Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"තෙල් ලාභය පල්ලම් බහී"
"ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය ඉකුත් වර්ෂයේ (2023) මුල් මාස හතරට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස හතරේදී රුපියල් බිලියන 13.6 දක්වා සියයට 68.7කින් විශාල වශයෙන් පහත වැටී ඇති බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වෙයි. ලංකා ඛනිජ...
"කෝටි 23ක් ප්‍රමාද පොලී ගෙවයි"
"ධීවර අමාත්‍යාංශය විසින් ධීවර වරාය ඉදිකිරීම් ව්‍යාපෘති 05ක් සඳහා කොන්ත්‍රාත්කරුවන් දෙදෙනකුට ප්‍රමාද පොලී මුදල් ලෙස රුපියල් විසිතුන් කෝටි එක්ලක්ෂ අසූහත්දහස් පන්සිය විසිතුනක මුදලක් (230,187,523) ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ. ධීවර අමාත්‍යාංශය විසින් මෙකී ඉදිකිරීම් ව්‍යාපෘති ...
"මහ ඡන්දයට දොස්තර ලැයිස්තුවක්"
"ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයක් සඳහා දේශපාලන පක්ෂ රැසකින්ම වෛද්‍යවරුන් කිහිපදෙනකු ඉදිරිපත් වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙස පසුගියදා පත් කරනු ලැබීය. ජාතික ජන බලවේගය වෙනුවෙන්ද වෛද්‍යවරුන් රැසක්ම මෙවර දිස්ත්‍රික්ක කි...
"අස්වැසුමට තවත් බාල්දියක්"
"තම සංගමයේ ඉල්ලීම්වලට පිළිගත හැකි විසඳුමක් 2024.07.31 දිනට පෙර නොලැබුණොත් අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහනේ සියලුම රාජකාරි කටයුතුවලින් 2024.08.01 දින සිට තම සාමාජිකයන් ඉවත් වන බව ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයට ලිඛිතව දැනුම් දී ඇත. සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ ක්‍රියාකලාපය හමුවේ ප්‍රාදේශ...
"පොලිස් රෝහලට දොස්තර ලෙඩක්"
"පොලිස් රෝහලේ කලක් තිස්සේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟය නිසා එම රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීවූ පොලිස් නිලධාරීන් ඉතා අසීරු තත්ත්වයකට පත්වී ඇත. මෙම පොලිස් රෝහලේ වෛද්‍යවරුන් 73 දෙනකු සේවය කළ යුතු වුවත් දැනට එහි සේවය කරන්නේ 48 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් ද ඇතැම් වෛද්‍යවරුන් වව්නියාව, අම්පාර, කළුතර, කුන්ඩසාලේ පිහිටා ඇති පො...
"පෑලියගොඩට කෝටි ගණන් පොලු"
"පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලෙන් ධීවර සංස්ථාව මගින් මිලදී ගනු ලැබූ මාළු සඳහා එම වෙළෙඳුන්ට නොගෙවූ බව කියන කෝටි ගණනක මුදල් සම්බන්ධයෙන් විගණන වාර්තාවක් කැඳවා ඇතැයි ධීවර අමාත්‍යාංශය සඳහන් කරයි. මුදල් නොගෙවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම කළමනාකරුව ඉවත් කර වෙනත් කළමනාකරුවකු පත් කර ඇති බවත් ඔහු යටතේ මෙම විගණන වාර්තාවක් කැඳවා මාළු ...
"බිලියන 796ක් ණය අරන්"
"රජය විසින් මෙම වර්ෂයේ (2024) මුල් මාස හතරේ දී රුපියල් බිලියන 796.5ක ණය මුදලක් ලබා ගෙන ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ, හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වෙයි. මෙම කාලසීමාවේ දී ණය සේවාකරණය සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා දේශීය ණය ගැනීම් වශයෙන් රුපියල් බිල...
"22 සංශෝධනය: විජයදාස කල් දැමූ ගැසට්ටුව පැය 48ක් යන්නට පෙර ජනපති නියමයෙන් ගසයි"
"අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ නියමයෙන් පෙරේදා (18දා) සවස කල් දමන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් ගැසට් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් ඊයේ (19දා) ප්‍රකාශයට පත් කෙරුණි. මෙම සංශෝධනයට විවිධ පාර්ශ්ව නගන ලද සැක සංකා නිසා එය ජනාධිපතිවරණය අවසන් වන තෙක් කල් දැමීම සුදුසු බව ත...
"අවිද්‍යාවෙන් අන්ධ වූ ලෝකයට අමා දහම් බෙරය වැයූ ඇසළ පුන් පොහොය"
"වෙසක් පුන් පොහෝ දා බෝසතුන් බුද්ධත්වයට පත් වුවද එම දහම ලොවට දේශනා කළේ අසිරිමත් ඇසළ මාසයේ පුන් පොහෝදාය. ඇසළ පොහොය වඩාත් අසිරිමත් වන්නේ ඒ හේතුව නිසාය. කසාවතින් බැබළෙන ඇසළ මල්වලින් පිරි ගස් අපගේ නෙතට චමත්කාරය ගෙනදෙයි. කොළ නැති කසා මල් සමූහය පරම සත්‍යය සංකේතවත් කරන්නකි. හුදු ආත්මාර්ථය උදෙසා නොව පරාර්ථය පතා අභිනිෂ්ක්‍රමණය ක...
"දන්නෙ නැතිව ආ අයට යන්න කියයි: පාස්පෝට් කන්තෝරුව ළඟ නොසන්සුන් වෙයි"
"විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ඊයේ (19දා) සිට ක්‍රියාත්මක වන්නේ ඔන්ලයින් ක්‍රමවේදය බව නොදැන බත්තරමුල්ල ආගමන විගමන කාර්යාලයට ඊයේ පැමිණ සිටි විශාල පිරිසක් ආපසු හරවා යැවීමට උත්සාහ කිරීමත් සමග එම කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. නව ක්‍රමවේදය අනුව අයදුම්කරුවෙකු නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හෝ අලුත්...
"ලොව පුරා පරිගණක ජාලය බිඳ වැටේ"
"ගෝලීය ව්‍යාපාර කටයුතු වේගවත්ව සිදු කිරීම සඳහා පරිගණක සේවාවන් සපයන මයික්‍රොසොෆ්ට් සමාගමේ ක්ලවුඩ් සර්විස් සේවාවන් හි ඊයේ (19දා) සිදු වූ ප්‍රධාන පෙළේ බිඳ වැටීමක් හේතුවෙන් ලොව පුරා ගුවන් තොටුපළවල මෙහෙයුම් කටයුතු, ජනමාධ්‍ය ආයතන බැංකුවල කටයුතු, ටෙලිකොම් සේවාවන් ඇතුළු ප්‍රධාන පෙළේ ව්‍යාපාර කටයුතු රැසක් බිඳ වැටී තිබූ බව විදෙස...
"ශ්‍රී ලංකන් ලන්සු කැඳවීම නවත්වයි"
"මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අයිතිය පැවරීම වෙනුවෙන් දැනට ක්‍රියාත්මක වන ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඉකුත් ජූලි 09 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ තීරණය ගෙන ඇත. ඒ වෙනුවට නුදුරු දිනකදීම ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු...
