input
stringlengths
1
3.7k
output
stringclasses
12 values
instructions
stringclasses
3 values
34 වැනි ඔබ්සර්වර්–මොබිටෙල් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන ප්‍රදාන උලෙළ කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි. එහිදී, මහනුවර ත්‍රිත්ව විදුහලේ නිරෝෂන් දික්වැල්ල ඔබ්සර්වර්–මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය එම උලෙළේ ප්‍රධාන අමුත්තා වූ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක මාවන් අතපත්තු අතින් ලබා ගත් අවස්ථාව වමේ ඡායාරූපයෙන් දැක්වේ. (වමේ සිට) සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයේ ප්‍රධාන කර්තෘ දිනේෂ් වීරවංස, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක් හවුස්) සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ බන්දුල පද්මකුමාර, ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා යන මහත්වරුද මෙහි වෙති. වසරේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානය පානදුර රාජකීය විදුහලේ කවිඳු අශාන් පෙරේරා, බන්දුල පද්මකුමාර මහතා අතින් ලබා ගත් අයුරුද, වසරේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය තර්ස්ටන් විදුහලේ සජීව සල්ගාදු, දිනේෂ් වීරවංස මහතා අතින් ලබා ගත් අයුරුද දැක්වේ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
රසික තෙන්නකෝන්මම ලොකේෂන් එකට ආවේ රංගන ශිල්පියෙක් වෙන්න හිතාගෙන. මට ලැබුණෙ පොඩි චරිතයක් නිසා වැඩි වෙලාවක් ලොකේෂන් එකේ ඉන්න වුණේ නැහැ. මට ඒ වෙලාවේ හිතුනා රංගනය පැත්තෙන් ගියොත් රූ ගැන්වෙන අවස්ථාවෙ සිදුවෙන දේ දකින්න, ඒ පිළිබඳ යම් අවබෝධයක් ලබන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි කියලා. වැඩි වෙලාවක් ලොකේෂන් එකේ ඉඳීමින් මෙතන සිදුවන සිද්ධාන්තමය ක්‍රියාවලිය දිහා බලා ඉන්න ඇති ආශාව නිසාම, එයට වැඩි ඉඩක් ඇති ක්ෂේත්‍රයක් ගැන හිතුවා. ඒඅනුව මම තෝරා ගත්තේ වේශ නිරූපණය.පාදුක්ක යටවතුර ප්‍රදේශයේ දී රූ ගැන්වෙන සිහින සක්මන දර්ශන තලයේ දී අපට හමුවුණු රසික තෙන්නකෝන් පූර්ණකාලීන වේශ නිරූපණ ශිල්පියකු වුණේ අන්න එහෙමයි.රසික ඒ සුන්දර අතීතයෙන්ම අපේ කතා බහ අරඹමු?මම පාසල් ගියේ හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලයට .පාසල් වේදිකාව හරහා මට අවස්ථාවක් ලැබුණා තවලම චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා මහත්තයත් එක්ක රඟපාන්න.පාසල් අවදියේම රංජිත් සුරංග මහත්තයගෙ සිනේ මුදු කලා පර්ෂදයට සම්බන්ධවෙලා රංගනය හැදෑරුවා. ධම්ම ජාගොඩ මහත්තයගෙ නාට්‍ය වැඩ මුළු සඳහා සහභාගි වුණා. බන්දුල විතානගේ ගෙ ‘වැනීසියේ වෙළෙන්ඳා‘ මගේ පළමු වේදිකා රංගනයයි. ඊට පස්සෙ ‘සකලජන‘ කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. ටෙලි නාට්‍ය කිහිපයකත් රඟපෑව. නමුත් මගෙ ආශාව වුණේ හුඟ දවසක් සෙට් එකේ ඉන්න එකයි. අන්න ඒ ආශාව නිසයි රඟපෑමට සමුදීලා මේකප් පැත්තට යොමු වුණේ. වේදිකා නාට්‍යවල රඟපාන අතරේ එස්. පී. කොස්ත මහත්තයගෙන් මේකප් පිළිබඳ දැනුමක් ලබන්නට අවස්ථාවක් ලැබුණා.මේකප් පිළිබඳ යම් හැදැරීමකින් පසුවද මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?ඔව්. රඟපෑමෙ නියැළෙන අතරෙමයි මේකප් පිළිබඳ පුහුණුවක් ලැබුවෙ. 87,88 කාලෙ වැඩමුළු හරහා මේකප් කරන්න පුහුණු වුණා. මෙහිදි වැඩි හරියක් කළේ තමන් තමන්ටම මේකප් කරගන්න විදි හැදැරීමයි. ඒ ආභාසය හරහා , හෙන්රි ප්‍රේමරත්න මහත්තය යටතේ වසර 10ක් මේකප් සහායක වශයෙන් කටයුතු කළා. ඒ වකවානුවෙ‘දිම රංජිත් මතඟවීර, කුමාර ගලහිටියාව මහත්වරු සමගත් වැඩ කළා. ඉන් අනතුරුවයි මම තනියම වැඩ කරන්න පටන් ගත්තේ. මේ සැමගෙන් මට ලැබුණු පන්නරය නිසා තමයි වසර 32ක් පුරාවට මේ ක්ෂේත්‍රයෙ රැඳී ඉන්නට හැකිවුණේ. පෝය ටෙලි නට්‍යයකටයි පළමුව සහභාගි වුණේ, පළමු චිත්‍රපටය අඟර දඟර, දැනට ටෙලි නාට්‍ය 40ක චිත්‍රපට 6ක පමණ වැඩ කර තිබෙනවා. ඉදිරියටත් ටෙලි නට්‍ය කිහිපයක හා චිත්‍රපට දෙකක වැඩ බාරගෙන තිබෙන්නේ.වේශ නිරූපණය ඔබ අර්ථ දක්වන්නේ කෙසේද?අධ්‍යක්ෂකට අවශ්‍ය ආකාරයට රංගන ශිල්පියකුට චරිතයට අවතීර්ණ වෙන්න අවශ්‍ය රූපකාය, නැත්නම් අංග රචනය හරියට සලසා දීමෙන් තමයි රංගන ශිල්පියාට එම චරිතයට අවතීර්ණ විය හැක්කේ. මෙන්න මේ සිද්ධාන්තය තමයි වේශ නිරූපණය හෝ මේකප් කියන්නේ. මේක පුළුල් විෂය ධාරාවක්. මේ ක්ෂේත්‍රයේ මම දන්නෙ ඉඳීකටු තුඩක ප්‍රමාණයක්, ඒනිසා මම අදටත් ඉගෙන ගන්නවා. කොස්තටික් පැත්තෙන් යම් දෙයක් අහගන්නේ ජයන්ත රණවක මහත්තයගෙන්, මට ඔහු ගුරුවරයෙක් වගේ.පළමුව මේකප් කරන්නට ලැබුණු නළුවා හා නිළිය කවුද? ඒ අයගෙන් ලැබුණු සහාය කොහොමද?නළුවා, විනීවෙත්තසිංහ ඔහුත් මේකප් ආටිස් කෙනෙක්. නිළිය, නිලන්ති විජේසිංහ. මේ දෙන්නගෙන් මට හොඳ සහායක් ලැබුණා විතරක් නොවෙයි, හොඳ මේකප් ආටිස් කෙනෙක් වෙන්න කියන ආශිර්වාදයත් ලැබුණා.රසික අපේ කතාබහ අවසන් කරන්නට මත්තෙන් අමතක නොවන සිද්ධියක් ගැන සිහියට නඟමු?මාලනී ෆොන්සේකා නම් නිළි රැජන මේකප් කරන්න ලැබුණු එක තමයි මගෙ අමතක නොවන සිද්ධිය.ඔබ ආ මේ ගමන් මඟ පිළිබඳ සෑහිමකට පත්වෙනවද?මෙතෙක් ආ ගමන ගැන සතුටුයි,නමුත් අපි ගැන දන්නෙ ක්ෂේත්‍රයෙ අය පමණයි. මේ වෙලාවේ වසන්ත විට්ටච්චිව මතක් කරන්න ඕන.තිස්ස ධම්මිකඡායාරූප -මාලන් කරුණාරත්න  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සෑම මැතිවරණයක් ආරම්භයේම ආණ්ඩුවට කොළ එළියක් දල්වන බව ප්‍රකාශ කරන එ.ජා.ප. යට සිදුවන්නේ මැතිවරණයක් අවසානයේ එම කොළ එළි නිවා ගැනීමට බව මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා පැවසීය.ඒ මහතා එසේ පැවසුවේ මහනුවර ඒ මහතාගේ කාර්යාලයේ ඊයේ (02) පැවැති රැස්වීමකදීය. තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.අපේ පක්ෂයට වැඩිම ජයග්‍රහණ උදා කැර දුන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මහතායි. තමන්ගේ පක්ෂයට මේ තරම් ජයග්‍රහණ අත්කැර දුන් තවත් නායකයකු ආසියාවේම නැහැ. එමෙන්ම තම පක්ෂයට වැඩිම පරාජයක් උරුම කැර දුන් ආසියාවේ එකම නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවත් අප තේරුම්ගත යුතුයි.එජාපයේ මෑතකදී ලබාදුන් විවිධ තනතුරු නිසා එම පක්ෂය තුළ අද බරපතළ ගැටලු මතුවෙලා. කිසිදු බලයක් නොමැති එම තනතුරු නිසා එකිනෙකා අතර ගැටලු ඇති වෙලා තිබෙනවා. මෙලෙස ගැටලු නිර්මාණය කැර රනිල් වික්‍රමසිංහ මහතා රටින් බැහැරව ගොස් සිටිනවා. ඔහු පසුගිය වකවානුව පුරාවටම මෙවැනි නූල් සූස්තර ගසා පැත්තකට ‍වී බලා සිටිනවා.මෙවැනි තත්ත්වයක් තුළ එ.ජා.ප. යට යළි ගොඩ ඒමක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ගොඩ ඒමට උත්සාහ දරන්නෙත් නැහැ. ඔහු දන්නවා ඔවුන්ට ගොඩ ඒමක් නොමැති බව. මේ නිසා ඔහු තම පක්ෂය තුළ ආරවුල් ඇති කැර විපක්ෂනායකකම රැක ගන්නවා.ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු අභියෝගයක් නැහැ. පරාජය උරුම කැරගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ මහතාට එය අභියෝගය එමෙන්ම හීනයක්.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
හන්තාන පාසල් විද්‍යාගාර වැඩසටහන යටතේ නුවර එළිය දිස්ත්‍රික්කයේ වළපනේ අධයාපන කළාපයේ දුෂ්කර පාසලක් වන සාගල පුර විදුහලට පරිගණක පහකින් සහ අවශ්‍ය අනෙකුත් උපාංග වලින් සමන්විත පරිගණක විද්‍යාගාරයක් ලබා දීමේ ව්‍යාපෘතිය අපි දැනටමත් ආරම්භ කර ඇත.මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රු. 260,000 වන අතර මේ වන විට රු. 80,000ක මුදලක් එක් රැස් කර ගැනීමට හැකි වී ඇත. එයින් රු. 52,000 ක මුදලින් එක් පරිගණයක් මිලදී ගැනීමේ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින අතර නුදුරු අනාගතයේදී එම පරිගණකය සාගල පුර විදුහලේ සිසු දරු දැරියන්ගේ අධයාපනය කටයුතු වඩාත් හොඳින් කරගෙන යාමට සහය වීම සඳහා පාසල වෙත ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු. ඉතිරි පරිගණක හතර සහ අනෙකුත් උපාංග අප වෙත මුදල් ලැබෙන ආකාරය අනුව මිළදී ගෙන පාසල වෙත ලබා දීමට අපි බලාපොරොත්තු දෙමු.තවද පරිගණක සියල්ල එකවර ලබා දිමෙන් තොරව මුදල් සූදානම් වූ විගස අදාල පරිගණ ලබා දීම සිදු කරන බව කරුණුවානෙ සලකන්න. එනම් මීළඟ රු25,000 ලැබුණු විගස දෙවන පරිගණකයද ලබා දෙනු ඇත.රු. 80,000ක මුදල එක් රැස් කර ගැනීම සඳහා මූල්‍යමය දායකත්වය සැපයූ පුද්ගලයින්ගේ නම් පහත සඳහන් වේ.හර්ෂණ වීරසිංහජීවන් සූරිය ආරච්චිබන්දුල රණතුංගතිස්ස දොඩංගොඩරෝහණ දිසානායකඅසංග අමරවංශසිසි කැළුම්ලක්ෂාන් පෙරේරාප්‍රවීන් ඉන්ද්‍රණාමකල්ප පැතුම්ඩනිෂ්ක නවීන්මෙම වයාපෘතියේ සාර්තකත්වයට මූල්‍යමය මෙන්ම ප්‍රචාරණයෙන් සහයෝගය දැක්වූ ඔබ සැමට අපගේ අවංක ස්තුතිය පිරිනමමු. ඔබගේ සියළු සහයෝගයන් අනාගත පරපුරේ නැණ පහන් දැල්වීම සඳහාම වනු ඇත.මෙම පාසලයේ දරුවන් සහ ගුරුවරුන් සඳහා පරිගණක භාවිත කිරීමට අවශ්‍ය මූලික දැණුම ලබා දිමේ පුහුණු වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින්. මේ සඳහා දායක වීමට කැමති අය වෙතොත් අප වෙත දන්වන්න.-------------------------------------------------------------------------------------------------------------ඔබටත් දායක වීමට හැකියාවක් ඇත්නම් පහත සඳහන් වන ඒකා බද්ධ ගිණුමට (Joint Account) ඔබේ මුදල් බැර කර අදාල රිස්ට්පතේ පිටපතක් බන්දුල රණතුංග මහතාට හෝ කල්ප පැතුම් සොයුරාට ලැබීමට සලස්වන්න.මුදල් ලබා දිමෙන් අනතුරුව බන්දුල මහතාට හෝ කල්ප සොයුරාට අදාල රිසිට්පතේ පිටපත සමඟ ඔබේ නම, අදාල මුදල, දුරකතන අංකය සහ විද්‍යුත් පැතැල් ලිපිනය හෝ සාමාන්‍ය තැපැල් ලිපිනය දන්වන්න.ගිණුම් අංකය: 8480050534බැංකුව: කොමර්ෂල් බැංකුව, යුනියන් පෙදෙස.ගිණුම් හිමියන්: බන්දුල පුෂ්පකුමාර රණතුංග හෝ වැලිවිටිගොඩ හේවගෙ කල්ප පැතුම්ගිණුම් වර්ගය: ඒකා බද්ධCOMMERCIAL BANK, UNION PLACEACC NO: 8480050534ACCOUNT HOLDERSMR BANDULA PUSHPAKUMARA RANATUNGAORMR WELIVITIGODA HEWAGE KALPA PATHUMමූල්‍යමය දායකත්වන් සඳහා බන්දුල රණතුංග මහතාව අමතන්න:ජංගම දුරකතන අංකය: 0714315426විද්‍යුත් තැපෑල: bandula.ranathunga {[AT] } gmail {[DOT]} comකල්ප පැතුම්: callkalpa {[AT] } gmail {[DOT]} com පරිගණක උපාංග සහ ඒ ආශ්‍රීත තාක්ෂණික තොරතුරු සඳහා අතුල හේරත් මහතාව අමතන්න:ජංගම දුරකතන අංකය: 0718217443.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මාකඳුර මහා විද්‍යාලයේ සිය වසරක සිප්හල උත්සවය නිමිත්තෙන් අද (1) පැවැත්වීමට නියමිතව තිබු විවෘත ස්ටෑන්ඩර්ඩ් පිරිමි පාපැදි තරගය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවු බව සංවිධායක මණ්ඩලය පවසයි. අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පදනමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ පාපැදි සංගමය මෙහෙයවයි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ව්‍යාකරණ, ‍ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. මෙම යෙදුම විවේචනය කරන වුෘත්තිමය පත්‍ර කලාවේදීන් සහ මහජනතාව පවසන්නේ වාස්තවිකත්වයෙන් තොර පත්‍රකලාවේදනය සුදුසු නොවන බවත් එයින් මහජන යහපත නොසෙලෙන බවත්‍ය. කටකතා පැතරවීම, සහ ජනමාධ්‍ය වේදය, උද්වේගකරණය හෝ සදාචාර විරෝධි වාර්තා කරණ ය වැනි පිළිගත් සම්මතයන්ට එරහි හැසිරීම් මේ මගින් ජනිත විය හැක. වාස්තවික ,විශ්වාස තැබිය හැකි තොරතුරු මූලාශ්‍රයක් වශයෙන් සිදුවිය හැකියය බියක්ද පවති. එසේම පක්ෂපාති මාධ්‍ය වේදීන් ඉදිරිපත් කරන කරුණු වාස්තවික යැයි ජනතාව වරදවා වටහා ගතහොත් එයද විශාල ගැටලුවකි. පක්ෂපාති පත්‍රකලා වේදීන් ම‍ෙම විවේචන වලට විවිධ පිළිතුරු ලබා දෙති. සමහරු පවසන්නේ ප්‍රධාන ප්‍රවාහනයේ සහ විකල්ප ජනමාධ්‍ය විවිධ අරමුණු සහ විවිධ පාථක කණ්ඩායම් පාදක කරගන්නා අතර මෙම වෙනස පිළිඹදව මහජනයා දැනුවත් බවය. බොහෝ දෙනාගේ විශ්වාසය නම් ප්‍රධාන ප්‍රවාහයෙන් මාධ්‍ය තුල වාස්තවිකත්වයක් හෝ විශ්වසනකත්වයක් නොමැති බැවින් කිර්තියක් ලබාගැනිමට අයිතියක් නොමැත බවය.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
උරහිසත් හිසත් මැදහිරකරන් පොඩි කුඩයපොද වැස්ස යටට වීවලාකුළු බැම්ම ළඟමම..කෝ ඔබ .දුම් දමන කඩල මුලලොකු වැඩියි තනි අතටහීල් වෙන්නට ඉස්සරදැන් එන්න මේ ඉවුරටපොරි අහුරකින් කිතිකැවුණනොඉවසිලිමත් දැඟලිලිවැව් වතුර මත බොඳවුණුඋරුම නැති ලෝකයක හෙවනැලිඇහෙනවද.මින නුවනක නොගැටීහීතලේ පෑරෙනකඩල ඇටයක මැසිවිලි .
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
‘අහංකාර නගරේ’ ගීතයෙන් ශ්‍රී ලාංකේය රසිකයන් අතර ජනප්‍රිය වූ රනිඳු ලංකාගේ ‘Evolution Ranidu Live in Concert ප්‍රසංගය මේ මස 20 වැනිදා පස්වරු 6.00 ට මියුසියයස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.වසර 2 කට පසු රනිඳු ලංකාගේ ශ්‍රී ලංකාවේ පවත්වන පළමු ප්‍රසංගය මෙය වන අතර එහිදී නතාෂා රත්නායක, දුෂ්‍යන්ත වීරමන්, ක්‍රිෂාන් මහේසන් ආරාධිත ශිල්පීහු ලෙස මීට සහභාගි වෙති. මේ ප්‍රසංගය ‘බයිලා ට්‍රොනික්’ නමින් ඔහු නිර්මාණය කරන ලද නවතම සංගීත ශෛලිය ලංකාවට හඳුන්වා දෙන පළමු අවස්ථාව වෙයි. ශ්‍රී ලාංකිකයන්ගේ රිද්මය දැනෙන ශ්‍රී ලාංකේය රිද්මවලට අනුව යන අපට ආවේණික ගීත ඇතුළත් වේග රිද්ම සංගීත ශෛලියක් වන මෙය ජාත්‍යන්තර සංගීතයේ ප්‍රධානතම ප්‍රසංගය වන ‘Vltra Music Festival’  ඉදිරිපත් කිරීමට ද රනිඳු සමත් විය.ලංකාවේ R & B  හා හිප්පොප් සංගීත ශෛලිවල පුරෝගාමී සංගීතඥයෙක් වන රනිඳු ලංකාගේ ජාත්‍යන්තර සංගීතයේ ඉහළ නමක් දිනා ගැනීමට සමත් වී ඇත. අශාන්ති ඩී අල්විස් සමඟ ‘ඔබ මගෙමයි’ ගීතය එළි දක්වමින් තම සංගීත දිවිය ආරම්භ කළ හේ වයස අවුරුදු 19 දී අන්තර් ජාතික සංගීත ලේබලයක් සමඟ ගිවිසුම් අත්සන් කළ ප්‍රථම හා ළාබාලම ශ්‍රී ලාංකේය සංගීතඥයා විය. ‘සෝනි මියුසික් ඉන්දියා’ සංගීත ලේබලය යටතේ ඔහු ගීත රචනයෙන්, සංගීත සම්පාදනයෙන් හා ගායනයෙන් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායක වී ඇත. කොළඹ රාජකීය විද්‍යෘලයෙන් තම පාසල් අධ්‍යාපනය ලැබූ රනිඳු ඇමෙරිකා එක්සත් ජනපදයේ යේල් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවේය.2014 වසරේදී ඔහුගේ පළමු සංගීත ඇල්බමය වන ‘දිවිය පුරා’ එළි දැක් වූ අතර එහි ඇතුළත් ‘අහංකාර නගරේ’ ගීතය BBC ආසියානු ගීත වැඩසටහනට එක්කිරීමට සමත් වුණු පළමු ගීතය ද වෙයි. එතැන් සිට ඔහු ඉරාජ් වීරරත්න, රංග දසනායක වැනි දේශීය සංගීතඥයන් මෙන්ම Delon , ඇන්සන් ඔෆ් ද Din Crew, Holee Smokez  වැනි ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික සංගීතඥයන් සමඟ ද එක්ව සංගීතය නිර්මාණය කළේය.- තිලානිසිනමාව කලාවක් සේම කර්මාන්තයක් ලෙස ද දියුණු තත්ත්වයකට ගෙන යාම සඳහා අපරිමිත මෙහෙයක් ඉටු කළ, මේ වන විට ජීවිතයේ සැඳැසමය ගෙවන කලාකරුවන් දෙපොළක් වන සුනිල්සෝම පීරිස් සහ තිලක් වේහැල්ල යන ශිල්පීන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් මුල්‍යමය පරිත්‍යාගයක් සිදු කෙරිණ.මෙම කාර්යය සිදු කරන ලද්දේ ජාතික චිත්‍රපට සංස්ථාව සිනමා ක්ෂේත්‍රයේ නිරත වූ ප්‍රවීණ ශිල්පීන් උදෙසා ආරම්භ කළ සුභසාධන කටයුතු ගණනාවක එක් අංගයක් ලෙසිනි . - ප්‍රසාද්
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
උදා වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ඓතිහාසික මහනුවර දළදා මාලිගාව වෙත ඊයේ (06) පෙරවරුවේ පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් ආශීර්වාද ලබා ගත්තේ ය.දළඳා සමිඳුන් උදෙසා සමන්පිච්ච මලින් පිරි බන්දේසියක් සමඟින් අටපිරිකර පූජා කළ ජනාධිපතිතුමා මෙත් සිත් පෙරදැරිව ආගමික වතාවත්හි නිරත විය. ඉන් අනතුරුව දළදා මාලිගාවේ තේවාව භාර පූජ්‍යපාද තිබ්බුටුවාවේ මේධංකර හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපතිතුමාගේ සුරතේ පිරිත් නූලක් ද ගැට ගසා ඉදිරි ගමන් මඟ වෙනුවෙන් ආශීර්වාද පළ කිරීම ද සිදුවූයේ ය.සම්බුදු තෙමගුල බැතිබරව සමරමින් දළදා සමිඳුන් වැඳ පුදා ගන්නට පැමිණි සුවහසක් බොදු බැතිමතුන් සමඟින් මෙන්ම, වෙසක් පෝදා අෂ්ඨාංග උපෝසථ ශීලය සමාදන් වූ සිල්වත් පිරිස සමඟ මෙහිදී ජනාධිපතිතුමා මොහොතක් කතා බහ කරන්නට ද එක්විය.පසුව මෙවර වෙසක් දින රාජ්‍ය උත්සවය පැවැත්වෙන දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික මහමළුව අභියසට පැමිණි ජනාධිපතිතුමා, එහි සූදානම සම්බන්ධයෙන් ද කටයුතු සොයා බැලීය.මේ අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරු ද එක්ව සිටියහ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඔන්න ඉතින් ටික කලකට පසු නැවත LED බල්බ් ඒකක් අරගන අවා හැමෝම වාගේ ඇහුවනේ SMD LEDවලින් මුකුත් කරනේ නැද්ද කියලා ඔන්න අද ඒ පොරොන්දුව ඉටු කරනවා.මේ බල්බ් ඒකේ SMDLED1W 7තියනවා ඒම නිසා හොද එළියක් ලබා ගන්න පුලුවන්න.SMD LEDඒකක් මිල RS 30.මෙයට SMPS Power Supply ඒකක් යොදාගන තියනවා මිල Rs 250.මේ Housing ඒක රුපියල් 375.මේක කාමරයක වැඩිත් එක්ක සාලයකට එළිමහනකට මේක නියමෙට ගැලපෙනවා.මේක හදා ගන්න කිසි කරදරයක් නැහැ වැඩිය පාසන්න නැති නිසාSMD LED 30 X 7 = 210Housing = 375SMPS Power Unit = 250Total = 835මේක Ebay එකෙන් ගන්නවනම් $7 , $8 (130x8=Rs1040)විතර වෙනවා අපිම හදා ගන්න ඒක නේද හොද.මේක හදා ගන්න කිසි කරදරයක් නැහැ වැඩිය පාසන්න නැති නිසා.Ebay Linkමේ බඩු ටික ගතේ කදානේ TheModern LED Shopඒකෙන් කොටුවේ තියනවාකැමැති තැනකින් ගන්න.මේ තියෙනේ ගත්තු බඩු ටිකSMD LEDහා Plate ඒක අතරට Heat sink compound දාන්න අමතක කරන්න එපාමේ තියනේ Power Unit ඒකමේ තියනේ බාගයට නිමකළ ඒක. ඇහැ කඩලා යන්න වගේමේ On එකේදී රත් වන නිසා ඇලුමිනියම් වලින් පිටුපස කොටස නිමවා ඇත .සාද නිම කරන ලද ඒකටිකක් බරයිප්‍රෂ්න ඒහෙම තියනවනම්Commentඑකක් දාල යන්න.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කලා භූෂණ ඒ. ඩී. ශි‍්‍රයාපාලදරුවන්ට ඉතිහාසය හැදෑරීමට උනන්දුව ඇති කිරීම වෙනුවෙන් වූ විශේෂ කටයුත්තක් ආරම්භ කරන්න කටයුතු සූදානම් කළා.ඒ වෙනුවෙන් හය වසරෙන් ඉහළ සහ වයස අවුරුදු 18 න් පහළ දරුවන් අතරේ ‘මතු පරපුරට අයිති මවුබිම’ සහ ‘ජාතික වීරයෝ’ මාතෘකා යටතේ දීපව්‍යාප්ත කථික රචනා තරග පවත්වන්න කටයුතු යොදා තියෙනවා.ලක්බිම සුරකින ලක් වැසියෝ සංවිධානය මඟින් මෙය සංවිධානය කෙරෙනවා.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ආරක්ෂක අමාත්‍යාංශය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය සහ යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ලට ගෙන යාමට රජය තීරණය කර තිබේ.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමැති මණ්ඩලයට පෙරේදා (25) ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී කැබිනට් මණ්ඩලය පෙරේදා (25) රැස් විය.බත්තරමුල්ල, අකුරේගොඩ ප්‍රදේශයේ නවීන පහසුකම් සහිතව ඉදි කෙරෙන ගොඩනැගිලි සංකීර්ණයක මේ ආයතන ස්ථාපිත කෙරේ. ආරක්ෂක අමාත්‍යාංශය පිහිටි භූමි ප්‍රදේශය ඩොලර් මිලියන 1000 ක සෘජු ආයෝජන සහිත ව්‍යාපෘති දෙකක් සඳහා ලබාදීමේ අරමුණින් මේ තීරණයට එළඹ තිබේ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
1978 හා 1986 වසර වලදී ලෝක පාපන්දු ශුරතාව හිමි කර ගෙන ඇත. දකුණු ඇමෙරිකානු කලාපයේ සියලු තරඟ ජය ගනිමින් 2014 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගෙන ඇත. ආර්ජන්ටිනාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමෙහි 5 වන ස්ථානයේ පසුවෙයි.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ජන සංගීතගීත එකතුවක්මං ආයේ චිත්‍රපට කරන්නෙ නැහැ කොපි තිස්පහේ සීමාව තියනකම්.ආචාර්ය සෝමරත්න දිසානායක කලකිරීමෙන් අප ඇමතීය.දිගටම?ඔව්, හැබැයි තිස්පහේ සීමාව ඉවත් වුණ ගමන් ආයෙ නිර්මාණකරණයේ යෙදෙනවා.එතකම්?කලාකරුවකු ලෙස මට නිකම් ඉන්න බැහැනේ. ඒ හින්දා ටෙලි නාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරන්න හිතුවා. මේ වනවිට මා ගාව සිනමා තිරනාටක පහක් තියෙනවා. ඉන් දෙකක් ටෙලි නාට්‍යවලට උචිත අන්දමින් පරිවර්තනය කරමින් ඉන්නවා. බොහෝ විට දෙසැම්බරයේ ටෙලි නාට්‍යය ආරම්භ වේවි. සිරි පැරකුම් චිත්‍රපටයේ ප්‍රමුදිත උදය කුමාර විතරයි දැනට තෝරාගෙන ඉන්නෙ. ඉතුරු නළු නිළියන් කවුද කියලා ඉදිරියේදී කියන්නම්.මෙයට අමතරව සෝමෙ අයියා ලියපු ගීත ඇතුළත් සංයුක්ත තැටියක් එළිදක්වනවා කියලා ආරංචියි?ඔව්, ඒක ජන සංගීත නාදරටා ඇතුළත් සම්භාව්‍ය ගීත එකතුවක් ආචාර්ය වික්ටර් රත්නායක, ටී. එම්. ජයරත්න, විශාරද එඩ්වඩ් ජයකොඩි, නීලා වික්‍රමසිංහ, දීපිකා පි‍්‍රයදර්ශනී, නිරෝෂා විරාජිනී, චරිතා පි‍්‍රයදර්ශනී, ප්‍රදීපා ධර්මදාස, හර්ෂණ දිසානායක, නෙලූ අධිකාරී එහි ගීත ගයලා තියෙනවා. ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය රෝහණ වීරසිංහ, රෝහණ බැද්දගේ, එඩ්වඩ් ජයකොඩි, සුනිල් දයානන්ද කෝනාර, සමන් පනාපිටිය, සහන් රන්වල එහි සංගීත අධ්‍යක්‍ෂවරුන්.- ප්‍රසාද්
