Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"මේ වසරේ මෙතෙක් ඩෙංගු රෝගීන් තිස්දහසක් මරණ 12ක්" | "මේ වසරේ ගත වූ කාලසීමාව තුළදී මෙරටින් ඩෙංගු රෝගීන් 30,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. මෙම කාලසීමාව තුළදී ඩෙංගු රෝගයට ගොදුරුවීමෙන් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද එම ඒකකය පවසයි. මේ වසරේ මෙතෙක් ඩෙංගු රෝගීන් 30,227ක් දිවයින පුරා වාර්තා වී ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්... |
"බාල බෙහෙතෙන් දෑස් අඳ වූ අයට තාමත් වන්දි නෑ" | "බාල වර්ගයේ ප්‍රෙඩ්නිසිලෝන් (Prednisolone) ඖෂධයක් ලබාදීමෙන් දෑස් අඳභාවයට පත් වූවන්ට වන්දි ලබාදෙන බවට රජය කළ ප්‍රකාශය මේ වනතුරු ඉටුකර නැතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි. මෙම අක්ෂි දියරය නිසා දෑස් අඳභාවයට පත්වූවන්ට අවශ්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යවරුන් නියම කරන ඖෂධ රෝහල්වල නොමැතිවීම නිසා විශාල මුදලක් ගෙවා පුද්ගලි... |
"බාල ඖෂධ සහ සංකූලතා ගැන විමර්ශන වාර්තා යටගැසීමේ සූදානමක්" | "බාල ඖෂධ හා සංකූලතා සම්බන්ධ විමර්ශන වාර්තා යටගැසීමේ සූදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම විමර්ශන වාර්තා හෙළි නොකිරීමෙන් එවැනි සිදුවීම් වළක්වා ගැනීමට බාධා වන බැවින් මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙස එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව ... |
"කුකුළු ගොවිපළ හිමියන් සමග සාකච්ඡා කර මස් මිල පහත දමනවා – වෙළෙඳ ඇමැති" | "කුකුළු ගොවිපළ හිමියන්ට එරෙහිව තමාට දිගින් දිගටම මහජන පැමිණිලි ලැබෙන නිසා කුකුළු මස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් ඔවුන් කැඳවා කරුණු විමසීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ සහ පාරිභෝගික කටයුතු ඇමැති නලින් ප්‍රනාන්දු මහතා දිවයින ට (14දා) පැවැසීය. කුකුළු මස් වෙළෙඳුන් හිතුමනාපෙට අධික මිල ගණන්වලට කුකුළු මස් අලෙවි කරන අතර, ඇතැම් හෝටල් ... |
"ට්‍රම්ප් නූලෙන් බේරෙයි" | "පෙන්සිල්වේනියාවේ පැවති ජන රැලියක් අතරතුර එල්ල වුණු වෙඩි ප්‍රහාරයකින් ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිවි ගලවා ගැනීමට සමත් විය. ඉකුත් සෙනසුරාදා (13දා) රාත්‍රියේ මෙම රැලිය පැවැත්වුණේ පෙන්සිල්වේනියාවේ බට්ලර්හිදීය. සිය සමාජ මාධ්‍ය ජාලය වන Truth Socialys සටහනක් තබමින් ට්‍රම්ප් කියා සිටියේ, වෙඩි උණ්ඩයක් ඔහුගේ දකු... |
"විනිසුරු අත්සන හොරෙන් ගසා බොරු නඩු තීන්දුවක් හදලා" | "මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව එහි විත්තිකරු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇති බව සඳහන් කරමින් මහෙස්ත්‍රාත්වරයාගේ අත්සන ද ව්‍යාජ ලෙස සඳහන් කර නඩු වාර්තාවක් ලබා දී රුපියල් ලක්ෂ 35 ක මුදලක් වංචනිකව ලබා ගත් හිටපු අධිකරණ සේවකයකු ඊයේ (14 දා) උදෑසන මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධ... |
"ඉදිරි ජනපතිවරණයේ ඉරණම – අද පෙත්සමේ තීන්දුව මත" | "ජනමත විචාරණයක් පවත්වා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි පරිදි සම්මත කරගන්නාතුරු ජනාධිපතිවරණයක් නොපවත්වන ලෙස නියෝගයක් කරන්නැයි ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15දා) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර හා කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමු... |
"ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය ගර්භයේ සර්වඥ ධාතු සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනපති අතින්" | "සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලක්දිවට වැඩමවා වදාළ පරම පූජනීය සොළොස්මස්ථාන අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (14දා) පෙරවරුවේ සිදුවිය. ශ්‍රී ලංකාවේ පවතින විශාලතම දාගැබ් අතරින් සිව්වන ස... |
"ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු කළ දා මාකඳුරේ මධුෂ් සිහිකර බැනරයක්" | "අතුරුගිරිය ඔරුවල ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ සුරේන් වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකළ පෙරේදා (13දා) නැසීගිය මාකඳුරේ මධුෂ්ගේ දේහය භූමදානය කර ඇති ගොඩිගමුව පොදු සුසාන භූමියේ තාප්පයක ඔහුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කර තිබූ බව සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙ... |
"හිඟ බදු මිලියන 1040න් අරක්කු සමාගම් මිලියන 611ක් ගෙවා අවසන් – සුරාබදු කොමසාරිස් ජනරාල්" | "2023 වසර සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් මිලියන 1040ක බදු ප්‍රමාණයෙන් රුපියල් මිලියන 611ක් මේ වසරේ මාස හයක් ගතවන විට ගෙවා ඇතැයි, සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවසීය. 2023 වසර සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් බිලියන 1.1ක්, සුරාබදු දෙපාර්තමේන්තුව අය... |
"ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නය අසා කම්පනයට පත් වුණා – ජනපති රනිල් කියයි" | "ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඝාතනය කිරීමට තැත් කිරීම පිළිබඳව අසා තමා කම්පනයට පත් වූ බවත්, හිටපු ජනාධිපතිවරයා මේ වනවිට නිරුපද්‍රිතව සිටීම සතුටට කරුණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. දේශපාලනය තුළ ශ්‍රී ලාංකිකයන්ද මෙවැනි ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වී ඇති... |
"හිරුණිකා හිරගෙදර වැඩ අංශයට" | "බන්ධනාගාරගතව පසුවන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කාන්තා සිරමැදිරියේ වැඩ අංශයකට යොමුකර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ‘දිවයින’ට පැවසීය. වැඩ අංශයේ හිරුණිකාට පැවරී ඇති රාජකාරිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා කිසිවක් සඳහන් කළේ නැත.නෝමන් පලිහවඩන" |
"අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්වූ අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට පියවර ගන්නවා" | "අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තන්ජෝර්, මදුරාසි සහ සාංචිපුරම් නගර ගැන අද ලෝකයම කථා කළද, එහි සිව් වන නගරය වූ අනුරාධපුරයේ එම දියුණුව ඇති කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බව ... |
"ටැටූ සාප්පුවේ හිමිකරු වෙනම රඳවයි" | "අතුරුගිරියේදී ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ ටැටූ ආයතනයේ හිමිකරු එම සිද්ධියේ අනෙකුත් සැකකරුවන්ගෙන් වෙන්කර වෙනත් බන්ධනාගාරයක රැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. ටැටූ ආයතනයේ හිමිකරු විසින් කරන ලද ඉල්ලීමක් අනුව වෙනත් බන්ධනාගාරයක රැඳවීම... |
"හිරුණිකා හිරගෙදර වැඩ අංශයට" | "බන්ධනාගාරගතව පසුවන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කාන්තා සිරමැදිරියේ වැඩ අංශයකට යොමුකර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ‘දිවයින’ට පැවසීය. වැඩ අංශයේ හිරුණිකාට පැවරී ඇති රාජකාරිය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ මාධ්‍ය ප්‍රකාශකවරයා කිසිවක් සඳහන් කළේ නැත.නෝමන් පලිහවඩන" |
""ශ්‍රීලනිප නිමල්ලා, නව සන්ධාන ලාන්සලා එකම වේදිකාවක සිට බදුල්ල ජන බලය ගොඩනඟති"" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළි මාලාවේ තෙවන ජන රැළිය ඊයේ (14දා) දින පස්වරු 2.00 ට බදුල්ල විල්ස් පර්ක් ක්‍රීඩාංගනයේදී අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් යුතුව ඇරඹිනි. “දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව යටතේ විශල ජනතා සහභාගිත්වයකින් යුතුව ඇරඹි බදුල්ල ජන රැළිය වරාය, නාවික හා ගුව... |
"පිනට පත් වූ ජනාධිපති ඡන්ද නොතියා බලයේ ඉන්න විවිධ උප්පරවැට්ටි දානවා" | "වත්මන් ජනාධිපතිවරයා මුළු රටටම විහිලු සපයන බවත් පිනට පත් වූ මේ ජනාධිපතිවරයා මැතිවරණය නොතියා බලයේ ඉන්න විවිධ උප්පරවැට්ටි දමමින් සිටින බවත් වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ලබාදී පක්ෂ නායකයෝ අල්ලා ගැනීමට කටයුතු කරන බවත් මේ නිර්ලජ්ජිත පහත් දේශපාලන සංස්කෘතිය මැතිඇමැතිවරුන් මන්ත්‍රීවරුන් දේශපාලනඥයන් වරප්‍රසාද මත තමන්ගේ ප්‍රතිපත්ත... |
"ගාල්ලේ මහින්ද විදුහලින් රටට බුද්ධිමත් පිරිසක් දායාද කර තිබෙනවා" | "රට ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමේදී අධ්‍යාපනය ඉතා වැදගත් බවත්, එම අධ්‍යාපනයේ ප්‍රධානම කොටස ගුරු වෘත්තිය බැවින් ගුරුවරුන් ද මෙම තත්ත්වය ගැන සිතා බලා අනාගත පරපුර විනාශ නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවත්, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. එසේම එදා අධ්‍යාපන ක්‍රමයට වඩා අද අධ්‍යා... |
"ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය තෙගුණයකින් ඉහළ ගිහින්" | "මාස 4කට පෙර සිටියාට වඩා තෙගුණයකට වැඩි ජනතාවක් වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය අනුමත කරන බවත්, ආර්ථිකය සහ රටේ ආර්ථික දිශානතිය ගැන සුබවාදීව සිතන බවත් වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේ නවතම 2024 ජූලි ප්‍රතිඵලවලින් පෙනී ගොස් තිබේ. එම ප්‍රතිඵලවලට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2024 පෙබරවාරි මාසයේ ... |
"අනුරාධපුර පිච්ච මල් පූජාව 27දා" | "ශාන්ති පදනමේ මෙහෙයවීමෙන් 34 වැනි වරටත් සංවිධානය කරනු ලබන ඓතිහාසික අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්මැලි මහා සෑයට සිදුකරන පිච්ච මල් පූජාව මේ මස 27 වැනිදා පැවැත්වේ. අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන, රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඤාණතිලක යන නාහිමිපාණන් වහන්සේලාගේ අනුශ... |
"අනුරාධපුර පිච්ච මල් පූජාව 27දා" | "ශාන්ති පදනමේ මෙහෙයවීමෙන් 34 වැනි වරටත් සංවිධානය කරනු ලබන ඓතිහාසික අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්මැලි මහා සෑයට සිදුකරන පිච්ච මල් පූජාව මේ මස 27 වැනිදා පැවැත්වේ. අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන, රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඤාණතිලක යන නාහිමිපාණන් වහන්සේලාගේ අනුශ... |
"ටින්මාළු ගෙන්වීම නතර නොකළොත් අද හෙට ධීවරයා පාරට එයි" | "විදෙස් රටවලින් ටින්මාළු ආනයනය නවත්වන්නේ නැතිනම් රට තුළ නොබෝ දිනකින් ධීවර විරෝධතා ඇතිවිය හැකි යැයි, ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා පෙරේදා (13දා) පැවසීය. දැනට ආනයනය තහනම් කර ඇතත්, ලක්ෂ 45ක ටින්මාළු රේගුව හරහා මේ වනවිට රටට ගෙනැවිත් ඇතැයි ද ඔහු කීය. ටින්මාළු නිෂ්පාදනයට ලින්නා මාළු යොදා ගන්නා බ... |
"සර්ව ජන බලය උපාය මාර්ගික කෙටුම්පත මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට…" | "සර්ව ජන බලය විසින් ඉදිරිපත් කර ඇති ‘එක්ව නංවන රටක් සතුට පිරුණු දැයක්’ උපාය මාර්ගික කෙටුම්පත අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහ නාහිමියන් වෙත හා වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහ නාහිමියන් වෙත මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා විසින් පිරිනමන අවස්ථාව. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන යුතුකම ජාතික සංවිධා... |
"ජනපති සටනට දිනය තීන්දුයි" | "ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත්කිරීම මේ මස අවසන් සතියේ සිදුකිරීමට බොහෝදුරට නියමිත බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරණය කැඳවීමේ බලය ලබන බදාදා (17 දා) සිට මැතිවරණ කොමිසමට හිමිවන අතර ඉන්පසුව කොමිසම රැස්වී මැතිවරණය කැඳවීමේ දිනය තීරණය කිරීමට නියමිතය. මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරම... |