"ජනතාව දිගුකාලීන ණයකාරයන් වෙලා – කාදිනල්තුමා"
"රටේ නිදහස මෙන්ම ස්වෛරීභාවය නැතිකර ජනතාව දීර්ඝකාලීන ණයකරුවන් බවට අද පත්වෙමින් තිබෙනවා යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මීගමුවේ කොච්චිකඩේදී ප්‍රකාශ කළේය. කොච්චිකඩේ ශුද්ධ වූ ත්‍රිත්ව දෙව්මැඳුරේ සියවස් ජයන්ති මංගල්‍ය අමතා කාදිනල්තුමා එසේ කීවේය. මේ අනුව විදේශීය ණය ගෙවන්න පමණක් වසර විස්සක කාලයක් ගතවෙන බවද එය කු...
"ආර්ථික අර්බුදයෙන් පසු රට නැවත ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් අසාමාන්‍ය කර්තව්‍යයක් ඉටු කළා – ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති ස්කොට් මොරිසන්"
"ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කලාපීය කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී පෙරේදා (18 දා) පැවති 2024 ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සමුළුව අමතමින් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව මුහුණ දෙන කුසලතා අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සියලු පාර්ශ්වකරුවන් වෙනුවෙන් එක් වේදිකාවක් පිහි...
"ආණ්ඩුවේ වරදින් අද ගොවියන් මහපාරට වැටිලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"
"විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොළොන්නරුව මැදිරිගිරිය කොහොඹදබන කණිෂ්ඨ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 331 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ පුස්තකාලයට පොත් ලබා ගැනීමට පාසල් සංවර්ධන ගිණ...
"රට විකුණන්නේ නැති අපේක්ෂකයෙක් පොහොට්ටුවෙන් – නාමල් රාජපක්ෂ"
"රටේ දේපළ විකුණ විකුණා රට පාලනය කරවීම වෙනුවට රටේ ආර්ථිකය ගොඩදාගන්න පුළුවන් අයකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ‘දිවයින’ට පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්වී ජනාධිපති අපේක්ෂකයකු පත් නොකර...
"රුහුණ විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨය ජනතා අයිතියට"
"රුහුණ විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ Faculty of Allied Health Science (FAHS) නව ගොඩනැගිලි සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ සිදු කෙරිණි. ගාල්ල වලහන්දුව ප්‍රදේශයේ මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ඉ...
"හිඟුරක්ගොඩ ජාත්‍යන්තරයට ගෙනියන නවීකරණ ඇරැඹෙයි"
"ශ්‍රී ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපළක් වන හිඟුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු ඊයේ (19දා) වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ආරම්භ කරන ලදි. මෙම ගුවන්තොටුපළ දෙවැනි ලෝක යුද සමයේ එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාව වෙනුවෙන් ඉදි කරන ලද ...
"ජනාධිපතිවරණය නොතිබ්බොත් ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා – තිස්ස අත්තනායක"
"පළමුවෙන්ම මහ මැතිවරණයක් පැවැත්වෙන බවට විවිධ පාර්ශ්ව යළිත් වරක් කරන ප්‍රකාශ ජනතාව නොමග යැවීම සඳහා කරන ප්‍රකාශ බවත් ව්‍යවස්ථානුකූලව අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය නියමිත දිනයන්වලට පැවැත්විය යුතු බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ‘දිවයින’ට ඊයේ (19 දා) පැවසීය. ජනාධිපතිවරණය කැඳවීමට ම...
"රැස්වීම්වල සෙනග දැක මැතිවරණ ජයග්‍රහණය පැවසිය නොහැකියි – එක්සත් ජාතික පක්ෂයේ උප නායක නීතිඥ අකිල විරාජ් කාරියවසම්"
"රැස්වීම්වල සෙනග දැක මැතිවරණ ජයග්‍රහණ ගැන පැසිය නොහැකි යැයි එක්සත් ජාතික පක්ෂයේ තරුණ කලාප නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් එම පක්‍ෂයේ උපනායක නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය. සමහර දේශපාලන පක්ෂවල රැස්වීම්වලට කුලියාපිටියෙන් හැමදාම බස් එකක් යනවා මා දැක්ක...
"රටේ වැඩිම බාධා තියෙන ඡන්දය මෙයයි : අරගලය අංගසම්පූර්ණ කර ගැනීමට ජනතාව ජනාධිපතිවරණය අවස්ථාවක් කරගත යුතුයි – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා"
"සමාජ වෙනසක් වෙනුවෙන් කළ අරගලය සම්පූර්ණ කර ගැනීමට ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය 1982 සිට ජනාධිපතිවරණ කිහිපයක්ම පවත්වා තිබෙනවා. ඒ...
"ජනපතිවරණය කල් දැමීමට මෙතරම් උප්පරවැට්ටි දැමූ ආණ්ඩුවක් ඉතිහාසෙත් නෑ – මයන්ත දිසානායක (සජබ)"
"ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපතිවරණයක් කල් දැමීමට වර්තමාන ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (18 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මේ බව සඳහන් කළේය. වැඩි දුරටත් අදහස් දැක්වූ මයන්ත දිසානායක...
"කංජිපානි රටින් පැන්න හැටි හෙළි වුණා"
"මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල මර්දනයට ඇතැම් නීතිඥයන් බාධාවක් වී ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ඊයේ (18දා) පැවසීය. පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමත් එහි එක් කොටසක් බවද හෙතෙම කීය. මත්ද්‍රව්‍ය හා පාතාල චෝදනා එල්ල වී ඇති කංජිපානි ඉම්රාන්, ගනේමුල්ල සංජීව වැනි අය අධිකරණයෙන් ඇප ලබාගෙන් බෝට්ටුවට නැංවූ හැටි අත්අඩංගුවට...
"පාස්කු ප්‍රහාර චෝදනාව: විනය පරීක්ෂණ අවසන් වන තෙක් නිලන්ත නිවාඩු යවයි"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විමර්ශන කටයුතු අවසාන වන තෙක් අනිවාර්ය නිවාඩු යැවූ බව ජාතික පොලිස් කොමිසම ඊයේ නිවේදනය කළේය. ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිසම නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය. 2019.04.21 පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිත පාර්ශ්වයන් විසින් ...
"දිගම පාලම ලෙස වරාය පිවිසුම් අධිවේගය අගෝස්තුවේ විවෘත වෙයි"
"ශ්‍රී ලංකාවේ දිගම පාලම ලෙස වරාය පිවිසුම් අධිවේගී මාර්ගය අගෝස්තු මාසය අවසන්වීමට පෙර විවෘත කරන බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් වරලත් ඉංජිනේරු රංජිත් රූපසිංහ මහතා පැවසීය. එය ඉඟුරුකඩේ පිවිසුම සිට ගාලු මුවදොර පිවිසුම දක්වා කිලෝමීටර් 5.3කින් දිගය. කුලුනු මත පමණක් ඉදිකර ඇති මෙම මාර්ගයේ මංතීරු 04ක් ඇති අතර මේ සඳහා රුපියල් බිලි...
