input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
රැයක් ගෙවී සුන්දර දවසක් උදාවන විට හැඳල ප්‍රධාන පාරේ තාප්පවල, ගේට්ටුවල, ලයිට් කණුවල ගෙවල්වලින් බැහැර කරන අපද්‍රව්‍ය පොලිතින් බෑග්වලට දමා එල්ලා තබන පරිසර දූෂිත දර්ශනය කොයි කාටත් දැකගත හැකිය.මෙයට පිළියමක් ලෙසින් ජීව බල නිෂ්පාදනාගාරයට අවශ්‍ය ගෙදරින්ම වෙන්කර ලබාදීමට අවශ්‍ය ප්ලාස්ටික් බාල්දි නිවෙස්වලට බෙදාදීමට වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට භාර දී ඇත.එක් නිවෙසකට බාල්දි 03 ක් ලබාදිය යුතු වුවත් එය නිසි පරිදි නගරාධිපතිවරයා ඉටු කිරීමට සමත් වී නැති බව ඡායාරූපයෙන් පැහැදිලි වේ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය නිසා ගංඟා ඇළදොළ සහ ළිං යනාදී ජල මූලාශ්‍රවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතින අතර ජල අර්බුදයට මුහුණ දීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගේ ඉල්ලීම පරිදි දැඩි වශයෙන් ජල හිඟය පවතින ප්‍රදේශවලට බවුසර් මගින් පවා ජලය බෙදාහැරීමට සැලසුම්කොට ඇත.මණ්ඩලය මේ අයුරින් ජලය සපයන්නේ ජල පවිත්‍රාගාරවල පවීත්‍රකරණයට ලක්කරන සෞඛ්‍ය ආරක්ෂිත ජලයයි.එහෙත් මෙවන් අවස්ථාවලදී ජනතාව විවිධ ආයතනවලින් ජලය ලබාගැනීමට පෙළඹෙන අතර එම ලබාගන්නා ජලය පිළිබඳව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වගකියනු නොලබන බව කාරුණිකව දැනුම් දෙයි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ස්ත්‍රි වාදය
ACADEMIC

කොන්ඩෙත් කළුමූණත් කළුඒකටම සෙට් වෙනතොල් දෙකත් කළුඒ මදිවටනියපොතුත් කළු..හැබැයි මහත්තයෝනෝනට කියපන්අපේ හිත් සුදුයිසුදට ඉන්නහිත් කළුපාහරයොන්ටවැඩියෙන්.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වාද්දුව ශක්ති ක්‍රීඩා සමාජය සංවිධානය කළ ශක්ති ආබාධිත සවි එසවීමේ තරගාවලියේදී සිංහ ක්‍රීඩා සමාජයේ ඒ.ආර්.විනිටන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් කි.ග්‍රෑ 100ට වැඩි බර පංති‍ය ජයග්‍රහණය හිමිකර ගත්තේය. ඔහු විසින් කිලෝග්‍රෑම් 170ක් බර ඉසිලීමෙන් නව වාර්තාව පිහිටුවන ලදි‍. වාද්දුව විජය කුමාරතුංග ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවති තරගාවලියේ සමස්ත ප්‍රතිඵල මෙසේය.කි.ග්‍රෑ.48 බර පංතිය : බී.එම්.සදුන් වාසනා (හයිලැන්ඩර් ක්‍රීඩා සමාජය), කි.ග්‍රෑ.52 බර පංතිය : ආර්.ඩී.එස්.සිසිර කුමාර (පුනරුත්ථාපන ක්‍රීඩා සමාජය), කි.ග්‍රෑ‍.56 බර පංතිය: ආර්.ඒ.කේ.ජී.එම්.රාජපක්ෂ (සිංහ ක්‍රීඩා සමාජය), කි.ග්‍රෑ.60 බර පංතිය : ‍කේ.යු.ප්‍රදීප් රත්නායක (ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීඩා සමාජය), කි.ග්‍රෑ.67.5 බර පංතිය : එම්.එච්.දුමින්ද කාරිවසම් (සිංහ ක්‍රීඩා සමාජය), කි.ග්‍රෑ.75 බර පංතිය : කේ.ඩී.චතුරංග (සිංහ ක්‍රීඩා සමාජය), කි.ග්‍රෑ.82.5 බර පංතිය : ආර්.එම්.චමින්ද රත්නායක (සිංහ ක්‍රීඩා සමාජය), කි.ග්‍රෑ.90 බර පංතිය : ඩබි.පී.දීපාල් සංජය (සිංහ ක්‍රීඩා සමාජය), කි.ග්‍රෑ.100 වැඩි බර පංතිය: ඒ.ආර්.විනිටන් (සිංහ ක්‍රීඩා සමාජය).
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
රුහුණු ප්‍රගති ගුණ සමරු පදනම වාර්ෂිකව පවත්වනු ලබන ඩී. ආර්. විජයවර්ධන ගුණ සමරු ගද්‍ය - පද්‍ය - රචනා - කථික සහ ගායනා තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවනට ත්‍යාග සම්මාන සහ සහතික පත් ප්‍රදාමෝත්සවය විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 124 වන ජන්ම දිනය යෙදී ඇති 23 දා පස්වරු 2.00 ට අමුගොඩ ප්‍රගති යෞවන කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.ශ්‍රී රෝහණ භික්ෂු පෙරමුණ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය දෙනගම විජිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ගුණසමරු උළෙලේදී විශේෂ ගුණ සමරු දෙසුම ආචාරිණී දීපා රන්මුතු අමරදිවාකර මෙනෙවිය විසින් සිදු කිරීමට නියමිතය.පස්වරු 4.30 ට ආරම්භවන තිළිණ ප්‍රධාන උළෙලේදී සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් සමන්විතව පැවැත්වුණු ගද්‍ය - පද්‍ය - රචනා - කථික තරග මෙන්ම සිංහල අංශයේ පද්‍ය රචනා – ගායනා සහ කථික තරගාවලියේ ජයග්‍රහණ හිමිකරගත් පාසල් හා විවෘත අංශවල තරග ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හැට හය දෙනෙකු (66) වටිනා ත්‍යාග සම්මාන සහ සහතික පත් හිමිකර ගනිති.’සත දහයේ සරසවියේ නිමැවුම් කරුවාණෝ’ යන මැයෙන් ලියැවුණු වසරේ විශිෂ්ටතම නිර්මාණයට මෙවර ඩී. ආර්. විජයවර්ධන අනුස්මරණ රන් පදක්කම හිමිවන බව සමරු උළෙලේ ප්‍රධාන අනුශාසක තැන්පත් ආචාර්ය දෙනගම විජිත නාහිමියෝ පැවසූහ.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සිසිලිය.දකුණු ඉතාලියේ පිහිටා තිබෙන විශාලතම දූපත,ලෝක ඉතිහාසයේ සිදුවීම් විශාල ගනනක ආරම්භය සිදු උනු බිමක්,ඒ එක්කම යුරෝපයේ එක් දොර‍ටුවක්,2 ලෝක යුද්දේ අවස්ථාවේ,මිත්‍ර පාක්ශික හමුදාවන් උනු ඇමරිකන් හමුදාව යුරෝපෙට ඇතුල් උනේ මේ බිමෙන්.ඒ එක්කම අතීතයේ සිටම නොයෙක් නොයෙක් ජාතීන්ගේ ආක්‍රමනවලට නිරන්තරයෙන් මුහුන දුන්නු බිමක්,නොයෙක් නොයෙක් ජාතීන් මේ බිමේ උන්නු නිසාද කොහෙද ජාතීන් මිශ්‍ර වීමෙන් යුරෝපෙ ලස්සනම ගැණු ඉන්න බිමක්.ඒ එක්කම යුරෝපෙ ඉතාම මිත්‍රශීලී, ජාතියක් ආගමක් නොබලා ඉක්මනින් උදව් කරන්න හිත උණු වන මිනිස්සු ඉන්න බිමක්.මේ බිමේ ඉන්න බහුතරය ලොකු සල්ලිකාරයෝ නෙමේ කියන එකත් කියන්න ඕනා.සිසිලිය ගැන පොඩි හැදින්වීමක් කලේ ලිපියේ ආරම්භයක් විදිහට.මම මීට ඉස්සල්ලාත් ලියලා තියනවා යුරෝපෙට දිගට හරහට බෝට්‍ටු මගින් නොනැවතී එන සරණාගතයෝ ගැන,තාමත් ඉවරයක් නෑ, අප්‍රිකානු කලාපයේ දිගට හරහට සිදු වන යුද්ධ වලට මේක හේතුවක්,බහුතරය සිරියානුවන්. සිරියාව අද නැත්තටම නැති වෙලා ඉවරයි,,යම් කිසි මුදලක් අතේ තියන මිනිස්සු ඒ මුදල දීලා බෝට්‍ටු වලට නගිනවා යුරෝපෙට පැන ගන්න.යුරෝපෙ දොරක් වෙන සිසිලය තමා මේ වෙද්දි මේ ප්‍රශ්නෙට තදටම මුහුන දෙන්නෙ,මොකද ඒ මිනිස්සුන්ව බේර ගන්න තැන ඉදලා මේ ඉතාලි මිනිස්සු පුදුම කට්ටක් කන්නෙ,කොහෙ හරි බෝට්‍ටුවක් පෙරලුනොත් ලෝකෙන්ම බැනුම් අහගෙන ඒ මළසිරුරුත් ගොඩබිමට ගෙනල්ලා කනත්තවල් වල ගරු සරු ඇතිව අවසන් කටයුතුත් සිදු කරනවා.සිසිලියේ ප්‍රධාන නගර සියල්ලේම මේ ක්‍රියා පටිපාටිය තමා යන්නෙ.පහු ගිය දවසක මා සිටිනා නගරයේ වරායට උදෑසනින්ම ආවේ 200 ගනනකට අධික බේරාගත් සරණාගතයින් පිරිසක් ඉතාලි නාවුක හමුදා නැවක් මගින්, ඒ වෙනකොටත් වරායට තවත් නැව් දෙකක් ඇවිල්ලා තිබුනා ඒ අති සුපෝබභෝගී සංචාරක නැව් දෙකක්.අර සරනාගතයින් බහිනවත් සමගමයි මේ නැව් දෙකේ සංචාරකයින් ගොඩ බැස්සෙත්,, ඇත්තටම මගේ අතේ පෝන් එක තිබුනත් මට හිතුනෙ නෑ ඒ දර්ශන ජායාරූප ගන්න.අර සංචාරකයින්ගෙන් බහුතරය එතන නැවතිලා අර මිනිස්සුන්ට උදව් කරන්න ගත්තා,,තමන්ගේ අතේ තිබුනු වතුර බෝතලේ ඉදන්,ඇදුම් පැලදුම් පවා අර මිනිස්සුන්ට දුන්නා. ඇත්තටම ඒ වෙලවෙත් සරනාගතයින් ගෙනියන්න බස් වගයක් එතනම හිටවලා තිබුනා,,ඒ එක්කම අර සංචාරකයින් ගෙනියන බස් වගයක් ඒ එක්කම තිබුනා. මට එතන වැඩි වෙලාවක් ‍රැදෙන්න බැරි උනු මේ සියල්ල බලා ගන්න.පහු වෙනිදා මම පත්තරේ දැක්කෙ අර මිනිස්සුන්ට නවාතැන් දෙන්න මේ නගරේ තැනක් ලෑස්ති කරන්න බැරි වෙලා තියනවා,එක අතකින් මේක ඉතාලියේ බංකොලොත් උනු නගර සභාවක් තියන නගරයක්,ඒක නිසාමද කොහෙද අර 200 ගාන ආවත් එක්ක ලොකු ගැටලුවකට මුහුන පෑවෙ නවාතැන් ලැස්ති කරන්න කන්න බොන්න දෙන්න සනීපාරක්ශක කටයුතු ලෑස්ති කරන්න,වෙද හෙද පහසුකම් දෙන්න,,මොකද එතන සැහෙන්න පිරිසක් උන්නා අඩු වයස් ළමයින්,ඒ එක්කම කාන්තාවන්.මේ අවස්ථාවේ වෙන කරන්න නැති නිසාම නගරේ ක‍තෝලික බිශොප්වරයා මේ ප්‍රශ්නෙ කරට අරන් අර මිනිස්සුන්ව පල්ලි වල නවත්තන්න කටයුතු කරලා තිබුනා,,කෑම බීමත් සෑහෙන කොටසක් පල්ලිවලින්ම,කොහොමත් මේ නගරේ කන්න බොන්න නැති මිනිස්සුන්ට දිනපතා නොමිලේ කෑම ශාලා කීපයක්ම දවල් සවස කෑම මේස ඇරෙනවා, ක‍තෝලික පල්ලි කීපයකම.මේ නිසාමද කොහෙද අර ගැටලු පැය ගානක් ඇතුල විසදිලා තියනවා.මම පහු වෙනිදා මේ පල්ලියකට ගියා පොඩ්ඩක් ඔලුව දාලා බලන්න,එතකොටත් අර මිනිස්සු පල්ලිය ඇතුලේ,රතු කුරුසෙනුත් එතන උන්නා,වෙනම ඉතාලි ජාතිකයින් පිරිසක් පොඩි උන්ට සෙල්ලම් බඩු,ඇදුම් පැලදුම් බෙදනවා,,ඒ එක්කම ඉතාලි කාන්තාවක් අර කාන්තාවන්ට ඇදුම්,සනීපාරක්ශක උපකරන එහෙම බෙදනවා,මේ මිනිස්සුන්ගෙන් බහුතරය මුස්ලිම් ජාතිකයින්,මම දැකපු ලොකුම දේ තමා කීප දෙනෙක්ම මේ ක‍තෝලික පල්ලිය ඇතුලෙම තමන්ගේ ආගමික කටයුතු කිරීම,,ඒකත් පල්ලියෙ අල්තාරෙ පැත්තට හැරිල.ඒ එක්කම වෙනදා පුරුදු විදිහටම පල්ලියට එන ඉතාලි වයසක උදවිය තමන්ගේ ආගමික කටයුතු.ඊලග දවසෙ පත්තෙරේ දැක්කෙ අර මිනිස්සුන්ව වෙනත් නගරෙක පිහිටා තියන එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය,කරිටාස් ආයතනය,රතු කුරුසය එකතු වෙලා කරන කදවුරකට ගෙනිච්චා කියලා.අපේ අසල්වැසියා ගැන,වෙනත් ජාතියක මිනිස්සු ගැන,වෙනත් ආගමක මිනිස්සු ගැන සැකෙන්,බයෙන් නොබැලුවොත් ප්‍රශ්න ගොඩකට පිලිතුරු හම්බෙ වේවි,,මට මේ සිද්දියෙන් හිතට ආවේ ඒ දේ.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අනුරාධපුර කේ. බී. රත්නායක විදුහලට රුපියල් මිලියන 12ක් වැය කර අංග සම්පූර්ණ ඉතා ඉහළ තාක්ෂණයෙන් යුත් ශ්‍රවණාගාරයක් ඉදිකිරීමට මුදල් වෙන් කර තිබෙනවා යැයි අනුරාධපුර නැ‍ඟෙනහිර ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය එච්. බී. සේමසිංහ මහතා පැවැසීය.ඉකුත් 29 දා උදෑසන අනුරාධපුර කේ. බී. රත්නායක විදුහලේ ශිෂ්‍ය නායක නායිකා පදක්කම් පැලඳවීමේ උත්සවයට විදුහල්පතිනි ඩී. එස්. කුමාරසිංහ මහත්මියගේ ආරාධනයෙන් එම උත්සවයට පැමිණි පළාත් සෞඛ්‍ය අමාත්‍ය එච්. බී. සේමසිංහ මහතා මෙසේද කීය.අනුරාධපුර නගරයේ කිසිම පාසලක නොමැති විදියේ නවීන තාක්ෂණ පහසුකම්වලින් යුත් ශ්‍රවණාගාරයක් මෙම විදුහලට ලබාදීමට මා කටයුතු කළා. කිසිදු අයුරකින් අධ්‍යාපනයේ කප්පාදුවක් කරන්නේ නැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරයේ කියා සිටිනවා. විපක්ෂය අධ්‍යාපන කප්පාදුවක් වන බව පවසමින් බොරු ප්‍රචාර ගෙන යන්නේ ඉදිරි ඡන්ද බලාපොරොත්තුවෙනි.1973 ජනවාරි මස 01 වන දින දිවංගත හිටපු කථානායක එවකට අනුරාධපුර නැ‍ඟෙනහිර ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ කේ. බී. රත්නායක මහතා විසින් මේ පාසල ආරම්භ කළා.‍ පසුගිය වසර 30ක පමණ කාලයක් මෙම පාසල සියලු දෙනා විසින් අත්හැර දමා තිබුණා. ජනාධිපතිතුමා හැමවිටම දුප්පත් අයගේ ශක්තිය වැඩිදියුණු කිරීමට උදව් කරනවා. ඒ වාගේම මමත් දුප්පත් අය වෙනුවෙන් මෙන්ම නැති බැරි අය වෙනුවෙන් හැම විටම උදව් කරනවා.විභාග ප්‍රතිඵලවලින් දැනුම සහ අධ්‍යාපන කටයුතු සාර්ථක ද අසාර්ථක ද කියා මනින්න බැහැ. පාසල් ශිෂ්‍ය නායකයන් හැම විටම පාසල් සමාජය තුළ පෞරුෂත්වය ගොඩනගන්න ඕනා. කේ. බී. රත්නායක විදුහල උතුරු මැද පළාතේ තිබෙන එකම සෞන්දර්ය විෂයයන් උගන්වනු ලබන පාසලක්. කලා විෂයයන් හදාරන අයට ඉංග්‍රිසි භාෂාව ඉතා වැදගත් වන නිසා මම අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා ඉංග්‍රීසි ගුරුවරුන් ලබා දෙන ලෙස.සියලු දෙනා අත්හැර දමා තිබූ මෙම පාසල යම් ස්ථාවර තත්ත්වයකට ගෙනවිත් තිබෙනවා. වර්තමාන විදුහල්පතිනි ඩී. එස්. කුමාරසිංහ මහත්මියගේත් ගුරු මණ්ඩලයේත් දෙමව්පියන්ගේත් කැප කිරීම මම අගය කරනවා. කේ. බී. රත්නායක විද්‍යාලය ප්‍රාථමික පාසලක් කිරීමට එදා විරුද්ධ වූයේ මා පමණයි. අද 1 – 13 දක්වා උගන්වනු ලබන ප්‍රදේශයේ දියුණු ‍ෙවමින් පවතින පාසලක් ලෙස කටයුතු කරගෙන යනවා. පාසලේ ක්‍රිඩාංගණය සකස් කිරීමටත් මුදල් වෙන් කර දී තිබෙනවා.මෙම අවස්ථාවට ආචාර්ය කිතුල්හිටියාවේ ධම්මරතන හිමි විදුහල්පතිනි ඩී. එස්. කුමාරසිංහ, නැ‍ඟෙනහිර නුවරගම්පළාත ප්‍රාදේශීය සභා සභාපති ඩී. පී‍. බන්දුලසේන, නැ‍ඟෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් සමන් බන්දුලසේන, අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ. අබේසුන්දර යන මහත්ම මහත්මීන් සමඟ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
යුග දිවියට පිවිසි භාග්‍යා කියන කතාවඑයා රඟපාන්න ඕනෙ නැහැ දන්න ක්‍රිකට් ගැහුවාම ඇතිනව පරපුරේ ජනපි‍්‍රය රංගන ශිල්පිනී භාග්‍යා හෙට්ටිආරච්චි පසුගිය දා යුග දිවියට පිවිසුණා. ඇගේ අතගත් මනාලයා වූයේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිල නියෝජනය කරන කෞශාල් සිල්වායි. භාග්‍යා - කෞශාල්ගේ විවාහ උත්සවය පැවැත්වුණේ කොළඹ ජෙයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී යි.භාග්‍යා, කොහොමද අලුත් ජීවිතේ?බොහොම සුන්දරව සතුටින් ගෙවනවා. කෞශාල් මට ගොඩක් ආදරෙයි. ඒ වගේ ආදරයක් ලබන්න මං සෑහෙන්න පින් කරලා තියෙනවා. ඔහු වගේ ළබැඳියෙක් මගෙ ජීවිතයට එකතුවීම මගේ පෙර වාසනාවක්.කෞශාල් සහ ඔබගේ පළමු හමුවීම මතකද?මොකද නැත්තේ. අද වගේ මතකයි. උත්සවයකදියි ඔහුව මට මුණ ගැහුණෙ. අකලංක ගනේගමයි මට කෞශාල්ව හඳුන්වා දුන්නේ. පළමු හමුවීමෙන්ම අපි ගොඩක් හිතවත් වුණා. දුරකථනයෙන් නිතරම වගේ කතා කළා.කාගේ හිතේද මුලින්ම ආදරයක් ඇති වුණේ?මං හිතන්නේ අපි දෙන්නට දෙන්නා නොදැනීම පෙම්වතුන් වුණා. මං එයා ආදරේ ප්‍රකාශ කරනකම් බලාගෙන හිටියා. මං දන්නවා කෞශාල් එහෙම කියයි කියලා.කෞශාල් ආදරෙයි කිව්වට පස්සෙ ඔබ මොකද කිව්වේ?මං බලාපාරොත්තුවෙන් හිටිය වචනෙ ඇහැව්වට පස්සෙ මොනවා කියන්නද ‘මමත් ආදරෙයි’ නොකියා.ඔබ දෙපළගේ මවුපියන්ගෙන් මේ සම්බන්ධයට මොනවගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ?අපිට ආශිර්වාද කළා. අපි දෙන්නගෙ වෘත්තීන් එළිපිට සිදුවන ඒවා නිසා අපි ගැන දැනගෙන හිටියා දෙපාර්ශවයෙන්ම.කෞශාල් කැමැතිද ඔබේ නිළි වෘත්තියට?ඔව්, එයා මං ඉන්න නිර්මාණ නරඹලා මට ගුණදොස් කියනවා. කෞශාල් තමයි දැන් මගේ හොඳම විචාරකයා.ඔබ පෙම්වතියගේ චරිතය රඟපාද්දි ඔහුට ඊර්ෂ්‍යාවක් ඇතිවනවා ඇති.?මන්දා, හැබැයි ඔහු මේ වෙනකම් මට වාරණයක් දාලා නැහැ පෙම්වතියගේ චරිතය කරන්න එපා කියලා. අනික මගේ වයසේ හැටියට පෙම්වතියගේ චරිතය මිසක් අම්මගෙ චරිතය කරන්න බැහැනේ.ක්‍රිකට් ක්‍රීඩකයො කියන්නේ නිබඳව තරුණියන්ගේ ආකර්ෂණයට ලක්වන පිරිසක්. කෞශාල්ටත් එහෙමයි?කෞශාල් වැරැදි දේවල්වලට යොමු වන්නේ නැහැ කියලා මට විශ්වාසයි. මේ වෙනකම් ඔහු ඒ විශ්වාසය බිඳලා නැහැ.කොහෙද දැන් දෙන්නා පදිංචි වෙන්න හිතාගෙන ඉන්නෙ?අපි දෙන්නා එකතුවෙලා තලවතුගොඩ ගෙයක් හැදුවා. එහෙ තමයි ඉන්න හිතාගෙන ඉන්නෙ.භාග්‍යාට උයන්න පුළුවන්ද?ඔව්, මගෙ අතිනුයි කෞශාල්ට මින් ඉදිරියට කන්න හදලා දෙන්නේ. ඔහු ආස කෑම හදලා දෙනවා.බැරිවෙලාවත් කෞශාල්ට රඟපාන්න කතා කළොත් යවනවද?බුදු අම්මෝ, එයාව රඟපාන්න නම් යවන්නේ නැහැ.ඒ මොකද?එයා දන්නේ ක්‍රිකට් ගහන්නනේ. දන්නදේ විතරක් කරගෙන හිටියොත් මට ඒ ඇති.අඩුම ගානෙ වෙළෙඳ දැන්වීමකටවත් කතා කළොත්?නැහැ යවන්නෙ නැහැ. එයාට රඟපන්න තහනම්.ඕකට තමයි භාග්‍යා කියන්නෙ පැහැදිලි ඊර්ෂ්‍යාව කියලා?පිස්සුද අයියේ, ඊර්ෂ්‍යාවකට නෙවෙයි. එයා ක්‍රිකට්වලින් ඉස්සරහටම යන්න ඕන. මං රංගනයෙන් ඉදිරියට යද්දි ඔහු ක්‍රිකට්වලින් මුළු ලොවම දිනන්න ඕන. කෞශාල් රංගනයට ආවොත් ඒ තත්ත්වය උදාකරගන්න බැරිවේවි කියලා මට දැනෙනවා.කෞශාල් සතු නරකම ගතිගුණය මොකක්ද?එයා ඉතාම ඉක්මනින් මිනිස්සුන්ව විශ්වාස කරනවා. එයාගේ ඒ ගතිගුණයට මං ආසා නැහැ. ඒ වගේම කෞශාල් ඉක්මනින් තීරණ ගන්නවා. මං නිතරම කියනවා එහෙම කරන්න එපා කියලා.ඇයි ඔබ කෞශාල්ට කැමැති වුණේ?කෞශාල් වැඩිය කලබල නැහැ. අනිත් අයට උදව් කරන කෙනෙක්. මට ගොඩක් ආදරේ වේයැයි කියලා දැණුනා. මේ කරුණු කාරණා මතයි ඔහුට මම කැමැති වුණේ.කෞශාල්ව ඔබ අවසන් වතාවට කේන්ති ගැස්සුවෙ කවදද?එයාට නෙවෙයි මටයි ඉක්මනින් කේන්ති යන්නෙ. එයාට කේන්ති යන්නෙම නැති තරම්. මට කේන්ති ගියාම කතා නොකර ඉන්නවා. කතා නොකර ඉන්නකොට එයත් දන්නවා මට කේන්ති ගිහින් කියලා.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - මාලන් කරුණාරත්න
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඩම්මපදයහි ඇත්තා වු අපහසු පාලි වචන සදහා අර්ත දක්වනු පිනිස අනුරපුර සමයේදි රචනා කර ඇත.හෙල අටුවා මේ ගනයට අයත් වේ.දම්පියාඅටුවාව, දනට ඉතිරිව ඇති එක් අට්ට කතාවකි.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
රොබින් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘සුර දූතියෝ’ චිත්‍රපටයෙහි සුර දූතියන් ලෙස රෝසි සේනානායක, විශාකා සිරිවර්ධන සමඟ රඟපෑ අකුෂ්ලා සෙල්ලයියා රඟපා ඇති වෙනත් චිත්‍රපට තිබේද? ඇය ගැන විස්තරයක් කියන්න.කමල් ප්‍රියන්ත රණසිංහ - ගොඩගම ජනපදය – නක්කාවත්තඇය තවලම, රෑ මනමාලි, බඳුරා මල් සහ මවුන්ටන් ඉන් ද ජන්ගල් වැනි චිත්‍රපට කිහිපයක රඟපෑවා. විවාහ වූ පසුව නම් ඇය ගැන ආරංචියක් නැහැ.ගිනි අවි සහ ගිනිකෙළි හි කතා රචක ප්‍රවීණ මාධ්‍යවේදී අනුර හොරේෂස් සහ සරසවිය කර්තෘ මණ්ඩලයේ හිටපු (මියගිය) සුනිල් හොරේෂස් යන අය සහෝදරයන්ද?ඩඩ්ලි ගෝමස් - කටුබැද්දනැහැ. ඔවුන් අතර කිසිම ඥාති සම්බන්ධයක් නැහැ.රූපවාහිනියේ පෙන්වන සිංහල චිත්‍රපට වෙළෙඳ දැන්වීම් නිසා චිත්‍රපටය බැලීමේදී එපා වෙනවා. මෙයට විසඳුමක් නැද්ද?සරත් රණසිංහ – කපුගොඩඉතින් රූපවාහිනිය නොබලා ඉන්නකෝ.දැන් කාලේ ටෙලි නාට්‍යවල රඟපාන නිළියන්ගේ ඇඳුම් නම් අන්තිමයි. පවුලේ අයට එකට ඉඳගෙන ටී. වී. බලන්නත් කැතයි.අනුර ඩිල්ෂාන් – ගලේවෙලමේ පිළිබඳ මට ඇත්තේ කාරණා දෙකයි. එක පවුලේ අය එකට සිට ටී. වී. නොබලන්න. දෙක – මම නම් හිතන්නේ ඔවුන් අඳින ඇඳුම් මට වඩා එය නරඹන කෙනාගේ ඇඟේ සහ සිතේ වරදක් බවයි.ජනක සහ මන්ජු චිත්‍රපටයේ රඟපෑ ජයන්ත දාස් පෙරේරා දැන් කෝ? ඔහු රඟපෑමෙන් ඉවත් වෙලා ද?එන්. කරුණාදාස - ඉඳුරුවජයන්ත මෑතක රඟපෑවේ නම් නැහැ. හැබැයි ඔහු අධ්‍යක්ෂණය කළ එක් චිත්‍රපටයක් තිරගතවීමට නියමිතයි.සිනමාස් සමාගම, සිලෝන් තියටර්ස් සහ සිලෝන් එන්ටර්ටේන්මන්ට් පළමුවරට නිපැයූ චිත්‍රපට මොනවාද?කේ. පී. පියසේන, රේමන් සිල්වා - බොරගොඩවත්තසිලෝන් තියටර්ස් 1947 දී අශෝකමාලා. සිනමාස් සමාගම 1953 දී සුජාතා හා සිලෝන් එන්ටර්ටෙන්ට්මන්ට් 1956 දී සුරතලී.මේ ඇහුනද? ඔන්න අහංකාර ස්ත්‍රී චිත්‍රපටයත් ටෙලි නාට්‍යයක් කරන්න යනවා කියන්නේ, ඔයා කැමති ද?සරත් – මාළිඳඇයි තියෙන වැරැද්ද මොකක් ද?ශුද්ධ වූ බයිබලයේ සඳහන් කතාවක් අනුව නිපදවන ලද ‘ක්වෝ - වාඩිස්’ නැමැති චිත්‍රපටය ගැන විස්තරයක් පළ කරන්න.ඇන්. ඩබ්. පී. පෝල් පෙරේරා - කුලියාපිටියක්වෝ වාඩිස් නමින් අති ජනප්‍රිය චිත්‍රපටයක් නිර්මාණය වූයේ 1951 වසරේදී. එයට පාදක වූයේ 1896 දී ‘හෙන්රික් සියෙන්කි වික්ස්’ විසින් රචනා කරන ලද නවකතාවයි. ක්‍රි. ව. 64 දී පමණ රෝමයේ ක්ලෝඩියස් අධිරාජ්‍යාගේ යුගයේදී කතෝලිකයන් වීම නිසා සිදු වූ ඛේදජනක ඉරණම මේ කතාවට පාදක වුණා. චිත්‍රපටය නිර්මාණය කළේ මර්වින් ලී රෝයි විසින්. ජෝන් ලී මාහින්, එස්. එන්. බෙහෙර්මන් සහ ෂෝන් යා ලෙවියන් මෙහි තිර නාටකය රචනා කළා.සුරූපී ඩෙබෝරා කේයර් මෙහි ලිජියාගේ චරිතය රඟපෑ අයුරු ඒ කාලේ බොහෝ ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැඳී පවතිනවා. එමෙන්ම රොබට් ටේලර්, පීටර් උස්තිනොෆ්, ලියෝ ගෙන් මෙහි සෙසු චරිත නිරූපණය කළා. එමෙන්ම ලොව සිනමා සංගීතය ගැන සලකද්දී මික්ලෝස් රොයා පැරැණි ග්‍රීක සාහිත්‍ය ඇසුරින් නිර්මාණය කළ සංගීතය එකල බොහෝ විචාරකයන්ගේ අවධානයට පාත්‍ර වුණා. එමෙන්ම ලොව වැඩිම ඇඳුම් සංඛ්‍යාවක් එනම් ඇඳුම් 32000 ක් (එකල) භාවිත කළ චිත්‍රපටයත් මෙයයි.මේ චිත්‍රපටයේ මුලින් රඟපෑමට සිටියේ එලිසෙබත් ටේලර් හා ග්‍රෙගරි පෙග් වුවත් පසුව ඔවුන් චිත්‍රපටයෙන් ඉවත්වූවා. පුදුමය නම් එලිසෙබත් ටේලර් මෙහි එක් ජවනිකාවක පසුව පෙනී සිටීමයි. එහෙත් ඇයගේ නම එහි සඳහන් වෙන්නේ නැහැ. පසු කලෙක අතිශය විශිෂ්ට නිළියක වූ සොපියා ලොරේන් සහ ජනප්‍රිය චිත්‍රපට නළුවකු වූ බඩි ස්පෙන්සර් මේ චිත්‍රපටයේ අති විශාල සමූහ දර්ශනවල පෙනී සිටිනවා.මෙම චිත්‍රපටය ඇකඩමි සම්මාන අටකට නාමයෝජනා වුවත් එකදු සම්මානයක්වත් දිනා ගත්තේ නැහැ. එහි විශේෂත්වය නම් හොඳම සහාය නළුවා සඳහා එහි රඟපෑ ලියෝ ගේත් සහ පීටර් උස්තිතෝ යන දෙදෙනාගේම නාමයෝජනා වී තිබීමය. කෙසේ වෙතත් ගෝල්ඩන් ග්ලෝබ් සිනමා උළෙලේ සම්මාන හිමි වූයේ හොඳම සංස්කාරක ලෙස ක්වෝ වාඩිස් චිත්‍රපටයටයි.ඔබ සඳහන්කර තිබුණා ගාමිණී ෆොන්සේකා සමඟ ස්වර්ණා මල්ලවආරච්චි චංචල රේඛා චිත්‍රපටයේ එකට රඟපෑවා කියලා. එය වැරැදියි නේද? එම චිත්‍රපටයේ රඟපෑවේ නදීකා ගුණසේකර නේද?කරූ මණ්ඩාවල – නාත්තන්ඩියනදීකා එහි ප්‍රධාන චරිතය රඟපෑවත් ස්වර්ණා ගාමිණීගේ පෙම්වතිය හැටියට රඟපෑවා මතක නැද්ද කරූ.නීලා වික්‍රමසිංහ සහ නෙවිල් ප්‍රනාන්දු ගායනා කරන මාස්ටර් සර් ගීතය ඇතුළත් වූ චිත්‍රපටය කුමක් ද?වික්ටර් පල්ලියමුල්ල - හැඳලමෙය ඇතුළත් වූයේ ‘කළු දිය දහර’ චිත්‍රපටයටයි. මෙය පසු කලෙක නීලා ගායනා කළේ නිමල් මෙන්ඩිස්ගේ අලුත් කැසට් පටයකට. චිත්‍රපටයට ගායනා කළේ නෙවිල් ප්‍රනාන්දු.(අර්ජුන්)සැකසුම - සංජීව සම්පත් බාලසූරිය  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පි‍්‍රයංකර විතානාච්චි අධ්‍යක්‍ෂණය කළ ‘සැමීගේ කතාව’ සිනමා සිත්තම පසුගිය දා මෙරට සිනමාහල්වල ප්‍රදර්ශනය අවසන් කෙරුණා. රංගන ශිල්පී ජගත් චමිල අමෙරිකාවේ නිව්යෝක් සිටි ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනිද්දී ‘සැමීගේ කතාව’ චිත්‍රපටයට මෙරට ප්‍රේක්‍ෂකයන්ගෙන් ද ඊට ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්. චිත්‍රපට අධ්‍යක්‍ෂ පි‍්‍රයංකර විතානාච්චි විදෙස්ගත වුණෙත් මේ පී‍්‍රතිදායක ප්‍රතිචාරයන් ද සමඟින්.කෙසේ වෙතත් ‘සැමීගේ කතාව’ චිත්‍රපටය තිරගත කිරීමට ලබාදී තිබූ කාලය අවසන් වුණත් චිත්‍රපටය නැරඹීමට පැමිණෙන ප්‍රේක්‍ෂකයන්ගේ අඩුවක් නම් දකින්නට ලැබුණේ නැහැ. මේ ගැන අවධානය යොමු කළේත් තවත් චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්. ‘සැමීගේ කතාව’ චිත්‍රපටයෙන් අනතුරුව එම සිනමා ශාලාවල තිරගත කිරීමට නියමිත වුණෙත් ඔහුගේ චිත්‍රපටයක්.ඔහු උදයකාන්ත වර්ණසූරිය යි. ‘සැමීගේ කතාව’ ලබන මේ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර දෙස සුබවාදීව බැලූ උදයකාන්ත පි‍්‍රයංකර අමතා පැවසුවේ සැමීගේ කතාව චිත්‍රපටයෙන් පසුව තමා අධ්‍යක්‍ෂණය කළ ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ චිත්‍රපටය තිරගත වන්නට නියමිත වුණත් ලබන ප්‍රතිචාර අනුව සැමීගේ කතාවට තව ඉදිරියට දින ලබා දී කොස්තාපල් පුඤ්ඤසෝම තිරගත කරන්නට කැමැති බවයි.කලා ක්ෂේත්‍රය කෙතරම් සුන්දර වුණත් තිබෙනා තරගකාරීත්වය සමඟින් එකිනෙකා පරදවන්නට උත්සාහ දරන අසුන්දර දේ සිදුවන අවදියක මෙම සිදුවීම කාගේත් අවධානයට ලක්විය යුතු ආදර්ශවත් ක්‍රියාවක් නොවේද? දැන් කොස්තාපල් පුඤ්ඤසෝම තිරගත වේ.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අඟුරුවාතොට, මදුරාවල ප්‍රාදේශීය සභාවේ එ.ජ.නි.ස මන්ත්‍රීවරුන් කණ්ඩායම මහා මාර්ග හා වරාය ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතාගෙන් කරන ලද ඉල්ලීමක් අනුව බලප්‍රදේශයේ සෑම ග්‍රාම නිලධාරී වසමකම ඇති සියලුම ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලක්ෂ 2000ක මුදලක් ලබාදී තිබේ.මේ මුදල් ප්‍රතිපාදනය යටතේ ප්‍රදේශයේ සෑම දුෂ්කර මාර්ගයක්ම දැනට ප්‍රතිසංස්කරණය වෙමින් පවතින අතර, ඒවායේ සියලු ඉදිකිරීම් කටයුතු ඉදිරි මාස දෙක තුළදී අවසන් කිරීමට නියමිතය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වීර්-සාරා, ෂාරුක් ඛාන් – ප්‍රීති සින්තා ප්‍රේමය අයි පී එල් කුසලානය ඉදිරියේ දෙදරා ගිය අන්දම කොයි කාටත් සක් සුදක් සේ පැහැදිලිය. අවසාන මොහොතේ ෂාරුක්ගේ කණ්ඩායම නොසිතූ ජයක් ලබද්දී, ප්‍රීතිගේ හද දෙදරා ගිය අන්දම ඇය පෑ ඉඟි බිඟි සාක්ෂිය.ජයග්‍රහණයෙන් පසු පිටියට පැමිණි ෂාරුක් ක්‍රීඩකයන් සමඟ පිනුම් ගසමින් විනෝද විය. ඔහු සිය විජයග්‍රාහී කුසලානය පිරිනැමුවේ බාලපුතු ඒබ්‍රහම්ටය. මේ ෂාරුක්ගේ දෙවැනි විජයග්‍රහණයයි.සුපුරුදු නිහතමානිකම පෙන්වමින් ඔහු ප්‍රීති සින්තාගේ පන්ජාබ් පිල ද අගය කළේය.චම්පිකා 
