text
stringlengths
0
6.69k
<comment>
<author>චන්දන</author>
<date>2013-05-19 08:54:22</date>
<index>32</index>
<phrase>වරද කාගේද කියන එක හොයන්න පෙර විය හැකි අනතුරු වලක්වා ගන්න එක නේද දැන් කරන්න ඕනෑ. සමහර විට කොන්ත්‍රාත්කාරයාගේ වරද වියහැක. සමහර විට ඉන්ජිනේරුවටග් වරද වෙන්නත් පුළුවන්. ස්වාභාවික හේතුවක් වෙන්නත් පුළුවන්.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
</comments>
</newsArticle>
<?xml version="1.0" encoding="UTF-8" standalone="yes"?>
<newsArticle>
<articleId>107507</articleId>
<title>කහවත්තේ ධර්මසිරි නිදහස් වූ හැටි</title>
<author>ලංකාදීප කර්තෘ මණ්ඩලය</author>
<date>2013 අපේ‍්‍රල් මස 07 12:23:39</date>
<body>පසුගිය කාලයේදී රටේ වැඩියෙන්ම කතාබහට ලක්වූ ගම කොටකෙතනය දිගින් දිගටම සිදුවූ කාන්තා ඝාතන රැල්ල ඊට හේතුව විය. ආන්දෝලනාත්මක කොටකෙතන පළමු ද්විත්ව ඝාතනයේ තෙවැනි හා සිව්වැනි සැකකරුවන් නීතිපති උපදෙස් මත නිදහස් කිරීම පසුගිය 2 වැනිදා සිදුවිය. වසරකුත් දෙසතියක පමණ කාලයක් අඛණ්ඩව බන්ධනාගාරගත කර සිටි ලොකුගම්හේවගේ ධර්මසිරිට ද...
කොටකෙතන පළමු ද්විත්ව ඝාතනය ධර්මසිරිගේ නම ඈඳීමත් ඔහු සැකකරුවකු බවට පත්වීමත් නිසා දේශපාලනය ද මේ සිදුවීමට ඇඳුණි.  පසුගිය 2012 ජනවාරි මස 31 වැනිදා  නයනා නිල්මිණි (51) සහ කාවින්ද්‍ය චතුරංගි සෙල්ලහේවා (18) යන මවත් දියණියත් ඝාතනය කිරීම කොටකෙතන ඝාතන රැල්ලේ නමවැනි සහ දහවැනි ඝාතන සිදුවීම් බව පොලිස් පොතේ ලියැවිණි. 
අහිංසක පාසල් සිසුවියක් කොටකෙතන ඝාතන රැල්ලට බිලිවීම නිසා එම ද්විත්ව ඝාතනය රටේම අවධානයට ලක්විය. එම ද්විත්ව ඝාතනයෙන් දින 35කට පමණ පසුව සැකකරුවන් දෙදෙනකු හා සැකකාරියක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්හ.
පරීක්ෂණ කණ්ඩායම් 16ක් එකවර යොදවා මිනිස් ඝාතන සිදුවීමක් ගැන මෙරට සිදුවූ පුළුල්ම පොලිස් පරීක්ෂණය එය විය. 2012 මාර්තු 7 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ ලොකුගම හේවගේ දර්ශන නොහොත් රාජු ඔහුගේ බිරිඳවන රසිකා චාන්දනි උදයකුමාරි හෙවත් බට්ටි සහ ති‍්‍රරෝද රථ රියදුරකු වන ජයසේකර විතානලාගේ සනත් නන්දන නොහොත් චූටි මල්ලිය.
මව සහ දියණියගේ ඝාතන සම්බන්ධව ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර එල්. එච්. ධර්මසිරි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2012 මාර්තු 14 වැනිදාය. ද්විත්ව ඝාතනයට අනුබලදීම සහ සැකකරුවන්ට රැකවරණ ලබාදීම ඔහුට එරෙහිව පැවැති චෝදනා විය.
ධර්මසිරිගේ බාල සොහොයුරු රාජු පළමුවැනි විත්තිකරු ලෙස නම්කරනු ලැබීය.
පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් චාන්දනි නිරංජලා ඩයස් මහත්මිය ඉදිරියේ පැමිණිල්ල විභාගය ඇරැඹුණි. ලඝු නොවන නඩු කටයුත්ත ඒ අනුව සිදුවිය.  ධර්මසිරි අත්අඩංගුවට ගැනීමට දින කීපයකට පෙරදි ධර්මසිරිගේ සොහොයුරු රාජුගේ බිරිඳවන චාන්දනි උදය කුමාරි නම් සැකකාරිය පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත්වරිය හමුවේ දීර්ඝ පාපොච්චාරණයක් කළාය. 2012 මාර්තු 9 වැනිදා ඇ...
විනාඩි 45ක පමණ කාලයක් සැකකාරිය මහේස්ත‍්‍රාත්වරිය ඉදිරියේ එම ප‍්‍රකාශය සිදු කළාය.
ඇසින් දුටු සාක්ෂි නොමැතිවීමකදී නඩුවක් තවදුරටත් පවත්වාගෙන ගොස් විත්තිකරුවන්ට චෝදනා ගොනු කිරීමට ලැබෙන සාක්ෂි පරිවේශනීය සාක්ෂිය. 
කොටකෙතන පළමු ද්විත්ව ඝාතනය ගැනද වටපිටාවෙන් ලැබෙන සාක්ෂි හෙවත් පරිවේශනීය සාක්ෂි වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි උත්සාහයක් ගත්තේය.මවත් දියණියත් ඝාතනයට යොදාගත් බව කියන පිහියක්ද ලේ තැවරුණු ඇඳුම් කැබලිද පරිවේශනීය සාක්ෂි ලෙස යොදාගෙන තිබේ. ඝාතනයට ලක්වූ දෙදෙනාගේ නියපොතුවල සැකකරුවන්ගේ සම්කැබලි ඇත්දැයි සොයා බැලීමට ජාන...
කොටකෙතන පළමු ද්විත්ව ඝාතනයේ සැකකරුවකුගේ හිස කෙස් ඞී.එන්.ඒ. පරීක්ෂණයට ඉදිරිපත් කර තිබේ. ඒ සම්බන්ධව විද්‍යාත්මක පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
කාවින්ද්‍යා චතුරංගි සිසුවියගේ දේහය  ඕපාත රබර් වත්තට රැගෙන යෑමට යොදාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ති‍්‍රරෝද රථයේ තිබූ රුධිර පැල්ලම් දෙක ගැනද විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කෙරුණි. ඒ 2012 මාර්තු මස අගදීය. 
ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍ර එල්. එච්. ධර්මසිරි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ පළමු වරට පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරුණේ 2012 මාර්තු 15 රාති‍්‍රයේදීය. මහේස්ත‍්‍රාත්වරියගේ නිල නිවසට රැගෙන ගිය සැකකරු එහිදී මහේස්ත‍්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරිණි. රහස් පොලිසිය පැය 48ක රැඳවුම් නියෝගයක් ලබා ගත්තේ සැකක...
ධර්මසිරි පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත පළමුවරට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමවූදා බන්ධනාගාර නිලධාරීන් ඔහු බන්ධනාගාර රථයට රැගෙන යද්දී ධර්මසිරි මේ ලියුම්කරු සමග කීවේ ඡායාරූප ගත්තාට කමක් නැති බවත්ය. එමෙන්ම තමන් කියන දේ පත්තරේ දමන්නැයි ඔහු පැවසීය.”මල්ලි පොටෝ ගන්න. මම කියන දෙයත් පත්තරේ දමන්න. මට තියෙන්නේ ...
ඊට පසු පැල්මඩුල්ල අධිකරණයට ඔහු මෙන්ම අනෙක් සැකකරුවන් වරින්වර ඉදිරිපත් කෙරිණ. ධර්මසිරිගේ සොහොයුරු රාජු මාධ්‍යවේදීන්ට යම් යම් දේ පවසමින් ගියත් ධර්මසිරි මාධ්‍යවේදීන් සමඟ සිනහා වෙමින් අධිකරණයට පැමිණෙනු දකින්නට ලැබුණි.