"පත්‍රිකා මුද්‍රණයට මිලියන හයසීයක්" | "ජනාධිපතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු වෙනුවෙන් වැයවෙන මුදල් ප්‍රමාණය ගණන් බලා අවසන් යැයි රජයේ මුද්‍රණාලයාධිපතිනිය ගංගානි ලියනගේ මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය. මේ අනුව මේ සඳහා යන වියදම උපරිම වශයෙන් බලන විට මිලියන හයසියයක් පමණ වන බව ඇය කීවාය. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය දැනුම් දෙන මොහොතේම ඒ සඳහා මුද... |
""වෙලේ සුදා, සංජීව, ලැසීලා හිරේ ඉඳන් ආපහු වැඩ"" | "බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙරට පාතාලයේ සහ මත්ද්‍රව්‍ය ජාලයේ මහ කෙරුම්කාරයන් ලෙස සැලකෙන ගණේමුල්ලේ සංජීව, කුඩු සලිඳු, වෙලේ සුදා සහ පොඩි ලැසී නමැති අපරාධකාරයන් බන්ධනාගාරයේ සිට නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධයෙන් පොලිස්පති දේ... |
"මාර(ක) ගමන" | "දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ දෙදින වැඩ වර්ජනය අතරතුර කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිටි මගීන් විශාල පිරිසක් පොරකමින් ඊට නැගීමට උත්සාහ කළ අයුරු. ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත" |
"සෞඛ්‍ය ලොක්කන්ට කොමිසමෙන් සිතාසි" | "ප්‍රශ්න ගත බාල ඖෂධ ගනුදෙනු සිදුවූ සමයේදී වෛද්‍ය සැපයුම් ඒකකයේ පැවැති නිවැරදි ඖෂධ තොග සම්බන්ධයෙන් හා ඖෂධ හිඟය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු හෙළි නොකළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට එරෙහිව තොරතුරු දැනගැනීමේ කොමිසම සිතාසි නිකුත්කර ඇත. මේ සම්බන්ධයෙන් සතියක් ඇතුළත ලිඛිත දේශන ගොනු කරන ලෙසට ද උපදෙස් ලබා දී ඇති අතර ලබන 24දා ම... |
"මහ බෝඩිමට අලුතින් 185000ක්" | "සිරකරුවන් හා සැකකරුවන් එක්ලක්‍ෂ අසූපන්දහස් පනස්හය දෙනකු (185,056 දෙනකු) ඉකුත් වර්ෂයේ දී (2023) බන්ධනාගාරගත වී ඇති බැව් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයට අදාළව නිකුත් කරනු ලැබූ වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වෙයි. මේ අය අතුරින් 46,939 දෙනකු සිරකරුවන් වන අතර 138,117 දෙනෙක් සැකකරුවෝ වෙති. බන්ධනාගාරගත වී ඇති ප... |
"විසඳුම් නැත්නම් යළි දුම්රිය වර්ජන!" | "සිය ඉල්ලීම් 14 න් 6 ක් කැබිනට් අනුමැතියකින් විසඳන බවට ප්‍රවාහන ඇමැතිවරයා පොරොන්දු වූ බවත්, එය හෙට සඳුදා (15 වැනිදා) දිනයේ සිදුනොකළහොත් යළිත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු වන බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියයි. ආණ්ඩුව ඉල්ලීම්වලට කන්නොදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ග මර්දනය සඳහා යොමු වන්නේ නම් අනෙකුත් දුම්රිය වෘත්තීය සමිත... |
"පොහොට්ටු අපේක්‍ෂක මේ මස එළියට" | "ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු නම් කිරීම මෙම මස අවසානයේ දී සිදුකරන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. පක්ෂයේ ප්‍රතිපත්තිවලට එකඟ වන, ජනාධිපතිවරණයෙන් ජය ගත හැකි අපේක්ෂකයකු නම් කරන බවත්, එහෙත් අපේක්ෂකයකු නම් කිරීමට කිසිදු හදිසියක් පක්ෂයට නැති බවත් ඒ මහ... |
"රාජ්‍ය සේවක වැටුප් වියදම පහළට" | "රජයේ සේවකයන්ගේ වැටුප් හා වේතන වෙනුවෙන් දරනු ලැබූ වියදම 2022 වර්ෂයට සාපේක්ෂව ඉකුත් වර්ෂයේ දී (2023) රුපියල් බිලියන 939.5 දක්වා සියයට 1.7ක ප්‍රතිශතයකින් අඩුවී ඇති බැව් මුදල් අමාත්‍යාංශය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ. 2022 වර්ෂයේ දී රජයේ සේවකයින්ගේ වැටුප් හා වේතන ගෙවීම සඳහා ... |
"ගම්පහ වැඩ මද්දුමට" | "සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලය පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත එම පක්ෂය විසින් පවරා ඇත. එම දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයේ කටයුතුවලින් සම්පූර්ණයෙන් මේ වන විට ඉවත් කර ඇති නිසා මෙලෙස එම කටයුතු සජබ මහ... |
"සමෘද්ධිලාභීන්ගෙන් 12%ක් සල්ලිකාරයෝ" | "සමෘද්ධි ප්‍රතිලාභ ලබන අයගෙන් සියයට 12ක පමණ පිරිසක් ධනවත් අය බැව් ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව තහවුරු වී ඇත. 94 වසරේ සිට මේ දක්වා කාලයේ දී සමෘද්ධි ප්‍රතිලාභින් හඳුනා ගැනීම සඳහා අනුගමනය කරනු ලැබූ දුර්වලතාවයන් හේතුවෙන් එම තෝරා ගැනීමේ ක්‍රියාවලිය දේශපාලනකරණය වීම සඳහා ඉඩ සැලසී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස සමෘද්ධි වැඩසටහන වෙ... |
"අරක්කු කොම්පැණි හිඟ බදු ගෙවීමටත් කොකා පෙන්වලා" | "මත්පැන් නිෂ්පාදන ආයතන හතරකින් හිඟ සුරාබදු හා හිඟ ප්‍රමාද ගාස්තු වශයෙන් 2023 වර්ෂයේ දී අයවිය යුතු රුපියල් මිලියන 1878 ක මුදලක් මෙම වර්ෂයේ ජුනි මස 30 වැනිදා වන විටත් සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අය කර ගෙන නොතිබූ බව ක්‍රම හා විධි කාරක සභා රැස්වීමේ දී අනාවරණය විය. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමෙන් අයවිය යුතු මුදල රුපියල් ... |
"මිලියන 230ක් යට කළ රථගාල් ඉදිකිරීම ළතවෙයි" | "නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 230කට අධික මුදලක් වියදම් කොට ආරම්භ කරනු ලැබූ රථ ගාල් දෙකක ඉදිකිරීම් කටයුතු අතරමග නතර වී ඇති බැව් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේ දී අනාවරණය විය. බහුමාන රථගාල් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල් යොදවා කොළඹ කොටුව හා නාරාහේන්පිට ප්‍රදේශයේ මෙම රථග... |
"“19ට ජනමත විචාරණයක් ඕනෑ” – ජනාධිපතිවරණය කල් දාන්න තවත් පෙත්සමක්" | "ජනමත විචාරණයක් පවත්වා 19 වන සංශෝධනය නිසි පරිදි සම්මත කරගන්නා තුරු ජනාධිපතිවරණයක් නොපවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඊයේ (12දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය. ඉකුත් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07 දෙනෙකු විසින් ලබාදුන් නියෝගය අනුව ආණ්ඩුක්... |
"ඩුබායිහිදී කොටුවූ පාතාලයෝ දෙදෙනා ශ්‍රී ලංකාවට – අයෙක් සී.සී.ඩී.යට-අනෙකා සී.අයි.ඩී.යට" | "ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි මෙරට පාතාලයේ ප්‍රබලයෝ දෙදෙනෙක් ඊයේ (12දා) අලුයම විශේෂ ආරක්‍ෂාවක් යටතේ කටුනායක ගුවන්තොටුපළෙන් මෙරටට රැගෙන එනු ලැබූහ. මෝදර නිපුණ සහ කංජිපානි ඉම්රාන් නමැති පාතාල නායකයන්ගේ කල්ලිවල ප්‍රබල සාමාජිකයන් දෙදෙනකු වන මෙම අපරාධකරුවන් මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව ... |