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
නිදහසේ හැටහයවන සැමරුම අපි පසුගියදා ඉතා අභිමානයෙන් යුතුව සැමරුවෙමු. එය එසේ සැමරීමට අයිතිය වත්මන් රජය විසින් ලබාදී ඇත. එනම් වසර තිහක ලොව දරුණුතම ත්‍රස්තවාදී ග්‍රහණයට මුළු මහත් ශ්‍රී ලාංකේය සමාජයම නතුව තිබූ අවදියක, එම ග්‍රහණයෙන් ගලවා, අප සමාජ සංස්කෘතිය තුළට සැබෑ නිදහස අර්ථවත් ලෙස මුදාහැරීමට ක්‍රියාකිරී‍මෙන් ජනපතිතුමා මහඟු මෙහෙයක් ඉටුකර ඇත.සාමයේ කිරුළ සැබෑ ලෙස අත්පත් කරගෙන ඇත්තේ මෙරට වෙසෙන ජනතාවය එයට වර්ගයක, වර්ණයක හෝ ආගමක ලේබලයක් ගැසීමට කිසිවෙකුට හෝ අයිතියක් ද නැත. රට පුරා විවිධ ප්‍රදේශවල පවත්වනු ලබන දැයට කිරුළ ප්‍රදර්ශන කේන්ද්‍රකර ගනිමින් සංවර්ධන කටයුතු කිරීම හරහා මෙරට සිදුව ඇති විපර්යාසය සුළුපටු නොවේ. එය ද ජාති, ආගම් භේදයකින් තොරව සැමට එකසේ භුක්තිවිඳිය හැකි පරිදි සිදුවෙමින් තිබේ. මේ තුළ අපට දැකිය හැකි වන්නේ සාමය කේන්ද්‍ර කරගත් සංවර්ධන පිබිදුමකි.ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය යනු ලොව පිළිගත් සමාජ සම්මුතීන් දෙකකි. මෙය මුලින් ලොවට හඳුන්වා දුන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේය. ඒ බුදු මඟ පෙරටු කරගත් අප, එය වඩාත් අර්ථ නිරූපණය කිරීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන ඇත. මේ සමාජ සම්මුතීන් දෙකම එකට පවත්වාගෙන යන ලොව එකම රට වන්නෝ ශ්‍රී ලංකාව ය. එය ද අපට අභිමානයකි.ඕනෑම ජන සමාජයක බල තණ්හාව නමැති ආත්මාර්ථය ඔඩු දිවූවිට කේලාම් නමැති උන්මාදය ඉස්මතුවීම වැළැක්විය නොහැකි ය. එය මානසික රෝගයකි. අප ජාතියක් වශයෙන් බෙලහීනයත් බවට පත් වූයේ ද,බල අරගලයේ උන්මාදය හේතු කොට ගෙන ය. වර්තමානයේද අප දකින්නේ එයම වේ.ත්‍රස්තවාදී, නොහික්මුණ අරගලයක දෙකොන විලක්කුවකින් පීඩා විඳි අප එය නිවා දමා සංවර්ධනයේ මාවතට පිවිසෙමින් සිටිමු. යුද්ධයක් පැවැතියද සංවර්ධනය අත නොහරින ලද ජාතියක් වූයේ අපය. ඒ අපගේ ආදීනවයන්ගේ සිට පැවැත එන ජානගත තත්ත්වයකි. ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය යනු ක්‍රමවේද දෙකක් ලෙස හඳුන්වනු ලැබුවද, එම ක්‍රම වේද දෙක එකක් ලෙස නිර්වචනය කර ලොවට හඳුන්වාදී ඇත්තේ අපමණකි.ප්‍රජාතන්ත්‍රවාදයෙන් මෙරට ජනතාවට තමන් කැමැති පාලකයකු පත් කර ගැනීමේ අයිතිය මූලිකව සපයා දී ඇත. ත්‍රස්තවාදය පැරදවීමේ අවසන් සටන වුවද නම්කරනු ලැබුවේ “මානුෂීය මෙහෙයුම” ලෙසිනි. එවන් හැඳින්වීමකින් මෙලොව කිසිදු යුද්ධයක් නිමාකර නැත. මුළු ලොවකම අවධානය අපට යොමුවූයේ එබැවිනි.අනුන්ගේ සම්පත් කොල්ලකා යැපීමේ ම්ලේච්ඡ ප්‍රතිපත්තියක් ඇති අමෙරිකානු නොනිල ත්‍රස්තවාදීන් මේ වනවිට ඊනියා ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා අපට ඇඟිල්ල දිගුකර ඇත්තේ ඔවුනට කළ නොහැකි වූ යුද්ධමය සැලසුමකින්, ලොව දරුණුතම ත්‍රස්තවාදියා අප මෙල්ල කළ නිසාය. යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම කුරිරු යුද්ධයෙන් අසරණ වූ ජනතාව ජීවත් කරවීමේ මහා මෙහෙයුමක් උතුරු වසන්තය නමින් ඇරැඹීමෙනි.නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් මෙන් ම සමානාත්මතාවයෙන් යුක්තව දකුණේ මෙන් ම උතුරේ ජනතාවට ද සහන සැලසීමේ ක්‍රියාන්විතයක් කෙටි කලකින් දියත් කිරීමට මහින්ද චින්තනය ඔස්සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමාජවාදී ජන සම්මතය අර්ථවත් ලෙස ක්‍රියාවට නැංවීමෙනි. එබැවින් ලොව බලවතුන් ලෙස සැලකෙන රුසියාවට වඩා අමෙරිකාවට අප කෙරෙහි ඉරිසියාවක් ඇතිවීම ඔවුන්ගේ බල අරගල උන්මාදයේ තවත් එක් ප්‍රතිඵලයකි.මේ සියල්ලටම වත්මන් රජය පිළිතුරු සපයන්නේ ප්‍රථමයෙන්ම යුද්ධයෙන් මුළුමණින්ම හානි වූ උතුරේ මෙන්ම සංවර්ධනය අඩාල වී තිබූ දකුණේද මාර්ග සංවර්ධන, යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමෙනි. එම ක්‍රියාන්විතය වඩාත් ක්‍රමවත් කිරීම සඳහා “මහින්ද චින්තනය” මුල්කර ගනිමින් දියත්කර ඇති “දැයට කිරුළ” සංවර්ධන වැඩපිළිවෙළ හරහාය. මේ වන විට එය ක්‍රියාත්මක වන්නා වූ ප්‍රදේශවල, සංවර්ධන ඉලක්ක සපුරාලීම සඳහා ප්‍රබල සාධකයක් වී ඇත.ජාත්‍යන්තරය අද අපට අභියෝග එල්ලකරන්නේ ජාතීන් වශයෙන් අප බෙදී වෙන් වී සිටින නිසා ය. සිංහළ, දෙමළ, මුස්ලිම්, මැලේ, නොව, එක් ශ්‍රීලාංකේය ජාතියක් ලෙස අප හඳුන්වා ගත යුතු ය. වර්ගවාදය හා ආගම්වාදය මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන මෙරට ඇතැම් දේශපාලන පක්ෂ හා සංවිධාන වහා ඉන් ඉවත් විය යුතුය. එවිට අපේ සහෝදරත්වය සහ සාමූහිකත්වය එයින් ලොවට පිළිබිඹු කළහැකි ය. විවෘත මනසකින් හා පැහැදිලි දර්ශනයකින් අප එලෙස කටයුතු කළ හොත් හෙට දිනයේ සියලු අභියෝග අබිබවා ආසියාවේ අසිරියේ කිරුළ ද අපට හිමි කරගත හැකි වනු ඇත. එය මුළු දැයටම පිදෙන කිරුළක් ම වන්නේ ය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:Latha; mso-bidi-theme-font:minor-bidi;}හැමදාම වගේ ලංකාවේ ඉන්න සර්පයෝ ගැන කතා කරනහින්දා අද ලෝකේ පුරා සර්පයෝ ව්‍යාප්ත වෙලා ඉන්නේ කොහොමද කියලා දැනුවත් කරන්නහිතුනා. සර්ප විශේෂ 2900කට අධික ප්‍රමාණයක් ලොව පුරා විසිරිලා ඉන්නවා. ඇන්ටාටිකාව හැරුනු කොටඅන් සියලුම මහද්වීප වලින් සර්පයින් මුණ ගැහෙනවා. ගැඹුරු මුහුදු පතුලේ වගේම 5000m කට වඩාඋස්වූකදුමුදුන් වලද මොවුන් දිවි ගෙවනවා. කොහොම වුනත් අයර්ලන්තය වගේසර්පයින්ගෙන් තොර වූ දූපත්ද ලොව පුරා වාර්තාවෙනවා.ලෝකය පුරා ජීවත් වෙන බොහෝ සර්පයින් සාමාන්‍යයෙන්1m පමණ දිගකින්යුක්ත කුඩා සතුන් වුනත් 9m පමණ දිගකට වර්ධනය වන රෙටිකියුලේටඩ් පිඹුරාගේ (Reticulated python) පටන් 10cm පමණ කෙටිවූශරීරයක් දරන Leptotyphlopscarlae දක්වා පුලුල් පරාසයක මොවුන්ගේ ශරීර ප්‍රමාණවිසිරී පවතී. එසේම 100kg ආසන්නස්කන්ධයකින් හෙබි කොළ ඇනකොන්ඩා (greenanaconda) වැනි සර්පයින්ද ලොව ජීවත් වෙනවා.රෙටිකියුලේටඩ් පිඹුරා ( Python reticulatus ) ගිණිකොණ දිග ආසියාතික රට වලින් හමුවනරෙටිකියුලේටඩ් පිඹුරා (Python reticulatus) ලොව දිගින් වැඩිම සර්පයා පමණක් නෙමෙයිදිගින් වැඩිම උරගයා කියන වාර්තාවටද හිමිකම් කියනවා. ඒ වුනත් මෙයා විෂ රහිතසර්පයෙක්.ඉතා හොදින් පිහිනීමේ හැකියාවක් තියෙනවා. Phythonidae කුළයට අයත් සර්පයෙක් වන මොහුට මිනිසෙකුවුවත් පහසුවෙන් ගිල දැමීමේ හැකියාවක් පවතිනවා.LeptotyphlopscarlaeLeptotyphlopscarlae දැනට ලොව හමුවී ඇති දිගින් අඩුම සර්පවිශේෂය ලෙසින්සැලකෙනවා. මොවුන් බාබිඩෝස් වල පිහිටි කැරිබියන් දූපත්වලට ආවේණිකයි.2008 වසරේදි තමයි මෙයාලව මුලින්ම හොයා ගත්තේ. මේ කුඩා සර්පයා Leptotyphlopidae කියන සර්පකුළයට අයත් වෙනවා.මෙම සර්ප විශේෂයේ මෙතෙක් හමුවී ඇති දිගින් වැඩිම සත්වයා 10.4cm දිගකින් යුක්තය.4pt 0in 5. මෙයාලත් විෂ රහිතසර්ප විෂේශයක්. ඇනකොන්ඩා දකුණු ඇමරිකාවෙන් හමුවන දක්ෂ පිහිනුම් කරුවෙක්. මෙයා Boidae කියන් සර්ප කුළයට අයත් වෙනවා.ජායාරූප- http://kids.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ව්‍යාපාරික මිල්ටන් ගලප්පත්ති මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනතාව කටයුතු කළ යුතු ආකාරය හා පසුගිය වසර හතරේ දී ජනාධිපතිතුමා සිදුකළ කාර්ය භාරය පිළිබඳ සිදුකළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකැසේ.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මා මුලින්ම දැන හඳුනා ගත්තේ එක් දහස් නවසිය හැත්තෑව තරම් ඈත අතීතයකදී. එදා රාජපක්ෂ මැතිතුමා හිරිමල් වියේ තරුණයෙක්. මගේ මුල් ගම හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්තය. ඒ නිසා එදා සිටම මහින්ද රාජපක්ෂ චරිතය පිළිබඳ මගේ හදවතේ විශාල ගෞරවයක් තැන්පත්ව තිබුණා.1970 වර්ෂයේ දී එදා බෙලිඅත්ත ආසනයට තරග කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා. එම මැතිවරණයට තරුණයකු ලෙස තරග කරද්දී මං හිරිමල් තරුණයෙක් ලෙස මාගේ් පළමු ඡන්දය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයටයි.එදා මා තරුණයකු ලෙස ගත් තීරණය පිළිබඳ අද සතුටට පත් වෙනවා. ජනාධිපතිතුමාගේ රට සුරකින සටනට මට පළමු ශක්තිය ලබා දීමට පුළුවන් වීම මා ලද භාග්‍යක් ලෙස සලකනවා.මා දකින ආකාරයට එදා සිටි මහින්ද රාජපක්ෂ මහතා සහ අද සිටින මහින්ද රාජපක්ෂ මහතා අතර වෙනසක් නෑ. එදා සිටි නිහතමානී , සංවේදී මිනිසාට අදත් අප ආදරය කරන්නේ ඔහුගේ එම සුවිශේෂ ලක්ෂණයටයි.අද අපේ ජනාධිපතිතුමාට විරුද්ධව නැඟෙන ප්‍රධානතම චෝදනාව වෙලා තියෙන්නේ ඔහු මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සහමුලින්ම වනසන බව සහ මානව අයිතීන් උල්ලංඝණය කරන බවයි.අද ජනාධිපතිතුමා දේශපාලන වශයෙන් විනාශ කරන්නට විපක්ෂය මේ චෝදනා එල්ල කළා. මෙරට බහුතර ජනතාව මේ වන විට ඇත්ත නැත්ත කුමක්ද කියා මනා ලෙස වටහා ගෙන සිටින්නෙ.එදා ලාම්පු කළගෙඩි සෙල්ලම් පෙන්වා, මහ මැතිවරණ සිතියම හකුලා දැමූ අයත් , 1988 දී ඡන්දය පාවිච්චි කළ ඡන්ද දායකයන් මරා දැමූ අයත් අද මේ මොහොතේ දී එකට එක්ව ජනාධිපතිතුමාට විරුද්ධව පෙළ ගැසී සිටීම පුදුම සහගතයි. අද පාරිශුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන විපක්ෂය , එදා කටයුතු කළ ආකාරය ජනතාවට හොඳාකාරවම මතකයි. එනිසා ඔවුන්ට බහුතර ජනතාවක් රැවටීමට හැකියාව ලැබෙතැයි විශ්වාස කළ නොහැකියි.1977 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මහ මැතිවරණයෙන් බලය ලබා ගත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනැගීම වැනි ප්‍රතිපත්ති රාශියක් ඉදිරිපත් කරමිනුයි.එහෙත් එයින් පසු සිදු වු දේ පිළිබඳ ජනතාවට හොඳ මතකයක් සහ අවබෝධයක් තිබෙනවා. එදා ඒ සියලු දේ සඳහා සක්‍රීය ලෙස දායකත්වයක් ලබාදුන් එජාපය ම අද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කිරීම විහිළුවක්.ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ මෙරට ආර්ථිකය බිඳ වැටුණ බව හා ව්‍යාපාර ක්ෂේත්‍රය බිඳ වැටුණ බව ප්‍රධාන තර්කයක් වෙලා එහෙත් අප දකින ආකාරයට නම් ලෝකයේ මහා ආර්ථික අර්බුදය හමුවේ පවා අප රටට කෙළින් සිට ගැනීමට පුළුවන්කම ලැබී තිබෙන බවයි.මෙය අප රටක් ලෙස ලැබූ ජයග්‍රහණයක් මෙන් ම ලෝකයටම ආදර්ශයක් සපයාගත හැකි අවස්ථාවක් ලෙස සඳහන් කරන්න පුළුවන්.අපට වඩා ආර්ථික අතින් බලවත් රටවල් ශීඝ්‍ර ලෙස බිද වැටෙද්දී අප රට ආර්ථික ස්ථාවරයක් පවත්වාගෙන යාමට පුළුවන්කම ලැබීම වුණත් ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකිය. මා හඳුනාගෙන ඇති ආකාරයට මෑත කාලයේ දී රටේ ආර්ථිකය අතිශය සාර්ථක ස්ථාවර තැනක රඳවා තබා ගැනීමට හැකි වුණේ වර්තමාන රජයට පමණි.මෙහි දී අප මෙතෙක් කල් වන්දනීය ලෙස සලකනු ලැබුවේ යුරෝපා රටවල් පමණි. එහෙත් ජනාධිපතිතුමාගේ අනගි විදේශ ප්‍රතිපත්තිය නිසා අපට අද ඉතාමත් සෘජු හා නොබිය විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පුළුවන්කම ලැබී තිබෙනවා.යුද ජයග්‍රහණයට පවා සෘජු ලෙස බලපෑ ප්‍රධාන කාර්යය වුණේ මේ විදේශ ප්‍රතිපත්තියයැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නෙමෙයි.ඒ නිසා විදේශ ප්‍රතිපත්තිය අතින්ද ජනාධිපතිතුමාගේ පාලන කාලයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. මං ඒ විදිහට සඳහන් කළේ ජනාධිපතිතුමාගේ නිවැරැදි පාලන ක්‍රමය පිළිබඳ එක් උදාහරණයක් පමණයි.ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ සිදුකළ කාර්යභාරයන් කිහිපයක් පිළිබඳ ඉහතින් මා පැවසුවා. මගේ් හැඟීමට අනුව රටට ඉදිරියටත් සේවය ඉෂ්ඨ කළ හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතායි. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයෙන්ද ජයග්‍රහණය කරවිය යුත්තේ එතුමාය.එමෙන් ම මෙහි දී නැඟෙන තවත් විපක්ෂ තර්කයක් වන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දකුණේ වෙරළබඩ ප්‍රදේශ පදනම් කරගත් පුද්ගලයකු නිසා දකුණේ වෙරළ බඩ ජනතා සහය ජෙනරාල්වරයාට හිමිවන බවයි. එහෙත් මා හට එම තර්කය පිළිගත නොහැකියි.මං මේ ප්‍රදේශ ආශ්‍රිත වෙළෙඳ ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයෙක් නිසා මා දකින සත්‍ය නම් රටේ සියලු ප්‍රදේශවල මෙන් ම දකුණේ වෙරළ බඩ ප්‍රදේශවල ජනතා සහයද ජනාධිපතිතුමාට හිමි වන බවයි.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දැයට කිරුළ ප්‍රදර්ශනය නැරඹීම සඳහා විසිලක්ෂ පනස් දහසක ජනගඟක් පෙරේදා (9) මධ්‍යම රාත්‍රි වන විට (දින හයක් තුළ) අනුරාධපුර ඔයාමඩුවට පැමිණ නව වාර්තාවක් තබා ඇතැයි දැයට කිරුළ කමිටු සභාපති සහ විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.මෙතෙක් පැවැති දැයට කිරුළ ප්‍රදර්ශන සඳහා වැඩිම ජන සහභාගීත්වය සිදු වූයේ බුත්තල දැයට කිරුළ ප්‍රදර්ශනයට වන අතර එය දහනව ලක්ෂ අනූ දහසකි. (19 90000).එමෙන්ම එක් දිනකදී පන් ලක්ෂ හතළිස් දහස (540000) ඉක්මවමින් දිනක් තුළ පැමිණ වැඩිම පිරිසද ඉකුත් දුරුතු පොහෝ දින (8) අනුරාධපුර ඔයාමඩුවේදී සිදු වූ බව සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි.ඊයේ (10) දිනය අවසන් වන විට ලක්ෂ විපහක (2500000) සහභාගීත්වයක් සිදුවෙමින් තිබූ අතර හෙට (12) අවසන් දිනය වනවිට හතළිස් ලක්ෂයකට (4000000) ආසන්න පිරිසක් සහභාගී වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.රටේ ජනතාව කෝටි දෙකක් (2) වන අතර මේ වනවිට සමස්ත ජනතාවගෙන් සියයට දහයකට (10%) අධික ජනතාවක් සහභාගිවීමෙන් පෙනි යන්නේ දැයට කිරුළ වැඩපිළිවෙළ දිනෙන් දින ජනතාවට කිට්ටුවන බවකි. උතුරු ප්‍රදේශයෙන් පමණක් ඔයාමඩුවට සියයට විස්සක (20%) ලක්ෂ හතරකට (4) අධික පිරිසක් සහභභාගි වී ඇත. එයින් සියට දාහතයි දශම දෙකක් (17.2%) දෙමළ භාෂාව කථා කරන අය වීම මඟින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම සමස්ත ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බවද අමාත්‍යවරයා කීය.අනුරාධපුරයෙන් ආරම්භකරන උපාධිධාරී පුහුණු ව්‍යාපෘතියෙහි නිලධාරීන් හත්සියයක් (700) යොදවා පැමිණෙන පිරිස් පිළිබඳව විවිධ අංශවලින් සංගණනයක් දැයට කිරුළ භූමියේ සිදු කරන බවද එය භාෂාව, වයස, ආගම, ජනවර්ණය, දිස්ත්‍රිත්කය ස්ත්‍රී පුරුෂභාවය මෙතුළින් රැස්කෙරේ. මෙය ඉදිරි සැලසුම්වලට වඩාත් ප්‍රයෝජන බව සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.ඒ හැර දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය නැරඹීම සඳහා පසුගිය දින කිහිපය තුළ පමණක් උතුරු, නැගෙනහිර පළාත්වල ලක්ෂ දෙකකට (02) අධික ජනතාවක් පැමිණ ඇත. උතුරු පළාතෙන් ලක්ෂයකට අධික ජනතාවක් පැමිණ තිබේ. වව්නියාව, යාපනය, කිලිනොච්චි, මන්නාරම යන දිස්ත්‍රික්ක වල පාසල් ළමුන් ඇතුළු දමිළ ජනතාව විශාල පිරිසක් පැමිණ තිබේ. එමෙන්ම නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර යන දිස්ත්‍රික්කවල ජනතාවක් ද විශාල පැමිණීමක් දක්නට ලැබේ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
තූතන්කමූන් (විකල්ප ලෙසින් තූතන්ත්-, -ආමන්, -ආමොන් ලෙසින් අක්ෂර වින්‍යාසය සහිත) යනු, ඊජිප්තියානු ඉතිහාසය තුල නව රාජධානිය ලෙසින් හැඳින්වුනු කාල සීමාවෙහිදී රට පාලනය කල 18වන රාජවංශයෙහි (පාලනය සම්මත කාලානුක්‍රමය පරිදී ක්‍රිපූ 1332 ගණන් – ක්‍රිපූ 1323 ගණන්), ඊජිප්තියානු පාරාවෝ කෙනෙකි.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ජීවමාන සිනමා කිවිඳීයට මුද්දරයක්හෙළ සිනමා කිවිඳීය ලෙස විරුදාවලි ලත් මෙරට විශිෂ්ටතම සිනමාවේදිනිය ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ සුමිත්‍රා පීරිස් මහත්මියවෙනුවෙන් මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම පසුගියදා තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.එදා සුමිත්‍රා පීරිස්ගේ ගඟ අද්දර හරහා සිනමාවට පැමිණි ජීවන් කුමාරතුංග අද තැපැල් සේවා අමාත්‍යවරයා ලෙස මෙම අවස්ථාවට එක්වීම ඉතා සුවිශේෂී අවස්ථාවක්.- යතේජා ඥානරත්නඡායාරූප – මාලන් කරුණාරත්න  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
රෝම හමුදාවේ සංග්‍රාම ඉතිහාසය[සංස්කරණය] ඉතාලියේ ප‍්‍රධාන නගරය වූ සහ ක‍්‍රි: පූ: 9 වන සියවසේ සිට ක‍්‍රි: ව: 5 වන සියවස තෙක් යුරෝපා ආසියාව සහ උතුරු අප‍්‍රිකාව පාලනය කළ ඓතිහාසික රෝමයේ ඉතිහාසය බැඳී පවතින්නේ යුද ඉතිහාසයත් සමග ය. මෙම ඉතිහාසය වනාහී, රෝම හමුදාවේ ගොඩබිම් සටන් වේ. මෙම සටන් ඉතාලි අර්ධ ද්වීපයේ අසල්වැසියන් යටත් කර ගැනීමෙන් පසුව දියත් කළ මූලික ආරක්ෂක සටන්වලින් ආරම්භ වී අධිරාජ්‍ය නැගෙනහිර හා බටහිර ලෙස වෙන්වීමෙන් පසුව හන්, වැන්ඩල් හා ජර්මානු ගෝත‍්‍රවල ආක‍්‍රමණවලින් ආරක්ෂාවීමට දියත් කළ අවසන් අරගලය දක්වා දිවේ. රෝම හමුදා ඉතිහාසය තුළ මධ්‍යධරණි මුහුද වටා ඇති භූමිය යටත් කර ගැනීමට කරන ලද සටන් හැරුණු කොට, මුහුදු සංග‍්‍රාම ඉතා අවම ය. ඊට හේතුව නම්, පළමු පියුනික් යුද්ධයෙන් පසුව එහි නෞවක ආධිපත්‍යයට තර්ජනයක් එල්ල නොවීමය. රෝම හමුදාව මුලින්ම සටන් කළේ සිය අසල්වැසියන් සහ එත‍්‍රැස්කාන් :ෑඑරමිජ්බ* නගරවලට එරෙහිව ය. පසුව මධ්‍යධරණි කලාපයේ සහ ඉන් අනතුරුව බි‍්‍රතාන්‍යය හා සුළු ආසියාව  :්ිස් – පසබදර* යන ප‍්‍රදේශවලට පැතුරුණි. බොහෝ ශිෂ්ටාචාරවල මෙන් රෝම හමුදාව ද කරුණු 3ක් සඳහා සේවය කළේය. එනම්, දේශසීමා ආරක්ෂා කර ගැනීම, යටත් වැසියන් මත ආධිපත්‍යය පැතිරවීම සහ අභ්‍යන්තර සාමය පවත්වාගෙන යාමයි. මුල සිටම රෝම හමුදාව මෙය ආදර්ශයක් ලෙස පවත්වාගෙන ගිය අතර, එහි සංග‍්‍රාම මින් හේතු එකක් හෝ දෙකක් මත පදනම් විය. පළමුව, සාමාන්‍යයෙන් ප‍්‍රති ප‍්‍රහාර වැළැක්වීමක් ලෙස ආරම්භ කළ දේශසීමා පුළුල් කිරීමේ සටන් ය. මෙමගින් විශාල භූමි ප‍්‍රමාණ අත්පත් කර ගැනීමේ හැකියාව ලැබුණු අතර, ලොව ජනගහණයෙන් 10/4ක් පදිංචිව සිටින තරම් වූ බිම් ප‍්‍රමාණයක් සහිත ලොව තුන්වන විශාලතම අධිරාජ්‍යය බවට පත් විය. දෙවනුව, රෝමයේ ආරම්භක යුගයේ සිට බිඳ වැටෙන තෙක් එය පීඩාවට පත් කළ සිවිල් යුද්ධයයි. රෝම හමුදාවන් ගැන තිබූ භයානක අදහස් හා ඔවුන්ගේ ජයග‍්‍රහණ මාලාව කෙසේ වුවද, ඔවුන් පරාජය කළ නොහැකි වූවන් නොවීය. ශත වර්ෂ ගණනාවක් තිස්සේ ඔවුහු සිය නොහැකියාවන් ගොඩ නඟාගත් අතර, එය ඔවුන්ගේ අන්ත පරාජයන්ට මඟ පෙන්වීය. එසේ වුවත්, සටන් ජයග‍්‍රහණය කරන නමුත්. යුද්ධයෙන් පරාජය වීම වූ කලී රෝමයේ සතුරන් වූ පයිරස්වරුන්ගේ හා හැනිබාල්වරුන්ගේ ද ඉරණම විය. රෝම සංග‍්‍රාම ඉතිහාසය යනු අන් කිසිවක් නොව, අන්ත පරාජයන් යටපත් කරන ලද අප‍්‍රතිහත ධෛර්්‍යය පිළිබඳ ඉතිහාසයය සටහන්[සංස්කරණය] |Campaign_history_of_the_Roman_military |}
