text stringlengths 0 6.69k |
|---|
<title>සෞදියේ සුන්දර අබා නගරය</title> |
<author>ලලිත් ප්‍රේමලාල් සෞදි අරාබියේ සිට</author> |
<date>2013 නොවැම්බර් මස 10 18:26:41</date> |
<body>ඉමක් නොපෙනෙන කාන්තාර වලින් හෙබි සෞදි අරාබියේ ශ්‍රී ලංකාවේ නුවරඑළියට බොහෝ සමාන සුන්දර කදුවැටි බඩවැටි මිහිදුන් වලාකුලෙන් හෙබි ප්‍රදේශයක් ඇතැයි කිවහොත් ඔබ විශ්වාස කරනු ඇතැයි මා නොසිතමි. |
සෞදි අරාබියේ මධ්‍යම හා නැගෙනහිර කළාපයෙන් ඔබ්බට ගමන් කරන ඕනෑම කෙනෙකුට දැකගත හැකි වන්නේ ඉමක් කොනක් නොපනෙන වැලි කුණාටුවලින් ගහණ වාළුකා කාන්තාරත් එකාපිට එකා ගමන් කරන ඔටු පෙරහරවල් මිස ගහක් කොළක් හෝ පිපාසයට දිය බිදක් නම් නොවේ. |
එහෙත් මේ විශාල බිම් ප්‍රමාණයකින් වට වු සෞදි අරාබියේ දකුණු දිග අර්ධද්වීපයට අයත් ප්‍රදේශයක් වන අසීර් නම් කළාපයේ පරිසරය ගහකොළ ගහ කොල වතු පිටි හාත් පසින්ම වෙනත් බව දැනගන්නේ පසුගියදා සිදු කළ සංචාරයකදීය. |
සෞදි අරාබියේ නැගෙනහිර අල් කොබාර් සිට කිලෝමීටර් (2000) දෙදහසක් දුරින්ද රියාද් සිට කිලෝමීටර් එක්දහස් එකසියක් දුරින්ද ජෙඩා නගරයේ සිට කිලෝමීටර් 700 ක් පමණ දුරින්ද පිහිටි ඒ සුන්දර නගරය අබා නගරය ලෙසින්ද හැදින්වෙන අතර එම ප්‍රදේශය අයත් වන්නේ සෞදි අරාබියේ අසීර් කළාපයටයි. |
අබා ප්‍රදේශයේ රතු මුහුදට මායිම්ව පිහිටි ජිසාන් වලට කිලෝමීටර් 200 ක්ද ජිසාන් සිට හැත්තෑවක් පමණ දුරින් පිහිටා තිබේ. |
අබා වු කළි සෞදි අරාබියේ මුල් පදිංචිකරුවන් ජිවත් වු ප්‍රදේශයක් ලෙස වසර 300 කට එපිට අරාබි ජාතිකයින් ජීවත් වු වාසභවන තවමත් ශක්ති සම්පන්නව පැමිණිම නිසා බව අනුගමනය කළ හැක. |
අබා ප්‍රදේශය වර්ග කිලෝමීටර් සිය ගණනක් පුරා විසිරි ඇති මුහුදු මට්ටමේ සිට අඩි දස දහසකට නොඅඩු කදු වලල්ල පාමුල සංචාරය කරද්දී ශ්‍රී ලංකාවේ සමනල කන්ද මෙන් යැයි අපට සිතිණි. |
ඉතා විශාල කදු හා බෑවුම්වල වලින් සමන්විත නිසා වාහන පැදවීමේදී පවා ඉතාමත් පරීක්ෂාකාරී විය යුතුය.අනතුරු අවම කැර ගැනීම වෙනුවෙන් විශාල සිමෙන්ති බැමි යොදා මාර්ගය දෙපස ආවරණය කැර තිබේ. |
මෙම කඳු මුදුන එක් කැර ඇති එක් ප්‍රදේශයක් අල් සුමුදු යන නමින් හදුන්වයි. |
කදු මුදුනෙන් ඔබ්බට නැගී නැවතත් රසල් අල් මා නැවතී ප්‍රදේශට පිවිසි අපි එහි සිරි නැරඹුවෙමි. |
අසාර් කළාපයට අයිති අබා ප්‍රදේශය සෞදි අරාබියේ කොටසක් දැයි විටෙක සිතේ. වන සතුන්ගෙන් ගහන අබා ප්‍රදේශයේ පාරම්පරික මුල් අරාබිවරුන්ගේ ගෘහ නිර්මාණ ශිල්ප සිගිරි බිතු සිතුවම් වලට සමාන කවි ද එහි දකින්නට ලැබීම සුවිශේෂිත්වයකි. |
මඩවගුරු සහිත බිම් හි කෙසෙල්,කන්කුන්,තම්පලා,පේර,ජම්බු ,දෙළුම්,බඩ ඉරිඟු ,ඉදල් සරුවට වැවෙන අතර ශ්‍රී ලංකාවේ වැවෙන කහ පැහැයෙන් යක්ත මාළු මිරිස් ,තක්කාලි මෙන්ම ගස් ලබු,දෙහි ,දොඩම් ,වට්ටක්කා ,ගෝවා වැනි භෝගයන්ගෙන් සමන්විත ඉතා සරු අස්වැන්නක් ගෙන දෙයි. |
අබා ප්‍රදේශය රතු මුහුද පිහිටි ජිසාන් නම් මුහුදු බඩ ප්‍රදේශයේ ගමන් ගන්නා විට පාරම්පරික මැටි වළං නිශ්පාදනය බෙදා හැරීම ලංකාවේ සමකළ හැකි වන්නේ කතරගම ප්‍රදේශයේ මැටි වළං අලෙවිසල් වල දසුනකි. |
කිලෝමීටර් දෙදහසක් පමණ දුරක් ගෙවමින් කිලෝමීටරයේ සිට 1.5 දක්වා දිවෙන උමං මාර්ග කිහිපයක් දර්ශන දැක ගත හැකි වු අතර අබා නගරයේ පිහිටි ‘ශ්‍රීමත් මවුන්ටන්‘ කොල කන්ද නැමැති ප්‍රදේශය අබා ප්‍රදේශයේ ඕනෑම තැනකට දිවා රාත්‍රි කාලයේ දිස්වන අතර විශාල වැව් කිහිපයක්ද පිහිටා ඇත. |
