Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ක්ලබ් වසන්ත ඝාතනය කංජිපානිගේ නියොගයක් ලොකු පැටීගේ සැලසුමක්" | "ප්‍රංශයේ සැඟවී සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ නියෝගය මත අහුංගල්ලේ ලොකු පැටී විසින් ක්ලබ් වසන්ත ඝාතන සැලසුම මෙහෙයවා ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත. කංජිපානි ඉම්රාන් සහ ක්ලබ් වසන්ත අතර පැවති මුදල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ... |
"8 – 9 වර්ජනය නොකළ රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක්" | "රටේ පවතින ආර්ථික තත්ත්වය නිසියාකාරව අවබෝධ කරගෙන ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කරමින් ජූලි 08, 09 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජන... |
"අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර සහතික කිරීම සියලු අංශවල වගකීමයි – අගවිනිසුරු කථානායකට ලිපියකින් කියයි" | "මන්ත්‍රී වරප්‍රසාද හා බලතල හැර අනෙකුත් සියලුම කාරණාවලට අදාළව මහජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරවීම අධිකරණය වෙත පැවරී ඇතැයි, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා කතානායකවරයාට දැනුම්දී තිබේ. අගවිනිසුරුවරයා මේ දැනුම්දීම කර ඇත්තේ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා විසින් අධිකරණයේ ඇතැම් කටයුතු හේතුවෙන් සිය මන්ත්‍රී වරප්... |
"නීතිපති පත් කිරීමේදී ජ්‍යෙෂ්ඨත්වය මතම සිදු කළ යුතු නැහැ – ජනාධිපති ලේකම් නීතිඥ සංගමයට පිළිතුරු දෙයි" | "ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධුරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බවත්, මින් පෙර එවැන්නක් සිදුවී නොමැති බවත්, ජ්‍යෙෂ්ඨත්වය මත නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේ... |
"ගුරු විදුහල්පති ලෙඩ නිවාඩුවෙන් පාසල් දරුවෝ අනාථයි" | "ගුරු විදුහල්පතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (09 වැනිදා) පාසල් පැමිණි සිසු දරු දැරියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දැඩි අපහසුතාවට පත්ව කිසිදු අධ්‍යාපනයක් නොලබා ආපසු හිස් අතින් ම නිවෙස් බලා ගියහ. දරුවන්ට සිදුවූ මෙම අසාධාරණය සම්බන්ධයෙන් බොහෝ දෙමාපියන් දැඩි අප්‍රසාදය පළ කළ අතර කොළඹ ඇතුළු ඇතැම් පාසල්වල සිසු සිසුවියන් පාසලට පැ... |
"2025දී 4G තාක්ෂණය මුළු රටටම ලබාදීම අපේ අරමුණයි – රාජ්‍ය ඇමැති කනක හේරත්" | "ඩිජිටල් ආර්ථික උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම තුළින් 2030 වනවිට රට ශීඝ්‍ර ඩිජිටල්කරණයකට ලක් කෙරෙන බව රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. විදුලි සංදේශ නියාමන පනත් කෙටුම්පත පිළිබඳ ඊයේ (9දා) පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය. එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය. රාජ්‍ය ඇමැති කනක හේරත්... |
"වතු සමාගම් හිමිකරුගේ නිවස අසල 1700 ඉල්ලා කම්කරුවෝ විරෝධතාවේ" | "වතු කම්කරුවන්ට රුපියල් එක්දහස් හත්සීයක දෛනික වැටුප ගෙවීම ප්‍රතික්ෂේප කරන වතු සමාගම්වලට එරෙහිව වතු කම්කරුවෝ ඊයේ (09වැනිදා) කොළඹ දී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ. වතු සමාගම් හතරක් හිමි ධම්මික පෙරේරා මහතාට අයත් කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට නිවස අසල සහ වජිර පාර පිහිටි ශ්‍රී ලංකා වතු අධිකාරි සංගම් ගොඩනැගිල්ල ඉදිරිපිට මෙම උද්ඝෝෂණ ... |
"ලෝකය හමුවේ ඇති අභියෝග ජයගැනීමේ මාර්ගය බුද්ධ දේශනාව තුළ තිබෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "බුදු දහම සහ මේ වනවිට අප ගමන් කරමින් සිටින නවීන විද්‍යාත්මක හා තාක්ෂණික ලෝකය අතර විශාල සම්බන්ධතාවක් ඇති බවත් ලෝකය හමුවේ ඇති ඉදිරි අභියෝග ජය ගැනීමේ මාර්ගය බුද්ධ දේශනාව තුළ ඇතුළත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ (08 දා) පැවත... |
