘතුව තුලදීය. විනාශකාරී රළ තරංග මගින් සිදු කරන දෙයට ප්‍රතිවිරුද්ධය සිදු කරන මේවා වෙරළ ගැටියට අවසාදිත ගොඩ ගැසීම උපකාරයෙන් වෙරළෙහි ප්‍රමාණය ඉහළ නංවති. ඉතා වැදගත් පරිවහණ යාන්ත්‍රණයක් නිර්මිත වන්නේ රළ තරංග වර්තනය හේතුවෙනි. රළ තරංග වෙරළෙහි ගැටීම ලම්බකව (සෘජු කෝණාකාර ලෙසින්) සිදුවන්නේ ඉතාමත් විරල ආකාරයට බැවින්, වෙරළ වෙත ජලයෙහි ඉදිරි සංචලනය (රළ පහර) සිදුවන්නේ ඇල කෝණයකිනි. කෙසේවුවද, ජලය ආපසු හැරී යාම (රැල්ල ආපසු යාම) සිදුවන්නේ වෙරළට සෘජු කෝණාකාරව බැවින්, වෙරළෙහි ද්‍රව්‍යය පාර්ශ්විකව චලනය කෙරුමෙහි අවසන් ප්‍රතිඵලයක් නිරික්ෂණය කෙරේ. මෙම සංචලනය හැඳින්වෙන්නේ වෙරළ ප්ලාවනය ලෙසිනි. කෙළවරක් නොමැතිව සිදුවන රළ පහර හා රැල්ල ආපසු යෑම වක්‍රය නිසාවෙන් සිදුවන වෙරළ ප්ලාවනය සියලු වෙරළවල් හී නිරීක්ෂණය කල හැක.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සුද්දා 1815දී ගිවිසුමක් ගසා ලංකාවේ පාලනය අතට ගත්තා.ඊට පස්සෙ සුද්දා ලංකාව සංවර්ධනය කරගෙන කරගෙන කරගෙන ගියා.පාරවල් හැදුවා, කෝච්චි පාරවල් හැදුවා. ඉස්පිරිතාල හැදුවා.තේ ෆැක්ටරි වල, තව තව කොම්පැණි වල අපේ කොල්ලන්ට රස්සාවල් දුන්නා.ජාතික සමගිය උපරිමේට රැක්කා.1915 සිංහල - මුස්ලිම් කෝලාහලය ගාණට ෂේප් කළා.පානදුරා වාදය හරහා ආගමික ගැටුමක් ඇති වෙන්න දුන්නෙ නෑ.එච්චර කරපු සුද්දට අපේ රටේ මිනිස්සු යන්න කිව්වා.අහිංසක මහින්දටත් කරන්නෙ ඒකමයි.කෙළෙහි ගුණ නොදන්න ජාතියක්.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් ඉල්ලා මතුගමදී පැහැරගත් කාන්තාවක් සහ දස හැවිරිදි දරුවකු මහියංගනය පන්සල ඉදිරිපිටදී මහියංගන පොලිසිය විසින් ඊයේ (15) සවස සොයාගෙන ඇත.මොවුන් දෙදෙනා මහියංගණය පන්සල අසල දී බීමට ජලය ඉල්ලු අවස්ථාවේ දී සැකසිතී මෙලෙස පොලිසිය මගින් මෙම දෙදෙනා හමුවී ඇත.මතුගම නගරයේ පිහිටි උපකාරක පන්තියකට පුතු රැගෙන ගොස් ආපසු පැමිණෙමින් සිටියදී මොවුන් ඉකුත් 13 දා සවස පැහැරගෙන යාමට ලක්ව ඇති බව කාන්තාවගේ සැමියා මතුගම පොලිසියට පැමිණිලි කර තිබේ.රුපියල් ලක්ෂ පහක කප්පම් මුදලක් ඉල්ලා 13 සහ 14 වන දිනයන්හි දුරකථනයෙන් කථා කළ බවත් තම බිරිය අවස්ථා කිහිපයකදීම තමන් ඇමතූ බවත් කාන්තාවගේ සැමියා පොලිසියට පවසා තිබිණි.බදුල්ල සහකාර පොලිස් අධිකාරී ඩී. එන්. ආර්. සේනසිංහ මහතාගේ උපදෙස් පරිදි මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ඩී. සී. ඩී. ඉලංගකෝන් මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සීගිරි ගලේ සිතුවම් ඇන්දේ කවුරුසිංහ රුවට ජීවය දුන්නේ කවුරුසීගිරි ගලේ ඉතිහාසේ නම කවුරුඉතිහාසයද ඇයි මේ තරමට නපුරුකලා වැවට දිය පිරුණේ කොයි දෑතින්යොධ ඇලේ දිය ගැළුවේ කොයි දෑතින්ඉතිහාසයේ නම් ලියවන කලට ඉතින්ඇයි නොලිවුනේ 'සහ පිරිසයි' කියන වදන්ඉතිහාසයෙම පර සතුරන් පැරද වුනාරටකට ඕනෙ ඒ නිදහස සඵල වුනාදේශය නමින් පොඩි මිනිසුන් මිය ඇදුනානිරිදුන් නමක් ඉතිහාසයෙ පල කෙරුණාවඩුවාණනේ ඔබ කල බුදුරුව මනරම්පුදුමයි ගලන්නැහැ මේ මුවගින් සදහම්දෑසින් පෙනෙයි මෙත් මුදිතා ගූණ මනරම්ඔබගේ දිවිය මෙලෙසට වූවද කැටයම්ඉතිහාසයට අමතකදෝ ඔබේ නමකාළය සමග ලියවිණ ඒ රජුගෙ නමකෙලෙසින් ඔවුන් මග හැරියද හපන්කමපොතකට නොවේ හද තුලටම කියමි මමමේ මිනිසුන්ට මේ කවි පද ඇසුණා නම්දෙන පිලිතුරුත් කෙලෙසට වෙද දන්නේ නම්සීගිරි ගලේ ඇන්දේ යුතුකම වෙනුවෙන්සිංහ රුවට දිවි දුන්නේ රජු වෙනුවෙන්ඉතිහාසයේ නැති වූවද අප නාමෙන්දුක නෑ කලෙමියුතුකම මම රට වෙනුවෙන්කලා වැවට දිය පිරුණේ අපෙ දෑතින්යොධ ඇලේ දිය ගැලුවේ අපෙ දෑතින්මව් බිම හැදුණෙ ඒ නිරිදුන්ගේ නුවණින්සැබෑ රජෙකු විය එතුමන් රට නාමෙන්දෙදහස් වසක් මේ සිරිලක රැක දුන්නදේශෙට ඕන ඒ නිදහස රැක දුන්නඅපි වෙමු සෙබළු හැම යුද්දෙම මිය ඇදුනඇගයුම නෙවෙයි මව් බිම විතරයි ඕනදෙදහස් වසට‍පෙර යුගයක ලක උන්නමම වෙමි වඩුව බුදුන‍ග රුව හැඩ කෙරුණකළයුතු යුතුකමත් කෙරුවෙමි වෙත දෙරණමට නම් ඕනෙ නෑ මගෙ නම ලියවන්න.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දසවැනි කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය අද (13) ආරම්භ වෙයි.දකුණූ කොරියාවේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා ප්‍රධානතම සුදුසුකම ලෙස සැලකෙන මෙම භාෂා ප්‍රවීණතා විභාගය කොළඹ සහ ඒ අවට පිහිටි මධ්‍යස්ථාන 9 කදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒ සඳහා අයැදුම්කරුවෝ 34261 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.කොළඹදී පැවැත්වෙන මේ විභාගය වෙනුවෙන් සියලු කටයුතු සූදානම්කර තිබෙන අතර එම විභාගය කොළඹ හින්දු විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය, විශාඛා විද්‍යාලය, මහානාම විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය, නාලන්දා විද්‍යාලය, ගෝතමී බාලිකා විද්‍යාලය හා අශෝක විද්‍යාලයේදී පවත්වන බවද එම කාර්යාංශය සඳහන් කරයි.මෙම විභාගයේ පළමු අදියර පෙරවරු 10.30 සිට 11.40 දක්වාද එහි දෙවැනි අදියර පස්වරු 3.00 සිට 4.10 දක්වාද පැවැත්වේ.මෙවර විභාගයෙන් තෝරා ගන්නා ප්‍රමාණය 5000 ක් වන අතර ඉන් 3500 ක් කර්මාන්ත අංශයේ රැකියා සඳහාද 1500 ධීවර අංශයේ රැකියා සඳහාද යොමු කිරීමට නිමිතය.පසුගිය 2011 වර්ෂයේ පැවති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයැදුම්කරුවන් 50733 දෙනෙකු පෙනී සිටි අතර එයින් 11213 දෙනෙකු විභාගය සමත් වූහ.මෙම විභාගය කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අධීක්ෂණය හා මෙහෙයවීම සිදු කරයි.විභාගයේදී කිසිදු වංචනික ක්‍රියාවකට ඉඩ සලසා නොමැති අතර එවැනි වංචනික ක්‍රියාවන් කෙරෙහි යොමු නොවන ලෙස කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරයි.විභාග වංචා සිදු වුවහොත් නැවත කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයකට පෙනීසිටීම වෙනුවෙන් වසර දෙකක තහනමක් පැනවේ.මෙවර විභාගය සඳහා පොලිස් ආරක්ෂාවද ලබාගෙන තිබෙන අතර කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානවලට පැමිණීමෙන් අනවශ්‍ය තදබදයන්ගෙන් සිදුවන අපහසුතාවයන් අවම වන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඉන්දීය කැරම් සංගමය සංවිධානය කරන දකුණු ආසියානු පස්වැනි කැරම් ශූරතාවලිය හෙට (5) ඉන්දීයාවේ කල්කටා නුවරදී ආරම්භවේ. 11වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතික කැරම් ශූර චමිල් කුරේ, ලෝක කැරම් කේවල ශූර නිශාන්ත ප්‍රනාන්දු සහ ජාතික කැරම් ශූරිය වු චලනි කුමාරි සමගින් බ්‍රින්ට්සලි වික්‍රමසිංහ, යෂිකා රාහුබද්ධ, ‍ජෝශප් රෝෂිටා ඇතුළත් වෙති.කණ්ඩායමේ කළමානකරු ලෙස ජේ.එස්.ආර්.‍රොද්‍රිගු මහතා කටයුතු කරන අතර ප්‍රධාන තීරක ලෙස රෝහිනි මතායස් සහ විනිශ්චකාරිනි කමලා අබේවීරද ශ්‍රී ලංකා කණ්ඩායට එක්විය.තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 5ක් එක්වන අතර සාග් කලාපයේ අනුශූරයින් වන ශ්‍රී ලංකාව සමගින් ශූරයන් වන ඉන්දියාව අතර තියුණු තරගයක් දැක ගැනීමට හැකිවනු ඇත..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ශාන්ති දිසානායකගේ හරබර නවකතාවක්ඉස්සර අපේ ගමේ ඇත්තන් කමතට රැස් වුණේ ජස ලෙන්චිනා වැනි කෝලම් බලන්න. හැබැයි අපේ කට්ටිය පසුගිය අඟහරුවාදා බී. එම්. අයි. සී. එච්. එකේ කමතට රැස් වුණේ සුදත් රෝහණගේ ඇසි දිසි රූප කාව්‍යයේ මුහුරත් උළෙලට සහභාගි වෙන්න.සුදත් පුංචි තිරයට ගෙනෙන්න සුදානම් වෙන්නේ ශාන්ති දිසානායකගේ ‘ගිරිකුළ’ නවකතාව ඇසුරෙන් සරත් ධර්මසිරි රූපවාහිනියට ලියන ‘ගිරිකුළ’ ටෙලි සිතුවම.සුසන්තා චන්ද්‍රමාලි, අවන්ති අපොන්සු, ජනක් ප්‍රේමලාල්, නිල්මිණි තෙන්නකෝන්, කාංචනා මෙන්ඩිස්, ගාමිණී හෙට්ටිආරච්චි, නිරෝෂන් විජේසිංහ, සනත් විමලසිරි, උද්ධික ප්‍රේමරත්න, ගංගු රොෂානා, මධුෂාන් හත්ලහවත්ත, ලාල් කුලරත්න, ප්‍රියංකර රත්නායක, හේමසිරි ලියනගේ, රිචඩ් මානමුදලි, සුබුද්ධි ලක්මාලි, කෞෂල්‍යා සමරසිංහ, ප්‍රසන්නජිත් අබේසූරිය, සමන් හේමරත්න, ගීතා කුමාරි, නිරංජලා ජයසිංහ, ශිරන්ත ප්‍රේමවර්ධන සහ උදේනි චන්ද්‍රසිරි රංගනයෙන් සුදත් රෝහණගේ නවතම ඇසි දිසි රූප කාව්‍යය හැඩ වෙනවා.‘ගිරිකුළ’ සාර්ථක ගමනකින් අවසන් කරන්න කැමරාකරණයෙන් ධම්මික දිසානායක, සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත ප්‍රනාන්දු සමඟ චමල් ප්‍රබෝධ රත්නායකත්, කලා අධ්‍යක්ෂණයෙන් ක්‍රිශාන්ත රත්නසිරි, අංග රචනයෙන් ගිඋහාන් ඕවිට, ඇඳුම් හා කොණ්ඩ මෝස්තර නිර්මාණයෙන් සෑම් පෙරේරා, සංස්කරණයෙන් චානක ද සිල්වා, නිෂ්පාදන කළමණාකරනයෙන් රාජා රණසිංහ සහ නිෂ්පාදන සැලසුම් හා මුල්‍ය කළමණාකරනයෙන් අරවින්ද වික්‍රමසිංහ දායක වෙනවා. ‘ගිරිකුළ’ ෆාහිම් මව්ජුඩ් ගේ නිෂ්පාදනයක්.-නිශංකාසංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ඉගිලෙන මාළුවෝ සිනමාපටය සම්මාන පිට සම්මාන ලබමින් ජාත්‍යන්තරයේ සිනමා විචාරකයන්ගේ පැසසුමට පත් වෙයි.එය මේ වන විට රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග්, දකුණු කොරියා පස්වන සින්ඩි අයිෆ් අකා, නෙදර්ලන්ඩ් හතළිස් වැනි රොටෑඩෑම්, අමෙරිකානු නිව්ජර්සි ඇතුළු ජාත්‍යන්තර සිනමා උළෙලයන් දහයකදී සම්මානයට පාත්‍ර විය.මීට අමතරව බෙල්ජියම, කැනඩාව, බ්‍රසීලය, අමෙරිකාව, ජපානය, එංගලන්තය ආදී රටවල් කිහිපයක සිනමා උළෙලයන් නියෝජනය කොට තිබීම විශේෂත්වයකි. ඉගිලෙන මාළුවෝ ඒෂියා ඩිජිටල් ආයතනය වෙනුවෙන් මනෝහන් නානායක්කාර නිෂ්පාදනය කර තිබේ.හෙක්ටර් කුමාරසිරිගේ අබිනික්මන සිනමාපටය ඉන්දියාවේ ‘ද ඉනර් පාත්’ බුඩිස් ෆිල්ම් ෆෙස්ටිවල්’ සඳහා තේරී පත්ව තිබේ.නෙට්පැක් ඉන්දියා දේවිකි පදනම මඟින් පළමුවරට පවත්වනු ලබන මෙය බෞද්ධ චිත්‍රපට වෙනුවෙන් පවත්වන ලද්දකි. අභිනික්මනට අමතරව උත්පලවන්නා සහ සංකාරා යන චිත්‍රපට ද මෙවර මෙය නියෝජනය කිරීමට නියමිතය.උලෙල හෙට සිට මැයි පළමු වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර අසාද් භවන් තියෙටර් හි පැවැත්වේ.ප්‍රියංකර විතානාච්චිගේ සැමීගේ කතාව සිනමාපටය දකුණු ආසියානු චිත්‍රපට පිළිබඳ වැන්කුවර් සිනමා උළෙලට නිර්දේශ වී තිබේ. ඒ තරගකාරී අංශය යටතේය.ජගත් චමිල, මැණික් කුරුකුලසූරිය, නිල්මිණි බුවනෙක, වික්ටර් රාමනායක, කුසුම් පෙරේරා, වතික් රවිනාත්, තෙසාරා ජයවර්ධන, විල්මන් සිරිමාන්න, විනී වෙත්තසිංහ රඟන සැමීගේ කතාව ප්‍රියංකරගේ පළමු සිනමා නිර්මාණයයි.ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අවුරුදු උත්සවය එහි සභාපති ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මෙම මස 27 වැනිදා එනම් හෙට දවස පුරා සංස්ථාවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.මෙය ජාතික චිත්‍රපට සංස්ථා ක්‍රීඩා සංගමයේ සංවිධානයකි.රාජ්‍ය සේවකයන්ගේ කලා රසාස්වාදය දියුණු කිරීමේ අරමුණින් සිනමා මාධ්‍ය පදනම සංවිධානය කළ විශ්ව සම්මානනීය සිනමා දැක්ම ජාතික විද්‍යා ආයතනයේදී පැවැත්විණ. එහිදී ආරාධිත දේශනය පැවැත් වූ සිනමාවේදිනී ඉනෝකා සත්‍යාංගනී චාරිත්‍රානුකූල පොල් තෙල් පහන දැල් වූ අයුරුයි මේ. මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් උදය සෙනෙවිරත්න, සිනමා මාධ්‍ය පදනමේ සභාපති හර්ෂ බී. අබේකෝන්, ලේකම් රත්නසිරි පතිරණ, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් මාෂාඩ් බැරී ඇතුළු පිරිස සහභාගි වූහ. මෙහිදී ප්‍රදර්ශනය වූයේ රොබගේ බෙනින්නෝ ගේ ලයිෆ් ඉස් බියුටිෆුල් ඉතාලි චිත්‍රපටයයි.ප්‍රසාද් සමරතුංග