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙරට විශිෂ්ටතම සිනමාවේදිණිය සහ ගෙරෟවණීය කලාකාරිණියක ලෙස ගෞරවාදරයට පාත්‍ර වන සුමිත්‍රා පීරිස් මහත්මියගේ ජීවිතය සහ සිනමා ජීවිතය විවරණය කරමින් අජිත් ගලප්පත්ති විසින් රචිත ‘සුමිත්‍රා - අඩ සියවසක අද්විතීය සිනමා ජීවිත කතාව‘ ග්‍රන්ථය හඳුන්වාදීමේ උත්සවය සැප්තැම්බර් 20 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ඇති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී පැවැත්වේ.මෙහිදී ස්වර්ණා මල්ලවආරච්චි, දීප්ති කුමාර ගුණරත්න සහ දිනේෂ් ගුණවර්ධන යන දැනවතුන් සුමිත්‍රා නිරූපණය කළ ස්ත්‍රී චරිත, සුමිත්‍රාගේ ස්ත්‍රීවාදය සහ ඇගේ වංශයේ කතාව යන මැයෙන් දෙසුම් පැවැත්වීමට නියමිතය. 1978 සිට දශක හතරක් පුරා සුමිත්‍රා සිනමාවේදිනියගේ සිනමා කෘති පෙළෙහි රඟපෑ නළු නිළියන් ඇතුළු සම්භාවනීය කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වනු ඇත.මෙම උළෙල mirrorarts.lk  වෙබ් අඩවිය ඔස්සේ මුලු ලෝකය පුරා සජීවීව විකාශය කෙරෙන අතර ශ්‍රී ලංකාවේ මෙවන් සජීවී අන්තර්ජාල විකාශයක් සිදු කෙරෙන පළමු අවස්ථාව මෙය වේ.මෙම ග්‍රන්ථය පසුගියදා හිල්ටන් රෙසිඩන්ට්ස්හිදී නිල වශයෙන් එළිදක්වන ලදී.එහිදී සුමිත්‍රා මහත්මිය වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක්ද එදින නිකුත් කෙරිණ. එම උළෙල සංගීතා වීරරත්න සහ ෂෙරීන් කුමාරණතුංගගේ කෘතවේදී සංවිධානයකි.දුර්ලභ ඡායාරූප 175 ක් පමණ ඇතුළත් මෙය පිටු 276 කින් යුක්තය. ප්‍රේම් දිසානායකගේ මුද්‍රණයකි.ග්‍රන්ථය අජිත්ගේ සිව්වැනි සිනමා විචාර ග්‍රන්ථය වන අතර ඔහු දැනට සමාජ විද්‍යාපති පශ්චාත් උපාධි අපේක්ෂකයකු ලෙස සිනමාව පිළිබඳ පර්යේෂණ කටයුතුවල නිරතව සිටියි. ඔහු දැනට දැන්වීම් ප්‍රචාරක සමාගමක සිංහල නිර්මාණ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.වික්‍රම් ඛාන් අධ්‍යක්ෂණය කළ රාස් චිත්‍රපට මාලාවේ තෙවැන්න හෙට සිට වැල්ලවත්ත ලිබර්ටි ශාලාවේදී තිරගත වේ.ෂනායා නම් වූ රංගන ශිල්පිනියක් වටා ගෙතී ඇති කතා ශරීරයකින් යුක්ත වන මෙහි ඉම්රාන් භෂ්මි, බිපාෂා බාසු, ඊෂා ගුප්තා, ජැකොලයින් ෆර්ඩිනැන්ඩස්, ආනන්ද්, සියාන් කාලීඩ් රංගන දායකත්වය සපයති.මෙය මහේෂ් ඛාන් සහ මුකේෂ් ඛාන් නිෂ්පාදනය කොට ඇත.‘යුග්ම සර’ හෙට බිෂොප් විද්‍යාලයේහෘදයාන්විත සුප්‍රේමය, ජීවිතය හා සමාජය පිළිබඳව රමණීය ගී වැලක් සමාජගත කළ අමරසිරි පීරිස් හා දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ප්‍රථමවරට පවත්වන ‘යුග්ම සර’ ද්වි පුද්ගල ප්‍රසංගය හෙට (14) සවස 6.30 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.මෙම ජනප්‍රසාදිත ගායන ශිල්පීන් දෙපළ මෙතෙක් ගැයූ සොඳුරුතම ගීීත සමුච්ඡයකින් සමන්විත මෙම සුභාවිත විචිත්‍රවත් ගී ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සුසිල් අමරසිංහගෙනි. -යතේජාමැද මාවතෙහි සිනමාකරු ලෙස විරුදාවලිය ලත් එච්. ඩී. ප්‍රේමරත්නයන්ගේ සිනමාපටයන් අළලා තරුණ සිනමා විචාරක තුසිත ජයසුන්දර විසින් රචිත ‘එච්. ඩී. ප්‍රේමරත්න’ ‘සමාන්තර සිනමාවේ ශ්‍රී ලාංකේය ලකුණ’ ග්‍රන්ථය නොබෝදා එළි දැක්විණි.සිකුරුලියා සිට කිනිහිරියා මල් දක්වා ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කොට තිරගත වූ චිත්‍රපට දහසයෙහිම ප්‍රකට අප්‍රකට තොරතුරු මෙන්ම සිනමාවේදියාගේ ප්‍රකාශ රීතීය සහ සමාජ දැක්ම චිත්‍රපටයෙන් චිත්‍රපටයට වෙන් වෙන් වශයෙන් මෙහි විශ්ලේෂණය කර තිබීම විශේෂත්වයකි.මෙම ග්‍රන්ථය කර්තෘ ප්‍රකාශනයකි.ප්‍රසාද් සමරතුංග
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පොඩොල්ස්ක් නගර මධ්‍යයේ දර්ශනයක් පොඩොල්ස්ක්(රුසියානු: Подо́льск) රුසියාවේ, මොස්කව් ඔබ්ලාස්ට් හි පොඩොල්ස්කි දිස්ත්‍රික්කයේ පරිපාලන නගරයයි. මොස්කව් ඔබ්ලාස්ට්හි විශාලත ම නගරය වන මෙය කාර්මික නගරයකි. මොස්ක්වා නදියෙහි අතු ගංගාවක් වන Pakhra නදිය අසබඩ පිහිටා ඇත​. ඉතිහාසය​[සංස්කරණය] 18 වන සියවසේ දී, මොස්කව්හි ඩැනිලොෆ් දේවස්ථානයට අයත්ව පැවති පොඩොල් ගම්මානය ඇසුරින් පොඩොල්ස්ක් නගරය බිහි විය​. 1791 දී දෙ වන කැතරින් අධිරාජිණිය එය නගරයක් වශයෙන් ප්‍රකාශයට පත් කළා ය​. රුසියානු විප්ලවයට පෙර, රුසියාවේ වඩාත් කාර්මීකරණයට ලක් වූ නගර අතර පොඩොල්ස්ක් විය​. මහන මැෂින් නිපද වූ සිංගර් කර්මාන්ත ශාලාවක් ද එහි පිහිටා තිබුණි. ව්ලැඩ්මීර් ලෙනින් කිහිප වාරයක් මෙම නගරයට පැමිණ ඇත​. සෝවියට් සමූහාණ්ඩුව පැවති සමයේ දී, මොස්කව් ඔබ්ලාස්ට් හි කාර්මික දැවන්තයෙක් විය​. ඒ වන විට නගරය තුළ කර්මාන්ත ශාලා හැත්තෑවකට වැඩිය ක්‍රියාත්මක වෙමින් පැවතුණි. බොහෝ පොඩොල්ස්ක් නගර වැසියෝ මෙම කර්මාන්ත ශාලාවල සේවය කළහ​. අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය] පොඩොල්ස්ක් නගරයේ නිල වෙබ් අඩවිය​ GeoHack - Podolsk
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් පළමු වරට පවත්වන ජාත්‍යන්තර සමුළුව ජෝර්දානයේ අම්මාන් නුවර දී ආරම්භ වෙයි.විදේශ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් ලබා ගන්නා රටවල ශ්‍රී ලංකා තානාපතිවරු, කම්කරු ලේකම්වරු, හා සුබ සාධන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ සමුළුව අම්මාන් නුවර “ලා මෙරිඩියන්” හෝටලයේ දී ඊයේ (13) ආරම්භ කෙරුණු අතර එය හෙට (15) නිමාවට පත්වෙයි.මේ අතර එම සමුළුව සඳහා ජාත්‍යන්තර සංවිධාන නියෝජනය කරමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සංවිධානයේ නියෝජිතයන් ද සහභාගි වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.ශ්‍රමිකයන්ට බලපාන ජාත්‍යන්තර නීති හා ප්‍රඥප්ති, විදේශයන්හි සේවය කරන ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ට බලපාන වෘත්තිමය ගැටලු, රැකියා ස්ථාන පිළිබඳ ගැටලු, වැටුප් සම්බන්ධ ගැටලු හා ආරක්ෂණය, සුබ සාධනය, විදේශ රැකියාවේ දී ගත යුතු ක්‍රියාමාර්ග ආදිය පිළිබඳව මෙහි දී විශේෂ අවධානය යොමු කරන බව පෙන්වා දෙන එම කාර්යාංශය එම ගැටලු හඳුනා ගනිමින් ඒවාට ඵලදායී විසඳුම් නිර්දේශ කිරීම ද මෙහි අරමුණ බව කියා සිටී.ලෝකයේ රටවල් 20 ක තානාපතිවරුන් මේ අවස්ථාවට සහභාගි වන අතර විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙයි.ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍යාංශයේ ලේකම් නිශ්ශංක එන්. විජේරත්න, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වෙති.මේ සමුළුවෙන් අනතුරුව විදේශ රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කරන්නේ කුමන රැකියා වෙතද යන්න අවබෝධයක් ලබා ගැනීමට හැකි වන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අපේ වත්මන් කලා ලෝකයේ බොහෝ දෙනා දික්කසාදයට මුල්තැන දීමෙන් රටට දෙන ආදර්ශය කුමක්ද?චන්ද්‍රසිරි මානවඩු - කෙරමිණියඅම්බලන්ගොඩතමන් ජීවත් විය යුත්තේ අනුන්ට කරදරයක් නොවී තමන්ට ඕනෑ හැටියට කියන එකයි. අනිත් අතට එදා දික්කසාදය තිබුණේ නැති ද?‘ද ලාස්ට් ඩේස් ඔෆ් පොම්පේ’ චිත්‍රපටය ගැන කෙටි විස්තරයක් කියන්න.පෝල් පෙරේරා - ගයියාල – කුලියාපිටිය‘ද ලාස්ට් ඩේස් ඔෆ් පොම්පේ’ නමින් චිත්‍රපට දෙකක් නිර්මාණය වී තියෙනවා. එකක් 1935 වසරේදී සහ අනෙක 1959 වසරේදී නිර්මාණය වූවා. එඩ්වඩ් ඔල්වර්ලිට්න් රචනා කරන ලද අතිශය ජනප්‍රිය වූ මෙම නවකතාව ඇසුරින් මුල්වරට 1935 දී තැනුණ චිත්‍රපටය මේරියන්ස් ඩී කූපර් විසින් අධ්‍යක්ෂණය කළා. අනෙක් චිත්‍රපටය 1959 සර්ජියෝ ලියෝන් විසින් අධ්‍යක්ෂණය කළා.පොම්පේ නගරයේ අවසන් දින කිහිපය පිළිබඳ තැනුණ මෙම චිත්‍රපට දෙකම නවකතාව තරම් සාර්ථක නිර්මාණයක් වූයේ නැහැ.1947 වසරේ ප්‍රදර්ශනය වූ සිංහල චිත්‍රපට පිළිවෙළින් සඳහන් කරන්න.රත්න කහඳව - අලව්ව - කැකුලාවල1947 ජනවාරි 21 කඩවුණ පොරොන්දුව, අප්‍රේල් 10 දින අශෝකමාලා.2001 වර්ෂයේ විවාහක රූ රැජන ( ශ්‍රී ලංකා) වූ නුෂාරා අතපත්තු ගැන යමක් කියන්න.අචිනි විලේකා - හොරණඇය දක්ෂ නිරූපිකාවක්. ඇයගේ කලා කටයුතු ගැන නම් මම දන්නේ නැහැ.සිලෝන් එන්ටර්ටේන්මන්ට් සමාගමේ ජබීර් ඒ. කාදර් නිපද වූ ‘සුන්දර බිරිඳ’ චිත්‍රපටයේ මුල් පිටපත තිබෙන්නත්, ඔහුගේම ‘සුනීතා’ චිත්‍රපටයේ පිටපත නොතිබෙන්නත් හේතුව කුමක්ද?සරත් රණසිංහ – කපුගොඩ – මාලිඳඑක් චිත්‍රපටයක් සංරක්ෂණය කරන්නට හැකි වෙන්න ඇති. අනෙක බැරි වෙන්න ඇති.ටෙන් කමාන්ඩ්මන්ට් චිත්‍රපටයේ ඩී. වී. ඩී. අපට මිලදී ගත හැකිද?ප්‍රභාත් රාජපක්ෂ – නාවලපිටියඑම චිත්‍රපටයේ ඩී. වී. ඩී. ලංකාවේ මිලදී ගන්න තියෙනවා. ඩී. වී. ඩී. අලෙවි සැලකට ගොස් විමසා බලන්නකෝ.සොපියා ලොරේන්, බ්‍රිජඩ් බාඩෝ, එළිසෙබෙත් ටේලර් යන මේ තිදෙනාගෙන් වඩාත් ජනප්‍රිය නිළිය කවුද?එස්. රණසිංහ – මාලිඳමේ අතරින් එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූයේ බ්‍රිජඩ් බාඩෝයි. නමුත් ඇය අතිශය දක්ෂ නිළියක නොවේ. සොපියා ලොරේන් මේ අතරින් තමන්ට ලැබුණු අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගත් විශිෂ්ට නිළිියක්. එළිසෙබෙත් ටේලර් දක්ෂ වගේම තමන්ගේ ජනප්‍රියතාව මිය යනතුරුම රැක ගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්.ප්‍රවීණ ගායක හෙන්රි පෙරේරා ගායනය කරන ‘මං පොඩි කාලේ දැක්කට පස්සේ’ ගීතය කාගේ තනුවක්ද?හිලරි සිරිලාල් ද අල්මේදා - මොරටුව - මොරටුවැල්ලබ්‍රිජට් සිල්වාතුම්සේ නහිත් දේකා චිත්‍රපටයේ එන ගීතයක තනුවක්.අශොක් කුමාර්, කිශෝර් කුමාර් අයියයි මල්ලියි ලෙස රඟපෑ සිංහල දෙබස් කවා ප්‍රදර්ශනය කළ ‘අයියයි මල්ලයි’ චිත්‍රපටයේ මුල් හින්දි චිත්‍රපටය කුමක්ද?විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස්‘බායි බායි’ චිත්‍රපටය.ධර්මදාස වල්පොල ගායකයාණන් මුලින්ම සිංහල චිත්‍රපටයකට ගායනා කළ ගීතය සහ චිත්‍රපටය කුමක්ද?තිලකසිරි ද සිල්වා - මීටියාගොඩ – මරදානවත්තප්‍රේම තරඟය චිත්‍රපටයට. හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නෑ නොහොඳ නරක දිනුවේ.අපේ රටේ සිනමාවේ පොදුවේ බහුල වශයෙන් නිෂ්පාදනය වන්නේ ගැහැනිය සූරාකෑමට ලක්වන පුවත් රැගත් චිත්‍රපට. ‘විරාගය’, ‘ඇමරිකන් බියුටි’ වැනි පිරිමින්ගේ ඛේදවාචකය ගැන කියැවෙන සිනමා නිර්මාණ නිෂ්පාදනය නොවන්නේ ඇයි?නිරෝධ ඉලුක්කුඹුර – කඩවතපිරිමින්ගේ ඛේදවාචකය ගැන නිපදවන චිත්‍රපටවලට ලොකු ඉල්ලුමක් නැති නිසා. අනෙක ගැහැනිය පිළිබඳ තේමා ඇතුළත් චිත්‍රපට බලන්න යනකොට, පිරිමින්ගේ ඛේදවාචකය එතනම තියෙනවානේ.ප්‍රීති සින්ටා හා බිපාෂා බාසු රංගනයෙන් දායක වී ඇති චිත්‍රපට ගණන කීයද?ලිපිනයත් ලබා දෙන්න.එරන්ද ඉන්දික – බත්තරමුල්ලබිපාෂා බාසු චිත්‍රපට 57 ක් ද ප්‍රීති සින්ටා 36 ක්.ප්‍රීති සින්ටාගේ  - C-10-A -Ranwar, Waroda Rd, Off Hill Rd, Bandra (West Mumbai – 400050)අර්ජුන්සැකසුම - සංජීව සම්පත් බාලසූරිය
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉහළ ඇල්ලේවැව ගම්මානයේ වැව වසර තිහකට ආසන්න කාලයක් ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා රොන්මඩ පිරී, වල් බිහිවී විනාශ වෙමින් පවතින බව ගම්වාසීහු පවසති.ඉහළ ඇල්ලේවැව පදිංචි කේ. ඩබ්. බණ්ඩාර කලුවත්ත මහතා මෙසේ පැවැසීය.“මේ ගම්මානෙ පටන්ගන්නෙ 1984 අවුරුද්දෙ. ජනපදිකයන්ගේ අවශ්‍යතා සඳහා ඉදිකළ මේ වැව අවුරුදු තිහකට ආසන්න කාලයක් පමණ වෙනවා තවම අලුත්වැඩියාවක් කෙළේ නැහැ. මේ වැව අක්කර 15ක පමණ පැතිරී තිබෙනවා. වැව අලුත්වැඩියා කරන්නේ නම් එය අපේ ගමේ දහස් ගණනක ජනතාවට ප්‍රයෝජනයක් වෙනවා.අපේ ගමේ පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නෙ මෙම වැවෙන්. වැවේ තියෙන වතුරත් අපිරිසුදුයි. මී හරක් වැවේ ඉන්නවා. මහවැලි ඉසෙඩ් ඩී ඇළෙන් එන ඩී ඇළකින් තමයි ගමේ අය තමන්ගේ වතුර අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ. වැව අලුත්වැඩියා කළොත් විශාල සේවයක් වෙනවා.”කේ. ඩබ්. ජී. ඒ. බුද්ධික මහතා - අපේ ගමේ බොහෝ දෙනෙක් වකුගඩු ආබාධවලට ගොදුරු වෙලා. ඒකට හේතුව පිරිසුදු පානීය ජලය නොමැතිකම. දැන් පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැවේ වතුර පෙරීමකින් තොරව ටැංකියට පොම්ප කරල බෙදා හරිනවා.ගමේ අපිරිසිදු ජලය හරවලා තියෙන්නෙත් මේ වැවට. හරකුන්ගේ මල මුත්‍රා, ගොම වතුරට එකතුවෙලා තිබෙනවා. ගොයම් කපල ඉවර වෙනකොට ඇළ වහනවා.අපිට එතකොට හැතැක්ම දෙක තුනක් වතුර හොයාගෙන යන්න වෙනවා. මේ වැවේ රොන්මඩ, පාසි ඉවත් කරල දෙනවා නම් ඒ අපහසුතා මග හැරෙනවා.හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ. ජී. එස්. බණ්ඩාර මහතා -අපි මේ ගමට පදිංචියට ඇවිත් අවුරුදු තිහකට ළඟයි. මේ වැව පිරිසුදුව හදල දෙන්න කියලා එදා ඉඳන් ඉල්ලා සිටියා. එහෙත් තවම සිද්ධ වුණේ නැහැ.ගමේ පවුල් 764ක් ඉන්නවා. ජනගහනය 2100 වෙනවා. මේ හැම කෙනකුටම පානීය ජල අවශ්‍යතාව මෙන්ම අනෙකුත් අවශ්‍යතා සඳහා මේ වැව ප්‍රයෝජනයට ගත හැකි ලෙස හදල දෙන්න කියල ඉල්ලනවා..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කොළඹ විලාසිතා සතිය (කළම්බු ෆැෂන් වීක්/Colombo Fashion Week) (CFW) යනු ශ්‍රී ලංකාවේ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන විලාසිතා දැක්මකි. එහි පළමුවැනි විලාසිතා දැක්ම 2003 වසරේදී සිදුකෙරුණු අතර, ඊට බංග්ලාදේශ, ඉන්දියානු, පාකිස්තානු, පලස්තීන, ස්පාඥ්ඥ සහ ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ගේ මෝස්තර ඇතුළත් විය. 2013[සංස්කරණය] 2013 වසරේ අප්‍රියෙල් 3-5 අතර කාලය තුලදී කොළඹ විලාසිතා සතිය HSBC අනුග්‍රාහකත්වයෙන් එච්එස්බීසී කළම්බු ෆැෂන් වීක් 2013 (HSBC Colombo Fashion Week 2013) යන නාමය යටතේ කොළඹදී පැවැත්වුණු අතර, ඊට ලොව වටා නිර්මාණකරුවන් තිස්එක් දෙනෙකු සහභාගී වූ බව සඳහන් වෙයි.[1] ආශ්‍රිත[සංස්කරණය] ↑ "බ්‍රිජිං ද ගැප්: කළම්බු ෆැෂන් වීක් බ්‍රින්ග්ස් ටුගෙදර් ඩිසයිනර්ස් ෆ්‍රොම් ඉන්ඩියා, පාකිස්තාන් ඇන්ඩ් බංග්ලාදේශ්". indiatoday.intoday.in. අප්‍රියෙල් 6, 2013. http://indiatoday.intoday.in/story/colombo-fashion-week-brings-together-designers-from-india-pakistan-bangladesh-india-today/1/260950.html. Retrieved අප්‍රියෙල් 7, 2013.  බාහිර සබැඳි[සංස්කරණය] නිල වෙබ් අඩවිය
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වෙස්ගැන්වීම් ශිල්පිනී මංගලාසරසවිය පුවත්පතේ පළවන දැන්වීම් දෙස අවධානයෙන් බලා සිටින ඇය ජීවිතේ බලාපොරොත්තුව තවතවත් දැඩි කර ගත්තාය. වේශ නිරූපන ශිල්පිනියක වීමට මඟ බලා සිටි ඇයට සරසවිය පුවත්පත ආශිර්වාදයක් වූයේ දසවසරකට පෙරය.දසවසරක ඇවැමෙන් ඈ සරසවිය පුවත්පත් කාර්යාලයට ගොඩවන්නේ වේශ නිරූපන ක්ෂේත්‍රයේ නමක් දිණු ශිල්පිනියක ලෙසටයි.ඈ මංගලා පෙරේරා.මේ Behind The Scen සමඟ මංගලා හමු වූ මොහොතයි.මංගලා ඔබේ කතා බහ පාසල් අවධියෙන්ම අරඹමු?රාගම ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලය හා කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයන්ගෙන් අධ්‍යාපනය ලබා ඉන්පසුව ජාතික ආධුනිකත්ව මණ්ඩලය මගින් පවත්වන ඡායාරූප ශිල්පයත්, මනාලියන් හැඩ ගැන්වීමේ ඩිප්ලොමා පාඨමාලාවකුත් හැදෑරුව.ඊට පස්සේ දෙමටගොඩ සෙන්ට්‍රල් ආයතනයේ මනාලියන් හැඩ ගැන්වීමේ ශිල්පිනියක ලෙස සේවය කළා. විවාහයෙන් පසුව රාගම නගරයේ ඡයාරූප ශාලාවක් ආරම්භ කළා. නිවසේ සෙලුන් එක පවත්වාගෙන යනවා.චිත්‍රපට සඳහා දායක වන්නට අවස්ථාව උදාවුණේ කොහොමද?සරසවිය පුවත්පත නිසයි චිත්‍රපටවලට අවස්ථාව උදාවෙන්නේ.ඒ ගැන පැහැදිලි කළොත්?සරසවිය පත්තරේ දැන්වීමක් පළ වුණා, කුසුම් චන්ද්‍ර ගමගේ මහාතා අධ්‍යක්ෂණය කරණ චිත්‍රපටයකට වේශ නිරූපන ශිල්පිනියක් අවශ්‍ය බව. අන්න ඒ අනුව තමයි මට චිත්‍රපට සඳහා අවස්ථාව ලැබුණේ. පළමු චිත්‍රපටය තමයි ‘මායා රාත්‍රිය‘. ඉන් අනතුරුව ‘ආත්ම වරුසා,අපිත් සූරයෝ,ස්වර්ණපාලි හා ඒකාංගික ටෙලි මාලා සදහා සහභාගි වුණා.වේශ නිරූපනයෙන් හැඩගන්වන්නට පළමුවෙන් අවස්ථාව ලැබුණු නළුවා හෝ නිළිය කවුද?නාලක දළුවත්ත මහාතාව.වේශ නිරූපන ශිල්පය පිළිබද යම් හැදෑරීමක් කර තිබෙනවද?මායා රාත්‍රිය චිත්‍රපටයේ වැඩ ලැබෙණ අවස්ථාවේ නම් ඒ පිළිබද අවබෝධයක් තිබුණේ නැහැ. ක්ෂේත්‍රයට ආ මුල් කාලෙදිම මට අවස්තාවක් ලැබුණ ප්‍රවීන කොන්ඩා සැකසුම් ශිල්පී සෑම් පෙරේරා හා ජනාධිපති සම්මානලාභි ජේ.සුරනිමල යන මහත්වරුන් යටතේ සහය ශිල්පිනියක ලෙස සේවය කරන්නට. මේ දෙදෙනා තමයි මේ ක්ෂේත්‍රයේ මගේ ගුරුවරු.මංගලා ඔබේ වගකීම පැහැදිලි කළොත්?අධ්‍යක්ෂවරයගේ හිතේ මැවුණු චරිතයට ඔබින අයුරින් රංගන ශිල්පීන්ව සකස් කිරීම.අධ්‍යක්ෂවරු කීදෙනකු සමඟ ඔබ වැඩකර තිබෙනවද?කුසුම් චන්ද්‍ර ගමගේ, ත්‍රිශුල දීප තඹවිට, ජනක මහල්පත්, ටිකිරි රත්නායක යන මහත්වරුන් සමග වැඩ කර තිබෙනවා.පවුලෙ විස්තර?ආනන්ද සෝමසිරි මගේ මහත්තයත් ඡයාරූප ශිල්පියෙක්, දරුවන් දෙන්නයි දුව ලහිරුකා රෂ්මිණී, පුතා යසිරු සංකල්ප දෙදෙනාම තවම අධ්‍යාපන කටයුතුවල නිරතව සිටිනවා.අමතක නොවන සිදුවීමක් ගැන කියමු?ජනක මහල්පත් අධ්‍යක්ෂණය කළ 2014 අවුරුදු චාරිත්‍ර වැඩ සටහන තිබුණේ ගල්ගමුවෙ වැවක් ළඟ. මෙහි රූ ගැන්වීම් ටිකක් හැන්දෑවෙනකම් තිබුණා. ගමේ කට්ටිය ඇවිත් කිව්වා මේ වැවට තව ටිකකින් අලි එනවා, ඒනිසා හැකි ඉක්මනින් මෙතනින් යන්න කියලා. අපිත් ඉක්මන් කරලා යන්න පිටත් වුණා, වැඩි දුරක් යන්න ලැබුණේ නැහැ අපේ ඉදිරියට අලි රංචුවක් ආව. අපි ගිය වාහනේ නවත්තල දෙයියො බුදුන් සිහි කරගෙන හිටිය වෙන කරන්න දෙයක් නැති නිසා. අපේ වෙලාවට අපි හිටි තැනට මීටර් පණහකින් විතර අලි රංචුව වැව පැත්තට හැරුන. එදානම් පුදුම බයක් දැනුනේ.ඉදිරි බලාපොරොත්තු?දැනට කරගෙන යන අපේ ව්‍යාපාර කටයුතු වල නිරතවෙන අතරේ වේශ නිරූපනයට හා කොණ්ඩා මෝස්තර නිරූපනය කරමින් සිනමාවේ රැදී සිටින්නටයි.තිස්ස ධම්මිකඡායාරූපය - මාලන් කරුණාරත්න
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දැන් මැතිවරණ උණුසුමත් එක්ක හැමතැනම දේශපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය,යහපාලනය ගැන කතා වෙනවා ගැන කතා වෙනවා.එක එක කොටස් තමුන් ගේ මතවාද ඉල්ලීම් ඉදිරිපත් කරනවා.වර්තමානයේ හැමෝම තම තමන්ගේ ජන් ද මල්ල ඉදිරියේ තියමින් තම ඉල්ලීම් ලබා ගන්න ඉදිරිපත් වෙනවා.ඕන​ෑම සමාජයක් ගත්තොත් වැඩිම සුළුතරය සමරිසි පුද්ගල යින්.මෙය කොයි සමාජයටත් පොදුයි.සුළුතර අයිතිවාසිකම් ගැන ඉහළින් කතා වෙන මේ යුගයේ වැඩියෙන්ම සිටින සුළුතරය ගැන ලංකා දේශපාලන යේ කිසිදා කතා වී න​ෑමීට ප්‍රධාන හේතුව සමාජීය කාරණා නිසා බොහෝ සමරිසි පුද්ගලයින් එළිපිට සංවිධානය වීමට ඇති අක​ැම​ැත්තයි.ඒක එක අතකට සාධාරණයි.ඒත් දැන් තොරතුරු තාක්‍ෂණයේ දියුණුවත් එක්ක ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත් නොවී සංවිධානය විය හැකියි.අද සමරිසි සංස්කෘතිය ප්‍රධානවම සංවිධානය වෙලා තියෙන්නේ අන්තර්ජාලය වටා.ඒක ඇත්තටම හොඳයි.පොදු සමාජයෙන් වෙනස් වූවන්ට තමා තනි නැති බව දැනෙන්නේත් තමා වැනිම අදහස් ඇති තමන් වැනිම තව බොහෝ පිරිසක් සිටින බව දැනෙන්නේ මෙවනි අනතර්ජාල සමාජ නිසා.ශ්‍රී ලංකාවේ ජනගහණය 2012 ගණනයට අනුව 20,263,723 .විද්‍යාත්මක දත්තයන්ට අනුව ලෝකයේ ඕන​ෑම සමාජයක අවම වශයෙන් 1.5 % වත් සම්පූර්ණයෙන්ම සමරිසි පුද්ගලයන්.ඒ අනුව​ 303 955 සමරිසි පුද්ගලයින් ලංකාවේ සිටිනවා.මෙය උදාහරණයක් වශයෙන් 2010 මැතිවරණයේදී කොළඹ​ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 06ක් දිනා ගත් ජන් ද සංඛාවට සමානයි.මුළු ලංකාවම ගෙන බැලුවොත් දළ වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට අවශ්‍ය ඡන් ද 90 060.දැන්ම නොවුනත් මෙය යථාර්තයක් කරගත හැකි, කර ගත යුතු ක්‍රියාවලියක්.ඇයි කියනාවනම් දේශපාලන නියෝජනයකින් තොරව කිසිදා කිසිදු ඉල්ලීමක් දිනා ගත නොහැකි නිසා.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වයස තිස් හතළිස් ගණනක් වුව ද බොහෝ තරු රඟන්නට මනාප නව යොවුන් චරිතයි. එහෙත් අමිතාබ් නම් සියක් වසකට එහා ගිය ආයු කාලයක් රඟන්නට පැතුම් පතයි. ඔහු රඟන්න යන්නේ එකසිය එක් හැවිරිදි පුද්ගලයකුගේ චරිතයයි.ශුක්ලා නම් අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයේ ඔහුගේ පුතු ලෙස රඟන්නේ පරේශ් රාවල්ය. පරේශ් එහි හැත්තෑ හය හැවිරිදි පුද්ගලයකුගේ චරිතය නිරූපණය කරයි. මෙහි අමිතාබ්ට වේශ නිරූපණය කිරීමට බ්‍රෑඩ් පිට්ට වේශ නිරූපණය කළ බෙන්ජමින් බ්ලැන්චට් ගෙන්වීමට සිටින බවට ද කට කතාවක් පවතී.  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මීට පෙර මා සඳහන් කළ පරිදි නුවර එළිය දිස්ත්‍රික්කයෙ දුෂ්කර පාසලක් වන බිංගන්තලාව සාගලපුර පාසලට පරිගණක ලබා දිමේ වැයමේ මූලික අදියර සාර්තක කරගැනීමට 2014 ජනවාරි 6දින හැකි විය. ඉතා චාම්ව සරලව දෙමාපියන්ද සහබාගි වූ රැස්විමකදි මෙම වැඩසටහන නිළ වශයෙන් ක්‍රියාත්මක විය. මම මේ ඊළඟට කියනවචන ටික හොදින් කියවන්න. මේක ජාති බේදයක් ඇති කරන්න කියන දෙයක් නෙමෙ"සාගලපුර පාසල දෙමළ වතු වලින් වටවුන පාසලක්. ඒ පාසලේ සිට සිංහල බසින් ඉගේනීම කරන්න මේ දරුවන්ට යන්න තිබෙන අනෙක් පාසල තිබේනනෙ කිලෝ මිටර් 30කටත් දුරින්. හිතන්න අපි ඉන්න පැති වල කිලෝ මිටර් 30ක් තුළ පාසල් කොපමණ තිබෙන වාද කියල.වටේ තියෙන දමිළ මාධ්‍ය පාසල් හරහා සිංහල ප්‍රධාන භාශාක් ලෙස මේ දරුවන්ට ඉගෙන ගන්න අවස්තාවක් තිබුනනම් මීට වඩා පහසුකම් ඔවුන්ට ලැබීමට අවස්ථාව තිබෙන්න පුලුවන්." ඉතින් ඉහත කාරණාව වගේම පාසලේ ඉන්නෙ ඉතා සීමිත ගුරු පිරිසක්, ඒවගේම ඔවුන් කිසිම කෙනෙක් ගමේ අය නෙමෙ, ඉතා දුර බැහැර සිට එන්නෙ. ගොඩක් අය තමන්ගෙ සීමාවාසික කාලයෙන් පසු පාසලේ රැදෙවි කියල හිතන්න අමාරුයි.