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කෝටි එකසිය පහක (105) පමණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට දැනට රිමාන්ඩ් භාරයේ පසුවන චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිය ලබන 29 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් රෝහණ අනුර කුමාර හේරත් මහතා ඊයේ නියෝග කළේය.ඊයේ (15) මේ නඩුව අධිකරණය හමුවේ කථා කළ අවස්ථාවේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සැකකාර සක්විති රණසිංහ නමැත්තාගේ බිරිය වෙනුවෙන් මහාධිකරණයේ ඇප අයදුම්පතක් ඉදිරිපත් කර ඇති බව කීය.ඒ අනුව ඇයට මහාධිකරණයෙන් ඇප අනුමත වුවහොත් ඒ බව මේ අධිකරණයට ලිඛිතව දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා එකී නීතිඥවරයාට දැන්විය.තැන්පත්කරුවන්ට වැඩි පොළී අනුපාතයක් ගෙවන බවට ආයෝජකයින් දහස් ගණනක් රවටා රුපියල් කෝටි එකසිය පහක පමණ මුදලක් වංචා කර සැඟවී සිටි මේ අඹුසැමි යුවළ පසුගිය වසරේ කඩුවෙල ප්‍රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ්භාරයට පත්කර සිටී..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සැමියා පැදවූ ලොරි රථයේ ගැටී දෙදරු මවක් මිය යෑමේ ශෝචනීය සිද්ධියකින් බණ්ඩාරගම, කිදෙල්පිටිය, වැල්මිල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.වැල්මිල්ල හන්දියේ 111 ඒ, නිවසට ලොකු කුඩා කොයිකවුරුත් ඇදී ආවේ නිහඬව සාලයේ සැතපී සිටින ඩබ්. කුමුදුනි පෙරේරා (32) මහත්මියට අවසන් ගෞරව දැක්වීමටය.බණ්ඩාරගම මැදගම පදිංචිව සිටින කුමුදුනි අලුත්ගම කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා වැල්මිල්ලේ එල්. ආර්. රංජන් ජයසිරි (34) සමග යුග දිවි ගමන අරඹා ඇත්තේ යන්තම් අවුරුදු 17 ක් 18 ක් වන විටය. කොටු වලින් කීර මිටි එකතු කර විකිණීම සිදු කළ රංජන් දිස්නා සමග මහ ගෙදර ජීවත් වුණේ තම මව සහෝදරයා මෙන්ම අනෙකුත් ඥාතීන් ද සමඟය.ඉතා උත්සාහවන්ත කාන්තාවක් වූ දිස්නා නිතරම රංජන් ගේ වැඩ කටයුතුවලට උදව් දෙමින් අරපිරිමැස්මෙන් වියදම් කර යමක් ඉතිරි කර ගැනීමට සමත් වූවාය. අවු 14ක් වයසැති චමලි චමල්කාත් නව හැවිරිදි රශ්මික විදුලක් පුතුන් ඔවුන්ගේ ජීවිත වලට ගෙන ආවේ ආලෝකයකි.කිදෙල්පිටිය සාරාලංකාර මහා විද්‍යාලයේ 9 හා 3 වසරවල ඉගෙනගන්නා දරුවන් යතුරුපැදියෙන් පාසලට කැඳවා ගෙන ආවේ ගියේ කුමුදුනි විසිනි. ඇය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කාලය කැප කළේ පාසලේ සියලුම වැඩ කටයුතු වලට ද සම්බන්ධ වෙමිනි.උත්සාහයෙන් දියුණු වු මොවුන් කෙටි කාලයකින් මහ ගේ ඉදිරියෙන් බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයට මුහුණ ලා නව නිවෙසක් ඉදිකර ගත්තේ නිදහසේ තම වැඩ කටයුතු කර ගෙන යෑමටය. මේ නිවාස දෙක ආසන්නයේ තිබූ අනෙක් නිවෙස් ද ඥාති ඬ;වස් වීම ඔවුන්ට ශක්තියක් විය.කිදෙල්පිටිය අවට කීර කොටු වලින් කොල මිටි මිලදී ගන්නා රංජන් තම කුඩා ලොරි රථයෙන් කොටුවලට ගොස් එකතු කර ගත් කොළ ගඟෙන් තෙමා රැගෙන ඒම සිරිතකි. රෑ 7, 8 වන විට රැගෙන එන කොළ නිවස අසල තවත් මිතුරෙකුට අයත් ලොරියක පටවා පසු දින පිටකොටුවට රැගෙන යෑම ඔහුගේ දින චරියාව වී තිබිණි. දිනපතා පාන්දර 4ට පමණ නිවසින් කොළ රැගෙන පිටවන ඔහු නැවත හවසට පැමිණ කොළ එකතු කිරීම සිදු කරන්නේ තවත් අයෙකුගේ සහය ඇතිවය.අම්මලාගේ නිවෙසත් තම නිවෙසත් අතර ඇති අඩි 15ක පමණ ඉඩ ප්‍රමාණයේ ඔහුගේ කුඩා ලොරිය නතර කිරීමට ගරාජය ලෙසට පාවිච්චි කරන්නේ එය ආරක්ෂාකාරී බැවිනි. කුස්සියේ දොරෙන් පිට වෙන මේ ස්ථානයේ වැසිකිළියේ බිත්තියට අල්ලා ජල කරාමය සහිත සින්ක් එක සවි කර තිබේ. කුමුදුනි අනතුරට පත් වූයේ ලොරියත් මේ සින්ක් එකත් අතර සිරවී උදරය කැපී බරපතළ තුවාල ලැබීමෙන් අනතුරුවය.සිද්ධිය පිළිබඳ රංජන් මහතා පැවැසුවේ මෙවැන්නකි. ‘මම මේ පැත්තේ කොටු වලින් කීර එකතු කරල පිටකොටුවට ගිහින් විකුණනවා. මගේ ලොරිය ඉඩ මදි හින්දා දෙපාරකට තව එක්කෙනකුගෙ ලොරියකට ගෙනත් දාල එයාගේ කීරත් එක්ක තමයි අරන් යන්නේ. හැමදාම හවසට ගිහිල්ලා කොළ තෙමනවා. එදත් මම කොළ තෙමන්න යන්න තවත් මල්ලිල දෙන්නෙක් එක්ක හවස 6.00 ට විතර ලෑස්ති වුණා.ඒ වෙලාවේ ලොරිය තිබුණෙ ගැරේජ් එකේ. එදත් කුමුදුනි අපිට තේ හදලා දීලා ලොරියෙ කාපට් ටිකත් දාලා දුන්නා. හැමදාම එයා ලොරියට වතුර බෝතලයක් දානවා. ඒකට එයා සින්ක් එක ළඟට ගියා. මම ලොරියට නගින්නෙ නැතුව බිම ඉඳල යතුරෙන් ස්ටාට් කළා. වෙනදටත් මම එහෙම කරනවා. යතුර දැම්මම එක පාරටම ලොරිය අඩි 2ක් විතර ඉස්සරහට විසි වුණා. කවුරු හරි ජියර් එක දාල තිබිලා තියෙනවා. එයා ලොරියට පිටි පස්ස හරවල හිටිය හින්ද දකින්න නෑ. ලොරිය එයාගෙ ඇඟේ වැදිල සින්ක් එකටයි ලොරියටයි එයා හිර වුණා..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පසුගිය දවසක පිළියන්දල දූවවත්ත පැත්තේ තොවිලයක සද්දයක් ඇසිලා මහ රෑ වටපිටාවේ මිනිසුන් එතැනට රැස් වුණා. හැමෝටම තොවිලය ගැන තියෙන්නේ කුතුහලයක්.යක්කු ගස් නගින රෑ යාමේ තොවිල කරන්නේ කවුද කියලා මෙතන හිටපු කෙනෙක් සොයා බැලුවා.එතකොටයි දැක්කේ මලී ටෙලි නාට්‍යය සඳහා දුලීකා මාරපනයි, සරත් චන්ද්‍රසිරියි මේ තොවිලය නටන බව.සොහොන් පිටියක් අවට නොමැති නිසා පිළියන්දල දූවවත්තේ කෙළවර මේ තොවිලය සිදු කරලා. වට පිටාවේ මිනිස්සු කලබල වෙලා තියෙන්නේ මහ රෑ අවට අයට නිදා ගන්නවත් ලැබුණේ නැති නිසාලු.සංජය ගුණවර්ධන මේදිනවල ‘ඉහිරුණු කිරි’ නමින් ටෙලි නාට්‍යයක් රූගත කරනවා. ලංකාවේ ජනප්‍රිය නළු නිළියන් මේ සඳහා දායක වෙනවා. මේ සිද්ධිය වුණේ ලියෝනි කොතලාවල සමඟ සංජයගේ සිඟිති පුතු වෙනුජ තිසල් රන්හිරු රඟපෑමට එක් වූ අවස්ථාවක.කතාව මෙහෙමයි,සංජය කැමරාව ළඟට ගොස් ඇක්ෂන් කියද්දී සංජයගේ පුතු ලියෝනි කොතලාවල දෙස බැලිය යුතුයි. එසේ උපදෙස් දී සංජය පුතුට කීවේ ‘පුතා කැමරාව දිහා නොබලා, ලියෝනි ආන්ටි දෙස බලන්න’ යනුවෙනි. එවිටම තිසල් කීවේ ‘කොහොමද තාත්ති මං කැමරාව දිහා බලන් නැතිව රඟපාන්නේ . . . කැමරාව දිහා බලලනේ රඟපාන්න ඕනේ’ යනුවෙනි.අවුරුදු හතරක් පමණ වයසැති මේ වෙනුජ එම රූගත කිරීමෙන් පසු පැත්තකට වී සිටියා. මේ අවස්ථාවේදී සංජය නළු නිළියන් හට අදාළ ගෙවීම් චෙක්පත්වලින් කළා. මේ දෙස විමසිල්ලෙන් බලා සිටි පුංචි වෙනුජ ‘තාත්ති මට චෙක් එකක් නැද්දැයි’ ඇසුවා.සංජය තුෂ්නිම්භූත වී පුතු දෙස බලා සිටියා. අසල සිටි කැමරා අධ්‍යක්ෂවරයා එවිටම වෙනුජගෙන් ඇසුවේ ‘මොකටද පුතා චෙක් එකක්’ යනුවෙනි.‘ඇයි මට බැකෝ එකක් ගන්න’ යනුවෙන් සියල්ලන්ම සිනා ගස්වමින් පුංචි වෙනුජ උත්තර දුන්නා.තවමත් සෙල්ලම් බැකෝ යන්ත්‍රයක් ගෙනත් නොදුන් නිසා වෙනුජ තාත්තා සමඟ අමනාපයෙන් සිටින බවත් ආරංචියි.-
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අම්බලන්ගොඩ “එක්සත් ක්‍රීඩා සමාජය” 5 වන වරටත් සංවිධානය කරන දීපව්‍යාප්ත සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය හෙට (13) අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.මේ තරගයේ සූරතාව සඳහා මුදලින් රු: 30000ක් ද සහතික පතක්ද පිරිනමනු ලබන අතර අනුසූරතාව සඳහා රු: 20,000 ක් සමඟ සහතිකයක් පිරිනැමේ. විමසීම් 077 6661206, 077 2177842.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව [ TRCSL - Telecommunications Regulatory Commission of Sri Lanka ] විසින් 2012 නොවැම්බර් මස පළමුවනදා සිට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන ගුවන් විදුලි නාලිකා සියල්ලෙහිම සංඛ්‍යාත [ Frequency ] ප්‍රති ස්ථාපනය කිරීම සදහා තීරණය කර ඇත. මෙයට හේතු වී ඇත්තේ දැනට ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මක ගුවන් විදුලි නාලිකා වැඩි ප්‍රමාණයක සංඛ්‍යාතයන් පළාත් අනුව වෙනස්වීමත් එහිදී නාලිකා දෙකක් අතර තිබිය යුතු නියමිත දුර නොලැබීමෙන් එම ප්‍රදේශයට එම නාලිකා නිසි පරිදි ශ්‍රවනය නොවීමත්ය.මෙලස මේ වන විට පවතින ගුවන් විදුලි නාලිකාවන්හි සංඛයාත. උදාහරණ ලෙස මෙතෙක් X නම් ගුවන් විදුලිය කරගහතැන්නට 89.5, දෙනියායට 88.3, මාගල්කන්දට 97.3 , 105.6 කොකාවිල්, 99.3 කොළඹට සහ නුවරට 104.5 ලෙස සංඛ්‍යාත කිහිපයකින් ශ්‍රවනය වූවා නම් නොවැම්බර් පළමුවනදා සිට X නම් ගුවන් විදුලිය ක්‍රියාත්මක වන්නේ මුළු දිවයිනම ආවරණය වන පරිදි සංඛ්‍යාත එකකින් හෝ දෙකකිනි.මේ අනුව ගුවන් විදුලි නාලිකාවන්හි නව සංඛ්‍යාත87.6 | 87.1 | 100.5 – රන් FM88.3 – E FM88.6 | 88.8 – සිංහ FM89.1 | 89.3 – ඉසිර FM89.6 | 89.1 – වයඔ Radio90.4 | 90.6 – වෙට්රි FM90.9 | 91.1 – ෂා FM91.7 | 91.9 – ස්වදේශී සේවය92.2 | 92.4 – FM දෙරණ92.7 – Y FM92.5 | 93.7 – ලක්හඩ94 – VIP Radio94.3 | 94.5 – වෙළද සේවය94.8 | 95 – නෙත් FM95.6 – රිදම් FM96.1 | 96.3 – හිරු FM96.6 – කිරුළ FM96.4 | 97.6 – කොත්මලේ FM98.2 | 98.4 - සියත FM98.7 | 98.9 – Sun FM99.2 – TNL Rocks100 | 100.2 – ශ්‍රී FM100.8 | 101 – Yes FM101.3 | 101.5 – බෞද්ධයා ගුවන් විදුලිය102.1 | 102.6 | 102.8 – වසන්තම් FM103.4 | 103.6 – සූරියන් FM103.9 | 104.1 – ශක්ති FM104.4 | 105.7 – රංගිරි ගුවන් විදුලිය104.7 | 104.9 – Thendral106 | 106.2 – ලක් FM106.5 | 106.7 – සිරස FM107 – වී FM107.3 – රජරට සේවය107.3 – කදුරට සේවය107.3 – පළාලි සේවය107.3 – Pirei FM107.3 | 107.5 – රුහුණු සේවයBy : Kushan Randika on FBනැණත.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ජාලිය උඩුවැල්ල උපත ශ්‍රී ලංකාව ජාතිකත්වය ශ්‍රී ලාංකික අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ ප්‍රසිද්ධ වන්නේ ලේඩි රිජ්වේ මහ රෝහලහි ප්‍රධාන භෞත චිකිත්සක ආගම බෞද්ධ ආචාර්ය ජාලිය උඩුවැල්ල යනු කොළඹ ලේඩි රිජ්වේ මහ රෝහලහි ප්‍රධාන භෞත චිකිත්සක වරයායි. ඔහු රජයේ භෞතචිකිත්සක සංගමයේ හිටපු සභාපති වරයායි. ජාලිය උඩුවැල්ල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය] ඖෂධවලින් තොර ප්‍රතිකාර හෙවත් භෞත චිකිත්සාව සමනල පැටවුන්ගේ අඳුරු වු ලෝකයට එළිය දෙන සෞඛ්‍ය ප‍්‍රතිකාර ඒකකය භෞතචිකිත්සක වැඩමුළුව ජාලිය උඩුවැල්ලට ආචාර්ය උපාධියක් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දසනායක මුදියන්සෙලාගේ දසනායක (අප්‍රේල් 29, 1953 – ජනවාරි 8, 2008) යනු පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කල ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි . කොළඹ සිට සැතපුම් දොළොසක් උතුරින් පිහිටි ජා-ඇලදී, 2008 ජනවාරි 8 දිනදී මාර්ගය අසබඩ බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කෙරෙන විට, හේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි අසුන් ගෙන සිටි මන්ත්‍රීවරයෙකු සහ ජාතිය ගොඩනැගීමේ කැබිනට්-නොවන අමාත්‍යවරයාද විය. සටන්කාමී දෙමළ කොටි සංවිධානය විසින් සිදුකලේ යැයි චෝදනා කෙරුණු මෙම ප්‍රහාරය නිසා තිදෙනෙක් මිය ගොස් තවත් දසදෙනෙක් තුවාල ලැබූහ. [තහවුරු කරන්න]. බාහිර සබැඳි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ රජයේ නිල පුවත් ද්වාරය ද ගාඩියන් පුද්ගලදත්ත නම දසනායක, ද. මු. විකල්ප නම් කෙටි විස්තරය උපන් දිනය අප්‍රේල් 29, 1953 උපන් ස්ථානය මියගිය දිනය ජනවාරි8, 2008 මියගිය ස්ථානය   මෙම පිළිබඳ ලිපිය ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් පිළිබඳ අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
හසලක රෝහලේදී පිරිමි දරුවකු ප්‍රසූත කර දරුවා රෝහලේ දමා පලාගොස් ඇති බව කියන මවක් සොයා හසලක පොලීසිය ඊයේ (10) පරීක්ෂණ ආරම්භ කැර තිබේ.මේ මව ව්‍යාජ ලිපිනයක් ලබා දී මෙයට දෙදිනකට පෙර රෝහලට ඇතුළු වී තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත.දරුවා රෝහලේ දමා මව පලා යෑමෙන් පසු රෝහල් බලධාරින් සිද්ධිය පොලිසියට දැනුම් දී තිබේ.දරුවට මවුකිරි ලබාදීමට ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකාවක් ඉදිරිපත්ව සිටින අතර හසලක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.යූ.ඩී.ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
‍මාවනැල්ල අධ්‍යාපන කලාපයේ රඹුක්කන කොට්ඨාසයේ පාසල් 13ක් මේ වසරේ අලුත්වැඩියා කිරිම සදහා කෝටි හයකට ආසන්න මුදලක් ඇස්තමේන්තු සකස් කිරිම සදහා නිර්දේශ කර තිබේ.2014 වර්ෂයේ පාසල් සංවර්ධන ව්‍යාපෘති යටතේ මහා විද්‍යාල 09ක් ප්‍රථමික විද්‍යාල 03 ක් කනිෂ්ඨ විද්‍යාල 02ක් සංවර්ධනය කිරිම සදහා ඇස්තමේන්තු සකස් කිරිමට රඹුක්කන ප්‍රා‍දේශිය ලේකම් කාර්යාලය වෙත මුදාහැර තිබේ.සබරගමු පළාත් ප්‍රධාන ඇමැති මහීපාල හේරත් මහතා සහ කෑගල්ල දිස්ත්‍රික් පාරල්මේන්තු මන්ත්‍රි කනක හේරත් යන මහත්වරුන් කළ ඉල්ලීමකට අනුව මේ පාසල් සදහා මුදල් ප්‍රථිපාදන වෙන් කිරිමට පියවර ගෙන තිබේ.බැද්දවෙල මහ විද්‍යාලය, දාරැල් උලුම් මුස්ලිම් විද්‍යාලය, මොලගොඩ ප්‍රාථමික විද්‍යාලය, හල්පිටිය ප්‍රාථමික විද්‍යාලය, අලුගොල්ල ප්‍රාථමික විද්‍යාලය, උඩගලදෙණිය වලගම්බා මහා විද්‍යාලය, පරපේ මහා විද්‍යාලය, තිස්මල්පොල මහා විද්‍යාලය, පුවක්මොටේ මහා විද්‍යාලය, පිටියේගම වහා විද්‍යාලය, දොඹේමඩ මහා කනිෂ්ඨ විද්‍යාලය සහ කඩිගමුව කනිෂ්ඨ විද්‍යාලය මේ පාසල් සංවර්ධනය කිරිම වැඩ සටහන යටතේ ව්‍යාපෘති ආරම්භ කිරිමට නියමිත පාසල් වේ. අලුත්වැඩියා කිරිම හා සංවර්ධනය කිරිම මෙමඟින් සිදුකෙරේ
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මහනුවර කටුගස්තොට ආදී ප්‍රදේශ කරා තොග වශයෙන් ගංජා බෙදාහැරීම කලක තිස්සේ සිට මහා පරිමාණයෙන් සිදු කළ බව කියන ජාවාරම් කරුවකු ගංජා කිලෝ හතක තොගයක් සමග කටුගස්තොට පොලිසිය මඟින් පෙරේදා (18) අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු කිලෝ දෙකක ගංජා තොගයක් කටුගස්තොට ප්‍රදේශයට බෙදා හැරීම සඳහා පැමිණෙමින් සිටියදී කටුගස්තොට පොලිසියට ලද තොරතුරක් මත එම සැකකරු අදාළ ගංජා තොගය මගින් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.අනතුරුව ඔහුගෙන් දීර්ඝ ලෙස සිදු කළ ප්‍රශ්න කිරීම් මත සැකකරු පදිංචි බිබිල අයිගල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ තිබී කිලෝ පහක් අඩංගු තවත් ගංජා පාර්සල් කිහිපයක් සොයාගෙන තිබේ.බිබිල සිට මහනුවර දක්වා පැමිණෙන මගී ප්‍රවාහන බස්රථ තුළ සැකකරු කලක් තිස්සේ සිට මෙලෙස මහනුවරට ගංජා රැගෙන විත් ඇති බවට පොලිසිය සැකකරන අතර එලෙස තොග වශයෙන් රැගෙන එන ගංජා පැකට් කැර අළෙවිය සඳහා කටුගස්තොට හා මහනුවර ප්‍රදේශයේ ජාවාරම් කරුවන්ට බෙදාහැරීමද සැකකරු විසින් සිදුකර ඇති බවට පොලිසිය සැකකරයි.සහකාර පොලිස් අධිකාරි උපාලි ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්’ බී. දියකෙළිනාවල දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ශාන්ත බණ්ඩාර මහත්වරුන් ප්‍රමුඛ නිලධාරීහු පිරිසක් මෙහි පරීක්ෂණ පවත්වති..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ප්රංාශ ගුවන් හමුදාවේ ක්රෝ ටේල් කණ්ඩායම US නාවික හමුදාවේ Bendix Rin-8 talos භූමියේ සිට ගුවනට වන මිසයිලය ජර්මානු හමුදාවේ Wiesel AWC – LeFlaSys හි ගුවන් යානා නාශක ozelot ආකාරයෙන් භූමියේ සිට ගුවනට වන මිසයිල (SAM හෝ GTAM) යනු ගුවන් යානා විනාශ කිරීම සඳහා භූමියේ සිට නිකුත් කළ හැකි මිසයිල වර්ගයකි. එය ගුවන් යානා නාශක පද්ධති වර්ගයකි. භූමිය මත පදනම් වූ SAM ස්ථිර සවි කිරීම් හෝ ජංගම නිකුත් කිරීම් රඳවන ලෙස සේවයෙහි යෙදවිය හැක. SAM වල කුඩාතම ආකාරය තනි මිනිසෙකු මඟින් රැගෙන ගොස් නිකුත් කිරීමට හැකි ආකාරයෙන් නිපදවා ඇත. මෙම වර්ගයේ SAM මිනිසා මඟින් චලනය කළ හැකි ගුවන් ආරක්ෂණ පද්ධති (MANPADS) ලෙස හඳුන්වනු ලැබේ. සෝවියට් රුසියාවේ MANPADS ලෝකය පුරාම විසිරී ඇති අතර තවමත් ඒවා පෙර සේවා තත්වවලින් ද සොයා ගත හැක. අනෙකුත් ජාතීන් තමන්ගේම MANPADS නිපදවා ගෙන ඇත. භූමිය මත පදනම් වූ SAM මිසයිල රෝද මත හෝ දම්වැල් මත ධාවනය වන ජංගම නිකුත් කිරීම් රඳවන මත සේවයෙහි යොදවා ඇත. මේවායින් දම්වැල් මත ධාවනය වන වාහන සාමාන්ය යෙන් සන්නාහ රථ වන අතර ඒවා විශේෂයෙන්ම SAM රැගෙන යාම සඳහා නිපදවා ඇත. වඩා විශාල SAM ස්ථිර නිකුත් කිරීම් රඳවන මත සේවයෙහි යොදා ඇති නමුත් ඒවා කැමැත්ත පරිදි නැවත සේවයෙහි යෙදවිය හැක. නෞකා මත පදනම් වූ SAM දැනට බහුලව භාවිතයේ යෙදේ. සෑම යුධ නැවක්ම පාහේ SAM මඟින් සන්නද්ධ කළ හැක. (පහත ලයිස්තුව බලන්න) එමෙන්ම නාවුක SAM සියළු ඉදිරි ආරක්ෂක වළළුවල සේවයෙහි යෙදෙන යුධ නෞකාවලට අත්ය්වශ්ය ආයුධයකි. සමහරක් යුධ නැව් වර්ග ප්ර ති ගුවන් යුධ ගැටුම් සඳහා විශේෂයෙන්ම නිර්මාණය කර ඇත. උදා- Ticonderoga වර්ගයේ කෘසර් ඒගිස් යුධ පද්ධතියක් සමඟ හෝ Kirov වර්ගයේ කෘසර් S-300PMU මිසයිල පද්ධතියක් සමඟ සන්නද්ධ වී ඇත. මිනිසුන් මඟින් ක්රි්යාත්මක නොවන SAM සඳහා ඉලක්ක ලබා ගනු ලැබෙන්නේ ගුවන් නිරීක්ෂණ රේඩාර් මඟිනි. මිසයිලය විසින් ඉලක්කය අගුල් ලා ගැනීමෙන් පසු ප්ර හාරය එල්ල කරනු ලැබේ. එම ගුවන් යානය යුධ ගුවන් යානාවක් නම් ඉලක්කය අගුල් ලා ගැනීමට පෙර පද්ධතිය විසින් එය මිත්රග හෝ සතුරු ගුවන් යානයක් ලෙස හඳුනාගනු ඇත. භූමියේ සිට ගුවනට වන මිසයිලවල නිෂ්පාදනය දෙවන ලෝක යුද්ධය අතරතුර දී නාසි ජර්මනිය මඟින් ආරම්භ කළ අතර (මිත්රප ගුවන් ශ්රේධෂ්ටත්වය මගින් ලැබුණේ අඩු සහයකි.) ඔවුන් විසින් Wasser fall වැනි මිසයිල නිපදවන ලද නමුත් යුද්ධය නිමා වීමට පෙර ක්රි යාකරන පද්ධතියක් සේවයෙහි යෙදෙව්වේ නැත. http://en.wikipedia.org/wiki/Surface-to-air_missile
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ගජබා රෙජිමේන්තුවේ පුහුණුව ලැබූ 430ක් සෙබළු එකවර විසිර යති. සාලිය පුර ගජබා රෙජිමේන්තු සරඹ පිටියේ විසිර යන විශාලතම විසිර යාමේ පෙළපාලිය එයයි.එම රෙජිමේන්තුවේ පාඨමාලා අංක 57 (නිත්‍ය) හා අංක 9 ස්වේච්ඡා කණ්ඩායම් පාඨ මාලාවට මේ පිරිස අයත් වෙති.සය මාසික පුහුණුව නිමාකර පැවැත් වූ විසිර යාමේ පෙළපාලිය නැරැඹීම සඳහා හත්දහසක් පමණ ජනකායක් පැමිණ සිටියහ.පුහුණුවට එක් වූ ආධුනික සෙබළුන් 433 දෙනෙක් අතරින් සෑම අතින්ම අතිශූර සෙබළා බවට පත් වූයේ ජේ. එම්. ජේ. ඩී. ජයසුන්දර යි. ඔහු කුරුණෑගල දියගම ගමෙහි පදිංචි කරුවෙකි.පාඨමාලාවේ අතිශූර වෙඩික්කරු සඳහා පිරිනමනු ලබන කුසලානය දිනාගනු ලැබුවේ පී. එල්. සරත් කුමාරය.ආධුනික සෙබළ බී. එම්. අයි. එම්. ඒකනායක සෑම අතින්ම ශාරීරික අභ්‍යාස සඳහා කුසලතා දැක් වුවා බවට පත් විය.විසිර යාමේ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ගජබා රෙජිමේන්තුවේ ආඥා සේවා මූලස්ථානය, බටහිර ප්‍රධාන මාණ්ඩලික නිලධාරී එච්. ආර්. එම්. ප්‍රනාන්දු මහතායි. කුසලතා දැක් වූවෝ ඒ මහතා අතින් සම්මාන ලැබූහ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙම සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා යන දෙදින තුල තංගල්ල කලාපයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ගුරුභවතුන් පුහුණුකිරීමේ ගුරු සැසියක් අප විද්‍යාලයේ පරිගණක සම්පත් මධ්‍යස්ථානය තුල දි පැවැත්විණ.තලාපයේ ගුරු උපදේෂකවරුන්ගේ සම්පත් දායකත්වයෙන් සහ තොරතුරු තාක්ෂණ විෂය අධ්‍යයක්ෂ ගරු නිර්මල ජයසූරිය මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන පැවැත්විණ.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කොයි දේත් වෙන්නෙ මිනිස්සුන්ටනේ....ජීවිතේදි එන කොයි ප්‍රශ්ණෙටත් විසදුමක් තියෙනවා...විසදුමක් නැත්තම් ඒක ප්‍රශ්ණයක් නෙමෙයිනෙ...අනිත් දේ තමා මනුස්සයෙක්ව ජීවත් කරවන්නේඅත්දැකීම් සහ ප්‍රශ්ණ කියන දෙක..ඒක නිසා මොන ප්‍රශ්ණයක් ආවත් ඒ ප්‍රශ්ණ වලින්පැනලා යන්න හොද නෑ...හැම දේකටම විසදුමක් තියෙන නිසාඅපි අපිට එන හැම ප්‍රශ්ණයකටම විසදුම් හොයන්න ඔනේ...ඒ අතරවාරයේ විවිධාකාර දේවල් වලට මුහුන දෙන්න වෙයිඒවත් අභියෝග හැටියට භාරගෙන ප්‍රශ්ණ වලට මුහුන දීලාසාර්ථකව ප්‍රශ්ණ විසදාගන්න එක තමාමම හිතන විදියට#සාර්ථක_ජීවිතයක්කියන්නේ...එහෙම නැතුව අපිට මුහුන දෙන්න වෙන ප්‍රශ්න නිසාඅඩා වැලපිලා, ජීවිතේ හානි කරගන්නවා කියන එක නෙමෙජීවිතය කියන්නේ.....කලින් කිවා වගේ හැම ප්‍රශ්ණයක්ම එන්නෙ මනුස්සයටඒ වගේම සියලු දේ අනිත්‍යයි...නැති උණ දේ ගැන කම්පා නොවීලද දෙයින් සතුටු වෙලා ප්‍රශ්ණ වලට මුහුණ දිලාසාර්ථකව හැම කෙනෙකුට ජීවත් වෙන්න ලැබේවා ..ජය වේවා .