2012 මැයි 14 වැනිදා පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී පැමිණිල්ල කැඳවනු ලැබීය. මව සහ දියණිය ඝාතන සිදුවීමේ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කෙරුණේ එදිනය ධර්මසිරිගේ නිවසේ තිබියදී සොයාගත් අඩක් පිළිස්සුණු කවිච්චියක් ද ඒ අතර විය.
කොළඹ සිට පැමිණි නීතිඥයින් දෙදෙනකු පළමුවරට ධර්මසිරි වෙනුවෙන් පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටියේද එදිනය. සැකකරුට මහාධිකරණයෙන් ඇප ලබා ගැනීම සඳහා සැකකරුට අදාළ බී වාර්තාව හා වැඩිදුර වාර්තාවල සහතික පිටපත් ලබාදෙන ලෙස එම නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් චාන්දනි නිරංජලා ඩයස් මහත්මිය එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ කරුණුද සැළකිල්ලට යොමු කළාය. මෙම නඩුවේ පරීක්ෂණ අවසන් නැති නිසා සැකකරු අත්අඩංගුවට ගත් පළමු වැනි දින වාර්තාව පමණක් ලබාදීමට මහේස්ත‍්‍රාත්වරිය එහිදී නියම කළාය. සැකකාර ධර්මසිරිගේ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ධුරය අහෝසිවීමට ඉඩ ඇ...
ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ධර්මසිරිට 2012 මැයි 29 ගොඩකවෙල ප‍්‍රාදේශීය සභා රැස්වීමට සහභාගිවීම සඳහා බන්ධනාගාර අධිකාරිවරයාගේ අවසරය ලැබිණ. ධර්මසිරි බන්ධනාගාර ආරක්ෂාව ඇතිව ප‍්‍රාදේශීය සභා රැස්වීමට පැමිණෙනු ඇතැයි ආරංචි පැතිර තිබිණ. පොලිස් ස්ථාන හතරකින්ද නිලධාරින් කැඳවා ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිට ආරක්ෂාව තර කර තිබිණි. ධර්මසිරි ...
විද්‍යාත්මක පරීක්ෂණයක වාර්තා ලබාගැනීම සඳහා බොරැල්ල ජින්ටෙක් ආයතනයේ සහ රජයේ රස පරීක්ෂකවරයාගෙන් විමසීමට ඉදිරිපත් කළයුතු ප‍්‍රශ්නාවලිය රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවක ගැටලූ මතුවිය. 
එම ප‍්‍රශ්නාවලියේ ඇතැම් කරුණු පැහැදිලි නොවීම ගැන රහස් පරීක්ෂක නිලධාරින්ගෙන් කරුණු විමසූ මහේස්ත‍්‍රාත්වරිය ප‍්‍රශ්නාවලිය පැහැදිලිව සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන තෙක් නඩුවද කල් තැබීය.
මෙම ද්විත්ව ඝාතනයේ පරීක්ෂණ මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙර සූදානමකින් එම ප‍්‍රශ්නාවලිය ඉදිරිපත් කළේ නම් ගැටලූ මතුවීමට ඉඩ නොතිබිණ.
සිවුවැනි සැකකාර එල්. එච්. ධර්මසිරි සහ තෙවැනි සැකකාර දැනට අතුරුදන්ව සිටින ති‍්‍රරෝද රථ රියදුරු ජයසේකර විතානලාගේ සනත් නන්දන ඉකුත් 2 වැනිදා නිදහස ලැබුවේ නීතිපති උපදෙස් මතය. සැකකරුවන්ට එරෙහිව ප‍්‍රමාණවත් ලෙස සාක්ෂි ගොනුකර නොතිබීම නිසා තවදුරටත්  ඔවුන්ට එරෙහිව නඩුව පවත්වාගෙන යාමට නොහැකි බැවින් ඔවුන්  නිදහස් කළේය. 