ඉතින් මේ වගේ ගුරුවරු සීමිත පාසලකට ළමුන්ට ස්වන් අධ්‍යාපනයක යෙදීමට හන්තාන ලිනක්ස් සමඟ ලැබෙන අධ්‍යාපනික මෘදුකාංග ඉතා ප්‍රයෝජනතව් වනු නොඅනුමානයි.පහල විඩියෝ අනුව ඔබට තෙරෙයි දෙවැනි වසරෙ ඉන්න මේ දුවට තමන්ගෙ පාසලට ලැබුන දේ කුමක්ද කියල කියන්න තවම තෙරුනෙ නැති වුනාට ඔවුන්ට උදැසන රැස්විමෙදි නම් අමූතු අත් දැකීමක් ලබපු බව. එවගේම මේක One man show නෙමෙ.මේ සඳහා මුදලින් දායකත්වය දුන් මිතුරන්:හර්ෂණ වීරසිංහජීවන් සූරියආරච්චිලක්ෂාන් පෙරේරා තිස්ස දොඩංගොඩබන්දුල රණතුංගඉෂාන් ලියනගේ ප්‍රසන්න සිසිකැලුම් ප්‍රවීන් ඉන්ද්‍රණාමකල්ප පැතුම්(නමක් නැතිව දායකත්වය දුන් අයෙක් සිටි)මෙම මුදල් එක් රැස්කර ගැනීමට වසරක කාලයක් ගත වූ අතර මේ වන විට පාසලට English as a life skill ව්‍යාපෘතියෙන් පරිගණකයක් සහ මල්ටිමිඩියා ප්‍රොජෙක්ටර් එකක් ලැබි ඇත. මේ නිසා පාසලට දැන් පරිගණක 3ක් සහ මල්ටිමිඩියා ප්‍රොජෙක්ටර් එකක් තිබෙනව.මෙම කාර්යය සාර්තක කරගැණීමට සහාය වූ අතුල හේරත්, සමන් හේරත් ගුරු දෙපල සහ මධ්‍යම පලාත් අධ්‍යාපන කාර්යාලයේ තොරතුරු තාක්ෂණ සහ සැලසුම් අංශ ප්‍රධාන උපාලි චන්ද්‍ර කුමාර මහතා ඇතුලු සැමටත් චලපනේ අධ්‍යාපන කලාප අධ්‍යක්ෂ ඒ.බි. ගංගොඩ මහතාටත් ස්තුතිය පුදකර සිටිමි. මෙම කර්තව්‍ය සඳහා තවමත් ඔබට දායක වීමට හැකියාවක් ඇත. ප්‍රධාන අංගය වන්නෙ පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ට අප විසින් මාසිකව සිදු කිරීමට නියමිත පුහුණු වැඩසටහන් සඳහා ඔබේ දායකත්වය ලබා දීමයි.මූලිකව ඉගැන්වීමට තිබෙන්නෙ...Open Source based Educational ToolsGIMPLibreOffice ඒ සඳහා සහාය වීමට ඇති අය සිටී නම් කරුණාකර දන්වන්න.ස්තුතියි.පාසලට යද්දි වගේම පාසලට ගියත් ඒ වටේටම පෙන්නෙ සුදන්දර පරිසරයක්. මේ කෙටි විඩියෝවෙන් ඔබට පෙනෙවි ඒ සුන්දරත්වය.. නමුත් ඔවුන්ට පරිසරය මෙන්ම වූ සුන්දර අනාගතයක් ලැබෙන වනම් කොච්චර හොද ඳ.පාසලේ කියවිමේ කාමරයට නම් මගේ හිත ගියා...ඉතින් මේ එක් පාසලක් විතරයි, තවත් මේ වගේ ගොඩක් පාසල් තියෙන අපේ රටේ.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කැනඩා පාත්තයින් වී සැදිල්ලක. වී සැදිල්ලක් යනු පාත්තයන්ගේ, තාරාවන්ගේ, සහ අනෙකුත් සංක්‍රමණික පක්ෂීන්ගේ සමමිතික වී-හැඩැති පියාසැරි සැදුමකි. හමුදාමය පියාසැරි මෙහෙයුමන්හිදීද වී සැදිලි භාවිතා කෙරෙයි. වායුගතිවිද්‍යාව[සංස්කරණය] විශේෂයෙන්ම දිගු සංක්‍රමණික ගමන් පථ ඔස්සේ, පියාසැරි පක්ෂීන්ගේ කාර්යක්ෂමතාවය හා පරාසය, වී සැදිල්ල විසින් මහත් ලෙසින් අභිවෘධි කොට දෙයි . පළමුවැන්නා හැර ඉතිරි සියල්ලන් පියාසර කරන්නේ ඉදිරියෙන් පියාසර කරන පක්ෂියාගේ පියාපත්තුඩ සුළි වෙතින් පැන නගින උඩුගැසුමෙහිය. පියාසැරියෙහිදී තම තමන්ගේ බර දරාගැනුමට එක් එක් පක්ෂියාට උඩුගැසුම වෙතින් පිටිවහල සැපයෙන්නේ, සැහැල්ලු ගුවන්යානයකට ඉහල නැගුමට හෝ උස රඳවා ගැනුමට හෝ ඉහල නගින වාතයෙහිදී සීමා විරහිතව හැකි වන පරිද්දෙන්මය. සාමාජීකයන් 25 දෙනෙකුගෙන් සැදුම් ලත් වී සැදිල්ලකදී , ප්‍රේරිත රෝධයෙහි 65% ක අඩුවීමක් සාක්ෂාත් කරගැනුමට එක් එක් පක්ෂියාට හැකි වන අතර එම නිසාවෙන් ඔවුන්ගේ පියාසැරි පරාසය 71% කින් වර්ධනය කරගැනුමට හැකියාව ලබා දෙයි.[1] සැදිල්ලෙහි තුඩෙහි සහ ඉදිරියෙහි පියාසර කරන පක්ෂීන් කාලානුරූප චක්‍රීය ආකාරයකින් මාරු කරනු ලබන්නේ පියසැරි විඩාව සියළු රංචු සාමාජීකයන් අතර සම සේ බෙදී යන පරිද්දෙන්ය. සන්නිවේදනය පහසුවෙන් පවත්වාගෙන යෑමටද එක් එකා අතර දෘශ්‍ය සම්බන්ධය තබා ගැනුමටද මෙම සැදිල්ල විසින් පක්ෂීන්ට ඉඩ සලසයි. ආශ්‍රිත[සංස්කරණය] ↑ "එෆෙක්ට්ස් ඔෆ් ලීඩර්ස් පොෂිෂන් ඇන්ඩ් ෂේප් ඔන් එයරොඩයිනමික් පර්ෆෝමන්සස් ඔෆ් වී ෆලයිට් ෆෝර්මේෂන්" පරිහරණය කල යුතු පුස්තක[සංස්කරණය] Holmes, Tony. Spitfire vs Bf 109: Battle of Britain. Oxford, UK/ New York: Osprey, 2007. ISBN 1-84603-190-7.   මෙම පක්ෂි විද්‍යාව පිළිබඳ ලිපිය අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක.   මෙම හමුදාමය ගුවන් තරණය පිළිබඳ ලිපිය අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කැස්බෑව බස් නැවතුම්පළේදී පසුගිය දිනෙක පෞද්ගලික බස් රථයකට නාඳුනන යාචක පුද්ගලයකු යටවී මියගොස් ඇති අතර එම පුද්ගලයා හඳුනා ගැනීම සඳහා මහජන සහය පතයි. මිය යනවිට දුඹුරුපාට සරමක් හා කමිසයක් හැඳ සිට තිබේ. මේ පුද්ගලයා වෙනත් ප්‍රදේශයකින් කැස්බෑවට ගෙනත් දමා ඇති බවට පොලිසිය සැක කරයි.මියගිය අයගේ මෘතශරීරය දැනට කළුබෝවිල රෝහලේ තැන්පත් කොට තිබේ. ඔහු ගැන දන්නා කෙනෙකු හෝ ඥාතියකු සිටී නම් මෘතශරීරය හඳුනා ගැනීම සඳහා ඉදිරිපත්වන ලෙස ඉල්ලා සිටී.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ක්ලින්ට් ඊස්ට්වුඩ්, Jr. උපත මැයි 31, 1930 (වයස 79) සැන්ෆ්‍රැන්සිස්කෝ, කැලිෆොර්නියා, ඇමෙරිකා එක්සත් ජනපදය. රැකියාව නළුවෙකි, අධ්‍යක්ෂකවරයෙකි, තිරරචකයෙකි ,නිෂ්පාදකවරයෙකි ක්‍රියාකාරි වර්ෂයන් 1954 – වර්තමානය දක්වා භාර්යාව(වරු) මැගී ජොන්සන් (1953–1978), ඩයනා රුඉස් (1996– වර්තමානය දක්වා) ක්ලින්ට් ඊස්ට්වුඩ් (මැයි 31, 1930 )ඇමෙරිකානු නළුවෙකි, අධ්‍යක්ෂකවරයෙකි, තිරරචකයෙකි , නිෂ්පාදකවරයෙකි . ඔහු පස් වතාවක් ඇකඩමි සම්මාන වලින් පිදුම් ලැබීමට වාසනාවන්ත විය. එමෙන්ම පස් වතාවක් ගෝල්ඩන් ග්ලොබ් සම්මානයෙන් පිදුම් ලැබීය. ක්ලින්ට් ඊස්ට්වුඩ් ප්‍රසිද්ධව ඇත්තේ එදිරි - වීර චරිත වල රඟපෑම් වලිනි. විශේෂයෙන්ම ඒ 1960,1970 සහ 1980 කාලවකවානු වලදී ය. දිගු කාලීන ටෙලිනාට්‍යක් වු ‘Rawhide” වලින් පසුව ඔහු “Man With No Name” ලෙස “Dollars” ත්‍රිත්වය සහ කැල්ලහැම් ලෙස “Dirty Harry” චිත්‍රපටි මාලාවේ රඟපෑවේය. මෙම චිත්‍රපට වලින් ඔහු පුරුෂාධිපත්‍යයේ සංකේතයක් බවට පත් විය. ඔහුගේ චිත්‍රපට අතරින් “Unforgiven” (1992) සහ “Million Dollar Baby (2004)”, චිත්‍රපට සඳහා ඔහු හොඳම චිත්‍රපටි අධ්‍යක්ෂකවරයාට හා හොඳම චිත්‍රපටයට පිරිනැමුණු ඇකඩමි සම්මාන දිනා ගත් අතර ඔහුව හොඳම නළුවාට නිර්දේශ විය. “Paint Your Wagon (1969)”, Play Misty for Me (1971), The Outlaw Josey Wales (1976), Escape from Alcatraz (1979), In the Line of Fire (1993), The Bridges of Madison County (1995), and Gran Torino (2008) යන සියලුම චිත්‍රපට ඉහළ ඇගයීමකට ලක් වුණු අතර වානිජ වශයෙන්ද ඉතා සාර්ථක විය. ඔහු අධ්‍යක්ෂණය කරන ලද නමුත් ඔහු රඟ නොපෑ චිත්‍රපටි අතර ඉතා ජනප්‍රිය වු “Mystic River (2003)” සහ “Letters from Iwo Jima (2006)” වේ. මේ අතර ඔහු පක්ෂග්‍රාහී නොවු නගරාධිපතිවරයෙක් ලෙස Carmel-by-the-Sea, California හි 1986- 1988 දක්වා කටයුතු කර ඇත. සටහන[සංස්කරණය] Clint_Eastwood
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මම නම් මේ දවස්වල හරිම සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරනවා. පසුගිය කාලයේ නුවරඑළියේ ජනාධිපති මන්දිරයේ සේවයෙන් මට පොලිස් තූර්ය වාදන කණ්ඩායමට මාරුවීමක් ලැබුණා. දැන් මම සේවය කරන්නේ කොළඹ. ඒ නිසා දැන් මට ඉස්සරට වැඩිය කලා කටයුතුවලට දායක වෙන්න පුළුවන්.පොලිස්පතිතුමා සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත්වරුන්ට මේ වෙනුවෙන් මගේ කෘතඥ පූර්වක ස්තුතිය පිරිනමනවා.  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
නඩුවකට අදාළ පෙර වැරදි වාර්තාවක් නොකැඳවන ලෙස ඉල්ලා උසාවි සැරයන්වරයාට රුපියල් තිස්පන්දහසක මුදලක් ලබා දෙන බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චෝදනාවට වරදකරු වූ විත්තිකරුවකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් රෂාන්ත ගොඩවෙල මහතා විසින් වසර 3 සිර දඬුවමක් නියම කරන ලදී.එම සිරදඬුවමට අමතරව රුපියල් පන්දහසක දඩයක් ද එම චුදිතට නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා දඩය නොගෙවන්නේ නම් ඒ වෙනුවට තවත් මාස පහක සිරදඬුවමක් ද ඔහුට නියම කළේය.මෙසේ සිරදඬුවම් හා දඩ නියම කෙරුණේ මරදානේ ලොග්ගේට් හි පදිංචි පී. ඒ. ඩී. චමින්ද චතුරංග නමැත්තකුටය.හෙරොයින් මිලිග්‍රෑම් තුන්සීයක් (300) ළඟ තබාගැනීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය මඟින් ඔහුට විරුද්ධව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.නඩු විභාගයේදී ඔහු වරද පිළිගැනීමෙන් අනතුරුව ඔහුට දඬුවම් නියම කිරීම සඳහා ඔහු පිළිබඳ පෙර වැරදි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස උසාවි සැරයන් ගමගේ මහතාට නියෝග කර තිබිණ.ඒ අතරතුර තමා පිළිබඳ පෙර වැරදි වාර්තා නොකරන ලෙස චුදිත විසින් උසාවි සැරයන්වරයා වෙත දන්වා ඒ වෙනුවෙන් රුපියල් තිස්පන්දහසක් දිය හැකි බවත් සැරයන්වරයාට දන්වා ඇත.උසාවි සැරයන් ගමගේ මහතා විසින් මේ බව අතිරේක මහේස්ත්‍රාත්වරයාට දන්වා සිටීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුට මෙසේ සිරදඬුවම් නියම කරන ලදී.පසුගිය වසරේ මැයි මාසේ තමාගේ මාමාගේ කුඩු නඩුවක් වෙනුවෙන් වෙනත් අදාළ නිලධාරියකුට රුපියල් තිස්දහසක් දී පෙර වැරදි වාර්තා නොකර ඇඟිලි සලකුණු වෙනස් කරගත් බව ද චුදිත විසින් උසාවි සැරයන්වරයාට දන්වා තිබේ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
‘මැවිලා පෙනේවි රූපේ හදේ දර්ශනේනි ශෝබා’...‘ආදරය නිසා හෘදේ බැඳෙනා අපරාදෙ ජීවිත හානී වේ’...‘කියන්න රංකඳ මොන හිතකින් ඔබ කීවාදැයි මට මේවා’...අපේ හෙළ සිනමාවේ නිළි රැජන, ගීත කෝකිලාවිය මේ ගයන්නට සැරසෙන්නේ කුමන ගීතය ද? ඇගේ ගීයක් රස විඳින්නට කැමැත්තෙන් මේ තබ්ලාව වයන්නට සැරසෙන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නොවෙයි. ඔහු තමයි ඉන්දීය සිනමාවේ මහා යුග පුරුෂයා රාජ් කපූර්. විශිෂ්ට රංගධරයකු ලෙසත්, අධ්‍යක්‍ෂවරයකු ලෙසත් අග්‍රගණ්‍ය සිනමා නිර්මාණ රැසක් ඉන්දීය සිනමාවට තිළිණ කළ මේ මහා සිනමාවේදියා රුක්මණී දේවියට ආරාධනා කරන්නේ ඇගේ මියුරු ගීයක් ගායනා කිරීමටයි. මේ ශ්‍රේෂ්ඨ ඉන්දීය සිනමාවේදියා ප්‍රිය කරන්නට ඇත්තේ අපේ ගීත කෝකිලාවියගේ කුමන ගීතයට ද කියලා නම් කියන්න අමාරුයි.මේ බත්කට ගොඩක් රස ඇති නේද? ප්‍රවීණ රංගන ශිල්පිනියක් වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂිකා ශ්‍රීයාණි අමරසේන තමයි මේ ගීතා කුමාරසිංහට බත් කටක් කවන්න හදන්නේ.චිත්‍රපටයක් රූගත කරද්දී තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. මේ එහි කෑම කන අවස්ථාවක් රූගත කළ අතරතුරේ දී ගත් එකක් වෙන්න ඇති. ගීතා ළඟම ඉන්නේ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න. ශ්‍රියාණි ළඟ වාඩි වී සිටින වික්‍රම බෝගොඩ තමයි ගොළු හදවතේ සුගත්. එදා සුගත්ගෙ ලොකු නෑනා වුණේ ශ්‍රියණි. මේ බත්කට ගැන මොනවා හරි කියන්න හදන්නේ විමලදාස පෙරේරා. එච්. ආර්. ජෝතිපාල ගයන ‘මා ඉන්නෙ අන්ධකාරෙ දැන්’, රුක්මණී හා සී. ටී. ප්‍රනාන්දු ගයන පුන්සඳ හිනැහෙන්නේ’ වැනි ගීත වගේම ‘සැණකෙළිය, සමනල කුමරියෝ ’ වැනි චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළෙත් ඔහුම තමයි. මෙහි මැදිව සිටින අනිත් පුද්ගලයා තමයි ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ. අර්නස්ට් වඩුගේ මෙරට සිනමාවේ නළු නිළියන් විශාල ප්‍රමාණයක් මධ්‍යයට හඳුන්වා දුන් අයෙක්. බිම වාඩිවී සිටින්නේ ප්‍රවීණ කැමරා ශිල්පි එම්. වී හේමපාල හෙවත් තලේ. ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍යය වූ ‘දිමුතු මුතු’ හි කැමරා ශිල්පියා ලෙස කටයුතු කරන්නත් තලේට වාසනාව ලැබුණා. තලේ අද වන විට ශෛල්‍ය කර්මයකට මුහුණ දීලා සුවය ලබමින් සිටින්නේ.යතේජා ඥානරත්න
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මීරිගම විවිධ සේවා සමුපකාර සංගමය මඟින් පාලනය වන නගර මධ්‍යයේ පිහිටි කෝප්සිටි ආයතනයේ රුපියල් දහතුන් ලක්ෂ තිස් එක් දහස් හයසිය අසූවක් (රුපියල් 13,31,680) වටිනා මුදල් හා භාණ්ඩ වංචාසහගත ලෙස එහි හිටපු කළමනාකාරවරිය පරිහරණය කර ඇති බව ආයතනයේ වාර්ෂික විගණන වාර්තාවෙන් හෙළි වී තිබේ.මේ බව අදාළ ආයතනයේ පාලන අධිකාරිය ගම්පහ මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සේනානායක මහතා හමුවෙහි පැමිණිලි කර තිබුණි.කොප් සිටි ආයතනය වාර්ෂිකව සිදුකරන තොග ගණනන් ගැනීමේදී ආයතනය සතුවී තිබිය යුතු මුදල් සහ භාණ්ඩ අඩු වී ඇති බව අනාවරණය වී තිබේ.සිද්ධිය සම්බන්ධව හිටපු කළමනාකාරවරිය පොලිස් පොලිස් භාරයට ගැනීම සඳහා ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත ඩී. කොමසාරු මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි 01 රංජිත් මාසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සේනානායක මහතා සහ අදාළ අංශයේ උප පොලිස් පරීක්ෂකවරුන් වන ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. වඩුවාවල, ඒ. පී. ජී. අමරසිංහ, පොලිස් සැරයන්වරුන් වන 26549 නන්දසිරි, චන්ද්‍රසිරි, කාන්තා පොලිස් සැරයන් 5113 කේ. ඒ. ප්‍රියංකා ප්‍රේමරත්න සහ පොලිස් කොස්තාපල් 27028 ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ආවාට සෑදීම[සංස්කරණය] මිනිසා හෝ ස්වභාවික හේතුවක් නිසා අධික ප්‍රවේගයක් ඇති වස්තුවක්, භූමියක ගැටීමෙන් ඇතිවන අවපාතය හේතුවෙන් ආවාට සෑදේ. ග්‍රහලෝක, චන්ද්‍රයන් හා සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් වස්තූන්ගේ මෙම ආවාට දැකිය හැකිය. මෙම ආවාට සෑදීම අධිප්‍රවේගය ඇති කුඩා වස්තූන් නිසා සිදු වේ. මෙම ආවාට විවිධ භ්‍රමණයන්ගෙන් හා හැඩයන්ගෙන් දැකිය හැකිය. නමුත් බොහෝ විට වෘත්තාකාර ආවාට දැකිය හැකිය. මෙම ආවාට සෑදීම් බොහෝමයක් චන්ද්‍රයා, බුධ, බ්‍රහස්පතිගේ කැලිස්ටෝ (Callisto) චන්ද්‍රයා හා ගැනීමේඩ් (Ganymede) චන්ද්‍රයාගේ ඇතුළු කුඩා චන්ද්‍රයන් හා ග්‍රාහකයන්ගේ දැකිය හැකිය. මෙයට හේතුව මෙම වස්තූන්ගේ ස්කන්ධය අඩු නිසා වායුගෝලයක් නොපිහිටීමයි. ආවාට ඇතිවීමට බලපාන හේතුව ග්‍රාහකයන් වැඩි වශයෙන් බලපාන්නේ පෘථිවිය, සිකුරු, අගහරු “යුරෝපා (Europe), ඉයෝ (Io), ටයිටන් (Titan)” චන්ද්‍රයන් වැනි විශාල වස්තූන්ටය. නමුත් මෙම වස්තූන්ට වායුගෝලයක් තිබීම හේතුවෙන් මෙම ග්‍රාහක අවශේෂ (erode) බවට පත් වේ. පොළොවට ළං වන්නා වූ ග්‍රාහක කැබලි ඇති කරන ආවාට වැලලීම හා භූ කම්පන ආදියේදී වෙනස් වීමට ලක් වේ. අතීතයේදී, එනම් වසර බිලියන 3.8 කට පෙර මෙම ග්‍රාහකයන්ගේ බලපෑම අධික විය. මේ හේතුවෙන් විෂ්කම්භය (Diameter) කි. මී. සියගණන් විශාල වූ ආවාට දැකිය හැකි විය. එතැන් පටන් ග්‍රාහක වල බලපෑම අඩුව තිබේ. එම යුගයෙන් පසු පෘථිවියට ඇති බලපෑම වසර මිලියනයකට, කි. මී. 20 ක විෂ්කම්භයක් ඇති ආවාට සෑදීමට තරම් ප්‍රබල ග්‍රාහක 1 – 3 ක පමණ විය. මෙම සාමාන්‍ය අගය සලකා බැලීමේදී පෘථිවිය මත තවමත් සොයාගැනීමට නොහැකි වූ ආවාට රාශියක් ඇති බව පැහැදිලි වේ. පෘථිවියේ සක්‍රීය තලය නිසා මෙම ආවාට ඉක්මනින් විනාශ වේ. එහෙත් දැනට ආවාට 170 ක් පමණ හඳුනාගෙන ඇත. මෙම ආවාටයන්ගේ විෂ්කම්භය කුඩා මීටර් ප්‍රමාණ වල සිට කි. මී. 300 තරම් විශාල පරාස දක්වා විහිදෙයි. මෙම ආවාට වල වයස මෑතක සිට වසර බිලියන 2 ක් දක්වා වේ. මෑතකදී හඳුනාගත් ආවාටයක් ලෙස 1947 රුසියාවේදී හමුවූ Sikhote – Alin ආවාටය නම් කළ හැකිය. නමුත් බොහෝ ආවාට වසර මිලියන 200 ට වඩා අළුත් වේ. පැරණි ආවාට විනාශ වීම ‍මීට හේතුවයි. මහද්වීප වල ස්ථායි වූ මධ්‍යයේත්, මුහුද යටත් ආවාට සොයාගෙන ඇත. මුහුදේ ආවාට මුහුදේ ගිලාබැසීම් හා භූචලන නිසා විනාශ වේ. එමෙන්ම මුහුදේ ආවාටයන් පරීක්ෂා කිරීමද ඉතා අපහසු වේ. සටහන්[සංස්කරණය] | Impact Crater |}
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මහජනතාවගේ පහසුව උදෙසා, දෙහිවල ජාතික සත්වෝද්‍යානය දිනපතා රාත්‍රි 8.30 දක්වා විවෘත කර තැබීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. සත්වෝද්‍යානයේ මින් මැදුර කටු ගෙය සහ මුහුදු සිංහයන්ගේ දර්ශන මේ අනුව රාත්‍රි 8.30 දක්වා විවෘතව තැබීමට කටයුතු කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය චන්ද්‍රවංශ පතිරාජ මහතා ‘දිනමිණ’ට පැවැසීය.වසරකට අධික කාලයක් තිස්සේ වසා දමා තිබූ සත්වෝද්‍යාන කටු ගෙය ද මේ අනුව යළි මහජන ප්‍රදර්ශනයට විවෘත කිරීමට නියමිත බව හෙතෙම ප්‍රකාශ කෙළේය. මේ හැර සත්වෝද්‍යානය නැරඹීමට එන පාසල් දරු දැරියන්ගේ ප්‍රයෝජනය උදෙසා විශේෂ අධ්‍යාපනික වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඒ මහතා කීවේය.විශ්ව විද්‍යාල උපාධිධාරීන් කණ්ඩායම් සමඟ එක්ව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.  
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අධ්‍යාපන බලධාරීන් සිටින්නේ ගුරුවරුන්ට පාසල් දීමට නොව දරුවන්ට අවශ්‍ය ගුරුවරුන් ලබා දීමට බව බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.අලුතින් බඳවා ගන්නා ගුරුවරු ස්ථාන ගත කිරීමේදී ගුරු පුරප්පාඩු පමණක් සැළකිල්ලට ගෙන ඇති බැවින් කිසිඳු හේතුවක් මත ඒවා වෙනස් නොකරන බව පවසන ප්‍රසන්න රණතුංග මහතා දේශපාලනඥයන් හෝ වෙනත් අය හරහා ස්ථාන මාරු ඉල්ලීමෙන් වළකින ලෙසද බස්නාහිර පළාතට ගුරුවරුන් ලෙස බඳවා ගැණුන උපාධිධාරී ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී.ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මේ බව අවධාරණය කෙළේ (09) ශ්‍රාවස්ති මන්දිරයේදී පැවැති අධ්‍යාපනවේදී නවක උපාධිධාරීන් 31 දෙනකුට බස්නාහිර පළාතේ නව ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයේදී ය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.“අද පාසල්වල ගුරු ගෞරවය නැතිවෙමින් යනවා. ඇතැම් ගුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් නිසා දෙමාපියන්ට හා දරුවන්ට ගුරුවරුන් පිළිබඳ විශ්වාසය නැතිවෙලා.මේකට ඇතැම් ගුරු වෘත්තීය සමිති වගකිවයුතුයි. ඒ අය බලාගෙන ඉන්නේ අලුත් ගුරුවරයෙක් පාසලට එනකං තමන්ගේ ගොඩ වැඩි කරගන්න. ගුරු වෘත්තිය සේවාවක්. මේ වෘත්තීය සමිති ගුරුවරුන්ව තමන්ගේ රූකඩ බවට පත් කරගෙන දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න හදනවා.ඒ වෙන මොකටවත් නෙමෙයි ආණ්ඩුව අපහසුතාවයකට පත් කරලා දේශපාලන වාසි ගන්න. එදාට වඩා අද සමාජය වෙනස්. නීති රීති සංශෝධනය වෙලා. අපි පාසල් යන කාලේ ගුරුවරු තමන්ගේ ගුරු ගෞරවය රැකෙන විදියට කටයුතු කළා. ඒ කාලේ මට මතකයි අපි පාසල්වල වැරදි වැඩක් කරලා අහුවුණොත් ගුරුවරු අපිට ගැහුවා. පහුවදාට ‍අම්මව පාසලට ගෙනල්ලා අම්මට මේ කතාව කියුවාම අම්මා ආපහු අපට ගැහුවා.ගුරුවරු තමන්ගේ ළමයාට ගැහුවා කියලා අපේ අම්මලා මානව හිමිකම් නඩු දැම්මේ නෑ. පොලිසි ගියේ නෑ. හැබැයි අද තත්ත්වය වෙනස්. අද සමහර මාධ්‍යවල ගුරුවරුන් කරපු වැරදි පලවෙනවා. මේ නිසා දරුවන්ට, මවුපියන්ට, ගුරුවරු ගැන විශ්වාසය නැතිවෙලා තියෙනවා. ඒ හින්දා ගුරුවරුන්ට විරුද්ධව දෙමව්පියෝ මානව හිමිකම් නඩු දානවා. පොලිසි යනවා. මේ තත්ත්වය නැති වෙන්න නම් නැති වූ ගුරු ගෞරවය නැවත ලබාගන්න විදියට අපේ ගුරුවරු කටයුතු කරන්න ඕනෑ.අද අලුතින් රාජ්‍ය සේවයට බැ‍ඳෙන බහුතරයක් හිතන්නේ තමන්ගේ සේවය ගැන නෙමෙයි. පත්වීම ගත්ත දාට පසුවදා ඉඳලම එනවා මාරු හදාගන්න. සමහරවිට පත්වීම් දීලා තියෙන පාසලටවත් යන්නේ නෑ. ඔබට ඉගැන්නුවේ වැටුප් ගෙව්වේ ජනතා මුදලින්. ගුරු වෘත්තිය පුටුවට සීමා කළ නොහැකි සේවාවක්.කවුරු මොනවා කිව්වත් මේ ආණ්ඩුව තරම් අධ්‍යාපනය සංවර්ධනය කළ වෙනත් ආණ්ඩුවක් නෑ. බස්නාහිර පළාතේ හැම අවුරුද්දකම වැඩිම මුදලක් වෙන් කෙරෙන්නේ අධ්‍යාපනයටයි. ජනාධිපතිතුමා අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. නිදහස දිනාගත් දා සිට මේ දක්වා පැවැති ආණ්ඩු ගත්තොත් අධ්‍යාපන වෙනුවෙන් ඉහළම සේවාවක් කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි.අයිතිවාසිකම් ගැන හිතනවා නම් අපිට එදා යුද්ධය ජයග්‍රහණය කරන්න බැරි වෙනවා. එදා හමුදා නිලධාරීන් අයිතිවාසිකම් ඉල්ලලා වර්ජන කළා නම් අද මේ තිබෙන සාමය ලැබේවිද? ඒ නිසා වෘත්තීය සමිති ගැටලුවලට අහුවෙන්න එපා. ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරලා විසඳාගමු. අපි ඕනෑවේලාවක සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳන්න සූදානම්.”පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් බන්ධුල දයා සෙනරත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙරට ඉතිහාසය තුළ ස්වර්ණමය සනිටුහන් කළ කීර්තිමත් ශ්‍රේෂ්ඨ රජවරයකුගේ නමක් සුළි කුණාටුවක් වෙනුවෙන් යෙදීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමස්ත ජාතියෙන්ම සමාව ඉල්ලා සිටී.එසේම මහසෙන් රජතුමාගේ කීර්ති නාමයට එසේම මහසෙන් රජතුමාගේ කීර්ති නාමයට කැළලක් හෝ යම් අගෞරවයක් වූයේ නම් ඒ සම්බන්ධයෙන් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් එස්. එම්. කාරියවසම් මහතා ඊයේ (28) එම දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී දේශීය වාරි සංස්කෘතිය උරුමය සුරැකීම පිළිබඳ ජාතික සභාව ඉදිරියේදී එසේ සමාව ගැනීම සිදුකෙරිණි. .
