input
stringlengths 1
3.7k
| output
stringclasses 12
values | instructions
stringclasses 3
values |
|---|---|---|
කලාත්මක ෙසරමික් කර්මාන්තයක් සදහා උදාහරණයක් : කොරියානු යුවතිය Meissen Porcelain කෞතුකාගාරයේ කලාත්මක ෙසරමික් භාණ්ඩ කර්මාන්තයට අයත් වන්නේ කර්මාන්ත ශාලා වල නිර්මාණය වුණු සැරසිලි හෝ කලාකරුවන්ගේ වර්ණ ගැන්වීම් පිඟන් භාණ්ඩ මත සිදු කළ ඒවාය. එසේත් නැතහොත් කර්මාන්ත මය පසුබිමක් ඇති කලාත්මක එකතුවකි. ඒවා බොහෝ විට හැදින්වෙන්නේ සොයාගත් පුද්ගලයාගේ නමින් හෝ නිෂ්පාදිත වෙළද නාමයෙනි. සාමාන්යෙයෙන් කර්මාන්තමය ෙසරමික් භාණ්ඩ එක් ආකාරයක් නොවන අතර බොහෝ විට අනුකරණිත භාණ්ඩ වෙළද පොළේ විකිණේ. එහිදි සීමිත හෝ මහාපරිමාණ නිෂ්පාදන ක්රවම භාවිතා වේ. ඇතැම් කර්මාන්ත ශාලා ගුණාත්මක අමුද්ර ව්ය විචිත්රන පින්තාරු ක්රනම හා ඔප දැමීම් සදහා ප්රේසිද්ධ වේ. බොහෝ භාණ්ඩ අලංකාර සැරසිලි සහිතය. මේ අතර තවත් ඒවා භාවිතය සදහා නිමවුම යන අදහස ඇතිව උපයෝගිතාව සදහා නිර්මාණය කොට ඇත. ෙකෙස්ෙවතත් ඒවාද කලාකෘති වශ ෙයන් සලකනු ලබයි. කර්මාන්තමය පිඟන් භාණ්ඩ වෙළද නාමයෙන් හෝ විශේෂිත ෙෙශලීන් තුලින් හදුනාගත හැක. උදා - • Delftware • English Delftware • Jasperware • Meissen porcelain • Royal Doulton • Wedgwood http://en.wikipedia.org/wiki/Ceramics_%28art%29#Industrial_art_ceramics
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
‘ශෘති මිනීමරලා, සිරගත කරලා’. මේ පුවත සමඟ සිහියට නැගෙන්නේ ජ්‍යෙෂ්ඨ නළු කමල් හසන්ගේ තාරකා දියණිය ශෘති හසන්ය. එහෙත් මේ ශෘති ඇය නොවෙයි. දකුණු ඉන්දීය නිළියක වූ විසි දෙහැවිරිදි ශෘති චන්ද්‍රලේඛායි.ශෘති සිරභාරයට ගැනුණේ මීට මාස හයකට පෙර බැංගලෝරයේ මරා දමන ලද ඇයගේ සැමියාගේ මරණයේ චූදිතයා වශයෙනි. තිස් පස් හැවිරිදි එස්. රොලන්ඩ් පීටර් ප්‍රින්සො ඇයගේ සැමියා විය. ව්‍යාපාරික කටයුතුවලින් පාඩු ලබන විට රොලන්ඩ් නිල් චිත්‍රපට නිෂ්පාදනයට අත ගැසීමට තීරණය කර ඇත. ඔහු ඇයව ද නිළියක ලෙසින් යොදා ගැනීමට බලාපොරොත්තු විය. මෙයට ශෘති කෙතරම් ප්‍රතික්ෂේප කළත් සැමියා එකඟ නොවීය. අනතුරුව ඇය රොලන්ඩ්ට වස දී මරණයට පත් කරන ලදී. ඔහු මියගිය පසු වළලා දමන ලද්දේ සැමියාගේ ව්‍යාපාරයටම සම්බන්ධ පස් දෙනකුගේ සහායෙනි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නව කොරෝනා වෛරසය හා ඉන් මතුවන බෝ වන රෝග වළක්වා ගැනීම සඳහා අග්නිදිග ආසියානු කලාපීය රටවල සෞඛ්‍ය බලධාරින්ගේ වැඩමුළුවක් ආරම්භ කෙරේ.නව කොරෝනා වෛරසය පසුගිය වසරේ දී හඳුනාගත් අතර වෛරසය මඟින් ව්‍යාප්ත විය හැකි බෝ වන රෝග වළක්වා ගැනීමේ පූර්ව සූදානම් වීමක් ලෙස මේ සමුළුව පෙරේරා (8) කොළඹ දී ආරම්භ කර ඇත.මේ වෛරසය දැනට ආසියානු කලාපීය රටවල දක්නට නොමැති වුවත් කලාපයේ රටවල විශාල පිරිසක් මැද පෙරදිග රටවල සේවය කරන නිසා ඔවුන්ගෙන් වෛරසය කලාපීය රටවලට ඇතුළු වීමේ අවදානමක් පවතියි.කලාපයේ රටවලට වෛරසය ඇතුළු වීම වළක්වාලීම සහ රටවල් අතර ඒකාබද්ධ බෝ වන රෝග පාලනය කිරීමේ ප්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කිරීම මඟින් නව කොරෝනා වෛරසය රටවලට ඇතුළුවීම වළක්වා ගත හැකි යැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුවට සහභාගී වෙමින් කීය.ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මේ සමුළුව සංවිධාන කර ඇත.මේ වෛරසය පසුගිය වසරේ දී මැද පෙරදිග රටවලින් හඳුනා ගැනිණ. ඊජිප්තුවෙන් වාර්තා වූ මේ වෛරසය රටවල් ගණනාවක මේ වන විට ව්‍යාප්තව පවතියි.කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ස්වසන පද්ධතිය ආශ්‍රිතව වැළඳෙන රෝග බහුල වශයෙන් ව්‍යාප්ත වේ. වකුගඩු අකර්මණ්‍ය වීම ද, නියුමෝනියාව ද මේ වෛරසය හේතුවෙන් හටගනියි.තද උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව රෝග ලක්ෂණ වේ. රෝගය බෝ කරන බැටකොරෝනා වෛරස් සාර්ස් වෛරසයට අයත් උප කාණ්ඩයක් වේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
උඩරට ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මහනුවර නාවලපිටිය දුම්රිය මාර්ගයේ උලපනේ නාගොල්ලාගම ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රී දුම්රිය මාර්ගයට විශාල කළු ගල් කිහිපයක් වැටී අවහිර වීමෙන් එම අවස්ථාවේ ගමන් ගනිමින් තිබූ නුවර නාවලපිටිය දුම්රිය අවසන් මොහොතේ බේරා ගැනීමට රාත්‍රී මුර සංචාරයේ යෙදුණු දුම්රිය සේවකයකු සමත්ව තිබේ.මෙම දුම්රිය නුවරින් ගමන්කරවූයේ කොළඹ සිට පැමිණෙන දුම්රියේ මගීන්ද පේරාදෙනියෙන් රැගෙනය. මෙම අවස්ථාවේ අධික වර්ෂාවක් පැවති අතර ගම්පොළ උලපනේ රාත්‍රී මුර සංචාරයේ යෙදුණු පේමරත්න මහතා නාගොල්ලාගම ප්‍රදේශයේ කන්දක් නායගොස් විශාල කළුගල් කිහිපයක් දුම්රිය මාර්ගයට වැටී ඇති බව දැක තිබේ.මෙම අවස්ථාවේ ඉදිරියට එමින් තිබූ දුම්රිය නවතා ගැනීම සඳහා වහාම ඔහු ක්‍රියාත්මක වී ඇති අතර මේ නිසා සිදුවීමට තිබූ මහා විනාශයක් වැලකී ගොස් ඇති බව දුම්රිය මාර්ග පරීක්ෂක (ගම්පොළ) කෝට්ටගොඩ හා දුම්රිය මාර්ග පරීක්ෂක (පේරාදෙණිය) ඩබ්.ජී.රත්නසිරි යන මහත්වරු සඳහන් කළේය රාත්‍රී පැමිණි මෙම දුම්රිය නවතා ගැනීමෙන් පසු (ඊයේ 04) උදෑසන නාවලපිටියෙන්ද තවත් දුම්රිය එන්ජිමක් ගෙන්වා මෙම විශාල කළුගලට කඹ දමා දුම්රිය එන්ජින් දෙකෙන් කළුගල මාර්ගය අයිනට ඇද ඇත්තේ යුධ හමුදා සෙබළු හා දුම්රිය සේවකයින්ගේ සහායද ඇතිවය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
භාරත දේශයේ ඡන්ද උණුසුම අපේ පුංචි රටටත් හොඳීන්ම දැනෙයි. තරු හා තාරකාවන් රැසක්ම ඡන්ද සටනට පිවිස ඇති නිසා ඒ උණුසුම තව තවත් වැඩි වී ඇත. මෙවර ඉන්දියානු මහා මැතිවරණයට ඉදිරිපත් වී සිටින තරු අතරට පරණ පුරුදුකාරයන් වන නිළි සෝනක්ෂි සිංහගේ නළු පියා සතෘගන් සිංහ, හේමා මාලිනී වාගේම දේශපාලනයට ආධුනික කිරන් කේර්, මූන් මූන් සෙන් (ප්‍රවීණ නිළි සුචිත්‍රා සෙන්ගේ දියණිය) පවන් කල්‍යාන් වැන්නෝ ද සිටිති.මේ වසරේදී චන්දිගාර් හි බලය පතා ජනප්‍රිය තරු යුවළක් සටන් වදිති. පානග් ආම් ආද්මි පක්ෂයෙන් ද, ප්‍රවීණ නිළි කිරන් භාරතීය ජනතා පක්ෂයෙන් ද තරග කරති.නරේන්ද්‍ර මෝඩි වෙනුවෙන් සටන් වදින්නන් අතර හේමා මාලිනී, සතෘගන් සිංහ වගේම දේශපාලනයට නවකයකුª වූ පරේශ් රාවල් ද, ජෝයි බෙනජි ද වෙති. අබේ ඩියොල් දේශපාලනයට එක්වීමට කැමැත්තෙන් සිටියි. එහෙත් බොලිවුඩ් සිහින පුරවරය තරම් දේශපාලන පොරපිටිය බොහෝ තරුවලට සුබ වන්නේ නැත. තරු ගුණයේ දීප්තියෙන් දේශපාලන ලෝකය ආලෝකවත්කර ගැනීමට බොහෝ තරු වෙර දැරුව ද අවසානයේදී වැඩි දෙනෙක් දේශපාලනය නිසා තරු ලොවෙන් ලද ආලෝකය ද නිවා ගනිති.බොලිවුඩයේ මෙගා තරුව අමිතාබ් බච්චන්, පළමු සුපිරි තරුව රාජේශ් ඛන්නා, ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර, දේශපාලනයත්, සිනමාවත් ‘යා දෙක නොරථ රථ’ යන්නට හොඳම උදාහරණයක් බව අත්දැකීමෙන්ම දැනගත් අයයි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බොලිවුඩයේ යසට කැපෙන ජෝඩුව ලෙසින් ප්‍රේක්ෂකයන්ගේ හද දිනා සිටින ෂාරුක් – කාජල් යළි තිරයට ගෙන එන්නේ අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටි ය. දැනටමත් මෙහි පූර්ව කටයුතු අරඹා අවසන්ය. ලබන වසරේ මුල මේ හද බැඳි යුවළ තිරයෙන් රසිකයන් හමුවට පැමිණීමට නියමිතය.රෝහිත්, අජේගේ සමීප මිතුරකි. එනිසා ඔහුට අජේ සහ ෂාරුක් අතර සාම පාලමක් ගොඩ නැඟීම අසීරු වී නැත.මෑතකදී ආදායම් වාර්තා බිඳ දමමින් තිරගත වන ‘සිංහම් රිටර්න්ස්’ ද ඔහුගේය. කාජල් සහ ෂාරුක් සමඟ එක් වී ඔහු තවත් වාර්තාවක් තබනවා නිසැකයි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සුපර් ස්ටාර් ගායිකාවිරාජනී විශ්ව ලංකාගායන ක්ෂේත්‍රයට අවතීර්ණවීමට මඟක් සොයමින් සිටි විරාජනී විශ්ව ලංකාට සිරස සුපර් ස්ටාර් පස්වැනි අදියර තම හීනය කරා යාමට කදිම වේදිකාවක් විය. ක්‍රම ක්‍රමයෙන් අවසාන දොළොස් දෙනා අතරට පැමිණ, ජනතා ආකර්ෂණයට පත් වූ ඇය විවිධ ශෛලියේ ගීත ගැයීමට මහත් හපනියක් වූවාය.විරාජනී සුපිරි තරු සොයා යාමේ තරගයෙන් පසුගියදා ඉවත් වූයේ අවසාන සුපිරි තරු දොළොස් දෙනා අතරින් අටවැනියා හැටියටයි.මං කවදා හරි හිතාගෙන හිටියේ අධ්‍යාපන කටයුතුª හමාර කොට ගායනයට පිවිසෙන්න. මීට ප්‍රථම රියැලිටි තරගවලට අයැදුම් නොකළේ ඒකයි. ඔන්න එක්තරා රැයක පාන්දර තුනට විතර මාව ඇහැරුණා. එතකොටත් මං සිහිනයක් දකිමින් හිටියේ. හීනයේ මම සුපර් ස්ටාර් සඳහා ඇප්ලයි කරනවා. ඔය කාලෙ තමයි සුපර් ස්ටාර් පස්වැනි අදියරට අයැදුම්පත් එවන්න කියලා තිබුණේ. මං ඒ සිහියෙන් හිටපු නිසා හීනෙනුත් ඒක දකින්න ඇති. ගැස්සිලා ඇහැරුණුු ගමන් මං එවලේම ඇප්ලිකේෂන් එකක් හදලා එළිවුණ ගමන්ම තැපැල් කළා.අනේ නැහැ.මට එදින අද වගේ මතකයි. මට කිසිදු චකිතයක් තිබුණේ නැහැ. මං හිතා ගත්තා මෙතන චණ්ඩියා මං කියලා. එහෙම හිතාගෙන ගීතය කිව්වා.රොක් ගැයීම මට ලැබුණු අභියෝගයක්. මං ඒක හොඳින් ජය ගත්තා. මමත් පසුවයි දන්නේ මට රොක් ගයන්න පුළුවන් කියලා. ඇත්තටම සුපර් ස්ටාර් නිසයි එවැනි වූ සැඟවිච්ච දක්ෂතාවයක් මං හඳුනා ගත්තේ.මං හරිම සංවේදී කෙනෙක්. හැබැයි ඒ සංවේදීකම හැකියාවෙන් වහගෙනයි මං ඉන්නේ. එතකොට මගේ මුහුණ දකින ඕනෑම කෙනෙකුට හිතෙන්න පුළුවන් මං බොහොම සැර කෙනෙක් කියලා. ඒත් එහෙම නැහැ. හිත යටින් මං හරිම සංවේදීයි.අනිවාර්යයෙන්ම.මං යහමින් මුදල් තියෙන කෙනෙක් නෙවෙයි. වර්තමානයේ ගායන ක්ෂේත්‍රයට එන්න ටිකක් සල්ලි තියෙන්න ඕනේ. මං හිතාගෙන හිටියේ ඩොක්ටර් කෙනෙක් වෙලා සල්ලි හම්බ කරලා ගායිකාවක් වන්න. ඒත් සුපර් ස්ටාර් නිසා ඒ ගමන ඉතාම පහසු වුණා. හරියටම කිව්වොත් සිරස මාව මං යන්න හදපු ගමන ෂෝට් කට් එකකින් එක්කගෙන ගියා වගේ. මං දැනට පෞද්ගලිකව උසස් අධ්‍යාපනය හදාරනවා. දැනටමත් බොහෝ දුරට අධ්‍යාපන කටයුතු හමාරයි. දැන් වෛද්‍යවරියක වෙලාමයි නවතින්නේ. ඒත් ගායනයෙන් ඈත් වන්නේ නැහැ.මගේ අම්මා, මල්ලි සහ සිරස ආයතනයට තුති පුදනවා.සටහන – ප්‍රසාද් සමරතුංග සේයාරුව - මාලන් කරුණාරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නෙත් කෙවෙනි රතු වෙනකන් කදුලු ආපු ඒ ඇස් දෙකදිහා මං බලන් හිටියෙ හැගිම් විරහිතව.කදුලුත් එක්ක ගෙවී ගිය ඒ රාත්‍රිය ජිවිතයේආශ්වාදනියම රාත්‍රිය වෙයි කියලා මට තෙරුම් ගියෙ ගොඩක් කාලෙකට පස්සෙ.මං තුරුල් වෙලා හිටියෙ ඒ උනුහුම විදින්නතියන ආසාව හින්දම නෙමෙ එ උනුහුම ආයෙමත් විදින්න ලැබැන් නැ කියලාදැනුනු හින්දා එත් යටි හිතින් මං හිතුවා අපිවෙන් වෙන එකක් නැ කියලා..ගෙවුනු රැ අපි ගොඩක් සතුටු වුනා අපි මුලින්මඑකට හිටපු දවසෙ හිටපු හොටෙල් කාමරයෙමයි එදත් අපි එකතු වුනෙ.අපි එදයින් පස්සෙත් කිහිප පාරක්ම එකතු වෙලා තිබුනත් මුල්ම දවසයි අන්තිම දවසයිකියන 2ක විතරමයිමගෙ හිතෙ අදටත් මතකයක් විදිහටතැම්පත් වෙලා තියෙන්නෙ . ලැජ්ජාවෙන් රතු වෙලා හිටපු මුල්දවසට වඩා කොච්චර පල පුරුදු විදිහට ගෙවි ගිය දවසක්ද………….පහුවදා පාන්දරම අපි වෙන් වෙන්නසුදානම් වුනා ෆ්ලයිට් එක තිබුනෙ තරුශිට හවස 4ට එයා යන්නෙ කසාද බදින්න යේමනයෙ ඉන්න එයගෙඅම්මයි තාත්තයි ගාවට..එත් එ ඇයි කියලා මට තෙරුම් ගියෙහුග කාලෙකට පස්සෙ එ අපෙ එ බැදිමට නමක් දෙන්න පුලුවන් කමක් තිබුන් නැති හින්දා.අනියම් පෙම්වතිද නැ එහෙම වෙන්නමට තවත් පෙම්වතියක් හිටියෙ නැ එ වෙනකොටබිරිද වෙන්නෙ කොහොමද කසදය කියනගිවිසුම අත්සන් නොකරසහොදරියක් නැ තමන්ගෙ සහොදරි එක්ක එකට නිදා ගන්න පුලුවන්ද.එ විදිහට ගත්තොත් මං අදටත් අපෙසම්බන්දෙට නමක් හොයනවා.මං ආදරෙ කරන්න ඉගෙන ගත්තෙ තරුශිගෙන්.අපි එදා දවසම අපි මුනගැහුනු අපෙ මතකයන් රැදුනුතැන් වල ඇවිද්දා පරන මතකය අලුත් කර ගන්න කදුලු හන්ගගෙන හිනා වුනා. තරුශි ෆ්ලයිට එකටනගින්න වෙලාව ලං වෙලා මට දිහා බලලා මෙහෙම කිව්වාමෙක සංසාර බැදිමක් වෙන් ඇති.මගෙ හිතෙ හැමදාමත් අපෙ මතකය රැදිලා තියෙවි එත් අපි අයෙමත් සංසාර බැදිම් තියාගන් නැතුව ඉමු තරුශි අන්තිම වචන ටිකත් කියලා යන්න ගියා එදායින් පස්සෙ අපි අයෙ හම්බුනෙවත්කතා කලෙවත් නැ අඩුම ගානෙ උන්නද මලාද කියලවත් දන් නැ ඒ මතකට ගොඩක් වෙලාවට අදටත් හදවතේරිදුම් දෙනවා අපිට අතීතයෙ ඒ බැදිමට නමක් දෙන්න පුලුවන් වුනා නම් ………………………………………………………………………………….සමහර විට එයා මගෙ සංසාර පාදපරිචාරිකවවෙන් ඇති ……………………………..දුර ඈතනිම්නයටසිත සිබිනමල් හීනවසත් කලගිම්හානායක......පොලොව සිපගත්තුපුන්චි වැහි බින්දුපුපුදලානියගලා මල් පොකුරුනුබදුන්නු මතකයට....කවකටුවෙතුඩ මතින්ඈදි ගිය චාපාවසිත රැදෙහැමකල්මඅහිම බව දැන දැනම......෴෴සචි෴෴මෙ අපෙ මතකය වෙනුවෙන්.............නමක් නැති නිමක් නැති ............මේ සොඳුරු සෙනහසටසිත් ඉමට වඩින්නටවරම් දුන්නේ කව්ද.........සිහිල් සඳ මද නල හමනරැයක සිහිනෙක රැඳෙනසුපිවිතුරු හැගුමක්ද........අතින් අත පටලවාලොව්තුරා ආදරෙන්හිත රැදුනු නුබෙ මතකහිත පුරා විදින්නට අවසරද..............පිවිතුරුව හමා ගියඅරලියා මල් සුවදතියෙවා හැම කල්මඑකම සෙවනක රැඳෙනවරම් හිමි නැති වුවද...............෴෴෴සචි෴෴෴මෙ මගෙ සංසාර පාදපරිචරිකාව වෙනුවෙන්.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ලබාදුන් එජාප මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත් විමට එජාපය විසින් තීරණය ඇති බවත්, එය අභියෝගයට ලක්කරමින් අධිකරණය හරහා තහනම් නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය.දෝෂාභියෝගයට පක්ෂව ජන්දය දිම ගැන කරුණු දක්වන ලෙස දන්වමින් එජාපයෙන් එවා ඇති ලිපියට කිසිඳු නෛතික පදනමක් නොමැති බවද හෙතෙම කිවේය.ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් නානායක්කාර මහතා එසේ ප්‍රකාශ කළේය.ෆයිසර් මුස්තාපා නීතිඥ සමාගම හරහා තමන් අධිකරණයට කරුණු දැක්වීම සිදුකරන බව පවසන මනූෂ නානායක්කාර මහතා මීට කලින්ද දීර්ඝකාලීනව බලපාන ලෙස තහනම් නියෝගයක් ගෙන ඇති බව පැවසීය.ශ්‍රී ලංකාවේ කීර්තිනාමය යටපත් කිරීමට කටයුතු කරන පිරිසක් දෝෂාභියෝගයට විරුද්ධව කටයුතු කළ බවත් රටට වළ කපන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තමාට නොහැකි බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය.දෝෂාභියෝගයට පක්ෂව, විපක්ෂව හෝ ඊට ඡන්දය භාවිතා නොකර සිටීම ඕනෑම මන්ත්‍රීවරයකුට අයිතිය තියෙන බවත්, තමන් හෘද සාක්ෂියට එකගව නිවරදි තීරණය ගත් බවත් මන්ත්‍රීවරයා කීවේය.දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය නොදෙන ලෙසට ජනවාරි 8 වැනිදාත්, 10 වැනිදාත් ලිපි දෙකක් එවා තිබු බව පවසන ඒ මහතා ඒ හරහා ඒකාධිපතිත්වයක් පෙන්නුම් කරන බව හෙතෙම ප්‍රකාශ කළේය.විනය පරික්ෂණ ගෙන ඒම එජාපයට පුරුද්දක් වී ඇති බවත්, එවැනි සංදර්ශන මිට පෙරද බොහෝ අවස්ථාවල දක්නට ලැබුණු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය.කවුරුන් කුමන බලපෑම කළද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජය ගෙනයන සංවර්ධන වැඩපිළිවළ කිසිදු අයුරකින් අඩාල කිරිමට කිසිවෙකුට නොහැකි බවද නානායක්කාර මහතා පෙන්වාදුන්නේය.එජාපයෙන් ඉවත් වී ඇද්දැයි මාධ්‍යවේදියකු මන්ත්‍රීවරයාගෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඒ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මෙසේද කීවේය.එජාපය උත්සහ කළේ හිටපු අගවිනිසුරුවරිය හරහා සෝෂාභියෝගයට ඡන්දය ලබාදීම වැරදි බවට පෙන්වමින් අපගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්න. ඒ අය එවපු ලිපිවලින් කරපු ප්‍රකාශවලින් තේරුම් ගත හැකියි මෙය දීර්ඝ කාලීන සැළසුමක් කියළා. ඒත් ඒ අයගේ සැළසුම අපට පුළුවන් වුණා පරාජය කරන්න. විපක්ෂ නායකවරයා බිස්කට් එකක් පෙන්වලා කිවුවා එහි දිනය 2014 වසරෙන් අවසන් වෙනවා වගේ රජයේ කාලයත් අවසන් කියළා.එතුමා දන්නේ නැහැ ඒ බිස්කට් එකේ කාලය 2013 වසරෙන් ඉවරයි කියළා. එතුමා කරන්නේ ඉතිරි වෙලා ඉන්න පාක්ෂිකයෝ කිහිප දෙනාට ජිල්මාට් දැමීමක් විතරයි, එයින් වෙන්නේ එතුමා විහිළුකාරයෙක් වෙන එක පමණයි. ඒ නිසා අදත් කියනවා මම හෘද සාක්ෂියට අනුවයි වැඩ කරන්නේ කියළා..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අමාවක අහසට පුර සඳක්කොහින්දෝගලා හැලෙන කදුළු වලට තිතක් කොහින්දෝපරවී වැටෙන මල් පොකුරේ සුවඳකොහින්දෝඔබ ගැන නොසිතා මට හෙටක්කොහින්දෝඑක කුඩයක් යට ගුලි වුණා මතකයි පොදවැස්සේදෙකොපුල් ඔබේ සිප ගත්තා ඒ හිරිමල්වයසේසිහිල් සුළන් හමා යද්දී අප වට කරනිතොරේතුරුල් වුණා ඔබ හෙමිහිට මගේ ළමැදමැද්දේඅතිනත ගෙන අපි ඇවිදපු නුවර විදීදිගේ අරලියා මල් පිපී තිබුණා මතකදහැන්දෑවේඅන්නතවූ සතොසින් පිරි ඒ අතීතේ සිහිවන හැමවාරේ කදුළු ඇසේ තවම නැගේ මටත් හොරෙන් වාගේප.ළි.ය:-මේවා කවිද මන්දා..කොහොම වුණත් මේ කවි ටික ලස්සනට මේ විදියට දාගන්න පුළුවන් වුණේ කාලෙකට කලින් අපේ දේශා මැතිතුමා එවාපු ලින්ක් එකක් උපකාරයෙන්.ඉතින් ඒ ලිනික් එක නිර්මාණය කරපු අළුත් මල්ලිටත්,දේශාටත් දෙන්නාටම තුති..පින්තුරේ අන්තර්ජාලෙන්.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ක්‍රිෂ්ටි ෂෙල්්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සිටු මැදුර ටෙලි සිතුවමේ මහතුන්ගේ ගෝලයා ලෙස රැඟූ සතිෂ් රණසිංහ වර්තමානය වන විට නිෂ්පාදන කළමනාකරුවකු විදිහට ඉදිරියට එමින් සිටියි. ඉටි මල්, දම්සාරි, සිටු මැදුර ආදී නාට්‍යන් ඔහු වැඩ කළ නාට්‍ය කිහිපයකි. මේ සතිෂ් පිළිබඳ කෙටි සටහනක්.සතිෂ් රණසිංහ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අහම්බෙනි. එය මෙසේය. ඔහු පෞද්ගලික ආයතනයක රැකියාවක් කළ තරුණයකි. දිනක් සිය මිත්‍ර පිරිස සමඟ ගල්කිස්සේ මුහුදු වෙරළට විනෝදය පිණිස ගිය සතිෂ්ට එතන නාට්‍යයක් රූගත කෙරෙන අයුරු දක්නට ලැබෙයි. ඔහු ඒ අසලට යන්නේ නිකමට මෙනි. එම ටෙලි සිතුවම බොඳ මීදුම් විය. සතිෂ්ගේ කඩවසම් රූපය දුටු බොඳ මීදුම් අධ්‍යක්ෂ චන්දික විජේසේනගෙන් එහි රඟන්නට ඇරැයුම් ලැබෙයි.මට එවලේ කිසිම චකිතයක් දැනුණේ නැහැ. චන්දික අයියා මට දුන්නු ඩයලොග් ටික මං හොඳින් කිව්වා. ඊට පසුව එම නාට්‍යයේම දිගින් දිගටම රඟපෑවා.කුරුණෑගල ඉපදුණු සතිෂ්ගේ පොඩි කාලේ හීනයක් වෙලා තියෙනවා රංගන ශිල්පියකු වන්න. ඒත් කාලයත් සමඟම එම හීීනය ක්‍රමයෙන් වියැකිලා. නමුත් ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න හිතාගෙන රැකියාවෙන් අස් වී ඔහු නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙනවා. සතිෂ්ගේ ගමන් මග වෙනස් වන්නේ චාමර සමරවික්‍රමගේ හමුවත් සමඟ.චාමර තමයි ස්වර්ණවාහිනියේ ටෙලි නාට්‍යවල රේඛීය නිෂ්පාදකවරයා විදිහට ඉන්නේ. ඔහු මාව නිෂ්පාදන කළමනාකරුවකුª කියන තනතුරෙහි පිහිටවූවා. පළමුවෙන්ම බුද්ධික කුලසේකරගේ අධීක්ෂණය යටතේ ඉටිමල් නාට්‍යයෙයි එහෙම වැඩ කළේ. ඒ වන කොටත් සිටු මැදුර, රන් සමනළයෝ, මේ වසන්ත කාලයයි ආදී නාට්‍යය බොහොමයක මං විවිධ චරිත මැව්වා.නිෂ්පාදන කළමනාකරුවකු කියන්නේ නිර්මාණයක සියලු කටයුතු සොයා බලන අයෙක්. විශේෂයෙන්ම මූල්‍යමය කටයුතු බාරවයි ඔහු කටයුතු කරන්නේ.