text
stringlengths
0
6.69k
<phrase>මට රතු මල්ලි ගැන දුකයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>තිලක්</author>
<date>2013-09-23 09:27:16</date>
<index>21</index>
<phrase>අපිට දේශප්‍රේමය ගැන කියා දෙන මෙයාගේ දරුවන් කොයි රටේද ඉගෙන ගන්නේ කියල කියන්නකෝ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>තිලක්</author>
<date>2013-09-23 09:30:29</date>
<index>22</index>
<phrase>රටේ අසරණ මිනිසුන්ගේ මොළ හෝදනවට මෙයාට හොදට ගෙවනවා.නැතිනම් සෙරෙප්පු දෙකක් නැතිව හිටිය රතු මල්ලි කෝටි ප්‍රකෝටි පතියෙක් වුනේ කොහොමද?කවද හෝ දවසක ජනතා අදිකරණය තීන්දු කරාවි දෙන දඩුවම මොකක්ද කියල.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අචිනි</author>
<date>2013-09-23 15:04:30</date>
<index>23</index>
<phrase>පිල්ලේ අපු වෙලාවේ හැංඟෙන්නේ නැතුව කතාකරන්නේ කොහොමද? අනෙක් පාර එනකොට එයාට සිංහල ඉගෙනගෙන එන්න කියමු</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කේ.එච්.ආර්.කේ.දිසානායක</author>
<date>2013-09-23 16:54:24</date>
<index>24</index>
<phrase>තිලක් මට නම් අපි ගැන දුකයි...මන්ත්‍රී හොදයි ..ඇමති හොදාආආආයි........</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ටොම්</author>
<date>2013-09-24 11:36:25</date>
<index>25</index>
<phrase>පළාත් සභා මැතිවරණයේදී වයඹ සහ මධ්‍යම පළාත්වල දිස්ත්‍රික් 05 ක් සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ ' ජාතික නිදහස් පෙරමුණේ' අපේක්ෂකයින් 05 දෙනාම පරාජයට පත්වී තිබෙනවාලු නේද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>අචිනි</author>
<date>2013-09-24 13:22:52</date>
<index>26</index>
<phrase>එයාගේ දර්ශනය ගැන මිනිස්සුන්ගේ කැමැත්ත පළාත් සභා ඡන්දෙදි මිනිස්සු පෙන්නුවේ එයාගේ පක්ෂේ අපේක්ෂකයන්ට නියම උත්තරයක් දීලා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ෆරීඩ්</author>
<date>2013-09-24 14:56:18</date>
<index>27</index>
<phrase>ඔබගේ කයිවාරුව ඉවරයි, ඔයා කතා කරන්නේ බෙදුම්වාදය ත්‍රස්තවාදය පමණි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>නිල්මිණි</author>
<date>2013-09-24 17:21:34</date>
<index>28</index>
<phrase>දයා, ඔබ තමා හරි අදහස පළ කළේ,නියමයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ඇෆ්ගන් නිමල්</author>
<date>2013-09-25 22:24:45</date>
<index>29</index>
<phrase>මෙතුමා ඔය කතා කියන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ.මෙයාගේ පරණ පක්ෂයේ මොන ප්‍රශ්න තිබුනත් කොහොම හරි ගොඩදාගෙන රැදිලා හිටියා නම් මිනිස්සුන්ගේ ලොකු කැමැත්තක් තිබුණා.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුනිල් අබේරත්න</author>
