text
stringlengths
0
6.69k
<index>25</index>
<phrase>මගේ ආචාරය!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ලලිත් ප්‍රේමලාල්</author>
<date>2013-09-26 21:59:01</date>
<index>26</index>
<phrase>මගේ අම්මට 73ය් උක්කුඅම්මටයි සියලු අම්මලාටයි දීර්ගායුෂ ලැබේවා ..</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>හේමාල්</author>
<date>2013-09-27 00:45:40</date>
<index>27</index>
<phrase>මේ ආච්චි අම්මාට බුදු සරණයි.දෙවි පිහිටයි. ඇය රැක බලාගන්නා කාටත් තිස් තුන් කෝටියක් දේව ආරක්ෂාවයි. නිදුකින් සතුටින් දිනේ...</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>රේණුකා විදානගම</author>
<date>2013-09-27 12:46:09</date>
<index>28</index>
<phrase>ආච්චි අම්මට සියලු දෙවි රැකවරණයි !!!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ම.ක්.පෙරේරා</author>
<date>2013-09-27 17:37:54</date>
<index>29</index>
<phrase>චිරන් ජයතු!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ලලී</author>
<date>2013-09-28 23:49:11</date>
<index>30</index>
<phrase>අම්මේ, ඔබට නිරෝගී සුව පතමි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අමදිනි</author>
<date>2013-10-02 11:14:22</date>
<index>31</index>
<phrase>ඔබට නිරෝගි සුව ලැබේවා !!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>නිසසංසලා</author>
<date>2015-02-18 21:24:32</date>
<index>32</index>
<phrase>ආච්චි අම්මට බුදු සරණයි. ගොඩක් සතුටුයි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>169062</articleId>
<title>අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල</title>
<author>ලංකාදීප කර්තෘ මණ්ඩලය</author>
<date>2013 සැප්තැම්බර් මස 15 12:42:06</date>
<body> 
මාතර දිස්ත‍්‍රික්කයේ මොරවක් කෝරළයේ පිහිටි ඓතිහාසික ගැටබරු රජ මහ විහාරස්ථානයේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ අතීතය වළගම්බා රජ සමය තෙක් දිව යයි. ‘‘රුහුණේ පුංචි කතරගම’’ යන විරුදාවලිය ලත් මේ දේවාලයේ බලගතුකම නොදන්නා කෙනකු දකුණු පළාතේ නොමැති තරම්ය.
ඒ තරමටම ගැටබරු දේවාලය ජනතාවට සමීප වී පවතී. නිවසක දානයක්, පිරිතක්, පිංකමක්, උත්සවයක් ආදී කිසියම් සුබ කටයුත්තක් පවත්වන්නේ ද ඊට පෙර ගැටබරු දේවාලය වෙත ගොස් පඬුරු ගැට ගසා බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීම මොරවක් කෝරළේ ජනතාවගේ සාමාන්‍ය පුරුද්දකි.
එමෙන්ම කිසියම් සොරකමක්, මංකොල්ලයක්, අපහාසයක් ආදී  ඕනෑම අකටයුත්තක දී ද, ජනතාවගේ පිහිටට සිටින්නේ එම දෙවියන්ය. පොලිසියට හෝ අධිකරණයට වඩා යුක්තිය පිළිබඳ සොයා බලා වැරැදි කළ වුන්ට නිසි දඬුවම් ලබා දීමට රජ්ජුරු බණ්ඩාර දෙවියන් ක‍්‍රියා කරන බව ඔවුන් තුළ විශාල විශ්වාසයක් පවතී.
හොඳට හා නරකට යන දෙකටම පිහිට වන මේ දෙවියන්ට ‘එවෙලේ දඬුවම් දෙන දෙවියන්’ ලෙසද ගම්මු හඳුන්වති. එතරම් විශාල බලයක් තිබෙන ගැටබරු දේවාලය ගාල්ල දෙනියාය ප‍්‍රධාන මාර්ගයේ කොටපොල කිලෝමීටර් 69ත් 70ත් අතර කොටසට ගිය විට වැඳපුදා ගත හැකිය.