"පළමු කිලෝමීටරයට 100 යි: බස්නාහිර මාර්ගස්ථ අධිකාරියෙන් ත්‍රිරෝද රථ ගාස්තු නියාමනයක්" | "බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වෘත්තීයමය ත්‍රිරෝද රථ ජූලි මස 15 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට පළමු කිලෝමීටරයට රුපියල් 100ක් ද 2 වැනි කිලෝමීටරයේ සිට වන සෑම කිලෝමීටරයක් සඳහාම රුපියල් 90 බැගින් ද අයකළ යුතු බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්.ප්‍රසන්න සංජීව මහතා ඊයේ (09 වැනිදා) බත්තරමුල්ල රන්මගපාය ප... |
"මෛත්‍රී-අමරවීර-අලගියවන්න මැතිසබයේදී අත බෙදා ගන්න පොරේ" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින අභ්‍යන්තර අර්බුදය සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරු ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී බහින්බස් වීම් සහ එකිනෙකාට චෝදනා කර ගත්හ. විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදය අතරතුර මෙම බහින්බස් වීම සිදු විය. එහිදී මතුවූ සංවාදය මෙසේය. මෛත්‍රිපාල... |
"සෑම කර්මාන්තයක්ම සුහුරු කිරීමෙන් අප රටට දැවැන්ත දියුණුවක් ලබාගත හැකියි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "සුහුරු අධ්‍යාපනය හරහා නව පරපුරක් නිර්මාණය වන බවත් එම නව පරපුර නිර්මාණශීලී නව නිර්මාණවලට යොමුවන ලොව ජයගන්නා පරපුරක් බවත් මොවුන් රට ගොඩගන්නා පරපුරක් බැවින් මේ දරුවන් වෙනුවෙන් අප ආයෝජනය කර ඔවුන් තවදුරටත් ශක්ති සම්පන්න කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ... |
"රජයේ ප්‍රතිපත්ති නිසා අමාරුවේ වැටුණු විශ්‍රාමිකයන් දෙස බලන්න – සජිත් ප්‍රේමදාස" | "විශ්‍රාමික දිවිය සැහැල්ලුවෙන් ගතකිරීම විශ්‍රාමිකයන්ගේ අරමුණ වුවත් ඔවුන්ගේ විශ්‍රාම වැටුප නිසි පරිදි හිමි නොවන බවත් රජයේ විවිධ ප්‍රතිපත්ති හේතුවෙන් විශ්‍රාමිකයන් අපහසුතාවට ලක්ව ඇති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) ප්‍රකාශ කළේය. වෘත්තීමය කේවල් කිරිමට අපොහොසත් කණ්ඩායමක් වන විශ්‍රාමිකයන්ගේ ... |
"රට බංකොලොත් භාවයෙන් මුදාගත් රනිල් ජනපතිවරණයෙන් ඓතිහාසික ජයක් ලබනවා – එජාප සභාපති වජිර අබේවර්ධන" | "රට බංකොලොත් බවින් මුදවාගෙන රට ගොඩගත් ජාතික නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙවර ජනපතිවරණයෙන් ඓතිහාසික ජයක් හිමි කරගන්නා බවත්, එම ඓතිහාසික ජයග්‍රහණය ලබාදීම වෙනුවෙන් ජනතාව මේ වනවිටත් පෙළගැසී සිටින බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. එසේම නැවත නැවත වැරැදි කළහොත් එම ප්‍රතිඵ... |
"ලක්‍ෂ 4 1/2ක් අලුතින් අස්වැසුම ඉල්ලති" | "අස්වැසුම වැඩසටහනේ දෙවැනි අදියර සඳහා තවත් අයැදුම්පත් 450,924ක් ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඉන් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ තොරතුරු සංගණනය මෙම මස 15 දා සිට 30 දා දක්වා සිදුකරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක අස්වැසුම වැඩසටහන සඳහ... |
"ඉතිහාසයේ පළමු වතාවට කතරගම දේවාලයේ ආදායම් වියදම් ප්‍රසිද්ධ කරයි" | "ලංකා ඉතිහාසයේ පළමු වතාවට රුහුණු කතරගම මහා දේවාලයේ ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කර ඇත. ඒ අනුව 2024 ජනවාරි 01 දින සිට ජූනි 3 දින දක්වා සය මසක ආදායම් වියදම් වාර්තාව මෙසේ ඉදිරිපත් කර තිබේ. මෙම වාර්තා බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත ද යවා තිබේ. රටවාසී ලෝකවාසී කතරගම දෙවියන්ට පින් ප... |
