text stringlengths 0 6.69k |
|---|
</comment> |
<comment> |
<author>දිමුත්</author> |
<date>2016-09-10 01:04:12</date> |
<index>26</index> |
<phrase>එහේ එළවන අයට මෙහේ නම් ලයිසන් දෙනවා.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සමරේ</author> |
<date>2016-09-10 01:13:29</date> |
<index>27</index> |
<phrase>ආණ්ඩුවට තියෙන බටහිර හිතවත්කම් නිසා තමයි ඔය උද්ඝෝෂණකාරයන්ට තහනම දාලා තියෙන්නේ කියලයි අපි නම් හිතන්නේ. ඕක පැවැත්වෙන්න ඇරියොත් වාසිය කාටද කියලා තේරෙනවනේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ජනහිත</author> |
<date>2016-09-10 01:57:02</date> |
<index>28</index> |
<phrase>ඔව් නාමල්, මැදමූලන වීරයා එදත් වීරයා අදත් වීරයා තමයි අපිට</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>අතුල</author> |
<date>2016-09-10 03:20:32</date> |
<index>29</index> |
<phrase>මීටකලින් තිබුණ උද්ඝෝෂණ වලට බටහිර රටවලින් මෙහෙම තහංචි දැම්මේ නැහැනේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගාමිණි</author> |
<date>2016-09-10 03:32:34</date> |
<index>30</index> |
<phrase>සුමිත්‍රා, ඇස ඇරුණු නිසා තමා අපි හොර පවුල 2015 ජනවාරියේදී පැන්නුවේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නන්දිමිත්‍ර</author> |
<date>2016-09-10 05:12:05</date> |
<index>31</index> |
<phrase>ජනහිත, මැදමූලනේ වීරයාට උණ ගැනිලා ඇති දැන් දුමින්දට වෙච්ච වැඩේ දැකලා. තවටිකයි ඔහොම කකුලෙන් අදින්නේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>රුවන්</author> |
<date>2016-09-10 05:25:37</date> |
<index>32</index> |
<phrase>දෙමළ ඩයස්පෝරාව විරුද්ධ මහින්ද රාජපක්ෂට නොව සිංහල බෞද්ධයින්ටයි. එය මෙහෙයවන කණ්ඩායමේ අභිමතාර්ථය කුමක්ද කියා සොයා බැලුවොත් සිතාගන්න පුළුවන් වෙයි මේ සදාකාලික විරෝධය කොහෙන්ද එන්නේ කියලා. අපේ ලංකාවේ අයට මේ ගැන කිසිම අවබෝධයක් නැහැ.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සේනක-ඉතාලිය</author> |
<date>2016-09-10 05:44:02</date> |
<index>33</index> |
<phrase>නාමල්, ඔයාට හිතෙට අමාරු රටේ ත්‍රස්තවාදය නැතිකරපු නිසාද? ඔයගොල්ලො අැමරිකාවට වෙලා ඩොලර්වලට යටවෙලා අපේ රට ජාතියට පහත් විදියට කථා කරන්න එපා. අද අැමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වල මිනිසුන් ජිවත්වෙන්නෙ අපි අවුරුදු ගාණකට කලින් ජීවත්වුණ විදියට</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>විජිත</author> |
<date>2016-09-10 06:03:22</date> |
<index>34</index> |
<phrase>නාමල් වගේ අය තවත් අපේ රටේ ඉන්නවනේ?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
</comments> |
</newsArticle> |
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?> |
<newsArticle> |
<articleId>45871</articleId> |
<title>ගොවියා නියර මත තැබූ දුරකථනය බැල්ලියක සොරාගෙන</title> |
<author>ජයරත්න වික‍්‍රමාරච්චි</author> |
<date>2012 ජූනි මස 01 09:14:40</date> |
<body>ගොවියකු කුඹුරට යද්දී රැගෙන ගොස් නියරක් උඩ තැබූ සිය ජංගම දුරකථනය බැල්ලියක සොරාගෙන විත් කැලෑවක අතහැර දමා තිබිය දී සොයා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවූ පුවතක් සාලියවැව යාය හත ප‍්‍රදේශයෙන් පසුගිය දිනක වාර්තා විය. |