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් තමිල්නාඩු ධීවරයන්ට කිසිඳු හිරිහැරයක් සිදුවී නැතැයි තමිල්නාඩු ප්‍රාන්ත ධීවර ඇමැති කේ. ජයපෝල් අවධාරණය කර ඇත.මෙරට නාවික හමුදාවෙන් තමිල්නාඩු ධීවරයන්ට හිරිහැර සිදුවන බවට විවිධ චෝදනා නැඟු අතර ඒ සම්බන්ධයෙන් සොයා බලන්නැයි ප්‍රාන්ත මහ ඇමැතිවරිය කළ නියමයකට අනුව සිදුකළ පරීක්ෂණයකදී මේ බව තහවුරු වී තිබෙන බව වාර්තා වෙයි.තමිල්නාඩු ධීවරයින් පිරිසක් පසුගියදා කච්චතිව් දූපත අසළදී නාවික හමුදාව වෙතින් ප්‍රහාරයකට ලක්වූ බවට තමිල්නාඩුවේ දේශපාලනඥයන් බරපතල චෝදනාවක් එල්ල කළ අතර එවැනි චෝදනා එල්ල කළද ඒ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී කිසිඳු ප්‍රහාරයක් එල්ල නොවූ බවට තහවුරු වී තිබෙන බවට තමිල්නාඩු ධීවර ඇමැති වරයා ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මේ කතාවhttp://www.asp වෙතින් උපුටා අනුවර්තනය කර පළ කරන ලදී.තරුණයෝ තිදෙනෙක් සවුදියේ චාරිකාවක නිරත වෙමින් සිටියදී අහම්බෙන් යැවුනේ ධනවත්සුල්තාන්වරයකුගේඅන්තඃපුරයට ය. එහි ලස්සන කාන්තාවෝ සියදෙනෙක් පමණ සිටියහ. තරුණයන් තිදෙනා ඒ සියළු දෙනාම සමග මිත්‍ර සේවනයේ යෙදෙමින් සිටියදී හදිසියේමසුල්තාන්වරයාපැමිණියේය.“මේ කාන්තාවන්ගේ ස්වාමියා මමයි. මා හැර වෙන කිසිවකු ඔවුනගේ ඇඟට අතවත් නොතැබිය යුතුය. නුඹලා තිදෙනා විසින් අද කළ ක්‍රියාවට නුඹලා වන්දි ගෙවිය යුතුයි. නුඹලාගේ රැකියාවනට ගැලපෙන පරිදි දඬුවම් නියම කරමි“සුල්තාන්වරයාකියාගෙන ගියේය.අනතුරුව තරුණයන් තිදෙනාගෙන් පළමුවැන්නා දෙස බලා “නුඹ යෙදී සිටින රැකියාව කුමක්ද.“ යනුවෙන්සුල්තාන්වරයාවිමසීය.“මම සෙබළෙක්“ තරුණයාගේ පිළිතුර විය.“සෙබළෙක්, ඒ කියන්නෙ තුවක්කුවක් අරගෙන වෙඩි තියන එකෙක්. මං උඹේ ප**ට වෙඩි තියනවා“සුල්තාන්වරයාගුගුළේය. අනතුරුව දෙවැන්නා දෙස බලා රැකියාව විමසීය.“මං ගිනි භටයෙක්“ දෙවැන්නාගේ පිළිතුර විය.“ඔහ්, ගිනි භටයෙක්. එහෙනම් මං තොගෙ ප**ට ගිනි තියනව“.අවසානයේදී තුන්වැන්නා දෙසට හැරුණු සුල්තාන්වරයා “නුඹ ජීවත්වන්නේ කුමන වෘත්තියක යෙදෙමින්ද.“ කියා විමසීය.තොල කට වේලී සිටි තුන්වැනි තරුණයා අපහසුවෙන් ගොත ගැසීය.“මං රස්සාවට කළේ ලොලි පොප් වෙළෙඳාම“.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
‘සුදු මීදුම පීදෙන තොටිල්ලෙසඳ පායන කෝමල ඇසිල්ලේඈතට ඈත යමු අපි පාවිලාඅප සිත් සැනසෙනවා . . .’මේ ගීතයේ ජනප්‍රියත්වය ඔබට අමුතුවෙන් කිව යුතුª නැත. ඒ රසාලිප්ත අපූර්ව හඬක් හිමි ඔහු ගැයූ ඔබ ළඟ නැති මේ සසරේ, මා හඬවලා, කුසුම්ලතා රේණුලතා, මන බන්දනා වැනි ගීත එදා මෙන්ම අදත් අප මතකයේ සදා අනුස්මරණීයය.ග්‍රේෂන් ජයමහ.ඒ නමද ඔබට අමතක වන්නට විදිහක් නැත. කලක් ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායන තරුවක් වූ හෙතෙම හදිසියේම නොපෙනී ගියේ ප්‍රශ්නාර්ථයන් රැසක් ඉතිරි කරමිනි. ඒ සියල්ල සඳහා පිළිතුරු මෙම මස 28 දින ලැබෙනු ඇත. විදෙස්ගත වී නිහැඬියාවකින් පසු වූ ග්‍රේෂන් යළි ලංකාවට පැමිණ තවත් මතක හිටින දෙයක් කිරීමට සූදානමිනි. මේ ග්‍රේෂන්ගේ තොරතුරු සොයා බැලීමකි.* ග්‍රේෂන් අයියේ 28 වැනිදා වෙන්නේ මොකක්ද? ඒ ගැන තවත් විස්තර මොනවද කියලා දැනගන්න ඔබ රසික පිරිස කැමැති වේවි?මං ගීත ගායනයට ඇවිත් වසර විසිපහයි. මේ කාලය අතරතුර මං ලද අත්දැකීම් ද බොහොමයි. වසර විසිපහක් කියලා කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයි. ඉතින් මට හිතුණා මගෙත් එක්ක හිටපු සහෘදයෝ එකතු කර ගනිමින් පුංචි ප්‍රසංගක් ඉදිරිපත් කරන්න. ඒකට සුදුසුම කාලේ තමයි දැන්.* කොහෙද ප්‍රසංගය තියෙන්නේ? නමක් එහෙම තිබ්බද?ඔව් ඒකේ නම ‘සුදු මීදුමයි, ග්‍රේෂන් ජයමහයි, විසි පහයි’ විසිඅට වැනිදා ජාඇල ගුරුගේ ප්‍රසංග ශාලවේදියි මෙය පැවැත් වෙන්නේ. ‘සුදු මීදුම’ ගීතය කියන්නේ මගේ අනන්‍යතාවය කිව්වොත් වැරැදි නැහැ. ඒක හින්දා එහි මුල් පදය නමට යොදා ගත්තා.* ඔබ ගොඩක් ජනපි‍්‍රය කාලේ හිටි හැටියේම අතුරුදන් වූයේ ඇයි?මෙහෙමයි. මං 2004 දී විදෙස් ගත වුණා. ඒ මෙරට පැවති යුදමය වාතාවරණය මත. අපි වෘත්තිමය ගායකයොනෙ. ඒ කාලයේ ප්‍රසංග තහනමකුත් තිබුණා. බැරිම තැනයි විදෙස් ගත වුණේ.* එතකොට අද ගැන මොකද කියන්න තියෙන්නේ?ඇත්තටම අද ලංකාව තියෙන තත්ත්වය ගැන සතුටුයි. ඒකයි ලංකාවට ඇවිත් මෙවන් වූ කටයුත්තකට මුල පිරුවේ. මට හොඳටම විශ්වාසයි මගේ රසිකයෝ එදා මෙන්ම අදත් මට හරිම ආදරෙයි කියලා.* ඔබ නැති අතරේ ඔබේ ‘මා හඬවලා’ ගීතය වෙනත් පිරිසක් විසින් රීමික්ස් කළා නේද?ඔව්. මාත් ඒක ඇහැව්වා. මට කනගාටුවක් නැහැ ඒ සිද්ධ වෙච්ච දේට. මං කාටවත් දොස් කියන්නෙත් නැහැ. ඒත් මගෙන් අහලා එහෙම දෙයක් කළා නම් තවත් සතුටු වෙන්න තිබුණා.* වසර විසිපහක් තුළදී ගීීත ගයන්නට ගොස් අනන්තවත් කටු කන්න ඇති?මොකද නැත්තේ කටු කාපුවා නම් උපරිමයි. මං ආපු මුල් කාලේ සංගීත සන්දර්ශනයක් ඉවරවෙලා වේයන්ගොඩ ඉඳලා කඳාන වෙනකම් මහ රෑ පයින් ආවා. සමහර අතු පාරවල්වල එද්දී සපත්තුව පසාරු කරගෙන කටුත් ඇනුණා.* ඒවා ගැන මතක් කරද්දී මොකද හිතෙන්නේ?පුදුමාකාර විදිහට සතුටක් දැනෙනවා. ඒ සතුට තමයි 28 මං මගේ සහෘදයෝ එක්ක බෙදා ගන්නේ.* ප්‍රසංගය ගැන තවත් යමක් සඳහන්කර මේ කතාව අවසන් කරමු?මෙහිදි මගේ අලුත්ම ගීතයක් රසික රසිකාවන්ට ලබාදෙන ගමන්ම මගේ පැරැණි ගීත නව සංගීතයට මුසුකොට ගායනා කරනවා. ඒ වගේම මට ආදරය කරන හැමෝම එදාට එන්න කියලත් ආරාධනාවක් කරන්න කැමැතියි.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරුව - නිරෝෂ් ප්‍රියංක බටේපොළ  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දීර්ඝ කාලයක් මුළුල්ලේ රජයේ රියැදුරන් මුහුණදෙන පැය අටේ සේවා ගැටලුව විසඳා ගන්නාතෙක් නියමිත රාජකාරියක් නොමැති රියැදුරන්ට සවස 4.15ට සේවය නිම කොට යෑමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ යැයි සමස්ත ලංකා රියැදුරන්ගේ සංගමය පවසයි.මේ සම්බන්ධයෙන් 'දිනමිණ' වෙත අදහස් දැක්වු එම සංගමයේ සභාපති සිසිර කුමාර පෙරේරා මහතා රාජ්‍ය සේවයේ රියැදුරන්ගේ රාජකාරි වේලාව පැය නවයක්විය. මේ කාල සීමාව පැය අට දක්වා අඩුකරන ලෙස කාලයක් ති‍ස්සේ පැවති ඉල්ලීමක් වුවද එය ඉටු කිරීම දිගින් දිගටම ප්‍රමාද වු බව පැවසීය. මේ ඉල්ලිමද දිනා ගැනීමට හැකිවූයේ අප සංගමය දැක්වු උත්සහය මත බව ඒ මහතා පෙන්වා දුන්නේය.රාජකාරියක් නොමැති රියැදුරන්ට මෙසේ 4.15ට යෑමට ලබන සතියේ සිට හැකිවෙනු ඇතැයි පැවසු සභාපතිවරයා රජයේ රියැදුරන්ගේ පැය අටේ සේවා ගැටලුව විසඳා ගැනීමට අඛණ්ඩ උත්සහයක යෙදෙන බව පැවසීය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අමල් කරුනාසේකර සේවය/ඛණ්ඩය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පදවිය මේජර් ජෙනරල් රෙජිමේන්තුව ශ්‍රී ලංකා පාබල හමුදාව අණදීම් 53 බල ඇණිය සටන්/යුද්ධ ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය මේජර් ජෙනරල් අමල් කරුනාසේකර RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ හමුදා බුද්ධි අංශ තනතුර හොබවයි. මේජර් ජෙනරල් ජානක වල්ගම කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය] මේජර් ජෙනරල් අමල් කරුනාසේකරයන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සංචාරක කෙන්යා ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැති තරග 7කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පෙරේදා පැවැති 6වැනි තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල තරගාවලියේ ජය 5-1ක් ලෙස හිමිකර ගත්තේය. දෙපිල අතර පැවැති 7වැනි හා අවසන් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවීය.කොළඹ සී.සී.සී.පිටියේ පැවැති 6වැනි තරගයේ පළමුව පන්දුවට පහරදුන් කෙන්යා පිල ඕවර 20අවසානයේ කඩුලු 6කට ලකුණු 131ක් රැස් කළ අතර ශ්‍රී ලංකා පිල ඕවර 19.2කදී කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය.කෙන්යාව – 131/6 (ඕවර 20) රාකේබ් පටේල් 28, කොලින්ස් ඔබේයා 25(ඉෂාන් ජයරත්න 23/2, ළහිරු ජයරත්න 28/2)ශ්‍රී ලංකා 'ඒ' පිල – 132/5 (ඕවර 19.2) උපුල් තරංග 48, මහේල උඩවත්ත 31 (හිරේන් වරයියා 15/3).
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මධ්‍යම පළාතේ වතු ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පළාත් කර්මාන්ත හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පියවරගෙන ඇත.අඹගමුව, බගවන්තලාව වත්ත, වලපනේ, රපහනොත් සහ ශාන්ත මාග්‍රට් වත්ත, නුවරඑළිය, තලවකැලේ වත්ත, හඟුරන්කෙත හේවාහැට රිවඩේල් සහ පාතදුම්බර පන්විල අංගම්මන, කටුකිතුල ජල යෝජනා ක්‍රමවල වැඩ අවසන් කර ඇත.මේ ජල ව්‍යාපෘති මගින් පවුල් 2570 කට සහන ලැබී තිබේ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පකිස්තාන ක්‍රිකට් පිලේ හිටපු නායක සොහෙබ් මලික් සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක දනීෂ් කනේරියා සිය ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය තීරණය කෙරෙන අතිශය වැදගත් නඩු විභාගයක් සඳහා හිටපු විනිසුරුවරයකු ඉදිරියේ පෙනී සිටියද අවසන් තීන්දුව ලබා ගැනීමට නොහැකි විය. 29 හැවිරිදි මලික් සහ 30 හැවිරිදි කනේරියා පසුගිය වසරේ සිට එරට ජාතික පිල තේරීමේදී සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වූහ.තරග පාවාදීමට සම්බන්ධ කරුණු අනාවරණය නොකිරීමේ හේතුවෙන් මෙසේ ජාතික පිලට තෝරා නොගෙන සිටීමට එරට ක්‍රීඩක පාලක මණ්ඩලය තීරණය කර ඇත.පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු ජම්ශෙඩ් ගේ ප්‍රධානත්වයෙන් යුත් විනය කමිටුව ඉදිරියේ මලික් සහ කනේරියා සත්‍යය අනාවරණය නොකළ බවට පසුගිය මාසයේදී එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ඉජාස් බට් චෝදනා කළේය.2009 වසරේ එංගලන්තයේ බ්‍රසෙක්ස් ප්‍රාන්තයට ක්‍රීඩා කළ කනේරියා ඩර්හැම් ප්‍රාන්තය සමග පැවැති තරගය මුදලට පාවාදීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත් විය. නමුත් පසුව චෝදනා නිශ්ප්‍රභා කොට ඔහු නිදහස් කෙරිණි.මලික්ට එරෙහිව ගොනු කළ චෝදනාව වූයේ ඔහුගේ නමින් බැංකුවේ තැන්පත් වූ ස්ටර්ලිං පවුම් 90000 ක මුදලක් පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පාරිතෝෂික ගෙවීම් සේවක අර්ථ සාධක අරමුදල
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
එක් ශ්‍රේෂ්ඨ නායකයෙක් හෝ කිහිපදෙනෙක් මුල් කර ගනිමින් මානුෂිකත්වය ඉක්මවූ හැසිරීම් සමුදායකින් ගැටලුවකට පිළියම් සෙවීම සුපර් හීරෝ චිත්‍රපටවලටම (Superhero movie)  ආවේණික වූ ලක්ෂණයි.එවැනි චිත්‍රපට අතර සුපර් මෑන් (Super Man) ස්පයිඩර් මෑන් (Spiderman) බැට් මෑන්(Batman) අයන් මෑන් (Iron Man) ඇවෙන්ජර්ස් (Avengers) යන චිත්‍රපට කිසිදු වයස් භේදයකින් තොරව ක්‍රියාදාම චිත්‍රපට රසවිඳීමට කැමැත්තක් දක්වන ප්‍රේක්ෂක කා අතරත් එක සේ ජනප්‍රිය ය. අයන් මෑන් ද මේ චරිත අතරඉතාම ජනප්‍රිය චරිතයකි. මේ නිසාම අයන් මෑන් චරිතය මුල් කොට ගත් චිත්‍රපට තුනක් මේ වන විට නිෂ්පාදනය වී තිබේ. ඒවා ආදායම් අතින් ද ඉතා සාර්ථක ය. මේ දිනවල ලෝකය පුරා තිර ගත වන්නේ අයන් මෑන් 3 චිත්‍රපටයයි.2008 වර්ෂයේ දී තිරගත වූ අයන් මෑන් චිත්‍රපටය Jon Favreau  ගේ අධ්‍යක්ෂණයක් වන අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 140 ක් වැය කොට ඇති අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 585,174,222 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබීමට සමත් වී ඇත.2010 වර්ෂයේ දී තිරගත වූ අයන් මෑන් 2 චිත්‍රපටය Jon Favreau  ගේ අධ්‍යක්ෂණයක්වන අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 170-200 ක් අතර මුදලක් වැය කොට ඇති අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 623,933,331 ක බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබීමට සමත් වී ඇත.2013 දී නිෂ්පාදනය වූ අයන් මෑන් 3 චිත්‍රපටය Shane Black  අධ්‍යක්ෂණයකි. ඔහු ඉතා දක්ෂ තිර රචකයෙකි, නිෂ්පාදකයෙකි, අධ්‍යක්ෂවරයෙකි. අයන් මෑන් චිත්‍රපටයේ ද තිරපිටපත Drew pearce සමඟ Shane Black විසින් රචනා කරන ලදි. නවීන තාක්ෂණය සිනමාවට උපරිම අයුරින් යොදා ගනිමින් ඉතා ආකර්ෂණීය චිත්‍රපටයක් නිර්මාණය කිරීමට මොහුගේ අධ්‍යක්ෂණය මෙන්ම තිරරචනයද බෙහෙවින් බලපා තිබේ.අයන් මෑන් 3 චිත්‍රපටය ඉතා රසවත් කතාවකින් යුක්ත වේ. අයන් මෑන් විසින් ඉහළ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද යුද ඇඳුම් කට්ටලය උපයෝගී කරගනිමින් සතුරා පරාජයට පත් කරමින් ජනාධිපති බේරා ගන්නා අන්දම ඉතාම සිත් ඇදගන්නා සුළුය. මුළු චිත්‍රපටය පුරාවටම කුතුහලය ප්‍රේක්ෂකයා තුළ රදවමින් ප්‍රේක්ෂකයාට ත්‍රාසජනක අත්දැකීමක් මොහොතකට තනි වීමට ඉඩලබා දී තිබේ.අයන් මෑන් චිත්‍රපටයේ අති දක්ෂ රංගනයක නිරත වන Robert Downey, Gwyneth Paltrow, Don Cheadle, Guy pearce  රංගනයෙන් චිත්‍රපටයට ආලෝකයක් එක්කර තිබේ.අයන් මෑන් 3 සඳහා පෙර චිත්‍රපට දෙකට වඩා වැඩි වියදමක් දරා ඇති අතර එය අමෙරිකානු ඩොලර් මිලියන 200 කි. මේ වන විට ලෝකය පුරා ප්‍රේක්ෂක ජනතාව ආදරයෙන් වැලඳගෙන ඇති මෙම චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 1,073,273,000 ක බොක්ස් ඔෆීස් වාර්තාවක් තබා ඇත. ඇමරිකාවේ ඉහළ ආදායම් වාර්තාවක් උපයමින් වීකෙන්ඩ් ටොප් ටෙන් අතර දෙවන තැන හිමි කරගෙන තිබේ.මෙම චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය සඳහා Golden Trailer Awards සම්මානය ලැබිණි. එහිදි අංශ කිහිපයක් යටතේ අයන් මෑන් 3 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයට තෝරා ගැනිණ. Summer 2013 Blockbuster Trailer  යටතේ සම්මානය හිමි වුණ ද අංශ කිහිපයක් යටතේ සම්මාන සඳහා නිර්දේශ විය.මිනිත්තු 130 ක් පුරා ප්‍රේක්ෂක හදවත් ත්‍රාසයෙන් කුළුගන්වමින් ඉතාම ආකර්ෂණීය අයන් මෑන් 3 ර්චපමඥත ඉබභඤඪධඵ හි නිෂ්පාදනය වූ අතර වෝල්ටර් ඩිස්නි බෙදාහැරීමකි. සුපර් හීරෝ චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ Marvel Studiosඅයන් මෑන් 3 චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ය.ඩබ්.ඩී.පී. විජේරත්න
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානය‍ට අදාල බව යෝජිතව ඇත්තේ මැතදී සාදන ලද විශ්වාස නොකළ හැකි අකුරු කිරීමේ දෝශය හෝ වැරදි ව්‍යවහාරය නිසාවෙනි. CSD R3 බලන්න.%5B%5BWP%3ACSD%23R3%7CR3%5D%5D%3A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%81%E0%B6%BA.+%5B%5BWP%3AR%7C%E0%B6%86%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B6%BB%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%5D%5DR3 එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ  නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම්  ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද  පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පිටුවෙහි කර්තෘ වෙත සටහන: ඔබ තවමත් ලිපි සාකච්ඡා පිටුව සංස්කරණය කර නොමැත. ඔබ මෙම ඉක්මන් මකාදැමීමට විරුද්ධ වීමට අදහස් කරයි නම්, ඉහත දැක්වෙන බොත්තම එබීමෙන් පසුව මෙම පිටුව මකා නොදැමිය යුත්තේ මක්නිසාදැයි කියා සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තැබීමෙන් අනතුරුව ප්‍රකාශ කරන්න. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ තඹරු විජේසේකර (දායකත්ව| ලඝු) විසින් 3 වසර ගණනකට පෙර ට පෙරදීය කරුණාකර පහත සැකිල්ල කර්තෘගේ සාකච්ඡා පිටුව මත පිහිටුවීමකට භාජනය කරන්න: {{subst:redirtypo-warn|සිදුරු පත (Punch Card / Punched Card)|header=1}} ~~~~ යළියොමුව සිදුරු පත
