text
stringlengths 0
6.69k
|
|---|
</comments>
|
</newsArticle>
|
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
|
<newsArticle>
|
<articleId>125120</articleId>
|
<title>අලුත් පාලම් 200ක් එයි</title>
|
<author>කෝවිද ගුණසේකර</author>
|
<date>2013 මැයි මස 21 12:43:38</date>
|
<body>වානේ වලින් සැදි පාලම් 210 ක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට ශ‍්‍රී ලංකා රජය පසුගියදා අත්සන් කළේය.
|
ගිවිසුම ඇතිවූයේ ප‍්‍රකට බි‍්‍රතාන්‍යය පාලම් ඉදිකිරීම් සමාගමක් වන ක්ලීව්ලෑන්ඞ් සමාගම සමගය.මේ සදහා වැය කිරීමට අපේක්ෂිත මුදල පවුම් ලක්ෂ 350 කි.මුදල් ලබාගැනෙනු ඇත්තේ විදෙස් ණයක් ආධාරයෙනි.ව්‍යාපෘතිය වසර 3 ක් ඇතුළත නිම කිරීමට සැළැසුම් කර ඇත.මීටර 6 සිට මීටර 30 දක්වා දිග පරාසයන්ගෙන් යුත් පාලම් මේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරේ.
|
ව්‍යාපෘතියෙන් දුෂ්කර පළාත්හි පාලම් පිහිටවිය යුතු ස්ථාන සොයා බලා පාලම් ඉදිකිරීම සිදුකෙරෙනු ඇත.මීට අමතරව වැසි සමයේදී විනාශව යන වැල් පාලම් ආදිය පිහිටන ස්ථානවල නව තාක්ෂණික ක‍්‍රම අනුගමනය කොට පාලම් ඉදිකිරීමද සිදුවනු ඇත.දුෂ්කර පළාත්ද රටේ සෙසු පළාත් හා යා කිරීම මගින් සංවර්ධන කාර්යයට එකතු කර ගැනීම මේ ව්‍යාපෘතියේ අරමුණයි.
|
පාලම් ඉදිකිරීම සදහා අවශ්‍ය වන අමුද්‍රව්‍යයන් බි‍්‍රතාන්‍යයේ සිටම ආනයනය කිරීමට නියමිතය.ව්‍යාපෘතියේ වැඩ කටයුතු ලබන ජූලි මාසයේ සිට ඇරඹෙනු ඇත.</body>
|
<comments>
|
<comment>
|
<author>නන්දන</author>
|
<date>2013-05-21 13:40:05</date>
|
<index>0</index>
|
<phrase>සාමාන්‍යෙයන් තාක්ෂනයෙන් දියුණු යුරෝපේ ඇමරිකාව වගේ රටවලින් කොමිස් මුදල් දීලා කොන්ත්‍රාත් අල්ලන ක්‍රමයක් නැහැ. මොකෝ හොද බඩු හදන නිසා හොද නමකුත් ඇති නිසා කේවල් කරන්න එයාලට අවශ්‍ය නැහැ. චීන සහ ඉන්දියන් තමයි කොමිස් දෙන්නේ. මොලේ පාවිච්චි කරලා බ්‍රිතාන්‍යයට දීලා තියනවා. ස්තුතියි.</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නීල්</author>
|
<date>2013-05-21 14:04:31</date>
|
<index>1</index>
|
<phrase>අතුරුගිරියේ වානේ සංස්ථාවේ යකඩ වානේ නැතුවද එංගලන්තයෙන් අමුද්‍රව්‍ය ගේන්නේ. තව තවත් ණය තුරුස් වෙන්නේ අපේ රට දැනටමත් කිරියෙන් පැණියෙන් උතුරන නිසාද? පවුම් ලක්ෂ 350 ක ණය ආපසු ගෙවන්න තරම් ආදායමක් ඔය පාලම් නිසා ලැබෙනවා නම් තවත් ණය වුනාට ප්‍රශ්නයක් නැහැ.</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අරුණ</author>
|
<date>2013-05-21 14:39:06</date>
|
<index>2</index>
|
<phrase>මේතරම් දියුණු ලෝකයක ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්න දිනපතා කතාකරන එක නැවැත්වීමට ගත් හොඳ ආරම්බයක්. දැන් කාපට් නොකරපු පාරක් සොයා ගන්න බැරි ගානයි</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>නීල්</author>
|
<date>2013-05-21 14:42:57</date>
|
<index>3</index>
|
