input
stringlengths 1
3.7k
| output
stringclasses 12
values | instructions
stringclasses 3
values |
|---|---|---|
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර පැවැත්වෙන (20) දින පෙරවරුව වනවිටම පෙරහර වීදි සංචාරය කරන වීදිවල මහ සෙනඟක් එක් රොක්ව සිටියහ.මෙවර පෙරහර නැරඹීම සඳහා වෙනදාට වඩා මෙරට ජනතාව හා විදේශීය සංචාරකයින් විශාල පිරිසක් ඉකුත් දින කිහිපය පුරාම මහනුවර නගරයට පැමිණ සිටි අයුරු දැකගත හැකි විය.පෙරහර නරඹන්නන්ගේ පොදු පහසුකම් හා ප්‍රවාහන පහසුකම් ඉතා සාර්ථකව මෙවර ක්‍රියාත්මක කර තිබීම ජනතාවට විශාල සෙතකි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කාජල් වැනි ප්‍රතිභාපූර්ණ රංගවේදිනියක සිව් වසරකින් තිරයේ දක්නට නොලැබීම රසිකයන්ගේ නොමනාපයට හේතුවන කරුණකි. එහෙත් මේ වසරේදී ඇය වසර හතරක නිහැඬියාව බිඳ දමනු ඇත. ඒ බව පවසන්නේ කාජල් නොව ඇයගේ සැමියා අජේ දේව්ගන්ය.‘මේ වසරේදී ඇය සිනමාපටයක රඟපාවි. ඔක්තෝබර් මාසයේදී කාජල් රඟන සිනමාපටයේ වැඩ කටයුතු ඇරඹෙනවා. මං නිෂ්පාදනය කරන සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ රාම් මාධ්වානි.මේ පරිණත ආදර කථාව, කාන්තාව කේන්ද්‍ර කර ගත්තක්. දැන් කාජල්ගේ පෙම්වතාගේ චරිතයට කෙනකු සොයනවා. සිනමාපටයට මං දායක වෙන්නේ නිෂ්පාදනයෙන් පමණයි.’ ආජේ, කාජල්ගේ නවතම රංගනය ගැන එසේ පැවසුවේය.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බොතුලිනියාව වර්ගීකරණය සහ බාහිර මූලාශ්‍ර බොතුලිනියාව වැලඳී ඇති 14-වියැති ළමයෙක්. වම් රූපයේ දැක්වෙන පාතය සහිතව උභයපාර්ශවික සම්පූර්ණ ඔෆ්තල්මෝපීජියා තත්ත්වය සහ දකුණු රූපයේ විස්කෘත, ස්ථාවර කනිණිකාවන් සටහන් කරන්න. තරුණයා සම්පූර්ණ සිහියෙන් සිටියේය. ICD-10 කේතය A05.1 ICD-9 කේතය 005.1,040.41,040.42 DiseasesDB 2811 MedlinePlus 000598 eMedicine article/213311 මානවයන් අතර, බොතුලිනියාව (ලතින්, බොතුලුස්, "සොසේජ්") යනු, විරල නමුත් සමහරවිට මරණීය අඝාතමය රෝගයකි. ආහාරයෙන් සැදෙන බොතුලිනියාව යනු, බොතුලීනම් විෂ වලින් අපවිත්‍රකරණය වී තිබූ ආහාර පරිභෝජනය කිරීම නිසා ඇතිවන ආධුලනයකි; සම ස්පර්ශව ඇති විටෙක පුද්ගයෙකුගෙන් තවෙකෙකුට එය බෝ නොවේ.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රට විරුවෝ වැඩසටහන ගැන ඔබට දැන් අමුතුවෙන් හඳුන්වා දෙන්න උවමනා නම් නැහැ. මව්බිමෙන් ඈත්ව දුරු රටක සිට රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් වේදිකාව සෑම ඉරිදාවකම රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාවෙන් ඔබට සමීප වෙනවා. ජෝර්දානයේ වැඩසටහන් පෙළෙහි නිමාවත් සමඟින් මෙවර රටවිරුවෝ වේදිකාව ඉදිවෙන්නේ තවත් මැදපෙරදිග රටක. ඒ ඕමානයයි. මේ එහි පළමු වැඩසටහනට සහභාගිවන රටවිරුවන් හය දෙනා ගැන කෙටි හැඳින්වීමක්.සින්නතම්බි දායාසීලන් ඕමානයේ රටවිරුවෝ වේදිකාවේ ආරම්භය සනිටුහන් කරන්න සූදානම්. මහනුවර පදිංචි දයාසීලන් විදෙස් සේවයට එක් වෙන්නේ මීට වසර 13 ට ඉහතදීයි. සහජ හැකියාවත් ගායනය කෙරෙහි වූ උනන්දුවත් නිසාම සංගීත ක්ෂේත්‍රයට ලැදියාවක් දැක් වූ ඔහු සිය ගායන හැකියාවන් එළි දක්වන්න තෝරා ගත්තේ රටවිරුවෝ වේදිකාවයි.එම්. පී. දිනේෂ් කුමාර ඩයස් රටවිරුවෝ වේදිකාවට එක් වෙන්නේ ගායන අංශයෙන්. සහජයෙන් ලද ගායන හැකියාව ස්ව උත්සාහයෙන් තව තවත් සාර්ථක කරගත් ඔහු මෙවර රටවිරුවෝ වේදිකාව ඔස්සේ එය ලොවටම පෙන්වන්න සූදානම්. මොරටුවේ පදිංචි දිනේෂ් කුමාර ඕමානයේ විදෙස් සේවයට එක්වෙන්නේ පසුගිය වසරේ සිටයි.මහනුවර පදිංචි රෝෂණී ශෂිකා නිලුක්ෂි රාජපක්ෂ මීළඟට රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සූදානම්. සහජයෙන් ලද ගායන හැකියාවෙන් පාසලේදී විෂයක් ලෙස ද සංගීතය හදාරා ඇති ඇය සමස්ත ලංකා මට්ටමේ ගායන තරග ජයග්‍රහණ ද හිමිකර ගන්නට සමත්. ගායනය පමණක් නොව සංගීත භාණ්ඩ කීපයක්ම වාදනය කිරීමේ හැකියාව පමණක්ම නොවෙයි රෝෂණීට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්.ඩෙරෝන් මෙලෝ මෙවර රටවිරුවෝ වේදිකාවට එක්වෙන්නේ ගායන අංශයෙන්. ගායනයට ඇති ආශාවත් දෙමව්පියන්ගේ මඟ පෙන්වීමත් යටතේ සංගීත අංශයට යොමු වූ ඔහු තම හැකියාව එළිදක්වන්න තෝරා ගත්තේ ඕමානයේ රටවිරුවෝ වේදිකාවයි. මීගමුවේ පදිංචි ඩෙරෝන් විදෙස් සේවයට එක් වෙන්නේ 1988 වසරේ සිටයි.මොරටුවේ පදිංචි මරියස් ප්‍රසන්න රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න පැමිණෙන මීළඟ ගායන තරුවයි. ගායනයට තිබූ උනන්දුව නිසාම සංගීතය විෂයක් ලෙස හදාරා ඇති ඔහු පාසල් තූර්ය වාදන කණ්ඩායම නියෝජනය කළ සාමාජිකයෙක්. ප්‍රසන්න විදෙස් සේවයට එක්ව ඇත්තේ 1990 වසරේ සිටයි.ප්‍රේමලාල් ආනන්ද ඕමානයේ රටවිරුවෝ වේදිකාවට එක්වෙන්නෙත් ගායන අංශයෙන්. ගීත ගායනයට ඇති දැඩි ඇල්ම නිසාම පාසල් කාලයේ සිට විෂයක් ලෙස සංගීතය හදාරා ඇති ඔහු අද ඒ හැකියාවෙන් රටවිරුවෝ වේදිකාව ගීතවත් කරන්න සූදානම්. ගෙලිඔය පදිංචි ප්‍රේමලාල් ආනන්ද විදෙස් සේවයට එක් වී ඇත්තේ 1997 වසරේ සිටයි.යතේජා ඥානරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයින් සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාගවෙමින් පවතින නඩුව සඳහා ප්‍රථමවරට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඊයේ (06) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ පෙනී සිටියේය.මේ සිද්ධියට අදාළව දැනට රක්ෂිතබාරයේ සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ රිමාන්ඩ් දීර්ඝ කිරීම සඳහා ඊයේ (06) නඩුව යළි කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී සිටියේය. මෙහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා මන්ත්‍රීවරයාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා, ඡායාරූප හා වෛද්‍යවරුන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් අධිකරණය හමුවේ දීර්ඝලෙස කරුණු දැක්වීමක් සිදු කළේය.මීට අමතරව දැනට සමාජයේ කතා බහට ලක් වී ඇති දුමින්ද සිල්වා මහතාගේ රෝගී තත්ත්වය සනාථ කරන ලද කුරුණු අධිකරණයට ඉදිරිපත් කළ නීතිඥවරයා රෝගී තත්ත්වය හාස්‍යයට ලක් කරමින් වෛද්‍ය වාර්තා බොරු බවට සමාජයේ කතා පතුරුවන්නන්ට එරෙහිව අධිකරණ ක්‍රියා ගන්නා බවට ද පැවැසීය.මෙම අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ ස්ථානාධිපති ඒකක 3 පොලිස් පරීක්ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිය ද අධිකරණයේ පෙනී සිටියාය.පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඉකුත් (24) වන දින කොළඹ මහාධිකරණය විසින් ඇප ලබා දුන් අතර ඉකුත් (26) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැරිණ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
තුන කියන්නෙ බොහොම සුන්දර දෙයක් වගේම බොහොම ප්‍රයෝජනවත් දෙයක් කියලා නොදන්න කෙනෙක් ඉන්නවද ඉතින් .ලෝකයේ මිනිස් පැවැත්මේ රහස රැඳිලා තියෙන්නෙ ඔය තුන තුල කියලා කවුද නොදන්නෙ .ඕන් මගේ බ්ලොගයටත් තුන පිරිලා අදට...මේ පහුගිය දොහ නම් ටිකක විවේකයක් ලබන වෙලාවක් තමයි. බුකියෙ අය නම් දන්නවා හේතුව..කාර්යබහුල වීම අතරේම තවත් අළුත් වැඩකට අත ගහපු එක නිසා..ලියවිල්ල ටිකක් එහෙ මෙහෙ වෙනවා. හැබැයි ලියන්ඩ අත්දැකීම් අටෝ රාෂියක් එකතු කර ගෙන තමයි ආපහු මම එන්නෙ...මොකද බ්ලොග් ලියවිල්ලෙන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන මේ කාල සීමාවෙ මම ඉන්නෙ බොහොම සුන්දර මනුස්සෙක් වෙච්ච ක්ෂේත්‍රයේම ප්‍රවීනයෙක් ළඟනෙ..මීට ඉස්සෙල්ලා පෝස්ට් එකෙන් ඒක දැනෙන්ඩ ඇතිනෙ...අවුරුදු තුනක් ...පෝස්ට් තුන් සීයක්...මිනිය නොහැකි තරමේ සතුටක් ගෙනදුන් කමෙන්ට් රාශියක් එක්ක හිතට ලං වෙච්ච හෘදයාත්මක හිත් ගොන්නක් එක්ක ලබපු සතුට..ලබන සතුට මුදල් කෝටි ප්‍රකෝටි ගානක් තිබුනත් ගන්න බැරි දෙයක් තමයි. එච්චර වටින සතුටක් ලං කලේ මේ වෙනකම් මාත් එක්ක හිටපු ඔබ සැම තමයි.කශූ...කතන්දර ශූරින් ගේ මුල්ම කමෙන්ටුව එක්ක පටන් ගත්ත මම...අවුරුදු ගානකට ඉස්සෙල්ලා මොනවද මන්දා හොයද්දි අහම්බෙන් මගේ තිරය මතට ආපු මාරයගේ හෝරාවෙ පන්සල් කතාවෙන් සිංහල බ්ලොග් වලට ආදරේ බැන්ද මම..අවසානයේ අද වෙන කොට "ලියන්නා " වෙලා..බුදු සන්තෝ මට දැනෙන සතුටක් .සිංහල බ්ලොග් නිසා අළුතින් ජීවිතේට කී දෙනෙක් නම් ලං උනාද . ඒකත් ගිනිය නොහැකි තරමේ ගානක්..ඒ සේරටම බොහොම ස්තූතියි කියලා අඩුවෙන් කියන්නෙ නම් නෑ මම..ඒ වෙනුවට ඔබ සැමව බොහොම ගෞරවයෙන් , බොහොම ලෙංගතු කමෙන් හදවතින් වැළඳ ගන්නම් .හමු උනාම සිප වැළඳ ගන්නම්...බත්තරමුල්ලෙ දියත උයනේ සංගීත රාවයට වර්ණ වෙනස් කරමින් රඟන වතුර මලේ වර්ණාවලියෙන් මුසපත් වෙලා හිටි මා දිහා බොහොම ආදරෙන් සඳ කුමාරි තමන්ගෙ සළු වළාකුළු මෑත් කරලා බලන මොහොතේ....මටත් නොදැනිම මගේ අතේ තිබුනු කැමරාව ක්‍රියාත්මක උනා.. මට හිතුනෙ මම නේද මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම මනුස්සයා කියලා...ආපහු ගෙදරට එන්න බස් එකට දෙන්න සල්ලි පසුම්බියේ නොතිබුනත්..මගේ හදවත දෝර ගලා ගෙන යන සතුට නැති කරන්න ඒක හේතුවක් උනේ නෑ..මම හෙමි හෙමිහිට ගෙදර බලා පියමං කලා සුපුරුදු සතුටින්..හිතේ සතුටට සල්ලි වලින් කරන්න පුළුවන් බම්බුවක් නෑ කියලා මට ආයි ආයිත් තහවුරු උනා..බ්ලොග් ලිවිල්ලෙන් ලැබුන, ලබන සතුටත් එමමයි..ඒක ලබන්න මම වාසනාවන්ත උනා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බස්නාහිර පළාත් ඇමැති නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ පසුගිය පළාත් සභා මැතිවරණයේ අය-වැය අද ( 25 ) ප්‍රකාශයට පත් කෙරේ. තමාට මුදල් ලැබුණේ , වියදම් කළේ කෙසේද යන්න පිළිබඳ සහ අදාළ බිල් පත් ආදිය මාධ්‍ය වෙත ඉදිරිපත් කරන බව ඒ මහතා පැවසීය.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
යශ් මේ බ්ලොග් එක පටන් ගත්තේ එයාගේ ආදර කතාව ලියන හිතාගෙනනේ එත් නොහිතපු විදිහට යශ්ගෙ ආදරකතාව නැවතුනා. යශ් අන්තිමට පොස්ට් එකක් දැන්මේ 16/02/2013 වෙනිදා එත් එදායින් පස්සේ යශ්ගේ තරුගේ වෙනසක් යශ්ට දැනුනා යශ් එකට හේතුව හොයන්න ගියා...... ඇත්තටම යශ් තරු ගැන ගොඩක් හෙව්වා.. යශ් පරිගණක දැනුම ආශ්‍රයෙන් තරු කාටද msg කරන්නේ කියල පවා හෙව්වා..( ඇත්තටම එහෙම හොයන එක වැරදියි.. ඒත් යශ්ට ඒවා හිතන්න සිහියක් තිබ්බේ නැ ඒකාලේ) ඊටපස්සේ තරුට යශ් නොදන්න යාලුවෝ ඉන්න බව යශ් දැක්ක.. ඊට පස්සේ ඒ ගැන අහන්න ගිහින් ප්‍රශ්න ඇතිවෙලා තරු සම්බන්ධය නැවැත්තුවා..ඉතින් 01/03/2013 ඉදල යශ් තනිකඩයි.. අදට යශ් තනි වෙලා දවස් 599ක්..යශ් මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ යශ්ගේ ආදර කතාව ලියන්න හිතාගෙනනේ ඒත් නොහිතපු විදිහට යශ් තනි උන නිසා යශ් හිතුව මේ බ්ලොග් එක නොලියා ඉන්න.. ඒත් යශ්ගේ හොදම යාලුවයි තව යාලුවෝ කිපදෙනකුයි කිව්ව නිසා යශ් මේ බ්ලොග් එක ආයේ ලියන්න හිතුව එත් අද හදිස්සියේම ලියන්න ගත්තේ යශ් පුදුම මානසික පීඩනෙකින් හිටපු නිසයි.. ඒ ප්‍රශ්න ගැන යශ් පසුව ලියන්නම්කො..කොහොම හරි යශ්ට තරු නැති උනාම යශ් හුගක් දුකින් හිටියේ කොටින්ම කියනවනම් යශ් එයාගේ උපාධ්යේ පලවෙනි විභාගයත් අනාගන්න ගියේ ඒත් වාසනාවකට "සංසාරේ අපි"http://sansaare.com/ බ්ලොග් එක ලියන ජිවිතේ මල් නම්වූ "දිල්" මිස් යශට හිත හදාගන්න ගොඩක් උදව් කරා.. දිල් මිස් ගෙන් ඉගෙන ගත්තු හුගක් පාඩම් තියෙනවා ඉස්සරහට ඒවත් ලියන්නම්කො..මේ ගත උන කාලේදී යශ්ට හුගක් ප්‍රශ්න වලට මුණදෙන්න උනා.. ඒවාට යශ් හුගක් හොදට මුණදුන්න කියල යශ් හිතනවා.. යශ්ට හුගක් හොද අලුත් යාලුවොත් හම්බුනා.. යශ්ගේ හොදම යාලුවත් හම්බුනේ මේ කාලේ අතරතුරේදී.. හුගක් රසවත් සිදුවීමුත් ගොඩක් උනා ඒ ගැනත් යශ් ඉදිරියේදී ලියන්නම්කො..දැන්නම් යශ් ගොඩක් ලොකු ප්‍රශ්නෙකට මුණදීල ඉන්නේ යශ්ල ඉන්න ගෙදරින් යශ්ගේ ගෙදරඅයට යන්න වෙලා තියෙන්නේ.. යශ්ලගේම ගෙදර තාම හදල ඉවර නැති නිසා යශ්ලට ඒ ගෙදරට යන්නත් අමාරුයි.. හ්ම්ම් යශ් මේ දවස් වල මේ පශ්නෙට මුණදීල ඉන්නේ.. යශ්ට ඉක්මනින් හොද විසදුමක් ලැබෙන්න කියල ප්‍රරාර්ථනා කරන්න යාලුවනේ.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ආසියාවේ භූමි ප්‍රමාණ අති මහත් බැවින් හා නානා විධ ජනගහණයකින් යුක්ත වීමත් නිසා බලාපොරොත්තු විය යුතු ආකාරයටම දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක් ගනී. ව්‍යවස්ථානුකූල රාජාණ්ඩු, පරම බලැති රාජාණ්ඩු තනි පක්ෂ ක්‍රම, යටත් විජිත ජනපද, ලිබරල් ප්‍රජාතාන්ත්‍රික හා හමුදා ඒකාධිපතිත්වයෙන් යුතුව ඇතිවාක් මෙන්ම විවිධාකාර වූ නිදහස් ව්‍යාපාර ද ඇත. ආසියාව පුරාම ශිෂ්ටාචාරය පිළිබඳ දිගු ඉතිහාසයක් ඇති අතර ලිවීම සොයා ගැනීමත් සමඟ මෙසපොතේමියාවෙන් ඇරඹි දේශපාලන පිළිවෙලවල් පිළිබඳ විස්තරාත්මක කරුණු අපට ඉදිරිපත්ව ඇත. විශාල එමෙන්ම මනාව සකස් කෙරුණු සිවිල් සේවයක් චීනයේ පැන නැඟුණු අතර එය දේශපාලනයට එක් කර ගැනීම සුදුසුය. ආසියාවේ දේශපාලනයට එක් කර ගැනීම සුදුසුය. ආසියාවේ දේශපාලනය බොහෝ දුරට යටත් විජිත වාදයේ හා අධිරාජ්‍යවාදයේ බලපෑම්වලට යටත් වෙමින් සමහර රාජ්‍යයන් පැරණිතම විජිතයන් යටත් කොට ගෙන සිටි රාජ්‍යයන් සමඟ සමීප සබඳතා ඇති කරගෙන ඇති අතර අනිත් ඒවා කටුක ප්‍රතිඵල අත් විඳීමට ලැබෙන නිදහස් අරගලවල නිරතව ඇත. තත්වය තවදුරටත් සංකීර්ණ වී ඇති බවට ආසියාවේ පවතින සැලකිල්ලේ තත්වය පෙන්වන දිගට පවතින කාශ්මීරයේ පවතින අවිනිශ්චිතභාවය හා මහජන චීන සමූහාණ්ඩුවත්, චීන සමූහාණ්ඩුවත් අතර ඇති අවිනිශ්චිතභාවයක් දැකිය හැක. වඩා දියුණු සහයෝගීතාවයන් හා හුවමාරු කිරීම් ගැන කලාපීය වැඩ සටහන්වලට උදාහරණයකි, අග්නිදිග ආසියා ජාතීන්ගේ සංවිධානය (ASEAN)
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඹබට අවැසි ලිපිය තෝරාගන්න රත්නපුර පරිපාලන දිස්ත්‍රික්කය රත්නපුර මැතිවරණ දිස්ත්‍රික්කය රත්නපුර සෞඛ්‍ය දිස්ත්‍රික්කය
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය — රට ශ්‍රී ලංකාව පළාත මධ්‍යම පළාත දිස්ත්‍රික්කය මහනුවර දිස්ත්‍රික්කය වේලා කලාපය ශ්‍රී ලංකාවේ සම්මත වේලාව (UTC+5:30) උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි . ආශ්‍රිත[සංස්කරණය] ඩිවිෂනල් සෙක්‍රටේරියට්ස් පෝර්ටල් මෙම ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, ස්ථානයක් පිළිබඳ ලිපිය අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
තාක්ශණික තොරතුරුවිශාලත්වය: උසින් මීටර් 43, විශ්කම්භය මීටර් 4පියාසර අදියර: 3කිඑන්ජින් වර්ග:ප්‍රථම අදියර - S-200 ඝණ ඉන්ධන බූස්ටර් එන්ජින් 2කි (ඉන්දියාවේ නිර්මාණය කරනලදී). මේ බූස්ටර් තත්පර 130ක් ක්‍රියාත්මකවේ. එක් බූස්ටරයක් මීටර් 25ක් දිගින් යුතු අතර ටොන් 200කඝණඉන්ධන පුරවා ඇත.දෙවන අදියර - ඉන්දියාවේ නිර්මිත "L-110 විකාස්" මාදිලියේ ද්‍රව එන්ජින් පද්ධතිය. ටොන් 110ක ද්‍රව ඉන්ධන ගෙනයා හැකිය. පද්ධතිය එන්ජින් 2කින් යුක්තය. ප්‍රථම අදියරේ බූස්ටර් එන්ජින් දල්වා තත්පර 113කින් දෙවන අදියර ක්‍රියාත්මකවීම අරඹයි.තෙවන අදියර - ඉන්දියාවේ නිර්මිත C-25 ද්‍රව හයිඩ්‍රජන් හා ඔක්සිජන් දහනය කරන එන්ජිම. ටොන් 25ක ද්‍රව ඉන්ධන ගෙනයා හැකිය.උඩුගුවනට ගෙනයා හැකි බර:පහල පෘථිවි කක්ශයට (කිලෝමීටර් 160ක් ඉහල කක්ශය) මෙට්‍රික් ටොන් 8ක බරක් ඔසවාගෙන යා හැකිය.භූකේන්ද්‍රීය ස්ථායි කක්ශයට (කිලෝමීටර් 35,000-46,000ක් ඉහල කක්ශය) මෙට්‍රික් ටොන් 4ක් ගෙනයා හැකිය.මෙම සාර්ථක අත්හදා බැලීමත් සමගභූ කේන්ද්‍රීය ස්ථායි කක්ශයකට (Geosynchronous Transfer Orbit) චන්ද්‍රිකාවක් ගෙනයා හැකි බලසම්පන්න රොකට්ටු ඇති රටවල් කිහිපය (අමෙරිකාව, රුසියාව, යුරෝපා සංගමය හා චීනය) අතරට ඉන්දියාවත් එකතුවන අතර ඩොලර් බිලියන 300ක් පමණ වටිනාකමකින් යුතු, ලෝක චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ කර්මාන්තයේ තරඟකරුවෙකු වීමට ඉන්දියාව මගපාදාගෙන තිබෙනවා.Geosynchronous Satellite Launch Vehicle (GSLV) Mark IIIලෙස නම්කොට ඇති මෙම රොකට්ටුව අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටුවා ඇති ස්තිශ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කොට තිබෙනවා.ඉන්දියාවේ අභ්‍යවකාශ වැඩසටහනට ප්‍රභල දායකත්වයක් සැපයිමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතා පියවරගෙන ඇති අතර එහි වාර්ශික මූල්‍ය සැපයුම ඩොලර් බිලියනක් දක්වා ඉහල දමා තිබෙනවා.චන්ද්‍රිකා උඩුගුවනට ගෙනයාමට අමතරව දැනට සැළසුම් අවස්ථාවේ තිබෙන, ඉන්දීය අභ්‍යවකාශගාමියෙකු උඩුගුවනට යැවීමේ ව්‍යාපෘතියේ වැදගත් දායකත්වයක් මෙම රොකට්ටුවට තිබෙනවා. ඉන්දීය අභ්‍යවකාශගාමීන් රැගත් කැප්සූලය අභ්‍යවකාශය වෙත රැගෙන යනු ඇත්තේ මෙම රොකට්ටුව මගිනුයි.මෙම අත්හදාබැලීමේ පියාසැරියේදී GSLV Mark III රොකට්ටුව අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු අභ්‍යවකාශයට රැගෙනයා හැකි කැප්සූලයක්ද පරියේශණ කටයුතු සඳහා උඩුගුවනට ගෙනගොස් තිබෙනවා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වන් වයින්ඩ්ස් ඕන් ද ඩිස්ටාෆ් වට් දි අදර් ස්පින්ස් (දෙදෙනාම ඕපාදූප පතුරුවති) වැඩිමහළු පීටර් බෲග්ල් විසිනි ඕපදූප යනු, තමන්ගේ පුද්ගලික දේවල් හෝ අනුන්ගේ පෞද්ගලික දේවල් හෝ පිළිබඳ සිදු කෙරෙන නිෂ්ඵල කතා හෝ කටකතා හෝ වෙයි. කරුණු කාරණා, අදහස් සහ අපවාද, හවුලේ පැතිරවීමට ඇති පැරණිතම සහ අතිශයින් බහුල භාවිතයේ පවතින ක්‍රම අතුරින් එකකි. සම්ප්‍රේෂණය කෙරෙන තොරතුරු වලට දෝෂ සහ විචලනයන් එක් කිරීමට එය සතුව ඇති ප්‍රකීර්තිමත් හැකියාව නිසා මෙම පදය අවමානාත්මක ලෙසින් භාවිතා කෙරෙන අතර, පලක් නොමැති සල්ලාපය, පුද්ගලික හෝ නොවැදගත් හෝ කටකතාවක් විස්තර කිරීමටද භාවිතා වෙයි. එහි පරිණාමීය මනෝවිද්‍යාත්මක සම්භවයන් සම්බන්ධයෙන්, විවිධ පර්යේෂණයන්ට, ඕපාදූප ලක්ව ඇත. [1] සහයෝගී කීර්තිනාමයන් පිළිබඳ අවධානයෙන් සිටීමටද එනයින් පුළුල් ලෙසින් පැතිරුණු අනියම් අන්‍යෝන්‍යතාවයක් පවත්වාගෙන යෑමටද, ඕපාදූප වැදගත් මගක් බවට මෙම පර්යේෂණ තුලින් හෙලිවී ඇත. ආශ්‍රිත[සංස්කරණය] ↑ මැක්ඇන්ඩෲ, ෆ්‍රෑන්ක් ටී. (ඔක්තොම්බර් 2008). "ද සයන්ස් ඔෆ් ගොසිප්: වයි වී කාන්ට් ස්ටොප් අවර්සෙල්ව්ස්". සයන්ටිෆික් ඇමරිකන්. http://www.scientificamerican.com/article.cfm?id=the-science-of-gossip.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගොඩක් අය කැමතියිනේ හොල්මන් කතා අහන්න, මේ මම කියන්න යන්නේ මා අත්විදි සත්‍ය හොල්මන් කතාවක්............මම පාසල් යන අවධියේ නැවතී සිටියේ බෝඩිමක. ඇත්තට ම මේක විශාල ගෙයක්.මේ ගෙදර තියෙනවා එක කාමරයක්... ඊට අවුරුදු ගාණකට කලින් ඒ නිවසේ මිය ගිය ආච්චි කෙනෙක් එම්බාම් කරලා තියෙන්නේ ඒ කාමරේ. ඉතින් එනිසා ඒ කාමරේට යන්න කව්රු කව්රුත් බය යි... විශේෂයෙන් රැට... ඒකට හේතුවකුත් තිබුණා... ඒ තමයි එහි තිබුණු විදුලිබල්බය හිටි හැටියෙ ම ඔෆ් වෙන එක... ඒ නිසා කව්රු කව්රුත් ඒ කාමරේට යන්න ගොඩාක් බය යි.. සමහර අවස්ථාවල රාත‍්‍රියේ ඒ කාමරයට ගියපු සමහරු ලයිට් එක ඔෆ් වුණා කියලා කෑ ගහගෙන එළියට දුවගෙන එනවා...මම ඉතින් මිනිස්සුන්ට හැරෙන්නට අමනුස්ස කියලා කට්ටිය හදුන්වන අයට බය නැති නිසා ඔය කාමරේ ම ඉල්ලා ගත්තා...ඉතින් මම රැට ඔය කාමරයේ තනිය ම තමයි නිදා ගන්නේ...මම ඉන්න සමහර වෙලාවටත් ඔය කාමරයේ විදුලි බල්බය ඉබේ ඔෆ් වුණා... කොහොම හරි එක දවසක් මම නිදාගෙන ඉන්න වෙලාවක මාර ම වැඩක් වුණා...ඒ කාමරේ ජනේලයේ පියන් තිබුණෙත් නැහැ... නිකං ග‍්‍රිල් එකක් ගහලා ජනෙල් රෙද්දක් දාලා තමා තිබුණේ...පාන්දර 2-3ට විතර වෙන්න ඇති...කිසියම් සිද්ධියක් නිසා මට ඒ වෙලාවේ ඇහැරිලා හිටියේ... එක පාරට ම වගේ අමුතු හුළඟක් ආවා වගේ මට දැනුනා...මම ජනෙලේ දිහා බැලූවා... එතකොට ම මම දැක්කා ජනෙලේ රෙද්ද එක තැනකින් ඉස්සී ඇති බව...නිදිමරගාතේ හිටපු මම ඇසිපිය හොදට ඇරලා ඒ නැවත දිහා බැලූවා... ඇත්තටම කව්රු හෝ අතදාගෙන ඉන්නවා වගේ හොදට පෙනෙන්න ගත්තා...මටත් හීං දාඩිය එහෙමත් දාන්න ගත්තා...තව මොහොතක් එහෙම ම කාලේ ගෙවුණා...එක පාරට ම යමෙක් ඒ ජනෙල් කූරු අතරින් ඇදට පැන්නා... මට මුත‍්‍රා පහ නොවුණු එක විතරයි...........බුදු අම්මෝ... පූසෙක්..........ආ... අනිත් දේ තමයි ලයිට් එක ඔෆ් වෙන එකත් පසුව නැතිව ගියා.. ඒ මම කැඞී තිබුණ හොල්ඩර් එක ඉවත් කර අලූත් හොල්ඩර් එකක් දැම්මාට පස්සෙයි...වලී.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කවියකු, ලේඛකයකු, ගේය පද රචකයකු හා විශිෂ්ට පුවත්පත් කලාවේදියකු වූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ජන්ම ශත සංවත්සර සැමරුම මෙම මස 21 වැනිදා සවස 4.00 ට කොළඹ නිදහස් මාවතේ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියන් මුලසුන හොබවන මෙහි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟින් මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න සහ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර දේශන පවත්වනු ලබයි. ඒ අතරතුරදී මානවසිංහයන් ලියූ ගී ඉදිරිපත් කරනු ඇත.ගැයුම් සඳහා ආචාර්ය පණ්ඩිත් අමරදේව, මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද ඉන්දිකා උපමාලි, ඉල්ලියාස් බෙග්, සාරංග දිසාසේකර, මිත්‍ර කපුගේ සහ නලීන් කාශ්මීරගෙනි.සංගීත් නිපුන් ඩී. ආර්. දිසානායක සමඟ මහානාම වික්‍රමසිංහ සංගීතය මෙහෙයවනු ලබයි.මෙම අවස්ථාව නිවේදනනයෙන් මෙහෙය වන්නේ කලාසූරි සතිශ්චන්ද්‍ර එදිරිසිංහයි.මෙය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ පදනමේ සංවිධානයකි.මෙදින ආචාර්ය ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ සංස්කරණය කළ මානවසිංහ සම්භාවනා ශාස්ත්‍රීය ලිපි සංග්‍රහය සංස්කෘතික අමාත්‍යාංශයේ ඉදිරිපත් කිරීමක් ලෙස එළි දකියි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
(මෙහෙම කියන්නේ තිලකේ) තිලකේ ගේ තිලක සිත ගැන අතන මෙතන හැම තැනම කියවෙන හින්දා අමුතුවෙන් මම කියන්න යන්නේ නෑ. මෙන්න මේ කතාව කියවපු දවසේ මට හීන් දාඩිය දැම්මා. වෙන මොකක්වත් හින්දා නෙමෙයි අපේ අතීතය මතක් වෙලා. එතකොට මම බොහොම පුංචියි. වම්බටු ගෙඩියක් විතර උස තියෙන්න ඇති. ඒ විතරක් නම් කමක් නෑ ඒ කාලේ මට තිබුනේ එසේ මෙසේ කැසිල්ලකුත් නෙමෙයි. එක විනාඩිපහක් එක තැනක ඉන්න බෑ කියලා හැමෝම මට දොස් කියනවා ඒ කාලේ. ඒ ඉතින් බොරුවකුත් නෙමෙයි. අනේ මන්දා ඒ කාලේ කහඹිළියා ගෑවෙන්න මම කොහේ හරි ගොල්ලක ගියාද කියලා හැමවෙලේම. අපේ ගම් පළාතේ භීෂණය ආවේ බොහෝම භයානක විදියට. රෑට රෑට හමුදා ජීප් එකකින් හරි ලොකු ට්‍රක් එකකින් හරි ගොඩබහින මිලිටරි බුවාලා හැමපැත්තකින්ම ගම වට කරනවා. ඉන්න අහිංසකම කොල්ලා වුනත් පටව ගත්තා පහුවදාට කොහේ හරි පාරක් අයිනේ අමු අමුවෙන් පිච්චුනා ටයර් අස්සේ. ඒ දුප්පත් ගම්වල භීෂණය කියන එක බිහි කලේ රාජ්‍ය මැදිහත්වීමෙන් කියලා ඒ වෙනකොට අවුරුදු දොළහක් වුන මටත් තේරුනා. කවුරුවත් කැමති වෙන්නෑනේ බිල්ලෙක් ඔළුව හැරවුවාම පහුවදාට ටයර් එකක අමු අමුවේ පිච්චෙන්න. ඒ කාලේ තිබුන එකම විකල්පය ලාම්පුවක්වත් පත්තුනොකර පහ හය වෙද්දි කොහේට හරි ගුලිවෙලා ආත්මාරක්ශාව වෙනුවෙන් හැන්ගෙන්න. මේ කියන කාලේ කොහොමටවත් අපිට පවර් තිබුනේත් නෑ. තිබුනත් ට්‍රාන්ස්ෆෝමර් අරවා මේවා ගිණි තියලා විදුලිය සැපයීමක් නොතිබුන ගාණයි. අපේ ගම්වල ඒ වෙනකම් හොර හතුරු බිය කියලා දෙයක් තිබුනෙත් නෑ. ඒත් මේ බූට් සපත්තු එන්න ගත්තත් හරි කොල්ලෝ විතරක් නෙමෙයි කෙල්ලොත් පරිස්සම් කරගන්න ගම්මුන්ට සිදුවුනා. අපේ අම්මාට තිබුන ලොකුම හීනය අපි හතර දෙනා ලොකුමහත් කරගන්න එක විතරයි. ඉතින් අපි කිකිළි පස්සේ යන පැටව් ටික වගේ ඇයගේ පස්සෙන් කිසි සද්දයක් බද්දයක් නැතිව. අර කහඹිළියා ගෑවිච්ච මම ඒ වෙනකොට අතුරුදහන් වෙලා. ඒ දවස් වල බොහොමයක් රැයවල් ගෙවුනේ අවදියෙන්. අපිට කරදරයක් වෙන්නේ නෑ කියලා විස්වාශයක් තිබුනත් අපි දන්න කියන අයට එහෙම නෑ කියන එක ඒ වෙද්දි බොහොම දරුණු විදියට අත්දකිමින් හිටියේ අපි. අපේ ගෙදර බොහොමයක් වෙලාවට ලොකු මුට්ටිවල කෑම ඉදුනේ. අපි වෙනුවෙන් නෙමෙයි අපේ අම්මගේ දරුවෝ නොවුන තවත් කාගේ හරි දරුවෝ වෙනුවෙන් අපේ අම්මගේ ආදරය හින්දා. අපේ ඉඩම් වල තිබුන තාවකාලික ගෙවල් ඒ වෙද්දි බොහෝ අයගේ ස්ථිර නේවාසිකාගාර වෙලා. ජීවිතය ගැන දේශපාලනය ගැන ලොකු අවබෝධයක් නොතිබුනාට ඒ කැම්පස්වල ඉගෙනගත්ත සහෝදරයින්ගේ කතාවන් අදටත් මගේ හිතේ දෝංකාර දෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ ආදරය අසරණකම අදටත් මාව ගල් කරනවා. " අපේ ගෙවල්වලට බූට් සපත්තු එන්න ගත්තේ ගම්වල හිටපු එකිනෙකාගේ කුහකගතිත් එක්කමයි. අනේ එක දවසක ' නැන්දේ කන්න මොනවා හරි තියෙනවාද' කියලා අහලා එවෙලේ අපි කාලා ඉතිරිවෙලා තිබුන කෑම කාලා භාගෙට ඉරිච්ච කමිසෙයි කලිසමයි ඇඳගෙන එලියට බැහැලා ගිය සරත් අයියා පහුවදා උදේ අක්කයි මායි ටවුමට යනකොට පාරේ මැද පිච්චෙනවා අර කිළිටි ඇඳුමෙන් භාගයක්ම ඉතිරිත් වෙලා." ඒ වගේ දේවල් ළමාකාලේම අත්දැකපු මට භීෂණය කියන වචනය ඇහෙද්දිත් බයයි. ඒත් ඒවා වචනයෙන් අකුරු කරන්න අපි හැමෝටම බෑ. මේ තිලක සිත ලියන සහෘදයා නම් ඒවා අකුරු කරන්නේ හරියට ඒ සිදුවීම් අස්සේ අපිත් ජීවත්වෙනවා වගේ. මේ පොතේ ලියවෙන බොහො කතා අස්සේ ඒ 87-89 අඳුරු කාලයේ සිදුවීමුත් තියෙනවා කතුවරයා මුහුණදෙන. තිලකසිරි ඒකනායක වෘත්තියෙන් ඉන්ජිනේරුවෙක් වුනාට ඔහු ලියන්නෙක් වෙලා තියෙන්නේ පේරාදෙණි යුගයෙන් කියලයි මම හිතන්නේ. ඔහු බ්ලොග් ලියන්න එන්නේ මෑතකදි වුනාට අතීතයේදි ඔහු පුවත්පත් වලට ලියපු කෙනෙක්. ඔහුගේ අපූරු වියමන් ජනගතවෙන මේ මොහොතේ ඔහු එක්ක බුලත් විටක් කන්න ඔහු ඔබටත් ආරාධනා කරනවා. අගෝස්තු 08 දා දොරට වඩින තිලකසිරිගේ "තිලක සිත" තිලකසිරි ඒකනායකගේ "තිලක සිත" කතා එකතුව ජනගත කිරීමේ උළෙල, 2014 අගෝස්තු මස 08 වන සිකුරාදා, සවස 3:30ට, කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. සඹැඳිය බූන්දියෙන්.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
....................................
