text
stringlengths
0
6.69k
<author>සමන්තා</author>
<date>2013-03-31 23:55:10</date>
<index>29</index>
<phrase>අඩන්නම ඕනෑලු කිරි එරෙන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ගයත්‍රී</author>
<date>2013-04-01 02:51:22</date>
<index>30</index>
<phrase>විනාශ කරන්න එපා</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ජීවන්</author>
<date>2013-04-01 09:52:53</date>
<index>31</index>
<phrase>ඒ අහිංසක මිනිසුන්ට පිහිට වෙන්න</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේරත්</author>
<date>2013-04-01 12:58:02</date>
<index>32</index>
<phrase>අනේ හොදයි</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>සම්පත්</author>
<date>2013-04-01 18:34:13</date>
<index>33</index>
<phrase>කිලෝ ලක්ෂයක් විසිකෙරුවට පස්සේ විසදුම් හොයන්න ඇමති කෙනෙකුයි අමාත්‍යංශයකුයි අවශ්‍ය නැහැ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ප්‍රසාද්</author>
<date>2013-04-05 06:38:53</date>
<index>34</index>
<phrase>පිටරටවල ඕනෑතරම් ඉල්ලුම තියෙනවා හොඳ එළවළු වලට. එම්බසි වලට පුළුවන් යමක් කරන්න.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>105812</articleId>
<title>රුවන්වැලි මහා සෑය හුණු පිරියම් කරන හැටි</title>
<author>ලංකාදීප කර්තෘ මණ්ඩලය</author>
<date>2013 මාර්තු මස 31 13:44:03</date>
<body> 
 
