text
stringlengths
0
6.69k
ප‍්‍රශ්නය - එහෙම නොවෙයි. ජනාධිපතිතුමා ‘ස්විච් එක  ඕෆ් කළා.’ ඔබ ‘සයිලන්ස්’ වුණා? පිළිතුර - ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා දැන් අවුරුදු පහක් වෙනවනේ. මේ මුළු කාලය තුළම කිසිම වෙලාවක අපි කතා කරන දේශපාලන කරුණුවලට එපා කියලවත් මෙහෙම කියන්න කියලවත් නෑ. ඒ ගැන කිසිම චකිතයක් තියාගන්න එපා. අපි හඬ නගනවානම් හඬ නගන්නෙත් එය අවශ්‍ය නිසා. හ...
 
 
ප‍්‍රශ්නය - නවනීදන් පිල්ලේ මහත්මියගේ සංචාරය ගැන ආණ්ඩුවේ ස්ථාවරය වුණේ ‘‘තල්රුප්පාවේ මල් බලන්න’’ ඇය එන බවයි. නමුත් ඒ ගමනින් ආණ්ඩුවට තරු පෙනුණා.? පිළිතුර - මල් පිපෙන හැටි බලන්න නම් එක්කරගෙන යන්න තිබුණේ නුවරඑළිය පැත්තටයි. ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවනේ අධිරාජ්‍යවාදීන්ට බැලමෙහෙවරකම් කරන කණ්ඩායමක්. ඒ අයට ඇමරිකානු තානාපති කාර්යාලයෙන්...
 
 
ප‍්‍රශ්නය - පිල්ලේ මහත්මියගේ සංචාරයට රජය රාජ්‍යතාන්ත‍්‍රිකව මුහුණ නොදුන් බවටත් චෝදනාවක් තියෙනවා. ඔබ ඒ ගැන මොකද කියන්නේ? පිළිතුර - පළමුවෙන්ම, එතුමියට ආරාධනා කිරීම ගත්තොත් ඒක බලාපොරොත්තු විය හැකි තත්ත්වයක්, රජයකට චෝදනාවක් එල්ල වුණාට ඒ රජය දන්නවා තමන් නිර්දෝෂයි කියලා. ඒ නිසා කියනවා, ‘‘ඇවිත් බලන්න’’ කියලා. එහෙම ආරාධනා කරන්...
 
 
ප‍්‍රශ්නය - පිල්ලේ මහත්මිය ලංකාවට ඇවිත් කළ කී දෑ ගැන ඔබේ තක්සේරුව? පිළිතුර - ඔය අර තරුණ පාර්ලිමේන්තුවට කතා කරන්න දීපුවා ගත්තොත් කිසිම වැඩකට ඇති දේවල් නොවෙයි. ඒවා නිකම් පැනලා දීපුවා.  ඕනෑවට වඩා ආරක්‍ෂාකාරීව පහරක් එල්ල කිරීමක්.
 
 
ප‍්‍රශ්නය - ප‍්‍රභාකරන්ට මල්වඩමක් තියන්න ඇය සූදානමින් හිටියා කියලත් වාර්තා වුණා ? පිළිතුර - ඒකටනම් ඉඩ දිය යුතුව තිබුණා. ඒකෙන්ම ඇගේ ක‍්‍රියාවලිය නතර කරන්නත් තිබුණා. මල් වඩම තියන්න දීලා මේක ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවට පත් කැර ගෙන ඇයට සහයෝගය දැක්වීම එතැනින් නතර කරන්නත් තිබුණා. ඇයගේ පක්‍ෂපාතීත්වය ලෝකයට අනාවරණය කරන සිද්ධියක් බ...
 
 
ප‍්‍රශ්නය - කවුද ඒක වැළැක්වූවේ? පිළිතුර - මෙතැනදි තර්කයක් මතු කරනවනේ එහෙම මල් වඩමක් තියන්න දුන්නානම් බෙදුම්වාදීන්ට මොරාල් එකක් එයින් එනවා කියලා. නමුත් තියන්න ගියා කියලා දැන් කවුරුත් දන්නවනේ. තිබ්බත්, තියන්න ගියත් ඒ මොරාල් එක එනවනේ. කොටි ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් මල්වඩම තියලා දෙමළ සමාජයට පණිවිඩයක් දෙන්න තමයි එතුමිය බැලූවේ...
 
 
ප‍්‍රශ්නය - නවනීදන් පිල්ලේ මහත්මිය සංචාරයෙන් පසු කොළඹ දී ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා. එහිදී ඇය නොයෙක් දේ කිව්වා. නමුත් ඒවාට පිළිතුරු දෙන්න රජයේ කිසිම නියෝජිතයෙක් හිටියේ නෑ. මේවා මෙහෙම වෙන්නේ කොහොමද? පිළිතුර - බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා මේ ප‍්‍රශ්නය කැබිනට් මණ්ඩලයේදිත් මතු කළා. ඒක ලොකු අඩුවක්. විදේශ අමාත්‍යංශයේ නියෝජිත...
 