මහා වංශයේ සඳහන් පරිදි වලගම්බා රජු සතුරු ආක‍්‍රමණිකයින්ගෙන් මිදීමට සැඟවී සිටි රුහුණේ කඳු ශිඛර මත ඉදි කළ ලෙන් විහාරයක් ලෙසද මෙම ස්ථානය හැඳින්වේ. ගැටබරුව සමගම රුවන්කන්ද, එළමල්දෙනිය, ඌරුමුත්ත හා සිත්තම්ගල්ලෙන ආදී සිද්ධස්ථාන ද එම යුගයේ බිහි වූ බවට ද විශ්වාසයක් පවතී. කන්ද උඩරට රාජ වංශයේ බණ්ඩාර සම්භවයෙන් පැවත ආ බණ්ඩාරවරුන් ප‍...
කෙසේ වෙතත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් අයුක්තියට අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටු කොට දඬුවම් ලබාදෙන දෙවියකු බව සියලූ දෙනා අතර ප‍්‍රකටය. තම ජීවිතයට සොර සතුරු බියක් නින්දා අපහාසයක් සිදු වෙයිද ඒ  ඕනෑම දෙයකට පිහිට ලබා දෙන්නේ මේ දේවාලයෙනි. එම නිසා පලි ගැසීම, අවලාද කිරීම, වස් කවි කීම හා පොල් ගැසීම මෙම දේවාල භූමියේ අලූත් දෙයක් නොවේ.
දෙනියාය ප‍්‍රදේශය ආශ‍්‍රිතව ගව සොරකමක් වේද? නිවසක් සොරු බිඳින්නේද? බොහෝ අය ඒ ගැන පැමිණිලි කිරීමට පොලිසිය වෙත යාම වෙනුවට කරන්නේ දේවාලය වෙත පැමිණීමය. ඒ තරමටම රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැරැදිකරුවන්ට දෙන දඬුවම පිළිබඳ විශාල විශ්වාසයක් ජනතාව අතර පවතී. එබැවින් විශ්මිත හා හාස්කම් වලින් සපිරි මෙම පුණ්‍ය භූමිය ‘කිව්වොත් නොවරදින තැන...
දුකට මෙන්ම සැපතට ද සිටින ගැටබරු දේවාලය සොයා ගැනීම පිළිබඳව ද ඇත්තේ අපූරු කතන්දරයකි. ක‍්‍රිස්තු වර්ෂ 1834 දී කොටපොල, කෙසෙල් කොරටුවේ ගෙදර පදිංචිව සිටි එළියස් හාමි නමැති දඩයක්කරු සතුන් දඩයම් කිරීමට ගැටබරු කන්දට ගොස් ඇත. එවිට ඉදිරියට පැමිණි ගෝනෙක් ආපසු හැරී දුව ගොස් තිබෙන අතර ඌ නතර වී ඇත්තේ ගල් ලෙනකය. ඒ පසුපස දුවගිය දඩයක්කර...
 
 
එම සිද්ධිය ගම පුරා පැතිර යාමත් සමඟ මොරවක කොස්නිල්ගොඩ පදිංචි විදානපතිරණ කැටගොඩ උපාසක මහතා ගම්වාසීන්ගේ ද ආධාර උපකාර ඇතිව එම ස්ථානයේ තාවකාලික සංඝාවාසයක් ඉදි කර 1834 වසරේ දී හිමිනමක් එහි නතර කර ඇත. ඒ අනුව ගැටබරු රජ මහ විහාරස්ථ විහාරාධිපති පරම්පරාවේ ප‍්‍රථම විහාරාධිපති හිමියන් වන්නේ වීරසිංහ කන්දේ සුමංගල නාහිමියන් වහන්සේය.