"“බූස්සේ ෆෝන් හොයන්න එන්න එපා” – ගණේමුල්ල සංජීවගෙන් බන්ධනාගාර නිලධාරියකුට තර්ජන" | "බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් සතු ජංගම දුරකථන අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් නොකරන ලෙස කියමින් එහි ඉහළ නිලධාරියකුට ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයා තර්ජනය කර ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් එම නිලධාරියා විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් ද කර තිබේ. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවන් සතු ජංගම දුරකථන සොයා... |
"ජයග්‍රහණයේ කොඩිය එසවීම අනුවණ වැඩවර්ජනවලින් නැවත අඩපණ විය හැකියි" | "මේ වෙලාවේ වැඩවර්ජන කියන්නේ ජනතාව ද්‍රෝහී පාලකයන් වෙත තල්ලුකර හැරීමක් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පුනරුදයේ සම්ප්‍රාප්තිය වැඩපිළිවෙළ ජනගත කිරීම වෙනුවෙන් පසුගියදා පැවති හමුවේදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික සහ වත... |
"බලය ලැබුණේ වසර 5කට නම් බල්ලා මාර්ක් නොවී ගෙදර යන්න ඕනෑ" | "දේශපාලනඥයන් ලෙස අපට වසර 05කට ජනතාව බලය දුන්නේ නම් එම කාලයෙන් පසු බල්ලා මාර්ක් ලේබල් වැදෙනකම් නොසිට ගෙදර යා යුතු යැයි අධිකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12 දා) පැවසීය. මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම මේ බව කීය... |
"ජනපති බලයේ එල්ලී සිටීමට කැබිනට්ටුව හරහා තවත් උප්පරවැට්ටියක් දාලා" | "ජනතාව ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා බලයේ එල්ලිලා ඉන්න තවත් උප්පරවැට්ටියක් කැබිනට් මණ්ඩලය හරහා ඉදිරිපත් කරලා තිබෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා මෙසේ පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ (10 දා) පැවැති විශේෂ මාධ්‍ය එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය. ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගැන... |
"වී.එෆ්.එස්. ගාස්තුව ගැන පුළුල් වෝහාරික විගණනයක් කළ යුතුයි" | "ඔන්ලයින් වීසා ලබා ගැනීමේදී අය කළ වීඑෆ්එස් ගාස්තුව සම්බන්ධයෙන් පුළුල් වෝහාරික විගණනයක් කළ යුතු බව එම ගාස්තු සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමින් එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 දා) කීය. මෙම ගාස්තු අය කිරීමේ සමස්ත ක්‍රියාවලියම දැඩි ගැටලු සහගත බවත් මේ සඳහා අදාළ ස... |
"මානව හිමිකම් නඩු 200ක් ගොඩගැහිලා – නඩු තීන්දුවක් නිසා විනිසුරුවරුන් පත් කරන්න බෑ" | "මාස දෙකක් වැනි කෙටි කලකින් අසා තීන්දු ලබා දිය යුතු වුවත් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ නඩු දෙසීයකට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12දා) පැවසීය. එහිදී ඔහු මෙසේද කීය. මේ වන විට මානව හිමිකම් නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ 200 කට වැඩි ප්‍රමාණ... |
"වී.එෆ්.එස්. ගාස්තුව ගැන පුළුල් වෝහාරික විගණනයක් කළ යුතුයි" | "ඔන්ලයින් වීසා ලබා ගැනීමේදී අය කළ වීඑෆ්එස් ගාස්තුව සම්බන්ධයෙන් පුළුල් වෝහාරික විගණනයක් කළ යුතු බව එම ගාස්තු සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමින් එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 දා) කීය. මෙම ගාස්තු අය කිරීමේ සමස්ත ක්‍රියාවලියම දැඩි ගැටලු සහගත බවත් මේ සඳහා අදාළ ස... |
"මානව හිමිකම් නඩු 200ක් ගොඩගැහිලා – නඩු තීන්දුවක් නිසා විනිසුරුවරුන් පත් කරන්න බෑ" | "මාස දෙකක් වැනි කෙටි කලකින් අසා තීන්දු ලබා දිය යුතු වුවත් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ නඩු දෙසීයකට වැඩි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12දා) පැවසීය. එහිදී ඔහු මෙසේද කීය. මේ වන විට මානව හිමිකම් නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ 200 කට වැඩි ප්‍රමාණ... |
"ඊයේත් දුම්රිය ගමන්වාර 100ක් අවලංගුයි" | "දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සහ දුම්රිය පාලකවරුන්ගේ වැඩ වර්ජනය අවසන් කළ ද දුම්රිය සේවකයින් ඊයේ (12 වැනිදා) දිනයේ නිසි පරිදි සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර 100 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එසේම, දුම්රිය ගමන් වාර 200 ක් පමණ ධාවනය කිරීමට හැ... |
"බියගමට මහ රෝහලක් සහ ළමා රෝහලක්" | "බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙල්ගහවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන මහ රෝහලක් සහ ළමා රෝහලක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ අධික ජනගහනය හා කාර්මිකකරණය සැලකිල්ලට ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම තීරණය ගෙන තිබේ. අක්කර 7ක භූමි භාගයක් පුරා ඉදිකිරීමට නියමිත මෙම රෝහල් සංකීර්ණය රජය සහ පෞද්ගලික ... |
"අද වැසි සහ සුළං" | "බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද (13 වැනිදා) දිනයේ ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව... |
"වීඑෆ්එස් ගාස්තු මගඩිය මහ බැංකු වංචාව මෙන් දහගුණයක් – සංචාරක පැමිණීමත් කඩා වැටිලා" | "ඔන්ලයින් වීසා ලබාගැනීමේදී අය කළ වීඑෆ්එස් ගාස්තුව හේතුවෙන් මහ බැංකු වංචාව මෙන් දස ගුණයකට අධික වංචාවක් සිදුව ඇතැයි මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා (සජබ) පාර්ලිමේන්තුවේ දී ඊයේ (12 දා) පැවසීය. එබැවින් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් කළ යුතු යැයි ද ඊට කථානායකවරයා මැදිහත් විය යුතු... |