"වැඩසිටි කන්දට යුද හමුදා ආරක්‍ෂාව දී තිබෙනවා – යුද හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ" | "කතරගම වැඩසිටි කන්ද පුදබිමට, ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්ථීරව අනුයුක්ත කර ඇති සෙබළුන්ට අමතරව, 6 වැනිදා උදේ 8.00 සිට පූජා භූමියේ ආරක්‍ෂාවට අමතර හමුදා සෙබළුන් ද යොදවා ඇතැයි, යුද හමුදාවේ අධ්‍යක්‍ෂ ජනරාල්, (මාධ්‍ය හා මනෝ විද්‍යාත්මක මෙහෙයුම්) මේජර් ජෙනරාල් රසික කුමාර පවසයි. එම පුදබිමට අවශ්‍ය යුද හමුදා ආරක්ෂාව ලැබී නැති බවට ඉක... |
"සම්පන්දන්ගේ අසුනට කුහදාසන් දිවුරුම් දෙයි" | "දෙමළ ජාතික සන්ධානයේ කදිරවේලු ෂන්මුගම් කුහදාසන් මහතා නව මන්ත්‍රීවරයකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (09දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නේය. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක ආර්.සම්පන්දන් මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මෙලෙස කුහදාසන් මහතා පත් කෙරිණි. කොළඹ විශ්වවිද්‍යාල... |
"ඩුබායිවලින් ආපු ලක්‍ෂ 10 කොන්ත්‍රාත්තුවට – ක්ලබ් වසන්ත මරන්න උදව් කළා – ටැටූ ආයතනයේ හිමිකරු" | "“ඩුබායිවලින් ආව කන්ට්‍රෑක්ට් එකට ක්ලබ් වසන්ත මරන්න මං උදව් කළා. ඒ ප්ලෑන් එක අනුව ටැටූ ෂොප් එකේ විවෘත කිරීමේ උත්සවයට වසන්තව ගෙන්නලා එයාව මරන සැලසුම ක්‍රියාත්මක කළා. ඒ වෙනුවෙන් මට ඩුබායිවලින් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ලැබුණා” යැයි ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු පොලිස් ප... |
"ජනපතිවරණය කල් දමන්න ඉල්ලූ – පෙත්සම විසිකරයි – ජනපති ධුර කාලය වසර 5යි" | "මෙම වසරේ පැවැත්වීමට සැලසුම් කර ඇති ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි පියවර ගැනීම වළක්වන අතුරු තහනම් නියෝගයක් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිකුත් කරන්නැයි ඉල්ලා සිවිල් පුරවැසියකු වන චමින්ද දයාන් ලෙනව මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08දා) ප්‍රතික්... |
"ලෙඩ නිවාඩු අරගලයෙන් ජනතාව අමාරුවේ" | "විධායක සේවයේ ශ්‍රේණි සඳහා රජය විසින් ලබාදීමට එකඟ වී ඇති රුපියල් 25,000ක දීමනාව සමස්ත රාජ්‍ය සේවකයන්ටද ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති 300ක පමණ එකමුතුවේ සාමාජිකයන් අසනීප නිවාඩු වාර්තා කර ඊයේ (08දා) සිදුකළ වෘත්තීය අරගලය හේතුවෙන් මහජන සේවාවන් ලබාගැනීමට පැමිණි පිරිස් මහත් අපහසුතාවයට පත්වූහ. මෙම ... |
"ටියුෂන් – පෞද්ගලික පාසල් වෛද්‍ය චැනල් සේවා – මිනින්දෝරු – නව ක්‍ෂෙත්‍ර 14 ක් බදු දැලට" | "නව ක්ෂේත්‍ර 14ක් ගැන අවධානය යොමුකර අලුතින් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ ක්ෂේත්‍ර මෙතෙක් බදු අයකර ගැනීම සඳහා අවධානයට ලක් නොවූ ක්ෂේත්‍ර බවත්, මේවා ගැන මෙසේ අලුතින් අවධානය යොමුකර බදු අයකරන බවත් ඇමතිවරයා කියයි. මහ පරිමාණ උපකාරක පන්ති, පෞද්ගලික පාසල්, පෞද්ගලික වෛද්‍ය සේව... |
"ලබන වසරේ සිට විදෙස් පර්යේෂණ යාත්‍රාවලට අපේ මුහුද විවෘතයි" | "ලබන වසරේ සිට විදේශීය පර්යේෂණ යාත්‍රාවලට මෙරට මුහුදු කලාපයට ඇතුළුවීමට අවසර දීමට රජය තීරණය කර තිබේ. චීන යාත්‍රාවලට ලංකා මුහුදු තීරයට ඇතුළුවීම වැළැක්වීමට ශ්‍රී ලංකාවට නොහැකි බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ජපාන රූපවාහිනිය සමග පැවැති සාකච්ඡාවකදී සඳහන් කර ඇත. 2024 වසරේදී ඉන්දීය හා ඇමරිකානු වෙළෙඳාම වන චීන පර්යේෂණ යාත්‍රාවලට... |
"මැතිවරණ දින වෙනස් කරන්න ගියොත් රටේ කැළඹිලි ඇතිවෙයි" | "මැතිවරණය පවත්වන දින වෙනස් කරන්න ගියොත් රටේ කැළඹිලි ඇතිවිය හැකි යැයි අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියෝ පවසති. සමගි ජන සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (08දා) පෙරවරුවේ අස්ගිරි මහා විහාරයට පැමිණ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ මෙය අනවශ්‍ය දෙයක් යැය... |