"කැබිනට්ටුව අනුමත කළ ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරන්න එපා – ඇමැති විජයදාස ලේකම්ට කියයි"
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තිය සංශෝධනය කර ජනාධිපති ධුර කාලය වසර 6 වෙනුවට වසර 5 ලෙසින් වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (18දා) අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම්දී තිබේ. 83 වැනි වගන්ති සංශෝධනය කැබිනට් මණ්ඩලයෙන් අනුමත වීමෙන් අනතුරුව පාර්ලිමේන්...
"ජනපති හා සාකච්ඡා අර්බුදයක: පොහොට්ටුවේ පෙති ගලවන මෙහෙයුමක් දියත් වෙලා"
"මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම සහාය ප්‍රකාශ කරන්නේ කවර ආකාරයකින් ද යන්න පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡා අසාර්ථක වී තිබේ. මේ පිළිබඳව නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි වී තිබෙන්නේ ජනාධිපතිවරයා මෙහිලා දක්වා ඇති ප්‍රතිචාරය ගැන තම පක්ෂය සෑහීමකට පත් නොවීම නිසා බව එම පක්ෂයේ මහලේකම් ...
"මීට පෙර මෙහෙම ආණ්ඩුවක් තිබිලා නෑ: රට දැන් ඉස්සරහටම යනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී 17 දා පස්වරුවේ පැවැති කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 50,000කට සින්නකර ...
"තරගකාරී ලෝකය ජය ගත හැකි සුහුරු පුරවැසියන් බිහි කළ යුතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දිඹුලාගලදී කියයි"
"සමාජය, ලෝකය තරගකාරී බවත් සෑම අවස්ථාවකම තරගයක් ඇති බවත් ඉන් ජය ගත හැකි සුහුරු පුරවැසියන් බිහි කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පෞද්ගලිකව කරන්නා වූ සියලු‍ම තරගකාරී ගනුදෙනුවලදී රටේ ජාතික අවශ්‍යතාව මුදුන්පත් වන ආකාරයට එම ගනුදෙනු ක්‍රියාත්මකකළයුතු බවද විපක්ෂ නායකවරයා පැවසීය.සෑම ගනුදෙනුවකම තරගකාරිත්වය ස...
"අපකීර්තියට පත් වූ රට ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත් කරමු – ජාජබ නායක අනුර කුමාර දිසානායක මහනුවරදී කියයි"
"අපකීර්තියට පත් වූ රට ලෝකයේ කීර්තිමත් රාජ්‍යයක් බවට පත්කිරීමේ වගකීම බාරගන්න ජාතික ජන බලවේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය මහනුවර නගරයේ පැවති ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් රැළිය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒමහතා මෙසේද කීය. අද මේ රටට දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. අපේ ආකල්පවල, අධ්‍ය...
"වැටුණු ව්‍යාපාරිකයන් නැගිට්ටවන්න අලුත් පැකේජයක් – මුදල් අමාත්‍යාංශය කියයි"
"අසීරුතාවන්ට මුහුණපා සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) නැවත සවිබල ගැන්වීමේ අරමුණින් ආයෝජන සහ කාරක ප්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පහසුකම් පැකේජයක් හඳුන්වා දීමට පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය පවසයි. එමගින් ආර්ථික අර්බුද සමයේ ඊට මුහුණ දුන් සහ මේ වන විටත් පවත්වාගෙන එන ක්ෂුද්‍ර, සුළු හ...
"වසර 4ක් හිරේ ගිය ඥානසාර හිමිට ඇප ලැබෙයි"
"මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රුපියල් 50,000ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අභියාචනාධිකරණය ඊයේ (18දා) නියෝග කළේය. විදේශගතවීම වළක්වන නියෝගයක් ද නිකුත් කළ සම්පත් වී. අබේකෝන් හා පී. කුමාරත්නම් ...
"ප්‍රමාණවත් ආරක්ෂාවක් නෑ – චමල් සංජීව පත්වීම එපා කියයි"
"හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත්වීමට නියමිත විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා සිය පත්වීම අවලංගු කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත. එම තනතුර භාරගැනීමට තරම් තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා නැතැයි ද ඒ මහතා සඳහන් කර ඇත. ප්‍රශ්නගත බාල ඖෂධ ගනුදෙනු සිද්ධීන් සම්බන්ධයෙන් රට...
"නීති විරෝධීව ගනුදෙනු කළ ගිණුම් 46ක රු.කෝටි 5000ක්"
"අන්තර්ජාලය ඔස්සේ මෙරටදී නීති විරෝධීව සංවිධානාත්මකව මූල්‍ය ගනුදෙනු කළ ගිණුම් 46ක රුපියල් කෝටි 5000ක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක උපුල් ගල්වල මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ පැවසීය. නීතිවිරෝධී මූල්‍ය ගනුදෙනු සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් පස්ද...
"රසායනාගාර පරීක්ෂණ 50%ක් ඇනහිටලා – රවි කුමුදේශ්"
"ප්‍රතික්‍රීයක සහ අවශ්‍ය රසායනික ද්‍රව්‍ය සපයා නොදීම හේතුවෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් සිදුකළ යුතු විවිධ රෝගයන්ට අයත් රසායනාගාර පරීක්ෂණ 50%ක් පමණ දීර්ඝ කාලයක සිට ඇනසිටීම නිසා රෝගී ජීවිත දැඩි අවදානමට ලක්ව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අදාළ ආයතනික අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධ...
"පන්සල් නොයන අය සැබෑ බෞද්ධයන් නොවන බව ආසියාතික බෞද්ධයාගේ මතයයි -ඇමරිකානු සමීක්‍ෂණ ආයතනයක් කියයි"
"ආසියානු රටවල බහුතරයක් බෞද්ධයන් යම් පුද්ගලයකු නිසි ලෙස වත්පිළිවෙත්වල නොයෙදෙන්නේ නම් හෝ පන්සල් නොයන්නේ නම් සැබෑ බෞද්ධයකු විය නොහැකි බව සඳහන් කරන බව ඇමරිකානු සමීක්ෂණ ආයතනයක් සිදු කළ සමීක්ෂණයකදී හෙළිව තිබේ. Pew Research Center විසින් කාම්බෝජය, ජපානය, හොංකොං, මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව, තායිවානය, තා...
"වාර්ගික ගැටලු නැති ලංකාවේ ආයෝජන සඳහා ඇමැති මනුෂගෙන් ඩයස්පෝරාවට ආරාධනා"
"“අපේ ඩයස්පෝරාව උනන්දුවෙන් බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකාවට ඇවිත් ආයෝජනය කරලා ශ්‍රී ලංකාව දියුණු කරන්න. කිලිනොච්චියේ ව්‍යාපාර බොහොමයක් ඩයස්පෝරාවේ අයගෙ. ඒ ඩයස්පෝරාවට අපි ආරාධනා, ආයාචනා කරනවා මෙහෙට එන්න කියා. මෙහෙ ඉඩම් ප්‍රශ්න දැන් විසඳිලා තියෙන්නේ. රටේ වාර්ගික ප්‍රශ්න නැතිවෙන විදිහට දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පරිසරය හදලා ...