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ත්‍රස්තවාදය අවසන් කිරීමේ හරි වැරැද්ද තීන්දු කිරීමේ බලය ඇත්තේ මේ රටේ ජනතාවට මිස වෙනත් කිසිවකුට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.එය වැරැදි යැයි ජනතාව තීන්දු කළොත් එම තීන්දුවට හිස නැමීමට තමා සූදානම් නමුත් අධිරාජ්‍යවාදීන් හෝ ඔවුන්ගේ ගැත්තන්ට හිස නැමීමට තමා කිසි විටෙකත් සූදානම් නොමැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.මෙරට දී නොහැකි නම් පිටරටදී හෝ මේ රටේ ජනතාවගේ මතවාද වෙනස් කිරීමට ඇතැමුන් උත්සාහ කළත් තමන් මේ රටින් ඉවත් කළ හැක්කේ ජනතාවට පමණක් බවත් අවධාරණය කළේය.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ එළැඹෙන බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය තහවුරු කරන විජග්‍රාහී ජන රැලි මාලාවේ මංගල ජන රැලියට ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේ දී පෙරේදා (9) එක්වෙමිනි.සතුටයි නිදහසයි දිනවමු තේමාව ඔස්සේ පළාත් සභා මැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය මැතිවරණය පැවැත්වෙන කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික් හයේ ජනපති ජන රැලි රැසක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රීවරු හතර දෙනෙක් ජනාධිපතිතුමා මෙම ජන රැලියේදී මුණගැසී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට ප්‍රතිඥා දුන්හ.මීරිගම ප්‍රාදේශීය සභාවේ දර්ශන රණසිංහ, තිලක් අශෝක, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ඩෙස්මන් ගුණවර්ධන සහ චන්දිම නානාපිටිය යන මහත්වරු මෙසේ ජනාධිපතිතුමා මුණගැසී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්හ.මේ රටේ මානව හිමිකම් කඩ නොවූ බව ජාත්‍යන්තර ප්‍රජාවට පැහැදිලිව ප්‍රකාශ කර තිබෙන බවත් අප මානව හිමිකම් කඩ කළා නොව ඒවා ආරක්ෂා කළ පිරිසක් බවත් ජනාධිපතිවරයා පැවසීය.මේ රට සංවර්ධනය කරන්නට හැකි වුණේ වසර තිහක ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගන්නට හැකි වූ නිසා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට නිදහස් කිරීමේ එක් ප්‍රතිඵලයක් ලෙස රට සංවර්ධනය වෙමින් පවතින බවත් ප්‍රකාශ කළේය.එසේම රට නිදහස් කිරීමේ තවත් ප්‍රතිඵලයක් ලෙස මාස 6කට වරක් ජිනීවා ගොස් මානව අයිතීන් කඩවීම පිළිබඳ උත්තර බඳින්නටත් සිදුව ඇති බව ජනාධිපතිවරයා පැවසීය.මනුෂ්‍යයන්ට තිබෙන ලොකුම අයිතිය වන ජීවත් වීමේ අයිතිය තහවුරු කළේ වර්තමාන ආණ්ඩුව බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.ඇමැතිවරුන් වන ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණ, බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ෆීලික්ස් පෙරේරා, පවිත්‍රා වන්නිආරච්චි, මර්වින් සිල්වා, නියෝජ්‍ය ඇමැතිවරුන් පණ්ඩු බණ්ඩාරනායක, ලසන්ත අලගියවන්න මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මහින්ද රාජපක්ෂ මහත්තයා ෆයිනල් මැච් එකක් බලන්න ගියොත් මැච් එක පරදිනවා කියලා අපේ සමාජයේ ලොකු විශ්වාසයක් තියනවා. ඒකට හේතු වෙලා තියෙන්නේ පැරදුණු ෆයිනල් මැච් 04කට ද කොහෙදෝ එතුමා ගිය එක.මහින්ද මහත්තයා ගියා කියලා මැච් එකක් පරදිනවා කියන හනමිටි අදහස්වල නම් මම නැහැ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්..මානසික නිදහස-මානසික විශ්වාසය යම් කටයුත්තක් සාර්තක කර ගන්න ඉතා වැදගත් වෙනවා. දැනට සමාජයේ තියන මතවාදය එක්ක මහින්ද මහත්තයා පැමිණීම නිසා ම අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජයග්‍රණය පිළිබද පූර්ව විශ්වාසය/ජවය බිදවැටීමෙන් පරාජයේ අමිහිරි සිතුවිලි එක්ක තරගයක් පරාජය වීමේ ඉඩකඩ තියනවා. ඒක හින්දා එතුමා ගෙදෙට්ට වෙලා ඉන්නවනම් අපිට හොදයි.අනිත් එක මහජන සල්ලිවලින් දුවන ගුවන් යානා අරගෙන වටා පිටාවේ ඉන්න හෙංචයියො ටිකත් දාගෙන මැච් බලන්න පිටරට සවාරි යන එක පොදු ජනතාවගේ පැත්තෙන් කොහොමත් හොද නැහැ.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඔස්කාර් සම්මාන ලාභී රූපවාහිනී සහ සිනමා ප්‍රහසන නළුරොබින් විලියම්ස්මහතා පසුගිය11වන දිනමෙලොවින් සමුගන්නා ලදී. මියයන විට63වන වියේපසුවිය. ඔහුගේ සිරුර කැලිෆෝනියාවේ ටිබියුරන් හි ඔහුගේ නිවසේ තිබී හමුවී ඇත.ඔහුගේ මරණය සියදිවි නසාගැනීමක් හෝ හුස්මගැනීමේ අපහසුවක් නිසා සිදු වූ බවට මේ වන විට පැවසේ.1951 ජූලි 21උපන් ඔහුමිය යන විට දරුවන් තිදෙනෙකුගේ පියෙක් විය(Zelda Rae Williams,Cody Alan Williams,Zachary Pym Williams).ඔහු විවාහ ජීවිත තුනක් ගතකර ඇති අතර මියයන විට ඔහුSusan Schneiderසමඟින් 2011 සිට විවාහ වී සිට ඇත.(Marsha Garces(1989–2010),Valerie Velardi(1978–1988))Academy Award for Best Actor in a Supporting Roleඇතුළු සම්මාන රැසකින් ඔහු තම රංගන දිවිය තුල පිදුම් ලබා ඇත. ඔහු නළුවෙකු, ප්‍රහසන ශිල්පියෙකු, චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ තිරපිටපත් රචකයෙකු ලෙස කටයුතු කර ඇත. අවසන් වරට ඔහු රංගනයෙන් දායක වුනුAbsolutely Anything,Night at the Museum: Secret of the Tomb,Merry Friggin’ Christmasයන සිනමාපටඉදිරියේදී තිරගත වීමට නියමිතය.රොබින් විලියම්ස් මහතාණෙනි. ඔබ ඔබ දැන් අපි අතර නොමැති වුවද ඔබ නිසා වරක් හෝ සිනාසුනු අපගේ සිත් තුල ඔබ සදා අමරණීයයි. ඔබ සාමයේ සැතපේවා. උපුටා ගැනිම [බයිස්කෝප් මංසල ].
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ලක්ෂ තුනකට අධික පිරිසකට මාසිකව ලබාදෙන රුපියල් 150 මහජන දීමනාව(පින් පඩිය) රුපියල් දහස දක්වා වැඩි කිරීමට කටයුතු කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එම ජනතාව වෙනුවෙන් කෘතවේදී වන බව විශ්‍රාමලත් තැපැල් ස්ථානාධිපති එස්.එම්. ගමගේ මහතා ප්‍රකාශ කරයි.මාතර තිහගොඩ පදිංචි ගමගේ මහතා දිනමිණට අදහස් දක්වමින් එසේ පැවසී ය.එහිදී ඒ මහතා මෙසේ ද කීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසරණ සරණ දීමනාව හත් ගුණයකින් වැඩි කිරීමට කටයුතු කර තිබීම පිළිබඳව එතුමාට ස්තූති කළ යුතුයි.මසකට වරක් පින් පඩිය ගැනීමට තැපැල් කාර්යාලයට එන එම අසරණ පිරිස මා හොඳට දන්නවා. ජනාධිපතිතුමා සිදු කෙළේ මහා පුණ්‍ය කර්මයක්.1980 තෙක් ඔවුන්ට ලැබුනේ රුපියල් 20ක් වැනි සුළු මුදලක්. හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා එම මුදල රුපියල් 100ත් 150ත් දක්වා වැඩි කළා. ඉන්පසුව සිටි කිසිවකු ඒ පිළිබඳව තැකුවේ නැහැ.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න. This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සිංහලේ රජ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රාජ්‍ය කාලය 1798 - 1815 පෙපරවාරි 10 අභිෂේකය 1798 පූර්වප්‍රාප්තිකයා Sri Rajadhi Rajasinha අනුප්‍රාප්තිකයා George III of the United Kingdom වල්ලභයා Vencataranga Rajammal Venkatamma Moodoocunamma Venkata Jammal දරුවන් Rajadhi Rajasingha (d. 1843) Letchumi Devi (d. 1856) Raja Nachiar Devi (d. 1860) පියා Sri Venkata Perumal මව Subbamma Nayaka ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ලංකා රාජධානිය ඉංග්‍රීසීන්ට යටත්වීමට පෙර එහි අවසාන රජතුමා විය. ඔහු ශ්‍රී රාජාධිරාජසිංහ රජුගෙන් පසු 1798 දී සිහසුනට පත් විය. ඛ්‍රිතාන්‍යයන් විසින් මහනුවර යුද්ධය අවසානයේදී ඔහු පරාජය කොට පහ කරන ලදි. ඔහු නායක්කාර වංශයට අයත් දකූණු ඉන්දීය ජාතිකයෙකි. කන්නසාමි නම් වු මොහු ශ්‍රී රාජාධිරාජසිංහ රජුගේ බෑනා කෙනෙකි. කන්නසාමි 1798 දී සිංහාසනාරූඪ වන විට අභිෂේකය සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ නම තෝරා ගන්නා ලදි. ඔහු ලංකාවේ නායක්කාර රජ පෙළපතෙහි අවසාන රජු විය. පටුන 1 මුල් දිවිය 2 රාජ්‍ය කාලය 2.1 අභ්‍යන්තර ගැටුම් 3 වෙනත් වැදගත් කරුණු 4 මූලාශ්‍ර මුල් දිවිය[සංස්කරණය] 1798 ඔහුගේ අභිෂේකයට පෙර, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කන්නසාමි කුමරු ලෙස හැඳින්විණි. ඔහු මදුරාපුර රාජකීය පවුලේ සාමාජිකයෙකු මෙන්ම ශ්‍රී රාජාධි රාජසිංහ රජුගේ බෑනා විය. වයස අවුරුදු 18 දී ඔහු මහනුවර රාජධානියේ රජු ලෙස අභිෂේක ලද්දේය. රාජ්‍ය කාලය[සංස්කරණය] අභ්‍යන්තර ගැටුම්[සංස්කරණය] ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කාලය තූල ඛ්‍රිතාන්‍යයන් විසින් මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසින්ගෙන් අත් පත් කර ගන්නා ලදි. මේ සඳහා මහනුවරින් දේශපාලන මැදිහත් වීම් ඇති නොවීය.නමුත් පිළිමතලාවේ අදිකාරම් ඛ්‍රිතාන්‍යයන් සමඟ රහසිගත කූමන්ත්‍රණයක් කර ගෙන රජු ලවා ඛ්‍රිතාන්‍යයන් ආක්‍රමණය කිරීමට ඔහුව පෙළඹවීය. එය ඛ්‍රිතාන්‍යයින්ට රාජධානිය ආක්‍රමණය කිරීමට නිදහසට කරුණක් විය. අදිකාරම් වෙරළාශ්‍රිත බලය ඇති ඛ්‍රිතාන්‍යයින් සමඟ යුධ වැදීමට රජුව මෙහෙයවීය. වෙනත් වැදගත් කරුණු[සංස්කරණය] විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්‍රිත මාධ්‍ය සතු වෙයි: Sri Vikrama Rajasinha ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය ධඡය මහනුවර වැව නිර්මාණය කිරීම. නුතන ශ්‍රී ලංකා ධඡය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය ධඡය වේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සිංහලේ නායක්කාර් රාජ වංශය උපත: ? 1780 මරණය: January 30 1832 රාජ පදවි නාමයන් පූර්වප්‍රාප්තික  Sri Rajadhi Rajasinha සිංහලේ රජ 1798 – February 10, 1815 අනුප්‍රාප්තික  : සිංහලේ රජ තනතුර අහෝසි විය. 1948 දී නැවත පිහිටවූ එම තනතුරට හයවන ජෝර්ජ් රජ පත්විය ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස එවකට එක්සත් රාජධානියේ සහ යටත් විජිතයන්හි රජ කල තුන්වන ජෝර්ජ් රජ පත්විය එමෙන්ම ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ පටන් පැවතෙන පාරම්පරික රාජ උරුමය සහිත පිරිස් මේ දක්වා ලංකාවේ ජීවත් වෙති. මූලාශ්‍ර[සංස්කරණය] ශ්‍රී ලංකාවේ රජවරු සහ පාලකයන් අන්තිම රජු මහනුවර අවසාන රජු ශ්‍රී ලංකානු ධඡය