මං හිතනවා මං ඒ වගකීම විශ්වාසවන්තව කරනවා කියලා. මට ඒකයි එක දිගටම ඒ තනතුරේම ඉන්න ලැබුණේ. මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගැනීම මා ලද වාසනාවක්.නාට්‍යයක නළු නිළියන් මාරු වෙද්දී ඒ ගැනත් චෝදනා එල්ල වෙන්නේ නිෂ්පාදන කළමනාකරුට. ඒ පිළිබඳවත් සතිෂ් කතා කළා.නාට්‍යයක නළු නිළියන් අතරමග දාලා යෑමේ ප්‍රවණතාවය දැන් දැන් වැඩියි. මටත් එහෙම අවස්ථාවන්ට මුහුණ දෙන්න වුණා. ඒ වෙලාවේදී කරන්නේ නාට්‍යයේ පිටපත් රචකයා ලවා චරිතය වෙනස් කරන එක හෝ අලුත් අයකු ගේන එක. මේක මම අවස්ථාවක් කර ගන්නවා අලුත් පරපුරේ අයට නිර්මාණයක් මගදී දාලා යන්නේ නැතුව වගකීමෙන් වැඩ කරන්න කියන එක පවසන්න.සතිෂ් නව නිෂ්පාදකවරයකු ක්ෂේත්‍රයට ගෙනත් අපූරු කතා පුවතක් පුංචි තිරයට ගේන්නට සූදානමින් ඉන්නවලු.ඒකේ නම පිං පොඩි ගුරුන්නාන්සේ. නිමල් අබේවර්ධන තමයි එහි නිෂ්පාදක. මම පිං පොඩි ගුරුන්නාන්සේහි නිෂ්පාදන කළමනාකරු විදිහට මූලික කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් සිටිනවා. කවදා හරි මගේ බලාපොරොත්තුව නිෂ්පාදකවරයකු වෙන්න. ආයෙත් නළු හීනය මගෙන් ඉවත් වෙලා.සටහන – ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අම්පාර දිස්ත්‍රික්කයේ විපතට පත් පවුල් සංඛ්‍යාව 109,000 දක්වා වැඩිව තිබෙන බවද පුද්ගලයන් පස් දෙනෙකු මරණයට පත් වී 13 දෙනෙකු තුවාල ලබා ඇති බවද අම්පාර දිසාපති සුනිල් කන්නන්ගර මහතා දිනමිණ ට පැවසීය.තිස් දහසකට අධික නිවාස සංඛ්‍යාවක් අර්ධ වශයෙන් සහ පූර්ණ වශයෙන් විනාශයට පත්ව ඇත. දැනට සුබසාධන මධ්‍යස්ථාන 83 ක පවුල් 25457 ක් ජීවත්වන අතර ඥාතීන් සමග සහ මිත්‍රයන් ගේ නිවාසවල පවුල් 6941 ක් සිටින බවද හෙතෙම කීය.ජලය බැස යාම කඩිනම් නොවීම සහ වලනාපිටිය වැව බිඳීයාම නිසා කුඹුරු අක්කර 25,000 පමණ විනාශ වී ඇති බවත් ඉදිරි දින කීපය තුළ වර්ෂාව පැවතිය හොත් මෙම තත්ත්වය මීට වඩා වෙනස් වී කෘෂි ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් ඒ මහතා කීවේය.වෙරළබඩ කලාපයේ, කල්මුණේ, අක්කරපත්තු, පොතුවිල් ප්‍රදේශයන්හි ජනතාව ගංවතුර උවදුරට පත්ව සිටින අතර තවදුරටත් කාලගුණික තත්ත්වය නරක අතට හැරුණහොත් සුබසාධන කඳවුරු වැඩිකිරීමටත්, පුද්ගලයන්ට අවශ්‍ය ආහාර සහ ඇඳුම් පැළඳුම්, පානීය ජලය සෞඛ්‍ය පහසුකම්, සනීපාරක්ෂක සේවාවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමටත් සිදුවන බවද කීය.අම්පාර දිස්ත්‍රික්කයේ වැව් පද්ධතිය බේරාගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති බවද අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැළුණු මිලි මීටර් 300 ක වර්ෂාව මෙතෙක් වාර්තා වී ඇති වැඩිම වර්ෂාපතනය බව අම්පාර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ සමන් වීරසිංහ මහතා පැවසීය.අම්පාර කොන්ඩුවටුවාන, වීරගොඩ, වලනාපිටිය වැව්වල ජල මට්ටම ඉතාමත් ඉහළ ගොස් තිබුණා. එම නිසා වැව් බැමි වලටත් ඉහළින් ජලය ගලාගෙන යාමක් සිදුවුණා.වලනාපිටිය වැව පමණක් මේ වන විට බිඳී ගොස් තිබෙනවා. නවගිරියාව ජලාශයත් අවදානම් තත්ත්වයක පැවතියා. නමුත් අද වන විට ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව වැලි කොට්ට යොදා ගනිමින් අසීරු ප්‍රයත්නයක යෙදෙමින්, වැව ආරක්ෂාකර ගන්න හැකිව තිබෙනවා.ඉඟිනියාගල ජලාශය පිටාර මට්ටමට පැමිණීමට තවත් අක්කර අඩි තුන්ලක්ෂ විසි දහසක් පමණ ජල කඳක් වුවමනා වෙනවා.එම නිසා ඉඟිනියාගල ජලාශයේ පමණක් අවදානමක් නැති බව ඒ මහතා පැවසීය.අලහෙන, මලයාඩි වැව් වලත් මෙම අවදානම් තත්ත්වය පවතිනවා.මේ වන විටත් ජලාශවල අවදානම අවම කිරීමට කටයුතු යොදා තිබුණත් ඉදිරි දිනයන්හිදී අවදානම අඩු වැඩි වන්නට පුළුවන් බවද ඔහු කීය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සටන් නළුවකු මෙන්ම ආත්මාරක්‍ෂක සටන් කලාව පිළිබඳ ගුරුවරයකු වන සේනක විජේසිංහ ගේ කුලුඳුල් අධ්‍යක්‍ෂණය යටතේ නිර්මාණය කෙරෙන පුංචි බෲස්ලි සිනමා පටයේ රංගනයට කැමැති ඔබට අවස්ථාවක් ලබා දීමට සේනක තීරණය කොට තිබේ.ලෝක ප්‍රකට සටන් නළුවකු වන බෲස්ලී ප්‍රිය කරන කුඩා දරුවකු වටා ගෙතෙන මේ සඳහා වයස අවුරුදු දහයත් විසිපහත් අතර සටන් කලාව ප්‍රගුණ කළ අයට අයදුම් කළ හැකිය. මේ සඳහා තමා ළඟදී ගත් ඡායාරූපයක් සමඟින් අයඳුම්පතක් 143/5, සාලාව පාර, මිරිහාන, නුගේගොඩ ලිපිනයට යොමු කළ හැකි අතර 0776333519 අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකිවේ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ප්‍රසංග වේදිකාව සහ රූපවාහිනි වැඩ සටහන් අතර අනෙකුත් වැඩ කටයුතු සමඟ ටිකක් කාර්යබහුල ජීවිතයක් තමයි මම ගත කරන්නේ. ළඟදී එළි දැක් වූ අලුත් ගීතය දැන් ගුවන් විදුලි නාළිකාවලින් ප්‍රචාරය කෙරෙනවා.ඒ සඳහා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දැන් තවත් අලුත් ගීතයක් නිර්මාණය කරන්නත් මේ දිනවල සූදානම් වෙනවා. ඒ වගේම උපන් දිනයත් මේ සතියට යෙදිලා තියෙනවා. හැමදාම බොහොම විනෝදයෙන් ගත කරන නිසා එදාට නම් පින් අතේ වැඩක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සඳුදා සතිපොළ දිනයේදී මතුගම බලා ධාවනය වන රථවාහනවලට පොල්ගම්පල නගරය පසුකර යෑමට අසීරුය.සති පොළේ වෙළෙන්දන් තම වෙළෙදාම ප්‍රධාන පාර දෙපසට ගෙනයෑමෙන් පාරිභෝගිකයන්ගෙන් මොරගල මතුගම මාර්ගය සඳුදා උදය කාලයේ අවහිරවෙයි. පොළ භූමිය ඉඩකඩ තිබුණත් තම වෙළෙද භාණ්ඩ පාරට ගෙනයෑමට වෙළෙන්දන් පුරුදුව සිටින බැවින් රිය අනතුරුද සිදුවීමට ඉඩකඩ ඇත.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ත්‍රිපිටකය/බුදු දහම වෙනස්කල නොහැක. පහසුවෙන් වෙනස්කලහැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කල හැක. ත්‍රිපිටකය ලබාදෙන විකිමූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවි වලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිලිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක්කරමු. බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිතා නොකරමු. ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු ! සතිපට්ඨාන 4කි. පටුන 1 කායානුපස්සනා සතිපට්ඨානය 2 වේදනානුපස්සනා සතිපට්ඨානය 3 චිත්තානුපස්සනා සතිපට්ඨානය 4 ධම්මානුපස්සනා සතිපට්ඨානය කායානුපස්සනා සතිපට්ඨානය[සංස්කරණය] වේදනානුපස්සනා සතිපට්ඨානය[සංස්කරණය] චිත්තානුපස්සනා සතිපට්ඨානය[සංස්කරණය] ධම්මානුපස්සනා සතිපට්ඨානය[සංස්කරණය]
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඇය බුවනි චාපා දියලගොඩයි. තවත් විදිහකින් කිව්වොත් ජනප්‍රිය නිළි වත්සලා දියලගොඩගේ නැගණිය. අක්කණ්ඩියගේ අඩි පාරෙහි පියවර නගමින් ක්ෂේත්‍රයට පිවිස සිටින බුවනි නිර්මාණ ගණනාවකම සිය රංගන කෞශල්‍ය විහිදුවාලමින් සිටියි. මේ සූදානම ඒ බුවනි තවත් හඳුනාගන්න ගමන් කතාබහක යෙදෙන්න.මං හිතනවා මිල්ලෑව වලව්වෙන් පටන් ගත්තොත් හොඳයි කියලා.ඒ නාට්‍යයෙන් තමයි මං රංගනයට පිවිසෙන්නේ.මම අයි. ටී. එන් නාලිකාවේ අවුරුදු කුමරිය වුණා. ඉන් මාව දැකලා සුනෙත් මාලිංග ලොකුහේවා අයියා රංගනයට කතා කළා. ඒ මිල්ලෑව වලව්ව නාට්‍යයට.මං හිතන්නේ නැහැ.සත්තකින්. ඒත් මෙච්චර ඉක්මනට ඒ හීනය සැබෑ වේවි කියලා මං හිතුවෙ නැහැ.මෙහෙමයි, ඉස්සෙල්ලා කිව්වා වාගේ මට ලොකු හීනයක් තිබුණා රඟපාන්න. තවත් හීනයක් තිබුණා ගුවන් සේවිකාවක් වෙන්න. මේ හීන දෙක තුළ තමයි මං ජීවත් වූයේ. මේ බලාපොරොත්තු දෙකෙන් එකක් හරි ගියොත් අනික අත හරින්න වෙනවා කියලත් මං දැනන් හිටියා.ඔව්.ඇතැම් දෙනා ඔය කතාව මට කියනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න එක අතුරෙ යනවා වගේ වැඩක්. ඒත් මං රංගනයට හුඟක් කැමැතියි.සම්පූර්ණ නම –බුවිනි චාපා දියලගොඩඋපන් දිනය – 1993. 05. 10ගම – කඩුවෙලපාසල – නාවල ජනාධිපති විද්‍යාලයලග්නය - කටකවැඩිපුර අඳින්න කැමැති – ගවුම්මෙතෙක් දායක වී ඇති නිර්මාණ:ටෙලි නාට්‍ය - මිල්ලෑව වලව්ව, නුඹට ඉන්නෙ මං විතරද, හිරු තනි වෙලා,පබසරා, මල්මිචිත්‍රපට - ස්පන්ධනලිපිනය -අංක 287/බී, රාජසිංහ මාවත, හේවාගම, කඩුවෙලකටකතා අපිට නවත්වන්න බැහැ අනේ. ඇත්තම කිව්වොත් කටකතාවල තියෙන්නේ ඇත්ත නෙවෙයිනේ. මට ඕනෑ තරම් කටකතා හදපුවාවේ. මං සැලෙන්නේ නැහැ.ගිය අවුරුද්දේ උසස් පෙළ කළා. රංගන කටයුතුවලට හිර වුණ නිසා ඊළඟට කරන්න ඕන අධ්‍යාපන කටයුතු අතපසු වුණා. මේ දිනවල ඒ ගැන හිතමින් ඉන්නවා. රංගනයට ආවේ පාසල් අධ්‍යාපන කටයුතු හමාර කරලා.ඇයි නැත්තේ හොඳටම බය වුණා. සුනෙත් අයියලා මගේ හිත හැදුවා. මිල්ලෑව වලව්වේ නාට්‍යයේ සජනි කියල චරිතයක් මට කරන්න තිබුණේ. ඒක ටිකක් සංකීර්ණයි. මට එය හරියාකාරව නිරූපණය කරන්නට පුළුවන් වේදෝ කියලත් වෙලාවකට හිතුණා. ඒත් මං දැඩි අධිෂ්ඨානයෙන් ඒ අභියෝගයත් ජය ගත්තා.ඇය ගොඩක් සතුටු වුණා. ඒ වගේම මට සුබපැතුවා.අපෝ නැහැ. එයාට දැන් මං ගැන හොය හොයා ඉන්න වෙලාවකුත් නැතුව ඇති.මම නම් කවදාවත් ක්ෂේත්‍රයේ කෙනකුª සමඟ විවාහ වෙන එකක් නැති වේවි. මගේ කැමැත්ත ක්ෂේත්‍රයෙන් පරිබාහිර වෘත්තියක යෙදෙන කෙනකු එක්ක විවාහ වන්න.නැහැ,නැහැ. මං ක්ෂේත්‍රයේ අයට වරදක් කියන්නේ නැහැ. ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක විවාහ වන්නට කැමැති නැහැ කියලයි මං කිව්වේ.තවම තනිකඩයි. තනිකඩ හිත සැහැල්ලුයි.වාසනාවට තවම එහෙම එක යෝජනාවක්වත් ඇවිත් නැහැ.මට හොඳට නටන්න පුළුවන්.ඒක වුණේ සුනෙත් අයියගෙම ‘නුඹට ඉන්නෙ මං විතරද’ නාට්‍යය රූගත කරද්දී. ඒ සීන් එකේ දිග ඩයලොග් තිබ්බේ. අවසානයටයි බීම බොන්න තිබුණේ. කොහොම හරි බොහොම අමාරුවෙන් දෙබස් ටික පාඩම් කරගෙන සීන් එකේදි කියලා බීම වීදුරුවෙන් බාගයක් විතර එක හුස්මට බිව්වා. ඒක කටේ තියන්න බැරි තරමට ලුණු දාලා. මට එක පාරටම කැස්සක් ආවා. කටේ තිබුණු බීම ටිකත් එළියට දැම්මා. සීන් එක නතර කළා. ආයෙත් මුල ඉඳලා අර තඩි දෙබස් ටික කිව්වා. වෙන හොඳ බීම එකක් ගෙනවා. සුනෙත් අයියා මාව බයිට් කරන්න තමයි එහෙම කරලා තියෙන්නේ.සටහන – ප්‍රසාද් සමරතුංගසේයාරූ – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද broken redirect නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න. broken+redirectNA එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පිටුවෙහි කර්තෘ වෙත සටහන: ඔබ තවමත් ලිපි සාකච්ඡා පිටුව සංස්කරණය කර නොමැත. ඔබ මෙම ඉක්මන් මකාදැමීමට විරුද්ධ වීමට අදහස් කරයි නම්, ඉහත දැක්වෙන බොත්තම එබීමෙන් පසුව මෙම පිටුව මකා නොදැමිය යුත්තේ මක්නිසාදැයි කියා සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තැබීමෙන් අනතුරුව ප්‍රකාශ කරන්න. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ Shrikarsan (දායකත්ව| ලඝු) විසින් 6 මාස ගණනකට පෙර ට පෙරදීය කරුණාකර පහත සැකිල්ල කර්තෘගේ සාකච්ඡා පිටුව මත පිහිටුවීමකට භාජනය කරන්න: {{subst:db-reason-notice|අණුකජීව තොරතුරුවේදය|header=1|broken redirect}} ~~~~
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිවෙස් හිමියාට මත්පැන් බොන්න දී එම නිවසේ තිබූ වටිනා භාණ්ඩ සොරාගන්නට සැලසුම් කැර එම උත්සාහය අසාර්ථක වීමෙන් පසුව එම නිවෙස් හිමියාට පහරදී ඔහු මරා දමන ලද සිද්ධියට සම්බන්ධ තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අරණායක පොලිසියට හැකි වූ බව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියලාල් දසනායක මහතා පැවැසීය.අරණායකට නුදුරු බකුල්වල ගම්මානයේ දී මේ සිද්ධිය සිදුව ඇත. සැකකරුවන් එම නිවෙසට ගොස් නිවෙස් හිමියා හට මත්පැන් පානය කිරීමට ලබාදී ඔහු වෙරිමත තත්ත්වයට පත්වූ අවස්ථාවේදී නිවසේ ඇති රන්භාණ්ඩ ආදිය පිළිබඳව ප්‍රශ්න කර තිබේ.එහිදී ඔවුනට ඒගැන නිසි ආරංචියක් නොලැබුණු විට ඔහුට පහර දී ඇත. එසේ පහර කෑමෙන් නිවෙස් හිමියා මියගොස් තිබේ.බකුල්වල ගම්මානයේ පදිංචිව සිටි එස්. එම්. උපාලි සරත් නමැති මේ තැනැත්තාගේ මරණය සිදුවූ පසුව එම තරුණයන් නිවෙස් හිමියා අධික ලෙස මත්පැන් පානය කැර ආහාර ගැනීමේදී ඒවා උගුරේ හිරවී මියගිය බව පවසා ඒ පිළිබඳව හදිසි මරණ පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් විය.අරණායක පොලිස් ස්ථානාධිපති බුද්ධි පාදෙනිය මහතා මේ සිද්ධිය පිළිබඳව මාවනැල්ල දිසා හා මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා වෙත කරුණු වාර්තා කිරීමෙන් පසුව විනිසුරු නියෝගයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කිරීමේදී මේ තරුණයන් පහරදීමේ සිද්ධිය අනාවරණය කර ඇත.පසුව ඔවුන් තිදෙනා ගැන පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ ‘බී’ වාර්තාව වෙත අවධානය යොමු කළ විනිසුරුවරයා සැකකාර තරුණයන් තිදෙනා දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.මේ සිද්ධිය පිළිබඳව පවත්වනු ලබන පරීක්ෂණ වාර්තා ආදියට අමතරව අවශ්‍ය වුවහොත් නීතිපතිවරයාගේ ද අනුමැතිය මත සිද්ධියට අදාළ සැකකරුවන් හට ඊළඟ දිනට අධිකරණය ඉදිරියේ චෝදනා පත් ඉදිරිපත් කිරීමට සූදානම් බව මෙහි පරීක්ෂණ මෙහෙයවනු ලබන අරණායක පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති වෝල්ටර් රණසිංහ මහතා කීය.සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් ස්ථානාධිපති බුද්ධි පාදෙනිය මහතාගේ උපදෙස් මත පො.සැ. හරිශ්චන්ද්‍ර (22943) පො.සැ. රණතුංග (23044) හා පො.කො. දයානන්ද (32341) යන නිලධාරීහු වැඩිදුරටත් පවත්වනු ලබති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඉලෙක්ට්රො නික යුධ කටයුතු යනු විද්යුරත් චුම්භක වර්ණාවලිය කාර්යක්ෂමව භාවිත කරමින් ප්රකතිපාක්ෂිකයන් විසින් එම මාධ්යය භාවිත කිරීම අවහිර කරන අතර සුහද බලකායන් විසින් එහි භාවිතය වැඩි දියුණු කිරීමේ ක්රිනයාදාමයයි.මෙහි අංශ තුනක් ඇති අතර ඒවා නම් , ඉලෙක්ට්රොතනික සහයෝගීතාවය , ඉලෙක්ට්රොඑනික ප්ර හාරය හා ඉලෙක්ට්රො නික ආරක්ෂාවයි. ඉලෙක්ට්රොයනික සහයෝගීතාව[සංස්කරණය] ඉලෙක්ට්රොයනික සහයෝගීතාවය යනු ප්රරතිපාර්ෂවයන්ගේ විභව බාධක හෝ ඉලක්ක හඳුනා ගැනීම හෝ අවහිර කිරීම සඳහා යුධ භූමියේදී විද්යුරත් චුම්භක වර්ණාවලියේ අක්‍රීය භාවිතයයි. මෙම බුද්ධිමය ක්රිරයාවලිය ENINT ලෙස හැඳින්වෙන අතර ප්ර්හාර එල්ල කිරීම පාලක පද්ධති මගින් ඍජුව හෝ බර අවි හා ගුවන් ප්රNහාර සඳහා මෙන්ම යුධ භූමියේ විශේෂ ස්ථානයකට හෝ අරමුණකට මිත්ර සේනා මෙහෙයවීම සඳහා භාවිතා කෙරේ.ඊට අමතරව ඉලෙක්ට්රොථනික ප්රතහාර හෝ ඉලෙක්ට්රොඅනික ආරක්ෂා ක්රි යාවන්හි පදනම ලෙසද භාවිතා වේ. ES අක්රී්යව භාවිතාවන නිසා ඉලෙක්ට්රොරනික ක්රිදයාදාමයන් නිරීක්ෂණය මගින් ඉලක්කය රහිතවද කටයුතු කළ හැක. ESE උපක්රිමික අංශය වන SIGINT අඛණ්ඩව ලෝකයේ රටවල්වලින් ප්රහතිපාර්ශවයේ ඉලෙක්ට්රොපනික උපකරණ හෝ යුධ උපක්රNම පිළිබඳ බුද්ධි තොරතුරු ලබා ගැනීමට භාවිතා වේ. ES සඳහා භාවිතා වූ පැරණි පදයක් වන්නේ විද්යූකත් සහයෝගීතා මිනුම් යන්නයි. ඉලෙක්ට්රොඳනික ප්ර හාරය විද්යූ්ත් චුම්භක වර්ණාවලියේ සක්රීයය හෝ අක්රීය භාවිතය මගින් ප්රනතිපාර්ෂවයක් මගින් එය භාවිතා කිරීම වළක්වාලීමේ ක්රිවයාවයි. • සක්රීරය EA වලට අවහිර කිරීම , මුලා කිරීම, සක්රීයය ප්රබතිබාධනය හා EMP භාවිතය අඩංගුය. • අක්රීරය EA බැලූන ,රේඩාර් පරාවර්තක ,ෆැරඩේ කුටීර ,පියාසර මායාවන් හා රහස් කටයුතු ආදී ක්රිළයාකාර කම් අඩංගු වේ. EA මෙහෙයුම් ඒවායේ සක්රීඅය සම්ප්රේාෂණය නිසා ප්රයතිපාර්ෂවයක් විසින් හඳුනා ගැනීමට ලක් විය හැක. නූතන EA තාක්ෂණය ඉහළ ලෙස වර්ගීකරණය වී ඇත. ඉලෙක්ට්රොවනික් ප්රමති මිනුම් යන්නද මේ සඳහා භාවිතාවන පැරණි පදයකි. ඉලෙක්ට්රොසනික ආරක්ෂාව ඉලෙක්ට්රොසනික ආරක්ෂාව යටතට සුහද පාර්ෂවයේ පුද්ගලයන් පහසුකම් උපාංග හෝ අරමුණු ආරක්ෂා කිරීම මගින් ප්රආතිපාර්ෂවයේ ඉලෙක්ට්රොෙනික ක්රිහයාකාරකම් අඩාල කිරීම අයත් වේ. EP සුහද පාර්ෂවයන් එම පාර්ෂවයේම EA වලින් ආරක්ෂාවීම සඳහා ද ක්රියයාකර විය හැකිය. • සක්රීෂය EP යටතට රේඩියෝ උපාංගවල තාක්ෂණික නවීකරණය වැනි ක්‍රියාකාරකම් අයත්ය. ( සංඛ්යාෂත තීව්රරව පැවතුණු වර්ණාවලිය වැනි ) • අක්රී ය EP යටතට ක්රියයාකරුවන්ගේ අධ්යාැපනය වැනි ක්රිවයාකාරකම් හා (දැඩි විනය ක්රිඅයාකාරකම් ) හා නවීකරණය වූ යුධ භූමි උපක්රයම හා මෙහෙයුම් අයත් වේ. • EP සඳහා භාවිතා වූ පැරණි පද අතරට EPM හා ඉලෙක්ට්රොයනික ප්ර්තිමිනුම් (ECCM) අයත් වේ. ආශ්‍රිත[සංස්කරණය]
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කොළඹ දිස්ත්‍රික්කය දැනට (2012 ජන සංගනනය අනුව) ලංකාවේ වැඩිම ජන ඝණත්වක් ඇති දිස්ත්‍රික්කයයි. මෙම දිස්ත්‍රික්කය වර්ග කිලෝමීටරයකට 3000 කට වඩා ජන ඝණත්තවයක් පෙන්නුම් කරයි. ලංකාවේ අගනගරය ලෙස සැලකෙන කොළඹ දිස්ක්‍රික්කය ඉතා ජනාකීර්ණ දිස්ත්‍රික්කයකි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Iskoola Pota"; mso-bidi-theme-font:minor-bidi;}ඇද ඇතිරිලි කොට්ට මෙට්ටපෙට්ටි පැදුරු ඇදුම් බැදුම්ඇවිත් රෑට මේ මීයාකෑලි කෑලි කපා දමයිලූණු මිරිස් උම්බලකඩකැවුම් කොකිස් මුං අග්ගලනොවසා එළියේ තැබුවොත්අරන් යන්නෙ මේ මීයාදැලි පිහියක් වගේ තියුණුදත් දෙපෙළක් තිබෙන මූටඉඩ ලැබුණොත් ඕනැ දෙයක් ලේසියෙන්ම කපතෑකීගොඩ ගොඩවල් කැත කුණු ඇතිඅහු මුළුවල කූඩු හදයිබෝ වී යන මහමාරියමුගෙන් හැදෙන නපුරු ලෙඩකිදික් වලිගය වටකුරු ඇස්සහ පොපියන නාස් දෙ පුඩුහුරතල් පෙනුමක් ඇති මූ විකුවොත් නම් බොහොම විසයි.ළමා කවි කළඹ.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ආදි මොරටු විදුහල් ක්‍රීඩා සමාජය සංවිධානය කළ ස්ටැන්ෆෝඩ් (එස්. එෆ්.) අභියෝගතා කුසලානය සඳහා වූ අන්තර් පාඨශාලීය වයස අවුරුදු 15 න් පහළ ඕවර 10 ක්‍රිකට් තරගාවලිය මේ මස 31 සැප්තැම්බර් 1 සහ 2 යන දිනවලදී පැවැත්වේ.සැප්තැම්බර් මස 9 වන දින අවසාන මහා තරගය ද පැවැත්වේ. මේ සඳහා පාසල් ක්‍රිකට් පුහුණු පාසල් සහ අන්තර්ජාතික පාසල්වලට ද සහභාගි විය හැකි අතර සියලුම තරග මොරටු විදුහල් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.තරගාවලියේ පළමු ත්‍යාගයට අමතරව මුදලින් රුපියල් 25000 ක් ද, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා කුසලාන ද ඇතුළුව මුදලින් රුපියල් 15,000 ක් සහ 10,000 ක් ද පිරිනැමේ. වැඩි විස්තර සඳහා අජිත් ප්‍රනාන්දු 0719314243 හෝ ප්‍රසන්න දිසානායක 0714121200 අමතන ලෙස නිවේදනය කෙරේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඇඟලුමි කර්මාන්තය ඇඟලුමි කර්මාන්තය යන ෙයදුම ෙරදිපිලි නිර්මානය හා නිෂ්පාදනය කරන කර්මානත වලට පොදු ෙවයි