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා සචින් තෙන්ඩුල්කාර්ගේ අවසන් තරගය ඔහු උපන් මුම්බායිහිදී පැවැත්වීමට සුදානම් වේ.සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිල සමග පැවැත්වෙන මේ තරගය නොවැම්බර් 14 සිට 18දක්වා මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙය සචින්ගේ ටෙස්ට් දිවියෛහි 200 වැනි තරගය වේ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කොළඹ විශාඛා විදුහල සංවිධානය කළ පා ගමන විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී ස්කොෂ් ක්‍රීඩිකාවන් ගමන් කළ අයුරු..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානයේ පසුවන කැරොලින් වොස්නියැකි හා එලීනා දිමෙන්ටීවා අතර ටෝකියෝ නුවර පැවැති පෑන් පැසිෆික් කාන්තා විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තගෙයෙන් ජය අත්පත් කර ගැනීමට වොස්නියැකි සමත්වූවාය.විවෘත ඔලිම්පික් උලෙළේ රන් පදක්කම් ලාභී රුසියාවේ දිමෙන්ටීවාට එරෙහිව ලකුණු 1 – 6 ක්, 6 – 2 ක් හා 6 – 3 ක් ලෙස ජය වාර්තා කිරීමට වොස්නියැකිට හැකිවිය.මේ ජයග්‍රහණයත් සමඟම තරගවාරයේ 5 වැනි සූරතාව හිමිකර ගත් වොස්නියැකි ඊළඟ තරගාවලියේදී ද සූරතාව අත්පත් කර ගනිමින් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
හංවැල්ල – කටුනායක ප්‍රධාන මාර්ගයේ වේයන්ගොඩ පාලම රාත්‍රි කාලයට අඳුරේ පවතී. අඩි 200 ක් දිග මේ පාලමේ වීථි ලාම්පු සවි නොකර තිබීම නිසා මේ තත්ත්වය උදාවී ඇත.මෙහි පවතින අඳුර නිසා අනතුරු සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇති නිසා බලධාරීන්ගේ ඉක්මන් අවධානය මේ කෙරෙහි යොමුවිය යුතුව තිබේ.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
0iPhone වල ආරම්භයත් (2007) සමගම ගමන් මග ආරම්භ කල iOS හිවිශේෂ පහසුකම් කිහිපයක්ම හදුන්වා දෙන ලදී.0 2008 වසරේ නිකුත් කල මෙහි වැඩි දියුණු කර නිකුත් කරන ලදී. මෙහිදී App Store එක හා Third party apps iPhone එකට දා ගන්න අවස්ථාව ලබා දුන්නා. iOS SDK එක හදුන්වා දීමත් සමගමDevelopersලාට Apps Develop කරන්න අවස්ථාව ලැබුණි.0 2009 වසරේ හදුන්වා දුන් මෙහි සුවිශේෂි පහසුකම් රාශියක් එක් කරන ලදී. මෙහිදී Spotlight Search කිරීමDevelopers ලාට Apis හදුන්වා දෙන ලදී. Find My iPhone ඇප් එක හදුන්වා දීමත් සමගම iPhone එකක් නැති වු විට පහසුවෙන් සොයා ගැනිමෙ හැකියාව ලැබුණි.0 iOS ගමන් මගේ සුවිශේෂි ස්ථානයක් ලෙස 2010 හැදින්විය හැකිය. Multitasking පහසුකම හදුන්වා දීම හා FaceTime video call පහසුකම මෙහි සුවිශේෂි වේ.0 2012iPhone 4S එකත් සමගම Siri පහසුකම හා තවත් වැඩි දියුණ කල පහසුකම් රාශියකින් යුක්තව iOS 5 නිකුත් විය. iMessage, iCloud හදුන්වා දීම මෙහිදි සිදු විය.0 2011 වසරේ නිකුත් වු මෙම සංස්කරණයේදී මෙතෙක් භාවිතා කල Google Maps ඉවත් කර Apple Maps හදුන්වා දෙන ලදී. තවද පසු ගිය සංස්කරණයට වඩා පහසුකම් එක් කරමින් පාරිභෝගිකයාට උපරිම තෘප්තියක් ලබා දීමට මෙහිදි කටයුතු කර ඇත. ස්තුතියි.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සාමය සහ සංවර්ධනය සමඟ ඉදිරියට ගමන් කරන ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදානා එල්ල කරමින් සිදුකරන ක්‍රියාකාරකම් වහාම නවත්වන්නැයි බල කරමින් සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණයක් ඉතාලියේ මිලාන් නගරයේදී ද පැවැත්විණි.ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් විසින් ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කරන යෝජනාවට සහාය නොදෙන්නැයි ඉතාලි රජයට බලකිරීම මූලික අරමුණ කරගනිමින් ඉතාලියේ වෙසෙන සිංහල, දෙමල හා මුස්ලිම් ශ්‍රී ලාංකික එකමුතුව විසින් සංවිධානය කළ මේ දැවැන්ත උද්ඝෝෂණය සඳහා දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ දෙදහසකට අධික පිරිසක් සහභාගි වූහ.බස්රථවලින් සහ දුම්රියෙන් මිලාන් නගරය වෙත පැමිණි ශ්‍රී ලාංකිකයෝ මෙහිදී විවිධ සටන් පාඨ ප්‍රකාශ කරමින් දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූ අතර ශ්‍රී ලංකාවේ සහ ඉතාලි ධජ ඔසවාගෙන මිලාන් නගරයේ වීථිවල ගමන් කරමින් ඔවුහු සිය විරෝධය පළ කළහ. වීථි පුරා ගමන් කොට අවසානයේ මිලාන් නුවර පිහිටි දුම්රිය චතුරස්‍රය වෙත පැමිණි ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට කිසිඳු ලෙසකින් හෝ මැදිහත් නොවන ලෙසට ජාත්‍යන්තරයට ප්‍රකාශ කළහ.ඒ සමඟම ත්‍රස්තවාදය සඳහා දිරිදීමක් නොකරන ලෙස ඉල්ලීමක් කළ ඔවුහු ජිනීවා හි ජගත් මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එරෙහි නොවන ලෙසට ඉතාලි රජයෙන් ඉල්ලීමක්ද කර තිබේ.ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන්නැයි සහ ත්‍රස්තවාදයට රුකුල් නොදෙන්නැයි බලවත් රටවලින් ඉල්ලා සිටින වැකි ඇතුළත් පෝසටර් සහ කොඩි ඔසවාගෙන උද්ඝෝෂණයේ නිරත වූ අතර මානව හිමිකම් කවුන්සල යෝජනාවට එරෙහිව විදෙස්ගත ශ්‍රි ලංකා ප්‍රජාව මෙවන් උද්ඝෝෂණ පවත්වමින් ශ්‍රි ලංකාවේ සාමය සහ ප්‍රතිසංධාන වැඩපිලිවෙළ තහවුරු කිරීමට සහාය දක්වන ලෙස ඉල්ලා ඇත.ත්‍රස්තවාදීන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැති මානුෂීය මෙහෙයුම් අවසන් අදියරේදී සිදුවූ බව පවසන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සලය වෙත ගෙනඒමට නියමිත යෝජනාවන්ට විරෝධය පාමින් යුරෝපය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික එකමුතුව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධානයකර තිබෙන අතර ඉදිරි දින කිහිපය ඇතුළත ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි ජගත් මානව හිමිකම් කවුන්සලය ඉදිරිපිටදී ද දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.‍මෙලෙස විදේශගත ශ්‍රී ලාංකිකයෝ සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාර ඉතාලි පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේදී මෙන්ම බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය අභියසදීද පැවැත්විණි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානය‍ට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද No useful content - NahidSultan (talk) 08:15, 26 නොවැම්බර් 2014 (යූටීසී) නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න. No+useful+content+-+%5B%5BUser%3ANahidSultan%7CNahidSultan%5D%5D+%28%5B%5BUser+talk%3ANahidSultan%7Ctalk%5D%5D%29+08%3A15%2C+26+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+2014+%28%E0%B6%BA%E0%B7%96%E0%B6%A7%E0%B7%93%E0%B7%83%E0%B7%93%29NA එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ  නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම්  ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද  පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පිටුවෙහි කර්තෘ වෙත සටහන: ඔබ තවමත් ලිපි සාකච්ඡා පිටුව සංස්කරණය කර නොමැත. ඔබ මෙම ඉක්මන් මකාදැමීමට විරුද්ධ වීමට අදහස් කරයි නම්, ඉහත දැක්වෙන බොත්තම එබීමෙන් පසුව මෙම පිටුව මකා නොදැමිය යුත්තේ මක්නිසාදැයි කියා සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තැබීමෙන් අනතුරුව ප්‍රකාශ කරන්න. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ NahidSultan (දායකත්ව| ලඝු) විසින් 31 දින ගණනකට පෙර ට පෙරදීය කරුණාකර පහත සැකිල්ල කර්තෘගේ සාකච්ඡා පිටුව මත පිහිටුවීමකට භාජනය කරන්න: {{subst:db-reason-notice|Wwe players|header=1|No useful content - NahidSultan (talk) 08:15, 26 නොවැම්බර් 2014 (යූටීසී)}} ~~~~ wwe kane
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය සියවස්: 10 වන සියවස – 11 වන සියවස – 12 වන සියවස දශක: 1010ගණන්  1020ගණන්  1030ගණන්  – 1040ගණන් –  1050ගණන්  1060ගණන්  1070ගණන් වසර: 1037 1038 1039 – 1040 – 1041 1042 1043 වසර 1040 (MXL) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, අඟහරුවාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මුලතිව් මැතිවරණ කොට්ඨාසය ජූලි 1977 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ උතුරු පළාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ, මුලතිව් නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී මුලතිව් මැතිවරණ කොට්ඨාසය වෙනුවට වන්නි බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලැබුව ද බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස මුලතිව් දිගටම පවතියි. 1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය] 21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2] අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව % එක්ස්.එම්.සෙල්ලතම්බු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හිරු 10,261 52.36% පී. චන්ද්‍රසේකර් ස්වාධීන තරාදිය 7,632 38.95% ආර්. වික්කිනිරාසා ඉණිමග 977 4.99% වී. සන්දිරාසනන් සීනුව 726 3.70% වලංගු ඡන්ද සංඛ්‍යාව 19,596 100.00% ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 76 මුළු ඡන්ද සංඛ්‍යාව 19,672 ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 24,698 ඡන්දය භාවිත කල ප්‍රතිශතය 79.65% ආශ්‍රිත[සංස්කරණය] ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.  ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.  න සා සං ශ්‍රී ලංකාවේ පැරණි මැතිවරණ කොට්ඨාස නැගෙනහිර පළාත අම්පාර  · මඩකලපුව · කල්කුඩා · කල්මුනෙයි · මුත්තූර් · නින්තවූර් · පද්දිරුප්පු · පොතුවිල් · සමන්තුරෙයි · සේරුවිල · ත්‍රිකුණාමලය උතුරු පළාත චාවකච්චේරි  · යාපනය · කන්කසන්තුරෙයි · කයිට්ස් · කිලිනොච්චි · කෝපායි · මනිපෙයි · මන්නාරම · මුලතිව් · නල්ලූර් · පේදුරු තුඩුව · උඩුප්පිඩි · උඩුවිල් · වඩුක්කොඩෙයි · වවුනියාව බස්නාහිර පළාත අත්තනගල්ල  · අවිස්සාවේල්ල · මැද කොළඹ · නැගෙනහිර කොළඹ · උතුරු කොළඹ · දකුණු කොළඹ · බටහිර කොළඹ · ගම්පහ · හොරණ  · ජාඇල · කළුතර · කැලණිය · කෝට්ටේ · මීරිගම · මොරටුව · මීගමුව · පානදුර · වැල්ලවත්ත-ගල්කිස්ස · දෙහිවල-ගල්කිස්ස · දෙහිවල · රත්මලාන දකුණු පළාත අම්බලන්ගොඩ - බලපිටිය  · බද්දේගම  · උඩුගම · වැලිගම · අකුරැස්ස · මාතර · හම්බන්තොට · බෙලිඅත්ත  · හක්මන · දෙනියාය · ගාල්ල සබරගමුව පළාත බලන්ගොඩ  · නිවිතිගල  · රත්නපුරය  · කිරිඇල්ල  · දෙහිඕවිට  · රුවන්වැල්ල · දැදිගම · කෑගල්ල · මාවනැල්ල මධ්‍යම පළාත දඹුල්ල   · මාතලේ  · මිනිපේ  · වත්තේගම  · කඩුගන්නාව  · මහනුවර  · ගලහ  · ගම්පොළ  · මතුරට  · නුවරඑළිය  · තලවකැලේ  · කොටගල  · නාවලපිටිය  · මස්කෙලිය වයඹ පළාත පුත්තලම   · නිකවැරටිය  · දොඩන්ගස්ලන්ද  · කුරුණෑගල  · දඹදෙණිය  · වාරියපොල  · දඞගමුව  · බිංගිරිය  · හලාවත  · නාත්තන්ඩිය උතුරු මැද පළාත මැදවච්චිය  · අනුරාධපුරය  · කලාවැව  · හොරාව්පතාන  · පොළොන්නරුව ඌව පළාත අලුත්නුවර   · බදුල්ල  · බණ්ඩාරවෙල  · වැලිමඩ  · හපුතලේ  · බුත්තල ඛණ්ඩාංක: 9°15′0″N 80°49′0″E / 9.25°N 80.816667°E / 9.25; 80.816667
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් දරු දැරියන් වෙනුවෙන් සහතිකයක් නිකුත් කිරීමට රජය තීරණය කරයි.මේ දක්වා සිදු වූයේ එම විභාගයේ කඩඉම් ලකුණු ප්‍රමාණය ප්‍රකාශයට පත් කිරීම වන අතර එම ලකුණු ප්‍රමාණය ලබා නොගත් දරුවෙකු විභාගයෙන් අසමත් ලෙස සැළකීමට පුරුදුව සිටි හෙයින් දරුවාට බරපතළ හානියක් සිදු වන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.පසුගිය 2010 හා 2011 වසරවල පැවැති ශිෂ්‍යත්ව විභාගවලින් සමත් දරු දැරියන් පිරිසකට සහතික පත් ලබා දීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ දී පැවැති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.ඉතිහාසයේ පළමු වරට පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් දරු දැරියන් සඳහා සහතිකපත් ප්‍රදානය කෙරුණු අතර ඒ අනුව එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 35 බැගින් ප්‍රශ්න පත්‍ර දෙකට ලකුණු 70 ක් හෝ ඊට වඩා ලබාගත් දරුවන් වෙනුවෙන් මේ සහතික පත් ප්‍රදානය සිදු කෙරිණි.මෙහිදී අදාළ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව ලබා ගත් ලකුණු ප්‍රමාණය නිශ්චිතව දක්වා විභාග දෙපාර්තමේන්තුව මඟින් සහතිකයක් නිකුත් කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන අතර එය ජාතික අධ්‍යාපන කොමිෂමේ නිර්දේශයන්ට යටත් වේ.කුඩා දරුවන් තුළ මානසික පීඩනයක් ඇති කිරීම ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන ගමනට බාධාවක් බව පෙන්වා දෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒ නිසාම විභාග සමතුන් සඳහා සහතිකයක් ලබා දීම ඉතාම වැදගත් බවද කීවේය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
බොලිවුඩයේ සුපිරි තරුව ෂාරුක් ඛාන් හෙවත් කිං ඛාන් බොලිවුඩයට පමණක් නොව ලොව පුරා ආකර්ශනය දිනා ගත් තරුවක්. කෙතරම් අලුත් නළුවන් පැමිණියද 48 වැනි වියේ පසුවන ඔහුහට තවමත් අංක එක හිමි වී ඇත. එපමණක් නොව කිං ඛාන් ඉන්දීය ධනවතුන්ගේ ලැයිස්තුවට ඇතුළත් වූ පළමු නළුවාද වේ.මේ දිනවල කිං ඛාන් ගැන කතාබහට ලක් වෙන මාතෘකාව වී ඇත්තේ ඔහුගේ අලුත්ම චිත්‍රපටය යි. ඒ ඔහු රංගන දායකත්වය ලබා දෙන Happy New Year චිත්‍රපටය යි. එය හෙට (24) සිට තිරගත වීම ආරම්භ කෙරෙන අතර එහි ෂාරුක් සමගින් දීපිකා පදුකෝන්, අභිෂේක් බච්චන්, බෝමන් ඉරානි, විවාර් ඛාන්, සෝනු සෝද් සහ ජැකි ෂරොෆ් රංගන දායකත්වය ලබා දෙති. යෂ් රාජ් ෆිල්ම්ස් ඉදිරිපත් කරන Happy New Year අධ්‍යක්ෂණය ෆාරා ඛාන් සහ නිෂ්පාදනය ගෞරි ඛාන් විසිනි. අමෙරිකානු ඩොලර් මිලියන 24ක පිරිවැයක් දරා නිපැයූ මෙම චිත්‍රපටය හින්දි, දෙමළ සහ තෙළිඟු බසින් තිරගත වීමට නියමිතව ඇත. ක්‍රියාදාම මෙන්ම හාස්‍යයද රැගෙන එන මෙම නවතම චිත්‍රපටයේ කිං ඛාන් ස්වරූප පහකින් චරිත මවන්නේය. ඒ අතරේ රන් පැහැ ගැන්වූ හිස කෙස් විලාසිතාව සහ නිල් පැහැ ඇස් ඔහුගේ ස්වරූපය වෙනස්ම ආකාරයේ එකක් බවට පත් කර තිබේ.Happy New Year චිත්‍රපටය ෆාරා ඛාන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරේ ෂාරුක් දායක වන තෙවැන්නයි. ඔහු මීට පෙර ෆාරා ඛාන්ගේ Main Hoon Na, Om Shanthi Om චිත්‍රපට දෙකට රංගන දායකත්වය ලබා දුන් අතර දීපිකා සමගින් රංගනයේ යෙදෙන තෙවැනි අවස්ථාවද වේ. ඒ අතරේ වූ Chennai Express පසුගිය වසරේ අති සාර්ථක අයුරින් ලොව පුරා තිරගත විණි. පසුගිය කාලයම ෂාරුක්, දීපිකා ඇතුළු Happy New Year කණ්ඩායම වෙහෙසුනේ මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙනි. ඉන්දියාවේ ප්‍රකට රූපවාහිනි වාඩසටහනක් වන Comedy Night With Kapil වැඩසටහනෙහි පසුගිය සති අන්තය වෙන් වූයේ Happy New Year චිත්‍රපටය වෙනුවෙනි. එදින ෂාරුක්, දීපිකා, අභිෂේක් ඇතුළු පිරිස ඒ සඳහා සහභාගි වූහ. එය දීපාවලි උත්සවය වෙනුවෙන් වූ විශේෂ වැඩසටහනක් ලෙසින් ඉදිරිපත් කෙරිණි.පසුගියදා Happy New Year චිත්‍රපටය වෙනුවෙන් වූ තවත් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් පිරිසක් කිං ඛාන්හට අපූරු පාඩමක් ඉගැන්වූහ. එදින මාධ්‍ය හමුව පවත්වන්නට නියමිතව තිබූ වේලාව පස්වරු 4.30 වුවත් ෂාරුක් එම ස්ථානයට පැමිණ ඇත්තේ රාත්‍රි 8.00ට පමණය. ඒ වන තෙක් රැඳී සිටි මාධ්‍යවේදින් ෂාරුක් පැමිණි පසු පිටව ගොස් ඇත්තේ මෙය මෙසේ සිදු වූ ප්‍රථම අවස්ථාවද නොවන බව පෙන්වාදී ඔහුට බැණ වැදීමෙන්ද පසුවයි.කිං ඛාන්ගේ රංගනය ඇතුළත් තවත් චිත්‍රපටයක් මේ වසරේ තිරගත වීමට නියමිතව තිබුණද Happy NewYear චිත්‍රපටය හේතුවෙන් එය ලබන වසර දක්වා කල් දමා ඇත. ඒ අනුව මනේෂ් ෂර්මා අධ්‍යක්ෂණය කළ ආදිත්‍ය චොප්රා නිෂ්පාදනය කළ Fan චිත්‍රපටය ලබන වසරේදී ඔබට නැරඹීමේ අවස්ථාව උදාවනු ඇත.යතේජා
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මම අද මේ කොටසින් කිය දෙන්න යන්නේ කොහොමද අපේ PHP ගෙදර තියෙන දේවල් හොයන්නේ කොහොමද් කියලා.අපි කලින් පොස්ට් එකේ කතා කලා මතක ඇති කොහොමද අපි PHP පාවිච්චි කරලා අපේ Database එකට දා ගන්නේ කියලා . අද බලමු ඒ අපි දා ගත්තු Data කොහොමද අපි View කර ගන්නේ කියලා .සැ:යු :- මම අද එදා කියලා දීපු පොඩි පොඩි දේවල් කියා දෙන්නේ නෑ ඒවා ඔයාලට මතක තියෙන්න ඔනේ ඒ දේවල් මතක කරන්නම්අපි දැන් වැඩේට බහිමුPhpStormඅරගෙන අපි කලින් හදපු Project එකම භාවිතා කරමු ඒProjectඑකේම අලුත් PHP File එකක් හදා ගමු මම ඒකට නම දෙනවාdb_date_view කියලා අවුලක් නෑනේ :Dඒවගෙම් තව File එකක් හදා ගන්න db_view කියලා .හරි දැන් File දෙකම හදා ගෙන ඉවරයිමුලින්මdb_date_viewකියන File එක Open කර ගන්න .මම හිතනවා ඔයාලා ට දැන් HTML පිලිබදව යම් කිසි දැනුමක් ඇති කියලා .php">View My Data </a>දැන් පොඩ්ඩක් ඔයාලගෙ Page එක Run කරලා බලන්න නිකන් කැතයි කැතයි වගේ නේ අපි මේක ටිකක් ලස්සන කර ගමුතාප්පයක් බැදලා පාට ගා ගමු . මෙන්න මේ CSS එක දා ගන්න ඔයාලා කැමති විදිහට මේක වෙනස් කර ගන්න පුලුවන්<style type="text/css"> .php">View My Data </a></div>මතක තියා ගන්න CSS එක දා ගන්නේ <head> Tag එක ඇතුලේ හොදේ. ' : ' . mysql_error());}########### End Database Connection ###################################මේDatabaseConnectionඑක හැම වෙලාවෙම හදන එක අමාරුයිනේ එක නිසා තව ලෙසි ක්‍රමයක් තියෙනවා කත් කියලා දෙන්නම් ඊ ලග දවසේ හොදේ .දැන් තියෙන්නේ MysqlQueryපාවිචි කරලා අපේ දත්ත View කර ගමු .SELECT * FROM user_data**මෙතන user_data කියලා පාවිචි කරලා තියෙන්නේ අපේ Database Table එකේ නම **$my_data = mysql_query("SELECT * FROM user_data");දැන් අපේ දත්ත ටික අපි හදා ගත්තු $my_data කියනvariable එකට ඇවිත් තියෙන්නේ එහෙනම් අපේ වැඩේ ඉවරයි නෙද එහෙනම් echo කරලා බලන්න .අයියෝ අපේ දත්ත ටික වෙනුවට error එකක් ඇවිත් නේද .අපිට අපේ දත්ත ටික Print කරගන්න ඔනේ නම්return වෙන value, array එකකට දාගන්න ඕනි.හොදයි දැන් මෙන්න මෙහෙම කරමු$row = mysql_fetch_array($My_data);**මම මෙතන $row කියලා හදා ගෙන් තියෙන Variable එක ඔයාලට කැමති නම්ක් දා ගන්න පුලුවන් හොදේ**හරි දැන් echo කරලා බලන්න එත් error එක එනවා නෙද . Array කියලා මේකා error එකක් නෙමෙ කියල කියන්න් පුලුවන් මොකද Array එකක් කියන්නේ හරියට ලාච්චුවක් වගේ අපේ ලාච්චුවේ ගොඩක් අයිතමයන් තියෙනවානේ ඒවා අතරින් අපිට එක එක වෙලාවට ඕනේ අයිතමයන් විතරනේ ගන්නේ අන්න ඒ වගේ.Array එකෙන් අපිට ඔනේ ටික විතරක් ගන්න ඔනේ තේරුනාද . දැන් සතුටුයි නේද . මේක ටිකක් ලස්සන කර ගමු නෙද .මුලදි මුලදි නිකන් එපා වෙන ගතියක් එනවා ඒක හරි යනවා ටිකක් පුහුණු වීම් කරන්න සම්පුර්න Code එක මෙන්න බා ගන්නවැරදි එහෙම් තියෙනවා නම් කියන්න හොදේමොනවා ම හරි දෙයක් ඉගෙන ගත්තානම් ඔයාගෙ අදහස කොමෙට් එකක් විදිහට දාලා යන්න.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
....විනාඩි කිහිපයක් හර්ෂණගේ ග්‍රහණයේ සිටිදිල්මි, අනතුරුව සෙමෙන් ඔහුගෙන් මිදුනේ"අම්මලා දකීවීයි..." කියමිනි.අනතුරුව දෙදෙනාම අතිනත පටලවා ගනිමින්කිරි වෙහෙර වටා ඇවිද ගියෝය. කිරි වෙහෙර මළුවේ දොලොස් මසක් පුරාවට නොනිවී දැල්වෙනදොලොස් මහේ පහනට දෙදෙනාම එකතුව තෙල් වත්කලේ අද මේ ඇතිවූ බැඳීම ජිවිත කාලය පුරාවටමවෙනස් නොවේවායි පැතුමෙනි. හර්ෂණ මේ සියළු දෑ කලේ ඇය කෙරෙහි උපන් සැබෑ ආදරයෙනි. ඇයටබොරුවක් කිරීමේ හෝ ඇයව රැවටීමේ ආශාවක්ඔහුට නැත. හර්ෂණ ඇයව තෝරා ගත්තේ ජීවිත කාලය පුරාවටම ළඟ තබා ගන්නටය.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
3 වන ආවර්තයේ මූලද්‍රව්‍යයක් යනු, රසායනික මූලද්‍රව්‍යයන්ගේ ආවර්තිතා වගුවෙහි තුන්වන පේළියෙහි (හෝ ආවර්තයෙහි) පිහිටන රසායනික මූලද්‍රව්‍යයන් අතුරින් එකකි. ආවර්තිතා වගුව සකස් කර ඇත්තේ පේළි ලෙසින් වන අතර, එසේ කර ඇත්තේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය වැඩිවත්ම, ඒවායේ රසායනික චර්යාවේ පුනරාවර්ත (ආවර්තිත) උපනතීන් සන්නිදර්ශනය කර දැක්වීමටය: රසායනික චර්යාවන් පුනරාවර්තනය වීම ඇරඹෙත්ම නව පේළියක් ඇරඹෙන අතර, එයින් ගම්‍ය වන්නේ, සමතුල්‍ය චර්යාවන් සහිත මූලද්‍රව්‍යයන් එකම සිරස් තීරුවක තැබෙන බවයි. තුන්වන ආවර්තය සමන්විත වන්නේ මූලද්‍රව්‍යය අටකිනි:සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, පොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරීන් සහ, ආගන්. මෙයින් පළමු දෙක, සෝඩියම් සහ මැග්නීසියම්, ආවර්තිතා වගුවෙහි s-ගණයෙහි සාමාජිකයන් වන අතර, අනෙක්වා p-ගණයෙහි සාමාජිකයෝ වෙති. 3d කාක්ෂිකයක් පවතින නමුත් 4 වන ආවර්තය වන තුරු එය පුරවනු නොලබන බවද, එය නිසා ආවර්තිතා වගුවට එහි නෛසර්ගික "වරකට පේළි දෙකක්" හැඩය ලැබෙන බවද, සටහන් කර ගත යුතු වෙයි. 3 වන ආවර්තයේ සියළුම මූලද්‍රව්‍යයන් ස්වභාවයේ පවතින අතර අවම වශයෙන් එක් ස්ථායි සමස්ථානිකයක් හෝ සහිත වෙයි.[1] පටුන 1 ආවර්තිත උපනතීන් 1.1 පරමාණුක අරය 1.2 විද්‍යුත් සෘණතාව 1.3 අයනීකරණ ශක්තිය 2 මූලද්‍රව්‍යයන් 2.1 සෝඩියම් 3 ආශ්‍රිත ආවර්තිත උපනතීන්[සංස්කරණය] සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් පොස්ෆරස් සල්ෆර් ක්ලෝරීන් ආගන් පරමාණුක අරය[සංස්කරණය] ගණනය කෙරුණු 3 වන ආවර්තයේ පරමාණුක අරයන් පිකෝමීටර වලින්. ප්‍රධාන ලිපිය: පරමාණුක අරය 3 වන ආවර්තයේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය ඉහළ යත්ම, පරමාණුක අරය අඩු වෙයි. විද්‍යුත් සෘණතාව[සංස්කරණය] ප්‍රධාන ලිපිය: විද්‍යුත් සෘණතාව 3 වන ආවර්තයේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ස්කන්ධය ඉහළ යත්ම, විද්‍යුත් සෘණතාව වැඩි වෙයි. අයනීකරණ ශක්තිය[සංස්කරණය] ප්‍රධාන ලිපිය: අයනීකරණ ශක්තිය 3 වන ආවර්තයේ මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක ක්‍රමාංකය ඉහළ යත්ම, එහි ඉලෙක්ට්‍රෝන ඉවත්කිරීමට අවශ්‍ය වන ශක්තිය (අයනීකරණ ශක්තිය) ඉහළ යයි. මූලද්‍රව්‍යයන්[සංස්කරණය] රසායනික මූලද්‍රව්‍යය රසායනික ශ්‍රේණිය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 11 Na සෝඩියම් ක්ෂාර ලෝහය [Ne] 3s1 12 Mg මැග්නීසියම් ක්ෂාරීය පාංශු ලෝහය [Ne] 3s2 13 Al ඇලුමීනියම් පශ්චාත්-අන්තරික ලෝහය [Ne] 3s2 3p1 14 Si සිලිකන් ලෝහාලෝහය [Ne] 3s2 3p2 15 P පොස්ෆරස් බහුපරමාණුක අලෝහය [Ne] 3s2 3p3 16 S සල්ෆර් බහුපරමාණුක අලෝහය [Ne] 3s2 3p4 17 Cl ක්ලෝරීන් ද්විපරමාණුක අලෝහය [Ne] 3s2 3p5 18 Ar ආගන් උච්ච වායුව [Ne] 3s2 3p6 සෝඩියම්[සංස්කරණය] ප්‍රධාන ලිපිය: සෝඩියම් සෝඩියම් (සංකේතය Na) යනු, මෘදු, රිදීවන්-සුදු, අතිශයින් ප්‍රතික්‍රියක ලෝහයක් වන අතර එය ක්ෂාර ලෝහයන්ගේ සාමාජිකයෙකි; එහි එකම ස්ථායි සමස්ථානිකය වන්නේ 23Na වෙයි. ෆෙල්ඩ්ස්ෆාර් වර්ග, සෝඩාලයිට් සහ ආකර ලුණු වැනි බොහෝ ඛනිජයන්හී පවතින එය, අතිබහුල මූලද්‍රව්‍යයකි. සෝඩියම්හී බොහෝ ලවණ ජලයෙහි බෙහෙවින් ද්‍රාව්‍ය වන අතර එබැවින් පෘථිවියෙහි ජල ස්කන්ධයන්හී සැලකිය යුතු ප්‍රමාණයන්ගෙන් පවතින අතර, අතිශයින් අතිබහුල ලෙසින් සෝඩියම් ක්ලෝරයිඩ් ලෙසින් සාගරයන්හී පවතියි. සබන්තැනීම සඳහා භාවිතා කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් (ලයිය) සහ, අයිස් ඉවත් කිරීමේ කාරකයක් සහ පෝෂකයක් ලෙසින් භාවිතා කරන සෝඩියම් ක්ලෝරයිඩ් වැනි බොහෝ සෝඩියම් සංයෝග ප්‍රයෝජනවත් බවක් දක්වති. නිදහස් ලෝහය, මූලද්‍රව්‍යමය සෝඩියම්, ස්වභාවයේ නොපවතින අතර, සෝඩියම් සංයෝග වෙතින් පිළියෙල කර ගත යුතුය. වසර 1807දී හම්ප්‍රි ඩේවි විසින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් විද්‍යුත් විච්ඡේදනය තුලින් මූලද්‍රව්‍යමය සෝඩියම් මුලින්ම විසංගත කරන ලදි. එම අයනයම සෝඩියම් නයිට්‍රේට් වැනි බොහෝ ඛනිජයන්හී සංඝටකයක් වෙයි. ආශ්‍රිත[සංස්කරණය] ↑ පීරියඩ් 3 එලිමන්ට් Scienceaid.co.uk වෙතින්