"ටැබ් සහ ස්මාර්ට් දුරකථන මගින් ජන හා නිවාස සංගණනය ජනපතිවරණයට පෙර මේ වසරේ" | "කොරෝනා වසංගතය නිසා 2021 වසරේ පැවැත්වීමට නොහැකිවූ ජන හා නිවාස සංගණනය ජනාධිපතිවරණයට පෙර මෙම වසරේ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ සඳහා ගණන් ගැනීමේ නිලධාරීන් බඳවාගෙන මේ මස 15 දා සිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පුහුණු කිරීම් ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත. කොරෝනා වසංගතය නිසා ... |
"ගොවියා ණය උගුලෙන් බේරා ගන්නවා" | "ගොවියා ණය උගුලෙන් බේරා ගන්නා සැලැස්මක් ජාතික ජන බලවේගය සතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි. ජාතික ජනබලවේගයේ නිකවැරටිය ගොවිජන රැලිය අමතමින් දිසානායක මහතා මේ කරුණු ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා මෙසේද කීය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටියේ හේන් වගා කරන, කුඹුරු වගා කරන දහස් සංඛ්‍යාත... |
"ඡන්දයක් දිනන්න බැරි රටේ නායකයා ව්‍යවස්ථාවේ හිල් හොයනවා" | "ජනවරමක් නැති ජනතා විශ්වාසයක් හා පිළිගැනීමක් නැති ඡන්දයක් දිනන්න බැරි වත්මන් රටේ නායකයා ව්‍යවස්ථාවේ සිදුරු සොයමින් යන පුද්ගලයකු බවට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ අයට රට ගොඩනගන්න තියා සංවර්ධනය කරන්නවත් නොහැකි බවත් රට වෙනස් කරන්න වුවමනාවක් නොමැති බවත් ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ව්‍යවස්ථාවේ සිදුරෙන... |
"සංචාරක ව්‍යාපාරයෙන් මාස 6ට ඩොලර් බිලියන 1.5ක ආදායමක්" | "මේ වසරේ පළමු මාස හය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ලැබූ ආදායම ඩොලර් බිලියන 1.5 ඉක්මවා තිබේ. මෙය පසුගිය වසරේ ලැබූ ආදායමට වඩා 77%ක වැඩි වීමකි. ගතවූ මාස හය තුළ පැමිණි සංචාරකයන්ගේ ප්‍රමාණය මිලියනය ඉක්මවා තිබේ. ජුනි මාසයේ සංචාරක ආදායම ඩොලර් මිලියන 113 ඉක්මවා තිබේ.චතුර පමුණුව" |
"පිටුපස සිටින්නේ ජවිපෙ පෙරටුගාමීන් හා සජබයි" | "මේ සියලු වැඩවර්ජන පිටුපස සිටින්නේ ජවිපෙ, පෙරටුගාමීන් සහ සජබ යන දේශපාලන පක්ෂවල කණ්ඩායම් යැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. තව පෝය 03කින් තමන්ගේ ආණ්ඩුවක් පත් කරන බව පවසන වැඩවර්ජන ක්‍රියාත්මක කරන පිරිස්වල නායකයන් බලයට පැමිණි පසු රුපියල් 25,000 රජයේ සේවක දීමනාව දෙනවා දැයි තමන් විමසන බව... |
"වර්ජනයට අපි නෑ – GMOA කියයි" | "රාජ්‍ය සේවය සහ පළාත් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති අද (09දා) සහ හෙට (10දා) ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයනට තමන් සහාය පළ නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඉහළ යන ජීවන වියදම, ප්‍රවාහනය සහ බදු ප්‍රතිපත්තිය, වෛද්‍යවරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයන්ට ගැටලුකාරි වුවත් මෙම තත්ත්වයට යම් සාධනීය විසඳුම් ලැබී... |
"පොරොන්දු ඉටු නොකළොත් සෞඛ්‍ය වෘත්තීය සමිතිත් සටනට අරඅඳී" | "සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීමට ඇති කරගත් එකඟතාවන් ලබාදීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් සිය සන්ධානයද රාජ්‍ය සේවාවේ වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට තීරණය කරන බව දන්වමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ඊයේ (08දා) ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික... |
"අනධ්‍යයන සේවක ප්‍රශ්නයට ආණ්ඩුව වහා මැදිහත් වී විශ්වවිද්‍යාල සක්‍රීය කළ යුතුයි" | "වහාම අනධ්‍යයන සේවකයන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදී විශ්වවිද්‍යාල පද්ධතිය සක්‍රීය කිරීම ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බව සමගි බුද්ධි මණ්ඩපය නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරු පැවැසූහ. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විශ්වවිද්‍යාල ආචාර්වරු, අනධ්‍යයන සේවක කාර්යය මණ්ඩලය සමඟ සුහදව කටයුතු සිදුකරන බවත් විශ්වවිද්‍යාල ආචාර්වරු සහ අනධ්‍ය... |