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අර්බුදයකට ලක්ව ඊ. ඒ. පී. මණ්ඩලයෙන් ඉවත් කරගත් උදයකාන්ත වර්ණසූරියගේ රන් කෙවිට ධ්ධ් සිනමා සිතුවම සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත කෙරෙන බව අධ්‍යක්ෂ උදයකාන්ත සරසවියට දන්වා සිටියි. එය මේ දිනවල එම මණ්ඩලයේ තිරගත වන නිකිණි වැස්ස සහ ඊළඟට තිරගතවීමට නියමිත ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ යන සිනමාපටවලින් අනතුරුව තිරගත වනු ඇත.ආනන්ද වික්‍රමගේ, සුසන්තා චන්ද්‍රමාලි, බෙනට් රත්නායක, කුමාර තිරිමාදුර, ඉෂාම් සම්සුදීන්, හරිත් සමරසිංහ, දමිතා සළුවඩන, මධුශානි ජනත්‍රීන්, අසේල ජයකොඩි, දොන් ගයි, සමන් හේමරත්න, ආනන්ද අතුකෝරාල, ජනේශ් සිල්වා, චතුර පෙරේරා රන් කෙවිට ධ්ධ් රංගනයෙන් හැඩ කරයි.රන් කෙවිට I මෙන්ම ත්‍රිමාණ ගොපළු යකාගේ වික්‍රමයන් අඩංගු මෙය මිලේනියම් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් රංජිත් ජයසුරිය, ප්‍රවීන් ජයරත්න, ජනිත මාරසිංහ සහ උදයකාන්ත වරණසූරියගේ නිෂ්පාදනයකි.කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය සහ ශබ්ද පරිපාලනය ප්‍රවීන් ජයරත්නගෙනි.ත්‍රිමාණ සජීවිකරණයෙන් තිලංක පෙරේරා, අනලි පෙරේරා, සිද්ධාර්ථ නයනානන්ද එක් වී ඇත.- ප්‍රසාද්සියත ටීවී ආයතනයේ මාධ්‍යවේදිනියක සහ රූපවාහිනි වැඩසටහන් හඬකැවීම් ශිල්පිනියක ලෙස කටයුතු කරන ලක්ෂිකා තේනුවර සමින්ද්‍ර වින්ධ්‍යාන් ගනේවත්ත සමඟින් අතිනත ගත්තාය. ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය පසුගියදා ගාල්ල ආරාධනා උත්සව ශාලාවේදී පැවැත්විණි.- යතේජායුනිවර්සල් සෝල්ජර් චිත්‍රපට මාලාවේ සිව්වැන්න යුනිවර්සල් සෝල්ජර් ඩේ ඔෆ් කෝනිං හෙට සිට මැජෙස්ටික් සිටි සිනමා සංකීර්ණයේ ගෝල්ඩි සිනමා ශාලාවේදී මෙරට තිරගත වීම ඇරැඹේ.ජෝන් හයිමිස්ගේ අධ්‍යක්ෂණයෙන් යුතු මෙහි වෑන්ඩෑම් ප්‍රධාන චරිතය මවනු ලබයි.ඩොල්ෆ් ලුන්ග්‍රන්, ස්කොට් ඇඩිකින්ස්, ඇන්ඩ්‍රෙ ආලොව්ස්කි, මාරියා බොනර් එහි සෙසු චරිත රංගනයේ යෙදෙති.මාධ්‍යවේදී ආරියවංශ කුලතිලක ලියූ ‘මේ මගේ කැදැල්ලයි’ නම් අලුත්ම නවකතාව මෙම මස 09 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළි දකී.- තිලානි
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස පත් කර ඇත. අදාළ පත්කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් 23 පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු විය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දෙහිවල මැතිවරණ කොට්ඨාසය ජූලි 1977 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, දෙහිවල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී දෙහිවල මැතිවරණ කොට්ඨාසය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාසයක් ලෙස දෙහිවල දිගටම පවතියි. 1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය[සංස්කරණය] 21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2] අපේක්ෂකයා පක්ෂය සංකේතය ඡන්ද සංඛ්‍යාව % එස්. ද එස්. ජයසිංහ අලියා 22,364 61.54% වී. දොන් ඇල්ෆ්‍රඩ් පෙරේරා අත 9,996 27.51% ආනන්ද ප්‍රේමසිංහ යතුර 3,578 9.84% ටී. උපාලි කුරේ සීනුව 402 1.11% වලංගු ඡන්ද සංඛ්‍යාව 36,340 100.00% ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 60 මුළු ඡන්ද සංඛ්‍යාව 36,400 ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව 45,693 ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය 79.66% ආශ්‍රිත[සංස්කරණය] ↑ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව. ↑ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977". මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. න සා සං ශ්‍රී ලංකාවේ පැරණි මැතිවරණ කොට්ඨාස නැගෙනහිර පළාත අම්පාර · මඩකලපුව · කල්කුඩා · කල්මුනෙයි · මුත්තූර් · නින්තවූර් · පද්දිරුප්පු · පොතුවිල් · සමන්තුරෙයි · සේරුවිල · ත්‍රිකුණාමලය උතුරු පළාත චාවකච්චේරි · යාපනය · කන්කසන්තුරෙයි · කයිට්ස් · කිලිනොච්චි · කෝපායි · මනිපෙයි · මන්නාරම · මුලතිව් · නල්ලූර් · පේදුරු තුඩුව · උඩුප්පිඩි · උඩුවිල් · වඩුක්කොඩෙයි · වවුනියාව බස්නාහිර පළාත අත්තනගල්ල · අවිස්සාවේල්ල · මැද කොළඹ · නැගෙනහිර කොළඹ · උතුරු කොළඹ · දකුණු කොළඹ · බටහිර කොළඹ · ගම්පහ · හොරණ · ජාඇල · කළුතර · කැලණිය · කෝට්ටේ · මීරිගම · මොරටුව · මීගමුව · පානදුර · වැල්ලවත්ත-ගල්කිස්ස · දෙහිවල-ගල්කිස්ස · දෙහිවල · රත්මලාන දකුණු පළාත අම්බලන්ගොඩ - බලපිටිය · බද්දේගම · උඩුගම · වැලිගම · අකුරැස්ස · මාතර · හම්බන්තොට · බෙලිඅත්ත · හක්මන · දෙනියාය · ගාල්ල සබරගමුව පළාත බලන්ගොඩ · නිවිතිගල · රත්නපුරය · කිරිඇල්ල · දෙහිඕවිට · රුවන්වැල්ල · දැදිගම · කෑගල්ල · මාවනැල්ල මධ්‍යම පළාත දඹුල්ල · මාතලේ · මිනිපේ · වත්තේගම · කඩුගන්නාව · මහනුවර · ගලහ · ගම්පොළ · මතුරට · නුවරඑළිය · තලවකැලේ · කොටගල · නාවලපිටිය · මස්කෙලිය වයඹ පළාත පුත්තලම · නිකවැරටිය · දොඩන්ගස්ලන්ද · කුරුණෑගල · දඹදෙණිය · වාරියපොල · දඞගමුව · බිංගිරිය · හලාවත · නාත්තන්ඩිය උතුරු මැද පළාත මැදවච්චිය · අනුරාධපුරය · කලාවැව · හොරාව්පතාන · පොළොන්නරුව ඌව පළාත අලුත්නුවර · බදුල්ල · බණ්ඩාරවෙල · වැලිමඩ · හපුතලේ · බුත්තල ඛණ්ඩාංක: 6°51′5″N 79°51′55″E / 6.85139°N 79.86528°E / 6.85139; 79.86528
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පැරැණි ශිලා යනු , දැනට සොයාගෙන ඇති ඉතාමත් ආදිකල්පික ශිලා මෙවලම් ප්‍රවර්ධනයෙන් (ග්‍රැහැම් ක්ලාක්ගේ පන්නය I සහ II) කැපී පෙනෙන්නාවූ සහ, මිනිස් තාක්ෂණික ප්‍රාග්-ඉතිහාසයෙහි දළ වශයෙන් 99% ක ප්‍රමාණයක් ආවරණය කරන, මිනිස් ඉතිහාසයෙහි ප්‍රාග්-ඓතිහාසික යුගයකි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පි‍්‍රයන්ත මන්සිළු අපේ ආදරය දිනාගත් තවත් රංගන තරුවක්. ‘කලර්’ චිත්‍රපටයෙන් ප්‍රේක්‍ෂක ආකර්ෂණය දිනාගත් ඔහු මේ දිනවල විකාශය වන ‘සිහින විලක්’ ටෙලි නාට්‍යයෙනුත් දැක ගන්න පුළුවන්. මේ ළඟදී දවසක ඔහුට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වෙලා. ලැබුණු ආරාධනාවකට අනුව ඔහු සාදයකට සහභාගි වෙන්න ගල්කිස්ස ප්‍රදේශයට ගියා. සාදය තිබුණේ රෑ . ෂූටිං එහෙම ඉවර කරලා මන්සිළු එතෙන්ට යනකොට සාදය අවසන් වෙන්නත් ළඟයි. කොහොම හරි කලබලයෙන් අදාළ ස්ථානයට ඔහු ගියා.දැන් මන්සිළු මේ සාදයට එකතු වෙලා, බොහොම සතුටින් කාලය ගතවෙලා ගියා. එක පාරටම ආරක්‍ෂක නිලධාරියෙක් කෑගහගෙන මෙතැනට ආවා. ‘මේ පාටියට ආපු කෙනෙක් කාර් එකක් රේල් පාර ළඟින්ම නවත්තලා ඇවිත්. කෝච්චියක් ආවොත් එහෙම කාර් එකේ එන්ජිමත් අරගෙන තමයි යන්නේ. ඉක්මනට ගිහින් කාර් එක වෙන තැනක පාර්ක් කරන්න’ කියලා ඔහු යන්න ගියා. එතැන හිටිය කිහිප දෙනෙකුත් මන්සිළු එක්කම අර කාර් එක තිබුණු ස්ථානයට ගියේ කාගෙද වාහනය කියලා බලන්න. ඒක මන්සිළු ගේ වාහනය. මේක දැක්මයි මන්සිළුට උන්හිටි තැන් අමතක වුණේ. කාර් එක නවත්තලා තියෙන්නේ හරියටම රේල් පාර අයිනෙම. හනිකට කාර් එක පණ ගැන්වූ ඔහු එය පිටුපසට ගන්නවාත් සමඟම වේගයෙන් ආපු දුම්රියක් එතැනින් ගියා. තව ඩිංගක් පරක්කු වුණා නම්....
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පහන් දැල්ලක් නිවෙන්නට කිට්ටුව එහි දීප්තිය වැඩිවේ. ඇමී වයින්හවුස් ද වයසට වැඩි ජනප්‍රියභාවයක් පෙන්නුවේ ඉක්මනින් මෙලොව හැර යාමට ඇති නිසාද? ඇයගේ මව ජැනිස් වයින්හවුස් පවසන්නේ වයස අවුරුදු තිහ ලබන තුරු ඇය ජීවත් වේවියි කියා තමන් අපේක්ෂා නොකළ බවයි. ‘ඇමී අවුරුදු තිහ පසුකර පරිණත ගැහැනියක වේවියි කියා මා මොහොතකටවත් සිතුවේ නැහැ. ඇය ලොවට රතිඤ්ඤයක් මෙන් පුපුරා ගියා. එකම ගීතය යළි යළිත් ගැයීමෙන් දූ හෙම්බත්වෙලයි හිටියේ. පිළිතුරු සෙව්වේ මතට සහ මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීමෙන්.ඇයට මියගිය පසු මිත්තණිය මුණ ගැසෙන්න ඇති. මං ඔයාට ජීවිතය උමතුවෙන් ගෙවා දැම්මොත් මේ ප්‍රතිඵල අත්වෙයි කිව්වා නේද? කියා ඇය විමසද්දී ඇමී එහෙම හිතාගෙන මං මොකුත් කළේ නැහැ කියලා කියන්න ඇති.ඇමීගේ මව මල්ටිපල් ස්ක්ලෙරෝසිස් රෝගයෙන් පීඩා විඳීන පනස් අට හැවිරිදි කාන්තාවකි. ඖෂධවේදිනියක වුවත් ඇයට රෝගී තත්ත්වය නිසා ජවසම්පන්න වයසේ පසු වූ දියණියගේ ජීවිතය ගැන, විශේෂයෙන්ම ඇය ගන්නා අහිතකර ආහාර පාන ගැන, වැරැදි පුරුදු ගැන සොයා බලන්නට හැකියාවක් නොලැබුණි.‘ඇමී සුපිරි ආපන ශාලාවලට ගොස් හැකි තරම් අහිතකර කෑම බීම ගත්තා. මේ ගැන ඇසූ විට ඇය කිව්වේ ගන්නා අහිතකර ආහාර පාන සියල්ල වමනය කරන බවයි.’ මව පවසන පරිදි ඇමී ද ඩයනා කුමරිය මෙන්ම සිරුර සිහින් කරගන්නා උමතුවෙන් පෙළී ඇත.2011 වසරේ ජූලි 23 වැනිදා අකාලයේ ජීවිතයෙන් සමුගත් ඇමී ගැන වාර්තා සිනමාපටයක් ද නිර්මාණය කෙරෙමින් පවතී. මේ සංවේදී කටයුත්තට අතගසා සිටින්නේ 1994 අවාසනාවන්ත ලෙස මියගිය අංක එකේ ෆෝමියුලර් ධාවන ශූරී ආටන් සෙනා පිළිබඳ සිනමාපටයක් නිර්මාණය කළ අසීෆ් කපාඩියායි.යුගයේ ගායිකාවක, ගීත රචිකාවක ලෙස රසික සිත් වශී කළ ඇමී මධ්‍යසාර විස වී ලන්ඩනයේ කැම්ඩන් තට්ටු නිවාසයේදී මිය යන විට ඇයගේ දෙවැනි ඇල්බමය ‘බැක් ටු බැක්’ ද ජනතාව ඉතා ආදරයෙන් වැළඳගෙන අවසානය. ඇල්බමයේ පිටපත් මිලියන 12 කට වඩා දැනට අලෙවි වී තිබේ.ඇමීගේ නිවෙස මේ වන විට රසිකයන් වෙනුවෙන්ම වෙන්කර ඇත.- චම්පිකා දීපානි
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අඩෝ මේ ....ඇඟිල්ල දික් කරලාහඳ පෙන්නුවාමහඳ දිහා බලන්න.....ඒව කොහෙද අපිත් එක්ක...මේක අපේ බජාර් එක....හරිද ඩෝ....ඉස්සුවෙමි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
2015 වසරේ ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය පැවැත්වීම සඳහා චීනයේ බීජිං නුවර තෝරාගත් බව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය නිවේදනය කළේය.2015 වසරේ පැවැත්වීමට නියමිත 15 වැනි ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය චීන අගනුවර “බර්ඩ්ස් නෙස්ට්” ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇතැයි ජගත් මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති ලැමින් ඩියැක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. මේ අනුව ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය පැවැත්වෙන සිවුවැනි ආසියාතික නගරය ලෙස බීජිං නුවර වාර්තා පොතට එක්වනු ඇත. මීට පෙර 1991 වසරේදී ජපානයේ තෝකියෝ නුවර ද 2007 වසරේදී ඔසාකා නුවර ද ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය පැවැත්වූ අතර ලබන වසරේදී එය දකුණු කොරියාවේ ඩයිගු නුවර පැවැත්වීමට නියමිතය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ත්‍රිමාණ ස්කෑනර් - තාක්ෂණය - අසම්බන්ධි සක්‍රිය - උස් පහත සැකසු ආලෝකය මෙම වර්ගයේ ස්කෑනර් දිගින් දිගටම වස්තුව වෙත ආලෝකය වෙනස් කරමින් දීප්තිය ඇති කරයි. සාමාන්‍යයෙන් ආලෝක ප්‍රභවය විස්තාරය සයිනාකාර රටාවකට වෙනස් කරයි. ප්‍රතිවර්තිත ආලෝකය කැමරාවක් මඟින් අනාවරණය කරගන්නා අතර රටාව වෙනස් වූ ප්‍රමාණය ආලෝකය ගමන් කර දුර මඟින් තීරණය කරයි. උස්පහත් කල ආලෝකය ස්කෑනරයට ලේසර් ප්‍රභවයෙන් බැහැර ආලෝකයන් නොසලකා හැරීමට උදව්වේ. මෙමඟින් බාධක නැතිවීම සිදුවේ.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සුනිල් ටී. ප්‍රනාන්දු ගේ අභිමානවත් පනස් හතරවන සිනමා නිෂ්පාදනය ‘රන්ජා’ මෙම මස 28 දා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන් හි තිරගත වීමට නියමිතය. සුමනා ගෝමස් දිගු කලකට පසු සිනමා රංගනයට එකතුවන මෙහි ප්‍රධාන චරිතය රන්ජන් රාමනායක මවනු ඇත.ඔවුන් දෙපළට අමතරව ටෙනිසන් කුරේ, රොජර් සෙනෙවිරත්න, රෙක්ස් කොඩිප්පිලි, පියුමි ශානිකා, හිමාලි සිරිවර්ධන, වසන්ත කුමාරවිල, ශ්‍රීමාල් වෙඩිසිංහ, දෙනුවන සේනාධි, නිපුනි ජේ. විල්සන්, නිල්මිණි කෝට්ටෙගොඩ, ප්‍රේමදාස විතාන, සඳුන් විජේසිරි, කීර්ති රංජිත්, ශාන් බන්දු වීරසිංහ, නිශාන්ත සඳබරණ, දොන් ලීලාරත්න ආදී පිරිස ‘රන්ජා’ හි චරිත මවති.කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්‍ෂණය සුදේශ් වසන්ත පීරිස් ගෙනි. ගාමිණී මොරගොල්ලාගම කැමරා අධ්‍යක්‍ෂවරයාය. කුමාරසිර ද සිල්වා සහාය අධ්‍යක්‍ෂවරයා මෙන්ම සංස්කාරකවරයාද වේ. කේෂාන් සුදන්ත පෙරේරාගේ සංගීත අධ්‍යක්‍ෂණයකි. සරත් සමරවික්‍රම කලා අධ්‍යක්‍ෂණයෙන්ද, වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්‍ෂණයෙන් ද, සංඛ අබේසිංහ නැටුම් අධ්‍යක්‍ෂණයෙන් ද මේ සඳහා දායක වෙති. සරත් රණවීරගේ අංග රචනයකි. දොන් ලීලාරත්න නිෂ්පාදන කළමනාකරණයෙන් එක්වෙති. සුනිල් ධර්මසිරි ප්‍රචාරණ කළමනාකරුවේ.ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පටාචාරා මේ 25 දාමේසයෙහි කෙළවරෙහි වූ ජංගම දුරකතනය සීරුවට නාද වෙයි. එදින අතිශය කාර්යබහුල දිනයක් වූ නිසාම ඒ පිළිබඳ මා කෙරේ ඇත්තේ මඳ අවධානයකි. දුරකතනය විසන්ධි කර දමන්නට ද සිතේ.Lahiru - Grantsලෙස තිරයේ දිස් වෙයි.ඇමතුම ලබා දෙන්නා ග්‍රාන්ටිස් වෙළෙඳ දැන්වීම් ආයතනයේ ළහිරුය.‘චතුර අනිද්දා වැඩක් තියෙනවා. කොහොමද තත්ත්වෙ. ඔහු අසන්නේ සංයමයෙනි. අනිද්දා නෙසුරාදාවක් වන නිසාම කාර්යාලයේ නිවාඩු දිනයකි. මම මිතුරුකම සමඟ ලැබුණු ඇරැයුම පිළිගත්තෙමි.යා යුතුව තිබුණේ අරකවිල නර්තන හා නාට්‍ය පදනම වෙතටය. මීට පෙර එක් වරක් එහි ගොස් තිබූ මම ගමනේදී පසුවන නිහඬ නිසසල පරිසරයේ මිහිර නිසාම ගමනට කැමැති වූයෙමි. මාධ්‍ය සගයන් රැසක් පුරවා ගත් රථය ක්‍රමයෙන් අරකවිලට ළඟා වූයේ තවත් පිරිසකගේ බලාපොරොත්තු ඉටු කරමිනි. ඔවුන් ජානකී හිල්, පීටර් හිල් ඇතුළු අරකවිල පදනමේම පිරිසය.අලංකාර වෙල් යාය මැදින් වැටුණු රතු ගුරු පාරෙන් අපි පදනම් ගොඩනැගිල්ල වෙතට සීරුවෙන් ගමන් කරනු ලැබූවේ ගෞරවාදරය ද ලබමිනි. දේශීය සිහිල් පැන් මෙන්ම විදේශීය සිහිල් පැනින් ද විඩාව නිවා ගත් අප රංග ශාලවේ ඈඳී ගත්තේ ඔවුන්ගේ නව නිර්මාණ කටයුත්ත දැක බලා ගැනීමේ අටියෙනි. ගැමි දරුවන්ට රංගනයේ මෙන්ම නර්තනයේ ද තක්සලාව වන අරකවිල නාට්‍ය හා රංගන පදනම මීට පෙර ද දැවැන්ත නර්තන ප්‍රසංගයක් අපූරුවට පැවැත් වූ අයුරු මට මතකය.මෙවර ඔවුන්ගේ වෑයම පටාචාරා සැවැත් නුවරින් අරකවිලටත්, අරකවිලින් නෙළුම් පොකුණටත්, නෙළුම් පොකුණෙන් ලෝකයටත් ගෙන යාමය.දැන් අපි ආරාධිතයන් වී සිටින්නෙමු. දර්ශනය ආරම්භවීමට සියල්ල සූදානම්ය.පළමුව වේදිකාවෙන් ප්‍රේක්ෂකාගාරයට පැමිණි දරුවන් වේදිකාව වෙත හැම නෙත් මෙන්ම හිත්ද බැඳ දමා ගැනීමට සමත් වූ බව කිව යුතුමය. එතරමටම දැකුම්කළු ඒ රංගනය සැමට ගෙන ආවේ සන්තෝෂයකි.බෞද්ධ සාහිත්‍යයේ එන පටාචාරා කතා වස්තුව ඇසුරින් නිර්මාණය වූ පටාචාරා සසර කතරේ අතරමං වූ ගැහැනියකගේ ශෝකාන්තය පිළිබඳ කියැවෙන සංවේදී කතාවයි. නර්තන නාට්‍යයක් ලෙස වේදිකා ගතවන පටාචාරා උඩරට, පහත රට, භරත, කතක් වැනි නර්තන සම්ප්‍රදායන්ගෙන් සුපෝෂිත වූ නාට්‍යයක්. පටාචාරා සහ ධාරක අතර ඇතිවන ප්‍රේමය මනාවට විදහාපාන මෙම නාට්‍ය තුළ ජාතක කතාවට එහා ගිය ලක්ෂණ කිහිපයක්ම අපට හමු වෙයි. ධාරක සහ පටාචාරාගේ ළමා කාලය ජාතක කතාකරුවා කතාබහට ලක් නොකරන අතර මෙම නාට්‍ය හරහා ළමා කාලයේ සුන්දර ඉසව් කතාබහට ලක් වෙයි.පටාචාරා ජානකී හිල්ගේ අධ්‍යක්ෂණයකි. කාලයක සිට පටාචාරා පිටපත සඳහා කරුණු සෙවූ ඇය මෙම කතාව හරහා අපූරු පණිවුඩයක් දීමට සැරැසෙයි. අනවබෝධයෙන් තනා ගන්නා ප්‍රේම සම්බන්ධතා හරහා නිවෙස හැර යන ගැහැනියකට අත්වන ඉරණම පටාචාරා යටි පෙලෙහි අපට මුණ ගැසෙයි.පටාචාරා කුඩා පිරිසක් එක්ව කරනු ලබන දැවැන්ත නිර්මාණයක් බව අපට හැඟී යන්නේ මාධ්‍ය දර්ශනය සඳහා කළ ප්‍රසංගය නැරැඹීමෙනි. එකසිය හැට දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එකම වේදිකාවක රඟන පටාචාරා වෙනස්ම ආකාරයේ නිර්මාණ අත්හදා බැලීමක් ද වෙයි.පටාචාරා හැඩ කරන අති රමණීය සංගීත රටා ගැන ද මට සිහි වෙයි. ලංකාවෙන් සංගීත ශිල්පී අතුල එදිරිසිංහ දායකත්වය ලබා දෙන පටාචාරා සඳහා සප්‍රසිද්ධ ඉන්දියානු සංගීත ශිල්පීන් රැසක් ද දායක වෙයි. භාරතයේ නම් දරන සංගීත ශිල්පිීන් වන නිතික් කුමාර් ගුප්තා, කුඩමලෝර් ජනේන්ද්‍රන්, ජයදේවන්, ජෙයියන් ජේ පටාචාර සඳහා සංගීතය සැපයීම සුවිශේෂත්වයකි.ඉතා සංයමයෙන්, කැපවීමන් පුරුදු පුහුණු වූ පටාචාරා හි ප්‍රධාන භූමිකාව වන පටාචාරා සඳහා ජීවය ලබා දෙන්නේ ප්‍රවීණ භරත නර්තන ශිල්පිනී රුක්සලා රෝෂිණී විසිනි. ධාරකගේ චරිතයට පණ පොවන්නේ ප්‍රවීණ බැලේ නර්තන ශිල්පී කපිල පලිහවඩනයි. ඔවුන් දෙදෙනාගේ ලාලිත්‍යයෙන් මෙන්ම සෘංගාරයෙන් ද පිරි නර්තන රටා පැමිණ සිටි සියළු දෙනාම විනාඩි කිහිපයකට වෙනම ලොවකට ගෙන ගිය බව කිව යුතුමය.සැබෑවටම පටාචාරා ලාංකේය කලා කෙතට වට පිණි වැස්සකි. කොළඹට තරමක් දුර මෙවැනි ගම්මානයක පිරිසක් එක්ව මේසා විශාල නිර්මාණ කටයුත්තක් ඉටු කිරීමට පෙළඹීමද පැසසීමට ලක් විය යුතු කාරණාවකි.2014. 01. 25 වැනි දින පස්වරු 07 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී එළි දැකීමට නියමිත පටාචාරා තවත් එක් නෘත්‍ය නාට්‍යයක් නොවන බවට දැන් අපට සාක්ෂි ලැබී හමාරය. ඒ තරමට ඒ තුළ දැක ගත හැකි බොහොමයක් ලක්ෂණ අප සැවොම ආනන්දයට පත් කොට ඇත.එදා ජංගම දුරකතනය විසන්ධි කර දැමුවා නම් මේ කිසිවක් මට ද දකින්නට නොලැබෙනු ඇත. ඔබත්, මමත් මේ හැම දේම දකින්න 2014 01. 25 පටචාරා සමඟ නෙළුම් පොකුණේදී හමු වෙමු.- චතුර ගීතනාත් බණ්ඩාර