කුඩා දිය බුබුලක් අහස සිඹින මහා සෑයක් වී ඇති අපූරුව. පුරාවෘත්තයන්ට අනුව මහා නිර්මාණකරු විසින් පූර්ණ ලෙසම කළුගලින් නිමවා දුටුගැමුණු රජු වෙත පිළිගැන්වූ බව සඳහන් රුවන්වැලි සෑයේ ආකෘතිය අබිමුව මම නැවතී හිඳිමි. සළපතල මළුව මත දකුණු පස වාහල්කඩ අසලට වන්නට ඇති මේ කුඩා ශෛලමය චෛත්‍යය ඉතිහාසයේ නිහඬ සාක්ෂිකරුවකු වී හමාරය. කිසිදු චෛත්...
කි‍්‍ර.පූ. 161-137 තරම් දුරාතීතේ දුටුගැමුණු රජ දවස ඉදිකිරීම් ආරම්භ කොට ඇති රුවන්වැලි සෑය ස්වර්ණමාලී, හේමමාලි, රත්නමාලි, රුවන්මැලි, මහාථූප ආදී නම් වලින්ද හඳුන්වා ඇති බවට පුරාවෘත්ත සාක්ෂි දරයි. ස්වර්ණමාලි නම් දෙවඟන විසූ තෙලඹු රුක්ෂය ඉවත් කොට එබිම මත චෛත්‍යය ඉදිකළ හෙයින් ස්වර්ණමාලි ලෙස නම් තැබූ බව ප‍්‍රකටව පවතින ජනප‍්‍රවා...
”හුණු ටොන් 10ක් විතර සම්පූර්ණයෙන්ම චෛත්‍යයේ හුණු ගාල ඉවර කරන්ඩ  ඕනෑ වෙනවා. අඩි 35 කට වැඩිය දිග උණ බම්බු 650 ක්, කොහු ලණු කිලෝ ග්රෑම් 650 ක්, ”කිත්තන්” ලණු අඟල් එකහමාරෙන් මීටර් 1,000 ක් විතරත්  ඕනෑ වෙනවා. ”කිත්තන්” ලණුම අඟල් දෙකෙන් මීටර් 200 ක් විතරයි, අඟලේ ප‍්‍රමාණෙන් මීටර් 800 ක් විතරයි අලූතෙන් ගන්ඩ වෙනවා. මොකද පාවිච්...
රුවන්වැලි සෑයේ හුණු පිරියම් කිරීමේ කටයුත්තට මතුගම, වළල්ලාවිට හිඳ මෙහි පැමිණ සිටි ”කුමාරගේ සම්පත්” මා හා සිදුකළේ එවැනි හෙළිදරව්වකි. වර්ෂයක් පාසා සිදුවන රුවන්වැලි සෑ හුණු පිරියම් කිරීමේ කාර්ය වෘත්තිය නිපුනත්වයකින් යුතු මිනිස් ශ‍්‍රමය භාවිත වන අවස්ථාවක් ලෙසත්, විසල් ධන සම්භාරයක් වැයවන කාර්යයක් ලෙසත් හැඳින්විය හැකිය. මේ ශි...
සැඳෑ හිරු ක‍්‍රමයෙන් මෝදුවන අඳුර සමග හාදවෙමින් සිටී. වරෙක අනෝරා වැස්සටත් පුපුරු ගහන අව්වටත් හසුව මතුව ආ අතෝරක් දුර්වර්ණ පැල්ලම් අකා මකා දාගැබ සුදෝ සුදට හැරවීම මේ ශිල්පීන් අබිමුව ඇති අභියෝගයයි. උණ බම්බු ඉනිමං මත පියෙන් පිය නැග සෑය මත සුණු පිරියම් කරන්නවුන්ගේ දසුන මොහොතකට මා සිත සසල කරවයි. හමා එන සුළඟත්, විටෙක නැගී එන අක...
”අපි කාලයක් තිස්සේ මේ වැඬේ කරන නිසා බයක් දැනෙන්නේ නෑ. අලූතින් මේ වැඩවලට එකතු වෙන කෙනෙකුට ඇත්තටම බයක් දැනෙන්න පුලූවන්. එහෙම එකපාරටම අලූතින් එන කෙනෙක් හුණු ගාන්ඩ චෛත්‍ය උඩට යවන්නේ නෑ. හුණු දිය කරන්ඩ, පලංචි බඳින්ඩ වගේ දේවල් වලට තමයි උදවු කරගන්නේ.”
ඉකුත් වසරේ ද මේ සලපතල මළුව මතදී මට මුණගැසුනු ඇල්පිටියේ සිට පැමිණි 52 හැවිරිදි ”එම්.ජී. සුනිල් ශාන්ත” මහතා මා හා පැවසුවේ එවැන්නකි. ඔහු සේම ”ජී.කේ. ජයතිස්ස මහතා” ද ඉකුත් වසරේ දී මේ බිම මත මා හා ලෙංගතු වූ අයෙකි. හෙතෙම හැටඑක් හැවිරිදිය. ඔහුගේ මෙන්ම මා තුළ ද එකම ඉසව්වකදී, එකම අරමුණක් සඳහා යළි හමුවීමේ සතුට දළුලා තිබිණි.
”ගිය පාර පත්තරේ දාපු විස්තරේ අපි දැක්කා. ඒ වෙලාවේ නම් කියාගන්ඩ බැරි තරම් ලොකු සතුටක් දැනුනා. ඉතිං මහත්තයාව මේ විදිහට ආයේ හම්බ වෙච්ච එකත් ලොකු සතුටක්” හෙතෙම පැවසීය.
එවක චෛත්‍යයේ ඉදිකිරීම් නිමා කිරීමට දුටුගැමුණු රජුට නොහැකිව ඇති බවත්, කි.පු. 137-119 දී රජ පැමිණි රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජ දවස ඉදිකිරීම් නිමා කොට ඇති බවත් ඉතිහාසයේ සඳහන්ව ඇත. මුල් වකවානුවේ අඩි 300 ක් උසට නිමවා ඇති රුවන්වැලි සෑයේ වටප‍්‍රමාණය අඩි 900 ක් පමණ වී ඇත. ගල් පුවරු ඇසුරින් නිර්මාණය කොට ඇති සම සතරැුස් සලපතල මළ...
”අපි ඉස්සෙල්ලම කරන්නේ පලංචි බඳින එක. පලංචි බඳින්ඩ විතරක් සති දෙක හමාරක් තුනක් විතර යනවා. ඊට පස්සේ ”වයර් බ‍්‍රෂ්” වලින් මුළු චෛත්‍යයම සම්පූර්ණයෙන්ම සූරනවා. ඊට පස්සේ හූරපු හුණු හේදෙන්ඩ වැස්සක් වහිනකන් ඉන්නවා. හුණු හේදුනාට පස්සේ තමයි හුණු ගාන්ඩ ගන්නේ. අපි වට දෙකක් හුණු ගානවා. සම්පූර්ණයෙන්ම හුණු ගාලා වැඩ ඉවර කරන්ඩ කොහොමත් ...
1981 වර්ෂයේ සිට මේ දක්වා හුණු පිරියම් කිරීමේ කටයුත්ත සඳහා මෙහි පැමිණ ඇති 46 වියැති ”සුමිත් කුමාර” පැවසුයේ එවැනි කථාවකි. ඔහු පෙර මා හා කතා කළ සම්පත්ගෙ සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයෙකි.
”හොඳයි හදිසියේවත් වැස්ස වහින්ඩ ප‍්‍රමාද වුණොත් මොකද කරන්නේ” මා ඇසිමි.
”එහෙම වුණොත් ඉතිං බවුසර් වලින් වතුර ගෙනල්ලා චෛත්‍යයට වතුර ගහලා තමයි හුනු ගාන්ඩ ගන්නේ”
”මේ පාර කීදෙනෙක් විතර වැඩට ඇවිල්ලා ඉන්නවද?” මා යළි අමතක වන්නට ගිය පැනයක් හදිසියේ මතු කළෙමි.
”මේ පාර තිස්පස්දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. හැමෝම නම් අද නෑ. හැමෝම ඔය මාස තුන හතරම එක දිගට වැඩ කරන්නේ නෑ. සතියකට හමාරකට සැරයක් ගෙදර ගිහිල්ලා එන්ඩ යනවා.”
මෙම මහාර්ඝ කාර්යයේ ඇති පුළුල් බව පහදමින් සුමිත් යළි පැවසීය. කාලානුරූපව ගරා වැටී, වල්වැදුනු රුවන්වැලි සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ”නාරංවිට සුමනසාර හිමියන්ගේ” මූලිකත්වයෙන් 19 වැනි ශතවර්ෂයේ දී ආරම්භ වී වර්ෂ 1940 පමණ වන විට අවසන්ව ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. වර්තමානය වන විට සෑයේ උස අඩි 338 කි. වටප‍්‍රමාණය අඩි 942 කි. රන් අ...
”කිත්තන් ලණු වලින් තමයි ඉනිමං රඳවගන්නේ. හතරැස් කොටුවේ ඉනිමං එල්ලනවා. වාහල්කඩවල් වලට ලණු ඇදලා ඉනිමං රඳවා ගන්නවා. වැඩි හරියක් මේ ඉනිමං උඩ ඉඳගෙන තමයි හුනු ගාන්නේ.”
වසර කිහිපයක් මුළුල්ලේ මතුගම සිට මෙහි පැමිණ වාර්ෂික හුණු පිරියම් කිරීමේ කාර්යයට දායක වන තිස්හය වියැති ”ඞී.ජේ. විමලතුංග” පැවසුවේ එවැන්නකි. උණ බම්බු මගින් අඩි 60 ක් දිගට සිටින සේ ඉනිමං සකසා සලපතල මළුවේ සිට ධාතු ගර්භයේ අඩි 60 ක පමණ ප‍්‍රමාණයේ හුණු පිරියම් කිරීම සිදුකරනු ලබති. අනතුරුව දේවතා කොටුව දක්වා තවත් ඉනිමං 07 ක් උපයෝ...
”මං 1988 අවුරුද්දේ ඉඳලා මේ හුණු පිරියම් කරන පිංකමට සම්බන්ධ වෙනවා.” මතුගම, වළල්ලාවිට සිට පැමිණි 57 හැවිරිදි ”ගාමිණී අබේරත්න මහතා” පැවසූයේ එවැන්නකි. ජීවිතයේ සැඳෑ සමයේ ද ජීවිතය ජීවත් කරවීම උදෙසා වෙහෙසෙන ඔහුගේ වෙහෙසකර දෙනෙත බොඳවී ඇත. ”උදේ කීයට ද වැඩ පටන් ගන්නේ” මතුවූ කුතුහලයෙන් යුතුව මා යළි ඇසීමි.
 