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මතක විදිහට පඩිය වෙනස්උණු විදිහ.1. ලංකාව 7,500 - 20032. ලංකාව 12,500 - 20033. ලංකාව 18,000 - 20044. ලංකාව 21,000 - 20055. ලංකාව 30,000 - 20066. ලංකාව 45,000 - 20067. පිලිපීනය 400,000 - 20078. හොං කොං420,000 - 2009 (ලංකාවේනිවසේ සිට වැඩ කිරීම)9. පිලිපීනය 350,000 - 201210. ලංකාව 200,000 - 201211. ලංකාව 225,000 - 201212. ලංකාව 275,000 - 201313 අයර්ලන්තය x,x00,000 - 2014.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
රංගන ශිල්පීසැනට් දික්කුඹුරසෝමපාල මහත්මයාගේ “කන්දොස්කිරියාව“ වේදිකා නාට්‍යයට සම්බන්ධ වන අතරේ ධර්මසේන පතිරාජගේ “සක්කාරං” චිත්‍රපටයට රංගනයෙන් එක් වුණා. ළමයින්ට රංගනය ඉගෙන ගන්න අඟුණකොළ පැලැස්සේ රංගායතනයක වැඩමුළු පවත්වනවා. මම එකේ වැඩවලට එහේ යනවා.මේ දවස්වල ටෙලිනාට්‍යවලට ආරාධනා නැති තරම්. රංගනය ගැන බොහෝ අත්දැකීම් තිබුණත් අද අපිට උදා වෙලා තියෙන තත්ත්වය ගැන මම බොහෝම කලකිරීමෙන් ඉන්නෙ.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙම වර්ගයේ ස්කෑනර ආලෝක රටාවක් වස්තුව මත එල්ල කර එහි සිදුවන රටා වෙනස ග්‍රහණය කර ගනී. මෙම රටාවන් එක් මානයක් හෝ ද්වි-මාන ආකාරය හෝ විය හැක. මෙම තනි කදම්භය LCD ප්‍රක්ෂේපණ උපකරනයක් මඟින් හෝ පැද්දෙන ලේසර උපකරණයන් මඟින් හෝ වස්තුව මත එල්ල කරයි. අනතුරුව ත්‍රිකෝණාකාර ස්ථාන හඳුනාගන්නා ක්‍රමයට දුර ගණනය කිරීම සිදුකරයි. ද්විමාන රටාවකට උදාහරණයක් වන්නේ කොටු හෝ රේඛා තීරු රටාවන්ය. රටා වෙනස කැමරාවක් මඟින් ලබාගන්නා අතර සංකීර්ණ ඇල්ගොරිතමයක් මඟින් ලක්ෂන වලට දුර මැනීම සිදුකරයි. මෙම සංකීර්ණතාවයට ඒක හේතුවක් වන්නේ වස්තුවේ ඇති ව්‍යාකූලතාවයයි. උදාහරණ ලෙස සිදුරු, නිරෝධන හා වැඩි ගැඹුරින් යුක්ත වස්තුන් හරහා ලේසර් කදම්භ අනුක්‍රම යවන විට ඒවායෙන් ආපසු පැමිණෙන කදම්භ වෙනස්වීම හෝ රටාව වෙනස්වීම සිදුවිය හැක. එමඟින් කදම්භ තීරු වල ව්‍යාකූලතාවයන් සිදුවේ. මෙම ව්‍යාකූලතාවය මෑතකදී බහුතීරූ ලේසර් ත්‍රිකෝණකරණය නම් තාක්ෂණයෙන් විසඳන ලදී. ව්‍යුහගත ත්‍රිමාණ ආලෝක ස්කෑනර එක් වරකට ලක්ෂ්‍යය වැඩි ගණනක් සුපිරික්සන නිසා වේගයෙන් අධික වේ. එනිසා චලනය නිසා සිදුවිය හැකි විකෘතිතාවයද මඟ හැරේ. සමහර නවතම පද්ධති චලනය වන වස්තූන් පවා සුපිරීක්සීමට සමත් ඒවා වේ. මෑතකාලයේදී සෝන්ග් සැන්ග් හා පේසන් හන්ග් (ස්ටෝනි බෘක් විශ්ව විද්‍යාලයේ) යන අය විසින් කලාප වෙනස් කරන හා අංකිත ප්‍රක්ෂේපණය යන තාක්ෂණ යෙදා වඩා දියුණු ස්කෑනරයක් නිපදවන ලදී. මෙම පද්ධතිය ඝනත්වයෙන් වැඩි දත්ත (මුහුණේ ඇතිවන ප්‍රකාශන වැනි) තප්පරයට රාමු 40ක සීඝ්‍රතාවයකින් ග්‍රහණය කර නිර්මාණය කිරීමට සමත් වේ.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
උදාරි වර්ණකුලසූරිය ලංකාවට ඇවිත්ලු. ඒ විතරක් නෙවෙයි යළිත් ඈ රඟපාන්නත් සූදානම් වෙනවලු. මේ අලුත් ආරංචිවල අලුත්ම විස්තර අහන්න උදාරිට අපි කතා කළා. ඒ වෙලාවෙත් ඇය හිටියේ ඇගේ නවතම ටෙලිසිතුවමේ රූගතකිරීම් අතරතුර. රංගනයට විතරක් නෙවෙයි උදාරි පහුගිය කාලයේ ගායනයටත් යොමුවුණා. එහෙත් ඇය ගැයූ ගීතය වෙනත් ගායිකාවකගේ හඬිනුත් ගැයුණා. ඇතැමුන් හිතාගෙන ඉන්නෙ ඒ ගායිකාවකගෙ ගීතයක් තමයි මේ උදාරි යළි ගයලා තියෙන්නෙ කියලා. ඒ පිළිබඳවත් අප විමසීමක් කළා. බලමු උදාරි ඊට පිළිතුරු සැපයුවේ කොහොමද කියලා.* උදාරි ලංකාවට ආපු ගමන්ම කාර්ය බහුලවුණා නේද?ඒකනම් එහෙම තමයි. මා මෙයට ප්‍රථම වරින් වර ලංකාවට ඇවිත් ගියා. එහෙම ආපු වෙලාවක තමයි මේ නාට්‍යයට ඇරුයුම් ලැබුණේ. එහි නම ආදර දෑසක්. සුජීව ප්‍රසන්නආරච්චිගේ ආදර දෑසක් නවකතාව ඇසුරෙන් නිල්වලා වීඩියෝ ප්‍රඩක්ෂන් වෙනුවෙන් උපුල් ජයසිංහ නිෂ්පාදනය කරන එය සඳුන් රාජකරුණා අයියගෙ අධ්‍යක්ෂණයක්. මං එහි රඟපාන්නෙ මතකය අමතකවූ ගැහුණු ළමයකුගේ චරිතයක්. බොහොම ආසාවෙන් එහි රූගත කිරිම්වලට සහභාගි වන්නේ.* ඇයි ඔබ නිල්වලා ආයතනයේ නිෂ්පාදන සඳහා වැඩිපුර දායක වන්නේ. ඇතැම් අය කියනවා ඔබ ඉන් පිටත නිෂ්පාදනයන්ට සහභාගි වෙන්නේ හරිම අඩුවෙන් කියලා?මේ ක්ෂේත්‍රයෙ අපි වැඩ කරන්න ඕන සහෝදර සහෝදරියන් විදිහට. නිල්වලා ටීම් එක අන්න ඒවගේ. උපුල් ජයසිංහ මහත්මා, සඳුන් අයියා, ලලිත් වසන්ත අයියා, නීල් රුක්මන් අයියා වගේ නිල්වලා ටීම් එකේ හැමෝම හරිම වගකීමක් ඇතුවයි වැඩ කරන්නේ. මං ඔවුන්ගෙ ලොකේෂන් එකේ ඉන්නෙ හරියට ගෙදර වගේ. එහෙම පිරිසකගෙන් ලැබෙන ආරාධනාවලට බැහැ කියන්නෙ කොහොමද?* දැන් දිගටම ලංකාවෙ ඉන්නවාද?දැන් දුව ටිකක් ලොකුයි. ඒක නිසා වැඩිපුර කාලයක් ලංකාවෙ ඉන්නත් රංගනයේ යෙදෙන්නත් තීරණය කළා. සුජිත් නම් එහෙ ඉන්නෙ.* ඔබ ගායිකාවක් විදිහටත් පසුගිය කාලයේ උත්සාහ කළා?ඔව් අනේ. ඒකටත් නොයෙකුත් බාධා.* ඒ මොකෝ?මං ගැයුවා දෙනුවන් පියා කියලා සිංදුවක්. ඔයත් ඒක දකින්න ඇතිනේ. ඒක වීඩියෝව කළේ සිංගප්පූරුවෙ. එම ගීතය මම කිව්වෙ මගෙ සැමියා සුජිත් වෙනුවෙන්. ඒත් එය නිර්මාණය කළ පාර්ශ්වයන් විසින් මටත් නොකියා වෙනත් ගායිකාවක් ලවා ඒක කියවලා. ඉතින් ඒක මුලින්ම අර ගායිකාවගෙ හඬින් ඇහෙද්දි ඇතැම් අය හිතන්නෙ මම අනුන්ගෙ සිංදුවක් හොරෙන් ගායනා කරලා කියලා.* ඔය ඒ ගීතය සඳහා නියමිත මුදල් ගෙව්වද?ඔව්. රුපියල් 75000 ක් ගෙව්වා. ඒත් ලංකවේ ගීතයක අයිතිය තියෙන්නෙ ගැයූ අයට නොව ඒක නිර්මාණය කළ අයටනේ. ඒකනිසා කටපියාගෙන ඉන්න තමයි වෙලා තියෙන්නේ.* ආයෙත් ගීත ගයන එකක් නැතිවෙයිද?පිස්සු. මං මගෙ අලුත්ම ගීතයේ වැඩ කටයුතු පටන් අරගෙනත් ඉවරයි. ඒක වීඩියෝවකුත් සමඟින්ම අවුට් කරන්නටයි හිතාගෙන ඉන්නේ.* ඒ ගීතයත් ගයන්නේ සැමියාටමද?නැහැ. ඒක වෙනස්ම ආරකට නිර්මාණය වන්නක්. අසම්මත ප්‍රේමයක් පිළිබඳව සුන්දරව නිර්මාණය කළ ගීතයක් ඒක.* ඉදිරියේදී ඔබ වැඩිවශයෙන් ගායනයට යොමු වෙයිද?මෙහෙමයි. රංගනයෙන් තමයි මාව ගොඩක් අය හඳුනගත්තේ. ඒත් මං පුංචි කාලයේ ඉඳල සංගීතයට බොහොම දක්ෂයි. ඒත් කටහඬ ගැන හිතන්නේම නැති තරම්. දැන් ඇතිවෙන්න කූල් බොනවා. තාත්තා නම් හරියට බනිනවා කටහඬ විනාශකර ගන්න එපා කියලා.* උදාරි දැන් මවක්. ඉස්සරවගේ දඟකාරකම් තවමත් එහෙම්මම තියනවද.අපොයි ඔව්. මගෙ දඟකාරකම් ලබන ආත්මයෙදිවත් අඩුවෙන එකක් නැහැ.* රුව ගැන මොනවගේ සැලකුමක්ද දැන් තියෙන්නේ?රුව ගැන හොඳට හිතනවා. හැමදාම මං ව්‍යායාම කරනවා. මොන වැඩේ තිබුණත් ඒ වැඩේ කරන එක කරනවාමයි. මං හිතනවා මගෙ රුව සඳහා ප්‍රධානවම බලපාන්නේ මගෙ හිත කියලා. මොකද මගෙ හිත හරිම සැහැල්ලුයි.* අතීතය ගැන හිතෙද්දි මොනවද දැනෙන්නෙ?අතීතයට වඩා වර්තමානය බෙහෙවින් සුන්දරයි. මං අද සාර්ථික ජීවිතයක් ගතකරනවා. හැමදෙයක්ම නිසි කාලයේ කළා. පසුතැවෙන්නට කිසිම හේතුවක් නැහැ.* උදාරිට කතා කරන්න ලියන්න රසික රසිකාවන් බලාගෙන ඇති?උදාරි වර්ණකුලසූරිය, දංකොටුව පාර, බෝලවත්ත යන ලිපිනයට මගෙ රසික රසිකාවන්ට මට ලියන්න පුළුවන්.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - කැඩපත ෆොටෝග්‍රැෆි  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කටුනායක ප්‍රදේශයේ නිවෙසක මෙහෙකාර සේවයේ යෙදී සිටියදී බාල වයස්කාර දැරියක් පැහැර ගෙනගොස් කෙලෙසා සල්ලාලයින්ට අලෙවි කළ විවාහකයෙකු එම දැරිය සමග අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය කියයි.මාදම්පේ මහගම ප්‍රදේශයේ පිරිසක් දුන් තොරතුරකට අනුව එම දැරිය අත්අඩංගුවට ගන්නා ලදී. මවුපියන් අහිමිවූ පසු ඇය නිවෙසක මෙහෙකාර කම් කරමින් සිටියදී හමුවූ තරුණයකු දැරිය මිතුරු කරගෙන බලෙන් ගෙන ගොස් කෙලෙසා ඇත.විවාහකයෙකු වන ඔහු දැරිය තම නිවසෙහි තබාගෙන තම බිරියගේ උදව්වෙන් වෙනත් අයට අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී තිබුණි.දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කීය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
විජය ගොඩකුඹුර Wijaya Godakumbura උපත රාස්සගල පැල්මඩුල්ල ශ්‍රී ලංකාව ජාතිකත්වය ශ්‍රී ලාංකික අධ්‍යාපනය පැල්මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය නාලන්දා විද්‍යාලය, කොළඹ වෘත්තිය විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය ප්‍රසිද්ධ වන්නේ සුදීප ආරක්ෂිත කුප්පි ලාම්පුව නිර්මාතෘ හා ප‍්‍රවර්ධකයා අභිධානය විද්‍යාජෝති ආගම බෞද්ධ විද්‍යාජෝති වෛද්‍ය විජය ගොඩකුඹුර යනු විශ්‍රාමික විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය වරයෙකි. ඔහු සුදීප ආරක්ෂිත කුප්පි ලාම්පුව (සේfප් බොටල් ලෑම්ප්) නිර්මාතෘ හා ප‍්‍රවර්ධකයා වෙයි. ජීවන සටහන්[සංස්කරණය] විජය කොළඹ නාලන්දා වෙන් උසස් පෙළ ඉහළින්ම සමත් වී 1959 දි කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. 1964දී වෛද්‍ය වරයකු ලෙස රාජ්‍ය සෞඛ්‍ය සේවයට එක් වී 1970 දශකය මුල බි‍්‍රතාන්‍යයේ විශේෂඥ පුහුණුව ලද ඔහු, පිලිස්සුම් අනතුරු වැළැක්වීම හා ඒවාට ප‍්‍රතිකාර කිරීම ගැන ලොව පිළිගත් විද්වතෙක්. ලෝක සෞඛ්‍ය සංවිධානය හා විදෙස් රටවල් ඔහුගෙන් උපදෙස් ලබා ගන්නවා. ඔහු දිවයිනේ රෝහල් ගණනාවක ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කරමින් රෝගීන් දහස් ගණනක් සුවපත් කළ ඇත. විජයගේ සුදීප ආරක්ෂිත කුප්පි ලාම්පුව ජාත්‍යන්තර Rolex සම්මාන සඳහා 1998 දීද නෙදර්ලන්තයේ හේග් නුවර පැවැති පස්‌ වැනි වාර්ෂික World Challenge 2009 සම්මාන උළෙලේ ප්‍රථම ස්‌ථානය කරගෙන ඇත. CNN. Reader's Digest, Newsweek yd BBc ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය මේ නිර්මාණය ගැන ප‍්‍රශංසාත්මකව වාර්තා කොට තිබෙනවා. විජය ගොඩකුඹුර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. නාලන්දාවෙදි පාපන්දු මලල ක්‍රීඩා ආදියේ විජය නිරත විය. ආශ්‍රිත[සංස්කරණය] විජය ගොඩකුඹුරගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන් "ශ්‍රී ලංකාවේ ආරක්‌ෂිත කුප්පි ලාම්පුව World Challenge 2009 සම්මානයෙන් පිදුම් ලබයි". vidusara. 2009/12/23.  "දරුවන්ට හෙල්මට් දාන්න අමතක කරන්න එපා!". samabima.  "කුප්පි ලාම්පුවෙන් ජීවිත රැසක් බේරාගත් දොස්තර මහත්තය". silumina. 2009/09/27.  "හදිසි අනතුරු වළක්‌වා ගැනීමට රජයේ මෙන්ම සිවිල් ජනතාවගේත් සහයෝගය ඕනෑ ඇමැති මෛත්‍රිපාල සිරිසේන". divaina. 2012/07/30.  "රට පුරා මිලියනයකට වැඩි පිරිසක් තවමත් ‘අනාරක්ෂිත එළියේ’ වැඩ". lankapuvath.  "2013 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සඳහා සමීක්ෂණය කිරීමට තෝරාගත් ග්‍රන්ථ නාමලේඛනය". culturaldept.gov.lk. 2013. 