"පාපොච්චාරණ වීඩියෝ කර ප්‍රචාරය නොකරනු – පොලිසියට චක්‍රලේඛයක්" | "සැකකරුවන්ගෙන් සිදුකරනු ලබන ප්‍රශ්න කිරීම් වීඩියෝ ගත කර මාධ්‍ය මගින් ප්‍රචාරය නොකරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (12 දා) සියලුම පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත. මීට පෙර ද පසුගිය කාලවලදී පොලිස්පතිවරුන් මෙවැනි චක්‍රලේඛයන් නිකුත්කර ඇතත් එම චක්‍රලේඛ අනුව ක්‍රියාකර නැති බව පෙනෙන්ට තිබෙන නිසා පොල... |
"සිංහබාහු ෆෝන් එකෙන් වීඩියෝ කර යූටියුබ් දැමූ සැකකරු 24දා තෙක් රිමාන්ඩ්" | "කටුගස්තොට සීගිරි සිනමා ශාලාවේ දී සිය ජංගම දුරකථනයෙන් සිංහබාහු චිත්‍රපටය පටිගත කොට යූ ටියුබ් චැනලයක් ඔස්සේ ප්‍රචාරය කළ බව කියන පුද්ගලයකු මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් ලබන විසිහතර වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඔහු පෙරේ... |
"බදුල්ල රෝහලට පැරණි හෘද කැතීටර්කරණ යන්ත්‍රයක් මිලදී ගැනීමේ උත්සාහයට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්" | "බදුල්ල මහ රෝහල සඳහා වසර 17ක් පැරණි තාක්ෂණික උපංග සහිත හෘද කැතීටර්කරණ යන්ත්‍රයක් මිලදී ගැනීමට දරන උත්සාහයක් පිළිබඳව සහ පසුගිය සමයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදු වූ බරපතළ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලමින් වෘත්තීය හා සිවිල් සංවිධාන එකතුව පෙරේදා (11 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්... |
"දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණක් – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා" | "දරුවන් අතරේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් උණ රෝගී තත්ත්වයක් පැතිරෙමින් තිබෙන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (12 වැනිදා) පැවැසීය. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ, වමනය යෑම වැනි රෝග ලක්ෂණ ඇත්නම් දරුවා වෛද්‍යවරයකු වෙත රැගෙන යෑම වඩාත් සුදුසු බව ද ඒ මහතා කීය. එවැනි රෝගී දරුවන් පා... |
""පෑලියගොඩ තොග වෙළඳපොලේ එළවළු, මාළු, කෙසෙල් මිල ගණන්"" | "එළවළු මිල ගණන් ඊයේ (12 වැනිදා) අඩු වැඩි වශයෙන් මැද අගයක පැවැති බව පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්.ටී.එන්. සමරතුංග මහතා ‘දිවයින’ ට පැවැසීය. එළවළු මිලදී ගැනීමට පාරිභෝගික ජනතාව වෙනදාට වඩා පැමිණි බව ද හෙතෙම කියා සිටියේය. ඒ අනුව කැරට් තොග කිලෝවක් රුපියල් 300 කට ද, බෝංචි කිලෝවක් රුපියල් 550 කටද, තක්ක... |
"පොහොට්ටුවේ ඉදිරි ආණ්ඩුවක් යටතේ කොළඹ සංවර්ධනය යළි අරඹනවා" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ආණ්ඩුව යටතේ කොළඹ ප්‍රදේශයේ සංවර්ධනය යළිත් මහින්ද රාජපක්ෂ මහතා නැවැත් වූ තැනින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා 11 වන දා පැවැති කොළඹ නාගරික මහ සමුළුව අමතමින් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරය... |
"ශ්‍රී ලංකාව ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් සිටිනවා" | "1996 – 1997 වර්ෂ වලදී ශ්‍රී ලංකාව ලෝකයේ සියදිවි නසා ගැනීම් වැඩිම රටක් ලෙස පැවතුණු බවත් වර්තමානය වන විට එම තත්වය යහපත් වූවත්, තවමත් ශ්‍රී ලංකාව ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම් අතින් ඉදිරියෙන් සිටින රටක් ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි. ඇමැතිවරයා මේ බව අවධාරණය කර සිටියේ ... |
"80 ජුලි වර්ජනය සිහිගන්වමින් දුම්රිය වර්ජකයන් ගෙදර යවන ලිපි යවයි" | "දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති අවස්ථාවක සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (11 වැනිදා) සිට සේවය අතහැර ගියා සේ සලකා ලිපි නිකුත් කළ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. දුම්රිය සමිති ත්‍රස්තවාදයට හිස නැමීමට රජය කිසිසේත් සූදානම් නොමැති බව ද ඇමැතිවරයා කීය. ... |
"ක්ලබ් වසන්තගේ අවසන් නිමේෂය" | "ක්ලබ් වසන්ත ළඟටම ඇවිත් ඝාතකයන් වෙඩි තැබූ හැටි CCTV දර්ශන එළියට අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව අභාවප්‍රාප්ත වූ ‘සන්හිල්’ සමූහ ව්‍යාපාරයේ අධිපති සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (13 දා) සෙනසුරාදා සවස 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ. දේහය හෙට සිකුරාදා (12 වැනිදා )පෙරවරු 8.30 සි... |
"මාධ්‍යයත් ගෙනත් කටඋත්තර ගන්න සම්ප්‍රදායක් ඇතිවුණොත් රට කොතැනටද යන්නේ? – අනුර කුමාර" | "ක්ලබ් වසන්ත ඝතනය සම්බන්ධයෙන් ටැටූ හිමිකරුගෙන් ලබා ගන්නා පාපොච්චාරණය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම එම අපරාධ නඩුවට කළ බරපතළ වරදක් බවට පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) මැති ඇමැතිවරු දැඩිව කියා සිටියහ. මෙහිදී දෙපාර්ශ්වය අතර ඇති වූයේ මෙවැනි සංවාදයකි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා- නීතිය හා සාමය පිළිබඳව අද බරපතළ තත්ත්වයක් උද්ග... |
"අපනයන ආර්ථිකයකට නොගියොත් තවත් වසර 15කින් ආර්ථිකය යළි කඩා වැටෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බවත්, රටේ ගොඩනැඟෙන ආර්ථිකය බිඳ දැමීමට ඇතැම් පිරිස් විවිධ ප්‍රකාශ සිදු කරන බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අසත්‍ය ප්‍රචාරවලට හසු වුවහොත් ස්ථිර ලෙසම නැවත රටේ ආර්ථිකය කඩා වැටෙන බවද අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර... |
"වතු කම්කරුවන්ගේ යෝජිත දෛනික වැටුප ගෙවීමට වතු සමාගම් 9ක් එකඟ වුණා – ඇමැති මනූෂ නානායක්කාර" | "වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට පෙරේදා (10) දිනයේ රැස් වූ වතු සමාගම් 09ක් එකඟ වූ බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පෙන්වා දෙයි. මෙම මාසයේ සිටම එම මුදල වැටුප් ලෙස වතු කම්කරුවන්ට ගෙවීමට අදාළ වතු සමාගම් ඇමැතිවරයාට එකඟතාව පළ ක... |