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රංගන ශිල්පී අජිත් වීරසිංහමේ දවස්වල නම් මම වැඩිපුරම ගත කරන්නේ අනුරාධපුරයේ සහ දඹුල්ලේ තමයි. ඒ ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු චිත්‍රපටයේ රූගත කිරීම් නිසා. මම තමයි එහි නන්දිමිත්‍ර යෝධයාගේ චරිතයට පණ පොවන්නේ. ඒ හැරුණාම වෙනත් කලා කටයුතු නම් භාර ගත්තේ නැහැ. මගේ උපන් දිනයත් ඉදිරි සතියට යෙදිලා තියෙනවා.හැමදාම වගේ එදාටත් අසරණ අයට උපකාර කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් උපකාරයක් අවැසි අයට අංක 70, ඇරුව්පොල, මහනුවර කියන ලිපිනයට කෙටියෙන් ලියන්න කියලා මම ඉල්ලා සිටිනවා.තිලානි / යතේජාඡායාරූප – ටෙනී / මාලන්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පුත්තලම දිස්ත්‍රික් එල්ලේ සංගමය මෙහෙයවන දිස්ත්‍රික් එල්ලේ තරගාවලිය මේ මස 28වැනිදා ආරම්භ කෙරේ. මූලික වටයේ තරග එදින වෙන්නප්පුව කොට්ඨාසයේ සහනගම ගැමුණු , උදාසිරිගම මිල්රෝයි ප්‍රනාන්දු , ලුණුවිල ප්‍රදීප, දංකොටුව ජයකොඩි හා මැල්ලව සේනානායක යන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එල්ලේ ක්‍රීඩා සමාජ 106ක් මේ තරගාවලියට සහභාගි වන අතර එම ක්‍රීඩා සමාජවලට ඇඳුම් කට්ටල ලබාදීම වයඹ පළාත් අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් සිදුකරනු ලබයි.තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව දිනාගන්නා කණ්ඩායම්වලට මුදල් ත්‍යාග පිරිනමන බවත්, විවිධ දස්කම් දක්වන ක්‍රීඩකයන්ට ද ත්‍යාග පිරිනමන බවත් සංවිධායකයන් දන්වා සිටිති..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
යන යන තැන පොඩි උන් උස්සාගෙන ඉඹ මිරිකා දරු සුරතල් පෙන්වන මහින්ද රාජපක්ෂගේ රාජපාක්ෂික පොලිසිය ඊයේ මහ දවල් කොලඹ දී උද්ඝෝෂණයක යෙදුනු සිසු සිසුවියන්ට තිරිසන් අයුරින් පහර දුන්නේය.මේ දිනවල වේදිකා දෙදරවමින් තමන් මේ රට හදන්නේ දරුවන්ට යැයි රාජපක්ෂකියද්දී දරුවන් යනුවෙන් ඔහු අදහස් කරන්නේ අශ්වයන්ගේ පිටේ මිස ඩී අයි ජී ලාගේ පුතුන්ගේ ගෑණුන්ගේ පිටේ නොනගින තමන්ගේ පුතුන් තුන් කට්‍ටුව මිස මේ රටේ දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් නොවන බවට මීටත් වඩා සාධක අවශ්‍යද.ඡායාරූප ලංකාදීපයෙන් උපුටා ගැණිනි.සටහන- දැන් ඉතින් අප කළගුණ දක්වමුද.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කාලෙකින් මොකුත් නොලිව්ව නිසාත් , දකින දකින හැම තැනම තියන ආතල් එක ඩබල් කරන ප්‍රවුත්ති නිසාත් ,හැම තිස්සෙම කියාගන්න කට කහන අදහසක් තමයි ඉතින් අකුරු කරේ.වැඩිය කියන්න ඕනේ නෑ.මම පොඩි ආතල් එකක් කට්ටිය ඒක දෙක කරලා ලොකු කරලා මටත් වැඩිය ආතල් ගන්නවා.එහෙම තමයි ප්‍රසිද්දිය ලබා ගන්න ඕන.කට්ටිය මේක බලලා මට දෝෂාරෝපණය කරන්න එනවා නම් ඒක තමන්ට කර ගන්න ලොකු වැරද්දක් . අරහත් උතුමෙකුටදෝෂාරෝපණයකිරීම ලොකු පවක්.පාරමිතාපිරුවෙත් නෑඇඟ මස් දන්දුන්නෙත් නෑපස් මහ බැලුමක් නොබලම ඉපදිලානේ මං නළගන රූදැක්කෙත් නෑගිහිගෙය කලකිරුනෙත් නෑසසර පෙරනිමිති ඉඳ හිට දැක්කා විතරයි.ගෑනිව බඩකෙරුවෙත් නෑ කරන්නගෑනියෙකුත් නෑඅම්බපාලි දැක්කා ඉතින්ඉඳලා හිටලාමට දිලිසෙනසිවුරක් නෑකලිසම මිසඅඳනය නෑඒත් මහතුනේ අහන්න අරහත් මම දැන් මානවක භද්‍ර.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ලෝකයේ රටවල් රැසක ආර්ථික අර්බුද පැවතිය ද සංවර්ධනය අතින් ඉදිරියට යන ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය සියයට 4.1 දක්වා පහත වැටී තිබෙන බව රජය පෙන්වා දෙයි.ඒ අනුව පසුගිය 2013 වසරේ අවසන් කාර්තුව වනවිට ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය පහළ අගයක් ගෙන තිබෙන අතර එම කාර්තුව වනවිට ශ්‍රී ලංකාවේ කාන්තා විරැකියා අනුපාතය සියයට 6.4ක් බවද පිරිමින්ගේ විරැකියා අනුපාතය සියයට 2.8ක් බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.පසුගිය 2013 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකාවේ රැකියා ව්‍යුක්තිය සියයට 4.6ක අගයක් ගෙන තිබූ බවද එයින් පිරිමින්ගේ විරැකියාව සියයට 3.3ක් සහ කාන්තාවන්ගේ විරැකියාව සියයට 7.0ක අගයක් ගෙන තිබු බවද එම දෙපාර්තුමේන්තුව නිකුත්කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.එම වර්ෂයේ අවසානය වනවිට විරැකියාවෙන් සියයට 8.1ක් උසස් පෙළ විභාගයෙන් සමතුන් සහ ඉන් ඉහළ කාණ්ඩයට අයත්වන අතර එයින් පිරිමින් සියයට 5.0ක් සහ කාන්තාවන් සියයට 11.2ක් අයත්වන බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මේ අතර ශ්‍රී ලංකාවේ රැකියා ව්‍යුක්තිකයන්ගෙන් අවුරුදු 30 වැඩි වයසසේ පසුවන පිරිස සියයට 1.3ක් බව පෙන්වා දෙන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එයින් සියයට 0.6ක් පිරිමින් බවද සියයට 2.5ක් කාන්තාවන් බවද කියාසිටී.2013 වසරේ අවසන් කාර්තුවේදී මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය මිලියන 8.7ක් වූ අතර එයින් සියයට 44.2ක් සේවා අංශයේ නිරත වී සිටි බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. .
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දේශීය වී වර්ග ප්‍රචලිත කිරීම හා ඒවා මතු පරපුර වෙනුවෙන් සුරැකිව තබාගැනීමේ අරමුණින් ගොවි ජනතාව දැනුවත් කිරීමේ ප්‍රායීගික වැඩසටහනක් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කෘෂිකර්ම අංශයේ මෙහෙයවීමෙන් පසුගියදා පනාගොඩ කපුරුගොඩ වෙල්යායේ දී පැවැත්විණි.එම වෙල්යායේ වගාකර තිබෙන ‘ මසුරන්’ නමැති නව වී වර්ගය පිළිබඳව දේශීය බීජ හා කෘෂි සම්පත් සුරැකීමේ සම්මේලනයේ ලේකම් ඩබ්ලිව්. කේ. සුගතදාස මහතා ගොවි ජනතාව දැනුවත් කළේ්ය.රසායනික පොහොර කිසිවක් යොදා නොගෙන සාර්ථකව වගා කළ හැකි ‘ මුරුංගකායන්’ බෙහෙත් හීනටි, මසුරන් වැනි දේශීය වී වර්ග රැසක් ජනතාවට හඳුන්වා දීමද මෙහි දී සිදුකෙරුණි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නාභිගත වන ගැඹුර යනු කාචයට සාපේක්ෂව ප්‍රතිබිම්බ තලය පිහිටුවීමේ නිදහස ඇති පරාසයයි. අතීතයේදී නාභිගත වන ගැඹුර ලෙස හැඳින්වුවද දැන් බොහෝ විට මෙය ක්ෂේත්‍රයේ ගැඹුර ලෙස හඳුන්වයි. මේ සඳහා නුතනම යෙදීම වන්නේ ප්‍රතිබිම්බ පැති දුර යන්නයි. ක්ෂේත්‍රයේ ගැඹුර යන්න ප්‍රතිබිම්භයේ තියුණුතාව පිළිබඳව වූ මිණුමකි. නාභිගත වන ගැඹුර යන්න කාචය පසුපස ඇති තිරය මත තියුණුව නාභිගත වන පරාසය පිළිබඳ මිණුමකි. ක්ෂේත්‍රයේ ගැඹුර යන්න මීටර හෝ අඩි වලින් මනින අතර නාභිගත වන ගැඹුර යන්න මිලිමීටරෙන් කොටසක පංගුවක් පමණ කුඩා වේ. මෙම මිනුමෙන් තිරයේ පිහිටීම වෙනස්විය හැකි නිදහස දක්වන නිසා මෙය කාචයේ තිරයේ නිදහස ලෙසද හැඳින්වේ. ක්ෂේත්‍රයේ ගැඹුරට බලපාන කරුණු නාභිගත වන ගැඹුරට ද බලපායි. සිදුරු ප්‍රමාණය කුඩාවත්ම ක්ෂේත්‍රයේ ගැඹුර සහ නාභිගත වන ගැඹුර යන දෙකම වැඩිවේ. ස්ථායි F අංකයක් යොදා ගෙන දුර ඇති වස්තුක් සැලකීමේදී ක්ෂේත්‍රයේ ගැඹුර නාභිය දුරට සහ වස්තු දුරට සංවේදි නොවේ. නමුත් දුර ඇති වස්තුවක නාභිගත වන ගැඹුර දිගු නාභිදුරක් හෝ අඩු වස්තු දුරක් සමඟ වැඩිවේ. කුඩා නිමැවුම් සමඟ ජේල් හෝ වෙනත් පෙරහනයක් භාවිතා කිරීම අර්බුදකාරී තිරණයක් විය හැකිය. කාචයේ පසුපසින් වෙනත් දෑ භාවිතය මගින් ආලෝකයේ ගමන් මාර්ගය වෙනස් වී නාභිය තලයේ පිහිටිම වෙනස් වේ. එබැවින් මෙසේ වෙනත් දෑ භාවිතා කිරීමේදී නාභිය තලයේ වෙනස් වීම නොසැලකිය හැකි තරම් කුඩා වීමට වග බලා ගත යුතු වේ. ක්ෂේත්‍රයේ ගැඹුර ගණනය කර ගැනීම සඳහා දළ සමීකරණයක් භාවිතා කරනු ලැබේ. එනම් ක්ෂේත්‍රයේ ගැඹුර යනු, නාභිදුර සහ F - නැවතුම යන්නෙහි ගුණිතය 1000 න් බෙදු විට ලැබෙන අගයයි. (මෙම සමීකරණයේ පුළුල් පරාස කාච වලට හෝ ටෙලිෆොටෝ කාච වලට වඩා සාමාන්‍ය කාච වලට වලංගු වේ.) සටහන්[සංස්කරණය] Depth of focus
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මාතර රාහුල විදුහලේ හතරවැනි වසරේ ඉගෙනුම ලබන ඒ. අයි. එච්. මොවිඳු ශිෂ්‍යයා ජූලි මස 20 දා සිට 31 දින දක්වා තුර්කියේ පැවැත්වීමට නියමිත ලෝක පාසල් චෙස් සූරතාවලිය සඳහා තෝරාගෙන ඇත. ශ්‍රී ලංකාව ලෝක පාසල් චෙස් සූරතාවලිය නියෝජනය කරන ප්‍රථම අවස්ථාව වන අතර මොවිඳු සිසුවා වයස අවුරුදු 9 න් පහළ කාණ්ඩය සඳහා තරග වැදීමට නියමිතය.මොවිඳු පසුගිය වසරේ 8 න් පහළ දකුණු පළාත් සූරයා වූ අතර මේ වසරේ 9 න් පහළ සමස්ත ලංකා රිදී පදක්කම්ලාභියා ද වේ. මේ තරගාවලිය සඳහා සහභාගි වීම සඳහා අනුග්‍රාහකත්වයක් ලබා දීමට කැමැති පරිත්‍යාගශීලි කෙනෙක් වෙතොත් එය ඔහුගේ ක්‍රීඩා දිවියට මහ¼ගු අත්වැලක් වනු ඇත.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නීලවන් කෙස් රොදකිනුඹේ මුව සිඹිනාරෝස පැහැ තොල් අතරනිතර සැරිසරනා ..ටිකෙන් ටික නීල පැහැසැඟවෙලා තිබුනාසුළඟ හා හාද වීගියාදෝ සිතුනා ..පුංචි මුව විඩාබරපාලුවෙන් එතිලාඑදා දඟකාරකමනැතිවෙලා තිබුනා ..දකින්නට ආ දිනේමට පුදුම හිතුනායසට තිබු නිල් වරලබූ ගාල තිබුනා ..නුඹ දකින සඳහිතට මහ දුකක් දැනුනාඒ තරම් නුඹ නගේවෙනස් වී තිබුනා .
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකේය ගීත රචකයකු වන සමන් කුලරත්නගේ ගේය පද රචනා ඇතුළත් ‘වසන්තයයි ඔබයි මමයි’ සංයුක්ත තැටිය දොරට වැඩුම සහ සංගීත ප්‍රසංගය ආචාර්ය වික්ටර් රත්නායන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මස 14 දා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ කෙල්වොට්සන් ශාලාවේදී පැවැත්වෙයි. මේ ගී තැටියෙහි සියලුම ගීතයන්හී සංගීත අධ්‍යක්ෂණය ඉන්ද්‍රජිත් මිරිහානගෙන්ය. ආචාර්ය වික්ටර් රත්නායක, සංගීත නිපුන් සනත් නන්දසිරි, විශාරද නන්දා මාලිනී, සුනිල් එදිරිසිංහ, ටී. එම්. ජයරත්න, විශාරද එඩ්වඩ් ජයකොඩි, අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ, ආචාර්ය දයාරත්න රණතුංග සහ විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, නිරෝෂා විරාජිනී, මරියසෙල් ගුණතිලක, දයාන් විතාරණ ඇතුළු ගායක ගායිකාවන් මේ ගී තැටිය සඳහා හඬ මුසු කර ඇත.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අනුෂ්කා ෂර්මා රිදී තිරයේ ඉහළට යන්නේ රොකට්ටුවක් බවට පත් වූ තාරකාවක් වාගෙයි. ජීවිතයේ හතළිහේ දශකයේ පසුවන පූර්ණවන්තයා වූ අමීර් ඛාන්ගේ මෙන්ම යුගයේ තාරුණ්‍යය නියෝජනය කරන රන්බීර් කපූර්ගේ ද පෙම්වතා ලෙස ඇයට ඇත්තේ හොඳ ඉල්ලුමකි.‘පීකේ’ අනුෂ්කා ෂර්මාට රඟන්නට ලැබුණු නවතම සිනමාපටයයි. ‘පීකේ’ තාරකාව අනුෂ්කාම විය යුතු බව තීරණය කළේ අධ්‍යක්ෂ රාජ් කුමාර් සහ අමීර් ඛාන්ය. ‘අපට වෙන විකල්පයක් නැහැ’ ඒ ඔවුනගේ ඒකමතික අදහසයි.අනුෂ්කා, ෂාරුක් සමඟ රඟපෑ ‘රබ් නෙ බනා දි ජෝඩි’ අතිශයින්ම සාර්ථක වූ ආදායම් වාර්තා පිහිට වූ සිනමාපටයකි. ඇය රැඟූ ‘බාන්ද් බාජා බාරත්’ ද වාර්තා පිට වාර්තා පිහිටු වුවකි.නානා පතේකාර් මේ දිනවල ප්‍රියදර්ශන් අධ්‍යක්ෂණය කරන, ‘කමාල් දමාල් මාලාමාල්’ සිනමාපටයේ රඟන්නේය. ඔහු තිරයේ රඟන චරිතයකට අමතරව තිරයෙන් පිට තවත් චරිතයක් රඟන බව දැන් කොයි කාටත් රහසක් නොවෙයි.ඒ ලොක්කන්ගේත්, පොඩ්ඩන්ගේත් හිත් ගත් ඩොක්ටර් ඩූ ලිට්ල් (දොස්තර හොඳ හිත) චරිතයයි. ‘අනේ! මේ චරිතයත් රූ ගත වූවා නම්’ කියා සිතෙන තරමට මේ දර්ශන ආදරණීයයි. නානා පතේකර් ඩොක්ටර් ඩූ ලිට්ල් වී ඇත්තේ එළු පැංචකුටයි. සිනමාපටය වෙනුවෙන් කුලියට ගත් එළු පැංචා සෑම විටම නානා පසුපස සෙවනැල්ලක් මෙන් පැමිණ තිබේ.පසුව එළු පැංචාට නානාත්, නානාට එළු පැංචාත් නැතිවම බැරිව ගොස් ඇත. එළුවාට තණ කොළ සපයන්නේත් නානා පතේකාර්මය. වඩාත්ම සුන්දර කාරණය නම් මේ දෙදෙනා එකිනෙකා හා කාටත් නොතේරෙන බසකින් වචන හුවමාරු කර ගැනීමයි.මේ එළු පැංචා හා නානාගේ අපූරු රැගුම් සැප්තැම්බර් 28 වැනි දින සිනමාපටය තිරගත වූ පසු කාහටත් නැරැඹිය හැකියි.බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්ෂිකා ගුරින්දර් චාදාගේ නවතම චිත්‍රපටයේ විශේෂ රංගනයක් සඳහා බොලිවුඩ් නළු සායිෆ් අලි ඛාන් තේරා ගෙන තියෙනවා.ඉන්දියාවේ 1947 ජනවාරි සිට 1947 අගෝස්තු දක්වා කාලය ආශ්‍රිතව නිර්මාණයකෙරෙන මෙම චිත්‍රපටයේ ජවහර්ලාල් නේරුගේ චරිතය සඳහා තමයි චාදා, සායිෆ්ව තෝරාගෙන තියෙන්නේ.‘නේරුගේ චරිතය කෙටි රංගනයක්. මම හිතනවා සායිෆ් ඒක භාර ගන්න කැමති වෙයි කියලා’ චාදා ලන්ඩනයේදී ප්‍රකාශ කරලා තිබුණා.ඉන්දියාවේදී රූගත කිරීමට නියමිත මෙම චිත්‍රපටයේ රාශ්ට්‍රපති භවන් ඇතුළු රූගත කිරීමට අවශ්‍ය ස්ථාන සඳහා අවසර ලබාගෙන ඇති බවත් වාර්තා වෙනවා.ඉන්දීය සම්බවයක් ඇති සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂිකා ගුරින්දර් චාදා නිර්මාණය කළ චිත්‍රපට අතර බාහ්ජි ඔන් ද බීච් (1993), බෙන්ඩ් ඉට් ලයික් බෙකම් (2002), ඇන්ගස් තෝන්ග්ස් ඇන්ඩ් ප’ෆෙක්ට් ස්නොග්ගින් (2008) මහත් ප්‍රසිද්ධිට පත් වූ චිත්‍රපට කීපයකි.චම්පිකා දීපානි රණසිංහයතේජා ඥානරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නලිංක කාවින්ද මහර ජනාධිපති විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබන පුංචි පුතෙක්. ඒ වගේම නලිංක ඉස්කෝලේ කා අතරත් හරිම ජනප්‍රියයි. තවම අට වසරේ ඉගෙන ගත්තත් හරිම අපූරුවට තබ්ලාව වාදනය කරන නිසා තමයි නලිංක මේ තරමට ජනප්‍රිය. ඒ විතරක් නෙවෙයි නලිංක තමන්ගේ දක්ෂතාව පසුගිය දවසක හැමෝටම පෙන්නුවා. ඒ 2013 සමස්ත ලංකා පාසල් සංගීත හා නාට්‍ය තරඟාවලියේ කණිෂ්ඨ අංශයේ ඒකල තබ්ලා වදන (පිරිමි) අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින්.* නලිංක පුතාට ගොඩක් සතුටු ඇති නේද පළමුවැනියා වුණ නිසා?ඔව් ගොඩක් සතුටුයි. සමස්ත ලංකා තරඟයකින් පළමුවැනියා වුණේ පළමු වතාවට. 2012 වසරේ මේ අංශයේම පළාත් දෙවැනි ස්ථානය ලැබුණා.* ඔයා පුංචි කාලේ ඉඳලාම සංගීතයට කැමැතියිද?මගේ තාත්තා ප්‍රියන්ත චන්ද්‍රදීප්ත. දක්ෂ තබ්ලා වාදකයෙක්. මම පුංචි කාලෙත් ගෙදර තිබුණ තාත්තාගේ තබ්ලාව වාදනය කරන්න හදනවාලු. ඒ නිසා මොන්ටිසෝරි යන කාලෙදිම තාත්තා මට තබ්ලා වාදනය පුරුදු කළා. මොන්ටිසෝරියේ කොන්සට් එකේ ගීත දෙකකටමත් මම තබ්ලා වාදනය කළා.ඊට පස්සේ දෙක වසරේ සිට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කිල්ටස් දයාවංශ ගුරුතුමාගෙන් තබ්ලා වාදනය ඉගෙන ගන්නවා. ඉස්කෝලෙදි සුමිත්‍රා ගුරුතුමියගෙන් සංගීතය ඉගෙන ගන්නවා. ඊට අමතරව ගායනය වගේම වයලින් වාදනයත් ඉගෙන ගන්නවා.* ඉස්කෝලෙදි සංගීතය හැර කැමැතිම විෂයන් මොනවාද?හැම විෂයකටම ගොඩක් කැමැතියි. බුද්ධ ධර්මය ඉගෙන ගන්න ගොඩක් ආසයි. මම දහම් පාසලුත් යනවා.* නලිංක ලොකු වුණාම කවුරු වෙන්න ද කැමැති?අනාගතයේදී සංගීතය ගැන කථිකාචාර්යවරයෙක් වෙන්න කැමැතියි.* ඔයාගේ පවුලේ විස්තරත් කියන්නකෝ?මගේ පවුලේ අම්මයි තාත්තායි මමයි අක්කයි ඉන්නේ. අම්මා චන්ද්‍රා රෝහිණී. පෞද්ගලික ආයතනයක සේවය කරනවා. අක්කා සුපිපි කාවින්දි. මහර මහමායා බාලිකාවේ ඉගෙනුම ලබනවා. අක්කත් සංගීතය හදාරනවා.මගේ අම්මා, තාත්තා, අක්කා වගේම ඉස්කෝලේ හැමෝමත් මට ගොඩක් උදව් කරනවා. ඒ හැමෝටම වගේම මට සහාය වාදනයෙන් උදව් කළ තරුෂ අයියාටත් මම ගොඩක් ස්තූති කරනවා.නලිංක පුංචි පුතාට සංගීත ක්ෂේත්‍රයේ වගේම අධ්‍යාපනයෙනුත් ඉහළටම යන්න සරසවිය සුබ පතනවා. ඒ වගේම 0716298436 අංකයට රසික ඔබටත් සුබ පතන්න පුළුවන්.යතේජා ඥානරත්නඡායාරූපය – මාලන් කරුණාරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඔබට ඔබගේම ව්‍යාපාරයක් , නිකං කඩයක් තියෙනව කියල හිතන්න ඔයා ඒ කඩේ මැනේජර් කෙනෙක් දානවා ඔයා තමයි පඩි ගෙවන්නේ . ඒ මැනේජර් මාර පෞරෂයක් තියෙන උසමහත ඔයා මාර කැමති නළුවෙක් වගේ පොරක් (මහින්ද මහත්තය වගේ කියමුකෝ ) .පොර කඩේ ඔයාලගේ තාත්තට අයිති කාලේ ඉඳන් වැඩකර කර හිටිය එලවගන්න බැරිව හිටිය නාහෙට අහන්නැති දෙමල කොල්ලව එලවල හෙම දාල දැන් අල්ලපු කඩ පවා බයකරගෙන ඔයාගේ ව්‍යාපාරය මෙහෙයවනවා කියමුකෝ. මිනිහ ටික කලකින් ඔයාගේ කඩෙන් හොරා කනවා මුදල් හොරකම් කරනවා වාහන ගන්නවා. තමන්ගේ පවුලටම කඩේ රස්සාවල් දීල , ළමයිත් කඩෙන් හොරකං කරනවාඔයාගේ කඩේ ඇපේට තියල අල්ලපු ටවුමේ චීන කඩෙන් නයකුත් අරන් , ඔයාගේ ළමයි නෝනටත් චන්ඩි පාට් දානවා ඔයාවත් ගනන් ගන්නේ නැහැ දැන් ඔයා මොකද කරන්නේ මිනිහ මාර පොරක් හැන්ඩියා , චන්ඩියා වගේම ව්‍යාපාරයත් හොඳට කරනවා කිය කියා ගෙදර ළමයි ගැනීට වෙන අසාධාරනෙත් ගනන් නොගෙන ඔයාත් ඔයාගේ මැනේජර්ට ඔලුව පහත් කරගෙන දිගටම තියා ගන්නවාද නැත්නම් අස් කරලා වෙනමැනේජර් කෙනෙක් අලුතින් බඳවා ගන්නවාද.PS / ගිය අවුරුද්දේ කඩේ බඩු දාන්න ගොඩක් වියදම් කරලා තියෙන්නේ ඔයාගේ ලොකු දුව ඩුබායි රස්සාවක් කරලා එවන සල්ලිලුPSS / අස් කරන්න යනවා කියල ආරංචි වෙලා ඔයාට ගහන්න පොල්ලක් අතේ තියන්ලු ඉන්නේ.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පරිගණක ඉංජිනේරු ශිල්පය (හෝ පරිගණක පද්ධති ඉංජිනේරු ශිල්පය) විදුලි ඉංජිනේරු ශිල්පයේ හා පරිගණක විද්‍යාවේ විශාල කොටසක් අයත් කර ගනී. පරිගණක ඉංජිනේරුවන් යනු මෘදුකාංග නිර්මාණය හා මෘදුකාංග - දෘඪාංග සංගතකරණය පිළිබඳ විශේෂඥතාවය ලැබූ විදුලි ඉංජිනේරුවන්ය. ඔවුන් ජව ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා භෞතික විද්‍යාව කෙරෙහි දක්වන්නේ අඩු අවධානයකි. පරිගණක ඉංජිනේරුවන් සේවයේ යෙදී ඇති අංශ ලෙස ASIC නිර්මාණය , FPGA වැඩි දියුණුව , ෆර්ම් වෙයා (firmware) වැඩි දියුණුව , මෘදුකාංග වර්ධනය , දෘඪාංග - (ෆර්ම් වෙයා / මෘදුකාංග) ඒකීයකරණය , පරිපථ සැලසුම් කිරීම හා පද්ධති තත්ව නිර්මාණය හා සංගතකරණය දැක්විය හැක.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිරිත දිග මෝසම් සුළං සක්‍රියවීම නිසා දිවයින වටා හා මුහුදු ප්‍රදේශ රළු හා අනතුරු දායක විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.මන්නාරම, ගාල්ල, මාතර හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා වැඩිවිය හැකි බැවින් මේ මුහුදු ප්‍රදේශ රළු හා අනතුරුදායක විය හැකි යැයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා පවසයි. සෙසු මුහුදු ප්‍රදේශවලද සුළගේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටක රළුවිය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි. පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විටවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති බවත් ගිනිකොන ඊසාන ප්‍රදේශවල තද වැසි ඇතිවනු ඇති බවත් ඒ මහතා කියයි.බස්නාහිර, දකුණ ,සබරගමුව, මධ්‍යම සහ වයඔ පළාත්වල උදය කාලයේ විටින් විට වැසි ඇතිවන බවත් නැඟෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටී..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