"ඔස්ට්‍රේලියාවේ 30 වැනි අගමැති ගංගාරාමය වැඳපුදා ගනී"
"ලංකාවේදී ඊයේ (18දා) ආරම්භ වූ ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සමුළුව 2024 සඳහා සහභාගිවීමට පැමිණි ඔස්ට්‍රේලියාවේ 30 වැනි අගමැතිවරයා වන ස්කොට් මොරිසන් මහතා කොළඹ, හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය ද ඊයේ (18දා) වැඳපුදා ගත්තේය. 2018-2020 දක්වා කාලයේ කම්කරු පක්ෂයේ නායකයා මෙන්ම අගමැතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා කොළඹ හුනුපිටිය ගංගාරාම විහ...
"ගෝඨාභයගේ කොටේ ඉතිරි ටික අදින්න ආව ජනපති අද අන්දමන්ද වෙලා – මහරගම ස.ජ.බ. ප්‍රධාන සංවිධායක ගාමිණී තිලකසිරි"
"ගෝඨාභයගේ කොටේ ඇදගෙන පැමිණි ජනාධිපතිවරයා දෙවැනිවරටත් ජනාධිපතිවරණය කල් දාන්න ගත් උත්සාහය අසාර්ථකවී ඇතැයි මහරගම ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක බස්නාහිර පළාත් සභා හිටපු ඇමැති ගාමිණී තිලකසිරි මහතා සඳහන් කළේය. ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරණයක් කල්දාන්න විවිධ උපක්‍රම යෙදූ ආණ්ඩුව මේ ආණ්ඩුව බවද කී තිලකසිරි මහතා මහරගම ...
"25%කට ආඝාතය හැදෙන්න පුළුවන් – විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ"
"පුද්ගලයන් හතර දෙනකුගෙන් එක් අයකුට ජීවිත කාලයේ දී ආඝාතය රෝගය වැලඳීමේ ප්‍රවණතාවක් පවතින බව ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ මහතා ප්‍රකාශ කළේය. ලබන 22දාට යෙදී ඇති ‘ලෝක මස්තිස්ක දිනය’ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (18දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී වෛද්‍යව...
"විදෙස් සංචාරක පැමිණීම ලක්ෂ 11ක් පැනලා"
"මේ වසරේ (2024) මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයන් ගණන ලක්ෂ 11 සීමාව ඉක්මවා ගොස් ඇත. මේ අනුව ඉකුත් ජූලි 16 වැනිදා වන විට මෙරටට පැමිණි මුළු විදෙස් සංචාරකයන් ගණන එකොළාස් ලක්ෂ හත්දහස් අටදෙනෙකි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ. මෙම සංචාරකයන්ගෙන් දෙලක්ෂ නව දහස් දෙසිය දොළොස්...
"කුකුළු මස් මිලට පාලන මිලක් ඕනෑ – අසේල සම්පත්"
"කුකුළු ගොවිපළහිමියන් කිසිම හේතුවක් නැතිව හිතෙන හිතෙන ලෙස කුකුළු මස් මිල වැඩි කරන බවත් ඒ නිසා වහාම ඊට පාලන මිලක් නියම කිරීමට වෙළෙඳ ඇමැතිවරයා වහා ක්‍රියා කළ යුතු බවත් පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා කියයි. පසුගිය කාලයේ කුකුළු කෑම දියව් දියව් කියමින් උද්ඝෝෂණ කළ මෙම කුකුළු මස් ව්‍යාපාරිකයෝ කුකුළු කෑම වර්ග ලැබීමෙ...
"හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඝාතනය පිටුපස පාතාලය"
"ඉකුත් 2002 වර්ෂයේ ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි වෙඩි තබා ඝාතනය කර ඇත්තේ දකුණු පළාත කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක වන කොස්ගොඩ සුජීගේ සහ බලපිටිය දිල්ශාන්ගේ පාතාල කල්ලි දෙක අතර කාලයක පටන් පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. ඝාතනයට ලක්වූ ධම්...
"පොලිස්පතිට අතුරු නියෝග දැම්මොත් ජනාධිපතිවරණයේ ගැටලු ඇති වේවි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා"
" ඒ.ජේ.ඒ. අබේනායකදේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගය නිකුත් කළහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ගැටලු සහගත තත්ත්වයක් උද්ගත විය හැකි යැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසුවේය.ඒ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව මැල්ක...
"ඡන්දෙට සල්ලි හරි – මුදල් ලේකම් මැකොසට සහතික වෙයි"
"ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමේ හැකියාව පවතින බව ඊයේ (17දා) මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ප්‍රමුඛ එම අමාත්‍යාංශ නිලධාරීන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඊයේ මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් පැවැත් වූ අතර එහිදී ඉදිරි ජනාධිපතිවරණය...
"තෙල් නැව පෙරළී 16ක් අතුරුදන් – 3ක් ලාංකිකයෝ"
"ශ්‍රී ලාංකිකයින් 03 දෙනකු සහ ඉන්දියානුවන් 13 දෙනකුගෙන් සමන්විත (16 දෙනකුගෙන් යුත්) කාර්ය මණ්ඩලයක් සහිත ප්‍රෙස්ටීජ් ෆෝල්කන් නමැති තෙල් නැව ඕමානයේ වෙරළට ඔබ්බෙන් පෙරළී ඇතැයි ඕමානයේ සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය සඳහන් කරයි. ඉකුත් 16 වැනිදා සවස ඕමානයේ වෙරළට ඔබ්බෙන් කොමරෝස් ධජය සහිතව මෙම තෙල් නැව යාත්‍රා කර ඇත. මෙම අනතුරින් ඉන...
"පොලිස්පතිට අතුරු නියෝග දැම්මොත් ජනාධිපතිවරණයේ ගැටලු ඇති වේවි"
"දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගය නිකුත් කළහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී ගැටලු සහගත තත්ත්වයක් උද්ගත විය හැකි යැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසුවේය. ඒ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව මැල්කම් රංජිත් කාදින...
"රිමාන්ඩ් සිරකරුවන්ට ඡන්ද අයිතිය ඉල්ලා පෙත්සමක්"
"රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන්ට ඉදිරි මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කරන පහසුකම් සලසාදීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (17දා) පෙත්සමක් ඉදිරිපත් කෙරිණි. සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සුදේශ් නන්දිමාල් ද සිල්වා මහතා විසින් පෙත්...
"රටේ ආර්ථිකය තිබෙන්නේ පිහියේ දාරයේ-ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ආරංචියක් තවම ලැබිලා නැහැ"
"ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වන ආරංචිය තවම ලැබිලා නැති බවත් ආරංචිය සුබයි කියලා කිව්වට රටේ ආර්ථිකය තිබෙන්නේ පිහියේ දාරයේ යැයි සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (17දා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්...
"ජනපති අපේක්‍ෂකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්න කමිටුවක්"
"ඉදිරි ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ඇති තර්ජන තක්සේරු කිරීමට සහ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහතික කිරීමට කමිටුවක් පත් කිරීමට ඉන් යෝජනා කර තිබේ. මෙම ආරක්ෂක විධිවි...