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රටේ ජාතික සංවර්ධනය වෙනුවෙන් ලංකා බැංකුව අද්විතීය මෙහෙවරක් ඉටුකරන බව කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ විහාරාධිපති සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියෝ පවසති.අනෙකුත් මූල්‍ය ආයතන හා සසඳන කළ මේ බැංකුව ඉදිරියෙන්ම සිටින බව පෙන්වා දෙන උන් වහන්සේ ලංකා බැංකුව මඟින් රටට හිතකර ආකාරයේ විවිධ ගිණුම් හඳුන්වාදී තිබෙන බවද සඳහන් කරති.උන් වහන්සේ මේ බව සඳහන් කළේ ලංකා බැංකුවේ නව මහ කළමනාකරු වශයෙන් පත්වී සිටින කේ.ධර්මසිරි මහතා එම තනතුරේ වැඩ බාර ගැනීම නිමිත්තෙන් ලංකා බැංකු මූලස්ථානයේදී ඊයේ (5) පැවැති උත්සවයේ අනුශාසනාවක් කරමිනි.නව මහ කළමනාකාර කේ.ධර්මසිරි මහතා ලංකා බැංකුවේ 18 වැනි මහ කළමනාකාරවරයා වන අතර කොළඹ විශ්ව විද්‍යාලයෙන් වාණිජවේදී පළමු පංතියේ ගෞරව උපාධියක් හිමිකරගෙන සිටින ඒ මහතා වසර 37 ක කාලයක් එම බැංකුවේ සේවය කොට ඇත.දේශීය මෙන්ම විදේශීය බැංකු ශාඛාවන්හිද සේවයකර තිබෙන කේ.ධර්මසිරි මහතා මාලදිවයින ශාඛාවේ කළමනාකරු වශයෙන්ද නේපාල ලංකා බැංකු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන්ද සේවය කර තිබේ.මෙහිදී වැඩිදුරටත් අනුශාසනාව සිදුකළ ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියෝ පැවසූවේ ලංකා බැංකුවේ කාර්ය මණ්ඩලය එකමුතුව තමන්ගේ සේවය ලබාදෙන බවත් ඒ නිසාම එම බැංකුවට රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණීමට හැකිවී තිබෙන බවත්ය.මෙහිදී නව මහකළමනාකාර කේ.ධර්මසිරි මහතා අදහස් දක්වමින් සඳහන් කළේ තමාට හිමිවූ තනතුර සම්බන්ධයෙන් සතුටු වන බවත් ඒ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන, එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහත්වරුන්ට ප්‍රණාමය පිරිනමන බවත්ය.ශාඛා 315ක් මෙන්ම විදේශ ශාඛාවන් තුනක්ද හිමි ලංකා බැංකුව සතුව 8500 ක් පමණ කාර්ය මණ්ඩලය සිටින බව සඳහන් කළ ඒ මහතා මේ සියලු දෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවද ශ්‍රීලංකාවේ පවතින ආයතන අතර ලංකා බැංකුවට විශාල වත්කම් ප්‍රමාණයක් හිමිවන බවද පෙන්වාදුන් ඒ මහතා මේ වසර අවසන් වනවිට මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනය දක්වා ඉහළ නංවා ගැනීම අරමුණ බවද පැවසීය.මේ අතර ඒ මහතා සඳහන් කළේ රාජ්‍ය බැංකුවක් වශයෙන් රජය සමඟ සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ජාත්‍යන්තර බැංකුවක් වඟේම රටේ සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වැඩි වශයෙන් දායකවීමට කටයුතු කරන බවත්ය.ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් එස්.ආර් ආටිගල, කේ.එල් හේවගේ සහ නාලනී අබේවර්ධන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දැඩි නියඟයෙන් පීඩාවට පත්ව සිටින නිකවැරටිය ගොවි ජනතාවට සෙත සැලසීමේ අරමුණින් මාගල්ල වැව ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 දා ඇරඹිණ.මහසෙන් රජු විසින් කරවන ලද මාගල්ල වැව 1943 වර්ෂයට පසුව විධිමත් ප්‍රතිසංස්කරණයකට ලක්ව නොමැත. වැවෙහි රොන් මඩ සහ දැදුරු ඔය මඟින් වැවට ජලය ගෙන එනු ලබන රිදි මැඩි ඇළෙහි රොන් මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීම ද ජනාධිපතිතුමා අතින් මෙහිදි සුබ මොහොතින් සිදු කෙරිණ.වැසි ජලය එකතු කර ගනිමින් ගොවි ජනතාවගේ ගොවිතැන් කටයුතු බාධාවකින් තොරව සිදුකිරීමට පහසු වන අතර මෙමඟින් ඔවුන්ගේ ආර්ථිකය සවිමත් කරමින් ජීවන තත්ත්වය උසස් කරලීම රජයේ පරමාර්ථයයි. ඇමැතිවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, එස්.බී. නාවින්න, ටී.බී. ඒකනායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ මහ ඇමැති අතුල විජේසිංහ මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කෘමිනාශක වර්ගයක් ලබාදීමෙන් බලන්ගොඩ කල්තොට කෝන්ගස්මංකඩ ප්‍රදේශයේදී රිලවුන් 50ක පමණ පිරිසක් මිය ගොස් තිබේ.මිය ගිය රිලවුන් ගම්වාසීන් කිහිප දෙනෙකු එක්ව වළක් කපා මිහිදන් කරන ලදී. පෙරේදා 14 සිට ඊයේ 15 උදෑසන දක්වා වරින්වර මේ රිලවුන් මිය ගොස් ඇතැයි ගම්වාසියෙකු පැවැසීය.රිලවුන්ගෙන් වගාවන්ට සිදුවෙන හානි නිසා කෝපයට පත්ව සිටි අයෙකු හෝ කිහිප දෙනෙකු එක්ව රිලවුන්ට වස මිශ්‍ර ආහාරයක් ලබාදී ඇතැයි අනුමාන කෙරේ. මේ සම්බන්ධව කළ විමසීමකදී කල්තොට පොලිසියේ නිලධාරියෙකු කීවේ රිලවුන් මියයෑම ගැන කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවයි.රිලවා වන සත්ත්ව හා වෘක්ෂලතා පනතින් ආරක්ෂිත සත්ත්වයෙකු නොවුනද කිසිම සතෙකු වසදී මරාදැමීමට නොහැකි බව පරිසරවේදීන් පවසති. සතුන්ට වසදී මරාදමන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීතිමය හැකියාවක් ඇති බවද පරිසර සංවිධාන කියයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වනජීවි අධ්‍යක්ෂ සහ ආදිවාසී නායකයා අතර අවබෝධතා ගිවිසුමක් වාකරේ වෙරළබඩ ආදිවාසි ගම්මානයේදී හෙට (31) අස්සන් කෙරේ. ජගත් ආදි වාසී දිනයට සමගාමීව මේ ගිවිසුමට අස්සන් තබයි. මාදුරු ඔය ජාතික උද්‍යානයේත්, දඹාන ආදි වාසි ගම්මානයේ ජීවත් වන ආදි වාසීන් අතර සබඳතා ගොඩ නඟා ගැනීම මේ ගිවිසුමෙන් බලාපොරොත්තු වෙයි.එමෙන්ම ආදි වාසීන්ගේ සම්ප්‍රදායක චාරිත්‍ර වාරිත්‍ර සහජීවන රටා ආරක්ෂා කර ගැනීම මාදුරුඔය ජාතික වනෝද්‍යානය ආරක්ෂාවට ආදි වාසී සහාය ලබා ගැනීමටද ගිවිසුමෙන් බලාපොරොත්තු වෙයි.වන ජීවි අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහතා සහ වනස්පති විශ්ව කීර්ති ඌරුවරිගේ වන්නිලැත්තෝ ගිවිසුමට අස්සන් තබති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මහවැලි (මහවැලි ගඟ) ගඟ ගම්පොල හරහා ගලා බසින මහවැලි නදිය Source මධ්‍යම පළාත Mouth Bay of Bengal - elevation Length 335 km (208 mi) කී.මී. 100 ට (සැතපුම් 62 ට ) වඩා දිගින් වැඩි සහ කී.මී. 100 ට වඩා දිගින් අඩු ශ්‍රී ලංකාවේ ගංගා සහ ඔයවල් එකතුවක් පහතින් වෙන්ව වෙන්ව දැක්වේ. දිග කී.මී. 100 ට වැඩි පෙළ නම ආරම්භය අවසානය දිග 1 මහවැලි ගඟ සමනළ කන්ද ත්‍රිකුණාමලය 335 කි.මි. (208 mi) 2 මල්වතු ඔය අනුරාධපුරය මන්නාරම 164 කි.මි. (102 mi) 3 කලා ඔය 148 කි.මි. (92 mi) 4 කැලණි ගඟ සමනළ කන්ද කොළඹ 145 කි.මි. (90 mi) 5 යාන් ඔය 142 කි.මි. (88 mi) 6 දැදුරු ඔය 142 කි.මි. (88 mi) 7 වලවේ ගඟ සමනළ කන්ද 138 කි.මි. (86 mi) 8 මාදුරු ඔය 135 කි.මි. (84 mi) 9 මහ ඔය 134 කි.මි. (83 mi) 10 කළු ගඟ සමනළ කන්ද කළුතර 129 කි.මි. (80 mi) 11 කිරිඳි ඔය 117 කි.මි. (73 mi) 12 කුඹුක්කන් ඔය 116 කි.මි. (72 mi) 13 මැණික් ගඟ 114 කි.මි. (71 mi) 14 ගිං ගඟ දෙනියාය ගාල්ල 113 කි.මි. (70 mi) 15 මී ඔය 109 කි.මි. (68 mi) 16 ගල් ඔය 108 කි.මි. (67 mi) දිග කී.මී. 100 ට අඩු පෙළ නම ආරම්භය අවසානය දිග 1 කොත්මලේ ඔය හෝර්ටන් තැන්න නුවරඑළිය දිස්ත්‍රික්කය 70 කි.මි. (43 mi) 2 මේ අඩවිත් බලන්න[සංස්කරණය] ශ්‍රී ලංකාවේ දියඇලි ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගා
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කෙටි කතා පබ්ලිෂ් නොවන්නේ මන්දැයි නොදනිමි, කෙසේ වෙතත් ,සිදුවන අපහසුතාවයට කණගාටුවෙමි , තරහා නොවී මේපාරෙන් එන්න.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඔන්න දැන් අනුරාධපුරේ පැත්තෙ උන් පොඩ්ඩක් මට කියපල්ලා... මොකද කිවුවෙත් මම දැන් ඔය පැත්තට එනව මාසෙකට 03 සැරයක් වගේ... රවුමක් ගහල යන්න....මෙන්න මේකයි සිද්දිය... මම වැඩ කොරන කොම්පැනිය තියෙන්නෙ.... අන්න ඒකට අලුතින් සයිට් 02 ක් හම්බ වුනා.. මෙන්න ඒ දෙක ගැන විස්තර....→ කැබිතිගොල්ලෑව Road Project01. 499,925,935.3006.3 Km→ මැදවච්චියRoad Project01. 300,192,516.8006.5 Kmඔන්න අපේ පාරවල් 02. මේකෙන් මට සෙට් වෙලා තියෙන්නෙ කැබිතිගොල්ලෑව පාර... පට්ටම ලස්සනයි... මම මුලින්ම ගිය ගමන් තමයි මේ... ඇත්තටම හෙන දුශ්කර පලාතක්... ඒ ගමටම තියෙන්නෙ 01 බස් එකයි... එකත්CTB නෙ...නමුත් වට පිටාව හරි ලස්සනයි... වැවු අමුණු වලින් වට වුනු ගම්මානයක්.... ගමේ ජනතාවත් හරි සහයෝගයකින් වැඩ කරනවා... කුහක,ඉරිසියාව, ලෝබකම, වැනි නගරයේ සහ නගර බද ජනතාව සතු එවැනි සිතු විලි ඔවුන් සතුව නෑ.... එම ගම්මානයට ඇත්තේ එක් පාසලක් පමණයි... රොහලක් නෑ... රොහලක් අඩුව තදින්ම ඔවුන්ට දැනෙනවා... ඔවුන් හදිසියකදී යා යුත්තේ මැදවච්චිය දිසා රෝහලටයි.... එය පිහිටා ඇත්තේ ගමේ කෙලවරේ සිට කිලෝමීටර් 35 ක් පමණ ගිය පසුයි.... පාසල් යා යුත්තේ පා ගමනින් හෝ තම පා පැදියෙන්.... පාසල ඉතාම කුඩාවට පිහිටා ඇත... ගොඩනැගිලි 03 කින් සමන්විත එය, මා සිතන ආකාරයට සා/පෙල දක්වා පමණක් ඉගෙනීම් කරනවා ඇත.... ඉතාමත් සුන්දර ඒ ගම්මානයේ මා දැක ඇත්තේ සුළු ප්‍රමාණයකි... තවත් එහි විස්තර රැගෙන එන තෙක් නවතිමි..... මෙන්න මම ගහපු රූපරාමු පෙලක්.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 9 වන සියවස – ක්‍රිපූ 8 වන සියවස – ක්‍රිපූ 7 වන සියවස දශක: ක්‍රිපූ 740ගණන් ක්‍රිපූ 730ගණන් ක්‍රිපූ 720ගණන් – ක්‍රිපූ 710ගණන් – ක්‍රිපූ 700ගණන් ක්‍රිපූ 690ගණන් ක්‍රිපූ 680ගණන් වසර: ක්‍රිපූ 717 ක්‍රිපූ 716 ක්‍රිපූ 715 – ක්‍රිපූ 714 – ක්‍රිපූ 713 ක්‍රිපූ 712 ක්‍රිපූ 711 ක්‍රිස්තු පූර්ව 714 වසර මාතෘකා අනුව දේශපාලනය රාජ්‍ය නායකයෝ – ස්වෛරී රාජ්‍ය උපත් සහ මරණ ප්‍රවර්ග උපත් – මරණ සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග සංස්ථාපනයන් – විසංස්ථාපනයන් න සා සං ක්‍රිපූ 714 අනෙකුත් දින දසුන් වලින් ග්‍රෙගෝරියානු දින දසුන ක්‍රිපූ 714 අබ් ඌර්බෙ කෝන්ඩිටා 40 ආර්මේනියානු දින දසුන N/A ඇසිරියානු දින දසුන 4037 බෞද්ධ දිනදසුන −171 – −170 බහායි දින දසුන −2557 – −2556 බෙංගාලි දින දසුන −1306 බර්බර් දින දසුන 237 ඉංග්‍රීසි රාජ්‍යත්ව වසර N/A බුරුම දින දසුන −1351 බයිසැන්ටියානු දින දසුන 4795–4796 චීන දින දසුන 丙寅年 (Fire Tiger) 1983 or 1923 — to — 丁卯年 (Fire Rabbit) 1984 or 1924 කොප්ටික දින දසුන −997 – −996 ඩිස්කෝර්ඩියන් දින දසුන 453 ඉතියෝපියානු දින දසුන −721 – −720 හෙබ්‍රෙව් දින දසුන 3047–3048 හින්දු දින දසුන් - වික්‍රම් සම්වත් −657 – −656 - ශක සම්වත් N/A - කලි යුග 2388–2389 හොලොසීන දින දසුන 9287 ඉග්බො දින දසුන −1713 – −1712 ඉරාන දින දසුන 1335 BP – 1334 BP ඉස්ලාමීය දින දසුන 1376 BH – 1375 BH ජපාන දින දසුන N/A ජුච්චේ දින දසුන N/A ජූලියානු දින දසුන N/A කොරියානු දින දසුන 1620 මින්ගුවෝ දින දසුන 2625 before ROC 民前2625年 තායි සූර්ය දින දසුන −170 This box: නරඹන්න සාකච්ඡා කරන්න සංස්කරණය කරන්න විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්‍රිත මාධ්‍ය සතු වෙයි: 714 BC
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අන්තර් සමාජ ක්‍රීඩා උලෙළේ ත්‍යාග ප්‍රදානෝත්සවය මධ්‍යම පළත් සභා අමාත්‍ය බන්දුල යාලෙගම මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 26 වැනිදා රත්තොට නාගරික ක්‍රීඩාංගණයේදී පැවැත්වේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අලුත් අවුරුදු නිවාඩුව ගෙවී ගොස් බොහෝ දෙනා රාජකාරීවලට එන්නේ දැන්ය. අවුරුද්දට මුළු කොළඹම පාළුවට ගොස්ය. හිස්වුණු කොළඹ මංමාවත් කොලු කුරුට්ටන් විසින් පිට්ටනි බවට පත් කර ගන්නා ලද අන්දම පසුගිය දවස් කිහිපයේම ටෙලිවිෂන චැනල් මගින් පෙන්වා දුන්නේය.අප නිතර නමුත් හදිසියට කෑම ගන්නා චීන හෝටලයේ චීන කෑම සදනා අරක්කැමියා ගම බලා (මාතර) ගොසින් තවම ඇවිත් නැත.අලුත් අවුරුදු ක්‍රීඩා ද විලාසිතා ද ටෙලිවිෂනය පුරා පැතිර යයි. ඔංචිලි පදින පොඩි එවුන් දකින මගේ දියණිය ඔංචිල්ලාවක් බැඳ දෙන්නැයි මගෙන් ඉල්ලා සිටියාය.මගේ ගෙදර බලවත් උදවිය වන අපේ අම්මාත්, බිරින්දෑත් දියණියගේ ඉල්ලීම එක හෙළා ප්‍රතික්ෂේප කළහ. ඔංචිල්ලා ලණුවෙන් ගෙල සිර වී මිය ගිය දරුවෙකු පිළිබඳ ටෙලිවිෂනයේ පෙන් වූ දුක්මුසු පුවතක් ඔවුන් ආයුධයක් කොට ගෙන සිටී.මගේ පොඩි එකීගේ ඉල්ලීමත්, මහ ඇත්තියන්ගේ ප්‍රතික්ෂේප කිරීමත් ඔංචිල්ලාව පිළිබඳ කතාබහකට යොමු වීමට හේතු විය. එයට විරෝධය පාන වැඩිහිටියෝ ද පෙර දවස ඔංචිල්ලා පැද එහි විසිතුරු බවින් මත් වූ අතීතයකට හිමිකම් කියන බව මේ කතාබහේදී අනාවරණය විය. මගේ ළමා විය කලක් ගත වූයේ පදවිය මහාසේන විදුහලේය.එකල අපේ තාත්තා එහි විදුහල්පති විය. නිල නිවස අසල තිබූ ජෑම් ගහේ තාත්තා ඔංචිල්ලාවක් බැඳ දුන්නේය. වරක් මා සමඟ අහසට ගිය ඔංචිල්ලාව ගැළ වී බිමට ආවේය. මම අනූ නවයෙන් බේරුණෙමි.එයින් පසු දවසක ද යළි ඔංචිල්ලාව බැඳිණි. මා හිතන හැටියට ඔංචිල්ලාවෙන් තිබෙන අනතුර එකලත් තිබෙන්නට ඇත.එහෙත් ඒ ගැන අද මෙන් ප්‍රවෘත්ති සුලබ නොවූ නිසා එකල ඒවා ඒතරම් බිහිසුනුව දැනුණේ නැත. පසුගිය දවස්වල කැළඹුණු මාතර ගඟේ කිඹුලාගේ කතාවත් එහෙමය.පසුගිය සුනාමි අනතුර හෙළිවද්දී මේ රටේ විද්‍යුත් මාධ්‍ය එය වහා රටට දැන් වූහ. ඒ යහපත් ක්‍රියාවකි. කොළඹ කන්තෝරුවල සිට වේලාසනින් පැන යන්නට කල් මැරූ සමහර අයට පිනා චාන්ස් එකක් ලැබීම වෙනම කතාවකි.එහෙත් ඇතැම් මාධ්‍ය මේ අවස්ථාවේ කටයුතු කළේත් ඒ ආකාරයටමය.තවත් පැයක් ගත වුණා නම් සුනාමි ගැන විකාශය වන ප්‍රවෘත්තියට වෙනම අනුග්‍රාහකයන් සොයාගන්නවා ඇත. ඒ පිළිබඳ තරග ද පවත්වනවා ඇත.අද එතැන් සිට ඇරැඹෙන මේ ලිපි පෙළ මතු සම්බන්ධ වනු ඇත.අරුණ ගුණරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිව්යෝර්ක් ජනපදය ධජය මුද්‍රාව අපනාමය(න්): දි එම්පයර් ස්ටේට් ආදර්ශ පාඨය(න්): එක්සෙල්සියර් (ලතින්)[1] ජයෙන් ජයට නිල භාෂාව(න්) නොමැත කථන භාෂාව(න්) ඉංග්‍රීසි (පමණක්) 72% ස්පාඤ්ඤ 14% වෙනත් 14%[2] ජාති නාමය නිවියෝර්ක් ජානපදිකයා අගනගරය ඇල්බනි විශාලතම නගරය නිව්යෝර්ක් නගරය විශාලතම පුරවර ප්‍රදේශය නිව්යෝර්ක් පුරවර ප්‍රදේශය භූමි ප්‍රමාණය එ. ජ. හි 27වන අනුස්ථානය ලැබ. - සම්පූර්ණ 54,556[3] වර්ග සැත (141,300 කිමී2) - පළල 285 සැතපුම් (455 කිමී) - දිග 330 සැතපුම් (530 කිමී) - % ජලය 13.5 - අක්ෂාංශකය 40° 30′ N to 45° 1′ N - දේශාංශකය 71° 51′ W to 79° 46′ W ජනගහණය එ. ජ. හි 3වන අනුස්ථානය ලැබ. - සම්පූර්ණ 19,570,261 (2012 ඇස්ත)[4] - ඝණත්වය 412/වර්ග සැත (159/කිමී2) එ. ජ. හි7වන අනුස්ථානය ලැබ උන්නතාංශය - උසම ස්ථානය මවුන්ට් මාර්සි[5][6][7] 5,344 අඩි (1628.85 මී) - මධ්‍යනය 1,000 අඩි (304.8 මී) - පහළම ස්ථානය අත්ලාන්තික් සාගරය[6][7] මුහුදු මට්ටම සංගමයට ඇතුලත් කර ගැනීම ජූලි 26, 1788 (11වන) ආණ්ඩුකාර ඇන්ඩෲ කුයෝමෝ (ඩි) උප ආණ්ඩුකාර රොබට් ඩෆී (ඩි) ව්‍යවස්ථාදායකය නිව්යෝර්ක් ව්‍යවස්ථාදායකය - උත්තර මන්ක්‍රී මණ්ඩලය ජනපද සෙනෙට් මණ්ඩලය - පහළ මන්ත්‍රී මණ්ඩලය ජනපද මණ්ඩලය එ.ජ. සෙනෙට් සභිකයන් චක් ෂූමර් (ඩි) කර්ස්ටන් ගිලිබ්‍රෑන්ඩ් (ඩි) එ.ජ. මන්ත්‍රී මණ්ඩල නියෝජිත කණ්ඩායම 21 ඩිමොක්‍රටිකයන්, 6 රිපබ්ලිකානුවන් (ලැයිස්තුව) වේලා කලාපය නැගෙනහිර: UTC -5/-4 කෙටි යෙදුම් NY US-NY වෙබ් අඩවිය ny.gov නිව්යෝර්ක් යනු එක්සත් ජනපදයේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි ජනපදයකි. ආශ්‍රිත[සංස්කරණය] ↑ "නිව්යෝර්ක් ස්ටේට් මොටෝ". නිව්යෝර්ක් ජනපද පුස්තකාලය. ජනවාරි 29, 2001. Archived from the original on 2007-06-08. සම්ප්‍රවේශය 2007-11-16. ↑ උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; MLA_Data නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි ↑ උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; area නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි ↑ උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; PopEstUS නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි ↑ "මාර්සි". ජාභූස දත්ත පත. එ.ජ. ජාතික භූමිතික සමීක්ෂණය. සම්ප්‍රවේශය 2011-10-20. ↑ 6.0 6.1 "එලිවේෂන්ස් ඇන්ඩ් ඩිසිටන්සර්ස් ඉන් ද යුනයිටඩ් ස්ටේට්ස්". එක්සත් ජනපද භූවිද්‍යාත්මක සමීක්ෂණය. 2001. සම්ප්‍රවේශය 2011-10-24. ↑ 7.0 7.1 1988 උතුරු ඇමරිකානු සිරස් දත්තය වෙත උන්නතාංශය සීරුමාරු කර ඇත.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මුලික ශාස්ත්‍රීය නර්ථනයක් සන්ත්‍රියා හෝ සන්ත්‍රියා නිට්යා මුලික ඉන්දියානු සම්භාවනිය නර්තනයන්ගෙන් එකකි. සන්ත්‍රියා නර්තනය ජීව මාන දෙයක් ලෙස එහි නිර්මාර්තෘ 'ශ්‍රීමන්ත සංකාර දේව' ක්‍රි.පු. 15 .දී පමණ ආසාමි සිට පැමිණීමත් සමඟ ආරම්භ විය. සංකාර දේව සන්ත්‍රියා නර්තනය නිර්මාණය කළේ අන්කියානාත් (අසැම්ස් නැමැති රංගන මාර්ගයක් ) ආශ්‍රය කරගනිමිනි. එම නර්තනය සන්ත්‍රියා නර්තනය ඔස්සේ ව්‍යාප්ත විණි. ශාස්ත්‍රඥ මහේෂ්වර මියෝග් විසින් වඩා ඉක්මනින් ප්‍රචලිත කිරීම සඳහා ඊට සන්ත්‍රියා යන නම යෙදිණි. මෙම නර්තනය සන්ට්‍රියා ඔස්සේ බොහෝ ප්‍රේක්ෂකයින් අතරට ගිය අතර ඒ චාරිත්‍රානුකූල හා වෙනත් අවස්ථාවන්හිද රඟ දැක්විණි. ඒ අතරම ඒය මුලින්ම නිර්මාණය වූයේ අදින් වර්ෂ 500 කට පමණ පෙරයි. සටහන්[සංස්කරණය] | Sattriya_dance |}
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිමල් කෝරලේ උපත නිමල් චන්ද්‍රරත්න කෝරලේ 27 සැප්තැම්බර් 1963 කොළඹ ලංකාව නිවහන ශ්‍රී ලංකාව ජාතිකත්වය ශ්‍රී ලාංකික අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ ප්‍රසිද්ධ වන්නේ සභාපති කොමුති ඉංජිනේරු සමාගම කොළඹ ආගම බෞද්ධ වෙබ් අඩවිය කොමුති ඉංජිනේරු සමාගම නිමල් කෝරලේ (තවද: නිමල් චන්ද්‍රරත්න කෝරලේ) යනු කොමුති ඉංජිනේරු සමාගම කොළඹ ආයතන සභාපති වරයායි. ජීවන සටහන්[සංස්කරණය] නිමල් කෝරලේ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය] නිමල් කෝරලේගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු වෙළඳ ව්‍යාපාර නියමුවන් කොමුති ඉංජිනේරු සමාගම
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ආදරයයි කරුණාවයි ගලන දොළේ පෙණ බුබුළයි ආදරේ මිලින මලේ පැණි කඳුළයි ආදරේ මහ ගල් කුළු ඉහළ බලා සුළං රොඳීන් සුසුම් හෙළා ඈත සිහින් වලාකුළින් රහස අසයි ආදරේ නිල් කඳු වැටි පීරා - පායන සඳ රේඛා එබී බලා නිහඬ රැයෙක රහස කියයි ආදරේ මහ ගස් අතු ඉහළ නගා - කුරුලු හඬින් ගීත ගයා වෙළෙන වැලේ පිපෙන මලෙන් රහස අසයි ආදරේපද රචනය - මහගම සේකර සංගීතය – පණඩිත් ඩබ්. ඩී. අමරදේව ගායනය - අමිතා වැදිසිංහ අධ්‍යක්ෂණය - ආනන්ද ජයරත්න- සුලෝචන වික්‍රමසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලබන වසරේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් සඳහා විශේෂ ඉංග්‍රීසි පාඨමාලාවක් ක්‍රියාත්මක කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.උසස් පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට ලබා ගන්නා ලකුණු අනුව මේ ඉංග්‍රීසි පාඨමාලාවට සිසුන් යොමු කෙරේ.ඉංග්‍රීසි පාඨමාලාවට සරසවියට එන සිසුන් යොමු කරන්නේ ඔවුන්ගේ ඉංග්‍රීසි දැනීම අධ්‍යයනය කිරීමෙන් පසුව බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා කියයි.නව වැඩපිළිවෙළ අනුව සිසුන්විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට පෙර ඔහුගේ ගම් ප්‍රදේශයේ දී මාස තුනක කාලයක් ඉංග්‍රීසි දැනුම ලබා ගත යුතුය. ඒ සඳහා ගමේ හෝ නගරයේ විදාතා මධ්‍යස්ථානයකින් අන්තර් ජාලය ඇසුරෙන් හෝ දේශන මඟින් හෝ පුහුණුව ලබා ගත යුතුය.මේ වසරේ සිට සෑම සරසවි සිසුවකුටම ලැප්ටොප් පරිගණකයක් ලබා දෙන අතර එය භාවිත කිරීමෙන් ද සිසුන්ට ඉංග්‍රීසි පාඨමාලාව හැදෑරිය හැකිය. හඳුන්වා දෙන නව ඉංග්‍රීසි පාඨමාලාව අවසානයේ විභාගයක් පැවැත්වේ. එම විභාගයේ ප්‍රතිඵල අනුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධි පාඨමාලා හැදෑරීමට සුදුසු අය තෝරා ගනු ලැබේ.එම විභාගයේ දී ප්‍රමාණවත් කුසලතාවක් නොදක්වන සිසුන් වසරක් පුරා පැවැත්වෙන විශේෂ ඉංග්‍රීසි පාඨමාලාව හැදෑරිය යුතුයි. සිසුන්ගේ සන්නිවේදන හැකියාව වර්ධනය කිරීම, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අන්තර්ජාතික විභාගවලට පෙනී සිටීමට හැකිවන පරිදි ඉංග්‍රීසි දැනුමක් ලබා දීම ඇතුළු කරුණු ගණනාවක් මූලික කොට ගෙන ඉංග්‍රීසි පාඨමාලාව ආරම්භ කරන බව දිසානායක මහතා පවසයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දැන් Nokia ආයතනයවිසින් තම HERE ඇප් එක Android උපාංගවලට සහය දක්වන ලෙස වැඩි දියුණූ කර ඇත. HERE යනු Google maps වලටදෙවනි නොවන map තාක්ෂණයකි. කෙසේ වෙතත්පෙර නොමිලයේ නොදුන් Voice guided navigationසහ mapping වැනි විශේෂාංග මෙසේ ලබාගත හැක. එමෙන්ම Googlemaps අභිබවන විශේෂාංග රැසකින් HERE සමන්විතවේ. ඒ අතර offline ලෙසභාවිතාකර හැකිවීම විශේෂ වේ.