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
උණවටුන උණවටුන, ශ්‍රී ලංකාවේ ගාලු දිස්ත්‍රික්කයේ පිහිටි මුහුදුබඩ නගරයකි. This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඓතිහාසික කතරගම පුදබිම බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සහ මහානුභාව සම්පන්න කතරගම දිව්‍ය රාජයාණන්ගේ බලය ශක්තිය නිසා මහත් ශක්තිමත් වූ ස්ථානයකි. කතරගම දසබෑ රජවරුන්ගේ ඉතිහාසයේ සිට වර්තමානය දක්වා ම මෙම ස්ථානය රාජ රාජ මහාමාත්‍යවරුන්ගේ සහ පොදු ජනතාවගේ වන්දනීයත්වයට පත්ව ඇත.විදේශීය ආක්‍රමණයන් සමඟ කතරගම පුදබිම අභාවයට ගිය බව ලේඛනගත ඉතිහාසයේ සඳහන්ය. නිදහස ලබා ගැනීමත් සමඟම නැවත වරක් මෙම ප්‍රදේශ ආගමික සහ සමාජික අතින් මහත් ප්‍රබෝධයක් ඇති විය.වර්තමානය වනවිට කතරගම පුදබිම ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ උපහාර ලබන ප්‍රධාන මධ්‍යස්ථානයකි.ජාති, ආගම්, කුල භේදවලින් තොර සෑම අයකුගේම ආශිර්වාදය ලබා ගත් මෙම පූජනීය ස්ථානය සමගියේ මධ්‍යස්ථානය වශයෙන් හැඳින්වීම ඉතා නිවැරැදිය.කතරගම ඇසළ පෙරහර සමය ප්‍රදේශයට සුවිශේෂී කාලපරිච්ඡේදයකි. යාපනය, මුලතිව්, කිලිනොච්චි ආදී ප්‍රදේශවල සිට මාස කිහිපයක් තිස්සේ වන සතුන්ගෙන් පිරි යාල අභය භූමිය හරහා පා ගමනින් පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන්ටත් කතරගම වන්දනාවේ පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ටත් අවශ්‍ය ආහාරපාන ලබාදීම පරිත්‍යාගශීලීන්ගේ වගකීම සහ යුතුකම වේ.මේ බව මනාව අවබෝධ කරගත් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය, ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් කතරගම මහා දේවාලය ඉදිරිපිට මෙම දින පහළොව පුරා ම මහා බත් දන්සලක් ලබාදෙමින් කටයුතු කරන අතර එතුමාගේ පූර්ණ ආශිර්වාදය මත පෑලියගොඩ වික්‍රමරත්න සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ මධුර වික්‍රමරත්න මහතා විසින් කතරගම සිතුල්පව්ව පාරේ බෝධිරාජපුර විහාරස්ථානය ඉදිරිපිට තවත් සුවිශේෂී මහා බත් දන්සලක් පැවැත්වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.වික්‍රමරත්න සමූහ ආයතනය පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට උදෑසන සහ දහවල් මහා බත් දන්සලක් පවත්වන අතර එම සත් ක්‍රියාව කතරගම ඇසළ පෙරහර පැවැත්වෙන දින පහළොව පුරාම බැතිමතුන් වෙනුවෙන් පැවැත්වීම ඉතා අගය කළ යුතුය.මෙම දාන ශාලාව ද සමගියේ මධ්‍යස්ථානයකි. සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් තම කුසගිනි නිවාගන්නා ආකාරය ඉතා ආදර්ශවත්ය.“දානං සග්ගස්ස සෝපානං” අදහස පරිදි දන්දීම දිව්‍ය ලෝකයේ ඉපදීමට ශක්තිමත් කටයුත්තක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.සෑම ධනපතියෙක් ම දානපතියෙක් විය යුතුය. එය බුදුදහම දත් පරිත්‍යාගශීලීන්ගේ පිළිවෙතයි.එදා අනේපිඬු සිටුතුමාගේ මග යන වික්‍රමරත්න සමූහ ආයතනයට සැමගේ ගෞරවය ද හිමිවිය යුතුය.මහානුභාව සම්පන්න කතරගම දෙවියන්ගේ ආශිර්වාදයට ද මෙම මහඟු පින්කම් කරන සැදැහැවතුන් ලක්වීම අනිවාර්යය සිද්ධියකි.මෙම මහඟු සත් කාර්යයයේ නිරත වන සියලු දෙනාට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
2011 වසරේදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ජය ගතහොත් උපන් ඇඳුමින් ප්‍රසිද්ධියේ දුවන බව ප්‍රකාශ කළ, 2012 අයි පී එල් 5 වැනි තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් දිනූ විට ද එසේ කරන බව පැවසූ පූනම් පාණ්ඩේ රසිකයන්ට කිසිසේත්ම මතකයෙන් බැහැර නොවන චරිතයකි.මෙතෙක් ක්‍රිකට් කණ්ඩායම් ඉදිරියේ පමණක් නිරුවත් වූ තාරකාව ගැන ඇයට පෙම් බැඳි රසිකයන්ගේ සිත්වල ද කිතියක් ඇති වූවාට කිසිදු සැකයක් නැත. ඇය අලුත් අවුරුදු සැමරුම් උත්සවයකදී මෙවැනි අකරතැබ්බයකට මුහුණ දුන්නේ එනිසාය.බැංගලෝර් හි නව වසරේ උත්සවයකට පසුගියදා පූනම් සහභාගි වූයේ නර්තනයෙන් නරඹන්නන් පිනවීමටයි. එහෙත් ඇයට එහිදී මුහුණ දීමට සිදු වූයේ කිසිදා නොපැතූ අත්දැකීමකටයි. උත්සවයට පැමිණ සිටි සියලු දෙනාම වාගේ මධුවිතෙන් රතු ඉර පනින්නට මත් වී සිටියහ. ඔවුන් පූනම් අල්ලා ගැනීමට ඇය පසු පස දුවන්නට පටන්ගෙන ඇත්තේ උමතුවෙන් මෙනි.සංවිධායකයන් ආරක්ෂකයන් සියයක් ලබා දී සිටිය ද, පූනම්ට පෞද්ගලික ආරක්ෂකයන් 15 – 20 ක් සිටිය ද ඒ කිසිවකුට ඔවුන්ව නවත්වාලන්නට හැකි වී නැත.ඇය ඉතා අසීරුවෙන් විනාඩි 10 ක් පමණ නර්තනයක යෙදී ඇත. එය අවසන් වනවාත් සමඟම මත් වූ මිනිසුන් වේදිකාවට පැමිණ ඇය ඔසවන්නට උත්සාහ කර තිබේ.‘ඔවුන් ඒ වෙලාවේ සිතුවේ මොළයෙන් නෙවෙයි. සිරුරේ වෙනත් කොටසකින්’ පාන්ඩේ පසුව කෝපයෙන් පවසා තිබේ.තත්ත්වය භයානක බව තේරුම් ගත් ඇයට ලැබී ඇත්තේ දෙපයේ පිහිටයි. ඇය එදා උපරිම වේගයෙන් දිව ගොස් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසාගෙන තිබේ. මේ දිවීම ක්‍රිකට් කණ්ඩායම් ඉදිරියේ දිවීමට වඩා මොන තරම් කටුකදැයි ඇයට සිතුණාට කිසිදු සැකයක් නැත.නැවත කිසි දිනක නව වසරේ උත්සවවලට සහභාගි නොවන බව පූනම් දිව්රා පවසන්නීය. ඇය අනෙක් තාරකාවන්ට ද නව වසරේ උත්සව නර්තනවලට සහභාගි නොවන ලෙසට උපදෙස් දුන්නාය.තවමත් විසි දෙහැවිරිදි පූනම් රඟපා ඇත්තේ එකම එක බොලිවුඩ් සිනමාපටයක පමණයි. පසුගිය වසරේ තිරගත වූ ‘නාශා’ සිනමාපටයේ ඇය ගෝලයකු සමඟ පෙමින් බැඳෙන ගුරුවරියකගේ චරිතයක් නිරූපණය කළාය.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය 109 වන යෝජනාව දිනය දෙසැම්බර් 14 1955 රැස්වීම් අංකය. 705 කේතය S/3509 (Document) ඡන්දය පක්ෂව: 8 — වැලකී. 3 — විරුද්ධව: 0 විෂයය එජා වෙත නව සාමාජිකයන් ඇතුළු කරගැනුම ප්‍රතිඵලය සම්මත විය ආරක්ෂන මණ්ඩල සංයුතිය ස්ථීර සාමාජිකයෝ  CHN  FRA  UK  USA  USSR ස්ථීර-නොවන සාමාජිකයෝ  BEL  BRA  IRI  NZL  PER  TUR ඇල්බේනියාව, ඕස්ට්‍රේලියාව, බල්ගේරියාව, කාම්බෝජය, ලංකාව, ෆින්ලන්තය, හන්ගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, ජෝර්දානය, ලාඕසය, ලිබියාව, නේපාලය, පෘතුගාලය, රුමේනියාව, සහ ස්පාඤ්ඤය යන රටවල් විසින් සාමාජිකත්වය සඳහා කරන ලද ඉල්ලීම් සලකාබලන ලෙස මහා මණ්ඩලය විසින් උපදෙස් දෙනු ලැබීම ප්‍රකාර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා අංක 109, වර්ෂ 1955, දෙසැම්බර් 14 දිනදී සම්මත කරන ලද අතර ඉහත නම් කරන ලද සියළු රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළත් කර ගන්නා ලෙස ආරක්ෂක මණ්ඩලය විසින් නිර්දේශ කරන ලදි. යෝජනාව ඡන්ද අටක බහුතරයකින් සම්මත විය; බෙල්ජියම, චීන සමුහාණ්ඩුව සහ එක්සත් ජනපදය ඡන්දය දීමෙන් වැලකී සිටියහ. මෙයද බලන්න[සංස්කරණය] එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 101 සිට 200 ලැයිස්තුව (1953 – 1965) ආශ්‍රිත[සංස්කරණය] UN.org හී යෝජනාවෙහි පෙළ (PDF) Wikisource has original text related to this article: එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල 109වන යෝජනාව න සා සං 1955දී සම්මත කරගන්නා ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා ← 106 107 108 109 110 →
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දුන්නත් ඕනෑම මාධ්‍යයකින් ඊට පිළිතුරු ලබා දිය හැකි බවත් අයදුම්කරුවන්ගේ දැනුම පරීක්ෂා කිරීම සඳහා මේ පියවර ගෙන ඇති බව අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී කීය.නීති හා අධ්‍යාපන කොමිසම ගෙන ඇති මෙම තීරණයට අදාළ රෙගුලාසි ඉදිරිපත් කිරීම ඉදිරියේදී සිදුකරන බව ඇමැතිවරයා කියා සිටියේ දිඟාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනී ශ්‍රියාණි විජේවික්‍රම මහත්මිය ඇසූ අතුරු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ප්‍රශ්න පත්‍රයක් ලබා දීම සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ දරුවන්ට කරන අසාධාරණයක් නොවේදැයි විජේවික්‍රම මහත්මිය විමසා සිටියාය.කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් වර්ෂ 2006 සිට 2011 දක්වා කාලය තුළ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට එක් එක් මාධය අනුව පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව විමසා අසා තිබු ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් පසු විජේවික්‍රම මහත්මිය මේ අතුරු ප්‍රශ්නය ඇසුවාය.නීති විද්‍යාලයට බදවා ගැනීමේදී දැනට නීතිය හදාරණ වැඩිහිටි සිසුන්ට ඇතුළත් වීමට නොහැකි වන අයුරින් රෙගුලාසි සකස් කර ඇති බවට කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී පෙර්රා මහතා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ අමැතිවරයා එවැනි තීරණයක් කොමිසම තවම ගෙන නොමැති බව කීය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සිරකරුවන් සමාජයෙන් කොන් නොකර ඔවුන් රටට වැඩදායි පුද්ගලයන් බවට පත් කිරීමේ රජයේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාමට තම උපරිම ශක්තියෙන් කටයුතු කරන්නේ යැයි පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති සරත් චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා පැවැසීය.තම අමාත්‍යංශය රටට වැඩදායී අමාත්‍යංශයක් බවට පත් කිරීමට චන්ද්‍රසිරි ගජදීර ඇමැතිතුමන් ට ශක්තියක් වීමටත්, උපරිම සහයෝගය ලබා දීමටත් කැපවන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය‍.මුතුකුමාරණ මහතා සියධූරයේ නිල රාජකාරි ඇරඹීම නිමිත්තේන් ඊයේ (23) පෙරවරුවේ එම අමාත්‍යංශයේ පැවැති උත්සවයේදී මේ අදහස් පළ කළේය.පුද්ගලයන් යහමගට යැවීමේ උදාර කාර්යය උර මත රැඳී ඇති මේ අමාත්‍යංශයේ කටයුතු සිදුකිරීමට මේ අමාත්‍යංශය අනුබද්ධ ආයතනවල සියලුම නිලධාරීන්ගේ සහාය තමන් අපේක්ෂා කරන බව පැවැසූ මුතුකුමාරණ මහතා සිය නියෝජ්‍ය ඇමැති පදවිය තමන්ට ලබා දීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පිරිනමන බවද පැවැසීය.‍එහිදී අදහස් පළ කළ ඒ මහතා, ගමකින් ආ කෙනකු ලෙස මා මුලින්නම සාමාන්‍ය ග්‍රාමීය මට්ටමේ දේශපාලනයට අවතීර්ණ වුණා. ඉන් පසු දිස්ත්‍රික් මට්ටමේ දේශපාලනයේත් දිග්‍ර කලක් නිරත වුණු මගේ දේශපාලනය එක තැන තැග් ගැහුණු ස්වභාවයක්ම තිබුණා. මෙයට සාධාරණය ඉටු කළ ජනාධිපත් තුමන්ට මගේ ගෞරව පුර්වක ස්තුතිය හිමිවනවා.මට හිමිවූ නව පත්වීම මගින් රටට පාක්ෂිකයන්ට, ප්‍රදේශයේ ජනතාවට වීශාල සේවයක් කරන්නට පුළුවන්.මේ නියෝජ්‍ය ඇමැති ධුරය ලැබුණ විට මා සිතුවා මෙයින් මට කරන්නට හැක්කේ කුමක්ද කියා. එයින් පසු මා කෙටි අධ්‍යයනයක් කළා මේ අමාත්‍යංශයේ කාර්යයන් හා සේවාවන් පිළිබඳව මට වැටහුණා.පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිතුමන් මේ අමාත්‍යංශය තුළ සුවිශාල වැඩ කොටසක් සිදු කරනවා. ඒ සඳහා මට සහයෝගය උපරිමයෙන් ලබා දිය හැකි බව මට විශ්වාසයි.පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතා මා ළඟින් ඇසුරු නොකළත් දේශපාලන ක්ෂේත්‍රයේ ඔහුගේ හැකියාවන් හා නිහතමානී ගති ගුණ මා අසා දැක තිබෙනවාමා මේ අමාත්‍යංශය තුළ සිදු කරන වැඩ‍කොටස ඉදිරියට ගෙන යාමට එතුමාගේ උපර්ම සහය ලැබෙනු ඇතැයි මා විශ්වාස කරනවා.මිනිසකු තනන පරම වගකීම අප අමාත්‍යංශයට පැවැරී තිබෙනවා. එම අවස්ථාව හිමිවන්නේ ඉතා කලාතුරකින්.වෙනම රාජ්‍යයක් ඉල්ලමින් අවි අතට ගත් නොමග ගිය තරුණ තරුණියන් 12,000ක් යහ මගට ගැනීමේ වගකීම පැවැරුණේ අපටයි. එය ‍ඓතිහාසික වගකීමක්. එම වගකීමෙන් 90%ක් පමණ අප ඉටු කර තිබෙනවා..එම කාර්යයේ අවසන් කොටසට හෝ දායක වන්නට නියෝජ්‍ය ඇමැතිතුමන්ට වරම් ලැබීම භාග්‍යයක්.මේ අවස්ථාවේදී වලකුඹුරේ ධීරානන්ද හිමියෝ අනුශාසනාවක්ද සිදු කළ අතර අනෙකුත් ආගමික පූජකවරුන් ද මුතුකුමාරණ මහතාට ආශිර්වාද කළහ. අමාත්‍යංශ ලේකම් ජී. එස්. විතානගේ මහතාද සභාව ඇමැතූ අතර මේ අවස්ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන,අධ්‍යාපන සේවා ඇමැති දුමින්ද දිසානායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහත්වරුද එක්වුහ. .
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ගායන ශිල්පීපුන්සිරි සොයිසාසංගීත ප්‍රසංග කටයුතු සමඟ සිටින නිසා කාලය ගතවෙනවා නොදැනෙන තරම්. මේ දවස්වල දිගින් දිගටම මම සංගීත ප්‍රසංගවල ගීත ගයනවා. පසුගිය දිනවල ඩුබායි යන්න ලැබුණා ‘සනිධප’ත් සමඟ. ඒ සංගීත ප්‍රසංගයක් සඳහායි. ඒ රටේ දී මා සමඟ ගිය පිරිසට ලැබුණු ප්‍රතිචාර නිසා මගේ සිතේ තිබෙන්නේ කිව නොහැකි සතුටක්. 