"වර්ජකයන් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීමට වැට් බද්ද 20% – 21% කට ඉහළ දාන්න වෙනවා" | "වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක වැට් බද්ද 20%-21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත් මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. මහා භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව ... |
"වර්ජකයන් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීමට වැට් බද්ද 20% – 21% කට ඉහළ දාන්න වෙනවා" | "වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක වැට් බද්ද 20%-21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත් මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. මහා භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව ... |
"රාජ්‍ය සේවක වර්ජනයේ අපේක්‍ෂාව බිලියන 300ක අමතර වියදමක්" | "ඊයේ සහ අද (8 – 9) දෙදින වැඩ වර්ජනය මගින් බලාපොරොත්තු වෙන්නේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 300ක පමණ අමතර වැයක් පිළිබඳවය යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (8දා) රට පුරා ආරම්භ කර ඇති වැඩවර්ජනය පිළිබඳව අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අම... |
"ප්‍රා. ලේකම්වරු-සහකාර ප්‍රා. ලේකම්වරු අස්වැසුමෙන් අස්වෙති" | "අස්වැසුම වැඩසටහනට අදාළ සියලුම රාජකාරිවලින් ප්‍රාදේශීය ලේකම්වරු හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ඊයේ (08දා) සිට ඉවත්වීමට තීරණය කර ඇතැයි, ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය දන්වා සිටී. එම සංගමයේ සභාපති එම්. රංජන් ප්‍රියශාන්ත හා ලේකම් ජී.පී.එස්.ජේ. ද සොයිසා යන මහත්වරුන්ගේ අත්සනින් නිකුත... |
"අඩු කළ බස් ගාස්තු කොන්දොස්තරලාගේ ග්‍රහණයට!" | "බස් ගාස්තුව අඩු කළ බව ජාතික ගමනාගමන කොමිසම මගින් දැනුවත් කළද පෞද්ගලික බස් රථවල ගමන් කිරීමේදී ගාස්තු අඩු කර නැති බවට එම කොන්දොස්තරවරුන් පැවැසීම නිසා තමන් අපහසුතාවට පත්වූ බව බස් මගීහු කීපදෙනෙක් “දිවයින” ට පැවැසූහ. රුපියල් 28ක අවම බස් ගාස්තුව මෙන්ම අනෙකුත් ගමන්වාරවලට අදාළ බස් ගාස්තු ගැන විමසීමේදී ඇතැම් බස් කොන්දොස්තරවරුන... |
""විධායක නිලධාරීන්ට එකඟ වූ 25,000 ඉල්ලා – රාජ්‍ය සේවයේ ලක්‍ෂ 8ක් අද – හෙට ලෙඩ වෙති"" | "විධායක මට්ටමේ නිලධාරීන්ට රජය මගින් ලබාදීමට එකඟ වී ඇති රුපියල් 25,000ක දීමනාව සමස්ත රාජ්‍ය සේවකයන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති 300කට ආසන්න වෘත්තීය සමිතිවල සාමාජිකයන් අද සහ හෙට (08 දා) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවීමට තීරණය කර ඇත. මෙ... |
"ශානිට – රවීට එරෙහිව සීඅයිඩියට පැමිණිල්ලක්" | "තොරතුරු තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂවරයා කටයුතු නොකළ බව කියමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා විසින් එම දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කර ඇත. මෙම පැමිණිල්ලට අනුව විශ්‍රාමික නියෝජ්... |
"අපි ණයත් නෑ….. බයත් නෑ – රට ගැන සිතා ඉදිරියටත් ජනපති රනිල්ට සහාය දෙනවා" | "රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27 ක් පිරීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. “මේ පක්ෂට ඉදිරියට ගෙනයෑමේදී රජයේ පාර්ශ... |
"කීර්තිමත් පරිපාලන නිලධාරියකු වූ ලයනල් ප්‍රනාන්දු දිවිසැරිය නිම කරයි" | "කීර්තිමත් පරිපාලන නිලධාරියකුවූ ප්‍රකට කලාකරුවකු මෙන්ම යාපනයේ හිටපු මහ දිසාපතිවරයකු හා හිටපු උතුරු – නැඟෙනහිර ආණ්ඩුකාරවරයකු ද වූ ලයනල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට 88 වැනි වියේ පසුවූ ලයනල් ප්‍රනාන්දු මහතා කලක් ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය ද අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු කිහිපයක ඉහළ නිලතල ද හෙ... |