 
 
ධර්මසිරි නිදහස් වීමෙන් පසුව සිනහා මුසු මුහුණින් පැල්මඩුල්ල අධිකරණයේ දොරටුව අසලට පා ගමනින් පැමිණියේය. රත්නපුර බලන්ගොඩ ප‍්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටි පැල්මඩුල්ල අධිකරණයට පිවිසෙන දොරටුව අසලට පැමිණි මෝටර් රථයක නැගී ඔහු පිටත්ව ගියේය. ධර්මසිරි එලෙස පිටත්ව ගියද නිදහස් ලද බවට නීතිපති උපදෙස් ලැබූ ති‍්‍රරෝද රථ රියදුරු සනත් නන්දන...
අපේක්ෂා නොකළ අවස්ථාවකදී සිදුවූ මෙම නිදහස් කිරීම ගැන කොටකෙතන ගම්වාසීන් තුළ විවිධ මත පවතී. අපරාධ පරීක්ෂණයක් ගැන තමාට ඍජුව තොරතුරු ලබාදෙන ලෙස පොලිස්පතිවරයකු පෞද්ගලික ජංගම දුරකථන අංකය ලබාදී ඇතිනම් ඒ කොටකෙතනදී විය හැකිය. පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා තම ජංගම දුරකථන අංකය මීට මාස කීපයකට පෙරදී එනම් කොටකෙතන අවසන් කාන්තා ඝාතන...
ඇත්තටම කොටකෙතන සිදුවූයේ කුමක්ද? පොලිස් ප‍්‍රධානීන්ගේ ප‍්‍රකාශ හා නීතිමය කටයුතු අතර පරස්පරයක් තිබුණේද? පොලිස් බලධාරින් පවසන බවට උපුටා දක්වමින් සමහර මාධ්‍යවල පළවූ තොරතුරු අසත්‍යයක්ද? ඒවා අතේ ගෙතු බොරුද?
මේ ආදී ප‍්‍රශ්නවලින් දැන් කොටකෙතන ජනතාව හෙම්බත්වී සිටිති. ”කවුරු මොනවා කිව්වත් දැන් වැරැදි කාරයෝ මරා දැමුණු ගැහැණු අය විතරයි” කොටකෙතන තරුණයකු අප සමග එලෙස කීවේය. 
ධර්මසිරිගේ නිදහස්වීමත් සමග කොටකෙතන යළිත් කිසියම් සෙලවීමකට තැති ගැන්මකට පත්වී ඇති බව නොරහසකි. ඒ නිසාම ගම්වාසී කාන්තාවෝ පොලිස් ප‍්‍රධානීන්ගේ ජංගම දුරකතනවලට පසුගිය දින කීපයේදී ඇමතුම් ලබා දුන්හ.
රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රශාන්ත ජයකොඩි මහතා ධර්මසිරි නිදහස් වූ දින පස්වරුවේ කොටකෙතනට පැමිණියේය.
කොටකෙතන ආරක්ෂාව තවදුරටත් එලෙසම තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය යුද හුමදාව සහ පොලිසිය මේ ප‍්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල සුපුරුදු ලෙසම යෙදී සිටිනවා. ආරක්ෂක කටයුතු ශක්තිමත්ව තිබෙනවා යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රශාන්ත ජයකොඩි මහතා කීවේය.
ධර්මසිරිගේ නිදහස්වීම පිටුපස දේශපාලන බලපෑමක් පවතින බවට රාවයක් පැතිරී තිබෙන බව සඳහන් කිරීම අතිශෝක්තියක් නම් නොවේ. මිනිසුන්ට උපකල්පන කළ හැකිය. සිදුවෙමින් පවතින කරුණු ගැන සැක පළ කළ හැකිය.
ධර්මසිරි සම්බන්ධ කතා බහේදී අවධානයට ලක්වූ දේශපාලන චරිතය රාජ්‍ය පරිපාලන ඇමැති ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න මහතාය. සෙනෙවිරත්න අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස වසර 15ක පමණ කාලයක් ධර්මසිරි රාජකාරි කළේය. ඔහුගේ නිදහස්වීම පිටුපස ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා සිටීද? සමහර තැන්වලින් ඇසෙන මේ කථාව ගැන අප කෙළින්ම ඇමැතිවරයාගෙන් වි...