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
හැටහය වන නිදහස් උළෙලට සමගාමීව ජනාධිපති පොදු සමාව යටතේ ඊයේ (04) සිරකරුවෝ 1623ක් නිදහස ලැබූහ.මේ පිරිසට කාන්තා සිරකාරියන් 53 දෙනෙක් ද ඇතුළත්ව සිටින බව බන්ධනාගාර කොමසාරිස් මේජර් ජනරාල් වී. ආර්. සිල්වා මහතා “දිනමිණට” ට කීය.සුළු වැරැදිවලට හසුවී දඩමුදල් ගෙවාගත නොහැකි වූ දිවයින පුරා බන්ධනාගාරගතව සිට සිරකරුවෝ ඊයේ (04) මෙසේ නිදහස ලැබූහ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
හංවැල්ල – කිරිදිවැල මහා මාර්ගයේ පූගොඩ කළු පාලම අසලදී පෙරේදා (04) රාත්‍රී 10.00 ට පමණ ගල් රෝලක් පටවා ගෙන ආ කන්ටේනර් රථයක් ඉදිරියේ නවතා තිබූ කැබ් රථයක ගැටී එම කන්ටේනර් රථයක් සමඟ කැබ් රථය ඇළට පෙරැළීමෙන් කැබ් රථයේ ගමන් කළ තිදෙනාම මරුමුවට පත්වූහ.මෙසේ මිය ගියේ හෝමාගම, හබරකඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන කේ. පී. සෙනෙවිරත්න (45), එන්. පී. ලක්ෂ්මන් ප්‍රේමතිලක (30) හා ඒ. විජේරත්න (26) නමැති තිදෙනා බවට හඳුනා ගෙන තිබේ.අනතුර සිදු වීමෙන් පසුව එම කන්ටේනර් රථයේ රියැදුරු හා රිය සහායක පළා ගොස් පසුව මීගමුව පොලිසියට භාර වී ඇත. ඇළට පෙරලුන කන්ටේනර් රථය හා කැබ් රථය එම මළ සිරුරුත් සමඟ ඊයේ (05 වැනිදා) උදෑසන පූගොඩ පොලිසිය විසින් ගොඩට ගන්නා ලදී. මළ සිරුරු එළියට ගනු ලැබුවේ කැබ් රථයේ තහඩු කපාය.පෙරේදා (04 වැනිදා) රාත්‍රී 9.30 ට පමණ ව්‍යාපාරිකයා සේවකයන් දෙදෙනකු සමග කැබ් රථයෙන් වරකාපොළට ටයර් තොගයක් පටවා ගෙන ගොස් තිබේ. එම කලු පාලම අසලදී ඉදිරියෙන් ආ වාහනයකට ඉඩ දෙමින් රථය නවතා ඉඩ දී ඇත.ඒ අවස්ථාවේ කැබ් රථයට පිටුපසින් ආ එම කන්ටේනර් රථය කැබ් රථයේ ගැටී එම වාහන දෙකම ඇළට පෙරලීමෙන් මේ මාරක රිය අනතුර සිදුවී තිබේ. කන්ටේනර් රථය මීගමුව බලා ධාවනය වූවකි. පූගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග බණ්ඩාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඩබ්ලිව්. ඒ. එම්. එස්. වන්නිආරච්චි හා රථවාහන අංශයේ ස්ථානාධිපති ධර්මරත්න යන නිලධාරීන් මේ මාරක රිය අනතුර ගැන වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අද රටේ දකින දේ ගැන එතරම් පැහැදිමක්නැතිකම නිසාමදෝ මට ලියන්නත් හිතක් නැති තරම්ය.මොනවද මේ වෙන්නේ. එය ඔබටත් මටත්මායාවකි. දකින ඇත්තට වඩා නොපෙනෙන යථාර්තයක් අප ජිවිත තුලම ඇති බව මට හැඟෙයි. ඒයථාර්තය නම්, මේ ලෝකයේ ජිවත් වෙන සෑම සත්වයෙකුම සතුටින් තබන ඇත්තකි. එහෙත්අවාසනාවකට එය සිහිනයක් පමණි. ඒ මන්දයත් අප තුල පවත්නා ආත්මාර්ථකාමි ස්වභාවයහේතුවෙනි. වර්ථමාන මිනිසා නොමැරෙන ජිවතයක් උදෙසා සටන් කරති. ඒ තුල බොහෝ දේ රැස්කරමින් නිමා නොවන ආශාවන් පසු පසද ලුහුබදිති. මට කීමට අවශ්‍ය දේ හරිහැටි අමුණා ගන්නමා මහත් වෙහෙසක් දරමි. එහෙත් එතනට ඒමට හරිහැටි මාගේ සිතුවිලි අකුරු බවට පත්නොවෙයි. එළිය දුටු මොහොතේ සිට හිරු අවර වන තෙක්ම මුදල් හම්බ කිරීමට පමණක් මුල් තැනදෙමින් ගෙවන දෙබැඩි ජිවිත, නිසියාකාර ව යහපත් මාර්ගයකට ගැනිමට හැකි නම් මා කියන්නඅදහස් කරන කාරණාව ඒ මාර්ගයේ යන ඔබට දැක ගැනිමට හැකි වෙයි.අපි මැරෙන දවස අපි නොදන්නෙමු. ඒ නිසා ජිවත් වෙන ටික කාලය තුල මිනිසුන්ටතම ජිවිතය තෘප්තිමත් කර ගැනිමට ක්‍රමයක් අවස්ථාවක් මං කියන්නද. මා පෙන්වා දෙන තැනටගොස් ඔබට ඒ මොහොත සන්සුන්ව විඳ ගන්න පුළුවන් නම්, ඔබට යම් කිසි දිනයක සැනසුම්සුසුමක් හෙලන්නට පුළුවනි.එපමණක් නොව ඔබේ දවස යහපත් ලෙස නිමා කිරිමට ඔබටත් සිතෙයි. දවසහොඳින් නිමා කිරීමට හැකි මනසකට උරුමකම් කියන අඩම්බරකාර සත්වයෙක් විදියට අපි අපේයුතුකම හරිහැටි කරනවාද. කොහොම ද මේ දවස හොඳ කර ගන්නේ. අනුන් ගේ දෙයක් කඩා වඩාගෙනද.,තව කෙනෙකුගේහිතක් රිදවලාද.,කෙනෙකුට අපහාස කරලද.කෙනෙකුගේ ජිවිතයක් අහිමි කරලද.කුමන හෝ අරමුණක්උදෙසා තව කෙනෙකුගේ ජිවිතයකට හානි කරමින් ලබා ගන්නා දේ කුමක්ද . එයින් ලැබෙන්නේ පසුතැවිම සහ දුක වේදනාව විතරමයි. එහෙත් කෙනෙකු ගේහිතක් සුවපත් කර ලබා ගන්නා තෘප්තිය මිල කළ නොහැකි ප්‍රිතිමත් දෙයක් බවට පත්වෙනවා නොවනුමානයි.මේ ළමා නිවාසයට මා පළමුව පා තබන්නටපෙර තවත් ළමා නිවාස කිහිපයකටම යන ලදි. එහෙත් ඒ ගිය සෑම තැනකදීම නොදැණුන කුමක් හෝ වෙනසක්මට මෙතනදී දැණුනාය. වචන වලින් විස්තර කිරීමට නොහැකි එහෙත් වෙනස්ම තෘප්තිමත්හැඟිමක් දැණුන බව නම් මම දනිමි.මෙම නිවාසයට ඇතුළු වන ප්‍රධාන දොරටුවේලියා තිබු දේ වෙත මාගේ දෙනෙත් පළමුව නතර විය.“ඡායා රූප ගැනිම තහනම්ය”.ඒ ඇයිද මන්දා සිතින් සිතාගෙනම මා දොරටුවෙන් ඇතුළු වන ලදි. සිත ප්‍රේහේළිකාවටලක් වු ඒ ප්‍රශ්ණය එහි සේවය කරන මහත්මියෙක්ගෙන් දැන ගැනිමට මට හැකි විය. එතුමියකියු දෙයින් මා පුදුමයට පත් විය. මිනිසුන්ට මේ තරම් පහත් තත්වයකට පත් විය හැකිද.මා මගෙන්ම ප්‍රශ්ණ කරන ලදී. ඔබටත් දැන ගැනිමට මා එය ලියන්නෙමි.මෙම ළමා නිවාසයට එන යන ඇතැම් පුද්ගලයින් මේ අහිංසක දරුවන් ගේ ඡායා රූප අරගෙන ගොස්සමාජයට පෙන්වා මුදල් හම්බ කිරීමේ කූට ව්‍යාපාරක් කර ගෙන ගොස් ඇති බවත්, පසුව එය පොලිසියට හසු විමත් සමඟ මෙහි ඡායා රූප ගැනිම නම්තහනම් කර බව එතුමිය මට පවසන ලදි. තවත් කෙනෙකු ගේ උදව්වක් නොමැතිව තමන්ට තමන් ගැනබලා ගන්න පුළුවන් කම තිබියදී මොකුත්ම කර කියා ගන්න බැරි මෙවැනි අහිංසක ජිවිතපෙන්වා මුදල් හම්බ කරන්න මනුෂ්‍යයෙක් හිත කොහොම හදා ගන්නවද. ඔවුන්ටයි අපව අවශ්‍ය. පුංචිකාලයේ අපි කියවපු කතන්දර පොත් වල සිටි රාක්ෂයින් මෙවැනි පුද්ගලියින් කියා මටහිතෙයි. පිහිටක් අවශ්‍ය මේ අහිංසක ජිවිත වලට පිහිටක් වෙනවා වෙනුවට ඒ ජිවිත වල අසරණකම පෙන්වමින් අතපය හතර හයිය තියෙන මනුෂ්‍යයන් විදියට එයින් උපයා ගන්නා මුදලකින්බත් කටක් කටට දා ගත්තේ කොහොමද මන්දා.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කුමාරි අත්තනායක කලකට පසු හමුවීඅත්තනායක පරම්පරාව කලාවට ඇති හිතෛෂිවන්ත භාවය ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. මේ සටහන ලියැවෙන ඇය ද අත්තනායක පරම්පරාවේම පුරුකක් . නමින් කුමාරිඅත්තනායක වන ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී මැණිකේ අත්තනායකගේ නැගණියයි.කොහොමද ඔබේ කලා ජීවිතය ඇරැඹෙන්නේ?මං කලාවට සම්බන්ධ වුණේ 1980 අවුරුද්දේ. ඒ ‘මිණි සළඹ’ වේදිකා නාට්‍යයෙන්. එහි චරිත දෙකක් මං රැඟුවා. ඊට සම්මානයකුත් හම්බ වුණා.ඔය අතරතුරදි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ව මුණ ගැසුණා. ඔහුගේ හමුව මගේ කලා ජීවිතය වෙනස් කළා කිව්වොත් නිවැරදියි. එතුමාණන්ගේ සුප්‍රකට නාටකයක් වන ‘මනමේ’ හි මනමේ කුමරියගේ චරිතය මට ලැබුණා. මාව ඒ චරිතයට තෝරගත්තා කියලා දැනුම් දීපු වෙලාවේ මට හුස්ම ගන්නවත් මතක් වුණේ නැහැ.’මනමේ’ නාටකය කැසට් පටයක් ලෙස සකස් කළා. එහි ගීත ගැයුවා. ඔන්න ඔහොම ඉන්න කොට ‘කාල ගෝල’ සහ ‘සිංහබාහ’ු නාට්‍යයන්ට සම්බන්ධ වීමට තරම් මා වාසනාවන්ත වුණා.හිමි ඔබ දැකුමෙන් නැති සිත මාගේ...හිරු නැති ලොව පියුමක් සේ...එහි මට රඟන්නට හිමි වූ සුප්පා දේවිය ගැයූ ගී පදයක් ඒ. 1982 දී පමණ ඊට සම්බන්ධ වුණත් අදටත් මට ඒවා කට පාඩම්.සරච්චන්ද්‍ර මැතිතුමාගේම ‘මහාසාර, ලෝම හංස, කදා වළලු’ සහ ලලිතා සරච්චන්ද්‍ර මැතිනියගේ ‘හස්තිකාන්ත මන්තරේ’ හි ද චරිත රඟන්නට මට ආරාධනා ලැබුණා.මෙහිදී තව නාට්‍යයක් මතක් කරන්න ඕනේ. ඒ අරිසෙන් අහුබුදු සූරීන්ගේ ‘සක්විති රාවණා’ එහි සීතා දේවියගේ චරිතය මං අවුරුදු පහක් රඟපෑවා.කුමාරි, වේදිකාව පමණක්ද නියෝජනය කළේ. ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවලට දායක වුණේ නැද්ද?ඇත්තටම මං ගොඩක් හිටියේ වේදිකා නිර්මාණවල තමයි. අනෙකුත් නිර්මාණයන්ට ආරාධනා ලැබුණා. ඒ කාලයේදිමයි මා විවාහ වුණේ. ඊට පස්සෙ මං පවුල් ජීවිතයට පමණක් මුල්තැන දුන්නා. කිසිදු කලා කටයුත්තක් කළේ නැහැ.ඔබේ රුව සහ කතා කරන ශෛලිය අක්කට බෙහෙවින් සමානයි. දෙදෙනා මාරු වූ අවස්ථා නැද්ද?ඔය කතාව හැමෝම කියනවා. ප්‍රවීණ ඡායාරූප ශිල්පි පී. යූ. ඩී. පෙරේරා ඡායාරූප ප්‍රදර්ශනයක් තිබ්බා. ඒකට ‘ලෝම හංස’ නාට්‍යයේ ඡායාරූපයක් ද ඇතුළත් වුණා. ඒක දැකපු හැමෝම රැවටුණා. ඒ ඉන්නේ අක්කා කියලා. එතන හිටියේ මම. සමහරෙක් කොච්චර පැහැදිලි කළත් මං ඉන්න බවට පිළිගත්තෙම නැහැ.වර්තමානය වනවිට ඔබේ කලා දිවිය නැවත පටන් ගෙනද?ඔව්, ආයෙත් රඟපාන්න ආසයි. මේවනවිට මට පෙරට වඩා නිදහසක් තියෙනවා. මගෙ ළමයිනුත් දැන් ලොකුයි. ටෙලි නාට්‍යවලට සම්බන්ධ වන්න හිතක් තියෙනවා. හොඳ චරිතයක් ලැබුණොත් දෙවතාවක් හිතන්නේ නැහැ.මේ කුමාරිගේ ලිපිනයයි.28/1බී, බෙල්ලන්තර පාරනැදිමාල- දෙහිවල.සටහන සහ ඡායාරූපයප්‍රසාද් සමරතුංග.  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වසර 2014 ඡන්ද හිමි නාමලේඛනයයේ ලියාපදිංචිය සඳහා සුදුසුකම් සම්පූර්ණ කර ඇතත් මේ දක්වා ඡන්ද හිමියන් ලෙස එම ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය සඳහා ගණන් ගෙන නොමැති අයවලුන්ට ඒ වෙනුවෙන් වූ හිමිකම් අදාළ දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාල වෙත ඉදිරිපත් කිරීමට මේ මස 30 දින දක්වා අවස්ථාව ලබාදී ඇතැයි මැතිවරණ මහ ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි.මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මාධ්‍යවෙත අදහස් දැක්වු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා, වසර 2014 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාළ හිමිකම් විරෝධතා කාලසීමාවද මේ මස 30න් අවසන් වන බව පවසයි.සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2014 දී ඡන්ද හිමි නාමලේඛනයේ කෙටුම්පත මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ (www.slelections.gov.lk ) පළකර ඇත. එහි 'ඡන්ද හිමි නාමලේඛනය - කෙටුම්පත 2014' නැමැති පිටුවට ඇතුළු වී ඔබ ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචියට අදාළ දිස්ත්‍රික්කය තෝරා ඉන්පසු ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරිමෙන් පසුව ඔබ 2014 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිව ඇතොත් ඔබට අදාළ ඡන්ද ප්‍රදේශය, පළාත් පාලන ආයතනය හා සම්පූර්ණ නම තිරයේ දිස්වෙනු ඇත.එසේම වසර 2013 ඡන්ද හිමි නාමලේඛනය සහ එයින් ඉවත්වන නම් ''අ'' ලැයිස්තුව හා ඊට අලුතින් එකතුවන නම් ''ආ'' ලැයිස්තුව සඳහන් ලේඛනවල පිටපත් සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, පළාත් පාලන ආයතනවල සහ ග්‍රාම නිලධාරි කාර්යාලවලද ප්‍රදර්ශනයට තබා ඇති අතර එම ස්ථානවලදී ද නාමලේඛන පරීක්ෂා කළ හැකියි.වසර 2014 ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය බැවින් වහම දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලයේ සහකාර ලියාපදිංචි කිරීමේ නිලධාරියාවෙත මේ මස 30 දිනට පෙර ඒ බව දැන්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී බොක්සිං රන් පදක්කම දිනා ගත් මංජු වන්නිආරච්චිට එරෙහි තහනම් උත්තේජක චෝදනාවේ අවසන් තීන්දුව ප්‍රකාශ කෙරෙන පරීක්ෂණය ලබන වසරේ ජනවාරි අග සතියේ දී ජැමෙයිකාවේ දී පැවැත්වීමට කටයුතු සැලසුම් කොට ඇත.මේ පිළිබඳව බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චිට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තාවේ.මේ පරීක්ෂණය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ තහනම් උත්තේජක කමිටුව මගින් නම් කරන ලද පුද්ගලයින් පිරිසක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය. මෙහි දී මංජු වන්නිආරච්චිගේ නිර්දෝෂිභාවය සනාථ කිරීම උදෙසා කරුණු ඉදිරිපත් කිරීමට තවත් අවස්ථාවක් උදාවනු ඇත.පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී කිලෝ ග්‍රෑම් 56 බැන්ටම් වේට් බොක්සිං රන් පදක්කම දිනාගත් පසුව ලබාගත් මංජු වන්නිආරච්චිගේ මුත්‍රා සාම්පලයේ තහනම් උත්තේජක සංඝටක අඩංගු බවට චෝදනා එල්ල වූව ද ක්‍රීඩකයා එය ප්‍රතික්ෂේප කළේය.පසුව ‘බී’ මුත්‍රා සාම්පල පරීක්ෂාවක් ද සිදුකළ අතර ප්‍රතිඵලය එක හා සමාන විය. මේ සියලු වාර්තා පදනම්කොට ගෙන ජැමෙයිකාවේ දී තීන්දුව ප්‍රකාශ කිරීමේ අවසන් පරීක්ෂණය පැවැත්වේ.කෙසේ වුව ද නවදිල්ලි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී තහනම් උත්තේජන පරීක්ෂා කළ ආකාරය හා දත්ත ගබඩා කළ ආකාරය ගැටළු සහගත බවට සංවිධායක කමිටුවට චෝදනා එල්ල වී තිබුණි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කුඩම්මාගේ ජීවිත කථාව තිරයට ගෙන ඒමට තරම් ළෙන්ගතු පුතකු මූම්බායි පුරවරයේ ජීවත් වෙයි. ඔහු කමල් අම්රෝහි ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ පුතු තජ්දර් අම්රෝහිය. කුඩම්මා සම්මානනීය ජනකාන්ත තාරකාව මීනා කුමාරිය.මීනාගේ චරිතය රඟපෑමට නවක නිළියක මේ දිනවල ඔහු සොයමින් සිටින්නේය. තම පියාගේ එනම් සිනමාවේදී කමල් අම්රෝහිගේ දෙවැනි බිරිය, මීනාගේ චරිතය ඔහුට තිරයට ගෙන ඒමට අවශ්‍ය වී ඇත්තේ ඔවුනගේ ආදර කථාවේ සැඟවුණු සත්‍ය ලොවට ගෙන ඒමටයි. මීට හතළිස් දෙවසරකට පෙර අධික මත්පැන් පානය නිසා සිරෝසිස් රෝගයෙන් මීනා මිය ගියාය. ඒ වයස අවුරුදු තිස් නවයක් තරම් අඩු වයසකදීය. මීනා, කමල් අම්රෝහි සමඟ පෙමින් බැඳුණේ 1952 දී සිනමා දර්ශන තලයකදීය.ඔහු මීනාට වඩා පහළොස් වසරක් වැඩිමල් විය. විවාහ වූ අලුතම දෙදෙනාගේ ආදර කථාව දඒරා (1953) නමින් මීනාත්, කමලුත් තිරයට ගෙන එන ලදී. සිය ආදර කථාව ඇතුළත්කර තවත් සිනමාපටයක් කිරීමට දෙදෙනාටම අවශ්‍ය වුවත්, සිතූ තරම් ඉක්මනින් ඒ පැතුම ඉටුකර ගත නොහැකි විය. ඔවුන්ගේ සිහිනය මල්පල ගැන්වුණේ දහසය වසරකට පසුවයි. ‘පාකීසා’ ඒ විශිෂ්ට සිනමා නිර්මාණයයි. සිනමාපටය 1972 පෙබරවාරි 4 වැනිදා මීනා මිය යාමට මාස දෙකකට පමණ පෙර තිරගත විය. මීනා, ඔමාර් ඛයියාම් මෙන් ගී පොතයි, මීවිතයි, ආදරයයි, ජීවිතය කරගත්තියකි.දිළිඳුකම නිසාම වරක් පියා ඇය අනාථ නිවාසයකට පවා භාර දී තිබේ. අවසානයේදී ළමා වියේ සිට රඟපෑමෙන් පවුලම ජීවත්කර තිබෙන්නේ ද ඇයමය. මිය යන විට සිනමාපට අනූවකට වැඩි සංඛ්‍යාවක රඟපා තිබුණ ද, හොඳම නිළිය ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරක් දිනාගෙන තිබුණ ද ඇය අවසන් හුස්ම හෙළුවේ අතේ සතයක් නැති අසරණියක ලෙසයි. ඇය මිය ගිය පසු රෝහල් බිල් ගෙවීමට මුදල් පවා තිබී නැත.තජ්දර්ට අවශ්‍ය කුඩම්මාත්, පියාත් අතර සෙනෙහස බිඳ වැටුණේ ඇයට මවක වීමට ඉඩ නුදුන් නිසා බවට ඇති කතාව සත්‍යයක් නොවන බව ලොවට පෙන්වීමටයි. ‘මගේ තාත්තා සුළු මවගේ ජීවිතයට දුෂ්ටයකු වූයේ නැහැ. ඇය දෙවරක්ම ගැබ් ගත්තත්, ගබ්සා වී තිබෙනවා. මේ ඇත්ත ලෝකයට පෙන්වන්න ඕනෑ’ ඔහු පවසන්නේය.සිනමාපටය මූම්බායි හි ජනාකීර්ණ වීදිවල රූගත කිරීමට තජ්දර් බලාපොරොත්තු වන්නේය. ඔහු ද පියා මෙන්ම අධ්‍යක්ෂණයට, පිටපත් හා ගීත රචනයට දස්කම් දක්වන්නෙකි.චම්පිකා දීපානි රණසිංහ
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වෙබ් සයිට් එකේ ඇඩ්සෙන්ස් දාල තියෙනව සිංහල යුනිකෝඩ් එක්ක.ඒහෙම දාන හැටි දන්න අය ඉන්නවද. සිංහල යුනිකෝඩ් වලින් සයිට් එකක් තිබ්බොත් ඒකේ ඇඩ්සෙන්ස් පෙන්නන්නෙ නෑ.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පෙබරවාරි මාසයට දින 30ක් තිෙබ්ද? අතැම් ගණිතඥයින්ගෙ මතය අනුව වසර 400කට වරක් පෙබරවාරි මාසයට දින 30ක් ඒක් වෙ. ඒය සිදුවන්නෙ වසර 4කට වරක් දින 29ක් ඒක් වීමෙදී ඉතිරිවනතත්පර ගණනක් වසර 400කදී එකතු වී පැය24ක් නිර්මාණය වීමෙන්ය. නමුත් මෑත කාලෙයෙදී ඒම දින 30 පිලිබදව කිසිදු සදහනක් නොමැත.1700දී පමන වැරදීමකින් ස්වීඩනයෙ දින දසුනක පෙබරවාරි මාසය සදහා දින30 ක් ඒක් වීති‍බේ.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මේ වසරේ ගත වූ මුල් මාස 4 තුළදී කෑගල්ල පොලිස් කොට්ඨාස තුළ බාල අපරාධ 38ක් පමණ සිදු වී ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.මේ අනුව ස්ත්‍රී දූෂණ 13ක් ද, බරපතළ ලිංගික අපරාධ 11ක් ද, අපහරණ 12ක් ද , ව්‍යාභිචාරය 01ක් ද, පිහි ආදියෙන් තුවාල කිරීම් 01ක් ද සිදු වී ඇත. පසුගිය වසරේ මුල් මාස හතර තුළ දී මෙවැනි සිදුවීම් 40ක් සිදු වී ඇත. 2013 වසරේ මෙවැනි සිදුවීම් 98ක් සිදු වී තිබේ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අසවෙනිස්ථාන් සමුහාණ්ඩුව ගිනි (2000) – 20.8 – 0.21 (පහළ) HDI (2007) – 0.710 (මධ්‍යය) මුදල් - අස්බෙකිස්ථාන් සම් කාල මණ්ඩලය VZT (VTC + 5) ශ්‍රිෂ්ම සෘතුව (DST) නිරික්ෂණ නැත මං තිරැව - දකුණ අන්තර්ජල TLD - .Vz අස්වෙනිස්ථානය නිල වශයෙන් අසවෙනිස්ථාන් සමුහාණ්ඩුව මධ්‍යම ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිර හා උතුරට කසක්ස්ථානය නැගෙනහිර ක්රයිග්ස්ථානය හා නැගෙනහිර ටජින්ස්ථානය දකුණට අෆ්ගනිස්ථානය හා ටර්න්මෙනිස්ථානයටය. මුල් 16 වන ශතවර්ෂයේ දී නැගෙනහිර ටර්නින් භාෂාවන් කථා කල අස්බෙක් නොමෑඩ්වරැන් විසින් මෙම රාජ්‍ය අල්ලා ගත්හ. වර්තමානයේ අස්වෙතස්ථාන ජනගහනය අයත් වන්නේ අස්බෙස් ජන වර්ගයට අනුව ඔවුන් එම භාෂාව කථා කරයි. 198 ශතවර්ෂයේ දී අස්වෙනිස්ථානය රැසියානු රාජ්‍යයට එක් කල අතර 1924 වර්ෂයේ දී සෝවියට් සංගමයේ ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් බවට පත් විය. එය නිදහස් සමුහාණ්ඩුවක් ලෙස 1991 පටන් පවතී. අස්බෙකිස්ථාන ආර්ථිකය මුලික වශයෙන් වෙළද භාණ්ඩ හා කපු, රත්තරන්, යුරේනියම්, පොටැසියම් සහ ස්වභාවික වායු මත යැපේ. එය වෙළද ආර්ථිකයකට මාරැවීමට ද පරමාර්ථ කොටගෙන තිබේ. රට ස්ථාවර ආර්ථිකයන් රදා පවත්වා ගන්නට උත්සාහ දරන අතර විදේශ ආයෝජකයින් ද වලක්වා ගෙන ඇත. මෙම ක්‍ර‍මයෙන් හා ස්ථිරව මාරැවිමට දරණ පනත අනුව 1995 ඔහු ආර්ථික වශයෙන් යහපත් ප්‍රතිචාර දක්වා නොමැත. අස්වෙනිස්ථානයේ පවතින මානව හිමිකම් පනත හා ඒක පුද්ගල නිදහස අන්තර්ජාතික සමාගම්වල විවේචනයට භාජනය වී ඇත. එහි 45% කට ආසන්න ජනගහනයක් දිනකට ඇ. ඩො. 1.25 කට වඩා අඩුවෙන් උපයයි. අස්බෙනිස්ථාන සමුහාණ්ඩුව පින්තුරය - කොඩිය ජාතික ගීය - අස්බෙන්ස්ථාන සමුහාණ්ඩු ජාතික ගීය සිතියම අගනුවර සහ විශාලම නගරය - ටැෂ්කෙන්ට් - 410 16' N 6a0 10' E රාජ්‍ය භාෂාව - අස්බෙක් පිළිගත් ප්‍රාදේශීය භාෂා - කරකල්පැක් අභ්‍යන්තර ජන සන්නි‍ෙව්දන භාෂාව - රැසියානු ජන වර්ග - 80.0% අස්බෙක්, 55% රැසියානු, 5.0% - 5.5% (30% ෆොල්ට්ස්, කෝඩෙල්, ජොන්සන්) ටාජික්, 3.0% කසාන්, 2.5% කරකල්පැක්, 1.5% ටැටාර්, 2.5% වෙනත් රාජ්‍ය - ආඥාදායක රජය ජනාධිපති - ඉස්ලාම් කැරිමොව් අගමැති - ෂව්කට් මර්සියොයෙව් නිදහස - සෝවියට් සැකැස්ම - 1747 අස්බෙක් SSR – 27 ඔක්තෝම්බර් 1924 ප්‍රකාශයට පත් කිරිම - 1 සැප්තැම්බර් 1991 පිළිගැනීම - 8 දෙසැම්බර් 1991 සම්පුර්ණ කිරිම - 25 දෙසැම්බර් 1991 වර්ග ප්‍රමාණය - එකතුව - 447 400 172 742 ජලය (%) – 4.9 ජනගහනය - 2009 තක්සේරැව - 27 600 007 ඝනත්වය - 61.4 Km2 159.1 / sq mi GDP (PPP) – 2008 තක්සේරැව එකතුව - $ 71.61 බිලියන සාමාන්‍ය - $ 2 634 GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැව - එකතුව - 27.918 බිලියන එකතුව - $ 1 026 සාමාන්‍ය - $ 9 654 ගිනි (2006) – 45.2 (ඉහළ) HDI (2007) – 0.865 (ඉහළ) මුදල් - උරැආයන් පෙසෝ (UYV) (UYV)
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මැගිනොට් සීමාවට (මෙම නාමය ප්‍රංශ ආරක්ෂක ඇමතිවරයකු වූ ඇන්ඩ්‍රෙ මැගිනොට් සිහිවීමට යොදා ඇත.) කොන්ක්‍රීට් වළල්ලකින් ආරක්ෂාව සපයා ඇති අතර යුධ ටැංකි බාධක, කාලතුවක්කු, මැෂින් තුවක්කු සහ වෙනත් ආරක්ෂක පද්ධතීන්වලින් එය සමන්විතය. මෙම සීමාව ජර්මානු සහ ඉතාලි දේශසීමා ඔස්සේ තනා ඇති අතර I වන ලෝක යුධ අත්දැකීම් නිසා II වන ‍ලෝක යුද්ධයට හොදින් සූදානම් වීමට තනන ලදී. සාමාන්‍යයෙන් මෙවන් ආරක්ෂිත සීමාවක් ඉදි කිරීමට ජර්මනියට මුහුණ ලා සිදු කරන අතර එසේ සිදු කරන්නේ ප්‍රංශ සහ ඉතාලි ආරක්ෂක හමුදාව “අල්පයින්” සීමාව භාවිතයට ගෙන ඇති නිසාය. ප්‍රංශ මෙම ආරක්ෂිත සීමාව ඉදි කළේ නැටුම් අවස්ථාවක දී තම හමුදාවන් එක් රැස් කිරීමට කාලය සපයා ගැනීමටත් බෙල්ජියම දෙසින් සීමාවට ප්‍රහාරයන් එල්ල කරන්න ජර්මනිය පෙළඹවීමටත්ය. මෙවැනි තීක්ෂණ ඥානයක් I වන ලෝක යුධ සමයේ දී ප්‍රංශය තුළින් දිස්වුණු අතර ඔවුන්ගේ ස්ථිර සාර්ථකත්වයට එය බලපානු ලබයි. මෙම ආරක්ෂිත සීමාව ඉතා සාර්ථකව සෘජු ප්‍රහාර මැඩ පැවැත්වීමට සමත් විය. කෙසේ වුවද මෙම උපක්‍රමය පසුව ජය ලැබීමට මුලදී පාඩු විඳීමේ උදාසීන යුධ උපක්‍රමයක් වූයේ ජර්මනි‍ය විසින් බෙල්ජියම ආක්‍රමණය කළ නිසාවෙනි. සැලසුම් කිරීම හා ඉදි කිරීම[සංස්කරණය] ගොනුව:Maginot Line ln-en.PNG මැජිනො රේඛාව. ආරක්ෂාවන් මුල් වරට යෝජනා කෙරුණේ මාර්ෂල් ජොෆර් විසිනි. පෝල් රේනන් හා චාල්ස් දි ගොලී වැනි නව්‍යවාදී සන්නාහයන් හා ගුවන් යානා සඳහා ආයෝජනයන්ට කැමැත්තක් දැක්වූ පිරිස් මඟින් ඔහුට විරෝධතා එල්ල විය. ජොෆර්ට හෙන්රි පිලිප්ගේ සහයෝගය ලැබුණු අතර රජය මඟින් සංවිධානය කෙරුණු කොමිසම් හා වාර්තා ගණනාවක් ද විය. අවසානයේ දී ඇන්‍ඩෲ මැජිනොට් විසින් මෙම යෝජනා ක්‍රමයට ආයෝජනය කිරීම සඳහා රජය පොළඹවා ගත්තේය. මැජිනොට් යනු පළමු ‍ලෝක යුද්ධයේ කෘතහස්තයෙකු වූ අතර ප්‍රංශයේ නිපුණතා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා හා අවසානයේ යුධ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා බවට ඔහු පත් විය. මැජිනොට් රේඛාව සඳහා තර්කනයන් ඉදිරිපත් වන්නේ පළමු ලෝක යුද්ධයේ දී ප්‍රංශයේ භයානක පරාජයන් හා ප්‍රංශ ජන විකාශනය කෙරෙහි ඒවායේ ආචරණයන් මඟිනි. යුද්ධය තුළ දී හා පසුව ජාතික උපත් අනුපාතිකයේ පහත වැටීම ජාතියට තරුණ මිනිසුන් ඌනතාවයක් ඇති කළ අතර ප්‍රංශයේ බලෙන් බඳවා ගත් හමුදාව නිම්නාදයක් ඇති කළේය. මානව සම්පත් ඌනතාවය සමඟ ප්‍රංශ සැලසුම්කරුවන්ට වඩාත් වයස්ගත හා දරා ගැනීමේ හැකියාව අඩු විශේෂ අවස්ථාවල දී බඳවා ගත් පිරිස් මත රඳා පැවතීමට සිදු වේ. සංඛ්‍යාන ආරක්ෂක පිහිටුම් එබැවින් පිරිසෙන් හා චලනයෙන් අඩු භට පිරිස් මඟින් යම් ප්‍රදේශයන් ආරක්ෂා කිරීමට හා කල් දැමිමට ලක් වීමට සිදු විය. එම රේඛාව 1930 සිට විවිධ කාල පරිච්ඡේදයන්වල දී STG මඟින් CORF හි අධීක්ෂණය යටතේ ගොඩනැංවිනි. ප්‍රධාන ගොඩ නැංවීම ප්‍රංශ ෆ්රෑන්ක් බිලියන 3 ක පමණ වියදමින් 1939 වන විට බොහෝ දුරට සම්පූර්ණ කර තිබුණි. මෙම රේඛාව ස්විට්සර්ලන්තයේ සිට ලක්සම්බර්ග් දක්වා විහිදුණු නමුත් 1934න් පසුව මුහුදු ප්‍රදේශයේ තරමක් අඩු පරාසයක පැවතුණි. මූලික රේඛාව නිර්මාණය කිරීම ජර්මානුවන් විසින් ඔවුන්ගේ පළමු අභියෝගය සඳහා තෝරාගත් ප්‍රදේශය ආවරණය නොකළේය. Fall Gelb සැලසුම් මඟින් 1940 දී ආඩින්ස් හරහා එය සිදු විය. මෙම ප්‍රහාරයේ පිහිටුම ඇතැම් විට මැජිනොට් රේඛාව නිසා සිදු වූවා විය හැකිය. බෙල්ජියමේ ආඩින්ස් වනාන්තරය හරහා සිති‍යමේ දැක්වෙන පරිදි මැජිනොට් රේඛාවේ 6වන කොටසින් වම්පසට එය සිදු විය.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඈත දියඹට යන ධීවර යාත්‍රා සඳහා රක්ෂණ ආවරණයක් සහ එහි ධීවරයන් සඳහා ආරක්ෂිත කබා භාවිතය අද (1) සිට අනිවාර්ය වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. ධීවර යාත්‍රා හිමියන් සහ එහි යාත්‍රා කරන ධීවරයන් මේ නීති උල්ලංඝනය කරන්නේ නම් එම යාත්‍රාවල බලපත්‍ර අවලංගු කිරීම සහ රුපියල් 25,000කදඩයක් නියම කිරීම අද (1) සිට සිදු කරනු ඇත.මේ නීති ක්‍රියාත්මක කරමින් මෙරට ධීවරයන් දියඹේදී ධීවර කර්මාන්තයේ යෙදෙන්නේද යන්න සොයා බැලීමට නාවික හමුදාව, වෙරළාරක්ෂක බළකාය සහ ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් අරඹන බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් හෙට්ටිආරච්චි මහතා කියයි.එමෙන්ම අද (1) සිට සෑම ධීවර යාත්‍රාවක්ම ලියාපදිංචිය අනිවාර්ය වන අතර මසුන් ඇල්ලීම සඳහා මෙහෙයුම් බලපත්‍රයක් ලබාගැනීමද සිදු කළ යුතුම වෙයි. මේ නීති කඩකරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබාදී තිබේ.ජනවාරි - පෙබරවාරි දෙමස තුළ ධීවර යාත්‍රා සියල්ලක්ම පාහේ තම ලියාපදිංචිය, මෙහෙයුම් බලපත්‍ර, රක්ෂණය, අලුත් කිරීම සිදු කරන අතර එම කටයුතු නිසි ලෙස ධීවරයන් සිදු කරන්නේද යන්න සොයාබැලීමට ධීවර සම්මේලනයද සම්බන්ධ කර ගැනීමට නියමිතය.මෙයට අමතරව බලපත්‍ර නොමැතිව ඈත මුහුදේ වෙනත් මුහුදු තීරවලට ඇතුළුවී අනවසරයෙන් මසුන් අල්ලන ධීවර යාත්‍රාවලට පනවන දඩ මුදල්ද වැඩිකර ඇති අතර මෙවැනි ධීවර යාත්‍රා වලට රුපියල් ලක්ෂ 15කට අඩු නොවන දඩයක් හෝ වසර 2කට නොවැඩි කාලයක සිරදඬුවමක්ද සංශෝධිත ධීවර පණත මඟින් නියම කර ඇත..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ප්‍රමාණවත් සාක්කි නොමැති බැවින් කුලියාපිටිය කරගහගෙදර මිනීමැරුම් නඩුවේ පළමු චූදිතට වසර 03 ක සිර දඬුවමක්ද එකී සිර දඬුවම වසර 05 ට අත්හිටුවමින් රුපියල් 1000 ක දඩයක් නියම කරන ලදී. 2 සහ 3 වන විත්තිකරුවන්ට වසර 02 බැගින් ද එකී සිර දඬුවම් වසර 05 කට අත්හිටුවමින් දෙදෙනාටම එක් අයකුට රුපියල් 1000 බැගින් දඩ නියම කරන ලදී.කුරුණෑගල මහාධිකරණ විනිසුරු යු. එල්. ජයසුරිය මහතා ඉදිරියේ දිග හැරුන මේ නඩුවේ තුන්වැනි (3) සැකකාරිය වන රූපා නැමැත්තිය විත්ති කූඩුවට නගිනවාත් සමග බිම ඇදගෙන වැටුණාය.2004 ඔක්තෝබර් මස 09 දින හෝ ඊට ආසන්න දිනයකදී කුලියාපිටිය කරගහගෙදර එච්. ජී. සරත් නිශාන්ත නැමැත්තාට පිහියකින් ඇන මරා දැමී යැයි ඊ. සෝමසිරි, එච්. ඒ. අජිත් සහ ඒ. රූපා යන තිදෙනා නඩුවෙන් චෝදනා ලැබ සිටියේය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