 
”උදේ හය විතර වෙනකොට වැඩ පටන් ගන්නවා. හවස පහ හමාර විතර වෙනකොට නවත්වනවා. දොළහ හමාරට විතර දවල්ට කෑමට වැඩ නවත්තපුවහම අපි පැය දෙකක් විතර ඉන්නවා. මධ්‍යහ්න වෙලාවට අව් රශ්නේ වැඩියි.” හේ පැවසීය.
”දැන් මේ එන හුළඟත් එක්ක හුණු ගාගෙන උඩට යනකොට බයක් එහෙම හිතෙන්නේ නැද්ද?” පුපුරු ගසන යෞවනයේ මං සලකුණු නොඅඩුව සපිරි අයෙකු වෙතින් මා ඇසිමි. හේ වළල්ලාවිට සිට පැමිණි 27 හැවිදිරි ”කේ.ඒ. ප‍්‍රභාත්” තරුණයාය.
”එක අතකින් මේක පිනක්.... අපි ඉතිං මාස තුන හතරක් තිස්සේ ගෙදරින් ඈත්වෙලා ඉන්නේ... කාලා බීලා සන්තෝෂෙන් ඉන්නවා. බොරු කියන්ඩ  ඕන නෑ කීයක් හරි හම්බ කරගන්ඩත් පුලූවන්. ඉතිං මොකටද බයවෙන්නේ.”
එළැඹෙන වෙසක් සහ විශේෂයෙන් පොසොන් පොහොය අරමුණු කොටගෙන දියත් වන මේ හුණු පිරියම් කිරීමේ කාර්යය අවසාන දුර්වර්ණ සේයා පසුබා සෑය සුදෝ සුදට හැරී ඇති ස්වර්ණමාලිය දිදුලනයුරු ඔබ මා නෙත ගැටෙනු ඇත.
 
 
 
 
 
 </body>
<comments>
<comment>
<author>පාලිත</author>
<date>2013-04-01 12:17:30</date>
<index>0</index>
<phrase>මෙවන් දේ කියවන්න දකින්න ලැබීම මහ පිනක්.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ප්‍රදීපා</author>
<date>2013-04-01 12:17:49</date>
<index>1</index>
<phrase>මහා සත්කාරයකට දායකවෙන ඔබ සැමට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි...!!!!!</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>ජයී තිසර</author>
<date>2013-04-01 13:58:24</date>