ඉන් අනතුරුව 1953 වසරේ දී උඩ මළුවේ චාරිත‍්‍ර පූජෝත්සවය ලෙස ගැටබරු ඇසළ මහෝත්සවය ආරම්භ විය. අපවත් වූ රොටුඹ ශ්‍රී රතනපාල නාහිමියන්ගේ අනුශාසකත්වය මත සාම විනිසුරු එම්.ඞී. යාපා හා එවකට වරල්ල පොලිසියේ සේවය කළ මිරැුන්ඩෝ පෙරහර රාළහාමිගේ මෙහෙයවීම මත එම උත්සවය පවත්වා ඇත.
1956 වසරේ දී ප‍්‍රථම ගැටබරු පෙරහර වීථි සංචාරය වූ අතර අද වන විට මෙම පෙරහර මංගල්‍යය ජාතික මට්ටමේ ආගමික උත්සවයක් ලෙස රජය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම පූජා භූමියේ වර්තමාන දියුණුවේ පුරෝගාමියා ලෙස විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝනායක, ශාස්ත‍්‍රවේදී පණ්ඩිත බෙරලපනාතර චන්දවිමල නාහිමියන් කටයුතු කරයි.
උන්වහන්සේගේ මූලිකත්වයෙන් පහළ මළුවේ බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානය දියුණු කිරීම, උඩමළුවේ වැඩ හිඳිනා මාලිගය සංරක්ෂණය කිරීම, දක්ෂිණ දිසා වාහල්කඩ, පහළ බෝමළුව, රන් වියන සහිත ද්වාර මණ්ඩපය ඉදි කිරීම ආදී සංවර්ධන කාර්යයන් රැුසක් සිදු කර තිබේ. විශේෂයෙන්ම නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ගැටබරු රජමහ විහාරයේ කෘත්‍යාධිකාරි ආචා...
80 දශකයේ දී අභාවප‍්‍රාප්ත වූ මාතර දිස්ත‍්‍රික් අමාත්‍ය කීර්ති අබේවික‍්‍රම මහතා ද සුවිශේෂී මෙහෙවරක් මේ පූජා භූමියේ සංවර්ධනය වෙනුවෙන් ඉටු කර තිබේ. ඉන් පසු වර්තමානයේ ගැටබරු රජ මහ විහාරස්ථ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ උන්නතිය වෙනුවෙන් සැලකිය යුතු මෙහෙවරක නිරතව සිටින්නේ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටි...
ඓතිහාසික ගැටබරු රජ මහා විහාර බටහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ 57 වැනි මංගල්‍යය අද (15) සිට ලබන 21 වැනි දින දක්වා පැවැත්වේ. පළමු පේළි පෙරහර අද (15) සවස 2.00ට හිගුරුපනාගලින් ආරම්භ වී ගැටබරු විහාරස්ථානය දක්වා වීථි සංචාරය කෙරේ. දෙවැනි පේළි පෙරහර හෙට (16* සවස 2.00 වරල්ල උත්තරගිරි විහාරයෙන් ආරම්භ වී ගැටබරු විහාරය දක්වා ද තෙවැනි ...
මෙවර පළමු රන්දෝලි පෙරහර ලබන 18 වැනි දින රාත‍්‍රි 9.00 විහාරස්ථානයෙන් ආරම්භ වී හිගුරුපනාගල තේ සමිතිය දක්වා ගමන් කර නැවත ගැටබරුව වෙත ළඟා වීමට සැලසුම් කර තිබේ.
දෙවැනි රන්දෝලි මහා පෙරහර ලබන 19 වැනි දින රාත‍්‍රි 9.00 විහාරස්ථානයෙන් ආරම්භ වී ගල්දොල මංසන්ධිය දක්වා ගොස් නැවතත් ගැටබරුව වෙත ගෙවදීමට නියමිතය. අලි ඇතුන් සහිතව උඩරට, පහතරට හා සබරගමු සංස්කෘතිකාංග රැසකින් මෙවර පෙරහර මංගල්‍යය අලංකාර වෙයි. එහි බස්නායක නිලමේවරයා ලෙස කිංස්ලි ලියනගේ මහතා කටයුතු කරයි.
