text
stringlengths
0
6.69k
ඒ ඇයගේ වාග් ප‍්‍රහාරයයි.
ඇත්තටම ඇයගේ ඒ වචන තුළ ගැබ් වී තිබුණේ තරහක් නොව විහිළුවකි. ඇය අප හා සමග සමීප වූයේ එලෙසිනි. අප ආ කාරණය නිරවුල් මනසින් හඳුනා ගන්නට තරම් ඇය මානසික ශක්තියකින්ද යුක්තය. අපි ඇයට ඉඩ දුනිමු. මිදුලේ තබන පුටුවක් මත ඇය අසුන් ගත්තාය.
බොහෝ දේ මේ පින්බර මාතාවගෙන් අසන්නට තිබුණත් ඇයගේ හඬට අපි අවනත වුනෙමු.
‘‘අපි කසාද බැඳලා ආවයින් පස්සේ සුද්දගෙ වත්තේ තමයි වැඩ කළේ. දවසට පැය හත අටක් හොඳට මහන්සි වෙලා වැඩ කොරනවා. අපේ උන්නැහෙයි මායි හරි හරියට එදා වැඩ කොලා. කිසිම ලෙඩක් දුකක් නෑ. බේත් පෙත්තක් පේන මානයට ගත්තෙ නෑ’’
ඒ උක්කු අම්මාගේ හඬින්ය.
‘‘මහත්තයෝ මම දරුවො දහ දෙනෙක් වැදුවා. ඉන් තුන්දෙනෙක් පුංචි සන්දියේම මළා.
ලොකුම දරුවා මගේ පුතා එයාට අවුරුදු 83 ක් වෙලා තමා නැතිවුණේ. පහුගිය දොහේ මගේ බාල දුවක් නැති වුණා. ඒ අවුරුදු 88 ක් වෙලා’’
ඇය තිස්තුන් වාරයක් පා ගමනින්ම ශ්‍රී පාදය තරණය කර ඇත. සිංහල බෞද්ධ කාන්තාවක් වූ උක්කු අම්මා සිය කනකර ආබරණ සියල්ල විකුණා අනුරාධපුරේ වෙහෙර විහාරස්ථාන ප‍්‍රතිසංස්කරණය සඳහා මුදල් ලබාදුන් බවත්, ඒ සඳහා තම සැමියා සමග ශ‍්‍රමය ලබාදෙන්නට ගිය බවත් කීවේ මහත් භක්තියෙනි. පින් රැුස්කරන්නට දැඩි කැමැත්තක් දැක් වූ මේ මාතාව වත්තෙන් ලැබෙන ඵ...
අදද මස් මාංශයෙන් වැළකී පිරිසුදු එළවළු ආහාරයට ගන්නා ඇය සුදුලූණු මාළුව කෑමට රුචිකත්වයක් දක්වන්නීය. චාම් ජීවිතයට වඩාත් ප‍්‍රිය කරන ඇය තමාට ලැබෙන වැඩිපුර තෑගි බෝග අනිත් උදවියට ලබා දෙන්නට කිසිම අවස්ථාවක මැලිකමක් නොදක්වා ඇය තබා ගන්නේ ඇඳුම් දෙකක් පමණි. කවුරු හෝ තෑගි බෝග රැුගෙන ගියහොත් ඇයට එපා නම් නැවත ඒවා රැගෙන යන ලෙස පවසන්නේ...
වසර 116 ක ජීවන අන්දරය තුළ ඇය අප ඉතිහාසයේ බොහෝ දේ පසු කළාය. ලමිස්සියක් වූ සන්දියේ සිංහල මුස්ලිම් කෝලාහලය ගැන ඇගේ මතකය වූවාය. එසේම ජපනුන්ගේ බෝම්බ දැමීම ගැන ඇයට පැහැදිලි මතකයක් ඇත.
‘‘ජපන්නු බෝම්බ දානවා කියලා ටවුමේ හිටිය ගොඩක් දෙනා අපේ ගම්මාන වලට ආවා.