"රෝහිතගේ උළෙලට ගෝඨා-මහින්ද සමග ජනපති රනිලුත් එක්වෙයි" | "හිටපු ඇමැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන ජීවිතයට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර පැවති උළෙලට විශේෂ ආරාධිතයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වී එම උළෙල ඇමැතීය. හිටපු ජනාධිපතිවරු දෙපළක් වූ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු ... |
"ජනපතිවරණ දිනය ලබන 17 ට පසු කියනවා – මැ.කො.ස. කියයි" | "ජූලි 17 වැනිදායින් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට ජුලි 17 ට පසු කොමිෂන් සභාවට බලය හිමිවන බවය. එය සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 16ත් අතර කාලය තුළ ... |
"නූතනයට ඔබින ලෙස අධ්‍යාපනය වෙනස් නොවන්නේ නම් එය දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක්" | "අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් වුවත් මෙය තවදුරටත් පුළුල් වියයුතු බවත් මේ අයිතිවාසිකම්වලට අමතරව ආර්ථික, සමාජීය, සංස්කෘතික, අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවනෝපාය, නිවසක හා භූමියක හිමිකම ආදිය ද මූලික අයිතිවාසිකම් බවත් අධ්‍යාපනය නූතනයට ඔබින ලෙස වෙනස් නොවන්නේ නම් එය දරුවන්ගේ මූලික අයිතිවාසික... |
"එක්සත් අරාබි එමීරයේ සයිබර් අපරාධ කළ 11ක් ලංකාවට එවයි" | "එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නියැළී සිටි බවට චෝදනා එල්ල වී තිබූ 11 දෙනකු එරටින් පිටුවහල් කර පෙරේදා (6දා) පෙරවරුවේ ශ්‍රී ලංකාවට එවා ඇත. මෙම පිරිස ඔවුන් පදිංචි නිවෙස්වලට යැවූ බවත් ඔවුන් සම්බන්ධයෙන් එරට සිදුකළ විමර්ශන වාර්තා මෙරටට ලැබීමෙන් පසු විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්ය... |
"කතරගම ඇසළ මංගල්‍යය ඇරඹෙයි" | "ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ පළමු පෙරහැර පෙරේදා (06දා) දින අති උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. ලෝකයේ ආගම් තුනක බැතිමතුන් එකට එක්ව එකම පුදබිමක සිට දෙවියන් අදහන සර්ව ආගමික කේන්ද්‍රස්ථානයක් වන කතරගම පුජා භුමියේ පිහිටි මුස්ලිම් පල්ලියේ විශේෂ උත්සවයක් වන සාමයේ කොඩිය එසවීම පෙරේදා (06දා) සවස 5.00ට සිදුවිය. ම... |
"වායුසමීකරණ කැඩිලා – කරාපිටිය රෝහලේ ශල්‍යාගාරයක් වසර දෙකක් තිස්සේ වසාදමලා" | "ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ තෙවැනි ශල්‍යාගාරයේ වායුසමීකරණ පද්ධතියේ ඇති කාර්මික දෝෂයක් හේතුවෙන් දැනට වසර දෙකකටත් වඩා වැඩි කාලයක සිට ප්‍රයෝජනයට ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බැව් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය තුළ ශල්‍යාගාර තුනක් තිබෙන අතර දැනට හෘද සැ... |
"අප්‍රිකානු කැලෑ බළලෙක් අනවසරයෙන් මෙරටට ගෙන ඇවිත් – ගුවන්තොටේදී අල්ලයි" | "අප්‍රිකානු කැළෑ බළලෙකු (African Serval Cat) නිසි අවසරයකින් තොරව ඉකුත් 05 දින උදෑසන රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත ගෙනැවිත් තිබේ. සයිටෙස් (S.I.T.E.S.) සම්මුතිය මගින් ආරක්ෂිත සත්වයෙකු ලෙස නම් කර ඇති මෙම කැළෑ බළලා, ශ්‍රී ලංකාවේ “හඳුන් දිවියාට” සමානකම් දක්වයි. යුරෝපයේ සහ මැදපෙරදිග ... |
"රට ගොඩනැගීමට සියලුම අදහස්වලින් සමන්විත සිස්ටම් එකක් අවශ්‍යයි" | "රට ගොඩනැගීම සඳහා සියලුම දේශපාලන නායකයින්ගේ අදහස්වලින් සමන්විත සිස්ටම් එකක් රටට අවශ්‍ය බවත් එය කළ හැකි එකම පුද්ගලයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී D. P. Education ආයතනයේ නිර්මාතෘ සහ එහි සභාපති ධම්මික පෙරේරා මහතා සදහන් කළේය. ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා වර්තමානයේ පවතින මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනුවට ජාත්‍යන්තරයේ පවතින අධ්... |