"සජබට එරෙහි ඩයනාගේ නඩුව ඩයනාම අස්කර ගනී"
"සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ පෙත්සම ඇය ඊයේ (17දා) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තාය. මෙම පෙත්සම ඊයේ (17දා) කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙන...
"ඖෂධ සැපයුම්කරුවන්ට මිලියන 8152ක ‘පොල්ලක්’"
"පසුගිය කාලසීමාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය විසින් මිලදී ගන්නා ලද ඖෂධ වෙනුවෙන් මේ දක්වා සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති ණය මුදල රුපියල් මිලියන 8152 (රුපියල් 8151,974,452.96 කි) ආසන්න බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි. ත...
"දුම්රිය ස්ථානාධිපතිලාට ආණ්ඩුව පොලු තිබ්බා – සභාපති සුමේධ කියයි"
"දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉදිරිපත් කළ සිය උසස්වීම් ඇතුළු ඉල්ලීම් දාහතරෙන් හයක් කැබිනට් පත්‍රිකාවක් මගින් 15 වැනිදා විසඳන බවට ප්‍රවාහන අමාත්‍යවරයා පොරොන්දු වුවත් එය මෙතෙක් ඉටුකර නැතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා “දිවයින”ට ඊයේ (17දා) පැවසීය. මෙම ගැටලුව ලබන 19 වැනිදා වනවිට විසඳීමට ආණ්ඩුව අ...
"ජනාධිපතිවරණය 2024 – කවුද සටනට එන්නේ"
"රටට සංස්කෘතියට ආදරය කරමින් එය රැකගැනීමට නායකත්වය ගෙන තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව මව්බිම ජනතා පක්ෂයේ නායක සහ සර්ව ජනබලය එකමුතුවේ ක්‍රියාකාරි දිලිත් ජයවීර මහතා පැවසීය. සර්ව ජනබලය එකමුතුව විසින් සැකසූ සතුටු දැයක්, ව්‍යවසායකත්ව රාජ්‍යයක් උපාය මාර්ගික සැලැස්මේ පළමු කෙටුම්පත ත්‍රෛයිනිකායික මහ නාහිමිවරුන්ටත් අනුරාධපුර සි...
"“නීතිය ඉදිරියේ සැවොම සමානයි” යථාර්ථයක් කරනවා"
"මාලිමා ආණ්ඩුවකදී “නීතිය ඉදිරියේ සැවොම සමානයි” සංකල්පය යථාර්ථයක් බවට වෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මිනුවන්ගොඩදී පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් තරුණ රැලිය අමතමින් වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු 54ක් වෙනවා. රනිල් වික්‍...
"යුද්ධ තිබූ රටවල් දියුණු වෙද්දී යුද්ධය අවසන් අපි තවමත් එකතැන"
"ගෝත්‍රික යුද්ධ තිබූ රුවන්ඩාව දියුණු වෙද්දි යුද්ධය අවසන් අප රට තවමත් එකතැන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. යුද්ධය අවසන් වූ පසු වෙන රටවල නම් ජාති ආගම් ජන කොට්ඨාස එකතු වී රට සංවර්ධනය කරන බවත් රුවන්ඩාව එයට හොඳම උදාහරණය බවත් අද වන විට රුවන්ඩාව තුළ ගෝත්‍රික යුද්ද වෙනුවට ගෝත්‍රික සංහිඳියාව ඇතිව තිබෙන බවත් ජාති ආග...
"පොල් පොහොර මිල රු.2000කින් බසී"
"කුරුඳු, තේ හා පොල් යන වැවිලි භෝගවලට භාවිතා කරන කිලෝ 50ක පොහොර බෑගයක මිල රුපියල් 1500 සිට රුපියල් 2000 දක්වා වූ මුදලකින් අඩු කිරීමට රාජ්‍ය පොහොර සමාගම පියවර ගෙන ඇත. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මෙලෙස පොහොර මිල අඩු කිරීමට පියවර ගත් බව රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා ම...
"ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගවලට තටු දෙන්න එපා – එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක"
"ජනාධිපතිවරණ සටනේ දැන් පවතින රැළි සුනුවිසුනු කරන රැල්ල හැපෙන වෙරළ අපි ළඟදීම හදන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා 14දා සඳහන් කළේය. එහිදී හතරවෙනි අපේක්ෂකයෙක් නොවන දිනන විකල්ප අපේක්ෂකයා රට හමුවට ගෙනෙන බවත් අවධාරණය කළ හෙතෙම රැළිවලට හසු නොවී බුද්ධිමත් නායකත්වයක් සහිත කළමනාකරණ හැකියාව ...
"පොල්තෙල් මිල නගී"
"වෙළෙඳපොළේ පොල්තෙල් මිල ඉහළයෑම නිසා තමන් අපහසුතාවයට පත් වී ඇති බව පාරිභෝගිකයෝ පවසති. කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙන්ම දිවයිනේ සෑම නගරයකම පාහේ පොල්තෙල් මිල ඉහළ ගොස් ඇති බව දක්නට ලැබිණි. මේ පිළිබඳව වෙළෙන්දන් පවසන්නේ පොල්තෙල් පිරිපහදු කරන්නන් හා පොල්තෙල් ආනයනකරුවන් විසින් ක්‍රියාත්මක කරන වෙළඳ මාෆියාව නිසා මෙසේ පොල්තෙල් ...
"ජනපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබාදෙන දීමනාව 50%කින් වැඩිකළා"
"ජනාධිපති අරමුදලෙන් රෝගීන් සඳහා ලබාදෙන දීමනාව 50% සිට 100% දක්වා වැඩිකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 2022 අගෝස්තු මස වනවිට ජනාධිපති අරමුදල වෙත ලැබුණු හෘද රෝග හා වකුගඩු රෝගීන් 8000කට අධික පිරිසකගේ ඉල්ලීම් ගොඩගැසී තිබුණු බවද, ඒ සියල්ල එම වර්ෂය තුළම ගෙවීමටත්, ගෙවීම් කිරීමේ දී අදාළ දීමනාව ...
"මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළේ කැණීම් තාවකාලිකව නතර කෙරේ"
"මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළේ කැණීම් කටයුතු මුලතිව් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත 16 දා සවස තාවකාලිකව නවතා දමා එම මිනී වළේ අර්ධයක්ද පස්වලින් වසා දමා තිබේ. එම සමූහ මිනී වලේ තුන් වන අදියරයේ කැණීම් කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් වීමෙන් පසුව කැණීම් කටයුතු ආරම්භ වූ අතර එම අදියරයේ දී මිනිස් ඇට සැකිලි 12 ක් හමු ව...
"අධ්‍යාපන අවස්ථා අහිමි ළමුන් සහ තරුණයන් වෙනුවෙන් යුනෙස්කෝව ප්‍රධාන කාර්යභාරයක් තිබෙනවා"
"ප්‍රචණ්ඩකාරී ප්‍රහාර පාසල් සහ විශ්වවිiාල දක්වා ද ව්‍යාප්ත වී ඇති බවත් යුද්ධයෙන්, ස්වාභාවික විපත්වලින් සහ වසංගතවලට ගොදුරු වූවන් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් සිටින බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති යුනෙස්කෝ 75 වැනි සංවත්සරයට...