<date>2013-09-26 14:56:18</date>
<index>30</index>
<phrase>මෙතුමා කියන අධිරාජ්‍යවාදී බලවේග කියන ඒවා හෑල්ලුවට ලක් කරන්න එපා. ජිනීවා පැත්තෙන් ඇහෙන කතා පේනවා නේද? දැන් දැන් ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන්න හොඳ කථිකත්වයක් තියෙන්න ඕන ඒකට සිංහල /දෙමළ භාෂා දෙක හොඳටම ඇති. චීනය, ජපානය, අරාබිය කටයුතු කරන්නෙ ඔවුන්ගේ භාෂාවෙන් මිසක් ඉංග්‍රීසියෙන් නෙවෙයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගයාන්</author>
<date>2013-09-26 15:01:12</date>
<index>31</index>
<phrase>ඔයා හැංගුන තැනට ටිකක් එහායින්....</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කේ.එච්.ආර්.කේ.දිසානායක</author>
<date>2013-09-26 22:24:13</date>
<index>32</index>
<phrase>අපේ දරු පැටියා මේ ප්‍රවෘත්තිය බලා මට එස්.එම්.එස්. එකක් ගහලා අහනවා තාත්තේ, ඒ අන්කල් ඒ දවස් ටිකේ හැන්ගිලාද හිටියේ කියලා? මම කිවුවා මම දන්නේ නැහැ පුතේ කියලා. ටික වෙලාවකින් තව එස්.එම් එස් .එකක් ආවා තාත්තේ එහෙම වෙන්න ඇති මම දන්නවා තැන කියලා. මම ගැහුවා කොහෙද කියලා. එයා එවනවා අර මාමලාගේ ගෙදර කියලා. මෙය සත්...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>169026</articleId>
<title>අවුරුදු එකසිය දාසයක් ආයු විඳින දකුණු ආසියාවේ වයස්ගතම කාන්තාව</title>
<author>ලංකාදීප කර්තෘ මණ්ඩලය</author>
<date>2013 සැප්තැම්බර් මස 15 12:21:00</date>
<body>වර්ෂ 1920 විය. බිළිදා උන්නැහේ මැණික්හින්නට ගියේ තම දිවි මගේ සහකාරිය කැන්දාගෙන ඒමට මාවනැල්ල බලත්ගමුවේ සිටය. කි.මි 8 ක් දුර ගම්පොල දක්වා පා ගමනින්ම තරණයකොට නෑ පිරිවර සමග තම මනාලිය කැඳවාගෙන එන්නට මැණික්හින්නට ගිය බිළිදා තරුණයා තම සහකාරිය වූ උක්කු කැඳවාගෙන ගම්පොලට විත් නැවත කි.මි 08 ක් දුරකතර ගෙවාගෙන කඳු පාමුල වූ...
ඒ උක්කු අම්මාගේ ජීවන කතාවේ සමාරම්භයයි. අදද මාවනැල්ල බලත්ගමුවේ ජීවත්වන ඇයට වයස අවුරුදු 116 කි. ඇස් පෙනීම අතින් තවමත් ඉදිරියෙන් සිටින ඇය කන් ඇසීමෙන් මඳක් දුර්වලය. මුණුබුරු මිණිපිරියන් ඇතුළුව 98 දෙනකුගේ පරම්පරාවේ මුල් පුරුක ඇයයි. ඇය දකුණු ආසියාවේ වයස්ගතම කාන්තාව ලෙස නම් දරා ඇත. මේ පින්බර මාතාව හමුවන්නට අප යන විට ඇය සිටියේ...
මඳ වේලාවක් ඇය එන තෙක් ගෙමිදුලේ ඇයගේ මුනුබුරු සුමිත විජේවීර මහතා සමග තොරතුරු විමසන්නට වූයේ ඇගේ ජීවන චරිතය ගැන යමක් වටහා ගන්නටය. මඳ වේලාවකට පසුව හැරමිටියක් වත්තන් කරගෙන ඇය රෙද්දකින් හා හැට්ටයකින් සැරසී තුවායක් ද කරේ දමාගෙන අප ඉදිරිපිටය. සිහින් සිරුරකට හිමිකම් කියූ ඇයගේ නෙත් දෙකෙන් දිස්වූයේ නිරෝගීකමේ අපූර්වත්වය බව විනිවිද...
‘‘මාව බලන්නටද ආවේ
ඉක්මණට මැරෙන් නෑ කියලා හතර වටෙන්ම එනවා දැන් බලන්න’’