text
stringlengths
0
6.69k
<articleId>444859</articleId>
<title>පෞද්ගලික වෙද විදුහල් සම්මන්ත්‍රණය උණුසුම් වෙයි</title>
<author>හර්ෂණ තුෂාර සිල්වා</author>
<date>2016 අගෝස්තු මස 05 20:11:23</date>
<body>මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගේ මාපිය සංවිධානය සංවිධානය කර තිබූ “පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රටට අවශ්‍ය ඇයි?“ සම්මන්ත්‍රණය අතරතුරදී අද (5) උණුසුම් තත්ත්වයක් ඇතිවිය. 
කොළඹ මහජන පුස්තකාලයේ පැවැති සම්මන්ත්‍රණයේදී ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන් රත්නප්‍රිය මහතාගේ දේශනය ආරම්භ කිරීමට යන අවස්ථාවේ නැගී සිටි ප්‍රගති ගුරු සංගමයේ සභාපති මයුර සේනානායක මහතා ප්‍රශ්න ඇසීමට උත්සාහ කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය. 
සාධාරණ සමාජයක් සඳහා කටයුතු කරන අතරතුරදී මෙවැන්නකට සහභාගී වීම රාජ්‍ය විශ්ව විද්‍යාලවල සිසුන් සමඟ අරගල කිරීමට සූදානම් ද යනුවෙන් සේනානායක මහතා රත්නප්‍රිය මහතාගෙන් විමසා සිටියේය. 
ඔහු ප්‍රශ්න ඇසීමට උත්සාහ කළ අවස්ථාවේ සභාවේ සිටි පිරිසගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර එහිදි නැගි සිටි වෛද්‍ය පීඨ සිසුවෙක් සම්මන්ත්‍රණයකදී ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් නැද්දැයි විමසා සිටියේය. 
මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි, ගාමිණි වියන්ගොඩ, උපුල් ජයසූරිය, ජේ.සී වැලිඅමුණ, රාජා උස්වැටකෙයියාව,  පත්කළ මන්ත්‍රී මහාචාර්ය අංශූ මාරසිංහ ඇතුළු පිරිසක් දේශන පැවැත්වූහ. 
මෙම අවස්ථාවට සිවිල් සමාජ ක්‍රියාධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.</body>
<comments>
<comment>
<author>ධනුෂ්ක</author>
<date>2016-08-05 15:33:48</date>
<index>0</index>
<phrase>මම නම් කියන්නේ තරහ යන එක සාධාරණයි</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ශශික</author>
<date>2016-08-05 15:43:26</date>
<index>1</index>
<phrase>එකට කෑවත් බොක්ක වෙනස්නේ....</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අබේ</author>
<date>2016-08-05 16:01:16</date>
<index>2</index>
<phrase>ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වලට වසරකට ඇතුළු වියහැක්කේ ඇතුළත්වීමට සුදුසුකම්ලත් අයගෙන් 17% වැනි සුළුතරයකට. දිස්ත්‍රික් පදනම නිසා ඇතුළත්වන සිසුන් උසස් පෙළ වැඩිම ලකුණු ගත් අය නොවේ. සමත්වන සියලුම සිසුන් ඇතුළත් කර ගැනීමට නම්, විශ්ව විද්‍යාල පද්ධතිය බොහෝ විශාල කිරීමට සිදුවේ. මෙවැනි දේ වලට විරෝධයපාන්නන් බොහෝ...
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සමන්</author>
<date>2016-08-05 16:40:25</date>
<index>3</index>
<phrase>විශ්ව විද්‍යාලයට යන්න බැරිවෙන ළමයි සඳහා හැම රටකම වැඩිදුර අධ්‍යාපනය කරන්න අවස්ථාව දෙනවා. රජයකට ඔක්කොටම නොමිලයේ උගන්වන්න බැහැ. මේක මුළු ලෝකයේම දියුණු රටවල පවා තත්වය. නමුත් අපේ රටේ සමහර කුහක සිසුන් විශ්ව විද්‍යාල නොගිය ළමයින්ගේ ඉගෙනීමට ඇති අයිතියට අකුල් හෙලනවා. මේක සමස්තයක් ලෙස රටේ උගතුන් බිහිවීමට ලොකු...