තම ජංගම දුරකතන වෙළදපොළ Microsoft ආයතනයට පත්විමෙන් පසු Nokia උපාංග සඳහා පමණක් සීමා වු ඇප් Android සහ iOS සඳහාද සහය දක්වන ලෙස දියුණු කිරීමට කටයුතු කර ඇති අතර Android සදහා වු HERE ඇප්එක Beta සංස්කරනයක් ලෙස දැන් Google Play තුළින්ලබාගත හැක. ඒ සඳහා පහත යොමුව භාවිතා කරන්න.HERE forAndroidකෙසේවෙතත් iOS සඳහා සහය දක්වන HERE ඇප්එක 2015 ට පෙර නිකුත් වේ යැයි සිතුය නොහැක.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ආනයනික ආහාරද්‍රව්‍යවල ආයු කාලය එසේ ආනයනය කරනු ලබන අවස්ථාව වන විට සියයට හැට ඉක්මවා නොගිය තත්ත්වයක පැවතිය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය නියෝගයක් නිකුත් කැර තිබේ.1980 අංක 26 දරන ආහාර පනතේ 32 වැනි වගන්තිය යටතේ මේ නව නියෝගය පැනවීමට එම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ නියෝගය ලබන අගෝස්තු පළමුවැනිදා සිට බලපැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙක් දිනමිණට පැවැසිය. ආනයනික ආහාරයක ආයු කාලය එහි නිෂ්පාදකයා විසින් ප්‍රකාශ කරනු ලබන නිෂ්පාදිත දිනය හා කල් ඉකුත් වීමේ දිනය මත පදනම් වේ.මේ නිසා එම ආහාරද්‍රව්‍යයේ ආයු කාලය අවසන් වන විට ඒ බව පාරිභෝගිකයාට හඳුනාගත හැකි පරිදි කල් ඉකුත් වූ දිනය සඳහන් කර එකී දිනට පෙර පාවිච්චියට සුදුසු බව හෝ එම දිනට පෙර භාවිතා කරන්න යනුවෙන් හෝ සඳහන් කළ යුතු බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.ආනයනික ආහාරද්‍රව්‍ය පරිභෝජනය කරන පාරිභෝගිකයාට කාලය ඉකුත් වීමේ දිනය ආසන්නව ඇති ආහාර ලබා දීම මේ නව නියෝගය හේතුවෙන් වැළකී යනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය විශ්වාසය පළකරයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර උපදේශන කමිටුෙවි අදහස් විමසීමෙන් අනතුරුව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ නව නියෝගය ක්‍රියාත්මක කිරීමට තීරණය කැර ඇත.අලුත් පලතුරු, එළවළු හා ශුද්ධ නොකරන ලද අර්තාපල් සඳහා මෙකී විධිවිධානය බල නොපාන බවද සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රංගන ශිල්පී සුරේෂ් ගමගේඉදිරි සතියේ නම් මට අලුත් ටෙලි නාට්‍යක ෂූටින් වගේම සංගීත ප්‍රසංග කිහිපයකුත් යෙදිලා තියෙනවා. ඒ වගේම මම මේ දවස්වල මීළඟට දායක වෙන්න නියමිත චිත්‍රපටය වෙනුවෙන් ඇඟ හදාගන්න ව්‍යායාමවල නිරත වෙමින් සිටින්නේ. ඒ වෙනුවෙන් දැන් වෙනමම කෑම වර්ග තමයි මම ගන්නේ. කොණ්ඩ මෝස්තරයත් ටිකක් වෙනස් කරලා තියෙන්නේ. ඒ වගේම ඉදිරියේදී මගේ ‘ඇය ආඩම්බරයි’ ගීතය වෙනුවෙන් විෂුවල් එකක් කරන්න සූදානම් වෙනවා.විදෙස් සංචාර කිහිපයක් වගේම ඉදිරියේදී රූගත කරන්න නියමිත ටෙලි නාට්‍ය දෙකකටත් ආරාධනා ලැබුණා. මේ දවස්වල මම මගේ අලුත් ගෙදර වැඩ කටයුතු ආරම්භ කරලා නිසා ඒ ගැන හොයලා බලන්නත් ලොකු කාලයක් වැය කරන්න වෙලා.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලයිව් @ 8 ඔස්සේ ඔබ හමුවන මම නදීක කරුණානායක.ඔහු අප ආලින්දයට ගොඩ වන්නේ එහෙම කියාගෙන.නදීක කොහොමද ඔබ නිවේදකයකු වන්නේ?ඕනෑම නිවේදකයකුගෙන් ඔය ප්‍රශ්නය ඇහැව්වොත් බොහෝ දෙනෙකු දෙන පිළිතුර. මං නිවේදනය පටන් ගත්තේ ගමේ තිබුණු පුංචි පුංචි උත්සවවලදී කියන එක. ඇත්තටම මමත් ඒ සාම්ප්‍රදායට අයත්. පන්නල මගේ ගමේ මං එහෙම එනවුසිං කරනවා දැකලා එවකට ගුවන් විදුලියේ සේවය කළ ඇන්ටන් ජයමහ මහත්තයා මාව කැඳවාගෙන ගියා ගුවන් විදුලියට. එය මට දැනුණේ පාපැදියක යන්න හිටපු ගමනක් එතුමා විදුලි දුම්රියක එක් කරගෙන ගියා වගේ හැඟීමක්.එතකොට මං අ. පො. ස. උසස් පෙළ කළා පමණයි. නිවේදකයකු වන්නට පෙරුම් පිරුවත් කවදා, කොතැනින් පටන් ගන්නවාද යන හැඟීමක් මගේ සිතේ තිබුනේ නැහැ. ගුවන් විදුලියේ ‘විසිර’ සංස්කෘතික විකාශයෙත්, ‘පවන’, ‘වෙළෙඳ සේවය’, ‘ස්වදේශීය සේවයෙත්’ මං බොහෝ කාලයක් සහන නිවේදකයකු විදිහට ඉඳිමින් විවිධ වැඩසටහන් ඉදිරිපත් කළා.එතකොට ඔබ රූපවාහිනී මාධ්‍යයට පිවිසෙන්නේ?මේ කාලයේදීමයි චැනල් අයි නාලිකාවේ සිංහල ප්‍රවෘත්ති පටන් ගත්තේ. මාව ඊට සම්බන්ධ කෙරුවෙ ලාල් හේමන්ත මාවලගේ මහතා. ගුවන් විදුලියේ වගේ නෙවෙයි රූපවාහිනියේ නිවේදනය කරද්දී රූපය ගැනත් පරිස්සම් වෙන්න ඕනේ. මන්දයත් නිවේදකයකුගේ ප්‍රසන්නතාවය රූපවාහිනියේදී ඉතා වැදගත්. ඔන්න ඉතින් හා හා පුරා කියලා රූපවාහිනිය ඉදිරියේ නිවුස් කියන දවස උදා වුණා.එදා මොකද වුණේ?නියම වැඩක් තමා එදා සිද්ධ වුණේ. මට කලින් දවසේ කිව්වේ සජීවීව නැතිව කලින් පටිගත කරලා ප්‍රවෘත්ති වැඩ සටහන විකාශය කරනවාය කියා. ඒත් මම එතනට ගිහින් බොහෝ වෙලාවක් ගත වුණත් පටිගත කිරීම පටන් ගන්නා පාටක් නැහැ. 6.30 ට මට ප්‍රවෘත්ති කියන්න තියෙන්නේ. 6.15 ට විතර මෙන්න නිෂ්පාදකතුමා කියනවා සජීවීවයි මට ප්‍රවෘත්ති කියන්න තියෙන්නේ කියලා. මට දෙලෝ රත් වුණා. ඒත් මං ඒ බවක් නොපෙන්වා බොහොම සාර්ථකව සජීවීව ප්‍රවෘත්ති කිව්වා.ඊට පස්සේ?කාලයක් චැනල් අයි නාලිකාවේ හිටියා. ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති කිව්වා. අනතුරුව විධායක ප්‍රවෘත්ති නිවේදකයකු වශයෙන් සිරස නාලිකාවේ සේවය කළා. 2005 දී ස්වර්ණවාහිනියට ආවා. එදා ඉඳලා මේ දක්වා මං ස්වර්ණවාහිනියේ.ඔබව වඩාත් ප්‍රේක්ෂකයා අතරට ගියේ ස්වර්ණවාහිනියට ආවට පස්සේ?ඔව්. 2006 දී විතර ප්‍රවෘත්තිවලට පමණක් වෙන් වූ චරිත කිහිපයක් ස්වර්ණවාහිනිය හඳුන්වා දුන්නා. ඒ කණ්ඩායමේ මමත් හිටියා. එතෙක් පැවති ප්‍රවෘත්ති ආර අපි වෙනස් කළා. එහෙයින් ප්‍රවෘත්ති වැඩසටහන වගේම එහි නිවේදක නිවේදිකාවනුත් මිනිසුන් අතරේ ඉක්මනින් ජනප්‍රිය වුණා. මට සම්මාන හිමි වුණෙත් ස්වර්ණවාහිනියට ආවට පස්සේ.ඔබ ලබා ගත් ඒ සම්මාන පිළිබඳ කතා කළොත්?2006, 2011 රාජ්‍ය සම්මාන සහ 2010, 2011 සුමති සම්මාන උළෙලයන්හි හොඳම නිවේදක. 2009 ආසියානු ජනමාධ්‍ය සම්මාන උළෙලේ හොඳම නිවේදකට හිමි රන් පදක්කම.ප්‍රවෘත්ති නිවේදනය කරද්දී බොහොම අපූරු සිදුවීම් එහෙමත් වෙන්න ඇති නේද?ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. සුනාමි දවසේ ප්‍රවෘත්ති කියපු හැටි මතක් වෙද්දී තවමත් ඇඟ හිරි වැටෙනවා. එදා මහත් සංවේගයක් හිතින් දරාගෙනයි කැමරාව ඉදිරියේ හිටියේ. යුද සමයේ සිදු වූ කැබතිගොල්ලෑව බෝම්බ පිපිරීම ගැන කිව්වෙත් මම. ඒ දර්ශන දකිද්දී ඇඬෙන්න තරම් හිතට දුකයි.තව එකක්, ප්‍රභාකරන් මියගිය ප්‍රවෘත්තිය ඉස්සෙල්ලාම කිව්වෙ මමයි. එදා මගේ අතේ කිසිදු සටහනක් තිබ්බේ නැහැ. සියලුම දත්ත ගෙන මං විනාඩි 20 ක් කිසිදු කොපියක් නැතිව මං ඒ පුවත එක දිගට කිව්වා.වෙනත් වැඩසටහනක් මෙහෙයවීමට ඔබට රුචිකත්වයක් නැති හැඩයි?අනිවාර්යයෙන්ම මට වුවමනා වෘත්තීවය මට්ටමේ ප්‍රවෘත්ති නිවේදකයකු වන්න. ස්ථාවර නමක් හදා ගන්න.මොනවද නදීකගේ පුද්ගලික විස්තර?මගේ පියා ජීවතුන් අතර නැහැ. අම්මයි, බාප්පයි, අයියයි, මල්ලිලා දෙන්නයි මගේ පවුලේ ඉන්නේ. මං තාමත් පදිංචි වෙලා ඉන්නේ පන්නල.නදීකගේ හිතට මුවා වූ ආදරවන්තියක් නැතිද තවම?ඉස්සර එහෙම සම්බන්ධයක් තිබුණා. ඒත් දැන් නැහැ.අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?පන්නල ශ්‍රී සීලානන්ද දහම් පාසලේ, මොරගොල්ලේ විජිත පොඩි හාමුදුරුවෝ ඇතුළුමට මේතාක් කල් පැමිණි ගමනට වචනයකින් හෝ උදව් පදව් කළ සැමට තුති පුදනවා.- ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
චැම්පියන් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වීට නියමිතයි.බැංලෝර්හිදී පැවැත්වෙන මෙම තරඟයේදී චෙන්නායි සුපර් කිංග්ස් හා කල්කටා නයිට් රයිඩර් කණ්ඩායම් දෙක ප්‍රතිවාදීන් වනු ඇත.මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායම තරඟ වදී.කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙහෙයවනනේ ගෞතම් ගාම්බීර් විසිනි.මේ අතර කල්කටා නයිට් රයිඩර්ස් ක්ඩායමට ක්‍රීඩා කරන සුනිල් නරේන් මෙම තරඟයට සහභාගී නොවීම ප්‍රබල පාඩුවක් බව විචාරකයෝ පවසති.සුනිල් නරේන්ගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බව විනිසුරන් විසින් පැමිණිලි කිරීම නිසා ඔහුට අද තරඟයට සහභාගීවීමට නොහැකි බව වාර්තාවේ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය හෝ ලිපි කොටස ගල්සියඹලා සමගින් ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සංවාදය) Gal Siyambala (ගල් සියඹලා) Velvet Tamarind පටුන 1 හැඳින්වීම 2 විද්‍යාත්මක නාම: 2.1 ලතින් නාම: 3 සබැඳියන් 3.1 මූලාශ්‍ර හැඳින්වීම[සංස්කරණය] ගල් සියඹලා යන සිංහල නමින් හැඳින්වෙන්නේ දකුණු, අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකවේ වැවෙන පළතුරු වර්‍ගයකි. ගල් කැට (Pebble) ස්වරූපයකින් තද බවකින් යුක්ත වීම සහ සියඹලා වලට තරමක් සමාන බැවින් ගල් සියඹලා (Pronounced: Gal Siyambala; Meaning: Pebble-like/Hard Tamarind). ඇඹුල් රස මිශ්‍ර පැණි රසකින් යුක්තය. සියඹලා වලට සාපේක්ෂව පැණි රසින් වැඩි අතර මදය වියළි බවින් වැඩි පිටි/කුඩු ස්වරූපයක් ගනී. පිට බූව විල්ලුද (Velvet) ස්වරූපයක් ගන්නා සියඹලා (Tamarind) වැනි බැවින් Velvet Tamarind ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ විද්‍යාත්මක නාම:[සංස්කරණය] Dialium indum ලතින් නාම:[සංස්කරණය] Dialium Cochinchinense Dialium Ovoideum සබැඳියන්[සංස්කරණය] http://nittygrits.org/gal_siyambala http://www.agri.ruh.ac.lk/medicinalplants/medicinal_plants/families/leguminasae/plants/gal_siyambala.html මූලාශ්‍ර[සංස්කරණය] http://nittygrits.org/gal_siyambala http://www.agri.ruh.ac.lk/medicinalplants/medicinal_plants/families/leguminasae/plants/gal_siyambala.html
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිලේන්ද්‍ර දේශප්‍රියගේ කුලුඳුල් සිනමාපටය තන්හා රතී රඟා මෙම මස 17 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගත වීම ඇරැඹෙනු ඇත. සුනිල් ටී. ප්‍රනාන්දු සමඟ සම්මානනීය චිත්‍රපට නිෂ්පාදක එච්. ඩී. ප්‍රේමසිරි සමග නිලේන්ද්‍ර නිෂ්පාදනයෙන් එක් වූ මෙහි ඇති විශේෂත්වය වනුයේ සුනිල් ටී. ප්‍රනාන්දු මෙතෙක් නිෂ්පාදනයෙන් දායක වූ සිනමාපටයන් හා සසඳා බලන කළ තන්හා රති රඟා ඒ සියල්ලටම වඩා නිර්මාණාත්මක හා කලාත්මක අතින් ඉහළ ස්ථානයක් ගැනීමය.සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, දයාදේව එදිරිසිංහ සමඟ ස්වර්ණා මල්ලවආරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි, ඇඩම් ආදමලී තන්හා රති රඟා රංගනයෙන් හැඩ කරති. මෙහි කැමරාකරණය ධනුෂ්ක ගුණතිලකගෙනි.ජාත්‍යන්තර සිනමා උළෙලයන් කිහිපයකින්ම හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ මෙය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුරගේ තිර රචනයකට අනුව තැනුණකි.- ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මිනිත්තු කාලය මනින ඒකකයකි. ඔලලොසු පැයකින් 1⁄60 මිනිත්තුවක් වේ. සාමාන්‍යයෙන් මිනිත්තුවකට තප්පර 60කි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දෙවතාවක් ලෝක පාපන්දු කිරුළ හිමිකරගත් උරුගුවේ පිල සහ තුන් වතාවකදී කිරුළ දිනූ ජර්මනිය අතර මෙවර තරගමාලාවේ තුන්වැනි ස්ථානය සඳහා පැවැත්වෙන උණුසුම් තරගය අද (10) පැවැත්වේ.මේ තරගය ජර්මානු පිලේ මිරොස්ලව් ක්ලෝස්ට ඉතා වැදගත් තරගයක් වනු ඇත. ඒ ලෝක පාපන්දු තරගමාලා ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් හිමිකර ගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබූ බ්‍රසීලයේ රොනල්ඩෝග් ගෝල 16 ක වාර්තාව බිඳ දැමීමට ක්ලෝස්ට තව ගෝල දෙකක් ඉතිරිව ඇති බැවිණි.තරගමාලා 3 ක දී ගෝල 14 ක් රැස් කර සිටින ක්ලෝස්ට මීළඟ තරගමාලාව සඳහා තරග වැදීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.ජර්මනිය සහ උරුගුවේ මීට පෙර ලෝක පාපන්දු තරගමාලා ඉතිහාසයේ අවස්ථා 3 ක දී එකට හමුවී ඇත.1966 වසරේ අර්ධ අවසන් පූර්ව වටයේදී පැවැති තරගයෙන් ජර්මනිය ගෝල් 4 - 0 ක් ලෙස උරුගුවේ පරාජය කළ අතර 1970 තරගමාලාවේ තුන්වැනි ස්ථානය තේරීම සඳහා පැවැති තරගයෙන් ගේල 1 - 0 ක් ලෙස ජය හිමි වූයේ ද ජර්මනියටය.1986 තරගාමාලාවේ පළමු වටයේ දෙපිල අතර පැවැති තරගය ගෝල 1 - 1 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජූලි 30, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 211 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 212 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 154 ඉතිරිව තිබේ . This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මිල්කෝ සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන හයිලන්ඩ් කිරි පිටි මිල වැඩි කර නොමැත.මිලෙහි වාසිදායක තත්ත්වය සහ නැවුම් ගුණාත්මක තත්ත්වය හේතුවෙන් ඉල්ලුම ඉතා වැඩි වී ඇති බවත්, එම ඉල්ලුමට අනුව සැපයුම් කිරීමට තමන්ට නොහැකි බවත් සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.රට තුළ එකතු කෙරෙන නැවුම් කිරිවලින් හයිලන්ඩ් නිපදවනු ලැබේ. විශේෂයෙන් නැගෙනහිර පළාතේ ජල ගැලීම් හේතුවෙන් කිරි ගවයන් සැළකිය යුතු ප්‍රමාණයක් අහිමි වීම නිසා ලැබෙන කිරි ප්‍රමාණය පසුගිය මාස කීපය තුළ අඩු වී ඇත. එසේ වුවද ලැබෙන කිරි ප්‍රමාණය ශීඝ්‍රයෙන් වැඩි වන අතර නිෂ්පාදනය ද වැඩිවනු ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ප්‍රියන්ත ජයවර්ධන උපත කොළඹ ලංකාව ජාතිකත්වය ශ්‍රී ලාංකික අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ වෘත්තිය ජනාධිපති නීතිඥ ප්‍රසිද්ධ වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආගම බෞද්ධ ගෞරවණීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන යනු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙකි. තවද ඔහු ජනාධිපති නීතිඥ වරයෙකි. ජීවන සටහන්[සංස්කරණය] ප්‍රියන්ත ජයවර්ධන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය] ප්‍රියන්ත ජයවර්ධන ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු නීතිඥයින් හා විනිශ්චයකාරවරුන්
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
තෝමස් ක්‍රිස්ටියන් සූඩ්හෝෆ් උපත දෙසැම්බර් 22, 1955 (1955-12-22) (වයස 59) ගොටිංගන්, බටහිර ජර්මනිය ජාතිකත්වය ජර්මානු, ඇමරිකානු[1] ක්ෂේත්‍රයන් ජීව විද්‍යාව ආයතන ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය,[2] UT සවුත්වෙස්ටර්න් වෛද්‍ය කේන්ද්‍රය ශාස්ත්‍ර ශාලාව ගොටිංගන් විශ්වවිද්‍යාලය, ජෛවභෞතික රසායන විද්‍යාව පිළිබඳ මැක්ස් ප්ලාන්ක් ආයතනය ආචාර්ය උපාධි උපදේශක වික්ටර් පී. විටකර් ප්‍රසිද්ධයට හේතුව පූර්වඋපාගම නියුරෝනය, උපාගම සම්ප්‍රේෂණය සංගණ්‍ය ත්‍යාගයන් ඇල්බට් ලස්කර් මූලික වෛද්‍ය පර්යේෂණ ප්‍රදානය (2013) කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය (2013) කලත්‍රයා ලූ චෙං ආශ්‍රිත[සංස්කරණය] ↑ "Ist der Nobelpreisträger Südhof überhaupt Deutscher?". Focus. සම්ප්‍රවේශය 2013-10-07. ↑ "CAP - තෝමස් සූඩ්හෝෆ්". Med.stanford.edu. 2008-06-20. සම්ප්‍රවේශය 2013-10-07.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඉතින් කොහොමද කට්ටියට... ගොඩ කාලෙකින් දිනපොත පැත්තේ එන්න බැරි උනා මේ දවස් වල වැඩ ටිකක් වැඩියි. මම අද කියන්න යන්නේ Wi-fi Lap එකේ තියන අයට හොද දෙයක්. ඒ කියන්නේ අපේ lap එක wi-fi Hotspot එකක් කරගන්න විදිය. මෙක මට නම් වැදගත් උනේ මගේ Mobile එකෙන් Internet යන්න අමාරු කමට විසදුමක් විදිහට ඒ කියන්නේ මගේ Dialog සිම් එකට මම ඉන්න තැනට ටිකක් Signal අඩුයි Internet යන්න ගියාම හරිම Slow වෙනවා නමුත් මගේ Dongle එකේ Sim එකට හොදට Signal තියනවා වගේම ගොඩක් වේගවත්. ඉතින් අද මම කියන්න යන විදිහ භාවිතා කරලා Lap එකෙන් Mobile එකෙන් දෙකෙන්ම එකවැර Internet යන්න පුලුවන්. මේක Mobile වලට විතරක් නෙවේ තවත් wi-fi තියන Lap Mobile ගොඩකට ඔයාට මේ විදිහට Internet යන්න දෙන්න පුලුවන්. මෙකට පොඩි මෘදුකාංගයක් දාගන්න වෙනවා ඒකෙන් Lap එක Hostpot එකක් කර ගන්න පුලුවන්. මේක Crack Registration Serial Ad මොකුත්ම නෑ සම්පූර්ණ නොමිලේ දෙන මෘදුකාංගයක්. මෙකේ නම කියන්න බැරි උනානේ නම තමා MHostspot මෙක 744Kb විතර File එකක් ඒ උනාට වැඩ ගොඩක් කර ගන්න පුලුවන් මෙන්න පහලින් භාගන්න එහෙනම්MHostpot Free Download By Comeege Dinapotha (windows 8 / 7 )මෙන්න මම හදාගත්ත එක නම් ටිකක් අපැහැදිලියිහරි එහෙනම් දිනපොතත්එක්ක හැමදාම ඉන්න කියන ගමන් ගිහින් එන්නම් ඔක්කොටම ජය වේවා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගරු අනෝමා ගමගේ පාම පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රී ජාතික ලැයිස්තුව වෙනුවෙන් වත්මන් තනතුරුධාරි තනතුර දැරීම 2010 පුද්ගලික තොරතුරු දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය කලත්‍රයා(යන්) දයා ගමගේ ආගම බෞද්ධ අනෝමා ගමගේ යනු, ශ්‍රී ලාංකික දේශපාලනඥවරියක සහ, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක වෙයි. [1][2] ආශ්‍රිත[සංස්කරණය] ↑ ශ්‍රී ලංකා පාර්ලිමන්ට් ප්‍රොෆයිල් ↑ අනෝමා ගමගේ එන්ටර්ස් ද පාර්ලිමන්ට් පුද්ගලදත්ත නම ගමගේ විකල්ප නම් කෙටි විස්තරය ශ්‍රී ලාංකික දේශපාලනඥ උපන් දිනය උපන් ස්ථානය ශ්‍රී ලංකාව මියගිය දිනය මියගිය ස්ථානය