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සැකසහිත පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් පනවනු ලැබූ ජාත්‍යන්තර හා දේශීය පන්දු යැවීමේ තහනමකට ලක්ව සිටින නවසිලන්ත ක්‍රිකට් ක්‍රීඩක කේන් විලියම්සන් ඔහුගේ අත මාරුකර පන්දු යැවීමට අරමුණු කරගෙන සිටී.තහනමෙන් මිදීම සඳහා විලියම්සන් මෙවර වමතින් පන්දු යැවීමට පටන් ගෙන තිබේ. “මට පුළුවන් උපරිමයෙන් මම උත්සාහ කරනවා. අනෙක් අතින් පන්දු යැවීමේ කාර්යය සාර්ථක වේදැයි දන්නේ නැහැ. නමුත් ස්ථිරවම මම උත්සාහ කර බලනවා” යැයි විලියම්සන් කියයි.විස්සයි20 චැම්පියන්ස් ලීග් තරගාවලියේ නොදර්න් නයිට්ස් කණ්ඩායමේ වෙනුවෙන් මේ දිනවල ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටින විලියම්සන් දිගින් දිගටම පිත්තෙන් දස්කම් පාමින් සිටී. පසුගිය වකවානුවේ සැකසහිත පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් වාර්තා කෙරුණු පන්දු යවන්නන් අතර කේන් විලියම්සන්ද කෙනෙකි.ඔහුගේ ‘පාට්-ටයිම්’ පිට දඟ පන්දුවලින් ඔහුට ටෙස්ට් තරග 34කින් කඩුලු 24ක් ලැබී තිබේ. ලකුණු 22කට කඩුලු 4ක හොඳම දක්ෂතාවක් සමග විලියම්සන්ගේ නමට ජාත්‍යන්තර එක්දින කඩුලු 23ක්ද සටහන්ව තිබේ.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දැන් යුද්දය ඉවරයි. එය සදහා හමුදාව, ආරක්ෂක ලේකම්, හමුදාපති, හා අනිකුත් සන්නද්ධ හමුදාපතිවරුන් පොලිසිය සහ ජනපති තුමා කල මහගු සේවාව ජන සිත් තුල සදා නොමියන මතකයන් වී ඇත. යුද්ධ ජය ලැබූ දින රුසියාවේ අප නේවාසිකාගාර පරිසරය තුල ලංකා කොඩි රැගත් ශිෂ්‍ය පෙළපාලිය තවම මට මතකය. මගෙන් අලුත් යෝජනා කීපයක් අලුත් අභියෝග වශයෙන් ඇත. ඒවා පැරදවීමට කටින් නොව වැඩෙන් සටනට බැසීමට ආණ්ඩුවට සිදුවනු ඇත. 1) ලංකාව ණය බරින් නිදහස් කිරීම. 2)ලාංකික සියලු පවුල් සදහා ඉස්තිර අදායම් මාර්ග හෝ රැකියාවක් සැම පවුලක අයෙක්ටම ලබාදීම. නිසි වැටුපක් දීම.3)සැම හිසට සෙවනක් ලබා දීම.4)මහ පක්ෂ දෙකේ විකාර වැඩ නොව දේශපාලන ජාතික ප්‍රතිපත්තියක්.5)ලංකික ඒකීය භාවයට හානි කරන විදෙස්ගත ලාංකිකයන් මෙන්ම විදේශිකයන් හේතු සාධක සහිතව තනු විනිවිද පෙනෙන නීති පද්දතියක් හරහා දඩුවම හෝ පුරවැසි භාවය අත්හිටුවීමේ පිළිවෙතක්.(මෙය ආන්දෝලනාත්මක නමුත් කාලීන අවශ්‍යතාවක් වෙමින් පවතී.රුසියාව,චීනය ඇමරිකාව,ඉන්දියාව සමාජවාදී දකුණු ඇමෙරිකානු රටවල් ක්‍රියාත්මක කරයි. වැඩිවිස්තර සුප්‍රසිද්ද ඇමෙරිකා රුසියා මග්නිට්ස්කි ලැයිස්තු පිළිබද කියවීමෙන් දැනගත හැකි වනු ඇත.) 6)රට තුල පළමු රටට අවශ්‍ය සියලු අහාර නිපදවීමේ වැඩ සටහනක්.(ඉතාමත් දරුණු අවශ්‍යතාවයක් බවට පත්ව ඇත. කෘෂිකාර්මිකව ස්වයන්පොෂිත අනිත් රටවල් අන්තර්ජාලය තුල බලන්න.)7)ඉවක් බවක් නොමැතිව ඉන්දියානු චීන භාණ්ඩ වලට අප රට වෙළඳ පොලක් කරදීමට වඩා තාක්ෂනය නිරන්තරයෙන් අනෙත් රටවලට නොමිලේ හෝ අඩු වියදමින් ලබාදෙන රුසියාව, කියුබාව, වැනි රටවලින් දැනුම ලබා දේශීය තාක්ෂණ නිපැයුම් වැඩි කිරීම. විදේශ වලින් මෙරටට ගෙන්වන නිෂ්පාදන අඩු කර ඒවා දේශීයව නිපැයීම.8)විදේශ කොම්පැනි හා විදෙස් පුද්ගලයන්ට අයත් ලංකාවේ මාධ්‍ය කොම්පැනි අධ්‍යනයට, පාලනයට හා ලංකාවේ සුබ සිද්ධිය උදෙසා රජයේ මාධ්‍ය කොමිසමක් පත් කිරීම(ඇතැම් ලාංකික ඉංග්‍රීසි.දෙමළ,සිංහල, පුවත් පත්. සැමදා ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක ඉන්දියානු සිරස, බ්‍රිතාන්‍ය පාලනයෙන් ක්‍රියාත්මක සංදේශය, වැනි වැඩ සටහන් කෙතරම් ලංකාවට විස ප්‍රචාර ගෙන යයිද. රුසියාවේ Russia today මාධ්‍ය ජාලය තම රටේ වටිනාකම,සංස්කෘතිය දේශපාලන ප්‍රතිපත්ති ඇමෙරිකාව තුලට, බ්‍රිතාන්‍ය තුලට සාර්ථකව ගෙන යන අන්දම බලන්න. අප රටෙනම් සංදේශය නම් බ්‍රිතාන්‍ය ගැති මාධ්‍ය සිංහල ප්‍රවුත්ති නාමයෙන් ලංකාවට බ්‍රිතාන්‍ය දේශපාලන හා ප්‍රතිපත්ති හදුන්වා දෙමින් සිටි.)9)සොරකම අනිවාර්යෙන්ම නවතා දැමීම.(අමාරුම කාර්ය වනු ඇත. නමුත් හරි දේ කර හෙට ගෙදර ගියත් එය නින්දාවක් නොවනු ඇත.)10)සුදුස්සන්ට පමණක් අමාත්‍ය ධුර ලබා දීම. උදාහරණයක් ලෙස කට හැකර පවිත්‍රාට බලශක්ති අමාත්‍යවරිය ලෙස කල හැකි බිබික්කමක් නැති බව අප හැමෝම දනිමු. ගොනෙක්,හරකෙක්,බුරුවෙක්,තක්කඩියෙක්,අනුවණයෙක්,අධ්‍යාපනය නොලැබුවෙක් වන සජින් වාස්ට විදෙස් කටයුතු අමාත්‍යංශය අධීක්ෂණයට දීම ආණ්ඩුවේ ගොන්කමක් වී හමාරය.11)සියලු රජයන් තේරුම් ගතයුතු දෙයක් නම් බලය ගත්පසු තම දරුවන්ට නිසි අධ්‍යාපනය දීමට ජනපතිට නීතිමය අයිතියක් ඇත. නමුත් රේස් පැදීම ජන ප්‍රසාදය,මෙන්ම රටේ සල්ලිද අපතේ යැවීමක් මෙන්ම පහත් වැඩකි. මේ වැරදි හදාගන්න.12)මෙරට ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රශ්න විමසීමට රාජ්‍ය ආයතනයක් මෙන්ම විනය පවත්වාගැනීමට නීති විශාරධයන්, හා විශ්ව විද්‍යාල කුලපතිවරුන්ගෙන් සමවිත ස්වාදීන ආයතන පිහිටුවීම.13)රාජ්‍ය ඒකීයත්වයට හානි නොවන කොමිෂන් සභා වහා ආරම්භ කිරීම.14)සියලුම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරකම් නිරීක්ෂණයට රාජ්‍ය ආයතනයක් හා නිතිය ඔව්න්ට තදින්ම ක්‍රියාත්මක කිරීම.වෙනත් දේ බොහෝ ඇත කියන්න. දැනට මේ ඇති. ඔබේ අදහස් ලියා දන්වන්න. නැතිනම් කොමෙන්ට් කරන්න.com/news/world-europe-19644897සංවර්ධනයට ගෙන යන චීන ඉන්දීය ව්‍යාපෘති ඇත්තටම අපිට ඇති ආදරය නිසාද.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
රසික ප්‍රසාදය ඉහළින්ම දිනා ගත් ජනපි‍්‍රය ගායන ශිල්පියකු වූ පි‍්‍රයනාත් රත්නායක වසර නවයකට පසු යළිත් රසිකයන් අතරට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විදෙස් ගතව සිට පසුගියදා දිවයිනට පැමිණියා.පි‍්‍රයනාත් ශ්‍රී ලංකාව හැර ගියේ රටේ භීෂණය සමඟ කාලකණ්ණි යුද ගැටුමක් තිබුණ කාලයේ. ඒ කාලයේ වෘත්තීය මට්ටමේ කලාකරුවෙකුට ජීවත්වීමේ මහා අරගලයකට මුහුණ දෙන්න සිදු වුණා. රටේ තිබුණ වාතාවරණයටපත් ආරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ ගැටලු තිබුණා. සංගීත ප්‍රසංගයක්, උත්සව කටයුත්තක්, මගමග හෝ බස් පොළේ දුම්රියේ සෙනඟ ගැවසෙන තැනක සැකය සංකාව පිරි කුතුහලෙන් යුතු දිනයක් නෙවූයේ කොයි මොහොතක හෝ සැඟවුණු හෝ මිනිස් බෝම්බයකින් තම ජීවිතය උදුරා ගනීවි කියන භය කා අතරත් තිබුණා. සංගීත ප්‍රසංගවලට වාරණ පැනවුවා. ආරක්ෂාව ලබා දෙන්න තරම් ආරක්ෂක හමුදාවක් ඒ වෙනුවෙන් කැප කිරීම අසීරු වුණා. ඒ නිසා පි‍්‍රයනාත් රත්නායක වැනි කලාකරුවන් ආර්ථිකය ස්ථාවර කරගන්නට බැරිව විදෙස් ගත වුණා.පි‍්‍රයනාත් රත්නායක අබුඩාබිහි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉංජිනේරුවකු හැටියට වැඩකරන්න ශ්‍රී ලංකාවෙන් පිට වුණා. ඒ දැනට වසර 9 කට පෙර. 2003 වසරේදී ඒ ගිය ගමන් තමන්ට විවේක පාඩු වෙලාවේදී සංගීතය පිළිබඳ එරට විවිධ වෘත්තිකයන් හමුවී විවිධ සංගීත සම්ප්‍රදායන් පිළිබඳ හැදෑරීමේ කරන්නට පටන් ගත්තා. එහිදී මානසිකවත් ශාරීරිකවත් සංගීතයෙන් හා ගීතයෙන් ලබා ගත හැකි ප්‍රයෝජන ඔහු අධ්‍යයනය කළා. ඔහු බටහිර සංගීත ආකෘතීන් අධ්‍යයනය කළා. ඉන් ලබා ගත හැකි ඵලය ඔහු විසින්ම අත්වින්දා. මේ ක්‍රමය අපේ රටට ගැලපෙන විදියට ප්‍රතිනිර්මාණය කරමින් සංගීතය හා ගීතයේ රසාස්වාදනය තුළින් නීරෝගී මානසික හා කායික වර්ධනයක් ඇතිකරගන්නේ කොහොමද කියන එක බාල මහළු වැඩිහිටි පිරිසට කිසිදු භේදයකින් තොරව උගන්වන්නට පි‍්‍රයානාත් සැලසුම් කළා.පි‍්‍රයනාත් රත්නායක වසර 12 කට පසු සිය නවතම සංගීත ඇල්බමය නිකුත් කරන්නටත් මේ දිනවල කටයුතු කරනවා. රටේ පැවැති අයහපත් වාතාවරණය හේතුවෙන් ආර්ථික වශයෙන් අසාර්ථක වූ බව පවසන පි‍්‍රයනාත් ඒ නිසාම විදෙස් ගත වෙලා උපයාගත් මුදලින් දැන් සිය නිර්මාණ දිවිය අලුතින් ආරම්භ කර තිබෙනවා. ඒ ගැන කතා කළ පි‍්‍රයනාත් අප සමඟ කීවේ මේ විදියට.“දැන් එදා වගේ නෙමෙයි එදා රටේ ප්‍රසංග තිබුණෙ නැහැ. තිබුණ ප්‍රසංග වලටත් වාරණ තිබුණා. ඉඳහිට ප්‍රසංගයක් තිබුණත් ඒක තිබුණෙ පැය 2 යි. 3 යි. බොහෝ වෙලාවට අපට ආපහු හැරිල යන්න සිදුවුනා. කල කිරීම එන්න එන්නම වැඩිවුණා. රටේ හිටපු නායකයෝ ගැන විශ්වාසය බිංදුවට වැටිලයි තිබුණෙ. කවදාවත් රට සාමයක් ලැබෙයි කියල එදා හිතුනෙ නැහැ. ත්‍රස්තවාදීන් එන්න එන්නම බලවත් වුණා.නමුත් වත්මන් ජනාධිපතිතුමා නැවත අපේ සිහින මල් ඵල ගැන්වූවා. එතුමා ඇතුළු සියලු රණවිරුවන්ට අපි කෘතවේදී වෙන්න ඕනෑ රටට මේ ලබා දුන්නු නිදහස ගැන. ඒ එක්කම ජනපතිතුමා අපට ආරාධනා කළා එන්න ඇවිත් මේ රටේ නිදහස භුක්ති විඳිමින් තමන්ගේ වෘත්තියේ නියැලෙන්න කියලා. ඇත්තමයි මට අද කොළඹ පාරවල් මාවත් හඳුනාගන්නවත් බැහැ. ඒ තරමට රට වෙනස් වෙලා. මේක මොනතරම් පුණ්‍ය භූමියක්ද කියල හිතෙන්නෙ පිට රටක ඉඳල අපේ මව්බිමට ආවම.දැන් රටේ හැම තැනම සංගීත ප්‍රසංගය තියෙනවා. ඒවාට මට ආරාධනා ලැබෙනවා. පරණ හිතවතුන් හමුවෙනවා. ඒ හැමෝටම මාව,මගේ ගීත හොදට මතකයි. අනෙක ගොඩක් දෙනෙකු දන්නෙත් නැහැ මම ලංකාවට ආව බව. ඒ දැනගත්තමත් ප්‍රසංග හරහා රටේ බොහෝ තැන්වලට යන්න ඒ අය හදුනාගන්න මට අවස්ථාව ලැබෙයි.ඒ එක්කම විශේෂයෙන්ම කියන්න ඕනෑ මා නැවත ලංකාවට එන විට ගීත පටිගත කිරීමේ ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ කට්ටල රැගෙන ආවා. ඒ මගේ වෘත්තීයට අදාළව කටයුතු කරන්න අවශ්‍ය වන නිසා. ඉන් ගීත පටිගත කරන්නත් රූ ගත කරන්නත් හැකියාව තියෙනවා. ඒ එක්කම මම මගේ හැකියාවන් වගේම එම උපකරණ කට්ටල පන්සල් දහම් පාසල් වෙහෙර විහාරස්ථානවල පූජනීය සහ ආගමික කටයුතු වෙනුවෙන් නොමිලේ ලබාදීමේ පුණ්‍ය කටයුත්තක්ද කරනවා.ඉතින් මෙරට සිටින හැම දෙනෙකුටම මම කියනවා නැවත මම මගේ මව් රට හැර යන්නෙ නැහැ කියලා. ප්‍රසංග වේදිකාවෙනුත් විවිධ උත්සව සංවිධාන කටයුතු වලදීත් මා හමුවෙන්න පුළුවන්. විවිධ වෘත්තීයවේදීන් ද මා සමඟ බොහෝ කලක් ඇසුරු කරනවා. ඒ අයටත් ආරාධනා කරනවා. ගීත රසවින්දනය තුළින් මානසික සතුට ඇති කරගන්න මා සමඟ එකතු වෙන්න කියලත්..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙවර පැවැත්වෙන උතුරුමැද පළාත් සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන මන්ත්‍රී ධුර අපේක්ෂකයකුට අනුරාධපුර ගල්වල හන්දියේ පැවති ප්‍රචාරක රැස්වීමකදී එක්සත් ජාතික පාක්ෂිකයකු විසින් කනේ පාරක් පෙරේදා 13 එල්ල කර ඇත.එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයකු ඇතුළු මන්ත්‍රීවරුන් හා අපේක්ෂකයන්කිහිප දෙනෙකුම මේ අවස්ථාවට එක්ව සිටි අතර මන්ත්‍රී ධුර අපේක්ෂක වරයා අසුන් ගෙන සිටි ස්ථානයට පාක්ෂිකයකු පැමිණ යම් කතා බහක යෙදුනු අතර එය උණුසුම් තත්ත්වයකට පත්වූ අතර එක්වරම එක්සත් ජාතික පාක්ෂිකයා මන්ත්‍රීධුර අපේක්ෂකයාට වැරෙන් කනේ පහර එල්ල කළේය.කනේ පහරත් සමගම මන්ත්‍රීධුර අපේක්ෂකයා කිසිවක් කර කියා ගත නොහැකිව බලා ගත් අත බලා සිටි අතර නියෝජ්‍ය නායකවරයා ද වූයේ කුමක්දැයි වටහා ගත නොහැකිව තුෂ්ණිම්භූතව සිටින අයුරු දැක ගත හැකි විය.පහර එල්ල කළ එක්සත් ජාතික පාක්ෂිකයා නැවතත් සෙනඟ ගොඩට ගිය අවස්ථාවේ එතනට පැමිණි තරුණයකු ඔහුට දිගට හරහට පහර දෙන අයුරු ද දැක ගත හැකි වූ අතර මන්ත්‍රී ධුර අපේක්ෂකයා ද එම ස්ථානයට පැමිණ ‘ගහපන් ගහපන් හොඳට ගහපන්’ යනුවෙන් කෑ ගැසීය.පහර කෑමට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයා කියා සිටියේ ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී මොහු එක්සත් ජාතික පක්ෂයට ඡන්දය නොදෙන්න යැයි කියමින් ගෙන් ගෙට ගිය බවත් මෙවර ලැජ්ජාවක් නොමැතිව එක්සත් ජාතික පක්ෂයෙන් නැවතත් උතුරුමැද පළාත් සභාවට තරග කරන බවයි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඇකිරියන්කුඹුර, කඩපල්ල ගම්මානයේ හේනක වැඩ කරමින් සිටි ගොවි මහතකුට වල් අලියකු පහරදීමෙන් මියගොස් ඇති බව පොලිසිය කියයි. ඇකිරියන්කුඹුර කඩපල්ල ගමේ පදිංචි ආර්. එම්. සෙනෙවිරත්න (38) නැමැති තිදෙරු පියා මෙසේ මිය ගොස් ඇත.කඩපල්ල ගම්මානයේ හේනක වැඩකරමින් සිටිය දී මාදුරා ඔය වනයෙන් පැමිණි වල් අලියා ගොවියාට පහර දී තිබේ. බරපතළ තුවාල ලැබූ සෙනෙවිරත්න ගොවි මහතා ඇකිරියන්කුඹුර රෝහලට ගෙන යන විටත් මිය ගොස් තිබේ.ඇකිරියන්කුඹුර පොලිස් මුරපොළේ නිලධාරිහු පරීක්ෂණ කටයුතු පැවැත්වීය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36 කි. එ මහනුවර දිස්ත්‍රික්කයේ 20ක් මාතලේ දිස්ත්‍රික්කයේ 11ක් හා නුවර එළිය දිස්ත්‍රික්කයේ 5ක් ලෙසය. පටුන 1 මහනුවර දිස්ත්‍රික්කය 2 මාතලේ දිස්ත්‍රික්කය 3 නුවර එළිය දිස්ත්‍රික්කය 4 ආශ්‍රිත ලිපි 5 බාහිර සබැදි මහනුවර දිස්ත්‍රික්කය[සංස්කරණය] ප්‍රධාන ලිපිය: මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මේවාත් බලන්න: මහනුවර දිස්ත්‍රික්කය අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දොලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගඟඉහළකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හතරලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුන්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පස්බාගේකෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාතලේ දිස්ත්‍රික්කය[සංස්කරණය] ප්‍රධාන ලිපිය: මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මේවාත් බලන්න: මාතලේ දිස්ත්‍රික්කය අඹන්ගඟ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නුවර එළිය දිස්ත්‍රික්කය[සංස්කරණය] ප්‍රධාන ලිපිය: නුවර එළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මේවාත් බලන්න: නුවර එළිය දිස්ත්‍රික්කය අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හගුරන්කේත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නුවර එළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා බාහිර සබැදි[සංස්කරණය] Divisional Secretariats Portal Statoids: Divisions of Sri Lanka
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ගුවන් විදුලියේ වැඩ කටයුතු කරගෙන යන අතරම මගේ ඩී. ශ්‍රී. ඇකඩමි කියන ගුවන් විදුලි හා රූපවාහිනි නිවේදකයන් පුහුණු කරන ආයතනයේ වැඩ කටයුතුවලටත් මා මුල් තැන දුන්නා.ඒ අපගෙන් පස්සේ වඩාත් යහපත් වූ සන්නිවේදන පරපුරක් බිහි කිරීමේ අරමුණෙන්. සන්නිවේදන ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තෙන් සිටින අයට නිවැරැදිව පුහුණුවක් ලබා දෙමින් ඒ ඒ ස්ථානවලට යොමු කිරීම සිදුවන නිසා සිතට දැනෙන්නේ සතුටක්.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය නිසා ජාතික ජලසම්පාදන මණ්ඩලය මඟින් නිකුත් කරනු ලබන ජලය ඉතාමත් අරපරිස්සමින් භාවිත කරන්නැයි ජාතික ජල සම්පාදන මණ්ඩලයේ මධ්‍යම පළාත භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එල්.එල්.ඒ. පීරිස් මහතා ජල පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටී.ඉදිරියේදී මාස දෙකක පමණ කලක් මෙම වියළි කාලගුණ තත්ත්වය පැවතියහොත් ජලය බෙදාහැරීමත් දැඩි ලෙස සීමා කිරීමට සිදුවන බවත් අත්‍යාවශ්‍ය ගෘහ කටයුත්තකට හැර ඉදිකිරීම් කටයුතු, වාහන සේදීම, මල්වලට වතුර සැපයීම වැනි කටයුතු වලින් වැළැකී සිටින්නැයි ද හෙතෙම ඉල්ලා සිටී.නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා එම ඉල්ලීම කළේ ඊයේ (11) මහනුවර දිසා ලේකම් කාර්යාලයේදී පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි. මහනුවර දිසාපති ගාමිණී සෙනවිරත්න මහතාගේ සම්බන්ධීකරණයෙන් ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, මධ්‍යම ප්‍රධාන ඇමැති සරත් ඒකනායක යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් එම රැස්වීම පැවැත්විණි.තවදුරටත් අදහස් දැක්වූ සාමාන්‍යාධිකාරීවරයා පොල්ගොල්ල වේල්ලෙන් ඔබ්බට ජලය නිකුත් කිරීම නවතා උතුරුමැද ප්‍රදේශයට ජලය මුදා හැරීම නිසා මහනුවර ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවලට පානීය ජලය සැපයීමේ දුෂ්කර තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ඉන් පිරිපහදු කිරීමේ ප්‍රමාණය අල්ප වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජල පාලන ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කළ යුතු බවත් අවධාරණය කළේය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දිවිනැඟුම වැඩ සටහනට සමගාමීව දිවයිනේ සියලුම පාසල්වල හා විද්‍යා පීඨවල කෘෂිකාර්මික ගොවිපළ බැගින් ස්ථාපනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.දරුවන්ට වඩාත් හොඳ හෙටක් ගොඩනැඟීම වෙනුවෙන් ඉතිහාසයේ පළමු වරට තාක්ෂණික විෂය ධාරාවේ ජෛව පද්ධති තාක්ෂණවේදි විෂය යටතේ කෘෂිකර්මය, පසු අස්වනු තාක්ෂණය, ගොවිපළ කෘෂිකර්මය යන විෂය පාසල් 251 ක දැනටමත් ආරම්භ කර ඇත. පාසල් තුළ කෘෂිකාර්මික ගොවිපළ පිහිටුවීම මඟින් මේ විෂය හදාරන ශිෂ්‍යයන්ට හොඳ අවබෝධයක් ලබාදීම අරමුණ වී තිබේ.සුභාෂිණී ජයරත්නhttp://www.lk/2014/11/16/_art.fn=aa1411164.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඔන්න නිකම්ම ඉන්න එකේ ගන්දරයත් පොඩි වැඩක් කලා. ගන්දරයා ලියපු කතා ටිකක් අරගෙන ඊ පොත් දෙකක් හැදුවා. මේ වැඩේ මුලින්ම පටන් ගත්තේ අපේ බස්සි නගා බස්සි ලියූ E-පොත් . වැඩේ දැක්කම මටත් හිතුනා කරලා බලන්න. එහෙමනම් බාගෙන කියවලා බලලම හොඳ නරක කියන්නකො.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
චාරිත්‍රානුකූලව අති පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමිපාණන් පොල් තෙල් පහන දැල් වූ මොහොත. අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, බන්දුල ගුණවර්ධන, මෙහි එක් නිෂ්පාදකවරයකු වන සුනිල් ටී. ප්‍රනාන්දු සහ අධ්‍යක්ෂ සනත් අබේසේකර යන මහත්වරුන් ද සේයාරුවේ වෙති. සේයාරුව – අමිත්සනත් අබේසේකර අනගාරික ධර්මපාල චරිතය අලළා නිර්මාණය කළ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ සිනමාපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි.මහා සංඝරත්නය ඇතුළු මැති ඇමැතිවරු මේ අවස්ථාවට සහභාගී වූ අතර මේ සිනමාපටය ලබන වසරේ සැප්තැම්බර් 17 වැනිදාට යෙදෙන ධර්මපාලතුමන්ගේ 150 වැනි ජන්ම සංවත්සරය දින තිරගත වන බව අධ්‍යක්ෂවරයා පවසයි.අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ නිෂ්පාදනය පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණෝ සමඟ සුනිල් ටී. ප්‍රනාන්දුගෙනි.මෙම සිනමාපටයෙහි ධර්මපාල චරිතයට පණ පොවන්නේ පාලිත සිල්වාය.අනෙකුත් චරිතයන් කමල් දේශප්‍රිය, සඳුන් විජේසිරි, ජී. ආර්. පෙරේරා, ඔස්ටින් සමරවික්‍රම, මාධව විජේසිංහ, රුවංගි රත්නායක, දයාසිරි හෙට්ටිආරච්චි, අශෝක නවරත්න කුමාරසිංහ, අමල් පෙරේරා, අජිත් කුමාර, සංජය අමරසිංහ, චිත්‍රානන්ද කුරුවිට ආරච්චි රඟනු ලබති.අධ්‍යක්ෂණය මෙන්ම කතාව, දෙබස්, තිර රචනය සනත්ගෙනි. රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයකි. විශාරද නන්දා මාලිනී, රෝහණ වීරසිංහ, මාධවී ජයසේන ගීත ගායනයෙන් එක් වී ඇත. ලකී ආතවුදගේ සහාය අධ්‍යක්ෂණයකි. ගයාන් බුද්ධික සහ ඉන්දික දෙවන සහාය අධ්‍යක්ෂවරුන්ය. උපදෙස් සහ තෙරතුරු ලබා දීම ආචාර්ය ගයාන් චානුක විදානපතිරණ සහ සහකාර විදුහල්පතිනි මාධවී ජයසේකරගෙනි. ආනන්ද බණ්ඩාර වර්ණ සංකලනය කොට ඇත.පූජ්‍ය ඇඹිලිපිටියේ විජිත හිමි සම්බන්ධීකරණයෙන් ද, හීනටිගල ප්‍රේමදාස ඇඳුම් නිර්මාණයෙන් ද, සුජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණයෙන් ද, සුනෙත් නන්දලාල් කලා අධ්‍යක්ෂණයෙන් ද, මනෝජ් ලක්සිරි අංග රචනයෙන් ද මේ සඳහා දායක විය. සංජය අමරසිංහගේ නිෂ්පාදන කළමනාකරණයකි. ඉෂිනි අබේසේකර නිෂ්පාදන කෘත්‍යාධිකාරී වේ. නන්දි නන්දා ජයකොඩි සංස්කරණයෙන් එක් වී ඇත. - ප්‍රසාද්