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>මුණසිංහ</author>
<date>2016-08-06 01:28:09</date>
<index>4</index>
<phrase>රටට කරන විනාශය පේනවා නේද? දැන් දැන් මෙයාලගේ සැබෑ මුහුණුවරපෙනෙන්න පටන්ගෙන.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>ප්‍රියා</author>
<date>2016-08-06 02:58:53</date>
<index>5</index>
<phrase>මා දන්නා තරමට නිදහස් අධ්‍යාපනය තියෙන්නේ ලංකාවේ විතරයි. අනෙක් රටවල් වල කරනදේම මෙහෙ කරන්න ඕනෑ කියලා එකක් නැහැ. අධ්‍යාපනයට සම අයිතියක් තිබිය යුතුයි. එය දක්ෂතාවය මතම මිස මුදල් මත තීරණය නොවිය යුතුයි. මේ රටේ ගසාකන, නැතිකරන මුදල් බැලුවහම තව විශ්ව විද්‍යාල කීයක් හදන්න පුලුවන්ද.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චන්දි</author>
<date>2016-08-06 03:03:42</date>
<index>6</index>
<phrase>සාපෙළ විභාගයෙන් පසුව හා උසස්පෙළින් පසුව වැදගත් වෘත්තිය අධ්‍යාපන ක්‍රමවේදයක් සඳහා යොමුවිය යුතුයි. රටේ වැඩ කරන්න දන්නා, උවමනාව තියෙන අය අඩුයි. සහතික තියෙන අය වැඩියි. අධ්‍යාපනය ඉහළ ප්‍රමිතියෙන් පවත්වාගෙන යායුතුයි. ඒ සඳහා රාජ්‍යය මැදිහත්වීම, රාජ්‍ය නියාමනය අත්‍යවශ්‍යයි.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>කපිල</author>
<date>2016-08-06 03:06:27</date>
<index>7</index>
<phrase>අනේ මන්දා මොනවද කියලා මේ අනවශ්‍ය ප්‍රශ්න</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>අජිත්</author>
<date>2016-08-06 03:30:01</date>
<index>8</index>
<phrase>පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්න කලින් වංචා දුෂණ නැවැත්විය යුතුයි. නැත්නම් අපට වෙන්නේ ඉන්දියාවට වෙච්ච දේ. ඉන්දියාවේ උපාධි වලට ජාත්‍යන්තර පිළිගැනීමක් නැහැ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චන්ද්‍රා</author>
<date>2016-08-06 03:34:56</date>
<index>9</index>
<phrase>හොඳට විභාගය සමත්වෙලා විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි වුණාම ළමයි අසරණ වෙනවා. ඉතින් ගෙවලා ඉගෙනගන්න පුලුවන් නම් මොකද? ප්‍රමිතිය ගැන බලලා ඒවා හරිගස්සන්න. දැන් නිදහස් අධ්‍යාපනය ලැබූ හැම දොස්තර කෙනෙක්ම කඩ කාමර වල වෙනම බෙහෙත් දෙනවා. ඉස්පිරිතාලේ ලෙඩ්ඩු මැරෙනවා.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>දිසානායක</author>
<date>2016-08-06 03:35:38</date>
<index>10</index>
<phrase>ඔබේ අසනීපයට උසස් පෙළවත් සමත් නැති කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ඔබ සූදානම්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ඩිලාන්</author>
<date>2016-08-06 04:17:25</date>
<index>11</index>
<phrase>තේරුම් ගන්න. අපි එරෙහි වෙන්නේ රටේ වෛද්‍ය විද්‍යාල පෞද්ගලීකරණය කිරීමට පමණි. අනෙකුත් උපාධි දැන් ගොඩක් කල් ඉඳලා දෙනවනේ. දොස්තරලා එක්ක අනෙක් උපාධිධාරයෝ සමාන කරන්න බැහැ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සංජීව</author>
<date>2016-08-06 04:29:21</date>
<index>12</index>
<phrase>නියම සෙට් එක. එක වල්ලේ පොල් වගෙයි.</phrase>