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මවුබිමට ගෙන්වා ගැනීමට ගත් තීරණය මෙරට ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ගත් නිවැරදිම තීරණයක් බව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසයි.ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් කෝටි ගණන් මුදල් ලැබුණද මවුබිම වෙනුවෙන් ක්‍රීඩා කිරීම හා ජයග්‍රහණයට දායකවීම ශ්‍රී ලංකා ක්‍රීඩාකයන් උතුම් කොට සලකනු ඇතැයි තම විශ්වාසය බව ක්‍රීඩා ඇමැතිවරයා සඳහන් කළේය. ඉන්දියාවේ දැන් පැවැත්වෙන අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් සමග ගිවිසුම්ගත ක්‍රීඩකයන් මැයි 5 වැනිදා පැමිණිය යුතු බව ක්‍රීඩා ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතා දැනුම්දීමක් කර තිබුණි.ක්‍රීඩා ඇමැතිවරයා මේ තීරණයට එළැඹියේ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව හා අලුතෙන් පත්කරන ලද ක්‍රිකට් තේරීම් කමිටුවේ ඉල්ලීමක් මතය. එම ඉල්ලීම සාධාරණ එකක් බව පිළිගත් හෙයින් ශ්‍රී ලංකාවට අයි.පී.එල්.ක්‍රීඩකයන් ගෙන්වා ගැනීම සුදුසුබව තීරණය කළේ යැයි ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා ‘දිනමිණ’ට පැවැසීය.“අයි.පී.එල්. තරගාවලියට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වසරකට පෙර සිටම එංගලන්ත සංචාරය පිළිබඳ දන්නවා. ඔවුන්ගේ කාලසටහන එංගලන්ත සංචාරයට හානියක් නොවන ලෙස සාදාගත යුතුයි.ශ්‍රී ලංකා ක්‍රිකට් සමග අයි.පී.එල්. යන ක්‍රීඩකයන් අවබෝධතා ගිවිසුමක් අස්සන් කර ඇත්තේ රට වෙනුවෙන් ඕනෑම මොහොතක ක්‍රීඩා කිරීමට එකඟවයි” ඇමැතිවරයා පැවැසීය.ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැයි මසස 26 වැනිදා ආරම්භ වීමට නියමිතය. එහෙත් ශ්‍රී ලංකා පිල හා මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත පිල සමග මැයි 14 වැනිදා සිට තුන්දින තරගයකටත්, එංගලන්ත ලයන්ස් පිල සමග මැයි 19 දා සිට සිවුදින තරගයකටත් සහභාගිවීමට නියමිතය. එහෙයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මැයි 10 දා එංගලන්තය බලා පිටත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.“එංගලන්ත දේශගුණයට හුරුවීමට දින කිහිපයක් ගතවෙනවා. ගෙවීගිය කාලයේ අපේ ක්‍රීඩකයන් සුදු පන්දුවෙන් ක්‍රීඩා කර තිබීම නිසා ටෙස්ට් තරගයේ යොදාගන්නා රතු පැහැති පන්දුවට හුරුවීමට පුහුණු තරග වැදගත්. මේ සියලු කරුණු ක්‍රිකට් තේරුම් කමිටුව පෙන්වා දුන්නා.ඒ ඉල්ලීම් සියල්ල නිවැරදියි.” අළුත්ගමගේ මහතා පැවැසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ටී.එම්.ඩිල්ෂාන්ගේ පත්වීමෙන් අනතුරුව ඔහු සමග එංගලන්ත සංචාරයට අදාල සැලසුම් සකස් කිරීමට කණ්ඩායම මෙරටදී පුහුණු සැසි කිහිපයක් පැවැත්විය යුතුව ඇතැයි ද මතයකි.මේ අතර මැයි 5 දා ක්‍රීඩකයන් එවීම පිළිබඳ ඉන්දීයක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් එඑවා ඇත. එම ලිපිය මඟින් දැනුම් දී ඇත්තේ මැයි 22 දා වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නිදහස් කළ හැකි බවය. මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් හා ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩ සටහන් සතියක් ජූලි මස 01 වැනි දින සිට 07 වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරෙන බව කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා ‘දිනමිණ’ට පැවසීය.ඩෙංගු මර්දන සතිය තුළදී ග්‍රාම නිලධාරි වසම් 15 තුළ සෝදිසි කිරීම් සිදුකෙරෙන අතර අවසන් දිනයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා කීට විද්‍යා පරීක්ෂකවරුන් ද යුද හමුදා සහ පොලිසියේ ද සහාය මත නිවාස හා සෙසු සියලු ස්ථාන පරීක්‍ෂා කිරීමේ කටයුතු සිදුකෙරේ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකළ කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා පිළිබඳව කැබිතිගොල්ලෑව පොලිසිය සිදුකරන විමර්ශන වසන් කිරීම ගැන වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකර නොපමාව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කැබිතිගොල්ලෑව ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කළේය.මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉකුත් 26 වැනිදා මේ නියෝගය නිකුත් කළ අතර නියෝගය ෆැක්ස් මඟින් අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නන්දන විජේරත්න මහතාටත් එහි පිටපත් පොලිස්පතිවරයාටත්, උතුරුමැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් යවන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් කුමාර සේකර මහතාට නියෝග කළේය. කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් කුඹුරේගම මහතා බීමත්ව රියපදවා රිය අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය මාස හතරකට අධික කාලයක් විමර්ශන වසන් කර ඇති බව පවසමින් ලැබී ඇති පැමිණිල්ලකට අවධානය යොමු කළ මහේස්ත්‍රාත්තුමන් මේ නියෝගය ලබාදී ඇත.අධිකරණයට ලැබුණු පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ 2010.12.25 දින රාත්‍රියේ පොලිස් පරීක්‍ෂකවරයා බීමත්ව රිය පදවා කැබිතිගොල්ලෑව නගරාසන්නයේ දී අනතුරක් සිදුකර තුවාල ලබා පසුව කැබිතිගොල්ලෑව රෝහලට රාත්‍රි 8.30 ට ඇතුළත්ව ඇති බවත්, ඔහු එදිනම පරීක්ෂා කළ කැබිතිගොල්ලෑව මූලික රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යවරයා වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇත්තේ පොලිස් පරීක්‍ෂකවරයා තුවාල ලබා රෝහල් ගතවූ බවත් ඒ වනවිටත් ඔහු බීමතින් වෙරිවී සිටි බවත් ය.මේ පිළිබඳව කැබිතිගොල්ලෑව පොලිසියට දැනුම් දෙන ලෙස අදාළ වෛද්‍ය වාර්තාවේ සඳහන් කළත් ස්ථානාධිපති වරයා රෝහලේ පහසුකම් ප්‍රමාණවත් නොමැති බව පවසා වෛද්‍ය උපදෙස් ද නොතකා එදින රාත්‍රියේම පදවිය රෝහලට පලාගොස් ප්‍රතිකාර ලබාගෙන ඇති බවද අධිකරණයට කර තිබූ පැමිණිල්ලේ සඳහන් ය.මේ අනතුර පිළිබඳව කැබිතිගොල්ලෑව පොලිසිය හා රථවාහන අංශය මාස හතරකට අධික කාලයක් එහි විමර්ශන සිදු නොකර අධිකරණයට කරුණු වාර්තා කිරීම වසන්කර ඇති බව අදාළ පැමිණිල්ලේ සඳහන් ය.අධිකරණයට යොමුකර ඇති පැමිණිල්ල සමඟ පොලිස් පරීක්‍ෂක වරයා රෝහලට ඇතුළත් කළ 6481/2010 දරන පත්‍රිකාවද ඡායා පිටපත් කර අධිකරණයට යොමුකර තිබේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා මගින් ලංගමයේත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති රාජිත සේනාරත්න මහතා මගින් ධීවර අමාත්‍යාංශයේත් රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් තරුණ තරුණියන්ගෙන් වංචා සහගතව මුදල් ලබා ගත් බව කියන පුද්ගලයෙකු අළුත්ගම පොලිසිය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගෙන ඇත.මොහු අළුත්ගම කන්දේ විහාරය පාරේ පදිංචිකරුවෙකි.ධීවර අමාත්‍යාංශයේ රැකියාවක් ලබා දෙන බව පවසා වැලිකන්ද අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගෙන් රුපියල් 30,000ක මුදලක් ද, ලංගමයේ රැකියාවක් ලබා දෙන බව කියමින් තවත් තරුණයෙකුගෙන් රුපියල් 5000ක මුදලක් ද ලබා ගත් බවට ලැබුණු පැමිණිලි අනුව මොහු අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (26) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.අළුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රවිදු සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂකවරුන් වන පි‍්‍රයංක සිල්වා හා තිරිමාන්න, සැරයන් (14504) රාජකරුණා යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
(01)youtube videos download කර දෙන keeptube(02)තම web site එකට එන්නන් ගණන කර ගැනීමට easycounter(03)බෙහෙත් වල අතුරු අභාධ සොයා ගැනීමට drugcite(04)තම IP Address එක සොයා ගැනීමට whatsmyipaddress(05)web අඩවියකimage සියල්ල download කරගැනීමට scrapii(06)passport හෝ ID photos සාදා ගත හැකි idphoto4you(07)Video කොන්ෆරන්සින් කල හැකි anymeeting(08)තම desktop එක එකවර 10 දෙනෙක්ට share කල හැකි pocketmeeting(09)චායාරුපයක් cartoon රුපයක් බවට පත් කිරීමට mywebface(10)විවිධ භාෂා වල වචන උච්චාරණය කරන ආකාරය පෙන්වන forvo(11) පහසුවෙන් ගැලීම් සටහන්(Flow Chats) සැදිය හැකිgliffy(12) Social Network(Facebook/Twitter/Google + ) එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙන(13)Social Network(Facebook/Twitter/Google + ) එකවුනට් සියල්ල එකම තැනකට ගෙනත් දෙනyoona(14) Files Upload කර තැබිය හැකිletscreate(15) අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි අතරින් විශ්වසනීය වෙබ් අඩවි පෙන්වනmywot(16) Online ක්‍රමයට සමීක්ෂණ පැවත විය හැකිsurveymonkey(17) මනරම් ලෙස ජීව දත්ත (Bio Data) සාදා ගැනීමටceevee(18) ඕනෙම format එකක ඇති files තවත් format එකකට convert කර ගැනීමටzamzar(19) තමන් ලියපු වචනය හඩනගා කියවනispeech(20) නොමිලේකොන්ෆරන්සින් calls ගත හැකිrondee(21) online photo edit කල ගැනීමටcitrify(22) තම විවිධ අන්තර්ජාල accounts වල password මතක තබා දෙනpasspac(23) නොමිලේ E Mail කැම්පේන් කර ගැනීමට පහසුකම් සලසනmailchimp(24) Audio Clip Uplode කර තබා ගැනීමට ඉඩ දෙනsoundcloud(25) තාවකාලික E Mail ගිණුමක් සද ගත හැකි10minutemail(26) Online සිංහල-ඉංග්‍රීසි හාඉංග්‍රීසි-සිංහල ඩික්ෂනරියක් වනmaduraonline(27)තමන්ගේ E Mail හැසිරීම ප්‍රස්ථාරිකව පෙන්වන(28) ලොව ඕනෑම මුදල් ඒකකයක් තවත් මුදල් ඒකකයකට පරිවර්තනය කර දෙනcoinmill(29) සිංහල වචන වල තේරුම සොයා දෙනsinhaladictionary(30) එදිනෙදා කිරීමට ඇති වැඩ ගැන පහසුවෙන් ලයිස්තු සද ගත හැකිtodo(31) වෙබ් අඩවි වල හිමිකරුවන් පිළිබද විස්තර සොයා දෙනwhois(32) නොමිලේ games download කර ගත හැකිgametop(33)E mail සංවිධානය කර දෙනzenbe(34)සෙවුම් වචනයේ තේරුම පෙන්වනpowerset(35)ජාත්‍යන්තර පුවත් අලුත් තලයකට ඉදිරිපත් කරනhubdub(36)එදිනෙදා වැඩ සිහිගන්වන notes දැමිය හැකිstixy(37)රූපවාහිනී වැඩසටහන් නැරබීමට ඉඩ සලසා දෙනfancast(38)තමන් කැමති slide show සැදීමටcapzles(39)online කන්ටෙන්ස් හුවමාරු කිරීමටshifd(40)විවිධ PC Games ලබා දෙනpogo(41)තමන්ගේම සර්වරයක් නැතුව පරිගණක ගණනාවක් සමග වැඩ කළ හැකිsocius(42)පහසුවෙන් පරිහරණය කළ හැකි data base සද ගැනීමටblist(43)PC එකෙන් තමන් කළ වැඩ විශ්ලේෂණය කර ගැනීමටwakoopa(44)සිංහලෙන් internet එකේ search කර දෙනsasrutha(45)විශාල files ඊ මේල් කළ ගැනීමටfilemail(46)තම සංගීත නිර්මාණ ලොවටම විවර වල ගැනීමටmixmtatch music(47)සම්පුර්ණ ප්‍රශ්නයකට පිළිතුරු දෙන search engin එකක්find how(48)පහසුවෙන් ප්‍රස්ථාර හා වගු සැදිය හැකිvizlytics(49)screen share කළ ගැනීමටscreentoaster(50)online හමුවීම් පහසු කරනfuze meeting(51)blog එකට ඔරලෝසුවක් දම ගැනීමටclock link(52)slide show සාදා ගැනීමටslide(53)online data base එකක් තැන ගත හැකිinfodome(54)දීර්ග URL කෙටි කර ගත හැකිtinyurl(55)නොමිලේ blog අඩවි සැදීමට හැකි(56)අලංකාර ලෙස online ෆොටෝ edit කිරීමටpicnic(57)තොරතුරු backup කර දෙන(58)ඕන හැටියට PDF තනා දෙන(59)ඉංග්‍රීසි වචන උචාරණය කර පෙන්වන(60)එදිනෙදා වැඩ SMS මගින් සිහි කර දෙනhttp://geek.lk/Naveenසහෝදරයාගෙන් උපුටා ගැනීමකි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දැන් කාටත් මාර චූන්ය. ඒ තමන්ගේ පාලකයා තෝරාගැනීමේ අවස්ථාව ලැබී ඇති බැවිනි. රටේ නායකයා තෝරාගන්නවා යනු ලෙහෙසි කටයුතුක් යැයි මා නම් සිතන්නේ නැත. දැන් ඒ ගැන බොහෝ දෙනා කතා කරන්නේ වෙනත් කිසිදු වැඩක් තමන්ට ඇතැයි නොසිතමිනි. රටේ පාලකයා පත්කළ යුත්තේ කතා කරමින් නොව ඡන්දය පාවිච්චි කරමිනි. මේ බව අපේ බොහෝ දෙනකු එක්කෝ දන්නේ නැත. නැතිනම් ඒ ගැන හිතන්නේ නැත.කෙසේ වෙතත් දැන් තිබෙන්නේ අපූරු සංදර්ශනයකි. හැමෝම හිතන්නේ ඔළුගෙඩි ටික ඒ පැත්තට මේ පැත්තට මාරු කරලා ඡන්දය දිනන්නය. ඔවුන් එසේ සිතීම ද නිවැරදිය. මට හිතෙන හැටියටනම් මෙරට මජහනයා තමන්ගේ ඡන්දයේ නියම වටිනාකම නොදන්නා බැවින් ඔවුන් එසේ කරයි.ඒ පැත්තට මේ පැත්තට පනින්නන්ට කිසිදු ස්ථිර ප්‍රතිපත්තියක් නැත. එයට හොඳම උදාහරණය පසුගිය දා පැන්න විපක්ෂයේ ප්‍රබලයෙකි. ඔහු පනින්නට දින කිහිපයකට පෙරත් ආණ්ඩුව පතුරු ගැහුවේය. දැන් අන් සියළු දෙනාට වඩා ආණ්ඩුවේ ගුණ ගයන්නේ ඔහුය.මේ අපේ රටේ තකතීරු දේශපාලනයයි. මේ විහිළු බලා සිට අපේ අය ද තකතීරු විදියට ඡන්දය පාවිච්චි කරන බව පසිගිය සෑම මැතිවරණය ක දී ම අපට පෙණුනේය. අපි ඡන්දය දිය යුත්තේ වැඩිපුර පිරිසක් පැන එකතු වූ පක්ෂය ට ද . පැනීමේ රැල්ලට ද .නැත අපි තෝරන්නේ ඒ අවස්ථාවාදීන්ගේ බඩගෝස්තරය වර්ධනය කළ හැකි නායකයා නොවේය. අපේ නායකයාය. අපේ නායකයා තෝරන්නට ඒ කිසිවක් අපට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අපේ සිහි බුද්ධියෙන් හිතා බලා ඡන්දය දිනයේ පැන්සල් කොටය භාවිතා කිරීම පමණි.අඩුම ගණනේ රටේ නායකත්වය වෙනුවෙන් තරඟයක් දිය හැකියැයි සිතිය හැකි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන, අරමුණු අපේක්ෂාවන් හා අතීතයේ කළ කී දෑ ගැන සොයා බලා සිතා බලා තක්සේරු කර ඡන්දය දෙන්නට අපි පුරුදු වෙමුනමුත් වේදනාව වන්නේ එය එසේ සිදු නොවීමයි. අද ලංකාවේ බොහෝ දෙනාගේ දේශපාලනය පැවත එන්නේ පවුලෙනි. ඒ බණ්ඩාරනායක පවුල හෝ රාජපක්ෂ පවුල හෝ සේනානායක පවුල ගැන හෝ කීවක් නොවේ.තාත්තාගේ අම්මාගේ දේශපාලන දර්ශනය පුතාට හෝ දුවට ලැබීමයි. ඔවුන් දන්නේ තාත්තාගෙන් හා අම්මාගෙන් ඇසුණු දේශපාලන දර්ශනයක් පමණි. ඉන් එහාට සිතුවානම් සිතුවේ අම්මලා තාත්තලා නොකළ දේශපාලනයක් කළ ජේවීපී කාරයෝය. මේ පවුල් දේශපාලන ක්‍රමය නිසා ම ලංකාවේ යූඑන්පී කාරයෝ හා එස්එල්එෆ්පී කාරයෝ කියා හංවඩු ගැසුණු අය සිටිති. ඉන්නේ ඔවුන් පමණක් නම් රටේ කෝටි ගණන් මුදල් වියදම් කර ඡන්දයක් තිබිය යුතු නැත. අවශ්‍ය වන්නේ ජන සංඛ්‍යාලේඛණ දත්ත පමණි.නමුත් එසේ නොවේ. ඉදහිට එක් පැත්කට හෝ අනෙක් පැත්තකට ඡන්දය දෙන්නවුන් සිටිති. නැතිනම් නොදීම ඉන්නවුන් ද කුරුටු ගාන්නවුන් ද සිටිති.මා නම් සිතන්නේ සැවොම ඡන්දය භාවිතා කළ යුතුය. තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය දිය යුතුය. මේ කැමැත්ත තීරණය විය යුත්තේ වැඩි දෙනාගේ කැමැත්ත ලැබීම අනුව නොව ප්‍රතිපත්ති හා ඔවුන් ගැන විශ්වාසය තැබීමේ හැකියාව මතය.රැල්ලට, පරණ පුරුද්දට, ඡන්දය නොදී අනාගතය, ප්‍රතිපත්ති, හැකියාව ගැන සොයා බලමු.ඡන්දයක නියම ප්‍රයෝජනය ගනිමු.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත උතුරු පළාත දිස්ත්‍රික්කය වවුනියාව දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) වවුනියාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ, වවුනියාව දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. පටුන 1 ජනගහනය 2 ග්‍රාම නිළධාරි වසම් 3 ආර්ථිකය 4 ප්‍රාදේශීය ලේකම්වරුන් 5 ආශ්‍රිත ලිපි 6 මූලාශ්‍ර ජනගහනය[සංස්කරණය] ග්‍රාම නිළධාරි වසම්[සංස්කරණය] ආර්ථිකය[සංස්කරණය] ප්‍රාදේශීය ලේකම්වරුන්[සංස්කරණය] ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ශ්‍රී ලංකාවේ පළාත් ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක මූලාශ්‍ර[සංස්කරණය] Divisional Secretariats Portal
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු හා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ දයා ටී. පස්කුවල් මහතා ඊයේ (21) අභාවප්‍රාප්ත විය.මිය යන විට 101 වන වියේ පසු වූ ඒ මහතා ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙසද කටයුතු කළේය. දේහය මතුගම නෑබඩ පාරේ පස්කුවල් නිවසේ තබා ඇත.1912 ජුනි මස 09 වන දින මතුගම ඌරාගොඩ වැලිපැන්න ග්‍රාමයේදී උපත ලද නමින් දයාසේන ටර්නෝලිස් පස්කුවල් නම් වූ ඔහු දොන් දාවින් පස්කුවල් අප්පුහාමි 4 මහතාගේ සහ කන්නන්ගර කෝරලලාගේ දෝන ඛෙමා නෝනා මහත්මියගේත් කුළුඳුල් දරුවා විය. ඔහුට බාල සහෝදර සහෝදරියන් එකොළොස් දෙනෙක් විය.දයා ටී පස්කුවල් නමින් ප්‍රසිද්ධියට පත් ඔහු පළමුවෙන්ම මතුගම රජයේ සිංහල පාසලෙන් අකුරු කරන ලදී. ඉංග්‍රීසි අධ්‍යාපනයට ඔහු තුළ වූ ඇල්ම හා දැඩි කැමැත්ත නිසා කළුතර හෝලික්‍රොස් විද්‍යාලයට ඇතුළත් වී ඇත. පසුව කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ඇතුළත් වූ ඔහු කේම්බ්‍රිජ් සීනියර් විභාගය සඳහා ද සූදානම් වී ඇත.දෙවන ලෝක යුද්ධය නිසා එම කඩඉම ජය ගැනීමට ඔහුට නොහැකි වී ඇත.1935දී හොරණ බටුවිට විද්‍යාලයේ ඉංග්‍රීසි උපගුරුවරයෙකු වශයෙන් වෘත්තීය ආරම්භ කළ පස්කුවල් මහතා එහි මාස නවයක කාලයක් සේවය කර නැවත කොළඹ ආනන්ද ශාස්ත්‍රාලයේ උපගුරුවරයකු ලෙස මාරු විය.මේ අවස්ථාව වන විට දෙවන ලෝක යුද්ධය උග්‍ර අතට පත්වෙමින් පැවති බව එතුමා කියා ඇත. ඒ කාලය වන විට කොළඹ පාසල් වහන තත්ත්වයක් උදා විය. ඒකාලේ ආනන්ද ශාස්ත්‍රාලයේ ශාඛාවක් මතුගම පිහිටුවීමට මෙතුමා විසින් යෝජනා කර ඇත.ගුරු තනතුරේ සේවය කරන කාලයේ මුල්මාස කීපයක් පමණක් වැටුප් ලබා ඇති පස්කුවල් මැතිතුමා අනතුරුව වැටුප් පවා නොගෙන සේවය කර ඇත.මෙවැනි උදාර ගුණසම්පන්න ගුරුභවතෙකු වන දයා ටී පස්කුවල් මැතිතුමාග් දේශපාලන ජීවිතයද සැප සම්පත්වලින් පිරුණු එකක් නොවේ.එතුමා පස්දුන් කෝරලයට ඉමහත්කීර්තියක් හා ආදර්ශයක් දුන් ගුරු නායකයකු මෙන්ම මුළු මහත් දේශයටම ගෞරවාන්විත සේවයක් කර ඇත.1943 දී තම දේශපාලන ජීවිතය ආරම්භ කරන පස්කුවල් මහතා මතුගම ගම්කාර්ය සභාවේ සභිකයකු ලෙස තේරීපත්වී ඇත. 1956 දී මතුගම කොට්ඨාසයෙන් පාර්ලිමේන්තුවට පිවිසි දයා ටී. පස්කුවල් මැතිතුමා මංමාවත් තැනීමේ පුරෝගාමියෙකු විය.1960 මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයගත් දයා ටී. පස්කුවල් මහතා පළාත් පාලන උප ඇමැති ධුරයට පත් විය. පසුගිය වසරේ මනුස්ස ජීවිතයේ සියවසක් ආයු වැළඳූ දයාටී පස්කුවල් නම් වූ මේ උදාර ජන නායකයා වසර 101ක් ආයු වළඳා 2013 05 21 වන දින දැයෙන් සමුගන්නට විය. ඒ සම්බන්ධව කෙටි සටහනකි මේ. එතුමාට නිවන් සුව අත්වේවා!.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගොනුව:125px-Flag of Equatorial Guinea.svg.png කොඩිය ආදර්ශ පාඨය සහෝදරත්වය, සාමය හා නීතිගරුක බව සිතියම ගොනුව:250px-Location Equatorial Guinea AU Africa.svg.png අගනුවර සහ විශාලම නගරය මාලබෝ උතුරු අක්ෂාංශ 3°45′ නැගෙනහිර දේෂාංශ 8°47′ රාජ්‍ය භාෂා ස්පාඤ්ඤ, ප්‍රංශ සහ පෘතුගීසි රාජ්‍ය පිළිගත් භාෂා 85.7% ෆැන්ග්, 6.5% බ්‍යුබ්, 3.6% (ම්) ඩෝව්, 1.6% අනොබොන්,1.1% බියුජිවා, 1.4% අනෙකුත් (ස්පාඤ්ඤ) රාජ්‍යය ජනාධිපති සමූහාණ්ඩුව ජනාධිපති විබඩොරෝ ඕබිඅන්ග් අගමැති ඉග්නීෂියෝ මිලාම් නිදහස ස්පාඤ්ඤයේ සිට ඔක්තෝම්බර් 12, 1968 වර්ග ප්‍රමාණය එකතුව වර්ග කිලෝමීටර 28.051, වර්ග සැතපුම් 10, 828 ජනගහනය 2009 තක්සේරුව 676,000 ඝනත්වය වර්ග කිලෝමීටර 24.1 / 1, වර්ග සැතපුම් 62.4 දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව එකතුව ඩොලර් බිලියන 22.389 සාමාන්‍ය ඩොලර් 18.058 දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව එකතුව ඩොලර් බිලියන 18.525 සාමාන්‍ය ඩොලර් 14,941 ගිනි (2008) 46.1 (9) (ඉහළ) මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.719 (මධ්‍යය) මුදල් මධ්‍යම අප්‍රිකානු CFA, ප්‍රංශ (XAF) මං තීරුව දකුණ අන්තර්ජාල TLD .gq දුරකථන සංකේත 240 ඉක්වටෝරියල් ගිණියා නොහොත් ඉක්වටෝරියල් සමූහාණ්ඩුව මධ්‍යම අප්‍රිකාවේ පිහිටි රටකි. භූමි ප්‍රමාණය වර්ග කි.මී. 28,000 වන අතර අප්‍රිකානු ප්‍රාන්තයේ කුඩාම රටකි. එය සමහර EU රටවල් අතර දල ආදායම අතින් සෞභාග්‍යමත් රටකි. එය ලිබියාවට හා දකුණු අප්‍රිකාවට ඉදිරියෙන් සිටී. මේ සාම්ප්‍රදායිකව වර්ධනය වූ අප්‍රිකානු රටවල් දෙකකි. මෙහි මෑතක සිදුකළ සංගණනයට අනුව ජනගහනය 1,014,999 කි. ඒ මහාද්වීපික ප්‍රදේශයක් (රියෝ මුනි) හා කුඩා දුපත් වන තොරිස්නෝ, එලෝබි, ග්‍රන්ඩේ සහ එලෝබි ඩිකෝ සහ ඉන්සුලා ප්‍රදේශයයි. අනොබන් දූපත් සහ බිතෝ දූපත් (මුලින් ෆෙනෑන්ඩෝ වෝ), බාලඹේ අගනගරය පිහිටි අනෝබාන් ඉක්වටෝරියල් ගිනියාහි වඩා දකුණට වූ දූපත් වන අතර, මෙම රාජ්‍යය සමකයට දකුණට වන්නට පිහිටා ඇත. ඉක්වටෝරියල් ගිනියාහි උතුරු තුඩුව ලෙස බියෝතෝ දූපත සඳහන් වේ. දූපත් දෙක අතර නැගෙනහිරට වන්නට පිහිටියේ මේන්ලන්ඩ් ප්‍රාදේශිකයයි. ඉක්වටෝරියල් ගිනියාවට උතුරින් කැමරූන් මායිම් වන අතර දකුණු දෙසින් නැගෙනහිර ගැබෝන්ද බටහිරින් ගල්ෆ් ගිනියාවද පිහිටයි. සාබෝ ටොමෝ දූපත්, ප්‍රින්සිපේ බියාතෝ හා ඇනෝබොන් අතර පිහිටා ඇත. මෙහි රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ භාෂාව වේ.