යුදෙව් ජාතිකයන් කාන්තාවන් හා ළමුන් ලක්‍ෂ ගණන් ජර්මනියේ අවුස්‌විෂ්a ගෑස් ආදාහනාගාරවලට ගෙන ගිය දුම්රිය කොතැනක තිබෙන්නේ ද යෑයි මෙතෙක් අනාවරණය වී නොතිබුණි. එහෙත් හංගේරියාවේ ඉස්‌වැන්මෙලෙන් කැලෑ ප්‍රදේශයට ගිය ප්‍රදේශවාසියකුට කැලෑවෙන් වැසී තිබූ පැරණි දුම්රිය අංගනයක් හමු විය. එහි තිබුණේ මලකඩ කමින් තිබූ මරණයේ දුම්රියයි. අවුස්‌විස් ගෑස් ආදාහනාගාරයට යුදෙව්වන් කාන්තාවන් හා ළමුන් ගෙන ගිය මරණයේ දුම්රිය එන්ජිම සහ මැදිරි එහි තිබී හමු විය. මෙම යුදෙව්වන් ප්‍රවාහනය කළ දුම්රිය එන්ජිමේ අංක හා ඉන්වැස්‌ටෙලෝ දුම්රිය අංගනයේ තිබූ එන්ජිම හා සසඳන කළ මරණයේ දුම්රිය එය බව සනාථ විය. මේ මරණයේ දුම්රිය ජපන්, හංගේරියානු යුදෙව්වන් 4,40,000 ක් 1944 මැයි සහ ජුලි අතර සමයේ අවුස්‌විස් ගෑස් ආදාහනාගාරවලට ප්‍රවාහනය කර තිබිණි. මෙම දුම්රිය අංගනයට ගිය බ්‍රිතාන්‍ය ඡායාරූපය ශිල්පී මැතිව් ග්රුනෝව් එහි දුම්රිය එන්ජින් සහ මැදිරිවල ඡායාරූප ගෙන ජර්මානු අවුස්‌විෂ් දුම්රියේ පැරණි ඡායාරූප සසඳනු ලැබීය. ඉන් වසර 70 ක් තිස්‌සේ වැළලී තිබූ රහසක් අනාවරණය විය. ජර්මනියේ මියුනිච් නගරය සමීපයේ පිහිටි අවුස්‌විෂ් වධකාගාරය වෙත විශාල පිරිසක් සෑම දිනකම පැමිණෙන අතර ඔවුන්ගෙන් බොහෝ දෙනකු මළවුන් සිහිපත් කිරීමට මල්වඩම් තැන්පත් කරන අයුරු අපට දැන ගත හැකි විය. අවුස්‌විස් ගෑස් ආදාහනාගාරය ජර්මානු නිලධාරීහු විසින් දැන් සංචාරකයන් වෙනුවෙන් නැවත සකස් කර තිබේ. මේ පසුබිම මත මරණයේ දුම්රිය සඟවා තිබූ ස්‌ථානයෙන් මතුවිය. මරණයේ දුම්රියේ මැදිරි පවා නිරීක්‍ෂණය කළ විට හෙළි වූයේ හුස්‌ම ගැනීමට අපහසු වන ලෙසට එකී මැදිරි ඉදිකර තිබූ බවයි. මාව් 301 නමින් හඳුන්වන මෙම මරණයේ දුම්රිය හන්ගේරියාවේ බුඩාපෙස්‌ට් නගරයේ සිට ජර්මනියේ අවුස්‌විස් වෙත ධාවනය විය. අද අවුස්‌විෂ් වෙත පැමිණෙන දුම්රිය මාර්ගය ඉවත්කර තිබේ. එහෙත් අතීතය වැළලිය හැකිද. මරණයේ දුම්රියේ ගමන් කළ සියලුදෙනාම වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු ගෑස් ආදාහනාගාරවලට දමා පුළුස්‌සනු ලැබීය. මිත්‍ර හමුදා අවුස්‌විෂ් වෙත එනවිට 300 කට අධික සිරකරුවන් පිරිසක් ඉතිරිව සිටි බව හෙළි විය. එහෙත් වසර 70 කට පෙර එකී දුම්රියට බලහත්කාරයෙන් ගොඩ කළ යුදෙව් ජනතාවගේ මරණයේ හඬ සදහටම වැළලී ගියේ නැත. මරණයේ දුම්රිය පවසන්නේ ජර්මානු නාසිsවාදීන්ගේ ම්ලේච්ඡත්වයි. මේ වධකාගාරයේ සිටි ප්‍රධානීන් කීපදෙනෙකු ආජන්ටිනාවට පැනගොස් සිටියදී අල්ලාගත් ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි සේවාව ඔවුන්ව ඊශ්‍රායලයට ගෙන ඒමට ක්‍රියා කළහ. එහෙත් හන්ගේරියානු යුදෙව්වන් 440,000 ක් වෙඩි තබා මරා අවුස්‌විෂ් ගෑස් ආදාහනාගාරවල දමා පුළුස්‌සා දැමීම විශාල මිනිස් ඝාතනයකි. මරණයේ දුම්රිය සහ ඊට අදාළ මැදිරි හමුවුවත් හන්ගේරියානු බලධාරීහු ඒ ගැන මෙතෙක් විමර්ශනයක් අරඹා නැත. මේ මරණයේ දුම්රිය ඉස්‌වැන්ටෙලෙන් දුම්රිය අංගනය තුළ සැඟවූයේ කවුරුදැයි මෙතෙක් හෙළි වී නැත.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රජරට කෘෂිකාර්මික සමුපකාර සමිති පවත්නා ගම්මාන 65ක ගොවීන් 1775 ක් සම්බන්ධ කර ගෙන අක්කර 1775 ක නව ක්‍රමයකට පොහොර යොදා වී වගා කිරීමේ නව සැලැස්මක් පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබේ.මෙම වැඩපිළිවෙළ යටතේ දැනට යොදන රසායනික පොහොර ප්‍රමාණයෙන් 75 ක්ද ඉදිරියට කාබනික පොහොරද යොදා මෙම කුඹුරු වගා කෙරේ.කාබනික පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා සෑම ගොවි මහතෙකුටම උදලු තලයක් මුල්ලුවක් සහ පොස්පේට් කිලෝග්‍රෑම් පහක මල්ලක් නොමිලයේ ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.රසායනික පොහොරවලට ඇබ්බැහි වී සිටින ගොවි ජනතාව එයින් මුදා ගෙන කාබනික පොහොර වලට පුරුදු කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ යෙදු බව පළාත් කෘෂිකර්ම ඇමැති කේ. එච්. නන්දසේන මහතා පැවසීය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී ලංකා ගුවන් හමුදා 'ඒ' කණ්ඩායමට එරෙහිව ලකුණු 20-10ක විශිෂ්ට ජයක් අත්කර ගත් කාල්ටන් ක්‍රීඩා සමාජය බස්නාහිර පළාත් අන්තර් සමාජ සත් සාමාජික රගර් තරගාවලියේ කුසලානය දිනා ගැනීමට සමත්විය.අවසන් තරගයේ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මැතිනිය සහභාගී වූහ. බස්නාහිර පළාත් රගර් සංගමයේ මෙහෙයවීමෙන් හා ඒෂියන් ෆයිනෑන්ස් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැති අතර ත්‍යාග ප්‍රදානෝත්සවයට එම සංගමයේ හා ආයතනයේ ප්‍රධානීන් ද එක්වී සිටියහ.පොලිස් පිටියේ පෙරේදා පැවැති අවසන් මහා තරගයේ පළමු භාගය නිමාවනවිට දෙපිලම ලකුණු 10බැගින් ලබා සිටියද දෙවැනි භාගයේ දී ගුවන් හමුදාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ කාල්ටන් පිල ජය හිමිකර ගත්තේය. කාල්ටන් පිල රැස් කළ ලකුණු සංඛ්‍යාවට උත්සාහක දිනුම් 4ක් ඇතුලත් වූ අතර ගුවන් හමුදාව රැස් කළේ උත්සාහක දිනුම් 2ක් පමණි.කුසලාන වටයේ පළමු අවසන් පූර්ව තරගයේ දී ලකුණු 28-0කින් හැව්ලොක්ස් පිල පරාජය කිරීමට කාල්ටන් ක්‍රීඩා සමාජය සමත්වූ අතර දෙවැනි අවසන් පූර්ව තරගයේ දී පොලිස් 'ඒ' කණ්ඩායම ලකුණු 22-12කින් පරාජය කිරීමට ගුවන් හමුදා 'ඒ' පිල සමත්විය.කාල්ටන් ක්‍රීඩා සමාජයේ ජේසන් දිසානායක තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය. දෙදිනක් පුරා පැවැති මේ තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගනු ලැබුවේ ආදි කන්නන්ගර විදුහල් කණ්ඩායමට එරෙහිව ලකුණු 26-10ක ජයක් වාර්තා කළ නාවික හමුදා 'ඒ' කණ්ඩායම විසිනි. කොතලාවල ආරක්ෂක ඇකඩමි පිලට එරෙහිව ලකුණු 28-7ක ජයක් අත්කර ගත් ගුවන් හමුදා 'බී' කණ්ඩායම බඳුන ශූරතාව දිනූ අතර පොලිස් පිල ලකුණු 33-5කින් පරාජය කළ පානදුර රගර් කණ්ඩායමට පළිහ ශූරතාව හිමිවිය.බස්නාහිර පළාතේ කණ්ඩායම් 20ක් මෙවර තරගාවලියට එක්වී සිටි අතර ජාතික කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මීට ඇතුළත්වීම කැපී පෙනුණි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ මන්ද මෙම ලිපිය රෙදිපිළි ලිපිය වෙත ගෙන ගිය බැවිනි. නිසාවෙනි. ස්ථීර උපමානයක් සදහා, CSD බලන්න. %E0%B6%B8%E0%B7%99%E0%B6%B8+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%5B%5B%E0%B6%BB%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%5D%5D+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92.NA එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. පිටුවෙහි කර්තෘ වෙත සටහන: ඔබ තවමත් ලිපි සාකච්ඡා පිටුව සංස්කරණය කර නොමැත. ඔබ මෙම ඉක්මන් මකාදැමීමට විරුද්ධ වීමට අදහස් කරයි නම්, ඉහත දැක්වෙන බොත්තම එබීමෙන් පසුව මෙම පිටුව මකා නොදැමිය යුත්තේ මක්නිසාදැයි කියා සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තැබීමෙන් අනතුරුව ප්‍රකාශ කරන්න. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්. මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ Salin813 (දායකත්ව| ලඝු) විසින් 2 වසර ගණනකට පෙර ට පෙරදීය කරුණාකර පහත සැකිල්ල කර්තෘගේ සාකච්ඡා පිටුව මත පිහිටුවීමකට භාජනය කරන්න: {{subst:db-reason-notice|නිපැයුම් ක්‍රම|header=1|මෙම ලිපිය රෙදිපිළි ලිපිය වෙත ගෙන ගිය බැවිනි.}} ~~~~ විශිෂ්ට ලෙස වර්ණ ගන්වන ලද ගෝත මාලාවේ වියු රෙදි පිළි හා රෙදි වියන යන්ත්‍රයකින් වියන ගැහැණියක්. විවීම යනු රෙදි පිළි නිපදවීමේ ක්‍රමයක් වන අතර දිගු නූල් එකට බැදවීම අඩංගු වන අතර එහිදි හරස් නූල් කාණ්ඩයක්ද භාවිතා වේ. මෙය වියන යන්ත්‍රය නම් වු රාමුවක හෝ යන්ත්‍රයක් මත සිදුවන අතර ඒවායේ වර්න ගනනාවක් ඇත. බහුතරයක් යන්ත්‍රණු සාරයෙන් සිදු වුවද ඇතැම් විවීම් අදටත් අතින් සිදු කෙරේ. ගෙතීම හා අණ්ඩ දැමීම කැටි නූල් සමුහයන් කැටි කිරීමට අයත් වෙයි. මේවා ගෙතුම් ඉදිකටුවකින් හෝ ගෙතුම් කොක්කක් මගින් රේඛාවක් දිගේ සිදු කෙරේ. ක්‍රියාපටිපාටීන් දෙක වෙනස් වන්නේ පෙරකී ක්‍රමයේදී එකම වෙලාවකදී සක්‍රීය කාණ්ඩයන් කිහිපයක් පවතින බැවිනි. එම ඉදි කටුව අනෙක් කාණ්ඩය සමග අගුල් වැටී පවති. එසේ නමුත් ගෙතීමේ වරකට එක් කාණ්ඩයකට වඩා භාවිතා නොවේ. හැඩ පලු වැටීම හෝ ගෙතීම නූල් එකට කැටි කොට රෙද්දක් බවට පත් කිරීමේදි සිදු වේ. නූල් රටාවක් නිර්මාණයේදී භාවිතා වන ශිල්ප ක්‍රමයේදී නූල් එකට ගැට ගැසීම සිදුවේ. රේන්ද ගෙතීමේදී නූල් ස්වාධීනව ඉහත කී ඕනෑම ක්‍රමයක ආධාරයෙන් එකට ඇමිණීම සිදු වේ. එහිදි මනාව නිම වු රෙද්දක් ලැබෙන අතර වැඩ කිරීමේදී තිබු සිදුරු පියවෙයි. රෙන්ද අතින් හෝ යන්ත්‍රාණුසාරයෙන් නිර්මාණය කල හැක. පලස්, කම්බිලි, වෙල්වට්, විල්ලුද හා කපු විල්ලුද වියු රෙද්දක් මත ද්වීතිකව රේන්ද ගෙතීම් මගින් සිදු කෙරේ. එහිදි සියුම් ලොම් නම්වු සිනිදු ස්ථරයක් නිර්මාණය වෙයි. තහඩු ලොම් ශිල්ප ක්‍රමයේදී කෙදි පැදුරක් එකට සම්පීඩනය කිරීමෙන් පසු ඒවා එකට හා වන තුරු විවීම සිදු කෙරේ. සබන් වතුර වැනි ද්‍රවයක් එක් කොට කෙදි ස්නේහනය සිදු වන අතර එහිදී ලොම් රෙද්දේ එන්වීක්ෂීය පරිමාණය විවෘත වීම් ඇති වේ. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Textiles#Production_methods
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගගන් බුලත්සිංහල සේවය/ඛණ්ඩය ශ්‍රී ලංකා ගුවන් හමුදාව පදවිය එයාර් වයිස් මාර්ෂල් අණදීම් ප්‍රධාන විධායක මාන්ඩලික නිලධාරී සටන්/යුද්ධ ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය ප්‍රදාන උත්තම සේවා පදක්කම රණ වික්‍රම පදක්කම රණ ශූර පදක්කම එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල USP, RWP, RSP, ndc, psc යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ප්‍රධාන විධායක මාන්ඩලික නිලධාරී ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබයි. එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය] එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහලගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජල චක්‍රය - කාලයත් සමග වෙනස්වීම ජල චක්‍රය යනු ජලගෝලය හරහා ජලයේ චලනය පැහැදිලි කරන ක්‍රියාවලියයි. නමුත් ජලල ප්‍රමාණයෙන් විශාල කොටසක් ජල චක්‍රය තුළින් ගමන් නොකර දීර්ඝ කාලායක් තිස්සේ ගබඩා වී පවතී. මෙම ජලයෙන් වැඩි කොටසක් ගබඩා කර තබාගන්නේ සාගරයයි. ඇස්තමේන්තු කර ඇති ආකාරයට අනුව ඝන සැතපුම් 332,500,000(1,386,000Km3) ජල සැපයුමෙන් 321,000,000 ඝන සැතපුම් (1,338,000,000Km3) ජල ප්‍රමාණයක් හෙවත් 95% සාගර වල ගබඩා කර පවතී. තවද ජල චක්‍රයට සැපයේන ජල වෂ්ප වලින් 90% පමණ සැපයෙන්නේ සාගරයෙනි. ශීත දේශගුණ තත්ත්වය වලදි වැඩි හිම වැස්ම හා ග්ලැසියර ඇතිවන අතර ගෝලීය ජල සැපයුමෙන් කොටසක් අයිස් බවට හරවීමෙන් ජල චක්‍රයේ අනෙක් කොටස් වලට ලැබෙන ජල ප්‍රමානය අඩු වේ. උණුසුම් කාලගුණයේදී මෙහි විරැද්ධ ආකාරය සිදුවේ. හිම යුගයේදී ලෝකයෙන් ගොඩබිම් ප්‍රමාණයෙන් 1/3 පමණ අයිස් වලින් වැසී තිබුණු අතර එම හේතුවෙන් සාගර ජලමට්ටම වරත්මාන ප්‍රමාණයට වඩා අඩි 400(122m) පමණ පහතින් තිබුණි. අවුරැදු මිලියන 3 කට පමණ පෙර පෘථිවියෙන් අවසාන උණුසුම් අවධියේදී සාගර මට්ටම අඩි 18 (5'5m) දැනට වඩා ඉහළින් පිහිටා තිබුනි. අවුරැදු මිලියන 3 නපෙමණ පෙර සාලගරය දැනට වඩා අඩි 165 (50 m) පමණ ඉහළින් තිබු බවට විශ්වාස කෙරේ. 2007 පැවැති දේශගුණික විපර්යාස සදහා වු අන්තර්රාජ්‍ය මණ්ඩලය (IPCC) පතිපත්ති සම්පාදනයේදී විද්‍යාඥයෝ ඒකමතිකව පිළිගත් කරැණක් වන්නේ ජල චක්‍රයෙන් ශ්‍රීඝ්‍රතාවය 21 වන ශතවර්ෂ පුරා වර්ධනය වන බවයි. නමුත් මෙහි අදහස් ලොක්යේ සියළුම කලප වල වර්ෂාපතනය ඉහළ යන බව නොවේ. උපවර්තන කලාපයන්හි සාපේක්ෂව වියළි කාලගුණයක් පවතින ප්‍රදේශවලට 21 වන ශතවර්ෂයේදී වර්ෂාපතනයේ අඩු වීමක් පෙන්විය හැකි අතර එමගින් නියග ඇතිවීමක් පෙන්විය හැකි අතර එමගින් නියග ඇතිවිමේ සම්භාවිතාව ඉහල යයි. මෙම වියළි ඵාවය වර්ධනය ධ්‍රැවසාන්න උපනිවර්තන කලාප (උදා . මධ්‍යධරණී ප්‍රදේශය, දකුණු අප්‍රිකාව, දකුණු ඔස්ට්‍රේලියාව, නිරිත දිග ඇමරිකා එක්සත් ජනපදය) වල වඩා බලවත් වේ. වර්තමානයේදි තෙත් කාලගුණයක් පවතින සමකාසන්න ප්‍රදේශවල හා ඉහළ යාමක් බලාපොරොත්තු වේ. මෙම මහාපරිමාණ දේශගුණික රටාව IPCC හි 4 වන ඇගයුමට අනුව ජාත්‍යන්තර පර්යේෂායතන කිහිපයකම සිදුකඝ පර්යේෂණ වල ප්‍රතිඵල ලෙස ලැබුණි ග්ලැසියර දියවීමද ජල චක්‍රයේ වෙනස්වීම සදහා උදාහරණයකි. මෙහිදි වර්ෂාපතනයෙන් ග්ලැසියර වලට ලැබෙන ජලප්‍රමානය, ඌර්ද්වපාතනය මගින් හා දියවීම මගින් සිදුවන ජලහානිය ප්‍රකෘතිමත් කිරීමට ප්‍රමාණවත් නොවේ. 1850 සිට ග්ලැසියර දියවීම පුළුල්ව සිදු වී ඇත. - කෘෂිකර්මය - වායුගෝලීය රසායනික සංයුතිය වෙනස් කිරීම - වේලි තැනීම - වන හානිය හා වනරෝපණය - ගංගා සංගමනය - නාගරීකරණය දේශගුණික බලපෑම් ජල චක්‍රයට බලය සැපයෙන්නේ සුර්ය ශක්තියෙනි. ගෝලීය වාෂ්පීකරණයෙන් 86% ම සිදුවන සාගරයේ උෂ්ණත්වය වාෂ්පිකාර සිසිලනය හේතුවෙන් පහත වැටේ. වාෂ්පිකණයේ වන සිසිලනය නැතුවිට හරිතාගාර ආවරණය මගින් පෘෂ්ඨිය උණුසුම 67 0C වැනි ඉහළ අගයක් විය හැකි අතර එමගින් ලෝක ගෝලය වඩා උණුසුම් වේ.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
විනෝදාත්මක නීතිය හෙවත් මාධ්‍යය නීතිය විනෝදාත්මක කර්මාන්තයට නීතිමය සේවාවන් සැපයීම සඳහා අවධානය යොමුකරන මිශ්‍ර වූත් සහ වඩා පාරම්පරික වූත් නීතියේ අංශයයි. විනෝදාත්මක නීතියේ මූලික ක්ෂේත්‍රයන් සත්‍ය වශයෙන්ම සම්ප්‍රදායික බුද්ධිමය දේපළ නීතිය හා අතිච්චාදනය වේ. නමුත් සාමාන්‍යයෙන් විනෝදාත්මක නීතියේ භාවිතයේ දී නිරතුරුවම රැකිරක්ෂා නීතිය, කම්කරු නීතිය, ආගමන, ආරක්ෂක නීතිය, ආයතන, බුද්ධිමය දේපළ, (විශේෂයෙන්ම වෙළඳ ලාඡඅන, ප්‍රකාශන හිමිකම් සහ ප්‍රචාරණ හිමිකම්) සහ ජීවිත රක්ෂණ නීතිය යන ක්ෂේතයයන් ස සම්බන්ධ ව පවතී. විනෝදාත්මක නීතිය සම්බන්ධ බොහෝ කටයුතු ගණුදෙණු මත පදනම් ව ඇති අතර ඊට ගිවිසුම් කෙටුම් පත් කිරීම, ගිවිස ගැනීම සහ මැදිහත් වීමයි. විනෝදාත්මක නීතිය සාමාන්‍යයෙන් ඒවාට අදාළ ක්‍රියාකාරකම් විශේෂයෙන් ම ඒවදට අනන්‍යය වූ වෘත්තීය සංගම්, නිෂ්පාදන ශිල්ප ක්රම, නීති රීතීන් සිරිත් විරිත් නඩු තීන්දු සහ ගණුදෙණු කිරීමේ උපාය මාර්ග අනුව නැවත පහත දැක්වෙන ක්ෂේත්‍ර වලට බෙදා දැක්විය හැකි ය. • චිත්රපට විකල්ප එකඟතාවන්, මූල්යයමය, කුසලතා ගිවිසුම් (තිර රචකයින්, චිත්‍රපට අධ්‍යක්ෂකයින්, නළුවන්, රචකයින්, නිෂ්පාදන සැලසුම්කරුවන්) නිෂ්පාදනය, පසු නිෂ්පාදන සහ වෘත්තීය සමිති ගැටළු, බෙදාහැරීම, චලන චිත්ර, ප්‍රකාශන හිමිකම සහ වෙළඳ නාම සම්බන්ධ බුද්ධිමය දේපළ ගැටළු • සංගීතය කුසලතා ගිවිසුම්, (සංගීත නිර්මාණකරුවන් සහ ගීත රචකයින්) නිෂ්පාදන එකඟතා, සමකාල අයිතීන් ප්‍රකාශන හිමිකම සම්බන්ධ බුද්ධිමය දේපළ ගැටළු මීට අයත්වේ. • රූපවාහිනිය සහ ගුවන් විදුලිය විකාශන අවසරයන් සහ බලපත්‍ර ලබා දීම • වේදිකා නාට්යය කුලී ගිවිසුම් සහ සහයෝගිතා ගිවිසුම් සහ රංගනය සම්බන්ධ නීතිමය කරුණු • බහු මාධ්යය මෘදුකාංග බලපත්‍ර සහ වීඩියෝ කී්‍රඩා නිෂ්පාදනය සහ වැඩිදියුණු කිරීම • ප්රචාරණය මුද්‍රිත මාධ්‍යය වෙළඳ දැන්වීම්, නිරූපණ, බලය ලත් එකඟතා සහ ප්‍රකාශන අයිතිය සම්බන්ධ කරුණු • දෘශ්‍ය කලා සහ නිර්මාණ ලලිත කලා කලා නිර්මාණ අලෙවි නියෝජිතයනට බාර කිරීම, පොදු ස්ථාන වල මූර්ති නිර්මාණ සම්බන්ධ අයිතිය, කාර්මික නිර්මාණ, නිෂ්පාදන වල ග්‍රැෆික් නිර්මාණ අංග ආරක්ෂා කිරීම. අපහාස කිරීම, පෞරුෂත්ව අයීතීන් සහ පුද්ගලිකත්ව අයිතින් විනෝසස්වාද නිතියේ දී පැන නඟී.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
නිදි නොමැති නෙත් සඟලවිඳවනා විඳවිල්ල.සතුට නැති සිතිවිල්ලනුඹ ලඟම දැවටිල්ල.ලේ නොමැති මුහුණ වියලිලාමෙනි ඉපනැල්ල.ගුටි නොකා ලඟට වරනුඹයි මගේ හසරැල්ල.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සමන් ද සිල්වා උපත ශ්‍රී ලංකාව නිවහන ශ්‍රී ලංකාව ජාතිකත්වය ශ්‍රී ලාංකික අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ වෘත්තිය ගායක ප්‍රසිද්ධ වන්නේ ප්‍රවීන ජනප්‍රිය බයිලා ගායක ආගම බෞද්ධ සමන් ද සිල්වා යනු ප්‍රවීන ජනප්‍රිය බයිලා ගායකයකි. සමන්ගේ ගීත අතර නියරේ පියනගලා, පුංචි කුරුළු කූඩුවේ, සංතෝස වෙන්න ප්‍රීති වෙන්න, තනනිල්ල දිගේ, පුරහඳ නැගුණා මේ ආදී ගීත ඉතාා ජනප්‍රියය. සමන් ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා වූූ අතර එක්සත් ජාතික පක්ෂය කලා සංසදයේ ජාතික සංවිධායක ද විය. සමන් ද සිල්වා පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී එජාපයෙන් කොළඹ දිස්ති‍්‍රක්කයට ද තරග කෙළේය. චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු ගාමිණී හෙට්ටිආරච්චි නාලන්දාවේ මොහුගේ සම කාලිනයෙකි. සමන් සංගීත සංදර්ශන සඳහා සමන් ලොව පුරා බොහෝ රටවල් සංචාරය කර ඇත. සමන් ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය] සමන් ද සිල්වාගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු කලා කරුවන් "අංක එක ක්ලැරන්ස් - සමන් ද සිල්වා". silumina. 2012/12/09. "වෙන පුතාලා කියන්න කලින් මගේ සිංදු මගේම පුතාලාට කියන්න දෙනවා - සමන් ද සිල්වා". divaina. 2012/05/27. "ගායක ගායිකාවන්ගේ සංගමය වෙත ප්‍රදානය කළ ඉඩමට මොකද වුණේ". lakbima. 2013-07-17. "ප‍්‍රවීණ ගායක සමන් ද සිල්වා සන්ධානයට එක්වෙයි". dinamina. 2009/07/27.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
" ජේසු අපිට කියනවා.. වෙනස් වෙනකන් ඉන්න ඕනෙ නැහැ. දැන් එන්න.ඇයි එහෙම කියන්නෙ .සමහරු ඉන්නව, ඒගොල්ලො කියනව " මම ටිකක් බෝතලේට ඇබ්බැහිවෙලයි ඉන්නෙ.. අත් ඇරපු දවසට මම ඇවිල්ල සේවය කරන්නංකො නියමෙට..."නැද්ද .තවත් සමහරු කියනව "මම අර වැරදි සම්භන්ද කමකයි ඉන්නෙ, ඒක මම අත ඇරපු දවසට මම ජේසු ලඟට එන්නංකො "තවත්සමහරුකියනව මම අර සල්ලි හොයන්නෙ වැරදි විදිහට. පොඩි පගාවක්ගන්නව.. බොස්ට බොරුවක් කරනව. පොඩි හොරයක් කරල.. නැත්තං ජීවත් වෙන්නත් බෑනෙ මේ දවස් වල....එහෙම නැත්තං මට ඉන්නත් බෑ. මම ඒක ළමයි ලොකු වෙලා අත් ඇරපු දවසට .. මමඑන්නං.එදා වෙනකං තමයි ගොඩාක් අය බලාගෙන ඉන්නෙ.ඒත් ජේසු කියනව, මොකක්ද කියන්නෙ . .. ඉන්න විදිහට එන්න. මම ඔබට ගොඩාක් ආදරෙයි.උන්වහන්සේ මොකක්ද කියන්නෙ . දැං එන්න. හැත්තැ පහ වෙනකන් ඉන්න ඕනෙ නැහැ. පිරිමි අය කොන්තෙ කියන්නෙ හැත්තැ පහෙන් පස්සෙ. එතකන් වෙන ඒව කියන්නෙ...ඇයි මැරෙන්න බයයි. අයියෝ.ඔබට පෙනෙයි ස්වාමීන් වහන්සේ කියනව.. දැං, මේ දැං ඉන්න විදිහට එන්න , මම ඔබට ගොඩාක් ආදරෙයි. ඉතිං සාධාරනව අහන්න පුලුවන් දෙයියනේ මේව කිව්වෙ නැත්තෙ ඇයි .අවුරුදු ගනන් කවුරුත් මේක කිව්වෙ නැත්තෙ ඇයි .අපිට වෙන දෙයක් කියල දීලයි තියෙන්නෙ. මං කියන්නං කියල දීල තියෙන දේ.. මොකක්ද ඒ .මම කියනකොටම ඒක තේරෙනව ඒක, ඇයි ඒ . පොඩි කාලෙම මේව ඉගෙන ගත්තෙ.මම පොඩිකාලෙ හිටියෙ බදුල්ලෙ, ඔක්කොම එකම දේ තමයි අපි ඉගෙන ගත්තෙ..මං කියන ඒවට උත්තර දෙන්න ඕනෙ ආ..ජේසු ආදරේ කරන ළමයි ජාතියක් ඉන්නව.. නැද්ද .. මොන ළමයින්ටද ජේසු ආදරේ .. . ( පසුබිමෙන් පිළිතුරු දෙයි.. :) ) දැක්කනෙ..ජේසු කැමති නැති ළමයි ජාතියක් ඉන්නව. මොනළමයිටද කැමති නැත්තෙ . නරක ළමයින්ට.. ඒ නිසා ජේසුගෙ ආදරේ ලබන්න නන් මොකක්ද කරන්න ඕනෙ .ඔන්න ඕක තමයි (කතෝළික) හැම කෙනාගෙම ආධ්‍යාත්මයේ පදනම. පොඩි කාලෙම ඒක දාල තියෙන්නෙ. නැත්තං මුන්ව පාලනය කර ගන්න බෑ.. නටනව, දඟලනව..අර ජේසු බලනව.. දඟලන්න ඒපා ජේසු ආදරේ හොඳ ළමයින්ට විතරයි..ඒ නිසා පරම්පරාවක් හැදුනා.. මොකක්ද ඒ පරම්පරාව . පල්ලියෙන් එලියෙ පරම්පරාව. දන්නවද ඒගොල්ලො කව්ද කියල. මෙහෙත් ඇති ශුවර් එකටම.. කව්ද ඒ .. .ආගම වෙනුවෙන් මේ අය මැරෙන්නත් ලෑස්තියි. අවශ්‍යනං මරන්නත් ලැස්තියි. ගහන්නත් ලැස්තියි, ගුටිකන්නත් ලෑස්තියි, කර ගහන්නත් ලැස්තියි, හැබැයි පූජාව පටන් ගත්තු වෙලේ ඉඳං එලියෙ ඉන්නෙ.කව්ද ඒ . ඒ අය තමයි පොඩි කාලෙ ඉගෙන ගත්තෙ ,ජේසුආදරේ මොන ළමයින්ටද .. .ඒගොල්ලි කියනව අපි කුහක මිනිස්සු නෙමේ, අපි අවංක මිනිස්සු, අපි පව්කාරයො. අපි ජේසුට ආදරෙයි, හැබැයි අපිට පල්ලිය ඇතුලට එන්න විදිහක් නෑ..අපි එලියෙ ඉඳල පුලුවන් සේවය කරන්නෙ.... "" ඉන්න්න විදිහටම එන්න " යන තේමාව යටතේ මෙහෙයවන පියවර හතරේ ඥානකාන්තිය මේ වකවානුවේ කතෝළික පල්ලිය මගින් මෙහෙයවන ප්‍රසිද්ධ ආධ්‍යාත්මික වැඩසටහනක්. ඉහත මම උපුටල තියෙන්නෙ පළමු පියවරේ දේශනාවෙන් කුඩා කොටසක්. ප්‍රධාන දේශකයා "ලලිත් තාත්තා" නම් ගිහි පුද්ගලයෙක්. සම්පූර්ණ ඥානකාන්තියම අහන්න උවමනා කෙනෙකුට මෙම ලින්ක් එකෙන් ( http://www.html ) සියලුම කොටස් වලට සවන් දෙන්න පුලුවන්.ජේසු පිහිටයි .