"රට ඉදිරියට යනවාද නැද්ද තීරණය ජනතාව අතේ" | "මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ විට රට පවතින තත්ත්වයෙන් ඉදිරියට ගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමේ බලය ලබන සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේදී ජනතාවට හිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවැසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල උළුවිටිකේ පිහිටි ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලයේ පැ... |
"නොබෙදූ රටක් තුළ බලය බෙදා හැරීම ඔහු ප්‍රාර්ථනා කළා" | "මුලදි පෙඩරල් මතවාදය දැරූවත් පසුව ආර්. සම්පන්දන් මහතා නොබෙදූ රටක් තුළ බලය බෙදාහැරීම පිළිගත් බවද එතුමා මෙන්ම තමාත් එම මතයේම එකඟව කටයුතු කරමින් සිටියදී ඔහු අපට අහිමි වී යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්. සම්පන්දන් මහතාගේ අවමඟුල් උළෙල අමතමින් ඊයේ පැවසීය. ත්‍රිකුණාමලයේ පැවති එම අවමඟුල් උළෙල විශාල ජනකායකගේ සහභාගිත්වය... |
"අතරමැදියන්ගේ මාෆියාවෙන් බඩඉරිඟු ගොවියෝ හාන්සියි" | "රට තුළ බඩඉරිඟු අලෙවි කිරීමේදී අතරමැදියන් මැදිහත් වී මාෆියාවක් ක්‍රියාත්මක කරන බැවින් එය නතර කරදෙන ලෙස බඩඉරිඟු නිෂ්පාදකයෝ ඉල්ලා සිටිති. ගොවීන්ගෙන් බඩඉරිඟු කිලෝවක් රුපියල් 100ත් 110ත් වැනි මිලකට ලබාගන්නා අතරමැදියන් බඩඉරිඟු කිලෝවක් රුපියල් 180ත් 190ත් වැනි මිලකට වෙළෙඳපොළේ අලෙවි කර විශාල ලාභයක් ලබන බවද ඔවුහු පෙන්වා දෙති. ... |
"රට දියුණු කිරීමට භේද නොසලකා එක්ව වැඩ කිරීමට ලෑස්තියි – ජනපති කළුතරදී කියයි" | "රට දියුණු කිරීමේ කාර්යයේදී චන්ද්‍රිකා කුමාරතුංග ද, මහින්ද රාජපක්‍ෂ ද නැතිනම් වෙනත් කණ්ඩායමක් ද යනුවෙන් පක්‍ෂ විපක්‍ෂ බේදයක් නොසලකා එක් වී වැඩ කිරීමට තමන් සූදානම් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (06 දා) පැවැසීය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග එක්ව දේශපාලනය කරද්දී හොඳ කියූ අය මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වී... |
"පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක තුවා වවුචර්වල කාලය දික්කරයි" | "පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාගැනීම සඳහා ලබාදී ඇති තිළිණපත්වල වලංගු කාලය මෙම මස (10දා) බදාදා අවසන් වීමට නියමිත වුවත් එහි වලංගු කාලය අගෝස්තු 10 දක්වා දික්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර මෙම මස 10දා අවසන් වන බවට තිළිණපතේ සඳහන් වවුත් එහි වලංගු භාවය අගෝස්තු 10 දක්... |
"වැට් ගැහුවොත් බිත්තර කර්මාන්තය ඉවරයි!" | "ලබන වසරේ සිට බිත්තර නිෂ්පාදන කර්මාන්තයෙන් 15%ක වැට් බද්දක් අය කිරීමට රජය තීරණය කිරීම නිසා සිය කර්මාන්තය දැඩි අපහසුතාවකට පත්වෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම්.ඩී.ආර්. අලහකෝන් මහතා පවසයි. දැනටමත් තම කර්මාන්තය ඉතා අමාරුවෙන් පවත්වාගෙන යන බව ද මෙම බද්ද නිසා තවදුරටත් කර්මාන්තය කඩා වැටෙන බව ද ඒ මහතා ... |
"ඡන්ද කල්දාන්න පොහොට්ටුව ඉඩදෙන්නේ නැහැ" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කල්දැමීමට කිසිවිටෙක ඉඩදෙන්නේ නැහැ. ජනතාවගේ ඡන්ද අයිතිය රැකීමට අපි දිවිහිමියෙන් කටයුතු කරනවා. ඇතැම් දේශපාලඥයින්ගේ දේශපාලන උවමනාවන් ඉටුකරගැනීමට රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට විකුණා දැමීමට ඉඩදෙන්නේ නැහැ. ආයෝජන මුවාවෙන් රජයේ දේපළ විකිණීමටද අප ඉඩ තබන්නේ නැතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංව... |