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වයස අවුරුදු හයක් වූ දැරියක් මාපිය භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා දූෂණය කිරීම යන චෝදනාවනට වරදකරු වූ එම දැරියගේ බාප්පා (පුංචි අම්මාගේ සැමියා ) බරපතළ වැඩ ඇතිව වසර 27ක් සිර ගත කරන ලෙස නියම කළ කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා ඔහුට රුපියල් 30 දාහක දඩයක්ද නියම කළේය.මෙසේ දඬුවම් නියම වූයේ වික්‍රමාරච්චිලාගේ ජයලත් නමැත්තෙකුටය.2004 පෙරවාරි මස 26 වැනි දින හැඬිගල්ලේදී වයස අවුරුදු 6ක දැරියක් මාපිය භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා දූෂණය කිරීම යන චෝදනා මත නීතිපතිවරයා විසින් මොහුට එරෙහිව මේ නඩුව පවරා තිබුණි.මින් පළමුවැනි චෝදනාව සඳහා බරපතළ වැඩ ඇතිව වසර 7ක සිර දඬුවමක් ද රුපියල් 10 දාහක දඩයක්ද නියම කළ විනිසුරුවරයා දඩය නොගෙවන්නේනම් වසරක සැහැල්ලු සිර දඬුවමක්ද නියම කළේය.දෙවන චෝදනාව සඳහා වසර 20 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 20 දාහක දඩයක් නියම කළ විනිසුරුවරයා දඩය නොගෙවන්නේනම් වසරක සැහැල්ලු සිර දඬුවමක් නියම කළේය.මේ සිද්ධිය වනවිට විත්තිකරු 31 වැනි වියේ පසු වූ තිදරු පියෙක් බවත් වෙරළු කඩා දෙන්නම් යැයි පවසා දැරිය රබර් වත්තකට ගෙන ගොස් මෙසේ අපරාධය සිදුකර ඇති බවත් නඩු විභාගයේ දී අනාවරණය විය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වත්තල ශාන්ත ආනා දෙව්මැදුර ඉදිරිපිට ඇති පදික වේදිකාව දහස් ගණන් ජනතාව සිය ගමනාගමන අවශ්‍යතාවලදී පාවිච්චිකරයි.මේ පදික වේදිකාව සකසා ඇත්තේ කාණුවට කොන්ක්‍රීට් ලෑලි යෙදීමෙනි. මෑතක සිට මේ පදික වේදිකාවේ එක කොන්ක්‍රීට් ලෑල්ලක් නැතිවීම නිසා එම ස්ථානය මරු කපොල්ලක් වී තිබේ.පාසල් දරුවන් සිය ගණනක්ද ඉරිදා පොළට පැමිණෙන ජනතාවගෙන් වැඩි පිරිසක් ද මේ වේදිකාව භාවිතා කරයි. කිසියම් සුළු වැරදීමක් නිසා මිනිසුන් මේ කාණුවට ඇදවැටී තුවාල සිදුවිය හැකිය. මෙය නොපමාව යථා තත්ත්වයට පත්කිරීමට අදාළ බලධාරීන් හෝ වත්තල මාබෝල නගර සභාවේ නිලධාරීන්ගේ අවධානය යොමුවේවායි ජනතාව ප්‍රාර්ථනා කරති. ඡායාරූපය-හැඳල විශේෂ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හාවේ ජලාශය, නවසිලන්තය. මිරිදිය ජලය හා එහි කාබනික දිවිය අධ්‍යයනය කිරීමේ ශාස්ත්‍රය. මෙය ජල විද්‍යාවහි ශාඛාවක් වන අතර ගොඩදිය (ගලා යන, ගලා නොයන, නැවුම් හා ලවණ ජලය) ජලයේ ජීව විද්‍යාත්මක, කායික, රසායනිත භූ විද්‍යාත්මක ජල විද්‍යාත්මක පැති කඩ සලකයි. මෙයින් ස්වභාවික හා මිනිසා විසින් නිෂ්පාදිත වැව්, පොකුනු, ගංඟා, ඇල දොල තෙත් බිම් වගුරු බිම් පිළිබඳ අධ්‍යයනය කරයි. මෙය ජල ජීව විද්‍යාවට සමීප සම්බන්ධකම් කියති. (ජල ජීව විද්‍යාවෙන් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, භූ විද්‍යාව හා භූ ගෝල විද්‍යාව පරිසර විද්‍යාවෙහි ප්‍රශ්නවලට බලපාන ආකාරය අධ්‍යයනය කරයි. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Limnology
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මම දැන් කලා කටයුතු සඳහා නම් දායක වෙන්නේ නැහැ. ගෙදරට වෙලා පුංචි පුතා සමඟිනුයි කාලය ගත කරන්නේ. පුතාට දැන් වයස අවුරුදු එක හමාරක් වෙනවා.එයාගේ සුරතල් සමඟින් දවස ගත වෙනවා දැනෙන්නේ නැහැ. ඒ නිසා හරිම සතුටින් කාලය ගත කරන්නේ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සිනමාව කියන්නේ ඕක තමයි.නිලුකා ඔයාට එහෙම කියාපු කෙනාගේ පින්තූරයක් එවන්නකෝ. මානසික රෝහලකින් පැනපු කෙනෙක් ද දන්නේ නැහැ.අංක 224/2,හයිලෙවල් පාර,නාවින්න,මහරගමකපූර් පවුල කියන්නේ ඉන්දීය සිනමාවේ දැවැන්තම සිනමා පවුලක්. පළමු හින්දි කතා නාද චිත්‍රපටය ‘අලම් අරා’ චිත්‍රපටයේ සිට කපූර් පවුල සිනමාවට සම්බන්ධ වෙනවා. ප්‍රීති විරාජ් කපූර්ගේ පුතුන් තිදෙනා රාජ්, ශම්මි සහ ශෂී. මේ අතරින් වැඩිමලා රාජ්ට ද පුතුන් තිදෙනෙකි. රන්දීර්, රිෂි, රජීව් යන මේ තිදෙනාත් ජනප්‍රිය නළුවන්. රාජ් කපූර් විවාහ වූයේ සුප්‍රකට සිනමා නළු ප්‍රේම්නාත් සහ රාජ්න්ද්‍රනාත්ගේ සහෝදරිය සමඟිනි. රාජ්ගේ පුතුන් අතරින් රන්දීර් විවාහ වූයේ බබීතා නම් ජනප්‍රිය නිළිය සමඟිනි. ඔවුන්ට ද දියණියන් දෙදෙනෙකි. කරිෂ්මා සහ කරීනා ඒ දියණියන් දෙදෙනායි. රිෂි කපූර් විවාහ වූයේ නිළි නිතු සිං සමඟිනි. ඒ දෙපොළගේ පුත්‍රයා ජනප්‍රිය නළු රන්බීර් කපූර්ය.ශම්මි කපූර්ගේ මුල් විවාහය සිදු වූයේ සුප්‍රකට නිළි ගීතා බාලි සමඟයි. ප්‍රීතිවිරාජ් ගේ බාල පුත්‍රයා ශෂි කපූර් නිළි ජෙනිෆර් කැන්ඩෝල් සමඟ විවාහ වූ අතර කුනාල්, කරන් සහ සංජානා යන ඔවුන්ගේ දරුවන් ද සිනමාවට පිවිසි නළු නිළියන්. රාජ් කපූර්ගේ දියණිියගේ පුතු විවාහ වූයේ අමිතාබ් බච්චන්ගේ දියණිය වූ ස්වේතා සමඟිනි. කපූර් පවුල ගැන සවිස්තර විස්තරයක් ලියන්න සරසවිය පුවත්පත ඉඩ මදි.මේ ගැන මට අදහසක් පළ කරන එක සදාචාරාත්මක නැහැ. මොකද මම චිත්‍රපටයේ විවේක වේලාවේදී නැගිටලා ගියා.එදා චිත්‍රපටවලත් මං රසයක් වින්ඳා. හැබැයි මට අතීතයේ ජීවත් වන්නට බැහැ.මේ නම් දෙකෙන්ම හැඳින් වූයේ එක් අයෙක්. ඔහු ‘මහ රෑ හමුවූ ස්ත්‍රිය’ හා ‘උතුම් ස්ත්‍රිය’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ කේ. වෙන්ගඩසාලම් නමින්. ඔහුගේ සෙසු චිත්‍රපට ‘අද මෙහෙමයි’, ‘ගොපළු හඬ’, ‘දමයන්ති’, ‘නිලූකා’, ‘සිරිපතුල’ හා ‘මගේඅම්මා’ චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ කේ. වෙන්කට් නමින්.මර්වින් සේනාරත්න.එය රචනා කළේ ශ්‍රේෂ්ඨ නිසා.එම ගීතය අපේක්ෂා චිත්‍රපටයේ ගීතයක්.මේ සඟරාව තවමත් ලංකාවට එනවා. එදා වගේම අදත් ඇතැම් පුවත්පත් විකුණන ස්ථානවල තිබෙනවා මා දැක තිබෙනවා.චිත්‍රපට තාත්වික වුණොත් නම් විසිල් ගහන්නෙම නැහැ. මගේ කල්පනාව අද ප්‍රේක්ෂකයන් බුද්ධිමත් නිසා විසිල් ගහන්නේ නැහැ. ඒ වෙනුවට ගොරවනවා.ලතා මංගේෂ්කාර්.සුරංගනී, සුරතලී, සුන්දර බිරිඳ, සුනීතා, සුජාගේ රහස. ඔහු නිපද වූ හැම චිත්‍රපටයක්ම අධ්‍යක්ෂණය කළේ ඉන්දියානුවන්. ඒ වගේම ඒ හැම චිත්‍රපටයකම නම ‘සු’ අකුරෙන් ඇරැඹීමත් විශේෂයි.සැකසුම – යතේජා ඥානරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලංකා වෙළඳ සේවක සංගමයේ මහ ලේකම් අභාවප්‍රාප්ත බාලා තම්පෝ මහතා සියලු වර්ග භේදයන්ගෙන් තොරව කම්කරු ජනතාවගේ ව්‍යායාමයන් උදෙසා සේවය කළ විශිෂ්ට වෘත්තීය සමිති නායකයෙකු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.වැඩකරන ජනතාවගේ ප්‍රගතිය උදෙසා කැප වී සේවය කළ දක්ෂ නායකයෙකු මෙන්ම අධිරාජ්‍යවාදී පාලනයට එඩිතරව සටන් වැද රටේ ජනතාවට ළැදි සවිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් බිහි කිරීමට කැපවීමෙන් සටන් කළ ජාතියේ පුත්‍රයෙකු අහිමි වූ බව පෙන්වා දෙන ජනාධිපතිවරයා බාලා තම්පෝ මහතාගේ අභාවය නිමිත්තෙන් නිකුත් කළ ශෝක පණිවිඩයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් කරයි.ශ්‍රේෂ්ඨ වෘත්තීය සමිති නායකයෙකු මෙන්ම වැඩ කරන ජනතාවගේ වීරවරයකු ද වූ බාලා තම්පෝ මහතාගේ අභාවය සම්බන්ධයෙන් මා මේ ශෝක පණිවිඩය නිකුත් කරන්නේ දැඩි සංවේගයෙනි. මිය යන විට අනූ දෙහැවිරිදි වියේ පසු වූ තම්පෝ මහතා වෙළෙඳ අංශයේ විශාලතම වෘත්තීය සමිති සංගමය වන ලංකා වෙළෙඳ සේවක සංගමයේ මහ ලේකම් ලෙස වසර 66කට වැඩි කාලයක් සේවය කළේය.ඔහුගේ මහඟු වෘත්තීය සංගම් කාර්යභාරය ආරම්භ වූයේ 1947 වැඩ වර්ජනයට සහභාගී වීම නිසා විශ්වවිද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ උද්භිද විද්‍යා කථිකාචාර්යවරයෙකු වශයෙන් කළ සේවය එවක සිටි පාලක අධිරාජ්‍යවාදීන් සහ ඔවුන්ගේ හවුල්කරුවන් අහිමි කිරීමෙන් පසුවය. වෘත්තීය සමිති කටයුතු සහ වාමාංශික දේශපාලනයේ නියුතු වූ තම්පෝ මහතා පළමුව ලංකා සම සමාජ පක්ෂෙය් ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙනුත් පසුව ලංකා වෙළෙඳ සේවක සංගමයේ නායකයා වශයෙනුත් සියලු වර්ග භේදයන්ගෙන් තොරව කම්කරු ජනතාවගේ ව්‍යායාමයන් උෙදසා සේවය කළේය.පශ්චාත් ස්වාධීන යුගයේ වෘත්තීය සමිති අරගලයන්ට එඩිතර නායකත්වයක් දුන් ඒ මහතා ලංකා වෙළෙඳ සේවක සංගමය සහ ස්වාමි සම්මේලනය අතර සාමූහික ගිවිසුමක් ප්‍රථම වරට ඇතිකරගැනීමෙන් වෙළෙඳ සේවක අයිතිවාසිකම් දිනා ගැනීමට මහඟු සේවයක් කළ අතර එම ගිවිසුම සෙසු වෘත්තීය සමිතිවලට ද පූර්වාදර්ශයක් ගෙන දුනි.අභාවප්‍රාප්ත ඒ.ඊ. ගුණසිංහ මහතා ලිපිකරු සේවකයින් සඳහා සීමා කරමින් බිහි කළ ලංකා වෙළෙඳ සේවා සංගමය එම දෘෂ්ටියෙන් තව ඉදිරියට ගෙන යමින් සියලුම සේවකයින් නියෝජනය කරන සටන්කාමී වෘත්තීය සංගමයක් බවට පත් කිරීමටත් එහි ක්‍රියා පරිපාටිය ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ගෙන ඒමටත් තම්පෝ මහතා සමත් විය. ඔහුගෙන් සිදුවූ තවත් සේවාවක් නම් ලංකා වෙළෙඳ සේවක සංගමයේ සාමාජිකත්වය කර්මාන්ත සහ අනෙකුත් ආයතන සේවකයන් උදෙසාත් පුළුල් කරමින් එය දැනට හැඳින්වෙන පරිදි ලංකා වෙළෙඳ කර්මාන්ත සහ පොදු සේවක සංගමය බවට පත් කිරීම ය.මෙම කම්කරු පන්තියේ සහ වාමාංශික පන්තියේ කැපී පෙනෙන නායකයා න්‍යායාත්මක සහ දේශපාලන මතභේද මත ලංකා සමසමාජ පක්ෂයෙන් ඉවත්වී විප්ලවකාරී ලංකා සමසමාජ පක්ෂෙය් ආරම්භක සාමාජිකයකු විය. තම්පෝ මහතා වෘත්තීය සමිති ව්‍යාපාරයට වූ කැපවීම නිසාම නීතිය උගෙන පසුව අපරාධ නීතිය පිළිබඳ විශේෂ දැනුමක් සහිතව නීතිඥයකු වශයෙන් ද ක්‍රියා කළේය. 1971 ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ලෙන් පසු වූ නඩු විභාගයේ දී එහි සාමාජිකයන් සඳහන් එඩිතරව අධිකරණයේ පෙනී සිටි තම්පෝ මහතා විනිසුරුවන්ගේ සහ නීතිඥවරුන්ගේ පැසසුමට භාජනය විය.මේ සංවේගජනක අවස්ථාවේදී මගේ හෘදයාංගම ශෝකය බාලා තම්පෝ මහතාගේ පවුලේ සාමාජිකයන් වෙත පිරිනමන අතර ම ශ්‍රී ලංකාවේ ජනතාව සහ වෘත්තීය සමිති ව්‍යාපාරය සමඟ මාගේ දැඩි ශෝකය බෙදා ගනිමි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කුඩා කාලයේ සිටම ගීත කලාව පිළිබඳව විශාල ආශාවක් හා බැඳීමක් තිබෙනවා. ඒ ආශාව නිසා තමයි ගීත ක්ෂේත්‍රය තුළ මෙතෙක් දුරක් ඉදිරියට යාමට පුළුවන්කම ලැබුණේ. සුපිරිතරු වැඩසටහන්වලට ඉදිරිපත් වුණත් මට ඉදිරියට යාමට බැරිවුණා.ඒත් මට ගීත ඕඩියෝ හා වීඩියෝවක් නිර්මාණය කර අන්තර්ජාලයේ පළ කිරීම නිසා රසිකයන් අතර ජනප්‍රියත්වයක් වගේම ප්‍රසාදයක් දිනාගැනීමට පුළුවන්කම ලැබුණා. මගේ ගීත ඊට අමතරව පුද්ගලික නාලිකාවල ද ප්‍රචාරය වෙනවා. මට ඒ ගීතවලට හොඳ ප්‍රතිචාරයක් තිබෙනවා.අද අපි වගේ ආර්ථික ශක්තිය අඩු දක්ෂතා පමණක් ඇති අයට සංගීත අංශයෙන් ඉදිරියට යාමට ලැබෙන ඉඩ ප්‍රමාණය අඩුයි. එදා එච්. ආර්. ජෝතිපාල වගේ ජ්‍යෙෂ්ඨ ගායකයන්ට ආර්ථික ශක්තියට වඩා ජනමාධ්‍ය හා ඔහුගේ දක්ෂතා මනා පිටිවහලක් වුණා.“ආදර අම්මේ තාත්තේ” ගීතයට සයිබර් අවකාශයේත් විද්‍යුත් නාට්‍යවලත් ඉහළ ප්‍රසාදයක් ලැබිලා තිබෙනවා. මෙය ආර්ථික දුෂ්කරතා හා සමාජ කරුණු නිසා තමන්ගේ යුතුකම් මාපියන් වෙනුවෙන් ඉටුකිරීමට නොහැකිවීම යන තත්ත්වය පැහැදිලි කරන ගීතයක්. මේ ගීතය තුළින් මනුෂ්‍ය හැඟීම් හා මානුෂිකත්වය ගැන මැනවින් පැහැදිලි වෙනවා. ඒ ගීතය රසික හදවත් තුළට එක්වීමට මෙය ප්‍රබල හේතුවක් වුණා.අද මට අවශ්‍ය වෙලා තිබෙන්නේ තවත් එක් ගායකයකු වීම නොවෙයි. සමාජයේ ගැටලු ගැන විශ්ලේෂණය කරන අර්ථවත් ගීත සමුදායක් ඇති කිරීමයි.මට යම් ප්‍රමාණයකින් මාධ්‍ය මඟින් උදව් ලැබෙනවා. ඒත් අප වැනි ආර්ථික ශක්තියක් නැති අයට ලැබෙන සහයෝගය ගැටලු සහගත වන අවස්ථා තිබෙනවා. තවත් මාධ්‍ය ආයතන ගීත ප්‍රචාරය කිරීමට මුදල් ලබා ගන්නා අවස්ථාවන් ද තිබෙනවා. මේ තත්ත්වය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් විදිහට හඳුන්වාදීමේ වරදක් නැහැ.මා මීට කලින් කීවා වගේම දක්ෂතාවයට වඩා ආර්ථික සවිය ගැන කල්පනා කිරීම නිසා තමයි මේ තත්ත්වය උදාවෙලා තිබෙන්නේ. එදා ගායකයෙක් වීම ඉතාමත් දුෂ්කර දෙයක්. ඒත් අද එහෙම නොවෙයි. ගීතවල රචනාවේ සාහිත්‍යමය ගුණාංගවල ඉහළ ප්‍රමිතියක් ද එදා තිබුණා.මේ හැම දෙයක්ම නිසා තමයි එදා හා අද ගීත අතර යම් වෙනස්කම් ඇති වෙලා තිබෙන්නේ. අනෙක ජනප්‍රියත්වය හා ප්‍රසිද්ධිය කියන්නේ එකක් නොවෙයි දෙකක්. අද ගොඩක් බිහිවෙන්නේ ප්‍රසිද්ධ ගීතයි. ජනප්‍රිය ගීත තමයි යුගයෙන් යුගයට අමතක නොවන ගීත බවට පත්වෙන්නේ. මුදල් දී ප්‍රසිද්ධ වීම තුළ කිසිවකුට ඉදිරි පැවැත්මක් ආරක්ෂා කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.මේ ගීතය සංගීතවත් කළේ ලස්සන ජයසිංහයි. ගීතය පද රචනා කළේ මැණික් ජයසිංහ විසිනුයි. මගේ අනාගත බලාපොරොත්තුව වෙලා තිබෙන්නේ මේ විදිහේ ගීතවලින් රසිකයන් අතරට ගොස් කටයුතු කර ස්ථාවරත්වයක් සංගීත ක්ෂේත්‍රය තුළ ඇති කිරීමයි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ප්‍රයිම් ටීවී Prime TV 250px Primetv logo දියත්කල දිනය 2009 නොවැම්බර් 12 අයිතිකරුවෝ Government-owned corporation රට ශ්‍රී ලංකාව භෘෂාව ඉංග්‍රීසි විකාශන සරිය ශ්‍රී ලංකාව මූලස්ථානය වික්‍රමසිංහපුර, බත්තරමුල්ල, ශ්‍රී ලංකාව වෙබ් අඩවිය Prime TV ප්‍රයිම් ටීවී යනු ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු සිදු කරන ඉංග්‍රීසි රූපවාහිනී නාලිකාවකි.[1] මෙම නාලිකාවේ හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතු වන අතර, එහි මූලික මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ Independent Television Network Limited විසිනි.[2] [3] මේවාද බලන්න[සංස්කරණය] ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා ලැයිස්තුව මූලාශ්‍ර[සංස්කරණය] ↑ Ruwini Jayawardana (2009-11-11). "Prime TV and Prime Radio breaks into the scene". Daily News. http://www.dailynews.lk/2009/11/11/art08.asp. Retrieved 2009-12-31. ↑ ITN Reporters (2009-11-12). "ITN launches Prime TV and Prime Radio Channels". ITN channel News . http://www.itn.lk/news_02_20091112.html. Retrieved 2009-12-31. ↑ Wikipedia. "Independent Television Network". සම්ප්‍රවේශය 2009-12-31. න සා සං ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා සිංහල බෞද්ධයා නාලිකාව හිරු ටීවී ස්වාධීන රූපවාහිනීය ජාතික රූපවාහිනිය සිරස ටීවී සියත ටීවී ස්වර්ණවාහිනී ටීඑන්එල් ටීවී දෙරණ ටීවී ලංකා දෙමළ නේත්‍රා ටීවී ශක්ති ටීවී වසන්තම් ටීවී වෙට්ට්‍රි ටීවී ඉංග්‍රීසි ආර්ට් ටීවී සීසීටීවී නිව්ස් ඊටීවී එන්ටීවී ප්‍රයිම් ටීවී ක්‍රීඩා සීඑස්එන් එම්ටීවී ස්පෝට්ස් සැටලයිට්/කේබල් චැනල් සී හෙරිටේජ් ටීවී ශ්‍රී ටීවී යංග් ඒෂියා ටෙලිවිෂන්
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා අතින් අත පටලා ඔහේ යන්නට හීන මවනා සංසාරයෙන් සංසාරයේ එක්ව ඉන්නට පැතුම් පතනා හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා ඇස් කෙවෙනි රතුවන තුරා මා එන පෙර මග ම බලනා දහක් නෙත් අතරේ මගේ නෙතු බැල්ම යදිනා හිතක් ඇතිදෝ මටත් පෙම් කරනා ගැහෙන හදවතට කන්දීඇහිරෙන්න පපුතුරේ ලංවී කතා කරන ඇස්වලට කිමිදී කියවන්න කිසිදා නොලියූ කවීහිතක් ඇතිදෝ මටත් පෙම් කරනා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එක්වන 18 වැනි ගුවන් යානය අද (19) උදේ 9.30 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙයි.ප්‍රංශයේ ටූ ලෝස් නගරයේ සිට මේ ගුවන් යානය ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.නිල් ගුවන ජය ගැනීමේ මහින්ද චින්තන ප්‍රතිපත්ති මාලාවට අනුව A320 නවීනතම ගුවන් බසය ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති අතර මේ ගුවන් බසයේ ව්‍යාපාරික පන්තිය 20 ක්, සාමාන්‍ය මගීන් 120 ක් ගමන් කිරීමට හැකි ය.සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා ඇතුළු පිරිසක් මේ ගුවන් යානයේ අද (19) ශ්‍රී ලංකාවට පැමිණෙති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
1978 වර්ෂයේ මාර්තු මස 19 දින කුරුණෑගල දී උපත ලද හේරත් මුදියන්සේලාගේ රංගන කීර්ති බණ්ඩාර හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත්තේ 1999 වර්ෂයේ සැප්තැම්බර් මස 22 දින ගාල්ල ජාත්යන්තර ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවය. ඔහු එක්දින වරම් දිනාගත්තේ 2004 වසරේ අප්‍රේල් මස 25 දින හරාරේ හීදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට අමතරව රංගන හේරත් ක්‍රීඩා කළ වෙනත් කණ්ඩායම් කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය මුවර්ස් ක්‍රීඩා සමාජය හැම්ප්ෂයර් සරේ වයඹ ඉලෙවන්ස් ශ්‍රී ලංකා "ඒ" වැඩි විස්තර සඳහා- http://www.espncricinfo.com/ci/content/player/
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සඳ ඇවිදින් ගං ඉවුරටනුඹ ඇවිදින් සිත් ඉවුරටසඳ ගඟුලට - නුඹ මහදටඑළිය ගෙනෙනවාවසන්තය රැගෙන දෝතටජීවිතය ගෙනා නුඹ මටගොඩක් ආදරෙයි සත්තට ගඟත් දන්නවාසිත් මඬලේ කතන්දරේනුඹෙ සවනට කොඳුරන විටගං දියරැලි සඳ මඬලටරහස කියනවා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ධාවනය වෙමින් තිබූ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා අති සුඛෝපභෝගි මෝටර් රථයක් බෙල්ලන්විල ප්‍රදේශයේ දී පෙරේදා (22) රාත්‍රී හදිසියේ ඇති වූ ගින්නකින් දැවී අළුවී ඇතැයි බොරැලැස්ගමුව පොලිසිය කියයි.මෝටර් රථයේ ගමන් ගත් තරුණයෝ දෙදෙනෙක් එයින් පිටතට පැන දිවි බේරා ගෙන ඇත. පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා බත්තරමුල්ල සිට දෙහිවල තෙක් යාමට මෝටර් රථයෙන් ගමන් ගනිද්දී එකවර කාර්මික දෝෂයකට ලක්වී ඇති බව පොලිසිය කල පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.මෝටර් රථය තුළින් දුමාරය පිට වනවත් සමග තරුණයන් දෙදෙනා වාහනයෙන් පිටතට පැන ඇති අතර ඉන් සුළු වේලාවකට පසු ආරක්ෂිත වායු බැලුනය ද පුපුරා ගොස් ඇති බව පොලිසිය කියයි.ගින්න හටගත් වහාම බොරලැස්ගමුව පොලිසියේ ජංගම මුර සංචාරක නිලධාරින් ගින්න නිවීමට දැඩි උත්සාහයක් ගත්තද එය ව්‍යර්ථ වීමෙන් පසු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ගින්න නිවීමට ක්‍රියා කළ බව පොලිසිය කියයි.මෝටර් රථයේ ගමන් ගත් තරුණයන් දෙදෙනා ව්‍යාපාරිකයකු හා පරිගණක ඉංජිනේරුවරයකු බව පොලිසිය කියයි.බොරැලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ජී. අයි. කේ. ඇපලකොටුව මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ පොලිස් සැරයන් (15914) සුනිල් යන මහත්වරු පරීක්ෂණ පවත්වති.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