බලමි දස අත....නිහඬ ලොව දෙස......කුසිතය ගත..දෙවනි නැත සිත...බොහො දේ ඇත..කරනු සිත නැත...සුවය අසුනද..වායු සමනය නියම ගානය...කුමන අරුමෙද..පියවෙවි ඇස..උදෑසන වුව.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ව්‍යාකරණ, ‍ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි පිටපත-සංස්කරණය සිදු කිරීම අවශ්‍ය බව පෙනේ. එය සංස්කරණය කිරීමෙන් ඔබ හට උපකාර විය හැක. මතවාදය - Deology මතවාදය යනු සංවිධානාත්මක අදහස් ගොන්නකි. “ අදහස් විද්‍යාවක් ” යන අර්ථියෙන් මෙම යෙදුම මුලන්ම භාවිතා කළේ 18 වන සියවසේ දී ඇන්මන් ඩෙස්ටුත් ඩී ට්‍රෙිසි සිටුවරයා විසින්‍ය. පැහැඳිලි දැක්මක්, දෘෂ්‍ය ප්‍රවේශක් හෝ සමාජයේ බලවත් පන්තිය විසින් සමාජයේ සියලු දෙනාට පවසන ලද අදහස් සමූහයක් ලෙස මතවාදය හඳුනා ගත හැක. මතවාදයේ ප්‍රධාන අරමුණ වන්නේ චින්තන ක්‍රීයාවලියක් හරහා සමාජය වෙනස් කිරීමය. මෙය මහජන ගැටලු සමීබන්ධයෙන් යොදා ගන්නා භාවාත්මක චින්තන පද්ධතියක් වන බැවින් දේශපාලනයට ඉතා වැදගත් වේ. සෑම දේශපාලන ප්‍රවණතාවක්ම සෘඡු හෝ වක්‍ර මත වාදයකට සම්බන්ධය.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මාතෘභූමිය අඳුරට ඇද දමමින්, ජනතාව පීඩාවට පත්කරමින් ඔවුනට කණකොකා හැඬවූ ජූලි මාසයේ එදා පැවැති තත්ත්වය මුළුමණින්ම වෙනස් කරන්නට වත්මන් රජයට හැකිවී තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතකා ප්‍රකාශ කරයි.සාමාන්‍යයෙන් ජූලි මාසය අඳුරු මාසයක් ලෙස හැඳින්වූ බව සිහිපත් කරන ඒ මහතා ජූලි 7, කළු ජූලිය, ජූලි වර්ජනය මතකයට නැඟෙන බවද මේ හැම දෙයකින්ම එදා සිය දහස් ගණනක්රැකියාවන් අහිමි වෙමින් ජීවිත විනාශ වෙමින් තිබූ මාසයක් බවද සිහිපත් කරයි. වර්තමානය වනවිට ජූලි මාසයේ දී මේ දරුවන්ට මෙන්ම රටට පෝෂණයෙන් පිරි වැඩදායී ශක්තිමත් දරු පරපුරක් බිහි කරන්නට අවශ්‍ය වැඩපිළිවෙළ නිර්මාණය කර තිබෙන බවද කියා සිටී. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ “පෝෂණයයි - සුව දිවියයි” පාසල් සිසු දරුවන්ගේ පෝෂණය නඟා සිටුවීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය නිමිත්තෙන් අනුරාධපුර, තිරප්පනේ මහානාම මහා විද්‍යාලයේ පැවැති උත්සවයක් අමතමිනි. අධ්‍යාපන සේවා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජනාධිපති පෝෂණ ලේකම් කාර්යාලය ඒකාබද්ධව මේ ජාතික වැඩසටහන ක්‍රියාවට නංවයි.බුද්ධිමත්, ගුණ නුවණින්, ශක්තියෙන් හා ධෛර්යයෙන් පිරිපුන් නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් දැයට දායාද කිරීමේ වෑයම ක්‍රියාවට නැංවීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කර තිබෙන අතර “කිසිදිනෙක අපේ දරුවන් කුසගින්නේ අකුරු කරන්නට මම ඉඩ නොතබමි” මහින්ද චින්තනයේ සඳහන් කළ පොරොන්දුවක් ඉටු කරමින් පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය ලබාදීම තවදුරටත් ශක්තිමත් කරමින් සහ ඊට සමඟාමීව මෙය ක්‍රියාවට නැංවෙයි.එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, මේ රටට වැඩදායී මෙන්ම පෝෂණයෙන් පිරි දරුවන් පිරිසක් බිහි කරන්නට අවශ්‍ය වැඩපිළිවෙළ වෙනුවෙන් අද දිනයේ මුල් පියවර තබන බවත් දරු දැරියන්ට අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් විද්‍යාගාර ඇතුළු සියලු පහසුකම් ලබාදීම මේ වනවිට සිදුවෙමින් පවතින බවත්ය.කුමක් කළද නීරෝගී දරු පිරිසක් බිහි නොකර දුර්වල දරුවන් පිරිසක් බිහි කරන්නේ නම් එය ජාතියට සිදුකරන අසාධාරණයක් බව පෙන්වාදුන් ජනාධීපතිවරයා දෙමාපියන්ගේ සහ ගුරුවරුන් මෙන්ම රජය ද ඒ සඳහා උපකාර කළයුතු බවද එවන් අවස්ථාවක ලෝක ආහාර වැඩසටහනේ ද උපදෙස් ලබා ගනිමින් මේ ජාතික වැඩසටහන රටපුරා ආරම්භ කරන බව සඳහන් කළේය.ළමුන් වෙනුවෙන් නිල ඇඳුම්, පාසල් පොත් මෙන්ම අවශ්‍යම දරු දැරියන් සඳහා නොමිලේ සපත්තු ලබාදීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කරන බව පැවසූ ඒ මහතා ඊට අමතරව ඔවුන්ට අවශ්‍ය ආහාර වේලක් ලබාදෙන්නට පියවර ගෙන තිබෙන බවද ඒ වෙනුවෙන් දෙමාපියන්ගේ සහාය අපේක්ෂා කරන බවද කීවේය.හොඳම දේ දරුවන් වෙත ලබාදෙන්නට කටයුතු කරන බව සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් දෙමාපියන් උත්සුක වියයුතු බවද පෙන්වා දුන්නේය.මේ ප්‍රදේශයේ පැතිර යන වකුගඩු රෝගය සඳහා පිළියම් වශයෙන් පිරිසිදු ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භකර තිබෙන බව ප්‍රකාශ කළ ජනාධීපතිවරයා ඒ කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම හේතුවෙන් අවශ්‍යතාව හදුනාගත් බවද පිරිසිදු ජලය ලබාදීමේ වැඩපිළිවෙල සඳහා මුදල් වෙන්කර තිබෙන බවද ප්‍රකාශ කළේය.අපේ දරුවන් වෙනුවෙන් මෙතෙක් කලක් පැවැති අසාධාරණකම් ඉවත් කිරීමට වත්මන් රජයට හැකිවී තිබෙන බව සඳහන් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දරුවන් සැමට එක හා සමාන අධ්‍යාපනයක් ලබාදීම ඔවුන්ගේ අයිතියක් බවද දරුවන් එයින් ප්‍රයෝජන ගතයුතු බවද කියා සිටියේය. අධ්‍යාපන සේවා අමාත්‍යාංශය හා ජනාධිපති පෝෂණ ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කළ සමස්ත ලංකා දැනුම මිනුම තරඟයේ ජයග්‍රාහකයන් වෙනුවෙන් තිළිණ ප්‍රදානය ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙහි දී සිදුවිය.උතුර හා උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි, ඇමැතිවරුන් වන දුමින්ද දිසානායක, බන්දුල ගුණවර්ධන, තිස්ස කරලියද්ද, එස්.එම්. චන්ද්‍රෙස්න, නියෝජ්‍ය ඇමැතිවරුන් වන ඩබ්ලිව්.බී ඒකනායක, වීරකුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත්, පළාත් ඇමැති එස්.බී සේමසිංහ, අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ ලේකම් කාන්ති පෙරේරා, ජනාධිපති පෝෂණ ලේකම් කාර්යාලයේ සම්බන්ධීකාරක වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කොළඹ දේවි බාලිකාවෙන් මෙවර අ. පො. ස. (සාමාන්‍ය පෙළ) විභාගයට (2012) පෙනී සිටි 251 දෙනාගෙන් 96 දෙනකුම විෂයයන් නවයටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන තිබේ.ඊට අමතරව විෂයයන් 8කට ‘ඒ’ සාමාර්ථ ලබා ගත් සිසුවියන් 52ක් සිටින බව විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ මහත්මිය ‘දිනමිණ’ ට ප්‍රකාශ කළාය.විෂයයන් 6කට ‘ඒ’ සාමාර්ථ ලබා ගත් පිරිස 215 කි. විභාගයට පෙනී සිටි සියලුම දෙනා උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ගෙන තිබේ.වසර 2011 සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් නවයටම ‘ඒ’ සාමාර්ථ ලබා ගත් පිරිස 68 දෙනෙකි. ඒ අනුව මෙවර එම ප්‍රමාණය 96 දක්වා ඉහළ නැංවී තිබීම සතුටට කරුණක් බව විදුහල්පතිනිය කීවාය.ගුරු මණ්ඩලයේ කැපවීම, උනන්දුව හා දැරියන්ගේ උත්සාහය මේ සුවිශාල ජයග්‍රහණය පාසලට ලැබීමට ඉවහල් වූ බවද විදුහල්පතිනි සමරසිංහ මහත්මිය සඳහන් කළාය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඉතාලියේ වැනීසිය ගැන සියලුම තොරතුරු නැරබිමට,, පිවිසෙන්න (පින්තුර ඇතුලත්ව ) >>>> http://theachcharuptuwa.blogspot.it/2012/10/vanice.html
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අසූපස් වියැති තම මිත්තණියව නිවසින් පිටතට ඒමට නොහැකිවන ලෙස නි‍වසේ කාමරයකට දමා සිරකර තැබූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මුණුපුරා හා මිණිපිරිය වත්තේගම පොලීසිය විසින් වෙසක් පුන් පොහෝදින අත්අඩංගුවට ගනුලැබ ඇත..සැකකරුවන් මෙම මහලු කත දින ගණනාවක් තිස්සේ කාමරය තුළ සිරකර තබාගෙන සිට ඇති බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.දියණියන් තිදෙනකුගේ මවක වන මේ මහලු කත ඇගේ එක් දියණියකට නිවස ලියාදීමෙන් පසු එම දියණියගේ පුතෙකු තම බිරිය හා එක්ව ඇයව නිවසේ කාමරයක සිරකර තබා ඇති බව පොලීසිය පවසයි.ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු මත පොලීසිය අදාළ වැටලීම සිදුක‍ර ඇත..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙයින් ඉදිරියට සරසවිය පුවත්පත සඳහා කිසිදු සාකච්ඡාවක් සංස්ථා සභාපතිවරයා ලෙස තමා ලබා නොදෙන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා සරසවිය කතුවරයාට පැවසුවේය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ උපන්දින සාදයේදී සරසවිය කතුවරයා හමු වූ ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.පසුගිය සරසවිය පුවත්පතේ සිනමා සංරක්ෂණාගාරය පිළිබඳ පළ වූ ප්‍රවෘත්තියෙහි ඔහු පිළිබඳ කිසිදු වචනයක් හෝ පළ නොවීම එයට හේතුවයි. සභාපති මෙන්ම තමා දේශපාලකයකු හා නීතිඥයකු ලෙස ද ඔහු ඒ මොහොතේ හඳුන්වා ගත්තේය.සරසවිය පුවත්පත පිළිබඳ සභාපතිවරයාගේ එකී තීරණය පිළිබඳ අපට ගැටළුවක් නැත. ඒ සරසවිය පනස් එක් වසරක් මුළුල්ලේ මෙරට සිනමාව හා කලාකරුවන් වෙනුවෙන් පෙනී සිටින හෙයිනි. එමෙන්ම සභාපතිවරයාගෙන් සරසවිය සාකච්ඡාවක් ඉල්ලුවේ ද නැත.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කැනඩාවේ දේශපාලනය ව්යවස්ථානුකූල රාජ්යත්වයකින් වූ රාමුවක් තුළ හා බලවත් ප්රජාතාන්ත්රික සම්ප්රදායක් ඇතුළත් සන්ධීය ක්රමයේ පාර්ලිමේන්තු ආණ්ඩුවකින් ක්රියාත්මක වේ. බොහෝ ව්යවස්ථාදායක භාවිත, එක්සත් රාජධානියේ වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේනතුවේ ලිඛිත නොවූ සම්මතයන් අනුව යමින් ක්රියාත්මක වේ. කෙසේ නමුත් කැනඩාව එක්කර ගත් වෙනස්කම් ද එහි ඇත. උදාහරණ වශයෙන් ගතහොත් පක්ෂ විනය, එක්සත් රාජධානියට වඩා තදින් ක්රියාත්මක වේ. පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද, විශ්වාසය පළ කිරීමේ යෝජනා හැටියට සැලකෙන අතර පාර්ලිමේන්තුවේ කැබිනට් නොවන මන්ත්රීවරුන්ගේ බලතල ඒ මඟින් අඩු කිරීමට ද යොමු වේ. ආණ්ඩු පක්ෂයේ සිටින එවැනි පක්ෂ කණ්ඩායම් හා විරුද්ධ පක්ෂයේ සිටින කණිෂ්ඨ හෝ පහල එක් අංශයකට පමණක් වූ මන්ත්රී කොටස් පසු පෙළ මන්ත්රීවරු වශයෙන් හැඳින්වේ. පසු පෙළ මන්ත්රීවරුට පොදු ගිණුම් කාරක සභාවේ හෝ ජාතික ආරක්ෂක කමිටු වැනි කමිටුවල නියෝජිතයන් වාඩි වීම මඟින් ඔවුන්ට පාර්ලිමේන්තුවේ බලපෑම් කළ හැකි වේ. Reference[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Politics_of_Canada
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මොරටුව කලා එකමුතුවේ 20 වැනි වාර්ෂික මහ සභා රැස්වීම මෙම මස 30 වැනිදා මොරටුව ශ්‍රීපාලි උත්සව ශාලාවේදී පැවැත්වේ. එහි සභාපති ගායිකා ලාංකිකා පෙරේරා මෙහිදී මුලසුන හොබවනු ලබයි.- ප්‍රසාද්කලකට ඉහත දී රූපවාහිනියේ විකාශය වූ ජනප්‍රියම ටෙලි සිතුවමක් වන සංකල්ප ගුණවර්ධනගේ පවර මෙනුවර ඩී. වී. ඩී. තැටිය පසුගියදා එළිදැක්විණ. ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, දේවිකා මිහිරාණි, මීනා කුමාරි, සේමිණී ඉද්දමල්ගොඩ, එඩ්වඩ් ගුණවර්ධන, භද්‍රා නන්දනී, ධර්මප්‍රිය ඩයස්, සුසිල් ගුණරත්න, දයාදේව එදිරිසිංහ, සංදීපා සෙව්මිණි, සුරංගි රුවන්මලී, ෆීලික්ස් ප්‍රේමවර්ධන, රංජිත් සිල්වා, සමන්ති ලැනරෝල්, නීතා සමරනායක මෙහි චරිත මැවූහ. සංකල්පගේම නිෂ්පාදනයක් වන මෙහි කැමරාව කේ. ඒ. ධර්මසේන මෙහෙය විය. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් ද, කේ. බී. හේරත් තිර රචනයෙන් ද, කුමාර ගල්මරුව සංස්කරණයෙන් ද, මංගල ප්‍රනාන්දු සංස්කරණයෙන්ද මෙයට දායක විය.- ප්‍රසාද්සිංහල සංගීත ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටු කළ පණ්ඩිත් ශාන්ති ගීතදේව සූරීන් සහ ප්‍රවීණ බටනළා ශිල්පී හේමපාල පෙරේරා පසුගියදා සපුගස්කන්ද විශාඛා බාලිකා සිසුවියන් අතින් සම්මානයට පාත්‍ර විය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති විද්‍යාලයීය සෞන්දර්ය අංශයේ රසෝඝා වාද්‍ය වෘන්දයේ එළිදැක්ම අතරතුර විදුහල්පතිනි ප්‍රියන්ති සමරවීර මහත්මිය අතින් මෙම සම්මාන පිරිනැමිණ.- යතේජා - ඡායාරූපය – මාලන් කරුණාරත්න
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
තිස් වසරක් පුරා ඔඩු දුවමින් රටේ අභිවෘද්ධියට මහත් පිළිලයක් ව පැවැති කුරිරු යුද්ධය නිමා කැර රටට සාමය උදා කිරීමේ දී අස්ගිරි මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් ගේ අවවාද අනුශාසනා මහත් ශක්තියක් මෙන් ම ආශීර්වාදයක් ද වූ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කරන්නේ උන්වහන්සේගේ 83 වැනි ජන්ම දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක් කරමිනි.ජනාධිපතිවරයාගේ ශුභාශිංසන පණිවිඩය සම්පූර්ණයෙන් මෙසේ ය.මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ උත්තරීතර මහානායක, සාහිත්‍ය චක්‍රවර්ති, මහෝපාධ්‍යාය, අග්ගමහා පණ්ඩිත අතිගෞරවාර්හ උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ගේ 83 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ශුභාශිංසන පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත්වෙමි.වර්ෂ 1930 මාර්තු මස 17 වැනිදා ජන්ම ලාභය ලද අප ගෞරවණීය මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ, පැවිදි දිවියට ඇතුළත් වූ දා පටන් අද දක්වාම ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පතා සිදු කරනු ලබන්නා වූ මාහැඟි මෙහෙවර සැබැවින්ම අරුත්බර වන්නාසේම බෙහෙවින් කාලෝචිත ද වේ.අප රටේ ඉතිහාසය දෙස ඉතා විමසිලිමත්ව බලන කල රට අරාජිකත්වයට පත් වන්නට ගිය සෑම අවස්ථාවකදීම පෙරටවිත් සමස්ත රටත්, ජාතියත්, ආගමත්, සම්බුදු සසුනත් බේරා ගැනීම සඳහා අනුපමේය කැපවීමක් සිදුකැර ඇත්තේ අති ගෞරවනීය වූ අප මහා සංඝරත්නය විසිනි.පුරා තිස් වසරක් මුළුල්ලේ ඔඩු දුවමින් අප රටේ අභිවෘද්ධියට මහා පිළිලයක්ව පැවැති කුරිරු යුද්ධයේ රුදුරු ගිනිදැල් නිවා දමා, මුළු රටටම සාමය උදාකර එක්සේසත් කරන්නට මා විසින් දියත් කළා වූ වැඩපිළිවෙළ සාර්ථක කරගන්නට එදා ඔබ වහන්සේගෙන් මා ලද නිරන්තර අවවාද අනුශාසනා මට මෙන්ම වීරෝදාර රණවිරුවන්ට ද මහා ශක්තියක් මෙන්ම ආශීර්වාදයක් ද විණි.උදාරතර ලක් මෑණිය තුන්රුවනේ පිහිටත්, ආරක්‍ෂාවත් අපේක්‍ෂා කළ අවස්ථාවන් වලදී ඔබ වහන්සේ මහා සඟරුවන සමඟින් දිවයිනේ සිව් දෙස වැඩම කරවා සෙත් පිරිත් සජ්ඣායනා කැර තමා උපන් දේශයට සෙත් ප්‍රාර්ථනා කැර සිිටි අයුරු මේ සුවිශේෂි මොහොතේ මහත් ගෞරවයෙන් යුතුව මා සිහිපත් කර සිටින්නේ ඔබ වහන්සේට සිදු කරනු ලබන මුළු මහත් ජාතියේම ප්‍රණාමයක් වශයෙනි.තිලොවට තිලක වූ අප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් එදා අනුදැන වදාරන්නට යෙදුණු පරිද්දෙන් භික්‍ෂුවක් තුළ පැවැතිය යුතු විනයත්, මනා ශික්‍ෂාකාමීත්වයත් නිබඳවම ගරු කොට තබා ගනිමින් අප මහානායක මාහිමිපාණන් වහන්සේ කටයුතු කරනු ලබන්නේ සැමවිට මෛත්‍රියත්, කරුණාවත්, මුදිතාවත්, උපේක්‍ෂාවත් මුදුන්පත් කරවමිනි. එය උන්වහන්සේගේ පැවිදි දිවියේ මා දකින තවත් එක් සුවිශේෂි ලක්‍ෂණයකි.සියලු ලෝවැසියන් සසර දුකින් මුදා ගෙන උතුම් වූ නිර්වාණය පසක් කරවාලීම සඳහා සම්බුදු ශශ්‍රී මුඛයෙන් එදා වදාරන්නට යෙදුනු සුවාසූ දහසක් ශ්‍රී ධර්මස්කන්ධයෙන් පහස ලද ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ භාරකාරත්වය දරමින් උන්වහන්සේට පුද පූජාවන් පවත්වන්නට තරම් මහා කුසල කර්මයකට පාත්‍රව සිටින ඔබ වහන්සේ, අසිරිමත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වීමම අප රටට මහත් ආඩම්බරයකි. ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේලා පස්නමකගෙන් සමන්විතව සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් එදා බරණැස ඉසිපතනාරාම මිගදායෙන් ඇරැඹි සදහම් දායාදය ලොවට ගෙනයාමේ උතුම් චින්තනයට අනුව සකසා ගෙන ඇති ඔබවහන්සේගේ ආදර්ශමත් පැවිදි දිවිපෙවත, මහා සංඝරත්නයට මෙන්ම ගිහි සමාජයට ද මනා පිටිවහලක් වන බව මේ අවස්ථාවේ දී මම මහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කර සිටිමි.හෙළ දෙරණේ ප්‍රෞඪත්වයත්, සංස්කෘතියත් සුරක්‍ෂිත කරලමින් අර්ථාන්විත පැවිදි දිවියක් ගත කරනු ලබන අතිගෞරවාර්හ උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිතාභිධාන මහානායක මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේට ගිහි පැවිදි සහයෝගය, වගකීම්, ගෞරව නම්බුනාම නොඅඩුව ලබමින්, තෙරුවන් සරණින්, උතුම් දළදා වහන්සේගේ අනුහසින්, සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණින්, නිදුක් නිරෝගීව, තවත් චිරාත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනය ඒකාලෝක කිරීමට අවශ්‍ය කායික හා මානසික ශක්තිය ලැබේවා...! යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පටුන 1 විද්‍යාව 2 හමුදාව සහ යුද්ධය 3 ක්‍රීඩා 4 ඉතිහාසය 5 දේශපාලනය 6 කාන්තාවෝ 7 මරණය හා අවසන් වචන විද්‍යාව[සංස්කරණය] "මට එය සාමාන්‍ය පුද්ගලයෙකුට විස්තර කර පැහැදිලි කර දිය හැකි නම්, මා නොබෙල් ත්‍යාග ලාභියෙකු වීමට තරම් වටනා නොවෙමි" - ක්වොන්ටම් යාන්ත්‍රවිද්‍යාව හා අනුබද්ධිතව 1965 දී නොබෙල් භෞතික විද්‍යා ත්‍යාගය දිනූ රිචඩ්. පී. ෆෙයින්මන් - ඔහුගේ නොබෙල් ත්‍යාග ලාභී කෘත්‍යය පිළිබඳ සංක්ෂිප්තයක් ඉදිරිපත් කරන ලෙස වාර්තාකරුවකු ඉල්ලා සිටි විට හමුදාව සහ යුද්ධය[සංස්කරණය] "අප පුහුණු කිරීමට සිදුව ඇත්තේ හමුදාවක් නොවේ:මුළුමහත් ජාතියකි" - එක්සත් ජනපදයේ 28වන ජනාධිපති ව සිටි වුඩ්රෝ විල්සන් - පළමු ලෝක යුද්ධය අතරතුරදී ක්‍රීඩා[සංස්කරණය] "ඔහු කෙතරම් අවලස්සන ද යත් ඔවුන් විසින් ඔහුගේ මුහුණ ලෝක වනජීවී පදනමට පරිත්‍යාග කල යුතුව ඇත" - ලෝක හෙවිවේට් බොක්සිං ශූර මෙහොමඩ් අලි - ඔහුගේ ප්‍රතිවාදී හෙවිවේට් බොක්සිං ක්‍රීඩක ජෝ ෆ්‍රේසර් පිළිබඳව ඉතිහාසය[සංස්කරණය] "ශුද්ධවූ රෝමන් අධිරාජ්‍යය ලෙස හැඳින්වුනු දැනටද හැඳින්වෙන මෙම සන්තිතිය ශුද්ධවූත් නැත, රෝමානුද නොවේ, අධිරාජ්‍යයක්ද නොවේ" - ප්‍රංශ ලේඛක හා දාර්ශනික වෝල්ටෙයාර් දේශපාලනය[සංස්කරණය] "දේශපාලකයෝ කොහිදීත් එක් වැනිය. ගංගාවක් නොමැති වුවද ඔවුහූ පාලමක් සාදා දීමට පොරොන්දු වෙති" - ස්ටැලින්ගේ මරණයෙන් පසුව සෝවියට් දේශයේ නායකයාව සිටි නිකිතා කෘෂෙෆ් "බයිනේත්තු වලින් තැනූ සිංහාසනයක් නිමැවීමට ඔබට හැකි වුවද එහි වැඩි වේලාවක් වාඩිවී සිටීමට ඔබට නොහැකි වනු ඇත" -1991 සිට 1999 දක්වා රුසියානු ෆෙඩරේෂනයෙහි ජනාධිපතිව සිටි බොරිස් යෙල්ට්සින් කාන්තාවෝ[සංස්කරණය] "කාන්තාවක් තේ පැසක් වැනිය - කෙනෙකුට ඇයගේ ප්‍රබලත්වය මිනිය හැක්කේ උනු වතුරෙහිදී (අසීරු අවස්ථාවන් හිදී) පමණි " - එක්සත් ජනපදයේ 40වන ජනාධිපතිව සිටි රොනල්ඩ් රේගත් ගේ බිරිඳ නැන්සි රේගන් මරණය හා අවසන් වචන[සංස්කරණය] "අවසානයේදී නිදහස්, දෙවි මහෝත්තමයාණන් හට තුති, අවසානයේදී මම නිදහස් " - ඇමරිකානු පූජකයෙකු, න්‍රියාකරුවෙකු හා අප්‍රිකානු-ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයෙහි කැපීපෙනෙන නායකයෙකු වූ ආචාර්ය මාටින් ලූතර් කිං - ඔහුගේ සෙහොන් ගැබෙහි කොටා ඇති වදන් පෙළ "මොහු හට මුළු ලොවම පුමාණවත් නොවුනද, දැන් මෙම සොහොන් ගැබ ප්‍රමාණවත්ය " - ලෝක ඉතිහාසයෙහි මෙතෙක් බෙහෙවින්ම සාර්ථක හමුදා සේනාධිපතියා හා සටනේදී අපරාජිත වූ ග්‍රීක රජු මහා ඇලෙක්සැන්ඩර් - ඔහුගේ සෙහොන් ගැබෙහි කොටා ඇති වදන් පෙළ "මා මිය ගොස් ඇති බවට මම මේ දැන් කියවා දැනගතිමි. කරුණාකර ඔබගේ ග්‍රාහක ලැයිස්තුවෙන් මා ඉවත් කරන්න " - බ්‍රිතාන්‍ය ඉන්දියාවෙහි බොම්බායෙහිදී උපත ලද ඉංග්‍රීසි ජාතික ජනප්‍රිය ගත් කතු වර රඩ්යාඩ් කිප්ලිං - ඔහු මිය ගිය බවට ප්‍රමාදදෝෂයකින් පල කල සඟරාවකට පිලිතුරු යවමින්
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඔයාල ගොඩක් කැමති ඇති තමන් දකින යමක් වීඩියෝ ගත කර ගැනීමට.හුගක් දෙනාට තමන්ට අවශ්‍යම අවස්ථාවේ තමන් ලඟ කැමරාවක් නැහැ.ජංගම දුරකථනය තිබුනත් එමගින් වීඩියෝ කිරීම එතරම් පහසු නැහැ.මොකද එය වෙනත් අයකුට පෙනෙන නිසා..විශේෂයෙන් ඔබට යම් කිසි අවස්තාවක අසාධාරණයක් වන අවස්ථාවක එම දර්ශන වීඩියෝ ලෙස ලබා ගත හැකිනම් ඔබට නීතියේ පිළිසරණ සොයා යාමේදී විද්‍යාත්මක සාක්ෂි ලෙස ඉතා වැදගත් වෙනවා..මේකට වඩාත්ම හොද කැමරාවක් තමයි සාක්කුවේ දමා ගෙන යන පෙන් වර්ගයේ වීඩියෝ කැමරා.ඇත්තටම පෑනක් වගේමයි..සාක්කුවේ දමා ගෙන පෑනක් ලෙස රැගෙන යා හැකියි.වැදගත්ම දේ කියන්නේ මෙය පෑනක් ලෙස භාවිතා කර ලියන්නත් පුළුවන් වීමයි.මෙමරි කාඩ් එකක් ඇතුළු කල හැක එය 32GB දක්වා වෙනස් කල හැක.මෙගා පික්සල් අටක කැමරාවක් සහිතයි.විනාඩි 120 කාලයක් පටිගතකල හැකි ලිතියම් පොලිමර් නමැති නැවත ආරෝපණය කල හැකි බැටරියකින්ද සමන්විතයි.පරිගණකය හා සම්බන්ද කර දත්ත ලබා ගැනීමට ඩේටා කේබල් එකක් ද නොමිලේ ලැබෙනවා..මෙම කැමරා ලංකාවේ මිලට ගැනීම අසීරු වුවත් හෙට දින ප්‍රාඨක ඔබට අඩුමුදලට ගෙන්වා දීමට අප සුදානම්.ඔයාලට කැමරා අවශ්‍ය නම් hetadina@gmail.com ලිපිනයට පණිවිඩයක් ලබා දෙන්න..මිල ගණන් ඇතුළු මුදල් ගෙවීමට අවශ්‍ය විස්තර ලබා දෙන්නම්.ඔබට අවශ්‍ය වීඩියෝ කැමරාව ඉතා ඉක්මනින් ගෙදරටම එවීමට අප සුදානම්..ඔබට ජය.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අප්‍රිකාආසියානු සහ සාම්ප්‍රදායික ලෙසින් හැමිටෝ-සැමිටික් (චැමිටෝ-සැමිටික්) ලෙසින්ද හැඳින්වෙන,[1] අප්‍රිකාආසියාතික (අප්‍රිකා-ආසියාතික) යනු, 300 පමණ සජීවී භාෂා ඇතුළත් විශාල භාෂා පවුලකි.[2] අප්‍රිකාආසියාතික භාෂා ප්‍රමුඛ වශයෙන් භාෂිත වන්නේ මැද පෙරදිග, උතුරු අප්‍රිකාවේ, අප්‍රිකාවේ අඟෙහි, සහ ෂෑහෙල්හී කොටස් වලය. මිලියන 300 ට වැඩි ජනකායක් අප්‍රිකාආසියාතික භාෂාවක් කතා කරති.[1] ආශ්‍රිත[සංස්කරණය] ↑ 1.0 1.1 ඩැනියෙල් ඩොන් නන්ජිරා, ඇෆ්රිකන් ෆොරින් පොලිසි ඇන්ඩ් ඩිප්ලොමසි: ෆ්‍රොම් ඇන්ටික්විටි ටු ද 21ස්ට් සෙන්චරි, (ABC-CLIO: 2010). ↑ එත්නොලොග් ෆැමිලි ට්‍රී ෆෝ ඇෆ්රොඒෂිටටික් ලැන්වේජර්ස්