සුන්දර අබා නගරයේ කදු මදුන් දෙකකට සවි කර ඇති තවත් කේබල් කාර් අංගන දෙකක් ද සවි කර ඇති අතර එහි උපරිම දුර කිලෝමීටර් 3.6 ක් වේ. |
දින පහකින් පසු ගමනාන්තයට පැමිණිමේදී මේ සදහා මග පෙන්වු අබා ප්‍රදේශයේ පදිංචි නිමල් එඩේරමුල්ල මහතා සහ මැක්සි මහතාද අප සමග සිටියේය. |
ගමන සදහා ඔවුන්ගෙන් ලැබුණු සහය ඉතා විශාලය. |
</body> |
<comments> |
<comment> |
<author>සෙනරත්</author> |
<date>2013-11-10 19:51:07</date> |
<index>0</index> |
<phrase>කෝ මේ පොටෝ වල කිසිම නුවර එලිය වගේ පෙනුමක් නෑ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රූපවතී</author> |
<date>2013-11-10 23:48:03</date> |
<index>1</index> |
<phrase>මා මෙම ස්ථානය නරඹා ඇති කෙනෙක් වීම සිතට සතුටුයි . කේබල් කාර් මගින් ගොස් ලොකූ කදු පර්වත දෙකකින් මැදි වූ ලස්සන පහත් බිමක තිබෙන රෙස්ටුරන්ට් එකේ අපි කෝපි බිවුවා මීට අවුරුදු 6 කට පෙර.නුවරඑළිය වගේ.ඝණ මීදුමෙන් වට වූ ස්ථානයක්. ඒ පහත් බිම හරිම රස්නෙයි.වටේටම ලස්සන කදු වැටි ...?</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>ශානුක ප්‍රියන්ත</author> |
<date>2013-11-11 14:48:00</date> |
<index>2</index> |
<phrase>මෙය සුන්දර දර්ශනයක් උනත් ලංකාවේ නුවර එලියට කිසිසේත් සමාන කල නොහැකියි. අපේ රට කොයිතරම් ලස්සනද ....</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පිටිගල මිලානෝ</author> |
<date>2013-11-11 17:16:23</date> |
<index>3</index> |
<phrase>මේකට නුවරඑළිය කියනවා නම් නුවරඑළියට? අනේ මන්දා</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>උපාලි</author> |
<date>2013-11-11 18:04:16</date> |
<index>4</index> |
<phrase>අපේ රට හරියට දැක්කේ නැත්නම් මේවත් ලස්සන තමයි.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>වීර</author> |
<date>2013-11-11 20:44:54</date> |
<index>5</index> |
<phrase>ම්ලේච්ච අපායවල් ශ්‍රීලංකා මාතාවට අයිති කිසිම දෙයකට සමානකරන්න එපා.</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රොෂාන්</author> |
<date>2013-11-11 23:06:48</date> |
<index>6</index> |
<phrase>ලස්සන පරිසරයක්</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රොෂාන්</author> |
<date>2013-11-11 23:12:07</date> |
<index>7</index> |
<phrase>ලස්සනයි</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රවී</author> |
<date>2013-11-12 06:54:45</date> |
<index>8</index> |
<phrase>18 වංගුව මතක් වෙනවා මෙම ස්ථානය හරිම ලස්සනයි. නුවර එලිය සුපිරි ලස්සන අවතක්සේරු කරන්නට එපා.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>රූපවතී</author> |
<date>2013-11-12 14:01:17</date> |
<index>9</index> |
<phrase>රතු මුහුද නැරඹීමට ගොස් අහම්බෙන් අපි මෙම ස්තානෙට ගියේ. ලංකාවේ නුවර එළියේ ඇති ඒ සුන්දර්ත්වය නම් මෙහි දකින්න නැතිවග සත්‍යයක්. ඒත් ..ලෝකාන්තය වගේ ඝන මීදුමෙන් වට උණු ස්ථානයක් මෙම ඉස්තානේ.</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.