එළිසබෙත් ටේලර් නම් ගිනි සිළුව ඉදිරියේ පළගැටියකු නොවන කඩවසම් හාදයා කවුරුන් ද? ජනප්‍රිය නළු කොලින් ෆෙරල් එළිසබෙත් ටේලර් සමඟ අසාමාන්‍ය, අපූරු සබඳතාවක් පවත්වා තිබෙන්නේ ඇය මිය යාමට ආසන්න කාලයේදීියි. වසර 2011 දී වයස අවුරුදු හැත්තෑ නවයේදී එළිසබෙත් අවසන් හුස්ම හෙලුවාය. කොලින්ට වඩා එළිසබෙත් හතළිස් වසරක් වැඩිමල්ය.ඒ කතාව ඔහු හෙළි කළේ රූපවාහිනී සාකච්ඡාවකදීයි. ‘වසර 2005 දී මගේ බාල පුතාගේ උපත බලාපොරොත්තුවෙන් සිටි කාලයක්. දවසක් මට ඇයගේ කාර්ය මණ්ඩලයෙන් එළිසබෙත්ට අසනීප බව දැනගන්නට ලැබුණා. ඇයගේ හදවතේ ගැටලුවක් ඇති බවත් එය එතරම් ගැටලුවක් නොවන බවත් ඔවුන් පැවසුවා. මං මිතුරාට ඇයට ‘හලෝ’ කීී බව පවසන්නැයි කිව්වා. ඒ සමඟම ඇය මා ගැන නොදන්නවා ඇතැයි ද පැවසුවා. නෑ ඇය ඔබ ගැන දන්නවා. ඔහු පැවසූ විට මා පුදුමයට පත් වුණා. එවිට පුදුම සතුටක් ඇති වුණේ. ඇයට ඉක්මන් සුව පතලා පණිවුඩයක් ඇරියා.නිවෙසට ගිය පසුත් ඇය සිහි වුණා. මං ඇයගේ කාර්ය මණ්ඩලයට, මිතුරන්ට කතා කර ඕකිඩ් මල් කලඹක් යැව්වා. ඇයත් මට මල් කලඹක් එව්වා.මං සතුටින් උඩ පැන්නා. ඊළඟ පියවර ඇය හමුවීමයි.අපූරු ආදරයක් අප අතර ගොඩ නැඟුණා. මා ඇයගේ අටවැනි සැමියා වීමට බලා සිටියා. ඒත් ඒ සිහිනය මල් පල දැරුවේ නැහැ. (ඇය හත් වරක් විවාහ වූවාය).අපි අතරේ තිබුණු බැඳීමේ අවසන් ප්‍රතිඵලය වුණේ දෙදෙනාටම නින්ද නොයාමයි. මං වාගේම ඇයත් නිදි මැරුවා. පාන්දර දෙකටත් ඇයට කතා කළා. පැයක ඇමතුමකින් අපි ආදරය බෙදා ගත්තා.ඇය මගේත්, ජොනී ඩෙප්ගේත් රංගනය අගය කළා.’තිස්හත් හැවිරිදි අයිරිෂ් නළු කොලින් ෆෙරල්, අට වරක්ම විවාහ නොවුණත් සබඳතා රැසකටම හිමිකම් කියන්නකි. ඔහු අමේලියා වෝනර්, බ්‍රිට්නි ස්පියර්ස්, නිකොල් නරේන්, ඇන්ජලිනා ජොලී, ඩෙමී මුවර් වැනි තාරකාවන් රැසක් සමඟ පෙමින් බැඳුණු අයෙකි.එළිසබෙත් ටේලර්ගේ අවමඟුලට පවුලේ සාමාජියන් නොවන අය සහභාගි වූයේ සීමාසහිතවය. ඒ අතර ඔහු ද සිටියේය. ෆෙරල් එළිසබෙත් වෙනුවෙන් පෙම් කවක් ද ගායනා කෙරුවේය.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සරත් ෆොන්සේකා හා ඔහුගේ දේශපාලන සහචරයින් මෙන්ම නීති විරෝධි ආරක්ෂකයින් පිරිස සිනමන් ලේක් හෝටලයේ ලැඟුම් ගත්තෙ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පාරට ඇද දමා අරලියගහ මන්දිරයට බලහත්කාරයෙන් ඇතුලු බලය ඇල්ලීමට බව ජාතික නිදහස් පෙරමුණ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.සරත් ෆොන්සේකා ජය ගන්නා බවට විපක්ෂයේ සහචරයින් විශ්වාස කළ අතර ඔහු ජයගත හොත් වහාම අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ආයතන කිහිපයක බලය කඩිනමින් අත්පත් කර ගැනීම සඳහා මේ පිරිස සිනමන් ලේක් හෝටලයේ ලැගුම්ගත් බවත් වීරවංශ මහතා සඳහන් කෙළේය.සිය ආරක්ෂාව වෙනුවෙන් සිනමන් ලේක් හෝටලයේ ලැඟුම් ගැනීමට තමන් තීරණය කළ බව ෆොන්සේකා මහතා සඳහන් කළත් එය බරපතළ අසත්‍යයක් බවත් වීරවංශ මහතා සඳහන් කරයි.ආරක්ෂාව වෙනුවෙන් විශාල වශයෙන් ඒකරාශීවී සිටින බැව් තමන් මීට පෙර දැන නොසිටි බවත් කවරකු හට හෝ තර්ජනයක් වේ නම් එම තර්ජනයෙන් බේරීම සඳහා ඥාතීන් හා දේශපාලන සගයන් සියලු දෙනා රැගෙන යන බැව් තමන් දැන නොසිටි බවත්, වීරවංශ මහතා සඳහන් කෙළේය.එමෙන්ම ඉතිහාසය පුරාවට කිසිම දේශපාලකයෙක් මැතිවරණ ප්‍රතිඵල වලට සවන් දීම සඳහා කාමර හැට හැත්තෑවක් වෙන්කරගෙන තමන් ගේ සහචරයින් සමඟ හෝටල්වල ලැගුම් ගන්නා බවක් තමන් දැනනොසිටි බැව් වීරවංශ මහතා සඳහන් කෙළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා සඳහන් කෙළේ තමන්ගේ ආරක්ෂාව පිළිබඳව පවා තමන්ට ගැටළුවක් පවතින බවට වැරැදි ප්‍රතිරූපයක් ගොඩනැඟීමට ෆොන්සේකා මහතා උත්සාහ කළද ඔහුගේ අරමුණ වූයේ අරලියගහ මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාල ආදියෙහි බලය අල්ලා ගැනීම බවයි.හිටපු ජනාධිපතිනිය වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ලේකම්වරයකු වන බාලපටබැදිගේ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබාදී ෆොන්සේකා මහතාට ජනාධිපති ධූරයේ දිව්රුම් දීමට සූදානම් කර තබන ලෙස සඳහන් කර ඇති බවත් සඳහන් කෙළේය.මේ පිරිස බරපතළ වූ සිහිනයක ගිලි සිටි බවත් ෆොන්සේකා මහතා ජය ගත්තේ නම් තමන්ට සිදුවන්නෙ ෆොන්සේකා මහතාගේ කුමන හෝ කටුවක් සූප්පු කිරීමට බවත් වීරවංශ මහතා සඳහන් කෙළේය.කෙසේ වුවද සරත් ෆොන්සේකා මහතා උත්සාහ කෙළේ තමන්ට ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් පවතින බව සඳහන් කරමින් බලය අත්පත් කර ගැනීමට බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.ෆොන්සේකා ළඟ හිටපු හමුදා සෙබළුන් පිරිසක් පැනල ගියා කියල බොරු වාර්තා දුන්නා. එහෙම කියල තව හමුදාභට පිරිසක් ඔහුගෙ ආරක්ෂාවට ගත්තා.නීති විරෝධීව සිනමන් ලේක් එකේ රෑදී සිටි පිරිස අත්අඩංගුවට ගත්තා. ෆොන්සේකාට තියා වෙන කිසිම කෙනෙකුට නීතියත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බැහැ. ආරක්ෂක අංශවලින් අපි ඉල්ලීමක් කරනවා මෙවැනි වූ වංචනික ක්‍රියාවන් සිදුකළ අය වහාම අත්අඩංගුවට ගන්න.මෙවර ජනාධිපතිවරණයෙන් ජනතාව ඔප්පු කරපු ප්‍රධාන කරුණු ගණනාවක් තිබෙනවා. ඒකීයභාවය ගැන සඳහන් නොකර මැතිවරණ ජයගන්න බැරි බව ජනතාව ඔප්පු කර තිබෙනවා.ඒ වගේම සක්විතිල වගේ බොරු පොරොන්දු දීලා ඡන්දය දිනන්න බැරි බවත් ජනතාව උත්තර දී තිබෙනවා. සක්විතිල දෙන පොරොන්දු වලට රටේ ජනතාව රවට්ටන්න බෑ. ඒ වගේම වෛරිභාවයට, සහාසික භාවයට දුෂ්ඨකමට ජනතාව ඉඩ නොදෙන බවත්, මෙවර ජනාධිපතිවරණයෙන් පැහැදිලියි. රනිල් කිව්වා පෝඩා කියලා. ෆොන්සේකා කිව්වා කලවැද්දා, පාහරයා කියලා. කටු ලෙවකන්න දෙනව කිව්වා.වැරැදීමකින් හරි ෆොන්සේකා ජනාධිපති උනානම් මම එයාගෙ කොහෙ හරි තිබෙන කටුවක් ලෙවකනවා. වෙන අයට පැදුරු එළාගෙන සිරබත් කන්න වෙනවා.ඒ වගේම මෙවර ජනාධිපතිවරණයෙන් ජනතාව ඔප්පු කර තිබෙන තවත් කරුණක් තිබෙනවා. එනම් ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනය කළ හැකි සාධනීය කිසිවක් තවත් ඉතිරි වී නොමැති බව ඒ කරුණයි.සෝමවංශ ඇතුළු ජ.වි.පෙ. නායකයින්ට තවත් භූ®මිකාවක් ඉතිරිවී නැහැ. සෝමවංශ සහෝදරයා කිව්වා මෙවර ජනාධිපතිවරණයට හොඳ ජොකියෙක් සොයාගත්ත කියලා. මම අහනව සෝමවංශගෙන් ජොකියා කොහොමද කියලා. මේ ජොකියා රනිල් තරම්වත් හොඳ නෑ නේද, ජොකියා ගැන පාරම්බාපු එක ජොකියෙක්වත් අද නැහැ.ජ.වි.පෙට ඉතිරි වෙල තිබුණ හම්බන්තොට ඉතිරි ඡන්ද ටිකත් මහින්ද රාජපක්ෂ මහතාට මෙවර ලැබුණා. ඒ තැනට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් තල්ලු කරපු ජ.වි.පෙ නායකයින්ට ස්තුති කළ යුතුයි.ඒ වගේම මෙවර ඡන්දෙදි ජනතාව ඔප්පු කරපු තවත් කරුණක් තිබෙනවා. මිනිහෙක් මෝඩ අමන තීරණ ගත්තම ඉක්මනට විනාශ වන බව ඒ කරුණයි.ඒ වගේම මිනිහෙක් ගොනාට අන්දවල මොන තරම් ඉක්මනට විනාශ කරවන්න පුලුවන්ද කියලත් සෝමවංශල, රනිල්ට රටට ඔප්පු කළා. මේ ඒකම දෙයක්වත් නොතේරුන ෆොන්සේකා අද වෙන කොට දේශපාලන අනාථයෙක් බවට පත් වෙලා.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සුදු කොඩි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කොට විනිසුරු මඩුල්ල පිටව ගිය පසු මහාධිකරණ ශාලාවේ පුටු පොළොවේ ගසා මේස උඩ නැඟ අශෝභන ලෙස කළහ කළ නීතිඥවරුන්ට එම අසුන්වල සිට යළි නඩු කටයුතු කළ හැකිදැයි මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඊයේ (21) විවෘත අධිකරණයේදී විමසුවාය.නීතිඥවරුන් හැසිරුණ ආකාරය අධිකරණ ආරක්‍ෂක කැමරාවල සටහන්වී ඇති බවත්, මාධ්‍ය නොදුටු එම පැත්ත මාධ්‍යයන්හි වාර්තාවිය යුතුව තිබූ බවත් විනිසුරුවරිය සඳහන් කළාය.යම් අධිකරණ තීන්දුවකට නීතිඥවරුන් සෑහීමකට පත් නොවන්නේ නම් කළ යුතුව ඇත්තේ එය අධිකරණයට පැමිණිලි කිරීම මිස මේ ආකාරයට හැසිරීම නොවන බව පෙන්වා දුන් විනිසුරුවරිය, මෙය අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ දෙයක් බවත්, එය අධිකරණයට කැළලක් බවත් පැවැසුවාය. ඊයේ (21) උදෑසන මහාධිකරණ නඩු කටයුතු ආරම්භ කිරීමට පෙර විනිසුරුතුමිය මේ අදහස් දැක්වීය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
[2014-08-08 පෙ.ව 09.30]ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් රෝහල්ගතව සිටින කාලය තුළ පාසල් විෂයමාලාව ආවරණය කිරීමට ගුරුවරු පස්දෙනෙක් ඉදිරිපත් වෙති.පාසල් කාලවේලාවේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් මේ සේවාව ක්‍රියාත්මක වේ.මේ පිළිබඳ සවිස්තරාත්මක පුවත ඉරිදා සිළුමිණ පුවත්පතේ පළවේ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හිරිකඩ වදින හීතල හිරිගඩු පිපෙනා..වැහිපොද අස්සෙ මතකද දවසක් තෙමුණා..වැහිබර අහස අස්සෙන් දේදුනු මවනා..හිරු හෙමි හෙමින් මේ කුලු අස්සෙන් එබුනා..වැහි බිදු වියළි පොළවේ නෙක රූ මවමින්ඉහිරෙයි දසත දිය චිරි චිරි හඩ නගමින්හිරිකඩ වැදුනු හිත මගෙ හංකිති කවමින්ඇවිදියි නේක අත නුඹ උණුහුම සොයමින්නැතුවත් ලගින් නුඹෙ නෙතු යුග පෙනෙන ඉමළය තුල සිර කරන් නුඹ වෙත රැදුනු පෙමනොබිදෙන ලෙසම රැකගෙන ඒ සුපෙම් දමනුඹෙ රුව ගැනම සිහි කර කර හිදිමි මමසීතට දසත ගලන සුවද රැදුනු පවන්වාගේ නුඹේ තුරුලට එන්නදෝ දුවන්හිත මත සදා සිතුවම් වූ නුඹේ නුවන්වටිනව මහට නුඹ රැදි සිහිනයත් රුවන්෴ වටුවා10 Akalanka ෴.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
චන්ද්‍රා කළුආරච්චිමම නම් මේ දවස්වල ගෙදරට වෙලා පොතපත කියවමින් බොහොම විවේකීව කාලය ගත කරනවා. වෙනත් විශේෂ වැඩ කටයුතු නම් යොදා ගෙන නැහැ. මේ සතියේදී මගේ උපන් දිනයත් යෙදිලා තියෙනවා.එදාට ගෙදර හැමෝටම රස විඳීන්න කිරිබතක් හදන්න බලාපොරොත්තු වෙනවා. සිංහල අලුත් අවුරුද්දත් ළඟ එනවානේ. ඒ වෙනුවෙනුත් දැන් සූදානම් වෙමින් සිටින්නේ.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
උදයකාන්ත වර්ණසූරියගේ රන් කෙවිට 2 සිනමාපටය ඊයේ දිනයට දින හැත්තෑපහ පසු කළේය. ආරම්භක සිනමා ශාලාවන්හී තවමත් ප්‍රදර්ශනය වන එය මේ වන විට ලක්ෂ හයකට ආසන්න ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් නරඹා ඇත. මේ වන විට රන් කෙවිට 2 සඳහා වැඩිපුරම ප්‍රතිචාර ලැබෙනුයේ ළමයින්ගෙන් බව උදයකාන්ත සරසවියට පැවසීය. -ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
යම්කිසි වාක්‍ය සංයෝජනයක් පද්‍යයක් ලෙස ලිවීම කාව්‍ය ශාස්ත්‍රයයි. කාව්‍යයක් අලංකාර වර්ණනය, නිශ්චිත වචන භාවිතය හා උපමා යෙදීම මත නිර්මාණය වේ. ඒවා ප්‍රාතනි රටාවන් හෝ මාත්‍රා රටාවන් ආශ්‍රයෙන් නිමවෙන අතර එළිසමය සහිත හෝ රහිත ද විය හැක. කාව්‍ය ශාස්ත්‍රය යන්න කුමක්ද යන්න පිළිබඳව නිශ්චිතව අර්ථ දැක්විය නොහැකිය. සාමාන්‍යයෙන් වචන කිව්‍ය තුළ භාවිත වනුයේ ඒවායේ විධිමත් ලක්ෂණ ඉස්මතු වන අයුරිනි. මෙහි සඳැස රඳා පවතින්නේ කථනයේ එළිසමය හා මාත්‍රාව මතය. ඊ.ඊ. කමාස් වැනි නූතන කවියන් මෙලෙස වචන වල දෘශ්‍ය ස්වරූපය බහුලව යොදාගනී. අනෙකුත් සාහිත්‍යයන් පෙර කාව්‍ය සාහිත්‍ය තුළද දක්නට ලැබිණි. සුමෙරියානු “Epic of Gilgamesh” (ක්‍රි.පු 2700) බයිබලයේ ඇතැම් කොටස්, හෝමර්ගේ IIliad සහ ඉන්දියානු රාමායනය සහ මහාභාරතය පැරණිතම කාව්‍ය සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය. වාචික සම්ප්‍රදායන් මත පදනම් වු සංස්කෘතින් තුළ කාව්‍ය, ධාරණමය ක්‍රියාවලියක් දරයි. වැදගත් නීතිමය හෝ සදාචාරාත්මක ගද්‍ය මාලා පළමුව එළිදක්වන ලද්දේ, කලාකරුවන්ගේ සිතුවිලි ප්‍රකාශනයක් ලෙස කාව්‍ය භාවිතා වන බැවිනි. ඇතැම් කාව්‍ය නිශ්චිත ආකෘතීන් දරයි. උදාහරණ ලෙස හයිකු (haiku), ලයිමෙරික් (limerick) හෝ සොනෙට් (sonnet) අකෘතීන් දැක්විය හැකිය. ජපන් භාෂාවෙන් රචිත හයිකු (haiku) ආකෘතිය ස්වභාව ධර්මය හා සම්බන්ධ වේ. එහි මාත්‍රා 17 බැගින් වූ පේලි 3 ක් හරහා කාණ්ඩ 5, 7 හා 5 ලෙසට පැතිරේ. ලයිමෙරික් (limerick) ආකෘතිය පේලි 5 කින් සමන්විතය. මෙහි එලිසමය AABBA ලෙස වන අතර කාල ප්‍රමාණයන් 3, 3, 2, 2, 3 යනුවෙන් මාත්‍රනය වේ. භාෂාව හා සම්ප්‍රදායන් මගින් කාව්‍ය ධර්ම අර්ථ දැක්වේ. පර්සියානු කාව්‍ය සැම විටම තාල ගැන්වේ.එහෙත් ග්‍රීක කාව්‍යයන්හි එලිසමය භාවිතා නොකෙර්. ඉතාලියානු හෝ ප්‍රංශ කාව්‍යයන්හි බොහෝ විට එලිසමය දක්නට ලැබේ. ඉංග්‍රීසි හා ජර්මානු කාව්‍යයන් මෙම දෙවර්ගයටම අයත් වේ. ශේපාපියස් හා මිල්ටන් වැනි කතුවරයන්ගේ නිර්මාණයන් හි භාවිතා වන iambic pentametre’ නම් ශෛලය, ඉංග්‍රිසි කාව්‍යයෙහි දක්නට ලැබෙන වඩාත්ම සුසමාදර්ශි ශෛලිය ලෙස හැඳින්විය හැකිය. සමහර භාෂා වලින් රචිත කාව්‍යන්හි දිගු වැකි ද ,සමහරෙක දී කෙටි වැකි ද දක්නට ලැබේ. නිෂ්චිත භාෂාවක වාග් මාලාව හා ව්‍යාකරණ කිසියම් කාව්‍ය ආකෘතියක් තුළ යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස විවිධ කාව්‍යමය සම්මුතීන් ගොඩනැඟී ඇත. සමහර භාෂාවල දී එලිසමය වෙනත් කාව්‍යකට වඩා පැහැදිළිව දක්නට ලැබෙන අතර ඒවායේ දී දිගු වැකි භාවිතා වේ. ඓතිහාසිකමය අත්වැරදිම් නිසා ද තවත් කාව්‍ය ආකෘතිමය සම්මුතීන් ගොඩනැඟී ඇත. ඇතැම් ජනප්‍රිය කවියන් භාවිතා කළ ආකෘතීන් ද පසුකලෙක දී සම්මුතියක් ලෙස ප්‍රචලිත වී ඇත. සම්ප්‍රදායිකව නාට්‍ය කලාව ද පද්‍යමය ස්වභාවයකින් යුක්ත වේ. එහෙත් වර්තමානයේදී ඔපෙරාවන් හා සංගීතමය නාට්‍යය වලින් පිටත මෙම ලක්ෂණය භාවිතා නොවේ. නුතන යුගයේ 'ඩිජිටල් කාව්‍ය' (Digital poetry) ජනප්‍රිය ව පවතින අතර, එය මෙකල පවතින ඩිජිටල් මාධ්‍යයේ කලාත්මක, ප්‍රචාරාත්මක සහ සංශ්ලේෂී ගුණාංග මත පදනම් වී ඇත. සටහන්[සංස්කරණය] Literature Poetry
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බදුරලිය පැණිගල මාර්ගයේ පිහිටි මගුරු පාලම විනාශ වී යාමෙන් ගැටලු රැසක් පැන නැගී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන මේ පාලම බලධාරීන්ගේ අවධානයට ලක් නොවීම නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය බවද ඔව්හු පවසති.තේ දලු කර්මාන්තයේ නියැළෙන බොහෝ පිරිස් හැඩිගල්ල මාර්ගය දක්වා ඉතා කෙටි මගකින් ගමන් කළේ මේ පාලම හරහා යාමෙනි.පාලම කැඩී යාමෙන් මගුරුබඩ ජනතාව හැඩිගල්ල ජනපදයට යාම සඳහා බදුරලිය නගරය හරහා අමතර කිලෝමීටර හතරක් පමණ දුර යා යුතුය.මේ නිසා මගුර, පුවක්වත්ත, පැණිගල ආදී ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.සුන්දරත්වයෙන් හෙබි මගුරු ගඟට ඉහළින් ඉදි කර තිබූ මගුරු කම්බි පාලම යළි පිළිසකර කර දෙන්නැයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. .
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත්කෙළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයකු රු. 7500 ක මුදල් ඇපයක් හා ලක්‍ෂ 2 ක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. එම්. එන්. සී. අමරසිංහ මහතා නියෝග කෙළේය.මෙලෙස මුදාහැරුණේ මූකලන්ගමුව සීදූව පදිංචි බෝඩිමක අයිතිකරුවකු බව කියන තැනැත්තෙකි.පැමිණිලිකාරිය සැකකරුට අයත් සීදූව කටුනායක තිබෙන බෝඩිමක නේවාසිකව සිටී. පසුගිය 13 දා රාත්‍රී 12 ට පමණ සැකකරු පැමිණිලිකාරිය සිටිනා බෝඩිමේ දොරට තට්ටු කර ඇත.පැමිණිලිකාරිය දොර විවෘත කර බලන විට බෝඩිමේ අයිතිකරු එසේ කළ බව පැමිණිල්ලේ සඳහන්ව තිබුණි.පැමිණිලිකාරිය බියට හා ලැජ්ජාවට පත්ව එසැනින් සීදූව පොලිසියට පැමිණිලි කිරීමට බෝඩිමෙන් පිටව ඇත. පිටුපසින් පැමිණි සැකකරු පොලිසියට නොයන ලෙස ඉල්ලා එය වැළැක්වීමට කටයුතු යොදා ඇත.පසුව ඇය මාර්ග සංචාරක රාජකාරියෙහි නියුතු පොලිස් නිලධාරියකුට සිද්ධිය පවසන ලදැයි පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ය.සීදූව පොලිසිය සැකකරුට එරෙහිව බී වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කර තිබුණි. සැකකරු වෙනුවෙන් නීතිඥ ටී. කේ. ධර්මසේන මහතා ඉදිරිපත් විය. නැවත විභාගය ලබන පෙබරවාරි 18 දිනට කල් තැබුණි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අගෝස්තු 24, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 236 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 237 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 129 ඉතිරිව තිබේ . This article අසම්පූර්ණ වෙයි. ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ, එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජුබිලි අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඓතිහාසික වශයෙන් වැදගත් අම්බලම් අතුරින් එකකි. එය කෑගල්ල නගර සීමාව තුළ ඉදිකොට තිබෙයි. ඉදිකිරීම[සංස්කරණය] 1887 වර්ෂයේ යෙදී තුබූ එංගලන්තයේ වික්ටෝරියා මහ රැජිණගේ රාජ්‍යප‍්‍රාප්තියේ 50 වන සංවත්සරය සැමරීම උදෙසා මෙම අම්බලම ඉදිකරන ලදී. එකලදී මෙම අම්බලම, කෑගල්ල ඒජන්තවරයා බැහැදැකීමට පැමිණි රටේ මහත්වරු, කෝරාළවරු, ගම්මුලාදෑනිවරු ආදී නිලධාරීන්ට සිය නිලඇඳුමින් සැරසීම සඳහා ස්ථානයක් වශයෙන් ප්‍රයෝජනවත් වූ බව සඳහන් වෙයි.[1] භාවිතය[සංස්කරණය] කෑගල්ල නගර සභාව යටතේ පාලනය වන කෑගල්ල ජුබිලි අම්බලම වර්තමානයේදී ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ. ආශ්‍රිත[සංස්කරණය] ↑ "රජ කාලේ අම්බලම්". ලංකාදීප. 15 ජනවාරි 2012. http://lankadeepa.lk/index.php/articles/21937. Retrieved 11 මැයි 2014.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.කෑලිවලට කැඩී ගිය විපක්ෂයත් රාජ්‍ය නොවන සංවිධානයක් සහ දෙමළ ඩයස් පෝරාව මේ කුමන්ත්‍රණයේ පසුපස ක්‍රියාත්මක වන බවද බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.වැටුප් වැඩිකර ගැනීම සඳහා මාස තුනකට අධික කාලයක් වැඩ වර්ජනය කළ ආචාර්ය රංජිත් නිර්මාල් දේවසිරි ගාල්ලේ සිට කොළඹට පා ගමනක්ද සංවිධානය කර තිබුණි.ආගමික වතාවත්වලින් පසු ගාල්ලෙන් ඇරඹුණු ආචාර්යවරුන්ගේ මේ පා ගමනට එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් එම පෙරමුණෙන් කැඩී ගිය පෙරටුගාමී පක්ෂයත් සහාය ලබාදී තිබේ. ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය සහ අනෙකුත් විරෝධතා සියල්ල දේවසිරි මහතා සංවිධානය කර ඇත්තේ තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයකට අනුව බවද බුද්ධි අංශ හෙළිකරගෙන ඇත. දැනට ඕස්ට්‍රේලියාවේ පුරවැසිකම ලබාගෙන සිටින පෙරටුගාමී පක්ෂයේ කුමාර් ගුණරත්නම් දේවසිරි මහතා සමඟ ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයට මුලිකත්වය ගෙන ඇත.ආචාර්ය නිමල් රංජිත් දේවසිරි මහතාද ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා යාමට පෙරටුගාමී පක්ෂය මගින් සියලු කටයුතු යොදා ඇතැයි බුද්ධි අංශය අනාවරණය කරගෙන තිබේ.මේ කටයුතු වෙනුවෙන් පෙරටුගාමී පක්ෂය දේවසිරි මහතාට මාසික දීමනාවක් ලබාදී ඇති බව හෙළි වේ.එක්ස් කණ්ඩායම සහ රාජ්‍ය නොවන සංවිධානයක සාමාජිකයකු වන නිර්මල් දේවසිරි වර්ජනය පාවා දී ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන බවද ආචාර්ය දඹර අමිල හිමියන්ද මේ කුමන්ත්‍රණයේ කොටස්කරුවකු බවද බුද්ධි අංශ වැඩිදුරටත් අනාවරණය කරගෙන තිබේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.