එම වාර්තාවට අනුව මෙදින උදෑසන තම කුඹුරට ගොස් ඇති මෙම ගොවි මහතා සිය අත වූ ජංගම දුරකථනය නියරක් මත තබා කුඹුරට ජලය හැරවීමේ කටයුත්තෙහි නිරතවී ඇත. මේ සඳහා ඔහුට පැය දෙකක පමණ කාලයක් ගතවී තිබේ. තමන් ආ කාරණය එසේ අවසන්කොට ආපසු නිවසට යාමට සූදානම් වූ ගොවි මහතා දුරකථනය ගැනීම සඳහා එය තැබූ තැනට ගොස් බැලූවත් එය පෙනෙන්නට නොතිබීම නිසා මදක් කල්පනාකොට ඇත්තේ යම් හෙයකින් එය මෙතැන නොව වෙනත් තැනකවත් තැබුවාද යන සිතිවිල්ලක් ඇතිවූ නිසාය. |
ඒ අනුව ඔහු කෝකටත් කියා කුඹුරේ සෑම නියරකම වාගේ ඒ මේ අත ඇවිදිමින් දුරකථනය සොයන්නට විය. නමුත් දුරකතනය තියා ඒ ගැන හෝඩුවාවක්වත් දැන ගන්නට මෙහිදී ඔහුට හැකිවී නැත. දුරකතනය කිසිවෙකුත් සොරාගන්නට විදියක් ද නැත. හේතුව අතරමග ගෙවත්තක සිට ඔහු පසුපසින් කුඹුරට පැමිණි බැල්ලියක හැර වෙනත් කිසිවෙකුත් කුඹුරෙහි නොසිටි නිසාය. නමුත් එම බැල්ලිය ද දැන් පෙනෙන්නට නැත. |
මෙහිදී කෝකටත් කියා ගොවි මහතා කිලෝ මීටරයක පමණ දුරින් පිහිටි තම නිවසට ආපසු ගොස් වෙච්ච දේ බිරියට ද පවසා පසුව ඇයත් සමග නිවසෙහි තිබූ තවත් දුරකතනයක් ද රැගෙන නැවතත් කුඹුරට පැමිණ ඇත. කුඹුරට පැමිණි ඔහු එසේ රැගෙන ආ දුරකතනයෙන් නැතිවූ දුරකථනයේ අංකයට ඇමතුමක් ගෙන ඇත. එවිට එම දුරකථනය තවමත් කි‍්‍රයාත්මක වන බවට තහවුරු වී ඇත. නමුත් එය කුඹුරු සීමාව තුළ නොවන බව වැටහී ගියේ ඒ ආකාරයට මුළු කුඹුරේම ඇවිද ගියද එහි හඬ පිටතට නොඇසුණු නිසාය. |
උත්සාහය අත් හරින්නට ද හිතක් පහළ නොවූ තැන මොහොතක් කල්පනා කළ ගොවි මහතා මුලින්ම තමන් පසුපසින් කුඹුරට පැමිණි බැල්ලිය කොහේදැයි සොයන්නට තීරණය කළේය. ඒ අනුව බිරිය එක් මාර්ගයකිනුත් ගොවි මහතා තවත් මාර්ගයකිනුත් ආපසු නිවසට ගමන් කිරීමට කතිකා කර ගත්හ. දෙවනුවට ගෙනා දුරකතනය ද කි‍්‍රයාත්මක කරමින් මෙසේ ඉදිරියට ගමන් කරමින් සිටි ගොවි මහතාට එක්වරම මග අයිනේ කැලෑ රොදකින් නැතිවූ දුරකථනයේ නාදය ඇසී ඇත. ඒ අනුව වහාම ඒ දෙසට ගිය ඔහුට බිම නාදවෙමින් තිබූ තම නැතිවූ ජංගම දුරකථනයත් ඒ ආසන්නයට වී දුරකථනයෙන් පිටවන හඬට සවන්දීගෙන සිටින බැල්ලියවත් දැක ගැනීමට ලැබී ඇත. |
”බැල්ලි තමයි ෆෝන් එක ගෙනිහින් තියෙන්නෙ. ඒක එයා හපල පිටුපස කොටස ගැලවිලයි තිබුණෙ, හොඳ වෙලාවට බැටරිය ගැලවිලා තිබුණෙ නෑ, එහෙම වුණා නම් ෆෝන් එක හම්බ වෙන්නෙ නෑ. සමහරවිට මම ඒකට කෝල් නොගත්ත නම් එයා ඒක එයාලගෙ ගෙදරටම අරන් යයි. කොහොම වුණත් දුරකථනයට අමතර කොටස් දමන්න රුපියල් 300ක් විතර වැය වුණා. මදෑ ඔයින් ගියා” එම ගොවි මහතා එසේ කීවේය.</body> |
<comments> |
<comment> |
<author>සක්කරවට්ටම්</author> |
<date>2012-06-01 09:35:40</date> |
<index>0</index> |
<phrase>අනේ ඉතින් එයාටත් චැට් කරන්න හිතෙන්න ඇති..ආදරේටනේ ඉතින්....</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්</author> |
<date>2012-06-01 10:35:23</date> |
<index>1</index> |
<phrase>බල්ලෙක්ට කෝල් එකක් දෙන්න ගන්න ඇත්තේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>ගිරිගෝරිස් අප්පුහාමී</author> |
<date>2012-06-01 10:13:22</date> |
<index>2</index> |
<phrase>දෙයියෝ සාක්කි. නඩුවක් දැම්මනම් හරි....</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.