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
(by Chithru de Silva)මොර සූරන වැස්සේ පාර පනිනා විට, ඇඟේ ළාවට ගෑවී නොගෑවී ගිය ත්‍රීවීලරථයේ රියදුරාගේ මව සහ පියා සිහිපත් කරමින් බේකර් වීදීයේ (නොබෝ දිනකින් මද්දුම බණ්ඩාර හෝ වීර පුරන් අප්පු වීදිය ලෙස නම් වනු ඇත ) නොම්බර 221 කරා පියමන් කෙළෙමි. මා යනවිට හෝම්ස් සිටියේ Assassin's Creed: Brotherhood ගසමිනි. බාගෙට කා තිබූ චිකන් කොත්තුවක්ද පසෙකින් දක්නට ලැබිණි. කෙසේ නමුත් මගේ අන්පේක්ෂිත කඩාගෙන පාත් වීම පිලිබඳ හෝම්ස් හට ‪‎ගාණක්වත් නැති‬ විය.'හෝම්ස්...හෝම්ස්. හෝම්ස්...''කෑවා.. වොට්සන් ආවනං කටපියන් පැත්තකට වෙලා ඉන්නවකො. බලනවා, තමුසේ නිසා Ezio තව පොඩ්ඩෙන් මැරුම් කනවා.''ඔහොම ගේම් ගහනකොට ඔක්කොම ප්‍රශ්න විසඳෙයි කියලද හිතන් ඉන්නෙ. අන්න කොස්ලන්ද නාය ගිහින් මිනිස්සු බැර ගාණක් මිසින්. අපි මොනාහරි කරන්න ඕනෙ.''දුකයි තමා. ඒත් ඒ මිනිස්සු ගැන බලාගන්න තොග පිටින් ෆේස්බුක් එකේ ස්ටේටස්, පින්තූර අප්ලෝඩ් කරන සෙට් එකක් ඉන්නවානේ. ඕවාට වැටෙන ලයික්, කෑම බීම වලට පරිවර්තනය වෙලා, ඒ අසරණ ජනතාවගේ දෙපා ළඟට වැටෙනවලු. කොහොමද ආස්චර්‍ය. සම(හරක්) අය කියනවා ඕක වුන පෙර කරපු පින් පවු හේතු කොටගෙන කියලා. ඉතින් තව මොන කතාද.'මා කරකවා අතහැරියාක් මෙන් විය.'දෙයියනේ හෝම්ස් උඹට අමු කැවිලද. දැන් අපි යමු. ගිහින් ඒ මිනිස්සුන්ගේ ඕනෑ එපාකම් හොයා බලමු'.දිගු නිහැඬියාවකට පසු ඔහු එකඟ විය.'හරි, හැබැයි නවයට කලින් එන්න ඕනේ. අද Breaking Bad පෙන්නනවා.'මා 'ඔයා හුඟක් වෙනස්වෙලා' ගීතය මුමුණමින්, හොම්ස් සමග මහ මගට පිවිසුනෙමි.99 බදුල්ල බස් රථයට ගොඩවුනු අප, පැය පහක් පුරාවට ගිරිය කඩාගෙන හඩා වැලපෙන මී හරක් ගීත අසමින්, අවට සිරිය නරඹමින්, රටකජු පැකට් දෙක තුනක් අනුභව කරමින් සෙමෙන් සෙමෙන් ගමනාන්තය දක්වා ළඟා විය. නමුත් සිදුවූයේ කිසිවෙකු අපේක්ෂා නොකළ සිදුවීමකි.'මොකක්ද ඒ සද්දේ.''මොකක් උනත් අපිට පාන්ද. පාන් තියා පාන් පෙත්තක්වත් නෑ වොට්සන්''නෑ ඉතින් නිකං ඇහුවෙ''මම හිතන්නේ එක්කෝ කෙල්ලෙක් අර සාම්ප්‍රදායික ස්ත්‍රී පීඩක චින්තනයට වදින්න කොල්ලෙක්ට තඩි බාලා, නැත්නම් සාදු කියපන් ඩෝ සංවිධානේ මීටිමක්, නැත්නම් වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරන මිනිස්සුන්ට හමුදාවෙන් වෙඩි තියෙනවා, එහෙමත් නැත්තම් මී හරක් රංචුවක් ඇවිස්සිලා.'නමුත් අප දුටුවේ, නිදහස් අධ්‍යාපනය සහ ශිෂ්‍ය අයිතාවාසිකම් සුරැකීම උදෙසා පාරට බැස උද්ඝෝෂණයේ නිරත වන 2000කට පමණ අධික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකි.'බෙස් ඉ ගෙදර පල''නිදහස් අධ්‍යාපනය රැක ගනිවු.''හෝම්ස්..ඔයා..' මෙම කලබගෑනියෙන් මදක් දෑස් ඉවතට ගත් මා, හෝම්ස් දෙසට හැරුණු නමුත් ඔහු දක්නට නොලැබිණි.බසයෙන් බිමට බැසගත් මා දුටුවේ දණ ගසා පොළොව වඳිමින් සිටි හෝම්ස්වය.'මොනාද මනුස්සයො කරන්නේ.' මම විමතියෙන් ඔහුගෙන් ප්‍රශ්න කෙළෙමි.'ඇයි අපේ ලොක්කා වාහනේකින් බහින බහින සැරේට 'පළමුවත් (මගෙයි ) රට, දෙවනුවත් (මගෙයි ) රට, තුන්වනුවත් (මගෙයි ) රට කියලා පොළොව අල්ලලා වැඳ වැටෙන්නේ. මම හිතුවා ඒක චාරිත්‍රයක් කියලා.''නැගිටපන් යකෝ..' ඇත්ත කියපන්. අර කොත්තුවේ මොනාද තිබුනේ.'කෙමෙන් කෙමෙන් අප මහා ජනකාය මැදින් ඉදිරියට ගමන් ගත්තෙමු.එක්වරම ලොරියකින් බැසගත් නිලධාරින් පිරිසක් ලවුඩ්ස්පීකරයක් ගෙන මෙසේ පැවසූහ.'නාපු නැති කට්ටිය ඔක්කොම ඉස්සරහට එන්න. අද අපි නොමිලේ ඔගොල්ලො නාවන්න හදන්නේ. ඔන්න ඔහොම පෝලිම් ගැහිලා එන්න. හැබැයි පීනස වගේ තියෙන් එවුන් පැත්තකට වෙලා ඉන්න ඕකේ.'ඇතිවූ සංතෝෂය හේතු කොට ගෙන රැස්වී සිටි පිරිස හූ කියමින් ප්‍රීති ඝෝෂා නැගුහ.එක් වරම බවුසර් වලින් වතුර විදීමට පටන් ගත් අතර පිරිස සතුටින් එහෙ මෙහෙ දිව ගියහ. මුළු ප්‍රදේශයම සැණකෙළියක සිරි ගත් අතර ඇතමුන් ලිස්සා වැටී තුවාලද සිදුකරගෙන තිබුණි.'හෝම්ස්... අපි යමු'අවාසනාවක මහත. බයිසන් හරකෙකුගේ පෙනුමින් යුත් නිලධාරියෙක් අප දෙදෙනා කුදලාගෙන ජීප් රථයකට දැමූවේය.'මහත්තයලා නාලා මදි. අපි නොමිලේ කුණු ටික අතුල්ලා දෙන්නම්'.හෝම්ස් මා දෙස බලා දිග සුසුමක් හෙලුවේය.'අද Breaking Bad බලලා ඉවරය් එහෙනන්. රෙද්ද'.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ශ්‍රී ලංකාවේ උප උප තැපැල් කාර්යාල ලැයිස්තුව දැක්වීමේදී උප උප තැපැල් කාර්යාලයෙහි නම ඇරඹෙන මුල් අකුර අනුව ලැයිස්තු ගත කර ඇත. එක් එක් අකුර මත ක්ලික් කිරීමෙන් අදාළ ලැයිස්තුව නැරඹිය හැකි වනු ඇත. ක ඛ ග ඝ ඞ ච ඡ ජ ඣ ඤ ට ඨ ඩ ඪ ණ ත ථ ද ධ න ප ඵ බ භ ම ය ර ල ළ ව ශ ෂ ස zස හ අ අ' ආ ඇ ඈ ඉ ඊ උ ඌ එ ඒ ඓ ඔ ඕ ඖ ඍ ඎ
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සරල රේඛා තුනකින් සැදි සංවෘත රූපය ත්‍රිකෝණයක් ලෙස හැඳින් වේ. ත්‍රිකෝණයේ කෝණ තුනක් ඇති අතර එම කෝණ තුනේ එකතුව සෑම විටම අංශක 180ක් වේ. ඕනෑම ත්‍රිකෝණයක් එහි කෝණවල අගයයන් අනුව ඍජුකෝණී ත්‍රිකෝණයක් , මහාකෝණී ත්‍රිකෝණයක් හෝ සුළුකෝණී ත්‍රිකෝණයක් ලෙස හැඳින්වෙන අතර එහි පාදවල සමානතා අනුව සමපාද ත්‍රිකෝණයක්, සමද්විපාද ත්‍රිකෝණයක් හෝ විසම පාද ත්‍රිකෝණයක් වනු ඇත.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය නෝනේ මගෙ සුදු නෝනෙ හි සියලු රූපගත කිරීම් පසුගියදා නිම විය. හාස්‍යෝත්පාදක සිනමාපටයක් වන මෙහි විල්සන් ගුණරත්න, අනූෂා දමයන්ති, මිහිර සිරිතිලක, මහින්ද පතිරගේ, සංජුල දිවාරත්න, සංජු රොඩ්‍රිගෝ, ධම්මික පුෂ්පකුමාර, රෝහිත ඩයස්, මානෙල් චන්ද්‍රලතා, දිලිනි පෙරේරා රංගනයෙන් දායක වේ.එරංග විසින් තිර රචනය සැකසූ නෝනෙ මගෙ සුදු නෝනේ ශ්‍රී ජයසිනෙරු ඉදිරිපත් කිරීමකි.- ප්‍රසාද්
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
රසායනික දියරයක් (තිනර්) සිරුරට වත්කර ලයිටරකින් ගිනි තැබීමෙන් දරුණු ලෙස පිළිස්සීමෙන් කාන්තාවක් 27 දා පස්වරුවේ දී මියගොස් ඇත.මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 411/ඩී, නන්ද මාවත, කුරණ කටුනායක පදිංචි සෙල්ලප්පුලිගේ ලක්ෂිකා සුදර්ශනී රෝසා නමැති 28 හැවිරිදි දෙදරු මවකි.ඇය විවාහ වී වසර හතක් පමණය. ස්වාමිපුරුෂයා ව්‍යාපාරිකයෙකි. දරු දෙදෙනෙක් සිටිති. ජනක ලක්මාල් අවු. 8, කවිඳු ග්‍රේරෝ අවු 1 මාස 2යි. ජනක ලක්මාල් දෙවන වසරේ ඉගෙනීම ලබයි.මියගිය කාන්තාව 17 දා 5.15 පමණ මුළුතැන්ගෙයි (කුස්සියේ) සිටින විට තම පුරුෂයාගේ තාත්තා (මාමණ්ඩි) යම් දියරයක් ඇගේ සිරුරට වත්කර ලයිටරයකින් ගිනි තැබූ බව මියගිය කාන්තාව මීගමුව රෝහලේ දී පොලිසියට ප්‍රකාශ කර ඇත.එම ඉඩමේම නිවස අසල 441/1, නන්ද මාවත, කුරණ පදිංචි සුනේන්ද්‍ර ග්‍රේරෝ යන අය මෙසේ පැවැසුවේය. මගේ මල්ලී සහ බිරිඳ ද මියගිය (ලක්ෂිකා සුදර්ශනී) යන දරු දෙදෙනාද අල්ලපු ගෙදර පදිංචිව සිටිනවා.අළුයම 5.20ට පමණ අපේ අම්මාගේ කෑ ගසන හඬක් ඇසුනා. අම්මා කිව්වා කුස්සියේ ගිනි ඇවිලෙනවා.ලක්ෂිකාගේ (මියගිය කාන්තාවගේ) අම්මට කථා කරන්න කියලා. මම කුස්සියට ගිහිල්ලා බැලුවා. ලක්ෂිකා ගිනි බෝලයක් වගේ දැල්වෙමින් සිටියා.ලක්ෂිකා කිව්වා අනේ අපේ අම්මට කථා කරන්න කියලා. ගින්න නිවා දමා අපි ලක්ෂිකාව මීගමුව රෝහලට ගෙන ගියා.කුස්සියේ ගෑස් ලිපට සවිකර තිබූ ගෑස් නළය ගලවා දමා තිබුණි. එලෙස ගෑස් නළය ගලවා දමා ඇත්තේ ගෑස් කාන්දු වීමකින් ගින්න හටගත් බව හඟවා පරීක්ෂණ නොමඟ යැවීමට බව අනාවරණය වී ඇත. රසායනික දියරය වන තිනර් ගෙන එන ලදැයි කියන ප්ලාස්ටික් කෑන් එකද තරමක් පිලිස්සී තිබිය දී පොලිසිය සොයා ගෙන තිබිණි.අධික පිළිස්සුම් සහිතව අසාධ්‍ය තත්ත්වයෙන් සිටි කාන්තාව මීගමුව දිසා මහ රෝහලින් කොළඹ ජාතික රෝහලට 27 දා පෙරවරුවේ මාරු කර යවන ලද අතර එදින පස්වරුවේ ඇය මියගොස් ඇති බව සීදූව පොලිසිය කියයි.මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දුලානි එස්. වීරතුංග මහත්මිය සිද්ධිය වූ ස්ථානයට 27 දා පස්වරුවේ පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වූවාය.කොට්ඨාස පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතාගේ හා සහකාර පොලිස් අධිකාරි පී. ඒ. ඩී. විජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී. ආර්. එම්. එස්. ඩී. රණසිංහ පොලිස් සැරයන් 18676 ස්ටැන්ලිලස්, පොලිස් කොස්තාපල්වරුන් වන 67722 මධුශංක, 81163 දිනේෂ්, 82665 සම්පත් යන නිලධාරීන් කණ්ඩායම පරීක්ෂණ පැවැත්වූහ.මෙම සිද්ධියට සම්බන්ධව සැකපිට මියගිය කාන්තාවගේ මාමණ්ඩි (සැමියාගේ පියා) අවු: 58 සීදූව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මහේස්ත්‍රාත් පරීක්ෂණය අගෝස්තු 6 වැනි දින පැවැත්වීමට නියම කරමින් එදිනම සාක්ෂිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය සීදූව පොලිසියට නියෝග කළාය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙම සතිඅන්තයේදී අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට ලැයිස්තුවේ පෙරමුණ ලබා ගැනීමට සමත්ව ඇත්තේ ජේම්ස් ගන් අධ්‍යක්ෂණය කළ Guardians of the Galaxy චිත්‍රපටය යි. අගෝස්තු පළමු වැනිදා සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ එය පසුගිය සති අන්තයේදී අමෙරිකා එක්සත් ජනපදය තුළ ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 94.3ක ආදායමක් වාර්තා කළේය. කි‍්‍රස් ප්‍රදට්, සෝ සැල්ඩෙනා, වින් ඩීසල්, බ්රැඩ්ලි කෝපර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන Guardians of the Galaxy විද්‍යා ප්‍රබන්ධ කි‍්‍රයාදාම චිත්‍රපටයක්. ඩොලර් මිලියන 170ක වියදමකින් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 121ක ධාවන කාලයකින් යුතු වේ.දෙවැනි ස්ථානය හිමි වෙන්නේ පසුගිය ජුලි 25 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කළ Lucy චිත්‍රපටය යි. විද්‍යා ප්‍රබන්ධ කි‍්‍රයාදාම චිත්‍රපටයක් වන Lucy පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 18.3කි. තෙවැනි ස්ථානය හිමි වෙන්නේ ටේට් ටේලර් අධ්‍යක්ෂණය කළ Get on Up චිත්‍රපටය යි. සුප්‍රසිද්ධ අමෙරිකානු ජාතික ගායන ශිල්පී ජේම්ස් බ්රිවුන්ගේ කතාව පාදක කරගත් මෙහි චැඩ්වික් බොස්මන්, නෙල්සන් එලිස්, ඩැන් ඒකෝඩ්, වයලා ඩේවිස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. මිනිත්තු 138ක ධාවන කාලයකින් යුතු Get on Up සිය පළමු සතිඅන්ත ආදායම ලෙස ඩොලර් මිලියන 13.6ක් වාර්තා කළේය.පසුගිය ජුලි 25 වැනිදා සිට ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළ Hercules චිත්‍රපටය මෙවර අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ සිව්වැනි ස්ථානය හිමිකර ගෙන ඇති චිත්‍රපටය යි. බ්රෙට් රේට්නර් අධ්‍යක්ෂණය කළ කි‍්‍රයාදාම චිත්‍රපටයක් වන එය පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 11කි. පස්වැනි ස්ථානය හිමි වෙන්නේ වානරයන් සහ මානවයන් අතර සිදුවන සිදුවීම් සමුදායක් පාදක කර ගිනිමින් මැට් රීව්ස් අධ්‍යක්ෂණය කළ විද්‍යා ප්‍රබන්ධ කි‍්‍රයාදාම චිත්‍රපටයක් වන Dawn of the Planet of the Apes චිත්‍රපටය යි. එය පසුගිය සති අන්තයේදි ඩොලර් මිලියන 8.7ක් වාර්තා කළේය.පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන Planes: Fire & Rescue ඩොලර් මිලියන 6ක් වාර්තා කරමින් අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දර්ශකයේ හයවැනි ස්ථානයටත් The Purge: Anarchy ඩොලර් මිලියන 5.9ක් වාර්තා කරමින් හත්වැනි ස්ථානයටත් පැමිණ තිබේ. ජේක් කේස්ඩන් අධ්‍යක්ෂණය කළ Sex Tape චිත්‍රපටයට අටවැනි ස්ථානය හිමිවී තිබේ. හාස්‍යමය පේ‍්‍රමණීය කතා පුවතක් ගෙන එන And So It Goes චිත්‍රපටය අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දර්ශකයේ නමවැනි ස්ථානය හිමි වී ඇත. ඒ Most Wanted Man චිත්‍රපටය සිටින්නේ මෙම දර්ශකයේ දසවැනි ස්ථානයේය. පසුගිය අගෝස්තු පළමු වැනිදා සිට ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ ඇන්ටන් කොබ්ඩින් අධ්‍යක්ෂණය කළ ඒ Most Wanted Man ත්‍රාසජනක කතා පුවතක් ගෙන එන චිත්‍රපටයකි.යතේජා