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ආදරයපිළිබදව අප අසා ඇති ගීතයන් ගත් කල මේ ගීතය යම් විශේෂත්වයක් තිබෙනවා... ප්‍රවීණ ගීත විචාරකයින්ට අනුව සිංහල සුභාවිත සංගීතයේ ඇති ආදරවන්තයෙක් අවන්කවම සිය හැගීම් ප්‍රකාශකරන ගීයක් ලෙස තමා මේ ගීතය හැදින්වෙන්නේ.. ඊට හේතුවන ප්‍රභලතම සාධකය වන්නේ සිය ආදරවන්තිය නිසා ආදරවන්තයෙකුගේ සිතේ නැගෙන ආදරය, ශෘංගාරය නිර්ව්‍යාජව ප්‍රකාශකිරීමක් මේ ගීතයෙන් සිදුවීමයි....තවත් කාරණයක් වන්නේ මෙහි ආදරවන්තයා ආදරය කරන්නේ සිය ආදරවන්තියටද... ආදරවන්තිය කරගැනීමට අදහස් කරන කාන්තාවකටද... නැතහොත් සිය මනෝම ස්ත්‍රියකටද යන්න පැහැදිලි නැත.. ඕනෑම රසිකයකුට සිය සිතුම් පැතුම් වලට අදාලව මෙම ගීතය අනුරූපීකරගත හැක...සිය ආදරවන්තිය දැකීමත් සමග තමන්ගේ සිතේ ජනිතවන ප්‍රේමණීය සිතුවිල ඔහු අපවෙත ඉදිරිපත් කරන්නේ පරිසරයේ අලංකාරයන් ඔස්සේ.. පරිසයේ සුන්දරත්වය ඔහු ඉතාමාත් සූක්ෂම හා සියුම්ලෙස සිය සිතෙහි පොපියන ප්‍රේමණීය හැගුම් සමග ගලපනවා...නිල් නුවන් පෙඟෙන අඳුර ගලානුරාවෙන් වෙළීමල් පිපෙන සුළඟ නීල වලාතුළට ගුලි වෙවීසඳ හොරෙන් සිනා වීනිල් දිය මතට පාවෙමින්හදේ දොරටු විවර කළෙමිසොඳුර නුඹෙ නමින්නුරා අඳුරින් වැසී ගිය නීල දෑස, මල් සුවඳ මුසු මඳනල, වැහි වලා යටින් එබෙන පුරහඳ, සඳ සෙවණැල්ල පතිත වූ වැව් දිය, ආදි පාරිසරික සෞන්දර්යය ආලවන්ත හැඟීම් මනාව සංකේතවත් කරයි.එහෙත් මේ රමණීය හැඟීම් සමුදාය ඔහු ඇයට ප්‍රකාශ කර නොමැත්තේ ය. අවට පරිසරයම ආදරයකට පසුබිම තනද්දී ඔහුට ඇති එකම අපහසුව වන්නේ ආදරය ප්‍රකාශ කර ගැනීමයි. ආදරය සතු මේ ගොළු බව එක්තරා මිහිරියාවකි. හැටේ දශකය තුළ කරුණාසේන ජයලත් ශුරින් ගේ ගොළු හදවත නවකතාව එතරම් ජනප්‍රිය වූයේ ද මේ ගොළු බවට ජනතාව ප්‍රිය කළ බැවිනි.අඹ තුරින් තුරට මල් මුවරද පිරීලාසිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලාකිරි කවඩි සිනාවේපෙළහර දකිනු රිසින්මගෙ සිත ගොළු වෙලා...අඹ ගස්වල මල් පිපී ඇත. ඒ මල් වටා සමනලු සරති. තමා වඩාත් ඇළුම් කරන ඒ කිරි කවඩි සිනාවේ ප්‍රාතිහාර්යය අත්පත් කරගැනීමට ඔහුගේ සිත පෙරුම් පුරයි. එහෙත් ඒ සිත මේ මොහොතේ ගොළු වී තිබේ. තමා ළඟින් ම ඇසුරු කරන තරුණියකට ආදරය ප්‍රකාශ කරන්නට යාමේදී යෞවනයකු තුළ හට ගන්නා මානසික ආතතියක් එහි මැනවින් ප්‍රනිර්මාණය වී තිබේ.එහි දී ද ඒ තරුණයා වටා ඇත්තේ සුන්දර පරිසරයකි. ඇය ගං ඉවුරක් අසබඩ ඔහු අසලින් වාඩි වී සිටින්නී ය. සීතල සුළඟක් හමා එයි. සුළඟට විසිරුණු ඇගේ කෙහෙරැළි ඔහු ගේ මුහුණේ ගැටෙයි. ආලය ප්ර කාශ කිරීමේ මානසික උද්දීපනයක් තරුණයා තුළ හට ගනී. එහෙත් සිදුවන්නේ කුමක් ද.නිහඬ ප්‍රේමයේ ස්වභාවය එයයි. මේ තරුණිය මොහුගේ සිතුවිලි උදේ සවස උද්දීපනය කරයි. දයාව, කරුණාව, රාගය, සම්මිශ්‍ර හැඟීම් සමුදායකින් ඔහුගේ හදවත කිතිකැවෙයි. දැන් ඉතින් ගැලවීමක් නොමැත.ළැම හසුන් රැඟුම් පාමනමත් කළා දෝරත තොලින් තොලට දීසෙනෙහස රකී දෝසිත සතුට ගෙනාවේ ඔබමයමගේ හිතත් ඔබ ළඟ නැවතිලාඇගේ සුන්දරළැමඔහුගේ දෑස් ඉදිරියේ රැඟුම් පායි. ඇගේ දෙතොලෙහි උරුමය ඔහු ප්‍රාර්ථනා කරයි. තවදුරටත් ඇගෙන් තොර ලෝකයක් ඔහුට නොමැත.රෝහණ වීරසිංහයන් මේ පදමාලාව මැනැවින් ග්‍රහණය කොට සුගායනය පිණිස අති මධුර තනුවක් නිර්මාණය කර තිබේ. ඒ තනුව රස විඳින විට මා කොතෙක් රෝහණයන් ගේ තනු අසා තිබුණ ද විශ්මයක් හට ගනී. එඩ්වඩ් ජයකොඩි ගේ හඬට මම කවදත් ප්‍රිය කරමි. නිවැරැදි ස්වර තල මෙන්ම පැහැදිලි ගායනයක් ඔහු සතුය. මේ සියල්ල ඒකරාශි වූ විට අති මධුර ගීයක් රසිකයාට දායාද වී තිබේ.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
1996 වසරේදී බොලිවුඩයේ තරුවක් වූ අර්ෂාඩ් වර්සි අධ්‍යක්ෂවරුන්ගෙන් චරිත ඉල්ලාගෙන යන නළුවකු නොවෙයි. ඒ වාගේම ඔහු රඟන්නේ චරිත තෝරා බේරාගෙනය. ඔහු ප්‍රවීණ අධ්‍යක්ෂිකා මීරා නයාර්ගේ සිනමාපටයක චරිතයක් ප්‍රතික්ෂේප කළේ, ඔහුට යෝග්‍යතා පරීක්ෂණයකට එන ලෙස දැන් වූ නිසයි. අර්ෂාඩ් කිසි දිනක රඟපෑමේදී යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගි වී නැති නිසා දෙවරක්ම ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. අර්ෂාඩ්ගේ රංගන දකින්නට ලැබෙන්නේ ඉඳහිටය.ඔහු සිනමා නිෂ්පාදනයට ද අත ගසා ඇතත්, එයට ද උදා වී ඇත්තේ නරක කල දසාවකි. ඔහුගේ ලුධියානා ප්‍රදේශයේ රූගත කිරීමට බාධා සිදු වූයේ අමිත් සාධ් තුවාල වීම නිසයි. අමිත්ගේ පාදය තුවාල වූ නිසා ඔහුට වැඩිදුරක් ඇවිදීමට අපහසුය. එනිසා දැන් රූගත කිරීම් පිණිස තෝරා ගෙන ඇත්තේ පන්ච්ගනීය. එහි උණුසුම ලුධියානා පෙදෙසට වඩා වැඩිවේවිදැයි යන බිය සියල්ලන්ටම ඇත.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වීමේ සහ දූෂණ වංචා හෙළිදරව් වීමෙන් දැඩි අපහසුතාවකට පත්වී සිටින නවදිල්ලි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සංවිධායකවරුන් දැන් ක්‍රීඩාංගණවල ව්‍යාප්තවී ඇති මදුරු උවදුර හේතුවෙන් පීඩාවට පත්වී සිටිති.“මදුරුවන්ට එරෙහිව ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම අප ගන්නවා” සංවිධායක කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. පසුගිය ජූලි මස සිට නවදිල්ලි නුවර ඩෙංගු උණ වැළඳුණු රෝගීහු 863 දෙනෙකු රෝහල් ගත කර තිබිණි. ඉන් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්විය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
හලාවත මෝය කටේ දී බෝට්ටුවක් පෙරළීමෙන් එහි සිටි එක් ධීවරයෙක් අතුරුදන්ව ඇති අතර, අනිත් ධීවරයා ගොඩට පිහිනාගෙන විත් දිවි බේරාගෙන ඇත.ඉකුත් 27 දා සිදුවූ මෙම බෝට්ටු අනතුරින් අතුරුදන් ව ඇත්තේ මුන්නෙශ්වරමේ පදිංචිව සිටි රාජ්කුමාර් නමැති 28 හැවිරිදි දෙදරු පියෙකි.හලාවත කළපුවෙන් ධීවර රැකියාව සඳහා පිටත්ව ඇති මේ දෙදෙනා මුහුදට පිවිසීීමට මෝයකටෙන් යද්දී බෝට්ටුව පෙරලීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර ඊයේ (28) දහවල් වන තුරුත් අතුරුදන් වූ ධීවරයා හමුවී නොතිබූ බව හලාවත පොලිසිය පවසයි.පෙරළුන බෝට්ටුව කරුකුපොත වෙරළට ගොඩගසා තිබී හමු වූ බව ද පොලීසිය වැඩිදුරටත් පවසයි.හලාවත පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පෙම්වතුන්ගේ දිනයදා මහමඟ ගමන් ගනිමින් සිටි තරුණියන්ට නිරුවත පෙන්වූ අයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන උදරාබාධයක් සඳහා තෙල්දෙණිය රෝහලට ඇතුළු කිරීමෙන් පසු පලාගොස් සැඟව සිටියදී පොලිසිය විසින් නැවත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.කාන්තාවකගෙන් ලද පැමිණිල්ලක් මත අදාළ පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. පසුව ඔහු උදරාබාධයක් ඇති බව පැවසීම නිසා පොලිසිය ඔහුව තෙල්දෙණිය රෝහලට ඇතුළු කැර තිබේ.පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා වැසිකිළි යන බව පවසා පිටතට පැමිණ පලාගොස් ඇත. පසුව තෙල්දෙණිය පොලිසියේ කණ්ඩායමක් සිද්ධියෙන් පැය කිහිපයකට පසු ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානය‍ට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද wrong language - NahidSultan (talk) 21:13, 21 දෙසැම්බර් 2014 (යූටීසී) නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න. wrong+language+-+%5B%5BUser%3ANahidSultan%7CNahidSultan%5D%5D+%28%5B%5BUser+talk%3ANahidSultan%7Ctalk%5D%5D%29+21%3A13%2C+21+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+2014+%28%E0%B6%BA%E0%B7%96%E0%B6%A7%E0%B7%93%E0%B7%83%E0%B7%93%29NA එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ  නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම්  ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද  පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පිටුවෙහි කර්තෘ වෙත සටහන: ඔබ තවමත් ලිපි සාකච්ඡා පිටුව සංස්කරණය කර නොමැත. ඔබ මෙම ඉක්මන් මකාදැමීමට විරුද්ධ වීමට අදහස් කරයි නම්, ඉහත දැක්වෙන බොත්තම එබීමෙන් පසුව මෙම පිටුව මකා නොදැමිය යුත්තේ මක්නිසාදැයි කියා සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තැබීමෙන් අනතුරුව ප්‍රකාශ කරන්න. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ NahidSultan (දායකත්ව| ලඝු) විසින් 0 තත්පරයකට පෙර ට පෙරදීය කරුණාකර පහත සැකිල්ල කර්තෘගේ සාකච්ඡා පිටුව මත පිහිටුවීමකට භාජනය කරන්න: {{subst:db-reason-notice|The red head leauge|header=1|wrong language - NahidSultan (talk) 21:13, 21 දෙසැම්බර් 2014 (යූටීසී)}} ~~~~ the red head leauge
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය මේ 21වැනිදා ආරම්භ වේ. වයඹ, බස්නාහිර, රුහුණ, කඳුරට හා පළාත් ඒකාබද්ධ කණ්ඩායම් තරගාවලියට එක්වෙති.තරග 12කින් සමන්විත තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ජූලි 21දා පළමු තරගය වයඹ හා බස්නාහිර අතර පෙරවරු 10.30ට ආරම්භ වන අතර එදින පස්වරු 2.30ට රුහුණ හා කඳුරට අතර තරගය පැවැත්වේ.අවසන් පූර්ව තරග ජූලි 30දා පැවැත්වෙන අතර ජූලි 31දා අවසන් තරගය පැවැත්වේ.පසුගිය වසරේ මේ තරගාවලියේ සූරතාව ජෙහාන් මුබාරක්ගේ නායකත්වයෙන් වයඹ පළාත දිනා ගත්තේය. අනු සූරතාවට හිමිකම් කීවේ රුහුණු පළාතය. අන්තර් පළාත් විස්සයි 20 ක්‍රිකට් සූරයන් ජගත් ක්‍රිකට් කවුන්සිලය මෙහෙයවන චැම්පියන් කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි.මේ තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් සහභාගී කරවීමට කලින් සැලසුම් කළ ද ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය නොලැබීම නිසා එම අදහස අත්හැර දැමීමට සිදුවිය.අන්තර් පළාත් විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායම් ලබන සතියේදී ප්‍රකාශ කිරීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සියලුම ක්‍රීඩකයන් පළාත් තරගාවලියට සහභාගී වෙති..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කළුතර නෑබොඩ ක්ලෝඩන් වතුයාය අද්දර වෙල්ලතේ ග්‍රාම සේවා වසමට මායිම් වන ස්ථානයේ ඇති ගල් කොරිය නිසා අවට නිවැසියෝ ගැටලු රැසකට මුහුණ දී සිටිති.මෙය මීට වසර හතළිහකට පමණ පෙරදී ආරම්භ කළ විටදී එමගින් සිදුවෙන හානිය පෙන්වා දීමෙන් පසු එහි කටයුතු ඇන හිටියේ ය. නමුත් දැනට සති කීපයකට උඩදී වෙනත් පුද්ගලයකු විසින් රහසිගතව මේ ගල්වළේ වැඩ ආරම්භ කර ඇතැයි පැවසේ. එහි පළමු වැනි ගල් වෙඩිල්ලෙන්ම අවට නිවාස කීපයකට හානි සිදුවීම නිසා නිවැසියෝ කලබලයට පත්ව ග්‍රාම සේවා නිලධාරි හා පොලිසියට දැනුම් දී තිබේ. ක්ලෝඩන් වතු පාලක (කළමනාකරු) ඇතුළු සෙසු පාලකවරු ද මෙයට විරෝධය පළකර තිබේ.මෙහි වැඩ යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා වගකිව යුතු කිසි අයකුටත් ඒ ගැන දැනුම් දී නැති බවද කියති.ඉතාමත් නොසැලකිලිමත් ලෙස ගල්බෝර ගසා වෙඩි සවිකර පත්තු කරන බෙහෙත් නූල අනාරක්ෂිතව තිබෙන බැවින් එමඟින් සිදුවිය හැකි හානිය ගැන ප්‍රදේශවාසීහු බිය පළකර සිටිති.ගල් කොරිය අවට ළිංවලින් දිය නෑමට යන එන කාන්තාවෝ මේ වෙඩි හඩවලින් කම්පා වී සිටිති. එසේම කුඩා දරුවන් ක්‍රීඩා කරන සෙල්ලම් පිටිය මීටර් කීපයකට නුදුරින් පිහිටා ඇත. මේ ගල් කොරියට මිටර් 135 – 150 ක් පමණ නුදුරින් පිහිටා ඇති විජය කුමාරතුංග මහතාගේ නිවසේ වහලයට ගල්වෙඩි පත්තු කිරීමෙන් ඇද වැටුණ ගල් කුට්ටියක් නිසා විශාල හානි සිදු වී තිබේ.එබැවින් මේ ව්‍යසනය නවත්වන්න පියවර ගන්නැයි අවට ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.  .
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මිනුවන්ගොඩ කෘෂි සම්පත් සුරැකීමේ ගොවි සංවිධානය ඖෂධීය ගුණයකින් යුත් පෞරාණික වී ප්‍රභේද රැසක් නැවත පාරිභෝගිකයන් වෙත හඳුන්වා දෙමින් රට පුරා ප්‍රචලිත කිරීමට කටයුතු කරමින් සිටින අතර මේ හරහා විවිධ රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට සුවය ගෙනදීමටද හැකියාව ලැබී ඇත.ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ විවිධ යුගවලදී පැරණි වී වර්ග 5719ක් වගා කර තිබූ අතර එම වී වර්ග අතුරින් වර්ග 4106ක් පමණ මේ වන විට සොයාගෙන තිබේ. එම වී ප්‍රභේද අතුරින් වර්ග කිහිපයක සුවිශේෂී ඖෂධීයමය ගුණයක් අන්තර්ගත වී පවතින අතර මිනුවන්ගොඩ කෘෂි සම්පත් සුරැකීමේ සංවිධානයේ ගොවීන් මෙම වී ප්‍රභේද මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැතිරී ගිය කුඹුරු යායවල් කීපයක වගා කර තිබේ.මෙම විශේෂිත වී වර්ග අතුªරින් ‘පොක්කාලි’ නම් වර්ගය ස්නායු ශක්තිය වර්ධනය කිරීමටත්, දුර්වල ශරීර අංග නැවත ප්‍රාණවත් කිරීමටත්, ශක්තිමත් සිරුරක් ඇති කිරීමටත් විශේෂයෙන්ම වකුගඩුවල ගල් දිය කිරීමට හේතු වෙයි. ‘රත්දැල්’ ප්‍රභේදය කුඩා දරුවන්ට පෝෂ්‍යදායක වන අතර, ‘සුවඳැල්’ ආගමික කටයුතුවලට විශේෂ වන අතර තරුණ, වැඩිහිටි අයට කායික සුවය ගෙන දෙන ගුණදායක ආහාරයකි.‘පච්චපෙරුමාල්’ පෞරාණික වී වර්ගය දියවැඩියාව රෝගීන්ට දිව ඔසුවක් වැනි ආහාරයකි. කළු හීනටි’ වර්ගය උදරය ආශ්‍රිත සියලුම ලෙඩ රෝගවලටද, දියවැඩියාව රෝගය අවම කිරීමට ද වැදගත් ආහාරයකි.රතු හීනටි, සුදු හීනටි, වෙද හීනටි ආදී ලෙස හීනටි සහල් වර්ග 20ක් පමණ ඇත. ‘කලුවැල්’ නම් වූ විශේෂිත පෞරාණික වී වර්ගය ගගනගාමීන් සඳහා විශේෂිත ගුණයක් ලැබෙන බවද, විද්‍යුත් බලයක් පවතින බව ද ගර්භණී මාතාවන්ට ද පෝෂ්‍යදායක බව ගොවි සංවිධානයේ සභාපති ඩබ්ලිව්. පී. විමලදාස මහතා පැවැසීය.”දහනල” නම් වී ප්‍රභේදය ශරීර ශක්තිය වැඩිදියුණු කිරීමට ද ‘මහ මා වී’ දියවැඩියාව, ක්ෂය රෝගය මෙන්ම අර්ශස් රෝගයන් සඳහා විශේෂිත ඖෂධීය ගුණයකින් යුක්ත බවත් රත්තැඹිලිඇල් නම් වී වර්ගය ලලනා රූසිරිය වර්ධනය කරන බවද ඩබ්ලිව්. පී. විමලදාස මහතා දිනමිණට පැවැසීය.වර්තමානය වන විට මෙම සාම්ප්‍රදායික වී ප්‍රභේදවලට විදේශ ඉල්ලුම ද වැඩි වී තිබෙන අතර රජයද එම ඉල්ලුමට සරිලන සැපයුමත් නිෂ්පාදනය කිරීම උදෙසා මෙම වී වර්ග වගාව ව්‍යාප්ත කිරීමට විවිධ පියවර ගෙන තිබේ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සමරවීර මහානාම දෙ ඉවුරු යා කරලා කදිමනිල්වලා මහා ගඟ උඩින්ම හැදුවා පාලමක් දිගම එදා පටන් ඒ පාලම මාතර නගරයට පෙනුම ගාම්භීර මහ පාලමනාමය විය මහානාම ගෑණි එක්ක මල පැන්නමමිනිහ එක්ක මල පැන්නම මතක් වීලා මේ පාලම මෙතනට එයි ඔක්කොම උඩ ඉදන් පනිනවා පත්තරේ වැටෙනවා ප්‍රසිද්දිය ලබනවා පෝලිමේ පනිනවා පාලම් ඇන්දේ දෙපස කම්බි දැලක් ගහල උස මැරෙන්න එන අයට යස පාඩමක් දෙමු නොවලස.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ යාළුවෝ හැමෝටම.ඔන්න අලුත් අවුරුදු පෝස්ට් එක බට්ටිගේ 100 වන පෝස්ට් එක උනා අහම්බෙන්ම..ඉතිං අවුරුද්දට බට්ටිගෙන් හැමෝටම කේක්..බට්ටි එක් හැමදාම එකට හිටිය මගේ බ්ලොග් මිතුරෝ හැමෝටම හුගක් ස්තූතියි...මේ සහෝදරත්වය ලොකු ශක්තියක් බට්ටිට.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
උඳු වියලි උඳු ඇට Scientific classification Kingdom: Plantae (unranked): Angiosperms (unranked): Eudicots (unranked): Rosids Order: Fabales Family: Fabaceae Subfamily: Faboideae Tribe: Phaseoleae Genus: Vigna Species: V. mungo Binomial name Vigna mungo (L.) Hepper උඳු පරිප්පු
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මොරටු විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර පැවැත්වෙන 61වැනි මහා ක්‍රිකට් තරගය අද (22) සහ හෙට දෙදිනත් 20වැනි එක්දින තරගය 24වැනිදාත් ‍මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.1948 ආරම්භවු මේ තරගය වසර 5ක් පවත්වා නැති අතර පැවැති තරග අතරින් 9ක් ජයැගනිමට සුමංගල විදුහල සමත්ව ඇති අතර මොරටු විදුහල තරග 7ක ජය හිමිව තිබේ.කල්හාර පීරිස්ගේ නායකත්වයෙන් මොරටු විදුහල 2010වසරේදී අවසන් වරට මේ තරගය ජයගෙන ඇති අතර සුමංගල විදුහලේ අවසන් ජයග්‍රහණය 2007 වසරේදී ඩිනේෂ් පුෂ්පකුමාරගේ නායකත්වයෙන් වාර්තා විය.සුමංගල විදුහලේ රොෂාන් ප්‍රනාන්දු 1996දී රුස්කළ ලකුණු 150 වැඩිම ලකුණු ලෙසින් වාර්තා වේ.මෙවර තරගවාරයේ තරග 16කින් එක් තරගයක් ජයගෙන ඇති මොරටු විදු‍හල් පිලේ නායකයා ලෙස ඉශාන් නිලක්ෂ පීරිස්ගේ කටයුතු කරයි. සමින්ද මධුරංග උපනායකත්වය දරණ අතර මේ වන විට කඩුලු 74ක් බිඳ හෙලීමට සමත්ව ඇත. ලකුණු 600 සීමාව පසුකර ඇති නායක ඉශාන්, තිලාන් කවිශ්ක දක්ෂතා අතර සිටින අතර පන්දු යැවීමෙන් ශානක රෝෂාන් කණ්ඩායම ශක්තිමත් කරයි.තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන තාරුක නදීශාන් ප්‍රේමචන්ද්‍ර සුමංගල කණ්ඩායමේ නායකත්වය දරණ අතර මේ වනවිට ලකුණු 600ක් සහ කඩුලු 40ක් දවාගනිමින් දස්කම් දක්වා ඇත. උපනායකයා ලෙස ගීත් සංජය කටයුතු කරයි. අනෙක් ක්‍රීඩකයන් වැඩි දෙනෙකු නවකයන් වෙති. මේ තරගවාරයේ සුමංගල විදුහල තරග 2ක ජයගැනීමට සමත්ව ඇත්තේ තරග 16කට එක් වෙමිණි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අනගාරික ධර්මපාලතුමන්ගේ එකසිය පණස් වැනි ජන්ම සංවත්සරය නිමිති කර ගනිමින් සනත් අබේසේකර විසින් අධ්‍යක්ෂණය කළ අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ සිනමා සිතුවම සැප්තැම්බර් මස 12 වැනිදා සිට එම්පීඅයි සහ එල්එෆ්ඩී මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය ඇරැඹීමට නියමිතය.එහි පාසල් දර්ශන පැවැත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය ලබාදී ඇති අතර ආරම්භක දිනයේ සිටම පාසල් දර්ශන පැවැත්වීමට අදහස් කරගෙන සිටින බව එහි අධ්‍යක්ෂවරයා ‘සරසවිය’ට දන්වා සිටියි.-ප්‍රසාද්
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