මීට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ කිලිනොච්චි ආඥාපති ආරක්ෂක මූලස්ථානය ඉදි කළ සම්බුද්ධ චරිතය රැගත් ඇසළ මහා තොරණ ද පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලය පුරාවට ප‍්‍රදර්ශනය කෙරේ.මෙවර උත්සවයේ දේව තොවිලය ලබන 20 හා 21 යන දෙදින උඩමළුවේදී පැවැත්වීමට නියමිත අතර 21 වැනි දින අලූයම ගිනි පෑගීමට ද නියමිතය. එදින දහවල් පැවැත්වෙන මහා දේව දානයෙ...
ගැටබරු කන්දේ පඩි එකින් එක උඩට නැග යාම තරමක් දුෂ්කර බව බැලූ බැල්මට පෙනෙන්නට විය. මම ඒ පිළිබඳව ඒ අසල සිටි ගම්වාසියකුගෙන් විමසුවෙමි. එවිට ඔහු කීවේ ‘‘මහත්තයෝ කිසි දෙයකට බයවෙන්න එපා. ඔබතුමා බය නැතිව උඩට යන්න. කකුල් දෙක රිදෙන්නේ නැහැ. රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ භක්තියෙන් උඩට යන්න පුළුවන්’’ කියාය.
ඒ අනුව මා දේව භක්තිය මුල් කරගෙන මිතුරකු සමඟ ගැටබරු කන්ද උඩට නගිමින් සිටියේය. මා සමඟ ගිය මිතුරා අවට කැළෑවේ වෙන දේවල්, නිධන් වස්තු ගැන කට මැත දොඩවමින් කියන විට සංඝාවාසය වැඩ හිඳිනා මාලිගය, රජ්ජුරු බණ්ඩාර දේවාලය, විෂ්ණු කතරගම දේවාල හා චෛත්‍ය වැඳ පුදාගෙන අප නැවතත් පහළට බැස්සේය.
ගැටබරු දේවාල භූමියේ පඩිපෙළේ පහළටම එන විට මා සමඟ කට මැත දොඩවමින් ගිය මිතුරාගේ කකුල පෙරළී ආබාධිත තත්ත්වයට පත් විය. අවසානයේ ඔහුගේ උරහිසින් අල්ලා නිවස වෙත එක්කරගෙන යාමට සිදු විය. එම අවස්ථාවේදී මෙම දේව අඩවියේ බලය කොපමණ දැයි මනාව පැහැදිලි විය. ඉන් පසු දින වන විට මාගේ කකුල් දෙක ද රිදෙන්න ඉඩ ඇතැයි සිතුවත් එය එසේ නොවීය. සුළු හෝ...
ඒ ආකාරයට මුළු මහත් මොරවක් කෝරළය පුරා බලය තේජස විහිදුවන ගැටබරු රජමහා විහාර බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගේ භක්තිය මෙපමණයි කියා විස්තර කළ නොහැකිය. ඒ තරමටම දෙවියන් බලගතුය. හොඳට හිටියොත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් ආශිර්වාද කරන අතර නරකට හිටියොත් දඬුවමක් මිස සමාවක් ලබා නොදෙයි. ඒ ගැටබරු දෙවියන් යුක්තිය ඉටු කරන අයුරු ය.
(විශේෂ ස්තූතිය - ගැටබරු ඇසළ උත්සව සංවිධායක කමිටුවේ සම්බන්ධීකරණ ලේකම් මහින්ද විදානපතිරණ මහතාට.)
 
 
 </body>
<comments>
<comment>
<author>ගමගේ</author>
<date>2013-09-15 21:47:54</date>
<index>0</index>
<phrase>මෙවැනි හාස්කම් කොතෙකුත් ඇත. අප බුද්දියට ගෝචර නොවුවද ඒ තුල සත්‍යක් ඇත. මම ද එවැනි අත් දැකීම් ලබා ඇත.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සෙන්තිල්</author>
<date>2013-09-16 00:36:18</date>