"ඡන්දයට නිරීක්ෂකයෝ 8000ක් – පැෆරල් කියයි"
"ඉදිරි ජනාධිපතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂකයන් අටදහසක් යොදා ගැනීමට සැලසුම් කර ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (17දා) පැවසීය. මූලික නිරීක්ෂකයන් දැනටමත් ස්ථානගත කර ඇතැයිද හෙතෙම කීවේය. ස්ථානගත නිරීක්ෂකයන් හාරදහසක්, තැපැල් ඡන්ද නිරීක්ෂකයන් එක්දහස් පන්සීයක්, ජ...
"අදත් වැසි: හෙට සිට අඩු වෙයි"
"බස්නාහිර, සබරගමුව, වයඹ යන පළාත් වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලටත් අද (18 දා) දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ ජනක කුමාර මහතා “දිවයින”ට පැවැසීය. අද දිනයෙන් පසු වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවද හෙතෙම කීය. ගතවූ පැය 24 තූළ වැඩිම වර්ෂාපතනය කෑගල්...
"මැදියම් රැයේ බලය ලැබුණා – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නාවොත් 31ට පෙර දිනය කියන්නම් – මැ.කො.ස. සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියයි"
"ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් පැනවුවහොත් හැර ජනාධිපතිවරණය නැවැත්වීමට මේ මොහොතේ කිසිදු හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවැසීය. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මූලික පියවරයන් සියල්ල මේ වනවිට ගෙන ඇති බව ද ලබන 31 වැනිදාට පෙර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට සියලු ක්‍රියාමාර්ග...
"කවුද සටනට එන්නේ…."
"එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස අලුත් ලකුණකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ‘දිවයින’ට ඊයේ (16දා) පැවසීය. රටේ පවතින්නේ දේශපාලන ප්‍රශ්නයක් නොව ආර්ථික ප්‍රශ්නයක් බවත් දේශපාලන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ඇතැම් අයට හ...
"ඉබි යතුරු දැමීම: සිරිපාලට සිතාසි"
"කොළඹ 10 ටී.බී. ජායා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් ජනතා සන්ධානයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කාර්යාල පිහිටි ගොඩනැඟිල්ල පසුගිය 5 වැනිදා ඉබි යතුරු දමා වසා දැමීම සම්බන්ධයෙන්, ලබන 19 වැනිදා අධිකරණයට කරුණු දක්වන්නැයි දන්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට සිතාසි ය...
"ව්‍යවස්ථා සංශෝධන ගැසට් කරන්න කැබිනට් අනුමැතිය"
"ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. 83 වැනි ව්‍යවස්ථාවේ (ආ) ඡේදයෙහි සඳහන් ‘සාවුරුද්දක් ඉක්මවා’ යන වචන වෙනුවට ‘වසර පහක් ඉක්මවා’ යන වචනය ආදේශ කරමින් ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය සඳහා 2024-07...
"ඡන්ද අපේක්ෂකයන්ට බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලයෙන් යෝජනා 7ක්"
"ජනාධිපතිවරණයට හා මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් ඉටුකළ යුතු බව සඳහන් කරුණු 7කින් යුත් යෝජනාවලියක් බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලය විසින් ඊයේ (16දා) ප්‍රකාශයට පත් කරනු ලැබීය. එහි සම ලේකම්වරුන් වූ ත්‍රිකුණාමලයේ ආනන්ද මහ නාහිමියන්, ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියන්, මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමියන්, දිවියගහ විපස්සී නාහිම...
"ආණමඩුව ජයසූරිය පාසලේ ඉල්ලීම ඉටුකර දෙනවා – ජනපති"
"ආණමඩුව ජයසූරිය මහා විද්‍යාලයේ සිසු දරු දැරියෝ පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සුහද කතාබහකට එක් වූහ. ඉතා කාර්ය බහුල තත්ත්වයක වුවද එම දරුවන් මඟහැර නොගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ විමසා බැලූ අතර තම විද්‍යාලයේ අඩු පාඩු කිහිපයක් පිළිබඳව සිසුහු එහිදී ජනාධිපතිවරයාව දැනුව...
"ණය ආපසු නොගෙවූ ‘ඔන්ක්‍රෙඩිට්’ 100කට නඩු"
"ජංගම දුරකථන ඔස්සේ අයැදුම් කර මාර්ගගත ක්‍රමය යටතේ ලබාගත් රුපියල් කෝටි ගණනක ණය ආපසු නොගෙවූ, දිවයින පුරා පදිංචි ණය ගැනුම්කරුවන් සියයකට අධික පිරිසකට එරෙහිව ‘ඔන්ක්‍රෙඩිට්’ නමැති සුළු පරිමාණ ණය ලබාදීමේ ව්‍යාපාරය ඊයේ (16දා) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පැවැරීය. එම ණය ගැනුම්කරුවන්ට ලබන සැප්තැම්බර් 13 වැනිදා තම අධිකරණය හමුවේ පෙ...
"වාසුගේ පුටුව නිරෝෂන්ට"
"ප්‍රජාතන්ත්‍රවාදී නව වාමාංශික පෙරමුණේ නායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඊයේ පත්විය. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් හා නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා විසින් මෙතෙක් දරනු ලැබීය. බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී ඊයේ මෙම පක්ෂ නායකත්වය පැවරීමේ උත්සවය පැවැත්විණි. 1981 උපත ලැබූ නිරෝෂන් ...
"එක මවකගේ දූදරුවන් ලෙස ඉදිරියට යෑමට අප සමග එක්වන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මන්නාරමේදී කියයි"
"සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ සංහිඳියාව, සහෝරත්වය, මිත්‍රශීලීත්වය එකමුතුභාවය බවත් ජාති, ආගම් භේද පසෙකලා ශ්‍රීලාංකිකත්වය පෙරටු කරගෙන ඉදිරියට යායුතු බවත් ජනතාවක් ලෙස එක මවකගේ දූදරුවන් ලෙස ඉදිරියට යෑමට එක්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේබව කියා සිටියේ මන...
"ජල ‘සූත්තරේ’ එන වසරේ සිට"
"ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව ගාස්තු ප්‍රතිපත්තිය හා සූත්‍රය, 2025 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. ඊට අදාළ කැබිනට් යෝජනාව ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා විසින් ඉදිරිපත් කර තිබුණි. නව ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය, අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර ...
"සෞන්දර්ය විෂය අත්‍යවශ්‍යයි – අධ්‍යාපන අමාත්‍යාංශය"
"යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයන් අත්‍යවශ්‍ය විෂයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. කනිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ හා ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනයේදී සෞන්දර්ය විෂයන් වැඩිදුරටත් අධ්‍යනය කළ හැකි අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සඳහා ද සෞන්දර්ය විෂයන් සඳහා ද සිසුන්ට පෙනීසිටිය හැකිය. තවද උසස් අධ්‍යාපනයේ ස...