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයකි .සුභ අසුබ නැකත් පිලිබඳව හෝ එසේ නැකතට කටයුතු කිරීමෙන් අත්වෙන විශේෂ වාසියක් පිලිබඳ මාතුල කිසිදු විශ්වාසයක් නැතත් ජාතියක් වශයෙන් අනෙන්‍යවූ සංස්කෘතිකාංගයක් වූ අවුරුදු උත්සවයටත් ඒ හා සබැඳි චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමේ වැදගත් කමක් මා දකිමි . පවුලේ සියලු දෙනා හැකි පමණින් එකතුව අවුර්ද්ද සමරන්නටත් , පරණ තරහ මරහ අමතක කර ඥාති මිත්‍රාදීන් සහ අසල්වාසීන් සමඟින් සම්බන්දයන් අලුත් කරගන්නටත් , සංස්කෘතික අනෙන්‍යතාවයක් වශයෙන් සිංහල දෙමල අලුත් අවුරුදු සම්ප්‍රදායන් මතු පරපුර වෙත ගෙනයාමටත් සැම සියලු දෙනාම වග බලාගන්නේ නම් යහපත් බවද මේ මොහොතේ පවසනු කැමැත්තෙමි . සියලුම බ්ලොග් කරුවන්ටත් , සිංහල බ්ලොග් කරණය වර්ණවත් කරනා නිර්නාමික ප්‍රතිචාර කරුවන්ටත්, ප්‍රතිචාර නොදක්වන නිහඬ පාඨකයිනුත් ඇතුලු සිය්ලු දෙනාටමතම සිතු පැතුම් ඒ ආකාරයෙන්ම ඉටු කරගන්නට ලැබෙන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දකට ආසිරි එක් කරනා අතරම ,මාගේ බ්ලොග් කරණය නිසා වෙන් කුමන හෝ සිත් අමනාපයක් ඇති කරගත්තෙක් මේ අතර වේ නම් , ඒ සිතේ කහට අමතක කර නව වසරේ නව ප්‍රවේශයක් වෙනුවෙන් එකතු වීමට අවස්ථාව ලැබේවා කියාද ප්‍රාර්ථනා කරමිමේ සමස්ථ රට වැසියන් සහ ලෝක වාසින් වෙනුවෙන් මාගේ අලුත් අවුරුදු සුබ පැතුමයිවිදුලි ගාස්තු සුත්‍රයවත් (අඩු ගානේ ) වෙනස් නොවන, මත්තලට ප්ලේන් එන, එන ප්ලේන් වල කුරුල්ලො නොවදින, නැව් 400න් 40ක් හෝ හම්බන්තොට වරායාට පැමිණෙන , නොරොච්චෝලේ අවුරුද්දෙන් භාගයක් හෝ හරියට වැඩ කරන , ඇමති මණ්ඩලේ වැඩි නොවන , ඇමතිලා වැඩක් නොලකත් අඩුම ගානේ පිස්සු නොකෙලින ,ලොක්කාට තමන් ආයෙත් ඡන්දයකට යායුතු බව සිහි වෙන, රනිල්ට තමන් විපක්ෂ නායක බව මතක් වෙන , ෆොන්සේකාගේ අහංකාර කම් අඩුවෙන ,ජිනිවා වලදී නාගන්නේ නැති, ඇමරිකාවෙන් , යුරෝපයෙන් සහ ඉන්දියාවෙන් ගේම ඉල්ලන්නට නොසිතෙන, මුස්ලිමුන්ට අන්තවාදය එපා වෙන, බොදු බලසේනාවට තමන් "බෞද්ධ" බව මතක් වෙන , දෙමල සංධානයට ඊලම එපා වෙන , මූලධර්ම වාදි ක්‍රිස්තියානින් එලවන්නට කතෝලික සභාවම මැදිහත් වෙන , ගෝත්‍රික දූපත් මානසිකත්වයෙන් මිදී නූතන ලෝකයා හා පැහෙන ආකල්ප වර්ධනකයට බහුතර ශ්‍රි ලංකිකයින් පිරිසකට හැකි වෙන සුභ අලුත් අවුරුද්දක් වේවායි ශ්‍රි ලාංකිකයින් සියලු දෙනාටමත්කිම් ජොන්ට මිසයිල ගහන්නට නොහිතෙන (*) ,ලෝක ආර්ථිකය වඩාත් වේගයෙන් අර්බුධයෙන් ගොඩ එන . ඒකාධිපතියන් , ආගමික අන්තවාදයන් සහ ත්‍රස්තවාදයන් ට එරෙහිවත් , පරිසර හිතකාමි ආර්ථික සංවර්ධනයක් කෙරේ පක්ෂවත් ලෝක ජනමතය ගොඩ නැගෙන කාල වකවාණුවක් සමස්ථ ලෝකයාටමත් ප්‍රාර්ථනා කර සිටිමි .(* )බලයෙන් වියරුවූ ඒකාධිපතියෙකුගේ සියදිවි නසා ගැනීම හෝ එවැනි ඒකාධිපතියන්ට පුදසත්කාර කරමින් අනුබල දෙන උතුරු කොරියානු ජනතාව වෙනුවෙන් නොව , විපතට පත්වීමේ අවදානමක් ඇති දකුණු කොරියානු , ජපාන අහිංසක සිවිල් වැසියන් වෙනුවෙන් පමණි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
විල් එයිස්නර් ගේ (Will Wishhner) "A contract with God (දෙවියන් සමඟ ගිවිසුමක්) නවකථාව, විචිත්‍රමත් නවකථා ලෙස හඳුන්වන ලද ප්‍රථම ග්‍රන්ථයයි. විචිත්‍රමත් නවකථාවක් යනු දිගු සහ සංකිර්ණ වු කථා වස්තුවකින් හෙබි, බොහෝ විට වැඩිහිටි පාඨක සමුහයක් අරබයා ලියැවුණු චිත්‍ර කථාවකි. සාමාන්‍ය චිත්‍ර කථා පොත් වලට වඩා කල් පැවතෙන අයුරින් මේවා තිබේ. මෙම නවකථාවන්, චිත්‍රකථා පොත් මෙන් පුවත් පත් වෙළෙඳ සැල් තුළ නොව පොත් හල් තුළද අලෙවි කෙරේ. අර්ථ දැක්විම[සංස්කරණය] තවමත් පරිණාමය වෙමින් පවතින මෙම විචිත්‍රමත් නවකථා (Graphic novels) සඳහා සාධාරණ අර්ථකථනයක් නොමැත.එබැවින් සමහර අවස්ථාවල චිත්‍රකථා වල ඇති වෙනස විදහා දැක්වීමට ද එහි පද්‍ය කොටස්ද භාවිතා වී ඇත. එනම් සාමාන්‍ය චිත්‍රකථා පොත් වලින් වෙනස් වු අංග වලින් යුත් වඩාත් පරිණත තේමා භාවිතා වන්නක් ලෙස මෙම පොත් හැඳින්විය හැක. එනමුත් මෙම අදහසට එකඟ වන පරිද්දෙන් කෘති ලියවුණ ද, ඒවා සම්ප්‍රදායික හාස්‍යෝත්පාදක නවකථා යටතේ වර්ග කෙරෙණි. මෙම පද්‍ය පොදුවේ භාවිතා වනුයේ හාස්‍යෝත්පාදක නවකථා වලින් මෙම කෘති වෙන් කිරිම පිණිසය. මෙම හේතුව පාදක කර ගනිමින් ප්‍රංශ පදයක් වන 'Bande Dessinee' යන්න ඉතිහාසඥයන් විසින් භාවිතා කරන ලදි. පොත් ප්‍රකාශන කර්මාන්තයේ දී මෙම පද්‍ය “නවකථා” යන ගණයට නොවැටෙන්නා වු කෘති සඳහා භාවිතා වුණි. එකිනෙක හා ගැලපීමක් නොමැති හාස්‍යජනක කථා හා ප්‍රබන්ධ නොවන කෘති සඳහා ද නමම භාවිතා වුණි. සටහන්[සංස්කරණය] Graphic novel
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුට ලංකාවේ කිසිම පිළිගත් විශ්වවිද්‍යාලයකට ඇතුළුවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (15) නියෝගයක් නිකුත් කළේය.රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිගේ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය පවසා සිටියේ සංජීව මනෝජ් කුමාර යන අයගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඇති බවය.මොහු නියෝජනය කරන ලද සංගමය ද පිළිගත් සංගමයක් නොවන බවට කොළඹ අපරාධ කොට්ඨාසය විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ ලිපියක්ද අධිකරණයට මෙහිදී ඉදිරිපත් කළේය.සංජීව බණ්ඩාරට ඇප ලබාදීමට තරයේ සිය විරෝධය පළ කළ කොළඹ අපරාධ කොට්ඨාසය, ඔහුට ඇප ලබාදෙන්නේ නම් සෑම ඉරුදිනකම අපරාධ කොට්ඨාසයට වාර්තා කරන ලෙසට නියෝගයක් ද නිකුත් කරන ලෙසට නියෝග කරන මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පවසා සිටියේ පොලිසියේ ආධාර ඇතිව සාමකාමීව මෙම උද්ඝෝෂණය පැවැත්වූ බවය.අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔහු පෙර ඇප මත මුදා හැරීමට නියම කරමින් සෑම මසකම පළමු හා තෙවන ඉරුදින කොළඹ අපරාධ කොට්ඨාසයට වාර්තා කරන ලෙසත්, නීතිවිරෝධි ජනරාශියක සාමාජිකත්වය දැරීම, අනුබල දීම හා ආධාර කිරීම තහනම් කළ මහේස්ත්‍රාත්වරයා, විශ්වවිද්‍යාල සිසුවකු ලෙස නිසි පරිදි තහවුරු වනතෙක් ලංකාවේ කිසිම පිළිගත් විශ්වවිද්‍යාලයකට ඇතුළුවීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය.තවද මෙම ඇප කොන්දේසි කඩ කළහොත් ඇප අවලංගු කොට විමර්ශන අවසන් වනතෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කරන බවට මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියම කළේය.කොළඹ කොටුව ප්‍රදේශයේ මහජනතාව අපහසුතාවයට ලක් කරමින් 2012/9/25 වන දින උද්ඝෝෂණයක් පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුව ලක්‍ෂය බැගින් ශරීර ඇප දෙකක් මත අධිකරණය මුදාහැර තිබිණ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කාලෙකින් මූණ දැකපු ආසාවට අම්මගේ ඉහේ මල් පිපිලයි උන්නෙ. ඒ කාගෙවත් නෙවෙයි, රං පුතාගෙ. රං පුතා කොළඹ ඉඳං ගෙදර එන්නේ, කණ කැස්බෑව අත පත ගාල විය සිදුර හොයාගෙන, ඒකෙන් අහස බලන වංගියට.රං පුතාගෙ අම්ම කාලෙකින් පිපුන තමාගෙ පුතාවත් හිසේ දරාගෙන, පුතාට පිරිත් නූලක් ගැට ගහන්න පංසල් යන ගමනුයි උන්නේ."ගමේ දැං මරණයකට වියදං කරන්න මරණාදාර සමිති දෙකක්...""ඉතිං හොඳයිනෙ""මොන හොඳක්ද,,ඔය ඉස්සරහින් එන රාජ මල්ලිත් දැං අනිත් පැත්තෙ."එහෙම කියනකොට තමයි රං පුතාට, ගමට සමිති දෙකක් තිබුනට, දැං එක මරණයකට එන්නෙ ගමෙන් භාගයයි කියල තේරුණේ.සමිති දෙකක් වුනාට මොකද, රාජ මාමා ලං වෙද්දි අම්මට පුතා ගෙදර ආව බව කියන්න කටයි ඔලුවයි දෙකමත් මදි වුනා.."අක්කා... රතනෙ මාමා ටිකට් කපලා ගෙදර එවල."රං පුතාට නෑ කමින් සීයා වන රතනෙ වුන්දා පහුගිය දවස් වල ඉස්පිරිතාලෙ වුන්නේ නහරයක් පුපුරලා. සනීප කරන්න අමාරු හින්දද කොහෙද, නහයටයි, කටටයි දෙකටම බට දාල ටිකට් කපල ගෙදර එවල.රං පුතාට රතනෙ සීයගේ ගෙදර, දර පලන සද්දෙ දෙවටට ගොඩ වෙනකොටම ඇහෙන්න ගත්තා. රතනෙ සීයගෙ ලොකු දූ, කමල නැන්ද, රං පුතාගෙ අම්ම පාරෙ යනව දැකල පාරටම දුවගෙන ආවෙ"විමල අක්කා..... තාත්ත අපිව දාල යන්න ලැහැස්ති...."කියල වැලහිනියක් වගේ අඬාගෙන.ගමෙන් භාගයක් වුනාට මොකද, හේං වල වැඩ ඉවර වෙලා හැන්දැවට ගෙදර ආව, ගමේ වැඩිහිටි පිරිමියෝ ටික, ගෙදර විතරක් නෙවෙයි, දෙවටත් පිරෙන්න එකතු වෙලා.රං පුතා පහුවදා උදේම කොළඹ එන්න පිටත් වුනා. හැන්දෑ වෙද්දි මහ පාරෙ දුම් පිරිච්ච කාලගෝට්ටිය මැද්දෙන් බෝඩිමට යන පාර හොයාගත්ත රං පුතා, මං එනකං අපේ පෝරිසාදයෝ ටික, බරිය ගෙදර ඉදං එනව කියල බලාගෙන අති, යැයි සිතින් සිතුවේය.එකෙකුට එකෙක් වෙනස් කාලගෝලයෝ දහ දෙනෙක් රං පුතාගේ බෝඩිමේ ජීවත් වෙති. රං පුතා බෝඩිමට ගොඩ වෙනකොට, එකෙක් එලියට දමා අනෙකුන් දොර වසා ගෙන කෑගසයි. එලියේ ඉන්න එකා භාගෙට සිංහල යොදාගෙන සුද්ද සිංහලෙන් දොර ඇරගැනීමට කෑගසමින් බෝඩිම වටේ දුවයි.එතකොටම හතර වටේටම බැමි බැඳල තියෙන බෝඩිමේ පිටිපස්සෙ බැම්මෙන්, බෝඩිමේ ජීවත් වුනු අවුරුදු තුනටම, දෙවතාවකට වැඩිය දැක නැති මූනත් තහඩුව, රං පුතාගෙ බෝඩිමට එබුනා."ළමයි... අපේ ගෙදර පහුගිය දවස් වල මළගෙදරක්... අද බණ... අදට විතරක් පොඩ්ඩක් කෑනොගහ ඉන්නවද......"එලියට වෙලා ජාතිය අමතමින් හිටිය කදිර,"සොරි අන්කල්.... අල්ලපු ගෙදර හිටියට අපි ඒ බව දන්නෙවත් නෑනෙ...."කියල කියනකොට,"රතනෙ සීය තවම මැරිලවත් නෑ... ." කියා රං පුතාට ඉබේටම කියවුනි.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් මේ වසරටද රුපියල් දස ලක්ෂ 9051ක මුදලක් ලබා දී තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පෙන්වා දෙයි.සංවර්ධන ව්‍යාපෘති සඳහා මෙය විශාල ප්‍රතිපාදන ලද වර්ෂය බවද හෙතෙම පවසයි.විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ ව්‍යාපෘති 1848ක් සඳහා රුපියල් දස ලක්ෂ 172.41ක්ද, ගම නැඟුම ව්‍යාපෘති 1841ක් සඳහා රුපියල් දස ලක්ෂ 544.4ක්ද, එක ගමකට එක වැඩක් යටතේ ව්‍යාපෘති 5754ක් සඳහා රුපියල් දස ලක්ෂ 575ක්ද, සබරගමු අරුණාලෝකය වැඩසටහන යටතේ ව්‍යාපෘති 590ක් සඳහා රුපියල් දස ලක්ෂ 140ක්ද, විස්තීර්ණ ආපදා වැඩසටහන යටතේ ව්‍යාපෘති 534ක් සඳහා රුපියල් දස ලක්ෂ 11.15ක්ද, සුළු වාරිමාර්ග වැඩසටහන් 496ක් සඳහා රුපියල් දස ලක්ෂ 287.879ක්ද, ප්‍රාථමික පාසල් 5000ක් ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන යටතේ ව්‍යාපෘති 414ක් සඳහා රුපියල් දස ලක්ෂ 207ක්ද, මාතෘ සායන ව්‍යාපෘති 17ක් සඳහා රුපියල් දස ලක්ෂ 115.6ක්ද, පළාත්මාර්ග ව්‍යාපාති 62ක් සඳහා රුපියල් දස ලක්ෂ 6670ක්ද, දිවි නැඟුම සඳහා රුපියල් දස ලක්ෂ 288.47ක්ද, ගංවතුරින් හානි පාලම් සඳහා රුපියල් දස ලක්ෂ13.3ක්ද, කෝන්කටුව, පනහඩුව වැව් සඳහා රුපියල් දස ලක්ෂ 18.9ක්ද, සත්ව අභිජනන ව්‍යාපෘති සඳහා රුපියල් දස ලක්ෂ 6.58ක්ද වශයෙන් මේ මුදල් වෙන්කර දී තිබේ.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
හිස් අසුන...හිස් වූ අසුන් සොයමින්දුම්රියේ අසුන් අතරින්පිය නගිද් දී සෙමෙන්දුටිමි ඒ වත මඬලහිරු ට පෙර විකසිතවහිනැහෙන්න වෙර දරනනිබඳ ව මා සිතේතිබූ රුව හිනැහෙහීදුටිමි ඒ දුම්රියේහිස් අසුන ඒ අසලඉඟි මරයි මා දෙසටඇත්තටම ඒ අසුනහිස් ද තවමත්....net/image/17608/.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
රාජ්‍ය නර්තන සම්මාන ප්‍රදානෝත්සවය 2012 අනිද්දා (07) පස්වරු 5.00 ට සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ ඇමැති ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ.2012 රාජ්‍ය නර්තන උළෙල දිස්ත්‍රික් හා ජාතික ලෙස තරඟ වට දෙකකින් සමන්විත වූ අතර, සිංහල මාධ්‍ය (උඩරට, පහතරට, සබරගමු සාම්ප්‍රදායික නර්තනය, නව නිර්මාණාත්මක හා සාම්ප්‍රදායික ජන නැටුම) තරඟ ශීර්ෂ 15 යටතේ ළමා අංශය, යොවුන් අංශය, තරුණ අංශය සහ විවෘත යන අංශයන් යටතේ පැවැත්විණි.දෙමළ මාධ්‍ය (සාම්ප්‍රදායික භරත නැටුම් සහ නිර්මාණාත්මක නර්තන සහ ජන නැටුම්) තරඟ ශීර්ෂ 28 කින් ළමා අංශය, යොවුන් අංශය, තරුණ අංශය සහ විවෘත යන අංශයන් යටතේ පැවැත්විණි.සිංහල මාධ්‍ය අවසන් වටය සඳහා සියලුම ශීර්ෂයන් යටතේ තරඟ කණ්ඩායම් 102ක් ද, දමිළ මාධ්‍ය අවසන් වටය සඳහා නර්තන කණ්ඩායම් 43ක් ද සහභාගී වූ අතර, අවසන් තරඟයෙන් ජයග්‍රහණය කළ තරඟකරුවන් 38 දෙනෙක් සඳහා මෙහිදී සම්මාන පිරිනැමෙනු ඇත.මීට අමතරව ශ්‍රී ලාංකේය නර්තන ක්ෂේත්‍රයට කරන ලද අනුපමේය සේවය ට උපහාර වශයෙන් ආචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ මෙනවිය හා ශාන්තිනී ශිවනේෂන් මහත්මිය 'නර්තන තිලක' සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නර්තන හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලය එක්ව මෙම උළෙල සංවිධානය කරයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: 7 වන සියවස – 8 වන සියවස – 9 වන සියවස දශක: 730ගණන් 740ගණන් 750ගණන් – 760ගණන් – 770ගණන් 780ගණන් 790ගණන් වසර: 766 767 768 – 769 – 770 771 772 ක්‍රිස්තු වර්ෂ 769 (DCCLXIX) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. මෙම වසර සඳහා 769 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජීවිතයේ බොහෝ කාලයක් ගෙවිලා තිබෙන නිසා හැමෝටම උදව් කිරීම මට සතුටක්. ඒ වගේම පවුලේ සියලු දෙනාටම වගේම කලා ලෙවේ අයටත් වගකීම් ඉටු කරමින් ගෙවන ජීවිතය බොහොම තෘප්තිමත්.මෙවර මගේ උපන් දිනයටත් සුපුරුදු පරිදිම ආගමික කටයුතුවල නියැළෙමින් කාලය ගත කරනවා.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙම ලිපියෙහි හැඳින්වීම විසින් මෙම විෂයය පිලිබඳ අපරිචිත අයවලුන්ට සපයන සන්දර්භය ප්‍රමාණවත් නොවේ. කරුණාකර මනා හැඳින්වීමක් සැපයීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උදවු කරන්න. බුද්ධ ධර්මය සහ බුද්ධාගම පිළිබඳ ලිපි මාලාවක කොටසකි බුද්ධාගම පිළිබඳ ද්වාරය බුදු දහමෙහි ඉතිහාසය බෞද්ධ සංගායනා - බුදු දහමට සබැඳි සිදුවීම් ප්‍රමුඛ චරිත ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ · පසුකාලීන බෞද්ධයෝ ධර්මය සහ බෞද්ධ යෙදුම් චතුරාර්ය සත්‍යය ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රි ලක්ෂණ පටිච්ච සමුප්පාදය සසර · නිවන පංච ස්කන්ධ · ලෝකය කර්මය · පුනර්භවය පිළිවෙත් සහ මාර්ගඵල සතර බුද්ධත්වය · බෝධිසත්ව මාර්ගඵල සතර ප්‍රඥාව · භාවනා · සිල්පද පාරමිතාවන් · තෙරුවන් බෞද්ධ ශ්‍රමණ · ගිහියා රටවල් සහප්‍රදේශ බුදු දහමෙහි සම්ප්‍රදායන් ථේරවාද · මහායාන වජ්‍රායාන විවිධ සම්ප්‍රදායන්ට පෙර ග්‍රන්ථයන් පාලි ත්‍රිපිටකය · ටිබෙට් ත්‍රිපිටකය චීන ත්‍රිපිටකය ආශ්‍රිත ලැයිස්තුව සංසන්දනාත්මක අධ්‍යයනයන් බෞද්ධ සංස්කෘතියේ මූලික අංග This box: view talk edit පොහොය හෝ පොහොය දිනය යනු, සෑම පුර පසළොස්වක දිනකම යෙදෙන හා ශ්‍රී ලංකාව තුල භාවිතා වන බෞද්ධ ප්‍රසිද්ධ නිවාඩුවකට යෙදෙන නාමයයි. චන්ද්‍ර දින දර්ශනය පරියෝජනය කරන්නාවූ ලොව පුරා වසන සමස්ත බෞද්ධ ජනතාවට, පුර පසළොස්වක දිනය වැදගත් වනුයේ ඔවුන්ගේ ආගමික පිළිවෙත් වෙනුවෙනි. චන්ද්‍රයාගේ ප්‍රමාණයෙහි සම්පූර්ණ භාවය මෙන්ම එහි උද්දීප්තිය හේතුවෙන්, චන්ද්‍ර වංක සතර අතුරින් වඩාත් වැදගත් දිනය ලෙස, සෑම චන්ද්‍ර මාසය (දින 29.5) කට වරක් පැමිණෙන පුර පසළොස්වක දින සැලකෙමින්, නිවාඩු දිනයක් ලෙස භාවිතා වේ. සෑම පුර පසළොස්වක දිනයක්ම සඳහා සිංහලයෙන් ව්‍යවහාර වන්නේ පොහොය යන්නයි; මෙදින ශික්‍ෂාකාමී බෞද්ධයන් වෙහෙර-විහාරයන් වෙත ගොස් වන්දනාමාන පිළිවෙත් පුරති. වසරකට පොහොයන් 12 හෝ 13 ක් පවතියි. පොහොය යන පදය ව්‍යුත්පන්න වී ඇත්තේ, ප්‍රාථමික ලෙසින් "උපවාස දිනය" යන අරුත් දනවන පාළි සහ සංස්කෘත ’’උපෝසත’’ (උප + වස්: උපවාස කෙරුමට) යන්නෙනි. සාමාන්‍යයෙන් පොහොය දිනයන්හි, කඩසාප්පු හා ව්‍යාපාර වසා තැබෙන අතර, මද්‍යසාර සහ මාංශ විකිණීම තහනම් කර ඇත. මාසය පොහොය නාමය ජනවාරි දුරුතු පොහාය පෙබරවාරි නවම් පොහොය මාර්තු මැදින් පොහොය අප්‍රේල් බක් පොහොය මැයි වෙසක් පොහොය ජූනි පොසොන් පොහොය ජූලි ඇසල පොහොය අගෝස්තු නිකිණි පොහොය සැප්තැම්බර් බිනර පොහොය ඔක්තෝබර් වප් පොහොය නොවැම්බර් ඉල් පොහොය දෙසැම්බර් උඳුවප් පොහොය යම් මාසයක පොහොය දින දෙකක් ඇති වෙයි නම් දෙවැන්නට පෙරටුවෙන් ”අධි” (සිංහලයෙන් ”අමතර”) යන්න ”අධි වෙසක්”, ”අධි පොසොන්”, ආදි ලෙසින් යෙදෙයි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අරුමෝසම් වැහි සිනමාපටය නිර්මාණය කොට වසර දහ හතරකට පසු ප්‍රියන්ත කොළඹගේ සිය නවතම සිනමා කෘතියට මේ දිනවල සූදානම් වෙයි. දැනට ආදරණීය කතාවක් යනුවෙන් නම තබා ඇති මෙය චරිත හතරක් වටා ගෙතෙන සංගීතමය ආදර කතාවකි. හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි මේ වන විට චිත්‍රපටය සඳහා තේරා ගෙන සිටියි.ප්‍රියන්ත කොළඹගේ ගේ කතා සංකල්පය ඔහු සමඟ රුවනි චාමිකා තිර රචනා කොට ඇත. උදාර සමරවීර සංගීතය අධ්‍යක්ෂණය කරයි. කසුන් කල්හාර, අමල් පෙරේරා, උරේෂා රවිහාරි, චිත්‍රාල් සෝමපාල (චිටී) ගායනයෙන් දායක වෙයි.ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. නලීන් ප්‍රේමතිලකගේ අංග රචනයකි. මංජුල අයගම කලා අධ්‍යක්ෂවරයාය. පුෂ්පකුමාර රාජගුරු කැමරාව මෙහෙයවනු ලබයි. නිලාර් එන්. කාසිම්, උපුල් ශාන්ත සන්නස්ගල, ප්‍රියන්ත කොළඹගේ සහ චමින්ද ගමගේ ගීත රචකයෝය.ආදරණීය කතාවක් චමින්ද ගමගේ සහ ප්‍රියන්ත කොළඹගේ නිෂ්පාදනය කරයි.ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අහමදාබාද්හි සර්දාර් පටේල් ක්‍රීඩාංගණයේ දී ඊයේ (4) නිමාවට පත්වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවේ නවසීලන්ත සිම්බාබ්වේ තරගයේ දී කඩුලු 10ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නවසීලන්ත පිල සමත් විය.කාසියේ වාසිය දිනා සිම්බාබ්වේ පිල පළමුව පන්දුවට පහරදුන් අතර ඕවර 46.2 කදී සියලු දෙනා දැවී ඔවුන් රැස්කර ගත්තේ ලකුණු 162කි.සිම්බාබ්වේ ඉනිමේ ආරම්භක පිතිකරු වූ බ්‍රෙන්ඩන් ටේලර් වැඩිම ලකුණු ලාභියා වූ අතර ඔහු ලකුණු 44ක් රැස් කළේ හතරේ පහර 4ක් සමඟිනි. ප්‍රොස්පර් උට්සෙයා ලකුණු 36ක් ද ගී‍්‍රමි ක්‍රීමර් ලකුණු 22ක් ද රැස් කළහ.පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 29කට කඩුලු 3ක් ද කයිල් මිල්ස් ලකුණු 29කට කඩුලු 2ක් ද, ඩැනියෙල් විටෝරි ලකුණු 25කට කඩුලු 2ක් ද බිඳ හෙළීය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත ඉනිම ආරම්භක පිතිකරු යුගලය නොදැවී ඕවර 33.3 කදී ලකුණු 166ක් ලබා ගනිමින් සිය ඉලක්කය සපුරා ගන්නා ලදී.මාර්ටින් ගප්ටිල් නොදැවී ලකුණු 86ක් රැස් කළේ හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් සමඟිනි. බ්‍රෙන්ඩන් මැකලම් නොදැවී ලකුණු 76ක් රැස් කළේ හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් සමඟිනි.තරගයේ වීරයා සම්මානය මාර්ටින් ගප්ටිල්ට හිමිවිය.සිම්බාබ්වේ සියලුදෙනා දැවී (ඕවර 46.2) 162බ්‍රෙන්ඩන් ටේලර් 44, ප්‍රොස්පර් උට්සෙයා 36, ගී‍්‍රමි ක්‍රීමර් 22 (ටිම් සවුති 29/3, කයිල් මිල්ස් 29/2, ඩැනියෙල් විටෝරි 25/2)නවසීලන්තය කිසිවකු නොදැවී (ඕවර 33.3) 166මාර්ටින් ගප්ටිල් (නොදැවී) 86, බ්‍රෙන්ඩන් මැකලම් (නොදැවී) 76.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මොරටු විදුහලත් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයත් අතර කෝට්ටේදී පැවැති අන්තර් පාඨශාලීය වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගයෙන් කඩුළු නවයක ජයක් වාර්තා කිරීමට මොරටු විදුහල සමත් විය.පළමුවෙන පන්දුවට මුහුණ දුන් ආනන්ද ශාස්ත්‍රාලය ලකුණු 104 කට සීමා කිරීමට ප්‍රතිවාදීන් සමත් වූ අතර, මොරටු විදුහල් නායක සංඛ රමේෂ් ලකුණු 32 කට කඩුළු 8 ක් දවාලීමට සමත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මොරටු විදුහල 303 ක් ලබා ගත් අතර නැවතත් පිත්තෙන් දස්කම් පාමින් සංඛ රමේෂ් ලකුණු 141 ක් වාර්තා කළ අතර ඊෂාන් පීරිස් ලකුණු 119 ක් රැස් කළේය. මේ දෙදෙනා අතර සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 220 සබඳතාවයක් ගොඩනැගිණි.දැනට මොරටු විදුහල පවත්වා ඇති තරග හයේදී සංඛ රමේෂ් කඩුළු 59 ක් දවාගෙන ඇති අතර එක තරගයකදී කඩුළු 10 හෝ ඊට වැඩියෙන් තෙවතාවක්ද, කඩුළු 5 කට හෝ ඊට වැඩියෙන් එක් ඉනිමකදී දෙවතාවක්ද ඔහු විසින් ලබාගෙන ඇත.පසුගිය වසරේදී ඔහු ලකුණු 1187 ක් ලබාගත් අතර කඩුළු 103 ක් දවාලීමට සමත් විය.දෙවැනි ඉනිමේදී ආනන්ද ශාස්ත්‍රාලය ලකුණු 216 ක් රැස්කරගත් අතර අයි. එස්. දේවසුරේන්දර ලකුණු 90 ක් වාර්තා කළේය.ආනන්ද ශාස්ත්‍රාලය – 104 ජී. ජී. පී. පෙරේරා 20, විය. ආර්. තිලංගන 26, (සංඛ රමේෂ් 8/32) සහ 216 - අයි. එස්. දේවසුරෙන්දර 90, ටී. සී. දාබරේ 26, එස්. එස්. ධර්මකීර්ති 25 (සංඛ රමේෂ් 2/65, සෆ්රාන් ප්‍රිනා 2/16, ඉෂාන් පීරිස් 3/21, හර්ෂ දේවින්ද 2/41මොරටු විදුහල – 303 ඉෂාන් පීරිස් 119, සංඛ රමේෂ් 141, (ඒ. පී. දාබරේ 3/65, ඩී. ඩී. කුලසූරිය 2/45 සහ 15/1).