 
 
කාලයක් මේ සිදුවීම මුල් කරගෙන මට එරෙහිව දැවැන්ත මඩ ව්‍යාපාරයක් ගෙන ගියා. අපේම සමහරුන් හා විපක්ෂයේ අය මට මඩ ප‍්‍රහාර එල්ල කළා. ධර්මසිරි මාගේ ලේකම්වරයකු වූ බව ඇත්ත. ඔහුගේ සහෝදරයකු ඝාතන සිදුවීමකට අත්අඩංගුවට ගත් බවට වාර්තාවූ විගසම මම ධර්මසිරිව ඉවත් කළා. හතළිස් වසරකට වැඩි මාගේ දේශපාලනය පිරිසුදුයි. රත්නපුරේ ජනතාව ඒ බව දන්නවා.
සමහර මාධ්‍ය මට මඩ ප‍්‍රහාර ගෙන ගියා. පුවත්පත් මණ්ඩලයට ගියවිට වැරැදි නිවැරැදි කිරීමට ඔවුන් එකඟ වුණා.
ධර්මසිරිගේ නිදහස්වීම මම හරියටම දැන ගත්තේ පුවත්පත්වලින්. එම නිදහස් කිරීම නීතිපති උපදෙස් මත සිදුවූවක්. ඒ ගැන මා දන්නේ එපමණයි. අපේ අමාත්‍යාංශයේ උපාධිධාරින් බඳවා ගැනීම ගැන පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කිසියම් රූපවාහිනි නාලිකාවක මාධ්‍යවේදියෙකු ධර්මසිරිගේ නිදහස්වීම ගැන මාගෙන් විමසුවා. එවිට මම ඊට පිළිතුරු දුන්නා. ඇමැතිවරයා කීය.
රළු බොරළු පස් හා වැලි අතුරින් මිණිකැට හඳුනා ගන්නා මේ ප‍්‍රදේශයේ මිනිසුන්ට සත්‍ය කුමක්දැයි හඳුනාගත  හැකිය. ලබන 16 වැනිදා කොටකෙතන බක් මහා උළෙල මහා ඉහළින් සමරා නැවුම් බලාපොරොත්තු සමග එළැඹෙන නව වසර ඇරැුඹීමට අපේක්ෂා කරන කොටකෙතන ගම්වාසීන්ගේ සැනසිල්ල කඩතොලූ නොවේවා යන්න අපේ ප‍්‍රාර්ථනාවයි.
 
 </body>
<comments>
<comment>
<author>සඳුනි</author>
<date>2013-04-08 13:30:52</date>
<index>0</index>
<phrase>සල්ලි වලට ඉතිරි අයද නිදහස් කරන්න පුළුවන්...එහෙත් හෘද ශාක්ශියෙන්.....?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>බන්දුල</author>
<date>2013-04-08 13:40:54</date>
<index>1</index>
<phrase>සේරටම කලින් අප රටේ නීති පද්ධතිය දේශපාලනයට යටවෙන්න නොදී මහජනයාට සාධාරණයක් ඉටුවන ආකාරයට සකස් කළ යුතුයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වරුණ</author>
<date>2013-04-08 14:34:30</date>
<index>2</index>
<phrase>අර උඩ පොටෝ එකේ දර්මසිරි නිදහස් වෙලා යනගමන් කියල මාංචු දල ගෙනියන්නේ කොහෙද?අදකාලේ නිදහස් කරන අයත් මාංචු දාලද ගෙනියන්නේ?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>දයා අලහකෝන්</author>
<date>2013-04-08 14:45:02</date>
<index>3</index>
<phrase>වැරදි කල උදවිය බෙහොම දෙනෙක් දිටිට දම්ම වේදනීය කර්මය අනුවම මෙලොව හැර ගියා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දර්ශන්</author>
<date>2013-04-08 18:20:24</date>
<index>4</index>
<phrase>වැරදි කළ අයට මැරෙන මොහොතේදීවත් කළ පව් මතක් වේවි.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>රාජා</author>
<date>2013-04-09 15:23:42</date>
<index>5</index>
<phrase>මෙයාවත් අතුරුදහන් උනෝතින් කොටකෙතනෙ අයට සැනසීමේ ඉන්න පුලුවන් වෙයි. එහෙම වේවා!</phrase>
<sentiment>POSITIVE</sentiment>