"වෘත්තිකයාත් පුරවැසියාත් තෘප්තිමත් රාජ්‍ය සේවයක් ස්ථාපිත කරනවා – ජාජබ නායක අනුර කුමාර දිසානායක පරිපූරක වෛද්‍ය වෘත්තියවේදී සාමූහිකයේ ජාතික සමුළුවේදී කියයි"
"වෘත්තිකයාත්, ප්‍රතිලාභ ලබන පුරවැසියාත් තෘප්තිමත් වන රාජ්‍ය සේවයක් ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පරිපූරක වෛද්‍ය වෘත්තියවේදී සාමූහිකයේ ජාතික සමුළුව අමතමින් පසුගියදා වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. 1917 රුසියන් විප්ලවය සිදුවුණාට පස්සේ ලෙනින් කියනවා “පරණ ඇඳුම් ගලවා අලු‍ත් ඇඳුම් ...
"සී.ටී. 7 ක් ලෙඩ නිසා ලක්ෂ 120ක ප්‍රවාහන වියදමක්"
"රජයේ රෝහල්වල පවතින සී.ටී. ස්කෑන් යන්ත්‍ර 07ක් පූර්ණ ලෙස සේවා බිඳීවැටීමට ලක්වීමෙන් රෝගීන් වෙනත් රෝහල් කරා යොමු කිරීමට සිදුවීමෙන් ප්‍රවාහන වියදම් ලෙස මසකට රුපියල් ලක්ෂ 120කට අධික මුදලක් නිරපරාදේ වැය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. රජයේ රෝහල් පද්ධතියේ පවතින සී.ටී. ස්...
"දේවන්පිට්ටිය රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ සක්වළ වැඩසටහනට ඇමැති රිෂාඩ් සහ සෙල්වම් අඩකලයිනාදනුත් එක්වෙයි"
"සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 321 වැනි පියවර විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වන්නි මන්නාරම දේවන්පිට්ටිය රෝමානු කතෝලික දෙමළ මහා විද්‍යාලයේ දී ඊයේ (16 දා) පැවැත්විණි. ඊට හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන් සහ සෙල්වම් අඩකලයිනාදන් මහතා ද එක්ව සිටි අයුරු."
"අලුත් බදුවලට කලින් නොගෙවූ හා කල් ගිය බදු අය කර ගැනීම කළ යුතුයි – රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය"
"නව බදු පැනවීමට පෙර, ගෙවීම් පැහැර හැර ඇති හා කල් ගිය බදු මුදල් අයකර ගැනීම පිළිබඳව අවධානය යොමු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ සඳහා දැනට පවත්නා නීතී යාවත්කාලීන කර, එසේ පැහැර හරින බදු අයකර ගැනීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් දියත් කරන බවද ඇමැතිවරයා කීවේය. මාධ්‍ය අමතමින් ඊයේ (16) මේ බව පැවසූ ඒ මහ...
"රෝගී ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රඥප්තියට ආංශික කාරක සභාවේ අනුමැතිය"
"රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමේ ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත පසුගියදා සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමිවිය. එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදීම සිදුවිය. ප්‍රඥාප්තියේ අවසන් කෙටුම්පත සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ ...
"රෝගී ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රඥප්තියට ආංශික කාරක සභාවේ අනුමැතිය"
"රෝගීන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීමේ ප්‍රඥප්තියේ අවසන් කෙටුම්පත පසුගියදා සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමිවිය. එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබාදීම සිදුවිය. ප්‍රඥාප්තියේ අවසන් කෙටුම්පත සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ ...
"නැවත දැනුම්දෙන තුරු මුහුදු යන්න එපා"
"ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, නැවත දැනුම් දෙන තුරු මුහුදු යෑමෙන් වළකින ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. මෙම රතු නිවේදනය අද (17 වැනිදා) පස්වරු 1.00 දක්වා වලංගු බවද එම දෙපාර්තමේන්තුව කියයි. සක්‍රීය නිරිතදිග මෝසම් කාලගු...
"“රන්දොර උරුමය” ජනපති ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.00 ට කොළඹ සුගතදාස ⁣ගෘහස්ත ක්‍රීඩාංගණයේදී"
"කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් 50000කට හිමිකම් ඔප්පු ලබාදීමේ “රන්දොර උරුමය” වැඩ සටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ⁣ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අද (17) පස්වරු 3.00 ට පැවැත්වේ. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 937 කට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල්...
"කංචනගේ දත්ත වැරදි බව යළි ඔප්පු වුණා: විදුලි බිල තවමත් 50%ක් වැඩියි – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික"
"මෙවර විදුලි ගාස්තු සංශෝධනයේදී සියයට විසි දෙකයි දශම පහකින් විදුලි ගාස්තු අඩු කළත් 2022 වර්ෂය හා සාපේක්ෂව බැලීමේදී තවමත් විදුලි බිල සියයට පනහකින් වැඩි යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (16 දා) පැවසීය. ඒකක 1-30 අතර පාවිච්චි කරන අයට පසුගිය 2022 වර්ෂයේදී රුපියල් දෙකයි පනහත්, තුනත් අතර මිලකට...
"උද්දික රංගනය: සංජීව මහානාමගේ අපේක්‍ෂිත ඇපයට විරෝධතා ඇත්නම් 22 දා ගොනු කරන්න"
"තමන් අත්අඩංගුවට නොගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී (1) සංජීව මහානාම මහතා අධිකරණයට ඉදිරිපත් කර ඇති අපේක්ෂිත ඇප අයැදුම්පතට අදාළව මේ මස 22 දා විවෘත අධිකරණයේ පෙනී සිටිමින් කරුණු දක්වා, විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් එ...
"16 වැනිදා තෙක් මාදම්පේ සිලිකන් කැණීම් එපා"
"හලාවත මාදම්පේ ප්‍රදේශයේ පිහිටි ග්‍රාම නිලධාරි වසම් නවයක අක්කර 200ක පමණ සිදුකරන සිලිකා වැලි කැණීම් නොකරන ලෙස හා එකී කැණීම් ප්‍රදේශ කැළිකසළ යොදා පිරවීම සිදු නොකර පෙර පැවැති තත්ත්වයෙන්ම ලබන නොවැම්බර් 11 වැනිදා දක්වා පවත්වාගෙන යෑමට වගබලා ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධීකරණය ඊයේ (16දා) භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ඇතුළු පාර්ශ්...
"රංගන ශිල්පිනී මානෙල්ගේ අවසන් කටයුතු හෙට"
"ජනප්‍රිය ටෙලි නාට්‍යය හා චිත්‍රපට රංගන ශිල්පිනියක වූ මානෙල් චන්ද්‍රලතා මහත්මිය ඊයේ (16 වැනිදා) සිය දිවිසැරිය නිමා කළාය. මොරටුව, රාවතාවත්ත නිවසේ සිටියදී හුස්ම ගැනීමේ අපහසුතාවයක් මත ඇයව ඊයේ (16 දා) අලුයම කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ඇයගේ එකම පුතණුවන් වන සංජීව ආරියරත්න මහතා ‘දිවයින’ට පැව...