බොදුබල සේනාව යනු සිංහලයන් වෙනුවෙන්වත්, බෞද්ධයන් වෙනුවෙන්වත් පෙනී සිටින සංවිධානයක් නොව, මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඡන්ද එකතු කරන කැන්වසින් ව්‍යාපෘතියක් බව අප කීවේ අද ඊයේ නොව දැනට වසර ගණනකට පෙර ය.. ඒ කාලයේ අපව ආමන්ත්‍රණය කරනු ලැබුවේ මෙන්න මේ වචන සෙට් එකෙනි.. "අවජාතක පරයා, රට ජාතිය ආගම පාවා දෙන බත්බැලයා, දේශද්‍රෝහියා, කාලකන්නියා, කවලමා, පරයා, සංකරයා, හම්බයාගේ හොර ෂොට් එක" සහ තවත් මෙහි ලියා දැක්විය නොහෙන බොහෝ සුමධුර සුභාෂිත සුගායනීය වදන් වැලක් මෙහි වෙයි.. දැන් නැට්ටුවා අඩව්ව අල්ලා හමාර ය.. මෙතෙක් කල් දමාගෙන හිටපු වෙස් මුහුණ දැන් ගැලවී වැටී හමාර ය.. වෙස් මුහුණ පමණක් නොව, ඉණේ ඇඳිවත පවා දැන් ගැලවී හමාර ය.. මා අහන්නේ එකම එක ප්‍රශ්නයකි.. මහත්වරුනි, දැන් ඔබ මොකද කියන්නේ.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
රොබට් හැරිස් (කණිෂ්ට) ට අනුව අප‍්‍රිකානු අධ්‍යයන වර්ධනය අදියර හතරකින් සිදුවිය. 1890 සිට දෙවන ලෝක යුද්ධය දක්වා වූ කාලයේ දී අප‍්‍රිකානු ජනතාවගේ සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයට බොහෝ සංවිධාන බිහිවිය. දෙවන අදියරේ දී මෙහි අවධානය කළු ඇමෙරිකානුවන් වෙත යොමුවිය. තුන්වන අදියරේදී අප‍්‍රිකා කේන්ද්‍රික අධ්‍යයන කළු අධ්‍යයන ලෙස සංවිධානගත වන්නට විය. හතරවන අදියර ලෙස වඩා විධිමත් ෙසෙද්ධාන්තික විමර්ශනයක් ඇෆ‍්‍රිකානා ස්ටඞීස් නමින් බිහිවිය. ඇෆ‍්‍රිකානා ස්ටඞීස් යන වදන පැමිණ ඇතැයි සැළකිය හැක්කේ මානව හිමිකම් ව්‍යාපාරයේ ප‍්‍රථිඵලයක් ලෙස ජේම්ස් ටර්නර් විසින් 1969 දී පිහිටුවන ලද ඇෆ‍්‍රිකානා ස්ටඞීස් ඇන්ඞ් රිසර්ච් සෙන්ටර් අනුසාරයෙනි. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Black_studies#Journals
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ලුවී බ්‍රේල් ලුවී බ්‍රේල්ගේ උඩුකය එටිනේ ලෙරොක්ස් විසින් (1836-1906), බිබිලියොතෙකේ වැෂියොනාල් ඩි ෆ්‍රාන්ස් උපත 4 ජනවාරි 1809(1809-01-04) කූප්ව්රේ, ප්‍රංශය මරණය 6 ජනවාරි 1852(1852-01-06) (වයස 43) පැරිසිය, ප්‍රංශය මිහිදන් කල ස්ථානය පැන්තියොං, පැරිසිය 48°50′46″N 2°20′45″E / 48.84611°N 2.34583°E / 48.84611; 2.34583 ලූවී බේල් අන්ධ භාවයට පත්වුයේ ඔහුට වයස අවුරුදු තුනේදීය. එක් ඇසක් තමන් අතින්ම සිදුකරගත් අනතුරක් නිසාද අනෙක් ඇස සිම්පතටික් ඔප්තැල්මීයා නම් රෝගය නිසාද අන්ධ භාවයට පත්විය. දහවන වියේදී ඔහු පැරිසියේ අන්ධ තරුණයින් සඳහා වන රාජ්‍ය අධ්‍යාපන ආයතනයෙන් පිරිනමන ලද ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට සමත් විය. පාසලේදී තම සගයන්ගෙන් ලැබුණු විවිධ හිරිහැර මධ්‍යයේ වුවද බ්‍රේල් කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. ඔහු එකල පාසලේදී මෙන්ම පිටතදීද මනා දක්‍ෂකම් පෙන්වු ඕගන් සහ සෙලෝ වාදකයකු විය. එකල ඔවුන්ගේ පාසලේ කියවීම සහ ලිවීම සඳහා භාවිත වුයේ පාසලේ ප‍්‍රධානියා වු වැලන්ටින් හෝයි විසින් සොයා ගත් ක‍්‍රමයකි. නමුත් විවිධ ප‍්‍රායෝගික නොවන ලක්‍ෂණ නිසා එම ක‍්‍රමය වඩා ප‍්‍රචලිත නොවීය. වර්ෂ 1821 දී චාර්ල්ස් බාබියර් නම් ප‍්‍රංශ හමුදා ප‍්‍රධානියා බ්‍රේල්ගේ පාසලේ සංචාරයක නිරත වු අතර ඔහු විසින් එහිදී තම හමුදාවන්හි භාවිතයට ගන්නා ඩොට් 12 සහිත ලීවීමේ ක‍්‍රමයක් පාසලට හඳුන්වා දෙනු ලැබීය. පසු කලෙක බ්‍රේල් විසින් එම ඩොට් 12 ක‍්‍රමය ඩොට් 6 දක්වා අඩු කොට වඩා සරල ක‍්‍රමයක් නිපදවු අතර අද ද දෘශ්‍යබාධිත පුදගලයින් භාවිතා කරන බ්‍රේල් ක‍්‍රමය ලෙස හැඳින්නේනේ එයයි. මෙම ඩොට් හයේ ක‍්‍රමය මඟින් යමෙකුට ඉතා කාර්යක්‍ෂම ලෙස එක්වරම වචන හඳුනාගැනීමේ හැකියාව ලැබෙන අතර ලිවීමේ හා කියවීමේ අවස්ථා දෙකම මේ ඔස්සේ ලබා ගත හැක. තම ලිවීමේ ක‍්‍රමය තවදුරටත් වැඩිදියුණු කිරීමට සිතු බ්‍රේල් ගණිතමය සහ සංගීතමය සටහන් කිරීමේ ක‍්‍රමයද මේ ඔස්සේ හඳුන්වා දුන්නේය. බ්‍රේල් ක‍්‍රමය පිළිබඳව සඳහන් කොට ඔහු විසින් ප‍්‍රකාශයට පත් කරන ලද පලමු කෘතිය වන්නේ 1827 දී නිකුත් වු මෙතඞ් ඔෆ් රයිටිං වර්ඞ්ස්, මියුසික්, ඇන්ඞ් ප්ලේන් සෝන්ග්ස් බයි මීනිස් ඔෆ් ඩොට්ස්, ෆෝ යුස් බයි ද බ්ලයින්ඞ් ඇන්ඞ් ඇරේන්ඞ් ෆෝ දෙම් නම් කෘතියයි. පසු කාලීනව බ්‍රේල් තම පාසලේම ගුරුවරයකු බවට පත්විය. නමුත් ඔහු ජීවත්ව සිටි කාලයේදී බ්‍රේල් ක‍්‍රමය කියවීම, ලිවීම සඳහා භාවිතා නොවිණි. 1852 දී බ්‍රේල් ක්‍ෂය රෝගය වැළදීම නිසා මරණයට පත්වුයේය. ඔහුගේ බ්‍රේල් ක‍්‍රමය ප‍්‍රංශයය තුළ පිළිගැනීමට ලක්වුයේ ඔහුගේ මරණින් වසර දෙකකට පසුවය. සටහන්[සංස්කරණය] | [1] |}
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ජිවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්.හරි නිර්වචනයක් දෙන්න බැරි ජිවිතේ තුළ අපිට මුහුණ දෙන්න වෙන සමහරක් දේවල් අපි බොහොම ආදරයෙන් පිළිගන්නකොට තවත් දේවල් අපිට ප්‍රතික්ෂේප කරන්න බැරි නිසාම භාර ගන්න වෙනවා අපි කැමති වුණත් අකැමති වුණත් එක එහෙමමයි.කාලෙකට කලින් දකින්න කැමති,හමුවෙන්න කැමති,ඇසුරුකරන්න කැමතිව හිතපු අය කාලයේ වියෝවෙන් දැකීම වේදනාවක් වෙන අවස්ථා කොයි තරම් ජිවිතේ තියෙනවාද.. ඒ නිසා නේ කරුණාරත්න දිවුල්ගනේ ගයන්නේ නෙතට උළෙලක් විය එදා ඔබ කදුළු බිදුවක් විය මෙදා කියලා.ඉතින් මගේ ජිවිතේත් කාලෙකට පෙර නෙතට උළෙලක්ව සිටි අයෙක් අද කදුළු බිදුවක්ව මගේ නෙතත් පරවනවා.අමතක කරන්න හදන අතීත මතක පොත නැවත,නැවතත් පෙරළාමින්.කලින් වතාවකත් මම ඇය ගැන අකුරු කළාඉතින් ඒ මතකය අමතක කරන්න හදන හැමවිටම නැවත,නැවතත් මතක් වෙන්නේ කොයිම විදියකට හරි අපි දෙන්නට,දෙන්නා නිතරම වගේ මුණ ගැහෙන නිසා වෙන්න පුළුවන්.එකම ගමක එකම විදීයක ජිවත් වෙන අපි එකිනෙකා මගහැර ජිවත් වෙන්න කොයි තරම් උත්සහාකළත් එහෙම කරන්න බැරි ප්‍රයෝගික කරනා කොයි තරම් තියේද.. කොහොම වුණත් කාලෙකට කලින් සිහිනයෙන් පවා දකින්නට පැතු රුවක් ජීවමානවම ඇස් ඉදිරියේ දර්ශනය වීම කොයි තරම් සුන්දර අත්දැකීමක් විය යුතුද.නමුත් අමාරුවෙන් වළලා දමන්න යන මතකයක් නැවතත් අවදි කරන්න හදන දෑසක් යළි,යළිත් හමුවීම හරියට පරණ තුවාලයක් පාරනවා වගේ වැඩක්.ඉතින් අමරුවෙන් සුවවුණු තුවාලයක් ආයෙමත් පාරවා ගන්න මට වුවමනා නැහැ.අන්න ඒ නිසායි අහම්බයකින් වුණත් ඔයාව මගතොට මුණ ගැසුණාම මම නන්නාදුනන විදියට හුගාක් අමරුවෙන් වුණත් ඔයාව මග හැරලා යන්නේ.එහෙම නොවෙන්න අපේ හමුවීම ඔයාටත්,මටත් වේදනාව ගෙන දෙන එක නියතයි.ඉතින් ඔයා කියලා තිබුණාත් ඔයාගේ මිතුරියන්ට මම ඔයාව දැක්කත් නොදැක්කා වගේ යන එනවා කියලා.එත් ඇත්ත එක නෙමේ.අපි කොහොමත් ආයේ,ආයෙත් හමුවේවි.එත් එහෙම හමුවෙන හැමවිටකම අපි නන්නාදුනන ලෙසටම ගමන් ගනිමු හරිම අමාරුවෙන් වුණත් ලස්සන අතීතයේ සුන්දර අතිතසිදුවීම් සියල්ල යටපත් කරමින්.මම පෙම් කළේ මිරිගුවකට නොවේ.නමුත් ඒ ප්‍රේමය අද මිරිගුවක් වෙලා.මිරිගුවක් කියන්නේ මායාවක් ඒ මායාවට රැවටෙන්න බැහැ.ඒ නිසා අපි මේ විදියටම ඉමු හොදින්ම දන්නා එත් නන්නාදුනනා අය විලසින්.දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලායෞවනේ අපටවිය විරහි හද ගිලන් වෙලාගහ කොළ ද මල් පිපේ ඇළ දොළ නිල කඩා හැලේපෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුණේනන්නාඳුනන ලෙසේ මග තොට යළිත් හමුවෙලාමහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා.ප.ළි.ය:සිංදු දෙකම යු ටියුබ් වෙතින්.පින්තුරය ගුගල් ඉමේජ්.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
තලංගම, ප්‍රදේශයේ සිදුකර ඇති රුපියල් දහතුන් ලක්‍ෂයක මුදල් සොරකමක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයෙකු, වැඩිදුර පරීක්‍ෂණ සඳහා රැගෙන යමින් සිටියදී, නුවරඑළියේ කොටගල ප්‍රදේශයේ පිහිටි අඩි 60 ක් පමණ උස දුම්රිය පාලමකින්, පහළට පැනීම නිසා බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි, දිඹුල පොලිසිය කියයි.බරපතළ ලෙස තුවාල ලැබූ සැකකරු, කොටගල දිසා රෝහලටත්, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලටත් ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් 22 දින මෙලෙස මියගොස් ඇත.මෙසේ දුම්රිය පාලමක් මතින් පහළට පැනීම නිසා මියගොස් ඇත්තේ හැටන් - නෝර්වුඩ්, බංගලාවත්ත නැමති ලිපිනයෙහි පදිංචි සින්නයියා නඩරාජා නැමති වයස අවුරුදු 40ක දෙදරු පියෙකු බව පොලිසිය පවසයි. මේ පුද්ගලයා තලංගම ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නිවෙසකින් රුපියල් දහතුන් ලක්‍ෂයේ සොරකම සිදුකර ඇති බවත්, ඒ අනුව මොහුව තලංගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන දිඹුල පොලිසිය හා ඒකාබද්ධ වී පරීක්‍ෂණ සිදුකරමින් සිටිය දී සොරකම් කරන ලදැයි කියන මුදල සඟවා තබන ලද ස්ථානයක් පෙන්වීම සඳහා රැගෙන යමින් සිටිය දී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පාණදුර කෙසෙල්වත්තේ හෝටලයක මංගල උත්සවයක් පැවැත්විණි. බොහෝ දෙනකු මෙම මංගල උත්සවයට සහභාගිවී මනාල යුවළට සුබ පැතූහ.දිවා ආහාරය සැමටම පිරිනැමිණි. එකම මේසයේ දිවා ආහාරයගත් කාන්තාවක් ක්‍ෂණයකින් අතුරුදන් විය. එම මේසයේ ම ආහාරය ගත් තවත් කාන්තාවක් ගෙල අතගා බැලුවාය.ඇගේ ගෙලේ තිබූ රුපියල් එක්ලක්ෂ තිස් පන්දාහක් වටිනා රන්මාලය නැති බව ඇයට දැකගන්නට ලැබිණි. එම මාලය උත්සව ශාලා භූමියේ වැටෙන්නට ඇතැයි, ඇය සිතුවාය.ඇය එය සොයා බැලුවාය. උත්සවශාලාවේ වැටී තිබුණ රන්මාලය අහුලාගත් තවත් කාන්තාවක් රහසිගතව එම මාලය ගෙන උකස් කඩයකට ගොස් උකස් තබා මුදල් ලබා ගත්තාය. මේ සිද්ධිය ගැන ඇගේ මස්සිනා පොලිසියට ඔත්තුවක් ලබා දුන්නේ ය. පාණදුර උතුර පොලිසියේ උප පොලිස් පරීක්ෂක රත්නායක සහ සැරයන් ධර්මපාල නිලධාරිහු ක්‍රියාත්මක වූහ. මාලය අහුලාගත් කාන්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කෙරිණි.රන් මාලය උත්සව ශාලාවේ බිම වැටී තිබී හමු වූ බවත් එය උකස් කර මුදල් ලබාගත් බවත් ඇය පොලිසියට පැවැසීය.සැකකාර කාන්තාව පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. චෝදනාවට වරද පිළිගත් සැකකාරිය මාසයකට රුපියල් දහදාහ බැගින් රන්මාලයේ වටිනාකම මාලය අයිති කාන්තාවට ගෙවීමට පොරොන්දු වූවාය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
හරිතලව වනාහි ප්‍රභාසංස්ලේෂණය සිදුකරන සූන්‍යෂ්ටික සෛලවල පමණක් දැකිය හැකි ද්විපටලමය ඉන්‍ද්‍රිකා ය. හරිතලව අධිව්‍යුහය: 1. පිටත පටලය 2. අන්තර් සෛලීය අවකාශය 3. ඇතුලත පටලය 4. පංජරය 5. තයිලකොයිඩ කුහරය (තයිලකොයිඩයක ඇතළ) 6. තයිලකොයිඩ පටලය 7. පංජර කණිකා (ග්‍රැනා) 8. තයිලකොයිඩය (කුහරය) 9. පිෂ්ටය 10. රයිබොසෝම 11. චක්‍රීය DNA 12. ලිපිඩ ගෝලිකා (ප්ලාස්ටග්ලොබියුල) ව්‍යුහමය ලක්‍ෂණ[සංස්කරණය] සිනිඳු ද්විපටලයකින් යුතුය. එම පටල අතර අන්තර් සෛලීය අවකාශය නමැති කුඩා අවකාශයක් වේ. අභ්‍යන්තර පටලයෙන් ඇතුලට නෙරායාමක් සේ ඇතිවන තරලමය හා කුහරමය නාල ‘සූස්තර‘ නමින් හඳුන්වයි. මෙම සූස්තරවල සමහර ස්ථාන විශාලවී කැටි බඳු ව්‍යුහ සාදයි. ඒවා ‘තයිලකොයිඩ‘ නම් වේ. තයිලකොයිඩ එකක් මත එකක් පිහිටා ‘පංජරකණිකා‘ සෑදේ. ක්ලෝරෆීල් ආදී වර්ණක එතුල ගිලී පවතී. සෑම හරිතලවයක ම, ක්ලෝරෆීල් a පවතී. එසේ ම ක්ලෝරෆීල් b, කැරොටිනයිඩ හෙවත් කැරටීන් හා සැන්තෆීල් ආදිය ද හරිතලව තුල පවතී. කෘත්‍ය[සංස්කරණය] ප්‍රභාසංස්ලේෂණයේදී සූර්ය ශක්තිය බවට පත්වන්නේ හරිතලව තුලය. මෙහි ඇති රයිබසෝම මගින් ප්‍රෝටීන සංස්ලේෂණය කෙරෙන අතර හරිතලව තුළ ප්‍රභාසංස්ලේෂණ එන්සියම ගබඩා කෙරේ. හරිතලව කොපුවෙන් ආරක්‍ෂාව ද පංජර කණිකා මගින් ආලෝක ප්‍රතික්‍රියාව ද පංජරයෙන් අඳුරු ප්‍රතික්‍රියාව ද පිෂ්ට කණිකා හා තෙල් බිඳු මගින් ආහාර සංචිත කිරීම ද චක්‍රීය DNA මගින් ආවේණික ලක්‍ෂණ පාලනය ද සිදු වේ.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ආසියානු කුසලාන 13න් පහළ පාපන්දු කාන්තා තරගාවලියේදී ජෝර්දානය ගෝල් 3 – 0 කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉරානය හමුවේ ගෝල් 2 – 0 කින් පරාජයට පත් වූහ.බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී 13න් පහළ කාන්තා ආසියානු පාපන්දු තරගාවලිය මේ දිනවල පැවැත්වෙයි.ඊයේ පැවැති ශ්‍රී ලංකා තරගයේදී ගෝල් 1 – 0ක් ලෙස පළමු භාගයේදී ඉරානය පෙරමුණ ගෙන සිටියේය.ආසියානු රටවල් 6 ක සහභාගිත්වයෙන් පළමු වරට මෙය තරගාවලියක් ලෙස පවත්වයි. මෙතෙක් 13න් පහළ ආසියානු කාන්තා පාපන්දු සැණකෙළියක් ලෙස නම් කළද මේ වසරේ සිට තරගාවලියක් ලෙසින් පැවැත්වීමට ආසියානු පාපන්දු සම්මේලනය පියවර ගෙන ඇත.තරගාවලිය ආරම්භ කරමින් පෙරේදා පැවැති ශ්‍රී ලංකා ජෝර්දාන් අතර තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉෂානි මධුෂානී ජයග්‍රාහී ගෝලය වාර්තා කළාය.එම ගෝලය 13න් පහළ කාන්තා ආසියානු පාපන්දු තරගාවලියේ පළමු ගෝලය ලෙසද වාර්තා විය.පලස්තීනය – ඉරානය, ශ්‍රී ලංකා – ඉන්දියා හා භූතානය - ජෝර්දානය අතර තරග අද පැවැත්වේ.මෙතෙක් ප්‍රතිඵලශ්‍රී ලංකාව 0 – ඉරානය 2ඉන්දියාව 9 – පලස්තීනය 0ඉරානය 6 - භූතානය 1ඉන්දියාව 7 - ජෝර්දානය 1භූතානය 1 – පලස්තීනය 0ශ්‍රී ලංකාව 1 - ජෝර්දානය 0.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ගායන ශිල්පී කීර්ති පැස්කුවල්මේ සතිය මගේ සංගීත පංති සහ අලුත් ගීතයේ වීඩියෝ එකත් තවත් වැඩසටහන් කිහිපයක්ම සමඟ කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වගේම සති අන්තයේ මගේ ‘කීර්ති එකෝස්ටිකා’ ෂෝ එකේ පුහුණු වීම් යෙදිලා තියෙනවා. මේ සතිය අනෙකුත් සතිවලට වඩා මට ඉතාම විශේෂයි. ලබන 29 වැනිදාට මගේ උපන් දිනය යෙදිලා තියෙනවා.ඒ වෙනුවෙන් කෝට්ටේ ශ්‍රී වජිර ළමා නිවාසයේ ළමුන් වෙනුවෙන් සංගීත පංතියක් ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් විදියට ආරම්භ කෙරෙන මෙහිදී ළමුන්ට ගායනය, වාදනය වගේම ප්‍රාසංගික කලාව පිළිබඳ දැනුම ලබා දෙන්න කටයුතු කරනවා.තිලානි / යතේජා ඡායාරූප - ටෙනී / මාලන්
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ගංවතුරෙන් විපතටපත් සියලුම රජයේ සේවකයන් සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ.ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන්ගේ සහතිකය මත නිවාඩු දින ගණන තීරණය කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඊ. බී. අබේකෝන් මහතා “දිනමිණට” පැවැසීය.මේ අතර නිවාඩු දින ගණන ලබා දීමේදී ගංවතුරට බලපෑ දිස්ත්‍රික්කය පිළිබඳවත් සිදු වූ හානි පිළිබඳවත් විශේෂ සැලකිල්ලක් දක්වන බව ලේකම් වරයා සඳහන් කරයි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කලින් කළ අප සමාජයට එල්ල වන අහිතකර සමාජ බලපෑම්වලින් මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීම අප සියලුදෙනා සතු වගකීමක් සහ යුතුකමක් බව අගමැති, බුද්ධශාසන හා ආගමික කටයුතු ඇමැති ආචාර්ය දී.මු ජයරත්න මහතා පැවැසීය.අප උරුමය අනාගත පරපුර උදෙසා දායාද කරලීම සහ සංස්කෘතිය සුරක්ෂිත කිරීම ගිහි පැවිදි අප සැමගේ පරම යුතුකම වන බවද පොසොන් මංගල්‍යය නිමිත්තෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා එසේ සඳහන් කර තිබේ.ධර්මයන්ගෙන් ශික්ෂිත විනයකින් යුතු මනා ගුණවත් ජන පිරිසකගෙන් සමන්විත මාතෘභූමියක් බවට හෙළ ලක්දෙරණ පත් කරවීම සඳහා මිහිඳු මහ රහතන් වහන්සේ කළ මෙහෙවර ඉවහල් වූ බව එම නිවේදනයේ සඳහන් වේ.එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.හෙළවැසියන් කෙරෙහි අනුකම්පාවෙන් සම්‍යක් සම්බුද්ධ සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයාණන් වන මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස දඹදිව සිට මෙහි වැඩම කොට සෑම ගමක්, නගරයක් පාසාම බුදු දහම ව්‍යාප්ත කිරීමට කටයුතු කළේ ගුණවත් පරපුරක් බිහිකිරීමේ අ‍පේක්ෂාවනි.අනුකරණශීලි, බටහිරවාදී සමාජ සංස්කෘතිය නිසා බෞද්ධ සංස්කෘතියේ උරුමය සහ සාරධර්මවලට විවිධ බලපෑම් අත්වී ඇති බව කණගාටුවෙන් සඳහන් කරමි.ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ අභිෂේක මංගල්‍යය සැමරීම හෙවත් මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය සනිටුහන් කරන උතුම් පුර පසළොස්වක පොහොය දින සමරන මේ අවස්ථාවේ දී සියලු ජාතීන්ට සමානාත්මතාවයෙන් හා සාමයෙන් යුතු සමාජයක් ගොඩනැගීම සඳහා එක්වන ලෙස මම ආරාධනා කරමි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ජනවාර්ගික පවිත්‍රිකරණය ජනවාර්ගික පවිත්‍රිකරණය යනු යුද්ධයක් පවතින අවස්ථාවකදි දේශයේ ආරක්ෂාවට ජන කොටසක් එම දේශයෙන් නෙරපීමයි. ජනවාර්ගික පවිත්‍රිකරණය යන වචනය අන්තර්ජාතික මාධ්‍ය වල ව්‍යවාහාරයට ගැනුනේ යුගොස්ලාවියානු සිවිල් යුද්ධය විග්‍රහ කිරීමේදිය. එනම් 1990 මුල් වකවානුවේදීය පක්ෂග්‍රාහී පළිගැනීම ජනවාර්ගික පරිශෝධනය සහ (එක්සත් ජාතින්ගේ ලියකියවිලි වල ප්‍රංශ සංස්කරණය අනුව ) nettoyage ethique epuration සහ ethnique යන වචනය ජනවාර්ගික පවිත්‍රිකරණයට සමාන අර්ථ ඇති පද ලෙස පෙන්වා දිය හැක.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අපරීක්ෂාකාරී ලෙස යතුරු පැදියක් පදවා, අවු. 60 ක කතකට තුවාල සිදු කළ වරදකරුවකුට අගතියට පත් වයෝවෘද්ධ කතට රු. 25,000 ක වන්දියක් ගෙවීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් රොහාන් ජයවර්ධන මහතා විසින් නියෝග කෙරිණි.අදාළ අනතුරින් තුවාල ලැබ දින 23ක් රෝහල් ගතව හුන් වයෝවෘද්ධ කත කිහිලිකරු වාරුවෙන් අධිකරණයට පැමිණහුන් අතර පාර මාරුවීමට යාමේදී මේ අනතුරට මුහුණ පා ඇත.මහේස්ත්‍රාත්වරිය අදාළ කතගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කොට බැලුවේය. අගතියට පත් කාන්තාව රු. 50,000 ක මුදලක් ඉල්ලා සිටි අතර රු. 25,000 ක මුදලක් වන්දි ලෙස ලබාදීමට මෙහිදී විත්ති පාර්ශ්වය කැමැත්ත පළ කළේය.එහිදී දෙපාර්ශ්වයේම එකඟතාවන් සලකා බැලූ මහේස්ත්‍රාත් රොහාන් ජයවර්ධන මහතා, අදාළ රු. 25,000 ක වන්දි මුදල එකවර ගෙවා දැමිය යුුතු බවට නියෝග කොට වන්දිය ලබාදීමේ දිනය ලෙස සැප්. මස 24ට දින නියම කළේය.මෙහිදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ සරත් ප්‍රේමකුමාර මහතා පෙනී සිටි අතර විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිවේදිනී වරුණි යාපාරත්න මහත්මිය පෙනී සිටියාය. .