"ඇසළ මංගල්‍යයට එන ජනතාවට වැඩසිටි කන්දේ ජල පහසුකම් නෑ" | "මේ දිනවල කතරගම ඇසළ පෙරහර සමයේ කතරගම වැඩසිටි කන්දට එන බැතිමතුන්ගේ ප්‍රයෝජනයට පානීය ජලය ලබාදීමට හා ආරක්ෂාවට යුද හමුදා නිලධාරීන් යෙදවීමට බලධාරීන් පියවර ගෙන නැත. මේ නිසා මෙම පුදබිමට එන බැතිමත්හු වැසිකිළි ගොස් සෝදා ගැනීමට පවා ජලය නොමැතිව පීඩාවට පත්වෙති. මෙහි එන බැතිමතුන්ගේ ආරක්ෂාවට පොලිසිය පමණක් යොදවා ඇතත් මෙවැනි අවස්ථාවක ... |
""රට පුරා ඩෙංගු ලෙඩ්ඩු 27,755ක්ඃ – අවදානම් කලාප 13ක්"" | "මෙම වසරේ (2024) ගතවූ මාස 6යි දින 7ක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 27,755ක් ලෙස වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම කාලය තුළ ඩෙංගු මරණ 9ක් වාර්තා වී ඇතැයි ද එම ඒකකය කියයි. මේ වනවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 13ක් අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි ද එම ඒකකය කියයි. පවතින වාසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ තවදු... |
"“අයි.එම්.එෆ්. එකෙන් වහාම ඉවත් වෙන්න ඕනෑ”" | "ව්‍යවස්ථා මගඩිගසා මැතිවරණ කල් දැමීමට ඉඩදිය නොහැකි බවත් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ අයි.එම්.එෆ්. ව්‍යාපෘතියෙන් ඉවත් විය යුතු බවත් ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා පැවසීය. නගරවාසීන් දැනුවත් කිරීමට එම සන්ධානය සංවිධානය කළ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කීවේය. ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්ති පිළිබඳව න... |
"2022 උ.පෙළ සමතුන්ට පෞද්ගලික සරසවියකට යන්න ලක්‍ෂ 08ක පොලී රහිත ණයක්" | "රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා රුපියල් ලක්‍ෂ අටක (8,00,000) උපරිමයකට යටත්ව පොලී රහිත ණය මුදලක් 2022 උසස් පෙළ සමත් සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ලබාදීමට කටයුතු කරමින් සිටී. මේ වනවිට ශිෂ්‍ය කණ්ඩායම් හතක් යටත... |
"ආයෝජන වැඩි කරලා නිෂ්පාදන වැඩි වුණාම ලෝකයටම කන්න දෙන්න පුළුවන්" | "ඉදිරි අවුරුදු තුන ඇතුළත ආයෝජන වැඩි කරලා නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරගත්තහම ලෝකයට කන්න දෙන්න පුළුවන් විදියට රටේ කර්මාන්ත තව ශක්තිමත් කරගත්තහම ගොවියන්ගේ ආදායම වැඩිවෙනවා. රටට එන ආදායම වැඩිවෙනවා. එහෙම වුණහම ඩොලර් වල තියෙන මිල අඩුවෙනවා. ඒ සඳහා තමයි නවීන තාක්ෂණය එක්ක කෘෂිකර්මාන්තය හරහා ගොවියාගේ අක්කරයකින් ගන්න පුළුවන් කිලෝ ... |
"යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ දෙවන මහ සඟ සමුළුව" | "යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ දෙවන මහ සඟ සමුළුව ජුනි මස 29 හා 30 යන දෙදින ඉතාලියේ මිලානෝ නගරයේදී පැවැත්විණි. භික්ෂු සංගමයේ සාමාජික රටවල් වන ඔස්ටි්‍රයාව, ජර්මනිය, ස්වීඩනය, ඩෙන්මාර්ක, ඉතාලිය, සයිප්‍රසය, ග්‍රීසිය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය යන යුරෝපාකරයේ වැඩ සිටින ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා මෙන්ම ඇමරිකාව, කැනඩාව, එ... |
"බස් ගාස්තු සංශෝධනයෙන් අපට කිසිදු සහනයක් නෑ – මගීන්ගෙන් දෝස්මුර" | "ජාතික ගමනා ගමන කොමිසම හා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් පසුගියදා සිදු කළ බස් ගාස්තු සංශෝධනය තුළින් සමහර බස් කොන්දොස්තරවරුන් විසින් පෙර ගාස්තුවම අයකිරීම නිසා මගී ජනතාවට එම ගාස්තු සංශෝධනයෙන් සහනයක් සිදුවී නැතැයි බොහෝ මගීන් දොස් නඟති. මේ පිළිබඳව අප කළ විමසුමකදී සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ඉන්ද්‍රජ... |
"ධූර කාලය දුර නොයවන පනතක්" | "ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් ද හයක් ද යන්න සම්බන්ධයෙන් පවතින ගැටලු සහගතභාවය නිරාකරණය කිරීමට පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙන ඒමට ආණ්ඩුව තීන්දුකොට ඇත. ඒ අනුව ඊට අදාළ යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මේ අතර... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.