"ගුරුවරු අකුරට වැඩ – ලංකා ගුරු සංගමය කියයි"
"ගුරු – විදුහල්පතිවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා නොදෙමින් කල් ඇරීම නිසා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වූ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවැසීය. ඒ අනුව කලාප ක්‍රීඩා තරගවලට සිසුන් තෝරා දීමට සහය නොදෙන බවත් ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනට සහය නොදෙන බවත් සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් ...
"ගුරුවරු අකුරට වැඩ – ලංකා ගුරු සංගමය කියයි"
"ගුරු – විදුහල්පතිවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා නොදෙමින් කල් ඇරීම නිසා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වූ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවැසීය. ඒ අනුව කලාප ක්‍රීඩා තරගවලට සිසුන් තෝරා දීමට සහය නොදෙන බවත් ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනට සහය නොදෙන බවත් සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් ...
"ජනපතිවරණයට එරෙහි දෙවැනි පෙත්සමත් විසිවෙයි – පෙත්සම්කරුට ලක්‍ෂ 5ක් ගෙවන්නත් නියම වෙයි"
"ජනමත විචාරණයක් පවත්වා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි සම්මත කරගන්නා තුරු ජනාධිපතිවරණයක් නොපවත්වන ලෙසට නියෝගයක් කරන්නැයි ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ප්‍රතික්ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය, රුපියල් ලක්ෂ පහක නඩු ගාස්තුවක් රජය...
"පාර්ලිමේන්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුයි – ජනපති"
"අධිකරණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ බව සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලින්තුවේ විධායක බලයට අධිකරණය අත නොගැසිය යුතුය යන ස්ථාවරයේ තමා සෑමවිටම සිටින බව සඳහන් කළේය. හෙතෙම එසේ කියා සිටියේ මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී ඉකුත් 14 දා පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක්වෙමිනි. මහවැලි ව්‍යාපාරය...
"විදුලි බිල අද සිට සියයට 22.5 කින් පහළට"
"විදුලි ගාස්තු අද (16දා) සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 22.5 කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර ඇත. මේ වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එම කොමිසම මේ තීරණය ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් පැවැත්වූ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් ස...
"මිලියන ගාණක් දෙන්න තිබියදීත් දොස්තරලා 800ක් රට හැර ගිහින්"
"රට හැර ගොස් සිටින වෛiවරුන් අටසියයකට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගෙවිය යුතු නියමිත ගාස්තු ගෙවීම පැහැර හැරීම නිසා රජයට රුපියල් මිලියන ගණනක අලාභයක් සිදුව ඇතැයි පසුගියදා කෝප් කමිටුවේදී හෙළිව ඇත. එම වෛiවරුන් සම්බන්ධයෙන් මේ වන විට නීති අංශ දැනුවත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛi පාලිත මහීපාල මහතා කමිටුව...
"වාසුගේ පක්ෂය අද තරුණ නායකයකුගේ අතට"
"ප්‍රජාතන්තවාදී නව වාමාංශික පෙරමුණට නව නායකයකු පත්කිරීම අද (16දා) ජනකලා කේන්ද්‍රයේ අපේ ගම පරිශ්‍රයේදී සිදුකෙරේ. නව නායකත්වය සඳහා පාර්ලිමේන්තුවේ හිටපු තරුණ දේශපාලනඥයකු පත් කිරීමට නියමිත බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට එහි නායකත්වය දරන වාසුදේව නානායක්කාර මහතා නායකත්වයෙන් ඉවත් වී නව නායකයකු පත් කිරීමට නියමි...
"මියගිය පාතාල නායකයන්ට පණ දෙන්න හදන අයට පොලිසියෙන් පිළිතුරු ලැබෙයි – පොලිස්පති"
"“මිනිස් ඝාතන, දරුණු අපරාධ කරලා මියගිය පාතාල නායකයන්ට පණ දෙන්න හදන අය ගැන අපි හොයනවා. මේක මේ පාතාල මැරයන්ගෙ අවසාන රංගනය. අහිංසක මිනිස් ජීවිතත් එක්ක සෙල්ලං කරන මේ පාතාල මැරයන්ට පොලිසියෙන් පිළිතුරු ලැබෙයි යැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (15දා) කියා සිටියේය. ක්ලබ් වසන්ත ඝාතනයත් සමග රටේ ඇතිවී තිබෙන පාතාල භීෂණය ස...
"ඔන්ලයින් ණය ගැනීමේදී රහස් තොරතුරු ඉල්ලනවා නම් ප්‍රවේශමෙන්!"
"ඔන්ලයින් ක්‍රමයට ණයක් ලබාගැනීමේදී එම ණය දෙන ආයතනය ණය ගැනුම්කරුගෙන් රහස්‍ය තොරතුරු ඉල්ලා සිටින්නේ නම් ඒ ගැන ප්‍රවේශම් වන ලෙස මහ බැංකුව ජනතාවට දන්වයි. අන්තර්ජාලය හරහා ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගැනීම මගින් ඉතා පහසුවෙන් ණයක් ලබාගත හැකි බවට වන සමාජ මාධ්‍ය ප්‍රවර්ධනයන් විශාල වශයෙන් සිදු කෙරෙමින් තිබෙන අතර එහිදී ඔබගේ ගිණුම් අංකය ...
"යල් පැන ගිය දේශපාලනයේ පැත්තකින් තියලා – රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් ඇති කරමු"
"සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ නීතිඥවරුන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා ...
""කුවේටයේ නීති විරෝධීව රැඳී සිටි 10,615ක් මෙරටට""
"කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් එරට වලංගු වීසා කාලය ඉක්මවා නීති විරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්හට එරටින් පිටවීම සඳහා කුවේට් රජය විසින් 2024 වසර සඳහා ලබාදී තිබූ ‘පොදු සමා කාලය’ භාවිතා කරමින් ශ්‍රී ලාංකිකයන් 10,615 දෙනෙකු එරටින් පිට වී ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත්...
"හමාගිය සුළගින් කූඩාරම ගැලවී ගාල්ලේ – ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අවලංගු කෙරේ"
"ගාල්ල දිස්ත්‍රික්කයේ පහ වසර ශිෂ්‍යත්වය සහ උසස් පෙළ සමත් සිසුන්ට ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ ඊයේ (15 දා) පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයට ඉදිකර තිබූ විශාල කූඩාරම පෙරේදා රාත්‍රි හමාගිය තද සුළඟින් කඩාවැටීම නිසා උත්සවය අවලංගු කළ බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. මේ නිසා ශිෂ්‍යත්ව...
"අමරපුර මහා නිකායේ උපසම්පදා පින්කම"
"ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ වාර්ෂික උපසම්පදා පිංකම රද්දොළුව ශ්‍රී සුබෝධාරාම විහාරාසන්න අත්තනගලු ඔය උදකුක්ඛේප සීමාමාලකයේදී පසුගියදා (13දා) පැවැත්විණි. අමරපුර පාර්ශ්වයේ මහා නායක කැලණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය පානදුර ඓතිහාසික රන්කොත් මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත කහපොල සුගතරතනාභිධාන මාහිමිපා...