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මධ්‍යම කදුකරයට මාස කිහිපයක සිට බලපා තිබෙන දැඩි නියඟය නිසා රංගල වතුකරය අවට තේවතු ගම්මානවලට තේ වගාවේ අස්වැන්න අඩුවීමෙන් සතියකට ඵම වතුවල සේවය කරන දින ගණන අඩු වී තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්ව සිටින බව ඵම සේවකයෝ මැසවිලි නඟති.රංගල , ඩාක්වාරිය අවට පිහිටි රාජ්‍ය වතුවල හා ලෝලුගම , ලුනුගල , යන පොද්ගලික වතුවල ද තේ ගස් මැරි අස්වැන්න අඩුවිම නිසා ඵම වතුවල තේ දලු අස්වැන්න නෙළීම , වල් කෙටිම , පොහොර යෙදිම යන කටයුතු සිමා කිරිමට සිදු වී තිබේ.දැනට රංගල අවට රාජ්‍ය වතුවලින් දිනකට නෙළන තේදලු අස්වැන්න කිලෝ 1 .200 දක්වාත්, පොද්ගලික තේ වතුවලින් නෙළන තේ දලු අස්වැන්න කිලෝ 1.500 දක්වාත් පහත වැටි තිබෙන බව ඵම වතු සමිති නියෝජිතයෝ කියති.මේ නිසා රැකියා අහිමි සිටින තම වතු සේවකයන්ට සහනාධාරයක් හෝ ලබා දෙන ලෙස ඵම වෘත්තිය සමිති නියෝජිතයෝ බලධාරින්ගෙන් ඉල්ලති.දැනට ඵම උස් කදු මුදුන්වලින් පටන් ගන්නා ජල උල්පත් සිදී වියළී යාම හේතුව නිසා වතු ගර්‍මමානවලද මේ දිනවල උග්‍ර පානීය ජල හිඟයක් මතුව තිර්‍බෙ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
උපාලි නෙත්තසිංහ සංවිධානය කරන විජය උපහාර ගී ප්‍රසංගය ‘ගඟ අද්දර’ මෙම මස 12 වැනිදා එනම් එන ඉරු දින වරකපොළ නගර ශාලාවේදී පැවැත්වේ.සංගීතය සිඩ්නික් වාද්‍ය වෘන්දයෙනි. කමනි සේපාලිකා යුග ගායනයෙන් දායක වන මෙහි නර්තන වින්‍යාසය අනු විත් රුවිරංගා නර්තන කණ්ඩායමෙන්ය. ජීවා කස්තුරිරත්න කථනයෙන් එක් වෙයි.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මහනුවර නගරය හා හල්ඔළුව ප්‍රදේශය යා කෙරන අයුරින් පිහිටි හල්ඔළුව සංගිලි පාලම අබලන් තත්ත්වයට පත්වෙමින් පවතින බැවින් එම සංගිලිපාලම කඩිනමින් අලුත් වැඩියා කටයුතු කරදිම කෙරෙහි වගකිවයුතු අංශවල අවධානය යොමු කරන්නැයි එම සංගිලි පාලම ඔස්සේ දිනපතා ගමන් කරන මගි ජනතාව ඉල්ලති.හාරිස්පත්තුව ප්‍රාදේශිය සභාව මගින් වරින් වර මෙහි දිරාපත් වූ ලෑලි වෙනුවට නව ලෑලි අතුරා ගමන් කිරිමට හැකි අයුරින් සකස්කර දි තිබෙන අතර යළිත් එම සංගිලි පාලමේ ලෑලි දිරාපත්ව තිබෙන බැවින් එම පාලමින් ගමන් කිරීම ඉතා අනතුරුදායක බව පෙන්නුම්කරන ජනතාව මේ අවදානම්කාරි තත්ත්වය මගහරවා දීමට කඩිනමින් අවදානය යොමු කළයුතු බවද කියා සිටිති.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
රේඛා සහ අමිතාබ් ප්‍රේමය දෛවයෙන් දෙකඩ වූව ද දෙදෙනාගේ ජීවිතවල ඇත්තේ පුදුමාකාර සබඳතාවකි. රේඛා මෙන්ම අමිතාබ් බච්චන් ද ඉපදී තිබෙන්නේ ඔක්තෝබර් මාසයේයි. රේඛාගේ උපන් දිනය ඔක්තෝබර් 10 වැනිදාට යෙදී තිබෙන අතර බච්චන්ගේ උපන් දිනය යෙදී ඇත්තේ ඔක්තෝබර් 11 වැනි දිනයටය.එනම් දෙදෙනාගේ උපන් දිනවල තිබෙන්නේ දිනක වෙනසකි. දශක තුනකට පසු අමිතාබ් සහ රේඛා ‘ෂම්තාබ්’ සිනමා පටයෙන් ප්‍රේක්ෂකයන්ට දක්නට ලැබෙනු ඇත. දෙදෙනා අවසන් වරට රැඟුවේ 1981 තිරගත වූ ‘සිල්සිලා’ සිනමාපටයේයි.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයකු ලෙසින් විශාල කාලයක් මුළුල්ලේ වොලිබෝල් ක්‍රීඩාවට මහඟු සේවයක් කළ හිටපු අමාත්‍ය මර්වින් ජේ. කුරේ මහතා අභාවප්‍රාප්ත විය.මිය යන විට 72 වියේ පසුවූ ඒ මහතා 1992, 1993, 1994, 2003 සහ 2005 යන වසර වලදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපතිධූරය ඉසිලීය.ඒ මහතාගේ දේහය වාද්දුව, පල්ලියතොට, එම්. ඊ. කුරේ මාවතේ අංක 78 දරන ස්ථානයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර 19 වැනි බදාදා සවස 3.00 ට වාද්දුව ශාන්ත මරියා දේවස්ථානයේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.වොලිබෝල් ක්‍රීඩාවට අනුපමේය සේවයක් කළ මර්වින් ජේ. කුරේ මහතාට අවසන් ගෞරව දැක්වීමට ඒ අවස්ථාවට එක්වන ලෙසින් වොලිබෝල් ක්ෂේත්‍රයේ සියලුම දෙනාගෙන් වොලිබෝල් සම්මේලනයේ සභාපති ඩිලාන් පෙරේරා මැතිතුමා ඉල්ලා සිටී..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ස්කොට් ජාතිකයන් යනු මහා බ්‍රිතාන්යට අයත් උප රාජ්යක් වන ස්කොට්ලන්තයෙ වාසය කාන ජන කොට්ටශයකි.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මහනුවර මහ නගර සභාවේ සියලුම සනීපාරක්ෂක කම්කරුවන් මසකට වරක් සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමට මහනුවර පුරපති මහේන්ද්‍ර රත්වත්තේ මහතා තීරණය කර ඇත.නගරයේ කසළ බැහැර කිරීම - ඩෙංගු මර්දන වැඩසටහන් වලට සහභාගිවීම මෙම සනීපාරක්ෂක කම්කරුවන් විසින් කරන නිසා ඔවුන්ගේ සනීපාරක්ෂාව නගර සභාව විසින් රැක දිය යුතු බව නගරාධිපතිවරයාගේ අදහස වී ඇත..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ලියන්න ගත්තේ පවුල ගෙදර යැව්වම . ආවම නවතුනානෙව.පහුගිය සතියේ සංගීත එහෙකදී හැබැහින් නොදැක්ක , දුකා ලොක්ක හමු උනා හැබෑවට . පොඩිම පොඩි එකාවත් අරගෙන ඇවිදින් උන්න. ඉතින් මොනා හරි කියල ලියන්න ඕන උනා.ඇත්තටම වැඩේ උනේ, මගේ රැකියා ඉස්තානය මාරු උන නිසා මෙව්වා ලියන්න බැරි උනා එතන. සමාජ ශාලා අඩවි බ්ලොක්. බ්ලොගර් බ්ලොක්. ගෙදර ගියාම දෙන්නෙක් ඉන්නවා ඉතිරි කාලේ ගන්න. ඉතින් මග අරුන.මම මේකේ කිවේ මගේ පුත්ගලික කතන්දර නිසා වෙන අඩුම කුඩුම ලියන්නත් බැහැනේ.අර මම ක්ලයන්ට් ගාවට ගෙනත් දාපු හාදය ඔන්න යන්න ගියා. ඉතින් මම දැන් තනියම. මොනා උනත් හොද එකා.මගේ මස්සිනා වෙච්ච එකා මා එක්ක තරහ උනා.මම අර ගිය එකා ගැන කියන්නම් අද.ඉතින් මම ඔය ක්ලයන්ට් ගාවට ගෙනා එකාගේ එක එක කොම්ප්ලේන් තිබ්බනේ. මම නම් ඔව්ව වැඩිය ගණන් ගත්තෙ නැහැ.හැමදාම ඉතින් ඌඋදේ තේ එක එහෙම බීලඑනවාමගේ කාමරේට.දැන් මේ එන්නේ ක්ලයන්ට් ගේ මිනිහෙක් නේ.ඉතින් අපේ කොම්පැනියේ අයත් ඕකේ.ඔහොමආපු දවසකමම ඉතින් අපේ කා.කා.ස ට කියල තේ එකක් බීම එකක් එහෙම දෙනවා.මෙහෙ තියනවා ඔය එක එක ජාතියේ තේ වර්ග. දෙහි දාපුවා, ඉඟුරු දාපුවා, දෙහි ඉඟුරු දෙකම දාපුවා.ඔය අතර තියනවා වද මල් වලින් හදපු තේ එකක්. රතු පාට.මම ඉතින් ඕක බොනවා ඔය දවසේමිනිහ එනකොට.ඔය අපේ යාළුවා, ටිකක් කට සැර ඩයල් එකක්. මෙහෙ වැඩ කරපු අය දන්නවා, කට කියන්නේ මෙහෙ උපාදියක්. ඒක නැත්නම් වැඩ කරන්න අමාරුයි. මී අපේ යාළුවගේ කට හොදට වැඩ නිසා, එතන ලොක්ක එක්ක සෙට් උනා.මිනිහ මගේ ගාවින් තේ එකක් එහෙම බිල යන්න ගියා.පහුවදා උදේම අපේ ලොක්ක මට කෝල් කළා. ඇහුව අර ක්ලයන්ට් ගේ කෙනා ඔයානේද ගෙනාවේ කියල. මම කිව ඔව් ඇයි කියල.අපේ බොස් කියනවා අන්න අපි එයට මිස් ට්‍රිට් කළා කියල කලයන්ට් කියනවා, ගිහින් බලන්න කියල.මම බැලුව මොකක්ද බොලමේ උනේ.ඕන දෙයක් තියේ නම් මට කියන්න බැරිද මේ යස්සයට කියල හිත හිතමම ගියා ක්ලයන්ට් ගේ ලොක්ක හම්බ වෙන්න.වෙලා තියෙන්නේ මේකයි.මම අර රතු පාට බිමක් බිව්වනේ.මේ යකා ගිහින් උගේ කා.කාස ට කියල ඒ වගේරතු පාට තේ එකක් ගෙනත් දෙන්නය කියල.ඌ කියල අපිට එහෙම තේ එකක් දීල නැත කියල.අපේ යෝදයගිහින් උගේ ලොක්ක වෙච්චගල් අරබියට කියල "කොන්සල්ටන්ට් රතු පාට බිමක් බොනවය, කොන්තරක්කාරය ඒක අපිට දෙන්නේ නැතිය කියල "ඌ කතා කරලා කොන්තරක් කාරයට ඇයි අපිට ඒවා දෙන්නේ නැත්තේ කියල.කොන්තරක් කාරය විහිලුවට කියල කොන්සල්ටන්ට් බිල කපන නිසා දෙන්නේ නැහැ කියල.කොන්තරක් කාරයාගේ ලොක්ක තමා ඔය කෑමබිම බිල් ගෙවන්නේ.ඉතිං ඒ ලොක්ක කතා කරලා අපේ බොසාට ක්ලයන්ට්ට මිස් ට්‍රිට් කළා කියල කොම්ප්ලේන්එකක් දමල.ඔන්න අර වද මල් තේ එක නිසා මු ලංකාවේ නම තිබ්බ හැටි.මේකට මගේ අහල එක අරගෙන බිව නම් හරිනේ, මොකටද උගේ ලොක්කට ඔව්ව කියන්න ගියේ.ඔන්න වද මල් තේ එක , , ,හදපුවම මෙහෙමයිමෙහෙ කියන්නේ "කිර්කති" කියල.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
විලාසිතා පිළිබඳව වූ ප්‍රථම අන්තර්ජාල අඩවිය වූයේ ෆැෂන් නෙට්ය. එය ආරම්භ වූයේ 1995 ජනවාරි මාසයේ දීය. 1990 මැද භාගය වන විට අන්තර්ජාලය යනු අධ්‍යාපන අංශ මඟින් ක්‍රියාත්මක කළ පර්යේෂණ ජාලයක් විය. නමුත් මෙම නවතම මාධ්‍යයේ අති විශාල ඉල්ලුම විලාසිතවල මුල් පිවිසීම හා ස්වාධීන හා ජනප්‍රිය විලාසිතා ප්‍රකාශකයන්, නිර්මාණකරුවන් හා දෘශ්‍ය කලාකරුවන් ඉක්මනින් අන්තර්ජාලය හා එක්වීම මඟින් නිරූපණය වේ. ෆැෂන් නෙට් හි නිකුත් කිරීම වසර භාගයකට පමණ පසු 1995 පසුභාගයේ දී නිව් යෝර්ක් මත පදනම් වූ ෆැෂන් මෝල් හා ELLE පැමිනුණි. ලුමියර් ප්‍රථම අන්තර්ජාල විලාසිතා සඟරාව වු අතර එහි නික් නයික් හා ජීන් බැප්ටිස් මොන්ඩිනෝ ඇතුළු ඡායාරූපකරුවන් නිරූපණය විය. එය නිකුත් වුයේ 1995 ඔක්තෝබර් මාසයේ දීය. 1996 දී යූව්ස් සෙන්ට් ලොරෙන්ට්ගේ රන් වේ සංදර්ශණය සඳහා ෆැෂන් ලයිව් මඟින් ප්‍රථම අන්තර්ජාල සජීවී විලාසිතා වෙබ් විකාශනය ආරම්භ කරන ලදී. ෆැෂන් වින්ඩෝස් මේ ප්‍රමුඛයන් අතර සිටන අතර එය 2007 දී එහි දසවන සංවත්සරය සමරන ලදී. CNN ස්ටයිල් හා හින්ට් සඟරාව 1998 දී පැමිණෙන ලදී. ඊළඟ වසරේ දී Boo.com හි නැඟීම හා බිඳ වැටීම සිදු වන ලදී. එම සමාගම මඟින් මාස 18 තුළ දී ඩොලර් මිලියන 135 ක් විනාශ කරන ලදී. වෝග් හා W සඳහා වූ SHOWstudio.com හා style.com 2000 වසරේ දී ආරම්භ වන ලදී. ඉන්පසුව 2002 දී ජේසන් කැම්බෙල්ගේ JC Report හා 2005 දී Refinery 29.com ද පැමිණිනි. 2007 යම් අපහසු කාල සීමාවකට පසුව W විසින් style.com අතහැර එය වෝග් හි තනි අන්තර්ජාල නිවස බවට පත්විමට ඉඩ දුනි. විලාසිතා රචකයන් මඟින් නිර්මාණය කරන ලද දැනටමත් එහි ඔප ඇති සැකැස්මට ජනප්‍රිය නවතම වෘත්තීයමය බ්ලොග් එක වුයේ Fashionreporters ය. 2007 දී Beauty flow විශිෂ්ට අන්තර්ගතවලින් යුත් සම්පූර්ණයෙන්ම ෆ්ලෑෂ්වලින් නිර්මාණය කරන ලද සඟරාවක් සමඟ කරලියට ‍පැමිණුනි. වර්තමානයේ විලාසිතා බ්ලොග් විලාසිතා කර්මාන්තයේ දිනෙන් දින දියුණු වන බලයක් බවට පත්ව ඇත. 2006 අගෝස්තු මාසයේ දී මෙම ප්‍රවණතාවයට එරෙහිව ලෝකයේ විශාලතම සාප්පු සංකීර්ණය වන වෙස්ට් ෆීල්ඩ් ගෘප් හි හිමිකරුවා වක්‍රාකාරව ඔවුන්ගේ වෙළඳ සාප්පු තුළ ඇති නිෂ්පාදන ප්‍රචාරණය කරන දර්ශනයකින් යුත් නව ජනප්‍රිය විලාසිතා ප්‍රවණතා හඳුනාගන්නේ කුමකටදැයි යන මාතෘකාවෙන් යුත් වෙබ් ලිපියක් නිකුත් කරන ලදී. එවැනි දෙයක් සඳහා මුදල් සැපයීම ස්වාධීන වන අතර එය මිළ දී ගැනීම‍හෝ ප්‍රචාරණය මත රඳා නොපවතින නමුත් සම්පූර්ණයෙන්ම වෙළඳ දැන්වීම් මත රඳා පවතී.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලය පිහිටීම මඩකලපුව, මඩකලපුව දිස්ත්‍රික්කය, නැගෙනහිර පළාත, 30000, ශ්‍රී ලංකාව ඛණ්ඩාංක 7°42′41.40″N 81°41′52.10″E / 7.7115°N 81.697806°E / 7.7115; 81.697806ඛණ්ඩාංක: 7°42′41.40″N 81°41′52.10″E / 7.7115°N 81.697806°E / 7.7115; 81.697806 තොරතුරු පාසැල් වර්ගය රජයේ පළාත්බද 1AB ආදර්ශ පාඨය ඉන් ලූමිනේ ටුවෝ ලුමෙන් (අඳුරේ සිට ආලෝකයට) ආරම්භ කරන ලද්දේ 1814 ජූලි 29දිනදී ආරම්භකයා ශ්‍රීමත් විලියම් ඕල්ට් පාසැල් දිස්ත්‍රික්කය මඩකලපුව අධ්‍යාපන කලාපය අධිකාරිය නැගෙනහිර පළාත් සභාව අයි. කමලරාජ් මහතා ස්ත්‍රී පුරුෂ භාවය පිරිමි භාෂාව දෙමළ මාධ්‍යය වර්ණය(න්) කොළ සහ කහ මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ, මඩකලපුවේ, පිහිටි පළාත්බද පළාතකි.[1] මෙයද බලන්න[සංස්කරණය] නැගෙනහිර පළාතේ පාසැල් ලැයිස්තුව, ශ්‍රී ලංකාව ආශ්‍රිත[සංස්කරණය] ↑ "ප්‍රොවින්ස්- ඊස්ටර්න්". ස්කූල්ස් හැවිං බයිලිංගුවල් එඩියුකේෂන් ප්‍රෝග්‍රෑම්. අධ්‍යාපන අමාත්‍යාංශය.    මෙම ශ්‍රී ලංකාව පාසැල්-ආශ්‍රිත පිළිබඳ ලිපිය අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අටවක පුත්තු නවකතාව ලියනගේ අමරකීර්ති සූරීන් අතින් ලියැවුනු 2008 වර්ෂයේ හොඳම නවකතාව ලෙසින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනාගත් සිංහල භාෂාවෙන් ලියැවුනු නව කතාවකි. ලාංකීය සමාජය පිළිබඳ සියුම් විවරණාත්මය නව කතාවක් වන මෙම අටවක පුත්තු නවකතාව ‍සාමාන්‍ය ලිඛිත භාෂා ශෛලියෙන් බැහැරව වාචික භාෂා ශෛලියෙන් ලියැවුනකි. කතා සාරාංශය[සංස්කරණය] අටවක පුත්තු නවකතාවේ ප්‍රධාන චරිත[සංස්කරණය] දමයන්ත බණ්ඩාර දිසානායක නන්ද දිසානායක නයනි අනෝමා දිල්කි රවී රෙජින නෝනා මහාචාර්ය ඒකනායක
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙහි දැක්වෙන්නේ Nikkor 28–200 mm විශාලක කාචයක් වන අතර වම් පස එය මිලි මීටර් 200 ක් දක්වා දිගු කර ඇති ආකාරයත් දකුණු පස මිලිමීටර් 28 ක නාභීය දුරක් ලැබෙන සේ හකුලා ඇති ආකාරයත් දැක්වේ. විශාලක කාචයක් යනු නාභියේ දුර වෙනස් කල හැකි ආකාරයට (ඒ අනුව නිරීක්ෂක කෝණයද වෙනස් වෙයි) එකලස් කර ඇති යාන්ත්‍රික කාච උපාංග එකතුවකි. මෙය නිශ්චිත නාභීය දුරක් සහිත කාචවලින් වෙනස් වෙයි. මෙම කාච නිශ්චල කැමරා, වීඩියෝ කැමරා, චිත්‍රපට කැමරා, ප්‍රක්ෂේපක ආදියේ බහුලව භාවිතා කරයි. භාවිතය[සංස්කරණය] විශාලක කාච ඒවායේ දිගම නාභි දුර හා කෙටිම නාභිදුර අතර අනුපාතයෙන් විස්තර කරනු ලැබේ. උදාහරණයක් ලෙස නාභි දුර පරාසය 100 mm සිට 400 mm දක්වා වන කාච 4 :1 ලෙස හෝ "4x" විශාලනයක් ලෙස හැඳින්විය හැකිය. විශාල නාභිදුරවල් ඇති කාච සුපිරි විශාලක හෝ අති විශාලක ලෙස හැඳින්වේ. මේවා සාමාන්‍යයෙන් "4x" සිට "10x" පරාසයේ වන අතර "14 x" පවා විය හැකිය. වෘත්තීය රූපවාහිනි කැමරාවක මෙය '100x' තරම් විශාල විය හැකිය. විශාලක කාච භාවිතය මෙම ඡායාරූප විශාල කාච, පටු පරාසයක් ඇති ටෙලිෆෝටෝ කාච නොවේ. සමහර විශාලක කාච ටෙලිෆොටෝ කාච වන අතර ඇතැම් ඒවා පුළුල් පරාස කාච වේ. ඇතැම් සංඛ්‍යාංක ( Digital) කැමරා හසුකර ගත් රූපයේ කොටසක් තෝරාගෙන එය විශාල කර දක්වනු ලැබේ. මෙය සංඛ්‍යාංක විශාලනය ලෙස හැඳින්වෙන අතර මෙමඟින් ඡායාරූපයේ තත්ත්වය බාල වේ. බොහෝ සංඛ්‍යාංක කැමරා ප්‍රකාශ විශාලනය සහ සංඛ්‍යාංක විශාලනය යනු දෙකම අන්තර්ගත කොට ඇත. Cannon Power Shot A7201S ද මෙවැන්නකි. මෙහි '6x' ප්‍රකාශ විශාලනයක් ඇති අතර "4x" සංඛ්‍යාංක විශාලනයක් ඇත. මේ අනුව සම්පුර්ණ විශාලනය "24x" වේ. කැමරාවේ කාචයේ සඳහන් කර ඇති 34.8/5.8 යන්නෙන් ප්‍රකාශ විශාලනය ගණනය කළ හැකිය. මෙහි ඡායාරූපකරණය භාවිතයට අමතරව විශාලන කාච විචල්‍ය නාභිය දුරකින් යුක්ත දුරේක්ෂයක් ලෙසද භාවිතා කළ හැකිය. මෙය ලේසර් කිරණ කදම්බයක ප්‍රමාණය වෙනස් කිරීමටද යොදා ගත හැකිය. නිර්මාණය[සංස්කරණය] සාමාන්‍ය විශාලතම කාච පද්ධතියක් විශාලන කාච සඳහා සුදුසු නිර්මාණ රාශියක් ඇත. ඉතාම සංකීර්ණ පද්ධතියේ සිරස් අතට තනි කාච 30 ක් පමණ අන්තර්ගත වන අතර, එහා මෙහා කළ හැකි කොටස්ද එකකට වඩා ඇත. නමුත් බොහෝ ඒවායෙහි මුලික නිර්මාණ දක්නට ලැබේ. සාමාන්‍යයෙන් මේවා ස්ථායි තනි කාච ගණනාවකින් යුක්තවන, හෝ කාචයේ අක්ෂය දිගේ චලනය විය හැකි අයුරින් හෝ නිර්මාණය කර ඇත. විශාලනයෙහි වෙනස් වීමට අනුරූපව තියුණු ප්‍රතිබිම්බයක් තිරය මත ලබා ගැනීම සඳහා නාභිය තලයද චලනය වීමට සැලැස්වීම අවශ්‍ය වේ. zoom පද්ධතියක කාච චලනය මෙම ප්‍රකාශ අනුපුරක විශාලන කාච පද්ධතියක් තුළ, සමාන නාභිදුරක් ඇති උත්තල කාච 2 ක් අන්තර්ගත වෙයි. එම කාච දෙකෙහි මධ්‍යයෙහි උත්තල කාචයේ නාභිදුරෙන් අඩක් වන අවතල කාචයක් ඇත. L3 කාචය ස්ථායි වන අතර L1 හා L2 කාච වලට අක්ෂය ඔස්සේ එහා මෙහා විය හැකිය. යාන්ත්‍රික උපක්‍රමයක් මඟින් මෙය එහා මෙහා කරනු ලබයි. L2 කාචයේ ඉදිරියේ සිට පසුපසට චලනය වන විට L1 කාචයද පරාවලයක ඉදිරියට හා පසුපසට චලනය වේ. මෙසේ කාච පද්ධතියේ සම්ප්‍රයුක්ත නාභි දුර වෙනස් කිරීමෙන් සම්ප්‍රයුක්ත කෝණික විශාලනය වෙනස් වේ. රූපයේ දක්වා ඇති අවස්ථා තුනේදීම කාචය සමාන්තර ආ‍ලෝක කදම්බයක් නිපදවයි. නාභිය තලයේ පිහිටීම වෙනස් නොකරයි. සුළු කළ විශාලන කාචවල ක්‍රියාකාරිත්වය විශාලන කාච නිර්මාණයේදී සැලකිලිමත් විය යුතු එක් වැදගත් කරුණක් නම් කාචය ක්‍රියාකරන පරාසය තුල සිදුවන ප්‍රකාශ දෝෂයයි. ස්ථායි කාච වලට සාපේක්ෂව විශාලන කාච වලද ප්‍රකාශ දෝෂ මගහැරවීම අසීරු කාර්යයකි. නුතන ප්‍රකාශ නිර්මාණ තාක්ෂණය මගින්, විචල්‍ය නාභිදුරවල් සහ ප්‍රකාශ දෝෂ නිවැරදි කිරීමේ ක්‍රම සහ සිදුරු ප්‍රවාහ සහිත විශාලන කාච නිපදවීමටද සමත් වී ඇත. සිනමාකරණයේදි සහ වීඩියෝ භාවිතයේදි නාභිදුර වෙනස් වන විටද, ප්‍රතිබිම්බයද නාභිගත වීම වැදගත් වේ. වැඩිදුර කියැවුම්[සංස්කරණය] කැමරාව-නාභියේ දුර
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ක්රිි.පූ 6 වන සියවසෙහි ශ්රීද ලාංකිකයින් විසින් බෞද්ධාගමේ පෝෂණය ලැබූ විශිෂ්ට වාරි ශිෂ්ටාචාරයක්ද පිරමීඩ වැනි අති විශාල වූ ස්ථූප ගොඩ නැගීමද වර්ධනය කර ගෙන තිබුණි. ඵයට දහවෙනි සියවසෙහි දකුණු ඉන්දීය ආක්රූමණයන් හා දහසයවෙනි සියවසෙහි යුරෝපීය ආක්රදමණයන්ට මුහුණ දීමට ද සිදු විය. ඵෙතිහාසික විස්තර සෙල්ලිපිවල ද (හෙළ අටුවා) සහ රාමායනය වැනි ඉන්දීය වංශකතාවල ද සඳහන් ‍වේ. දීපවංශය චූලවංශය සහ ඵහි බුරුම පිටපත්වල මෙන්ම සමකාලීන ඉන්දියානු වාර්තා ද සමග ගත් කළ ප්රවධාන ලිඛිත ඵෙතිහාසික ලේඛනය මහාවංශයයි. ශ්රි ලංකාව යනුවෙන් වර්තමානයෙහි හැඳින්වෙන දිවයින මුල්කාලයේදී හැඳින්වූයේ "සිංහලේ" නැතහොත් "හෙළදිව" යනුවෙනි. දෙමළ බසට ඵය ඊලම් විය. "පඩ්ඩිනප්පලෙයි" නම් අවුරුදු දෙදාහක් පමණ පැරණි දෙමළ කාව්යියෙහි මෙම දිවයින හඳුන්වා ඇත්තේ "ඊලම්" යනුවෙනි. "හෙළ"යන්න "ඊලම්"යන්නෙහි දූෂිත යෙදීමක් විය හැක. පරම්පරාගත කථා මුල් කර ගත් තොරතුරුවලට අනුව හෙළ වැසියන් නාග,යක්ෂ සහ වෙනත් ජන කොටස්වලින් යුක්ත විය. ක්රිත.පූ 5 වෙනි සියවසේදී ඉන්දු-ආර්යයන් ඉන්දියාවේ සිට ශ්රිව ලංකාවට පැමිණ හෙළ ජන කොටස් සමග මිශ්රත වූහ. පසුව බුද්ධාගම ලංකාවට පැමිණි අතර සිංහල සංස්කෘතිය දියුණු විමට ඵය රුකුලක් විය. සිංහල ජන ගහනයෙන් 70% කට වැඩි පිරිසක් බෞද්ධයෝ වෙති. දිවයිනෙහි දෙමළ හින්දු ජනවර්ගය ද සිටිති. දෙමළ ජනයා බොහෝ දෙනා පැවත ඵන්නේ ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට පැමිණි පිරිසගෙන් විය හැක. ඵහෙත් මෙම ආගමනය සිංහලයන්ගේ මුතුන් මිත්තන් දිවයිනට පැමිණීමට පෙර හෝ පසුව සිදුවූයේදැයි කිවනොහැක. 16 වෙනි සියවසේ යුරෝපීය ආක්රෝමණයට සියවස් ගණනාවකට පෙර සිට දෙමළ ජනයාගේ දෙමළ රාජ්යමයක් දිවයිනේ උතුරු නැගෙනහිර සහ බටහිර මුහුදු බඩ පෙදෙස්වල ව්යාෙප්ත වී තිබුණි. ජනගහන දර්ශකයේ කුඩා කොටසක් නිර්මාණය කළ හින්දු ජනගහනය සම්පූර්ණයෙන්ම වාගේ දෙමළ අය වූහ. සිංහල,දෙමළ,මුස්ලිම්,මැලේ,බර්ගර්,ජා,වැදි සහ තවත් සියගණනක් වූ දිවයිනේ වැසියන් හා සංස්කෘතික කණ්ඩායම් අතරේ දිගුකාලීනව පැවතගෙන ආ සම්බන්ධයක් තිබුනේය. මෙය ඵකී විවිධ ජාතීන් අතරේ සහයෝගීතාවය සුරක්ෂිත කළ අතර 1948 දී නිදහස ලැබී සිංහල ජනතාවට පාලන බලයේ වැඩි කොටසක් ලැබීමෙන් පසු ඔවුහු අනෙකුත් ජනකොටස් යටපත් කිරීමට පටන් ගත්හ. සිංහලයන් සහ සිංහල බවට පත් වූ නැගෙනහිර හා බටහිර මුහුදු බඩ දෙමළ ජාතිකයන් අදද එම තත්වය දිගටම පවත්වාගෙන යති. මෙම පිරිස් අතරේ ආගමික සහ ජනවාර්ගික සමානකම් නිසා ඇතිවූ සහයෝගය ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ පැවතුණි. සමහර විට ඵය සිංහල රජ කෙනෙකු යටතේය. ඇතැම් විට දෙමළ රජෙකු යටතේ ද සිදු විය. තවත් අවස්ථාවල වෙන වෙනම දෙමළ හා සිංහල රජ කෙනෙකු යටතේද සිදු වුණි. කෙසේ වෙතත් පසු ගිය සියවසෙහි ඇති වූ දේශපාලන බල අරගලයන් හේතුවෙන් දිවයි‍නේ දෙමළ ජනයා ස්වාධීනත්වය අපේක්ෂා කරමින් යුද්ධයකට අවතීර්ණ වීම දක්වා දුර දිග ගියේය. http://en.wikipedia.org/wiki/History_of_Sri_Lanka#Overview
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
.

අපි කව්ද . හරියටම උත්තරයක් මමගාව නම් නෑ..මෙහෙම පටන්ගන්නම්කො...උදේ හිරු එළිය වැටුනවෙලේ ඉදන් අපි...අපේ ජීවිතේ අරමුණු වෙනුවෙන් කැපවෙනව...පොඩිකාලෙ දැක්ක හීන වෙනුවෙන්...දෙමව්පියන්ගෙ සතුටු කඳුළු වෙනුවෙන්...ගොඩක්‍ වෙලාවට අපි අනාගතේ සැලසුම් කරනව...ඒ සැලසුම් වෙනුවෙන් මහන්සි වෙනව..හැබැයි...සමහර වෙලාවට ගන්න තීරණ වරදිනව...ඒ වෙලාවට... ගොඩක් හිතට රිදේවි...හිටියටත් වඩා පහතට වැටුන වගේ දැනේවි..ඇස්වහගෙන වෙච්ච දේ ගැන හිතන්න පොඩ්ඩක්...වැටුන පඩිය වෙනුවට ආ‍යෙම නැගිටින්න...හැබැයි.. පඩියක් නෙ‍මෙයි.. එකපාර පඩි කීපයක්...හිතන්න.. වැරදුනේ හරිපාරට යන්න ඕනි නිසා කියල...ආයෙම හිතන්න අපේ අරමුණ ගැන..." සිංහයෙක් අඩියක් පස්සට ගන්නෙ... ලොකු පිම්මක් පනින්න..."ජීවිතේ අපි දිනනව කියන්නෙ...හරියටම අපි කව්ද කියන එක හොයාගත්ත දවසට.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
2014 වසරේ තිරගත වූ බියුටි ඇන්ඩ් ද බීස්ට් චිත්‍රපටයයි. ලොව පුරා වැඩිම වාර ගණනාවක් සිනමාවට නැඟුණ කතා පුවතක් වන බියුටි ඇන්ඩ් ද බීස්ට් මෙවර සිනමාවට ගෙන එනුයේ ප්‍රංශ සිනමාකරු ක්‍රිස්ටෝපර් ගාන්ස් විසිනි. වින්සන්ට් කැසල්, ලියා සේඩොක්ස්, ආන්ද්‍රේ දුසොලියර් ආදීන් චරිත මවන මෙය පසුගිය බර්ලින් අන්තර් ජාතික සිනමා උළෙලේ මුල් වරට තිරගත විය.එය ආසියානු රටක මුල් වරට ප්‍රදර්ශනය වනුයේ කොළඹ අන්තර් ජාතික සිනමා උළෙලේ වීම විශේෂයකි. මෙම ආරම්භක උළෙල කොළඹ රීගල් සිනමාහලේදී 02 වැනිදා සවස ඇරැඹෙන අතර එය වෙන් වනුයේ ආරාධිතයන්ට පමණි.මෙම චිත්‍රපටය නැවතත් පසුවදා පස්වරු 1.00 ට එම සිනමාහලේම ප්‍රදර්ශනය වෙයි.කොළඹ අන්තර් ජාතික සිනමා උළෙලේදී වාර්ෂිකව පිරිනැමීමට බලාපොරොත්තු වන යාවජීව සම්මානය මුල් වරට පුදනු ලබනුයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙතටය. ඒ ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟිනි. මෙම සම්මානය ආචාර්ය ලෙස්ටර් වෙත පිරිනැමෙනුයේ උළෙලේ අවසාන දිනය වන සැප්තැම්බර් 07 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා ශාලාවේදීය.උළෙලේ තිරගත වන චිත්‍රපටනිල තෝරා ගැනීම - 46ආරාධිත චිත්‍රපට - 06නෙට් පැක් සම්මාන දිනූ චිත්‍රපට - 08ළමා චිත්‍රපට - 07ඔකිනාවා නගරයට කවුළුවක් - 06ජුලියට් බිනෝෂ් ප්‍රත්‍යාවලෝකන - 05මයිකලාආන්ජිලෝ අන්තෝනියෝනි ප්‍රත්‍යාවලෝකන - 06ස්පාඤඤ කාන්තා චිත්‍රපට - 06කෙටි චිත්‍රපට - 12මුළු එකතුව - චිත්‍රපට 102සමාරම්භක උත්සවයට පැමිණෙන අමුත්තන්, පිළිගැනීම උදෙසා රතු පලස එළීම ජාත්‍යන්තර සිනමා උත්සවයන්ගේ සම්ප්‍රදායකි.මෙවර උළෙල පැවැත්වෙන කොළඹ රීගල් සිනමාහලේදී ද සමාරම්භක සිනමා උත්සවය අවස්ථාවේ ආරාධිතයන් ගමන් කරනුයේ රතු පලස මතිනි.උළෙලේ සමාප්ති චිත්‍රපටය ලෙස ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය මඟින් තෝරා ගෙන ඇත්තේ ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කරන ලද 28 චිත්‍රපටයයි.රොටර්ඩෑම් සිනමා උළෙලේ නෙට්පැක් සම්මානය ද, ස්ලොවැනියස් සිනමා උළෙලේ ජූරි සම්මානය ද එය දිනා ගත්තේය.මහේන්ද්‍ර පෙරේරා. සේමිණි ඉද්දමල්ගොඩ, සරත් කොතලාවල සහ රුක්ෂාන් නිරෝෂ් එහි චරිත මවති.ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසය විදහා දක්වන ප්‍රදර්ශනයක් කොළඹ ලේඛනාරක්‍ෂණාගාරයේ දී 03 වැනිදා සිට 07 වැනිදා දක්වා පැවැත්වේ.රජයේ චිත්‍රපට අංශය, ජාතික චිත්‍රපට සංස්ථාව, සිනමා සංරක්‍ෂණාගාරය ඒකාබද්ධව මෙම ප්‍රදර්ශනය පවත්වනු ලබයි.ලෝක සිනමා සංගීතය අලළා සැකසෙන සංගීත සන්ධ්‍යාවක් කොළඹ ඩච් හොස්පිට්ල් භූමියේදී 05 වැනිදා පස්වරු 7.00 ට පැවැත්වේ. එය මෙහෙයවනුයේ ලක්‍ෂ්මන් ජෝශප් ද සේරම් විසිනි. මෙය නොමිලයේ පැවැත්වෙන්නකි.