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පෝල් වෝකර් කියන්නෙ සෑහෙන ප්‍රසිද්ධ චරිතයක්. ඒ නම නොදන්න පොඩි එකෙක්වත් නැති තරම්. ඒ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි, කොටස් 6කින් සමන්විත "The Fast and the Furious" නම් සිනමා කෘතිය නිසා. එහිBrian O'Conner නම් ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ ඔහු නිසා.ඒ නම නොදන්න ඕනෙම කෙනෙක් ඉන්නවනම්. ගූගල් සොයනයේ ඒ නම සඳහන් කරන්න. ඕනෙම කෙනෙක්ට, එයගෙ උපතෙ ඉඳන්, විපත වෙනකල් ඕනෙම විස්තරයක් හොයා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, එයාගෙ දුව, පෙම්වතිය, ගෙදර සුරතල් බල්ල ගැන, ඕනෙම් දෙයක්.(ඒක තමා ප්‍රසිද්ධ නලුවෙක්, නිලියක්ගෙ තත්වය. සමහර වෙලාවට කිසිම පුද්ගලිකත්වයක් නැති තරමටම ඒක සිද්ධ වෙනව.)එතකොට ගයනි විශාකා ලියනගේකියන්නෙ කවුද.එයා ගැන කී දෙනෙක් දන්නවද.ගූගල් සොයනයේ මේ නම සඳහන් කළොත්, අමාරුවෙන් වෙබ් පිටු 4කට යන්න අවස්ථාව හම්බෙනව. බොහොම අමාරුවෙන් ඇගේ ඡායාරූප 2ක් හොයා ගන්න පුළුවන් වුනා.පහුගිය කාලෙ මූණු පොත පුරා පෝල් වෝකර්ට නිවන් සුව පතපු අපේ අයගෙන් කී දෙනෙක් ම්ව ගයනි වෙනුවෙන් නිවන් සුව පැතුවද. අඩුම තරමෙ ඈ ගැන ලියවුනු පුතවක අන් අය එක්ක බෙදා ගත්තද.කණගාටුවෙන් උනත් කියන්න වෙන්නෙ නෑ කියන එක නේද.කවුද මේ ගයනි විශාකා ලියනගේ.පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි වෙලා හිටිය, වර්ෂ 2015 උසස්පෙළ හදාරන්න සූදානම් වෙමින් හිටිය, ඊයේ දිනයේ තමන්ගෙ 17 වෙනි උපන්දිය සමරන ඒත්... අකාරුණික රියදුරෙකුගේ වරදින් මෙලොව හැර ගිය අහිංසක චරිතයක්.මොකද්ද මේ දෙන්නගෙ ඇති සම්භන්ධය. ඇයි මම මේ දෙන්න ගැන එකට ලියන්නෙ. ඔයාලට එහෙම හිතුන නේද.පෝල් වෝකර්ගැන නම් මම හිතන්නෙ කියන්න ඕනෙ වෙන එකක් නෑ. මොකද එයා ගැන දන්නව හැම කෙනෙක්ම. නොදන්න කෙනෙක් ඉන්නවනම්, එයා අනිත් නළු-නිලියන්ට වඩා ටිකක් වෙනස්, තමන්ගෙ ආදායමෙන් 60%ක් විතරම වගේ දුගී, දුප්පතුන් වෙනුවෙන් වැය කළ, ලෝකයේ විශාලම අසරණ-සරණ සේවාවක් කළ අයෙක්. ස්වභාවික විපත් වලින් අසරණ අය වෙනුවෙන් ඔහු විශාල සේවාවක් කළ අයෙක්. මිය යන විටත් පිලිපීනයේ පහුගිය දා ඇතිවෙච්ච ව්‍යසනයක් වෙනුවෙන් අරමුදල් රැස් කරමින් ඉඳල තියෙන්නෙ.එතකොටගයනි විශාකා ලියනගේ...සිද්ධ වෙච්ච බරපතල අනතුරෙන් ජීවිතයත් මරණයත් සමග පොරබදපු ගයනිගේ මොළය මියගිය බව වෛද්‍යවරු තහවුරු කිරීමත් සමග අතිශය කම්පාවට පත් ඇගේ දෙමව්පිය දෙපළ, ගයනිගේ අවයව තවත් ජීවත් වීමට වරම් ඇති අය වෙනුවෙන් දන් දීමට තීරණය කළා. ඒ අනුව අගේ අක්මාව, ඇස් වෙනත් අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් බද්ධ කිරීමේ කටයුතු සැලසුම් කලා.ගයනි උපදින මතු ආත්මයක මෙවන් අකල් මරණ නොවන්නට පින් අත් වන්නට ඒ මහගු පින හේතුවන්න කියල ඒ දෙමව්පියන් ප්‍රාර්ථනා කලා.එහෙම බලපුවාම පෝල් වෝකර් සහ ගයනි විශාකා යන දෙදෙනාම එක සමානය. (ඔවුන් දෙදෙනා මිය යන්නේද වෙගය නිසාමය.) වෝකර් තමන් හම්බ කළ දෙයින් තවත් ජීවිත ජීවත් කරා. ගයනි.. ඇගේ ජීවිතෙන් තවත් ජීවිත ජීවත් කරා. පෙනීම දුන්න. ඒ අතින් ඒ දෙන්නම අති විශිෂ්ඨයි. අමරණීයයි.ඒත්....අපිට අමතක වුනා...අපේ රටේම ජීවත් වුන ඒ පුංචි කෙල්ල අපිට අමතක වුනා...පෝල් වෝකර් වෙනුවෙන් ඉටිපන්දම් පත්තු කරනකොට,මේ ගයනි වෙනුවෙන් එක පහනක්වත් පත්තු කරන්න අපිට අමතක වුනා....එදා මයිකල් ජැක්සන් මිය ගියාම පැය ගනන් වැඩසටහන් කළ සමහර මාධ්‍ය වලට, මේ අසරණ කෙල්ල අමතක වුනා...දයාබර ගයනි, පෝල්...ඔබ දෙදෙනාම කලා වූ මේ මහා කුසලකර්ම බලයෙන්, මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණ උරුම නොවේවා...ඔබ දෙපලටම නිවන් සුව.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ජාත්‍යන්තරයේ සිය දස්කම් දක්වමින් ලාංකේය නම රැන්දූ දක්ෂයන් අතර කලා තරු බොහොමයක් සිටිනවා. ඒ අතරට එක්ව අද කාගේත් කතාබහට ලක්වෙන්නේ හුසේන් ජිෆ්රි ය. ශ්‍රී ලංකාවේ උපත ලද බේස් ගිටාර් වාදන ශිල්පියෙකු වන ඔහු පසුගියදා ලොව ප්‍රකට ග්‍රැමි සම්මානයෙන් පිදුම් ලබමින් ලාංකේය අභිමානය ජාත්‍යන්තරයේ අවධානයට ලක් කළා.හුසේන් ජිෆ්රි ඇතුළු හර්බ් ඇල්පර්ට්ගේ සංගීත කණ්ඩායම මෙම සම්මානය හිමි කර ගත්තේ ‘ස්ටෙපින්ග් අවුට්’ නැමැති වසරේ හොඳම පොප් ගී ඇල්බමය වෙනුවෙනි. හැත්තෑව දශකය ආරම්භයේදී සිය සංගීත දිවිය ආරම්භ කර ඇති හුසේන් ජිෆ්රි මෙරටදී ජොෆ්රි ජයරත්නගේ සංගීත කණ්ඩායම සමඟත් චරදේ, ගැලක්සි සංගීත කණ්ඩායම් මෙන්ම සුප්‍රසිද්ධ ඇමෙසින් ග්‍රේස් සමඟ ද සම්බන්ධව කටයුතු කරන්නත් අවස්ථාව ලබාගෙන තියෙනවා. ඒ වගේම ඔහු ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ශිල්පීන් වන විට්නි හුසේන්, ඩියොන් මර්වික් සහ යානි සමඟ ද සංගීත නිර්මාණ කටයුතුª සිදු කළ ශිල්පියෙක්.දැනට කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් හි වෙසෙන මේ ශ්‍රී ලාංකික සංගීත ශිල්පියා කැලිෆෝනියා සංගීත ආයතනයේ උපාධිධරයෙකු වන අතර කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා නර්තන සංගමය සමඟ ද කටයුතු කරමින් සිටින්නේය.- යතේජා
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඩේලි මිරර් වර්ගය දිනපතා පුවත්පත ආකෘතිය පුළුල් පත්‍රය අයිතිකරු විජය පුවත්පත් සමාගම ප්‍රධාන-සංස්කාරක චම්පික ලියනාරච්චි ඇරඹුනේ 1999 දේශපාලන නැඹුරුතාවය ප්‍රගාමි භාෂාව ඉංග්‍රීසි මූලස්ථානය අංක. 48, පාක් වීදිය, කොළඹ 2, ශ්‍රී ලංකාව නිල වෙබ්අඩවිය dailymirror.lk ඩේලි මිරර් යනු, විජය පුවත්පත් සමාගම විසින් ශ්‍රී ලංකාවේ, කොළඹ, ප්‍රකාශයට පත් කෙරෙන, දිනපතා ඉංග්‍රීසි-භාෂා පුවත්පතකි. එහි ඉරුදින ප්‍රතිරූප පුවත්පත වන්නේ සන්ඩේ ටයිම්ස් පුවත්පතයි. [1] මූල්‍යමය කටයුතු පිළිබඳ එහි බුහුනණිය පුවත්පත ඩේලි එෆ්ටී වෙයි. පටුන 1 අන්තර්ජාල වාහක 2 දිනපතා අතිරේක 3 මෙයද බලන්න 4 සටහන් 5 බාහිර සබැඳි අන්තර්ජාල වාහක[සංස්කරණය] ඇලෙක්සා විසින්, ශ්‍රී ලංකාවේ හොඳම පුවත්පත් වෙබ් අඩවිය ලෙසින් ඩේලි මිරර් වෙබ් අඩවිය ශ්‍රේණිගත කෙරිණි. [2] දිනපතා අතිරේක[සංස්කරණය] සඳුදා සිට සෙනසුරාදා දක්වා [3] ෆයිනැන්ෂල් ටයිම්ස් ලයිෆ් අඟහරුවාදා [3] W@W – විමෙන් ඇට් වර්ක් බ්‍රහස්පතින්දා [3] ලිට්ල් ඉන්ක්වයරර් මෙයද බලන්න[සංස්කරණය] ලංකාදීප (පුවත්පත), සිංහල-භාෂා බුහුනණි පුවත්පත ටැමිල් මිරර්, දෙමළ-භාෂා බුහුනණි පුවත්පත සටහන්[සංස්කරණය] ↑ "ශ්‍රී ලංකා ප්‍රෙස්, මීඩියා, ටීවී, රේඩියෝ, නිව්ස්පේපර්ස්". PressReference.com. Advameg Inc. 2007. සම්ප්‍රවේශය 2009-02-11.  ↑ Website "ට්‍රැෆික් කම්පැරිසන්ස්". ඇලෙක්සා ඉන්ටර්නෙට්. සම්ප්‍රවේශය 2009-02-11.  ↑ 3.0 3.1 3.2 "අබවුට් අස්". ඩේලි මිරර්. විජය පුවත්පත් සමාගම. සම්ප්‍රවේශය 2009-02-11.  බාහිර සබැඳි[සංස්කරණය] ඩේලි මිරර් – නිල වෙබ් අඩවිය සන්ඩේ ටයිම්ස් – නිල වෙබ් අඩවිය ඩේලි එෆ්ටී – නිල වෙබ් අඩවිය
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මිස්ටර් පීබොඩි මුල් තැනටඅමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතර මේ සතියේ පෙරමුණ ගෙන සිටින්නේ රොබ් මින්කොෆ් අධ්‍යක්ෂණය කළ Mr.Peabody & Sherman චිත්‍රපටය යි. පසුගිය මාර්තු 7 වැනිදා සිට අමෙරිකාව තුළ ප්‍රදර්ශනය ආරම්භ කළ හාස්‍ය මුසු වූ මෙම පරිගණක සජීවකරණ චිත්‍රපටය පසුගිය සති අන්තයේදී ඉපැයූ ආදායම ඩොලර් මිලියන 21.1ක්. දෙවැනි ස්ථානය හිමි වන්නේ පසුගිය සතියේ අංක එක හිමි වූ 300: Rise of an Empire චිත්‍රපටයට යි. නොඇම් මුරෝ අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වන එය පසුගිය සති අන්තය වන විට ඩොලර් මිලියන 19.1ක ආදායමක් වාර්තා කළේය.තෙවැනි ස්ථානයේ සිටින්නේ ස්කොට් නෝග් අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Need for Speed චිත්‍රපටය යි. පසුගිය මාර්තු 14 වැනිදා සිට අමෙරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ එය පසුගිය සති අන්තය වනවිට ඩොලර් 17.8ක ආදායමක් වාර්තා කර තිබුණි. ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Non-Stop ඩොලර් මිලියන 10.6ක ආදායමක් ලබමින් සිව්වැනි ස්ථානයට පත්ව සිටියි. පසුගිය 14 වැනිදා සිට අමෙරිකාවේ තිරගත වීම ආරම්භ කළ හාස්‍යමය කතා පුවතක් රැගත් The Single Moms Club  සිටින්නේ පස්වැනි ස්ථානයේය. ටේලර් පෙරී අධ්‍යක්ෂණය කළ The Single Moms Club සති අන්තයේදී ඉපැයූ ආදායම ඩොලර් 8.3කි.අමෙරිකානු බොක්ස් ඔෆිස් චිත්‍රපට පෙළෙහි හය වැනි ස්ථානය හිමිකර ගෙන සිටින්නේ හාස්‍යමය පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන The Lego Movie චිත්‍රපටය යි. එය අමෙරිකානු ප්‍රදර්ශනයේ ගත කරන්නේ හයවැනි සතිය යි. Son of God චිත්‍රපටයට හත්වැනි ස්ථානය හිමිව තිබේ. අමෙරිකානු ප්‍රදර්ශනයේ දෙවැනි සතිය ගත කරන වෙස් ඇන්ඩර්සන් අධ්‍යක්ෂණය කළ හාස්‍යමය කතා පුවතක් ගෙන එන The Grand Budapest Hotel චිත්‍රපටය අටවැනි ස්ථානයේ සහ පරිගණක සජීවකරණ චිත්‍රපයක් වන Frozen නමවැනි ස්ථානයේත් පසුවේ. රොබ් තෝමස් අධ්‍යක්ෂණය කළ Veronica Mars චිත්‍රපටයට හිමිවන්නේ දසවැනි ස්ථානය යි.යතේජා
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