 
ප‍්‍රශ්නය - ඒ වැරැද්ද කවුද කළේ? පිළිතුර - විදේශ අමාත්‍යංශය, විදේශ අමාත්‍යංශයනේ, ඒක ශ්‍රී ලංකාවේ අමාත්‍යංශයකට වඩා විදේශ අමාත්‍යංශයක්.
 
 
ප‍්‍රශ්නය - රට හමුවේ තියෙන බැරෑරුම් ප‍්‍රශ්නවලට රජය මෙහෙමද මුහුණ දෙන්නේ? පිළිතුර - මේක තමයි ඓතිහාසිකව මේ ආණ්ඩුවට මුහුණදීමට සිදුවී තිබෙන ඉතාම සංවිධිත තත්ත්වය. බහු පක්‍ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති තනි පක්‍ෂ ආධිපත්‍ය තියෙන වමේ රටවල් තියෙන්නේ. අන්න ඒ වගේ රටවල්වලට එරෙහිව එල්ල වෙන පීඩනයට සමාන හෝ ඊට වඩා වැඩි පීඩනයකට තමයි අද මේ ...
 
 
ප‍්‍රශ්නය - ඔබ කාටද මේ චෝදනා කරන්නේ? පිළිතුර - විදේශ අමාත්‍යංශයේ සමහර නිලධාරීන් සේවය කරන්නේ ඇත්තටම ලංකා ආණ්ඩුවට නොවෙයි. ඒ අය යුරෝපය තමයි ලෝකයේ එකම පරමාදර්ශය කියලා හිතාගෙන ඉන්න පිරිසක් ඔය පුටුවල ඉන්නවා. ඒ අය මහින්ද චින්තනය දන්න අය නොවෙයි. ඒ අයට මහින්ද චින්තනය  ඕනෙත් නෑ. එතැන වැඩි පිරිසකට තියෙන්නේ ඔබාමා චින්තනය, ඔබාමා චි...
 
 
ප‍්‍රශ්නය - ඔය චෝදනාව විදේශ ඇමැතිවරයාටත් වලංගුයි? පිළිතුර - මම මේ කියන්නේ විදේශ ඇමතිතුමා ගැන නොවෙයි. එතුමා අහිංසකයි. එතුමා මහාචාර්යවරයෙක්. එතුමා විද්වතෙක්. ඇත්තටම එහෙම කෙනෙකුට පාලනය කරගන්න බැරි විදියෙ අහිතකර වාතාවරණයක් විදේශ අමාත්‍යංශය ඇතුළේ තියෙන්නේ. දේශමාමකව හිතන පිරිස්වලට එතැන ඉඩක් නෑ. සම්පූර්ණයෙන්ම එතැන අත්පත් කරගෙ...
 
 
ප‍්‍රශ්නය - අවසානයේදී මේ සමස්ත වගකීම බාරගන්න  ඕනෑ කවුද? පිළිතුර - ජනාධිපතිතුමා රජයේ නායකයා හැටියට මේකේ වගකීම ගන්න  ඕනෑ. අපි වගකීම දුන්නත් නැතත් හැම වගකීමක්ම බාරගන්න වෙන්නේ එතුමාට තමයි. අපි රටක් හැටියට ගමනක් යනකොට අපි කාටත් පැවරිච්ච වගකීමක් තියෙනවා. අපි ඒ වගකීම් හරියට ඉටු කරන්න  ඕනෑ. ඒක හරියට ඉටු කරන තැන්වල ප‍්‍රශ්න මතු...
 
 
ප‍්‍රශ්නය - කොහොම වුණත් නවනීදන් පිල්ලේ මහත්මිය මේ වනවිටත් නොයෙක් දේවල් කියලා තියෙනවා? පිළිතුර - මේ වසර අවසානයේ ඇය දෙන ලිඛිත වාර්තාවෙන් ඇය තව ඉදිරි පියවරක් තියනවා. ඒක ජාත්‍යන්තර පරීක්‍ෂණයක් කරා යන ඉදිරි පියවරක්. ඇත්තටම ගත්තොත් ඇය ආවේ යුද අපරාධ ගැන හොයන්නනේ. නොකළේත් ඒකමනේ. මාධ්‍ය වාර්තාවලට අනුව මම නම් දැක්කේ නෑ එතුමිය ඔය...
 
 
ප‍්‍රශ්නය - එතුමියගේ ඉලක්කය මොකක්ද? පිළිතුර - එකම ඉලක්කය අන්තර්ජාතික පරීක්‍ෂණයක් කරා ජාත්‍යන්තර ප‍්‍රජාව එකඟ කර කැඳවාගෙන යාම. ඒකම තමයි මේ පියවරෙන් පියවර යන්නේ. මේ පාර ඉදිරිපත් කරන වාර්තාවෙන් ඒකට ඉදිරි පියවරක් තියනවා. දැන් එතුමියම කියනවා එතුමිය සමඟ කතා කළ අයට තර්ජන එනවානම්, කියලා. එනවානම් කියලනේ කියන්නේ. එහෙම කියන්නෙම ප...
 