"රජයට සුරාබදු ආදායම් නොලැබී යෑමට සුදුසුකම් නැති නිලධාරීන් හේතුවක් වෙලා – මුජිබර් රහුමාන් (සජබ)" | "රජයට අයවිය යුතු සුරාබදු ආදායම් නොලැබී යෑමට ප්‍රධාන හේතුව සුදුසුකම් නොලත් නිලධාරින් පිරිසක් එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ධුරවල කටයුතු කිරීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මෙම අනීතික පත්වීම් ලද නිලධාරීන් මත්පැන් නිෂ්පාදන ආයතන සමග සමීප සබඳතා පවත්වන බවයි. ප... |
"ජනපතිවරණය කල් දාන්න ආණ්ඩුවේ කිසිම සූදානමක් නෑ – විදේශ ඇමැති අලි සබ්‍රි" | "විපක්‍ෂය මොන තරම් බොරු කතා පැතිරවුවත් ජනපතිවරණය කල් දමන්න ආණ්ඩුව කිසිවිටෙකත් සූදානම් නැති බව විදේශ ඇමැති අලි සබ්‍රි මහතා ඊයේ (11 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය. නිසි කාලය තුළ ජනපතිවරණය පැවැත්වීම පිළිබඳව විපක්‍ෂය ගෙනා සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් විවාදය ආ... |
"ජනපති ධුර කාලය ගැන ජනපති ගෙනා පනතට විපක්‍ෂය දෙහි කපයි" | "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් පවතින ගැටලු නිවැරදි කිරීමට යැයි කියමින් ජනාධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති පනතට සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) විරෝධය පළ කරමින් අදහස් දැක්වූහ. මීළඟ ජනාධිපතිවරණය නිසි කාලයේ පැවැත්විය යුතු ... |
"ඉන්දියා අගමැතිගේ ගති ශක්ති නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සංචාරයක" | "ඉන්දීය රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදේශක අනිෂ් කුමාර් මහතා ප්‍රමුඛ ඉන්දීය නිල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ. මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ විවිධ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී ඉන්දියාවේ ඒකාබද්ධ යටිතල පහසුකම් සංවර්ධනය අරමුණු කරගත් ඉන්දීය අගමැතිතුමාගේ ගති ශක්ති (වේගයේ බලය) වැ... |
"පටන් ගන්නේ බියර්වලින් බේබදුකම කටගාන්නේ බිග් මැච්වලින් – ADIC සමීක්ෂණයකින් හෙළි වෙයි" | "තරුණ පිරිස් මද්‍යසාර භාවිතයට මුලපිරීම ආරම්භ වී ඇත්තේ බිග් මැච් (Big Match) තරග අවස්ථා වැනි විශාල පුද්ගල ඒකරාශිවීම් අතරතුර යැයි මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) මද්‍යසාර භාවිතයේ ප්‍රවණතා පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් එළි දක්වමින් ප්‍රකාශ කර ඇත. 2023 වසරේ අගෝස්තු මාසයේදී කොළඹ, ගම්පහ, මහනුවර, ... |
"පොහොට්ටුවේ තවත් 2ක් සජබට ළං වෙයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහයෝගය දක්වන බව ඊයේ (11දා) දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසූහ. එම මන්ත්‍රීවරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව මේ වන විට ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුත... |
"කැරම් බෝඩ් නඩුවෙන් නිදහස් කරන්නැයි මහින්දානන්දගේ ඉල්ලීම ඉවතට" | "අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් තමන්ට එරෙහිව පවරා ඇති නඩුවෙන් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හා වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් කළ ඉල්ලීම බස්නාහිර පළාත්බද දෙවන ස්ථිර මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුර... |
"ඩයනාට සීඅයිඩීයෙන් චෝදනා 7ක්" | "බ්‍රිතාන්‍ය පුරවැසියකු යැයි කියන හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11දා) චෝදනා හතකින් යුත් චෝදනා පත්‍රයක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබීය. ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම හා ආගමන විගමන පනත උල්ලංඝනය ... |
"ශ්‍රීලනිප ප්‍රමුඛ නව සන්ධානයේ බදුල්ල ජන රැලිය 14දා" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන බදුල්ල දිස්ත්‍රික් ජන රැලිය මේ මස 14දා පස්වරු 2.00ට බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ‘දිනුම රටට – එක්ව පෙරට’ යන තේමාව පෙරදැරි කොටගෙන පැවැත්වෙන තෙවැනි ජන රැලිය මෙය වේ. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිර... |
"උසාවියෙන් නිල නිවසට ජලය – විදුලිය ගැනීම: කොටුව මහෙස්ත්‍රාත්ගේ වැඩ තහනම්" | "අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පෙරේදා (10 දා) සිට ක්‍රියාත්මක වන පරිදි කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා තාවකාලික වැඩ තහනමකට ලක්කර තිබේ. කෝසල සේනාධීර මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ සමයේ ගල්කිස්ස දිසා විනිසුරු නිල නිවසට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් විදුලිය හා ජලය ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධ... |
"ජනතාව පීඩාවට පත් කරන වෘත්තීය සමිති නායකයන් ගැන ඇමැතිතුමා පියවරක් ගන්න ඕනෑ – ප්‍රසන්න රණතුංග" | "ජනතාව පීඩාවට පත්කිරීමට වෘත්තීය සමිතිවලට තවදුරටත් ඉඩ නොදී විෂය භාර ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගත යුතු යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) පැවසීය. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීවේය. දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙද්දි යම් යම් දේශපාලන න්‍යාය පත... |
"රේගුව දැන් වැඩ බහාලුම් තදබදය ලබන සතියේ අවසන්" | "රේගු නිලධාරීන් සාමාන්‍ය පරිදි රාජකාරි සිදුකරන නිසා ලබන සතිය මැද වනවිට බහාලුම් රථ තදබදය අවසන් වනු ඇතැයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා දිවයිනට ඊයේ (11දා) පැවසීය. රේගු නිලධාරීන් පසුගිය 08 සහ 09 දෙදින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබුණත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාප... |
"හිරුණිකාගේ ඇප ඉල්ලීමට නීතිපති විරෝධතා ගොනු කරයි" | "ඩිෆෙන්ඩර් රථයක් උපයෝගි කරගෙන තරුණයකු පැහැරගෙන යෑම ඇතුළු චෝදනා 18කට වරදකාරිය කර බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් නියම වූ තමා එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනාවට යටත්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගොනු කර ඇති ඇප අයැදුම්පත සම්බන්ධයෙන් නීතිපතිවරයා ඊයේ (11දා) කො... |