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන මගින්, හොරණ ප්‍රදේශයට කාලාන්තරයක් සිටම පවතින, අඩු පාඩුවක් සපුරාලමින්, හොරණ නගර සභා මහජන පොදු වෙළෙද පොළ අලුතින් ඉදිකිරීමට කටයුතු යොදා ඇත.හොරණ නගර සභා මෙහෙයවීමෙන් ඉදි කෙරෙන මෙම යෝජිත නව පොදු වෙළෙඳ පොළ ඉදි කිරීමේදී, දැනට පවතින පැරැණි පොදු වෙළෙඳ පොළ කඩා ඉවත් කර එම ස්ථානයේම නව පොදු වෙළෙඳ පොළ ඉදි කිරීම සිදු වේ.පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය මගින් මේ සඳහා රුපියල් ලක්ෂ හතළිහක මුදලක් යෙද වේ.මෙම පොදු වෙළෙද පොළ ඉදිකිරීමේ ඉදිකිරීම් කටයුතු තව මාසයක් ඇතුළතදී ක්‍රියාත්මක වේ.හොරණ නව පොදු වෙළෙඳ පොළ ඉදිකිරීම පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක පසුගියදා , පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආර්. ආර්. කේ. රණවක මහතා හොරණ නගර සභා කාර්යාලයේ හා හොරණ නගර සභා දැනට පවතින පැරැණි පොදු වෙළෙඳ පළ භූමියේ නිරීක්ෂණ චාරිකාවක යෙදිණි.හොරණ පොදු වෙළෙඳපළ අලුතින් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට පෙර පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආර්. ආර්. කේ. රණවක මහතා, හොරණ නගර සබා සභාපති ග්‍රැන්විල් රාජපක්ෂ මහතාද සමගින් එක්ව නිරීක්ෂණ චාරිකාවක යෙදුණි.එම අවස්ථාවට හොරණ නගර සභා සභාපති ග්‍රැන්විල් රාජපක්ෂ, පළාත් පාලන අමාත්‍යාංශයේ සැලසුම් අධ්‍යක්ෂ දර්ශන බණ්ඩාර සමරකෝන්, හොරණ නගර සභා උප සභාපති ජාලිය පුලසිංහ, නාගරික මන්ත්‍රී ඩබ්ලිව්. සිරිසෝම, හොරණ ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරු ටී. සිංහබාහු, හොරණ නගර සභා තාක්ෂණ නිලධාරී - අජිත් වසන්ත පෙරේරා, හොරණ නගර සභා ලේකම් - ගීතිකා රුද්‍රිගෝ යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වසර හාරසියයක් තරම් ඉපැරැණි තැන්නහේන ශ්‍රී මුදලින්දාරාම පුරාණ විහාරස්ථානයේ පිහිටා ඇති මෙතෙක් කිසිවකුට හඳුනා ගැනීමට නොහැකි වූ අරුම පුදුම ගසේ මේ කාලයේදී පිරෙන්නට සුදු පැහැති අලංකාරවත් මල් පිපී තිබේ.වසරකට වරක් පිපෙන මේ මල්වලින් අමුතුම සුවඳක්ද හමයි.ශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනාගෙන ඇති කිසිදු ශාකයකට මේ ගසේ කොළ, මල් හෝ අතු, පොතු සමානකම් නොපෙන්වන බව පේරාදෙණිය උද්භිද උද්‍යානය මඟින්ද පවසා ඇති බව විහාරාධිපති බඹරගල ධම්මකිත්ති හිමියෝ පෙන්වා දෙති.විහාරාධිපති බඹරගල ධම්මකිත්ති හිමි, විහාරස්ථානයේ පැරැණි විහාරගෙට ආසන්නයේ පිහිටා තිබෙන ගස එහි පිහිටීම හරිම අමුතුයි.මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි වූ මේ අපූරු ගස පැරැණි විහාර ගෙට නැමී පිහිටනවා.ගසට හිරු එළිය ලැබෙන පැත්තට කඳ නැමුනද එහි ඉහළ අතු පතර නැමී පවතින්නෙ හිරු එළිය ලැබෙන පැත්තට ප්‍රතිවිරුද්ධව විහාර ගෙය දෙසටයි.හිමිදිරියේ උදෑසන මෙය නිරීක්ෂණය කරන විට ඇටි කුකුළො ඇවිත් මෙහි අතු කඩාගෙන යනවා දක්නට ලැබෙනවා. අපි අහල තිබෙන අන්දමට කළුනික කියන ගස්වල තමයි මේ ඇටිකුකුළන් අතු කඩාගෙන යන්නේ මේ වගේ හිමිදිරි කාලෙට.අද ඒ කළු නික ගස් තිබෙන්නේ ඉන්දියාවේ මලය ප්‍රදේශයේ කියල තමයි කියවෙන්නේ. වසරකට වරක් පිපෙන මෙහි මල්වලින් අමුතු සුවඳක් පැතිරෙනවා.එම මල් පිපුනාම මාස දෙකක් පමණ පවතිනවා. මේ ගස ලේසියෙන් ලොකු වෙන්නේ නෑ. ප්‍රදේශයේ පැරැන්නෝ කියන්නේ දැකපු කාලෙ ඉඳලා ඔය තරම්ම කියලා. එහි පැළයක්වත් ඒ අවටින් හොයාගන්න නෑ.පේරාදෙණිය උද්භිද උද්‍යානයට මෙහි කොටස් පරීක්ෂණ කටයුතු සඳහා යවා තිබෙනවා.ඒ අයටත් හඳුනා ගැනීමට හැකිවී නෑ. අපිට සැකයක් තිබෙනවා කළු නිකද කියලා.එහෙම වුණොත් මේ සබරගමුව පැත්තට නොවෙයි මුළු ලංකාවටම විශාල සම්පතක් වෙනවා..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පූජා කටකතාවලට පිළිතුරු දෙයිඒ දරුවන් එක්ක ගත කළ කාලය මට වටිනවාපූජා උමාශංකර් සිංහල සිනමා පවුලේ ළබැඳි සාමාජිකාවක්. ඇය අපට සමීප වෙන්නේ චන්න පෙරේරාගේ ‘අංජලිකා’ චිත්‍රපටයෙන්. පසුගියදා පැවැති දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙලේදී පූජා ජනප්‍රියම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. ලාංකේය සිනමා නිර්මාණ කිහිපයකටම දායකත්වය ලබා දී ඇති පූජා සිය අලුත්ම තොරතුරු සරසවිය පාඨක ඔබටත් ලබා දෙන්න අමතක කළේ නැහැ.පූජා ඔබ ලංකාවේදී ජනප්‍රියම නිළිය ලෙස සම්මානනීය වීම ගැන මොකද හිතෙන්නේ?ඇත්තටම මගේ සතුට කියලා නිම කරන්න බැහැ. මගේ අම්මාගේ රට ශ්‍රී ලංකාව. මම ඉපදුණෙත් ලංකාවේදී. මම මේ රටට ගොඩක් ආදරෙයි. ඒ නිසා ලංකාවේදී ලැබුණු මේ සම්මානය මට ගොඩක් වටිනවා. ලංකාවේ ප්‍රේක්ෂකයෝ මට ගොඩක් ආදරේ බව දැනුණා. ඒ ගැන මම ගොඩාක් සතුටුයි. ඒ වගේම ගොඩක් වාසනාවන්තයි.මේ නිසාම ඉදිරියේදී රංගනයෙන් වැඩි කොටසක් ලාංකේය සිනමාවට හිමි වෙයිද?එහෙම තීරණයක් අරගෙන නැහැ. ලැබෙන හොඳ චිත්‍රපට සදහා දායක වෙන්න තමයි කැමැති. ඒකේ විශේෂයක් නැහැ. සිංහල, දෙමළ, කණ්නඩ, තෙළිඟු වැනි ඕනෑම චිත්‍රපටයක රඟපාන්න කැමැතියි. හැබැයි ඒ චිත්‍රපටය හොඳ එකක් වෙන්න ඕනෑ.මේ දවස්වල කලා කටයුතු ගැන සඳහන් කළොත්?මේ දවස්වල මට ලැබුණු ස්ක්‍රිප්ට් බලමින් තමයි ඉන්නේ. දැනට ස්ක්‍රිප්ට් ගොඩක් ලැබිල තියෙනවා. භාර ගන්නේ මොකක් ද කියලා නම් තවම තීරණය කරලා නැහැ. ඊට අමතරව ඉන්දියාවේ කළ චිත්‍රපටයක් තිරගත වෙන්න නියමිතයි. ඒ වෙනුවෙන් යළිත් මම ඉන්දියාවට යනවා. ඒ චිත්‍රපටයේ නම ‘විඩියුමි මූන්’. ලාංකික ප්‍රේක්ෂකයන්ටත් ඉදිරියේදී එය නරඹන්න අවස්ථාව ලැබේවි කියලා හිතනවා.පසුගිය දවසක මම ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එක්ව ළමා නිවාස වෙනුවෙන් වූ වැඩසටහනකට සම්බන්ධ වුණා. එහිදී ඒ පුංචි දරුවන් එක්ක ගත කළ කාලය මට ගොඩාක් වටිනවා. ඒ දරුවන් හරිම සතුටෙන් හිටියේ. පොඩි අය අතේ එල්ලිලා ඉඳලා ගෙදර එනකොට අත් දෙකම හොඳටම රතු වෙලා තිබුණේ. ඇත්තටම ඒ පුංචි දරුවන් සමග ගත කරන්න කාලය ලැබීම ගැන මට ගොඩක් සතුටුයි.පූජා දැන් විවාහයටත් සූදානම් ඇති නේද?මම තවම කවුරුවත් හොයා ගෙන නැහැ. මගේ අම්මයි තාත්තයි මට ගැළපෙන කෙනෙක් හොයනවා. දෙවියන්ගේ කැමැත්තට අනුව හැම දෙයක්ම හොඳීන් සිදු වේවි.ඔබ සහකරු කරගන්න කැමැති මොන වගේ කෙනෙක්ද?අපි හොඳ නම් අපේ සිතුවිලි හොඳ නම් අපට හොඳ කෙනෙක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. දෙවියෝ තමයි එයා අපට මුණගස්වන්නේ. පූජා හොඳ දුවක් නම් දෙවියෝ එයාට හොඳ සහකරුවෙක් තෝරා දේවි.ඔහු ලංකාවේ කෙනෙක් වෙනවාට ද ඉන්දියාවේ කෙනෙක් වෙනවාට ද පූජා වැඩියෙන් කැමැති?එහෙම තීරණයක් නම් නැහැ. ඔහු ලංකාවේ කෙනෙක් විය යුතු ද, ඉන්දියාවේ කෙනෙක් විය යුතු ද කියලා මම තීරණය කරලා නැහැ. කොහොම වුණත් මට සුදුසුම කෙනා දෙවියන් මට සොයලා දෙනවා කියලා මම දන්නවා. එයා මුණ ගැසුණු ගමන් මුලින්ම සරසවිය පාඨක ඔයාලට විස්තර කියන්නම්.විවාහයෙන් පසු රංගන ජීවිතයෙන් ඉවත් වේවිද?විවාහයෙන් පසු ඕනෑම කාන්තාවක් පවුල් ජීවිතයට මුල් තැන දිය යුතුයි. දැනට වුණත් මම රංගන ජීවිතයේ අනවශ්‍ය විදියට වැඩ කටයුතු යොදා ගෙන කාර්යබහුල වෙලා නැහැ. මම අවුරුද්දකට භාර ගන්නේ චිත්‍රපට සීමිත ප්‍රමාණයක්. බොහෝ විට එය එකක් නැත්නම් දෙකක්.සරසවිය පාඨකයන්ට කියන්න විශේෂ යමක් පූජාට ඇති නේද?ලංකාවට මම ගොඩක් ආදරෙයි. ආදරණීය රසික රසිකාවන් වන ඔයාලා හැමෝටමත් මම ගොඩාක් ආදරෙයි. ඉන්දියාවට ගියත් ඉක්මනින්ම මම ලංකාවට එනවා.ඡායාරූපය -ටෙනිසන් එදිරිසිංහ  
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මේ කෙටි ලිපිය ලියන්න පාදක උනේ මෑතකදී කොහේද හමුදා කඳවුරක පුහුණුව ලබන ගෑණු ළමයෙක්ට පුහුණු කරවන නිලධාරියෙක් පහර දීම ගැන මධ්‍යස්ත මතධාරීන් සහ සුචරිත වාදීන් අතරේ සිද්දියට සම්බන්දව සිදු උන අදහස් දැක්වීම සම්බන්ධයෙන් .ලොකු කතා උවමනා නෑ . යුධ පුහුණුව කියන්නේ මොකක්ද. . අහ්හ් එහෙමත් ඕනේ නෑ ... මෙහෙම කියමු අරගලයක ජයග්‍රහණය කෙරෙහි තීරණාත්මක සාධකය මොකක්ද.. සරලවම දරා ගැනීමේ හැකියාව වැඩිපුර ඇති තැනැත්තා තව දිනක් සටන් කිරීම උදෙසා ඉතුරු වෙන එක නෙවෙයිද. . එවැනි තැනැත්තන් වැඩි ප්‍රමාණයක් අයිති වන කණ්ඩායම අරගලයක් ජයග්‍රහණයක් කරනවා නෙවෙයිද.ලොකු කතා පැත්තකින් තියමු . මෙහෙමයි දැන් කට්ටිය කියන්නේ ඔය ගහපු හමුදා නිලදාරියට අම්මලා සහෝදරියෝ නැද්ද ඔහොම අමානුෂිකව පහර දෙන්නේ කියලා . යකෝ ඒක හමුදාව ........ මල් වගේ හුරතල් කරලා පුහුණුව දීලා යුද්ධයක් මැදක ඇතාරියොත් කොච්චර වෙලා ජීවත් වේවිද. . සරම් වලට අමාරු පුහුණුවක් දෙන්නයි ... බබලත් උන්නාන්සේලාට මල් වගේ පුහුණුවක් දෙන්නයි . අනේ මන්දා .තව දෙයක් තමයි හතුරට විශේෂයෙන් උණ්ඩ වලට ගෑනු/පිරිමි භේදයක් නෑ නේ ඉතින්.මොකා දැක්කත් දිශුම් දිශුම් ගාල තියනවා..බඩු ෆලාකාන්ස් . දාන්න ඕන මෙහෙම නීතියක් ..ගෑනු අයට වෙඩි තියන්න පිරිමී අයට ඔට්ටු නෑ කියලා... ඔය පහර දීම මීට වැඩිය රටේ ප්‍රශ්නයක් වෙන්න තිබුණා , පහර දීමට ලක්වෙන තරුණිය ශිෂ්‍ය භට කණ්ඩායමක සාමාජිකාවක් එහෙම උනා නම් . හමුදා පුහුණුව කියන්නේ ඒ පුහුණුව අනිත් ඒවාට වැඩිය දැඩි නිසා .ඒ වීඩියෝව දැක්කොත් කෙනෙකුට පෙනේවි දැඩි ලෙස පහර දීමට ලක්වන තරුණිය ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ ඇයගේ කණ්ඩායමේ අනිත් අයට වැඩිය වෙනස් විදියකට කියන එක . පුහුණුව විය යුතු ආකාරයට එය සිදු නොකිරීම හමුදාවක් තුල දඩුවම් ලැබිය හැකි වරදක්...මම දන්නා විදියටදැන් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ පහර දෙන්නේ පිරිමියෙක් කියන එක නේ . අම්මෝ අත්දැකීමෙන් කියන්නම් එතන හිටියේ ගෑනු කෙනෙක් උනා නම් ඔය කෙල්ලට මීට වැඩිය විදවන්න වෙනවා . කම්මැලියි.කුජීතයි.ලංකාවේ උන් හෙනම ගොබ්බයි....බීල ඇවිල්ලා ගෙදර ගෑණිට තඩි බාන හැත්ත තමයි මේක ගැන වැඩියක්ම දුක් වෙන්නේ..අම්මෝ තියන කරුණාව...ටොපික් එකට අදාළ කතාවත් කියන්නම එපාය...හිතන්නකෝ ඔන්න එකමත් ඒක රටක හමුදාවක් ඔය සුචරිත වාදී මහත්වරු කියන විදියට ගෑනු ළමයි නිසා වැඩිය රිදෙන්න ගහන්නේ නැතුව පුහුණු කරලා යුද්දෙකට යවනවා.ඔන්න එහෙම ගෑනු ළමයෙක් ඉස්සරහට හතුරෙක් එනවා....කෙල්ල බයවෙනවා... ඇයි ඉතින් පුහුණුවේ ඔහොම තුවක්කු අරන් එන භයානක පෙනුම තියන සතුරෝ හිටියේ නෑ නේ.... දැන් හතුරටත් වැඩේ පොඩ්ඩක් මීටර් වගේ ...හතුරා : අඩෝ .... වේ* හු** වෙඩි කනවද පු* දෙනවද.සෙබළිය : අනී අයියා වෙඩි තීන්න අපා... උයා ඕනි දෙයක් කර ගන්න ... නිකන් තියන එක නේ... ඊට පස්සේ පත්තර වල යනවලු .... ආහ්හ් ඒ ටික ඕනේ නෑ එක්කෝ.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සෝක ලතැවුල් මැදින් ඉදිවූඅදුරු මා හද කුටිය එළිකළපහන්සිල මා දමා ගිය සඳපෙම්බදිමි ඒ අඳුරු පැහැයටකඳුල සගවා සිනාසෙන්නටහැගුම් සඟවා රගපාන්නටදෙනෙත් සඟවා බොරු කරන්නටඅඳුර අවැසිය දිවි ගෙවන්නටසෝ සුසුම් උණුහුම මැකෙන්නටඉකිගසුම් හඬ මැකී යන්නටඋණු කඳුළු වැල් සිහිල් වන්නටදෙන්න අඳුරට තුරුළු වන්නට.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අහසට බර මහ වැහි වැටෙනා සඳනුඹ සිහිපත් වී මයෙ අම්මේ..සීතල කඳුලැලි හඳවත අතරින්බර වී වැටුනා බෝ වාරේ…නිසසල සිතිජය බොර පැහැ ගැන්වීඅතීත සෙවනැලි මැවී පෙනේඒ සෙවනැලි වල නුඹෙ මුදු සෙනෙහස්සුවදේ ඉකියක පහස දැනේ…කවුරුත් නැති රළ වෙරලත සිපගෙනකෑලි කැඩී පෙන නගනු පෙනේකොලොම් තොටට වැටි අවසන් අව් රැල්වියැකීගන යයි මගෙ අම්මේ...කල්ප ගණන් දුන් සීනෙහස දැන් ඇතිතනි වෙන්නම් මා මතු දවසේතුරුලත උණුසුම එපා තවත් මටනිවන් පුරට වැඩපන් අම්මේ.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වතාවක අපි කියනවා බිත්තර ආහාරයට ගැනීම බොහෝම හොඳයි කියලා. තවත් වතාවක අපි කියනවා බිත්තර ආහාරයට ගන්න එපා, බිත්තර නිසා රුධිරයේ කොලෙස්ටරෝල් මටිටම අහස උසට නගිනවා කියලා. ඒත් දැන් අලුත්ම අදහස තමයි බිත්තර කියන්නේ පෝෂණ ගුණයෙන් යූතු ආහාරයක් කියන එක.බිත්තරවල මොනවද තියෙන්නේ.සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර දෙකකින් දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවෙන් 1/4 ප්‍රමාණයක් ලබාගත හැකියි. ඒ වගේම යකඩ සියයට 12, ෆෝලේටි අවශ්‍යතාවෙන් 1/4, විටමින් ඊ12 ප්‍රමාණයන් සියයට සියයක්ම, විටමින් ් ප්‍රමාණයෙන් 1/3, විටමින් ෘල ඊ2 (රයිබෝෆ්ලේවින්) ඊ2 (නයසින්) සහ විටමින් ෑ අවශ්‍යතාවන්ද මෙයින් සපයා ගත හැකියි.මොලයේ වර්ධනයට, ශක්තියට හා මතක ශක්තිය වර්ධනය කිරීමට අවශ්‍ය ෆැටි ඇසිඩ් ද බිත්තර මගින් ලබාගත හැකිය. ඒ වගේම ඔමේගා 3 තෙල් ලබා ගැනීමට ඉතාම හොඳ මූලාශ්‍රයක් ලෙස බිත්තර හැඳින්විය හැකිය.සතියකට බිත්තර කීයක් ආහාරයට ගැනීම සූදුසූද.1990 ගණන්වලදී පිළිගැනීම වූයේ සතියකට බිත්තර 3 ක් ආහාරයට ගැනීම සූදුසූ බවයි. 2000 වනවිට මේ මතය තරමක් දුරට වෙනස් වෙලා. එක් එක් පූද්ගලයා අනූව ආහාරයට ගනූ ලබන බිත්තර ප්‍රමාණය වෙනස් වෙනවා. බිත්තර විවිධ ආකාරයට ආහාරයට ගන්නවා. එහෙම වූණත් මෙයට වඩා ගන්න එපා කියලා ප්‍රමාණයක් නියම කරන්නට බැරි බවයි, විදෙස් තොරතුරුවලින් දැනගන්නට ලැබෙන්නේ., එයට හේතුවී ඇත්තේ බිත්තරවලින් අපි හිතනවාට වඩා පෝෂණීය ගුණයක් ලබාගත හැකි වීමයි.ලෝක සෞඛ්‍ය සංවිධානය අනූමත කරන්නේ නීරෝගී පූද්ගලයකු සතියකට බිත්තර 10 ක් ආහාරයට ගැනීමේ වරදක් නැති බවයි. එහෙත් මෙය සියයට සියයක්ම නිවැරදි පිළිතුරක් වන්නේ නෑ. ඒ කොපමණද විමසූ විට එය ඕනෑම ප්‍රමාණයක් වන්නට පූළුවන් නිසායි.ආරක්ෂිතව බිත්තර ආහාරයට ගන්නබිත්තරයේ කටූව මත සැල්මොනෙල්ලා විෂබීජ තිබෙනවා. මෙය කිකිළියගේ අසූචි තැවරීම මගින් ඇතිවන්නට පූළුවන්. බිත්තරයේ කටූව මත ඇති ඇසට නොපෙනෙන තරම් වූ කුඩා සිදුරු තුළින් මේ විෂබීජ බිත්තරය තුළට ගමන් කරනවා.බිත්තර අමූවෙන් හෝ බාගෙට තම්බා ආහාරයට ගැනීමෙන් මේ විෂබීජ අපගේ ශරීරයට ඇතුළු වී අප ලෙඩ කරනවා. ඒ නිසා සැමවිටම බිත්තර ඉතා හොඳින් තම්බා ආහාරයට ගැනීමට මතක තබාගන්න.විශේෂයෙන්ම ගර්භනී මව්වරු ළදරුවන් කුඩා දරුවන්, රෝගීන් හා වයස්ගත වූ පූද්ගලයන්ට දෙනූ ලබන බිත්තර ගැන සැලකිලිමත් විය යූතුයි.බිත්තර අසාත්මිකතාවලට මග පාදනවාද.බොහෝ විට ආහාර පූරුදු කරන කාලයේ කුඩා දරුවන්ට බිත්තර අසාත්මික වීමට පූළුවන්. ඒ හැර හොඳින් පිසූ අලුත් බිත්තර මගින් අසාත්මිකතා ඇතිවීම දුර්ලභයි.කහ මදය තද පාට බිත්තර ගුණයෙන් වැඩියිතද කහ පැහැති කහ මදයකින් කියවෙන්නේ පෝෂණය වැඩි බවයි. ඒ නිසා එම කියමනේ සත්‍යයක් ඇත. මේ නිසාම ගම් බිත්තර ලෙස හඳුන්වන බිත්තර පෝෂණයෙන් ඉහළ බව පිළිගැනීමයි. නමූත් බිත්තරයේ කටූවේ ඇති පැහැය පෝෂණය වැඩිවීමට ඉවහල් නොවේ. දුඹූරු පැහැති බිත්තර ගුණයෙන් වැඩියි කීමේ සත්‍යයක් නැත්.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
තමන්ට ලැබෙන තත්පර කිහිපයක සුළු චරිතයක් වුව ද ප්‍රේක්ෂක හදවත් හි නොමැකෙන මතක සටහන් තැබිය හැකි නම් එය රංගන ශිල්පියකු සතු අපූර්වතම කුසලතාවකි.සෝමසිරි දෙහිපිටිය එවන් අපූර්ව කුසලතාවකින් හෙබි රංගන ශිල්පියකු වූයේය. ඔහුගේ කුසලතාවයන් කලා ක්ෂේත්‍රයේ විවිධ අංශවල විසිරී තිබුණ ද ඔහු වඩාත් ප්‍රකට වූයේ සිනමා රංගන ශිල්පියකු වශයෙනි.ආචාර්ය සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර චිත්‍රපටයෙන් හෙළ සිනමාවට බිහි වූ සෝමසිරි දෙහිපිටිය වසන්ත ඔබේසේකරයන්ගේ වෙස්ගත්තෝ හි සෝමේ ගේ චරිතය තුළින් ප්‍රකට සිනමා විචාරකයින්ගේ පැසසුමට ලක් වී මුළු රටේම සිනමා ප්‍රේක්ෂකයින් දිනා ගත්තේය.ඉන් පසු ඔහු චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දී තිබිණි. 1970 දශකයේ හෙළ සිනමාවේ අතිශයින් ජනප්‍රියත්වයට පත්ව සිටි ප්‍රධාන පෙළේ සියලුම නළු නිළියන් සමඟ කරට කර රඟපෑමට තරම් සෝමසිරි දෙහිපිටිය වාසනාවන්තයකු විය.හාර ලක්ෂෂය - වල්මත් වූවෝ - අහස් ගව්ව - දියමන්තිය - තුංමං හන්දිය - සිහසුන - සරුංගලය – චණ්ඩි පුතා - බඹරු ඇවිත් - සාගරයක් මැද – උතුමාණෙනි - සක්විති සුවය - දෙවියනි ඔබ කොහිද – රිදී නිම්නය – පරිත්‍යාගය - සිරිබෝ අයියා - කස්තුරි සුවඳ - පෙම්බර මදූ - සදහටම ඔබ මගේ – කරුමක්කාරයෝ - යහළු යෙහෙළි - බට්ටි ආදී චිත්‍රපට රැසක විවිධ චරිත නිරූපණය කොට දක්ෂ චරිතාංග නළුවකු ලෙස ප්‍රචලිත විය.1980 වසරේ තිරගත වූ සිරිබෝ අයියා චිත්‍රපටයේ බන්දුල හාමිගේ චරිතය නිරූපණය කළ ඔහු එම ප්‍රතිභා රංගනය වෙනුවෙන් එම වසරේ පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේ දී සහාය නළුවාට පිරිනැමෙන ජනාධිපති සම්මානය හිමි කර ගත්තේය.සෝමසිරි දෙහිපිටිය වේදිකා - සිනමා රංගන ශිල්පියකු පමණක් නොව චිත්‍රපට සහාය අධ්‍යක්ෂකවරයකු හා ගායන ශිල්පිියකු වශයෙන් ද දස්කම් ප්‍රකට කර තිබිණි.කරුණාවන්ත ගති පැවතුම්, ගුණ යහපත්කම ඔහුගේ ජීවිතය පුරාම තිබිණි. එනිසාම ඔහු වටා එක්රැස් වී සිටි හිත මිතුරු කලාකාමී පිරිස බොහෝය. ඔහු මුදල්වලට වඩා මිනිස්කම අගය කළේය. නොමිනිසුන් වසන ලෝකයක මිනිස්කම අර්ථවත් කළ ඒ හිත හොඳ මිනිසා 1982 අප්‍රේල් මස 27 වැනිදා අපගේ නෙතට කඳුළක් එක් කරමින් අපෙන් සදහටම වෙන් වූයේය.එහෙත් තවමත් සෝමසිරි දෙහිපිටිය නැතහොත් හිත මිතුරු බොහෝ දෙනකු හඳුනන සෝමේ කලා ලොව තුළින් සිනමා ප්‍රෙක්ෂකයන්ගේ මතකය තුළින් එදා මෙන් අදත් නොමැකී පවතී. ඒ හිතවත්කම පිරි මිනිසත්කම නැවත අපට හමුවේවා!ධර්මසිරි සුරවීර
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ansi-language:EN-GB; mso-bidi-language:SI-LK;}සැප දුක අපි එකටමවින්දේ එක බත් පත වට වීකෑවේ විහිලු තහළුකරමින්නේ සැමදා සතුටින්උන්නේබොරුවට හරි ඔබමිතුරේ මතකද මට ඔච්චම්කෙරුවා තරහ තියන් හිනා උනාමතක නැද්ද මගේමිතුරේ සැමදා අපි එකමසොයුරෝ නැත මටනම් අමතකවෙන්නේ අදත් මතුවටත් මටනම්එලෙසයි ඔබ හැම මගේ මිතුරන්වෙන්නේ ආසයි නැවතත් යන්නටඇත්නම් අපේ සොදුරු ඒ පාසල්කාලේ බැහැ නොවැ මිතුරේවෙනස් කරන්නට අපේ අරුම මේ ජිවිතගමනේ හැල්මේ දිව්වත් අපිජිවිතේ මොහොතක් හරි වැයකරමි මිතුරේ ඔබ හැම වෙනුවෙන් ඔබ හැම කල උදවු නැතකිසි දින නොමැකෙන්නේ ඒ හැම සැමදා මතකින්සමරන්නේ පතනෙමි මිතුරේ හදපිරි සතුටින් මා පෙර භවයේදීත් අපිඑකටම වෙන්න උනයි මිතුරේ නෙතටකදුලක් ඔබ සිහිවෙද්දී ඔබ කල උදවු සිහි වීසතුටට වන්නේ කලේ නැත වරදක්හිතකින්වත් මා මිතුරේ නොදැන උනත් වරදක්සිදුවීනම් මාගෙන්සමාව අයදින්නෙමිමිතුරේ හද පතුලෙන් අදහස් ගලයි මිතුරෝගැන වැල නොකැඩිඒත් ලියන්නට මටසීමාවක්‌ ඇත්තේ දුකින් උනත් මාඉන්නේ මගේ සොයුරේ සමුගන්නෙමිමෙලෙසින් මා සිතුවිල්ලෙන්.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය සියවස්: 10 වන සියවස – 11 වන සියවස – 12 වන සියවස දශක: 970ගණන්  980ගණන්  990ගණන්  – 1000ගණන් –  1010ගණන්  1020ගණන්  1030ගණන් වසර: 999 1000 1001 – 1002 – 1003 1004 1005 වසර 1002 (MII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මෙම ලිපිය වනාහි Gas ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. මුලින් සඳහන් කරන ලද අංශුන්ගේ විද්‍යුත් ස්වභාවය නිසා ඒවා අවට අවකාශයේ බල ක්ෂේත්‍රයක් නිර්මාණය වෙයි. අංශු දෙකක් අතර මෙම බල ක්ෂේත්‍රවල අන්තර් ක්‍රියාකාරිත්වය නිසා අන්තර් අනුක ආකර්ෂණ බල ඇතිවේ. අංශු දෙක අතර දුර මත රඳා පවතින මෙම අන්තර් අණුක ආකර්ෂණ බල මගින් ඒවායේ චලිතයට හා තාප ගතික ගුණවල‍ට බලපෑම් ඇති කරයි. සාමාන්‍යයෙන් මෙම අංශු උෂ්ණත්වය හා පීඩනය හමුවේදී විශාල ප්‍රමාණයකින් එකිනෙකින් ඈත් වෙයි. මෙය ඉතා කුඩා‍ආකර්ෂණ බලයක් සඳහා හේතු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙහි යෙදීම් බොහෝමයක් සඳහා අන්තර්ගත අණුක ආකර්ෂණ බල නොසලකා හැරිය හැක. වායුවක් පහත සඳහන් ගති ගුණද ‍ෙපන්ණුම් කරයි. · ඝන හා ද්‍රව සමග සැසඳීමේදී සාපේක්ෂව අඩු ගණත්ව හා දුස්ස්‍රාවීතාව · උෂ්ණත්වය හා පීඩනය හමුවේදී ඉතා විශාල ලෙස ප්‍රසාරණයට හා සංකෝචනයට භාජනය වෙයි. එම නිසා වායු සම්පීඩය යයි හඳුන්වයි. · අඩංගු භාජනය තුළ ඉක්මණින් සමජාතීය මිශ්‍රණයක් ලැබෙන සේ ව්‍යාප්ත වෙයි. http://en.wikipedia.org/wiki/Gas#Physical_characteristics
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ඌව පළාත් සභාව සඳහා නාම යෝජනා කැඳවීම ලබන 31 සිට 7 දක්වා සිදු කරනු ලබන බැවින් ඒ සඳහා අපේක්ෂකයින් තේරීම සඳහා වූ නාමයෝජනා තේරීම් මණ්ඩලයක් පත් කිරීමට පෙරේදා (14දා) රාත්‍රියේදී පැවැති ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබේ.ඒ අනුව මෙම නාම යෝජනා මණ්ඩලය සඳහා ඛනිජ තෙල්සම්පත් සංවර්ධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා හා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් පත් කර ඇත.එසේම ඌව පළාත් සභා මැතිවරණ කටයුතු මෙහෙයවීමේ වගකීම ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළුව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට පැවරී ඇත.මේ අතර ඌව පළාත් සභා මැතිවරණය සඳහා ප්‍රධාන පෙළේ කැබිනට් අමාත්‍යවරුන් කීප දෙනෙකුගේ පුත්‍රයින් ඉදිරිපත්වීමට නියමිත බව ශ්‍රීලනිප මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
එන්යා, 2001 එන්යා (Enya) [Eithne Patricia Ní Bhraonáin, උපත 1961 මැයි 17, අයර්ලන්තයේ ඩොනෙගල් හි ග්වීඩෝර් හිදී][1] අයර්ලන්ත ජාතික ගායිකාවක් හා ගීත රචිකාවියකි. ඇය අයර්ලන්තයේ වැඩියෙන්ම අලෙවි වන ජනප්‍රියම ගීත ගායනා කරන තැනැත්තියයි. ඈ ග්‍රැමී සම්මාන හතරක් දිනා ඇති අතර ඇකඩමි සම්මාන සඳහාද තෝරාගෙන ඇත. ඇගේ සංගීත කන්ඩායමේ අනෙක් විශේෂතම පුද්ගලයන් වන්නේ සංගීත ඇල්බම නිශ්පාදනය කරන නිකී රයන් හා විවිධ භාෂා වලින් පද වැල් ලියන රෝමා රයන් ය. පටුන 1 2 සම්මාන 3 References 4 තවද බලන්න [සංස්කරණය] ඇය නවදෙනෙක් වූ සහෝදර සහෝදරියන්ගෙන් යුත් පවුලේ සය වැනියාය (ඇයට සහෝදරයන් සතරදෙනෙක් හා සහෝදරියන් සතරදෙනෙක් සිටිති). ඇගේ ආච්චී සහ සීයාද අයර්ලන්තය පුරා සංදර්ශන පැවත්වූ සංගීත කලා කරුවෝය. ඔවුන්ගේ පවුලේ බොහෝ දෙනෙක් එක්ව 1968 දී An Clann As Dobhar නමින් සංගීත කන්ඩායමක් පිහිටවූහ, එය නැවත 1970 දී Clanned නමින් නම් කරගන්නා ලදී. සම්මාන[සංස්කරණය] 1993 ග්‍රැමී සම්මාන - හොඳම New Age ඇල්බමය (Shepherd Moons සඳහා) 1997 ග්‍රැමී සම්මාන - හොඳම New Age ඇල්බමය (The Memory of Trees සඳහා) 2002 ග්‍රැමී සම්මාන - හොඳම New Age ඇල්බමය (A Day Without Rain සඳහා) 2007 ග්‍රැමී සම්මාන - හොඳම New Age ඇල්බමය (Amarantine සඳහා) තවද, May It Be ගීතය 2002 දී හොඳම ගීතය ලෙස ඇකඩමි සම්මානය සඳහා යෝජනා කර තිබින. References[සංස්කරණය] ↑ Enya FAQ at fansites.hollywood.com තවද බලන්න[සංස්කරණය] Wikiquote has a collection of quotations related to: එන්යා Official website the Official Discography with Lyrics Enya at the Internet Movie Database
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ගරු ගීතාංජන ගුණවර්ධන පාම විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති වත්මන් තනතුරුධාරි තනතුර දැරීම 2010 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රී ජාතික ලැයිස්තුව වෙනුවෙන් නිලය දැරීම 1989–1994 වත්මන් තනතුරුධාරි තනතුර දැරීම 2004 පුද්ගලික තොරතුරු උපත පෙබරවාරි 24, 1952 (1952-02-24) (වයස 62) ජාතිකත්වය ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂය මහජන එක්සත් පෙරමුණ අනෙකුත් දේශපාලන අනුබැඳියන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නිවහන 115 දියවන්නා උද්‍යානය, පැලවත්ත, බත්තරමුල්ල වෘත්තිය ඉංජිනේරු ආගම බුද්ධාගම ගීතාංජන ගුණවර්ධන යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරයෙක් සහ රජයේ අමාත්‍යවරයෙකි. මෙයද බලන්න[සංස්කරණය] ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල් ලැයිස්තුව ආශ්‍රිත[සංස්කරණය] "ගීතාංජන ගුණවර්ධන". මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.  පුද්ගලදත්ත නම ගුණවර්ධන, ගීතාංජන විකල්ප නම් කෙටි විස්තරය උපන් දිනය 1952-02-24 උපන් ස්ථානය ශ්‍රී ලංකාව මියගිය දිනය මියගිය ස්ථානය   මෙම පිළිබඳ ලිපිය ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් පිළිබඳ අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක.