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කථන හා ව්‍යාධි විද්‍යාව යනු පුද්ගලයෙකුගේ කථනය, භාෂාව, සංජානනය, හඬෙහි ඇතිවන ආබාධ, ගිලීමේ අපහසුතා සහ ඒවා සඳහා පුනරුත්ථාපනය හා නිවැරදි කිරීම් ප්‍රතිකාර ලබාදෙන ක්‍රමවේදයකි. කථනය හා භාෂා ව්‍යාධි විද්‍යාඥයින් හෝ කථන හා භාෂා චිකිත්සකවරුන් විසින් මෙකී රෝගීන්ගේ හඬ ඉපදවීම, කථනය වැඩිදියුණු කිරීම, ගිලීමේ අපහසුතා සහ භාෂා අවශ්‍යතා පාසල් වලදී, රෝහල් වලදී සහ වෙනත් ස්ථාන වලදී කථන චිකිත්සක ක්‍රම මගින් ප්‍රතිකාර ලබාදේ. සන්නිවේදනය සඳහා කථනය (උච්චාරණය, කටහඩ හැසිරවීම, වේගය, තීව්‍රතාවය,) (ධ්වනි විද්‍යාව, ශබ්ද අධ්‍යයන විද්‍යාව, රූපකාරය, ක්‍රියාකාරක පද සම්බන්ධය, අර්ථ විචාරය, උපයෝගි බස සම්බන්ධ වාග් විද්‍යාව) කථන හා ව්‍යවහාරික භාෂාව, (ලිවීමේදි හා කියවීමේදි භාවිතා වන) සහ මුහුණෙන් වන හැගීම් ප්‍රකාශ කිරීම් හා ඉරියව් අන්තර්ගත වේ. මුඛයේ ස්වරාලයේ සහ ග්‍රසනිකාවට අයත් ගිලීමේ ක්‍රියාවලිය ආශ්‍රිත රෝග කථන චිකිත්සාව යටතේ ප්‍රතිකාර කරනු ලැබේ. රෝගයේ තීව්‍රතාවය හා ස්වභාවය අනුව ඒ සඳහා ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ශාරීරික සුවතා ව්‍යායාම, නිරතුරුවම සිදුකරන පුහුණු වීම්, සන්නිවේදනය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රව්‍ය දෘෂ්‍ය ක්‍රම භාවිතා කිරීම වැනි ඒවා වේ. කථන චිකිත්සාව සඳහා සංඥා භාෂාව හා පින්තූර මගින් සංකේත ක්‍රම භාවිතා කිරීම සිදුවේ. භාෂා චිකිත්සකවරුන් ගිලීමේ ඇති අපහසුතාවන් සදහා ප්‍රතිකාර කිරීම සඳහා ද පුහුණු වී ඇත. මෙය, කථන හා භාෂා ව්‍යාධි විද්‍යාව (SLP) ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේද, එක්සත් රාජධානියේ, අයර්ලන්තන් හා දකුණු අප්‍රිකාවේ කථන හා භාෂා චිකිත්සාව ලෙසද, ඕස්ට්‍රේලියාවේ කථන ව්‍යාධි විද්‍යාව ලෙසද, නවසිලන්තයේ කථන භාෂා චිකිත්සාව ලෙසද හැදින්වේ. මීට අමතරව වෙනත් ආකාර වලින් ද මෙය විස්තර කෙරේ. මෙය කථනය ඇති කරන්නා වු අවයව වල ඇති වන රෝගී තත්වයන් කෙරෙහි ප්‍රතිකාර ලබාදෙන්නා වූ වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යනයකි. කථන අවයව වන්නේ මුඛය, උගුර, ස්වර තන්තු හා පෙනහළුය. ස්වර තන්තු වල හා ස්වරාලයේ ඇති පිළිකා ස්වර තන්තු වල අක්‍රමිකතා සහ කථනය ඇති කරන අවයව වල කථන පාලනයෙහි අක්‍රමිකතා සඳහා මෙහිදි ප්‍රතිකාර කෙරේ. ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය වෛද්‍යවරුන් ද කථනය හා සම්බන්ධ රෝග තත්ව සඳහා පුහුණු කොට ඇත. මෙම කථන චිකිත්සාව වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් උපක්ෂේත්‍රයකි. මෙම කථන චිකිත්සකවරුන් කථන අපහසුතා සහ ගිලීමේ අපහසුතා පිළිබඳව ප්‍රතිකාර කරති. මෙමගින් ස්වරාලයේ අක්‍රමිකතා උගුර බැරැන්ඩි වීම සහ ගැස්ට්‍රයිටිස් රෝගය හා සම්බන්ධ ආහාර උගුරට ඒම හදුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදු කෙරේ. මෙම කථන චිකිත්සකවරුන් මගින් ප්‍රතිකාර ලබන රෝගීන් අතරට කථන ආබාධ ඇති කුඩා ළමුන්, ස්වරාල සැත්කම් කරන ලද රෝගීන්, ගිලීමේ අපහසුතා ඇති රෝගීන් සහ ස්වරාල අබාධ ඇත්තවුන් අන්තර්ගත වේ. අතීතයේ ගොත ගැසීම මානසික ආබාධයක් ලෙස සැලකුවද දැන් එම මතය ඉවත්කර ඇත. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Speech-Language_Pathology
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කාව්‍යා, වසූදා, කුල කුමරිය, ආදරණීය සුලෝචනා වැනි ටෙලි නාට්‍ය හරහා අපේ සිත් අහසේ පෑයූ මේ දීප්තිමත් තාරකාව කාලයාගේ ඇවෑමෙන් නොපෙනී ගියාය. පුංචි තිරය ඉදිරියේ හිඳ ඇගේ දස්කම් දුටු බොහෝ දෙනකු ඈ සෙවුව ද ඇගේ ආරංචියක් මුණ ගැසුණේම නැත.ඈ නැවතත් පුංචි තිරයට පායන ආරංචිය අතැතිව දැන් අප සමඟය.මධුෂා රාමසිංහ . . .අපි කතා කරමු ඈ සමඟ.* මධුෂා කාලෙකට පස්සෙ?ඔව්. හරියටම කිව්වොත් හත් වසරකට පස්සේ. මේ දිනවල විකාශය වන මැද ගෙදර ටෙලි නාට්‍යයේත් මම චරිතයක් නිරූපණය කළා. ඒ වගේම ජයලත් මනෝරත්නයන්ගේ නවතම නිර්මාණය ‘ඊළඟට මොකද වෙන්නෙ’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය මට ලැබුණා. ඒ චරිතය තමයි මධුමාලි. මේ අවස්ථාව මගේ ජීවිතයේ සුවිශේෂි සන්ධිස්ථානයක්. මනෝරත්නයන් වගේ ප්‍රවීණ, අත්දැකීම් බහුල, නිහතමානී අය සමඟ කටයුතු කරන්නට ලැබීම පෙර පිනක් කියලයි මට නම් හිතෙන්නේ.* මධුමාලිගෙ චරිතය ජයගන්නට හැකි වේවිද?මට එහෙම හිතෙනවා. ඒ විතරක් නෙවෙයි මං ඒ චරිතය හරියටම අධ්‍යයනය කරනවා. අපේ නාට්‍ය කණ්ඩායමේ සියලුම දෙනා හරිම සහයෝගයෙන් කටයුතු කරන උදවිය. ඔවුන් එකිනෙකාට උදව් කරගන්නේ පුදුමාකාර බැඳීමකින්. මං තමයි එතැන ඉන්න ලාබාලම නිළිය. ඉතිං හැමෝගෙන්ම මට ලැබෙන උපදෙස් මට මුතු වගේ වටිනවා. සියලුම ප්‍රවීණයන්ගේ උපදෙස් අනුගමනය කරමින් මධුමාලිිගේ චරිතය ජීවමාන කරන්නට මා වෙහෙසෙනවා.* ගායිකාවක ලෙසටත් ඔබ ප්‍රචලිතයි?බොහෝ දෙනකු මම ගීත ගයන බව දන්නවා. මා මගේ හැකියාවන් පෙන්වන්නට බොදු ගුණ ගීතයක් ගායනා කළා. නමුත් ඊට සුදුසු තැන ලැබුණේ නැහැ. විද්‍යුත් මාධ්‍ය ඒ ගීතයට නියම තැන ලබා දුන්නේ නැහැ කියලා මට හිතෙනවා.* බොදු ගුණ ගීතයක් ගයන්නට හිතුවේ ඇයි?ඒ තමයි මගේ හෘද සාක්ෂිය. මම ආගම් හතරක් ඉගෙන ගෙන තියනවා. නමුත් මා තදින්ම විශ්වාස කරන්නේ බුදු දහම.* ඔබ තුළ සිටි ගීත රචකයා අතුරුදන් වුණාද?තවමත් ගීත ලියනවා. මම කියවලා එවා ෆයිල් එකක දාල තියා ගන්නවා. එච්චරයි. ඒ ගැන තියෙන්නේ කලකිරීමක්.* වේදිකාව තෝර ගන්න අදහසක් නැද්ද?හරිම අසාවෙන් ඉන්නේ. හොඳ නිර්මාණයකට කතා කළොත් සහභාගි වෙනවා. කෙසේ වෙතත් ඉදිරියේදී හොඳ නිර්මාණ ටිකක් කරන්න බලාපොරොතුවෙනුයි ඉන්නේ.* හත් වසරක් මොකද නිහඬව හිටියේ. කලකිරීමෙන්ද?කලකිරීමක් කියලම කියන්න බැහැ. මට වුවමනා වෙලා තිබුණේ හොඳ නිර්මාණ කරන්න. ඒත් පහුගිය කාලේ හොඳ නිර්මාණ ලැබුණෙම නැති තරම්. ජයලත් මනෝරත්නයන්ගේ හොඳ නිර්මාණයකින් නැවත පැමිණීමට ලැබීම සතුටක්.* මේ අලුත් ඇරැඹුම සමඟ ජීවිතේ වෙනසක් වේවිද?තවම ජීවිතේ වෙනසක් ගැන හිතල නැහැ. විවාහයට නම් තව සෑහෙන කාලයක් තිබෙනවා. ඉදිරියේදී ජීවිතේ පිළිිවෙළේ වෙනසක් ඕනේ.* නිදහසේ ඉන්න වෙලාවට මොකද කරන්නේ?ගීත රචනා කරනවා. පොතපත කියවනවා. ගීත ගයනවා. කලාවට සම්බන්ධ දේවල් එක්ක තමයි නිදහසේ ඉන්න හැම තත්ත්පරේම ගෙවන්නේ.* ඉදිරියේදී රඟපාන්න කැමතිම චරිතයක් හිතේ තියෙනවද?එහෙම නැහැ. ලැබෙන සෑම චරිතයක්ම ඉතා අවබෝධයෙන්, වගකීමෙන් ඉටු කිරීම තමයි මගේ අරමුණ.* චිත්‍රපටවලට සම්බන්ධ වෙන්නේ නැද්ද?ලොකු ආසාවක් තිබෙනවා. ඉදිරියේදී ආරාධනාවක් ලැබිලා තිබෙනවා. හිතට දැනෙන ජනතාවට උසස් රස වින්දනයක් දැනෙන චරිතයක් කරන්න ආසයි.* අනාගතය ගැන කතා කරමු.අනාගතය සුබදායක වේවි කියලා මට හිතෙනවා. ප්‍රවීණයන්ගෙන් ඉගෙන ගනිමින්, දැනමුතුකම් පිළිපදිමින් ඉදිරියේ ස්ථිර ගමනක් යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ ගමනට මගේ රසිකයෝ ආශිර්වාද කරන බව මං දන්නවා.- චතුර ගීතනාත් බණ්ඩාර
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ග්‍රෑම් වලින් මනින දුනු තරාදියක්. දුනු තරාදි යනු සරල වශයෙන් එක් පසකින් අචල ලෙස සවි කොට ඇති හා අනෙක් පසින් වස්තුවක් එල්ලීමට කොක්කක් සහිත දුන්නකි. එය ක්‍රියාකරන මූල ධර්මය හුක්ගේ නියමය අනුව පහදාදිය හැක. එම නියමය පවසන්නේ දුන්නක් විස්තීරණය කිරීමට අවශ්‍ය වන බලය එහි නිශ්චල අවස්ථාවෙහි සිට දුන්න විස්තීරණය වන දුරට සමානුපාතික වන බවය. එබැවින් දුනු තරාදියක් මත පරිමාණ සලකුණු සම අන්තරයන් සහිත වෙති. එය භාවිතා කරන ස්ථානයෙහිදී නිවැරදි මිනුම් ලබා ගැනීම සඳහා දුනු තරාදියක් ක්‍රමාංකනය කල හැකි වුවද, බොහෝ දුනු තරාදි වල මුහුණතේ "වෙළෙඳාම සඳහා භාවිතය නීත්‍යානුකූල නොවේ" හෝ එයට කිට්ටු සමානකමක් දරන වදන් පෙළක් සඳහන් කර ඇත්තේ, තරාදිය සලකුණු කිරීම සඳහා භාවිතා කරන සිද්ධාන්තයේ සන්නිකර්ෂණ ස්වරූපය නිසාය. මෙයට අමතරව, නැවත නැවත භාවියේදී තරාදියේ දුන්න ස්ථීර ලෙසින් ඇදීමට ලක් විය හැක. දුනු තරාදි දෙකක්, එකකට යටින් තවෙකක් ලෙසින් ශ්‍රේණිගතව පිහිටන ලෙසින් එල්ලා තැබුවොත්, පහළ තරාදිය වෙතින් එල්ලා ඇති වස්තුවේ බර, එක් එක් දුනු තරාදිය විසින් කියවනු ලැබේ. ඉහළ ඇති තරාදිය විසින් ස්වල්පයක් වැඩි බරක් කියවනු ලබන අතර එසේ වන්නේ පහළ තරාදියේ බර විසින් එය ඇදීමකට ලක් වන නිසාය. දුනු තරාදි විවිධ ප්‍රමාණ වලින් වෙළෙඳපොලෙහි දක්නට ඇත. සාමාන්‍යයෙන් ගත් කල, නිවුටන මනින කුඩා තරාදි සතුව ඇත්තේ නිවුටන දහයේ ඒවා, සියයේ ඒවා හෝ දාහේ ඒවා මනින ඒවායේ දුන්න තරම් දැඩි නොවන (කුඩා දුනු නියතය සහිත වූවක්) දුන්නකි. භාවිතා[සංස්කරණය] භෞතික විද්‍යාවෙහි සහ අධ්‍යාපනයෙහිදී මූලික ත්වරණමානයක් ලෙසින් දුනු තරාදිය භාවිතා කල හැකි වුවද, එහි ප්‍රධාන භාවිතාවන් වන්නේ කර්මාන්ත ක්ෂේත්‍රෙයහිදී වන අතර විශේෂයෙන්ම ට්‍රක් රථ, ගබඩා සයිලෝ, සහ වාහක පටියක රැගෙන යන ද්‍රව්‍යය ආශ්‍රිත විශාල (බැර) භාරයන්හී බර මැනීම සඳහාය. සරල බව, මිල අඩු බව, හා හැඩිදැඩි බව සඳහා අනෙකුත් වර්ගයන්හී තරාදි වලින් ලබා දෙන නිරවද්‍යතාවය කැපකල හැකි තැන් වලදී දුනු තරාදි භාවිතා වෙයි. දුනු තරාදියක් විසින් වස්තුවක බර මනින්නේ විස්තීරණය කෙරුණු දුන්නක බලය මගින් ගුරුත්වයේ බලය හා විරුද්ධ වීමෙනි. දුනු තරාදි විසින් නිවුටන වලින් මෙන්ම ග්‍රෑම් වලින්ද බර මනිනු ලැබේ ඉතිහාසය[සංස්කරණය] බ්‍රිතාන්‍යයේ පළමු දුනු තරාදිය 1770දී පමණ තැනුනේ බටහිර බ්‍රොමිච් අසල බිල්ස්ටන් හී රිචඩ් සෝල්ටර් විසිනි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඉදිරියේ දී දක්ෂිණ අධිවේගී මාර්ගය මංතීරු හයක් දක්වා පුළුල් කිරීමට රජය තීරණය කර තිබේ.දෙවන අදියරේදී පුළුල් කිරීමට සැලසුම් කර තිබෙන මේ මංතීරු දෙක සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු හා මංතීරු තැනීමේ කටයුතු අවසන් කර ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිමල් චන්ද්‍රසිරි මහතා ඊයේ (16 දා) අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් පැවසීය.රුපියල් බිලියන 85ක වියදමෙන් ඉදිකළ මෙරට ප්‍රථම අධිවේගී මාර්ගය වන ආශ්චර්යයේ පිවිසුම් මාර්ගය මේ මස 27 දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.කොට්ටාවේ මං සන්ධියෙන් ආශ්චර්යයේ පිවිසුම් මාර්ගය ආරම්භ වන අතර ප්‍රවිශ්ට මාර්ග අටක් ස්ථාපිත කර තිබේ.කොට්ටාවේ සිට පින්නදූව දක්වා කිලෝමීටර් 95.75 දිගින් යුත් මේ මාර්ගයේ ධාවන කාලය පැයකි. ගැලනිගම ප්‍රධාන හදිසි අනතුරු ඒකකය පිහිටා ඇති අතර කුරුඳුගහ හැතැප්ම හදිසි අනතුරු ඒකක දෙකක් ස්ථාපිත කර තිබේ. අධිවේගී මඟෙහි යොදවා ඇති මාර්ග සංවර්ධන කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 500 කි. පොලිස් නිලධාරින්ගේ සංඛ්‍යාව ද 500කි. කාර් 9ක්, යතුරු පැදි 9ක්, ගිලන්රථ 6ක්, පොලිස් රථ වාහන 2ක්, බවුසර් 3ක්, ගිනි නිවන රථ 3ක් මේ වන විට සේවයේ යොදවා තිබේ. කොට්ටාවේ සිට කිලෝමීටර් 44ක් දුරින් ඉන්ධන පිරවුම් හලක් පිහිටුවා ඇත. අධිවේගී මඟට ප්‍රවිශ්ට වීමේ දී ටිකට්පතක් නිකුත් කරනු ලබන අතර පිටවීමේ දී මුදල් අය කෙරේ.ශ්‍රී ලංකාවේ ඉදි වූ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය මෙරට සංවර්ධන ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 27 දා ජනතා අයිතියට පත් කෙරේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
වැලිවිරිය ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ රුපියල් කෝටියක පමණ මුදලක් වැය කොට අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත ථූපසර සහිත දෙමහල් පුස්තකාල ධර්ම මන්දිරයට මුල්ගල් තැබීම පසුගියදා උත්සවාකාරයෙන් සිදු කෙරිණි.ධර්ම මන්දිරයට මුල්ගල් තැබීම කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමියන් හා අධිනීතිඥ පුෂ්පා රාජපක්‍ෂ මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තන් අතින් සිදු කැරිණි.විහාරස්ථ දායක සභාවේ සභාපති පී. කේ. කුමාරසිරි පඬුවාවල මහතාගේ විශේෂ අනුග්‍රහය ඇතිව එම දායක සභාව මඟින් මෙය ඉදිකිරීමට කටයුතු කර ඇත.කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියෝ අනුශාසනාවක් කරමින් සිංහල ජාතිය තුළ “අපේකම“ තිබෙන තාක් කල් මේ රටට, ජාතියට හා ආගමට විපත් සිදු කිරීමට කිසිම කෙනකුට හෝ කිසිම බලවේගයකට නොහැකි බවත් මේ බව ලංකා ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී මනාව සනාථ වන බවත් ඒ නිසා සිංහල ජාතිය හැටියට අපි “අපේකම” ඉදිරියටත් රැකගෙන කටයුතු කළහොත් අපට දියුණු නිවහල් ජාතියක් ලෙසට ඉදිරියටම යාමට ලැබෙන බවත් පැවසූහ.මේ අවස්ථාවට දේශීය වෛද්‍ය නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය, බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ. ජේ. රත්නසිරි, ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුනිල් ජයලත් මහත්වරුද සහභාගි වූහ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ජාත්‍යන්තර වෙළඳාම යනු ප්‍රාග්ධනය, භාණ්ඩ හා සේවා රටක දේශසිමාවෙන් ඔබ්බට ගනුදෙනු කිරිමයි. බොහෝ රටවල දළ දේශිය නිෂ්පාදිතයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ජාත්‍යන්තර වෙළඳාමෙන් උපයයි.මෙයට දිගු ඉතිහාසක් තිබුණද (සේද මාවත ඔස්සේ වෙළඳ භාණ්ඩ ප්‍රවාහනය) ඒ හා බැදි ඇති දේශපාලනික, ආර්ථික හ සමාජීය කරුණු වල වැදගත්කම අතිමහත්ය. ජාත්‍යන්තර වෙළඳාමට කාර්මිකරණය, දියුණු ප්‍රවාහන සේවා,ගෝලියකරණය, බහුජාතික සමාගම් හා ව්‍යාපාර කටයුතු තුන්වන පාර්ශවයකට පැවරීම (Outsource) යන කරුණු වල විශාල බලපැමක් ඇත. ජාත්‍යන්තර වෙළඳාම , ගෝලියකරණයට ඉතා වැදගත් වේ. ලෝකයේ බලත් ඕනෑම රටක ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ජාත්‍යන්තර වෙළඳාමයි. ජාත්‍යන්තර වෙළඳාමේ නිරත නොවුවහොත් රටවල් ස්වකීය සම්පත් වලට හා නිෂ්පාදන වලට පමණක් සිමා වේ. රටේ අභ්‍යන්තර වෙළඳාම හා ජාත්‍යන්තර වෙළඳාම් අරමුණු, ස්වභාවය හා එහි යෙදෙන පාර්ශවයන්ගේ ස්වභාවය සමාන වේ. එනමුත් ජාත්‍යන්තර වෙළඳාමට අදාළ සම්බාධක,බදු,රටට ආවේනික නිති හා ප්‍රවාහණයේ ආදී වැදගත් සාධක රට අභ්‍යන්තර සිදු කරන වෙළඳාමට වඩා ජ්‍යාත්‍යන්තර මට්ටමින් වෙළදාම් කරන භාණ්ඩවල මිල වැඩිය. මෙම වෙළදාම් දෙක අතර තවත් වෙනසක් නම් රට තුළ වෙළඳාමේදී නිෂ්පාදනයට අවශ්‍යය සාධකයන් (Factors of production) පහසුවෙන් ලබාගත හැකිවිමයි. එනමුත් ජාත්‍යන්තර වෙළඳාමේදී එය භාණ්ඩ හා සේවා වලට සීමා වී තිබිම බොහෝවිට දැකිය හැකිය. ප්‍රාග්ධන කම්ක හා අනෙකුත් නිශ්පාදනයට අවශ්‍ය සාධක ප්‍රාග්ධනය කම්කරු හා අනෙකුත් නිෂ්පාදනයට අවශ්‍ය සාධක රටවල් අතර හුවමාරු කරගැනීම පහසු නැත. මේ නිසා රටවල් නිෂ්පාදනයට අවශ්‍ය සාධකයන් ආනයනය නොකර, භාණ්ඩය ආනයනයට පෙළඹි ඇත. (උදා. ඇමරිකාව චීන කම්කරුවන් වෙනුවට චීන කම්කරැවන් නිපදවු භාණ්ඩ ආනයනය) ජාත්‍යන්තර වෙළඳාම ආර්ථිකයේ වැදගත් ශාඛාවකි. ආර්ථිකය හා ජාත්‍යන්තර මුල්‍ය කටයුතු ඒකකයන් එකතුව, ජාත්‍යන්තර ආර්ථික පද්ධතියේ විශාල ශාඛාවක් නිර්මාණය කරයි. සටහන්[සංස්කරණය] | International trade |}
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ශ්‍රී දේවියගේත්, කාජල්ගේත්, මධුරි ඩික්සිත්ගේත් සිනමාවේ දෙවැනි ගමනට පසු අයිශ්වර්යා රායිගේ පුනරාගමනය සිදු වන්නීය. ඇය සිනමාවට පිවිසියේ මනි රත්නම් ගේ ‘ඉරුවර්’ සිනමාපටයෙනි. ඇය දෙවැනි ඉනිම අරඹන්නේ ද මනි රත්නම්ගේම සිනමාපටයකිනි. ත්‍රාසජනක සිනමාපටයක් වන එහි ඇයගේ පෙම්වතා වන්නේ අභිෂේක් බච්චන් නම් නොවෙයි. නාගර්ජුන හා මහේෂ් බාබු මෙහි ප්‍රධාන භූමිකාවලට පණ දෙති.ඈෂ්ගේ දෙවැනි ගමන මනි රත්නම්ගේ බිරිය සුහාසිනි නිල නොවන මට්ටමින් සනාත කර තිබේ. සෘති හසන් දෙවැනි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන්නීය. ඇයගේ දෙවැනි සිනමා ගමන ගැන බොහෝ කතා මේ වන විට පැතිරී ගොස් අවසන්ය. එහෙත් මනි රත්නම් නම් ප්‍රවීණ අධ්‍යක්ෂවරයාගේ බිරිය පවසන කතාව ඒ සියලු කතාවලට වඩා සැබෑවක් විය හැකිය.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අර්නස්ට් හේකල්ගේ කුන්ස්ට්ෆොර්මන් ඩර් නටූර්, 1904 වෙතින් හරිත ඇල්ගි බොහෝ ඇල්ගි වර්ග ශාක රාජධානිය යටතට වර්ගිකරණය නොකෙරේ. ඇල්ගි වර්ග විවිධ කාණ්ඩ වලට අයත් ඇල්ගි වර්ග ප්‍රභාසංස්ලේශණය මගින් ශක්තිය නිපදවන ජීවින් විශේෂ වේ. මින් එක් එක් ඇල්ගි විශේෂ ප්‍රභාසංස්ලේශණය නොකරන වෙනස් පුර්වජයින්ගෙන් පැවත එයි. මෙම ඇල්ගි අතුරෙන් වඩාත් පැහැදිලි විශේෂය වනුයේ ශාක සමුද්‍ර විශේෂයි. මොවුන් බහු සෛලික ඇල්ගි විශේෂ වන අතර දළ වශයෙන් භෞමික ශාක වලට සමානකම් දක්වයි. නමුත් මේවා කොළ, රතු සහ දුඹුරු ඇල්ගි ලෙසට වර්ගිකරණයක් සිදු කරනු ලබයි. මෙකී එක් එක් ඇල්ගි වර්ගද විවිධ අන්වීක්ෂීය සහ එක් සෛලික විශේෂ ලෙසට වර්ගීකරණය කර ඇත. ඇල්ගි වර්ග අතරින් වර්ග දෙකක් පමණක් භෞමික ශාක වලට (Emvriophytes) සමීප සම්බන්ධතාවයක් ඇතැයි සැලකේ. මින් මුල්ම කාණ්ඩය වනුයේ Charophyta වන් වන අතර එමගින් embryophyta වන් ඇති වු බවට සැලකේ. Emdryophyte සහ Charophyte යන කාණ්ඩ දෙකෙහි සංකලනයන් හරිත ඇල්ගි වල (Chlorophyta) දක්නට ඇති අතර මෙහි වඩාත් පැහැදිලි නොවු කාණ්ඩය එක්ව ගත් කල හරිත ශාක හෝ viridiplantae ලෙසට හැඳින්වේ. ශාක රාජධානිය මෙකි ඒකවංශික වර්ගි කරණයට අයත්වෙයි. හරිත ඇල්ගි වල ඇති යම්යම් වෙනස්කම් හැරුණු කොට ඉහත කී සියළුම වර්ග වල සෛල බිත්ති සෙලියුලෝස් වලින් සැදුම් ලත් අතර හරිත වර්ණක A සහ B අන්තර්ගත හරිතප්‍රද ඇති අතර ආහාර ද්‍රව්‍ය පිෂ්ඨය ලෙස ගබඩා කරනු ලැබේ. ඔවුන් තර්කුවක් නොමැතිව අනුනන විභාජනයට ලක්වන අතර පැතලි මියර සහිත මයිටකොන්ඩ්‍රියාවන් අන්තර්ගත වේ. හරිත ශාක වල හරිත ලව පටල දෙකකින් ආස්තරණය වී ඇති අතර එමගින් ඔවුන් සයනෝ බැක්ටිරීයාවන්ගෙන් සම්භවය වී ඇති බවට සාක්ෂි ඇත. මෙය අනෙකුත් ඇල්ගි වර්ග දෙක වන Rhodophyta හෙවත් රතු ඇල්ගි සහ Glaucophyta සදහාද සත්‍යවේ. මෙම සියළුම කාණ්ඩ තුන සදහා පොදු සම්භවයක් අතැයි විශ්වාස කෙරෙන අතර ඔවුන් Archaeplastida නම් වර්ගිකරණයට යටත් වෙයි. මීට අමතරව බොහෝමයක් අනෙකුත් ඇල්ගි වර්ග (උදා - haterokonts, haptophytes, dinoflagellates සහ euglenids) සදහා ද ආස්තරණ පටල තුනකින් හෝ හතරකින් ආවරණය වු හරිත භක්ෂණය පවතී. ඔවුන් හරිත ශාක වල සමීප ඥාතීන් නොවන අතර එහි හරිත ලව ලබාගෙන ඇත්තේ රක්ෂණය කරන ල හෝ සහජීව චර්යා පෙන්වන ද හරිත හෝ රතු ඇල්ගි වලිනි. ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශාක
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දේශීය වාද්‍ය භාණ්ඩ අතර, දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන භාණ්ඩයක් වශයෙන් දවුල හඳුන්වා දිය හැකි ය. පංචතූර්ය භාණ්ඩ වර්ගීකරණයට අනුව 'විතතාත' ගණයට අයත් වන සංගීත භාණ්ඩයකි. එසේම බෙර වර්ග අතර ඉතාමත් ඈත ඉතිහාසයක් උරුම වන දවුල චිරාත් කාලයක් තිස්සේ ලංකාවේ භාවිතා වූ සුවිශේෂී වූ බෙර විශේෂයක් වන අතර හේවිසි වාදනය සඳහා යොදා ගන්නා බෙරය ලෙස සැලකේ. එසේම සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන දවුල ව්‍යවහාරික සංගීතයේදී ද යොදා ගැනේ. පටුන 1 හැඳින්වීම 2 දවුලේ සැකැස්ම 2.1 දවුලේ කොටස් 3 ශාස්ත්‍රීය හා සාම්ප්‍රධායික භාවිතය 4 ආශ්‍රිත ලිපි 5 බාහිර යොමු 6 අධෝලිපි හැඳින්වීම[සංස්කරණය] දවුල් බෙර වාදකයෙකුගේ සිතුවමක් බෞද්ධ වෙහෙර විහාර සහ බෞද්ධාගමික චාරිත්‍ර ආශ්‍රිත තේවා කටයුතු සඳහා වාදන සම්ප්‍රදායක් වශයෙන් ද, දේවාල හා බැඳි, පුද පූජා වතාවත් උදෙසා නාදිමත් කාලයක සිට භාවිත වූ දවුල මංගල හා අවමංගල අවස්ථාවන්හිදී වයන වාද්‍ය භාණ්ඩයක් වශයෙන් ප්‍රචලිත ය. සබරගමු නර්තන සම්ප්‍රදායේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩය ලෙස දවුල හැඳින්වේ[1]. බෞද්ධ සන්නිවේදන අවස්ථාවක් ලෙස සැලකෙන වෙසක් අඬබෙරය[2] හැටියට ගන්නා වූ දවුල වටා වෙසක් කොඩියක් හෝ අඩුම තරමේ නිල් - කහ – රතු වැනි වර්ණ රෙදි දවටා දවුල වටා දවටා ගෙන සිදු කරයි. මෙම වෙසක් අණබෙරය වෙසක් සතියේ පන්සල මුල්කරගෙන සිදු කරන ආගමික වතාවත් පිළිබඳව දැනුම්දීම එහි ප්‍රධාන අරමුණු කර ගනියි. දවුලේ සැකැස්ම[සංස්කරණය] මෑත කාලීන මුදල් නෝට්ටුවක් සටහන් වන මල් පදය නැටුම නැටුම් කරු සමග දවුල බෙර වාදකයෙක් ඇසල, කොහොඹ, ගංසූරිය, වරකා, කිතුල් වැනි වටිනා දැව වර්ග වලින් දවුල් කඳ සකස් කර ගන්නා අතර කඳ ලියවා පිත්තල පටි අල්ලා අලංකාර කර ගැනීම පැරණි ක්‍රමයයි[3]. දවුල් කඳෙහි දිග ප්‍රමාණය අඟල් 18ක් 20ක් අතර ප්‍රමාණයක් වේ. වාදනය සඳහා කඩිප්පුවක්[4] යොදා ගනියි. ව්‍යවහාරික සංගීතයේ දී ද අවශ්‍ය අවස්ථාවල දවුල භාවිත කරනු ලැබේ. දවුලේ කොටස්[සංස්කරණය] දවුලේ හඬ නිපදවීම සඳහා යොදාගෙන ඇති හම දවුල් තට්ටුව නමින් හැඳින් වේ දවුල් තට්ටුව වටේට යොදා ඇත්තේ ගැටියයි දවුල වාදනය කරන උපරකණය දවුල් කඩිප්පුවයි ලීයෙන් කළ කොටස දවුල් කඳ නමින් හැඳින් වේ ඉනේ බැඳ ගන්නා ලණුව දවුල් ලණුවයි දවුල් ලණුව සම්බන්ධවන ස්ථානයේ ඇති පිත්තලවලින් සාදන ලද ගිගිරි වලල්ල කයිපුඩිවළල්ල වේ දවුල වටේට ඇද ඇති නූලි දවුල් වරය වේ දවුල් ලණුව තද කරන පිත්තල මුදුව ඉල්ලම් නම් වේ ශාස්ත්‍රීය හා සාම්ප්‍රධායික භාවිතය[සංස්කරණය] දවුල පිළිබඳව ඉතිහාසයේ පළමුව සඳහන් වන්නේ ලංකාවේ ප්‍රථම රජු ලෙස සැලකෙන මහා සම්මත මනු රජ සමයයි. රටට රජෙකු අවශ්‍ය බව තීරණය කිරීමෙන් පසුව මෙරට දේව මණ්ඩලය මගින් දවුල වාදනය කරමින් යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් අණබෙරයක් යැවූ බවත් එයට සවන් දෙන දකුණේ මනු නැමැත්තා මන්නාරමට පැමිණි එම අණබෙරයට පැමිණි අනෙකුත් සටන් කරුවන් 16 දෙනෙකු සමඟ සටන් කොට ජය ලබා ගත් බවත් ඉන් පසු ඔහු මහා සම්මත මනු රජතුමා ලෙස මෙරට රජ වූ බවත් වර්ග පූර්ණිකාවේ[5] සඳහන් වේ. එසේම වැඩවසම් සමාජ ක්‍රමයේ දී අණබෙරයක් ලෙස අත්‍යවශ්‍යයෙන්ම භාවිත වූ දවුල් වාදනය සන්නිවේදන මාධ්‍යයක් වශයෙන් පිළිගැනෙයි. දවුල වාදනයේදී තියුණු හඬ විහිදෙන පැත්තට කඩිප්පුව උපයෝගී කර ගැනේ. ගැඹුරු ලෙස හඬ විහිදෙන පැත්ත අතින් වාදනය කෙරේ. මහනුවර දළදා පෙරහැරේ උඩරට දවුල් වාදනයට විශේෂ තැනක් හිමි වේ. දවුල් පද කිහිපයක් පහත දැක්වේ ජෙන්ගත්, ජෙන්ගත්, ජෙං ජෙං තා කුකුඳ ගතිත ගත තරිකිට කුංදත් දිරිකිට කුං දත් කිටිතක දොමිකිට ජෙං තක දොමිකිට ආශ්‍රිත ලිපි[සංස්කරණය] ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සංගීතය නර්තනය ශ්‍රී ලංකාවේ ශ්‍රාස්ත්‍රීය නැටුම් ජන නාට්‍ය බාහිර යොමු[සංස්කරණය] ශ්‍රී ලංකීය බෙර - පින්තූර හා ශබ්ද පියසර ශිල්ප දීප්තිගෙ බෙර නිවැරදි ව බෙර වැයීමට උගනිමු ද? Sri Lanka's Traditional Musical Instruments අධෝලිපි[සංස්කරණය] ↑ සපරගමුවේ පැරණි ලියවිලි ↑ ඤාණවිමල,කිරිඇල්ලේ. සපරගමුවේ පැරණි ලියවිලි. නුගේගොඩ:මානව හිතවාදී ලේඛක පර්ශදය,2001 ↑ Dawula ↑ කඩිප්පුව, තම්මැට්ටම, දවුල වාදනය කිරීම සඳහා යොදා ගන්නා කෝටුව හෝ වේවැලින් සාදා ගත් උපකරණය'. ↑ වර්ගපූර්ණිකාව නම් යක්ෂ ගෝත්‍රික භාෂාවෙන් ලියැවී ඇති ගෝස්තර ග්‍රන්ථය