"ජනතා සහභාගිත්වයෙන් මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා – පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල" | "අඛණ්ඩ ජනතා සහභාගිත්වයෙන් සකස්වන මැතිවරණ ප්‍රකාශනයක් ඉතිහාසයේ පළමු වතාවට ‘සර්වජන බලය’ විසින් ඉදිරිපත් කරන බව ‘සර්වජන බලය’ විධායක සභික, පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11 දා) සර්වජන බලය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක් වෙමිනි. නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙහිදී වැ... |
"දුම්රියෙන් වැටී මගියෙක් මරුට: දුම්රිය ස්ථානාධිපති වර්ජනය නිවේදනයටත් විරෝධය" | "වසර ගණනක සිට උසස්වීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් 14 කට විසඳුම් ඉල්ලා දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා පොලිසියට සහාය වීමට භට පිරිස් යෙදවීමට ඊයේ (10 වැනිදා) ශ්‍රී ලංකා යුද හමුදාව පියවර ගත්තේය. එමෙන්ම කොටුව දුම්රිය ස්ථානයේ ආරක්‍ෂාව සඳහා නාවික හමුදා... |
"ක්ලබ් වසන්ත ඝාතනය: සැකකරුවෝ හත්දෙනා 22 දක්වා රිමාන්ඩ්" | "ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර ගායන ශිල්පිනී කේ. සුජීවා සහ තවත් තිදෙනකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් හත් දෙනා මෙම මස 22දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත්වරයා ඊයේ (10දා) නියෝග කළේය. රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් අතර ට... |
"හොරු සමග යන දේශපාලන නායකයන් පන්නා දැමිය යුතුයි" | "හොරු සමග යන දේශපාලන නායකයන් පන්නා දැමීම සඳහා නව ලංකා පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් හොඳ මහත්මයෙක් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් කරන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවසීය. ඔහු පාර්ලිමේන්තුවට නෑකම් කියන මහත්මයකු බවත් හොරකම් නැවැත්වීමේ අරමුණින් එම මහත්මයා ජනපතිවරණයට ඉදිරිපත් කරන... |
"ජනපතිවරණ දිනය ගැන අද මැතිසබයේදී විවාදයක්" | "මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු නිසි කාලය සම්බන්ධයෙන් අද (11දා) විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇත. ඒ අනුව කල් තැබීමේ එක් දින විවාදයක් ලෙස මෙම විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය කීවාය. අකිත පෙරේරා, රනිල් ධර්මසේන" |
"වසරේ තුන්වැනි කාර්තුවේ සිට වාහන ආනයනය ආරම්භ කරනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය" | "ගැටලුවක් ඇති නොවන ලෙස සුවිශේෂි වැඩපිළිවෙළක් යටතේ මෙම වසරේ තුන් වෙනි කාර්තුවේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවසීය. වාහන ආනයනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් දැනුම්දී ඇති බවද ඇමැතිවරයා කීය. “අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් කතා... |
"විද්‍යුත් වාහන ගෙන්වීමේදී අවභාවිතයක් සිදු වෙලා – මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ කියයි" | "සංචාරක ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අලුත් වාහන 1000 ක් ගෙන්වීමට අවසර දුන් අතර මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමේදී අවභාවිතයක් සිදුව තිබෙන බව හෙළිව ඇතැයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවසීය. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය. “සංචාරක ක්ෂේත්‍රයට වාහන අවශ්‍යයි. ඒ සඳහා විශේෂ ගැසට... |
"මගේ නිවස ගිනි තබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තදින් දැනුන නිසා මහල් නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවූවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැනුන බවත්, එම වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ නගරයේ ... |
"ත්‍රිරෝද රථ නියාමනය ආරම්භ කරනවා – ඇමැති බන්දුල කියයි" | "ත්‍රිරෝද රථ නියාමනය කිරීම ඉදිරි මාස දෙක ඇතුළත ආරම්භ කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පැවසීය. මෙම ක්‍රියාවලිය සඳහා ජාතික ගමනාගමන කොමිසමට බලතල ලැබෙන පරිදි සංශෝධනය කරන ලද පනත නුදුරේදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ඇමැතිවරයා කීය. හෙතෙම මේ බව සඳහන් කළේ මහනුවර... |
"ණය ලබාගෙන අසාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කළොත් අප ණය උගුලක පැටලෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "ණයක් ලැබෙනවා නම් එම ණය මුදලේ, ප්‍රාග්ධන මුදලත් පොලියත් හොඳින් හඳුනා ගෙන එම මුදල යොදවා ප්‍රාග්ධනයටත් පොලියටත් වැඩිය වැඩි ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති සිදු කළ යුතු බවත් ණය ලබා ගෙන පාඩුවක් සිදුවන ව්‍යාපෘතිවලට යොමු වුවහොත් අසාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා ණය මර උගුලක පැටලෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසී... |
"නිදහස ජනතා සභාවත් සජබට ළං වෙයි" | "එළැඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළට සහාය දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ. නිදහස ජනතා සභාවේ ඊයේ (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ඒ පිළිබඳව වැඩිදුරටත් මෙසේද කීය. “අපි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත්... |
"ලක්ෂ 700 යේ වංචාවට තාඹුගලට කඩිනමින් නඩු පවරන්න – අතිරේක මහෙස්ත්‍රාත් නියෝග කරයි" | "රුපියල් ලක්ෂ 700ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනමින් අවසන් කොට කෝටිපති ව්‍යාපාරිකයකු වන අවුරා ලංකා සමාගම් සමූහයේ සභාපති විරංජිත් තාඹුගල යන සැකකරුට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඊයේ (10දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර... |
"කුමන අභියෝග පැමිණියත් පොහොට්ටුවේ චින්තනය වෙනස් කරන්නේ නෑ – නීතිඥ නාමල් රාජපක්ෂ (ශ්‍රීලපොපෙ)" | "කුමන අභියෝගයක් පැමිණිය ද තම පක්ෂයේ චින්තනය වෙනස් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැමැති දේශපාලන කඳවුර, මහින්ද චින්තනයේ ආභාෂයෙන් ගොඩනැඟුනු දේශපාලන පක්ෂයක් බව පෙන්වාදෙන ඒ මහතා මහින්ද රාජපක්ෂ ... |