අහස් යන්තරයක් උඩ යනවා දැක්කහම ඔක්කොම කැලෑවලට රිංගුවා’’
 
 
ඇයගේ සැමියා වූ බිළිදා උන්නැහේ මිය පරලොව ගියේ අවුරුදු 111 ක් ආයු වළඳාය. ඒ අතින් බැලූවහොත් වැඩිම කාලයක් යුග දිවිය ගෙවූ දෙමහල්ලන් ලෙස තවත් වාර්තාවක් ඔවුන් තබා ඇත. පිරිසුදු චේතනාවත් චාම් දිවියත් මේ යුවළට අපූර්වත්වය කැඳවා ඇති බව පැහැදිලිය.
‘‘ මට  ඕනේ දැන් නිදහස් වෙන්න’’
ඇයට දැන් ඇවිසි වී ඇත්තේ මේ දීර්ඝතම ජීවන යාත‍්‍රාවේන් එගොඩවීමටය. එහෙත් මිනිස් ජීවියකුට ලැබෙන පරම ආයුෂ බුක්ති විඳීමට තරම් ඇය වාසනාවන්තය. තවමත් තම දෛනික කටයුතු ටික තනිවම කරගන්නා උක්කු අම්මා අපටත් රටටත් සම්පතකි. ගිනස් වාර්තා පොතේ නම සටහන් නොවුණද අම්මේ ඔබ අපට ආඩම්බරයෙකි. ඔබට දිර්ගායු ප‍්‍රාර්ථනා කරමු.
 
 
 </body>
<comments>
<comment>
<author>නිශාන්ත-නාපොලි</author>
<date>2013-09-15 12:52:36</date>
<index>0</index>
<phrase>උක්කු අම්මට ජයවේවා -නිනි.නාපොලි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සෑම්</author>
<date>2013-09-15 13:37:33</date>
<index>1</index>
<phrase>අම්මේ ඔබට නිරෝගී බව සහ දීර්ගායුෂ පතමි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>දාසානායක</author>
<date>2013-09-15 21:55:19</date>
<index>2</index>
<phrase>බුදු සරණ වේවා සදහම් සරන වේවා .සග සරණ වේවා මෙතුන් සරණින් ජයම වේවා!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>කුමුදු</author>
<date>2013-09-16 11:00:49</date>
<index>3</index>
<phrase>ආච්චියෙ ඔබ රටටම ආඩම්බරයක්. බුදු සරණයි දෙවිපිහිටයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>නදීර්ෂි රණසිංහ</author>
<date>2013-09-16 12:39:46</date>
<index>4</index>
<phrase>මව්නි, ඔබට නිදුක් නිරෝගී සුව තව තවත් ලැබේවා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ජයී තිසර</author>
<date>2013-09-16 15:29:15</date>
<index>5</index>
<phrase>කෝටි දෙකක් ජනගහනය ලංකාවේ.. ඇය පමණක්ය ජීවන මඟ දුර ආවේ.. තිස් තුන් වරක් ශ්‍රී පාදය වැඳි තාවේ.. තුන් සරණේ පිහිට නොමදව ලැබුවාවේ---- මව් තුමි දකින නෙත් සතුටින් පිරි ඇත්තේ.. දහඩිය මහන්සිය ජීවිතෙ ඵල ගත්තේ.. දෛනික දිවියෙ පිහිටට අත පා නැත්තේ.. ආදර්ශයකි වයසක මව දී ඇත්තේ</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ස.අ. නසාර්</author>
<date>2013-09-17 10:02:20</date>
<index>6</index>
<phrase>ඔබට දීර්ඝායු පතමි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>දයා අළහකෝන්</author>
<date>2013-09-17 10:35:23</date>
<index>7</index>
<phrase>ගිනස් වාර්තාව නැතුවට කමක් නැහැ අම්මේ. නීරෝගීව ඔබතව බොහෝ කලක් වැජඹේවා</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ලීල් ගුණවර්ධන</author>
<date>2013-09-17 14:53:39</date>
<index>8</index>
<phrase>උක්කු අම්මේ ඔබව දැක්කම මට මගේ අම්මා දැක්කා වගේ. ඇයත් ආයුෂ 94 වැළදුවා.ඔබට නිරෝගී සුවය!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>දිලිප්</author>
<date>2013-09-18 12:05:53</date>
<index>9</index>
<phrase>ආච්චියේ ඔබට ජේසු පිහිටයි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ආනන්ද</author>
<date>2013-09-20 00:44:15</date>
<index>10</index>
<phrase>මෙවැනි මව්වරුන්ට මෛත්‍රී බුදුනුත් ජේසු සමිදුනුත් දැකීමට වාසනා වේවා!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>