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙන්න මෙතනින් ඔබලා බලන්න පොඩ්ඩක්...හැබැයි එතනටත් ගිහින් පොඩ්ඩක් ඔබලා එන්න... නිකන්ම එන එකත් හරි නෑනේ.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අමීර් ඛාන්ගේ විසිපස් වසරක නළු ජීවිතයේ වඩාත්ම කැමැති චරිතය අන්තර්ගත වී ඇත්තේ දෙසැම්බර් 19 දින තිරගතවීමට නියමිත ‘පී කේ’ සිනමාපටයේයි. මෙය පුදුමයක් නොවෙයි. ඒ අමීර් එහි වෙනස් චරිත නවයක් රඟන නිසයි. එහි එන එක් චරිතයක් නිරූපණය කිරීමේදී ඔහු බුලත් විට සියයක් දිනකට කෑමට ගෙන තිබේ.සැබෑ ජීවිතයේදී පුරුද්දක් ලෙසින් බුලත් විට කෑමට නොගන්නා ඔහු සිනමාපටයේ සෑම දර්ශනයකදීම බුලත් විට සපා ඇත. දර්ශන තලයේ බුලත් විට කරුවකු නිරන්තරයෙන්ම රඳවා ගැනීමට අධ්‍යක්ෂවරයා වග බලාගෙන තිබේ.ප්‍රසිද්ධියේ සුළු දිය පිට කරන, සිඟන්නන්ගෙනුත් සොරකම් කරන දර්ශන ඇතුළත් මෙය විසි පස් වසරක වෘත්තීය ජීවිතයේ දුෂ්කර ක්‍රියාව ලෙස අමීර් හඳුන්වයි. සිනමාපටයේ ඔහු ඇසිපිය ගසන දර්ශන ද අවමය. අනුෂ්කා ෂර්මාගේ දෑස් දෙස බලා සිටින විට එය අසීරු කටයුත්තක් නොවන බව අමීර් විහිළුවට මෙන් පවසා තිබේ.අමීර් කෙතරම් දුෂ්කරතාවට පත්කර ඇත්දැයි දැනගැනීමට ප්‍රේක්ෂකයන්ට දෙසැම්බර් 19 වනතුරු බලා සිටීමට සිදුවේ.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අද අපි කතා කරන්න යන්නේ මුහුදු සර්පයෙක්ගැන. මෙයා තමයි මහවාලක්කඩියා එහෙමත් නැත්නම් Stoke's Sea Snake කියලා ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වන සර්පයා. මෙයා උග්‍ර විෂ සහිත සර්පයෙක්. Astrotia stokesii කියන විද්‍යාත්මකනමින් හදුන්වන මේ සර්පයා මෙන්න මේ විදිහට ජෛව විද්‍යාත්මකව වර්ගීකරණය කරන්න පුලුවන්. stokesiiBinomial name : Astrotia stokesii (Gray, 1846)ශ්‍රීලංකාවේ උතුරු, බස්නාහිර, වයඹ සහ දකුණු වෙරළබඩ ආශ්‍රිත මුහුදේ වගේම ගැඹුරු මුහුදේදීත් මේ සර්පයාව හම්බුවෙනවා. ලංකාව වගේම ගල්ෆ් මුහුදු තීරය ඉන්දියාව, තායිලන්තය,මැලේසියාව, පැපුවා නිව්ගිනියාව, පිලිපීනය, ඔස්ට්‍රේලියාවේ උතුරු හා නැගෙනහිර වෙරල තීරය, චීන මුහුද ආශ්‍රිත වෙරල තීරයෙනුත් මෙයාව බහුලව හම්බුවෙනවා. මේ සර්පයා අනෙක් මුහුදු සර්පයින්ට සාපේක්ෂව තරමක් විශාල ශරීරයකට උරුමකම් කියනවා. ඒත් අනෙක් මුහුදු සර්පයින් තරම් දිගට වැඩෙන්නේ නෑ. කෙටි ශරීරයක් තමයි මෙයාට තියෙන්නේ. විශාල හිසක් තියෙනවා. ශරීරය තරමක් පැතලි ස්වාභාවයක් ගන්නවා. මුහුදු ජලයේ වැඩි වෙලාවක් ජීවත් වෙන් නිසා මෙයාගේ ශරීරගේගොඩක් වෙලාවට ඇල්ගී වර්ග , කුඩා බෙල්ලන් සවිවෙලා ඉන්නවා දැක ගන්න පුලුවන්. කුඩා කාලයේදී මේ සර්පයාගේ ශරීරය පෘෂ්ඨීයව සුදු, කහ, හෝ දුඹුරු පාටක් ගන්නවා. කලු හෝ තද දුඹුරු පාට වලලු 24ත් 34ත් අතර සංඛ්‍යාවක් ශරීරය දිගේ පිහිටලා තියෙනවා. ඇතැම් වෙලාවට මේ වලලු අතර කුඩා තිත් දැක ගන්නපුලුවන්. හොදින් වැඩුනු සර්පයෙක් ගේ ශරීරය දුඹුරු පැහැයට හුරු පැහැයක් ගන්නවා. උදර ප්‍රදේශය සුදු පැහැයක් ගන්නවා. මහවාලක්කඩියා ඇතැම් වෙලාවට විශාල කණ්ඩායම් ලෙසට මුහුදේදී හමුවෙනවා. මෙයා සෙමින් සංචරණය කරන සර්පයෙක්. ඒත් තරමක් ආක්‍රමණශීලී සර්පයෙක්. අන්ඩ ජලාබුජ සර්පයෙක් වෙන මහවාලක්කඩියා එක් ප්‍රඡනන සමයකදී ජනිතයින් 12ක් පමණ මෙලොවට බිහිකරනවා. උපතේදී 300mm පමණ දිගකින් යුක්ත වුවත් මේ සර්පයා 1 /1.5m පමණ දිගකට වර්ධනය වෙනවා.මේ සර්පයා මුහුදු පත්ලේ ආහාර මත යැපෙනවා.මහවාලක්කඩියා රතු දත්ත පොතේ Least Concern (LC) කාණ්ඩය යටතේවර්ග කර තියෙනවා. මුහුදේදීධීවරයත්ගේ දැල් වලට හසුවීමවර්තමානයේ මේ සර්පයාට ඇති ප්‍රබලතම තර්ජනයබවටපත්වෙලා තියෙනවා.මහවාලක්කඩියා ඡායාරූප- http://www.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ආයුබෝවන් මිතුරනේ මේ අද දවසේ දෙවැනි ලිපියයි. Nero කියපු ගමන් මතක් වෙන්නේ මොකක්ද ඔයාලටDVD/ CD/ Blueray පටිගත කරන්න පුළුවන් වැදගත් ප්‍රෝග්‍රෑම් එකක් කියලනේ. මේ පාර ඒ කිවේ 2015 වෙනි වසර සදහා Nero සමාගම Nero 2015 Platinum සංස්කරණය මේ වන විට හදුන්වා දීලා තියෙනවා. මේ ඒ සංස්කරණය සම්පුර්ණයෙන්ම ඔබට. Crack එකක් සහිතයි.DownloadNero 2015 Platinum(260mb)DownloadNero 2015 PlatinumCrackහැමෝටම වැදගත් මුදුකාංගයක් නිසා Share කරන්න අමතක කරන්න එපා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බොලිවුඩයේ සුපිරි ක්‍රියාදාම වීරයා වූ අක්ෂේ කුමාර් සටන් ජවනිකා, ත්‍රාසජනක දර්ශන සඳහා ආදේශ නළුවන් යොදා නොගන්නෙකි. ආදේශ නළුවන් යොදා ගත්ත ද ඔහුගේ වසර විසි හතරක සිනමා ජීවිතයේදී ඒ කිසිවකුටත් අනතුරක් සිදු වී නැත. ‘සියල්ලටම පෙර ආරක්ෂාව’යන්න අක්ෂේ අකුරටම පිළිපැදීම ඊට හේතුවයි.මෑතකදී රූපවාහිනි නාළිකාවක ඔහුට සෝනක්ෂි සමඟ වෙඩි තබන දර්ශනයකට පෙනී සිටීමට තිබුණු අතර කිසිවෙක් තුවක්කුවේ උණ්ඩ තිබෙනවාදැයි සොයා බැලුවේ නැත. එහෙත් අක්ෂේ තුවක්කුව පරීක්ෂා කළ විට උණ්ඩයක් තිබී ඇත.කළු පටිධාරී ටයිකොන්ඩෝ (Taekwondo) ශූරයකු වන අක්ෂේ මෑතකදී තායිලන්තයට ගොස් මුවේ තායි ක්‍රීඩාවට ද සහභාගි වූයේය. මේ දිනවල ඔහු රංගනයට අමතරව කාන්තාවන්ට සටන් කලාව ඉගැන්වීමේ සමාජ සද්කාර්යට ද අත ගසා ඇත.චම්පිකා දීපානි රණසිංහ
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පසුගිය කාලය චෙස් ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සමඟින් ගත වුණේ. මම දායකත්වය ලබා දුන් කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ඒ හැරුණාම තවත් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කිහිපයක්ම ප්‍රේක්ෂකයන් හමුවට එන්න සූදානම්.ඒ වගේම මේ දවස්වල මම තවත් අලුත් වැඩකට සූදානම් වෙනවා.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අද ප්‍රශ්න පත්තරේට පිළිතුරු සැපයුවේ යොවුන් පරපුර නියෝජනය කරන දක්ෂ රංගන තරු යුවළක්.සාරංග දිසාසේකර සහ සුබුද්ධි ලක්මාලි.
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අද රිදම් ගුවන් විදුලිය තවත් ඓතිහාසික වාර්තාවක ආරම්භය සනිටුහන් කරන දිනයයි. ඔවුන් මීට ප්‍රථම 2009 වසරේ නාළිකාවේ පළමු සංවත්සරය වෙනුවෙන් සංගීත කණ්ඩායම් පණහක් සහ ගායක ගායිකාවන් එකසිය පණස් දෙනකු සමඟ නොනවත්වා පැය පණහක සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කරමින් ගුවන් විදුලි ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක් තබන ලදී. මෙවර ඔවුන් අර අඳින්නේ එවැනිම වූ අංගයකටය. තව දුරටත් කිව්වහොත් එම වාර්තාව ඔවුන් විසින්ම අලුත් කරනු ඇත.මේ එය පිළිබඳ හා රිදම් නාලිකාවෙහි වත්මන් තත්ත්වය ගැන තතු විත්ති දැන ගැනීමේ අටියෙන් රිදම් නාළිකාවෙහි සහකාර වැඩසටහන් අධ්‍යක්‍ෂ චමිල ලොකුනාරංගොඩ සමඟ කළ සාකච්චාවකි.චමිල, අද රිදම් නාලිකාවට සුවිශේෂී වූ රාත්‍රියක් නේද උදාවන්නේ?රිදම් F.M. පටන් අරන් අවුරුදු හතරයි.අඩු කාලයක් තුළ දී වැඩිම අසන්නන් ප්‍රමාණයක් අපි එකතුකර ගත්තා. ඔවුන් අපෙන් වැඩිපුරම ඉල්ලන්නේ බෑන්ඩ්වල ලයිව් ප්ලේ කරපු සිංදු. ඒ වගේම අපේ බෑන්ඩ් ෂෝ එකටත් පුදුම ඉල්ලුමක් තියෙන්නෙ. ඒක නිසා අපි හිතුව ඔබ සඳහන් කළ පරිදි ෂෝ එකක් නැවතත් කරන්න. එදාට වඩා කාලය දික් කළා. පැය හැත්තෑ පහක් හෝ ඊට වඩා වැඩි කාලයක් මෙය පැවැත්වෙනවා. අද රාත්‍රී අටට ෂෝ එක පටන් ගත්තට පසුව හමාරවන්නේ 9 වැනි ඉරිදා මධ්‍යම රාත්‍රියත් පහුවුණාම. අද රෑ ඉඳන් එක දිගට ඉරිදා වෙනකම් අපේ ශ්‍රාවකයන්ට රිදම් නයිට් අහන්න පුළුවන්.ඔබලා කරන්න හදන්නේ හරිම අභියෝගාත්මක වැඩක්?ඒක ඇත්ත. අපට පෙර අත්දැකීම් තියනවා. නමුත් මෙවර කාලය දිගු නිසා වගකීමත් වැඩියිනේ. අප ප්ලෑන් කරලා තියනවා අපේ නිවේදක නිවේදිකාවො හැමෝම වැඩසටහන මෙහෙය වන්න. මෙහිදී තව දෙයක් මතක් කරන්න ඕනේ. ඒ අපේ ෂෝ එකට එන ගායක ගායිකාවන් සහ සංගීත කණ්ඩායම් ගැන. ඔවුන් දිවා රෑ බලන්නේ නැතුව අපි බෙදා වෙන් කරලා දුන්නු වෙලාවට එන්නම් කිව්වා. ඒක අපට මේවගේ අවස්ථාවන්ට මහත් ශක්තියක්.රිදම් ජ්.ර් හි සැමවිටම මෙවන් වූ සංගීත සංදර්ශනවලින් වෙන්කරගත් ගීත ප්‍රචාරය වන්නේ ඇයි?රිදම් අහන්නේ වැඩ කරන ජනතාව. අප ඒක විශ්වාස කරනවා. ඒක නිසයි ටිකක් පන්ච් එකක් ඇති සිංදු ප්‍රචාරය කරන්නේ.ඒ කියන්නේ ස්ලෝ සිංදුවලට රිදම් එකේ ඉඩක් නැහැ?එහෙම කියන්න අමාරුයි. මොකද ඕනෑතරම් ස්ලෝ සිංදු රිදම් හි ප්‍රචාරය වෙනවා. සමහරක් ඒවායේ අපි අලුත් බීට් එක්ක ගහලා ප්ලේ කරනවා. රිදම් නාලිකාව හැමෝටම විවෘතයි.කියනවා වගේ රිදම් නාලිකාවෙන් දවසට සිංදු තුන්සීයක් ප්‍රචාරය වෙනවාද?ඔව්, ඒක තමයි රිදම් නාලිකාවෙ අනන්‍යතාවය. වෙනත් නාලිකා කොච්චර සිංදු දෙනවා කිව්වත් අපේ තරම් සිංදු දෙන්නෙ නැහැ. මං ඒක ඉතාම වගකීමෙන් කියන්නේ.රිදම් වාර්තාගත ප්‍රසංගයේ ගායන ශිල්පියො විතරද ගයන්නේ?නහැ, නළු නිළියොත් එනවා. හැබැයි සිංදු කියන්න පුළුවන් අය විතරයි.ශ්‍රාවකයන්ට රිදම් අහනවා වගේම මේ දවස් පුරා රිදම් නරඹන්නත් හැකියි නේද?95.6, 95.8 මේක තමයි රිදම් හි සංඛ්‍යානය.www.rhythem.me මෙම වෙබ් පිටුව ඔස්සේ මුළු ෂෝ එකම බලන්න පුළුවන්.රිදම් කණ්ඩායමේ පිරිස ගැනත් මතක් කරමු?ධාරක අබේවික්‍රම අධ්‍යක්‍ෂ අලෙවි, සුදත් වන්නිආරච්චි සමස්ත පරිපාලන කළමනාකරු, නිවේදක නිවේදිකාවෝ, ගනේෂ්, අජේ, සිතූ, ජානක, ලහිරු, ස්නේහා, නිෂි, මීෂා, අනූ, ටාෂි, ප්‍රවර්ධන කළමනාකරු සංජීව මනුරංග, නවීන්, පසන්, උදයංග ඒ අංශයේ. නිෂ්පාදන අංශයේ කළමනාකරු තාරක තරංග, තාරක අධිකාරි එම අංශයේ සහාය.සටහන - ප්‍රසාද් සමරතුංග
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කාත් කවුරුවත් නොමැතිව අසරණව කහවත්ත නගරයේ ජීවත්වූ වයස්ගත පුද්ගලයකුª නාගයකු දෂ්ඨ කිරීමෙන් මියයෑමෙන් පසු ඔහුගේ අවමංගල්‍ය කටයුතු චාම්ව එහෙත් ගරුබුහුමනින් සිදුකිරීමට නගරවාසීහු කටයුතු කළහ.මියගිය හීන්මහත්මයා නම් අය කහවත්තේ පදික වේදිකාවේ ජීවත්විය. විස ඝෝර නාගයින් අල්ලා උන්ට හිරිහැර සිදුවීම වැළැක්වීමට කැලෑවට ගෙන ගොස් දැමීම ඔහුගේ පුරුද්දකි. නාගයින් රැසක් ඔහු එලෙස අල්ලා තිබේ. ඉඩමකට වැදී සිටි නාගයෙකු ඇල්ලීමට ගත් උත්සාහයකදී හීන්මහත්මයාගේ අතකට නාගයා දෂ්ඨ කළේය. රත්නපුර මහ රෝහලට ඇතුළු කලද හීන්මහත්මයා එහිදී මිය ගියේය.රජයේ වියදමින් මිහිදන් කිරීමට තිබූ හීන්මහත්මයා ගේ දේහය කහවත්ත ක්‍රීඩාපිටියට රැගෙන විත් ආගමික වතාවත් ඉටුකර සිදුකිරීමට නගරවාසීන් පිරිසක් කටයුතු කිරීම කාගේත් ප්‍රශංසාවට ලක්විය.භික්ෂූන් වහන්සේට මතක වස්ත්‍ර පූජා කිරීමද මෙහිදී සිදුවිය. කහවත්ත ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකාගාරයේ තැනපත් කර තිබූ හීන්මහත්මයා ගේ දේහයට බොහෝ දෙනෙක් අවසන් ගෞරව දැක්වූහ. හීන් මහත්මයා කහවත්තේ බොහෝ දෙනෙකු හීන් මාමා නමින් හැඳින්විය. ඔහු නගරවාසීන්ගේ කටයුතුවලට සහාය වූ අයෙකි. නගරවාසීන් බොහෝ පිරිසක් පැමිණ අවසන් ගෞරව දැක්වූහ. අවමංගල්‍ය උත්සවයේදී අනුශාසනාව සිදුකළ විල්ලමියේ මලියදේව නාහිමියෝ මෙසේ පැවසූහ.හීන්මහත්මයා කුලියක් කරගෙන ජීවත්වූ අහිංසක අසරණ පුද්ගලයෙක්. ඔහු මුදල් පසුපස ලුහුබැඳගෙන ගියේ නැහැ. තම සේවය ලබාදීමෙන් ලැබෙන මුදල රැගෙන සතුටින් ගොස් නගරයේ ජීවත්වුණා. එවැනි පුද්ගලයෙකු මියගිය අවස්ථාවේදී ඔහුට ;ගෟරවයක් සිදුවෙන ආකාරයට අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට නගරයේ පිරිසක් කටයුතු කිරීම ආදර්ශවත් කාර්යයක්.අවමංගල්‍ය උත්සවයේදී කථා කළ ගොඩගම සමන් ගුණසිංහ මහතා හීන් මාමාගේ අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට කහවත්ත නගරයේ වෙළඳ සංගමය, ත්‍රිරෝද රථ සංගමය, බස්රථ රියදුරු කොන්දොස්තර මහත්වරුන් දායක වුණා. එමෙන්ම පනාවැන්නේ මල් ශාලාවකින් පෙට්ටිය ලබාදීම ඇතුලු කටයුතු සිදුකළා. හීන් මාමා තනිවම කාත් කවුරුවත් නැතිව ජීවත් වුනත් අද ඔහු අවසන් ගමන් යන්නේ බොහෝ අයගේ ගෞරවය ලබමින්.නාගරික ක්‍රීඩා පිටියේ සිට කහවත්ත ඇල්ලගේවත්ත පොදු සුසාන භූ®මියට දේහය රැගෙන ගොස් මිහිදන් කරන ලදී. අවමංගල්‍ය පෙරහැරට ත්‍රිරෝද රථ ගණනාවක්ද එක්විය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මැතිවරණ ජයග්‍රහණය සඳහා නිරුවත් ජාතිවාදය ඈදා නොගන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයෙන් ඉල්ලීමක් කරයි.ජාතිවාදය ඇවිළවීමේ ප්‍රතිඵලයෙන් වසර 30 ක් බැට කෑ ශ්‍රී ලාංකීය ජාතිය බෙදුම්වාදය පරාජය කර නුතන ජාතියක් ලෙස නැගී සිටින මේ අවස්ථාවේ නිරුවත් ජාතිවාදය නැවත අවුළුවාලීමට කටයුතු කර සුවපත් වු දේශය යළි ඔත්පල නොකරන්නැයි ද එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයෙන් ඉල්ලීමක් කරයි.සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු ජාතීන් එකාවන්ව නැගී සිටිමට උත්සාහ දරන මේ මොහොතේ මැතිවරණ වාසි වෙනුවෙන් ජාතිවාදය වපුරන්නට එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂය දරන උත්සාහය පිළිකුල් සහගත බවත් එය දැඩිව හෙළා දකින බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයෝ පවසති.ඉලක්කම්වලින් ලබන ජයග්‍රහණයට වඩා ජනතාවගේ සහෝදරත්වය, සංහිදියාව, මිත්‍රත්වය වටින බව පවසන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා, මැතිවරණ ව්‍යුහයට ධනාත්මකව ඇතුළුවන්නැයි විපක්ෂයට ආරාධනා කරයි.නැගෙනහිර පළාතේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී මේ පිරිස් ජාතිවාදය මතු වන ආකාරයේ විවිධ ප්‍රකාශ කරන බවත් මැතිවරණය වෙනුවෙන් ජාතිවාදය අලෙවි කිරීම බාල ගණයේ ක්‍රියාවක් බවත් අලහප්පෙරුම මහතා මහවැලි කේන්ද්‍රයේ දී ඊයේ(22) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.ඉතිහාසය පුරාම වර්ණ බේදයකින් තොරව සියලු පක්ෂ ජාතිවාදය අලෙවි කිරීමේ කටයුතුවල නිරත වු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අවශ්‍යවම තිබු වසර තිහක් අපේ රටට අහිමි වු බවත් මේ නිසා අපේ රටේ සංවර්ධන කටයුතු පවා අඩාල වු බවත් අලහප්පෙරුම මහතා කීවේය.ඡන්දය වෙනුවෙන් ජාතිවාදී මත වපුරන දේශපාලන පක්ෂවලට නෙලීමට සිදු වන්නේ ද ජාතිවාදී අස්වැන්නක් බව මතක තබා ගත යුතු බවත් ඇමැතිවරයා පැවසීය.මැතිවරණය ලබන 8 වැනි දායින් අවසන් වන නමුත් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂය නැගෙනහිර පළාතේ වපුරන ජාතිවාදය කිසිම දිනක අවසන් කළ නොහැකි බව අවධාරණය කරන අලහප්පෙරුම මහතා, උමතුවෙන් ප්‍රතික්‍රියා නොදක්වා විචාරවත් හා ධනාත්මකව මැතිවරණ ව්‍යාපාරයට යොමු වන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක් කළේය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අවුරුදු සමයේ නියමිත ගාස්තුවට වඩා මුදල් අය කළ කොන්දොස්තර හා බස් හිමියන් පිළිබඳව විනය පරීක්ෂණ අද (20) සිට ආරම්භ වෙයි. මේ වරද කර ඇති වාර ගණන අනුව මාර්ග බලපත්‍රය අවලංගු කරන බවද ජාතික ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ (ධාවන) විපුල හේවා වලිමුනි මහතා කියයි. මෙවැනි අය පිළිබඳව කොමිසන් සභාවේ වැටලීම් අංශය රට පුරා පරීක්ෂණ පැවැත්වූ අතර ඒ පිළිබඳ වාර්තා ඊයේ (19) සවස් වන විට කොමිසන් සභාව වෙත ලබාදීමට නියමිතව තිබිණි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මිල්ටන් මල්ලවආරච්චි ගැයූ ගීත අතරින් ඔහු විසින් තනු නිර්මාණය කෙරූ ගීතයන් ඇතුළු ඔහු සතු සියලු බුද්ධිමය දේපොළවල පූර්ණ භාරකාරත්වය සහිත ඇටෝර්නි බලකරු වශයෙන් ෂෙල්ටන් වීරරත්න පත් කළ බව විශේෂ ලිපියකින් ඔහු ‘සරසවියට’ දන්වා ඇත.එසේ කොට ඇත්තේ මිල්ටන්ගේ ගීත වෙනත් ගායකයින් ඔවුන්ගේ හඬ යොදා වෙනස් කරමින් මාධ්‍යයන්ට නිකුත් කිරීම වලක්වනු පිණිසය. එමෙන්ම මින් පසු අවසර නොගෙන මිල්ටන් හා සබැඳි කිසිදු සංගීතමය කටයුත්තක් සිදු කිරීම නොහැකි බව ෂෙල්ටන් වැඩිදුරටත් කීය.එමෙන්ම මිල්ටන් මල්ලවආරච්චි නාමයත් ඔහුගේ සේයාරුවත් යොදා ගනිමින් දිවයිනේ කිනම් හෝ නගරයක සංගීත ප්‍රසංගයක් සංවිධානය කෙරේ නම් වහා එම තොරතුරු 0774939833 අංකයට ලබා දෙන මෙන් මිල්ටන්ට ළැදි දයාබර සංගීත ලෝලීන්ගෙන් ෂෙල්ටන් ඉල්ලා සිටියි.දසක තුනකට ආසන්න කාලයක් ගීයෙන් රටක් සැනහූ මිල්ටන් විසින් තනු නිර්මාණය කළ ගීත අතර මධුමල ලෙස, පායා ආ සඳ, පියාපත් සලා, ගමනේ ගිම් නිවූ, පැරදීලා පලා ගියේ නෑ, සුළගේ පාවී, පෙම් රජදහනේ වැනි ගීත තිබේ.ප්‍රසාද්
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