උතුරු නැඟෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් PSDG, ESDP ව්‍යාපෘති යටතේ අම්/මහ/නුවරගලතැන්න, අම්/මහ/ගල්ඕඩේ සහ අම්/මහ/හරස්ගල යන විදුහල්වල ඉදිකරනලද ගොඩනැගිලි විවෘත කර සිසු අයිතියට පවරා නොදීම නිසා සිසු දරු දැරියෝ මෙන්ම ගුරුවරුද මහත් අපහසුතාවකට පත්ව සිටිති.නුවරගලතැන්න විදුහලේ 1 ශ්‍රේණියේ සිට 12 වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර අනෙකුත් විදුහල් දෙකෙහිම 1 ශ්‍රේණියේ සිට අපොස (සා.පෙළ) දක්වා පංති පැවැත්වේ. මේ සියලු පාසල්වල තොරතුරු තාක්ෂණ විෂය ඉගැන්වෙන අතර පරිගණක සපයා මේ ගොඩනැගිලි සිසු අයිතියට පවරා නොදීම තම දරුවන්ට කෙරෙන බරපතළ අසාධාරණයක් බව විදුහල්පතිවරු පවසති.නැඟෙනහිර පළාත් සභාව ස්ථාපනය වීමත් සමඟ මේ වටිනා සම්පත් මෙසේ නොසලකා හැරීම ඛේදවාචකයක් බවද පවසන ඔවුහු වසර තිහක් යුද්ධයෙන් නිරන්තර බැටකෑම්වලට ලක් වූ තම දරුවන්ට යුද්ධය නිමාවීමෙන් පසුවත් මෙසේ සැලකිල්ලක් නොදැක්වීම පිළිබඳව අවධානය යොමු විය යුතු බවද කියා සිටිති..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ජාතික නීති සම්මේලනය (NLC) යනු ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම නීති වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අනුග්‍රහ‍ය යටතේ වාර්ෂිකව සංවිධාන කරන සම්මේලනයයි.මෙහි වාර්ෂික සම්මේලනයට ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණෙන නීති වෘත්තිකයන් 300කට අධික පිරිසක් සහභාගි වෙති. ශ්‍රී ලංකා නීති වෘත්තියේ නියැලි සෑම ක්ෂේත්‍රයකම නීතිවේදින් සහභාගිවන අතිශය වැදගත් සංසදය මෙයයි. නීති වෘත්තිකයන්ට නීතියේ නව සංවර්ධනය පිළිබඳව දැනුවත් වීමටත්, නීති වෘත්තිකයන්ට බලපාන අතිශය වැදගත් කරුණු සහ රට ජාතිය පිළිබඳව සංවාදයක් ඇති කර ගැනීමටත් මෙය හොඳ වේදිකාවකි.ජාතික නීති සම්මේලනයේ සභාපති අමල් රන්දෙනිය සහ කැඳවුම්කරු සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය සංවිධාන කරන 2014 සම්මේලනයේ තේමාව නීතිය, සංවර්ධනය සහ යහ පාලනයයි.ශ්‍රී ලංකාවේ තිරසාර මානව සංවර්ධනය සඳහා නීති වෘත්තියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම යන්න මෙහි අර්ථයයි.මේ සම්මේලනයෙන් නීති වෘත්තිකයන්ට අන්‍යෝන්‍ය සබඳතා ‍ගොඩනඟා ගැනීමටත්, ශක්තිමත්කර ගැනීමටත් අවස්ථාව සලසා දෙයි. ඒ හරහා වඩා වැඩදායී පරිසරයක සහෝදරත්වයෙන් වැඩ කිරීමට හැකිවේ.2014 ජාතික නීති සම්මේලනය මාර්තු 21 – 23 දක්වා දින තුනක් පුරා පැවැත්වෙන නේවාසික සම්මේලනයකි. එහිදී සැසි වාර, සමුළු සහ වැඩමුළු ද පැවැත්වේ.හෙරිටන්ස් කන්දලම හෝටලයේ පැවැත්වෙන මෙම සම්මේලනයට අගවිනිසුරු මොහාන් පීරිස්, නීතිපති පාලිත ප්‍රනාන්දු, අභියාචනා විනිසුරුවන්, සෙසු අධිකරණවල විනිසුරුවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් සහ විද්වතුන් සහභාගි වනු ඇත.මෙහි සැසිවාර සහ සමුළු මෙහෙයවන්නේ විශාරද විනිසුරු මණ්ඩලයක්, නීතිවේදීන් සහ විද්වතුන්ය.නීති වෘත්තියට අයත් සියලුම දෙනාට 2014 ජාතික නීති සම්මේලනයට සහභාගි වන ලෙස ඇරයුම් කරන අතර, දුරකථන අංක 011 – 2447134 ඔස්සේ ශ්‍රී ලංකා නීති සංගමයෙන් ඊ-මේල් basllawent@gmail.com තුළින් වැඩිදුර විස්තර ලබා ගත හැකිය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ගුවන් විදුලිය තුළ විනෝද සමය ඉදිරිපත් කිරීමේදී අපිට යම් සීමාවක ඉඳගෙනයි කතා නිර්මාණයට අවසර ලැබුණේ. ඒ නිසාම ගුවන් විදුලියේ නීති රීතිවලට ගැළපෙන ලෙස තමයි විනෝද සමය නිර්මාණය කළෙත්. ඒත් විනෝද සමය සඳහා ගුවන් විදුලියෙන් පිටත විවිධ පළාත්වලින් අපිට ලැබුණු ආරාධනාවලට අනුව අපි විනෝද සමය නිර්මාණය කළා. ගුවන් විදුලියේ නීති රීතිවලට පිටින් එවැනි වැඩසටහන්වලදී අපිට භාවිත කළ හැකි දෙබස්වලදී ලොකු නිදහසක් ලැබුණා. ඒ වගේ පිට පළාත්වලට ගිහින් කරපු විනෝද සමය වැඩසටහනක් තමයි මඟුල් කපුකම. මේ සඳහා මුදලාලි ලෙසින් ඇනස්ලි. මඟුල් කපුවා ලෙසින් සැමුවෙල්. මනමාලයා ලෙසින් බර්ටි රංගනයෙන් එක් වුණා.කපුවා - ඔන්න මුදලාලි ඔහේගෙ පුතාට හරි ශෝක් කටයුත්තක් ගෙනාවා.මුදලාලි - වැඩක් නැහැ කපු මහත්තයා. ඌට තියෙන්නේ වෑන් පිස්සුව. අදත් ඔය කාර් බ්‍රෝකර් කෙනෙක් එනකන් බලන් ඉන්නෙ.ඔය අතරෙ බර්ටි ගුණතිලකයන් පත්තරයක් අතේ ඇතිව සුරුවම් බබා වේදිකාවට පැමිණේ. බර්ටිගේ ගමන් විලාසය දකින ප්‍රේක්ෂකයෝ ඔන්න සිනහ වෙන්නට පටන් ගන්නවා.ඇල්ෆ්‍රඩ් බිරිය සවර්ණා සමඟකපුවා - මුදලාලි අන්න බේබි මහත්තයා එනවා යං . . යං . .මුදලාලි - අනේ මට බැහැ. මට දැන් එපා වෙලා. ඔහෙම කතා කරනවා.කපුවා - ඔන්න බේබි මහත්තයා මම මේ සැරේ හොඳ එකක් ගෙනාවා.මනාලයා - මම උදේ ඉඳල බලන් හිටියෙ කොහෙන්ද ඔය.කපුවා - මේකට නම් බේබි මහත්තයා කැමති වෙයි, කඩුගන්නාවෙන්.මනාලයා - එහෙනං කඳුවලට හොඳ ඇති.කපුවා - මොනවා අහනවද උදේ නැග්ගහම හැන්දෑවෙ බහින්නෙ.මනාලයා - පාට කොහොමද?කපුවා - පෙනුමයි, රතුයි.මනාලයා - දැන් කී සැරයක් බෝර් කරලද?කපුවා - මක් කිව්වා?මනාලයා - හා කමක් නැහැ, කොහොමද බොනට් එක?කපුවා - ඒ කිව්වෙ?මනාලයා - ඒ කිව්වෙ ඉස්සරහ පැත්ත.කපුවා - හරිම ෂෝක් ආ . . . බේබි මහත්තයා කැමති වෙයි.මනාලයා - හැබැයි තැලිලා පොඩි වෙලා නම් මට එපා. කොහොමද ඩිකිය?කපුවා - ඒ කිව්වෙ?මනාලයා - පස්ස පැත්ත සීරිල තැලිලා පොඩි වෙලා තිබුණොත් මට එපා.කපුවා - බේබි මහත්තයා මොනවා කියනවද මන්ද? කමක් නෑ. කමක් නෑ.මනමාලයා - මොකක්ද පාවිච්චි කරන තෙලකපුවා - ඒක ඉතින් අහලා බලන්න ඕනෑ. එක එක තෙල් වර්ග පාවිච්චි කරනවානේ. මම අහලා කියන්නම්.මනාලයා - බැක් ටපයර් කරනවද?කපුවා - ඒ කිව්වෙ?මනාලයා - උන්නු උන්නු ගමන් පස්ස පැත්තෙන් ‘ඩෝං’ ගාල ශබ්දයක් පිට වෙනවද?කපුවා - ශාක් . . . බේබි මහත්තයා කියන කතා. ඒවා ඉතිං ගෙනාපුවහම දැනගත හැකිනෙ.මනාලයා - හැබැයි ලෙඩ දෙන්න ගත්තොත් මම අයින් කරනවා හරිද? ඉස්සෙල්ල එකත් මම අයින් කළේ ඒකනෙ.කපුවා - බේබි මහත්තයා මොනවද මේ කියන්නේ. මගේ ජොබ් එකත් ගහල යයි.මනාලයා - එහෙම කියල බැහැ. යාළුවෙක් ඉල්ලුවොත් දෙන්ඩ එපායැ. දැන් මේ ටිකේ මමත් යාළුවෙකුගෙ එකක් පාවිච්චි කරන්නෙ හරිද? කී දෙනෙකුට නැගල ගිය හැකිද?කපුවා - ශාක් . . . අහන කැත කතා.මනාලයා - කොහොමද ටයර්?කපුවා - මහත්තයෝ ඔය කතා කරන්නේ මනමාලියෙක් ගැන ද නැත්නම් කාර් එකක් ගැනද?මනාලයා - මං කතා කරන්නේ කාර් එකක් ගැනවත් මනමාලියෙක් ගැනවත් නොවෙයි.කපුවා - එහෙනම්?මනාලයා - මම කතා කරන්නෙ වෑන් එකක් ගැන.කපුවා - ඕයි, මම කාර් බ්‍රෝකර් නෙවෙයි, මැරේජ් බ්‍රෝකර්.චන්දන දයාසිරිවර්ධනඡායාරූප - මාලන් කරුණාරත්නපසුගිය සතියෙන්...
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
රුපියල් දහසක (1000/=) ට වඩා අඩුවෙන් සමෘද්ධි සහනාධාර ලබන සෑම පවුලකම එම දීමනාව රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) ප්‍රකාශ කෙළේය.මාසිකව රුපියල් දහසකට අඩු සමෘද්ධි සහනාධාරය ලබන පවුල් සංඛ්‍යාව 1,564809 ක් බව ද ඇමැතිවරයා පැවසීය.2011 වසරේ දී සමෘද්ධි සහනාධාරය සඳහා රුපියල් මිලියන 9300 ක් වෙන් කළ බවත් ඇමැතිවරයා කීය.ඇමැතිවරයා එසේ පැවැසුවේ වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා (එ.ජා.ප) අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.මහින්ද චින්තනය වසර (10) දහයක් පුරා ක්‍රියාත්මක වන අතර දැනට අඩු ආදායම් ලබන පවුල් සඳහා පමණක් සමෘද්ධි සහනාධාරය ලබා දෙන බවත් ඇමැතිවරයා කීවේය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඉවුරු අයිනෙන් සෙමෙන් පදවාගඟ දියෙන් මංපෙතක් අසමින්පදවයි තොටීතැන සිය පහුර යුහුසුළුව පෙරමුණටකෙනෙකු අත වැනුවොත්හිසින් සන් කළහොත් වහා නවතා ඉවුර අසබඩතොටීතැන ඔහු වෙතට ඇවිදිනකිමද මා හට හිසින් සන් කරඑන්ට කියවා නිහඬ වන්නේඑසේ අසලා මිතුරු වී ඔහුවිටෙක පහුරින් ගොඩකරන්නේසොවක් ඇති වූ කලෙක වරුවකකඳුළු ගනීමින් ගංතෙරේ හිඳවිටෙක ගසකට පහර දී ඔහුහඬනු දුටුවා තදින් දුක්ගෙනජීවිතය නම් ගඟේ පදවනමගේ පහුරත් නිතර පාවෙනආදරේ නම් ඉවුර අසබඩවිටෙක නවතා ඔහේ ඇවිදිනපෙම් ඉවුරු මත වැවී ලොකුවනවිරහ දුක නම් මහා ගසකටවැරෙන් තඩි බා මමත් හැඬුවාමීට මහ කල්පයකටත් පෙර.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පුත්තලම ලක්විජය ගල්අඟුරු තාප බලාගාරයේ පසුගියදා (05) රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන ඇති අතර බලාගාරය සතු ගිනි නිවන යන්ත්‍ර භාවිතයෙන් එය වහා මැඩ පවත්වා ඇතැයි වාර්තා වෙයි.අප මේ පිළිබඳව බලාගාරයේ නිලධාරීන්ගෙන් කළ විමසීමකදී අනාවරණය වූයේ ගල් අගුරු අංගනයේ අංක දෙක දරන යන්ත්‍රය ආශ්‍රිතව මෙම ගින්න හටගත් බවත් එය වහා මැඩපැවැත්වූ බවත්ය.මෙවැනි දේ මෙවැනි බලාගාරයක ඇතිවීම ස්වභාවික බවත් ඒ සඳහා පූර්ව සූදානමක් බලාගාර පරිශ්‍රයේ ස්ථාපිත කොට ඇති බවත් නිලධාරියෙක් පැවසීය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
යෝනිමාර්ගය Vagina in the female human reproductive system. Vulva with vaginal opening ලතින්(Latin) Vagina Gray's subject #269 1264 ධමනිය(Artery) superior part to uterine artery, middle and inferior parts to vaginal artery ශිරාව (Vein) uterovaginal venous plexus, vaginal vein ස්නායුව (Nerve) Sympathetic: lumbar splanchnic plexus Parasympathetic: pelvic splanchnic plexus වසා (Lymph) upper part to internal iliac lymph nodes, lower part to superficial inguinal lymph nodes Precursor urogenital sinus and paramesonephric ducts MeSH Vagina Dorlands/Elsevier Vagina
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