ACADEMIC
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මිනිස් ජීවිත තුට්ටු දෙකකට නොසලකන අවිනීත රියැදුරන් කහ ඉරේ පවා ගමන් කරමින් සිටියදී යට කර දමන යුගයක පාසල් රථ වාහන නියාමකවරුන්ගේ ස්වේච්ඡා සේවය අගය කිරීම කාලෝචිත ක්‍රියාවක් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතා පැවසීය.මිරිහාන රථ වාහන පොලිස් ඒකකය සංවිධානය කළ එම පොලිස් වසමට අයත් පාසල් 13 ක 400 කට අධික පාසල් රථ වාහන පාලක නියාමකවරුන් අගයා ඔවුන්ට සම්මාන සහ ත්‍යාග ප්‍රදානය සඳහා නුගේගොඩ පැවැති උත්සවයකට සහභාගි වෙමින් විජේතිලක මහතා ඒ බව කීය.මහ කොළඹ නියෝජ්‍ය පොලිස්පති අයි. එම්. කරුණාරත්න මහතා මෙසේ කීවේය.පාසලක කාර්යභාර උගතුන් බිහි කිරීම පමණක් නොවෙයි. මානව දයාවෙන් පිරි, විචාරවත්, විනයගරු කරන, තමන්ගේ ජීවිතය මෙන්ම අනුන්ගේ ජීවිත ආරක්ෂා කරන පරාර්ථකාමී උපන් මාතෘ භූමියට ආදරය කරන පුරවැසියන් රටට දායාද කිරීමයි.පාසල් රිය නියාමක සිසු සිසුවියන් සහ ඔවුන් භාරව කටයුතු කරන ගුරුභවතුන් අගැයීම සඳහා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම උත්සවය මෙය බව නුගේගොඩ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා කීවේය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
පින්තූරය www.lk වෙබ් අඩවියෙනිඑජාප මන්ත්‍රීවරුන් හම්බන්තොටදී පහර කෑමට ලක්වීම හෙළා දකිමින් පළවන නොයෙකුත් ප්‍රකාශ දුටු විට මා හට සිනහ පහළ විය.මේ ප්‍රහාරයට සමබන්ධ වූයේ දකුණේ ලේ ඇති වීර දේශමාමකයින් පිරිසක් මිස අන් කවුරුත් නොවෙති. මේ ප්‍රහාරය සැලසුම් සහගතව කළ ප්‍රහාරයක් ලෙස අර්ථ දැක්වීම පදනම් විරහිත චෝදනාවක් වේ.හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ යනු හම්බන්තොට ජනතාවගේ ජීවිතයයි. ඒ බව මේ එජාප මන්ත්‍රීවරු නොදන්නවා නොවේ. ඒ බව දැන දැනම දිනකට සිය ගණනක් නැව් යන (කි.මී.20 පමණ ඈත මුහුද දෙසින්) හම්බන්තොට වරාය සහ දහස් ගණනක් මගීන්ට දිනපතා සෙත සලසන මත්තල ගුවන් තොටුපළ (මත්තල ගුවන් ප්‍රදර්ශනාගාරය නැරඹීමට දිනපතා 'බස්' මගීන් දහස් ගණනක් එන බව රහසක් නොවේ) පහත් කොට සැලකීමෙන් එජාප මන්ත්‍රීවරුන් කලේ රාජපක්ෂ පරම්පරාවම නින්දාවට පත් කිරීමකි.පින්තූරය www.lk වෙබ් අඩවියෙනිඅනෙක් අතට කිසිසේත් මෙය සැලසුම් සහගත ප්‍රහාරයක් විය නොහැක. එසේ වූවානම් ප්‍රහාරකයන් සතුව ගිනි අවි තිබෙන්නට ඉඩකඩ වැඩිය. අඩුම තරමේ හම්බන්තොට නගරාධිපති අතවත් කැටපෝලයක් වත් තිබුනේ නැත. ඔවුන් සිදු කලේ ඔවුන්ගේ සරම් අස්සේ තිබූ අන්තිම බිත්තරය (කලින් තිබූ බිත්තර දෙකෙන් එකක් නාමල් මහත්තයාට ඡන්දය දුන් පසු හැලී ගියබව ඔවුන්ම පවසති ) එජාප මන්ත්‍රීන් වෙනුවෙන් පාවිච්චි කිරීම පමණි.අනෙක් අතට හම්බන්තොට වරාය අයිති එහි වල හෑරූ රාජපක්ෂලාටය. ගල්බෝර දමා ගල කැඩූ ජයසේකරලාටය. වතුර නැතිව විවෘත කළ ලොව ප්‍රථම වරාය බවට පත් කළ ආචාර්‍ය වික්‍රමලාටය. මේ ඔවුන්ගේ පරම්පරාගත නින්දගම්වලින් ලැබුණු ආදයම් මිසක් ජාත්‍යන්තර ණය මුදල් නොවේ. එහෙව් තැනක් බලන්නට යන්නට තරම්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් වඩා උතුම් යැයි ආණ්ඩුව විසින් ප්‍රත්‍යක්ෂයෙන්ම දෙසා වදාළ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇත්තේ කුමන හයිකාරකමක්ද.'මා රටේ අයිතිකාරයා නොවේ, තාවකාලික භාරකාරයෙක් පමණයි' යැයි කවුදෝ හීනියට කොදුරනවා මට හීනෙන් මෙන් ඇසෙන්නේ ඇයි.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කැස්බෑව නගර සභාවට අයත් හල්පිට පොදු සුසාන භූමිය වසර ගණනාවකින් එළි පෙහෙළිකර නොමැත. මේ නිසා එය කැළෑවක් බවට පත්ව ඇති හෙයින් මෘත ශරීරවල අවසන් කටයුතු කිරීමට පැමිණෙන ජනතාවට නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වී තිබේ.සුසාන භූමියේ මෘත දේහයන් තැන්පත් කිරීම සඳහා ඉදිකර තිබෙන ගොඩනැගිල්ලද දැඩි ලෙස අබලන් වී ගරා වැටෙමින් පවතී.සුසාන භූමිය තුළ විෂඝෝර සර්පයින් පවා ගැවසෙන බවත් එම සර්පයින් විටින් විට සුසාන භූමිය අවට නිවෙස්වලට ද පැමිණෙන බවත් ප්‍රදේශවාසීහු පවසති.මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා වල්බිහි වී ඇති කැළෑ එළි - පෙහෙළි කරන ලෙසට නගර සභාවෙන් ඉල්ලා ඇතැත් ඊට තවම ප්‍රතිචාරයක් ලැබී නැති බව ඔවුහු පවසති.කැස්බෑව නගර සභාවේ විපක්‍ෂ නායක සුමන රණවීර මහතා - සුසාන භූමි එළි පෙහෙළිකර ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා ගමේම පුද්ගලයකු යෙදවීමට නගර සභාව පියවරක් යෙදුවා. ඒ පුද්ගලයාට වැටුපක් ලබා දෙන්න නගර සභාවට නොහැකි නිසා අනුග්‍රාහක ආයතනයක් මගින් එම පුද්ගලයාට වැටුපක් ලබා දුන්නා. මේ වන විට ඒ ක්‍රියාවලිය බිඳ වැටිලා.  .
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
වෙඩි තබා කුඩා දරුවකු ඇතුළු මුස්ලිම් ජාතිකයන් පස් දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටි යුද හමුදා සෙබළකු එකී සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අනුරාධපුර මහාධිකරණයේ පැවැති ජූරී සභාවකින් ඒකමතිකව තීන්දු විය.උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ඉදිරියේදී හත් දෙනකුගෙන් සැදුම්ලත් ජූරී සභාවකදී ඝාතනය සම්බන්ධයෙන් පැවැති සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්තිකාර යුද හමුදා සෙබළාට එරෙහිව තිබූ සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට තීරණය කෙරුණි.වර්ෂ 1995 මැයි මස 06 වන දින හෝ ඊට ආසන්න දිනකදී පුල්මුඩේ පොලිස් වසමේ කොට්ඨාස අංක 01 හි පදිංචිව සිටි අබ්දුල් ජවාහීර් කායිස් (13) උමර්දීන් මීරා සහීදු (70) මොහිදීන් බාවා අවීවා උමීමා (65) කචීචමොහොමදු බල්කිස් උමීමා (30) හා කචීච මොහොමදු පයාස් (04) යන පුද්ගලයන් ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තබා බරපතළ තුවාල සිදු කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වෙනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළ බවට නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.වසර ගණනාවක් අනුරාධපුර ‍මහාධිකරණය හමුවේ මේ සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනුණු අතර හිටපු මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය විත්තිකාර යුද හමුදා සෙබළාට 2009 වර්ෂයේ ඔක්තෝබර් මස 26 වන දින මරණ දඬුවම නියම කළාය. මහාධිකරණ විනිසුරුවරිය විසින් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් විත්තිකරු විසින් කොළඹ අභියාචනාධිකරණය හමුවේ තමන්ට සහන ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.ඒ අනුව අභියාචනාධිකරණයෙන් ලැබුණු තීන්දුවට අනුව නැවතත් මෙම නඩු විභාගය අනුරාධපුර මහාධිකරණයේදී ජූරි සභාවක් ඉදිරියේදී පැවැත්වුණු අතර ජූරී සභාව ඉදිරියේදී පැවැති සාක්ෂිවලට අනුව විත්තිකාර සෙබළාට එරෙහිව තිබූ පස් දෙනකු ඝාතනය කිරීමේ චෝදනාවලට ඔහු නිවැරැදිකරු බවට තීරණය කළ ජුරී සභාව සෙබළා නිදොස් කොට නිදහස් කිරීමට ඒකමතිකව තීන්දු කළේය.මෙසේ නිදොස් කොට නිදහස් කළේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවය කළ අංක 282 / 8 වලස්බැද්ද බණ්ාරවෙල ලිපිනයේ පදිංචි සෙබළ (00737) ගාර්දිය වැලිගමගේ ඉන්ද්‍ර කීර්ති ද සිල්වා යන යුද හ මුදා සෙබළායි.සියලු චෝදනාවලින් නිදහස් වූ යුද හමුදා සෙබළා අධිකරණයෙන් ඉවතට පැමිණ සතුටින් යුතුව කියා සිටියේ තමා මේ වරද කළේ නෑ.‘මට මරණ දඬුවම නියම වෙච්ච වෙලේ ඉඳන් මා බුදුදහමට අනුව භාවනා කළා. වරදක් නොකර මරණ දඬුවම හිමි වූ මාව එම දඬුවමින් ගලවා දෙන ලෙස බුදුන්ගෙනුත් දෙවිවරුන්ගෙනුත් ඉල්ලා සිටියා. මට විශ්වාසයක් තිබුණා එතුමන්ලා මාව නිදහස් කරයි කියලා.’ජේ.ඩී. නිලුෂා ශ්‍යාමලී, ඒ.එම්. නන්දා කුමාරි, අනුලා කුමාරි රත්නායක, පියසේනගේ කුමාරසේන, මාලනී හේවා පතිරණ, ලක්ෂාන් දයාසිරි, දිසානායක වීරසිංහ යන මහත්ම මහත්මීන් ජූරි සභාව මෙහෙය වූ අතර පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් රජයේ අධිනීතිඥ අග්බෝ පණ්ඩිතරත්න මහතා පෙනී සිටි අතර විත්තිකාර යුද හමුදා සෙබළා වෙනුවෙන් නීතිඥ භරණ කුබලාතර මහතා පෙනී සිටියේය..
NEWS
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
2014 අවුරුද්දෙ නත්තලත් ලැබුවා. අවුරුද්දක් ගිය ඉක්මන. ගියපාර නත්තල සැමරුවේ අද ඊයෙ වගේ. මේ අවුරුද්දෙ කවදාවත් නැතුව වහින්න ගත්තනෙ. මගෙ ජීවිතයේ පළවෙනි වතාවටයි මේ වගේ වැහි නත්තලක් උදා උනේ. වැස්ස හින්දම මේ පාර නත්තල් ගහ හදන්න උනෙත් නෑ. එළියෙ හදපු ගවලෙනත් වැස්සෙන් බේරගත්තෙ බොහොම අමාරුවෙන්. තාමත් වැස්ස ඉවර නෑනෙ. :(බලමු ඉස්සරහට. ඔබ සැමට සතුට සාමය සපිරි සුභ නත්තලක් වේවා.මෙන්න නත්තල ගැන මම ලියපු පෝස්ට්. කියවන්න බැරිවෙච්ච අයටයි මේ. 1. මේ පාර අපිටත් නත්තල් - මේ පෝස්ට් එකේ මම ලිව්වෙ ගිය අවුරුද්දෙ නත්තල සමරපු හැටි. නත්තල් සැරසිලි කීපයකුත් ඔය ගොල්ලන්ට පෙන්නුවා මතක ඇතිනෙ.2. මාරයා නොදාන සීට්ටු - අපේ ගෙවල් කිට්ටුව සිදුවෙන සීට්ටු ක්‍රමයක් ගැනයි මේ විස්තරේ. මේ ක්‍රමය නත්තලට ආදාළ වෙන්නෙ ඒ සීට්ටුව දාන අයට ප්‍රතිලාභ ලැබෙන්නේ නත්තල් දිනයට වීම නිසා. ඒ නිසාම නත්තල් සීට්ටුව කියලයි ව්‍යවහාර වෙන්නෙ.3. මෙදා නත්තලට කැරොල් එකක් යමුද. - නත්තල් කාලෙට කතෝලිකයින් බහුලව ඉන්නා ප්‍රදේශවල පුංචි ළමයි රාත්‍රී කාලයේ ගෙයින් ගෙට ගිහින් නර්තනයේ ගායනයේ යෙදෙනවා. ඒ ගැන වැඩි විස්තර මේ පෝස්ට් එකේ තියෙනවා.4. ගවලනේ කතන්දරේ - නත්තල් කාලෙට හැම කතෝලික නිවෙසකම පාහේ දක්නට ලැබෙන ගවලෙන ගැන ලියවුන විස්තරයකුයි මේ.5. නත්තල් ගහක් හදමු - මේ නත්තල් ගහ ගැන විස්තරේ.6. ඔයත් Secret Santa කෙනෙක්ද. - මේ නත්තල් සීයාගෙ කතාව.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
දතක් හිරි වැටුණා.දත ගලවන්න කියල ගියේ ලගම තරු 5 හොටෙල් එකට.. එක දතක් වෙනුවට දත් දෙක තුනක්ම ගලවා ගන්න උනානේ. දත ගැලවීමේ කලාව. ඩිප්ලෝමා එකක් කර ගන්න බජාර් එකකට සෙට් වෙමු.නතින් මචං ගතමන්ට් එක සෙට් වෙනවා නම්, මොන්ටිසෝරි කොල්ලෙක් හොයා ගත්තා නම් උගෙන් අහගන්න පුළුවන් හෝඩි පොතමොකේද සිංහලද ..නෑ යකෝ දත ගැලවීම... අඩෝ රුපියලක් දීපන් ,අඩෝ 2 ක් දීපන් අයිස් එකක් කන්න, මටත් අරන් දීපන් මං පස්සේ උබට දෙන්නම්.දෙයි දෙයි බලන් හිටපන්. ඇට්ටර හුජ්ජ කොල්ලගේ ඉදන්, ලොම්පට නාකි ලොක්කෝ දක්වා දත ගලවන පට්ට අන්ඩයෝ ඕන තරම්.ලංකාවට වැඩියි.."ඒයි ඔබාමා අරන් පලයන්කෝ මෙයින් 50 ක් අරන් ගිහින් උබලගේ ප්‍රාන්ත 50 ට දාපන්. ගතමන්ට් එක ශේප් ". හිස් වෙච්ක පුර්සේ එකක් අරන් අපු Diesent කොල්ලෙක්, අලුතින් ඉස්කෝලෙට ආපු එවුන් ලගට ඇවිත් දිග ඇරියා.."මල්ලි අඩේ දාපන්කෝ 5 ක් මේක හිස් "..නංගි 5 ක් .. නොදකින් ගල් මුසලයා, ඉටිකොළ ගෙම්බෝ හිගා නොකා දත ගලවපන්, තෝ දත් දොස්තරලටත් අවනම්බුවක්"..'හලෝ මචං කොහොමද." රුපියල් 5 ක් නෑ බන්. මං ගිහින් එන්නම් .හැමදාම දත් ගැලෙව්වම වෙන්නේ දතත් නෑ ප්රෙන්තොත් නෑ ...අර වැඩේ කරලා දෙන්නම් මෙච්චරක් ඕන, ඉස්සෙල්ල ඇඩ්වාන්ස් වැඩේ උනාට පස්සේ ඉතුරුව.අන්න වැඩක් කර ගන්න පුළුවන් රස්සාවක්. පියන් රස්සවක් හොයාගෙන කරන්න පුළුවන් පාට් ටයිම් ජොබක්."මහත්තයෝ මේ දුවගේ කන ඇහෙන්නේ නෑ. අපි *******. මේ දුවගේ තාත්ත ඔත්පල වෙලා. අම්මත් නෑ. ඔපෙරතිඔන් එකට ලක්ෂ 10 ක් යනවා . අපිට කියකින් හරි ආධාරයක් කරන්න. "ටිකට් එකේ ෆෝන් නුම්බර් එකට කෝල් එකක්.."හලෝ ඇත්තද මේ දුවට ඔපරේෂන් එකක් කියන්නේ (නොම්බරේ තාත්තගේ කියල තිබුනේ)"අනේ දන්නේ නෑ පුතේ මේ ලගදී ඉදන් මේ වගේ කෝල් එනවා. අපේ ගෙදර දුවල නැනේ.....ලගදී ඉදන් මේ කරදරේ ( ඒ කතාකරන්නේ වයසක අම්ම කෙනෙක්)දැක්ක නේද...ඉගෙන ගනින් දැන් වත් හරියට දතක් ගලවන්න.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
කාලෙන් කාලෙට, උඹ එක එක කොක්කුන්ට යාළු වුනා,සමහර වෙලාවට උඹ ඒ කොක්කු එක්ක එකතුවෙලා මට කොජොක් කරනව,සමහර කොක්කු උඹව දාල ගියා, සමහර කොක්කුන්ට උඹ පයින් ගැහුව,මම පැත්තකට වෙලා මගේ වාරෙ එනකම් උඹ දිහා බලාගෙන හිටියා,කවුරුත් නැතිකොට, උඹ මට, මහ දවල් හද පෙන්නන කථා කරනව,මම මැරීගෙන උඩ බලාගෙන ඉන්නකොට උඹ ආයෙම කොකෙක් හොයාගෙන,මට පස්සෙ තේරුම් යනව මාස පොය දවසට, දවල්ට හඳ පායන්නෙ නෑ කියල,උඹනම් මාර කෙකියෙක්.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
අමීර් ඛාන් පිවිසෙන්නේ කුමන ක්ෂේත්‍රයට ද ඒ ක්ෂේත්‍රය හිරුගෙන් තරු බැබළෙන්නාක් මෙන් අලෝකවත් වන්නේය. අමීර් ඊළඟට බැබළවීමට යන ක්ෂේත්‍රය කුමක් ද? ඒ බොහෝදුරට දේශපාලනය විය හැකියි.මෑතකදී රාජ්‍ය සභාවට නිර්දේශ වුණොත් එහි යාමට අදහසක් නැත්දැයි මාධ්‍යවේදියකු ඔහුගෙන් විමසූ විට අමීර් පවසා ඇත්තේ ආරාධනාවක් ලැබුණොත් ඒ ගැන සලකා බලන බවයි. ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, නිළි රේඛා රාජ්‍ය සභාවට තේරුණේ ද මහජන ඡන්දයෙන් නොවෙයි.‘සචිනුයි, රේඛායි මගේ යාළුවෝ. ඒ අය කරන දේ ගැන විවේචනය කිරීමට මං අකැමැතියි. ඒත් ඔවුන්ට වගේ මටත් අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව සමාජයට යහපතක් කිරීමට යොදා ගත හැකිවේදැයි සිතා බලනවා. මා රාජ්‍ය සභාවට තේරුණොත් හැමදාමත් එහි සිටීවි.’අගමැති නරේන්ද්‍ර මෝදිගේ බලය විමධ්‍යගත කිරීම ගැන ද මෙහිදී අදහස් විමසුවේය. මෝදිගේ බලය විමධ්‍යගත කිරීම ගැන තමන්ට කිසිදු අදහසක් නැති බව පැවසූ ඔහු ඒ ගැන තමන්ට වඩා මාධ්‍යවේදියා දන්නවා ඇති බව කිව්වේ දේශපාලනයට තිබිය යුතු උපක්‍රමශීලීභාවය දැන් සිටම පෙන්වමිනි.මෙහිදී හින්දි සිනමාවේ කාන්තාවන්ට ගරුත්වයක් නැතිකම ගැන ද කතාබහ විය. ‘මොහ්රා සිනමාපටයේ ‘තූ චීස් බඩී හෛ මස්ත් මස්ත්’, දිල් සිනමාපටයේ ‘ජෙයිසි ඛාදි භෛ’ වැනි ගීතවලින් වැරැදි පණිවුඩයක් සමාජයට ලැබෙන බව කියූ ඔහු යළි තමන් කාන්තාවන් ගැන වැරැදි පණිවුඩ සමාජගත වන නිර්මාණවලට දායක නොවන බව පැවසුවේය.දෙසැම්බර් 19 වැනි දිනට තිරගත කිරීමට නියමිත ‘පී.කේ’ සිනමාපටයට පසු වෙනත් කිසිදු සිනමාපටයකට අමීර් ඛාන් අත්සන් කර නැත. රංගනයට සුදුසු චරිතයක් ලැබෙන තුරු අමීර් බලා සිටින්නේය.
CREATIVE
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
මුලින්ම ස්තුති වන්ත වෙනවා සිංහල පරිවර්නයට උදව් කරපු හැමෝටම.සයිබර් සිහින බක් මහ උලෙළ මේවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා තමයි ආරංචිය. වැඩි විස්තර බලන්න යන්න පුලුවන් ඉවෙන්ට් එකෙන්. 2011 වසරේ පටන් ගත්තු මේ වැඩේ ඔන්න හතර වෙනි පාරට තමයි 2014 පැවැත්වෙන්නේ. ආරංචියේ හැටියට නම් මේ පාර සරුයිලු. ඔය අවුරුදු උත්සවත් එක්ක මට වෙච්චි අකරතැබ්බි දෙකක්ම තියනවා.2011 දි, ගේට්ටුව ලඟ ටිකට් එක කඩන්න මේ කියන වෙලාවේ භාර වෙලා තිබ්බේ මට, ඉතින් මම එන එන එකාට ටිකට් කැඩුවා. ඔය අතරේ අපේ ප්‍රධාන ආරධිත අමුත්තන්ගෙන් කෙනෙක් වෙලා හිටියේ ඉන්ද්‍රනාථ තේනුවර මහත්තයා. මම මුලින් ඉදන් දැනං හිටියා එතුමා එනවා කියලා. ඒ දැන දැනත් මූන බලාගෙන කැඩුවානේ ටිකක් එකක්. අපරාදේ කියන්න බැහැ මම මට පැවරිලා තිබ්බ ටිකට් කැඩිමේ යුතුකම ගානට ඉටු කලා. ඇත්තටම එතන උනේ කලබල කාරීත්වයත් එක්ක මට අතපසුවීමක්. කොහෙම හරි ඒ මහත්තයා ඒක ගනං ගත්තේ නැහැ, ඔහු තේරුම් ගත්තා එතන වෙච්ච දේ :D ටිකට් එකට සල්ලිත් දිලා, ආපු වැඩෙත් හොදට කලා.2013 දි, මතක ඇතිනේ බ්ලොග් පොස්ට් වලින් ගිය වලියක් යතාර්තයක් බවට පත් උනේ මහරගම යූත් සෙන්ටර් එකේදි කියලා. එතනදි කෙහේ වලු පටලව ගත්ත එක කෙල්ලකේට හොඳටම තද වෙලා ඩිජේ එක ලඟට ඇවිත් ඇහැව්වා කවුද මේකේ සභාපති කියලා, අනේ ඉතින් මාත් අතල් එකට මම ඇයි මොකේ කියලා ඇහැව්වා. බුදු අප්පේ අර කෙල්ල කිව්වේ නැද්ද 500Kmph වේගයෙන් කියුම් ටිකක්, විනාඩියකින් විතර පස්සේ තමයි මට මීටර් උනේ අහක යන කුනුගොඩක් නේද මේ කියලා. සද්ද නොකර ඉදලා සද්ද නොකරම හිටියා මම, ඉල්ලං කාපුවා කියලා. කොහෙම හරි ඒ කෙල්ලට පස්සේ තේරුනා කරපු වැඩේ වැරදියි කියලා.2014 වසරේදි එවන් සිදු වීමක් නොවේවා කියන ගමන්, පොඩි මතක් කිරීම්ක් කරන්න කැමතියි. 20 වෙනිදාට ඒ පරිසරය ගැන හිතලා, අපේ අවුරුදු උලෙල නිමාවන විටත් අපිරිසිඳු නොකරන ලද ක්‍රීඩා පිටියක් ඔවුන්ට නැවත භාරදිය යුතුයි කියන දේ අපි හොඳට සිහිතබා ගන්න ඕනේ. සංවිධායක කමිටුව මේ ගැන විශේෂ සැලකිල්ලක් දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔය වලි එහෙම යනවා නම් කලින් මාධ්‍ය දැනුවත් කරන්න ඕනේ. මොකද මධ්‍ය අවාරණ නැති වලියක් තමයි 2013 දී තිබිලා තියෙන්නේ :Dතව දෙයක්, මෙවර අපිට අනුග්‍රහය දක්වන අයට හා අනික් අය දැනුවත් කරන්න, හැකි අය පහත විජෙට් දෙක එල්ල ගන්න<object width="230" height="300" data="https://googledrive.swf"></object>එහෙන්ම් 20 හමු වෙමුවැප්.
BLOG
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සංගීත ගුරුවරයා වූ ජයන්ත සිරිසේන පියාගේ අඩිපාරේ යමින් ප්‍රණීත් සාරංග දක්ෂ වයලීන වාදකයකු වන ලකුණු පෙන්වූයේ පාසල් අවධියේ සිටයි. පාසල් සිසුවකුව සිටියදී ම සමස්ත ලංකා වයලීන තරගවලින් ජය ගැනීමට ඔහු සමත් විය. යෞවන සම්මාන උළෙලේ දී ඒකල වයලීන ඉසව්වෙන් හොඳම වාදකයා බවට ද පත් වූ ප්‍රණීත් 1994 වසරේ දී වයලීන වාදකයෙක් ලෙසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවයට බැඳුණේය.වාදකයකු ලෙස සේවය කරන අතරේ ම ඔහු දැයේ දූ දරුවනට තම සංගීත දැනුම අඩුවක් නැතිව ම බෙදා දෙන ගුරු පියකු ද විය. ගී තනු නිර්මාණ ශිල්පියකු වන ප්‍රණීත්ගේ නිර්මාණ ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව නිෂ්පාදනය කළ ජාතික තොටිල්ල හා ගී මියැසිය වැඩසටහන් විචිත්‍රවත් කළ අවස්ථා බොහෝ විය.එපමණකුදු නොව මෙරට රූප මාධ්‍යයන් බොහොමයකින් පැවැත් වූ සංගීත වැඩසටහන්වලින් ඔහු ඔබේ ආලින්දයට පැමිණ ඇත. ඒ, සිරස ටී.වී හි සංගීත සාජ්ජේ, ජාතික රූපවාහිනියේ රිදම් චැට්, ශනිදා ආයුබෝවන්, නුග සෙවණ, ඉරෂ්මි හා ටී.වී. ලංකා තුළිනි. රණවිරු රියල් ස්ටාර් වැඩසටහනට ද ආරම්භයේ සිට ම වයලීන වාදකයකු ලෙසින් තම දායකත්වය සපයන ප්‍රණීත් ඔබ අප සියලු දෙනාට සංගීත රසය බෙදා දීමට සමත් වූ ශිල්පියෙකි. වයලීනයෙන් සුවහසක් සිත් සතන් අමන්දානන්දයට පත් කළ ඔහුගේ මියුරු සත්සර තුළ ගැබ් වූ නොඇසෙන ශෝකී රාවයක් ද විය.මේ වන විට වකුගඩු දෙකම අක්‍රීය වීම නිසා ප්‍රණීත් සිටින්නේ ජීවිත අවදානමකයි. මේ ඔහුට අපගේ උදවු උපකාර හා කරුණාව ලැබිය යුතුම මොහොතකි. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නම් හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන්ගේ අදහසයි. අනුන්ට කරදරයක් වීමට අකැමැති මේ සොඳුරු වාදකයා වසර කිහිපයක් තිස්සේ තමා උපයන මුදල් ශල්‍යකර්මය සඳහා යෙදවීමට සිතුවත් දෙදරු පියකු ද වන ඔහුට එය අසීරු කටයුත්තකි.ප්‍රණීත් වෙනුවෙන් ඔබටත් යමක් කළ හැකි නම් මේ එයට හොඳම අවස්ථාවයි. 071-8012848 හා 0777565505 දුරකතන අංකවලින් ඔබට ඔහු ඇමතිය හැකිය.පෑන් ඒෂියා බැංකුවේ (ගාල්ල ශාඛාවේ) 254934410213 හෝ සෙලාන් බැංකුවේ 061002211540101 යන ගිණුම් අංකවලට ඔබගේ පරිත්‍යාගය බැර කළ හැකියි.සටහන – අයන්තිඡායාරූපය – නලින් උඩුගම්පල  