දඹුල්ල – හබරණ මාර්ගයේ දිගම්පතහ 103 කිලෝ මීටර කණුව අසලදී ත්‍රීරෝද රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් එකම පවුලේ මිත්තනිය , ලේලිය හා මුණුපුරා මියගොස් ඇත.සෙනෙසුරාදා (20) අලුයම 3ට පමණ මෙම අනතුර සිදුව ඇත. මියගොස් ඇත්තේ දිවුලන්කඩවල පදිංචි වෑවල මලක්කගේ ගෙදර සීලවතී (56), වඩු ගෙදර සුමිත්‍රා (26) හා ඉඹුල්වල පන්තියේ ගෙදර හිරුත් සංජීව විමලරත්න (මාස 5) යන තිදෙනාය.මියගිය ළදරුවාගේ පියා වන ඉඹුල්වල පන්තියේ ගෙදර සුසන්ත රෝහණ (29) යන අය අනතුරට පත් ත්‍රීරෝද රථය පදවා ඇති අතර ඔහු තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. දිවුලන්කඩවල පදිංචි එකම පවුලේ මෙ පිරිස මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.අනතුරට ලක් වී ඇති එම්. පී. ඩී. රෝහණ විමලරත්න (56) , (මාමා), එම්. පී. සී. සුසන්ත විමලරත්න (බෑනා) (31) ගුරු ගොඩැල්ල ගම්මාන යන අය මාතලේ හා දඹුල්ල රෝහල්වල ප්‍රතිකාර ගනි. වෑන් රථයේ රියැදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය කියයි. දඹුල්ල පොලිසිය වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගම්පල[සංස්කරණය] ගම්පල දිස්ත්‍රික්කය මධ්‍යම පලාතට අයත් දිස්ත්‍රික්කයකි.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මුලින්ම අපිබලමු මොකද්ද මේSolar Garden Light කියන්නේ කියලා මේකනම් හරිම සලර චීන නිපයුමක් අපිට ලංකාවේබොහොම අඩුවට මිලදී ගන්න පුලුවන් Ebay මිල $4 ක් $5 ක් පමන වේ.ගෙවතු අලංකාර සදහා යොදා ගත හැකි සුරිය බලයෙන් විදුලිය උපදවා ගන්නා අඩු වොට් ගානක් ගන්නා LED ඒකක් හෝ කීපයක් ඇති රටාවකට ආලෝකය විහිදුවන සුවයන් ක්‍රීයව දැල්වී නිවෙනා විදුලි පහනකි.මේ තියන්නේ මම මිලදී ගත් ඒක.මේ තියන්නේ විවිධ පෙනුමෙන්මේ කුඩා Solar cell ඒකෙන් තමා battery ඒකට අවශ්‍ය විදුලිය ලබා ගන්නේඅනවශය වෙලාවට on /off කර ගන්න switch ඒකකුත් තියනවාමේකේ තියනවා 1.2v 600mA Reachable Battery ඒකක්මේ Battery අන්තිම බාල ඒකක් තමා දාලා ඒවන්නේ මාස 3 කින් විතර පවිචිකරනකොටමේවා පැයක් දෙකක් විතර වැඩකරලා ඊට පස්සේ වැඩ කරන්නේ නැතුවම යනවා අපිට කරන්න තියන්නේ මේක ගලවලා Battery ඒක මාරු කරන ඒක විතරයි මේක තම ලෙඩේ.අපි Battery කැලි දෙකක් ගන්න පුළුවන් ගානට මේක චිනෙන් අපිට විකුනන්නේ කොචර බලාද කියලා හිතා ගන්න පුළුවන්නේ.Repair ඒක ඔපමනයි.මේ තියනේ Circuit ඒක.මෙහි LDR ඒකෙන් අදුරට ආලෝකමත් වේ.Fully pack & seal කරලා ඒන්නේ.Comment ඒකක් දාල යන්න අමතක කරන්න ඒපා.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සීත ගඟුලේ ගිලී මියගිය ශාක්‍යා පාරිස්දිනී දැරියගේ මළ සිරුර දින තුනකට පසු ඊයේ (06) දහවල් සොයා ගැනීමට හැකි විය.දැරියගේ සිරුර සොයා ගැනීමට නාවික හමුදා කිමිඳුම් නිලධාරීහු දින දෙකක් තිස්සේ දැඩි වෙහෙසක් ගත්හ.අයහපත් කාලගුණය නිසා ඔවුහු මළ සිරුර සෙවීම අත් හැර දැමූහ. ඉන් අනතුරුව අහුන්ගල්ල ප්‍රදේශයේ දැරියගේ ඥාතීන් සහ කුරුවිට - එරත්න ප්‍රදේශවාසීන් හා එක්ව ඊයේ (06) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සීත ගඟුලේ පහල කොටසේ විශාල වළක තිබී සිරුර සොයා ගෙන ඇත.දැරියගේ මළ සිරුරේ අතකට හා හිසට හානි සිදුවී තිබූ බව රත්නපුර ආපදා කළමනාකාර ඒකකයේ ප්‍රධානි නිහාල් ප්‍රියන්කර අබේරත්න මහතා “දිනමිණ”ට පැවසීය.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සීතල දිය බින්දු දිය වෙන්න පටන අරන් හදිස්සියෙන්ම...උදෑසන රතු පාට ඉර එලිය වැටිලා හිම කැට හරියට දියමන්ති වගේ. ඈත බටහිර කඳුවැටිය දිහා ඉදලා ගලාගෙන ආපු ඒ සීතල සුළංපාර හරියට ජිවිතෙ පළවෙනි පාරට විදිනවා වගේ ඔහු ඇස් පියා ගෙන ඒ සිහිල විදින්න උනා. ඇත්තටම ඒ සුළගේ තිබුනේ ප්‍රේමණිය සුවඳක් තමා.ඒ වන විටත් ඔහුගේ උයනේ තිබුන සියලුම රොස මල් වල සුවඳ ඒ සුළග නතු කර ගෙන තිබුනා සීරුවට.ඒත් ඔහු වැයම් කලේ ඒ වර්ණවත් සුවඳ අතරින් ඔහුගෙ උයනේ තිබුන වටිනාම මල වන නිල් රෝස මලේ සුවඳ වෙන් කරල හදුන ගන්න. ඒක ඔහුට කොතරම් සහනය ගෙනවද කිවුවොත් ඔහු තාමත් ජ්වත් වෙනවා කියලා ඔහුට දැනේන්න උනා. ඔව්. ඔහු තාමත ජිවත් වෙනවා. ඒ නිල් රෝස මල වෙනුවෙන්. ඇත්තටම.ඔහු තම පාළු කුටියෙන් එලියට අවා. ඔහුගේ දෙපා නොදැනීම පියමන් කලේ ඔහුට අයිති එකම වස්තුව වන ඒ රෝස පදුර වෙත. ඔව්. ඒ නිල් රෝස මල වෙත......................ඒක ගොඩක් ලස්සන රාත්‍රියක් සඳ හරියට පායලා තිබුනේ අහසේ කෙරොලට වෙන්න, හරියට තරු වලට දග කරන්න ඉඩ දිලා වගේ. තරු පොකුරු වලින් පිරිලා ගිය ඒ අහස දිහා ඔහු බලා ගෙන හිටියේ හරියට සිහිනයක් ඇතුලේ අතරමන් වෙලා වගේ.පාළු කුටියේ වහලයේ මුල්ලක එල්ලලා තිබුන ලන්තැරුමේ දැල්ල, සුලඟ වැදිලා සෙලවෙන තාලේට ඔහු ඔහුගේ වස්දඩුවට පන දුන්නා...ඒ සිතල රාත්‍රියේ සඳ එලිය දිය වෙච්ච පිනි වතුර රෝස මල් වලට වැටුනේ හරිම ආදරනිය විදිහට...උයන කෙලවර උණ පදුර සිලි සිලි නගන හඬ ඒ රාත්‍රිය තවත් වර්ණවත් කරනවා.ඔව්. ඒක අදහගන්න බැහැ තමා. ඇත්තටම.ඇත්තටම ඒ කඩා වැටුනේ තරුවක ද... ඔහු කිට්ටුකලා ඒ ඉසවුවට අතින් ගත් මළානික ලන්තැරුමත් එක්ක. දේවියනි ඒ තරුවක් නෙමේ සුරංගනාවක් රන් වන් පියාපත් ඇති සුරංගනාවක්. ඔහු ඔහුගේ අම්මා ඔහුට කුඩා කාලයේ කියා දිලා තිබුනා සුරංගනාවියන් එක්ක මේ දකිනේ සිහිනයක්ද කියලා ආයේ බලන්න උනා.නෑ ඒ ඇත්ත සුරංගනාවක් තමා....ඒත් ඒ වෙන කොට ඇය හිටියේ ඔහුගේ වටිනාම වස්තුව වන නිල් රෝස මල ගාව. ලොකේටම එකක් විතරක් තිබුන, ආයේ කවමදාවත් නොපිපේන ඒ නිල් රෝස මල ගාව.ඔහු දෑස පියාගෙන මොහොතක් සිතන්න පටන් ගත්තා. මේ ගෙවෙන තප්පරය ගැන. ඔහුට දැනේන්න උනා ඔහු මෙතුවක් කල් ජිව්තය කැප කල මේ මල අයිති මේ රන්වන් සුරගනට බව.ඔව්. ඇයට විතරක්ම බව. ඒත් ඔහු කවමදාවත් විස්වාස කලේ නැහැ ඇය මේ හුදකලා උයනට එයි කියලා මේ දුප්පත් නිල් රෝස මල රැගෙන යන්න. ඒත් ඇය අවා.දොතින්ම නෙලා ගත් ඒ මල රැගෙන ඇය අවා ඔහු අසලට. ඇයගේ ඒ රන් වන් පියාපත් වලට වඩා ඔහු නැවතුනේ ඒ තොල් සගලට උඩින් තිබුන උපන් ලපයට. ඒ වර්ණවත් උපන් ලපයට.ඒක ඇයට දිලා තිබුනේ කවුරු උනත් එයට වැඩිපුර ආස කලේ ඔහු, ආදරය කලේ ඔහු. ඔව් ඒ ආදරණීය උයන්පල්ලා. .........................ඔහු දෑස ඇරියා. ඉර එලිය වැටුන ඔහුගේ දෑස බොඳ උනේ ඔහු නොදැනුවත්වමයි. ඔහුට මොකක්දෝ අමුත්තක් දැනෙන්නෙ උනා. කවදාවතම දැනිලා තිබුන් නැති විදිහට.ඔහුගේ පැලට ඉහලින් උයනේ කඩුල්ල අසල ගැටෙන කුර හඬට ඔහු අවදි උනා. ඔහු සිතුවා හරි. ඒ රජුගේ මුර සෙබළු"කො උඹෙ උයනේ තිබුන ඒ නිල් රෝස මල....කොහෙද උබ එක සැගවුයේ. මේක රජුගේ අණ. ඒ නිල් රෝස මල ඔනේලු රජුගේ දූ කුමරිට...." ඔහු දැනන් හිටියා කවදා හෝ මෙය සිදුවන බව. ඒත් ඔහු ඒ නිල් රොස මල ආරක්ෂා කලේ ඒ සුරංගනාව වෙනුවෙන් විතරක්ම බව ඔහු දන්නවා.කඩු අතින් ගත් සේබලු මුලු උයනෙම රෝස මල් කපා බිම හෙලන්නට උනා. ඒත් ඔවුනට ඒ උයනේ තිබුන වටිනාව මල නිල් රෝස මල සොයා ගැනිමට නොහැකි උනා.සෙබළු අණ ක්‍රියාත්මක කලා. ඒ ප්‍රේමණිය උයන් පල්ලාගෙ හිස රතු පාට රෝස මල් මත තද නින්දකට වැටුනා. .........................ඔහු දැනගෙන සිටියා ඔහුට නැවත හුස්ම දෙන්න පුලුවන් එකම විදිහක් ගැන. ඔව්. ඒ සුරගනට පමණයි. ඒ සුරගනටම පමණයි.සෙබල්ලු ඔහුගේ මුර කුටිය සොදිසි කරද්දී රන්වන් සේඳ සලුවක් සමග තිබු ලිපිනක් ලැබිනි. එහෙත් කවුරුත් ඒ කුමන රටක්ද, දේශයක් යැයි දැන සිටියේ නැත. ඒත් ඒ ආදරණිය උයන් පල්ලා දැනගෙන හිටියා ඒ ආදරයේ පාරාදිසය බව.2 වෙනි කාමරකාතා කරන දෙහි ගස ලග ජනේලයරෝස උයන.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ වාර්තා පිට ලෝක වාර්තා තැබූ ඉන්දියා පිතිකරු සචින් තෙන්ඩුල්කර්ට ඔස්ට්‍රේලියාවේ ගෞරව සාමාජිකත්වයක් පිරිනැමීමට තීරණය කළ බව ඔස්ට්‍රේලියා අගමැති ජුලියා ගිලාඩ් ප්‍රකාශ කළාය.මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ඔස්ට්‍රේලියා අගමැතිනි නව දිල්ලි නුවරදී වැඩි දුරටත් පවසා සිටියේ සචින් ඉතා විශේෂ වර්ගයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බැවින් මේ විශේෂිත ගෞරවය ලැබීමට ඔහු නියම සුදුස්සෙකු බවය.'ක්‍රිකට් ක්‍රීඩාව යනු ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැගීමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටුකරන විෂයක් බවත්, දෙරටම ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි ආකර්ශනයක් සහිත ජනතාවගෙන් පිරුණු රටවල් දෙකක් බවත් අගමැතිවරිය පැවැසුවාය. ඔස්ට්‍රේලියා ගෞරව නාමයක් ලබාගැනීම එරට පුරවැසියකුට වුවත් අතිශයින්ම දුෂ්කර කාර්යයකි. එවැනි පසුබිමක සචින්ට මෙවැනි ගෞරව නාමයකින් පිදීමට ඔස්ට්‍රේලියාව තීරණය කිරීම භාග්‍යයක් බව විචාරකයෝ පවසති.ටෙස්ට් පිටියේ ලකුණු 15,553ක් සහ එක්දින පිටියේ ලකුණු 18, 426ක් සහ දෙඅංශයෙන්ම ශතක 100ක් ලබා සිටින 39හැවිරිදි සචින්ට ඉදිරියේ දී මේ ගෞරව නාමය පිරිනැමීමට නියමිතය. 2009 වසරේ දී බ්‍රයන් ලාරා ද මේ ගෞරව නාමයට හිමිකම් කීවේය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බයිබලය සම්බන්ධ වු පුරාවිද්‍යාව යනු යුදෙව් බයිබලයට හා නව තෙස්තමේන්තුවට සම්බන්ධ හා ඒ පිළිබද අවධානය යොමු කරන පුරාවිද්‍යාවයි. 20 වන ශතවර්ෂයේ මුල් භාගයේ සිට මැද දක්වා විලියම් එෆ් ඕල්බ්‍රයිට්ගේ බලපෑම හරහා එයට එහි සෛද්ධාන්තික වැඩ රාමුව ලැබුණු අතර එහි වඩාත් බලපෑම් එල්ල කළ අවධිය බිදින ලදී. ඔහු විසින් ආරම්භ කරන ලද ඇමෙරිකානු බයිබලය සම්බන්ධ වු පුරාවිද්‍යා පාසල මගින් එම කාලයේදී බයිබලය සම්බන්ධ වු ශිෂ්‍යත්ව හා ක්‍රිස්තුධර්මය පැතිරවීමේ දේව ධර්මයට බලපෑම් එල්ලකරන ලදී. තවද එමගින් පැරණි තෙස්තමේන්තුවේ (විශේෂයෙන් බයිබලය සම්බන්ධ වු නිකාය ප්‍රධානීන්ට, නිර්ගමනයට හා කනාන් ආක්‍රමණයට සම්බන්ධ කොටස්) ඇතුළත් සත්‍ය පුරාවිද්‍යා මගින් නිරූපණය කරනවා යැයි යන දර්ශණය ස්ථිර කරන ලදී. මෙම සම්මුතිය 1970 දශකයේදී ඕල්රයිටන්ගේ බයිබලය සම්බන්ධ වු පුරාවිද්‍යාව, ක්‍රියාවලි හා පසු ක්‍රියා වලි පුරා විද්‍යාව මගින් විශාල ලෙස අවලංගු කිරීමත් සමග උඩියටිකුරු විය. ක්‍රියාවලිහා පසු ක්‍රියා වලි පුරාවිද්‍යාව මගින් පුරාවිද්‍යාව නිරීක්ෂණය කරනු ලැබුවේ ඓතිහාසික විෂය ක්ෂේත්‍රයක් ලෙස නොව පුරා වේදයක් ලෙසය. මේ හැරුණු කොට නිකායකට සම්බන්ධ වු සහය මත විශ්වාසය තැබු ඇමෙරිකානු ක්ෂේත්‍ර කැණීම් මගින් පෙන්වා සිටියේ ඕල්බ්‍රයිටන්ගේ සුසමාදර්ශය අදාළ ප්‍රදේශයේ සමකාලීන පුරාවිද්‍යා වලට බලපෑම් එල්ලකළ බව සිදු කළ බවයි. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Biblical_archaeology
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සසම්භාවී-ප්‍රවේශ මතකය (සප්‍රම) යනු පරිගණක දත්ත ගබඩා ආකාරයකි. සසම්භාවී-ප්‍රවේශ උපාංගයක් විසින් ඕනෑම ගබඩා පරිස්ථානයක ගබඩා කර ඇති දත්ත ප්‍රවේශනය කිරීමේදී බොහෝ ලෙසින් එක සමාන කාල සීමාවක් ගත කරන බැවින්, දත්ත ප්‍රවේශනය කිරීම විගසින් හා ඕනෑම සසම්භාවී ආකාරයකට සිදු කල හැකි වෙයි. සසම්භාවී ප්‍රවේශ මතකය (RAM-Random Access Memory) යනු පරිගණකයක සිදුකරමින් සිටින ක්‍රියාවලීන් සදහා අවශ්‍ය දත්ත තාවකාලිකව ගබඩා කරන ඒකකයකි. මතක වර්ග දෙකකි. 1. ප්‍රාථමික මතක(primary memories). i. සසම්භාවී ප්‍රවේශ මතකය (RAM-Random Access Memory ii. පඨන මාත්‍ර මතකය (ROM-Read Only Memory) iii. වාරක මතකය (Cache Memory) iv. රෙජිස්තර මතකය (Registers) 2. ද්වීතීයික මතක (secondary memories). මින් සසම්භාවී ප්‍රවේශ මතකය අයත් වන්නෙ ප්‍රාථමික මතක යටතටයි.ප්‍රාථමික මතකවල විශේෂත්වය වන්නෙ ඒවා ඍජුවම මධ්‍ය සැකසුම් ඒකකය(CPU-Central Processing Unit) සමග සම්බන්ධ වීමයි.මෙම ප්‍රාථමික මතක අතරින් පඨන මාත්‍ර මතකය (ROM-Read Only Memory) හැර අනෙක් සියල්ලේම කාර්යය සැකසුම් ඒකකය(CPU-Central Processing Unit)ට සැකසීමක් කිරීමට අවශ්‍ය දත්ත තාවකාලිකව ගබඩා කර තබා ගැනීමයි. ROM හි කාර්යය පරිගණකයක් පණගන්වා මෙහෙයුම් පද්ධතියට ප්‍රවේශ වීමට පෙර සිදුකරන කාර්යයන් සදහා අවශ්‍ය ස්ථීරාංග(Firmware) ගබඩා කොට තබා ගැනීමයි. මෙම පරිගණක ආචයනය – ආශ්‍රිත පිළිබඳ ලිපිය අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක.
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
යමුනා වීරසේකරපනස් වැනි වියට පා තබන සරසවිය එදා මෙදාතුර කලා ලොවට දායාද කළ පිරිස අපමණය. අද අපේ කතා නායිකාව ද ජනප්‍රිය තරුවක බවට පත් වන්නේ සරසවිය හරහාය.රඟපෑමේ සිහිනය සැබෑ කර ගැනීමේ ආශාවෙන් පසුවන ඇය සරසවිය පුවත්පතෙහි වූ දැන්වීමකට අනුව සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වූවාය. ඈගේ තිබුණු සැබෑ දස්කම් දැකගත් රත්නසිරි පරණවිතාන අධ්‍යක්ෂවරයා සිය ‘රිදී පෝරු’ ටෙලි නාට්‍යයෙහි ප්‍රධාන චරිතයකට ඇයව තෝරා ගත්තාය. එතැනින් ඇරැඹි නව මඟ ඔස්සේ අද ඉදිරි ගමන ඇරැඹීය. අද වනවිට ඈ දුර ගමනක් පැමිණි බව නම් සැබෑය. වැඩිපුරම ඇයට ලැබුණේ මවකගේ චරිතයට පණ දීමටය.‘යමුනා වීරසේකර’බොහෝ ටෙලි නාට්‍යවලදී ඇයව අපට හමු වනුයේ ඒ මවකගේ චරිතය ඔස්සේයි.‘ඒත් මම මේ දවස්වල ප්‍රියන්ත සිරිකුමාරගේ ‘බර්නාඩාගේ සිපිරි ගෙය’ කියන වේදිකා නාට්‍යයේ රඟපානවා. ඒ බර්නාඩාගේ යෙහෙළියක් විදියටයි. ඒ අත්දැකීම කාලයකට පස්සේ ලැබුණු අලුත් බවක් මගේ ජීවිතයට ගෙනාවා. වේදිකාව කියන්නේ මට ආගන්තුක දෙයක් නොවෙයි. රංගනය සඳහා මුලින්ම මා පා තබන්නේ පාසල් වේදිකාවටයි. කෑගල්ලේ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේත්, මීගමුව බෝලවලාන මහා විද්‍යාලයේත්, ශාන්ත පීතර මධ්‍යම මහා විද්‍යාලයෙත් පාසල් වේදිකාව තුළින් කළ රංගනයන් වර්තමානයේ රංගන ශිල්පිනියක් ලෙස මා මෙතන තබන්නට හේතුවුණු පසුබිමයි. මා සාමාන්‍ය පෙළ කරන අතරතුර මීගමුව ප්‍රදේශයේ තිබුණු සංකල්ප කලා කවයට බැඳුණේ පාසල ඔස්සේ ඇතිවුණු රංගනය පිළිබඳ පිබිදීමයි.එතැනදි වසන්ත විට්ටච්චි, එච්. ඒ. පෙරේරා, නීතිඥ ඩග්ලස් සිරිවර්ධන කියන ගුරුවරුන්ගෙන් ලැබුණ ගුරුහරුකම් රංගන ජීවිතයට වඩාත් වැදගත් වෙනවා. මේ අතර ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිභාව ප්‍රයෝජනයට ගන්න අවස්ථාවක් උදා වෙන්නේ අහම්බෙන්. නියත විවරණ සහ මනුසත්තු කියන වේදික නාට්‍ය මගේ ජීවිතයේ සංදිස්ථානයක්. මනුසත්තු හි ප්‍රධාන චරිතය රඟපාන්නට ලැබීම මා ලැබූ භාග්‍යයක්. ඊට පස්සේ භරනිය, වොයිසෙක්, කපුටු බෝ, සකුන්තලා, පුන්තිලා වගේ නාට්‍ය රාශියකටම රංගනයෙන් දායක වීමට ලැබීම මට සතුටක්. ඒ වගේම සකුන්තලා නාට්‍යය සඳහා 2004 වසරේදී රයිගම් නාට්‍ය උළෙලේදී කුසලතා සම්මානයකටහිමිකම් කීමටත් මට හැකි වුණා. එය රංගන ජීවිතයේදී මා ලැබූ ඇගයීමක්. මේ වන විට ටෙලි නාට්‍ය 50 කටත් වඩා රංගනයෙන් දායකවීමට ලැබීමත් මට ලොකු සතුටක්. මෑතකදී විකාශය වුණු රන්ගිර වගේම ඉතිං අපි කතා කරමු, සිහිනයකි ඔබ, ඔබ කවුද, සුජාතා, ගල් පිළිමය සහ බොල් පිළිමය, සදිසිතරණය ඇතුළු ටෙලි නාට්‍ය බොහොමයක් ඒ අතරයි. මේ දවස්වල දහවලට විකාශය වන ආදරණීය පූර්ණිමා හා බොරළු වැස්ස කියන ටෙලි නාට්‍යවලත් මගේ රංගනය දැකගන්න ඔබට පුළුවන්. අක්ෂරය, නිසලගිරි, රෝස කැලේ වැනි චිත්‍රපටවලත් මා රඟපෑවා.රංගනයෙන් බාහිර ගායනය ළඟත් මගේ සිත නතර වෙලා. සංගීතය, ගායනය කියන්නේ මට නුහුරු දෙයක් නෙමෙයි. මා කැලිෆ්සෝ කණ්ඩායම්වල ගී කියන්නේ අවුරුදු පහළොවේ ඉඳලයි. මේ වෙන කොට ගීත දෙකක් පටිගත කරලා අවසානයි. මගේ යහළුවන් වූ තියඩෝර් සහ ඈන් කියන යුවළගෙන් ලැබුණු සහයෝගය මත හඳුනා ගැනීමට ලැබුණු රොහාන් සහ බන්දු තමයි මගේ ගීතවල නිෂ්පාදකයෝ වුණේ. තවත් ගීත දෙකක් පමණ පටිගත කිරීමෙන් පස්සේ සී ඩී එකක් කරන්න මා බලාපොරොත්තු වෙනවා. මගේ මේ කටයුතුවලට මගේ දරුවන් තුන්දෙනා වූ ෂෙහානා, ලිලේකා, රොවින් පුතාගෙන් ලැබෙන සහයෝගයත් මේ අවස්ථාවේදී මතකයට නැඟිය යුතුමයි. මේ දවස්වල වසන්ත මොරගොඩ ගේ ටෙලි නාට්‍යයක් සඳහා රඟපෑමෙන් සම්බන්ධයි. ඊට අමතරව ආයුර්වේදය ඔස්සේ රූපලාවන්‍ය හදාරන්නත් මා යොමු වී සිටිනවා. මේ ගමන එන්න මට උදව් කළ ක්ෂේත්‍රයේ හැමෝටම හිස නමා ආචාර කරන බව මා කියන්නේ සමුගන්න මත්තෙන්.’සේයාරුව -ප්‍රසාද් සමරතුංගතිලානි ශානිකා විතානාච්චි
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සටහන: සමහරවිට, '60ගණන් යන්න, 1960ගණන්, 1860ගණන් හෝ, විවිධ සියවස්හී අනෙකුත් එවැනි දශක සඳහා කෙටියෙදුම් ලෙසින් භාවිතා වෙයි– දශක ලැයිස්තුව බලන්න සහශ්‍රවර්ෂය: 1 වන සහශ්‍රවර්ෂය සියවස්: ක්‍රිපූ 1 වන සියවස – 1 වන සියවස – 2 වන සියවස දශක: 30ගණන් 40ගණන් 50ගණන් – 60ගණන් – 70ගණන් 80ගණන් 90ගණන් වසර: 60 61 62 63 64 65 66 67 68 69 ප්‍රවර්ග: උපත් – මරණ – වාස්තු විද්‍යාව සංස්ථාපන කිරීම් – විසංස්ථාපනය කිරීම්
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මානව හිමිකම් කොමිසමේ පැවැති පරික්ෂණයකින් අනතුරුව කල් දැමුණු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය අප්‍රේල් 23වැනිදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මියගේ අධීක්ෂණය යටතේ පැවැත්වීමට තීරණය වී තිබේ.මේ නිලවරණය අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණද අක්‍රමිකතා ඇතැයි ඉදිරිපත්වු චෝදනාවක් මත කල්දැමීමට තීරණය විය. බැඩ්මින්ටන් සභාපති තනතුරට නාමයෝජනා දුන් මහාචාර්ය රංජිත් ද සිල්වා මහතා ඇතුලු පිරිසක් විසින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යංශය නිලවරණය කල්දැමීමට එකඟතාව පළ කළේය.නිලවරණය පැවැත්වෙන තුරු බැඩ්මින්ටන් පරිපාලන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනේ. ඡන්දය පැවැත්වෙන දිනයට දින 14කට කලින් නැවත නාමයෝජනා කැඳවීමක් සිදු කළ හැකි වුවද පැරණි නාමයෝජනා පිළිගෙන ඡන්දය පැවැත්වීමට තරග කරන පාර්ශව එකඟවී ඇතැයිද වාර්තාවේ.මේ අතර කායවර්ධන, හෑන්ඩ්බෝල් හා බේස්බෝල් නිලවරණ පැවැත්වීමට එරෙහිව අධිකරණය මගින් අතුරු තහනම් නියෝග කොට අති හෙයින් හෙට සිට පරිපාලන කටයුතු භාරව කටයුතු කරන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් පැන නැගී ඇත..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කරන ලද රණසිංහ අධිකාරිගේ ‘ඉයුමනයිඩ්ස්’ නම් නාට්‍යය දීර්ඝ නාට්‍ය අතර වඩාත් කැපී පෙනෙන නාට්‍යයක් ලෙස අපට සැලකිය හැකිය. මෙහි විශේෂත්වය වන්නේ, ගාල්ලේ මහින්ද විද්‍යාලය, සවුත්ලන්ඩ්ස් විද්‍යාලය සහ සංඝමිත්තා විද්‍යාලය එකතුව මෙම නාට්‍යය ඉදිරිපත් කිරීමයි.මෙම නිෂ්පාදනය සලකුණ තබන්නේ නිෂ්පාදන ශිල්පයේ ශූරතාවයයි. එයට හේතුව මා සිතන පරිදි රණසිංහ අධිකාරි කලක් තිස්්සේ, පාසල් දරුවන් සමඟ ග්‍රීක සහ ශේක්ෂ්පියර් නාට්‍ය විවිධ අවස්ථාවල නිර්මාණය කර ඉදිරිපත් කිරීමයි. මෙම පූර්ව අභ්‍යාසයන් නිසා ‘ඉයුමනයිඩ්ස්’ නාට්‍ය නිෂ්පාදනය ආලෝකමත් වෙයි. එහි රංගධරයන් වෘත්තීය මට්ටමකට ගෙන ඒමට අධිකාරි සමත් වී ඇත.ඔහු විනාඩියක් පාසා මවන හැම වේදිකා චිත්‍රයක්ම මන බඳනා සුළුය. වේදිකා නාට්‍යයක් ඇසට අඳුනක් විය යුතු යැයි යන කියමන ‘ඉයුමනයිඩ්ස්’ අපට ඔප්පු කරයි. එහි රඟන දූතිකාවන්ගේ හඬ මහ පොළොව තුළින් නැගෙන්නා සේය. දූතිකාවන් යනු ග්‍රීක දේව පුරාණයේ එන පලිගැනීමේ දෙවඟනන්ය.ඔවුන්ගේ දෑසින් ලේ වැගිරෙන අතර නාගයින් ඔවුන්ගේ හිස වෙළාගෙන සිටිති. මේ මුළු දූතිකාවන් කණ්ඩායම එකවර විරාමයන් සහිතව දෙබස් උච්චාරණය කිරීම, නාට්‍ය රංගනය උසස් මට්ටමකට ගෙන එයි. ඔවුන්ගේ බියකරු ස්වභාවය මනාසේ කියා පායි. මෙම නාට්‍යයේ ඇතීනා දෙවඟනගේ චරිතය නිරූපණය කරන නිළිය, තිළිණි රුවන්තිකාගේ රංගනය ඉතා ඉහළ මට්ටමක පවතියි.නාට්‍යය ආරම්භයේදීම කථනය නාට්‍යයට පසුබිම් වූ ඉතිහාසය කියාපායි. ඇගමෙනොන් රජු, ටේරීයි යුද්ධය ජය ගෙන සිය රටට ආපසු එන්නේ ඔහුගේම බිරිඳ විසින් රජු ඝාතනය කරනු ලබයි. ඉන්පසු ඇයගේ මරණය ද සිදුවන්නේ කෝපයට පත් ඇයගේම පුතණුවන් විසිනි.එය සිදුවන්නේ ඇපලෝ දෙවිඳුන්ගේ දිව්‍යමය හස්තය ඔහුව පොළඹවනු ලැබීමෙනි. මෙම ඝාතනය සිදුවන්නේ අඩ අඳුෙර්ය. අඳුරු සෙවනැලි අතෙර්ය. එම බියකරු අවස්ථාව ප්‍රේක්‍ෂකයාගේ සිත සසල කරවයි.මෙහිදී ආරියවංශ රණවීර මහතා සිය පරිවර්තනයේදී දක්වන පරිනත බව සහ භාෂා භාවිතය රංගනය හා මනාසේ ගැලපුණේ යයි සිතමි. ඒ සියල්ල අභිබවා ප්‍රේක්‍ෂකයා ‘ඉයුමනයිඩ්ස්’ රස විඳින්නේ එහි තේමාවේ ඇති සර්වකාලීන බව නිසාය. එහි ඇත්තේ දේශපාලන තේමාවකි. රටක යහපැවැත්ම අවශ්‍ය නීතියේ ආධිපත්‍යය හා සාධාරණත්වය, ‘ඉයුමනයිඩ්ස්’ කියා පායි. මෙය අප රටට අදටත් පොදුය. මෙම නාට්‍ය පිළිබඳ නිවැරදි තීරණයක් ගැනීම අද අපගේ විනිසුරු මඬුල්ලට ඇති වගකීමකි. එය කොයි තරම් දුරට ඉෂ්ට වේදැයි සැක සහිතය..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
සුමිත් එදිරිසිංහ උපත ශ්‍රී ලංකාව ජාතිකත්වය ශ්‍රී ලාංකික අධ්‍යාපනය නාලන්දා විද්‍යාලය, කොළඹ ප්‍රසිද්ධ වන්නේ ජ්‍යෙෂ්ඨ සහකාර උප පොලීස්පති ආගම බෞද්ධ ජ්‍යෙෂ්ඨ සහකාර උප පොලීස්පති සුමිත් එදිරිසිංහ යනු ශ්‍රී ලංකා පොලීසියයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. සුමිත් එදිරිසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ආශ්‍රිත[සංස්කරණය] ජ්‍යෙෂ්ඨ සහකාර උප පොලීස්පති සුමිත් එදිරිසිංහයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු හමුදා නිලධරයන්
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ දෙවැනි වසරේ සිසුවියකට හිඳගල ප්‍රදේශයේදී පුද්ගලයකු පහරදීම නිසා තුවාල ලත් සිසුවිය පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ට නේවාසික කාමර පහසුකම් ලබාදෙන ස්ථානයක හිමිකරුගේ පුතකු මෙම පහරදීම සිදුකර ඇත. සිසුවිය වෙනත් නිවෙසක කාමරයකට මාරුවීම සඳහා අදාළ නිවෙසේ ඇති ඇගේ ඇඳුම් පැලඳුම් රැගෙන යාමට ගිය අවස්ථාවේ මෙම පහරදීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්‍ෂණ මඟින් අනාවරණය වී තිබේ.එස්. මධුමාලි නමැති සිසුවිය රෝහල් ගත කිරීමෙන් පසු පෙරේදා (04) රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන් යැයි කියාගත් පිරිසක් සැකකරුගේ නිවෙසට පහරදී අලාභහානි සිදුකර ඇත.පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජාලිය හීන්කෙන්ද මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පසුගිය දශක තුනක කාල වකවානුව තුළ ජාත්‍යන්තර හා ආසියානු මට්ටමෙන් පදක්කම් දිනාගනිම්න් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු කෙරිණ. එක්දහස් නවසීය 50, 60 හා 70ගණන්වල පදක්කම් දිනු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනකුට මේ උපහාර පිදීම සිදු කෙරුණේ ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ගොඩනැගිලි සංකීර්ණය 'ක්‍රීඩාවේ මහ ගෙදර' ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරුණු අවස්ථාවේදීය.මලල ක්‍රීඩා, බොක්සිං, ටෙනිස් හා යට්යාත්‍රා පැදවීම යන ක්‍රීඩාවලින් දස්කම් දක්වමින් රටට කීර්තියක් අත්කරදී උපහාර ලැබු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය. නාගලිංගම් එදිර්වීරසිංහම් (උස පැනීම-මලල ක්‍රීඩා 1958-1962), නිර්මලා දිසානායක (මලල ක්‍රීඩා 1962), එස්.එල්.බී.රෝසා (මලල ක්‍රීඩා 1966-1970), ඩබ්.විමලදාස (මලල ක්‍රීඩා 1970-1974), ඒ.ප්‍රේමචන්ද්‍ර (මලල ක්‍රීඩා 1974), කෝසල සහබන්දු (මලල ක්‍රීඩා 1974), සුනිල් ගුණවර්ධන (මලල ක්‍රීඩා 1974), එස්.පී.ජයසූරිය (බොක්සිං 1962), එච්.එස්.ක්ලෙන්ඩර් (බොක්සිං 1978), ආර්.ඩි.ඩබ්.එන්.පෙරේරා (බොක්සිං 1978), ට්‍රේව ද සිල්වා (බයිසිකල් පැදීම 1966), රූපට් ෆර්ඩිනැන්ඩර්ස් (ටෙනිස් 1958), රංජනී ජයසූරිය (ටෙනිස් 1962-1966), වෙන්ඩි මොල්ලිගොඩ (ටෙනිස් 1966), ඒකෙන්ද්‍ර එදිරිසිංහ (යට්යාත්‍රා 19670).