යම් දෙයක දියුණුව,යමෙකුගේ දියුණුව කාරණා කිහිපයක් මත පදනම් වෙනවා.ඉන් එකක් තමයි කලට වේලාවට වැඩ කිරීම.දියුණු වෙන රටක් හැටියට ශ්‍රී ලංකාවේ හැමෝටම පාහේ පුද්ගලික වාහනයක් භාවිතා කිරීමට තරම් වත්කමක් හිමිව නැත.ඉතින්,කලට වේලාවට අවශ්‍ය තැනට යන්න අපිට තියෙන එකම විසදුම කුමක්ද.පොදු මගී ප්‍රවාහන සේවයක් යනු ඉහත අවශ‍්‍යතාවය සපුරාගැනීමට ඇති මාර්ගයයි.නැතිනම්, රටක සංවර්ධනයේ මූලිකම පුරුකයි.ලංකාවේ පොදු මගී ප්‍රවාහනය පිළිපදව සමාජය තුළ ඇත්තේ එතරම් යහපත් මානසිකත්වයක් නම් නොවේ.එයට හේතු මෙහි ගෙන දැක්වීමෙන් පලක් නැත.නමුත්, දැන් දැන් අප රටේ ගමනාගමන රටාවන් තුළ සිදුවන විපර්යාස පිළිබදව ඔබ විමසිලිමත් වූවාද.රටක දියුණුව රජය මතම පවරා නොසිට පුද්ගලික අංශයද ඒ සදහා හවුල් කරගත් රාජ්‍යයන් අද රජුන් සේ ලොව කැපී පෙනෙයි.නමුත්,යටගියාවේ අප රට තුළ වූයේ කුමක්දැයි ඔබ අවබෝධයෙන් සිටින බව මා දනිමි.නමුත්,එම යටගියාව වළලා දමමින් වර්තමානයේ සියලු අංශයන්ගේ ආශිර්වාද මැද රටේ ප්‍රවාහන පහසුකම් නගා සිටුවෙන බව ඔබට දැනුනාද.මහාමාර්ග ප්‍රවාහනය අතින් අධිවේගී මාර්ග ඉදිවීම,ලංගම ශක්තිමත් කිරීම, අධි සුඛෝපභෝගී බස් රථ සේවා (විවිධ ‍පුද්ගලික ආයතන විසින් ආසන වෙන් කරවා ගත හැකි) වැනි දෑ උදාහරණ ලෙස දැක්විය හැක.දුම්රිය මාර්ග ප්‍රවාහනය දෙසින් සුඛෝපභෝගී සීඝ්‍රගාමී දුම්රිය සේවාවන් හා එම ආසන වෙන් කරවා ගැනීමේ පහසු ක්‍රම මෙන්ම ඉදිරියේදී එක්වන විදුලි දුම්රිය සේවාවන් (අද දින මුල්ම විදුලි දුම්රිය කට්ටලය මෙරටට ගෙන්වා ඇත.) දැක්විය හැක.ගුවන් ප්‍රවාහන‍ය අතින් ප්‍රාදේශීය මට්ටමේ ගුවන් සේවා ඇරඹීම විශේෂ මංසළකුණක් ලෙස දැක්විය හැක.ජලය මගින් එසේත් නැතිනම් මුහුදෙන් හෝ ගංගා මතින් ප්‍රවාහනය දියුණුව පිළිබදවද විවිධ ක්‍රියාමාර්ග ගනිමින් පැවතීම සතුටුදායකය.ඔව්.ඔබ සිතන දේ නිවැරදිය.මේ සේවා කොපමණ දියුණු වුවත් අප තවමත් මහ මග පැය ගණන් තපින්නෙමු. නමුත්, මේ අප රටේ ප්‍රවාහන අංශයේ දියුණුවේ ආරම්භක අවධියයි.අඩු වියදමකින් සුඛෝපභෝගී සේවාවක් ලබා දීමේ අවස්ථාවට රට සූදානම් වන මේ අදි‍යරේ ඒ සදහා පුංචි කාලයක් ලබා දීම සාධාරණ නොවේද.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 සී2 කොට්ටාව සිංහ සමාජය පළමු වරට සංවිධාන කරනු ලබන ‘සිංහ සාම මැරතන් ධාවන තරගය’ 2012 ජනවාරි 1 දින පෙරවරු 7.30ට කොට්ටාව සම්පත් බැංකුව ඉදිරිපිටන් ආරම්භ වේ.විවෘත තරගයක් ලෙස පැවැත්වෙන කිලෝ මීටර් 26ක දුරින් යුත් මැරතන් ධාවන තරගය අවුරුදු 18න් ඉහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකිය.තරගය කොට්ටාව සම්පත් බැංකුව ඉදිරිපිටන් ආරම්භ වී හයිලෙවල් පාර ඔස්සේ හෝමාගම, ගොඩගම, මීගොඩ හරහා ගලගෙදර හංදිය දක්වා ගොස් නැවත එම මාර්ගයේම පැමිණ කොට්ටාව සම්පත් බැංකුව ඉදිරිපිටන් අවසන් වේ.මැරතන් තරගයේ ජයග්‍රාහකයාට මුදලින් රුපියල් 20000ක් ද දෙවන හා තෙවන ස්ථාන දිනා ගන්නා ක්‍රීඩකයන්ට පිළිවෙළින් රුපියල් 15000ක් හා රුපියල් 10000ක් පිරි නැමේ.තරගයට සහභාගී වීමට කැමැති ක්‍රීඩක ක්‍රීඩිකාවනට තරගය පැවැත්වෙන දින පෙරවරු 7.30ට ප්‍රථම කොට්ටාව සම්පත් බැංකුව ඉදිරිපිටට පැමිණෙන ලෙස තරග සංවිධායකයන් දන්වා සිටියි. තරගය පිළිබඳ වැඩි විස්තර දුරකතන අංක 0773777802 / 0112845214 වලින් ලබා ගත හැකිය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
විදේශ සේවා කාර්යාංශයේ ලියාපදිංචි නොවූ පුද්ගලයකු විදේශ රැකියා සඳහා පුද්ගලයන් යැවීමේ චෝදනාව මත ගම්පහ අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබඳ නඩු විභාගය නොවැම්බර් 5 දින විභාගයට ගැනීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් හේසාන්ත ද මෙල් මහතා නියම කෙළේය.පැමිණිල්ල ඉදිරිපත් කළ ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යාංශයේ නීති නිලධාරිවරයා සාක්කි ලැයිස්තුවක්ද අධිකරණයට ඉදිරිපත් කෙළේය.මේ අනුව පැමිණිල්ලේ සාක්කිකරුවන්ට සිතාසි යැවීමට නියෝග කළ මහේ්ස්ත්‍රාත්වරයා සැකකාර පුද්ගලයාට නොවැම්බර් 5 දින අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙළේය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පසුගිය සතියක ‘සරසවිය’ පත්තරේ ලිපියක් පළ වුණා. එහි මාර්තෘකාව වුණේ ‘ලෝකේ ඉන්න හොඳම අම්මා නිල්මිණි’ නමින්.නිල්මිණි ගේ මවු සෙනෙහස ගැන අපි හැමදාම අහලා තියෙනවා. පසුගිය සතියක ඉරිදා දවසක උදේ 8.30 ට වැල්ලවත්ත හින්දු විද්‍යාලයේ දී දරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර ඉංගී‍්‍රසි අධ්‍යාපන ආයතනයක් පවත්වන පරීක්‍ෂණයක් පැවැත්වුණා.නිල්මිණිත් ඇයගේ දියණිය ශ්වේතාත් මේ සඳහා කැඳවාගෙන ඇවිත් තිබුණා. රංගන ශිල්පිනියක් කියන්නේ තම රූපය ගැන ගොඩක් සැලකිලිමත් වෙන කෙනෙක්නේ. නිල්මිණිත් රංගන ශිල්පිනියක් වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක්.ඒ වුණාට එදා ශ්වේතාව ගේට්ටුවෙන් ඇතුළට යවලා ඒ විභාගය ඉවර වෙනකල් නිල්මිණි ගිනි ගහන අව්වේ හිටගෙන බලාගෙන ඉන්නවා අපි ඇස් දෙකෙන්ම දැක්කා. එදා අපි දැක්කේ නිල්මිණි තම පණ වැනි දියණිය වෙනුවෙන් වූ අපරිමිත වූ මවු සෙනෙහසයි.  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පාදෙණිය Padeniya —  ගම  — රට  ශ්‍රී ලංකාව පළාත මධ්‍යම පළාත දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) පාදෙණිය බොහෝ විට නගරයකට වඩා හන්දියක් ලෙස හැඳින්වේ. කටුගස්තොට - පුත්තලම A10 මාර්ගයේ පිහිටා ඇත. අනුරාධපුර - පාදෙණිය A28 මාර්ගයේ එක් අන්තයකි. වාරියපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ය. ආශ්‍රිත ලිපි[සංස්කරණය] පාදෙණිය පන්සල
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ  1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ  9 වන සියවස – ක්‍රිපූ  8 වන සියවස – ක්‍රිපූ  7 වන සියවස දශක: ක්‍රිපූ  740ගණන්  ක්‍රිපූ  730ගණන්  ක්‍රිපූ  720ගණන්  – ක්‍රිපූ  710ගණන් –  ක්‍රිපූ  700ගණන්  ක්‍රිපූ  690ගණන්  ක්‍රිපූ  680ගණන් වසර: ක්‍රිපූ  716 ක්‍රිපූ  715 ක්‍රිපූ  714 – ක්‍රිපූ  713 – ක්‍රිපූ  712 ක්‍රිපූ  711 ක්‍රිපූ  710 ක්‍රිස්තු පූර්ව 713 වසර මාතෘකා අනුව දේශපාලනය රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය උපත් සහ මරණ ප්‍රවර්ග උපත් – මරණ සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග සංස්ථාපනයන් – විසංස්ථාපනයන් න සා සං ක්‍රිපූ 713 අනෙකුත් දින දසුන් වලින් ග්‍රෙගෝරියානු දින දසුන ක්‍රිපූ 713 අබ් ඌර්බෙ කෝන්ඩිටා 41 ආර්මේනියානු දින දසුන N/A ඇසිරියානු දින දසුන 4038 බෞද්ධ දිනදසුන −170 – −169 බහායි දින දසුන −2556 – −2555 බෙංගාලි දින දසුන −1305 බර්බර් දින දසුන 238 ඉංග්‍රීසි රාජ්‍යත්ව වසර N/A බුරුම දින දසුන −1350 බයිසැන්ටියානු දින දසුන 4796–4797 චීන දින දසුන 丁卯年 (Fire Rabbit) 1984 or 1924     — to — 戊辰年 (Earth Dragon) 1985 or 1925 කොප්ටික දින දසුන −996 – −995 ඩිස්කෝර්ඩියන් දින දසුන 454 ඉතියෝපියානු දින දසුන −720 – −719 හෙබ්‍රෙව් දින දසුන 3048–3049 හින්දු දින දසුන්  - වික්‍රම් සම්වත් −656 – −655  - ශක සම්වත් N/A  - කලි යුග 2389–2390 හොලොසීන දින දසුන 9288 ඉග්බො දින දසුන −1712 – −1711 ඉරාන දින දසුන 1334 BP – 1333 BP ඉස්ලාමීය දින දසුන 1375 BH – 1374 BH ජපාන දින දසුන N/A ජුච්චේ දින දසුන N/A ජූලියානු දින දසුන N/A කොරියානු දින දසුන 1621 මින්ගුවෝ දින දසුන 2624 before ROC 民前2624年 තායි සූර්ය දින දසුන −169 This box: නරඹන්න සාකච්ඡා කරන්න සංස්කරණය කරන්න විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්‍රිත මාධ්‍ය සතු වෙයි: 713 BC
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කාලෙකින් මොකුත් ලියන්නත් බැරිඋනා බ්ලොග් එකේ..මාස 13කින් ලියල නෑලු.. අද එයා හවස හදිස්සියෙන් වගේ ගෙදරින් එලියට බැස්සා..ඊට කලින් කෝල් දෙක තුනකුත් ආවා.. මම එනකොටත් හතට විතර ඇති..ඊට පස්සෙ තමයි එයා ආවෙත්..ඒත් එකපාරටම එයා ගියා..ඇවිත් විනාඩි 10කින් විතර..බල්ලත් දඟල දඟල හිටියෙ..එයා නැති හින්දද කොහෙද..චූ කරන්න යන්න ඕනෙ ඇති..කොහොමහරි රෑ එකොළහ මාරට විතර තමයි එයා ගෙදර ආවෙ..ආව ගමන් බලුරාලව එක්කන් ගියා එලියට..ඊට පස්සෙ දෙන්නම ආව ගෙට..බල්ලට කිව්ව ගුඩ් නයිට්..දත් මදිනව ඇහුන..මෙන්න දැන් බුදි..මමත් ඉතින් නිදා ගන්නව..බලමු මොකෝ සීන් එක කියල හෙට් උදේට..නෑ..මේක චැට් ගර්ල් වගේ එක නෙමේ..ඊට වඩා රසවත් ..ලොල්.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මනාලයා ප්‍රසන්න ජයවීරනුවන්ගි ලියනගේ පසුගිය දිනෙක සරසවියට පැමිණියා. ඇගේ අතෙහි ආරාධනා පත්‍රයක් තිබුණා.මං බඳීනවා. සරසවියට ඇරැයුම් කරන්නයි ආවේ.ඇවිත් සිටි කාරණාව ඇය කිව්වේ හදපිරි සතුටින්.ඉතිං කවුද ඔයාගේ මනමාලයා. කියන්නකෝ ඔහු ගැන විස්තර. මං තවත් තොරතරු ටිකක් ඇහැව්වා.එයාගේ නම ප්‍රසන්න ජයවීර. වෘත්තියෙන් ක්‍රීඩා උපදේශකවරයෙක්. ඔහු තමයි ලංකාවට වුෂූ ක්‍රීඩාව ප්‍රචලිත කරන්නට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ.කොහොමද ප්‍රසන්න සහ ඔබේ මුණ ගැසීම සිද්ධ වුණේ?බත්තරමුල්ලේ තිබුණු ඔහුගේ වුෂූ පංතියට මං ගියා. එතන්දියි දැන හඳුනගන්නට ලැබුණේ. හැබැයි මං එතන ඉගෙන ගන්න කාලයේදී ඔහු මට සැලකුවේ ශිෂ්‍යයකු හැටියට පමණයි. එතැනින් එහා ගිය කිසිදු දෙයක් අඩුම තරමේ වෙනස් ආකාරයෙන් මා දිහා බැලුවේවත් නැහැ. එතැනින් මං ඉවත් වූ පසුයි මේ සම්බන්ධය ඇති වුණේ.කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?ප්‍රසන්න අයියාම තමයි. මං හා කියපු ගමන් ඔහු අපේ ගෙදර ඇවිත් අහලා ගෙදර අයගෙත් කැමැත්ත ගත්තා.මොකක්ද ඔහුගෙන් ඔබ දුටු විශේෂත්වය?කෙලින් වැඩ කිරීම, ඔහු හරිම අවංකයි. මගේ තාත්තා වගේම ඔහු මාව ආරක්ෂා කරනවා. ඒ වගේම මට පණ මෙන් ආදරෙයි. මං බලාපොරොත්තු වුණ ආදරය ඔහු ළඟ නොඅඩුව තියනවා.කොහෙද, කවදද විවාහය සිද්ද වෙන්නේ?දහ අට. ඒ කියන්නේ හෙට. රාජගිරිය සෝලිස් උත්සව ශාලාවේදියි විවාහය සිදුවන්නේ. හෙට ඒවි කියලා මගේ යාළුවෝ නෑදෑයෝ ගොඩක් මං බලාපොරොත්තුවෙන් සිටිනවා.විවාහයෙන් පසුව කොහෙද ඔබ දෙපළ පදිංචි වන්නේ?හෝකන්දර අලුත් ගෙයක් හැදුවා. එහෙට යනවා.පසුගිය කාලේ විකාශය වූ තරු පිරි අහස නාට්‍යයේ ඔබ දර්ශන කිහිපයකදී කැමරාව ඉදිරියේ විවාහ වුණා. ඒක ප්‍රසන්න දැක්කද?නැත්තං. එයා මුකුත්ම කිව්වේ නැහැ. ක්ෂේත්‍රය ගැන ඔහුට හොඳ අවබෝධයක් තියනවා. ඒක විතරක් නෙවෙයි මං රඟපාපු නාට්‍ය ගොඩක් ඔහු නරඹලා තියනවා.හෙටින් පසුව ඔබේ ජීවිතයේ වැඩි ඉඩකඩක් පවුල් ජීවිතයට වෙන්වේවි?ඔව්. රංගනය කරනවා. පවුල් ජීවිතයට මූලිකත්වය දෙනවා.කොච්චර ආදරේ කළත් ප්‍රසන්න ඔබට එක් දෙයක් නිසා බනිනවා. ඒක ගැන කියන්න කැමතිද?මං වැඩක ඉන්න කොට හරි එළියට ගියාම හරි ඔහුට කෝල් කරන්න අමතක වෙනවා. අන්න ඒකට තමයි ඔහු බනින්නේ. දැන් දැන් ඒ අතපසුවීම හදාගන්න උත්සාහ කරනවා මං.අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?ප්‍රසන්න මට හොද මහත්මයෙක්. එ වාගේම මගේ අම්මට පුතෙක්. එවන් කෙනෙකු ලබන්න මං පින් කරලා තියනවා. මැරෙනකම්ම අපි දෙන්නා එකට ඉන්නවා.එහෙම පවසමින් නුවන්ගි තවත් කාර්යන් රැසකට යන්න තියෙන හෙයින් සරසවියෙන් නික්ම ගියා. හෙට දිනයේ යුග දිවියකට පා තබන ප්‍රසන්න – නුවන්ගි යුවලට සරසවිය අපි උණුසුම් සුබපැතුම් මෙසේ එක් කරනවා.නුවන්ගි දායක වී ඇති නිර්මාණටෙලි නාට්‍ය :කන්දෙ හන්දියනිල් අහසඅළුපාට හීනරන් කෙණ්ඩියතරුපිරි අහසසේපාලිකා, එක්ටැම්ගේචිත්‍රපට:වෑකන්ද වලව්වමෑතකාලිනව වඩාත්ම ජනප්‍රිය වූචරිත – අළුපාට හීන නාට්‍යයේසුරංගි සේපාලිකා නාට්‍යයේ සරෝජනීතරුපිරි අහස නාට්‍යයේ මයුසටහන – ප්‍රසාද් සමරතුංගඡායාරූපය - අමිත් එස්.සේනාරත්න