 
ප‍්‍රශ්නය - මේ අභියෝගයට මුහුණදීමේදී බජාර් පන්නයෙන් පුළුවන් ද? ආර්ථික සම්බාධක පැනවීම දක්වා මෙය වර්ධනය වීමේ අනතුර ඔබ දකිනවද? පිළිතුර - අර්ථික සම්බාධක පැනවීම කෙසේ වෙතත් මේ අයගේ අවශ්‍යතාව තියෙන්නේ ශ්‍රී ලංකාව යළි අස්ථාවර කිරීමයි. ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? ඒක කරයි. විරුද්ධ පක්‍ෂවලට දෙන්න  ඕනෑ සහයෝගය දෙයි. ජලයේ පී.එච්. අගය හො...
 
 
ප‍්‍රශ්නය - පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ජාතික හෙළ උරුමය නැගිටලා ගියා ඇයි ඔබ තවමත් ඉන්නේ? පිළිතුර - තේරීම් කාරක සභාවට විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයට රජය ඉදිරිපත් කරපු යෝජනා තිබුණා. අපිත් මේ කරුණු ඉදිරිපත් කළා. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයන්ගෙනුත් සහාය ලැබුණා. මුලින් ඒ ටික කතා කළා. ඒකට මාර්ග සිතියමකුත් හැදුවා....
 
 
ප‍්‍රශ්නය - ඔබ එතැනදි විරුද්ධ වුණා ද? පිළිතුර - මම උත්සාහ කළේ අතුරු වාර්තාව පිළිබඳ අදහස එතැනට ගන්න එක වළක්වන්නයි. මොකද මුලින් අර යෝජනා කතා කරලා එකඟතාවකට ආවොත්නේ අතුරු වාර්තාවක් දීගන්න පුළුවන් වෙන්නේ. මම හිටියේ අතුරු වාර්තා කතාව මෙතැනට දැන්ම කිව්වොත් විරුද්ධ අය කලබල වෙනවා. ඒක බාධාවක් කියන ස්ථාවරයේ. ඉතින් එහෙම තිබියදී ඔය...
 
 
ප‍්‍රශ්නය - දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශය ගැනත් රටේ ලොකු ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා? පිළිතුර - මේක තමයි අපි කිව්වේ. උතුරු පළාත් සභා මැතිවරණය මේ බලතලත් එක්ක තිබ්බම ගැටුම එන්නේ එතැනින්. අප ඒ අය ජාතික කොඩියට සිංහයා වෙනුවට දිවියා දාන්න  ඕනෑ කියලා කියනවා. පූර්ණ ස්වයං පාලනයක් ඉල්ලනවා. ස්වයංපාලනයක් කියන්නේ මධ්‍යම රජය...
 
 
 </body>
<comments>
<comment>
<author>සදුනි</author>
<date>2013-09-15 13:23:52</date>
<index>0</index>
<phrase>ඔබේ දැක්ම ඇති විශිෂ්ටයි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>දයා අලහාකෝන්</author>
<date>2013-09-15 14:12:39</date>
<index>1</index>
<phrase>පිල්ලේ නෝනට සිංහල කතාකරන්න බැහැනේ. ඉතින් කොහොමද සාක්ච්ඡාවට යන්නේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කමල්</author>
<date>2013-09-15 14:30:46</date>
<index>2</index>
<phrase>විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ලංගමයට උන දෙයම වෙන දවස ඈතක නැහැ. දේශපාලන බලය මත තිබෙනවාටත් වඩා තනතුරු ඇතිකර නුසුදුස්සන් පත් කර රට සවාරි, රට රැකියා ලබා දෙන ගුහාවක් කරලා. එහෙම ආවත් රටට වැඩක් කරන්න උනන්දු අය නැහැ. මේ අය හොයන්නේ තමන්ට විරුද්ධ දේවල් තියනවාද කියලා විතරයි. ටිකක් හොයලා බැලුවොත් විදේශ කටයුතු ඇමැ...
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>විජේබා</author>
<date>2013-09-15 16:45:46</date>
<index>3</index>
<phrase>කටින් බතල කොළ විතරයි. කයිවාරුව තිබුනට වැඩ නැහැ. අනාගතය හිස් . සිය දිවි හානි කර ගත්ත වගේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ගමගේ</author>
<date>2013-09-15 21:22:28</date>
<index>4</index>
<phrase>සිංහලෙන් කතාකරන පිල්ලේ එනකන් තව ටිකක් ඉමු සහෝදරයා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සෙන්තිල්</author>
<date>2013-09-15 23:27:45</date>
<index>5</index>
<phrase>මේ අය දන්නේ සිංහල පමණයි. දෙමලවත් දන්නවනම් පිල්ලේ නෝනත් එක්ක කතා කොරන්න තිබුනා. ඒකනේ පිටරට සවාරි ගහන්න කැමති නැත්තේ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අරුණ</author>