<phrase>ඇත්ත ! ඇමෙරිකාව එංගලන්තය කොමිස් මුදල් දෙන්නේ නැහැ ව්‍යපෘති අරගන්න. ඒ හොඳ බඩු හදන නිසාවත් හොඳ නමක් තිබෙන නිසාවත් නොවෙයි, ලෝක දේශපාලන ආධිපත්‍ය නිසා. මෙතන ප්‍රශ්නය තියෙන්නේ ලෝකෙට ණයවෙලා ටිප් ටොප් වැඩ ජේත්තුවට කරන එකේ අර්ථය කුමක්ද යන්නයි, මෙච්චර අපේ රටේ වානේ තියෙද්දී.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ගයාන්</author>
|
<date>2013-05-21 15:00:05</date>
|
<index>4</index>
|
<phrase>ගොඩාක් හොද වැඩක්</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ලලිත්</author>
|
<date>2013-05-21 15:59:57</date>
|
<index>5</index>
|
<phrase>අමුද්‍රව්‍යයන් බි‍්‍රතාන්‍යයේ සිටම ගෙනෙනකොට මොන මොනවාද ගේන්නේ කියලා හොයන්නත් වෙනවා.</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ඩිල්ස්</author>
|
<date>2013-05-22 05:22:26</date>
|
<index>6</index>
|
<phrase>මේක බොහොම හොඳ වැඩක්, නමුත් ගමේ දුෂ්කර පාලම් වලට පළමු තැන ලැබිය යුතුයි. රූපවාහානියේ පෙන්නපු දුෂ්කර පාලම් වලට ලැබිය යුතුයි.</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>මොහමඩ්</author>
|
<date>2013-05-22 10:23:55</date>
|
<index>7</index>
|
<phrase>ලංකාවේ අමුද්‍රව්‍ය යොදල කරනවා නම් විදේශයෙන් ගන්න ණයෙන් බාගයකට වඩා අඩුකර ගත හැකි බව මගේ අදහසයි</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>වරුණ</author>
|
<date>2013-05-22 11:45:38</date>
|
<index>8</index>
|
<phrase>ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා මියයන්න කලින් ජීවිතේ අන්තිමට තිබ්බ මුල්ගල තිබ්බේ පානදුරේ ගුවන් පාලම හදන්න. හැබැයි එතුමත් මැරිලා වසර 5ක් විතර වෙනවා. තාම මුල් ගලේ මොටෙයියා වත් ඇදලා නැහැ. ඒත් සමරු පලකයනම් තාම තියෙනවා. අනුමත වුන මුදල් වලට මොකද උනේ කියල දෙයියෝ තමයි දන්නේ?</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>ජෙෆ්</author>
|
<date>2013-05-22 12:02:55</date>
|
<index>9</index>
|
<phrase>ඉතාම අගය කල යුතු කාර්යක්. පාසල් යන දරුවනට, රෝගියකුට, ගොවි මහතුන්ට එදිනෙදා කටයුතු කරගත නොහැකිව දුෂ්කර ගමනේ යෙදෙන ජනතාව වෙසෙන පළාත් සොයා බලා මෙම පාලම් ව්‍යාපෘතිය සිදුවිය යුතුයි.</phrase>
|
<sentiment>POSITIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>රිස්වාන් ඩුබායි</author>
|
<date>2013-05-22 16:10:39</date>
|
<index>10</index>
|
<phrase>පාලම් හදනවාට වඩා දුම්රිය ගේට්ටු ටික හැදුවා නම් නේද හොද?</phrase>
|
<sentiment>NEGATIVE</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අපොන්සු</author>
|
<date>2013-05-22 17:54:53</date>
|
<index>11</index>
|
<phrase>මේ පාලම් ණයේ එක කොන්දේසියක් තමයි ඒ පාලම් එංගලන්තයේ නිෂ්පාදනය කළ යුතුබව. අපිට ඒ ණය අරන් ලෝකයේම ටෙන්ඩර් කැඳවලා කැමති කෙනෙකුට වැඩේ බාර දෙන්න බැහැ. ඒ ණය මුදල පාවිචි කරන්න වෙන්නේ ඒ ගොල්ලා කියන විදියට විතරයි. ඒ ගොල්ලා කියන ගානට, කියන තැනකින් පාලම ගන්න වෙනවා. එහෙම නේද?</phrase>
|
<sentiment>NEUTRAL</sentiment>
|
</comment>
|
<comment>
|
<author>අමල්</author>
|
<date>2013-05-22 18:01:27</date>
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.