"ආණ්ඩුවේ දෙබිඩි සැලකිල්ලට එරෙහිව වෘත්තීය සමිති මානව හිමිකම් යයි" | "රාජ්‍ය සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් රජය රාජ්‍ය සේවකයන්ට දෙයාකාරයකින් සලකමින් වැටුප් වර්ධක සහ ප්‍රශංසාත්මක ලිපි ලබාදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඊයේ (10දා) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පසුගිය ජූලි 8 – 9 දෙදින අසනීප නිවාඩු දමා වෘ... |
""සියෙරා ලියොන් හි ජනාධිපති ජුලියස් මාඩා බයෝ, ශ්‍රී ලංකාවේ Browns Investments Ltd සියෙරා ලියොන්හි සිදුකරන ආයෝජන අගය කරයි"" | "අප්‍රිකාවේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික කටයුතු තවදුරටත් සිදුකිරීමේ අරමුණින්, තානාපති කනනාදන් පසුගියදා සියෙරා ලියොන් හි ෆ්‍රීටවුන්හිදී ජනාධිපති ජුලියස් මාඩා බයෝ සමඟ වැදගත් හමුවක් පැවැත්වීය. 2023 ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස තානාපති කනනාදන් දැක්වූ දායකත්වය සහ ශ්‍රී ලංකාව සහ සියෙරා ලියොන් අතර රාජ්‍ය තාන්ත්‍රික... |
"ආර්ථිකයට විසඳුම සොයාගත හැක්කේ නව දේශපාලන සංස්කෘතියක් තුළින් පමණයි – අනුර කුමාර දිසානායක" | "ආර්ථික විසඳුම ළඟා කර ගත හැකිවන්නේ නව දේශපාලන සංස්කෘතියකින් පමණක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා කියයි. අනුර කුමාර දිසානායක මහතා මේ කරුණු ප්‍රකාශ කළේ පශු වෛද්‍ය සහ පශු සම්පත් වෘත්තිකයන්ගේ ජාතික සමුළුව අමතමිනි. එහිදී ඔහු මෙසේද පැවසීය. පශු සම්පත් පිළිබඳ මට තිබෙන්නේ ඉවක්. ඔබට තිබෙන්නේ ඥානයක්. ඕනෑම ක්ෂේත... |
"උත්තර පත්‍ර පරීක්‍ෂක දීමනා නංවන්න අනුමැතිය" | "අ.පො.ස. සා.පෙළ, උ. පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ දීමනා ඉහළ දැමීමට විභාග දෙපාර්තමේන්තුව සහිත අනුකමිටුවේ නිර්දේශ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව මෙම වැඩි කළ දීමනාව උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්... |
"වෛද්‍ය සැපයුම් අධ්‍යක්‍ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය 24 දා" | "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායකගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 24දා ලබාදෙන බව අභියාචනාධිකරණය ඊයේ (10) පැවසීය. නඩු විභාගය අවසන් වන තෙක් තමා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්... |
"උසාවියට අපහාස කළැයි මෛත්‍රීට එරෙහි පෙත්සම සැප්. 2 කැඳවයි" | "අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් ගොනු කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 02 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (10) දින නියම කළේය. අභියා... |
"ගුණාත්මක හා නිදහස් සෞඛ්‍ය බිඳවැටෙමින් තිබෙනවා – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව" | "මෙරට රෝහල් පද්ධතියේ සෑම අංශයකම පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන්නේ ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසාවෙන් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය. පවතින ආර්ථික අර්බුදය ද මෙම තත්ත්වයට බලපා ඇති බැවින් ගුණාත්මක හා නිදහස් සෞඛ්‍ය සේවාව ... |
"ශ්‍රී ලංකාවට මී සහ එළ ගවයින් ලබාදීමට ඉන්දියාව හා පකිස්තානය එකඟත්වය පළ කළා – කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි" | "ශ්‍රී ලංකාවට මී ගවයින් හා එළ ගවයින් ලබා දීමට ඉන්දියාව හා පකිස්තානය දෙරටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි ගවයින්ගේ හිඟකම විශාල බලපෑමක් එල්ල කර ඇතැයිද පවසන කෘෂිකර්ම අමාත්‍යංශය දැනට අප රටේ සිටින මී ගවයින් සහ... |
"අර්බුදය කළමනාකරණය කළ නායකයා යළිත් ජනපති කළ යුතුයි – කැස්බෑව එජාප කලාප සංවිධායක රනිල් විල්ලද්දරගේ" | "රටේ ඇතිවූ ආර්ථික අර්බුදය කළමනාකරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනාධිපති ලෙස පත් කළ යුතු බව ව්‍යාපාරික හා කැස්බෑව එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායක රනිල් විල්ලද්දරගේ මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව, තුම්බෝවිල සිය මැතිවරණ කාර්යාලය පෙරේදා (09දා) විවෘත කරමිනි. එහිදී වැඩිදු... |
"පිටකොටුවේ එකම ප්‍රමාණයේ ඉඩම් 2ක් මිල ගණන් දෙකකට කුලියට දීලා – මුජිබර් රහුමාන්" | "පිටකොටුවේ චාමර්ස් පෙදෙසේ ඉඩමක් වාහන ගාල් කිරීම සඳහා රුපියල් ලක්ෂ හැත්තෑ පහක මාසික කුලියට ලබා දී තිබියදී මැනිං වෙළෙඳපළ පැවැති ස්ථානයේ ඒ සමාන ප්‍රමාණයක් ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ විසිපහකට බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 වැනිදා) පැවසීය. සාන්ත අන්තෝනි පාර, කොළඹ 3 යන ලිපිනය ඇති ආ... |
"බස්නාහිර උපාධිධාරීන් 1900කට ගුරු පත්වීම් දීමට කඩිනම් ක්‍රමයක් හදන්න – ඇමැති ප්‍රසන්න පළාත් ප්‍රධානීන්ට දන්වයි" | "බස්නාහිර පළාතේ උපාධි ගුරු විභාගය සමත් උපාධිධාරීන් 1900කට ගුරුපත්වීම් ලබාදීමට චක්‍රලේඛ වෙනස් කර හෝ කඩිනම් ක්‍රමවේදයක් සකසන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන්ට පෙරේදා (09දා) උපදෙස් දී ඇත. මේ වනවිට බස්නාහිර පළාතේ උපාධි ගුරු විභාගය සමත් 3000කට පමණ ගුරු පත්... |
"සතොස මුංඇට – අල සීනි මිල බස්සයි" | "අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය කිහිපයක මිල ඊයේ (10දා) සිට අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන ඇත. ඒ අනුව මුංඇට, ආනයනික අර්තාපල්, දුඹුරු සීනි සහ සුදු සීනි මිල මෙලෙස සංශෝධනය කර තිබේ. මේ අනුව මුංඇට කිලෝවක් රුපියල් 47කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 998කි. ආනයනික අර්තාපල් කිලෝව රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි කිලෝවක නව මි... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.