text
stringlengths
0
6.69k
<date>2012-05-31 09:56:04</date>
<index>32</index>
<phrase>සමහර කාන්තාවන් අදින ඇඳුම් වලින් දෙන පණිවිඩය කුමක් ද කියා අනුමාන කළත් ඒක නිවැරදි ම නොවේ නමුත් පොදු ප්‍රවාහන සේවා වාහන වලින් ගමන් යද්දිවත් සමාජයේ බාල මහලු හැමම අපහසුකමට පත් නොවන ඇදුමි අදිනවා නමි මැනවි මිල දී ගැනිෙම දීත් තමුන්ට ගැලපෙන ලෙස මිලදි ගන්න</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>456138</articleId>
<title>ස්විස් පොලිසිය කොටි හිතවාදීන් පන්නයි</title>
<author>රත්නපාල ගමගේ</author>
<date>2016 සැප්තැම්බර් මස 09 14:07:54</date>
<body>ස්විට්සර්ලන්ත සුරිච් බුලක් නගර ශාලාවේ අද (09) ඇරඹුණු තුන් දින වෙළඳ හා සංස්කෘතික ප්‍රදර්ශන භූමිය ඉදිරිපිට කොටි හිතවාදීන් පවත් වන්නට ගිය උද්ඝෝෂණය ස්විස් පොලිසිය අඩපණ කළේය.
මෙම ප්‍රදර්ශනයට විරෝධය පළ කරමින් කොටි හිතවාදීන් සූදානම් වී ඇත්තේ එම ශාලාවේ ඉදිරිපිට උද්ඝෝෂණය පැවැත්වීමටයි. පැමිණිල්ලක් ලැබීම නිසා ස්විට්සර්ලන්ත පොලිසිය උද්ඝෝෂකයන්ට නියෝග කර ඇත්තේ ප්‍රදර්ශනය පැවැත්වෙන නගර ශාලාවේ සිට කිලෝමීටරයක් ඈතින් ඔවුන්ගේ උඋද්ඝෝෂණය කළ හැකි බවත් ප්‍රදර්ශනය පැවැත්වෙන ස්ථානය අසල උද්ඝෝෂණය කිරීඹ පොලිසිය ව...
මෙම වෙළඳ හා සංස්කෘතික ප්‍රදර්ශනය සැමට නොමිලේ විවෘත අතර  සුවිස් ජාතිකයන් සහ විදේශිකයන්  විශාල පිරිසක් සහභාගී වනු  ඇතැයි  බලාපොරොත්තු වන බව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන සුරිච් කොස්සියුලර් විදර්ශන මුණසිංහ මහතා කීවේය.
ශ්‍රි ලංකාවේ  වෙසෙන සිංහල - දෙමළ - මුස්ලිම් වැසියන්ගේ ප්‍රධාන ආහාර  ඇතුළු ආහාර  පාවන කුටි  30 ක් සහ ශ්‍රි ලංකාවේ නිපදවන වෙළඳ භාණ්ඩ  කුටි 30 ක් ද මෙහි ඇතුළත් වෙයි.