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඉඩම් පරිහරණ සැලසුම්කරණය යනු භුමිය අනාගත පරපුරට සුරක්ෂිත කර ගනිමින් ප්‍රශස්ථ ඉඩම් පරිහරණය සදහා විකල්පයන් හා අාර්ථික සමාඡීය තත්තයන් ෙතා්රා ගලපා ගනිමින් භුමිය හා ඡල විභවතායන් ඔස්ෙස් සිදු කරනු ලබන ක්‍රමාණුකුල අැගයීමකි. වගා කටයුතු සතුන්ට තෘණ උලා කෑම වන කර්මාන්තය වන ඡීවි සංචාරක නාගරික සංවර්ධන හා ෙවනත් කාර්යයන් සදහා වර්තමානයටත් වඩා අනාගෙය්දී සුදුසු ඉඩම් ෙසායා ගැනීම දුෂ්කර වීම නිසා ඉඩම් පරිහරණ ගැටුම් තව දුරටත් උගූවනු අැත. විෙශ්ෂෙයන්ම සංවර්ධනය වන රටවල ට ෙම් තත්වය නිසා ඉතාම අහිතකර බලපෑම් ඒල්ල විය හැක
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
80 දශකයේ සිනමාවේ රංගනයට සම්බන්ධ කලාකරුවන් අතර “80 දශකයේ අපි” නමින් සුහද හමුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. රංගන ශිල්පිනි සනෝජා බිබිලේ, සහන් විජේසිංහ සහ සරත් දික්කුඹුර ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සුහද හමුවේදී අසරණ තත්ත්වයේ සිටින කලාකරුවන් පස් දෙනෙකුට මුදල් පරිත්‍යාග කිරීමට ද කටයුතු යොදා තිබේ.නුදුරේදීම සිදු කිරීමට නියමිත මෙම සුහද හමුව සඳහා 1980 වසරේ සිට 1989 වසර දක්වා කාලය තුළ චිත්‍රපට තුනකට වඩා සම්බන්ධ වූ රංගන ශිල්පීන් ලබන 15 වැනිදාට පෙර දුරකථන අංකය සහ ලිපිනය සරසවියට දන්වා සිටින ලෙස සංවිධායක කමිටුව දන්වා සිටියි.වාර්ෂිකව පවත්වන්නට බලාපොරොත්තුවන මෙම සුහද හමුව තුළින් ආදර්ශමත් එකමුතුවක් බිහි කිරීම මෙන්ම මේ තුළින් යම් සේවයක් ඉටු කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි. එසේම ඉදිරියේදී ටෙලි නාට්‍ය නළු නිළියන් මෙන්ම අධ්‍යක්‍ෂවරුන් ඇතුළු සියලු දෙනා එක්රැස් කිරීමට නියමිත බවත් එම කමිටුව සඳහන් කළේය.ඓතිහාසික කතා තම සිනමා කෘතීන් සඳහා පාදක කර ගත් සනත් අබේසේකර තවත් එවැනිම වූ සිනමා සිතුවමක් නිර්මාණය කිරීමට අදහස් කරමින් සිටියි. මෙවර ඔහු රිදී තිරයට ගෙන ඒමට සූදානම් වන්නේ අජාසත්ත කුමරුගේ කතා පුවතයි. මහ රජ අජාසත්ත ලෙසට නම් කොට ඇති එය වින්සන්ස් ෆිල්ම්ස් වෙනුවෙන් රංජිත් කේ. පෙරේරා නිෂ්පාදනය කරයි.එහි බිම්බිසාර රජුගේ චරිතය ජීවන් කුමාරණතුංග රංගනයේ යෙදෙයි. ඛේමා දේවිය වනුයේ සබීතා පෙරේරායි. අජාසත්ත කුමරු ගේ චරිතයට මේ වන විට අයකු තවමත් තෝරා නැත. එමෙන්ම අජාසත්ත කුමරුගේ දේවිය එනම් උදායි භද්‍රා කුමරියගේ චරිතය භාර දී අලුත්ම රංගන ශිල්පිනියක්ව රිදී තිරයට හඳුන්වා දීමට සනත් අපේක්ෂා කරයි.මහරජ අජාසත්ත සනත්ගේ තෙවැනි සිනමාපටය වන අතර ඔහු මහින්දාගමනය සහ සිරි දළදාගමනය මීට ප්‍රථම අධ්‍යක්ෂණය කර ඇත.ටෙලි නාට්‍ය සහ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් අධ්‍යක්ෂවරයකු, පිටපත් රචකයකු මෙන්ම මාධ්‍යවේදියකු ද වන මාලක නන්දනගේ දයාබර පියාණන් වූ සාලියදාස පෙරේරා අභාවප්‍රාප්ත විය. මිය යන විට හැට තුන් වියැති ඒ මහතා දෙදරු පියකි.ඔහුගේ අවසන් කටයුතු පසුගියදා පොකුණුවිට බණ්ඩාරවත්ත පොදු සුසාන භූ®මියේදී සිදු විණ.පබා, පබළු සහ අමා වැනි ජනාකර්ශන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ශාන්ත සොයිසාගේ අලුත්ම ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළු, නිළි චරිත දෙක සඳහා නවකයන්ට අවස්ථාවක් ලබා දීමට තීරණය කර ඇත.මේ සඳහා රංගනයට කැමැත්තක් සහ හැකියාවක් ඇති වයස අවුරුදු 18 ත් 26 ත් අතර තරුණ තරුණියන් ළඟදී ගත් උඩුකය ඡායාරූපයක් සමඟ නම, ලිපිනය ඇතුළු තොරතුරු ශාන්ත සොයිසා, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට යොමු කරන ලෙස ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ශාන්ත සොයිසා දන්වා සිටියි.අශෝක සෙනරත් මුදලිගේ ඇන්කොන්ඩා මෙම මස 14 වැනිදා හලාවත සුදසුන ශාලාවේදී.ප්‍රසාද් / යතේජා
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ගාල්ල, බද්දේගම, ‘මීමැඩුම’ ගම්මානය රට පුරා ප්‍රකටව ඇත්තේ ගලින් කෙරෙන විවිධ භාණ්ඩ නිසාය. ගල් වංගෙඩි, ඇඹරුම් ගල්, කුරහන් ගල්, මිරිස් ගල්, පමණක් නොව ගල් උළුවහු, නාම පුවරු, ගලින් නෙලූ බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමාද කළ හැකි විවිධ නිර්මාණකරුවන් මීමැඩුමෙන් බිහිවී ඇත.නමුත් අද දවසේ ඔවුන් විවිධ ගැටලු රැසකට මුහුණ පා ඇතැයි මීමැඩුම ගම්වාසීහු පවසති. මේ ඔවුන් හා කළ කථා බහකි.එම්. ඒ. ආරියනන්ද මහතා (59)කළුගල් එක්ක හැපෙන අපේ ජීවිත තවම අඳුරේ. එම්. ඒ. ඩව්නිස් හාමි (මියගිය) මගේ තාත්තා කළු ගලෙන් ‘විස්මිත නිර්මාණ’ කළ ශිල්පියෙක්. සන්දරවල අසල ඓතිහාසික දුටුගැමුණු මහා විහාර සාංචි තොරණ කළේ අපේ තාත්තා.දිවංගත ජනපති ප්‍රේමදාස මහත්මයා අපේ තාත්තාට ‘කලා භූෂණ’ ගෞරව නාමය දුන්නෙත් තාත්තගේ දස්කම් දැකලයි.මමත් ගලෙන් බුද්ධ ප්‍රතිමා නෙළලා තියෙනවා. විහාරස්ථාන කිහිපයකම මගේ නිර්මාණ දකින්නටත් පුළුවන්.චානක මාපලගම (31) මහතා මගේ ළඟ තරුණයන් කිහිප දෙනෙක් වැඩ කරනවා. ගල් වංගෙඩි මිරිස් ගල්, කුරහන් ගල්, අපි ඔප දමනවා.අලුතෙන්ම වැඩ පුහුණුවෙන අයත් ඉන්නවා. ස්ථිර වෙළඳ පොළක් හා ස්ථිර මිලක් ලැබෙනවා නම් හොඳයි.තවමත් එහෙම නැති එක ප්‍රශ්නයක්.එම්. ඒ. ගයාන් (29) මහතා අපේ ගමේ සියයට අසූවක් කරන්නේ ගලෙන් කරන වැඩ තමයි.ගල් ලබාගන්නට අපට ඉඩමක් දුන්නේ ගුණරත්න වීරකෝන් ඇමැතිවරයායි. නමුත් තවමත් ආයුධ රත්කරන ගල් අඟුරු මිල සැරයි.ඒ ගැනත් බලනවා නම් හොඳයි. කළු ගලේ හැපෙමින් ජීවිතය ගැට ගහගන්න හදන මේ දිරිය මිනිසුන්ට අත හිත දීමට වගකිව යුත්තන්ගේ නෙත් සිත් විවර වේවා යනු අපගේද පැතුමයි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
4pt 0in 5.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:"Times New Roman"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}ලියන්නට සිතුනාමලියවෙන අපුරුවහිනියට ලිව්වාමකන්නට ඇහැක් වෙයි රසටලුණු ඇඹුල් යෙදුවාම රහයි හොද පදමටමඋපන් සියල්ල මෙලෙසින්මදඅගුණ කොළ මැල්ලුමක්තිත්තයි බොලන් මට.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
පටුන 1 නම සහ ලිපිනය 2 දුරකථන අංක 3 විද්‍යුත් තැපෑල 4 වෙබ් අඩවි නම සහ ලිපිනය[සංස්කරණය] රජීන් ප්‍රසන්න R.S. 677 2/3, රෝහල ඉදිරිපිට පොලීසිය පාර, නව නගරය ඇඹිලිපිටිය(70200) ශ්‍රී ලංකාව දුරකථන අංක[සංස්කරණය] +94 77 0 595 424 +94 71 804 1001 විද්‍යුත් තැපෑල[සංස්කරණය] rajeenprasanna@gmail.com වෙබ් අඩවි[සංස්කරණය] Rajeen's Blog රජීන්ගේ සටහන ඡායාරූප වෙබ් සටහන
|
ACADEMIC
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
බුදු රජාණන් වහන්සේ මහියංගණ පුද බිමට වැඩම කර 2600 වැනි වසර සැමරීමේ මහා පුණ්‍යෙීත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඵෙතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේදී හෙට (08) පැවැත්වේ.මීට වසර 2600 කට පෙර දුරුතු මස පොහෝ දිනක මහියංගණය රජ මහා විහාරස්ථානය වෙත සම්බුදු හිමියන්ගේ පළමු ලංකාගමනය සිදු වූ අතර එම සිදු වීම සමරමින් අද (07), හෙට (08) සහ අනිද්දා (09) පින්කම් මාලාවක් පැවැත්වේ.සම්බුදු හිමියන්ගේ ප්‍රථම ලංකාගමනය සිහිපත් කෙරෙන දහම් හමුව මහියංගණ රජ මහා විහාරස්ථානයේදී හෙට සවස පැවැත්වෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. දහම් ග්‍රන්ථ දෙකක් හා මහිංගණ පුද බිමේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථ තුනක් මෙහිදී එළි දැක්වෙන අතර මහියංගණ හා රිදීමාලියැද්ද ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල තෝරා ගත් විහාරස්ථාන සඳහා ආධාර පරිත්‍යාග කෙරේ.මහා සංඝරත්නය සියක් නමක් විෂයයෙහි පැවැත්වෙන සංඝගත දක්ෂිණාවත්, 2600 නමකට අට පිරිකර පූජාවත්, දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පූජාවත්, විහාරස්ථ සළපතළ මළුවේ කෝටියක් මල් ඇතිරෙන මහා මල් පූජාවත් මෙදින සුවිශේෂී පින්කම් අතර වේ.දිස්ත්‍රික්ක අටකින් පිටත් වන පිරිත් රථ අටක් හා කොළඹ සම්බුද්ධාලෝක විහාරස්ථානයෙන් පිටත් වන සදහම් රථ සියයක් මහියංගණය වෙත අද ළඟා වීමට නියමිත අතර මහියංගණ පූජා නගර සීමාව විවෘත කිරීම, විල්ලුපිටිය වැව් බැම්මේ වළාකුළු බැම්මට මුල් ගල් තැබීම, වැව මැද තැන්පත් කෙරෙන අඩි 84 ක් උස සම්බුදු අනුරුව සඳහා මංගල පස් පිඬැල්ල කැපීම අද සිදුකෙරේ..
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
කලා හැකියාවන් බොහෝ දෙනාට උරුමව තිබුණත් තරු ලෙස කලා ලොවට පායන්න වරම් ලැබෙන්නේ ඒ අතුරින් ටික දෙනකුට විතරයි. විවිධ ක්ෂේත්‍රවල රැකියාවන්හි නිරත වුවත් ඔවුන්ගේ කලා හැකියාවන් නම් යටපත් වෙන්නේ නැහැ. මෙවැනි හැකියාවන්ගෙන් යුතු වූ සැමට අද වේදිකා රැසක් විවෘත වෙලා තියෙනවා. ඒ අතර ‘රට විරුවෝ ටැලන්ට් ස්ටාර්’ වේදිකාවත් සුවිශේෂී වෙනවා. අපේ රටේ ආර්ථිකය තව තවත් සවිමත් කිරීමේ භාරදූර කටයුත්ත සමඟින් විදෙස් රැකියාවන්හි නියුතු සොයුරු සොයුරියන්ගේ ගායන, නර්තන හැකියා දැක්වීමට ‘රට විරුවෝ ටැලන්ට් ස්ටාර්’ වේදිකාව දැන් විවෘත වෙලා තියෙන්නේ කටාර් හි සේවයේ නියුතු වුවන්ටයි. ඒ අනුව ලබන 28 වැනි ඉරිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ ඔබ හමුවට පැමිණෙන්නේ මේ පිරිසයි.2008 වසරේ සිට කටාර් හි වායුසමීකරණ කාර්මික ශිල්පියකු ලෙස සේවයේ නිරත මීගමුවේ සාගර නදීපති පෙරේරා සිය ගායන හැකියාවන් දක්වන්න නියමිතයි. කුඩා වියේ සිට ගායනයට ලැදි සාගර මීට ඉහත දී සිරස සුපර් ස්ටාර් හි දෙවන වටය දක්වා පැමිණි තරගකරුවෙක්. ගායනයට අමතරව ඔහු ඩ්‍රම්ස් වාදනයටත් දක්ෂතා දක්වන්නෙක්.මීළඟට රට විරුවෝ වේදිකාව ගීතවත් කරන්නේ මහනුවර ක්‍රිෂාන්ත නයනජිත් වීරසිංහ. සිය ගායන හැකියාවන් එළි දැක්වීමට බලාපොරොත්තු වන ක්‍රිෂාන්ත පාසැල් කාලයේදී විෂයක් ලෙස සංගීතය හදාරා ඇති අතර තරඟ සඳහා සහභාගි වී ජයග්‍රහණ ද හිමි කරගෙන තිබේ. 2009 වසරේදී කටාර්හි සේවයට එක් වූ ඔහු භෝජනාගාර සේවකයෙකුª ලෙස රැකියාවේ යෙදී සිටියි.උදිත මේනක කටාර්හි රට විරුවෝ වේදිකාවේ සිය නර්තන හැකියාවන් දක්වන්නට බලාපොරොත්තු වන තවත් තරුවක්. මර්සිඩිස් බෙන්ස් ආයතනයේ ණය පාලක ලෙස සේවය කරන උඩුගම්පළ උදිත, එහි සේවයට එක්වන්නේ 2008 වසරේදීයි. පාසල් අධ්‍යාපනය හමාරවන තෙක්ම විෂයක් ලෙස නර්තනය හදාරා ඇති ඔහු උඩරට නර්තන ශිල්පියකුª ලෙස වෙස් බැඳීම ද සිදු කර ඇත.කටාර්හි ප්‍රමාණ සමීක්ෂකවරයකු ලෙස සේවය කරන සම්පත් ප්‍රියදර්ශන ජයසේකර ගායන හැකියාවන් උරුම කරගත් තරුණයෙක්. පාසලේදී විෂයක් ලෙස සංගීතය හදාරා ඇති ඔහු කටාර් හි මීට ඉහත දී පැවැති සුපර් ස්ටාර් ගායන තරගයකින් සත්වන ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ. වරකාපොල පදිංචි සම්පත් විදේශ සේවයට එක් වී ඇත්තේ 2010 වසරේදීය.හසිත් චන්දීර කටාර් හි ‘රට විරුවෝ’ වේදිකාව සරසන නර්තන තරුවක්. උසස් පෙළ දක්වාම නර්තනය විෂයක් ලෙස හදාරා ඇති හසිත් උඩරට වෙස් බැඳී නර්තන ශිල්පියෙක්. පාසල් කාලයේදී නර්තන තරග සඳහා සහභාගී වී ඇති ගනේමුල්ලේ පදිංචි හසිත් ගායනයට ද දස්කම් දක්වන්නෙක්. 2011 වසරේදී විදේශ සේවයට එක් වූ ඔහු කාර්මික ශිල්පිියෙකු ලෙස සේවයේ යෙදී සිටියි.රජීව නිර්මාල් මෙවර ‘රට විරුවෝ’ වේදිකාවට පැමිණෙන්නේ සිය ගායන හැකියාවන් ඔබට පෙන්වන්නයි. මීට පෙර තානාපති කාර්යාලය විසින් පවත්වන ලද සුපර් ස්ටාර් තරගයේ දෙවන ස්ථානය දිනාගත් ගායන තරුවකි. කටාර් හි අලෙවි ප්‍රවර්ධක නිලධාරිවරයකු ලෙස සේවයේ නිරත රජීව නිර්මාල් විදේශ සේවයට එක් වී ඇත්තේ 2007 වසරේදීය.යතේජා ඥානරත්න
|
CREATIVE
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
ඔන්න ඉතින් ගොඩ කාලෙකට පස්සෙ ආව බ්ලොග් එක පැත්තෙ... ඔන්න එහෙනම් උබල හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...ඔන්න ඉතින් මෙදා පාර අවුරුදු, අපිව කාපු නිසා මේ දවස් වල මම දුවන්නෙ රිම් එකෙන්...මෙදා පාර අවුරුදු නම් ජයයි, හැබැයි අජූතයි,මෙදා පාර අවුරුදු කෑවෙ "ගාල්ලෙ අපේ මහ ගෙදර "ඉදල. හැබැයි පට්ට ගති...ඒ ගෙදර රෙපෙයාර් කරේ වසර 14 කට පස්සෙ.. ඒ කියන්නෙ හරියටම 2000 වසරෙ අපි ඒ ගෙදරින් පිට වෙලා ආවට පස්සෙ.. ඉතින් හිතපන්කො කොහොම වැඩ කන්දරාවක් තියෙන්න ඇතිද කියල...ඔන්න අවුරුද්දට ගෙදර හැඩ වෙනවා... වත්ත සුද්ද වෙනවා, ගස් වල මල්, කොළ, ගෙඩි හැදෙනවා...කුරුල්ලො කෑ කෝ ගහනවා, පට්ටම ලස්සනයි....පින්තූර ටිකක් බලලම ඉමුකෝ....මෙන්න පැනරෝම එකකුත් ගත්ත...ඔන්න ඉතින් හා හා පුරා කියල 14 වෙනිදත් ලන් උනා...ඔන්න ඉතින් රට වටෙන්ම මගේම උන් මට දෙපාරක් සුභ පතනව නොවැ...බොලේ මගේ උපන් දිනේ නොවැ.... බුදු අම්මෝ රටම සමරනව නොවැ මගේ උපන් දිනේ... සතුටේ බැරුව....ඔන්න ඉතින් 14 වෙනිද උදේම මගේ වෙන්ට වයිපරේ ඇතුළු පවුලේ සැම (04) අපේ ගෙදරට ගොඩ වැදුන නොවැ පාන්දර 10.00 ට විතර... ඇඩෙනවා තනි ඇහැට... ලැජ්ජාවෙ බැරුව... මම දැම්ම පපුව ඉස්සරහට ගත්ත බුලත් හෙප්පුව... ආ වැරදුනා... ගත්ත අත් දෙක ලගට "සුභ අලුත් අවුරුද්දක් වේවා" කියල දත් නොමැදපු මගේ සුවැදති මුවෙන් උම්ම එකකුත් දීල පිලි ගත්තෙ නැතැයි හැමෝම... මගේ ටික ටික බුරියත් උල් උනා ලැජ්ජාවට....ඔන්න ඉතින් කිරි උතුරන්න තමා ලක ලැහැස්තිය....ඔන්න ඉතින් කිරිත් ඉතිරුවා... දැන් තමා හොදම හරිය... කන්න බොලේ තියෙන්නෙ. කන්න... බඩ පැලෙන්න කන්න තියෙන්නෙ....ඔන්න ඉතින් හැම අවුරුද්දෙම වගේ මෙදා පාරත් දෝණි ලගෙ අම්ම මටම කියල කේක් පොජ්ජක් ගෙනල්ල තිබුන නොවැ....බලහල්ලකො කෑම මේසෙ හැඩ....ඔන්න කේක් කපල, කේක් කාල, කෑම කාල, ඔක්කොම කොරල ඉවර වෙලා ගියා පොඩ්ඩක් වත්ත පිටියෙ ඇවිදින්න...මේ තමා බලු දං කියන්නෙ...උණුසුම දරා ගත නොහැකිව මවගේ සෙවනේ ඉදින දරුවෙකු රකිනා මවක්...මේ තමා ගස් 05ක පලදාව..අතින් කැඩිය හැකි පලදාව...තේ දල්ලේ රසයකිරල ගෙඩි සොයා ගමනේ...මඩ ඉඩමින් කොටසක්.. මෙහි කරිජ්ජ (ලුණු සහිත ජලය) ඇති බැවින් වගා කලනොහැකිව පුරන් වූ කුබුරු...ඔන්න ඉතින් එදා හවස අපි ගියා බීච් එකට නාන්න... කොහේද දන්නවද.. "ජන්ගල් බීච්.. "රූමස්වල කන්ද පාමුල... ලස්සන පොට් එක... අහන්න දෙයක් නෑ ඉතින්...එතන රූපරාමු ගත්තෙ නෑ... නාපු නිසා....ඔන්න ඊල්ග දවසෙ දවල් වෙලා ගියා මාතර උණවටුනෙ බීච් එකට නාන්න... ඉතින් එතන ගැන කියන්න දෙයක් නෑනෙ... හැමෝම දන්නවනෙ....ඔන්න ඉතින් අලුත් අවුරුද්දත් ඉවරයි.. අපිත් ඉවරයි....ප.ලි.ඔන්න හා හා පුරා කියල මමත් ආව 20 වෙනිදා අවුරුදු උත්සවේට... පට්ට ගතියට ඔක්කොම කරල තිබුන... කියල වැඩක් නෑ... සංවිධායක මංඩලයට තව තවත් ඔය වගේ ගෙට්ටු තියන්න හැකි වේවා කියල එකෙන්ම ප්‍රාර්තනා කොරනව...බොහෝ පිරිසක් දැක්කද මගේ ලැජ්ජ නහරය කපා ඉවත් නොකර තිබීම හේතුවෙනුත්, ඔවුන් සමග වැඩිය බජනයට නොගිය නිසාත්, සෑහෙන පිරිසක් දැන අදුර ගැනීමට නොහැකි උනා...තවද බෝතලයට වතුර පුරවා අප ගත් ජයග්‍රහනය පසු පස "නාඩියා" සිටින බව එකෙන්ම කිව යුතුයි. මන්ද ඔහු ගේ "පුනීල ක්‍රමය" අත්හදා බැලීම හෙතුවෙනි... තවද අපගේ කංඩායම් හැගීමෙන් කටයුතු කල නිසාද මෙම ජයග්‍රහනය අප සතු වන්නට ඇතැයි මට හැගේ...නමුදු මාධ්‍ය වේදියා ඇසූ හරස් ප්‍රශ්නයට පිළිතුරු දීමට අපොහොසත් විය, කංඩායමේ සාමාජිකයන් කවුරුදැයි කියාවත් ගෙබිලුශා නොදනී....තවද ජයග්‍රහණයෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් කංඩායම් නායක "ගෙබිලුශා" නොහොත් "ඉවාන්" කියා සිටියේ තණ ("න" යන්න ගැන හිතන්න එපා) තිල්ලේ වාසිය ඉතා මැනෙවින් පිති කරුවන් ග්‍රහනයට ගත් බවයි.පසුව නාඩියා පැමිණ පැවසුවේ ජයග්‍රහණයෙන් හරි අඩක් ඔහුට හිමි විය යුතු බවයි... ඒ අවස්තාවේ ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් පොලීසියේ කැරලි මර්දන ඒකකයෙන්ද එම ස්ථානයට පැමිනියේය.
|
BLOG
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
අතීතයේ දී පවා වරින්වර අප රටට පැමිණි විජාතික බලවේග අන්කවරදාටත්වඩා අද වෙනස් ස්වරූපයකින් පැමිණ තිබෙන බවත්, මෙම තීරණාත්මක අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට සියලුම වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් රජයේ ලිපිකරු සේවා සංගමය පවසයි.ත්‍රස්තවාදය පරාජය කිරීමේ කාර්යයේ අයිතිය බෙදා ගන්නට අද කවුරු උරුමකම්කීවද එය අවසන් වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිණත ඍජු නායකත්වය නිසා යැයි ද එම සංගමය කියා සිටියි.එහි දී වැඩකරන ජනතාව ඇතුළු ගොවි කම්කරු ජනතාව සියලු දුක් පීඩා ඉවසමින් විශාල සහයෝගයක් ජනාධිපතිවරයාට ලබාදුන් බව ද සංගමය පෙන්වා දෙයි.දැන් අවශ්‍යව ඇත්තේ රට වේගවත් සංවර්ධනයක් කරාගෙන ගොස් පොදු මහජනතාවට සහන සලසමින් යුද්ධයෙන් පීඩාවිදි ජනතාව හා ඉන් අසරණ වූ රණවිරු පවුල්වල දුක්ගිනි නිවීම යැයි ද සඳහන් කරයි.ඉදිරි ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා දෙවැනි වරටත් මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට ජනතාව බලාසිටින්නේ යුද්ධය ගැන කතා කරමින් උදම් ඇනීමට නොව එක් රටක ලාංකීය පුරවැසියන් ලෙස ජීවත්වීමට සහ එහි ප්‍රතිලාභ අනාගත පරපුරට උදාකර දීමට බව ද රජයේ ලිපිකරු සේවා සංගමය අවධාරණය කරයි.
|
NEWS
|
You are an NLP assistant whose purpose is to classify Sinhala comments into predefined categories. The categories are as follows: ACADEMIC, CREATIVE, NEWS, BLOG. Given a Sinhala comment, your task is to determine which category it belongs to. Give only the ACADEMIC, CREATIVE, NEWS or BLOG as the answer in one word.
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.