සංචාරකයන්  අතර  අතිශයින්  ජනප්‍රිය පාරම්පරික උඩරට ජන නැටුම්  සහ ශ්‍රි ලංකාවේ දමිල සංස්කෘතිය විදහා  දක්වන හාරත නැටුම්  සහ නාදස්වරම්  - බෙරවාදන මෙම ප්‍රදර්ශනයට  ඇතුලත් වන අතර, ශ්‍රී  ලංකා පෙර  අපරදිග සංගීත කණ්ඩායම්  කීපයක් මෙම උත්සවයට සහභාගී වන්නට  නියමිතය.</body>
<comments>
<comment>
<author>එ. සුජීව</author>
<date>2016-09-09 09:05:40</date>
<index>0</index>
<phrase>ලංකාව හා සම්බන්ද ඕනෑම කාරණයකට විරෝදය පලකරලා කඩාකප්පල් කරන එක දෙමල ඩයස්පෝරාවේ ජීවනෝපාය මාර්ගය වෙලා තියෙන්නේ.මේ උත්සාහය පරාජය කල යුතුයි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නාරද නිවහල්</author>
<date>2016-09-09 09:43:34</date>
<index>1</index>
<phrase>ජාත්‍යන්තරේ දිනුවා කිව්වේ ඔන්න ජාතික සහජීවනය දොරේ ගලනවා බොලව්</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සුමිත්‍රා බස්නායක</author>
<date>2016-09-09 10:05:58</date>
<index>2</index>
<phrase>හෙට අනිද්දා වෙනකොට ලංකාවෙත් ඔය වගේ උද්ඝෝෂණයක් නොතිබුනොත් තමයි පුදුමේ. කාට, කාටත් එතකොට ඇස් ඇරේවි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>උදය රත්නායක</author>
<date>2016-09-09 11:20:27</date>
<index>3</index>
<phrase>මලයාසියාවේදී හිටපු ජනාධිපති තුමාට විරෝධතා කරනකොට හිනා උන මිනිස්සුන්ට තේරේවි බරපතල කම ළඟදීම.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සත්‍යයා</author>
<date>2016-09-09 12:29:54</date>
<index>4</index>
<phrase>දෙමළ ඩයස්පෝරාව විරුද්ධ මහින්ද රාජපක්ෂට නොව සිංහල බෞද්ධයින්ටයි. එය මෙහෙයවන කණ්ඩායමේ අභිමතාර්ථය කුමක්ද කියා සොයා බැලුවොත් සිතා ගන්න පුළුවන් වෙයි මේ සදාකාලික විරෝධය කොහෙන්ද එන්නේ කියලා. අපේ ලංකාවේ අයට මේ ගැන කිසිම අවබෝධයක් නැහැ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලලිත් සෞදි</author>
<date>2016-09-09 12:54:52</date>
<index>5</index>
<phrase>නාරදටයි මේ කියන්නේ. ජාත්‍යන්තරයයි කොටි හිතවාදිනුයි කියන්නේ දෙකක් කියලා නොතේරෙන්න තරම් අඳබාලයින් වෙන්න එපා. කොටි උද්ඝෝෂණයයි සහජිවනෙයි අතර සම්බන්ධය මොකද්ද කියනවද</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>හේවා</author>
<date>2016-09-09 13:04:57</date>
<index>6</index>
<phrase>නිදාසිටි කොටි දැන් දැන් අවදිවේගෙන එනවා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ධම්ම</author>
<date>2016-09-09 13:47:47</date>
<index>7</index>
<phrase>මෙහෙත් ඕවා නැතුවා නොවෙයි. යාපනේ විශ්ව විද්‍යාලයේ උඩරට නැට්ටුවෝ ගුටිකෑවා. හිරේ ඉන්න කොටි නිදහස් කරන්න කියලා මේ ඊයේ පෙරේදා උද්ඝෝෂණයක් තිබුනා. වැඩිදුර ලියන්න බැහැ සංහිඳියාව පලුදුවෙන නිසා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නාමල් - නිව් යෝර්ක්</author>
<date>2016-09-09 14:11:28</date>
<index>8</index>
<phrase>ඔය උද්ඝෝෂණ කොයි කාලෙත් තිබුනා.. රාජපක්ෂ ආණ්ඩුව කාලේ තමයි පිටරට ඕවා වැඩිපුරම තිබුනේ . උදය, සුමිත්‍රා තමන්ගේ මැදමුලන වීරයා ඉවරවෙච්ච නිසා හිතේ අමාරුවට අතීතය අමතක වෙලා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිපුන්</author>
<date>2016-09-09 14:18:39</date>
<index>9</index>
<phrase>සුමිත්‍රා ඇස ඇරිච්ච නිසා තමා අපි හොර පවුල 2015 ජනවාරියේදී පැන්නුවේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජයරත්න</author>
<date>2016-09-09 14:21:04</date>
<index>10</index>
<phrase>නාරද,මේ උද්ඝෝෂණය කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාවත් නෙමෙයි. ලංකාවේ දෙමළ ජනයාත් නෙමෙයි. කිහිප දෙනෙක් උද්ගොෂණය කිරීම සහජීවනයට බාධාවකුත් නෙමෙයි. අපිට පේන හැටියට නම් සිංහල හා දෙමළ ජාතිවාදීන් දෙගොල්ලම එකම කාසියේ දෙපැත්ත.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජනහිත</author>
<date>2016-09-09 14:44:02</date>
<index>11</index>